id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
f87b95ab-2deb-4080-be2c-5c359186ed2e
ෆෙඩෝරා තොප්පියද පිරිමින් අතර ජනප්‍රිය වූ විලාසිතාවකි. මේ විලාසිතාවේ විශේෂත්වයක් වන්නේ තොප්පිය වටා පීත්ත පටියක් සවිකර තිබීමයි. 1894 වර්ෂයේ දී ජෝර්ජ් ඩු මොරියර්ගේ නවකතාවක විස්තර කිරීම හේතුවෙන් ජනප්‍රිය වූ ට්‍රිල්බි තොප්පිය අළු පැහැති හෝ කළු පැහැයෙන් සාදන ලද්දකි. ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලද මේ ආකාරයේ තොප්පි භාවිතා වෙයි. ජර්මනියේ හත්වැනි එඩ්වඩ් රජු විසින් පැළඳ කළු පැහැති තොප්පියද ඉතාමත් ජනප්‍රිය වූළුකි. එය වින්ස්ටන් චර්චිල් සහ ඇන්තනි ඊඩන් වැනි අගමැතිවරුන් විසින් පවා භාවිතා කර ඇත. මෙය හඳුන්වන්නේ හොම්බර්ග් තොප්පිය යනුවෙනි.
ට්‍රිල්බි තොප්පිය කුමන පැහැයකින් සාදන ලද්දක්ද?
{ "answer_start": [ 221 ], "text": [ "අළු පැහැති හෝ කළු පැහැයෙන් සාදන ලද්දකි" ] }
b5d950ae-dc94-41f0-98d6-42b32a422775
පෘතුගීසීන්ගේ ගොඩබැසීම පිළිබඳව රාජාවලියේ සඳහන් වන්නේ ඉහත සඳහන් විස්තරයට පටහැණි ලෙසය. එහි සඳහන් වන්නේ පෘතුගීසීන් හත්වන විජය බාහු රජ සමයේ පැමිණි බවය. පෘතුගීසීන් ලංකාවට පැමිණි කාලය වන විට විජයබාහු ප්‍රතිරාජයෙකු වශයෙන් මැණික් කඩවර රාජ්‍ය විචාල බව ෙකාඩ්රින්ටන්, මහාචාර්ය සෙනරත් පණවිතාන හා ජී.එස්. පෙරේරා සඳහන් කරයි. අලකේෂ්වර යුද්ධය ද පෘතුගීසීන් ලංකාවට පැමිණි දින වකවානු ලෙස සඳහන් කරන්නේ හත් වැනි විජයබහු ලෙස සඳහන් කරන්නේ හත් වැනි විජයබාහු රජ සමයයි. ක්‍රි.ව. 1509 1521 විජයබාහු රාජ්‍ය සමයයි. කිරිමැටියාවේ කවියා ඔහුගේ මහ හටන කාව්‍ය ග්‍රන්ථයෙහි සඳහන් කරන්නේ පෘතුගීසීන් හත්වන බුවනෙකබාහු රජුගේ රාජ්‍ය සමයේදී ලංකාවට පැමිණි බවය. එම වකවානුව ක්‍රි.ව. 1521 - 1551 වෙයි. පෘතුගීසී ජාතික ක්වේරෝස් සඳහන් කරන්නේ ලොරැන්සෝද අල්මේදා නම් පෘතුගීසී ජාතිකයා 1505 නොවැම්බර් 15 දින ගාල්ලට ගොඩ බැස්ස බවය. කොන්ස්තන්තීනු ද එම මතය ඉදිරිපත් කරයි. ගැස්පාර් සඳහන් කරන්නේ 1505 අගෝස්තු මාසයේදී පෘතුගීසීන් මෙරටට පැමිණි බවය.
පෘතුගීසීන් ලංකාවට පැමිණි කාලය වන විට විජයබාහු ප්‍රතිරාජයෙකු වශයෙන් මැණික් කඩවර රාජ්‍ය විචාල බව සදහන් කරන්නේ කවුද ?
{ "answer_start": [ 256 ], "text": [ "මහාචාර්ය සෙනරත් පණවිතාන හා ජී.එස්. පෙරේරා" ] }
ce134c57-8c5a-41e3-9dc5-5179d85abc62
භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා සෑම ආරාමයකම පාහේ පොකුණු ඉදිකර තිබෙනු අපි දැකඇත්තෙමු. ඒ සඳහා යොදාගෙන ඇත්තේ ස්වාභාවිකව නිර්මාණය වූ ගල් වලවල්ය. එවැනි පොකුණු වර්ග 5ක් දැනට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හඳුනාගෙන තිබෙන අතර, එම පොකුණු වර්ග 5ම මෙම පර්වතයේ දී දැකගැනීමට හැකියාව ලැබේ. එම පොකුණු වර්ග 5 අතරට අයත් වන්නේ මල් පොකුණ, පා පොකුණ, පියන් පොකුණ, ඇස් පොකුණ සහ කුට්ටම් පොකුණය. එයින් මල් පොකුණක් ලෙස හඳුන්වනු ලබන්නේ මල් වලින් ගැවසීගත් පොකුණුය. පරිධියෙන් ඉතා විශාල වූ පර්වතයේ තිබෙන මල් පොකුණ දිග අඩි 30කින් සමන්විත වන අතර, පළල අඩි 14ක් සහ ගැඹුර අඩි 04කින්ද සමන්විත වේ. මෙම පොකුන ඕලු, නෙළුම් ආදී පුෂ්පයන්ගෙන් පිරී පවතී. පර්වත මස්තකයෙහි පිහිටි චෛත්‍ය හා විහාර මන්දිරය වැඳ පුදා ගැනීමට යන බැතිමතුන් පා දෝවනය පිණිස ජලය ලබාගෙන තිබෙන පොකුණක් පර්වතයේ පිහිටා තිබේ. එය පා පොකුණක් වශයෙන් හඳුන්වා දීමට හැකියාව ලැබෙන අතර, එම පොකුණ දිග අඩි 11 කින් සහ පළල අඩි 04කින් යුක්ත වේ.
පර්වතයේ පිහිටා තිබෙන පොකුණෙන් පර්වත මස්තකයෙහි පිහිටි චෛත්‍ය හා විහාර මන්දිරය වැඳ පුදා ගැනීමට යන බැතිමතුන් ජලය ලබාගෙන තිබෙන්නේ කුමක් පිණිසද?
{ "answer_start": [ 692 ], "text": [ "පා දෝවනය පිණිස" ] }
e2b4894a-7001-4bbd-b5c2-1b793e911e15
එය ලොවම කම්පා කළ මහා ඛේදවාචකයක් විය. යානයට සිදුවුණේ කුමක්දැයි දැනගැනීම අත්‍යාවශ්‍ය විය. ඊට හේතුව ඒ වනවිටත් තවත් මැලේසියා යානයකට ඛේදනීය ඉරණමක් අත්වීමය. ඒ, මැලේසියා ගුවන් සේවයට අයත් එම්.එච්. 370 යානයයි. 370 යානය අතුරුදන් වී තිබුණි. එම්.එච්. 370 ගුවන් යානය මගීන් 227 දෙනකු ද සමඟ ලොවෙන් සඳහටම අතුරුදන් වූයේ 2014 වසරේ මාර්තු 8 වැනිදාය. ඒ වනවිට එය මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජීං බලා පියාසර කරමින් තිබුණි. අද වනවිට එම්.එච්. 370 යානයේ අතුරුදන් වීම නොවිසඳුණු අබිරහසක් බවට පත්වී අවසන්ය. එම්.එච්. 17 ගුවන් යානය පුපුරා විනාශ වුණේ එය ප‍්‍රහාරයකට ලක් වීමෙන් නම්, යානයට පහර දුන්නේ කවුරුදැයි යන්න දැන ගැනීම අවශ්‍ය විය. යානයට සිදුවුණේ කුමක්දැයි දැන ගන්නට මැලේසියානු බලධාරීහු පමණක් නොව, ලොව සැවොම යුහුසුලු වූහ. යුද පිටියකට ඉහළින් පියාසර කළ යානය විනාශ වූයේ එය ප‍්‍රහාරයකට ලක්වීමෙන් යැයි බොහෝ දෙනාගේ අනුමානය විය. පහර දී යානය විනාශ කළේ රුසියානු හිතවාදී, බෙදුම්වාදී කැරැලිකරුවන් යැයි යුක්රේන රජය චෝදනා කළේය.
අතුරුදන් වී තිබූ යානයේ නම කුමක්ද?
{ "answer_start": [ 180 ], "text": [ "එම්.එච්. 370" ] }
e0856802-24f8-440c-a40a-b900604b6e14
පන්ජාබ් ප්‍රාන්තයේ කොංග්‍රස් පක්ෂ ප්‍රධානියා ලෙස කටයුතු කළ නව්ජෝත් සිං සින්දු එම ධුරයෙන් ඉවත් වීමත් සමඟ, කොංග්‍රස් පක්ෂයේ නායකයන් සිවුදෙනකු සිය තනතුරුවලින් ඉවත් වී ඇත. පන්ජාබ් ප්‍රාන්තයේ කැබිනට් අමාත්‍යවරියක ලෙස මීට දින දෙකකට පෙර දිවුරුම් දුන් රාසියා සුල්තානා ද, නව්ජෝත් සිං සින්දුට සහාය පළ කිරීමක් ලෙස අද සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. පන්ජාබ් ප්‍රාන්තයේ අනාගතය සහ න්‍යාය පත්‍රය අනතුරු හෙළිය නොහැකි බව පවමින් නව්ජෝත් සිං සින්දු ඉකුත් දා කොංග්‍රස් පක්ෂයේ පන්ජාබ් ප්‍රාන්ත නායකත්වයෙන් ඉවත් විය. නව්ජෝත් සිං සින්දු පන්ජාබ් ප්‍රාන්ත පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමත් සමඟ කොංග්‍රස් පක්ෂ නායකයන් සිවුදෙනකු මේ වනවිට සිය ධුරවලින් ඉල්ලා අස් වී ඇති අතර කෙසේ නමුත් තමන් පක්ෂයට සිය උපරිම දායකත්වය දෙන බව ද පවසා ඇත. පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ට ලිපියක් යවමින් නව්ජෝත් සිං සින්දු සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
නව්ජෝන් සිං සින්දු යනු කව්ද?
{ "answer_start": [ 0 ], "text": [ "පන්ජාබ් ප්‍රාන්තයේ කොංග්‍රස් පක්ෂ ප්‍රධානියා" ] }
6c1d5625-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු සමූහයක් ස්කොට්ලන්තයේ වයඹ දිග ස්කේයි දූපතෙන් සොයාගැනීමත් සමඟ මධ්‍යම ජුරාසික් යුගය සම්බන්ධව නවතම තොරතුරු රැසක් එළිදරව් වී ඇතැයි විද්‍යාඥයෝ පවසති. එඩිම්බරෝ සරසවියේ සහ චීන විද්‍යාත්මක ඇකඩමියේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගන්නා ලද මෙම තොරතුරු ස්කොට්ලන්ත භූ විද්‍යා ජර්නලයේ නවතම වාර්තාවක එළිදක්වා ඇත. ස්කේයි දූපතේ තිබී මීට අවුරුදු මිලියන 170කට එපිට යුගයට අයත් යැයි සැලකෙන ඩයිනෝසර් පා සළකුණු 50 ක් පමණ සොයා ගත් බව ඔවුහු පවසති. දූපතේ බ්‍රදර්ස් පොයින්ට් ලෙස හැදින්වෙන ස්ථානයේ කලපුවක තිබී මෙම පා සළකුණු සොයාගෙන ඇති අතර විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේවා ඩයිනෝසරයින් දෙදෙනකු විසින් තැබූ සළකුණු බවයි. ඩයිනෝසරයින් සහයෝගයෙන් වාසය කළ ආකාරය සම්බන්ධව පැහැදිලි චිත්‍රයක් මවාගැනීමට මෙම සොයාගැනීම උපකාර වන බවද ඔවුහු තවදුරටත් පවසති. එක් පා සළකුණක් කාර් රෝදයක් තරම් විශාල වන අතර මෙම සතුන් ටොන් 10ක් පමණ බරින් හා මීටර් 15ක් පමණ දිගින් යුතු වන්නට ඇති බවට විශ්වාස කෙරේ. මෙම මාංෂභක්ෂක සතුන් දඩයම් නොකරන වේලාවන් හිදී කලපුව අසලට පැමිණ නිදහසේ කාලය ගත කරන්නට ඇති බව පැවසේ. පර්යේෂණ වාර්තාවේ සම කතෘ ස්ටීව් බෘසෙට් පවසන්නේ 2016 වර්ෂයේදී දූපතේ චාරිකා කළ පාසල් සිසුවකු විසින් මෙම පා සළකුණු මුල්වරට සොයාගත් බවයි.
මෙම පා සළකුණු මුල්වරට සොයාගත්තේ කවුරුන් විසින්ද?
{ "answer_start": [ 1074 ], "text": [ "පාසල් සිසුවකු" ] }