id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
dca4842c-dd5c-41a4-ad63-b77598cf6e0d
මේ වන විට දියණියට හොඳින් කතා කිරීමේ හැකියාව ලැබී තිබිණි. ඇගේ මතකයට නැගෙන පෙර භව මතක සටහන් වරින් වර හෙළී කිරීමට ඇය උත්සාහ ගත්තාය. මගේ අම්මා පුංචි මැණිකා. එහිදී මට නයා ගැහැව්වා. මගේ කකුලට නයා ගහපු තැන තමයි මේ. යනුවෙන් ඇගේ දකුණු කකුල පෙන්වමින් කීවාය. ඇය අතැඟිල්ල තබා පෙන්වනු ලබන්නේ උපතින් පිහිටා තිබු කකුලේ උපන් ලප පිහිටි ස්ථානය විය. අනතුරුව ඇය ඒ පිළිබඳව තව තවත් තොරතුරු හෙළි කළාය. එදා මම තාත්තාට උයන්න කෙසෙල් ගෙඩි කඩන්න කෙසෙල් පඳුර ළඟට ගියා. එතන දී මගේ කකුලට නයා ගැහැව්වා. එහෙදී මට අයියලා අක්කලා හිටියා. ලොකු අයියා මට හරිම ආදරෙයි. යනුවෙන් තවත් නම් කීපයක් ද හෙළි කළාය. ඒ අතර පියාගේ සහ සොහොයුරාගේ නම ද අනාවරණය වීය.
ඇය මව යැයි පැවසූ කෙනාගේ නම කුමක්ද?
{ "answer_start": [ 139 ], "text": [ "පුංචි මැණිකා" ] }
048844a8-5616-45cb-92a2-bc5f9f542f02
දවසක් මං කාරෙක තියාගෙන ගල්ගමුව ටවුමේ ඉන්න කොට කොල්ලෝ දෙන්නෙක් ඇවිත් අමුණුකොළේට හයර් එකක් යමුද කියලා ඇහුවා. මං ඇහුවා ඇයි යන්නේ කියලා. එකෙක් කීවා අමුණුකොළේ දෙතුන් දෙනෙක් ඉන්නවා ඒ අයත් එක්ක වාරියපොළට ගිහින් එන්ඩ කියලා. මං ඒ තරුණයන් දැකලා නෑ. කොහොම හරි මං ඒ දෙන්නා දාගෙන අමුණුකොළේට යන්න ගියා. මගට යද්දි තමයි උන් මට සිද්ධිය කීවේ. අමුණුකොළේ ගමේ කෙල්ලෙක් ඉන්නවා මේ කොල්ලෙකුත් එක්ක යාළු වෙලා. ඒකි උස්සන්න තමයි මේ යන්නේ. මං ඒ වාගේ වැඩට කැමති නෑ. ඒත් දැන් කරන්න දෙයක් නෑ. මගටත් ඇවිත්නේ. කාර් එක ඒ කෙල්ලගේ ගේ ඉස්සරහ නතර කළා. උන් කීවා හෝන් එක ගහන්න කියලා. මං කීවා හෝන් එක ගහන්න බෑ, ගිහින් එක්ක එන්න කියලා. එතකොටම කෙල්ල එළියට ආවා. කොල්ලො දෙන්නා ගිහින් කෙල්ලව එක්ක ඇවිත් කාරයට දාගත්තා. මං ආපහු කාරය හරවාගෙන ගල්ගමුව ටවුමට ආවා. අපේ අයියාගේ පුතා ටවුමේ හිටියා. මං පුතාට කතාව කියලා එයත් දාගෙන වාරියපොළට ගියා.
කොල්ලො දෙන්නෙක් ඇවිත් හයර් එකක් යමුද ඇහුවේ කොහාටද?
{ "answer_start": [ 68 ], "text": [ "අමුණුකොළේට" ] }
8ac74483-a022-4e41-9d1a-9400c464d692
මේ වනවිටත් ඩිජිටල් පෑන් භාවිතය සිදුවෙයි. ඒවායින් කෙරෙන්නේ, අඳින හෝ ලියන හෝ කිසිවක් ඒ චලනයන් උපයෝගී කරගෙන හඳුනාගෙන ඒවා පරිගණක තිරයක් මතට පතිත කරවීම හෝ පරිගණකයේ වෙනත් කාර්යයකට යොදා ගැනීම පමණය. එවැනි පෑන්වලට ඒ කාරිය සඳහා අතිරේක උපාංග හෝ විශේෂ කඩදාසි වැනි වෙනත් දෑ අවශ්‍ය වෙයි. කෙසේ නමුත් ලර්න්ස්ටිෆ්ට් ඒ සියල්ලටම වඩා වෙනස් බව නිර්මාණකරුවෝ කියති. එහි භාවිත වෙන්නේ වෙනත් තාක්ෂණයකි. ඒ තුළ පරිගණක මෘදුකාංගයක් රඳවා ඇත. ලිනක්ස් ක්‍රමය යෙදූ පරිගණකය සාමාන්‍ය පීසී සහ ලැප්ටොප්වල භාවිතයට යොදාගන්නා මාදිලියේ ම ඉතා කුඩා එකක් යැයි පැවැසෙයි.
පරිගණක තිරයක් මතට පතිත කරවන උපකරණයක් කුමක්ද?
{ "answer_start": [ 11 ], "text": [ "ඩිජිටල් පෑන්" ] }
e6f0c12d-f4c4-467f-a033-002682cda2a6
ගමේ මිනිසුන් කරන තෙල් සාත්තු කිරීම්, මැතිරීම්, දෙහි කැපීම්, බලි තොවිල් නැටීම් යකැදුරන් සහ යන්ත්‍ර මන්ත්‍රකරුවන් සොයා ගොස් අමාරුවේ වැටෙන ඇදහිලි සහ හොල්මන් වැනි සිද්ධීන් මට මහත් පිළිකුලක් විය. රැවටුණ ගම්වාසීන්ගේ නූගත්කම් කෙරෙහි බලවත් අනුකම්පාවක් ඇතිවිය. එකල රාත්‍රී කාලයට වන සතුන් දඩයම් කිරීම මගේ එක් විනෝදාංශයක් විය. මම දඩයමේ ගියේ තනිවමය. බෝර දොළහේ පතුරොම් ගිනි අවියක් සන්තකයේ තිබෙන විට මිනිස් සිතේ බිය දියාරු කර දමයි. එහෙත් දඩයක්කරුවන්ට මෙන්ම මට කිසිම දිනෙක හොල්මන් අවතාර හමුවී නැත. දිවාකාලයට මිනිසුන් ගමන් නොකරන තැන්වල බැටරි කෑලි තුනේ එවරෙඩි විදුලි පන්දම රාත්‍රී කාලයේ දල්වන විට යකුන් පෙරේතයෝ බියවෙති. තුවක්කුවේ පාතාලයට ඕනෑම වෙලාවක දබරැගිල්ල දමා ගැස්සූ විට මහසෝනා වුණත් කුඩුකර දැමීමට හැකි බවට මා තුළ දැඩි විශ්වාසයක් තිබිණ. මේ අතර මට එක්තරා රාත්‍රියක කනත්තක් අසල දී ලොකු යකෙකු සහ පොඩි යකෙකු මුණ ගැසීමේ සත්‍ය කතාව මෙසේ සඳහන් කරමි. ඒ ගැන නිශ්චිත දිනයක් නම් කළ නොහැකි නමුත් 1969 වසරේදී මෙම අත්දැකීමට මම මුහුණ දුන් බවට මතකයේ ඇත.
ඔහු දඩයමේ ගියේ කුමන කාලයේද ?
{ "answer_start": [ 256 ], "text": [ "රාත්‍රී කාලයට" ] }
78bce9ba-fd60-4901-9980-10ba636b284a
රොබට් නොක්ස් ගොවිතැන් කරන ලද වෙල්යාය අදටත් එලදැත්ත ගම්මානයට එකතු කරනුයේ අති රමණීය සුන්දරත්වයකි. එම වෙල්යාය මැද්දේ ඇති අඩිපාර එවකට පැවැති වැවේ වැව් කණ්ඩිය බවත් ඊට යාබදව ගලින් තැනු සොෙරාව්ව එම වැවේ සොරොව්ව බවත් එලදැත්ත ගම්මු සඳහන් කරති. මෙම සුන්දර වෙල්යායට දකුණු පසින් ජලය පිරිණු ඇළ මාර්ගයක් ගමන් කරයි. එම ඇළ මාර්ගයේ එක් ස්ථානයක සකස් කොට ඇත්තේ විස්මයජනක මෙන්ම විශිෂ්ට වූ වාරි නිර්මාණයක් ලෙසිනි. ගවයින් 30 දෙනෙකු පමණ යොදා කොළමැඩිය හැකි විශාල කමතක් එදවස තිබී ඇති අතර අදටත් එම ස්ථානයේ එකී කොළමඩින එම කමත දැකිය හැක. මෙකී විශාල කමත යටින් ඇළ මාර්ගය උමං ඇළක් ලෙස සකසා ඇති අතර එය අඩි 163 ක් තරම් දිගකින් යුක්තය. විශාල ගල් පතුරු සිටුවා ඒ මත තවත් ගල් ලෑලි තබා එකින් එක කිසිදු බදාමක් භාවිත නොකොට තනා ඇති මෙකී උමං වාරි ඇළ සැබෑවටම විස්මයජනක නිර්මාණයකි.
සැබැවින්ම විස්මය ජනක නිර්මාණයක් වන්නේ කුමක්ද?
{ "answer_start": [ 696 ], "text": [ "උමං වාරි ඇළ" ] }
79006953-fe1d-46bf-9347-c38ee382b1a7
මෙහි බුදු ගුණ සමඟ කියවෙන මන්තරවල නිරන්තරවම දෙමළ වචන වැනි වචන ඇසේ. හත් අඩිය කපන ඇතැම් ගුරුන්නාන්සේලා යන්ත‍්‍ර විසි අටක් කපන බව ද සුදු බණ්ඩා ගුරුන්නාන්සේ තවදුරටත් සඳහන් කළේය. මෙහිදී යන්ත‍්‍ර ලෙසින් හඳුන්වනු ලබන්නේ පොළොවේ හෝ වෙනයම් දෙයක් මත අඳින ලද අකුරු සහ මිනිස් පාද බව පසුගිය සතියේ අපි සටහන් කළෙමු. ඒවා මත තැබූ දෙහි ගෙඩි යාගය අවසානයේදී කැපීම යන්ත‍්‍ර කැපීම නම් වේ. මෙහිදී දිග කවි මෙන්ම කෙටි කවි ද සංගායනා කරනු ලැබේ. මෙම යන්ත‍්‍ර, මන්ත‍්‍ර, ගුරුකම්, හදි, හූනියම් ශාන්ති කර්ම සහ අණවින ආදියට මුළු ලෝකය සඳහාම ඍෂිවරු නම දෙනෙක් සිටින බවත් මේවා ඔවුන්ගෙන් පැවත එන දේවල් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
හත් අඩිය කපන ඇතැම් ගුරුන්නාන්සේලා කපන යන්ත්‍ර ගණන කීයද ?
{ "answer_start": [ 109 ], "text": [ "විසි අටක්" ] }
87c7dc69-ae33-43f3-bb8a-64d2c2f45ec7
සුකේෂ් චන්ද්‍රසේකර්ගේ නඩුව සම්බන්ධයෙන් මේ වනවිට සාක්ෂිකාරියක්ව සිටින සිනමා නිළි ජැකලින් ෆර්නැන්ඩෙස් විදේශගත විමට දිල්ලි මහාධිකරණයෙන් අවසර ඉල්ලා තිබෙන පුවතක් වර්තා වෙයි. ඒ සම්මාන උළෙලක් සඳහා අබුඩාබි වෙත යාමට දින 15ක කාලයකටය. එමෙන්ම මෙම අබුඩාබි ගමනට පමණක් නොව රූපගත කිරිම් කටයුත්තක් සඳහා ප්‍රංශයට මෙන්ම නේපාලනයට අවසර ලබා දෙන ලෙස ඇයගේ මෙම ඉල්ලීම තුළ තවදුරටත් සඳහන් කර ඇත. කෙසේ වෙතත්, ජැකලින් පැටලි ඇති මෙම නඩුව තව දුරටත් විභාග ගත වෙමින් පවතින බවට තොරතුරු වාර්තාද වෙයි.
සුකේෂ් චන්ද්‍රසේකර්ගේ නඩුව සම්බන්ධයෙන් මේ වනවිට සාක්ෂිකාරියක්ව සිටින සිනමා නිළිය කවුරුන්ද?
{ "answer_start": [ 80 ], "text": [ "ජැකලින් ෆර්නැන්ඩෙස්" ] }
13e54ad9-733a-484f-a074-6ab6e0d41e4d
මිහිමත කාලගුණය දැඩි වෙනසකට ලක්කිරීමට සමත්වූ වනාන්තරයක ෆොසිල සාධක නෝර්වේ රාජ්‍යයෙන් සොයාගැනීමට හැකිවූ බව පුරාවිද්‍යාඥයෝ කියති. නෝර්වේ සැල්බාර්ඩ් දිවයිනෙන් සොයාගත් මෙම ෆොසිල වනාන්තරයේ තිබී හොදින් ආරක්ෂා වූ ගස්වල කදන් හා මුල් පද්ධති හමුවී ඇත. විද්‍යාඥයන් පවසන්නේ මේ ගස් තාලවර්ගයට අයත් විය හැකි බවයි. ඒ අතර මීවන පැලෑටි ද ඇතැයි ඔවුහු කියති. මෙය අතීත නිවර්තන වනාන්තරයක් බව ද පර්යේෂකය්ගේ අදහසයි. ලොව මුල් කාලින වානාන්තරයකට අයත් වූ මේ හාක වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍ර‍මාණය විශාල ලෙස පහත දැමීමට කටයුතු කරන්නට ඇත. ගොඩබිම සත්ත්ව සන්තතිය ඇතිවීමට මේ ශාක ඉවහල් වන්නට ඇත. ඩෙවෝනීය යුගයේ අවසන් කාලයේ දී මේ වනාන්තරය තිබූ ප්‍රදේශය සමකයට ආසන්නව පැවති බව දැන් තහවුරු කරගෙන ඇත.
මෙය අතීතයේ කුමන වනාන්තරයක් ද?
{ "answer_start": [ 345 ], "text": [ "නිවර්තන වනාන්තරයක්" ] }
9ef28b5e-3525-47c5-b5a6-fd9bd43fe5ea
අතීත ශ්‍රී විභූතියේ නොමැකෙන සටහන් රැසක් සඟවාගෙන සිටින අපූර්වතම ගම්මානයක් ලෙස එලදැත්ත ගම්මානය හැඳින්විය හැක. රමණීය වෙල්යායකින් මැදිව පිහිටි මෙම ගම්මානය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති සුන්දර මෙන්ම දැකුම්කලු ගම් පියසකි. ගැමිකම තුරුලු කොට ගත් අව්‍යාජ මිනිසුන් සමූහයක් සහිත මෙකී සුන්දර ගම්මානය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබේ. රොබට් නොක්ස් නම් ඉංග්‍රීසී ජාතිකයා දෙවන රාජසිංහ රජ දවසේ වසර ගණනාවක් මෙරට සිර ගතව සිටි පුද්ගලයෙකි. රොබට් නොක්ස් කිවු සැණින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙනුයේ එදා හෙළදිව නම් ග්‍රන්ථයය. රොබට් නොක්ස් අති දක්ෂ ලේඛකයෙකු බව එම පොතෙන් පෙන්වා දෙන අතර ඔහු විසින් එම පොතේ සටහන් කොට ඇති දෑ අදටත් අප උපහැරණ ලෙස කියති.
රොබට් නොක්ස් රචනා කර ඇති ග්‍රන්ථය කුමක්ද?
{ "answer_start": [ 510 ], "text": [ "එදා හෙළදිව" ] }
c97166a8-6b47-4c13-a1b5-07247d84513c
නිවස ඇතුළේ සිටියේ ශ්‍රී වික්‍රම රජතුමාගේ සෙබළුන්ය. නිවස ගිනි ගන්නා විට නිවස තුළ රැඳී සිටි සෙබළුන් ගින්නෙන් පිළිස්සීමෙන් වැළකී සිටින්නට නිවසින් එළියට පනින්නට වූයේ සිය ජීවිත රැක ගැනීමේ බලාපොරොත්තුවෙනි. එළියට පණින සෙබළුනට ඉංග්‍රීසින්ගේ භටයෝ වෙඩි තැබූහ. කඩුවලින් කෙටූහ. බුර බුරා නැගෙන ගින්නෙන් රජුගේ ඇතැම් සෙබළුන්ගේ සිරුරු දැවී පිළිස්සෙන්නට විය. ඉංග්‍රීසි භටයෝ රජුගේ සෙබළුන් තිදෙනෙකු පණ පිටින් අල්ලා ගත්හ. ඉංග්‍රීසි භටයෝ රජුගේ සෙබළුන්ගේ තුවක්කු ඇතුළු ආයුධ තම භාරයට ගන්නටද ක්‍රියා කළෝය. පසු දින එනම් 1815 ජනවාරි 31 දා උදෑසන ගනේතැන්නේ ඉංග්‍රීසි හමුදා කණ්ඩායම සමග සිටි වෛද්‍ය හෙන්රි මාෂල් මහන්තේගම සිද්ධිය සිදු වූ ස්ථානයට ගියේය. එහිදී රජුගේ සෙබළුන්ගේ මළ සිරුරු 70ක පමණ ප්‍රමාණයක් මාෂල්ට දක්නට ලැබිණ. කඩු පහරක් වැදී හිස් කබළේ පෙත්තක් දකුණු කන පැත්තේ එල්ලී තිබූ රජුගේ සෙබළෙකුට මාෂල් ප්‍රතිකාර කළේය. ප්‍රතිකාරයෙන් පසුව ඔහුට ජීවත් වන්නට පුළුවන් වූයේද? නැත්ද? යන්න සොයා බැලීමට මාෂල්ට අවස්ථාවක් නොවීය.
නිවස තුළ සිටියේ කාගේ සෙබළුන්ද?
{ "answer_start": [ 18 ], "text": [ "ශ්‍රී වික්‍රම රජතුමාගේ" ] }
9f88ac7e-7efc-44aa-856d-15e150452b03
ඉකුත් අප්‍රේල් මස දිනක ඔරුවල ගල්වරුසාව පාරේදී වැලි ව්‍යාපාරිකයකු මෙන්ම පාතාල සාමාජිකයකු වූ පොඩි සුදුවා නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් මීට පෙර ඌරුජුවා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු ඒ වෙනුවෙන් තවමත් රිමාන්ඩ් භාරයේ පසු වේ. ඔහු රිමාන්ඩ් භාරයේ සිටියදී ද ඔහු විසින් සිදුකරන කප්පම් ගැනීම් සහ අපරාධවල අඩුවක් නොවූ අතර බන්ධනාගාරයේ සිට දුරකතනය ඔස්සේ ගෝලයන් ලවා ඒ සියලු අපරාධ සිදුකරගෙන ගියේය. සමයංගේ ඝාතනයෙන් පසු හංවැල්ල, ඇඹුල්දෙණිය, ජල්තර කඩුවෙල යන ප්‍රදේශවල වෙළෙඳ ප්‍රජාව සැනසුම් සුසුම් හෙළුවද සමයංගේ අඩිපාරේ යමින් සිටි ඌරුජුවා එම සියලු ක්‍රියාකාරකම් ඒ අයුරින්ම සිදුකරගෙන ගියේය. ඌරුජුවාට ගෝලයින් රැසකි. අත්අඩංගුවේ පසුවන්නේ ඉන් 8 දෙනෙක් පමණි.
ඌරුජුවා අත්අඩංගුවට ගෙන තිබුනේ කා විසින්ද?
{ "answer_start": [ 162 ], "text": [ "මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින්" ] }
207f2158-fc6b-4736-95c3-41b734db2879
කුවේණි කියන්නේ විජය රජ්ජුරුවන්ගේ පළමු බිසව. එයා යක්ෂ ගෝත්‍රයේ දුවක්. මෙයාට හිටිය කළුව කියලා මාමා කෙනෙක්. මෙයා අපේ ගෝත්‍රයේ නායක ඇත්තෙක්. විජය රජ්ජුරුවො කාලෙකදි කුවේණි රජ මාලිගාවෙන් පන්නලා දානකොට කුවේණීය, ජීවහත්ත හා දිසාලා කියන තමන්ගේ දරු දෙන්නත් එක්ක කැලේට යනවා. කුවේණී මියෑදුණාට පස්සේ මේ දරු දෙන්නා රැක බලාගෙන තියෙන්නේ මෙන්න මේ කියන කළුව කියන කුවේණිගේ මාමා. කුඩා කාලේ ඉඳලම මේ දරුවො දෙන්නට විවිධ දුක් ගැහැටවලට මුහුණපාන්න සිදුවෙලා තියෙනවා. ඔය කුඩා කොහොඹා බණ්ඩාර, මහ කොහොඹා බණ්ඩාර, ඉරුගල් බණ්ඩාර, සඳුගල් බණ්ඩාර කියන පිරිස මේ දරු දෙන්නට හරියට හතුරුකම් කරල තියෙනව. ඉතින් ඒ පිරිසගෙන් මේ දරුවො දෙන්නා හංඟගෙන කවාගෙන පොවාගෙන මේ දරු දෙන්න රැක බලා ගන්න ඔය කියන කළුව සෑහෙන වෙහෙසක් අරන් තියෙනවා. එතෙන්දි අපේ ගෝත්‍රයේ අයත් ඔහුට වගේම මේ දරුවෝ දෙන්නටත් උදව් කරලා තියෙනවා.
කුවේණිය ගේ දරු දෙපල වන්නේ කවුරුන්ද?
{ "answer_start": [ 204 ], "text": [ "ජීවහත්ත හා දිසාලා" ] }
7c3effaa-a02a-423b-b4c2-feee8d3812c5
සපුමල් කුමාරයාට කෝට්ටේ සිංහාසනය හිමිවූයේ කවර සිද්ධි නිසා වුවත් ඔහු මුළු දිවයිනේ මහරජු වූ පසු යාපනේ ජයග්‍රාහකයා වශයෙන් සිංහල මිනිසුන් අතර ඔහු ලබාගෙන සිටි සම්මානය ඔහුට ඔවුන්ගේ අඛණ්ඩ පක්ෂපාතිත්වය සහතික කිරීමට පොහොසත් නොවීය. කළුගඟ සහ වළවේ ගඟ අතර පිහිටි මුළු රටම පස්දුන් කෝරළේ කැලණිදොළ ශ්‍රී වර්ධන පතිරාජ කූරගම හිමි යන ප්‍රධානීන් දෙදෙනාගේ නායකත්වය යටතේ බුවනෙකබාහු රජුට විරුද්ධව අවිගෙන නැගී සිටියෝය. රාජාවලිය සිංහල පෙරළිය යැයිද දැදිගම සෙල්ලිපිය සිංහල සංගේ (සිංහලයන්ගේ සටන) යැයිද මේ කැරැල්ල හඳුන්වයි. මේ නම්වලින් හැඟෙන්නේ එය පියපසින් මලයාලි පෙළපතකට අයිති පාලකයකුට විරුද්ධව ජාත්‍යානුරාගී හැඟීම් නිසා පැන නැගුණු කැරැල්ලක් බවයි.
කෝට්ටේ සිංහාසනය හිමිවූයේ කාටද ?
{ "answer_start": [ 0 ], "text": [ "සපුමල් කුමාරයාට" ] }
43a98f0f-74c4-4183-ad96-fba41c8eef9e
ගැරඬිගල ඉසව්ව අවට ඇති සමස්ත දිය ඇලි ගණන 10 ක්, ඇලි සියල්ලෙම උස එකට ගත් විට බඹරකන්දට වඩා උසයි. ඇලි දාමයේ ජල මූලාශ්‍රය ඇත්තේත් එම කන්දෙමයි. ශ්‍රී ලංකාව පුංචි රටක් වුවද එහි ඔබ අප පවා නොදුටු නොදන්නා සුන්දර ඉසව් බොහොමයක් සැඟව පවතියි. නිතර දෙවේලේ එවැනි සුන්දර ඉසව් සොයා යන අපට හමු වූ අපූරුතම කන්දක් සහ ඇලි කිහිපයක් තිබෙන එක් ස්ථානයක් හමුවුණේ නකල්ස් වනපෙතේ දකුණු කෙළවරදීය. එය කන්දක් වුවද දිය ඇලි දාමයක් ඉන් ඉහළ සිට පහළට කඩා වට්ටවන අපූරු තෝතැන්නක් විය. නමින් ගැරඬිගල වන ඉන් වැටෙන දිය ඇලි ගණන හතකි. ඒවා ගැරඬි ඇලි ලෙස හඳුන්වන අතර සමස්තයක් ලෙස මෙම ඇලි යම් ලාලිත්‍යයකට, රටාවකට අනුව ඉහළ සිට වමට බරව කඩා වැටෙනු ලබයි.
කන්දක් වුවද දිය ඇලි දාමයක් ඉන් ඉහළ සිට පහළට කඩා වට්ටවන අපූරු තෝතැන්නක් වූයේ කොහෙද?
{ "answer_start": [ 452 ], "text": [ "ගැරඬිගල" ] }
df0b8ebc-7335-4221-9713-de441c3cf634
එහි පළමු පියවර ලෙස, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් හා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිට,ස්වාධීන වූ කණ්ඩායමේ පක්ෂ නායකයන් ද සමග සාකච්ඡාවක් හෙට පෙරවරු 10:30 ට කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජනාධිපතිවරයා එම ලිපියෙන් දැනුම් දී ඇත.එබැවින් ,ඒ සම්බන්ධයෙන් සිය පක්ෂවල අදහස් හා යෝජනා ද සමග හෙට රැස්වීමට නොවරදවාම සහභාගි වන ලෙස ද ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇත. රටේ ඇතිව තිබෙන සමාජ හා ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්,කාදිනල් තුමා ඇතුළු ආගමික නායකයන් ද, දේශපාලන පක්ෂ හා පොදු ජන සංවිධාන ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
ලිපියකින් මේ බව දැනුම් දී ඇත්තේ කවුද?
{ "answer_start": [ 231 ], "text": [ "ජනාධිපතිවරයා" ] }
b069ca31-1a77-4d20-82b8-2008c17f6dc5
1923 බැංගලෝරයේදී හමුවූ “වෛමානික ශාස්ත්‍ර” නමැති සංස්කෘත ග්‍රන්ථය ඇසුරින් ගුවන්යානා ශිල්පය දැනගැනීමට හැක. එය 1923 දීම ඉංශ්‍රීසි භාෂාවට පරිවර්තනය විය. එහි දැක්වෙන ආකාරයට විමානයට අවශ්‍ය තුරණය සහ එය ගමන් කරවන නියමුවා තීරණය වූ පසු යානය ගැන විස්තර කියැවේ. ඉන් අපට සිතා ගත හැක්කේ අවශ්‍යතාව ඇති අයට අනුව යානාව වෙනස්වන බවකි. මේ ඊට පළමුව ඉතා ඉහත කාලයකදී තිබූ යානාවක්ම නැවත පහළවීමක් ද විය හැකි අතර එය සිතා ගැනීමට ද නොහැක. නියමුවා නොහොත් මානව සාධකය තීරණය වූ පසු පමණක් යානය සෑදීම නොහොත් ද්‍රව්‍යමය පාර්ශ්වය ගැන කරුණු දැක්වීම සිදු වේ.
“වෛමානික ශාස්ත්‍ර” නමැති සංස්කෘත ග්‍රන්ථය ඇසුරින් දැන ගැනීමට හැකිවන්නේ කුමක්ද?
{ "answer_start": [ 73 ], "text": [ "ගුවන්යානා ශිල්පය" ] }
9883c638-020f-42a9-830d-3b89cd5339a8
ඕස්ට්‍රේලියාවේ රියෝ ටින්ටෝ සමාගම විසින් පසුගිය වසරේ පුපුරුවා දැමූ වසර 46,000ක් පැරණි ආදිවාසී ගුහා පද්ධතිය නැවත ගොඩනැගිය යුතු බව එරට පාර්ලිමේන්තුව පවසයි. දැවැන්ත පතල් කැණීම් සමාගමක් වන රියෝ ටින්ටෝ විසින් සිදුකළ යකඩ යපස් ගවේෂණ ව්‍යාපෘතියකදී බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටි ජුකාන් ජෝර්ජ් ගුහා විනාශ විය. මෙය ලෝකයේ වඩාත් වැදගත් පුරාවිද්‍යාත්මක පර්යේෂණ ස්ථානයක් ලෙස හැඳින්වෙන අතර අයිස් යුගයේ මිනිස් වාසසථාන පිළිබඳ සාක්ෂි පෙන්නුම් කරයි. විනාශය සම්බන්ධව මාධ්‍ය වාර්තා කිරීමත් සමග රියෝ ටින්ටෝ සමාගම තමන් අතින් සිදුවූ වරද සම්බන්දව සමාව ඉල්ලා සිටි අතර තමන්ගේ ක්‍රියාමාර්ග වෙනස් කරන බවට ද පොරොන්දු විය. සිද්ධිය සම්බන්ධයෙන්, මෙම වසර මුලදී සමාගමේ ප්‍රධාන විධායක ජින් සෙබස්තියන් ජැක් ඇතුළු ප්‍රධාන නිලධාරීහු කිහිපදෙනෙක් ඉල්ලා අස්වූහ.
බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටි ජුකාන් ජෝර්ජ් ගුහා විනාශ වූයේ කුමන ව්‍යාපෘතියකදී ද?
{ "answer_start": [ 210 ], "text": [ "යකඩ යපස් ගවේෂණ ව්‍යාපෘතියකදී" ] }
1d0d40df-938f-4123-b3d1-8fb2fd3adfb5
දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් රජයට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවය දිවයිනේ නන් දෙසින් පැමිණි අති විශාල ජන ගංගාවකගේ සහභාගිත්වයකින් කොළඹ දී අද (15) පස්වරුවේ පැවැත්විණි.“රට විනාශයි දැන් ඇති තවත් වනසන්න දෙන්න බැහැ එක්වෙමු කොළඹට” යන තේමාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විරෝධතාවය ඇරඹුණේ අද පස්වරු දෙකට පමණය. විරෝධතාව සඳහා ගොවීන්, ධීවරයන්, රාජය සේවකයන්, වෘත්තීය සමිති නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි අතර විරෝධතාවය හේතුවෙන් ඊයේ පස්වරුවේ කොළඹ නගරයේ ගමනාගමන කටයුතුද මුලුමනින්ම පාහේ ඇන හිට තිබිණ.
ජනතාව මුහුණ දෙන පීඩන වන්නේ මොනවාද ?
{ "answer_start": [ 35 ], "text": [ "පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව" ] }
daf21aa7-6847-4e31-9694-019378d39d36
ප්‍රාණ වායුව සිත දැනුමින් ආශ්වාස කරයි නම්, වායු දහය ශරීරයට කාවදියි. සිත තදින්ම විශ්වාසයට ගත යුතු කාරණය වනුයේ, සිත දැනුම්වත්ව ආශ්වාස කරන වායුව හදවතින් ඇරඹී ශරීර ඉන්ද්‍රියන් කරා ශක්තිය සපයන බවයි. එම ශක්තිය ද කොටස් දෙකකින් යුක්තයි. එය ජීව ශක්තිය සහ සීනිගම දෙවොල් දෙවිඳු ශක්තිය ලෙස අර්ථ ගැන්වෙයි. නොපෙනෙන දෙවියන් වැඩ වසනුයේ කොතෙනකද? දෙවියන් වැඩවසනුයේ මේ මහා විශ්වය තුළයි. දෙවියන් වැඩ වසන ස්ථානයට යා යුත්තේ කවර ආකාරයටද? දෙවියන් වැඩවසන ස්ථානයට යා හැක්කේ චිත්ත රූප මවන සිතට පමණයි. එම සිත විටෙක යන්ත්‍රයක් වෙයි. තවත් විටෙක මන්ත්‍රයක් වෙයි. ඒ අතරම ලොව වේගයෙන් ගමන් කළ හැකි යානාවක්ද වෙයි.
දෙවියන් වැඩවසනුයේ කොහේද?
{ "answer_start": [ 354 ], "text": [ "විශ්වය තුළයි" ] }
96b142cb-036c-4b8e-a5ee-26e1ebec5021
පෙර භවයේ නිවසේ සිටි වෙනත් කිසිවකු පිළිබඳ ඇගෙන් හෙළි නොවූ අතර ඇය නිතර නිතර පවසා ඇත්තේ අපි ඉස්සර හිටියේ අක්කර පහ යනුවෙනි. තවමත් පර්යේෂණ මට්ටමේ ඇති මෙම දැරියගේ පෙර භව තොරතුරු වර්ජීනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අංශයේ නොවිසඳුණු සාධක ලෙස සටහන් කර ඇත. එක්දහස් නමසිය හැත්තෑ එකේ වසරේ දී කොළඹ දී උපත ලද නිමාලි නම් දැරියක් ද ඉතා කුඩා අවදියේ සිට පොළව මත නිදා ගැනීමට ප්‍රිය බවක් දක්වන්නට වූවාය. මෙම හැසිරීම් රටාව දෙමාපියන්ට ද ගැටලුවක් විය. ඇතැම් විට රෙදි කැබැල්ලක් බිම එළා ගන්නා දැරිය ඒ මත නිදාගැනීමට උනන්දු වූවාය. තම දියණියගේ මෙම පුරුද්ද ඇතිවූයේ කෙසේද? යැයි මව නිතර සිතන්නට වූවාය.
නිමාලි කුඩා අවදියේ සිට නිදාගැනීමට ප්‍රියවූවේ කුමක් මතද
{ "answer_start": [ 334 ], "text": [ "පොළව" ] }
2a33b22d-4e3b-460c-8d04-2b90e5a4a6fe
කාබන් තන්තු උපයෝගීකරගෙන නිපදවන උපාංගවල ක්ෂූද්‍ර යාන්ත‍්‍රික හැසිරීම සෙවීමේ පර්යේෂණයක් මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චින්තක මල්ලිකාරච්චි මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරේ. කාබන් තන්තු සංයුක්ත නිපදවනුයේ කාබන් තන්තු සහ තෝරාගත් මැලියම් ද්‍රව්‍යයක් එකිනෙකට බැඳීමෙන් සාදාගන්නා වරපට ගණනාවක් ක‍්‍රමාණුකූලව එකතු කිරීමෙනි. මෙම එක් එක් මූලද්‍රව්‍යවල අනුපාතය, තන්තු යොමු කර ඇති ආකාරය සහ දිසාව මත සංයුක්තයේ ශක්තිය සහ නම්‍යශීලීතාව තීරණයවේ. උදාහරණයක් ලෙස යානයක් නිපදවන්නේ නම් එය සැහැල්ලූ වියයුතු අතර එය ශක්තිමත් මෙන්ම ඊට වැය වන ඉන්ධන ප‍්‍රමාණයද පිරිමසා ගත යුතුය. කාබන් තන්තුවල ක්ෂූද්‍ර හැසිරීම සොයාගැනීමෙන් යානය නිපදවන මූලාශ‍්‍ර තීරණය කිරීමට පහසු වේ.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චින්තක මල්ලිකාරච්චි මහතා කුමන විශ්වවිද්‍යාලයේද?
{ "answer_start": [ 86 ], "text": [ "මොරටුව විශ්ව විද්‍යාලයේ" ] }
88d14021-60a3-4589-8ddb-2c4de9d65063
එසේම ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයාව සිටින කාලයේදී සෞදි අරාබි රාජ්‍ය පකිස්තානයේ තැන්පත් කල ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක සංචිතය 2023 ජුනි මස තෙක් පවත්වා ගෙන යාමට සෞදි අරාබි රාජ්‍ය එකඟතාව පළ කර ඇත. ඒ අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් සෞදී අරාබි මොහොමඩ් බින් සල්මන් කුමරු හමුවූ අවස්ථාවේ කළ ඉල්ලීමකට අනූවය. සෞදි අරාබි රාජ්‍ය විසින් පකිස්තානයට බොරතෙල් සහ අනිකුත් ඛනිජ තෙල් නිශ්පාදන තවදුරටත් සැපයීම සඳහා එකඟත්වය පළ කර ඇත. ඉම්රාන් ඛාන් අගමැති ධුරය දරණ අවස්ථාවේ වසරක කාලයක් සඳහා ලබා දුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක මුල්‍ය පැකේජය මෙසේ ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක් දක්වා වැඩි කර ඇත. හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ලබාදුන් ඩොලර් බිලියන 1.2 ක ඉන්ධන මුල්‍ය පහසුකම මෙම අවස්ථාවේ ඩොලර් බිලියන 2.4 ක් දක්වා වැඩි කර ඇත.
ඒ අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් කවුරුන් හමුවූ අවස්ථාවේ කළ ඉල්ලීමකට අනූවද?
{ "answer_start": [ 221 ], "text": [ "සෞදී අරාබි මොහොමඩ් බින් සල්මන් කුමරු" ] }
74e8115a-6c3c-4da2-b563-1336b17102ef
තල්දූවේ සෝමාරාම හිමියන් වැඩම කර තිබුණේ අග්‍රාමාත්‍යවරයාව බැහැදැක ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ දියුණුව සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමටය. සෝමාරාම භික්ෂුව අතේ ඒ හා සම්බන්ධ ලිපි ගොනුවක් ද තිබූ අතර අග්‍රාමාත්‍ය එම භික්ෂුව ඔහු ළඟට කැඳවා ගත්තේ බොහොම ගරු සරු ඇතිවය. තල්දූවේ සෝමාරාම භික්ෂුව ලිපි ගොනුව පෙන්වමින් සිටි අතරවාරයේ සිවුර තුළ සඟවා ගෙන සිටි රිවෝල්වරයෙන් දිගට හරහට අග්‍රාමාත්‍යවරයාට වෙඩි තැබූ අතර ඒ අවස්ථාවේ එහි වැඩ සිටි ආනන්ද හිමියන්ට ද රිවෝල්වරය එල්ල කර තිබේ. කොළඹ ජාතික රෝහලේදී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් සදහටම නෙත් පියා ගත්තේ සුවහසක් ජනී ජනයා හඬවමිනි. මෙම ඝාතනය පිළිබඳ සැක එල්ල වූවන් අතර තල්දූවේ සෝමාරාම භික්ෂුවට අමතරව එහි මාපිටිගම බුද්ධ රක්ඛිත, ඇම්.පී. ජයවර්ධන සහ දාගොන්නේ ඔසී කොරයා නමැත්තෙක් ද විය.
බණ්ඩාරනායක ශ්‍රිමතාණන් සදහටම දෙනෙත් පියාගත්තේ කොහේදීද?
{ "answer_start": [ 476 ], "text": [ "කොළඹ ජාතික රෝහලේදී" ] }
4526163b-2154-475f-941e-abac93009416
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ජන්වි කපූර් හා ඇයගේ වැඩිමහල් සොහොයුරිය වූ කුෂි කපූර්ටද මේ වනවිට කොවිඩ් රෝගය අසාධනය වී ඇතැයි වාර්තා වෙයි. ඔවුන්ට වැළඳි ඇති රෝගය ඔම්ක්‍රෝන් නොවන අතර, වෛද්‍යවරුන් පවසන්නේ ඔවුන් සිය නිවසේම මේ වනවිට නිරෝධායනය වෙමින් සිටින බවය. කෙසේ වෙතත්, මෙම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කර සිටින්නේ ජාන්වි හා කුෂීගේ පියා වූ චිත්‍රපට නිෂ්පාදක බොනි කපූර්ටද මේ වනවිට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවය. කෙසේ වෙතත්, ඔවුන් සියලු දෙනාම මේ වනවිට සිය මුම්බායි නිවසේ රැඳි සිටින බව සඳහන් වෙයි.
ජාන්වි හා කුෂීගේ පියා කව්ද?
{ "answer_start": [ 349 ], "text": [ "බොනි" ] }
4a35b2ce-efc6-4ab8-9dd9-4c3e6bf87eac
ක්‍රි.ව. 1341 දී හතරවන බුවනෙකබාහු රජු කුරැණෑගල අතහැර ගම්පොල සිය රාජධානිය පිහිටුවා ගත්තේය. මෙලෙස ඇරුඹි ගම්පොල රාජධානිය ක්‍රි.ව. 1415 දක්වා දශක 7ක් තුළ රජවරැන් පස් දෙනකු යටතේ පැවතිණ. දිවයිනේ රාජ්‍ය මධ්‍යස්ථානය මලය දේශය සහිත මායා රට කරා යොමු වූයේ ගිරි දුර්ගල වන දුර්ගල රුකවරණය ද ඇති බැවිනි. රාජ්‍ය පාලකයින් භික්ෂුන් වහන්සේලා මෙන් ම පොදු ජනතාවද මෙවන් රුකවරණ පෙදෙස් කරා යොමුවන්නට වූහ. එහි ප්‍රතිඵලය වූයේ දඹදෙණිය, යාපහුව, කුරැණෑගල හා ගම්පොල, ගඟසිරිපුර රාජධානි පිහිටුවා ගැනීමට ප්‍රවේශ වීමෙනි. 1997 වසරේ සංවර්ධන කටයුතු ආරම්භ කළ මෙම ඓතිහාසික කන්ද 2002 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොව හොඳම සංවර්ධනය කරන ලද කන්ද ලෙස තෝරා ගත් අතර 2007 වසරේ සැප්තැම්බර් 18 වැනිදා මහජනතාවට විවෘත කෙරිණි. ඉදිරියේදී පැමිණෙන පාසල් නිවාඩුවේදී මහනුවර ගම්පොල හරහා ඔබේ විනෝද චාරිකාව වැටී ඇත්නම් අම්බුලුවාවටත් ගොස් එන්නට අමතක නොකරන්න.
දිවයිනේ රාජ්‍ය මධ්‍යස්ථානය මලය දේශය සහිත මායා රටකරා යොමුවූයේ එහිකුමක් තිබෙන නිසාද?
{ "answer_start": [ 244 ], "text": [ "ගිරි දුර්ගල වන දුර්ගල රුකවරණය" ] }
27501992-03c2-4085-bebd-7f1737d41529
ඔලිම්පික් රන් පදක්කම වෙනුවෙන් තමන් ආ ගමන බෙහෙවින් දුෂ්කර අභියෝගාත්මක එකක් බව පසුව පසු ඇය මාධ්‍ය හමුවේ කියා සිටියේ අත්වල කරගැට ද පෙන්වමිනි. හිඩිලියන් දියේස්, දිළිදු පවුලක දියණියක වන අතර ඇයගේ මාපියන් ජීවත් වන්නේ කුලී වැඩ කරමිනි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන්, ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා හිඩිලියන් දියේස් මාස 18 ක් තිස්සේ පුහුණු වූයේ මැලේසියාවේ සිටය. 2016 රියෝ ඔලිම්පික් උළෙලට ද හිඩිලියන් සහභාගී වූවාය. එහිදී ඇයට දිනා ගැනීමට හැකිවූයේ රන් පදක්කමක් පමණි. එම අවස්ථාවේදී ද පිලිපීනයේ ඇය ජාතික වීරවරියක් බවට පත්වූවාය.
ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා හිඩිලියන් දියේස් කොපමණ කාලයක් පුහුණුවීම් කළාද?
{ "answer_start": [ 303 ], "text": [ "මාස 18 ක්" ] }
f0e058fe-677b-4de6-b5d9-78c8f8214953
ඒ නිසා සාක් රාජ්‍ය නායක සමුළුව කඩා කප්පල් කිරිම පමණක් නොව මහා මිනිස් සංහාරයක්ද වළක්වා ගැනීමට හැකිවූයේ නියෝජ්‍ය පොලිස්පති නිහාල් කරුණාරත්න මහතා නිසා වන හෙයින් ඒ ගෞරවය පළමුව හිමිවිය යුත්තේ ඔහුටය. දෙවනුව ඒ ගෞරවය හිමිවිය යුත්තේ කොටින්ගේ මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට ජිවිත පරදුවට තබා පරීක්ෂණ සිදු කිරීමට දායක වු පොලිස් නිලධාරින්ටය. කොළඹ කොටුව දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි රථ වාහන ගාලක තිබී සොයාගත් වෑන් රථයේ ඉන්ධන ටැංකියේ සූක්‍ෂම ලෙස අටවා තිබූ අධි බලැති බෝම්බයේ බර කිලෝ 47ක් පමණ විය. මේ වෑන් රථ බෝම්බය පුපුරා ගියේනම් සිදුවිය හැකි විනාශයේ තරම වෑන් රථ බෝම්බයේ බරින්ම සිතා ගත හැකිය. බලගතු බෝම්බය එදා පුපුරා ගියේනම් මිනිස් ජීවිත සිය ගණනක් විනාශ වන අතර බෝම්බය පුපුරා ගිය ස්ථාන අවට පිහිටි ගොඩනැගිලි පවා බිමට සමතලාවනු ඇති බව බෝම්බ විශේෂඥයෝ ඒ වකවානුවේ පෙන්වා දුන්හ.
සොයාගත් බෝම්බයේ බර කීයද?
{ "answer_start": [ 474 ], "text": [ "කිලෝ 47ක්" ] }
a55e6740-e949-4268-950e-942478729d86
නිෂ්පාදකවරයා සහ කතුවරයා සමඟ දීර්ඝ සාකච්ඡාවක් කර එම යෝජනාව සම්මත කර ගත් පසු ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා සමඟ මම නැවත සේලම් බලා ගියෙමි. ඩබ්ලිව්.ඒ සිල්වා මහතාණන්ගේ පරිශ්‍රමය වූයේ දෙබස් සියල්ලම ව්‍යාකරණානුකූලව හෙවත් පොතේ භාෂාවෙන්’ සකස් කිරීමටය. එය ස්වභාවිකත්වයටත් තාත්විකත්වයටත් බාධාවක් බව තරයේ කියා සිටියෙමි. අන්තිමේදී මගේ කාරුණික බලවත් ඉල්ලීමට ඔහු එකඟ විය. එහෙත් ඇතැම් ජවනිකා සකස් කිරීමත් කැමරා ගත කිරීමත් ඔහුට රහසින් කිරීමට සිදුවිය. මේ තොරතුරු එන්නේ ටී.බී. ඉලංගරත්නයන් විසින් ලියා ඇති ‘යුගයක ගමන’ කෘතියේය. මුලදී රෆායෙල් ලෙස තේරාගෙන සිටි නළුවාට වඩා ඉලංගරත්නයන් හොඳ යයි අධ්‍යාක්ෂවරයා යෝජනා කළත් ඔහු ඒ වෙනුවට දොස්තර ඔලිවර් නම් ළන්දේසි වෛද්‍යවරයාගේ චරිතය තෝරා ඇත.
ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා එම යෝජනාව සම්මත කර ගත්තේ කෙසේද?
{ "answer_start": [ 0 ], "text": [ "නිෂ්පාදකවරයා සහ කතුවරයා සමඟ දීර්ඝ සාකච්ඡාවක් කර" ] }
6f910032-1739-41a0-a74f-b99c4c482f21
දෙමටගොඩ ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වන නිරුපමා දෙදරු මවකි. නිරුපමාගේ ස්වාමිපුරුෂයා මීට වසර පහකට පෙර හදිසි අනතුරකින් මියගිය අතර, ඇයට තම දියණියන් දෙදෙනා රැකබලාගෙන ජීවත් වීමට තරම් යහමින් මුදල්හදල් ද තිබුණේය. වැඩිමල් දියණිය දහ වන ශ්‍රේණියේ ද බාල දියණිය හය වන ශ්‍රේණියේ ද ඉගෙනුම ලබන්නේ කොළඹ නගරයේ බාලිකා විද්‍යාලයකය. නිරුපමා බොහෝ නිහඬ චරිතයක් වුවද ඇය අන් අය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් පෙළුණාය. නිරුපමා විවාහ වීමට පෙර ඇය බොහෝ අහිංසක, නිහතමානී යුවතියක වුවද විවාහයෙන් පසු ඇයගේ ස්වභාවය බොහෝ වෙනස් විණ. සැමියාගේ මරණයෙන් පසු එය වඩාත් දරුණු තත්ත්වයකට පත්විණ. නිරන්තරයෙන්ම තම දෙමාපියන්ට හා සහෝදරියන්ට ඇනුම්පද කියමින් නින්දා අපහාස කිරීම ඇයගේ පුරුද්දක් විය. අසල්වාසීන් සමඟ සුහද ඇසුරක් තිබුණ ද ඔවුන්ගේ අඩුපාඩුම සොයමින් තමා ඔවුන්ට වඩා උසස්ය යන සිතුවිල්ලෙන් ඇය නිතරම පසුවූවාය. ගැටුම් ඇති කර නොගත්ත ද යටි සිතින් අන් අයට ද්වේශ කළාය.
දෙමටගොඩ ප්‍රදේශයේ කුලී නිවසක ජීවත්වන්නෙ කවුද?
{ "answer_start": [ 389 ], "text": [ "නිරුපමා" ] }
07ec1cfb-4a82-4dd0-8e05-29214f5c8d02
මෙම පිරමීඩාකාර වස්තුවේ කේන්ද්‍රීය ලක්ෂය අනුව එය අවම වශයෙන් වසර 20,000ක් පමණ පැරැණි හෝ පෘථිවියේ ග්ලැසියර දිය වී යෑම ආරම්භ වූ අවසාන හිම යුගයේ නිර්මාණය වූවක් හෝ බවට නිගමනය කළ හැකියැයි පර්යේෂකයෝ සඳහන් කරති. 2012 වසරේ බහමාස් ආසන්නයේ පිහිටි බිමිණි වෙරළාසන්න සමුද්‍ර පත්ලෙන් ඊජිප්තුවේ මහා පිරමීඩය මෙන් තුන්ගුණයක් පමණ විශාල පළිඟු වැනි පිරමීඩාකාර වස්තුවක් සොයා ගැනිණි. සාගර විද්‍යාඥයකු වන ආචාර්ය වර්ලාග් මේයර් විසින් සෝනාර් තාක්ෂණය ඇසුරින් සොයා ගන්නා ලද මෙම වස්තුවේ පාදම දිගින් මීටර 300ක දිගින් යුතු වූ අතර උස මීටර 200ක් විය. පිරමීඩය මුදුනේ විශාල සිදුරු දෙකක් තිබූ අතර එතුළින් ඉතා වේගයෙන් ජලය ගලා ගියේ යෝධ සුළි නිර්මාණය කරමිනි. එය සාගරය මතුපිට වේගවත් රළ ඇති කිරීමට හා මීදුම් සහිත පරිසරයක් නිර්මාණය කිරීමට බලපෑවේය. 19 වැනි සියවසේ මෙම ප්‍රදේශයේ ඇති වූ අසාමාන්‍ය විද්‍යුත් චුම්භක විෂමතා සඳහා මෙම සුළිවල බලපෑමක් තිබෙන්නට ඇතැයි විද්‍යාඥයෝ සැක මතු කරති.
බිමිණි වෙරළාසන්නයෙන් පළිඟු වැනි පිරමීඩාකාර වස්තුවක් සොයා ගත්තේ කුමන වසරේදී ද?
{ "answer_start": [ 203 ], "text": [ "2012 වසරේ" ] }
6c7fc31e-f751-4f9f-8c88-4d405b74797a
එම රබර් වත්තට ජලය ලබාගන්නේ ගැමියෙකු සතු වත්තක තිබෙන උල්පතකිනි. ඒ සඳහා සුදු පාලකයන් අවුරුද්දකට රුපියල් 50 ක ගෙවීමක් සිදුකර ඇත. එය කිසිම වෙනසක් නොකර ඒ මුදලම අදත් ගෙවන බව දැනගන්නට ලැබුණි. විල්සන් මහතා හීසැර වැදීමෙන් පසු මෙම ස්ථානයට ගෙනැවිත් බෙල්ල කපා හෙල්ලක හිස අමුනා ගෙන ප්‍රිති ඝෝෂා කළ බවට පරම්පරාගත කතාවක් ඇතැයි එම වත්තේ අද හිමිකරුවා කීවේය. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාර විසින් ලන්ඩනයේ යටත් විජිත විදේශ කාර්යාලයේ මහාමාන්‍ය බැතර්ස්ට් වංශාධිපතිතුමා වෙත 1817 නොවැම්බර් මස 7 වැනිදා යැවු සන්දේශයට අනුව ඒ බව පැහැදිලි වෙයි.
ඒ සදහා සුදු පාලකයන් අවුරුද්දකට ගෙවන්නේ කීයක්ද ?
{ "answer_start": [ 94 ], "text": [ "රුපියල් 50" ] }
927f979e-cec6-490b-9f82-f395b67fc589
සීතාවක රාජධානියේ ප්‍රධාන සටන් මධ්‍යස්ථානය ලෙස හැඳින්වී ඇත්තේ හංවැල්ල ප්‍රදේශයයි. අද වෙන විට හංවැල්ල තානායම පිහිටි තැන එකල රාජ්‍යයන් කිහිපයකට බළකොටුවක්ව පැවතුණි. සීතාවක මායාදුන්නේ රජු විසින් හංවැල්ල දැනට තානායම පිහිටි ප්‍රදේශයේ ආරක්ෂිත කොටුවක් ඉදිකර තිබේ. එහි සිට කෝට්ටේ බුවනෙක බාහු රජු සමග සටන් කිහිපයක්ම මෙහෙය වූ ස්ථානයක් ලෙස ඉතිහාසයේ සඳහන් වෙයි. මෙය පසුව පෘතුගීසින් විසින් අත්පත් කරගෙන යුරෝපා ආකෘතියට අනුව බළකොටුවක් ඉදිකර ඇත. ඕලන්ද ජාතිකයන් විසින් මෙය පසුකාලයේ කබොක් ගල් යොදා ශක්තිමත් තිරසාර බළකොටුවක් ලෙස සකස් කර ඇත. බ්‍රිතාන්‍ය යුගයේදී ද සංග්‍රාම කිහිපයක්ම මෙම ස්ථානය කේන්ද්‍ර කොට සිදුවී ඇත. මෙම බළකොටුව විටින් විට පෘතුගීසින්, ලන්දේසින් මෙන්ම ඉංග්‍රිසින් ද සිය ආරක්ෂාව සඳහාත් සටන් සංග්‍රාම සඳහාත් යොදා ගෙන තිබේ. මුලින්ම මායාදුන්න රජු විසින් සටන් මෙහෙයවීම සඳහා සුදුසුම ස්ථානයක් ලෙසයි. මෙය තෝරා ගෙන ඇත්තේ.
ඒහි සිට සටන් මෙහෙය වූයේ කවුරුන් සමඟද
{ "answer_start": [ 263 ], "text": [ "කෝට්ටේ බුවනෙක බාහු රජු සමග" ] }
444e53bf-2046-426d-87e3-8714501dad0b
මුහුදු කැස්බැවන් වද වි යැමට ප්‍රධාන හේතුවන් වන්නේ මුහුදු කැස්බැවුන්ගේ බිත්තර ආහාරයට ගැනිම හා ධිවරයන්ගේ දැල් වලට හසුවන මුහුදු කැස්බැවුන්ගේ මස් ආහාරයට ගැනිම බවත් ඔහු කීය. දකුණු මුහුදු තීරයේ ගල්කිස්ස සිට පහලට යන විට කොස්ගොඩ, තංගල්ල, රැකව,බුන්දල වගේම නැගෙනහිර වෙරලේ තැන් කිහිපයක වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් හා තවත් ආයතන කිහිපයකින් මුහුදු කැස්බැවුන් බිත්තර දමන ස්ථාන සංරක්ෂණය කළත් එසේ සංරක්ෂණය කිරිමට අපහසු තැන් වල මුහුදු කැස්බැවුන්ගේ බිත්තර ආහාරයට ගැනිම සිදුවන බවද ඔහු සඳහන් කළේය. යුද්ධය නිම වීමත් සමගම වැඩි වශයේන් ධිවරයන් ධිවර කර්මාන්තයේ යෙදීම සුලබ වි ඇති විම නිසා මීගමුව,හලාවත,කන්දකුලිය,කල්පිටිය,දක්වා ධිවරයන්ගේ දැල් වලට හසුවන මුහුදු කැස්බැවුන් මරා මස් සඳහා ගන්නා බවත් මැතකදි ඒකනායක මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු සංවිධානයේ නිලධාරින් කළ සමික්ෂණයකදි මුහුදු කැස්බැවුන්ගේ කටු විශාල ප්‍රමාණයක් හමු වු බවද ඒ මහතා කීය.
මුහුදු කැස්බෑවන් වඳ වී යෑමට ප්‍රධාන හේතුවක් වන්නේ කුමක්ද?
{ "answer_start": [ 50 ], "text": [ "මුහුදු කැස්බැවුන්ගේ බිත්තර ආහාරයට ගැනිම" ] }
f55c35f7-e4ac-4319-af19-7b2815490a46
මනරම් කැටයම් පිරුණු පුරාණ පෙට්ටගම්වල ඉඳලාම පැවත එන, ලංකාවටම ආවේණික වූ විවේකී ගති පැවතුම් විදහා දැක්වෙන විදිහේ ලී බඩු වලට තමයි මම එක් විදියකට සකස් කරන්නේ. පොල් කටුවෙන්, පොල් ලෙල්ලෙන්, පොල් ඉත්තෙන්, අත්තෙන්, කඳින්, කොළයෙන්, පොල් ලීයෙන් විස්මිත නිපැයුම් සිදුකරන කාරියවසම් මහතා ලී කැටයම් ශිල්පියෙක් ද නිවසට අවශ්‍ය සියලුම නිෂ්පාදන ලී වඩුවෙක් වශයෙන් නවතම ආකාරයට සකස් කරන මේ අපූරු කලාකරුවා පොල් කටු ආශ්‍රිතව නව නිපැයම් 30කටත්, අධික ප්‍රමාණයක්ද සකස් කර තියනවා. අපේ සිංහල කැවිලි සියල්ලම වාගේ මේ ආකාරයට ලීයෙන් පොල් කටුවෙන් සකස් කරනවා. කෑම මේසෙ නිෂ්පාදන ඇත්තටම කෙසෙල් ඇවරියක්, කැවුම් ගෙඩියක්, අතිරස කෑල්ලක් අසලම එකම බන්දේසියක තියනවා. කන්න ගන්නකොට තමයි අඳුර ගන්න පුළුවන් වෙන්නෙ මේ ලීයෙන් පොල් කටුවෙන් සකස් කළ කැවිලි කියලා එවිටයි තේරුම් ගන්න හැකියාව තියෙන්නේ. මහත්තයාට කියන්න ඕනෑම ජගතෙක් රැවටෙනවාමයි. දිසාපතිතුමා ඇවිත් රාජ්‍ය නිලධාරින් එක්ක ආපු වේලාවෙදි මම කැවිලි පෙවිලි සහිතව කැවිලි මේසයක් තිබ්බා. ඒ ඇත්තෝ කෑමට ආහාර ගන්නකොට තමයි ඒත්තු ගියේ මේවා ලී, පොල් කටු ආදියෙන් සකස් කළ කැවිලි කියලා. ඒ අය පුදුම වුණා. මම දැන් වයස අවුරුදු 71ක් වෙනවා. මම මුලින්ම ජීවත් වුණේ අනුරාධපුරයේ. ඒ කාලයේ මම පුංචි එකා. තාත්තත් එක්ක එකතුවෙලා මම වැඩ කළා. මම වඩුවැඩ කරන්න පටන් ගත්තේ අවුරුදු 07, 8 වයසේදී. කියත නියන මට හොඳට හරිගියා.
කාරියවසම් යනු කව්ද?
{ "answer_start": [ 274 ], "text": [ "ලී කැටයම් ශිල්පියෙක්" ] }
d6cb147c-79a7-439e-8ff9-491b48b2df6a
කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රියාව හා පෘතුගාලය නව සීමා පනවා තිබේ. ඒ අනුව ඔස්ට්‍රියාව රාත‍්‍රී 8.00 සිට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවා ඇති අතර ආහාර පිටතට රැගෙන යාම සඳහා පමණක් අවන්හල් විවෘත කර තැබේ. වයිරසය හේතුවෙන් එරට පනවා ඇති නව සීමා ලබන අගහරුවාදා සිට මේ මාසය අවසානය දක්වා ක්‍රියාත්මක වේ.එරට ප්‍රාථමික පාසල් පවත්වාගෙන යාමට අවසර දී ඇති නමුත් උසස් පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය ඔස්සේ පමණක් සිදුකළ යුතුය. ඔස්ට්‍රියාවෙන් ඊයේ හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5349 කි. පෘතුගාලයේ පනවා ඇති සීමා එරට සියයට 70 ක ප්‍රදේශ ආවරණය කරයි. රැකියාවලට, පාසල්වලට සහ අත්‍යවශ්‍ය හේතුවකදී මිස නිවෙස්වලින් පිටතට යාමට ඒ අනුව ජනතාවට අවසර හිමි නොවේ. කෙසේ වෙතත් හැකියාව පවතී නම් නිවෙස්වල සිට රාජකාරී කටයුතුවල නියැලෙන මෙන් එරට ජනතාවට උපදෙස් දී ඇත. වෙළෙඳසැල් රාත්‍රී 10 ට වසා දැමීම අනිවාර්ය කර තිබේ. සති දෙකකට පසු මෙම සීමා නැවත සලකා බැලීමට නියමිතය. පෘතුගාලයෙන් ඊයේ ආසාදිතයින් 4007 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 39 කි.
පෘතුගාලයේ වෙළෙඳසැල් වසා දැමීම අනිවාර්යය කර ඇත්තේ කීයටද?
{ "answer_start": [ 773 ], "text": [ "රාත්‍රී 10 ට" ] }
6821a3ab-2990-4e96-ab8a-3e462046642e
බොලිවුඩයේ වඩාත් ආන්දෝලනයට ලක්වුනු චරිතයක් විදිහට සුරූපී නිළි සනී ලියෝන් හඳුන්වා දෙන්නට පුළුවන්. ඈ දැන් නිල් චිත්‍රපට කලාවෙන් සමුගෙන ඉන්නවා වුණත්, නිතරම වගේ සමාජ මාධ්‍යයේ කැපී පෙනෙන චරිතයක්. ඉතින් පසුගිය දවසක ඇය මාලදිවයිනේ සංචාරයක නිතර වෙලා තිබුණා. සාමාන්‍යයෙන් බොහෝ ඉන්දිය නිළියන් සිය නිවාඩුව ගත කරන්න එරටට යන එක සාමාන්‍ය දෙයක්. ඉතිං එහිදී ගත් ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කළා. මේ වනවිට ඒවා ප්‍රේක්ෂකයින්ගේ ආදරය සහ ආකර්ශනය දිනාගන්න සමත් වෙලා තියනවා.
බොලිවුඩයේ වඩාත් ආන්දෝලනයට ලක්වුනු චරිතයක් වන්නේ ?
{ "answer_start": [ 49 ], "text": [ "සුරූපී නිළි සනී ලියෝන්" ] }
18cdefa4-e51b-46b5-bbed-f31e3446656d
ගණ දෙවියන්ගේ මුලංකාවිල් කෝවිල හඳුන්වන්නේ මුලංකාවිල් පුල්ලෙයාර් කෝවිල කියලයි. කලින් සඳහන් කළා වගේ එල්ටීටීඊයේ මුලංකාවිල් නායකයන් මේ කෝවිල ගැන දැඩි ලෙස විශ්වාස කළා. එල්ටීටීඊයේ මොකක් හරි ප‍්‍රාදේශීය වැඩක් තිබෙනවා නම් මේ මුලංකාවිල් කෝවිලට ඇවිත් වන්දනාමාන කරලා වැඩේ පටන් ගැනීමේ පුරුද්දක් ඒ කාලේ එල්ටීටීඊයට තිබිලා තියෙනවා. ඇයි මෙච්චර මේ කෝවිල විශ්වාස කරන්නේ? මේ කෝවිල වටා ගෙතුණු පැරණි කතා ගොඩක් තිබෙනවා. මේ කෝවිලේ විශාල ළිඳක් තිබෙනවා. කොච්චර පෑව්වත් එහි වතුර හිඳෙන්නේ නැහැ කියලයි ගමේ උදවිය විශ්වාස කරන්නේ. මේ දිනවල උතුරට තද නියඟය. ළිං රැසක වතුර නෑ. බවුසරවලින් වතුර බෙදනවා. හැබැයි මෙච්චර පෑවිල්ලෙත් මුලංකාවිල් කෝවිලේ ළිඳේ වතුර හිඳිලා නෑ. තවමත් වතුර තිබෙනවා.
මෙම කෝවිල ගැන දැඩි ලෙස විශ්වාස කළේ කවුද?
{ "answer_start": [ 97 ], "text": [ "එල්ටීටීඊයේ මුලංකාවිල් නායකයන්" ] }
063e371b-47fd-4690-a5e5-002ce1360b7a
එක දිගට ගමන්ගන්නා ජිප් රථ සැබැවින්ම සොඳුරුම දර්ශනයකි. අපට පසුගිය දිනක මෙවන් අත්දැකීමක් ලබාගැනීමට හැකි වූ අතර ජීප් සවාරි පිළිබඳ ඔබට දැකගත යුතු කරුණුද බොහොමයකි. ජිප් සවාරියක් යාමේදී මූලිකව රජයේ හා සංචාරකයාගේ ආරක්ෂාව පිළිබඳ මූලිකව සිතා කටයුතු කළ බවත්, එය වගකීමෙන් ඉටුකිරීමට කැපවී සිටින හබරණ යුනයිටඩ් ජීප් සවාරි සංගමය කටයුතු කරන බව දැක ගැනීමට හැකි වුනා. මෙම සංගමය සතුව ජිප් රථ 40කට අධික ප්‍රමාණයක් පවතින බවත් සියලුම ජීප් රථ උසස් තත්ත්වයේ ජීප් රථ බවයි සඳහන් කළේ. ජීප් රථ රියදුරන් සියලු නීති රීති හරියාකාරව ඉටුකරන බවද එහි සභාපති කුමාර මහතා සඳහන් කර සිටියේ.
හබරණ යුනයිටඩ් ජීප් සවාරි සමාගම සතු ජීප් සංඛ්‍යාව කොපමණද?
{ "answer_start": [ 370 ], "text": [ "රථ 40කට අධික ප්‍රමාණයක්" ] }
7ee122bd-b2ba-47b5-b957-c8837b3bd5ed
ලෝකයේ කිසිම තැනක, අඩු වශයෙන් එහි තිඹිරිගෙය වූ කේරළයේ කොචින් ප්‍රදේශයේවත් දැනට දක්නට නොලැබෙන මීගමුව දූවේ ධීවර ගම්මානයට පමණක් සීමා වූ මෙම සාම්ප්‍රදායී ජන නැටුම් විශේෂය නැතිවීමට යා නොදිය යුතු නිසා, ලක්ෂ්මන් ද මැල් දූවේ තරුණයින් කණ්ඩායමකට ජවුසන් නැටුම පුරුදු කර අලුත් නැටුම් කණ්ඩායමක් බිහි කළේය. අතිශය දැඩි කතෝලික බැතිමතුන් පිරිසක් වන දූවේ ධීවරයෝ, තමන්ගේ ජීවිතයේ සෑම කටයුත්තකටම පල්ලිය සම්බන්ධ කර ගැනීමට අමතක නොකරති. අතීතයේ මෙන්ම දැනුද මෙම ජවුසන් නැටුම් කණ්ඩායම කිසියම් තැනක නැටුම් පැවැත්වීමට පිටත්ව යෑමට පෙර සින්ද්‍රාත්‍රි දේවමෑණියන්ගේ දෙව්මැදුර අබියසට පැමිණ යාච්ඤා කර ගරු පියතුමාගේ ආශිර්වාදය ලබා ගනිති.
කණ්ඩායමකට ජවුසන් නැටුම පුරුදු කර අලුත් නැටුම් කණ්ඩායමක් බිහිකළේ කව්ද?
{ "answer_start": [ 195 ], "text": [ "ලක්ෂ්මන්" ] }
39680ee3-8577-489d-89d0-be978c19d804
ඇත්තටම ඔහු ඔටුනු නොපළන් රජ කෙනෙකි, ධන කුවේරයෙකි. සැමටම නොව යාචකයන්ටය. රජු ධනය උපයන්නේ ඔබ අප යාචකයන්ට බැතිසිතින් දෙන රුපියල දෙකෙහි වර්තමාන යාචකයෝ නම් මේ කියන රුපියල දෙකට අතපාන්නේ නැත. ඔවුන් බලාපොරොත්තු වන අවමය රුපියල් 20 යි. ඕනෑම වර්ගයක යාචකයෝ හනිෆාගේ ගැන්සියේ සිටිති. සින්දුකාරයන් දෙනෙත් අඳ කුඩාවුන්, ආබාධිත ශරීරය පිළිස්සුණු, ගොළුවන්, සමාජ සේවකයන්, මහල්ලන්, මැහැලියන්, අත් පා අහිමිවූවන්, මෙකී නොකී සියලුදෙනාම ගැන්සියේ සාමාජිකයන් වෙති. කොපමණ හිඟාකෑවත් මොවුන්ට ලැබෙන්නේ දවසේ වැටුපකි. මීට අමතරව ලැබෙන මුළු සිඟමනෙන් සියයට 5 ක කොමිස් මුදලක්ද හිමිවේ. වැඩියෙන් වැඩ කළොත් අතට වැඩිපුර මුදලක් ලබාගත හැකිය. මේ හිඟන සමාජය තුළ හොරකමට වංචාවට ඉඩක් නැත. හනිෆාගේ සහචරයෝ දවස පුරාම ඒරියා එකේ විමසිල්ලෙන් පසුවේ. පිටින් බජාර් එකට පැමිණෙන හිඟන්නන් පලවා හරින්නේද නොඑසේ නම් රජු වෙත යොමුකරන්නේද? මේ සහචරයන් විසිනි. එසේම වෙනත් හිඟන සමාජවලින් එල්ල වන තර්ජන ගර්ජනයන්ට මුහුණ දෙන්නේද මේ සහචර පිරිසය. මේ අය මාස් පඩි කාරයෝ වෙති. එක් අයෙකුගේ වැටුප රු 50,000 ඉක්මවති. අපේ බොහෝ රාජ්‍ය සේවකයන්ට හා පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාවට මේ ආකාර වැටුපක් නැත. හිඟන්නන්ට නිවාඩු නැත. බරපතළම අසනීපයක් නම් රෝහල් ගත කෙරේ. ඒ පෞද්ගලික රෝහල්වලටය. ඒ හිඟන ඇඳුමෙන් නොව වැදගත් නෝනා මහතුන් මෙනි. සියලුම විය හියදම් රජතුමා ගෙනි.
ඕනෑම වර්ගයක යාචකයන් සිටින ගැන්සිය කාගේ ද?
{ "answer_start": [ 243 ], "text": [ "හනිෆාගේ" ] }
57114e5b-b573-4c0b-9122-8c8e132bbee0
පලාපල විස්තර දැන ගැනීම අඳුරේ යන කෙනකුට විදුලි පන්දමක් දෙනවා වැනිය. ගල් මුල්වල පය නොගැටී, වළවල්වල නොවැටී හරි පාරේ ගමන් කිරීමට විදුලි පන්දම උදව් වන ලෙස ජීවිතය හරි පාරේ ගෙන යාමට පලාපල විස්තරය උදව් කරගන්න. අනාගතයේදී වෛද්‍යවරයකු වෙතැයි කීවොත් එම ඉලක්කය කරා ළඟා වීමට උත්සාහ ගන්න. එසේ නැතිව නිකම් බලාගෙන සිටියොත් එම ඉලක්කය කරා ළඟා වීමට නොහැකි වනු ඇත. යම්කිසි කාලයකදී හදිසි අනතුරක් සිදුවේ යැයි කීවොත් ඒ කාලයේදී බොහෝ පරිස්සම් විය යුතුය. හදිසි අනතුරක් සිදුවන තුරු බලා නොසිටිය යුතුය. ඔබේ හඳහන බලවා ගැනීමට හොඳ ජ්‍යොතිර්වේදියකු තෝරා ගන්නේ කෙසේද? නැකතක් සාදවා ගැනීමට විශ්වාසවන්ත ජ්‍යොතිර්වේදියකු සොයා ගන්නේ කෙසේද? අද ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ජ්‍යොතිර්වේදීහු අපමණ සිටිති. එහෙත් ඔබ යා යුත්තේ හොඳ ජ්‍යොතිර්වේදියකු වෙතය.
ජීවිතේ හරිපාරේ ගෙන යාමට උදව් වෙන්නේ මොනවාද?
{ "answer_start": [ 175 ], "text": [ "පලාපල විස්තරය" ] }
7d2a32bf-954e-4013-8766-2b9dac227ff4
මාළිගාවත්තේ හිටපු පාතාල නායකයෙකු වු ෆාජිගේ ඥාති සහෝදරයෙක් වන රවුෆ් නමැත්තාට පසුගිය ජුනි 01 වැනිදා තවත් පාතාල කණ්ඩායමක් විසින් වෙඩි තබනු ලැබීය. මොහුට වෙඩි තබනු ලැබුවේ කංජිපානිගේ කල්ලිය විසින් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. මෙයටද මූලික හේතුව කුඩු ජාවාරමේ වෙළඳපොළ බෙදාගැනීමය. එසේම ෆාජි ජීවතුන් අතර සිටියදී රවුෆ් කංජිපානිට පහරදීම නයි වෛරයට නිධන්ගත හේතුව වී තිබේ. රවුෆ් තවමත් ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් බමුණුආරච්චිගේ රුක්ෂාන් නොහොත් උක්කුංද, මොහොමඞ් ෆවුෆිල් මොහොමඩ් නුක්කාං නොහොත් නුක්කාං, ඉමාමුල් හසන් නොහොත් අන්වර්, මොහොමඩ් යුසුප් හමීම් ඉෂාඩ් නොහොත් කුම්බාන් යන සැකකරුවන් සිව්දෙනා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනිණ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් වූයේ කවුරුන්ද?
{ "answer_start": [ 539 ], "text": [ "ඉමාමුල් හසන් නොහොත් අන්වර්" ] }
058b1bf2-6cbe-44b4-ae3b-41de85e2d664
ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් නිෂ්පාදනය කළා සිද්ධාර්ථ ගීත නාටකයක්. මේ නාට්‍යයේ රචනය හා ගීත ප්‍රබන්ධ කරලා තිබුණේ මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ බිරිය කුසුම් දිසානායක මහත්මිය. සිද්ධාර්ථගේ ප්‍රධාන චරිතය රඟපෑවේ ලක්ෂ්මන් විජේසේකර. බියට්‍රිස් යසෝධරාවගේ චරිතය රඟපෑවා. සංගීත නිර්මාණය කළේ ආදී ආනන්දියකු වූ විශාරද සදානන්ද පට්ටිආරච්චි මහතා. මම නාට්‍යයේ අත්වැල් ගායනයට සහභාගී වුණා. අපි නාට්‍ය හොඳට පුරුදු වුණා. මංගල දර්ශනය තිබුණේ විලියම් ගොපල්ලව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එදා නොසිතූ ලෙස ලක්ෂ්මන්ට ඇස් ලෙඩ හැදිලා ඇස් දෙක හොඳටම ඉදිමිලා. සංගීත අධ්‍යක්ෂක පට්ටිආරච්චි මහතා හොඳටම කලබල වෙලා. හදිසියට අඩුව පිරිමහන්න නළුවෙකුත් නැහැ. පට්ටිආරච්චි මහත්තයා මා ළඟට ආවා. රෝහණ මේ වෙලාවේ ඔයා අපිට උදව් කරන්න ඕනෑ. අපිට උදව්වක් හැටියට සිද්ධාර්ථ චරිතය රඟපානවාද? පට්ටිආරච්චි සර් බැගෑපත්ව ඇසුවා.
සිද්ධාර්ථ යනු කුමන වර්ගයේ නාටකයක්ද?
{ "answer_start": [ 55 ], "text": [ "ගීත නාටකයක්" ] }
31f554ea-34fd-4937-8b09-70d5b673c6e9
කැරලිකාර කණ්ඩායමේ නායකයා වූ බොම්බඩියර් වතුමුල්ලගේ ග්‍රේෂන් හර්බට් ප්‍රනාන්දු උපන්නේ සිංහල බෞද්ධ දෙමාපියන්ට දාව ය. ඔහුගේ පියා ලංකා ටෙලිග්‍රාෆ් කාර්යාලයේ අධිකාරිවරයා විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ප්‍රනාන්දු පසුව රෝමානු කතෝලික ආගම වැළඳගත්තේය. ලංකා සමසමාජ පක්ෂය ඒ වන විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව දේශප්‍රේමී අදහස් ප්‍රචාරය කරමින් සිටි අතර තරුණ ග්‍රේෂන් ප්‍රනාන්දුගේ සිත නිරායාසයෙන්ම සම සමාජ අදහස් තුළට නැඹුරු විය. එහෙත් ඔහු කිසිදා සම සමාජ පක්ෂයට බැඳුණේ නැත. දෙවැනි ලෝක යුද්ධයේ බ්‍රිතාන්‍ය සේනාංකයකට බැඳී පළමුව සීෂෙල්ස් දූපත්වලට යනවිට ද ලක්දිව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් කරගත යුතුය යන තමන්ගේම අදහස්වල ඔහු ගැලී සිටියේය. දෙවනුව ඔහු දෛවෝපගත ඉරණම සඳහා කොකෝස් දිවයිනේ සේවයට යන විට නිදහස් අදහස් වැඩි වී මිස අඩුවී තිබුණේ නැත
දෙවන ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍යය සේනාංකයට බැදී පළමුව ගියේ කුමන දූපත් වලටද?
{ "answer_start": [ 540 ], "text": [ "සීෂෙල්ස් දූපත්වලට" ] }
47776ec1-2d43-4230-b061-7c2ecca01a8a
මේ වන විට ජනප්‍රිය සංචාරක සහ සංරක්ෂණ මධ්‍යස්ථාන බවට පත්ව ඇති කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම විධිමත් කිරිමට රජය තීරණය කර තිබේ. පෞද්ගලික කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යාම තවදුරටත් විධිමත් කර ඒවා වනජිවි දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරිමට පියවර ගෙන ඇත. වාර්ෂික බලපත්‍ර ක්‍රමයක් යටතේ මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට අවසර ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමී වී තිබේ.
පෞද්ගලික කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන ලියාපදිංචි කටරන්නේ කුමන දෙපාර්තමේන්තුව යටතේද?
{ "answer_start": [ 208 ], "text": [ "වනජිවි දෙපාර්තමේන්තුව යටතේ" ] }
c4d79c90-5799-4e74-9fe9-8a8b9c44244b
එවකට අරණායක පොලිසියේ සේවය කරන ලද පෙරමුණ නැමැති ස්ථානාධිපතිවරයා විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ සිට පැමිණි අසුපිනි ඇල්ල සහ මා ඔය පරීක්ෂණ කටයුතු කරන ලද පිරිසකට අසුපිනි ඇල්ල ප්‍රදේශයේ ජීවත් වන අබේරත්න මහතාගේ නමද යෝජනා කර තිබුණේ මේ සම්බන්ධයෙන් එම පැමිණි කණ්ඩායමට තොරතුරු මාර්ග හා විස්තර රැසක් එතුමා පැහැදිලිව දන්නා නිසාවෙනි. එම පරීක්ෂණ කණ්ඩාම ගිය බොහෝ ස්ථානවලට කැඳවා ගෙන යාමේ මාර්ග උපදේශකයා අබේරත්න විය. ඒම පරීක්ෂණ සිදු වන විට අබේරත්න මහතාට වයස අවුරුදු 32 ක් පමණ වෙයි. උතුවන්කන්දේ සිට ආරම්භ කරපු මේ අසුපිනි ඇල්ල තෙක් එම පරීක්ෂණ කටයුතු සිදු කළා. උතුවන්කන්ද ගල උඩට අසුපිනි ඇල්ල හොඳින් පේනවා. උතුවන්කන්ද එදා නිජ බිම කර ගත් සූර සරදියෙල් ද අසුපිනි ඇල්ලට සෙනෙහස ආදරය දැක්වූ පුද්ගලයකු ලෙස ඔවුන් විශ්වාසය පළ කළා. උතුවන්කන්දේ සිට බලන විට ඔහුට නිතරම පෙනුණේ අසුපිනි ඇල්ල. අදටත් අසුපිනි ඇල්ල සුන්දර විදිහට උතුවන්කන්දට ඈතින් පෙනෙනවා.
අබේරත්න ජීවත් වූයේ කොහෙද?
{ "answer_start": [ 155 ], "text": [ "අසුපිනි ඇල්ල ප්‍රදේශයේ" ] }
6fcae056-9bb2-46b5-ae1a-49bdf7a491bd
1950 දශකයේ දි තොප්පිය පිරිමි ඇඳුම්වල අනිවාර්ය අංගයක් වී තිබිණි. නමුත් එහි අවශ්‍යතාව වූයේ හිසේ ආරක්ෂාව තහවුරු කිරීම, හිස ආවරණය කරගැනීම නොව විලාසිතාමය අලංකාරයක් ලබාගැනීමයි. කළු පැහැති උසැති තොප්පි මේ කාලයේ බෙහෙවින් ජනප්‍රිය වී තිබිණි. එය මැජික් තොප්පියට සමාන ආකාරයෙන් දිස්වන අතර තොප්පිය සමඟ සැරයටියක් ද අතින් ගැනීම යුරෝපයේ ප්‍රභූවරුන් අතර ජනප්‍රිය විලාසිතාවක් විය. තොප්පියේ උස ඒ ඒ පුද්ගලයන්ගේ උස වැඩියෙන් හුවා දැක්වීමට ද හේතුවක් වූ බැවින් එකළ මේ උසැති තොප්පිය වඩාත් ජනප්‍රිය විය. නමුත් දැන් ඒවා භාවිතා වන්නේ කලාතුරකිනි. නමුත් මේ තොප්පි තවමත් නිෂ්පදානය වෙයි. ඒවා විශේෂ උත්සව අවස්ථාවල දී පමණක් භාවිතයට ගනු දක්නට ලැබෙන්නකි. ඇතැම් මංගල උත්සවවල දී මෙන්ම ප්‍රිය සම්භාෂණවලදී ද දක්නට ලැබෙයි.
මේ කාලයේ ජනප්‍රිය වූ තොප්පි වර්ගය කමක්ද ?
{ "answer_start": [ 171 ], "text": [ "කළු පැහැති උසැති තොප්පි" ] }
33b034f8-faa4-426a-a09b-b779bee849f3
පළවෙනි මාසේ අපිව වගාවලට යෙදෙව්වා. ක්‍රීඩා කෙරෙව්වා. සින්දු කියන්න යොමු කළා. තමන්ගේ හැකියාවන් අඳුන ගන්න අවස්ථාව හදලා දුන්නා. ඊට පස්සේ දෙවැනි මාසේ දේශන තිබ්බා. ඇත්තටම අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලේ සර්ලා ඇවිත් කරපු දේශනවලින් තමයි මත්ද්‍රව්‍ය ගැන අපි හරියටම ඉගෙන ගත්තේ. සික් එක කියන්නේ මොකක්ද කියලා වෛද්‍යවරු අපිට ඉගැන්නුවා. අපි හිතාගෙන ඉන්න දේවල් ගොඩක් වැරදි බව මෙතනදී තේරුම් ගියා. මම ජීවිතේට හිතුවේ නැහැ විපස්සනා භාවනාව වගේ දෙයක් මට කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් විශ්වාස කරන්න මිස් මම දැන් හොඳට භාවනා කරනවා. මට දැන් හිත එක්තැන් කරගන්න පුළුවන්. ලබන මාසේ මම සේනපුර යනවා. එතනදී අපිට වෘත්තීය පුහුණුව දෙනවාලු. ඒකත් කරගෙන ගෙදර ගිහින් රස්සාවක් කරගෙන හොඳින් ජීවත් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව.
පලවෙනි මාසයේ ඔවුන්ට අවස්ථාව ලබා දුන්නේ මොනවටද ?
{ "answer_start": [ 76 ], "text": [ "තමන්ගේ හැකියාවන් අඳුන ගන්න" ] }
03cf16f4-91d1-4266-b8a5-5aa5cfa9d7cb
එම යෝජනාව උඩරට වැවිලිකරුවන්ගේ නොසතුටට හේතු විය. දිගින් දිගටම යටත් විජිත රජය උඩරට ප්‍රවාහන ගැටලුවට මුහුණ දෙන්නට විය. දවසින් දවස කමිටු පත්කරමින් විසඳුම් සෙවුවද අවසානයේ වැවිලි භෝග කොළඹ ගෙන ඒමේ ප්‍රවාහන ගැටලුව ගැටලුකාරී වූවා පමණය. නැවතත් රේල්ලුව කෙරෙහි අවධානය යොමුවෙන්නට වූයේ ඒ අනුවය. නැවත ටෙන්ඩර් කැඳවීම ඇරඹිණි. ඒ අනුව එෆ්. ෆැවියෙල් නම් කොන්ත්‍රාත්කරුගේ ටෙන්ඩරය තෝරාගෙන ඔහු සමඟ කොන්ත්‍රාත්තුවකට අත්සන් කිරීමට ලංකා රජය තීරණය කරනුයේ රේල්ලු සිහිනය තවදුරටත් සිහිනයක් නොවන ලෙසටය. ඔහු ඉන්දියානු දුම්රිය සේවය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් හසළ අත්දැකීම් තිබූ අයෙකි. වර්ෂ 1862 නොවැම්බර් මස 22 දා ෆැවියෙල්ගේ කොන්ත්‍රාත්තුව නිල වශයෙන් පිළිගැනුණු අතර ඔහුව ඉක්මනින් ලංකාවට ගෙන්වා ගැනීමට සියලු කටයුතු සූදානම් කෙරුණි. ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරු වූයේ පෙර කොන්ත්‍රාත්තු සමාගමේ මෝල්ස්වර්ත් මහතාය.
ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරු වුයේ කවුද ?
{ "answer_start": [ 755 ], "text": [ "මෝල්ස්වර්ත් මහතාය" ] }
d75becf5-e5da-40af-ab33-b4fc5c57b099
ඕනෑම රෝගයකට ගොදුරු වන මිනිසා තමන්ගේ ලෙඩ භාර දියයුතු වන්නේ වෛද්‍යවරයෙකුට විනා රොඩී දැහැන් නීචකුල බන්ධන කරන මෑණීවරුන්ට හෝ පියවරුන්ට හෝ ලෙඩ සුවකරන වේශධාරී කෛයිරාටික පුද්ගලයෙකුට නොව සැබෑ වෛද්‍යවරයෙකුටය. දුර අතීතයේ සිටි වෛද්‍යවරුන් කිසිම විටෙක රෝගියාගෙන් ගුරු පඬුරක් ගන්නවා හැරුණු විට අසාධාරණ ගාස්තු අය කළේ නැත. ඔවුන් තුළ තිබුණේ රෝගීන් සුවකිරීමේ කාරුණික ගුණාංගයක් පමණකි. අසවල් දොස්තර මහත්තයාගේ, අසවල් දොස්තර නෝනාගේ කතාවෙන්ම ලෙඩ සනීප වෙනවා. පුදුම අත්ගුණයක් තියෙන්නේ. වැනි වදන් පවසන රෝගීන් අපි දැක ඇත්තෙමු. මෙවැනි ගුණාංගයන් මැස්මරිසම් ප්‍රගුණ කරන සෑම කෙනෙකුටම ඇති කරගැනීමට පිළිවන් බව එම ශාස්ත්‍රධාරීන්ගේ පිළිගැනීමකි.
අතීතයේ වෛද්‍යවරුන් රෝගියාගෙන් ගත්තේ මොනවාද ?
{ "answer_start": [ 250 ], "text": [ "ගුරු පඬුරක්" ] }
7ccf28d7-4ea7-49a2-9b08-970d4d991841
කටක ලග්න හිමියන්ගේ කේන්දරයේ දොළෙස්වැන්නේ රවි සමග බුධ ගමන්කරන විට ගුරු හතර වැන්නේ ගමන් කරයි. විදේශ ගමන්වලට සුබ වේ. විදේශ රැකියා ලාභ හිමි වේ. ස්වයං රැකියා වලින් ලාභ බලාපොරොත්තු විය හැක .මෙම කාල සීමාවේදී උසස් කෙනෙකු හෝ රැකියා ප්‍රධානියෙකු අමනාප වීමට ඉඩ තිබේ. පවුලේ කටයුතුවලට අමතර වියදම් දැරීමට සිදු විය හැකියි. කතාව නිසාද පාඩු සිදු වීමට හැකියි. ලිය කියවිලිවලට අත්සන් තබන විට කල්පනාකාරී වන්න. අසල්වැසියන් ද අමනාප වීමට ඉඩ ඇත. මේ අතර ඇස්වල ආබාධ ඇති විය හැකියි. සිංහ ලග්න හිමියන්ගේ කේන්දරයේ සියලුම ලැබීම් පෙන්වන එකොළොස් වැන්නේ ලග්නාධිපති රවි සමග බුධ ගමන් කරන විට ගුරු තුන්වැන්නේ ගමන් කරයි. ආදායම් තත්ත්වය යහපත් වේ. අලුතින් ව්‍යෘපාර ආරම්භ කිරීමට තිබූ බලාපොරොත්තු ඉටු වේ. අලුත් උසස් බුද්ධිමත් මිතුරන් හඳුනා ගැනීමට හැකි වේ. මේ අතර රැකියා කටයුතුවලදී උසස් අයගේ ප්‍රශංසා හිමි වේ. සමාජ සේවා කටයුතුවලදී ප්‍රමුඛත්වය හිමි වේ. මේ අතර අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. වැඩිමහල් සහෝදරයකුට සුබයි. කෙටි ගමන් බිමන් අධික වේ. ආගමික කටයුතුවලට සිත යොමු වේ.
සිංහ ලග්න හිමියන්ගේ කේන්දරයේ සියලුම ලැබීම් පෙන්වන්නේ කී වැන්නේද
{ "answer_start": [ 505 ], "text": [ "එකොළොස් වැන්නේ" ] }
7de1dfb3-a2bc-4609-bb4d-7c2c415cfc8f
දාසයෙකු සහ දාසියෙකු විසින් සඟ රුවන වෙත ලෙනක් පූජා කිරීමක් එයින් කියැවේ. මෙහි දැසි දස් යනු උපස්ථායක සහ සාත්තු සේවිකා යන පිරිස් වෙති. පිදුරංගල සෙල්ලිපියකින් ද දාසි ස්ත්‍රියක් ලෙනක් පූජා කිරීම ගැන සඳහන් වෙයි. එහි ඇගේ ස්වාමි පුරුෂයාගේ මෙන්ම පියාගේ නම ද සඳහන් කර ඇත. මෙයින් පැහැදිලි වන්නේ පැරණි කාලයේ සිටම මෙරට දැසි දස්සන්ට මෙන්ම ස්ත්‍රීන්ට ද දේපොලවලට මෙන්ම මුදල් වලට ද ස්වාධීන අයිතියක් තිබූ බවයි. සැස්සේරුව ශිලා ලිපි දෙකක නැට්ටුවන් හෙවත් නාට්‍ය ශිල්පීන් ලෙන් පූජා කිරීමක් පිළිබඳව සඳහන් වෙයි.
දාසි ස්ත්‍රීයක් ලෙනක් පූජා කිරීම ගැන සදහන් සෙල්ලිපිය කුමක්ද?
{ "answer_start": [ 132 ], "text": [ "පිදුරංගල" ] }
12f9c9a9-5ff0-4e72-8442-203cd477b965
අධි උෂ්ණත්වය භාවිත කර තේ වියළීම වෙනුවට වායු සමීකරණ තාක්ෂණය යටතේ තේ දළු වියළීමේ අලූත් යන්ත‍්‍රයක් නිපදවීමට පාදුක්ක වටරැක නව නිර්මාණකරුවෙක් සමත්වී සිටී. මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමාධාරියකු වන ඔහු නමින් සෙනරත් සමන්තිලක ය. දැනට සිදුකෙරන්නේ සෙල්සියස් අංශක 100 ත් 120 ත් අතර අධි උෂ්ණත්වයක් යටතේ තේ දළු වියළා ගැනීමය. එහිදී තේ දළුවල ඇති රසය, ගුණය මෙන්ම නියමිත වර්ණයද වෙනස් වෙන අතර මෙම නව වායු සමීකරණ තාක්ෂණය යටතේ නිපදවූ යන්ත‍්‍රයෙන් තේවල ඇති ගුණාංග නිසි පරිදි ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබේ. ලොව කිසිම නිෂ්පාදයකයකුට සොයාගැනීමට නොහැකිවූ මෙම තාක්ෂණය තමාට සොයාගැනීමට හැකිවූයේ වසර 10 ක් පමණ සිට තේ කර්මාන්තයේ නියැළීමත් ඒ හා බැඳුණු නව පර්යේෂණ සොයායෑම බවත් සෙනරත් පවසයි.
අධි උෂ්ණත්වය භාවිත කර තේ වියළීමේ අවාසියක් වන්නේ ?
{ "answer_start": [ 338 ], "text": [ "දළුවල ඇති රසය, ගුණය මෙන්ම නියමිත වර්ණයද වෙනස්" ] }
a6ceb125-8f54-490e-80ed-7858e3538337
ඉංගිරිසි හෝඩියේ ඇති අකුරක් නමින් ලංකාවේ පාරක් නම් කොට ඇති ඉපැරණිම පාර කිව් රෝඩ් ය. මෙම පාරේ වයස අවුරුදු 208කි. ලංකාවේ උද්භිද උද්‍යාන ඉතිහාසය සොයා ගෙන යෑමේ දී ලංකාවේ මුල්ම උද්භිද උද්‍යානය බිහි වී ඇත්තේ අද කොම්පඤ්ඤ වීදිය නමින් හැඳින්වෙන ප්‍රදේශයේය. එය 1810 දී පිහිටුවා ඇත්තේ බ්‍රිතාන්‍ය රාජකීය කොමිසමක් මගිනි. උද්‍යානයේ භූමිය අක්කර හතක් පුරා විහිදී තිබී ඇත. සුද්දන් කිව් පාර්ක් එකට යන පාර හඳුන්වා ඇත්තේ කිව් රෝඩ් ලෙසය. 1815 දී කොළඹ මේ කියන කිව් පාර්ක් එක ඉන් ඉවත් කොට ගෙන ගොස් ඇත්තේ කළුතර උග්ගල්ගොඩ ප්‍රදේශයටය. නමුත් උද්භිද උද්‍යානයක් පිහිටුවීමේ පරිසර වාර්තාවෙන් පෙනී ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ උද්භිද උද්‍යානයක් පිහිටු වීමට නුසුදුසු බවය. ලංකාව පුරා කරන ලද හැදෑරීම්වලින් පසුව එම උද්භිද උද්‍යානය පිහිටු වීමට පේරාදෙණිය රාජකීය උද්‍යානය පිහිටි භූමිය ඒ සඳහා තෝරා ගෙන ඇත.
ලංකාවේ මුල්ම උද්භිද උද්‍යානය පිහිටුවා ඇත්තේ කවදාද?
{ "answer_start": [ 250 ], "text": [ "1810 දී" ] }
50c9e98c-536a-4afd-8de6-a9f6d8c4f8a0
මීට පසුව මෙම කටයුත්ත සඳහා ඉදිරිපත් වූයේ වේපත ඉර සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පැවිදි සොහොයුරු වල්පිට මේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේය. උන්වහන්සේ 1878 දී හතරැස් කොටුවේ ධාතු නිධානෝත්සවයද කොට 1889 දී චෛත්‍ය රාජයන් වහන්සේගේ ඉතිරි වැඩ කොටස නිමාවට පත් කළ බව පොත්පත්වල සඳහන් වේ. උන් වහන්සේගෙන් තිස්සමහාරාම මහා සෑයේ දියුණුව සඳහා සැලසුණු සේවාව උදාරය. මෙහි දියුණුව කෙතරම්ද යත්, එවකට ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ සර් ජේම්ස් රොබට් ලින්ටන් නැමැත්තා 1882 දී තිස්සමහාරාමයට පැමිණි අවස්ථාවේ වල්පිට මේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙහි අධිපතිකමට පත් කරන ලද අතර, තිස්සමහාරාමය හා සඳගිරි වෙහෙරද යන උභය විහාරයම සියම් සමාගමට පැවරීමද සිදුකර තිබේ. මෙයින් අපට පැහැදිලි වන්නේ එතුමා අබෞද්ධයෙකු වුවත්, මෙහි ඓතිහාසික වැදගත්කම තේරුම් ගත් බවය. ක්‍රි.ව.1895 දී වල්පිට මේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ජේ.ඒ.අමරසිංහ හා ඩී.ඇම්.ඇම්.ජයවික්‍රම යන මහතුන්ගේ සහායෙන් දේවතා කොටුවේ ධාන නිධානෝත්සවය සිදුකර ඇත. මින් පසුව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ලේ කටයුතු ආරම්භ කළ යුතු විය. මේ සඳහා 1897 දී තිස්සමහාරාම විහාර කාර්ය සාධක සමිතිය බිහි වී ඇත. මේ මගින් කොත් කැරැල්ලේ කටයුතු නිමවා ක්‍රි.ව.1900 දී කොත් පැලඳවීම ද සිදු කරන ලද අතර, ඒ සඳහා එම වර්ෂයේම පොසොන් පුර පසළොස්වක පොහොය යොදාගෙන තිබේ. කොත මුදුනේ පැලඳ වූ සිළුමිණ බෝහිමියාවෙන් ගෙන්වන ලද රක්ත වර්ණ දියමන්තියක් බව අතීත තොරතුරු ඔස්සේ වාර්තා වේ.
චෛත්‍ය රාජයන් වහන්සේගේ ඉතිරි වැඩ කොටස නිමාවට පත් කලේ කවදාද?
{ "answer_start": [ 187 ], "text": [ "1889 දී" ] }
2b3c4948-5120-4104-a2b5-5569bb96628f
2000න් පසු කාලයේදී විවිධ රටවල ආධාර උපකාර ඇතිව මෙය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් බවට පත් වෙලා තිබෙනවා. මෙයට බිහාර් රජයත් මධ්‍යම ආණ්ඩුවත් ලොකු සහයෝගයක් දෙනවා. දැනටත් මෙහි ලාංකික භික්‍ෂූන් වහන්සේ මෙන්ම ලෝකයේ විවිධ රටවල භික්ෂූන් වහන්සේ අධ්‍යාපනය ලබනවා. ඒ වගේම පර්යේෂණ පවත්වනවා. විහාරයේ අගනුවර පැටිනා, බුද්ධගයාව වඳින්න යන අයට කෙටි වේලාවකින් නාලන්දාව බලන්න යා හැකියි. මෙහි පුස්තකාලය වගේම භික්ෂූන් වහන්සේ සිටි ගොඩනැගිලිවල නටබුන් තිබෙනවා. අදට දියුණු වෙමින් පවතින ස්ථානයක් බිහාරය. වර්තමාන දියුණුවට ඉන්දීය රජය ලොකු අනුග්‍රහයක් දක්වනවා.
බුද්ධගයාව වදින්න යන අයට කෙටි වෙලාවකින් බලන්න යා හැක්කේ කුමක්ද
{ "answer_start": [ 334 ], "text": [ "නාලන්දාව" ] }
529a16cc-baf6-4225-a6aa-5a00bfe9ab55
අපි ටයිටැනික් පිටත්වුණු ලංඩන් සවුත්හැම්ප්ටන් වරායෙන් පිටත්වුණේ සුඛෝපභෝගී සුවිසල් මගී නෞකාවක බටහිර යුරෝපයේ හා ස්කැන්ඩිනේවියානු රටවල සතියක මුහුදු සවාරියක් සඳහා. අපේ සමුදුරේ පළමු රාත්‍රිය ගෙවී ගියා සතුටින්. කපිතාන්වරයා අපි පිළිගන්න උත්සවය තමයි විශේෂම සිද්ධිය. රාත්‍රියේ සුව නින්දකට පසු අප ඇහැරෙන විට හැර තිබූ ජනෙල් තිර අතරින් අපි දැක්කේ මහා සමුදුර නොව බොහෝ ගොඩනැගිලියි. අප සුවසේ බ්‍රසල්ස් වරායට සේන්දු වී ඇත. අප සුව නින්දේ සිටියදී නෞකාවේ කාර්ය මණ්ඩලය කෙතරම් දේවල් කළමනාකරණය කරන්න ඇත්ද? අපි උදේ ආහාරයෙන් පසු ඓතිහාසික බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර පැය 3ක සංචාරයක් සඳහා බස්වලට නැගිය යුතුය.
අපි ටයිටැනික් පිටත්වුණු ලංඩන් සවුත්හැම්ප්ටන් වරායෙන් පිටත්වුණේ කුමක නැගීද?
{ "answer_start": [ 63 ], "text": [ "සුඛෝපභෝගී සුවිසල් මගී නෞකාවක" ] }
df35bc67-4905-479e-b395-8f404bb15115
සතියේ සෑම දිනකම පහේ දෙස්-විදෙස් සංචාරයෝ මෙම ඉසව්වේ සැරි සරති. සමහර අවස්ථාවලදී වනයේ සැරි සැරීමට අවශ්‍ය වන සෆාරි ජීප් රථ ලබාගැනීමට බෝහෝ වෙලා රැදී සිටීමටද සිදුවේ. මීගමුව, කල්පිටිය වැනි ප්‍රදේශන්හි සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන හෙයින් ත්‍රාසය කැටිවූ වනගත චාරිකාවක අත්දැකීම ලබාගැනීමටද සංචාරකයන් මෙම ඉසව්වට පැමිණෙති. ඔබ මෙහි යන්නේනම් ඔබ රැගෙන යන පොලිතීන්, ප්ලාස්ටික් ද්‍රව්‍ය වනාන්තරය තුළ නොදැමීමට වග බලා ගන්න. එමෙන්ම සත්වයෙක් දුටු විට කෑ කෝ ගැසීමකින් තොරව ඔවුන්ව නිරීක්ෂනය කරන්න. පරිසරයට සහ සතුන්ට හානියක් නොවන අයුරින් හැසිරෙන්න. සංචාරක බංගලාවන්හී නවාතැන් ගන්නේ නම් එහි යන්නට මත්තෙන් බත්තරමුල්ලේ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට ගොස් ඊට අදාල වෙන්කරවා ගැනීම් සිදුකරගන්න. විශේෂයෙන් මාර්ගෝපදේශකයන්ගේ බහට අවනත වී විනීත ලෙස හැසීරීමට කටයුතු කරන්න.
වනජීවී සංරක්ශන දෙපාර්තමේන්තුව පිහිටියේ කොහේද?
{ "answer_start": [ 578 ], "text": [ "බත්තරමුල්ලේ" ] }
c5e210cc-f17b-4a8e-9179-e2747b7f36db
සර් සොලමන් ගැන ඇති ප්‍රකට මතයක් නම් එතුමාගේ දේහය තැන්පත් කොට ඇත්තේ කෙලින් අතට නුවර පාර දෙය බලා සිටින ලෙස බවය. මේ සොහොන් කොත එතුමා ගොඩනගා ඇත්තේ මියයාමට දහතුන් වසරකට පෙරදීය. මෙය සත්‍යයක් ලෙස අදහන අය අදත් සිටින අතර අවමංගල්‍යයට සහභාගි වූවකුගෙන් සත්‍ය දැනගත හැකිය. සර් සොලමන් උපන්නේත් මියගියේත් යටත් විජිත වැසියකු ලෙසය. ඔහු සිංහල ජනතාව සදා වීරයකු වන්නේ ඔහු ජීවත්ව සිටියදීම කොළඹ හතේ ඔහුගේ පිළිරුවක් යටත් විජිත ආණ්ඩුව ගොඩනැගිම නිසාය. හිරු නොබසින අධිරාජ්‍යයේ මහ රාජනි වික්ටෝරියා රැජින පවා සර් සොලමන්ට ගෞරව සම්මාන දැක් වූ බව ද බකිංහැම් මාලිගයේ එතුමන්ට වෙන් කළ කාමරයක් වූ බවද කලක් ප්‍රකටව පැවති කරුණකි. එහෙත් එතුමාගේ අභාවයෙන් පසු මේ කුටියට සිදු වූ දෙයක් ගැන කිසිදු ලිඛිත සටහනක් නැත.
සර් සොලමන්ට ගෞරව සම්මාන දැක් වූයේ කවුද?
{ "answer_start": [ 460 ], "text": [ "වික්ටෝරියා රැජින" ] }
0a17fdb8-3f44-44d3-a07d-ff9a68a831c6
බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුම්බායි මත්ද්‍රව්‍ය වැටළීම් අංශයේ නිලධාරී සමීර් වන්කඩේ එම විමර්ශන කටයුතුවලින් ඉවත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සමීර් වන්කඩේ විමර්ශන කටයුතුවලින් ඉවත් කර ඇත්තේ විමර්ශනය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වෙද්දීය. එම අනාවරණයත් සමඟ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ඇමැතිවරයකු ද ෂාරුක් පුතු ආර්යන් අත්ඩඅංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් සමීර් වන්කඩේ විවේචනයට ලක් කළේය. මුම්බායි යනු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අගනුවරය.ආර්යන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමේ සාක්ෂිකරුවකු ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක් සමීර් වන්කඩේ විමර්ශනවලින් ඉවත් කළේ යැයි අනාවරණය වී තිබේ. මුම්බායි මත්ද්‍රව්‍ය කාර්යාංශය, මුලින් සාක්ෂිකරුවකු ලෙස නම් කළ ප්‍රභාකර් සේල් නැමති එම සාක්ෂිකරු පවසා ඇත්තේ ආර්යන් ඛාන් අත්අඩංගුවට ගෙන සුපිරි නළු ෂාරුක් ඛාන්ගෙන් ඉන්දීය රුපියල් කෝටි 25 ක කප්පමක් ලබා ගැනීමට මුම්බායි මත්ද්‍රව්‍ය වැටළීම් අංශයේ නිලධාරීන් උත්සාහ කළ බවය.
බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් අත්අඩංගුවට ගත්තේ ඇයි ?
{ "answer_start": [ 44 ], "text": [ "මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන්" ] }
f067dbbb-a6af-43f3-9ab0-1acbc7190f09
සමුද්‍ර කෞතුකාගාරය ප‍්‍රථමයෙන් ම 1992 වර්ෂයේ මැයි මස 9 වන දින සිට දේශීය විදේශීය නරඹන්නන් සඳහා විවෘත කෙරුණද 2004 සුනාමි ව්‍යසනයත් සමඟ මෙම කෞතුකාගාරය සම්පූර්ණයෙන් ම විනාශයට පත් ව ඇත. සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වූ නෙදර්ලන්ත – ශ‍්‍රී ලංකා සහයෝගිතා වැඩසටහනෙන් ලද මූල්‍යාධාර මඟින් ප‍්‍රතිනිර්මාණය වූ සමුද්‍ර කෞතුකාගාරය 2009 මැයි මස 18 දා නැවත මහජනතාව වෙනුවෙන් විවෘතව ඇත.ගාල්ල සමුද්‍ර කෞතුකාගාරයේ ඇති කෞතුක භාණ්ඩ ලෙස අතීත සාම්ප්‍රදායික ධීවර ආම්පන්න, පැරණි ලක්දිව පැවති ඔරු විශේෂයන්වල ආකෘති, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත්ව තිබූ ප්‍රථම යුධ නෞකාව වූ විජය නෞකාවේ සුක්කානම ආදී තවත් කෞතුක වස්තූන් රැසක් දැක බලාගත හැකිය. මෙහි ඇති එක් සුවිශේෂී ඔරු විශේෂයක අනුරුවක් පිළිබඳ මේ ආකාරයේ විස්තරයක් ඇත. මහ ඔරු ලෙසද දක්වා ඇති මෙම යාත්‍රාවන් ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ඔරුවල දිගුවක් විය. මෙම යාත්‍රා විශේෂය අතීතයේදී ගැඹුරු මුහුදේ යාත්‍රා කිරීමට භාවිතා කර තිබේ. මෙම යාත්‍රා විශේෂය මගින් රට රටවල් අතර භාණ්ඩ හා මගීන් ප්‍රවාහය කිරීම සිදුව ඇතිබව සඳහන්ය.
මෙම කෞතුකාගාරය සම්පූර්ණයෙන් ම විනාශයට පත් වුයේ ඇයි ?
{ "answer_start": [ 107 ], "text": [ "2004 සුනාමි ව්‍යසනයත් සමඟ" ] }
034da2b7-8b8d-4ea2-83c1-52c34571d683
මේ වත්තේ කාමන් දේවාලයක් තියෙනවා. දැන් වගේම ඉස්සරත් කාමන් දේවාලයේ උත්සව තිබුණා. ඒ උත්සව දවස්වලට දේවාලයේ ලයිට් පත්තු කරගන්ට පැක්ටරියෙන් කරන්ට් දුන්නා. පැක්ටරියට උඩින් තියෙන කන්දේ ටැංකියක් හදල තියෙනවා. ඒ ටැංකියේ උස දිග පළල අඩි 12 ගානෙ තියෙන්නේ. ටැංකියට වතුර ලැබෙන්නේ පහළට ගලාගෙන එන ඔයේ ඉහළ කොටසෙන්. ටැංකියේ ඉඳලා පැක්ටරියට බට හයි කරල තියෙනවා. ඒ බට දිගේ එන වතුරෙන් පැක්ටරිය ඇතුළෙ තියෙන පෑන් එක කැරකෙරනවා. පෑන් එක කැරකෙනකොට ඩයිනමෝ එකෙන් කරන්ට් හැදෙනවා. 1974 මැයි 14 වෙනිදා තේ වත්තයි පැක්ටරි එකයි රජයට ගත්තා. තේ වත්ත පාලනය කරන්ට රජයෙන් දාපු මහත්තුරු තේ වතුවල වැඩ ගැනවත් පැක්ටරියෙ වැඩ ගැනවත් මොනවත් දන්නෙ නෑ. රජයට ගත්ත දවසෙ ඉඳල තේ වත්තයි පැක්ටරි එකයි දවසෙන් දවස විනාශ වුණා.
ටැංකියේ උස දිග පළල අඩි කීයද ?
{ "answer_start": [ 220 ], "text": [ "අඩි 12" ] }
849096a9-3387-47f2-aa89-0203a4c51839
ඒ නිවස ආශ්‍රිතව අද නුවරඑළියට අභිමානයක් ගෙන දෙන විශාල මහ හෝටලය වූ ග්‍රෑන්ඩ් හෝටලය නිර්මාණය වී ඇත. අද ද එම හෝටලයේ ශාලාවක් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා නමින් නම්කොට ඇත්තේ බාන්ස් ආණ්ඩුකාරවරයාට ගෞරවයක් ලෙසය. ඒ සම්බන්ධව 1941 අප්‍රේල් 26 දින රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී සාකච්ඡාවට භාජනය වී ඇති බව ඉතිහාස පොතපත උපුටා දක්වයි. කෙසේ වුවත් 1828 දී බාන්ස් ආණ්ඩුකාරවරයා ඇරඹූ නුවරඑළිය නගරයක් ලෙස දියුණු කිරීමට ඍජු ලෙස මැදිහත් වූ තවත් පුද්ගලයෙක් වේ. දේශ ගවේෂකයෙකු ලෙස යටත් විජිත රාජ්‍යයන්හි ඇවිද ගිය සර් සැමුවෙල් බේකර් නමැති ඉංග්‍රීසි ජාතිකයාය. පළමු වරට 1846 දී ශ්‍රී ලංකාවට පැමිණ අක්කරයක් සිලින් 20 බැගින් ගෙවා නුවරඑළිය තුළ අක්කර 1000ක ගොවිපොළක් 1848 දී ඔහු ආරම්භ කර ඇත.
නුවරඑළිය නගරයක් ලෙස දියුණු කිරීමට මැදිහත් වූ තවත් පුද්ගලයෙක් වන්නේ කව්ද ?
{ "answer_start": [ 477 ], "text": [ "සර් සැමුවෙල් බේකර්" ] }
6c1c6f44-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
කැසිනි අභ්‍යාවකාශ යානය මගින් ලබාගත් සෙනසුරු ග්‍රහයාගේ වළලුවල දීප්තිමත් පැත්තේ ඡායාරූප කිහිපයක් නාසා ආයතනය මගින් නිකුත් කර ඇත. නාසා ආයතනය පවසන්නේ ‘කැසිනි‘ මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ සෙනසුරුට සැතපුම් 620 000ක් දුරින් සිට බවයි. 2004 වර්ෂයේ සෙනසුරු ග්‍රහයා ආසන්නයේ කක්ෂගත වූ කැසිනි අභ්‍යවකාශ ශටලය සෙනසුරු ග්‍රහයාගේ හා එහි චන්ද්‍රයන්ගේ ඡායාරූප හා වීඩියෝ විශාල සංඛ්‍යාවක් පෘථිවියට එවා ඇත. කෙසේ වුවද නාසා ආයතනය පවසන්නේ කැසිනි ෂටලයේ ඉන්ධන අවසන් වී ඇති බැවින් නුදුරු දිනයකදී එය සෙනසුරු ග්‍රහයා මතය කඩා වැටීමට සලස්වන බවයි.
සෙනසුරු ග්‍රහයාගේ වළලුවල දීප්තිමත් පැත්තේ ඡායාරූප කිහිපයක් නාසා ආයතනය මගින් නිකුත් කර ඇත්තේ කුමන අභ්‍යාවකාශ යානයද??
{ "answer_start": [ 0 ], "text": [ "කැසිනි අභ්‍යාවකාශ යානය" ] }
46ee1b08-e9c9-44e4-9324-4cc906d4c58d
ඇලෙක්සැන්ඩර් ටයරය සමග යුද ප‍්‍රකාශ කළේය. එම දිවයින අත්පත් කර ගැනීමට ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවට මාස හතක පමණ කාලයක් සටන් කිරීමට සිදු විය. අවසානයේ ඔහුගේ ඉංජිනේරුවෝ ගොඩබිම සිට ටයර් දිවයින දක්වා සැතපුම් බාගයක් පමණ දිග පාලමක් තැනූහ. ඒ ඔස්සේ මුහුද දෙසින් දූපතට සමීප වූ ඔවුහු විශාල අටල්ලක් බඳු උපකරණයක ආධාරයෙන් පවුර මතට ගොඩ වී නගරයට ප‍්‍රහාර එල්ල කළහ. ටයර් රාජ්‍යයේ ආරක්ෂක වළල්ල බිඳ දැමූ ඔවුහු නගරයෙන් අඩක් පමණ විනාශ කළහ. ඇරියන් නමැති ඉතිහාසඥයාට අනුව නගරය අත්පත් කරගත් ඇලෙක්සැන්ඩර්ගේ හමුදාව එහි වාසය කළ 8,000කට අධික වැසියන් පිරිසක් ඝාතනය කර තිබේ. 30,000කට අධික පිරිසක් වහලුන් ලෙස විකුණා දැමිණි.
පවුර මතට ගොඩ වී නගරයට ප‍්‍රහාර එල්ල කළේ කුමක් ආධාරයෙන්ද?
{ "answer_start": [ 264 ], "text": [ "විශාල අටල්ලක් බඳු උපකරණයක ආධාරයෙන්" ] }
a13d1b3f-69d4-4822-a737-9156ef098f85
මිනිසා තමන් ජිවත්වන පරිසරය දූෂණය කිරීම සම්බන්ධ පළමු සාක්ෂිය අදින් වසර 400,000 ට පෙර ජීවත්වූ මානව සාධක අතරින් හමුවූ බව පුරාවිද්‍යාඥයෝ පිරිසක් කියති. ඊශ්‍රායලයේ කයිසෙම් ගුහාවෙන් සොයාගත් දත් ඇන්දක් පරීක්ෂාකළ ඔවුන් පවසන්නේ තමන් ජීවත්වූ ගුහා දූෂණය කරමින් ඒ ඇතුලත මස් පුළුස්සාගත් ආදි මානවයන් ඒවායේ දුම් ආඝ්‍රාණය කළ බවට සාධක හමුවන බවයි. මෙය තමන් විසින්ම තම පරිසරය විනාශ කරගත් අකාකාරය දැක්වෙන ලොව මෙතෙක් හමුවූ පැරණිත ම සාධකයයි. එය සෞඛ්‍යයට අහිතකරය. මේ සාධක අතීත මානවයන් ඇතුලත ජිවත්වෙමින් මස් බැදගත් බවට ඇති පැරණිතම සාධකයයි. ටෙල්අවිව් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෑන් බාරේකයි පවසන්නේ මේ මිනිසුන් ගින්දර මගින් ආහාර සකසා ඇති අතර ගින්දර පාලනය කිරිමට ද සමත්කම් දක්වා ඇති බවයි.
මස් පුළුස්සා ඒවායේ දුම් ආග්‍රණය කල බව සාක්ෂිසාක්ෂි සොයා ගත්තේ කොහෙන්ද
{ "answer_start": [ 159 ], "text": [ "කයිසෙම් ගුහාවෙන්" ] }
be55baca-fedb-42f0-a8b0-ced4907a278b
ප්‍රශ්නය - ඔබේ දරුවා පිළිසිඳ ගැනීමෙන් පසු ඔබට ඇති වූ විශේෂ ආශාවන් මොනවාද? පිළිතුර - මව් කුසට මාස හයක් පමන වූ විටදී පූජනීය ස්ථානවලට යෑමට තද බල ආශාවක් ඇති වුණා. ප්‍රශ්නය - අනෙක් දරුවන් බිහිවීමට සිටියදී එවැනි ආශාවන් ඇතිවූයේ නැද්ද? පිළිතුර - නෑ ප්‍රශ්නය - එවැනි විහාරස්ථානවලට ගොස් සිදු කළ වැඳුම් පිදුම් මොනවාද? පිළිතුර - ඇතැම් විට භාවනා කටයුතු වැනි දේටත් ආශාවක් ඇතිවුණා. ප්‍රශ්නය - ශීල ව්‍යාපාර වැනි දේටත් සම්බන්ද වූවාද? පිළිතුර - ඔව්, දහම් කටයුතු වලට වැඩි වශයෙන් සහභාගි වූවා. ප්‍රශ්නය - දරුවා ඉපදීමට ප්‍රථම ඔබට ආහාර වර්ග කිසිවක් පිළිබඳව විශේෂ කැමැත්තක් තිබුණද? පිළිතුර - ඔව් මට කිරිබත් කෑමට දැඩි ආශාවක් ඇති වුණා. ප්‍රශ්ණය - දරුවා මගින් ඔබ දුටු ඔහුගේ විශේෂ හැසිරීම් රටා මොනවාද? පිළිතුර - ඉතා කුඩා කල සිට ඇඳ මත වාඩි වී භාවනා කරන අයුරින් සිටියා. ප්‍රශ්නය - ඒ ගැන ඔබ සිතුවේ කුමක්ද? පිළිතුර - කිසිවක් සිතන්නට බැරි වුණා. ප්‍රශ්නය - විහාරස්ථානවලට යෑමට ඔහු තුළ තිබූ ආශාව කෙසේද? පිළිතුර - ඔහු නිතර පන්සලට යෑමට දැඩි ආශාවක් දැක්වූවා. ප්‍රශ්නය - ඔහු පෙර භවයක් ගැන හෙළි කළ තොරතුරු මොනවාද? පිළිතුර - එයා පොඩි කාලෙ කාර් එකට කිව්වේ බෙල් කියල. දවසක් කිව්වා කෝච්චියක් ඇවිත් ඩොග් ගාල හැපුණා කියල. එයා පුදුම විදිහට කෝච්චිවලට බියකුත් දැක්වූවා යයි එදා එම දරුවාගේ මව අප සමග හෙළි කළාය.
දරුවා බිය මොනවාටද ?
{ "answer_start": [ 1092 ], "text": [ "කෝච්චිවලට" ] }
2fd47db6-35de-4cd3-bfca-21ec709d7c23
මම ඉල්ලන්නේ ටිකක් හොයලා බලලා දේවල් කරන්න. මේ ව්‍යසනයට මුහුණ දීපු අපිව මැරුණු අයව විහිළුවට, හෑල්ලුවට ලක්කරන්න එපා. ඒ අයගේ ආත්මවලට සැනසීමක් දෙන්න. එයාලා දිවි දුන්නේ ජීවත්වෙලා ඉන්න අපි වෙනුවෙන් කියලා හිතන්න. මියගිය මොහොමඩ් යාසිත් පුතුගේ මවද තවමත් ජීවත් වෙන්නේ පුතුගේත් වැඩිමහල් සොහොයුරියගේත් වියෝ වේදනාව දරාගත නොහැකිවයි. මගේ පුතා ඉගෙනගන්න හරිම දක්ෂයි. අවුරුදු පහළොව වුණාට එයා වැඩ කළේ හරිම වගකීමෙන්. පුතා ඉගෙන ගත්තේ දෙමටගොඩ සෙන් ජෝසප් විද්‍යාලයේ දහය ශ්‍රේණියේ. අපි හැමෝම වෙනදට පාස්කු පූජාවට පල්ලියට යනවා. ඒත් එදා අපි පූජාවට පල්ලි ගියේ නැහැ. ඊට දවසකට කලින් අපි නැතිවුණ මගේ අක්කයි දරුවායි ඔක්කොමලා අනුරාධපුර, යාපනේ ට්‍රිප් එකක් ගියා. ඇඟට තෙහෙට්ටු නිසා අපි පූජාවට ගියේ නැහැ. ඒත් අක්කායි පුතයි විතරක් පල්ලි යනවා කියලා කිව්වා.
ඔහු ඉගෙනුම ලබන්නේ කුමන ශ්‍රේණියේද
{ "answer_start": [ 442 ], "text": [ "දහය ශ්‍රේණියේ" ] }
fcda0590-1eec-4d1d-8dac-9358e6bec577
ඒ අනුව විද්‍යාඥයන් මනස කොටස් කිහිපයකට බෙදා දැක්වූවා. බොහෝ අය උඩු සිත හා යටි සිත ලෙස පවසන්නේ මෙෙලස කළ එක්තරා බෙදීමක්. එහෙත් නිවැරදිව තවත් සියුම්ව සලකා බලන විට මනස කොටස් තුනකට බෙදා දක්වන්නටත් පුළුවන්. එය සවිඥානය, උප-විඥානය, හා අවිඥානය ලෙසයි. ඇත්තටම මෝහනය අධ්‍යයනය කිරීමට මෙම බෙදීම ඉතාම යෝග්‍යයි. උඩු සිතටම තමයි සවිඥානය කියන්නේ. උපවිඥානය හා අවිඥානය යන දෙකටම තමයි යටි සිත කියන්නේ. අවිඥානය සම්පූර්ණයෙන්ම වට කරගෙන උපවිඥානය පිහිටා ඇත. හරියට පොල් ගෙඩියක මදය වට කරගෙන පොල් කට්ට පිහිටනවා වාගේය. එලෙසම එම දෙකම වටකරගෙන සවිඥානය පිහිටා ඇත. ඇත්තටම රූපමය ආකාරයට ඒ කියන්නේ ආකෘතියක් ලෙස එහෙම පැහැදිලි කළත් සැබැවින්ම ඒවා එකිනෙකාට සාපේක්ෂව තිබෙන්නේ කෙසේදැයි කිසිවෙක් නොදනී. සාමාන්‍යයෙන් ජීවියෙක් මනුෂ්‍යයෙක් ජීවත්වන විට මෙම මනස් තුනම ඒ ඒ මට්ටම්වලින් සමගාමීව ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අධ්‍යයනය පහසුව තකා එලෙස තුන් ආකාරයට බෙදුවත් සත්‍ය ලෙස ඒ තුනම එකක් ලෙසයි ක්‍රියාත්මක වෙන්නේ.
මනස කොටස් කීයකට බෙදා දැක් විය හැකිද ?
{ "answer_start": [ 162 ], "text": [ "කොටස් තුනකට" ] }
7008b34e-d992-416e-91b6-eb7d131e32d9
ඇතැම් රටවලින් වාර්තා වන ගණන් නිල වශයෙන් සටහන් වී නැති බවත් එබැවින් නිවැරැදි සංඛ්‍යා මීටත් වඩා වැඩි බවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වාදෙයි. කොරෝනා වයිරස ආසාදිත මරණ වාර්තා වීමේ ඉහළ අනුපාතයක් ඇති රටක් වන මෙක්සිකෝව වයිරසය ආසාදනය වී මිය යන සෞඛ්‍ය සේවකයන් සම්බන්ධයෙන් නිසි පරිදි වාර්තා තබාගෙන ඇති නමුත් දැනට වාර්තා වී ඇති ගණනෙන් සමස්ත චිත්‍රයක් පෙන්නුම් නොකරන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි. මෙක්සිකෝවේ සෞඛ්‍ය සේවකයන් 97,632 දෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. එරට වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 610,000 ඉක්මවයි.
මෙක්සිකෝවේ වෛරස ආසාදිතයන්ගේ සමස්ත ගණන කීයද?
{ "answer_start": [ 514 ], "text": [ "610,000" ] }
a81e0bd9-1977-4fe7-943f-72ca4a9bbcb5
මහමත්තුමා බිහි වූ මක්කම නගරයේ කාබා සිද්ධස්ථානය ඒ වනවිටද ආගමික මධ්‍යස්ථානයක්ව පැවතුණි. කාබා පල්ලිය ඉස්ලාමය නිසා බිහිවූවක් නොව ඉස්ලාම් නායකයන් විසින් තමන් යටතට අල්ලා ගන්නා ලද්දකි. විවිධ ආගමික විශ්වාසයන්ට අයත් පිළිම ප්‍රතිමා රැසක් ඒවන විට කාබා පල්ලියෙහි තිබෙන්නට ඇත. කාබා පල්ලිය අයත්වන මැකා ප්‍රදේශය දුරාතීතයේදී රෝම ශිෂ්ටාචාරයේ බලකොටුවක්ව තිබිණ. භාවිත වර්ෂ 106 වන විට මෙම ප්‍රදේශයේ පාලනය කළ රෝමවරුන්ගේ ප්‍රාදේශිය පාලන මධ්‍යස්ථානය තිබූ බව කියන්නේද මැකා නුවර ආශ්‍රිතවය. ඉන්පසු එම ප්‍රදේශය බසිසෙන්ටියානු සහ මෙසපොතේමියානු යන පුරාණ ශිෂ්ටාචාර දෙකේ පාලනයට පිළිවෙළින් යටත්ව තිබිණි. පැට්‍රිසියා ක්‍රෝන් සහ ටොම් හොලන්ඩ් යන ඉතිහාසඥයන් දෙදෙනා කියන්නේ මැකාව ඓතිහාසික යුගයේ පටන් වෙළෙඳ නගරයක්ව තිබූ බවය. එම නිසා විවිධ ආගමික මධ්‍යස්ථානද ඒවාට අයත් පිළිම ප්‍රතිමා වන්දනයද එහි තිබෙන්නට ඇත.
පැට්‍රිසියා සහ ටොම් යනු කවුරුන්ද ?
{ "answer_start": [ 610 ], "text": [ "ඉතිහාසඥයන්" ] }
e007c6cd-2104-46a1-9a38-ce2b7ac96532
යොදාගත් දිනයේ මාලිගාවත්ත ජුම්මා පල්ලියට ෆාජි පැමිණියේ සිදුවන්නට යන දේ ගැන කිසිවක් නොදැනය. ප්‍රහාරකයින්ට පළමුව ඉමිටියාස් පල්ලියට පැමිණියේය. කලක් දක්නට නොවූ ඉමිටියාස් හිටිගමන් පල්ලිය ඉදිරිපිට දකින්න ලැබීමම කිසියම් අනතුරක සේයාවක් සේ ඔහු ගැන හොඳින්ම තතු දන්නා අය දුටුවහ. ජිහාඩ් අපරාධකරුවන් දෙදෙනෙක් යාඥා කරන මුවාවෙන් පල්ලියට රිංගා ගත්තේ යාඥාව අතරතුරම ෆාජිට වෙඩි තැබීමේ අදහසිනි. එහෙත් ෆාජි හඳුනන්නේ නැතිකම නිසා ඔවුන්ගේ ඉලක්කය වැරදුණි. එහෙත් ගේම අත්නොහැරි ඉමිටියාස් ෆාජි පල්ලියෙන් පිටතට පැමිණෙන තුරු බලා සිටියේ තමන්ගේම ගෝලබාලයින් පිරිසක් සමඟ පල්ලියෙන් පිටත රැඳී බලා සිටියේය. ගෝලයින් සතුවද ටී 56 ගිනිඅවි 13ක් රිපීටර් අවි 4ක් සහ පිස්තෝලද තිබූ බව පරීක්ෂණවලදී හෙළිව තිබේ. මෙතරම් අවි තොගයක් ඔවුන් පල්ලිය අසළට ගෙන ආවේ පෙර කී පරිදි පොලිසියේ ඇතැමුන්ගේ ලැබුණ සහය නිසා වන්නට ද හැකිය.
ප්‍රහාරයකයින්ට පළමුව පල්ලියට පැමිණියේ කව්ද?
{ "answer_start": [ 110 ], "text": [ "ඉමිටියාස්" ] }
a3af3868-aca1-4fb3-8ce9-9363d99de9de
මෙම උද්‍යානය නැරඹීම සඳහා ඇල මාර්ගය ඔස්සේ ගමන් කල හැකි බෝට්ටු සේවයක්ද ක්‍රියාත්මක වේ. අප එළිමහන් අධ්‍යයන ඒකකයෙන් නික්ම පිවිසුනේ එම බෝට්ටු සේවය ක්‍රියාත්මක වන ස්ථානයටයි. අප ආ ගමන් මගේ සෑම තැනකම පාහේ නිදහසේ පරිසරය නැරඹීමට පහසු වන සේ රූස්ස ගස් මධ්‍යයේ බංකු තනා ඇත. මෙහිදී හඳුන් දිවියන් දැකගැනීමටද අවකාශය තිබේ. මෙම උද්‍යානයේ සිටින පරිසර නිලධාරීන් පවසන ආකාරයට මෙහි හඳුන් දිවියන් පස් දෙනෙකු පමණ වාසය කරති. ඔවුන් ගැවසෙන්නේ රාත්‍රී කාලයට පමනක් වන බැවින් උද්‍යානය විවෘතව තැබෙන කාල සීමාවෙදී මෙහි ගමන් කිරීමට බිය විය යුතු නැත.
නිදහසේ පරිසරය නරඹන්නට රූස්ස ගස් මධ්‍යයේ තනා ඇත්තේ මොනවද?
{ "answer_start": [ 248 ], "text": [ "බංකු" ] }
a0e52cb6-ae42-4832-9793-cac0465bcb1a
චෛත්‍යයට යාර කීපයක් ඔබ්බෙන් කුඩා පැල්පතකි. එහි වහළ පමණක් පොල් අතු වලින් ආවරණය වී තිබුණත් වටේ කිසිවකින්වත් වැසී තිබුණේ නැත. අඩි විස්සක් පහළොවක් තරමේ දිග පළලින් යුතු එය එදා රාත්‍රිය ගත කිරීමට තිබුණ මාලිගාවය. අපේ ආම්පන්න හැළි-වළන් හා වේලකට දෙවේලකට සෑහෙන අමු ආහාර ද්‍රව්‍ය ස්වල්පය කරත්තයෙන් බාගෙන අවට නිරීක්‍ෂණය කළෙමු. වැහි කාලය නොවූවත් ගඟ දෙසට යොමු වූ ඉතා පටු දිය පාරවල් තවමත් සිඳී ගොස් තිබුණේ නැත. විශ්වාස කළ නොහැකි තරම් මහතට පයේ බත් කෙණ්ඩ තරම් වූ අල සහිත කොහිල ගාල් අප කාගේත් පුදුමයට හේතු විය. ඒ ජල මාර්ග ගලා ගියේ මගකැලෑව මැදිනි. පැල් පතේ සිට දිගටම මහ මූකළානය.
ඔවුන් එදින රාත්‍රිය ගතකළ මෙම පැල්පත හැදින්වූයේ කෙසේද?
{ "answer_start": [ 167 ], "text": [ "එදා රාත්‍රිය ගත කිරීමට තිබුණ මාලිගාවය" ] }
e0479e66-d3ac-4801-bbbe-9a814466ab83
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ලට නුදුරින් වූ අලවල ගම බොහෝ දෙනෙක් හඳුනන්නේ අලවල පොත්ගුල්ලෙන් විහාරය නිසා ය. මෙම විහාරය ඓතිහාසික වටිනාකම් කිහිපයක් නිසා අපට වැදගත් වේ. පෞරාණික වටිනාකම පමණක් නොව ඊට පෙර ජීවත් වූ ආදී මානවයින්ගේ නිජ බිමක් වූ මෙම ලෙන් සංකීර්ණය තුලින් ආදී මානවයින් ජීවත් වූ බවට සාක්ෂි සාධක හමු වී තිබේ. මේ එම විහාර භූමියේ ඓතිහාසික වටිනාකම් පිළිබඳ කෙරුණු විවරණයකි. සංචාරයට හෝ පුරාවිද්‍යා විශ්වාසයන් දැකබලා ගැනීමට කැමති ඔබට මෙම විහාරය බොහෝ වටින බව කිව යුතුය. අලවල පොත්ගුල්ලෙන් විහාරය අක්කර හැටක වපසරියක් තුල පිහිටා ඇත. මෙම විහාරයට අයත් ඉපැරණි ලෙන් තුනක් මෙම භූමිය තුල ඇත. මෙම ලෙන් විහාරයේ බෞද්ධ වටිනාකම පිළිබඳ කතාකරන විට එහි ඉතිහාසය අනුරාධපුරය යුගය දක්වා ඈතට විහිදී යයි. එකළ මෙම ප්‍රදේශය භාරව සිටි ගම් ප්‍රධානියාගේ පුත් තිස්ස නැමැත්තා විසින් මෙම ලෙන් සංකීර්ණයක් සහිත භූමිය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් පූජා කර තිබේ. ඒ පිළිබඳ සඳහන් කෙරුණු සෙල්ලිපියක් මෙම විහාරයට අයත් ලෙනක කටාරමට ඉහළින් කොටා ඇත. එම ලෙන වර්තමානයේදී පොත්ගුල් ලෙන ලෙසින් හඳුන්වයි.
මෙම ලෙන් විහාරයේ ඉතිහාසය කුමන යුගය දක්වා ඈතට විහිදී යයිද?
{ "answer_start": [ 638 ], "text": [ "අනුරාධපුරය යුගය දක්වා" ] }
455b2c99-e33c-4d50-aac9-377e75d08867
ක්ලෝනකරණය හෙවත් කිසියම් ජීවියකුගේ පිටපතක් නිර්මාණය ලොවට අරුමයක් නොවෙයි. විවිධාකාරයේ සතුන් ක්ලෝනීයකරණය මගින් චීන විද්‍යාඥයෝ ද ඉදිරියෙන් සිටිති. ක්ලෝනකරණයේ තවත් පියවරක් ඉදිරියට තබමින් අපරාධ අල්ලන්නත්, අපරාධ මැඩලන්නත් සමත් පොලිස් සුනඛයන් කණ්ඩායමක් ක්ලෝනකරණයෙන් බිහි කරන්න චීන විද්‍යාඥයෝ සමත් වී සිටිති. ඔවුන් පවසන්නේ, ඔවුන් නිර්මාණය කරන මෙම සුනඛයන්, ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිලිගේ සුප්‍රකට රහස් පරීක්ෂක චරිතය වන ෂර්ලොක් හෝම්ස්ට නොදෙවෙනි අයුරින් දක්ෂ රහස් පරීක්ෂකයන් වනු ඇති බවය. ක්ලෝනීයකරණයෙන් පොලිස් සුනඛයන් බිහි කිරීමේ දී කාලය ඉතිරි වෙයි. එපමණක් නොව, අමුතුවෙන් පුහුණුවක් ලබා දීමට අවශ්‍ය වන්නේ ද නැත. ඊට හේතුව ක්ලෝන පිටපත් නිර්මාණය සිදුවන්නේ චීන පොලිස් දෙපාර්මේන්තුවේ සිටින දක්ෂතම පොලිස් සුනඛයා යොදා ගනිමිනි. ක්ලෝන පිටපත් සඳහා චීන විද්‍යාඥයන් තෝරාගෙන ඇත්තේ චීන පොලිසියට අනුයුක්ත වීර සම්මාන රැසකින් ද පිදුම් ලැබූ අති දක්ෂ සුනඛයෙකි. මේ සුනඛයාගේ නම හුවාවුනාන්ගාමා ය. ඉවකරමින් මත්කුඩු අල්ලන්න දක්ෂ හුවාවුනාන්ගාමා හත් හැවිරිදි වියෙහි පසුවෙයි. චීන පොලිසිය කළ මහා පරිමාණයේ වැටලීම් රැසකට හුවාවුනාන්ගාමා දායක වී ඇතැයි ද පැවැසෙයි.
ජිවියෙකුගේ පිටපතක් නිර්මාණය කිරීම හදුන්වන්නේ කුමන නමකින්ද
{ "answer_start": [ 0 ], "text": [ "ක්ලෝනකරණය" ] }
17588193-5df6-4d53-af20-8cfc74baf66d
වේලාසනම පිරිටන් හෝ එවර්මින් පෙති දෙකක් දැරියට පොවා ගනී. රැයක් පුරා මාරුවෙන් මාරුවට බසයකින් බසයකට නගින බසින විට ඇයට දැනෙන අපහසුතාවට වඩා නින්දට වැටීම යහපත් නිසාවෙන් දෝ හය හතර නොදන්නා සිඟිත්තිය හාවක් හූවක් නැතිව පෙති දෙක ගිල දමනවා ඇත. දැරිය ද දිනෙන් දිනම කෘෂව යන්නේ ලෙඩක් නොමැතිව දිනපතා ශරීර ගතවන බෙහෙත් මාත්‍රාව හේතුවෙනි. එක කකුලක් අහිමි වයස 30-35 අතර පුද්ගලයෙකු ද රාත්‍රී සිඟමනට එක්ව සිටී. සරමෙන් සහ කමිසයෙන් සැරසී කිහිලකරු ආධාරයෙන් බස් රථවලට ගොඩවන මොහුගේ යාදින්නට අනුව උපතින්ම මීමැස්මොර රෝගියෙකි. ඕනෑම අවස්ථාවක දී සිහි විසංඥවීමේ අවදානම නිසා හා ආබාධිත බැවින් රැකියාවක් කිරීමට නොහැකිය. කිසිවෙකුත් රැකියාවක් දෙන්නේ ද නැත. මේ නිසා සිඟමනට වැටී සිටී. විවාහ වූ බවක් හෝ දරැ පවුලක් ඇති බවක් කියන්නේ ද නැත. මොහු වැඩිපුරම ගොඩවන්නේ අක්කරපත්තුව, පානම, කල්මුණේ, ත්‍රිකුණාමලය, මූතූර් වැනි දුර ගමන් බස්රථවලටය.
රාත්‍රී සිඟමනට එක්වෙන පුද්ගලයාගෙ වයස කොපමණද?
{ "answer_start": [ 340 ], "text": [ "30-35 අතර" ] }
5037c532-30d7-4a3f-b546-1a002e0840d0
විජය රාජසිංහ රජුගේ අභාවය සමඟ කීර්ති ශ්‍රී රාජසිංහ නමින් රජ වන්නේ විජය රාජසිංහ රජුගේ බිසවගේ සොහොයුරාය. ඔහුද කුඩා වියේ පටන් වැලිවිට-සිටිනාමළුවේ සිල්වත් දෙනමගේ ශිෂ්‍යයෙකු ලෙස බුදු දහම හා පාලි සංස්කෘත භාෂා ශාස්ත්‍රය හැදෑරූ කුමරෙකි. ඔහු අන් හැම රජ දරුවෙකුට වඩා ඉදිරිගාමීව සසුන යළි ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාමය තම රාජ්‍ය පාලනයේ මුදුන් කාරිය සේ තබන්නේය. ඒ සිල්වත් සමාගම එරෙහි ගනින් වහන්සේලාගේ මෙන්ම බ්‍රාහ්මණ පූජක පැලැන්තියේ අභියෝග ප්‍රහාර මැදය. දීර්ඝ ආයාසයක ප්‍රතිඵල උදාවේ. සියම් රටින් සියම් රජ අණ ලැබ සියම් උපාලි මහ තෙරිදු සමඟ උපසම්පදාව සිරිලකට සැපත් වේ. ශාසන උදානයෙහි නිෂ්ක්‍රමණ ප්‍රහර්ෂය සතර අත උදාවිය. මහනුවර මල්වතු පෝයගේද අස්ගිරි පෝය ගෙය පුරා උපසම්පදා අපේක්ෂාවේ උළෙල නිමැවිනි. සිටිනාමළුවේ ධම්මජෝති සාමණේරයන් වහන්සේ ඒ වන විට අසූ තුන් විය ඉක්මවූ වෘද්ධයෙකි. සියළු සිල්වතුන්ට භාෂා ශාස්ත්‍රය කියා දුන් ගුරු දේවාචාර්ය සියළු පිළිකෙව්, ඉවත් කිරීම හා පළිගැනීම් මැද පසුපස නොහැරී ඉදිරි මඟ පෑදු ශාස්ත්‍රවන්ත සීල වෘද්ධයානන්ය. ඒ නයින් තපෝ වෘද්ධයාය. සිංහල ශාසන වංශයේ භාෂා ශාස්ත්‍රීය විදග්ධත්වය සීල කමටහනක් සේ පූජාබර පැවිදි දිවියක අඩිතාලම කරගත් දුර්ලභයාණන්ය. මේ අපූර්ව කෞෂල්‍යයේ පහන් සිල උපසම්පදා අපේක්ෂාවෙන් තමන්ගේ ශිෂ්‍යවරයන් සමඟද තමන් සමඟ එකට හිඳ මහා සටන් මැද සටන් කළ කල්‍යාණ මිත්‍රයන් තිදෙනා ද සමඟ බලා සිටියහ. ඒ වැලිවිට සරණංකර, වේහැලේලේ ධම්මදින්න, කඹුරුපිටියේ සඟිධර ගුණරතන සිල්වතුන් සමඟය.
උපසම්පදාව සමඟ සිරිලකට සැපත් වූයේ කවුද?
{ "answer_start": [ 502 ], "text": [ "උපාලි මහ තෙරිදු" ] }
33b2e7b5-48d4-478a-9a1b-d795fc5c1d79
පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම හා දේශපාලනය අතර ඇත්තේ ගසට පොත්ත සේ එකිනෙකට බැඳී පවතින සබඳතාවකි. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නකු සතුව ඕනෑවටත් වඩා මුදල් තිබේ. එහෙත් එයට එන අභියෝග මැඩලන්නට නම් යම් මැර බලයක් අවශ්‍ය වේ. පාතාලය ඔවුන් පවත්වාගෙන යන්නේ ඒ වෙනුවෙනි. එසේම නීතියෙන් පැමිණෙන බාධා ඉවත් කරගැනීමට නම් දේශපාලන හයියක් අවශ්‍ය වේ. දේශපාලකයකු ළංකර ගන්නේ ඒ වෙනුවෙනි. දේශපාලකයා සමඟ ගනුදෙනු පවත්වාගෙන යාමට ඔවුහු මුදල් වැය කරති. දේශපාලකයාට ද තමන්ගේ මැතිවරණ ජයග‍්‍රහණයන් වෙනුවෙන් වැය කිරීමට කොපමණ මුදල් තිබුණත් ප‍්‍රමාණවත් නැති තරම්ය. ඒ නිසා ඔවුන්ට කාගෙන් මුදල් ලැබුණ ද භාරගනු ඇත. එසේම දේශපාලකයාට ද ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායම් මර්දනය කරගැනීමට පාතාලයේ සහාය අවශ්‍ය වේ. ඇතැම් දේශපාලකෙයා් ද යහමින් මුදල් සෙවීමට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙති.
ගසට පොත්ත සේ එකිනෙකට බැඳි පවතින සම්බන්ධය ඇත්තේ කුමක් අතර ද?
{ "answer_start": [ 0 ], "text": [ "පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම හා දේශපාලනය" ] }
a5083793-61da-4c84-9a66-f7e8a97a43d9
එම සිතුවම්වල දක්නට ලැබෙන්නේ ඉඟෙන් උඩ කොටස පමණක් වූ රූප සමූහයකි. ඒවායේ පහළ කොටස වලාකුළින් වැසීගිය ආකාරයට නිරූපණය කර තිබේ. මෙම සිතුවම් වලින් දෙවිවරුන් පිළබිඹු වන බව පරණවිතාන මහතා පෙන්වා දී ඇත. සිතුවම් ඇඳ තිබෙන්නේ රේඛා සටහන් මගින් වන අතර චිත්‍රවලට වර්ණ යෙදීම සීගිරි චිත්‍ර සම්ප්‍රදායට අනුව කර තිබේ. මෙහිදී රතු, කහ, කළු හා පලාවන් යන වර්ණයන් භාවිත කර ඇත, අනුරාධ සෙනෙවිරත්න මහතා ද දක්වා ඇත්තේ මෙම සිතුවම් රේඛා මගින් පමණක් කර ඇති බවය. සමහර දේව රූප අතින් නෙළුම් මල් ගෙන සිටින අතර තවත් සමහර රූප දෙඅත් එක් කොට වඳින ආකාරයක් දැක්වේ. පැරැණි බිතු සිතුවම් පිළිබඳ විශේෂඥයකු වූ මංජු ශ්‍රී මහතා මේ සිතුවම් වලින් දැක්වෙන්නේ බෝසතුන් සහිත අප්සරාවන් යැයි කියයි. මෙම සිතුවම් චාර්ල්ස් මහතා විසින් පරීක්ෂා කර ඇති අතර උසස් ශිල්පීන්ගේ චිත්‍රයන්හි දක්නට ලැබෙන රේඛාවන්ගේ ලාලිත්‍ය, රූපයන්ගේ හැඩය, පරිමාණය, සමබර හා සිත් ගන්නා ගතිය නොඅඩුව ඇති බව එම මහතා පෙන්වා දෙයි. විඡේසේකර මහතා ද සඳහන් කරන්නේ මෙහි රචනාව උසස් බවය. මැනවින් සංතුලිත බවය. එසේම ඒවා නිශ්චිතවම දෙවිවරුන්ගේ රූප බවට පෙන්වා දී තිබේ. පොළොන්නරු යුගයේ ආරම්භක අවදියේදී පමණ කරන ලද සිතුවම් කොටස් කිහිපයක් මහියංගන ධාතු ගර්භයෙන් ද ලැබී තිබේ. ඉතාම සීමිත සිත්තම් ප්‍රමාණයක් ඉතිරි වී ඇති අතර මෙම සිතුවම් සීගිරි හා වෙනත් ස්ථානවල දක්නට ලැබෙන සිතුවම් නිර්මාණය මෙන් විශිෂ්ට ලක්ෂණ පෙන්නුම් නොකරන බව එම නිර්මාණ ශෛලීන් සැසැදීමේ දී තහවරුවන බව විද්වතුන් පෙන්වා දෙයි. මෙහි බුදුන් වහන්සේ බෝධි වෘක්ෂයකට පහතින් ඇති ආරුක්කුවක් යට වැඩ හිඳින ආකාරයට නිරූපණය කර ඇත. බුදුන් වහන්සේ පිටදුන් බෝධි වෘක්ෂය ශෛලීගත ආකාරයට දක්වා ඇති නමුත් එය බෝධි වෘක්ෂයක් බව අවබෝධවන ආකාරයට සිත්තම් කර ඇත. බුදු හිමියන් පිරිවරා සිටින පුද්ගලයන් තිදෙනා බ්‍රාහ්මණයන් බව ඇතැමකුගේ අදහස වුවද මෙම රූප තුනෙන් ශිව දෙවියන් තම ත්‍රිශූලය සහිතව ද විෂ්ණු දෙවියන් සිය අත් සතරින් දෑතකින් මල් බඳුනක් ගෙන සිටින ලෙස ද දැක්වෙන අතර අනිත් රූපයෙන් බ්‍රහ්මයා ද දක්වන බවට ද මතයක් පවතී. බුදුරදුන්ගේ හිස් ජටා මඩුලුු ගැන්වුණු කේශකලාපය සහිතව මැනවින් දක්වා තිබේ. උන්වහන්සේගේ වම් පසින් දැක්වෙන රූපය ඉතා හැඟීම් ප්‍රකාශ කරන සුළුය. ඔහු සිය වමතෙහි නෙළුම් පොකුරක් දරා සිටී. යොදා තිබෙන වර්ණ අතර රත නොහොත් ඔරේන්ජ් පැහැය, කහ, කළු හා සුදු පාට ද වෙයි. මෙම ධාතු ගර්භය හා චිත්‍රයන් මෑත අනුරාධපුර සමයට අයත් ඒවා ලෙස පරණවිතාන මහතා සඳහන් කරන අතර ඒවා සම්ප්‍රදායෙන් හත් වැනි සියවසටත් නවවැනි සියවසටත් අතර කාලයට අයත් විය හැකි බව චාර්ල්ස් මහතා සඳහන් කරයි. මේ සිතුවම් කැබලි අනුරාධපුර කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබේ.
ධාතු ගර්භය හා චිත්‍රයන් අයත් කාලයන් සඳහන් කළේ කවුද?
{ "answer_start": [ 2150 ], "text": [ "චාර්ල්ස් මහතා" ] }
4506f988-7fda-4eb5-b857-011093af34b6
රුසියානු විපක්ෂ නායක දුෂණ විරෝධී ක්‍රියාකාරී ඇලෙක්සි නෙවෙල්නි වංචා කිරීම සහ අධිකරණයට අපහාස කිරීමේ වරදට රුසියානු අධිකරණයක් විසින් වසර 9 ක සිර දඬුවමක් නියම කරනු ලැබීය. ඇලෙක්සි නෙවෙල්නි හට මෙම තීන්දුව දුන් මොහොතේ 2014 වසරේ රුසියානු අධිකරණයක් විසින් ලබාදුන් අත් හිට වූ සිර දඬුවමක කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් වසර දෙකයි මාස අටක සිරදඬුවමක් විඳිමින් සිටියේය. වසර 13 ක සිර දඬුවමක් රජයේ නීතිඥයින් විසින් ඉල්ලා සිටි නඩු විභාගයේදී ඇලෙක්සි නෙවෙල්නි වරද පිළිනොගත්තේය. මෙම නඩු තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමේ හැකියාව ඇලෙක්සි නෙවෙල්නි හට තිබෙන බව විශ්ලේෂකයෝ පවසති.
ඇලෙක්සි නෙවෙල්නිට නඩු තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමේ හැකියාව පවතින බව පැවසුවේ කවුද?
{ "answer_start": [ 536 ], "text": [ "විශ්ලේෂකයෝ" ] }
03d84821-e898-49ff-af04-c480e4269765
සුනිල් මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටියේය. ඉවසීම, උපේක්ෂාව යන මුල් පාඩම සුනිල් ඉගෙන ගත්තේ එදාය. ඔහු තිරසර අදිටනින් මයික්‍රෙෆා්නය වෙත ගියේය. සතිස් අයියා සුනිල් ළඟට ආවේය. "චූටි මල්ලිට මේක කියන්න පුළුවන්. හොඳට කියන්න." සතිස් සුනිල්ගේ හිස අත ගෑවේ දළුගම සරසවි චිත්‍රාගාරයේ ශබ්දාගාරයේත්, පටිගත කරන මැදිරියේත් අතර ඇති පුංචි ඉඩකඩ මැදය. සුනිල්ගේ හදවත ගැහෙයි. වික්ටර්, වොලී හා සතිස් අයියා වීදුරු කවුළුවෙන් බලා සිටී. ශබ්ද පරිපාලක මර්වින් රුද්‍රිගුගේ සිනාව සුනිල්ට ලොකු ශක්තියක් විය. "මල්ලිට මේක කියන්න පුළුවන්" මර්වින් මුල සිටම සුනිල්ට දිරි දුන්නේය.
සතිස් සුනිල්ගේ හිස අත ගෑවේ කුමක් පවසමින්ද?
{ "answer_start": [ 173 ], "text": [ "\"චූටි මල්ලිට මේක කියන්න පුළුවන්. හොඳට කියන්න.\"" ] }
74848f9d-835e-44ec-a608-4897e5f6c316
රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වන දිනය තීරණය කර ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කරයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වීමට අවුරුද්දකට පෙර එහි හවුල්කරුවන් දැනුවත් කළ යුතු අතර, ‘රුසියා-24’ රුපවාහිනී නාළිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී රුසියන් අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් ‘රොස්කොස්මොස්’ ප්‍රධානී දිමිත්‍රි රොගොසින් පවසා ඇත්තේ රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කළ බවය. එම සම්මුඛ සාකච්ඡාවේදී රුසියානු බලධාරීන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළෙන් ඉවත් වන දින වකවානු තීරණය කර අවසන් වූවත් ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කථා කළ නොහැකි යැයි ද පවසා තිබේ.
රුසියන් අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් ‘රොස්කොස්මොස්’ ප්‍රධානී දිමිත්‍රි රොගොසින් රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කළ බව පවසා ඇත්තේ කිනම් නාළිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීද?
{ "answer_start": [ 219 ], "text": [ "‘රුසියා-24’ රුපවාහිනී නාළිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී" ] }
fd248832-13db-4c86-b85a-21eb9ea5a585
ඉක්බිති දළදා වහන්සේ වඩා හිඳුවන පිණිස ද එම දළදා වහන්සේ පිරිවරා මහාසංඝයාට වැඩ හිඳීම පිණිස ද දිගින් අඩි දෙසිය විසි නවයක් හා පුළුලින් අඩි සැටක් ද ඇති මණ්ඩපයක් තනා එහි ධාතුන්වහන්සේ වැඩමවීමට නියම කළ ස්ථානය රන් රිදී වැඩ කළ නොයෙක් අනගි පටරෙදිවලින් සරසා ඊ මැද රිදියෙන් කළ ආසනයක් පණවා ඊ පිට රන්සිවි ගෙයක් තබා එහි තුළ ධාතුන් වහන්සේ වඩා හිඳුවීම පිණිස ඝනරනින් කළ පාලා පෙත්තක් ලම්භාකාරව සරසා තබා ඊට දකුණු පැත්තෙන් අනගි මැණික් බැඳි මහ රන් කරඬුව ද තබා වම්පැත්තෙන් අනගි මැණික් බැඳි කුඩා රන් කරඬුව ද තබා ඒ ඉදිරිපිට පූජා තැබීමට අනගි වූ ආසනයක් රම්‍යවූ පේශවස්ත්‍රවලින් සරසා තබා ඊටත් ඉදිරියෙන් රන් රිදී වැඩ කළ නානාප්‍රකාර වස්ත්‍රවලින් තිර නවයක් හා වඟුරැළි පන්තිවලින්ද සැරසිලිකර මේ මණ්‍ඩපයේ මහා සංඝයාට වැඩහිදීමට තිබුණු කොටස ද සුදු රෙදිවලින් හා ගොප්කොළ ආදියෙනුත් සැරසූහ.
අනගි මැණික් බැදි මහ රන් කරඩුව තැබුවේ කොහෙන්ද?
{ "answer_start": [ 385 ], "text": [ "දකුණු පැත්තෙන්" ] }
eb05a3fa-eb0b-4e4c-bae8-42caa05d30ba
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු වරූන් ධාවන්ගේ විවාහය මේ වසරේ දෙසැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන බව සඳහන් වේ. ඔහුගේ අතගනු ලබන්නේ වසර කිහිපයක් තිස්සේ වරූන්ගේ පෙම්වතියව සිටින නටාෂා දලාල් විසින්. නටාෂා යනූ ඉන්දියාවේ සිටින කෝටිපති ව්‍යාපරකයෙකුගේ එකම දියණිය බව සඳහන් වේ. වරූන්ට අමතරව මේ වසරේ තවත් ජනප්‍රිය බොලිවුඩ් නළුනිළියන් කිහිපදෙනෙකුගේම විවාහයන් සිදුවීමට නියමිතව ඇති අතර, සූසාන්ත් හා ක්‍රිති ෂැනොන්ගේ විවාහයද ඒ අතර තිබෙන බව සඳහන් වේ. පසුගිය වසරේදීද බොලිවුඩ් තරු කිහිපයකගේම විවාහයන් සිදු වු අතර, එවැනිම විවාහයන් ප්‍රමාණයක් මේ වසරේදීද සිදුවිමට නියමිත බව වාර්තා වේ.
වරුන්ගේ පෙම්වතියගේ නම කුමක්ද?
{ "answer_start": [ 178 ], "text": [ "නටාෂා දලාල්" ] }
0ff33046-c12d-43be-a534-3d78c98e77ec
ළමා වියේදී තම සොහොයුරා වූ ජෙරල්ඩ් සමඟ පාසල් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ ඔහු බේ ස්ට්‍රීට් පිරිමි පාසලට පාසල් ක්‍රිකට් ශූරතා රැසක් දිනා දෙන්නට සමත් විය. 13 වැනි වියේදී ක්‍රිකට් කණ්ඩායම් දෙකකට එකවර ක්‍රීඩා කිරීමට ඔහු තෝරා ගැනිණි. ඒ සාන්ත පිලිප් ක්‍රීඩා සමාජයට හා වොන්ඩර්ස් ක්‍රීඩා සමාජයටය. ඔහු වඩාත් කැපී පෙනුණේ වමත් දඟ පන්දු යවන්කු ලෙසිනි. සෝබර්ස්ගේ පන්දු යැවීමේ දක්ෂතා දුටු බාබඩෝස් පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ පොලිස් පරීක්ෂක විල්ෆ්‍රඩ් ෆාමර් ඔහු පොලිස් කණ්ඩායමට බඳවා ගත්තේය. එවිට සෝබර්ස්ගේ වයස අවුරුදු 15ක් විය.
බාබඩෝස් පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කව්ද?
{ "answer_start": [ 432 ], "text": [ "විල්ෆ්‍රඩ් ෆාමර්" ] }
03d5e836-7bc2-48ff-b0b1-f3fc9e2cc8ff
ගුජරාටය අත්පත් කරගත් අක්බාර් ඉන්පසු බෙංගාලය දෙසට යොමු විය. එවක බෙංගාලයේ පාලකයා වූයේ සූර් පාලනයෙන් පසු පාලනය අත්පත් කරගත් සුලෙයිමාන් කරරානිගේ පුත‍්‍රයා වූ දාවුද්ය. ක්‍රි.ව. 1574දී දාවුද්ට එරෙහිව සටන් කිරීමට අක්බාර් තීන්දු කළේය. ඔහු ඒ සඳහා යුද්ධයක් සඳහා සුදුසු නොවන කාලයක් වූ වැසි සමය තෝරා ගත්තේය. ගංගා නදිය ඔස්සේ යටිගං බලා ගිය අක්බාර්ගේ සේනා පැට්නාවෙන් හා හජීපූරයෙන් දාවුද් පන්නා දැමීය. දාවුද් ඔරිස්සාවට පසුබැස්සේය. ක්‍රි.ව. 1575දී අක්බාර් හා දාවුද් අතර තුකාරෝයිහිදී සටන් ඇවිළිණි. අක්බාර්ට යටත් වූ දාවුද් ඔරිස්සාවට පසුබැස්සේය. මාස කිහිපයකට පසු දාවුද් යළි අක්බාර් සමඟ යුද වැදුණේය. ක්‍රි.ව. 1576දී රාජ්මහල් සටනේදී ඔහු අක්බාර්ගේ හමුදාව වෙතින් පරාජය වී මරණයට පත් විය. බෙංගාලය මූගල් පාලනයට නතු විය. එහෙත් ඇතැම් ප‍්‍රදේශ බලවත් ප‍්‍රාන්ත පාලකයන් යටතේ ස්වාධීන රාජ්‍ය ලෙස පැවැතිණි. ඩෙකා, වික‍්‍රම්පූර්, ජෙසොර් එවැනි ස්වාධීන පාලනයක් ලෙස පැවැති ප‍්‍රාන්ත අතුරින් ප‍්‍රධානය.
ඇතැම් ප‍්‍රදේශ බලවත් ප‍්‍රාන්ත පාලකයන් යටතේ ස්වාධීන රාජ්‍ය ලෙස පැවැතිණි, ඒවා මොනවාද?
{ "answer_start": [ 772 ], "text": [ "ඩෙකා, වික‍්‍රම්පූර්, ජෙසොර්" ] }

Dataset Card for "SinQuAD"

More Information needed

Downloads last month
4
Edit dataset card