id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
da7bc317-67ad-4896-bf98-16296680bf19
මට සිනමාවේ ඉදිරියට යන්න. විජය මාමා වගේ ජනප්‍රිය වෙන්න මොනවද කරන්න ඕනෑ කියලා. මට නටන්න, සිංදු කියන්න, වාහන පදවන්න පුළුවන්. ඔය එකක්වත් වැඩක් නෑ. සිනමාවේ ඉහළට යන්න නම් උඹ නිළියන් එක්ක හිටපන් කිව්වා. එතකොට ඒ නිළිය උඹට තැනක් දෙනවා. සිනමාවේ ඉදිරියට යන්න විජය මාමා කළෙත් ඒක තමයි කියලයි ෆ්‍රෙඩී කිව්වේ. මේක තමයි ලෝකේ තිබෙන සුන්දරම ජොබ් එක. මම ඒක මැරෙනතුරා වෙනස් කරන්නේ නෑ. ඊළඟ ආත්මයේදීත් නළුවෙක් වෙලා තමයි ඉපදෙන්න ඕනෑ. නළුවා හින්දා සමහරු ඔබගෙන් ප්‍රේමය පතා මිල මුදල් තෑගි බෝග එහෙමත් දුන්නා නේද? ඔව්, සමහරු ලක්ෂ ගණන් මට ගෙදරට ඇවිත් දෙනවා. ලස්සන කෙල්ලෙක් එක්ක පෙම් කරන්න. එයාත් එක්ක පෙම් කරනවාට මට මුදල් දෙනවා. එහෙම ජොබ් කොහෙද තිබෙන්නේ? නළුවෙක් හින්දා නේද මේවා ලැබෙනනේ? මේක මාර ජොබ් එකක්. එහි සුන්දරම මිනිහා විජය මාමා එතුමා උපරිමයෙන් ඒ සතුට වින්දා.
සිනමාවේ උපරිම සතුට වින්දේ කවුද ?
{ "answer_start": [ 698 ], "text": [ "විජය මාමා" ] }
b08fdc76-d512-4fdc-95f0-c5a394f12068
බණ ඇසීම හා බණ දේශනා කිරීම ශ්‍රී ලංකාවේ ජනතාවට ඉතා හුරුපුරුදුය. අද සෑම තැනකම පාහේ බණ ඇසීමට හා බණ දේශනා කිරීමට අවස්ථාව ඇතත් පුරාණයේ එය එතරම් සුලබ පහසු කටයුත්තක් නොවීය. බණ කීමේ පුරාණය අපේ ඈත ඉතිහාසය කරා දිවයන්නකි. වර්තමානයේ බුදු දහමේ අන්තර්ගත අභිධර්මය, ධම්ම පදය හා පිටක ආශ්‍රයෙන් බණ කීවත් පුරාණයේ එසේ නොවීය. පුරාණයේ බණ දේශනා කළේ ජාතක පොත ආශ්‍රයෙනි. ජාතක පොත ආශ්‍රයෙන් බණ කීම ආරම්භ වී ඇත්තේ මෙයට ශතවර්ෂ ගණනාවකට පෙරය. එය චාරිත්‍රයක්ද විය. එම පොත ආශ්‍රයෙන් බණ කීමේ චාරිත්‍රයෙන් ගැමියන් බලාපොරොත්තු වූ පරමාර්ථ කීහිපයක්ම තිබුණි. ධර්මය ඇසීමෙන් ගැමියන්ගේ නිර්වාණ බලාපොරොත්තු ඒ අතරින් මුල්තැනක් ගත්තේය. එමෙන්ම සතුට, විනෝදය, තුන් බිය දුරුකර ගැනීමත් මෙතුළින් ගැමියෝ අපේක්ෂා කළහ. ගමේ සමෘද්ධිය හා අවට ගම්වාසීන්ගේ හා සහයෝගයෙන් ජීවත් වීමද බණ කීමේ හා බණ ඇසීමේ පරමාර්ථ අතර පැවැතුණි. පන්සිය පනස් ජාතක පොත ආශ්‍රයෙන් බණ කීමේ කලාව අද ද ඇතැම් විට මෙරට ඈත ගම්වල සිදුකෙරුණ ද එය ආරම්භ වූයේ කුමන කාලවකවානුවක දැයි නිශ්චිතවම දැනගැනීමට සාක්ෂි නොමැත.
පුරාණයේ බණ දේශනා කලේ කුමක් ආශ්‍රයෙන්ද ?
{ "answer_start": [ 346 ], "text": [ "ජාතක පොත ආශ්‍රයෙන්" ] }
f5f50137-207a-4a64-8906-1a7c7e98736e
වයස අවුරුදු හතරක් වන විට ඔහු හොඳින් චිත්‍ර නිර්මාණය කළේය. කඩදාසියක් සහ පැන්සලයක් හසුවූ විට ඔහු එමගින් චිත්‍ර ඇඳීම සිදු කළේය. දරුවාගේ චිත්‍ර ඇඳීමේ ආශාව නිසා මව විසින් ඔහුට පාට පැන්සල් ගෙනවිත් දී තිබිණි. එහෙත් ඔහුගේ චිත්‍ර නිර්මාණවල සුවිශේෂී බවක් දක්නට ලැබිණි. ඔහු විසින් අඳිනු ලබන මිනිස් රූප වැඩි වශයෙන්ම කළු පැහැයෙන් යුතු විය. මව කොතෙක් කීවත් ඔහු මිනිස් රූප තද කළු වර්ණයෙන් නිර්මාණය කළේය. ඒ සමගම එම චිත්‍රවල මිනිස් රූප නිරුවත් රූප වීම ද විශේෂත්වයක් විය. ඔහුගේ චිත්‍රවල ඇතුළත්ව තිබූ කාන්තා රූපවල උඩු කය ද නිරාවරණ වී තිබිණ. කුඩා අවදියේ සිට චිත්‍ර ඇඳීම සිදුකළ ඔහු විසින් නිවෙස් අඳිනු ලැබුවේ කූඩාරම් ලෙසය. එම නිවාස නිග්‍රෝ ගෝත්‍රික නිවාස ලෙස ද දක්නට ලැබිණි.
ඔහු නිවෙස් අදිනු ලැබුවේ කිනම් ආකාරයකටද?
{ "answer_start": [ 588 ], "text": [ "කූඩාරම් ලෙසය" ] }
598a3d23-2151-4024-ac98-7f19c72700d5
ඉතා පැහැදිලිව පෙරභව ජීවිත තොරතුරු හෙළි කළ ඇතැම් දරුවන්ට තවමත් ඔවුන්ගේ පෙරභව ජීවිතය මතකයේ තිබේ. ඇතැමුන් වැඩිවියට පත්වී සිටියද ඔවුන් කුඩා කලදී කළ ප්‍රකාශ ලිඛිත සටහන් ලෙස පර්යේෂණවලට ඇතුළත් කර ඇත. එවැනි දරුවන්ගේ ප්‍රකාශ අනුව පෙර භවයට සම්බන්ධ පවුල් හෝ කිසියම් ඥාති හිතමිතුරන් සොයාගත හැකි නම් ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට තවමත් අවස්ථාව තිබේ. සිය පෙරභවය පිළිබඳව ඉතා පැහැදිලිව අනාවරණය කළ දැරියක් 2003 වසරේදී අවිස්සාවේල්ලේදී උපත ලැබීය. ඇය අනාවරණය කළේ මීට පෙර ජීවත්ව සිටියේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ බවය. එහිදී වෙඩි වැදීමකින් මරණය සිදුවී ඇති බැව් ඇගේ මතකයේ තිබිණි. වෙඩි වැදීම සිදුවීමෙන් පසු මළ සිරුරු දක්නට ලැබුණ අන්දම ඇය විසින් චිත්‍රයක් මගින්ද පෙන්වා දුන්නේ දෙමාපියන් පුදුමයට පත් කරවමිනි.
ඇය උපත ලැබුවේ කොහේද ?
{ "answer_start": [ 399 ], "text": [ "අවිස්සාවේල්ලේදී" ] }
adb4a478-ece4-42f8-9157-69227038632c
1980දී හා 1983දී ද ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම්ගේ පාලනය පෙරළා දැමීම සඳහා කුමන්ත්‍රණ දෙකක් ක්‍රියාත්මක වුවද ඒවා 1988 ක්‍රියාත්මක කෙරුණු කුමන්ත්‍රණය මෙන් බරපතළ නොවීය. මෙවර කුමන්ත්‍රණය ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානයට පාත්‍ර විය.කුමන්ත්‍රණකරුවන්ට ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ අතර ජනාධිපතිවරයා නිවෙසින් නිවෙසට සැඟව පලායමින් ඉන්දියාව ඇතුළු රටවලින් උපකාර ඉල්ලා සිටියේය. ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් 1,600ක බලඇණියක් එවා එම කුමන්ත්‍රණය පරාජය කරන ලදි. 1988 නොවැම්බර් 3 වැනි දින හිමිදිරියේ ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයේ පසුබිම හා එය පරාජය කෙරුණේ මේ අයුරිනි. රැය ගෙවී යද්දී මාලේ අගනුවරට උතුරු දෙසින් වු මුහුදේ සිට මාලේ අගනගරය කරා අධිවේගී බෝට්ටු දෙකක් වේගයෙන් ධාවනය වෙමින් තිබිණි. ඒවායේ ලුතුෆි හා සගාරුද, ප්ලොට් කුලී හමුදාවේ 80ත් 100ත් අතර භට පිරිසක්ද වූහ. එම බෝට්ටු උදෑසන 4 පමණ වන විට, අඩක් ඉදිකොට තිබූ ජනාධිපති ජැටිය වෙත ළඟා විය.
1980දි හා 1983දි කාගේ පාලනයට විරුද්ධවද කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුයේ
{ "answer_start": [ 19 ], "text": [ "ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම්ගේ" ] }
beee82a6-0ef7-4ecc-b730-8a6b8dcfc72a
සෙනසුරු යන නම ඇසූ පමණින් බොහෝ ජන්මීන් අධික ලෙස බියට පත් වේ. එයට හේතුව නම් ග්‍රහලොව සිටින නපුරුම ග්‍රහයා සෙනසුරු වන බැවිනි. මෙකී නපුරු ස්‌වභාවය නිසාම ග්‍රහයන් නවදෙනා අතරින් වැඩිපුර කතාබහට ලක්‌වන සෙනසුරු හැමවිටම අයහපත් ප්‍රතිඵල ගෙනදෙන ග්‍රහයකු නොවේ. යමෙකුගේ ජන්ම පත්‍රය යහපත් තැනක ශනි තැන්පත් වුවහොත් එකී පුද්ගලයාට යහපත් ප්‍රතිඵලම උදාකරනු ඇත. පිරිසිදු ජලයෙන් නියමිත වාර ගණනින් සහල් සෝදා නොඉඳුල්ව ගාගත් පොල් මිරිකා ලබාගත් කිරි දමා අවශ්‍ය ප්‍රමාණයට ලුණු එක්‌කර නැවුම් මුට්‌ටියක බස්‌නාහිර දිශාවේ ළිප් බැඳ සකස්‌ කර ගන්නා කිරිබත ළිපේ තිබියදීම පිරිසිදු කරගත් තල ඇට ස්‌වල්පයක්‌ හා එළඟිතෙල් මිශ්‍රකර ගුළි සාදා සෙනසුරාදා දිනවල ශනි හෝරාවෙන් එනම් උදේ 6.00 - 7.00 අතර කාලයේදී නුගකොළ මත තබා බස්‌නාහිර දිශාවේ උස්‌ ස්‌ථානයක තබා කපුටන්ට කෑමට සලස්‌වා හැම විටම කුසගින්නෙන් පෙළෙන සෙනසුරු ග්‍රහදේවතාවන්ගේ වාහන වන්නාවූ කපුටාගේ කුසගින්න නිවීමට මෙය දානයක්‌ම වේවා! එකී දානය දීම තුළින් හටගන්නා කුසලකර්මයෙන් මා වෙත පැමිණ ඇත්තාවූ සෙනසුරු ග්‍රහදොස්‌ දුරුවේවා යනුවෙන් ප්‍රාර්ථනා කරන්න. බල්ලන්ට ද කෑම දීම ද ඉන් එක් දානයකි.
කපුටා යනු කාගේ වාහනයද?
{ "answer_start": [ 759 ], "text": [ "සෙනසුරු ග්‍රහදේවතාවන්ගේ" ] }
2cb02ac1-ed1a-423f-ba1c-5c56b8e3df62
නාර්ගීස් සහ ඔහු අතර සම්බන්ධය ඇති වූයේ 2013 දීය. උදේ සමඟ විවාහ වන බව ප්‍රසිද්ධියට පත් කරන්නට නාර්ගීස් සූදානම්ව සිටියත් 2017 දී එම සම්බන්ධය නතර වූයේය. ඉන් බලවත් සිත් පීඩාවට පත් නාර්ගීස් අසාර්, හවුස්ෆුල් 3 චිත්‍රපටිවල ප්‍රචාරක වැඩ සටහන්වලින් ද, බැන්ජෝ චිත්‍රපටියේ රඟපෑම්වලින් ද ඉවත් වී ඇමෙරිකාව බලා ගියාය. ඇගේ නියෝජිතයා නම් කිව්වේ ඇය එකම කාලයේ චිත්‍රපටි තුනකම රඟ පෑ බැවින් වෙහෙසට පත්ව අසනීප වී ප්‍රතිකාර ගන්නට ගිය බවය. කෙසේ වෙතත් බිඳුණු ප්‍රේමයෙන් ඇය තවමත් වේදනා විඳින බැව් නිසැකය. මෙතරම් කාලයක් ගත වූවාට පසුව ඇය උදේ සමඟ සම්බන්ධයක් තිබූ බැව් හෙළිදරව් කරන්නට ඇත්තේ එහෙයිනි.
සියල්ලගෙන්ම ඉවත් වී නාගරිස් ගියේ කොහෙටද
{ "answer_start": [ 283 ], "text": [ "ඇමෙරිකාව බලා" ] }
01ee10fd-fc93-420c-8626-998eafac505d
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, එරට පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය සහ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ නවයකට දඩ නියම කළේය. ඒ, එම පක්ෂ, ඔවුන්ගේ අපේක්ෂකයන්ට එරෙහිව පවතින අපරාධ නඩු ප්‍රසිද්ධියට පත් නොකිරීම හේතුවෙනි.ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය සහ ජාතිකවාදී කොංග්‍රස් පක්ෂයට ඉන්දීය රුපියල් ලක්ෂ පහ බැගින් ද, භාරතීය ජනතා පක්ෂයට, කොංග්‍රස් පක්ෂයට, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයට, බහුජාන් සමාජ් පක්ෂයට සහ එක්සත් ජනතා දාල් පක්ෂයට ඉන්දීය රුපියල් ලක්ෂය බැගින් ද මෙසේ දඩ නියම කෙරුණු බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඉන්දීය පාලක පක්ෂය කුමක්ද
{ "answer_start": [ 42 ], "text": [ "භාරතීය ජනතා පක්ෂය" ] }
d6f15ed5-9c51-43cd-969e-3259280cc39e
ඔහු පසුගිය සතියේ කියා සිටියේ ඔවුන් සියලු දෙනාම තම තමන් පැමිණි රටවලටම නැවත යා යුතු බවයි. එයින් තිදෙනෙක්ම ඇමෙරිකාවේ උපන් අය වෙති. ඉල්හාන් ඔමාර් පමණක් සෝමාලියාවේ උපත ලැබූවෙක් වන අතර යුද්ධය නිසා ළමා සංක්‍රමණිකයෙකු වශයෙන් අවුරුදු 12දී ඇමෙරිකාවට පැමිණ, වසර පහකට පසුව ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගත් අයෙකි. උතුරු කැරොලිනාවේ පැවති රැළියකදී ට්‍රම්ප් හිතවාදීන් ඇය නැවත යැවිය යුතු යැයි කියමින් කෑ ගැසූහ. මේ සිවුදෙනාම ජනවාරියේදී කොංග්‍රස් පක්ෂයට එකතු වූ අයයි. වොෂිංටනයේ රිපබ්ලිකන් සභිකයන් මේ අවස්ථාවේදී ට්‍රම්ප්ට සහයෝගය දක්වා ඇති බව වාර්තා වේ. ඔහුගේ ජාතිවාදී ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමට රිපබ්ලිකන් සභිකයන් අතර මත විවාරණයක් පැවති අවස්ථාවේ ට්‍රම්ප්ට එරෙහිව සිටියේ සාමාජිකයන් 197 දෙනාගෙන් සිවු දෙනෙක් පමණයි.
ඕමාර් ඇමෙරිකාවට පැමිණියේ කෙසේද ?
{ "answer_start": [ 191 ], "text": [ "ළමා සංක්‍රමණිකයෙකු වශයෙන්" ] }
3c484f97-c48c-4347-8f35-629b5113a385
මිනිසුන් රහිත අභ්‍යවකාශ යානයක්, ෂටලයක් හෝ රොබෝ ගවේෂණ යානයක් හෝ අභ්‍යවකාශයට යැවීම පහසු කාර්යයක් නොවේ. ඊට හේතුව පෘථිවි ගුරුත්වාකර්ෂණයයි. ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදී ඉහළට විදීමට නම් අධික බලයක් අවශ්‍ය වෙයි. අභ්‍යවකාශ යානා ෂටල ආදිය පෘථිවි වායුගෝලයෙන් ඔබ්බට පෘථිවි කක්ෂයට ගෙන යන්නේ අධි බලැති රොකට්ටුය. පෘථිවි කක්ෂයට ගිය පසු රොකට්ටු අක්‍රිය වන්නේ රැගෙන එන අභ්‍යවකාශ යානා, ෂටල හෝ චන්ද්‍රිකා අභ්‍යවකාශයට මුදාහැරීමෙන් පසුවය. යළි යළි පාවිච්චියට ගන්නා එවැනි රොකට්ටු ආපසු පෘථිවියට කඩා වැටෙයි. නියමිත ගණනය කිරීම්වලට අනුව, විද්‍යාඥයන් එම රොකට්ටු පතිත කරවන්නේ සාගරයටය. අදාළ රටේ නාවික හමුදාව සීරුවෙන් සිට, එම රොකට්ටු සොයා ගැනීම සිදු කරයි. ඒවා යළි යළි භාවිතා කිරීම සිදුවන්නේ ඒ අනුවය.
ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදි ඉහළට විදීමට අවශ්‍ය කුමක්ද?
{ "answer_start": [ 177 ], "text": [ "අධික බලයක්" ] }
07fb51b4-8122-4e62-b2e1-875514da9c82
සිංහල අවුරුදු දිනය උදා විය. එය 1942 අප්‍රේල් මස උදා වූ සිංහල අවුරුදු දිනයයි. පෙර වසරවල සිංහල අවුරුදු දිනය උදාවීමත් සමඟ මුළු ගමට ප්‍රාණවත් ලෙස ක්‍රියාශීලීව බෙහෙවින් නොයෙක් වැඩ කටයුතුවල යෙදිණ. අපි සියලු දෙන එදින අවදි වූ මුත් පෙර වසරවල මෙන් ප්‍රාණවත් ගතියක් නොදැනුණි. අම්මා සහ බාලම්මා ගිනි උදුන වටකර ගනිමින් කැවිලි සාදනවා නින්දට ගිය අපට නින්දෙන් මෙන් ඇසුණි. නින්දෙන් නැගිට ගත් අපට දැන ගැනීමට හැකිවූ දෙය අපටම අදහා ගත නොහැකිය. අම්මා බාලම්මලා මෙන්ම අක්කලාද එක්වී එකතුව අපි පදිංචි නිවසේ කිරිබත් කැවුම්, කොකිස්, කෙසෙල් ගෙඩි සමඟ විශාල කෑම මේසයක් සකස් කොට තිබුණි. තාත්තා උදෑසනින් නැගිට අපටද කෑ ගසනු ඇසුණි. අපි සියලු දෙනා අවදිවී නෑම පිණිස ගිං ගඟට යනවා මට මතකය. ගඟ අද්දරට වී ප්‍රවේශමෙන් අප සියලු දෙන ඉවුරට ගෙන ඇඳුම් ඇඳ ගන්නා ලෙස විධානය කෙරුණි.
උදෑසනින් නැගිට කෑගැසුවේ කව්ද?
{ "answer_start": [ 554 ], "text": [ "තාත්තා" ] }
9d24cd18-a3e3-4092-81b8-506403b8eda6
එක්දින තරග 115කට සහභාගී වී ඇති ඔහු ලකුණු 1751 රැස්කර ඇති අතර කඩුලු 158ක් බිඳ හෙලා තිබේ. ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම ලකුණු 52කට කඩුලු 9ක් වන අතර එක්දින හොඳම පන්දු යැවීම ලකුණු 25ට කඩුලු 5කි. 1973 පෙබරවාරි 3 දින පාකිස්තානය සමඟ වෙලින්ග්ටන්හි පැවැති ටෙස්ට් තරගයෙන් තම ටෙස්ට් දිවිය ආරම්භ කළ ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි 1990 ජූලි 5 දින එංගලන්තය සමඟ බර්මින්හැම් හි පැවැති ටෙස්ට් තරගයෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන්නේය. ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි කලක් නවසීලන්ත ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස සේවය කළේය. 2002දී විස්ඩන් ක්‍රිකට් සඟරාව ඉතිහාසය පුරා බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නන් අතර දෙවැනි විශිෂ්ට පන්දු යවන්නා ලෙස ඔහු නම් කළේය. 2009 මාර්තු මාසයේදී නවසීලන්තයෙන් බිහිවූ ක්‍රිකට් වීරයන් 12 දෙනා අතරට හැඩ්ලිද නම් කෙරිණි. ඔහුගේ විශාල ප්‍රමාණයේ උඩුකය ලෝකඩ ප්‍රතිමාවක් ක්‍රයිස්ට්චර්ච් කලා මධ්‍යස්ථාන භූමියේ ස්ථාපනය කිරීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීහු පියවර ගත්හ. 2009 අප්‍රේල් 3 දින ඔහු අයීසීසීයේ කීර්තිමත් ක්‍රීඩකයන් අතරට නම් කෙරිණි.
ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම ලකුණු 52 කට කඩුලු කීයද?
{ "answer_start": [ 129 ], "text": [ "කඩුලු 9ක්" ] }
5ef895a4-c949-4754-8278-97e3a16ccc0c
වවුලකු වැනි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගත් බව චීන විද්‍යාඥයෝ කණ්ඩායමක් කියති. එය ඩයිනෝසරයන් පක්ෂීන් දක්වා පරිණාමය වීම සම්බන්ධ හොඳ සාක්ෂියක් බව ද පර්යේෂකයන් පවසයි. චීනයේ හෙබේ ප්‍රදේශයේන අදින් වසර දහයකට පමණ පෙරාතුව සොයාගත් ඩියනෝසර් පොසිල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ නිකුත් කර ඇති වාර්තාවේ මේ කරුණු දක්වා ඇත. පර්යේෂකයන් පවසන්නේ ඔවුන්ට හමුවූ ඩයිනෝසරයා අදින් වසර කෝටි 16ට පමණ පෙරාතුව මිහිමත සැරිසරා ඇති බවයි. පිහාටු නොමැති නමුත් ඉදිරි ගාත්‍රා හා සිරුර අතර වවුලකුගේ මෙන් සියුම් පටලයක් තිබූ මේ ඩයිනෝසරයා ඒ ආධාරයෙන් පියාඹා යන්නට ඇති බව ද පර්යේෂකයෝ කියති. පාෂාණිභූත විද්‍යාඥ ෂූ ෂිංග් පවසන්නේ මේ ආදි කාලීන සත්ත්වයා පයැඹීමේ හැකියාව පෙන්වුව ද එය එතරම් සාර්ථක නොවන්නට ඇති බවයි.
ආදී කාලීන සත්ත්වයාගේ පියෑඹීමේ හැකියාව සාර්ථක නැති බව පැවසූවේ කවුද?
{ "answer_start": [ 552 ], "text": [ "පාෂාණිභූත විද්‍යාඥ ෂූ ෂිංග්" ] }
3abd78d2-b83b-45a9-b6a4-2d64d726fa26
කොඩි ගහ තරම්ම පෘතුගීසින් ගැන අපේ ඉතිහාසයේ අදත් සිහි කරන කරුණු දෙකක් ඇත. ඉන් එකක් නම් පරංගියා කෝට්ටේ ගියා වගේ යැයි යන කියමනයි. කොළඹ සිට කෝට්ටේ දක්වා ඉතා දිගු වක්‍රාකාර මාර්ගයක් ඔස්සේ දින කිහිපයක් ගමන් කිරීමත් පරංගියා මුළා කරන්නට තැත් කළ සිංහලයාට අන්තිමේදී සිදු වූයේ තමන්ම මුළා වීමය. පරංගියාගේ කොඩි ගහ අද ද දැකගත හැකි වුව ද පරංගියා කෝට්ටේ ගිය ඇළට මොකද වුණේ යැයි අද ද ප්‍රශ්නයකි. නුගේගොඩ පරණ කාසිවැව පාරේ ගමන් කර දෙල්කඳ හන්දියට ළඟා වනවිට මේ ඇළේ කොටසක් අපට දැකිය හැකිය. දෙල්කඳ හතරමං හන්දිය පසුකර රත්තනපිටිය දෙසට ගමන් කරන විට අලුතින් පිහිට වූ දෙල්කඳ පොළ හමුවේ පරංගියා කෝට්ටේ ගිය ඇළ දෙල්කඳ ටිකක් පසු කර යනතුරු අදත් දැකගත හැකිය. නමුත් ඉන් පසු මේ පරංගියා කෝට්ටේ ගිය ඇළ අතුරුදන් වන්නට පටන් ගත්තේ ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයා වූ යුගයේය. දැන් මේ ඇළ මත දැවැන්ත කොන්ක්‍රීට් ස්ලැබ් දමා වසා ඇත්තේ භූගත ඇළ මාර්ගයක් ලෙසය. පෘතුගීසින් මෙරටට පැමිණියේ ක්‍රි.ව. 1505 දී වුව ද ඉතිහාසය හාරා ඇවිස්සීමේදී පෙනී යන්නේ කොඩි ගහ ස්ථාපනය කොට ඇත්තේ ක්‍රි.ව. 1521 දී බවය. පාතුගීසින් පරාක්‍රමබාහු රජුගෙන් අවසර ඉල්ලුවේ කොළඹ ප්‍රදේශයේ ගබඩාවක් ඉදිකර ගැනීමටය. ඔවුන් රජුගෙන් ඉල්ලූ වපසරිය ගෙරිසමක ප්‍රමාණයකි. ගෙරිසම සිහින් තීරුවලට කැපූ පෘතුගීසින් එය ගැට ගසා ගත් ප්‍රමාණය අනුව කොටුව ඉදිකර ගැනීමෙන් අවසානයේ සිදු වූයේ අපේ රාජොත්තමයාණන් වහන්සේව පෘතුගීසින් විසින් රැවටීම නොවේ ද? අප කියන මේ කොඩි ගහ පිහිටවූයේ ඈතින් එන නැව්වලට මේ බලකොටුව පැහැදිලිව දර්ශනය වීමටය.
පෘතුගීසීන් රජුගෙන් ඉල්ලූ වපසරිය කොපමණද?
{ "answer_start": [ 1057 ], "text": [ "ගෙරිසමක" ] }
a194cd12-bb33-4375-b6f1-443be3c6a78e
අභිෂේක් වර්මන් විසින් අධ්‍යක්ෂණය කරන ‘කලාන්ක්’ බොලිවුඩ් චිත්‍රපටය තිරගත කිරිම නැවතත් අලුත් කර ඇතැයි වාර්තා වේ. චිත්‍රපටය රූපගත කළ මුල් කාලයේදී මෙම චිත්‍රපටය මේ වසරේ අග භාගයේදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නට සූදනම් කර තිබුණද පසුව චිත්‍රපටයේ වැඩ කටයුතු ඉක්මණින් නිමා වීම නිසා මෙම චිත්‍රපටය නුදුරේම ප්‍රදර්ශනය කරනන්ට සැලසුම් කළ බව සඳහන් වේ. කරන් ජෝහර්ගේ නිෂ්පාදනයක් වන මෙහි සංජය දත් හා මධුරි ඩික්සිත් වසර 25කට පසුව එකට රංගනයේ යෙදිම විශේෂත්වයකි. එමෙන්ම වරූන් ධාවන් හා ආලියා භාට් සිවුවැනි වතාවටත් පෙම්වතුන් ලෙස චිත්‍රපටයක ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබීම තවත් අතකින් විශේෂත්වයකි.
කලාන්ක් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ?
{ "answer_start": [ 0 ], "text": [ "අභිෂේක් වර්මන් විසින්" ] }
4cb73c5f-ee7e-42df-8428-5aced655590f
අපනයන බෝගයක් වන තේ වලින් අපට විශාල විදේශ විනිමයක් රටට ගෙන්න පුළුවන්. එහෙත් එහි නියමිත රසය සහ ගුණාංග නොමැති විට විදේශ වෙළෙඳපොළ එය ප‍්‍රතික්ෂේප කරන තත්ත්වයට පවා පත්වෙන්න පුළුවන්. දැනට සිදුකරන්නේ සෙල්සියස් අංශක 100 ත් 120 අතර ඉහළ උෂ්ණත්වය පරාසයකින් තේ දළු වියළා ගැනීමයි. එහිදී ස්වාභාවිකව නැවුම් ගුණාංගවල ගැබ් වෙලා තියෙන අතිශය සංවේදී සහ සංකීර්ණ රසායනික ලිනලෝල්, ජෙරනියල්, ෆීනයිල් වැනි සංයෝග විනාශයට පත්වෙනවා. මේ සදහා විසඳුමක් ලෙස වායු සමීකරණ තාක්ෂණය උපයෝගීකරගෙන තේවල සැඟවුණ රසය හා ගුණාංග එලෙසින්ම ආරක්ෂා කරගැනීමට හැකිවන යන්ත‍්‍රයක් නිපදවීමට මට හැකිවුණා.
තේවල සැඟවුණ රසය හා ගුණාංග එලෙසින්ම ආරක්ෂා කරගැනීමට හැකිවන යන්ත‍්‍රයක් නිපදවීමට උපයෝගීකරගත් තාක්ෂණය කුමක්ද?
{ "answer_start": [ 426 ], "text": [ "වායු සමීකරණ තාක්ෂණය" ] }
6fa58b38-74c1-4007-b15d-051dceca48d0
තෙල්දෙණිය උඩිස්පත්තුව කඩතුරා ගල්ලෙනේ රහසේ ජීවත්වන තරුණ නරේන්ද්‍රසිංහ කුමරු ඒ අවට ප්‍රදේශවල ඇවිදීම ප්‍රිය කළේය. කුරුකොහොගම උඩිස්පත්තුව කිට්ටුව පිහිටා ඇත. දිනක් එහි යමින් සිටි තරුණ කුමරු එක් වෙල්යායක ළිඳක දිය නාමින් සිටි තරුණ රූමත් ස්ත්‍රියක් දුටුවේය. රජුගේ සිත ගිය මේ තරුණිය සොයා පසු කල රාජ දූතයෝ ඇය සොයා ගියහ. ඒ වන විට ඇය තරුණයෙකු හා විවාහයට පොරොන්දු දී තීන්දු වී තිබුණි. රාජ පුරුෂයෝ ඒ කිසිවකට කන් නුදුන්නහ. දෙමාපියෝ ඇය රජ වාසලට යැවීමට බෙහෙවින් කැමති වූහ. ඇය ද විලාප තබමින් එයට අකැමැත්ත පළ කළාය. එදින වාද විවාද මැද කරුවල විය. රාජ දූත පිරිස කුරුකොහොගම ප්‍රභූ නිවසක රාත්‍රී නතර වී පසුදා උදෑසන ඇගේ අකැමැත්ත අදෝනා විලාප මැද බලෙන් ඇය උඩිස්පත්තුව, තෙල්දෙණිය හරහා කුණ්ඩසාල රජ වාසල දක්වා ගෙනඒම ආරම්භ කළහ.
කඩතුරා ගල්ලෙන අසල පිහිටා තිබුනේ කුමක්ද?
{ "answer_start": [ 111 ], "text": [ "කුරුකොහොගම" ] }
31d46ed6-779e-49d1-a4be-3b6504818f9b
රාවණා ඇල්ල කොතරම් සුන්දර වුවත්, විටෙක ඉතා ප්‍රචන්ඩකාරී වෙයි. මෙම ජල කදෙන් නිර්මාණය වන ජලය පිරුණු වළවල්, ලිස්සන සුළු ගල් පර්වත මෙහි බහුලව තිබේ. එම නිසා වර්ෂා කාලයට මෙහි දිය නෑම කිසිසේත්ම සුදුසු වන්නේ නැත. අනෙකුත් කාලවලදීද අවට සිටින වෙළෙඳුන්ගෙන් හෝ ගම්වාසීන්ගේ අනුදැනුම මත දියට බැසීම වඩාත් සුදුසුය.එමෙන්ම මෙහි තිබෙන ගල් කුලුනු ඔස්සේ ඉහළට නැගීමද කිසිසේත්ම සුදුසු වන්නේ නැත. මේ වනවිට රාවාණා ඇල්ළෙහි මහා ජල කඳ තුළ මිනිස් ජීවත 35ට අධික සංඛ්‍යාවක් සැඟව ගොස් ඇත. රාවණා ඇල්ලේ සීතල දියදහරාවෙන් ගත පිනාගැනීමට අවශ්‍යනම්, ඇල්ල අසල තිබෙන පීල්ලෙන් එම අශාව සන්තර්පනය කර ගැනීමට හැකියාව ලැබේ.
රාවණා ඇල්ලේ ජල කඳ තුළ සැඟව ඇති මිනිස් ජීවිත සංඛ්‍යාව කීයද?
{ "answer_start": [ 421 ], "text": [ "35ට අධික සංඛ්‍යාවක්" ] }
69a8dac5-0bb8-4153-94b4-59d12966fcee
නමුත් අද වන විට ඌව පළාතේ උසම කන්ද ලෙස මෙතෙක් පෙරමුණේ පැවති නමුණුකුල දෙවන ස්ථානයට ඇද දැමීමට උඩවේරිය කන්ද සමත්ව තිබේ. උඩවේරිය යනු ඔහිය සතු ඉදල්ගස්හින්නට ආසන්නයේ යක්ෂයාගේ පඩිපෙළ පිහිටි ඉසව්වේ තිබෙන උඩවේරිය ගම කෙළවරේ නැගීසිටින කන්දයි. ඌව පළාත යනු විශාල වපසරියක පිහිටි ප්‍රදේශයක වර්ග කිලෝමීටර 8500 ක් පමණ සමන්විත ඌව පළාත තුළ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය පිහිටා ඇත. ප්‍රධානතම නගරය වනුයේ බදුල්ල වන අතර සෙසු ප්‍රධාන නගර වනුයේ බිබිල, මොණරාගල, මහියංගණනය, සියඹලාණ්ඩුව, වැල්ලවාය, බුත්තල, කතරගම සහ ගිරාඳුරු කෝට්ටේය. මෙම පළාත තුළ මාදුරු ඔය ජාතික උද්‍යානය, ගල් ඔය ජාතික උද්‍යානය, යාල ජාතික උද්‍යානය, ලුණුගම් වෙහෙර ජාතික උද්‍යානය, හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය, උඩවලව ජාතික උද්‍යානය සහ වික්ටෝරියා - රන්දෙණිගල රන්ටැඹේ රක්ෂිතයද කොටස් හිමිකාරීත්වය දරනු ලබයි.
ඌව පළාතේ ප්‍රධානතම නගරය වනුයේ කුමක්ද?
{ "answer_start": [ 379 ], "text": [ "බදුල්ල" ] }
4b020a37-7169-4e6f-bf63-da964b1952aa
දෙවැනි මතය වනුයේ ග්‍රාහක සෛල තුළ කුඩා කොම්පාසුවකට සමාන ඉදිකටු තුඩක් වැනි යමක් ඇති බවයි. මෙය බොහෝ විට සතුන්ගේ නාසයේ හෝ අභ්‍යන්තර කර්ණයේ ඇති ප්‍රේරක ස්නායු ආසන්නයේ පිහිටා ඇතැයි ඔවුහු සැක කරති. මෙම ඉදිකටු තුඩක් වැනි ද්‍රව්‍ය මැග්නටයිට් නම් අධි බලැති චුම්භක ශක්තියකින් යුතු යකඩ වැනි ලෝහයකින් නිර්මාණය වී ඇතැයි ඔවුහු අනුමාන කරති. මේ හා සමාන චුම්භක ප්‍රතිග්‍රහණ මිනිසා වෙතින්ද සොයා ගැනීමට හැකි වී තිබෙනවා. ඒ අනුව චුම්භක ප්‍රතිග්‍රහණය කරගත හැකි ශක්තියක් මිනිසාට තිබේද? ඇතැම් විට අපගේ ශිෂ්ඨාචාරය හේතුවෙන් එය අහිමි වී යන්නට ඇතැයි යනුවෙන් ජර්මනියේ ඕලඩන්බර්ග් විශ්වවිද්‍යාලයේ ජෛවභෞතික විද්‍යාඥයකු වන මයිකල් වින්ක්ල්හොෆර් පවසයි.
මයිකල් වින්ක්ල්හොෆර් කුමන විද්‍යාඥයෙක්ද
{ "answer_start": [ 565 ], "text": [ "ජෛවභෞතික විද්‍යාඥයකු" ] }
fdaf0b79-5632-415e-a8de-c8fc7017b7d8
ඉන්පසු ඇපලෝ මෙහෙයුම් හයකදී, 1969 සිට 1972 තෙක් කාලයේ, ගගනගාමීහු 12 දෙනකු සඳට පය තැබූහ. ඔවුන් පෘථිවියට ගෙනා චන්ද්‍ර පාෂාණ සහ පස් ප්‍රමාණය රාත්තල් 842 ක් බව පැවැසෙයි. සඳට මිනිසකු යැවීමට නොහැකි වුවත්, 1970 දශකයේ, ලූනා යන නමින් නම් කළ රොබෝ යානා යවමින් සඳුගේ පස් සාම්පල ගෙන ඒමට සෝවියට් විද්‍යාඥයෝ සමත් වූහ. අවසන් වරට සඳට යැවුණේ ලූනා 4 රොබෝ යානයයි. ඒ, 1976 දීය. ලූනා 4 ආපසු රැගෙන ආවේ පස් අවුන්ස 6 කි. සඳ ගවේෂණය චීනයට ආගන්තුක නොවෙයි. චීනය පළමුවෙන් රොබෝ ගවේෂණ යානයක් සඳ මතුපිටට යැවීම කළේ 2013 වසරේදීය. ඊට වසර හයකට පසු චීනය සඳුගේ අඳුරු පැත්තට ගවේෂණ යානයක් පතිත කළේය. සඳුගේ අඳුරු පැත්තට ගවේෂණ යානයක් පතිත කළ පළමු රට චීනයයි. මීළඟ දශකයේ චීනයත් ඇමෙරිකාවත් ස‍ඳ මතුපිට පර්යේෂණාගාර සහ නැවැම්තුම්පොළක් ඉදි කිරීමට සූදානම් වෙයි. එය චීනය සහ ඇමෙරිකාව අතර සඳ මතුපිට ජනාවාස ඉදිකිරීම වෙනුවෙන් කරන සටනක් වනු නිසැකය.
ගගනගාමීහු 12 දෙනකු සඳට පය තැබුවේ කුමන කාලයේ ද?
{ "answer_start": [ 28 ], "text": [ "1969 සිට 1972 තෙක් කාලයේ" ] }
d3249218-875a-4e1c-96ca-47c43f7cfb73
ලොව බිහි වූ අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයන් අතළොස්ස අතර ඔහුටද හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. 2013 වසරේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා විට මෙම ක්‍රීඩකයා ටෙස්ට් ක්‍රිකට් තරග 200කට, ජාත්‍යන්තර එක්දින තරග 463කට, එක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකට, අයිපීඑල් තරග 78කට, චැම්පියන් ලීග් තරග 13කට සහ පළමු පෙළ තරග 310කට සහභාගී වී තිබිණි. මිතුරන් අතර ටෙන්ඩ්ල්යා ලෙසද, ක්‍රිකට් විචාරකයන් අතර මාස්ටර් බ්ලාස්ටර් නැතිනම් ලිට්ල් මාස්ටර් ලෙසද ප්‍රකට ඔහු ඉන්දියාවේ සචින් රමේෂ් තෙන්දුල්කාර්ය. ටෙස්ට් ක්‍රිකට් තරග මෙන්ම එක්දින තරගවලින්ද වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් ලොව එකම ක්‍රීඩකයා සචින්ය. ඔහු ටෙස්ට් ලකුණු 15,921කට හිමිකම් කියන අතර රැස් කර ගෙන ඇති එක්දින ලකුණු සංඛ්‍යාව 18,426කි. පළමු පෙළ තරගවලින් ලකුණු 25,396ක් ඔහු රැස් කර තිබේ. සචින්ගේ ටෙස්ට් පිතිකරණ සාමාන්‍යය 53.78ක් වන අතර එක් දින තරගවලදී එය 44.83ක් වේ. ඔහු ටෙස්ට් ද්විත්ව ශතක 6ක්, ශතක 51ක් හා අර්ධ ශතක 68ක්ද, එක් දින ද්විත්ව ශතකයක්, ශතක 49ක් හා අර්ධ ශතක 96ක්ද රැස්කර තිබේ.
මෙම ක්‍රීඩකයාව මිතුරන් අතර හදුන්වන්නේ කුමන නමකින්ද?
{ "answer_start": [ 336 ], "text": [ "ටෙන්ඩ්ල්යා" ] }
534dc201-d124-4772-9278-6e0d46b6dbfe
අංක 40 දරන දුම්රිය බිංගෙයි දිග මීටර් 40කි. අංක 40 දරන දුම්රිය බිංගෙය අවසාන වනවාත් සමගම සුප්‍රසිද්ධ අහස් නවයේ (ආරුක්කු නවයේ) දුම්රිය පාලම පිහිටා ඇත. අංක 41 දරන දුම්රිය බිංගෙය අංක 40 දරන දුම්රිය බිංගයේ සිට බදුල්ල දෙසට කිලෝ මීටර් 1 1/2 පමණ ගිය විට හමුවේ. අංක 43 දරන දුම්රිය බිංගෙය හාලිඇළ දුම්රිය ස්ථානය සහ බදුල්ල දුම්රිය ස්ථානය අතර පිහිටා ඇත. එසේම එය බදුල්ල දුම්රිය ස්ථානයට මඳක් ඈතින්, බදුල්ල දෙයියන්නේවෙල නම් ග්‍රාමයේය. මේ සෑම දුම්රිය බිංගෙයක්ම, එකක් අනෙකට වෙනස් වන අතර සෑම දුම්රිය බිංගෙයක්ම නිර්මාණය කර ඇත්තේ ප්‍රාථමික ක්‍රමෝපායන් උපයෝගි කරගෙන වීම විශේෂයකි.
අංක 40 දරන දුම්රිය බිංගෙයි දිග කොපමණද?
{ "answer_start": [ 31 ], "text": [ "මීටර් 40කි" ] }
8cfde8f1-e552-45e4-90f3-39ce40869e49
ඉන්දියන් සාගරයේ අන්දමන් දූපත් ආසන්නයේ පිහිටි උතුරු සෙන්ටිනල් දූපතේ ලෝකයෙන් හුදකලා වූ ගෝත්‍රික පිරිසක් සිටින බව විදෙස් මාද්‍ය ප්‍රකාශ කරයි. කොරල්පරවලින් වටවූ මේ දූපත යාත්‍රා ගොඩබැස්සවිය හැකි ස්ථානයක් නොවන බැවින් එය වසර 60,000ක පමණ කාලයක සිට හුදකලා වූ දූපතක් බව පර්යේෂකයෝ කියති. වර්ග කිලෝ මීටර 72ක් පමණ විශාල මේ දූපතේ සිටින ගෝත්‍රිකයන් සෙන්ටිනෙල්ස් නමින් හඳුන්වයි. නව ශිලා යුගයේ සිටි මිනිසුන්ට සමාන හැසිරීමක් හා ජීවන රටාවක් ඔවුන් පෙන්වන බවත් දූපතේ ගෝත්‍රිකයන් 400ක් පමණ සිටින බවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නෝ කියති.
උතුරු සෙන්ටිනල් දූපතේ සිටින ගෝත්‍රිකයින් හදුන්වන නම කුමක්ද?
{ "answer_start": [ 334 ], "text": [ "සෙන්ටිනෙල්ස්" ] }
24e18c09-f97e-4580-9fa5-d214ea08f8c4
ක්ලවුස් අගමැති ලෙස කටයුතු කළ 1991 සමයේදී ඉවා ස්වෝබොඩෝවා නැමැති සුරූපී ගුවන් සේවිකාවක් සමග සබඳතාවක් ආරම්භ කිරීමත් සමග ඔහු අනංග දේශපාලනඥයෙකු වශයෙන් වඩාත් ප්‍රසිද්ධ ෙවන්නට විය. ඒ වනවිට ක්ලවුස්ට වයස අවුරුදු 50 ක් වූ අතර ඇගේ වයස අවුරුදු 29 ක් වූ විය. වසර කිහිපයක් පුරාම ඇයත් සමග අත්වැල් පටලාගෙන යුරෝපය පුරා ගිය මේ යුවළ ඔපාදූප සඟරා වල සිරස්තල මවන්නට වූහ. පසුව ඔහුගේ දේශපාලන ජීවිතයටද මේ ප්‍රේමාලිංගන බලපෑම් ඇති කරන්නට වූ හෙයින් එම සම්බන්ධතාවයට ක්ලවුස් තිත තැබූවේ අනූව දශකයේ අගභාගයේදීය. ඒ වනවිට ක්ලවුස් ඉමා ස්වෝබොඩෝවාට සුඛෝප‌භොගී මන්දිර, දියමන්ති ආභරණ, සුපිරි මෝටර් රථ තෑගි දී හමාරය. එවකට චෙක් ජනරජයේ පළෙවන ඔපාදූප මාධ්‍ය වලින් වාර්තා වූයේ ඔහු මහජන දේපොළ කම්සැප සඳහා වියදම් කරන බවය. ඒ විට ක්ලවුස් එරට ජනාධිපතිවරයා වීමට සිහින මවමින් සිටීම නිසාම ඇය අතහැරීමට තීන්දු කරනු ලැබුවේ ඉතා ආත්මාර්ථකාමී ලෙසිනි.
සම්බන්ධතාවයට තිත තැබූවේ කුමන දශකයේද ?
{ "answer_start": [ 456 ], "text": [ "අනූව දශකයේ" ] }
d7f86fad-afb8-4fa4-a189-e37fd70030e5
බුධගේ ගුරුත්ව බලය උපයෝගී කර ගනිමින්, බුධ වටා යද්දී, බෙපී කොලම්බෝ මවු යානයේ වේගය අඩු කර ගැනීමට හැකිවුණු අතර, බුධගේ ඡායාරූප ගැනීමක් ඒ අනුව සිදුවිය. යානය ගමන් කළේ බුධගේ සිට කිලෝ මීටර් 240 කට වඩා අඩු දුරකිනි. ඡායාරූප ගැනීම කළේ යානයේ එක් කැමරා පද්ධතියක් පමණක් පණ ගන්වමින් බව ද විද්‍යාඥයෝ පැහැදිලි කරති. ලබා ගැණුනේ කළු සුදු ඡායාරූපයකි. බුධට ළං වී මිනිත්තු 10 ක් පමණ ගතවෙද් දී මෙම ඡායාරූපය ගැනීම සිදුවුණු බව යුරෝපා සහ ජපාන අභ්‍යවකාශ ආයතන නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
බුධට ළං වී මිනිත්තු 10 ක් පමණ ගතවෙද් දී මෙම ඡායාරූපය ගැනීම සිදුවුණු බව නිවේදනය කලේ කවුද ?
{ "answer_start": [ 401 ], "text": [ "යුරෝපා සහ ජපාන අභ්‍යවකාශ ආයතන" ] }
ff1c10c6-e625-4532-85c2-08c2a8bc0e54
බාබුර් තුන් වැනි වරට ඉන්දියාව ආක්‍රමණය කරන ලද්දේ ක්‍රිි.ව.1524දීය. මේ කාලයේ පංජාබයේ පාලකයා වූයේ දව්ලත් ඛාන්ය. ඉබ්‍රාහිම් ලෝදිට ඔහු තනතුරින් පහකිරීමේ අවශ්‍යතාවත් තිබිණි. ඉබ්‍රාහිම්ගේ මාමා කෙනකු වූ අලා උද්දීන් ඛාන් නොහොත් අලාම් ඛාන්ද එවැනි තර්ජනයකට මුහුණ පා සිටියේය. දව්ලත් ඛාන් හා අලා උද්දීන් ඛාන්ගේ අවශ්‍යතාව වූයේ ඉබ්‍රාහිම් ලෝදි පලවා හැර දිල්ලි සුල්තාන් රාජ්‍යය තමන් සතු කර ගැනීමය. ඒ සඳහා ඔවුහු බාබුර්ගෙන් උපකාර ඉල්ලා සිටියහ. දව්ලත් ඛාන්ට පන්ජාබයත්, අලා උද්දින් ඛාන්ට දිල්ලියත් ලබා දීමේ පොරොන්දුව මත බාබුර් ඉන්දියාව බලා පිටත් විය.
බාබුර් තුන් වැනි වරට ඉන්දියාව ආක්‍රමණය කළේ කුමන කාලයේදී ද?
{ "answer_start": [ 49 ], "text": [ "ක්‍රිි.ව.1524දීය" ] }
3c8fa021-a962-4fd3-b4ba-78b6c7259e98
මෙමඟින් මහා අධිකාරම් ධුරයට පත් කරන්නට තරම් දැඩි විශ්වාසයක් රජු තුළ පැවැති බව පෙනේ. දෙදෙනා අතර මෙම විශ්වාසය කෙරෙහි ඇතැම් උඩරට රදලවරුන් අතර පැවැතියේ අමනාපයෙකි. එසේම උඩරට සිංහාසනය නායක්කාරවරුන් සතුව පැවැතීම ගැන පිළිමතලව්වේ ඇතුළු රදලවරු කලක් සිට නොකැමැත්තෙන් පසු වූහ. ඇහැලේපොළ අදිකාරම් තුමාගේ අධිෂ්ඨානය වූයේ යළිත් උඩරට සිහසුන දේශීය සිංහලයන් අතට පමුණුවා ගැනීමේ ජාතිහිතෙෂි සංකල්පයයි. ඇහැලේපොළ අධිකාරම්තුමාගේ දෙවෙනි අධිකාරම් වශයෙන් උනම්බුව දිසාව පත් වූ අතර ක්‍රි.ව 1812 දී ඔහු මිය යෑමෙන් පසුව අහැලේපොළ අධිකාරම්තුමාගේ පරම හතුරෙකු වූ සත් කෝරළේ දිසාපති ධුරය හෙබ වූ මොල්ලිගොඩ දිසාව එම තනතුරට පත් කෙරිණ.
මහා අධිකාරම් ධුරයට පත් කරන්නට තරම් දැඩි විශ්වාසයක් පැවතියේ කා හටද?
{ "answer_start": [ 59 ], "text": [ "රජු තුළ" ] }
8358a611-7e4a-407c-9d2c-2f6bdedcf50f
ශීලා පීරිස් එදා ගැයූ “සුදු සඳ රැස්” ගීතය අතිශයින්ම ජනප්‍රිය ගීතයක් විය. 1929 සැප්තැම්බර් 25 වැනිදා බොරැල්ලේ උපත ලැබූ ඇය කැම්බල් පෙදෙසේ සියලු සාන්තුවරයන්ගේ බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවාය. වේදිකා නාට්‍ය කිහිපයකම රඟ පෑ ඇය 2014 ඔක්තෝබර් 19 වෙනිදා මිය ගියාය. ගම්බද සුන්දරී චිත්‍රපටයේ විමල් හා සිරිල් ලෙස රඟපෑ කිංස්ලි ජයසේකර හා වින්සන්ට් පෝල් පීරිස් ද ගුවන් විදුලියේ ගායකයන් දෙදෙනකු ලෙස ප්‍රකටව සිටියහ. ගල්කිස්සේ ශාන්ත තෝමස් සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කිංස්ලි ජයසේකර ගම්බද සුන්දරී චිත්‍රපටයේ රඟපාන විට වයස අවුරුදු 23කි. ඔහු ප්‍රිසිලා ඕපාත සමඟ ගැයූ මොනවද අම්මේ අකුරු ජාතියක් නම් යුග ගීතය අදත් ජනප්‍රිය ගීතයකි. 1924 අප්‍රේල් 04 වැනිදා උපන් ඔහු 2004 පෙබරවාරි 07 වෙනිදා මිය ගියේය. සිරිල් ලෙස රඟ පෑ වින්සන්ට් ද පෝල් පීරිස් ද ජනප්‍රිය ගායකයෙකි. බසියිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ, සිරිපාදේ සමනළ කන්ද පෙනේ, අලෝකය සමන් ගිරේ. ගීත දෙක වින්සන් ද පෝල්ගේ ජනප්‍රියත්වයට හොඳම නිදසුන්ය. 1922 මාර්තු 11 වෙනිදා උපත ලැබූ ඔහු 2014 ජූලි 22 මිය ගියේය. ශීලා, කිංස්ලි හා වින්සන්ට් ගම්බද සුන්දරී චිත්‍රපටයේ පසුබිම් ගීත ගයමින් රඟපෑම විශේෂයකි. ගම්බද සුන්දරී චිත්‍රපටයේ ගීත පටිගත කොට ඇත්තේ ලංකාවේදීය. චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ ජෝර්ජ් ඇස්. විජේගුණරත්න එදා තමාගේ අභිප්‍රාය සමරු සංග්‍රහයේ මෙසේ සටහන් කර තිබුණි.
ඇය උපත ලැබුවේ කවදාද ?
{ "answer_start": [ 72 ], "text": [ "1929 සැප්තැම්බර් 25 වැනිදා" ] }
05f168b6-6c1b-4cdc-b555-ad38a0003a41
මගීන් 22කට පමණ මරු කැඳවමින් ද තවත් මගීන් සියයකට වැඩි පිරිසකට බරපතළ තුවාල සිදුකරමින් ද විල්ලෝරාවත්තේ මාරක දුම්රිය අනතුර සිදුවී තිබුණේ 1964 වසරේ ඔක්තෝබර් මාසයේ 17 වැනිදා අලුයම් කාලයේය. තලෙයිමන්නාරමේ සිට කොළඹ කොටුව බලා එමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක් මීරිගම දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි විල්වත්ත රේල් ගේට්ටුව අසලදී පීලි පැනීමකට ලක්වී පෙරළීයාමෙන් මෙම මාරක අනතුර සිදුවිණ. මාරක දුම්රිය අනතුරින් මියගිය අය අතර ඉන්දියාවේ සිට හොර රහසේ තලෙයිමන්නාරම මුහුදු වෙරළට පිහිනා ආ ඉන්දියානු ජාතිකයන් තිදෙනෙක් ද ඉන්දීය කාන්තාවන් තිදෙනෙක් සහ කුඩා දරුවෙක් ද වූහ.
හොර රහසේ තලෙයිමන්නාරම මුහුදු වෙරළට පිහිනා ආවේ කොහේ සිටද?
{ "answer_start": [ 406 ], "text": [ "ඉන්දියාවේ සිට" ] }
9a2f6e3e-12e4-4bf6-89c7-a00b843ec51c
බිය වෙන්නට කිසිවක් නැති බවත්, ප්‍රාණ ඇපකරුවන් ගලවා ගන්නා බවත් කියූ ජර්මනිය ඊශ්‍රායල නියෝජිතයන් සනසවමින් කතා කළ නමුදු, අන්ත දරුණු හා කපටි ත්‍රස්ත සංවිධානයක් හා ගනුදෙනු කිරීමට අවශ්‍ය ධෛර්යය, අත්දැකීම් හෝ නිර්මාණශීලී චින්තන හැකියාවක් ජර්මනියට නොවීය. ජර්මානු බලධාරීන් හා ත්‍රස්තයන් අතර දිනයක් මුළුල්ලේ පැවති වෙහෙසකර සාකච්ඡාවලින් පසු මියුනිච් නගරයෙන් පිටත පිහිටි ෆූර්ස්ටෙන්ෆෙල්ඩ්බුක් ගුවන් තොටුපොළ වෙත ත්‍රස්තයන් හා ප්‍රාණ ඇපකරුවන් ප්‍රවාහනය කරන ලදි. එහිදී ත්‍රස්තයන් කැමති ගමනාන්තයකට ඔවුන් ගෙනයාමට ජර්මානු බලධාරියෝ පොරොන්දු වී සිටියහ. එහෙත් ජර්මානු පොලිසිය ඉතා ආධුනික හා ළමා සෙල්ලමක් බඳු උගුලක් ගුවන් තොටුපොළේ අටවා තිබිණි. ලුෆ්ට්හන්සා ගුවන් සමාගමට අයත් හිස් ගුවන් යානයක් ගුවන් තොටුපොළ මැද නවතා තිබුණු අතර ඉලක්කයට වෙඩි තැබීමට දක්ෂව සිටිය යුතු නමුත් එසේ නොවූ වෙඩික්කරුවෝ ඒ මත රඳවා සිටියහ. ත්‍රස්ත කල්ලියේ නායකයාට මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමට අවශ්‍ය විය. කාර්ය මණ්ඩලයක් හෝ නොමැති, සිසිල් වූ එන්ජිමක් සහිත මෙම ගුවන් යානය තවත් මිනිත්තු කිහිපයකින් ගුවන්ගත කිරීමට යන එකක් නොවන බව ඔහුට අවබෝධ විය. තම කණ්ඩායමට රවටා ඇති බව වැටහුණු ත්‍රස්තයෝ වෙඩි තබමින් අත් බෝම්බ විසි කරන්නට වූහ.
ත්‍රස්තයන් කැමති ගමනාන්තයකට ඔවුන්ව ගෙනයාමට පොරොන්දු වූයේ කවුද?
{ "answer_start": [ 494 ], "text": [ "ජර්මානු බලධාරියෝ" ] }
a8b54ee3-dabe-4e36-aea0-3fbd106e9a8f
එසේම කොස්ගොඩ තාරක මදූෂ් වෙනුවෙන්ම වැඩ කළ බවට වන නිශ්චිත අදහසක් ද ගෙන හැර දැක්විය නොහැක. එවැනි දැඩි ගනුදෙනුවක් තිබුණේ නම් තාරක වැලිකඩ රිමාන්ඞ් සිරමැදිරියේ සිටියදී කංජිපාන් ඉම්රාන්ගේ ගෝලයෙකුට පහර දේවිද යන ගැටලුව මතු වේ. කංජිපාන් ඉම්රාන් යනු මාකඳුරේ මධුෂ්ගේද ගුරුවරයා සේ සලකන පාතාල නායකයෙකි. දැන් මේ ඉම්රාන්ගේ හා තාරකගේ කල්ලි දෙක අතර ගැටුම උග්‍රවී තිබේ. එහි ප්‍රතිපල ලෙස තාරක වැලිකඩ සිට බූස්සට මාරුකිරීමට තීරණය කරනු ලැබුවේ පසුගිය පෙබරවාරියේදීය. එහෙත් එය ක්‍රියාවට නැංවී නැත. ඒ නිසා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් වැලිසර මහබාගේදී අත්අඩංගුවට ගත් කුඩු කිලෝ 225ක් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටද කොස්ගොඩ තාරක සිටියේ වැලිකඩ සිරගෙදරය. එම කුඩු තොගය ලංකාවට ගෙන්වා ගෙන තිබෙන්නේ තාරක විසින් බවටද පොලිසිය අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව තාරක රඳවා සිටි වැලිකඩ රිමාන්ඩ් සිරමැදිරිය පරීක්ෂා කළ බුද්ධි අංශය එහි තිබි ජංගම දුරකථන හතරක් හා සිම්පත් පහක් සොයාගෙන තිබේ.
වැලිසර මහබාගේදී කුඩු කිලෝ 225ක් අත්අඩංගුවට ගත්තේ කවුරුන් විසින්ද?
{ "answer_start": [ 479 ], "text": [ "පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින්" ] }
05c437bd-1302-4eec-ae66-49e16c1ff8b7
ලොව ඇති දියකිඳුරු ප්‍රතිමා අතරින් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් වරායේ ඉදිකර ඇති ප්‍රතිමාව කාගේත් දැඩි අවධානයට ලක්වූවකි. හෑන්ස් ඇන්ඩර්සන් ‍ලේඛකයාගේ කෘතියේ එන මේ චරිතය ඔහුගේ උපන්බිම වූ ඩෙන්මාර්කයේ ඉදිකර ඇතත් එහි සුන්දරත්වය නිසාම අද එහි අනුරූ ඇමෙරිකාවේ ස්ථාන හයක සාදා ඇත. මේ අතර පෝලන්තයේ අගනුවර වන වර්සෝහි ලාංඡනය වන්නේ ද දිය කිඳුරියකගේ රුවයි. එම නගරය දිය කිඳුරියක විසින් ආරක්ෂා කරන්නේ යැයි විශ්වාසයක් ඇති බැවින් ලාංඡනයේ හා නගරයේ ඉදිකර ඇති ප්‍රතිමාවේද සිටින දිය කිඳුරිය කඩුවක් අතින් ගෙන සිටින්නීය. දිය කිඳුරියන් පිළිබඳ මිනිසුන්ගේ අවධානය යොමුවූයේ අද ඊයේ නොවේ. ක්‍රිස්තු පූර්ව 1000 දී තරම් ඈත අතීතයේදී දිය කිඳුරියන් ගැන සටහන් තිබේ. ක්‍රිස්තු පූර්ව 900-800ත් අතර කාලයේ විසූ බව කියන ග්‍රීක ජාතික කවියකු වූ හෝමර් තම ඔඩිසි නාට්‍යයෙහි දිය කිඳුරියන් ගැන සඳහන් කරයි. රට රටවල් සොයා දේශ ගවේෂණයේ යෙදුණු ක්‍රිස්ටෝපර් කොලොම්බස් ද තමන් හයිටි දූපත් අසලදී දිය කිඳුරියන් තිදෙනකු දුටු බව සටහන් තබා ඇත.
පෝලන්තයේ අගනුවර වන වර්සෝහි ලාංඡනය වන්නේ කුමක්ද?
{ "answer_start": [ 311 ], "text": [ "දිය කිඳුරියකගේ රුවයි" ] }
eae49a15-6542-4ba1-bdd1-7ba65066afb4
පෙර භව නිවසට ගිය ගමන පිළිබඳවත් එහිදී සිදුවූ හඳුනා ගැනීම් ගැනත් ඉන්දීය පුවත්පත් කීපයක් ද වාර්තා පළ කළේය. 1965 නොවැම්බර් මාසයේ දී ඇගේ පුනර්භව සාධකය පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ලැබිණි. අනතුරුව ඉන්දීය පුනර්භව පර්ෙ‌ය්ෂකයෙකු වූ ආචාර්ය බැනර්ජි ද ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කළේය. එම විමර්ශන තොරතුරු ඔහු විසින් පර්යේෂණ වාර්තාවකට ද ඇතුළත් කළේය. ඉන් අනතුරුව තවත් පුනර්භව පර්යේෂකයන් පිරිසක් මෙම පුනර්භව සාධකය දැඩි විමර්ශනයකට ලක්කළහ. පෙරභවය හෙළි කළ දරුවන් අතරින් නැටුම් විලාශයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙරභවය හෙළි කළ ප්‍රථම දැරිය වූයේ ද ඇයය. හැසිරීම් රටාව පෙරභවය හා සම්බන්ධ බවට ඇගේ පුනර්භව සාධකය ප්‍රබල සාක්කියක් විය. මහාචාර්ය ස්ටීවන්සන් ද මෙම දැරිය පිළිබඳව සියුම් පර්ෙ‌ය්ෂණයක් පැවැත්වීය. ඉන්පසුව ඇගේ පුනර්භව සාධකය ඔහුගේ පර්යේෂණ වාර්තාවකට සහ ග්‍රන්ථයකට ද ඇතුළත් කර ඇත.
ඇගේ පුනර්භව සාධකය පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ලැබුණේ කුමන කාලයේද?
{ "answer_start": [ 104 ], "text": [ "1965 නොවැම්බර් මාසයේ දී" ] }
62866153-dba8-4f44-8e8e-f27244e27950
හෙළ දිව වැසියන්ගේ ආහාරපාන ගැන සඳහන් කරන ක්‍රී.ව. 1284 දී ලංකාවට පැමිණි දේශ ගවේෂකයකු වූ මාර්කෝපෝලෝ බත් කිරි හා මාංශ ලක්වැසියන්ගේ ආහාර වී යැයි සඳහන් කරයි. කිරි හා ගිතෙල් නොමැති විටක සිංහලයෝ රහසේ ආහාර ගනිති යි මහුවාන් නමැති චීන ජාතික දේශ ගවේෂකයා සඳහන් කරයි. පොදු වේ ගත් කළ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය බත් යැයි සම්මතයක් පවතී. එහෙත් සත්‍ය එය නොවේ. තුන් වේලටම බත් කෑ සිංහලයෝයි ඇතමෙක් වහසි බස් දොඩති. මඩ සෝදාගත් කළ සිංහලයා රජ කමටත් සුදුසු යැයි, රොබට් නොක්ස් කියු කථාවක් සාඩම්බර ප්‍රස්ථාව පිරුළක් බවට පත් කර ගත් ඇතමුන් මෙන්ම අපේ පැරැන්නන් බත් බැලයන් බවට පත්කරලූ බොහෝ දෙනෙක් රට ස්වංපෝෂිත කිරීම උදෙසා වැව් අමුණු බැඳ ගොවියන්ට කුඹුරු ඉඩම් දී පොහොර සහනාධාරය ද දිය යුතු බව පමණක් කියති. රට විසෙන් සහලෙන් ස්වයංපෝෂිත විය යුතු බව අපිදු පිළිගනිමු. දැනුදු මෙරට වැසියන්ට කෑමට තරම් අවශ්‍ය වී සහල් මෙරට නිපදවේ.
මහුවාන් කුමන ජාතිකයෙක්ද ?
{ "answer_start": [ 221 ], "text": [ "චීන" ] }
c2f469c0-48af-4aed-8aea-36c3623f9a46
කාලයෙන් කාලයට විවිධ තොරතුරු වාර්තා වන රාකේෂ් රෝෂන්ගේ ‘ක්‍රිෂ්’ සිවුවැන්න පිළිබඳව අලුත්ම වාර්තාවක් මේ වනවිට ලැබි තිබේ. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන රිතික් රෝෂන්ගේ පියා වූ රාකේෂ් රෝෂන් පවසන්නේ තවමත් ‘ක්‍රිෂ්’ සිවුවැනි චිත්‍රපටයේ තිර රචනයක් පමණක් සිදුවෙමින් පවතින බවය. කොරෝනා වසංගතය ඉන්දියාවෙන් පහව ගිය වහාම මෙම චිත්‍රපටය රූපගත කරන්නට සැළසුම් කරමින් සිටින බව ඔහු පවසා සිටියි. රාකේස් මේ වනවිට රිතික් ඔහුගේ හිටපු බිරිඳ සූසෑන් හා දරුවන් දෙදෙනා වන හරිහාන් හා හරිද්දා සමග අන්ද්‍රා ප්‍රදේශයේ ඔහුට අයත් නිවසේ කාලය ගෙවමින් සිටියි.
රිතික්ගේ හිටපු බිරිඳ කවුද?
{ "answer_start": [ 414 ], "text": [ "සූසෑන්" ] }
82f91e52-aa46-4dc1-8511-88fa9899d07c
එසේ නම් ඉන්දික යනු බන්ධනාගාර ගතව සිටි අයෙක්ද? යන සැකය පොලිසියට ඇති විය. නීතිය බලගැන්වීමේ ඒකකය උයන්වත්ත වැව අවට හා කොතලාවල, රයිගම ප‍්‍රදේශයේ වෙසෙන බන්ධනාගාර ගත වූවන් හා හෙරොයින් ජාවාරමේ නිරත වූවන් ගැන තොරතුරු සෙවීය. ඒ සඳහා පොලිස් සැරයන් 55202 විරසේන, පොලිස් කොස්තාපල් 69615 ජයසූරිය යන නිලධාරීන් දෙදෙනා කොතලාවල ප‍්‍රදේශයට එවනු ලැබිණ. සිවිල් ඇඳුමෙන් සැරසී රස්සාවක් හොයාගෙන එන අය ලෙස මේ දෙදෙනා අවට පුරා සැරිසැරූහ. කඩපිල් ගානේ රස්තියාදු වූහ. මෙහිදී ඔවුන්ට හෙරොයින් ළඟ තබාගැනීම නිසා අත්අඩංගුවට පත්වූවකු වන අසේල ගැන දැන ගන්නට ලැබිණ. අසේල නිතර සුජිත් නමැත්තකුගේ ගෙදරට පැමිණියේය. සුජිත්ගේ නිවස තිබෙන්නේද වැව ආසන්නයේමය. සුජිත්ගේ නිවසට යන එන සමන් ගැනද විමසිලිමත් වූ පොලිසියට දැන ගන්නට ලැබිණ. සමන් රත්නපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර හිටපු හමුදා සෙබළෙකි. එසේම ඔහුද බන්ධනාගාරගතව සිටියෙකි. මේ තිදෙනා ගැන ඇස ගසාගෙන සිටි පොලිස් නිලධාරීන් ඔවුන් සමග කුලුපග වී හෙරොයින් පිළිබඳව කතාබහක් ඇති කරගත්තේය. ඉන්දික ගැන තමන් දන්නා ලෙසට පොලිස් ඔත්තුකරුවෝ දෙදෙනා හැසිරුණහ. එයින් සුජිත්ට ඉන්දික සමග තිබූ සබඳතාව සැක හැර දැනගත් පොලිසිය සුජිත් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරද්දී මෙයට සමන්ද සම්බන්ධ බවට තොරතුරු හෙළි විය. නවීන තාක්ෂණය යොදාගනිමින් කරන ලද පරීක්ෂණවලින් මේ එකිනෙකා සමග සබඳතා පැවැත්වූ ජාලයක් හඳුනාගැනීමට පොලිසියට හැකි විය. ඔවුන් අතරින් මෙම සිදුවීමට ඍජුවම සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට ගැනිණ.
පරික්ෂණයට එවූ නිලධාරින් එවනු ලැබුවේ කුමන ප්‍රදේශයටද
{ "answer_start": [ 301 ], "text": [ "කොතලාවල ප‍්‍රදේශයට" ] }
4c12aaec-8f13-43a0-a091-e10c2effa1cf
බ්‍රිතාන්‍යයන් දුම්රිය මාර්ග ඉදිකිරීමට පටන් ගත් කාලයේ ඉඳලාම අදටත් භාවිතයට ගැනෙන වාෂ්ප බලැති දොඹකරය ආධාරයෙන් පාලම් අලුත්වැඩියා කිරීමත්, අලුතින් පාලම් නිර්මාණය කිරීමේදීත් භාවිතයට ගන්නවා. සමහර දුම්රිය ස්ථාන සහ ඒ ඒ දුම්රිය කොටස භාර ස්ථිර වැඩ පරීක්ෂක කොටසට අයත් ස්ථිර වැඩ පරීක්ෂක කාර්යාලය හා අනුබද්ධව තියෙන දුම්රිය මාර්ග නඩත්තු අංශය සතුව කම්හලක් ද ඉස්සර කාලයේ තිබිලා තියෙනවා. එහිදී කැඩී බිඳී යන උපකරණ අලුත්වැඩියාව, භාණ්ඩ මුවහත් කිරීමත්, අලුතින් භාණ්ඩ නිපදවීමත්, පිහි, උදලු, ඇණ ආදිය තද කරන උපකරණ, දම්වැල් ආදිය හදලත් තියෙනවා කියලා දැන ගන්න ලැබෙනවා.
දුම්රිය මාර්ග ඉදිකිරීම පටන් ගත්තේ කව්ද?
{ "answer_start": [ 0 ], "text": [ "බ්‍රිතාන්‍යයන්" ] }
ae343f50-fab0-4291-90d7-f0e8952b9112
බිය වෙන්නට කිසිවක් නැති බවත්, ප්‍රාණ ඇපකරුවන් ගලවා ගන්නා බවත් කියූ ජර්මනිය ඊශ්‍රායල නියෝජිතයන් සනසවමින් කතා කළ නමුදු, අන්ත දරුණු හා කපටි ත්‍රස්ත සංවිධානයක් හා ගනුදෙනු කිරීමට අවශ්‍ය ධෛර්යය, අත්දැකීම් හෝ නිර්මාණශීලී චින්තන හැකියාවක් ජර්මනියට නොවීය. ජර්මානු බලධාරීන් හා ත්‍රස්තයන් අතර දිනයක් මුළුල්ලේ පැවති වෙහෙසකර සාකච්ඡාවලින් පසු මියුනිච් නගරයෙන් පිටත පිහිටි ෆූර්ස්ටෙන්ෆෙල්ඩ්බුක් ගුවන් තොටුපොළ වෙත ත්‍රස්තයන් හා ප්‍රාණ ඇපකරුවන් ප්‍රවාහනය කරන ලදි. එහිදී ත්‍රස්තයන් කැමති ගමනාන්තයකට ඔවුන් ගෙනයාමට ජර්මානු බලධාරියෝ පොරොන්දු වී සිටියහ. එහෙත් ජර්මානු පොලිසිය ඉතා ආධුනික හා ළමා සෙල්ලමක් බඳු උගුලක් ගුවන් තොටුපොළේ අටවා තිබිණි. ලුෆ්ට්හන්සා ගුවන් සමාගමට අයත් හිස් ගුවන් යානයක් ගුවන් තොටුපොළ මැද නවතා තිබුණු අතර ඉලක්කයට වෙඩි තැබීමට දක්ෂව සිටිය යුතු නමුත් එසේ නොවූ වෙඩික්කරුවෝ ඒ මත රඳවා සිටියහ. ත්‍රස්ත කල්ලියේ නායකයාට මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමට අවශ්‍ය විය. කාර්ය මණ්ඩලයක් හෝ නොමැති, සිසිල් වූ එන්ජිමක් සහිත මෙම ගුවන් යානය තවත් මිනිත්තු කිහිපයකින් ගුවන්ගත කිරීමට යන එකක් නොවන බව ඔහුට අවබෝධ විය. තම කණ්ඩායමට රවටා ඇති බව වැටහුණු ත්‍රස්තයෝ වෙඩි තබමින් අත් බෝම්බ විසි කරන්නට වූහ.
වෙඩි තබමින් අත් බෝම්බ විසි කරේ කවුරුන්ද?
{ "answer_start": [ 1018 ], "text": [ "ත්‍රස්තයෝ" ] }
95e22089-eb10-4aab-9d3d-55e2d2839ece
ටෝකියෝ ඔලිම්පික් උළෙලට ගොස් කිසිදු තරගයකට සහභාගී නොවී, කිසිදු පදක්කමක් ජයග්‍රහණය නොකර, ජනප්‍රිය වූ ක්‍රීඩිකාව වන්නේ, ක්‍රිස්ටිනා ටිමෙනොව්ස්කායා ය. ක්‍රිස්ටිනා, බෙරලූස් ක්‍රීඩිකාවකි. අද ක්‍රිස්ටිනාට පමණක් නොව ඇගේ සැමියාට ද පෝලන්තයේ දේශපාලන රැකවරණ හිමිවී තිබේ. ක්‍රිස්ටිනා දේශපාලනය සම්බන්ධ තැනැත්තියක නොවූවාය. කෙසේ නමුත්, සිදුවුණු අසාධාරණය හමුවේ, ඇගේ කතාව අවසන් වූයේ එය දේශපාලනීකරණයට ලක් වීමෙනි. 24 හැවිරිදි ක්‍රිස්ටිනා ටිමෙනොව්ස්කායා, 2017 සිට 2019 තෙක් යුරෝපා ක්‍රීඩා උළෙලවලදී සුවිශේෂී දක්ෂතා පෙන්වූ බෙලරූස් ක්‍රීඩිකාවකි. ඇය මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වූයේ මීටර් 200 කාන්තා ඉසව්වෙන් බෙලරූසයට රන් පදක්කම දිනා දීමේ අපේක්ෂාවෙනි. එහෙත්, අවසානයේ ඇයට සිදුවූයේ, කිසිදු තරගයකට සහභාගී නොවී, ජපානයේ ටෝකියෝ සිට, ඔස්ට්‍රියාවේ වියානා හරහා පෝලන්තයේ වෝර්සෝ නුවරට යෑමටය. ඒ, පෝලන්ත රජය, මානුෂීය හේතූ මත ඇයට රැකවරණය දීමටත් වීසා ලබා දීමත් කැමැත්ත පළ කළ බැවිනි.
ක්‍රිස්ටිනාගේ කතාව අවසන් වූයේ කෙසේද?
{ "answer_start": [ 365 ], "text": [ "එය දේශපාලනීකරණයට ලක් වීමෙනි" ] }
2a2f13b0-b078-43f7-9688-2b5f1d9e1194
අක්බාර්ගේ ජීවිතයේ අවසන් සමය කටුක කාල පරිච්ඡේදයක් ලෙස සැලකිය හැකිය. වැඩිමහලු පුත‍්‍රයා වූ සලීම් රාජ්‍ය පාලනයට ලෝභීව තම පියාගේ මරණය අපේක්ෂාවෙන් පසුවිය. වරක් ඔහු අක්බාර් අගනගරයෙන් බැහැරව සිටි අවස්ථාවක රාජ්‍යය පැහැර ගැනීමට උත්සාහ කළේය. එය අසාර්ථක වූ කල්හි ඔහු අලහබාදය අත්පත් කරගෙන ස්වාධීන පාලකයකු වීමට උත්සුක විය. පුත‍්‍ර ස්නේහය නිසා ඔහුට අවවාද කිරීමට ගිය අක්බාර් සමඟ සලීම් සටනට එළැඹිණි. එවිට අක්බාර් ඔහු ඔරිස්සාවේ හා බෙංගාලයේ පාලකයා ලෙස පත් කළේය. පසුව පිය පුතු දෙපළ සමාදානයට පත් වූහ. ක්‍රි.ව. 1605 ඔක්තෝබර් 17 දා අක්බාර් මිය ගියේය. මිය යෑමට කෙටි කලකට පෙර ඔහු තම වැඩිමහලු පුත් සලිම් හට රාජ්‍යය බාර කළේය. ඔහුගේ අනෙක් පුත‍්‍රයන් දෙදෙනා වූ දානියෙල් සහ මුරාද් අකාලයේ මිය ගොස් සිටි හෙයින් ඉතිරිව සිටියේ සලීම් පමණි. එම වසරේ ඔක්තෝබරයේ සලීම් නුරුදීන් මහමුද් ජහාන්ගීර් පදීෂා ඝාසි නමින් මූගල් අධිරාජ්‍යයේ පාලකයා ලෙස අභිෂේක ලැබීය.
අක්බාර්ගේ වැඩිමහල් පුත්‍රයා කවුද?
{ "answer_start": [ 89 ], "text": [ "සලීම්" ] }
db3c329d-b25b-47f4-9560-cca4f6b4c46e
මියගිය පුද්ගලයාගේ කලිසමේ පිටුපස සාක්කුවේ වූ මුදල් පසුම්බිය පරික්ෂා කළ විට එහි ඔහුගේ රියදුරු බලපත්‍රය විය. ඒ අනුව ඔහුගේ නමත් ලිපිනයත් සොයාගත් පොලිසිය ඔහුගේ නිවසට ගියේය. ඔහු ප්‍රේමලාල් සිරිවර්ධනය. තිස් අට හැවිරිදි ප්‍රේමලාල් එක්දරු පියෙකි. ගමේ සුභ සාධක සමිතියේ සභාපති ඔහුය. මේ සමිතිය මගින් සිදුකළ යම් කාර්යයක දී ඇති වූ මත ගැටුමක් නිසා ගමේ එක්තරා පිරිසක් ප්‍රේමලාල් සමග හිත හොඳ නැත. මේ අමනාපය දිගින් දිගටම පැවති අතර එය දුටු දුටු තැන බැණ අඬගසා ගන්නා තත්ත්වයට පත්ව ඇත. පොලිසිය කරන ලද පරීක්ෂණවල දී වැදගත් කරුණු රැසක් අනාවරණය විය.
ඔහු ගමේ සුභ සාධක සමිතියේ කුමන තනතුරක් දැරුවේද?
{ "answer_start": [ 242 ], "text": [ "සුභ සාධක සමිතියේ සභාපති" ] }
29b92865-d60d-42d0-93dc-8de5ee5ed818
ලෝක රූ රැජින කිරුළ පැලඳී සුරූපිනියන් අතරේ අයිශ්වර්යා රායි බච්චන්, සුශ්මිතා සෙන්, ඩයනා හේඩන්, ලාරා දත්තා, ප්‍රියංකා චොප්රා , මනුෂී චිලර් යන සියලු දෙනා අතරින් දෙස බලන විට හිටපු ලෝක රූ රැජිනක් හා වර්තමානයේ බොලිවුඞ් සුපිරි තරුවක වන ප්‍රියංකා චොප්රා එදාට වඩා අද බොහෝ සෙයින් වෙනස් බව පෙනෙන දෙයක්. ඇය ප්ලාස්ටික් සැත්කමකට මුහුණ දුන්නේ තම දෙතොල් සහ නාසය වෙනස් කරගැනීම සඳහා යැයි ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ විචාරකයෝ සඳහන් කරති. කරිෂ්මා කපුර්, කත්රිනා කායිෆ්, ශිල්පා ෂෙට්ටි, ශ්‍රැති හසන් ද දෙතොල් සහ නාසය වෙනස්කර ගැනීමට ප්ලාස්ටික් සැත්කම් සිදුකර ඇතැයි එම ඉන්දීය සිනමා විචාරකයෝ පවසති. කරීනා කපූර් සිනමාවට පිවිස වසර පහළොවක් ගත වූ පසුව ප්ලාස්ටික් සැත්කමක් සිදු කළ බව තවදුරටත් බොලිවුඩෙයන් වාර්තා වේ. ඇය තම කම්මුල් පිරුණු ස්වභාවයක් ඇති කර ගැනීම වෙනුවෙන් මෙම සැත්කම සිදුකර ඇත.
කරීනා කපූර් ප්ලාස්ටික් සැත්කමක් සිදු කර ඇත්තේ සිනමාවට පිවිස කොපමණ කල් ගත වූ පසුවද?
{ "answer_start": [ 595 ], "text": [ "වසර පහළොවක් ගත වූ පසුව" ] }
81568308-b154-4fdc-b2e5-7adc2a219204
මෙම දෙපක්ෂය අතර පැවැත්වූ වාද පහක් වේ. එම ආගමික වාද පහ පංච මහා වාද යනුවෙන් හැඳින්වේ. ආගමික පක්ෂ දෙක අතර එක් එක් වාදයන්හි පිළිපැදිය යුතු නීතිරීති සම්මුතීන් ආදියත් ඇති කරගෙන ඉතා සාමකාමීව මෙම වාදයන් පැවැත්වීය. ප්‍රධාන වශයෙන් මුහුණට මුහුණලා වාදයන් පැවැත්වීම සුවිශේෂ වූ කාරණයකි. වාචිකව ඉදිරිපත් කල නොහැකි කරුණු ලිඛිත වශයෙන් ඉදිරිපත් කිරීමට අවසර ලබා දී තිබිණි. මෙම ආගමික වාදයන් කඩිනම් වීමට හේතු භූත වූ සහ ඉතිහාස ගත නොවූවත් එක් සුවිශේෂී කාරණයක් ඉවහල් වීම විශේෂත්වයකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉපැරණි දඹදෙණි රාජධානිය අයත් වෑත්තෑව ලොකු හාමුදුරුවන්ට ඉංග්‍රීසින්ගෙන් එල්ල වූ ආගමික හිරිහැරය බලපෑ බව සඳහන්ය.
වෑත්තෑව ලොකු හාමුදුරුවන්ට ආගමික හිරිහැර සිදු වුයේ ක ගෙන්ද ?
{ "answer_start": [ 538 ], "text": [ "ඉංග්‍රීසින්ගෙන්" ] }
edf078b8-d34d-4d0e-9efc-c5f84e462623
ඔහු සිතුවා නිවැරදිය. එක තැනක වෙනස් හඬක් නැඟිණි. එතැන බිත්තිය පලුදු කළ ද එතැනින් කඩා වැටුණේ බදාම නොවේ. කිසියම් ඇලෙනසුලු ද්‍රව්‍යයකි. තවදුරටත් පරීක්ෂා කර බැලීමේදී එය සබන් කැටයක් භාවිතා කර බිත්තියේ සාදා ඇති සිදුරක් වසා ඇති ආකාරය බව පැහැදිලි විය. පසුව එය ඉවත්කර බිත්තිය තවදුරටත් පළුදු කිරීමේදී ඉන් මතු වූයේ පාර්සලයකි. බ්‍රවුන් ෂුගර් වර්ගයට අයත් හෙරෝයින් ග්‍රෑම් දහයක පැකට්ටුවකි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු රැඳවියකගේ දින කිහිපයක අවශ්‍යතාව තවත් දින ගණනකට නවතා දැමීමට ඉන් හැකියාව ලැබුණි. තවත් දවසක වත්තේගම පොලිසියේ දූෂණ මර්දන පොලිසියේ ස්ථානාධිපතිගේ ඉල්ලීමකට අනුව අලවතුගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය පරීක්ෂණ රාජකාරියකට ගියා. අනිල් තවත් රහස් පරීක්ෂක කතාවකට මුල පුරයි. අලවතුගොඩ සිට කිලෝ මීටර් එකහමාරක දුරක් ගියේ වළවල් සහිත තාර පාරකය. පාර ඉතාමත් අසීරුය. එතැන් සිට තවත් කිලෝ මීටර් එකක පමණ අඩි පාරක ගොස් කුඹුරක් අසල නිවෙසක් ළඟ නැවතුණා. ටෝබි මේ වගේ ගමන් සඳහා කැමැත්තක් දක්වනවා. ඒ ඌට නිදහසේ ගමන් කළ හැකි නිසා විය යුතුයි. නිවසේ දොර ඇරලා තිබුණත් එළියේ කිසිවෙක් සිටියේ නැති නිසා දොරට තට්ටු කළා. නිවෙස ඇතුළේ සිටි කාන්තාවක් එළියට ආවා.
අලවතුගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය පරීක්ෂණ රාජකාරියකට ගියේ කාගේ ඉල්ලීමකට අනුවද?
{ "answer_start": [ 492 ], "text": [ "වත්තේගම පොලිසියේ දූෂණ මර්දන පොලිසියේ ස්ථානාධිපතිගේ ඉල්ලීමකට" ] }
ac7bd522-81d2-4469-a4d0-0be0b4d6326f
මෙම ප්‍රශ්න කිරීමෙන් පසුදින එනම් 1910 ජුලි 09 වැනිදා වෛද්‍ය ක්‍රිපන් හා එතල් ලන්ඩනයෙන් පිටත් වූහ. ඒ බෙල්ජියම බලා යන්නටය. එතැන් සිට එස්. එස්. මොන්ට්රෝස් වාෂ්ප නෞකාවෙන් කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයට යාමට පිටත් වූහ. මේ අතර පොලිස් පරීක්ෂක වෝල්ටර්, ක්‍රිපන්ගේ නිවසට යළි පැමිණියේ නිවස සෝදිසි කිරීමේ වරෙන්තුවක්ද රැගෙනය. එහෙත් ඒ වෙන විට ක්‍රිපන් එහි සිටියේ නැත. ඔවුන් පලාගොස් ඇති බව පොලිසියට ඒත්තු ගියෙන් නිවසේ හිමිකරු ලවා දොර විවෘත කරවාගෙන එය සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කළේය. දින දෙකක් පමණ මෙම පරීක්ෂාවට ගත විය. එහිදී නිවසේ ගිනි උදුන යට පිහිටි ගඩොල් තට්ටුව යට වළක් ඇති බව තහවුරු විය. එය හාරා බැලීමේදී කාන්තා ඇඳුම්, පිරිමියෙකුගේ පිජාමා ඇඳුමක උඩු කොටස් සුදු පැහැති රැලි ගැසුණ කෙස් රොදක්, හමුවිය. එසේම මේ අතර හෘදය වස්තුව, ප්ලීහාව, වකුගඩු, ආමාශය, අග්න්‍යාසය, කුඩා අන්ත්‍රය සහ මහා අන්ත්‍රය ආදී අවයව කොටසක් හමුවිය. ඒ සියල්ල එකට සිටින සේ සිරුරෙන් ඉවත් කර තිබූ බව පෙනිණ. ඒත් හිස, අස්ථි හා ප්‍රජනක කොටස් හමුවුයේ නැත.
නිවසේ ගිනි උදුන යට පිහිටි ගඩොල් තට්ටුවක් යට තිබුනේ කුමක්ද?
{ "answer_start": [ 548 ], "text": [ "වළක්" ] }
b98df64e-f036-430e-b085-7eb8e9b3ed28
සුරාජ් සමග අපට විරුද්ධ වෙන්න අපට නොහැකිය. ඒක සම්පූර්ණයෙන්ම සත්‍ය කතාවකි. එසේම බලධාරින්ගේ අවධානය යොමු විය යුතු කාරණා කීපයක්ම අපි සුරාජ්ගේ කතාවෙන් දුටුවෙමු. එනම් බන්ධනාගාරය යනු ආරක්ෂා ඇතිව කුඩු භාවිතා කළ හැකි තැනක් බවය. ඒ බව දැනටමත් කවුරුත් දන්නා රහසකි. එහෙත් තවමත් බලධාරීන්ගේ අවධානය ඒ වෙත යොමුව ඇතැයි නොපෙනේ. එසේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට විවිධ මධ්‍යස්ථාන තිබුණද ඒවායින් නිසි පුනරුත්ථාපනයක් සිදුනොවන බවද මෙහිදි පැහැදිලි විය. එවැනි තැන්වලට කෙනෙක් තම දරුවන් යොමු කරන්නේ අතේ තිබෙන මුදලද වැය කරගෙනය. එසේ වුවද එයින් ප්‍රයෝජනයක් වෙන්නේ නැත්නම් එය ඔවුන්ගේ මුදල් නාස්තියක් වගේම රටටද පාඩුවකි. ඒ නිසා මේ ආයතන රජයේ කිසියම් ආයතනයක් මගින් නියාමනයකට ලක් කරන්නට බලධාරින්ගේ අවධානය යොමු විය යුතුව ඇත. එසේ නොවන්නට එකම පුද්ගලයා තුන් හතර වතාව පුනරුත්ථාපනය කරමින් රටේ මුදල් ජනතාවගේ මුදල් නාස්තියකට ලක් වෙනවා හැර, රටේ අනාගතය විනාශ වනවා හැර අන් යමක් සිදුනොවනු ඇත.
බන්ධනාගාරයේ ආරාක්ෂාකාරීව භාවිතා කල හැකි කවුරුත් දන්නා රහස් දෙය කුමක්ද
{ "answer_start": [ 187 ], "text": [ "කුඩු" ] }
ab826a78-a035-43e6-866a-042f1d01d95c
මාලනී හැත්තෑ එක් වැනි වියේ පසුවූ වයෝවෘද්ධ කාන්තාවකි. ඇය වසර ගණනාවක් සිට ජීවත් වෙන්නේ තනිවමය. ඇගේ සැමියාගේ මරණයෙන් පසු ඇයට මෙසේ තනිවන්නට සිදුව තිබේ. මාලනීගේ සැමියා ධනවත් ව්‍යාපාරිකයෙකි. මේ දෙපළට දරුවන් තිදෙනෙක් සිටිය ද ඔවුන් සියලු දෙනා වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වූ අතර විදේශගතව ජීවත් වෙති. ඒනිසා මාලනීගේ සැමියාගේ මරණයෙන් පසු ඔවුන්ගේ දේපළ රැකබලාගන්නට කෙනෙක් නොමැති වූයෙන් ජීවත් වූ නිවස සහිත ඉඩම හැර අනෙක් සියල්ල විකුණා දැමීමට මාලනී කටයුතු කළාය. දේපළ විකුණා ලද ආදායම බැංකුවේ තැන්පත් කර ලැබෙන පොලියෙන් ඇය ජීවත් වූවාය. ඇගේ තනි නොතනියට හා නිවසේ ආරක්ෂාවට මුරකරුවකු බඳවා ගත්තාය. ඔහු කාලයක් තිස්සේ මාලනි සහ සැමියා හඳුනන කෙනෙක් වූ නිසා මාලනී ගැන හොඳින් සොයා බැලුවේය.
මාලනී දේපළ විකුණා දැමුවේ ඇයි?
{ "answer_start": [ 331 ], "text": [ "දේපළ රැකබලාගන්නට කෙනෙක් නොමැති වූයෙන්" ] }
6a22e968-d834-4b80-a5a0-66bfe6526ed6
විලපලා වැව විශාල එකකි. යාල වන උයනේ ඇති වැව් අතරින් විශාලත්වයෙන් වැඩිම වැව මෙයයි. එහෙත් මේ ගිම්හානයේ විලපලා වැවේ වැඩි කොටස තණ බිමකි. ඇත්ත වශයෙන්ම කිවහොත් තණ ද වියැළී ගොස්ය. වතුර ඉතිරිව ඇත්තේ වැවේ කුඩා වපසරියක පමණි. කොකුන් රෑනක් වැවේ වතුර ඉතිරිව ඇති පෙදෙසේ රංචු ගැසී සිටිනු පෙනිණි. හරියටම කිවහොත් එය උන්ගේ සමුළුවක් වැන්න.ආහාර හිඟයක් ආවොත් කළයුතු දේ, ඊළඟ සුනාමිය, යාල කැලේ සංහිඳියාව වැනි මාතෘකා යටතේ උන් සමුළුවක් ඇරඹුවාක් වැන්න. හැබැයි, ඒ අතරේත් උන්ගෙන් ඇතැම් කොකෙක් දියට හොට ඔබා මස්සෙක් අල්ලා ගන්නේය. ඔහුගේ අත යොමු වුණු දිශාව ඔස්සේ නෙත් ගොමු කළ විට අඳුරු ගුලි වගයක් බොහෝ ඈතින් දක්නට හැකි විය. උන් ගෝනුන් ද හරකුන් ද යන්න මට නම් අවිනිශ්චිතය. එහෙත් හැමදාමත් යාලේ කරක්ගහන අපේ මිතුරාගේ ඇස් වනාන්තරයටම හුරුව ඇත්තේය.
දියට හොටක් ඔබා මස්සෙක් අල්ලා ගත්තේ කව්ද?
{ "answer_start": [ 457 ], "text": [ "කොකෙක්" ] }
f61ce6b3-72e0-4d69-93bf-b5187646069b
ශ්‍රී ජයබාහු දේවයන්ට අට වැනි වර්ෂයෙහි පාණ්ඩ්‍යනාර් වීරපෙරුමාල්ගේ භාර්යාව වූද කුලෝතුංග නම් වූ චෝල රජුගේ දියණිය වූද චුන්දවල්ලියාර්වාර් කුමරිය විසින් මහාගල්ල නම් වූ වික්‍රමශීලාමේඝ පුරවරයෙහි වික්‍රමශීලාමේඝ කෝවිලේ ඊශ්වර් දෙවියන්ට ඉරහඳ පවතින තුරු දල්වන පිණිස තබන ලද නොනිවන එක් පහනක් පිණිස තබා දුන් කාසි දහයයි. තුන් වියත් දිග ඇති එක පහනක්ද වෙයි. මෙම සෙල්ලිපියෙන් කියැවෙන්නේ රජ බිසව විසින් ඊශ්වර දේවාලයට දෙනු ලැබූ දීමනාවක් පිළිබඳ විස්තරයකි. මෙහි සඳහන් මහාගල්ල ප්‍රදේශය ආක්‍රමණික සොළී පිරිස් බලය පතුරුවාගෙන සිටි ප්‍රදේශයකි. මහා පරාක්‍රමබාහු රජුද සිය ජයස්ථම්භය පිහිටුවන ලද්දේ පදවි පරාක්‍රමපුරයෙහිය. ජයබාහුගේ රාජ කාලය ක්‍රි.ව. 1110-1113 අතර වේ. පොළොන්නරුව රාජ්‍ය ලබාගත් ජයබාහු සහ ඔහුගේ පිරිස් රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබූ සියලු වස්තූන් අත්පත් කර ගනී. අනතුරුව මහා විජේබාහු රජුගේ පුත් වූ රෝහණයේ යුවරජුව සිටි දෙවැනි වික්‍රමබාහු කුමරු අල්ලා ගැනීම සඳහා සේනා සන්නද්ධව රුහුණ බලා පිටත්වූහ. වික්‍රමබාහු රජු මහා නාගනුලයෙන් නික්ම සතුරු හමුදාවේ පෙරමුණ වෙත පැමිණියේය. ස්ථාන පහකදී කරන ලද සටන්වලින් ඔහු ජය ලැබීය. ඉන් අනතුරුව පොළොන්නරුවට පැමිණ එය අත්සන් කරගෙන රාජ්‍යත්වයට පත් විය.
විජේබාහු රජුගේ පුත් වූයේ කවුද?
{ "answer_start": [ 790 ], "text": [ "දෙවැනි වික්‍රමබාහු කුමරු" ] }
6c1d504a-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු සමූහයක් ස්කොට්ලන්තයේ වයඹ දිග ස්කේයි දූපතෙන් සොයාගැනීමත් සමඟ මධ්‍යම ජුරාසික් යුගය සම්බන්ධව නවතම තොරතුරු රැසක් එළිදරව් වී ඇතැයි විද්‍යාඥයෝ පවසති. එඩිම්බරෝ සරසවියේ සහ චීන විද්‍යාත්මක ඇකඩමියේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගන්නා ලද මෙම තොරතුරු ස්කොට්ලන්ත භූ විද්‍යා ජර්නලයේ නවතම වාර්තාවක එළිදක්වා ඇත. ස්කේයි දූපතේ තිබී මීට අවුරුදු මිලියන 170කට එපිට යුගයට අයත් යැයි සැලකෙන ඩයිනෝසර් පා සළකුණු 50 ක් පමණ සොයා ගත් බව ඔවුහු පවසති. දූපතේ බ්‍රදර්ස් පොයින්ට් ලෙස හැදින්වෙන ස්ථානයේ කලපුවක තිබී මෙම පා සළකුණු සොයාගෙන ඇති අතර විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේවා ඩයිනෝසරයින් දෙදෙනකු විසින් තැබූ සළකුණු බවයි. ඩයිනෝසරයින් සහයෝගයෙන් වාසය කළ ආකාරය සම්බන්ධව පැහැදිලි චිත්‍රයක් මවාගැනීමට මෙම සොයාගැනීම උපකාර වන බවද ඔවුහු තවදුරටත් පවසති. එක් පා සළකුණක් කාර් රෝදයක් තරම් විශාල වන අතර මෙම සතුන් ටොන් 10ක් පමණ බරින් හා මීටර් 15ක් පමණ දිගින් යුතු වන්නට ඇති බවට විශ්වාස කෙරේ. මෙම මාංෂභක්ෂක සතුන් දඩයම් නොකරන වේලාවන් හිදී කලපුව අසලට පැමිණ නිදහසේ කාලය ගත කරන්නට ඇති බව පැවසේ. පර්යේෂණ වාර්තාවේ සම කතෘ ස්ටීව් බෘසෙට් පවසන්නේ 2016 වර්ෂයේදී දූපතේ චාරිකා කළ පාසල් සිසුවකු විසින් මෙම පා සළකුණු මුල්වරට සොයාගත් බවයි.
එම සතුන් කොපමණ බරකින් යුක්ත වේද?
{ "answer_start": [ 822 ], "text": [ "ටොන් 10ක් පමණ" ] }
80c6bfdb-a88e-4c4a-ae14-f265f2f5ce60
එහි පළමු පියවර ලෙස, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් හා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිට,ස්වාධීන වූ කණ්ඩායමේ පක්ෂ නායකයන් ද සමග සාකච්ඡාවක් හෙට පෙරවරු 10:30 ට කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජනාධිපතිවරයා එම ලිපියෙන් දැනුම් දී ඇත.එබැවින් ,ඒ සම්බන්ධයෙන් සිය පක්ෂවල අදහස් හා යෝජනා ද සමග හෙට රැස්වීමට නොවරදවාම සහභාගි වන ලෙස ද ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇත. රටේ ඇතිව තිබෙන සමාජ හා ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්,කාදිනල් තුමා ඇතුළු ආගමික නායකයන් ද, දේශපාලන පක්ෂ හා පොදු ජන සංවිධාන ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
සාකච්ඡාව පවත්වන වෙලාව කීයද ?
{ "answer_start": [ 160 ], "text": [ "පෙරවරු 10:30 ට" ] }
9ecf70b7-5899-4cfb-9e78-16636b357a08
ඊට පසු කාලයක ඕලන්ද සමාගමට තවත් ගැටලු‍වක් මෙරට දී ඇති වී තිබේ. ඒ මහනුවර සිටි වෙළෙඳුන් දොයිතු හැර වෙනත් කිසිම කාසි වර්ගයක් භාර ගැනීමට අකැමති වීම හේතුවෙන් ඔවුන්ගේ තඹ කාසි හිඟවීමයි. ඒ හේතුවෙන් ඕලන්ද සමාගමේ වෙළෙඳාම් කටයුතුවලට ද බාධා එල්ල වී ඇත. ඔවුන් ඊට පිළියමක් ලෙස කර ඇත්තේ මෙරට වැසියන්ගේ දොයිතු කාසි එකතුකර ඒ වෙනුවට රිදී කාසි ලබාදීමයි. ඉන් පසු දොයිතු මාරු කිරීම තහනම් කර ඇත. වරින් වර විවිධ කාසි නිකුත් කිරීම හේතුවෙන් ඕලන්ද ජාතිකයන් විසින් මෙරට භාවිතා කළ කාසි වර්ග කිහිපයක්ම අද දක්වාම දක්නට ලැබේ. ඒවා කෞතුකාගාරවල පමණක් නොව ඇතැම් කාසි එකතුකරන්නන් සතුව ද තිබේ.
ඕලන්ද සමාගම මුහුණදුන් ගැටලුව කුමක්ද?
{ "answer_start": [ 160 ], "text": [ "තඹ කාසි හිඟවීමයි" ] }
6f870956-243b-41dd-a0f7-5d91c7e795da
එදා අද්භූත විදියට ආගිය අතක් නැති වුණු පූසාරිව ඉන් පස්සේ අද වෙනතුරු කිසිම දවසක හමුවෙලා නෑ. මෙන්න මේ වගේ කතා ගොඩක් නිසා තමයි බොහෝ දෙනෙක් මේ කෝවිල ගැන දැඩි විශ්වාසයක් තියාගෙන ඉන්නේ. කලින් අපි කිව්වා එල්ටීටීඊයත් මේ කෝවිල ගැන විශ්වාසය තිබ්බා කියලා. ඔවුන් මේ කෝවිලට පුද පූජා කළා. එල්ටීටීඊයේ පරිපාලන ගොඩනැගිල්ල තිබූ බිමේ තමයි දැන් මුලංකාවිල් පොලිසිය තියෙන්නේ. තවමත් මුලංකාවිල් පොලිසියේ තිබෙන සමහර ගොඩනැගිලි එල්ටීටීඊ භාවිත කළ දේවල්. ඒ වගේම තමයි එල්ටීටීඊයේ මහවිරු සුසාන භූමි කිහිපය අතුරින් එකක් තිබෙන්නේ මේ මුලංකාවිල් කෝවිල ඇති ප්‍රදේශයේම තමයි. එල්ටීටීඊයේ පොලිසිය තිබ්බෙත් ඊට මදක් දුරින්. ප්‍රදේශයේ සිටි මුස්ලිම් ජාතිකයකුට අයත් නිවසක් තමයි එල්ටීටීඊය එයාලගේ පොලිසිය විදියට භාවිත කළේ. ඉංග්‍රීසි බසින් සහ දෙමළ බසින් පොලිස් කියා ගැසූ ගේට්ටු කණු දෙක අදටත් දැක ගන්න පුළුවන්. එම නිවසත් අද කවුරුත් භාවිතයට ගන්නේ නෑ. එය දිරාපත් වෙමින් තිබෙනවා.
මුලංකාවිල් පොලිසිය තියෙන්නේ කොහේද ?
{ "answer_start": [ 274 ], "text": [ "එල්ටීටීඊයේ පරිපාලන ගොඩනැගිල්ල තිබූ බිමේ" ] }
e8c253af-21ea-4953-80f0-74b2fee3ffe1
1980දී හා 1983දී ද ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම්ගේ පාලනය පෙරළා දැමීම සඳහා කුමන්ත්‍රණ දෙකක් ක්‍රියාත්මක වුවද ඒවා 1988 ක්‍රියාත්මක කෙරුණු කුමන්ත්‍රණය මෙන් බරපතළ නොවීය. මෙවර කුමන්ත්‍රණය ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානයට පාත්‍ර විය.කුමන්ත්‍රණකරුවන්ට ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ අතර ජනාධිපතිවරයා නිවෙසින් නිවෙසට සැඟව පලායමින් ඉන්දියාව ඇතුළු රටවලින් උපකාර ඉල්ලා සිටියේය. ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් 1,600ක බලඇණියක් එවා එම කුමන්ත්‍රණය පරාජය කරන ලදි. 1988 නොවැම්බර් 3 වැනි දින හිමිදිරියේ ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයේ පසුබිම හා එය පරාජය කෙරුණේ මේ අයුරිනි. රැය ගෙවී යද්දී මාලේ අගනුවරට උතුරු දෙසින් වු මුහුදේ සිට මාලේ අගනගරය කරා අධිවේගී බෝට්ටු දෙකක් වේගයෙන් ධාවනය වෙමින් තිබිණි. ඒවායේ ලුතුෆි හා සගාරුද, ප්ලොට් කුලී හමුදාවේ 80ත් 100ත් අතර භට පිරිසක්ද වූහ. එම බෝට්ටු උදෑසන 4 පමණ වන විට, අඩක් ඉදිකොට තිබූ ජනාධිපති ජැටිය වෙත ළඟා විය.
ඉන්දීය අගමැති විසින් සෙබළුන් කීයක බලඇණියක් එව්වේද
{ "answer_start": [ 407 ], "text": [ "1,600ක බලඇණියක්" ] }
acfdcdf1-ddcc-433e-918e-a683e951d307
මෙම දිය ඇල්ල පෝෂණය වන්නේ ඇල්ලට කිලෝමීටර් කිහිපයක් ඉහළිවූ ජල මූලාශ්‍ර කිහිපයකින් වන අතර ජලය හොඳින් ඇති කාලයන් වලදී ඉතාමත් සුන්දර දිය ඇල්ලක් බවට පත්වේ. ස්නානය කිරීම සඳහා ස්ථාන කිහිපයක් පවතින අතර නමුත් නිසි අවධානයක් තබා ගැනීම අවශ්‍යය. ආරුක්කු පාලමෙන් පහළට වැටෙන විට තටාකයක් ලෙස ස්වභාවිකව සෑදී ඇති කොටසේ දිය නෑම ඉතා අවධානම් වන්නේ එහි ගැඹුර නිශ්චය කිරීමට නොහැකි බැවිනි. මෙම දිය ඇල්ල ආශ්‍රිතව කුඩා ජල විදුලි බලාගාර දෙකක් පවතින අතර එක් කුඩා බලාගාරයකින් කැටඹුලා වතුයායට විදුලිය ලබාදෙනු ලබයි. නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් අතර මගදී නැරඹිය යුතුම සුන්දර ස්ථානයක් ලෙස මෙම දිය ඇල්ල පෙන්වාදිය හැක.
මෙම දියඇල්ල අතර මගදී නැරඹිය හැක්කේ කොහේ සංචාර වලදිද?
{ "answer_start": [ 484 ], "text": [ "නුවරඑළිය ප්‍රදේශයේ" ] }
90a5b322-c4b3-4c79-a4ac-763179e60d73
මෑත කාලීන සිංහල වෙදකමේ සමෘද්ධිමත් අවධිය ලෙස අනුරාධපුර යුගය හැඳින්විය හැකිය. ඉන්පසු පොළොන්නරු හා දඹදෙණි යුගයන් හිද දේශීය වෙදකම උසස් මට්ටමින් පැවැතී ඇත. ඉන්පසු කෝට්ටේ හා මහනුවර යුගයන්හි, රටේ දියුණුවට බාධක වූ විදේශීය බලපෑම් බහුල වීමත් සමග දේශීය වෙදකමද පිරිහෙන්නට පටන් ගත්තේය. සියරට දේට වඩා පිටරට දේවලට ජනයාගේ රුචියත් ගෞරවයත් වැඩි විය. බටහිර දිගින් දිගටම පිළිගැන් වූ භාෂා, වෙදකම් හා ආගම් මෙරට වැසියාට නොපිළිගෙන ජීවත්විය නොහැකි තත්ත්වයක් ඇති විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානය වන විට අප රට බෝ නොවන රෝග බහුල හා ගුණධර්මයන් පිරිපුන් ජන කොට්ඨාශයක් ඇති රටක් බවට පත්වෙමින් ඇත.
රටේ දියුණුවට බාධක වූ විදේශීය බලපෑම් බහුල වීමත් සමග දේශීය වෙදකම පිරිහෙන්නට පටන් ගත් යුග මොනවද?
{ "answer_start": [ 158 ], "text": [ "කෝට්ටේ හා මහනුවර" ] }
72ddd7f7-b9b0-44b8-a73f-81a8fa6c3e9f
දෙවිවරුන්ගේ සැබෑ භක්තිවන්තයන් වෙත නිරතුරුවම දේව කරුණාව හිමි වේ. එවිට මොන තරම් බලගතු ව්‍යසනයක් වුවද ඒ සියල්ලෙන් ඔවුන් බේරා ගැනීමටම දෙවිවරු උත්සාහ කරති. ශිව ඔහුගේ භක්තිවන්තයකු වූ නන්දි හදිසි මරණයකින් ගලවා ගත්තේය. මේ ඒ කතාවයි. ඉසිවර ශිලාද දරුවන්ට බෙහෙවින්ම ඇලුම් කළේය. එහෙත් ඔහුටම කියා දරුවකු සිටියේ නැත. මේ නිසාම ඔහු හදාවඩා ගැනීම සඳහා විශේෂිත දරුවකු ලබාදෙන ලෙස ශිව දෙවියාට නිතරම කන්නලව් කළේය. වසර ගණනක් තිස්සේම ශිව වන්දනාවේ යෙදුණු ඔහු දරුවකු ඉල්ලීම නතර කළේම නැත. ශිලාද ඉසිවරයා ගෙදර ගියේ ප්‍රීතිමත් මිනිසකු ලෙසිනි. ඒ වසර ගණනක් තිස්සේ තමන් කළ කන්නලව්වට ශිව සවන් දුන් නිසාය.
නිරතුරුවම දේව කරුණාව හිමිවන්නේ කාටද?
{ "answer_start": [ 0 ], "text": [ "දෙවිවරුන්ගේ සැබෑ භක්තිවන්තයන් වෙත" ] }
175b45f7-75d2-4e07-a5a2-4628129534b4
මේ සිද්ධියෙන් පසු “හරක් කටා” ගැන තොරතුරක් සොයාගන්නට නොලැබිණි. ඔහු ඩුබායි රාජ්‍යයට පලාගිය බවට තොරතුරු අනාවරණය වී ඇතැයි බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබූ අවස්ථාවක නැවතත් මොහු ගැන තොරතුරු දිගහැරෙන්නට වූයේ ඉකුත් 19 වැනිදාය. මෙහි තවත් අරුම සිද්ධිය වූයේ මේ කියන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වූයේ මෙරට ප්‍රධාන පෙළේ අපරාධකරුවකුව සිටි “සොත්ති උපාලි” යන අයගේ දියණිය වන පැලවත්ත පාර, නුගේගොඩ පදිංචි ප්‍රසන්තිකා නිර්මලී ද සිටීමය. මෙම සිද්ධියේ දී ප්‍රධාන සැකකරු ලෙස දකුණු තලංගම, බත්තරමුල්ල පදිංචි කුරුප්පුගේ ධනුෂ්ක මදුෂංක මෙන්ඩිස් නොහොත් ‘පොඩී’ සහ ඔහුගේ සගයකු වන කඩුවෙල හේවාගම පදිංචි දිනේෂ් භානුක පෙරේරා යන අය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ ප්‍රසන්තිකා නිර්මලී ද සමගය.
“හරක් කටා” පළා ගියේ කොහෙටද?
{ "answer_start": [ 66 ], "text": [ "ඩුබායි රාජ්‍යයට" ] }
5b664c31-0354-45b1-841a-a2f5172313e7
එහෙත් ඔවුන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය ටිපර් රථයේ හිරවීම නිසා ටිපර් රථය ධාවනය කිරීමට නොහැකිවිය. මේ වෙන විට ටිපර් රථය පසුපස හඹා ආ විශාල පිරිසක් රියැදුරු වාහනයෙන් එළියට ගෙන ඔහුට පහරදී ටිපර් රථයට ගිනි තබා රියැදුරු එම ගින්නට ඇද දැමූහ. එම අවස්ථාවේදීම එම ස්ථානයට පැමිණි එවකට පොලිස් ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක එම්. ජෙමිල් මහතා ජනතාවගේ විරෝධය මැදින් ගින්නේ සිටි රියැදුරා පොලිස් ජීප් රථයක දමාගෙන අම්පාර මහා රෝහල වෙත ගෙන ආවත් ඔහු මිය ගියේය. පළමු අනතුර සිදුවන අවස්ථාවේ රියැදුරු රථය නොනවත්වා ධාවනය කිරීම වැරැදි ක්‍රියාවකි. නමුත් එලෙස සිදුකළේ රථය නැවැත්වූවා නම් සිදුවන දේ දන්නා නිසාය. අවට මිනිසුන් තමන්ට මෙන්ම රථයටද පහරදෙන බැවිණි. නමුත් අවසානයේ ජීවිත හතරක් විනාශ විය. ඉන් තිදෙනෙක් මිය ගියේ අනතුරකින්ය. රියැදුරු මියගියේ පහරදීමෙන්ය. මෙවැනි සිදුවීමක් සිදුවූයේ මෙම ප්‍රදේශයේ කැලෑ නීතිය රජවීම නිසාය.
ටිපර් රථ රියදුරා මිය ගියේ කෙසේද?
{ "answer_start": [ 712 ], "text": [ "පහරදීමෙන්ය" ] }
0ffc041f-eabd-431c-bd84-8172154cf0e9
පුතාගේ කෑ ගැසීම් හඬට දිව ආ ගයාන්ගේ පියා ආරියරත්නටද අපරාධකරුවන්ගෙන් ගැලවිල්ලක් නොවිණ. ඔහුටද බේරී දුවන්නට අන් තැනක් පෙනුණේ නැති නිසා අසල්වැසි නිවස කරාම දිව ගියේය. එහි එළිපත්ත ආසන්නයේ බරපතළ කැපුම් තුවාල සහිතව ආරියරත්න ඇද වැටුණේය. ඉන්පසු පැමිණියේ ගයාන්ගේ මවය. ඇයට එල්ල වූ පළමු පහරින්ම ඇය ඇද වැටිණ. තවත් පහර කීපයක් එල්ලකොට කිණිස්සෙන්ද කපා තුවාල සිදුකරද්දී මවගේ විලාපය අසා සිටිනු නොහැකිව සඳකැලුම්ද සැඟවී සිටි තැනින් එළියට ආවේය. අපරාධකරුවෝ ඔහුටද ප්‍රහාරය එල්ල කළත් ඒ වනවිට අසල්වැසියන් තැනින් තැනින් එබිකම් කරමින් කෑ ගසන්නට පටන් ගෙන තිබූ නිසා අපරාධකරුවෝ ප්‍රහාරය නවත්වා තමන් පැමිණි යතුරුපැදියෙන්ම පලාගියේ අත වූ මුගුර ද නිවස ඉදිරිපිට ඇළ මාර්ගයට විසිකරමිනි.
ගයාන්ගේ පියාගේ නම කුමක්ද
{ "answer_start": [ 40 ], "text": [ "ආරියරත්නටද" ] }
5466bec6-7762-405b-940a-138e85740635
සිංහල අලුත් අවුරුද්ද බක්මහ උළෙල සුර්ය මංගල්‍යය ආදී විවිධ නම්වලින් හැඳින්වෙන අපේ ජාතික උත්සවයට සමගාමීව යාපනයේ වෙසෙන ජනතාව වසන්ත උත්සවයක් පවත්වති. උතුරු ඉන්දියාවේ හින්දු ජනතාවද අප්‍රේල් 14 දින වසන්ත උත්සවය සමරති. ඉන්දියාවේ පමණක් නොව බුරුමය, තායිලන්තය, වියට්නාමය, ජපානය, ප්‍රංශය, ඉතාලිය, රුමේනියාව, ග්‍රීසිය ආදි රටවලද අප්‍රේල් 14දා වසන්ත උත්සව පවත්වන බව වාර්තා වෙයි. ලංකාවේ උතුරේ වෙසෙන දමිළ ජනයාගෙන් ඇතැම් පිරිසක් සිත්තර පුත්තාණ්ඩු නම් උත්සවයක් පවත්වති. අලුයම අවදිවී ස්නානය කර කෝවිලට ගොස් පූජා පවත්වා අවුත් ළිප ගිනි මොලවා කිරි ඉතිරිවීම ද කිරිබත් පිසිමද ඔවුහු සිදු කරති.
ලංකාවේ උතුරේ වෙසෙන දමිළ ජනයාගෙන් ඇතැම් පිරිස් පවත්වන්නේ කුමන උත්සවයක්ද?
{ "answer_start": [ 411 ], "text": [ "සිත්තර පුත්තාණ්ඩු නම් උත්සවයක්" ] }
0db2644e-ba71-4201-9b2f-008c10285c56
කොළඹ සිට බදුල්ල පාරේ රත්නපුර, බලංගොඩ පසුකොට බෙරගල හරහා හපුතලේට දිවෙන මාර්ගයේ සුන්දරත්වය ප්‍රකාශ කිරීමට වදන් ගැළපෙන්නේ නැති තරම්ය. මන්ද පසෙකින් දැවැන්ත ගල් බිත්තියත් අනෙක් පසින් මහා ප්‍රපාතයන් ඒ තුළ ක්ෂිතිජ ඉමට දිවයන පහත් බිම් කඩත් දුටුවෝ සිත නිතැතින්ම මාර්ගය අසල රථවාහන නතර කොට එම සුන්දරත්වය විඳීමට ප්‍රිය කරති. ඒ නිසාම ස්ථාන කිහිපයක ආරක්‍ෂාකාරී නැරඹුමේ ස්ථාන කිහිපයක් වර්තමානය වන විට මාර්ගය අසල ඉදිකොට ඇත. දකුණු දෙසින් සමනල වැව, උඩවලව හරහා පැහැදිලි දිනක දකුණු වෙරළ තීරය දක්වා වුව දැකගැනීමට හැකි බව නොරහසකි. හපුතලේ නගරය පිහිටියේ මධ්‍යම කඳුකරයේ බෑවුමත් පහත් බිමේ ප්‍රපාතයට ඉහළිනුත් නිසාවෙන් හපුතලේ නගරය බොහෝ විට මීදුමෙන් හා සුළඟින් වෙලී යන නගරයකි. හපුතලේ සිට බොරලන්ද, මාර්ගය හරහා හෝර්ටන් තැන්නටත්, තවත් පසෙකින් බොරලන්ද, වැලිමඩ හරහා නුවරඑළියටත් අනෙක් පසින් බදුල්ලටත් යා හැකි වේ. හපුතලේ පසුකොට හරිත යායෙන් වෙළාගත් තේ වතු අතරින් වංගු ගැසී යන මාර්ගයේ දියතලාව පසුකොට බණ්ඩාරවෙලට සේන්දු වේ.
හෝර්ටන්තැන්නට යා හැක්කේ කුමන මාර්ගය හරහාද?
{ "answer_start": [ 649 ], "text": [ "හපුතලේ සිට බොරලන්ද, මාර්ගය හරහා" ] }
178fa3c7-3c11-443a-ac68-c8a31c6e06c4
1933 දී, හෆ්කින් ආයතනයේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් ලිවීමට භට්ටාචාර්ය නැවතත් කල්කටාවේ වෛද්‍යවරයා පොළඹවා ගත්තේය. ලිපිය මගින්, භට්ටාචාර්යගේ මහාමාරිය ප්‍රතිකාරය පරීක්ෂා කිරීම සඳහා ආයතනයේ පර්‌යේෂණාගාරය භාවිත කිරීමට ඔහුට අවසර දෙන්නැයි වෛද්‍යවරයා ඉල්ලා සිටියේය. එම ගිම්හානයේදී බිනොයේන්ද්‍ර බොම්බෙ වෙත ගියේය. එහිදී භට්ටාචාර්ය සමග එක්වූ ඔහු ආයතනයට අනුයුක්තව සේවය කළ පශු වෛද්‍යවරුන් දෙදෙනකුට අල්ලසක් ලබා දී, රෝපිත බැක්ටීරියා සාම්පලයක් ඔවුන් ලවා සොරකම් කරවාගැනීමට තැත් කළේය. ඒ අතරේ වෙළෙඳපොළට ගිය බිනොයේන්ද්‍ර, වැදගත් විද්‍යාඥයින් ලෙස පෙනී සිටීමට පහසුවනු වස් මීයන් තොගයක් ද මිලට ගත්තේය. ඉක්බිති දෙදෙනා ආතර් පාරේ බෝවන රෝග රෝහලට ගියෝය. මෙම රෝහල සතුව ද රෝපිත බැක්ටීරියා විය. උසාවි ලියවිලිවලින් දැක්වෙන පරිදි, එහිදී බිනොයේන්ද්‍ර සිය දොස්තර මිතුරාට ඔහුගේ රසායනාගාරයේදී මහාමාරිය ප්‍රතිකාරය පිළිබඳව පර්‌යේෂණ පැවැත්වීමට අවසර දෙන්නැයි රෝහල් බලධාරීන් පොළඹවා ගත්තේය.
ආයතනයේ පර්යේෂණාගාරය බාවිතයට ඉල්ලුවේ ඇයි?
{ "answer_start": [ 135 ], "text": [ "මහාමාරිය ප්‍රතිකාරය පරීක්ෂා කිරීම" ] }
a391a81e-4ae1-490d-ad73-74ede0b350a2
මිථුන- මිථුන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ රාහු ලග්නයටත් කේතු හත්වැන්නටද පැමිණෙයි. ප්‍රසිද්ධිය හා කීර්තිය ලැබේ. ගමන් බිමන් අධික වේ. තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න. යුග ජීවිත ගත කිරීමේදී එකිනෙකාගේ අදහස්වලට නම්‍යශීලී වන්න. යටි බඩේ රෝග ඇතිවීමට ඉඩ ඇත. කටක- කටක ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ රාහු දොළොස්වැන්නටත් කේතු හයවැන්නටද පැමිණේ. මෙම කාලසීමාවේ නිෂ්ඵල වියදම් ද පිට පළාත්වල ගමන් බිමන්ද යෙදේ. සතුරු කරදර ඇතිවීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ විදේශ ගමන් සිහිනය සැබෑ වේ. ශරීර සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. සිංහ- සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ රාහු සියලුම ලැබීම් පෙන්වන එකොළොස්වැන්නටත්, කේතු පස්වැන්නෙත් ගමන් කිරීම නිසා සුබ කාලයක් උදා වේ. ආදායම් තත්ත්වය යහපත් වේ. විදේශීය ව්‍යාපාරවලින් ලාභ ලැබේ. සමාජයේ ඉහළ තැනක් හිමි වේ. මිත්‍ර සම්බන්ධතා වැඩිදියුණු වේ. එහෙත් වෙස්වළා ගත් මිතුරන්ගෙන් ප්‍රවේශම් වන්න. මංගල කටයුතුවලට පදනම වැටේ.
යුග ජීවිතය ගත කිරීමේදි සිදු කළ යුත්තේ කුමක්ද?
{ "answer_start": [ 188 ], "text": [ "එකිනෙකාගේ අදහස්වලට නම්‍යශීලී වන්න" ] }
5dd537c8-4d16-4af7-a922-82148bc46612
වලව්වට අයත් කාමර පහයි. මැද මිදුල් දෙකක්. එදා ගොම ගෑ බිමක් තිබුණේ. වර්තමානයේ ඉදිරියෙන් ඇති කොරිඩෝව වගේ ප්‍රදේශය බිත්ති බැඳ ජනෙල් දමා, තිබුණත්, එදා පැවතියේ ඕපන් වරැන්ඩාවක් ලෙසින්. එහි උත්සව, කංකාරි පැවැත්වූවා. වලව්වේ වැඩ කළ මිනිසුන්ට වාඩි වීම සඳහා ලබා දුන් දිග බංකු කිහිපයක් අදටත් මඩුවේ නැතිනම් අද භාවිත කරන මුළුතැන්ගෙයි දක්නට ලැබෙනවා. දොරවල් සියල්ල තනි ලෑල්ලෙන් සාදා තිබීමත් විශේෂත්වයක්. වලව්වේ ඉදිරියෙන් ඇති දොර ජනෙල් කිහිපයක් දිරා හානි වී තිබුණ බැවින් පසු කාලයේ ඒවා වෙනස් කළා. පොළොවට සිමෙන්ති දැම්මා. ඒ ආකාරයෙන් වලව්වේ ඇතුළත තරමක් වෙනස් කළත්, වලව්වේ හැඩයට හානියක් සිදු කළේ නැහැ. මුත්තලාගේ කාලයේ භාවිත කළ තඹ හැළි කිහිපයක් තිබෙනවා. ඉන් එකක වී බුසල් තුනක් තැම්බිය හැකියි. මුත්තා ගමන් කළේ අශ්ව කරත්තයකින්. රෝදවල කැටයම් කපා තිබුණා. මෑතක් වන තුරුම එය තිබුණා. ඒ සඳහා අශ්වයින් දෙදෙනක් ද සිටියා.
දොරවල් වල තිබූ විශේෂත්වය කුමක්ද?
{ "answer_start": [ 348 ], "text": [ "තනි ලෑල්ලෙන් සාදා තිබීමත්" ] }
d29b9653-3e79-403b-80e6-7f20dbaa7a39
ඔහු චෝදනා කරන්නේ පොලිසිය තමන් සහ සොහොයුරා අත්අඩංගුවට ගෙන නිකරුණේ රිමාන්ඩ් බාරයට පත් කළ බවයි. තමන් අද පත්ව තිබෙන තැනට පොලිසිය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවයි. එම ඝාතනයෙන් බන්ධනාගාරගතව සිටි වැල්ලේ සුරංග නැවත ඇප මත එළියට පැමිණෙන්නේ බන්ධනාගාරගතව සිටින පාතාල හා මත්කුඩු ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් හා හිතවත්කම් පවත්වමින් ඔවුන්ගේ ආශිර්වාද හා උපදෙස් ලබාගනිමිනි. ඒ අනුව වැල්ලේ අයියා කෙනෙක් වශයෙන් වැල්ලට යළි පැමිණි සුරංග වැල්ලේ අණසක පැතිර වීය. ඒ සඳහා ඔහුට අවශ්‍ය ආයුධ, මත්කුඩු සියල්ල බන්ධානාගාරයේ සිටි අයියලාගෙන් නොඅඩුව ලැබුණු බව පොලිස් ආරංචි මාර්ග කියයි.
ඔහුට අවශ්‍ය ආයුධ, මත්කුඩු සියල්ල නොඅඩුව ලැබුණේ කාගෙන්ද?
{ "answer_start": [ 475 ], "text": [ "බන්ධානාගාරයේ සිටි අයියලාගෙන්" ] }
6eb0a5c2-9c43-4df8-9f68-0149b7f85c67
මුහුණේ සම ඉවත් කර පරීක්ෂා කිරීමේදී යටි හනුව දෙපැත්තේ තැළුම් තුවාල දැකිය හැකි විය. එවැනි තැළුම් තුවාල බොහෝ විට ඇතිවිය හැක්කේ කට මිරිකු විටකදීය. ඉන්පසු ශරීරයේ අභ්‍යන්තර අවයව ද පරීක්ෂා කිරීම ඇරඹුවේය. එහිදී ආමාශයේ සුදුපාට කිරි වැනි ද්‍රව්‍යයක් දක්නට ලැබිණ. එයින් කෘමිනාශකවල ගන්ධයක් වහනය විය. පෙණහලු ඉදිමී තිබුණි. ආමාශගත ද්‍රව්‍ය හා ලේ පරීක්ෂාවට ලක් කර කෘමිනාශක ශරීර ගතවී ඇති බව තහවුරු කර ගත්තේය. වස ශරිර ගත වූ විටකදී ඇතැම් විට ක්ෂණික මරණයක් සිදුවේ. ඒ රුධිරය හරහා ක්ෂණිකව මොළයට ගමන් කර මොළය අකර්මණ්‍ය කිරීම හේතුවෙනි. එහිදී අපස්මාර තත්ත්වයක් වස පානය කළ තැනැත්තාගෙන් දක්නට ලැබේ. එසේම කෘමිනාශක සෘජුවම හෘදය වස්තුවට ගමන් කර එහි ක්‍රියාකාරිත්වය එකවර නැවතීමෙන් ද ක්ෂණික මරණයක් හිමිවේ.
ආමාශගත ද්‍රව්‍ය හා ලේ පරීක්ෂාවට ලක් කර තහවුරු කර ගත්තේ කුමක්ද?
{ "answer_start": [ 349 ], "text": [ "කෘමිනාශක ශරීර ගතවී ඇති බව" ] }
6b2bc8d8-54eb-43c8-b7ef-8c88af78902d
පොලිස් විශේෂ කාර්ය බළකායේ මේ හතරදෙනා මියයාම සිහිපත් කරන්න එදා ඉඳන් අදටත් පොලිස් විශේෂ කාර්ය බළකා විරු දිනය සැප්තැම්බර් මාසයේ 1 වැනිදාට සමරනවා යැයිද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පවසයි. පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් ක්ලේමෝ බෝම්බයක් පුපුරුවා හැරීමට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් කටයුතු කිරීමට බලපෑ හේතු සාධක ගැනද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සේනාරත්න මහතා පැහැදිලි කළේ මේ අන්දමිනි. මේ සිද්ධිය මට අද වගේ හොඳට මතකයි 1984 වසරේ අගෝස්තු මාසයේ 17 වැනිදා වැල්වැටිතුරේ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමකට මාත් එක්ක ගිය එස්ටීඑෆ් කණ්ඩායමකට සැඟව සිටි පුද්ගලයෙක් වෙඩි තිබ්බා. අපේ ප්‍රති ප්‍රහාර වලින් ඔහු වෙඩිකා මිය ගියා. වෙපන් එකත් සොයාගත්තා. වෙඩිකා මිය ගොස් ඇත්තේ ප්‍රභාකරන්ගේ දෙවැනියා ලෙස ඒ කාලයේ කටයුතු කළ රංජන් ලලා කියන පුද්ගලයා ලෙස අපි හඳුනා ගත්තා. ඔහු එල්ටීටීඊ එකේ කපිතාන් කෙනෙක්.
පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් ක්ලේමෝ බෝම්බයක් පුපුරුවා හැරීමට කටයුතු කිරීමට බලපෑ හේතු සාධක ගැන පැහැදිලි කළේ කවුද?
{ "answer_start": [ 148 ], "text": [ "විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා" ] }
ededfcbc-24bc-4440-b46f-f05ed0e2b475
ජනප‍්‍රිය ගායකයෙක් වූ එච්.ආර්. ජෝතිපාල ජීවත් වුණේ ඒ කාලේ ෆර්ත්රෝඩ් එකේ තමයි. ඔහුගේ පියා ඇඳුම් මසන්නෙක්. මව ඉස්පිරිතාලේ සේවිකාවක්. ඒ කාලේ තරුණ කොල්ලොත් එක්ක ජෝතිපාල හරිම එකතුයි. දෙමටගොඩ හිටපු බයි අප්පුගේ පුතා තමයි සංඝදාස මුදලාලි කියන්නේ. පුරසඳ ක‍්‍රීම් හවුස්, දෙමටගොඩ තෙල් පිරවුම්හල අයිතිකරු වූ සංඝදාසගේ ගජ මිත‍්‍රයකු තමයි එච්.ආර්. ජෝතිපාල. 1960 දශකයේ මුල් කාලයේ දෙමටගොඩ නාගරික ආසනයට ලංකා සමසමාජ පක්ෂයෙන් එක් තරුණයකු තරග බිමට එව්වා. ඔහු අනගාරික ධර්මපාලතුමාගේ මුණුපුරකු වූ අනිල් මුණසිංහයි. තරුණ අනිල්ට ඒ කාලේ දෙමටගොඩ කොල්ලෝ උදව් කළා. එච්.ආර්. ජෝතිපාල පස්සේ යූඇන්පියට ගියත් මුලින්ම අනිල් මුණසිංහට තමයි සහයෝගය දුන්නේ.
ඔහුගේ පියාගේ රැකියාව කුමක්ද
{ "answer_start": [ 88 ], "text": [ "ඇඳුම් මසන්නෙක්" ] }
8249ad94-3cca-4da1-bef7-73a009093993
එම සත්‍ය සිද්ධිය සිදුවූයේ වර්ෂ 1970 එක් ශීත අඳුරු රාත්‍රියකදී ය. වේලාව මැදියම් රැය ද ගෙවී ගොසිනි. මෙම කථාවේ ප්‍රධාන චරිතය වන ඔහු එවකට රත්නපුර, කුරුවිට, කරපිංච කෘෂිකර්ම විදුහලේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටියේය. ඔහු මෙය ලියන මගේද ඥාතියෙකි. ඔහුගේ බිරිඳ බණ්ඩාරවෙල ප්‍රසිද්ධ පෞද්ගලික පාසලක සේවය කළ බැවින් ඔවුන්ගේ ස්ථිර පදිංචිය වූයේ බණ්ඩාරවෙල, වැලිමඩ පාරේ, ගොල්ෆ් ලින්ක් පාරේ නිවසකි. සතියේ වැඩ කරන දින පහ කෘෂි පාසලේ නිලනිවස්නයේ නතර වන ඔහු සෑම සිකුරාදා සවසකම තම නිවහන බලා යාමට, රත්නපුරයෙන් බදුල්ල බලා ගමන් ගන්නා ලංගම බස්රියට ගොඩවෙයි. එම කාල වකවානුවේ දිවයින පුරා ධාවනය වූයේ රජයේ බස් රථ පමණකි.
සෑම සිකුරාදා දිනකම ඔහු යන්නේ කොහේද?
{ "answer_start": [ 461 ], "text": [ "තම නිවහන බලා" ] }
93eb40b7-2c43-4e70-b963-3f7102a4e86b
සුජීගේ ප්‍රතිවාදියකු වූ පියරත්න නොහොත් මෝල් පියා හා තවත් දෙදෙනෙක් බළපිටිය ප්‍රදේශයේදී අවස්ථා දෙකකදී ඝාතනය කිරීම, 2018 ජුලි මාසයේදී වත්තල හේකිත්ත ප්‍රදේශයේදී කුඩු සෙල්විගේ ඥාති පුත්‍රයකු වන චාල්ස් හා ඔහුගේ මිතුරෙකු වූ මදිවානන් නොහොත් මදී ඝාතනය සම්බන්ධයෙන් කෙනඩිට චෝදනා එල්ල වේ. මේ ඝාතන රැල්ලක් සේ ගමන් කරන ඝාතන මාලාවකි. එය ආරම්භ වන්නේ කොටහේනේ පූකුඩුඛන්නා හා ජම්පටා වීදියේ කුඩු සෙල්වි අතර කුඩු පාතාලයේ කිරුළට ඇති කරගත් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසය. සෙල්විගේ කල්ලිය පූකුඩුඛන්නාගේ හොඳම ගෝලයා වූ රේක්ස් රිගන් ඝාතනය සමග ගැටුම ඝාතන මාලාවක් බවට පත්විය. මේ දෙපාර්ශ්වයේ ගැටුම්වල ප්‍රතිඵල ලෙස මේ වනවිට පහළොස් දෙනකු පමණ ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සුජීවගේ ප්‍රතිවාදියකු වූයේ කව්ද?
{ "answer_start": [ 24 ], "text": [ "පියරත්න" ] }
f74b8535-5810-40bd-a030-7a487a87155c
තමන් තුළ පැවති විවිධ දක්ෂතා කුඩා වියේදී සිටම දක්වාලමින් සිංහල ජන සමාජය පමණක්ද නොව පිටරට ජන සමාජයන්ද, විස්මිත කරවූ කලා ශිල්පියෙකුට අන්තිමේ අත්වූ ඉරණම පිළිබඳව හෙළි කිරීමේදී මෑත යුගයේදී ආනන්ද සමරකෝන් මහතාට අත්වූ ඛේදවාචක අවසානය ගැන සඳහන් කළ හැක්කේය. තම දක්ෂතා මගින් ප්‍රබුද්ධ ජනතාවකගේ සිත්සතන්වල නව ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණ ඇතිව එතුමන් විසින් කටයුතු කරන ලද නමුදු එවකට කලාව සහ කලා ශිල්පීන් භාරව සිටි බලධාරින් විසින් එතුමුතුව සලකන ලද්දේ ඉතාමත්ම පහත් අන්දමටය. කලා ශිල්පීන්ට අතහිතදීම උදෙසා වර්ෂ 1956දී බලයට පත් බණ්ඩාරනායක අගමැතිතුමාගේ ප්‍රමුඛ අදහසට පණදීමක් වශයෙන් සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයක් පිහිටන ලද නමුදු, එකල එහි අරක්ගෙන සිටි අපූරු බලධාරින් පිරිසක් විසින් නන් අතේ දස්කම් ඇති ශිල්පියකු වූ ආන්නද සමරකෝන් මහතාට දෙන ලද්දේ ලංකා කලා මණ්ඩලයේ කලා සහකාර තනතුරකි. එහෙත් එම කලා සහකාර සේවයෙහිද වසර දෙකක සේවයෙන් පසු එම කලා මණ්ඩලයට පත්වූ නව සභාපතිනිය විසින් ආනන්ද සමරකෝන් මහතා කිසිදු හේතුවක් නොදන්නා එම තනතුරින් ඉවත් කර දමනු ලැබුවාය.
කලා ශිල්පීන්ට අතහිතදීම උදෙසා බලයට පත් වූ අගමැති වන්නේ කව්ද ?
{ "answer_start": [ 506 ], "text": [ "බණ්ඩාරනායක" ] }
99ef0d2a-a0ad-4c29-9a97-dcbb1bcbe7ec
දෙවැනි ධුර කාලය අපේක්ෂා කරමින්, ජනපති සටනට පිවිසි ට්‍රම්ප් 74 හැවිරිදි වියෙහි පසුවන අතර, ජෝ බයිඩන් 77 හැවිරිදි වියෙහි පසුවෙයි. අවුරුදු 70 වැඩි අපේක්ෂකයන් දෙදෙනකු ඇමෙරිකන් ජනාධිපතිවරණයට සහභාගී වූ පළමු අවස්ථාව මෙය වෙයි. ජනපති ධුරය හිමිවුවහොත්, ජෝ බයිඩන්, එම ධුරයට පත්වන වයස්ගතම ජනාධිපතිවරයා වනු ඇත. ඇමෙරිකානු ජනාධිපතිවරණයේ අද නිකුත් වී තිබූ ප්‍රතිඵල අනුව සෙනට් සභාවේ ආසන 48 බැගින් දිනා ගැනීමට රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව තිබිණි. එහි බහුතර බලය දිනාගැනීමට නම් ආසන 51ක බලය තහවුරු කරගත යුතු අතර එය ආසන 100කින් සමන්විතය.
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ අද නිකුත් වී තිබූ ප්‍රතිඵල අනුව රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂය සෙනට් සභාවේ ආසන කීයක් දිනාගැනීමට සමත්ව තිබේද?
{ "answer_start": [ 365 ], "text": [ "ආසන 48 බැගින්" ] }
cd329b28-bade-4957-bb5a-9e52a21eb741
දිනක් හිටිහැටියේම කුස්සියේ එල්ලා තිබූ දින කැලැන්ඩරය ගිනිගන්නට විය. හදිසියේම කුස්සිය වෙත ආ දිල්හානි එය දැක බොහෝ බියපත් වූයේ බිත්තියේ තිබූ කැලැන්ඩරය කෙසේ ගිනිගත්තේදැයි සිතමිනි. වහාම වතුර කෝප්ප කීපයක් එදෙසට දමා ගින්න නිවා දැමූ ඇය කල්පනා කළේ දර ළිප ඇත්තේද බොහෝ ඈතින් නිසා එසේ සිදුවූයේ කෙසේදැයි යන්නය. එහෙත් කිසිවක් ඇයට සිතාගැනීමට නොහැකි විය. සුජිත් නිවසට පැමිණි විට දිල්හානි දහවල සිදුවූ දෙය ඔහුට පැවසුවත් එය එතරම්ම වගකට නොගත් නිසා ඇයද එය අමතක කර දැම්මාය. දින කීපයක් ඉක්ම ගිය අතර, කුස්සියට යන විට දර ළිප ඉබේම පත්තු වී තිබෙනු දැක දිල්හානි බියට පත් වූවාය. ඇය උදේම ඉවුම් පිහුම් කටයුතු නිමා කර ළිපේ ගින්දරද අයින් කළ බව ඇයට මතකය. එහෙත් මෙය කළේ කවුද?
කවරෙක් නිවසට පැමිණි පසු දිල්හානි දහවල සිදුවූ දෙය පැවසුවේද?
{ "answer_start": [ 338 ], "text": [ "සුජිත්" ] }
1b4e5674-a2b0-4674-a694-fdaa0b8e72af
ප්‍රධාන ධ්‍යාන වර්ග අපි ඉහතින් හඳුන්වා දුන්නා. ඒවායේ ස්වභාවය මෙසේයි. පළමු ධ්‍යානයේදී ඒ තැනැත්තා කාමයෙන් වෙන්වෙනවා. අකුශලයෙන් වෙන් වෙනවා. ඒ වගේම විතර්ක සහිත වෙනවා. විචාර සහිත වෙනවා. විවේකයෙන් උපන් සැපය ලැබෙනවා. පළමු ධ්‍යානය රූපාවචර ධ්‍යානයක්. ඉන් තමන්ගේ සිතේ තිබෙන පංච නීවරණ ධර්ම දශ අකුසල් සිතින් යටපත් කරගත හැකියි. එයා විතක්ක විචාර සූති ඒකාග්ගතා සහිත ප්‍රථම ධ්‍යානය ලබා ගන්නවා. දෙවැනි ධ්‍යානයේදී විතක්ක විචාරවලින් තොර වෙනවා. අධ්‍යාත්මයේ මහා පැහැදීමක් ඇති කරනවා. සිතේ එකඟ බවක් ඇති වෙනවා. මේ සියලු දේ වගේම තමා ගැන උපන්නාවූ ප්‍රීතිය සිතේ ඇතිවෙනවා. ඉන් ප්‍රීති සුඛ ඒකාන්ත සහිත ද්විතීය ධ්‍යානය ලබා ගන්නවා.
ප්‍රධාන ධ්‍යාන අතර පළමු ධ්‍යානය කුමන ආකාරයේ ධ්‍යානයක්ද?
{ "answer_start": [ 224 ], "text": [ "රූපාවචර ධ්‍යානයක්" ] }
f69f3cdf-8048-4275-afaa-686b5f636e47
ඌව පළාතට අයත් බිබිල ඇකිරියන්කුඹුර දංකුඹුර ගල්ලෙන් පුරාණ රාජ මහා විහාරය කාවන්තිස්ස රජුගේ සිට රජවරුන් ගණනාවකගේම අනුග්‍රහය ලැබූ ඓතිහාසික උරුමයකි. මෙම දංකුඹුර ගල්ලෙන් පුරාණ රාජ මහා විහාරය ක්‍රි. පූ 185දී රුහුණු දේශයේ පාලකයාව සිටි කාවන්තිස්ස රජු විසින් කරවන ලදැයි පැවසෙන වෙහෙර විහාර 134 අතුරින් එකකි. කාවන්තිස්ස රජුගෙන් පසු රාජ්‍යත්වයට පත්වූ දුටුගැමුණු මහරජුගෙන්ද යම් යම් අනුග්‍රහයන් මෙම විහාරයට ලැබුණු අතර එතුමාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත් සද්ධාතිස්ස රජුද මෙම විහාරය ප්‍රතිසංස්කරණය කිරීමට උත්සුකවී තිබේ. සත් දෙමළුන්ගේ ආක්‍රමණයට ලක්වූ වලගම්බා රජු පලා විත් කළක් මෙම විහාරයට නුදුරුව පිහිටා ඇති ඇඳගල නම් ප්‍රදේශයේ සැඟව සිට ඇති අතර එම කාලය අතරතුරදී රාජකීය පවුල ආගමික වත්වත්වල යෙදීම සඳහා මෙම විහාරයට පැමිණ තිබේ.
කාවන්තිස්ස රජුගෙන් පසු රජ වූවේ කව්ද
{ "answer_start": [ 337 ], "text": [ "දුටුගැමුණු" ] }
cfc0eda8-9aa8-4f22-bcde-157c08475ba2
ජනප‍්‍රිය ගායකයෙක් වූ එච්.ආර්. ජෝතිපාල ජීවත් වුණේ ඒ කාලේ ෆර්ත්රෝඩ් එකේ තමයි. ඔහුගේ පියා ඇඳුම් මසන්නෙක්. මව ඉස්පිරිතාලේ සේවිකාවක්. ඒ කාලේ තරුණ කොල්ලොත් එක්ක ජෝතිපාල හරිම එකතුයි. දෙමටගොඩ හිටපු බයි අප්පුගේ පුතා තමයි සංඝදාස මුදලාලි කියන්නේ. පුරසඳ ක‍්‍රීම් හවුස්, දෙමටගොඩ තෙල් පිරවුම්හල අයිතිකරු වූ සංඝදාසගේ ගජ මිත‍්‍රයකු තමයි එච්.ආර්. ජෝතිපාල. 1960 දශකයේ මුල් කාලයේ දෙමටගොඩ නාගරික ආසනයට ලංකා සමසමාජ පක්ෂයෙන් එක් තරුණයකු තරග බිමට එව්වා. ඔහු අනගාරික ධර්මපාලතුමාගේ මුණුපුරකු වූ අනිල් මුණසිංහයි. තරුණ අනිල්ට ඒ කාලේ දෙමටගොඩ කොල්ලෝ උදව් කළා. එච්.ආර්. ජෝතිපාල පස්සේ යූඇන්පියට ගියත් මුලින්ම අනිල් මුණසිංහට තමයි සහයෝගය දුන්නේ.
මවගේ රැකියාව කුමක්ද
{ "answer_start": [ 107 ], "text": [ "ඉස්පිරිතාලේ සේවිකාවක්" ] }
0d610552-6f04-4e9a-85bb-336d245ab94c
නිම්රත් කවුර් ඉපදුණේ 1982 මාර්තු 13 දා රාජස්තානයේ පිලානිහි සික් පවුලකය. ඇගේ පියා යුද හමුදා නිලධාරියෙකු වූ අතර 1994 දී ඔහු කාශ්මීර් ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන මරා දමනු ලැබිණි. ඉනික්බිතිව ඇගේ මව, නිම්රත් සහ නැගණිය රූබිනා දිල්ලියේ තදාසන්න ප්‍රදේශයක පදිංචියට ආහ. දිල්ලි පොදු පාසැලින් ඉගෙනුම ලැබූ ඇය ශ්‍රී රාම් විශ්ව විද්‍යාල කොලීජියට ඇතුළත් වී වාණිජ අංශයෙන් උපාධිය ලබා ගත්තාය. ඇය ක්ෂේත්‍රයට පිවිසියේ නිරූපිකාවක ලෙසිනි. පසුව වේදිකා නාට්‍යවලට එක් වූවාය. බැග්ඩෑඩ් වෙඩින්, ඕල් අබවුට් විමෙන්, රෙඩ් ස්පැරෝ ආදිය ඒවායින් කිහිපයකි. ඇය අනුරාග් කාශ්‍යප් ගේ පෙඩ්ලර්ස් චිත්‍රපටියේ රඟ පෑවේ හින්දි චිත්‍රපටි කිහිපයක රඟ පෑමෙන් අනතුරුවය. ඇය රසිකයන් අතර නම රඳවා ගත්තේ එම චිත්‍රපටියෙනි. ද ලන්ච් බොක්ස් චිත්‍රපටියේ ඇය රඟ පෑ චරිතයට සම්මාන ද ලැබිණි. 2016 එයාර්ලිෆ්ට් චිත්‍රපටියේ රඟ පෑවාට පසුව කලක් නිහඬව සිටි ඇය 2022 දී දාස්වි චිත්‍රපටියෙන් නැවත කළඑළි බැස්සාය. නිසි අධ්‍යාපනයක් නොලත් දේශපාලනඥයෙකු වටා ගෙතුණ කතාවක් සහිත මේ චිත්‍රපටියේ අභිෂේක් බච්චන් සහ යාමි ගෞතම් ද රඟ පාන්නීය. නිම්රත් රඟ පාන්නේ බිම්ලා දේවි නම් වන මහ ඇමතිවරියක ලෙසිනි.
ඇය ඉගෙනුම ලැබුවේ කුමන පාසලෙන්ද?
{ "answer_start": [ 262 ], "text": [ "දිල්ලි පොදු පාසැලින්" ] }
8f928dc3-992b-4f49-92f8-3ecf3c3320e2
එම පාදුක්කේ පුද්ගලයා සුනිල් ව්‍යාපාරිකයාගේ නිවසට පහර දීමට පැමිණ සිටි පිරිස අතර සිටි එක් සැකකරුවෙකි. පොලිසිය සිදුකරන පරීක්ෂණවලට අනුව ඌරුජුවාට ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම ආධාර අනුබල ලබාදී ඇත්තේ ඇඹුල්ගම පදිංචි වෙනත් ව්‍යාපාරිකයකු බවයි. ඔහු ව්‍යාපාරිකයන්ගේ වත්කම් සහ ඔවුන්ගේ ආදායම් සම්බන්ධයෙන් සියලු තොරතුරු ඌරුජුවා වෙත ලබාදෙන බව පොලිසිය කියයි. සැකකාර එම ව්‍යාපාරිකයා එහි වෙසෙන ව්‍යපාරිකයන් සමඟ හිතවත් වී ඔවුන්ගේ ආදායම්, වත්කම් පිළිබද තොරතුරු ලබාගන්නා බවත් කිසියම් ව්‍යාපාරිකයකු අලුතින් වාහනයක් මිලදී ගන්නේ නම් එහි වටිනාකම ඇතුලු සියල්ල ඉහත සැකකාර ව්‍යාපාරිකයා ඌරුජුවාට දැනුම් දෙන අතර පසුව ඌරුජුවා එම ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලා සිටියි.
ඌරුජුවාට ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම ආධාර අනුබල ලබාදී ඇත්තේ කොහේ පදිංචි ව්‍යාපාරිකයෙක්ද
{ "answer_start": [ 195 ], "text": [ "ඇඹුල්ගම" ] }
8ff1ea76-b924-4ac1-b58c-e369cfc2fb98
ඕස්ට්‍රේලියානු දූපතක් වන තස්මේනියාවේ බටහිර වෙරළට ඔබ්බෙන් අතරමංව සිටින තල්මසුන් සියගණනක් බේරා ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව එරට බලධාරීහු පවසති. වැලි වැටියක් සහිත මෙම ස්ථානයේ නොගැඹුරු ජලයේ තල්මසුන් 270ක් පමණ සිරවී සිටින බවත් ඔවුන්ගෙන් 90 දෙනකු පමණ මියගොස් ඇති බවත් විද්‍යාඥයින් ගණනය කර තිබේ. මෙලෙස අතරමංව ඇත්තේ පයිලට් වේල්ස් හෙවත් නියමු තල්මසුන් ලෙස හඳුන්වන සාගර ඩොල්ෆින් විශේෂයට අයත් සතුන් සමූහයකි. ඔවුන්ගේ වැඩුණු සතෙකුගේ බර ටොන් තුනක් පමණ වන අතර මීටර් 7ක් දක්වා වර්ධනය වීමට හැකියාව ඇත. අතරමංව සිටින තල්මසුන් ගැඹුරු දියට තල්ලු කිරීම හෝ ඇදගෙන යෑම සිදුකරන බව සත්ත්ව විද්‍යාඥයෝ පවසති.
වැලි වැටියක් සහිත මෙම ස්ථානයේ නොගැඹුරු ජලයේ තල්මසුන් කීදෙනෙකු සිරවී සිටීද?
{ "answer_start": [ 200 ], "text": [ "තල්මසුන් 270ක් පමණ" ] }
bbafa8c1-726e-4db6-94f9-a704d7494ef9
යුක්රේනය ඉතා පහසුවෙන් ආක්‍රමණය කළ හැකි බවත්, බටහිර රටවල් පනවන සම්බාධකවලින් රුසියාවට හෝ රුසියාවේ ආර්ථිකයට හෝ කිසිදු බලපෑමක් නොවනු ඇති බවත් හමුදා උපදේශකයන් පුටින්ට පවසා ඇත. ඊට අමතරව, යුක්රේනය ආක්‍රමණය කරන රුසියන් හමුදාවට යුක්රේන වැසියන්ගේ සහාය ලැබෙනු ඇති බවත්, යුක්රේන හමුදාව අවි බිම දමා රුසියාවට යටත්වනු ඇති බවත් හමුදා උපදේශකයන් පුටින්ට පවසා ඇතැයි කේට් බෙඩින්ෆීල්ඩ් පැහැදිලි කර තිබේ. හමුදා උපදේශකයන් වැඩිදුරටත් පුටින්ට පවසා ඇත්තේ, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණයට ගිය විට, යුක්රේන රුසියන් හිතවාදී වැසියන් එක් වී, රුසියන් හමුදා සමඟ සාදරයෙන් පිලිගනු ඇති බවය.
බටහිර රටවල් පනවන සම්බාධකවලින් ආර්ථිකයට බලපෑමක් සිදු නොවන්නේ කුමන රටටද?
{ "answer_start": [ 75 ], "text": [ "රුසියාවට" ] }
c4b0fa04-b9aa-4cda-af7a-205b1e8542f6
තවමත් එක් තුවක්කරුවකු සොයා මෙහෙයුම් දියත් කරන බව කී අමාත්‍යවරයා ජනතාවට තමන් සිටින ස්ථානවලටම වී සිටින්නැයි ද අවධාරණය කළේය. ප්‍රහාරකයන් ආයුධ සන්නද්ධ ව ඇතැයි ද හෙතෙම අනතුරු ඇඟවීය. ඔස්ට්‍රියාවේ වේලාවෙන් රාත්‍රී 8 පමණ වෙඩි තැබීම ආරම්භ වී තිබෙන අතර අලුයම 1 වන තුරුත් එක් ප්‍රහාරකයකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක විය. ප්‍රහාරයෙන් තුවාල ලැබූ හත්දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි වියානා නගරාධිපති මයිකල් ලුඩ්විග් පැවැසීය. තුවාල ලැබූ ගණන මෙන්ම මරණ ගණන වැඩි විය හැකි යැයි ද ඔස්ට්‍රියා බලධාරීහු කීහ. පොලීසය කළ වෙඩි තැබීමකින් එක් තුවක්කුකරුවකු මියගිය බව පොලිසිය සඳහන් කළේය. ඔහු අත තිබී රයිෆලයක්, පිස්තෝල සහ පුපුරණ ද්‍රව්‍ය මෙන්ම පුපුරණ ද්‍රව්‍ය සහිත ඇඳුම් කට්ටලයක් ද තිබූ බව පොලිසිය සඳහන් කළේය. කෙසේ නමුත් පුපුරණ ද්‍රව්‍ය සහිත ඇඳුම් කට්ටලය ව්‍යාජ එකක් බව පොලිසිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පසුව සඳහන් කළේය.
පොලිසිය කළ වෙඩි තැබීමෙන් මිය ගියේ කවුද ?
{ "answer_start": [ 503 ], "text": [ "එක් තුවක්කුකරුවකු" ] }
bb2645c3-7c23-40b1-93a9-6d26e787070f
කැලයට පැමිණි පසු ඉතිරි දුර ගෙවාදැමිය යුත්තේ අහල පහළකවත් මිනිස්‌ පුලුටක්‌ නොමැති අන්ධකාර වන පියස තුළ පමණි. සැබැවින්ම උස්‌ තුරැලතාවලින් පිරී මෙම කැලය තරමක්‌ අඳුරැ වන නමුත් එම පාලුව මැකීමට මිලියන ගණනින් කූඩැල්ලන් වාසය කරයි. කුඩා අඩි පාර දිගේ ඉහළට යා යුතු අතර විටෙක ගස්‌ අතරින් නැවී ගස්‌ කඳන් උඩින් පනිමින්ද යා යුතුය. මීටර 60 ක්‌ පමණ උස මෙම ඇල්ල මීටර 15ක්‌ පමණ පළලින් යුක්‌තය. හරහට කොටස්‌ 3 කින් කඩා වැටෙන මෙම ඇල්ල වැසි සමයේ එක පොදියට මහ විශාල ජල කඳක්‌ සමඟ පහළින් වැටේ. ඉංග්‍රීසි ආණ්‌ඩු සමයේ මෙම ප්‍රදේශයේ ප්‍රචලිත දඩ බිමක්‌වූ අතර මෙම ප්‍රදේශය දුර සිට බැලූකල ඉංග්‍රීසි වී අකුරක හැඩයකට දැකිය හැක. ගෝනුන්, මුවන්, වල් ඌරන්, ඉත්තෑවන් සිටින මෙම ඉසව්වේ තිබෙන ශාකවල වටිනාකමද ඉතා වැඩිය. ජෛව විවිධත්වය අතින් පිරැණු මෙම වන පියසේ බොහෝ විහඟ නාදයන්ද කන වැකේ. ඇල්ලේ ඝෝෂාව අතිමහත් වන අතර ජල දහරාව බිමට වැටෙන විට නැගෙන පින්න මීටර 30 ක්‌ පමණ දුරට විහිදේ.
ජල දහරාව බිමට වැටෙන විට නැගෙන පින්න කොපමණ දුරකට විහිදේද ?
{ "answer_start": [ 805 ], "text": [ "මීටර 30 ක්‌ පමණ දුරට" ] }
7d236c11-748c-4470-bcaa-651619f2f45f
මේ අර්බුදය නවතන ලෙසට ඉංග්‍රීසි පාලක පන්තිය විවිධ ක්‍රම පාවිච්චි කළ ද එහි අඩුවක් නොවූයෙන් ඒ ඒ ප්‍රදේශවල කැරලිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ නියෝග පැනවීමටත් වෙඩි තැබීමටත් පසුබට වූයේ නැත. මේ වාතාවරණය යටතේ කෑගල්ල ප්‍රදේශයේ කැරලිකරුවන් නීතියේ රැහැනට ගැනීමට අධිකරණ නියෝග පනවන ලද නමුත් පුංචිබණ්ඩාර හේරත් පලාපත්වල නඩුකාරතුමා කළේ කැරලිකාර පිරිස් කෑගල්ලේ දී නවතා කාරණා පැහැදිලි කොට ඔවුන් ආපසු හරවා යැවීමට කටයුතු කිරීමය. ඒ වනවිටත් මාවනැල්ල ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ කැරලි මර්දන පොලිස් බළඇණියක් යොදවා තිබුණ අතර එහි එන සියලුම දෙනා මරා දැමීමටත් ඉංග්‍රීසි පාලකයෝ කටයුතු කර තිබිණ. මේ බව ඇත්ත ඇති සැටියෙන් වටහා දුන් නඩුකාරතුමා කැරලිකාර සියලු පිරිස් අත්අඩංගුවට ගැනීම පසෙක තබා ආපසු යවන්නට සැලැස්වීය.
මාවනැල්ල ප්‍රදේශයේ ආරක්ශාවට යොදවා තිබුනේ කුමක්ද?
{ "answer_start": [ 460 ], "text": [ "විශේෂ කැරලි මර්දන පොලිස් බළඇණියක්" ] }
e599c2bf-5b9a-4339-8b88-bb4fceb94850
මා පන්සලට හැරෙන හංදියට පැමිණෙන විට, චන්ද්‍ර මාමා කවි පොතක් තාලයට කියනවා ඇසිණි. චන්ද්‍ර මාමාගේ වඩු මඩුව පිහිටියේ හන්දියේ පාරෙන් අනිත් පසය. මඩුවට ගොස් චන්ද්‍ර මාමා හමුවී වතුර එකක් බී යාමට මට එක් වරම සිත්විය. ඔහු අපට ඉතා හිතවත්ය. මම පාරේ සිටම මාමේ කියාගෙන ගියෙමි. එක්වරම කලබල වූ මාමා විදුලි පන්දමද, පොල්ලක්ද ගෙන කව්ද යකෝ යයි අැසුවේ මගේ මූණටම විදුලි පන්දම අල්ලාගෙනය. සිව්වරන් දෙවියනේ පුතා කොහේද මේ රෑ යන්නේ, කවුරු එකක්ද ආවේ? මහත් තැති ගත් ස්වභාවයෙන් ඇසීය. වතුර වීදුරුවක් බීගෙන බීගෙන ගිය මා උදේ පටන් මේ දක්වා සිදුවුණු සියල්ල පවසා මාමා පොලිස් ජීප් එක යනවා දුටුවේ නැද්දැයි විමසීමි.
චන්ද්‍ර මාමාගේ වඩු මඩුව පිහිටියේ කොහේද?
{ "answer_start": [ 112 ], "text": [ "හන්දියේ පාරෙන් අනිත් පසය" ] }
87dfa5de-d552-474c-b1c8-4627308c35b2
ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන්, සුදු පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් වරදකරු විය. ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධ නඩු විභාගය සති දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වුණු අතර තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ 12 දෙනකුගෙන් සමන්විත ජූරි සභාවක් මගිනි.ජූරි සභාවේ 6 දෙනකු සුදු ජාතිකයන් වුණු අතර, ඉතිරි 6 දෙනා ඇමෙරිකන් කළු ජාතිකයන් මෙන්ම ඇමෙරිකාවේ වෙසෙන සෙසු බහු වාර්ගියකයන්ගෙන් සමන්විත විය. ජූරි සභාව පැය 10 ක් තිස්සේ සාකච්ඡා පවත්වා අවනස් තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි මිනියැපොලිස් පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් ට පුද්ගල ඝාතන චෝදනා 3 ක් එල්ල වී තිබුණු අතර ඔහු එම චෝදනා තුනටම වරදකරු විය.
මෙම ජූරි සභාවේ සුදු ජාතිකයින් කොපමණ ප්‍රමාණයක් සිටියාද?
{ "answer_start": [ 260 ], "text": [ "6" ] }
e8eb4870-4d2e-405c-a05e-e60fd41c590b
දුටු දෙයින් ඇලෙක්ස් මවිතයට පත්විය. එහි තිබුණේ මිනිස් අතකි. කලබලයට පත් ඔහු වහාම පොලිසියට ඇමතුමක් ගෙන සිද්ධිය විස්තර කළේය. බ්‍රිටිෂ් කොළොම්බියානු ප්‍රාන්ත පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කළේය. පොලිසිය අනෙකුත් භාජන ද විවෘත කර බැලීය. ඒ හැම භාජනයකම මිනිස් සිරුරක කොටසක් දක්නට ලැබිණ. නිවස පරීක්ෂා කළ ද වෙනත් කිසිදු හෝඩුවාවක් දක්නට ලැබුණේ නැත. අධිකරණයට දන්වා වහාම පසුදිනම කොළොම්බියා ප්‍රාන්තයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාගේ පරීක්ෂාව සඳහා මෙම භාජන කැනඩාවේ වෑන්කුවර් නුවරට ගෙන එනු ලැබිණ. අධිකරණ වෛද්‍ය පරීක්ෂණය ආරම්භ විය. ඔහුගේ සහයට තවත් වෛද්‍ය කණ්ඩායමක් ද එක්කර ගනු ලැබිණ. අධිකරණ වෛද්‍ය ඡායාරූප ශිල්පීන්, ඇඟිලි සලකුණු විශේෂඥයන් හා අපරාධ පරීක්ෂණ පොලිස් නිලධාරීන් ද මෙම පරීක්ෂණයේ සහයට ගෙන්වා ගනු ලැබිණ. තින්ත බාල්දිවල ඡායාරූප ගනු ලැබිණ. ඉන්පසු ඒවා වීවෘත කර මතුපිට පෙනුමෙන් තිබෙන ආකාරයට ඡායාරූපගත කරනු ලැබිණ. එම බාල්දිවල තිනර් වැනි රසායනිකයක් තීන්ත සමග මිශ්‍රව තිබූ අතර මිනිස් අවයව ගිල්වා තිබුණේ එම ද්‍රාවණයේය.
මෙම භාජන පරීක්ෂා කිරීම සඳහා රැගෙන ආවේ කොහේටද?
{ "answer_start": [ 441 ], "text": [ "කැනඩාවේ වෑන්කුවර් නුවරට" ] }
afaba3bd-8aba-4448-a02d-fdbdf0c68b80
තම ඥාතිවරයාගේ මරණය නිසා නිවැසියෝ ඉතා බරපතළ ලෙස මානසික පීඩාවකට පත්වූහ. ඔහුගේ ආදාහන කටුයුතු සිදුකිරීමට ආර්ථික දුෂ්කරතාව පිළිබඳව අති මහත් පීඩනයක් ගෙනදුන්නේ එකල හින්දු ජාතිකයන්ගේ සංස්කෘතියට අනුව සිරිත වූයේ මළගිය ඥාතියකුගේ සිරුර ආදාහන කටයුතු සිදුකළ යුත්තේ ගඟක් අසල ඉවුරක නිසාවෙනි. ගංගාවක් පිහිටා තිබුණේ බරණැස නුවරට එපිටට වන්නට බැවින් ඔවුන්ට එහි යාම ඉතාම දුෂ්කර කාර්යයක් බවට වටහාගත් හෙයිනි. අතේ මිටේ මිල මුදල් ද හිඟව පැවතිණි. අනෙක මෙම ඥාතිවරු වයෝවෘද්ධ අය වූහ. අනෙක් කාරණය වන්නේ බොහෝ කලකින් බරණැස නුවරට ගොස් තිබුණේ ද නැත. මළ සිරුර රැගෙන යා යුත්තේ දුම්රියෙන් බැවින් එය ද ඔවුන් හට අධික විය හියදම් සහිත ගමනක් වූ නිසා කුලීකරුවන් ලවා ආදාහන කටයුතු සිදු කිරීමට කතිකා කර ගත්තේය. අල්ලපු ගම්මානයේ ජීවත්වූ කුලීකරුවන් දෙදෙනෙකු ගෙන්වා අඩුම වියදමකට පොරොන්දු වී සියලු වැඩ කටයුතු ඔවුන් දෙදෙනා භාරයට පත්කරන ලදී. පොරොන්දු වූ මුදලින් හරි අඩක් ද ගෙවා දමන ලද අතර ආදාහන කටයුතු අවසන්වීමෙන් පසුව ඥාතියාගේ සොහොනේ දවාලූ අළු දෝතක් ඉතා සුරක්ෂිතව ලබාගෙන ආපසු ගෙන එන ලෙස අණයක් ද කරන ලදී. එයින් පසු ඉතිරි මුදල ගෙවා දමන බවටත්, පොරොන්දු ප්‍රකාරව සියලු කාරණා කටයුතු අවසන් කිරීමට ඔවුහු පොරොන්දුවක් දුන්නේය.බරණැසට යාම පිණිස ඉතාම කෙටි මාර්ගයක් කුලීකරුවන් දෙදෙනා දත් හෙයින් ඒ ගැන පවුලේ ඥාතීන්ට සැල නොකිරීමට වගබලාගත් අතර මෘත දේහය දැව මැස්සක තබා ගැට ලෑමෙන් පසු පවුලේ ඥාතීන්ගේ අවසන් ගෞරවය මැද දේහය ඔසවා ගෙන ගමන් ආරම්භ කරන ලදී.
තම ඥාතිවරයාගෙ මරණය නිසා මානසික පීඩාවකට පත් වූයේ කවුද?
{ "answer_start": [ 24 ], "text": [ "නිවැසියෝ" ] }
bed2ee81-625d-4e61-bac0-6c69411c030c
මේ වනවිට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් පසුව මුළුමුණින්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නට තිරණය කර ඇති හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝණි ඉදිරියේදී චිත්‍රපට නිෂ්පාදනයට එකතු වීමට බලාපොරෙත්තුවෙන් සිටින බව සඳහන් වෙයි. දෝණි මෙසේ චිත්‍රපට නිෂ්පාදනයට එකතු වෙන්නේ නයනතාරා රංගනයෙන් දායක වෙන දමිල චිත්‍රපටයක් නිෂ්පාදනය කරමින් බව සඳහන් වෙයි. මෙවර චෙන්නයි සුපර් කිංග්ස් තේමා ගිතය නිර්මාණය කරන ලද්දේ නයනතාරාගේ පෙම්වතා වන විග්නේෂ් ශිවන් වන අතර, ඔහු සමග කළ කතාබහකින් පසුව දෝණි මෙසේ චිත්‍රපට නිෂ්පාදනයට එකතුවිමට කැමැත්ත පළ කර තිබෙන බව දැනගැනීමට ලැබේ.
ඔහු ඉන්පසුව සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ?
{ "answer_start": [ 179 ], "text": [ "චිත්‍රපට නිෂ්පාදනයට එකතු වීමට බලාපොරෙත්තුවෙන් සිටින බව" ] }
93fa0b55-8b99-470c-9633-753afdfe23bf
දරුවන් පාඩම්කරන විට රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් කාර්යයක් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීම ධාරණ ශක්තිය හීන වීමට ප්‍රබල සාධකයක් බව කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති. ඔවුන් පෙන්වා දෙන්නේ එක් වරකට එක් කාර්යයක් සඳහා තම සිත යොමුකරගෙන සිටින විට එය මනාලෙස මොළය මගින් නියමිත ස්ථානයේ තැන්පත් කරන බවයි. එම ප්‍රදේශය හයිපොකැම්පස් ලෙස හඳුන්වයි. ඒ කලාපය මොළයේ දත්ත සංවිධානාත්මක ලෙස වර්ග කර ගබඩාකර ගන්නා කලාපයයි. එමෙන් ම ඒ කලාපය මතකය නැවත ස්මරණය කිරීමට ද උපකාරී වේ.කෙසේ හෝ පාඩම් කරන අතරතුර වරින් වර ස්මාර්ට් ෆෝන් භාවිතය, පරිගණක ක්‍රියා කිරීම හා රූපවාහිනිය නැරඹීම වැනි වෙනත් කටයුතුවල නිරතවන විට පාඩම් කටයුතු මොළයේ ගබඩා වන්නේ නියමිත ස්ථානයේ නොවේ. ඒවා ගබඩා වන්නේ මොළයේ සැලසුම් කිරීම සහ අභිප්‍රේරණය කිරීම යන ක්‍රියාවන්ට සම්බන්ධ ස්ථානයේ නොවන බැවින් ඒ තොරතුරු නැවත ස්මරණය කිරීම අපහසුය.
නැවත මතක ස්මරණය කරන කලාපය හදුන්වන්නේ කුමක් ලෙසද?
{ "answer_start": [ 320 ], "text": [ "හයිපොකැම්පස් ලෙස" ] }
b1391769-a328-4579-83ca-86e4c432b860
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ හමුදා පරාජය කරමින්, යුද්ධය ජය ගන්නට යුක්රේනයට හැකිවනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසයි. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා හමුවිය. ඒ, පෝලන්තයට ගිය අවස්ථාවේදීය. පෝලන්තය නේටෝ සාමාජික රාජ්‍යයක් වන අතර යුක්රේනයේ අසල්වැසියෙකි. දහස් ගණනක් යුක්රේන සිවිල් වැසියන් යුද ගැටුම්වලින් බේරී පලා යමින් සිටින්නේ ද පෝලන්තයටය. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් සහ යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා අතර හමුව පැවැත්වූයේ පෝලන්ත යුක්රේන දේශසීමාවේදීය. ඇමෙරිකාවේ සහාය නොඅඩුව යුක්රේනයට ලබා දෙන බවට ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා සහතියක් ලබා දුන්නේය.
බ්ලින්කන් සහ දිමිත්‍රෝ කුලේඛා අතර හමුව පැවතුනේ කොහෙදිද?
{ "answer_start": [ 488 ], "text": [ "පෝලන්ත යුක්රේන දේශසීමාවේදීය" ] }
f6c9e6d4-acaa-404e-8f2c-f02636ff9243
ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂ නායකයාටය. පක්ෂ නායකත්වය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුම පැවැත්වෙන්නේ මෙම 29 වැනිදාය. හිටපු විදෙස් ඇමැතිවරයකු වන ෆුමියෝ කිෂිදා ද ඒ සඳහා ඉදිරිපත් වෙයි. පක්ෂ නායකත්වය සඳහා තරගය පැවැත්වෙනු ඇත්තේ සනේ ටකායිචී සහ ෆුමියෝ කිෂිදා අතරේය. සනේ ටකායිචී පක්ෂ නායකත්වයට පත්වී අග්‍රාමාත්‍ය ධුරය බාර ගතහොත් ජපාන අග්‍රාමාත්‍ය ධුරයට බාර ගන්නා පළමු කාන්තාව ඇය වනු ඇත.
පක්ෂ නායකත්වය සඳහා තරගය පැවැත්වෙන්නේ කවුරුන් අතරද?
{ "answer_start": [ 242 ], "text": [ "සනේ ටකායිචී සහ ෆුමියෝ කිෂිදා" ] }
8e2af26b-a700-441a-8a27-438caac96a76
මේ අනුව වෛද්‍යවරයා නැවතත් පොලිසිය අමතා උපදෙස් දෙමින් දසුන් මේ තරම් වතුර බිව්වේ ඇයිද යන්න ගැන සොයා බලන්නැයි නියෝග කළේය. ඒ සම්බන්ධයෙන් දසුන්ගේ සුළු පියා පවසා තිබුණේ පිළිගත හැකි කරුණකි. එනම් දසුන්ට කැස්සට දුන් බෙහෙත් ඔහු අප්‍රිය කළ නිසා ඔහුට බලෙන් පෙවීමට සිදුවූ බවත් තිත්ත යන්න පුළුවන් තරම් වතුර බොන්නැයි තමන් බලකර සිටි බවත්ය. මී ළගට වෛද්‍යවරයා දසුන්ගෙන් ලබාගත් මෘදු පටක කොටස් අන්වීක්ෂීය පරීක්ෂාවට ලක්කළේය. එහිදී එම පටක ආශ්‍රිතව හිමෝසිඩෙරින් නම් සංඝටකය පවතින බව හඳුනාගත හැකි විය. හිමෝසිඩෙරින් නිපදවෙන්නේ රුධිර නාළවලින් රුධිරය පිටතට වහනය වීමෙන් එහි ඇති හිමෝග්ලොබින් බිඳීයාම නිසාය. එසේම එය සිදුවීමට රුධිරය වහනය වී දින තුනක කාලයක් ගත විය යුතුය. දසුන් මියයන විට ඔහුට පහරදීම සිදුකර දින තුනකට වැඩි කාලයක් ගතව ඇති බව මෙයින් පැහැදිලි විය.
තිත්ත යන්න පුළුවන් තරම් වතුර බොන්නැයි පැවසුවේ කවුද?
{ "answer_start": [ 133 ], "text": [ "දසුන්ගේ සුළු පියා" ] }
ab421b42-fdb7-40f4-9af1-b8c725224b21
එංගලන්ත සුද්දන් අතර ජනප්‍රිය ගොල්ෆ් ක්‍රීඩාව මෙන්ම අශ්ව රේස්ද නුවරඑළියේ ආරම්භ විණි. ඒ 1875දී තරම්ය. මේ අනුව ලෝක ප්‍රසිද්ධ ගොල්ෆ් ක්‍රීඩාංගනය 1889 වසරේදී නුවරඑළිය නගරයේ ආරම්භ වූයේය.මේ වනවිට එංගලන්තයේ ජනප්‍රිය ට්‍රවුඩ් මසුන් නුවරඑළියේ ජලාශවලද පීන පීනා සෙල්ලම් කළහ. එහෙත් සුද්දන්ගේ එක් විනෝදාංශයක් වූයේ මේ ට්‍රවුඩ් මසුන් බිලී බෑමයි. ගොල්ෆ් ගසන, අශ්ව රේස් යන සුද්දෝ අන්තිමේදී ට්‍රවුඩ් මසුන් බිලීබෑමද සෙල්ලමක් කර ගත්තෝය. නුවරඑළි නගර මධ්‍යයට අලුතින් වැවක් එකතු වූයේද සුද්දන්ගේ පාලන සමයේදීය. ඒ වැව ග්‍රෙගරි වැව ලෙස නම් ලබයි. නුවරඑළිය නගරයේ අනෙක් ආකර්ෂණය, වික්ටෝරියා උද්‍යානයයි. 1889 දී ආරම්භ කළ මේ උද්‍යානය අක්කර 27ක පමණ භූමි භාගයක් ආවරණය කරයි. සීතල එංගලන්තයේ හැදෙන විවිධ අලංකාර මල් වර්ග මෙන්ම නුවරඑළියටම ආවේණික මහරත්මල් ද ජපානයේ සකුරා ආදී මල් වර්ග රාශියක් වික්ටෝරියා උයන සරසයි. තැන තැන ඇති ඇල මාර්ගවල ට්‍රවුඩ් මස්සෝ පිහිනති. විවිධ සුවිශේෂ අවස්ථාවලදී රෝපණය කළ සමරු ශාඛ රැසක්ද වික්ටෝරියා උද්‍යානය සතුය. ඒ කොටස ඉතිහාස පොතකැයි කීම අතිශයෝක්තියක් නොවේ.
හොල්ෆ් හා අශ්ව රේස් ආරම්භ වූයේ කිනම් කාලයේද?
{ "answer_start": [ 86 ], "text": [ "1875දී" ] }
5a5eed14-7c41-448d-8630-02a005c575c0
මෙහිදී අපගේ ශරීරයට පොටෑසියම් අනවශ්‍ය හෝ හානි කර ද්‍රව්‍යයක් යැයි දුර්මතයක් ඇති කර ගත යුතු නැත. ඇත්තෙන්ම අපේ ශරීරයට පොටෑසියම් එක්තරා ප්‍රමාණයකට අවශ්‍යය. එය ද ලුණු මෙන්ම ලවන විශේෂයක් බව ද අමුතුවෙන් කිව යුතු නැත. මාංශ පේශී වල ක්‍රියාකාරීත්වයට හා හෘදය වස්තුවේ ඇති මාංශපේශීන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට පොටෑසියම් අවශ්‍යම ද්‍රව්‍යයකි. පොටෑසියම් අඩු වීම නිසා ලේ වල ඝන වීමක් සිදු වීමට ඉඩ ඇති බව විශේෂඥ මතයයි. ලුණු ගැන සමාජය අතිෂය බියකින් බලන්නට පෙළඹුණේ ක්ෂණික කෑම කඩ වසංගතයක් ලෙස පැතිරීමත් සමගය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ අප අවශ්‍ය ප්‍රමානයට වඩා ලුණු ආහාරයට එකතු කර ගැනීමයි.
පොටෑසියම් ශරීරයේ අඩු වීම නිසා සිදු විය හැක්කේ කුමක්ද?
{ "answer_start": [ 353 ], "text": [ "ලේ වල ඝන වීමක්" ] }
109b936c-8099-49f5-a213-2d6a3a2b0a43
අම්මා දන්නේ නෑ මගේ කකුල කැඩිලා කියලා අම්මා මාව නැගිට්ටුවට මට අඩිය තියාගන්න බැරි වුණා ඒ වෙලාවේ. කෑලි කැලීවලට විනාශ වෙලා ගිය මිනිස්සුන්ගේ අත් කකුල් එක්ක මහා ලේ විලක් මම දැක්කා. වහලේ තියෙන උළු කැට වැටෙන නිසා අම්මා මාව ඇදගෙන වගේ තමයි පල්ලියෙන් එළියට දිව්වේ. ඒත් මගේ කකුල කැඩිලා තියෙන්නේ කියලා දැනුණේ නෑ. අම්මා කෑ ගහගෙන මාව ඇදගෙන දුවද්දී සෙබෙස්තියන් මුනිඳුන්ගේ රුවම ගාව මාව ඇඳගෙන වැටුණා. ඒ වෙලාවේ තමයි දැක්කේ කකුල එල්ලෙනවා. ඒ වෙලාවේ නම් පපුවේ වේදනාවකුත් එක්ක සිහිය නැතිවෙන්න ආවත් ඒසේ වුණේ නෑ. ඒත් මට අම්මා කියලාවත් කතා කර ගන්න බැරි වුණා. මගේ ඇගේ යකඩ බෝල 3ක් තිබිලා අයින් කළා. තව එකක් තියෙනවා පපුව හරියේ. එක් ගත්තොත් මාව එකතැන් වෙන්න පුළුවන්ලු. සතියක් විතර කට ඇරලා බත් ටිකක්වත් කන්න බැරුව හිටියා. දැන් නම් ගොඩක් දුරට මට සනීපයි.
ඇගේ තිබී අයින් කළ යකඩ බෝල ගණන කීයද ?
{ "answer_start": [ 549 ], "text": [ "3ක්" ] }
0eb8aa59-010d-4130-969a-10c0a49eda11
මෙහිදී අපගේ ශරීරයට පොටෑසියම් අනවශ්‍ය හෝ හානි කර ද්‍රව්‍යයක් යැයි දුර්මතයක් ඇති කර ගත යුතු නැත. ඇත්තෙන්ම අපේ ශරීරයට පොටෑසියම් එක්තරා ප්‍රමාණයකට අවශ්‍යය. එය ද ලුණු මෙන්ම ලවන විශේෂයක් බව ද අමුතුවෙන් කිව යුතු නැත. මාංශ පේශී වල ක්‍රියාකාරීත්වයට හා හෘදය වස්තුවේ ඇති මාංශපේශීන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට පොටෑසියම් අවශ්‍යම ද්‍රව්‍යයකි. පොටෑසියම් අඩු වීම නිසා ලේ වල ඝන වීමක් සිදු වීමට ඉඩ ඇති බව විශේෂඥ මතයයි. ලුණු ගැන සමාජය අතිෂය බියකින් බලන්නට පෙළඹුණේ ක්ෂණික කෑම කඩ වසංගතයක් ලෙස පැතිරීමත් සමගය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ අප අවශ්‍ය ප්‍රමානයට වඩා ලුණු ආහාරයට එකතු කර ගැනීමයි.
පොටෑසියම් අපගේ ශරීරයට අවශ්‍ය වන්නේ ඇයි?
{ "answer_start": [ 210 ], "text": [ "මාංශ පේශී වල ක්‍රියාකාරීත්වයට" ] }
f5ec21fb-4698-4695-b769-8702df301d8f
එම පැය 24 ක කාලයේදී ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 94,372 දෙනකු, ඇමෙරිකාවෙන් වයිරස ආසාදිතයන් 45,523 දෙනකු සහ බ්‍රසීලයෙන් වයිරස ආසාදිතයන් 43,718 දෙනකු හඳුනාගෙන ඇත. එම කාලයේදී ඉන්දියාවෙන් සහ ඇමෙරිකාවෙන් වයිරස ආසාදිත මරණ 1,000 ඉක්මවා වාර්තා වී ඇති අතර බ්‍රසීලයේ සිදුව ඇති වයිරස ආසාදිත මරණ ගණන 874කි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව මීට පෙර වයිරස ආසාදිතයන් වැඩිම ගණනක් වාර්තා වූයේ සැප්තැම්බර් 6 වැනිදා ය. එදින වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන 306,857කි. දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වූයේ අප්‍රේල් 17 වැනිදා ය. එදින ලොව නන්දෙසින් නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 12,430කි.
එම පැය 24ක කාලයේදී ඇමකාවෙන් වයිරස ආසාදිතයින් කීයක් හදුනාගෙන තිබේද?
{ "answer_start": [ 90 ], "text": [ "45,523 දෙනකු" ] }
7069ed4d-034d-4b13-b688-4776bb771aa3
මීට සති අටකට පෙර කරිනා කපූර් විසින් බිහිකළ අලුත් දරුවාට නමක් තබා තිබෙන බව ඇයගේ පියා වූ රන්දිර් කපූර් මාධ්‍යයට පවසා ඇත. කරිනා අලුත උපන් දරුවාට ජේ අලි ඛාන් ලෙස නම තබා ඇත. මෙම නම තවමත් නිල වශයෙන් කරිනා හෝ සායිෆ් ප්‍රසිද්ධ කර නොමැති අතර, කපූර් පවුලෙන් ලැබෙන වාර්තාවලට අනුව කරිනාගේ දෙවැනි දරුවාට මේ වනවිට ජේ ලෙස නම තබා අවසන්ව ඇති බවය‍. සායිෆ් හා කරිනාගේ මුල්ම දරුවා වන තයිමුර් මේ වනවිට සිවුවැනි වියෙහි පසුවන බව දැන ගැනීමට ලැබේ.
මීට සති අටකට පෙර දරුවෙකු බිහිකළේ කවුද?
{ "answer_start": [ 17 ], "text": [ "කරිනා කපූර්" ] }