id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
44d4e247-45d1-4af3-a005-b06e61ee225d
පුංචි එංගලන්තය නැතහොත් නුවරඑළිය රෝහල් සංකීර්ණය තුළින්ද දැකගත හැක්කේ බේකර් වාට්ටුව එළිසා බේකර් මහත්මිය විසින් ඉදිකර පරිත්‍යාග කළ එම වාට්ටුවයි. ඉංග්‍රීසි පාලන සමයේ නුවරඑළිය ගොඩනැංවු පුද්ගලයින් අතර සර් සැමුවෙල් බේකර් මහතාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 1848 වසරේදී සර් සැමුවෙල් බේකර් නුවරඑළිය නගරයේ මහගස්තොට කේන්ද්‍රිය කරගෙන අක්කර 1000 කින් යුතු ගොවිපොළක් ආරම්භ කිරීම නුවරඑළිය නගරය ඉංග්‍රීසින්ට අවැසි ලෙස නිර්මාණය කරන්න මහත් රුකුලක් විය. සර් සැමුවෙල් බේකර් තම බේකර් ගොවිපොළට අවශ්‍ය කාර්ය මණ්ඩලය ද සේවකයින් ද ගවයින් ඌරන් ඇතුළු විවිධ සතුන් ද එංගලන්තයේ සිට මෙරට රැගෙන ආවේය.
ඉංග්‍රීසි පාලන සමයේ නුවරඑළිය ගොඩනැංවු පුද්ගලයින් අතර සුවිශේෂී ස්ථානයක් හිමිවී ඇති පුද්ගලයෙක් නම් කරන්න.
{ "answer_start": [ 195 ], "text": [ "සර් සැමුවෙල් බේකර්" ] }
402ecdc2-5b44-40de-a4d5-1bd8c73cbd4c
පසුගිය වසරේ කටකතාවලින් කියැවුණේ ආලියා සහ රන්ධීර් රන්තම්බෝරේ ජාතික උද්‍යානයේදී විවාහ ගිවිස ගත් බවය. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා නිතරම එකටම ගැවසුණ යුවළකි. ඔවුන් නිවාඩු ගත කරන්නට එකට යනවා පමණක් නොව එකිනෙකාගේ නිවෙස්වලට යන පුවත් ද සඟවන්නට වෑයම් කළේ නැත. අර්ජුන් කපූර් සහ මලයිකා අරෝරාගේ සම්බන්ධය ප්‍රසිද්ධියට පත් වූයේ 2019 දීය. මොන තරම් කටකතා පැතිර තිබුණත් ඔවුහු එතෙක්ම සිය සම්බන්ධය පිළිබඳව නිහඬවත පිරූහ. එයට බොහෝ විට හේතු වෙන්නට ඇත්තේ ඔවුන්ගේ වයස් පරතරය විය යුතුය. මලයිකා අර්ජුන්ට වඩා වසර 11 ක් වැඩිමහලුය. අර්බාස් ඛාන් සහ ඇගේ විවාහය දික්කසාදයකින් කෙළවර වූ අතර ඇයට ගැටවර වියේ පුතෙකු ද සිටින්නේය.
කටකතා කියවුනේ කා ගැනද
{ "answer_start": [ 32 ], "text": [ "ආලියා සහ රන්ධීර්" ] }
cc3dc239-a7ee-48ca-b756-63502e648de1
උපුල් සාලිය අලදෙණිය මහතා 1963 මැයි 01 වැනි දින උපත ලැබූ අතර මහනුවර ලේවැල්ල ගමේ උපන් ඔහුගේ පියා එස්.එම්. කුඩා බණ්‍ඩාය. මව ඉන්ද්‍රාවතී විජේසිංහ අලදෙණියයි. පවුලේ දෙවැනියා වූ සාලියට අක්කා කෙනෙක්ද මල්ලි කෙනෙක්ද සිටිති. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු උසස් පෙළ විභාගයෙන් පසුව 1989 අප්‍රේල් 21 දින ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බල සේනාවේ කෙඩෙට් නිලධාරියකු ලෙස සම්බන්ධ වී මූලික පුහුණුව දියතලාව හමුදා පීඨයෙන් ලැබුවේය. මේ සාලිය අලදෙණිය රණවිරුවාගේ මව වන ඉන්ද්‍රාවතී අලදෙණිය මහත්මිය තම පුත්‍රයා පිළිබඳව කි කථාවයි. පුතා පොඩි කාලේ ඉඳලම ආමි එකේ අයට ආසයි. ආමි එකට යන්නමයි ආසාව. අවුරුදු තුනහර කාලෙත් ආමි එකේ වගේ සූට් එකක් මහලා දුන්නා. එයාගේ අප්පච්චිත් ආමි එකේ තමයි වැඩ කළේ. කුඩා කාලේ ඉඳන්ම ඒ අැඳුම ඇඳගෙන අතේ සෙල්ලම් තුවක්කුවක් තියාගෙන තමයි සෙල්ලම් කළේ.
උපුල් සාලිය අලදෙණිය මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බල සේනාවේ කෙඩෙට් නිලධාරියකු ලෙස සම්බන්ධ වුයේ කවදාද ?
{ "answer_start": [ 286 ], "text": [ "1989 අප්‍රේල් 21 දින" ] }
1326bb80-d8cc-41e4-abad-76ffef9de617
1927 ජනවාරි 23 දින කැලණි රාජ මහා විහාරස්ථානයේ නව ඉදිකිරීම් සඳහා මුල්ගල හෙලේනා විජයවර්ධන ළමා තැනිය විසින් තබා කටයුතු සිදුවෙමින් තිබියදී ළමා තැනිය රෝගාතුර වූවාය. ඒ පක්ෂගාත රෝගය වැලඳීමෙනි. තම දරුවන් සියලු දෙනා ඈ වෙතට කැඳවා තමාගේ මරණයට පෙර කැලණි විහාරයේ වැඩ කටයුතු කෙසේ හෝ අවසන් කරන ලෙස ඇය ඉල්ලා සිටියාය. ඇයට දරුවන් නව දෙනෙකු සිටි අතර ඉන් හත්දෙනෙක්ම පිරිමි දරුවෝ වූහ. ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ද එක් පුත්‍රයෙකු විය. ඩී.ආර්.ගේ වැඩිමහල් සොහෝදරයා වූ ඩී.සී. විජයවර්ධන මහතා අනතුරුව කැලණි විහාරස්ථානයේ භාරකරු ලෙස කටයුතු කරන අතර 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් ප්‍රකාශ කෙරුණ රිවොල්ට් ඉන් ද ටෙම්පල් කෘතියේ කතුවරයා ද ඔහුය. 1956 බණ්ඩාරනායක ආණ්ඩුවේ ඇමති මණ්ඩල සාමාජිකයකු වූ විමලා විජයවර්ධන ඔහුගේ භාර්යාවයි.
හෙලේනා විජයවර්ධන ළමා තැනියට වැලදුන රෝගය කුමක්ද?
{ "answer_start": [ 162 ], "text": [ "පක්ෂගාත රෝගය" ] }
2e5c4139-c09e-46c1-8aa0-c7d5c583a2d9
එක් පුරාවෘත්තයක සඳහන් වන්නේ ගිරිකාට ගොදුරු වූවන්ගෙන් එක් අයෙකු සමුද්‍රා නම් බෞද්ධ භික්ෂුවක් බවයි. ගිරිකා විසින් ඔහුට වධ හිංසා කළ ද, ඔහු නිරුපද්‍රිතව සිටි අතර, මෙම ප්‍රාතිහාර්යය පිළිබඳ පුවත අධිරාජයාට දැනගන්නට ලැබුණි. සමුද්‍රා තෙර මුණගැසුණු අධිරාජයාට උන්වහන්සේ දුන්නේ බුදුන් වහන්සේ දේශිත අනාවැකියට අනුකූලව ස්තූප 84,000ක් ගොඩනගන ලෙසත්, සියලු සත්වයන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත්ය. එම ඉල්ලීම්වලට එකඟ විය. ඔහු සිය අපරාධ පාපොච්චාරණය කර බුදුන් හා ධර්මය පිළිගත්තේය. අශෝක නිරිඳුන් බුදුසමය වැළඳ ගැනීම පිළිබඳව වූ පුවත දිව්‍යාවදාන කෘතිය එසේ සඳහන් කළ ද, පැරණි මූලාශ්‍ර බොහොමයක සඳහන් වන්නේ කාලිංග යුද්ධයෙන් අනතුරුව අශෝකයන් බුදු සමය වැළඳ ගත් බවයි.
සමුද්‍රා යනු කව්රුන්ද?
{ "answer_start": [ 76 ], "text": [ "බෞද්ධ භික්ෂුවක්" ] }
aa4667e1-2d7f-4366-a442-b6c5c6b8fa1f
වාලිගේ මරණයට පසු, සුග්‍රීව කිසිකන්දාවේ රජ කිරුළ පැළඳුවේය. තම බිරිය වූ සීතා සොයාගැනීම සඳහා සුග්‍රීවගේ උපකාරය ලැබෙණු ඇතැයි ඔහු බලාපොරොත්තු වූවේය. ඒවන විටත් සීතා අතුරුදන්ව සිව් මසක් ගෙවී තිබිණි. මේ මුළු කාලයම වස්සානයට අයත් විය. අධික වැසි වැටෙන බැවින් මේ වස්සාන සමයේදී කිසිවෙකුටත් වනාන්තර ගතවීමට නුපුළුවන. සීතා කොහේ හෝ ගල්ලෙනක හිර වී සිටිනු ඇතැයි රාම කල්පනා කළේය. වස්සානය නිමා වූ වහාම ඇය සෙවීම යළි ආරම්භ කළ යුතු බවට රාම තීරණයක් ගෙන තිබිණි. එහෙත් සුග්‍රීව රජ වී තම මන්දිරයට ගිය පසුව ඔහු රාමට වූ පොරොන්දුව සහමුලින්ම අමතක කර දැමුවේය.
සුග්‍රීව කිසිකන්දාවේ රජ කිරුළ පැළඳුවේ කාගේ මරණයට පසුවද ?
{ "answer_start": [ 0 ], "text": [ "වාලිගේ මරණයට පසු" ] }
5c4ff889-8608-475c-b13d-514b7dbee2cf
පුරුෂයන්ගේ ඇඳුම වශයෙන් රත‍්‍රන් බොත්තම් ඇල්ලූ සුදු පැහැති ජාතික බැනියම සහ වේට්ටිය වේ. පුරුෂ පක්ෂය රැකියාව සඳහා නිවසින් පිටත්ව යාමේදී තම ආගම අදහනු දැකගත හැකිය. කාන්තාවෝ රැකියාවක නිරත නොවන අතර, නිවසේ රැඳෙමින් දරු මුණුපුරන් ඇතිදැඩි කරමින්, නිවසේ වැඩකටයුතුවල නිරත වෙමින් කාලය ගත කෙරේ. සවස හය, හත අතර කාලයේදී විශේෂයෙන්ම කාන්තාවෝ ආගම සිහි කරති. එය දිනපතාම සිදු වන කටයුත්තකි. ඔවුහු ආහාර අනුභව කරන්නේ ද විශේෂිත වූ ආකාරයකට යැයි සිතේ. අතීතයේදී කෙසෙල් කොළේ බෙදා ගත් තෝසේ, වඩේ වැනි ආහාර නිවසේ සිටින සියලු දෙනාම එකට බිම වාඩි වී පරිභෝජනය කළහ. ඊට අමතරව බත් වැනි ආහාර මෙන්ම, මස් සහ මාළු අනුභව කිරීම සඳහා ද ඔවුහු වැඩි කැමැත්තක් දක්වති. වර්තමානයේ කෙසෙල් කොළයේ බෙදා ගෙන එකට ආහාර ගැනීමේ පුරුද්ද ඒ ආකාරයෙන්ම අනුගමනය කරනු දක්නට නොලැබේ. එසේ වුවත්, රාත‍්‍රී කාලයේ දී සියලු දෙනාම එකම වේලාවක ආහාර ලබා ගනිති.
කාන්තාවන් ආගම සිහි කරන්නෙ කුමන වෙලාවටද?
{ "answer_start": [ 281 ], "text": [ "සවස හය, හත අතර කාලයේදී" ] }
fe81cbc3-c572-4c77-83ea-b46b0088e0c4
මෙරට තුළ මෙම ජාවාරම වැඩි වශයෙන් මාලදිවයින් ජාතිකයන් හා නයිජීරියානු ජාතිකයන් එක්ව සිදුකරන අතර මත්පෙති ජාවාරම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය වෙත මීට මාස කිහිපයකට පෙර තොරතුරු ගලා ආවේය. ඒ අනුව විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය ජාවාරම්කරුවන් පිරිසක් පසුපස උකුසු ඇස යොමු කළේය. මාස කිහිපයක ප්‍රතිඵලයක් ලෙස මාලදිවයින් හා නයිජීරියානු ජාතිකයින් පිරිසක පිළිබඳ තොරතුරු හමුවිය. මෙම පිරිස කුලී නිවාස සහ මහල් නිවාස කුලියට ලබා ගනිමින් මෙම ජාවාරම මහාපරිමාණයෙන් සිදුකරන බවට ද විශේෂ කාර්ය බළකාය වෙත තොරතුරු ලැබුණේය.
අපරාධ මර්ධන ඒකකය කවුරුන් පසු පස උකුසු ඇස යොමු කලේද?
{ "answer_start": [ 267 ], "text": [ "ජාවාරම්කරුවන් පිරිසක්" ] }
fdae5ffa-92a4-436c-b0a0-6c6a34d2e6cc
එයින් පසු වෛද්‍ය මණ්ඩලය රැස් වී උසාවි නියෝගය ක්‍රියාත්මක කරන බවට ඒකමතිකව තීරණයක් ගෙන දියණියගේ දෙමව්පියන්ට සහ විනිසුරුවන්ට මේ බව දැනුම් දෙන ලදී. වෛද්‍යවරුන් ඇයට විෂ එන්නත් කිරීමට ඉදිරිපත් නොවූ අතර සිහිමුර්ඡාවෙන් සිටින ඇයගේ ඔක්සිජන් මුඛ ආවරණය ගලවා දැමීමට තීරණය කළේය. එය ගැලවීමෙන් පසු ඇය තත්පරයකුදු ජීවත් නොවූවාය. දෙමව්පියන්ට ද මහත් ඇස්වැසිල්ලක් විය. නමුත් එදින ඇයගේ තිස් එක් වන උපන් දිනයයි. විසි එක් වන උපන්දිනය පසු වී ඉන් ආසන්න දිනයක දී සිට තිස් එක් වන උපන් දිනය දක්වා වසර දහයක් සිහි මුර්ඡාවෙන් සිටි ඇය තම පෙම්වතාගේ පැතුම අනුව ඔහුගේ ලෝකයටම ගත්තේය.
ඇය වසර කීයක් සිහිමූර්ඡාව සිටියාද?
{ "answer_start": [ 468 ], "text": [ "වසර දහයක්" ] }
3a514318-ef1e-4978-af15-fc39df4bda96
ඇතුගලත් කුරුමිණියාගලත් යා කරමින් ඒ පර්වත දෙක මධ්‍යයේ පිහිටලා තිබෙන කඳුගැටය ඉබ්බාගල ලෙස හඳුන්වනවා. මේ ඉබ්බාගල පිහිටි ඉබ්බාගල විහාරය ඓතිහාසික වටිනාකමකින් යුක්ත විහාරයක්. ජනප්‍රවාදගත තොරතුරු අනුව මෙම විහාරය ඉදිකර තිබෙන්නේ කුරුණෑගල රාජධානි සමයේ රජකළ දෙවන බුවනෙකබාහු රජතුමා විසිනුයි. බුවනෙකබාහු රජුගේ මවට ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට දැඩි ආශාවක් තිබුණා. නමුත් ඇය වයස්ගත නිසා එතරම් දුෂ්කර ගමනක යෙදීම ඉතාමත් අපහසු කරුණක් වුණා. ඒ නිසා බුවනෙබාහු රජතුමා ඉබ්බාගල මත ශ්‍රීපාදයේ අනුරුවක් කරවලා තමන්ගේ මෑණියන්ට වන්දනා කරන්න අවස්ථාව ලබාදුන් බව කියවෙනවා. පසුකාලීනව රජතුමා විහාරගෙයක් සහ දාගැබක් මේ භූමියේ ඉදිකරලා විහාරයේ නඩත්තුව සඳහා ගම්වර කිහිපයක්ද පූජාකළ බව අහන්නට ලැබෙනවා. ඒ සිරිපතුලේ අනුරුව සහ විහාරගෙය අදටත් ඉබ්බන්ගල විහාරයේ දැකගන්න හැකියාව තිබෙනවා. මේ සියල්ලත් එක්ක ඉතාමත් සුන්දර පරිසරයක් ඇතුගල ආශ්‍රිත අවට ප්‍රදේශ වල දැකගන්න හැකියාව තිබෙනවා. කුරුණෑගල ජනතාව පෙන්වා දෙන ආකාරයට මේ සුන්දර පරිසරය විසින් තවමත් වසන් කරගෙන සිටින ඉතිහාසයක් සත්ත්ව නම් සමග පටබැඳුණු නම් සහිත පර්වත අතර තිබෙනවා. ඒවා මතුකරගෙන ලෝකයට නිරාවරණය කරනවාද එහෙමත් නැත්නම් ඒවා මේ ආකාරයෙන් ම වසන්වී සිටීමට ඒ ඉතිහාසයට ඉඩදෙනවාද කියන කාරණය අදාළ බලධාරීන් තීරණය කළයුතුයි. ඒ වගේම ඇතුගල ටියුෂන් යන බාලවයස්කාර පෙම්වතුන්ට රජදහනක් වන බව මේ සංචාරයේදි දකින්නට සහ අසන්නට ලැබුණා. හිස් මත්පැන් බොතල්, පොලිතින් විතරක් නෙවෙයි භාවිතා කළ උපත් පාලන කොපු පවා සමහර ස්ථාන වලදී දැකගන්න පුළුවන්. ඒ නිසා නිසි බලධාරීන් මේ පිළිබඳව තමන්ගේ අවධානය යොමු කරලා ජාතික උරුමයක් වන මේ භූමිය අපචාරී භූමියක් බවටපත්වීමෙන් වළක්වා ගැනීමට කටයුතු කළයුතු බවත් සිහිපත් කරනවා.
ඉබ්බාගල විහාරය ඉදිකර තිබ්බෙන්නේ කවුරුන් විසින්ද ?
{ "answer_start": [ 246 ], "text": [ "දෙවන බුවනෙකබාහු රජතුමා විසිනුයි" ] }
8e5127c1-3f30-48b8-a5c9-75b3dee712bf
දරුවන් පාඩම්කරන විට රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් කාර්යයක් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීම ධාරණ ශක්තිය හීන වීමට ප්‍රබල සාධකයක් බව කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති. ඔවුන් පෙන්වා දෙන්නේ එක් වරකට එක් කාර්යයක් සඳහා තම සිත යොමුකරගෙන සිටින විට එය මනාලෙස මොළය මගින් නියමිත ස්ථානයේ තැන්පත් කරන බවයි. එම ප්‍රදේශය හයිපොකැම්පස් ලෙස හඳුන්වයි. ඒ කලාපය මොළයේ දත්ත සංවිධානාත්මක ලෙස වර්ග කර ගබඩාකර ගන්නා කලාපයයි. එමෙන් ම ඒ කලාපය මතකය නැවත ස්මරණය කිරීමට ද උපකාරී වේ.කෙසේ හෝ පාඩම් කරන අතරතුර වරින් වර ස්මාර්ට් ෆෝන් භාවිතය, පරිගණක ක්‍රියා කිරීම හා රූපවාහිනිය නැරඹීම වැනි වෙනත් කටයුතුවල නිරතවන විට පාඩම් කටයුතු මොළයේ ගබඩා වන්නේ නියමිත ස්ථානයේ නොවේ. ඒවා ගබඩා වන්නේ මොළයේ සැලසුම් කිරීම සහ අභිප්‍රේරණය කිරීම යන ක්‍රියාවන්ට සම්බන්ධ ස්ථානයේ නොවන බැවින් ඒ තොරතුරු නැවත ස්මරණය කිරීම අපහසුය.
මොළයේ දත්ත ගබඩා කරන කලාපය කුමක්ද?
{ "answer_start": [ 320 ], "text": [ "හයිපොකැම්පස්" ] }
bba9a7c1-72d4-4eb1-bb4a-7e6ab26af2bf
විදානේවරයාගේ උදව් උපකාර ඇතිව ඉංග්‍රීසින්ගේ භට පිරිසක් සැප්තැම්බර් 27දා රාත්‍රී ඉතාම හොර රහසේ ඉතාමත්ම අපහසුවෙන් මඩුගල්ලේ නිලමේගේ වලව්ව පිහිටි උඩදුම්බර මඩුගල්ල ගම්මානය කරා ගමන් කර ඇත. පිරිස මඩුගල්ල ගම්මානයට පිවිස ඇත්තේ 28 දා පාන්දරය. පිරිස විදානේවරයාගේ නිවෙස තුළට පිවිස එහි සැඟවුණේ එදින රාත්‍රියෙහි මඩුගල්ලේ නිලමේ කොටු කර ගන්නටය. මඩුගල්ල ගම්මානයට ගිය භට පිරිස පිළිබඳ කිසිදු තොරතුරක් නොලද නිසා තෙල්දෙණිය අණදෙන නිලධාරී කපිතන් ඩොබින් මහතා කලබලයට පත්ව සිටියේය. ඒ අතර මඩුගල්ල ගම්මානය දෙසින් නිකුත් වු වෙඩි ශබ්දයක් පිළිබඳ තොරතුරක් ද ඩොමින්ට ලැබුණේය. තම භට පිරිසට කුමන හෝ ආකාරයේ කරදරයක් පැමිණෙන්නට ඇතැයි සිතූ ඩොබින් ආධාර පිණිස බළ ඇණියක් වහා මඩුගල්ල ගම්මානයට පිටත් කර ඇරියේය. එම භට කණ්ඩායමේ පැමිණීම මඩුගල්ලේ නිලමේට දැන ගන්නට ලැබුණේය. හේ වහා පලා ගියේය.
මඩුගල්ලේ නිලමේගේ වලව්ව පිහිටි ගම්මානයේ නම කුමක්ද?
{ "answer_start": [ 141 ], "text": [ "උඩදුම්බර මඩුගල්ල ගම්මානය" ] }
90396dee-7a21-4a7d-8570-b7772a2ccabf
ඒ අනුව මරණයට හේතුව හෘදය වස්තුවට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් අධික ලෙස රුධිරය පිටවීම බව නිගමනය කරනු ලැබිණ. මේ අතර පොලිසිය පොලිස් සුනඛයකු යොදා ගනිමින් පරීක්ෂණ ආරම්භ කළේය. එහිදී පොලිස් සුනඛයා තමන් ලබාගත් ඉව අනුව පොල් වත්තේ කෙළවරක වූ කෙසෙල් පඳුරක් අසල නැවැතුණි. එම ස්ථානය පරීක්ෂා කිරීමේදී ලේ තැවැරුණ කිණිස්සක් හා පිහියක් සොයාගත හැකි විය. කිණිස්ස දෙපැත්ත කැපෙන ආයුධයක් නිසා මළ සිරුරේ පපුවේ තුවාලය සිදුකර තිබෙන්නේ එම කිණිස්සෙන් බවට සැක කළ හැකි විය. එහි තලයේ දිග ද සෙන්ටිමීටර 16ක් පමණ විය. එහි තලයත් මිටත් අතර ආවරණයක් විය. එම ආවරණයේ පළල සෙන්ටීමීටර දෙකකි. පපුවේ ඇනුම් තුවාලයට තරමක් පහළින් තිබූ සිරුම සහිත තැල්ම කිණිස්ස සම්පූර්ණයෙන් සිරුර තුළට කිඳා බැස්ස පසු මෙම ආවරණය සිරුරට තද වීමෙන් වූ තුවාලයක් බවට ද සැක කළ හැකි විය. ආයුධය මේ ඝාතනයට භාවිත කළ ආයුධයම දැයි සැක හැර දැන ගැනීමට එහි තැවරී තිබූ රුධිරය හා මිය ගිය අයගේ රුධිරය ඩී.එන්.ඒ. පරීක්ෂණයකට ලක් කළ යුතුය.
පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේ කවුරුන් යොදා ගනිමින්ද?
{ "answer_start": [ 121 ], "text": [ "පොලිස් සුනඛයකු" ] }
38580ead-7aca-49b9-a5f1-5796eb44f715
රාවේෂ්වරම් සුළිසුළඟ නමින් ප්‍රකට වූ මෙම සුළිසුළඟ ආරම්භ වූයේ දකුණු අන්දමන් දූපත් දෙසින් 1964 දෙසැම්බර් 17 වැනිදාය. එහි වේගවත්ම ප්‍රවාහය 19 වැනිදා වන විට ඇරඹී තිබූ අතර වේගය පැයට කිලෝමීටර් 400ක් විය. එය ඉන්දියාවේ ධනුෂ්කොඩි, රාමේෂ්වරම් අතරින් හමා ආවේ ලංකාවේ වවුනියාව දෙසටය. අතරමඟ තිබූ නිවාස, දේවස්ථාන, දුම්රිය ස්ථාන හා මුහුද මැදින් වැටී තිබූ දෙරට අතර දුම්රිය මාර්ගය හා ලංකාවේ තලෙයි මන්නාරම දුම්රිය ස්ථානයද විනාශ කරමින් සුළි සුළඟ 22 වැනිදා වන විට වවුනියාවෙන් නිමවිය. වවුනියාවට එන විට සුළිසුළගේ වේගය ගණනය කර ඇත්තේ පැයට කිලෝමීටර් 280ක් ලෙසය.
වව්නියාවට එන විට එහි වේගය කොපමණද?
{ "answer_start": [ 508 ], "text": [ "පැයට කිලෝමීටර් 280ක්" ] }
0a6adff9-09af-400f-b781-89c5487f06f9
“මේ විදියටම මාව ඉස්සරත් වැටිලා උලක් ඇනුණා” යයි කීය. මියගිය දියණියට ද ඒ අයුරින්ම තුවාල සිදුවූ අයුරු මවගේ මතකයට නැගුණි. කුමාරසිරි කරනු බලන මෙම ප්‍රකාශ නිසා මියගිය දියණිය යළි උපත ලබා ඇති බවට දෙමාපියෝ සහ සොයුරු සොයුරියෝ ස්ථීර වශයෙන්ම පිළිගනු ලැබූහ. කුමාරසිරි හෙළි කළ පෙර භවය පිළිබඳ තොරතුරු අතර ඔහු තුළින් දක්නට ලැබූ සුවිශේෂී සිදුවීමක් තිබේ. එනම් වයස අවුරුදු හතක් පමණ වන විටත් ගවුමක් ඉල්ලා සිටීමය. දිනක් ඔහු සිය මවගෙන් ඉල්ලීමක් කළේය. “අම්ම මට ගවුම් අඳින්න දෙන්නේ නැත්නම් මට ගවුමක් ඇඳලා ඉස්සර හිටියා වගේ අම්මත් එක්ක පොටෝ එකක් අරන් දෙන්න” එම ඉල්ලීම විය. “පිරිමි ළමයි ගවුම් අඳින්නේ නෑ” යැයි මව කොතෙක් කීවත් කුමාරසිරිගෙන් මවට බේරීමක් නොවිණි. අවසානයේ කුමාරසිරිට ගවුමක් ලබා දුන්නේය. එම ගවුම ඇඳගත් කුමාරසිරි මව සමඟ ඡායාරූප ශාලාවකට ගොස් ඡායාරූපයක් ගත්තේය. එදා පෙරභවය හෙළිකළ කුමාරසිරි අද උපාධිධාරී ගුරුවරයෙකි. පෙරභවය සිහිපත් කරමින් එම ඡායාරූපය අදත් කුමාරසිරි සුරක්ෂිතව තබාගෙන ඇත. පෙරභව සිදුවීම් පිළිබඳ කුමාරසිරිට තවමත් හොඳ මතකයක් තිබේ. ඒ පිළිබඳ විමර්ශනයක් කිරීම සඳහා පසුගිය දිනෙක කුමාරසිරිගෙන් විමසීමට අපට අවස්ථාව ලැබුණි.
වයස අවුරුදු හතක් පමණ වන විටත් ඔහු ඉල්ලා සිටියේ කුමක්ද ?
{ "answer_start": [ 372 ], "text": [ "ගවුමක් ඉල්ලා සිටීමය" ] }
c3491516-f102-410f-989b-5b86e7a772f2
බස්නාහිර පළාත තුළ දෙමටගොඩ චමින්ද, බ්ලූමැන්ඩල් සංඛ, ආමි සම්පත්, දූනහග සුජී, සමයං, අගොඩ ලෙක්කා, ගනේමුල්ල සංජීව, කටානේ ලලිත් පින්තු, මොරටුව ප‍්‍රදේශයේ ගොනා කෝවිලේ රෝහණ, ලන්සියා යන අයගේ කල්ලි ඉන් කිහිපයක් වන අතර මාලිගාවත්ත ප‍්‍රදේශයේ වෙනම මුස්ලිම් පාතාල කල්ලි රැසක් ක්‍රියාත්මක වෙමින් පවතියි. මෙම පාතාල කල්ලි සාමාජිකයන් සහ ඔවුන්ගේ ගෝලබාලයන් පිළිබඳව විශේෂ කාර්ය බළකායේ අවධානය යොමු වී ඇති බවත් මෙම විශේෂ මෙහෙයුම් හරහා ඔවුන් ද අත්අඩංගුවට ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව ද විශේෂ කාර්ය බළකාය කියයි. මේ අනුව දැනට භට කණ්ඩායම් තලංගම, නුගේගොඩ, මාලබේ, කඩුවෙල, හංවැල්ල, රාගම, මිනුවන්ගොඩ, පස්යාල යන ප‍්‍රදේශවල පදිංචි පාතාල නායකයන්ගේ නිවෙස් රැසක්ම වටලා තිබූ අතර ඒ වනවිට ඔවුන් නිවෙස්වලින් පැනගොස් තිබුණි.
වෙනම මුස්ලිම් පාතාල කල්ලි රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ කොහෙද?
{ "answer_start": [ 208 ], "text": [ "මාලිගාවත්ත ප‍්‍රදේශයේ" ] }
f80e2785-3854-45dd-9421-b3c0a0098d1c
ඇතැම් විට ගාමිණීගේ අදහසට ඩබ්ලිව්.ඒ.බී. සහ සතිස් අකැමැති වූයේ නම් ගාමිණී එම චරිතය ප්‍රතික්ෂේප කරන්නට ඉඩ තිබිණ. ගාමිණීට චිත්‍රපටයක චරිතයක් අත හැරීම ඉතා සුළු දෙයකි. හුලවාලි චිත්‍රපටයේ චරිතය නිරූපණය ඉතාමත් සාර්ථක විය. ගාමිණීත් සුවිනිතා වීරසිංහත් ටෝනිත් මනාව එම චරිත නිරූපණය කළහ. ටෝනි ද ඉතා සාර්ථක චරිතාංග නළුවෙකි. ඔහු තම චරිතය වෙනුවෙන් සැබැවින්ම ඉතා මහන්සි වන්නෙකි. චරිතය හරිහැටි නිරූපණය කිරීම සඳහා ඔහු තම රූප ස්වභාවය ඕනෑම ආකාරයකට වෙනස් කරගන්නට කැමැතිය. තිර පිටපත කලින් හදාරා ඔහු දර්ශන තලයට එන්නේ දෙබස් ආදිය හොඳින් මතක තබාගෙනය. දර්ශන තලයේදී කැමරා කෝණය ලබාදීමෙන් පසු ටෝනි ඉතා නිවැරැදිව දෙබස් කියමින් සාර්ථකව චරිතය නිරූපණය කරයි.
ටෝනි යනු කව්ද?
{ "answer_start": [ 288 ], "text": [ "සාර්ථක චරිතාංග නළුවෙකි" ] }
d4d08174-c307-4d2e-a890-b16c86d65bec
කුසුමාසන දේවිය, කරලියැද්ද බණ්ඩාර සහ ගලගම දෙනවක කුසුමාසන දේවියගේ දරුවකු ලෙසින් උපත ලබන්නේ 1578 වසරේදීය. මෙම පවුලේ වැඩිමහල් පිරිමි දරුවා ළදරු වියේදීම වසූරිය රෝගයෙන් මිය ගිය බැව් පැවසේ. කුසුමාසන කුමරියගේ අනෙක් සහෝදරිය වූ දෝන මාගරිටා කුමරිය දොන් ජුවන් ධර්මපාල රජුගේ මෙහෙසිය බවට පත්‍ වූවාය. කුසුමාසන කුමරිය බිලිඳු අවධියේදීම මව්පියන් වසූරිය රෝගයෙන් මියැදීම නිසා, ඇයට උරුම වූයේ මව්පිය සෙනෙහස අහිමි ළදරු වියකි. කරලියද්දේ බණ්ඩාරයන් මිය යන මොහොතේ කුසුමාසන කුමරියගේ භාරකාරත්වය, සිය ඥාතියෙකු වූ යමසිංහ බණ්ඩාරයන් වෙත පවරනු ලැබිණි. එනමුදු පෘතුගීසීහු යමසිංහ බණ්ඩාරයන් ගෝවට රැගෙන යාම නිසා, බිලිඳු කුමරියගේ රැකවරණය මන්නාරමේ පදිංචිව සිටි කැතරින්ද ආබ්රූ නම් වූ පෘතුගීසි කාන්තාවක් වෙත පැවරිණි. මෙහි දී පෘතුගීසි මිෂනාරිවරුන්ගේ මැදිහත් වීමෙන් ඇය දෝන කතිරිනා නමින් බෞතීස්ම කරනු ලැබිණි. ඇයට පෘතුගීසි බස, සංස්කෘතිය සහ ගෝවේ සිරිත් විරිත් සහ කලා ශිල්පයන්ද ප්‍රගුණ කරවීමට මිෂනාරිවරු බෙහෙවින්ම උපායශීලී වූහ. පාරම්පරිකව ඇයට හිමිව පැවැති සෙංකඩගල සිහසුනේ උරුමය පෘතුගීසීන් සතුකර ගැනීම ඔවුන්ගේ මූලික අභිප්‍රාය විය. ඒ සඳහා කුසුමාසන දේවිය ළමාවියේදීම පෘතුගීසි සෙනෙවියකුට විවාහ කරදීමට ඔවුහු සියුම් සැලැස්මක් දියත් කළහ.
කුසුමාසන කුමරියගේ සහෝදරිය වූයේ කවුද?
{ "answer_start": [ 218 ], "text": [ "දෝන මාගරිටා" ] }
83fb5c3d-7552-49fb-b9b4-d053e242bc39
ඒ අනුව ප්‍රධාන වශයෙන් අකුධාතු දෙනම, දළඳා හතරනම, ග්‍රීවා ධාතුව, ලලාට ධාතුන් වහන්සේ ප්‍රධාන ධාතූන් ලෙස විසිරිනි. අනෙක් ශරීර අස්ථි කොටස් අබ ඇට, කඩ සහල්, මුං පියලි පමණට විසිරිනි. ඒවා මහාධාතූන් රන්වන් පැහැ වන්නාහ. මධ්‍යම ධාතුන් මුතු පැහැ වන්නාහ. කුඩා ධාතූන් වහන්සේලා සමන් කැකුළු පැහැ වනු ඇත යන්නයි. මෙලෙස විසිරුණු ධාතූන් වහන්සේලා විවිධ ස්ථානයන්හි වැඩ සිටිති. බුදුන්වහන්සේගේ අබ ඇටයක් පමණ ධාතුන් වහන්සේ නමක් යම් තැනක වැඩ සිටීද එම ස්ථානයේ ජීවමාන බුදුන් වහන්සේ වැඩ සිටිනවා හා සමානය. එයට යමක් පූජා කරයිද ජීවමාන බුදුන්වහන්සේට පිදුවා හා සමානය, එය සියැසින් දුටුවාද ජීවමාන බුදුන්වහන්සේ දුටුවා හා සමානය. මෙලෙසින් විග්‍රහ කරනුයේ මිහිඳු මහරහතන් වහන්සේය. එබැවින් අප ජීවමාන සංඥාවෙන් ධාතූත් වහන්සේලා පූජා කරයිද බුදුරජුන් රහතන් වහන්සෙලා වෙත ජීවමාන ලෙස කරන ලද පූජාවක් හා සමාන වනු ඇත.
බුදුන්වහන්සේගේ කුඩා ධාතූන් වහන්සේලා කුමන පැහැයකින් දිස්වේද?
{ "answer_start": [ 262 ], "text": [ "සමන් කැකුළු පැහැ" ] }
55da0341-d2bb-4d6b-8843-7ab13b9c8b72
අලු‍තෙන් සොයාගන්නා ලද මෙම හූනන් විශේෂ තුනම උපරිම සෙන්ටිමීටර පහක පමණ විශාලත්වයකට වැඩෙන අතර සාමාන්‍යයෙන් අපට දැකිය හැකි හූනන්ට සාපේක්ෂව උදරීයව සහ පෘෂ්ඨීයව පැතලි ස්වරූපයකින් යුක්තය. ගල්වල ඇති මිලි මීටර 2-3ක් පමණ වූ පැලු‍ම් තම වාසස්ථාන බවට පත්කරගෙන ඒවායේ ආරක්ෂාකාරීව දිවිගෙවන මොවුන් ගලේ පැල්ම එම ප්‍රමාණයට වඩා විශාලවන විට එම ස්ථානය අතහැර වෙනත් ආරක්ෂිත ස්ථාන තෝරාගන්නා බව ද පර්යේෂකයන් විසින් නිරීක්ෂණය කර තිබේ. ඉතා කුඩා හූනන් විශේෂ ලෙස හඳුනාගෙන ඇති මොවුන් අනෙකුත් විශාල හූනන්ගේ ගොදුරු බවට පත්වන අවස්ථා ද නිරීක්ෂණ කර තිබේ. මෙම විශේෂ තුනේ ම ගැහැනු සතුන් ජූලි-අගෝස්තු හා ජනවාරි-පෙබරවාරි යන අවස්ථා දෙකක දී වරකට බිත්තර දෙකක් බැගින් දමන අතර එම බිත්තර කුඩා සෘජුෆෝම් බෝලයක් තරම් වෙයි. දවස් 30-40ත් අතර කාලයේ දී බිත්තර මෝරා පැටවුන් එළියට එන අතර ඔවුන් මාස දෙකක පමණ කාලයක ඇවෑමෙන් වැඩිහිටි සතුන් බවට පත්වෙයි. දැනට කර ඇති අනුමානයන් අනුව මොවුන්ගේ උපරිම ආයු කාලය වසර දෙකකට ආසන්න බව විශ්වාස කරයි.
සාමාන්‍යයෙන් අපට දැකිය හැකි හූනන්ට සාපේක්ෂව මොවුන්ගේ දැකිය හැකි විශේෂත්වය කුමක්ද?
{ "answer_start": [ 134 ], "text": [ "උදරීයව සහ පෘෂ්ඨීයව පැතලි ස්වරූපය" ] }
4345f6e0-9c9d-4fa7-8bfb-2dfd53866792
ඇතැම් විට ගාමිණීගේ අදහසට ඩබ්ලිව්.ඒ.බී. සහ සතිස් අකැමැති වූයේ නම් ගාමිණී එම චරිතය ප්‍රතික්ෂේප කරන්නට ඉඩ තිබිණ. ගාමිණීට චිත්‍රපටයක චරිතයක් අත හැරීම ඉතා සුළු දෙයකි. හුලවාලි චිත්‍රපටයේ චරිතය නිරූපණය ඉතාමත් සාර්ථක විය. ගාමිණීත් සුවිනිතා වීරසිංහත් ටෝනිත් මනාව එම චරිත නිරූපණය කළහ. ටෝනි ද ඉතා සාර්ථක චරිතාංග නළුවෙකි. ඔහු තම චරිතය වෙනුවෙන් සැබැවින්ම ඉතා මහන්සි වන්නෙකි. චරිතය හරිහැටි නිරූපණය කිරීම සඳහා ඔහු තම රූප ස්වභාවය ඕනෑම ආකාරයකට වෙනස් කරගන්නට කැමැතිය. තිර පිටපත කලින් හදාරා ඔහු දර්ශන තලයට එන්නේ දෙබස් ආදිය හොඳින් මතක තබාගෙනය. දර්ශන තලයේදී කැමරා කෝණය ලබාදීමෙන් පසු ටෝනි ඉතා නිවැරැදිව දෙබස් කියමින් සාර්ථකව චරිතය නිරූපණය කරයි.
ගාමිණීට ඉතා සුළු දෙයක් වූයේ කුමක්ද?
{ "answer_start": [ 118 ], "text": [ "චිත්‍රපටයක චරිතයක් අත හැරීම" ] }
b426bfc0-bd22-4c3e-9592-a309ac3d4e9d
කරඳහෙළ කන්ඳට ප්‍රවේශවන ස්ථානයේ පිහිටි ලෙනකි. මෙම ලෙන දිග අඩි 175 කි. ලෙන සම්පූර්ණයෙන්ම කටාරම් කොටා තිබේ. ලෙන තුළ බැඳ ඇති ආසනයක් තුළ සැතපෙන බුදුපිළිම වහන්සේ තැන්පත් කර තිබේ. එහි දිග අඩි 41 කි. මැටි හා ගඩොල් භාවිතයෙන් සකස් කර ඇති පිළිම වහන්සේගේ උරහිස අඩි 6 යි. අඟල් 5 ක් විශාලය. සිරිපතුලේ දිග අඩි 4 යි. අඟල් 6 කි. පිළිම වහන්සේගේ ළැම පෙදෙස නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ. මෙම ලෙන පිළිම ලෙන යි. අතීතයේදී ඓතිහාසික හා පූජනීය තත්ත්වයෙන් අග්‍ර පූජා භූමියක් වූ කරඳහෙළ වලසුන්ගෙන් පිරි ප්‍රදේශයක් වූ බැවින් කෙමෙන් ජන ශුන්‍ය ප්‍රදේශයක් වූ අතර පසුගිය යුද සමයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ තර්ජන හමුවේ තව තවත් ජනශුන්‍ය ප්‍රදේශයක් බවට පත්විය.
එම පිලිම වහන්සේ සාදා ඇත්තේ මොනවායින්ද?
{ "answer_start": [ 192 ], "text": [ "මැටි හා ගඩොල්" ] }
4d1f1e22-9997-4d56-96e8-ec4ca1d3c86f
ක්ලවුස් - ඉමා පෙම් කැදැල්ල විසිරී ගොස් අවුරුදු දෙකක් පමණ ගතෙවන විට 2002 වසරේදී, ක්ලවුස් 24 හැවිරිදි ක්ලාරා ලොනිස්කා නැමැති සුරූපිනිය වෙත ඇල්ම බැල්ම හෙලුවේය. හිත ගිය තැන මාලිගාවනේ යන අපේ කියමනට සාධාරණයක් වෙමින් ක්ලවුස් -ක්ලාරා හමුවූයේ දේශපාලන ගමනක් අතර තුර ජෙට් ගුවන් ගමනකදීය. ක්ලාරා ඒ වනවිට ඔහුගේ නිල ජෙට් යානයේ ගුවන් සේවිකාවක් පමණක් නොව ආර්ථික විද්‍යාව හදාරන සිසුවියක් ද වූවාය. දූශිත දේශපාලන නායකයකු ලෙස හංවඩු නොගැසුණු ඔහු බොහෝ දුරට හොඳ ජනාධිපතිවරයෙක් ලෙස ජනතාව අතර ප්‍රසිද්ධ විය. නමුත් ඔහුගේ සෙල්ලක්කාරකම ජනතාවට ප්‍රශ්නයක් විය. එහෙත් ජනාධිපතිවරයා තමාට ආදරය කරන චෙක් වැසියන්ගෙන් අප්‍රසාදයට ලක් වූයේ ඉවක් බවක් නැතිව සමහර ගුවන් සේවිකාවන්ට ඔහු කරන වියපැහැදම් ගැනය. දේශපාලනයේ නිරතව සිටියදී පුරා අවුරුදු 20 ක් ගුවන් සේවිකාවන් සමග පෙම් පළහිලව් ඇති කර ගත්තද ඔහුට බිරිඳක්, දරුවන් කිහිප දෙනෙකු සහ මුණුබුරන් ද වූ බව ඔහු ප්‍රසිද්ධියේ කතා කළේ නැත.
විසිරී ගිය පෙම් කැදැල්ල කුමක්ද?
{ "answer_start": [ 0 ], "text": [ "ක්ලවුස් - ඉමා" ] }
ac8b0c36-8ff2-4dc9-978b-eb28ef49f5d0
එක්වරම පිපාසයෙන් පීඩිත වූ දැරියක් ක්ලාන්තවී ගල මත ඇද වැටුණාය. ඈ වැටුණේ ගලේ කෙළවරටය. වැටුණු වේගයෙන් ඇය පහළට පෙරළී පහළට ඇදෙයි. ගලේ එක් කඩතොලුවක වැවී තිබුණු ගහක දෙබලකට හිරවී ඇය එහි එල්ලී සිටියි. ඇගේ කඳ මැදින් ගහේ දෙබලට හිරවී ඇත. ගස් දෙබල නැත්නම් ඇය කෙළින්ම වැටෙනුයේ ගල පාමුලටය. ගලේ වැදීමෙන් ගලන ලේ ධාරාවලින් ඇගේ සුදු ගවුම ලේ පැල්ලම්වලින් පිරී ඇත. ළමෝ මහ හඬින් විලාප නගති. උඩකුඹුර මහතා නළලට අත ගසා ගෙන ඒ මේ අත දුවයි. ගුරුවරු ළමයි කළ යුතු කුමක්දැයි තීරණය ගත නොහැකිව ළතවෙති. ඇය වැටී හිරවී ඇති තැන ගල පාමුල සිට අඩි සියයක් පමණ උසය. ඇය අඩි දෙසීයක් පමණ පහළට වැටී හිරවී මරණය සමග පොර බදයි. සියල්ලෝම ගල් ගැසී කට ඇරගෙන ඈ දෙස බලා සිටිති. උසස් පෙළ ළමුන් අතර සෝමදාස නම් ශිෂ්‍යයකු විය. ඔහු අප ඉදිරියට දුවගෙන ආවේය.
ගලන ලේ පැල්ලම් වලින් පිරී ඇත්තේ කුමක්ද?
{ "answer_start": [ 309 ], "text": [ "සුදු ගවුම" ] }
54d94b6d-98cd-4ca5-aa89-ed3b8a68a073
ලාංකීය සම්භවයක් සහිත සුරූපී නිළි ජැකලින් ෆෙර්නෑන්ඩර්ස්ට පසුගිය දවස් කිහිපයේ ගොඩක් දේවල්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම සුකේෂ් චන්ද්‍රසේකර් කියන මූල්‍ය අපරාධකරුවා සමඟ සම්බන්ධතා පවත්වපු නිසාම බලධාරින්ට උත්තර බඳින්නත් ජැකලින්ට කිහිප වතාවක්ම සිදුවුණා. මේ නිසාම ජැකලින් එක රැයින් ඉන්දියාවේ ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වුණා. කෙසේ වෙතත් ජැකලින්, සුකේෂ් සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ බවයි දැන් දැන් තොරතුරු වාර්තා වන්නේ. එයට සාක්ෂි විදිහටත් වරින් වර ඡායාරූප බොහෝමයක් කරළියට පැමිණියා. මෑතක තවත් එක්තරා ඡායාරූපයක් මේ විදිහට අන්තර්ජාලයට එකතු වනවා. මෙම සෙල්ෆි ඡායාරූපයෙන් ජැකලින් සහ සුකේෂ් අතිශය සමීපව සිටින අතර සුකේෂ්, ජැකලින්ව සිපගන්න උත්සාහ කරන අයුරු එහි දැක්වෙනවා.
ජැකලින් සම්බන්දතා පවත්වපු මූල්‍ය අපරාධකරුවා කවුද?
{ "answer_start": [ 126 ], "text": [ "සුකේෂ් චන්ද්‍රසේකර්" ] }
859538f3-243b-4c14-8f67-04373d29b7cb
මෝස්තර නිරූපණය වනාහි විවිධ පැතිකඩ ගණනාවකට විහිදුණු කර්මාන්තයකි. තරුණ බව, සුන්දරත්වය, බුද්ධිමත් බව, අත්දැකීම් පමණක් නොව වෘත්තීයභාවය යනාදී අංග පිළිගත් මෝස්තර නිරූපිකාවක වීමට අත්‍යවශ්‍ය අංග වේ. දැනට ලොව සිටින ප්‍රධාන පෙළේ මෝස්තර නිරූපිකාවෝ නොයෙක් වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටීමට හා නොයෙක් වෙළෙඳ නාම හා නිපැයුම් ප්‍රවර්ධනය කිරීමට අධික ගාස්තු අය කරති. දැනට ලෝකයේ සිටින වැඩිම ගාස්තුවක් අය කරන සුපිරි නිරූපිකාවෝ දස දෙනෙකුගේ ලැයිස්තුවක් පසුගිය වසරේදී සුප්‍රකට ෆෝබ්ස් සඟරාව මගින් නම් කරන ලදී.
සුපිරි නිරූපිකාවෝ දසදෙනෙකුගේ ලැයිස්තුවක් නම් කලේ කුමන සගරාව මගින්ද?
{ "answer_start": [ 450 ], "text": [ "ෆෝබ්ස් සඟරාව" ] }
f8efc05d-f36d-49f1-b902-e2e412c0fc92
ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොල වෙත ශ්‍රී ලංකාවට ඇති ප්‍රවේශය 2020 දී අහිමි වූ අතර, විදෙස් සංචිත තීරණාත්මක ලෙස බරපතල ආකාරයෙන් පහත වැටීමත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට මහා පරිමාණ සෘජු ණය ලබා දීමත් ණය ප්‍රමාණය ඉහළ යාමට හේතුවී ඇති බව වාර්තාව පෙන්වා දෙයි. 2018 වසරේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 6919 තිබූ ශ්‍රී ලංකා විදෙස් සංචිතය 2022 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 2204 දක්වා පහත වැටී ඇතැයි දත්ත විශ්ලේෂණය කර අනාවැකි පළකර ඇත. විදේශ ණය ආපසු ගෙවීම සහ ජංගම ගිණුම් හිඟය පුළුල් වීම විදේශ විනිමය හිඟයට හේතු වී ඇති බව වාර්තාවේ සඳහන් වේ.
2018දි ශ්‍රීලංකාවේ තිබූ විදෙස් සංචිතය කොපමණද?
{ "answer_start": [ 283 ], "text": [ "ඩොලර් මිලියන 6919" ] }
352b7b4b-5be3-4563-bd0b-e12c746baff8
වකුගඩු ගල් හේතුවෙන් මාස 6 ක කාලයක සිට පීඩා විඳි හයිද්‍රාබාද් නගරයේ පදිංචි 56 හැවිරිදි වීරමල්ල රාමලක්ෂ්මයියා මහතාට සහනයක් ලබා දීමට අවෙයාර් ග්ලෙනීග්ලස් ග්ලෝබල් රෝහලේ වෛද්‍යවරු සමත් වූහ. ප්‍රදේශයේ වෛද්‍යවරු සිදුකල ප්‍රතිකාර හේතුවෙන් විඳින වේදනාවෙන් තාවකාලික සහනයක් ලැබුනත් ස්ථිර ප්‍රතිකාරයක් ලබා දීමට ඔවුන් සමත් නොවූ බව රාමලක්ෂ්මයියා මහතා පැවසුවේය. අවෙයාර් ග්ලෙනීග්ලස් ග්ලෝබල් රෝහලේ වෛද්‍යවරු ශල්‍ය කර්මයක් මගින් රාමලක්ෂ්මයියා මහතාගේ වකුගඩුවල තිබූ ගල් 206 ක් ඉවත් කිරීමට සමත් වුවේය. ශල්‍යකර්මය අවසන් කිරීම සඳහා වෛද්‍යවරුන් හට පැයක කාලයක් ගත වී ඇත. වෛද්‍යවරු පැවසුවේ ඉහළ උෂ්ණත්වයේදී ඇතිවන විජලන තත්ත්වය හේතුවෙන් වකුගඩු වල ගල් ඇති විය හැකි බවය.
රාමලක්ෂ්මයියා මහතාගෙ වකුගඩු වල කොපමණ ගල් ප්‍රමාණයක් තිබුණාද?
{ "answer_start": [ 449 ], "text": [ "206" ] }
21ff68b1-6362-4ed2-82bf-042a9627ae9f
එමෙන්ම තවත් සඳහනක් වන්නේ මිහිඳු හිමියන් ඇතුළු පිරිස මෙම ගල මුදුනට වැඩම කර මිහින්තල ප්‍රදේශය නිරීක්ෂණය කිරීමෙන් පසුව එහි වැඩම කළ බවයි. ඉසින් බැස්ස ගල දේවානම් පියතිස්ස රජතුමා විසින් ක්‍රිස්තු පූර්ව 250-210 කාලයේදී පූජනීය ස්ථානයක් වශයෙන් ගොඩනගා ඇති බවයි. ඉහත සඳහන් කළ පිරිස් ඉසින් බැස්ස ගල ලෙස භාවිතා කිරීමට හේතුව ලෙස සඳහන් වන්නේ මෙම ගල් තලාවන්හි ඉසිවරුන් වැඩකිරීම බවයි. මෙම ගල්තලාවට ආසන්නව ඇති ඉපැරණි රජමහා විහාරයෙහි භූමිය කැණීම් කිරීමේදී ඉපැරණි නටබුන් සොයාගෙන තිබෙනවා. එහිදී ඉපැරණි ස්ථූපයක් තිබූ බවට සාධක සහිත අතර එම ස්ථානයේ ඉදිකළ නව ස්ථූපය විසිවන ශතවර්ෂය මැද භාගයේදී ඉදිකළ බවයි සඳහන් වන්නේ.
ගල්තලාවට ආසන්න රජමහ විහාරයෙහි නව ස්ථූපය කුමන කාලයේ ඉදිකරන ලද්දක්ද?
{ "answer_start": [ 540 ], "text": [ "විසිවන ශතවර්ෂය මැද භාගයේදී" ] }
95fa4399-295e-446e-b6e4-bf72d23863ce
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පිළිකාව දරුණු ලෙස පැතිර ගොස් ඇති බවත්, වෛද්‍යවරුන් පවසන ආකාරයට පුටින්ට ජීවත් වීමට ඇත්තේ තවත් වසර 3 ක් පමණක් බවත් රුසියන් බුද්ධි අංශ නිලධාරියකු කළ අනාවරණයක් උපුටා දක්වමින්, බ්‍රිතාන්‍යයේ ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය පවසයි. ද ඉන්ඩිපෙන්ඩන්ට්පු වත්පතට පුටින් සම්බන්ධයෙන් මෙම තොරතුරු හෙළි කර ඇත්තේ, බොරිස් කාර්පිචෝව් නමැති රුසියන් බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙකි. ජනාධිපති පුටින් සම්බන්ධයෙන් රහස් රැසක් තමන් දන්නා බව බොරිස් කාර්පිචෝව් එම පුවත්පතට පවසා තිබේ. බොරිස් කාර්පිචෝව් ජීවත් වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවරය.
දරුණු ලෙස පැතිර ගොස් ඇති පිළිකාව කාගේද?
{ "answer_start": [ 17 ], "text": [ "ව්ලැදිමීර් පුටින්ගේ" ] }
09bd2392-d06d-4d45-b9ec-613458c7b798
ලොව බිහිවූ අති දක්ෂ දඟපන්දු යවන්නා වන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලීදරන්ගේ ජිවීත කතාව අලලා දමිල චිත්‍රපටයක් නිර්මාණය කරන්නට මේ වනවිට සුදානම් කර තිබේ. මෙහි මුරලිගේ චරිතය දකුණු ඉන්දීය නළු විජේ සේතුපති නිරූපණය කරන අතර. තවත් ජනප්‍රිය නළුනිළියන් රැසක් මේ සඳහා දායක වෙයි. මෙම චිත්‍රපටය ලබන වසරේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. ලබන වසරේදී ඉන්දියාවට පළමු වරට ලෝක කුසලානයක් දිනාදුන් කපිල් දේව් මෙන්ම ඉන්දීය කාන්තා ජාතික කණ්ඩායමේ නායිකාව ලෙස වසර කිහිපයක්ම කටයුතු කළ මිතෙලි රාජ්ගේ ජීවිත කතාව අලලාද සැකසෙන චිත්‍රපට කිහිපයක්ද ලබන වසරේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.
ඉන්දීය කාන්තා ජාතික කණ්ඩායමේ නායිකාව ලෙස වසර කිහිපයක්ම කටයුතු කලේ කව්ද
{ "answer_start": [ 454 ], "text": [ "මිතෙලි රාජ්ගේ" ] }
f8bfd3f9-0e18-47b1-9ed2-8579ed7179ed
ප්‍රහාරයේ මහ මොළකරු හෝ ප්‍රහාරය සැලසුම් කළ තැනැත්තා කුර්ටින් නොවන බව පොලිසියේ අදහසය. එසේ නම්, මහ මොළකරු තවමත් නිදැල්ලේය. ඇතැම්විට පලා ගිය දෙවැනි තුවක්කුකරු ඔහු විය හැකිය. ඔහුගේ උදව්වට තවත් අන්තවාදීන් සිටිය හැකිය. සහාසිකයන් සොයා කළ මෙහෙයුමට එක් වුණු වියානා පොලිස් නිලධාරීන් ගණන දහසකි. පලා ගිය තුවක්කුකරු හෝ ඔහුගේ සහයකයන් හෝ දේශසීමා හරහා පැමිණෙන්න ඇති බවටත් ඔවුන් ආපසු දේශසීමා හරහා පලා යනු ඇති බවටත් බියක් පවතින හෙයින් දේශසීමා ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරුණි. වෙඩි ප්‍රහාරයට හසුවීමෙන් තරුණියන් දෙදෙනකු සහ පිරිමියකු මියගිය බව පසුගිය 3 වැනිදා වනවිට වාර්තා විය. තුවාල ලැබූ ගණන 17 කි. ඔවුන්ගෙන් 7 දෙනකුගේ තත්ත්වය බරපතල විය. වෙඩි ප්‍රහාරයෙන් මියගිය එක් තරුණියක අවන්හල් සේවිකාවකි. වෙඩි ප්‍රහාරයට ලක් වුණු ඇය මියගියේ රෝහලට ගෙන යද්දීය. අනෙක් තරුණිය 40 හැවිරිදි තැනැත්තියකි. වෙඩි ප්‍රහාරයට ලක්වුණු ඇය එම ස්ථානයේදීම මියගියාය. මියගිය පිරිමි පුද්ගලයා මස් මිලදී ගැනීමට මස් වෙළෙඳසැලකට පැමිණ සිටි අයෙකි. වෙඩි ප්‍රහාරයෙන් බරපතළ ලෙස තුවාල ලැබූ හත් දෙනා අතර පොලිස් නිලධාරියෙක් ද විය. වියනා නගරයට පමණක් නොව, තුවාලකරුවන් ඇතුළත් කළ රෝහල්වලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවිණි.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන කියද
{ "answer_start": [ 567 ], "text": [ "17" ] }
93c7778b-f45d-48e9-aba2-b21d05d8a207
ටාර්ඩිග්‍රේඩ් සතුව දිගැටි, තර සිරුරක් පවතින අතර, කෙටි පාද අටක් සහිත වේ. ජල වලසුන් යන නාමයෙන් පවා හඳුන් වන මොවුන් වර්ධනය කුඩා ධාන්‍ය ඇටයක් හෝ වැලි කැටයක් හෝ දූවිලි අංශුවක් තරම් වන බැව් කියැවේ. මෙම ජීවීන් අර්ධ - ජලචර ජීවීන් විශේෂයක් ලෙස සැලකෙන අතර ඔවුන්ට ජලජ පරිසර පද්ධතියක් තුළ මෙන්ම ගොඩබිම් පරිසර පද්ධතියක් තුළ දී පවා නොනැසී පැවතීමේ හැකියාව පවතී. මෙම පරාසය සාගර, ජලාශ, වැව්, කඳුකර ප්‍රදේශ, වනාන්තර හෝ වැලි සහිත ශුෂ්ක කලාප දක්වා විහිදී යා හැකියි. මොවුන් ලෝකය පුරා සෑම ස්ථානයකින් පාහේ වාර්තා වී ඇති අතර ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර හා සක්‍රීය ගිනිකඳුවල පවා ජීවත් වන බව සඳහන්. දියසෙවල සහිත පරිසර පද්ධතීන් තුළ මොවුන් බහුල වශයෙන් ජීවත් වේ. ටාර්ඩිග්‍රේඩ් ජීවීන් සොබාදහමේ පුරෝගාමීන් ලෙස සලකනු ලබන අතර අලුත් ජීවය පවත්වා ගැනීමට අපහසු පරිසර පද්ධතීන් තුළ කොලනි තනාගනී. විද්‍යාඥයින් ප්‍රකාශ කරනුයේ මොවුන් සාගරය හැරදා වියලි ගොඩබිමට පැමිණි මුල්ම ජීවීන් අතර සිටින්නට ඇති බවය. සම්පූර්ණ වශයෙන් ක්‍රියාකාරී ටාර්ඩිග්‍රේඩ් ජීවියෙකුගේ ආයුකාලය මාස කීපයකට සීමා වේ.
ටාර්ඩිග්‍රේඩි ජීවියෙකු බහුල වශයෙන් ජිවත් වන පරිසර පද්ධති මොනවාද ?
{ "answer_start": [ 568 ], "text": [ "දියසෙවල සහිත පරිසර පද්ධතීන්" ] }
222ea1db-424a-4f50-b1ed-de78fff41aa6
එහෙත් කොටියාගේ කුරුමානම වැරැදුනි. ළඟාවන කොටියා දුටු ඌරු රංචුව කෑ ගසමින් හඹාවිත් කොටියා වටකරගෙන හතර දෙසින්ම පහර දෙන්නට වූහ. ඌරන්ගේ උඩු ඇන්ඳේ සහ යටි ඇන්ඳේ අඟල් 10-12 දක්වා දිගැති තියුණු උල් සහිත දළ ජෝඩු දෙකක් බැගින් පිහිටා තිබේ. හොඳින් වැඩුණු ඌරකුගේ බර කිලෝ 130 පමණ වෙයි. පහර කෑමෙන් ගැලවීමට කොටියා උඩ පැන්නත් බිමට වැටෙන විටම ඌරු ප්‍රහාරය එල්ල වෙයි. විනාඩි දොළහක පමණ වූ ප්‍රහාරය අවසාන වූයේ කොටියා අඩි 7ක් පමණ උඩට පැන ඌරු රංචුවෙන් ඉවත බිමට වැටී වනාන්තරයට පලා යාමෙනි. උගේ වලිගය මැදින් කැඩී තිබූ බව අපි දුටුවෙමු. ඌරාගේ ආයු කාලය වසර 15 සිට 18 දක්වාය.
ඌරන්ගෙ දළ ජෝඩු වල දිග කොපමණද?
{ "answer_start": [ 153 ], "text": [ "අඟල් 10-12" ] }
8638afd2-fa78-4e8e-bd37-e54952412132
මේ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අඟහරුවාදා පස්වරුවේ ඔහුගේ නිල නිවසට කැඳවීය. සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, තමා පසුගිය දිනවල රට පුරා ආසන සංවිධායකයන් සමග සාකච්ඡා කළ බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ තනතුරු නොගත යුතු බව ඉන් සියයට අනූ අටක්ම ප්‍රකාශ කළ බවත්ය. මේ අවස්ථාවේ ආණ්ඩුවේ තනතුරු ගත යුතු යැයි ප්‍රකාශ කළේ ඉන් සියයට දෙකක් පමණක් බවද හිටපු ජනාධිපතිවරයා කීවේය. නිමල් සිරිපාල සහ මහින්ද අමරවීර යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගොස් ඇමති ඇමතිධූර ගැනීම සම්බන්ධයෙන් ද, හිටපු ජනාධිපතිවරයා අදහස් පළ කළේ ය. ඔහු කීවේ, ඔවුන් දෙදෙනා ඇතුළු මන්ත්‍රීවරුන් පස්දෙනකු ගෙන්වාගෙන ආණ්ඩුවට එක් නොවන ලෙස තමා ඔවුන්ගෙන් ඉල්ලීමක් කළ බවය. එසේ වුවද නිමල් සිරිපාල හා මහින්ද අමරවීර යන දෙදෙනා ආණ්ඩුවට ගොස් ඇමති ධුර ගත් බවත්, එය පක්ෂයේ මධ්‍යම කාරක සභාව සාකච්ඡා කරගත් තීන්දුවට පටහැනි බවත්, හිටපු ජනාධිපතිවරයා කීවේය. අනතුරුව කතා කළේ, දයාසිරි ජයසේකර මහලේකම්වරයා ය. නිමල් සිරිපාල හා මහින්ද අමරවීර යන දෙදෙනා ආණ්ඩුවට ගොස් තනතුරු ගැනීම දැඩිව විවේචනය කළ දයාසිරි පක්ෂය මේ ගැන කතා කිරීමටත් පෙර නිමල්, අමරවීර සහ දුමින්ද දිසානායක ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව කීවේය. එපමණක් නොව ඔවුන් රනිල් වික්‍රමසිංහ අගමැති කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද දයාසිරි දැඩි විවේචනයක් කරමින් කීවේය.”‍ පක්ෂය මේ ගැන සාකච්ඡා කරන්න කලින්, තනතුරු සම්බන්ධයෙන් මේගොල්ලන් මීට කලිනුත් මේ විදිහට කටයුතු කළා."'
”‍ පක්ෂය මේ ගැන සාකච්ඡා කරන්න කලින්, තනතුරු සම්බන්ධයෙන් මේගොල්ලන් මීට කලිනුත් මේ විදිහට කටයුතු කළා."' මෙම ප්‍රකාශය කිවේ කව්රුන්ද?
{ "answer_start": [ 897 ], "text": [ "දයාසිරි ජයසේකර" ] }
66ba77b8-46a6-4004-a4c1-a800b2acc1d7
එතැන් සිට කුඩාවැල්ලේ මහජන බැංකුව කොල්ලකෑම, මීරිගම කොමර්ෂල් බැංකුව කොල්ල කෑම, අත්තිඩියේ කොමර්ෂල් බැංකුව කොල්ලකෑම, ඇතුළු බැංකු මංකොල්ල රැසක් කොස්ගොඩ තාරකගේ ගිණුමට බැරව තිබේ. මෙසේ බැංකු කොල්ල කා මුදල් උපයා ගැනීම මගින් තාරක තමන්ගේ කල්ලියට සාමාජිකයන් මිලදී ගත් බවද පැවසේ. ඒ රිමාන්ඩ් භාරයේ සිටින අපරාධකරුවන්ට ඇප ලබාදෙමින් ඔවුන් තමන් වෙත නම්මා ගැනීම මගිනි. ඔහුගේ ඉලක්කය වැරදී ජීවිතය බන්ධනාගාරයේ සිරකුටියක් තුළ සිරකරලන්නට හේතු වූයේ මාතර රන්බඩු වෙළෙඳසලක් කොල්ලකෑම නිසාය. ඒ 2018 ජුනි මාසයේදීය. ඒ කොල්ලයට තාරකගේ එක්කුස උපන් සහෝදරයා වූ මධුක නිර්මාල් ධර්මකීර්තිද එක්වූ අතර ඔවුන් දෙදෙනාම පොලිසිය හා ඇතිකරගත් ගැටුමේදි වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගතව සිටියදී අත්අඩංගුවට පත්වුහ.
ඔහුගේ ඉලක්කය වැරදුනේ කුමක් කොල්ල කෑමට ගොස්ද
{ "answer_start": [ 424 ], "text": [ "මාතර රන්බඩු වෙළෙඳසලක්" ] }
e3ee25c3-9056-435a-a8b0-c62ba35bdf0d
කිසියම් පුද්ගලයෙක් මියගිය පසු හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය නතර වන හෙයින් රුධිර නාළවල පවතින රුධිරය ගුරුත්වාකර්ෂණයේ බලපෑම නිසා සිරුරේ වඩාත් පහළ ස්ථානය කරා ගමන් කරනු ලැබේ. එවිට එම ස්ථාන වඩාත් රත්පැහැයෙන් දිස්වේ. මෙය අධෝස්ථිතිය ලෙස හැඳින්වේ. මෙලෙස රුධිරය ශරීරයේ පහළම ස්ථානයට ගලා ආ විට එම ස්ථානයේ රුධිර නාළවලට එය දරා ගැනීමට අපහසුවන ප්‍රමාණයෙන් එකතු වුවහොත් රුධිර නාළ පුපුරා ගොස් පටක තුළට රුධිරය ගලා යා හැකිය. එවිට සම තුළ වූ ඉතා කුඩා ලේ ගැලීම් තැළුම් තුවාල ලෙස දිස් විය හැකිය. මරණකාරිය වූ නිර්මලා මියගොස් සිටි ඉරියව්ව අනුව ඇයගේ ගෙල හා මුහුණ ප්‍රදේශයේ මෙලෙස අධෝස්ථිතිය දැකගත හැකි වනු ඇත. එය ඡායාරූප නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි විය.
නිර්මලාගේ අධෝස්ථිතිය දැකගත හැකි වූ ප්‍රදේශ මොනවාද?
{ "answer_start": [ 522 ], "text": [ "ගෙල හා මුහුණ" ] }
53a26a65-6ffb-4c97-8bed-d6b5d0a992e5
බුදුන් වහන්සේගේ උපන් දේශය භාරත දේශයයි. ලාංකික අපි බෞද්ධයින් ලෙස බුදු දහම ගෙන බුදුන් සරණ යමින් ආගම අදහමින් පසුවෙමු. ඒ හා සමානව අප රටේ දෙවියන් වැඳ පුදා ගැනීමට ද ජනයා හුරුව සිටිති. දේශිීය දෙවියන් ලෙස සලකන සුමන සමන් දෙවියන් හැරුණුකොට වැඩි ප්‍රමාණයක් දෙවිවරු ඉන්දීය දේශය මුල් කරගත් අයය. එම ස්ථාන තුළ වැඩ සිටින දෙවියන් ඇදහීමටද අප රටේ ජනයා හුරුව පවතී. මුරුගන්, කදිරා සුබ්‍රමනි, ස්කන්ද වැනි නම්වලින් ඉන්දීය බැතිමතුන් අදහන කතරගම දෙවියන් ලක්දිවට වැඩම වූයේ වල්ලිී දේවඟන හා විවාහ වීම පිණිස බව ජනප්‍රවාදයේ සඳහන් වේ. කප්පකන්දර නදිය අසළ දේව විමානය ඉදිවීම නිසා කතරගම දෙවියන් ලෙස කඳ කුමරුවන් අදහනු ලබයි.
ඉන්දීය බැතිමතුන් අදහන කතරගම දෙවියන් හඳුන්වන්නේ කුමන නම් වලින්ද?
{ "answer_start": [ 345 ], "text": [ "මුරුගන්, කදිරා සුබ්‍රමනි, ස්කන්ද" ] }
6717eab8-f0ae-4eb9-b87f-7268fa614847
ගයාන්ගේ කල්ක්‍රියාව තුළ අයේෂාගේ ජීවිතය විඳවන්නට වූ අතර දරුවා පිළිබඳ යම් ආසාවක් ගයාන් තුළ නොතිබුණා නොවෙයි. කෙසේ හෝ කාලය ගතවුණි. ප්‍රසූත කාලය ළඟාවූ බැවින් අයේෂාව රජයේ කාන්තා රෝහලකට ඇතුළු කළේ අයේෂාගේ දෙමව්පියන් විසිනි. මන්ද පසුගිය කාලය පුරාවට අයේෂා හා ගයාන් වෙන් වෙන්ව වාසය කළ බැවිනි. ගයාන් වැනි සල්ලාලයකු නිසා තම ජීවිතය විනාශ වී යයි නිතරම අයේෂා තුළ දෝලනය වූ සංකල්පය විය. දරු ගැබ නිසා දික්කසාද වීමට තරම් දෙදෙනාට පුළුවන්කමක් නොතිබූ නමුත් අයේෂාට නම් මෙම විවාහය නීරස වී තිබුණේ මාස කිහිපයක සිටය. අවසාන වශයෙන් අයේෂාට ලස්සන දරු පැටියෙකු ලැබුණි. පිරිමි දරුවෙකි. කොතරම් ප්‍රසූත වේදනාවන් දරා දරුවකු බිහි කළද එම දරුවාගේ මුහුණ දකින මවකට ඇය විඳි සියලුම වේදනා පහව ගොස් මුවඟට සිනහවක් නැගෙන බව ලොවම දන්නා කරුණකි. නමුත් අයේෂාට නම් එලෙස වූයේ නැත. මන්ද ගයාන් තුළ තිබූ තරහව එම පිරිමි දරු පැටියා දැකීමෙන් ඇයට තවත් වැඩිවුණි. පියා මෙන්ම මොහුත් සල්ලාලයෙකු වෙතැයි තරම් කෝපයක් අයේෂාට ඇතිවුණි. අවසාන වශයෙන් අහස පොළව නුහුලන තරම් අපරාධයක් සිදුකිරීමට තරම් අයේෂාගේ සිත දරුණු විය.
අයේෂාව රෝහලට ඇතුලත් කලේ කව්රුන්ද
{ "answer_start": [ 189 ], "text": [ "අයේෂාගේ දෙමව්පියන්" ] }
e29114c6-516a-4e9e-a1e1-992193abb4ad
දැවුම් චිතකයේ ගිනි නිවෙන්නට ද පෙර ඛේම මහ රහතන් වහන්සේ වම් දළදාව කාලිංග දේශයට රැගෙන ගියේය. එම දළදා වහන්සේ දන්න හේමමාලා යුවළ විසින් 5 වැනි සියවසේ කිත්සිරිමෙවන් රජ දවස මෙරටට වැඩමවන ලදී. වර්තමානයේ කන්ද උඩරට දළදා මාලිගයෙහි වැඩ වසන්නේ එම දන්ත ධාතූන් වහන්සේය. කාවන්තිස්ස රජ දවස ගිරි අභය කුමරු විසින් කරවන ලද සෝමාවතී දාගැබෙහි දකුණු දළදාව තැන්පත් කළ බව ධාතුවංශ කතුවරයා ගෙනහැර දක්වයි. කාවන්තිස්ස රජ සමයෙහි මහා දේව මහ තෙරුන්ගේ ශිෂ්‍යයෙක් වූ මහින්ද රහත් තෙරනුවන්ගේ නාග භවනයට ගොස් දකුණු දළදාව මෙරටට වැඩමවන ලද බව ධාතු වංශයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි. එනමුදු මෙම දකුණු දළදාව නාග ලෝකයෙන් නොව නාග්පූර් දේශයෙන් වැඩමවන ලද බවට මේ වන විට ඓතිහාසික තොරතුරු ඉදිරිපත් වෙයි. නාග්පූර් ආසන්නයේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පවුනි නම් දනව්වකි. එහි හින්දු කෝවිලක් ඉදිව පැවැති ගොඩැල්ලක් ආශ්‍රිතව ධර්මාශෝක අධිරාජයා කළ චෛත්‍යයක නටඹුන් හමු වූ බව වාර්තා වේ.
වම් දළදාව කාලිංග දේශයට රැගෙන ගියේ කවුරුන් විසින්ද?
{ "answer_start": [ 34 ], "text": [ "ඛේම මහ රහතන් වහන්සේ" ] }
a74a677a-b4e9-42a9-9e7b-a913eaa87ce4
පෙම් සබඳතාව බිඳ වැටීමෙන් පසු ඔවුන් දෙපළ 1942 දී ඇමෙරිකාවේදී යළි හමු වූහ. එහිදී ඇය තම උඩුකය සිතුවම්වල හිමිකාරීත්වය තමාට ලබා දෙන ලෙසටත්, ඒවා රැගෙන යාමට බ්‍රිතාන්‍යයට පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත් තම පැරණි පෙම්වතාගෙන් ඉල්ලා සිටියාය. එම සිතුවම් වැරදි පුද්ගලයකු අත පත් වුවහොත් ඇමෙරිකා එක්සත් ජනපදය හා මහා බ්‍රිතාන්‍යය අතර සබඳතාවට බලපෑමක් ඇතිවිය හැකි යැයි එවිට චර්චිල් ඇයට අනතුරු අඟවා තිබේ. මෙම සම්බන්ධය ඉව වැටුණු චර්චිල්ගේ පුත‍්‍රයකු වූ රැන්ඩොල්ෆ් චර්චිල් වරින් වර ඇයට ඇනුම්පද එල්ල කළ බව ද පැවැසේ. කෙසේ වුව ද 1942 ඇමෙරිකාවේදී චර්චිල් හමුවී දෙමසකට පසු ඩෝචෙස්ටර් හෝටලයේදී ඖෂධ අධිමාත‍්‍රාවෙන් ගැනීමෙන් ඩොරිස් මරණයට පත් වූවාය.
ඇය තම පැරණි පෙම්වතාගෙන් ඉල්ලා සිටියේ කුමක්ද?
{ "answer_start": [ 82 ], "text": [ "තම උඩුකය සිතුවම්වල හිමිකාරීත්වය තමාට ලබා දෙන ලෙසටත්" ] }
aee4de82-4ab3-45e8-aa52-d40e35a991ee
සුනිල් මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටියේය. ඉවසීම, උපේක්ෂාව යන මුල් පාඩම සුනිල් ඉගෙන ගත්තේ එදාය. ඔහු තිරසර අදිටනින් මයික්‍රෙෆා්නය වෙත ගියේය. සතිස් අයියා සුනිල් ළඟට ආවේය. "චූටි මල්ලිට මේක කියන්න පුළුවන්. හොඳට කියන්න." සතිස් සුනිල්ගේ හිස අත ගෑවේ දළුගම සරසවි චිත්‍රාගාරයේ ශබ්දාගාරයේත්, පටිගත කරන මැදිරියේත් අතර ඇති පුංචි ඉඩකඩ මැදය. සුනිල්ගේ හදවත ගැහෙයි. වික්ටර්, වොලී හා සතිස් අයියා වීදුරු කවුළුවෙන් බලා සිටී. ශබ්ද පරිපාලක මර්වින් රුද්‍රිගුගේ සිනාව සුනිල්ට ලොකු ශක්තියක් විය. "මල්ලිට මේක කියන්න පුළුවන්" මර්වින් මුල සිටම සුනිල්ට දිරි දුන්නේය.
වීදුරු කවුළුවෙන් බලා සිටියේ කවුද?
{ "answer_start": [ 354 ], "text": [ "වික්ටර්, වොලී හා සතිස් අයියා" ] }
f9d316dd-813f-4db3-8e1d-2dd1c9040aef
ජනප්‍රිය හොලිවුඩ් සිනමා නිළි ක්‍රිස්ටීන් ස්ටුවර්ට් රංගනයෙන් දායක වෙන අලුත්ම හොලිවුඩ් චිත්‍රපටයක් මේ දිනවල අන්තර්ජාලය තුළ ප්‍රදර්ශනය වෙමින් පවතියි. එහි ඇය පෙනී සිටින්නේ සමලිංගික තරුණියක් ලෙසය. සැබෑ ජීවිතේද කාන්තාවන් කිහිප දෙනෙකු සමග එවැනි සම්බන්ධතා පවත්වා ඇති ක්‍රිස්ටින් ඇයගේ අලුත්ම චිත්‍රපටය වූ ‘හොපියස් සීසන්’ චිත්‍රපටයේද ඉතා හොඳ රංගනයක නිරත වෙන බව වාර්තා වෙයි. මෙම චිත්‍රපටය නත්තල් සමය ඉලක්ක කරගෙන නිකුත් කළ චිත්‍රපටයක් වෙයි.
ජනප්‍රිය හොලිවුඩ් සිනමා නිළි ක්‍රිස්ටීන් ස්ටුවර්ට් රංගනයෙන් දායක වෙන අලුත්ම හොලිවුඩ් චිත්‍රපටයේ ඇය කෙබදු චරිතයක්ද?
{ "answer_start": [ 168 ], "text": [ "සමලිංගික තරුණියක්" ] }
53046d26-1b4b-4631-802f-daa98c7284e3
කොවිඩ් - 19, මාරාන්තික දෙවන රැල්ල සමඟ රට සටන් වදින විටදී ඉන්දීය සිනමා කර්මාන්තයේ ජනප්‍රිය පුද්ගලයන් ඒ වෙනුවෙන් මුදල් පරිත්‍යාග කරමින් උපකාර කිරීමට එක් වී සිටිනවා. සහන සඳහා මේ වන විට ඔවුන් විශාල මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබෙනවා. අනිල් කපූර් ද මන්කිරන්ඩ් ෆාමා නම් ඖෂධ සමාගම සමඟ එක්ව මහාරාෂ්ට්‍ර මහඇමති සහන අරමුදලට රුපියල් කෝටියක පරිත්‍යාගයක් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ. මෙය පමණක් නොව සන්නාම තානාපතිවරයකු ලෙස ඔහු සහ ඔහුගේ කණ්ඩායම විසින් මුම්බායි හි සියලුම පොලිස් නිලධාරීන්ට සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ ද බෙදා දෙන බවත් සඳහන්.
සහන අරමුදලට පරිත්‍යාග කළ මුදල කොපමණද ?
{ "answer_start": [ 317 ], "text": [ "රුපියල් කෝටියක පරිත්‍යාගයක්" ] }
b8608eff-b2e1-4d39-95e3-e914d923500f
ජෝන් ජයපාල හුදෙක් වත්තෙන් පිටත් වූයේ කොළඹ යන්නට නොව මේ ගමන යන්නටමය. එහෙත් මෝටරියෙන් බැස මාඔයෙන් වැටී ඇති සංගිලි පාලම උඩට වන්කෙනෙහි ඔහුගේ සිතෙහි වූ බලවත් උනන්දුව හුඟාක්ම පසු බැස තිබුණේය. මේ යන ගමන ඉවක් බවක් නැති විකාර ගමනක් බව ඔහුට දැන් පෙනේ. මදක් තැන් ගිය හෙතෙම ඒ හෙයින් සංගිලි පාලම උඩ නතරවිය. එදා මාලනිය යාගත නොහැකිව නතරවි කල්පනා කළේ මෙතැනමය. මාලනිය මෙන් ඔහුද ගඟ දෙපස බැලුවේය. එය පළමුවරට දකින්නන්ට සිත් පිනවන දර්ශනයකි. වේලාව පෙරවරු දහය පමණ වූ බැවින් දැඩි රිවි රැසින් බබළන දිය බොර මාඔය ස්වර්ණ රස ප්‍රවාහයක් මෙන් ශෝභාවන්ත විය.
පාලම උඩ, යාගත නොහැකිව කල්පනා කළේ කවුද?
{ "answer_start": [ 298 ], "text": [ "මාලනිය" ] }
3d137f00-f246-4dce-9c93-7c1c3dee87f5
පෙර භවයේ දී සතුන් දඩයම් කළ බැව් හෙළි කළ දරුවෝ කීපදෙනෙක්ම පුනර්භව පර්යේෂණ අතර සිටිති. ඉන් දරුවන් දෙදෙනෙක්ම පෙර භවයේ දී ඔවුන් කොටින් දඩයම් කළ බැව් හෙළි කළහ. එම දරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් එංගලන්තයේ දී උපත ලැබූ අතර අනෙක් දරුවා උපත ලැබුවේ ශ්‍රී ලංකාවේදීය. ඔවුන් දෙදෙනාම ප්‍රකාශ කළේ කොටි දඩයමේ යෑමේ දී කොටින්ගේ සපා කෑම නිසා මරුමුවට පත්වූ බවය. මීට වසර ගණනකට උඩදී එංගලන්තයේදී උපත ලද ගේඩන් නම් දරුවා හෙළි කළ පෙර භව තොරතුරු අනුව අප්‍රිකානු ගෝත්‍රික නිග්‍රෝ ජාතික ජීවිත වීමද විශේෂත්වයකි. පවුලේ එකම දරුවා වූ ගේඩන් ඉතා කුඩා අවදියේ සිට චිත්‍ර ඇඳීමට හැකිවීම ඔහු තුළින් දක්නට ලැබුණු විශේෂත්වයක් විය. ඔහු චිත්‍ර ඇඳීමේ රුසියෙකු විය.
වසර ගණනාවකට උඩදී එංගලන්තයේදි උපන් දරුවා කවුද?
{ "answer_start": [ 376 ], "text": [ "ගේඩන්" ] }
a9db05a6-f165-427e-b34d-c21f65086787
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි කංගනා රනූත් සහ කටාර් එයාර්වේස් ගුවන් සේවයේ ප්‍රධානී අක්බාර් අල් බකාර් අතර අර්බුදයක් හටගෙන තිබේ. අර්බුදයට හේතුව, කංගනා රනූත් සමාජ මාධ්‍ය ඔස්සේ අක්බාර් අල් බකාර් විවේචනය කරමින්, ඔහු මහ මෝඩයකු යැයි පැවැසීම නිසාය. අක්බාර් අල් බකාර්, පසුගිය දා ඉන්දියාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේය. ඒ, ඉන්දියාව සමග ගුවන් ගමන් නවත්වමින් ඉන්දියාට විරෝධය දැක්විය යුතුය කියාය. කටාර් රාජ්‍යය සහ ඉන්දියාව අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ සාමාජිකයන් දෙදෙනකු මහම්මත්තුමාට අපහාස කිරීම මුල්කොට ගනිමිනි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය කුමක්ද?
{ "answer_start": [ 469 ], "text": [ "භාරතීය ජනතා පක්ෂ" ] }
caf75e8a-27ff-41f2-a194-0daf1f47dd76
මේ අතර, කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ්ගේ ගෙල ඩෙරික් චෝවින් දණහිසෙන් තද කරගෙන සිටින අයුරු සහ තමන්ට හුස්ම ගන්න අමාරු යැයි ෆ්ලොයිඩ් පවසන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරමින් තිබුණි. ඒවා ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේ ද ප්‍රසිද්ධ විය. ඇමෙරිකාවේ පමණක් නොව ලොව පුරා ප්‍රසිද්ධ විය. ඒ අවස්ථාව වෙනවිට ෆ්ලොයිඩ්ගේ පවුලේ නීතිඥවරුන් මැදිහත් වී ෆ්ලොයිඩ් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලන්න විය. ස්වාධීන මරණ පරීක්ෂණයකට අවසර දෙන්නැයි ද ඔවුහු ඉල්ලා සිටියහ. සිදුවීමට අදාළ වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ඔස්සේත් ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වූයේ මුළු ඇමෙරිකාවම කලඹමිනි. ඒ සමඟ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් සිවුදෙනා වහා සේවයෙන් නෙරපා දැමීමට පොලිස් බලධාරීන් කටයුතු කළේය. මිනියැපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව, සිද්ධිය සම්බන්ධයෙන් එෆ්.බී.අයි. පරීක්ෂණයක් ඇරැඹිණි. මේ අතර, මිනසෝටා ජනපද අපරාධ විමර්ශන ඒකකය වෙනම පරීක්ෂණයක් ආරම්භ කළේය.
එෆ්. බී. අයි පරීක්ෂණයක් ඇරඔුවේ කාගේ ඉල්ලීමකටද ?
{ "answer_start": [ 663 ], "text": [ "මිනියැපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට" ] }
421d1b40-b2fe-4ec5-89b6-eceb5f95850a
කරඳහෙළ වටා වැව් කිහිපයක් පිහිටියේය. නමුත් කරඳහෙළ වැව හැර සෙසු වැව් සියල්ල කැලයට යට වී කැලෑබවට පත්ව තිබේ. කරඳහෙළට ඊසාන දිගින් කරඳ ඔය ගලා බසින නිසා කරඳහෙළ වූ බවට සැලකේ. කරඳහෙළ ආශ්‍රිතව ජනප්‍රවාද කීපයක් එයි. අඩි 512 ක් දිග රාජාලෙන තුළ කාවන්තිස්ස රජු හා සේනාව නැවතී සිටීම පිළිබඳව ද ජනප්‍රවාදයකි. කරඳහෙළ විහාරයේ සිට ලාහුගල මගුල් මහා විහාරයටද එහි සිට දහම්පළ දුටුගැමුණු මාලිගාවටද යාමට ගල් ඇතිරූ මාර්ගයක් තිබූ බවටද ජනප්‍රවාදයක් තිබේ. කාවන්තිස්ස රජු නිතර මේ මාර්ගය ඔස්සේ කරඳහෙළ විහාරයට පැමිණි බව කියැවේ. කරඳහෙළ කඳු ගැටය පුරා වස්තුවලින් පිරී ඇති තැනකි. මෙහි පළමුවෙන්ම ගවේෂණයක් සිදුකර ඇත්තේ සී.ඩබ්ලිව්. නිකලස් මහතාය. එහෙත් මෙම ස්ථානය පිළිබඳව පුර්ණ ගවේෂණයක් සිදුකර ඇත්තේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ය. උන්වහන්සේ ඒ සඳහා මුලින්ම එහි ගොස් ඇත්තේ 1965 දීය. පසුව 1981 දී එහි ගල් ලෙනක දින ගණනාවක් නතරවී උන්වහන්සේ දීර්ඝ ගවේෂණයක යෙදුණහ. පසුව පසුගිය වසරේදී ද මේධානන්ද හිමියෝ කරඳහෙළට ගොස් ගවේෂණයේ නිරත වූහ.
කදු ගැටය ගැන පළමුව ගවේෂණයක් සිදු කළේ කවුරුද ?
{ "answer_start": [ 580 ], "text": [ "සී.ඩබ්ලිව්. නිකලස් මහතාය" ] }
aeff4b3a-ea4f-4437-b40d-293e28798047
එලෙසම කාලාන්තරයක් මුළුල්ලේ සමස්ත ලෙස පරිශ්‍රය තුළ ගිනිමැල දැල්වීමට අවශ්‍යතාවක් නොමැති වේ. දඩයම් ගිය උන් හෝ එනසල් වගාකරුවන් වුව එක් ස්ථානයක් ගිනිමැල දල්වා රැය පහන් කිරීමටත් ආහාර සකසා ගැනීමටත් තබා ගැනීම සුදුසු හෙයිනි. සමස්ත ලෙන පුරාවට එකම ආකාරයේ අළු තට්ටු ගණනින් තැන්පත් වී ඇත. මෙය හුදෙක් දර පිළිස්සීමෙන් පමණක් වූ බවට පිළිගත හැකි ප්‍රායෝගිකතාවයක් නොමැත. අළුගල්ලෙන හා සබැදි අනෙක් පුරා වෘත්තය නම් රාම රාවණා යුද්ධයේදී මියැදුණු සේනාවගේ සිරුරු පුළුස්සා දැමූ ස්ථානය බවය. එනම් ලකේගල ආශ්‍රිත උයන්ගොමුවේ සටන් වැදුණු රාම රාවණාගේ සේනාවන් එකිනෙකා මරා ගත් අතර එසේ මියගිය අයගේ සිරුරු අළුගල්ලෙන තුළ පුළුස්සා ඇති බවය. එම නිසා මෙපමණ තට්ටු ප්‍රමාණයක් අළු පොළොවේ තැන්පත් වී ඇති බවය. මන්ද මෙම පොළොව තුළ බොහෝ ඇත්තේ අළු පමණක් වන හෙයිනි. පුරාවෘත්තය අනුව නකල්ස් හා රාම රාවණා යුද පෙරහැර සම්බන්ධ වූ ස්ථාන කිහිපය අතරම අළුගල්ලෙනත් අයත් වන අතර මෙම තනි පර්වතය කිසිදු අවශේෂ කන්දකට හෝ පර්වතයකට සම්බන්ධ වූ විශාල තනි ගල් කුට්ටියක උසින් මීටර 100 කට වඩා වන මෙම දැවැන්ත ගල ගෝලාකාර බව අප සමග ගිය මාර්ගෝපදේශක මහතා පැවැසීය. ඔවුන් කුඩා කළ පවා අළුගල්ලෙන අළු තිබූ බවටත් මෙම පර්වතය ඉහළට කිසිදු කෙනෙකුට නැගිය නොහැකි බවටත් යම් නිධන් වස්තු පර්වතය මුදුනේ ඇති බවටත් ඔවුන් පැවැසීය.
නිධන් වස්තු ඇත්තේ කොහෙද ?
{ "answer_start": [ 1091 ], "text": [ "පර්වතය මුදුනේ" ] }
316455a8-250b-4c8f-903c-188d8468d431
පසුගිය වසරේ ප්‍රදර්ශනය වූ අබ්නව් සින්හාගේ තපාඩ් හා අසිස්රෝ සෝලමන්ගේ වයිල්ඩ් ඩොග් තෙළෙඟු චිත්‍රපටය හරහා දුටු ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි දියා මිස්රා පෙබරවාරි 15 වැනිදා දෙවැනි වරටත් විවාහ විය. ඒ විභව් රිකි සමගය. දියා මීට පෙර 2014 වසරේදී කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ සාහිල් සංගා සමගින් විවාහ වි සිටියහ. කෙසේ වෙතත්, එම විවාහ 2019 වසරේදී බිඳ වැටුණ අතර, ඉන් පසුව දියා විභව් සමගින් ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර තිබුණි. දියා මේ වනවිට සිනමා නිළියකට අමතරව චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙසද කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
සාහිල් සංගා යනු කව්ද?
{ "answer_start": [ 236 ], "text": [ "කෝටිපති ව්‍යාපාරිකයෙකු" ] }
fafce963-e549-4b23-b31c-03b5511bedb9
නඩයේ ගෑනු උදවිය දවස් දෙකකට ඇතිවෙන්න කෑමට හාල්, පොල්, මුංඇට, කොස් වාගේ කෑම ජාති අඩුවක් නොමැතිව අරන් යන්න සූදානම් කර ගත්තා. ඒ කාලේ අද වාගේ තේ වතුර බිව්වේ නැහැ. එක්කො බෙලිමල් වතුර, කොත්තමල්ලි වතුර, වාගේ දේවල් තමයි ගිමන් හරිනකොට බිව්වේ. අපි කුරක්කන් හැලප, වණ්ඩු එහෙමත් හදාගෙන ඉදිච්ච කෙසෙල් කැන් දෙකකුත් හොයාගෙන ඕඃ නමෝ බුද්ධං කියලා පෝයට පෙර දවසේ හවස සිතුල්පව්වට කරුණා කළා. ඒ කාලේ මේ තිස්සමහාරාමේ හැමතැනම මැලේරියා වසංගතයක් පැතිරිලා තිබුණා ගොඩාක් පුංචි ඈයෝ, නාකි ඈයෝ මියපරලොව යන්න වුණා. ඒත් කතරගම දෙවියන්ට භාරහාර වෙලා කවුරුත් ගමන් බිමන් වන්දනාවේ ගියා. මදුරුවන්ගෙන් බේරෙන්න, මදුරුතලා, කොහොඹ කොළ ගිනිමැල ගහලා ඒවාට දමලා ඒ දුම් වදින්න කටයුතු කළා. ඔන්න ඔහොම අපේ සිතුල්පව්ව වන්දනාව පටන් ගත්තෙ.
මදුරුවන්ගෙන් බේරීම සදහා දුම් විදීමට යොදාගන්නා ශාක මොනවාද?
{ "answer_start": [ 567 ], "text": [ "මදුරුතලා, කොහොඹ කොළ" ] }
98456170-6e19-4d8d-a528-d6918e44e4a8
‘වොයිනික් අත්පිටපත’ ගැන ඔබ දන්නවාද? ‘වොයිනික් අත්පිටපත’ යනු හරි අපූරු, ගුප්ත නොවිසඳුණු අබිරහසකි. විද්‍යාඥයන්ට ප්‍රහේළිකාවකි. ‘වොයිනික් අත්පිටපත යනු පොතකි. මෙහි පිටු 240 ක් ඇත. (පිටු කිහිපයක් කවුරුන් හෝ ඉරා ඉවත් කර තිබේ.) අත්පිටපතට යොදාගෙන ඇත්තේ සත්ව සමින් සකස් කළ ඒවාය. මේ අත්පිටපත අවුරුදු 600 කට වඩා පැරැණි යැයි විශ්වාස කෙරේ. ලොව වඩාත් ගුප්ත, අබිරහස් පිරි මධ්‍යතන යුගයේ ලේඛනය මෙය යැයි විශ්වාසයක් පවතී. මෙය මැජික් පොතක් යැයි ඇතැම්හු පවසති. අත්පිටපතට දුර්ලභ මෙන්ම අසාමාන්‍ය විදියේ ශාක සහ පැළෑටිවල සිතුවම්, තරු රටාවල සිතුවම්, මානවරූපී අසාමාන්‍ය විදියේ ජීවීන්ගේ වර්ණවත් සිතුවම් සහ සටහන් ඇතුළත්ය. අත්පිටපත ලියා ඇත්තේ වමේ සිට දකුණට අමුතු විදියේ භාෂාවකිනි. එම අකුරු අපට ආගන්තුකය. අත්පිටපත ‘වොයිනික් අත්පිටපත’ යනුවෙන් නම් කර ඇත්තේ, විල්ෆ‍්‍රඩ් වොයිනික් නමැති පෝලන්ත ජාතික පොත් වෙළෙන්දා නිසාය. අත්පිටපත විල්ෆ‍්‍රඩ් වොයිනික් අතට පත් වී ඇත්තේ 1912 වසරේදීය. එය සොයාගෙන ඇත්තේ ඉතාලි දේවස්ථානයකිනි. කාබන් පරීක්ෂණ අනුව, ‘වොයිනික් අත්පිටපත’ සකස් කරන්න ඇතැයි පැවැසෙන්නේ 15 වැනි සියවසේදීය. ඒ, 1404 සහ 1438 අතර කාලයේය.
‘වොයිනික් අත්පිටපත’ නම් පොත පිටු කීයකින් සමන්විතවේද?
{ "answer_start": [ 160 ], "text": [ "පිටු 240 ක්" ] }
416efd78-a6f5-433d-8ce6-2dd831a409b7
පිවිසුම් දොරටුවෙන් එම භූමියට ඇතුල් වූ පසු ජීවිතයේ වැඩි කාලයක් කොන්ක්‍රීට් වනාන්තරවල දිවිගෙවන අපගේ විඩාබර වූ ගතත් සිතත් ක්ෂණයෙන් සන්සිදුවා ගැනීමට හැකියාව ලැබේ. ආනත වූ මාර්ගය ඔස්සේ මද දුරක් ගමන් කරන විට අපහට මුලින්ම හමුවන්නේ කුරුඳු, එනසාල්, කෝපි, ගම්මිරිස් වැනි බෝග සරුවට වගා කර තිබෙන භූමියකි. ඒ අසලින් ගලා හැලෙන දොළ පහර එම බෝගයන්ගෙන් පිරී ඉතිරී ගිය භූමියට තවත් අලංකාරයක් එක් කරයි. ස්වභාවිකව නිර්මාණය වී තිබෙන ජෛව විවිධත්වයෙන් අනූන මෙම වනාන්තරය මැදින් ගමන් කිරීමේදී ගතට සහ සිතට දැනෙන සැහැල්ලුව, නිදහස වචනයෙන් විස්තර කිරීමට නොහැකිය. එය විදගැනීමට නම්, ඔබ එහි යා යුතුමය. එම මාර්ගය ඔස්සේ අවට පරිසරයේ තිබෙන සුන්දරත්වය විඳගනිමින් ඉදිරියට යාමේදී පොලිස් මුරපොළක් හමුවේ. එම මුරපොළ පසුකරනවාත් සමගම අපට හමුවන්නේ අම්බුළුවාව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවය. දෙමහල් ගොඩනැගිල්ලක් වූ එහි පහත මාලයේ මුළුතැන් ගෙයක් සහිත සියලු පහසුකම්වලින් අනූන වූ නිදන කාමර 17ක් පවතී. එමෙන්ම ඉහළ මාලයේ 400 දෙනෙකුට පමණ අසුන්ගත හැකි සම්මන්ත්‍රණ ශාලාවක් පවතී. ඊට අමතරව පහත මාලයේ කොටසක අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ආකෘතිය ප්‍රදර්ශනයට තබා ඇති අතර, කුඩා කාමරයක පුස්තකායලයක්ද ඉදිකර තිබේ.
මුලින්ම හමුවන බෝගයන්ගෙන් පිරි භූමියට තවත් අලංකාරයක් ගෙනදෙන්නේ කුමකින්ද?
{ "answer_start": [ 301 ], "text": [ "ගලා හැලෙන දොළ පහර" ] }
8f3e4095-2b0e-4598-b42a-37b8a7ac77df
බ්‍රිතාන්‍යයින්ට එරෙහිව කටයුතු කළ සිංහලයින් අල්ලා ගාල්ල ඕලන්ද බළ කොටුවේ සිරකර තබා අශ්ව කරත්තවල නංවා වරින් වර මෙම වධකාගාරයට රැගෙන ආ බව සඳහන් වේ. ඔවුන්ව වධකාගාරය තුළ දැඩි රැකවරණ මැද සිරකර තබා නියම කරන ලද දිනයකදී මරණයට පත්කර සිරුර අසල වූ මුහුදට දැමූ බව සඳහන් වේ. යුද සෙබළුන්ට අවි පුහුණුව ලබා දුන් වෙඩි ගෙය මේ වන විට මුහදු වැලිවලින් වැසී ගොස් ඇත. කුකුලේවත්ත නමැති ඉඩමේ පිහිටා තිබෙන එහි දිග අඩි අටකි. පළල අඩි අටකි. උසද අඩි අටකි. එහි බිත්ති අඩියක් පමණ ඝනකමින් යුක්ත වේ. රූමස්සල කඳු දෙකක් මැද පිහිටි අක්කර හතකින් පමණ සමන්විත කුඹුරු යායක්ද දැකගත හැක. මුහුදු මට්ටමේ සිට මීටර් 20 ඉහළින් මුහුදු වෙරළට මීටර් 100 පමණ නුදුරින් මෙම කුඹුරු යාය පිහිටා ඇත.
සිංහලයන් ක්‍රියා කරේ කාට එරෙහිවද?
{ "answer_start": [ 0 ], "text": [ "බ්‍රිතාන්‍යයින්ට එරෙහිව" ] }
ae453557-045a-4d23-9344-41650133ccab
පාසල් සමයෙහිදීම බටහිර සංගීතයත් පෙරදිග සංගීතයත් උගත් ස්ටැන්ලි පීරිස් වයලීන වාදනය ප්‍රගුණ කළේය. අතට හසුවන සෑම තූර්ය භාණ්ඩයක්ම වාදනය කළේය. එහෙත් අහම්බෙන් හිමි වූ කැඩුණු සැක්සෆෝනයක් අලුත්වැඩියා කොට ගත් ඔහු එහි ශිල්පෝපක්‍රම ඉගෙන පසුකාලයේ දී විශිෂ්ට ගණයේ සැක්සෆෝන වාදකයෙක් වූයේය. කොළඹ පැවැති පටිගත කිරීම් සඳහා මතුව තිබූ සැක්සෆෝන වාදකයකුගේ අවශ්‍යතාවත්, එවක ප්‍රචලිත කැසට් ව්‍යාපාරය මගින් පුළුල් ඉඩක් විවෘතව තිබීමත් ස්ටැන්ලි පීරිස් නිර්මාණාත්මක සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ කර වූ කාරණාය. පැරණි ගීත සඳහා අලුතින් සංගීතය සංයෝජනය කිරීමේ කාර්යයද ඔහු වෙත පැවරිණ. ස්ටැන්ලි පීරිස් පිළිබඳ මෙම අපදාන කථාව ලියන මහාචාර්ය ආරියරත්න කැසට්පට 678කට සංගීතය අධ්‍යක්ෂණය කරමින්ද කැසට්පට යුගය නිම වී සංගත තැටි යුගය එළඹෙන විට වාදනයෙන්, ගී තනු නිර්මාණයෙන්, සංගීත සංයෝජනයෙන් හා අධ්‍යක්ෂණයෙන් සක්‍රීය දායකත්වයක් සපයමින්ද මේ සංගීතඥයා ඉටු කළ සේවාව විග්‍රහ කොට තිබේ.
ස්ටැන්ලි පීරිස් නිර්මාණාත්මක සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ කර වූ කාරණා මොනවාද?
{ "answer_start": [ 350 ], "text": [ "ප්‍රචලිත කැසට් ව්‍යාපාරය මගින් පුළුල් ඉඩක් විවෘතව තිබීමත්" ] }
e3fd5baa-08c4-410b-8346-80ca4ba59a30
ඔවුන්ට පළමුව එන්න කිව්වේ වැල්ලම්පිටියටය. ඉන්පසු බොරැල්ලටත් එතැනින් පැපිලියානටත් ලෙස ස්ථාන මාරු කළ නවාස් පසුව ප‍්‍රහාරය එල්ල කිරීමට සුදුසුම තැන ලෙස කලින් යොදාගෙන තිබූ පිළියන්දල නගරයට පිරිස ගෙන්වා ගත්තේය. ප‍්‍රහාරය එල්ල වූයේ එහිදීය. නවාස්ගෙන් තොරතුරු මධුෂ්ට සැපයුන අතර මධුෂ්ගෙන් ඒ තොරතුරු අනුව කළ යුතු දේ පිළිබඳ උපදෙස් ආමි අසිතට හා පැටී මහත්තයාට ලැබිණ. මධුෂ්ගෙන් ලබාගත් ලක්ෂ දෙකහමාරක ණය හිලව්වට තමන්ගේ හතුරෙක් ඝාතනයට යන ලෙස මධුෂ් උපදෙස් දී තිබුණද තමන් යන්නේ නා කොටික් එකේ පොලිස් කණ්ඩායමකට පහර දීමට බව පැටී දැන සිටියේ නැත. මධුෂ්ගෙන් උපදෙස් ලැබුණේ පිළියන්දල මොරටු පාරේ මාතර බත්කඩේ ළඟ නවතා තිබෙන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයේ අවශ්‍ය පුද්ගලයින් සිටින බවය. එහෙත් එහි ඇල්ටෝ මෝටර් රථ දෙකක් තිබිණ. පළමු රථයට ප‍්‍රහාරය එල්ල කළ ආමි අසිත එහි කිසිවෙක් නැති බව දැන වහාම අනෙක් රථයට ප‍්‍රහාරය එල්ල කළේ එහි සිටින්නන්ට පැන යන්නට ඉඩක් නොතබමිනි. පැටීද ඊට අවශ්‍ය වේගයෙන් යතුරුපැදිය පැදවූයේය.
ප‍්‍රහාරය එල්ල කිරීමට පිරිස ගෙන්වා ගත්තේ කිනම් නගරයටද?
{ "answer_start": [ 166 ], "text": [ "පිළියන්දල නගරයට" ] }
f430ce5e-6f5e-4c16-8bbd-763469489ff3
මීට සියවස් එකහමාරකට පෙර ලංකාවේ විසූ වැවිලිකරුවන්ගේ ජීවිතවල ස්වභාවය තේරුම් ගන්නට මේ මන්දිරය කදිම නිදසුනක් බව ලියා තැබිය යුතුමය.හපුතලේ යනු සීතල ප්‍රදේශයකි. ඒ එකද රාත්‍රියකවත් මේ මැදුර තුළට අධික සීතල ගලා ආවේ නැත. නිවෙස දෙසට පාව එන සීතල සුළං ධාරා, උණුසුම් කර මැදුර තුළම බෙදාහැරීමේ ක්‍රමවේදයක් සකසා තිබූ බැවිණි. එය එකල අධික වියදම් යන ක්‍රමයක් විය. වතුර උණුකරන දැවැන්ත බොයිලේරුවක්ද මේ මැදුරෙහි තිබිණි. නිවෙසට අවශ්‍ය උණුසුම් ජලය නිවෙස පුරා බෙදා හැරුණේ මේ බොයිලේරුව හරහාය එයද දැකගැනීමට පුළුවන. ඇඩිෂම් බංගලාවේ බිත්ති සරසන්නේ තෙල් සායම් චිත‍්‍ර වලිනි. බැලූ බැල්මට නෙත් සිත් පැහැර ගන්නා මේ චිත‍්‍රවල නිර්මාණකරුවා කව්ද? බොහෝ ධනපතින් ලෝ පතල චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර මිලට ගෙන තම මැදුර සරසන්නේ ගාම්භීරත්වය ආරෝපණය කරගන්නටය.
ඇඩිෂම් බංගලාවේ බිත්ති සරසන්නේ මොනවායින්ද?
{ "answer_start": [ 516 ], "text": [ "තෙල් සායම් චිත‍්‍ර වලිනි" ] }
9aefb284-8466-457a-be1c-d068120c5874
ස්ත්‍රියකගේ තල්ල මද නිල් පැහැවූයේ නම් දරුවන් නැත. රළුවූ තල්ල ඇත්නම් දුක් විඳින්නියකි. වකුටුවු තල්ල ඇත්නම් කලහකාරියකි. විශාල තල්ල ඇත්නම් දුක් විඳින්නියක් වන අතර කළුපාට තල්ල ඇත්නම් වැන්දඹුවකි. කලහයට ප්‍රිය කරන ස්ත්‍රියගේ දිව නිල් පැහැවේ. මහත්වූ දිව සිනිඳු වෙයි. එල්ලෙන සුලු දිව ඇත්තී නොකටයුතු දේ කරන්නියකි. යටි ඇන්දේ දත් වැඩියෙන් ඇති ස්ත්‍රිය මවගෙන් වෙන්වී දුක්විඳින්නියකි. විවෘතාකාර හෝ උස්වූ දත් ඇත්නම් වැන්දඹුවකි. තුනීවූ දත් ඇත්තී හිතුවක්කාරියකි. දත් කහපාට හෝ කළු පාට වී මහත්ව සක් කැබලි ආකාරයෙන් තුනීව පිහිටියේ නම් පින් නැත්තියකි.
ස්ත්‍රිය කලහකාරියක් බව පෙන්වන ලක්ෂණයක් වන්නෙ කුමක්ද?
{ "answer_start": [ 86 ], "text": [ "වකුටුවු තල්ල" ] }
4dcabeea-8c97-42ef-ad39-390477085aac
ඔවුන්ට පළමුව එන්න කිව්වේ වැල්ලම්පිටියටය. ඉන්පසු බොරැල්ලටත් එතැනින් පැපිලියානටත් ලෙස ස්ථාන මාරු කළ නවාස් පසුව ප‍්‍රහාරය එල්ල කිරීමට සුදුසුම තැන ලෙස කලින් යොදාගෙන තිබූ පිළියන්දල නගරයට පිරිස ගෙන්වා ගත්තේය. ප‍්‍රහාරය එල්ල වූයේ එහිදීය. නවාස්ගෙන් තොරතුරු මධුෂ්ට සැපයුන අතර මධුෂ්ගෙන් ඒ තොරතුරු අනුව කළ යුතු දේ පිළිබඳ උපදෙස් ආමි අසිතට හා පැටී මහත්තයාට ලැබිණ. මධුෂ්ගෙන් ලබාගත් ලක්ෂ දෙකහමාරක ණය හිලව්වට තමන්ගේ හතුරෙක් ඝාතනයට යන ලෙස මධුෂ් උපදෙස් දී තිබුණද තමන් යන්නේ නා කොටික් එකේ පොලිස් කණ්ඩායමකට පහර දීමට බව පැටී දැන සිටියේ නැත. මධුෂ්ගෙන් උපදෙස් ලැබුණේ පිළියන්දල මොරටු පාරේ මාතර බත්කඩේ ළඟ නවතා තිබෙන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයේ අවශ්‍ය පුද්ගලයින් සිටින බවය. එහෙත් එහි ඇල්ටෝ මෝටර් රථ දෙකක් තිබිණ. පළමු රථයට ප‍්‍රහාරය එල්ල කළ ආමි අසිත එහි කිසිවෙක් නැති බව දැන වහාම අනෙක් රථයට ප‍්‍රහාරය එල්ල කළේ එහි සිටින්නන්ට පැන යන්නට ඉඩක් නොතබමිනි. පැටීද ඊට අවශ්‍ය වේගයෙන් යතුරුපැදිය පැදවූයේය.
නා කොටික් එකේ පොලිස් කණ්ඩායම මෝටර් රථය නවතා තිබුනේ කොහේද?
{ "answer_start": [ 544 ], "text": [ "පිළියන්දල මොරටු පාරේ මාතර බත්කඩේ ළඟ" ] }
bacc7627-7859-4c14-8f2f-8f3f0afeafe0
නින්දේ ගුණාත්මකභාවය හා සනීපාරක්ෂාව දියුණු කිරීමෙන් නින්දෙන් ඇවිදීම ඉබේ මගහරවා ගැනීමට හැක. සමහර අවස්ථාවලදී ඖෂධ ප‍්‍රතිකාර භාවිත කිරීමට ද සිදුවේ. මෙහි බරපතළම කාරණය වන්නේ අනතුරු ඇතිවීමට ඇති හැකියාවයි. එම නිසා නින්දෙන් ඇවිදින අය සිටින නිවසක ආරක්ෂාව ඉතා වැදගත්ය. නින්දෙන් ඇවිදින දරුවන් තට්ටු ඇඳන්වල උඩ ඇඳේ නිදි කිරීම ඉතා අනතුරුදායකය. එමෙන්ම ඇඳ අවට ඇති බිඳෙනසුළු දේවල් ඉවත් කිරීම හා තියුණු ආයුධ ඉවත් කිරීමට වග බලාගත යුතුය. දරුවා අවදි වූ බව දැන ගැනීමට සීනුවක් හෝ වෙනත් සංඥා උපකරණයක් යොදා ගැනීම ද වැදගත් වේ.
මෙහි ඇති බරපතලම කාරණය කුමක්ද?
{ "answer_start": [ 168 ], "text": [ "අනතුරු ඇතිවීමට ඇති හැකියාවයි" ] }
d4842c70-c107-4673-a03e-3f3f0a860c33
මෙසේ පොලිසිය විමර්ශනවල පසුවෙද්දී මහජනතාව මෙන්ම පෞද්ගලික ඔත්තුකරුවන්ගෙන්ද විවිධ තොරතුරු ගලා එන්නට විය. නාගරික ප්‍රදේශයෙන් ඈත අඩිපාරකින් යනවිට හමුවන පාළු නිවසක කිසියම් පිරිසක් රැඳී සිටින බවට පොලිසියට තොරතුරක් ලැබුණි. විමර්ශන නිලධාරීහු හොර රහසේම එතැන වැටලූහ. පොලිසියේ වැටලීම හමුවේ කිසිවෙකුටත් පලා යා නොහැකි විය. සැකකරුවෝ දස දෙනෙක් කොටුවූහ. එහෙත් ඒවනවිට සලීම් ප්‍රදේශයෙන් අතුරුදන්ව තිබුණි. ඒ සැකකරුවන් අතර සලීම් නොවීය. ඒ වනවිට එම කල්ලියේ කල්ලි නායකයා වූයේ මොහොමඩ් බුහාරි මොහොමඩ් හස්මින් නමැති විසිහත් හැවිරිදි තැනැත්තෙකි. ඔහු රාජ්‍ය නොවන සංවිධානයක් හරහා තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබාදීම ගැන හොඳ දැනුමක් ලැබ සිටි අයෙකු විය. පොලිසිය වැටලීම කරන අවස්ථාවේ වෙඩිවැදුණු සැකකරු වූ මොහොමඞ් සරුෆාන් යන අයට ප්‍රතිකාර කර තිබුණේ ඔහුය. සේලයින් සහ එන්නත් පවා ඔහු ලබා දී තිබුණි. සැකකරුවන් පොලිසියට රැගෙන ආ අතර තුවාල ලත් සැකකරු රෝහල් ගතකෙරිණි.
මොහොමඩ් සරුෆාන් යන අයට ප්‍රතිකාර කර තිබුණේ කවුද?
{ "answer_start": [ 452 ], "text": [ "මොහොමඩ් බුහාරි මොහොමඩ් හස්මින්" ] }
c35472aa-4c24-41b7-986b-c1367e7e8ebc
වෛද්‍ය විශේෂඥවරයාට යම් සැකයක් හිතේ ඇඳින. එහෙත් එය නිගමනය කිරීමට ද සාක්ෂි තිබිය යුතුය. තවදුරටත් ඡායාරූප පරීක්ෂා කරනු ලැබුවේ එහි කිසියම් සැක සහිත දෙයක් දක්නට තිබේ දැයි දැන ගැනීමේ අභිලාෂයෙනි. ඔහුගේ සැකය තහවුරු කරමින් එක් ඡායාරූපයක යම් උපකරණයක් දැකිය හැකි විය. හිස්කබල විවෘත කළ පසු එහි අභ්‍යන්තරය පෙන්වන ඡායාරූපයක හිස්කබල ආසන්නයේම පැත්තකින් දිස්ත්‍රික් අධිකරණ වෛද්‍යවරයා භාවිත කළ උපකරණයක් පෙන්නුම් කෙරිණ. එය පශ්චාත් මරණ පරීක්ෂණයක දී හිස්කබල විවෘත කිරීම සඳහා යොදාගන්නා යකඩ උපකරණයකි. මෙය භාවිත කර වෙර යොදා හිස්කබල විවෘත කිරීමට දරන උත්සාහයේ දී සිදුවන අතපසුවීමකින් මෙවැනි බිඳීමක් සිදුවිය හැකි බව වෛද්‍යවරයා දැන සිටියේය.
සැකයක් නිගමනය කිරීමට අවශ්‍ය වන්නේ මොනවාද ?
{ "answer_start": [ 66 ], "text": [ "සාක්ෂි" ] }
34bdfff7-7535-4b38-ab14-586110227151
විශේෂයෙන් තොටළඟ ආශ්‍රිතව පාරු සංස්කෘතියක් බිහිවෙලා තිබුණා. මීගමුව හලාවත වැනි ප්‍රදේශවලින් කොළඹට අවශ්‍ය හාල්, සීනි, පිටි, කරවල, ජාඩි, කොප්පරා වැනි එදිනෙදා ජන ජීවිතයට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කළේ පාරුවලින් තමයි. හැමිල්ටන් ඇළ දිගේ සේන්දු වන පාරු මෝය කට ළඟින් හැරිලා කැලණි ගඟ හරහා ජාඩි ඇළට ඇතුළු වෙනවා. ඒ කාලේ ජාඩිවලට තිබුණ ඉල්ලුමත් සමඟ මේ ඇළට ජාඩි ඇළ කියලා මිනිස්සු කියන්න පටන් ගත්තා. ජාඩි ඇළ ළඟ ලොකු රේන්ද පොළක් තිබුණා. ඒ කාලේ කොළඹට පාරුවක් ඇතුළු කිරීමට ශත 2ක් හෝ 3ක් වැනි මුදලක් අය කරනවා. මේ රේන්ද පොළෙන් තමයි ඒ මුදල් අය කරගන්නේ. එතැන ඉඳලා බේරේ වැව දක්වා පාරු ගමන් කරමින් රජය හා පෞද්ගලික ආයතනවලට අවශ්‍ය බඩු ප්‍රවාහනය කරනවා.
තොටළඟ ආශ්‍රිතව බිහි වී තිබුණේ කිනම් සංස්කෘතියක්ද?
{ "answer_start": [ 25 ], "text": [ "පාරු සංස්කෘතියක්" ] }
8bd5ab9d-af1e-444f-9ba9-13983015240b
මේ පළාතේ ගම්මාන රැසකම ගම්මුන්ගේ ප්‍රධාන වෘත්තීය වන්නේ කෘෂිකර්මාන්තයයි. බොහෝ දෙනෙකු මෙහි වී වගාව මහා පරිමාණයෙන් සිදු කරන නිසා ලංකාවේ ආර්ථිකයට සහල් විශාල ප්‍රමාණයක් ලබාදෙන්නේ ත්‍රිකුණාමලය ගොවීන්. එම නිසා මාවිල් ආරු අමුණ කියන්නේ මෙම ගොවීන්ගේ ප්‍රධාන ජල මාර්ගයයි. මාවිල් ආරු අමුණෙන් කුඹුරු අක්කර 28000කට යල මහ දෙකන්නයේදීම අවශ්‍ය කරන ජලය ගොවිතැන් සඳහා ලබාදෙනවා. මූතූර් ප්‍රදේශයේ පටන් සේරුනුවර, සේරුවාවිල, සූරියපුර ඇතුළු ප්‍රදේශ රැසක ගොවියෝ මාවිල් ආරු අමුණෙන් ලැබෙන ජලයෙන් තමයි ගොවිතැන් කරන්නේ. මෙම අක්කර 28000ම සිංහල, දෙමළ, මුස්ලිම් සියළු ජාතීන්වල ගොවීන් සහයෝගයෙන් ගොවිතැන් කරනවා. ගොවිතැනට අවශ්‍ය ජලය වගේම මාවිල් ආරුවෙන් මිරිදිය මත්ස්‍ය කර්මාන්තයටද විශාල දායකත්වයක් ලබා දෙනවා.
ත්‍රිකුණාමලයේ ගොවීන්ගේ ප්‍රධාන ජල මාර්ගය කුමක්ද?
{ "answer_start": [ 202 ], "text": [ "මාවිල් ආරු අමුණ" ] }
aaf8beed-170d-473d-a36c-571aecfc05b7
නිවාඩු නිකේතනයකට පිවිසෙන සංචාරකයකුගේ ලොකුම පැතුම කටට රසට ආහාර වේලකි. කලුකන්ද හවුස් විලාවේ ආහාරද කටට රසය. ශ්‍රී ලංකා ක්‍රමයට පිසූ බත් සහ ව්‍යාංජන මෙන්ම පැස්ටා හෝ නාසිගුරාන් ආදියෙන් මෙහි බොජුන් හල සමන්විතය. කෑම රහ වැටුණු සංචාරකයකුට මේ කෑම උයන්නේ කෙසේදැයි දැන ගැනීමට අවශ්‍ය විය හැක. එසේ වුවහොත් ඔවුන්ට ඉහුම් පිහුම් පාඩමක් කියාදෙන්නට මෙහි සිටින සුපවේදීන් සුදානම්ය. ඒ වෙනුවෙන් සැකසුණු මුළුතැන්ගෙයද විචිත්‍රය. පිරිසිදුය. අලංකාරය.ඉර හැංගෙන හැන්දෑවක චමත්කාරය හිතට දැනෙන්නේ මුහුදු වෙරළකදීය. වැලිගම සොඳුරු මුහුදු වෙරළට මෙම විලාවේ සිට ඇත්තේ පයින් ඇවිද යන තරමේ කෙටි දුරකි. අවශ්‍ය නම් සර්ෆ් ක්‍රීඩාවේ යෙදීමටත් නැත්නම් පැඩ්ල් බෝට්ටු පැදීමටත් පුළුවන. සර්ෆ් පිළිබඳව උගන්වන ක්‍රීඩා පාසල් ගණනාවක්ද වෙරළෙහි ඇති බැවින් නිවැරදි ලෙසම සර්ෆ් ක්‍රීඩා කළ හැකිය.
වැලිගම මුහුදු වෙරළේ පැදිය හැක්කේ මොනවාද ?
{ "answer_start": [ 605 ], "text": [ "පැඩ්ල් බෝට්ටු" ] }
0714cd26-ba24-496c-aacc-bb9bf6882238
සූර්ය බල පද්ධති මගින් නිපදවන ජවය කාලත් සමඟ වෙනස් වෙනවා. ඒ නිසා බෙදා හැරීමේ ජාලයේ වෝල්ටීයතාව අඩු වැඩි වෙනවා. විශේෂයෙන් සූර්ය බල පද්ධති රාශියක් ඇතිවිට දවල් කාලයේදී වෝල්ටීයතාව වැඩි වෙන්න පුළුවන්. වෝල්ටීයතාව 244 ට වඩා වැඩිවුව හොත් ඒ හා සම්බන්ධවන උපකරණවලට හානිදායක වෙනවා. ඒ වගේම වෝල්ටීයතාව අඩුවුව හොත් උපකරණ ක‍්‍රියාකරන්නේ නැතිවෙනවා. මේ හේතු කාරණා සැලකිල්ලට ගෙන ප‍්‍රමිතියට අනුව ඒකීය අගයක පවත්වා ගත යුතුයි යන අදහස මට ආවා. ඒ අනුව මෙම ‘සුහුරු‘ පද්ධතිය නිර්මාණය කරන්න හැකිවුණා.මෙය පසුගියදා බත්තරමුල්ලේ පැවැති විදුලි හා විද්‍යුත් පර්යේෂණ ව්‍යාපෘති සම්මේලනයේ කැපී පෙනෙන නිර්මාණයක් වුණා. මෙය අනාගතයේදී විද්‍යුත් පද්ධති ‘සුහුරු පද්ධති‘ බවට පත්කිරීමට අත්‍යවශ්‍ය අංගයක් වේවි යැයි මා සිතනවා.
උපකරණ වලට හානි වෙන්නේ වෝල්ටීයතාව කීයට වඩා වැඩි වුනාමද ?
{ "answer_start": [ 204 ], "text": [ "244 ට" ] }
ea6c575c-9f3e-4ac7-bbd7-abaf59d4c3f5
රීටාත්, රූබිත් බොහෝ විට කතා කළේ චතුර ඉංග්‍රීසියෙනි. එකල ද රීටා හෝටල් සංස්ථාවේ නිලධාරිනියක ලෙස සේවය කළ බව මට මතකය. එකල බොහෝ පැරැණි නළු නිළියෝ ඉතා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිර වූහ. රීටාට අභිෂේක චිත්‍රපටයේ රඟපාන්නට තිබුණේ රෙක්ස් කොඩිප්පිලිගේ බිරිඳ හැටියටය. ඔවුන්ගේ දියණිය ලෙස රඟපෑවේ අවන්ති අපොන්සුය. රූබි ද මෙල් ප්‍රධාන නිළියගේ මව ලෙස රඟපෑවාය. 1934 පෙබරවාරි 18 වැනිදා මාතලේ උපන් රීටා පිලොමිනා රත්නායක අධ්‍යාපනය ලැබුවේ, මාතලේ ඇග්නස් කන්‍යාරාමයෙනි. එය පසුව ශාන්ත තෝමස් බාලිකා විදුහල බවට පත්විය. ඇගේ පියා එමිල් රත්නායක සුප්‍රකට වයලින් වාදකයකු විය. ඇගේ මාමලා ද කලාවට සම්බන්ධ වූවෝ වූහ. ඇය කුඩා කල සිටම රුක්මනී දේවියට ප්‍රිය කළාය. පාසල් කාලයේදී ඇය දස්කොන් නාට්‍යයේ ප්‍රමිලා බිසව ලෙස රඟපෑවාය. ගී ගැයුවාය. ඇය රුක්මනී දේවිය මුණගැසෙන්නට ආශාවෙන් සිටියාය.
රෙක්ස් කොඩිප්පිලිගේ බිරිඳ හැටියට රීටාට රඟපාන්නට තිබුණේ කුමන චිත්‍රපටියේද?
{ "answer_start": [ 187 ], "text": [ "අභිෂේක චිත්‍රපටයේ" ] }
e701b348-47e9-4f8a-a5a7-64c812f39f6c
මෙලෙසම අප විස්තර සොයාගත් ටානියා සීදුව ප්‍රදේශයේ වාසය කරන්නියක් විය. තම කුඩා දරුවාව පෙරපාසලට ඇතුළත් කරන ඇය එම පැය කිහිපය විටින්විට ගතකරන්නේ කඩවසම් ත්‍රීවිල් රියදුරෙකු වන කාවින්ද සමඟය. උගත්කමක් නැතත් කඩවසම් බව නිසා ටානියා කාවින්දට ආකර්ශනයවී ඇත්තේ තම බේබදු සැමියාගෙන් තමාට කිසි සන්තෘප්තියක් නොලැබෙන නිසාවෙනි. විටෙක ඔවුහු ත්‍රීවීලරය තුළ ජනශූන්‍ය ප්‍රදේශයට ගොස් පෙම්සුව විඳිති. විටෙක පැය 3කට කාමරයක් කුලියට ගෙන එහි ලැගුම් ගනිති. ඒ සියල්ලමත් කාවින්දගේ දවසේ පඩියටත් වියදම් කරන්නේ ටානියාය. ප්‍රසිද්ධ ඇඟළුම් කර්මාන්තශාලාවක ඉහළ තනතුරක් දරන ඇගේ සැමියා රෑ බෝවන තුරු වැඩකොට බොහෝ විට ගෙදර එන්නේ බීමතිනි. බීමත් බව නිසා ඇයට හෝ දරුවාට කිසි කරදරයක් නොවුනත් ටානියාගේ මානසික සතුට ගැන තේරුම් ගැනීමට ඇයගේ සැමියාට පුලුවන්කමක් තිබුණේ නැත. එම නිසා කාවින්ද වැනි අයගෙන් එම සතුට සොයා ගැනීමට ටානියා පෙළඹී ඇත. මෙවැනි පිරිස් මේ ලංකාවේ වාසය කරති. මෙවැනි ක්‍රියා නිසා ඝාතනය වුණු බිරින්දෑවරු සහ කොල්ලන් බොහෝමයකි. ටානියාසේම දෙහිවල භාග්‍යාද එලෙසම වූවාය. ඇයද පෙරපාසල් කාලය අතරතුර ඒ අසල ව්‍යාපාරිකයෙකු සමඟ හාද වී ඇත. මෙවැනි සබඳතාවල එකම අරමුණ ලිංගිකත්වය පමණකි. පවුලක අරුත නිවැරදිව වටහාගෙන පතිවත රැකගෙන ජීවත්වීමට තරම් ධෛර්යක් නොමැති ටානියා, භාග්‍යා සේම ශර්මිලා වැනි සුරූපී ගෘහණියන් සේම මව්වරුන්ද ලංකාවේ වාසය කරති.
භාග්‍යා හාද තරුණයාගෙ රැකියාව කුමක්ද?
{ "answer_start": [ 949 ], "text": [ "ව්‍යාපාරිකයෙකු" ] }
7b4943a8-2304-4126-ba35-e09a8b1e73ae
කල්කයට බෙහෙත් සහිතයි. තෙල ආරක්ෂක මන්ත්‍ර සහිතයි. ජය මංගල ගාථා, පිරිත් කිව යුතුයි. තෙළ වටකර නූල් ඇදිය යුතුයි. මේ තොටගමුවේ රාහුල හිමි වැළඳූ සරස්වතී තෙලයි. අස්ලෝමයක් තෙලේ ලා උදය දී දිවේ ගානු. සතියක් වැළඳීම පණ්ඩිත කරවයි. දෙසතියක් වැළඳීම කට හඬ කිඳුරු නාද කරවයි. මාසයක් වැළඳීම මයුරන්ට මෙන් ඇස් පෙනෙයි. තුන් මසක් වැළඳීම සරස්වතිය හා සමාන වෙයි. ජප කළ යුතුයි. ගෙය පිරිසිදු කරන මන්ත්‍රයකින් හෙබියි. චන්ද්‍ර සරස්වතී තෙල සිඳීමේදී කළ යුතු බොහෝ දෑ තිබෙයි. ඒවා නම් පේ කිරීම, බෙහෙත් කෙටීමේ මන්ත්‍රය, ලිප බැඳීමේ මන්ත්‍රය, කල්කයට ද්‍රව්‍ය සරක්කු අඹරන මන්ත්‍රය, අඹරා තෙලට යොදන මන්ත්‍රය, පේ කරන මන්ත්‍රය, වරාගම මතුරන මන්ත්‍රය, එම කුඩු තෙලට දමන මන්ත්‍රය, එම දුම්ගස්වන මන්ත්‍රය, තෙළ සිඳීමේ සිහි කරන මන්ත්‍රය යනාදියයි.
තොටගමුවේ රාහුල හිමි වැළදූයේ කුමක්ද?
{ "answer_start": [ 138 ], "text": [ "සරස්වතී තෙලයි" ] }
2373f8ed-742e-4815-bced-7bda35e4c6cc
කරන්ගේ උපන්දින සාදයට විවිධ විලාසිතාවලින් සැරසුණ බොහෝ නළු නිළියන් පිරිසක් එක්ව සිටිනු දක්නට ලැබුණි. ඒ අතරින් බොහෝ පිරිසකගේ අවධානය දිනාගන්නට සමත් වූයේ මලෙයිකා ආරේරා ඛාන්ය. කොළපාටට හුරු අමුතුම විලසිතාවකින් යුක්ත ඇදුමකින් මලෙයිකා මෙම උපන්දින සාදයට සහභාගි වි සිටියහ. කෙසේ වෙතත්, මලෙයිකාගේ පෙම්වතා වන අර්ජූන් කපූර් මීට එක්ව නොසිටි අතර, ඇයගේ පළමු සැමියා වූ සල්මාන් ඛාන්ගේ සොහොයුරු අර්බාස් සිය පෙම්වතිය සමග මෙම උපන්දින සාදයට සහභාගි වී සිටි බව වාර්තා වෙයි.
මලෙයිකා ආරේරා ඛාන් කරන්ගේ උපන්දින සාදයට පැමිණීමේදී ඇද සිටි ඇදුමේ වර්ණය කුමන පාටට හුරු එකක්ද ?
{ "answer_start": [ 170 ], "text": [ "කොළපාටට හුරු" ] }
b09f7d33-c168-48c3-a27b-43d28ed7e07f
මෙම වලව්වේ සිට ඇහැලේපොළ මහ අධිකාරම්ගේ අන්තඃපුරය සිටි කන්ද උඩ ගොඩනැගිල්ලට, කොටුවට හා මෙම අන්තඃපුර ගොඩනැගිල්ලේ සිට එම ස්ත්‍රීන්ට දිය නෑමට කළු ගඟට රහසේම යාමට උමං තිබූ බව එම කෘතියේ දැක් වේ. එකල සබරගමුවේ සිටි අති දක්ෂ උමං කපන්නා වූයේ මඩුවන්වෙල නින්දගම් වලව්වේ සිටි මහා මොහොට්ටාල තැනය. කටුවන මහා සංග්‍රාමයේ දී සබරගමු පළාතෙන් ඒක රාශි වූ සේනාව කටුවන ඕලන්ද බළකොටුව දක්වා රහසේ ගොස් ඇත්තේ ද උමං මාර්ගයකිනි. රත්නපුර ඇහැලේපොළ වලව්ව හා සම්බන්ධිත උමං පද්ධතිය ද මෙම මහා මොහොට්ටාලගේ නිර්මාණයක් බවට සඳහන් වේ. 1823 දී මෙම වලව්වට පැමිණි උප දිසාපති ජෝර්ජ් ටර්නර් එක්නැළිගොඩ දිසාවේ සමඟ ඇහැලේපොළ වලව්වේ වන උමං පද්ධතියට පිවිස ඇත. ඊට පෙර 1820 දී රත්නපුරයට පැමිණි රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ඇහැලේපොළගෙන් අසා තිබූ විස්තරවලට අනුව ඔහුගේ වස්තුව සඟවා තිබූ උමං පද්ධතිය සොයාගෙන එහි සඟවා තිබූ වස්තුව කුඩාකද් දොළහකින් කොළඹට රැගෙන ගිය බවට මත ඇත.
මහ මොහොට්ටාල තැන සිටියේ කොහේද?
{ "answer_start": [ 229 ], "text": [ "මඩුවන්වෙල නින්දගම් වලව්වේ" ] }
68a9190e-6c96-42f8-bd72-c2877f93e91b
බදුල්ල ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ නියුතු පොලිස් සැරයන්වරයෙක් මහමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණ කාන්තාවක නැවැත්වූයේය. එහිදී ඇයට රථවාහන ධාවනයේ වරදක් පෙන්වා ඇගේ රියැදුරු බලපත්‍රය ලබාගෙන තිබේ. එසේම ඇගේ දුරකථන අංකයද ලබාගත් ඔහු දඩ කොළයක් ලියා නොදී ඇයව පිටත් කර තිබෙන්නේ මෙය පසුව විසඳා ගනිමුයි එකඟතාවක් ඇති කරගනිමිනි. එම එකඟතාව අනුව ඇය ආපසු ගිය අතර කීප වතාවක් දුරකථනයෙන් ඇයව ඇමතූ සැරයන්වරයා රියැදුරු බලපත්‍රය ලබාගන්න නම් තමන් කියන තැනකට එන්නැයි බලකළේය. ඔහුගේ එම ඇමතුම් දුරකථනයේ පටිගත කරගත් මෙම කාන්තාව මෙම බලපෑම සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරියෙකුට පැමිණිලි කළාය. එසේම පටිගත කළ දුරකථන සංවාදවල පිටපතක්ද ලබාදුන්නාය. ඒ අනුව සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගනු ලැබිණ.
පොලිස් සැරයන්වරයා විසින් නැවැත්වූයේ කවුද?
{ "answer_start": [ 98 ], "text": [ "තරුණ කාන්තාවක" ] }
8387cab4-a273-499d-80bf-8391146ee252
ලොව බොහෝ රටවල නිරුවතින් සිටිය හැකි කලාප තිබේ. ඇතැම් රටවල වෙරළ තීර, උද්‍යාන, සමාජශාලා වැනි ස්ථානයන්හී නිරුවතින් හැසිරීමට නීතියෙන් බාධාවක් නොමැත. නිරුවතින් සිටීමට අවසරයක් නොමැති ප්‍රසිද්ධ ස්ථානයන්හි නිරුවතින් හෝ අඩ නිරුවතින් හැසිරීම සහ ඡායාරූප ගෙන සමාජ ජාලවලට මුදාහැරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ශ්‍රී ලංකාවේ ඉහත කී තරුණයන් මෙන් ලොව විවිධ ප්‍රදේශවල ප්‍රසිද්ධ ස්ථානයන්හි නිරුවතින් ඡායාරූප ගෙන නීතියේ රැහැනට අසුවූ බොහෝ පුද්ගලයන් පිළිබඳව පසුගිය කාලයේ වාර්තා විය. මැලේසියාවේ කිනබලු කන්ද ලෝක උරුම අඩවියක් ලෙස නම් කර ඇති කඳුවැටියකි. එමෙන්ම එය පූජනීය ස්ථානයක් ලෙසද සැලකේ. දස දෙනකුගෙන් යුතු කැනේඩියානු තරුණ තරුණියන් පිරිසක් මෙම කඳුවැටිය මුදුනේ සිට නිරුවත් ඡායාරූප ගෙන තම ෆේස් බුක් අඩවියේ පළ කළේ තමන්ගේ වීර ක්‍රියාවට ප්‍රේක්ෂක අවධානය හිමි වනු ඇතැයි සිතමිනි. අවසානයේ ඔවුනට සිදුවූයේ සිරබත් කෑමටය. ඔවුන් එම ඡායාරූප තම ෆේස් බුක් පිටුවේ පළ කළ දිනට දින කිහිපයකට පසු ඉන්දුනීසියාවේ විශාල භූමිකම්පාවක් සිදු විය. කැනේඩියානු ජාතිකයන් පිරිස කඳු මුදුනේ සිට නිරුවත් ඡායාරූප ගෙන සමාජ ජාලයන්හි පළ කිරීම හේතුවෙන් ශුද්ධ ස්ථානයකට කරන ලද අපහාසය නිසා මෙය සිදු වූ බවට එම ප්‍රදේශයේ බලධාරීන් විශ්වාස කිරීම හේතුවෙන් ඔවුන් කළ ක්‍රියාවට තදබල දඬුවම් හිමි වනු ඇතැයි එම සිදුවීම වාර්තා කළ පුවත්පත් වාර්තා කර තිබිණි.
කිනබලු කන්ද කුමන අඩවියක් ලෙස නම් කර ඇත්ද ?
{ "answer_start": [ 480 ], "text": [ "ලෝක උරුම අඩවියක්" ] }
209da7a3-d15b-4dd9-aa24-c492d9679977
ජෝ බයිඩන්, සිය දෙවැනියා සහ උපජනාධිපති ධුරය සඳහා තෝරා ගෙන ඇත්තේ කාන්තාවකි. මෙය සුවිශේෂී සිදුවීමකි. බයිඩන්, නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණය ජයගත්තොත්, ඇමෙරිකාවේ උප ජනපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙනු ඇත. උපජනපති ධුරය සඳහා බයිඩන් විසින් නම් කරනු ලැබ ඇත්තේ කමලා හැරිස් ය. 55 හැවිරිදි කමලා හැරිස්, ජැමෙයිකා සහ ඉන්දීය සම්භවයක් ඇති තැනැත්තියකි. ඇය නීතිවේදිනියකි. එමෙන්ම, කැලිෆෝනියා සෙනෙට් සභිකයෙකි. නොවැම්බර් ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනපති ධුර අපේක්ෂකයන් නම් කළ අවස්ථාවේ කමලා හැරිස් ද ඒ අතර වූවාය. කෙසේ නමුත් පසුබෑමට ලක් වෙද්දී, කමලා හැරිස් ජනපති සටනින් ඉවත් වූවාය. ඇය යළිත් වරක් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ ඔල්වරසන් මැද දේශපාලන වේදිකාවට පිවිසියේ ජෝ බයිඩන්ගේ ඇරැයුමිනි. ඒ, උපජනපති ධුරයට නම් කිරීමෙන් පසුවය. කැලිෆෝනියාවේ පළමු නීතිපති ධුරයට පත් කළු ජාතිකයා සහ කළු ජාතික කාන්තාව ලෙස සැලකෙන්නේ ද කමලා හැරිස් ය. දකුණු ආසියානු සම්භවයක් ඇති ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයට තේරී පත්වුණු පළමු සෙනෙට් මන්ත්‍රීවරිය වන්නේ ද කමලා හැරිස් ය.
ඇය ජනපති ධූරය සඳහා ඉදිරිපත් වූයේ කුමන පක්ෂයෙන්ද ?
{ "answer_start": [ 425 ], "text": [ "ඩිමොක්‍රටික් පක්ෂයෙන්" ] }
1c98582b-9c30-4b5c-9b5d-67059eae1b8a
එහෙත් මැරවරයන්ගේ කාර්යභාරය දේශපාලකයන් තමන්ගේ වාසියට යොදාගත්විට ගොඩනැගෙන්නේ වෙනම එකකි. පාතාලය ලෙසින් හැඳින්වෙන මේ මැරවරයන් සමග ගෝලබාලයෝ රැසක්ද සිටිති. ඔවුන් කිසිවෙක් කිසිවිටෙකත් නායකයාට ඉහළින් යන්නට හිතන්නේ වත් නැත. එසේ කළහොත් ජීවන ගමන එතනින් කෙළවර වනු ඇත. විශාල පිරිසක් සමග එක්ව පවත්වාගෙන යනු ලබන මෙම පාතාලය නඩත්තු කිරීමට නායකයින්ට විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. ඒ සඳහා ඔවුහු එක්කෝ කප්පම් ගනිති. නැතහොත් මංකොල්ල කති. එසේත් නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වෙති. ඇතැම් විට මේ සියල්ලම හෝ ඉන් කීපයක් කරති. මේ ක්‍රමවලට මුදල් ඉපයීමේදී ඔවුන්ට නීතියෙන් ගැලවී සිටීමට දේශපාලනඥයින්ගේ සහය ලැබෙන්නේ නම් මහත් රුකුලකි. දේශපාලනඥයන්ටද ඔවුන්ගෙන් කරගන්නට රාජකාරි බොහෝය. පාතාලය බිහිකරන්නේම දේශපාලනඥයා විසින් යැයි කිවහොත් එහි වරදක් නැත. මන්ද මෙරට පාතාල ලෝකයේ මුලින්ම නම ලියාපදිංචි කරනු ලැබු වල්පිට කංකානමලාගෙන් සුනිල් පෙරේරා නොහොත් ගෝනවල සුනිල් හැත්තෑව දශකයේදී ප්‍රදේශයේ චණ්ඩියෙක් ලෙස ප්‍රසිද්ධව සිටියද පාතාල නායකයෙක් ලෙස ප්‍රසිද්ධව සිටියේ නැත. ඔහු හැත්තෑව දශකයේ අගභාගයේදී හිරේ ගියේය. ඒ වෛද්‍යවරයෙකුගේ දියණිය දූෂණය කිරීමේ වරදටය. ඒ සම්බන්ධයෙන් අධිකරණයේදී වරදකරු වූ ඔහුට වසර පහලොවක සිරදඬුවම් නියම විය. ඔහු අභියාචනයක්ද ඉදිරිපත් කළ නමුත් එහිදීද ඔහු වරදකරු ලෙස තහවුරු කරමින් අභියාචනය ඉවත දමනු ලැබීය.
මෙරට මුලින්ම පතාලයේ නම ලියාපදිංචි කලේ කව්රුන්ද
{ "answer_start": [ 774 ], "text": [ "වල්පිට කංකානමලාගෙන් සුනිල් පෙරේරා" ] }
f912dfc8-5d50-42be-845a-6bb874f89eeb
මෙම සිතුවම මගින් වම්පසට ගමන් කරන ඇතෙකු පිට නැගි මානව රූපයක් නිරූපණය වෙයි. අසෙකු පිට යන යුරෝපිකයෙකු දුටු ආදිවාසී මානවයෙක් පිහිල්ලගොඩ ගල් ගෙයි ඇඳි සිතුවමක් පිළිබඳව සෙලිග්මාන් සිය වැද්දෝ කෘතියෙහි වාර්තා කරයි. ඒ අනුව සලකා බලන විට ඇතෙකු පිට නැගි පුද්ගලයෙක් දුටු ආදිවාසියෙක් එය මෙසේ සිතුවමට නැගුවා විය හැකිය. ලංකාවේ ආදිවාසී ජනයා අලි ඇතුන් හීලෑ කරගත් බවට සාක්ෂි හමු නොවේ. නමුත් සංගමන්කන්දේ මෙම ස්ථානය අවට අදටත් අලි ගැවසෙති. නිදැල්ලේ සැරිසරන අලි ඇතුන් අල්ලාගෙන මෙරට රාජ්‍ය අවශ්‍යතාවන්ට හා වෙළඳ කටයුතුවලට රැගෙන ගිය වගට තොරතුරු ඉතිහාසයෙහි සඳහන් වෙයි. සංගමන්කන්ද අවට ස්වභාවික පරිසරයෙන් අල්ලාගත් ඇතෙකු හීලෑකර රැගෙන යන ආකාරය දකින ආදිවාසියෙක් එය මෙලෙස සටහන් කර තබන්නට ඇත.
වැද්දෝ නම් කෘතියෙහි කතුවරයා කවුරුන්ද?
{ "answer_start": [ 162 ], "text": [ "සෙලිග්මාන්" ] }
d60a210f-341c-46f2-8576-0a761c1d8df7
පාරේ කිසිදු වාහනයක් නැත. තෝප්පූර් හන්දියෙන් මාවත දෙකට බෙදෙයි. වම් පසට හැරුණු විට සේරුවාවිල මාර්ගයයි. කෙළින්ම ඉදිරියට විහිදෙන්නේ වෙරුගල් පාරය. මඩකළපු මාර්ගය මෙය වුවද වෙරුගලින් ඔබ්බට යන්නට වෙරුගල් ආරුවේ පාලමක් නැත. සිවනාදන් අඳුරේම මට මගතොට තොරතුරු පවසයි. අපි තෝප්පූර් කඩමංඩියට පැමිණියෙමු. එකල කඩ තුන හතරකට වඩා නොතිබුණු ඒ පුංචි කඩ වීදිය පාළු ස්වභාවයක් ඉසිලීය. සුදෝ සුදු කින්නියා ගව රංචුවක් පාර පුරා ලැග ඉදිරි මග අවහිර කර තිබිණ. ඒ නැගෙනහිර ප්‍රදේශයට වියළි කච්චාං සුළං හමන සමයයි. එක්වරම පොළොව සූරාගෙන වේගවත් සුළං දහරාවක් ඇදී ආවේය. එඬේර පුසුඹ මුසු යෝධ දූවිලි රැල්ලක් අපේ ඇස් කන් නාස වසාගත්තේය. දුවන සුළඟ නිමේෂයකින් ඈතට ඇදී ගියේය. ගවයෝ කන්තල සලන්නට වූහ. පෝරනුවක පාන් පිලිස්සෙන සුවඳක් නාසයට හමා ආවේය. අඳුරු කඩ ලෑල්ලක් අස්සෙන් එළියක් දිස්වෙයි. සිවනාදන් ගොස් ලෑල්ලට තට්ටු කළේය. බේකරි හිමියා සිවනාදන්ගේ මිතුරෙකි. උණු උණුවේ සුවඳ හමන බනිස් සමඟ අපට තේ පැන් සංග්‍රහයක්ද ලැබිණ.
මාර්ගය අවහිර ලෙස පාරේ ලැග සීටියේ කවුද?
{ "answer_start": [ 376 ], "text": [ "ගව රංචුවක්" ] }
da25ccdb-c5e6-4e05-8cc1-0785c023d5ef
රිලා සේනාවක්ම ආවා අපිව ආදරෙන් පිළිගන්න. ඒ තරමටම අරන්කැලේ රිලවු ඉන්නවා. පැරුණි රජ දරැවන් දවස තෙක් ඉතිහාසයකට අප කැටුව යන පුරාවිද්‍යා සාක්ෂි අදටත් අරන්කැලේ භූමිය පුරා හැම අතම විහිදිලා. ඒ රජ දවසේ මතක සාක්ෂි ක්‍රිස්තු වර්ෂ 6වැනි සියවස දක්වා ඈත අතීතයකට අපව එක්ක යනවා. ඉතිහාසයේ ස්වර්ණමය යුගයක මතක දෑස් අබිමුවේ යළි යළිත් ජීවමාන කරන ගල් කුළුණක් කෙරේ වුවත් ඇති වෙන්නේ අතීත ප්‍රේමයක්. එදා යතිවරයාණන් වහන්සේලාට උණු පැනින් සැනහෙන්න ඉදිකර තිබූ පැන් පොකුණේ නටඹුන් අතීත රජ දරැවන්ගේ විකුම් අදටත් හිතේ දනවන්නේ විස්මයක්.
පැන් පොකුණක් ඉදිකර තිබුනේ ඇයි?
{ "answer_start": [ 399 ], "text": [ "උණු පැනින් සැනහෙන්න" ] }
3d662647-31c4-498f-bd26-cbcdfebb61c0
පුරුෂයන්ගේ ඇඳුම වශයෙන් රත‍්‍රන් බොත්තම් ඇල්ලූ සුදු පැහැති ජාතික බැනියම සහ වේට්ටිය වේ. පුරුෂ පක්ෂය රැකියාව සඳහා නිවසින් පිටත්ව යාමේදී තම ආගම අදහනු දැකගත හැකිය. කාන්තාවෝ රැකියාවක නිරත නොවන අතර, නිවසේ රැඳෙමින් දරු මුණුපුරන් ඇතිදැඩි කරමින්, නිවසේ වැඩකටයුතුවල නිරත වෙමින් කාලය ගත කෙරේ. සවස හය, හත අතර කාලයේදී විශේෂයෙන්ම කාන්තාවෝ ආගම සිහි කරති. එය දිනපතාම සිදු වන කටයුත්තකි. ඔවුහු ආහාර අනුභව කරන්නේ ද විශේෂිත වූ ආකාරයකට යැයි සිතේ. අතීතයේදී කෙසෙල් කොළේ බෙදා ගත් තෝසේ, වඩේ වැනි ආහාර නිවසේ සිටින සියලු දෙනාම එකට බිම වාඩි වී පරිභෝජනය කළහ. ඊට අමතරව බත් වැනි ආහාර මෙන්ම, මස් සහ මාළු අනුභව කිරීම සඳහා ද ඔවුහු වැඩි කැමැත්තක් දක්වති. වර්තමානයේ කෙසෙල් කොළයේ බෙදා ගෙන එකට ආහාර ගැනීමේ පුරුද්ද ඒ ආකාරයෙන්ම අනුගමනය කරනු දක්නට නොලැබේ. එසේ වුවත්, රාත‍්‍රී කාලයේ දී සියලු දෙනාම එකම වේලාවක ආහාර ලබා ගනිති.
රත‍්‍රන් බොත්තම් ඇල්ලූ සුදු පැහැති ජාතික බැනියම සහ වේට්ටිය යනු කා හට නිම වූ ඇදුම්ද?
{ "answer_start": [ 0 ], "text": [ "පුරුෂයන්ගේ ඇඳුම" ] }
56aa8f6c-31fd-4e2f-b087-3c3f5409c9be
මේ වනවිට බොලිවුඩයේ සිටින සූන්දරතම මව බවට පත්ව සිටින ෂාහිඩ් කපූර්ගේ බිරිඳ මීරා රාජ්පූත් පසුගියදා ඡායාරූප ගත කිරීමට එක්ව සිටි බවට තොරතුරු වාර්තා වේ. ඒ ජනප්‍රිය ඇඳුම් නිර්මාණකරුවෙකු වන මනිෂ් මල්හෝත්‍රා නිර්මාණය කළ අලුත් ඇඳුම් විලාසිතාවක් සඳහා පෙනී සිටිමිනි. ඇය එවැනි කටයුත්තකට දායක වු පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මේ වනවිට එම ඡායාරූප ගත කිරීමේ ඡායාරූප හා විඩියෝවක් අන්තර්ජාලයට යොමුව තිබේ. මෙම රූපගත කරන අවස්ථාවේදී ගත් ඡායාරූප කිහිපයක් මීරා සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇති අතර, එය බොලිවුඩ් නළුනිළියන්, ගායක, ගායිකාවන් මෙන්ම ප්‍රසිද්ධ ප්‍රද්ගලයන්ද යහපත් ප්‍රතිචාර දක්වා තිබුණද දකින්නට ලැබේ.
මෙම රූපගත කරන අවස්ථාවේදී ගත් ඡායාරූප කිහිපයක් මීරා සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇති අතර යහපත් ප්‍රතිචාර දක්වා තිබුණේ කවුරුන්ද?
{ "answer_start": [ 500 ], "text": [ "බොලිවුඩ් නළුනිළියන්, ගායක, ගායිකාවන්" ] }
7246329a-9e04-4891-94e3-be31d37bba69
ඉම්රාන් සහභාගි වූ පළමු ටෙස්ට් තරගය 1971දී එංගලන්තය සමඟ පැවැති තරගයයි. ඉන් වසර තුනකට පසු ඔහු පෲඩෙන්ෂල් කුසලානය සඳහා එංගලන්තය සමඟ පැවැති තරගය සඳහා එක්දින වරම් දිනා ගන්නට සමත් විය. එංගලන්ත අධ්‍යාපනය නිම කළ ඉම්රාන් 1976දී යළි පාකිස්තානයට පැමිණි අතර ජාතික කණ්ඩායමට එක් වී එහි නිත්‍ය ස්ථානයක් හිමි කර ගැනීමට සමත් විය.1976 - 77 ක්‍රීඩා වාරයේ ඔස්‌ට්‍රේලියාවේ හා නවසීලන්තයේ සංචාරය කළ පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම ඉන්පසු බටහිර ඉන්දීය කොදෙව්හි සංචාරයක නිරත වූහ. එම සංචාර ඉම්රාන්ගේ පළමු විදේශ සංචාර විය. 1978දී ඕස්ට්‍රේලියාවේ පර්ත්හි පැවැති වේග පන්දු තරගාවලියකදී ඉම්රාන් තමා ලොව සිටින වේගවත්ම පන්දු යවන්නන්ගෙන් එකෙකැයි සනාථ කළේය. පැයට කිලෝමීටර 139.7 වේගයෙන් පන්දු යැවූ ඔහු වේගපන්දු යවන්නන් අතර තුන් වැනි ස්ථානය දිනා ගත්තේය. පළමු ස්ථානය ජෙෆ් තොම්සන්ටද දෙවැනි ස්ථානය මයිකල් හෝල්ඩිංටද හිමි විය. එවක නම් දැරූ වේග පන්දු යවන්නන් වූ ඩෙනිස් ලිලී, ගැරත් ල රූක්ස්, ඇන්ඩි රොබට්ස් වැනි ක්‍රීඩකයන් පරාජය කිරීමට ඉම්රාන් සමත් විය.
එංගලන්තයේ අධ්‍යාපනය නිමකර යළි පකිස්තානයට පැමිණියේ කුමන වසරේදීද?
{ "answer_start": [ 211 ], "text": [ "1976දී" ] }
4763d28c-17d7-4510-b9ae-924abd23022a
දඟකාර පුංචි දැරියක වූ ගිටා වයස අවුරුදු දෙකහමාරක් වන තුරු නිරෝගීව සිටියාය. ඇය උපත ලැබුවේ 1957 වසරේ දීය. ඒ වන විට ඔවුන් පදිංචිව සිටියේ ඉන්දියාවේ ගුජරාටි ප්‍රදේශයට අයත් ගමකය. ඔවුන්ගේ නිවස පිහිටියේ බැතිමතුන් යන ගිරිනර් කඳුවැටියට ආසන්නවය. එහි වාර්ෂිකව පැවැත්වෙන උත්සවය නම්කර තිබුණේ ගිර්බි උත්සවය යනුවෙනි. එම උත්සවයේ විශේෂත්වයක් වූයේ නැටුම් සංදර්ශනයක් පැවැත්වීමය. ගිටා පුංචි දැරියක් වුවද එම නැටුම් සංදර්ශනය නැරඹීමට මහත් ආශාවක් දැක්වුවාය. මාපියන් සමග එය නැරඹීමට යෑම ද ඇගේ සිරිත වූවාය. අවසන් වරට ඇය එම නැටුම් දර්ශනය නැරඹුවේ වයස අවුරුදු දෙකහමාරේදී. නැටුම් දර්ශනය නරඹා මාසයක් ගතවීමෙන් පසු දිනක් ඇය රෝගී වූවාය. ඇයට තදබල ලෙස උණ රෝගය වැලඳී තිබිණි. දින කීපයක් පැවැති රෝගී තත්ත්වය සරම්ප රෝගය ලෙස හඳුනා ගැනිනි. ඇයට වෛද්‍ය ප්‍රතිකාර සිදුකළ නමුත් දින පහක් ගත වන විට අසාධ්‍ය තත්ත්වයට පත් විය. පස් වැනි දිනයේ ඇගේ මාපියන් බලාපොරොත්තු නොවූ පරිදි ඇය ජීවිතයෙන් සමුගෙන ගියාය. ඇගේ මරණය සිදුවූයේ 1959 ඔක්තෝබර් 10 වැනිදාය.
දඟකාර පුංචි දැරියක වූයේ කවුද?
{ "answer_start": [ 22 ], "text": [ "ගිටා" ] }
2dc608a0-4678-4797-9b22-026c452f45be
නිම්රත් කවුර් ඉපදුණේ 1982 මාර්තු 13 දා රාජස්තානයේ පිලානිහි සික් පවුලකය. ඇගේ පියා යුද හමුදා නිලධාරියෙකු වූ අතර 1994 දී ඔහු කාශ්මීර් ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන මරා දමනු ලැබිණි. ඉනික්බිතිව ඇගේ මව, නිම්රත් සහ නැගණිය රූබිනා දිල්ලියේ තදාසන්න ප්‍රදේශයක පදිංචියට ආහ. දිල්ලි පොදු පාසැලින් ඉගෙනුම ලැබූ ඇය ශ්‍රී රාම් විශ්ව විද්‍යාල කොලීජියට ඇතුළත් වී වාණිජ අංශයෙන් උපාධිය ලබා ගත්තාය. ඇය ක්ෂේත්‍රයට පිවිසියේ නිරූපිකාවක ලෙසිනි. පසුව වේදිකා නාට්‍යවලට එක් වූවාය. බැග්ඩෑඩ් වෙඩින්, ඕල් අබවුට් විමෙන්, රෙඩ් ස්පැරෝ ආදිය ඒවායින් කිහිපයකි. ඇය අනුරාග් කාශ්‍යප් ගේ පෙඩ්ලර්ස් චිත්‍රපටියේ රඟ පෑවේ හින්දි චිත්‍රපටි කිහිපයක රඟ පෑමෙන් අනතුරුවය. ඇය රසිකයන් අතර නම රඳවා ගත්තේ එම චිත්‍රපටියෙනි. ද ලන්ච් බොක්ස් චිත්‍රපටියේ ඇය රඟ පෑ චරිතයට සම්මාන ද ලැබිණි. 2016 එයාර්ලිෆ්ට් චිත්‍රපටියේ රඟ පෑවාට පසුව කලක් නිහඬව සිටි ඇය 2022 දී දාස්වි චිත්‍රපටියෙන් නැවත කළඑළි බැස්සාය. නිසි අධ්‍යාපනයක් නොලත් දේශපාලනඥයෙකු වටා ගෙතුණ කතාවක් සහිත මේ චිත්‍රපටියේ අභිෂේක් බච්චන් සහ යාමි ගෞතම් ද රඟ පාන්නීය. නිම්රත් රඟ පාන්නේ බිම්ලා දේවි නම් වන මහ ඇමතිවරියක ලෙසිනි.
ඇය උපාධිය ලබා ගත්තේ කුමන අංශයෙන්ද?
{ "answer_start": [ 343 ], "text": [ "වාණිජ අංශයෙන්" ] }
2565e27e-064f-4c13-861c-56fdbce8fba2
පාපැදිය යනු චීනයේ ඉතාමත් ප්‍රසිද්ධ උපකරණයකි. ස්මාට් ජංගම දුරකථනයට පසු චීන වැසියාගේ දෛනික ජීවිතයට වැඩි වශයෙන් බලපෑම් කරන උපකරණය නම් බයිසිකලයයි. ඊළඟට සබ් වේ නමින් හඳුන්වන උමං දුම්රිය සේවයයි. ඔබ චීනයේ කුමන ප්‍රාන්තයක කවර නගරයක සංචාරය කළ ද මාර්ග දෙපස සිය ගණනින් ගාල්කර ඇති විවිධ වර්ණයෙන් යුතු බයිසිකල් දැකිය හැකිය. පෙර සඳහන් කළ පරිදි මාර්ග තදබදය අවම කිරීම සඳහාත් නගර වායු දූෂණය අවම කිරීම සඳහාත් බයිසිකලය ප්‍රයෝජනවත් ලෙස පාවිච්චි කරන රටවල් අතර චීනය පෙරමුණේම පසුවෙයි. චීනයේ පාපැදි හුවමාරු වැඩසටහන් ඒ ඒ ප්‍රාන්ත ආණ්ඩු මගින් මෙහෙයවන අතර එය නගර වායු දූෂණය අවම කිරීමේ සාර්ථක ක්‍රමෝපායක් නිසා චීන මධ්‍යම ආණ්ඩුව ඒ වෙනුවෙන් විශේෂ දිරිගැන්වීම් ලබාදෙයි. තවද චීනයේ මහා මාර්ගවල පාපැදි ධාවනය වෙනුවෙන් වෙන්කළ වෙනම මංතීරු ද දැකිය හැකිය.
චීනයේ ඉතාම ප්‍රසිද්ධ උපකරණයක් වූයේ කුමක්ද?
{ "answer_start": [ 0 ], "text": [ "පාපැදිය" ] }
54d78d49-36da-4ec3-86a7-e9c3fd74e405
විශේෂ උත්සවයකට සහභාගී වෙමින් සිටිද්දී, බෝම්බ බියක් හේතුවෙන්, ඇමෙරිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ සැමියා ඩග්ලස් එමෝෆ් වහා ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ. ඩග්ලස් එමෝෆ් සහභාගී වෙමින් සිටියේ, වොෂින්ටනයේ උසස් පාසලක පැවැති අප්‍රිකානු ඇමෙරිකානු සංස්කෘතික උළෙලකටය. පාසලේ බෝම්බයක් ඇති බවට ආරක්ෂක අංශ වෙත තොරතුරක් ලැබීමත් සමඟ ආරක්ෂක අංශ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී, ඩග්ලස් එමෝෆ් ඔහු සිටි ශාලාවෙන් ඉවතට රැගෙන ගිය බවත් පාසලේ සිසු සිසුවියන් ඇතුළු සියලු දෙනා ද ආරක්ෂිත ස්ථාන වෙත යැවීමට කටයුතු කළ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
කමලා හැරිස්ගේ සැමියාගේ නම කුමක්ද?
{ "answer_start": [ 104 ], "text": [ "ඩග්ලස් එමෝෆ්" ] }
899ad95b-a427-42bf-bfda-fad7005ad9a6
මුලින් ගම්පොළ ප්‍රදේශයෙන් ඇරඹුණ ද පසුව ලංකාව පුරා ව්‍යාප්ත වන්නට නිත්‍ය වාහකයා වුණේ කටකතාය. මේ තත්ත්වය මත රට පුරා මහත් නොසන්සුන් ව්‍යසනකාරී තත්ත්වයක් උදාවූයෙන් එය මැඩලීම සඳහා ඉංග්‍රීසි පාලකයෝ නොගත් උත්සාහයක් නැත. එහෙත් මෙයට වඩා කටකතා ප්‍රබල වී කැරලිකෝලාහල තත්ත්වය උත්සන්න වීම තුළ කුපිත වූ ඉංග්‍රීසි පාලකයෝ රට පුරා යුද්ධ නීතියක් හෙවත් කුප්‍රසිද්ධ මාර්ෂලෝ එක ක්‍රියාත්මක කරමින් තත්ත්වය සමථයකට පත් කිරීමට යත්න දැරූහ. මාර්ෂ ලෝ එක නිසා සිංහල මිනිසුන් ගණනාවක්ම ඉංග්‍රීසි වෙඩි උණ්ඩයටත් බිලි වූහ. කෝලාහල තත්ත්වයේ උත්සන්න අවස්ථාව එසේ තිබියදී ගම්පොළ මහනුවර ප්‍රදේශවලින් කැරලි ගණනාවක්ම ඒකාබද්ධව කෑගල්ල හරහා කොළඹ දෙසට එන්නට පටන් ගත්තේ අතරමග දී හමුවන සියලුම පල්ලි සහ ඒ හා සම්බන්ධ දේපොළ විනාශ කරමින්ය. මෙයට සහාය පළකරමින් කෑගල්ල සහ ඒ අවට තදාසන්න පෙදෙස්වල ජනතාව ද එකී කැරලි රංචුවලට එකතු වන්නට වූහ.
ඉංග්‍රීසි පාලකයෝ රට පුරා ක්‍රියාත්මක කල යුද්ධ නීතිය හදුන්වන නම කුමක්ද?
{ "answer_start": [ 346 ], "text": [ "මාර්ෂලෝ" ] }
642b4505-4f45-4340-aa54-130c694ec998
රාජ වාංශිකයන් සහ සුපිරි ජනප්‍රිය නිළියන් අතර ඇතිවන පෙම් කතා කාලයෙන් කාලයට මතුවන්නේ ලොව බොහෝ දෙනාගේ අවධානය දිනා ගනිමිනි. ජැකලින් ෆර්නැන්ඩස් නම්වූ ශ්‍රී ලාංකික බොලිවුඩ් තරුවද මීට වසර කිහිපයකට පෙර රජ කුමරෙකුට පෙම් බැන්දාය. දැන් ඒ කතාව අතීතයට එක්වී තිබේ. එවැනි පෙම් කතා රැසකි. සමහර කතන්දර කෙළවර වූයේ විවාහයෙනි. කැඩුණු බිඳුණු පෙම් කතාද රැසකි. ජැකලින් පෙම් බැන්දේ බහරේන් රාජ්‍යයේ රජ කුමරෙකු වන ෂෙයික් හසන් බින් රෂිඩ් අල් කලිෆාටය. වසර 2ක සබඳකමකින් පසුව දෙදෙනා 2011 දී වෙන්වූහ. කෙසේ වෙතත් මීට වසර කිහිපයකට පෙර ඇය ප්‍රකාශ කර තිබුණේ, තමන් ෂෙයික් හසන්ව හඳුනාගෙන සිටියේ කුඩා කාලයේ සිට බවය. ඔහු දැන් විවාහකයෙකු යැයි ඇය තවදුරටත් ප්‍රකාශ කර තිබුණි.
ජැකලින් පෙම් බැන්දේ කාටද?
{ "answer_start": [ 388 ], "text": [ "ෂෙයික් හසන් බින් රෂිඩ් අල් කලිෆාටය" ] }
2942fa08-805a-4c68-8202-5c5629f18f97
සන්නිවේදන පද්ධති සහ තොරතුරු තාක්ෂණ, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති, රොබෝ තාක්ෂණ හා පද්ධති පාලනය, විද්‍යුත් තාක්ෂණ සහ මෙවලම්කරණය, අධි වෝල්ටීයතා ඉංජිනේරු විද්‍යාව, විදුලි යන්ත‍්‍ර සහ ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව හා නිනිති තාක්ෂණය යන ක්ෂේත‍්‍ර ව්‍යාපෘති නිර්මාණ ප‍්‍රධාන වශයෙන් ඉදිරිපත් කෙරිණි. සම්මේලනයේ ආරම්භක සැසියේදී ප‍්‍රධාන දේශනය නිනිති ඉලෙක්ට‍්‍රා්නික විද්‍යාව හා සන්නිවේදනයේ නවමු ප‍්‍රගමන පිළිබදව එක්සත් රාජධානියේ සරේ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රවි සිල්වා මහතා විසින් පවැත්වූ අතර ඉංජිනේරු පීඨයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී මහාචාර්ය ජනක ඒකනායක මහතා විසින් ‘ස්මාර්ට් ග්රිඞ්’ තාක්ෂණය බලගැන්වීම පිළිබ`දව දේශන පැවැත්විණි. එහිදී අමාත්‍ය කබීර් හෂීම් මහතා පර්යේෂණ ක්ෂේත‍්‍රයේ ජාතික සංවර්ධනය පිළිබඳව අදහස් දැක්වූ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලය පර්යේෂණ ක්ෂේත‍්‍රය නැංවීමට සඳහා සිදුකර ඇති කාර්යභාරය පිළිබඳව ඇගයීමටද ලක් කළේය.
මහාචාර්ය ජනක ඒකනායක මහතා විසින් පැවැත්වූ දේශනය කුමක්ද?
{ "answer_start": [ 587 ], "text": [ "‘ස්මාර්ට් ග්රිඞ්’ තාක්ෂණය බලගැන්වීම පිළිබ`දව" ] }
f23aa38d-8382-4477-bf6c-edb6f4b7fd23
කොල්ලුපිටියෙ බෙයාෆුට් කැෆේ එකේ තියෙන එක විශේෂයක් තමයි එළිපහලියේ ඉඳන් නිදහසේ කෝපි උගුරක් බොන්න පුළුවන් වීම. මේක කෝපිවලටම විශේෂම නැතත් මේකෙ කෝපි ෆ්‍රැපේ එකට මිනිස්සු ආසයි. ඒ වගේමයි මේකෙ තියෙන චීස් සැන්ඩ්විච් එක. ඒ දෙකම නැගල යනව කියල තමයි මේකට ගිය කට්ටිය කියන්නෙ. අපිට නං යන්න බැරිවුනා. කෑම බීම එක්ක මික්ස් වෙලා යන ලයිවු ප්ලේ කරන ජෑස් සංගීතයටත් කට්ටිය කැමතියි. මේක සෝෂල් මීඩියා අතරෙ ඉන්න තරුණ තරුණියොන්ට නුපුරුදු කඩයක් නෙමෙයි. සෝෂල් මීඩියා වැඩවලට කවදත් ස්පොන්සර් කරන මේ කඩේ ප්‍රසිද්ධ කෝපි කඩයක් වුනාට මේකෙ රසම දේ තමයි බීෆ් බර්ගර්. උදේ හතේ ඉඳන් රෑ දොළහ වෙනකං කඩේ ඕපන්. උදේ කැමටත් කට්ටියගෙ ලයික් එක උපරිමෙන් තියෙනවා. ඔරියෝ චීස් කේක් එක වගේම කෝපි එකටත් උපරිම ලකුණු දෙන්න පුළුවන්. තියෙන්නෙ වෝඩ් ප්ලේස් එකේ. ගනං චුට්ටක් වැඩියි. ගොඩක් වැඩිත් නෑ. මධ්‍යමත් නෑ.
මෙම කඩේ රසම දේ කුමක්ද?
{ "answer_start": [ 515 ], "text": [ "බීෆ් බර්ගර්" ] }
c564dd62-b82d-40a8-953e-cb33b1fd022c
පූර්ණභව පර්යේෂණවලදී අතිශය පුදුම අයුරින් පෙර භවය හෙළි කළ දරුවන් පිළිබඳව අනාවරණය වේ. බොහෝ දරුවන් පෙරභව මතකය අවදි කරනු ලබන්නේ බහ තෝරන වියේදීය. එහෙත් වැඩි වියට පත්වීමෙන් පසු පෙර භවය හෙළි කළ අවස්ථා ඉතා දුර්ලභය. එවැනි අතිශය පුදුම උපදවන පෙර භවයන් පිළිබඳ හෙළි කළ දැරියක් උපත ලැබුවේ තායිලන්තයේදීය. තායිලන්තයේ පුනර්භව පර්යේෂණයන් මවිතයට පත් කළ එම දැරිය උපත ලැබුවේ 1944 වසරේදීය. ඇගේ පෙර භව මතක සටහන් අනාවරණය කරනු ලැබුවේ ඇය දස වැනි වියේ සිටියදීය. ඉත්තානු යනුවෙන් නම් ලද එම දැරිය ඉතා කුඩා අවදියේ සිට ආගම දහමට ළැදියාවක් දැක්වූ දැරියක වූවාය. ඇගේ දෙමාපියන් අනාවරණය කළ පරිදි ඇය වයස අවුරුදු දහයේ පමණ සිට භාවනාවට හුරු වී සිටීම විශේෂත්වයක් විය. භාවනා කිරීම සඳහා ඇය භාවනා මධ්‍යස්ථාන වෙත යෑමට ද පුහුණුව සිටියාය. මේ නිසා ඇය දෙමාපියන් නොසිතූ පරිදි සිල් මාතාවක බවට ද පත්වූයේ තරුණ වියට පා තැබීමටත් පෙරය.
බොහෝ දරුවන් පෙරභව මතකය අවදි කරන්නේ කිනම් කාලයේද?
{ "answer_start": [ 123 ], "text": [ "බහ තෝරන වියේදීය" ] }
08609358-1f8b-4cdd-b492-799edf35df77
ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා හි පතල් අපද්‍රව්‍ය එකතුවන බර්ක්ලි වළට පැමිණෙන සංචාරක කරුල්ලන් දහස් ගණනක් එහි අඩංගු විෂ හේතුවෙන් මියයන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශීත සෘතුව ආරම්භවීමත් සමග මෙලෙස සංක්‍රමණය වන පක්ෂීන් වසර ගණනක සිට බර්ක්ලි වළට පැමිණෙමින් සිටි බවත් වෙනත් වසරවල දී ද සුළු පිරිසක් මියයන බවත් පරිසරවේදීහු පවසති. එසේ වුව ද මෙවර දහස් ගණනින් පක්ෂීන් මියයාම කණගාටුදායක දසුනක් බව ද ඔවුහු පවසති. පසුගිය සතියේ දී බර්කිල් වළට සංක්‍රමණික කුරුල්ලන් 25,000ට වැඩි පිරිසක් ගොඩ බැස්ස බව පරිසරවේදීන්ගේ ඇස්තමේන්තු අනුව පැවසේ. ඒ අතරින් දහස් සංඛ්‍යාත පිරිසක් මියගොස් සිටිති.
සංක්‍රමණය වන පක්ෂීන් වසර ගණනක සිට බර්ක්ලි වළට පැමිණෙන්නේ කුමන කාලයේද?
{ "answer_start": [ 163 ], "text": [ "ශීත සෘතුව ආරම්භවීමත් සමග" ] }
54de7e0d-2237-4dd2-b9a2-1814e42dce9e
පසුව ඔහු රාජන් හමුවී ගුටිබැට හුවමාරු කරගන්නා ලදී. එහිදී රාජන්ට කමලිනීගේ අනියම් පෙම පිළිබඳ කියැවුණි. ඉන් කෝපාවිශ්ඨ වූ කපිල විසින් රාජන් මරණයට පත් කරන ලදී. පසුව නිවසට පැමිණ කමලනීට පොරෝ පහරක් දී අලුත උපන් දරුවාද මරා දැමුවේ තම ප්‍රථම දරුවා සහ මිත්තණිය නිවසේ නොසිටි නිසාවෙනි. මිනීමැරුම් චෝදනාව මත කපිල අද සිරබත් කන්නේය. මිනිස් ජීවිත දෙකක් සමග මෙලොව එළිය දුටු කිරිකැටියකුද අවසන් ගමන් ගොස් ඇත. තවද තම දෙමාපියන් අහිමිව කපිලගේ ප්‍රථම දරුවා මිත්තණිය සමග වැඩෙන්නේය. ක්ෂණික ආකර්ෂණය මත අනියම් සබඳතා පැවැත්වීමට බොහෝ විවාහක කාන්තාවන් යොමු වන්නේ තම සැමියාගෙන් ලැබිය යුතු ආදරය හා ලිංගික ජීවිතය නොලැබෙන නිසාමත් නොවෙයි. පසුගිය මස මහ පාරේ ඝාතනයට ලක්වූ කාන්තාවකට තම සැමියා සිටියදී තවත් අනියම් සැමියන් දෙදෙනෙක් සමග සම්බන්ධතා පැවැත්වීය එවැනිම සිද්ධීන් මීට පෙරද වාර්තා වුණි.
කමලිනි සහ කුඩා දරුවා ඝාතනය වන විට නිවසේ නොසිටියේ කවුද?
{ "answer_start": [ 223 ], "text": [ "ප්‍රථම දරුවා සහ මිත්තණිය" ] }
33d16a4f-8e6c-4393-8ffb-b8bc829799f1
ඉන්දියානු කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියාවේ තෙවැනියට උසස්ම සම්මානය වන පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලබා තිබේ. ලුතිනන් කර්නල්වරයකු ලෙස ගරු පදවියක් හිමි දෝනි, සම්මාන උත්සවයට පැමිණ සිටියේ සිය හමුදා නිල ඇඳුමින් සැරසීගෙනය. ජනාධිපති රාම් නාද් කෝවින්ද් අතින් රාෂ්ට්‍රපති භවනේදී පසුගිය සඳුදා ඔහු එම සම්මානය ලබා ගත්තේය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම නායකයා වශයෙන් පිළිගැණෙන දෝනි අයිසීසී ලෝක කුසලානය, 20 විස්ස ලෝක කුසලානය සහ චැම්පියන්ස් කුසලානය වැනි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සියලු ශූරතා දිනා ගන්නා ලද එකම නායකයා වේ. එමෙන්ම ටෙස්ට් තරගාවලි රැසක්ම ජය ගත් නායකයා වන්නේද ඔහුය.
මහේන්ද්‍ර සිං දෝනි පිදුම් ලැබුවේ කුමන සම්මානයෙන්ද?
{ "answer_start": [ 85 ], "text": [ "පද්ම භූෂණ සම්මානයෙන්" ] }
60c1ac8f-fce7-42d3-9cfc-201914315a79
අවුරුදු 68කට පසු දැකිය හැකි විශාලම සහ දීප්තිමත්ම චන්ද්‍රයා සඳුදා (14) රාත්‍රී අහසේ දැකිය හැකි බව නාසා ආයතනය පවසයි. මෙය සුපිරි සඳ ලෙස හඳුන්වයි. මෙවැනි දිනයක පායන හඳ සාමාන්‍ය පසලොස්වක දිනයක හඳට වඩා සියයට 14ක විශාලත්වයකින් සහ සියයට 30ක දීප්තියකින් වැඩි බව එම ආයතනය කියයි. මෙම අවස්ථාව විස්තර කරමින් නාසා ආයතනය පවසන්නේ චන්ද්‍රයා පෘථිවියට වෙනදාට වඩා ආසන්නයෙන් ගමන් කරන බවයි. අවුරුද්දකදී අවස්ථා කිහිපයක් චන්ද්‍රයා පෘථිවියට ලඟින් ගමන් කරන අතර හෙට දිනයේ විශේෂ අවස්ථාවක් බවත් මෙවැනි අවස්ථාවක් මීට පෙර උදාවී ඇත්තේ 1948 වර්ෂයේදී බවත් ඔවුහු පවසති. නැවත මෙවන් අවස්ථාවක් දක්නට ලැබෙන්නේ 2034 නොවැම්බර් 25 වැනිදාය.
මෙවැනි දිනයක පායන සඳ සාමාන්‍ය පසලොස්වක දිනයක හඳට වඩා කොපමණ විශාලත්වයකින් හා දීප්තියකින් වැඩිද?
{ "answer_start": [ 196 ], "text": [ "සියයට 14ක විශාලත්වයකින් සහ සියයට 30ක දීප්තියකින්" ] }
267baf13-aba8-4d0a-bf9c-58ee48a8e0bc
දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන් ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබියදී ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රාන්තයේ බටහිර ත්‍රිපුර පරිපාලන දිස්ත්‍රික්කයේ පැවැති විවාහ මංගල්‍යය උත්සව දෙකක් පොලිසියේ මැදිහත් වීමෙන් නවතා දමා ඇත. බටහිර ත්‍රිපුර දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයාගේ මැදිහත්වීමෙන් මෙම විවාහ මංගල්‍යය උත්සව දෙක නවතා දමා ඇති අතර මෙම විවාහ මංගල්‍යය උත්සව දෙකට විශාල පිරිසක් සහභාගී වී සිට ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පියවර නොගැනීම සම්බන්ධයෙන් මෙම දිස්ත්‍රික්කයේ අයි.ඒ.එස් නිලධාරියා වන සයිලේෂ් කුමාර් ප්‍රදේශ භාර පොලිස් නිලධාරීන්ට දැඩි ලෙස දොස් නගා ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
විවාහ මංගල්‍යය උත්සව දෙකක් පොලීසිය විසින් නවතා දැමුවේ ඉන්දියාවේ කුමන ප්‍රාන්තයේද?
{ "answer_start": [ 84 ], "text": [ "ත්‍රිපුර" ] }
5b49bcdd-273c-4e24-a10f-2b45718895eb
ඇහැළේපොළ පළමුවන අදිකාරම් පදවිය ද පිළිමතලාවේ දෙවෙනි අදිකාරම් පදවිය ද දැරූ නමුත් එය සිංහාසනයේ ආරක්ෂාවට තර්ජනයක් යැයි සිතූ රජතුමා දෙවැනි අදිකාරම් තනතුර ඇහැළේපොළ විරෝධියෙකු වූත් ලෙව්කේගේ ඥාතියකු වූත් සමනක්කොඩිට පැවරීය. රජතුමා ලෙව්කේ හට ඉඩම් ප‍්‍රදානය කිරීමේ හේතුවෙන් ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් ක‍්‍රි.ව. 1745 දී අලංකාර කැටයමින් යුතු රෝද යුගයක් මත නංවන ලද කාලතුවක්කුවක ආකෘතියක් තනා එය පිරිනැමූ දිනය ද ඒ මත කොටා රජු හට පරිත්‍යාග කළේය. 1765දී ලන්දේසීන් මහනුවර ආක‍්‍රමණය කළ විට මෙම කාලතුවක්කුව ලන්දේසි ආණ්ඩුකාරයා වූ බැරන් වෑන් එක් විසින් අයිති කරගෙන එහි අලංකාර බව සලකා ඕලන්දයේ රජු වූ 5 වන විලියම් කුමාරයා හට යැවීය. ඕලන්දයේ රික්ස් කෞතුකාගාරයේ එය ප‍්‍රදර්ශනයට තබා ඇති අතර එහි ආකෘති කොළඹ කෞතුකාගාරයේද, ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේද ප‍්‍රදර්ශනයට තබා ඇත. ලෙව්කේ දැඩි බෞද්ධ භක්තිමතකු ද වූ අතර උපසම්පදාව යළි ලංකාවේ පිහිටුවීම සඳහා උනන්දුවකින් කටයුතු කළ අයෙකි. වරක් බෞද්ධ විරෝධී ග‍්‍රන්ථ රචනා කරන ලදැයි පූජකයන්ට චෝදනා එල්ල වූ අතර 1745 අප්‍රේල් 16 වන දිනට යෙදුණ මහ සිකුරාදා දින ලෙව්කේ හා ශ්‍රී සරණංකර හිමියන් ඇතුළු විනිශ්චය සභාවක් විසින් ඒ පිළිබඳ පූජකයන්ගෙන් ප‍්‍රශ්න කර තිබේ.
දැඩි බෞද්ධ බැතිමතෙක් වූයේ කවුද?
{ "answer_start": [ 741 ], "text": [ "ලෙව්කේ" ] }
d0de855c-7ffc-4c45-b698-b91388d8f710
එහිදී ඇමෙරිකාවේ අභ්‍යන්තර අර්බුදවලට වඩා ජනපති බයිඩන්ගේ වැඩි අවධානය යොමු වූයේ යුක්රේන රුසියානු යුද්ධය කෙරෙහිය. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඒකාධිපති නරුමයකු ලෙස හඳුන්වාදීමට ද ඇමෙරිකන් ජනාධිපතිවරයා අමතක නොකළේය. ලෝකයට යුද්ධයක් අවශ්‍ය නැති බවත්, යුක්රේන වැසියන්ගේ නිදහස අහිමි කිරීමට රුසියන් ජනාධිපති පුටින් ගන්නා උත්සාහය අසාර්ථක වනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවැසීය. රුසියන් ජනාධිපති පුටින්, මේ වනවිට මුළු ලෝකයේම අප්‍රසාදයට පත් වී සිටින බවත්, යුක්රේනයට එරෙහිව පුටින් ගෙන යන සටන ඔහුගේ අවසානය වනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා කොංග්‍රස් මණ්ඩලය හමුවේ පැහැදිලි කළේය.
රුසියන් ජනාධිපති පුටින්, මේ වනවිට මුළු ලෝකයේම අප්‍රසාදයට පත් වී සිටින බවත්, යුක්රේනයට එරෙහිව පුටින් ගෙන යන සටන ඔහුගේ අවසානය වනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා පැහැදිලි කළේ කුමන මණ්ඩලය හමුවේද?
{ "answer_start": [ 546 ], "text": [ "කොංග්‍රස් මණ්ඩලය හමුවේ" ] }
28970993-c02b-4c61-a5fb-d0d16bf64bcf
ඉන්පසු මඩු මාතාවන් තමන්ගේ පිහිට පතා එන වන්දනාකරැවන්ට පිහිට වන්නට පටන් ගන්නවා. එකල වනසතුන් අලින් වලසුන් ගෙන් ගහණ මේ වනගත ප්‍රදේශය හරහා යන එන වෙළෙන්දන් මගියන්ට සිදුවුණු උවදුරැවලදී මඩු මාතාවගේ පිහිට යැදීමෙන් පසු ඒවා දුරැ වූ බව විශ්වාස කරනවා. රෝග පීඩාදිය ඇතිවූ අවස්ථාවේදී මඩු මාතාවන්ට කන්නලව් කිරීමෙන් ලද සහන වැඩියි කියලත් ඔවුන් සිතනවා. මේ නිසා මඩු පල්ලියේ යශෝරාවය ශ්‍රී ලංකාව දස දෙස පැතිරෙන්නට වූයෙන් වර්ෂයක් පාසා අගෝස්තු මස පවත්වන මඩු මංගල්‍යයට දස දෙසින් වන්දනාකරැවෝ එන්නට පටන් ගන්නේ ඒ නිසයි. මෙසේ ජනී ජනයා අතර ප්‍රචලිත වූ මඩු දේවස්ථානය සඳහා මන්නාරම විනිශ්චයාසනයේ ලේකම් මොයිස් මහතා විසින් 1823 දී මැටියෙන් වඩා විශාල මැදුරක් තනවන්නට කටයුතු කරනවා. ඒ අනුව ලංකාවට පැමිණ ජුසේවාස් පියතුමා ද මඩු දේවස්ථානය වන්දනා කළ බව පැවසෙනවා. අපි දකින මේ මඩු දේවස්ථානය 1872 දී තනා නිමකළ එකක්. එය සෑදවීමට මුල් වූයේ 1868 දී අගරද තනතුරට පත් බොන්වින් නමැති පියතුමාය.
මන්නාරම විනිශ්චයාසනයේ ලේකම් කවුද?
{ "answer_start": [ 568 ], "text": [ "මොයිස් මහතා" ] }
84bce832-739c-46b0-a195-1fd7c4c9fef1
යමක් කළ හැකි කාලයේ කාට කාටත් ඔබේ වටිනාකම දැනේ. කවුරු කවුරුත් ඔබ වටා වටවේ. කවුරුත් ඔබව සොයා ගෙන එයි. බැරි වූ කල දැනෙන වටිනාකමක් ද නැත. වටවෙන කෙනෙක් ද නැත. මේ ලෝකයේ ස්වභාවය එයයි. බොහෝ අය අත්විඳින, අත්දකින වේදනාව ඒ තුළ තිබේ. කායිකව නිරෝගීව සිටි කාලයේ ලැබුණු සෙවණ, වයසට ගිය දාට බොහෝ අයට නැත. වයසට යන විට ලැබෙන තනිකම, කොන්වීම, හුදෙකලාව පිළිගන්නට සූදානම් කීයෙන් කීදෙනාද? තමාට පුළුවන් කාලයේ කළ කී දෑ සිහියට නැගෙන විට, ඇති වන දුක සුළු පටු නැත. ලෝකයේ දුක යන්න යථාර්ථයෙන්ම අවබෝධ වන සමය වයස්ගත වීම බව අප තේරුම් ගත යුතුය. එය කායිකව ඇති වන වෙනස්වීම මතම රැඳුණක් නොවේ. මානසිකව ද තමන්ගේ අතීතය සිහි නැගෙමින්, වර්තමානයේ හිමි තනිකම - කොන්වීම තුළින් ද උපදින දුකකි.
ලෝකයේ දුක යන්න යථාර්ථයෙන්ම අවබෝධ වන සමය කුමක්ද?
{ "answer_start": [ 476 ], "text": [ "වයස්ගත වීම" ] }