id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
1779af75-ab5c-466b-af78-a2c451665cfe
මෙම සිද්ධියෙන් පසු සුනිල් ව්‍යාපාරිකයා බිය වූ අතර ගෝලයින්ට පහර දී පොලිසියට භාරදීම සම්බන්ධයෙන් උරණ වී සිටින ඌරුජුවා තමන්ගෙන් කොයි මොහොතේ හෝ පලිගනු ඇති බවට සැකකර ඔහු දරුවන් සමඟ නිවසින් ගොස් වෙනත් ස්ථානයක සැඟවීමට තීරණය කළේය. සුනිල් ව්‍යාපාරිකයා සිතූ ලෙසින්ම ඌරුජුවාගේ ගෝලයින් 8 දෙනෙක් පමණ එදින රාත්‍රියේ යතුරුපැදි 4කින් ව්‍යාපාරිකයාගේ හේන්පිට පාරේ පිහිටි සුවිසල් නිවසට පැමිණියහ. ඒ වනවිටත් ව්‍යාපාරිකයා දරුවන්ද සමඟ නිවස අතහැර පැනගොස් තිබුණි. ඌරුජුවාගේ ගෝලයන් කොයි මොහොතක හෝ කප්පම් ඉල්ලා වැලිතොටුපොළට පැමිණෙන බවට සුනිල් මුදලාලි දැන සිටියේය. වැලි තොටුපොළේ පිරිස කප්පම්කරුවන්ට පහර දී පන්නා දැමීමට සුදානමින් සිටියහ. එදින සුනිල් මුදලාලි සොයාගෙන වැලිතොටුපොළට පැමිණි කප්පම්කරුවන් දෙදෙනා ඌරුජුවාගේ ගෝලයින් දෙදෙනෙකු බවට වැලිතොටුපොළේ සිටි පිරිස හඳුනාගන්නා අතර පසුව ඔවුන් සියලු දෙනා එක්ව මෙම සැකකරුවන්ට පහර දී තිබුණි.
පලිගැනීමට ඌරුජුවාගේ ගෝලයින් 8 දෙනා පැමිණියේ යතුරුපැදි කීයකින්ද
{ "answer_start": [ 311 ], "text": [ "4කින්" ] }
2e7d0267-ef55-4b37-8e28-fa3e5446d075
ප්‍රංශ ජනාධිපතිවරණය හෙට ඇරැඹේ. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අදියර දෙකකිනි. දෙවැනි අදියර අප්‍රේල් 24 වැනිදා පැවැත්වීමට නියමිතය. මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 12 දෙනකු ඉදිරිපත් වී සිටින අතර වත්මන් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තවත් පස් වසරක ධුර කාලයක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ප්‍රංශ ජනාධිපති නියෝජනය කරන්නේ මධ්‍යස්ථමතධාරී රිපබ්ලිකන් පක්ෂය යි. ප්‍රංශ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා ද ඇත්තේ, 2017 වසරේ මෙන්ම, මෙම ජනාධිපතිවරණයෙන් ද ප්‍රංශ ජනාධිපති මැක්රොන් ජයග්‍රහණය කරනු ඇති බවය. මැක්රොන්ට අභියෝගයක් එල්ල වනු ඇත්තේ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මැරීන් ලා පෙන්, ගෙනි. මැරීන් ලා පෙන් නායකත්වය දෙන්නේ ‘ජාතික පෙරමුණ’ පක්ෂයටය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සෙසු අපේක්ෂකයෝ දක්ෂිණාංශික, අන්ත දක්ෂිණාංශික පක්ෂ, වාමාංශික සහ අන්ත වාමාංශික පක්ෂ නියෝජනය කරති.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව කොපමණද?
{ "answer_start": [ 143 ], "text": [ "අපේක්ෂකයන් 12" ] }
3cd5ca30-f94a-40bc-b20c-79b5e602d7bc
සුජීගේ ප්‍රතිවාදියකු වූ පියරත්න නොහොත් මෝල් පියා හා තවත් දෙදෙනෙක් බළපිටිය ප්‍රදේශයේදී අවස්ථා දෙකකදී ඝාතනය කිරීම, 2018 ජුලි මාසයේදී වත්තල හේකිත්ත ප්‍රදේශයේදී කුඩු සෙල්විගේ ඥාති පුත්‍රයකු වන චාල්ස් හා ඔහුගේ මිතුරෙකු වූ මදිවානන් නොහොත් මදී ඝාතනය සම්බන්ධයෙන් කෙනඩිට චෝදනා එල්ල වේ. මේ ඝාතන රැල්ලක් සේ ගමන් කරන ඝාතන මාලාවකි. එය ආරම්භ වන්නේ කොටහේනේ පූකුඩුඛන්නා හා ජම්පටා වීදියේ කුඩු සෙල්වි අතර කුඩු පාතාලයේ කිරුළට ඇති කරගත් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසය. සෙල්විගේ කල්ලිය පූකුඩුඛන්නාගේ හොඳම ගෝලයා වූ රේක්ස් රිගන් ඝාතනය සමග ගැටුම ඝාතන මාලාවක් බවට පත්විය. මේ දෙපාර්ශ්වයේ ගැටුම්වල ප්‍රතිඵල ලෙස මේ වනවිට පහළොස් දෙනකු පමණ ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සෙල්විගේ ඥාති පුත්‍රයකු වූයේ කව්ද?
{ "answer_start": [ 189 ], "text": [ "චාල්ස්" ] }
5ce86349-3702-4fac-875b-6003daf9e87b
සෞරග්‍රහ මණ්ඩලයේ වාමන ග්‍රහලෝකයක් වන සීරීස් වටා ඩෝන් යානය සාර්ථකව කක්ෂගත වූ බව නාසා ආයතනය නිවේදනය කරයි. 2011 වර්ෂයේ දී වෙස්ටා නමැති ග්‍රහකයක් වටා කක්ෂගත කර අදාල පර්යේෂණ සිදුකිරීමෙන් පසු නාසා විද්‍යාඥයෝ ඩෝන් පර්යේෂණ යානය සීරීස් වෙත යොමුකරනු ලැබූහ. ඩෝන් යානය අභ්‍යාවකාශගත කරණ ලද්දේ 2007 වර්ෂයේ සැප්තැම්බර් 27 වැනි දින දීය. එය මාස 14ක කාලයක් වෙස්ටා වටා කක්ෂගත වී තිබී එතැනින් මිදී සීරීස් වෙත ගමන් කළේය. ඉදිරි දින කිහිපයේ දී සීරීස් වෙත වඩාත් සමීපවන ඩෝන් යානය සති හයක පමණ කාලයකින් පසු එහි ගවේෂණ කටයුතු ආරම්භ කරනු ඇත.
ඩෝන් පර්යේෂණ යානය සීරීස් වෙත යොමු කිරීමට පෙර 2011 වර්ෂයේ දී පර්යේෂණ සිදු කරන ලද්දේ කුමන ග්‍රහකයක් වටා කක්ෂගත කරද?
{ "answer_start": [ 119 ], "text": [ "වෙස්ටා" ] }
ec69dd8c-c032-4a3d-83c2-8b2b3ce534e3
තවත් දිනක රාජකාරියක් සඳහා එම බංගලාවට ගොස් සිටි අවස්ථාවක දහවල් 11.00ට පමණ බංගලාව පිටුපසින් හිවලකු යටිගිරියෙන් කෑ ගසනවා ඇසී ඒ දෙසට ගියවිට දකින්ට ලැබුණේ දිගින් අඩි 5 1/2ක් පමණ වූ පිඹුරකු හකුවලින් හිවලකු අල්ලාගෙන සිටි ආකාරයයි. අසරණ වූ හිවලා දිගින් දිගටම බෙරිහන් දෙයි. ස්වභාවයෙන්ම පිඹුරන්ගේ මුඛයේ තියුණු උල් දත් පස්සට නැමී තිබේ. හකුවලට හසුවන කිනම් සතකුටවත් ඉන් ගැලවිල්ලක් නැත. තිත්මුවකු එසේ ග්‍රහණයට ගැනීමට පෙර පිඹුරා තම වලිගය ගසක වෙලා ගනී. එමගින් ග්‍රහණයට හසුවූ මුවා දිව යාමට තැත් කළත් එය නිශ්ඵල වේ. පිඹුරාගේ හකු දෙක ඉල ඇට එකිනෙකට සම්බන්ධ වී නැත. ඒ වනාහි විශාල සතුන් ගිල දැමීමට පහසුවීම සඳහා වූ ස්වභාවික නිර්මාණයකි.
දක්නට ලැබුණු පිඹුරා කොපමණ දිගද?
{ "answer_start": [ 157 ], "text": [ "අඩි 5 1/2ක් පමණ" ] }
964c53b8-04c1-45d5-81b6-030df5a43242
ඉගෝර් සුට්යාගින් අත්අඩංගුවට ගැනුණේ 1999දීය. ඔහු බ්‍රිතාන්‍යයට හා ඇමෙරිකානු සී.අයි.ඒ ආයතනයට රුසියානු න්‍යෂ්ඨික සබ්මැරීන පිළිබඳ රහස් අනාවරණය කළ බවට චෝදනා ලැබීය. සුට්යාගින් තම නිර්දෝෂීභාවය ප‍්‍රකාශ කරමින් තමා ලබා දී ඇත්තේ විවෘත තොරතුරු විනා කිසිදු රහස්‍ය තොරතුරක් නොවන බවට ප‍්‍රකාශ කර තිබිණි. එහෙත් ඔහුටද සිරදඬුවම් නියම විය. මේ දෙදෙනා අතුරින් සර්ගෙයි ස්ක්‍රිපාල් බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයට වඩාත් වැදගත් පුද්ගලයකු වශයෙන් නිගමනය වී තිබිණි. මොවුන් දෙදෙනාට නව අනන්‍යතාවක් ලබා දුන් අතර බ්‍රිතාන්‍යයේ ජීවත් වීමේ අවසරයද හිමි විය. ස්ක්‍රිපාල් හට පවුම් 340,000ක් වටිනා නිවෙසක් හා මාසික විශ‍්‍රාම වැටුපක් බ්‍රිතාන්‍ය රජය මගින් ලබා දුන් අතර ඔහු තම බිරිය වූ ලූඩ්මිලා සමග එම නිවෙසේ වාසය කළේය.
ස්ක්‍රිපාල් හට බ්‍රිතාන්‍ය රජය මගින් ලබාදුන් නිවසේ වටිනාකම කොපමණද?
{ "answer_start": [ 537 ], "text": [ "පවුම් 340,000ක්" ] }
b9aac746-483a-4157-b402-9d70b01b071a
මේ දිනවල අති සාර්ථකව තිරගත වෙන ‘මාණිකර්ණිකා’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන සුරූපි කංගනා රණවුත් මේ දිනවල ස්විට්සර්ලන්තයට පැමිණ සිටියි. ඒ ඇය දින කිහිපයක නිවාඩුවක් ගත කිරීම සඳහාය. කංගනා සිය ටිවිටර් ගිණුම තුළ ඡායාරූප කිහිපයක්ද සමගින් සටහනක් තබා තිබුණේ සිය අලුත්ම චිත්‍රපටය වූ ‘මාණිකර්ණිකා’ චිත්‍රපටයේ සාර්ථකත්වය වෙනුවෙන් ඇය මෙසේ ස්විට්සර්ලන්තයේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි බවය. මේ වනවිට ඉන්දියාවේ පමණක් නොව විදෙස් රටවල් කිහිපයකද ප්‍රදර්ශනය වන මෙම චිත්‍රපටය උපයා ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 80ක මුදලකි. කෙසේ වෙතත්, වකිපිඩියා වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ මෙම චිත්‍රපටය ඉන්දිය රුපියල් කෝටි 125ක මුදලකින් තැනුවක් බවය. ඒ බැවින් මෙම චිත්‍රපටය තවමත් අසාර්ථක එකක් බව බොහෝ දෙනා පවසන්නක් වී ඇත.
‘මාණිකර්ණිකා’ චිත්‍රපටයේ මේ වනවිට උපයා ඇති මුදල කොපමණද?
{ "answer_start": [ 475 ], "text": [ "ඉන්දීය රුපියල් කෝටි 80ක මුදලකි" ] }
5cd1e69a-bc21-4e26-8c09-8dff4f51aa8f
මම සංගීත විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලේ අපේ විදුහල්පති විශාරද අමරදේව ශූරීන්. එතුමා මාගේ තනුවකට ආරාධනා චිත්‍රපටයේ ගීත ගැයීමට පැමිණීම මම සලකන්නේ මට ගෞරවයක් කියලා. එතුමට මගේ තිබුණේ අසීමිත ආදරයක් හා ගෞරවයක්. මේ චිත්‍රපටයේ ගායනයට අමරදේව මහතාටත් ගීත රචනයට කුලරත්න ආරියවංශටත්, සංගීත අධ්‍යක්ෂක එච්.එම්.ටත් මටත් සරසවි සම්මාන ලැබුණා. රෝහණ අතීතයේ සිද්ධියක් මතක් කළේය. රෝහණ මේ සම්මානය ලබන විට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ සංගීත උපදේශක ලෙස කටයුතු කළේය. ආරාධනා චිත්‍රපටයට අමරදේවයන් ගැයූ ජීවිතයේ තනි මංසල අතර මං වෙලා හා මිල්ටන් මල්ලවාරච්චි හා මාලිනි බුලත්සිංහල ගැයූ සීත අරණේ ගීතය ද අතිශයින් ජනප්‍රිය විය. සරසවි සම්මාන ලැබූ සම සංගීත අධ්‍යක්ෂක එච්.එම්. ජයවර්ධන රෝහණ ගැන මෙසේ අපට වරක් පවසා තිබුණි.
රෝහණ මේ සම්මානය ලබන විට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේදි ඔහුට තිබූ තනතුර කුමක්ද?
{ "answer_start": [ 403 ], "text": [ "සංගීත උපදේශක" ] }
698c21cc-a1c8-4ca6-8eee-e8d918308703
ඊට පෙර ඉන්දියාවේ වත්මන් බෞද්ධ පරිසරය ගැන පළමුව අවබෝධයක් ලබා ගැනීම වැදගත් යැයි සිතේ. ඒ අනුව ඉන්දියාව පුරා සොයා බැලූ විට බෞද්ධ සිද්ධස්ථානවල අඩුවක් ඇති බව පෙනී යයි. අතීත භාරතයේ බුදු දහම මැනවින් පැතිර තිබූ ගයාව, කාලිංගය, මගධය වැනි ස්ථානයන් හි සංචාරය කිරීමේදී, දැකිය හැකි වන්නේ බෞද්ධ සිද්ධස්ථාන ඉතා සුළු ප්‍රමාණයකි. බුදුන් වහන්සේ උපන්, බුද්ධත්වයට පත්වූ මෙන්ම පිරිනිවන් පෑ භාරතයේ මෙබඳු තත්ත්වයක් ඇති වීම කනගාටුදායක තත්ත්වයකි. භාරතය දික් විජය කළ අශෝක අධිරාජයා බුදු දහම වැළඳ ගැනීමෙන් අනතුරුව භාරතයෙන් නොනැවතී ඉන් පිටත ද බුදු දහම ව්‍යාප්ත කිරීමට කටයුතු කළේය. එබඳු පසුබිමක එතුමා බුදු දහම වැළඳ ගැනීමට මුල් වූ කාලිංගදේශය බෞද්ධාගමේ තෝතැන්නක් බදු විය. පසු කාලීනව බුදු දහම සඳහා වූ රාජ්‍ය අනුග්‍රහය හා ඒ සඳහා සිදු කළ දීමනා ක්‍රමයෙන් අඩු වූ නිසා, හින්දු දහම වඩාත් බලවත් ලෙස පැතිර ගියේ ය. අනතුරුව දිගින් දිගටම සිදු වූ හින්දු මෙන්ම ඉස්ලාම් බලපෑම් නිසා භාරතයේ බුදු දහම ඉතා ශීඝ්‍ර ලෙස පසුබෑමකට ලක් විය. එවකට කාලිංගයෙහි පිහිටා තිබුණු බෞද්ධාගමික ප්‍රබෝධය, සංචාරක අවධානය ලබාගැනීම සඳහා රත්නගිරි, උදයගිරි හා ලලිත ගිරි යන වඡ්‍ර ත්‍රිකෝණය නමින් හඳුන්වනු ලබන ස්ථානයන්හි ඇති බෞද්ධ අවශේෂයන්ගෙන් පැහැදිලි වෙයි.
බුදුන් වහන්සේ උපන්, බුද්ධත්වයට පත්වූ මෙන්ම පිරිනිවන් පෑවේ කොහෙද?
{ "answer_start": [ 367 ], "text": [ "භාරතයේ" ] }
e90817e3-b3d5-454a-97b5-eef048597111
පුරාණයේ මෙම සොහොන් ගැබ ඉදිකර තිබුණේ ආකෙමීඩියානු අධිරාජ්‍යයේ අගනුවර ලෙස සැලකුණු හොලිකාර්නෑසස් නගරයේය. ක්‍රි.පූ. 4 වැනි සියවස වෙද්දී හොලිකාර්නෑසස් අගනුවර සුළු ආසියාවේ කැපී පෙනෙන නගරයක් බවට පත්වී තිබුණි. වර්තමානයේ මෙම ස්ථානය ඇත්තේ තුර්කියේ ගොඩ්රුම් නගරයේය. මොසෝලස් රජුගේ සොහොන් ගැබ පිහිටි ස්ථානයේ ඇති නටබුන් සංචාරක ආකර්ෂණයක් වී ඇත. ක්‍රි.පූ. 353 දී, හොලිකාර්නෑසස් හි මොසෝලස් රජු මියගියේය. ඔහුගේ බිරිඳ වූයේ ඔහුගේ සොහොයුරිය කාරියාවේ දෙවැනි ආටිමීසියා රැජින ය. ඒ වනවිට මොසෝලස් රජුගේ දේහය තැන්පත් කිරීම සඳහා සොහොන් ගැබක් ඉදි කෙරෙමින් පැවැතිණි. තම සැමියාට ගෞරවයක් කිරීමට එය යොදා ගැනීම කළ හැකි යැයි ඇයට සිතුණි.
වර්තමානයේ මෙම ස්ථානය ඇත්තේ කොහේද
{ "answer_start": [ 228 ], "text": [ "තුර්කියේ ගොඩ්රුම් නගරයේය" ] }
351c91b9-e51f-44c0-a1bf-d054b314561d
එකල අඹුමුල්ලේ වාචිස්සර නම් හිමි නමක් පොලොන්නරුවේ වාසය කළහ. එහිමි නම ඉතාමත් සිල්වත් ගුණවත් එමෙන්ම එඩිතර හිමිනමක්. උන්වහන්සේ දන්ත ධාතුන් වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ රැගෙන පොලොන්නරුවේ සිට කොත්මලය බලා පිටත්විය. මෙම කාලවකවානුවේ ලංකාවාසී ජනතාවගේ අදහසක් වී තිබුණේ දන්ත ධාතුන් වහන්සේ රටේ රජු සතුවිය යුතු බවටය. දන්ත ධාතුන් වහන්සේ හිමි පුද්ගලයා රටේ පාලකයා ලෙස පිළිගැනීමට ලංකාවාසී ජනතාව සැදී පැහැදී සිටියේය. මෙම හේතුව නිසාම පොලොන්නරු රාජධානිය මේ වනවිට පාලනය කරමින් සිටි කාලිංග නම් සොළී ආක්‍රමණිකයාට ද දන්ත ධාතුන් වහන්සේ තමන් සතු කරගැනීමට අවශ්‍ය විය. ඒ පිළිබඳව ඔහු සොයා බැලීමේදී ඔහුට දැනගන්නට ලැබුණේ දන්ත ධාතුන් වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ පොලොන්නරුවේ නොමැති බවය. එම නිසා කලබලයට පත් කාලිංග, දන්ත ධාතුන් වහන්සේ සොයන්නට විය.
දන්ත ධාතුන් වහන්සේ හිමි පුද්ගලයා රටේ පාලකයා ලෙස පිළිගැනීමට ලංකාවාසී ජනතාව සැදී පැහැදී සිටි බැවින් දන්ත ධාතුන් වහන්සේ තමන් සතු කරගැනීමට අවශ්‍ය වුයේ කාටද ?
{ "answer_start": [ 463 ], "text": [ "කාලිංග නම් සොළී ආක්‍රමණිකයාට" ] }
d2df6678-d8ff-4ec6-bd14-0006e4aad8c6
ඇන්.ඇම්. පෙරේරා මහතාගේ පියා තොටළඟ කඩසාප්පු සමඟ කරත්තත් හිමි කරත්තකරුවෙක්. සිය ප්‍රතිවාදීන් ඇන්.ඇම්. පෙරේරා මහත්තයාට තොටළඟ මාටියා යනුවෙන් හැඳින් වූ අයුරු මට මතකයි. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හා විජයවර්ධන පවුලේ වාසභූමිය වූ සේදවත්ත වලව්වත් කැලණි ගඟ අසබඩ අදටත් අපට දකින්න පුළුවන්. මුලින්ම එජාපයෙන් තොටළඟට තරග කළේ සේරම් කියලා මහත්තයෙක්. ඊළඟට ඉඟුරු කඩේ හන්දියේ එදිරිසිංහ ගරාජයේ හිමිකරු වූ එදිරිසිංහ මහත්තයා සමසමාජයෙන් තරග කළා. චාල්ස් ගන්දර කියලා දකුණේ මහත්තයෙක් ශ්‍රීලනිපයෙන් තරග කළා. 1956දී උතුරු කොළඹ මහවත්ත නාගරික කොට්ඨාසයට ලංකා සමසමාජ පක්ෂයෙන් විවියන් ගුණවර්ධන මහත්මිය තරග කරලා ජය ලබාගත්තා. විවියන් ගුණවර්ධන කියන්නේ බොහෝම එඩිතර කාන්තාවක්. විවියන් ගුණවර්ධන මහත්මිය සමඟ එජාපයෙන් තරග කළේ ෂෙල්ටන් ජේ. අබේරත්න මහත්තයා තමයි. ඒ මහත්තයාත් විවියන් ගුණවර්ධන මහත්මිය පරාද කරලා නාගරික මන්ත්‍රී වුණා. ඒ කාලේ අපේ තාත්තා ඇතුළු ගමේ පිරිස තොටළඟ සමසමාජ රැලිවලට එන ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහත්තයාව පිළිගත්තේ මුද්දරප්පලම්වලින් හදපු මල් මාලා දාලා ඒ තරමට ඉස්සර තොටළඟ හිටපු මිනිස්සු ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහත්තයාට ආදරෙයි. ඒ වගේම තමයි හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයාටත් තොටළඟ මිනිස්සු හරිම ආදරෙයි.
තොටළඟට තරග කළේ සේරම් කියලා මහත්තයෙක් තරග කළේ කුමන පක්ෂයෙන්ද?
{ "answer_start": [ 289 ], "text": [ "එජාපයෙන්" ] }
cd2f7cad-2395-4c5a-901a-be26ad18c6d9
පාතාල අපරාධ සහ දූෂණ ශ්‍රී ලංකාවට පිළිලයක් බවට දැන් පත් වී තිබේ. විවිධ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වනු ලබන්නේ පාතාලය මගින් බවද හෙළි වී ඇත. මේ අයුරින් පාතාලය මගින් සිදු කරන දරුණු අපරාධ සහ විවිධ දූෂණ ක්‍රියා පිළිබඳව ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමුවී ඇත. පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව මාධ්‍ය අංශ මගින් ද දිනපතා අනාවරණය කරනු ලැබේ. පාතාල ලෝකයේ දූෂණ ක්‍රියා පිළිබඳව ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් අනාවරණය වූයේ 1962 වසරේදීය. පොලීසිය විසින් සොයා ගනු ලැබූ පාතාල ක්‍රියාවලට රටවල් කීපයක් සම්බන්ධ කර ගෙන තිබූ බැව් එහිදී අනාවරණය වී තිබිණි. එදා එම පාතාල ක්‍රියාවලට සම්බන්ධ වී ඇත්තේ අබිං, රත්‍රන්, මැණික් සහ මුදල් නෝට්ටු වැනි ජාවාරම්ය. අබිං මෙම පාතාල ජාවාරම්කාරයන්ගේ ක්‍රියාකාරකම්වල ප්‍රධාන අංගයක්ද විය.
ශ්‍රී ලංකාවට පිළිලයක් බවට පත් වී තිබෙන්නේ කුමක්ද?
{ "answer_start": [ 0 ], "text": [ "පාතාල අපරාධ සහ දූෂණ" ] }
37f0c84c-5bec-4235-b9d1-ffd8b5a7ef92
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසල තනවා ඇති මහා විහාරයේ සැලැස්ම සිංහ රූපයට සමාන වෙයි. සිංහලයාගේ කලා හපන්කම් සහ නිර්මාණ දස්කම් ලෝකයාට කියාපාන ජය භූමියක් වූ සීගිරියේ මහ ගල දොරටුව විශාල සිංහ රූපයකි. වළගම් අබා රජතුමන් විසින් එළාර-දුටුගැමුණු යුද්ධය ප්‍රදර්ශනය වන පරිද්දෙන් දඹුලු විහාරයේ කර ඇති සිත්තම්වල ගැමුණු සේනාංකයේ දැක්වෙන්නේ ද සිංහ කොඩියයි. පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ යුගයේ සිංහ ලාංඡනයට රාජකීය තත්ත්වයක් ලැබී තිබිණි. නිශ්ශංකමල්ල රජුගේ සිංහාසනය නිම වී තිබුණේ ද සිංහ රූපයක ආකාරයටය. කෝට්ටේ යුගයේ තුන්වැනි බුවනෙකබාහු රජු හා හයවැනි බුවනෙකබාහු රජු ද සිංහ කොඩිය සහ සිංහ රාජ මුද්‍රාව පාවිච්චි කළ බව ඉතිහාසයේ සඳහන් වෙයි. ඈත අතීතයේ පර්සියාවේත් කේරළයේත් රාජකීය කොඩිය සිංහ ලාංඡනය සහිත වූ බව ඒ පිළිබඳව පැවැත් වූ පර්යේෂණයන්හි දී හෙළි වී තිබේ. පර්සියාවත් ඉන්දියාවත් සිංහලයාගේ පැවැත්මේ ආරම්භය සමඟ ළඟ සම්බන්ධයක් ඇති බවට ඉතිහාසඥයින් විවිධ මත පළ කර ඇති බව ඉහත දැක්වූ කාරණයේදී සිත්හි තබා ගැනීම වැදගත්ය. අනුරාධපුර සහ පොළොන්නරු යුගවල නෙළුෑ සඳකඩ පහණවලත්, කොරවක් ගල්වලත් ඉතාම අගනා ලෙස සිංහ රූප කැටයම් කර ඇත. මිහින්තලේ සිංහ පොකුණේ ද, පරාක්‍රම මාළිගයේ මණ්ඩප ද්වාරයේ ද සිංහ රූප නෙළා ඇත.
අනුරාධපුර සහ පොළොන්නරු යුගවල ඉතාම අගනා ලෙස සිංහ රූප කැටයම් කර ඇත්තේ මොනවාගේද ?
{ "answer_start": [ 918 ], "text": [ "සඳකඩ පහණවලත්, කොරවක් ගල්වලත්" ] }
01d1bd44-4ec0-4c73-a2a9-a390c6e3ead9
එක්දාස් නවසිය අසූ ගණන්වල සංස්කෘතික ත්‍රිකෝණයෙන් මේ දාගැබ ප්‍රතිසංස්කරණය කළා. ඒ වැඩට හවුල් වුණු අයට යහපතක් වුණේ නෑ. පවුල් කැඩිලා විසිරිලා ගියා. අකාලයේ මිය ගියා. මේ දාගැබ අලුත්වැඩියා කරන්න ආපු වෙළෙන්දකුගේ නෑයෙක් කාලයක් දාගැබ ළඟ පදිංචිවෙලා හිටියා. ඒ වුණාට ඒ ආපු කණ්ඩායම අතරම එක එක කලකෝලාහල ඇතිවෙලා අර මැණික් ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික ස්ථානයත් විනාශ වෙලා ගියා. 1992 විතර සංස්කෘතික ත්‍රිකෝණයේ නිලධාරී කණ්ඩායමක් මේ දාගැබ සාරා පරීක්ෂණයක් කිරීමට ආවා. ඒ හෑරීමේ දී දාගැබේ එක තැනකින් විශාල ගල් කුට්ටියක සිදුරක් මතුවුණා. ඒක අඟල් හතරක් තරමේ අතක් ඇතුළට දාන්න පුළුවන් තරමට පුංචි සිදුරක්. ඒ සිදුර දාගැබේ තිබුණු රහස් උගුලක් කියලා පස්සේ එළිවුණා. ඒ සිදුර දාගැබේ නිධානය ආරක්ෂා කිරීමට යොදපු උගුලක්.
කාලයක් දාගැබ ළග පදිංචි වී සිටියේ කවුද ?
{ "answer_start": [ 191 ], "text": [ "වෙළෙන්දකුගේ නෑයෙක්" ] }
95e3643f-0e9f-4aa1-a314-30cc5abef2f1
මර්සිඩීස් බෙන්ස් සමාගම එස්.එල්.ආර් 300 වර්ගයේ මෝටර් රථයක් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 143 කට අලෙවි කළේය. ලොව මෝටර් රථයක් අලෙවි කළ වැඩිම මිල ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 143 ක මුදල ඉතිහාසයට එක් වූවේය. මර්සිඩීස් බෙන්ස් කෞතුකාගාරයේදී මැයි 5 වෙනි දින මෙම වෙන්දේසිය පවත්වා ඇත. මර්සිඩීස් බෙන්ස් සමාගම එස්.එල්.ආර් 300 වර්ගයේ මෝටර් රථ නිපදවා ඇත්තේ දෙකක් පමණි. මැයි 5 වෙනි දින රහසිගතව මෙම වෙන්දේසිය පවත්වා ඇති අතර අලෙවි කර සති දෙකකට පසු මර්සිඩීස් බෙන්ස් සමාගම ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 143 කට එස්.එල්.ආර් 300 වර්ගයේ මෝටර් රථයක් අලෙවි වූ බව නිවේදනය කළේය.
මෙම වෙන්දේසිය පවත්වා ඇත්තේ කොහේදීද?
{ "answer_start": [ 213 ], "text": [ "මර්සිඩීස් බෙන්ස් කෞතුකාගාරයේදී" ] }
81a2e11b-86f4-4309-84f1-4c85808dd659
ජිම්නාස්ටික් ක්‍රීඩාව හැඳින්වෙන්නේ සෞන්දර්යාත්මක ක්‍රීඩාවක් ලෙසිනි. පිරිමින් සඳහා ඉසව් හයක් ලෙසින්ද කාන්තාවන් සඳහා ඉසව් හතරක් ලෙසින්ද එය වර්ගීකරණය කර තිබේ. සරඹ, පැති අශ්වයා, වළලු, පැනීම්, සමාන්තර දණ්ඩ සහ තිරස් පෝල පිරිමින් සඳහා වෙන් වූ අතර පැනීම්, අසමතුලිත පෝල, සමාන්තර දණ්ඩ සහ සරඹ කාන්තාවන් සඳහා වෙන් වි තිබේ. 1950 ගණන්වල සෝවියට් දේශයේ පමණක් කාන්තාවන් සඳහාද වළලු, තිරස් පෝල, සමාන්තර දණ්ඩ යන ඉසව් පැවතියද පසුව ඒවා අභාවයට ගියේය. කාන්තාවන් සඳහා රිද්මයානුකූල ජිම්නාස්ටික් වශයෙන් හැඳින්වෙන ඉසව්වක්ද තිබේ. එය බැලේ, ජිම්නාස්ටික් හා නැටුම් යන අංගවල එකතුවකි. ඒ සඳහා පන්දු, පීත්ත පටි, වළලු, වරපට වැනි දෑ භාවිත කෙරේ.
පිරිමින් සඳහා තිබෙන ඉසව් ගණන කොපමණද?
{ "answer_start": [ 87 ], "text": [ "හයක්" ] }
f0b46bd5-56ff-4e28-87cb-1beafc572d67
ඒ වේදනාව දරාගන්න බැරුව මම කෑ ගැහුවා. මම ඇහුවා ඇයි මට කිව්වේ නැත්තේ කියලා. ඒ වෙලාවේ මහත්තයාගේ මරණය කිව්වා නම් මාව කොහොමත් බේරගන්න බැරි වෙනවා. එහෙම වුණොත් පුතාට අම්මයි තාත්තයි දෙන්නම නැති වෙන නිසයි නොකිව්වේ කියලා වෛද්‍යවරු ගොඩක් මගේ හිත හැදුවා. මාව ගොඩක් ෂොක් වුණා. දරුවා බදාගෙන මුළු දවසක්ම මම ඇඬුවා. මේ වේදනාව මට මැරෙනකම් ඉවර කරන්න බැහැ. මගේ දරු පැටියාගේ මුණ දකින හැම තත්පරයකම මට පෙන්නේ මහත්තයාගේ මූණ. මට ජීවිතේ නැති කරගන්න හිතුන වාර අනන්තයි. ඒත් පුතාව මගේ අතට දුන්නම පුතා වෙනුවෙන් ජීවත් වෙන්න ඕනෑ කියලා හිතුවා. මට හිත ශක්තිමත් කරගන්න කොහේ හරි ඉඳගෙන මට ශක්තිය දුන්නේ මගේ මහත්තයා වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා.
දරුවාගේ මූණ දෙස බලන සෑමවිටම ඇයට පෙනුනේ කාගේ මුහුනද?
{ "answer_start": [ 386 ], "text": [ "මහත්තයාගේ මූණ" ] }
5b306c97-a264-4eef-bac1-a0de9f473c05
ඉන් අප්‍රධාන මාර්ග තුන වනුයේ දැරණියගල-උඩමාලිබොඩ මාර්ගය දෙහෙනකන්ද-මුක්කුවත්ත මාර්ගය, සඳගලතැන්න-රජමාලේ මාර්ගය වේ. නමුත් මෙම ත්‍රිත්වයට අමතරව තවත් අප්‍රධාන මාර්ග දෙකක් ඇත. නමුත් ඒවා හී පවතින දුෂ්කර බව හා අවදානම අතිශය ඉහළ බැවින් ක්‍රියාදාම චාරිකාකරුවන් පවා එම මාර්ග භාවිත නොකරනු ලැබේ. ඒවා නම් බත්තුළුඔය පැරඩයිස් දිය ඇලි මාර්ගය, සමනල දුර්ගය මාර්ගය වේ. සමනල රක්ෂිතය හැඩ කරන මහා කඳු අතර සමනල කන්ද ලංකාවේ උසින් පස්වන ස්ථානයෙහි ලා වැජඹෙන අතර ඊට අමතරව බෑන සමනල හීන් පිදුරුතලාව/පැදුරුතලාගල කන්ද, කුණුදිය පර්වතය, බල්ල, බැඳිගල, රත්කන්ද, සප්තකන්‍යා කඳුවැටිය, මහ පිදුරුතලාව සහ ගවරවිල කන්ද සමනල රක්ෂිතය වසාගෙන සිටින දැවැන්ත කඳු වේ. මේ අතර සමනල රක්ෂිතයේ ජල උල්පත්වලින් කුලුඳුලේම උපදින ගංගාවන් රාශියක් ඇති අතර ඉන් කළු සහ කැලණි ප්‍රමුඛ වේ. අතීත ජන කවි වහරේ තිබුණද මහවැලි සහ වලවේ ගංගා යනු හෝර්ටන්තැන්නෙන් උපදින මහා ගංගාවන් වන බව අපි මින් පෙර ගවේෂණ මගින් දැනගත්තෙමු. මෙම දියවර නිර්මාණය කරන අලංකාර දියඇලි සමූහයක් තවමත් මිනිස් පහස නොලද ඉසව්වල පවතින නමුත් ඉන් නායගඟේ ඇලි හත, කුණු දිය පව්ව දියඇලි දාමය, වර්ණගල ඇල්ල, මාපලාන ඇල්ල, කූනිස්සන් ඇල්ල, හාල්මැහි ඇල්ල, සීත ගඟුල ඇලි, යකා ඇඬූ ඇල්ල, රජමාලේ ඇල්ල, ගාථමොර් සහ මරේ ඇල්ල ශ්‍රීපාද සහ ගවරවිල ඇලි මින් ප්‍රධාන වේ.
තවමත් මිනිස් පහස නොලද ඉසව්වල පවතින අලංකාර දියඇලි මොනවාද?
{ "answer_start": [ 1063 ], "text": [ "රජමාලේ ඇල්ල, ගාථමොර් සහ මරේ ඇල්ල" ] }
bb11cd82-6e4c-41cf-aeff-e5cc8898f831
ගසක මුල් වෙනත් කෙනෙකුගේ ඉඩමට ඇදී ගිය අවස්ථාවක එකී වෙනත් අයට ගසේ අයිතියක් නැත. ඔහුට අවශ්‍ය නම් ඔහුගේ ඉඩමට ඇදී ගිය ගසේ මුල් ඔහුට ඉවත් කළ හැකිය යන්නය. එබැවින් පැමිණිලිකරුවන්ට ඉහත දැක්වූ පරිදි හිමිවන්නේ ගසේ භාගයක් පමණක් වන බැවින් එකී මුදලින් දෙකෙන් කොටසක් ඔවුන්ට ලබාගත හැකි බවත් නිගමනය කළේය. එබැවින් පැමිණිලිකරුවන්ට කිතුල් ගසේ මල තලා අලාභ හානියක් සිදු කිරීමට හේතුවක් වූ විත්තිකරු විසින් රුපියල් 12.50 ක මුදලක් ගෙවන ලෙසට නිගමනය කළේය. කොමසාරිස්වරයාගේ තීන්දුව ඉවත් කළ අගවිනිසුරුතුමා අලාභ වශයෙන් විත්තිකරු පැමිණිලිකරුවන්ට රුපියල් 12.50 ක් ගෙවන ලෙසටත් උසාවියේ පවත්වන ලද නඩු විභාගයේ නඩු ගාස්තු විත්තිකරු විසින් පැමිණිලිකරුවන්ට ගෙවන ලෙසත් එසේම ආයාචනා ගාස්තුව ද විත්තිකරු විසින් පැමිණිලිකරුවන්ට ගෙවන ලෙසද නියම කොට කොමසාරිස්තුමාගේ නඩු තීන්දුව ඉවත දැම්මේය.
කොමසාරිස්වරයාගේ තීන්දුව ඉවත් කලේ කවුද?
{ "answer_start": [ 461 ], "text": [ "අගවිනිසුරුතුමා" ] }
faa8cf8b-e790-4238-a4c7-8243328e61c0
ඉබි ගමනටත් වඩා හිමින් තවත් මඳ දුරක් ගෙවූ බසය ආයෙත් නතර වුණා. එතැනින් ගොඩවුණේ තරුණයෙකු හා එම වයසේම වගේ ගැබිනි තරුණ කාන්තාවක්. ඉදිරිපස දොරටුවෙන් බසයට පැමිණ එතැනම නතර වූ මේ දෙදෙනා බසය සිසාරා බැල්මක් හෙලන ගමන් තරුණයා කතාව පටන් ගත්තා. බසය තුළ ආසන ගණනටවත් සෙනඟ නැති නිසාත් පුද්ගලික බස් රථවල වගේ දෙකන්වලට බලහත්කාරයෙන් ඇතුළු කරන අහන්න හිරිකිත සින්දු මේ බසයේ නොතිබූ නිසාත් තරුණයා පවසන දෑ බසයේ පිටුපසටත් හොඳට ඇහුණා. ඔහුගේ යාදින්නාව අනුව මේ ගැබිනි කාන්තාව තමන්ගේ බිරිඳ මේ දෙන්න මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගියෙකු බලන්න ගිහින් එමින් ගමන. ඒ බව සනාථ කරන්නට දෝ ඇඳුම් දෙක තුනක්, කෑම රැගෙන යන ප්ලාස්ටික් පෙට්ටියක් වැනි දේවල් ටිකක් බෑගය තුළ තිබුණා. ඔහු ඉටි බෑගය අතේ රඳවාගෙන හිටියේ ඒ තුළ ඇති දෑ පෙනෙන ලෙසටය. ප්‍රතිකාර ලබන්නේ තරුණයාගේ මව. ඇගේ ශරීරයේ පැතිර තිබෙන දරුණු පිළිකා මාරයා තාවකාලිකව පරාජය කරන්නට දිනකට රු. 60,000 ඖෂධ අවශ්‍යයි. මේ බර හැමදාමත් දරන්න බැහැ. උදව් කරන්න කවුරුත් ඇත්තේත් නෑ. මේ වනවිට මේ දෙදෙනා සතුව තිබුණු අත කන කර රත්තරන් හා වටිනා බඩුමුට්ටු විකිණී අවසන්. කර කියාගන්න දෙයක් නොමැති නිසා හැමදාමත් අම්මව බලන්න රෝහලට ගොස් එන අතරතුරදී බස් කීපයකට ගොඩවෙලා මගීන්ගේ පිහිට පතනවා. ඔබටත් ජීවිත කාලය අතුරතුරදීම නිවන් යන්නට නම් අපිට උදව් කරල අම්මගෙ බෙහෙත් ටික ගන්න උදව් කරන්න කියලා.
තරුණයාගේ මවට දිනකට කොතරම් මුදලක් බෙහෙත් සදහා අවශ්‍ය වේද
{ "answer_start": [ 795 ], "text": [ "රු. 60,000" ] }
6c1cf06d-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
‘‘රෝගියකු ශල්‍යකර්මයට පසුව සුවය ලබන කාලය අතරතුර ඔහුගේ ක‍්‍රියාකාරකම් දුරස්ථව සිට වෛද්‍යවරයාට නිරීක්‍ෂණය කිරීමටත් ඒවායේ වාර්තාවක් ලබා ගැනීමටත් එමගින් හැකිවෙනවා. අනතුරක් හෝ හදිසි අවස්ථාවක නම් කරන ලද පුද්ගලයකුට අනතුරු පිළිබඳව හා අනතුර සිදුවූ ස්ථානය පිළිබඳව ජී.එස්.එම්. තාක්‍ෂණයෙන් කෙටි පණිවුඩයක් ලෙස යැවීමේ හැකියාවද තියෙනවා. මෙම නිර්මාණය වයෝවෘද්ධ පුද්ගලයන් දුරස්ථව සිට නිරීක්‍ෂණය කිරීමේ පද්ධතියක් ලෙසද යොදාගැනීමේ හැකියාව තියෙනවා. මෙම නිර්මාණය ජපානයේ කියෝතෝ නුවරදී පරිභෝජන ඉලෙක්ට්‍රෝනික ක්ෂේත‍්‍රය සඳහා පැවැති පස්වැනි අන්තර්ජාතික සමුළුවේදී ඉදිරිපත් කිරිමටද අපට හැකිවුණා.’’
මෙම නිර්මාණය ඉදිරිපත් කෙරුනේ කොහේදීද?
{ "answer_start": [ 440 ], "text": [ "ජපානයේ කියෝතෝ නුවරදී" ] }
247e6ac0-16b9-493a-863f-e298b7509ea4
‘දහඅටවැනි ශත වර්ෂයේදී අපට දක්නට ලැබෙන ගොවි කුලය පැරණි කුලවතුන්ගේ දරු මුණුපුරන්ගෙන් පැවතෙන සජානීය පිරිසක් නොවේ. දේශීය හා විදේශීය යන දෙපක්ෂයටම අයත් විවිධ කොටස් එයට සම්මිශ්‍රණය විය. උඩරට නිලමෛයිකාරවරු හෙවත් නිලමේවරු විසින් සිංහල පොත පත වැනසූ අයුරු පට්ටි පුරාණය ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත්තේ මෙසේය. නිලමෙලා කියති තුප්පොට්ටිය පටලා බැරිවෙලා තිබෙන පොත්පත් ලති ළිපලා හරවලා කියති නම් ගම් පට බැඳලා මත්තට වෙන මුළා මම මෙන්න පද කළා, මුලදී සිංහලෙන් ලියන ලදුව පසුව ද්‍රවිඩ භික්ෂුවක වූ මහානාම හිමියන් විසින් පාලි බසට පරිවර්තනය කර ඉන්පසු යතිවරයන් විසින් පාලි බසින්ම එකතු කිරීම් කරන ලද සහ මහනුවර යුගයේදී විවිධ සංශෝධනයන්ට බඳුන් වූ මහාවිහාර මහාවංසයට අනුව සිංහලයා පැවතෙන්නේ දකුණු ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ විජය සහ ඔහුගේ සත් සියයක් වූ පිරිසෙන්ය.
සිංහලයා පැවත එන්නේ දකුණු ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ විජය හා ඔහුගේ සත්වියයක් වූ පිරිසෙන් බැව් පැවසෙන්නේ කුමකට අනුවද?
{ "answer_start": [ 610 ], "text": [ "මහාවිහාර මහාවංසයට" ] }
ea74f200-dacb-4cf8-b5a8-47afb2758674
අවසානයට හමුවුණේ හෝමාගම චාන්දනී වෙද හාමිනේය. ඇය ආයුර්වේද වෘත්තියට බැස ඇත්තේ තම සැමියා මිය ගියායින් පසුවයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත්කරුවකු ලෙස සේවය කළ ඔහු අකාලයේ මිය පරලොව යෑමත් සමඟ ඇය තමා දන්නා ආයුර්වේදය තෝරා ගත්තේ තම දියණිය සමඟ අවංකව ප්‍රතිකාර කිරීමටය. මේ ඇයගේ අදහස්. අපි කිසිම බෙහෙතක් එක්ක බටහිර ඖෂධ කලවම් කරන්නේ නැහැ. ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී ඇත්තේ පාරම්පරික ආයුර්වේද පාර්ශ්වයෙන්. මා රෝගීන්ට ලබාදෙන්නේ අරිෂ්‍ට නෙවෙයි කසායයි. ඉන්දියාවෙන් මට ඖෂධ ගෙනැත් දෙන කෙනකු ඉන්නවා. මා බෙහෙත් ගන්නේ අපේ රටෙන් නෙමෙයි.
ඇය ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී ඇත්තේ කුමන පාර්ශවයෙන්ද?
{ "answer_start": [ 370 ], "text": [ "පාරම්පරික ආයුර්වේද පාර්ශ්වයෙන්" ] }
b06dc8d9-3593-4f32-a84b-75dcfb210cf0
වසර පහකට හයකට පමණ පෙර මෙලෙස සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ සම්බන්ධ කරගත් දෙතුන් සීයක පිරිසක් සමග කුඩා ශාලාවල හෝ එළිමහන් භූමිවල මේ සාද පැවැත්විණ. රාජගිරිය ප්‍රදේශයේ 2013 ඔක්තෝබර්වල පැවැති සාදය මේ ෆේස්බුක් සාද සමාජයට නිරාවරණය වූ පළමු අවස්ථාවයි. ඉන්පසුව 2014 නොවැම්බර් 08 වැනිදා පැවති සාදයක් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් විසින් වටලා මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ. 2016 දෙසැම්බර් 03 හා 04 දිනවල දී ජා ඇළ-උදම්මිට ප්‍රදේශයේ පැවති සාදයක දී සංවිධායකයන්ට පාලනය කළ නොහැකි වූ තරුණ පිරිසක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් ඉදිරිපත් වූ පැමිණිලි හමුවේ ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කරනු ලැබිණ.
2016 දෙසැම්බර් 3 හා 4 සාද පැවතියේ කොහෙද?
{ "answer_start": [ 426 ], "text": [ "ජා ඇළ-උදම්මිට ප්‍රදේශයේ" ] }
e92482d2-b902-4ef1-b812-d4599a066de2
ආදි මානවයාගේ බුද්ධි ප්‍රබෝධයත් සමගම ගස්වල කොළ පොතු මල් ගෙඩි තෝරා බේරාගෙන පෝෂණය ලබා ගත්තේය. මුලින්ම ඔහු අලයක් හාරා අමුවෙන් අනුභව කිරීමෙන් ද සතෙකු මරා අමුවෙන්ම අනුභව කිරීමෙන් ද කුසගින්න නිවා ගත්තේය. එහෙත් කල් යාමේ දී සතා අමුවෙන් කනවාට වඩා පුළුස්සා අනුභව කිරීමට පුරුදු විය. දිවට දැනෙන රසය පදනම් කරගෙන විනා එහි ගුණ තේරුම් ගෙන නොවේ. හාරාගත් අලි අඩියේ අල තම්බා කෑමට පුරුදු වූ ඔහු මස් මාළු ද ජලයේ බහා තම්බා කෑමට පුරුදු විය. ඒ සඳහා මැටි බඳුන් ලෙස අලින්ගේ එරී ගිය පා සටහන් ගලවාගෙන ඒමටත් පසුව ඒවා ගින්නෙන් පිළිසීමටත් පටන් ගත්තේය. පසුව අලි අඩි සොයා යෑම අත්හැරිය ආදි මානවයා මැටිවල ඇති තද බව ගින්නෙහි ලා පිළිස්සීමෙන් ලබාගත හැකි බව තේරුම් ගත්තේය. මැටි භාජනයේ ආරම්භය ද එයම විය. මිනිසා මේ සම්බන්ධයෙන් අත්හදා බැලීම් කරන්නට වූයේ ඉන් පසුවය. අධ්‍යාපනයක් තබා කතා කිරීමට භාෂාවක් වත් නොතිබුණ මිනිසා විසින් මැටි භාජනය සොයාගැනීම විශ්මය ජනකය.
ආදි මානවයා විසින් සොයාගත් විශ්මය ජනක සොයාගැනීම කුමක්ද?
{ "answer_start": [ 784 ], "text": [ "මැටි භාජනය" ] }
f48c7fb2-be09-4e0a-8892-44f8a9244fa0
එම ආරංචියත් සමග කොළඹ නගරයේ ආරක්ෂක මුරකාවල් තරකොට තිබුණත් කොටි සංවිධානය මහ බැංකුව ඉලක්ක කරනු ඇතැයි ඔවුන් තුළ නිසි තක්සේරුවක් නොවීය. උඩප්පුව පොලිසිය විසින් මුන්දලම වෙරළේදී කිලෝග්‍රෑම් 400 ක් බරැති පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිද්ධිය ද ආරක්ෂක අංශයන්හි විමසීමට ලක්ව තිබිණි. මුන්දලමේ තවත් ස්ථානවල පුපුරන ද්‍රව්‍ය සඟවා තිබුණේද? එම පුපුරන ද්‍රව්‍ය රහසින් කොළඹට ප්‍රවාහනය කරනු ලැබුවේද? මේ අනුව බෝම්බය සාදනු ලැබුවේ කොළඹදීද? යන ගැටලු කෙරෙහි ආරක්ෂක අංශයන්හි අවධානයට ලක්වූ අතර කොටුව දුම්රියපොළට නුදුරින් අතහැර දමා ගොස් තිබූ ත්‍රිරෝද රථයක්ද පොලිසිය භාරයට ගැනිණි. බැංකුව අසල වෙඩි තැබීමේ සිද්ධියට සහභාගි වූ පිරිස පැමිණියේ මේ ත්‍රිරෝද රථයේද?
අතහැර දමා ගොස් තිබූ ත්‍රීරෝද රථය ගත්තේ කාගෙ බාරයටද?
{ "answer_start": [ 534 ], "text": [ "පොලිසිය භාරයට" ] }
e3f23f94-c84e-4006-b8a4-ccd1ff6ad2d4
ත්‍රස්තවාදී සංවිධාන ලෙස ඉස්ලාමිකයන් හා සම්බන්ධ සංවිධානය තුනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහනම් සංවිධාන ලෙස නම් කර ගැසට් කරනු ලැබිණ. එසේ තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුවේ ජමාතේ මිල්ලතු ඊබ්‍රාහිම් හා විලයාන් අස් සෙයිලනි සංවිධාන දෙක මෙන්ම ජාතික තවුහිද් සංවිධානය වේ. මේ සංවිධානය සෘජුවම පාස්කු ඉරිදා ප්‍රහාරය හා සම්බන්ධ වූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් නියෝජනය කළ සංවිධානයන්ය. මෙයින් සහරාන් නියෝජනය කරන්නේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයයි. එහෙත් ඔහුගේ ආරම්භය කොහේද? මේ සම්බන්ධයෙන්ද විවිධ මත තිබේ. ඒ අතර වඩාත් පිළිගැනීමට ලක්වන මතය ලෙස ඉදිරිපත්ව තිබෙන්නේ ඔහු ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය සමග කලක් එකට කටයුතු කර 2016දී පමණ එයින් ඉවත් වී වෙනම සංවිධානයක් ගොඩ නගාගෙන ඇති බවය.
ජනාධිපති විසින් කොපමණ සංවිධාන ප්‍රමාණයක් තහනමට ලක් කලාද?
{ "answer_start": [ 56 ], "text": [ "තුනක්" ] }
3f4a627e-3a9f-498f-9dbf-6bd93836e769
මෙම පිරමීඩාකාර වස්තුවේ කේන්ද්‍රීය ලක්ෂය අනුව එය අවම වශයෙන් වසර 20,000ක් පමණ පැරැණි හෝ පෘථිවියේ ග්ලැසියර දිය වී යෑම ආරම්භ වූ අවසාන හිම යුගයේ නිර්මාණය වූවක් හෝ බවට නිගමනය කළ හැකියැයි පර්යේෂකයෝ සඳහන් කරති. 2012 වසරේ බහමාස් ආසන්නයේ පිහිටි බිමිණි වෙරළාසන්න සමුද්‍ර පත්ලෙන් ඊජිප්තුවේ මහා පිරමීඩය මෙන් තුන්ගුණයක් පමණ විශාල පළිඟු වැනි පිරමීඩාකාර වස්තුවක් සොයා ගැනිණි. සාගර විද්‍යාඥයකු වන ආචාර්ය වර්ලාග් මේයර් විසින් සෝනාර් තාක්ෂණය ඇසුරින් සොයා ගන්නා ලද මෙම වස්තුවේ පාදම දිගින් මීටර 300ක දිගින් යුතු වූ අතර උස මීටර 200ක් විය. පිරමීඩය මුදුනේ විශාල සිදුරු දෙකක් තිබූ අතර එතුළින් ඉතා වේගයෙන් ජලය ගලා ගියේ යෝධ සුළි නිර්මාණය කරමිනි. එය සාගරය මතුපිට වේගවත් රළ ඇති කිරීමට හා මීදුම් සහිත පරිසරයක් නිර්මාණය කිරීමට බලපෑවේය. 19 වැනි සියවසේ මෙම ප්‍රදේශයේ ඇති වූ අසාමාන්‍ය විද්‍යුත් චුම්භක විෂමතා සඳහා මෙම සුළිවල බලපෑමක් තිබෙන්නට ඇතැයි විද්‍යාඥයෝ සැක මතු කරති.
බහමාස් ආසන්නයේ පිහිටි වෙරළ කුමක්ද?
{ "answer_start": [ 235 ], "text": [ "බිමිණි" ] }
7c982e02-d6d4-4009-b297-fb19450d5169
නාරංගල යනු අප අවස්ථා දෙකකදී තරණය කළ කන්දකි. මීට දෙවසරකටත් එපිට සංචාරකයින්ගේ නෙතින් වසංව තිබූ නාරංගල කඳුවැටියේ සැබෑ සුන්දරත්වය අපගේ මුහුණුපොත ‘‘සොබාසිරි’’ පිටුව හරහා හෙළි කළ අතර ඉන්පසු ගත වූ කාලය තුළ නාරංගල සුන්දරත්වය නැරඹීමට බොහෝ පිරිස් ගියහ. නාරංගල කඳු මුදුනත යනු නෙත් වශීකරන සහ සිත් පැහැර ගන්නා තරම් සුන්දරත්වයකින් යුතු කන්දකි. මන්ද කඳු මුදුනටත් තෘණ සහ මානා පිහිටීමේ අපූර්වත්වයයි. නමුත් බොහෝ අයට රාත්‍රී කඳවුරු බැඳීම මගහැරුණද ඇතැමුන් කඳවුරු බැන්දද ඔවුනට පවා මහහැරී ගිය සුන්දර දසුන් කිහිපයක් පසුගිය වරෙක නාරංගල චාරිකාවේ යෙදුණු මිත්‍ර ශශී ගයාශාන් හට විඳගැනීමට ලැබුණි. ගුවන් යානයක යන විට අඩි දහස් ගණනකට උඩදී කවුලුවෙන් පිටත බලන විට පහළින් වලාකුළු රොද පෙනෙනා දර්ශනයම අපට නාරංගල කඳු මුදුනේ දැක ගැනීමට ලැබුණි.
නාරංගල කඳු මුදුනත යනු නෙත් වශීකරන සහ සිත් පැහැර ගන්නා තරම් සුන්දරත්වයකින් යුතු කන්දක් වන්නේ කුමක් නිසාද?
{ "answer_start": [ 331 ], "text": [ "මන්ද කඳු මුදුනටත් තෘණ සහ මානා පිහිටීමේ අපූර්වත්වයයි" ] }
12921ec7-9e82-440b-bc23-30162baff70f
එබැවින් මහාචාර්යවරයා දෙවැනි පියවරට ගියේය. ඒ පාදවල වූ ශිරා පද්ධති විවෘත කිරීමය. එය පළමු පරීක්ෂණයේ දී විවෘත කර තිබුණේ නැත. මහාචාර්යවරයාට සතුටු විය හැකි තොරතුරක් ලැබිණ. දකුණු පාදයේ ඌර්ධව ශිරාවේ තිබූ ප්‍රධාන රුධිර කැටිය මහාචාර්යවරයාට හමුවූ අතර එහි සැලකිය යුතු කොටසක් කැඩී ගොස් ඇති බව අන්වීක්ෂීය පරීක්ෂණ මගින් තහවුරු කරගත හැකි විය. එහි වෙන් වූ කොටස පුෂ්ඵුසීය ධමනිය කරා ගමන් කළ බව දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු කළ නොහැකිය. එහෙත් මේ ලේ කැටියෙන් කැඩී ගිය කුඩා කැටිති පෙණහලු කරා ගමන් කර කුඩා නාළිකාවල සිරවිය හැකිය. පෙණහැල්ලේ පටක අන්වීක්ෂීය පරීක්ෂාවට ලක් කිරීමෙන් ඒ බව සොයාගත හැකිය. ඒ අනුව මහාචාර්යවරයා පෙණහලු පටක පරීක්ෂා කළේය. ඔහු සාර්ථක විය. කුඩා රුධිර කැටිති පෙණහලු පටකවල දැකිය හැකි විය.
ප්‍රධාන රුධිර කැටිය තිබුණේ කුමන ශිරාවේ ද?
{ "answer_start": [ 178 ], "text": [ "ඌර්ධව ශිරාවේ" ] }
f152c1dd-24de-4041-a8fa-0a79e1e30237
සුජිත්ගේ සිරුරේ එතරම් කාබන්මොනොක්සයිඩ් තිබුණේ නැත. ඒ නිසා ඔහුගේ මරණයට හේතුව ගින්නට හසුව කාබන්මොනොක්සයිඩ් අධික ලෙස ආශ්වාස වීම නොවේ. එයට ඔහුගේ හිසට සිදුකළ පහරදීම, ගෙල මිරිකීම මෙන්ම ගින්නට දමා පිලිස්සීමද හේතු විය. මේ සියල්ල තුළින් පැහැදිලි වූයේ මෙය ඝාතනයක් බවය. ඒ අනුව සුජිත්ගේ ජංගම දුරකථනයද පරික්ෂා කර ඔහු සමග සමීපව ඇසුරු කළ තරුණයන් දෙදෙනෙකු ගැන තොරතුරු අනාවරණය කරගන්නට පොලිසියට හැකි විය. මේ තරුණයන් දෙදෙනාම සුජිත් සමග සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය විය. එක් තරුණයෙකු කලක් තිස්සේ සුජිත් සමග සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් තිබූ අතර අනෙක් තරුණයා සුජිත් මරණයට පත්වන්නට ආසන්න කාලයකදී ඔහු සමග ඇසුරට පත්ව තිබිණ. දෙවන තරුණයා සමග ඇසුරක් ආරම්භ කිරීම නිසා උරණ වූ පෙර ඇසුර පවත්වාගෙන ගිය තරුණයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලදී අනාවරණය විය.
ගෙල මිරිකීම මෙන්ම ගින්නට දමා පිලිස්සීම වැනි කරුණූ නිසා පැහැදිලි වූයේ කුමක්ද?
{ "answer_start": [ 242 ], "text": [ "මෙය ඝාතනයක් බවය" ] }
50b83a90-f845-4fc5-b702-b768d2cfd11c
නිමාවක් නැති ඇෆ්ගන් සංග්‍රාමය අවසන් කරන බවත්, ලබන මැයි පළමු වැනිදා සිට, ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ගෙන්වා ගැනීම ආරම්භ කරනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දී තිබේ. මෙම 2,500 ක සොල්දාදුවන් කාණ්ඩ වශයෙන් ඉවත් කර ගන්නා බවත්, මෙම සැප්තැම්බර් 11 වැනිදා වනවිට ඇෆ්ගනිස්තානයෙන් සියලු ඇමෙරිකන් සොල්දාදුවන් ඉවත් කර ගන්නා බවත් ජනපති බයිඩන් අවධාරණය කර තිබේ.ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුත් අල් කයිඩා ත්‍රස්ත සංවිධානය මගී ගුවන් යානා යොදා ගනිමින්, ඇමෙරිකාවට පහර දුන්නේ 2001 සැප්තැම්බර් 11 වැනිදාය. ඒ, මීට වසර 20 කට පෙරය.
ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුත් අල් කයිඩා ත්‍රස්ත සංවිධානය මගී ගුවන් යානා යොදා ගනිමින්, ඇමෙරිකාවට පහර දුන්නේ කවදාද?
{ "answer_start": [ 487 ], "text": [ "2001 සැප්තැම්බර් 11 වැනිදාය" ] }
ba30c979-8bb2-4595-82f5-dbdf7a34bf40
ස්ත්‍රියකගේ නළල් තලයෙහි දික්වූ ස්වස්ථික දැක්මක් ඇත්නම් තම සැමියාගේ කුඩා සහෝදරයා නසන අතර ලොම් ඇත්නම් නිතර ලෙඩ රෝග වලින් පෙළෙන්නියක්ද වේ. බළල් ඇස් ඇත්තාවුද ඇතුන්ගේ මෙන් ඇස් ඇත්තාවුද කාන්තාව කාමයෙන් මත්වී කුලය පවා නසන්නියකි. දකුණු ඇස වපරවීනම් වඳය. වම් ඇස වපරවී නම් සොර සැමියන් සොයා යන්නියකි. මීයන්ගේ හෝ කොබෙයියන්ගේ වැනි ඇස් ඇති ස්ත්‍රිය නපුරු ස්වභාව ඇති කාමය අඩු තැනැත්තියකි. වළ ගැසුණු ඇස් ඇති කාන්තාව ඉතා නපුරුය. රතු ඇස් ඇත්තිය සැමියන් නසන්නියකි. අග රතුවූ හෝ වක්වූ නහය ඇත්තිය වැන්දඹුවකි. පැතලි නාසය ඇත්තී දාසියකි. එල්ලෙන නාසය ඇත්නම් කලහයට ප්‍රිය කතකි. නාසය මහත්වූ අග ඇතිව මැද නැමුණොත් අශුභ ඵල ඇති වෙයි.
සොර සැමියන් සොයා යන්නියකගේ කුමන ඇස වපරද?
{ "answer_start": [ 245 ], "text": [ "වම් ඇස" ] }
dc3fb406-3c2e-490e-9aff-956d5bcc201e
ඉනික්බිති ආරම්භ වූයේ දළදා හාමුදුරුවන් සහ පාත්‍රා ධාතූන් වහන්සේ බිල්ලසේල හෙවත් බෙලිගල පර්වත මස්තකයේ පිහිටි දළදා මැඳුරට වැඩම කරවන පෙරහරය. සාදු නාදයෙන් රැව් පිළිරැව් දෙමින් පිටත් වූ මේ පෙරහරට රටවැසි බෞද්ධෙයා් මල්වැසි වස්සවන්නට පටන්ගත්හ. අතීත රජදරුවන් විසින් ගව්වෙන් ගව්ව තනවන ලද විහාරාරාමවල දළදා වහන්සේ පුදන්නට පිංකම් සංවිධානය කර තිබිණි. මේ පිංකම්වල අපූරුව දැක බලාගන්නට රොක්ව සිටි බැතිමතුන් පළමු වතාවට දළදා හාමුදුරුවෝ ද පාත්‍රා ධාතූන් වහන්සේ ද දැක බලාගෙන වැඳ පුදාගෙන සාදුකාර දුන්හ. නියම්ගම් දොරින් ආරම්භ වී පුරා සතියක් පමණ තිස්සේ ගමන් කළ දළදා පෙරහර බිල්ලසේල පර්වතය මත පිහිටි දළදා මැඳුර වෙත වැඩම කෙරුණේ උත්සවශ්‍රීයෙනි. පුරා සතියක් තිස්සේ මහා පිංකම් පවත්වන්නට රාජකීය නියෝගයක් පැනවී තිබිණි.
බෙලිගල පර්වතය හදුන්වන තවත් නමක් සදහන් කරන්න
{ "answer_start": [ 63 ], "text": [ "බිල්ලසේල" ] }
f366db28-adac-45d5-8c84-bfc4862ab7d4
ස්ත්‍රියකගේ තල්ල මද නිල් පැහැවූයේ නම් දරුවන් නැත. රළුවූ තල්ල ඇත්නම් දුක් විඳින්නියකි. වකුටුවු තල්ල ඇත්නම් කලහකාරියකි. විශාල තල්ල ඇත්නම් දුක් විඳින්නියක් වන අතර කළුපාට තල්ල ඇත්නම් වැන්දඹුවකි. කලහයට ප්‍රිය කරන ස්ත්‍රියගේ දිව නිල් පැහැවේ. මහත්වූ දිව සිනිඳු වෙයි. එල්ලෙන සුලු දිව ඇත්තී නොකටයුතු දේ කරන්නියකි. යටි ඇන්දේ දත් වැඩියෙන් ඇති ස්ත්‍රිය මවගෙන් වෙන්වී දුක්විඳින්නියකි. විවෘතාකාර හෝ උස්වූ දත් ඇත්නම් වැන්දඹුවකි. තුනීවූ දත් ඇත්තී හිතුවක්කාරියකි. දත් කහපාට හෝ කළු පාට වී මහත්ව සක් කැබලි ආකාරයෙන් තුනීව පිහිටියේ නම් පින් නැත්තියකි.
ස්ත්‍රියකගේ දිව එල්ලෙන සුලු දිවක් වීමෙන් අදහස් වන්නෙ කුමක්ද?
{ "answer_start": [ 282 ], "text": [ "නොකටයුතු දේ කරන්නියකි" ] }
c8d21292-f545-4ee7-ad21-7ffd5479bbf6
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ව්‍යාපාරික ආයතන රැසක් පිහිටි සිවු මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නෙන් 27 දෙනෙකු මියගිය අතර 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි. ගින්න හටගත්තේ ඊයේ සවසය. ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ නවදිල්ලියේ මුන්ඩ්කා පළාතේය. ගින්නට කොටුවුණු පිරිස 50 කට වැඩිය. ඔවුන් සියලු දෙනා මුදා ගැනීමටත්, තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද වාර්තා වේ. ගිනි නිවන භටයන් ඉහළ මහලවල සිරවී සිටි පිරිස් මුදා ගත්තේ දොඹකර යොදා ගනිමිනි. ගින්න හටගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ පළමු මහලේය. නිසි ලෙස ගොඩනැගිල්ල නඩත්තු නොකිරීම නිසා ගින්න හටගත් බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර ගොඩනැගිල්ල අයත් සමාගමේ හිමිකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසියෙන් බේරී පලා ගොස් ඇතැයි ද පැවැසෙයි. ඔහු සොයා විමර්ශන ආරම්භ කර තිබේ.
ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ කුමන පළාතේද?
{ "answer_start": [ 197 ], "text": [ "නවදිල්ලියේ මුන්ඩ්කා පළාතේය" ] }
d60e7820-f937-4167-884e-92dd3fd38f01
වොරන් පවසන්නේ කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු කරද්දී කොටසක මිලත් කොටසක වටිනාකමත් ගැන හොඳ අවබෝධයක් තිබිය යුතු බවයි. සෑම විටෙකම කොටසකට අප ගෙවන මුදල ඒ කොටසේ වටිනාකම නොවන බවත් එයට අගය එකතුකරන බවත් ඔහු පවසයි. තවදුරටත් ව්‍යාපාරය දියුණු වෙද්දී අගය වැඩි වැඩියෙන් එකතුවන අතරම ව්‍යාපාරය බිඳ වැටුණහොත් කොටස්වල අගය අඩුවන බවත් හොඳ අවබෝධයකින් යුතුව කොටස් මිලදී ගත යුතු බවත් හෙතෙම පවසයි. ඔහු පවසන්නේ 2008 වර්ෂයේ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් තම ආයෝජනවලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 27ක් පමණ අහිමි වූ බවයි. වොරන් බෆර්ට් පවන්නේ වරින් වර පරාජයන් සහ බිඳ වැටීම්වලට මුහුණ දුන්න ද තිර අදිටනින් යුතුව ඉවසීමෙන් ආයෝජනය කිරීම තුළින් ලෝකය ජය ගත හැකි බවයි.
තම ආයෝජන වලින් අහිමි වූ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන කීයද?
{ "answer_start": [ 458 ], "text": [ "27ක්" ] }
03dd1783-e273-4e04-b21c-aa162bf80591
මෙරට නිදහස් සටනට ජෝර්ජ් වෝල් වියදම් කළේ තම පෞද්ගලික ධනයයි. නිදහස දිනාගැනීමේ සටනට මුල් තැන දී තම ව්‍යාපාරික කටයුතුවලට කුඩම්මාගේ සැලකිල්ලක් දැක්වීම නිසා ඔහු ක්‍රමයෙන් දිළින්දකු බවට පත්විය. ඔහුගේ ජෝර්ජ් වෝල් සමාගමද මෙරට තුළ බංකොලොත් භාවය ලැබූ බැවින් ඔහු තම මව් රටට ගියේ දිළින්දෙකු ලෙසය. පරදේශයකට තම උපන් රටෙන් නිදහස ලබාදෙන්නට තම සකල සේසතම වියදම් කළ ජෝර්ජ් වෝල් 1894දී මියගියේ එංගලන්තයේ අනාථ නිවාසයකය. අද මේ ලිප්ටන් වටරවුමේ ඇති ස්මාරකය ගොඩනගන ලද්දේ ජෝර්ජ් වෝල් සිහිවීම පිණිසය. එය ගොඩනැගූ මෙරට කෘතවේදී ජනතාව ජෝර්ජ් වෝල් නම් නාමය මතු පරපුරටත් සුරැකීමේ අරමුණෙන් මෙම ස්මාරකය ගොඩනැගූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. අදටත් ඔබ මේ ස්මාරකය පසුකර යනවිට මේ කුමක්දැයි කුහුලක් ඔබට ඇතිවිය හැකිය.
ජෝර්ජ් වෝල් මියගියේ කිනම් වසරක ද?
{ "answer_start": [ 359 ], "text": [ "1894දී" ] }
30df6dc8-bcbd-4c0a-98bd-cb071e73e2ae
ඝනකම වැඩිම ස්ථානය මීටර් 4776 කි. මෙම අයිස්තලාව සමුද්‍රික අයිස් තලාවක් ලෙස හැඳින්වේ. අවුරුදු මිලියන 2.6කට ඉහතදී ඇතිවූ අයිස් යුගයේ පැවැති හිම කුට්ටි මෙම හිම තලාව යට ඇති බව වාර්තා වේ. පසුගිය දශක දෙකක කාලයක සිට බටහිර ඇන්ටාක්ටික් හිම තලාව දියවෙමින් පවතී. විද්‍යාඥයන් පවසනුයේ උණුසුම් සාගර ජලය හා සුළඟේ වෙනස්වීම් මෙයට බලපා ඇති බවය. ඇමෙරිකානු හා එක්සත් ජනපද විද්‍යාඥයන් එකතුව කළ අධ්‍යයනයකදී පසුගිය වසරේ අගෝස්තු 12 දින පළවූ නේචර් ජියෝසයන්ස් සඟරාවේ සඳහන් වූයේ ස්වභාවික වෙනස්වීම්වලට අමතරව දීර්ඝ කාලයක සිට පැවැති මානව ක්‍රියාකාරකම් ද මෙයට බලපා ඇති බවය. පෘථිවි හා අභ්‍යාවකාශ විද්‍යාව පිළිබඳව මහාචාර්ය එරික් ස්ටෙග් බටහිර අත්ලාන්තික් හිමපරය අසල පවතින සුළං හිම දියවීමට බලපා ඇති බව ප්‍රකාශ කර ඇත.
ඝනකම වැඩිම ස්ථානය කොපමණ විශාලද?
{ "answer_start": [ 18 ], "text": [ "මීටර් 4776 කි" ] }
ff232947-7068-4b7a-b551-7cee6797efeb
වව්නියාව රෝහලේ දැනුම්දීම මත රොසලින් කුරුණෑගල රෝහලට යෑමට අවසර පැතුවාය. රෝහලින් දැනුම් දුන්නේ හැකි ඉක්මනින් එය කරන ලෙසය. එහෙත් යළි කඳවුරට ආපසු එල්ටීටීඊය සිතු ඉක්මනින් එයට අවසර දුන්නේ නැත. කඳවුරේ බොහෝ කාලයක් සිටි අතර පෙර මෙන්ම රත්නසාමි ද, දරුවෝ ද, ඥාතීන් ද ඇවිටිලි කිරීමෙන් බොහෝ කලකට පසුව අවසරය ලැබිණි. රත්නසාමි වහාම බිරිඳව වාරියපොළ ඇරලවන්නට ආවේය. ඔවුන් එහි එනවිට ඉන්දියාවේ ගොස් සිටි පුතුද ඇවිත් සිටියේය. මවගේ අසනීපය ගැනත් කඳවුරේ දිවිය ගැනත් ඇසූ දරුවෝ විස්සෝප වූහ. වැඩිමහලු දරුවන්ට හා ඥාතීන්ට බිරිඳ භාරදුන් රත්නසාමි වහ වහා මඩු බලා පිටත්ව ගියේ කුඩා දරුවන් රැකබලා ගැනීමට ඇති නිසාය. කුරුණෑගල රෝහලට ප්‍රතිකාර පිණිස ගිය රොසලින්ව වහාම රෝහල් ගත කෙරිණ. පරීක්ෂණ රැසකින් පසු රෝහල් බලධාරීන් කීවේ පිළිකා සිරුර පුරා උඩුදුවා ඇති බවත්ය. ඒ වනවිට රෝගයට වසරකට වඩා ගතව තිබිණි. සති කිහිපයක් රෝහලේ සිටියත් අනතුරුව නිවසට එවන ලද්දේ ප්‍රතිකාර ඵලදායක නොවන බව පවසමිනි. නිවසට ගොස් ප්‍රතිකාර කරන අතරතුර යළි රෝගය යළි රෝගය උත්සන්න වනවිට වාරියපොළ රෝහලට හෝ කුරුණැගල රෝහලට ඇතුළත් කරමින් මාස කිහිපයක්ම ප්‍රතිකාර කරවන ලද මුත් දිනෙන්දින උත්සන්න වූවා මිස ප්‍රතිඵලයක් නොවීය.
බිරිඳව වාරියපොළ ඇරලවන්නට ආවේ කවුද?
{ "answer_start": [ 300 ], "text": [ "රත්නසාමි" ] }
1ff29270-1a38-4a2f-93b8-d60fa3d08d1a
වරකාගොඩ ශ්‍රී ඤාණරත්න සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නාහිමියන්ගේ අත්සනින් යුතුව ජනපති,අගමැති ඇතුළු මහජන නියෝජතයන්ට ඉකුත් 20 වැනි දා යොමු කළ ලිපියට යොදා අත්සනෙහි කිසිදු ගැටළුවක් නැතැයි මහා නාහිමි පෞද්ගලික ලේකම් ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියෝ පවසති. මහා නා හිමියන් එම ලිපියට සිය කැමැත්තෙන්ම අත්සන ලබාදුන් බව ද අස්ගිරි මහා නා හිමියන්ගේ උපදෙස් මත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති. අදාල ලිපියට මහා නාහිමියන්ගේ අත්සන යෙදීම සම්බන්ධයෙන් විවිධ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පළ වන විවිධ මත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එම නිවේදනය නිකුත් කර ඇත.
ලිපිය යොමු කළේ කවදාද?
{ "answer_start": [ 122 ], "text": [ "ඉකුත් 20 වැනි දා" ] }
769200d9-2c46-4910-9e4d-c98172db4d80
මොවුහු මත්ද්‍රව්‍ය බෙදාහැරීමේදී අද වන විට ජීපීඑස් තාක්ෂණය පවා යොදාගන්නා බවටද ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ. එමගින් ගනුදෙනුකරුවා පැමිණ සිටින ස්ථානය තහවුරු කරගන්නා ජාවාරම්කරු අවශ්‍ය ද්‍රව්‍ය එම ස්ථානයට සපයා ඊසිකෑෂ් ක‍්‍රමයට මුදල් ලබාගැනීම සිදුකරනු ලබති. අංගොඩ ලොක්කා ලංකාවට එවන කුඩුවලට අදාළ මුදල් මෙරට සිටින මධූෂ්ගේ ගෝලයන් එකතු කරගනු ලබන්නේ ඊසිකෑෂ් ක‍්‍රමයට වන අතර ඒ මුදල් මධූෂ්ට යවන්නේ උණ්ඩියල් ක‍්‍රමයටය. ඒ සඳහා මැදිහත්ව තිබෙන්නේ පසුගිය මාර්තු 16 වැනිදා අලුත්කඩේ නුරානියා වීදියේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ඝාතනයට ලක්වූ මොහොමඩ් රිස්වාන් විසින් බවටද මේ වන විට තොරතුරු හෙළි වෙමින් පවතී.
නාඳුනන තුවක්කුකරුවන් එල්ල කළ වෙඩිපහරින් ඝාතනය වූයේ කවුද
{ "answer_start": [ 557 ], "text": [ "මොහොමඩ් රිස්වාන්" ] }
954ebb69-ba42-4da6-ac15-443f753c3e01
1636 සැප්තැම්බර් 09 දින රාජසිංහ රජු ලන්දේසි ආධාර ඉල්ලා පුලිකට්හි ආණ්ඩුකාර කැරල් රිජ්නියර්ස් වෙත ලිපියක් යැවීය. පෘතුගීසීන් විසින් ලංකාවේ මුහුදු තීරය සාර්ථක ලෙස මුර කිරීම නිසා මේ ලිපිය රිජ්නියර්ස්ට භාරදීමට අවුරුද්දක් පමණ කාලයක් ගතවිය. පෘතුගීසීන් එළවා දැමීමට අවශ්‍ය සහාය දෙන්නේ නම් ත්‍රිකුණාමලයේ හෝ මඩකළපුවේ ලන්දේසි බළකොටුවක් ඉදිකිරීමට අවශ්‍ය සියලු උපකරණ ලබාදීමට ද මේ ලිපිය මගින් රජතුමා පොරොන්දු වී තිබිණි. 1637 අගෝස්තු මස අවසානයේ දී බතාවියෙන් නික්මුණු ලන්දේසි නැව් හමුදාවේ අණදෙන නිලධාරී වූ අඩම් වෙස්ටර්වල්ට් පෘතුගීසීන්ගේ මූලස්ථානය වූ ගෝව වැටලීමට ගොස් ආපසු එන ගමනේ දී සෙබළුන් 250ක් හා නැව් හතක් ලංකාවට පැමිණෙන ලදී.
රාජසිංහ රජු ලිපිය යැව්වේ කාටද?
{ "answer_start": [ 65 ], "text": [ "ආණ්ඩුකාර කැරල් රිජ්නියර්ස් වෙත" ] }
0c89b8b3-36ee-4694-bdfc-d6a5ce696e11
1641 වසරේ පෙබරවාරි මස 08 දින රෝබට් නොක්ස් උපත ලබන්නේ එංගලන්තයේ ටවර්හිල්හිදීය. රොබට් නොක්ස්ගේ පියා එවකට වෙළෙඳ නැවක අණ දෙන්නෙකු වූ අතර මධ්‍යධරණී සාගරයේ යාත්‍රා කරමින් සිටියදි ඔවුන් ගමන් ගන්නා ලද නැව කුණාටුවකට හසුව අනතුරකට ලක් වේ. අනතුරට පත් නැව යළි සකසා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කොට්ටියාරම් වරායට සේන්දු කරගෙන තිබේ. එහෙදී නැවට නව තුඹ ගසක් සකසා ගන්නා තුරු රෙදිපිළි වෙළෙඳාමේ යෙදෙන්නට සැලසුම් කරද්දී මෙම නැවේ පැමිණි පිරිස දෙවන රාජසිංහ රජුගේ අත්අඩංගුවට පත්ව ඇත. රොබට් නොක්ස්ගේ පියාත් සමග තවත් පුද්ගලයන් 18 කු එම නැවෙන් මෙරටට පැමිණ තිබේ. ඉතාමත් කෙටි කාලයකදී රොබට් නොක්ස්ගේ පියා මිය ගොස් ඇති අතර රොබට් නොක්ස් විසින්ම තම පියාගේ දේහය සත් කෝරළයේ බණ්ඩාර කොස්වත්ත යන ගම්මානයේ භූමිදානය කෙරූ බව පැවැසේ.
රෝබට් නොක්ස් උපත ලැබුවේ කවදාද?
{ "answer_start": [ 0 ], "text": [ "1641 වසරේ පෙබරවාරි මස 08 දින" ] }
e2c3f474-e618-4e0b-bc62-4fba2cbe6a5e
ඉරානයේ ටෙහෙරානයට උතුරින් පිහිටි ඇල්බෝර්ස් කඳුවැටියේ දී හිම කුණාටුවකට හසුවූ කඳු නගින්නන් 10 දෙනකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති. මියගිය අය අතර දේශපාලනඥයෙකු, වෛද්‍යවරයෙකු, කඳු නැගීමේ උපදේශකයෙකු හා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ද සිටින බව පැවසේ. රෙඩ් ක්‍රෙසන්ට් විසින් ස්වෙච්ඡා කණ්ඩායම් 20ක් කඳුකරයට යවා තිබේ. ඔවුන් විසින් 14දෙනකු බේරාගෙන ඇති බවත් අතර තවත් හත්දෙනකු අතුරුදන්ව ඇති බවත් සඳහන් වේ. කඳුකරයේ පසුගිය දින කිහිපයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හිම කුණාටු ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබුණ ද එය නොතකමින් බොහෝදෙනා කඳුකරය වෙත ගොස් සිටි බව බලධාරීහු පවසති.
හිම කුණාටුවක් ඇති වූ කදු වැටිය කුමක්ද?
{ "answer_start": [ 32 ], "text": [ "ඇල්බෝර්ස්" ] }
ea1700e1-f4d8-4fa8-8777-3f90df951b38
සෑම සීත කාලයකම, හුරුල්ලන් බිලියන ගණනින් මේ සාගර කලාපයට පැමිණෙන්නේ ආරක්ෂාව සොයමිනි. හුරුල්ලන් පසුපස තවත් පිරිසක් මෙම සාගර කලාපයට පැමිණෙති. ඒ, ‘ඕකා’ හෙවත් ‘මරු තල්මසුන්’ ය. තල්මස් පවුලේ කුඩා ප්‍රමාණයේ සාමාජිකයෙකු වන ‘ඕකා’ ක්ෂීරපායීයෙකි. හුරුල්ලන් පසුපස පැමිණි ‘ඕකා’ රංචුවේ සියයකට ආසන්න පිරිසක් සිටිති. පෘථිවියේ ‘ඕකා’ මසුන් එකිනෙකා මහා පරිමාණයෙන් එකට එකමුතු වෙනවා නම්, ඒ මේ අවස්ථාව යැයි පෙන්වා දිය හැකිය. බිලියන ගණනින් හුරුල්ලන් සිටියත්, නෝර්වේ රාජ්‍යයේ ෆියෝඞ්ස් සාගර කලාපයට පිහිනා එන හුරුල්ලන් හසුකර ගැනීම පහසු කටයුත්තක් නොවෙයි. හුරුල්ලන් පසුපස පැමිණෙන අපේ මේ කථාවට සම්බන්ධ ඕකා මසුන්, මාළු ඇල්ලීමේ ශූරයන්ය. උන් වැඩ කරන්නේ කණ්ඩායමක් ලෙසින්, හොඳින් සැලසුම්සහගතවය. හොඳින් ඇසෙන ලෙස, තියුණු ශබ්ද පිට කරමින්, එකිනෙකා සමඟ සන්නිවේදනයේ යෙදෙමින්, ඕකා හුරුල්ලන් දඩයමේ යෙදෙන්නේ හුරුල්ලන් මුහුදේ නොගැඹුරු තැන්වලට කොටු කර ගනිමිනි. ඔවුන් හුරුල්ලන් රංචුව යටින් පිහිනමින් උන් මුහුදේ මතුපිට සීමාවට කොටු කර ගනී. එක පොදියට හුරුල්ලන් කොටු කරගත් පසු, එම හුරුල්ලන් වට කරගත් ඕකා රංචු ඔවුන් සතුව ඇති සුවිශේෂී අවිය දඩයමට යොදා ගනී. සුවිශේෂී අවිය ඕකාගේ පසුපස වරලය. පසුපස වරලින් ඕකා හුරුල්ලන් රංචුවට වැරෙන් පහරක් දෙයි. එම දරුණු පහරත් සමඟ ප්‍රචණ්ඩ කම්පන තරංග නිකුත් වෙයි. ඒවා දසත පැතිරෙන්නේ හුරුල්ලන් අඩපණ කරමිනි. ඉන්පසු ඕකා අන්දමන්ද වී අඩපණ වුණු හුරුල්ලන් බොහොම පහසුවෙන් ආහාරයට ගනී.
‘ඕකා’ මසුන් වැඩ කරන්නේ කෙසේද?
{ "answer_start": [ 620 ], "text": [ "කණ්ඩායමක් ලෙසින්, හොඳින් සැලසුම්සහගතවය" ] }
33fc7f2f-c268-48eb-9d1e-0cb5e6fca297
මහ අදිකාරම් පිළිමතලව්වගේ අදහස වූයේ, අටළොස් හැවිරිදි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තමන්ගේ අභිමතය පරිදි රාජ්‍ය කරාවිය යන්නය. නමුත් එය එසේ නොවූ නිසා පිළිමතලාවගේ අරමුණ වූයේ සිහසුන කෙසේ හෝ තමා සතුකර ගැනීමය. මෙනිසා 1812 දී ඔහු රජුගේ ආරක්ෂක භට කණ්ඩායම් නායකයා සමග එක්ව රජු මාලිගයේදීම මැරීමට කළ කුමන්ත්‍රණය හසුවී, සිංහල රජු පිළිමතලාවගේ හිස ගසා දැමීය. මේ අතර පිළිමතලාවගේ බෑණනුවන් වූ ඇහැලේපොළ අදිකාරම් ද රජුට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නට විය. මෙම කාලයේ රදළවරුන්ගේ විරෝධයද, බීමත්කමට ඇබ්බැහිවීමේ හේතුවෙන් රජුගේ හැසිරීම් දරුණු විය. ඇහැලේපොළ පවුලේ ඝාතනයට අදාළ ආඥාව රජු බීමත්ව සිටි අවස්ථාවක නිකුත් කරන ලද්දක් සේද සැලැකේ. සිංහලයේ මෙම ඓතිහාසික පාවාදීමේදී, ඉංග්‍රීසි - සිංහල දෙපක්ෂය අතර සම්බන්ධතාවය ජෝන් ඩොයිලි විසින් සිදුකරන ලද අතර, ඇහැලේපොල අදිකාරම් විසින් මොල්ලිගොඩ අධිකාරම්, එක්නැලිගොඩ අදිකාරම්, බටුපිටියේ රාළ යන රදළයන්ද, සත් කෝරළය, තුන් කෝරළය සහ සබරගමුවේ ජනතාවද මේ සඳහා නම්මා ගන්නා ලදී.
රජු මාළිගයේදීම මැරීමට කුමන්ත්‍රණය කරේ කුමන වසරකදීද?
{ "answer_start": [ 205 ], "text": [ "1812" ] }
1fe6236b-1cb6-41a8-ba93-c1a91ed00bc3
මහවැලි නදිය අවසාන ප්‍රදේශයේදී ගලා යන විට බෙදී ගිය අතු ගංගාවලින් යුක්තය. මෙහිදී ගඟ ගලන ප්‍රදේශය සමතලා ප්‍රදේශයකි. වර්ෂා කාලයේදී අධික ජලධාරාවක් ඒ මගින් ගලන විට ගඟ කොහේද යන්න නොපෙනී ගොස් ජලය අඩු වූ විට පමණක් අතු ගංඟා මතුවන බව කල්පනා කළ හැක. මේ අනුව අපට කල්පනා කළ හැක්කේ ජලගැලීම් ප්‍රදේශයේ භූමි නිර්මාණය හා වර්ෂාපතනය ආදිය ගැන සලකා බැලීමේදී දාගැබ ඉදිකරන ලද වකවානුව වන කාලයේදී ගඟ මෙතැනින් ගලා නොගොස් ඊට බොහෝ එපිටින් ගලා ගිය බවය. ඉන්දියාවේ සමහර ගංගා අවුරුදු දහස් ගණනකට පසුව සිඳීගොස් ඇති බව සිහිකළ හැක. අවුරුදු දහසක් හමාරක් තුළදී ගඟක් ගලන ගමන් මාර්ගය වෙනස් විය හැකිය. එය කවුරුන් විසින්වත් කළ එකක් නොව ස්වභාවධර්මයා විසින්ම සිදුවීමට ඉඩ ඇත්තේය.
ඉන්දියාවේ සමහර ගංඟා සිදෙන්නේ අවුරුදු කීයකට පසුවද ?
{ "answer_start": [ 443 ], "text": [ "අවුරුදු දහස් ගණනකට පසුව" ] }
7974d733-e69c-4611-9a6c-3049a3195cec
පාදයේ තිබෙන මේ තුවාලය නරක්වී සැරව ගලමින් තිබුණත් එයට ප්‍රතිකාරයක් කිරීමට නොයන්නේ එය පෙන්වා හිඟමන් යදින නිසාය. මේ තුවාලය පෙන්වමින් දුම්රිය යාචක වෘත්තියේ යෙදෙන මොහුට අඩු මුදලක් දෙන මගීන්ට බැන තර්ජනය කරන බවට දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන්ට පැමිණිලි පවා ලැබී තිබිණි. මහත්තයෝ මම මෙහෙම හිඟාකන්නට ඕනෑ මිනිහෙක් නොවේ. පානදුර පැත්තේ ගම හා පවුලේ විස්තර කියයි. ලොකු ගෙයක් තියෙනවා. අපි ගමේ වැදගත් පවුලක්. යහමින් සල්ලි තිබෙනවා. දැනට අවුරුදු 25කට කලින් මාව මිනීමැරුමකට අහුවෙලා බන්ධනාගාරයේ සිටියා. ඒ නඩුවෙන් නිදහස් වුණා. මගේ මේ මිනී මැරුම් නඩුවට පෙනී සිටියේ මනෝරි මුත්තෙට්ටුවේගම නෝනා.
තුවාලය තිබුනේ කොහෙද
{ "answer_start": [ 0 ], "text": [ "පාදයේ" ] }
5cc62659-7a2b-4ba6-ada8-c66d1c9def03
ලොරෙන්සෝ ද අල්මේදා මුලින්ම කර ඇත්තේ කොට්ටේ රජු සමඟ වෙළෙඳ ගනුදෙනු ගැන කතා බස් කිරීමය. ආපසු ඒමට පෙර ඔහු තම පෘතුගීසි ලාංඡනය කොටා යන්නට ද අමතක කොට නැත. ඒ කොළඹ කොටුවේ ගෝඩන් උයනේ හෙවත් රජමල්වත්තේ සුවිසල් කළු ගලකය. ක්‍රි.ව. 1521 තෙක් ලොරෙන්සෝ ද අල්මේදා ඇතුළු පිරිස ලංකාවට ආ ගමන් වාර ගණන හතරක් බව කියැවේ. එහෙත් ඒ හැම වතාවේම කොළඹ නගරයේ බලකොටුවක් තනන්නට ගත් උත්සාහ ව්‍යවර්ථ විය. ඊට හේතු වුණේ එදා සිංහලයන් ඒ ගැන රජුට කරුණු කීම නිසාය. එදා කුළුබඩු ඒකාධිකාරයේ රජුන් වූ මුස්ලිම් ජාතිකයන් ඊට කිසිසේත් ඉඩ දුන්නේ නැත. නමුත් ගෙරිසමක් එළීමට ප්‍රමාණවත් බිම්කඩේ කතාව එන්නේ ඉන් පසුවය. කීතු කීතු තීරුවලට කැපූ ගෙරිසම එකින් එක ගැට ගසා සැතපුම් තුනක වපසරියෙන් යුතු බලකොටුවක් ගොඩනගන ලදී. ඉතිහාස ලේඛනවල සඳහන් වන්නේ පෘතුගීසින් ක්‍රි.ව. 1521 දී ප්‍රථම ස්ථිර බලකොටුව ගොඩ නැගීමත් සමඟ කොඩි ගහ සිටවූ බවය. නමුත් එය පිහිටුවන ලද්දේ කොටුවේ හරි මැද යැයි පැවැසීම විවාදාත්මක කරුණක් වී තිබේ. කොඩි ගහ පිහිටුවා ඇත්තේ ඈතින් එන නැව්වලට පැහැදිලිව පෘතුගීසි කොඩිය දැක ගැනීමටය. කොඩි ගහ කොටුව මැද පිහිටුවා තිබුණේ නම් පැහැදිලිව පෙනී යන කරුණක් නම් කොඩි ගහ ළඟ සිට වරාය දෙසට විශාල භූමි භාගයක් හිස් බිම් තීරුවක් ලෙස තිබූ බව නොවේ ද?
කෝට්ටේ රජු සමඟ වෙළඳ ගනුදෙනු පිළිබද කතා කරේ කව්ද?
{ "answer_start": [ 0 ], "text": [ "ලොරෙන්සෝ ද අල්මේදා" ] }
6ed74618-8890-42bc-8948-d9cfc32014c0
1. එක් ඡත්‍රයක් පමණක් යෙදීම: ක්‍රි.පූ. 3 - ක්‍රි.ව. 1-2 මිහින්තලය/ දැලිවල/ සමන්ගල 2. ඡත්‍රයක් මත ඡත්‍රයක් යෙදීම: ක්‍රි.ව. 2 - ක්‍රි.ව. 3 කහඳගල 3. ඡත්‍රාවලියක් යෙදීම: ක්‍රි.ව. 2 පසු කොටියාගල/ රුවන්වැලි සෑය මුල් කාලීනව දැවයෙන් මෙන්ම පසු කාලීනව ලෝහ හා ශිලා භාවිතයෙන් ඡත්‍ර නිමවා තිබේ. යම් විටෙක මුල් සමයේ දැවයෙන් ඡත්‍ර නිමකළේ ද නිතර නිතර ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට අවශ්‍ය වූ බැවින් පසුකාලීනව ලෝහයෙන් මෙන්ම පාෂාණයෙන් ඡත්‍ර නිමකරන්නට ඇත. වර්තමානයේ පුරාවිද්‍යා පරිශ්‍රයන්වල හමුවන සියලුම ඡත්‍ර ශිලාමය ඡත්‍රයන් වේ. අගනුවර අනුරාධපුරයෙන් පොළොන්නරුවට සංක්‍රමණය වීමත් සමඟ රුවන්වැලි සෑය ප්‍රමුඛ සියලුම අනුරාධපුර උරුමයන් නටබුන් වී යන ලදී. 1830 දී ටෙනන්ට් මහා ස්තූපය නිරීක්ෂණය කර විස්තරයක් සපයා ඇත. ඒ අනුව එකල ගරාවැටී තිබූ මෙම ස්තූපයේ උස අඩි 189ක් වී තිබේ. ඒ පිළිබඳව සඳහන් කරන ටෙනන්ට් 1850දී තම කෘතිය ප්‍රකාශයට පත්කරනවිට එය තවදුරටත් සේදී යාම නිසා එහි උස අඩි 150ක් දක්වා අඩු වී ඇති බව පවසයි. මෙම තොරතුරු මගින් එකල රුවන්වැලි මහා සෑය ඉතා වේගයෙන් ජරාවාස වෙමින් පැවැති බව සහ ඒ වනවිට ද කොත් කැරැල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ බවය.
පසුකාලීනව ලෝහයෙන් මෙන්ම පාෂාණයෙන් ඡත්‍ර නිමකිරීමට හේතුව කුමක්ද?
{ "answer_start": [ 325 ], "text": [ "නිතර නිතර ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට අවශ්‍ය වූ බැවින්" ] }
6b909438-7629-4585-90b8-2177585a9b6e
ජීවන වියදම සහ ආර්ථික බලපෑම යන කරුණු හේතුවෙන් චීනය අපේක්ෂා කළ පරිදි එරටින් උපත් වර්ධනයක් සිදු නොවිණි. චීනය මෙවර සිය ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අමතරව ඊට සහයෝගය දෙන ආකාරයේ ක්‍රියාමාර්ග රැසක් ද ගෙන ඇත. රටේ ජනගහන ව්‍යුහය වර්ධනය කිරීමේ අරමුණින් චීනය මෙම පියවර ගෙන තිබේ. පවුල්වලට දැරීමට සිදුවන අධ්‍යාපන වියදම් අඩු කිරීම, නිවාස සම්බන්ධයෙන් බදු ක්‍රමය තුළින් සහාය ලබාදීම, ඉතා ඉහළ වියදමක් දැරීමට සිදුවන දෑවැදි ක්‍රමය වෙනස් කිරීම, රැකියා කරන කාන්තාවන්ට නෛතික සහාය යනාදිය මෙම ක්‍රියාමාර්ගවලට අයත් වේ. එමෙන්ම විවාහය සහ ආදරය සම්බන්ධයෙන් තරුණ පිරිස්වලට අධ්‍යාපන හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය. චීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ දශකයකට වරක් එරට සිදුකරන ජනගහන සංගණනය අනූව එරට ජනගහන වර්ධන වේගය අඩුවී ඇති බවට පෙනී යෑම හේතුවෙනි.
චීනය මෙම පියවර ගෙන තිබෙන්නේ රටේ කිනම් වර්ධනයක් කිරීමේ අරමුණින්ද?
{ "answer_start": [ 201 ], "text": [ "ජනගහන ව්‍යුහය වර්ධනය කිරීමේ අරමුණින්" ] }
9566534c-7567-4d27-ace5-221ec5a227f9
කොළඹ සිට බදුල්ල පාරේ රත්නපුර, බලංගොඩ පසුකොට බෙරගල හරහා හපුතලේට දිවෙන මාර්ගයේ සුන්දරත්වය ප්‍රකාශ කිරීමට වදන් ගැළපෙන්නේ නැති තරම්ය. මන්ද පසෙකින් දැවැන්ත ගල් බිත්තියත් අනෙක් පසින් මහා ප්‍රපාතයන් ඒ තුළ ක්ෂිතිජ ඉමට දිවයන පහත් බිම් කඩත් දුටුවෝ සිත නිතැතින්ම මාර්ගය අසල රථවාහන නතර කොට එම සුන්දරත්වය විඳීමට ප්‍රිය කරති. ඒ නිසාම ස්ථාන කිහිපයක ආරක්‍ෂාකාරී නැරඹුමේ ස්ථාන කිහිපයක් වර්තමානය වන විට මාර්ගය අසල ඉදිකොට ඇත. දකුණු දෙසින් සමනල වැව, උඩවලව හරහා පැහැදිලි දිනක දකුණු වෙරළ තීරය දක්වා වුව දැකගැනීමට හැකි බව නොරහසකි. හපුතලේ නගරය පිහිටියේ මධ්‍යම කඳුකරයේ බෑවුමත් පහත් බිමේ ප්‍රපාතයට ඉහළිනුත් නිසාවෙන් හපුතලේ නගරය බොහෝ විට මීදුමෙන් හා සුළඟින් වෙලී යන නගරයකි. හපුතලේ සිට බොරලන්ද, මාර්ගය හරහා හෝර්ටන් තැන්නටත්, තවත් පසෙකින් බොරලන්ද, වැලිමඩ හරහා නුවරඑළියටත් අනෙක් පසින් බදුල්ලටත් යා හැකි වේ. හපුතලේ පසුකොට හරිත යායෙන් වෙළාගත් තේ වතු අතරින් වංගු ගැසී යන මාර්ගයේ දියතලාව පසුකොට බණ්ඩාරවෙලට සේන්දු වේ.
දකුණු දෙසින් දැක ගැනීමට හැකි වන්නේ කුමන වැවද ?
{ "answer_start": [ 421 ], "text": [ "සමනල වැව" ] }
59a8bd59-282b-4cd6-aa99-8b2d15847479
බුධ සිකුරු ඔබට පාපී ග්‍රහයින් වන අතර කුජ ග්‍රහයා වඩාත් ශුභපල ගෙනදෙන ග්‍රහයාවේ. බුධ 3 වැන්නටද සිකුරු 4 වැන්නටද කුජ 7 වැන්නටද පැමිණ ඇත. පාපී ග්‍රහයකු වුවත් ඔබගේ ජන්ම කේන්දරයේ බුධ බලවත් නම්, ඉගෙනීමට දක්ෂ වේ. සහෝදරයින්ට යහපත්ය. නිතර ගමන් බිමන් යෙදේ. තැපැල් හෝ දුම්රිය සේවයේ රක්ෂාවන්ට කාලය යෙදේ. සිකුරු ග්‍රහයා ඔබගේ ජන්ම කේන්දරයේද 4 වැන්නේ නම් ඔබ දැනටමත් යාන, වාහන ඉඩකඩම් දේපල හිමි අයෙකි. සිකුරු 4 වැන්නේ ගත කරන දින කීපය තුළ එවැනි දේ ලැබීමටද වාසනාව ඇත. විවාහ වයසේ නම් ලස්සන සහකාරියක හඳුනා ගැනීමට ලැබේ. කුජ ඔබට වාසනාව ගෙනදෙන ග්‍රහයා වේ. විවාහ වන වයසේ පසුවන අයට මෙම කාලය තුළ විවාහ වාසනාව ලැබෙනු ඇත. මෙම ග්‍රහයින් තිදෙනාම තම ජන්ම කේන්දරයේ අශුභව පිහිටා ඇත්නම් සඳහන් කරන ලද ශුභඵල නොලැබී යාමට ඉඩ තිබෙන බවද සලකන්න.
බුධ පැමිණ ඇත්තේ කී වැන්නටද?
{ "answer_start": [ 83 ], "text": [ "3" ] }
fe0394a2-314e-40e2-8bfa-48b6095b2702
අම්මා දන්නේ නෑ මගේ කකුල කැඩිලා කියලා අම්මා මාව නැගිට්ටුවට මට අඩිය තියාගන්න බැරි වුණා ඒ වෙලාවේ. කෑලි කැලීවලට විනාශ වෙලා ගිය මිනිස්සුන්ගේ අත් කකුල් එක්ක මහා ලේ විලක් මම දැක්කා. වහලේ තියෙන උළු කැට වැටෙන නිසා අම්මා මාව ඇදගෙන වගේ තමයි පල්ලියෙන් එළියට දිව්වේ. ඒත් මගේ කකුල කැඩිලා තියෙන්නේ කියලා දැනුණේ නෑ. අම්මා කෑ ගහගෙන මාව ඇදගෙන දුවද්දී සෙබෙස්තියන් මුනිඳුන්ගේ රුවම ගාව මාව ඇඳගෙන වැටුණා. ඒ වෙලාවේ තමයි දැක්කේ කකුල එල්ලෙනවා. ඒ වෙලාවේ නම් පපුවේ වේදනාවකුත් එක්ක සිහිය නැතිවෙන්න ආවත් ඒසේ වුණේ නෑ. ඒත් මට අම්මා කියලාවත් කතා කර ගන්න බැරි වුණා. මගේ ඇගේ යකඩ බෝල 3ක් තිබිලා අයින් කළා. තව එකක් තියෙනවා පපුව හරියේ. එක් ගත්තොත් මාව එකතැන් වෙන්න පුළුවන්ලු. සතියක් විතර කට ඇරලා බත් ටිකක්වත් කන්න බැරුව හිටියා. දැන් නම් ගොඩක් දුරට මට සනීපයි.
අම්මා දන්නේ නැත්තේ කුමක්ද ?
{ "answer_start": [ 19 ], "text": [ "කකුල කැඩිලා කියලා" ] }
308d16ec-70b8-4e90-9cc9-bcd9de34fbcb
වර්තමානයේ දී 150 මාර්ගයේ මගී ප්‍රවාහන ඒකාධිකාරය ලංගමයෙන් පුද්ගලික බස් මුදලාලිලා අතට මාරුවී තිබේ. වරද ලංගමයේමය. මේ වනවිට මෙම මාර්ගයේ ලංගම ධාවන අයිතිය අංගොඩ ඩිපෝ මගින් දරන අතර ධාවනය වනුයේ ලංගම බස් 2ක් පමණකි. එයට හිලව් වශයෙන් පුද්ගලික බස් 19කි. මෙම මාර්ගයේ දෛනික ගමන් මගියෙකු වන ගයාන් ආරියදාස මහතා පැවසුවේ මගීන් වැඩි බස් අඩුම පාරක්. උදේට වැඩට යනකොට හවසට ආපසු එනකොට යුද්ධයක් කරන්න වෙනව. පැය භාගයකට වත් බස් එකක් එන්නෙ නෑ. ආවත් නගින්න බෑ සෙනග. කොච්චර සෙනග හිටියත් බස්කාරයන්ට මදියි මේ පාරට බස් වැඩිකරන්න ඕන ඒ ඔහුගේ අදහසයි.
150 මාර්ගයේ ධාවනය වන පුද්ගලික බස් ගණන කීයද?
{ "answer_start": [ 236 ], "text": [ "19කි" ] }
eadb6b39-d9e4-4547-b412-fdbbb8cc3d1e
චන්ද්‍රිකා 104ක් එක් වාරයකදි ගුවන් ගත කරමින් ලෝක වාර්තාවක් තැබීමට ඉන්දියාව සමත් වී ඇත. ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ශිහාරි කොටා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත කළ රොකට්ටුවක් මගින් මෙම චන්ද්‍රිකා ගුවන් ගත කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ මීට පෙර රුසියාව විසින් චන්ද්‍රිකා 37ක් එකවර ගුවන් ගත කරමින් තබා තිබූ වාර්තාව මේ අනුව බිඳ වැටෙන බවයි. ඉන්දියාව විසින් ගුවන් ගත කළ මෙම වන්ද්‍රිකා 104න් ඉන්දියාව සතු චන්ද්‍රිකා ඇත්තේ තුනක් පමණක් බවත් අනෙක් සියලුම චන්ද්‍රිකා විදෙස් රට වලට අයත් ඒවා බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂ බී. ජයකුමාර් මහතා පවසයි. මෙම ක්‍රියාවත් සමග ඉන්දියානු ඉතිහාසය ප්‍රතිනිර්මාණය වනු ඇති බවත් සියලුම ඉන්දියානුවන්ට මෙය ඉතා වැදගත් අවස්ථාවක් බවත් ඔහු වැඩි දුරටත් පවසයි.
මෙම චන්ද්‍රිකා ගුවන් ගත කර ඇත්තේ කුමන රොකට්ටුව මඟින්ද?
{ "answer_start": [ 123 ], "text": [ "ශිහාරි කොටා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත කළ රොකට්ටුවක්" ] }
6f3cd24b-8b11-41f6-91ba-1d47bb1beb97
මිනිසුන්ගේ සිත් තුළ මෙවැනි විශ්වාස මුල් බැසගෙන තිබුණ ද ඒවායේ සත්‍ය අසත්‍යතාවක් තිබේද? කොහේවත් සිටින සතෙකුට හෝ බාහිර පුද්ගලයකුට තම ජීවිතයේ ඉරණම වෙනස් කළ හැකිද? නිර්මලා, වසන්ත සමඟ ජීවත් වන්නේ ඔවුන් විසින් මැටියෙන් සාදාගත් කුඩා පැල්පතකය. ආනමඩුව ප්‍රදේශයේ ජීවත් වන මොවුන් දෙදෙනා විවාහ වී වසර කීපයක්ම ගතවුවද ඔවුන්ට දරුවන් සිටියේ නැත. අවුරුදු තිස්හතක කාන්තාවක වන නිර්මලා තම සැමියා වන වසන්ත සමඟ ජීවත් වන්නේ ඉතා දරිද්‍රතාවයෙනි. විවාහ වී කලක් ගතවුවද කිසිදු ආර්ථික දියුණුවක් ඇතිවූයේද නැත. වසන්ත උදෑසනම අවදි වී නිවසින් පිටවන්නේ එදින ලැබෙන කුලී රැකියාවක් කර මුදලක් උපයා ගන්නා බලාපොරොත්තුවෙනි. කොතරම් දරිද්‍රතාවකින් පෙළුණත් නිර්මලා හූනු සාස්තරය නම් අකුරටම පිළිපැදි කාන්තාවක් වූවාය. මේ නිසාම අඟහිඟකම්වලින් ඔවුනට අඩුවක් තිබුණේ නැත.
නිර්මලා අකුරටම පිළිපැදි සාස්තරය කුමක්ද?
{ "answer_start": [ 619 ], "text": [ "හූනු සාස්තරය" ] }
7895907d-f099-4b46-a14c-d4df3cc634e7
දඹාන ජනයාගේ කෘෂි නිෂ්පාදන මීපැණි හා දඩමස් මිල දී ගත්තෝ පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන වෙළෙඳුන්ය. බොහෝවිට මේ මිල දී ගැනීම සිදුවූයේ භාණ්ඩ හුවමාරු ක්‍රමයටය. ඇතැම්විට ආදිවාසී ජනයා මේ වෙළෙන්දන්ගෙන් සුළු මුදලක් ණයට ද ලබාගත්හ. මේ කොයික සිදුවුවත් කපටි වෙළෙන්දන් සිදුකළේ තමන්ට වාසිදායක අයුරින් ගනුදෙනුව සිදු කිරීමය. එනම් ආදිවාසී ජනයාගේ භාණ්ඩ කුණු කොල්ලයටත් තමන්ගේ භාණ්ඩ අධික මිලකටත් මිල කිරීමේ න්‍යායට ගනුදෙනුව සිදු කිරීමය. කාලයක් තිස්සේ මේ ක්‍රියාවලින් දෙස ඇස ගසාගෙන සිටි ඒකනායක හූරා මෙයට විසඳුමක් ලබාදෙනු වස් දඹානේ සමුපකාරයක් ආරම්භ කළේය. සමුපකාර සාමාජිකත්ව මුදල වන රුපියල් 380 ක් දැරුවේ ද ඒකනායක හූරාමය. මේ නිසා වෙළෙන්දන් විසින් කලෙක සිට තමන් උපයාගත් අධික ලාභය ඔවුන්ට අහිමි විය. ඔවුහු ඒකනායක හූරා සමග වෛර බැන්දාහ. අපි ඕකව මරණව. දඹානේ යහතින් ඉන්නට ඉඩ තියන්නේ නෑ, යනුවෙන් වෙළෙන්දෝ විවිධ පණිවිඩ ඒකනායක හූරාට යැවූහ. මෙයින් උපාරිස් නමැති වෙළෙන්දා සහ තවත් අයෙකු ඉදිරියෙන්ම සිටියේය.
දඹාන ජනයාගේ කෘෂි නිෂ්පාදන මීපැණි හා දඩමස් මිල දී ගන්නෙ කවුරුන් විසින්ද?
{ "answer_start": [ 55 ], "text": [ "පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන වෙළෙඳුන්ය" ] }
a9c25f5d-4ae2-495f-a3f9-0e6039f9ec8b
ඇලෙක්සැන්ඩර් ටයරය සමග යුද ප‍්‍රකාශ කළේය. එම දිවයින අත්පත් කර ගැනීමට ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවට මාස හතක පමණ කාලයක් සටන් කිරීමට සිදු විය. අවසානයේ ඔහුගේ ඉංජිනේරුවෝ ගොඩබිම සිට ටයර් දිවයින දක්වා සැතපුම් බාගයක් පමණ දිග පාලමක් තැනූහ. ඒ ඔස්සේ මුහුද දෙසින් දූපතට සමීප වූ ඔවුහු විශාල අටල්ලක් බඳු උපකරණයක ආධාරයෙන් පවුර මතට ගොඩ වී නගරයට ප‍්‍රහාර එල්ල කළහ. ටයර් රාජ්‍යයේ ආරක්ෂක වළල්ල බිඳ දැමූ ඔවුහු නගරයෙන් අඩක් පමණ විනාශ කළහ. ඇරියන් නමැති ඉතිහාසඥයාට අනුව නගරය අත්පත් කරගත් ඇලෙක්සැන්ඩර්ගේ හමුදාව එහි වාසය කළ 8,000කට අධික වැසියන් පිරිසක් ඝාතනය කර තිබේ. 30,000කට අධික පිරිසක් වහලුන් ලෙස විකුණා දැමිණි.
ඇලෙක්සැන්ඩර්ගේ හමුදාව ඝාතනය කර ඇති වැසියන් සංඛ්‍යාව කීයද?
{ "answer_start": [ 491 ], "text": [ "8,000කට අධික වැසියන්" ] }
8b36c74f-0e52-4843-9295-8629615a5e65
මෙහි මුල් කාලයේ අශ්ව රේස් තරගවලට අතරමැද කඩා වැදී ඇති ප්‍රධාන පිරිසක් වී ඇත්තේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන කට්ටඩින් ය. ඊට හේතු වී ඇත්තේ දුවන අසුන්ගෙන් ගිලිහෙන අශ්ව ලාඩමක් දුටු සැණින් ඔවුන් එයට පොරකෑමය. අශ්ව ලාඩම සැලකෙන්නේ සෞභාග්‍යයේ සංඛේතයක් ලෙස ය. ඇස්වහ කටවහවලින් මිදීමටත් සතුරන්ගෙන් ආරක්ෂාවටත් නිවෙස ඉදිරිපිට ලාඩමක් එල්ලා තැබීම දැනුත් සුභ කටයුත්තක් ලෙස සලකනු ලැබේ. මේ තුරඟ තරග පිටියේ සුදු අශ්වයන්ට තිබී ඇත්තේ විශේෂ පිළිගැන්මකි. සූනියම් දෙවියන් ගමන් බිමන් යාමට යොදාගෙන ඇත්තේ සුදු අශ්වයෙකි. සූනියම් දෙවියන් අදහන පුද්ගලයන් සුදු අශ්වයන් සලකන ලද්දේ සූනියම් දෙවියන්ගෙන් විශේෂ බැල්ම ඇති සත්වයකු ලෙස ය. ඔවුන් බොහෝ දෙනාගේ තෝරා ගැනීම වූයේ සුදු අශ්වයන්ට ඔට්ටු ඇල්ලීම ය. තමන් ඔට්ටු ඇල්ලූ අශ්වයා පරාද වුණත් තමන්ට සූනියම් දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති බව ඔට්ටු ඇල්ලූ පුද්ගලයාගේ විශ්වාසයයි. එවැනි අශ්වයකුගේ ලාඩමක් ලැබුණහොත් ඔට්ටු හිමියා සිතන්නේ එය තමන්ට සූනියම් දෙවියන් දුන් වරප්‍රසාදයක් බව ය.
තුරඟ තරඟ පිටියේ විශේෂ පිළිගැනීමක් ඇත්තේ කාටද?
{ "answer_start": [ 385 ], "text": [ "සුදු අශ්වයන්ට" ] }
6f86f0a3-b674-4f29-b15a-cf31fba4da0c
වර්ෂ එක්දාස් නවසිය හතළිස් හයේ අගෝස්තු 17 දින දඹාන ගම්මානයට පිවිසෙන කැලෑ ගමෙහි බඩුබාහිරාදිය අතින් කටින් එල්ලාගෙන ගමන් ගත් ආගන්තුකයින් දෙදෙනෙකි. මින් එක් අයෙකුගේ නම ඒකනායකය. අනෙකා ඔහුගේ සහායකයා වූ සමරවීරය. ඒකනායක රැගෙන යන බඩුබාහිරාදියට අමතරව සිය උරෙහි 303 වර්ගයේ රයිෆලයක් ද රුවාගෙන සිටියේය. අඩි පාර දිගේ කැලෑව මැද්දෙන් මයිල දෙක තුනක් ඉදිරියට ගමන් ගත් ඔවුනට ඈතින් දිස්වූයේ ඉළුක් සෙවිලි කළ පැල් කොටයකි. පැල් කොටය දෙසට ළඟාවත්ම ඒ අසල සරම් හැඳි පුද්ගලයෙකු සමග අමුඩ කෙටිවලින් සැරසුණ තවත් දෙදෙනෙකු ද ඔවුනට දැකගත හැකි විය.
වර්ෂ එක්දාස් නවසිය හතළිස් හයේ අගෝස්තු 17 දින දඹාන ගම්මානයට පිවිසෙන කැලෑ ගමෙහි බඩුබාහිරාදිය අතින් කටින් එල්ලාගෙන ගමන් ගත් ආගන්තුකයෙක් වන්නේ?
{ "answer_start": [ 163 ], "text": [ "ඒකනායකය" ] }
39dbf1af-a6c7-4f65-aa3e-c7866a0dc19d
කොළඹ කුඩු කිරුළ තමන් සතු කර ගැනීමේ සටන දශක කීපයක් තිස්සේ එකිනෙකා මරා ගනිමින් ඉදිරියට ඇදෙමින් තිබේ. මාකඳුරේ මදූෂ් මෙන්ම කංජිපානි ඉම්රාන්ද අත්අඩංගුවේ පසුවන වටපිටාවක් තුළ අද ඒ සටන අළු යට ගිනි මෙන් සැඟව තිබුණද හෙට බුර බුරා නැගෙන ගිනි ජාලාවක් ලෙස යළි නැගෙන්නට හැකිය. මේ සටන අවසන් කර ලංකාවේ කුඩු ගෙන්වීමේ හා බෙදාහැරීමේ ජාලය අවසන් කිරීමට නම් රජයට ඉතිහාසයේ වැරදුණ තැන්, පොලිස් දෙපාර්තමේන්තුවේ අඩුපාඩුකම්, පොලිස් නිලධාරීන්ගේ අඩුපාඩුකම් හා වැරදි වටහාගෙන සකස් කෙරෙන මනා වැඩපිළිවෙළක් තිබිය යුතුය. කොළඹ කුඩු කිරුළේ පිළිබඳ සටනේ අද අප උත්සාහ කරන්නේ මුස්ලිම් පාතාලය තුළ කුඩු කිරුළට ඇති වූ සටන් කීපයක් ගැන කතා කිරීමටය. මුස්ලිම් පාතාලය තුළ අයුබ්ඛාන්ගේ කල්ලියේ ආනමාලු ඉමිටියාස් හා කුඩු නූර්ගේ කල්ලියේ ෆාජි අතර ගැටුම කෙළවර වූ ආකාරය අපි පසුගිය කලාපයෙන් කතා කළෙමු. මෙම සිදුවීමෙන් පසු ෆාජිගේ තත්ත්වය නරක අතට හැරුණ අතර ෆාජිට ඒ ඉරණම අත්වන්නේ මාළිගාවත්ත පාතාලයේ බලය කෙමෙන් බිඳ වැටීම නිසාය.
ඉමිටියාස් කාගේ කල්ලියේද?
{ "answer_start": [ 622 ], "text": [ "අයුබ්ඛාන්ගේ කල්ලියේ" ] }
d97ceb72-2fbb-4359-adea-d21fcc84b5c2
අතීතයේ සිංහල රාජ්‍යයේ රාළ නමින් හඳුන්වා ඇත්තේ ප්‍රධානීන්ය. විවිධ තනතුරු දැරූ ප්‍රධානීන් තමන්ගේ තනතුර සහිතව රාළ යනුවෙන් හැඳින්වීම එකල පැවති සිරිතයි. මහ රාළ යනුවෙන් රජතුමාද හඳුන්වා ඇති බව ජනප්‍රවාද ජනකතා තුළින් ද හෙළිවේ. ඉන් අනතුරුව ගැමියන්ගේ පෞද්ගලික නාමයන් සමඟද රාළ යන්න පාවිච්චි කිරීමට පුරුදු වී ඇත. කෝරාළ - කෝරළයක් හෙවත් පත්තුවක ප්‍රධානියා අතුකෝරාළ - කෝරාළට සහාය වූ මුලාදෑනියා රටේ රාළ - රටේ මහත්තයා හෙවත් රටේ පාලකයා ගම රාළ - ගමේ ප්‍රධානියා මේ නමින් හඳුන්වයි. උණ්ඩිය රාළ - මුදල්භාර නිලධාරියා හෙවත් මුදල් භාරකරු බද්දෙ රාළ - බදු සහ දඩ මුදල් එකතු කළ නිලධාරියා ගං ඇති රාළ - ඉඩම් හිමියා. ඔහු සතුව සෑහෙන ඉඩකඩම් ප්‍රමාණයක් ඇත. පිහන රාළ - ප්‍රධාන අරක්කැමියා මඩප්පු රාළ - අරක්කැමියාට සහාය වන පුද්ගලයා කීරාළ - පයින්ඩකරුවන්ගේ ප්‍රධානියා ඩිංගිරාළ - රටේ රාළට සහය වන නිලධාරියා. ගැමියන් ඩිංගිත්තක් යනුවෙන් කියන්නේ ටිකක් යන අර්ථයටය.
උණ්ඩිය රාළ යනුවෙන් හදුන්වා ඇත්තේ කව්රුන්ද?
{ "answer_start": [ 474 ], "text": [ "මුදල්භාර නිලධාරියා හෙවත් මුදල් භාරකරු" ] }
a7712e38-14d2-457f-b28b-bf80ec697d28
ගොඩබිම දකින්න ලැබෙන තණබිම් ආකාරයටම, මුහුදු තණ කොළවලින් සමන්විත තණ බිම් මූදු පතුළේ සැතපුම් දස දහස් ගණනක් ඈතට විසිරී පැතිරී පවතී. නිවර්තන කලාපීය සාගරයේ දකින්න ලැබෙන මෙම තණබිම්වල වෙසෙන හුදෙකලා දඩයක්කරුවන් බොහොමය. ඒ අතරින් ටයිගර් ෂාක් හෙවත් ව්‍යාඝ්‍ර මෝරුන් කැපී පෙනෙයි. සිරුරේ ව්‍යාඝ්‍රයකුගේ මෙන් වයිරම් ඇති බැවින් මේ මෝරා ව්‍යාඝ්‍ර මෝරා ලෙස හැඳින්වෙයි. හොඳින් වැඩුණු මෝරකු මීටර් පහක් පමණ දිගින් යුක්තය. ඕනෑම දෙයක් පොඩි පට්ටම් කළ හැකි විදියේ ඉතා ශක්තිමත් හකුපාඩා ව්‍යාඝ්‍ර මෝරාට ඇත. මෝරා ගොදුරු ලෙම සොයන්නේ කොළ කැස්බෑවන් ය. කොළ කැස්බෑවන් ජීවත් වන්නේ මුහුණු තණ ආහාරයට ගනිමින් මෙම තණ පිට්ටනි කේන්ද්‍රකොට ගනිමිනි. කොළ කැස්බෑවන්ගේ ප්‍රධාන ආහාරය ලෙස සැලකෙන්නේ මුහුදු තණ ය.
කොළ කස්බැවන්ගේ ප්‍රධාන ආහාරය කුමක්ද ?
{ "answer_start": [ 652 ], "text": [ "මුහුදු තණ ය" ] }
bb06999f-f908-4340-ba87-05a3601ce13e
මෙහි බිම අන් පල්ලිවලට වඩා සුවිශේෂ වන්නේ එයට එලා ඇත්තේ සොහොන් ඵලක වීම නිසාය. වෙනත් පල්ලිවල අල්ලා ඇති විසිතුරු පිඟන් ගඩොල්වලට වඩා එය ගොඩනැගිල්ලට එක්කර ඇත්තේ පෞරාණික බවක් මෙන්ම පෞඪ බවකි. මෙහි ඇති සොහොන් කොත් රාශියකි. ඒ අතර බණ්ඩාරනායක නාමයද ඇති බැව් ඇසූ බැවින් ඒ ගැන සොයා බැලීමු. එය බණ්ඩාරනායක අගමැතිතුමාගේ සීයාගේ සොහොන් ඵලකයයි. එය බොහෝදෙනාගේ ගෞරවාදරයට පත්වන බව අපට දැනගන්නට ලැබිණි. එහෙත් බණ්ඩාරනායක මහතාගේ සීයාගේ වාසගම සමඟ ඇති මුලකුරුත් එහි ඇති මුලකුරුත් අතර සමානත්වයක් තිබේ දැයි විමසිය යුත්තකි. වරාය ආසන්නයේ පිහිටීම නිසා මෙම පල්ලියට ලන්දේසීන්ගේ සුවිශේෂතාවයක් හිමිවී ඇති බව පෙනෙන්නට තිබේ. මෙහි ඇති සුවිශේෂත්වය නම් මෙම පල්ලිය ගොඩනගන දා සිට ලන්දේසි යුගය අවසානය තෙක් ආණ්ඩුකාරවරුන්ගේ අනුග්‍රාහකත්වය මෙම පල්ලියට ලැබීමය. ලංකාවේ අවසන් ලන්දේසි ආණ්ඩුකාරයා වූ යොහාන් වෑන් ඇන්ග්ලිබික්ගේ විශේෂ අනුග්‍රහය මෙම පල්ලියට ලැබී අතර රජගෙදර නොහොත් අද ජයවර්ධනපුරේ එදා හිමිකරු වූයේ එම ආණ්ඩුකාරයාය. කපිතාන් පොයන්ඩර් විසින් මීට වසර 233කට පෙර අඳින ලද සිතියමක නම් මේ පල්ලිය දැක ගන්නට නැත. ඊට හේතුව එම සිතියමේ කොළඹ කොටුව ඇතුළත් වන අතර මෙම ආදුරුප්පු වීදිය පල්ලිය සමීපයේම ඇති කයිමන් දොරකඩ ආසන්න ගොඩනැගිලි නම් එහි පැහැදිලිව දැකගත හැකිය.
ලංකාවේ අවසන් ලන්දේසි ආණ්ඩුකාරයා කවුද ?
{ "answer_start": [ 747 ], "text": [ "යොහාන් වෑන් ඇන්ග්ලිබික්ගේ" ] }
42fb111e-aede-4d0c-abb1-217679ee6885
18 වැනි සියවසේ අගභාගයේ සහ 19 වැනි සියවසේ මුල් භාගයේ ජර්මානු ජාතික ශාාරිරික සුවතා ගුරුවරුන් දෙපළක් වූ යොහාන් ෆීඩ්රිෂ් ගුට්ස්මුත්ස් සහ ෆීඩ්රිච් ලුඩ්විග් යාන් තම සිසුනට ලබා දුන් ශාරිරික අභ්‍යාස පුහුණුව නුතන ජිම්නාස්ටික් ක්‍රීඩාවට මග පෑදීය. දොන් ෆ්‍රැන්සිස්කෝ අමරොස් ඔන්ඩියානෝ නමැති ස්පාඤ්ඤ් කර්නල්වරයා නූතන ජිම්නාස්ටික් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් පුද්ගලයා ලෙසින් ඉතිහාසයට එක්වෙයි. සමාන්තර දණ්ඩ, වළලු සහ තිරස් පෝල යන ක්‍රීඩා අංග ජාත්‍යන්තර ක්‍රීඩාවට මුලින්ම හඳුන්වා දුන්නේ ඔහුය. එහි ඒ ආභාසයෙන් නූතන ජිම්නාස්ටික් ක්‍රීඩාව නිර්මාණය වූයේය.
ලුඩ්විග් සමග නුතන ජිම්නාස්ටික් ක්‍රීඩාවට මග පැදු අනෙක් ගුරුවරයා කවුද ?
{ "answer_start": [ 101 ], "text": [ "යොහාන් ෆීඩ්රිෂ් ගුට්ස්මුත්ස්" ] }
4fcf4690-e74a-42b4-87c0-e3662d137092
“කවුද තමන්. ඇයි මේ ශරීරයට ආවේ” යනුවෙන් විද්‍යාකුලපති මහතා කිහිපවරක්ම ඇසුවේය. ඉන්පසු අපහසුවෙන් මෙන් රෞද්‍ර ලෙසින් “මම යක්ෂණියක්. මම ආවෙ මේකි ගෙනියන්න” කියමින් හූ තබා සිනාසෙන්නට වූවාය. “මේකි මට දවස් ගානක් රෑට පහනක් තිබ්බා. මේකි එක දවසක් ඒක අමතක කළා. එවෙලේ තමයි මම හිතාගත්තේ ඕකිට පාඩමක් උගන්වන්න ඕනෑ කියලා” මැණිකේගේ පිළිතුර විය. “ඔබ යක්ෂණියක් නෙමෙයි. ඔබට ඇති බලයක් නෑ. මැණිකේගේ හිත විසින්ම මවා පෙන්වීමක් විතරයි යක්ෂණියකගේ වේශය. පුළුවන් නම් ඔබගේ බලය පාවිච්චි කරලා මට දෙයක් කරලා පෙන්නන්න. නැත්තම් එච්චර ලොකු දේවල් වැඩක් නැහැ. ඔබ ඉස්සරහා තිබෙන මේ පොතේ පිටු අත නොතියා යක්ෂණියගේ බලෙන් පෙරළා පෙන්නන්න” විද්‍යාකුලපති මහතා අභියෝග කළේය. නමුත් ඇයට කිසිවක් කරගැනීමට නොහැකි විය. “ඕක තමයි මම කිව්වේ ඔබට ඇති බලයක් නැහැ කියලා. ඔබ යක්ෂණියක් නෙමෙයි. ඔබේ යටි හිතේ ඇති වූ ප්‍රතිඵලයක් ලෙස ඔබ යක්ෂණියක් ලෙස හැසිරෙනවා. දැන් ඔබගේ එම තත්ත්වය මා ඉවත් කරනවා” යැයි පවසමින් මෝහන නිද්‍රාවේදීම එම තත්ත්වය පහදා දී එම මානසික තත්ත්වය විද්‍යාකුලපති මහතා විසින් ඉවත් කළේය. සිදුවීම පිළිබඳව විද්‍යාත්මක සත්‍යය විද්‍යාකුලපති මහතා විසින් මෙලෙස පැහැදිලි කර දුනි.
විද්‍යාකුලපති මහතා කිහිපවරක්ම ඇසුවේ කුමක්ද?
{ "answer_start": [ 0 ], "text": [ "“කවුද තමන්. ඇයි මේ ශරීරයට ආවේ” යනුවෙන්" ] }
b1b5f018-41fd-4e1f-913c-748cfdab5f23
එක්දින තරග 115කට සහභාගී වී ඇති ඔහු ලකුණු 1751 රැස්කර ඇති අතර කඩුලු 158ක් බිඳ හෙලා තිබේ. ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම ලකුණු 52කට කඩුලු 9ක් වන අතර එක්දින හොඳම පන්දු යැවීම ලකුණු 25ට කඩුලු 5කි. 1973 පෙබරවාරි 3 දින පාකිස්තානය සමඟ වෙලින්ග්ටන්හි පැවැති ටෙස්ට් තරගයෙන් තම ටෙස්ට් දිවිය ආරම්භ කළ ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි 1990 ජූලි 5 දින එංගලන්තය සමඟ බර්මින්හැම් හි පැවැති ටෙස්ට් තරගයෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන්නේය. ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි කලක් නවසීලන්ත ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස සේවය කළේය. 2002දී විස්ඩන් ක්‍රිකට් සඟරාව ඉතිහාසය පුරා බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නන් අතර දෙවැනි විශිෂ්ට පන්දු යවන්නා ලෙස ඔහු නම් කළේය. 2009 මාර්තු මාසයේදී නවසීලන්තයෙන් බිහිවූ ක්‍රිකට් වීරයන් 12 දෙනා අතරට හැඩ්ලිද නම් කෙරිණි. ඔහුගේ විශාල ප්‍රමාණයේ උඩුකය ලෝකඩ ප්‍රතිමාවක් ක්‍රයිස්ට්චර්ච් කලා මධ්‍යස්ථාන භූමියේ ස්ථාපනය කිරීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීහු පියවර ගත්හ. 2009 අප්‍රේල් 3 දින ඔහු අයීසීසීයේ කීර්තිමත් ක්‍රීඩකයන් අතරට නම් කෙරිණි.
එක්දින තරග 115කට සහභාගී වී ඇති ඔහු ලකුණු කීයක් රැස් කලේද?
{ "answer_start": [ 41 ], "text": [ "1751" ] }
8943fb58-7dfc-43da-8b2b-5c1ff33605c8
විදේශ රටකට ගියත්, ලංකාවෙ සිටියත් අපි කෑම ගැන ගොඩක් උනන්දු වෙන්න ඕන. මොකද අපේ විනෝදය, සතුට සියල්ල තීරණය කරන්න කෑමවලට පුළුවන් නිසා. අපි උදේ කාලයේ ආහාරයට ගත්තේ මැලේසියාවට ආවේණික කෑම වර්ග. මැලේසියානුවන් ලංකාවෙ තරම් මිරිසට කෑම හදන්නෙ නම් නැහැ. ඔවුන් වැඩියෙන්ම හිතන්නේ පෝෂණය ගැන විතරයි. ඒත්, අලුත් කෑම ගොඩක් රස විඳින්න පුළුවන්. අපි ගොඩක්ම කෑම කෑවේ ඉන්දියන් කෑම. අපේ රසට ටිකක් හුරු හින්දා එහි ආගන්තුක බවක් වැඩිය දැනුණෙ නැහැ. ඒ නිසා මැලේසියාවේ ගිහින් ඉන්දියාවේ කෑමවල රස බලන්නත් අපිට පුළුවන් වුණා. ක්වාලා ලම්පූර් පහුකරගෙන අපි පීනෑන් දුපතට ගියේ කිලෝමීටර් ගණනක දුරක පාලමකින්. පාලමක් උඩින් එතරම් වේලාවක් ගිය අපේ පළමු අවස්ථාව තමයි ඒ. ඈත පෙනෙන පීනෑන් නගරයේ ලස්සන මුහුද අපූරු වින්දනයක් එක්කළා.
මොවුන් උදේ කාලයේ ගත් ආහාර කුමන රටට ආවේණික ආහාරද?
{ "answer_start": [ 157 ], "text": [ "මැලේසියාවට" ] }
5f77b5c2-3b80-4640-a6bc-9409c25039d0
ඉන්දියානු මුහුදු පත්ලේ ඇති පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථාන අතුරින් වැඩිම අවධානයට ලක් වූ ස්ථානයක් ලෙස පිළිගැනෙනුයේ ද්වාරකාවය. ද්වාරකා යනු හින්දු දහමේ සතර ධර්ම ලෙස හැඳින්වෙන පූජනීය ස්ථාන 4න් එකක් ලෙස සැලකෙයි. හින්දු විශ්වාස අනුව ක්‍රිෂ්ණ දෙවිඳු විසින් ද්වාරකාව නිර්මාණය කරන ලදැයි පැවසේ. මුහුදුබත් වී ඇති මෙම පූජනීය නගරය යළි අනාවරණ කර ගන්නා ලද්දේ සමුද්‍රීය පුරා විද්‍යාඥයන් පිරිසක් විසිනි. ඉන්දියානු සාගරයේ මීටර 36ක් පමණ ගැඹුරේ අන්තර් උදම් කලාපයෙන් මෙම නගරයට අයත් යැයි සැලකෙන දැවැන්ත කළුගල් ඉදිකිරීම් රැසක් ඔවුන් විසින් සොයා ගැනුණු අතර ඒවා අර්ධ කවාකාර, සෘජුකෝණාශ්‍රාකාර සහ සතරැස් හැඩයෙන් යුක්තය. එම ඉදිකිරීම් මුහුදේ තැන තැන විශාල ප්‍රදේශයක් පුරා විසිරී තිබූ අතර තවත් බොහෝ නටබුන් මීටර 36 සීමාවෙන් ඔබ්බෙහි ද පවතින බවට ඔවුන්ගේ විශ්වාසයයි.
ඉන්දියානු මුහු පතුලේ ඇති පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථානය ලෙස සැලකෙන්නේ?
{ "answer_start": [ 111 ], "text": [ "ද්වාරකාවය" ] }
84792aef-a821-4f90-80f9-c81f4c28394c
අප ඇල්ල කරා දිවෙන මාර්ග සොයා ගැනීම සඳහා සහාය පැතූ පුද්ගලයා අපගේ ගමනට සහායදීමටද කැමැත්ත පළ කළේ එම සොඳුරු ඉසව්වේ සුන්දර හා භයංකර ස්ථාන රාශියක් එහි පවතින හෙයිනි. ඒ බව අපට වැටහුනේ එම ඉසව්වට ළඟා වූවාට පසුවය. සපුමල් හරිඳු නම් කටකාර තරුණ මහතා සමග අපි ඇල්ල සොයා පයින්ම ගමන් කළෙමු. මෙය කඳු ගැටයකින් ඇද හැලෙන දිය දහරාවක් නොවුණත්, ගල්පර අතරින් ගලා බසින ඇල්ල ඉතාමත් මනරම්ය. අපගේ ගමන් සඟයා ඇල්ල ආරම්භක ස්ථානයටත්, එහි ගැඹුරුම ස්ථානයටත් අපව රැගෙන ගියේ ඔහු මෙම ඉසව්වේ යහළුවන් සමග සෑමදාම පාහේ කරක් ගසන නිසාවෙනි. එය භයංකර ගමනක් වුවත්, එය අපට එතරම් නුහුරු නොවූයේ පුරුදු කාරයෙකු වූ ඔහුත් සමග ගමන් කළ බැවිනි.
ඇල්ල සොයා පයින්ම ගියේ කා සමඟද?
{ "answer_start": [ 203 ], "text": [ "සපුමල් හරිඳු" ] }
3f74d6eb-16f6-4567-b232-ef016cb02d24
යුක්රේන ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුදෙව් ජාතිකයෙකි. ඔහුට ඇත්තේ යුදෙව් ලේ ය. නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර්ට යුදෙව් ලේ තිබුණැයි යැයි රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් පැවැසුවේ සෙලෙන්ස්කී යුදෙව්වකු බව පෙන්වා දෙමිනි. කෙසේ නමුත් රුසියන් විදේශ අමාත්‍යවරවයාගේ එම ප්‍රකාශය ඊශ්‍රායලයේ පමණක් නොව ලොව බොහෝ දෙනාගේ උදහසට ලක් විය. ඒ, එහි අර්ථය හරිහැටි වටහා ගැනීමට නොහැකි වුණු බැවිනි. විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් එම අදහස් දැක්වීම කළේ ඉතාලි රූපවාහිනී නාළිකාවක් සමඟය.ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයෙන් රුසියන් විදේශ අමාත්‍යවරයාට දැඩි විරෝධයක් එල්ල වූයේ ඉන් අනතුරුවය. දෙවැනි ලෝක යුද්ධයේ දි හිට්ලර්ගේ නාසි හමුදා අතින් ඝාතනයට ලක් වුණු යුදෙව්වන් ගණන මිලියන 6 කට වැඩිය. විදේශ අමාත්‍යවරයා කළ එම ප්‍රකාශය මුල්කොට ගනිමින් වහා සමාව ඉල්ලීමක් කරන්නැයි ඊශ්‍රායලය රුසියාවට බල කරන්න විය. රුසියන් ජනාධිපති පුටින් ඊශ්‍රායල ජනාධිපතිවරයාට දුරකතන ඇමැතුමක් ලබා දුන්නේ ඒ අනුවය.
රුසියන් ජනාධිපතිවරයා කවුද?
{ "answer_start": [ 774 ], "text": [ "පුටින්" ] }
d8dfd441-6bd6-4417-a3ac-f7a87a3d1a97
එහෙත් කෙනකුට හිතුමතේ කෝවිලකට දේවාලෙකට ගොස්‌ ගිනි පෑගීම, ශරීරයේ කටු ගසා පූජා පැවත්වීමට නොහැකිය. මෙම පූජා පැවැත්වීමට යම් පිළිවෙතක්‌ තිබේ. කිලි අසුවීමෙන් තොරව, දින ගණනක් පේ වී කරන මෙම හාස්කම දේව හාස්කමින් කරන දෙයකි. කිලි අසුවීමෙන් තොරව යන්නෙන් අදහස් කරන්නේ මළ ගෙවල්වලට නොයාම, ගැහැනු ළමයින් වැඩිවියට පත්වීම හා මාසික ඔසප් වීම සිදුවන අවස්ථාවල දී සිදුවන අපවිත්‍ර වීම්වලින් ඈත්ව සිටීම, ඌරු මස් හෝ වෙනත් මේ සඳහා නුසුදුසු මාංශ වර්ග ආහාර අනුභවයෙන් වැළකීම හා මත්පැන් පානයෙන් වැළකීම යනාදී තවත් බොහෝ දේවලින් වන අපවිත්‍රවීම් වලට අසු නොවීමයි.
කිලි හසුවීමෙන් තොරව යන්නෙන් අදහස් වන දෙයක් කුමක්ද?
{ "answer_start": [ 254 ], "text": [ "මළ ගෙවල්වලට නොයාම" ] }
7fb6e45d-4b1c-4b62-9d4d-0266da38e87f
නූතන අශ්වයකුගේ වැනි හිසක් සහිත පියාසර කළ නොහැකි දැවැන්ත පක්ෂි විශේෂයක් අදින් වසර ලක්ෂ 500ට පෙර මිහිතලය මත දිවි ගෙවා ඇතැයි පර්යේෂකයෝ පිරිසක් කියති. මේ සත්ත්ව විශේෂය ආක්ටික් පෙදෙසේ සිට යුරෝපය හා ආසියාව තෙක් පැතිර සිටින්නට ඇතැයි ද ඔවුන්ගේ අදහස වී ඇත. කොලරාඩේ විශ්වවිද්‍යාලය, බෝල්ඩර් විද්‍යාලය හා චීන ෆොසිල අධ්‍යයන ආයතනයට එක්ව මේ පර්යේෂණ සිදුකර ඇත. පර්යේෂකයන් පවසන්නේ අශ්වයකුගේ හිසකට සමාන හිසකින් යුතු මේ අපූරු පක්ෂියා අශ්වයකුට වඩා විශාල හා බරැති සත්ත්ව විශේෂයක් වන බවයි. මොවුන් ශාක පත්‍ර‍, ඇට වර්ග හා පලතුරු ආදිය බුදිමින් ජීවත් වී ඇති බව හොටය අනුවර්ථනය වී ඇති ආකාරය අනුව විද්‍යාඥයෝ කියති.
මෙම දැවැන්ත පක්ෂි විශේෂයේ හිස කෙබඳුද?
{ "answer_start": [ 0 ], "text": [ "නූතන අශ්වයකුගේ වැනි හිසක්" ] }
844598c8-c8dc-42dd-ab01-17fb519d3645
ත්‍රීරෝද රථ රියැදුරාගේ මිතුරකු වූ ඇල්පිටියේ පදිංචි 21 හැවිරිදි තරුණයා ස්කූටි වර්ගයේ යතුරු පැදියේ පදවන්නා විය. 16 හැවිරිදි ළමයා එහි මැද වාඩි වූ අතර ගිනි අවිය රැගත් තෙලිජ්ජවිල යුධ හමුදා සෙබළා එහි පිටුපස ගමන් කළේය. අදාළ දඩයමට යන අතරතුර දී හමුවුණේ අකුරැස්ස-තිබ්බොටුවාව මංසන්ධිය අසල රාත්‍රි මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකි. තිදෙනෙකු ගමන් කරන යතුරුපැදිය ගැන සැක සිතී ඔවුහු එය නතර කිරීමට සංඥා කළහ. පොලිස් අණ නොතකා සැකකරුවන් තිදෙනා ඉදිරියට ගමන් කරමින් සිටියෝය. පොලිස් නිලධාරීන් දෙදෙනා ද තම යතුරුපැදියෙන් ඔවුන් පසුපස ලුහුබැඳ යන්නට වූහ.
ගිනි අවිය රැගත් යුධ හමුදා සෙබළා කුමන ප්‍රදේශයක කෙනෙක්ද?
{ "answer_start": [ 163 ], "text": [ "තෙලිජ්ජවිල" ] }
4326077f-f348-4e13-bbbd-23bffaf3582b
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ඉන්දීය සංචාරයකට පැමිණියේය. ජපාන අග්‍රාමාත්‍ය ලෙස ෆුමියෝ කිෂිඩා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණ ගැසුණු පළමු අවස්ථාව මෙයයි. ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් පසු අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කළේය. ඉන්දියාව රුසියාවේත් යුක්රේනයේත් මිතුරකු වන අතර, රුසියන් යුක්රේන අර්බුදයේ දී මධ්‍යස්ථව කටයුතු කරයි. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හෙලා දැකීමට ඉන්දියාව කටයුතු කළ යුතු බවත්, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගයට විරුද්ධ වන ලෙසත් ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවෙමින් ඉල්ලා සිටියේය.
සබදතා ශක්තිමත් කර ගැනීමෙන් පසු ෆුමියෝ කිෂිඩා අවධානය යොමු කළ අර්බුදය කුමක්ද?
{ "answer_start": [ 267 ], "text": [ "රුසියන් යුක්රේන අර්බුදය" ] }
c384f65c-c9dc-40c7-843b-cde0e6571890
මෙවැනි උසස් තාක්ෂණයක් තුළින් අපේ තේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිකිරීම මගින් ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින ආදායමට වඩා ඉහළ ආදායමක් ඉපැයීමට අපට හැකිවෙනවා. එමෙන්ම දැනට තේ දළු වියළීමට භාවිත කරන විශාල උදුන්වලට දර සපයාගැනීමට ඇති අපහසුතාවද මග හැරෙනවා. දැව පිළිස්සීම තුළින් සිදුවන පාරිසරික විනාශයද අවම කරගැනීමට හැකිවෙනවා. මෙම නිර්මාණය අත්හදා බැලීමේදී තලවාකැලේ තේ පර්යේෂණ ආයතනය විශාල සහයෝගයක් ලබාදුන්නා. තායිවානය සහ ඉන්දියාව මේවන විට මෙවැනි යන්ත‍්‍රයක් නිපදවා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම වායු සමීකරණ තාක්ෂණයෙන් සහ වායු සම්පීඩක තාක්ෂණයෙන් දැව පදම් කිරීමේ යන්ත‍්‍රයක් සහ නැවුම් පිරිසුදු පොල්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා යන්ත්‍රෝපකරණද මා නිර්මාණය කර තිබෙනවා. දැනටමත් මා නිර්මාණය කළ සමහර යන්ත්‍රෝපකරණ කර්මාන්තකරුවන් භාවිත කරනවා යැයි සෙනරත් මහතා පැවැසීය.
මෙවැනි උසස් තාක්ෂණයක් භාවිතා කිරීම නිසා අවම කර ගැනීමට හැකි වන පාරිසරික විනාශයක් වන්නේ කුමක්ද?
{ "answer_start": [ 241 ], "text": [ "දැව පිළිස්සීම තුළින් සිදුවන පාරිසරික විනාශය" ] }
b90f8b77-6d97-4236-9bb8-b8d07ae3676d
තවද මොවුන් පවසන පරිදි වසරේ සමහර කාලවලදී කෙසෙල්ගමු ඔය දැඩි ලෙස සීඳීමකට ලක්වෙන අතර වර්ෂා සහිත කාලවලදී ගඟේ රෙදි සේදීම පවා දැඩි අනතුරුදායකය. තවද ගංවතුර කාලවලදී සුළු සුළු නායයෑම් දක්නට ඇති අතර එම කාලයේ ගඟ අසලට ළංවීම පවා මරණයට අතවැනීමක් වැනිය. මන්ද ඔවුන් පවසන පරිදි එම කාලයේදී ගඟ දුඹුරු වර්ණයෙන් යුතුව ගල් පෙරළාගෙන, ගස් අතු කඩාගෙන ඉතා ප්‍රචණ්ඩ ලෙස ගලායයි. කෙසේ හෝ අපට සිහිවූයේ මීට දෙවසරකට පමණ පෙර සමස්ත ප්‍රදේශයම සුදු රෙද්දක් එළුවාක් මෙන් ඉතා විශාල හා පුළුල් ලෙස ගලාගෙන වැටෙන ඇබර්ඩීන් ඇල්ලයි. කෙසේ හෝ එම අතීතාවර්ජනයත් සමග නැවතත් අප ඉදිරිය බලා ඇදුණෙමු. මීළඟට අපට ළඟාවිය යුතුව තිබුණේ කාසල්රි ජලාශය ආසන්න ප්‍රදේශයටයි. කාසල්රි ජලාශයට නදුරින් ලංකා විදුලිබල මණ්ඩලයේ පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ඇත. තවද මෙම ප්‍රදේශය තුළ වඳුරන්, මොණරුන්, ඉත්තෑවන්, ඕලු මුවන්, මීමින්නා, දිවියා සහ ගෝනුන් වාසය කරන බවත් අපට දැනගැනීමට ලැබුණි. මන්ද මෙම මාර්ගයට අනෙක් පස ඇත්තේ ඉතා පුළුල් ලෙස විහිදුණු වන පියසත් ඒ සියල්ල සමනල රක්ෂිතයට අසල්වැසි වන නිසාත්ය. අපගේ ගමනාන්තයේ තවත් දෙකොටසක් ඇති අතර ලබන සතියේ අප කැලණි ගඟේ ආරම්භක ස්ථානයක් වන මාඋස්සාකැලේ ජලාශයත් ඊට ජලය ලැබෙන ප්‍රධාන මූලාශ්‍ර ගවේෂණයත් කතිකා කෙරේ. මන්ද කැලණි ගඟ යනු අර්ධ වශයෙන් සමනල රක්ෂිතයෙන් පෝෂණය වන්නක් සේම අනෙක් අර්ධය හෝර්ටන් තැන්නෙත් පෝෂණය වන්නක් නිසාය.
අර්ධ වශයෙන් සමනල රක්ෂිතයෙන් පෝෂණය වන්නක් සේම අනෙක් අර්ධය හෝර්ටන් තැන්නෙත් පෝෂණය වන ගංගාව කුමක්ද?
{ "answer_start": [ 1073 ], "text": [ "කැලණි ගඟ" ] }
b24f13a8-b0ef-4487-81a7-28da4198874f
ලෙබනන් වතුයායේ කෙළවර එනම් නකල්ස් මායිම තුළ ඇති රත්නගිරිය වත්ත මතින් වනයට ඇතුළු විය යුතු අතර නකල්ස් ප්‍රේරණ කලාපය එතැනින් අවසන් වේ. තේ වතුයායකින් වැසුණු මල්ගුඩ් හන්දිය පසුකර කම්කරු නිවාස පේලි අතරින් ලෙබනන් වත්තේ දිය ඇලි යුගලයක් නරඹාම අප ඉහළට ඇදුනේ රත්නගිරිය වත්ත වෙතය. අහස් කුස හොඳින් නිලට දිලුණු බැවින් බටහිර ප්‍රදේශයට වන්නට බතලේගල, අලගල්ල, හුන්නස්ගිරිය, අරංගල වැනි කඳු වැටි පවා දැක ගැනීමට ලැබුණි. ක්‍රමයෙන් උස් බිමක් වෙත අප ඇදෙන්නට වූ අතර වන පියසට පිවිසීමට පෙර හමුවන අවසන් වතු නිවාසයත් පසුකර අප මාන කැලය මැදින් ඉහළට ඇදුනේ කූඩැල්ලන්ට විසඳුම් අරගෙනමය.
මාන කැලය මැදින් ඉහළට ඇදුනේ කවුරුන් හට විසඳුම් ඇරගෙනද
{ "answer_start": [ 523 ], "text": [ "කූඩැල්ලන්ට" ] }
6b2e833b-89e8-4d9e-ac84-d5e042583c45
‘ඕලු මරා’ ජීවත් වෙන්නේ දකුණු ආසියාවේ ලොකුම ජනපදය ලෙස සැලකෙන සිරිගම්පල ජනපදයේය. ඇතැම්හු මෙයට බට්ටා කොලනිය යනුවෙන් ද ව්‍යවහාර කරති. ‘ඕලු මරා’ කියන්නේ ඒ ජනපදයේ ඝන කැලෑවේ වෙසෙන අතිශය දුර්ලභ සත්වයකු බවට ඔබ සිතනවා විය හැකිය. එහෙත් එම සිතිවිල්ල වැරදිය. ‘ඕලු මරා’ කියන්නේ පාතාල නායකයෙකි. ඔහුගේ පිටේ ඕලු මලක් පච්ච කොටා ඇත. එබැවින් සිරිගම්පල ජනපදවාසීන් ඔහු හඳුන්වා ඇත්තේ ඕලු මලා යන නමින්ය. ඕලු මලා වූ ශානුක නමැත්තා පසුකාලයක ඕලු මරා කියන නමින් හඳුන්වන්නට පටන්ගෙන ඇත. පවුල් 3000කට වැඩි පිරිසක් සිරිගම්පල ජනපදයේ ජීවත්වන අතර බහුතරයක් සාමකාමී දිවි පෙවෙතක් ගතකරන අහිංසකයෝ වෙති. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්, ගංජා, කසිප්පු ජාවාරම්කාරයන් මෙන්ම පික්පොකට් කරුවෝ සහ සොරුන්ගෙන් ද මෙම ජනපදයේ අඩුවක් නම් නොමැත. සාමකාමී දිවිපෙවෙතක් ගතකරන ජනතාවට මේ ජාවාරම්කරුවන් සහ සොරුන් හරිම හිසරදයක්ව පැවතිණ. ඕලු මරා නමැත්තා ද පාතාල ලෝකයට ඇද වැටෙන්නේ මෙවැනි සමාජ වටපිටාවක් තුළය.
ඕලු මලා යනු කව්ද?
{ "answer_start": [ 391 ], "text": [ "ශානුක නමැත්තා" ] }
d0125bc6-c60d-4351-977a-fc1a94287871
තම මිතුරා තමා ඉදිරියේදීම මිය යන අයුරු දුටු ග්‍රොන්ක්විස්ට් අතිශයින් කැලඹීමට පත් විය. මොහොතකින් සිහි එළවාගත් ඔහු සිරවී සිටි තම මිතුරාගේ සිරුර ඉන් ඉවත් කරන්නට උත්සාහ කළේය. එයද අසීරු විය. ඔහුට එක් වරම යළි ගොඩ බිමට යෑමටද නොහැකිය. එහෙයින් කෙසේ හෝ ස්ටෙයිනුග්ලෙෆ්ලැගට් නමැති ස්ථානය වෙත කිමිදීමට ඔහු තීරණය කළේය. ග්‍රොන්ක්විස්ට් තවත් මීටර හයක් ඉහළට පිහිනා ගියේය. එහෙත් අසම්පිඩන තත්ත්වය හේතුවෙන් ඔහුට තවදුරටත් ජලයේ සිටිය නොහැකි විය. ඒ වන විට ඔහු පැය හතකට අධික කාලයක් ජලයේ ගතකොට තිබිණි. දෙපැයකට පමණ පසු කිමිදෙන්නට වූ දෙවැනි කණ්ඩායම ඒ දෙසට පැමිණෙමින් සිටියහ. තම මිතුරා මිය ගිය බව හෝ ඔහුගේ සිරුර ගැඹුරු පටු මගෙහි සිරවී තිබෙන බැව් ඔවුනට දැන්වීමට පැට්‍රික් හට මඟක් නොතිබිණි. මීටර 6ක් ඉහළට නැඟුණු පැට්‍රික් හට තමා පසුපසින් කිසිවකු පිහිනා එනු පෙනිණි. ඒ දෙවැනි කණ්ඩායමේ නායකයා වූ වෙසා රන්තනන්ය.
ග්‍රොන්ක්විස්ට් කිමිදීමට තීරණය කළේ කුමන ස්ථානය වෙතද?
{ "answer_start": [ 242 ], "text": [ "ස්ටෙයිනුග්ලෙෆ්ලැගට් නමැති ස්ථානය වෙත" ] }
cb3f46d8-ea48-4c35-9fb1-b073c7a7c312
ස්ත්‍රියකගේ නළල් තලයෙහි දික්වූ ස්වස්ථික දැක්මක් ඇත්නම් තම සැමියාගේ කුඩා සහෝදරයා නසන අතර ලොම් ඇත්නම් නිතර ලෙඩ රෝග වලින් පෙළෙන්නියක්ද වේ. බළල් ඇස් ඇත්තාවුද ඇතුන්ගේ මෙන් ඇස් ඇත්තාවුද කාන්තාව කාමයෙන් මත්වී කුලය පවා නසන්නියකි. දකුණු ඇස වපරවීනම් වඳය. වම් ඇස වපරවී නම් සොර සැමියන් සොයා යන්නියකි. මීයන්ගේ හෝ කොබෙයියන්ගේ වැනි ඇස් ඇති ස්ත්‍රිය නපුරු ස්වභාව ඇති කාමය අඩු තැනැත්තියකි. වළ ගැසුණු ඇස් ඇති කාන්තාව ඉතා නපුරුය. රතු ඇස් ඇත්තිය සැමියන් නසන්නියකි. අග රතුවූ හෝ වක්වූ නහය ඇත්තිය වැන්දඹුවකි. පැතලි නාසය ඇත්තී දාසියකි. එල්ලෙන නාසය ඇත්නම් කලහයට ප්‍රිය කතකි. නාසය මහත්වූ අග ඇතිව මැද නැමුණොත් අශුභ ඵල ඇති වෙයි.
බළල් ඇස් මෙන්ම ඇත්තුන්ගේ මෙන් ඇස් ඇති කාන්තාව කෙබදු අයෙක්ද?
{ "answer_start": [ 188 ], "text": [ "කාමයෙන් මත්වී කුලය පවා නසන්නියකි" ] }
6c1d5152-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු සමූහයක් ස්කොට්ලන්තයේ වයඹ දිග ස්කේයි දූපතෙන් සොයාගැනීමත් සමඟ මධ්‍යම ජුරාසික් යුගය සම්බන්ධව නවතම තොරතුරු රැසක් එළිදරව් වී ඇතැයි විද්‍යාඥයෝ පවසති. එඩිම්බරෝ සරසවියේ සහ චීන විද්‍යාත්මක ඇකඩමියේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගන්නා ලද මෙම තොරතුරු ස්කොට්ලන්ත භූ විද්‍යා ජර්නලයේ නවතම වාර්තාවක එළිදක්වා ඇත. ස්කේයි දූපතේ තිබී මීට අවුරුදු මිලියන 170කට එපිට යුගයට අයත් යැයි සැලකෙන ඩයිනෝසර් පා සළකුණු 50 ක් පමණ සොයා ගත් බව ඔවුහු පවසති. දූපතේ බ්‍රදර්ස් පොයින්ට් ලෙස හැදින්වෙන ස්ථානයේ කලපුවක තිබී මෙම පා සළකුණු සොයාගෙන ඇති අතර විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේවා ඩයිනෝසරයින් දෙදෙනකු විසින් තැබූ සළකුණු බවයි. ඩයිනෝසරයින් සහයෝගයෙන් වාසය කළ ආකාරය සම්බන්ධව පැහැදිලි චිත්‍රයක් මවාගැනීමට මෙම සොයාගැනීම උපකාර වන බවද ඔවුහු තවදුරටත් පවසති. එක් පා සළකුණක් කාර් රෝදයක් තරම් විශාල වන අතර මෙම සතුන් ටොන් 10ක් පමණ බරින් හා මීටර් 15ක් පමණ දිගින් යුතු වන්නට ඇති බවට විශ්වාස කෙරේ. මෙම මාංෂභක්ෂක සතුන් දඩයම් නොකරන වේලාවන් හිදී කලපුව අසලට පැමිණ නිදහසේ කාලය ගත කරන්නට ඇති බව පැවසේ. පර්යේෂණ වාර්තාවේ සම කතෘ ස්ටීව් බෘසෙට් පවසන්නේ 2016 වර්ෂයේදී දූපතේ චාරිකා කළ පාසල් සිසුවකු විසින් මෙම පා සළකුණු මුල්වරට සොයාගත් බවයි.
එම සතුන් කොපමණ දිගකින් යුක්ත වේද?
{ "answer_start": [ 845 ], "text": [ "මීටර් 15ක් පමණ" ] }
c97dcf0e-4ad7-4197-a02b-9e2b9e822986
අසල්වාසීන්ගේ ප්‍රධාන ඉලක්ක කොට ගත් නිවසේ ගෘහ මූලිකයා තිස්පස් හැවිරිදි අයෙකි. ඔහු හිටි හැටියේ මිය ගියේ හදිසි වසංගත රෝගයක් වැළඳීමකිනි. ඔහුගේ තරුණ බිරිඳත් විවාහ නොවූ බිරිඳගේ නැගණියත් නිවසේ තනි විය. තරුණ බිරිඳට දරුවෝ තිදෙනෙක් ද සිටියහ. ඔවුන් වයස දහතුන් හැවිරිදි සහ එකළොස් හැවිරිදි, නව හැවිරිදි වශයෙනි. වැඩිමලා පිරිමි දරුවෙකි, බාලයන් දියණියන් ය. ස්වාමියාගේ හදිසි වියෝවෙන් පසු ඔවුන්ට කිසිවෙකුගේ හව් හරණක් නොවීය. දානපතියෙක්ගේ මාර්ගයෙන් කුඩා සක් ඉදිකිරීමට ගම්මු ක්‍රියා කළහ. නව නිවසට ගෙවැදීමෙන් පසු භූතයාගේ කරදර සිදුවීම වැඩිවිය. මොහු අමානුෂ්‍යයෙක් යැයි ගම්වාසීන් විශ්වාස කළේ ඒ නිසයි. නව නිවසට ගෙවැදීමෙන් පසු අසල්වැසි නිවෙස්වලට වැඩියෙන් කරදර එන්න එන්නම වැඩිවන ලකුණු දැනිණි. ගල් මුල් ප්‍රහාර, ජනෙල් දොරවල්වලින් ගෙට පැනීම, කුප්පි ලාම්පුව නිවා දැමීම, දරුවන් ඇහැරී කෑගසනවිට පලා යාම ආදියද වැඩි විය.
නිවසේ ගෘහ මූලිකයා කී හැවිරිදිද?
{ "answer_start": [ 53 ], "text": [ "තිස්පස් හැවිරිදි" ] }
bf3dd3d4-c9c9-46f2-af5d-6af8443690bb
විමන්තගේ කේන්දරය රැගෙන එන්නට තම නිවසට පිටත් වූ විමන්තගේ පියා එදින මහ රෑ නැගණියගේ නිවසට පැමිණියේ එයද රැගෙනය. පසුදාම විමන්තගේ දෙමාපියන් ඔහුගේ කේන්දරය රැගෙන ජ්‍යොතීර්වේදියකු වෙත ගොස් දරුවාට සිදුවී ඇත්තේ කුමක්ද යන්න ඇසූහ. කේන්දරය හොඳින් පරීක්ෂා කර බැලූ ජ්‍යොතීර්වේදියා පවසා සිටියේ දරුවා මේ ගෙවන්නේ ඒරාෂ්ඨක අපල කාලයක් බවත් තවත් වසර තුනක් ඉදිරියට එම අපල කාලය පවතින බවත් ඒ සඳහා වත්පිළිවෙත් කරන ලෙසත්ය. තව තවත් මනසින් දුර්වල වූ විමන්ත පාසල් නොයන්නට තීරණය කළේය. එයට හේතුව වශයෙන් ඔහු වැඩිහිටියනට කීවේ යහළුවන්ට මුහුණ දෙන්නට නොහැකි බවත් ඔහු මේ නිසා ලැජ්ජාවට පත් වන බවත් යහළුවන්ගේ හාස්‍යයට ලක් වී ඇති බවත්ය. තවදුරටත් තම පුතුගේ තත්ත්වය ඉවසාගත නොහැකි වූ වැඩිහිටියෝ සාස්තර බලන මෑණි කෙනෙකු වෙත ගොස් සියල්ල ඇයට සැලකර සිටියෝය.
විමන්ත ගෙවන්නේ කුමන අපල කාලයක් ද?
{ "answer_start": [ 294 ], "text": [ "ඒරාෂ්ඨක අපල කාලයක්" ] }
8d3a6db4-80e0-4f7b-98e2-bc3ab2995ab6
අනිස් බස්මි අධ්‍යක්ෂණය කරනු ලැබූ බූල් භාලියා දෙවැනි චිත්‍රපටය මීට දින කිහිපයනට පෙර සිනමා ශාලා හරහා ප්‍රදර්ශනය ආරම්භ විය. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටයේ ගුණත්මක බවන් ඉහළ පිටපතක් මේ වනවිට කිසියම් පුද්ගලයෙකු විසින් අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ කර තිබෙන බව සඳහන් වෙයි. මෑතකදී ඉහළ නිෂ්පාදන පිරිවැයක් යොදා නිර්මාණය කළ චිත්‍රපට රැසක් මෙසේ හොර රහසේ අන්තර්ජාලයට මුදහැර තිබිමේ අවස්ථා රැසක් වාර්තා වි තිබුණි. ආක්ෂේ කුමාර්ගේ අතිරංගි, අජේගේ රන්වෙයි 34 මෙන්ම කංගනාගේ ඩකාඩ් චිත්‍රපටද මෙසේ තිරගත වී දින කිහිපයකින් හොර රහසේ අන්තර්ජාලය තුළට යම් පුද්ගලයෙකු විසින් නිකුත් කර තිබෙනු දක්නට ලැබුණි.
බූල් භාලියා දෙවැනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබූවේ කවුරුන්ද?
{ "answer_start": [ 0 ], "text": [ "අනිස් බස්මි" ] }
ab70ff1b-eeda-47f1-ab3f-268856245c71
මෙම අකරතැබ්බට මුහුණ පෑවේ මධ්‍යම චීනයේ හෙනාන් පළාතේ ෂෙංෂූ නගරයේ උමං දුම්රිය මාර්ගය භාවිතයට ගත් මගීන් පිරිසකි. සිරවුණු මගීන් පිරිස මුදා ගැනීමට සහන සේවකයන්ට, කාලය සමඟ සටන් කිරීමට සිදුවිය. නොකඩවා ඇදහැලෙන මහ වැසි හේතුවෙන් හෙනාන් පළාතේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. ෂෙංෂූ නගරයෙන් හරි අඩක් පමණ සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ගොස් ඇතැයි ද පැවැසෙයි. ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 12ක් බවත්, දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බවත් වාර්තා වේ. වගාබිම් සියල්ලම පාහේ මුළුමනින්ම විනාශ වී ගොස් තිබේ. කාලගුණ විද්‍යාඥයන් පවසා ඇත්තේ හෙනාන් පළාතට වාර්ෂිකව ලැබෙන වර්ෂාව දින 3ක් ඇතුළත ලැබී ඇති බවය. මීට පෙර මේ අයුරින් හෙනාන් පළාතේ වැසියන් අධික වර්ෂාව සහ ජල ගැලීම් නිසා පිඩාවට පත්වී ඇත්තේ මීට වසර 60 කට පෙරය.
මීට පෙර මේ අයුරින් හෙනාන් පළාතේ වැසියන් අධික වර්ෂාව සහ ජල ගැලීම් නිසා පිඩාවට පත්වී ඇත්තේ වසර කීයකට පෙරද ?
{ "answer_start": [ 673 ], "text": [ "වසර 60 කට" ] }
a68f9542-9aa8-469c-9cfe-de29ddcb5972
ට්‍රම්ප් සහ බොල්සරානෝ දෙදෙනා ගජමිතුරෝය. බලයට පත් වූ අවස්ථාවේ පටන් ‍බොල්සරානෝ කියා සිටින්නේ තමන් යන්නේ ඇමෙරිකන් ජනපති ට්‍රම්ප්ගේ අඩිපාරේ බවය. එය සැබෑවකි. සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් කිසිදු තැකීමකට ලක් නොකරන, පිස්සු නටන ජනපතිවරුන් දෙදෙනකු ලෙස ට්‍රම්ප් සහ බොල්සරානෝ අද ජනප්‍රිය වී සිටිති. එලැඹෙන නොවැම්බරයේ ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ට්‍රම්ප් ඊට ඉදිරිපත් වෙයි. ඒ, දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙනි. කොවිඩ් 19 වයිරස වසංගතයට ජනපති ට්‍රම්ප් මුහුණ දෙන ආකාරය ඔහුගේ ජය පරාජය තීරණය කරනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ කවදද?
{ "answer_start": [ 284 ], "text": [ "එලැඹෙන නොවැම්බරයේ" ] }
05286cec-ce9a-4c5b-84ae-9544d7c42f2b
පුද්ගලයකු මිය ගිය විට සිරුර මී පැණියෙහි හෝ ඉටි පිරවූ බඳුනක බහාලීම එකළ බැබිලෝනියාවේ පැවැති චාරිත‍්‍රයක් විය. ඒ අනුව ඇලෙක්සැන්ඩර්ගේ සිරුර ද මී පැණි බඳුනක ගිල්වා තැබුණු අතර එම බඳුන ගෙත්තම් කළ සිල්ක් සළුවකින් ඔතා තිබිණි. ඇලෙක්සැන්ඩර්ගේ අවසන් කටයුතු සිදු කළ යුත්තේ කවුරුන් විසින්දැයි යන්න පිළිබඳව තරගයක් පැවැතියේය. එය බේරුම් කරගැනීමට නොහැකිව පර්ඩිකාන්ස්, ටොලමි, සෝටර්, සෙලිකුස් සහ නිකේටර් වැනි ඇලෙක්සැන්ඩර්ගේ ජනරාල්වරුන් දෙවසරකට ආසන්න කාලයක් අරගල කර ගත් බැව් ඉතිහාසඥයෝ සඳහන් කරති. ඇතැමෙකුට අවශ්‍ය වූයේ ඇලෙක්සැන්ඩර්ගේ සිරුර මෙසිඩෝනියාවට රැගෙන යෑමටය. එහෙත් ඇලෙක්සැන්ඩර්ගේ සමීපතම ජනරාල්වරයා වූ ටොලමිට අවශ්‍ය වූයේ පාරාවෝ රජුන්ගේ සිරුරු මිහිදන් කර ඇති ඊජිප්තුවේ ඔහු මිහිදන් කිරීමටය. සිරුර රැගෙන යෑමට රනින් නිම කෙරුණු විශාල අශ්ව රථයක් සූදානම් කෙරිණි. ඇලෙක්සැන්ඩර් මරණයට පත් ව දෙවසරකට පසු එය මිහිදන් කිරීම සඳහා හමුදා නිලධාරීන් හා යුද භටයන් දහස් ගණනක් පිරිවරාගත් රථය බැබිලෝනියාවේ සිට මෙසිඩෝනියාව බලා යෑමට පිටත් විය. එහෙත් ඔවුනට එය මෙසිඩෝනියාවට රැගෙන යෑමට ඉඩ ලැබුණේ නැත. ඉතිහාසඥ දියදුරුස් සිකලස්ට අනුව සිරියානු සහ ඊජිප්තු දේශ සීමාවේදී ජනරාල් ටොලමි විසින් සිරුර පැහැර ගෙන ඇලෙක්සැන්ඩ්‍රියාවට රැගෙන ගොස් තිබේ.
මී පැණි බඳුනක ගිල්වූයේ කාගේ සිරුර ද?
{ "answer_start": [ 115 ], "text": [ "ඇලෙක්සැන්ඩර්ගේ" ] }
fa38a6e3-1a8b-4f8c-9af0-8ed48d05972c
වරුණ නිවසට පැමිණෙන බවක්වත් නිමන්තිට මතකයක් නැතිවිය. කලින් දින දුරකථනයෙන් කතා කොට පසුදා එන බවක් වරුණ පැවසුවද නිමන්ති සිටියේ පාලිතගේ ලෝකයේය. අතින් කරින් බඩු පුරවාගෙන පැමිණි වරුණ නිමන්තිව සොයද්දී පාලිත සමඟ දුරකථනයෙන් ආදර වදන් තෙපළ තෙපළ සිටි නිමන්ති එක්වරම සාලය වෙත එන විටම වරුණව දුටුවනම ඇගේ ඇස් උඩ ගියේය. ඇයට වචන පවා අමතක විය. වරුණ කුමක් ඇසුවත් පිළිතුරු දෙනවා වෙනුවට ඇය ගොත ගැසුවාය. ඇගේ සිතට වරදකාරී හැඟීමක් දැනුණු අතර, පාලිත සමඟ දුරකථනයෙන් කතා කරනවා වරුණට ඇසුණාදැ’යි නිමන්ති සිටියේ බියෙනි. එහෙත් වරුණගෙන් එවන් කිසිදු වෙනසක් නොපෙනුණත් නිමන්තිට වචන ගළපාගෙන කතා කිරීමට හැකි නොවුණි.
නිමන්ති සිටියේ කාගේ ලෝකයේද ?
{ "answer_start": [ 123 ], "text": [ "පාලිතගේ ලෝකයේය" ] }
f25a28bf-77b1-4213-a656-71845e726c1c
කොළඹ - මහනුවර මාර්ගය සම්පූර්ණයෙන්ම සකසා අවසන් වනතුරු ජීවත්වීමේ වාසනාව කැප්ටන් ඩොසන් මහතාට අහිමි වූ අතර ඔහු අධික වෙහෙස මහන්සිය හේතුවෙන් රෝගාතුරව 1829 වසරේ මාර්තු මස 28 දින මියගොස් තිබේ. එහෙත් තවත් මූලාශ්‍රයක සඳහන් වන්නේ කැප්ටන් ඩෝසන් සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මරණයට පත්වූ බවය. ඉතාමත් සුහදශීලී ප්‍රියමනාප පුද්ගලයෙකු වූ කැප්ටන් ඩෝසන් මහතා මියයෑමෙන් ඉංග්‍රීසීන් පමණක් නොව බොහෝ සිංහල පුද්ගලයන් පවා දැඩිව කම්පාවට පත්ව තිබේ.ආණ්ඩුකාර බාන්ස් මහතාගෙන් පසුව එම තනතුරට පත්ව ආ ශ්‍රීමත් රොබට් හෝර්ටන් මහතා විසින් ඉතාමත් කාර්යය ශූර ඉංජිනේවරයෙකු වූ කැප්ටන් ඩෝසන් මහතාගේ සේවය ඇගයීම පිණිස ස්මාරකයක් තැනීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුවට කරන ලද යෝජනාවකට ඔවුන් අවසර දෙන ලදී. ඒ අනුව කැප්ටන් ඩෝසන් මහතාගේ මිත්‍රයන් විසින් මුහුදු මට්ටමේ සිට අඩි 1730 ක් උස කඩුගන්නාව දුර්ගයේ කෙලවර අඩි 125 ක් උසැති ඩෝසන් කුළුන ඉදිකරන ලදී. මෙම කුළුන සැකසීම සඳහා පවුම් 343 ක් වැය වී ඇති අතර කුළුනේ අත්තිවාරම සකස් කිරීමට භාවිතා කොට ඇත්තේ කඩුගන්නාව ගල විද උමග සකසාලීමට ඉවත් කරන ලද කළුගල් කොටස්ය.
ආණ්ඩුකාර බාන්ස් මහතාගෙන් පසු එම තනතුරට පැමිණියේ කව්ද?
{ "answer_start": [ 470 ], "text": [ "රොබට්" ] }
1a3babb8-097a-41a9-a854-5869d4c809fa
ඕස්ට්‍රේලියාවේ රියෝ ටින්ටෝ සමාගම විසින් පසුගිය වසරේ පුපුරුවා දැමූ වසර 46,000ක් පැරණි ආදිවාසී ගුහා පද්ධතිය නැවත ගොඩනැගිය යුතු බව එරට පාර්ලිමේන්තුව පවසයි. දැවැන්ත පතල් කැණීම් සමාගමක් වන රියෝ ටින්ටෝ විසින් සිදුකළ යකඩ යපස් ගවේෂණ ව්‍යාපෘතියකදී බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටි ජුකාන් ජෝර්ජ් ගුහා විනාශ විය. මෙය ලෝකයේ වඩාත් වැදගත් පුරාවිද්‍යාත්මක පර්යේෂණ ස්ථානයක් ලෙස හැඳින්වෙන අතර අයිස් යුගයේ මිනිස් වාසසථාන පිළිබඳ සාක්ෂි පෙන්නුම් කරයි. විනාශය සම්බන්ධව මාධ්‍ය වාර්තා කිරීමත් සමග රියෝ ටින්ටෝ සමාගම තමන් අතින් සිදුවූ වරද සම්බන්දව සමාව ඉල්ලා සිටි අතර තමන්ගේ ක්‍රියාමාර්ග වෙනස් කරන බවට ද පොරොන්දු විය. සිද්ධිය සම්බන්ධයෙන්, මෙම වසර මුලදී සමාගමේ ප්‍රධාන විධායක ජින් සෙබස්තියන් ජැක් ඇතුළු ප්‍රධාන නිලධාරීහු කිහිපදෙනෙක් ඉල්ලා අස්වූහ.
පැරණි ආදිවාසී ගුහා පද්ධතිය පුපුරුවා දැමූ සමාගම කුමක්ද?
{ "answer_start": [ 0 ], "text": [ "ඕස්ට්‍රේලියාවේ රියෝ ටින්ටෝ සමාගම" ] }
aa3cc5e5-87b5-4d82-8ba8-95a80f9c169c
බොරු නමකින් පෙනී සිට ලෙබනනයට පැන්න කුමාරට එහි ගත කිරීමට සිදුව ඇත්තේ මාස 03ක පමණ කාලයකි. යළි මෙරටට පැමිණ මිනුවන්ගොඩ, හිනටියන ප්‍රදේශයට පැමිණි කුමාර රැවුල හා කොණ්ඩය වවාගත්තේ ඔහුගේ මුල් ස්වරූපය වෙනස්කර ගැනීමටය. හීනටියන ප්‍රදේශයට පැමිණි කුමාර නිකම් හිටියේ නැත. ඔහු පස් කපා විකිණීමේ ජාවාරමකට සම්බන්ධව සිට තිබෙන බව පොලීසිය පවසයි. ටික කාලයක් ගියාට පස්සේ මම දරුවෝ දෙන්නා බලන්න පළුගහවෙල ගමට යන්න එන්න පටන් ගත්තා. මේ ඝාතනය වෙනකොට මගේ වයස අවුරුදු 26ක් විතර වෙනවා. තරුණ පෙනුමක් නොමැති නිසාත් ස්වරූපය වෙනස් කරගෙන සිටි නිසාත් මාව කිසිම කෙනෙක් හඳුනා ගනීවි කියලා නිකමටවත් හිතුවේ නැහැ. අත්තනායකගේ ඝාතනය වෙච්ච කාලයේ ඒ ගැන පරීක්ෂණ කරපු පොලිස් නිලධාරීන් දැන් මිනුවන්ගොඩ පොලිසියේ නැති නිසා හිතට කිසිම බියක් හෝ සැකයක් ඇතිවුණේ නැහැ. ඒ නිසා තමා ආයෙත් ගමට ආවේ. හීනෙකින්වත් හිතුවේ නැහැ මෙච්චර කාලයක් ගිය නිසා මාව ආයෙත් පොලිසියට කොටුවෙයි කියලා. මේ වෙච්ච දේ මට අදහාගන්නවත් බැහැ. පොලිසිය ගේ වටලද්දී පැනලා යන්න හැදුවා. ඒත් බැරිව ගියා. අපරාධයක් සිදුකර සැමදා සැඟව සිටිය නොහැකිය යන ධර්මතාව කුමාරටද පොදුය. සෑම අපරාධයකම කෙරවල දඬුවමක්ද තිබේ. එම දඬුවම සොබාධර්මය විසින් තීරණය කරනු ඇත.
කුමාර මුල් ස්වරුපය වෙනස් කර ගැනීමට සිදුකලේ කුමක්ද
{ "answer_start": [ 147 ], "text": [ "රැවුල හා කොණ්ඩය වවාගත්තේ" ] }
eaead565-6be3-4b01-b9c3-4b441483b12b
බේරේ වැව ඉස්මත්තෙන් නැගී එන සුපුන් සඳ තරුණයාට සිහි ගන්වන්නේ සිය සෙනෙහෙවන්තියගේ ළබැඳි සිනහවයි. යුරෝපීය සමාජයේ කාන්තාවන්ට ආවේනික කම්බා කුරුත්තමින් සැරසී ගෙළ දිදුලන මුතු දෙපටක් පැළඳ බෙරේ වැව් ඉස්මත්තේ සිට සමුදුර බලා ගලා බස්නා ශාන්ත බස්තියන් ඇළ ඔස්සේ පාරු පදින්නට තම සිත තෙරපෙන ආශාව ඔහු ඇයට පවසයි. පසු දින සන්ධ්‍යාවේ, පාමංකඩ මුළු දෙන කවි මඩුවේ වින්දනීය ගායනයෙන් රස විඳ සැනහෙන්නට ට්‍රෑම් කාරයේ නැගී එහි යන්නටද පෙම්වතා ඇයට ඇරයුම් කරයි. සෙලෙස්තිනාවන්ගේ රූප ශ්‍රියාව පෙම්වතාට හැඟෙන්නේ දැනෙන්නේ ඉංග්‍රීසි මහා රාජිනියගේ රූ සිරියට සමාන ලෙසිනි.
පෙම්වතා ආරාධනා කරන්නේ කුමන කාරයේ නැඟී යන්නටද ?
{ "answer_start": [ 375 ], "text": [ "ට්‍රෑම් කාරයේ" ] }
9f997866-5f45-42bb-b445-90f5d1b58e6f
ශ්‍රී ලංකාවේ හුදකලාව දක්නට ලැබෙන කඳු ශිඛර තුනක ඇති ගල් ලෙන් ආශ්‍රිතව මෙම හූනන් විශේෂ තුන සොයාගත් බව පර් යේෂකයෝ කියති. බඹරගල කන්දේ ගල්ලෙනකින් මුල්වරට සොයාගත් කොටගමගේ දිවාසැරි හූනා එහි හෙක්ටයාර 20ක පමණ ඉතා කුඩා වන රොදක පිහිටි ගල්ලෙන ආශ්‍රිතව පමණක් දැකිය හැකි ඉතා කුඩා ගහණ ඝනත්වයක් සහිත සත්ත්ව විශේෂයකි. පර්යේෂණයේ නිතරවූ සුරන්ජන් මහතා පවසන්නේ ඔවුන්ට දැකගත හැකිවූයේ හූනන් දහයකට අඩු ප්‍රමාණයක් බවයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පිහිටි හෙක්ටයාර 800ක පමණ ප්‍රදේශයෙන් සොයාගත් නව විශේෂය නම් කර ඇත්තේ සුරන්ජන් මහතාගේ පියාට ගෞරව පිණිස දිසානායකගේ දිවාසැරි හූනා යන නමිනි. ආරණ්‍ය සේනාසනයට අයත් ලෙන් ආශ්‍රිතව මෙම විශේෂයේ හූනන් 100ක් පමණ වාර්තා වූ බව ද හෙතෙම පවසයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පිහිටි හෙක්ටයාර 800ක පමණ ප්‍රදේශයෙන් සොයාගත් නව විශේෂය නම් කර ඇත්තේ කිනම් නමකින්ද?
{ "answer_start": [ 546 ], "text": [ "දිසානායකගේ දිවාසැරි හූනා" ] }
e361fc50-04f3-453f-a218-5d9d8791b8bb
ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී හොඳම නළුවා ලෙස අට වරක් සම්මාන ලැබු හින්දි සිනමා නළු දිලිප් කුමාර් මීට දින කිහිපයකට පෙර හදිසියේ ඇතිවු රෝගාබාධයක් හේතුවෙන් මුම්බායි හි හින්දුජා රෝහලට ඇතුළත් කර තිබුණි. කෙසේ වෙතත්, පසුගිය ජුනි 10 වැනිද දිලිප් කුමාර්ගේ ඥාති පුතෙකු සිය ටිවිටර් ගිණුමට දැමු සටහනකින් පවසා තිබුණේ දිලිප් කුමාර් සුව වී නැවතත් ඔහුගේ මුමිබායිහි පිහිටි නිවසට පැමිණි බවය. 98 වැනි වියෙහි පසුවන දිලිප් කුමාර් පසුගිය වසර දෙකතුන තුළදී අවස්ථා කිහිපයකදීම හදිසියේ ඇතිවු රෝගාබාධ හේතුවෙන් රෝහල් ගත කරන්නට සිදුවිය. මෙවර ඔහු හින්දුජා රෝහලට ඇතුළත් කර තිබුණේ හදිසියේ ඇති වූ හදෘයබාධයක් හේතුවෙන් බව සඳහන් වෙයි.
දිලිප් කුමාර්ගේ ඥාති පුතෙකු සිය ටිවිටර් ගිණුමට සටහනක් දැම්මේ කවදාද?
{ "answer_start": [ 213 ], "text": [ "ජුනි 10 වැනිද" ] }
a2ef41af-73e1-49d6-bc9d-b126a2cb9c64
පුරාවිද්‍යා කැණීම්වල දී අනපේක්ෂිත ලෙස හමු වූ මෙම සිරුරු විසූවියස් ගිනිකන්ද සක්‍රීය වී පිපිරීයාමෙන් බේරීමට තැත් කළ ධනවතකුගේ හා ඔහුගේ දාසයා ලෙස කටයුතු කළ තැනැත්තෙකුගේ වන්නට ඇති බව කැණීම් සිදු කළ පුරාවිද්‍යාඥයන් අනුමාන කරති. දැනට හෙළිවි ඇති පුරාවිද්‍යා කරුණු අනුව පොම්පෙයි නගර වැසියන් පළා යෑම සිදු කර ඇත්තේ විසූවියස් ගිනිකන්දේ අළු සහ දුම ගලා යන්නට ගත් දිනයේ දී බව කියැවේ. කැණීම් වලින් සොයා ගත් පැරණි මෙම සිරුරු දෙක තිබී ඇත්තේ එක ළඟ ආසන්නයේය. පුරාණ රෝමයේ පැවති රීතියක් වූයේ යම්කිසි දාසයෙකුට මරණයේ දී පවා තම ධනවත් හාම්පුතු අතහැර දමා යා නොහැකි බවටය. 2017 වසරේදීත් මෙම ස්ථානයේදීම කටකලියා දැමූ අශ්වයන් තිදෙනකුගේ නෂ්ටාවශේෂ හමු වූ අතර ඒ අනුව අලු‍තින් හමු වූ මෙම ධනවතා සහ දාසයා ගිනිකඳු පුපුරා යෑමේ දී අසු පිටින් සිය ජීවිත බේරාගෙන පළා යාමට උත්සාහ කර ඇති බව අදාළ කැණීම්වල නිරත වූ පුරා විද්‍යාඥයෝ අනුමාන කරති.
පිපිරී ගියේ කුමන ගිනිකන්ද ද?
{ "answer_start": [ 56 ], "text": [ "විසූවියස්" ] }
a31fe976-2b97-463e-b695-cbc65dad2fd7
තවදුරටත් සිරුර කපා පරීක්ෂා කිරීමේදී ස්වාසනාළවලත්, දකුණු හා වම් පෙණහලුවලත් ඒවාට සම්බන්ධ අනුශ්වාසනාළිකාවලත් දැළි දක්නට ලැබිණ. එලෙස ශ්වාසනාළිකාවලට දැළි ඇතුළු විය හැක්කේ හුස්මගැනීමක් සිදුවුවහොත් පමණි. එසේ නම් සුජිත් ගින්නට හසුවන විටත් මියගොස් තිබී නැත. ඔහු ගින්නෙන් පිලිස්සෙන විට බේරෙන්නට දඟලන්නටද ඇත. ඔහු වේගයෙන් හුස්ම ගනිමින් ජීවත්වීමට වෙර දැරීම නිසා අධික ලෙස ශ්වාසනාළ ඔස්සේ පෙණහලු දක්වාම දැළි ගමන් කරන්නට ඇත. ඒ නිසා සුජිත් ගින්නට දමන විට ඔහු මියගොස් නොතිබූ බව තවදුරටත් සනාථ විය. එහෙත් එයින්ද නැවතීමක් ලබන්නට අධිකරණ වෛද්‍යවරයාට නොහැකිය. ඔහු තවදුරටත් සිදුකළ යුතු රසායනික පරීක්ෂාවන් කීපයක්ද විය. ඒ සඳහා ඔහුගේ ලේ පරීක්ෂා කරන්නට සිදුවේ. එයින් අදහස් කරන්නේ විෂ ශරීරගත වීමක් සිදුව තිබේද? ඇල්කොහොල් භාවිත කර තිබේද? ඇල්කොහොල් අධික මාත්‍රාවක් ශරීර ගත වීමෙන් මරණය ඉක්මන් කර තිබේද යන ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමය. මෙම සිරුර ගින්නකට හසුව තිබී සොයාගත් නිසා ඔහුගේ ලේවල අඩංගු කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණයද නිශ්චය කර ගත යුතුව තිබේ. එයද ඔහු මියගියේ ගෙල සිරවීමෙන්ද නැත්නම් ඉන්පසුව ගින්නට දැමීම නිසාද යන්න නිගමනයට වැදගත් වනු ඇත. ලේ පරීක්ෂාවේදී ලේවල කාබන්මොනොක්සයිඩ් 17%ක් ඇති බව හෙළි විය. සාමාන්‍යයෙන් දුම ආශ්‍රිතව නිතර වැඩකරන විශේෂයෙන්ම මුළුතැන්ගෙවල්වල වැඩ කරන අයගේ සිරුරේ කාබන් මොනොක්සයිඩ් 5%ක් පමණ තිබිය හැකිය. එහෙත් 17% ලේ වල කාබන් මොනොක්සයිඩ් තිබිය හැක්කේ අධික ලෙස කුණු පුලුස්සන තැනක හෝ ගින්නකට හසුවූ අයෙකුගේ සිරුරේය.
සාමාන්‍යයෙන් දුම ආශ්‍රිතව නිතර වැඩකරන විශේෂයෙන්ම මුළුතැන්ගෙවල්වල වැඩ කරන අයගේ සිරුරේ කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය කීයද?
{ "answer_start": [ 1169 ], "text": [ "5%ක් පමණ" ] }