id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
6096ac55-1ef3-4333-9d45-fcadc4ccc85e
එම පැය 24 ක කාලයේදී ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 94,372 දෙනකු, ඇමෙරිකාවෙන් වයිරස ආසාදිතයන් 45,523 දෙනකු සහ බ්‍රසීලයෙන් වයිරස ආසාදිතයන් 43,718 දෙනකු හඳුනාගෙන ඇත. එම කාලයේදී ඉන්දියාවෙන් සහ ඇමෙරිකාවෙන් වයිරස ආසාදිත මරණ 1,000 ඉක්මවා වාර්තා වී ඇති අතර බ්‍රසීලයේ සිදුව ඇති වයිරස ආසාදිත මරණ ගණන 874කි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව මීට පෙර වයිරස ආසාදිතයන් වැඩිම ගණනක් වාර්තා වූයේ සැප්තැම්බර් 6 වැනිදා ය. එදින වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන 306,857කි. දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වූයේ අප්‍රේල් 17 වැනිදා ය. එදින ලොව නන්දෙසින් නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 12,430කි.
ඉන්දියාවෙන් හා ඇමරිකාවෙන් වයිරස ආසාදිත මරණ කීයක් වාර්තා වේද?
{ "answer_start": [ 215 ], "text": [ "1,000 ඉක්මවා" ] }
038b4f09-93c2-4216-ba63-a2dde1ee5354
සමුද්‍ර කෞතුකාගාරය ප‍්‍රථමයෙන් ම 1992 වර්ෂයේ මැයි මස 9 වන දින සිට දේශීය විදේශීය නරඹන්නන් සඳහා විවෘත කෙරුණද 2004 සුනාමි ව්‍යසනයත් සමඟ මෙම කෞතුකාගාරය සම්පූර්ණයෙන් ම විනාශයට පත් ව ඇත. සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වූ නෙදර්ලන්ත – ශ‍්‍රී ලංකා සහයෝගිතා වැඩසටහනෙන් ලද මූල්‍යාධාර මඟින් ප‍්‍රතිනිර්මාණය වූ සමුද්‍ර කෞතුකාගාරය 2009 මැයි මස 18 දා නැවත මහජනතාව වෙනුවෙන් විවෘතව ඇත.ගාල්ල සමුද්‍ර කෞතුකාගාරයේ ඇති කෞතුක භාණ්ඩ ලෙස අතීත සාම්ප්‍රදායික ධීවර ආම්පන්න, පැරණි ලක්දිව පැවති ඔරු විශේෂයන්වල ආකෘති, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත්ව තිබූ ප්‍රථම යුධ නෞකාව වූ විජය නෞකාවේ සුක්කානම ආදී තවත් කෞතුක වස්තූන් රැසක් දැක බලාගත හැකිය. මෙහි ඇති එක් සුවිශේෂී ඔරු විශේෂයක අනුරුවක් පිළිබඳ මේ ආකාරයේ විස්තරයක් ඇත. මහ ඔරු ලෙසද දක්වා ඇති මෙම යාත්‍රාවන් ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ඔරුවල දිගුවක් විය. මෙම යාත්‍රා විශේෂය අතීතයේදී ගැඹුරු මුහුදේ යාත්‍රා කිරීමට භාවිතා කර තිබේ. මෙම යාත්‍රා විශේෂය මගින් රට රටවල් අතර භාණ්ඩ හා මගීන් ප්‍රවාහය කිරීම සිදුව ඇතිබව සඳහන්ය.
කුමන මූල්‍යාධාර මඟින් ද සමුද්‍ර කෞතුකාගාරය ප‍්‍රතිනිර්මාණය වූයේ ?
{ "answer_start": [ 247 ], "text": [ "නෙදර්ලන්ත – ශ‍්‍රී ලංකා සහයෝගිතා වැඩසටහනෙන්" ] }
c26c5d32-6b50-489a-a6fb-f7528a5900ee
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ව්‍යාපාරික ආයතන රැසක් පිහිටි සිවු මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නෙන් 27 දෙනෙකු මියගිය අතර 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි. ගින්න හටගත්තේ ඊයේ සවසය. ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ නවදිල්ලියේ මුන්ඩ්කා පළාතේය. ගින්නට කොටුවුණු පිරිස 50 කට වැඩිය. ඔවුන් සියලු දෙනා මුදා ගැනීමටත්, තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද වාර්තා වේ. ගිනි නිවන භටයන් ඉහළ මහලවල සිරවී සිටි පිරිස් මුදා ගත්තේ දොඹකර යොදා ගනිමිනි. ගින්න හටගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ පළමු මහලේය. නිසි ලෙස ගොඩනැගිල්ල නඩත්තු නොකිරීම නිසා ගින්න හටගත් බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර ගොඩනැගිල්ල අයත් සමාගමේ හිමිකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසියෙන් බේරී පලා ගොස් ඇතැයි ද පැවැසෙයි. ඔහු සොයා විමර්ශන ආරම්භ කර තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ගින්නක් හට ගත්තේ කිනම් ගොඩනැගිල්ලකද?
{ "answer_start": [ 26 ], "text": [ "ව්‍යාපාරික ආයතන රැසක් පිහිටි සිවු මහල් ගොඩනැගිල්ලක" ] }
37a33707-f27c-47dd-9a70-73d0a05fc929
වසර 130 කට පමණ පෙර එනම් 1890 පමණ වන විට මෙරටට අවශ්‍ය කරන අභ්‍යාස පොත් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කර ඇත. ලිවීම සඳහා උපයෝගී කරගත් කටුපෑන් සහ තීන්ත එංගලන්තයෙන් ආනයනය කර ඇත. අභ්‍යාස පොත්වල කටු පෑනෙන් ලියන ලද සටහන් වසර 130 තරම් කාලයක් ගත වුවද තවමත් ඉතා හොඳින් සුරැකිව පවතින අයුරු එලියස් ද සිල්වා මහතාගේ ලිපි ලේඛන පරික්ෂා කිරීමේදී අපට දැකගත හැකි විය. 1959 පමණ වන විට දරුවන්ගේ ඉඳුල් කටගෑම පවා උත්සවයක් ලෙස මෙරට තුළ පවත්වා තිබුණි. 1959 මාර්තු මස 23 වන දිනය සඳහන් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් මුද්‍රණය කර ඇති ඒ සඳහා වන ආරාධනා පත්‍රයක මංගල මුඛ පත් කිරීමේ ප්‍රීතිය උදෙසා පැවැත්වෙන උත්සවයට සවස 02 දෙකේ සිට රාත්‍රි 10 දක්වා පවත්වන ප්‍රිය උළෙලට පැමිණීම ගෞරවයෙන් ආපේක්ෂා කරන බවද සඳහන් කර ඇත.
ඉඳුල් කට ගෑම උත්සවයක් ලෙස මෙරට පැවැත්වූයේ කුමන වර්ෂය වන විටදීද?
{ "answer_start": [ 342 ], "text": [ "1959" ] }
6bfb9e11-dadf-4241-aec0-bb31c37f489c
මෙම සූර්ය පැනල පද්ධතිය මගින් පැනලයක් ස්ථාන ගත කිරීමට සුදුසු ආනතිය, දිසාව සහ ස්ථානගත කිරීමට සුදුසු පිහිටීම හඳුනාගැනීමට හැකිවෙනවා. මෙමගින් සූර්ය විකිරණශීලීතාව, වාතයේ ආර්ද්‍රතාව, පරිසර උෂ්ණත්වය, ආලෝක තීව‍්‍රතාව ඇතුළු පාරිසරික හේතු සියල්ලම සැලකිල්ලට ගෙන දත්ත සියල්ලම පරිගණකයක ස්වයංක‍්‍රීයව ගබඩා වෙනවා. එම දත්තවල සම්භාවිතාව ලබාගෙන සූර්ය පැනලයක් ස්ථානගත කිරීමට සුදුසු සක්‍යතාව ලබාගන්න පුළුවන්. මෙම පද්ධතිය මගින් තත්ත්පරයකට උපරිම වශයෙන් දත්ත 100 ක් පමණ ගබඩා කරගන්න පුළුවන්. අවශ්‍ය නම් අවුරුද්දක, දෙකක වුවත් ස්වයංක‍්‍රීයව දත්ත ගබඩා කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ අනුව වසරක සූර්ය බලශක්ති උත්පාදනයක් සඳහා උපරිම ඵලදායීතාවක් ලබාගැනීමට දත්තවල සම්භාවිතාව ඉතා වැදගත් වෙනවා. මෙම නව නිර්මාණය සූර්යපැනලවලින් සූර්යබල ශක්තිය ලබාගන්නා සමාගම්වලට කාර්යක්‍ෂම සහ ඵලදායී සේවාවක් ලබාගැනීමට හැකියාව තියෙනවා.
මෙමගින් සැලකිල්ලට ගනු ලබන පාරිසරික හේතු මොනවද ?
{ "answer_start": [ 137 ], "text": [ "සූර්ය විකිරණශීලීතාව, වාතයේ ආර්ද්‍රතාව, පරිසර උෂ්ණත්වය, ආලෝක තීව‍්‍රතාව" ] }
88ab8858-6c6a-4e2d-b007-49fec1282e6e
පොලිස් පරීක්ෂක බැස්ටියන් පිල්ලේ සහ පොලිස් සැරයන් බාලසිංහම් යන නිලධාරීන් දෙදෙනාගේ සිරුරු කීතු කීතුවලට කපා දමා තිබෙන බවත් පොලිස් කොස්තාපල් සිරිවර්ධනට වෙඩි තබා මරා දමා ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිවුණා. උප පොලිස් පරික්ෂක පෙරම්බරම් මියගොස් තිබෙන්නේ දිව යද්දී ළිඳට ඇද වැටී වතුර පෙවීම නිසා බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී කරුණු අනාවරණය වුණා. මේ සිද්ධිය වෙලා දවස් ගණනකට පස්සේ තමා සිරුරු සොයා ගත්තේ. ඒ වෙනකොටත් අත්අඩංගුවට පත්ව සිටි පාසල් ගුරුවරයා සොයමින් සිටියේ යැයි රහස් පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂකවරයා කීය.
පොලිස් කොස්තාපල් සිරිවර්ධන මරා දමා ඇත්තේ කෙසේද?
{ "answer_start": [ 148 ], "text": [ "වෙඩි තබා" ] }
d1e85c90-a8b8-4e79-aef7-edd0b84bfb89
වත්මනෙහි මෙහි නවීන ගොඩනැගිලි ඉදිවී තිබේ. ඒ නවීනත්වය අතරේ ඉපැරණි රසය ලබා දෙන ස්ථානයක් දැකගත හැකිය. ඒ පැරණි නගරයයි. එය පෞරාණික හැඩය ගත් බලකොටුවක් වැනිය. එහි වෙසෙන්නේ මෙම කාෂ්ගර් පළාතේ සම්ප‍්‍රදායික සහ සංස්කෘතිය එදා සිට රැකගෙන ජීවත්වන මිනිසුන්ය. මෙම පෞරාණික කාෂ්ගර් නගරය අප අතීතයට කැඳවාගෙන ගොස් අතීත රසයෙහි මිහිර ලබා දෙයි. ආහාරපාන, සිරිත් විරිත්, ඇඳුම් පැළදුම් සහ කලා නිර්මාණවල පහස ලැබීමට මෙන්ම ඒවා සිතුසේ මිලදී ගැනීමට පුළුවන. ඔවුනට ආවේනික වූ කුළුබඩු වර්ග යනු එදා සේද මාවතේ වෙළඳාමෙහිදී පවා විකිණීමට තිබූ ඒවාය. ධාන්‍ය ආහාර වර්ග ද එලෙසින්මය. මෙහි වෙසෙන මිනිසුන් ඇඳුමින් පැළඳුමින් හැඩවී සිටින්නේ එදා අතීතයේ හැඩය, පැහැය අනුවය. තද ශීත කාලයේදී ඔවුන් පළඳින්නේ ඔවුනටම ආවේනික හිස් වැසුම්ය. කබා සහ ලෝගු පවා ඔවුනට ආවේනිකව නිර්මාණය කරගත් ඒවාය. මෙතැනට පැමිණෙන සංචාරකයින් හට කාෂ්ගර්හි සම්ප‍්‍රදායික නැටුම්, ගැයුම්වල මිහිර විඳගැනීමට අවස්ථාව ලබා දී තිබේ. මෙම පුරාණ නගරයේ සිට අද කාෂ්ගර් ලබා ඇති දියුණුව සසදා බැලිය හැකිය. ඉපැරණි සමයේ කාෂ්ගර්හි තිබූ නිවාස අද මෙන් නොවීය. වර්ෂාව පවතින සමයේදී කාෂ්ගර් වැසියන් හට ගත කිරීමට සිදුවූයේ අතිශය දුෂ්ක පිවිතයකි. නමුත් චීන මහා ආණ්ඩුව මධ්‍යම රජය හා එක්වී මෙහි විශාල සංවර්ධනයක් ඇතිකර තිබේ. අද කාෂ්ගර් වෙත පැමිණෙන සංචාරකයින් හට එදා පුරාණ විස්තර සියල්ල ගැන දැක බලාගැනීමට සහ අවබෝධය ලබා ගැනීමට ස්ථානයක් ද මෙහි තිබේ. එදා කාෂ්ගර් පැවැති ආකාරය ගැන වීඞීයෝ දසුන් සහ චායාරූප මගින් නරඹා දැනගත හැකිය. චීනයේ මහා ජාතිය වන හන් ජාතිකයින්ගේ පෙනුමට වඩා මෙම උයිගුරු ජාතිකයින්ගේ පෙනුම තරමක් වෙනස්ය.
පැරණි නගරය කුමක් වැනිද?
{ "answer_start": [ 117 ], "text": [ "පෞරාණික හැඩය ගත් බලකොටුවක් වැනිය" ] }
5a6ddb9e-0870-4cad-92ea-4c11010dff1a
සී.ඩබ්.ඩබ්. කන්නන්දර මැතිඳුන්ගේ සැලසුම් අනුව ආරම්භ කරන ලද දිවයිනේ 54 වන මධ්‍ය විද්‍යාලය කුලියාපිටිය නාගරික කලබලකාරී පරිසරයෙන් බැහැර නිසංසල අක්කර 10 ක භූමි භාගයක ඉදිකරන ලද දැවැන්ත ගොඩනැගිලි පද්ධතියකින් සමන්විත විය. විදුහලේ ප්‍රධාන ශාලාව ඉදිරියෙන්ම දිස්වන අතර ශාලාව ඉදිරියෙන් අක්කරයක පමණ භූමි භාගයක ක්‍රීඩා පිටිය සකස් කර ඇත. ක්‍රීඩා භූමිය දෙපස බාලක හා බාලිකා නේවාසිකාගාර දෙක සමමිතිකව පිහිටා ඇත. විදුහලට ඇතුළුවීමට හා පිටවීමට ගේට්ටු දෙකක් වන අතර එම දොරටුවලින් ඇතුළු වීම සඳහා වූ මාර්ගය ක්‍රීඩා පිටිය වටා මැනවින් නිර්මාණය කර ඇත්තේ විදුහලේ ප්‍රධාන ශාලාවට ඇතුළු වීමට පහසුවන ආකාරයටය.
දිවයිනේ 54 වන මධ්‍ය විද්‍යාලය ඉදිකරන ලද භූමියේ විශාලත්වය කොපමණද?
{ "answer_start": [ 139 ], "text": [ "අක්කර 10" ] }
19c96237-1803-4673-b4d8-2e118f16bf3d
ෆෝබ්ස්ට දැන් වෙහෙසය. වෙහෙස අතරින් දැඩි කුසගින්නක්ද නැඟ එයි. තමා පැමිණ ඇති දිසාව කුමක් විය යුතුදැයි ඔහු සිතුවේය. සිතා බලන්නට බැරි තරම් අයස්කාන්තය. මනහර දිය විලක් වසා සුපිපි නිලු‍පුල් මල් කන්දරාවට ෆෝබ්ස්ගේ සිත හිනා නැඟු‍වේය. වෙහෙස නිවා ගන්නට ඔහු අශ්වයා පිටින් බැස ගනී. අශ්වයා දිගෑලි කොට දිය විලට පා නැඟු‍වේය. මල් යාය මෑත්කර දිය දෝතක් ගෙන පවස නිවා ගති. හාම්පුතුගේ ඉරියව්වටම අශ්වයාද විත් නිලු‍පුල් විලේ දිය බීගෙන බීගෙන ගියේය. දිය පහසින් වෙහෙස නිවුණි. විල් දිය අද්දර මහ සියඹලාවේ හේත්තුව නෙත් විහිදා අහස බැලීය. ෆෝබ්ස් දුටුවේ බ්‍රාහ්මණ රාජාලියන් අහස වටා කරණම් ගහන දසුනය. අහසින් ඇස් ගත් ඔහුට ඉමක් කොනක් නොපෙනෙන වනාන්තරය දිස්වේ. කුසගිනි දළුව යළි උදරය මැදින් නැඟ එන විට ෆෝබ්ස්ට සිහිවූයේ දඩමසක රස බලන්නටය. දඩමස රස බලන්න මත්තෙන් ඔහුගේ මල්ලේ තිබූ අවසන් විස්කෝතු ටින් එක ඇර විස්කෝතු දෙක තුනක් කා කුසගින්නට විරාමයක් දුන්නේය. ෆෝබ්ස් තුවක්කු බඳ අතට ගෙන හැරෙත්ම දුටුවේ ගෝනෙකු පසුපස දුවන අමුතු කොලු‍ ගැටයාය. ගැටයා නැවතුනි. ගෝනා දිව ගියේය. සුදු හූරා දැක වැදි කොලු‍වා තැති ගත් දෑසින් බලා හිඳී. වැදි කොලු‍වා දුටු සුදු හූරා විමතිව බලමින් සිට වහා තුවක්කුව ගෙන ගිනි බින්දේය. දුව ගිය ගෝනාගේ බඳ මැදට වෙඩි වැදී ඌ විසිවී ඇද වැටුණේය. රන්තුක තැති ගෙනය.
කුසගිනි දළුව යළි උදරය මැදින් නැඟ එන විට ෆෝබ්ස්ට සිහිවූයේ කුමක්ද?
{ "answer_start": [ 677 ], "text": [ "දඩමසක රස බලන්නටය" ] }
ed925206-2c8b-427e-a303-e2dad687c45c
ඇය මෙරට ප්‍රසිද්ධ චරිතයක් වන පියුමි හංසමාලිය. හැමවිටම ආන්දෝලනාත්මක පුවත් මවන පියුමි සමග කළ කතාබහක සටහනකි මේ. මම හිතන්නේ කෙළින් කතා කරන විවෘතව කතා කරන කෙනෙක් හින්දා බොහෝ දෙනා මට ආදරය කරනවා ඇති. මට බණින අයත් මගේ දේවල් ෆලෝ කරනවා. මාව මිලියන ගණන් රසිකයන් ආදරයෙන් පිළිගෙන තිබීම ගැන මට සතුටක් තිබෙන්නේ. ඒකට මම ආසයි. මා හිතන්නේ ජැකැලීන්ට පස්සේ ඉන්ස්ටග්‍රෑම්හි මා වෙන්නැති මෙතරම් රසික පිරිසක් එකතු කරගත් කෙනා. මම මෑතක දි මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ආරම්භ කළෙත්. අපි හැමෝම දන්නවා රන්ජන් රාමනායක අයියා ජනතාවට ගොඩාක් සේවය කරපු කෙනෙක්. ඇත්තටම අද හිරගෙදරක සිටිය යුතු පුද්ගලයෙක් නොවෙයි කියන දේ ලංකාවේ ගොඩාක් අය දන්නවා. සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා ජනාධිපතිතුමාට යැවූ ලිපියක් ෆේස්බුක්වල තිබුණා. මම ලිපියක් යැව්වේ නම් නෑ. ඒක මම ඉල්ලීමක් විදිහට සමාජ මාධ්‍යවල පළ කළා.
පියුමි හංසමාලි යනු කව්ද?
{ "answer_start": [ 3 ], "text": [ "මෙරට ප්‍රසිද්ධ චරිතයක්" ] }
92d03da9-e5f9-467e-a880-b779910e06a3
ඉන්දිය ක්‍රිකට් නායක විරාත් කෝලිගේ බිරිඳ මෙන්ම සුපිරි බොලිවුඩ් සිනමා නිළියක් වන අනුෂ්කා ෂර්මා ක්‍රිකට් ක්‍රීඩාව පදනම් කරගෙන නිර්මාණය වන චිත්‍රපටයක රඟපෑමට මේ වනවිට කැමැත්ත පළකොට තිබේ. ඒ ඉන්දියාවෙන් බිහිවු සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකාවක් මෙන්ම වර්තමානයේ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන ජූලාන් ගෝස්වාමිගේ ජිවීත කතාව අලලා නිර්මාණය වන චිත්‍රපටයේය. මීට පෙර මෙම චිත්‍රපටය සඳහා ටප්සි පන්නු යොදා ගෙන තිබුණ අතර, පසුවි ඒ චරිතය අනුෂ්කාට හිමිව ඇත. වාර්තාවන අන්දමට මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් මාර්තු අගදී සිදු කරන්නට බලාපොරොත්තුවන බවය. මෙම චිත්‍රපට චරිතය ලැබීම පිළිබඳව අදහස් දක්වන අනුෂ්කා පවසන්නේ තමා ජූලාන්ගේ රසිකාවියක්ද වන බවයි.
විරාත් කෝ ලිගේ බිරිදගේ නම කුමක්ද?
{ "answer_start": [ 80 ], "text": [ "අනුෂ්කා ෂර්මා" ] }
0a11b96c-52a7-41f0-8353-c0e5c001568b
ලුණුගම්වෙහෙර ප‍්‍රදේශයේ එක්තරා ගම්මානයක ජීවත් වන පවුලක දරුවන් හතරදෙනෙකුගෙන් බාල දරුවා වූයේ සරත් ය. ඔහුට වැඩිමල් සහෝදරියන් දෙදෙනකුද සහෝදරයකු ද වූහ. ඔවුන් තම දෙමාපියන් ද සමඟ පිය උරුමයෙන් හිමි වූ නිවසක ජීවත් වූහ. පියාගේ රැකියාව වූයේ රියැදුරු වෘත්තියයි. එම වෘත්තියෙන් උපයා ගත් මුදලින් දරුවන්ට උගන්වා සාමාන්‍ය පරිදි ඔවුන් ජීවත් විය. එතරම් විශාල ආර්ථික ශක්තියක් නොවූවද ණය නොවී ජීවත් වීමට පියා විසින් උපයන ලද මුදල් යම් තරමක් ප‍්‍රමාණවත් විය. සරත්ගේ සීයා එනම් සරත්ගේ පියාගේ පියා මියගොස් දැනට වසර එකහමාරකි. සීයාගේ සොහොනත් ආච්චිගේ සොහොනත් දෙකම තිබුණේ තම ඉඩමේමය. මොවුනට නරක කාලය උදා වූයේ මේ කාලයේදීය.
සරත්ගේ සීයා මිය ගොස් දැනට වසර කීයද?
{ "answer_start": [ 484 ], "text": [ "වසර එකහමාරකි" ] }
acd123a0-b104-4462-b786-de1e5dcd8a96
හොලන්ද් තෙවැනි වරට සම්බන්ධය ගොඩ නගා ගත් ජූලි ගයෙත් එරට ප්‍රසිද්ධ නිළියක සේම ගායිකාවක ද වන්නීය. ඊට අමතර චිත්‍රපට නිෂ්පාදිකාවක ද වූවාය. 2003 දී ගයෙත් කතුවරයකු සහ තිර රචක සන්තියාගෝ අමිගොරෙන් සමඟ විවාහ වූ නමුත් ඔවුන් 2006 දී දික්කසාද විය. මෙම යුවළට දරුවන් දෙදෙනෙක් සිටිති. ගයෙත් 2012 ප්‍රංශ ජනාධිපතිවරණයේ දී ප්‍රංශුවා හොලන්ද්ට සහාය දක්වන වීඩියෝවක පෙනී සිටි මධ්‍යම වාම ක්‍රියාකාරිනියක වූවාය. ඇය ජනාධිපති හොලන්ද් සමඟ රහසිගත සම්බන්ධතාවයක් පවත්වන බවට 2013දී කටකතා පැතිරෙන්නට පටන් ගත්තේය. 2014 ජනවාරි 10 වැනි දින, ටැබ්ලොයිඩ් ක්ලෝසර්හි කතාවක පිටු හතක් හෙළිදරව් කිරීම් සහ ඡායාරූප සම්බන්ධ ඡායාරූප සම්බන්ධ වූ අතර එය පුළුල් මාධ්‍ය ආවරණයක් ඇති කළේය.
2012 ප්‍රංශ ජනාධිපතිවරණයේදී ගයෙත් සහය දැක්වූයේ කාට ද?
{ "answer_start": [ 304 ], "text": [ "ප්‍රංශුවා හොලන්ද්ට" ] }
1a8f1a78-4510-4770-88d5-9f5f4e7e0337
ඇතිවූ ගැටුම්කාරී තත්වය තුළ වෙඩි ප්‍රහාරයකින් මියගිය අමරකීර්ති අතුකෝරළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවෙසද කුපිත වූ පිරිස් ගිනි තබා විනාශ කළහ. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට අයත් කුරුණෑගල පිහිටි නිවසකට ද ජනතාව ගිනි තැබූ බව වාර්තා විය. ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගමට පහරදුන් මැර කණ්ඩායම් ප්‍රවාහනය කළ බස් රථ ඇතුළු වාහන ගිනි තබමින් හා ඔවුන්ට පහර දෙමින් ජනතාව විරෝධය පළ කළ අතර බස් රථ ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක් ගිනිබත් වී තිබිණි. ඇතිවූ ගැටුම් වලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු දේශපාලනඥයන් දෙදෙනකු, පොලිස් කැරලි මර්දන ඒකකයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු අට දෙනකු මියගොස් ඇති අතර, 232 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගමට පහර දුන්නේ කවුද?
{ "answer_start": [ 278 ], "text": [ "මැර කණ්ඩායම්" ] }
d86900ba-ffa3-4038-8618-cdef19afdcf8
ඇටෝනි ජනරාල්වරයාගෙන් සමාවක් ලැබූ කමකිස් පැමිණිල්ලේ සාක්ෂිකරයා වී ඇත. විත්තිකරුවන්ගේ මුල් තිදෙනාට මිනීමරුම සම්බන්ධයෙන් හතරවැනියා ඊට අනුබල දී සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් වූහ. ගුණපාල වීරසේකර විසින් ලියූ ලිපියේ සඳහන්ව ඇත්තේ මියගිය ඇල්බට් ගේ ශරීරයේ තුවාල දොළහක් තිබූ බවත්, එයින් හයක් වෙඩි උණ්ඩවලින් සිදු වූ ඒවා බව අධිකරණ වෛද්‍යවරයා කියා ඇති බවය. තවදුරටත් වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ වෙඩි තබන්නට පෙර පිහියෙන් ඇන තිබෙන බවත්, පිහිය උදුරා ගැනීමට ඇල්බට් බලවත් සටනක් කර ඇති බව තුවාලවලින් පෙනෙන බවය. මහේස්ත්‍රාත්වරයාගේ නියමය පරිදි අගෝස්තු 10 වෙනිදා මෘත ශරීරය ගොඩ ගෙන පරීක්ෂා කිරීමේදි රංජනී ටැක්සි සමාගමේ රියැදුරෙකු වූ ලියෝ අප්පුහාමි මළ සිරුර ඇල්බට්ගේම බව හඳුනාගෙන ඇති අතර අගෝස්තු 02 වෙනිදා තම සැණකෙළි භූමියේදී ඇල්බට් පෙරේරා තමා සමඟ කතා කරමින් සිටිනවිට ඇම්.ජී. රථයකින් පැමිණි ආරච්චිරාල, ඇල්බට් පෙරේරා සමඟ කතා කළ බව පවසා ඇත. ඒ රථයේ ඉදිරි ආසනවල මුහුණ වසාගත් නාඳුනන මිනිසෙකු සිටි බවද ඔහු පවසා තිබුණි. ඇඟිලි සලකුණු නිලධාරියා සාක්කි දෙන අවස්ථාවේ රජයේ ඇඟිලි සලකුණු ඊටින්ගේ හා ඔම්පි සිංඤෝගේම ඇඟිලි සලකුණුවලට සමාන බව කියා ඇත.
තුවාල දොළහින් කොපමණ ප්‍රමාණයක් වෙඩි උන්ඩ වලින් සිදු වූ ඒවාද?
{ "answer_start": [ 273 ], "text": [ "හයක්" ] }
90ecc6bb-017d-4035-8600-c98e9ee2446d
නිල්වන් අහස් කුස හරහා විටින් විට පියඹා යන සියොතුන් හැරුණු විට අපගේ නෙත ගැටුනේ මුහුදු ගුවන් යානයක් නුවරඑළිය බලා පියාසර කරන අන්දමකි. කන්ද මුදුනට ළඟාවත්ම පයිනස් ගස් යායක් දැකගත හැකි වූ අතර ඇතැම් ස්ථානවලදී මාර්ගයේ එක් පසක් විශාල ප්‍රපාතයකට මුහුණලා තිබුණි. ඒ ඔස්සේ කඳුකරයේ තවත් සුන්දර ගම් දනව් සහ වෘක්ෂලතා මගින් පොහොසත් වූ වනාන්තර දක්නට ලැබුණි. කෙසේ හෝ මාර්ගය බෙදෙන ස්ථානවලදී අප සැලසුම් කළ පරිදි නිවැරදි මාර්ගය සොයා ගැනීමට පුළුවන් වූ අතර ස්ථාන දෙකකදී තේ දලු නෙළන්නියන් සිටිනු දැක ගත හැකි විය. ඩෙල් යනු සාමාන්‍යයෙන් සංචාරකයින් නොයන කන්දක් බැවින් ඔවුන් විමතියෙන් මෙන් අප දෙස බලා සිටියේ මින් පෙර යතුරුපැදිකරුවන් නුදුටුවාක් මෙනි. මෙම මර්ගයේ කන්ද මුදුනට ගමන් කිරීම බොහෝ දුෂ්කරතා ප්‍රධාන මාර්ගය මග හරිමින් වතු හරහා කෙටි මං සලසා ගත්තද නැග්ම වැඩි හෙයින් ගමනේ දුෂ්කරතාව ඉතා ප්‍රබල ලෙස දැනෙනු නියතය.
නිල්වන් අහස පුරා විටින් විට පියඹන්නේ කවුද?
{ "answer_start": [ 42 ], "text": [ "සියොතුන්" ] }
35785eff-5e21-4b08-b683-5f0b756e1917
උත්තරකාන්ද් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය පැවැත්වූයේ පසුගිය පෙබරවාරි 14 වැනිදාය. උත්තරකාන්ද් පක්ෂය ආසන 70 කින් සමන්විතය. භාරතීය ජනතා පක්ෂය ආසන 44 ක් ජයග්‍රහණය කළේය. කොංග්‍රස් පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකි වූයේ ආසන 22 කි. බහුතරය සඳහා ආසන 36 ක් දිනා ගැනීම කළ යුතුව තිබුණි. මෙම 2022 වසර අවසානයේ ඉන්දියාවේ තවත් ප්‍රධාන ප්‍රාන්ත තුනක ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වීමට නියමිතය. එම ප්‍රාන්ත වන්නේ හිමාචල්, ගුජරාඨය සහ ජම්මු කාශ්මීරයයි. හිමාචල් සහ ගුජරාඨය භාරතීය ජනතා පක්ෂය යටතේ පවතී. ගුජරාඨය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උපන් ප්‍රාන්තයයි. බොහෝ දෙනාගේ අවධානය යොමු වනු ඇතැයි පැවැසෙන්නේ ජම්මු කාශ්මීර ප්‍රාන්ත මැතිවරණය කෙරෙහිය. ජම්මු කාශ්මීර මැතිවරණය පැවැත්වෙනු ඇත්තේ දෙසැම්බරයේය.
භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කළේ ආසන කීයක් ද?
{ "answer_start": [ 136 ], "text": [ "ආසන 44 ක්" ] }
1d7eac01-5da7-4b47-b549-2e957d8e4a8e
ශ්‍රී ලංකාවේදී මෙවැනි ප්‍රහාරවල හැඩරුව තවත් වෙනස්විය හැකිය. පළමුව විමසිල්ල, දෙවනුව විමසිල්ල හා තෙවනුවත් විමසිල්ල හැර ආත්ම ඝාතක මෙවැනි ප්‍රහාර සඳහා වෙනත් ආරක්ෂක උපක්‍රම නැත. 1988 පෙබරවාරියේදී අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සහ ඔහුගේ දෙවැනියා වූ ඊජිප්තු ජාතික වෛද්‍ය අයිමන් අල් සවාහිර් එක්ව ඉස්ලාමීය තහංචි නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ සෑම මුස්ලිම්වරයකුගේම ඒකායන යුතුකම විය යුත්තේ යුදෙව් ජාතිකයන්, කුරුස යුද්ධයට සම්බන්ධ වූවන් සහ උතුරු ඇමෙරිකානුවන්ද ඝාතනය කිරීම බවය. මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ලෝක ඉස්ලාමීය ජිහාඩ් පෙරමුණ වෙනුවෙනි.
අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ දෙවෙනියා කව්ද ?
{ "answer_start": [ 257 ], "text": [ "වෛද්‍ය අයිමන් අල් සවාහිර්" ] }
e8e0c15f-cf9a-427f-8cff-c23f8a839191
ඉතාමත් වේගයෙන් පිටවෙන ජලය බඹරයක පෙතිවල ගැටෙන්නට සලස්වයි. පෙතිවල ගැටෙන ජලයෙන් බඹරය ඉතාමත් වේගයෙන් කැරකෙයි. බඹරය වේගයෙන් කරකැවෙන විට එයට සවි කර තිබෙන ඩයිනමෝවෙන් විදුලි බලය නිපදවෙයි. විදුලි බලයෙන් කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වන අතරෙම ආලෝකය ලබා ගැන්මට සවිකර තිබෙන බල්බද දැල්වෙයි. වර්තමානයේ අප රටේ ජාතික විදුලි බල පද්ධතියක් ක්‍රියාත්මක වෙයි. එහෙයින් අතීතයේ දී මෙන් වර්තමානයේ කර්මාන්ත ශාලාව තුළදීම විදුලිය නිපදවා ගැනීමේ අවශ්‍යතාවක් පැන නොනගී. එහෙයින් එකල තිබූ කර්මාන්ත ශාලා තුළදීම විදුලිය නිපදවා ගැනීමේ ක්‍රමය මෙකල භාවිත නොවේ.
ඉතාමත් වේගයෙන් පිටවෙන ජලය ගැටීමට සලස්වන්නෙ බඹරයේ කුමන කොටසේද?
{ "answer_start": [ 32 ], "text": [ "පෙතිවල" ] }
ace74c62-24b5-49d4-adfb-81b32757c767
දිනක් සිරිසේන කුරේගේ පියා ඔහුට කීවේ මෙසේය. දේශපාලනය කරන්න ඕනෑනම් අයියා එක්ක නෙවෙයි. අර ළමයා එක්ක එකතු වෙන්න. එය සිරිසේන කුරේ ප්‍රේමදාස සුසංයෝගයට මානසික බැඳීමක් ඇති කළේය. එහෙත් නන්දසේන කුරේ සිරිසේන කුරේට කීවේ උඹ මෙහෙම අරූට වැඩ කරන්න යන්න එපා කියලාය. සිරිසේන ගිය තැන නන්දිසේන මග අහුරන්නට විය. මේ සියල්ල ප්‍රේමදාස උපේක්ෂාවෙන් විඳ දරා ගත්තේය. තවමත් නාගරික මන්ත්‍රීවරයකුද නොවී ප්‍රේමදාස තරුණයා කෙසෙල්වත්තටත් මුළු මැද කොළඹටත් නිහඬව කරන සේවය ඔප්නංවන්නට ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ 1949 දෙසැම්බර් නගර සභා මැතිවරණයටය. ගුණසිංහ මහතාගේ කම්කරු පක්ෂයෙන් කෙසෙල්වත්ත නාගරික ආසනයට තරග කරමිනි.
ප්‍රේමදාස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ කිනම් වසරේද?
{ "answer_start": [ 477 ], "text": [ "1949" ] }
6c1cf84b-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
ඩයිනෝසර් යුගයට නෑකම් කියන අතිශය දුර්ලභ මෝර වර්ගයේ සත්ත්වයකු පෘතුග්‍රිසි විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ. පෘතුග්‍රිසියේ ඇල්ගාව් මුහුදු තීරයේ මීටර් 700ක් පමණ ගැඹුරින් ට්‍රොලර් යාත්‍රාවක පැටලී සිටියදී මෙම සත්ත්වයා හමුවී ඇත. මෙම සත්ත්වයා අවුරුදු මිලියන 80ක පමණ කාලයක සිට පැවතගෙන එන බැවින් සාගර විද්‍යාඥයින් විසින් ජීවී පොසිලයක් ලෙස හඳුන්වා ඇත. ලොකයේ මෙවැනි විශේෂ කිහිපයක් පමණක් හමුවන බවද විද්‍යාඥයින් පවසති. සිහින් දිගු සර්පයෙකුගේ වැනි ශරීරයකින් සමන්විත මෙම සතා පිරිමි සතෙකු වන අතර මීටර් ‍1.5 ක් දිගකින් යුක්ත වේ. කෙසේ වුවද විද්‍යාඥයින් පවසන්නේ මෙවැනි සතුන්ගේ ජීව විද්‍යාත්මක දත්ත සහ පරිසර සාධක සම්බන්ධව තවමත් අධ්‍යනය කර ඇත්තේ ඉතා සුළු වශයෙන් බවයි. ජපානයේ , නවසීලන්තයේ , අත්ලාන්තික් සාගරයේ ගැඹුරු මුහුදේ වෙසෙන බැවින් මොවුන් සම්බන්ධව අධ්‍යනය කිරීම පහසු නොවන බවද ඔවුහු පවසති.
ඩයිනෝසර් යුගයට නෑකම් කියන අතිශය දුර්ලභ මෝර වර්ගයේ සත්ත්වයකු සොයාගත්තේ කවුරුන් විසින් ද?
{ "answer_start": [ 60 ], "text": [ "පෘතුග්‍රිසි විද්‍යාඥයින්" ] }
d2822b32-f528-4f8c-ba8b-e34901f4d24b
මෙසේ භෝජන තනා යැයි ගණ දෙවිහැල්ලෙහි කියැවෙන පරිදි දි කිරි වෙඬරු තබා වැළ වරකා වැනි පළතුරු හෝ උක් සකුරු හෝ ආහාරයට ගන්නා කෙනෙක් සිරිබර මෙලක්පුරයෙන් සොයා ගත නොහැක. රතු කැකුළු හාලේ බතක් කිරි කොරහක්ම කෑ ගැමියෙකු ගැන කියැවෙන ජන කතාවලින් හෙළිවෙන්නේ පස්ගෝ රසයෙන් යුක්ත සිංහල ගැමියන්ගේ ආහාර පාන ආදියේ හැඩ රුවයි. කිරිත් සමග ආදී අපේ මුතුන් මිත්තෝ බතින් පමණක් යැපෙන්නෝ නොවූහ. අනාදිමත් කාලයක සිට හේන් ගොවිතැනින් රැකුණු වියළි කලාපීය ගොවියන්ගේ ප්‍රධාන ආහාරය වූයේ තලප හා පිට්ටුය. ඉරිඟු හා කුක්කන් පිටිවලින් තලප හා පිට්ටු සකස් කර ගන්නා සුපවේදිනියන් ගොග්ගුළු නොවන්නට ඉරුං හා කුරක්කන් තලප හැඳි ගා ගැනීමට දනියි. ඔවුන් වැඩිමනක් පිරුම් තම්බා ගන්නේ කඩපින්ය. විවිධාකාර වූ වෑංජන සමග මෙන්ම දී කිරි කිරි සමග ද පිට්ටු කෑමට ගන්නා ගැමියන් කිසිවිටක පැණි හෝ සීනි රස කාරකයක් ලෙස යොදා නොගනියි.
ජන කතාවලින් හෙළිවෙන්නේ කුමක්ද?
{ "answer_start": [ 259 ], "text": [ "සිංහල ගැමියන්ගේ ආහාර පාන ආදියේ හැඩ රුවයි" ] }
f57bff3a-dc8e-4c22-b448-88360b24321c
මෙම පුවත කටින් කට පැතිරිම ඉතිහාසඥයින් මෙම පෙදෙසට කැඳවන සුළු විය. 1947 දී ආචාර්ය ජෝන් ට්‍රේවර් නම් පුරාවිද්‍යාඥයා මුල්වරට මෙහි පර්ෙ‌ය්ෂණ කටයුතු අරඹනු ලැබිණි. මෙම මැටි බඳුන්වල ආරක්ෂිතව පැවතියේ සතුන්ගේ පදම් කළ සම්මත ලියා රෝල් කරන ලද අතිපෞරාණික ලේඛන විශේෂයක් බව ඔහු නිරීක්ෂණය විය. මළ මුහුද ආශ්‍රිත ගුහා එකොළසකින් ලේඛන ඛණ්ඩයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. පුරාවිද්‍යාඥ විලියම් ඕල්බ්‍රයිට් මහතා පවසන පරිදි මෙම ලේඛන නිමැවුම ක්‍රිස්තු පූර්ව 1 වන සියවස දක්වා දුරාතීතයට විහිදේ. මෙම පත්‍රිකා හෙබ්‍රව්, ඇරමයික හා ග්‍රීක භාෂාවෙන් ලියා ඇති යුදෙව් පැරණි ගිවිසුමේ ලේඛන එකතුවක් සේ සැලකේ.
මළ මුහුද ආශ්‍රිත ගුහා එකොළසකින් සොයා ගැනීමට සමත් වූයේ මොනවාද?
{ "answer_start": [ 309 ], "text": [ "ලේඛන ඛණ්ඩයන් දහසකට ආසන්න සංඛ්‍යාවක්" ] }
89d57384-db9f-44e8-8aff-656f47fa927b
රසායනාගාර පරීක්ෂණ වාර්තා ලැබිණ. එහිදී වැදගත් සාක්ෂි රැසක් අධිකරණ වෛද්‍යවරයාට හමුවිය. එනම් සේනානායකගේ මුත්‍රාවල කොකේන් මත්ද්‍රව්‍යය මාරාන්තික ප්‍රමාණවලින් අඩංගු වී ඇති බවය. එලෙසම දකුණු අතේ පිටි අල්ලේ සහ වම් අතේ වැලමිට ආශ්‍රිතව ලබාගත් පටක තුළද කොකේන් අඩංගුව තිබිණ. මේ අනුව සේනානායක කොකේන් මත්ද්‍රව්‍යය අධික සාන්ද්‍රණවලින් ලබාගැනීම නිසා සිදු වූ මරණයක් බවට වෛද්‍යවරයාගේ නිගමනය විය. එහෙත් එකවර එම අදහස ප්‍රකාශයට පත් නොකළ වෛද්‍යවරයා ඔහුගේ බිරිඳ මුණ ගැසී තවත් තොරතුරු විචාරා බැලුවේය. එහිදී ඔහුගේ ව්‍යාපාර අතර රාත්‍රී සමාජශාලා කිපයක් පවතින බවත් මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි නොවුණද ඉඳහිට එවැනි දෑ භාවිත කරන බවද සේනානායකගේ බිරිඳ දුලානි සේනානායක මහත්මිය හෙළිදරව් කළාය. ඉන්පසුව වෛද්‍යවරයා කළ ඉල්ලීම පරිදි දුලානි තම සැමියා භාවිත කිරීමට ගෙනවිත් තිබූ මත්ද්‍රව්‍ය පැකට්ටුවක්ද පොලිසිය වෙත දුන්නාය.
දුලානි තම සැමියා භාවිතා කිරීමට ගෙනවිත් තිබූ මත්ද්‍රව්‍ය පැකට්ටුවක් දුන්නේ කාටද
{ "answer_start": [ 760 ], "text": [ "පොලිසිය වෙත" ] }
4f059cd6-9ed7-48b1-bf36-62ff680d3946
මීට දින කිහිපයකට පෙර මිය ගිය බොලිවුඩ් සිනමා නළු සුශාන්ත් රාජ්පුත් චිත්‍රපට අධ්‍යක්ෂක දිනේෂ් විජාන්ගේ රබ්තා චිත්‍රපටයේ රූපගත කිරිමක් අතරතුරදී ගත් ඡායාරූපයක් ඔහුගේ කළින් පෙම්වතියක්ව සිටි ක්‍රිති ෂැනොන් විසින් ඇයගේ ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා බෙදාගෙන තිබේ.රූපගත කිරිම් කටයුතුවලට සහභාගි වෙමින් අධික වෙහෙසට පත්ව සිටින සුශන්ත් ලැබුණ කෙටි විවේකයකදී සිය තෙහෙට්ටුව නිවාගන්නට නිදාගනිමින් සිටින ඡායාරූපයක් ක්‍රිති විසින් සිය ජංගම දුරකතනය සටහන් කරගෙන ඇති අතර, ඇය විසින් මෙසේ සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා බෙදා ගෙන ඇත. තමන්ගත් මෝඩම ඡායාරූපය මෙය බව ඇය විසින් මෙම ඡායාරූපයට සටහනක් තබමින් සිය ශෝකය පළකර තිබුණි.
සුශාන්ත් රාජ්පුත්ගේ කලින් පෙම්වතිය කව්රුන්ද?
{ "answer_start": [ 185 ], "text": [ "ක්‍රිති ෂැනොන්" ] }
e8e36da2-b97d-459c-aa5d-7b94cb9f9ec0
පසු කාලයක ඕලන්ද ජාතිකයින් එම මහා විහාරය විනාශ කර ඔවුන්ගේ දෙව් මැඳුරක් එම භූමිය මත ඉදිකරන ලදී. ඒ වුල්ෆැන්ඩල් පල්ලිය ය. බස්, ලොරි නොතිබුණ අතීතයේ කොළඹ අග නගරයේ පවා ප්‍රවාහන කටයුතු සිදු වූයේ කරත්ත සහ රික්ෂෝවලිනි. එම කරත්තකරුවන් සහ රික්ෂෝකරුවන්ගේ නැවතුම්පොළ වූයේ බේරේ වැව අයිනේය. ඔවුහු ආදුරුප්පු වීදිය මහා විහාර භූමියේ ඇති දෙතිස්ඵල බෝධීන් වහන්සේගේ පැළයක් ගෙනැවිත් බේරේ වැව අයිනේ රෝපණය කරන ලදී. මුල් කාලයේ ඔවුහු මෙම කුඩා බෝධින් වහන්සේ ඉදිරිපිට ගලක් තබා ඒ මත මල් පහන් පූජා කළහ. ඕලන්ද යුගයෙන් පසුව ඉංග්‍රීසි පාලන යුගය ශ්‍රී ලංකාවේ ඇති විය. ඉංග්‍රීසීන්ට කොළඹ නගරය විශාල කිරීමට අවශ්‍ය විය. ඒ සඳහා ඔව්හු බේරේ වැවේ කොටසක් මුදු වැලි පුරවා ගොඩකළහ. කොටුව දුම්රිය ස්ථානය සහ මැනිං මාර්කට් සෑදීම සඳහා බේරේ වැවේ කොටසක් ද කයිමන් දොරකඩ සිට බේරේ වැව දක්වා එදා තිබූ ඇළ මාර්ගය ද ගොඩ කළහ. එවිට කරත්තකරුවෝ සහ සහ රික්ෂෝකරුවෝ බේරේ වැව ආසන්නයේ තිබූ බෝධීන් වහන්සේ එතැනින් ගෙනැවිත් අද බෝධීන් වහන්සේ ඇති ස්ථානයෙහි රෝපණය කළෝය. කයිමන් දොරකඩ සිට බේරේ වැව දක්වා වූ ඇළ මාර්ගය ගොඩ කළ ඉංග්‍රීසීහු එම ගොඩබිම දිගටම මාර වැනි විශාල ගස් වැවූහ.
එම කරත්තකරුවන් සහ රික්ෂෝකරුවන්ගේ නැවතුම්පොළ වූයේ කුමක්ද?
{ "answer_start": [ 258 ], "text": [ "බේරේ වැව අයිනේය" ] }
e6ac4f6d-312b-42a8-99ff-7828e4a55b6b
අද පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන්ගේ සොයා ගැනීම් වලට අනුව ඊජිප්තු ශිෂ්ටාචාර යුගය ක්‍රි.පූ. 5000 පටන් ක්‍රි.පු. 1100 දක්වා කාලයකට දිවයන බව පිළිගැනේ. ඔවුන්ගේ ශිෂ්ටාචාර සමයේ පැවති ශ්‍රේෂ්ඨ නිර්මාණ ලෙස සැලකෙන්නේ පාරාවෝ රජ පරපුර ගොඩනැගූ පිරමීඩ සමූහයයි. පැරණි ඊජිප්තුවේ පාරාවෝ හෙවත් රජු රාජ්‍යනායකයා වශයෙන් පමණක් නොව ප්‍රධාන පූජකවරයා ද වශයෙන් දෙවියන්ගෙන් වරම් ලත් මෙලොව නියෝජිතයා ලෙස සැමගේ ගෞරවයට පාත්‍ර විය. ඈත යුගයේ පටන්ම ඊජිප්තු ජනතාව උසස් කාර්මික දැනුමක් සහිත දියුණු ශිෂ්ටාචාරයක් පැවැති බවට සාක්ෂි ලැබේ. නයිල් ගඟ පිටාර ගැලීම හේතුවෙන් දියුණු කෘෂිකර්ම ව්‍යාපාරයක්ද ඔවුන් සතු විය. මෙකල විස්මිත නිර්මාණ ලෙස පිරමීඩ ගොඩ නගා ඇත්තේ මූලික තාක්‍ෂණ දැනුමෙන් හෙබි විශාල කම්කරුවන් සංඛ්‍යාවක ශ්‍රමය වැය කිරීම මතය. දැවැන්ත නිර්මාණ ලෙස මෙම පිරමීඩ ගොඩනැගීම සඳහා පැතලි හුණුගල් කුට්ටි එකක් ටොන් දෙකහමාරක් බරැති ගල් කුට්ටි 2300000ක් යොදා ගෙන ඇත. ත්‍රිකෝණ හැඩයට ඉදිකර ඇති එහි මූණත උස අඩි 481කි. එහි පාදම අක්කර 13.1ක බිම් ප්‍රමාණයක් වසා සිටී. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු නිම කිරීමට වසර 20ක් ගත වූ අතර ඒ සඳහා කම්කරුවන් 12000ක් වූ බවත් සඳහන් වේ.
පිරමීඩ සෑදීමට යොදාගත් කුට්ටිවල බර කොපමණද ?
{ "answer_start": [ 767 ], "text": [ "ටොන් දෙකහමාරක්" ] }
8b85431c-66bf-4d1d-b01d-42941f53a857
ගතවූයේ පැය භාගයකට ආසන්න කාලයකි. ඉතා ගැඹුරු ධර්ම කරුණක් ඉතා සරලව පහදා දුන් උන්වහන්සේ ධර්ම දේශනාව අවසන් කරන ලදී. පිරිසේ සියළුම දෙනා පාහේ දුක පිළිබඳව මනා අවබෝධයක් ලබාගෙන තිබුණි. ඉන්පසු වළහා කෑ හාමුදුරුවෝ කඩදොරපිටිය ග්‍රාමයට පැමිණියේ නැත. ඒ උන්වහන්සේගේ ගුරු හිමියන් වූ මාදෝවිට පේමානන්ද හිමියන් අපවත් වූ නිසාවෙනි. ඉන් කලකට පසු ශ්‍රී පාද අඩවිය ආශ්‍රිත ගම්වාසීන් පවසා තිබුණේ වනයේ ගල් ගුහාවක තිබී ඇටසැකිල්ලක් හමුවූ බවත් දිරා ගිය සිවුරු කැබැලි කීපයක්ද එහි තිබූ බවය. ඔවුන්ගේ අදහස වී ඇත්තේ ඒ වළහා කෑ හාමුදුරුවන් අපවත් වී දිරා ගිය සිරුරේ කොටස් බවය.
දුක පිළිබඳව මනා අවබෝධයක් ලබාගෙන සිටියේ කවුද?
{ "answer_start": [ 111 ], "text": [ "පිරිසේ සියළුම දෙනා" ] }
b47cd336-0553-4479-b278-ad715dc72589
වතු ජනාවාසවලද පවතින්නේද අඳුරකි. වෙනදා සෙල්ලම් කරද්දි ඇසුණ හඬ වෙනුවට දැන් ඇසෙන්නේ පවුල් ආරවුල් නිසා ඇසෙන හඬවල්ය. එදාත් ඒවා නොතිබුණා නොවේ. එහෙත් දැන් ඒ හඬ වැඩිය. අගහිඟකම් වැඩිවෙද්දී අඬ දබරද වැඩිවී තිබේ. තවමත් විවෘතව පවතින සෙනග ගැවසෙන ස්ථාන කීපයක්ද තිබේ. ඒ රාත්‍රී සමාජ ශාලා හා සූදුපිටිය. ඒවාට එන්නේ යහමින් මුදල් හදල් ඇති අය නිසා නීතිරීති මධ්‍යයේ වුවද ඒවාට යන එන පිරිසක් තවමත් දැකිය හැකිය. එහෙත් ඒවාටද වෙනදා මෙන් ජනයා පැමිණෙන්නේ නැත. ඒ නිසා ඔවුන්ගේ ආදායමද කඩාවැටී ඇතිවාට සැකයක් නැත. එහෙත් කොවිඩ් වසංගත තත්ත්වය නිසා වඩාත්ම පීඩාවට පත්ව තිබෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ය. කුලියක් කරගෙන ජීවත් වූ ජනතාවය. තමන්ගේ ජීවිත කවදා කෙසේ නගාසිටුවිය හැකි වනු ඇත්ද යන්න කාගෙත් මුවඟ නිරායාසයෙන් මතුවන පැනය වේ.
කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව ඇත්තේ කවුරුන්ද?
{ "answer_start": [ 540 ], "text": [ "සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ය" ] }
f71137ff-60f2-44a7-8600-5892f2ca29c2
සූරියකන්ද මෝනිං සයිඩ්හි දොළක තිබී සොයාගත් නව කෙකටිය විශේෂයක් නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතාට උපහාරයක් ලෙස නම් කළ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. ඇපනොජෙටෝන් කන්නන්ගරෙයි ලෙස නම් කර ඇති මේ නව කෙකටිය විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික වන අතර එය අරුණාලෝක අඩිවියේ පමණක් දැකිය හැකි හෙවත් ස්ථානීය ආවේණිකත්වයක් පෙන්වන අතිශය දුර්ලභ විශේෂයක් ද වෙයි. මෙය දැනට හමුවී අරුණාලෝක අඩවියේ දොළ මාර්ග දෙකකින් පමණි. මෙම ස්ථානය පිහිටියේ සිංහරාජ වනාන්තරයේ සූරියකන්ද පෙදෙසේය. ගාල්ල හා මාතර දිස්ත්‍රික් දෙකෙහි ජෛව විවිධත්ය පිළිබඳ කරන ලද ගවේෂණයක් අතරතුර 2012 වර්ෂයේ දී මේ කෙකටිය විශේෂය හමු වූ බව එම සංගමයේ සභාපති පරිසරවේදී මධුර ද සිල්වා මහතා පවසයි. එය මෙතකේ ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබූ කෙකටිය විශේෂවලට වඩා වෙනස් විශේෂයක් විය හැකියැයි සිතූ ඔවුන් ඒ පිළිබඳ පර්යේෂණ ආරම්භ කරන ලදී. ඉන් වසර හතරකට පසුව 2016 අගෝස්තු මාසයේ දී මේ කෙකටිය විශේෂය ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති කෙකටිය විශේෂවලට වඩා වෙනස් බවත් එය ශ්‍රී ලංකාවට ආවේණික නව කෙකටිය විශේෂයක් බවත් විද්‍යාඥයන් විසින් තහවුරු කර තිබේ.
වනජීවි සංරක්ෂණ සංගමයේ සභාපති කව්ද?
{ "answer_start": [ 611 ], "text": [ "පරිසරවේදී මධුර ද සිල්වා මහතා" ] }
69789983-9dbd-4b6c-b52c-9c3fd46de2c0
මේ වනවිට බොලිවුඩයේ සිටින සූන්දරතම මව බවට පත්ව සිටින ෂාහිඩ් කපූර්ගේ බිරිඳ මීරා රාජ්පූත් පසුගියදා ඡායාරූප ගත කිරීමට එක්ව සිටි බවට තොරතුරු වාර්තා වේ. ඒ ජනප්‍රිය ඇඳුම් නිර්මාණකරුවෙකු වන මනිෂ් මල්හෝත්‍රා නිර්මාණය කළ අලුත් ඇඳුම් විලාසිතාවක් සඳහා පෙනී සිටිමිනි. ඇය එවැනි කටයුත්තකට දායක වු පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මේ වනවිට එම ඡායාරූප ගත කිරීමේ ඡායාරූප හා විඩියෝවක් අන්තර්ජාලයට යොමුව තිබේ. මෙම රූපගත කරන අවස්ථාවේදී ගත් ඡායාරූප කිහිපයක් මීරා සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇති අතර, එය බොලිවුඩ් නළුනිළියන්, ගායක, ගායිකාවන් මෙන්ම ප්‍රසිද්ධ ප්‍රද්ගලයන්ද යහපත් ප්‍රතිචාර දක්වා තිබුණද දකින්නට ලැබේ.
මේ වනවිට බොලිවුඩයේ සිටින සූන්දරතම මව බවට පත්ව සිටින්නේ කවුද?
{ "answer_start": [ 73 ], "text": [ "මීරා රාජ්පූත්" ] }
11535bb2-92a3-46b5-a8a5-6638d9428137
ගාමිණී ෆොන්සේකා නම් අද්විතීය රංගධරයා ගැන කොතරම් ලිව්ව ද ඔහු හා සම්බන්ධ සිදුවීම් වරින් වර සිතට නැගෙයි. මා ඔහුගේ සමකාලීනයකු නොවුව ද ඇසුරු කළ කාලය වසර කිහිපයකට සීමා වුව ද ගාමිණී සිතට අපූරු මතක සටහන් තබා යන්නට සමත් කලාකරුවෙකි. දිනෙක මම ගාමිණී හමුවීමට ඔහුගේ රත්මලානේ නිවෙසට ගියෙමි. ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය නළුවාගේ නිවෙස වුව ද එය තට්ටු ගණනාවකින් පිරි මහා මන්දිරයක් නොවීය. ගෙය වටා ඇති වඩා උස නැති තාප්පයට කාටවත් නගින්නට නොහැකි වන සේ විවිධ ගස් වවා තිබිණි. වඩා උස් නොවූ පොල් ගස් ද ඒ අතර තිබිණි. එකල බොහෝ කලා පුවත්පත්වල සඳහන් පරිදි ගාමිණීගේ සුප්‍රසිද්ධ තොප්පි රාක්කය යන විටම දැකගත හැකිය. ගාමිණී එකල විවිධ තොප්පි එකතු කළේය.
ශ්‍රීලංකාවේ අග්‍රගන්‍ය අද්විතීය රංගධරයා කව්ද?
{ "answer_start": [ 0 ], "text": [ "ගාමිණී ෆොන්සේකා" ] }
bd887731-5a76-4319-b734-49c97da97c23
ටෝකියෝ නුවර රෝයල් ඇම්බැසඩර් හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය එම හෝටලයේම දහ හතර වැනි මහලේ කාමරයක අභිරහස් ලෙස මියගොස් ඇති බව අසා හෝටලයේ සේවක සේවිකාවන් පමණක් නොව නගර වැසියෝ පවා කලබලයට පත්වූහ. එය හෝටලයේ කීර්ති නාමයටද හානියකි. ඒ නිසා මේ ප‍්‍රශ්නය වහාම විසඳාගැනීමේ අවශ්‍යතාවක් හා අභියෝගයක් හෝටලයේ කළමනාකාරිත්වයට මතු විය. තම හෝටලයේ දාහතර වැනි මහලේ කාමර අංක 52 නවාතැන් ගෙන සිටි තරුණියක එහි ඇඳ මතම මියගොස් ඇතැයි ටෝකියේ නගර පොලිසියට හෝටලයෙන් කරන ලද දැනුම් දීමකට අනුව පොලිස් නිලධාරීහු පැමිණ පරීක්ෂණ ඇරඹූහ. ප‍්‍රසන්න පෙනුමකින් යුත් තරුණියක වූ ඇය යහන මත උඩු අතට වැතිර සිටියාය. රාත‍්‍රි ඇඳුමකින් සැරසී සිටි ඇගේ දෑත් දෙපා දෙපසට විහිදී තිබිණ. කාමරය තුළ කිසිදු පොර බැදීමක් සිදුවූ බවට ලකුණක් දක්නට නොවූ අතර ලේ පැල්ලම් කිසිවක්ද නොවිණ. සියදිවි නසා ගැනීමක් යැයි සිතිය හැකි සාක්ෂි කිසිවක්ද හමු නොවිණ.
එහි පිළිගැනීමේ නිලධාරිනිය මියගොස් තිබුනේ කොහේද?
{ "answer_start": [ 68 ], "text": [ "දහ හතර වැනි මහලේ කාමරයක" ] }
261463f2-5f30-40d9-a7ed-b1b06ceb5ff0
අද දින අපි ඔබ වෙත ගෙන එන්නේ ගාලු කොටුවේ ඇති තවත් විස්මය උපදවන ස්ථානයක් පිළිබඳවයි. ඒ වනාහි ලන්දේසි රෙපරමාදු දේවස්ථානය හෙවත් කුරුස පල්ලියයි. ගාල්ල කොටුවේ නව දොරටුවෙන් ඇතුළු වූ පසු හමුවන හතරමං හන්දියෙන් වම්පසට වැටී ඇති මාර්ගයේ ඔස්සේ මීටර් 150ක් පමණ ගිය විට දකුණු පසින් මෙම ලන්දේසි රෙපරමුදු දේවස්ථානය දැකගත හැකි වේ. එහි ඉතිහාසය සොයායන විට පෙනීයන්නේ එයට වසර 267ක් තරම් වූ දීර්ඝ ඉතිහාසයක් පවතින බවයි. ලන්දේසි පාලන සමයේදී ගාල්ලේ කොමාන්දියුන්වරයා ලෙස කටයුතු කළ කැස්පාර් ඩී. යෝන්ග් මහතා විවාහ වුවද බොහෝ කලක් ගතවනතුරු දරු සුරතල් බැලීමට දෛවය විසින් ඔවුන්ට ඉඩලබාදී නොමැත. මෙයින් මහත් සිත්තැවුලට පත් ඔහුට බොහෝ කලකට පසු පියෙකු වීමේ වාසනාව උදාවිය. මෙයින් මහත් උද්දාමයට පත් ඔහු දෙවියන් වහන්සේට ස්තූති කරනු පිණිස තමන්ගේ වියදමින් මෙම රෙපරමාදු දේවස්ථානය කරවා ඇත.
ලන්දේසි පාලන සමයේදී ගාල්ලේ කොමාන්දියුන්වරයා කවුද?
{ "answer_start": [ 453 ], "text": [ "කැස්පාර් ඩී. යෝන්ග්" ] }
7a677cb9-f5a8-45db-b25f-9d95e5dd9149
මේ සුසිල් මාස්ටර් 1978 වර්ෂයේ දී පුවත්පත් සාකච්ඡාවක දී දැක්වූ අදහස්ය. ඒ රුක්මණිගේ හදිසි වියෝව වෙනුවෙන් පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකි. රුක්මණි සුපසන් කටහඬක් මෙන්ම සිත් ඇඳ ගන්නා රූපයකින් යුතු නිළියක මෙන්ම ඉතාමත් අවිහිංසක නිහතමානී ළඳක වූවාය. මේ නිසා බොහෝ රසිකයෝ ඇයට ආදරය කළහ. එපමණක් නොව ඇය හා නිරතුරුවම කතා බහ කළ ඇතැම් ප්‍රසිද්ධ කලාකරුවෝ ද ඇයට පෙම් කළහ. ඇයට සිතින් පෙම් කළ සුප්‍රකට ලේඛකයෝ ද වූහ. වරක් ගීත පටිගත කිරීමක් සඳහා සුසිල් මාස්ටර්ටත් එඩී - රුක්මනීටත් ඉන්දියාවට යන්නට සිදුවිය. ඔවුන් තිදෙනාම ඉන්දියාවේ දී නැවතුනේ එකම නවාතැන් පොළකය. සුසිල් එවකට නව යොවුන් විය තරුණයෙකි. රුක්මණි දේවිය පිළිබඳව ඔහුගේ සිතේ තිබුණේ අපමණ ගෞරවයකි.
සුසිල් මාස්ටර් පුවත්පත් සාකච්ඡාව පැවැත්වූයේ කුමක් සම්බන්දවද?
{ "answer_start": [ 72 ], "text": [ "රුක්මණිගේ හදිසි වියෝව" ] }
88d98804-1fe9-447d-8d09-c44025bc2416
ඕනෑම රෝගයකට ගොදුරු වන මිනිසා තමන්ගේ ලෙඩ භාර දියයුතු වන්නේ වෛද්‍යවරයෙකුට විනා රොඩී දැහැන් නීචකුල බන්ධන කරන මෑණීවරුන්ට හෝ පියවරුන්ට හෝ ලෙඩ සුවකරන වේශධාරී කෛයිරාටික පුද්ගලයෙකුට නොව සැබෑ වෛද්‍යවරයෙකුටය. දුර අතීතයේ සිටි වෛද්‍යවරුන් කිසිම විටෙක රෝගියාගෙන් ගුරු පඬුරක් ගන්නවා හැරුණු විට අසාධාරණ ගාස්තු අය කළේ නැත. ඔවුන් තුළ තිබුණේ රෝගීන් සුවකිරීමේ කාරුණික ගුණාංගයක් පමණකි. අසවල් දොස්තර මහත්තයාගේ, අසවල් දොස්තර නෝනාගේ කතාවෙන්ම ලෙඩ සනීප වෙනවා. පුදුම අත්ගුණයක් තියෙන්නේ. වැනි වදන් පවසන රෝගීන් අපි දැක ඇත්තෙමු. මෙවැනි ගුණාංගයන් මැස්මරිසම් ප්‍රගුණ කරන සෑම කෙනෙකුටම ඇති කරගැනීමට පිළිවන් බව එම ශාස්ත්‍රධාරීන්ගේ පිළිගැනීමකි.
තමන්ගේ ලෙඩ භාරදිය යුත්තේ කාටද ?
{ "answer_start": [ 58 ], "text": [ "වෛද්‍යවරයෙකුට" ] }
bda1bf3f-9f1e-4150-a6d1-1e8a56c722e9
මෙම සුවිශේෂී යන්ත‍්‍රය ලංකාවේ නිෂ්පාදනය කළත්, බොහෝ තාක්ෂණික හා ඉලෙක්ට්‍රෝනික උපාංග විදේශ රටවලින් ගෙන්වා ගැනීමට සිදුවුණා. මෙම යන්ත‍්‍රයෙන් කෙරෙන්නේ ශීත සහ මද උණුසුම් වායු සම්මිශ‍්‍රණක් මගින් තේ දඵ වල ඇති ජලය ඉවත් කිරීම හෙවත් තේ දළු විජලනය කිරීමයි. සෙල්සියස් අංශක 55 ට අඩු උෂ්ණත්වයක් යටතේ තේ දළු විජලනය කිරීම මෙම යන්ත‍්‍රයේ ඇති විශේෂත්වයි. මෙම යන්ත‍්‍රයෙන් පැයකට තේ දළු කිලෝ 25 ක් පමණ වියළා ගැනීමට හැකිවෙනවා. එමගින් තේ වල ඇති රසය නොඅඩුව ලබාගන්න පුළුවන්. එය අප හඳුන්වන්නේ වර්ජින් ටී ලෙසයි. පිළිකා නැසීම, දියවැඩියාව පාලනය, ආතතිය අඩුකිරීම, ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ මනා ක‍්‍රියාකාරීත්වයට වගේම ආහාර රුචිය වැඩිකිරීමටත් මෙම වර්ජින් ටී ඉවහල් වෙනවා.
වර්ජින් ටී ඉවහල් වෙන ආකාර ?
{ "answer_start": [ 487 ], "text": [ "පිළිකා නැසීම, දියවැඩියාව පාලනය, ආතතිය අඩුකිරීම" ] }
c6a7b57a-3c06-4b9a-bb92-b1dfbcc59f93
ලබන වසරේ මැද භාගය තෙක් කොරෝනා වෛරසය සමඟ සටන් කිරීමට සිදුවනු ඇතැයි ප්‍රංශ ජනපති එමැනුවෙල් මැක්‍රෝන් මහතා පවසයි. යුරෝපා කලාපයේ ආසාදිතයින් සංඛ්‍යාවේ සීඝ්‍ර ඉහළ යාම වෛරසයට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. මෙම තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය සේවා යටපත් වීම වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව එම සංවිධානය පෙන්වා දුන්නේය. යුරෝපා කලාපයෙන් මේ වන විට ලක්ෂ 78 කට අධික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 247,000 කට අධිකය.
යුරෝපා කලාපයෙන් මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව කොපමණද?
{ "answer_start": [ 379 ], "text": [ "ලක්ෂ 78 කට අධික ආසාදිතයින් සංඛ්‍යාවක්" ] }
dcca2771-2890-4516-874d-9ae6dfe0f6d0
‘වොයිනික් අත්පිටපත’ ගැන ඔබ දන්නවාද? ‘වොයිනික් අත්පිටපත’ යනු හරි අපූරු, ගුප්ත නොවිසඳුණු අබිරහසකි. විද්‍යාඥයන්ට ප්‍රහේළිකාවකි. ‘වොයිනික් අත්පිටපත යනු පොතකි. මෙහි පිටු 240 ක් ඇත. (පිටු කිහිපයක් කවුරුන් හෝ ඉරා ඉවත් කර තිබේ.) අත්පිටපතට යොදාගෙන ඇත්තේ සත්ව සමින් සකස් කළ ඒවාය. මේ අත්පිටපත අවුරුදු 600 කට වඩා පැරැණි යැයි විශ්වාස කෙරේ. ලොව වඩාත් ගුප්ත, අබිරහස් පිරි මධ්‍යතන යුගයේ ලේඛනය මෙය යැයි විශ්වාසයක් පවතී. මෙය මැජික් පොතක් යැයි ඇතැම්හු පවසති. අත්පිටපතට දුර්ලභ මෙන්ම අසාමාන්‍ය විදියේ ශාක සහ පැළෑටිවල සිතුවම්, තරු රටාවල සිතුවම්, මානවරූපී අසාමාන්‍ය විදියේ ජීවීන්ගේ වර්ණවත් සිතුවම් සහ සටහන් ඇතුළත්ය. අත්පිටපත ලියා ඇත්තේ වමේ සිට දකුණට අමුතු විදියේ භාෂාවකිනි. එම අකුරු අපට ආගන්තුකය. අත්පිටපත ‘වොයිනික් අත්පිටපත’ යනුවෙන් නම් කර ඇත්තේ, විල්ෆ‍්‍රඩ් වොයිනික් නමැති පෝලන්ත ජාතික පොත් වෙළෙන්දා නිසාය. අත්පිටපත විල්ෆ‍්‍රඩ් වොයිනික් අතට පත් වී ඇත්තේ 1912 වසරේදීය. එය සොයාගෙන ඇත්තේ ඉතාලි දේවස්ථානයකිනි. කාබන් පරීක්ෂණ අනුව, ‘වොයිනික් අත්පිටපත’ සකස් කරන්න ඇතැයි පැවැසෙන්නේ 15 වැනි සියවසේදීය. ඒ, 1404 සහ 1438 අතර කාලයේය.
ලොව වඩාත් ගුප්ත, අබිරහස් පිරි මධ්‍යතන යුගයේ ලේඛනය ලෙස විශ්වාසයක් පවතින්නේ කුමක් සම්බන්දවද?
{ "answer_start": [ 0 ], "text": [ "‘වොයිනික් අත්පිටපත’ ගැන" ] }
43f185b3-c649-4774-9632-98f39f8c5e50
ඔහු කඳු නගින්නෙක් ලෙස කීර්තියට පාත්‍ර වූයේ මීටර් 8000ට වඩා උස් කඳු තරණය කිරීමට පටන් ගත් පසුවයි. නොනවත්වා පැය 48ක් තුළ ලෝකයේ උසම කන්ද වන එවරස්ට්, ලොට්සේ හා මකාලු යන ලෝකයේ සිවු වැනි හා පස් වැනි උසම කඳු මුදුන් ද තරණය කළේය. මින්ග්මා ඩේවිඩ් ෂර්පා, ගල්ජෙන් ෂර්පා සහ ගෙස්මන් තමාන් යන අය ඔහුගේ කඳු තරණ කණ්ඩායමේ සාමාජිකයන් වූහ. කඳු නගින්නන්ගේ ලෝකයේ කිරුළ දිනාගැනීම ලෙස සැලකුණේ හිමාල කඳුවැටියේ තිබෙන මීටර් 8000ට වඩා උස කඳු දැවැන්තයන් සියල්ල තරණය කිරීමයි. පළමු වරට එම කඳු සියල්ල තරණය කර වාර්තාවක් තැබුවේ රෙයින්හෝල්ඩ් මෙස්නර් විසින්, 1987 වර්ෂයේ දී ය. එම තරණයත් සමඟ ඔක්සිජන් සැපයුමක් නොමැතිව එතරම් උස කඳු නැගි පළමු මනුෂ්‍යයා ලෙස ද මෙස්නර් ඉතිහාසගත විය.
මුල් වරට හිමාල කඳුවැටිය තරණය කර වාර්තාවක් තැබුවේ කව්ද?
{ "answer_start": [ 493 ], "text": [ "රෙයින්හෝල්ඩ් මෙස්නර්" ] }
6b3e4e54-3f36-468e-a541-59b8c6d75085
වයෝවෘද්ධ රෝගියෙකුගේ වැරදි පාදයක්, කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රියානු අධිකරණයක් එරට ශල්‍ය වෛද්‍යවරියකට දඩ නියම කර තිබේ. ඉවත් කිරීමට නියමිත වූයේ 82 හැවිරිදි රෝගියාගේ වම් පාදයයි. එහෙත්, වෛද්‍යවරියගේ නොසැලකිල්ල හේතුවෙන් ඇය කපා ඉවත් කර ඇත්තේ දකුණු පාදයයි. තමන්ට වැරදීමක් සිදුවුණු බව වෛද්‍යවරිය දැනගෙන ඇත්තේ ද සැත්කම සිදු කර දින 3 කට පසුව යැයි ඔස්ට්‍රියා මාධ්‍ය වාර්තා කරයි.සිද්ධිය සම්බන්ධයෙන් ලින්ස් නුවර අධිකරණයක් හමුවේ නඩු විභාගය පැවැත්වුණු අතර නොසැකිලිමත් බව හේතුවෙන් 43 හැවිරිදි ශල්‍ය වෛද්‍යවරියට යූරෝ 2,700ක (ඇමෙරිකන් ඩොලර් 3,060) දඩයක් නියම කෙරුණි.
තමන්ට වැරදීමක් සිදුවුණු බව වෛද්‍යවරිය දැනගෙන ඇත්තේ සැත්කම සිදු කර දින කීයකට පසුවද?
{ "answer_start": [ 324 ], "text": [ "දින 3 කට පසුව" ] }
229bcc08-1eed-4ce2-8301-941a7590fc88
ඩ්‍රෝන යානා වලින් දැමූ බවට සැකකෙරෙන අත්බෝම්බ 11ක් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ගුදාස්පූර් දිස්ත්‍රික්කයේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේවා පකිස්ථානයේ රාවල්පිණ්ඩි හි පිහිටි ආයුධ නිශ්පාදනාගාරක නිපදවා ඇති බවට විශ්වාස කරන බව පොලිසිය පවසයි. අත්බෝම්බ තොගය ඉන්දු පකිස්ථාන දේශ සීමාව හරහා ගෙන එන්නට ඇතැයි ද ඔවුහු කියති. ගුර්දාස්පූර් ප්‍රදේශයේ චක්රි දේශසීමා මුරපොලේ ආරක්ෂක භටයන් පිරිසක් සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේදී ඩ්‍රෝන යානයක් ඉන්දියානු භූමියට ඇතුළු වන අයුරු දැක තිබේ. ඔවුන් ඩ්‍රෝන යානයට වෙඩි තබා ඇති නමුත් එය බිම හෙළීමට සමත් වී නැත. ඔවුන් පන්ජාබ් පොලිසියට ද මේ බව දැනුම් දී ඇත.
සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේදී ඩ්‍රෝන යානයක් ඉන්දියානු භූමියට ඇතුළු වන අයුරු දැක තිබුනේ කවුද?
{ "answer_start": [ 324 ], "text": [ "ගුර්දාස්පූර් ප්‍රදේශයේ චක්රි දේශසීමා මුරපොලේ ආරක්ෂක භටයන් පිරිසක්" ] }
e6f48b3e-ace6-4c84-8781-5261d8d51002
තවත් අය තමාට හිත ගිය බීච් බෝයිස්ලාට සියලුම වියදම් දරා ඔවුන්ගේ රටවලට ද ගෙන්වා ගනී. මේ නිසා ධනවත් ව්‍යාපාරිකයින් වූ බීච් බොයිස්ලා ද සිටිති. මිරිස්ස හා ඒ අවට හෝටල්වල මේ සියලු කටයුතු සිදු වන්නේ ඉතා රහසිගතවය. සමලිංගික ක්‍රියා හා ගණිකා වෘත්තිය නීතියෙන් වරදක් වූවත් මිරිස්ස සංචාරක පුරවරයේ සිදුවන එම ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. ඊට ප්‍රධාන හේතුව හෝටල් ව්‍යාපාරිකයින් හා පොලිසිය අතර පවතින නොබිඳුණු සම්බන්ධතාවන්ය. පොලිසියට අවශ්‍ය ආහාර පාන මිල මුදල් ද නොඅඩුව ලැබෙයි. නිලධාරීන් ජනවාරි 01 වැනිදා හා අප්‍රේල් අලුත් අවුරුද්ද ආරම්භ කරන්නේ එම හෝටල්වලට ගොස් ව්‍යාපාරිකයින් හමුවීමෙනි. එහිදී ඔවුන්ට ඇඳුම් පැළඳුම් මෙන්ම රට බීම බෝතල් ද ලැබෙන බව නොරහසකි.
නීතියෙන් වරදක් වන්නේ මොනවාද?
{ "answer_start": [ 204 ], "text": [ "සමලිංගික ක්‍රියා හා ගණිකා වෘත්තිය" ] }
62926f52-a7d9-45e6-9cd7-5ae4d1c6cb17
බොලිවුඩ් සිනමා නිළි රාණි මුඛර්ජිගේ 44 වැනි උපන්දිනය මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණී. එයට ප්‍රතිචාර දක්වමින් සුපිරි බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන් සිය සුබපැතුම් එකතු කොට තිබුණ අතර, ඔහු සඳහන් තිබුණේ ඇය සමග නැවතත් වැඩ කිරිමට තමන් තවමත් කැමැත්තෙන් පසුවෙන බවය. අමිර් ‘ගුලාම්’ චිත්‍රපටයේ රාණි මුඛර්ජි සමග රංගනයෙන් දායක වූ අතර, ඉන් පසුව අමිර් නැවතත් රාණිට 2004 වසරේ ඔහු විසින් නිෂ්පාදනය කළ ‘ලගාන්’ චිත්‍රපටයේ රඟපාන්නට ඇයට ආරාධනා කර තිබුණි. එහෙත්, රාණි පෞද්ගලික හේතුවක් මත එම චිත්‍රපටයේ රඟපෑම ප්‍රතික්ෂේප කරනු ලැබිය.
‘ගුලාම්’ චිත්‍රපටයේ රාණි මුඛර්ජි සමග රංගනයෙන් දායක වූයෙ කව්ද?
{ "answer_start": [ 116 ], "text": [ "බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන්" ] }
002020d8-c922-45a7-a0af-7b8ca9d0c230
යුද මධ්‍යස්ථානය බටුගෙදර සිට සැතපුම් 2ක් දුරට කළුගඟ හොඳින් පෙනෙන උස් බිමක විවෘත කරන ලදී. මෙම බළකොටුව ක්‍රි.ව. 1831 අගෝස්තු මස 24 වන දින ප්‍රතිසංස්කරණය සඳහා ගිවිසුමක් එච්.ආර්. ස්කොට් මහතාගේ දින පොතෙහි වාර්තාවක මෙසේ සඳහන්ව ඇත. රත්නපුර මහ මරක්කලගේ දොන් හේන්ද්‍රික් පෙරේරා කොන්ත්‍රක්කරුය. මොහු විසින් බළකොටුව හා ගොඩනැගිලි අලුත්වැඩියාවට ඇස්තමේන්තු 6ක් වෙනම ඉදිරිපත් කොට ඇත. ඒ මෙසේය. සිංහල රාජ්‍ය පාලන සමයේ රත්නපුර බටුගෙදර වෙනම ආරක්ෂක කලාපයක් ලෙස පවත්වාගෙන යාමට සිංහල රජවරු උත්සාහ ගෙන ඇත. ඒ පිළිබඳව ක්‍රමවත් සැලැස්මක් ක්‍රියාවේ යෙදී තිබුණ බව විමර්ශනය කිරීමේ දී හෙළිවී ඇත. එහි සිංහල යුද සේනාව පුරුදු පුහුණු කිරීම්, සටනට අවශ්‍ය ආයුධ තැනීම, සංවිධාන කිරීම ආහාර ගබඩා කිරීම් බටගෙදර බළකොටුව ආශ්‍රිතව සිදුකර ඇත.
මෙම බළකොටුව ප්‍රතිසංස්කරණ කොන්ත්‍රාත්කරුවා කවුරුන්ද?
{ "answer_start": [ 244 ], "text": [ "දොන් හේන්ද්‍රික් පෙරේරා" ] }
c9aa3947-4d99-4133-bd6d-d8c7cd59d14f
උහන ප්‍රදේශයේ පිහිටි පාසලක නිවාසාන්තර තරගාවලියේ මැරතන් ධාවන තරග ඉසව්වට සහභාගි වන සිසු සිසුවියන් සියලු දෙනා එම තරග ඉසව්වට සහභාගි කිරීමට පෙර ඔවුන්ගේ ශරීර යෝග්‍යතාව පරීක්ෂා කර බැලීමට වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය තීරණයක් ගෙන තිබිණි. පසුගිය කාලයේ සමහර පාසල්වල ධාවන තරග ඉසව්වලට සහභාගි වී සිටි සිසු සිසුවියන් කිහිපදෙනෙකුම හදිසියේ රෝගාතුර වී ප්‍රදේශ කිහිපයකදී මිය යාමේ සිද්ධීන් සැලකිල්ලට ගනිමින් මෙවැනි තීරණයක් ගෙන ඇත. උහන ප්‍රදේශයේ පිහිටි පාසලේ සිසුවියන් 30 දෙනෙකු අම්පාර ගොනාගොල්ල සෙනරත්පුර ප්‍රාදේශීය රෝහල වෙත ඉකුත් 06 වැනිදා සවස යොමුකෙරුණේ ඒ තීරණයට අනුවය. මැරතන් ධාවන තරග ඉසව්ව පැවැත්වීමට නියමිතව තිබුණේ ඊට පසු දිනයේය. සිසුවියන් රෝහලට කැඳවාගෙන ගියේ විදුහලේ ආචාර්යවරියකගේ රැකවරණය යටතේය. ඊසීජී පරීක්ෂණයට සියලු සිසුවියන් ලක්කිරීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණවලට යොමුකර ඇත. රෝහලේ බාහිර රෝගී අංශයේ කාමර දෙකක සේවයේ නිරතව සිටි වෛද්‍යවරියක හා වෛද්‍යවරයකු විසින් සිසුවියන් වෙන වෙනම කාමරයට කැඳවා අදාළ පරීක්ෂණ සිදුකරන ලදී.
පාසල පිහිටියේ කොහේද ?
{ "answer_start": [ 0 ], "text": [ "උහන ප්‍රදේශයේ" ] }
8e9bd927-0276-41f1-819f-62492bbf26c0
කොළඹට හා කෝට්ටේට ඉතා ආසන්නව හා කැලණි ගඟ අසලින් ගලා යාමත් පෘතුගීසීහු මල්වාන තෝරා ගත්තේය. 1597 වන විට මෙරට ස්ථාපිත කර තිබූ පෘතුගීසි බළෙකාටු 12 ක් පිළිබඳ සඳහන්ය. ඒ ගාල්ල, මාතර, කළුතර, මීගමුව, හලාවත, ගුරුබැවුල, බටුගෙදර, රුවන්වැල්ල, කුරුවිට, කඩුවෙල, සීතාවක හා මල්වානයි. මල්වාන බළෙකාටුව පිහිටියේ කොළඹ සිට ලීග් දෙකක දුරිනි. එය කැලණි ගඟටත් පහුරු ඇළටත් මායිම්ව පිහිටි බිම් කඩකි. ආරෝග්‍ය ශාලාවක් පල්ලියක් බඩු ගබඩාවක් වෙඩි බෙහෙත් ගබඩාවක් මල්වාන බළකොටුවේ පිහිටා තිබුණි. මල්වාන බළකොටුවේ ප්‍රධානියා වූයේ කෲර පාලකයෙකි. ඒ ජෙනිමෝදා අසවේදුය. 1597 - 1611 දක්වා වූ වසර 15 ක් තිස්සේ බළකොටුවේ ප්‍රධානියා වූ අසවේදුව හඳුන්වන ලද්දේ මල්වානේ රජතුමා නමිනි. අසවේදුගේ රජ මාලිගය මල්වාන බළෙකාටුව අාසන්නයේ පිහිටි අතර ඊට ආරක්ෂාව ලබා දීම පිණිස බළකොටුව ආසන්නයේ කැලණි ගඟේ පිහිටි ගල් තලාව මත ආරක්ෂක වැඩ පිළවෙළක් ක්‍රියාත්මක වූ බවද කියැවේ. පෘතුගීසි භාෂාවෙන් රෝසපානි නමින් හැඳින් වූ එම ගල අද භාවිතා වන්නේ රාක්ෂපාන ගල නමිනි.
ආරෝග්‍යශාලාවක් ,පල්ලියක් හා වෙඩිබෙහෙත් ශාලාවක් තිබුණේ කුමන බලකොටුවේද?
{ "answer_start": [ 428 ], "text": [ "මල්වාන බළකොටුවේ" ] }
c3e1e017-950c-43e0-b192-fac4487865d0
සෝමාවතී වනාන්තරයටත් පහළ මහවැලි ගංගා ද්‍රෝණියටත් මා තුළ දැඩි ආද‌රයක් ඇත. වසර හතළිහකට වැඩි ඉතිහාසයක් ඊට තිබේ. එබැවින් වත්මනේ මේ වනපෙතට අත්ව ඇති ඉරණම මා තුළ කම්පනයක් ඇති කළේය. 1980 සිට 1984 දක්වා මගේ ජීවිතයේ වැඩි කාලයක් ගෙවී ගියේ සෝමාවතී වනාන්තරය සමඟය. කොට්ටියාරම්පත්තුවෙන් පටන්ගෙන විල්ලු වනපෙත ගෙවා ත්‍රිකෝණමඩුව හා කන්දකාඩුව දක්වා නොයෙක් වර මා පයින්ම ගිය ගමන් අපමණය. ඒ පැරැණි වන මං අද වැසී ගොස් ඇතත් දන්නෝ නිසි මං පාදාගෙන අදටත් වනාන්තරයට පිවිසෙති. වැරැදි ක්‍රියාවල නියැලෙති. එකල මේ වනාන්තරය තුළ රැඳී සිටියේ පාරම්පරික දමිළ හා මුස්ලිම් ගවපට්ටිකරුවන් හා කාලීන දුම්කොළ වගාකරුවන් පමණි. මේ බොහෝදෙනා මහවැලි ඩෙල්ටාව ඇතුළු ගඟබඩ ඉවුරුවල සිය ව්‍යාපාරික කටයුතු සාමකාමීව කරගෙන ගියහ. කොමනච්චිය, නඩුමැඳුර, පවන, කරිඤ්ඤංමුණේ, කුරුගඟ එහිලා ප්‍රධාන විය. ඔවුන් වාන්තරයට හානි කළේ නැත.
පාරම්පරික දමිළ හා මුස්ලිම් ගවපට්ටිකරුවන් හා කාලීන දුම්කොළ වගාකරුවන් සිය ව්‍යාපාරික කටයුතු සාමකාමීව කරගෙන ගියේ කොහේද?
{ "answer_start": [ 592 ], "text": [ "මහවැලි ඩෙල්ටාව ඇතුළු ගඟබඩ ඉවුරුවල" ] }
1c17a57a-5641-4064-a5d8-33b6b7bea4d7
එමෙන්ම පද්මපානි, වජ්‍රපානි බෝධි සත්ව රූප ද බුදු රුව දෙපස දක්නට ඇත. ඒ සියල්ල ඔසවාගෙන සිටින මිනිස් රූප දෙකක් දැකිය හැකි අතර පෙණ ගොබ පහකින් යුතු නාග රූප ඒ මිනිස් රූපවලට හිසට ඉහළින් කැටයම් කර ඇත. බුදුන්වහන්සේ වන්දනා කරන දෙව් රූප ද ඉහළින් පෙනෙයි. මෙම ආරාම සංකීර්ණයේ ජල ටැංකි තිබුණ ද ඒවා කාලයා සමඟ නටබුන්ව ගොස් ඇත. ක්‍රි.පූ. 2 වැනි සියවසේ දී ආරම්භ වුව ද කලින් කලට මේ ආරාම සංකීර්ණය වෙනස් වී ගිය ආකාරය මෙහි ඇති කැටයම් හා නටබුන්වලින් පැහැදිලි කරගත හැකිය. චෛත්‍ය ගෘහය ඇති කවුළුවක් අසල ඇති බිත්තියේ ඇති සෙල්ලිපියෙන් කියැවෙන්නේ, පතිකාම් හි පදිංචි පිටුල් නම් ගෞතම ගෝත්‍රයට අයත් බ්‍රාහ්මණයකු සිය සහෝදරයා ද සමඟ එක්ව මෙම ලෙන ධර්මදානය සඳහා පරිත්‍යාග කළ බවයි. මෙය බ්‍රාහ්මී සෙල්ලිපියකි. භාරතයේ පමණක් නොව, ශ්‍රී ලංකාවේ ද මෙසේ ලියා ඇති බ්‍රාහ්මී සෙල්ලිපි ගණනාවකි. මෙය ලියා ඇති භාෂාව ප්‍රක්‍රිට් ලෙස හැඳින්වෙයි.
බුදු රුව දෙපස දක්නට ලැබෙන්නේ කුමන බෝදිසත්ව රූපද?
{ "answer_start": [ 7 ], "text": [ "පද්මපානි, වජ්‍රපානි බෝධි සත්ව රූප" ] }
3aaa6c12-98a2-4298-81ac-8f43da59c387
එසේම ශල්‍යකර්ම ඇතුළු වෛද්‍ය විද්‍යාත්මක අරමුණු සාර්ථක කර ගැනීම සඳහා මෙම රොබෝ තාක්ෂණය උපයෝගී කර ගැනීමට ද විද්‍යාඥයින් බලාපොරොත්තු වේ. විශේෂයෙන්ම ලැපරොස්කොපික් සැත්කම් සඳහා මෙම රොබෝ තාක්ෂණය භාවිත කිරීමට හැකි වනු ඇතැයි ඔවුහු කියති. ලැපරොස්කොපික් වර්ගයේ බොහෝ සැත්කම් උදර කුහරය සහ උකුළු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරනු ලබයි. සිහින් උපකරණ කීපයක් යොදා ගනිමින් සිරුරු කුහරයක අවම මැදිහත් වීමකින් යුතුව එම සැත්කම් සිදුකරයි. ඒ අනුව එම සැත්කම් අවම කැපුමකින් සිදුකළ හැකි අතර එබැවින් රෝගියාට දැනෙන වේදනාවද අවම වේ.
රොබෝ තාක්ෂණය උපයෝගී කර ගැනීමට බලාපොරොත්තු වෙන්නේ කුමක් සඳහාද?
{ "answer_start": [ 5 ], "text": [ "ශල්‍යකර්ම" ] }
3eb207db-b35d-4033-8ebe-744fbd92e483
ගමන අවසානයට ආසන්න බව වැටහෙන විට වනයට පහළින් කුඩා දිය පහරක ශබ්දය අපට ඇසුණි. වහා එහි ගිය අප දුටුවේ තරමක් සිඳී ගිය ජල ප්‍රවාහයකි. විශාල ගල් තලාවක් මතින් ගලා යන එහි ජලය අපි බෝතල්වලට පුරවාගෙන පානය කළෙමු. එහි මඳක් විවේක ගත් අප දුටුවේ පසෙකින් ඇත්තේ හීන් පිදුරුතලාව කන්දේ පිටුපස සහ අනෙක් පසින් ඇත්තේ අප තරණය කිරීමට යන පැදුරුතලාගල කන්දේ මුදුන බවයි. ඒ කඳු දෙක අතර පැහැදිලි නිම්නයක් වූ අතර මෙම දියවර ගලාගෙන එන්නේ ඒ අතරින් බව අපි පසක් කර ගත්තෙමු. පසුව අප නැවතත් පෙර මාර්ගයට පැමිණ කන්ද මුදුනට යාමට පටන් ගත්තද ගල් බිත්තිය පහළ සිටි පොළොං තෙලිස්සෙකු අප දුටුවේ අහම්බෙනි.
මොවුන් තරණය කිරීමට යන්නේ කුමන කන්දද?
{ "answer_start": [ 311 ], "text": [ "පැදුරුතලාගල" ] }
3ce010b8-c0a8-4b5a-8d15-f084864531d8
මේ අතර කීර්තිගේ ඥාති සොහොයුරු බන්දුල රණසිංහ නුවරින් හේලියන්ස් නම් පුංචි බෑන්ඩ් එකක් පටන් ගත්තේය. කීර්ති එහි ගායකයෙකු විය. කොට කලිසමක් හැඳ වේදිකාවට පැමිණි ඔහු සනත් නන්දසිරිගේ මහද වීණා ගීතය ගැයීය. ඔහුට හොඳ ප්‍රතිචාරයක් ලැබිණ. ගීත හතරක් කීමට ඉල්ලීම් ආවේය. අත්පොළසන් මැද කීර්තිව කවුදෝ වේදිකාවෙන් බිමට බැස්සු අයුරු ඔහුට තවමත් මතකය. ගීත ගැයුවේ සල්ලි බලාගෙන නොව තම හැකියාව එළිදැක්වීමට බව කියන කීර්ති මධ්‍යම රාත්‍රියේ බස් නැති නිසා පයින්ම ගම්පොළට ගොස් ඇති බව කීවේය. ඇතැම් විට බස් එකක් තිබුණත් ටිකට් ගැනීමට සල්ලි ද තිබී නැත.
කීර්ති වේදිකාවට පැමිණියේ කුමක් හැඳ ගෙනද?
{ "answer_start": [ 123 ], "text": [ "කොට කලිසමක්" ] }
502fe626-6aee-4f24-98e8-00efa833f982
ඉන්දියාවේ ද විකාශය වන ඕල් ඉන්දියා රේඩියෝ’ ගුවන් විදුලි නාළිකාව ලඩාක් පළාතේ එකම ගුවන් විදුලි නාළිකාවය. ඉන්දියාවේ දූර්දර්ශන් රූපවාහිනී නාළිකාව ඔවුන්ගේ ශාඛාවක් ලඩාක් හි පිහිටුවා ඇත. ඒ හරහා පැය කීපයක් පමණක් රූපවානී වැඩසටහන් විකාශය කෙරේ. ඒ හැර ප්‍රජා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ. ලඩාක් වැසියන් වෙනුවෙන් පළවන එකම ඉංග්‍රීසි පුවත්පත ‘රීච් ලඩාක් බුලටින්’ ය. මෙය සති දෙකකට සැරයක් මුද්‍රණය වෙයි. කාශ්මීරයේ මුද්‍රණය වන ඉංග්‍රීසි සහ උර්දු බසින් පළ වන ‘කාගිල් නම්බර්’ පුවත් පත ලඩාක් වැසියන් අතරේ ප්‍රසිද්ධියට පත් වී ඇත. 2018 දී ‘සින්ටික්’ යන නමින් ඉංග්‍රීසි සඟරාවක් ආරම්භ විය. ඒ, ලඩාක් පළාත සහ ලඩාක් වැසියන් ගැන විස්තර කෙරන සංචාරක සඟරාවක් ලෙසය.
ලඩාක් පළාතේ එකම ගුවන් විදුලි නාළිකාව කුමක්ද ?
{ "answer_start": [ 22 ], "text": [ "ඕල් ඉන්දියා රේඩියෝ’ ගුවන් විදුලි නාළිකාව" ] }
32e643e0-92ce-4b43-a045-ef75b24381fa
බ‍්‍රසීලියානු ජාතික ජිසෙල් විලාසිතා ලෝකයේ එතෙක් මෙතෙක් සිටි අති සාර්ථකම නිරූපණ ශිල්පිනියක ලෙස සැලකේ. 2015 වසරේදී විලාසිතා දැක්මවල නිරූපණයෙන් විශ‍්‍රාම ගත් ජිසෙල්ගේ වයස අවුරුදු 40ට ආසන්නය. නමුත් සුවඳ විලවුන්, පාවහන් හා ඇගේ උපන් රට වන බ‍්‍රසීලයේ ආභරණ සමාගම් සමඟ පවතින ගිවිසුම් නිසා මිලියන ගණනින් මුදල් උපයන්නීය. දශක දෙකකටත් වඩා දිගු ඇගේ වෘත්තීය ජීවිතයේදී වෝග්, එල් හා හාපර්ස් බසාර් වැනි විලාසිතා සඟරාවල කවරයේ ඡායාරූප 1200කටත් වඩා පෙනී සිට ඇත. ජිසෙල් ටයිම්, ෆෝබ්ස්, රෝලින් ස්ටෝන් වැනි ලොව සුප‍්‍රකට සඟරාවලත් පෙනී සිටියාය. ඇගේ වෘත්තීය ගමන් මග කොතෙක් සාර්ථක වීද යත්, ඇගේ සාර්ථකත්වය නිර්වචනය කිරීමට සුපිරි යන වචනය ප‍්‍රමාණවත් නොවී, සුපිරිවලටත් වඩා සුපිරි යන තේරුම ඇති උබර් මොඩල් යනුවෙන් යෙදුමක් පවා බිහිවිය. නීරෝගී හා වටකුරු සිරුරකින් මෙන්ම රන්පැහැ සමෙන් යුතු වූ ඈ 90 ගණන් හා 2000 ගණන්වල පැවති ඒකාකාරී විලාසිතා රාමු බිඳිමින් විලාසිතා ලෝකයට නව පෙනුමක් එකතු කළාය. ඇය වෘත්තීයත්වයෙන් ඉහළ, දැඩි කැපවීමකින් හා ප‍්‍රබෝධමත් බවකින් යුතුව කටයුතු කරන්නියක් බව ක්ෂේත‍්‍රයේ කවුරුත් දන්නා කරුණුය.
ජිසෙල් විලාසිතා දැක්මවල නිරූපණයෙන් විශ‍්‍රාම ගත්තේ කිනම් වසරේදීද?
{ "answer_start": [ 101 ], "text": [ "2015 වසරේදී" ] }
402814e1-3504-40f2-9d29-9160fd2b6852
දෙමළ පාතාලය යැයි කීවද සුදාකරන්ගේ පාතාල කල්ලිය සමග එක් වූ මුස්ලිම් අය මෙන්ම සිංහලයින්ද විය. නවුපර් මොහොමඩ් නියාස් හෙවත් පොට්ට නවුපර් ඉන් එක් අයෙකි. මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් ඔහුට මරණ දඬුවම් නියම විය. සුදාකරන්ට එක් වූ සිංහලයන් දෙන්නෙකි. ඒ නෙලුව හේවගේ උදය ප්‍රියදර්ශන නොහොත් මල්ලියා හා ජයකොඩි ආරච්චිගේ ඕල්කට් පෙරේරා හෙවත් බොරැල්ලේ ඕල්කට්ය. බොරැල්ලේ උපන් ඕල්කට් අවුරුදු දහඅටක් වැනි ඉතාමත් ළාබාල වයසේදී පාතාලයේ අත්පොත් තැබූවෙකි. කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසලක අධ්‍යාපනය ලබා සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය සුදුසුකම් ඉහළින්ම ලබා සිටි ඕල්කට් පෙරේරා පවුලේ ඥාතීන් පිරිසක් සමග ඇති වූ ආරවුලකින් සීයාත් පියාත් ඝාතනයට ලක්වීමෙන් පසු තමන් වෙතද එල්ලවූ මරණ තර්ජන හමුවේ එයට පිළිතුරු දෙනු පිණිස පාතාලය සොයා ගිය අයෙකි. ඔහුට පාතාලයේ අත්පොත් තැබුවේ තෙල්බාලාය. ඔහු 2010 දී පොලිස් විශේෂ කාර්ය බළකායේ වැටලීමකදී වෙඩි කා මිය ගියේය.
නෙලුව හේවගේ උදය ප්‍රියදර්ශන තවත් නමක් වන්නේ කුමක්ද ?
{ "answer_start": [ 307 ], "text": [ "ජයකොඩි ආරච්චිගේ ඕල්කට් පෙරේරා" ] }
91c4a2d6-62ef-4f97-8e13-6a867a65cdf7
මිථුන- මිථුන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ රාහු ලග්නයටත් කේතු හත්වැන්නටද පැමිණෙයි. ප්‍රසිද්ධිය හා කීර්තිය ලැබේ. ගමන් බිමන් අධික වේ. තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න. යුග ජීවිත ගත කිරීමේදී එකිනෙකාගේ අදහස්වලට නම්‍යශීලී වන්න. යටි බඩේ රෝග ඇතිවීමට ඉඩ ඇත. කටක- කටක ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ රාහු දොළොස්වැන්නටත් කේතු හයවැන්නටද පැමිණේ. මෙම කාලසීමාවේ නිෂ්ඵල වියදම් ද පිට පළාත්වල ගමන් බිමන්ද යෙදේ. සතුරු කරදර ඇතිවීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ විදේශ ගමන් සිහිනය සැබෑ වේ. ශරීර සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. සිංහ- සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ රාහු සියලුම ලැබීම් පෙන්වන එකොළොස්වැන්නටත්, කේතු පස්වැන්නෙත් ගමන් කිරීම නිසා සුබ කාලයක් උදා වේ. ආදායම් තත්ත්වය යහපත් වේ. විදේශීය ව්‍යාපාරවලින් ලාභ ලැබේ. සමාජයේ ඉහළ තැනක් හිමි වේ. මිත්‍ර සම්බන්ධතා වැඩිදියුණු වේ. එහෙත් වෙස්වළා ගත් මිතුරන්ගෙන් ප්‍රවේශම් වන්න. මංගල කටයුතුවලට පදනම වැටේ.
සුබ කාලයක් උදා වන්නේ කේතු කී වැන්නේ ගමන් කිරීම නිසාද?
{ "answer_start": [ 583 ], "text": [ "පස්වැන්නෙත් ගමන් කිරීම නිසා" ] }
f74e149c-16b6-48e1-8b95-a3967ef11f3f
මෙම බල සංවේදකය නිපදවීමේදී මෙහි ආකෘතිය ත‍්‍රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය කරන්නේ කොහොමද, එය ගණිත සංකල්ප යොදාගෙන ආකෘතියක් පරිදි නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ගැන අපි ආරම්භයේදී සොයාබැලූවා. එම ගණිතමය ආකෘතියට අනුව මෙම සංවේදකය අභ්‍යන්තරික ව්‍යුහය යොදන බලයට අනුව පාලනය කිරිමට හැකිවන පරිදි අප නව තාක්ෂණික මූලද්‍රව්‍ය වලින් සංවේදක කොටස් නිර්මාණය කළා. ඉන්පසුව මෙහි ක‍්‍රියාකාරීත්වය සහ ගති ලක්‍ෂණ පූර්ණ වශයෙන් විශ්ලේෂණය කළා. එය ඉතා සාර්ථකත්වයට පත්වුණා. මෙම සංවේදකය පරිශීලකයන්ගේ පහසුව සඳහා මයික්‍රෝ කොන්ට්‍රෝලරයක් සහිත ඉලෙක්ට්‍රෝනික පරිපථයක් හරහා නිකුත් වෙන විද්‍යුත් තරංග දත්ත හුවමාරු කෙරෙන යූ.එස්.බී. දත්ත හුවමාරු ක‍්‍රමය සහ විශේෂිතව නිපදවූ මෘදුකාංගයක් පරිගණකයට ස්ථාපනය කර මෙහි ඉලෙක්ටෝනික දත්ත දර්ශනය කිරීමට සහ නිරීක්‍ෂණය කිරීමට හැකිවන පරිදි වැඩි දියුණු කළා.
ඉලෙක්ටෝනික දත්ත දර්ශනය කිරීමට සහ නිරීක්‍ෂණය කිරීමට හැකිවන පරිදි වැඩි දියුණු ලද්දේ ඇයි ?
{ "answer_start": [ 450 ], "text": [ "පරිශීලකයන්ගේ පහසුව සඳහා" ] }
8e8c946d-c292-43e1-be37-7648d339ab22
එසේ සලකන විට දන්තුරේ සටන් බිම මෙන්ම බලන බළකොටුව, කුමාරගල දේවාලය මාමුඩාවෙල ආදී ස්ථානයන් ද ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමය. මෙම සංවත්සරය සැමරීම සඳහා දන්තුරේ විහාරය මුල් කරගනිමින් උත්සව රාශියක් විමලධර්මසූරිය- කුසුමාසන දේවි පදනම මගින් එහි ලේකම් දඹගොඩ සෙනෙවිරත්න මහතා විසින් සැලසුම් කොට ඇත. යටිනුවර පාසල් සිසුන් දැනුම්වත් කිරීම, පහන් හාරසිය විසිපහක් දැල්වීම, සම්මන්ත්‍රණ පැවැත්වීම, නොමිලේ ඇස්කණ්ණාඩි හාරසිය විසිපහක් ලබා දීම. දන්තුරේ කතිකාව එළිදැක්වීම ආදිය ඒ අතර වේ. නූතන පරපුරේ දැනගැනීම සඳහා මෙම කතාව දැන් දෙරණ රූපවාහිනියෙන් ටෙලි නාට්‍යයක් වශයෙන් දර්ශනගත කර ඇත.
සංවත්සරය සැමරීම සැලසුම් කලේ කුමන පදනම මගින්ද?
{ "answer_start": [ 187 ], "text": [ "විමලධර්මසූරිය- කුසුමාසන දේවි පදනම" ] }
779ec882-c16a-46b4-92eb-572ca9d77d52
සිනමා තිරයේදී මුහුණ දුටු විට පවා සිනා නැගෙන ඇන්තනී සී. සිනාවකට කිසිදු ඉඩක් නොතබමින් අධිරාජ්‍යවාදය හා ධනවාදය අතුගා දැමිය යුතු බවට වේගවත් කතාවක් කෙළේය. එය මෙවන් නළුවකුගෙන් ඇසීමට නොහැකි ආකාරයේ අපූරු කතාවකි. ඇන්තනී සී. සිනමාවේ මොනතරම් විකට චරිත රඟපෑවත් ඔහු සැබෑ ජීවිතයේදී වැඩි කතා බහක් නැති නිරතුරුවම වැදගත් යමක් කතා කරන නළුවෙකි. ඇන්තනී සී. ලා එදා දේශපාලන වේදිකාවට ගොඩවීමේ අග්‍ර ප්‍රතිඵලය වූයේ 1972 ජනවාරි 21දා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රාජ්‍ය චිත්‍රපට සංස්ථාව බිහිවීමය. එදා සිනමා ඒකාධිකාරියකට යටවී තිබූ සිනමාවට සාමාන්‍ය නිෂ්පාදකයන්ට පවා එන්නට ලැබුණේත් සිනමාවට දේශීයත්වය මුසු වූයේත් රාජ්‍ය චිත්‍රපට සංස්ථාව නිසා බව අතිශයෝක්තියක් නොවේ.
අධිරාජ්‍යවාදය හා ධනවාදය අතුගා දැමිය යුතු බවට පැවසුවේ කව්රුන්ද?
{ "answer_start": [ 44 ], "text": [ "ඇන්තනී සී" ] }
c8c8cc22-b858-4a53-acb7-1bc555930cfe
බලාපොරොත්තු වූවාට වඩා දැඩි බෑවුම් සහිත අසීරු මාර්ගය දුෂ්කර වුවත් මීදුමෙන් පිරුණු ගැරඩිගල කන්ද මුදුනට ගිය විට දැනුණේ කියා නිම කරන්නට බැරි සතුටක් වගේම ගතට දැනුණේ අපූරු වූ අශ්වාදයකි. අංශක 80 කඳු බෑවුමකින් පිහිටා තිබෙන ගැරඬි ඇල්ල තරණය කිරීම හිතපු තරම් සුන්දර නැතත් මා තරණය කර ඇති කඳු අතුරින් සුන්දරම කඳු තරණය ගැරඬි ඇල්ලයි. කෙහෙල්පන්දෝරුව, යහන්ගල, මීමුරේ, ලකේගල ඇතුලු සුන්දරත්වයේ පරතෙරටම ගිය සොබාව සෞන්දර්යන් දායාද රැසක් දරාගෙන සිටින මේ උඩුදුම්බර අහස යට සැඟවුණු ගැරඬි ඇල්ල සැබැවින්ම දෑස්වලින් විඳිය යුතු අතිශය මනරම් රමණීය දර්ශනයකි. ගැරඬිගල ඇලි දාමයේ ඇලි සියල්ලම ඉතාම රමණීයයි.
මීදුමෙන් පිරි තිබුනේ කොහෙද
{ "answer_start": [ 81 ], "text": [ "ගැරඩිගල කන්ද" ] }
ad91890f-9286-4ce6-a92b-550d41209d1e
නිදහස දිනා නිල වශයෙන් බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුව වශයෙන් නම් කිරීමෙන් පසුව නව රාජ්‍යයට දුර්භික්ෂ, ස්වාභාවික විපත්, දරිද්‍රතාව, දේශපාලන කලබල හා යුදමය තත්ත්වයන්ට නිරන්තරයෙන්ම මුහුණ පෑමට සිදුවිය. වර්ග කිලෝමීටර් 147,570කින් යුත් බංග්ලාදේශය ලොව 7 වැනි ජනාකීර්ණ රට වේ. එසේම අධික ජනගහනයක් මෙන්ම අධික දිළිඳු ජන අනුපාතයක් පවතින රට ද වේ. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව මීටර් 10ක ප්‍රමාණයක වැඩිම ජනගහනයක් පදිංචි ලොව මුල්ම රටවල් පහ අතරේ පළමු වැනි ස්ථානය හිමි වී තිබෙන්නේ බංග්ලාදේශයටය. දෙවැනි ස්ථානය තායිවානයට ද, තෙවැනි ස්ථානය දකුණු කොරියාවට ද සිවුවැනි හා පස් වැනි ස්ථාන රුවන්ඩාවට හා හයිටි රාජ්‍යයට ද හිමි වී තිබේ. 2017 වසරේ සංඛ්‍යාලේඛනවලට අනුව එරට ජනගහනය මිලියන 165 ද ඉක්මවා ගොස් තිබේ. බංගලාදේශයේ අගනගරය වන ඩකාහී පමණක් වෙසෙන ජනගහනය මිලියන 18 කි. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය මිලියන 22ක් පමණ වන අතර මෙම දත්ත සංසන්දනය කර බැලීමෙන් ඩකා අගනගරයේ තත්ත්වය කෙසේදැයි අපූරුවට වටහාගත හැකිය. බංගලාදේශය මේ වනවිට ඒක පුද්ගල ආදායම අතින් ද මානව සංවර්ධනය, පාසල් අධ්‍යාපනය, සාහිත්‍යය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයෙන් ද ජනගහනය වර්ධනයෙන් ද දියුණුවක් ලබා සිටින රටකි. අධිජනගහනය රටක සංවර්ධනයට බාධාවක් බව කලකට පෙර සඳහන් වුව ද අධිජනගහනයම රටේ සංවර්ධනයට යොදාගත් රටකට හොඳම උදාහරණය බංග්ලාදේශය වේ.
බංගලිදේශය කොපමණ විශාලත්වයකින් යුක්තද ?
{ "answer_start": [ 191 ], "text": [ "වර්ග කිලෝමීටර් 147,570කින්" ] }
dc47a747-3c75-4f3d-a512-1df997fcdd26
බලාපොරොත්තු ගොන්නක් එක්ක ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වී සිට නැවත මෙලොව දුටු දස හැවිරිදි රීගන් නිම්රෝත් පුතු අද අහිමි වූ බලාපොරොත්තු සියල්ල පුංචි හිතේ දරාගෙන යළි සිනහව දකින්නට වෙර දරන මල් කැකුළක්. නිම්රෝත් පුතු පාස්කු ඉරුදින දේව මෙහෙයට සහභාගි වීමට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගියේ පවුලේ අය සමගින්. දේව මෙහෙය අවසන් වීමට ළංවූ මොහොතේ කිසිවෙකු නොසිතූ මොහොතක ක්ෂණයකින් විනාශ වී ගිය දේවස්ථානය තුළ නිම්රෝත් පුතු දැක්කේ සුන්බුන් වී ගිය මිනිස් සිරුරු ගොඩක් විතරයි. බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ ලෙස ඉනෙන් පහළට සහ පිළිස්සුම් තුවාලවලින් මුහුණට වූ හානියෙන් මේ පුංචි පුතා තවමත් පාසල් හීනය පසෙකට දාලා ප්‍රතිකාර සඳහා යොමුවෙනවා. ඒ වගේම නිම්රෝත් පුතුගේ මාස 6 ක් වයසැති පුංචි නැගණිය ද පිළිස්සුම් තුවාල සඳහා තවමත් ප්‍රතිකාර ලබනවා. ඒ විතරක් නෙමෙයි එදා නිම්රෝත් ළඟ ඉඳපු අම්මා අද රෝද පුටුවට සීමාවෙලා.
ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවී නැවත එලිය දුටුවේ කව්ද?
{ "answer_start": [ 90 ], "text": [ "රීගන් නිම්රෝත් පුතු" ] }
4f3fc342-1425-4067-b331-9d85649653a3
ඇය ඉගෙන ගත්තේ ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේය. පියුමි ඉගෙනීමට හපන්ය. දිනපතාම පාසල් ඒම ඇගේ සිරිතය. එහෙත් පසුගිය දින කීපයක් ඇයගේ පාසල් පැමිණීමේ අඩුවක් තිබිණ. වෙනත් කිසිදු වෙනසක් පන්තිය භාර ගුරුතුමියට දක්නට නොලැබුණි. අවසන් වරට පාසල් පැමිණි දිනයේම රාත්‍රී පියුමිට උණ ගත්තේය. පසුදා බඩේ රුදාවකි. ඇය මව සමග බදුල්ල මහරෝහලට ආවේ බේත් ගැනීමටය. බාහිර ප්‍රතිකාර අංශයේදී ඇය පරීක්ෂා කළ වෛද්‍යවරියගේ දෑස් ඉහළට ගියේය. වෛද්‍යවරිය තවත් විමසිල්ලෙන් ඇය පරීක්ෂා කළාය. එදිනම ඇය බදුල්ල මහ රෝහලේදී බිලිඳෙකු ප්‍රසූත කළාය. උපන් බිලිඳා දියණියකි. එම බිලිඳා සාමාන්‍ය බරෙන් යුතුව සිටියාය. පාදයක කිසියම් අසාමන්‍යතාවක් තිබුණද එය නියම තත්ත්වයට පත්කළ හැකි බව වෛද්‍යවරු පැවැසූහ.
ඇය බිලිදෙකු ප්‍රසූත කලේ කුමන රෝහලේදීද?
{ "answer_start": [ 456 ], "text": [ "බදුල්ල මහ රෝහලේදී" ] }
912414e0-3544-4def-a2ed-064711914d5f
උදෑසනින්ම ගමන පටන් ගත් අපට කූඩැල්ලන්ගෙන් එතරම් බාධාවක් නොවුයේ වර්ෂාව සහිත කාලයක් එදවස නොවූ හෙයිනි. එමනිසා දුෂ්කර මග දිගේ පයිනස් කැලයට පිවිස යන්තමට හඳුනාගත හැකි අඩි මාර්ගය දිගේ අපි ඉහළටම ඇදුනෙමු. දසතම පයිනස් ගස්වලින් වටවී අප තනි වූ බවක් දැනෙන තරම් වූ අතර මුළු ප්‍රදේශයේම දැඩි නිහඬතාවක් විය. විනාඩි 20 ක් පමණ ගිය විට පයිනස් කැලය අවසන් වී අපි එළිමහන් වනපියසට ඇතුළු වුණෙමු.එය මාන පඳුරුවලින් වැසුණු දුෂ්කර කඳු තරණයක් සහිත ඉසව්වකි. නමුත් පරිසරයේ සුන්දරත්වය කියා නිම කළ නොහැකි තරම් වූයේ හාවාගල කන්දේ සුන්දර දර්ශනයයි. සබරගමු ප්‍රදේශය තුළ සුන්දරම හාවාගල කන්දේ සම්පූර්ණ දර්ශනය පැහැදිලිව දැක ගැනීමට ලැබුණි. ඊට අමතරව නන්පේරියල් නැගෙනහිර බෑවුමේ පිහිටි අවශේෂ කඳු කිහිපයක් ද අපට දැක ගැනීමට ලැබුණි. කෙසේ හෝ ලිස්සන සුලු බොහෝ උසට වැඩුණු මාන පඳුරු යාය පීරගෙන අප ඉහළටම ගමන් කළේ මුහුදු මට්ටමේ සිට අඩි 7000 ක පමණ උසකට ළඟා විය යුතුව තිබූ හෙයිනි.
පයිනස් කැලය අවසන් වී ඇතුළු වූයේ කොහාටද?
{ "answer_start": [ 340 ], "text": [ "එළිමහන් වනපියසට" ] }
2a78eeb9-91fc-400f-ba49-7648565a6790
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගොස් සිටින හෙලිකොප්ටර් නියමුවන් 50 කට ආසන්න පිරිසක් මැදපෙරදිග තෙල් ආකරවල විවිධ මෙහෙයුම් කටයුතුවලට යොදවා ගන්නා හෙලිකොප්ටර් යානාවන්හි නියමුවන් ලෙස බඳවාගෙන ඇතැයි ගුවන් හමුදා ආරංචි මාර්ගවලින් පැවසේ. මෙයට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නියමුවන් තවත් පිරිසක් ඕමානය ඇතුළු රටවල් කිහිපයක පොලීසි භාවිත කරන හෙලිකොප්ටර් යානාවල නියමුවන් ලෙස බඳවා ගෙන ඇති බව සඳහන් කරන එම ආරංචි මාර්ග ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගිය තාක්ෂණ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක්ද විදේශ ගුවන් සේවයන්හි ගුවන්යානා නඩත්තු කටයුතු සඳහා සම්බන්ධ කරගෙන ඇතැයි ප්‍රකාශ කරයි.
විදේශ ගුවන් සේවයන්හි ගුවන්යානා නඩත්තු කටයුතු සදහා සම්බන්ධ කරගෙන ඇත්තේ කවුද?
{ "answer_start": [ 433 ], "text": [ "විශ්‍රාම ගිය තාක්ෂණ නිලධාරීන්" ] }
13bcc9a7-f88f-4d9b-b723-090243ce4045
ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන් මුල් යුගයේ විහාරමහා දේවි උද්‍යානයේ පෙම්වතුන්ගේ අසංවර ක්‍රියාවන් ගැන ප්‍රවෘත්තියක් රාත්‍රී ප්‍රවෘත්ති විකාශයට ඇතුළත් කොට ඇත. ඊට දිනකට පසු පුවත් පත් වාර්තා කොට ඇත්තේ එම ප්‍රවෘත්තිය නැරඹීමෙන් පසු පාසල් ගිය තම දියණියන් වික්ටෝරියා පාර්ක් එකේ කොල්ලන් සමග ලව් කරනු දැක දෙමාපියන් බොහොමයක් පොලිසි ගොස් ඇති බවය. ඒ අතර තම සැමියා අනියම් පෙම් සුව විඳි හැතිරිය සොයා පොලිසි ආ බිරින්දෑවරුන් ගැන ද වාර්තා වී ඇත. විහාරමහා දේවි උද්‍යානයෙන් අප ලබා ගන්නා ඵලදායිතාව කුමක් දැයි විමසිය යුතුය. උයන් වත්තක් විද්‍යානුකූලව නිර්මාණය කරන්නේ කෙසේද? මල් ගසක් විද්‍යානුකූලව හිටුවා ඉන් ආර්ථික ඵල ප්‍රයෝජන ගන්නේ කෙසේද? පැළෑටියක් ගසක් උද්භිද විද්‍යානුකූලව හඳුනා ගන්නේ කෙසේද?
පාසල් ගිය දියණියන් කොල්ලන් සමඟ ලව් කරේ කොහෙද?
{ "answer_start": [ 246 ], "text": [ "වික්ටෝරියා පාර්ක් එකේ" ] }
7e35e83e-98da-4ac7-afb7-197a96577880
සූර්ය බල පද්ධති මගින් නිපදවන ජවය කාලත් සමඟ වෙනස් වෙනවා. ඒ නිසා බෙදා හැරීමේ ජාලයේ වෝල්ටීයතාව අඩු වැඩි වෙනවා. විශේෂයෙන් සූර්ය බල පද්ධති රාශියක් ඇතිවිට දවල් කාලයේදී වෝල්ටීයතාව වැඩි වෙන්න පුළුවන්. වෝල්ටීයතාව 244 ට වඩා වැඩිවුව හොත් ඒ හා සම්බන්ධවන උපකරණවලට හානිදායක වෙනවා. ඒ වගේම වෝල්ටීයතාව අඩුවුව හොත් උපකරණ ක‍්‍රියාකරන්නේ නැතිවෙනවා. මේ හේතු කාරණා සැලකිල්ලට ගෙන ප‍්‍රමිතියට අනුව ඒකීය අගයක පවත්වා ගත යුතුයි යන අදහස මට ආවා. ඒ අනුව මෙම ‘සුහුරු‘ පද්ධතිය නිර්මාණය කරන්න හැකිවුණා.මෙය පසුගියදා බත්තරමුල්ලේ පැවැති විදුලි හා විද්‍යුත් පර්යේෂණ ව්‍යාපෘති සම්මේලනයේ කැපී පෙනෙන නිර්මාණයක් වුණා. මෙය අනාගතයේදී විද්‍යුත් පද්ධති ‘සුහුරු පද්ධති‘ බවට පත්කිරීමට අත්‍යවශ්‍ය අංගයක් වේවි යැයි මා සිතනවා.
පසුගිය දා විදුලි හා විද්‍යුත් පර්යේෂණ ව්‍යාපෘති සම්මේලනය තිබුනේ කොහිද?
{ "answer_start": [ 482 ], "text": [ "බත්තරමුල්ලේ" ] }
fb72c706-1230-4e83-9e1b-b8aa15a0fbd7
ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපයන්හි සහ අතර මැදි දේශගුණික කලාපයන්හිද දකින්නට ලැබෙන එකම තැනක බහුලව ව්‍යාප්තවූ ශාක විශේෂයකි. හීන් බෝවිටියා ශාකය කුඩා කඳු ගැටිතිවලත්, බෑවුම් වැටි, පාංශු ස්ථිර සහිත ප‍්‍රදේශ සහ වන ලැහැබ වලද බහුලව ව්‍යාප්තව ඇත. රත්නපුර ශ‍්‍රීපාදය ආසන්න ගම් ප‍්‍රදේශවල මාර්ගය දෙපස බහුලව ඇති මෙම ශාකයේ ඉතාමත් සරුවට වැඩුණු මල් පිපුණ සුන්දර දසුන ඒ මාර්ගයේ ස්වභාවික අලංකාරය වර්ධනය කරවන්නකි. නමුත් මෑත කාලීනව සංවර්ධනය සඳහා සහ වෙනත් වගාවන් සඳහා කැලෑ එළි කිරීමේදී සහ වෙනත් මිනිස් ක‍්‍රියාකාරකම් නිසා සීග‍්‍රයෙන් මෙම හීන්බෝවිටියා ශාක විශාල වශයෙන් හානියට පත්ව විනාශව ඇත.
රින බෝවිටියා ව්‍යාප්ත වී ඈත්තේ කොහෙද
{ "answer_start": [ 197 ], "text": [ "වන ලැහැබ වලද" ] }
2e4b1ffb-208c-4d47-aa55-230316fee6fd
සති දෙකකට පසු මල්මාලයක් ද රැගෙන ඔහු සිනමාහලට ගියේය. ඔහු දැන් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ විවේක කාලය එනතුරුය. විවේක කාලය පැමිණියේය. කඩදාසියක ඔතා තිබූ මල්මාලාවද රැගෙන ඔහු බීම කැන්ටිමට ගියේය. චිත්‍රපටය නැවත ආරම්භ කරන සීනුව නාද විය. කැන්ටිමේ සෙනග සිනමාහල තුළට ගියෝය. එහෙත් කැන්ටිම බාරව සිටින මුදල් අයකැමියා මුදල් ගණන් බලයි. ඔහු දැන් සිටින්නේ නොඉවසිල්ලෙනි. ඔහු එහා මෙහා ඇවිද්දේය. මුදල් කැෂියර් යාන්තම් නැගිට ගියේය. වට පිට බැලූ ලයනල් අල්ගම බිත්තියේ එල්ලා තිබූ ඔර්ලෝසුව වෙත ගොස් මල්මාලාව පළඳවා තම යුතුකම ඉටු කළේය. දැන් ඔහුට ලොකු සහනයක් ලැබුණා වගේය. සිනාසෙමින් සිනමාහල තුළට ගියේය. දෙසතියකින් පමණ ඔහු එම සිනමාහලට ගියේය. එහි කැන්ටිමේ තිබූ ඔර්ලෝසුව බැලීමට ඔහු ගියේය. මැළවී, ගැලවී පෙති ගැලවී ගිය මල්මාලාව තවමත් එහි එලෙසම තිබුණේය. ඔහුට සිනා ගියේය. සුජාතා සම්මාන ලැබූ පරසතුමල්වල සුවඳ අතීතේ ගීතය ඉතාමත් ජනප්‍රිය විය.
මුදල් අයකැමියා ගණන් බලමින් සිටියේ මොනවාද
{ "answer_start": [ 301 ], "text": [ "මුදල්" ] }
54beb40f-d619-4dc7-9dfe-2b594a738947
ඒ 1980 දසකයේ මුල් වකවානුවයි. ඒ රසාලිප්ත ශ්‍රවණයෙන් දසක දෙකක් ගෙවී ගොස් අවසන්ය. රජයේ ගුවන් විදුලියේ දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය ජෙනීට අසුණේ අහම්බෙනි. තරුණ වියේ පසුවූ ඔහු හදිසියේම ඔහු ජීවත් වූ බටහිර රටකදී හෘදයාබාධයකින් මිය ගොස්ය. ඉහත කී රුවන් වැකිය ගැයුවේ ඔහුයි. ජෙනීට ශෝකයක්ද නොවීය. සන්තාපයක්ද නොවීය. ළතැවිල්ලක්ද නොවීය. එය හදවතට සහ කම්පනයකි. සංවේගයකි. කාලය තවදුරටත් ගතවී තවත් අවුරුදු දසක දෙකක් ගෙවී ගියේය. එය 2000 වර්ෂයේ මුල් භාගයයි. මේ වන විට ජෙනී පෙර උගත් විදුහලේම ගුරුවරියකි. ගොඩනැගිලි වලින් පරිබාහිරවූ සුවිශාල භූමි භාගයේ දැවැන්ත බෝධි වෘක්ෂය යටින් ඈ පියමැන්නාය. අවට කිසිවෙකු නැත. මද සුළඟද හමායයි. ඒ රිදී කාසි සමූහයක් එකවර ගැටෙන හඬය. දැවැන්ත බෝධිය අතුපතර පුරා මෙම ආශ්චර්යය විහිදී යයි.
2000 වර්ෂයේ මුල් භාගය වන විට ජෙනී කුමන තත්වයක සිටියේද ?
{ "answer_start": [ 446 ], "text": [ "පෙර උගත් විදුහලේම ගුරුවරියකි" ] }
d163ca6f-2a4a-4b8e-9c22-900095bad5aa
සභාපති ධර්මවිජය මහතා අධිෂ්ඨානශීලීව පැවැසුවේය. කවුරුත් ඊට උත්තර බඳින්නට ගියේ නැත. ඒ ඔහු යමකට අත ගැසුවහොත් එය කුමන ආකාරයෙන් හෝ කරන බව දන්නා නිසාය. යහපත් චේතනාවෙන් කරන දෙය වරදින්නේ නැති බව ඔහු සිතුවේය. ඒවාට විශ්වයේ අපිරිමිත බලය ආශිර්වාද කරන බව සභාපතිතුමාගේ විශ්වාසය විය. කුමාරිහාමි ගැන අහිතක් ඔහුගේ සිතේ නොවීය. නම්බුව, කුලය, බලය ඇයගේ මනස් සන්තානය වෙලා ගෙන ඇති බූවල්ලෙකු බව සභාපතිතුමා දුටුවේය. ඊළඟ රැස්වීමේදී එම සිදුවීම සම්බන්ධව බොහෝ දෙනා අදහස් මත පළ කළේය. වැඩි දෙනා කියා සිටියේ කුමාරිහාමි හමුවීමට යෑම නොකළ යුතුව තිබූ බවයි. වලව් පැළැන්තියම ඔවුන්ගේ දෝෂ දර්ශනයට ලක්වන්නට විය. ගරා වැටෙමින් පවතින එම අසමානය අබියස අප කවුරුවත් දණ නොනැමිය යුතු බවයි ඉන් කියැවුණේ. බහුතරය එසේ වුව ද සමහර අය අදහස් වචන මාත්‍රයක්වත් නොපැවැසීමට තරම් ප්‍රවේශම්කාරී විය. ඒ ඔවුන්ගේ ජානවල හැඩගැස්ම ද වලව්වට ලෙන්ගතු වීම ද යන්න අවිනිශ්චිත විය. කුමන අදහස් මත පළ වුව ද සභාපතිතුමා ස්ථිරවම කියා සිටියේ ගොඩනැගිල්ල හදන බවය. ඒ ගැන සැකසංකා තබා නොගත යුතු බවත් ඔහු අවධාරණය කළේය. අවසානයේ සභාතොමෝ සතුටින් විසිර ගියහ යි ලේකම්තුමා සටහන් තැබීය.
වැඩි දෙනාගේ අදහස වුයේ කුමක් නොකළ යුතු බවද
{ "answer_start": [ 476 ], "text": [ "කුමාරිහාමි හමුවීමට යෑම" ] }
2ae154e2-fd5e-42a6-90dc-4605af263444
දිය ඇල්ලක සුන්දරත්වය රැදෙන්නේ ඉන් ගලා හැලෙන දියදහර පුළුල් වූ විටය. නියං සමයේ සිහින් රේඛාවක් සේ ඇදහැලෙන දිය දහරක සුන්දරත්වයක් නැත.කඳු මුදුනින් ඇදහැලෙන දිය දහර කන්දේ තැන් තැන්වල සැඟවී සිට යළිත් වරක් පහලට ඇද හැලෙන හැටි පෙනෙයි. එතැන පහළින් පොකුණකි. මම ගලින් ගලට පැන ඒ පොකුණ අද්දරටම යමි. ලංකාවේ හැඩයට කිට්ටු හැඩයක් ගත් ඒ විසල් පොකුණ අවට ඇත්තේ උස්ව නැඟුණු කඳු බිත්තිය. මේ කඳු බිත්තිය මත වාඩිවූ පිරිස් බොහෝය. ඔවුන් රිසිසේ දියඇල්ලේ සිරි නරඹති. සමහරු අතවූ කැමරා දිය පොකුණට යොමුකරගෙන ඡුායාරූප ගනිති. පොකුණට බැසගත් ඉලන්දාරින් පිරිසක් දියනාති. කෝකටත් කියා පොකුණට කිට්ටු වූ මම වතුර දෝතක් ගෙන මුහුණ දෝවාගනිමි.
දිය ඇල්ලට පහලින් ඇත්තේ කුමක්ද
{ "answer_start": [ 236 ], "text": [ "පොකුණකි" ] }
c9ca8cdd-c016-4c00-9346-17977dbbfdcb
ගල්යුගයේ මිනිසුන් ගල්ගුහාවල අවිචාරි ලෙස ජීවත් වූ බවට තිබූ විශ්වාසය බල්ගේරියාවේ කළ කැණීමකින් අභියෝගයට ලක්වූ බව පුරාවිද්‍යාඥයෝ කියති. අදින් වසර 8000ට පමණ පෙර මනාව සංවිධානය කළ මාර්ග සහ දෙමහල් නිවාස සහිත ගම්මානයක නෂ්ඨාවශේෂ නිරිතදිග බල්ගේරියාවේ දී හමුවූ බව ද ඔවුන් පෙන්වාදෙයි. නූතන නගර සැළසුම් මෙන් තැනූ මේ ස්ථානයේ දෙමහල් නිවාස තිබීම පුදුම සහගත දෙයක් යැයි ද පුරාවිද්‍යාඥයෝ කියති. මෙය ඉදිකළ මිනිසුන් ගොවිතැනට හුරුවූවන් යැයි මතයකි. සමාන්තවර දිවෙන වීදි තුනකට යාබදව ඉදිකළ නිවාස අක්කර පහක් පුරා විසිරී පවතී. නිවාස සංකීර්ණයේ දිය අගලක් තිබූ අතර එය බෝට්ටු ගමනාගමනයට යොදා ගන්නට ඇත.
දෙමහල් නිවස ඉදිකළ මිනිසුන් කුමකට හුරුවූවන් ලෙස මතයක් තිබේද?
{ "answer_start": [ 394 ], "text": [ "ගොවිතැනට" ] }
6870dec8-a84e-4b2e-8171-7ecca72b3845
මෙහි මුදුනේ සවිකළ ආලෝක වර්ණ රටා යන්ත්‍රය නිපදවා ඇත්තේ චාන්ස් බ්‍රදර්ස් නම් ආයතනයයි. තත්ත්පර 30 කට වරක් එය ආලෝකය වර්ණය කරයි. මෙම පහන මුල්කාලීනව ආලෝකවත් වීමට භාවිතකොට ඇත්තේ භූමිතෙල් වුවත් ක්‍රි.ව. 1907 දී එය ගෑස් බලයට පරිවර්තනය කොට ඇත. හෝරාස්ථම්බය නිම කරවීමේදී රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු ජේ.එෆ්. චර්චිල් මහතාගේ මෙහෙයවීමෙන් ඉදිකිරීම් සිදුවූ බව එහි ඇති සමරු පළකයේ සඳහන් කොට ඇත. මෙම ප්‍රදීපාගාර හෝරාස්ථම්භය විවෘත කොට ඇත්තේ ක්‍රි. ව. 1857 මාර්තු මස 25 වැනි දින දී එවකට ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි ජෝර්ජ් වෝඩ් විසිනි. මෙම හෝරාස්ථම්භය සැලසුම් කළ ස්ටින්බර්ග් වෝඩ් ආණ්ඩුකාරතුමාගේ ප්‍රිය ආර්යාව බව අමුතුවෙන් සඳහන් කළ යුතු කරුණක් නොවනු ඇත.
මුල්කාලීනව පහන ආලෝකවත් වීමට භාවිත කළේ මොනවාද?
{ "answer_start": [ 171 ], "text": [ "භූමිතෙල්" ] }
f3e9f5f4-0dc8-4007-8994-d68532b9ea92
මේ වනවිට බොලිවුඩයේ සිටින සූන්දරතම මව බවට පත්ව සිටින ෂාහිඩ් කපූර්ගේ බිරිඳ මීරා රාජ්පූත් පසුගියදා ඡායාරූප ගත කිරීමට එක්ව සිටි බවට තොරතුරු වාර්තා වේ. ඒ ජනප්‍රිය ඇඳුම් නිර්මාණකරුවෙකු වන මනිෂ් මල්හෝත්‍රා නිර්මාණය කළ අලුත් ඇඳුම් විලාසිතාවක් සඳහා පෙනී සිටිමිනි. ඇය එවැනි කටයුත්තකට දායක වු පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මේ වනවිට එම ඡායාරූප ගත කිරීමේ ඡායාරූප හා විඩියෝවක් අන්තර්ජාලයට යොමුව තිබේ. මෙම රූපගත කරන අවස්ථාවේදී ගත් ඡායාරූප කිහිපයක් මීරා සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇති අතර, එය බොලිවුඩ් නළුනිළියන්, ගායක, ගායිකාවන් මෙන්ම ප්‍රසිද්ධ ප්‍රද්ගලයන්ද යහපත් ප්‍රතිචාර දක්වා තිබුණද දකින්නට ලැබේ.
මෙම රූපගත කරන අවස්ථාවේදී ගත් ඡායාරූප කිහිපයක් මීරා සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇති අතර, එය බොලිවුඩ් නළුනිළියන්, ගායක, ගායිකාවන් මෙන්ම ප්‍රසිද්ධ ප්‍රද්ගලයන්ද දක්වා තිබූ ප්‍රතිචාර කෙසේද?
{ "answer_start": [ 566 ], "text": [ "යහපත් ප්‍රතිචාර" ] }
124c1cab-a03d-4467-b930-2c4f6ffa2bd5
මොනකෝ හි පුරවැසියන් අතර ෆෝමියුලා වන් තරගකරු ලුවිස් හැමිල්ටන්, සුප්‍රකට ටෙනිස් තාරකාවක් වන නොවැක් ඩිජෝකොවික්, ටීන් ග්‍රීන් ආර්යාව බොහෝ ප්‍රකටය. මාලිගය නැරැඹීමට යාමට අප උත්සාහ කළ ද එයට යන මාර්ගය දැනගත නොහැකි වූ නිසා පාරේ ගමන් කරමින් සිටි ප්‍රංශ ජාතික පෙනුමක් ඇති හොඳින් හැඳ පැලඳගත් පුද්ගලයකුගෙන් විමසීමු. අප සිටියේ ඔහුට ඉංග්‍රීසි භාෂාව අපහසු වේ යැයි සිතාය. මන්ද ප්‍රංශයේ බොහෝ විට ඉංග්‍රීසි භාවිතය අඩු බැවිනි. එහෙත් ඔහු ඉතා හොඳින් ඉංග්‍රීසි භාෂාව කතා කළේය. ඔහු කීවේ මාලිගය නැරැඹීම සඳහා පා ගමනින් යෑම අපහසු බවත් ඒ සඳහා බස් රථයක නැගී යා යුතු බවත්ය. බැසිය යුතු නැවැතුම ද ඔහු අපට කීවේය. මොනකෝහි භාවිත වන නිල භාෂාව ප්‍රංශය. ඒ හැරුණු විට මොනගැස්ක් භාෂාව ද ඉතාලි හා ඉංග්‍රීසි ද භාවිත වෙයි. අපි තවත් මඳක් දුර ඇවිදවිත් බස් රථයට නැඟුණෙමු. මොනකෝහි සුඛෝපභෝගී බස් රථ කිහිපයක්ම ගමන් කෙරේ. මෙහි ප්‍රවේශපත්‍ර ගාස්තුව ලෙස අය කෙරෙන්නේ එකම මුදලකි. කොතැනකට ගියත් මුදල වෙනස් නොවේ. යුරෝපයේ සහ බොහෝ දියුණු රටවල මෙන් මෙහි ද ප්‍රවේශ පත්‍ර නිකුත් කරනුයේ රියැදුරු විසිනි. මාලිගය නැරැඹීම සඳහා යයි අප රියැදුරාට පැවැසූ විට ඔහු කඳු ගැටය පාමුල නැවැතුමේ බස් රථය නැවැත්වීය. එහි පසෙක සැණකෙළියකි. එහෙත් සැණකෙළිය පටන් ගන්නේ සැන්දෑ වරුවේය. දැන් තවමත් දිවා ආහාර වේලාවයි. අපි නිවසින් පිළියෙල කරගෙන ආ සැන්ඩ්විච් ආදිය මුහුදු තීරයේදී කෑමට ගත්තෙමු. මාලිගය නැරැඹීමට පඩිපෙළ දිගේ ඉහළට නැගිය යුතු විය. තුරු වදුළු මැදින් නැග යා යුතු පඩි ගණන තුන්සියයකට වැඩි යයි සිතමි.
මොනකෝහි නිල භාෂාව කුමක්ද?
{ "answer_start": [ 607 ], "text": [ "ප්‍රංශය" ] }
995c8dbd-1a82-4e4a-92d0-4f0782ea275b
“කවුද තමන්. ඇයි මේ ශරීරයට ආවේ” යනුවෙන් විද්‍යාකුලපති මහතා කිහිපවරක්ම ඇසුවේය. ඉන්පසු අපහසුවෙන් මෙන් රෞද්‍ර ලෙසින් “මම යක්ෂණියක්. මම ආවෙ මේකි ගෙනියන්න” කියමින් හූ තබා සිනාසෙන්නට වූවාය. “මේකි මට දවස් ගානක් රෑට පහනක් තිබ්බා. මේකි එක දවසක් ඒක අමතක කළා. එවෙලේ තමයි මම හිතාගත්තේ ඕකිට පාඩමක් උගන්වන්න ඕනෑ කියලා” මැණිකේගේ පිළිතුර විය. “ඔබ යක්ෂණියක් නෙමෙයි. ඔබට ඇති බලයක් නෑ. මැණිකේගේ හිත විසින්ම මවා පෙන්වීමක් විතරයි යක්ෂණියකගේ වේශය. පුළුවන් නම් ඔබගේ බලය පාවිච්චි කරලා මට දෙයක් කරලා පෙන්නන්න. නැත්තම් එච්චර ලොකු දේවල් වැඩක් නැහැ. ඔබ ඉස්සරහා තිබෙන මේ පොතේ පිටු අත නොතියා යක්ෂණියගේ බලෙන් පෙරළා පෙන්නන්න” විද්‍යාකුලපති මහතා අභියෝග කළේය. නමුත් ඇයට කිසිවක් කරගැනීමට නොහැකි විය. “ඕක තමයි මම කිව්වේ ඔබට ඇති බලයක් නැහැ කියලා. ඔබ යක්ෂණියක් නෙමෙයි. ඔබේ යටි හිතේ ඇති වූ ප්‍රතිඵලයක් ලෙස ඔබ යක්ෂණියක් ලෙස හැසිරෙනවා. දැන් ඔබගේ එම තත්ත්වය මා ඉවත් කරනවා” යැයි පවසමින් මෝහන නිද්‍රාවේදීම එම තත්ත්වය පහදා දී එම මානසික තත්ත්වය විද්‍යාකුලපති මහතා විසින් ඉවත් කළේය. සිදුවීම පිළිබඳව විද්‍යාත්මක සත්‍යය විද්‍යාකුලපති මහතා විසින් මෙලෙස පැහැදිලි කර දුනි.
“මේකි මට දවස් ගානක් රෑට පහනක් තිබ්බා. මේකි එක දවසක් ඒක අමතක කළා. එවෙලේ තමයි මම හිතාගත්තේ ඕකිට පාඩමක් උගන්වන්න ඕනෑ කියලා” යැයි පැවසුවේ කව්ද?
{ "answer_start": [ 304 ], "text": [ "මැණිකේගේ" ] }
76e5d0bd-3c5f-4310-b992-6d8f6c06fa57
යමෙක් අකමැති දෙයක් තවත් අයකුගේ පෙළඹවීම මත සිදුවනවිට මෙවැනි තත්ත්වයන් ඇති විය හැකිය. පාසල් වයසේ පසුවන දරුවන් පාසල් යාමට බිය හෝ අකමැත්ත නිසා ඔවුන් දෙමාපියන්ගේ පෙළඹවීමෙන් ඒ සඳහා යොමු කළ විට ඊට ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රියාවක් ලෙස වමනය යෑම, උණ සෑදීම, ශාරීරික අප‍්‍රාණික බව, සිහි නැති වීම ආදී බොහෝ දේ සිදුවිය හැකිය. මෙය මානසික හේතුන් නිසා හටගන්නකි. විභාගය ආසන්නයේදී, පාසල් යෑමේදී, සරසවියට යෑමේදී, රැකියාවකට යෑමේදී, අකමැති පරිසරයක ජීවත් වීම නිසා මෙවැනි තත්ත්වයන් ඇති වේ. එවැනි තත්ත්වයකුයි නයනාට ඇති වී තිබෙන්නේ.
අකමැති පරිසරයක ජීවත් වීම නිසා මෙවැනි තත්වයක් ඇති වී තිබෙන්නේ කාටද?
{ "answer_start": [ 477 ], "text": [ "නයනාට" ] }
4751d70b-1ed4-4d5f-afb3-952396a4e992
වරෙක උපාලි අත්තනායක ජෝතිපාලයන්ට ගීතයක් ලිවීය. ගීතය බෙහෙවින් ජනප්‍රිය විය. එහෙත් බොහෝදෙනා සිතුවේ එය ද කරුගේ ගීතයක් බවය. වරක් ඒ බව මට කීවේ උපාලිමය. ඔහු ගීත රචකයකු ලෙස එතරම්ම ප්‍රකටව සිටියේය. පත්තර කලාවට ආ මුල් කාලයේදී කරු අයියා හමුවී සම්මුඛ සාකච්ඡාවක් ලබාගන්නට මට වුවමනා විය. මම වෙලාවක් වෙන් කරගෙන දිනක් හැන්දෑ වරුවේ සිරිධම්ම මාවතේ සැලස්කි පාරට ගියෙමි. ඔහු මා ඉමහත් ආදරයෙන් පිළිගත්තේය. තේ කොප්පයක් ද ආවේය. සාකච්ඡාවේදී මා ඇසූ ප්‍රශ්නවලට ඔහු සුහදශීලීව පිළිතුරු දුන්නේය. සාකච්ඡාව නිමා කළ මම යන්නට සූදානම් වුණෙමි. “ඔහොම පොඩ්ඩක් ඉන්න මල්ලි” කියා ඔහු ගෙතුළට ගියේය. කරු අයියාට උපහාර පිණිස 1973 දී මුද්‍රණය කරන ලද සමරු කලාපයක් ඔහු මට දුන්නේය. ඒ සමඟම තවත් කුඩා පැකැට්ටුවක් ද දුන්නේය. ඒ බ්ලේඩ් තල පැකැට්ටුවකි. එය එකල ප්‍රසිද්ධ නාමයක් තිබූ බ්ලේඩ් තල වර්ගයකි. මම මඳක් සැලී ගියෙමි. ඒ කාලයේ කලාකරුවන් කපා දමනවාට කීවේ බ්ලේඩ් තල දමනවා කියාය. ගුවන්විදුලියේ මේ කැපිල්ල සුලභව තිබිණි. තරහා වූ විට කළේ ප්‍රචාරය කරන්නට නොහැකි වන සේ ගී තැටිවල ඉරි ඇඳීමය. කේලාම්, ඕපාදූප ඊට අමතරවය.
කරු අයියාට උපහාර පිණිස 1973 දී මුද්‍රණය කළේ කුමක්ද?
{ "answer_start": [ 604 ], "text": [ "සමරු කලාපයක්" ] }
1e8bd54d-f0b8-41ab-b67f-6d9243f473be
එම පැමිනිල්ල විභාග කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගමට ලබන 16 වන දක්වා බලපැවැත්වෙන පරිදි ගුවන් ගමන් වාරණ නියෝගය නිකුත් කර තිබිණ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය අමතමින් සත්‍ය වසන් කොට අධිකරණය නොමග යවමින් පෙත්සම්කාර පාර්ශ්වය විසින් ලබා ගෙන ඇති මෙම වාරණ නියෝගය අත්හිටුවන්නැයි ඉල්ලා සිටියේය. මෙම නඩුව පසුගිය සිකුරාදා කැදවු අවස්ථාවේදී රජයට හෝ කටුනායක ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම වෙත වාරණ නියෝගයක් නිකුත් කර නොමැති බව විනිසුරු වරයා විසින් ප්‍රකාශ කර තිබුණත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරුණ ද සිල්වා මහතා අධිකරණයේ පිස්කල් නිලධාරියා සමග කටුනායක, අධි ආරක්ෂක කලාපයේ පිහිටි ගුවන් ගමන් පාලක මැදිරියට ගොස් රුසියානු ගුවන් යානය පිටත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන බව දැනුම් දුන්නේ කෙසේ දැයි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ප්‍රශ්න කළේය.
පැමිනිල්ල විභාග කළේ කවුද?
{ "answer_start": [ 22 ], "text": [ "කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා" ] }
09f978e6-4f2a-48f1-944b-89201342bf14
අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඇත්තේ සීමිත ඉඩ ප්‍රමානයකි. වරකට රැඳී සිටීමට පහසුකම් ඇත්තේ ගගනාගමීන් 6 දෙනකුට පමණි. එහෙත් මෙම නව නැවැතුම්පොළේ ඇති තරම් ඉඩකඩ සහ පහසුකම් තිබෙනු ඇති බව පැවැසෙයි. එය මහල් කිහිපයකින් ඉදිවන බවත්, උද්‍යානයක් ද ඇතුළේ නිර්මාණය කෙරෙනු ඇති බවත් නිර්මාණකරුවෝ පවසති. මෙම නව අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිකිරීමට අවුරුදු 30ක් ගත වනු ඇති බව පැවැසෙයි. අන්තර්ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කිරීමට වසර 10ක් ගත විණි. ඒ සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 100කට වැඩි මුදලක් වැය විණි. හත්තේ හැඩයේ නැවැතුම්පොළ නිර්මාණය කිරීමට එම මුදල මෙන් මිලියන 2.89ක් වැය වනු ඇතැයි කෙම්ප් මහතා කියා සිටී.
එහි වරකට රැඳී සිටීමට පහසුකම් ඇත්තේ ගගනගාමීන් කී දෙනෙකුටද?
{ "answer_start": [ 91 ], "text": [ "6 දෙනකුට" ] }
ae294fdb-9a63-4cda-a456-5a89d9e8874e
මාකඳුරේ මධුෂ්, කොස්ගොඩ තාරක, කොස්ගොඩ සුජී යන මේ තිදෙනාගේම මෙන්ම විදේශගතව සිටින සුජී වෙනුවෙන් මෙරට නායකත්වය මෙහෙයවන පොඩි ලැසීගේද ප්‍රධාන ආදායම් මාර්ග බවට පත්ව තිබෙන්නේ කප්පම් ගැනීම් හා කුඩු ජාවාරමය. මාකඳුරේ මධුෂ් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඩුබායිවලදී අත්අඩංගුවට පත්වන තෙක් ලංකාවට පැමිණි බොහෝ කුඩු තොගවල අයිතිකරු ලෙස හඳුන්වාදෙනු ලැබුවේ මධුෂ්වය. ඉන්පසු හොර රහසේ මුහුදු මාර්ග ඔස්සේ ලංකාවට ගෙන ආ බොහෝ කුඩු තොගවල අයිතිකරුවන් ලෙස පොලිසිය හඳුන්වා දෙනු ලැබුවේ කොස්ගොඩ තාරක, කොස්ගොඩ සුජී හා රිමාන්ඩ් භාරයේ සිටින තවත් සුප්‍රසිද්ධ කුඩු ජාවාරම්කරුවන් එක්කෙනෙක් හෝ දෙන්නෙකි. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගත් මෙරට විශාලතම කුඩු තොගය බවට පත්වු කුඩු කිලෝග්‍රෑම් 295 වගකිවයුත්තේ කොස්ගොඩ සුජී බව පොලිසියේ පරීක්ෂණවලදී අනාවරණය වූ බව පැවසිණ. කොස්ගොඩ තාරකගේ කිලෝග්‍රෑම් 225 අත්අඩංගුවට පත්වන්නේ මේ වසරේ මැයි මාසයේදීය.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ අත්අඩංගුවට ගත මෙරට විශාලතම කුඩු තොගයට වගකිව යුත්තේ කවුද?
{ "answer_start": [ 673 ], "text": [ "කොස්ගොඩ සුජී" ] }
bfefe08d-c40c-4fbf-b1a4-b8112d1dabf3
ඖෂධ සඳහා අංකෙන්ද කොළ, පොතු, මුල් ආදී පංචාංගම අමුවෙන් ගන්නේය. මේවා අමුවෙන්ම ගැනීම මීට ආවේණික නියමය වුවත්. ශාකය සුලභ නොවන පළාත්වල කැඩුම් බිඳුම් වෙදකමට මෙහි ඇති අඹ සුවඳ වෙනස් නොවනසේ. වායු නිවාරක ක්‍රම අනුව තබා ගනු ලැබේ. මෙසේ හඳුන්වනු ලබන අංකෙන්ද ප්‍රභේද දෙකකින් යුක්තය ‘අංකෙන්ද’ ‘ලුණු අංකෙන් ද’’ යන මෙය දෙවර්ගයම ස්වරූපයෙන් සහ ගුණයෙන් එක සමාන වේ. අංකෙන්ද ගෙඩි ඉඳුණු විට කළු පාටය. ඉදුණු ‘ලුණු අංකෙන්ද’ ගෙඩි දුඹුරු - සුදු පැහැයෙන් යුක්තය. මෙහි ප්‍රභේදය ද ඒ ගෙඩිවල වර්ණයට පමණක් සීමාවේ. මේ අතර ‘තුන්පත් අංකෙන්ද’ නමින් ද වර්ගයක් දැක්වෙයි. එය බෙහෙවින්ම දුර්ලභ ශාකයකි.
ඖෂධ සඳහා අමුවෙන් ගන්නේ මොනවාද?
{ "answer_start": [ 9 ], "text": [ "අංකෙන්ද කොළ, පොතු, මුල්" ] }
2b6725f4-fc8f-4dc5-8913-645abb04e7a2
වෙළෙඳාම ලන්දේසි සමයේ සුවිශේෂී කාර්යයක් විය. ඕලන්ද ඇළ සකස් කරනු ලැබුවේද ඒ සඳහාය. දැනටත් මීගමුව ධීවර කර්මාන්තයේ මධ්‍යස්ථානයක් ලෙස හැඳින්වේ. සාගරය, කළපුව හා කඩොලාන පදනම් කරගත් ධීවර කර්මාන්තය මුහුදු තීරයේ ප්‍රධාන ජීවනෝපාය වේ. පොල් වගාවද දක්නට ලැබෙන අතර උළු ගඩොල් කර්මාන්තයද දක්නට ලැබේ. සංචාරක ව්‍යාපාරය පැතිර පවත්නා හෙයින් ඊට සමගාමීව ගොඩනැගුණු හෝටල් රාශියක්ද මීගමුවේ ක්‍රියාත්මකය. ඉංග්‍රීසි ඉංජිනේරුවන්ගේ ඉදිකිරීමක් වන මීගමුව කළපුව ආශ්‍රිතව ඕලන්ද ඇළ නිසාත් විශේෂයෙන්ම පාරවල් සකස් කිරීම නිසාත් ජල ව්‍යුහය වෙනස් විය. බැමි හා ගොඩකිරීම් නිසාත් ජාඇළ නම් වූ ඇළ මාර්ගය ඉදිකිරීම නිසාත් වූ හානිය වැළැක්වීමට ඉංග්‍රීසීන් විසින් හැමිල්ටන් ඇළ සකස් කළද ප්‍රදේශයේ අධික ලවනතාව එයින් වැඩිවූ බව පරිසර විශේෂඥයන්ගේ මතය වේ.
ලන්දේසි සමයේ වෙළෙදාම සඳහා සකස් කළ ඇළ කුමක්ද?
{ "answer_start": [ 44 ], "text": [ "ඕලන්ද ඇළ" ] }
a26c1b32-d638-4540-a853-be1dec2d1068
අනතුරුව පිරිස පොළොන්නරුව බලා පිටත්ව ගිය අතර, අතුකෝරල මන්ත්‍රීවරයාගේ බිරිඳ සහ දරුවන් හමුවී ඔවුන්ට ඇති ගැටලු‍ සම්බන්ධයෙන් සොයා බැලූහ. ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබූ අතර, ඩලස් ඇමතිවරයා ටිරාන් අලස් ඇමැතිවරයාට දුරකථනයෙන් කතා කර ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියා මාර්ගයක් ගන්නැයි ඉල්ලීමක් කළේය. නවවැනිදා ඇති වූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් රොෂාන් රණසිංහ ඇමතිවරයාගේ නිවස ද ගිනිබත් විය. එම නිවස බලන්නට ද මෙම මන්ත්‍රීවරුන් හත්දෙනා රොෂාන්ගේ නිවසට ගිය අතර, කොළඹ පැවති හදිසි කටයුත්තක් නිසා ඔහු නිවසේ නොසිටියේය. අනතුරුව පිරිස සිරිපාල ගම්ලත් ඇමතිවරයාගේ ගිනිබත් නිවස බලන්නට ද ගියහ.
අනතුරුව පිරිස පිටත්ව ගියේ කොහේටද?
{ "answer_start": [ 14 ], "text": [ "පොළොන්නරුව බලා" ] }
9e6089fc-60a6-421c-b920-53c4f37b7257
හිරු තරම්ම බලවත් නොවූවද ජීවින්ගේ පැවැත්ම උදෙසාත් පරිසරයේ සමබරතාවය උදෙසාත් චන්ද්‍රයා ද වැදගත්වේ. එහෙයින් පැරැන්නෝ සඳු ද දෙවියකු කොට සැලකූහ. අවුරුදු චාරිත්‍ර අනුව හිරු සඳු දෙදෙනාටම සැලකිලි දැක්වේ. අපේ ජීවිත පැවැත්මට, පරිසර පද්ධතියේ සුරක්ෂිතාවය, කෘෂි නිෂ්පාදන සරුවී සශ්‍රිකත්වය උදාවීමට සූර්යාගේ බලපෑම උපකාරි වන අතර ඒ මේ කටයුතු සඳහා සඳුගේ බලපෑමද යම් තරමකින් උපකාරි වනු හෙයින් කෘතගුණ පුර්වකව සූර්ය ගමන මුල්කර ගනිමින් අලුත් අවුරුදු සංකල්පය බිහිවී ඇත. හිරුගේ ප්‍රභාෂ්වරයෙන් දිලෙන චන්ද්‍රයාද සුර්ය මංගල්‍යය පැවැත්වෙන උත්සව සමයේදී පරණ අවුරුද්දට සඳ බැලීම, නව වර්ෂය සඳහා සඳබැලීම තුළින් කෘතගුණ පූර්වකව ස්මරණය කෙරෙයි.
හිරුගේ ප්‍රභාෂ්වරයෙන් දිලෙන්නේ කව්ද?
{ "answer_start": [ 74 ], "text": [ "චන්ද්‍රයා" ] }
2180aa0d-d30d-4b2c-bf42-60687b89beac
ධීර රකුසා විසින් රත‍්‍රන්, රිදී, පිරිසිදු වානේ හෙවත් යකඩ පමණක් නොව හිමාලය කඳු කරයෙන් ගෙන්වන ලද මයුර ශාඛයේ ලී කොටස් ද මෙම සහශ‍්‍රගත ගුවන් යානයේ දාරයට සවි කර තිබුණි. ඒ ගුවන් යානය පදවන නියමුවා ගේ ආරක්ෂාවටය. යකඩ භාවිතය ලෝකයට හඳුන්වා දුන්නේ ද යක්ෂ ග්‍රෝත්‍රිකයන් ය. යකඩ නිසා යක්ෂ යන නම ලැබී තිබේ. මේ ආකාරයේ දාව්‍ය භාවිිතා කරමින් නිෂ්පාදනය කරන ලද මෙම සහශ‍්‍රගත අපූර්ය ගුවන් යානයෙන් වෙනත් ග‍්‍රහලෝකයකට වුවද, ඉතාමත් පහසුවෙන් පහර දිය හැකි බව රාවණ කතා තල්පතේ සඳහන් වන බව ආචාර්ය ඔබේසේකරයෝ වැඩිදුරටත් පවසති. මෙම යුද්ධ ගුවන් යානය සාදා තිබුණේ රන්, රිදී.යකඩ සමඟ මයුර ලීය ද භාවිතා කරමිනි. එහි ගමන් කළ හැකි වූයේ දෙදෙනෙකුට පමණි. බොහෝ ඉඩක් වෙන් කර තිබුණේ බෝම්බ, ආයුධ, ආදී යුද්ධයට අවශ්‍ය දේ ගෙන යාම සඳහා ය. මෙම අපූර්ව යුද ගුවන් යානය මෙරට තුළ කිසිදු අවස්ථාවක පාවිච්චි කිරිමට රාවණා රජතුමා අවසර ලබා දුන්නේ නැත. එයට හේතුව වූයේ එමඟින් විශාල මිනිස් සංහාරයක් සිදු වන බැවිනි. මේ ආකාරයෙන් අති භයානක යුද්ධ ගුවන් යානා නිපද වූ බව, විභිෂණ ගෙන් රාම කුමාරයාට දැන ගැනීමට ලැබුණු අතර, ඒ වන විට පටන් ගෙන තිබූ රාම රාවණ යුද්ධය නවතා දමා ආපසු යා යුතු යැයි, රාම ගේ අග‍්‍ර පුරෝහිත හනුමන් යෝජනා කළ ද, ඔහු එය ප‍්‍රතික්ෂේප කළේ මෙසේ පවසමිනි.
රත්‍රන්,රිදී,පිරිසිදු වානේ ආදිය ගුවන් යානයේ දාරයට සවි කර තිබුණේ කුමන හේතුවක් නිසාද ?
{ "answer_start": [ 166 ], "text": [ "ගුවන් යානය පදවන නියමුවා ගේ ආරක්ෂාවටය" ] }
1f0f2e88-75ad-4020-ba08-060abfc1347b
කාලයත් සමග බුදුදහම ඉන්දියාවෙන් තුරන්වුණා. ඉන්පසු මේ විහාරය මහන්තා කියන හින්දු පූජකයාට අයිති වුණා. ක්‍රි.ව. 1890 ගණන් වෙනකම්ම එහි අයිතිය පැවතියේ ඔහුට. ඒ නිසා ඔහු ඒ අසලම හින්දු කෝවිලකුත් ආරම්භ කළා. ඒ හින්දු අය බුද්ධගයාව අත්පත් කරගෙන සිටි ආකාරය දුටු අනගාරික ධර්මපාලතුමා කොහොමහරි මෙය බෞද්ධයන් සතු කරගන්නවා කියලා අධිෂ්ඨාන කරගත්තා. ඒ නිසයි මහන්තා සමග සටන් කිරීම ඇරඹුවේ. එය උසාවිය දක්වාම ගියා. ඒ යුගය බ්‍රිතාන්‍ය ජාතීන්ගේ යුගයක්. කාලයක් තිස්සේ නඩුව අහලා උසාවිය තීරණය කළා මේක ලෝක බෞද්ධයන්ගේ ස්ථානයක්. ඒ නිසා මෙය බෞද්ධයන් අතට පත්කළ යුතුයි කියන එක. ධර්මපාලතුමා ලොකු කැපකිරීමක් කරා මේ කටයුත්තට. ඒ යුගයේ ඉන්දියාවේ සිටි ජනාධිපති රාජේන්ද්‍ර ප්‍රසාද් මහතාත් ඒ කමිටුවල හිටියා. මහත්මා ගාන්ධිතුමන් හිටියා. ඒ වගේම එඩ්වඩ් ආහෝඩ් කියලා ඉංග්‍රීසි ජාතික රචකයෙක් බුද්ධගයාව පිළිබඳ කවි පොතක් ලියලා තියෙනවා. ඒ පොතෙන් තමයි ගොඩක් විස්තර දැන ගත්තේ.
බුද්ධගයාව මහන්තා පූජකයා සතුව තිබුනේ කගේ යුගයේද
{ "answer_start": [ 394 ], "text": [ "බ්‍රිතාන්‍ය ජාතීන්ගේ" ] }
a356d59b-6abd-4f1d-8de5-f2f7597bfe50
සිනමා නිළියක් නොවුණද ඇය සිනමා නිළියක් තරමට බොලිවුඩ් පුරයේ කතා බහට ලක් වේ. ඇය නමින් අර්පිතා ඛාන්ය. සල්මාන්ගේ හදාගත් නැගෙණිය ලෙස ප්‍රසිද්ධ ඇය නිරන්තරයෙන්ම බොලිවුඩයේ කතාබහට ලක් වන්නියකි.මේ දිනවල ඇය කෙරෙහි බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබෙන අතර, ඒ ආර්පිතා දෙවැනි වරටත් මව් පදවිය ලැබීමට සූදානමින් සිටිමය‍ මීට දෙවසරකට පෙර යොවුන් සිනමා නළු අයුෂ් ෂර්මා සමගින් විවාහ වූ අතර, ඔවුන් දෙදෙනාට මේ වනවිට දෙවැනි වියෙහි පසුවන පුතෙකුද සිටියි. අර්පිතා දෙවැනි වරටත් මවක් වන බවට ඇයට පරික්ෂා කළ මුම්බායිහි වෛද්‍යවරයෙක් මාධ්‍යයට පවසා ඇත.
මීට දෙවසරකට පෙර ඇය විවාහ වූයේ කා සමගින්ද?
{ "answer_start": [ 321 ], "text": [ "සිනමා නළු අයුෂ් ෂර්මා සමගින්" ] }
3efea855-4057-46e3-9828-f4d4c5eb279a
වයෝවෘද්ධ රෝගියෙකුගේ වැරදි පාදයක්, කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රියානු අධිකරණයක් එරට ශල්‍ය වෛද්‍යවරියකට දඩ නියම කර තිබේ. ඉවත් කිරීමට නියමිත වූයේ 82 හැවිරිදි රෝගියාගේ වම් පාදයයි. එහෙත්, වෛද්‍යවරියගේ නොසැලකිල්ල හේතුවෙන් ඇය කපා ඉවත් කර ඇත්තේ දකුණු පාදයයි. තමන්ට වැරදීමක් සිදුවුණු බව වෛද්‍යවරිය දැනගෙන ඇත්තේ ද සැත්කම සිදු කර දින 3 කට පසුව යැයි ඔස්ට්‍රියා මාධ්‍ය වාර්තා කරයි.සිද්ධිය සම්බන්ධයෙන් ලින්ස් නුවර අධිකරණයක් හමුවේ නඩු විභාගය පැවැත්වුණු අතර නොසැකිලිමත් බව හේතුවෙන් 43 හැවිරිදි ශල්‍ය වෛද්‍යවරියට යූරෝ 2,700ක (ඇමෙරිකන් ඩොලර් 3,060) දඩයක් නියම කෙරුණි.
වෛද්‍යවරියගේ නොසැලකිල්ල හේතුවෙන් ඇය කපා ඉවත් කර ඇත්තේ කුමන පාදයද?
{ "answer_start": [ 242 ], "text": [ "දකුණු පාදය" ] }
7900d559-8235-4a97-abd0-77ec20c3c78d
ඉහළින් කැරැකෙමින් සිටින මෝරුන් ටිකෙන් ටික නොසන්සුන් වෙයි. අවසන් ජවනිකාව රඟ දැක්වීමට නියමිත බව උන්ට ඉවෙන් මෙන් දැනෙයි. ගෲපර් මාළු අම්මලා සහ තාත්තලා බලා සිටින්නේ උදම් දිය රළ නැගෙන තෙක්ය. උදම් රළ සමඟ සාගරයේ සුළු කැළැඹීමක් වෙයි. බිත්තර පිටකිරීමට සුදුසු වෙලාව එය බව ගැහැනු ගෲපර් මාළුවන් දනී. එපමණක් නොව, සිටින තැනින් සෙලවුණොත්, මෝරුන් තමන් ගොදුරු කර ගන්නා බව ද ගැහැනු මාළුවන් පමණක් නොව පිරිමි මාළුවන් ද හොඳින් දනී. එසේ වුවත්, අනාගත පරම්පරාවේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිත පූජා කළ යුතු වෙයි. බිත්තර පිට කරමින් ගැහැනු ගෲපර් මාළුවන් වේගයෙන් ඉහළට පිහිනයි. උන් පිහිනා යන්නේ මෝරුන් වෙතටය. ගැහැනු මාළුවන් ඉහළට යන්නේ බිත්තර, වළාකුළු මෙන් වතුරට විදිමිනි. ඒ මොහොතේම, බිත්තර සරු කිරීමට බලාගෙන සිටින පිරිමි ගෲපරයන්, ගැහැනු මාළුවන් පසුපස හඹා යෑම අරඹයි. ගැහැනු මසුන් බිත්තර විදිද්දී, එම අවස්ථාවේදීම, පිරිමි මසුන් ශුක්‍රාණු පිට කරයි. පැටවුන් නිර්මාණය වීමට බිත්තර සාරවත් වෙද්දී, ගෲපර් අම්මලා සහ තාත්තලා මෝරුන්ගේ ගොදුරු බවට පත් වෙයි. මෝරුන්, ගෲපර් දඩයම අරඹයි. ගෲපර් මාළුවන් මෙසේ පැටවුන් බිහි කරන්නේ මිය යන්න සිදුවන බව දැන දැනය. මෝරුන්ට ගොදුරු නොවී බේරෙන්නේ ගෲපර් මාළුවන් දහසකගෙන් දෙදෙනකු හෝ තුන් දෙනකු පමණි.
ටිකෙන් ටික නොසන්සුන් වෙන්නේ කවුරුත්ද?
{ "answer_start": [ 0 ], "text": [ "ඉහළින් කැරැකෙමින් සිටින මෝරුන්" ] }
e385d908-34c2-4b88-9136-e46851678ec4
මේ අනුව තූතන්කාමන් රජු හා බිසව එකම රජුගේ දරුවන් බව ඔප්පු වේ. තූතන්කාමන්ගේ සොහොන් ගැබෙහි ඔවුන්ට ලැබුණු දරුවාගේ මමිය ද තැන්පත් කොට තිබුණි. මෙසේ එම දරුවා මියගියේ එකම පවුලේ මවුපියන්ට දා වීමෙනි. කෙසේ වෙතත් තූතන්කාමන්ගෙන් පසුව එම රාජ්‍ය පරම්පරාව වෙනත් පරපුරකට හිමි විය. අන්ක් හෙසන් පාතෙන් කුමරිය නැවත කරළියට එන්නේ අවුරුදු දහස් ගණනකට පසුව පාරාවෝ රජුන්ගේ සොහොන් කොල්ලකරුවන් විසින් පිටතට ගන්නා ලද වටිනා පුරාවස්තු සමගිනි. ගුප්ත විද්‍යාව හා සංඛ්‍යා විද්‍යාව ද අනාවැකි කීම හා රෝගීන් සුවපත් කිරීමේ අපූරු හැකියාවක් ද තිබූ බ්‍රිතාන්‍යයේ සිට ඊජිප්තුවට පැමිණ සිටි ලුවිස් හැමෝන් සිටුවරයා 1849 දී ඉහළ ඊජිප්තුවේ ලක්ස්හෝර් නගරයේ නැවතී සිටිය දී මැලේරියාවෙන් ඉතා අසාධ්‍ය වූ ෂෙයික්වරයෙකු සුවපත් කළේය. රෝගය සුවපත් වීමෙන් ප්‍රසාදයට පත් ෂෙයික්වරයා තමාට පරම්පරා ගණනක් උරුමයක් වූ අගනා වස්තුවක් හැමෝන් සිටුවරයාට ගෙනවිත් තෑගි කළේය. ඒ අන් කවරක් නොව පුරාණ මිසර කුමරියකගේ මමි බවට පත් කළ අතකි. හැමෝන් සිටුවරයා වියළී රැළි ගැසී තිබූ මමි අත දුටු පමණින් පිළිකුලක් ඇතිව එම අපූරු පරිත්‍යාගය ප්‍රතික්ෂේප කළේය. එහෙත් ෂෙයික්වරයා නැවත නැවතත් මේ ත්‍යාගය පිළිගන්නා ලෙස ඇවිටිලි කළේය. බලවත් පෙරැත්ත නිසාම සිටුවරයා එය භාර ගත්තේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයකට පරිත්‍යාග කරන අදහසිනි.
ඔවුන්ට ලැබුණු දරුවාගේ මමිය තැන්පත් කර තිබුණේ කොහේද ?
{ "answer_start": [ 61 ], "text": [ "තූතන්කාමන්ගේ සොහොන් ගැබෙහි" ] }
fd30a041-73e5-417d-b111-ad0173f85b90
සිකුරු ග්‍රහයා පාප ග්‍රහයකු සමග සංයෝග වීමෙන් හෝ නීච වීමෙන් හෝ 6, 8, 12 යන දුෂ්ඨ ස්ථානවල ස්ථානගතවීමෙන් දුර්වල වේ. එවිට සිකුරුගේ දුර්වල ග්‍රහබලය නිසා සිකුරු අපලය ඇති වේ. එවිට සිකුරුගේ දශාවක් ලබන විට දුර්වල විපාක පෙන්වයි. ශිෂ්‍යයකු නම් අධ්‍යාපනයට බාධා පැමිණෙයි. තරුණ වියේ නම් විවාහය කඩාකප්පල් වේ. ව්‍යාපාර බිඳවැටේ. මුත්‍රාශයේ ගල්, ගර්භාෂයේ රෝග, සෙම් ගෙඩි, මධුමේහය ආදී රෝග හටගනී. ග්‍රහ ශාන්තිකර්ම මගින් සිකුරුගේ අපලය බොහෝ දුරට මඟ හරවා ගත හැකිය. මේ අනුව සිකුරාදා දිනවල, සිකුරු හෝරාවෙන් බුද්ධ පූජා, බෝධි පූජා තබා පත්තිනි මෑණියන්ට පින් දී සෙත් පතා ගන්න. මංගල සූත්‍රය භාවිතය සුදුසුය. තවද සිකුරු අපලය ඇති අය ඇඹුල් රස ආහාර ගැනීම යහපත් නොවේ. කාමයේ වරදවා හැසිරීම නොකළ යුතුය.
සිකුරුගේ අපලය මගහරවා ගත හැක්කේ කෙසේද
{ "answer_start": [ 376 ], "text": [ "ග්‍රහ ශාන්තිකර්ම මගින්" ] }
c754eb94-0ec4-4d88-ab38-dec3cbc7a1c7
ලෝකයේ කුමන රටේ වුවත්, ජනපති ආර්යාවෝ මහජනයා ඉදිරියේ හෝ අමුත්තන් ඉදිරියේ පෙනී සිටින විට, සුරූපී ලෙස පෙනී සිටින්නට කැමැත්තක් දක්වති. රටක ජනතාව කොපමණ දුප්පත් වුවත්, රටේ පළමු පුරවැසියාගේ බිරින්දෑවරු වශයෙන් කැමති ආකාරයේ මෙන්ම මිලාධික හා සුඛෝපභෝගී ඇඳුම් විලාසිතාවලින්, ආභරණ ආදියෙන් සැරසී පෙනී සිටීමට ඔවුනට බාධාවක් නැත. රටේ පළමු පුරවැසියාගේ භාර්යාව වශයෙන් රටේ අනෙකුත් කාන්තාවන්ට වඩා හොඳින් පෙනී සිටින්නට මෙන්ම ජනපතිවරයාගේ ප‍්‍රතිරූපය පවත්වා ගැනීම සඳහා ආර්යාවනට හොඳින් හැඳ පැළඳ සිටින්නට සිදුවේ. එබැවින් මෙම ජනපති ආර්යාවෝ හැම විටම මනා ලෙස හඳින පළඳින්නියන් හා වඩාත් අගය කරනු ලබන්නියන් වෙති. කෙසේ වෙතත්, එකිනෙකා පරයා කැපී පෙනීමේ ගැහැනු කැමැත්ත ඔවුන්ටද පොදුය. ලෝක ඉතිහාසයේ ජනපති ආර්යාවන්ගෙන් වැඩි දෙනෙක් රූප රාජිනියන්, නිරූපිකාවන් හෝ නිළියන් වෙති.
ඉතිහාසයේ ජනාධිපති ආර්යාවන් වන්නේ වැඩි වශයෙන් සිටියේ කවුරුන්ද
{ "answer_start": [ 692 ], "text": [ "රූප රාජිනියන්, නිරූපිකාවන් හෝ නිළියන්" ] }
fa929edc-30f5-4334-a8bb-73325479a4e9
මොහුගේ ඊළඟ අවාසනාව වූයේ 2006 වර්ෂයේදී බිරිඳ පිළිකා රෝගයට ලක්වීමයි. කටක ලග්න කාරියක්වූ ඇය ඒ වනවිට වර්ෂ 19 ක් ගත කළ යුතු සෙනසුරු මහ දශාව ගත කරමින් සිටීමයි. කෙසේ වෙතත් වර්ෂ ගණනාවක ප්‍රථිකාර වලින් පසුව ඇය සම්පූර්ණයෙන් සුවය ලද බව ඔහු පවසයි. එහෙත් පිළිකා රෝගයට කරන ලද ප්‍රතිකාරවල ප්‍රතිවිපාක හැටියට බෙල්ල පිටිපස ඇට දිරා යාම නිසා ඇයට ඔළුව කෙළින් තබා ගැනීමට අපහසුතා ඇතිවූ බව කියයි. 2016 වර්ෂයේදී සිය බිරිඳ අංශභාග රෝගය සෑදී ඇඳටම වැටී ඇත. දැන් වර්ෂ දෙකකට වඩා වැඩි කලක් රුපියල් ලක්ෂ විසිපහක් පමණ වැය කර ඇත. ඇයගේ සියලු අවශ්‍යතා ඉටුකිරීමට සිදුව ඇත්තේ අප කථානායකයාටය.
2006 දි බිරිඳ ගොදුරු වුයේ කුමන රෝගයට ද?
{ "answer_start": [ 44 ], "text": [ "පිළිකා රෝගයට" ] }
8ea78ba8-1aed-4405-ab48-b3c6ec267d3f
එමෙන් ම දෙවැනි පෑතිස් යුගයේ සිට අද දක්වා සිතුල්පව්ව බෞද්ධ පූජනීය ස්ථානයකි. නමුත් එය ද රාවණ යුගයේ දී සූර්ය වන්දනාවට පාත්‍ර වී ඇත. යක්ෂ ගෝත්‍රික හෙළයන් වර්ෂයකට වරක් සරත් සමයේ පුන් පොහෝ දිනක සිතුල්පව්වට ඒකරාශී වී සූර්ය දෙවියන්ට පුද පූජා පවත්වා භාවනානුයෝගීව හැසිරුණ බැව් “රාවණ කතා” ග්‍රන්ථයේ සඳහන් වේ. සත් වැනි වීරමුණ්ඩ රජතුමා ද භාවනා කිරීමට ගොස් ඇත්තේ සිතුල්පව්වටය. දෙවන රාවණ රජතුමෙකු ගිරුවාපත්තුවේ දෙවොලකට ගොස් දෙවියන් පිදූ බවත්, දැන් එම ස්ථානය “ගැටබරු දෙවොල” ලෙස හඳුන්වනු බවත් “රාවණ කතා” පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වී ඇත. මෙවැනි 10, 11 රාවණ රජවරු සිටි බව තවත් ස්ථාන කීපයක සඳහන් වේ. ඒ අනුව මේවා සූර්ය වන්දනාව කළ රාවණ යුගය දක්වා දිවෙන ඉපැරණි අතීතයක් ඇති ස්ථානයන් ය.
යක්ෂ ගෝත්‍රික හෙළයන් වර්ෂයකට වරක් සරත් සමයේ පුන් පොහෝ දිනක සිතුල්පව්වට ඒකරාශී වී සූර්ය දෙවියන්ට පුද පූජා පවත්වා භාවනානුයෝගීව හැසිරුණ බැව් සඳහන් වන්නේ කුමන ග්‍රන්ථයේද?
{ "answer_start": [ 476 ], "text": [ "“රාවණ කතා” පුස්කොළ ග්‍රන්ථයේ" ] }
89e50f11-9de2-44fd-b93f-554f318a07a8
රජවාසලට ගිය රජු කඩුව හා හෙල්ල හොරකම් කළ ගම්මුන්ට අපූරු දඬුවමක් දීමට කටයුතු කළේය. හුරීකඩුව ගම එක කෙළවරක ගාඩි පවුල් කීපයක් පදිංචි කරවීය. රජවාසලට කඹ හා මදු සැපයීම ඔවුන්ට පැවරුණු රාජකාරිය විය. ගමේ අනිත් කෙළවර කින්නර පවුල් කීපයක් පදිංචි කළේය. නියඳවලින් දුම්බර රටා පැදුරු විවීම හා නියඳ සැරසිලි රටා විවීම ඔවුන්ට පැවරුණි. අද මේ කින්නර පවුල් වාසය කරන ප්‍රදේශය හේනාවල නමින් ප්‍රකටය. රජු හුරීකඩුව ගමෙන් තමාට කළ වරදට ගම දෙපැත්තේ‍ ගාඩි හා කින්නර පවුල් පදිංචි කොට ඉන්පසු මුළු ගමම පහත හෙළුවේය. රජුගේ වෛරය සංසිදුණේ ඉන්පසුවයි.
කඩුව හා හෙල්ල හොරකම් කළ ගම්මුන්ට අපූරු දඬුවමක් දීමට කටයුතු කළේ කවුද?
{ "answer_start": [ 12 ], "text": [ "රජු" ] }
414c0e61-219e-4049-a9b5-8f68aabfad3b
රීටාත්, රූබිත් බොහෝ විට කතා කළේ චතුර ඉංග්‍රීසියෙනි. එකල ද රීටා හෝටල් සංස්ථාවේ නිලධාරිනියක ලෙස සේවය කළ බව මට මතකය. එකල බොහෝ පැරැණි නළු නිළියෝ ඉතා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිර වූහ. රීටාට අභිෂේක චිත්‍රපටයේ රඟපාන්නට තිබුණේ රෙක්ස් කොඩිප්පිලිගේ බිරිඳ හැටියටය. ඔවුන්ගේ දියණිය ලෙස රඟපෑවේ අවන්ති අපොන්සුය. රූබි ද මෙල් ප්‍රධාන නිළියගේ මව ලෙස රඟපෑවාය. 1934 පෙබරවාරි 18 වැනිදා මාතලේ උපන් රීටා පිලොමිනා රත්නායක අධ්‍යාපනය ලැබුවේ, මාතලේ ඇග්නස් කන්‍යාරාමයෙනි. එය පසුව ශාන්ත තෝමස් බාලිකා විදුහල බවට පත්විය. ඇගේ පියා එමිල් රත්නායක සුප්‍රකට වයලින් වාදකයකු විය. ඇගේ මාමලා ද කලාවට සම්බන්ධ වූවෝ වූහ. ඇය කුඩා කල සිටම රුක්මනී දේවියට ප්‍රිය කළාය. පාසල් කාලයේදී ඇය දස්කොන් නාට්‍යයේ ප්‍රමිලා බිසව ලෙස රඟපෑවාය. ගී ගැයුවාය. ඇය රුක්මනී දේවිය මුණගැසෙන්නට ආශාවෙන් සිටියාය.
රීටා පිලොමිනා රත්නායක උපත ලැබුවේ කවදාද?
{ "answer_start": [ 343 ], "text": [ "1934 පෙබරවාරි 18 වැනිදා" ] }
b55b187d-cfd9-44ec-8a81-45b6799980fb
ඇලඩින්, ස්පයිඩර් මෑන් හා කැප්ටන් මාවල්’ චිත්‍රපට විසින් උපයාගෙන තිබුණ ආදායම ඉක්මවා යන්නට මේ වනවිට ද ලයන් කිංග් චිත්‍රපටය සමත්ව ඇත. ජුලී 09 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ මෙම චිත්‍රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1119කි. ‘වොල්ඩ් ඩිස්නි’ සමාගමේ බෙදාහැරීමක් වන මෙම චිත්‍රපටය නවතම ත්‍රිමාණ තාක්ෂණය යොදා නිර්මාණය කළ චිත්‍රපටයකි. සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටය මෙවැනි විශාල මුදලක් උපයා ගනු ඇතැයි විශ්වාස නොකළ බවය.
ඇලඩින්, ස්පයිඩර් මෑන් හා කැප්ටන් මාවල්’ චිත්‍රපට විසින් උපයාගෙන තිබුණ ආදායම ඉක්මවා යන්නට මේ වනවිට සමත්ව ඇත්තේ කිනම් චිත්‍රපටයද?
{ "answer_start": [ 100 ], "text": [ "ලයන් කිංග් චිත්‍රපටය" ] }
fabc7d4a-d99a-49a8-ab5c-323a55112cbc
ඒ වෙලාවේ මම අම්මට කතා කළා. ඒත් අම්මා කතා කළේ නැහැ. මට ඉස්කෝලේ යන්න බැහැ. නිතරම පල්ලිය ඇතුළේ දැකපු දේවල් මතක් වෙනවා. සවසට පාළුවක් දැනෙනවා. ඒ වෙලාව ආච්චිට කියලා ඔළුව අත ගා ගන්නවා. එහෙම වුණාම අම්මව හොයනවා. දරුවෝ දෙන්නේ එක්ක ජීවත් වෙන්න මට ගෙයක් හදා ගන්න උදව් කරනවා නම් ගොඩක් පිං. අපි දැනට ජීවත් වෙන්නේ ලෑලි ගෙදරක දරුවන්ගේ සියලු වැඩ කටයුතු පල්ලියෙන් සොයලා බලනවා පියතුමන්ලා නිතරම ගෙදරට ඇවිල්ලා. අපේ සුව දුක් විමසනවා. මෙම ප්‍රහාරයෙන් මිය ගිය එකම පවුලේ හත් දෙනාගේ නිවසට යන විට එහි එක් නිවසක දොරගුළු දමා තිබුණි. මිය ගිය දරුවන්ගේ මිත්තණිය වන තෙරේසා පීරිස් මහත්මිය හඬ අවදි කළාය.
ඔවුන් දැනට ජිවත් වෙන්නේ කුමන ගෙදරකද ?
{ "answer_start": [ 299 ], "text": [ "ලෑලි ගෙදරක" ] }