id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
fc666570-c950-4e0f-b56a-2bb1e83a1f6b
සුමිත්‍රා නම් වන ඇය වයස අවුරුදු 20 දී සමීර සමඟ විවාහ වූ අතර, ඉතාමත් දිළිඳු පවුල් ජීවිතයක් ඔවුහු ගත කළහ. සමීර කුලී රක්‍ෂාවක් කර එදිනෙදා ජීවනෝපාය සරි කර ගත්තේය. සමීර සමඟ විවාහ දිවියට එළඹුණ සුමිත්‍රා අවිවාහකව සිටින විටදීද වේලක් හෝ දෙකක් සප්පායම් වන තරම් දරිද්‍රතාවයෙන් හෙබි පවුලක එකම දියණිය වූවාය. තම දියණියගේ කුස පිරවීමට තරම්වත් ඇයගේ දෙමාපියන්ට වත්කමක් නොවීය. ඒ නිසාම දියණිය විවාහ කරදීම එකම පිළියම ලෙස ඔවුහු සිතූහ. විවාහ දිවියට එළඹ ජීවත් වුවත් වේල් තුන පමණක් පිරිමහ ගැනීමට ඔවුන්ට හැකි විය. සුමිත්‍රා ද දෑතේ කර්මාන්තයක් දැන සිටියේ නැත.
සමීරගේ රැකියාව කුමක්ද?
{ "answer_start": [ 109 ], "text": [ "කුලී රක්‍ෂාවක්" ] }
9fd7446a-9bed-4ebc-ad92-dc6559d2e289
නිෂ්පාදකවරයා සහ කතුවරයා සමඟ දීර්ඝ සාකච්ඡාවක් කර එම යෝජනාව සම්මත කර ගත් පසු ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා සමඟ මම නැවත සේලම් බලා ගියෙමි. ඩබ්ලිව්.ඒ සිල්වා මහතාණන්ගේ පරිශ්‍රමය වූයේ දෙබස් සියල්ලම ව්‍යාකරණානුකූලව හෙවත් පොතේ භාෂාවෙන්’ සකස් කිරීමටය. එය ස්වභාවිකත්වයටත් තාත්විකත්වයටත් බාධාවක් බව තරයේ කියා සිටියෙමි. අන්තිමේදී මගේ කාරුණික බලවත් ඉල්ලීමට ඔහු එකඟ විය. එහෙත් ඇතැම් ජවනිකා සකස් කිරීමත් කැමරා ගත කිරීමත් ඔහුට රහසින් කිරීමට සිදුවිය. මේ තොරතුරු එන්නේ ටී.බී. ඉලංගරත්නයන් විසින් ලියා ඇති ‘යුගයක ගමන’ කෘතියේය. මුලදී රෆායෙල් ලෙස තේරාගෙන සිටි නළුවාට වඩා ඉලංගරත්නයන් හොඳ යයි අධ්‍යාක්ෂවරයා යෝජනා කළත් ඔහු ඒ වෙනුවට දොස්තර ඔලිවර් නම් ළන්දේසි වෛද්‍යවරයාගේ චරිතය තෝරා ඇත.
ටී.බී. ඉලංගරත්නයන් විසින් ලියා කෘතියක් වන්නේ කුමක්ද?
{ "answer_start": [ 478 ], "text": [ "‘යුගයක ගමන’" ] }
9d2dcde2-64cc-49c3-8628-9fd84a2c914c
රෝවර් යානා සඳට රැගෙන යෑම ඇමෙරිකාවේ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 වර්ගයේ රොකට්ටුවක ආධාරයෙන් සිදුවෙයි. ඒ, ඇමෙරිකාවේ නාසා ආයතනයේ ද සහාය ඇතිවය. ස්පේස් එක්ස් සමාගම අද වනවිට රොකට් තාක්ෂණයෙන් ඉදිරියෙන් සිටී. නාසා ආයතනය ද ඔවුන් සමඟ අත්වැල් බැඳ ගනිමින් කටයුතු කරයි. පසුගිය දා ගගනගාමීන් අඟහරු ගෙනයෑම සඳහා අති ප්‍රබල රොකට්ටුවක් අත්හදා බැලුවේ ද මෙම ස්පේස් එක්ස් සමාගමයි. අද මොවුන් පෞද්ගලික අංශයෙන් සංචාරකයන් ලෙස ගගනගාමීන් පෘථිවි කක්ෂයට ගෙන යෑමේ කටයුතුවල ද නියැලීමට සූදානම් වෙයි. අතමිට සරු නම් පෘථිවි කක්ෂයට ගොස් ආපසු ඒමට හැකිවෙයි. රොකට්ටුව ලබන වසරේ ෆ්ලොරීඩාවේ කැනැවරල් තුඩුවෙන් පිටත්වීමට නියමිතය. රෝවර් යානා දෙක රැගෙය යන යානය එසේත් නැතිනම් චන්ද්‍ර යානය සඳ මත පතිත කිරීමෙන් පසු, චන්ද්‍ර මූලස්ථානය ලෙස කටයුතු කරනු ඇතැයි ද පැවැසෙයි.
ස්පේස් එක්ස් සමාගමට මේ සඳහා සහාය ලැබෙන්නේ කාගේ ද ?
{ "answer_start": [ 119 ], "text": [ "නාසා ආයතනයේ" ] }
803ac467-48e1-46ce-9012-cd0b046a7307
තමන්ගේ මහන්සියෙන් උපයා ගන්නා ඩොලරය පවුම් පහකට වඩා වටිනා බව මගේ පුතුට උගන්වන්න, ජයග්‍රහණය විඳ දරා ගන්නටත් සන්සුන් ලෙස සිනාසෙන්නටත්, බොරු චණ්ඩිකමින් නිවටයකු නොවන්නටත් උගන්වන්න. සන්සුන් ලෙස සිනා සීමේ රහස උගන්වන්න. පාසලේ අසමත්වීම, වංචා කරනවාට වඩා ගෞරවනීය බව උගන්වන්න. සෑම දෙනාම තූර්යවාදක කණ්ඩායම් පසුපස දුවන විට එසේ නොවන්නට කියාදෙන්න. ඔහුගේ බුද්ධියත්, ශක්තියත් වැඩිම ලන්සුවකට විකුණන්නටත්, එහෙත් ඔහුගේ ආත්මයට, හදවතට මිල නියම නොකරන්නටත් ඔහුට උගන්වන්න. රංචු ගැසී කෝලාහල කරන්නන්ගේ හඬට සවන් නොදී නිවැරැදි දේ වෙනුවෙන් සටන් කරන්නටත් උගන්වන්න. ඔහුට මුදු ලෙස සලකන්න, එහෙත් ඔහු සුරතල් නොකරන්න. මන්ද වානේ පන්නරය ලබන්නේ ගිනියම් වූ විට බැවිනි.
මිල නියම නොකරන්නට කීවේ කුමක් සඳහාද?
{ "answer_start": [ 397 ], "text": [ "ආත්මයට, හදවතට" ] }
4e427dfc-06dc-4283-b5bf-931a4b196c8d
කාන්තාවකගේ දෙනෙත වට වූද මොළොක් වූයේ ද නිල් පැහැ වූයේ ද ඇස් බැම දුන්නක් ආකාර වූයේ ද ඇය රාගාධික වන අතර, තුනී වූ පහතට නැවුනා වූ ඇස් ඇත්තී පරපුරුෂයන් කරා යන්නේය. තවද දිගුවන් වූ ද මහත් වූ ද ඍජු වූද අක්ෂි යුගල සහ තුනී වූ ලෝම සහිත දෙබැම ඇත්තී අශිෂ්ට ගුණෙයන් යුතු වේ. අග මහත් වූ රත් පැහැ ගැන් වූ නැමීගිය ස්වභාවයක් පෙන්නුම් කරන නහය ඇත්තී සැමියා විසින් අතහැර දමන්නියක් වන බවත්, අග පැතලි වූ නාසය ඇත්නම් අනුන්ට බැලමෙහෙවරකම් කරන්නියකි. පහතට එල්බෙන්නා වූ නාසය ඇත්තී සැමියාට විරුද්ධකම් කරන ගුප්ත ලෙස සොර සැමියන් සොයායන්නියකි. වෛශ්‍යාවකගේ නාසය මුල කවාකාරව ද අග කොටස මහත්ව තැලුන ස්වභාවයක් ද ගනී.
සැමියාට විරුද්ධකම් කරන ගුප්ත ලෙස සොර සැමියන් සොයායන්නියකගේ ශරීර ස්වභාවය කෙබඳු තැනැත්තියක්ද?
{ "answer_start": [ 423 ], "text": [ "පහතට එල්බෙන්නා වූ නාසය ඇත්තී" ] }
1ddee33a-1092-4ee0-84ea-8a75eeee6eee
මාළිගාවත්තේ හිටපු පාතාල නායකයෙකු වු ෆාජිගේ ඥාති සහෝදරයෙක් වන රවුෆ් නමැත්තාට පසුගිය ජුනි 01 වැනිදා තවත් පාතාල කණ්ඩායමක් විසින් වෙඩි තබනු ලැබීය. මොහුට වෙඩි තබනු ලැබුවේ කංජිපානිගේ කල්ලිය විසින් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. මෙයටද මූලික හේතුව කුඩු ජාවාරමේ වෙළඳපොළ බෙදාගැනීමය. එසේම ෆාජි ජීවතුන් අතර සිටියදී රවුෆ් කංජිපානිට පහරදීම නයි වෛරයට නිධන්ගත හේතුව වී තිබේ. රවුෆ් තවමත් ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් බමුණුආරච්චිගේ රුක්ෂාන් නොහොත් උක්කුංද, මොහොමඞ් ෆවුෆිල් මොහොමඩ් නුක්කාං නොහොත් නුක්කාං, ඉමාමුල් හසන් නොහොත් අන්වර්, මොහොමඩ් යුසුප් හමීම් ඉෂාඩ් නොහොත් කුම්බාන් යන සැකකරුවන් සිව්දෙනා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනිණ.
මෙයට මූලික හේතුව වූයේ කුමක්ද?
{ "answer_start": [ 249 ], "text": [ "කුඩු ජාවාරමේ වෙළඳපොළ බෙදාගැනීමය" ] }
3bf78a4b-977b-42d9-b268-e8eb49f231c7
මේ ගල්ගෙයි වැදි කණ්ඩායම අතර කන්හෙරලියා යැයි වැද්දෙක් තම බල්ලාත් සමග ජීවත්ව ඇත. දිනක් උදෑසනම අවදිවූ පිරිමින් කෑමට යමක් සොයා යාමට කන්හෙරලියාට කතා කර ඇත. එහෙත් කන්හෙරලියා අවදිවූයේ නැත. කන්හෙරලියා මැරී සිටියේය. ඔහුගේ බල්ලාද අසල මැරී සිටියේය. බල්ලා අසලම විශාල නාගයෙක්ද බල්ලා විසින් හපා දමා මැරී සිටියේය. වැදි නඩය කලබල විය. තම සාමාජිකයන් ගල්ලෙන තුළ මිය ගියහොත් ඔවුහු වහාම එම ගල්ගෙය අත්හැර දමති. නීලා වැදිරාල තීරණයක් ගත්තේය. තම හරුබස්ස පොදි බැඳගත් වැද්දෝ ගල්ගේ අතහැර පල්ලම් බැස්සහ. අපටද දැන් පිහිලේගොඩ ගල්ගෙට සමුදීමට කාලය පැමිණ ඇති බව අවබෝධ විය. ඒ සවස් ජාමය සතා සීපාවන් එළිබහින වේලාව වීමයි. ඔවුන්ගේ නිජභූමිය ඔවුනට ඉඩදී අප දැන් නික්ම යා යුතුය.
ඔවුහු ගල්ගෙය අත්හැර දමන්නේ කුමක් වූ විටද?
{ "answer_start": [ 321 ], "text": [ "සාමාජිකයන් ගල්ලෙන තුළ මිය ගියහොත්" ] }
a899c962-f21c-4126-8b6d-08ab09d3613f
ඇමෙරිකානු ඉතිහාසය අලුත් කරමින් කමලා හැරිස් මහත්මිය එරට උප ජනාධිපති ධුරයට පත් වූ පළමු කාන්තාව බවට පත්වූවාය. එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරයේ එවැනි තනතුරකට පත්වූ පළමු කාන්තාව මෙන්ම පළමු කළු ජාතික කාන්තාව වන්නේ ද කමලා හැරිස් ය. පෙන්සිල්වේනියා ජනපදය ජයග්‍රහණය කරමින් ඡන්ද ගණ 20ක් දිනාගැනීමට ජෝ බයිඩන් සමත් විය. ඒ අනුව තියුණු සටනකින් පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස පත්වීමට ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මහතා සමත් විය. “මේ මැතිවරණ මා ගැන හෝ ජෝ බයිඩන් ගැන විතරක් නෙවෙයි. එය ඇමෙරිකාවේ උදාරත්වය සහ ඒ වෙනුවෙන් සටන් කිරීමට අප තුළ ඇති උනන්දුව කැමැත්ත පිළිබඳ කරුණක්. අපට කරන්න වැඩ ගොඩක් තියෙනවා. අපි පටන්ගමු” යැයි එම ට්විටර් පණිවුඩයේ දැක්විණි.
කමලා හැරිස් මහත්මිය එරට උප ජනාධිපති ධුරයට පත් වූයේ කුමන රටේද?
{ "answer_start": [ 514 ], "text": [ "ඇමෙරිකාවේ" ] }
63e07229-f7d9-45b6-abb4-cc107b6772fd
ඒ කාලයේ වගේම අදත් රහස් පොලිසියේ බොහොම දක්ෂ නිලධාරීන් ඉන්නවා. රහස් පොලිස් නිලධාරියකු විදිහට මම හරිම තෘප්තියෙන් රාජකාරී කළා. ත්‍රස්ත විමර්ශන කටයුතුවල දිගටම නියැලි හිටිය නිසා මටත් එල්ටීටීඊ එකෙන් මරණ තර්ජන එල්ල වෙන්න පටන් ගත්තා. ඒ වෙනකොට දමිළ පොලිස් නිලධාරීන් හොය හොයා මරා දමන්න පටන්ගෙන තිබුණ කාලයක්. මමත් එල්ටීටීඊ එකේ ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම සිටින බව දැන ගැනීමට ලැබුණා. ඒ නිසාම මම රට හැර ගියා. මම ගියේ ඩුබායි රටට. ඒ රටේ රස්සාවක් කරලා කොටි කලබල අඩුවුණාම තමා අපහු ලංකාවට ආවේ. සී.අයි.ඩී. එකේ ඩිරෙක්ටර් වෙලා හිටිය රාජපක්ෂ මහත්තයා මට ආයෙත් රහස් පොලිසියට එන්න කියා කතා කළා. නමුත් අයෙත් පොලිසියට බැඳෙන්න හිටියේ නැහැ. එත් මම අදටත් රහස් පොලිසියට ආදරය කරනවා. ගෞරව කරනවා.
ඔහු ඉහලින්ම හිටියේ කාගේ ඝාතන ලැයිස්තුවේද?
{ "answer_start": [ 302 ], "text": [ "එල්ටීටීඊ එකේ ඝාතන ලැයිස්තුවේ" ] }
947cb560-bb3c-4e60-9f43-f60fda374c0f
බොරු නොකියන ලෙස පුතාට අවවාද කළ මව මාර්ටින් මියගිය බවත් තවම එම සොහොනේ මල් වඩම්වත් වියලී නැතිව ඇති බවත් හෙට උදේ ගොස් දැක ගන්නා ලෙසත් කීවාය. නොබෝ වේලාවකින්ම තරුණයාට උණ ලැනිණි. පසුදාට පහන් වීමට පෙර ඔහු රෝහලේදී මිය ගියේය. අධික බිය නිසා ඇතිවූ හෝමෝන විකෘතියෙන් හටගත් උණ පාලනය කිරීමට ඖෂධවලට නොහැකි විය. මේ සිදුවූයේ කුමක්ද? පාරේ ගිය යකාට යකා බව දැන ගත් පසු බිය වීමය. මොහු පෞරුෂය නොවැඩුණු තරුණයෙකු වීමය. මෙහි මුල් සිදුවීමේදී ඇඟට පැන බෙල්ල මිරිකූ යකාටත් බිය නොවීම නිසාම කිසිදු අතුරු අන්තරාවක් ඇයට නොවීමත් දෙවැනි සිදුවීමේදී පාරේ ගිය යකාට පසුව බියවීම නිසා මරණය සිදුවීමත් අමනුෂ්‍යයින් පිළිබඳව ඇති තතු මනාව පෙන්වන අවස්ථා දෙකය. එනම් බියවීම අමනුෂ්‍ය අනතුරුවල ඇති එකම හේතුව බවය.
නොබෝ වේලාවකින් උණ ගැනුනේ කාටද?
{ "answer_start": [ 154 ], "text": [ "තරුණයාට" ] }
1e6e1fe9-7bcf-49a9-ad93-5ab415de47fc
ග්‍රීක දෙවිවරුන්ගේ විමානය පිහිටියේ ඔලිම්පස් කන්දේය. එය තුර්කිය සහ ග්‍රීසිය හරහා වැටී ඇති ජීවමාන කඳුවැටියකි. දෙවිවරු විශ්වය නිර්මාණය කළ බවක් නොඇදහූ ග්‍රීකයෝ විශ්වය විසින් දෙවියෝ නිර්මිත බව විශ්වාස කළහ. ඒ නිසා ඔවුහු දෙවියන් කෙරේ අධික බියක් නොදැක්වූහ. දෙවියන් ගැන සිනහ පහළ කිරීමට වුවත් ඔවුන්ට නිදහස තිබුණි. ග්‍රීක දෙවිවරු මිනිස් රුවින්ද, මිනිස් ගුණයෙන් ද යුත්තෝය. ඔලිම්පස් කන්දේ සිට දෙව්ලොව සහ මනුලොවත් බලාගත්තේ සියුස් නම් මහ දෙවියායි. ආකාශයට සහ කාලගුණයට අධිපති වූ ඔහුගේ අතෙහි අකුණු සරයක් විය. මනු ලොව රූබරියන් කෙරෙහි පවා නිතර අනුරාගයෙන් සිටි සල්ලාලයෙකි. හේරා නම්වූ ඔහුගේ බිරිය විවාහය සහ දරුවන් පිළිබඳ අධිපතිකම් දැරීම නිසා කතන්දර රාශියකට මේ දෙදෙනා මැදිව සිටිති.
ඔලිම්පස් කන්ද පිහිටා ඇත්තේ කුමක් හරහාද?
{ "answer_start": [ 55 ], "text": [ "තුර්කිය සහ ග්‍රීසිය හරහා" ] }
5ce8bdaa-783b-46cd-ba83-ece62ef4df42
විශ්වයේ පිහිටා ඇති ග්‍රහතරු පමණක් නොව බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, සතර මහා අපාය ආදී සියල්ලම විශ්වයට අයත්ය. ඒවා විදු ඇසට ගෝචර වන්නේ ද නැත. අප මහාපොළෝ තලයේ ජීවත් වන නිසා මනුෂ්‍යයින් හැටියට දන්නේ ලෝක විනාශය පමණි. නමුත් ලෝක තලය විනාශ වන විට මුළු මහත් විශ්වයටම පැවැත්මක් නැත. ඔවුන් ද සම්පූර්ණයෙන්ම විනාශය කරා ඇදී යති. වැඩිදුරටත් පවසතොත් බුදු දහමට අනුව වේහඒපල බ්‍රහ්ම ලෝකයෙන් පටන් අරගෙන සුභ, අඒපමාහ, පරිත්ථ, ආභස්සර, අඒපමාහාභ, පරිත්ථාභ, මහාබ්‍රහ්ම, බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්ම පාරිශජ්ජ ආදී සියලුම බ්‍රහ්ම ලෝක වායෝ, තේජෝ, ආපෝ තුන් මහා භූත දෝෂයෙන් විනාශ වේ.
සියලුම බ්‍රහ්ම ලෝක විනාශ වන්නේ කුමකින්ද?
{ "answer_start": [ 510 ], "text": [ "තුන් මහා භූත දෝෂයෙන්" ] }
df0c9291-ca67-4ea8-9943-9c6b7972c5f2
එම රුධිරය පපු කුහරය ඇතුළේ තිබුණා. පිටිපස්සේ තුවාලය පෙණහලු පසා කරගෙන ගිහින් තිබුණා. එයිනුත් යම් ලේ ප්‍රමාණයක් සිරුර අභ්‍යන්තරයට ගලා ගිහින් තිබුණා. මේ එකතු වුණු ලේ ප්‍රමාණය පුද්ගලෙයකුට මරණය ඇති කළ හැකි ප්‍රමාණයක්. මෙය අභ්‍යන්තර ලේ ගැලීමක්. ඊට පස්සේ අපි මෘත ශරීරය තිබුණ ස්ථානය පරීක්ෂා කළා. ඒ අසල කිසිවක් තිබුණේ නෑ. අඩුම තරමේ සෙරෙප්පු දෙකවත් තිබුණේ නෑ. සාමාන්‍යයෙන් සෙරෙප්පු නැතිව රේල් පාරේ ඇවිද යන විට කකුල්වල කළු පාට ගෑවෙනවා. ඒත් මේ පුද්ගලයාගේ යටි පතුල් අපවිත්‍ර වෙලා තිබුණේ නෑ. පොලිසියට පසුව මොහු පැලඳගෙන සිටි සෙරෙප්පු දෙක ත්‍රීවීල් එකට ආසන්න තැනක තිබී හමුවුණා. අපි මත් පැන් බීලා තිබෙනවාද බලන්න රුධිර පරීක්ෂා කළා. එහි මිලිග්‍රෑම් 180 ක් 200 ක පමණ මත්පැන් අන්තර්ගත වෙලා තිබුණා. ඒ වගේම ඔහුගේ ආහාර ජීර්ණය වී ඇති ආකාරය අනුව අපට අවශ්‍ය වැදගත් කාල වේලාවන් අපි සොයා ගත්තා.
රේල් පාරේ ඇවිද යන විට කකුල්වල ගෑවෙන්නේ කුමන පාටද ?
{ "answer_start": [ 407 ], "text": [ "කළු පාට" ] }
453ca6e7-18eb-48c3-90cc-ed9b0ac20d81
තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දරුණු ලෙස විවේචනය කළත්, පුටින් මුහුණට මුහුණ හමුවීමට එය බාධාවක් නොවන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය හමුවේ පවසා තිබේ. පුටින් හමුවීමට කැමැති වන්නේ පුටින් තමන් සමඟ වැදගත් හරවත් සාකච්ඡාවක් පැවැත්වීමට කැමැති වෙනවා නම් පමණක් යැයි ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ. රුසියන් ජනාධිපති පුටින් නරුමයකු බවත්, පිස්සකු බවත්, ඔහු ජනාධිපති ධුරයේ සිටිය යුතු අයකු නොවන බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රසිද්ධියේ පවසා තිබේ. ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙලෙස පුටින්ට චෝදනා කළත් රුසියන් රජය පෙරැළීමට හෝ ජනාධිපති පුටින් බලයෙන් නෙරපීමට හෝ ඇමෙරිකාවේ කිසිදු අපේක්ෂාවක් නොමැති බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ආමරිකාවේ ජනාධිපති කව්ද
{ "answer_start": [ 129 ], "text": [ "ජෝ බයිඩන්" ] }
46e243f2-8380-4aed-ad9b-c2ec103a1d0f
ආලියා භාත්, වරුන් ධාවාන් සහ සිධාර්ත් මල්හෝත‍්‍රා බොලිවුඞ් පුරයට පිවිසියේ කරන් ජෝහාර් නිර්මාණය කළ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් චිත්‍රපටය හරහාය. එය ඔවුන්ට ලබා දුන් ජනප්‍රියත්වයේ තරම පෙනෙන්නේ ඔවුන් තිදෙනාම අද කාර්යබහුල නළුනිළියන් වී සිටීම තුළිනි. මෙහි දෙවන කොටසක් නිෂ්පාදනය කරන්නට කරන් ජෝහාර් අදහස් කළේ එය ද පළමු නිර්මාණය මෙන්ම ජනප්‍රිය වෙනවා ඇතැයි බලාපොරොත්තුව ඇතිවය. මැයි 10 දා සිට තිරගත වෙන්නට නියමිත ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් 2 චිත්‍රපටයේ දෙවන කොටසේ රග පාන්නේ ටයිගර් ෂ්රොෆ්, අනන්‍යා පාණ්ඬේ සහ තාරා සුතාරියාය. ටයිගර් ෂ්රොෆ් මෙහි රගපාන්නේ රොහාන් නම් වන, ශක්තිමත් දේහයක් සහිත මලල ක්‍රීඩකයෙකුගේ චරිතයකි. ඔහු කිසිම අභියෝගයකට බිය නැත.
ආලියා භාත් බොලිවුඩ් පුරයට පිවිසියේ කුමන චිත්‍රපටියෙන්ද?
{ "answer_start": [ 97 ], "text": [ "ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්" ] }
3e0a78d5-ac97-45a1-afe8-95701db8c70e
අපේ අත්අඩංගුවේ සිටියදී මඩු ප්‍රදේශයට ගිය අවස්ථාවේ පලාගිය ඉස්කෝලේ ගුරුවරයා වැල්වැටිතුරේ පැත්තේ ඉන්නවා කියා ඔත්තුවක් මට ලැබුණා. මම සී.අයි.ඩී. එකේ තවත් රළහාමි කෙනක් එක්ක කාර් එකෙන් වැල්වැටිතුරේට ගියා. මම රියැදුරෙක් වශයෙන් වෙස්වළාගෙන හයර් එකක් යන කෙනෙක් විදියට තමා ගියේ. එහෙම ගිහින් මම පාසල් ගුරුවරයා අත්අඩංගුවට අර ගත්තා. ඔහු අත්අඩංගුවට ගත්තේ සිද්ධිය වෙලා මාස හයකට පස්සේ. වැල්වැටිතුරේ දී අල්ලා ගත්තා ගුරුවරයාත් ප්‍රශ්න කරද්දී ඔහු එදා කැලෑවේදී වෙච්ච දේවල් අකුරක් නෑර වැමෑරුවා. එත් කනගරත්නම් මහතාගේ ඝාතනයට සම්බන්ධ වුණ උමා මහේෂ්වරන් අපිට කවදාවත් අල්ලාගන්න ලැබුණේ නැහැ.
උමා මහේෂ්වරන් සම්බන්ධ වුණු ඝාතනය වන්නේ කුමක්ද ?
{ "answer_start": [ 476 ], "text": [ "කනගරත්නම් මහතාගේ" ] }
1d9b192b-e4a6-439d-bb49-826dcfc5c490
මෙම බල සංවේදකය නිපදවීමේදී මෙහි ආකෘතිය ත‍්‍රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය කරන්නේ කොහොමද, එය ගණිත සංකල්ප යොදාගෙන ආකෘතියක් පරිදි නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ගැන අපි ආරම්භයේදී සොයාබැලූවා. එම ගණිතමය ආකෘතියට අනුව මෙම සංවේදකය අභ්‍යන්තරික ව්‍යුහය යොදන බලයට අනුව පාලනය කිරිමට හැකිවන පරිදි අප නව තාක්ෂණික මූලද්‍රව්‍ය වලින් සංවේදක කොටස් නිර්මාණය කළා. ඉන්පසුව මෙහි ක‍්‍රියාකාරීත්වය සහ ගති ලක්‍ෂණ පූර්ණ වශයෙන් විශ්ලේෂණය කළා. එය ඉතා සාර්ථකත්වයට පත්වුණා. මෙම සංවේදකය පරිශීලකයන්ගේ පහසුව සඳහා මයික්‍රෝ කොන්ට්‍රෝලරයක් සහිත ඉලෙක්ට්‍රෝනික පරිපථයක් හරහා නිකුත් වෙන විද්‍යුත් තරංග දත්ත හුවමාරු කෙරෙන යූ.එස්.බී. දත්ත හුවමාරු ක‍්‍රමය සහ විශේෂිතව නිපදවූ මෘදුකාංගයක් පරිගණකයට ස්ථාපනය කර මෙහි ඉලෙක්ටෝනික දත්ත දර්ශනය කිරීමට සහ නිරීක්‍ෂණය කිරීමට හැකිවන පරිදි වැඩි දියුණු කළා.
මෙහි ඉලෙක්ට්‍රොනික දත්ත දර්ශනය කිරීමට සහ නිරීක්ෂණය කිරීමට ස්ථාපනය කර ඇත්තේ කුමක්ද?
{ "answer_start": [ 611 ], "text": [ "විශේෂිතව නිපදවූ මෘදුකාංගයක්" ] }
9f6cd3da-0b74-46aa-8732-22013b8a967f
වන පියස දැඩි ලෙස නිහඬය. නිසොල්මන්ය. සමස්ත වනයම වසා ගෙන ඇත්තේ නෙලු ශාක වලිනි. අඩි තුන හතරක පරතරයක දැවැන්ත ගස් පිහිටා තිබූ අතර ඒ සියලුම හිඩැස් අතර එක යායට අංශක 360කට කෙළවරක් නොපෙනන ඉසව්ව වෙන තුරු තිබුණේ අඩි 3ක් පමණ උසට වැඩුණු නෙලු ගස් සමූහයයි. නෙලු ගස්වලට වඩා අප උස් වූ බැවින් නෙලු ගස් අතරින් ඉදිරියට යන අපගේ පෙනෙනුයේ ඔළුව කොටස පමණි. මන්ද නෙලු ශාක අතරින් ඍජුවම යන විට පිටුපසින්ද අප නැවතත් නෙලු ගස්වලින් වැසෙන හෙයිණි. දෙපා හෝ පොළොවේ පවතින බාධක අපට නොපෙනුනද මෙවන් කැලයක පොළොව දඩි අනතුරුදායක නොවන බව අප දැන සිටියේ මින් පෙරද මෙවැනි නෙලු පිරි උයන් අපට හමුව තිබූ හෙයිණි.
නෙලු ගස් කොපමණ උසකට වැඩී ඇත්ද?
{ "answer_start": [ 201 ], "text": [ "අඩි 3ක් පමණ" ] }
6c1d7713-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
වසර මිලියන 152කට පෙර ජීවත් වී වඳවී ගිය බව කියන මුහුදු උරගයෙකුගේ ෆොසිලයක් ඉන්දියාවෙන් සොයාගැනීමට විද්‍යාඥයින් පිරිසත් සමත් වී ඇතැයි වාර්තා වේ. ඉන්දියාවේ බටහිර ගුජරාටි ප්‍රාන්තයේ කුච් දිස්ත්‍රික්කයෙන් මෙම ෆොසිලය හමුවී ඇති අතර මෙම වර්ගයේ මුහුදු උරගයෙකුගේ ෆොසිලයක් ඉන්දියාවෙන් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව පැවසේ. දෙවන භූගෝල යුගය හෙවත් මිසසොයික යුගයට අයත් ගල්ගුහාවක තිබී මෙය හමුවී ඇත. මෙම ගවේෂණය කළ මහාචාර්ය ගන්ට්පාලී ප්‍රසාද් මහතා පවසන්නේ මෙය මීටර් 5.5ක දිගකින් යුතු සම්පූර්ණ ෆොසිලයක් වන බවයි. හිස්කබලේ අස්ථි කිහිපයක් සහ වලිගයේ අස්ථි කිහිපයක් පමණක් දක්නට නොලැබෙන බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.
වසර මිලියන 152කට පෙර ඉන්දියාවෙන් සොයගන්නා ලද්දේ කුමන සත්වයෙක්ගේ ෆොසිලයක්ද?
{ "answer_start": [ 47 ], "text": [ "මුහුදු උරගයෙකුගේ" ] }
e77cc0f9-21eb-47a3-b4a6-3849b57b7f3b
2020 සැප්තැම්බර් 09 වන බදාදාම රාත්‍රී 11.30 ට ශල්‍ය කර්මයකින් දරුවා ලබාගන්නවා යයි සිතමු. එවිට දරුවාගේ හඳහන මෙසේය. කලින් දැක්වූ හඳහනේ ග්‍රහයින් සිටින ස්ථානවලට විරුද්ධ ස්ථානවල මෙහි ග්‍රහයින් පිහිටා ඇත. මෙහි ලග්නයේ සිටින චන්ද්‍රයා උච්චය. හතර වැන්නාධිපතියා හතරේමය. මේ නිසා මැති ඇමැති දිසාපති තානාපති හෝ පළාතකට නායක වේ. පස් වැන්නාධිපතියා පහේමය. අට වැන්නාධිපතියා අටේමය. නව වැන්නාධිපතියා නවයේමය. දොළොස් වැන්නාධිපතියා දොළහේමය. මේ ඉතා යහපත් බලවත් පිහිටීම්ය. බොහෝ ඉහළට යා හැකි වේ. ඔබේ ඉලක්කය ටිකක් වැරදුණත් දරුවා ඉපදීමේ කාලය සැප්තැම්බර් 03 ත් 16 ත් අතර වේ නම් ඉහත ග්‍රහ පිහිටීම් ඇති දරුවකු ලබාගත හැකි වේ. හඳහනේ ග්‍රහයින් සිටින ස්ථාන වෙනස් විය හැකිය. තවද පිළිසිඳ ගැනීමේ කාලයද මෙහි සඳහන් දිනට දින 15 ක පමණ වෙනසක් ඇති වුවත් සැප්තැම්බර් 03 ත් 16 ත් අතර කාලයේදී දරුවා ගැනීමට වෛද්‍යවරයා අකැමැති නොවනු ඇත. ඒ දරුවා 2020 වර්ෂයේ උපදින ඉහළම ග්‍රහ පිහිටීම් ඇති දරුවකු වනු ඇත.
ශල්‍ය කර්මයකින් දරුවා ලබාගන්නවා යැයි සිතන්නේ කීයටද?
{ "answer_start": [ 30 ], "text": [ "රාත්‍රී 11.30 ට" ] }
2deaf2af-4a53-4704-855b-fd1fb167afce
සුදුවැලි ඇතිරූ දේවාලය තිබුණ බවට විශ්වාස කරන සීමාවේ එකදු කොළයක් හෝ වැටී ඇති අවස්ථාවක් අතීතයේ නිරීක්‍ෂණය කළ නොහැකි විය. අතුපතු ගාන කිසිවෙකුත් එහි නොසිටියද සැබැවින්ම එතැන සුපිරිසිදුය. මෙතනට යන සෑම කෙනාම දෙවියන්ගෙන් ආශිර්වාද ඉල්ලන්නේ තමන් විසින්මය. මුලින්ම කුඹුක්කන් ඔයේ වාහන නවත්වන අන්තයේ ඇති බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ඒ පින් දෙවියන්ට අනුමෝදනා කරති. දෙවනුව කුඹුක්කන් ඔයෙන් එගොඩ මහකැබිලිත්ත දේවාලයට යන පාරේ පිහිටි බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරති. එසේ කිරීමෙන් පසු කුඩා සියඹලාවට ගොස් පූජා වට්ටි තබා තමන් විසින් පැමිණි කාරණය දෙවියන්ට සැලකරන්නේ සිතෙනි. හඬ නගා කීමක් හෝ යාතිකා කිරීමක් එතැන සිදු නොවිණි.
මෙතනට යන සෑම කෙනාම දෙවියන්ගෙන් ආශිර්වාද ඉල්ලන්නේ කවුරුන් විසින්ද?
{ "answer_start": [ 230 ], "text": [ "තමන් විසින්මය" ] }
fd63e4a0-3b15-4438-9c65-0d47f8db66d4
අතිශය ජනප්‍රිය වු හේරා පෙරි චිත්‍රපට මාලාවේ තුන්වැන්න මේ වනවිට නිර්මාණය කරන්නට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. කාලයක් තිස්සේ මෙහි තුන්වැන්න නිර්මාණය කරන බවට ඉඟි පළවුවද චිත්‍රපටය තවමත් නිර්මාණය කරනවාද නැද්ද යන්න බොහෝ දෙනෙකුට පැණයක් නැගි ඇත. කෙසේ වෙතත්, පසුගියදා චිත්‍රපට අධ්‍යක්ෂණ ප්‍රියදර්ශන් හේරා පෙරි තුන්වැන්න නුදුරේම රූපගත කරන බවට මාධ්‍යයට තොරතුරු ලබා දී ඇත. පසුගිය සති අන්තයේදී හේරා පේරි මුල් චිත්‍රපට ද්විත්වයේ ශ්‍යාම් ලෙස රංගනයෙන් එක් වූ සුනිල් ෂෙට්ටිද මේ වනවිට මෙම චිත්‍රපටයට එක්වීමට කැමැත්ත පළකොට තිබේ. පසුගිය මාස හයක කාලය තුළදී සුනිල් ෂෙට්ටි වැඩි දායකත්වයක් දමිල හා තෙළිඟු චිත්‍රපට සඳහා ලබා දී තිබුණි.
මේ වනවිට මෙම චිත්‍රපටයට එක්වීමට කැමැත්ත පළකොට තිබෙන්නේ කවුද?
{ "answer_start": [ 452 ], "text": [ "සුනිල්" ] }
bcadcee5-76f0-4f16-bb79-44ccc11d33f2
ඒ පැරණි කඩඉම් පොත් නිසා වර්තමාන වාරිමාර්ග ශිෂ්ටාචාරය ගොඩනැගුණි. එම වාරිමාර්ග ශිෂ්චාරය ගැන කියැවූ බ්‍රෝහියර් නමැති ඉංග්‍රීසි ජාතිකයා වැව් සංස්කෘතිය ගැන ලියන ලද ග්‍රන්ථයෙන් ඉංග්‍රීසි ආණ්ඩුව පුදුමයට පත් විය. මේ මහා වියත් මහමුදලිතුමා ජීවිතයේ අවසන් භාගයේ පවා ශාස්ත්‍රීය කටයුතුවල නිරත වූයේ රට දැය සමය වෙනුවෙන් කළ යුතු තම යුතුකම වගකීම සිත්හි තදින් දරා ගනිමිනි. රාජකීය ආසියාතික සමිතියට අනුබද්ධ ලංකා ආසියාතික සමිතිය 1845 වසරේදී පෙබරවාරි 07 දින සංවිධානය වී රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාව නමින් එය 1846 වසරේ පෙබරවාරි මස 07 වැනිද‌ා පිහිටුවීය.
ලංකා ආසියාතික සමිතිය හඳුන්වන අනෙක් නම කුමක්ද?
{ "answer_start": [ 447 ], "text": [ "රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාව" ] }
d64f2b49-6821-49b3-a9e4-45697fff90bf
මේ සඳහා අපට ආදි මානවයා වාසය කළ කිතුල්ගල බෙලිලෙනට යන මාර්ග දිගේ වාහනයකින් ගමන් කිරීමට සිදුවුණා. ඉන්පසුව වාහනයෙන් බැසගත් අපි කිලෝමීටර් 02ක් පමණ දුර ගෙවාගෙන නැවත වරක කන්දක් තරණය කළා. කඳු තරණයෙන් පසුව අප පැමිණියේ නිහඬව ගලා හැලෙන සඳුන් ඇල්ලේ ඉහළ කොටස වෙතටයි. අපගේ මීළඟ ක්‍රියාකාරකම වූයේ අඩි 100ක් පමණ උසින් යුත් එම ඇල්ල දිගේ පහළට බැසීමය. ඇල්ල ආරම්භක ස්ථානයේ සිට පහළ බැලූ විට එහි ඉමක් කොනක් පෙනෙන්නෙ නැහැ. නමුත් සියලු ක්‍රියාකාරකම් සහ බාධක බිඳගෙන ආ ගමන් මගේ අවසානය අත්හැර දැමීමට නොසිතූ නිසා අපි කඹය දිගේ පහළට ගමන් කළා. එය ආරම්භ කරන විට අධික බියක් දැනුණත්, තරමක් පහළට ගමන් කළ පසු පෙන පිඬු නංවා ගලා හැලෙන දිය දහරාවෙන් ඉසින පිණි බිඳු මෙන් ජල බිංඳු නිසා සහ හිස් අවකාශය තිබෙන සුළඟ අපව සිහින ලොවකට ගෙන ගියා. මෙතෙක් විඳි සියලුම ක්‍රියාකාරකම්වලට වඩා මෙය අපට ආස්වාදයක් ගෙන දුන්නා. දෙඅත් අතහැර වුවද සිටින්නට තරම් ආත්මශක්තියක් අපට එහි භාග දුරක් ගමන් කරන විට ඇති වුණා.
මෙහි සදහන් වන ආදී මානවයා වාසය කල ලෙන කුමක්ද?
{ "answer_start": [ 31 ], "text": [ "කිතුල්ගල බෙලිලෙනට" ] }
2b6a5ffb-cb86-450b-8ef4-98ba905e28d6
නැගෙනහිර පළාතේ 19 වැනි බළ ඇණියේ අණදෙන නිලධාරි මේජර් මැක්ඩොනල්ඞ් සහ ඌව, වෙල්ලස්ස, බින්තැන්න, පළාත භාර බලයට ලත් ඒජන්තවරයා වූ හෙන්රි රයිට් මහතා අසන ලද ප්‍රශ්නවලට උත්තර දෙමින් කතරගම හිටපු මහ බෙත්මේ සඳහන් කර ඇති පරිදි විල්සන් මහතා ඝාතනයට කොහුකුඹුරේ හවුල්වී තිබේ. හීයකින් විඳීමෙන් පසු විල්සන් මහතාගේ බෙල්ල කපන ලද්දේ කොහුකුඹුරේ රටේ රාලගේ කීම පිට බවද මහ බෙත්මේ සඳහන් කර තිබේ. කොහුකුඹුරේ හා බූටාවේ සුදු හමුදාවට එක්ව සිටි මැලේ ජාතිකයන් තම පැත්තට හරවා ගැනීම සඳහා උපක්‍රම යොදමින් සිටි බවට සුදු පාලයකයන්ට තොරතුරු ලැබිණ.
විල්සන් මහතා ඝාතනයට හවුල් වී ඇත්තේ කවුද?
{ "answer_start": [ 233 ], "text": [ "කොහුකුඹුරේ" ] }
5493e77f-b4f5-4bd1-8f36-140321800125
වෙස් මුහුණු කලාවේ දී මුහුණු වර්ග කීපයක්ම නිර්මාණය කරනු ලබයි. ඒවා අතර දිව්‍ය මුහුණු, කෝලම් මුහුණු, රාක්ෂ මුහුණු, යක්ෂ මුහුණු, නාග මුහුණු, සන්නි මුහුණු මෙන්ම විවිධ මිත්‍යා මුහුණු ද තිබේ. මෙම මුහුණු විවිධ ශාන්ති කර්ම සඳහා මෙන්ම උඩරට, පහතරට, සබරගමු නැටුම් සඳහා ද යොදාගනු ලබයි. එයට අමතරව නිවාස හා ගොඩනැගිලි අලංකාර කිරීම සඳහා ද වෙස් මුහුණු යොදාගෙන තිබේ. සන්නි මුහුණු 18ක් නිර්මාණය කරනු ලබයි. මෙසේ නිර්මාණය කරනු ලබන්නේ මහා සන්නි කෝල යකාගේ අවතාර 18යි. ඒවා යොදා ගනු ලබන්නේ ශාන්තිකර්ම සඳහාය. වෙස් මුහුණු කැපීමට ගන්නා එකම ලීය වන්නේ කදුරු ලීයයි. ඒ ලීයෙන් වෙනත් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැහැ. අවම වශයෙන් ළිපට දරටවත් දමන්න බැහැ. කිසි කෙනෙක් වුවමනාවෙන් කදුරු ගසක් වවන්නේ නැහැ. වැට මායිම්වලටයි සිටුවන්නේ.
මෙම මුහුණු යොදාගනු ලබන්නේ කුමන නැටුම් සඳහාද?
{ "answer_start": [ 225 ], "text": [ "උඩරට, පහතරට, සබරගමු නැටුම් සඳහා" ] }
3cfd7a15-7727-4312-9379-c368a202e2bd
පස් වැනි භාවය ඇසුරෙන් පළමු වැනි දරුවා ද, සත් වැනි භාවයෙන් දෙවැනි දරුවා ද නව වැනි භාවයෙන් තුන් වැනි දරුවා ද එකොළොස්වැනි භාවයෙන් සිව්වැනි දරුවා ද පළමු භාවයෙන් පස්වැනි දරුවා ද තුන් වැනි භාවයෙන් හය වැනි දරුවා ද පිළිබඳව විස්තර දැනගත හැකිය. හය වැනි දරුවාගේ කේන්දරයේ තුන් වැනි භාවයෙන් සත් වැනි දරුවා හා සය වැනි දරුවාගේ කේන්දරයේ තුන් වැනි භාවයෙන් අට වැනි දරුවා ද ආදී වශයෙන් සෙසු දරුවන් පිළිබඳව ද විස්තර දැනගත හැකිය. ජ්‍යොතිර්වේදී මිල්ටන් හේවාපතිරණ, සුමග ජ්‍යොතිෂ කාර්යාලය, නව වෙළෙඳ සංකීර්ණය, බොරැල්ල බස්නැවතුම්පල අසල.
සත්වැනි භාවයෙන් විස්තර දනගත හැක්කේ කිනම් දරුවා ගැනද?
{ "answer_start": [ 58 ], "text": [ "දෙවැනි දරුවා" ] }
6c1d43a2-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
‘සී බී’, ‘සී හැක්ස්’, ‘සී හෝනට්’, ‘සී ට්වින්’, සී මැපර්’ ඇතුලූ ඩ්‍රෝන යානා රැසක් මොරටුව විශ්වවිද්‍යාලය විසින් නිපදවා ඇති අතර කෘෂිකර්මාන්ත, මාර්ග තදබදය, බඩු බාහිරාදිය රැගෙනයාම, ඩෙංගු මර්දනය, ආපදා තත්ත්වවලදී අනතුරු හඳුනාගැනීම, විදුලි රැහැන් සැලසුම් කිරීම, ඉදිකිරීම්, ගබඩා පරිමාව ගණනය කිරීම ඇතුළු කාර්යයන් රැසක් සිදුකිරීමට යොදාගත හැකිය. මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්ලිව්. පෙරේරා, උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල පෙරේරා ඇතුලූ මහත්ම මහත්මීහු රැසක් ඊට සහභාගිවූහ.
‘සී බී’, ‘සී හැක්ස්’, ‘සී හෝනට්’, ‘සී ට්වින්’, සී මැපර්’ ඇතුලූ ඩ්‍රෝන යානා නිර්මාණය මගින් මොරටුව විශ්වවිද්‍යාලය බලාපොරොත්තුවන්නෙ මොනවාද?
{ "answer_start": [ 265 ], "text": [ "ගබඩා පරිමාව ගණනය කිරීම" ] }
0caf87a1-a981-4b92-84f2-7456fa69e5ac
අඩි හතර පහ උසට වැඩුණු මාන පඳුරු අතරින් නෙල්ලි ගස් යායවල් මැදින් ගොස් කොස්ගොල්ල කඳු වැටියේ ඉහළම ස්ථානයට ළඟා වූ පසු මහියංගණය සිට නකල්ස්හි කෙහෙල්පොත්දෝරුවේ ගල සහ මිනිපේ ඇළත් කිලෝ මීටර් ගණනක් අලංකාරව ගලා යන මහවැලි නදියත් දැක ගත හැක. වන අලි බහුලව සැරිසරන බැවින් අන්ධකාර වන පියස තුළ අපි වඩාත් සැලකිලිමත් වුණෙමු. කෙසේ හෝ කොස්ගොල්ල තරණයට හෝරා තුනක් පමණ ගත වූ පසු සන්ධ්‍යාව උදා වන කණිසමේ අප ගල් පඩි පෙළ බැසීමට තීරණය කළේ හවස් යාමේ අලි එළියට බහින බව දැනගෙනය. එක් අලි වෙඩිල්ලක් පමණක් අප සතුව තිබුණු නමුත් ගමන වඩාත් සුපරීක්ෂාකාරීව යා යුතු බව අපට වැටහුණි. කෙසේ හෝ කුඩා අඩි පාර දිගටම තිබූ අතර ගල් කුට්ටි මාර්ගය මත තැනිත් තැන තිබුණි. ඒ අතර ප්‍රථම වරට පැහැදිලිව ගල් පඩි දැකිය හැකි ස්ථානයක් අපට හමු වුණි. එම ගල් පොළොවට දැඩිව සම්බන්ධව තිබුණි. ඉතාමත් පැරණි සකස් කිරීමක් බව අපට දැක ගන්නට ලැබූ අතර ගල් පඩි 15ක් 20ක් පමණ එහි පැහැදිලිව විය. එය විනා හතර අත දැකිය හැක්කේ ඝන මාන පඳුරු යායක් පමණි. මාන යාය මැද දුරින් පිහිටි විශාල ගල් කුට්ටි විටෙක අලින් ලෙසද අපට දැක ගැනීමට ලැබුණි. තවද හතරැස් ගල්, ගල් බිත්ති සහිත දිගු ගල් කුට්ටි, කුඩා ප්‍රමාණයේ ගල් ගුහා හා විවිධ හැඩවලින් යුත් ගල් පර්වත රාශියක් අප යනෙන මඟ පුරාවට අපට දැකගැනීමට ලැබුණි.
විශාල ගල් කුට්ටි විටෙක දිස්වූයේ කවරක් ලෙසද?
{ "answer_start": [ 919 ], "text": [ "අලින්" ] }
46bfd2f0-f874-48cb-a9c1-f988815fb84a
මම තුවක්කුව පසෙක තබා සර්පන්ට් වෙඩි දෙකක් හරි ඉලක්කයට ඇතා දෙසට දල්වා පුපුරවා හැරියෙමි. ප්‍රේමරත්න තන්ඩර් වෙඩි දල්වා ඇතා දෙසට විසි කළේය. ක්ෂණයකින් ඇතා බියවී පළා ගියේය. වලිග කොටා අමාරුවෙන් දෙපයින් සිට ගති. ඉක්බිතිව සිද්ධිය වනජීවි අධ්‍යක්ෂවරයාට දුරකථනයෙන් දැන්වූ විට එතුමන් නොපමාව නන්දන අතපත්තු පශු පර්යේෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා යාලට එවීය. නිර්වින්දන බෙහෙත ලද වලිග කොටා නුදුරුව පිහිටි ගල්තලාවට නැග ගති. නිර්වින්දන බෙහෙත ක්‍රියාත්මක වී එක්වරම ගල් තලාව මත ඇද වැටිණි. පශු වෛද්‍ය නිගමනය වූයේ උගේ හිස ගලේ හැපීම නිසා හිස් කබල පුපුරා යාමෙන් මියගිය බවය.
පශු වෛද්‍ය නිගමනය වූයේ ඌ කෙසේ මිය ගිය බවද?
{ "answer_start": [ 488 ], "text": [ "හිස ගලේ හැපීම නිසා හිස් කබල පුපුරා යාමෙන්" ] }
efb52a83-b2f2-445a-908d-ecb5262c6a7c
ලොව ප්‍රථම වරට මුවන්ට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඇමෙරිකා වනජීවී නිලධාරීන් තහවුරු කර ගෙන ඇත. ඔහියෝ ප්‍රාන්තයේ වනගතය තුළ සුදු වලිග ඇති මුවකුට වෛරසය ආසාදනය වී තිබේන බව ඇමෙරිකා වන ජීවී නිලධාරීන් ඉකුත් සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මේ අනුව කොවිඩ් ආසාදනය වන සතුන්ගේ ලැයිස්තුව තව දුරටත් පුළුල්ව ඇති බව ඒම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ. බල්ලන්, බළලුන්, කොටින්, සිංහයන්, හිම දිවියන්, දිය බල්ලන්, ගෝරිල්ලන් ආදී සතුන් තුළ කොවිඩ් - 19 පැවැති බවට මීට පෙර තහවුරු කර තිබිණි.
කොවිඩ් ආසාදනය වී ඇති සතුන් වර්ග මොනවාද?
{ "answer_start": [ 377 ], "text": [ "සිංහයන්, හිම දිවියන්" ] }
3166e159-0e14-42eb-b92a-9f0cf705ef9e
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව සෞඛ්‍ය සේවකයන් 1,03,69,386 දෙනකුගේ කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර 87,50,107 දෙනකුට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත.ඊට අමතරව ඉදිරි පෙළ සේවකයන් 1,83,46,016 දෙනකුට කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාවත් 1,45,66,593 දෙනකුට දෙවැනි මාත්‍රාවත් ලබා දී ඇත.අවුරුදු 45ත් 49ත් අතර කාණ්ඩයේ 15,20,67,152 දෙනකුට කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාවත් 7,00,70,609 දෙනකුට දෙවැනි මාත්‍රාවත් ලබා දී ඇත. වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ 9,74,87,849 දෙනකුට පළමු මාත්‍රාවත් 5,28,92,011 දෙනකුට දෙවැනි මාත්‍රාවත් ලබා දී ඇත.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව සෞඛ්‍ය සේවකයන් කොපමණ සංඛ්‍යාවකට කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇතිද?
{ "answer_start": [ 55 ], "text": [ "1,03,69,386" ] }
fdc70f98-a55c-4617-a90c-7a92c4761a0b
එක්සත් ජනපදයට අමතරව දකුණු කොරියාව, තායිලන්තය, ජපානය හා ඕස්ට්‍රේලියාව යන රටවලින්ද රෝගීන් වාර්තා වී තිබේ. ජනවාරි මස මැද සිට පෙබරවාරි මස දක්වා යෙදී තිබෙන චීන අලුත් අවුරුද්ද හේතුවෙන් චීන වැසියෝ මිලියන ගණනක් රට පුරා මෙන්ම විදේශයන්හි පවා සංචාරය කරති. වැඩිදෙනෙක් ඒ සඳහා යොදාගන්නේ දුම්රිය හා ගුවන්යානා ය. ආසාදිතයෙකුගෙන් තවත් බොහෝ දෙනෙකුට රෝගය වැලඳෙන නිසා මෙම දිගු සංචාර හේතුවෙන් රෝගය පාලනය හා වැළැක්වීම දුෂ්කර වේ. මෙම කොරෝනා වෛරසය සාර්ස් හා මර්ස් වැනි මට්ටමේ උග්‍ර ශ්වසන රෝගයක් ලෙස හැඳින්වේ. මෙය මිනිසුන් හා සතුන් යන දෙවර්ගයෙන්ම බෝවෙන්නකි. ඇමරිකාවේ ටෙක්සාස් හා නිව්යෝර්ක් හි මෙන්ම චීනයේ විද්‍යාඥයන් එකතු වී මෙම වෛරසයට එරෙහි එන්නතක් සොයා ගැනීමට උත්සාහ කරමින් සිටිති. කොරෝනා වෛරසය ලෝකයට අලුත්ම හා භයානකම සෞඛ්‍ය තර්ජනයක් බව එම විශේෂඥයෝ ප්‍රකාශ කරති.
කොරෝන වෛරසය බෝවෙන්නේ කෙසේද ?
{ "answer_start": [ 488 ], "text": [ "මිනිසුන් හා සතුන් යන දෙවර්ගයෙන්ම" ] }
c62401f0-f126-4ce4-a317-ad585b46f188
12 වැන්න සඳුට සුබ පිහිටීමක් නොවේ. සඳු 12 වැන්නේ සිටින්නේ පිනට දහමට ළැදියි. දන්දීමට කැමතියි. අසරණයින් රෝගීන්ට අනාථයින්ට අසරණ අයට දුබලයින්ට ඇප උපස්ථාන කිරීමට මහත් රූපස්කන්ධයක් දක්වයි. එවැනි ස්ථානවල රැකියාව කිරීමටද කැමතියි. ඇස් ආශ්‍රිත රෝගවලටද ගොදුරු වීමේ ඉඩකඩක් තිබේ. මා මෙතෙක් විස්තර කරන ලද කරුණු අන් ග්‍රහයින්ගේ බල දුබලතා හා විවිධ යෝග නිසා යම් තරමක වෙනස්කමක් විය හැකිය. නමුත් බොහෝ විට සඳුගේ මේ පිහිටීම කලින් කේන්ද්‍ර හිමියාට ඒ ආකාරයෙන්ම බලපාන විට සඳහන් කරනු කැමැත්තෙමි.
සදුට සුබ පිහිටීමක් නොවන්නේ කුමක්ද ?
{ "answer_start": [ 0 ], "text": [ "12 වැන්න" ] }
d5070c7e-dc72-4879-a3bd-6ae99523c4d3
ඇන්.ඇම්. පෙරේරා මහතාගේ පියා තොටළඟ කඩසාප්පු සමඟ කරත්තත් හිමි කරත්තකරුවෙක්. සිය ප්‍රතිවාදීන් ඇන්.ඇම්. පෙරේරා මහත්තයාට තොටළඟ මාටියා යනුවෙන් හැඳින් වූ අයුරු මට මතකයි. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හා විජයවර්ධන පවුලේ වාසභූමිය වූ සේදවත්ත වලව්වත් කැලණි ගඟ අසබඩ අදටත් අපට දකින්න පුළුවන්. මුලින්ම එජාපයෙන් තොටළඟට තරග කළේ සේරම් කියලා මහත්තයෙක්. ඊළඟට ඉඟුරු කඩේ හන්දියේ එදිරිසිංහ ගරාජයේ හිමිකරු වූ එදිරිසිංහ මහත්තයා සමසමාජයෙන් තරග කළා. චාල්ස් ගන්දර කියලා දකුණේ මහත්තයෙක් ශ්‍රීලනිපයෙන් තරග කළා. 1956දී උතුරු කොළඹ මහවත්ත නාගරික කොට්ඨාසයට ලංකා සමසමාජ පක්ෂයෙන් විවියන් ගුණවර්ධන මහත්මිය තරග කරලා ජය ලබාගත්තා. විවියන් ගුණවර්ධන කියන්නේ බොහෝම එඩිතර කාන්තාවක්. විවියන් ගුණවර්ධන මහත්මිය සමඟ එජාපයෙන් තරග කළේ ෂෙල්ටන් ජේ. අබේරත්න මහත්තයා තමයි. ඒ මහත්තයාත් විවියන් ගුණවර්ධන මහත්මිය පරාද කරලා නාගරික මන්ත්‍රී වුණා. ඒ කාලේ අපේ තාත්තා ඇතුළු ගමේ පිරිස තොටළඟ සමසමාජ රැලිවලට එන ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහත්තයාව පිළිගත්තේ මුද්දරප්පලම්වලින් හදපු මල් මාලා දාලා ඒ තරමට ඉස්සර තොටළඟ හිටපු මිනිස්සු ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහත්තයාට ආදරෙයි. ඒ වගේම තමයි හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයාටත් තොටළඟ මිනිස්සු හරිම ආදරෙයි.
චාල්ස් ගන්දර කියලා දකුණේ මහත්තයෙක් තරග කළේ කුමන පක්ෂයෙන්ද?
{ "answer_start": [ 460 ], "text": [ "ශ්‍රීලනිපයෙන්" ] }
ebe84957-c042-45a0-890c-6f1a0c5344ad
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජනක ඒකනායක මහතා ඇමෙරිකානු එක්සත් ජනපදයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ආයතනයේ (අයිඊඊඊ) ඉහළම (අධිසාමාක) සාමාජිකයකු ලෙස නම්කර තිබේ.අයිඊඊඊ ආයතනය ලෝකයේ විශාල කීර්ති නාමයක් දිනාගෙන සිටින මනුෂ්‍යත්වය සහ යහපත් සඳහා තාක්‍ෂණය ඉදිරියට ගෙනයෑමට කැපවූ කර්මික හා වෘත්තීය සංවිධානයකි.ලක්‍ෂ 4 කට ආසන්න සාමාජිකයන්ගෙන් සියයට 0.1 පමණක් මෙවැනි අධිසාමාක සාමාජිකත්වය ලබාදෙයි. මහාචාර්ය ජනක ඒකනායක මහතා ලංකාවේ විශ්ව විද්‍යාලයක සේවය කරමින් එක්සත් රාජධානියේ හා එක්සත් ජනපදයේ ඉංජිනේරු ආයතනවල අධිසාමාක සාමාජිකත්වය දරන එකම ශ්‍රී ලාංකිකයාද වේ.
ලංකාවේ විශ්ව විද්‍යාලයක සේවය කරමින් එක්සත් රාජධානියේ හා එක්සත් ජනපදයේ ඉංජිනේරු ආයතනවල අධිසාමාක සාමාජිකත්වය දරන එකම ශ්‍රී ලාංකිකයා කවුරුන්ද?
{ "answer_start": [ 432 ], "text": [ "මහාචාර්ය ජනක ඒකනායක මහතා" ] }
59606d5f-8842-45c2-b9cd-23067629d5e9
වාලම්පුරිය පිළිබඳ පැතිරී ඇති දුර්මත රාශියකි. ඇතැමුන් මෙහි ලේ නහර පවතින බවත් එවැනි වාලම්පුරි වටිනාකමින් වැඩි දුර්ලභ ඒවා බවත් පවසති. මෙය හුණුගල් වැනි ද්‍රව්‍යයකින් සෑදුණු කටුවක් හෙයින් මෙහි කෙසේ නම් ලේ නහර ගමන් කරන්නේදැයි සිතිය හැකි ද යන්න ඔබට සිතන්නට අවස්ථාව ඇත. අනෙක් මතයක් නම් ටෝච් එළියක් ඇල්ලූ විට ලේ පාටට පෙනෙන බවයි. ඕනෑම බෙලි කටුවකට එළියක් ඇල්ලූ විට එක්තරා අඳුරු දුඹුරු පැහැයක් ගැනීම ස්වාභාවිකය. එය වාලම්පුරියක් නොව සාමාන්‍ය බෙලි කටුවකට පොදු වූවක් බව පෙනේ. වාලම්පුරියට සමන්පිච්ච කැකුළු දමා තිබීමෙන් නියම වාලම්පුරියක් නම් සමන් කැකුළු පිපෙන බව ද පවසති. සාමාන්‍ය වශයෙන් සමන්මල් පොහොට්ටු සවස් කාලයේ කඩා පැන් ස්වල්පයක් ඉස තැබීමෙන් සවස හත පමණ වනවිට සමන්පිච්ච මල් පිපී සුවඳ හමයි. එය සාමාන්‍ය ධර්මතාවකි.
වාලම්පුරියට ටෝච් එකක් ඇල්ලූ විට පෙනෙන්නේ කුමන පාටින්ද?
{ "answer_start": [ 300 ], "text": [ "ලේ පාටට" ] }
53251b68-421c-4331-a822-b740f351fd31
තමන් තුළ පැවති විවිධ දක්ෂතා කුඩා වියේදී සිටම දක්වාලමින් සිංහල ජන සමාජය පමණක්ද නොව පිටරට ජන සමාජයන්ද, විස්මිත කරවූ කලා ශිල්පියෙකුට අන්තිමේ අත්වූ ඉරණම පිළිබඳව හෙළි කිරීමේදී මෑත යුගයේදී ආනන්ද සමරකෝන් මහතාට අත්වූ ඛේදවාචක අවසානය ගැන සඳහන් කළ හැක්කේය. තම දක්ෂතා මගින් ප්‍රබුද්ධ ජනතාවකගේ සිත්සතන්වල නව ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණ ඇතිව එතුමන් විසින් කටයුතු කරන ලද නමුදු එවකට කලාව සහ කලා ශිල්පීන් භාරව සිටි බලධාරින් විසින් එතුමුතුව සලකන ලද්දේ ඉතාමත්ම පහත් අන්දමටය. කලා ශිල්පීන්ට අතහිතදීම උදෙසා වර්ෂ 1956දී බලයට පත් බණ්ඩාරනායක අගමැතිතුමාගේ ප්‍රමුඛ අදහසට පණදීමක් වශයෙන් සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයක් පිහිටන ලද නමුදු, එකල එහි අරක්ගෙන සිටි අපූරු බලධාරින් පිරිසක් විසින් නන් අතේ දස්කම් ඇති ශිල්පියකු වූ ආන්නද සමරකෝන් මහතාට දෙන ලද්දේ ලංකා කලා මණ්ඩලයේ කලා සහකාර තනතුරකි. එහෙත් එම කලා සහකාර සේවයෙහිද වසර දෙකක සේවයෙන් පසු එම කලා මණ්ඩලයට පත්වූ නව සභාපතිනිය විසින් ආනන්ද සමරකෝන් මහතා කිසිදු හේතුවක් නොදන්නා එම තනතුරින් ඉවත් කර දමනු ලැබුවාය.
සිංහල ජන සමාජය හා පිටරට ජන සමාජයන් විස්මිත කරවූ කලා ශිල්පියෙක් ගැන කතා කරේ කව්ද?
{ "answer_start": [ 183 ], "text": [ "ආනන්ද සමරකෝන් මහතාට" ] }
5b01484c-6317-45d0-a78c-19777483147b
ටික වෙලාවකින් සමන් අජිත්ට කතා කර ගසක් පාමුල තැනක් පෙන්වා එතන පරික්ෂා කර බලන ලෙස කියා සිටියේය. අජිත් එම ස්ථානය පරික්ෂා කිරීමට පහතට නැඹුරු වනවාත් සමගම සමන් සඟවාගෙන සිටි පොරොවකින් පහර දුන්නේය. පහර කාගෙනම ආපසු හැරුණ අජිත් ඔහු සමග පොර ඇල්ලුවද සමන් එල්ල කළ තවත් පොරෝ පහර කීපයකින් පරාජය භාරගන්නට ඔහුට සිදුවිය. සමන්ගේ සිරුර කැලෑවේ අකුළක් අස්සට ඇද දැමූ සමන් අජිත් ගේ දුරකථනය වැවට විසිකර දමා පොරොවද ගසක් යට වළ දමා කිසිවක් නොවූ පරිදි ගෙදරට ගියේය. ඉන්දිකට වැඩේ අවසන් කළ බව දැනුම් දුන් අතර පොරොන්දු වූ ලක්ෂ දහය එවීමට ගිණුම් අංකයක් එවන්නැයි ඉන්දික දැනුම් දුන්නේය. එහෙත් එවැනි මුදලක් එකවර ගිණුමට ආවොත් එයම තමන් සැකයට භාජනය වීමට හේතු වනු ඇතැයි සිතූ සමන් ඊෂි කෑෂ් ක‍්‍රමයට රුපියල් දහදාහක් පමණක් ගෙන්වා ගත්තේ ඉතිරි මුදල පසුව ගනිමුයි පවසමිනි. එහෙත් එයට පෙර ඔවුන්ගේ ඝාතන සැලසුම් හෙළිදරව් විය.
පොරව වළ දම්මේ කොහේද?
{ "answer_start": [ 389 ], "text": [ "ගසක් යට" ] }
a2a2ea89-6e8c-4978-aed6-557421e689a5
සිංහල භාෂාවේ ප්‍රභවය වසර 6000 ක් පමණ ඈතට දිව යන බවත් පූර්ව ඉන්දු යුරෝපීය භාෂාවක් වූ එය ක්‍රි.පූ. 4500 - 3500 ක් අතර කාලයේදී දක්ෂිණ රුසියානු ප්‍රදේශවල එඬේරුන් විසින් භාවිත කළ කථන භාෂාවක් වූ බව සත්‍ය වශයෙන්ම පිළිගත හැකි බව ඔවුහු ප්‍රකාශ කරයි. දක්ෂිණ රුසියානු තණබිම්වල වැසියන් ආර්යයන් ලෙස යුරෝපයට සහ ආසියාවට සංක්‍රමණය වූයේ ඔවුන්ගේ එම ව්‍යවහාරික භාෂාව ද සමඟ බව ඔවුහු දෙදෙනා තවදුරටත් සඳහන් කරති. සින්ඩ් හෙවත් සින්ධු නදී තීරයෙහි පදිංචි වූ සිංහ වැසියන් ක්‍රමයෙන් ගංගා නම් ගංගා තැනිතලා පෙදෙස්වලට අවුත් ජනපද පිහිටුවා ගත් අතර, ක්‍රි.පූ. හත්වන ශත වර්ෂය වන විට සුර්සේනි නමින් ජනපදයක් යමුනා ගඟබඩ පිහිටුවා ගන්නා ලදී. මොවුන්ගේ අග නගරය වූ මථුරාව හඳුන්වන ලද්දේ ‘සිංහ පුරය’ යන නමිනි. සාරානාත් කෞතුකාගාරයේ ඇති මෙම පෙදෙසින් සොයා ගත් කෞතුක භාණ්ඩ විස්තර කර ඇත්තේ මථුරාව හෙවත් පැරණි සිංහ පුරයෙන් සොයාගත් ද්‍රව්‍ය වශයෙනි. සුර්සේනි ජනපදයේ සිට පැමිණි පිරිස ලංකාවේ රාජ්‍යත්වයට පත් වූහ. විල්හෙල්ම් ගෛගර් පඬිතුමා ‘ලංකාවට සිංහල නාමය ගෙන එන ලද්දේ පණ්ඩුවාසදේව විසින්’ යැයි පවසන්නේ මේ නිසාය.
‘ලංකාවට සිංහල නාමය ගෙන එන ලද්දේ පණ්ඩුවාසදේව විසින්’ යැයි පැවසුවේ කවුද?
{ "answer_start": [ 861 ], "text": [ "විල්හෙල්ම් ගෛගර් පඬිතුමා" ] }
eff6cf7d-05b7-413f-8400-66389e079ca9
එම ශිෂ්ටාචාර යුගයන්හිදී අපේ හෙළ ජනතාව ලබා තිබුණ අධ්‍යාත්මික පාරිශුද්ධ භාවය නිසා අහසින් යාමට තරම් හැකි අතිමානුෂික බලයක් ද ලබා සිටියහ. තවද නොයෙකුත් වෙස් මාරුකර ගත හැකි බලයක් මෙන්ම අත්භූත ප්‍රාතිහාර්ය වැනි දේ කළ හැකි බලයක් ද ඔවුනට තිබිණි. ඒ ඔවුන් දියුණු කර ගත් සිතත් ජ්‍යොතිෂ විද්‍යාවත් හෙළ වෛද්‍ය විද්‍යාවත් මන්ත්‍ර විද්‍යාව හා යෝගී විද්‍යාවත් උපයෝගී කරගෙන පෑ අති විශිෂ්ට විස්මයජනක දස්කම් නිසාවෙනි. මන්ත්‍ර විද්‍යාවේ ඇති මූලධර්ම අනුව දියුණු කර ගත් චිත්ත ධර්මයක් නැති යෝගී බලයක් නැති හෝ අධ්‍යාත්මක පාරිශුද්ධත්වයක් නැති අයට උසස් ප්‍රාතිහාර්යයන් පෑමට නොහැකි වෙයි. එසේ නම් පුරාණ හෙළයාට අතිමානුෂික පිදීමට සුදුසු දිව්‍යමය වැඩ කිරීමට හැකි වූයේ ඔවුන් ලබා තිබුණ අධ්‍යාත්මික පාරිශුද්ධතාවයෙන් දියුණු කළ මන්ත්‍ර විද්‍යාව නිසා බව මනාව සඵුට වෙයි.
අධ්‍යාත්මික පාරිශුද්ධ බාවයෙන් දියුණු කළේ මොනවාද?
{ "answer_start": [ 690 ], "text": [ "මන්ත්‍ර විද්‍යාව" ] }
f6c484fe-ada0-4fce-ae48-e93072f82d98
පසුගිය වසරේ වඩාත් කතාබහට ලක්වූ චිත්‍රපටයක් බවට පත් වූ ඕමාර් ලූලා අධ්‍යක්ෂණය කළ ‘ඔරු ආදර් ලව්’ මලයාලම් චිත්‍රපටය මේ වසරේ පෙබරවාරි 14 වැනිදාට යෙදී තිබෙන ආදරවන්තයන්ගේ දිනයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. පසුගිය කාලයේ විවිධ චෝදනා නිසා මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිමට නොහැකි වු අතර, මේ වනවිට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නිතීයෙන් අවසර ලබාදී ඇත. පෙබරවාරි 14 වැනිදා ප්‍රදර්ශනය කරන්නට නියමිත නිසාවෙන් මෙම චිත්‍රපටයේ ප්‍රචාරක වැඩසටහනක් පසුගිය සති අන්තයේදී පවත්වනු ලැබු අතර, ඒ සඳහා චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන ප්‍රියා ප්‍රකාශ් හා රොෂාන් අබ්දුල් රූෆ් හා ජනප්‍රිය තෙළෙඟු චිත්‍රපට නළු අල්ලු අර්ජූන්ද එක්ව සිටියහ.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ කව්ද?
{ "answer_start": [ 512 ], "text": [ "ප්‍රියා ප්‍රකාශ් හා රොෂාන් අබ්දුල්" ] }
756e5795-1d43-4644-8028-4269bcd877e7
එමෙන් ම දෙවැනි පෑතිස් යුගයේ සිට අද දක්වා සිතුල්පව්ව බෞද්ධ පූජනීය ස්ථානයකි. නමුත් එය ද රාවණ යුගයේ දී සූර්ය වන්දනාවට පාත්‍ර වී ඇත. යක්ෂ ගෝත්‍රික හෙළයන් වර්ෂයකට වරක් සරත් සමයේ පුන් පොහෝ දිනක සිතුල්පව්වට ඒකරාශී වී සූර්ය දෙවියන්ට පුද පූජා පවත්වා භාවනානුයෝගීව හැසිරුණ බැව් “රාවණ කතා” ග්‍රන්ථයේ සඳහන් වේ. සත් වැනි වීරමුණ්ඩ රජතුමා ද භාවනා කිරීමට ගොස් ඇත්තේ සිතුල්පව්වටය. දෙවන රාවණ රජතුමෙකු ගිරුවාපත්තුවේ දෙවොලකට ගොස් දෙවියන් පිදූ බවත්, දැන් එම ස්ථානය “ගැටබරු දෙවොල” ලෙස හඳුන්වනු බවත් “රාවණ කතා” පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වී ඇත. මෙවැනි 10, 11 රාවණ රජවරු සිටි බව තවත් ස්ථාන කීපයක සඳහන් වේ. ඒ අනුව මේවා සූර්ය වන්දනාව කළ රාවණ යුගය දක්වා දිවෙන ඉපැරණි අතීතයක් ඇති ස්ථානයන් ය.
සිතුල්පව්ව සූර්ය වන්දනාවට පාත්‍ර වී ඇත්තේ කුමන යුගයේද?
{ "answer_start": [ 86 ], "text": [ "රාවණ යුගයේ දී" ] }
c755d914-32ff-4ef7-95b6-4e32e30c009f
පැය පහකට පසු අවසානයේ පස් දෙනෙකු රැගත් යානය ගුවනට නැංවිණි. මංකොල්ලකරුට නොපෙනෙන ලෙස ෆයිටර් යානා දෙකක් පැහැරගත් බෝයිං යානයට ඉහළින් හා පහළින් පියාසර කෙරෙමින් යානය හඹා යමින් තිබිණි. නියමු කුටියට ගොස් එහි දොර ඇතුළතින් අගුලු දමාගෙන සිටින ලෙස මංකොල්ලකරු ගුවන් සේවිකා ටීනා මක්ලර්ට කියා සිටියේ එම අතරවාරයේදීය. පියාසැරිය අරඹා විනාඩි 20කට පසුව, එනම් රාත‍්‍රී අටට පමණ යානයේ පියගැට විවෘත කර තිබෙන බව අඟවමින් නියමු කුටියේ අනතුරු අඟවන රතු බුබුල දැල්වෙන්නට විය. එම සිදුවීමෙන් මඳ වේලාවක් ඉක්ම යන විට යානය තුළ වායු පීඩනය වෙනස් වූ බව ද නියමුවන්ට දැනගන්නට ලැබිණි. රාත‍්‍රී 8.13 සටහන් වූ අවස්ථාවේ යානයේ පිටුපස කොටසින් හදිසි ගැස්මක් ඇති විය. එවර යානයේ සමතුලිත බව ගිලිහී ගියෙන් නියමුවාට එය නැවත සකසන්නට පවා සිදුවිය. නමුත් දොර විවර කිරීම තහනම් නිසා නියමුවෝ ඔවුනට අණ ලැබුණු පරිදි යානය නෙවාඩා හි රෙනෝ ගුවන් තොට වෙත රැගෙන ගියහ. යානය ගොඩ බස්වන විට හමුදා සෙබළු හා එෆ් බී අයි ආයතනය මගින් යානය වට කරගත් අතර ඒ වන විටත් මංකොල්ලකරු අතුරුදන්ව සිටියේය.
යානය ගොඩ බස්වන විට යානය වට කරගත්තේ කවුද ?
{ "answer_start": [ 819 ], "text": [ "හමුදා සෙබළු හා එෆ් බී අයි ආයතනය" ] }
85d3ff40-10a3-4984-86da-18774fdf7de0
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ව්‍යාපාරික ආයතන රැසක් පිහිටි සිවු මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නෙන් 27 දෙනෙකු මියගිය අතර 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි. ගින්න හටගත්තේ ඊයේ සවසය. ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ නවදිල්ලියේ මුන්ඩ්කා පළාතේය. ගින්නට කොටුවුණු පිරිස 50 කට වැඩිය. ඔවුන් සියලු දෙනා මුදා ගැනීමටත්, තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද වාර්තා වේ. ගිනි නිවන භටයන් ඉහළ මහලවල සිරවී සිටි පිරිස් මුදා ගත්තේ දොඹකර යොදා ගනිමිනි. ගින්න හටගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ පළමු මහලේය. නිසි ලෙස ගොඩනැගිල්ල නඩත්තු නොකිරීම නිසා ගින්න හටගත් බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර ගොඩනැගිල්ල අයත් සමාගමේ හිමිකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසියෙන් බේරී පලා ගොස් ඇතැයි ද පැවැසෙයි. ඔහු සොයා විමර්ශන ආරම්භ කර තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ව්‍යාපාරික ආයතන රැසක් පිහිටි සිවු මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නෙන් කී දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේද?
{ "answer_start": [ 113 ], "text": [ "12 දෙනකු" ] }
35d8fb4d-cb1c-449e-9c86-9c0a9d17389d
දෙවන පාවුළු පාප්වහන්සේ ශ්‍රී ලංකාවට 2015 වසරේ වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේගේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවූයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් අධිකාරී අතුල දවුලගල මහතාටය. පොලිස් අධිකාරි දවුලගල මහතා ඇෙමරිකා එක්සත් ජනපදයේ ජෝජියාවලදී ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ පුහුණුව ලබා ඇති නිලධාරියෙකි. ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතාය. පොලිස් විශේෂ කාර්ය බළකායේ වත්මන් අණදෙන නිලධාරී ලතීෆ් මහතාද එක්සත් රාජධානියේදී ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ විශේෂ පුහුණුවීමක් ලැබ 1989 වසරේ සිට 1992 වසර දක්වා ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් අධිකාරී කවුද?
{ "answer_start": [ 186 ], "text": [ "අතුල දවුලගල මහතා" ] }
17fd58ec-9f7d-401a-a2ab-2b4d6eca8d5a
සිංහල අවුරුදු දිනය උදා විය. එය 1942 අප්‍රේල් මස උදා වූ සිංහල අවුරුදු දිනයයි. පෙර වසරවල සිංහල අවුරුදු දිනය උදාවීමත් සමඟ මුළු ගමට ප්‍රාණවත් ලෙස ක්‍රියාශීලීව බෙහෙවින් නොයෙක් වැඩ කටයුතුවල යෙදිණ. අපි සියලු දෙන එදින අවදි වූ මුත් පෙර වසරවල මෙන් ප්‍රාණවත් ගතියක් නොදැනුණි. අම්මා සහ බාලම්මා ගිනි උදුන වටකර ගනිමින් කැවිලි සාදනවා නින්දට ගිය අපට නින්දෙන් මෙන් ඇසුණි. නින්දෙන් නැගිට ගත් අපට දැන ගැනීමට හැකිවූ දෙය අපටම අදහා ගත නොහැකිය. අම්මා බාලම්මලා මෙන්ම අක්කලාද එක්වී එකතුව අපි පදිංචි නිවසේ කිරිබත් කැවුම්, කොකිස්, කෙසෙල් ගෙඩි සමඟ විශාල කෑම මේසයක් සකස් කොට තිබුණි. තාත්තා උදෑසනින් නැගිට අපටද කෑ ගසනු ඇසුණි. අපි සියලු දෙනා අවදිවී නෑම පිණිස ගිං ගඟට යනවා මට මතකය. ගඟ අද්දරට වී ප්‍රවේශමෙන් අප සියලු දෙන ඉවුරට ගෙන ඇඳුම් ඇඳ ගන්නා ලෙස විධානය කෙරුණි.
ගිනි උදුන වටකරගෙන කැවිලි සාදන්නේ කව්ද?
{ "answer_start": [ 265 ], "text": [ "අම්මා සහ බාලම්මා" ] }
bda9864c-38e6-4ebd-8029-d619fa9ee788
ඔහු සංගීත භාණ්ඩ කීපයක නම් ප්‍රකාශ කරමින් එම භාණ්ඩ වාදනය කිරීමට හැකි බැව් ද පැවසුවේය. එතැන් සිට තම දරුවා පිළබඳව දැඩි අවධානයක් යොමු කළ මව ඔහුගේ ප්‍රකාශ සහ හඳුනා ගැනීම් නිරීක්ෂණයට ලක් කළාය. ඒ පිළිබඳව පර්යේෂණ පැවැත්වීමට මනෝ විද්‍යාඥයන්ට අවස්ථාව ලැබිණි. ඒ අනුව මහාචාර්ය ස්ටීවන්සන් විසින් එම දරුවා පිළිබඳව සියුම් පර්යේෂණයක් සිදු කළේය. මෙම පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කි බවට පත් වූයේ එම දරුවා විසින් පෙර භවයේ භාවිත කළ භාණ්ඩ කීපයක්ම නිවැරදිව හඳුනා ගැනීමටත් මිය ගිය පුද්ගලයාගේ නම හෙළි කිරීම සහ හැසිරීම රටා ඔහු තුළත් දක්නට ලැබීමය.
ඒ පිළිබදව පර්යේෂණ පැවැත්වීමට අවස්තාව ලැබුණේ කාටද?
{ "answer_start": [ 216 ], "text": [ "මනෝ විද්‍යාඥයන්ට" ] }
791f1861-e1a2-4ec3-b3d8-2406d194b35a
තවදුරටත් සිරුර කපා පරීක්ෂා කිරීමේදී ස්වාසනාළවලත්, දකුණු හා වම් පෙණහලුවලත් ඒවාට සම්බන්ධ අනුශ්වාසනාළිකාවලත් දැළි දක්නට ලැබිණ. එලෙස ශ්වාසනාළිකාවලට දැළි ඇතුළු විය හැක්කේ හුස්මගැනීමක් සිදුවුවහොත් පමණි. එසේ නම් සුජිත් ගින්නට හසුවන විටත් මියගොස් තිබී නැත. ඔහු ගින්නෙන් පිලිස්සෙන විට බේරෙන්නට දඟලන්නටද ඇත. ඔහු වේගයෙන් හුස්ම ගනිමින් ජීවත්වීමට වෙර දැරීම නිසා අධික ලෙස ශ්වාසනාළ ඔස්සේ පෙණහලු දක්වාම දැළි ගමන් කරන්නට ඇත. ඒ නිසා සුජිත් ගින්නට දමන විට ඔහු මියගොස් නොතිබූ බව තවදුරටත් සනාථ විය. එහෙත් එයින්ද නැවතීමක් ලබන්නට අධිකරණ වෛද්‍යවරයාට නොහැකිය. ඔහු තවදුරටත් සිදුකළ යුතු රසායනික පරීක්ෂාවන් කීපයක්ද විය. ඒ සඳහා ඔහුගේ ලේ පරීක්ෂා කරන්නට සිදුවේ. එයින් අදහස් කරන්නේ විෂ ශරීරගත වීමක් සිදුව තිබේද? ඇල්කොහොල් භාවිත කර තිබේද? ඇල්කොහොල් අධික මාත්‍රාවක් ශරීර ගත වීමෙන් මරණය ඉක්මන් කර තිබේද යන ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමය. මෙම සිරුර ගින්නකට හසුව තිබී සොයාගත් නිසා ඔහුගේ ලේවල අඩංගු කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණයද නිශ්චය කර ගත යුතුව තිබේ. එයද ඔහු මියගියේ ගෙල සිරවීමෙන්ද නැත්නම් ඉන්පසුව ගින්නට දැමීම නිසාද යන්න නිගමනයට වැදගත් වනු ඇත. ලේ පරීක්ෂාවේදී ලේවල කාබන්මොනොක්සයිඩ් 17%ක් ඇති බව හෙළි විය. සාමාන්‍යයෙන් දුම ආශ්‍රිතව නිතර වැඩකරන විශේෂයෙන්ම මුළුතැන්ගෙවල්වල වැඩ කරන අයගේ සිරුරේ කාබන් මොනොක්සයිඩ් 5%ක් පමණ තිබිය හැකිය. එහෙත් 17% ලේ වල කාබන් මොනොක්සයිඩ් තිබිය හැක්කේ අධික ලෙස කුණු පුලුස්සන තැනක හෝ ගින්නකට හසුවූ අයෙකුගේ සිරුරේය.
එලෙස ශ්වාසනාළිකාවලට දැළි ඇතුළු විය හැක්කේ කුමක් සිදුවුවහොත් පමණක්ද?
{ "answer_start": [ 166 ], "text": [ "හුස්මගැනීමක් සිදුවුවහොත් පමණි" ] }
39c0e0a7-1a58-4085-9531-3d09c27a51d0
දේශපාලන පක්ෂ 11 එකතුවෙන් එළි දැක් වූ රට හරිමඟට වැඩසටහන සම්බන්ධව මහා නායක හිමිවරුන් දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරවංශ, උදය ගම්මන්පිල,වාසු දේව නානායක්කාර ඇතුළු පිරිසක් මහනුවර ගිය අවස්ථාවේ මේ බව පැවැසීය. ඇමෙරිකාවට සහ ඉන්දියාවට ලංකාවේ යම් යම් කොටස් හා අංශ ගිවිසුම් මගින් රට රටවලට දෙන එක ගැන රටේ ජනතාව අතර නිරන්තර කතිකාවතක් ගොඩ නැඟී තිබෙනව්. මේ සම්බන්ධයෙන් කිසිදු විනිවිද භාවයක් නැති බව ජනතාව කතාකරනවා. යුක්රේනය හා රුසියාව අතර ඇති වී තිබෙන තත්වය මෙ රටට ගෙන එන්න සූදානමක් තිබෙනවා දැයි මල්වතු නා හිමියෝ දේශපාල නියෝජිතයන් හමුවේ කියා සිටියහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රට හරිමඟට වැඩසටහන එළිදැක්වූ බව මහනායක හිමිවරු දැනුවත් කලේ කොහේදීද
{ "answer_start": [ 188 ], "text": [ "මහනුවර ගිය අවස්ථාවේ" ] }
f89fdb1b-30a7-44b0-ad11-429c991cf431
ඉරානයේ ටෙහෙරානයට උතුරින් පිහිටි ඇල්බෝර්ස් කඳුවැටියේ දී හිම කුණාටුවකට හසුවූ කඳු නගින්නන් 10 දෙනකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති. මියගිය අය අතර දේශපාලනඥයෙකු, වෛද්‍යවරයෙකු, කඳු නැගීමේ උපදේශකයෙකු හා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ද සිටින බව පැවසේ. රෙඩ් ක්‍රෙසන්ට් විසින් ස්වෙච්ඡා කණ්ඩායම් 20ක් කඳුකරයට යවා තිබේ. ඔවුන් විසින් 14දෙනකු බේරාගෙන ඇති බවත් අතර තවත් හත්දෙනකු අතුරුදන්ව ඇති බවත් සඳහන් වේ. කඳුකරයේ පසුගිය දින කිහිපයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හිම කුණාටු ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබුණ ද එය නොතකමින් බොහෝදෙනා කඳුකරය වෙත ගොස් සිටි බව බලධාරීහු පවසති.
ඔවුන් විසින් බේරාගත් පිරිස කොපමණද ?
{ "answer_start": [ 316 ], "text": [ "14දෙනකු" ] }
33a7a716-d819-4f48-84a0-f2add2f78ac2
ඊශ්‍රායලය එල්ල කරන ලද ප්‍රහාරයකින් නැගෙනහිර සිරියාවේ, සිරියානු සොල්දාදුවන් නවදෙනකු සහ ඔවුන්ට සහාය දක්වන සටන්කාමීන් 31 දෙනකු මරණයට පත්ව ඇතැයි වාර්තා වේ. නැගෙනහිර සිරියාවේ ඩියර් එසෝර් නගරයේ සිට ඉරාක දේශසීමාව දක්වා විහිදුණු ප්‍රදේශයකට මෙම ප්‍රහාර එල්ල වී තිබෙන අතර ගුවන් ප්‍රහාර 18කට ආසන්න සංඛ්‍යාවක් එල්ල වී ඇතැයි පැවසේ. ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කරන ලද මෙම ප්‍රහාරවලින් 40 දෙනකු මරණයට පත්ව ඇති බව මානව හිමිකම් සඳහා සිරියානු නිරීක්ෂණ සංවිධානය ද තහවුරු කළේය. එයින් මියගිය අයගෙන් නවදෙනකු සිරියානු සොල්දාදුවන් බවත් 31 දෙනා අතර විදෙස් සටන්කාමීන් ද සිටින බවත් එම සංවිධානය සඳහන් කළේය. එම විදෙස් සටන්කාමීන්ගේ ජාතිකත්වය මෙතෙක් තහවුරැ වී නැත.
ඊශ්‍රායලයේ ප්‍රහාරයෙන් මියගිය සිරියානු සොල්දාදුවන් ගනන කීයද?
{ "answer_start": [ 54 ], "text": [ "සිරියානු සොල්දාදුවන් නවදෙනකු" ] }
9ae439e6-c367-48f2-b678-7530d533e9c0
සුපිරි හොලිවුඩ් සිනමා නිළි මේ වනවිට හොලිවුඩ් සිනමාවෙන් තාවකාලිව ඈත්ව සිටින පුවතක් හොලිවුඩයෙන් වාර්තා වේ. ඇයට හිතවත් පිරිස් පවසන්නේ නිකොලි මේ වනවිට යළිත් වරක් ගැබි ගෙන ඇති බවය. 52 වැනි වියෙහි පසුවන ඇය මේ වනවිටත් දරුවන් සිවු දෙනෙකුගේ මවක්ද වෙයි. මේ වනවිට සිය දෙවැනි සැමියා වන ඇමෙරිකානු පොප් ගායක කිත් උර්බන් සමග විවාහ වී සිටින අතර, ඔහුටද දාව 11 වැනි වියෙහි පසුවන ගැහැණු දරුවෙකු හා 09 වැනි වියෙහි පසුවන පිරිමි දරුවෙකුද සිටියි. එමෙන්ම ටොම් කෲස්ට දාවද ඇයට දරුවන් දෙදෙනෙකුද සිටියි.
සුපිරි හොලිවුඩ් සිනමා නිළි නිකොලි පසුවන්නේ කීවෙනි වියෙහිද?
{ "answer_start": [ 176 ], "text": [ "52 වැනි වියෙහි" ] }
3d04b4de-859a-4dec-9c58-1d3c6c72f044
76 හැවිරිදි නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබ සිටින සූ කී බලයෙන් නෙරපා දමමින් හමුදාව එරට බලය අල්ලා ගත්තේ මෙම වසරේ පෙබරවාරි පළමු වැනිදාය. මියන්මාර මහ මැතිවරණය පසුගිය වසරේ පැවැත්විණි. එයින් ද පහසු විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සූ කී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත් විය. පරාජය වූයේ මියන්මාර හමුදාවට සහාය දක්වන දේශපාලන කණ්ඩායම්ය. එම දේශපාලන කණ්ඩායම් දිගින් දිගටම චෝදනා කරන්න වූයේ මහ මැතිවරණය දූෂිත බවට ය. හමුදා කුමන්ත්‍රණයක් තෙක් එම චෝදනා දුරදිග ගියේ ඉන්පසුවය. හමුදා සොල්දාදුවන් අවුන් සාන් සූ කී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇගේ යැංගොන් නුවර නිවසේ තිබී වෝකිටෝකි ඇතුළු සන්නිවේදන උපකරණ හමුවිය. ඒවා සම්බන්ධයෙන් බලපත්‍ර නොතිබුණු බව ද පැවැසිණි.
පරාජය වුයේ කව්රුන්ද
{ "answer_start": [ 282 ], "text": [ "මියන්මාර හමුදාවට" ] }
00bd3292-d488-4b1b-acfe-f694c0f061ad
එසේ නම් මේ සාදවලට තරුණයන් ඇදී එන්නේ ඇයි? ඒ හුදෙක් විනෝදය සඳහාමය. තරුණයා අලුත් අත්දැකීම් ලැබීමට කැමතිය. හැමදාමත් දකින සංගීත සංදර්ශනවලට, කාගේ හෝ උපන් දින සාදයකට, මංගල උත්සවයකට සහභාගී වී ඒවායේ ඩීජේ සංගීතයට නටනවාට වඩා වෙනස් අත්දැකීමක් ලබන්න තිබෙනවා නම් ඒවාට ඔවුන් ආකර්ශනය වෙන්නේ ඉබේටමය. ෆේස්බුක් සාද සංවිධානය කරන ව්‍යාපාරිකයෝ එය හොඳින්ම වටහා ගෙන ඇත. ඒ නිසා සංවිධායකයෝ පළමුව කරන ලද ෆෙස්බුක් සාදයේ තරුණ තරුණියන් මත්වී රඟන රැඟුම්, සාදය පැවැත්වෙන හෝටලයේ සුන්දර දර්ශන, නිදහස් බව රාත්‍රී කාලයන්හිදී ඒ හෝටල්වල වටපිටාව, අලෝකය පවතින ආකාරය ආදී දර්ශන වීඩියෝගත කර ඒවා මුහුණුපොත ඔස්සේ ප්‍රචාරය කරති. තරුණ තරුණියන් ඇදී එන්නේ ඒ ප්‍රචාරයන් වෙත ආකර්ෂණය වෙමිනි. ඇතැම් විට ඔවුන්ට මෙහිදී අත්දකින්නට සිදුවෙන මත්පෙති සංග්‍රහය ගැන කිසිවක් නොදන්නවා වන්නටද හැකිය. ඒ අත්දැකීම ඔවුන්ට ලැබෙන්න සාදයට සහභාගී වූ පසුවය. එය ද තරුණ තරුණියන් ආකර්ෂණය කරගන්නා කෙතෙක් ද යත් සාදයේදී තමන් ඉදිරියේ සීයක් මැරී වැටුණ ද එහි වරද මිය යන්නාට මිස සාදය සංවිධානය කරන්නා වෙත පැටවීමට මේ සාදවලට සම්බන්ධ වන කිසිදු තරුණයකු තරුණියක කැමැති වන්නේ නැත. වාද්දුවේදී පැවැති ෆේස්බුක් සාදයේදී සිව්දෙනකු මිය ගොස් තිබියදීත් ගල්කිස්සේ තවත් සාදයක් පසුගියදා පැවැත්වීමට හැකියාව ලැබුණේ ඒ නිසාය.
සංවිධායකයෝ මුහුණුපොත ඔස්සේ ප්‍රචාරය කරේ හෝටලේ කුමක් ගැනද ?
{ "answer_start": [ 508 ], "text": [ "අලෝකය පවතින ආකාරය" ] }
1b209629-fd3a-4d03-93f2-b26f6c66d5cb
නංගී අපි ෆෝම් පුරවලා සාමාජිකයෝ බඳවා ගන්නේ නැහැ. නංගි කැමති නම් ඇඩ්‍රස් එක දෙන්න, නැත්නම් ඔයාව සම්බන්ධ කරගන්න විදිහක් අපිට කියන්න. අපි හම්බවෙලා කතා කරමු. මේකේ වැඩකරන ආකාරය අනුව තමයි ඔයා සාමාජිකයකු වෙනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ. එහෙම නැතිව සාමාජික මුදලකින් නෙවෙයි කියලා ඔහු මට පැහැදිලි කළා. ඒක මගේ හිතට තවත් කාවැදුණා. ඒ වෙලාවෙම මම ලිපිනය දුන්නා. ටික දවසකට පස්සේ වැඩිහිටි කාන්තාවක් ආවා මාව හමුවෙන්න. එයාට කවුරුත් කිව්වේ කාන්ති අක්කා කියලා. ඒ නිසා මමත් එහෙම කිව්වා. කාන්ති අක්කා මාව මුණගැහිලා කැන්වසින්වලට එක්ක ගියා. මම කිසිම දෙයක් කියන්න දන්නේ නැති නිසා මුලින්ම එයාලා ගෙවල්වලට ගිහින් කතා කරද්දි මම අහගෙන හිටියා විතරයි. ඊට පස්සේ මම කිව්වා මට මේ විදිහට කතා කරන්න ඉගෙන ගන්න ඕන කියලා. ඒ පාර මාව පක්ෂේ අධ්‍යාපන වැඩවලට සම්බන්ධ කරගත්තා.
කාන්ති අක්කා මුණ ගැසී ඇයව ගියේ මොනාටද ?
{ "answer_start": [ 491 ], "text": [ "කැන්වසින්වලට" ] }
8b3da202-282a-4891-9617-58a021c3e418
ඇලෙක්සැන්ඩර් ටයරය සමග යුද ප‍්‍රකාශ කළේය. එම දිවයින අත්පත් කර ගැනීමට ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවට මාස හතක පමණ කාලයක් සටන් කිරීමට සිදු විය. අවසානයේ ඔහුගේ ඉංජිනේරුවෝ ගොඩබිම සිට ටයර් දිවයින දක්වා සැතපුම් බාගයක් පමණ දිග පාලමක් තැනූහ. ඒ ඔස්සේ මුහුද දෙසින් දූපතට සමීප වූ ඔවුහු විශාල අටල්ලක් බඳු උපකරණයක ආධාරයෙන් පවුර මතට ගොඩ වී නගරයට ප‍්‍රහාර එල්ල කළහ. ටයර් රාජ්‍යයේ ආරක්ෂක වළල්ල බිඳ දැමූ ඔවුහු නගරයෙන් අඩක් පමණ විනාශ කළහ. ඇරියන් නමැති ඉතිහාසඥයාට අනුව නගරය අත්පත් කරගත් ඇලෙක්සැන්ඩර්ගේ හමුදාව එහි වාසය කළ 8,000කට අධික වැසියන් පිරිසක් ඝාතනය කර තිබේ. 30,000කට අධික පිරිසක් වහලුන් ලෙස විකුණා දැමිණි.
ඇලෙක්සැන්ඩර්ගේ ඉංජිනේරුවෝ සිදුකළේ කුමක්ද?
{ "answer_start": [ 186 ], "text": [ "සැතපුම් බාගයක් පමණ දිග පාලමක් තැනූහ" ] }
a216f1e1-956f-4665-b893-d0b59003aec4
අතීත ශ්‍රී විභූතියේ නොමැකෙන සටහන් රැසක් සඟවාගෙන සිටින අපූර්වතම ගම්මානයක් ලෙස එලදැත්ත ගම්මානය හැඳින්විය හැක. රමණීය වෙල්යායකින් මැදිව පිහිටි මෙම ගම්මානය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති සුන්දර මෙන්ම දැකුම්කලු ගම් පියසකි. ගැමිකම තුරුලු කොට ගත් අව්‍යාජ මිනිසුන් සමූහයක් සහිත මෙකී සුන්දර ගම්මානය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබේ. රොබට් නොක්ස් නම් ඉංග්‍රීසී ජාතිකයා දෙවන රාජසිංහ රජ දවසේ වසර ගණනාවක් මෙරට සිර ගතව සිටි පුද්ගලයෙකි. රොබට් නොක්ස් කිවු සැණින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙනුයේ එදා හෙළදිව නම් ග්‍රන්ථයය. රොබට් නොක්ස් අති දක්ෂ ලේඛකයෙකු බව එම පොතෙන් පෙන්වා දෙන අතර ඔහු විසින් එම පොතේ සටහන් කොට ඇති දෑ අදටත් අප උපහැරණ ලෙස කියති.
එලදැත්ත ගම්මානය පිහිටා ඇති දිස්ත්‍රික්කය කුමක්ද?
{ "answer_start": [ 288 ], "text": [ "මහනුවර" ] }
0627f537-d531-4022-b9c4-3005ffa07283
ඉංග්‍රීසින් විසින් මෙරට පුංචි එංගලන්තය ලෙස නම් කර ඉදිකළ නුවරඑළිය නගරයට අවුරුදු 190ක් සපිරුණු බව අපි අභිමානයෙන් යුතුව ඉකුත්දා සටහනක් තබා රටට කියා සිටියෙමු. බ්‍රිතාන්‍යයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුකූලව ඉතා ක්‍රමානුකූලව විධිමත් අයුරින් තමන්ට අවශ්‍ය වූ ගොඩනැගිලි ඉදිකිරීමට එදවස ඉංග්‍රීසීහු වගබලා ගත් බව මීට වසර 30– 40කට පෙර නුවඑළිය පිළිබඳ මතකයක් ඇති අයගේ මනස් තුළ ඒ සොඳුරු පුංචි නුවරඑළියේ හැඩරුව නිරූපණය වනු නොඅනුමානය. නගරයේ මැද විද්‍යමානවූ ලීයෙන් තැනූ දෙමහල් පුරහල ඊට කදිම නිදර්ශනයකි. අද දවසේ නුවරඑළිය නගරයට සේන්දුවන ඕනෑම කෙනෙකුගේ නෙත සිත වසඟ කරන දර්ශනීය තැපැල්හල නුවරඑළිය සලකුණ බඳුය. 1828 වසරේ එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා නිවාඩු නිකේතනයක් ලෙස ඇරඹු නුවඑළිය තුළ මුල් කාලයේ ඔවුන්ගේ නිවාස වරිච්චි බිත්තිවලින් ගොඩනගා ටකරන්වලින් වහළවල් සකසා ඊට ඉහළින් මානකොළ අතුරා සීතල වළකාගත් බව තොරතුරු කියැවේ. එසේ සෑදූ නිවෙස් ඇතුළත සීතලගතිය පහව යාමට කණු උඩ සවිකළ ලෑලි යොදාගෙන තිබුණද එදා නුවරඑළියේ ඉදිකළ ප්‍රාථමික ගොඩනැගිලිවලට මානාකොළ කැපූ ප්‍රදේශය අද සදතැන්න නොහොත් මුන්ප්ලේන්ස් ලෙස භාවිතා කරන ගම්මානයයි.
එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා නිවාඩු නිකේතනයක් ලෙස ඇරඹු නුවරඑළිය නිර්මාණය කලේ කිනම් වසරේද?
{ "answer_start": [ 579 ], "text": [ "1828 වසරේ" ] }
785e0507-70b8-4693-a53a-a53d0b59b516
දෙවැනි ලෝක යුද්ධය පටන් ගැනීමත් සමඟ ජපනුන් කොයි වෙලේ ප්‍රහාරයක් එල්ල කරාවිදෝ යන භීතිය නිසා යළිත් කරුණාදාස ඇතුළු පවුලම උපන් ගම මාතරට ගියහ. යළි කොළඹට පැමිණි කරුණාදාස ඊළඟට ඇතුළත් වූයේ කොළඹ නාලන්දා විදුහලටය. 1942 දී කරුණාදාස අබේසේකර, ‘කරුණාරත්න අබේසේකර’ වන්නේ සිය මුල්ම කවි පන්තිය පුවත්පතකට ලියා යැවීමත් සමඟය. නාලන්දා විදුහලට සිංහල සාහිත්‍යය ගුරුවරයා ලෙස පත්ව ආ ‘සිරි අයියා’ (අධිනීතිඥ යූ.ඒ.එස්. පෙරේරා)ගේ උදව්වෙන් කරුණාරත්න ගුවන්විදුලියට සම්බන්ධ වූවේ සිරි අයියා මෙහෙය වූ ළමා තීරය, කවි මඩුව, විරිඳු සංග්‍රහය ආදී වැඩසටහන්වලටය.
කරුණාරත්න ගුවන්විදුලියට සම්බන්ධ වූවේ කාගේ උදව්වෙන්ද?
{ "answer_start": [ 357 ], "text": [ "‘සිරි අයියා’ (අධිනීතිඥ යූ.ඒ.එස්. පෙරේරා)ගේ" ] }
35c52c91-4996-4ff9-bb23-667a18901009
ප්ලොට් නැතහොත් දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය යනු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ එල්ටීටීඊ සංවිධානය සමග ඉන්දියාවේ චෙන්නායිවල වීදිවල පවා සටන් වැදීමෙන් පසු උමා මහේෂ්වරන්ගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබූ දෙමළ දේශපාලන සංවිධානයකි. වෘත්තියෙන් මිනින්දෝරුවකු වූ උමා මහේෂ්වරන් 1989 වසරේදී එල්ටීටීඊය විසින් කොළඹදී ඝාතනය කරනු ලැබීය. සමාජවාදී මතවාදයට වඩාත් අනුගත ව සිටි මහේෂ්වරන් එවකට ලංකාවේ තිබුණ අනෙකුත් බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානවල නායකත්වයට වඩා සාපේක්‍ෂව බෙහෙවින් වෙනස් නායකයෙක් විය. මෙම සිද්ධියෙන් වසර හතර පමණ පසු ප්ලොට් කණ්ඩායමේ නායකත්වයට පත් ඩී සිද්ධාර්ථන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වූ මෙම ප්ලොට් සාමාජිකයන් නිදහස් කර ගැනීම සඳහා විවෘතවම පෙනී සිටියේය.
උමා මහේෂ්වරන් එල්ටීටීඊය විසින් ඝාතනය කරේ කුමන වසරේදීද?
{ "answer_start": [ 259 ], "text": [ "1989" ] }
496473b3-62e1-4d9c-9e50-59c385e76f8c
පිටකොටුව හා ඒ අවට කුඩ්ඩන් සියලු දෙනා ‘සුද්දෝදනලා’ නොවෙති. බස් රථ තුළ වෙළෙඳාම් කරන වෙළඳුන් කොටස් දෙකකි. පළමු පිරිස ලංකා ගමනාගමන මණ්ඩලයේ අවසරය මත බස් ගාල තුළ වෙළෙඳාම් කරගෙන යන නිළ ඇඳුම් සහිත පිරිසයි. මොවුහු වංචාකරුවෝ නොවෙති. බසය කොළඹ නගර සීමාව තුළ වාහන තදබදයට හෝ මාර්ග සංඥා අතර හිරවූ විට ඒවාට ගොඩවී වතුර බෝතල රු100/- ට පොත් පහ හය අලෙවි කරන, කඩල, රටකජු, බුලත්විට ආදී දේ පිරුණු බේසමක් කරටගෙන සිටින අය මොනවාදෝ කුරුටු ගෑ තඹ පත් හෝ ලැමිනේට් කරන ලද බෞද්ධ හෝ ජාතික කොඩි මිටියක් රැගෙන බසය සිසාරා යන්නට එක තියුණු බැල්මක් හෙළා තරුණ තරුණියන් වෙත විශේෂයෙන් තරුණ ජෝඩු වෙත කිට්ටුකර, මචං මමත් උඹ වගේම කොල්ලෙක් උදව්වක් කරපං, යැයි පවසමින් ඇඟෙහි දැවටි දැවටී මුදලක් කඩාගැනීමට මාන බලන පිරිස දෙවන කණ්ඩායමයි. දවසේ ගතමනාව සොයාගෙන දරු පවුල් නඩත්තු කිරීමට වෙහෙසෙන උත්සහවන්තයින් මේ අතර සිටින නමුත් මින් වැඩි කොටස කුඩ්ඩන්ය. කිසිවෙකුහට වංචාකර මුදල් ඉපයීමක් නොකරන මොවුන් බොහෝවිට වතුර බෝතල, කුඩා දරුවන්ගේ කතා පොත් පින්තූර පොත් අලෙවි කර ලැබෙන මුදල කුඩු මාරයාට පුදකරති. පිටකොටුව අවට තිබෙන තොග වෙළෙඳසල්වලින් උදේම තමන්ට අවශ්‍ය දේ ලබාගන්නේ මොවුන් සවසට ගනුදෙනු බේරා ලාබය තමන් සතුකර ගනිති. ගතමනාව අඩු දිනවලදී දවල් මෙන්ම රාත්‍රි කාලයේදීද වෙෙළඳාම් කරගෙන යති.
දවල් මෙන්ම රාත්‍රි කාලයේදීද වෙෙළඳාම් කරගෙන යන්නේ කුමන දිනවලද?
{ "answer_start": [ 1052 ], "text": [ "ගතමනාව අඩු දිනවලදී" ] }
d3d9a9a9-6ea4-46f3-afd3-48d160278626
ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝමයේ රෝහලකදී උදරයේ සැත්කමකට භාජන කළ බවත්, සැත්කම සාර්ථක වූ බවත් වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.සැත්කමින් පසු 84 හැවිරිදි පාප්තුමන්ගේ තත්ත්වය යහපත් බවත්, එතුමන් වෛද්‍ය අධීක්ෂණය යටතේ දින කීපයක් රෝහලේ සිටිනු ඇති බවත් වතිකාන ප්‍රකාශක මැතියෝ බෲනී පවසා ඇත.මහ බඩවැලේ අග සිහින් වීමක් හේතුවෙන් සැත්කම කළ බවත්, සැත්කම කළේ සාමාන්‍ය නිර්වින්දන තත්ත්වයක් යටතේ බවත් වතිකාන ප්‍රකාශකයා පැහැදිලි කර ඇත. එය හදිසියේ කළ සැත්කමක් නොවන බවත්, සති කීපයකට පෙර සැත්කමට දින නියම කරගෙන තිබුණු බවත් මැතියෝ බෲනී වැඩි දුරටත් පවසා ඇත.
ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝමයේ රෝහලකදී උදරයේ සැත්කමකට භාජන කිරීමට හේතුව කුමක්ද?
{ "answer_start": [ 290 ], "text": [ "බඩවැලේ අග සිහින් වීමක් හේතුවෙන්" ] }
14292afa-e146-4992-9965-a62e9ca76a76
ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී හොඳම නළුවා ලෙස අට වරක් සම්මාන ලැබු හින්දි සිනමා නළු දිලිප් කුමාර් මීට දින කිහිපයකට පෙර හදිසියේ ඇතිවු රෝගාබාධයක් හේතුවෙන් මුම්බායි හි හින්දුජා රෝහලට ඇතුළත් කර තිබුණි. කෙසේ වෙතත්, පසුගිය ජුනි 10 වැනිද දිලිප් කුමාර්ගේ ඥාති පුතෙකු සිය ටිවිටර් ගිණුමට දැමු සටහනකින් පවසා තිබුණේ දිලිප් කුමාර් සුව වී නැවතත් ඔහුගේ මුමිබායිහි පිහිටි නිවසට පැමිණි බවය. 98 වැනි වියෙහි පසුවන දිලිප් කුමාර් පසුගිය වසර දෙකතුන තුළදී අවස්ථා කිහිපයකදීම හදිසියේ ඇතිවු රෝගාබාධ හේතුවෙන් රෝහල් ගත කරන්නට සිදුවිය. මෙවර ඔහු හින්දුජා රෝහලට ඇතුළත් කර තිබුණේ හදිසියේ ඇති වූ හදෘයබාධයක් හේතුවෙන් බව සඳහන් වෙයි.
දිලිප් කුමාර් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී හොඳම නළුවා ලෙස සම්මාන ලබා ඇති වාර ගණන කීයද?
{ "answer_start": [ 43 ], "text": [ "අට වරක්" ] }
5fb278c6-a3bc-467e-8a80-9d39aaa88639
වියළි කාලගුණය නිසා පෙරදින සරුවට වැඩුණු මානා ගස්වල උස අඩි 4ක් පමණ විය. මාන යායට පැමිණිය ද අපට ගලපිටගල දැකිය නොහැකි විය. එය ඈතින් පෙනෙන ගල් වැටියට සැඟව ඇති බවත් ආසන්නයට යන තෙක්ම අපට දැකිය නොහැකි වනු බවත් කල්තියාම අප දැන සිටියෙමු. චණ්ඩ හිරු රැසට නිරාවරණය වූ අප ලිස්සනසුලු පසට අඩිය තබමින් මානා කැලය මැදින් වැටුණු කුඩා අඩි මාර්ගය දිගේ ඉහළටම ඇදුණෙමු. ක්‍රම ක්‍රමයෙන් කන්ද නගිමින් ඉහළට ඇදෙන විට එක යායට දෘශ්‍යමාන වූ කඳුවැටි රාශියක් දකුණු ප්‍රදේශයෙන් අපට දැකගත හැකි විය. එහිදී කුරගල පිහිටි කඳුවැටිය පහසුවෙන් හඳුනාගත හැකි වූ අතර සමනල වැව් හා කල්තොට සිට නමුණුකුළ තෙක් අපට පුළුල් වපසරියක් දැකගත හැකි විය.
කන්ද නඟිමින් ඉහළට ඇඳෙන විට දැක ගත හැකි වූ කඳුවැටි මොනවාද?
{ "answer_start": [ 469 ], "text": [ "කුරගල පිහිටි කඳුවැටිය" ] }
2ccefa0b-938c-4b2a-9576-f6e140d5f83b
අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඇත්තේ සීමිත ඉඩ ප්‍රමානයකි. වරකට රැඳී සිටීමට පහසුකම් ඇත්තේ ගගනාගමීන් 6 දෙනකුට පමණි. එහෙත් මෙම නව නැවැතුම්පොළේ ඇති තරම් ඉඩකඩ සහ පහසුකම් තිබෙනු ඇති බව පැවැසෙයි. එය මහල් කිහිපයකින් ඉදිවන බවත්, උද්‍යානයක් ද ඇතුළේ නිර්මාණය කෙරෙනු ඇති බවත් නිර්මාණකරුවෝ පවසති. මෙම නව අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිකිරීමට අවුරුදු 30ක් ගත වනු ඇති බව පැවැසෙයි. අන්තර්ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කිරීමට වසර 10ක් ගත විණි. ඒ සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 100කට වැඩි මුදලක් වැය විණි. හත්තේ හැඩයේ නැවැතුම්පොළ නිර්මාණය කිරීමට එම මුදල මෙන් මිලියන 2.89ක් වැය වනු ඇතැයි කෙම්ප් මහතා කියා සිටී.
ඒ සඳහා ඇමරිකන් ඩොලර් බිලියන කීයකට වැඩි මුදලක් වැය වී ඇත්ද?
{ "answer_start": [ 444 ], "text": [ "100කට" ] }
7246950e-ec18-43d9-9ee0-1789c2e56e16
මහා ත්‍රිකෝණය නිර්මාණය වන්නේ එක පැත්තකින් ජීවන රේඛාවත්, අනෙක් පැත්තෙන් ශීර්ෂ රේඛාවත්, තවත් පැත්තකින් සුඛ රේඛාවෙනුත් මායිම්වූ ඒකාබද්ධ වීමෙනුයි. අත්ල මැද්දේ පිහිටන මේ මහා ත්‍රිකෝණය කලින් ලිපියකින් විස්තර කරදී ඇති කුජ කලාවට බොහෝවිට සමාන ලෙස පෙනුනත් ඔය වගේ විශාල වෙනසක් තිබෙන බව අමතක නොකළ යුතුය. සමහර අයගේ අත්වල සුඛ රේඛාව පිහිටා නොතිබෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක කීර්ති රේඛාව පිහිටා තිබේ නම් එය ඒ පැත්තට මායිම වශයෙන් සැලකිය හැක. අත්ලේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින මහා ත්‍රිකෝණයක් පිහිටීම වඩාත්ම වාසනාවන්ත පිහිටීමක් වෙයි. මනා ශරීර ශක්තියක් ඇතිවීමට වගේම ප්‍රගතිශීලී අදහස් මනසේ ඇතිවීමටත් එය හේතුවේ. මහා ත්‍රිකෝණය තුළ තාරකා ලකුණක් පිහිටීම අති සුභදායකය. ඔහුට හෝ ඇයට ජීවිතයේ ජය හා ධනය කීර්තිය සැප සම්පත් යාන වාහන පිරිස් බලය ගෙනදීමට එය හේතුවේ.
මහා ත්‍රිකෝණය පිහිටන්නේ කොහෙද?
{ "answer_start": [ 143 ], "text": [ "අත්ල මැද්දේ" ] }
bb6d68a5-ad70-4dac-9877-fc55c893e591
‘ඕලු මරා’ ජීවත් වෙන්නේ දකුණු ආසියාවේ ලොකුම ජනපදය ලෙස සැලකෙන සිරිගම්පල ජනපදයේය. ඇතැම්හු මෙයට බට්ටා කොලනිය යනුවෙන් ද ව්‍යවහාර කරති. ‘ඕලු මරා’ කියන්නේ ඒ ජනපදයේ ඝන කැලෑවේ වෙසෙන අතිශය දුර්ලභ සත්වයකු බවට ඔබ සිතනවා විය හැකිය. එහෙත් එම සිතිවිල්ල වැරදිය. ‘ඕලු මරා’ කියන්නේ පාතාල නායකයෙකි. ඔහුගේ පිටේ ඕලු මලක් පච්ච කොටා ඇත. එබැවින් සිරිගම්පල ජනපදවාසීන් ඔහු හඳුන්වා ඇත්තේ ඕලු මලා යන නමින්ය. ඕලු මලා වූ ශානුක නමැත්තා පසුකාලයක ඕලු මරා කියන නමින් හඳුන්වන්නට පටන්ගෙන ඇත. පවුල් 3000කට වැඩි පිරිසක් සිරිගම්පල ජනපදයේ ජීවත්වන අතර බහුතරයක් සාමකාමී දිවි පෙවෙතක් ගතකරන අහිංසකයෝ වෙති. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්, ගංජා, කසිප්පු ජාවාරම්කාරයන් මෙන්ම පික්පොකට් කරුවෝ සහ සොරුන්ගෙන් ද මෙම ජනපදයේ අඩුවක් නම් නොමැත. සාමකාමී දිවිපෙවෙතක් ගතකරන ජනතාවට මේ ජාවාරම්කරුවන් සහ සොරුන් හරිම හිසරදයක්ව පැවතිණ. ඕලු මරා නමැත්තා ද පාතාල ලෝකයට ඇද වැටෙන්නේ මෙවැනි සමාජ වටපිටාවක් තුළය.
‘ඕලු මරා’ ජීවත් වෙන්නේ කොහේද?
{ "answer_start": [ 60 ], "text": [ "සිරිගම්පල ජනපදයේය" ] }
9dcaba2f-6be6-49bd-9fd9-6f9a45e51469
කුරුණෑගල, කුඩා ගම්මානයක ජීවත් වන වඩු කාර්මිකයෙකු වූ පියතිලකගේ නිවසේ ජීවත් වූයේ ඔහුගේ බිරිඳ පියවතීත්, වැඩිමල් පුතා වූ රුවන් හා බාල දියණිය සිරිමලීත් ය. මොවුන්ට ආර්ථිකයෙන් මහ ලොකු අගහිඟකම් තිබුණේ නැත. නමුත් දියුණුවක් ද තිබුණේ නැත. නිවසේ බොහෝ දුරට රැඳුණේ සිරිමලීත් පියවතීත් පමණි. රුවන් නිවසේ රැඳුණේ සවස් යාමයෙන් පසු ය. ඔහු නිරන්තරයෙන්ම මිතුරන් සමඟ ගැවසෙමින් කාලය ගත කරන්නෙකි. පියතිලක නිවසට පැමිණෙන්නේද සවස් කාලයේදීය. උදෑසනම තම රාජකාරි කටයුතු සඳහා පිටත්ව යන පියතිලකට එදිනෙදා සිදුවෙන සෑම දෙයක්ම නිවසට ගොඩවැදුණු වහාම පැවසීම පියවතීගේ පුරුද්දක් විය.
පියතිලක යනු කව්ද?
{ "answer_start": [ 33 ], "text": [ "වඩු කාර්මිකයෙකු" ] }
02edea23-fb91-4f50-990f-64380f2c52e7
මෙම දරුවන් දෙදෙනා පෙර භවය අනාවරණය කරන මුල් අවදියේම පර්යේෂණයක් පැවැත්වීමට අපට අවස්ථාව ලැබිණි. ඔවුන් දෙදෙනා පෙර භවය හෙළිකිරීම ආරම්භ වූයේ වයස අවුරුදු තුනේ දීය. එම දරුවන් විසින් ඔවුනොවුන් කරන කතා බහකදීය. එක් දැරියක් දෑත් පිටුපසට එක්කර ඇවිදිමින් ඇයව පෙරභවයේ දී පොලිසියෙන් රැගෙන ගියේ ඒ අයුරින් බැව් අනුකරණය කර පෙන්වූවාය. එය බලා සිටි අනෙක් දැරිය ද ඇයව ද ගෙන ගියේ ඒ අයුරින්ම බැව් හෙළිකළාය. එහිදී එම දරුවන්ට පෙරභව නිවෙස් පිහිටා තිබූ පරිසරය හඳුනා ගැනීමට ද හැකි වූයේ අතිශය පුදුම අයුරිනි. 1978 වසරේ දී උපත ලද මෙම දැරියන් දෙදෙනා පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන් ද ශ්‍රී ලංකාවට පැමිණ පූර්ණ පරික්ෂණයක් සිදු කළේය.
පෙර භවය හෙලිකිරීම ආරම්භ කරේ වයස අවුරුදු කීයේදීද?
{ "answer_start": [ 135 ], "text": [ "වයස අවුරුදු තුනේ දීය" ] }
1868909f-4ba9-4329-a13b-f570b3977173
කලවංචිකුඩි එස්.ටී.එෆ්. කඳවුරේ රාජකාරියේ යෙදී ඉන්න අතරවාරයේ අපිට පණිවිඩයක් ආවා පසුදින අලුයම මඩකලපුව ගුවන්හමුදා කඳවුරට එන්න කියා. ඒ අනුව අපි කණ්ඩායමක් මඩකලපුව ගුවන් හමුදා කඳවුරට ගියා. එතකොට තමා අපිට පැවරිලා තිබුණ රාජකාරිය ගැන දැනගත්තේ. කතරගම පැත්තේ ඉඳලා හෙලිකොප්ටර් යානා හයක් විතර ආවා. අපි ඒ හෙලිකොප්ටර් යානාවලට ගොඩවුණා. එරාවුර් පොලිසියට ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් මඩකලපුව පිල්ලුමලේ ප්‍රදේශයේ කැලෑවේ කඳවුරු බැඳගෙන ඉන්නවා කියා බුද්ධි තොරතුරු වලින් හෙළිකරගෙන තිබෙනවා. හෙලිකොප්ටර් යානා වලින් පිල්ලුමලේ ප්‍රදේශයට ගොස් ගුවනේ සිට ඒ ප්‍රදේශයේ පිහිටි කොටි අඩවියට ගොඩබැස එක්වරම දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. කොටි ත්‍රස්තවාදීන් රැසක් මරා දමා එරාවුර් පොලිසියෙන් පැහැරගෙන ගිය අවි ආයුධ තොගයෙන් කොටසක්ද අත්පත් කරගෙන නිරුපද්‍රිතව කොටි අඩවියෙන් පිටතට පැමිණීමට අප කණ්ඩායම සමත්වුණා. මෙය සතුරා විස්මිත කළ ප්‍රහාරයක් ලෙස හඳුන්වන්න පුළුවනි යැයි විශ්‍රාමික පොලිස් අධිකාරි ලාසිරාන් අසන් මහතා කිව්වේ සිනාසෙමිනි.
රාජකාරියේ යෙදී ඉන්න අතරවාරයේ පණිවිඩයක් ආවේ කුමන කඳවුරෙන්ද ?
{ "answer_start": [ 0 ], "text": [ "කලවංචිකුඩි එස්.ටී.එෆ්. කඳවුරේ" ] }
58c7b3f5-863b-406b-b507-2626b6088d28
විද්‍යාලංකර පිරිවෙනින් අධ්‍යාපනය ලැබූ විදේශීය භික්ෂූන් වහන්සේ අතර මහා පණ්ඩිත රාහුල, සංස්කෘත්‍යායන, ආනන්ද කෞශල්‍යායන ශාන්ති ශාස්ත්‍රි යනාදී ඉන්දියානු පඬිවරුද චීන ජාතික මහාචාර්ය පාපොං හිමියන්ද ධර්ම ශාස්ත්‍රීය දියුණුව වෙනුවෙන් ක්‍රියා කළ වියත් හිමිවරු වුණා. 1959 දී විද්‍යාලංකාර පිරිවෙන 1956 දී විශ්වවිද්‍යාලයක් බවට පත්වීම නිසා තොරණ හන්දිය වඩ වඩාත් දිවයින පුරා ප්‍රකට වන්නට හේතු වුණා. මුළු දිවයිනෙන්ම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට තේරී පත් වූ ගිහි පැවිදි තරුණ ශිෂ්‍ය පිරිස් තොරණ හන්දියෙන් බැස විද්‍යාලංකාරයට ආවා. ඔවුන්ගේ මධ්‍යස්ථානය වුණේ තොරණ හන්දිය තමයි. විද්‍යාලංකාර පිරිවෙන් භූමියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවූ නිසා විශ්වවිද්‍යාලය දළුගමට රැගෙන ගියා විශ්වවිද්‍යාලය දළුගමට අරන් ගියේ 1965 වර්ෂයේදීයි.
වියත් හිමිවරු ක්‍රියා කළේ කුමක දියුණුව වෙනුවෙන්ද ?
{ "answer_start": [ 191 ], "text": [ "ධර්ම ශාස්ත්‍රීය දියුණුව වෙනුවෙන්" ] }
e9fc801e-1c75-41b0-a0b9-26aa215a9fe0
ඉංගිරිසි හෝඩියේ ඇති අකුරක් නමින් ලංකාවේ පාරක් නම් කොට ඇති ඉපැරණිම පාර කිව් රෝඩ් ය. මෙම පාරේ වයස අවුරුදු 208කි. ලංකාවේ උද්භිද උද්‍යාන ඉතිහාසය සොයා ගෙන යෑමේ දී ලංකාවේ මුල්ම උද්භිද උද්‍යානය බිහි වී ඇත්තේ අද කොම්පඤ්ඤ වීදිය නමින් හැඳින්වෙන ප්‍රදේශයේය. එය 1810 දී පිහිටුවා ඇත්තේ බ්‍රිතාන්‍ය රාජකීය කොමිසමක් මගිනි. උද්‍යානයේ භූමිය අක්කර හතක් පුරා විහිදී තිබී ඇත. සුද්දන් කිව් පාර්ක් එකට යන පාර හඳුන්වා ඇත්තේ කිව් රෝඩ් ලෙසය. 1815 දී කොළඹ මේ කියන කිව් පාර්ක් එක ඉන් ඉවත් කොට ගෙන ගොස් ඇත්තේ කළුතර උග්ගල්ගොඩ ප්‍රදේශයටය. නමුත් උද්භිද උද්‍යානයක් පිහිටුවීමේ පරිසර වාර්තාවෙන් පෙනී ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ උද්භිද උද්‍යානයක් පිහිටු වීමට නුසුදුසු බවය. ලංකාව පුරා කරන ලද හැදෑරීම්වලින් පසුව එම උද්භිද උද්‍යානය පිහිටු වීමට පේරාදෙණිය රාජකීය උද්‍යානය පිහිටි භූමිය ඒ සඳහා තෝරා ගෙන ඇත.
ලංකාවේ මුල්ම උද්භිද උද්‍යානය පිහිටියේ කොහේද?
{ "answer_start": [ 204 ], "text": [ "කොම්පඤ්ඤ වීදිය නමින් හැඳින්වෙන ප්‍රදේශයේය" ] }
0327e813-050c-4bbc-a64e-5f4bdbe9db9f
ඕස්ට්‍රේලියාවේ රියෝ ටින්ටෝ සමාගම විසින් පසුගිය වසරේ පුපුරුවා දැමූ වසර 46,000ක් පැරණි ආදිවාසී ගුහා පද්ධතිය නැවත ගොඩනැගිය යුතු බව එරට පාර්ලිමේන්තුව පවසයි. දැවැන්ත පතල් කැණීම් සමාගමක් වන රියෝ ටින්ටෝ විසින් සිදුකළ යකඩ යපස් ගවේෂණ ව්‍යාපෘතියකදී බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටි ජුකාන් ජෝර්ජ් ගුහා විනාශ විය. මෙය ලෝකයේ වඩාත් වැදගත් පුරාවිද්‍යාත්මක පර්යේෂණ ස්ථානයක් ලෙස හැඳින්වෙන අතර අයිස් යුගයේ මිනිස් වාසසථාන පිළිබඳ සාක්ෂි පෙන්නුම් කරයි. විනාශය සම්බන්ධව මාධ්‍ය වාර්තා කිරීමත් සමග රියෝ ටින්ටෝ සමාගම තමන් අතින් සිදුවූ වරද සම්බන්දව සමාව ඉල්ලා සිටි අතර තමන්ගේ ක්‍රියාමාර්ග වෙනස් කරන බවට ද පොරොන්දු විය. සිද්ධිය සම්බන්ධයෙන්, මෙම වසර මුලදී සමාගමේ ප්‍රධාන විධායක ජින් සෙබස්තියන් ජැක් ඇතුළු ප්‍රධාන නිලධාරීහු කිහිපදෙනෙක් ඉල්ලා අස්වූහ.
රියෝ ටින්ටෝ යනු කුමන සමාගමක්ද?
{ "answer_start": [ 161 ], "text": [ "පතල් කැණීම් සමාගමක්" ] }
f5744a1c-c0b3-4dda-9c14-f80c65f1a54f
හමුදාව විසින් අනන්‍යතාව හෙළි නොකරන නිර්භීත ගුවන් නියමුවා එම අමුතු පියාසර වස්තුව ඇස ගැටුණු මුළු කාලයේම චීනයේ හොංකොංවලට අඩි 39,000ක් ඉහළ අහසේ පියාසර කරමින් ඉඳ ඇත. පසුව ඔහු එම ඡායාරූප හඳුනා නොගත් යානා ලුහුබඳින වෙබ් අඩවියකට මුදාහැර තිබුණි. එසේ තිබියදීත් 2004 සිට ලැබුණු හඳුනා නොගත් යානා දර්ශන 144ක් හා සම්බන්ධ සිද්ධීන් සහ පිටසක්වල යානාවක් ෙසවීම පිළිබඳව වූ ඡායාරූපගත සාක්ෂි ගැන කිසිදු විස්තරයක් නොකර පෙන්ටගනය මෑතක දී සංශෝධිත වාර්තාවක් ඉදිරිපත් කොට තිබුණි. සැප්තැම්බරයේ දී, ආරක්ෂක ගිවිසුම්කරු ලොක්හීඩ් මාටින්ගේ අතිශ්‍ය රහසිගත හෙලන්ඩාල් රේඩාර් පද්ධතියට කැලිෆෝනියාවේ දී තද අලු පැහැති පියාඹන පීරිසියක හැඩයේ යානයක් හසු වී අනතුරු ඇඟවීමේ සංඥා නාද වූ වීඩියෝවක්ද නිකුත්ව තිබිණි.
හෙලන්ඩාල් රේඩාර් පද්ධතිය කාගේද?
{ "answer_start": [ 487 ], "text": [ "ලොක්හීඩ් මාටින්ගේ" ] }
d8e844cd-2883-43de-a86d-47e12248da5a
අප්‍රේල් 14 වැනිදා පැවැති ආලියා භාට් හා රන්බිර් කපූර්ගේ විවාහය පවුලේ සාමාජිකයන්ට පමණක් වෙන්ව තිබුණි. කෙසේ වෙතත්, වාර්තාවන අන්දමට ආලියාගේ මාමාවරුන් කිහිප දෙනෙකු ඇයගේ විවාහ මංගල්‍යයට එක් නොවුන බව සඳහන් වෙයි. මෙහි විශේෂත්වය වන්නේ ආලියා හා රන්බිර්ගේ විවාහය ප්‍රසිද්ධ කළ රොබින් භාට් මෙම විවාහ මංගල්‍යයේදී දකින්නට නොලැබීමය. ඉන්දියන් ටුඩේ පුවත්පතට අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ තමාගේ ළඟම හිතවතෙකුගේ අවමංගල්‍යයට සහභාගි වීම හේතුවෙන් මෙම විවාහ මංගල්‍යයට එකතු වීමට නොහැකි වූ බවය. එමෙන්ම මුකේෂ් භාට්ද මෙම විවාහයට එක්නොවුණ අතර, ඊට ඔහු මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැත.
ආලියා භාට් හා රන්බිර් කපූර්ගේ විවාහය පැවැත්වුනේ කවදාද?
{ "answer_start": [ 0 ], "text": [ "අප්‍රේල් 14 වැනිදා" ] }
b9d491df-ff5d-4d3d-b0ce-5fd9ffb7ad02
පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගත් මෙරට විශාලතම කුඩු තොගය බවට පත්වු කුඩු කිලෝග්‍රෑම් 295 වගකිවයුත්තේ කොස්ගොඩ සුජී බව පොලිසියේ පරීක්ෂණවලදී අනාවරණය වූ බව පැවසිණ. කොස්ගොඩ තාරකගේ කිලෝග්‍රෑම් 225 අත්අඩංගුවට පත්වන්නේ මේ වසරේ මැයි මාසයේදීය.කොස්ගොඩ තාරක කුඩු ජාවාරම පමණක් නොව කෘත්‍රිම රා නිෂ්පාදනයටද අතගසනු ලැබුවේ බේරුවල අලුත්ගම ප්‍රදේශයේ ජාවාරම්කරුවන් කීප දෙනෙකු සමග එක්වය. කෘත්‍රිම රා නිෂ්පාදනයට දායක වීමෙන් දිනකට ලක්ෂ ගණනක් උපයන බව පොලිසිය කළ පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
මෙරට විශාලතම කුඩු තොගය අත්අඩංගුවට ගත්තේ කවදාද?
{ "answer_start": [ 0 ], "text": [ "පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී" ] }
881e1ad3-a931-4479-a79b-73bfdf3d7fc2
ඇමෙරිකානු පුරවැසියකු වුවත්, චතුර ලෙස ඉංග්‍රීසි කතා කළත් තමන් දකුණු සුඩාන වැසියකු යැයි නයිකීම් නිරන්තරයෙන් පවසන්නීය. දකුණු සුඩානයෙන් පලා ඒමෙන් පසු ඇය කිසි දිනෙක සුඩානයට ගොස් නැත. නිරූපිකාවක වීමට නියාකැම් ගේ අදහසක් නොතිබුණි. පාසල් යද්දී, ඇගේ සමේ තද කළු වර්ණය හේතුවෙන් ඇය සෙසු කළු කෙල්ලන්ගෙන් ‍පවා වෙනස් විය. කැපී පෙනුණි. ශාන්ත ක්ලවුඩ්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරද්දී, විශ්ව විද්‍යාලයේ ඇඳුම් නිර්මාණ ඉදිරිපත් කිරීමේ විලාසිතා දැක්මකට නියාකැම් සහභාගී වූවාය. ඇමෙරිකාවේ නම ගිය මෝස්තර ශිල්පීන්ගේත් ඡායාරූප ශිල්පීන්ගේත් අවධානයට නියාකැම් ලක් වූයේ එලෙසිනි.
නයිකීම් කුමන වැසියෙක්ද ?
{ "answer_start": [ 61 ], "text": [ "දකුණු සුඩාන" ] }
98a749b8-4751-4c1c-9764-e977aec10ddd
පල්ලාරු මිනිසුන් ගල්ගුහාවල සහ කැලයේ ජීවත් වූ බව වැලන්ටයින් පවසයි. ලංකාවේ කුල පිළිබඳ සේරම් මහමුදලි කරන විස්තරයේ පල්ලාරුන් පිළිබඳ සඳහන් කරන්නේ ඔවුන් වශී ගුරුකම් මෙන්ම සොරකම් කිරීමේ ද දක්ෂයන් වූ අතර ඕනෑම මෙහෙවරක් කිරීමට සැදී පැහැදී සිටින පිරිසක් මෙන් හඳුන්වා දී ඇත. පල්ලයින් වශයෙන් හඳුන්වන ජන කොටසක් වේ. මේ අය සමාජයෙන් කොන් කරන ලද ශාපලත් කොටසක් ලෙස සලකනු ලැබේ. මේ අය ජීවත් වන්නේ වංශවතුනට යාමට නොහැකි වගුරු කුඹුරු බිම්වලය. ඉතා කුඩා පැල්පත්වල වාසය කරන මේ අය එම කුඹුරු වපුරති. ඔවුන් සී සෑම සඳහා මීගවයින් මෙන්ම එළ ගවයින් ද උපයෝගී කරගනී. වංශවතුනට මුහුණට මුහුණ දී කතා කිරීමට ඔවුනට වරම් නැත. ඉතා උස් හඩින් කතා කළවිට ඇසෙන මානයේ බොහෝ දුරින් සිට කීමට ඇති දේ කිව යුතුය. මහ මඟ යන විට ද ඔවුන් මහ හඬින් කෑ ගසමින් යන්නේ ඉදිරියෙන් එන වංශවතුනට ඔවුන්ගේ හඬ ඇසී තමන් මාර්ගයේ එන බව දැන් වූ විට මාර්ගයෙන් ඉවතට ගොස් සැඟවී සිටීමට හැකිවන පරිදිය.
ලංකාවේ කුල පිලිබඳ විස්තර කරන්නේ කවුරුන්ද ?
{ "answer_start": [ 84 ], "text": [ "සේරම් මහමුදලි" ] }
a78dfd2f-a00d-46b0-b826-32e24866c46b
එම කුලී නිවසේ සිට දූ සිඟිත්ත සිරියලතා නම් වූවාය. ඇය නියඟලා මලක් මෙන් බොහෝ සෙයින් හැඩවැඩ ඇත්තියක්ද වූ අතර, ධනපාල සමඟ පෙම් පළ හිලව්වක පටලැවෙන්නට වැඩි කලක් ගත වූයේ නොවේ. ඒ සඳහා ඔවුනට බාධක වැට කඩොලු ඉදිවූවේ ද නැත. දිනක් සිදුවූයේ අපූරු සිද්ධියකි. ධනපාල රාත්‍රී කෑම ගැනීමට සූදානම් විය. සිරියලතා මුළුතැන්ගෙයි යම් කටයුත්තක නිරතව සිටියාය. ධනපාල වෙතින් ඇයට අසන්නට ලැබුනේ මෙවන් කවියකි. මෙවන් වූ ඉතාමත් බැරෑරුම් බරපතළ අමිහිරි අවසානයකින් කෙළවර වියයුතු තත්ත්වයන් යටතේ පවා සාහිත්‍යයට ලැදි, කාව්‍යයට පෙම්බැඳි කෙනෙකුගේ ප්‍රතිචාර ඇත්තටම හාස්‍ය ජනකය. නම්‍යශීලී, හික්මීමක්, ඉවසා දරාගැනීමේ හැකියාවක් ධනපාල සතුව තිබුණේ නොවිනි නම්, වෙනත් බෝඩිමක් සොයන්නට ඔහුට සිදුනොවන්නේ යැයි ඔබට සිතෙන්නේ නොවේද?
සිරියලතා යම් කටයුත්තක නිරතව සිටියේ කොහේද?
{ "answer_start": [ 289 ], "text": [ "මුළුතැන්ගෙයි" ] }
063b8e62-3e8b-4f7e-9597-62e3744d8682
සිත යනු ඉතා කෙටි කාලයක් තුළ ඇති වී පැවති නිරුද්ධ වීම ස්වභාව කොට ඇති ධර්මයකි. ක්ෂණය යනු ඉතාම කෙටි කාලයක් හඳුන්වන පදයකි. සිත උපදින කාලය උත්පාද ක්ෂණයයි සිත පවතින කාලය ස්ථිතික්ෂණයයි. සිත නිරුද්ධ වන කාලය භංගක්ෂණයයි. මෙලෙස සිතක් ඉපිද පැවත නිරුද්ධ වීමට ගතවන කාලයට සිත්තක්ෂණයක් යැයි කියනු ලැබේ. එනම් චිත්තයක ආයු කාලය චිත්තක්ෂණයකි. චිත්තක්ෂණයක කාලය තප්පරයකින් ලක්ෂයෙන් පංගුවටත් වඩා අඩුය. එක් එක් සත්ත්වයෙකු පිළිබඳ වූ චිත්ත සන්තතිය අනාදිමත්ය. එක් සිතක් ඉපිද තිබී නැතිවීම සමගම තවත් සිතක් ද ඉපිද තිබී නැතිවීම චිත්ත සන්තතියේ ස්වභාවයයි. සිත ඉපදීමේ සහ නැතිවීමේ ක්‍රමය ඉතා සූක්ෂම බැවින් එහි වෙනස අපට දත නොහැකිවේ.
චිත්තක්ෂණයක කාලය කොපමණද ?
{ "answer_start": [ 340 ], "text": [ "තප්පරයකින් ලක්ෂයෙන් පංගුවටත් වඩා අඩුය" ] }
f44fe00b-adab-48ed-90e0-a81807cb6ed9
මියගිය පිරිස අතර ජෙරනිමෝ ෆර්ඩිනැන්ඩස් නමැති පෘතුගීසි පූජකවරයෙකු හා විශ්‍රාමික පාතුගීසී කපිතාන්වරු 08 ක් ද සිටි බව කියැවේ. අසවේදු යලි මල්වානට එද්දී බළකොටුවෙන් කොටසක් දැවී අළු වී ගොස් තිබිණි. පසුව ඔහු මහත් පරිශ්‍රමයක් දරා බළකොටුව යළිත් ප්‍රතිසංස්කරණය කළේය. මෙම ප්‍රහාරයෙන් පසුව මල්වානේ රජු විසින් බළකොටුවේ හා තමාගේ ආරක්ෂාව සඳහා වැඩි අවධානයක් යොමු කළේය. බළකොටුවේ ආරක්ෂාව සඳහා යොදන ආරක්ෂක සෙබළුන් සංඛ්‍යාවද වැඩි කෙළ්ය. බළෙකාටුවට නුදුරින් රෝසපානි ගල්තලාව මත සිට ආරක්ෂකයින් රැසක් රජුගේ මාලිගාවට ආරක්ෂාව සැපයීය. එම ගල් තලාවට බළකොටුවත් මාලිගයත් හොඳින් දර්ශනය වූ අතර අසවේදුගේ නියෝගය මත රෝසපානි ගල්තලා මත පහනක් දල්වන ලදි. එම පහන නිවෙන්නට නොදී අඛණ්ඩව දැල්විය යුතු වූ අතර පහන නිවී තිබීම තම ආරක්ෂාවට හා තම ජීවිතයට බරපතළ අවදානමක් ඇති වන බව අසවේදු විශ්වාස කළේය. මාලිගාවේ ජනේලයෙන් නිතරම එම පහන දැල් වී ඇති දැයි රාත්‍රියට අසවේදු නිරික්ෂණය කළේය. එම පහන නිවී තිබීම ආරක්ෂකයින්ගේ ජීවිතය අහිමිවීමට හේතු වන බව සැලකුණු නිසා එකල රෝසපානි ගල මත රාත්‍රියට අඛණ්ඩව පහන දැල්වෙමින් පැවැති බවද කියැවේ.
මියගිය පිරිස අතර සිටි පෘතුගීසි පූජකවරයා කවුද?
{ "answer_start": [ 17 ], "text": [ "ජෙරනිමෝ ෆර්ඩිනැන්ඩස්" ] }
5793fb82-5ec6-46a9-89e8-f3250520d80d
විජය ඔහුගේ රුවේ ආකර්ෂණය ගැන දැන සිටියේය. ඒ රුව හමුවේ ඔහුට කිසිවකු කිසිදු කරදරයක් කරනු ඇතැයි ඔහු සිතුවේ නැත. එහෙත් ඔහුටත් නොදැනී ඔහුගේ ඒ ආකර්ෂණයට ද්වේශ කරන පිරිසක්ද බිහි වී සිටින බව විජය විශ්වාස නොකළේය. එදා මහ රෑ විජය හා මා නුගේගොඩ සිට පුංචි බොරැල්ල දක්වා එනවිට පාන්දර එකට පමණ ඇත. මේ කාලය දේශපාලන අවුල් වියවුල්වලින් පිරුණකි. එක් පැත්තකින් 83 කලබලවලින් පසු කොළඹ අවුල් වී තිබිණ. තවත් පැත්තකින් උතුරේ කලබල ද ක්‍රමයෙන් උණුසුම් වෙමින් පැවතිණ. දකුණේ උණුසුම ද හිස ඔසවමින් පැවතියේය. විජය මහජන පක්ෂය පිහිටුවා ගැනීමත් සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද අවුල් සහගත බවක් විය. මෙවැනි අවුල් සහගත දේශපාලන වාතාවරණයක් මැද මහ රෑ විජය සමග වාහනයක ගමන් කිරීම එක් අතකින් නුවණට හුරු කාරණයක් නොවීය. මා විජයට කීවේ ඔහුගේ නිවස තිබූ කින්සි පාරෙන් මා බස්සවා යන ලෙසය. එතැන් සිට සුළු මුදලක් ගෙවා මා නැවතී සිටින සිරිධම්ම මාවතේ බෝඩිම වෙත ත්‍රීවිලරයකින් යා හැකිය.
කොළඹ අවුල් වී තිබුනේ කුමකින් පසුද
{ "answer_start": [ 338 ], "text": [ "83 කලබලවලින් පසු" ] }
8bdd1ad2-7648-4f21-97ba-01cc5b3ce974
සංගමන්කන්ද කඳවුරේ ඉදිරිපිට ජ්‍යෙෂ්‍ඨත්වයට අනුව අපේ කණ්ඩායම අණ දෙන නිලධාරි කරුණාසේන මහත්තයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පෙළ ගැසී සිටියා. ජීප් රථ කිහිපයක් පිරිවරාගෙන ආ කරුණාසේන මහත්තයා ඔහු පැමිණි ජීප් රථයෙන් බැහැලා ඇවිත් අපිට අතට අත දෙමින් සුබ පතන්න පටන් ගත්තා. මේ වෙන්නේ මොකක්ද කියා අපිට හිතා ගන්නා බැරිව ගියා. දඬුවම් විඳින්න වෙයි කියා හිතාගෙන හිටිය අපිට අත අත දී දීලා සුබ පැතුවේ ඇයිද කියන එක ලොකු ප්‍රශ්නයක් වුණා. පෙර දිනයේ අපේ කණ්ඩායම එල්ල කළ ප්‍රහාරයෙන් කංචිකුඩිච්චි ආරු ප්‍රදේශය බාරව සිටි කොටි සංවිධානයේ අණ දෙන නිලධාරියාව සිටි ශෂී සහ ඔහුගේ දෙවැනියා ඇතුළු කොටි ත්‍රස්තයන් කිහිප දෙනෙක් මැරුම්කා තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඒ බව කොටින්ගේ පණිවිඩ හුවමාරු ජාලයට සවන් දීමෙන් අපේ ලොකු නිලධාරින් තහවුරු කරගෙන තිබෙනවා. ඒ විතරක් නෙමේ කොටි හඬ ගුවන් විදුලියෙන් මේ නායකයන් දෙදෙනා මියගිය නිසා ශෝක ගී පවා ප්‍රචාරය කරලා.
නායකයන් දෙදෙනා මිය ගිය නිසා ශෝක ගී ප්‍රචාරය කළ ගුවන් විදුලිය කුමක්ද?
{ "answer_start": [ 729 ], "text": [ "කොටි හඬ" ] }
aad87241-412c-415b-812b-e0467b2a562e
එම ආරංචියත් සමග කොළඹ නගරයේ ආරක්ෂක මුරකාවල් තරකොට තිබුණත් කොටි සංවිධානය මහ බැංකුව ඉලක්ක කරනු ඇතැයි ඔවුන් තුළ නිසි තක්සේරුවක් නොවීය. උඩප්පුව පොලිසිය විසින් මුන්දලම වෙරළේදී කිලෝග්‍රෑම් 400 ක් බරැති පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිද්ධිය ද ආරක්ෂක අංශයන්හි විමසීමට ලක්ව තිබිණි. මුන්දලමේ තවත් ස්ථානවල පුපුරන ද්‍රව්‍ය සඟවා තිබුණේද? එම පුපුරන ද්‍රව්‍ය රහසින් කොළඹට ප්‍රවාහනය කරනු ලැබුවේද? මේ අනුව බෝම්බය සාදනු ලැබුවේ කොළඹදීද? යන ගැටලු කෙරෙහි ආරක්ෂක අංශයන්හි අවධානයට ලක්වූ අතර කොටුව දුම්රියපොළට නුදුරින් අතහැර දමා ගොස් තිබූ ත්‍රිරෝද රථයක්ද පොලිසිය භාරයට ගැනිණි. බැංකුව අසල වෙඩි තැබීමේ සිද්ධියට සහභාගි වූ පිරිස පැමිණියේ මේ ත්‍රිරෝද රථයේද?
පුපුරන ද්‍රව්‍ය තොගය සොයා ගත්තේ කොහෙන්ද?
{ "answer_start": [ 154 ], "text": [ "මුන්දලම වෙරළේදී" ] }
a9e44b65-7b5c-4218-8184-d5fc8dc76a5e
විදේශිකයකුට අයත් සංචාරක යාත්‍රාවක කපිතාන්වරයෙක් ලෙස රත්නකුමාර මහතා මේ වනවිට සේවය කරයි. අපේ මේ හමුවීම සිදුවූයේ ඔහු සේවය කරන ඒ දර්ශනීය යාත්‍රාවේ දීය. මුහුදු කොටි ප්‍රහාරය සාර්ථක ලෙස මැඩ පවත්වා ජීවිත දහස් ගණනක් හා කොළඹ පුරවරය බේරාගැනීමට ඉදිරිපත් වූ රත්නකුමාර මහතා මීට වසර 23කට ඉහත දී සිදුවූ ඒ සිද්ධිය මතකයට නගමින් විස්තර කරන්නට පටන්ගත්තේ මේ අයුරිනි. කොළඹ වරායට මුහුදු කොටි ගහන්න ආවේ 1996 වසරේ අප්‍රේල් මාසයේ 12 වැනිදා අලුයම් කාලයේ. එදා මම රාජකාරියේ නිරතවෙලා හිටියේ පී 460/441 දරන ඩෝරා යාත්‍රාවේ. මේ යාත්‍රාවේ අණදෙන නිලධාරියා ලෙස කමාන්ඩර් එම්. ජයසූරිය මහතා ද දෙවන අණදෙන නිලධාරියා ලෙස ලුතිනන් කමාන්ඩර් එන්.ඩී. දයානන්ද මහතා ද කටයුතු කළා. ඒත් මේ සිද්ධිය වන දවසේ ජයසූරිය සර් හිටියේ නැහැ. ඔහු නිවාඩු ගිහින්.
රත්නකුමාර මහතා මේ වනවිට සේවය කරන්නෙ කොහෙද?
{ "answer_start": [ 17 ], "text": [ "සංචාරක යාත්‍රාවක" ] }
97a72fe5-e132-4a99-b8b1-a0adcf3559e1
අමතර පන්ති යන උසස් පෙළ සිසුන් පවා තම කුලුඳුල් අත්දැකීමට පවා මේ ස්ථාන වලට රිංගන බව අපට දැනගැනීමට ලැබුණි. කෙසේ හෝ අප යන්තමින් දන්නා දේවල් මහා පරිමාණයෙන් මේ ප්‍රදේශ වල සිදු කරන අතර සමස්තයක් ලෙස කොළඹ සංස්කෘතිය වළ පල්ලට යාමට සහ මිනිසුන්ගේ ජීවන රටාව තුළ මතු වන දෛනික මානසික ආතතීන්වලට නොයෙක් ආකාරයේ පිළියම් තිබෙන ස්ථානයක් බඳු විය. කොළොම්තොට සොරකමේ විවිධ මට්ටම්වලින් හැඩ ගැසුණු පළපුරුදුකාරයින් මේ හැමතැනකම සිටින බැවින් කොළොම්තොට යනෙන ඔබ නිරතුරුවම මෙම දේවල් ගැන විමසිල්ලෙන් සිටිය යුතුය. අවසාන වශයෙන් අපත් සමග කථාබහට සම්බන්ධ වුයේ කොල්ලුපිටිය ගාලු පාරේ වෙළඳාම් කරන පෙට්ටිකඩ මහතෙකි. ඔහු සිටින ප්‍රදේශය උසස් ව්‍යාපාරික ස්ථාන බොහෝමයක ප්‍රධාන මූලස්ථාන පිහිටි ප්‍රදේශයකි. එම නිසාම ඔහුගේ වෙළඳාමේ සරු බවක් විය. නමුත් ඔහුද ප්‍රධාන වෙළෙඳ භාණ්ඩය ලෙස තබා ගත්තේ සිගරට්ය. දහවල් 1 සිට සවස 5 වනතුරු බොහෝ පිරිසක් මෙතැනට පැමිණෙන අතර දිනකට සිගරට් සියයකට වඩා අලෙවි වන බව ඔහු අපට පැවසීය.
කුලුදුල් අත්දැකීමකට එම ස්ථාන වලට යන්නේ කවුද ?
{ "answer_start": [ 5 ], "text": [ "පන්ති යන උසස් පෙළ සිසුන්" ] }
7764b78c-2c9c-431a-8f83-c90aa6b4a664
ගැරඬිගල ඉසව්ව අවට ඇති සමස්ත දිය ඇලි ගණන 10 ක්, ඇලි සියල්ලෙම උස එකට ගත් විට බඹරකන්දට වඩා උසයි. ඇලි දාමයේ ජල මූලාශ්‍රය ඇත්තේත් එම කන්දෙමයි. ශ්‍රී ලංකාව පුංචි රටක් වුවද එහි ඔබ අප පවා නොදුටු නොදන්නා සුන්දර ඉසව් බොහොමයක් සැඟව පවතියි. නිතර දෙවේලේ එවැනි සුන්දර ඉසව් සොයා යන අපට හමු වූ අපූරුතම කන්දක් සහ ඇලි කිහිපයක් තිබෙන එක් ස්ථානයක් හමුවුණේ නකල්ස් වනපෙතේ දකුණු කෙළවරදීය. එය කන්දක් වුවද දිය ඇලි දාමයක් ඉන් ඉහළ සිට පහළට කඩා වට්ටවන අපූරු තෝතැන්නක් විය. නමින් ගැරඬිගල වන ඉන් වැටෙන දිය ඇලි ගණන හතකි. ඒවා ගැරඬි ඇලි ලෙස හඳුන්වන අතර සමස්තයක් ලෙස මෙම ඇලි යම් ලාලිත්‍යයකට, රටාවකට අනුව ඉහළ සිට වමට බරව කඩා වැටෙනු ලබයි.
මෙම ඇලි කඩා හැලෙන්නේ කෙසේද?
{ "answer_start": [ 546 ], "text": [ "ලාලිත්‍යයකට, රටාවකට අනුව ඉහළ සිට වමට බරව" ] }
df7e3cb9-4b71-4f9c-b603-1acd11bbd085
මේ චිත්‍රපටයේ මලයාවේ ගෝත්‍රික නායකයකු ලෙස ඊ.සී.බී. විජේසිංහ (1901 - 1981) රඟපෑ බව පැවසේ. දක්ෂ ඉංග්‍රීසි වේදිකා නළුවකු හා මුල් යුගයේ චිත්‍රපට නළුවකු වූ ඔහු ඔබ්සවර් පත්‍රයේ නියෝජ්‍ය කතුවරයකු ලෙස ද කටයුතු කොට ඇත. ඔහු මේ චිත්‍රපටයේ රඟපාන ඡායාරූපයක් 1950 දෙසැම්බර් 02 ලංකාදීප මුල් පිටුවේ පළ වී තිබුණි. නැව් බ්‍රෝකර් කෙනෙකු ළඟ ලිපිකරුවෙකු ලෙස සේවය කරන තැනැත්තකුගේ පුතෙකි විලියම්. තරුණ වියේ දීම ජීවිතය ගැන කලකිරී සිටි විලියම් ගෙදරින් පැන ගොස් මුහුදු ගමන්වල නියැලුණ හිතුවක්කාරයෙකි. ඔහු පිටුවහල් කළ පුද්ගලයෙකි. මලයානු මුහුදේ රජා යන අපරනාමයෙන් හැඳින්වුණු ටොම් ලින්ගාර්ඩ් නමැති කපිතාන්ගේ ඇසුරට විලියම් ගොදුරු වෙයි. ටොම් මුහුදු මංකොල්ලකාරයන් හා වෙනත් දාමරිකයින් සමග සටන් කිරීමෙන් ඇසුවන් බිය ගැන් වූ පුද්ගයකු ලෙස නම් දරා සිටියේය. ඔහු විලියම් නම් මේ තරුණයා තම මුහුදු ගමන්වලදී ආරක්ෂකයකු ලෙස පත් කර ගෙන තිබුණි. යහපත් දිවි පෙවෙතක් ගත නොකළ විලියම් සොර කමකට හසු වූ අවස්ථාවක කපිතාන් විසින් බේරා ගනු ලබයි.
ඊ.සී.බී. විජේසිංහ මහතා උපන් වර්ෂය කුමක්ද?
{ "answer_start": [ 60 ], "text": [ "(1901" ] }
d0ba5295-d746-4da1-b171-d8c3535abbdf
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ව්‍යාපාරික ආයතන රැසක් පිහිටි සිවු මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නෙන් 27 දෙනෙකු මියගිය අතර 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි. ගින්න හටගත්තේ ඊයේ සවසය. ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ නවදිල්ලියේ මුන්ඩ්කා පළාතේය. ගින්නට කොටුවුණු පිරිස 50 කට වැඩිය. ඔවුන් සියලු දෙනා මුදා ගැනීමටත්, තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද වාර්තා වේ. ගිනි නිවන භටයන් ඉහළ මහලවල සිරවී සිටි පිරිස් මුදා ගත්තේ දොඹකර යොදා ගනිමිනි. ගින්න හටගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ පළමු මහලේය. නිසි ලෙස ගොඩනැගිල්ල නඩත්තු නොකිරීම නිසා ගින්න හටගත් බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර ගොඩනැගිල්ල අයත් සමාගමේ හිමිකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසියෙන් බේරී පලා ගොස් ඇතැයි ද පැවැසෙයි. ඔහු සොයා විමර්ශන ආරම්භ කර තිබේ.
ගිනි නිවන භටයන් ඉහළ මහලවල සිරවී සිටි පිරිස් මුදා ගත්තේ කුමක් යොදා ගනිමින්ද?
{ "answer_start": [ 427 ], "text": [ "දොඹකර යොදා ගනිමිනි" ] }
fd84c647-c2f7-401e-a7e6-383452331d3c
වලව්වට අයත් කාමර පහයි. මැද මිදුල් දෙකක්. එදා ගොම ගෑ බිමක් තිබුණේ. වර්තමානයේ ඉදිරියෙන් ඇති කොරිඩෝව වගේ ප්‍රදේශය බිත්ති බැඳ ජනෙල් දමා, තිබුණත්, එදා පැවතියේ ඕපන් වරැන්ඩාවක් ලෙසින්. එහි උත්සව, කංකාරි පැවැත්වූවා. වලව්වේ වැඩ කළ මිනිසුන්ට වාඩි වීම සඳහා ලබා දුන් දිග බංකු කිහිපයක් අදටත් මඩුවේ නැතිනම් අද භාවිත කරන මුළුතැන්ගෙයි දක්නට ලැබෙනවා. දොරවල් සියල්ල තනි ලෑල්ලෙන් සාදා තිබීමත් විශේෂත්වයක්. වලව්වේ ඉදිරියෙන් ඇති දොර ජනෙල් කිහිපයක් දිරා හානි වී තිබුණ බැවින් පසු කාලයේ ඒවා වෙනස් කළා. පොළොවට සිමෙන්ති දැම්මා. ඒ ආකාරයෙන් වලව්වේ ඇතුළත තරමක් වෙනස් කළත්, වලව්වේ හැඩයට හානියක් සිදු කළේ නැහැ. මුත්තලාගේ කාලයේ භාවිත කළ තඹ හැළි කිහිපයක් තිබෙනවා. ඉන් එකක වී බුසල් තුනක් තැම්බිය හැකියි. මුත්තා ගමන් කළේ අශ්ව කරත්තයකින්. රෝදවල කැටයම් කපා තිබුණා. මෑතක් වන තුරුම එය තිබුණා. ඒ සඳහා අශ්වයින් දෙදෙනක් ද සිටියා.
මුත්තා ගමන් කලේ කුමකින්ද?
{ "answer_start": [ 686 ], "text": [ "අශ්ව කරත්තයකින්" ] }
f5c2f245-844a-4167-b751-0fad0d38a3d2
මේ කෙල්ලව මැරි කරලා, හොඳ පවුල් ජීවිතයක් ගෙනියන්න මම හිතින් සියලු දේ හදලත් ඉවරයි. හරිම සත්‍ය ප්‍රේම භෘංග රාජයා වගේ හිටියේ. මාස 6 ක් විතර ගියා. කොල්ලො පස්සේ කිව්වා, උඹ ලණුවක් කාලා කියලා. දේවක තමයි උඹට කෙල්ල විදිහට ලියුම් ලියන්නේ කියලා කිව්වා. මට පුදුම හිතුණා යාළුවෝ මට දුන්න ලියුමක් අරගෙන උගේ අත් අකුරු එක්ක බැලුවා. දෙකම සමානයි. මට ඒ කඩා වැටීම කියා නිම කරන්න බැරි තරම්. අපේ තාත්තා සී.ජී.ආර්. එකේ ෆෝමන් කෙනෙක්. තාත්තා පිහියක් ගෙනත් තිබුණා. මම දැන් ප්‍රේ‍මය කඩා වැටුණු හින්දා මෘගයෙක් වුණා. මම උගේ බෙල්ලට පිහිය තියලා කරපු වැඩේට උඹව මරනවා කියා කිව්වා. ඌ වැඳලා කිව්වා. අනේ එහෙම කරන්න එපා. මමයි ඒ කෙල්ල එක්ක යාළු වෙලා ඉන්නේ කියලා. මාව බයිට් එකට තමයි අරන් තිෙයන්නේ. එතනින්ම ඩිලන්ති ගැන තිබු ආදරය නැති වෙලා ගියා. මම හොඳටම ඇඬුවා.
ප්‍රේමයෙන් කඩා වැටුනු පසු ඔහුට වූ දෙය කුමක්ද?
{ "answer_start": [ 473 ], "text": [ "මෘගයෙක් වුණා" ] }
93d4c5ab-5242-4b2a-93d0-75ad3d0efd34
මිනිසා තමන් ජිවත්වන පරිසරය දූෂණය කිරීම සම්බන්ධ පළමු සාක්ෂිය අදින් වසර 400,000 ට පෙර ජීවත්වූ මානව සාධක අතරින් හමුවූ බව පුරාවිද්‍යාඥයෝ පිරිසක් කියති. ඊශ්‍රායලයේ කයිසෙම් ගුහාවෙන් සොයාගත් දත් ඇන්දක් පරීක්ෂාකළ ඔවුන් පවසන්නේ තමන් ජීවත්වූ ගුහා දූෂණය කරමින් ඒ ඇතුලත මස් පුළුස්සාගත් ආදි මානවයන් ඒවායේ දුම් ආඝ්‍රාණය කළ බවට සාධක හමුවන බවයි. මෙය තමන් විසින්ම තම පරිසරය විනාශ කරගත් අකාකාරය දැක්වෙන ලොව මෙතෙක් හමුවූ පැරණිත ම සාධකයයි. එය සෞඛ්‍යයට අහිතකරය. මේ සාධක අතීත මානවයන් ඇතුලත ජිවත්වෙමින් මස් බැදගත් බවට ඇති පැරණිතම සාධකයයි. ටෙල්අවිව් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෑන් බාරේකයි පවසන්නේ මේ මිනිසුන් ගින්දර මගින් ආහාර සකසා ඇති අතර ගින්දර පාලනය කිරිමට ද සමත්කම් දක්වා ඇති බවයි.
පරිසරය දුෂණය කිරීම සම්බන්ධයෙන් සාකිශි හමුවුයේ කොතරම් කාලයකට කලින් සිට මානවයන්ගෙන්ද
{ "answer_start": [ 66 ], "text": [ "වසර 400,000 ට පෙර" ] }
bd0d0028-53f7-4fd3-8ea8-e58360012176
බේරේ වැව ඉස්මත්තෙන් නැගී එන සුපුන් සඳ තරුණයාට සිහි ගන්වන්නේ සිය සෙනෙහෙවන්තියගේ ළබැඳි සිනහවයි. යුරෝපීය සමාජයේ කාන්තාවන්ට ආවේනික කම්බා කුරුත්තමින් සැරසී ගෙළ දිදුලන මුතු දෙපටක් පැළඳ බෙරේ වැව් ඉස්මත්තේ සිට සමුදුර බලා ගලා බස්නා ශාන්ත බස්තියන් ඇළ ඔස්සේ පාරු පදින්නට තම සිත තෙරපෙන ආශාව ඔහු ඇයට පවසයි. පසු දින සන්ධ්‍යාවේ, පාමංකඩ මුළු දෙන කවි මඩුවේ වින්දනීය ගායනයෙන් රස විඳ සැනහෙන්නට ට්‍රෑම් කාරයේ නැගී එහි යන්නටද පෙම්වතා ඇයට ඇරයුම් කරයි. සෙලෙස්තිනාවන්ගේ රූප ශ්‍රියාව පෙම්වතාට හැඟෙන්නේ දැනෙන්නේ ඉංග්‍රීසි මහා රාජිනියගේ රූ සිරියට සමාන ලෙසිනි.
ඔහු ඔරු පදින්නට ආශා කරන ඇළ කුමක්ද ?
{ "answer_start": [ 223 ], "text": [ "ශාන්ත බස්තියන් ඇළ" ] }
4d104ba0-b8b6-44bb-804d-834a5b7cc4a5
එන්ඩොලයිකන දිලීරවලින් ඖෂධීය සංයෝග වෙන්කර ගැනීම මෑත කාලයේ පටන්ගත් නව ප්‍රභවික සංයෝග සාදන ප්‍රභවයක් ලෙස හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් ලෙස අප භාවිත කරන බොහෝමයක් ඖෂධවල මූලාරම්භය ශාකයක්, දිලීරයක්, ඇල්ගියක් හෝ ජලජ ජීවියකු වනවා. පිළිකා නාශක ඖෂධයක් ලෙස භාවිත කරන ‘වින්ක්‍රිස්ටීන්‘ යනු මිනීමල් ශාකයෙන් වෙන්කරගත් සංයෝගයකි. දිලීරවලින් මෙවැනි ඖෂධීය ගුණ ඇති සංයෝග නිස්සාරණය කර ගත හැකි බව මුලින්ම සොයාගනු ලැබුවේද පෙනිසිලින් ඖෂධය සොයාගත් පර්යේෂයෙණි. ඒ නිසා විවිධ සංයෝග නිර්මාණය කිරීමේ හැකියාව දිලීර සතුව පවතිනවා. එබැවින් තෙත් කලාපීය ශාකවල ජිවත්වන ලයිකන ඇතුළතස්වාධීනව නිදහසේ ජීවත්වන එන්ඩොලයිකන දිලීරවලින් ජෛව සක්‍රීය සංයෝග නිපදවීමේ හැකියාව ඇතිබව දැනටමත් පර්යේෂණවලින් සොයාගැනීමට හැකිවී තිඛෙනවා. මේ වනතෙක් ලෝකයේ හඳුනාගැනීමට නොහැකි වූ සංයෝග එන්ඩොලයිකන දිලීරවල අඩංගු වන බව අප සිදුකළ පර්යේෂණවලින් තහවුරු කරගැනීමට හැකි වී තිඛෙනවා.
තෙත් කලාපීය ශාකවල ජීවත්වන ලයිකන ඇතුළත ස්වාධීනව නිදහසේ ජීවත්වන එන්ඩොලයිකන දිලීරවලට කුමන හැකියාවක් ඇත්ද?
{ "answer_start": [ 588 ], "text": [ "ජෛව සක්‍රීය සංයෝග නිපදවීමේ හැකියාව" ] }
bf682559-357c-4ec9-9c79-1d4895943229
එය ලොවම කම්පා කළ මහා ඛේදවාචකයක් විය. යානයට සිදුවුණේ කුමක්දැයි දැනගැනීම අත්‍යාවශ්‍ය විය. ඊට හේතුව ඒ වනවිටත් තවත් මැලේසියා යානයකට ඛේදනීය ඉරණමක් අත්වීමය. ඒ, මැලේසියා ගුවන් සේවයට අයත් එම්.එච්. 370 යානයයි. 370 යානය අතුරුදන් වී තිබුණි. එම්.එච්. 370 ගුවන් යානය මගීන් 227 දෙනකු ද සමඟ ලොවෙන් සඳහටම අතුරුදන් වූයේ 2014 වසරේ මාර්තු 8 වැනිදාය. ඒ වනවිට එය මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජීං බලා පියාසර කරමින් තිබුණි. අද වනවිට එම්.එච්. 370 යානයේ අතුරුදන් වීම නොවිසඳුණු අබිරහසක් බවට පත්වී අවසන්ය. එම්.එච්. 17 ගුවන් යානය පුපුරා විනාශ වුණේ එය ප‍්‍රහාරයකට ලක් වීමෙන් නම්, යානයට පහර දුන්නේ කවුරුදැයි යන්න දැන ගැනීම අවශ්‍ය විය. යානයට සිදුවුණේ කුමක්දැයි දැන ගන්නට මැලේසියානු බලධාරීහු පමණක් නොව, ලොව සැවොම යුහුසුලු වූහ. යුද පිටියකට ඉහළින් පියාසර කළ යානය විනාශ වූයේ එය ප‍්‍රහාරයකට ලක්වීමෙන් යැයි බොහෝ දෙනාගේ අනුමානය විය. පහර දී යානය විනාශ කළේ රුසියානු හිතවාදී, බෙදුම්වාදී කැරැලිකරුවන් යැයි යුක්රේන රජය චෝදනා කළේය.
එම්.එච්. 370 යානය අයත් කුමන ගුවන් සේවයටද?
{ "answer_start": [ 154 ], "text": [ "මැලේසියා ගුවන් සේවයට" ] }
777e2401-e200-4fe4-a044-0e14c2a44c29
බන්ධනාගාරගතව සිටියත්, විදේශ රටක සිටියත් දුරකථන මාර්ගයෙන් තමන්ගේ ගෝලයන් මෙහෙයවීමේ අවස්ථාව පාතාල නායකයින් උදාකරගෙන තිබේ. එහෙත් මාකඳුරේ මදුෂ්ට ඒ අවස්ථාව අහිමිය. මන්ද ඔහු සිටින්නේ බාහිර කිසිවෙකුට සම්බන්ධ විය නොහැකි තැනක වන බැවිනි. ඒ නිසා ඔහුගේ සම්බන්ධතාවයෙන් ගිලිහුන ගෝලයෝ දැන් සීසීකඩව ගොස් තම තමන්ට බලය හදා ගැනීමට වෙහෙසෙමින් සිටී. ඒ නිසා එකම කල්ලියේ වුවත් මාකඳුරේ මදුෂ්ගේ කල්ලියේ එකිනෙකා අතරද බලය වෙනුවෙන් වූ ගැටුම දැන් දැන් මතුවන්නට පටන් ගෙන තිබේ. මොරටුවේ බලය අල්ලා ගැනීමට පොරබදන කුඩු අංජු හා ගොනාකෝවිලේ රොහා අතර ගැටුම විසින් පසුගිය මාසය උණුසුම් විය. එය එළියට පැමිණියේ රත්මලාන සොයිසාපුර ලක්මැදුර අවන්හලට මැයි දහනව වැනිදා අංජුගේ ගෝලයන් විසින් පහරදීමත් සමගය. මේ පහරදීමට ආසන්නතම හේතුව අංජුගේ නියෝග පරිදි ප්‍රදේශයේ ජනතාව අතර ලක්ෂ පහළොවක සහල් බෙදාදීමට හෝටලයේ හිමිකරු එකඟ නොවීම බව පොලිසියට ලැබී තිබුණ තොරතුරය. කුඩු අංජු සිටින්නේ ඩුබායිවලය. එහි සිට ඔහු මොරටුව මෙහෙයවන්නේය. ඒ සඳහා ඔහුට සහය වන්නේ ධර්මේය. ධර්මේ සිටින්නේද ඩුබායිවලය. අංජු තමන්ගේ පණිවුඩ ලබාදෙන්නේ ධර්මේ මගිනි. මුලින්ම ලක්මැදුර අවන්හලේ හිමිකරුට කතා කළේ අංජුය. අංජු දුන් නියෝග පරිදි සහල් නොබෙදීම නිසා අවවාදය ආවේ ධර්මේගෙනි. අවවාදයටද නොනැමුණ නිසා අවිආයුධ ගෙනවිත් රිදෙන්න බය කර අවවාද කිරීමේ න්‍යාය අනුගමනය කළේද ධර්මේය. පළමු බයකිරීම පසුගිය මැයි 19 වැනිදා සිදුකළේය. අංජුගේ අණට පිටින් ගිය නිසා තවදුරටත් අවන්හල විවෘත කළ නොහැකි බව ඔහු ප්‍රහාරයට මොහොතකට පෙර ඇමතුමක් ලබාදී අනතුරු ඇඟෙව්වේය. ගෝලයෝ එය ක්‍රියාවට නැගුවේ කඩු රැගෙගනවිත් අවන්හලට පහරදීමෙනි. ඉන්පසු අවන්හලට පොලිස් ආරක්ෂාව සැපයිණි.
මැයි දහනවදා රත්මලාන සොයිසාපුර ලක්මැදුරට පහරදුන්නේ කව්ද?
{ "answer_start": [ 619 ], "text": [ "අංජුගේ ගෝලයන්" ] }
6c1d29fe-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
වර්ෂ 1996 දී ඩොලී නම් බැටළුවා ක්ලෝනකරණයට ලක්කළ තාක්ෂණයම යොදාගනිමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට වඳුරන් දෙදෙනකු සාර්ථකව ක්ලෝනකරණය කිරීමට චීන විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇත. එකිනෙකාට සෑම අතින්ම සර්වසම ලක්ෂණ පෙන්වන සොන් සොන් හා හුවා හුවා යන නම් වලින් හඳුන්වන මෙම සතුන් දෙදෙනා මීට සති කිහිපයකට පෙර චීනයේ විද්‍යාගාරයක උපත ලැබූ බව මාධ්‍ය වාර්තා කර ඇත. මිනිසුන්ට වැළඳෙන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ජානමය අතින් සර්වසම මෙවැනි වානර ගහනයන් යොදාගත හැකිබව විද්‍යාඥයෝ පවසති. ජානමය පදනමක් සහිත පිලිකා, පරිවෘත්තීය රෝග සහ ප්‍රතිශක්තිය ආශ්‍රිත රෝග සම්බන්ධයෙන් මෙලෙස ක්ලොනකරණයට ලක්කළ වඳුරන් යොදාගෙන අධ්‍යයන කළහැකි බව ඔවුහු පෙන්වා දෙති.
ඩොලී නම් බැටළුවා ක්ලෝනකරණයට ලක්කළ වර්ෂය කුමක්ද?
{ "answer_start": [ 5 ], "text": [ "1996" ] }
560f89cd-85ac-4ab9-8161-b15d1cb6847b
ඊට මාසයකට පෙර ද යුද භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ටෙහෙරානයේ නිවාස සංකීර්ණයකට කඩා වැටී තිබිණි. එහි සිටි මගීන් 94දෙනාම මිය ගියහ. එහි සිටි මගීන්ගෙන් බහුතරයක්ම විප්ලවයේ හමුදා නිලධාරීහූ හා බලවත් මාධ්‍යවේදියෝය. 2006 නොවැම්බරයේදී තවත් එවැනිම ප්‍රහාරයක් එල්ල විය. ඒ අවස්ථාවේදී ඉරාන ආරක්ෂක ඇමැතිවරයා ජාතික ගුවන් විදුලියෙන් ප්‍රකාශයක් කරමින් එම සියලුම ගුවන් යානා අනතුරු පිටුපස සිටින්නේ ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය හා ඊශ්‍රායල ඔත්තුකරුවන් බව කියා සිටියේය. මේ අතර මීර් ඩගන් අප්‍රසිද්ධියේම ඉරානය කෙරෙහි ඊශ්‍රායල් ප්‍රතිපත්තියේ ප්‍රධාන උපාය මාර්ගය බවට පත්ව තිබිණි. ඉරානය නැවැත්වීමට කිසිවක්ම කිරීමට නොහැකි වුවහොත් පමණක් මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කිරීමට සිදුවනු ඇතැයි ඩගන් විශ්වාස කළේය. නමුත් අවසානයේදී සිදුවූයේ ද එයමයි.
මාසයකට පෙර යුද භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටී තිබුනේ කොහේද
{ "answer_start": [ 48 ], "text": [ "ටෙහෙරානයේ" ] }
a0a25b54-3e5c-4dd5-8464-b806b175b381
ත්‍රීරෝද රථ රියැදුරාගේ මිතුරකු වූ ඇල්පිටියේ පදිංචි 21 හැවිරිදි තරුණයා ස්කූටි වර්ගයේ යතුරු පැදියේ පදවන්නා විය. 16 හැවිරිදි ළමයා එහි මැද වාඩි වූ අතර ගිනි අවිය රැගත් තෙලිජ්ජවිල යුධ හමුදා සෙබළා එහි පිටුපස ගමන් කළේය. අදාළ දඩයමට යන අතරතුර දී හමුවුණේ අකුරැස්ස-තිබ්බොටුවාව මංසන්ධිය අසල රාත්‍රි මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකි. තිදෙනෙකු ගමන් කරන යතුරුපැදිය ගැන සැක සිතී ඔවුහු එය නතර කිරීමට සංඥා කළහ. පොලිස් අණ නොතකා සැකකරුවන් තිදෙනා ඉදිරියට ගමන් කරමින් සිටියෝය. පොලිස් නිලධාරීන් දෙදෙනා ද තම යතුරුපැදියෙන් ඔවුන් පසුපස ලුහුබැඳ යන්නට වූහ.
ඔවුහු එය නතර කිරීමට සංඥා කලේ ඇයි ?
{ "answer_start": [ 330 ], "text": [ "තිදෙනෙකු ගමන් කරන යතුරුපැදිය ගැන සැක සිතී" ] }