id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
d33729ff-adbc-4e72-9dd5-dbfb84b3fee0
නැදුන්ගමුවේ ඇත් පන්තිය සඳහා ප්‍රථම වරට අලියෙකු ලැබෙන්නේ 1917 දීය. ඒ වත්මනෙහි නැදුන්ගමුව වෙද පරපුරේ සාමාජිකයා වන හර්ෂ ධර්ම විජය මහතාගේ මුත්තාවූ ලිව්නිස් පෙරේරා මහතාගේ කාලයේය. ඔහුගේ බාල සහෝදරයා බැලුම්මහර ගොඩගෙදර පිරිවෙනේ මහණවීමට තීරණය කළේය. මෙම කුල දරුවා පෙරහරකින් රැගෙන යායුතු වූ නිසා ලිව්නිස් පෙරේරා මහතා අලියෙකු මිලට ගත්තේය. ඒ අලියා නැදුන්ගමුව ඇත් පරපුරේ පළමු අලියාය. එතැන් පටන් නැදුන්ගමුව ඇත් පන්තිය වසර 100 ක් පුරා පෝෂණය විය. මේ වසර සියය තුළදී නැදුන්ගමුව අලි පරපුර තුළ අවම වශයෙන් අලියෙකු හෝ ඇතෙකු සිටීම විශේෂත්වයකි.
නැදුන්ගමුවේ ඇත් පන්තියට ප්‍රථම අලියා ලැබුණු වර්ෂය කුමක්ද?
{ "answer_start": [ 56 ], "text": [ "1917" ] }
fe80f1b6-af85-4dfd-b638-ce9907aaf36c
තාම මට අවුරුදු 25 යි. මගේ බිරිඳටත් අවුරුදු 25 යි. අපි දෙන්නෙගම ජීවිතේ හොඳම කාලේ, අපිට තවම බබාලා නැහැ. මගේ කකුල ඉවත් කරාට පස්සේ බිරිඳක් ගොඩක්ම මානසික අතින් වැටුණා. බිරිඳ පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. මගේ වැඩකටයුතු කරන්න කවුරුත් නැති නිසා බිරිඳ රැකියාවෙන් අයින් වුණා. ඇය තමයි මම වෙනුවෙන් කැපවෙලා මගේ වැඩ ගෙදර වැඩ සියලුම දේ කරන්නේ. දැන් සියලුම ශල්‍යකර්මයන් කරලයි තියෙන්නේ. සායනවලට සති දෙකෙන් දෙකට වගේ යනවා. තෙරපි ව්‍යායාම කරනවා. වෛද්‍යවරුන්ගේ පැත්තෙන් මට කරන්න පුළුවන් හැමදේම කරලා තියෙන්නේ. කකුල නෑ කියලා හිතින් වැටුණට මම මනසින් උත්සාහ කරනවා කොහොම හරි නැගිටින්න.
සායනවලට යන්නෙ සති කීයෙන් කීයටද ?
{ "answer_start": [ 379 ], "text": [ "සති දෙකෙන් දෙකට වගේ" ] }
786810dd-4d61-4263-ab34-d538bbbfc026
අපට අද රූපවාහිණිය, ප්‍රවෘත්ති පත්‍ර, ගුවන් විදුලිය වැනි මාධ්‍ය මගින් දිනපතා දිවයිනේ විවිධ ප්‍රදේශවලත් හදිසි අනතුරු පිළිබඳ අසන්නටත් දකින්නටත් ලැබේ. මෙම පුවත් මගින් කියවෙන්නේ මාර්ගවල සිදුවන වාහන අනතුරු, දියේ ගිලීම්, ගෙල වැලලා ගැනීම්, වස පානයකර කිරීම්, වෙඩි වැදීම් සහ කපා කොටා ඝාතනය කිරීම් ආදී හද සසල කරවන සිද්ධීන්ය. කෙනෙකු තම ඡන්ම කේන්ද්‍රය දක්ෂ ජ්‍යෙතිර්වේදියකු ලවා පරීක්ෂා කර බැලුයේ නම් අනතුරු අවම කරගැනීමට බොහෝ දුරට හැකි වන්නේය. හදිසි අනතුරු ඇතිවන්නේ රවි ග්‍රහයාගේ බලපෑම අනුව බව සොයාගෙන ඇත. යම් කිසි ශුභ ග්‍රහයකු වුවත් කුජ ශනි යුරේනස් වැනි ග්‍රහයන් අශුභ දෘෂ්ටි ලබා හෝ සංයෝග වී ලග්නයේ සිටියේ නම් එම ග්‍රහයා සිටි ලග්න රාශියට අයත් ශරීර ප්‍රදේශයෙහි තුවාල සහ අනතුරු ඇති කරයි. එසේ නැත හොත් අශුභ දෘෂ්ටි ඇතිකළ ග්‍රහයා සිටි රාශියට අයත් ශරීර කොටසෙහි අනතුරු ඇති කරයි.
දිනපතා දිවයිනේ විවිධ ප්‍රදේශවල හදිසි අනතුරු පිළිබඳ අසන්නටත් දකින්නටත් ලැබෙන්නේ කුමන මාධ්‍ය මගින්ද?
{ "answer_start": [ 7 ], "text": [ "රූපවාහිණිය, ප්‍රවෘත්ති පත්‍ර, ගුවන් විදුලිය වැනි මාධ්‍ය මගින්" ] }
7b6d34eb-5b63-43fc-8111-0f4aef69f470
ඇය තම කාමරයේ නිදා සිටියදී කවුළුව තුළින් පිටසක්වල යානයට රැගෙන ගියවිට එහි සිටි පිටසක්වල ජීවීන්ගේ උස අඩි දෙකකට ආසන්න විය. ඔවුනට තිබුණේ ඉතාම කුඩා හිස්ය. දීප්තිමත් කළු පැහැති ඇස් ඔවුන් සතුවිය. ඔව්හු සියලු දෙනාම හිස්වැසුම් සහ අත්මේස් පැළඳ දිගු කබා වලින් සැරසී සිටියහ. දොස්තර රාවුනි ලීනා ලූකානන්ට කිසියම් ශල්‍යකර්මයක් සිදුකරන ලද්දේ ඒ කුඩා පිටසක්වල ජීවීන් විසිනි. ඇය පවසන්නේ පිටසක්වල ජීවීන් ඇයගේ මොළය පරීක්ෂා කර කිසියම් උපකරණයක් එහි රඳවන්නට ඇති බවය. නමුත් එය කුමක් සඳහා භාවිතා වෙන්නේද යන්න පිළිබඳව ඇයට සිතාගත නොහැක.
රාවුනී ලීනා ලූකනන්ට කිසියම් ශල්‍යකර්මයක් සිදුකර ඇත්තේ කවුද?
{ "answer_start": [ 327 ], "text": [ "කුඩා පිටසක්වල ජීවීන් විසිනි" ] }
0eeaada8-b0c1-44c8-960d-9554dd16e960
සරසවි සිසුන් තිදෙනාගේ මරණ සම්බන්ධව දෙවන වරට කොළඹදී පවත්වන ලද පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයේ මෙම කරුණු සඳහන් වාර්තාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර ලක්ෂ්මන් සල්ගාදු මහතා ඉදිරි දින කීපය තුළ දී මොණරාගල මහේස්ත්‍රාත්වරයාට යැවීමට නියමිතය. මෙම මළ සිරුරු තුන පොලිතින් කඩදාසිවල ඔතා තිබුණ බව සිරුර ගොඩ ගත් අවස්ථාවේදී මොණරාගල දිස්ත්‍රික්ක වෛද්‍ය නිලධාරී සහ වැල්ලවාය පොලිසියේ නිලධාරීන් සොයා ගෙන ඇත. අවසානයේ ත්‍රිමාවිතානගේ සිරුර තැන්පත් කරන්නේ කොළඹ වෛද්‍ය විද්‍යාලයේය. ඔක්තෝබර් 31 වැනිදා අවමඟුල් පෙරහරට ලක්ෂයකට වැඩි පිරිසක් සහභාගී වූ බව වාර්තාවේ.
ත්‍රිමාවිතානගේ සිරුර තැන්පත් කරන්නේ කොහෙද?
{ "answer_start": [ 428 ], "text": [ "කොළඹ වෛද්‍ය විද්‍යාලයේය" ] }
d6e0601d-a489-4272-a635-79293a87389f
කඩේ බංකොලොත් වෙනකොට අයියා දැන ගත්තා. එයා මගෙන් අහන්නේ නැතිවම ඒ ගැන හොයලා. අන්තිමට මාව කඩෙන් අයින් කරලා කඩෙත් වහලා දැම්මා. එයා වෙනම කඩයක් කරගෙන ගියා. මට දැන් මොනම දෙයක්වත් කරගන්න විදිහක් නැහැ. සමහර වේදනා නාශක පෙති ගත්තාමත් කුඩු ගැහුවා වගේ තමයි. ඉතිං මම දවසක් අයියාට කෝල් කරලා කිව්වා ඉන්නම බැහැ දතක් කැක්කුමයි කියලා. අයියා කිව්වා දැන් රෑ වෙලානෙ හෙට බේත් ගමු කියලා. මම කෑ ගැහුවා ඉන්නම බෑ කියලා. අයියා කඩෙත් වහලා ඇවිත් මාව ඩොක්ට ළඟට එක්ක ගියා. ඩොක්ට වේදනා නාශක පෙති ගොඩක් දුන්නා. මම ඒවා අවශ්‍ය ප්‍රමාණයට වඩා අරගෙන තාවකාලිකව මගේ අසනීපය සනීප කරගත්තා. ඒක ඉවර වෙනකොට ආයෙම ගියා. ඒ වෙලාවේ අයියා දැනගත්තා මේක උපක්‍රමයක් කියලා. ඒ නිසා එයා මට පෙති ටික නොදී උදේට හවසට එයාම පෙත්ත පෙත්ත දෙන්න ගත්තා. මම කිව්වා සේරම එක පාර දෙනවා නම් මිසක් මම බේත් බොන්නේ නැහැ කියලා. අයියා සේරම බේත් ටික දුන්නා. අයියා මාව බලාගත්තේ ඇත්තටම පොඩි ළමයෙක් බලාගන්නවා වගේ. මම හැසිරුණෙත් ඒ විදිහට.
සමහර වේදනා නාශක පෙති ගත්තම කුමක් වගේද?
{ "answer_start": [ 222 ], "text": [ "කුඩු ගැහුවා වගේ" ] }
10af54e8-f638-4597-bc33-4095a5ad9739
මේ අතර දසුන්ගේ සිරුරේ දක්නට ලැබෙන තැළුම් තුවාල ඇති වූයේ කෙසේදැයි ඔහුගේ දෙමාපියන්ගෙන් විමසා බලන ලෙස වෛද්‍යවරයා පොලිසියට දැනුම් දුන්නේය. ඒ අනුව ඔහුගේ මවගෙන් ප්‍රශ්න කිරීමක් කළත් ඇය දින තුනක් තිස්සේ රෝහල්ගතව සිටි නිසා මේ කිසිවක් දන්නේ නැත. දසුන්ගේ සුළු පියාද කියා සිටියේ පහරදීමක් ගැන තමන් කිසි දෙයක් නොදන්නා බවය. දසුන්ට දින කීපයකට පෙර සිට කැස්සක් හටගත් බවත් එයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් අතර හිටි ගමන්ම ඔහුට සිහි නැති වූ බවත් සුළු පියාගේ ප්‍රකාශයෙන් කියැවින. එයින් එහාට දෙයක් ඔහුගෙන් ලබාගත නොහැකි විය. දසුන්ගේ අක්ෂි තරලයේ මේ ප්‍රමාණයටත් වඩා ජලය අඩංගු වූයේ නම් එය සිදුවිය හැක්කේ කෙසේද? අධික ලෙස ශරීරයට ජලය එකතු විය හැකි ක්‍රම දෙකකි. අදාළ පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන්නේ නම් ඇතැම් විට ඔහු කිසිම හේතුවක් නැතිව ජලය පානය කරයි. එසේත් නැත්නම් කිසියම් පුද්ගලයෙක් විසින් බලහත්කාරයෙන් ජලය පෙවිය යුතුය. ජලය අධික ලෙස ශරීර ගතවීම සිරුරට විෂ විය හැකිය. බාහිර තුවාල කිසිවක් නොකර වධ හිංසා පැමිණවීමේ ක්‍රමයක් ලෙස ජලය පෙවීම ප්‍රසිද්ධය.
දින කීපයකට පෙර සිට කැස්සක් හටගත් බවත් එයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් අතර හිටි ගමන්ම ඔහුට සිහි නැති වූ බවත් ප්‍රකාශ කලේ කාගේ සුළුපියාද?
{ "answer_start": [ 237 ], "text": [ "දසුන්ගේ" ] }
4d243678-2906-4750-b8ac-ee4dec34d048
මෙය නම් බලා සිටින්නට හොඳ දෙයක් නොවන බව සිහියට ගත් සියල්ලෝ ශාන්තිකර්මයක් මගින් යකින්න එළවා දැමීමට සිතූහ. සාස්තරයක් ඇසූ ඔවුන්ට කපුවා පැවසුවේ අනුත්තරා යකින්නක් වී ඇති බවත් මොවුන්ගෙන් පළිගැනීමට ඇය පැමිණ සිටින බවත් ශාන්තිකර්මයක් ඉක්මනින්ම සිදු කළ යුතු බවත්ය. ශාන්තිකර්ම, වින කැපීම්, තෙල් මැතිරිලි කොපමණ සිදු කළද යකින්න පලවා හැරීම සඳහා තොවිලයක්ද සිදු කෙරිණි. ලේ උරා බීම නිසා නාමල්ගේ සහෝදරිය එන්න එන්නම කෘෂ විය. ඇයගේ ශරීරය බලාසිටියදීම කෙට්ටු වන බව කාහටත් පෙනුණි. මවද හරිහැටි කෑමක් බීමක් නොගත්තාය. දෙදෙනාම සිටියේ බියෙනි. සාත්තරකරු හා යක්ඇදුරෝ ඒ රාත්‍රියේ නිවසට ආවෝය. නිවස අසල ඉඩම ඈත කොනක සොහොනකි. සොහොනේ මළ මිනිය සමඟ සැතපෙමින් පිල්ලි යවන මේ යක් ඇදුරෝ ගැන සත්තකින්ම අසනා දකිනා විටද අප සිතගත බියපත් කරයි.
කපුවා පැවසුවේ කවුරුන් යකින්න වී ඇති බවද?
{ "answer_start": [ 139 ], "text": [ "අනුත්තරා" ] }
9ad208b5-27b7-4776-b7c3-b9dd9a8691e6
මෙම පරපුරේ අවසන් ශිල්පියා වූයේ ශ්‍රී බෝධි නාරායන බුවනෙකබාහු චිත්‍රාචාර්ය ජීවන්නයිදේ මහතාය. එහෙත් ඔහු සිය වාසගම පටබැඳි ගෙදර වශයෙන් භාවිතා කළේය. දඹුලු විහාරයේ චිත්‍ර කර්මාන්තය වෙනුවෙන් නිලගම සිත්තරාට ශ්‍රී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පිරිනමන ලද සන්නසක්ද ජීවන් නයිදේ මහතා සතුව ඇත. එමෙන්ම මෙම රජතුමා විසින් නිලගම චිත්‍ර පරම්පරාවට ගලේවෙල අසල නිලගම නම් වූ ගම්වරයක්දී පරිත්‍යාග කර ඇත. ජීවන්නයිදේ මහතාගේ පුතුන්ගෙන් ජයසේන නම් පුතා හැර අනෙක් අය මේ ක්ෂේත්‍රයෙන් ඉවත්වී ඇත. ජිවන්නයිදේ මහතා මහනුවර යුගයේ භාවිතා කළ අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන සායම් වර්ග තනාගෙන ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම විහාරයේ චිත්‍ර, වලකුඹුරේ පැරණි විහාරය අලුත් කිරීමද ගලේවෙල සිල්වත්ගල විහාරයේ චිත්‍ර හා මූර්තිද බම්බා විහාරයේ චිත්‍ර ද ආදාගල විහාරයේ චිත්‍ර හා මූර්ති ද වෙරලාගල විහාරයේ චිත්‍රාද මේ මහතාගේ නිමවුම්ය. නිලගම පරම්පරාව චිත්‍ර කර්මාන්තයේ යෙදුණු උඩරට ප්‍රසිද්ධ සිත්තර පරම්පරාවෙන් ගෙන් එකකි.
ජීවනයිදේ මහතාගේ පුතුන්ගෙන් මේ ක්ෂේත්‍රයෙන් ඉවත් නොවූයේ කවුද?
{ "answer_start": [ 414 ], "text": [ "ජයසේන" ] }
9803921f-0dd0-4002-bb5e-eec3f2526002
අදාළ දිනය උදාවූයෙන් සවස් වන්නටත් පෙර යකඳුරා එම නිවස වෙතට පැමිණ වතාවත්වල යෙදී අඩුපාඩු සොයා බලා අතපසු වී ඇති අමතක වී ඇති දෑ පවා ගෙන්වා ගැනීමට කටයුතු කළේය. රාත්‍රී අටට පමණ රෑ කාලයට අවශ්‍ය පිළිහිඩි වලින් තොර ආහාර වේල සම්පායම් වී මෙම කටයුත්ත අලංකරණය කර ගැනීමට අවශ්‍ය රාජකාරියන්හි යෙදීම පිණිස වෙන් වෙන් වශයෙන් ගමේ අහල පහල තරුණ පිරිස් කීපදෙනෙකු හවුල් කර ගැනීමට යුහුසුළු වූයේ ආතුරයාගේ අසනීපය සුව කිරීම පහසු කාර්යයක් නොවන හෙයිනි. මේ වන විටත් ශබ්ද පූජාව පැවැත්වීම සඳහා දවුල් සහ බෙරකරුවන්ද පැමිණ සිටීම නිසා රාත්‍රී දොළහේ කණිසමට පෙර තේවාව පටන් ගැනීමට පහසු කරවන්නක් විය.
දවුල් හා බෙරකරුවන් පැමිණ සිටින්නේ කුමක් සඳහාද ?
{ "answer_start": [ 434 ], "text": [ "ශබ්ද පූජාව පැවැත්වීම සඳහා" ] }
4ebbe031-b24c-419b-b877-26aa35b9a9fd
රාත්‍රි කාලයේ සිතින් සිතා සැලසුම් කළ පරිදි ඊළඟ දවසේ එම වැඩ ක්‍රියාත්මක කිරීමයි. තුඹස දැල්වෙනවා යැයි කීවේ ඒ සඳහා කායික මානසික ශ්‍රමය ද අවශ්‍යයි. එය ගිනිගෙන දැවීමකට සමානයි. ‘‘බාහිත පාපොති බ්‍රාහ්මණෝ’’ යන කියමනට අනුව සියලුම පාපයන් බැහැර කළ තැනැත්තා බ්‍රාහ්මණයාය. එනම් සම්මා සම්බුදු රජාණන් වහන්සේය. එසේම සියලුම කෙලෙස් නැති කළ සිවු පිළිසිඹියාපත් (අර්ථ ධර්ම, නිරුක්ති, ප්‍රතිභාණ යන කරුණු සතරින්ද යුක්ත) මහ රහතන් වහන්සේ ද බ්‍රාහ්මණයාය. කෙනෙකුට නිවන් මග කියා දීමට හැකියාව ඇත්තේ මේ දෙදෙනාට පමණි.
මහ රහතන් වහන්සේ හා බ්‍රාහ්මණයාට පමණක් ඇති හැකියාව කුමක්ද?
{ "answer_start": [ 429 ], "text": [ "කෙනෙකුට නිවන් මග කියා දීමට" ] }
87f0e1f6-b8fa-4545-b35e-8b9516ab19ca
මුලින්ම ඔබ පිරිසිදු සුදුවතකින් සැරසී, කහ දියරෙන් මුව සෝදා පිරිසිදු ස්ථානයක, පුටුවක් යකඩ ඇණ නොගැසූ මේසයක් තබා බුලත්, මල් පලතුරු පහන් සුවඳකූරු කපුරු සමඟ ඉහත භාණ්ඩද තබා තඹ කොළ 4 මත ගථාව ලියූ සියල්ල තුන් නූලකින් වෙළන්න. ඉන්පසු පන්සිල් ගෙන රතන සූත්‍රය කියා ජලනන්දන පිරිතින් 108 වරක් පුරවා ගන්න. නැවත රංසිමාල යන ගථාවෙන් 1000 වර පුරවා ගන්න. ඉන්පසු මුට්ටි හතරට යන්ත්‍ර හතර රෝල් කර දමා මුහුදු වැලි නොපෑගුණ ගල්, තිරිවාන ගල්, යබොර දමන්න. මුළු ගේ පුරාම වතුර, වැලි, අබ ඉහින්න, දුම්මල, කට්ටකුමංජල් දුම් අල්ලන්න. දින 03ක් යන තෙක් අතු ගාන්න එපා. උඩ යට අට කොන ගහන්න. මුල මුට්ටි 04 ගේ හතර කොන වළලන්න. හෝ එල්ලන්න. රාත්‍රී 09ට පමණ ගේ මැදට වන්න සාලෙයි පොල්තෙල් පහනක් දල්වන්න.
සාලෙහි මැදට වන්න පොල්තෙල් පහනක් දැල්විය යුත්තේ කීයටද?
{ "answer_start": [ 595 ], "text": [ "රාත්‍රී 09ට පමණ" ] }
2738b272-8aa1-455c-9742-396cf5601a46
මහනුවර ගලහ මංසන්ධියේ මෝටර් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිව්දෙනෙක් තුවාල ලැබූහ. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ රියැදුරු සමග තවත් අයකු ගමන් කරමින් තිබූ අතර වෑන් රථයේ ද රියැදුරු සමග තවත් එක් පුද්ගලයකු ගමන් කර තිබිණ. අනතුර සිදුවනවිට වෙලාව අලුයම දෙකට පමණ වන්නට ඇත. ඒ අවස්ථාවේ පාරේ ගමන් කරමින් තිබූ ලොරි රථයක රියැදුරු හා සහායක එක්ව අසල්වැසියන් කිහිපදෙනකුගේ ද සහාය ඇතිව තුවාලකරුවන් රෝහල්ගත කළහ. රෝහල්ගත කර සුළු වේලාවකින් මෝටර් රථයේ පැමිණි එක් පුද්ගලයෙක් මරණයට පත්විය. ඔහු වාහනය පැදවූ රියැදුරු බව ඔහු සමග පැමිණි අනෙක් පුද්ගලයා පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබිණ.
මෝටර් රථය හා වැන් රථය මුහුණට මුහුණ ගැටුණේ කොහේදීද?
{ "answer_start": [ 7 ], "text": [ "ගලහ මංසන්ධියේ" ] }
3935f8a7-d551-4cc5-89a1-476dc04147c4
ශේක්ෂ්පියර්ලාට මේ නම ලැබී ඇත්තේ ඔවුන් යුද්ධවල දී දක්වන ලද සටන් ශූරත්වය නිසා බව කියැවෙයි. ලන්ඩන් නුවර සිට වෝර්වික්ෂයර් ප්‍රාන්තයේ ස්ට්‍රැට්ෆර්ඩ් ගම්මානයට සැතපුම් 99 ක් ලෙස දැක්වෙයි. කිලෝමීටර්වලින් නම් එය 160 ක් පමණ වෙයි. එංගලන්තයේ දුර මනින්නේ සැතපුම්වලින් බව සිහි තබා ගත යුතුය. මේ දුර ගෙවන්නට මෝටර් රථයකින් නම් පැය දෙකකට කිට්ටු කාලයක් ගත වෙයි. ශේක්ෂ්පියර් ගම්මානයට කෙලින්ම දිවෙන බස් රථ හෝ දුම්රිය නැත. කඩින් කඩ යන්නට සිදුවීම නිසා පොදු ප්‍රවාහන සේවයකින් යාමේදී ගත වන කාලය වැඩිය. සාමාන්‍යයෙන් ලන්ඩනයේ එක් දුම්රිය ස්ථානයක සිට තවත් දුම්රිය ස්ථානයකට යෑමට පමණක් රුපියල් 850 ක් පමණ වැය වෙයි. එනම් පවුම් තුන හමාරකි. සැතපුම් සියයකට යන මුදල මින් අපට සිතා ගත හැකිය. සැතපුම් සියයක් පමණ ගමන් කිරීම වෙහෙසකරය. එහෙත් ශේක්ෂ්පියර් ගම්මානයට යන පාර වැටී අත්තේ නිල් තුරුලතා මැදිනි. කලබලකාරී පරිසරයෙන් මිදී ඈතට ඇදී යත්ම තුරුලතා සිතටත් නෙතටත් සහනයකි. ස්ට්‍රැට්ෆර්ඩ් හි හෙන්ලි වීදියේ පරිසරය ද නිස්කලංකය. බොහෝ සංචාරකයන් පැමිණිය ද කලබලයක් නැත. වාහන නවතන ස්ථානය පවා නිස්කලංකය.
එංගලන්තයේ දුර මනින ඒකකය වන්නේ කුමක්ද?
{ "answer_start": [ 607 ], "text": [ "සැතපුම්" ] }
45760bfb-03d0-4321-809c-46003287a16e
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් දස දහස් ගණනක් විරෝධතා පා ගමනකින් දිල්ලි අගනුවර වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වේ. නව ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් සටන් පාඨ කියමින් ඔවුන් ගමන් කරන බව මාධ්‍ය වාර්තා කර තිබේ. කෘෂිකර්ම ක්ෂේත්‍රය පෞද්ගලික අංශයට විවෘත කිරීමට තමන් විරුද්ධ බව ගොවීහු පවසති. තමන්ගේ ගැටලු වලට පිළිතුරක් ලැබෙන තුරු සටන අත්නොහරින බවද ගොවීහු පවසති. දිල්ලි නගරයේ පිවිසුම් ස්ථානවල මාර්ග බාධක යොදා ඇති අතර ආරක්ෂාව දැඩි කර ඇති හෙයින් විරෝධතාකරුවන්ට නගරයට ඇතුළු වීමට නොහැකි වී ඇත. දිල්ලි හර්යානා දේශ සීමාවේ සෝදිසි කිරීම් සඳහා ඩ්‍රෝන කැමරා ද යොදාගෙන තිබේ. සමහර ස්ථාන වලදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම් ඇතිවූ බවද ඔවුන් විසිරුවාහැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට සිදුවූ බවද බලධාරීහු පවසති. ගොවීන්ගේ ගැටලු වලට විසඳුම් ලබාදෙන ලෙස පන්ජාබ් මහ ඇමති අමරින්දර් සිං මහතා ද ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත.
ගොවීන්ගේ ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ කව්ද
{ "answer_start": [ 749 ], "text": [ "පන්ජාබ් මහ ඇමති අමරින්දර් සිං" ] }
7f11713d-f213-4441-9ea9-ac7521d12739
ට්‍රම්ප් සහ බොල්සරානෝ දෙදෙනා ගජමිතුරෝය. බලයට පත් වූ අවස්ථාවේ පටන් ‍බොල්සරානෝ කියා සිටින්නේ තමන් යන්නේ ඇමෙරිකන් ජනපති ට්‍රම්ප්ගේ අඩිපාරේ බවය. එය සැබෑවකි. සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් කිසිදු තැකීමකට ලක් නොකරන, පිස්සු නටන ජනපතිවරුන් දෙදෙනකු ලෙස ට්‍රම්ප් සහ බොල්සරානෝ අද ජනප්‍රිය වී සිටිති. එලැඹෙන නොවැම්බරයේ ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ට්‍රම්ප් ඊට ඉදිරිපත් වෙයි. ඒ, දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙනි. කොවිඩ් 19 වයිරස වසංගතයට ජනපති ට්‍රම්ප් මුහුණ දෙන ආකාරය ඔහුගේ ජය පරාජය තීරණය කරනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ට්‍රම්ප් ඇමරිකන් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන්නේ කුමන පක්ෂයක් නියෝජනය කරමින්ද?
{ "answer_start": [ 336 ], "text": [ "රිපබ්ලිකන් පක්ෂය" ] }
003a7c81-0cf2-4b75-b43b-d6b8cdb1bca5
මම මේ දෙන්න ගැන මුදලාලිට කියලයි තියෙන්නෙ. ඔව් මට මුදලාලි කිව්ව මේ එක්කෙනෙක් නම් මම මීට කලින් කොහේදි හරි දැකල තියෙනව වගේ මතකයි. ඈ එලෙස කීයේ මා දෙස බලාගෙනය. බොකුටු වරලස පස්සට පීරාගෙන මනා ලෙස ගැට ගසාගෙන හුන් මැඩම් මැදි වයසේ වුවත් එක්වරක් දුටුපසු යළිත් වතාවක් හැරී බලන්නට හිතෙන තරමට රූබරය. අත් නැති බ්ලවුසයට හිරවුණු පිම්බුණු තිසරුත් එළියට ඒගත නොහැකිව වේදනාවෙන් දඟලනවාක් මෙනි. සුදු පැහැ බඩවත වියත් දෙකක් පමණ නිරාවරණය වන අයුරින් රතු පසු බිමේ කොළ පාට පුංචි මල් වැටුණු ලුංගියකින් යටිකය වසාගෙන ආඩම්බරකම පිරුණු මුහුණකින් හා නුරාව හා කපටිකම පිරුණු දෑසින් ආගන්තුක අප විනිවිද යන බැල්මෙන් බලා හිඳින්නීය. එන්න අපි යමු කොණ්ඩයාගේ හඬින් මම පියවි ලොවට ආවෙමි.
මැඩම් කුමන වයසේ පසු වීද?
{ "answer_start": [ 211 ], "text": [ "මැදි වයසේ" ] }
4918d292-54e6-43e2-a7cd-5456f2d56d66
2008 දී තමයි ටෂාන් සිනමාපටය තිරගත වුණේ. මේ කියන ටෂාන් හින්දි සිනමාපටයේ කරීනා කපූර් චලියා චලියා ගීතයේ දර්ශනයක් සඳහා තමයි බිකිනියෙන් සැරසී පෙනී හිටියේ. එතකොට කරීනා සයිෆ් එක්ක විවාහ වෙලා හිටියේ නැති නිසා තමයි අපි කරීනා කපූර් ඛාන් කියලා සඳහන් නොකළේ. කත‍්‍රිනා කයිෆ් විසින් 2014 දී තිරගතවුණු බෑන්ග් බෑන්ග් කියන සිනමාපටයේ පළමු වරට රෝස පැහැති බ්ලොක් මොනොකිනි එකෙකින් සැරසිලා හිටියා. මෙහර්බාන් කියන තනුවට අනුව ඇය මේ දර්ශනයේ පෙනී හිටියා කියලා සිනමාපටය බලලා තියෙන ඔබට මතකයට නැගේවී. ආලියා භාත් ඇයගේ පළමු සිනමාපටය වන ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් හින්දි සිනමාපටයේ බිකිනියකින් සැරසී ජවනිකාවකට පෙනී හිටියා. තායිලන්ත වෙරළ තීරයක රූගත කළ එම දර්ශනයේදී ආලියා දීප්තිමත් කහ පැහැයෙන් යුතු බිකිනි විලාසිතාවකිනුයි සැරසී ඉන්නේ. කැමරාව ඉදිරියේ කිසිදු ලජ්ජාවකින් තොරව පළපුරුදු කෙනෙක් වගේ පෙනී සිටියා කියලා තමයි ආරංචි.
බෑන්ග් බෑන්ග් සිනමාපටය තිරගත වූ වර්ෂය කුමක්ද?
{ "answer_start": [ 269 ], "text": [ "2014" ] }
d4680cba-e606-4446-b283-c200e8d853f7
කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලත් සමඟ වයිරස ආසාදිතයන්ගෙන් යුරෝපයේ රෝහල් පිරී යමින් තිබෙන බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. යුරෝපා කලාපය මේ වනවිට කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලකට මුහුණ දී සිටින අතර දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යමින් තිබේ. පසුගිය සති කිහිපය තුළ යුරෝපයේ බොහෝ රටවලින් වාර්තා වී තිබූ කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. පෝලන්තය එරට තිබෙන විශාලම ක්‍රීඩාංගනය ක්ෂේත්‍ර රෝහලක් බවට පත් කර තිබේ. ඉකුත් සති දෙකේදී බෙල්ජියම සහ බ්‍රිතාන්‍ය යන රටවලින් වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී තිබේ. චෙක් ජනරජයේ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් අනතුරු අඟවන ඉතා ශීඝ්‍ර වේගයකින් අසනීප වෙමින් තිබෙන බව ද එරටින් වාර්තා වේ.
වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් අනතුරු අඟවන්නේ කුමන ජනරජයේද
{ "answer_start": [ 556 ], "text": [ "චෙක් ජනරජයේ" ] }
4623128c-6c67-462d-963e-fb8aeea0088b
දඟකාර පුංචි දැරියක වූ ගිටා වයස අවුරුදු දෙකහමාරක් වන තුරු නිරෝගීව සිටියාය. ඇය උපත ලැබුවේ 1957 වසරේ දීය. ඒ වන විට ඔවුන් පදිංචිව සිටියේ ඉන්දියාවේ ගුජරාටි ප්‍රදේශයට අයත් ගමකය. ඔවුන්ගේ නිවස පිහිටියේ බැතිමතුන් යන ගිරිනර් කඳුවැටියට ආසන්නවය. එහි වාර්ෂිකව පැවැත්වෙන උත්සවය නම්කර තිබුණේ ගිර්බි උත්සවය යනුවෙනි. එම උත්සවයේ විශේෂත්වයක් වූයේ නැටුම් සංදර්ශනයක් පැවැත්වීමය. ගිටා පුංචි දැරියක් වුවද එම නැටුම් සංදර්ශනය නැරඹීමට මහත් ආශාවක් දැක්වුවාය. මාපියන් සමග එය නැරඹීමට යෑම ද ඇගේ සිරිත වූවාය. අවසන් වරට ඇය එම නැටුම් දර්ශනය නැරඹුවේ වයස අවුරුදු දෙකහමාරේදී. නැටුම් දර්ශනය නරඹා මාසයක් ගතවීමෙන් පසු දිනක් ඇය රෝගී වූවාය. ඇයට තදබල ලෙස උණ රෝගය වැලඳී තිබිණි. දින කීපයක් පැවැති රෝගී තත්ත්වය සරම්ප රෝගය ලෙස හඳුනා ගැනිනි. ඇයට වෛද්‍ය ප්‍රතිකාර සිදුකළ නමුත් දින පහක් ගත වන විට අසාධ්‍ය තත්ත්වයට පත් විය. පස් වැනි දිනයේ ඇගේ මාපියන් බලාපොරොත්තු නොවූ පරිදි ඇය ජීවිතයෙන් සමුගෙන ගියාය. ඇගේ මරණය සිදුවූයේ 1959 ඔක්තෝබර් 10 වැනිදාය.
ගිටා උපත ලැබුවේ කුමන වසරේදි ද?
{ "answer_start": [ 88 ], "text": [ "1957 වසරේ" ] }
36f0760a-1701-453c-99ba-e8c19398b2a7
අතීත කාව්‍යයක අප ඔබ සැම අසා අැත්තේ ‘‘මහවැලි, කැලණි, කළු, වලවේ ගංගා, සමනොල ගිර කුළින් පැන නැංගා’’ ලෙසිනි. නමුත් ගවේෂණාත්මක සංචාරක වාර්තාකරණයේ යෙදෙන අපි එම කාව්‍යය අසත්‍යයක් බව මින් පෙරද සඳහන් කළෙමු. මන්දයත් මහවැලි සහ වලවේ ගඟේ උපත සිදුවන්නේ හෝර්ටන්තැන්නෙන්. තවද කැලණි ගඟට සමව උපත දෙන්නේ ගවරවිල සහ හෝර්ටන්තැන්නේ කිරිගල්පොත්ත දකුණු බෑවුමෙන් බව මෙහිදී අපි සොයා ගත්තෙමු. තවද කළු ගඟේ ආරම්භය සිදුවන්නේ සමනල කන්දෙන් බවද අසත්‍යයක් වන අතර කළු ගඟේ මුල් දියවර පැන නගින්නේ බෑණ සමනලින් වන අතර එහි ප්‍රධාන පෝෂකයක් වන කුරු ගඟ හීන් පිදුරුතලාව සහ මහ පිදුරුතලාව පිහිටි ඉසව්වෙන් පටන් ගන්නා වග අපි අත්දැක ඇත්තෙමු. කුතුහලය සහ ත්‍රාසය දනවන මෙම ගංගාවන්හි උපත සොයා යන ගමනේදී අප මීට පස් වසරකට පෙර වලවේ ගඟේ උපත සොයා ගත්තේ හෝර්ටන්තැන්නේ නොකිළිටි ඉසව්වක පය තබමිනි. එලෙසම කල්‍යාණියේද උපත සොයා අප හෝර්ටන්තැන්නේ කිරිගල් පොත්ත කන්දේ දකුණු බෑවුමෙන් ගමන පටන් ගත්තේ විස්මය දනවනසුළු දිය සීරා සහ ජල උල්පත් ගණනාවක් පිරුණු වගුරු මතිනි. පොල්පිටියේ සිට ඇබර්ඩීන් ඇල්ල හරහා නෝර්ටන් පාලම අසලට පැමිණි අප කාසල්රි ජලාශය වෙත ගමන් කළේ මීට පෙර ලිපියේදීය. පසුව අප අද ගමන ආරම්භ කළේ කාසල්රි ජලාශයේ සිටය. කාසල්රි ජලාශය, මායිම දිගේ දික් ඔය හරහා ගමන් කළ පසු නෝර්වුඩ් වෙතට අපි ළඟා වුණෙමු.
කළු ගඟේ මුල් දියවර පැන නගින්නේ කොහෙන්ද?
{ "answer_start": [ 459 ], "text": [ "බෑණ සමනලින්" ] }
6d0afbb5-7775-40cd-b9e7-12364a0b65c8
දිස්ත්‍රික් ලේකම්වරයාගේ කාමරයේ බිත්තියේ ප්‍රදර්ශනය වන බදුල්ලේ හිටපු දිසාපතිවරුන්ගේ නාම ලේඛනය පෙන්වමින් දිස්ත්‍රික් ලේකම් අබේසිරි මහතා පැවසුවේ බිබිල ප්‍රදේශයේදී ඝාතනය වූ සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් මහතාගේ නම 1815 සිට බදුල්ල දිස්ත්‍රික්කයේ හිටපු දිසාපතිවරුන්ගේ ලේඛනයේ තෙවැනි ස්ථානයේ තිබෙන බවයි. ඔහු ඌව උපතානාපති ලෙස පත්ව ඇත්තේ 1917 දී බව එහි සඳහන් වේ. නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ අභ්‍යන්තර මාර්ගය තුළින් ගොස් යළිත් ඓතිහාසික ගොඩනැගිල්ල වෙත ගිය අප එතැන් සිට ඉහළට ඇවිදගෙන මීටර් 100ක් පමණ යන විට නෙත ගැටුණේ බදුල්ල පොලිස් ස්ථානය හා බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයයි.
සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් මහතා ඝාතනය වූයේ කුමන ප්‍රදේශයේද?
{ "answer_start": [ 143 ], "text": [ "බිබිල ප්‍රදේශයේදී" ] }
3c6765da-1788-4c95-92a5-cc46886aa0b1
පෞරාණික බෞද්ධ රටක් වන ලාඕසයේ වෙහෙර විහාර රාශියකි. විශේෂයෙන්ම මථුරා කලා බුදු පිළිමවලට මෙහි විශේෂත්වයක් ඇත. එමෙන්ම මීකොන් ගඟ ආසන්නයේ විශාල භූමි ප්‍රදේශයක ඇති බොදු උයනද සංචාරක ආකර්ෂණය ඇති කරවන්නකි. එය වෙන්ටියන් නගරයේ තනා ඇති තායි මිත්‍රත්ව පාලම අසල වෙයි. 1958 සකස් කරන ලද මෙම බොදු උයනෙහි බුදු පිළිම 200 කට වඩා ඇත. සෙබ්‍රන්පල් ගුහාව ලාඕසයේ ඇති තවත් අරුම පුදුමයකි. කි.මී. 15 කට වඩා දිග මෙම ගුහාව ඇමරිකානුවන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත. මෙය නවීන අත්හදාබැලීම්වලට ලක්කෙරෙන අතර බෝට්ටු සේවාවක් පවා දැමීමට සූදානමක් ඇත. කෙසේ වුවද මෙම ගුහාව නැරඹීම නොවැම්බර් සිට අප්‍රේල් මාසය අතර විය යුත්තේ යම් යම් ආරක්ෂක හේතූන් මතය.
ලාඕසයේ තවත් අරුම පුදුමයක් වන්නේ කුමක්ද?
{ "answer_start": [ 311 ], "text": [ "සෙබ්‍රන්පල් ගුහාව" ] }
e8cee116-c05b-4229-bb69-19b0059f8419
ඒ අනුව විද්‍යාඥයන් මනස කොටස් කිහිපයකට බෙදා දැක්වූවා. බොහෝ අය උඩු සිත හා යටි සිත ලෙස පවසන්නේ මෙෙලස කළ එක්තරා බෙදීමක්. එහෙත් නිවැරදිව තවත් සියුම්ව සලකා බලන විට මනස කොටස් තුනකට බෙදා දක්වන්නටත් පුළුවන්. එය සවිඥානය, උප-විඥානය, හා අවිඥානය ලෙසයි. ඇත්තටම මෝහනය අධ්‍යයනය කිරීමට මෙම බෙදීම ඉතාම යෝග්‍යයි. උඩු සිතටම තමයි සවිඥානය කියන්නේ. උපවිඥානය හා අවිඥානය යන දෙකටම තමයි යටි සිත කියන්නේ. අවිඥානය සම්පූර්ණයෙන්ම වට කරගෙන උපවිඥානය පිහිටා ඇත. හරියට පොල් ගෙඩියක මදය වට කරගෙන පොල් කට්ට පිහිටනවා වාගේය. එලෙසම එම දෙකම වටකරගෙන සවිඥානය පිහිටා ඇත. ඇත්තටම රූපමය ආකාරයට ඒ කියන්නේ ආකෘතියක් ලෙස එහෙම පැහැදිලි කළත් සැබැවින්ම ඒවා එකිනෙකාට සාපේක්ෂව තිබෙන්නේ කෙසේදැයි කිසිවෙක් නොදනී. සාමාන්‍යයෙන් ජීවියෙක් මනුෂ්‍යයෙක් ජීවත්වන විට මෙම මනස් තුනම ඒ ඒ මට්ටම්වලින් සමගාමීව ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අධ්‍යයනය පහසුව තකා එලෙස තුන් ආකාරයට බෙදුවත් සත්‍ය ලෙස ඒ තුනම එකක් ලෙසයි ක්‍රියාත්මක වෙන්නේ.
මනස බෙදිය හැකි කොටස් තුන මොනවාද ?
{ "answer_start": [ 202 ], "text": [ "සවිඥානය, උප-විඥානය, හා අවිඥානය" ] }
35866b54-8de2-4fe5-b450-1a0c11f5ed11
1641 වසරේ පෙබරවාරි මස 08 දින රෝබට් නොක්ස් උපත ලබන්නේ එංගලන්තයේ ටවර්හිල්හිදීය. රොබට් නොක්ස්ගේ පියා එවකට වෙළෙඳ නැවක අණ දෙන්නෙකු වූ අතර මධ්‍යධරණී සාගරයේ යාත්‍රා කරමින් සිටියදි ඔවුන් ගමන් ගන්නා ලද නැව කුණාටුවකට හසුව අනතුරකට ලක් වේ. අනතුරට පත් නැව යළි සකසා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කොට්ටියාරම් වරායට සේන්දු කරගෙන තිබේ. එහෙදී නැවට නව තුඹ ගසක් සකසා ගන්නා තුරු රෙදිපිළි වෙළෙඳාමේ යෙදෙන්නට සැලසුම් කරද්දී මෙම නැවේ පැමිණි පිරිස දෙවන රාජසිංහ රජුගේ අත්අඩංගුවට පත්ව ඇත. රොබට් නොක්ස්ගේ පියාත් සමග තවත් පුද්ගලයන් 18 කු එම නැවෙන් මෙරටට පැමිණ තිබේ. ඉතාමත් කෙටි කාලයකදී රොබට් නොක්ස්ගේ පියා මිය ගොස් ඇති අතර රොබට් නොක්ස් විසින්ම තම පියාගේ දේහය සත් කෝරළයේ බණ්ඩාර කොස්වත්ත යන ගම්මානයේ භූමිදානය කෙරූ බව පැවැසේ.
රෝබට් නොක්ස් උපත ලැබුවේ කොහේද?
{ "answer_start": [ 53 ], "text": [ "එංගලන්තයේ ටවර්හිල්හිදීය" ] }
7ad0afa9-c639-4801-88c0-5d8d1cf5f22f
යටාලතිස්ස වෙහෙරෙහි නිදන් කිරීම පිණිස යටි වම් දළදාව මාගම වෙත සම්ප්‍රාප්ත වීම පිළිබඳව මෙහිදී විමසා බැලීම වැදගත් වේ. ගන්ධාර දේශය වෙත හූන මුස්ලිම් ආක්‍රමණ එල්ල වූ අවස්ථාවල එහි ගොස් සිටි වන්දනාකරුවන් විසින් එරට චේතිය වනයේ තැන්පත් කර තිබූ වම් දළදාව ඇතුළු පූජනීය බෞද්ධ පූජා වස්තු මෙරට භක්තිමත් රජ දරුවන් වෙත ගෙනවිත් භාර දෙන්නට ඇතැයි අනුමාන කිරීමට අවකාශ පවතී. ඉන්දීය හිසියං හා පාහියන් හිමිවරුන් ඇෆ්ගනිස්ථානයේ කළ සංචාරයේ දී තමනට දන්ත ධාතූන් වැඳපුදා ගැනීමට අවස්ථාව සැලසුණු බව කරන සඳහන ද මෙහි දී අපගේ අවධානයට ගැනීම වැදගත් වේ. සෙංකඩගල වැඩහිඳිනා දළදා සමිඳුන් මෙරටට වැඩමවීමට වසර 600කට පමණ පූර්වයෙහි යටාලතිස්ස දාගැබෙහි බුදුන්වහන්සේගේ යටි වම් දළදාව නිදන් කර ඇති බව පුරා විද්‍යාත්මක සාක්ෂි සමාලෝචනය කර බැලීමේ දී නිගමනය කළ හැකිය.
මුස්ලිම් ආක්‍රමණ එල්ල වූයේ කොහෙටද?
{ "answer_start": [ 114 ], "text": [ "ගන්ධාර දේශය වෙත" ] }
acaba78a-385b-44bb-b72c-9bb6bc5b2535
දිපීකා පදුකෝනිගේ විවාහයට නොපැමිණි නිසාම ප්‍රියංකාගේ විවාහ මංගලය්‍යටද සුපිරි නළු සල්මාන් ඛාන් සහභාගි නොවුණ ඇතැයි බොහෝ දෙනා මත පළ කර තිබුණි. එහෙත්, කවුරුත් පුද්මයට පත් කරමින් සල්මාන්, සුපිරි නළු ෂාරුක් ඛාන් හා අමිර් ඛාන්ටද ප්‍රථම මුම්බායි හි ‘ටාජ්ලැන්ඩ්’ තරු හතේ උත්සව ශාලාවට පැමිණි සිටිනු දක්නට ලැබුණි. සල්මාන්, ප්‍රියංකාගේ සමිපතම මිතුරියක්ව සිටි නමුදු ඔහුගේ ‘භාරත්’ චිත්‍රපටයට සම්බන්ධ විම ප්‍රතික්ෂේප කළ නිසාවෙන් සල්මාන්, ප්‍රියංකා අතර අමනාපකමක් පවතින් බවට පසුගිය කාලයේ තොරතුරු වාර්තා විය. කෙසේ වෙතත්, සල්මාන්, ප්‍රියංකාගේ විවාහයට සහභාගි වෙමින් තමා හා ප්‍රියංකා අතර එසේ අමනාපකමක් නොමැති බවට තහවුරු කර තිබුණි.
රථම මුම්බායි හි තරු හතේ උත්සව ශාලාව වන්නේ?
{ "answer_start": [ 240 ], "text": [ "‘ටාජ්ලැන්ඩ්’" ] }
3b210382-0324-4ad2-9a81-65dbadfa6981
මේ වසරේ පලදාව ටිකක් අඩුයි. ඒකට ප්‍රධාන හේතුව තමයි දේශගුණය වෙනස් වීම. හොඳම මල් එන කොට පායලා ඉවර වෙලා හොඳට වැස්සක් ලැබුණාම හොද පලදාවක් තිබෙනවා. ඉස්සර වෙළෙඳපොළේ රඹුටන් ගෙඩියක් රුපියල් 8ක් වගේ මිලකට ඉහළ ගියා. දැන් රුපියල් 3.50යි 4.00ත් වගේ මිලකට තමයි රඹුටන් ගෙඩියක් අලෙවි කෙරෙන්නේ. අපි ළඟට වෙළෙන්දන් එනවා. ඒ ගොල්ලෝ ඇවිල්ලා බලලා කරලා අපට මෙච්චර ඕනෑ, මෙච්චර ඕනෑ කියලා කියනවා. පංගුවක් අය ඇවිල්ලා ඒගොල්ලොම කඩාගන්නවා. අපිත් කඩලා දෙනවා. ගෙඩි ගණනට තමයි අපෙන් මිලදී ගන්නේ. ගෙඩි 4000-5000ක් වගේ අරගෙන යන අයත් ඉන්නවා. සිල්ලරටත් දෙනවා. ඔවුන් ඇවිත් රඹුටන් 500ක් 1000ක් වගේ අරගෙන යනවා. වෙළෙන්දෝ තමයි සාමාන්‍යයෙන් වැඩි මුදලක් උපයා ගන්නේ. මේක පරිස්සම් කරන්න ගියාම තමයි වෙහෙසක් ගන්නේ. රෑට වවුල්ලු එනවනේ. වවුල්ලු වර්ග 2ක් ඉන්නවා. මාවවුල්ලෝ කියලා කොටසක් එනවා. ඇට වවුලෝ කියලා තවත් පිරිසක් එනවා. ඒ ඇට වුවලෝ රෑනකට 100-200ක් වගේ පිරිසක් එනවා. උන් ටකය ගැහුවට යන්නේ නැහැ. දුම ගහන්න ඕනෑ. පොල් රොඩු එකතු කරලා දුම ගහනකොට තමයි උන් යන්නේ. දවස ගානේ රෑ එළිවෙනකම් නිදි මරන්න ඕනෑ. රෑ 12 වෙනකම් කට්ටියක් ඉන්නවා. 12න් පස්සේ තව කට්ටියක් ඉන්නවා. කොතරම් මහන්සි උනත් ආදායම් නැති අවස්ථාත් තිබෙනවා.
දැන් වෙළෙඳපොළේ රඹුටන් ගෙඩියක මිළ කීයද?
{ "answer_start": [ 210 ], "text": [ "රුපියල් 3.50යි 4.00ත් වගේ" ] }
01562f4c-b403-4bdc-9e5b-aa372aa379c0
කරවල වෙළෙඳාම රජයට ගෙන තිබීම හා උතුරු වෙරළේ මුර සේවයක් ආරම්භ කර තිබීම නිසා මේ ජාවාරම් තරමක් අඩපණ වී ඇති බැව්ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකාවේ රත්‍රන් ජාවාරම් සඳහා සියමය, බේරුට්, ප්‍රංශය සහ ඉන්දියාව යොදාගෙන ඇති බවද කියති. රත්‍රන් වැඩි වශයෙන් ලංකාවට ගෙන එනු ලබන්නේ පොලු වශයෙන් බවත් එසේ ගෙන එනු ලබන රත්‍රං පොලු මිලදී ගැනීමට සූදානම් ව සිටින වෙළෙන්ඳෝ පිරිසක් කොළඹ සිටින බවද ඔවුන් වැඩිදෙනෙකු තාවකාලිකව රටවැසි බලපත්‍ර ලබා පැමිණ සිටින විදේශිකයන් බවද පොලිසිය පවසයි.
රජයට ගෙන ඇති වෙළදාම කුමක්ද ?
{ "answer_start": [ 0 ], "text": [ "කරවල වෙළෙඳාම" ] }
6342249b-a9f2-4616-8217-525b6aca77ea
හිටපු ඇමරිකානු ජනපති බැරක් ඔබාමාගේ බිරිය වන මිෂෙල් ඔබාමා ඇමරිකාවේ 44 වැනි ජනපති ආර්යාවයි. ඔබාමා ජනපති ධුරයට තරග කිරීමට යොමු වෙනවාත් සමඟම ඇයද පූර්ණකාලීනව ඔහුට සහය දක්වමින් දේශපාලනයට යොමු වූවාය. ඔබාමා ජනපති ලෙස තේරී පත්වීමත් සමඟ ඔබාමා පවුල මුළු ලෝකයේම නිරික්සුම් ඇසට යොමු විය. ජනපති ආර්යාව ලෙස ඇය ඔබාමා ජනපතිතුමා සමඟ ලොව පුරා සංචාරය කළාය. රාජ්‍ය මට්ටමේ උත්සව හා නොයෙක් මාධ්‍ය වැඩසටහන්, උත්සව හා විශේෂයෙන්ම කාන්තාවන් සම්බන්ධ වැඩමුළු ආදියට සහභාගී වූවාය. මේ හැම අවස්ථාවකම ජනපති ආර්යාව පෙනී සිටියේ ඇගේ සුන්දරත්වය ඉස්මතු වන පරිදි නොයෙක් පන්නයේ විලාසිතාවලින් සැරසෙමිනි. උසස් මට්ටමේ විලාසිතා රුචිකත්වයක් තිබූ අයකු ලෙස ඇය පිළිගැනීමට ලක්වූවාය. එහෙත් එයට පෙර සිටි ජනපති ආර්යාවනට වඩා ඇගේ කැපී පෙනෙන වෙනස්කම වූයේ ඇය අප‍්‍රිකානු - ඇමරිකානු ජාතිකයකු වීමයි. ඒ නිසා එතෙක් පැවති සාම්ප‍්‍රදායික ආර්යා ප‍්‍රතිරූපය බිඳ දමමින් ඇය වෙනුවෙන් නව ප‍්‍රතිරූපයක් ගොඩනැගීම අවශ්‍ය විය. ඒ සඳහා විවිධ පසුබිම්වලින් පැමිණි නොයෙක් විලාසිතා නිර්මාණ ශිල්පීහු ඇයට සේවය කළහ.
මිෂෙල් ඔබාමා කුමන ජාතිකයෙකුද?
{ "answer_start": [ 702 ], "text": [ "අප‍්‍රිකානු - ඇමරිකානු" ] }
c1b2ba40-6584-46c4-b27c-f8a92fbfb555
බස් රියදුරා හෝ වෙනත් කිසිවෙක් මෙම අවාසනාවන්ත සිදුවීම නොදුටුවේය. අත තිබූ බෑගය ඔසවමින් අසරණ වූ දැරිය කෑගසන්නට වූවාය. එහෙත් ඒ හඬ පවා ඇසීමට කිසිවෙක් නොසිටියේය. ඇය ජල රකුසාට බිලිවිය. දියණියගේ ප්‍රමාදය නිසා ඇගේ මාපියෝ ඇය සොයන්නට වූහ. අවසානයේ ජලයේ ගිලී සිටි ඇගේ සිරුර ගොඩගන්න විට ඇය මෙලොවින් සමුගෙන සිටියාය. හේමසීලිට අත්වූ ඉරණම ගැන පවුලේ ඥාාතීන් ඇතුළු අසල් වැසියෝද බලවත් කම්පාවට පත්වූහ. ඒ අතර ඇය ඉගෙනීම ලැබූ පාසලේ දරු දැරියන් මෙන්ම ගුරු පිරිසද වූහ. හේමසීලිගේ පාසල් මිතුරියක වූ ප්‍රේමතලාටද තම මිතුරියගේ වියෝවීම දැරිය නොහැකි දුන් වේදනාවක් විය. කාලය ගෙවී ගියේය. වසර එකහමාරක් ගතවිණි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කළ සුනිල් මහතා විවාහයෙන් පසු බිරියත් සමග ගෝනගල නිවෙසේ පදිංචියට පැමිණියේය. එහිදී ඔවුන්ගේ කුලුඳුල් දියණිය වූ ෂාමිලිනි මෙලොව එළියට දුටුවාය. කුඩා අවදියේ සිට ඇය තුළින් දක්නට ලැබූ විශේෂත්වයක් විය. එනම් අධික ලෙස හැඬීමත් බස් රියකට නැගීමට යන විටදී සිරුර වෙව්ළීමත්ය. මේ පිළිබඳව අවධානය යොමු කළ මාපියෝ ඇයට පිරිත් ගායනා කිරීම් සහ විවිධ සෙත් සාන්ති සිදුකළහ. එහෙත් බහ තෝරන අවදිය වන විටත් එම තත්ත්වය එලෙසම පැවතිණි. සිඟිති දියණියගේ සිරුර වෙව්ළීම සිදුවන්නේ බස්රියකට නැඟීමට යන විටදී බැව් මාපියන්ට පැහැදිලිව දැකගත හැකි විය.
සුනිල් මහතා සේවය කළේ කුමන දෙපාර්තමේන්තුවේද?
{ "answer_start": [ 574 ], "text": [ "වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ" ] }
9fcc7e97-be8c-4d87-a92c-8228ae0b8050
1820 දී මිලෝ දිවයිනෙන් සොයාගත් ඇප්‍රොඩයිට් මුල් නිර්මාණය අතීත කලාවේ මුදුන්මල්කඩක් ලෙසත්, කාන්තා සෞන්දර්යයේ අංගසම්පූර්ණ උදාහරණයක් ලෙසත් සලකනු ලැබේ. ඇගේ මුහුණේ ශාන්තභාවය, ප්‍රැක්සිටිල් කලාකරුවාගේ බුද්ධි ප්‍රභාවය පිළිබිඹු කළ බව මුලදී අදහස් කළද, මෙහි ශෛලිය අනුව ක්‍රිපූ දෙවන සියවස අගභාගයේදී නිර්මාණය වූවක් ලෙස විශ්වාස කිරීමට හේතු තිබේ. සිරුරේ ප්‍රමාණයත්, රේඛාවන්ගේ සිනිඳු බවත්, ඇඳ සිටින වස්ත්‍රයේ නැමුම්වල ක්‍රමානුකූල බවත් කඳේ නිරුවත් බවත් මැනවින් නිරූපණය වේ. ශතවර්ෂ ගණනාවක් මිනිස් ඇසට නොපෙනී පොළොවේ සිටි වීනස් ප්‍රතිමාව යළිත් මිහිමතට පැමිණීම රසවත් කථාවකි. එහෙත් ඊජිප්තුවේ තුතන්කාමන් සොහොන සොයාගැනීමට වෙහෙසවූ බොහෝ දෙනෙකු මෙන් වීනස් දෙවඟන සොයාගැනීමට වෙහෙස වූ බොහෝ දෙනෙකුද අකාලයේ මියයාම කනගාටුදායක සංසිද්ධියකි. නිධානයක් ඇතැයි සැලකෙන තැනක් ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ විවෘත කිරීමේදී අප රටේ සම්ප්‍රදාය වනුයේ පුදපූජා පවත්වා ඇතැම් විට බිල්ලක් පවාදීමය.
ශතවර්ෂ ගණනාවක් මිනිස් ඇසට නිපෙනී පොළවේ සිටියේ කුමක්ද?
{ "answer_start": [ 501 ], "text": [ "වීනස් ප්‍රතිමාව" ] }
f2ae8e56-3f07-4b4a-a03c-8ffde6cf646d
මෙලෙස දියඇල්ලේ යට සිට එය නරඹා එන ඔබට ඔබේ ගමන එතෙකින් අවසන් කළ නොහැක. ඔබට දිය ඇල්ලේ මුදුනට යෑමට හැකියාව ඇත. පෙර තරම් නොවූවද පඩිපෙල් දෙසීයක පමණ බැස්මකදී එය ඔබට දකින්නට ලැබෙනු ඇත. එම පඩිපෙල බසින මුල්ම මොහොතේ ඇසට හසුවන පුවරුවක් වෙයි. එය පවසන්නේ ස්නානයේදී වේල්ලෙන් ජලය නිදහස් කිරීමේදී එන ජල ගැල්ම සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරන ලෙසටය. එය ඔබට බැලූ බැල්මට පහළ සුන්දරත්වය තරම් දසුනක් මවන් නැතිවා විය හැක. නමුත් තරමක් අසීරූ දිය සෙවෙල බැඳුනු ගල් අතරින් බැස අවසානයේ ඔබ පිවිසෙන්නේ මනස්කාන්ත දසුනක් මතටය. සයනයන් මෙන් තැනින් තැන පිහිටි ගල් තලාවන්ය. ඊට පහළින් දිය එකතු වූ මාලුන් පිරි පොකුණුය. මැද්දෙන් වේගවත් දිය පහරක් ගලා යයි. එය පෙනුමට අතිසුන්දර වුවද හිතට භයංකර හැඟීමක් එක් කරන්නකි. ඉන් පහළ අපි මෙම සටහනෙහි ආරම්භයේ සිට ලියූ දියඇල්ල කඩා හැලෙන තටාකය ඇත. සුදු පෙණ නංවමින්, ජල බින්දු දසත විදිමින්, දැඩි සුළඟක්ද සමගින් ජලය ගලා යයි. එය කොතෙක් බලා සිටියත් දෑස් ඉවතට නොගන්නට සිතෙන දසුනකි. දියඇල්ල මුදුනේ තැනින් තැන පර්වත ලේයරයන් අතරෙහි විශාල පරතරයන් වෙයි. ඒවා අතරද කුඩා දියඇළි සෑදී ඇත. සුදු පෙනින් පිරී ඇත්තේ දැඩි වේගයකින් පතිත වන ජල කඳ නිසාවෙනි. අවට එකඳු මිනිස් පුළුටක් නැත. ගස්වලින් වේළී ගිය කොළ වැඩිම මනාපයෙන් සුළං අවසරයෙන් පහළට විසිවන්නේ සිරුරේද දැවටෙමිනි. එය ස්නානයටම සැකසුණු තැනකි. දැඩි සීතලකින් සිරුර වෙලා ගනියි. කරවටක් දියේ ගිලී ජලයෙන්ම සුමට කළ කළු ගලකට පිට තියාගෙන සිටීද්දී නැගෙන හැඟීම, බාත් ටබ්වලින් මතු නොවේ. ජලයෙන් ගොඩවන්නට නොසිතෙයි. ජලයෙන් ගොඩවන්නට සිතේනම් ඒ එකම එක හේතුවක් නිසා පමණකි. දැඩි සීතලට ඉහළ යන කුසගින්න නොවන්නට ජලයෙන් ගොඩවන්නට වෙනත් හේතුවක් නැත.
පඩිපෙල් කීයක් බැසීමට සිදුවේද ?
{ "answer_start": [ 123 ], "text": [ "පඩිපෙල් දෙසීයක" ] }
02676318-2def-4756-9d89-6394507c9486
ඉන්පසු ඇපලෝ මෙහෙයුම් හයකදී, 1969 සිට 1972 තෙක් කාලයේ, ගගනගාමීහු 12 දෙනකු සඳට පය තැබූහ. ඔවුන් පෘථිවියට ගෙනා චන්ද්‍ර පාෂාණ සහ පස් ප්‍රමාණය රාත්තල් 842 ක් බව පැවැසෙයි. සඳට මිනිසකු යැවීමට නොහැකි වුවත්, 1970 දශකයේ, ලූනා යන නමින් නම් කළ රොබෝ යානා යවමින් සඳුගේ පස් සාම්පල ගෙන ඒමට සෝවියට් විද්‍යාඥයෝ සමත් වූහ. අවසන් වරට සඳට යැවුණේ ලූනා 4 රොබෝ යානයයි. ඒ, 1976 දීය. ලූනා 4 ආපසු රැගෙන ආවේ පස් අවුන්ස 6 කි. සඳ ගවේෂණය චීනයට ආගන්තුක නොවෙයි. චීනය පළමුවෙන් රොබෝ ගවේෂණ යානයක් සඳ මතුපිටට යැවීම කළේ 2013 වසරේදීය. ඊට වසර හයකට පසු චීනය සඳුගේ අඳුරු පැත්තට ගවේෂණ යානයක් පතිත කළේය. සඳුගේ අඳුරු පැත්තට ගවේෂණ යානයක් පතිත කළ පළමු රට චීනයයි. මීළඟ දශකයේ චීනයත් ඇමෙරිකාවත් ස‍ඳ මතුපිට පර්යේෂණාගාර සහ නැවැම්තුම්පොළක් ඉදි කිරීමට සූදානම් වෙයි. එය චීනය සහ ඇමෙරිකාව අතර සඳ මතුපිට ජනාවාස ඉදිකිරීම වෙනුවෙන් කරන සටනක් වනු නිසැකය.
සඳුගේ අඳුරු පැත්තට ගවේෂණ යානයක් පතිත කළ පළමු රට කුමක්ද?
{ "answer_start": [ 510 ], "text": [ "චීනය" ] }
6a978928-0efb-4b86-ada9-a81156945323
ලෝක ජනගහනයෙන් මිලියන 270කට ආසන්න පිරිසක් හාමතට පත්වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි අද (10) පැවැසීය. ‌එම ජනගහනය ජර්මනිය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ඉතාලිය යන රටවල ජනගහනයට සමාන වේ. ලොවපුරා කරන මෙහෙය වෙනුවෙන් පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙවර නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහකයා ලෙස ලෝක ආහාර වැඩසටහන නිවේදනය කෙරුණි. ‘කොවිඩ්-19’ වසංගතයත් සමඟ ලෝක ආහාර වැඩසටහනේ වගකීම් ද වැඩි වූ අතර වසංගත සමයේදී ලෝක ආහාර වැඩසටහන වෛද්‍ය පහසුකම් සැපයීමේ කටයුතුවලද නිරත විය. “බොහෝ යුද ගැටුම්, දේශගුණික විපර්යාස, දේශපාලන සහ යුද උපකරණ හේතුවෙන් පුළුල් ව ව්‍යාප්ත වූ කුසගින්න සහ ගෝලීය වසංගතය හේතුවෙන් මිලියන 270කට ආසන්න පිරිසක් හාමත් වේවි” යැයි නොබෙල් පදක්කම සහ ඩිප්ලෝමාව ලබාගනිමින් පැවැසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහට අනුව ලෝක ජනගහනයෙන් කොපමණ පිරිසක් හාමතට පත්වීමේ අවදානමක් ඇතිද?
{ "answer_start": [ 14 ], "text": [ "මිලියන 270කට ආසන්න පිරිසක්" ] }
b7576a0e-874c-489d-a5ce-7906a57cea48
නිතරම සමාජජාලා ඔස්සේ සිය රසික පිරිස් සමග තොරතුරු හුවමාරු කරගන්නියක් ලෙස ප්‍රසිද්ධ ජනප්‍රිය හින්දි සිනමා නිළි ශිල්පා ෂෙට්ටිගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමට මීට දින කිහිපයකට පෙර මිලියන 19ක රසික පිරිසක් එකතු වී ඇතැයි ඇය පවසයි. ඒ පිළිබඳව තමන් දැඩි ලෙස සතුටට පත්වෙන බව පවසන ශිල්පා සිය රසික පිරිස් වෙත විඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් සිය ස්තුතිය පිරි නමා ඇත. මේ වනවිට දෙදෙරු මවක් වන ශිල්පා බොලිවුඩ් සිනමාවෙන් තාවකාලිව ඈත්වද සිටියි.
බොලිවුඩ් සිනමාවෙන් තාවකාලිව ඈත්ව සිටින්නේ කවුද?
{ "answer_start": [ 371 ], "text": [ "ශිල්පා" ] }
bca997cf-2fdb-4b82-9422-7757fd169446
එම විමර්ශනවලට සහාය දක්වමින් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ව්‍යවස්ථා අධිකරණය සූමාට දන්වා තිබුණි. කෙසේ නමුත් සූමා අධිකරණය හමුවේ පෙනී සිට නැත. අධිකරණය හමුවේ පෙනී නොසිටීමෙන්, අධිකරණයට අපහාස කළේ යැයි දකුණු අප්‍රිකා ව්‍යවස්ථා අධිකරණය, සූමාට මාස 15 ක සිරදඩුවම් නියම කළේය. දින 5 ක් ඇතුළත පොලිසියට බාර වන ලෙසත් එසේ නොකළොත් සූමා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කළ යුතු බවත් අධිකරණය නියෝග කර තිබුණි. 79 හැවිරිදි සූමා, දකුණු අප්‍රිකාවේ 4 වැනි ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ ජනාධිපතිවරයාය. අප්‍රිකා ජාතික කවුන්සිලයට නායකත්වය දෙමින් 2009 ජනාධිපතිවරණයෙන් ජයගත් සූමා, 2018 පෙබරවාරි 14 වැනිදා තෙක් ජනාධිපති ධුරය හෙබවීය.
විමර්ශනවලට සහාය දක්වමින් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සූමාට දන්වා තිබුණේ කවුරුන් විසින්ද?
{ "answer_start": [ 195 ], "text": [ "දකුණු අප්‍රිකා ව්‍යවස්ථා අධිකරණය" ] }
b6048a30-b692-4272-8ab3-ce0b51828ae9
සතියේ සෑම දිනකම පහේ දෙස්-විදෙස් සංචාරයෝ මෙම ඉසව්වේ සැරි සරති. සමහර අවස්ථාවලදී වනයේ සැරි සැරීමට අවශ්‍ය වන සෆාරි ජීප් රථ ලබාගැනීමට බෝහෝ වෙලා රැදී සිටීමටද සිදුවේ. මීගමුව, කල්පිටිය වැනි ප්‍රදේශන්හි සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන හෙයින් ත්‍රාසය කැටිවූ වනගත චාරිකාවක අත්දැකීම ලබාගැනීමටද සංචාරකයන් මෙම ඉසව්වට පැමිණෙති. ඔබ මෙහි යන්නේනම් ඔබ රැගෙන යන පොලිතීන්, ප්ලාස්ටික් ද්‍රව්‍ය වනාන්තරය තුළ නොදැමීමට වග බලා ගන්න. එමෙන්ම සත්වයෙක් දුටු විට කෑ කෝ ගැසීමකින් තොරව ඔවුන්ව නිරීක්ෂනය කරන්න. පරිසරයට සහ සතුන්ට හානියක් නොවන අයුරින් හැසිරෙන්න. සංචාරක බංගලාවන්හී නවාතැන් ගන්නේ නම් එහි යන්නට මත්තෙන් බත්තරමුල්ලේ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට ගොස් ඊට අදාල වෙන්කරවා ගැනීම් සිදුකරගන්න. විශේෂයෙන් මාර්ගෝපදේශකයන්ගේ බහට අවනත වී විනීත ලෙස හැසීරීමට කටයුතු කරන්න.
වනයේ සැරිසැරීමට ගිය පසු බොහෝ වේලා සිටීමට සිදුවන්නේ කුමක් ලබාගැනීමටද?
{ "answer_start": [ 105 ], "text": [ "සෆාරි ජීප් රථ ලබාගැනීමට" ] }
f4c123d5-7084-4ac4-b94b-82f899637909
1942 වර්ෂයේ දී ගිලී ගිය නෞකාවක් බැවින් එය පුරාවිද්‍යා නීතිරීති අනුව තීන්දු තීරණගත හැකි දෙයක් නොවේ. එබැවින් නැව යළි ගිල්වීමට පෙර එහි මිනුම් කටයුතු සහ අධ්‍යයන කාර්යයන්ට මුහුදු පුරාවිද්‍යා ඒකකය සම්බන්ධ වී නැත. ඔහු පවසන්නේ නැව යළිත් ගිල්වීමෙන් පසු මාස හයකින් පමණ පසු එම ස්ථානය පරීක්‍ෂා කළ ද මසුන් ඇතුළු මුහුදු ජීවීන් බහුලව දක්නට නොලැබුණු බවයි. නමුත් වසරකට වැඩි කාලයකට පසු යළි එතැන අධ්‍යයනය කිරීමේ දී නැවේ බඳේ පවා කොරල්පර වැඩෙන්නට පටන්ගෙන තිබූ බවත් මසුන් ඇතුළු මුහුදු ජීවීන් අතිවිශාල ප්‍රමාණයක් ගිලු‍ණ නැව තම වාස භූමිය කරගෙන සිටින බවත් ඔහු පවසයි. මේ නිසා සගායින් නැව අනාගතයේ මුහුදු පුරාවිද්‍යාඥයන්ට ඉතා සුදුසු පරීක්‍ෂණ ස්ථානයක් වන අතර දෙස් විදෙස් සංචාරකයන්ගේ තෝතැන්නක් වනු ඇත.
ගිලුණු නැව වාස භුමිය කර ගත්තේ කවුද ?
{ "answer_start": [ 456 ], "text": [ "මුහුදු ජීවීන් අතිවිශාල ප්‍රමාණයක්" ] }
51fd1ac1-62cf-4f94-b1eb-5375d33e3e9e
හිස ගිනිගත් හේ වෙල් යායන් වතුපිටි හැමතැන ඇවිද සොයා බැලුවද ගොන් බාන හමුවූයේ නැත. ඉක්බිති ලද හෝඩුවාවකට අනුව තවත් මිතුරකුත් සමඟ ඔහු අල්ලපු ගම්මානය දෙසට ගියේය. මැදියම් දහවල වන තුරුත් මඟතොට විමසමින් රස්තියාදු වූ නමුත් ප්‍රතිඵලයක් නොවූයෙන් වේදනාවටත් කෝපයටත් පත් ඔහු තම පවුලේ බඩවියත රැකදුන් ඒ අහිංසක සත්ත්වයන් සොරාගත් අයට ශාප කරමින් තවදුරටත් ඔබමොබ ඇවිදින්නට විය. මේ වනවිට හිතේ වේදනාව නිසාම ඔහු මත්පැන් පානය කර තිබුණු බවටද වාර්තා වෙයි. කෙසේ හෝ අතරමගදී ගම්මුන් සමඟ බහින් බස් වීමක් ඇති වී තිබේ. ගම්මාන දෙකක ජීවත් වුවද මානව නීතියෙන් පමණක් බෙදා වෙන් කරදුන් එකම කුඹුරු යායක් අස්වද්දා ජීවත් වූ මේ දෙගම් වැසියන් අතරෙහි එකිනෙකා හා දැන හැඳුනුම්කම් පැවැතියෝය. ඒ නිසාම වේදනාවෙන් කෑගසන සිවනාදන්ගේ හිත සනසා ඔහු ආපහු ගමට හරවා යවන්නට වැඩිහිටියන් කීපදෙනෙක් සමත් වූහ.
අතරමගදී බහින්බස් වීමක් ඇති වූයේ කා සමගද?
{ "answer_start": [ 444 ], "text": [ "ගම්මුන් සමඟ" ] }
751c0e49-bc44-439b-8bfd-6cd676db8e21
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නැතැයි බෝ නොවන රෝග පිළිබඳ එරට ප්‍රමුඛතම විශේෂඥයා ලෙස සැලකෙන වෛද්‍ය ඇන්තනි ෆවුචි අද පැවැසීය. නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා සොයාගත් එන්නත මේ වනවිට සංවර්ධනය කෙරෙමින් තිබෙන බැවින් ජාතික වශයෙන් රට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නැතැයි හෙතෙම කීය. සිය එන්නත සියයට 90 කින් පලදායී යැයි ෆයිසර් සමාගම මේ සතිය මුලදී නිවේදනය කළ අතර ලබන වසරේ අප්‍රේල් හෝ මැයි හෝ මාස වනවිට ඇමෙරිකානුවන්ට එන්නත ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ඔහු කීවේය. ඒ.බී.සී. පුවත් නාලිකාව කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් වෛද්‍ය ෆවුචි එම කරුණු සඳහන් කළේය. දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වැඩි වීමත් සමඟ මුළු රටටම බලපැවැත්වෙන පරිදි අගුළු දැමීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇත්දැයි ඒ.බී.සී. පුවත් නාලිකාවේ රොබින් රොබට්ස් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කීය. එහෙම කරන්න වුවමනා වෙන එකක් නැහැ. ඇත්තටම අගුළු දමන්න අවශ්‍ය නැහැ. අගුළු නොදමා අපට මේක කරගන්න පුළුවන්. ඇත්තටම පුළුවන්. යැයි වෛද්‍ය ෆවුචි කීය. ඇමෙරිකාවේ ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය ඇන්තනි ෆවුචි ය. හෙතෙම 1984 වසරේ සිට එම ධුරය හොබවන අතර එම ආයතනය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනයේ අනුබද්ධ ආයතනවලින් එකකි. නව කොරෝනා වයිරසය හේතුවෙන් විඩාවට පත්ව පීඩා විඳින පිරිසට කුමක් කියන්නේ දැයි විමසූ විට වෛද්‍ය ෆවුචි මෙසේ කීය. අපිට ළඟ ළඟම උදව් එනවා. එන්නත් විශාල සහ ධනාත්මක බලපෑමක් කරාවි. මේ අතර ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව බදාදා දිනයේදී ඇමෙරිකාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 144,133 ක් විය. එය මේ දක්වා ගෙවුණු කාලයේදී ඇමෙරිකාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ද වේ.
ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව බදාදා දිනයේදී ඇමෙරිකාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන කීයද?
{ "answer_start": [ 1460 ], "text": [ "144,133 ක්" ] }
2cfbe646-882e-494b-8bd5-c980829f8a78
එම ඓතිහාසික ස්ථානය කාලයෙන් කාලයට විවිධ රජවරුන් යටතේ පැවතුණු අතර නව වටිනාකමක් එක්කරදී ඇත්තේ ක්‍රි.පු 273-232 කාලයේ රජකළ අශෝක අධිරාජ්‍යයා විසිනි. එනම් දිග්විජය අනුගමනය කරමින් මිනිස් සංහාරයක් සිදුකළ අශෝක රජු කාලිංග යුද්ධයේ භීතිය දැක කම්පාවට පත්වූවේය. උඩුමහලේ සිට භයානක මිනිස් සංහාරය පිළිබඳ කල්පනා කරමින් පසුතැවිලි විය. එවන් වූ මොහොතක ඇස ගැටුණු කසාවත් හැඳගත් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැක පැහැදී බණ අසා දිග්විජය අතහැර ධර්ම විජය ප්‍රතිපත්තිය වැළඳගත්තේය. ඉන්පසු සිය දියණිය හා පුතණුවන් ශාසනයට පූජාකර වෙහෙර විහාර අසූහාර දහසක් ඉදිකළේය. මෙම ආගමික සංවර්ධනයේදී නිග්‍රෝධ හිමියන් ගත් මගෙහි නිර්මාතෘවරයාණන් වහන්සේගේ යටගියාව පිළිබදව ගවේෂණය කළේය. එහිදී බෞද්ධයන් දැක වැඳපුදාගන්නා ලුම්බිණිය පිළිබද දැනගන්න ලැබුණු අතර එය නැවතත් සංවර්ධනය කළ පූජා භූමියක් බවට පත් කළේය. වන්දනීය ස්ථානයක් කළ එහි ස්ථම්භයක් පිහිටුවා එහි වැදගත් කරුණු සටහන් කළේය.
කාලිංග යුද්ධයේ භීතිය දැක කම්පාවට පත් වූයේ කවුද?
{ "answer_start": [ 197 ], "text": [ "අශෝක රජු" ] }
3fc83966-a5c5-42e0-b7f3-998d11477bb5
ගුරුකම් බලයත්, බුද්ධ බලයත් එකිනෙක පටලවා නොගත් බුද්ධ බලයට මුල් තැන් දුන් මහා යතිවරයකු ලෙසින් ප්‍රසිද්ධ බිහිරි හාමුදුරුවන් ගුරුකම් ආරම්භයේදීත් අවසානයේදීත් බුද්ධ විරිතෙන් කටයුතු කළ භික්ෂූන් වහන්සේ නමක්. ගුරුකම අවශ්‍ය තැනට ගුරුකමත් බුද්ධ ශක්තිය අවශ්‍ය තැනට බුද්ධ ශක්තියත් යෙද වූ උන්වහන්සේ ගුරුකම හේතුවෙන් බුද්ධ ශක්තිය යටපත් කරන්නට ඉඩ නොතැබූ තෙර නමක්. මේ එම කතාවයි. මේ ගුරුකම් කන්ද එක් පැත්තක් මායිම් වනුයේ රක්වාන කඳු පංතියයි. අනෙක් පැත්ත මායිම් වනුයේ පන්තිල් පත්තුවටයි. මේ කන්ද ආරක්ෂිතයි. වන පෙත් දෙකකින් එක් පැත්තක සිංහරාජ වනගහනයයි. අනෙක් පැත්තෙන් ශ්‍රී පාද වනගහනයයි. සිංහරාජ කියන්නේ ජෛව විවිධත්වයෙ තිඹිරි ගෙයයි. ශ්‍රී පාද කියන්නේ බුද්ධ ශක්තියෙ තිඹිරිගෙය. මේ සිදු වීමෙන් කියන්නේ ගුරුකම් කන්දේ තියෙන හාස්කම්වලට ශක්තිය සැපයෙන්නේ ජෛව විවිධත්වයෙන් සහ තෙරුවණේ බලයෙන් කියන එක.
ජෛව විවිධත්වයේ තිඹිරි ගෙය වන්නේ කුමන වනාන්තරයද?
{ "answer_start": [ 565 ], "text": [ "සිංහරාජ" ] }
c6e635a7-90a0-4d5e-bfe3-48099b939390
ඉහළින් කැරැකෙමින් සිටින මෝරුන් ටිකෙන් ටික නොසන්සුන් වෙයි. අවසන් ජවනිකාව රඟ දැක්වීමට නියමිත බව උන්ට ඉවෙන් මෙන් දැනෙයි. ගෲපර් මාළු අම්මලා සහ තාත්තලා බලා සිටින්නේ උදම් දිය රළ නැගෙන තෙක්ය. උදම් රළ සමඟ සාගරයේ සුළු කැළැඹීමක් වෙයි. බිත්තර පිටකිරීමට සුදුසු වෙලාව එය බව ගැහැනු ගෲපර් මාළුවන් දනී. එපමණක් නොව, සිටින තැනින් සෙලවුණොත්, මෝරුන් තමන් ගොදුරු කර ගන්නා බව ද ගැහැනු මාළුවන් පමණක් නොව පිරිමි මාළුවන් ද හොඳින් දනී. එසේ වුවත්, අනාගත පරම්පරාවේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිත පූජා කළ යුතු වෙයි. බිත්තර පිට කරමින් ගැහැනු ගෲපර් මාළුවන් වේගයෙන් ඉහළට පිහිනයි. උන් පිහිනා යන්නේ මෝරුන් වෙතටය. ගැහැනු මාළුවන් ඉහළට යන්නේ බිත්තර, වළාකුළු මෙන් වතුරට විදිමිනි. ඒ මොහොතේම, බිත්තර සරු කිරීමට බලාගෙන සිටින පිරිමි ගෲපරයන්, ගැහැනු මාළුවන් පසුපස හඹා යෑම අරඹයි. ගැහැනු මසුන් බිත්තර විදිද්දී, එම අවස්ථාවේදීම, පිරිමි මසුන් ශුක්‍රාණු පිට කරයි. පැටවුන් නිර්මාණය වීමට බිත්තර සාරවත් වෙද්දී, ගෲපර් අම්මලා සහ තාත්තලා මෝරුන්ගේ ගොදුරු බවට පත් වෙයි. මෝරුන්, ගෲපර් දඩයම අරඹයි. ගෲපර් මාළුවන් මෙසේ පැටවුන් බිහි කරන්නේ මිය යන්න සිදුවන බව දැන දැනය. මෝරුන්ට ගොදුරු නොවී බේරෙන්නේ ගෲපර් මාළුවන් දහසකගෙන් දෙදෙනකු හෝ තුන් දෙනකු පමණි.
උදම් දිය රළ නැගෙන තෙක් බලා සිටින්නේ කව්ද?
{ "answer_start": [ 118 ], "text": [ "ගෲපර් මාළු අම්මලා සහ තාත්තලා" ] }
8e0f6f7a-ae06-4e3b-9b5b-aebd29e432a8
මෙම දෙකටම මැදිව ගල්පර සහ සම්මත ජල ප්‍රවාහය පවතියි. එය තරමක අඩු ජල කඳක් ගෙන එන අතර මෙම මාර්ග ත්‍රිත්වයෙන්ම පැමිණෙන ජලකඳ පාලම යටින් එකතු වී ගලාගෙන යන්නේ ඉතා වේගයෙනි. පාලම යට දෙපස රූස්ස ගස් පිහිටා ඇති අතර ඒවායේ උස පාලමට වඩා පහළින් තිබුණි. මෙම නව ව්‍යාපෘතිය මගින් ඉහතින් කියන ලද ගොඩනැගිල්ලේ අඳින ලද රේඛාව මට්ටමට මෙම සමස්ත ප්‍රදේශයම වැසෙන පරිදි රූස්ස ගස් යටකරගෙන ජල කඳ වැඩිකිරීමට නියමිතය. එය සිදුවන්නේ ඉහළින් පිහිටි ජලාශ මගින් පිටකරන ජල මට්ටමෙන් සහ කෙසෙල්ගමු ඔය පොල්පිටියෙන් ස්වභාවිකව මස්කෙළිය ඔය හා සම්බන්ධවන ක්‍රමය වෙනස් කිරීම මගිනි.
කෙසෙල්ගමු ඔය ස්වභාවිකව මස්කෙළිය ඔය හා සම්බන්ධ වන්නේ කොහෙන්ද?
{ "answer_start": [ 457 ], "text": [ "පොල්පිටියෙන්" ] }
726a534d-5a4d-4c6b-94a6-a066913302c4
එසේම එක පැත්තකින් සැණකෙළි බිමක් සේ නානාවර්ණ විදුලි බුබුලුවලින් ආලෝකමත් වෙද්දී නැටුම් ගැයුම් වැයුම්වලින් සවන් පිනවෙද්දී කොළඹ කාගෙත් ඇස් යොමු නොවූ එහෙත් කවුරුත් දන්නා අඳුරු පැතිකඩක්ද තිබේ. ඒ වතු ජනතාවගේ ජීවිත පිළිබඳවය. ඔවුන්ගෙන් ඇතැමෙක් ජීවත් වෙන්නේ මේ වෙළෙඳ නගරයේ මුට්ට කරගැසීමෙනි. තවත් කෙනෙක් කුමක් හෝ වෙළෙඳාමක් කරති. තවත් කෙනෙක් නීතියට පටහැනි ජාවාරම්වල යෙදෙති. තවත් කෙනෙක් කඩයක අත්උදව් දෙති. තවත් කෙනෙක් කුමක් හෝ කුලී සේවාවක යෙදෙති. ඔවුන්ට ජීවත්වීමට තිබෙන්නේ පුංචි ඉඩකඩක් සහිත නිවාසය. එයින් බොහොමයක් නිවාස යැයි පැවසිය නොහැකි පැල්පත්ය. එවන් පුංචි ඉඩක ඇතැම් විට ආච්චි අම්මා සීයාගේ සිට මිණිබිරියගේ පවුලද ආදී වශයෙන් පවුල් කීපයක් ජීවත්වෙති. ඒ නිසා ඔවුන්ට නිදාගන්නටවත් නිසි ඉඩකඩක් එම නිවාසවල නැත. ඒ නිසා ඔවුන්ගෙන් කොටසක් වේලාසන නිදාගන්නා අතර අනෙක් පිරිස නිවස ඉදිරිපිට පාරට එකතු වී අසල්වැසියන්ද සමග මධ්‍යම රාත්‍රී වන තුරු ක්‍රිකට් ක්‍රිඩාවේ යෙදීම හෝ වෙනත් යම් ක්‍රීඩාවක යෙදෙති. ඒ නිසා වතු නිවාස ආශ්‍රිතවද දිවා රාත්‍රී වෙනසක් එදා දකින්නට තිබුණේ නැත.
නානාවර්ණ විදුලි බුබුලුවලින් ආලෝකමත් වීම දිස් වන්නේ කුමක් සේද?
{ "answer_start": [ 18 ], "text": [ "සැණකෙළි බිමක් සේ" ] }
4f783816-9166-4373-be9e-b2c4cfea94d6
නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් සතුන් බිලියන භාගයක් පමණ ගින්නට ගොදුරු වී ඇතැයි කියැවේ. අනෙකුත් ප්‍රාන්තවල සතුන් මිලියන ගණනක් මිය ගොස් ඇතැයි වාර්තා වේ. ගින්නෙන් යන එන මං අහිමි වී සිටින සතුන්ට වාසස්ථාන සැකසීම, ඔවුනට ආහාර සැපයීම ආදී කටයුතු සඳහා මෙම අරමුදල් යොදාගැනීමට අපේක්ෂිතයි. පුංචි ඕවන්ගේ පියා හැදී වැඩී තිබෙන්නේ සිඩ්නි නගරයේදී වීමත්, ඕවන්ගේ කුඩා වියේදී ඔහුද මාස කිහිපයක් එහි ගත කිරීමත් හේතුවෙන් ඔහුට ඕස්ට්‍රේලියාව සමඟ බැඳියාවක් ඇතැයි ඔහුගේ මව කියා සිටින්නීය. ඔහුට නැවත එහි යන්නටත් වුවමනා වී ඇත. ඒ සඳහා මේ සුදුසු අවස්ථාව නොවෙන බව කියා ඔහුගේ මව ඔහු නවතාගෙන සිටින්නේ අසීරුවෙනි.
නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් කොපමණ ප්‍රමාණයක් සතුන් ගින්නට ගොදුරු උනාද?
{ "answer_start": [ 34 ], "text": [ "සතුන් බිලියන භාගයක් පමණ" ] }
41db70e3-9c69-4b25-b18c-a051d29db3d2
ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 72ක් උපයාගත් රාණි මුඛර්ජිගේ ‘හිචිකි’ චිත්‍රපටය මේ වනවිට චිනයේ අති සාර්ථකව ප්‍රදර්ශනය වෙමින් පවතින චිත්‍රපටයක් බවට පත්ව ඇත. දැනට සිය ආදායම් උපයා ගැනීම ඉන්දීය රුපියල් කෝටි 235ක් දක්වා වැඩි කරගෙන ඇති මෙම චිත්‍රපටය මේ වසරේ වැඩිම ආදායමක් උපයාගත් බොලිවුඩ් චිත්‍රපට අතර, හයවැනි තැනට පත්ව ඇත.ඉන්දීය රුපියල් කෝටි 12ක් වැනි අඩු වියදමකින් තැනුණ මෙම චිත්‍රපටයේ ලාභ ලැබීම ප්‍රතිශතය සියයට 427ක් ලෙස සටහන් වේ. මෙම චිත්‍රපටය ඉන්දියාව හා චීනයට අමතරව රුසියාව, ස්විට්සර්ලන්තයේදිද ප්‍රදර්ශනය විය.
මෙම චිත්‍රපටයේ ලාභ ලැබීම ප්‍රතිශතය කීයද?
{ "answer_start": [ 405 ], "text": [ "සියයට 427ක්" ] }
a8baab65-a5d3-4bde-b0bb-0080c4ed6453
සර් සොලමන් ගැන ඇති ප්‍රකට මතයක් නම් එතුමාගේ දේහය තැන්පත් කොට ඇත්තේ කෙලින් අතට නුවර පාර දෙය බලා සිටින ලෙස බවය. මේ සොහොන් කොත එතුමා ගොඩනගා ඇත්තේ මියයාමට දහතුන් වසරකට පෙරදීය. මෙය සත්‍යයක් ලෙස අදහන අය අදත් සිටින අතර අවමංගල්‍යයට සහභාගි වූවකුගෙන් සත්‍ය දැනගත හැකිය. සර් සොලමන් උපන්නේත් මියගියේත් යටත් විජිත වැසියකු ලෙසය. ඔහු සිංහල ජනතාව සදා වීරයකු වන්නේ ඔහු ජීවත්ව සිටියදීම කොළඹ හතේ ඔහුගේ පිළිරුවක් යටත් විජිත ආණ්ඩුව ගොඩනැගිම නිසාය. හිරු නොබසින අධිරාජ්‍යයේ මහ රාජනි වික්ටෝරියා රැජින පවා සර් සොලමන්ට ගෞරව සම්මාන දැක් වූ බව ද බකිංහැම් මාලිගයේ එතුමන්ට වෙන් කළ කාමරයක් වූ බවද කලක් ප්‍රකටව පැවති කරුණකි. එහෙත් එතුමාගේ අභාවයෙන් පසු මේ කුටියට සිදු වූ දෙයක් ගැන කිසිදු ලිඛිත සටහනක් නැත.
සර් සොලමන් ගේ දේහය තැන්පත් කොට තිබුනේ කෙසේද?
{ "answer_start": [ 67 ], "text": [ "කෙලින් අතට නුවර පාර දෙය බලා සිටින ලෙස" ] }
8934f9cd-0af8-465e-82da-56cb3acd5b20
වතුපාලක එච්.ඩී. තෝමස් යටතේ පුහුණුව ලැබුවේය. එහෙත් ටික කලකදී වතු සේවය ඔහුට එපාවිය. එයට හේතුව වතු කම්කරුවන්ට කරන අඩන්තේට්ටම්ය. අකාරුණික සැලකීම්ය. වතුපාලකයා වත්තේ ලැයිම් කාමරවලට ගොස් වැඩට එන්නට යැයි කම්කරුවන්ට බලකළේය. තරවටු කළේය. එහෙත් ඔවුන් මැලේරියාවෙන් දරුණු ලෙස රෝගාතුර වී සිටියෝය. ඔවුන්ට ආහාරපාන බෙහෙත් හේත් පවා තිබුණේ නැත. මැලේරියාව උත්සන්න වීම නිසා ඔවුන්ට ඇවිදගැනීමටවත් නොහැකිව තිබුණි. එහෙත් පාලකයා ඒ ගැන තැකුවේ නැත. වතු පාසල්වල ළමයින්ටත් ඔහු බලකළේය. ලිවීම, කියවීමට වඩා තේදළු කැඩීම හොඳ බව ඔහු කීවේය. ඔහු ක්‍රියා කළේ ඉතාම අමානුෂික ලෙසටය.
එච්.ඩී.තෝමස් යටතේ පුහුණුව ලැබුවේ කවුද?
{ "answer_start": [ 0 ], "text": [ "වතුපාලක" ] }
d08c95b3-af6c-4142-864c-b0aa34f6a938
වසර 130 කට පමණ පෙර එනම් 1890 පමණ වන විට මෙරටට අවශ්‍ය කරන අභ්‍යාස පොත් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කර ඇත. ලිවීම සඳහා උපයෝගී කරගත් කටුපෑන් සහ තීන්ත එංගලන්තයෙන් ආනයනය කර ඇත. අභ්‍යාස පොත්වල කටු පෑනෙන් ලියන ලද සටහන් වසර 130 තරම් කාලයක් ගත වුවද තවමත් ඉතා හොඳින් සුරැකිව පවතින අයුරු එලියස් ද සිල්වා මහතාගේ ලිපි ලේඛන පරික්ෂා කිරීමේදී අපට දැකගත හැකි විය. 1959 පමණ වන විට දරුවන්ගේ ඉඳුල් කටගෑම පවා උත්සවයක් ලෙස මෙරට තුළ පවත්වා තිබුණි. 1959 මාර්තු මස 23 වන දිනය සඳහන් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් මුද්‍රණය කර ඇති ඒ සඳහා වන ආරාධනා පත්‍රයක මංගල මුඛ පත් කිරීමේ ප්‍රීතිය උදෙසා පැවැත්වෙන උත්සවයට සවස 02 දෙකේ සිට රාත්‍රි 10 දක්වා පවත්වන ප්‍රිය උළෙලට පැමිණීම ගෞරවයෙන් ආපේක්ෂා කරන බවද සඳහන් කර ඇත.
1890දී අභ්‍යාස පොත් ආනයනය කලේ කුමන රටෙන්ද?
{ "answer_start": [ 70 ], "text": [ "ඕස්ට්‍රේලියාවෙන්" ] }
b1a5b681-d51b-4c66-9616-816c1d2d8ff4
උදේ දීප්තිමත්ව පායා තිබූ හිරු පිටියේ දෙවිඳුගේ බලපෑමෙන් මොහොතින් අඳුරු වී අහස කළු වළාකුලක් පිරී තද අන්ධකාරයක් මැද ලේවැල්ල තොටුපළේදී පෘතුගීසි හමුදාව වට කළේය. දැඩි අන්ධකාරය මැද පෘතුගීසීන්ට කිසිවක් කළ නොහැකි විය. ඉතා කෙටි කලක් තුළ සිංහල හේවායින් අතින් පෘතුගීසි සේනාව මුළුමනින්ම විනාශ විය. ලේවැල්ල තොටුපල දෙපස පැතිර තිබූ සුදු වැලිතලාව පෘතුගීසි ලෙයින් තද රතු පාට විය. ඒ නිසා මේ තොටුපළේ නම ඉන්පසු ලේවැල්ල නමින් වෙනස්ව පැතිර ගියේය. ඉතා ප්‍රකට ගන්නෝරු සටන දෙවන රාජසිංහ කුමරු දියෝගුද මෙලෝ කැස්ත්‍රෝ පරදවා මරා ජය ගත්තේ 1638 දීය. ඊට පෙර දෙවන රාජසිංහ කුමරු යුද්ධයට පෙරහුරුව ලැබුවේ අඹතැන්න හා ලේවැල්ල සටන්වලදී ගන්නෝරු සටනට කුමරු පුහුණුව ලබා ගත්තේය. මහනුවර කටුගස්තොට සිට අඹතැන්න පිඟාඔය ඉවුරේ පිහිටා ඇත. එහෙත් අඹතැන්න සටන සිදුවූ වර්ෂය පැහැදිලි නැත. අඹතැන්නට පෙර ලේවැල්ල සටන සිදුවිය. ඒ 1635 අවට සිදුවූ බව සිතිය හැකිය.
ගන්නෝරු සටන දෙවන රාජසිංහ කුමරු දියෝගුද මෙලෝ කැස්ත්‍රෝ පරදවා මරා ජය ගත්තේ කුමන වර්ෂයේද?
{ "answer_start": [ 508 ], "text": [ "1638" ] }
953c0b85-2bc7-49fb-b996-bff18c715676
එසේම එක පැත්තකින් සැණකෙළි බිමක් සේ නානාවර්ණ විදුලි බුබුලුවලින් ආලෝකමත් වෙද්දී නැටුම් ගැයුම් වැයුම්වලින් සවන් පිනවෙද්දී කොළඹ කාගෙත් ඇස් යොමු නොවූ එහෙත් කවුරුත් දන්නා අඳුරු පැතිකඩක්ද තිබේ. ඒ වතු ජනතාවගේ ජීවිත පිළිබඳවය. ඔවුන්ගෙන් ඇතැමෙක් ජීවත් වෙන්නේ මේ වෙළෙඳ නගරයේ මුට්ට කරගැසීමෙනි. තවත් කෙනෙක් කුමක් හෝ වෙළෙඳාමක් කරති. තවත් කෙනෙක් නීතියට පටහැනි ජාවාරම්වල යෙදෙති. තවත් කෙනෙක් කඩයක අත්උදව් දෙති. තවත් කෙනෙක් කුමක් හෝ කුලී සේවාවක යෙදෙති. ඔවුන්ට ජීවත්වීමට තිබෙන්නේ පුංචි ඉඩකඩක් සහිත නිවාසය. එයින් බොහොමයක් නිවාස යැයි පැවසිය නොහැකි පැල්පත්ය. එවන් පුංචි ඉඩක ඇතැම් විට ආච්චි අම්මා සීයාගේ සිට මිණිබිරියගේ පවුලද ආදී වශයෙන් පවුල් කීපයක් ජීවත්වෙති. ඒ නිසා ඔවුන්ට නිදාගන්නටවත් නිසි ඉඩකඩක් එම නිවාසවල නැත. ඒ නිසා ඔවුන්ගෙන් කොටසක් වේලාසන නිදාගන්නා අතර අනෙක් පිරිස නිවස ඉදිරිපිට පාරට එකතු වී අසල්වැසියන්ද සමග මධ්‍යම රාත්‍රී වන තුරු ක්‍රිකට් ක්‍රිඩාවේ යෙදීම හෝ වෙනත් යම් ක්‍රීඩාවක යෙදෙති. ඒ නිසා වතු නිවාස ආශ්‍රිතවද දිවා රාත්‍රී වෙනසක් එදා දකින්නට තිබුණේ නැත.
කොළඹ කාගෙත් ඇස් යොමු නොවූ එහෙත් කවුරුත් දන්නා අඳුරු පැතිකඩක් වන්නේ කුමක්ද?
{ "answer_start": [ 189 ], "text": [ "වතු ජනතාවගේ ජීවිත" ] }
5eb2b498-3e6b-488d-a0ec-a80f8b507064
සැබැවින්ම මේ ඉඩම් කොටස අක්කර 68කි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යුද සමයේ මේ ඉඩම් ආරක්ෂා කිරීමට තිබූ ගැටලුව නිසා වන ආඥාපනතේ 67 වන වගන්තියෙන් එහි ආරක්‍ෂාව යුද හමුදාව වෙත පවරා තිබුණි. නිදහස් කිරීමට සූදානම්ව තිබුණේ ඒ ඉඩම්ය. මීට වසර දහයකට පෙර අම්පාර දිසා වන නිලධාරි ලෙස කටයුතු කළ ලලිත් ගමගේ මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඔහු පෙන්නා දුන්නේ මේ කියන පල්ලෙකාඩුව ඉඩම් සම්බන්ධයෙන් රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව කට්ටි සැලසුමක් ද සකස් කර තිබූ බවයි. මේ ආකාරයට ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පානම ශාස්ත්‍රවෙල පන්සලට අයිති ඉඩමක් ඒ ප්‍රදේශයේ හමුදා කඳවුරක් ඉදිකිරීමට අත්පත් කරගෙන තහනම් කලාපයක් කළ පසු පොතුවිල් ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකු විසින් අල්ලා ගත් බවට පානම වැසියෝ චෝදනා කරති. සිංහල ජනතාවට තමන් භුක්ති විඳි ඉඩම්වලට යන්නට ඉඩ නොදී මුස්ලිම් ජනතාවට ඒ ඉඩම් දෙන බව පානම වැසියන්ගේ චෝදනාව විය.
වන ආඥාපනතේ 67 වන වගන්තියෙන් එහි ආරක්‍ෂාව පවරා තිබුනේ කාටද?
{ "answer_start": [ 151 ], "text": [ "යුද හමුදාව වෙත" ] }
5c0e6cf0-c975-4f2f-8b86-f1b5c2587d97
පසුගියදා මේ කැණීම් කළ පුරාවිද්‍යාඥයන් මෙම බිතු සිතුවම්වල ඡායාරූප රාශියක් මාධ්‍ය වෙත මුදා හැරියේය. තද රතුපැහැති පසුබිම් මත ඇඳි සර්පයන් මොනරුන් ඇතුළු කුරුල්ලන් මල් ගස් වැල් මෙන්ම සත්ව රූප ද දේව රූප ද ඊට අයත් වන අතර යාඥා කරන අල්තාරය අසල චිත්‍රවලට සරුබවේ සංකේත හැටියට බිත්තර හා පලතුරු ද ඇතුළත් කර ඇත. පුරාවිද්‍යාඥයන් සඳහන් කරනුයේ මේ සිතුවම්වලින් හෙළිවන්නේ පොම්පෙයි නගරයේ එකල පැවති ධනවතුන්ගේ නිවෙස්වල දෙවියන් ඇදහීමට වෙනම ස්ථාන සකසා ගෙන තිබුණු බවයි. එපමණක් නොව ඒ සිතුවම් ද ඉතා උසස් මට්ටමක පවතින බවයි. පැරණි රෝමයේ ලැරේරියා යනුවෙන් හැඳින්වුණු මෙම කුඩා දේවස්ථාන ධනවතුන්ගේ නිවාසවල ඉදිරි කොටසේ තනා තිබුණු බව පවසන පුරාවිද්‍යාඥයන් මෙය එකල පැවති සුවිශේෂ වූ සමාජ ලක්ෂණයක් යැයි පවසති
චිත්‍ර වලට සරුබවේ සංකේත ලෙස ඇතුළත් කර තිබුණේ මොනවාද?
{ "answer_start": [ 264 ], "text": [ "බිත්තර හා පලතුරු" ] }
9b688430-164e-4416-b2ce-f6e2024803f6
ප්‍රේමලාල්ට මරු කැඳවූ මේ තුවාලය සිදුවුණේ කෙසේද? පොලිස් පරික්ෂණවල දී අනාවරණය කරගෙන තිබු තොරතුරු එහිදී වැදගත් විය. එනම් රිය අනතුර සිදුවීමට පෙර ප්‍රේමලාල්ට කිසියම් පිරිසක් පහර දී ඇති බවට වූ තොරතුරු පොලිසිය සොයාගෙන තිබිණ. අප පෙර සඳහන් කළ පරිදි ගමේ පිරිසක් සමග ඇතිකරගත් නොමනාපය මත මෙම පහරදීම සිදුකර ඇති බව ද දැනගන්නට ලැබිණ. එහිදී කිසිවෙකු විසින් ප්‍රේමලාල්ට පොල්ලකින් පහර දී ඇති අතර එයින් ඇද වැටී සුළු වේලාවක් එලෙසම සිටි ඔහු යළි නැගිට සිය යතුරුපැදියේ නැගී තමන්ගේ ගමන යාමට පිටත්ව ඇත. ඒ අනුව ප්‍රේමලාල්ගේ මරණය රිය අනතුරෙන් සිදුවූවක් නොව ඉන් පෙර සිදු කළ පහරදීම නිසා හිසට සිදුවූ තුවාලයක් හේතුවෙන් වූ මරණයක් බවට අධිකරණ වෛද්‍යවරයා තීරණය කළේය. ඒ අනුව මෙය මිනීමැරුමකි.
රිය අනතුරට පෙර ප්‍රේමලාල්ට කිසියම් පිරිසක් පහරදී ඇතිබවට වූ තොරතුරු සොයාගත්තේ කවුරුන්ද?
{ "answer_start": [ 195 ], "text": [ "පොලිසිය" ] }
0c246850-cbfa-4032-bcec-15fdc759bacb
මම පද්මසිරි අයියත් එක්ක මහනුවර එම්.ජී. පෙරේරා කලායතනයට ගියා. සංගීතඥ එම්.ජී. පෙරේරා මහතා ඒ කාලයේ සංගීත පන්ති පැවැත්තුවා. පෙරේරා මහත්තයා පන්ති මිතුරන් වූ ආනන්ද හා අසෝකගේ තාත්තා අපි ඒ කාලේ සමූහ ගීත ගායනා කරනවා. සංගීතයට හිත වැටුණා. මව්පියන් මාව නුවර කාර්මික විද්‍යාලයේ ඉංජිනේරු පාඨමාලාවක් හදාරන්න යැව්වා. වසර 1 1/2 ක් විතර පාඨමාලාව හදාරණ කොට ඔන්න කාර්මික විද්‍යාලය වෙන තැනකට ගෙන ගියා. මාස 6 ක් විතර විවේක කාලයක් තිබුණා. මගේ ජීවිතයේ රස්තියාදු යුගය ඒ. අපි යාළුවෝ එක්ක සින්දු කියා කියා ඉන්න කාලේ මේ. මගේ පුංචි අම්මාගේ පුතෙක් හිටිය බන්දුල රණසිංහ කියලා එයාට ගිටාර් වාදනය කරන්න පුළුවන්. මඟුල් ගෙවල්වල අපි සින්දු කිව්වා. ඒ කාලේ මහනුවර ලේක් ක්ලබ් එකේ සංගීත ප්‍රසංග පැවැත්තුවා සෙනසුරාදා ඉරිදා දවස්වල. සී.ටී. ප්‍රනාන්දු, නෙවිල් ප්‍රනාන්දු, ජෝතිපාල ගීත කිව්වේ. සියැක්, ජෙට් ලයන්ස්, මූන්ස්ටෝන් වගේ බෑන්ඩ් වාදනය කරනවා අපි ආසාවෙන් බලන් ඉන්නවා.
ඒ කාලයේ සංගීත පන්ති පැවත්වූයේ කව්ද?
{ "answer_start": [ 61 ], "text": [ "සංගීතඥ එම්.ජී. පෙරේරා මහතා" ] }
c3a6c35b-190b-432e-b9a8-e55a0f9a192f
ඉන්දියාවේ දිල්ලි සුල්තාන් රාජ්‍යය ආරම්භ වූයේ ක්‍රි. ව. 1206දීය. ඔවුහු ඉන්දියානු උප මහද්වීපයේ විශාල භූමි ප්‍රදේශයක පාලනය තමන් වෙත නතු කරගෙන සිටියහ. එහි ආරම්භකයන් වූයේ මම්ලුක් නොහොත් ගූලාම් රාජවංශයයි. ඉන්පසු කල්ජි, තුග්ලක්, සෙයියිඩ් සහ ලෝදි යන රාජවංශිකයෝ වසර 320ක් පුරා ඉන්දියාව පාලනය කළහ. මොංගෝලියානු අධිරාජ්‍යයේ ප්‍රහාරයනට සාර්ථකව මුහුණ දුන් ප්‍රාන්ත රාජ්‍ය අතර ප්‍රමුඛ රාජ්‍යයක් වූයේ දිල්ලි සුල්තාන් රාජ්‍යයයි. දිල්ලි රාජවංශයේ අවසානය සනිටුහන් වූයේ ඇෆ්ගනිස්ථානයේ ලෝදි ගෝත්‍රිකයන් විසින් ආරම්භ කළ ලෝදි රාජවංශයෙනි. බහලුල් ඛාන් ලෝදි විසින් ආරම්භ කෙරුණු එම රාජවංශයේ අවසන් පාලකයා වූයේ ඉබ්‍රාහිම් ලෝදිය.
මොන්ගෝලියානු අධිරාජ්‍යයේ ප්‍රහාර වලට සාර්ථකව මුහුණ දුන් ප්‍රාන්ත රාජ්‍ය කුමක්ද ?
{ "answer_start": [ 385 ], "text": [ "දිල්ලි සුල්තාන්" ] }
e3f3a3c4-9c75-4d69-8b4b-77279794818e
ලංකාවේ ආරක්ෂක දෙවි දේවතා සමූහය අතරින් ප්‍රධාන තැන් ගන්නේ දෙවිවරුන් පස් දෙනෙක්. ඒ විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ, නාථ කියන දෙවිවරු. උපුල්වන් දෙවියන් ගැන තිබෙනවා මත දෙකක්. ඒ උපුල්වන් දෙවියන් විෂ්ණුගේ අවතාරයක්ය යන්න. ඒ වගේම අනෙක් මතය උපුල්වන් විෂ්ණුගේ අවතාරයක් නොවේය යන්න. මේ දෙවිවරු පස් කමිටුව අයත් වෙන්නේ ප්‍රධානීන් හැටියට. දෙවෙනි කොටසට අයත් වෙන දෙවිවරු පොදු ආරක්ෂාව යහපත සලසන දෙවිවරු ලෙසයි හඳුන්වන්නේ. ඒ යටතට ඇතුළත් වෙන්නේ පත්තිනි, දැඩිමුණ්ඩ, දෙවොල් වැනි දෙවිවරු. ඒ අතරට තවත් දෙවිවරුන් කොටසක් සැලකුම් ලබනවා ප්‍රාදේශීය දෙවිවරු ලෙසින්. ඒ මහසෙන්, අයියනායක වැනි දෙවිවරුන් ශාසනභාර දෙවියන් ලෙසින් පුදනු ලබන්නේ කළු දේවතාවා.
දෙවෙනි කොටසට අයත් වෙන පොදු ආරක්ෂාව යහපත සලසන දෙවිවරුන් වන්නේ කවුද?
{ "answer_start": [ 420 ], "text": [ "පත්තිනි, දැඩිමුණ්ඩ, දෙවොල්" ] }
db482686-f1c8-4aaa-9dd8-4d2ca1d50632
අස්ගාරිගේ අතුරුදන්වීමෙන් මාසයකට පසුව, 2007 මාර්තුවේදී තවත් මුල් පෙළ නිලධාරියෙකු එපරිදිම අතුරුදන් විය. අල් කුඩ්ස් ඒකකයේ සේවය කළ ඔහු අමීර් ශිරාසි නම් විය. මේ දෙදෙනාට අමතරව පර්සියානු ගල්ෆ් කලාපයේ අණදෙන නිලධාරී මොහම්මද් සුල්තානිද අතුරුදන් විය. 2009 ජූලි මස න්‍යෂ්ටික විද්‍යාඥයෙකු වූ ෂහ්රාම් අමීරිද රට හැර ගියවුන්ගේ ලැයිස්තුවට එකතු විය. කොම්හි සේවය කළ ඔහු මෙකා වන්දනාවේදී සවුදි අරාබියේදී අතුරුදන් විය. ඔහුට සිදුවූයේ කුමක්දැයි සොයන ලෙස ඉරානයෙන් සවුදියට පණිවිඩය එවනු ලැබිණි. එයින් මාස කිහිපයකට පසුව ඔහු එක්සත් ජනපදයෙන් මතු විය. ඇමෙරිකානු ඩොලර් මිලියන පහක මුදලක්, නව අනන්‍යතාවක් හා ඇරිසෝනා ප්‍රාන්තයේ නව නිවසක් ඔහුට ලැබුණු දේ අතර විය. ඔහු වසර ගණනාවක සිට බටහිර බුද්ධි සේවාවලට ඔත්තු සැපයූ තැනැත්තෙකු බව සී.අයි.ඒ වාර්තාවලින් කියැවිණි.
2007 මාර්තුවේදි අතුරුදහන් වුනේ කව්ද?
{ "answer_start": [ 131 ], "text": [ "අමීර් ශිරාසි" ] }
f1db70b3-1866-45a3-9e59-da74a7612a92
මේ සිද්ධියෙන් පසු “හරක් කටා” ගැන තොරතුරක් සොයාගන්නට නොලැබිණි. ඔහු ඩුබායි රාජ්‍යයට පලාගිය බවට තොරතුරු අනාවරණය වී ඇතැයි බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබූ අවස්ථාවක නැවතත් මොහු ගැන තොරතුරු දිගහැරෙන්නට වූයේ ඉකුත් 19 වැනිදාය. මෙහි තවත් අරුම සිද්ධිය වූයේ මේ කියන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වූයේ මෙරට ප්‍රධාන පෙළේ අපරාධකරුවකුව සිටි “සොත්ති උපාලි” යන අයගේ දියණිය වන පැලවත්ත පාර, නුගේගොඩ පදිංචි ප්‍රසන්තිකා නිර්මලී ද සිටීමය. මෙම සිද්ධියේ දී ප්‍රධාන සැකකරු ලෙස දකුණු තලංගම, බත්තරමුල්ල පදිංචි කුරුප්පුගේ ධනුෂ්ක මදුෂංක මෙන්ඩිස් නොහොත් ‘පොඩී’ සහ ඔහුගේ සගයකු වන කඩුවෙල හේවාගම පදිංචි දිනේෂ් භානුක පෙරේරා යන අය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ ප්‍රසන්තිකා නිර්මලී ද සමගය.
“හරක් කටා” ගැන නැවත තොරතුරු දිග හැරෙන්නට වූයේ කවදාද?
{ "answer_start": [ 206 ], "text": [ "ඉකුත් 19 වැනිදාය" ] }
ad1c69e1-3f0c-45ca-b856-bea204ca589a
මේ වගේ ලොකු ව්‍යාපෘතියක් කරනකොට නිර්මාණාත්මක අභියෝග හා සමාජයෙන් එල්ලවන අභියෝග කියලා වර්ග දෙකක් එල්ල වෙනවා. නිර්මාණාත්මක අභියෝගවලට අපිට මුහුණ දෙන්න පුළුවන්. මේක මගෙ හයවෙනි චිත්‍රපටිය. ඒ නිසා එයට මුහුණ දීමේ අත්දැකීම් හා ශක්තිය මට තියෙනවා. ඒ වගේම ඒ නි්ර්මාණාත්මක අභියෝගවලට මුහුණ දෙන්න දක්ෂ කණ්ඩායමක් හිටියා. කැමරා අධ්‍යක්ෂක, කලා අධ්‍යක්ෂක, තාක්ෂණික ශිල්පීන් යන සියලු දෙනා එකට හිටියා. අපිට ලොකුම අභියෝගය වුණේ විවිධ තලවල පුද්ගලයින්ගෙන් ආ චෝදනා සහ කඩාකප්පල්කාරී ක්‍රියාවන්. මේ වගේ වැඩක් කරනකොට ඒ ගැන අකමැත්තක්, කුහකකමක් හෝ ඊර්ෂ්‍යාවක් ඇතිවන අය එවැනි දේ කරනවා.
පැමිණි ලොකුම අභියෝගය කුමක්ද?
{ "answer_start": [ 433 ], "text": [ "චෝදනා සහ කඩාකප්පල්කාරී ක්‍රියාවන්" ] }
6dd0b821-7067-42ff-b0ff-9b04562f412a
මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර අයත් ප්‍රාන්ත රැසක් ලොක්ඩවුන් කර තිබේ. ඒ ඩෙල්ටා විකෘතිය ආසාදනය වූවන් වාර්තාවීමට පටන් ගෙන ඇති බැවිනි. ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 915 ක් වාර්තා වූ බවත්, ඕස්ට්‍රේලියාවෙන් දෛනිකව කොරෝනා ආසාදිතයන් 900 පසු කළ පළමු අවස්ථාව මෙය බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබේ. ලොක්ඩවුන් සීමා නිසා ජනතාවට සහ ව්‍යාපාරවලටත් රටේ ආර්ථිකයටත් සිදුවී ඇති සහ සිදුවන බලපෑම තමන් හොඳින් දන්නා බවත්, මේ මොහොතේ ලොක්ඩවුන් කිරීම අනිවාර්යය බවත්, ඉදිරියේ දී නව ක්‍රමවේදයකට හැඩ ගැසීමට කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් කොපමණ ප්‍රමාණයක් වාර්තා වුනිද?
{ "answer_start": [ 157 ], "text": [ "නව ආසාදිතයන් 915 ක්" ] }
7e600bbe-65e8-4deb-9805-2d75f722e6d0
ග්‍රහ මණ්ඩලයේ දීප්තිමත් තාරකාවිය වශයෙන් හඳුන්වනු ලබන සිකුරු මිනිසාගේ ලෞකික සැප සම්පත් දියුණුව උදෙසා වඩාත් ළෙන්ගතු ග්‍රහයා වශයෙන් ජ්‍යෝතිෂයේදී සිකුරුට විශේෂ ස්ථානයක් ලැබෙනු ඇත. මෙම ග්‍රහයා තමාට ස්වක්ෂේත්‍ර බල හිමිකම් ඇති වෘෂභ රාශියට අප්‍රේල් මස 19 වැනි දින පිවිස මැයි මස 14 වැනි දින තෙක් වෘෂභ රාශියේ තම ස්වකීය බලය පතුරවනු ඇත. එහිදී වෘෂභ ලග්න හිමියන්ට ඉතා යහපත් සුබ කාලසීමාවක් වශයෙන් සැලකිය හැකිය. සමස්තයක් වශයෙන් පොදුවේ ගත් කල වෘෂභ ලග්න හිමියන්ට මෙම කාලය සෙනසුරු ග්‍රහයා අට වැන්නේ ගමන් කරන බැවින් අෂ්ටම ඒරාෂ්ටකයක් පැවතිය ද, සිකුරු බලවත් වීම නිසා මෙම කාල සීමාවේ යම්කිසි සහනයක් ලැබීමේ භාග්‍ය උදා වේ.
ග්‍රහ මණ්ඩලයේ දීප්තිමත් තාරකාව කුමක්ද?
{ "answer_start": [ 53 ], "text": [ "සිකුරු" ] }
efe4fce9-b99c-470e-8b1e-f9cf30a56150
කෙසේ වෙතත් පලා ගිය සැකකරුවන් සොයා ගැනීම එතරම් පහසු දෙයක් නොවුණේ යතුරුපැදියේ අංකයක් හෝ නොතිබු නිසාවෙනි. එදින රාත්‍රිය පුරාවට එම ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් දියත් කළද සාර්ථක තොරතුරක් සොයාගත නොහැකි විය. වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ අවධානයද මෙම සිද්ධිය කෙරෙහි යොමු වී තිබුණි. මීට මාසයකට පමණ පෙර මාතරට අලුතින් පත්ව ආ මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාට මෙම සිද්ධිය කඩිනමින් විසඳා ගැනීමේ අවශ්‍යතාව ඇති වී තිබුණි. පොලිස් විශේෂ කාර්ය බළකායේ ද දක්ෂ නිලධාරියකුව සිටි පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු හා නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පත් කළේය. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දීම පමණක් නොව කුලී පදනම මත වාහන ලබාගෙන රාජකාරි කිරීමේ අවස්ථාව පවා සලසා දුන්නේය.
මෙයට මාසයකට පමණ පෙර මාතරට අලුතින් පත්ව ආ මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරීතුමා කවුද
{ "answer_start": [ 361 ], "text": [ "අනිල් ප්‍රියන්ත" ] }
9978e45f-5e89-4f65-93f8-8a007ddd3c86
මෙවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර ජුලි මස 25 වැනි දින ආරම්භ වී අගෝස්තු මස 04 වැනි දින දහවල් පෙරහර පැවැත්වීමෙන් අනතුරුව නිමා වීමට නියමිතය. කෙසේ නමුත් මුළු මහත් ලෝකයම භීතියට පත් කළ වසංගතයක් වන කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර පෙරහර මහජනතාවට විවෘත නොවන බව මේ වනවිටත් ප්‍රකාශයට පත් කොට තිබේ. මෙවර පෙරහර පැවැත්වීමට සැලසුම් කොට ඇත්තේ සාමාන්‍ය ජනතාවට ඊට සහභාගි වීමට නොහැකි ආකාරයටය. ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ පෙරහර සුපුරුදු පරිදි වීදි සංචාරය කරන බවත් අලි ඇතුන් පනහක් පමණ ඊට සහභාගි කරවන බවත්ය. එතරම් අලංකාර පෙරහරක් ජනතාවට නැරැඹීමේ අවස්ථාව අහිමිවීම කනගාටුවට කරුණක් වුවත් වත්මන් නවීන තාක්ෂණය ඔස්සේ එය නැරැඹීමේ අවස්ථාව ජනතාවට හිමිවනු ඇත.
මේ වනවිටත් ප්‍රකාශයට පත් කොට තිබෙන්නේ කුමක්ද?
{ "answer_start": [ 227 ], "text": [ "මෙවර පෙරහර මහජනතාවට විවෘත නොවන බව" ] }
5aa136de-7bb7-42e2-af68-057562d4f508
ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන ඇතැම් වන්දනා නඩවල ඇතැම් පුද්ගලයන්ගේ හිතුවක්කාරී ක්‍රියාකාරකම් හේතුවෙන් සෑම වන්දනා වාරයකදීම පාහේ විවිධ අනතුරු සිදු කරගනී. එසේම එම මාර්ගයන්ගේ පිහිටි ගල් පඩි තරණය කිරීමේදී අනුගමනය කළ යුතු ආරක්ෂාකාරී ක්‍රියාවන් තුට්ටුවකට මායිම් නොකිරීම හේතුවෙන් වන්දනාකරුවෝ විවිධ අනතුරු හා අකරතැබ්බ සිදු කරගනිති. ඔබ ශ්‍රී පාදයට පිවිසෙන විටදී මේ පිළිබඳව වඩාත් උනන්දුවෙන් මෙන්ම වඩාත් කල්පනාකාරී වීම වටිනා ක්‍රියාවකි. ශ්‍රී පාදයට පිවිසෙන මාර්ගයන් ආසන්නයේ ශ්‍රී පාද වන්දනා අවාරයේදී බඹර කූඩු තැනීම බොහෝ විට සිදුවන සාමාන්‍ය දෙයකි. එහෙත් එකී තත්ත්වය පසුගිය වන්දනා වාරවලදී මෙන්ම මෙවර ද වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අනාවරණය කරයි.
ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන ඇතැම් වන්දනා නඩවල ඇතැම් පුද්ගලයන්ගේ හිතුවක්කාරී ක්‍රියාකාරකම් හේතුවෙන් සෑම වන්දනා වාරයකදීම පාහේ සිදුවන්නේ කුමක්ද?
{ "answer_start": [ 121 ], "text": [ "විවිධ අනතුරු" ] }
6f186d6d-b481-4531-aa1b-f525750088e0
එවකට කන්ද උඩරට පාලනය කළ නායක්කාර් වංශික වඩුග රාජ පරම්පරාව පළවා හැර, තමන්ගේම නායකයෙක් යටතේ පාලනය වන නිදහස් ශ්‍රී ලංකාවක් බිහි කර ගැනීමේ අරමුණෙන් ඇහැලේපොළ පුමුඛ සිංහලයන්, ඉංග්‍රීසින්ගේ සහාය ලබාගත්තේ වෙනත් විකල්පයක් එවකට නොතිබූ බැවිනි. ඒ අනුව ක්‍රි.ව. 1815 මාර්තු මස 2 දින අත්සන් තැබූ කන්ද උඩරට ගිවිසුමෙන් ගිවිස ගත් කොන්දේසි ක්‍රියාත්මක කිරීමට ගිවිස ගත් ඉංග්‍රීසිහු පසුව ඉතා කපටි අන්දමින් එම ගිවිසුම උල්ලංඝනය කළේය. ඊට එරෙහිව නැගී සිටි විමුක්ති සටනට නායකත්වය ලබාදුන් වීර මොනරවිල කැප්පෙටිපොළ අදිකාරම්තුමා අවසානයේ ජාතියෙන් සමුගත්තේ සැබෑ සිංහල බෞද්ධයකු බව ලෝකයට කියා පාමිනි. වීර කැප්පෙටිපොළ අදිකාරම් ගැන තෙන්නකෝන් විමලානන්ද මහතා විසින් රචිත උඩරට මහ කැරැල්ල කෘතියේ මෙසේ සඳහන් කර තිබේ.
නායක්කර් වංශික වඩුග රාජ පරම්පරාව පාලනය කළේ කොහේද?
{ "answer_start": [ 5 ], "text": [ "කන්ද උඩරට" ] }
fbbd9817-27bd-40c0-a9f5-171082d72a45
නැසීගිය බොලිවුඩ් රංගන ශිල්පිනි ශ්‍රී දේවිගේ ඉටි පිළිරුවක් සිංගප්පුරුවේ මදාම් තුසෝඩ් කෞතුකාගාරයේ දී පසුගිය 4 දා විවෘත කර තිබේ. එම අවස්ථාවට ඇයගේ ස්වාමි පුරුෂයා වූ ජනප්‍රිය සිනමා නිෂ්පාදක බොනී කපූර් සහ ඇයගේ දියණියන් දෙදෙනා ජාන්වී සහ කුෂි ද එක් වී සිටියහ. පසුගිය අගෝස්තු 13 වැනිදාට යෙදී තිබුණු ශ්‍රී දේවිගේ ජන්ම දිනය දා මදාම් තුසෝඩ් කෞතුකාගාරය විසින් නිවේදනය කර තිබුණේ ඇය වෙනුවෙන් ඉදිවූ ඉටි රුව ළඟදීම විවෘත කිරීමට කටයුතු සුදානම් කර ඇති බවයි. එම ඉටි පිළිරුව, ශ්‍රී දේවි වඩාත් ජනප්‍රියත්වයක් අත්කරගත් 80 ගණන්වලදී තිරගත වූ මිස්ටර් ඉන්ඩියා සිනමාපටයේ එන “හවා හවායි” ගීතය සඳහා ඇය කළ නිරූපණය සිහිගන්වයි.
හවා හවායි ගීතය කුමන සිනමාපටයේ එන ගීතයක්ද?
{ "answer_start": [ 516 ], "text": [ "මිස්ටර් ඉන්ඩියා" ] }
c7a010ee-1573-407a-9a6f-646818c87a2d
කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැලිවල ග්‍රාමයේ පිහිටි දැලිවල කොටවෙහෙර දෙවන පෑතිස් රජ සමයේදී පිහිටි කන්දක් සැස එම කන්ද ආවරණය වන ලෙස ගඩොල් බැඳ ඉන්දියාවේ සාංචි ස්තූපයේ ආකෘතියට ඡත්‍ර නංවා නිර්මාණය කර ඇති බවට මත තිබේ. කාලයාගේ ඇවෑමෙන් ස්තූපයේ උපරිභාගය විනාශවීම නිසා එය පසුකාලීනව කොටවෙහෙර ලෙස හඳුන්වා ඇත. නමුත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරන්නේ මෙම ස්තූපය ක්‍රි.පූ. 1වන සියවසේදී ඉදිකරන ලද්දක් බවයි. එතුමා ඒ සඳහා සාක්ෂි ලෙස ස්තූප පාදමෙන් හමු වූ බ්‍රාහ්මීය අක්ෂර සහිත ගඩොල් හා එම ගඩොල්වල ප්‍රමාණ සැසඳීමෙන් ඒවා දුටුගැමුණු රාජ සමයේ ස්තූප නිර්මාණය සඳහා භාවිත ගඩොල්වලට සමාන බව පෙන්වා දෙයි. නමුත් මහාවංශය සඳහන් කරනුයේ මෙම ස්තූපය දේවානම්පියතිස්ස රාජ සමයේදී කරන ලද බවයි.
කොටවෙහෙර ඉදිකරන ලද්දේ කුමන සියවසේද?
{ "answer_start": [ 384 ], "text": [ "ක්‍රි.පූ. 1වන සියවසේදී" ] }
48bdc2a1-623f-42ae-b639-7efbf902ef14
අපට අද රූපවාහිණිය, ප්‍රවෘත්ති පත්‍ර, ගුවන් විදුලිය වැනි මාධ්‍ය මගින් දිනපතා දිවයිනේ විවිධ ප්‍රදේශවලත් හදිසි අනතුරු පිළිබඳ අසන්නටත් දකින්නටත් ලැබේ. මෙම පුවත් මගින් කියවෙන්නේ මාර්ගවල සිදුවන වාහන අනතුරු, දියේ ගිලීම්, ගෙල වැලලා ගැනීම්, වස පානයකර කිරීම්, වෙඩි වැදීම් සහ කපා කොටා ඝාතනය කිරීම් ආදී හද සසල කරවන සිද්ධීන්ය. කෙනෙකු තම ඡන්ම කේන්ද්‍රය දක්ෂ ජ්‍යෙතිර්වේදියකු ලවා පරීක්ෂා කර බැලුයේ නම් අනතුරු අවම කරගැනීමට බොහෝ දුරට හැකි වන්නේය. හදිසි අනතුරු ඇතිවන්නේ රවි ග්‍රහයාගේ බලපෑම අනුව බව සොයාගෙන ඇත. යම් කිසි ශුභ ග්‍රහයකු වුවත් කුජ ශනි යුරේනස් වැනි ග්‍රහයන් අශුභ දෘෂ්ටි ලබා හෝ සංයෝග වී ලග්නයේ සිටියේ නම් එම ග්‍රහයා සිටි ලග්න රාශියට අයත් ශරීර ප්‍රදේශයෙහි තුවාල සහ අනතුරු ඇති කරයි. එසේ නැත හොත් අශුභ දෘෂ්ටි ඇතිකළ ග්‍රහයා සිටි රාශියට අයත් ශරීර කොටසෙහි අනතුරු ඇති කරයි.
හදිසි අනතුරු ඇතිවන්නේ කාගෙ බලපෑමට අනුවද?
{ "answer_start": [ 453 ], "text": [ "රවි ග්‍රහයාගේ බලපෑම අනුව" ] }
7400fad9-9f61-4e54-b81a-bb90b47d322c
ලෝකයේ උණුසුම වැඩිවීමත් සමඟ සමස්ත ජල මට්ටම අඩුවෙමින් පවතිනවා. ඒ වගේම ජලය අපතේ යන ප‍්‍රමාණත් ඉතා වැඩියි. ඒනිසා මට හිතුණා අපතේ යන ජලය පිරිසුදු කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ අනුව තමයි මෙවැනි නිර්මාණයක් මගේ හිතට ආවේ. මෙමගින් ජලයේ විස බීජ 99% ක් පමණ ඉවත් කරන්න පුළුවන්. මෙය තවමත් ආකෘතියක් පමණයි. ඉදිරියේදී මෙය තවදුරටත් වැඩි දියුණු කරන්න මා බලපොරොත්තු වෙනවා. මුලින්ම මා නව නිපැයුම්වලට යොමු වුණේ නව නිර්මාණ වැඩමුළුවක් හරහායි. එහිදී දුරස්ථපාලකයෙන් ක‍්‍රියාකරන නළාවක් මා ඉදිරිපත් කළා. ඒක දැකපු වැඩසටහන මෙහෙයවූ ගුරුතුමිය මා දිරිමත් කළා. ඉන්පසුව තමයි මා අපතේ යන ජලය පිරිසුදු කිරීමේ උපකරණයක් නිර්මාණය කළේ. මේ නිර්මාණයට අවශ්‍ය විදුලිය ගෘහස්ථ වශයෙන් ලබාගත්තොත් ලොකු වියදමක් දරන්න වෙනවා. ඊට විසඳුමක් විඳිහට මම සූර්ය බලශක්තිය යොදා ගත්තා. මෙය නිර්මාණය කිරීමේදී මා බොහෝ දුරට උපයෝගී කරගත්තේ ඉවතලන ද්‍රව්‍යයන්. මෙය තව තවත් දියුණු කර ලෝකයට හඳුන්වාදීමට තමයි මගේ බලාපොරොත්තුව. මහාචාර්ය චන්දන ජයරත්න, මොරටුව මහ විදුහලේ හිටපු විදුහල්පතිනි ශ්‍රී ජයලත් මැණිකේ, වර්ථමාන විදුහල්පති අතාවුද යන මහත්ම මහත්මීන්ටත් ගුරුමෑණි පියවරුන්ටත් සහ මගේ මවුපියන්ටත් මේ අවස්ථාවේදී ස්තූතිය පුදකරනවා
ලෝකයේ උණුසුම වැඩිවීමත් සමඟ සිදුවෙමින් පවතින්නේ කුමක්ද?
{ "answer_start": [ 27 ], "text": [ "සමස්ත ජල මට්ටම අඩුවෙමින් පවතිනවා" ] }
5a0d7d1a-6788-41a7-85d0-77101acd04fd
1912 වසරේ දී විනාශයට පත් වූ ටයිටැනික් නෞකාවට සමාන තවත් නෞකාවක් නැවත නිර්මාණය කරමින් 2020 දී ගමන් ආරම්භ කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු වන ක්ලිව් පැල්මර් විසින් නිෂ්පාදනය කරන ‘ටයිටැනික් 02’ නම් නෞකාවේ විශේෂත්වය වන්නේ ටයිටැනික් මුල් නෞකාවට සමාන තාක්ෂණික මට්ටමේ ඉහළ යාමය. මොහු විසින් 2012 වසරේ දී ටයිටැනික් 02 නෞකාව නිෂ්පාදනයට කටයුතු සූදානම් කළ චීන රජය සහ නිෂ්පාදිත සමාගම සමග ඇති වූ මත ගැටුම් හේතුවෙන් එම ව්‍යාපෘතිය අත්හැර දැමීමට සිදුවිය. ඔහු පවසන පරිදි මෙම නෞකාව පළමුවැනි ටයිටැනික් නෞකාව මෙන්ම, සෞතැම්ටන් සහ නිව්යෝර්ක් බලා ගමන් කිරීමට සූදානම් බවය.
1912 වසරේ දී විනාශයට පත් වූ ටයිටැනික් නෞකාවට සමාන තවත් නෞකාවක් නැවත නිර්මාණය කිරීමට සුදානම් වුයේ කිනම් වසරේද ?
{ "answer_start": [ 84 ], "text": [ "2020 දී" ] }
f4fa00f3-fd7a-415b-bf60-fa683255c5e2
කැනඩාවේ බොහෝ දෙනා ගිම්හාන ඍතුවේදී නිවාඩුවක් ලබාගෙන නිදහස් සුන්දර පරිසරයක පිහිටි නිවාඩු නිකේතන සොයා යති. සතියක් පමණ එම නිවාසවල විවේකය ගත කරති. වැඩි වශයෙන් මෙවැනි නිවාඩු නිකේතන පිහිටා තිබෙන්නේ සුපිරියර්, මිචිගන්, හියුරොන්, ඊරි, සහ ඔන්ටාරියෝ වැනි විල් ආශ්‍රිතව ය. වසරේ ගිම්හාන කාලයෙන් පසු නැවතත් මේ නිවාස මිනිසුන්ගෙන් තොර පාළු තැන් බවට පත් වේ. ඇලෙක්ස් බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ, බ්‍රේස් බ්‍රිජ් ප්‍රදේශයේ ලීවලින් තැනූ නිවාඩු නිකේතනයකට ගියේ ගිම්හාන ඍතුවේ දැඩි උෂ්ණ කාලගුණයෙන් මඳකට මිදීමටය. එහෙත් ඇලෙක්ස්ට ඊට ඉඩක් ලැබුණේ නැත. ඔහු නිවාඩු නිකේතනයට ගොස් ඇඳුම් මාරු කරගෙන නිවසේ තිබෙන දේවල් ගැන විපරම් කරමින් ඇවිද ගියේය. එහි එක් කාමරයක විශාල තීන්ත බාල්දි හතරක් තිබෙනු ඔහු දුටුවේ එලෙස පරීක්ෂා කරමින් යද්දීය. මේ ස්ථානයට මෙතරම් විශාල තීන්ත බාල්දී ගෙනත් තිබෙන්නේ ඇයි? මේ නිවසේම තීන්ත ගෑවත් මෙතරම් බාල්දි ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නැත. එසේ නම් මේවා පිටතින් ගෙනවිත් මෙහි තැබුවා වෙන්නට පුළුවන. ඒත් කුමක් සඳහා කවුරුන් ගෙනෙන ලද්දක්ද? එක සමාන බාල්දි නිසා ඔහු තුළ කුතුහලයක් ඇති විය. ඒ නිසා ඇලෙක්ස් ඒවා විවෘත කර බැලුවේය.
නිවාඩුවට ගිය ඇලෙක්ස් දුටුවේ කුමක්ද?
{ "answer_start": [ 638 ], "text": [ "තීන්ත බාල්දි හතරක්" ] }
f996ad79-f406-4309-a7c1-9d99154a1477
රන් කඩු රන් පළසක් ගෙන සුරතට විස්තර උඩු වියනුක් අල්ලා සිට කස්තුරි කපුරෙන් දුම් අල්ලා සිට පත්තිනි දෙවියෝ වැඩියා මඩුවට තුනුරුවන ප්‍රධාන කර දෙවියන්ට සිදුකරනා මඟුල් බෙර වාදනය පංච තූර්ය වාදනයක්. මෙම මඟුල් බෙර වාදනය කරනුයේ තෙල්මේ නැටුමට පෙර. පත්තිනි දෙවියන් වෙනුවෙන් තනනු ලැබූ තොරණ සමීපයේ සිට කරන මඟුල් බෙර වාදනය කරනුයේ කවි ගායනයෙන්. එම ගායනයට මඟුල් බෙර උත්පත්ති කතාව ඇතුළත් එය අවසන් වනුයේ ආතුරයන්ගේ පුද පඬුරු අරගැනීමෙන් සෙත් කියමනක් කියා සෙත් ශාන්ති කිරීමෙන්. දෙවොල් දෙවි ශාන්ති කර්මයේ පුද ගන්නා දොළහ දෙවියන් වෙනුවෙන් කරන නැටුම හඳුන්වන්නේ තෙල්මේ නැටුම ලෙසින්. අතීත තෙල්මේ නැටුමට සකස් කෙරුණේ වෙනම විදියක්. ඒ අල්ලි දොළහක් සහිතව. එයට තැබෙනුයේ බුලත් කොළ දොළහක් විලක්කු දොළහක්. පඬුරු දොළහක් බැගින්. බුලත් පඬුරු පිදෙනුයේ වෙන වෙනම නටන පද කොට්ඨාස වලින් මෙම නර්තනය ඉතා වේගවමත්. එම නර්තය තුළට පතා විස්ස, මාලික්කම, බරබර වල්ල ඇතුළත්. දෙවොල් යාගයේ දොළහ පෙළපාළිය ප්‍රධාන දෙවිවරුන් දොළොස් දෙනා වෙනුවෙන් කෙරෙන්නක්. මෙය සමන්විත වනුයේ පෙළපාලි දොළහකින්. ප්‍රධාන ඇඳුරා සහ බෙර වාදකයා අතර සිදුවන සංවාදයක් ඇසුරිනි. මෙය කෙරෙනුයේ මෙහිදී සිදුවන දෙය පූජා භාණ්ඩ දොළහක් දෙවියන්ගේ නාමයට ඔප්පු කිරීම. මෙම නර්තනයේ විශේෂ අවස්ථාවන් දැක්වෙනුයේ මෙලෙසින්. ඒ දෙවිවරු දොළොස් දෙනාම වෙන වෙනම පූජා කරන පූජා භාණ්ඩ දොළහක් වෙන්කර තිබීම. ඒ උඩට උඩු වියන් බිමට පාවඩ කූඩු කොඩි සේසත් චාමර දවුල් තම්මැට්ටන් කොම්බු වීනා ඇතා මීමා ලෙසින් දෙවොල් මඩු යාගයට අයත් සියලු අංග දෙවොල් දෙවියන් උදෙසා දෙවොල් කුමාරයා හෙවත් මහාසාමි සකසා තිබෙනුයේ මනුෂ්‍යන්ගේ ජීවිතය තුළ පවත්නා සියලු ක්‍රියාකාරකම් සහ අපල උපද්‍රවවලට ගැළපෙන ලෙසින්.
දෙවොල් දෙවි ශාන්ති කර්මයේ පුද ගන්නා දොළහ දෙවියන් වෙනුවෙන් කරන නැටුම හඳුන්වන්නේ කුමන නමකින්ද?
{ "answer_start": [ 533 ], "text": [ "තෙල්මේ නැටුම" ] }
3b36f83e-0b7e-4c61-8bcb-f126b6764d58
රීටාත්, රූබිත් බොහෝ විට කතා කළේ චතුර ඉංග්‍රීසියෙනි. එකල ද රීටා හෝටල් සංස්ථාවේ නිලධාරිනියක ලෙස සේවය කළ බව මට මතකය. එකල බොහෝ පැරැණි නළු නිළියෝ ඉතා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිර වූහ. රීටාට අභිෂේක චිත්‍රපටයේ රඟපාන්නට තිබුණේ රෙක්ස් කොඩිප්පිලිගේ බිරිඳ හැටියටය. ඔවුන්ගේ දියණිය ලෙස රඟපෑවේ අවන්ති අපොන්සුය. රූබි ද මෙල් ප්‍රධාන නිළියගේ මව ලෙස රඟපෑවාය. 1934 පෙබරවාරි 18 වැනිදා මාතලේ උපන් රීටා පිලොමිනා රත්නායක අධ්‍යාපනය ලැබුවේ, මාතලේ ඇග්නස් කන්‍යාරාමයෙනි. එය පසුව ශාන්ත තෝමස් බාලිකා විදුහල බවට පත්විය. ඇගේ පියා එමිල් රත්නායක සුප්‍රකට වයලින් වාදකයකු විය. ඇගේ මාමලා ද කලාවට සම්බන්ධ වූවෝ වූහ. ඇය කුඩා කල සිටම රුක්මනී දේවියට ප්‍රිය කළාය. පාසල් කාලයේදී ඇය දස්කොන් නාට්‍යයේ ප්‍රමිලා බිසව ලෙස රඟපෑවාය. ගී ගැයුවාය. ඇය රුක්මනී දේවිය මුණගැසෙන්නට ආශාවෙන් සිටියාය.
රීටාට අභිෂේක චිත්‍රපටයේ රඟපාන්නට තිබුණේ කුමන චරිතයද?
{ "answer_start": [ 221 ], "text": [ "රෙක්ස් කොඩිප්පිලිගේ බිරිඳ" ] }
69ac51fe-1a2b-4630-9a43-ce69eba7d16a
වැඩිපුර කතා නොකරන, ලැජ්ජාශීලී මෙන්ම ඉතා මුරණ්ඩු චරිතයක් වූ ඉස්සේර් උපත ලද්දේ පැරණි රුසියානු බලකොටු නගරයකය. අවුරුදු 18 දී ඊශ්‍රායලයට සංක්‍රමණය වී කිබුට්ස් ෂෙහායර්හි පදිංචි වූ පසුව එහිදී හමු වූ රිව්කා නමැත්තිය විවාහ කරගත් අතර දෙවන ලෝක යුද සමයේදී හැගානාවට එකතු වී සේවය කළේ, නොබෝ කලකින්ම ද්‍රෝහීන් සහ විප්ලවකාරීන් නියාමනය කෙරුණු ෂායි යුදෙව් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බවට පත් විය. ලොකු ඉස්සේර්ගේ මරණයෙන් පසුව අභ්‍යන්තර ආරක්ෂක සංවිධානයක් වූ ෂාබාක් හි ප්‍රධානියා වූයේද ඔහුයි. 1954 දෙසැම්බර් මාසයේදී එක් දවසක බඩු ප්‍රවාහන ගුවන් යානයක් නැගෙනහිර මධ්‍යධරණි මුහුදට ඉහළින් පියාසර කරන්නට විය. වට කිහිපයක් පියාසර කර අවට මුහුද හොඳින් නිරීක්ෂණය කර, වෙනත් යාත්‍රා කිසිවක් නොමැති බව සැක හැර දැනගත් පසු එහි නියමුවා පිටුපස දොරක් විවර කර, යම් කිසි විශාල වස්තුවක් මුහුදට මුදා හැරියේය. ඒ වස්තුව, මළ සිරුරකි.
ඉස්සේර් ප්‍රධානියා බවට පත්වූයේ කුමන දෙපාර්තමේන්තුවේද?
{ "answer_start": [ 325 ], "text": [ "ෂායි යුදෙව් දෙපාර්තමේන්තුවේ" ] }
6e0149b6-25ab-498e-bcca-6dfe43659af8
ක්‍රි.පූ. තුන්වැනි සියවසෙහි ධර්මාශෝක අධිරාජයාණන් හා පැවති ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධයෙහි එක අංගයක් වූ බෝධි ශාඛාව වැඩමවීම මුල්කොට ගෙන මෙරට රාජ්‍ය බලය කෙරෙහි ශත වර්ෂ විසිඑකක් තුළ බලපෑමට තරම් ශක්තිමත් වූ සම්ප්‍රදායක් පැවතීම දෙරට අතර වූ සංස්කෘතික සමීපත්වයට දෙස් දෙන්නකි. ධර්මාශෝක අධිරාජයාණන් ලම්බකර්ණ හෙවත් ළමැණි කුලය ලක්දිවට එවූයේ සිතාමතා පාලන බලය තහවුරු කිරීමට ගත් පියවරක් ලෙස නම් එය සාර්ථක වූ බව පිළිගත යුතුව ඇත. සුභ, වසභ, සිරි සඟබෝ, ගෝඨාභය, මහසෙන්, බුද්ධදාස, කුමාරදාස, ධාතුසේන, පළවෙනි, තුන්වැනි, පස්වැනි, විජයබාහු, පස්වැනි හා හයවැනි පරාක්‍රමබාහු යන ශ්‍රේෂ්ඨ රජවරුන් සියලු දෙනාම ධර්මාශෝක අධිරාජ්‍යයාණන්ගේ ඥාති පරම්පරාවෙන් පැවත එන්නන් වූ බැවිනි.
ධර්මාශෝක අධිරාජයාණන් මෙරටට එවූ කුලය කුමක්ද?
{ "answer_start": [ 286 ], "text": [ "ලම්බකර්ණ හෙවත් ළමැණි කුලය" ] }
74b44c1e-1053-4fb5-803d-96251bfb22ad
අද දින අපි ඔබ වෙත ගෙන එන්නේ ගාලු කොටුවේ ඇති තවත් විස්මය උපදවන ස්ථානයක් පිළිබඳවයි. ඒ වනාහි ලන්දේසි රෙපරමාදු දේවස්ථානය හෙවත් කුරුස පල්ලියයි. ගාල්ල කොටුවේ නව දොරටුවෙන් ඇතුළු වූ පසු හමුවන හතරමං හන්දියෙන් වම්පසට වැටී ඇති මාර්ගයේ ඔස්සේ මීටර් 150ක් පමණ ගිය විට දකුණු පසින් මෙම ලන්දේසි රෙපරමුදු දේවස්ථානය දැකගත හැකි වේ. එහි ඉතිහාසය සොයායන විට පෙනීයන්නේ එයට වසර 267ක් තරම් වූ දීර්ඝ ඉතිහාසයක් පවතින බවයි. ලන්දේසි පාලන සමයේදී ගාල්ලේ කොමාන්දියුන්වරයා ලෙස කටයුතු කළ කැස්පාර් ඩී. යෝන්ග් මහතා විවාහ වුවද බොහෝ කලක් ගතවනතුරු දරු සුරතල් බැලීමට දෛවය විසින් ඔවුන්ට ඉඩලබාදී නොමැත. මෙයින් මහත් සිත්තැවුලට පත් ඔහුට බොහෝ කලකට පසු පියෙකු වීමේ වාසනාව උදාවිය. මෙයින් මහත් උද්දාමයට පත් ඔහු දෙවියන් වහන්සේට ස්තූති කරනු පිණිස තමන්ගේ වියදමින් මෙම රෙපරමාදු දේවස්ථානය කරවා ඇත.
මෙහි විස්තර ගෙන එනු ලබන්නේ කුමක් පිළිබඳව ද?
{ "answer_start": [ 28 ], "text": [ "ගාලු කොටුවේ ඇති තවත් විස්මය උපදවන ස්ථානයක් පිළිබඳවයි" ] }
54d1f08f-4707-4f24-af07-3680eba38e74
1980 ගණන්වලදී ඇය විවියන් රිචර්ඞ්ස් සමඟ ප්‍රේමයෙන් බැඳුණාය. එවකට බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමේ නායකයා වූයේ විවියන් රිචර්ඞ්ස්ය. ඉන්දියානු ක්‍රිකට් තරඟාවලියකට පැමිණි ඔහුට නීනා හමු වූයේ මුම්බායි හි පැවති සාදයකදීය. දෙදෙනාගේ කිසිම ගැලපීමක් නොවුණේ වී නමුත් ඔවුන්ගේ සම්බන්ධයට එය බාධාවක් නොවිණි. නීනා විවියන් වෙතින් ගැබ් ගත්තාය. ඒ වන විටත් විවියන් විවාහක දෙදරු පියෙකු වූ බැවින් නීනා විවාහ කර ගන්නට ඔහුට හැකියාවක් තිබුණේ නැත. ඒ කාලයේ අවිවාහක කාන්තාවක් ගැබ් ගැනීම ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් වූයේය. ඇය ජනප්‍රිය තැනැත්තියක ද වූ බැවින් නොයෙකුත් ගැටළුවලට මුහුණ දෙන්නට ඇයට සිදු වූයේය. එහෙත් ඇය දරුවා හදා ගැනීමේ තනි මතයක සිටියාය. දිල්ලි වාසය අත හැර ඇය මුම්බායි ආවේත් දියණිය නිසාමය.
නීනා ගැබ් ගත්තේ කවුරුන් වෙතින්ද?
{ "answer_start": [ 292 ], "text": [ "විවියන් වෙතින්" ] }
f9c47d96-c76c-40af-ad20-798bc42b8690
1820 දී මිලෝ දිවයිනෙන් සොයාගත් ඇප්‍රොඩයිට් මුල් නිර්මාණය අතීත කලාවේ මුදුන්මල්කඩක් ලෙසත්, කාන්තා සෞන්දර්යයේ අංගසම්පූර්ණ උදාහරණයක් ලෙසත් සලකනු ලැබේ. ඇගේ මුහුණේ ශාන්තභාවය, ප්‍රැක්සිටිල් කලාකරුවාගේ බුද්ධි ප්‍රභාවය පිළිබිඹු කළ බව මුලදී අදහස් කළද, මෙහි ශෛලිය අනුව ක්‍රිපූ දෙවන සියවස අගභාගයේදී නිර්මාණය වූවක් ලෙස විශ්වාස කිරීමට හේතු තිබේ. සිරුරේ ප්‍රමාණයත්, රේඛාවන්ගේ සිනිඳු බවත්, ඇඳ සිටින වස්ත්‍රයේ නැමුම්වල ක්‍රමානුකූල බවත් කඳේ නිරුවත් බවත් මැනවින් නිරූපණය වේ. ශතවර්ෂ ගණනාවක් මිනිස් ඇසට නොපෙනී පොළොවේ සිටි වීනස් ප්‍රතිමාව යළිත් මිහිමතට පැමිණීම රසවත් කථාවකි. එහෙත් ඊජිප්තුවේ තුතන්කාමන් සොහොන සොයාගැනීමට වෙහෙසවූ බොහෝ දෙනෙකු මෙන් වීනස් දෙවඟන සොයාගැනීමට වෙහෙස වූ බොහෝ දෙනෙකුද අකාලයේ මියයාම කනගාටුදායක සංසිද්ධියකි. නිධානයක් ඇතැයි සැලකෙන තැනක් ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ විවෘත කිරීමේදී අප රටේ සම්ප්‍රදාය වනුයේ පුදපූජා පවත්වා ඇතැම් විට බිල්ලක් පවාදීමය.
ඇප්‍රොඩයිට් මුල් නිර්මාණය සොයා ගත්තේ කොහෙන්ද?
{ "answer_start": [ 8 ], "text": [ "මිලෝ දිවයිනෙන්" ] }
c3f644a5-c4cf-4421-976f-edc173cadd57
මාර්ක් එඩ්වඩ් මාර්කිප්ලියර් ‍නමින් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යයි. මිලියන 31.5ක ග්‍රාහකයන් ප්‍රමාණයක් ඔහුගේ නාලිකාව වටා එක්ව සිටින අතර ග්‍රාහකයන්ගේම උසුළු විසුළු දර්ශන, සජීවී උපහාසාත්මක වැඩසටහන්, වීඩියෝ ක්‍රීඩා සහ විනෝදාස්වාද කතාබහ සමග සතුට සහ විනෝදය ඇති කිරීම ඔහුගේ නාලිකාවේ ඉලක්කයයි. ඔහු උපයන ආදායමෙන් වැඩිම ප්‍රමාණයක් ලැබී ඇත්තේ ඔහු විසින් ඉදිරිපත් කරන ටීෂර්ට් ඇතුළු වෙළෙඳ භාණ්ඩ ප්‍රචාරය සඳහා දක්වන විශේෂ කුසලතාවය හේතුවෙනි. ඔහු පසුගිය වසරේ දී ඇමෙරිකානු ඩොලර් 38ක් හෙවත් රුපියල් මිලියන 7,752ක ආදායමක් ලබමින් ඉහළම ආදායම් ලැබූ යූටියුබ්කරුවන් අතර තුන්වැනි ස්ථානයේ පසු වෙයි.
ඔහුගේ නාලිකාව වටා සිටින ග්‍රාහකයන් ප්‍රමාණය කොපමණද ?
{ "answer_start": [ 69 ], "text": [ "මිලියන 31.5ක ග්‍රාහකයන් ප්‍රමාණයක්" ] }
aef2da22-7415-41be-9f33-0a4eb67a1c02
තවද සිරිපා රක්ෂිතයේ වෙසෙන අලි යනු කුඩා කුරු අලි බවට ජනතාව තුළ මතයක් ඇති මුත් එය සත්‍යක් නොවන බව මීට වසර කිහිපයකට පෙර මස්කෙළිය ආසන්නයේ මියගිය අලියෙකුගේ සිරුර සාක්ෂි දැරීය. වන අලි බහුලව ගැවසෙන්නේ දැරණියගල උඩ මාලිබොඩ හා එරත්න ගෙත්තම් පාන මැදගින්න ආදී අම්බලම් ආශ්‍රිතවය. එම ප්‍රදේශ සමතල, බිමක්ව පැවතීමත් ලඳු කැලෑමය පරිසරයක් තිබීමත් නිසා ඇතුන්ට එහෙ යාම පහසුය. එබැවින් එම ඉසව් තුළ ඕනෑ තරම් අලි වසුරු දැක ගත හැකිය. අවාරේ යන විට ඇතුන්ගේ කුංචනාදය ඇසීමටත් පුළුවන. තවද දැරණියගලින් ඇරබෙන උඩ මාලිබොඩ මාර්ගය එරත්න මැණික්හින්න අම්බලම අසලට එනතුරු පවතින කි.මී. 5ක පමණ දුර තුළ අලි බහුලව ගැවසෙන අතර එම මගේ අලි පිටඋලා, දැමූ ස්ථාන, මඩේ එරුනු අලින්ගේ පා සලකුණු, කැඩී ගිය මාර්ග සහ අලි වසුරු දැක ගැනීම සුලභ වේ.
වන අලි බහුලව ගැවසෙන අම්බලම් ප්‍රදේශ මොනවද?
{ "answer_start": [ 194 ], "text": [ "දැරණියගල උඩ මාලිබොඩ හා එරත්න ගෙත්තම් පාන මැදගින්න" ] }
3cd14131-f4f8-465c-aef0-f14c2e24f9e9
කොල්ලුපිටියෙ බෙයාෆුට් කැෆේ එකේ තියෙන එක විශේෂයක් තමයි එළිපහලියේ ඉඳන් නිදහසේ කෝපි උගුරක් බොන්න පුළුවන් වීම. මේක කෝපිවලටම විශේෂම නැතත් මේකෙ කෝපි ෆ්‍රැපේ එකට මිනිස්සු ආසයි. ඒ වගේමයි මේකෙ තියෙන චීස් සැන්ඩ්විච් එක. ඒ දෙකම නැගල යනව කියල තමයි මේකට ගිය කට්ටිය කියන්නෙ. අපිට නං යන්න බැරිවුනා. කෑම බීම එක්ක මික්ස් වෙලා යන ලයිවු ප්ලේ කරන ජෑස් සංගීතයටත් කට්ටිය කැමතියි. මේක සෝෂල් මීඩියා අතරෙ ඉන්න තරුණ තරුණියොන්ට නුපුරුදු කඩයක් නෙමෙයි. සෝෂල් මීඩියා වැඩවලට කවදත් ස්පොන්සර් කරන මේ කඩේ ප්‍රසිද්ධ කෝපි කඩයක් වුනාට මේකෙ රසම දේ තමයි බීෆ් බර්ගර්. උදේ හතේ ඉඳන් රෑ දොළහ වෙනකං කඩේ ඕපන්. උදේ කැමටත් කට්ටියගෙ ලයික් එක උපරිමෙන් තියෙනවා. ඔරියෝ චීස් කේක් එක වගේම කෝපි එකටත් උපරිම ලකුණු දෙන්න පුළුවන්. තියෙන්නෙ වෝඩ් ප්ලේස් එකේ. ගනං චුට්ටක් වැඩියි. ගොඩක් වැඩිත් නෑ. මධ්‍යමත් නෑ.
මෙම අවන්හලේ රසම දේ කුමක්ද?
{ "answer_start": [ 515 ], "text": [ "බීෆ් බර්ගර්" ] }
d2494c89-eb93-4868-afa1-5f0a5dda5a3c
ගුප්ත විද්‍යාව පුහුණුවීමේදී ආධුනිකයින් ප්‍රථමයෙන්ම මන්ත්‍ර පාඩම් කරගත යුතුවෙයි. ඒ සඳහා අනුගමනය කළ යුතු උපදෙස් ස්වල්පයක් පෙන්වාදීම මෙම ලිපියේ අරමුණ වෙයි. ප්‍රථමයෙන්ම මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙනීමට පටන් ගන්නා අය රාත්‍රී 11 න් පසු මන්ත්‍ර පාඩම් නොකළ යුතු වෙයි. හඬනගමින් හෝ ඉතා හෙමින් පාඩම් නොකළ යුතුය. නිවස අසල කවර හෝ තොවිල්පොළවල් තිබෙන විට පාඩම් කිරීම නැවැත්විය යුතුය. අසල කුමන හෝ බෙර හඬක් ඇසෙන විටද හොඳ හෝ නරක හෝ වේවා මන්ත්‍ර පාඩම් කිරීමෙන් වැළකී සිටිය යුතුවෙයි. විශේෂයෙන්ම මළ ගෙදරකට ගමකට හෝ මළ මිනියක් තිබෙන වෙනත් තැනකට හෝ ගොස් ආපසු පැමිණිවිට මන්ත්‍ර ශාස්ත්‍රයට අයත් සියලුම පොත් හා මන්ත්‍ර පරිහරණයෙන් වැළකීම වැදගත් වෙයි. එසේ නොකිරීමෙන් වටිනා මන්ත්‍ර ශාස්ත්‍රයේ බලය පිරිහෙනු ඇත.
මළ ගෙදරකට ගොස් පැමිණිවිට කළයුතු වන්නේ කුමක්ද?
{ "answer_start": [ 569 ], "text": [ "පොත් හා මන්ත්‍ර පරිහරණයෙන් වැළකීම" ] }
f56c48f1-407b-467a-95bd-0e66401b2e1d
වර්තමාන සමාජයේ අඩි උස සපත්තුව කාන්තා විලාසිතාවක් බවට පත්වී ඇත්තේය. එසේ වී නමුදු මෙහි මූලාරම්භය පිරිමින් විසින් ආරම්භ කර ඇත. පුරාණ ඊජිප්තුවේ වැසියෝ කකුලට පාවහන් භාවිතා කර නොමැත. එකල වැසියෝ ගමනා ගමනයේ යෙදී ඇත්තේ පාවහන් නොමැතිවය.එම වකවානුවේ ඊජිප්තුවේ වෙළඳාම් කටයුතු වල නිරත මස් වෙළෙන්දෝ බිමට වැටෙන රුධිරය කකුල් වල නොගෑවෙන ලෙස ආරක්ෂා වීම සඳහා ලී වලින් සදා නිම කළ පතුල උස පාවහන් වර්ගයක් පාවිච්චි කිරීමට පුරුදුවී සිටියහ. ඉන්පසු පුරාණ පර්සියා ජාතික අශ්වාරෝහකයෝ අශ්වයන් පිට ගමන් කිරීම සඳහාත් එයින් ආරක්ෂා වීම සඳහාත් පතුල උස සපත්තු භාවිතා කිරීමට පුරුදුව ඇත. ඊට අමතරව පුරාණ ඊජිප්තුවේ ගොඩ නැගුණු පිරමීඩ ආශ‍්‍රිතව සමහර සොහොන් කොත්හී බිත්ති මත නිර්මාණය කරන ලද රූප අතර පාවහන් සහිත රූප රාමු දැකීමට ලැබීම හා එය අනුකරණය කිරීම තුලින් පුරාණ ඊජිප්තු මස් වෙළෙන්දෝ ප‍්‍රථමයෙන් අඩිය උස සපත්තු භාවිතය ආරම්භ කර ඇත.
පුරාණ පර්සියා ජාතික අශ්වාරෝහකයෝ අශ්වයන් පිට ගමන් කිරීම සඳහාත් එයින් ආරක්ෂා වීම සඳහාත් භාවිතා කරන ලද්දේ කුමන ආකාරයේ සපත්තුද?
{ "answer_start": [ 512 ], "text": [ "පතුල උස සපත්තු" ] }
c550c334-1ee0-437f-bbdc-a62f936ece2d
පානීය ජලය පිළිබඳ පර්යේෂණයන් සඳහා ඇමරිකා ඩොලර් මිලියන 200 ක (රුපියල් මිලියන 29755) වියදමින් ඉදිකෙරන පර්යේෂණාගාරය සඳහා අවබෝධතා ගිවිසුම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්‍ය උපුල් බී දිසානායක මහතා සහ චයිනීස් ඇකඩමි ඔෆ් සයන්ස් විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය යෑන්ෆෙන් වෑන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී අද (16) සිදු කැරිණි. 2014 වසරේ දි චීන සමුහාණ්ඩුව හා ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් අනුව පේරාදෙණිය හා චීන චයිනීස් ඇකඩමි ඔෆ් සයන්ස් සරසවි අතර අධ්‍යයන කටයුතු කිරිම පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය හා ඡල සම්පත් මණ්ඩලය සමග සම්බන්ධව ආරම්භ කිරිමට නියමිතය. පර්යේෂණාගාරයේ වැඩ වසර දෙකකින් වැඩ නිම කිරිමට නියමිත බවද පේරාදෙණි විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්‍ය උපුල් බී දිසානායක මහතා පැවැසිය.
පර්යේෂණාගාරයේ වැඩ නිම කිරිමට නියමිත කාලය ?
{ "answer_start": [ 638 ], "text": [ "වසර දෙකකින්" ] }
e1b9866d-e045-42dd-abd1-22b5f48ca125
මහාචාර්ය එච්. මන්ක්ටන් බ්‍රිතාන්‍යයේ වාසය කළ කීර්තිමත් පුරාවිද්‍යාඥයකු විය. ඔහුගේ සොයාගැනීම් නිසා බ්‍රිතාන්‍යයේ යටපත්ව තිබූ අතීත සිදුවීම් බොහෝමයක් අනාවරණය විය. බ්‍රිතාන්‍ය රාජකීය පුරාවිද්‍යා සංගමයේ තැන්පත්ව ඇති මහාචාර්ය මන්ක්ටන්ගේ පුරාවිද්‍යාත්මක වාර්තා එක් අතකින් විශ්වාස කිරීමට පවා අසීරුය. දොළොස්වැනි සියවසේ ජීවත් වූ ඩී. රොන්ඩිෆෝට් නම් සාමිවරයා විසින් ඉදිකරන ලද අද්භූත මන්දිරයකට අදාලව වරක් මහාචාර්ය මන්ක්ටන් ගවේෂණ කටයුතු සිදුකළේය. එම අද්භූත මාලිගාව බොහෝ දෙනෙකු හඳුන්වනු ලැබුයේ වධක මන්දිරය නමිනි. රොන්ඩි ෆෝට් සාමිවරයාගේ ප්‍රධානතම කාර්යය වූයේ තමන් දැන සිටි ගුප්ත විද්‍යාවේ සත්‍යය සොයා බැලීමට මිනිසුන් උපයෝගීකර ගැනීමය. ඔහු අවට ගම්වලින් සිය ගණන් ස්ත්‍රී පුරුෂයන් පැහැරගෙන විත් තම මන්දිරයේ සිරකරගෙන තබාගෙන ගුප්ත විද්‍යා කටයුතු සඳහා ඔවුන් උපයෝගී කරගත්තේය. අවට ගම්වාසීහු ඔහුගේ මන්දිරයට පැමිණීමට තරම් එඩිතර සිත් ඇත්තෝ නොවූහ. මහා වනයක් මැද පිහිටි මෙම මන්දිරයට ළඟාවීම මරණය වැළඳ ගැනීමක් බව බොහෝ දෙනා සිතූහ.
මහාචාර්ය මන්ක්ටන්ගේ පුරාවිද්‍යාත්මක වාර්තා තැන්පත් කර ඇත්තේ කොහෙද?
{ "answer_start": [ 160 ], "text": [ "බ්‍රිතාන්‍ය රාජකීය පුරාවිද්‍යා සංගමයේ" ] }
6cb28cd4-dc2b-4237-8373-aeb11747f309
දුටු පමණින් සංචාරක සිත් මෝහනය කරන්නා වූ දියලුම ඇල්ල සොබාදහමින් ඌව පළාතට හිමි වූ මහඟු සම්පතකි. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දියලුම පිහිටියේ වැල්ලවාය බෙරගල මහා මාර්ගය ආසන්නයේ කොස්ලන්ද සහ ගම්පහ යන ගම්මාන අතරේය. පුනාගල ඔයෙන් පෝෂණය වන දියලුම උසින් මීටර් 171කි. මෙම දිය කොමලිය ශ්‍රී ලංකාවේ තිබෙන දියඇලි අතර උසින් තෙවන ස්ථානය හිමිකරගන්නා දිය ඇල්ල වන අතර, උස අනුව එය ලෝකයේ 361වන ස්ථානයේ පසුවෙයි. පුනාගල ග්‍රාමය ආශ්‍රිතව තිබෙන දියඇලි සංඛ්‍යාවෙන් අවසන් දියඇල්ල සේ සලකනු ලබන දියලුම පළමුව කුඩාඔය හා එක්ව ගලාබැස ඉන්පසුව කිරිඳි ගංඟාවට මුසු වී පසුව තිස්සමහාරාමය ආසන්නයේ දී මුහුදට එක් වේ.
දියලුම් ඇල්ල පෝෂනය වන්නේ කුමකින්ද?
{ "answer_start": [ 246 ], "text": [ "පුනාගල ඔයෙන්" ] }
3b41bbe1-8997-47c9-8eee-d4f56c30f196
‘දහඅටවැනි ශත වර්ෂයේදී අපට දක්නට ලැබෙන ගොවි කුලය පැරණි කුලවතුන්ගේ දරු මුණුපුරන්ගෙන් පැවතෙන සජානීය පිරිසක් නොවේ. දේශීය හා විදේශීය යන දෙපක්ෂයටම අයත් විවිධ කොටස් එයට සම්මිශ්‍රණය විය. උඩරට නිලමෛයිකාරවරු හෙවත් නිලමේවරු විසින් සිංහල පොත පත වැනසූ අයුරු පට්ටි පුරාණය ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත්තේ මෙසේය. නිලමෙලා කියති තුප්පොට්ටිය පටලා බැරිවෙලා තිබෙන පොත්පත් ලති ළිපලා හරවලා කියති නම් ගම් පට බැඳලා මත්තට වෙන මුළා මම මෙන්න පද කළා, මුලදී සිංහලෙන් ලියන ලදුව පසුව ද්‍රවිඩ භික්ෂුවක වූ මහානාම හිමියන් විසින් පාලි බසට පරිවර්තනය කර ඉන්පසු යතිවරයන් විසින් පාලි බසින්ම එකතු කිරීම් කරන ලද සහ මහනුවර යුගයේදී විවිධ සංශෝධනයන්ට බඳුන් වූ මහාවිහාර මහාවංසයට අනුව සිංහලයා පැවතෙන්නේ දකුණු ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ විජය සහ ඔහුගේ සත් සියයක් වූ පිරිසෙන්ය.
ගොවි කුලය පැරණි කුලවතුන්ගේ දරු මුණුපුරන්ගෙන් නොපැවතෙන සජානීය පරපුරක් සිටියේ කුමන ශත වර්ශයේද?
{ "answer_start": [ 0 ], "text": [ "‘දහඅටවැනි ශත වර්ෂයේදී" ] }
07775716-b5f9-4826-8fac-d045f412d866
පැහැදිලිව වක්වූ නියපොතු සහිතව රළු ගල් පෘෂ්ඨයේ දිව යාමට හැකි අයුරින් ඔවුන්ගේ පාද පරිණාමය වී ඇති අතර ඇසේ කණිකාව ද රවුම් ස්වරූපයක් ගැනීම විශේෂත්වයක් බව පර්යේෂකයෝ කියති. ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ සමාජය තුළ හූනන් පිළිබඳ ඇති ආකල්පවල පැහැදිලි වෙනසක් කළ යුතු බවයි. කොඳුඇට පෙළක් සහිත හෙවත් පෘෂ්ඨවංශී සත්ත්වයන් වන හූනන් පරිසරයේ සමතුලිතතාවට වැදගත් මෙහෙවරක් කරන අතර මෙම මෙහෙවර මූල්‍යමය වශයෙන් තක්සේරු කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට තමන් ඇතුළු කණ්ඩායම කටයුතු කරමින් සිටින බව ද සුරන්ජන් කරුණාරත්න මහතා පැවසීය.
හුනන්ගේ මෙහෙවර මුල්‍යමය වශයෙන් තක්සේරු කිරීමට ක්‍රමවේදයක් හදුන්වාදීමට යන්නේ කවුද ?
{ "answer_start": [ 465 ], "text": [ "සුරන්ජන් කරුණාරත්න මහතා" ] }
cb9fcaa4-0e91-43d9-b096-ae63c5612c5e
ද්විත්ව මරණයක අබිරහසක් හෙළි කිරීමට මියගිය එක් පුද්ගලයෙකුගේ කුඩා අන්ත්‍රයේ වූ ඇපල් කැබැල්ලකට හැකි වූයේ යැයි පැවසුවහොත් ඔබේ හිතේ ඒ පිළිබඳව සැකයක්, කුකුසක් ඇතිවනවා නොඅනුමානය. මන්ද ද්විත්ව මරණයක් කෙසේ සිදුවීදැයි ඇපල් කැබැල්ලකින් පවසන්නේ කෙසේද යන්න ගැටලු සහගත බැවිනි. එහෙත් දක්ෂ අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකුට එය එතරම් බරපතළ ගැටලුවක් නොවේ. මියගොස් තිබෙන්නේ අවුරුදු තුනක ගැහැනු දරුවකු හා අවුරුදු හතරක පිරිමි දරුවෙකි. සිද්ධිය වන අවස්ථාවේ දරුවන් දෙදෙනා සිටියේ නිවසේ තනිවමය. මෙහි කිසිවෙකුටත් සිතා ගැනීමට නොහැකි කාරණාව වූයේ ගැහැනු දරුවා රිය අනතුරකින් මියගොස් ඇති බවක් පෙනෙන්නට තිබෙන අතර පිරිමි දරුවා දරුණු කැපුම් තුවාලයක් සහිතව නිවස තුළ මියගොස් තිබීමය.
මිය ගියේ අවුරුදු හතරක කුමන දරුවෙක් ද ?
{ "answer_start": [ 390 ], "text": [ "පිරිමි දරුවෙකි" ] }
8c7bf251-a8a8-481c-809b-03f0cd261eba
බුධ සිකුරු ඔබට පාපී ග්‍රහයින් වන අතර කුජ ග්‍රහයා වඩාත් ශුභපල ගෙනදෙන ග්‍රහයාවේ. බුධ 3 වැන්නටද සිකුරු 4 වැන්නටද කුජ 7 වැන්නටද පැමිණ ඇත. පාපී ග්‍රහයකු වුවත් ඔබගේ ජන්ම කේන්දරයේ බුධ බලවත් නම්, ඉගෙනීමට දක්ෂ වේ. සහෝදරයින්ට යහපත්ය. නිතර ගමන් බිමන් යෙදේ. තැපැල් හෝ දුම්රිය සේවයේ රක්ෂාවන්ට කාලය යෙදේ. සිකුරු ග්‍රහයා ඔබගේ ජන්ම කේන්දරයේද 4 වැන්නේ නම් ඔබ දැනටමත් යාන, වාහන ඉඩකඩම් දේපල හිමි අයෙකි. සිකුරු 4 වැන්නේ ගත කරන දින කීපය තුළ එවැනි දේ ලැබීමටද වාසනාව ඇත. විවාහ වයසේ නම් ලස්සන සහකාරියක හඳුනා ගැනීමට ලැබේ. කුජ ඔබට වාසනාව ගෙනදෙන ග්‍රහයා වේ. විවාහ වන වයසේ පසුවන අයට මෙම කාලය තුළ විවාහ වාසනාව ලැබෙනු ඇත. මෙම ග්‍රහයින් තිදෙනාම තම ජන්ම කේන්දරයේ අශුභව පිහිටා ඇත්නම් සඳහන් කරන ලද ශුභඵල නොලැබී යාමට ඉඩ තිබෙන බවද සලකන්න.
3 වැන්නට පැමිණ ඇති ග්‍රහයා වන්නේ කුමන ග්‍රහයාද?
{ "answer_start": [ 79 ], "text": [ "බුධ" ] }
6bc14987-f76a-41a7-a274-63585e2ce297
මිනිසුන්ගේ සිත් තුළ මෙවැනි විශ්වාස මුල්බැසගෙන තිබුණද ඒවායේ සත්‍ය අසත්‍යතාවක් තිබේද? කොහේවත් සිටින සතෙකුට හෝ බාහිර පුද්ගලයෙකුට තම ජීවිතයේ ඉරණම වෙනස් කළ හැකිද? රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රදේශයක ජීවත් වෙන නිමල්සිරි තම දෛනික ජීවිතය ගෙවන්නේ කපුටන්ගේ හෝ හූනන්ගේ ශබ්ද අනුව ය. නිමල්සිරිගේ පවුලේ සිටිනුයේ ඔහුත් ඔහුගේ බිරිඳ හා අවුරුදු විසි දෙකක් වයසැති පුතාත් පමණකි. නිමල්සිරි මේසන් වැඩ හෝ වෙනත් කුලී වැඩ දෛනිකව කර යම්කිසි මුදලක් උපයාගෙන සපයාගෙන නිවසට පැමිණෙන්නේ ඉතාමත් තෙහෙට්ටු වීය. නිමල්සිරිගේ පුතා අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත්ව නිවසට වී සිටිනුයේ කිසිදු රැකියාවකට යාමට හෝ නිවසේ ආර්ථිකයේ දියුණුවට කිසිදු උරදීමක් ගැන හෝ උනන්දුවක් නොමැතිවය. මොනතරම් අඩුපාඩුකම් තිබුණද නිමල්සිරි කපුටු සාස්තරේ හා හූනු සාස්තරේ නම් හරියටම පිළිපැද්දේය.
නිමල්සිරිගේ පුතා අසමත්ව ඇත්තේ කුමක්ද ?
{ "answer_start": [ 497 ], "text": [ "අ.පො.ස. සාමාන්‍ය පෙළ" ] }
7511e7d5-9a31-4271-bc27-306e71e66ba5
වරුණ සතු අසීමිත බලය හේතුවෙන් කනක් කළු සුදු අශ්වයන් දහසක් සොයාගැනීමට හැකිවනු ඇතැයි රුචික කල්පනා කළේය. නිබඳවම භාවනානුයෝගීව පසුවන වරුණ සතුව අසීමිත ශක්තියක් විය. එක් පැත්තකින් ඔහු සයුරටද වැස්සටද අධිපතිය රජමැදුරු අංගණය පිරී තිබුණේ සුදු අසුන්ගෙනි. පුදුමයකට මෙන් ඒ හැම කෙනකුගේම එක් කනක් පමණක් කළුපාටය. රජුට පුදුමයට පත් නොවී සිටීමට නොහැකි විය. මේක නම් භාවනා ශක්තියේ බලයෙන්ම කළ වැඩක්. නැත්නම් එකම විදිහේ අස්සයෝ දහසක් සෙවීම දුෂ්කර කටයුත්තක්. වනස්පතීන් ගැවසෙන සුන්දර වනගහනයේ එක් සොඳුරු තැනිතලාවක තාපසාශ්‍රමය පිහිටා තිබිණි. එහි අවට මිදුල පුරා වූයේ හරිත පැහැගත් සුන්දර තණ පලසකි. දවසේ උදේ වරුවම පාහේ ඒ තණ මත පිනි පලසක්ද තිබිණි.
තාපසාශ්‍රමය පිහිටා තිබුණේ කොහේද?
{ "answer_start": [ 433 ], "text": [ "වනස්පතීන් ගැවසෙන සුන්දර වනගහනයේ එක් සොඳුරු තැනිතලාවක" ] }
fff57951-fab5-42e3-8d38-3e90e021232b
රස්සාව කන්දට නැගලා කබරගල කන්ද පැත්තට ඇවිද ගියපුවාම හැටන් තලවාකැලේ දිහාට දිය ඇලි විශාල වශයෙන් දැකගැනීමට හැකියාව තිබෙනවා. පසුගිය කාලේ රඹුක්පිටියේ විශාල ලොකු නාය යෑමක් සිදු වුණා. රස්සාවට ඒහා පැත්තෙන් නාවලපිටිය ගිනිගත්හේන පාරේ රඹුක්පිටිය කියන තැන. නමුත් මෙසේ නාය ගියේ කඔරගල කෙළවරක සිටයි. ඉස්සර අපි අහලා තියෙනවා රාක්ෂ ගෝත්‍රිකයන් යකඩ තළද්දී මිනිස්සු අතරට ඒ යකඩ තැලීම පැමිණියේය කියලා. ඒ කාලේ ඈත ගම්වල මිනිස්සු ඇවිත් මේ යකඩ තළන හැටි හොරෙන් බලා ඉඳලා තියෙනවා. මිනිස්සු ඒ විදිහට හොරෙන් බලා ඉන්නේ රාක්ෂ ගෝත්‍රිකයන් මිනිස්සු මරා ගෙන කන නිසා. ඒ වාගේම මේ ගොල්ලන්ට මෙම යකඩ තළන හැටි දැන ගන්න ඔනෑ කියලාත් තිබුණා. ඒ නිසා ගම්වලින් ආපු මිනිස්සු ගස් මුදුන්වලට නැගලා යකඩ තලන ළඟම ස්ථානයට ගිහින් යකඩ තළන හැටි බලා ඉඳලා හයියෙන් කෑ ගහලා යකඩ තළන හැටි කීවා කියලා සඳහන් වෙනවා.
හැටන් තලවකැලේ පැත්තට ඇවිද යන්නේ කුමන කන්ද හරහාද
{ "answer_start": [ 19 ], "text": [ "කබරගල කන්ද" ] }
c69a28f1-0a34-4a71-b698-16dfbb2c7efe
ස්ලෝවේනියාව සතු ලෝක උරුමයක් වන මෙම පොස්තුමියා හුණුගල් ගුහාව මුලින්ම සොයා ගෙන ඇත්තේ වර්ෂ 1213දීය. නමුත් එය මහජනයා සඳහා විවෘත කර 1872 දී ලූතා චෙක් නමැත්තාගේ පුරෝගාමීත්වය යටතේය. සංචාරකයන්ට ගමන් කිරීම සඳහා දුම්රිය මාර්ගය විවෘත කර ඇත්තේ ඊට වසර 12කට පමණ පසුවය. පොස්තුමියා ගුහාව අභ්‍යන්තරය අමුතුම ලෝකයකි. එහි ඇති හුණුගල් පර්වත එක ස්ථානයක සුදු පැහැයෙන්ද තවත් ස්ථානයක කහ, තැඹිලි සහ රෝස පැහැයන්ගෙන්ද දිස්වේ. අඩියෙන් අඩිය විදුලි බල්බ දල්වා තිබෙන හෙයින් එය ඉතා ආලෝකමත්ව දිස්වේ. ගුහාවේ මීටර් 200ක් පමණ ගමන් කළ පසු පුද්ගලයන් 1000ක පමණ සිටිය හැකි වේදිකාවන් බඳු ස්ථානයක් හමුවේ. පොළොව අභ්‍යන්තරයේ මෙවැනි ස්ථානයක් තිබේද කියාවත් සිතා ගැනීමට අපහසුය. තවත් දුර ගිය පසු හමුවන්නේ පළමු ලෝක යුද සමයේ රුසියානු සිරකරුවන් විසින් සාදන ලද පාලමකි. එය ගුහාවේ බිම් මට්ටමේ සිට මීටර් 40ක් පමණ උසින් පිහිටා ඇත. වසර 100කටත් අධික කාලයක පෙර නිර්මාණය කළ මෙම පාලම සඳහා අමුද්‍රව්‍ය ගුහාව තුළට කෙසේ ගෙනාවේ දැයි සිතා ගැනීමට පවා අපහසුය. ගුහාවේ ඉහළ ඇත්තේ ඉතා උල් හැඩැති හුනුගල්ය. යම් විදියකින් ඉන් එකක් මිනිසකුගේ හිස මතට කඩා වැටුණහොත් ඔහු නියත වශයෙන්ම මියයනවා ඇත. එහෙත් සංචාරක උපදේශකවරයාගේ ස්ථිර අදහස වූයේ කිසිදා දිනක මෙම හුණුගල් උල් කඩා වැටෙන්නේ නැති බවයි. සමහර තැනක මෙම හුනුගල් පර්වත මීටර් 10කටත් වඩා උසය. මෙහි තවත් පුදුමය දනවන කරුණ වන්නේ මෙම හුණුගල් සෙන්ටිමීටරයක් වැවීමට වසර 100කටත් වැඩි කාලයක් ගත වීමයි.
පොස්තුමියා හුණුගල් ගුහාව මහජනයා සඳහා විවෘත කර ඇත්තේ කිනම් වසරේදීද?
{ "answer_start": [ 127 ], "text": [ "1872 දී" ] }
b790658b-d207-4a7a-bbd8-2ac61cd96917
පාකිස්තානය සමග යුද ක්‍රියාන්විතයට සැරසෙන ඉන්දියානු හමුදාවට සහය පළ කරමින් ට්විටර් පණිවුඩයකින් ඉන්දියානු හමුදාව දිරි ගැන්වූ බවට ප්‍රියංකා චොප්රාට චෝදනා එල්ල වී තිබේ. ලෝස් ඇන්ජලීස්හි පැවැති චොප්රාගේ රූපලාවණ්‍ය සමුළුවකට සහභාගී වූ පාකිස්තානු - ඇමෙරිකානු කාන්තාවක වන අයේෂා මලික් එහිදී ඇයව කුහකයෙකු ලෙස හඳුන්වා තිබේ. මේ කාරණාව සම්බන්ධයෙන් ඇය කියා ඇත්තේ, ඇයට පාකිස්තානයේ බොහෝ මිතුරන් සිටින අතර, යුදමය කාරණා සඳහා ඇය ප්‍රිය නොකරන බවත්, නමුත් ඇය ඉන්දියාවේ ජීවත් වන්නකු නිසා ඇය දේශප්‍රේමී කෙනෙකු බවයි.
ඉන්දියානු හමුදාව යුධ කිරීමට සැරසේන්නේ කුමන රටක් සමගද
{ "answer_start": [ 0 ], "text": [ "පාකිස්තානය සමග" ] }
f6255fb4-eea3-44d1-b5bd-cb5bc21b9bac
කාම ආවේශය බෙහෙවින් කැමති වනුයේ කාම සම්බෝගයටයි. එය කිරි දැරිවියක විය හැකියි. කොටහලු නොවූ දැරියක වියහැකියි. තරුණ, විවාහක, වයස්ගත යන කරුණු මෙතුළ නොසැලකෙයි. සැලකිල්ල ස්ත්‍රී සිරුරක් යන්න පමණයි. ආවේශය බිලි කාමය වනවිට බිලි ගැනීම එකම අරමුණයි. මෙහි නියමය වනුයේ අමු ලේ බිල්ලක් විය යුතුය යන්නයි. එම ලේ උණුසුම් විය යුතුයි. බිලි නියමය එය මෙසේ දක්වයි. මෙම ලේ බිල්ල සත්ත්ව හෝ මනුෂ්‍ය බිල්ලක් විය යුතුයි. ඉල්ලා සිටිනුයේ මනුෂ්‍ය බිල්ලක් නම් කුමන තත්වයක් යටතේ වුව එය ලබාදිය යුතුමයි. ආවේශය කැපවී සිටිනුයේ ආවේශය කැදවූ අයගේ මනදොල සපුරාලීමට මිස ප්‍රශ්න කිරීමට නොවෙයි. එය ආවේශයේ අත්තිවාරමයි. බලිකාම සහ පුළුටු කාම ආවේශද මෙම තත්ත්වයන්ට වඩා වෙනසක් නොපෙන්වයි. කාම කොටස් එකිනෙකින් වෙනස් වනුයේ ඒවායෙහි අර්ථයෙන් මිස දොල පිදේනියෙන් නොවෙයි. කිසියම් ලෙසකින් හෝ ඉල්ලනු ලබන ඉල්ලීම්වලින් වෙනස් නොවෙයි. මේ දුශ්ශීල කාම කොටස් හතරේ විශේෂත්වයයි.
මෙම බිල්ල කුමන ආකාරයේ එකක් විය යුතුද?
{ "answer_start": [ 352 ], "text": [ "සත්ත්ව හෝ මනුෂ්‍ය" ] }
5234d5c1-da4e-4fc8-9d26-f32b3fd5df05
ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් නිෂ්පාදනය කළා සිද්ධාර්ථ ගීත නාටකයක්. මේ නාට්‍යයේ රචනය හා ගීත ප්‍රබන්ධ කරලා තිබුණේ මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ බිරිය කුසුම් දිසානායක මහත්මිය. සිද්ධාර්ථගේ ප්‍රධාන චරිතය රඟපෑවේ ලක්ෂ්මන් විජේසේකර. බියට්‍රිස් යසෝධරාවගේ චරිතය රඟපෑවා. සංගීත නිර්මාණය කළේ ආදී ආනන්දියකු වූ විශාරද සදානන්ද පට්ටිආරච්චි මහතා. මම නාට්‍යයේ අත්වැල් ගායනයට සහභාගී වුණා. අපි නාට්‍ය හොඳට පුරුදු වුණා. මංගල දර්ශනය තිබුණේ විලියම් ගොපල්ලව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එදා නොසිතූ ලෙස ලක්ෂ්මන්ට ඇස් ලෙඩ හැදිලා ඇස් දෙක හොඳටම ඉදිමිලා. සංගීත අධ්‍යක්ෂක පට්ටිආරච්චි මහතා හොඳටම කලබල වෙලා. හදිසියට අඩුව පිරිමහන්න නළුවෙකුත් නැහැ. පට්ටිආරච්චි මහත්තයා මා ළඟට ආවා. රෝහණ මේ වෙලාවේ ඔයා අපිට උදව් කරන්න ඕනෑ. අපිට උදව්වක් හැටියට සිද්ධාර්ථ චරිතය රඟපානවාද? පට්ටිආරච්චි සර් බැගෑපත්ව ඇසුවා.
කුසුම් දිසානායක මහත්මියගේ සැමියා කවුද?
{ "answer_start": [ 122 ], "text": [ "ජේ.බී. දිසානායක" ] }