id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
058bb3e5-e4b3-4e3d-9656-f3872389f81a
මකුළු කකුළුවන් ලෙස හැඳින්වුවත්, මේ සතා ඇත්තටම මකුළුවකු නොව කරදිය කකුළු විශේෂයකි. මොවුන්ට මකුළු කකුළුවන් යැයි කියන්නේ කාරණා දෙකක් හේතුවෙනි. එක් කාරණායක් නම් බිහිසුණු පෙනුම නිසා මේ සත්වයා පෙනුමින් කකුළුවකු මෙන්ම මකුළුවකු ද සිහිගැන්වීමය. දෙවැනි කාරණාව, ඇතැම් මකුළුවන් මෙන් මේ කකුළු මකුළුවා හැව ඇරීම සිදු කරයි. එක පොදියට ගොඩ ගැසෙන මකුළු කකුළුවන්, අලුත් වෙයි. උන් අලුත් වෙන්නේත්, අලුත් ජීවිතයක් අරඹන්නේත් හැව අරිමිනි. මකුළු කකුළුවන්ගේ පිට පොත්ත, එසේත් නැතිනම් බහිර සැකිල්ල ඉතා ශක්තිමත්ය. එසේ වුවත් එය ගලවා දැමිය හැකිය. මකුළු කකුළුවාගේ සිරුර පලාගෙන ඇතුළෙන් අලුත් මකුළු කකුළුවා එළියට පැමිණෙන්නේ ඇඳුමක් ගලවා දමන ආකාරයටය. එය පහසු කටයුත්තක් නොව්. සවිමත් කටුව සහ සැකිල්ල තුළ අලුතින් හැදී වැඩී පිටතට පැමිණෙන මකුළු කකුළුවාට ඇත්තේ මෘදු සැකිල්ලකි. මෘදු කටුවකි. එය පෙර මෙන් ශක්තිමත් වීමට නම් දින කිහිපයක් ගතවෙයි. එම දින කිහිපය ඉතා අවදානම්ය. සවිමත් කටුව නොමැති හෙයින්, මකුළු කකුළුවා අනාරක්ෂිතය. එපමණක් නොව, අලුත් පාද තවමත් නිසි ලෙස ක්‍රියාත්මක නොවෙයි. ඇතැම් පාද නිසි අයුරින් දිග හැරී ශක්තිමත් වීමට ද දින කිහිපයක් ගත වෙයි. එහෙයින් ජීවිත අවදානම තවත් වැඩිය.
අලුත් මකුළු කකුළුවා එළියට පැමිණෙන්නේ කෙසේද?
{ "answer_start": [ 514 ], "text": [ "මකුළු කකුළුවාගේ සිරුර පලාගෙන" ] }
8d82dd34-b7db-4a7d-b88f-518448b7f276
මේ නිසාම ඔහුගේ රට බත බුලතින් සරුසාරය. ඒ නිසාම ජනතාව අත හැමවිටම මිල මුදල් ගැවසිනි. සියලු දෙනාම සමෘද්ධිමත්ය. එසේ වුවත් හදිසියේම ඒ පැවැති තත්ත්වය වෙනස් විය. අකල් වැසි වැස, රටේ තිබූ භව භෝග සියල්ල විනාශ වුණු අතර ජනතාව අත තිබූ මිල මුදල්ද සේදී ගියේය. මේ හදිසි විපත නිසා රටවැසියන්ට වූ පීඩාව ගැන රන්තිදේව රජු කම්පා විය. වහාම තම භාණ්ඩාගාරය විවෘත කළ රජු ජනතාවගේ ඕනෑ එපාකම් වෙනුවෙන් එහි වූ මුදල් වියපැහැදම් කළේය. මේ නිසා රට වැස්සෝ රජු ගැන අතිශයින්ම පැහැදුණාය. වස්සානයට පසු පැමිණියේ නියඟයයි. වැස්සෙන් වැනසුණු ගොවිබිම යළි වගා කළ නොහැකි ලෙස දරුණුවට බලපෑ නියඟය ජනතාව තවදුරටත් දුකට හෙළීය.
ජනතාව අත සැම විටම ගැවසුනේ මොනවාද?
{ "answer_start": [ 63 ], "text": [ "මිල මුදල්" ] }
264cf13f-a8e2-4df5-9fea-dee92bad4141
දැවුම් චිතකයේ ගිනි නිවෙන්නට ද පෙර ඛේම මහ රහතන් වහන්සේ වම් දළදාව කාලිංග දේශයට රැගෙන ගියේය. එම දළදා වහන්සේ දන්න හේමමාලා යුවළ විසින් 5 වැනි සියවසේ කිත්සිරිමෙවන් රජ දවස මෙරටට වැඩමවන ලදී. වර්තමානයේ කන්ද උඩරට දළදා මාලිගයෙහි වැඩ වසන්නේ එම දන්ත ධාතූන් වහන්සේය. කාවන්තිස්ස රජ දවස ගිරි අභය කුමරු විසින් කරවන ලද සෝමාවතී දාගැබෙහි දකුණු දළදාව තැන්පත් කළ බව ධාතුවංශ කතුවරයා ගෙනහැර දක්වයි. කාවන්තිස්ස රජ සමයෙහි මහා දේව මහ තෙරුන්ගේ ශිෂ්‍යයෙක් වූ මහින්ද රහත් තෙරනුවන්ගේ නාග භවනයට ගොස් දකුණු දළදාව මෙරටට වැඩමවන ලද බව ධාතු වංශයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි. එනමුදු මෙම දකුණු දළදාව නාග ලෝකයෙන් නොව නාග්පූර් දේශයෙන් වැඩමවන ලද බවට මේ වන විට ඓතිහාසික තොරතුරු ඉදිරිපත් වෙයි. නාග්පූර් ආසන්නයේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පවුනි නම් දනව්වකි. එහි හින්දු කෝවිලක් ඉදිව පැවැති ගොඩැල්ලක් ආශ්‍රිතව ධර්මාශෝක අධිරාජයා කළ චෛත්‍යයක නටඹුන් හමු වූ බව වාර්තා වේ.
එම දළදා වහන්සේ මෙරටට ගෙනාවේ කුමන සියවසයේදීද?
{ "answer_start": [ 130 ], "text": [ "5 වැනි සියවසේ" ] }
4ae7a54b-4712-4c7e-977b-2e3478548cd7
අදත් අපි සීතාවක. අද කොහෙද දන්නවද, අපි ඔයාවත් එක්ක යන්න හදන්නේ? ගිය සතියේ බැරුන්ඩි කෝවිලට ගිය අපි මේ සතියේ ඔන්න ඔයත් එක්ක යනවා සීතාවක රජමාලිගාව තිබුණා කියලා විශ්වාස කරන තැනට. අදටත් මෙතන රජමාලිගාව තිබුණද කියලා හරියටම කියන්න සාක්ෂි තාම හඳුනාගෙන නෑ. අද මේ නටබුන් තියෙන තැන හඳුන්වන්නේ ලන්දේසි බලකොටුව විදිහට. සීතාවක රජමාලිගයක් තිබුණා කියලා අතීත ජනශ්‍රැති ජනප්‍රවාදවල සඳහන්. සීතාවක රාජධානි සමයේදී පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි බලපෑම් තදින්ම එල්ලවුණා. ජනප්‍රවාදය කියන්නේ සීතාවක රජමාලිගාව පෘතුගීසින් පැමිණ සම්පූර්ණයෙන්ම ගිනිබත් කළා කියලා. ලන්දේසින් පෘතුගීසින් ගිනිබත් කළ මාලිගාවේ නෂ්ටාවශේෂ මත තමා ඔවුන්ගේ බලකොටුව නිර්මාණය කරලා තියෙන්නේ. ලන්දේසි බලකොටුව ඉදිකිරීමත් එක්ක මාලිගාවේ පවුරැ පදනම් සියල්ල ඒ බිමෙන් අතුගෑවිලා ගිහින්. ගල්පුවරැවල පුංචි සාධක කිහිපයක් හැරෙන්න ලාංකික නිර්මාණ ශිල්පයේ කිසිවක් ඒ බිමේ ඉතුරැ වී නැහැ. විජයබා කොල්ලයේදී කෝට්ටේ හිටපු හත්වැනි විජයබා රජ්ජුරැවන්ගේ පුතුන්ට තමා රජකම හිමිවෙන්න තිබුණේ. ඒත් ඒ කුමාරවරැන්ගේ මව මියයාමෙන් පසු රජු තවත් බිසවක් මාලිගාවට කැඳවාගෙන ආවා. ඒ බිසව රජුගේ බිසව වෙන්න එන්නේ ඇයගේ පුතුත් සමඟ. මේ බිසව රජු හා කුමන්ත්‍රණය කර තම පුතුට රජකම ලබාදුන්නා. ඒ අවස්ථාවේ විජයබා රජුන්ගේ පුතණුවරැ ආරක්ෂාව පතා මාලිගාවෙන් පැන යනවා. මේ පුතණුවරැ පසුව තම පියා තමන්ට කළ ද්‍රෝහිකම නිසා පෘතුගීසි සෙබළු යොදා පියා ඝාතනය කළා. ඉන්පසු මේ සහෝදර කුමාරවරැ කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදාගෙන පාලනය කරලා තියෙනවා. පෘතුගීසින් රජමාලිගය ගිනිබත් කළත් මෙතන බලකොටුවක් හැදුවෙ නෑ. වර්ෂ 1521න් පසු ආරම්භ කළ සීතාවක රාජධානිය 1590 ගණන්වල මුල් කාලයේ අවසන් වුණා. ලංකාවේ රාජධානි ගත්තම පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි හා සිංහල පාලකයන් යන හතර පාර්ශ්වයම පාලනය කරපු රාජධානියක් තියෙනවනම් ඒ තමා සීතාවක රාජධානිය.
ගිය සතියේ ගියේ කොහාටද?
{ "answer_start": [ 73 ], "text": [ "බැරුන්ඩි කෝවිලට" ] }
128a9313-b11f-4561-8024-7b4402e37b58
වෙල්ලස්සෙන් පසු බැස ආ මේ පිරිස පානම්පත්තුවට අයත් කුමන, පානම, ලාහුගල, හුළංනුගේ, බක්මිටියාව වැනි පෙදෙස්වලත්, වැව්ගම්පත්තුවේ තොට්ටම, මඩවලලන්ද, මඩාන, අලහේන, වරාලන්ද, වඩිනාගල, කඩින්ආර, දේවාලහිඳ, කොක්නහර, පාදාගොඩ, උහන, කොහොඹාන, දමන, කීනවත්ත ආදී ගම් රැසකත් නතර වූහ. හේන් ගොවිතැන ප්‍රධාන ජීවන මඟ විය. අධ්‍යාපනයක් ගැන ඔවුනට අවබෝධයක් නොවීය. එකල මේ පෙදෙසත් පාලනය වූයේ මඩකලපුවෙනි. අක්කරපත්තුවෙන් පැමිණි වන්නියාර්වරුන් එනම් කෝරාලවරුන් වැනි පිරිසක් මේ ගම් නාමිකව පමණක් පාලනය කළ බැව් කියැවේ. මෙසේ කාලය ගෙවී යනවිට 1921 වසරේ දී වැව් ගම්පත්තුව නම් පාලන ඒකකයක් බිහි කර තිබේ. එහි පළමු රටේ මහත්තයා ලෙස කටයුතු කර තිබෙන්නේ වෑත්තෑව නම් මහත්මයෙකි. වෑත්තෑවේ රටේ මහත්මයා පිළිබඳව අදටත් වැව් ගම්පත්තුවේ පැරැන්නෝ කතා කරන්නේ ඔහු කළ කී දෑ අසා ඇති බැවිනි. ඔහු අශ්වයා පිට ගමක් ගමක් ගානේ යමින් වැව් ගම්පත්තුවේ අනාගත උන්නතිය පිළිබඳව කටයුතු කර තිබේ. වැව් ගම්පත්තුවේ පාසල් පද්ධතිය අරඹා ළමුන්ට අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළ බව ද කියැවේ.
වන්නියාර්වරුන් පැමිණියේ කොහේ සිටද?
{ "answer_start": [ 369 ], "text": [ "අක්කරපත්තුවෙන්" ] }
48309863-ba30-422a-b0db-e779de75b538
ඔබ සැම දන්නා පරිදි සිරිපා කරුණා කිරීමට ඇති සම්මත ප්‍රසිද්ධ මාර්ග ත්‍රිත්වයකි. එනම් හැටන් - නල්ලතන්නි මාර්ගය, කුරුවිට - එරත්න මාර්ගය හා පලාබද්දල රජ මාවතයි. නමුත් මීට අමතරව සම්මත අප්‍රසිද්ධ මාර්ග ත්‍රිත්වයක් ද පවතියි. එනම් සඳගලතැන්න - රජමාලේ මාර්ගය, දැරණියගල - උඩමාලිබොඩ මාර්ගය හා අද දවසේ කථාව වන දෙපොනකන්ද මුක්කුවත්ත මාර්ගයයි. මෙතෙක් ලංකාවේ බොහෝ පිරිසක් දැන සිටියේ මෙම දෙපොනකන්ද හැර සෙසු මාර්ග 5 පමණි. නමුත් කාලයේ වැලිතලයෙන් හා අන්තරාදායක දුෂ්කර ගමනක් සහිත දෙපොනකන්ද මාර්ගය අප භාවිත කළේ සමනළ කරුණාව කිරීමට තිබෙන තවත් එක් අරුම පුදුම හා අපූර්වතම මාර්ගයක් වන හෙයිනි. මෙහිදී තවත් එක් විශේෂ කරුණක් කිව යුතුය. එනම් මා විසින් ඉහතින් සඳහන් කළ මාර්ග සය හැරුණවිට තවත් එක් අප්‍රසිද්ධ මාර්ගයක් පවතියි. මෑතකදී සොයා ගත් එම මාර්ගය භාවිත කරමින් සිරිපා කරුණා කිරීමට තිබෙන මාර්ග හතෙන්ම අපි සිරිපා කරුණා කර ඇත්තෙමු.
අන්තරාදායක දුෂ්කර ගමනක් සහිත මාර්ගය කුමක්ද?
{ "answer_start": [ 456 ], "text": [ "දෙපොනකන්ද මාර්ගය" ] }
f2c8d29f-cc3a-4cfb-9127-c9de0fab42d9
තේවිස් ගුරුගේ සම්බන්ධීකරණය කළ ආධුනික වැඩ සටහනකට ක්‍රිස්ටි සම්බන්ධ වූයේ එක්දාස් නවසිය හතළිස් ගණන්වලදීය. ඔහු අනුකරණය කළේ එකල අසීමිත ජනප්‍රියත්වයක් ලබා තිබූ විකට නළුවකු වූ එඩී ජයමාන්නය. මේ වැඩ සටහනෙන් ජය ලැබූ ක්‍රිස්ටි එකල රේඩියෝ සිලෝන් නමින් හැඳින්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වූයේ විකට ශිල්පියකු ලෙසය. ඒ ඔස්සේ කුල්ලෙන් පොලා පොලා ගීතය වෙළෙඳ තැටියක් සඳහා ගයන්නට අවස්ථාව ලැබූ පසු එම ගීතයත් සමඟ ක්‍රිස්ටි ජනප්‍රියත්වයට පත්වූයේය. ප්‍රේක්ෂකයන් උන්මාදයට පත්කළ සිංහල තිරයේ ප්‍රථම පෙම්වතා ලෙස හැඳින්වෙන ප්‍රේම් ජයන්ත් හා ක්‍රිස්ටි පාසල් මිතුරෝය. බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නයන්ගේ ‘උමතු විශ්වාසය’ චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපාමින් සිනමා තිරයට ආ ප්‍රේම් ‘සුජාතා’ චිත්‍රපටයේ දොස්තර නිහාල් ලෙස රඟපාමින් එක රැයකින් සිනමා තිරයේ ආදරවන්තයා බවට පත්වූයේය.
එම වැඩ සටහනෙන් ජය ලැබූ ක්‍රිස්ටි එකල කුමක් නමින් හැඳින්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වූයේ ද ?
{ "answer_start": [ 220 ], "text": [ "රේඩියෝ සිලෝන්" ] }
070d5ccd-dc8e-4aea-8a03-03135c846368
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගිය සතියේදී ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් හමුවී ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළේය. පැල්වත්ත සීනි කම්හලේ ජාතික සේවක සංගමය සමග සාකච්ඡා කළ අග්‍රාමාත්‍යවරයා එහි වැඩකටයුතු පුළුල් කිරීම සම්බන්ධ යෝජනා සලකා බැලුවේය. සාමාන්‍ය පුද්ගලයකුගේ නිවසක් ගිනි ගත්තොත් රජයේ පාර්ශ්වයෙන් කිසිදු සහනයක් ලබා නොදුන්නත් පසුගිය 9 වැනිදා විනාශයට පත් මන්ත්‍රීවරුන්ගේ නිවාස වෙනුවට වියත්පුර නිවාස සංකීර්ණයෙන් කඩිනමින් අංග සම්පූර්ණ නිවාස ලබාදීමට ගන්නා ලද තීරණය පිළිබඳව ලබන පාර්ලිමේන්තු රැස්වීමේදී විමසීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා තීරණය කළේය.
අග්‍රාමාත්‍ය කවුරුන්ද ?
{ "answer_start": [ 13 ], "text": [ "රනිල් වික්‍රමසිංහ මහතා" ] }
03768bb5-9731-4c5b-97ae-6bcc8dd42097
පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා පවසන්නේ නැගෙනහිර දිශාවට වන්නට රැහැන් වැනි කොටස් ගණනාවක් හඳුනාගත හැකි වූ බවයි. තන්තුමය ස්වරූපයෙන් නිමවී තිබූ ඒවා නැවේ භාවිත කළ ලෝහමය කේබල් විය හැකි යැයි ද ඔහු පවසයි. නෞකාවේ දැවමය කොටස් අතර තඹ මිශ්‍රිත ලෝහ තහඩු කොටස් දැකිය හැකි වූ බව ද මුතුකුමාරණ මහතා පවසයි. ඒවායේ ඇණ ගැසූ බවට සිතිය හැකි සිදුරු තිබෙන අතර තඹ ඇණ මගින් සම්බන්ධ වූ ලී කොටස් ද හමුවී ඇත. නැවේ දැව කොටස් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා තඹ තහඩු භාවිතා කරන්නට ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි. මේ තඹ කොටස් විඛාධනය වී කොපර් කාබනේට් බැඳී ඇති බැවින් ඒවා කොළ පැහැයෙන් දිස්වේ.
ලී කොටස් සම්බන්ධ වී තිබුණේ කුමකින් ද?
{ "answer_start": [ 337 ], "text": [ "තඹ ඇණ මගින්" ] }
a7b9b770-e44c-4996-b77c-99d1d368cdca
නංගී අපි ෆෝම් පුරවලා සාමාජිකයෝ බඳවා ගන්නේ නැහැ. නංගි කැමති නම් ඇඩ්‍රස් එක දෙන්න, නැත්නම් ඔයාව සම්බන්ධ කරගන්න විදිහක් අපිට කියන්න. අපි හම්බවෙලා කතා කරමු. මේකේ වැඩකරන ආකාරය අනුව තමයි ඔයා සාමාජිකයකු වෙනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ. එහෙම නැතිව සාමාජික මුදලකින් නෙවෙයි කියලා ඔහු මට පැහැදිලි කළා. ඒක මගේ හිතට තවත් කාවැදුණා. ඒ වෙලාවෙම මම ලිපිනය දුන්නා. ටික දවසකට පස්සේ වැඩිහිටි කාන්තාවක් ආවා මාව හමුවෙන්න. එයාට කවුරුත් කිව්වේ කාන්ති අක්කා කියලා. ඒ නිසා මමත් එහෙම කිව්වා. කාන්ති අක්කා මාව මුණගැහිලා කැන්වසින්වලට එක්ක ගියා. මම කිසිම දෙයක් කියන්න දන්නේ නැති නිසා මුලින්ම එයාලා ගෙවල්වලට ගිහින් කතා කරද්දි මම අහගෙන හිටියා විතරයි. ඊට පස්සේ මම කිව්වා මට මේ විදිහට කතා කරන්න ඉගෙන ගන්න ඕන කියලා. ඒ පාර මාව පක්ෂේ අධ්‍යාපන වැඩවලට සම්බන්ධ කරගත්තා.
වැඩකරන ආකාරය අනුව තීරණය වන්නේ කුමක්ද ?
{ "answer_start": [ 185 ], "text": [ "සාමාජිකයකු වෙනවාද නැද්ද කියලා" ] }
9d6a44fd-88d3-4bff-950d-9f0e43d3957f
සුනිල් මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටියේය. ඉවසීම, උපේක්ෂාව යන මුල් පාඩම සුනිල් ඉගෙන ගත්තේ එදාය. ඔහු තිරසර අදිටනින් මයික්‍රෙෆා්නය වෙත ගියේය. සතිස් අයියා සුනිල් ළඟට ආවේය. "චූටි මල්ලිට මේක කියන්න පුළුවන්. හොඳට කියන්න." සතිස් සුනිල්ගේ හිස අත ගෑවේ දළුගම සරසවි චිත්‍රාගාරයේ ශබ්දාගාරයේත්, පටිගත කරන මැදිරියේත් අතර ඇති පුංචි ඉඩකඩ මැදය. සුනිල්ගේ හදවත ගැහෙයි. වික්ටර්, වොලී හා සතිස් අයියා වීදුරු කවුළුවෙන් බලා සිටී. ශබ්ද පරිපාලක මර්වින් රුද්‍රිගුගේ සිනාව සුනිල්ට ලොකු ශක්තියක් විය. "මල්ලිට මේක කියන්න පුළුවන්" මර්වින් මුල සිටම සුනිල්ට දිරි දුන්නේය.
මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටියේ කවුද?
{ "answer_start": [ 0 ], "text": [ "සුනිල්" ] }
cff88694-ba04-4596-8f6e-c91239ecef7d
මෙතෙක් කිසිම ජනමාධ්‍යයකින් හෙළි නොකළ අප හිතවත් හල්පේ නන්දසිරි හිමියන් රහසක් සේ තබාගත් මේ කතාව. ප්‍රථම වරට ඉරිදා ලංකාදීපයට පැවසුවේ මගේ පෙරැත්ත කිරීම නිසාමය. මා ඊට ඇලුම් කළේ ත්‍රාසය, භීතිය මෙන්ම ගුප්ත යන්ත්‍ර මන්ත්‍ර, තන්ත්‍ර වැනි ශාස්ත්‍රයන්හි ඇති විස්මිත බලය මේ කතාවේ අන්තර්ගතව ඇති නිසාමය. කුඹල්වෙල- හල්පේ නන්දසිරි හිමියන් පැවිදි වූයේ 1958 ජනවාරි 3 වනදාය. ඒ වයස අවුරුදු 9 දීය. ඉගෙනුම ලැබුවේ බලන්ගොඩ පිරිවෙණකය. පිරිවෙන් අධ්‍යාපනය ලබන අතරතුර‍ ජ්‍යෝතිෂ්‍යය පමණක් නොව යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර ගුරුකම් යනාදිය කෙරෙහි උන්වහන්සේගේ සිත ඇදී ගියේය. කලක් ගාල්ලේද කලක් අම්පාරේ විහාරස්ථානවලද වැඩ වසමින් නන්දසිරි හිමියෝ මේ ගුප්ත ශාස්ත්‍රයන් පිළිබඳව ගවේෂණාත්මක අධ්‍යයනයක යෙදුණාහ.
මෙම කතාවට ආලුම් කලේ මෙහි ඈති කුමක් නිසාද
{ "answer_start": [ 193 ], "text": [ "ගුප්ත යන්ත්‍ර මන්ත්‍ර, තන්ත්‍ර" ] }
c560b93f-9825-41b8-94ae-4bb08110a8df
ඓතිහාසික වැඩසිටි කන්ද වැඳ පුදා ගැනීම සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බව තේරුම්ගත් විහාරාධිපති හිමියන් දේවාල, චෛත්‍යය, බුද්ධ මන්දිර පමණක් නොව ධර්මශාලා, දාන ශාලා, විශ්‍රාමශාලා, ජල ටැංකි, වැසිකිළි ඇතුළු සනීපාරක්ෂක පහසුකම් ගොඩනගා ඇත්තේ කරමතින් ගල්, ගඩොල්, වැලි, සිමෙන්ති යනාදිය රැගෙන යාමෙනි. එපමණක් නොව වයෝවෘද්ධ වූවන්, ආබාධිත පුද්ගලයින් හා රෝගීන් වෙනුවෙන් වාහනයක් ගමන් කළ හැකි වනසේ සකස්කර ඇති කොන්ක්‍රීට් මාර්ගයද තවත් විශ්මකර්ම නිර්මාණයකි. මෙම සියලුම ඉදිකිරීම් සඳහා කිසිදු ඉංජිනේරුවෙකු හෝ කාර්මික නිලධාරියෙකුගේ සහාය ලබා නොගැනීමද මවිතය ගෙන දෙන්නකි.
කන්ද මුඳුනෙහි පහසුකම් ගොඩනගා ඇත්තේ කෙසේද?
{ "answer_start": [ 259 ], "text": [ "කරමතින් ගල්, ගඩොල්, වැලි, සිමෙන්ති යනාදිය රැගෙන යාමෙනි" ] }
7e4ffc04-35f3-4ba9-bb34-e7fcf7aec9e8
සිකුරු බුධ කුජ යන ග්‍රහයින් තිදෙනාම ඔබට ඉතාමත් ශුභපල දෙන ග්‍රහයින්ය. සිකුරු ලග්නයට පැමිණීම ඉතාමත් ශුභ එකකි. ඔබ කාන්තාවක් නම් ගෙදරට ශ්‍රියාකාන්තාව ගෙන එන්නීය. ඉතාමත් ප්‍රීතියෙන් කාලය ගත කරන එවැනි ප්‍රියසාදවලට සහභාගි වන දින කීපයකි. ප්‍රණීත ආහාරපාන ලැබේ. හදිසි ධන ලාභවලට හේතුය. ජන්ම කේන්දරයේ සිකුරු ලග්නයේ නම් ඔබ දැනටමත් රජෙකු හා සමාන සැප සම්පත් විඳිනු ඇත. බුධ ග්‍රහයා පැමිණි තැන නම් එතරම් යහපත් නැත. වියදම් පැත්ත වැඩි වේ. විදේශගත වීමටද වාසනාව ඇත. නෑදෑයින්ගෙන් නොව පිට අයගෙන් ඔබට වාසි ගෙන දේ. කුජ ඔබේ හතර වැන්නට පැමිණේ. අනෙකුත් ලග්නවලට මෙන් නොව කුජ 4 වැන්නේම තැන්පත් අයෙක් නම් රුචක නම් මහ පුරුෂ රාජයෝග ඇත්තෙකි. කුජ ග්‍රහයා දුර්වල තත්ත්වයක සිටින අයට දේපළ ඉඩකඩම් හානි සිදුවිය හැකිය.
ඔබට ඉතාමත් ශුභපල දෙන ග්‍රහයින් කවුද?
{ "answer_start": [ 0 ], "text": [ "සිකුරු බුධ කුජ" ] }
e5f4ce9e-0c83-4edc-a247-55da556e1a19
නවකතා, කෙටිකතා, නාට්‍ය, විචාර, පරිවර්තන, ශාස්ත්‍රීය ආදී වශයෙන් සරච්චන්ද්‍ර ග්‍රන්ථ පෙළ එකින් එක ගෙනහැර දක්වන්නේ නම් එය දීර්ඝ නාමාවලියක්. මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා, වල්මත් වී හසරක් නුදුටිමි, හෙට එච්චර කළුවර නෑ, විලාසිනියකගේ ප්‍රේමය වැනි නවකතා මෙන්ම මනමේ, සිංහබාහු, පෙමතෝ ජායති සොකෝ, වෙස්සන්තර, භව කඩතුරාව ඇතුළු සරච්චන්ද්‍ර නාට්‍ය කෘති පෙළ ද ඉතා දිගුයි. වෙසෙසින් දේශීය නාට්‍ය කලාවක් සොයා සරච්චන්ද්‍රයන් කළ ගවේෂණ, පර්යේෂණ, අත්හදා බැලීම්, බටහිර අනුකාරකත්වයෙන් බැහැර දේශීය නාට්‍ය සම්ප්‍රදායකට අත්තිවාරම වූ බවයි පිළිගැනෙන්නේ. ඉතා සුව පහසුව නොව දැඩි දුෂ්කරතා මැද වසර විස්සක් පමණ කළ අපමණ කැපකිරීම්වල ප්‍රතිඵල ලෙසයි මනමේ, සිංහබාහු වැනි නොමියෙන කලා කෘති මේ රටට උරුම වන්නේ.
මනමේ, සිංහබාහු නිර්මානය කලේ කව්ද?
{ "answer_start": [ 63 ], "text": [ "සරච්චන්ද්‍ර" ] }
baa99653-f6ad-4d40-b710-27cb245d67a5
විද්‍යාව පිළිබඳව හැදෑරූ අයෙකු ජ්‍යොතිෂ විෂය ගැන දැනුවත් වීම බොහෝවිට සිදුනොවන්නකි. එහෙත් ජ්‍යොතිෂ්‍ය විෂයේ විද්‍යානුකූල බවත් ඒ නිසාම මෙතෙක් ජනතා ප්‍රසාදයට පත්වී ඇති බවත් සඳහන් කරමි. අප ජීවත්වන පෘථිවිය තත්පරයකට කිලෝමීටර් 20ක පමණ වේගයෙන් සූර්යා වටාවූ කක්ෂයක ගමන් කරන බව බොහෝදෙනා නොදනී. මෙම වේගය ඇසිපිය ගසන තරම් වූ වේගයකි. එහෙත් අපට නොදැනෙන්නේ බසයක, දුම්රියක, මෝටර් රථයක ගමනක් මෙන් නොව හිස් අවකාශයේ සිදුවන ගමනක් නිසාය. පෘථිවිය ගමන් කරන කක්ෂයෙන් පිටතට ගමන් නොකරන්නේ සූර්යයා සමග වූ ආකර්ෂණ බලයක් හේතුවෙනි. බෝලයක ගැට ගැසූ නූලක් මගින් අතේ දබරැඟිල්ල ආශ්‍රයෙන් වෘත්තාකාරව කරකවනවිට එම බෝලය වෘත්තාකාර පථයක ගමන් කරද්දී අතේ දබරැඟිල්ලට යම් බලයක් දැනෙනවා සේම එම වෘත්තාකාර ගමන දබරැඟිල්ල නිසා පාලනය වේ. මෙම න්‍යාය පෘථිවියේ ගමන් මගට ද සාධාරණීකරණය වේ.
අප ජීවත්වන පෘථිවිය සූර්යා වටා ගමන් කරන වේගය කොපමණද
{ "answer_start": [ 201 ], "text": [ "තත්පරයකට කිලෝමීටර් 20ක පමණ වේගයෙන්" ] }
50c6861a-ac12-4727-87ed-dd1be1855856
නැගෙනහිරට දඬු දමලා මඩිත්තට ගුරුගොඩ ඔයේ පෙණවළ ඔන්න දකුණට කබරගලේ ගල බස්නාහිර අතට රඹපත කෙටුව ගල උතුරට අටුගොඩට ඓතිහාසික පෞරාණික ගම්වල සීමා දක්වා තිබුණත් ඇතැම් විට ඒවා සොයා ගැනීම අපහසුය. එහෙත් අටුගොඩ ගමෙහි සීමා පැහැදිලිව හඳුනාගත හැකිව තිබේ. අද වන විට ඇතැම් ගම් කුඩා වී ඇති අතර ඇතැම් විට අලුතෙන් ප්‍රදේශ එකතු වී ඇත. වර්තමානයේ වැදගත් වන්නේ ග්‍රාම නිලධාරි වසම මිස පැරැණි සීමා නොවේ. අටුගොඩ ශ්‍රී සුමංගල මහා විද්‍යාලය අසලින් දිවෙන අටුගොඩ - කණුහැත්තෑව මාර්ගයේ උල්වල නමැති ස්ථානයේ මඩිත්ත පිහිටා ඇත. මේ ස්ථානය ජල උල්පත් බහුල ස්ථානයකි. උල්වල යන්නෙහි තේරුමද ජල උල්පත් පිරි ස්ථානය යන්නයි. දෙපැත්තකට ජලය ගලා යන උල්වල මෙම ප්‍රදේශයේ ඇති දිය බෙත්මකි. ජල උල්පත් බහුල නිසා මෙම ස්ථානයේ ඇති කුඹුර ගැඹුරු මඩවළකි. කුඹුරේ වැඩ කරන විට ටිකෙන් ටික මඩෙහි ගිලී යන නිසා පාද රඳවා ගැනීමට ලී කොට ගිල්වා ඇත.
සීමා පැහැදිලිව හඳුනාගත හැකිව තිබෙන්නේ කුමන ගමේ ද?
{ "answer_start": [ 188 ], "text": [ "අටුගොඩ" ] }
25874f22-f7fd-4736-9436-88a19bf9a1e3
සතියේ සෑම දිනකම පහේ දෙස්-විදෙස් සංචාරයෝ මෙම ඉසව්වේ සැරි සරති. සමහර අවස්ථාවලදී වනයේ සැරි සැරීමට අවශ්‍ය වන සෆාරි ජීප් රථ ලබාගැනීමට බෝහෝ වෙලා රැදී සිටීමටද සිදුවේ. මීගමුව, කල්පිටිය වැනි ප්‍රදේශන්හි සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන හෙයින් ත්‍රාසය කැටිවූ වනගත චාරිකාවක අත්දැකීම ලබාගැනීමටද සංචාරකයන් මෙම ඉසව්වට පැමිණෙති. ඔබ මෙහි යන්නේනම් ඔබ රැගෙන යන පොලිතීන්, ප්ලාස්ටික් ද්‍රව්‍ය වනාන්තරය තුළ නොදැමීමට වග බලා ගන්න. එමෙන්ම සත්වයෙක් දුටු විට කෑ කෝ ගැසීමකින් තොරව ඔවුන්ව නිරීක්ෂනය කරන්න. පරිසරයට සහ සතුන්ට හානියක් නොවන අයුරින් හැසිරෙන්න. සංචාරක බංගලාවන්හී නවාතැන් ගන්නේ නම් එහි යන්නට මත්තෙන් බත්තරමුල්ලේ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට ගොස් ඊට අදාල වෙන්කරවා ගැනීම් සිදුකරගන්න. විශේෂයෙන් මාර්ගෝපදේශකයන්ගේ බහට අවනත වී විනීත ලෙස හැසීරීමට කටයුතු කරන්න.
සංචාරක බංගලා වෙන්කිරීම් වැනි දේවල් කරන්නේ කොහේද?
{ "answer_start": [ 578 ], "text": [ "බත්තරමුල්ලේ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ" ] }
df31c234-8c04-4b33-972d-ad6baf35e2aa
එසේ නම් ගිම්හාන ඍතුවේ මියගිය පුද්ගලයාගේ සිරුර සරත් ඍතුව අවසානයේ දී නැතහොත් ශීත ඍතුව ආරම්භයේ දී මෙහි පැමිණියේ කෙසේද? ඒ අනුව මෙය ඝාතනයක් වීමට තිබෙන ඉඩකඩ ඉතාමත් වැඩි ය. මෙය තවදුරටත් තීරණය කිරීමට නම් ශරීර කොටස් මෘත ශරීරාගාරය වෙත ගෙන ගොස් සියුම් පරීක්ෂාවකට ලක් කළ යුතු ය. ගිම්හාන ඍතුවේ දී මියගිය පුද්ගලයෙකුගේ ශරීරය වෙත පැමිණෙන සතුන් එය කා දැමීමට ඉඩ තිබේ. එසේම කෘමීන් නරක් වන සිරුර කා දැමිය යුතු ය. එහෙත් මේ සිරුරේ කෘමීන් බරපතළ ලෙස ක්‍රියාකාරී වූ බවක් පෙනෙන්නට නැත. කෘමීන් කා දැමුවේ නම් සිරුරේ පටක කා විනාශ කරනු ඇත. එහෙත් එවැනි ගැටලුවක් මේ සිරුරේ නැත. එසේම වෙනත් සතුන් විසින් කා විනාශ කළ බවට සිතිය හැකි ලකුණු ද කිසිවක් දක්නට නැත. ඒ අනුව මේ සිරුර මෙහි පැමිණීමට පෙර සතුන්ට ළඟා විය නොහැකි තැනක තිබුණා විය යුතු ය. එනම් සිරුර නරක්වීමට ලක්වන අවස්ථාවේ මෙහි තිබී නැත. එය මෙම ස්ථානයට පැමිණ තිබෙන්නේ අස්ථි හා පටක අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් ම වියළී ගිය පසුව ය. ඒ අනුව එක් වරම ඇතිවන සිතුවිල්ල නම් මෙය නිවසක කාමරයක තිබී පසුව ගෙනත් දමා ඇති බව ය.
මියගිය පුද්ගලයෙකුගේ ශරීරය වෙත පැමිණෙන සතුන් එයට කුමක් කිරීමට ඉඩ තිබේද?
{ "answer_start": [ 331 ], "text": [ "කා දැමීමට" ] }
151afd85-cd75-4fc2-b331-d48df5563c55
නිම්රත් කවුර් ඉපදුණේ 1982 මාර්තු 13 දා රාජස්තානයේ පිලානිහි සික් පවුලකය. ඇගේ පියා යුද හමුදා නිලධාරියෙකු වූ අතර 1994 දී ඔහු කාශ්මීර් ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන මරා දමනු ලැබිණි. ඉනික්බිතිව ඇගේ මව, නිම්රත් සහ නැගණිය රූබිනා දිල්ලියේ තදාසන්න ප්‍රදේශයක පදිංචියට ආහ. දිල්ලි පොදු පාසැලින් ඉගෙනුම ලැබූ ඇය ශ්‍රී රාම් විශ්ව විද්‍යාල කොලීජියට ඇතුළත් වී වාණිජ අංශයෙන් උපාධිය ලබා ගත්තාය. ඇය ක්ෂේත්‍රයට පිවිසියේ නිරූපිකාවක ලෙසිනි. පසුව වේදිකා නාට්‍යවලට එක් වූවාය. බැග්ඩෑඩ් වෙඩින්, ඕල් අබවුට් විමෙන්, රෙඩ් ස්පැරෝ ආදිය ඒවායින් කිහිපයකි. ඇය අනුරාග් කාශ්‍යප් ගේ පෙඩ්ලර්ස් චිත්‍රපටියේ රඟ පෑවේ හින්දි චිත්‍රපටි කිහිපයක රඟ පෑමෙන් අනතුරුවය. ඇය රසිකයන් අතර නම රඳවා ගත්තේ එම චිත්‍රපටියෙනි. ද ලන්ච් බොක්ස් චිත්‍රපටියේ ඇය රඟ පෑ චරිතයට සම්මාන ද ලැබිණි. 2016 එයාර්ලිෆ්ට් චිත්‍රපටියේ රඟ පෑවාට පසුව කලක් නිහඬව සිටි ඇය 2022 දී දාස්වි චිත්‍රපටියෙන් නැවත කළඑළි බැස්සාය. නිසි අධ්‍යාපනයක් නොලත් දේශපාලනඥයෙකු වටා ගෙතුණ කතාවක් සහිත මේ චිත්‍රපටියේ අභිෂේක් බච්චන් සහ යාමි ගෞතම් ද රඟ පාන්නීය. නිම්රත් රඟ පාන්නේ බිම්ලා දේවි නම් වන මහ ඇමතිවරියක ලෙසිනි.
එහිදී නිම්රත් රඟ පාන්නේ කිනම් චරිතයක්ද?
{ "answer_start": [ 972 ], "text": [ "බිම්ලා දේවි නම් වන මහ ඇමතිවරියක ලෙසිනි" ] }
1b41efda-a40a-4751-868f-476ce867514f
විදානේවරයාගේ උදව් උපකාර ඇතිව ඉංග්‍රීසින්ගේ භට පිරිසක් සැප්තැම්බර් 27දා රාත්‍රී ඉතාම හොර රහසේ ඉතාමත්ම අපහසුවෙන් මඩුගල්ලේ නිලමේගේ වලව්ව පිහිටි උඩදුම්බර මඩුගල්ල ගම්මානය කරා ගමන් කර ඇත. පිරිස මඩුගල්ල ගම්මානයට පිවිස ඇත්තේ 28 දා පාන්දරය. පිරිස විදානේවරයාගේ නිවෙස තුළට පිවිස එහි සැඟවුණේ එදින රාත්‍රියෙහි මඩුගල්ලේ නිලමේ කොටු කර ගන්නටය. මඩුගල්ල ගම්මානයට ගිය භට පිරිස පිළිබඳ කිසිදු තොරතුරක් නොලද නිසා තෙල්දෙණිය අණදෙන නිලධාරී කපිතන් ඩොබින් මහතා කලබලයට පත්ව සිටියේය. ඒ අතර මඩුගල්ල ගම්මානය දෙසින් නිකුත් වු වෙඩි ශබ්දයක් පිළිබඳ තොරතුරක් ද ඩොමින්ට ලැබුණේය. තම භට පිරිසට කුමන හෝ ආකාරයේ කරදරයක් පැමිණෙන්නට ඇතැයි සිතූ ඩොබින් ආධාර පිණිස බළ ඇණියක් වහා මඩුගල්ල ගම්මානයට පිටත් කර ඇරියේය. එම භට කණ්ඩායමේ පැමිණීම මඩුගල්ලේ නිලමේට දැන ගන්නට ලැබුණේය. හේ වහා පලා ගියේය.
පිරිස විදානේවරයාගේ නිවෙස තුළට පිවිස එහි සැඟවුණේ ඇයි?
{ "answer_start": [ 280 ], "text": [ "එදින රාත්‍රියෙහි මඩුගල්ලේ නිලමේ කොටු කර ගන්නටය" ] }
1678cfd6-3b63-47c7-bdf2-5c26914bef4b
අටලොස් වියේ පසුවූ ලුවී සොයිසා සිසුවා කොළඹ ශාස්ත්‍ර ශාලාවට යැවූහ. තම පාලන කටයුතු කරගෙන යාමට එදා ස්වදේශිකයන් යොදාගැනීම සුදු පාලකයන්ගේ අරමුණ විය. ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා කෝට්ටේ ආරම්භ කළ ඉංග්‍රීසි පාඨශාලාවට ලුවී සිසුවා ඇතුළත් වන්නේ දෙගුරුන්ගේ ආශිර්වාද මැදය. ලුවී සිසුවා කෝට්ටේ ඉංග්‍රීසි පාඨශාලාවට ඇතුළත් වූ දිනයේ සිදුවූ සිද්ධියකින් සෙසු සිසුවෝ ලුවී සොයිසා තරුණ සිසුවා උපහාසයට හා සමච්චලයට ලක් කළෝය. රැවුල ඇති කෙනෙක් හෝඩිය කියන්න ආවා. ඔව්හු පැවැසූහ. සෙසු සිසුවන්ගෙන් එසේ සමච්චලයට ලක්වූ තරුණ ලුවී සිසුවා සිව්වසක ඉගෙනුමෙන් අනතුරුව පැවැති පරීක්ෂණයෙන් පළමු තැන දිනා සමච්චලයට පිළිතුරු දුන්නේය.
ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට පාඨශාලාවක් ආරම්භ කළේ කොහේද?
{ "answer_start": [ 173 ], "text": [ "කෝට්ටේ" ] }
c4af2800-4b5e-4fbe-a3d6-94224fc17494
දහවල් කෑම පැයේ දී පල්ලියට ගිය සිල්වෙස්ටර් කෑම පැය අවසන් වන්නට විනාඩි කිහිපයක් තිබිය දී කන්තෝරුවට පැමිණ තම අසුනට බර වූවේය. කාර්යාලය මගින් සංවිධානය කරන නත්තල් සාදයක් සඳහා උදෑසන සිටම කන්තෝරුවේ සේවක සේවිකාවන්ගෙන් මුදල් එකතු කළ පුන්සිරි නැමති ලිපිකරුවා ළඟ පාතක පෙනෙන්නට නොසිටීම ඔහුගේ සැනසිල්ලට හේතුවක් විය. උදෑසන ඔහු ලැයිස්තුවක් ද රැගෙන කාර්යාලය වටේ යමින් මුදල් එකතු කළ අවස්ථාවේ ඔහුගෙන් ගැලවීම පිණිස සිල්වෙස්ටර් කිහිප වරක් ලොක්කාගේ කාමරයටත් දෙතුන් වතාවක් වැසිකිළියටත් ගියේය. මෙසේ වරින් වර පුන්සිරි මග හරිමින් සිටි සිල්වෙස්ටර් කෑම පැය ඇරඹෙනවාත් සමඟම පල්ලියට යෑම පිණිස කාර්යාලයෙන් බැහැරව ගියේය.
ළඟ පාතක පෙනෙන්නට නොසිටි ලිපිකරුවා කවුද?
{ "answer_start": [ 223 ], "text": [ "පුන්සිරි" ] }
aedf68b7-2474-42f8-add1-62a34d975eb7
වර්තමානයේදී බොහෝ දියුණු ලෙස ක්‍රියාත්මක වන දත්ත ගබඩාවකින් කිසියම් අයෙකුගේ සම්පූර්ණ තොරතුරු ලබාගැනීම හැඳුනුම්පත් අංකය ඔස්සේ කළ හැකි සේම පුද්ගලයෙකුගේ ග්‍රහ චාරය, ක්‍රියා පිළිවෙළ හැසිරීම, ගති ලක්ෂණ ආදිය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ලබා ගැනීම එකී පුද්ගලයාගේ ජන්ම පත්‍රය ඔස්සේ සිදුකළ හැකිය. ජන්ම පත්‍රයක කොටු තුළ සැඟවී පවත්නා තොරතුරු රැසකි. එමෙන්ම කිසියම් ජන්ම පත්‍රයක දැක්වෙන දින වකවානු ඇසුරින් ඔහුගේ හේ ඇයගේ අනාගතය පුරෝකථනය කිරීමේ හැකියාවක් ද පවතී, කිසියම් කාල සීමාවකට වරක් තම ජන්ම පත්‍රය පරික්ෂා කරවා ගැනීම විශේෂඥ වෛද්‍යවරයකු හමුවී වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම තරමටම වැදගත්ය.
පුද්ගලයෙකුගේ ජන්ම පත්‍රයෙන් ලබා ගත හැකි තොරතුරක් නම් කරන්න
{ "answer_start": [ 160 ], "text": [ "ක්‍රියා පිළිවෙළ හැසිරීම" ] }
ed61dc29-c177-4d6a-8ce2-957fddf033b1
පසුගිය කාලයේ කසළ නිසා විවිධාකර ප‍්‍රශ්නවලට මුහුණදීමට ජනතාවට සිදුවුණා. විවිධ රෝග, නිවාස ගැටලූ ඇතුළු ප‍්‍රශ්න රාශියකට ජනතාව මුහුණ දුන්නා. මේ කසළ ගැටලූව මගේ ඔලූවට තදින්ම කාවැදුණා. මම හිතුවා කසළ පුළුස්සන්න පුළුවන් නම් අපට ප‍්‍රශ්නය ජයගන්න පුළුවන් කියලා. ඒ අනුව මම මුලින්ම කිලෝ පහක් පමණක් දමන්නට හැකිවන කුඩා යන්ත‍්‍රයක් නිපදවූවා. එය ඉතා සාර්ථක වුණා. ඒ අනුව මම ගොතටුව ඔසු පරිසර පදනමේ අධ්‍යක්‍ෂ ඔලිවර් සරත් කුලරත්න මහත්මයත් එක්ක මේ නිර්මාණය ගැන සාකච්ඡා කරලා ඉන් බැහරව යන අළුවලින් කාබනික පොහොර නිපදවීමට සැලසුම් සකස්කළා.
ප‍්‍රශ්නය ජයගන්න පුළුවන් කියලා මම හිතුවේ කුමක්ද?
{ "answer_start": [ 187 ], "text": [ "කසළ පුළුස්සන්න" ] }
85a97529-4c12-46e9-aac0-1f227d6581f5
ග්‍රහලොව සෙන්පති මෙන්ම සටන්කාමී ග්‍රහයෙකු වන අඟහරු හෙවත් කුජ ග්‍රහයා 2019 දෙසැම්බර් මස 25 වන දින මෙතෙක් ගමන් කළ තුලා රාශියෙන් කුජට හිමි වෘශ්චික රාශියට පැමිණෙයි. 2020 පෙබරවාරි මස 08 දින දක්වා කුජ ග්‍රහයා වෘශ්චික රාශියේ බලවත්ව ගමන් කරයි. අඟහරු, භුමි පුත්‍ර, භෞම, මංගල, අංගාර ආදී නම්වලින් ද හඳුන්වනු ලබන මෙම ග්‍රහයා ලෝකයේ ආරක්ෂකයා වශයෙන් හඳුන්වනු ලබන්නේ සටන්කාමී ගතිය, තාක්‍ෂණ බුද්ධිය, ආත්ම විශ්වාසය යන ලක්ෂණ විද්‍යාමාන වන නිසාය. අප උපන්දා සිට මිය යන තෙක් ශරීරය පුරා පැතිරී ඇති ධමනි, ශිරා හරහා ගමන් කරන රුධිරයේ අයිතිකරු ද රුධිරය සම්බන්ධ රෝග, ලේ ගැලීම් වැනි අනතුරු ආදී සියලු කාර්යයන් පාලනය කරන්නේ කුජ විසිනි.
කුජ ග්‍රහයා වෘශ්චික රාශියේ බලවත්ව ගමන් කරන්නෙ කවර කාලයේද?
{ "answer_start": [ 161 ], "text": [ "2020 පෙබරවාරි මස 08 දින දක්වා" ] }
89e7d6c0-29b0-4099-8f1a-1b90e2a95c3b
මෙයින් පැහැදිලි වන්නේ නිශ්ශංකමල්ලයන්ගේ පුත් වීරබාහු රාජ්‍යත්වයට පත්ව එක් දිනකින් ඝාතනය කරන ලද නිසා රජුගේ දෙවැනි බිසවු කල්‍යාණවතීගේ දරු ධර්මාශෝක ළදරුවා රහසිගතව ඇති දැඩි කොට නියම වයසේදී රාජ්‍යත්වයට පත් කරන ලද බවය. වංසකතාකරුවන් ධර්මාශෝක කුමරු තුන්මස් වයසැති බිලිඳෙකු සිහසුනට පත්කොට රාජ්‍යත්යට ගෙන ගිය බව සඳහන් කළද මෙම රජු විසින් නිකුත් කරන ලද කාසි වර්ග කීපයක්ම පසු කාලයේදී හමුව ඇත. තුන් මස් බිලිඳෙක් තමන්ගේ නමින් කාසි නිකුත් කරන ලද්දේ කෙසේද යන වග උගත් පාඨකයින් විචාරශීලීව කල්පනා කළ යුතුව ඇත. කෑගල්ලේ ඒජන්තවරයා වශයෙන් අයිවර්ස් මහතා කටයුතු කරන කාලයේදී බෙලිගල කැණීම් කටයුතු සිදුකරන ලදී. එහිදී සහාස්සමල්ල, ලීලාවතී සහ ධර්මාශෝක දේවගේ යන රජවරුන්ට අයත් කාසි 37 ක් හමුවී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පඬුවස්නුවර මාළිගයට දකුණින් පිහිටි පිළිම ගෙයක් හෑරීමේදී පැරණි කාසි විශාල තොගයක් හමුවී ඇත. එම කාසි අතර ධර්මාශෝක දේව රජුට අයත් අළුක්කාලේ මසු 108 ක් හමුවී ඇත. මෙතෙක් මේ වර්ගයේ කාසි ඉතා දුර්ලභ විය.
පැරණි කාසි විශාල තොගයක් හමුවූයේ පඬුවස් මාලිගට කොයි පසින්ද?
{ "answer_start": [ 709 ], "text": [ "දකුණින්" ] }
5533d12e-dade-45c6-acd3-8e7b05a500c9
සූරියකන්ද මෝනිං සයිඩ්හි දොළක තිබී සොයාගත් නව කෙකටිය විශේෂයක් නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතාට උපහාරයක් ලෙස නම් කළ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. ඇපනොජෙටෝන් කන්නන්ගරෙයි ලෙස නම් කර ඇති මේ නව කෙකටිය විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික වන අතර එය අරුණාලෝක අඩිවියේ පමණක් දැකිය හැකි හෙවත් ස්ථානීය ආවේණිකත්වයක් පෙන්වන අතිශය දුර්ලභ විශේෂයක් ද වෙයි. මෙය දැනට හමුවී අරුණාලෝක අඩවියේ දොළ මාර්ග දෙකකින් පමණි. මෙම ස්ථානය පිහිටියේ සිංහරාජ වනාන්තරයේ සූරියකන්ද පෙදෙසේය. ගාල්ල හා මාතර දිස්ත්‍රික් දෙකෙහි ජෛව විවිධත්ය පිළිබඳ කරන ලද ගවේෂණයක් අතරතුර 2012 වර්ෂයේ දී මේ කෙකටිය විශේෂය හමු වූ බව එම සංගමයේ සභාපති පරිසරවේදී මධුර ද සිල්වා මහතා පවසයි. එය මෙතකේ ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබූ කෙකටිය විශේෂවලට වඩා වෙනස් විශේෂයක් විය හැකියැයි සිතූ ඔවුන් ඒ පිළිබඳ පර්යේෂණ ආරම්භ කරන ලදී. ඉන් වසර හතරකට පසුව 2016 අගෝස්තු මාසයේ දී මේ කෙකටිය විශේෂය ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති කෙකටිය විශේෂවලට වඩා වෙනස් බවත් එය ශ්‍රී ලංකාවට ආවේණික නව කෙකටිය විශේෂයක් බවත් විද්‍යාඥයන් විසින් තහවුරු කර තිබේ.
නව කෙකටිය විශේෂයක් සොයාගත්තේ කොහේ තිබීද?
{ "answer_start": [ 0 ], "text": [ "සූරියකන්ද මෝනිං සයිඩ්හි දොළක තිබී" ] }
4719b0f0-4aa6-4695-98e8-cbb1011edaee
1980 වසරේ චීන මහජන දින සංස්කෘතික උත්සවය කොළඹ දී පැවැත්වුණේ ජෝන් ද සිල්වා සමරු රඟහලෙහිය. චීන තානාපතිතුමා ප්‍රධාන අමුත්තා විය. අවසානයට පැවැත් වූයේ තෙල්මේ නැටුමයි. එය ඉතා ආකර්ෂණීය හා වේගවත් විය. එම රංගනය අවසානයේ සංදර්ශනය ද අවසන් විය. රංගන ශිල්පීහු වේදිකාවට විත් සභාවට ආචාර කළහ. මැද සිටි තෙල්මේ රංගන ශිල්පියාට තානාපතිතුමා විසින් මල් කලබක් පිළිගැන්විණ. තානාපතිතුමා එය ශිල්පියා අතට නොදී දෙපා මුල තබා බිමටම පාත් වී වැඳ ආචාර කළේය. මුළු සභාවම පුදුම විය. නමුත් එය එසේ සිදුවිය. එදා එම සභාවේ සිටි අය මීට සාක්ෂි දරති. හිස නොනමන අභිමානවත් චීන ජාතිකයාට එදා එසේ වීම අබිරහසකි. සූර්යා උදාව හා ඉන්පසු සූර්යාගේ බැබළීම මූර්තිමත් කරන ශිව තාණ්ඩව ස්තෝත්‍රය ද රාවණ රජතුමාගේ නිර්මාණයකි.
තෙල්මේ රංගන ශිල්පියාට මල් කලඹක් ලබා දුන්නේ කවුද
{ "answer_start": [ 306 ], "text": [ "තානාපතිතුමා විසින්" ] }
b6195c52-2a5b-40fd-b157-9d45bd9cac99
විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින බව මුලින්ම සොයා ගත්තේ 1912 දී ඇමෙරිකානු තාරකා විද්‍යාඥයකු වූ වෙස්ටෝ ස්ලිපර් විසිනි. 1922 දී ඇලෙක්සැන්ඩර් ප්‍රීඩ්මන් විශ්වය ප්‍රසාරණය වන බව න්‍යායාත්මක සාක්ෂි ලෙස පෙන්වීමට අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ ක්ෂේත්‍ර සමීකරණ භාවිතා කළේය. 1927 දී රුසියානු විද්‍යාඥයකු වූ ජෝර්ජ් ලමෙයිත්‍රි මන්දාකිණියක ඇති දුර හා ප්‍රවේගය අඩුවීමේ රේඛීය සම්බන්ධතාවය පිළිබඳ ප්‍රථම නිරීක්ෂණාත්මක ගවේෂණය ඉදිරිපත් කළේය. 1929 දී එඩ්වින් හබල් ප්‍රකාශ කළේ සියළුම මන්දාකිණි එකිනෙකින් ඈත්වෙමින් පවතින බවත් වඩාත් දුරින් පිහිටි මන්දාකිණි වඩා වේගයකින් ඈත්වෙමින් පවතින බවත්ය.
විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින බව සොයාගත්තේ කුමන වසරේදීද?
{ "answer_start": [ 52 ], "text": [ "1912" ] }
46e051bc-9760-4569-97ea-7c699852b4a9
මිනිස්සු හරිම ආසයි කතා අහන්න. හොල්මන් කතා, සුරංගනා කතා, විහිළු කතා නැත්නම් සිදුවීම්, කතාව කියලා විතරක් නෙමෙයි දක්ෂයි නම් ඔබට රඟපාලත් පෙන්නන්න පුළුවන්. සමහරවිට කෙනෙකුගේ ජීවිත කතාව වෙන්නත් පුළුවන්. ඒවා ඇත්ත වෙන්න පුළුවන් නිර්මාණය කරපුවා වෙන්න පුළුවන්. ඒ හරහා නිර්මාණාත්මක දෙයක් ඔබට කරන්න පුළුවන්. ඊළඟ එක තමයි ප්‍රවෘත්ති, ප්‍රවෘත්ති චැනල් එකක් කරනවා නම් ඔබ ගොසිප්වලින් මිදෙන්න ඕනෑ. මොකද ප්‍රවෘත්ති කියන්නේ මිනිස්සු විශ්වාසයෙන් බලන දෙයක්. දේශපාලනය, කලාව, ක්‍රීඩාව ඕන දෙයක් ගැන හොඳ ප්‍රවෘත්ති චැනල් එකක් කරන්න පුළුවන්. තව ලංකාවේ මිනිස්සු හරිම ආස දෙයක් තමයි දේශපාලනික දේවල්, දේශපාලන ඉතිහාසය, වර්තමානයේ කතා වගේ දේවල්. දේශපාලනික දැනුම තියෙනව නම් යූ ටියුබ් හරහා දේශපාලන විචාරකයෙක් වෙන්න පුළුවන්කම තියෙනවා.
ප්‍රවෘත්ති කියන්නේ කුමක්ද?
{ "answer_start": [ 403 ], "text": [ "මිනිස්සු විශ්වාසයෙන් බලන දෙයක්" ] }
45f4ee46-0799-406c-9bec-3660486d4ad4
ඩේරියස්ගේ අශ්වාරෝහක හමුදාව මෙහෙය වන ලද්දේ පලැන් විසිනි. ඉතිහාසඥ ඒ.එම්. ඩිවයින්ට අනුව එකී හමුදාවට 12,000ක පමණ පිරිසක් වූ බැව් පැවසේ. ඩේරියස්ගේ පාබළ හමුදාව 20,000ක් පමණ වූ බැව් ඉතිහාසඥ ඇරියන් සඳහන් කරයි. මහා සටන අවසානයේ ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවට ජය අත්විය. තුන් වැනි ඩේරියස් රජු සමග සටන් බිමට පැමිණ සිටි ඔහුගේ බිසව වූ පළමු වැනි ස්ටැටේරියාද, ඔහුගේ දියණියන් වූ දෙවැනි ස්ටැටේරියා හා ඩ‍්‍රයිපටිස්ද ඩේරියස්ගේ මව වූ සිසිගැම්බිස්ද ඇලෙක්සැන්ඩර්ගේ අත්අඩංගුවට පත් වූහ. ඇලෙක්සැන්ඩර් තම අත්අඩංගුවට පත් වූ කාන්තාවන්හට ඉතා ගෞරවණීය ලෙස සැලකූ බැව් ඉතිහාසයේ සඳහන්ය. යළි සටනක් ඇතිවීම වළක්වාලීම සඳහා තුන් වැනි ඩේරියස් ඇලෙක්සැන්ඩර් හට යෝජනා තුනක් ඉදිරිපත් කළේය. තම ආකියාමෙනිඩ් අධිරාජ්‍යයෙන් අඩක් භාර ගන්නා ලෙසද, රිදී තලෙන්තු 30,000ක වන්දියක් ගෙවීමට සූදානම් බවට හා තම වැඩිමහලු දියණිය විවාහ කරගන්නා ලෙසට වූ එම යෝජනා ප‍්‍රතික්ෂේප කළ ඇලෙක්සැන්ඩර් එකම අහසේ සූර්යයන් දෙදෙනකු සිටිය නොහැකි බවත් එසේ වුවහොත් ලෝකයේ පැවැත්ම අවුල් සහගත වන බවත් ඔහුට දන්වා යැවීය. ඇලෙක්සැන්ඩර් ඩේරියස්ට විකල්ප දෙකක් ඉදිරිපත් කළේය. ඒ සටන් කොට ප‍්‍රබලයා තෝරා ගැනීම හෝ නැතිනම් යටත් වීමය.
ඩේරියස්ගේ පව්ලේ අයව අත්අඩංගුවට ගත්තේ කව්ද?
{ "answer_start": [ 454 ], "text": [ "ඇලෙක්සැන්ඩර්" ] }
2073e1b0-a653-489b-ba11-126b3a35ba39
සපුමල් කුමාරයාට කෝට්ටේ සිංහාසනය හිමිවූයේ කවර සිද්ධි නිසා වුවත් ඔහු මුළු දිවයිනේ මහරජු වූ පසු යාපනේ ජයග්‍රාහකයා වශයෙන් සිංහල මිනිසුන් අතර ඔහු ලබාගෙන සිටි සම්මානය ඔහුට ඔවුන්ගේ අඛණ්ඩ පක්ෂපාතිත්වය සහතික කිරීමට පොහොසත් නොවීය. කළුගඟ සහ වළවේ ගඟ අතර පිහිටි මුළු රටම පස්දුන් කෝරළේ කැලණිදොළ ශ්‍රී වර්ධන පතිරාජ කූරගම හිමි යන ප්‍රධානීන් දෙදෙනාගේ නායකත්වය යටතේ බුවනෙකබාහු රජුට විරුද්ධව අවිගෙන නැගී සිටියෝය. රාජාවලිය සිංහල පෙරළිය යැයිද දැදිගම සෙල්ලිපිය සිංහල සංගේ (සිංහලයන්ගේ සටන) යැයිද මේ කැරැල්ල හඳුන්වයි. මේ නම්වලින් හැඟෙන්නේ එය පියපසින් මලයාලි පෙළපතකට අයිති පාලකයකුට විරුද්ධව ජාත්‍යානුරාගී හැඟීම් නිසා පැන නැගුණු කැරැල්ලක් බවයි.
යාපනේ ජයග්‍රාහකයා වශයෙන් සිංහල මිනිසුන් අතර සම්මානය ලබාගෙන සිටින්නේ කව්ද?
{ "answer_start": [ 0 ], "text": [ "සපුමල් කුමාරයාට" ] }
be8d8863-9f17-499c-a95b-77438094e2b7
බොදු සිතුවම් පිළිබඳව කතා කිරීමේදී එම්. සාර්ලිස් මාස්ටර් මෙරට වඩාත්ම ජනප්‍රිය වූ චිත්‍රශිල්පියකු ලෙස හැඳින්විය හැකිය. මන්ද ඔහුගේ සිතුවම් දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ සෑම බෞද්ධ ගෙදරකම පාහේ රාමුකර ප්‍රදර්ශනය කර ඇති බැවින්. බුදු සිරිතේ විවිධ අවස්ථා නිරූපණය කරන එම සිතුවම් නොදුටු බෞද්ධයකු සිටී දැයි කිව නොහැකි තරම්ය. එවන් කීර්තිමත් සිත්තරකු වූ සාර්ලිස් මාස්ටර්ගේ පුත්‍රයා සුසිල් ප්‍රේමරත්නය. සුසිල් ප්‍රේමරත්න අප හඳුනන්නේ ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ ගායකයකු හා ලන්දේසි හටන, බිලි පූජාව, රන් දූපත ආදී සුප්‍රකට චිත්‍රකතා එකල ලංකාදීපයට සිතුවම් කළ සිත්තරකු ලෙසටය. හැත්තෑව දශකයේ කොළඹ කොටුවේ ලංකාදීප කාර්යාලයට යන විට මා දුටු සුප්‍රකට සිත්තරුන් දෙදෙනෙකි. ඒ ජී. ඇස්. ප්‍රනාන්දු හා සුසිල් ප්‍රේමරත්නය.
සාර්ලිස් මෙරට වඩාත්ම ජනප්‍රිය වූ චිත්‍රශිල්පියෙක් වන්නේ කුමක් පිලිබදව කතා කිරීමේදීද ?
{ "answer_start": [ 0 ], "text": [ "බොදු සිතුවම් පිළිබඳව කතා කිරීමේදී" ] }
741896d7-e9ef-4039-a61f-85686a17af9c
අදහසක් නැත්තේ නෑ. අපි ස්වාමිපුරුෂයකුගෙන් මුලින් බලාපොරොත්තු වෙන්නේ රැකවරණය ආදරය හා විශ්වාසය කියන එක ගැහැණියකට ලැබෙනවාද කියන එකයි. රැකවරණය හා ආදරයට පස්සේ තමයි අනෙක් දේවල් බලාපොරොත්තු වෙන්නේ. විශ්වාස කරන්න බැරි පුද්ගලයෙක් අපේ ජීවිතයට ළංකරගෙන ජීවත් වෙන්න බැහැනේ. විශ්වාසය රැකවරණය ආදරය යන ත්‍රිත්වය තවමත් මට හම්බවෙලා නෑ. රාගයට අද මුල් තැන දීලා තිබෙන්නේ. රාගයක් ඕනෑ වෙලාවක එන්න පුළුවන්. ඒත් අර ත්‍රිත්වයේ ලක්ෂණ ඇති ස්වාමිපුරුෂයෙක් අපේ ජීවිතයට හම්බවෙන්නේ හරි අහඹු විදිහටයි. මෙහෙමයි සරාගිත්වය මම දකින්නේ ආදරයක් විදිහටයි. ඒකට මම අකමැත්තක් දක්වන්නේ නෑ. සරාගිත්වය තුළ දක්ෂතාවය තිබිය යුතුයි. දක්ෂතාවය නැති සරාගිත්වය විතරක් මට තිබිලා තියෙනවා නම් වැරදියි. එහෙම නැත්නම් ඒක මම තවම අධ්‍යක්ෂණය කරන්න සූදානම් වෙලා ඉන්න ඕනෑ. ඒක ප්‍රේක්ෂකයාගේ තීරණය කරන දෙයක්.
ගැහැනියක් රැකවරණය ආදරය හා විශ්වාසය බලාපොරොත්තු වන්නේ කාගෙන්ද?
{ "answer_start": [ 22 ], "text": [ "ස්වාමිපුරුෂයකුගෙන්" ] }
e456e156-bda2-4678-9cc8-1e228dc12278
ලුසියානෝ මරාන්සි මේ චිත්‍ර ප්‍රතිසංස්කරණය කිරීමේ දී පැරණි චිත්‍ර සඳහා අවශ්‍ය වර්ණ තාක්ෂණය ලබා ගත්තේ නිලගම චිත්‍ර ශිල්පි පරපුරගෙනි. මේ චිත්‍ර පරපුර ජීවත් වූයේ ගලේවෙලට නුදුරු මොරගොල්ල නිලගම ගමේය. චිත්‍ර ප්‍රතිසංස්කරණයට අවුරුද්දකට වැඩි කාලයක් ගත විය. ප්‍රතිසංස්කරණය කළ චිත්‍ර මහත් උත්සවයකින් යළි විවෘත කිරීමට කටයුතු සකස් විය. ඒ සඳහා පැමිණියේ අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ධුරය දැරූ ඊරියගොල්ල මහතාය. එම උත්සවය සඳහා සීගිරිය අවට සියලුම විදුහල් ගුරු මණ්ඩලය හා ළමුන් සමග සීගිරියට පැමිණිය යුතු බව දන්වා තිබුණි. එක් එක් පාසලට ප්‍රධාන අමුත්තා එන මාර්ගයේ පිළිගැනීම සඳහා වෙන් කළ කොටස්වල දෙපස සිට ගෙන සිටීමට නියම විය.
පැරණි චිත්‍ර සඳහා අවශ්‍ය වර්ණ තාක්ෂණය ලබාගත්තේ කාගෙන්ද?
{ "answer_start": [ 100 ], "text": [ "නිලගම චිත්‍ර ශිල්පි පරපුරගෙනි" ] }
bb3ab733-c919-4ae6-a15c-9e6f7bf414cb
ජනප්‍රිය තෙළිඟු චිත්‍රපටියක් වන අර්ජුන් රෙඞ්ඩි හි රඟ පෑමෙන් එක රැයින් කතාබහට ලක් වූ නිළියක වන ශලිනි හින්දි සිනමාවට පා තබන්නේ රන්වීර් සිං ගේ ජයේෂ්භායි ජෝර්දාර් චිත්‍රපටියේ රඟ පාමිනි. රූපවාහිනී නාට්‍ය කිහිපයක රඟ පෑ ලක්ෂ්‍ය ගේ සිහිනය වූයේ කවදා හෝ හින්දි සිනමාවට එක් වීමය. ඔහුට එම සිහිනය සැබෑ කර දෙන ලද්දේ කරන් ජෝහාර් විසිනි. දෝස්තානා 2 චිත්‍රපටියේ ඔහු කාර්තික් ආර්යන් සහ ජාන්වි කපූර් සමඟ රඟ පාන්නට නියමිතව සිටින්නේය. ඔහු පුංචි තිරය මෙන්ම රිදී තිරය ද බබලවනු ඇතැයි විචාරකයෝ කියති. ඇය 2017 ලෝක රූ රැජින කිරුළ පැළඳියාය. ඉනික්බිතිව අයිශ්වර්යා රායි සහ සුෂ්මිතා සෙන් අනුගමනය කරමින් හින්දි සිනමාවට පා තබන්නට ඇයටත් හැකි වූයේය. ඒ ආක්ෂේ කුමාර්ගේ ඓතිහාසික චිත්‍රපටිය ප්‍රිත්විරාජ් තුළිනි.
ශලිනි හින්දි සිනමාවට පාතබන්නේ කුමන චිත්‍රපටියෙන්ද?
{ "answer_start": [ 140 ], "text": [ "ජයේෂ්භායි ජෝර්දාර්" ] }
375253d6-c978-4ed6-ac38-537472ffc2d1
1995 - 5 - 26 දින බෞඬසාර පිළියෙල කළ මෙනේරි කැඳ වළඳා මහවැලි අමාත්‍යංශයෙන් සපයා තිබූ කැබ් රථයෙන් දෙහිඅත්තකණ්ඩිය අක්කර 30 කුඹුරට ගිය නායක හාමුදුරුවන් බලාපොරොත්තු වුණේ, දින දෙකතුනකට අවශ්‍ය එළවළු පටවාගෙන යාමය. චන්දරේ අයියා වාහනය පැද වූ අතර බෞඬසාරගේ උදව්වට ඇන්ටන් නමැති කොළුවකු පැමිණ සිටියේය. එදින වනවිට ජනාධිපතිනිය විසින් පන්සලේ ආරක්ෂාව උපසේවා පොලිස් නිලධාරීන් 10 දෙනෙකු දක්වා අඩු කර තිබීම මැෂින් තුවක්කු අමෝරා වෙඩි වරුෂාව එල්ල කළ කොටි හමුදාවට ආශිර්වාදයක් වූවාට සැක නැත. බෞඬසාර ඇහැට වෙඩි වැදීමෙන් මිය ගිය අතර පෙරවරු 7.15ට ආරම්භ වූ මෙම වෙඩි වරුසාවෙන් ඩබල් කැබ් රථයට වෙඩි පහරවල් 98ක් වැදී තිබිණි. නමුත් නායක හාමුදුරුවන්ගේ ශරීරියට වෙඩි වැදී නොතිබුනැයි වාර්තා වේ. උන්වහන්සේ අපවත් වූයේ ආයුධයකින් හිසට දුන් පහරකිනි. වැදි මන්තර තදින් ගරුකළ උන්වහන්සේගේ ඉණේ ජප කළ යන්තර දෙකක් තිබුණු බවත් එහි බලයෙන් උන්වහන්සේ ආරක්ෂා විනැයි කලින් වැද්දකුව සිටි පසුව මහණ වූ මිල්ලනා හෙවත් යාපා කියා ඇත.
පන්සලේ ආරක්ෂාවට කොපමණ පොලිස් නිලධාරින් ප්‍රමාණයක් යොදවා තිබුනිද?
{ "answer_start": [ 356 ], "text": [ "10" ] }
3a8cde31-3cbc-44e0-8522-d283008673f7
මේ නිසා මීවැව විහාරස්ථානය 12 වැනි සියවස දඹදෙණිය රාජධානි සමයේ ගලතුරුමුල සංඝරක්ෂිත හිමියන් 8 වැනි විජයබා දෙවැනි පැරකුම්බා රජවරුන්ට අනුග්‍රහ දක්වා සිදුකළ සේවයට සමාන උදාර ශාසනික සේවාවක් 17 වන සියවසදී මේ දෙවැනි සංඝරක්‍ෂිත හිමියන්ගෙන් සිදු වුණා. මීවැව විත්තාපොත දෙවැනිවර සංස්කරණය කළ සන්දනගෙම සිද්ධාර්ථ හිමියන් සටහන් කරන පරිදි මහනුවර සියලු රජවරුන් මීවැව නින්දගම රජවරුන්ට අය බදු ගෙවන ලද නින්දගමක් ලෙසට පැවතුන අතර ගුප්ත කුමරුගේ පරපුර විවිධ තනතුරු ලබමින් වාසලට සේවාවන් සපයා තිබේ. පුවක්ගොල්ලේ දහනකගෙදර මොට්ටාලගෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රන් රිදී වරාගත් කස්ථාන ආදී සඟවා තැබුණ භාණ්ඩ රජු අත්අඩංගුවට ගත් පසු බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ පැහැරගෙන තිබේ.
ගලතුරුමුල සංඝරක්ෂිත හිමියන්ට සමාන ශාසනික සේවයක් සිදුවුණේ කාගෙන්ද?
{ "answer_start": [ 199 ], "text": [ "දෙවැනි සංඝරක්‍ෂිත හිමියන්ගෙන්" ] }
d75997fe-00ec-4502-8ffe-12f7f0030171
අපේ රටේ ගජමුතු හමුවන ප්‍රමාණය අනුව සලකා බලන විට මෙතරම් ගජමුතු ලබාගත හැකි ඇතුන් වසරකට පහළොවක් විස්සක්වත් මරණයට පත්විය යුතුය. එසේම එසේ මිය යා යුත්තේ අවුරුදු හැට පැනපු ඇතුන්ය. එහෙත් අපේ රටේ එවැනි ඇතුන් ප්‍රමාණයක් දළ ලබාගැනීම හෝ ගජමුතු ලබාගැනීම වෙනුවෙන්ම ඝාතනයට ලක් වන බවට තොරතුරු වාර්තා වන්නේ නැත. සත්ව විශේෂඥයින්, පරිසරවේදීන් පෙන්වා දෙන පරිදි ගජමුතු ජාවාරම තුළද ජාවාරමක් තිබේ. ඒ ගජමුතු යැයි පෙන්වා ව්‍යාජ ගජමුතු අලෙවි කිරීමය. මෙලෙස ව්‍යාජ ගජමුතු සකස් කරනු ලබන්නේ හරකුන්ගේ ඇට කටු හෝ කහ රෝස පැහැයට හුරු තද පාෂාණ වර්ග ඔපදැමීමෙනි. මෙලෙස අලෙවි කරනු ලබන ගජමුතු සාමාන්‍ය ගජමුතුවලට වඩා ප්‍රමාණයෙන්ද විශාලය. එහෙත් සත්වවේදීන් පෙන්වාදෙන්නේ ඇත්ත ගජමුතු ඉතාමත් කුඩා රවුම් හැඩැති ඒවා බවය.
ව්‍යාජ ගජමුතු සකස් කරන්නේ කෙසේද ?
{ "answer_start": [ 499 ], "text": [ "තද පාෂාණ වර්ග ඔපදැමීමෙනි" ] }
8ba000e3-8bb5-4951-8238-6b8313b06834
ප්‍රභාකරන්ගේ දකුණු අත බඳුව ඒ කාලයේ සිටි රංජන් ලලා නමැත්තා මරා දැමීමට එකට එකක් කිරීමක් ලෙස එස්ටීඑෆ් එකෙන් පළිගන්නා බවට ඔහු ඝාතනය කිරීමෙන් පසු යාපනය අර්ධද්වීපය පුරා පෝස්ටර්ද එකල අලවා තිබී ඇත. ප්‍රභාකරන්ගේ දෙවැනියා එදා මැරුම්කෑවේ සේනාරත්න මහතා ඇතුළු එස්ටීඑෆ් කණ්ඩායමක් සමග ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් වශයෙනි. යාපනය පේදුරුතුඩුව මාර්ගයේ ඉදිරියෙන්ම ගමන්ගත් ජීප් රථයේ සිටියේ එවකට උප පොලිස් පරීක්ෂකවරයකුව සිටි අමරසිරි සේනාරත්න මහතාය. පොලිස් දෙපාර්තමේන්තුවට 1981 වසරේ ජනවාරි මාසයේ උපපොලිස් පරීක්ෂකවරයෙක් ලෙස බැඳුණු සේනාරත්න මහතා 2016 වසරේ විශ්‍රාම ගියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස උසස්වීම ලබා සිටියදීය.
ඔහු විශ්‍රාම යනවිට කවුරුන් ලෙස උසස්වීම් ලබා සිටියේද?
{ "answer_start": [ 541 ], "text": [ "ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස" ] }
76062e6f-19c2-4859-b9ec-c036921fb1e6
1980 වසරේ චීන මහජන දින සංස්කෘතික උත්සවය කොළඹ දී පැවැත්වුණේ ජෝන් ද සිල්වා සමරු රඟහලෙහිය. චීන තානාපතිතුමා ප්‍රධාන අමුත්තා විය. අවසානයට පැවැත් වූයේ තෙල්මේ නැටුමයි. එය ඉතා ආකර්ෂණීය හා වේගවත් විය. එම රංගනය අවසානයේ සංදර්ශනය ද අවසන් විය. රංගන ශිල්පීහු වේදිකාවට විත් සභාවට ආචාර කළහ. මැද සිටි තෙල්මේ රංගන ශිල්පියාට තානාපතිතුමා විසින් මල් කලබක් පිළිගැන්විණ. තානාපතිතුමා එය ශිල්පියා අතට නොදී දෙපා මුල තබා බිමටම පාත් වී වැඳ ආචාර කළේය. මුළු සභාවම පුදුම විය. නමුත් එය එසේ සිදුවිය. එදා එම සභාවේ සිටි අය මීට සාක්ෂි දරති. හිස නොනමන අභිමානවත් චීන ජාතිකයාට එදා එසේ වීම අබිරහසකි. සූර්යා උදාව හා ඉන්පසු සූර්යාගේ බැබළීම මූර්තිමත් කරන ශිව තාණ්ඩව ස්තෝත්‍රය ද රාවණ රජතුමාගේ නිර්මාණයකි.
1980 දි චින මහජන සංස්කෘතික උත්සව තිබුනේ කොහෙද
{ "answer_start": [ 59 ], "text": [ "ජෝන් ද සිල්වා සමරු රඟහලෙහිය" ] }
2387080a-fe79-4d8f-b388-a6ecb48aabb9
මැයි 25 වැනිදා නිමාව දුටු කැන්ස් සිනමා උළෙලට සහභාගි වු අයිශ්වර්යා රායි, අභිෂේක් බච්චන් මෙන්ම දියණිය ආරාධ්‍යාද එදිනම මුම්බායි හි පැවති කරන් ජෝහර්ගේ උපන්දින සාදයට පැමිණ සිටිම කොයි කාගෙත් අවධානයට පාත්‍ර වි තිබුණි.කරන් ජෝහර් අධ්‍යක්ෂණය කළ හා නිෂ්පාදනය කළ චිත්‍රපට රැසකම අයිශ්වර්යා මෙන්ම අභිෂේක්ද රංගනයෙන් දායකව තිබිම හේතුවෙන් ඊට කළගුණ දැක්වීම මත මෙම උපන්දින සාදයට වෙහෙස නොබලා සහභාගිවු බව අභිෂේක් පවසයි. කෙසේ වෙතත්, අමිතාබ් මෙන්ම ඡායා මෙම උපන්දින සාදයට සහභාගි නොවුණ අතර, ස්වේතා බච්චන් හා ඇගේ දියණියද මීට එක්ව සිටි බව වාර්තා වෙයි.
අයිශ්වර්යා මෙන්ම අභිෂේක්ද රංගනයෙන් දායකව තිබූ චිත්‍රපට අධ්‍යක්ෂණය කලේ කවුරුන්ද?
{ "answer_start": [ 211 ], "text": [ "කරන් ජෝහර්" ] }
53646af8-1ed7-43ce-b2e9-d29384df1160
දාසයෙකු සහ දාසියෙකු විසින් සඟ රුවන වෙත ලෙනක් පූජා කිරීමක් එයින් කියැවේ. මෙහි දැසි දස් යනු උපස්ථායක සහ සාත්තු සේවිකා යන පිරිස් වෙති. පිදුරංගල සෙල්ලිපියකින් ද දාසි ස්ත්‍රියක් ලෙනක් පූජා කිරීම ගැන සඳහන් වෙයි. එහි ඇගේ ස්වාමි පුරුෂයාගේ මෙන්ම පියාගේ නම ද සඳහන් කර ඇත. මෙයින් පැහැදිලි වන්නේ පැරණි කාලයේ සිටම මෙරට දැසි දස්සන්ට මෙන්ම ස්ත්‍රීන්ට ද දේපොලවලට මෙන්ම මුදල් වලට ද ස්වාධීන අයිතියක් තිබූ බවයි. සැස්සේරුව ශිලා ලිපි දෙකක නැට්ටුවන් හෙවත් නාට්‍ය ශිල්පීන් ලෙන් පූජා කිරීමක් පිළිබඳව සඳහන් වෙයි.
දැසි දස් යනු කුමන පිරිසක්ද?
{ "answer_start": [ 90 ], "text": [ "උපස්ථායක සහ සාත්තු සේවිකා" ] }
05eb5e46-fa38-4b0a-bac5-1ff8882828c1
කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා රෝහල් ගතකර ඇත. ඔහු ධවල මන්දිරයේ සිට හෙලිකොප්ටර් යානාවක් මගින් වෝල්ටර් රීඩ් රෝහල වෙත ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රෝහලට යෑමට පෙර ඔහු වීඩියෝ පණිවිඩයක් නිකුත් කර තිබූ අතර, එහි තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවට විශ්වාස කරන බව ඔහු සඳහන් කරයි. තමාට උදව් කළ සියලු දෙනාට ස්තුතිය පළ කරන බව ද ට්‍රම්ප් මහතා පවසයි. ජනාධිපතිවරයා යහපත් තත්වයෙන් පසුවන බව ධවල මන්දිරයද ප්‍රකාශයක් නිකුත් කර ඇත. ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් මහත්මියගේද සෞඛ්‍ය තත්වය යහපත් බව ට්‍රම්ප් මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා වෙතින් පෙන්නුම් කරන රෝග ලක්ෂණ අතර ඔහුට ඉතා අවම මට්ටමකින් උණ රෝගය රෝගය ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා රෝහල් ගත කළේ ඇයි?
{ "answer_start": [ 0 ], "text": [ "කොරෝනා වයිරසය ආසාදනය වී" ] }
44af3f6c-ae9f-4d54-9745-d992625b5db1
ශරීර අභ්‍යන්තරයේ බොහෝ අවයව නරක්ව තිබූ අතර පැහැදිලි යමක් හඳුනාගත හැකි වුයේ අක්මාවේ පමණි. එහි දකුණු භාගය පුපුරාගොස් තිබිණ. එහෙත් එය මරණයට පෙර ඇති වූවක්ද නැත්නම් සිරුර උරයක බහා කැලයට ගෙනත් ඒ මත විශාල ගලක් පැටවීම නිසා සිදුවූවක්ද යන්න ගැන බැලූ බැල්මට නිශ්චිතව කිව නොහැකිය. පුපුරා යාමක් දැකිය හැකි වුවත් පටක පරීක්ෂා කර එහි අවස්ථා සම්බන්ධය සෙවීම අසීරු වන තරමටම අක්මාව ද නරක් වී තිබිණ. අක්මාව පිළිබඳ පරීක්ෂණ ද පසෙක තැබූ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා පෙණහලු පරීක්ෂාවට ලක් කළේය. එයද නරක් වූ තිබූ නමුත් අන්වික්ෂීව පටක පරීක්ෂණයට පටක කොටස් කීපයක් සොයා ගැනීමට ඔහුට හැකි විය. ඒවා වෙන්කර ගෙන අන්වීක්ෂීය පරීක්ෂණයට භාජනය කළේය. ඔහු එම පටක පරීක්ෂාවට ලක් කළේ විශේෂ වර්ණයකින් වර්ණ ගන්වමිනි. ඒ නරක් වූ පටකවල පවතින යම් යම් දැ නිරීක්ෂණය කිරීම පහසුවන පරිදිය. ඔහුගේ ඉලක්කය නිවැරදි දිසාවට යොමුවන බවක් එවිට දැකගත හැකි විය. පෙණහලු පටක වූ සියුම් කේශනාළිකා තුළ සිර වූ අක්මාවේ සියුම් පටක කොටසක් වර්ණ ගැන් වී තිබෙනු දැකිය හැකි විය. අක්මාව මෘදු පටකවලින් සෑදුණු අවයවයකි. උදරයට වැරෙන් පහරක් දුන් විටදී අක්මාව පුපුරා යා හැකිය. ජීවත්ව සිටියදී අක්මාවට වැරෙන් පහරක් එල්ල වූයේ නම් එම පහරින් පුපුරා යන අක්මාවේ කුඩා පටක කැබලි අක්මාවේම රුධිර නාල තුළට ඇතුළු වේ. මේවා රුධිරය තුළට එකතු වී රුධිර නාළ ඔස්සේ ගමන් කර අවසානයේ පිරිසිදු කිරීම සඳහා පෙණහලු කරා ගමන් කරන රුධිරය ලෙස පුප්පුශීය ධමනිය ඔස්සේ පෙණහලුවලට ඇතුල් වේ. මෙහිදී අක්මා පටක පෙණහළු තුළ වූ කුඩා කේෂනාළිකා තුළ සිර වේ. මේවා පියවි ඇසට දැකගත නොහැකි වුවත් අන්වීක්ෂීය පරීක්ෂණයක දී දැකගත හැකිය. ඉහත පරීක්ෂණයේ දී දැකගත හැකි වූයේ එම පටක කොටස්ය. අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා අක්මාව බිඳී ගිය අවස්ථාවේ ඇති කරගත් සැකය, එනම් අක්මාව බිඳී ගියේ මරණයට පෙරද පසුවද යන කාරණාව සම්බන්ධ ගැටලුව දැන් විසඳී තිබේ. ඉහත පරීක්ෂණය අනුව ඇය ජීවත්ව සිටියදී අක්මාව බිඳී ගිය බව දැන් සහතිකය.
අක්මාවේ පරීක්ෂණ පසෙක තබා පෙණහලු පරීක්ෂා කළේ කවුද?
{ "answer_start": [ 412 ], "text": [ "අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා" ] }
d83ff0e7-b423-4963-81a4-cdc1b447d4df
බුධගේ ගුරුත්ව බලය උපයෝගී කර ගනිමින්, බුධ වටා යද්දී, බෙපී කොලම්බෝ මවු යානයේ වේගය අඩු කර ගැනීමට හැකිවුණු අතර, බුධගේ ඡායාරූප ගැනීමක් ඒ අනුව සිදුවිය. යානය ගමන් කළේ බුධගේ සිට කිලෝ මීටර් 240 කට වඩා අඩු දුරකිනි. ඡායාරූප ගැනීම කළේ යානයේ එක් කැමරා පද්ධතියක් පමණක් පණ ගන්වමින් බව ද විද්‍යාඥයෝ පැහැදිලි කරති. ලබා ගැණුනේ කළු සුදු ඡායාරූපයකි. බුධට ළං වී මිනිත්තු 10 ක් පමණ ගතවෙද් දී මෙම ඡායාරූපය ගැනීම සිදුවුණු බව යුරෝපා සහ ජපාන අභ්‍යවකාශ ආයතන නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
ලබා ගැනුනේ කුමන ඡායාරූපයක්ද ?
{ "answer_start": [ 309 ], "text": [ "කළු සුදු ඡායාරූපයකි" ] }
ebc1adae-e8b7-4252-beb3-0d4801006b3c
බෙල්ජියම බටහිර යුරෝපයේ දීර්ඝ දේශීය හා සමුද්‍ර ඉතිහාසයක් සහිත ලොව සමෘද්ධිමත්ම රාජ්‍යයක්. බොහෝ අය හිතනවා එය නිසා සුවිසල් රටක් කියල. නමුත් එහි විශාලත්වය දල වශයෙන් ලංකාවෙන් භාගයක් විතර. ඒ වගේම ජනගහනයත් ලංකාවෙන් භාගයක් වගේ මිලියන 11.4යි. ප්‍රංශ හා ලන්දේසි කතා කරන කොටස් අනුව රටේ ප්‍රධාන දෙකොටසක් තියෙනව, බෙල්ජියම අසල්වාසී නෙදර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, ලක්සම්බර්ග් හා අප යාත්‍රා කරන උතුරු මුහුදට. බෙල්ජියමේ තවම තියෙනව රජ පවුලක්. එංගලන්තේ රජපවුල මෙන් ලෝක ප්‍රසිද්ධ නැතත් ඔවුන් බොහෝ ධනවත්, විධායක බලයක් නම් නැහැ. ඉතාම පිරිසිදු පළවෙනි ලෝකයේ රටක් බෙල්ජියම. ඒ රටේ ජනජීවිතය ඉතා නවීනව හොඳින් සංවිධිතයි. කෙතරම් සංවිධිතද කිව්වොත් 2010-2011 අතර දින 600කට ආසන්න කාලයක් එරට කළමනාකරණය දිගටම ගෙනගොස් තියෙනව ආණ්ඩුවක් නොමැතිව. ඒ බහුතරය ලබා ගැනීමට නොහැකිවූ තත්වයක් නිසා. නමුත් ඒ රටේ 100‌‌‌‌‌% ම ජන ජීවිතය එලෙසම ක්‍රියාත්මක වෙලා තියෙනවා. හේතුව ඒ රටවල් ක්‍රියාත්මක වෙන්නේ නීති හා ප්‍රතිපත්ති මත මිසක් පුද්ගලයන් මත නොවීමයි. බෙල්ජියමේ මේ සිද්ධියෙන් ඇත්තටම රටවලට ආණ්ඩු අවශ්‍යද කියල හිතන තත්වෙටත් ආවා.
එරට කළමනාකරණය ආණ්ඩුවක් නොමැතිව 2010-2011 අතර දින 600කට ආසන්න කාලයක් ගෙන යාමට සිදු වූයේ ඇයි?
{ "answer_start": [ 705 ], "text": [ "ඒ බහුතරය ලබා ගැනීමට නොහැකිවූ තත්වයක් නිසා" ] }
b03d50b6-f556-43cb-8a1c-c708672d8d68
මීළඟට දක්නට ලැබෙන්නේ ධම්මික ස්ථූපයයි. එය බුදුසසුනේ පළමු රහත් පස්නම බිහිවූ ස්ථානය වන්නේය. එනම් බුදුසරණ ගිය පස්වග තවුසන් අනන්තලක්ඛණ සූත්‍ර දේශනාව අසා රහත් භාවයට පත්වූයේ මේ ස්ථානයේදීය. අශෝක රජු විසින් මෙහි ධම්මික ස්ථූපය සාදවා ඇති අතර එහි උස අඩි 110 ක් පමණ වෙයි. හිංදු ආක්‍රමණවල ප්‍රතිඵලයක් ලෙස ධම්මික ස්ථූපයේ මුල් හැඩය වෙනස් වී ඇති බව පැවසෙයි. රණැස ඉසිපතන මිගදායේ බුදුන් වහන්සේ වැඩසිටි කුටිය ලෙස සැලකෙයි. මීට මූලගන්ධ කුටි යන නම ලැබී ඇත්තේ බුදුන් වහන්සේ ප්‍රථම වරට වැඩසිටි ස්ථානය බැවින් බව සඳහන් වෙයි. ධාතු වංශයට අනුව මෙම විහාරයෙහි බුදුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර තිබී ඇත. ධර්මාශෝක රජු විසින් ඉදිකළ විහාරයේ නටබුන් අදද දක්නට ලැබෙන්නේය.
ධම්මික ස්ථූපය සෑදවූ රජු කවුද?
{ "answer_start": [ 182 ], "text": [ "අශෝක රජු" ] }
6c1d1983-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
පුරුෂ ශ්‍රක්‍රාණු අඩුවීමේ වේගය හේතුවෙන් අනාගතයේදී මානවයා මෙලෙවින් තුරන් විය හැකි බවට ජෙරුසලම් විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥයකු වන ආචාර්ය හැගායි ලෙවීන් මහතා අනතුරු අඟවා ඇත. ආචාර්යවරයා මේ බව පවසන්නේ 1973 වර්ෂයේ සිට වසර 40ක කාලයක් පුරා කරන ලද පර්යේෂණ 185ක ප්‍රතිඵල අධ්‍යයනය කිරීමෙනි. අධ්‍යයනයෙන් පෙනීගොස් ඇත්තේ උතුරු ඇමරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයේ පුරුෂයින්ගේ ශුක්‍රාණු ප්‍රතිශතය වසර 40කදී අඩකින් අඩුවී ඇති බවයි. කෘමිනාශක සහ ප්ලාස්ටික් වලට යොදන රසායන වලට නිරාවරණය වීම, ස්ථුලතාවය, දුම්පානය,ආතතිය, පමණට වඩා රූපවාහිනිය නැරඹීම සහ ආහාර රටාවන් මෙයට හේතු ලෙස ඔහු සඳහන් කර ඇත.
පුරුෂ ශ්‍රක්‍රාණු අඩුවීමේ වේගය හේතුවෙන් අනාගතයේදී මානවයා මෙලෙවින් තුරන් විය හැකි බවට අනතුරු ඇගවූයෙ කවුරුන් විසින්ද?
{ "answer_start": [ 136 ], "text": [ "ආචාර්ය හැගායි ලෙවීන් මහතා" ] }
f98c943b-c99c-439d-b7bd-6ac62fdb9393
කෙනෙකුගේ ජීවිතය වෙනත් පැත්තකට හැරෙන්නේ ඔහුටත් හොරාය. නොසිතූ විරූ මොහොතක එය සිදුවෙනු ඇති. එය සිදුවන්නේ හොඳට හෝ නරකටය. එක් රැයකින් ගායකයෙකු හෝ ගායිකාවක් වීමට සිතන සිහින කුමරු කුමරියෝ මේ රටේ කොතෙක් සිටිත්ද? වයලීන් වාදනයට අති දක්ෂයෙකු වූ හොඳ වාද්‍ය ශිල්පියෙකුට වසර ගණනක් ගොස් ගායනයට වරම් ලැබෙන්නේ නොසිතූ ලෙසය. ඔහුගේ ජීවිතයේ ඒ හැරවුම් ලක්ෂ්‍යය නිසා සිංහල සුභාවිත ගීතයේ අතිවිශිෂ්ටයෙකු එකතු වීමට වාසනාව ලැබිණ. ඇල්බට් පීරිස්ගේ පියා රිචඩ් පීරිස් සමාගමේ බෙදාහැරීමේ අංශයේ ලිපිකරුවකු ලෙස සේවය කළේය. බොරලැස්ගමුවේ උපත ලැබූ ඔහු විවාහ වූයේ මාතර මැද්දෙවත්තේ උපන් ඇම්.කේ. ඇසිලින් මහත්මිය සමගය. අමරසිරි පවුලේ වැඩිමලාය. ඔහුට අයිරින්, ශ්‍රියාලතා සහ සෝමලතා නමින් සොහොයුරියන් තිදෙනෙක් වූහ.
ඇල්බට් පීරිස්ගේ පියා රිචඩ් පීරිස් සමාගමේ ලිපිකරුවෙකු ලෙස සේවය කළේ කුමන අංශයේද?
{ "answer_start": [ 444 ], "text": [ "බෙදාහැරීමේ අංශයේ" ] }
2bae2b1c-80fe-4c04-a040-ff673fc99087
කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලත් සමඟ වයිරස ආසාදිතයන්ගෙන් යුරෝපයේ රෝහල් පිරී යමින් තිබෙන බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. යුරෝපා කලාපය මේ වනවිට කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලකට මුහුණ දී සිටින අතර දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යමින් තිබේ. පසුගිය සති කිහිපය තුළ යුරෝපයේ බොහෝ රටවලින් වාර්තා වී තිබූ කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. පෝලන්තය එරට තිබෙන විශාලම ක්‍රීඩාංගනය ක්ෂේත්‍ර රෝහලක් බවට පත් කර තිබේ. ඉකුත් සති දෙකේදී බෙල්ජියම සහ බ්‍රිතාන්‍ය යන රටවලින් වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී තිබේ. චෙක් ජනරජයේ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් අනතුරු අඟවන ඉතා ශීඝ්‍ර වේගයකින් අසනීප වෙමින් තිබෙන බව ද එරටින් වාර්තා වේ.
යුරෝපයේ කොරෝනා ආසාධිතයින් දෙගුණ වී ඇතැයි පෙන්වා දෙන්නේ කවුද?
{ "answer_start": [ 364 ], "text": [ "සෞඛ්‍ය අංශ" ] }
da01b965-1969-40b3-a780-9fa016ef1783
එක්වරම පිපාසයෙන් පීඩිත වූ දැරියක් ක්ලාන්තවී ගල මත ඇද වැටුණාය. ඈ වැටුණේ ගලේ කෙළවරටය. වැටුණු වේගයෙන් ඇය පහළට පෙරළී පහළට ඇදෙයි. ගලේ එක් කඩතොලුවක වැවී තිබුණු ගහක දෙබලකට හිරවී ඇය එහි එල්ලී සිටියි. ඇගේ කඳ මැදින් ගහේ දෙබලට හිරවී ඇත. ගස් දෙබල නැත්නම් ඇය කෙළින්ම වැටෙනුයේ ගල පාමුලටය. ගලේ වැදීමෙන් ගලන ලේ ධාරාවලින් ඇගේ සුදු ගවුම ලේ පැල්ලම්වලින් පිරී ඇත. ළමෝ මහ හඬින් විලාප නගති. උඩකුඹුර මහතා නළලට අත ගසා ගෙන ඒ මේ අත දුවයි. ගුරුවරු ළමයි කළ යුතු කුමක්දැයි තීරණය ගත නොහැකිව ළතවෙති. ඇය වැටී හිරවී ඇති තැන ගල පාමුල සිට අඩි සියයක් පමණ උසය. ඇය අඩි දෙසීයක් පමණ පහළට වැටී හිරවී මරණය සමග පොර බදයි. සියල්ලෝම ගල් ගැසී කට ඇරගෙන ඈ දෙස බලා සිටිති. උසස් පෙළ ළමුන් අතර සෝමදාස නම් ශිෂ්‍යයකු විය. ඔහු අප ඉදිරියට දුවගෙන ආවේය.
ගලෙන් බිමට පෙරලුන ඇය හිරවී නතර වුනේ කුමකද?
{ "answer_start": [ 154 ], "text": [ "ගහක දෙබලකට" ] }
c9e32148-a111-4819-aca8-0542bb0e4551
ශ්‍රී ලංකාවේ ආදි වාසී ජන කණ්ඩායම් පිළිබඳව විමසා බලන විට ආදිවාසීන් වෙත හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වනය මූලික කරගනිමින් දඩයමෙන් යැපුණු මෙම ජන කොටස සංචාරක ජීවිතයකට උරුමකම් කීහ. මෙම සුවිශේෂී බව නිසාම ඔවුන්ගේ ජනාවාස ව්‍යාප්තිය, ජීවනෝපාය, අභිචාර විධි මූලික කරගනිමින් ඔවුනටම ආවේණික සංස්කෘතියක් ආදිවාසී ජන සමාජය තුළ බිහි විය. මානව විද්‍යාඥයන්ගේ අවධානය ආදිවාසී ජන සමාජය කෙරෙහි යොමු කිරීමට මෙකී සාධකයන් මූලික විය. මෙම ජන කණ්ඩායම් පිළිබඳව සිදුකෙරුණු මුල් කාලීන පර්යේෂණ සලකා බලන විට පර්යේෂකයන්ගේ වැඩි අවධානය ඔවුන්ගේ අභිවාර විධි, සිරිත් විරිත් හා දඩයම පාදක කරගනිමින් සිදුවූ වග දක්නට ලැබේ. නමුත් ඔවුන් විසින් නිර්මාණය කරන ලද සිතුවම් කලාව ආදිවාසී ජන සමාජයේ තවත් සුවිශේෂ පැතිකඩක් නිරූපණය කරයි. ඉන්දියාවේ බම්බේක්කාර්, ස්පාඥයේ ලැස්කෝ හා ප්‍රංශයේ අල්ටාමීරා වැනි ස්ථානයන්හි වන ප්‍රාග් ඓතිහාසික සිතුවම් පර්යේෂකයන්ගේ වැඩි අවධානයකට ලක්විය.
ප්‍රාග් ඓතිහාසික සිතුවම් වලින් පර්යේෂකයන්ගේ වැඩි අවධානයකට ලක්වන ස්ථානයන 3 සදහන් කරන්න.
{ "answer_start": [ 679 ], "text": [ "ඉන්දියාවේ බම්බේක්කාර්, ස්පාඥයේ ලැස්කෝ හා ප්‍රංශයේ අල්ටාමීරා" ] }
913be611-86e4-4daf-a0d2-603c3b51b8b8
ඩේරියස්ගේ අශ්වාරෝහක හමුදාව මෙහෙය වන ලද්දේ පලැන් විසිනි. ඉතිහාසඥ ඒ.එම්. ඩිවයින්ට අනුව එකී හමුදාවට 12,000ක පමණ පිරිසක් වූ බැව් පැවසේ. ඩේරියස්ගේ පාබළ හමුදාව 20,000ක් පමණ වූ බැව් ඉතිහාසඥ ඇරියන් සඳහන් කරයි. මහා සටන අවසානයේ ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවට ජය අත්විය. තුන් වැනි ඩේරියස් රජු සමග සටන් බිමට පැමිණ සිටි ඔහුගේ බිසව වූ පළමු වැනි ස්ටැටේරියාද, ඔහුගේ දියණියන් වූ දෙවැනි ස්ටැටේරියා හා ඩ‍්‍රයිපටිස්ද ඩේරියස්ගේ මව වූ සිසිගැම්බිස්ද ඇලෙක්සැන්ඩර්ගේ අත්අඩංගුවට පත් වූහ. ඇලෙක්සැන්ඩර් තම අත්අඩංගුවට පත් වූ කාන්තාවන්හට ඉතා ගෞරවණීය ලෙස සැලකූ බැව් ඉතිහාසයේ සඳහන්ය. යළි සටනක් ඇතිවීම වළක්වාලීම සඳහා තුන් වැනි ඩේරියස් ඇලෙක්සැන්ඩර් හට යෝජනා තුනක් ඉදිරිපත් කළේය. තම ආකියාමෙනිඩ් අධිරාජ්‍යයෙන් අඩක් භාර ගන්නා ලෙසද, රිදී තලෙන්තු 30,000ක වන්දියක් ගෙවීමට සූදානම් බවට හා තම වැඩිමහලු දියණිය විවාහ කරගන්නා ලෙසට වූ එම යෝජනා ප‍්‍රතික්ෂේප කළ ඇලෙක්සැන්ඩර් එකම අහසේ සූර්යයන් දෙදෙනකු සිටිය නොහැකි බවත් එසේ වුවහොත් ලෝකයේ පැවැත්ම අවුල් සහගත වන බවත් ඔහුට දන්වා යැවීය. ඇලෙක්සැන්ඩර් ඩේරියස්ට විකල්ප දෙකක් ඉදිරිපත් කළේය. ඒ සටන් කොට ප‍්‍රබලයා තෝරා ගැනීම හෝ නැතිනම් යටත් වීමය.
ඩේරියස්ගේ පාබළ හමුදාව 20,000ක් පමණ වූ බැව් සඳහන් කලේ කව්රුන්ද?
{ "answer_start": [ 175 ], "text": [ "ඉතිහාසඥ ඇරියන්" ] }
7574f17b-a4a6-4d72-939b-c92f49e0990a
මේ වත්තේ කාමන් දේවාලයක් තියෙනවා. දැන් වගේම ඉස්සරත් කාමන් දේවාලයේ උත්සව තිබුණා. ඒ උත්සව දවස්වලට දේවාලයේ ලයිට් පත්තු කරගන්ට පැක්ටරියෙන් කරන්ට් දුන්නා. පැක්ටරියට උඩින් තියෙන කන්දේ ටැංකියක් හදල තියෙනවා. ඒ ටැංකියේ උස දිග පළල අඩි 12 ගානෙ තියෙන්නේ. ටැංකියට වතුර ලැබෙන්නේ පහළට ගලාගෙන එන ඔයේ ඉහළ කොටසෙන්. ටැංකියේ ඉඳලා පැක්ටරියට බට හයි කරල තියෙනවා. ඒ බට දිගේ එන වතුරෙන් පැක්ටරිය ඇතුළෙ තියෙන පෑන් එක කැරකෙරනවා. පෑන් එක කැරකෙනකොට ඩයිනමෝ එකෙන් කරන්ට් හැදෙනවා. 1974 මැයි 14 වෙනිදා තේ වත්තයි පැක්ටරි එකයි රජයට ගත්තා. තේ වත්ත පාලනය කරන්ට රජයෙන් දාපු මහත්තුරු තේ වතුවල වැඩ ගැනවත් පැක්ටරියෙ වැඩ ගැනවත් මොනවත් දන්නෙ නෑ. රජයට ගත්ත දවසෙ ඉඳල තේ වත්තයි පැක්ටරි එකයි දවසෙන් දවස විනාශ වුණා.
පැක්ටරියට උඩින් තියෙන කන්දේ ටැංකියක් හදල තියෙනවා. ඒ ටැංකියේ උස දිග පළල අඩි පවතින්නේ කීය ගානේද
{ "answer_start": [ 220 ], "text": [ "අඩි 12 ගානෙ" ] }
03cb11c7-b5a0-473f-bbad-f11c16adc8bd
ලබන වසරේ මැද භාගය තෙක් කොරෝනා වෛරසය සමඟ සටන් කිරීමට සිදුවනු ඇතැයි ප්‍රංශ ජනපති එමැනුවෙල් මැක්‍රෝන් මහතා පවසයි. යුරෝපා කලාපයේ ආසාදිතයින් සංඛ්‍යාවේ සීඝ්‍ර ඉහළ යාම වෛරසයට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. මෙම තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය සේවා යටපත් වීම වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව එම සංවිධානය පෙන්වා දුන්නේය. යුරෝපා කලාපයෙන් මේ වන විට ලක්ෂ 78 කට අධික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 247,000 කට අධිකය.
වෛරසයට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ කුමක්ද ?
{ "answer_start": [ 111 ], "text": [ "යුරෝපා කලාපයේ ආසාදිතයින් සංඛ්‍යාවේ සීඝ්‍ර ඉහළ යාම" ] }
2e97f557-d4b3-48d3-860e-04dc4ca60dd9
විශ්වයේ පිහිටා ඇති ග්‍රහතරු පමණක් නොව බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, සතර මහා අපාය ආදී සියල්ලම විශ්වයට අයත්ය. ඒවා විදු ඇසට ගෝචර වන්නේ ද නැත. අප මහාපොළෝ තලයේ ජීවත් වන නිසා මනුෂ්‍යයින් හැටියට දන්නේ ලෝක විනාශය පමණි. නමුත් ලෝක තලය විනාශ වන විට මුළු මහත් විශ්වයටම පැවැත්මක් නැත. ඔවුන් ද සම්පූර්ණයෙන්ම විනාශය කරා ඇදී යති. වැඩිදුරටත් පවසතොත් බුදු දහමට අනුව වේහඒපල බ්‍රහ්ම ලෝකයෙන් පටන් අරගෙන සුභ, අඒපමාහ, පරිත්ථ, ආභස්සර, අඒපමාහාභ, පරිත්ථාභ, මහාබ්‍රහ්ම, බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්ම පාරිශජ්ජ ආදී සියලුම බ්‍රහ්ම ලෝක වායෝ, තේජෝ, ආපෝ තුන් මහා භූත දෝෂයෙන් විනාශ වේ.
ලෝක තලය විනාශ වන විට පැවැත්මක් නැත්තේ කුමකටද ?
{ "answer_start": [ 233 ], "text": [ "මුළු මහත් විශ්වයටම" ] }
65e149a7-b324-473d-a39d-1c00b1d2b57e
ධීර රකුසා විසින් රත‍්‍රන්, රිදී, පිරිසිදු වානේ හෙවත් යකඩ පමණක් නොව හිමාලය කඳු කරයෙන් ගෙන්වන ලද මයුර ශාඛයේ ලී කොටස් ද මෙම සහශ‍්‍රගත ගුවන් යානයේ දාරයට සවි කර තිබුණි. ඒ ගුවන් යානය පදවන නියමුවා ගේ ආරක්ෂාවටය. යකඩ භාවිතය ලෝකයට හඳුන්වා දුන්නේ ද යක්ෂ ග්‍රෝත්‍රිකයන් ය. යකඩ නිසා යක්ෂ යන නම ලැබී තිබේ. මේ ආකාරයේ දාව්‍ය භාවිිතා කරමින් නිෂ්පාදනය කරන ලද මෙම සහශ‍්‍රගත අපූර්ය ගුවන් යානයෙන් වෙනත් ග‍්‍රහලෝකයකට වුවද, ඉතාමත් පහසුවෙන් පහර දිය හැකි බව රාවණ කතා තල්පතේ සඳහන් වන බව ආචාර්ය ඔබේසේකරයෝ වැඩිදුරටත් පවසති. මෙම යුද්ධ ගුවන් යානය සාදා තිබුණේ රන්, රිදී.යකඩ සමඟ මයුර ලීය ද භාවිතා කරමිනි. එහි ගමන් කළ හැකි වූයේ දෙදෙනෙකුට පමණි. බොහෝ ඉඩක් වෙන් කර තිබුණේ බෝම්බ, ආයුධ, ආදී යුද්ධයට අවශ්‍ය දේ ගෙන යාම සඳහා ය. මෙම අපූර්ව යුද ගුවන් යානය මෙරට තුළ කිසිදු අවස්ථාවක පාවිච්චි කිරිමට රාවණා රජතුමා අවසර ලබා දුන්නේ නැත. එයට හේතුව වූයේ එමඟින් විශාල මිනිස් සංහාරයක් සිදු වන බැවිනි. මේ ආකාරයෙන් අති භයානක යුද්ධ ගුවන් යානා නිපද වූ බව, විභිෂණ ගෙන් රාම කුමාරයාට දැන ගැනීමට ලැබුණු අතර, ඒ වන විට පටන් ගෙන තිබූ රාම රාවණ යුද්ධය නවතා දමා ආපසු යා යුතු යැයි, රාම ගේ අග‍්‍ර පුරෝහිත හනුමන් යෝජනා කළ ද, ඔහු එය ප‍්‍රතික්ෂේප කළේ මෙසේ පවසමිනි.
සහශ‍්‍රගත ගුවන් යානයේ දාරයට සවි කර තිබුණේ කුමන ශාඛයේ ලී කොටස් ද?
{ "answer_start": [ 95 ], "text": [ "මයුර ශාඛයේ" ] }
722a44eb-1d40-4598-969c-b0949eae4576
ඩෙනිසෝවාවන් යනුවෙන් හඳුන්වන්නේ ලෝකයේ නියැන්ඩර්තාල් මානවයන්ට සමකාලීනව ජීවත් වී වඳ වී ගිය මානව විශේෂයක්. ඔවුන් නූතන මානවයන් සමග මිශ්‍ර වූවා ද වෙන්ව ජීවත්වූවා ද යන්න පිළිබඳ ගැටලුවක් තිබුණා. මේ පර්‌ෙ‌ය්ෂණයෙන් තහවුරු වනවා ඔවුන් නියැන්ඩර්තාල් සහ නූතන මානවයන් සමග මිශ්‍ර වී ඇති බව. මෙය මානව පරිනාමයේ ඉතාමත් වැදගත් අනාවරණයක්. අප මියගිය ඥාතීන් ගැන සිහියට නගා ගන්නේ ඔවුන්ගේ ඡායාරූප දැකීමෙනි. ඒ ලෝකයට කැමරාව බිහිකළාට පසු ලැබුණු පහසුකමකි. නමුත් අදින් වසර 100,000කට පමණ පෙරාතුව සිටි අතීත මිත්තණියක සැබෑ ස්වරූපයෙන්ම දැකගත හැකි වුවහොත් එය පුදුම සහගත දෙයක් වනු ඇත. දැන් එය යථාර්ථයක් බවට පත්කිරීමට ඊශ්‍රායලයේ විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති. ඔවුන් මිහි මත වාසය කර වඳ වී ගියා යැයි සැලකෙන ඩෙනිසෝවා නමැති වානර විශේෂයේ මුහුණක් ප්‍රතිනිර්මාණය කර තිබේ.
නියැන්ඩර්තාල් මානවයන්ට සමකාලීනව ජීවත් වී වඳ වී ගිය මානව විශේෂයක් වන්නේ කුමක්ද?
{ "answer_start": [ 0 ], "text": [ "ඩෙනිසෝවාවන්" ] }
b26823eb-fde2-4d12-bb05-9cc936666436
අප අම්පාර උහන ගුවන්තොටුපළට පිවිසෙන විට අම්පාර ප්‍රදේශයේ චාරිකා කිරීම සඳහා මාර්ග උපදේශකයෙකු සහිතව මගී බස් රථයක් සූදානම් කර තිබිණි. ප්‍රථමයෙන් අප කැඳවාගෙන යන ලද්දේ දීඝවාපි රජමහා විහාරය වෙතය. එම විහාරය වැඳ පුදා ගත් අප ආපසු පැමිණීමේදී දිඝා වැව ද අපගේ නෙතට දර්ශනය විය. අනතුරුව සැතැපුම් ගණනක් දුරට දිවෙන උක් යායවල් මැදින් අපි හිඟුරාණ සීනි කර්මාන්තශාලාව වෙත පිවිසුණෙමු. උක් දඬු පටවන ලද ටේලර් රැසක් එකට අමුණන ලද ට්‍රැක්ටර් කිහිපයක් ද සීනි කර්මාන්ත ශාලාව ආසන්නයේ නවතා තිබුණි. උක් දණ්ඩ අවසානයේ සුදුසීනි බවට පත්වන අයුරු කර්මාන්ත ශාලාව තුළදී අපි දුටුවෙමු.
සීනී කර්මාන්තශාලාව පිහිටියේ කොහෙද?
{ "answer_start": [ 320 ], "text": [ "හිඟුරාණ" ] }
4e00fa62-42b6-46ab-b835-ea9a5b831320
කොළඹ අවට තිබෙන සිනමාශාලා 5ටම ගොස් අපි විපරම් කර බැලීමු. ඉන් 4කම තත්වය ඉතාමත් අප‍්‍රසන්නය. දුම්බීම තහනම් ලෙස විශාල අකුරින් දැන්වීම් පුවරු තිබුණත් එම සිනමාශාලා තුළ දුම්බීම පමණක් නොව ගංජා ගැසීමත් සුලභ දසුනකි. බොහෝමයක් ආසන කැඩී ගොසිනි. හැම තැනකම පාහේ සිගරට් කොට දක්නට තිබෙන අතර ඉවතලන ලද අත් පිස්න හා ටිෂූ වර්ග බොහෝමයකි. එක් ස්ථානයක තිසර පටයක් පවා තිබුණේ අපවද විමතියට පත්කරමිනි. සිනමාශාලා තුළ පවා දැඩි දුර්ගන්ධයක් පවතින අතර වැසිකිළි පද්ධති නම් වසර ගණනකින් නඩත්තු කොට නැත. වැසිකිළි අසලටවත් යාමට නොහැකි තරම් දැඩි දුර්ගන්ධයක් පවතී. කොළඹ අවට තිබෙන සිනමාශාලා දෙකකම අසල වීදි ගණිකාවන් කැරකෙන බව කාටත් නොරහසකි.
එක් ස්ථානයක අපවද විමතියට පත්කරමින් තිබුණේ කුමක්ද?
{ "answer_start": [ 328 ], "text": [ "තිසර පටයක්" ] }
3196aeae-3098-44fb-aa74-60178412fbd5
කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැලිවල ග්‍රාමයේ පිහිටි දැලිවල කොටවෙහෙර දෙවන පෑතිස් රජ සමයේදී පිහිටි කන්දක් සැස එම කන්ද ආවරණය වන ලෙස ගඩොල් බැඳ ඉන්දියාවේ සාංචි ස්තූපයේ ආකෘතියට ඡත්‍ර නංවා නිර්මාණය කර ඇති බවට මත තිබේ. කාලයාගේ ඇවෑමෙන් ස්තූපයේ උපරිභාගය විනාශවීම නිසා එය පසුකාලීනව කොටවෙහෙර ලෙස හඳුන්වා ඇත. නමුත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරන්නේ මෙම ස්තූපය ක්‍රි.පූ. 1වන සියවසේදී ඉදිකරන ලද්දක් බවයි. එතුමා ඒ සඳහා සාක්ෂි ලෙස ස්තූප පාදමෙන් හමු වූ බ්‍රාහ්මීය අක්ෂර සහිත ගඩොල් හා එම ගඩොල්වල ප්‍රමාණ සැසඳීමෙන් ඒවා දුටුගැමුණු රාජ සමයේ ස්තූප නිර්මාණය සඳහා භාවිත ගඩොල්වලට සමාන බව පෙන්වා දෙයි. නමුත් මහාවංශය සඳහන් කරනුයේ මෙම ස්තූපය දේවානම්පියතිස්ස රාජ සමයේදී කරන ලද බවයි.
කොටවෙහෙර සාදා ඇත්තේ කුමන ආකෘතියට අනුවද?
{ "answer_start": [ 167 ], "text": [ "ඉන්දියාවේ සාංචි ස්තූපයේ" ] }
3be11359-582f-48a5-9b4f-51f79772e132
හංගේරියානු මහ මැතිවරණය පැවැත්වුණු අතර, තව දුරටත් බලයේ රැදී සිටීමට, ජාතිකවාදී අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බාන් සමත් විය. අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන්නේ දක්ෂිණාංශික ෆිඩේස් පක්ෂයයි. සියයට 94 ක් ඡන්ද ගණන් කර අවසන් වෙද්දී, ෆිඩේස් පක්ෂය සියයට 53 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන තිබුණැයි මැතිවරණ බලධාරින් පවසා ඇත. විපක්ෂයට නායකත්වය දුන්නේ පීටර් මාර්කී සේයි ය. ඔහුට දිනා ගැනීමට හැකිවූයේ සියයට 35 ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් බව ද පැවැසෙයි.
සියයට 94 ක් ඡන්ද ගණන් කර අවසන් වෙද්දී, ෆිඩේස් පක්ෂය කොපමන ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන් තිබුනාද?
{ "answer_start": [ 228 ], "text": [ "සියයට 53 ක ඡන්ද ප්‍රතිශතයක්" ] }
7d26b5a8-5fbe-4289-8db1-c4f1a30a3377
ගල් නොහොත් පාෂාණ ලෙස හඳුන්වන වස්තුව සමස්ත පෘථිවිය පමණක් නොව විශ්වයේ ග්‍රහලෝකවල පවා තිබෙන දෙයක් බව අද වන විට සියල්ලෝම දනිති. ඕනෑම තැනක, විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල ගල්කැබලි, ගල්කුට්ටි හෝ ගල් පර්වත ඕනෑ තරම් දැකිය හැකිවීම සුලභ දෙයකි. පුරාතනයේ සිට මානවයා නැතහොත් මිනිසා විකාශනය වීමේ සිට ඔහුගේ දෛනික ජීවිතයට ගල් සම්බන්ධ වී තිබුණි. ගල් ආයුධ, ගල් ගුහා සහ පසුකාලීනව මූර්ති ඇඹීම සඳහා පවතින ගලම භාවිතයට ගැනීම ඔවුන්ගේ විකාශනයේ විවිධ අවධි කියාපායි. එවන් ගලක කෙටීමට සැරසුණු නමුත් අතර මග නැවතු මිනිස් රුවක් පිළිබඳ වඩාත් ප්‍රචලිත ලංකාවේ ඉසව්ව නම් ගලපිටගල නම් ස්ථානයයි.
විශ්වයේ ග්‍රහලෝක වල පවා තිබෙන්නේ මොනවාද ?
{ "answer_start": [ 11 ], "text": [ "පාෂාණ" ] }
c09d77a8-b70b-49d8-b081-6b8c2a48cd1c
උතුරු ඉරානයේ ටැබ්රිස් නම් නගරයක ජීවත් වූ ඈ යොවුන් වියේ සිටම නර්තනයට ආශා කළාය. යන්තම් වයස අවුරුදු 17ක් වූ පසු ඇය තමාගේ නර්තන වීඩියෝගත කර ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයට එකතු කරන්නට පුරුදු වූවා ය. එහෙත් ඇය ඒ සියල්ල කළේ නිවෙසට හා මාපියනට හොරෙනි. මාපියන් දැඩි මතධාරී අය වූ බැවින් ඔවුන්ට හොරා විනෝදාංශයේ නිරත වූ නමුත් බොහෝ දෙනෙක් කරන මේ කටයුත්තෙහි කිසි භයානක බවක් ඇතැයි ඈ නොසිතුවාය. ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුව පොදු එකක් නොවන අතර ඈ හට සිටින්නේ ද අනුගාමිකයන් 2000ක් පමණි. නර්තන ශිල්පිනියන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව ඇයට ද දැනගන්නට ලැබුණද ඇය සිතා තිබෙන්නේ ඔවුන් බියවද්දා නර්තනයේ යෙදීම නැවැත්වීමට එසේ කරන බවය.
ඇය නර්තන වීඩියෝගතකර ඉන්ස්ටග්‍රෑම් වලට එකතු කරද්දී ඇයගේ වයස කීයද?
{ "answer_start": [ 89 ], "text": [ "අවුරුදු 17ක්" ] }
20df7b22-9fca-4a53-be4c-6f5c6da242eb
කොවිඩ් මර්දන එන්නත් ලබා නොගෙන, රැකියාවට වාර්තා කළ සේවකයන් තිදෙනෙකු සේවයෙන් පහකිරීමට ඇමෙරිකාවේ සී.එන්.එන් ප්‍රවෘත්ති සමාගම් පාලනාධිකාරිය පියවර ගෙන ඇත. ඒ අනුව, එන්නත් ලබා ගන්නා ලෙස පාලන අධිකාරිය සියලු සේවකයන්ට අනිවාර්ය කර තිබියදී එන්නත් ලබා නොගත්තැයි සේවකයන් සේවයෙන් පහකළ පළමු එක්සත් ජනපද සමාගම ලෙස සී.එන්.එන් ප්‍රවෘත්ති සමාගම සැලකෙයි. සේවයෙන් නෙරපන ලද සේවකයන් ගැන හෝ ඔවුන් පදිංචි ස්ථානය ගැන සී.එන්.එන්. කිසිදු විස්තරයක් ඉදිරිපත් නොකිරීමට සී.එන්.එන් සමාගම කටයුතු කිරීම විශේෂත්වයකි. මෙම සේවකයින් තිදෙනා සේවයෙන් පහ කිරීම පිළිබද සී.එන්.එන්. සභාපති ජෙෆ් සකර්, කාර්ය මණ්ඩල සාමාජිකයින්ට දන්වා ඇති අතර තම සේවකයින් වෙනත් ආයතනයන්හි සේවකයින් සමඟ සබඳතා ඇත් නම් කාර්යාලයට හෝ ක්ෂේත්‍ර වාර්තා කළහොත් කොරෝනා වයිරස් එන්නත ලබා ගැනීම අනිවාර්ය බවය.
මෙම සමාගමේ සභාපති කවුද?
{ "answer_start": [ 543 ], "text": [ "ජෙෆ් සකර්" ] }
eff5ed75-d1a5-4754-b0da-cbbf4df8471a
බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුම්බායි මත්ද්‍රව්‍ය වැටළීම් අංශයේ නිලධාරී සමීර් වන්කඩේ එම විමර්ශන කටයුතුවලින් ඉවත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සමීර් වන්කඩේ විමර්ශන කටයුතුවලින් ඉවත් කර ඇත්තේ විමර්ශනය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වෙද්දීය. එම අනාවරණයත් සමඟ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ඇමැතිවරයකු ද ෂාරුක් පුතු ආර්යන් අත්ඩඅංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් සමීර් වන්කඩේ විවේචනයට ලක් කළේය. මුම්බායි යනු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අගනුවරය.ආර්යන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමේ සාක්ෂිකරුවකු ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක් සමීර් වන්කඩේ විමර්ශනවලින් ඉවත් කළේ යැයි අනාවරණය වී තිබේ. මුම්බායි මත්ද්‍රව්‍ය කාර්යාංශය, මුලින් සාක්ෂිකරුවකු ලෙස නම් කළ ප්‍රභාකර් සේල් නැමති එම සාක්ෂිකරු පවසා ඇත්තේ ආර්යන් ඛාන් අත්අඩංගුවට ගෙන සුපිරි නළු ෂාරුක් ඛාන්ගෙන් ඉන්දීය රුපියල් කෝටි 25 ක කප්පමක් ලබා ගැනීමට මුම්බායි මත්ද්‍රව්‍ය වැටළීම් අංශයේ නිලධාරීන් උත්සාහ කළ බවය.
බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුම්බායි මත්ද්‍රව්‍ය වැටළීම් අංශයේ නිලධාරියා කවුද ?
{ "answer_start": [ 421 ], "text": [ "සමීර් වන්කඩේ" ] }
c9fb9499-15db-4779-87b2-35803b2042bd
බැලූ බැල්මට පින්නවල බගවන්තලාව හරහා බලංගොඩ යන මාර්ගයේ සිට සමනල කන්දට පැමිණෙනවා යැයි සිතීමම ඉතා බරපතළ ගමනකි. මන්ද එය විශාල දුරක් සේම විශාල දුර්ග ගණනාවකි. නමුත් මෑතකදී අප මේ පිළිබඳ තොරතුරු රැස් කරන විට අපට දැකගැනීමට ලැබුණේ එම මාර්ගය මාරතැන්නේ සිට රාවණාකන්ද ආශ්‍රිතව සිට ඇරඹී මරියකොටේ සහ මෙම මහමුණි කන්ද හරහා ගවරවිලට පැමිණ එතැන් සිට දෙහෙනකන්ද මාර්ගයට එකතු වී ගමන් කරන බවයි. ආසන්න වශයෙන් මෙම මාර්ගයේ දුර කි.මී. 30කට වැඩි සේම මෙහි ගමන් කිරීමට දින කිහිපයක් අවශ්‍ය වේ. මන්ද මෙම මාර්ගය වැටී පවතින්නේ මඩ වගුරු සහ මීටර 1800ට වැඩි උසින් යුතු කඳු හරහා වන හෙයිනි. රාවණාකන්ද යනු රත්නපුර දිස්ත්‍රික්කට අයත් බලංගොඩ සීමාවේ කෙළවර පිහිටි ඉසව්වක වලවේ ගඟේ ප්‍රධාන අතු ගංගාවක උපත සමග ගලා යන දියවර මෙහි ඇති අතර බලංගොඩ සිට වේවැල්වත්ත මාර්ගය හරහා එන විට මෙම ඉසව් හොඳින් දැක ගැනීමට හැකි වේ. සිරිපාදේ යන මෙම 9වන මාර්ගය හැරුණුවිට තවත් මාර්ග දෙකක් ගැන අප දන්නෙමු. එනම් රත්ගඟ පන්සලේ සිට වනගත රහසිගත මාර්ග සහ සප්තකන්‍යා සිට විත් පිදුරුතලාව හරහා උඩමාල මාර්ගයට එකතු වී පැමිණෙන මාර්ගය. මේවා උදක්ම වනගත පැරණි අතුරු මාර්ග කිහිපයකි.
මෙම මාර්ගයේ ගමන් කිරීමට කොපමණ කල් ගතවේද?
{ "answer_start": [ 437 ], "text": [ "දින කිහිපයක්" ] }
1d9df22f-2682-414a-a5bb-fabba4919fbb
එසේම කොස්ගොඩ තාරක මදූෂ් වෙනුවෙන්ම වැඩ කළ බවට වන නිශ්චිත අදහසක් ද ගෙන හැර දැක්විය නොහැක. එවැනි දැඩි ගනුදෙනුවක් තිබුණේ නම් තාරක වැලිකඩ රිමාන්ඞ් සිරමැදිරියේ සිටියදී කංජිපාන් ඉම්රාන්ගේ ගෝලයෙකුට පහර දේවිද යන ගැටලුව මතු වේ. කංජිපාන් ඉම්රාන් යනු මාකඳුරේ මධුෂ්ගේද ගුරුවරයා සේ සලකන පාතාල නායකයෙකි. දැන් මේ ඉම්රාන්ගේ හා තාරකගේ කල්ලි දෙක අතර ගැටුම උග්‍රවී තිබේ. එහි ප්‍රතිපල ලෙස තාරක වැලිකඩ සිට බූස්සට මාරුකිරීමට තීරණය කරනු ලැබුවේ පසුගිය පෙබරවාරියේදීය. එහෙත් එය ක්‍රියාවට නැංවී නැත. ඒ නිසා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් වැලිසර මහබාගේදී අත්අඩංගුවට ගත් කුඩු කිලෝ 225ක් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටද කොස්ගොඩ තාරක සිටියේ වැලිකඩ සිරගෙදරය. එම කුඩු තොගය ලංකාවට ගෙන්වා ගෙන තිබෙන්නේ තාරක විසින් බවටද පොලිසිය අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව තාරක රඳවා සිටි වැලිකඩ රිමාන්ඩ් සිරමැදිරිය පරීක්ෂා කළ බුද්ධි අංශය එහි තිබි ජංගම දුරකථන හතරක් හා සිම්පත් පහක් සොයාගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් වැලිසර මහබාගේදී අත්අඩංගුවට ගත්තේ මොනවාද?
{ "answer_start": [ 549 ], "text": [ "කුඩු කිලෝ 225ක්" ] }
6d840f50-3970-45b7-bda5-c44cab6aa626
ලොව ඇති දියකිඳුරු ප්‍රතිමා අතරින් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් වරායේ ඉදිකර ඇති ප්‍රතිමාව කාගේත් දැඩි අවධානයට ලක්වූවකි. හෑන්ස් ඇන්ඩර්සන් ‍ලේඛකයාගේ කෘතියේ එන මේ චරිතය ඔහුගේ උපන්බිම වූ ඩෙන්මාර්කයේ ඉදිකර ඇතත් එහි සුන්දරත්වය නිසාම අද එහි අනුරූ ඇමෙරිකාවේ ස්ථාන හයක සාදා ඇත. මේ අතර පෝලන්තයේ අගනුවර වන වර්සෝහි ලාංඡනය වන්නේ ද දිය කිඳුරියකගේ රුවයි. එම නගරය දිය කිඳුරියක විසින් ආරක්ෂා කරන්නේ යැයි විශ්වාසයක් ඇති බැවින් ලාංඡනයේ හා නගරයේ ඉදිකර ඇති ප්‍රතිමාවේද සිටින දිය කිඳුරිය කඩුවක් අතින් ගෙන සිටින්නීය. දිය කිඳුරියන් පිළිබඳ මිනිසුන්ගේ අවධානය යොමුවූයේ අද ඊයේ නොවේ. ක්‍රිස්තු පූර්ව 1000 දී තරම් ඈත අතීතයේදී දිය කිඳුරියන් ගැන සටහන් තිබේ. ක්‍රිස්තු පූර්ව 900-800ත් අතර කාලයේ විසූ බව කියන ග්‍රීක ජාතික කවියකු වූ හෝමර් තම ඔඩිසි නාට්‍යයෙහි දිය කිඳුරියන් ගැන සඳහන් කරයි. රට රටවල් සොයා දේශ ගවේෂණයේ යෙදුණු ක්‍රිස්ටෝපර් කොලොම්බස් ද තමන් හයිටි දූපත් අසලදී දිය කිඳුරියන් තිදෙනකු දුටු බව සටහන් තබා ඇත.
හෝමර්ගේ නාට්‍යය කුමක්ද?
{ "answer_start": [ 700 ], "text": [ "ඔඩිසි" ] }
a3f0bdd6-0ce4-4d79-97db-87ddeb1970fc
කේන්ද්‍රයක 9 වැන්න බලවත් වීමෙන් පෙර පින් වාසනා බලයද 10 වැන්න බලවත් වීමෙන් උසස් රැකියාද 11 වැන්න බලවත්වීමෙන් ලැබීම් ද ඇති කරයි. කුජ, ගුරු, රවි 10 වැන්නේ යෙදීම සුබයි. කේන්ද්‍රයක රවි උච්චවීම මෙන්ම නීච වීමද උසස් සුභ ඵල උදාකරයි. නීච ග්‍රහයෙක් උච්ච ග්‍රහයෙක් සමග යෙදීමෙන් නීච භංග රාජයෝග යෙදේ. විවාහයට කේන්ද්‍රයක් තේරීමේදී 7 වැන්න පමණක් නොව ලග්නය, ලග්නාධිපති, 7 අධිපති හතර කේන්ද්‍රස්ථාන රාජයෝග, ධන යෝග, කුජ දෝෂ, කනවැන්දුම් යෝග ආදී සුබ අසුබ දෙපැත්තම පරික්ෂා කළ යුතුයි. වාසනාවන්ත ග්‍රහ රටා පිරි ග්‍රහ සිත්තමක් ඔබේ දුවට පුතාට තෝරා දීමට මෙම මූලික කාරනා යම්තාක් දුරකට ප්‍රයෝජනවත් වනු ඇත.
උසස් රැකියා ලැබෙන්නේ කී වැන්න බලවත් වීමෙන්ද ?
{ "answer_start": [ 52 ], "text": [ "10 වැන්න" ] }
21e31228-3bea-4dd4-b91f-2bb35f89dafa
මේ වන විටත් දකුණු ඉන්දියාවේ නමක් දිනා ගත් නිළියක වන ප්‍රනීතා හින්දි සිනමාවට පිවිසෙන්නේ ප්‍රියදර්ශන්ගේ හුංගම 2 චිත්‍රපටියේ රඟ පාමිනි. මෙහි ශිල්පා ෂෙට්ටි, පරේෂ් රාවල් සහ මීසාන් ජැෆරි ද රඟ පාති. ජනප්‍රිය රූපවාහිනී නිළි ස්වේතා තිවාරිගේ දියණිය වන පාලක් තිවාරිට දහස් ගණනක් රසිකයන් ගේ ප්‍රසාදය හිමිව තිබුණේ චිත්‍රපටියක රඟ පානවා තබා ඒ ගැන සිතන්නටත් බොහෝ කාලයකට පෙර පටන්ය. විවේක් ඔබ්රෝයි ගේ රෝසී ද සැෆ්රෝන් චැප්ටර් චිත්‍රපටියේ රඟ පාමින් හින්දි තිරයට පිවිසෙන්නට දැන් ඇයට මඟ සැකසී තිබේ. ඇය සිය අම්මා මෙන්ම ජනප්‍රිය වෙනවා ඇතැයි ඇගේ රසිකයෝ කියති.
ප්‍රනීතා හින්දි සිනමාවට පිවිසෙන්නේ කිනම් චිත්‍රපටියේ රඟ පාමින්ද?
{ "answer_start": [ 102 ], "text": [ "හුංගම 2 චිත්‍රපටියේ" ] }
b57ef132-6ce9-4610-8016-ca1a34c846c2
උත්තරකාන්ද් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය පැවැත්වූයේ පසුගිය පෙබරවාරි 14 වැනිදාය. උත්තරකාන්ද් පක්ෂය ආසන 70 කින් සමන්විතය. භාරතීය ජනතා පක්ෂය ආසන 44 ක් ජයග්‍රහණය කළේය. කොංග්‍රස් පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකි වූයේ ආසන 22 කි. බහුතරය සඳහා ආසන 36 ක් දිනා ගැනීම කළ යුතුව තිබුණි. මෙම 2022 වසර අවසානයේ ඉන්දියාවේ තවත් ප්‍රධාන ප්‍රාන්ත තුනක ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වීමට නියමිතය. එම ප්‍රාන්ත වන්නේ හිමාචල්, ගුජරාඨය සහ ජම්මු කාශ්මීරයයි. හිමාචල් සහ ගුජරාඨය භාරතීය ජනතා පක්ෂය යටතේ පවතී. ගුජරාඨය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උපන් ප්‍රාන්තයයි. බොහෝ දෙනාගේ අවධානය යොමු වනු ඇතැයි පැවැසෙන්නේ ජම්මු කාශ්මීර ප්‍රාන්ත මැතිවරණය කෙරෙහිය. ජම්මු කාශ්මීර මැතිවරණය පැවැත්වෙනු ඇත්තේ දෙසැම්බරයේය.
උත්තරකාන්ද් පක්ෂය ආසන කීයකින් සමන්විතද?
{ "answer_start": [ 96 ], "text": [ "ආසන 70 කින්" ] }
a31e2c41-c4f7-4536-ac29-00b68ff63f15
සුජිත්ගේ සිරුරේ එතරම් කාබන්මොනොක්සයිඩ් තිබුණේ නැත. ඒ නිසා ඔහුගේ මරණයට හේතුව ගින්නට හසුව කාබන්මොනොක්සයිඩ් අධික ලෙස ආශ්වාස වීම නොවේ. එයට ඔහුගේ හිසට සිදුකළ පහරදීම, ගෙල මිරිකීම මෙන්ම ගින්නට දමා පිලිස්සීමද හේතු විය. මේ සියල්ල තුළින් පැහැදිලි වූයේ මෙය ඝාතනයක් බවය. ඒ අනුව සුජිත්ගේ ජංගම දුරකථනයද පරික්ෂා කර ඔහු සමග සමීපව ඇසුරු කළ තරුණයන් දෙදෙනෙකු ගැන තොරතුරු අනාවරණය කරගන්නට පොලිසියට හැකි විය. මේ තරුණයන් දෙදෙනාම සුජිත් සමග සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය විය. එක් තරුණයෙකු කලක් තිස්සේ සුජිත් සමග සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් තිබූ අතර අනෙක් තරුණයා සුජිත් මරණයට පත්වන්නට ආසන්න කාලයකදී ඔහු සමග ඇසුරට පත්ව තිබිණ. දෙවන තරුණයා සමග ඇසුරක් ආරම්භ කිරීම නිසා උරණ වූ පෙර ඇසුර පවත්වාගෙන ගිය තරුණයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලදී අනාවරණය විය.
සුජිත්ගේ මරණයට හේතු මොනවාද ?
{ "answer_start": [ 135 ], "text": [ "ඔහුගේ හිසට සිදුකළ පහරදීම, ගෙල මිරිකීම" ] }
0ca5dc49-f9e6-4d16-a175-15deab97d8ae
ක්ෂේත්‍රයේ දොළොස්වැන්නේ උපතින් කේතු සෙනසුරු සංහෝගය යෙදීම නිසා තදබල තණ්හාවෙන් එකතු කර ගත් ධනය විනාශය කරා යාමට හේතු වේ. කේතු ධනයට මුදලට ප්‍රේත කම් කරන අයෙකි. ඒ අනුව අන්තිම සත්‍ය දක්වා ගණන් බලන කේතුගේ මුදල් විනාශ කිරීම සෙනසුරු ඒරාෂ්ඨක පිහිටීමෙන් සිදු වේ. මා මෙතෙක් දැක් වු කරුණු අනුව කේතු හා සෙනසුරු එකතු වී යෙදෙන සංයෝගය මේ මනුෂ්‍ය ලෝකයේ මිනිසත් කම ලැබුවත් ප්‍රේත ෙලා්කයේ මඟට ගිය මිනිස්සු වශයෙන් හැසිරෙන අවස්ථාවන් දැකීමට ලැබෙන සංයෝගයක් බව ඔබට පෙන්වා දෙමි. කෙසේ නමුත් ගුරු සිකුරු සුබ ස්ථානයක බලවත්ව උපතින්ම යෙදී ඇත්නම් ඉහත සංයෝගයේ අසුබ තරමක් දුරට මඟ හැරෙන බව පවසමි.
ධනයට මුදලට ප්‍රේත කම් කරන අයෙක් වන්නේ කව්ද?
{ "answer_start": [ 118 ], "text": [ "කේතු" ] }
37a87de5-8904-4fa5-b0ac-31035469656a
බෞද්ධයන් වන අප සැවොම අසා ඇත්තේ, බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරවන ලද්දේ, කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුගේ කාලයේ, ගුහ සීව රජුගේ දියණිය හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් කාලිංග දේශයේ සිට බවය. එය සත්‍යයකි. එහෙත්, දළදා වහන්සේ ලංකාවට වැඩමවන තෙක්, දීර්ඝ කාලයක් කාලිංග දේශයේ කුමන ස්ථානයක පිහිටි දළදා මන්දිරයක තැන්පත් කර තිබුණේ ද, අද එතැන තත්ත්වය කුමක්ද යන්න ගැන බොහෝ දෙනෙක් දන්නේ නැත. ඉතිහාසඥයින් විසින් මෑතක දී, සොයා ගන්නා ලද එම ස්ථානය පිළිබඳ තොරතුරු විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි.
දන්ත ධාතුව මෙරටට ගෙනාවේ කුමන දේශයේ සිටද?
{ "answer_start": [ 196 ], "text": [ "කාලිංග දේශයේ සිට" ] }
3d48e659-d318-4859-8da1-f94e9f75ec23
ඕනෑම ආකාරයක අවදානම් තත්ත්වයකට අතිශය සාර්ථක ලෙස මුහුණදීමට අවශ්‍ය පුහුණුව මනා ලෙස ප්‍රගුණ කර ඇති මෙම ඒකකයේ නිලධාරීන්ට විදේශවල සිට පැමිණෙන ප්‍රභූවරුන්ට හා ක්‍රීඩා කණ්ඩායම්වල ආරක්ෂාව සැපයීමද අයත්ය. බියගම නිදහස් වෙෙළඳ කලාපයේ කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් එහි විධායක ශ්‍රේණිවල නිලධාරීන් පිරිසක් ප්‍රාණ ඇපයට තබාගෙන සිටියදී එම නිලධාරීන් මුදවාගැනීම හා තංගල්ල බන්ධනාගාරය තුළ 2002 වසරේදී රැඳවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ප්‍රාණ ඇපයට තබාගෙන සිටියදී ඔවුන් මුදවාගැනීමට ගියේද පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායම විසිනි.
නිදහස් වෙළඳකලාපය පිහිටියේ කොහෙද ?
{ "answer_start": [ 194 ], "text": [ "බියගම" ] }
f1d9306a-e2e2-4359-9ba1-e2d164660f11
කාලයෙන් කාලයට විවිධ තොරතුරු වාර්තා වන රාකේෂ් රෝෂන්ගේ ‘ක්‍රිෂ්’ සිවුවැන්න පිළිබඳව අලුත්ම වාර්තාවක් මේ වනවිට ලැබි තිබේ. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන රිතික් රෝෂන්ගේ පියා වූ රාකේෂ් රෝෂන් පවසන්නේ තවමත් ‘ක්‍රිෂ්’ සිවුවැනි චිත්‍රපටයේ තිර රචනයක් පමණක් සිදුවෙමින් පවතින බවය. කොරෝනා වසංගතය ඉන්දියාවෙන් පහව ගිය වහාම මෙම චිත්‍රපටය රූපගත කරන්නට සැළසුම් කරමින් සිටින බව ඔහු පවසා සිටියි. රාකේස් මේ වනවිට රිතික් ඔහුගේ හිටපු බිරිඳ සූසෑන් හා දරුවන් දෙදෙනා වන හරිහාන් හා හරිද්දා සමග අන්ද්‍රා ප්‍රදේශයේ ඔහුට අයත් නිවසේ කාලය ගෙවමින් සිටියි.
සූසෑන්ගේ දරුවන් දෙදෙනා කව්ද?
{ "answer_start": [ 441 ], "text": [ "හරිහාන් හා හරිද්දා" ] }
5b212a80-807a-4d5f-924b-03faba2c5cab
ශ්‍රී ලංකාවේ ආදි වාසී ජන කණ්ඩායම් පිළිබඳව විමසා බලන විට ආදිවාසීන් වෙත හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වනය මූලික කරගනිමින් දඩයමෙන් යැපුණු මෙම ජන කොටස සංචාරක ජීවිතයකට උරුමකම් කීහ. මෙම සුවිශේෂී බව නිසාම ඔවුන්ගේ ජනාවාස ව්‍යාප්තිය, ජීවනෝපාය, අභිචාර විධි මූලික කරගනිමින් ඔවුනටම ආවේණික සංස්කෘතියක් ආදිවාසී ජන සමාජය තුළ බිහි විය. මානව විද්‍යාඥයන්ගේ අවධානය ආදිවාසී ජන සමාජය කෙරෙහි යොමු කිරීමට මෙකී සාධකයන් මූලික විය. මෙම ජන කණ්ඩායම් පිළිබඳව සිදුකෙරුණු මුල් කාලීන පර්යේෂණ සලකා බලන විට පර්යේෂකයන්ගේ වැඩි අවධානය ඔවුන්ගේ අභිවාර විධි, සිරිත් විරිත් හා දඩයම පාදක කරගනිමින් සිදුවූ වග දක්නට ලැබේ. නමුත් ඔවුන් විසින් නිර්මාණය කරන ලද සිතුවම් කලාව ආදිවාසී ජන සමාජයේ තවත් සුවිශේෂ පැතිකඩක් නිරූපණය කරයි. ඉන්දියාවේ බම්බේක්කාර්, ස්පාඥයේ ලැස්කෝ හා ප්‍රංශයේ අල්ටාමීරා වැනි ස්ථානයන්හි වන ප්‍රාග් ඓතිහාසික සිතුවම් පර්යේෂකයන්ගේ වැඩි අවධානයකට ලක්විය.
ආදිවාසීන්ගේ වාසස්ථානය කුමක්ද?
{ "answer_start": [ 99 ], "text": [ "වනය" ] }
388abd33-23c1-4b34-ad09-ef2ec325f150
රාජකීයත්වය අත් හැරීමෙන් පසු, බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ මුනුපුරු ඔටුන්න හිමි හැරී කුමරු (35) සහ ඔහුගේ බිරිඳ මෙගාන් මාර්කල් (38) මේ වනවිට කැනඩාවේත්, ඇමෙරිකාවේත් ජීවත් වෙති. දෙදෙනා ලහිලහියේ කොවිඩ්- 19 වයිරසයෙන් ආපදාවට ලක්වූවන්ට සහන ලබා දෙන අයුරු විටින් විට අසන්න ලැබේ. රාජකීයත්වය අත් හැර, හැරී සහ මෙගාන් ඇමෙරිකාවේ පදිංචියට යෑමට තීරණය කළේ පසුගිය ජනවාරියේය. මෙගාන් ඇමෙරිකන් තරුණියකි. ඇමෙරිකන් ටෙලි නිළියකි. අසාර්ථක විවාහයකින් පසු, මෙගාන්ට හැරී හමුවූයේ 2016 වසරේදීය. දෙදෙනා විවාහ වූයේ 2018 දීය. හැරී සහ මෙගාන් යුවලට ආර්චි හැරිසන් මවුන්ට්බැටන් වින්ඩ්සෝර් නමින් පුංචි පුතෙක් ද සිටී. ආර්චිගේ පළමු උපන් දිනය පසුගිය මැයි 6 වැනිදාට යෙදී තිබුණි. හැරී කුමරු රාජකීයත්වය අත් හැරියේ මෙගාන් නිසා බව පැහැදිලිය. හැරී කුමරු බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඉවත් වූයේ ද මෙගාන් නිසාය.
ආර්චිගේ පළමු උපන් දිනය යෙදී තිබුණේ කවදාටද?
{ "answer_start": [ 619 ], "text": [ "මැයි 6 වැනිදාට" ] }
f80da4fa-701c-4ed8-be2c-488eb309f28b
මාතලේ දිස්ත්‍රික්කය තුළ පැතිරුණු නකල්ස් මිටියාවතේ තවත් කඳු ශිඛර රාශියක් ඇති අතර පතන් ද වැඩි ප්‍රමාණයක් ඇත්තේ මෙම ඉසව්ව තුළයි. හිමිදිරියම අප පිටවලපතනට ළඟාවූ අතර ඒ එන මග පුරාවට අපට වනපෙතේ සුන්දරත්වය ඉතා හොඳින් දැක ගැනීමට ලැබුණි. පසෙකින් මානිගල, රිවස්ටන්, කරගහතැන්න, ගම්මඩුව, පතන්ගල, කිරිගල්පොත්ත, ගෝනගල, කවුඩාගල වගේම ඉතා ඈතින් ගොම්බානියා, යකුන්ගේගල, දූවිලිඇලි, වමාරපුගල, ලකේගල් ත්‍රිත්වය හා තුන්හිස්ගල ඇතුළු ප්‍රදේශ රැසක් අපි දැක ගතිමු. පිටවල හන්දියට ළඟවූ අප රත්කින්ද ගමට යන මාර්ගයට හැරවූවෙමු. එම මාර්ගය තරමක් පටුය. නමුත් පැහැදිලිය. මුල් කොටසේ මාර්ගය වැටී ඇත්තේ වනපෙත අතරින්ය. එහිදී දිය දහරා කිහිපයක් දක්නට ලැබුණද තරමක වියළි කාලගුණය හේතුවෙන් ඒවා සිඳී ගොස් තිබුණි. කෙසේ නමුත් අප ක්‍රම ක්‍රමයෙන් මාර්ගයේ ඉදිරියට යනවිට පිටවල ග්‍රාමය හමුවිණි.
හිමිදිරියෙම ළඟාවූයේ කොහාටද?
{ "answer_start": [ 140 ], "text": [ "පිටවලපතනට" ] }
b44db39d-5f88-47b2-a5b7-58885cdf8956
බැලූ බැලූ තැන දකින්නට ලැබෙන මනස්කාන්ත පරිසර පද්ධතියේ සිට සිරිපා කඳු වැටියත් සප්තකන්‍යා කඳු වැටියත් මේ තේ වත්තේ මුදුනට ඉතා හොඳින් දර්ශනය වෙයි. මුහුදු මට්ටමේ සිට අඩි දෙදහසකට වඩා උසකින් යුතු මේ සුවිශේෂී ස්ථානය වු කලී ප්‍රදේශයේ ජීවත්වන ජනයාගේ විශ්වාසයන්ට අනුව රාවණාගේ දඬුමොණරය ගොඩ බස්සන ලද ස්ථානය ලෙස ඔවුහු හඳුන්වති. කිසියම් අසාමාන්‍ය ලෙස පිහිටන ලද රථයක රෝද දෙකක් එරී ගිය ආකාරයෙන් ගල් තලාවේ පවතින සටහන් දෙකක් මේ ගල් තලාවේ දක්නට ලැබේ. ස්වභාවික පිහිටීමක් යැයි කිසිවෙකුට කිව නොහැකි මේ පිහිටීම ගැලක් එරී ගිය අවස්ථාවක පොළොවේ පිහිටන රටාවන් ආකාරයෙන් කළුගලක් මත පිහිටා තිබේ.
මෙහි ගොඩ බස්සන ලද්දේ කුමක්ද?
{ "answer_start": [ 256 ], "text": [ "රාවණාගේ දඬුමොණරය" ] }
14e5cfb7-7060-4a88-8bb3-9428a6eec7c1
ඔබ මනස අදින් දශක හත අටකට එහා යුගයක් වෙත යොමු කරවමින් මෙම ලිපිය අරඹන්නට අදහස් කළෙමි. එවකට ඇනලොග් හෝ ඩිජිටල් තාක්ෂණීය සන්නිවේදනය දිවයිනට පිවිස නොතිබිණි. ගම සහ නගරය අතර එකම සම්බන්ධීකාරකයා වූයේ තැපැල්කරුය. ගමට රට තොට තොරතුරු ගෙන ඒමේ පුවත්පතින් ඉටුවිය. හේන දෙසින් ඇසුණු පැල් කවිය, කමතෙන් නැගුනු කමත් කවිය ඔබ හදවතට මුසු කලේ තීව්‍රර චමත්කාරයකි. රෑ මැදියමේ මහ මඟ ගමන් ගත් ගැල්කරුවන් විසින් ඔවුන්ගේ පාළුව මකා ගන්නට ගැයූ කරත්ත සීපද මාලාවන් ද පාළු රාත්‍රියේ ගම් වැස්සන්ට කිසියම් වින්දනයක් ලබා දුන් බව හැඟේ. පාසල් දරුවකු ගොම්මන් වැටෙන යාමයේ සිය නිවසේ පිලේ සිට හඬ නගා තෙපලූ ගුත්තිල කාව්‍යයේ, ලෝවැඩ සඟරාවේ ලයාන්විත ගායන රිද්මය ගැමි දිවියට සමීප කළේ කිසියම් වින්දනයකි. ගමේ පන්සලෙන් නික්මී බැතිබර කවි බණ ඔබ සිත්හි නිසගයෙන්ම පිහිටි සදහම් සිතුවිලි තීව්‍ර කළා නිසැක. ගම් දනවුහි එවකට යොවුන් වියෙහි පසුවූ ඔබගේ රස භාවයන් පුබුදන්නට ඉවහල් වූයේ ගමේ පන්සලේ නැටුමින්, ගැයුමින් සැදි පෙරහර මෙන්ම, ඉඳහිට බණ මඩුවේ රඟ දැක්වුණු සඳ කිඳුරු දා නාඩගම වන් බොදු නාට්‍යයන්ය. තොවිල් පවිල්, යාතු කාර්ම, වාර්ෂික ගම් මඩු ගැමි මනස සුවපත් කරමින් කිසියම් රසාස්වාදයක් ද සැපයීමට මුල් විය. මෙවන් සම්ප්‍රදායික පරිසරයක් හා බද්ධව සිටි දිවයිනේ ගම් දනව් වැස්සන් තුළ කිසියම් නැවුම් පිබිදීමකට තුඩුදෙන සුළු සිදුවීමක් පිළිබඳ පුවතක්, 1925 දෙසැම්බර් 16 වන දින කොලොම්පුරයෙන් අසන්නට ලැබිණි. ශ්‍රී ලංකාවේ මුල් වරට ගුවන් විදුලි සේවාවක් නිල වශයෙන් ස්ථාපිත කිරීමේ අනුස්මරණීය සිද්ධිය ප්‍රසිද්ධියට පත් එම පුවතයි. නිශ්චිත වශයෙන්ම ගුවන් විදුලියේ අරුණලු ගම් පියෙස් කරා ළඟා වූයේ, ගුවන් විදුලිය ආරම්භ වී වසර 15ක් පමණ කාලයක් ඉකුත්වූ පසුවය. ගුවන් විදුලි යන්ත්‍ර බහුල වශයෙන් දිවයින තුළ ව්‍යාප්ත වූයේ එම කාල වකවානුවෙහිය. ගම් පියස. රට තොට දන මන රසාලිප්ත කරමින් 1940, 50 දශකයන්හිදී ගුවන් විදුලිය ගුවන් තරංග මාලාවන්ට මුදා කළ කන්කළු ගී සර රාශියකි.
ශ්‍රී ලංකාවේ මුල් වරට ගුවන් විදුලි සේවාවක් නිල වශයෙන් ස්ථාපිත කෙරුවෙ කවදාද?
{ "answer_start": [ 1173 ], "text": [ "1925 දෙසැම්බර් 16 වන දින" ] }
17829e3a-f537-44ea-8d24-18c75bdccb67
බුලත්සිංහල, අතුර හන්දියෙන් හැරී පටු තාර පාර දිගේ යනවිට ඒ මහා ගල් කුල පෙනේ. ගල් වඩුවකු විසින් කපා ඍජු බිත්තියක් නිර්මාණය කළාක් මෙන් පෙනෙන ඒ දැවැන්ත ගල්කුල කාගේ නිර්මාණයක් දැයි හිතේ කුහුලක් හටගනී. බලංගොඩ පරපුරේ ආදිමානවයා පාහියන් භික්ෂුව මෙන්ම ද මේ ගල්කුල හා සම්බන්ධකම් පැවැත්වූ ඉතිහාසයක් තිබුණෙන් මේ ගල්කුල කපා ඍජු බිත්තියක් හැදුවේ ඒ යුග දෙකෙන් එකක විය යුතුය. එහෙත් ගල් පතුරක් උල්කර ගෙන පුංචි සතුන්ගේ මස් හූරා ගත් බලංගොඩ පරපුරේ මානවයාට මෙබඳු විශ්මකර්ම වැඩක් කරන්නට නුපුළුවනචීනා කම්මැලියෙක් නොවේ. එහෙත් මෙවැනි දැවැන්ත ගල් කුලක ඍජු බිත්තියක් හදන්නට චීනාටත් බැරිය. ඇරත් පාහියන් භික්ෂුව මෙහි පැමිණයේ ගල්කුල ඔප මට්ටම් කරන්නට නොවේ, වන්දනාවේය.
ගල්කුල ඔප මට්ටම් කරන්නට නොව, වන්දනාවේ පැමිණියේ කවුරුන්ද?
{ "answer_start": [ 565 ], "text": [ "පාහියන් භික්ෂුව" ] }
c7336f92-aef2-455d-a325-c69201d10ef2
ටෝකියෝ නුවර රෝයල් ඇම්බැසඩර් හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය එම හෝටලයේම දහ හතර වැනි මහලේ කාමරයක අභිරහස් ලෙස මියගොස් ඇති බව අසා හෝටලයේ සේවක සේවිකාවන් පමණක් නොව නගර වැසියෝ පවා කලබලයට පත්වූහ. එය හෝටලයේ කීර්ති නාමයටද හානියකි. ඒ නිසා මේ ප‍්‍රශ්නය වහාම විසඳාගැනීමේ අවශ්‍යතාවක් හා අභියෝගයක් හෝටලයේ කළමනාකාරිත්වයට මතු විය. තම හෝටලයේ දාහතර වැනි මහලේ කාමර අංක 52 නවාතැන් ගෙන සිටි තරුණියක එහි ඇඳ මතම මියගොස් ඇතැයි ටෝකියේ නගර පොලිසියට හෝටලයෙන් කරන ලද දැනුම් දීමකට අනුව පොලිස් නිලධාරීහු පැමිණ පරීක්ෂණ ඇරඹූහ. ප‍්‍රසන්න පෙනුමකින් යුත් තරුණියක වූ ඇය යහන මත උඩු අතට වැතිර සිටියාය. රාත‍්‍රි ඇඳුමකින් සැරසී සිටි ඇගේ දෑත් දෙපා දෙපසට විහිදී තිබිණ. කාමරය තුළ කිසිදු පොර බැදීමක් සිදුවූ බවට ලකුණක් දක්නට නොවූ අතර ලේ පැල්ලම් කිසිවක්ද නොවිණ. සියදිවි නසා ගැනීමක් යැයි සිතිය හැකි සාක්ෂි කිසිවක්ද හමු නොවිණ.
රෝයල් ඇම්බැසඩර් හෝටලය තිබෙන්නේ කොහේද?
{ "answer_start": [ 0 ], "text": [ "ටෝකියෝ නුවර" ] }
2ae29ed5-2244-448f-91c6-9d8bb10f5dab
අතීතයේ සිංහල රාජ්‍යයේ රාළ නමින් හඳුන්වා ඇත්තේ ප්‍රධානීන්ය. විවිධ තනතුරු දැරූ ප්‍රධානීන් තමන්ගේ තනතුර සහිතව රාළ යනුවෙන් හැඳින්වීම එකල පැවති සිරිතයි. මහ රාළ යනුවෙන් රජතුමාද හඳුන්වා ඇති බව ජනප්‍රවාද ජනකතා තුළින් ද හෙළිවේ. ඉන් අනතුරුව ගැමියන්ගේ පෞද්ගලික නාමයන් සමඟද රාළ යන්න පාවිච්චි කිරීමට පුරුදු වී ඇත. කෝරාළ - කෝරළයක් හෙවත් පත්තුවක ප්‍රධානියා අතුකෝරාළ - කෝරාළට සහාය වූ මුලාදෑනියා රටේ රාළ - රටේ මහත්තයා හෙවත් රටේ පාලකයා ගම රාළ - ගමේ ප්‍රධානියා මේ නමින් හඳුන්වයි. උණ්ඩිය රාළ - මුදල්භාර නිලධාරියා හෙවත් මුදල් භාරකරු බද්දෙ රාළ - බදු සහ දඩ මුදල් එකතු කළ නිලධාරියා ගං ඇති රාළ - ඉඩම් හිමියා. ඔහු සතුව සෑහෙන ඉඩකඩම් ප්‍රමාණයක් ඇත. පිහන රාළ - ප්‍රධාන අරක්කැමියා මඩප්පු රාළ - අරක්කැමියාට සහාය වන පුද්ගලයා කීරාළ - පයින්ඩකරුවන්ගේ ප්‍රධානියා ඩිංගිරාළ - රටේ රාළට සහය වන නිලධාරියා. ගැමියන් ඩිංගිත්තක් යනුවෙන් කියන්නේ ටිකක් යන අර්ථයටය.
අතුකෝරාළ ලෙස හදුන්වා ඇත්තේ කව්රුන්ද?
{ "answer_start": [ 353 ], "text": [ "කෝරාළට සහාය වූ මුලාදෑනියා" ] }
a7bb212f-8112-4e71-844f-c8bcdb14b555
වැඩවර්ජනය හේතුවෙන් පාසල්, කර්මාන්තශාලා, පුවත්පත් ආයතනවල කටයුතු අඩපණ විය. ඇතැම් කර්මාන්තශාලා වසා දැමීමට පවා සිදුවිය. විරෝධතාකරුවෝ එක් වී, කාන්තාවන් පමණක් නියෝජනය කරන ‘කාන්තා එකමුතුව’ යන නමින් දේශපාලන පක්ෂයක්ද පිහිටුවා ගනු ලැබුණි. එම පක්ෂය ඉදිරිපත් වූ පළමු මැතිවරණයෙන්, පාර්ලිමේන්තුව නියෝජනය කළ කාන්තාවන් ගණන සියයට 5 සිට සියයට 15 තෙක් ඉහළ ගියේය. අයිස්ලන්තයේ තවමත් අභියෝග බහුලය. නීති සම්පාදනය වී තිබුණත් ආර්ථිකමය වශයෙන්, ස්ත්‍රී පුරුෂ පරතරය සියයට 16ක් පවතී. පොදුවේ ගත් විට අයිස්ලන්තයේ ස්ත්‍රී පුරුෂ පරතරය සියයට 12කි. එය ලොව අඩුම ප්‍රතිශතයයි.
පාසල්, කර්මාන්තශාලා, පුවත්පත් ආයතනවල කටයුතු අඩපණ වූයේ කුමන කාරණාවක් හේතුවෙන්ද?
{ "answer_start": [ 0 ], "text": [ "වැඩවර්ජනය හේතුවෙන්" ] }
4dbe30fa-0bd5-43cd-a41b-886c5e30e5ab
අපගේ ගමනට පෙර අඳුර සෙමින් අහස් කුසට ළඟා වූයේ අපව පුදුම කරවමිනි. ජංගම දුරකථන දෙකක පමණක් එළි භාවිත කරමින් ඈතින් පෙනෙන ගලපිටගල සොයා සෘජුවම මාන කැලයම පීරමින් කෙණ්ඩා පෙරළෙන පා වලින් අපි ඇවිද්දෙමු. රාත්‍රී 6 පසු වන විට අප හා සිටි අනෙක් සගයාව පිටත් කර හැරියේ ඔහුට වේගයෙන් එහි යා හැකි බව දැනුණු හෙයිිනි. එම නිසාම දැඩි වෙෙහසට පත් සගයා සමගින් තවකෙකු ඉතිරි වූයේ හැකි පමණ ඉදිරියට යන අටියෙනි. ගුප්ත බවින් පිරීගිය නිහඬ මාන කැලය මුළුමනින්ම ගුවනට විවෘතය. අඳුරට ප්‍රථම නිල් තරු කැට රාශියක් කෙමෙන් කෙමෙන් කරළියට පැමිණියේ රාත්‍රියේ හමා යන සුළඟ සමග දැනෙන සීතල තීව්‍ර කරමිනි. රාත්‍රී 7 පසු වන විට අපි බස් රථයේ සඟයින්ට ඇමතුමක් දී අප දෙදෙනා තනිවම කැලයේ නැවතී පසු දින එන බව පවසා ඔවුනට පිටත් වන ලෙස දැන්වීමු. පසුව අප අසල පිහිටි ගල් තලාවේ අඳුරෙම නිදාගෙන දැඩි සීතලට මුහුණ දෙමින් රැය ගත කරන්නට ඉටා ගත්තෙමු. නමුත් රාත්‍රී 8 පසු වන විට බස් රථයේ සිටි මිතුරන් කිහිප දෙනෙකු විදුලි එළි සහ ජලය ද ආහාර ද රැගෙන අප සිටි ස්ථානයට පැමිණි අතර ත්‍රාසජනක ගමනේ කෙළවර එහි සටහන් විය.
ඇවිදීමට ජංගම දුරකතන කොපමණ ප්‍රමාණයක එලි භාවිතා කරාද?
{ "answer_start": [ 76 ], "text": [ "දෙකක" ] }
f86ab9af-edaf-4625-8825-4367fab8ec47
ඇලෙක්සැන්ඩර් ටයරය සමග යුද ප‍්‍රකාශ කළේය. එම දිවයින අත්පත් කර ගැනීමට ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවට මාස හතක පමණ කාලයක් සටන් කිරීමට සිදු විය. අවසානයේ ඔහුගේ ඉංජිනේරුවෝ ගොඩබිම සිට ටයර් දිවයින දක්වා සැතපුම් බාගයක් පමණ දිග පාලමක් තැනූහ. ඒ ඔස්සේ මුහුද දෙසින් දූපතට සමීප වූ ඔවුහු විශාල අටල්ලක් බඳු උපකරණයක ආධාරයෙන් පවුර මතට ගොඩ වී නගරයට ප‍්‍රහාර එල්ල කළහ. ටයර් රාජ්‍යයේ ආරක්ෂක වළල්ල බිඳ දැමූ ඔවුහු නගරයෙන් අඩක් පමණ විනාශ කළහ. ඇරියන් නමැති ඉතිහාසඥයාට අනුව නගරය අත්පත් කරගත් ඇලෙක්සැන්ඩර්ගේ හමුදාව එහි වාසය කළ 8,000කට අධික වැසියන් පිරිසක් ඝාතනය කර තිබේ. 30,000කට අධික පිරිසක් වහලුන් ලෙස විකුණා දැමිණි.
වහලුන් ලෙස විකුණා දැමූ පිරිස කොපමණද?
{ "answer_start": [ 535 ], "text": [ "30,000කට අධික පිරිසක්" ] }
31532c95-4d69-4568-99d4-95693ed55246
පාකිස්තානයේ නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අද නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට නියමිත බව වාර්තා වේ. නව කැබිනට් මණ්ඩලය පත් කෙරෙනු ඇත්තේ සතියක ප්‍රමාදයකින් පසුවය. විශ්වාසභංග යෝජනාව පරාජය වී, ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධූරයෙන් නෙරපා දැමීමෙන් පසු පකිස්තාන මුස්ලිම් ලීගය පක්ෂයේ සභාපති මෙන්ම විපක්ෂ නායකයා ලෙස ද කටයුතු කරමින් සිටි ෂෙහ්බාස් ෂරීෆ් අග්‍රාමාත්‍ය ධුරයට පත් කෙරුණි. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපා දැමීමට තවත් විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වූ පාකිස්තාන ජනතා පක්ෂය ද මැදිහත් වී කටයුතු කළේය.
අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සභාපති ධූරය දැරුවේ කුමන පක්ෂයේද
{ "answer_start": [ 256 ], "text": [ "ලීගය පක්ෂයේ" ] }
d12d6f4e-0cf9-4663-a422-6ff509809e61
ලොව බිහි වූ අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයන් අතළොස්ස අතර ඔහුටද හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. 2013 වසරේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා විට මෙම ක්‍රීඩකයා ටෙස්ට් ක්‍රිකට් තරග 200කට, ජාත්‍යන්තර එක්දින තරග 463කට, එක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකට, අයිපීඑල් තරග 78කට, චැම්පියන් ලීග් තරග 13කට සහ පළමු පෙළ තරග 310කට සහභාගී වී තිබිණි. මිතුරන් අතර ටෙන්ඩ්ල්යා ලෙසද, ක්‍රිකට් විචාරකයන් අතර මාස්ටර් බ්ලාස්ටර් නැතිනම් ලිට්ල් මාස්ටර් ලෙසද ප්‍රකට ඔහු ඉන්දියාවේ සචින් රමේෂ් තෙන්දුල්කාර්ය. ටෙස්ට් ක්‍රිකට් තරග මෙන්ම එක්දින තරගවලින්ද වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් ලොව එකම ක්‍රීඩකයා සචින්ය. ඔහු ටෙස්ට් ලකුණු 15,921කට හිමිකම් කියන අතර රැස් කර ගෙන ඇති එක්දින ලකුණු සංඛ්‍යාව 18,426කි. පළමු පෙළ තරගවලින් ලකුණු 25,396ක් ඔහු රැස් කර තිබේ. සචින්ගේ ටෙස්ට් පිතිකරණ සාමාන්‍යය 53.78ක් වන අතර එක් දින තරගවලදී එය 44.83ක් වේ. ඔහු ටෙස්ට් ද්විත්ව ශතක 6ක්, ශතක 51ක් හා අර්ධ ශතක 68ක්ද, එක් දින ද්විත්ව ශතකයක්, ශතක 49ක් හා අර්ධ ශතක 96ක්ද රැස්කර තිබේ.
සචින්ගේ ටෙස්ට් පිතිකරණ සාමාන්‍යය කීයද ?
{ "answer_start": [ 737 ], "text": [ "සාමාන්‍යය 53.78ක්" ] }
f5e835c7-576d-4b56-9d32-4c48226ed6c0
එසේම ශල්‍යකර්ම ඇතුළු වෛද්‍ය විද්‍යාත්මක අරමුණු සාර්ථක කර ගැනීම සඳහා මෙම රොබෝ තාක්ෂණය උපයෝගී කර ගැනීමට ද විද්‍යාඥයින් බලාපොරොත්තු වේ. විශේෂයෙන්ම ලැපරොස්කොපික් සැත්කම් සඳහා මෙම රොබෝ තාක්ෂණය භාවිත කිරීමට හැකි වනු ඇතැයි ඔවුහු කියති. ලැපරොස්කොපික් වර්ගයේ බොහෝ සැත්කම් උදර කුහරය සහ උකුළු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරනු ලබයි. සිහින් උපකරණ කීපයක් යොදා ගනිමින් සිරුරු කුහරයක අවම මැදිහත් වීමකින් යුතුව එම සැත්කම් සිදුකරයි. ඒ අනුව එම සැත්කම් අවම කැපුමකින් සිදුකළ හැකි අතර එබැවින් රෝගියාට දැනෙන වේදනාවද අවම වේ.
ලැපරොස්කොපික් වර්ගයේ සැත්කම් කුමන ප්‍රදේශ ආශ්‍රිතව සිදු කරනු ලබයිද?
{ "answer_start": [ 263 ], "text": [ "උදර කුහරය" ] }
2b5e9550-ec23-48af-bd70-7dad10b28a5f
බෙල්ජියම බටහිර යුරෝපයේ දීර්ඝ දේශීය හා සමුද්‍ර ඉතිහාසයක් සහිත ලොව සමෘද්ධිමත්ම රාජ්‍යයක්. බොහෝ අය හිතනවා එය නිසා සුවිසල් රටක් කියල. නමුත් එහි විශාලත්වය දල වශයෙන් ලංකාවෙන් භාගයක් විතර. ඒ වගේම ජනගහනයත් ලංකාවෙන් භාගයක් වගේ මිලියන 11.4යි. ප්‍රංශ හා ලන්දේසි කතා කරන කොටස් අනුව රටේ ප්‍රධාන දෙකොටසක් තියෙනව, බෙල්ජියම අසල්වාසී නෙදර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, ලක්සම්බර්ග් හා අප යාත්‍රා කරන උතුරු මුහුදට. බෙල්ජියමේ තවම තියෙනව රජ පවුලක්. එංගලන්තේ රජපවුල මෙන් ලෝක ප්‍රසිද්ධ නැතත් ඔවුන් බොහෝ ධනවත්, විධායක බලයක් නම් නැහැ. ඉතාම පිරිසිදු පළවෙනි ලෝකයේ රටක් බෙල්ජියම. ඒ රටේ ජනජීවිතය ඉතා නවීනව හොඳින් සංවිධිතයි. කෙතරම් සංවිධිතද කිව්වොත් 2010-2011 අතර දින 600කට ආසන්න කාලයක් එරට කළමනාකරණය දිගටම ගෙනගොස් තියෙනව ආණ්ඩුවක් නොමැතිව. ඒ බහුතරය ලබා ගැනීමට නොහැකිවූ තත්වයක් නිසා. නමුත් ඒ රටේ 100‌‌‌‌‌% ම ජන ජීවිතය එලෙසම ක්‍රියාත්මක වෙලා තියෙනවා. හේතුව ඒ රටවල් ක්‍රියාත්මක වෙන්නේ නීති හා ප්‍රතිපත්ති මත මිසක් පුද්ගලයන් මත නොවීමයි. බෙල්ජියමේ මේ සිද්ධියෙන් ඇත්තටම රටවලට ආණ්ඩු අවශ්‍යද කියල හිතන තත්වෙටත් ආවා.
එරට කළමනාකරණය ආණ්ඩුවක් නොමැතිව කොපමණ කාලයක් ගෙන ගොස් තිබේද?
{ "answer_start": [ 615 ], "text": [ "2010-2011 අතර දින 600කට ආසන්න කාලයක්" ] }
6c1c7bf8-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
මේ ගැන මහාචාර්ය සයිඞ් ඉෂ්ටියාක් මහතා පැවැසූවේ මෙවන් අදහසකි. “උණබට වැනි පුනර්ජනනීය සම්පත් බහුල රටක් ලෙස බංග්ලාදේශය හඳුන්වන්න පුළුවන්. රටේ තාක්‍ෂණික දියුණුවට ස්වභාවික සම්පත් ඵලදායී ලෙස භාවිතකළ හැකි ක‍්‍රම සොයාගැනීම ඉතා වැදගත් කොට සලකනවා. උණබටවල ඇති ආවේණික ගුණාංග නිසා දුරකතන කුලූනු ලෙස පහසුවෙන් භාවිත කිරීමේ හැකියාව තිබෙන බව ශක්‍යතා අධ්‍යයනවලින් හඳුනාගැනීමට හැකිවුණා. මෙම උත්සාහය වනුයේ රටේ සංවර්ධනයට මෙන්ම පරිසරය සුරැකීමටත් දායකවීමයි. උණබටවලට විශාල බරක් දරාගැනීමේ හැකියාව තිබෙන බව පර්යේෂණවලින් සනාථ වුණා. එය දුරකතන කුලූනු සඳහා යෝග්‍ය බවද ඔප්පු වුණා. සුළඟ වේගය පැයට කිලෝමීටර 210 ක් වුවද දරා ගැනීමේ හැකියාව තිබෙනවා. නිසි ලෙස නඩත්තු කළහොත් මෙම උණබට අවුරුදු 10 ක පමණ කාලයක් වුවද ආරක්‍ෂාකරගත හැකිවෙනවා. දින 12 කින් පමණ උණබට කුලූනක් තැනිය හැකියි. ඒ සඳහා වැය වන්නේ වානේ කුලූනු තැනීමට වැයවන බලශක්තියට වඩා අඩු බලශක්තියක්.
උණබට වල ඇති ආවේණික ගුණාංග නිසා ශක්‍යතා අධ්‍යයනවලින් හඳුනාගැනීමට හැකිවුණේ මෙය කුමක් සදහා භාවිතා කල හැකි ලෙසද ?
{ "answer_start": [ 266 ], "text": [ "දුරකතන කුලූනු ලෙස" ] }
d2ebd199-1bdc-4ba6-8745-d776170942b5
මෙහි මුල් කාලයේ අශ්ව රේස් තරගවලට අතරමැද කඩා වැදී ඇති ප්‍රධාන පිරිසක් වී ඇත්තේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන කට්ටඩින් ය. ඊට හේතු වී ඇත්තේ දුවන අසුන්ගෙන් ගිලිහෙන අශ්ව ලාඩමක් දුටු සැණින් ඔවුන් එයට පොරකෑමය. අශ්ව ලාඩම සැලකෙන්නේ සෞභාග්‍යයේ සංඛේතයක් ලෙස ය. ඇස්වහ කටවහවලින් මිදීමටත් සතුරන්ගෙන් ආරක්ෂාවටත් නිවෙස ඉදිරිපිට ලාඩමක් එල්ලා තැබීම දැනුත් සුභ කටයුත්තක් ලෙස සලකනු ලැබේ. මේ තුරඟ තරග පිටියේ සුදු අශ්වයන්ට තිබී ඇත්තේ විශේෂ පිළිගැන්මකි. සූනියම් දෙවියන් ගමන් බිමන් යාමට යොදාගෙන ඇත්තේ සුදු අශ්වයෙකි. සූනියම් දෙවියන් අදහන පුද්ගලයන් සුදු අශ්වයන් සලකන ලද්දේ සූනියම් දෙවියන්ගෙන් විශේෂ බැල්ම ඇති සත්වයකු ලෙස ය. ඔවුන් බොහෝ දෙනාගේ තෝරා ගැනීම වූයේ සුදු අශ්වයන්ට ඔට්ටු ඇල්ලීම ය. තමන් ඔට්ටු ඇල්ලූ අශ්වයා පරාද වුණත් තමන්ට සූනියම් දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති බව ඔට්ටු ඇල්ලූ පුද්ගලයාගේ විශ්වාසයයි. එවැනි අශ්වයකුගේ ලාඩමක් ලැබුණහොත් ඔට්ටු හිමියා සිතන්නේ එය තමන්ට සූනියම් දෙවියන් දුන් වරප්‍රසාදයක් බව ය.
කට්ටඩින් පොර කෑවේ කුමක් ලබාගැනීමටද?
{ "answer_start": [ 140 ], "text": [ "අසුන්ගෙන් ගිලිහෙන අශ්ව ලාඩමක්" ] }
9bf29e8e-444f-4a41-8d4b-febad238c012
ඒ රටෙන් කණ්ඩායමක් ඇවිත් වෙස් මුහුණු කෞතුකාගාරයක් සහ පුහුණු ආයතනක් හදන්න කියල ඉල්ලා තිබුණා. ඒ අනුවයි ඒ පිරිස ඇවිත් වෙස් මුහුණු කෞතුකාගාරය හැදුවේ. 1987 දී ජර්මන් තානාපතිවරයා ඇවිල්ලයි එය විවෘත කළේ. දැන් විදේශීය සංචාරකයෝ මෙන්ම අපේ රටේ විශ්වවිද්‍යාල හා පාසල් සිසුන් ඇවිත් අධ්‍යයනය කරනවා. දේශීය අත්කම් භාණ්ඩ මිල දී ගන්නා ලක්සල ආයතනයේ වෙස් මුහුණු පිළිබඳව අවබෝධයක් දැනුමක් නැති අයයි ඉන්නේ. දේශපාලනඥයන්ගේ හෙංචයියලා පත්කර තිබෙන්නේ. ඒ නිසා මිලදී ගන්නා භාණ්ඩවල ප්‍රමිතියක් ඇත්තේ නැහැ. ඒ ගැන හසළ දැනුමක් තිබෙන අය රැකියාවක් නැතුව මුහුදු යනවා. ඉදිරි පරපුර වෙනුවෙන් මෙය රැක ගන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා යැයි ද කීය.
වෙස් මුහුණු කෞතුකාගාරය විවෘත කලේ කවදාද?
{ "answer_start": [ 145 ], "text": [ "1987 දී" ] }
e555d706-d1b6-4583-abad-edfacc75531a
පළමු රන්දෝලි හතරත් ඒ ආකාරයටම කළා. නමුත් ප්‍රශ්නය ආවේ අවසන් මහ පෙරහර සම්බන්ධයෙනුයි. රාජ නියෝගයට අනුව අස්ගිරිය ආදාහන මළුවට දළදා කරඬුව තැන්පත් කිරීමට යාමට අවශ්‍ය නිසා පෙරහර වීදි සංචාරය කළ යුතුම වුණා. ඒ අනුව පොලිසිය හා ත්‍රිවිධ හමුදාව කැඳවා දේවාල චතුරශ්‍රයට සීමා කොට පෙරහර කිරීමට තීරණය කළා. එයත් අලි ඇතුන් දහයකට සීමා කොට චාරිත්‍ර පුද සිරිත් සම්ප්‍රදාය ඉටු කිරීමට අවශ්‍ය ටික සම්පාදනය කරගෙනයි වීදි සංචාරය කළේ. රාජා ඇතා පිට දළදා කරඬුව වඩම්මවාගෙන මම මුළු පෙරහරම ගමන් කළත් බස්නායක නිලමේවරුන් පෙරහරේ ගමන් කළේ නැහැ. දළදා වීදිය, පංසල වීදිය, දේව වීදිය ඔස්සේ ගමන්කොට රජ වීදියෙන් පහළට ගොස් ඩී.එස්. සේනානායක වීදියට හැරී අස්ගිරිය ආදාහන මළුව දක්වා පෙරහර ගමන් කරවීමටයි සැලසුම් කර තිබුණේ. එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා රජ වීදියේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට සිට සාම්ප්‍රදායානුකූලව පෙරහර නැරැඹීමට එක්ව සිටියා.
දළඳා කරඬුව තැන්පත් කිරීම සඳහා යාමට අවශ්‍ය වුනේ කොහේටද?
{ "answer_start": [ 100 ], "text": [ "අස්ගිරිය ආදාහන මළුවට" ] }
6154bbc5-759c-4b19-884b-3cd8421c840a
සිඟාකෑම නැත්නම් හිඟාකෑම වත්මන් ලෝකයට ගැලපෙන අන්දමට වෙනස් වී තිබෙන්නකි. එය දැන් වෘත්තියක මට්ටමට ළඟා වී ඇත. සමහර මිනිස්සු දුගියන් හා හිඟන්නන් මෙන් රඟපාමින් මුදල් සොයා ධනවතුන් වී ජීවත් වෙති. මේ කතාව එසේ හිඟාකෑමෙන් ධනවත් වූවද, හිඟන්නෙකු මෙන් මිය ගිය අයෙකු පිළිබඳවයි. බිරාදිචන්ද් පන්නරාම් අසාද් වසර අවුරුදු 82ක් පමණ වන මහල්ලෙකි. මුම්බායිහි දුම්රියවලට නැගෙමින් හිඟාකන්නට පුරුදුව සිටි ඔහු ජීවත්වූයේ කුඩා පැලක තනිවමය. අසල්වැසියන්ගේ අනුකම්පාව මෙම දුගී මහල්ලා වෙත නොමසුරුව ලැබුණු අතර කෑම බීම පවා ඔහු සමඟ බෙදා හදා ගැණින.
එය දැන් ළඟා වී ඇත්තේ කුමන මට්ටමකටද?
{ "answer_start": [ 79 ], "text": [ "වෘත්තියක මට්ටමට" ] }
58c85384-6e9e-461c-bcf3-9d32c1eae2ca
දේවස්ථානයේ ඇතුළු වූ පසු ඉදිරියෙන් පෙනෙන බිත්තියේ දක්නට ලැබෙන්නේද කිරිගරුඬවලින් කරන ලද සොහොන් පුවරු රාශියකි. දේවස්ථානයේ ඇතුළත වම් පසින් විශේෂයෙන් සකස් කරන ලද පීඨිකාවක පැරැණි ඕගනයක් වේ. කොළඹ සිට මෙහි ගෙනවිත් ඇති එම ඕගනය මෙම දේවස්ථානයට ගෙනවිත් වසර 250කට ආසන්න බවට සාධක ඇත. දැනට එය අක්‍රීය තත්ත්වයෙන් පවතී. අතීතයේදී එය ප්‍රධාන දොරටුවට ඉහළින් වූ විශේෂ පීඨිකාවේ තබා වාදනය කරමින් ගීතිකා ගැයීම සිදුකර ඇත. එම ඕගනය අසලම එයට දකුණු පසින් තවත් සුවිශේෂී නිර්මාණයක් වේ. ඒ වනාහි කළු මැදිරිය දැවයෙන් කරන ලද ෂඩස්‍රාකාර ධර්මාසන කුටියයි. එදා ප්‍රධාන දේව මෙහෙයන් පවත්වා ඇත්තේ මෙම ධර්මාසනයේ සිටය. මෙම දේවස්ථානයේදී පළමුවෙන්ම බවුතිස්ම කරන ලද තැනත්තා වන්නේ මෙය ගොඩනැගූ ඩී යෝන්ග් මහතාගේ දියණියයි. එය 1755 අගෝස්තු මස 14වන දිනක සිදුකර ඇති අතර එම අවස්ථාව සිහිකරනු පිණිස විශේෂ පුවරුවක් වම් පස බිත්තියේ සවිකර තිබේ. එහි විශේෂත්වය වන්නේ බවුතිස්ම කරවූ දියණිය එම අවස්ථාවේ ඇඳ සිටි උඩුකය ඇඳුමද එම පුවරුවට ඇතුළත් කර තිබීමය.
ඕගනය දේවස්ථානයට ගෙනවිත් වසර කීයකට ආසන්නද?
{ "answer_start": [ 241 ], "text": [ "වසර 250කට" ] }