id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
c61cb7a8-96ca-49a9-b22a-d5c45737814a
ගැමුණු, ගාමිණී යනු සාම්ප්‍රදායික සිංහල නමකි. වයස අවුරුදු 16 පමණ වන විට ගැමුණු කුමරු තරමක් හිතුවක්කාරී වුවද ආක්‍රමණශීලී හා ශක්තිමත් තරුණයකුද විය. පුරාණ රජ පවුලකින් පැවතෙන කාවන්තිස්ස රජු ගැමුණු කුමරුගේ පියාය. කැලණිතිස්ස රජුගේ දියණිය වූ විහාරමහා දේවිය ඔහුගේ මෑණියන්ය. කාවන්තිස්ස රජුගේ හා විහාරමහා දේවියගේ පළමු පුතු ගාමිණී වන අතර දෙවැනි පුතු තිස්ස විය. ගාමිණී කුමරුගේ චරිත ස්වාභාවය පිළිබඳ අවබෝධයෙන් සිටි කාවන්තිස්ස රජු ආකුණික නායකයන් සමග සටනට නොයන ලෙස ගාමිණී කුමරුට අණකර සිටියේය. නමුත් රජුගේ අණ නොතැකූ ගාමිණී කුමරු රජ මැදුරින් පලාගිය අතර පසුව කාවන්තිස්ස රජුට කාන්තා ආභරණ යවන ලදී. ඔහු මෙයින් අදහස් කළේ තම පියා විහිළුවටත් හෑල්ලුවටත් පත් කිරීමයි. මෙහිදී පියා සහ පුතා අතර ඇතිවූ අදහස් හුවමාරුව අවසානයේ ගාමිණීට දුෂ්‍ඨ ගාමිණී හෙවත් දුටු ගැමුණු ලෙස නම පටබැඳුණි.
ගැමුණු කුමරුගේ පියා කවුරුන්ද?
{ "answer_start": [ 170 ], "text": [ "කාවන්තිස්ස රජු" ] }
5ee8864d-7f80-45d0-b044-6969ba01dd46
නූතන අශ්වයකුගේ වැනි හිසක් සහිත පියාසර කළ නොහැකි දැවැන්ත පක්ෂි විශේෂයක් අදින් වසර ලක්ෂ 500ට පෙර මිහිතලය මත දිවි ගෙවා ඇතැයි පර්යේෂකයෝ පිරිසක් කියති. මේ සත්ත්ව විශේෂය ආක්ටික් පෙදෙසේ සිට යුරෝපය හා ආසියාව තෙක් පැතිර සිටින්නට ඇතැයි ද ඔවුන්ගේ අදහස වී ඇත. කොලරාඩේ විශ්වවිද්‍යාලය, බෝල්ඩර් විද්‍යාලය හා චීන ෆොසිල අධ්‍යයන ආයතනයට එක්ව මේ පර්යේෂණ සිදුකර ඇත. පර්යේෂකයන් පවසන්නේ අශ්වයකුගේ හිසකට සමාන හිසකින් යුතු මේ අපූරු පක්ෂියා අශ්වයකුට වඩා විශාල හා බරැති සත්ත්ව විශේෂයක් වන බවයි. මොවුන් ශාක පත්‍ර‍, ඇට වර්ග හා පලතුරු ආදිය බුදිමින් ජීවත් වී ඇති බව හොටය අනුවර්ථනය වී ඇති ආකාරය අනුව විද්‍යාඥයෝ කියති.
මෙම පක්ෂි විශේෂය ආහාරයට ගන්නේ මොනවාද?
{ "answer_start": [ 475 ], "text": [ "ශාක පත්‍ර‍, ඇට වර්ග හා පලතුරු" ] }
d5b23936-2a6a-40e1-8243-cd7ff89bd7c0
හිරු සඳු නොපෑයූ ඉසව්වක් මෙන් එදා නිසංසලේ තිබුණ රතුගල පෝරුගම් පොජ්ජට මෙදා සිදුවී තිබෙන පාරිසරික විනාශය හා ග්‍රාමීය ප්‍රශ්න ගැන තමන් බලවත් සිත් වේදනාවට පත්ව සිටින බව ආදිවාසී නායක සුදා වන්නිලා ඇත්තෝ පවසති. අම්පාර පොලිස් අධිකාරි කොට්ඨාසයට අයත් ඉඟිනියාගල පොලිස් වසමේ මෙම රතුගල ගම්මානය පිහිටා ඇත. එහි පරිපාලන කටයුතු සිදු කරන්නේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගිනි. නැගෙනහිර දෙසට දානිගල කන්දත් බටහිර දෙසට වියනේ හෙල කන්දත් උතුරු දෙසට කුළල්ඇටකන්ද සහ දකුණු දෙසට නිල්ගල ඔසු උයන ආශ්‍රීත මාකඩ කන්දටත් මැදිවන්නට රතුගල ආදිවාසී ගම්මානය පිහිටා ඇත.
අම්පාර පොලිස් අධිකාරි කොට්ඨාසයට අයත් ඉඟිනියාගල පොලිස් වසමේ පිහිටි ගම්මානය කුමක්ද?
{ "answer_start": [ 266 ], "text": [ "රතුගල ගම්මානය" ] }
cd598997-4074-4d89-a8c6-6135d0373ac4
ඉංගිරිසි හෝඩියේ ඇති අකුරක් නමින් ලංකාවේ පාරක් නම් කොට ඇති ඉපැරණිම පාර කිව් රෝඩ් ය. මෙම පාරේ වයස අවුරුදු 208කි. ලංකාවේ උද්භිද උද්‍යාන ඉතිහාසය සොයා ගෙන යෑමේ දී ලංකාවේ මුල්ම උද්භිද උද්‍යානය බිහි වී ඇත්තේ අද කොම්පඤ්ඤ වීදිය නමින් හැඳින්වෙන ප්‍රදේශයේය. එය 1810 දී පිහිටුවා ඇත්තේ බ්‍රිතාන්‍ය රාජකීය කොමිසමක් මගිනි. උද්‍යානයේ භූමිය අක්කර හතක් පුරා විහිදී තිබී ඇත. සුද්දන් කිව් පාර්ක් එකට යන පාර හඳුන්වා ඇත්තේ කිව් රෝඩ් ලෙසය. 1815 දී කොළඹ මේ කියන කිව් පාර්ක් එක ඉන් ඉවත් කොට ගෙන ගොස් ඇත්තේ කළුතර උග්ගල්ගොඩ ප්‍රදේශයටය. නමුත් උද්භිද උද්‍යානයක් පිහිටුවීමේ පරිසර වාර්තාවෙන් පෙනී ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ උද්භිද උද්‍යානයක් පිහිටු වීමට නුසුදුසු බවය. ලංකාව පුරා කරන ලද හැදෑරීම්වලින් පසුව එම උද්භිද උද්‍යානය පිහිටු වීමට පේරාදෙණිය රාජකීය උද්‍යානය පිහිටි භූමිය ඒ සඳහා තෝරා ගෙන ඇත.
ඉංග්‍රීසි අකුරක් නමින් පාරක් නම් කල ඉපැරණිම පාර කුමක්ද?
{ "answer_start": [ 70 ], "text": [ "කිව් රෝඩ්" ] }
19e3db6b-dec2-4a0d-a6e5-ba8eedc0c665
බූවල්ලාට සහ ගෲපර් මාළුවාට එකට වැඩ කරන්න පුළුවන් වුණොත් මොකද වෙන්නේ ? එය සත්ව ලෝකයේ, විශේෂයෙන් සාගරජීව විශේෂ දෙකක් අතර අපූරු මිත්‍රත්වයක් විදහා පාන බොහොම දුර්ලභ අවස්ථාවකි. ගෲපර් මාළුවා, උගේ සිරුරේ පැහැය මලානික ස්වභාවයකට හරවයි. ඒ, බූවල්ලාගේ අවදානය දිනා ගැනීමටය. ඉන්පසු ගෲපර්, බූවල්ලාට හිසෙන් සංඥා කරයි. ඉඟිබිඟි කරයි. ගෲපර් මාළුවා මේ කරන්නේ, කොරල් පර අතරේ කුඩා මසුන් සැඟවී සිටින තැන බූවල්ලාට පෙන්වීමකි. බූවල්ලා එතැනට පැමිණ උගේ සිරුරින් කොරල් වසා ගනී. ඉන්පසු උගේ අඬු කොරල් සිදුරු සහ විවර අතරට විහිදවයි. සැඟවී සිටින මාළුවා බියට පත් වී, බේරී යෑමට තැනක් සොයයි. බේරී යෑමට බූවල්ලා විසින් එක විවරයක් ඉතිරි කර තබා ඇත. මාළුවා පිටවී යන්න තැත් කරන්නේ එතැනින්ය. ගෲපර් එතැන රැකගෙන සිටී. කුඩා මාළුවා කෙළින්ම ගෲපර් මාළුවාගේ ගොදුරක් බවට පත් වෙයි. සමහර වෙලාවට බූවල්ලාට ගොදුරක් ලැබේ. සමහර වෙලාවට ගොදුර ලැබෙන්නේ ගෲපර් මාළුවාටය. කොරල් පරයේ ජීවත් වන එකිනෙකට හාත්පසින්ම වෙනස් ජීව විශේෂ දෙකක සාමාජිකයන් දෙදෙනකු, කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන්න ඉගෙන ගෙන ඇති අයුරු සැබැවින්ම අපූරු නොවේද?
සිරුරේ පැහැය මලානික ස්වභාවයකට පත් කරගන්නේ කව්ද?
{ "answer_start": [ 171 ], "text": [ "ගෲපර් මාළුවා" ] }
b966aabe-876d-4620-b195-89a94ce28f59
රික්ටර් පරිමාණයේ ඒකක 7.3 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලඹිණි. භූමි කම්පාව හටගත් බව පැවැසෙන්නේ ඉන්දුනීසියාව අසල ෆ්ලොරේස් මුහුදේ කිලෝ මීටර් 100 ගැඹුරු පතුලේය. ඒ අනුව සුනාමි අනතුරු ඇඟවිම් ද නිකුත් කෙරුණි. භූමි කම්පාවෙන් සිදුවුණු ජීවිත හෝ දේපොල හානිය මෙතෙක් වාර්තා වී නැත. ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. ඒ් අනුව භූමි කම්පා හට ගැනිම ස්වභාවිකය. 2004 දී ඉන්දුනීසියාව කැලැඹූ රික්ටර් පරිමාණයේ ප්‍රබලත්වය ඒකක 10 ක් සටහන් කළ භූමි කම්පාව සිදු කළ විනාශය අතිමහත්ය. මෙරටට ද කඩා වැදුණේ එම භූමිකම්පාව හේතුවෙන් හටගත් සුනාමියයි.
භුමි කම්පාවේ ප්‍රභාලතාවය කොපමණද
{ "answer_start": [ 0 ], "text": [ "රික්ටර් පරිමාණයේ ඒකක 7.3" ] }
0fd2c1e6-0039-4c63-9fda-59deb609590a
මීට දින කිහිපයකට පෙර අවසන් වූ 75 වැනි කෑන්ස් සිනමා උළෙලට සහභාගි වූ ඉන්දීය තරු අතරේ විශේෂිත තැනක් දිනා ගැනීමට සූරූපි අදිති රාඕ සමත් විය. අදිති කැන්ස් සිනමා උළෙලකට සහභාගි වූ පළමු අවස්ථාව මෙය වූ අතර, ඇය ඒ සම්බන්ධව මීට දින කිහිපයකට සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ සටහනක් තබා තිබෙනු දක්නට ලැබුණි.මට සිනමාව කියන්නේ මායාවක්. ඒ වගේම ඉන්දීය චිත්‍රපට කර්මාන්තයේ කොටස්කරුවෙකු වීමට ලැබිම ඇත්තටම වාසනාවක්. ඒ වාසනාව මත තමයි මට කැන්ස් යන්න අවස්ථාව ලැබුණේ. ඇත්තටම එය හිතා ගැනීමට නොහැකි අපූර්වතම අත්දැකිමක් මගේ ජිවිතේ මා ලබපු ඇයගේ සටහන තුළ සඳහන් වී තිබුණේ එවැන්නකි.
අදිති කැන්ස් සිනමා උළෙලකට සහභාගි වූ කීවෙනි අවස්ථාවද?
{ "answer_start": [ 172 ], "text": [ "පළමු අවස්ථාව" ] }
6f6ed0c4-c22d-4f13-b829-2fec9e3582a4
චාල්ස් වෙබ්ස්ටර් ලෙඩ්බීටර් (1847-1934), ලංකාවට කැඳවාගෙන එනු ලැබුවේ මෙරට නූතන බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමියෙකු වූ කර්නල් එච්.ඇස්. ඕල්කට්තුමා (1832-1907) විසිනි. 1880 මැයි 17 වෙනි දින මුල්වරට ලංකාවට පැමිණි එතුමා එදා මෙහි බෞද්ධයන් වැටීසිටි ප්‍රපාතයෙන් ඔවුන් ගොඩගත හැක්කේ බෞද්ධ පාඨශාලා පිහිටුවීමෙන් බව අවබෝධ කළේය. මේ පිළිබඳව බෞද්ධ තොරතුරු පරීක්ෂක සභා වාර්තාව (1956) මෙසේ පවසයි. බෞද්ධයන්ගේ තත්වය නගා සිටුවීමට තිබෙන එකම මාර්ගය අධ්‍යාපනය බව වටහාගත් එතුමා බෞද්ධ පාඨශාලා පිහිටුවීම සඳහා 1880 ජුනි 17 වෙනි දින පරම විඥානාර්ථ බෞද්ධ සමාගම ආරම්භ කළේය. එතුමා ලංකාවට පැමිණි කාලයේ මෙරට තිබුණේ ආධාර ලබන බෞද්ධ පාඨශාලා තුනක් පමණි. එතුමාගේ පුරෝගාමිත්වයෙන් ලංකාවේ නොයෙකුත් පළාත්වල පාඨශාලා පිහිටුවීම බෞද්ධයන්ට පහසු කරුණක් නොවීය. නමුත් පාඨශාලා පිහිටුවීමටත් වඩා අපහසු වූ කාරණය වූයේ ඒවා ලියාපදිංචි කරවීමය. 1883 දී ලියාපදිංචි නොකළ බෞද්ධ පාඨශාලා 402 ක් තිබුණේය. බෞද්ධ පාඨශාලා පිළිබඳව නීතිය අකුරටම ක්‍රියාවේ යොදවන ලද නිලධාරීහු ක්‍රිස්තියානි පාසල්වලට උපකාර කිරීම සඳහා නීතියේ තිබුණ සිදුරුවලින් අවකාශ සෙවුවෝය.
එතුමා මුල්වරට ලංකාවට පැමිණියේ කවදාද
{ "answer_start": [ 156 ], "text": [ "1880 මැයි 17 වෙනි දින" ] }
424d7078-7bab-4d54-923d-9335ebd0c663
සුන්දර පාණ්ඩ්‍ය කුමරු මලය රටට ගොස් කලක් ගතවනතුරු මලය රාජ්‍යයේ රජුගේ දුව වූ සුන්දරී කුමරි ඔහුට හමුවිය. පාණ්ඩ්‍ය කුමරුට ලංකාවේ චන්ද්‍රාවතී කුමරිය අමතක විය. ඔහු මලය රට රජුගේ දුව සුන්දරී කුමරිය සමඟ ප්‍රේමයෙන් වෙලී එහි ජීවත් විය. කෝට්ටේ හයවෙනි පරාක්‍රමබාහු රජුට මේ සිද්ධිය සැල වී රජු බෙහෙවින් කලබල විය. සුන්දර පාණ්ඩ්‍ය කුමරු ලංකාවට ආවේ නැත. ඉන්පසු කෝට්ටේ රජු අම්බලන්තොට විසූ සුන්දර පාණ්ඩ්‍ය කුමරුගේ පියා වූ මහින්ද කුමරුට හසුනක් යැවීය. එය ද නිෂ්පල විය. දැන් චන්ද්‍රාවතී කුමරිය වියෝගයෙන් තැවෙයි. ලංකාවේ රාජ පරම්පරා දෙකටම සම්බන්ධ චන්ද්‍රාවතී කුමරියට විවාහ පොරොන්දු දී දැන් ඒ අමතක කර මලය රටට වී සිටින තම අණට අකීකරුව මලය රටේ රජුගේ දූ හා ප්‍රේමයෙන් වෙලී සිටීම නිසා කෝට්ටේ රජුට සුන්දර පාණ්ඩ්‍යගේ ක්‍රියාකලාපය මදිපුංචිකමක් විය. හයවැනි පරාක්‍රමබාහු රජු මලය රටට යාමට හමුදාවක් හා නැව් සමූහයක් සූදානම් කළේය. නාවුක හමුද‌ාව සමග හයවැනි පරාක්‍රමබාහු රජු තම එකම දූ කුමරිය ද කැටුව මලය රටට යාමට සූදානම් විය.
මලය රාජ්‍යයේ රජුගේ දුව කවුද?
{ "answer_start": [ 75 ], "text": [ "සුන්දරී කුමරි" ] }
6b3968ab-3607-4afa-bca6-29ce9567e1af
තලේබාන් සංවිධානයේ ගමන අඩාල කිරීම ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශවල පළමු කාර්ය යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවැසීය. තලේබාන් සංවිධානය අල්ලාගත් ප්‍රදේශ නැවත අත්පත් කරගැනීමට පෙර ඔවුන්ගේ ගමන අඩාල කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු යැයි ද එය ඇෆ්ගන් ආරක්ෂක අංශවල මුල්ම කාර්යය යැයි ද ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා කීය. ඇෆ්ගනිස්තානයේ උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථාන රැසක් ද තලේබාන් සංවිධානයේ පාලනයට නතු වී තිබෙන මේ හේතුවෙන් එම ස්ථානවල පාලනය නැවත තමන් සතු කරගැනීමට ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
තලේබාන් සංවිධානයේ පාලනයට නතු වී තිබෙන ස්ථාන මොනවද ?
{ "answer_start": [ 319 ], "text": [ "ඇෆ්ගනිස්තානයේ උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථාන" ] }
411173ae-882c-4bd1-a269-745b7d8956c5
කටුවාපිටිය ගමේ මුළු පවුලටම නැති වුණු නිවෙසුත් තියෙනවා. ඒක් පුද්ගලයෙකු පමණක් ඉතුරු වුණු පවුල් ගණනාවකුත් තියෙනවා. එලෙස මරණයට පත් වුණු අනතුරට පත් වුණු සෑම පවුලක්ම අපි පියතුමෙක්ම හෝ කන්‍යා සොහොයුරියකට භාර දීලා තියෙනවා. ඒ අය වැඩ කරන්නේ අනතුරට පත් අයගේ පවුලේ කෙනෙක් විදියට. දිනකට එක් වරක් ඒ අය තමන්ට භාර දී තිබෙන නිවසට යනවා. මේ වැඩ පිළිවෙළක් අපි දීර්ඝ කාලීනව කරගෙන යනවා. රජයේ පාසල් ආරම්භ කරපු දවසෙම කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් විද්‍යාලයෙන් ආරම්භ කළා. ඒත් මේ දරුවන් තවම පාසල් යන්නේ නැහැ. පාසල් ගිහින් ඉගෙනගන්න තරම් මානසිකත්වයක් මේ දරුවන්ට තවම නැහැ.
මේ දරුවන් තවම පාසල් යන්නේ නැත්තේ ඇයි?
{ "answer_start": [ 495 ], "text": [ "ඉගෙනගන්න තරම් මානසිකත්වයක් මේ දරුවන්ට තවම නැහැ" ] }
0a415359-a381-4bf8-9302-8ead7cc66691
සෙල්වි ඝාතනයේ පළිය පූකුඩුඛන්නාගෙන් හා කෙනඩිගෙන් ගන්නට බලාසිටි ශිරාන්ට එය සපුරා ගැනීමට නොහැකි වූයේ කෙනඩි අත්අඩංගුවට පත්වීමෙන් පසු ඛන්නා ද ප්‍රදේශය හැරගොස් සිටි බැවිනි. ඒ නිසා ශිරාන් අවසානයේ ඒ පළිය ගැනීමට මල්ලිලා සූදානම් කළේය. ඒ සඳහා මල්ලිලා අපරාධවලට යොමු කළ යුතුව ඇත. ඔවුන් අපරාධ හෝඩියේ අකුරු කළ යුතුව ඇත. ඒ අනුව කංජිපානිගේ මෙහෙයවීමෙන් මාකඳුරේ මධූෂ්ගේ මැදිහත්වීමෙන් සිදුකළ කොස්මල්ලීගේ ඝාතනයේ එක් අවස්ථාවකට මල්ලිලා සම්බන්ධ කිරීමට ශිරාන්ට අවස්ථාව ලැබිණ. ඉම්රාන්ගේ ඉල්ලීම පරිදි අඟුණකොළපැලැස්සේ දී ඝාතනය කරන ලද කොස්මල්ලිගේ හිස අලුත්කඩේට ගෙනගොස් දැමීම ශිරාන්ගේ මල්ලිලා දෙදෙනා නැතහොත් කුඩු සෙල්විගේ බාල පුතුන් වූ පලනි රිමෝෂන්ට හා පලනි කෙනින්ස්ටන්ට භාර විය.
කොස්මල්ලීගේ ඝාතනය සිදු කරේ කව්ද?
{ "answer_start": [ 312 ], "text": [ "කංජිපානිගේ මෙහෙයවීමෙන් මාකඳුරේ මධූෂ්ගේ මැදිහත්වීමෙන්" ] }
6c1cc7bb-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ. ඔහු විසින් සිදුකරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම බෝතලය නිපදවා ඇත. මෙම බෝතලය සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත්තේ කඩදාසි හා ශාක පදනම් කරගත් අමුද්‍රව්‍ය වලිනි. එසේම මෙම බෝතලය සඳහා භාවිතා කර ඇති ලෝහමය වැස්ම වසරක් ඇතුළත දිරාපත් වන ලෙස නිර්මාණය කර ඇත. මෙසේ ප්‍රතිශක්තීකරණය කරන ලද කඩදාසි විශේෂයකින් නිපදවීමට කිසිදු ෆොසිල ඉන්ධනයක් භාවිතා කර නැත. මෙම බෝතලය මුහුදු ජීවින්‍ විසින් ආහාරයට ගන්නා අතර දිරාපත් වී පසට තැන්පත් වන බැවින් කිසිදු පාරිසරික හානියක්ද නොවේ.
සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා ඇත්තේ කවුරුන් විසින්ද?
{ "answer_start": [ 58 ], "text": [ "ජේම්ස් ලොන්ක්‍රොෆ්ට්" ] }
917592bb-1837-497c-85f6-2b2cbc58ebe9
මන්දයාට ඇඟිලි නැත. ඇඟිලි වෙනුවට ඇත්තේ වක ගැසුණු නියපොතුය. මන්දයාගේ අත්වල සහ පාදවල නිය පිටතට නෙරාවිත් කොක්කක් ආකාරයට පිහිටා ඇත. මේ නිය ශක්තිමත්ය. ප්‍රධාන වශයෙන් මන්දයන් කොටස් දෙකකි. ඒ, නිය දෙකක් ඇති මන්දයන් සහ නිය තුනක් ඇති මන්දයන් ආදී වශයෙනි. මන්දයන් බහුලව දකින්න ලැබෙන්නේ ඇමසන් වැසි වනාන්තරය කේන්ද්‍රකොට ගෙනය. ඇමසන් වැසි වනාන්තරය ලතින් ඇමෙරිකාවේ එසේත් නැතිනම් දකුණු ඇමෙරිකාවේ පිහිටා ඇත්තේ රටවල් කීපයක් පුරා පැතිරයමිනි. ඇමසන් වැසි වනාන්තරයේ පමණක් නොව, මධ්‍යම සහ ලතින් ඇමෙරිකා දූපත් සහ නිවර්තන කලාපීය සෙසු වනාන්තරවල ද මන්දයන් දකින්න ලැබේ. බහුලව දකින්න ලැබෙන මන්දයන් වර්ගය දුඹුරු බෙල්ලක් ඇති මන්දයාය. අලස ජීවිතයක් ගත කරන මොවුහු දිනකට පැය 18 ක් නිදා ගනිති. දුඹුරු බෙල්ලක් ඇති මන්දයකුගේ බර කිලෝ ග්‍රෑම් 6 ක් පමණ යැයි පැවැසෙයි.
මන්දයන් කොටස් කීයද ?
{ "answer_start": [ 174 ], "text": [ "දෙකකි" ] }
fdeee0ed-d39d-49bb-9585-153bd9119dd0
විශාල මුදලක් වැය කර පූජාවන් සිදු කළද තම දියණියගේ තනිකම් දෝෂය දුරු නොවීම නිසා අනුත්තරාගේ දෙමාපියන් බෙහෙවින්ම මානසික පීඩාවට පත්විය. මුදල් වියදම් වුවද දියණියට යහපතක් වූවානම් හිතට සහනයකි. නමුදු දෝෂය එලෙසම තිබියදී මුදල් පමණක් වියදම් වී ඇත. සිදුවූ යහපතක්ම නැත. තව තවත් මුදල් වැය කර මෙවැනි දේ කිරීමෙන් වැඩක් නොමැති බව වැටහුණි. නමුදු ස්වාමි ගැන අසන්නට ලැබුණු දේවල්වලින් කිසිඳු ප්‍රයෝජනයක් තමනට සිදුනොවූ බව නම් පැහැදිලිය. දැන් කුමක් කරම්දැයි අනුත්තරාගේ දෙමාපියන් කල්පනා කරති. වරින් වර ස්වාමි සොයා යාමටද නොහැකිය. ස්වාමි තව තවත් පූජාවන් සිදු කළ යුතු බව පැවසුවහොත් එයට මුදල් ද නොමැත.
විශාල මුදලක් වැය කර දියණියට පුජාවක් සිදු කළේ ඇයි ?
{ "answer_start": [ 49 ], "text": [ "තනිකම් දෝෂය දුරු නොවීම නිසා" ] }
cc969076-ca9f-45f5-93d4-29855d0cbe7a
වැල්ලම්පිටයි ආදී ප්‍රදේශවල අප යන විටත් ගඟ පිහිටියේ මාර්ගයේ මට්ටමින් අඩි 10කට වඩා පහළිනි. නමුත් වර්ෂා කාලයේ ගංවතුර හේතුවෙන් ජල මට්ටම් මාර්ගයේ මට්ටමත් වඩා අඩි කිහිපයක් තරමට පිරෙන බව පසුගිය අවුරුදුවල අපි අත්දැක්කෙමු. මෙම මාර්ගයට සමාන්තරව පෑලියගොඩ සිය කැලණි විහාරය හරහා බියගම මාර්ගය පිහිටා ඇත. සාමාන්‍යයෙන් ගංවතුර සමයේ දී කඩුවෙල සිටම මාර්ගය හා ප්‍රදේශ ගංවතුරට යට වෙමින් පවතින අතර ෙස්ද වත්ත අඹතලේ මාර්ගයට යනු සම්පූර්ණයෙන්ම ගංවතුරෙන් යට වන මාර්ගයක් වේ. ෙස්දවත්තේ පිහිටි ද්විත්ව දුම්රිය මාර්ගය යනු කැලණි ගඟ මතින් දිවෙන එකම දුම්රිය මාර්ගය වේ. මේ හැර අන් කිසිඳු ස්ථානයකින් කිසිඳු දුම්රිය මාර්ගයක් කැලනි ගඟ හෝ එහි ප්‍රධාන අතු ගංගා යුගළය මතින් දිව යන්නේ නැත.
වැල්ලම්පිටිය මාර්ගයට සමාන්තරව පිහිටා ඇති මාර්ගය කුමක්ද?
{ "answer_start": [ 235 ], "text": [ "පෑලියගොඩ සිය කැලණි විහාරය හරහා බියගම මාර්ගය" ] }
700648f2-8cc5-4f11-a773-ee26f5965237
මධුෂ් ඔසවා තබන්නේ මාධ්‍ය විසින් බවට ඇතැම්හු චෝදනා කරති. එහෙත් සැබවින්ම මධුෂ්ලා තනන්නේ කවුද? ඔවුන්ට රැකවරණය දෙන්නේ කවුද යන්න විමසා බැලීම වටින්නේය. මධුෂ් දැන් භාවිත කරමින් සිටින්නේ තමන්ට සමාජයෙන් හදා දුන් නමය. මුළුමහත් සමාජයක් විසින් දැවැන්තයෙක් ලෙස හදා දුන් පාතාලයේ නමය. ඒ නම භාවිත කරමින් ඔහු ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගනිමින් සිටී. මාකඳුරේ මධුෂ් යනු මංකොල්ල කෑම, කප්පම් ගැනීම, කුලියට මිනී මැරීම හා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සිය ජීවන වෘත්තිය කරගත් අයෙකි. ඒ සඳහා ඔහුට උදව් කළ දේශපාලනඥයින් කීප දෙනෙක්ද වේ. මේ අතර කලකට පෙර එක් පක්ෂයක් නියෝජනය කළද අද වෙනවිට රටේ ප‍්‍රධානතම පක්ෂ දෙක නියෝජනය කරන ප‍්‍රබල දේශපාලනඥයින් දෙදෙනෙක්ද වේ. මධුෂ්ට රටින් පැන ගැනීමට මේ දේශපාලනඥයින් උදව් කර ඇති බවටද තොරතුරු තිබේ. එසේම මධුෂ්ගේ මුදල්වලින් ඔවුන් මැතිවරණ කාලයන්හිදී ප‍්‍රචාරක වියදම් දැරූ බවටද මාතර ජනතාව අතර මතයක් පවතී.
මධූෂව ඔසවා තබන්නේ කවුරුන් විසින්ද
{ "answer_start": [ 18 ], "text": [ "මාධ්‍ය විසින්" ] }
e3744ae8-0897-449c-90f3-706a29a478b5
කෙසෙල් ගස මහා පරිමාණයෙන් නොවැඩෙන, දැවමය කඳක් නොතිබෙන එකක් වුවද එය බහුවාර්ෂික ශාකසාර ගණයට වැටේ. කෙසෙල් ගසේ මුල, කඳ, පත්‍ර හා ගෙඩි යන සෑම කොටසක්ම වැදගත් ලෙස සැලකේ. පූජනීය වූ කෙසෙල් ගස බ්‍රහස්පති දෙවියන් ලෙස හින්දුන් විශ්වාස කරන අතර පවුලේ දියුණුව පතා වන්දනාමාන කරන කෙසෙල් ගස විෂ්ණු හා ලක්ෂ්මී දෙවියන්ද සංකේතවත් කරන අතර විෂ්ණු දෙවියන් ඒ තුළ වැඩ හිඳින බවද විශ්වාස කෙරේ. බ්‍රහස්පතින්දා දිනයේදී විෂ්ණු හා ලක්ෂ්මී දෙවියන්ට කෙසෙල් ගෙඩි පූජා කරන යුවලකට ප්‍රීතිමත් හා සාමකාමී විවාහයක් හා ජීවිතයක් හිමිවන බවට විශ්වාසයයි. මෙම කෙසෙල් ගෙඩි පූජාව සඳහා හොඳම කාලය ලෙස සැලකෙන්නේ වසරේ දීප්තිමත්ම කාලය ලෙස සැලකෙන දෙසැම්බර් - ජනවාරි කාලය අතරේ ඇති 11 වන දිනයයි. බ්‍රහස්පති ග්‍රහ දෝෂවලින් පීඩා විඳින උදවිය සෑම බ්‍රහස්පතින්දාවකම කෙසෙල් ගසට නමස්කාර කිරීම ආරම්භ කළ යුතු අතර අයහපත් බලපෑම් මගහරවා ගැනීමට මැණික් ගලක් පැලඳිය යුතුය. මැණික් ගලක් පැලඳිය නොහැකිනම් කෙසෙල් ගසේ මූල කොටස් පැලඳිය හැකි බව ද පැවැසේ. කෙසෙල් ගෙඩි විෂ්ණු දෙවියන්ට පූජා කරනු ලබෙන්නේ පවුලේ සතුට හා සාමය පතා ආශිර්වාද ලබාගැනීමටය. එමෙන්ම ආහාර පූජාව සඳහා ද පත්‍ර භාවිත කරන අතර කෙසෙල් කැන් සහිත ගස් හින්දු කෝවිල් ඇතුළු ආගමික ස්ථානයන්හි ඇතුල් වීමේ දොරටුව සැරසීමට යොදාගන්නේ එම ස්ථානයට වඩින දෙවියන් පිළිගැනීම සඳහාය. විවාහ ශාලාව හෝ නිවස දෙපස පූර්ණ කෙසෙල් ගස් දෙකක් සිටුවන්නේ මනාලයා හා මනාලිය නියෝජනය කරමිනි.
කෙසෙල් ගෙඩි පූජා කළ යුත්තේ කාටද?
{ "answer_start": [ 388 ], "text": [ "විෂ්ණු හා ලක්ෂ්මී දෙවියන්ට" ] }
0f98d9d2-84aa-4aa0-acd4-a293bddc74cd
තම කෙටේරිය ඇදගත් පරාසුරාම එහි මිටෙන් ගනේෂගේ කකුලට පහරක් එල්ල කළේය. ඉන් රිදුණු ගනේෂ කකුල ඉවතට ගත් අතර, එය වේදනාවෙන් රිදුම් දුන්නේය. ඒ අවසරයෙන් නැගී සිටි පරාසුරාම කෙටේරිය එල්ල කරගෙන සතුරා දෙස බලාසිටියේය. ගනේෂට යමක් සිදුවිය. පරාසුරාම මේ එල්ල කර ගෙන සිටින්නේ තම පියාගේ අවියක් බැවිනි. ඒ අවියට එරෙහිව යමක් කරන්නට ඔහුට නොහැකි විය. ඔහු වික්ෂිප්ත දෑසින් පරාසුරාම දෙස බලා සිටියේය. එහෙත් පරාසුරාම සිටියේ කෝපයෙන් දැවෙමිනි. ඔහු කෙටේරිය ගනේෂ වෙත එල්ල කළ අතර එය පහත් වූයේ ගනේෂගේ එක් දළයක් මතය. එම දළය ටකස් හඬ දෙමින් කැපී වෙන් වී ගිය අතර එය ගනේෂගේ දෙපාමුල පතිත විය.
ගනේශ්ගේ කකුලට පහරක් එල්ල කලේ කවුරුන්ද?
{ "answer_start": [ 17 ], "text": [ "පරාසුරාම" ] }
958b8146-1339-4527-9526-0356bb1e2d9b
ජ්‍යොතිෂයේ දැක්වෙන පංචාංගයම සුබ වන මොහොතක් සොයාගෙන සෙත්කවි ලිවීම ආරම්භ කිරීමට සෑම සෙත්කවි රචකයකුම උත්සාහ ගනී. සේවාදායකයාගේ පක්ෂියා රජවන යාමය හෝ පක්ෂියාගේ භෝජන යාමය සෙත්කවි රචනා කිරීමට යොදාගත හැකි නම් එයින් ලැබෙන ප්‍රයෝජන ඉමහත්ය. ඉහත දැක්වූ පරිදි සෑම කාරණයකදීම වඩා හොඳ අවස්ථා ලබා ගනිමින් සෙත්කවි රචනා කිරීමට ජන්ම පත්‍රය පරික්ෂා කිරීමෙන් සෙත්කවි රචකයාට හැකියාව ලැබේ. එබැවින් සෙත්කවි රචනා කරවා ගැනීමකට යන්නේ නම් සෙත්කවි අවශ්‍ය පුද්ගලයාගේ නිවැරදි හා පැහැදිලි ජන්ම පත්‍ර පිටපතක් රැගෙන යාම ඉතාම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමි.
සෙත්කවි රචනා කරන්නේ කුමක් පරීක්ෂා කිරීමෙන්ද?
{ "answer_start": [ 307 ], "text": [ "ජන්ම පත්‍රය" ] }
7fe445b3-8bd6-453c-a5fa-820a55629b2e
අපි මේ ආකාරයට කාන්තාවන් සංවිධානය කරන අතරතුර තමයි තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලය ජනතා විමුක්ති පෙරමුණට හිමිවෙන්නේ. තිස්සමහාරාමය දිනාගත්තට පස්සේ අපිට සිදුවුණා කාලයක් තිස්සේ අපවිත්‍ර කරන ලද ඒ බිම පවිත්‍ර කරන්න. එතැන් සිට මිනිස්සුන්ට පිරිසිදුව ඉන්න හැටි උගන්වන්න, සභාවේ සියලු කටයුතු පිළිවෙළක් කරන්න. ඉතිං ඒක කරන්න අපි හැමෝම සාමාන්‍ය වැසියන් සමඟ දැවැන්ත සටනකට යා යුතු වෙනවා. ඉතිං මාසයක් ඇතුළත සියල්ල පිළිවෙළක් කිරීමේ අරමුණ ඇතිව රටෙන්ම අපේ පූර්ණ කාලීන, අර්ධ කාලීන ක්‍රියාකාරීන් වගේම පක්ෂයේ කිට්ටුවන්තමයින් පිරිසක් දින හතරෙන් හතරට මාරුවෙමින් තිස්සමහාරාමයට ගියා.
පිරිසක් දින හතරෙන් හතරට මාරු වෙමින් ගියේ කොහේටද?
{ "answer_start": [ 537 ], "text": [ "තිස්සමහාරාමයට" ] }
8d229e5d-dc72-47c9-bfd2-bde45fff4701
මේ වනවිට රෝගාතුරව සිටින ජනප්‍රිය හින්දි සිනමා නළු රිෂි කපූර් සමගින් උදාවු 2019 වසර සැමරීමට රිෂි කපූර්ගේ පවුලේ සාමාජිකයන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට ගොස් ඇතැයි වාර්තා වේ. රන්බීර් සමගින් රිෂී කපූර් බැලීමට ඔහුගේ වර්තමාන පෙම්වතිය වන ආලියා භාට්ද එක්ව සිටිම විශේෂත්වයකි. එමෙන්ම රිෂිගේ බිරිඳ නෙතු මෙන්ම දියණිය රිද්මා කපූර්ද, රිෂි සමගින් නව වසර සැමරිමට එක්ව සිටි බව සඳහන් වේ. වාර්තා වන අන්දමට ආලියා හා රන්බිර් තවත් දින කිහිපයක් නිව්යෝර්ක් නගරයේ රැඳි සිටිමට බලාපොරොත්තුවෙන් සිටින බවද දැන ගැනීමට ලැබේ.
උදාවු 2019 වසර සැමරීමට රිෂි කපූර්ගේ පවුලේ සාමාජිකයන් ගොස් ඇත්තේ කිනම් ප්‍රදේශයකටද?
{ "answer_start": [ 121 ], "text": [ "ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට" ] }
dfb849d4-0be1-4df9-8399-368e6591c7f5
දිගු අං ඇති සුදු ගොනෙකු බැඳි වහලයක් සහිත කරත්තයක පොත් පුරවාගෙන ආසියාවේ ප්‍රථම ජංගම පුස්තකාලය 1970 දශකයේ බද්දේගම වීදි සරනු මට මතකය. බොරළුකඩ, ගොම්මන්නාවට හැම දෙසතියකට වරක් අඟහරුවාදා එන පොත් කරත්තය බලන්නට පාපැදියක තබාගෙන තාත්තා මා කැටුව ගිය හැටි අදත් මැවී පෙනෙයි. සුදු ගොනු ගේ බැඳි සීනු හඬ මිහිරි ගීතයක් සේ මට ඇසෙන්නට ඇත්තේ කරත්තය පුරා පැවැති මා ප්‍රිය කරන පොත් කන්දරාවට බැඳි පෙම නිසාම විය හැක. 1965 දී ආසියාවේ ප්‍රථම ජංගම පුස්තකාලය ඇරඹුණේ බද්දේගම දීය. එය ලොව ජංගම පුස්තකාලයක් ඇරඹි පළමු වතාව බවට ද මතයක් වෙයි. මෙරට සාහිත්‍ය කලාවට මහා මෙහෙයක් කළ පැවිදි පඬිරුවනක් වූ ගණේගම සරණංකර නාහිමියන් ගේ සංකල්පනාවක් පරිදි මේ පුස්තකාලය ඇරඹිණි.
මෙරට සාහිත්‍ය කලාවට මහා මෙහෙයක් කළ පැවිදි පඬිරුවනක් වූයේ කවුද?
{ "answer_start": [ 562 ], "text": [ "ගණේගම සරණංකර නාහිමියන්" ] }
c789e73c-0cea-4c4b-b009-a8da9ba8aeca
ගොඩනැගිල්ලේ සැලසුම්කරු එවකට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ නම් දරාපු ගෘහ නිර්මාණ ශිල්පියා විය. ගොඩනැගිල්ල ඉදිකිරීම් භාරවූයේ එවකට සුප්‍රසිද්ධ ගොඩනැගිලි ඉදිකිරීම්කරුවකු වූ මරික්කර් බාස් නම් තැනැත්තාටය. අදටත් දක්නට ලැබෙන පැරණි නගර ශාලාව මෙන්ම මහතැපැල්හල ගොඩනැඟූ පුද්ගලයා ලෙස ගැනෙන්නේ ඔහුය. පැරණි නගර ශාලාවේ ඇති පුවරුවක ඔහුගේ නම පැහැදිලිවම දක්වා ඇත. මරික්කාර් නාමය අදත් සිහිගන්වන මාර්ගයක් අද කොටුවේ ඇත. ඉපැරණි ටයිම්ස් ගොඩනැගිල්ලත් ලංකාවේ පළමු ලංකා ගොඩනැගිල්ලත් දෙපස ආරම්භයේ ඇති එම මාර්ගය සර් රසික් ෆරිඩ් මාවතය. ශ්‍රීමත් රසික් ෆරිඩ්ගේ සීයා වන්නේ මරික්කාර් ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමේ මුල් හිමිකරුය. කෞතුකාගාරය ඉදිකිරීමේ කටයුතුවලට ආණ්ඩුකාරයා පෞද්ගලිකව මැදිහත් වීමටත් ඊට අවශ්‍ය පහසුකම් ලබාදීමටත් දක්වා ඇත්තේ දැඩි උත්සාහයකි. කෞතුකාගාරය විවෘත කළ දිනය ලෙස සැලකෙන්නේ 1877 ජනවාරි 1 වැනි දිනදීය. ඩී.එස්. සේනානායක අගමැතිවරයා වූ යුගය දක්වා කෞතුකාගාරයට සිකුරාදා දිනය නිවාඩු දිනයක් වී ඇත. ඊට හේතු වී ඇත්තේ ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරු වූ මුස්ලිම් බැතිමතා ආණ්ඩුකාරගෙන් කරන ලද ඉල්ලීමකි. තමන් පල්ලි පිළිවෙත් ඉටු කරන දිනය වන සිකුරාදා ට කෞතුකාගාරය විවෘත නොකරන ලෙස ඔහුගේ ඉල්ලීම විය. ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරු මරික්කාර්ගේ මුනුපුරා වූ සර් රසික් ෆරිඩ් තම අනුමැතිය මේ සඳහා ලබා දී ඇත.
මෙරට මරික්කාර් නාමය අදත් සිහිගන්වන මාර්ගයක් තිබෙන්නෙ කොහෙද?
{ "answer_start": [ 387 ], "text": [ "කොටුවේ" ] }
c72ad6a5-83a3-4fd2-8b35-e7d8c42b66a8
සෑම සීත කාලයකම, හුරුල්ලන් බිලියන ගණනින් මේ සාගර කලාපයට පැමිණෙන්නේ ආරක්ෂාව සොයමිනි. හුරුල්ලන් පසුපස තවත් පිරිසක් මෙම සාගර කලාපයට පැමිණෙති. ඒ, ‘ඕකා’ හෙවත් ‘මරු තල්මසුන්’ ය. තල්මස් පවුලේ කුඩා ප්‍රමාණයේ සාමාජිකයෙකු වන ‘ඕකා’ ක්ෂීරපායීයෙකි. හුරුල්ලන් පසුපස පැමිණි ‘ඕකා’ රංචුවේ සියයකට ආසන්න පිරිසක් සිටිති. පෘථිවියේ ‘ඕකා’ මසුන් එකිනෙකා මහා පරිමාණයෙන් එකට එකමුතු වෙනවා නම්, ඒ මේ අවස්ථාව යැයි පෙන්වා දිය හැකිය. බිලියන ගණනින් හුරුල්ලන් සිටියත්, නෝර්වේ රාජ්‍යයේ ෆියෝඞ්ස් සාගර කලාපයට පිහිනා එන හුරුල්ලන් හසුකර ගැනීම පහසු කටයුත්තක් නොවෙයි. හුරුල්ලන් පසුපස පැමිණෙන අපේ මේ කථාවට සම්බන්ධ ඕකා මසුන්, මාළු ඇල්ලීමේ ශූරයන්ය. උන් වැඩ කරන්නේ කණ්ඩායමක් ලෙසින්, හොඳින් සැලසුම්සහගතවය. හොඳින් ඇසෙන ලෙස, තියුණු ශබ්ද පිට කරමින්, එකිනෙකා සමඟ සන්නිවේදනයේ යෙදෙමින්, ඕකා හුරුල්ලන් දඩයමේ යෙදෙන්නේ හුරුල්ලන් මුහුදේ නොගැඹුරු තැන්වලට කොටු කර ගනිමිනි. ඔවුන් හුරුල්ලන් රංචුව යටින් පිහිනමින් උන් මුහුදේ මතුපිට සීමාවට කොටු කර ගනී. එක පොදියට හුරුල්ලන් කොටු කරගත් පසු, එම හුරුල්ලන් වට කරගත් ඕකා රංචු ඔවුන් සතුව ඇති සුවිශේෂී අවිය දඩයමට යොදා ගනී. සුවිශේෂී අවිය ඕකාගේ පසුපස වරලය. පසුපස වරලින් ඕකා හුරුල්ලන් රංචුවට වැරෙන් පහරක් දෙයි. එම දරුණු පහරත් සමඟ ප්‍රචණ්ඩ කම්පන තරංග නිකුත් වෙයි. ඒවා දසත පැතිරෙන්නේ හුරුල්ලන් අඩපණ කරමිනි. ඉන්පසු ඕකා අන්දමන්ද වී අඩපණ වුණු හුරුල්ලන් බොහොම පහසුවෙන් ආහාරයට ගනී.
‘ඕකා’ මසුන් එකිනෙකා සමඟ සන්නිවේදනයේ යෙදෙන්නේ කෙසේද?
{ "answer_start": [ 660 ], "text": [ "හොඳින් ඇසෙන ලෙස, තියුණු ශබ්ද පිට කරමින්" ] }
dc61adfe-de04-473d-8d4e-8a8590313328
කුඩා කෝවිලක් පිහිටි ස්ථානයට නුදුරින් ගමන ඇරඹිය යුතු අතර ප්‍රථමයෙන් තේ වතු යාය අනුව ගමන් කළ යුතුය. ක්‍රමවත් අඩිපාරක් ඇති හෙයින් මග සොයා ගැනීම අපහසු නොවේ. කෙසේ හෝ එම මග දිගේ ඉදිරියටම යන විට නාරංගල කඳුවැටිය දිස්වන අතර තේ දලු සමඟ හැපෙන ජීවිත බොහෝමයක් දැකගත හැකිය. තේ වතු යාය පසුකළ පසු ලඳු කැලයකට අවතීර්ණ වන අතර මෙම ගමන යාමේදී ප්‍රමාණවත් ජලය රැගෙන යාමට අමතක නොකරන්න. ලඳු කැලය පයිනස් ගස් කිහිපයකින්ද මාන පඳුරු යායකින්ද සමන්විතය. වැසි සමයේදී මෙම ප්‍රදේශය දැඩි තෙත් බවකින් හා මීදුමකින් ගහණව පවතින අතර එම දිනවලදී මෙම මාර්ග සියල්ලේම කූඩැල්ලන් බහුලව දක්න්ට ලැබේ. එහෙයින් සාමාන්‍ය වර්ෂාවකට පසු හොඳින් පායන වකවානුවේ නාරංගල තරණය කිරීම වඩාත් පහසු වේ.
ලඳු කැලයේ දක්නට ලැබෙන ගස් වර්ග මොනවාද?
{ "answer_start": [ 371 ], "text": [ "පයිනස් ගස්" ] }
7d311438-fd89-440a-a042-cac84358f88f
එලෙස මහ වැස්සට පසුව ගමන් කිරීමේදී දැඩි දුෂ්කරතා ඇතැම් විට ගස් කඩාවැටීම් සිදුවේ. අවාරේ වැස්සට දෝරේ දමන සීත ගඟුල හා අවශේෂ ගංගා සියල්ලම දැඩි ප්‍රචණ්ඩය. ඉතා කුඩා දිය දහරාවන් පවා අතිශය වේගයෙන් ගලා ගෙන යන අතර ගල් තලාවන් සියල්ල ජලයෙන් වැසී යයි. ඊට හොඳම නිදසුන නම් වාරයේදී ගල්තලාව හොඳ හැටි පෙනෙන එරත්න මගේ ඩයිමන්ඩ් ගල සහ වර්ණගල ඉසව් දිය දහරවල් අවාරේදී ගල් පොත්තක් හෝ නොපෙනෙන ලෙස එකම සුදු යායකින් යුතුව දිය ගලන බැවිණි. එවන් දවසක කැමරාවක් කුඩයක් යටට ගෙන ඡායාරූපයක් ගත නොහැකි තරම් වර්ෂාව, පින්න හා මීදුම් අධිකය. තවද ගල් පෙරළීම් සහ මඩ පස් සේදීමද බහුලව දැක ගත හැක.
එලෙස මහා වැස්සට පසුව ගමන් කිරීමේදී සිදු වන්නේ කුමක්ද ?
{ "answer_start": [ 58 ], "text": [ "ගස් කඩාවැටීම්" ] }
c6cc7059-a193-4d12-bb51-700ae901603f
2019 ඉහළම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත් වූ ඇලඩින් චිත්‍රපටයේ මරිනර් චරිතය හෙවත් භූතයාගේ චරිතයට පණදුන් විල් ස්මිත් ලබන වසරේ ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර ඇති ඇලඩින් දෙවැනි චිත්‍රපටයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වෙයි. ස්මිත් වෙනුවට මේ වනවිට මෙම චරිතයට තෝරාගෙන ඇත්තේ තවත් සුපිරි හොලිවුඩ් සිනමා නළුවෙකු වූ ඩිවොන් ජොන්සන්ය. ජොන්සන් මේ වනවිට කර්යබහුල නළුවෙකු වී සිටින අතර, ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් චික්‍රපට මාලාවෙන් ඉවත් වීම නිසාවෙන් ඔහු මෙම චරිතය රඟපැමට සිය කැමැත්ත ලබාදී තිබෙන බව සඳහන් වෙයි.
ස්මිත් වෙනුවට මේ වනවිට මෙම චරිතයට තෝරාගෙන ඇත්තේ කවුද?
{ "answer_start": [ 300 ], "text": [ "ඩිවොන් ජොන්සන්ය" ] }
e3fc4782-efa4-47e8-b01e-e5440338f473
පේනය බැලූ මෑණියෝ කියා සිටියේ විමන්තට පෙරේත බැල්මක් වැටී තිබෙන බවත් ඔවුනගේ පවුලේ ගොතය තිබූ පුද්ගලයකු මියගොස් පෙරේත ආත්මයක් ලබා ඇති බවත් එම පෙරේත ආත්මයේ බැල්ම මෙම දරුවාට වැටී තිබෙන බවත් ඒ හේතුවෙන් ඔහුට මෙම ගොතය ඇති වී තිබෙන බවත්ය. ඒ සඳහා කඩවර දෙවියන්ට සෙත් ශාන්තියක් කර ගොතය නැතිකර ගැනීමට හැකි බවත් ඇය පවසා සිටියාය. පේනය කිවූ මෑණියන්ගේ කතාව විමන්තගේ වැඩිහිටියන්ට පුදුමය දනවන්නක් වූහ. මන්ද තම පවුලේ ගොත ගැසූ කිසිවකු නොසිටි බව ඔවුනගේ මතය විය. එසේනම් පේනය බැලූ මෑණියෝ කීවේ බොරුවක්ද? නමුත් විමන්තගේ දෙමාපියන් පේනය බැලූ මෑණියන් කියූ පරිදි සෙත් ශාන්තියක් කිරීමට ඉටා ගත්හ.
ගොතය නැතිකර ගැනීමට සෙත් ශාන්තියක් කළ යුත්තේ කිනම් දෙවියන්ටද?
{ "answer_start": [ 236 ], "text": [ "කඩවර දෙවියන්ට" ] }
a758ae12-c74f-4db3-9c26-bca79ef8d6c8
තවද සිරිපා රක්ෂිතයේ වෙසෙන අලි යනු කුඩා කුරු අලි බවට ජනතාව තුළ මතයක් ඇති මුත් එය සත්‍යක් නොවන බව මීට වසර කිහිපයකට පෙර මස්කෙළිය ආසන්නයේ මියගිය අලියෙකුගේ සිරුර සාක්ෂි දැරීය. වන අලි බහුලව ගැවසෙන්නේ දැරණියගල උඩ මාලිබොඩ හා එරත්න ගෙත්තම් පාන මැදගින්න ආදී අම්බලම් ආශ්‍රිතවය. එම ප්‍රදේශ සමතල, බිමක්ව පැවතීමත් ලඳු කැලෑමය පරිසරයක් තිබීමත් නිසා ඇතුන්ට එහෙ යාම පහසුය. එබැවින් එම ඉසව් තුළ ඕනෑ තරම් අලි වසුරු දැක ගත හැකිය. අවාරේ යන විට ඇතුන්ගේ කුංචනාදය ඇසීමටත් පුළුවන. තවද දැරණියගලින් ඇරබෙන උඩ මාලිබොඩ මාර්ගය එරත්න මැණික්හින්න අම්බලම අසලට එනතුරු පවතින කි.මී. 5ක පමණ දුර තුළ අලි බහුලව ගැවසෙන අතර එම මගේ අලි පිටඋලා, දැමූ ස්ථාන, මඩේ එරුනු අලින්ගේ පා සලකුණු, කැඩී ගිය මාර්ග සහ අලි වසුරු දැක ගැනීම සුලභ වේ.
වන අලි බහුලව ගැවසෙන ප්‍රදේශවල ලක්ෂණ මොනවද?
{ "answer_start": [ 278 ], "text": [ "සමතල, බිමක්ව පැවතීමත් ලඳු කැලෑමය පරිසරයක් තිබීම" ] }
ed0177dd-6398-45f5-9ee8-65208d33c843
“පුරන් කුඹුරු වගා කිරීමේ වැඩසටහනට” ආණ්ඩුවේම නිලධාරීන් අකුල් හෙළන බවට බලපත්‍ර ඇතැයි පැවසූ පුද්ගලයන් පසුපස ඔවුන් මෙහෙයවන මුස්ලිම් දේශපාලනඥයෝ ඊට අවසර නොදුන් වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අම්පාර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ට චෝදනා කරන්නට වූහ. එහි ප්‍රතිඵලය වූයේ පොතුවිල් සහ තිරික්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාස දෙකේ මේ ඉඩම් හිමියන් සංම්බන්‍ධයෙන් ජංගම සේවයක් පැවැත්වීමට තීරණය කිරීමයි. එවකට ඉඩම් අමාත්‍යව සිටි ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, අමාත්‍යාංශ ලේකම් අසෝක පීරිස්, අතිරේක ලේකම් බොරලැස්ස අම්පාර මහ දිසාපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පොතුවිල්වලදී මේ සම්බන්‍ධයෙන් රැස්වීමක්ද පැවැත්විණි.
එවකට ඉඩම් අමාත්‍යවරයා කවුරුන්ද?
{ "answer_start": [ 410 ], "text": [ "ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා" ] }
478e7f80-a4c5-4ab1-ac28-895e317c1e04
ධනුෂ්ක මොණරාගල ප්‍රදේශයේ පදිංචි විසිඅට හැවිරිදි තරුණයෙකි. අම්මයි, තාත්තයි, අයියල දෙන්නයි මල්ලියි සමග ධනුෂ්ක හැදුණේ වැඩුණේ සතුටෙනි. එහෙත් අයියලා වගේ ඔහු ඉගෙනීමට උනන්දුවක් දැක්වූයේ නැත. පොඩි කාලේ සිටම ගෙදර වැඩිහිටියන්ට හොරෙන් සිගරැට් කොට උරන්න ඔහු පුරුදු විය. පාසලේ අට, නවය පංතිවල සිටියදී ධනුෂ්ක නරක යාළුවන්ගේ ඇසුර නිසා ගංජා භාවිතයට පුරුදු විය. ඒ නිසා පාසල් මගහැරගත් ධනුෂ්කට අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්වීමට හැකියාවක් ලැබුණේ නැත. ලොකු අයියා ඉගෙනගෙන ගෙදර බර කරට ගන්න පොඩියට ව්‍යාපාරයක් පටන් ගත්තේය. ඔහුගේත් පියාගේත් සොයා බැලීම නිසා පොඩි අයියා වෛද්‍යවරයෙක් වෙන්න විශ්වවිද්‍යාලයට ගියේය. එහෙත් ධනුෂ්ක නොමගට වැටුණේය. ඔහු නිසි මගට ගැනීමේ උවමනාවෙන් දෙමාපියන් හා අයියලා එක්ව ඔහු බෙල්වුඩ් සෞන්දර්ය පීඨයේ නැටුම් පාඨාමාලවකට ඇතුළත් කරනු ලැබිණ. එය හැදෑරු ඔහු නැටුම් කණ්ඩායමකට එක්ව මහනුවර පෙරහරේ පවා නටන්නට ගියේය. එයින් ඔහු සතුටක් ලැබූ අතර පරණ පුරුදුද යම් පමණකට අමතක කරන්නට ඔහුට හැකි විය. පසුව යුද හමුදාවේ පෙරදිග තූර්යවාදක කණ්ඩායමට එක්වීමටද ඔහුට අවස්ථාව ලැබිණ. ඒ බෙරවාදකයකු ලෙසය. ඒත් වසර තුනක් එහි සේවය කළ ධනුෂ්ක ඉන් ඉවත් විය. ඉන්පසුව ඔහුට රැකියාව ලැබුණේ කොළඹට නුදුරු ප්‍රදේශයක ටයර් කම්හලකය.
ඔහු කිනම් හැවිරිදි තරුණයෙක්ද ?
{ "answer_start": [ 32 ], "text": [ "විසිඅට හැවිරිදි" ] }
112cbe9b-8340-4f2e-80f3-3359f05c44ed
රිවාප්, දුත්තාර්, සාකාජ් යන සංගීත භාණ්ඩ නිෂ්පාදනය සඳහා ඔවුනට ඇත්තේ වෙසෙස් දක්ෂතාවයකි. රිවාප් පාත‍්‍තර හැඩයෙන් යුතුය. දුත්තාර් ඕවලාකාර හැඩයෙන් යුතු වන අතර සාකාජ් යනු දුනු නලාවකි. සතුන්ගේ, විශේෂයෙන්ම උරගයින්ගේ සම් යොදාගෙන තනා ඇති සංගීත භාණ්ඩ මෙහිදී හැර ලෝකයේ වෙනත් තැනකදී දැකගත නොහැකිය. එහි මිල ගණන් ද ඉතා ඉහළ බව සඳහන් කළ හැකිය. විශේෂිත කාරණාව වන්නේ චීන රජය මධ්‍යම ආණ්ඩුව සමග එක් වී ෂින්ජියාන්හි මෙම කලාත්මක හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන් අත දිග හැර ආධාර සහ අනුබල දීමය. ඒ නිසා මෙම පළාතේ වෙසෙන කලාකරුවන්ගේ අත මිට සරුවීම පමණක් නොවී, ඔවුන් හට ප්‍රීතිමත් ජීවිත ගත කිරීමේ අවකාශය ලැබී ඇත.
දුත්තාර් කුමන හැඩයෙන් යුතුද?
{ "answer_start": [ 126 ], "text": [ "ඕවලාකාර" ] }
445fea95-68fe-4faf-93ef-af8cab9fc8d1
මහා බ්‍රිතාන්‍යය, ෆින්ලන්තය සහ ස්වීඩනය සමඟ නව ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීය. එම ආරක්ෂක ගිවිසුමට අනුව, ෆින්ලන්තයට හෝ ස්වීඩනයට හෝ සතුරු ප්‍රහාරයක් එල්ල වුවහොත්, එම රටවල් ආරක්ෂා කිරීමට මහා බ්‍රිතාන්‍යය බැඳී සිටිනු ඇත. නව ආරක්ෂක සහයෝගීතාවට ෆින්ලන්තය සහ ස්වීඩනය එක් කර ගනිමින්, ඊට අදාල ගිවිසුමට අත්සන් තැබීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ සංචාරය කළේය. ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට, ස්වීඩනය සහ ෆින්ලන්තය හවුල් කර ගැනීමට මහා බ්‍රිතාන්‍යය පියවරගෙන ඇත්තේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත්, රුසියාවේ ක්‍රියා කලාපය සෙසු යුරෝපා රටවලට තර්ජනයක් වීමත් සමඟය.
යුක්‍රේනය ආක්‍රමණය කරන්නේ කවුරුන් විසින්ද?
{ "answer_start": [ 485 ], "text": [ "රුසියාව" ] }
fdaeb206-a1be-4063-a56b-bed4a6ddf107
ආටිමිස් දෙවොල ඉදිකර තිබුණු බව පැවැසෙන්නේ එපෙසස් නමැති පුරාණ ග්‍රීක නගරයේය. වර්මානයේ එපෙසස් නගරය පැවැති ප්‍රදේශය අයිති වන්නේ තුර්කියටය. වර්තමානයේ, එපෙසස් නගරය ඇත්තේ තුර්කියේ ඉස්මීර් නමින් හැඳින්වෙන වරාය නගරයට කිලෝ මීටර් 75 ක් දුරින් සෙල්කුක් නගරයට නුදුරිනි. ආටිමිස් දේවාලය පැවැති ස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානයක් ලෙස නම් කර ඇති අතර එය සංචාරක ආකර්ෂණයක් ද වෙයි. ආටිමිස් දෙවොල ඉදිකිරීමට වසර 120 ක් ගත වුණැයි ඉතිහාස වාර්තාවල සඳහන් වෙයි. දෙවොල ඉදි කර අවසන් වී ඇත්තේ ක්‍රි.පූ. 350 දී යැයි පැවැසෙයි. ඒ, පර්සියානු අධිරාජ්‍යය පැවැති අවදියේදී ආකිමෙඩික් රාජවංශය යටතේය.
දෙවොල ඉදිකර අවසන් වූයේ කවදාද?
{ "answer_start": [ 476 ], "text": [ "ක්‍රි.පූ. 350 දී" ] }
02b1afc5-5754-48c5-8bfc-e183f1afab7c
2016 වසරේ 23 හැවිරිදි ඉන්දීය තරුණියක යූ ටියුබ් හරහා ඉන්දියානුවන්ගේ පමණක් නොව, ලොව කාගේත් අවධානය දිනා ගත්තාය. ඇය මිතිලා පෝල්කර්ය. ඇය කාගේත් අවධානය දිනාගත්තේ ඇගේ ම කියා වීඩියෝ දසුන් පෙළක් අන්තර්ජාලයට එක් කරමිනි. යූ ටියුබ් හරහා පමණක් නොව සෙසු සමාජමාධ්‍ය ඔස්සේ මේ වීඩියෝ ජනප්‍රිය විය. මිතිලා පෝල්කාර් මේසයක් ඉදිරියේ අසුන් ගෙන සිටී. ඇගේ අතේ ඇත්තේ ප්ලාස්ටික් කෝප්පයකි. ඇය මරාති බසින් ගීතයක් ගායනා කරයි. සංගීතය සැපයෙන්නේ අතේ ඇති කෝප්පය මේසයට තට්ටු කරමිනි. මිතිලාගේ මෙම ගායන වීඩියෝ ඉතා සරල කෙටි ඒවාය. ඒත් ඒවා ජනප්‍රිය විය. අද මිතිලා පෝල්කාර් බොලිවුඩ් තරුවකි. විචාරකයන්ගේ පැසැසුමට පවා ලක් වුණු තරුවකි.
මිතිලා පෝල්කර්ගේ වයස කීයද?
{ "answer_start": [ 10 ], "text": [ "23" ] }
ed34933c-1cd1-4c89-bbc5-dc892b9658f2
කොඩි ගහ තරම්ම පෘතුගීසින් ගැන අපේ ඉතිහාසයේ අදත් සිහි කරන කරුණු දෙකක් ඇත. ඉන් එකක් නම් පරංගියා කෝට්ටේ ගියා වගේ යැයි යන කියමනයි. කොළඹ සිට කෝට්ටේ දක්වා ඉතා දිගු වක්‍රාකාර මාර්ගයක් ඔස්සේ දින කිහිපයක් ගමන් කිරීමත් පරංගියා මුළා කරන්නට තැත් කළ සිංහලයාට අන්තිමේදී සිදු වූයේ තමන්ම මුළා වීමය. පරංගියාගේ කොඩි ගහ අද ද දැකගත හැකි වුව ද පරංගියා කෝට්ටේ ගිය ඇළට මොකද වුණේ යැයි අද ද ප්‍රශ්නයකි. නුගේගොඩ පරණ කාසිවැව පාරේ ගමන් කර දෙල්කඳ හන්දියට ළඟා වනවිට මේ ඇළේ කොටසක් අපට දැකිය හැකිය. දෙල්කඳ හතරමං හන්දිය පසුකර රත්තනපිටිය දෙසට ගමන් කරන විට අලුතින් පිහිට වූ දෙල්කඳ පොළ හමුවේ පරංගියා කෝට්ටේ ගිය ඇළ දෙල්කඳ ටිකක් පසු කර යනතුරු අදත් දැකගත හැකිය. නමුත් ඉන් පසු මේ පරංගියා කෝට්ටේ ගිය ඇළ අතුරුදන් වන්නට පටන් ගත්තේ ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයා වූ යුගයේය. දැන් මේ ඇළ මත දැවැන්ත කොන්ක්‍රීට් ස්ලැබ් දමා වසා ඇත්තේ භූගත ඇළ මාර්ගයක් ලෙසය. පෘතුගීසින් මෙරටට පැමිණියේ ක්‍රි.ව. 1505 දී වුව ද ඉතිහාසය හාරා ඇවිස්සීමේදී පෙනී යන්නේ කොඩි ගහ ස්ථාපනය කොට ඇත්තේ ක්‍රි.ව. 1521 දී බවය. පාතුගීසින් පරාක්‍රමබාහු රජුගෙන් අවසර ඉල්ලුවේ කොළඹ ප්‍රදේශයේ ගබඩාවක් ඉදිකර ගැනීමටය. ඔවුන් රජුගෙන් ඉල්ලූ වපසරිය ගෙරිසමක ප්‍රමාණයකි. ගෙරිසම සිහින් තීරුවලට කැපූ පෘතුගීසින් එය ගැට ගසා ගත් ප්‍රමාණය අනුව කොටුව ඉදිකර ගැනීමෙන් අවසානයේ සිදු වූයේ අපේ රාජොත්තමයාණන් වහන්සේව පෘතුගීසින් විසින් රැවටීම නොවේ ද? අප කියන මේ කොඩි ගහ පිහිටවූයේ ඈතින් එන නැව්වලට මේ බලකොටුව පැහැදිලිව දර්ශනය වීමටය.
කොඩි ගහ ස්ථාපනය කොට ඇත්තේ කුමන වසරේදීද?
{ "answer_start": [ 925 ], "text": [ "ක්‍රි.ව. 1521 දී" ] }
716d241d-44bc-41b7-824c-f14f0c9de433
1995 - 5 - 26 දින බෞඬසාර පිළියෙල කළ මෙනේරි කැඳ වළඳා මහවැලි අමාත්‍යංශයෙන් සපයා තිබූ කැබ් රථයෙන් දෙහිඅත්තකණ්ඩිය අක්කර 30 කුඹුරට ගිය නායක හාමුදුරුවන් බලාපොරොත්තු වුණේ, දින දෙකතුනකට අවශ්‍ය එළවළු පටවාගෙන යාමය. චන්දරේ අයියා වාහනය පැද වූ අතර බෞඬසාරගේ උදව්වට ඇන්ටන් නමැති කොළුවකු පැමිණ සිටියේය. එදින වනවිට ජනාධිපතිනිය විසින් පන්සලේ ආරක්ෂාව උපසේවා පොලිස් නිලධාරීන් 10 දෙනෙකු දක්වා අඩු කර තිබීම මැෂින් තුවක්කු අමෝරා වෙඩි වරුෂාව එල්ල කළ කොටි හමුදාවට ආශිර්වාදයක් වූවාට සැක නැත. බෞඬසාර ඇහැට වෙඩි වැදීමෙන් මිය ගිය අතර පෙරවරු 7.15ට ආරම්භ වූ මෙම වෙඩි වරුසාවෙන් ඩබල් කැබ් රථයට වෙඩි පහරවල් 98ක් වැදී තිබිණි. නමුත් නායක හාමුදුරුවන්ගේ ශරීරියට වෙඩි වැදී නොතිබුනැයි වාර්තා වේ. උන්වහන්සේ අපවත් වූයේ ආයුධයකින් හිසට දුන් පහරකිනි. වැදි මන්තර තදින් ගරුකළ උන්වහන්සේගේ ඉණේ ජප කළ යන්තර දෙකක් තිබුණු බවත් එහි බලයෙන් උන්වහන්සේ ආරක්ෂා විනැයි කලින් වැද්දකුව සිටි පසුව මහණ වූ මිල්ලනා හෙවත් යාපා කියා ඇත.
වාහනය පැදවූයේ කව්ද?
{ "answer_start": [ 205 ], "text": [ "චන්දරේ අයියා" ] }
0b3d539c-d02a-43be-bbd1-e907d5a882a1
ස්ත්‍රියකගේ තල්ල මද නිල් පැහැවූයේ නම් දරුවන් නැත. රළුවූ තල්ල ඇත්නම් දුක් විඳින්නියකි. වකුටුවු තල්ල ඇත්නම් කලහකාරියකි. විශාල තල්ල ඇත්නම් දුක් විඳින්නියක් වන අතර කළුපාට තල්ල ඇත්නම් වැන්දඹුවකි. කලහයට ප්‍රිය කරන ස්ත්‍රියගේ දිව නිල් පැහැවේ. මහත්වූ දිව සිනිඳු වෙයි. එල්ලෙන සුලු දිව ඇත්තී නොකටයුතු දේ කරන්නියකි. යටි ඇන්දේ දත් වැඩියෙන් ඇති ස්ත්‍රිය මවගෙන් වෙන්වී දුක්විඳින්නියකි. විවෘතාකාර හෝ උස්වූ දත් ඇත්නම් වැන්දඹුවකි. තුනීවූ දත් ඇත්තී හිතුවක්කාරියකි. දත් කහපාට හෝ කළු පාට වී මහත්ව සක් කැබලි ආකාරයෙන් තුනීව පිහිටියේ නම් පින් නැත්තියකි.
ස්ත්‍රියකගේ තල්ල මද නිල් පැහැ වීමෙන් අදහස් වන්නෙ කුමක්ද?
{ "answer_start": [ 38 ], "text": [ "දරුවන් නැත" ] }
86481df8-15bb-4d3b-9311-20c107f52634
විදේශිකයකුට අයත් සංචාරක යාත්‍රාවක කපිතාන්වරයෙක් ලෙස රත්නකුමාර මහතා මේ වනවිට සේවය කරයි. අපේ මේ හමුවීම සිදුවූයේ ඔහු සේවය කරන ඒ දර්ශනීය යාත්‍රාවේ දීය. මුහුදු කොටි ප්‍රහාරය සාර්ථක ලෙස මැඩ පවත්වා ජීවිත දහස් ගණනක් හා කොළඹ පුරවරය බේරාගැනීමට ඉදිරිපත් වූ රත්නකුමාර මහතා මීට වසර 23කට ඉහත දී සිදුවූ ඒ සිද්ධිය මතකයට නගමින් විස්තර කරන්නට පටන්ගත්තේ මේ අයුරිනි. කොළඹ වරායට මුහුදු කොටි ගහන්න ආවේ 1996 වසරේ අප්‍රේල් මාසයේ 12 වැනිදා අලුයම් කාලයේ. එදා මම රාජකාරියේ නිරතවෙලා හිටියේ පී 460/441 දරන ඩෝරා යාත්‍රාවේ. මේ යාත්‍රාවේ අණදෙන නිලධාරියා ලෙස කමාන්ඩර් එම්. ජයසූරිය මහතා ද දෙවන අණදෙන නිලධාරියා ලෙස ලුතිනන් කමාන්ඩර් එන්.ඩී. දයානන්ද මහතා ද කටයුතු කළා. ඒත් මේ සිද්ධිය වන දවසේ ජයසූරිය සර් හිටියේ නැහැ. ඔහු නිවාඩු ගිහින්.
මුහුදු කොටි ප්‍රහාරය සාර්ථක ලෙස මැඩ පවත්වා ජීවිත දහස් ගණනක් හා කොළඹ පුරවරය බේරාගැනීමට ඉදිරිපත් වූයේ කව්ද?
{ "answer_start": [ 246 ], "text": [ "රත්නකුමාර මහතා" ] }
ada4f21b-91b6-40db-aa08-4ef987dd8887
මම කවදාවත් දුම් වැටි හෝ ඇල්කොහොල් පාවිච්චි කරලා නෑ. ඒ වගේම ක්ෂේත්‍රයේ තියෙන බොහෝ නරක පුරුදුවලින් ඈත් වෙලා ඉන්නෙ. හැබැයි ඒකෙන් අදහස් කරන්නෙ මම ශාන්තුවරයෙක් කියන එක නෙමෙයි. සුනීල් ෂෙට්ටි කියන්නේය. අද බොහෝ නළුවන් මත්ද්‍රව්‍ය හා දුම්කොළ ප්‍රචාරණයට උදව් කරන බැව් කියමින් පළ වූ ට්විටර් සටහනක සුනීල් ගේ නම ද සඳහන් වී තිබුණේ වැරදීමකිනි. එයට පිළිතුරු වශයෙන් ඔහු මේ අදහස් පළ කර තිබිණි. මිනිස්සු අහනවා මගේ වයස අවුරුදු හැටක් වුණත් මම මෙච්චර තරුණ පෙනුමෙන් ඉන්නෙ කොහොමද කියලා. මත්ද්‍රව්‍යවලින් ඈත් වීම තමයි හේතුව. ඇත්තටම තමන් භාවිතා කරන්න අකැමැති දේවල් ප්‍රචාරණයට ඉදිරිපත් වීම හොඳ දෙයක් නෙමෙයි කියලයි මම කියන්නෙ. ඔහු කීවේය.
ඔහුගේ තරුණ පෙනුමට හේතු ලෙස ඔහු සදහන් කරන්නේ කුමක්ද ?
{ "answer_start": [ 465 ], "text": [ "මත්ද්‍රව්‍යවලින් ඈත් වීම තමයි හේතුව" ] }
12d6b14a-7337-4bd7-81b8-0ae5a62f75a3
කෘෂිකර්මය යනු ඉන්දියානු ආර්ථිකයේ දැවැන්ත කොටසකි. රටේ ජනගහනයෙන් අඩක් පමණම කෘෂිකර්මාන්තයේ නියැළී සිටින අතර රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 18ක් පමණ ලැබෙන්නේ කෘෂිකර්මාන්තයෙනි. යල් පැන ගිය යටිතල පහසුකම් හා ව්‍යාපාර නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා ලැබෙන අස්වැන්නෙන් විශාල ප්‍රමාණයක් අපතේ යයි. මේ ගැටලුවලට විසඳුමක් වශයෙන් කෘෂිකර්මය ආශ්‍රිත ව්‍යාපාර සඳහා තාක්ෂණය හඳුන්වා දී ඇති අතර සමාගම් රාශියක් සිටීම නිසා අතිශය තරඟකාරී බවක් ඇතිව තිබේ. ඒ අනුව පශු සම්පත් සඳහා, එනම් සතුන්ගේ සිරුරුවලට සවි කරන නොයෙක් උපාංග මෙන්ම ගවයන්ගේ මුහුණු හඳුනාගත හැකි ඇප් එකක් දක්වා තාක්ෂණය භාවිත කිරීමට අපේක්ෂිතය.
ඉන්දියානු ආර්ථිකයේ දැවැන්ත කොටසක් වන්නේ කුමක්ද?
{ "answer_start": [ 0 ], "text": [ "කෘෂිකර්මය" ] }
fd899aa5-d5da-480c-bd9e-132a4c6bf9fd
පසුගිය වසරේ ‘සීරෝ’ චිත්‍රපටයෙන් පසුව කිසිදු බොලිවුඩ් චිත්‍රපටයක දකින්නට නොලැබුණ අනුෂ්කා ෂර්මා පිළිබඳව මේ දිනවල යළිත් කතාබහක් ඇතිව තිබේ. පසුගිය කාලයේ සිය සැමියා වූ විරාත් කෝලි සමගින් නිරන්තරයෙන්ම ක්‍රිකට් තරගවලදී දකින්නට ලැබුණ. ඇය පසුගිය මාස 06ක කාලයක් තුළ විරාත් කෝලි සමගින් විදෙස් සංචාර සඳහා එක්ව සිටිනු දක්නට ලැබුණි. මේ දිනවල ඇය ටෙලි නාට්‍යය මාලාවකට එක්වීමට තිරණය කර ඇති අතර, ඒ ප්‍රකට නෙට්ෆිලික්ස් ආයතනය විසින් නිර්මාණය කරන ක්‍රියාදාම ටෙලි නාට්‍යය මාලාවක් සඳහාය. අනුෂ්කා මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර, තවත් ඉන්දීය ජනප්‍රිය නළුනිළියන් කිහිප දෙනෙකුද මේ සඳහා එක්වන බවට තොරතුරු වාර්තා වන්නේය‍.
පසුගිය වසරේ ‘සීරෝ’ චිත්‍රපටයෙන් පසුව කිසිදු බොලිවුඩ් චිත්‍රපටයක දකින්නට නොලැබුණ නිළිය වන්නේ ?
{ "answer_start": [ 80 ], "text": [ "අනුෂ්කා ෂර්මා" ] }
8317f832-17a2-4e8f-9c7b-4fe42d468816
මේ විදියට සති දෙකක් විතර රෑ දවල් නැතුව කොටි අපිට වරින් වර ගැහුවා. අපි බංකර් වලට වෙලා කඳවුර අල්ලගෙන හිටියා. අපි සෑහෙන්න බලාපොරොත්තුවෙන් හිටියා සහයක කණ්ඩායම් ඇවිත් අපි බේරාගනියි කියලා. නමුත් අපේ කඳවුර ළඟට එන සෑම මාර්ගයක්ම කොටි අවහිර කරලා. එන සහයක කණ්ඩායම්වලට ගහන්න පටන් ගත්ත නිසා ඒ දේ කරන්න බැරි වුණා. ගුවනින් එන්නත් බැරි වුණා. ඔවුන් ගුවන් යානාවලටත් දැඩි ප්‍රහාර එල්ල කළා. කොහොම හරි දින ගාණක් අපි කඳවුර අල්ලගෙන ඉද්දි අපිට කන්න දෙයක් නැති වුණා. ඒ නිසා කඳවුරේ තිබුණ ගස්ලබු ගහට නැගලා ගස්ලබු ගෙඩියක් තම්බගෙන කන්න කියලා කොප්‍රල් හීන්අප්පු ගහට නගින්න ගියා. ඒ වෙලාවේ හිතුවේ නැති විදියට හීන්අප්පුට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල වුණා. හීන්අප්පු එතනම මැරුණා. අපි ඔහුගේ මිනිය ආදාහනය නොකර ගෙදර යවන්න දින 04ක් තියාගෙන හිටියා. නමුත් ඒ දේ කරන්න බැරි වුණා. ඒ නිසාම අපි කඳවුරේම හීන්අප්පුගේ මිනිය ආදාහනය කළා.
හීන්අප්පුගේ මිනිය ආදාහනය කළේ කොහෙදීද?
{ "answer_start": [ 746 ], "text": [ "කඳවුරේම" ] }
7b410355-9560-4edd-a6ea-27eace4d67e7
වඳුරන් පමණක් නොව, මීයන්, ඌරු මීයන්, ලේනුන් ආදී ක්ෂීරපායී සතුන් හරහා ද මෙම වයිරසය මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වෙයි. මනුෂ්‍යයන් අතරේ වයිරස ව්‍යාප්තිය සිදුවීම ඉතා අඩු බව පැවැසෙයි. මනුෂ්‍යයන් අතරේ වයිරස ව්‍යාප්තිය සිදුවන්නේ රෝගී අයකු සමීපව ඇසුරු කරද්දීය.මහා බ්‍රිතාන්‍යයෙන් පළමු වඳුරු උණ රෝගියා ලෙස හඳුනා ගැණුනේ මැයි 6 වැනිදා ය. එම ආසාදිතයා නයිජීරියාවේ සංචාරයකට ගොස් ආපසු ආ පිරිමි පුද්ගලයකු බව ද පැවැසිණි. ඉන්පසු දෙවැනි වඳුරු උණ රෝගියා වාර්තා වූයේ මැයි 18 වැනිදා ය.එම දෙවැනි රෝගියා සහ පළමු රෝගියා අතරේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, දෙවැනි රෝගියාට වයිරසය ආසාදනය වූයේ කෙසේදැයි යන්න තවමත් සොයා ගැනීමට නොහැකි වූ බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසා තිබේ. ඉන්පසු බ්‍රිතාන්‍යයේ ප්‍රදේශ කීපයකින් තවත් රෝගීන් වාර්තා වූ අතර විද්‍යාඥයන්ට එය ද අබිරහසක් වී ඇතැයි පැවැසෙයි.
පළමු රෝගියා මහා බ්‍රිතාන්‍යයෙන් හදුනාගත්තේ කවදාද?
{ "answer_start": [ 301 ], "text": [ "මැයි 6 වැනිදා" ] }
259db90a-a480-408b-bf1a-06cf82e06ab3
ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් නිෂ්පාදනය කළා සිද්ධාර්ථ ගීත නාටකයක්. මේ නාට්‍යයේ රචනය හා ගීත ප්‍රබන්ධ කරලා තිබුණේ මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ බිරිය කුසුම් දිසානායක මහත්මිය. සිද්ධාර්ථගේ ප්‍රධාන චරිතය රඟපෑවේ ලක්ෂ්මන් විජේසේකර. බියට්‍රිස් යසෝධරාවගේ චරිතය රඟපෑවා. සංගීත නිර්මාණය කළේ ආදී ආනන්දියකු වූ විශාරද සදානන්ද පට්ටිආරච්චි මහතා. මම නාට්‍යයේ අත්වැල් ගායනයට සහභාගී වුණා. අපි නාට්‍ය හොඳට පුරුදු වුණා. මංගල දර්ශනය තිබුණේ විලියම් ගොපල්ලව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එදා නොසිතූ ලෙස ලක්ෂ්මන්ට ඇස් ලෙඩ හැදිලා ඇස් දෙක හොඳටම ඉදිමිලා. සංගීත අධ්‍යක්ෂක පට්ටිආරච්චි මහතා හොඳටම කලබල වෙලා. හදිසියට අඩුව පිරිමහන්න නළුවෙකුත් නැහැ. පට්ටිආරච්චි මහත්තයා මා ළඟට ආවා. රෝහණ මේ වෙලාවේ ඔයා අපිට උදව් කරන්න ඕනෑ. අපිට උදව්වක් හැටියට සිද්ධාර්ථ චරිතය රඟපානවාද? පට්ටිආරච්චි සර් බැගෑපත්ව ඇසුවා.
මෙහි යසෝධරාවගේ චරිතය රඟපෑවේ කව්ද?
{ "answer_start": [ 228 ], "text": [ "බියට්‍රිස්" ] }
5d31c2a0-2fe9-4e71-8d59-55b269875153
මේ කියන බන්ධනාගාරය තරු පහේ හෝටලයක පහසුකම් සහිත බන්ධනාගාරයක්. වෘත්තීය සූපවේදීන් විසින් සකස් කරන ලද කාබනික ආහාර සහිත කෑම වේලක්, අති නවීන ශාරීරික ව්‍යායාම ශාලාවක් සහ විවේකාගාරයක් සහ තරු පුස්තකාලයක් වැනි මේ වගේ පුදුමාකාර පහසුකම් තිබෙන තැනක්. මේ බන්ධනාගාරයේ නෝර්වේ හි හැල්ඩන් නගරයේ ඇති උපරිම ආරක්ෂිත බන්ධනාගාරයකි. එහි ප්‍රධාන ඒකක තුනක් ඇති අතර ලොව පුරා සිරකරුවන් රැඳවුවද, සාම්ප්‍රදායික ආරක්ෂක උපකරණ නොමැත. සිරකරුවන් පුනරුත්ථාපනය කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් 2010 දී පිහිටවූ මෙම බන්ධනාගාරයේ සැලසුම සිරකරුවෙක්ගේය. අනෙකුත් ක්‍රියාකාරකම් අතර, නිලධාරීන් හා මානුෂික හැඟීමක් ඇති කිරීම සඳහා නිරායුද කාර්ය මණ්ඩලයකින් සමන්විතවීම තවත් විශේෂත්වයකි. හැල්ඩන් බන්ධනාගාරය 2010 වසරේදී එහි අභ්‍යන්තර සැලසුම වෙනුවෙන් ආන්ස්ටයින් ආර්නෙබර්ග් සම්මානය ලබාගෙන ඇති අතර එය ඕනෑවටත් වඩා නිදහස් හා ලිබරල්වීම නිසා විවේචන ද ලැබී තිබේ.
හැල්ඩන් බන්ධනාගාරයේ පහසුකම් මොනවාද?
{ "answer_start": [ 126 ], "text": [ "අති නවීන ශාරීරික ව්‍යායාම ශාලාවක්" ] }
6fe8e946-2b37-465d-80fd-63a7251b9a0f
ශනි හත්වැන්නේ පිහිටීමෙන් විවාහය ප්‍රමාද වුවත් ඉවසීමෙන් යුත් දුක් පීඩාවන්ට ඔරොත්තු දෙන විවාහය අත හැර නොයන කෙනෙකු ලැබීය හැකිය. රාහු හතේ යෙදීමෙන් ප්‍රේම සම්බන්ධතා නොසිතූ විරූ අන්දමට කැඩීයාම, රැවටීම් වලට අසුවීම, වැනි තත්ත්වයන් උදාවීම මෙන්ම සමහර විට ලස්සන රූ සපුවක් ඇති කෙනෙකු ලැබීමත් සිදුවීමට ඉඩ තිබේ. කේතු හතේ පිහිටිම ඥානාන්විත සහකරුවකු හෝ සහකාරියකු ලබා දෙන්නකි. ජන්ම පත්‍රයක විවාහය ගැන බැලීමේදී හත් වැන්න වූ කලත්‍රස්ථානය පමණක් නොව පවුලට අලුතෙන් සම්බන්ධ වන සාමාජිකයා ගැන විස්තර පෙන්නුම් කරන දෙවැන්න ගැනද පරීක්ෂා කිරීම අවශ්‍ය වේ.
විවාහය ප්‍රමාද වුවත් ඉවසීමෙන් යුත් දුක් පීඩාවන්ට ඔරොත්තු දෙන විවාහය අත හැර නොයන කෙනෙකු ලැබීය හැක්කේ ශනි කීවැන්නේ පිහිටීමෙන්ද?
{ "answer_start": [ 4 ], "text": [ "හත්වැන්නේ පිහිටීමෙන්" ] }
a62065a1-b40b-46d4-9047-c834d7798c18
ඇත් අතුරු සෙවණේ සේවකයන්ට මෙම නම් සහිත පැටවුන් හඳුනා ගැනීම එතරම් අසීරු නොවේ. එසේම පැටවුන්ට රැකවරණයට කැපකරු මාපියෝද ඉදිරිපත්ව සිටිනවා. ඔවුන්ට තමන් කැමති නමක් යෙදීමටද අයිතියද ලබාදී තිබෙනවා. සෙරන්ඩිබ්, මැටිල්ඩා, ඉන්දි, මීෂා එවැනි තැබූ නම් කිහිපයක්. ඇත් අතුරු සෙවණේ සිටින පැටවු යම් කාලසටහනක් අනුව හැඩගැසී සිටිනවා. උදෑසන 6.00 සිට උදෑසන 9.30 දහවල් 12.00 සවස 3.00 සවස 6.00 ට කිරිදෙන වේලාවන්ය. මෙම අවස්ථාවලදී අලි පැටවුන්ට කිරිදෙන අවස්ථාව නැරඹීමට දෙස් විදෙස් නරඹන්නන්ට අවස්ථාව උදාවෙනවා. සැබැවින්ම මෙම අවස්ථාව ඉතාම ප්‍රියජනක වූ දසුනකි. එකිනෙක කිරි බීමට දරණ දඟකාරකම් සොඳුරුයි. කිරී දීමට පහසුව පැටවුන් දෙදෙනා බැගින් රැහැනෙන් මුදා හරිනවා. ඇතැම් පැටවුන් ලබාදෙන කිරි ප්‍රමාණයට වඩා ඉල්ලා දඟලන අවස්ථාද බොහොමයි.
කැපකරු මාපියන් එලෙස තැබු නම් මොනවාද?
{ "answer_start": [ 187 ], "text": [ "සෙරන්ඩිබ්, මැටිල්ඩා, ඉන්දි, මීෂා" ] }
05ef7f09-c210-4fdb-9fd4-4121597d5c71
එමෙන්ම පියදාස එකල සිංහල මෙන්ම ඉන්දීය චිත්‍රපටවල නැටුම් ජවනිකා ඉදිරිපත් කරමින් ජනප්‍රිය වූ පද්මිණී හා රාගිනී යන නිළියන්ට ප්‍රිය කළේය. ඔවුන්ට ඔහු කෙතරම් ප්‍රිය කළේ ද යත් බාලම දියණියට නම තැබුවේ රාගිනී යනුවෙනි. එහෙත් එයට ඔහුගේ බිරිඳ සුමනා එතරම් කැමැති නොවූවාය. රාගිනී ඉංග්‍රීසියෙන් ලියන විට රාජිනී යනුවෙන් ද ශබ්ද කළ හැකිය. ලංකා රාජිනී ගුණසේකර මුලින් රාගිනී වී පසුව රාජිනී වූයේ ඒ අනුවය. එහෙත් තවමත් උප්පැන්න සහතිකයේ ඇත්තේ රාගිනී යනුවෙනි. පියදාස ගුණසේකරයන් තම මුල්ම ගීය තහනම් වීම නිසා ගායනය අත්හැර දැම්ම ද ඔහුගේ පවුලේ අයට කලාව පිහිටන්නට ඇත්තේ උපතින්ම විය යුතුය. ඔහුගේ වැඩිමහල් සොහොයුරියගේ දියණිය අයිරින් ද අල්විස් නමින් පසු කල ජනප්‍රිය ගායිකාවක වූවාය.
පද්මිණි හා රාගිනි නැටුම් ජවනිකා ඉදිරිපත් කළේ කුමකද ?
{ "answer_start": [ 18 ], "text": [ "සිංහල මෙන්ම ඉන්දීය චිත්‍රපටවල" ] }
7b80f1c3-75d0-4dc5-96cc-18acacba444c
මෙම විහාර භූමියට අයත් තෙවන ලෙන වන්නේ තාපස ලෙනයි. අතීතයේදී ස්වාමීන් වහන්සේලා වැඩ සිටි බවට විශ්වාසයක් ඇත. නමුත් අද වනවිට මෙම ලෙන තුලට ගමන් කිරීමට නොහැකි ලෙස ලෙන වනයෙන් වැසී ඇත. මෙම විහාරය තුල පැරණි සංඝාවසය හා පෞරාණික බණ මඩුව අදටත් දකින්නට ලැබේ. විහාරය තුල පැරණි ගල් පඩිපෙළක් ද දක්නට ලැබේ. ඉපැරණි නා ගසක් හා ඉපැරණි බෝධීන් වහන්සේ මෙම විහාර භූමිය තුළ අදටත් බෞද්ධයන්ට වන්දනාමාන සිදු කිරීමට වැඩ සිටියි. පොත්ගුල්ලෙන් විහාරයේ පුරාවිද්‍යාත්මක පසුබිම ගැන සඳහන් කළොත් මෙම විහාර භූමිය ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වේ. මෙම භූමියේ පිහිටි ලෙන් වසර 37000කට වඩා ඉපැරණි ආදි මානවයින් වාසය කළ ස්ථානයක් බව සාධක මගින් හෙලි වී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කරන ලද කැනීම්වලින් මෙම ස්ථානය බලංගොඩ මානවයා ජීවත් වූ ස්ථානයක් බවට හඳුනාගෙන ඇත. වසර 37000කට වඩා ඉපැරණි ආදී මානවයින්ගේ ඇටසැකිළි හා අවුරුදු 14000ට වඩා ඉපැරණි මානවයින්ගේ ඇටසැකිලි පුරා විද්‍යා කැනීම්වලදී මෙම භූමියේ තිබී සොයාගෙන තිබේ. මෙහිදී සොයාගත් ඇටසැකිලි ඇමරිකාවේදී කාබන් 14 නමැති පරීක්ෂණයට භාජනය කර ඉන්පසුව මෙම සාධකයන්හි කාල ගණනය කිරීම් කර ඇත.
විහාර භූමියට අයත් තෙවන ලෙන කුමක්ද ?
{ "answer_start": [ 37 ], "text": [ "තාපස ලෙනයි" ] }
d9b1218f-7ea2-40b2-aefd-1a6b963b24e0
ඉන්දියාවේ සියලු නගර වසා ඇති මොහොතක සුපිරි බොලිවුඩ් සිනමා නළු රන්වීර් සිං ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිත ඔහුගේ 83 බොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටින පුවතක් වාර්තා ව. කපිල් දේව්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වූ මෙම 83 චිත්‍රපටය තුළ දිව යන්නේ 1983 වසරේදී ඉන්දීයාවට පළමු එක්දින ලෝක කුසලාන තරගාවලියක ජයග්‍රහණය අත් කර දීමට කපිල් දේව් විසින් ගත් උත්සාහයයි. ඔහු සිය නිවසේ ක්‍රිකට් තරග ක්‍රීඩා කරමින් එහි විඩියෝ පට සිය සමාජාජාල ගිණුම් හරහා රසිකයන්ට ලබා දෙමින් මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටියි. එමෙන්ම මෙම චිත්‍රපටයේ ඔහුගේ බිරිඳ හා පෙම්වතිය ලෙස පෙනී සිටින්නේද ඔහුගේ සැබෑ ජිවිතේ බිරිඳ වන දිපීකා පදුකෝනි ද, රන්විර් සමග මෙම ප්‍රචාරක විඩියෝපටවලට එක්ව සිටිනු දක්නට ලැබේ.
ඇය චිත්‍රපටයේ දක්නට ලැබෙන්නේ කෙසේද ?
{ "answer_start": [ 531 ], "text": [ "චිත්‍රපටයේ ඔහුගේ බිරිඳ හා පෙම්වතිය ලෙස" ] }
042688c4-2789-41a9-be3e-2994fed20a5b
ඇල්ල පාමුලට ගමන් කිරීම සඳහා නිශ්චිත ගමන් මාර්ගයක් නොමැත. එසේ ගමන් කරන්නේනම්, ලදු කැලෑව අතරින් මාර්ගයක් තනාගෙන යා යුතුය. කෙසේ හෝ ඇල්ල පාමුලට සේන්දු වීමට හැකිනම් දුරින් හිද බලනවාට වඩා ඉතා සොඳුරු දසුන් ඒ අසල සිට විඳගැනීමට හැකියාව ලැබේ. දිය දහරාව ඇඳ හැලෙන තටාකය පාමුල දිය නෑමට එතරම් උචිත ස්ථානයක් නොවේ. ඇල්ල බැලීමට ගමන් කිරීමේදී මතුපිට තිබෙන ගල් ලිස්සන සුලු බැවින් ජංගම දුරකථන, කැමරා උපාංග, මුදල් පසුම්බි පරිස්සම් කරගත යුතුය. පරිසරය රැකගැනීම උදෙසා පොලිතීන්, ප්ලාස්ටික් එම භූමියේ දමා නොයාමටද සංචාරකයන් සැලකිලිමත් විය යුතුය.
නිශ්චිත ගමන් මාර්ගයක් නැත්තේ කුමකටද?
{ "answer_start": [ 0 ], "text": [ "ඇල්ල පාමුලට ගමන් කිරීම සඳහා" ] }
f2d0c4d2-ddf8-4165-89f0-9590dd35d87d
ඉහත පර්යේෂණයට සමාන්තරව ‘ජෙඩුනීන්’ සංයෝගයේ ගුණාත්මක බව නැනෝ තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු කළ හැකිදැයි අප සොයා බැලූවා. විශේෂයෙන් සැකසු නැනෝ අංශු තුළ ‘ජෙඩුනීන්’ රඳවා පියයුරු පිළිකා පියවි සෛල සහ පෙනහළු පිළිකා සෛලවලට හඳුන්වා දුන්නාම ‘ජෙඩුනීන්’ සතු පිළිකා කාරක ගුණය පෙනහළු පිළිකා සෛල සඳහා සංශුද්ධ ‘ජෙඩුනීන්’ වලට වඩා දස ගුණයකින් වැඩිවන බව පෙනී ගියා. එසේම පියයුරු පිළිකා පියවි සෛල සෘජුවම ඉලක්ක කරගත හැකි ‘ජෙඩුනීන්’ රසායනය යොදාගෙන සැකසූ නව නැනෝ තාක්ෂණික මුසුවක් අප දැනටමත් සකසා තිබෙනවා. ඒ සඳහා පේටන්ට් බලපත‍්‍රයක් අයැදුම් කිරීමටත් බලාපොරොත්තුවෙන් සිටිනවා. අප පර්යේෂක කණ්ඩායම මෙම සොයාගැනීම දැනට ජාත්‍යන්තරව පිළිගත් විද්‍යාත්මක සඟරා 3 ක පළකර තියෙනවා. වගකිවයුතු නිලධාරීන් තවමත් මෙවැනි දියුණු ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ ශ්‍රී ලංකාවේ සිදුවන බව නොදන්නවා විය හැකියි. මෙවැනි පර්යේෂණ සඳහා විශාල මුදලක් වැය වෙනවා. අප මේ සියල්ල සිදුකරනුයේ අනාගත පරපුර වෙනුවෙන්. තවත් වසර 10 ක් ඇතුළත අපේ සොයාගැනීමක් ජාත්‍යන්තර සායනික භාවිතය සඳහා යෙදවීමට පිඹුරු පත් සකස් කර තිබෙනවා. යැයි සමරකෝන් මහතා පැවැසීය.
විශේෂයෙන් සැකසු නැනෝ අංශු තුළ රදවා පියයුරු පිළිකා පියවි සෛල සහ පෙනහළු පිළිකා සෛලවලට හඳුන්වා දුන්නේ මොනවද ?
{ "answer_start": [ 147 ], "text": [ "‘ජෙඩුනීන්’ රඳවා" ] }
ea7a25a2-9d9d-4ab7-bd78-ac1fedf9f546
පසුගිය වසරේ නවසීලත්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලියකට සුදු අන්තවාදියකුගේ ප්‍රහාරයක් එල්ල විය. නවසීලන්ත මුස්ලිම් වැසියෝ 51ක් මියගියහ. එම සිදුවීම සම්බන්ධයෙන් අගමැතිනිය ගත් ක්ෂණික ක්‍රියාමාර්ග නවසීලන්ත මුස්ලිම් ප්‍රජාවගේ පැසැසුමට හේතුවක් විය. නවසීලන්තයේ ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් නව නීති සකස් කෙරුණි. ඊට අමතරව, ගතවුණු වසර දෙක ඇතුළත අගමැතිනියගේ රජය මැදිහත් වී, නව රැකියා අවස්ථා 92,000ක් උදා කළේය. රජයේ වියදමින් නිවාස ව්‍යාපෘති ඇරැඹුවේය. ප්ලාස්ටික් තහනම් කළේය. මිලියන 140 ක් පැළ රෝපණය කළේය. කාබන් බද්දක් හඳුන්වා දුන්නේය. පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරය ලබාදීමට කටයුතු කළේය. මිනිත්තු දෙකේ වීඩියෝව හරහා අගමැතිනිය මේ සියල්ල මතක් කර දෙයි.
ක්‍රයිස්ට්චර්ච් නුවර පිහිටා ඇත්තේ කිනම් රටකද?
{ "answer_start": [ 12 ], "text": [ "නවසීලත්තයේ" ] }
754b7290-9c95-48f3-87c5-d297abe7afe1
සුදත්ගේ පරම පවිත්‍ර පැතුම වූයේ සුරතලිය විවාහ කර ගෙන සැපවත් ජිවිතයක් ගත කිරීමටය. නගරයේ තරුණියන් ඇසුරු කරන සුසිල්ගේ අදිටන වූයේ පිටිසරින් හමු වූ මානෙල්ගෙන් අයුතු ප්‍රයෝජන ලබා විනෝදවීමටය. තරුණ මිතුරන්ගේ මේ පෙම් හබ පෙම්වතියන්ගේ මාපියන්ට ආරංචි විය. සුසිල්ට මෙයින් යම් සහනයක් ලැබුණේ මානෙල්ගේ පියාට ඔහු රැකියාවක් ලබා දුන් නිසාය. එබැවින් ඔහුගෙන් සුසිල්ට බාධාවක් නොවීය. දිනක් රාත්‍රියේ සුසිල්ගේ අභිප්‍රාය ඉටු කරමින් මානෙල් ඔහු අතින් අනාථ වූවාය. මෙය වැළක්වීමට සුදත් ගත් උත්සාහයෙන් පළක් නොවීය. මේ නිසා සුදත් තම මිතුරා පිළිකුල් කළේය.
සුසිල් අතින් අනාථ වූයේ කව්ද?
{ "answer_start": [ 406 ], "text": [ "මානෙල්" ] }
8637b226-94e5-4e8c-b526-cf5c1a7498dd
ඔරංසෙබ් රාජ්‍යත්වයට පත් වූයේ තම රෝගී පියා වූ ෂා ජහාන් සිරකරුවකු බවට පත් කරමිනි. ෂා ජහාන් මිය ගියේ ක්‍රි.ව. 1666 දී ය. මිය යන තෙක් ම ඔහු ඔරංසෙබ්ගේ සිරකරුවෙක් විය. තම පියා කෙරෙහි කිසිදු අනුකම්පාවක් නොදැක්වූ ඔහු කිසි දිනෙක පියා බලන්නට ගියේ ද නැත. අග්‍රාවේ තිබූ සියලු ධනය අත්පත් කරගත් ඔහු තම සොහොයුරන් දඩයම් කිරීම ඇරඹීය. ඔරංසෙබ් ආලම්ගීර් (සර්ව ලෝක අධිපති) යන වදන තම නමට එක් කර ගත්තේය. ක්‍රි.ව. 1658 දී රාජ්‍යත්වයට පත් ඔරංසෙබ් ක්‍රි.ව. 1707 දක්වා පනස් වසරක් රජ කළේය. ඔහුගේ පාලන සමයේ මූගල් අධිරාජ්‍යය සමස්ත ඉන්දියාව පුරා ව්‍යාප්ත වී තිබිණි. එවැනි විශාල අධිරාජ්‍යයක් ඉන් පෙර ඉන්දියාවේ බිහි නොවූ අතර ප්‍රමාණයෙන් එය නන්ද, මෞර්ය හා දිල්ලි සුල්තාන් රාජ්‍යය ද ඉක්මවා තිබිණි. ඔරංසෙබ් ඉස්ලාම් ධර්මයට අනුකූලව රාජ්‍ය පාලනයේ නිරත විය.
ඔරංසෙබ් තම නමට එක් කරගත් වදන කුමක්ද?
{ "answer_start": [ 325 ], "text": [ "ආලම්ගීර්" ] }
a3b861c0-81a1-4ffe-8fb5-1fff7e7c4a7a
ස්ත්‍රියකගේ තල්ල මද නිල් පැහැවූයේ නම් දරුවන් නැත. රළුවූ තල්ල ඇත්නම් දුක් විඳින්නියකි. වකුටුවු තල්ල ඇත්නම් කලහකාරියකි. විශාල තල්ල ඇත්නම් දුක් විඳින්නියක් වන අතර කළුපාට තල්ල ඇත්නම් වැන්දඹුවකි. කලහයට ප්‍රිය කරන ස්ත්‍රියගේ දිව නිල් පැහැවේ. මහත්වූ දිව සිනිඳු වෙයි. එල්ලෙන සුලු දිව ඇත්තී නොකටයුතු දේ කරන්නියකි. යටි ඇන්දේ දත් වැඩියෙන් ඇති ස්ත්‍රිය මවගෙන් වෙන්වී දුක්විඳින්නියකි. විවෘතාකාර හෝ උස්වූ දත් ඇත්නම් වැන්දඹුවකි. තුනීවූ දත් ඇත්තී හිතුවක්කාරියකි. දත් කහපාට හෝ කළු පාට වී මහත්ව සක් කැබලි ආකාරයෙන් තුනීව පිහිටියේ නම් පින් නැත්තියකි.
ස්ත්‍රියකට දරුවන් නොමැති බවට ලක්ෂණ පෙන්නුම් කරන අයගේ මද නිල් පැහැවන්නේ කුමක්ද?
{ "answer_start": [ 12 ], "text": [ "තල්ල" ] }
6c1cf230-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
‘‘රෝගියකු ශල්‍යකර්මයට පසුව සුවය ලබන කාලය අතරතුර ඔහුගේ ක‍්‍රියාකාරකම් දුරස්ථව සිට වෛද්‍යවරයාට නිරීක්‍ෂණය කිරීමටත් ඒවායේ වාර්තාවක් ලබා ගැනීමටත් එමගින් හැකිවෙනවා. අනතුරක් හෝ හදිසි අවස්ථාවක නම් කරන ලද පුද්ගලයකුට අනතුරු පිළිබඳව හා අනතුර සිදුවූ ස්ථානය පිළිබඳව ජී.එස්.එම්. තාක්‍ෂණයෙන් කෙටි පණිවුඩයක් ලෙස යැවීමේ හැකියාවද තියෙනවා. මෙම නිර්මාණය වයෝවෘද්ධ පුද්ගලයන් දුරස්ථව සිට නිරීක්‍ෂණය කිරීමේ පද්ධතියක් ලෙසද යොදාගැනීමේ හැකියාව තියෙනවා. මෙම නිර්මාණය ජපානයේ කියෝතෝ නුවරදී පරිභෝජන ඉලෙක්ට්‍රෝනික ක්ෂේත‍්‍රය සඳහා පැවැති පස්වැනි අන්තර්ජාතික සමුළුවේදී ඉදිරිපත් කිරිමටද අපට හැකිවුණා.’’
කෙටි පනිවුඩ යවනු ලබන්නේ කුමන තාක්‍ෂණයකින්ද?
{ "answer_start": [ 254 ], "text": [ "ජී.එස්.එම්" ] }
cb6bde1e-7152-469c-860d-0c92d552544c
සූර්ය පැනලවල දුවිලි අංශු බැඳීම සහ ඇඳුම් අපවිත‍්‍රවීමට විසඳුමක් ලෙස නැනෝ තාක්‍ෂණික දියරයක් නිපදවීමට ඉංජිනේරු උපාධිධාරී රඛිත බි‍්‍රටෝ සමත්වී තිබේ. කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල රථවාහන සහ කර්මාන්ත ශාලාවලින් පිටවන දුමාරය හේතුවෙන් ඉතා කෙටිකලකදී සූර්ය පැනලවල දූවිලි අංශු බැඳීම සිදුවේ. මේ නිසා සූර්ය පැනලවලින් ලබාගත හැකි කාර්යක්‍ෂමතාව අඩුවේ. ඊට විසඳුමක් ලෙස රඛිත විසින් නිපදවා ඇති නැනෝ තාක්‍ෂණික දියරයෙන් සූර්ය පැනලයක් වසර 15 ක් පමණ දූවිලි අංශුවලින් ආරක්‍ෂාකර ගැනීමට හැකියාව ලැබේ. කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල විශාල දූවිලි ප‍්‍රමාණයක් තිබීම සහ දුමාරය හේතුවෙන් සූර්ය පැනලවල මතුපිට පෘෂ්ඨිය දූවිලි අංශු සහ අනෙකුත් අපද්‍රව්‍යවලින් ඉතා ඉක්මනින් වැසී යනවා. මෙම අපද්‍රව්‍ය වර්ෂා කාලවලදී සේදී යාහැකි යැයි අප සිතුවද වැසි ජලයෙහිද පිරිසුදුතාවක් නොමැති නිසා එය වැළකෙනවා. මෙය සූර්ය පැනල සවිකරන බොහෝ ආයතනවලට විශාල ගැටලූවක්. දැනට සිදුකරන්නේ වහලයට මොබ් එකක් රැගෙන ගොස් එමගින් සූර්ය පැනලය පිරිසුදු කිරීමයි. එයත් මාස 3 කට වරක් හෝ සිදුකරන අතර මෙමගින් සූර්ය පැනලයේ ක්ෂුද්‍ර සීරීම් සිදුවිය හැකිය. ඒ වගේම මතුපිටින් පවා සීරීම් සිදුවෙන්න පුළුවන්. මේ හේතු කාරණා සැලකිල්ලට ගෙන දූවිලි අංශුවලට ප‍්‍රතිරෝධීව ක‍්‍රියාකරන නැනෝ තාක්‍ෂණික විසඳුමක් ගෙන ඒමට මට හැකිවුණා. මෙහිදී සිදුවන්නේ හයිඩ්‍රෝපිලික් පෘෂ්ඨයක් සූර්ය පැනලය මත සකස් කෙරෙනවා. එම නිසා එහි ජල බිංදු රැඳීමක් සිදුවෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ජල බිංදු රැඳුන හොත් එහි කුඩා දූවිලි ලප ඇතිවීම සිදුවෙනවා. මෙම නැනෝ දියරය මගින් 85% ක් පමණ දූවිලි අංශු රැඳීම වළකාගන්න පුළුවන්. මෙහි ඇති පරාවර්ථන ප‍්‍රතිරෝධී ක‍්‍රියාවලිය නිසා ආලෝකය පරාවර්ථනය වීමක් සිදුවන්නේ නෑ.
නැනෝ තාක්‍ෂණික දියරයක් නිපදවා ඇත්තේ කුමන ගැටලුවකට විසඳුමක් ලෙසද?
{ "answer_start": [ 0 ], "text": [ "සූර්ය පැනලවල දුවිලි අංශු බැඳීම සහ ඇඳුම් අපවිත‍්‍රවීමට" ] }
562792ed-90b7-465e-8041-60679057e9f3
කරඳහෙළ වටා වැව් කිහිපයක් පිහිටියේය. නමුත් කරඳහෙළ වැව හැර සෙසු වැව් සියල්ල කැලයට යට වී කැලෑබවට පත්ව තිබේ. කරඳහෙළට ඊසාන දිගින් කරඳ ඔය ගලා බසින නිසා කරඳහෙළ වූ බවට සැලකේ. කරඳහෙළ ආශ්‍රිතව ජනප්‍රවාද කීපයක් එයි. අඩි 512 ක් දිග රාජාලෙන තුළ කාවන්තිස්ස රජු හා සේනාව නැවතී සිටීම පිළිබඳව ද ජනප්‍රවාදයකි. කරඳහෙළ විහාරයේ සිට ලාහුගල මගුල් මහා විහාරයටද එහි සිට දහම්පළ දුටුගැමුණු මාලිගාවටද යාමට ගල් ඇතිරූ මාර්ගයක් තිබූ බවටද ජනප්‍රවාදයක් තිබේ. කාවන්තිස්ස රජු නිතර මේ මාර්ගය ඔස්සේ කරඳහෙළ විහාරයට පැමිණි බව කියැවේ. කරඳහෙළ කඳු ගැටය පුරා වස්තුවලින් පිරී ඇති තැනකි. මෙහි පළමුවෙන්ම ගවේෂණයක් සිදුකර ඇත්තේ සී.ඩබ්ලිව්. නිකලස් මහතාය. එහෙත් මෙම ස්ථානය පිළිබඳව පුර්ණ ගවේෂණයක් සිදුකර ඇත්තේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ය. උන්වහන්සේ ඒ සඳහා මුලින්ම එහි ගොස් ඇත්තේ 1965 දීය. පසුව 1981 දී එහි ගල් ලෙනක දින ගණනාවක් නතරවී උන්වහන්සේ දීර්ඝ ගවේෂණයක යෙදුණහ. පසුව පසුගිය වසරේදී ද මේධානන්ද හිමියෝ කරඳහෙළට ගොස් ගවේෂණයේ නිරත වූහ.
මෙය පිළිබද පූර්ණ ගවේෂණයක් කලේ කවුරුන්ද ?
{ "answer_start": [ 659 ], "text": [ "පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ය" ] }
a62a5044-a5b2-4c99-bf6d-95fa2706f2f7
මධූෂ් මුලින්ම හිරගෙදර ගියේ කුමන වරදක් මතද යන්න විවාද සම්පන්නය. මධූෂ්ගේ ගමේ ඇතැමෙක් පවසන්නේ ඔහු නොකළ වරදකට හිරේ ගිය බවය. තවත් කෙනෙක් පවසන්නේ ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් හිරේ ගිය බවය. කෙසේ වෙතත් එක් අවස්ථාවකදී අධිකරණයෙන් ඇප ලබාදී තිබියදීත් ඔහු වෙනුවෙන් ඇප තැබීමට කිසිවෙක් නොසිටීම නිසා තවත් මාස ගණනාවක් රිමාන්ඞ් බන්ධනාගාරයේ කාලය ගෙවන්නට මධූෂ්ට සිදුවිය. ඒ 2003 - 2004 කාල වකවානුවේදීය. ගමේ චණ්ඩියෙකු ලෙසද, බස්වලින් කප්පම් ගන්නෙකු ලෙස ද ප‍්‍රදේශයේ නමක් දරා සිටි මධූෂ් කුඩුකාරයකු කරන්නට සමත් වෙන්නේ මේ කාල වකවානුවේ ඔහුට හමුවූ බන්ධනාගාරගත රැඳවියන්ය.
ගමේ චන්ඩියෙකු ලෙස ප්‍රදේශයේ නමක් දරා සිටියේ කවුද?
{ "answer_start": [ 455 ], "text": [ "මධූෂ්" ] }
9cc6fcaf-9995-4e30-87e7-f314519fcce9
සැකකරු වසර 10 පෙර මෙම ජාවාරම සිදුකළ බවට ප‍්‍රකාශ කළ ද මෙම කාඩ්පත් පරීක්ෂා කිරීමේදී ඒවා වසර 10 පැරණි ඒවා බවට දක්නට ලැබී නැත. නිලධාරීන්ට මේ පිළිබඳ සැකය තවදුරටත් වර්ධනවී තිබුණි. එම නිවසේ රථ ගාලෙන් සුඛෝපභෝගී ජිප් රථයක් හමුවී ඇති අතර එහි ලියකියවිලි පරීක්ෂා කිරීමේ එංජි අංක, චැසි අංක සියල්ල එකිනෙකට වෙනස් අතර ඒ අනුව මෙය කොටස් එක්ලස් කර සකස් කර සැකසූ වාහනයක් බවට ද තොරතුරු හෙළි කර ගැනීමට නිලධාරීන්ට හැකිවිය. අත්අඩංගුවට පත් මෙම සැකකරු ජවාරම් රැසක නිරතෙවන පුද්ගලයකු වෙන අතර ක්‍රෙඩිට් කාඩ් ජාවාරම, මුහුදු කූඩැල්ලන් ජාවාරම, සහ නීති විරෝධී සිගරට් ජාවාරම ඉන් කිහිපයකි.
ජීප් රථය සකස් කොට ඇත්තේ කෙසේද ?
{ "answer_start": [ 314 ], "text": [ "කොටස් එක්ලස් කර" ] }
ce1eacc5-1c87-44db-8c91-ac4076105b2d
මොඩ්ලින් ක්ෂේත්‍රයේදී විවිධ ඇඳුම් අඳින්න සිදුවෙනවා. එතනදී සමහර වෙලාවට අඩනිරුවත් පවා වෙන්න සිදුවෙනවා නේද? ඔයා එවැනි දේවලට කැමතිද? මම ප්‍රොෆෙෂනල් මොඩ්ලර් කෙනෙක් නෙවෙයි. ෆ්‍රීලාන්ස් වැඩ කරන්නේ. මෙය විනෝදාංශයක් විදිහට මම කරන්නේ. ඡායාරූප ශිල්පියාගේ කන්සෙප්ට් එක මට විඳින්න පුලුවන් හරි, ආසාවක් තිබෙනවා නම් හරි විතරයි මම ඒ දේ කරන්නේ. අඩ නිරුවත් ඡායාරූපකරණය කලාවක්. නමුත් ඒක මට සුදුසු නෑ. මොකද මම රංගන ශිල්පිනියක් ලෙස වැඩකරන නිසා. එතනදී කොට ඇඳුම් ඇන්දා කියලා ප්‍රශ්නයක් මා දන්නේ නෑ. මම රංගනයේදී එවැනි ඇඳුම් අදිනවා.
මොඩ්ලින් ක්ෂේත්‍රයේදී කිරීමට සිදුවන්නේ මොනවාද?
{ "answer_start": [ 22 ], "text": [ "විවිධ ඇඳුම් අඳින්න" ] }
ec6d2d7a-fedd-48c6-baf4-29fe5da0acd8
මැයි මස 17 වැනිදා සිට 28 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නගරයේ පැවැත්වෙන කාන්ස් සිනමා උළෙල සඳහා බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර්ටද ආරාධනාවක් ලැබි තිබුණි. කෙසේ වෙතත්, ආක්ෂේගේ පෞද්ගලික හිතවතෙකු පවසන්නේ ඔහුට මෙම සිනමා උළෙල සඳහා එක්වීමට මේ වනවිට නොහැකි වී ඇති බවය. ඒ ආක්ෂේ කුමාර් මේ වනවිට දෙවැනි වතාවටද කොවිඩ් අසාධිතයෙකු වී සිටිම හේතුවෙනි. ආක්ෂේ මේ වසරේ රංගනයෙන් දායක වන දෙවැනි චිත්‍රපටය වන ප්‍රිත්විරාජ් චිත්‍රපටයේද ප්‍රචාරක කටයුතු මේ වනවිට ඇණහිට තිබෙන අතර, චිත්‍රපටය ජුනි 03 වැනිදා නිකුත් කිරිමට නියමිතව ඇත.
කාන්ස් සිනමා උළෙල පැවැත්වෙන්නේ කුමන නගරයේ ද?
{ "answer_start": [ 47 ], "text": [ "පැරිස් නගරයේ" ] }
89e1675a-f998-4e4c-bf20-5b9e6882f65e
එදා තුවක්කු ලයිසන් දිනයේ කළු මාමා තම ලයිසන් තුවක්කුවත් කර තියාන සරා ගොයියා වගේ ගොඩෙන් ගොඩෙන් පැන කළුගමුවේ ගම්සභා ඔපීසිය බලා ගියේය. ඒත් එදා ඩීයාරෝතුමාට මුලම තදවී තිබුණේ බලපත්‍ර ගාස්තු ගෙවූ විට රිසිට් කඩා දිය යුතු කුවිතාන්සි පොත ගේන්ට බැරිවීම හේතු කොට ගෙනය. ඔහු එදා ඊට හේදම අල්ලමින් ගම් සභා සේවකයින්ටත් ලියන්නන්ටත් සැල් අරිමින් සිටින අතරේ තුවක්කු හිමියන්ට නැති අඩුපාඩු පෙන්වමින් සැරවැර විය. ඒ අතරේ තුවක්කුවක් අතින් ගෙන ඔපීසියට ගොඩවැදුණු කළු මාමාගේ ඇඟටත් කඩා පැන්නේය. වචනයක්වත් කතා නොකොට ආපිට හැරුණු කළු මාමා පඩි දෙක තුන බහින විටම මිදුලේ ඇලුමිණියම් දුරකතන කණුවක ගෝනි ලණුවකින් ගැට ගසා තිබූ තුවක්කු බලපත් නොතීසිය දැක වහා එය ගලවා අතට ගත්තේය. ආපසු හැරුණේය. අඩියට දෙකට ආපසු ඩීයාරෝගේ මේසය වෙත ගිය හෙතෙම නොතීසිය ආදායම් පාලක නිලධාරියාගේ මුහුණ අස්සටම දිගු කොට ‘කවුද මේ නොතීසියට අත්සන් කොරල තියෙන්නේ? යි කඩා පැන්නේය.
කළු මාමා තම ලයිසන් තුවක්කුවත් කර තියාන සරා ගොයියා වගේ ගොඩෙන් ගොඩෙන් පැන කළුගමුවේ ගම්සභා ඔපීසිය බලා ගියේ කවදාද ?
{ "answer_start": [ 4 ], "text": [ "තුවක්කු ලයිසන් දිනයේ" ] }
754f24ca-fd6f-47a0-bde2-091a92a5813a
නව කොරෝනා වයිරස ආසාදිතයන් මිලියනය ඉක්මවූ පළමු බටහිර යුරෝපීය රට බවට ස්පාඤ්ඤය පත්ව ඇත. ස්පාඤ්ඤයෙන් බදාදා දිනය තුළදී පමණක් නව කොරෝනා වයිරස ආසාදිතයන් 16,973 දෙනකු හඳුනාගත් අතර එම පැය 24 කාලයේදී වයිරස ආසාදිත මරණ 156ක් වාර්තා වූයේ යැයි ද එරට සෞඛ්‍ය අංශ සඳහන් කළේය. ස්පාඤ්ඤයෙන් පළමු නව කොරෝනා වයිරස ආසාදිතයා හඳුනා ගත්තේ ජනවාරි 31 වැනිදා ය. එතැන් සිට මේ වනවිට ස්පාඤ්ඤයෙන් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,026,281කි. ලොව නව කොරෝනා වයිරස ආසාදිතයන් මිලියනයක් වාර්තා වන හයවැනි රට වන්නේ ද ස්පාඤ්ඤයයි. ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, බ්‍රසීලය, රුසියාව සහ ආර්ජන්ටිනාව යන රටවලින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මීට කලින් මිලියනය ඉක්මවා ගියේය. යුරෝපයේ රටවලින් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන පසුගිය සති කිහිපයේදී වාර්තා ගත අයුරින් ඉහළ ගියේය. මේ හේතුවෙන් රටවල් කිහිපයක්ම මේ වනවිටත් වයිරසයේ පැතිර යෑම වැළැක්වීම සඳහා සීමා පනවා ඇත. වයිරස ආසාදිතයන් වාර්තා ගත අයුරින් වැඩිවීම නිසා රෝහල් පිරී යෑමේ අවදානමක් ද ඇති වී තිබේ.
එම රටෙන් බදාදා දින හමුවූ ආසාදිතයන් ගණන කොපමණද ?
{ "answer_start": [ 146 ], "text": [ "16,973" ] }
fd103344-c28f-4c45-a019-1857fdce7fc1
ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා කඩිනමින්, ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වූ බැවින්, ඇෆ්ගන් සිවිල් වැසියන් යළි තලේබාන් මූලධර්මවාදීන්ගේ අණසකට ලක් වුණැයි චෝදනා නගමින් වොෂින්ටනයේ සිටින ඇෆ්ගන් වැසියෝ සියයකට වැඩි පිරිසක් ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතාවක නියැලුණාහ. තමන් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ 2001 අල්කයිඩා ප්‍රහාරයෙන් පසු ඇෆ්ගන් තලේබාන්වරුන්ගේ ආරක්ෂාව යටතේ සැඟවුණු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා බවත් 2011 දී බින් ලාඩන් මරා දැමීමෙන් පසු එම ඇෆ්ගනිස්තානයේ ත්‍රස්තවාදයට එරෙහි කළ සටන නිමා වුණු බවත්, ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ඇමෙරිකන් හමුදා සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගත් බවත්, දැන් සියලු විදෙස් හමුදා සොල්දුදාවන් ඇෆ්ගනිස්තානයෙන් පිටවී යන බවත් පෙන්ටගනය පැහැදිලි කර තිබේ. පෙන්ටගනය යනු ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුවය.
තලේබාන්වරුන්ගේ ආරක්ෂාව යටතේ සැඟවුණේ කවුද ?
{ "answer_start": [ 362 ], "text": [ "ඔසාමා බින් ලාඩන්" ] }
785bcc44-383c-4210-856d-a8d01ebfd7cc
මහා බ්‍රහ්මයා විසින් නිර්මාණය කළ ගෙබිම් ශාස්ත්‍රය නොහොත් වාස්තු විද්‍යාව දෙවියන් විසින් ඉගෙනගෙන පසුකළ සෘෂිවරයන් අතට පත්ව විශ්වකර්ම නම් වූ ඉසිවරයා විසින් ලෝවැසි මනුෂ්‍යයන්ගේ හිතසුව පිණිස ජ්‍යෙතිෂ්‍ය හා බැඳි වාස්තු විද්‍යාව වූ උතුම් ශාස්ත්‍රීය විද්‍යාව අපට දායා ද කර ඇත. මෙම ශාස්ත්‍රය අනුව නිවසක් ඉදිකිරීමට පෙර ඒ සඳහා නැකැත් පිළියෙල කිරීමේ දී උපයෝගි කරගන්නා ගණිතමය චක්‍ර ක්‍රමයට වාස්තු චක්‍රය යැයි කියති. මුහුර්ත චින්තා මානික්‍ය ග්‍රන්ථයේ ඒවා කාව්‍යයෙන් අපූරුවට පෙන්වා ඇත. ව්‍යෂභ චක්‍රය, කැම් චක්‍රය, ගෙවල් චක්‍ර, භූම නාග චක්‍ර ආදිය ඉන් කිහිපයකි.
වාස්තු විද්‍යාවට කියන තවත් නමක් කුමක්ද?
{ "answer_start": [ 33 ], "text": [ "ගෙබිම් ශාස්ත්‍රය" ] }
a644b711-0e74-4eb5-8bd7-3fdaebb08113
මේ සිද්ධියෙන් මියගිය කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳවද මරණ පරීක්ෂණ පැවැත්විණ. ඒ කොළඹ 13, නිව්හැම් චතුරශ්‍රයේ රංජනී තුරේරාජා සහ මාවනැල්ල සහිරා පාරේ අබ්දුල් ජබාර් උම්හයිම් නමැති කාන්තාවන් දෙදෙනාගේය. මොවුන් දෙදෙනාත් විදේශවලට ටෙලෙක්ස් පණිවිඩ ලබාගැනීම සඳහා මෙම කාර්යාලයට පැමිණ ඇති අයයි. මෙම මරණ දෙකද අනෙකුත් මරණ තීන්දුවටම අයත් ලෙසත් මිනීමැරුම් ලෙසත් මරණ පරීක්ෂකවරු තීරණය කළහ. කොළඹ නගරයේ වැදගත් ස්ථාන රැසකට බෝම්බ තබා පුපුරුවා හැරීමට ඊරෝස් ත්‍රස්තවාදී කල්ලිය විසින් සූදානම් කොට තිබූ සැලැස්මක් ගැන සම්පූර්ණ තොරතුරු පොලිසියට හා හමුදාවට ලැබී තිබිණි.
මේ සිද්ධියෙන් මිය ගියේ කවුද?
{ "answer_start": [ 21 ], "text": [ "කාන්තාවන් දෙදෙනෙකු" ] }
f020771a-2b92-4361-87a3-2ea09ed4c505
භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා සෑම ආරාමයකම පාහේ පොකුණු ඉදිකර තිබෙනු අපි දැකඇත්තෙමු. ඒ සඳහා යොදාගෙන ඇත්තේ ස්වාභාවිකව නිර්මාණය වූ ගල් වලවල්ය. එවැනි පොකුණු වර්ග 5ක් දැනට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හඳුනාගෙන තිබෙන අතර, එම පොකුණු වර්ග 5ම මෙම පර්වතයේ දී දැකගැනීමට හැකියාව ලැබේ. එම පොකුණු වර්ග 5 අතරට අයත් වන්නේ මල් පොකුණ, පා පොකුණ, පියන් පොකුණ, ඇස් පොකුණ සහ කුට්ටම් පොකුණය. එයින් මල් පොකුණක් ලෙස හඳුන්වනු ලබන්නේ මල් වලින් ගැවසීගත් පොකුණුය. පරිධියෙන් ඉතා විශාල වූ පර්වතයේ තිබෙන මල් පොකුණ දිග අඩි 30කින් සමන්විත වන අතර, පළල අඩි 14ක් සහ ගැඹුර අඩි 04කින්ද සමන්විත වේ. මෙම පොකුන ඕලු, නෙළුම් ආදී පුෂ්පයන්ගෙන් පිරී පවතී. පර්වත මස්තකයෙහි පිහිටි චෛත්‍ය හා විහාර මන්දිරය වැඳ පුදා ගැනීමට යන බැතිමතුන් පා දෝවනය පිණිස ජලය ලබාගෙන තිබෙන පොකුණක් පර්වතයේ පිහිටා තිබේ. එය පා පොකුණක් වශයෙන් හඳුන්වා දීමට හැකියාව ලැබෙන අතර, එම පොකුණ දිග අඩි 11 කින් සහ පළල අඩි 04කින් යුක්ත වේ.
පරිධියෙන් ඉතා විශාල වූ පර්වතයේ තිබෙන මල් පොකුණේ පළල කොපමණද?
{ "answer_start": [ 524 ], "text": [ "අඩි 14ක්" ] }
fc7949f2-803e-49dc-a101-d7db48e2d465
භට පිරිස් නිවස වටලන අවස්ථාවේ නිවෙසේ තිබූ පිස්තෝල උණ්ඩ රැසක් පොලිතින් උර වල දමා යාබද වත්තකට වීසි කළ දිනුකගේ පුංචි අම්මා එම මොහොතේදීම අත්අඩංගුවට පත් වූවාය. අපරාධ කිරීම සඳහා පැමිණ එම සුවිසල් නිවසේ සැඟව සිටි දිනුකගේ ගෝලයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගැනීමට භට පිරිස් සමත් වූහ. තව ද මෙම විශේෂ මෙහෙයුමේ දී බ්ලූමැන්ඩල් සංඛගේ හා ආමි සම්පත්ගේ ගෝලයකු වු බ්ලූමැන්ඩල් පැතුම් නොහොත් උක්කුවා හෙරොයින් ග‍්‍රෑම් 6කට ආසන්න ප‍්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගැනීම, මීට අමතරව මධූෂ්ගේ, සමයංගේ, දිනුකගේ, අංගොඩ ලොක්කාගේ, ලඩියාගේ, දූනගහ සුජීගේ ගෝලයන් රැසක් සිටින නිවෙස් රැසක් සෝදිසියට ලක්කිරීම මෙම මෙහෙයුම් හරහා සිදුකර කර තිබුණි.
බ්ලුමැන්ඩල් පැතුම් අත්අඩංගුවට ගත්තේ හෙරොයින් ග්‍රෑම් කොපමන ප්‍රමාණයක් සමගද?
{ "answer_start": [ 381 ], "text": [ "ග‍්‍රෑම් 6කට ආසන්න ප‍්‍රමාණයක්" ] }
3e63cfc5-bacc-40ed-b8d6-8eac3acb5a2c
ඉබි ගමනටත් වඩා හිමින් තවත් මඳ දුරක් ගෙවූ බසය ආයෙත් නතර වුණා. එතැනින් ගොඩවුණේ තරුණයෙකු හා එම වයසේම වගේ ගැබිනි තරුණ කාන්තාවක්. ඉදිරිපස දොරටුවෙන් බසයට පැමිණ එතැනම නතර වූ මේ දෙදෙනා බසය සිසාරා බැල්මක් හෙලන ගමන් තරුණයා කතාව පටන් ගත්තා. බසය තුළ ආසන ගණනටවත් සෙනඟ නැති නිසාත් පුද්ගලික බස් රථවල වගේ දෙකන්වලට බලහත්කාරයෙන් ඇතුළු කරන අහන්න හිරිකිත සින්දු මේ බසයේ නොතිබූ නිසාත් තරුණයා පවසන දෑ බසයේ පිටුපසටත් හොඳට ඇහුණා. ඔහුගේ යාදින්නාව අනුව මේ ගැබිනි කාන්තාව තමන්ගේ බිරිඳ මේ දෙන්න මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගියෙකු බලන්න ගිහින් එමින් ගමන. ඒ බව සනාථ කරන්නට දෝ ඇඳුම් දෙක තුනක්, කෑම රැගෙන යන ප්ලාස්ටික් පෙට්ටියක් වැනි දේවල් ටිකක් බෑගය තුළ තිබුණා. ඔහු ඉටි බෑගය අතේ රඳවාගෙන හිටියේ ඒ තුළ ඇති දෑ පෙනෙන ලෙසටය. ප්‍රතිකාර ලබන්නේ තරුණයාගේ මව. ඇගේ ශරීරයේ පැතිර තිබෙන දරුණු පිළිකා මාරයා තාවකාලිකව පරාජය කරන්නට දිනකට රු. 60,000 ඖෂධ අවශ්‍යයි. මේ බර හැමදාමත් දරන්න බැහැ. උදව් කරන්න කවුරුත් ඇත්තේත් නෑ. මේ වනවිට මේ දෙදෙනා සතුව තිබුණු අත කන කර රත්තරන් හා වටිනා බඩුමුට්ටු විකිණී අවසන්. කර කියාගන්න දෙයක් නොමැති නිසා හැමදාමත් අම්මව බලන්න රෝහලට ගොස් එන අතරතුරදී බස් කීපයකට ගොඩවෙලා මගීන්ගේ පිහිට පතනවා. ඔබටත් ජීවිත කාලය අතුරතුරදීම නිවන් යන්නට නම් අපිට උදව් කරල අම්මගෙ බෙහෙත් ටික ගන්න උදව් කරන්න කියලා.
ඔවුන් දෙදෙනා රෝහලට යන්නේ ඇයි
{ "answer_start": [ 488 ], "text": [ "නේවාසික රෝගියෙකු බලන්න" ] }
8df1a02e-b35a-447c-94ab-ee44afb5af7c
මේ සාදවලට සම්බන්ධ වෙන සියලු දෙනා තරුණයින් නොවන අතර මධ්‍යම පාන්තික පවුල්වල විවාහක කතුන් හා විවාහක පිරිමින්ද එයට එක්වේ. ඒ මධ්‍යම පාන්තික විශේෂයෙන්ම ව්‍යාපාරික පවුල්වල පවතින අසහනකාරී වටපිටාව නිසාය. සැමියා ව්‍යාපාරික කටයුතු නිසා පවුල් ජීවිතය ගත කිරීමටවත් කාලයක් නැතිව පීඩාවට පත්වෙද්දී තනිවම නිවසට වී දවස ගෙවන බිරින්දෑවරුන්ටද ඇතිවෙන හුදෙකලාවේ පීඩනය දරා ගැනීමට නොහැකිය. ඔවුන්ගේ සමාජ තත්ත්වය අනුව ඒ බවක් පිටස්තරයන් සමග කතාකිරීමටද නොහැකිය. ඒ සියලු දෙනා තමන්ගේ පීඩාව නැතිකර ගන්නේ රාත්‍රී සමාජ ශාලාවල කාලය ගත කිරීමෙනි. මෙවැනි ඇසුරකට පත්වූවන්ටද මුහුණු පොතේ සාජ්ජ ආකර්ශනීය වීම සාමාන්‍ය තත්ත්වයකි.
තනිවම නිවසටවී දව්ස ගෙවන බිරින්දෑවරුන්ට දරාගත නොහැක්කේ කුමක්ද?
{ "answer_start": [ 328 ], "text": [ "හුදෙකලාවේ පීඩනය" ] }
9a249d84-1f3c-4c18-aa8b-4c3456b30b76
බොහෝ අපරාධකරුවෝ තමන් කළ එක් අපරාධයක් සඟවා ගන්නට තවත් අපරාධ එකක් හෝ කිහිපයක් කරති. අපරාධයක ඇසින් දුටු සාක්ෂි මකා දමන්නට හෝ, දූෂණයක් අපචාරයක් වැනි සිදුවීමකදී නම් එම සිදුවීමට මුහුණ දුන් අයගේ පැමිණිල්ල ඉදිරිපත් වීම වළක්වා ගැනීමට ඝාතන සිදුකරති. එහෙත් අපරාධයක් කළ කිසිවෙකුට සදා කල් සැඟවී සිටීමට නොහැකිය. අපරාධය සිදුකළ සැණින් හෝ මසකට දෙකකට පසුව පමණක් නොව ඇතැම් විට වසර හත අටකට දහයකට පමණ පසුව වුවද අපරාධකරු හෙළිදරව් වීම වැළැක්විය නොහැකිය. මළ සිරුරත් සමගම අපරාධකරු තමන්ට එරෙහි සාක්ෂි රැසක් ඉතිරි කරන්නේය. සිරිමල්ගේ මළ සිරුර ද ඝාතකයා ගැන හෝඩුවාවන් රැසක් දරාගෙන සිටියේය. ඝාතනයෙන් දින දෙකක් ඇතුළත සැකකරු පොලිසියේ අත්අඩංගුවට පත්වූයේ ඒ ඉතිරි කරගිය සාක්ෂි විසිනි. සිරිමල්ගේ සිරුර සොයා ගත්තේ දිය යට මඩෙහි ඔබා තිබියදීය. එහෙත් රබර් බෝලයක් දිය යට සඟවා තැබිය නොහැක්කේ යම්සේද මඩෙහි ඔබා තබාවත් සිරිමල්ගේ ඝාතනයේ හෝඩුවාවන් සැඟවිය නොහැකි විය.
සිරිමල් ඝාතනයෙන් පසු සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගැනීමට කොපමණ දින ගණනක් ගතවුනිද?
{ "answer_start": [ 569 ], "text": [ "දින දෙකක්" ] }
de383b9d-402d-45d4-8661-ae5d88fdc5b3
උස් තාප්පයකින් වට වී පැවති මෙම ස්ථානයට ගමන් කිරීම සඳහා එක දොරටුවක් පිහිටුවා තිබිණ. මීට අමතරව නාලන්දාවෙන් මෙන්ම අංගණ 8ක්ද පන්සල් 10ක්ද තිබී ඇත. මේ අතර භාවනා ශාලා හා පන්ති කාමර විශාල ප්‍රමාණයක් ද නාලන්දා බිමේ පොකුණු හා උද්‍යාන පැවති බවටද සලකුණු ඇත. එදා ලෝකයේ පැවති විවිධ අධ්‍යයන ක්ෂේත්‍රයන් මෙහිදී පැවතී ඇති අතර කොරියාව ජපානය, චීනය, ටිබේටය, ඉන්දුනීසියාව, පර්සියාව සහ තුර්කිය වැනි රටවල සිසුන් විශාල ප්‍රමාණයක් මෙහි අධ්‍යාපනය ලබා ඇතැයි සැලකේ. ඔවුන් අධ්‍යාපනය ලද විෂය ක්ෂේත්‍ර අතර බුද්ධ ධර්මය, හින්දු ධර්මය, ශිෂ්‍ය ඉගෙනුම් විද්‍යාව, තාරකා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, පාරභෞතික විද්‍යාවත්, දර්ශනවාදය, යෝග ශාස්ත්‍රය වේදය ප්‍රධානය. මීට අමතරව විදෙස් දර්ශනයන් හා අධ්‍යාපන ක්‍රමවේදයන්ද ඒ ඒ රටවල්හි පඬිවරුන් පැමිණ මෙම ස්ථානයේදී උගන්වා තිබේ. මීට අමතරව වියට්නාම චීන ආදී බෞද්ධ රටවල් අනුගමනය කරන මහායාන බුදු දහමට ලොවට ගෙනයන ලද්දේ මෙහි සිටය.
වියට්නාම චීන ආදී රටවල් අනුගමනය කරන දහම වන්නේ කුමක්ද?
{ "answer_start": [ 794 ], "text": [ "මහායාන බුදු දහමට" ] }
ca460de6-27bd-41b7-bae5-c0ff22db4586
1956 සැප්තැම්බර් මාසය වන විට ගුරු ග්‍රහයා මිත්‍ර රාශියක වෘශ්චිකයේ වන අතර සෙනසුරු ග්‍රහයා ධනු රාශියේය. 2015 ඔක්. 11 දා වන විට ඊට සමාන අන්දමට ගුරු වෘශ්චික රාශිගත වන අතර, සෙනසුරු ධනු රාශියේය. සත්‍ය අසත්‍යතාවය පරික්ෂණ අවසන් වන තුරු කිව නොහැකි වුවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලස්මක් ගැන රටම ගිනිගෙන ඇත. එදා බණ්ඩාරනායක මහතා ඝාතනය වූයේ එතුමා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය ඇමතීමට යාමට සූදානම්ව සිටි අවස්ථාවකය. මෙදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය ඇමතීමට යාමට පෙර ඝාතන සැලසුම් ප්‍රචාරය විණ. පෙර පිනකින් බණ්ඩාරනායක මැතිතුමාට මෙන් ජනාධිපතිතුමාට විපතක් සිදු නොවිණ.
එදා බණ්ඩාරනායක මහතා ඝාතනය වූයේ ඔහු කුමක් ඇමතීමට යමට සූදානම්ව සිටි අවස්ථාවකද?
{ "answer_start": [ 365 ], "text": [ "එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය" ] }
8a675186-0175-4313-bb4d-57169ca7e357
ලකුණු 7.537ක් ලබාගනිමින් ලොව සතුටින්ම සිටින රටවල් අතර මුල් තැන ගැනීමට නෝර්වේ රාජ්‍යය සමත්ව තිබෙන අතර ඩෙන්මාර්කය දෙවැනි තැනටත් අයිස්ලන්තය තෙවැනි තැනටත් පත්ව ඇත. මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන දහය අතරට පත්වීමට ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, නෙදර්ලන්තය, කැනඩාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ ස්වීඩනය හිමිකම් කියයි. මෙම ලැයිස්තුවේ 14 වැනි ස්ථානයට පත්ව සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ සතුට කෙමෙන් කෙමෙන් අඩුවන බව ද ලොව සතුටින්ම සිටින රටවල් 2017 වාර්තාව පෙන්වා දෙයි. ලකුණු 0 සිට 10 දක්වා ලකුණු දීමක් සිදු කෙරෙන අතර දළ දේශීය නිෂ්පාදිතයට එක්පුද්ගල ආදායම, සමාජ සහයෝගය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, ජීවිතයේ තෝරාගැනීම් කිරීම සඳහා ඇති නිදහස, නිර්ලෝභීබව සහ දූෂණය අවම බව යන සාධක හා නිර්දේශ මත පිහිටා ලකුණු ලබාදීම සිදුකරයි.
මේ සදහා බලපාන සාධක හා නිර්දේශ මොනවද ?
{ "answer_start": [ 533 ], "text": [ "සමාජ සහයෝගය" ] }
1cca5481-f311-4c93-b3d5-5c351fad106c
මෙවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර ජුලි මස 25 වැනි දින ආරම්භ වී අගෝස්තු මස 04 වැනි දින දහවල් පෙරහර පැවැත්වීමෙන් අනතුරුව නිමා වීමට නියමිතය. කෙසේ නමුත් මුළු මහත් ලෝකයම භීතියට පත් කළ වසංගතයක් වන කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර පෙරහර මහජනතාවට විවෘත නොවන බව මේ වනවිටත් ප්‍රකාශයට පත් කොට තිබේ. මෙවර පෙරහර පැවැත්වීමට සැලසුම් කොට ඇත්තේ සාමාන්‍ය ජනතාවට ඊට සහභාගි වීමට නොහැකි ආකාරයටය. ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ පෙරහර සුපුරුදු පරිදි වීදි සංචාරය කරන බවත් අලි ඇතුන් පනහක් පමණ ඊට සහභාගි කරවන බවත්ය. එතරම් අලංකාර පෙරහරක් ජනතාවට නැරැඹීමේ අවස්ථාව අහිමිවීම කනගාටුවට කරුණක් වුවත් වත්මන් නවීන තාක්ෂණය ඔස්සේ එය නැරැඹීමේ අවස්ථාව ජනතාවට හිමිවනු ඇත.
ප්‍රදීප් නිලංග දෑල මහතාට අනුව කනගාටුවට කරුණක් වන්නේ කුමක්ද?
{ "answer_start": [ 584 ], "text": [ "එතරම් අලංකාර පෙරහරක් ජනතාවට නැරැඹීමේ අවස්ථාව අහිමිවීම" ] }
8ce88703-8660-424c-924c-d46930be47c3
සිංහල අලුත් අවුරුදු දින රත්ගඟ අසබඩ වැඩම කළ තරුණ භික්ෂුව දුටු ගම්වාසීන් බෙහෙවින් සොම්නසට පත්ව උන්වහන්සේට රැය පහන් කිරීම සඳහා වල් සෙවිළි කළ ඉටි රෙදිවලින් වටකල කුඩා පැල්පතක් තනාදීමට ඉදිරිපත් වී තිබුණේ මහා ශ්‍රද්ධාවත් සමගම දින කිහිපයක් ඇතුළතදී ගම්වාසීන්ගේ උත්සහයෙන් ආගමික වතාවත් කිරීම සඳහා කොළ අතු සෙවිළි කළ කුඩා ධර්ම ශාලාවක්ද ඉදිකර තිබේ. එම ධර්ම ශාලාව තුළ 1981 වෙසක් පුර පසලොස්වක පුන්පෝදා බුදුරදුන්ගේ තෙමඟුල සමරමින් ප්‍රථම පිංකම පැවතුණ චන්ද්‍රාලෝක හිමියන් වටා අවට ගම්මානයන්හි පදිංචි සැඳැහවතුන් ගැමි ජනතාව දහස් ගණනින් එක් රොක් වූයේ නොසිතූ විරූ අන්දමටය.
1981 දී ධර්ම ශාලාවෙ ප්‍රථම පිංකම පැවතියේ කුමන පුර පසලොස්වකද
{ "answer_start": [ 358 ], "text": [ "වෙසක්" ] }
223c62fc-24cd-426f-8300-5ecf9f867d77
ධීර රකුසා විසින් රත‍්‍රන්, රිදී, පිරිසිදු වානේ හෙවත් යකඩ පමණක් නොව හිමාලය කඳු කරයෙන් ගෙන්වන ලද මයුර ශාඛයේ ලී කොටස් ද මෙම සහශ‍්‍රගත ගුවන් යානයේ දාරයට සවි කර තිබුණි. ඒ ගුවන් යානය පදවන නියමුවා ගේ ආරක්ෂාවටය. යකඩ භාවිතය ලෝකයට හඳුන්වා දුන්නේ ද යක්ෂ ග්‍රෝත්‍රිකයන් ය. යකඩ නිසා යක්ෂ යන නම ලැබී තිබේ. මේ ආකාරයේ දාව්‍ය භාවිිතා කරමින් නිෂ්පාදනය කරන ලද මෙම සහශ‍්‍රගත අපූර්ය ගුවන් යානයෙන් වෙනත් ග‍්‍රහලෝකයකට වුවද, ඉතාමත් පහසුවෙන් පහර දිය හැකි බව රාවණ කතා තල්පතේ සඳහන් වන බව ආචාර්ය ඔබේසේකරයෝ වැඩිදුරටත් පවසති. මෙම යුද්ධ ගුවන් යානය සාදා තිබුණේ රන්, රිදී.යකඩ සමඟ මයුර ලීය ද භාවිතා කරමිනි. එහි ගමන් කළ හැකි වූයේ දෙදෙනෙකුට පමණි. බොහෝ ඉඩක් වෙන් කර තිබුණේ බෝම්බ, ආයුධ, ආදී යුද්ධයට අවශ්‍ය දේ ගෙන යාම සඳහා ය. මෙම අපූර්ව යුද ගුවන් යානය මෙරට තුළ කිසිදු අවස්ථාවක පාවිච්චි කිරිමට රාවණා රජතුමා අවසර ලබා දුන්නේ නැත. එයට හේතුව වූයේ එමඟින් විශාල මිනිස් සංහාරයක් සිදු වන බැවිනි. මේ ආකාරයෙන් අති භයානක යුද්ධ ගුවන් යානා නිපද වූ බව, විභිෂණ ගෙන් රාම කුමාරයාට දැන ගැනීමට ලැබුණු අතර, ඒ වන විට පටන් ගෙන තිබූ රාම රාවණ යුද්ධය නවතා දමා ආපසු යා යුතු යැයි, රාම ගේ අග‍්‍ර පුරෝහිත හනුමන් යෝජනා කළ ද, ඔහු එය ප‍්‍රතික්ෂේප කළේ මෙසේ පවසමිනි.
යුද්ධ ගුවන් යානය සාදා තිබුණේ කුමක් භාවිත කරමින්ද ?
{ "answer_start": [ 529 ], "text": [ "රන්, රිදී.යකඩ සමඟ මයුර ලීය" ] }
bd387823-945f-42b9-822a-6ff85a8c9a40
මේ සිද්ධියෙන් පසු “හරක් කටා” ගැන තොරතුරක් සොයාගන්නට නොලැබිණි. ඔහු ඩුබායි රාජ්‍යයට පලාගිය බවට තොරතුරු අනාවරණය වී ඇතැයි බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබූ අවස්ථාවක නැවතත් මොහු ගැන තොරතුරු දිගහැරෙන්නට වූයේ ඉකුත් 19 වැනිදාය. මෙහි තවත් අරුම සිද්ධිය වූයේ මේ කියන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වූයේ මෙරට ප්‍රධාන පෙළේ අපරාධකරුවකුව සිටි “සොත්ති උපාලි” යන අයගේ දියණිය වන පැලවත්ත පාර, නුගේගොඩ පදිංචි ප්‍රසන්තිකා නිර්මලී ද සිටීමය. මෙම සිද්ධියේ දී ප්‍රධාන සැකකරු ලෙස දකුණු තලංගම, බත්තරමුල්ල පදිංචි කුරුප්පුගේ ධනුෂ්ක මදුෂංක මෙන්ඩිස් නොහොත් ‘පොඩී’ සහ ඔහුගේ සගයකු වන කඩුවෙල හේවාගම පදිංචි දිනේෂ් භානුක පෙරේරා යන අය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ ප්‍රසන්තිකා නිර්මලී ද සමගය.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ සගයා කවුද?
{ "answer_start": [ 572 ], "text": [ "දිනේෂ් භානුක පෙරේරා" ] }
d2c47fef-9909-45e1-ab8b-51fa0d611b0b
හිරි පොද වැස්සක් ඇද හැලෙමින් තිබූ ඒ සීතල නිසල රෑ මීගමුව කිඹුලාපිටියේ ජනතාව සිටියේ සුවබර නින්දකය. ඔවුන් බය භිරාන්තව අවදිවූයේ හිටිහැටියේ අහස් කුස දෙදරා යන තරමින් ඇසුණු මහ හඬකිනි. ඔවුහු ඒ හඬ කුමක්දැයි විපරම්කර බැලීමට වහා නිවෙස් වල දොර පියන්පත් විවෘතකර බැලූහ. දැක ගැනීමට ලැබුණේ මහ පොළොවට පතිත වී තිබූ ගුවන් යානයක් මහගිනි ජාලාවක් වෙමින් තිබූ අයුරු. ගිනි ගන්නා ගුවන් යානය තුළ සිරවී ගුවන් මගීන්ගේ මරළතෝනි හඬත් ඔවුන් පිටතට පැමිණීමට ගන්නා උත්සාහයත් කෙනෙකුට බලා සිටීමට නොහැකි දසුනක් විය. ගුවන් මගීන් සැලකිය යුතු පිරිසක් පණපිටින් පිලිස්සී අඟුරුගොඩක් බවට පත්වන අයුරු කිඹුලාපිටියේ ජනතාව බලා සිටියේ විමතියෙනි. එහෙත් ඔවුන්ට අසරණයන් බේරා ගැනීමට ඒ අසලකටත් යා ගත නොහැකි වුයේ ගුවන්යානයෙන් බුර බුරා නගින මහා ගිනි ජාලාව නිසාය. අත් පා කැඩී ගොස් සිරුරු යානාව තුළ එල්ලෙමින් තිබිණ. පණ බේරාගත් ගුවන් මගීහුද, පිලිස්සුම් තුවාල ලැබූ ගුවන් මගීන්ද බොහොම අසීරුවෙන් වඩාගෙන එද්දී ඔවුන් බේරාගැනීමට කිඹුලාපිටියේ ජනතාව දිව ආවේ දෙවරක් නොසිතාය.
පිලිස්සුම් තුවාල ලැබූ මගීන් වඩාගෙන එද්දී ඔවුන්ට උදව් කිරීමට දිව ගියේ කවුද?
{ "answer_start": [ 863 ], "text": [ "කිඹුලාපිටියේ ජනතාව" ] }
f64af956-e419-4659-83ad-7be0a4f30fee
පසුව ඔරුපන්න සකස් කරගෙන පෙර පරිදි සැලසුමට අනුව ඔවුන් වන්දනා ගමන ගොස් යළි ගම්බිම් බලාගොස් තිබේ. එය සරු මාළු බිමක් බව තේරුම් ගත් පිටිපනගේ ජුවන් ප්‍රනාන්දු සිය පවුල් සමග පැමිණ මෙහි පදිංචි විය. 1825දී පමණ මෙහි පොල්අතු සෙවිලි කළ කුඩා දෙව්මැදුරක් ආරම්භ විය. පසුව 1846දී එය ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ට පූජා කෙරිණි. 1856 දී පල්ලියට සම්බන්ධව අධ්‍යාපන ආයතනයක් ආරම්භ කළේය. 1894දී මුරියර් පියතුමා විසින් කලපුවට සම්බන්ධ තොටුපළට උතුරින් ඇළක් කප්පවනු ලැබීය. එය පල්ලිය ඇළ නම් විය. නව පල්ලියක් ඉදිකිරීම සඳහා අවශ්‍ය ලී දඬු, උළු, ගඩොල්, ගෙනඑනු ලැබුවේ මහ ඔය, පුත්තලම් ඇළ, මීගමුව කලපුව ඔස්සේ වූ ජල මාර්ගවලිනි. පමුණුගම සිට පියතුමා කැපුන්ගොඩට ආවේ අඟුලකිනි. ඒ හැමිල්ටන් ඇළ හරහාය.
දෙව්මැඳුර පූජා කළේ කාටද?
{ "answer_start": [ 276 ], "text": [ "අන්තෝනි මුනිඳුන්ට" ] }
a07be040-e090-4c37-959c-be27efce5993
අතින් කටින් බෑග්, පෝර කවර, හට්ටි මුට්ටි එල්ලාගෙන කුඩා දරුවෙකු ද ඉස්සර කරගෙන, තවත් අතදරුවකු ළයට තුරුලු කරගෙන එන තරුණ මවක ද ඇතුළත් කණ්ඩායම පසුකර යන ජව සම්පන්න පිරිමි සහ ගැහැනුය. තවත් කණ්ඩායමක අවුරුදු හැට හැත්තෑව ඉක්ම වූ කෙසැඟි සිරුර ඇති කාන්තාවන් හා පිරිමිය. සමහරුන්ගේ දෙපා මහ පොළොව සිප ගනී. කතරගම දෙවියන් ලංකාවට ගොඩබැස්සේ නැගෙනහිර පළාතේ ඕකන්දෙන් බවට හින්දූන් තුළ විශ්වාසයක් ඇත. එතැන ඕකන්ද එසේත් නැත්නම් ඔකඳ මුරුගන් දෙවාලය පිහිටා ඇත. කතරගම දෙවියන් පැමිණි ඔරුව එතැනදී ගලක් බවට පත්වූයේ යැයි ජන විශ්වාසයක් පවතී. එතැනට පැමිණි කතරගම දෙවියන් එතැන එහි සිටි ජනයා විසින් නොතැකූ නිසා මේ දුෂ්කර මග ගෙවා කතරගමට පැමිණි බව ජනප්‍රවාදයේ එයි. ඒ නිසා තමන් පිළිනොගත් අය තමන්ගේ පිහිට ඉල්ලා එන විට තමන් පැමිණි ආකාරයටම පැමිණිය යුතු යැයි කතරගම දෙවියන් දුන් දඬුවමක් ලෙස මේ පා ගමන එන බවට ද ජනප්‍රවාදයේ විශ්වාසයක් පවතී.
කතරගම දෙවියන් ලංකාවට ගොඩබැස්සේ කුමන පළාතෙන්ද?
{ "answer_start": [ 321 ], "text": [ "නැගෙනහිර" ] }
0a71e226-df20-45ae-aa02-0a3c198fd67a
ශනි ග්‍රහයා විවාහ දිවියේදී මුදල් හිඟය, කලකෝලාහල කලකිරීම් ඇතිකරවයි. මෙහිදී කුජ, සිකුරු බාධක නොවීම බොහෝ වැදගත්වේ. එනිසා ගුරු ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. නැතිනම් විවාහ දිවිය කටුකව අවාසනාවන්ත සිදුවීම් වලින් වලකා ගත හැකිවේ. ඒ අනුව 2, 12, 6, 8 අධිපතියේ 5 වැනි භාවයේ යෙදීම ජීවිතය අවුල් කරයි. 7 අධිපති ලග්නය 5 - 9 යන ස්ථානවල යෙදීම උසස් විවාහයක් ලබාදෙයි. 7 අධිපති ශුභ රාශිගතවීම ඉතා වටිනා යෙදීමකි. 9, 11, 4 රාශි ගතවීම සැප සම්පත් විවාහයක් ගෙනදේ. වෘෂභ ලග්න කරුවකුගේ කුජ 9 යේ යෙදුනද යහපත් විවාහයක් ඇතිවුවත් ආගමට ලැදි නොවේ. 4 වැන්නේ යෙදීමෙන් භූමි වස්තු ගේදොර හිමිවේ.
ශනි ග්‍රහයා විවාහ දිවියේදී ඇති කරවන්නේ මොනවාද?
{ "answer_start": [ 27 ], "text": [ "මුදල් හිඟය, කලකෝලාහල කලකිරීම්" ] }
08db4853-2384-480b-8f43-deaaa1bb7af8
ඉන්දියාව තුළ කොවිඩ් වසංගතය තදින් පැතිර තිබූ සමයේදී සිය මව හිරූ ජෝහාර් බරපතල ශල්‍යකර්ම දෙකකට මුහුණ දුන් බැව් කරන් ජෝහාර් පවසන්නේය. එකක් කොඳු ඇට පෙළේ ශල්‍ය කර්මයකි. අනෙක් ශල්‍ය කර්මය කෙරුණේ දකුණු දණහිස බද්ධ කිරීමටය. ඔහු කියන්නේ සිය සුපිරි වීරවරිය වන මවගේ සෞඛ්‍ය තත්වය ගැන තමා තුළ බියක් තිබුණත් 79 හැවිරිදි ඇය අපූරු ජවයකින් සහ සැහැල්ලු සිතින් සියල්ලට මුහුණ දුන් බවය. ඇය රෝහලේ සිටින දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් සමඟ දිගු සටහනක් ඔහු අන්තර් ජාලයට මුදා හැර තිබේ. සෝනාක්ෂි සිංහා, රිතික් රොෂාන්, අනිල් කපූර්, මනිෂ් මල්හෝත්‍රා, ආතියා ෂෙට්ටි, භූමි පෙඩ්නෙකර්, දීපිකා පදුකෝන්, ප්‍රිති සින්තා ඇතුළු බොහෝ දෙනෙක් ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පණිවිඩ එවූහ.
හිරූ ජෝහාර් බරපතල ශල්‍යකර්ම දෙකකට මුහුණ දුන්නේ කුමන සමයකද?
{ "answer_start": [ 0 ], "text": [ "ඉන්දියාව තුළ කොවිඩ් වසංගතය තදින් පැතිර තිබූ සමයේදී" ] }
fbf9f1ed-f86e-4b50-9a75-68f98dab26e6
සෝමාවතී වනාන්තරයටත් පහළ මහවැලි ගංගා ද්‍රෝණියටත් මා තුළ දැඩි ආද‌රයක් ඇත. වසර හතළිහකට වැඩි ඉතිහාසයක් ඊට තිබේ. එබැවින් වත්මනේ මේ වනපෙතට අත්ව ඇති ඉරණම මා තුළ කම්පනයක් ඇති කළේය. 1980 සිට 1984 දක්වා මගේ ජීවිතයේ වැඩි කාලයක් ගෙවී ගියේ සෝමාවතී වනාන්තරය සමඟය. කොට්ටියාරම්පත්තුවෙන් පටන්ගෙන විල්ලු වනපෙත ගෙවා ත්‍රිකෝණමඩුව හා කන්දකාඩුව දක්වා නොයෙක් වර මා පයින්ම ගිය ගමන් අපමණය. ඒ පැරැණි වන මං අද වැසී ගොස් ඇතත් දන්නෝ නිසි මං පාදාගෙන අදටත් වනාන්තරයට පිවිසෙති. වැරැදි ක්‍රියාවල නියැලෙති. එකල මේ වනාන්තරය තුළ රැඳී සිටියේ පාරම්පරික දමිළ හා මුස්ලිම් ගවපට්ටිකරුවන් හා කාලීන දුම්කොළ වගාකරුවන් පමණි. මේ බොහෝදෙනා මහවැලි ඩෙල්ටාව ඇතුළු ගඟබඩ ඉවුරුවල සිය ව්‍යාපාරික කටයුතු සාමකාමීව කරගෙන ගියහ. කොමනච්චිය, නඩුමැඳුර, පවන, කරිඤ්ඤංමුණේ, කුරුගඟ එහිලා ප්‍රධාන විය. ඔවුන් වාන්තරයට හානි කළේ නැත.
ජීවිතයේ වැඩි කාලයක් ගෙවී ගියේ සෝමාවතී වනාන්තරය සමඟ ගෙවී ගියේ කුමන කාලයේද?
{ "answer_start": [ 173 ], "text": [ "1980 සිට 1984 දක්වා" ] }
97896d8f-c1c7-4d64-82da-f0bbf62aeb42
පසු කාලීනව ඉතාලියේ විසූ රජ පරම්පරාව මෙවැනි පාවහන් භාවිතා කිරීමට පුරුදුවී ඇති අතර එකල විසූ සාමාන්‍ය වැසියන්ට වඩා උසින් වෙනස් වීම සඳහාත් රජ පවුලේ තරාතිරම ආරක්ෂා කිරීම නිමිති කොට රජ පවුල හා එයට බැදුනු ප්‍රභූවරුන් මෙම පාවහන් භාවිතා කොට ඇත. ඉන්පසු 1533 දී ඉතාලියේ සිටි කැතරින් මෙඩිසීස් රැජිණ ප‍්‍රංශයේ දෙවැනි හෙන්රි රජු සරණපාවා ගත්තේය. එම විවාහයට ඉතාලියේ කැතරින් රැජිණ සහභාගිවී ඇත්තේ අඩි උස සපත්තු පැළඳ ගැනීමෙනි. එයින් පසු කාලීනව කලින් කලට අනුකරණය කරමින් එම ප‍්‍රවනතාවය වර්තමානය වන විට කාන්තාවගේ රුව වඩන විශේෂ විලාසිතාවක් බවට පත්වී ඇත්තේය. වසර දහස් ගනනකට පෙර පිරිමින්ගේ පය ආරක්ෂා කළ සපත්තුව අද කාන්තා විලාසිතාවක් වී ඇත.
කැතරින් මෙඩිසීස් රැජිණ සරණපාවා ගත්තේ කවුරුන්ද?
{ "answer_start": [ 290 ], "text": [ "ප‍්‍රංශයේ දෙවැනි හෙන්රි රජු" ] }
844b1d4a-2e53-4dae-a063-4f02348ba118
අතීතයේ සිංහල රාජ්‍යයේ රාළ නමින් හඳුන්වා ඇත්තේ ප්‍රධානීන්ය. විවිධ තනතුරු දැරූ ප්‍රධානීන් තමන්ගේ තනතුර සහිතව රාළ යනුවෙන් හැඳින්වීම එකල පැවති සිරිතයි. මහ රාළ යනුවෙන් රජතුමාද හඳුන්වා ඇති බව ජනප්‍රවාද ජනකතා තුළින් ද හෙළිවේ. ඉන් අනතුරුව ගැමියන්ගේ පෞද්ගලික නාමයන් සමඟද රාළ යන්න පාවිච්චි කිරීමට පුරුදු වී ඇත. කෝරාළ - කෝරළයක් හෙවත් පත්තුවක ප්‍රධානියා අතුකෝරාළ - කෝරාළට සහාය වූ මුලාදෑනියා රටේ රාළ - රටේ මහත්තයා හෙවත් රටේ පාලකයා ගම රාළ - ගමේ ප්‍රධානියා මේ නමින් හඳුන්වයි. උණ්ඩිය රාළ - මුදල්භාර නිලධාරියා හෙවත් මුදල් භාරකරු බද්දෙ රාළ - බදු සහ දඩ මුදල් එකතු කළ නිලධාරියා ගං ඇති රාළ - ඉඩම් හිමියා. ඔහු සතුව සෑහෙන ඉඩකඩම් ප්‍රමාණයක් ඇත. පිහන රාළ - ප්‍රධාන අරක්කැමියා මඩප්පු රාළ - අරක්කැමියාට සහාය වන පුද්ගලයා කීරාළ - පයින්ඩකරුවන්ගේ ප්‍රධානියා ඩිංගිරාළ - රටේ රාළට සහය වන නිලධාරියා. ගැමියන් ඩිංගිත්තක් යනුවෙන් කියන්නේ ටිකක් යන අර්ථයටය.
කෝරාළ ලෙස හදුන්වා ඇත්තේ කව්රුන්ද?
{ "answer_start": [ 309 ], "text": [ "කෝරළයක් හෙවත් පත්තුවක ප්‍රධානියා" ] }
fe5e5519-42d8-459b-8ed9-44b13345b0ad
වෙනදා වගේම ඇස් බැඳලා වෑන් එකට ගත්තාලු. කොහේදෝ පාළු තැනක නැවැත්තුවාලු. පයින් ඇවිත් ත්‍රීවිල් එකක නැගලා කරඬුපන හන්දියේ බැහැලා තියෙනවා. එතන විසිතුරු මසුන් විකුණන තැනක් තියෙනවා. එතනින් ළමයාට මාළු අරන් දීලා කෑගල්ල නුවර බස් එකක නැගලා නුවරට ටිකට් එකකුයි මාවනැල්ලට ටිකට් එකකුයි ගත්තාලු. එතකොට තමයි මෙයාට දැනිලා තියෙන්නේ මම දැන් ගෙදර යනවා කියලා. මාවනැල්ලට ඇවිත් මාවනැල්ල නගරයේ තැපැල් කාර්යාලය ඉස්සරහා තියෙන බස් නැවතුම ළඟින් බැහැලා තියෙනවා. එදා මුළු ටවුම වහලා සිකුරාදා දවසක්. තැනින් තැන කඩ ඇරලා තිබුණාලු. සිංහල කෙනෙකුගේ ත්‍රීවීල් එකකට නැගලා මරාවට යන්න ඕනෑ කීවාට පස්සේ ඇවිත් මෙතන බස්සලා තියෙනවා.
පයින් ඇවිත් ත්‍රීවිල් එකක නැගල බැස්සේ කොතනින්ද ?
{ "answer_start": [ 102 ], "text": [ "කරඬුපන හන්දියේ" ] }
bdb0fc4e-e0bc-4070-b34e-5f5285d04e6c
ක‍්‍රි.ව. 9 දී පමණ අරාබි විද්‍යාඥයකු වූ අබුල්කසිස් විසින් තොල් ආලේපන ඝන ද්‍රව්‍යයක් වශයෙන් නිපදවන ක‍්‍රමය සොයාගනු ලැබිණි. බටහිර ලෝකයේ කාන්තාවගේ සුන්දරත්වය හා ලිංගිකත්වය පෙන්වන ප‍්‍රබල සංකේතයක් ලෙස තොල් ආලේපන හැඳින්විය හැකි වුවද, රතු පැහැති තොල් ආලේපන භාවිත කිරීමට එරෙහිව බටහිර ලෝකය විසින්ම තහංචි පැනවූ අවස්ථාද නැතිවා නොවේ. තොල් ආලේපන අඳින දශකය, සියවස හෝ කලාපය අනුව ඒවායේ අර්ථය විවිධ විය. කලෙක එයින් සමාජ තත්ත්වය හා ධනය පෙන්නුම් කෙරිණි. ක‍්‍රිස්තියානි දහම පුළුල්ව ප‍්‍රචලිත වූ මධ්‍යතන යුගයේදී තොල් ආලේපන ඇතුළු සියලුම ආකාරවල මේකප් පල්ලිය විසින් තහනම් කරන ලදී. තොල් රතු කිරීම යක්ෂ වන්දනාවේ සංකේතයක් ලෙස සැලකුණ අතර තොල් පාට කරන්නියන් මායාකාරියන් ලෙස සැලකිණි. ගණිකාවන් හැරුණු විට ආත්ම ගරුත්වයක් ඇති කාන්තාවන් එකල තොල් පාට කිරීමේ නොයෙදිණ. එසේ නමුදු 16වැනි සියවසේදී එංගලන්තයේ එළිසබෙත් රැජිනගේ පාලන කාලයේදී තොල් ආලේපන නැවත ජනප‍්‍රිය විය. නමුදු තොල් පාට කිරීමේ අවසරය වංශවත් කතුන්ට හා වේදිකා නළු නිළියන්ට පමණක් සීමා විය.
තොල් ආලේපන නැවත ජනප‍්‍රිය වූයේ කුමන කාලයේදීද?
{ "answer_start": [ 743 ], "text": [ "16වැනි සියවසේදී එංගලන්තයේ එළිසබෙත් රැජිනගේ පාලන කාලයේදී" ] }
078b3a34-903e-4841-90ee-9b23a69e6fa1
මේ ගල්ගෙයි වැදි කණ්ඩායම අතර කන්හෙරලියා යැයි වැද්දෙක් තම බල්ලාත් සමග ජීවත්ව ඇත. දිනක් උදෑසනම අවදිවූ පිරිමින් කෑමට යමක් සොයා යාමට කන්හෙරලියාට කතා කර ඇත. එහෙත් කන්හෙරලියා අවදිවූයේ නැත. කන්හෙරලියා මැරී සිටියේය. ඔහුගේ බල්ලාද අසල මැරී සිටියේය. බල්ලා අසලම විශාල නාගයෙක්ද බල්ලා විසින් හපා දමා මැරී සිටියේය. වැදි නඩය කලබල විය. තම සාමාජිකයන් ගල්ලෙන තුළ මිය ගියහොත් ඔවුහු වහාම එම ගල්ගෙය අත්හැර දමති. නීලා වැදිරාල තීරණයක් ගත්තේය. තම හරුබස්ස පොදි බැඳගත් වැද්දෝ ගල්ගේ අතහැර පල්ලම් බැස්සහ. අපටද දැන් පිහිලේගොඩ ගල්ගෙට සමුදීමට කාලය පැමිණ ඇති බව අවබෝධ විය. ඒ සවස් ජාමය සතා සීපාවන් එළිබහින වේලාව වීමයි. ඔවුන්ගේ නිජභූමිය ඔවුනට ඉඩදී අප දැන් නික්ම යා යුතුය.
කන්හෙරලියා මෙම වැදි කණ්ඩායමේ ජීවත්ව ඇත්තේ කවුරුන් සමගද?
{ "answer_start": [ 53 ], "text": [ "තම බල්ලාත් සමග" ] }
233d6a78-de20-4c94-9bf0-9b02fa960442
මේ වසරේ පලදාව ටිකක් අඩුයි. ඒකට ප්‍රධාන හේතුව තමයි දේශගුණය වෙනස් වීම. හොඳම මල් එන කොට පායලා ඉවර වෙලා හොඳට වැස්සක් ලැබුණාම හොද පලදාවක් තිබෙනවා. ඉස්සර වෙළෙඳපොළේ රඹුටන් ගෙඩියක් රුපියල් 8ක් වගේ මිලකට ඉහළ ගියා. දැන් රුපියල් 3.50යි 4.00ත් වගේ මිලකට තමයි රඹුටන් ගෙඩියක් අලෙවි කෙරෙන්නේ. අපි ළඟට වෙළෙන්දන් එනවා. ඒ ගොල්ලෝ ඇවිල්ලා බලලා කරලා අපට මෙච්චර ඕනෑ, මෙච්චර ඕනෑ කියලා කියනවා. පංගුවක් අය ඇවිල්ලා ඒගොල්ලොම කඩාගන්නවා. අපිත් කඩලා දෙනවා. ගෙඩි ගණනට තමයි අපෙන් මිලදී ගන්නේ. ගෙඩි 4000-5000ක් වගේ අරගෙන යන අයත් ඉන්නවා. සිල්ලරටත් දෙනවා. ඔවුන් ඇවිත් රඹුටන් 500ක් 1000ක් වගේ අරගෙන යනවා. වෙළෙන්දෝ තමයි සාමාන්‍යයෙන් වැඩි මුදලක් උපයා ගන්නේ. මේක පරිස්සම් කරන්න ගියාම තමයි වෙහෙසක් ගන්නේ. රෑට වවුල්ලු එනවනේ. වවුල්ලු වර්ග 2ක් ඉන්නවා. මාවවුල්ලෝ කියලා කොටසක් එනවා. ඇට වවුලෝ කියලා තවත් පිරිසක් එනවා. ඒ ඇට වුවලෝ රෑනකට 100-200ක් වගේ පිරිසක් එනවා. උන් ටකය ගැහුවට යන්නේ නැහැ. දුම ගහන්න ඕනෑ. පොල් රොඩු එකතු කරලා දුම ගහනකොට තමයි උන් යන්නේ. දවස ගානේ රෑ එළිවෙනකම් නිදි මරන්න ඕනෑ. රෑ 12 වෙනකම් කට්ටියක් ඉන්නවා. 12න් පස්සේ තව කට්ටියක් ඉන්නවා. කොතරම් මහන්සි උනත් ආදායම් නැති අවස්ථාත් තිබෙනවා.
වවුල්ලු වර්ග කීයක් සිටීද ?
{ "answer_start": [ 697 ], "text": [ "2ක්" ] }
2d40154a-2ed0-4049-84df-8c54c5525d72
අද තරමටම දුරකථන සේවා දියුණු නැති එම වකවානුවේදී කුඹල්ඔළුව වත්තට පැමිණි අවස්ථා වල ජේ.ආර්. දුරකථන ඇමතුම් ලබා ගැනීමට පැමිණියේ කුඹල්ඔළුව තැපැල් කාර්යාලයටය. තැපැල් ස්ථානාධීපතිවරයාට අයත් පුටුවේ වාඩිවෙන ජනාධිපති ජේ.ආර්. බොහෝ වේලාවක් දුරකථන පණිවිඩවල නිරතව සිටියි. ඩඩ්ලි සේසානායක අගමැතිවරයා මිය ගිය පසුව ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් ඩඩ්ලි පිළිබඳව විනාඩි 45 ක පමණ කෙටි චිත්‍රපටයක් සකස් කළේය. ලෙස්ටර් සමග එම කාර්යයට උරෙනුර ගැටී වැඩ කටයුතු කරන ලද්දේ ධර්මසේන හේමපාල මහතාය. චිත්‍රපටයේ වැඩ අවසන් කිරීමෙන් පසුව ලෙස්ටර්ට එංගලන්තයට යාමට අවශ්‍යතාවක් තිබිණි. එහිදී ලෙස්ටර්ට අයත් බොහෝ දේ භාර දී ගියේ ධර්මසේන හේමපාල මහතාටය. ඩඩ්ලි පිළිබඳව නිර්මාණය කරන ලද කෙටි චිත්‍රපටය ද ලෙස්ටර් ධර්මසේන හේමපාලයන්ට භාර දී ගියේය. ඒ වෙන විට එය නරඹා තිබුණේ ද ඒ දෙදෙනා පමණි. එවැනි චිත්‍රපටයක් නිර්මාණය කර ඇති බව ජේ.ආර්. ට දැන ගන්නට ලැබිණි. ඔහු එවකට විපක්ෂ නායකවරයාය.
චිත්‍රපටයේ වැඩ අවසන් කිරීමෙන් පසුව ලෙස්ටර්ට අවශ්‍ය වූයේ කොහේට යාමද ?
{ "answer_start": [ 504 ], "text": [ "එංගලන්තයට යාමට" ] }
15f09b41-e93d-4208-a33a-ba3b8180803a
ඔහුට තම හිසකෙස් බැඳගත නොහැකි වූයෙන් එය කරන ලද්දේ හිරගේ කන්කානම විසිනි. ඔහුගේ මුහුණේ මාංශ පේශීන්ගේ කම්පනයෙන් හිතේ කැළඹිල්ල ප්‍රකාශ විය. එක පහරින් මරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටි ඔහු අවසානයේ දී අරහං යන වචනය උච්චාරණය කළේය. තම හිස ඉදිරියට නැමීමට තරම් චිත්ත ධෛර්යයක් නොවූ නිසා ඔහුගේ හිස වධකයෙකු විසින් අල්ලා ගන්නා ලදී. පළමු කඩු පහරින් පසු ඔහු පස්සට වැටුණේය. එහෙත් ප්‍රාණය නිරුද්ධ වී නොතිබුණු නිසා තවත් පහරක් ගසන ලදී. දිවි තොර කිරීම් සිදුකර ඇත්තේ එකල කන්ද උඩරට පැවැති දඬුවම් ක්‍රම සැලකිල්ලට ගනිමිනි. රදළයන් එල්ලා මරන්නේ නැත. හිස ගසා දැමීමෙන් පමණක් මරණය සිදුකරයි. හිස ගසා දැමීමේ දී දංගෙඩියක් පාවිච්චි කරන්නේ නැත. දෑත් බැඳීමත් සිදු නොකරන අතර දෑත් නිදහසේ තැබේ. දෑස් ද විවෘතව තැබේ. එම සිරිත් අනුගමනය කරමින් නායකයන් තිදෙනාගේ දිවි තොරකර තිබේ.
එක පහරින් මරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටි ඔහු අවසානයේ දී උච්චාරණය කළේ කුමන වචනයද?
{ "answer_start": [ 192 ], "text": [ "අරහං යන වචනය" ] }
b7055ce9-c146-412a-b8c4-361bd25f9ab1
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුව ප්‍රදේශයේ ඇතිවූ ගැටුමකදී මරණයට පත්වූ අතර, වෙඩි වැදීම හේතුවෙන් එම මරණය සිදුව තිබිණි. ඔහුගේ නිවසට පෙරේදා (9) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එහිදී තුවාල ලබා ඇති සභාපතිවරයා රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ. මීට අමතරව අරලියගහ මන්දිරය අසල ඊයේ (9) රාත්‍රියේ ඇතිවූ කලහකාරී තත්වය අතරතුර කඳුළුගෑස් ප්‍රහාරක අවියක් පිපිරීමෙන් උප පොලිස් පරීක්‍ෂකවරයකු මිය ගිය අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ආරක්‍ෂක අංශ සාමාජිකයකු ද වෙඩි වැදීමෙන් මියගොස් තිබිණි.
පෙරේදා (9) රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූවෙ කව්ද?
{ "answer_start": [ 219 ], "text": [ "සභාපතිවරයා" ] }
d53d01d4-f32b-4fb6-a862-0553efbed805
මෙවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර ජුලි මස 25 වැනි දින ආරම්භ වී අගෝස්තු මස 04 වැනි දින දහවල් පෙරහර පැවැත්වීමෙන් අනතුරුව නිමා වීමට නියමිතය. කෙසේ නමුත් මුළු මහත් ලෝකයම භීතියට පත් කළ වසංගතයක් වන කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර පෙරහර මහජනතාවට විවෘත නොවන බව මේ වනවිටත් ප්‍රකාශයට පත් කොට තිබේ. මෙවර පෙරහර පැවැත්වීමට සැලසුම් කොට ඇත්තේ සාමාන්‍ය ජනතාවට ඊට සහභාගි වීමට නොහැකි ආකාරයටය. ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ පෙරහර සුපුරුදු පරිදි වීදි සංචාරය කරන බවත් අලි ඇතුන් පනහක් පමණ ඊට සහභාගි කරවන බවත්ය. එතරම් අලංකාර පෙරහරක් ජනතාවට නැරැඹීමේ අවස්ථාව අහිමිවීම කනගාටුවට කරුණක් වුවත් වත්මන් නවීන තාක්ෂණය ඔස්සේ එය නැරැඹීමේ අවස්ථාව ජනතාවට හිමිවනු ඇත.
ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිළමේ කවුද?
{ "answer_start": [ 432 ], "text": [ "ප්‍රදීප් නිලංග දෑල මහතා" ] }
14892421-829e-4b58-89a5-dae60e0bc648
සික් ජාතික ඉංජිනේරුවන් නිෂ්පාදනය කළ කාලතුවක්කු පරංගීන්ගේ කාලතුවක්කු වලටත් වඩා බලසම්පන්න වූ බව කියැවේ. ඒ නිසා පරංගි ලංකාවේදී බැට කෑවේ ලාංකීය යුද හේවායන් අතින් පමණක් නොව විදෙස් හමුදාවල ද එකතුවෙනි. මේ සීතාවක රාජසිංහ රජුගේ මහා පෞරුෂය හා රණශූරත්වය විද්‍යමාන කරයි. එකල ලංකාවේ හොඳම වානේ නිපදවා ඇති අතර විවිධ උසස් යුද අවිද නිෂ්පාදනය කර ඇත. සීතාවක රාජසිංහ රජතුමාට තාක්ෂණයෙන් දියුණු උසස් යුද හමුදාවක් සිටි බව පරංගීන් ද පිළිගෙන ඇත. ඊළඟට මේ යුද හමුදාවලට රජු වැටුප් ගෙවූ බවත් ඇතැම් පෘතුගීසි ලේඛනවල දක්වා තිබේ. සීතාවක රාජසිංහ රජතුමා පෘතුගීසීන්ට කැලණි ගඟ ඔස්සේ ගමන් කිරීමට කිසිම ලෙසකින් ඉඩ නොදුන්නේය. කොළඹ කොටුවට පහර දීමට හා පෘතුගීසීන් කොළඹ කොටුවට සීමා කිරීම වැනි යුද සංග්‍රාමවලදී රාජසිංහ රජතුමා කැලණි ගඟ එයට මහත් සම්පතක් කොට ගත්තේය. කැලණි ගංගාවේ තොටුපලවල් සියල්ලම රජතුමාගේ බලය යටතේ පැවතිණි.
සීතාවක රාජසිංහ රජතුමා කාට කැලණි ගඟ ඔස්සේ ගමන් කිරීමට ඉඩ නොදුන්නේද?
{ "answer_start": [ 519 ], "text": [ "පෘතුගීසීන්ට" ] }
82333e3e-308d-485a-98c0-f81c5da35f63
කැලයට පැමිණි පසු ඉතිරි දුර ගෙවාදැමිය යුත්තේ අහල පහළකවත් මිනිස්‌ පුලුටක්‌ නොමැති අන්ධකාර වන පියස තුළ පමණි. සැබැවින්ම උස්‌ තුරැලතාවලින් පිරී මෙම කැලය තරමක්‌ අඳුරැ වන නමුත් එම පාලුව මැකීමට මිලියන ගණනින් කූඩැල්ලන් වාසය කරයි. කුඩා අඩි පාර දිගේ ඉහළට යා යුතු අතර විටෙක ගස්‌ අතරින් නැවී ගස්‌ කඳන් උඩින් පනිමින්ද යා යුතුය. මීටර 60 ක්‌ පමණ උස මෙම ඇල්ල මීටර 15ක්‌ පමණ පළලින් යුක්‌තය. හරහට කොටස්‌ 3 කින් කඩා වැටෙන මෙම ඇල්ල වැසි සමයේ එක පොදියට මහ විශාල ජල කඳක්‌ සමඟ පහළින් වැටේ. ඉංග්‍රීසි ආණ්‌ඩු සමයේ මෙම ප්‍රදේශයේ ප්‍රචලිත දඩ බිමක්‌වූ අතර මෙම ප්‍රදේශය දුර සිට බැලූකල ඉංග්‍රීසි වී අකුරක හැඩයකට දැකිය හැක. ගෝනුන්, මුවන්, වල් ඌරන්, ඉත්තෑවන් සිටින මෙම ඉසව්වේ තිබෙන ශාකවල වටිනාකමද ඉතා වැඩිය. ජෛව විවිධත්වය අතින් පිරැණු මෙම වන පියසේ බොහෝ විහඟ නාදයන්ද කන වැකේ. ඇල්ලේ ඝෝෂාව අතිමහත් වන අතර ජල දහරාව බිමට වැටෙන විට නැගෙන පින්න මීටර 30 ක්‌ පමණ දුරට විහිදේ.
මෙම කැලයේ පාලුව මකන්නේ කවුරුන්ද ?
{ "answer_start": [ 186 ], "text": [ "මිලියන ගණනින් කූඩැල්ලන්" ] }