id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
1d37c82a-fe3a-46ec-a723-446d3de4d723
මේ කවුරැන් විසින් මුමුණන ගීතවත් සංගීතයක්ද? හාහාපුරා චන්ද්‍රිකා වැව ඉස්මත්තට ගිය සැණින් ඔයාගේ හිතටත් එන පළවෙනි ප්‍රශ්නය තමා ඒ. ඒ සංගීතය යකට බට දිගේ එති එතී එන සුළඟ මගින් ඇතිකරන මියුරැ නාදයක්. ඒ අත්දැකීම වචනවලින් කියනන් අමාරැයි. වැව ළඟට ගිහින් ඔයාම විඳින්න ඕන. සංචාරකයින්ගේ ගමන් විඩාව සංසිඳුවා ගන්න වෙන්වෙච්ච නැවතුම්පොළක් විදිහට ප්‍රසිද්ධ මේ වැව වටා රිසිසේ සීතල වතුර නාගත හැකි නාන තොටුපොළවල් ගණනාවක්ම තියෙනවා. චන්ද්‍රිකා වැව ඒ ප්‍රදේශයේ ජීවත්වෙන මිනිස්සුන්ට හුඟාක් වැදගත් වෙන්නේ ඒ අයගේ ගොඩ ගොවිතැන් මඩ ගොවිතැන් කරගෙන යන්න ඉවහල් වන ජල ආධාරකය විදිහට. ඒ අයට ඇතිතරමට වතුර දෙන ජල මූලාශ්‍රය තමා චන්ද්‍රිකා වැව කියන්නේ. මේ කෘෂිකර්මික වැව හුලංදා ඔයෙන් ගලා එන වතුරෙන් වගේම උඩවලව ජලාශයේ ඇළ මාර්ගය ඔස්සේ ගලා එන ජලයෙනුත් පෝෂණය වෙනවා. මේ වැව අක්කර අඩි 22420ක් තුළ පැතිරිච්ච වැවක්. වැවෙන් පෝෂණය වන ප්‍රදේශය වර්ග කිලෝමීටර් 165ක්. හෙක්ටයාර 1802ක් වගා කරන්න ජලය සපයන මේ වැව අක්කර අඩි 13400ක සක්‍රීය ජල ධාරිතාවකින් යුක්තයි. 1963 දෙසැම්බර් 26 වැනිදා තමා මෙම වැවේ මංගල දියවර මුදා හැරි දිනය ලෙස වැව් ඉතිහාසයට එකතු වෙන්නේ. මඩ ගොවිතැනට ගොඩ ගොවිතැනට වගේම මිරිදිය ධීවර කටයුතු සඳහාත් මේ වැව යොදා ගන්නවා. මත්ස්‍ය වර්ග ගණනාවකට නිවහන වූ මේ වැව ඒ ප්‍රදේශයේ බොහෝමයක් දෙනාට ජීවිතය සරිකර ගන්න රැපියල් උපද්දවන සම්පත් දියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්.
චන්ද්‍රිකා වැවෙන් පෝෂණය වන ප්‍රදේශයේ වපසරිය කොපමණද?
{ "answer_start": [ 791 ], "text": [ "වර්ග කිලෝමීටර් 165ක්" ] }
b99a2e87-70ff-4bfe-9985-3b2995405640
ගොම පොහොර, කුකුළු පොහොර, එළු පොහොරවලට මෙම යන්ත‍්‍රයෙන් පිිළිස්සී බැහැර කෙරෙන අළු නියමිත පරිදි සම්මිශ‍්‍රණය කරලා කාබනික පොහොර නිපදවීමට ඔසු පරිසර පදනම මා සමඟ එකඟ වුණා. ඒ අනුව මෙම යන්ත‍්‍රය ගෘහස්ථ වශයෙන් භාවිත කරන පුද්ගලයන්ගේ පිළිස්සී ඉතිරිවන අළු ඔවුන්ගෙන් අපි මිලදී ගන්නවා. එම අළුවලින් නිපදවන කාබනික පොහොර වගාවලට යෙදවීමෙන් පරිසර හිතකාමී වස විසවලින් තොර ඵලදාවක් ලබාගන්න පුළුවන්. එම එළවළු, පලතුරු ආහාරයට ගැනීමෙන් බොහෝ රෝගාබාධ වළක්වා ගන්නත් හැකි වෙනවා. හෝටල් ආශි‍්‍රව බැහැර කෙරෙන රයිස්, කොත්තු, ආප්ප, සහ බැදුම් වර්ග පිළිස්සීම සඳහාද විශේෂිත යන්ත‍්‍රයක් මේවන විට මා නිර්මාණය කරගෙන යනවා. එම යන්ත‍්‍රයේ ඇති උදුනෙන් ඉවුම් පිහුම් කටයුතු සිදුකිරීමට හැකිවන අතර අනෙක් පැත්තෙන් කසළ පිළිස්සීමද සිදුකෙරෙනවා. අප විසින් බැහැර කෙරෙන කසළ අප විසින්ම ප‍්‍රයෝජනවත් පරිදි පුළුස්සා පොහොර බවට පත්කිරීමෙන් විශාල ජනතා ගැටලූවක් වන කසළ මෙරටින් තුරන් කිරීමට අපට හැකිවෙනවා. මේ වෙනුවෙන් සහයෝගය ලබාදිය හැකි අයෙක් වෙතොත් 07222729391 දුරකතන අංකය ඔස්සේ කතා කරන්න පුළුවන් යැයි සරත් තිලකසිරි පැවැසීය.
කාබනික පොහොර නිපදවීමේදී යන්ත්‍රයෙන් පිළිස්සී බැහැර කෙරෙන අළු වලට මිශ්‍ර කරනු ලබන පොහොර වර්ග මොනවාද?
{ "answer_start": [ 0 ], "text": [ "ගොම පොහොර, කුකුළු පොහොර, එළු පොහොර" ] }
4e437273-60cf-47c5-be2a-b0793f1e2ef5
සිංහල භාෂාවේ ප්‍රභවය වසර 6000 ක් පමණ ඈතට දිව යන බවත් පූර්ව ඉන්දු යුරෝපීය භාෂාවක් වූ එය ක්‍රි.පූ. 4500 - 3500 ක් අතර කාලයේදී දක්ෂිණ රුසියානු ප්‍රදේශවල එඬේරුන් විසින් භාවිත කළ කථන භාෂාවක් වූ බව සත්‍ය වශයෙන්ම පිළිගත හැකි බව ඔවුහු ප්‍රකාශ කරයි. දක්ෂිණ රුසියානු තණබිම්වල වැසියන් ආර්යයන් ලෙස යුරෝපයට සහ ආසියාවට සංක්‍රමණය වූයේ ඔවුන්ගේ එම ව්‍යවහාරික භාෂාව ද සමඟ බව ඔවුහු දෙදෙනා තවදුරටත් සඳහන් කරති. සින්ඩ් හෙවත් සින්ධු නදී තීරයෙහි පදිංචි වූ සිංහ වැසියන් ක්‍රමයෙන් ගංගා නම් ගංගා තැනිතලා පෙදෙස්වලට අවුත් ජනපද පිහිටුවා ගත් අතර, ක්‍රි.පූ. හත්වන ශත වර්ෂය වන විට සුර්සේනි නමින් ජනපදයක් යමුනා ගඟබඩ පිහිටුවා ගන්නා ලදී. මොවුන්ගේ අග නගරය වූ මථුරාව හඳුන්වන ලද්දේ ‘සිංහ පුරය’ යන නමිනි. සාරානාත් කෞතුකාගාරයේ ඇති මෙම පෙදෙසින් සොයා ගත් කෞතුක භාණ්ඩ විස්තර කර ඇත්තේ මථුරාව හෙවත් පැරණි සිංහ පුරයෙන් සොයාගත් ද්‍රව්‍ය වශයෙනි. සුර්සේනි ජනපදයේ සිට පැමිණි පිරිස ලංකාවේ රාජ්‍යත්වයට පත් වූහ. විල්හෙල්ම් ගෛගර් පඬිතුමා ‘ලංකාවට සිංහල නාමය ගෙන එන ලද්දේ පණ්ඩුවාසදේව විසින්’ යැයි පවසන්නේ මේ නිසාය.
ලංකාවට සිංහල නාමය ගෙන එන ලද්දේ පණ්ඩුවාසදේව විසින්’ යැයි පවසන්නේ කවුද ?
{ "answer_start": [ 861 ], "text": [ "විල්හෙල්ම් ගෛගර් පඬිතුමා" ] }
65c6c1e6-a17f-4588-81dd-0619abe71164
එන්න එන්න ඇයගේ හැසිරීමේ අමුත්තක් පෙනෙන්නට තිබූ නිසා පන්ති බාර ගුරුවරිය සිසුවිය ගෙන්වා ඇය සමග බොහොම ළෙන්ගතව කතා කළාය. පන්ති බාර ගුරුවරිය සිසුවියගෙන් උපක්‍රමශීලී ලෙස විස්තර විමසූ අවස්ථාවේ ඇය තමාට සිදුවූ අකරතැබ්බයන් ගැන සියලු‍ තොරතුරු හෙළිකළාය. අවසානයේ පන්ති බාර ගුරුතුමිය මේ ගැන විදුහල්පතිවරයා ද දැනුම්වත් කළ අතර සිසුවියගේ මව්පියන්ට දැනුම්දීමට ඔවුහු තීරණය කළහ. දියණිය අවස්ථා දෙකක දී මෙම නරුමයන් දෙදෙනාට එරෙහිව පැමිණිලි කිරීමට අම්පාර උහන පොලිසියට මව්පියන් ගියේ දියණිය ද කැටිවය. මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. එයාගේ වයස අවුරුදු 26 ක් වෙනවා. හිටි හැටියේම එයා මාත් එක්ක කතාබහ කිරීම අතහැරියා. මාව හම්බවෙන්න ආවෙත් නැහැ. මට මේක දරාගන්න බැරි වුණා. මගේ දාහතර වැනි උපන් දිනේ දවසේ මම එයාව හම්බ වෙන්න යන්න තීරණය කළා.
සිසුවිය ගුරුතුමියට පැවසුවේ මොනවාද?
{ "answer_start": [ 189 ], "text": [ "තමාට සිදුවූ අකරතැබ්බයන් ගැන" ] }
b86d933e-36f6-4646-ae4e-fa42542950c4
විකී කෞශාල් හා කත්‍රිනා කයිෆ් දෙදෙනා මේ වනවිට කෙටි නිවාඩුවක් ගත කරන්නට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ රැදි සිටින බව සඳහන් වෙයි. විකිගේ 34 වැනි උපන්දිනය මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණ අතර, කත්‍රිනා ඊට පුදුම කිරිමේ උපන්දින සාදයක් ඔහු වෙනුවෙන් පවත්වා තිබුණ බව සඳහන් වෙයි. මේ වනවිට විකිගේ උපන්දින සාදයේ ගත් ඡායාරූප කිහිපයක් කත්‍රිනාගේ ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ ප්‍රසිද්ධ කර තිබෙන අතර, එය නිව්යෝර්ක් නගරයේ පිහිටි ප්‍රියංකා චොප්රා සතු අවන්හල තුළදි ගත් එකක් බව සඳහන් වෙයි. එමෙන්ම මීට සති කිහිපයකට පෙර කත්‍රිනාගේ 38 වැනි උපන්දිනයද යෙදි තිබුණ බව දැන ගැනීමට ලැබේ.
කත්‍රිනා ඔහු වෙනුවෙන් පවත්වන ලද්දේ කුමක්ද?
{ "answer_start": [ 197 ], "text": [ "පුදුම කිරිමේ උපන්දින සාදයක්" ] }
650c8b20-aee2-4cf7-8934-c7e499b34da3
ගුරුකම් බලයත්, බුද්ධ බලයත් එකිනෙක පටලවා නොගත් බුද්ධ බලයට මුල් තැන් දුන් මහා යතිවරයකු ලෙසින් ප්‍රසිද්ධ බිහිරි හාමුදුරුවන් ගුරුකම් ආරම්භයේදීත් අවසානයේදීත් බුද්ධ විරිතෙන් කටයුතු කළ භික්ෂූන් වහන්සේ නමක්. ගුරුකම අවශ්‍ය තැනට ගුරුකමත් බුද්ධ ශක්තිය අවශ්‍ය තැනට බුද්ධ ශක්තියත් යෙද වූ උන්වහන්සේ ගුරුකම හේතුවෙන් බුද්ධ ශක්තිය යටපත් කරන්නට ඉඩ නොතැබූ තෙර නමක්. මේ එම කතාවයි. මේ ගුරුකම් කන්ද එක් පැත්තක් මායිම් වනුයේ රක්වාන කඳු පංතියයි. අනෙක් පැත්ත මායිම් වනුයේ පන්තිල් පත්තුවටයි. මේ කන්ද ආරක්ෂිතයි. වන පෙත් දෙකකින් එක් පැත්තක සිංහරාජ වනගහනයයි. අනෙක් පැත්තෙන් ශ්‍රී පාද වනගහනයයි. සිංහරාජ කියන්නේ ජෛව විවිධත්වයෙ තිඹිරි ගෙයයි. ශ්‍රී පාද කියන්නේ බුද්ධ ශක්තියෙ තිඹිරිගෙය. මේ සිදු වීමෙන් කියන්නේ ගුරුකම් කන්දේ තියෙන හාස්කම්වලට ශක්තිය සැපයෙන්නේ ජෛව විවිධත්වයෙන් සහ තෙරුවණේ බලයෙන් කියන එක.
ශ්‍රීපාද කියන්නේ කුමක්ද?
{ "answer_start": [ 628 ], "text": [ "බුද්ධ ශක්තියෙ තිඹිරිගෙය" ] }
010e0e86-992f-4eac-a88b-6a36e27cf56d
මේ සිද්ධියෙන් පසු “හරක් කටා” ගැන තොරතුරක් සොයාගන්නට නොලැබිණි. ඔහු ඩුබායි රාජ්‍යයට පලාගිය බවට තොරතුරු අනාවරණය වී ඇතැයි බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබූ අවස්ථාවක නැවතත් මොහු ගැන තොරතුරු දිගහැරෙන්නට වූයේ ඉකුත් 19 වැනිදාය. මෙහි තවත් අරුම සිද්ධිය වූයේ මේ කියන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වූයේ මෙරට ප්‍රධාන පෙළේ අපරාධකරුවකුව සිටි “සොත්ති උපාලි” යන අයගේ දියණිය වන පැලවත්ත පාර, නුගේගොඩ පදිංචි ප්‍රසන්තිකා නිර්මලී ද සිටීමය. මෙම සිද්ධියේ දී ප්‍රධාන සැකකරු ලෙස දකුණු තලංගම, බත්තරමුල්ල පදිංචි කුරුප්පුගේ ධනුෂ්ක මදුෂංක මෙන්ඩිස් නොහොත් ‘පොඩී’ සහ ඔහුගේ සගයකු වන කඩුවෙල හේවාගම පදිංචි දිනේෂ් භානුක පෙරේරා යන අය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ ප්‍රසන්තිකා නිර්මලී ද සමගය.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ නම කුමක්ද?
{ "answer_start": [ 485 ], "text": [ "කුරුප්පුගේ ධනුෂ්ක මදුෂංක මෙන්ඩිස්" ] }
54129442-a87b-4e43-9411-2b69df122657
කිසියම් නඩුවක අභියාචනය සඳහා ප්‍රිවි කවුන්සිලයට යොමු කිරීම වෙනුවට උපරිමාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදා වූයේ 1972 මැයි 22 වැනිදායින් පසුවය. නව ව්‍යවස්ථාව සම්මත වීමත් සමඟ ලංකාව, සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් යනුවෙන් හැඳින්වෙන්නට වූ අතර, එම ව්‍යවස්ථාව මඟින් මෙරට ඒකීය රාජ්‍යයක් බවට පත්කෙරුණි. බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙමින් බුද්ධාගම ආරක්ෂා කිරීම සඳහා රජය බැඳී සිටින බව එහි සඳහන් විය. 1956 එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක රජයෙන්, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වූ වග ප්‍රකාශ කළත්, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ව්‍යවස්ථාවට ඇතුළු වූයේ හැත්තෑ දෙකේ ජනරජ ව්‍යවස්ථාවෙන්ය.
සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද?
{ "answer_start": [ 185 ], "text": [ "ලංකාව" ] }
8b51be1f-087f-492e-b8ad-f1d522ad5f53
ෆුජියාමා ගිනිකන්ද පිහිටා ඇත්තේ ජපානයේය. එය ලෝ ප‍්‍රකට බව සැබෑය. නමුත් ජපානයේ ජනතාව අතර වඩා ප‍්‍රකට කඳු පෙළ වන්නේ සුකුබා කඳු පෙළය. උසින් අඩි 2877ක් පමණ උසැති වූ මෙම සුකුබා කන්ද පිහිටා ඇත්තේ ද්විත්ව හැඩයෙන් යුතු මුදුනත සහිතවය. ඒ නිසා මෙය විශේෂිත සළකුණක් යැයි ජපාන වැසියන් විශ්වාස කරන දෙයකි. කඳු ද්විත්වයක් හෙවත් නිවුන් කඳු යුගලක් ලෙස හැඳින්වීම වඩා උචිතය. නියෝනායි සං සහ නාන්තායි සං ලෙස මේ කඳු ද්විත්වය හැඳින්වේ. ජපානයේ ඇති කඳු බොහොමයක් ගිනි කඳු ලෙස වර්ග වී තිබුණ ද මේ සුකුබා කඳු පෙළ පමණක් ස්වභාවික කඳු පෙළක් ලෙස හැඳින්විය හැකිය. ජපන් වැසියන් මේ කඳු මුදුනත හඳුන්වනු ලබන්නේ ඉසනාගි සහ ඉසනාමි යනුවෙනි. එනම් දෙවියකු සහ දෙවඟනක ලෙසිනි. මේ ලෙසින් දේවත්වයෙන් පිදුම් ලැබීමට හේතු වූ කාරණා තිබේ. මිත්‍යා මතයට අනුව මේ දෙවියන් සහ දෙවඟන විසින් අමනුෂ්‍ය දෝෂ නිසා හටගන්නා විපත්වලින් මෙන්ම ලෙඩ රෝගවලින් ජනතාව ආරක්ෂා කරන බව ඔවූහු සළකති. එමෙන්ම ජනතාවට ආශිර්වාද කරන බවත් ළමුනට ආශිර්වාද ලැබෙන මෙන්ම එකිනෙකා අතර සහයෝගීතාවය ඇති කරවනු ලබන බවත් ජනතා විශ්වාසයයි.
ජපානයේ ජනතාව අතර වඩා ප‍්‍රකට කඳු පෙළ වන්නේ කුමක්ද?
{ "answer_start": [ 113 ], "text": [ "සුකුබා කඳු පෙළය" ] }
f74be6ea-54f7-440b-a238-62575eb148cf
ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපෑ ලීසා හේඩින් මේ වනවිට සිනමාවෙන් ඈත්ව සිටියි. මිට සති කිහිපයකට පෙර ඇය තුන්වැනි දරුවාද බිහි කළ අතර, ඒ ගැහැණු දරුවෙකු වූ ලාරාය. ලාරාගේ ඡායාරූප කිහිපයක් ඇය පසුගියදා අන්තර්ජාලයට නිකුත් කරන්නට කටයුතු කර තිබෙනු දක්නට ලැබුණි. ලීසා මේ වනවිට දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර, ඔවුන් තිදෙනාම වසර හතරක කාලයක් ඇතුළත බිහිකර තිබීම විශේෂත්වයති. අලුත උපන් ලාරාට අමතරව ලීසාට තවත් පිරිමි දරුවන් දෙදෙනෙකු සිටින අතර, ඇය 2017 වසරේදී ව්‍යාපාරිකයෙකු වූ ඩිනෝ ලාල්වානි සමගින් විවාහ වි ඇත.
ලීසා හේඩින් රගපෑ චිත්‍රපට මොනවාද?
{ "answer_start": [ 9 ], "text": [ "බොලිවුඩ් චිත්‍රපට" ] }
d2f5e8ae-b1c9-46dd-9943-83e944859bf5
ඇතිවූ ගැටුම්කාරී තත්වය තුළ වෙඩි ප්‍රහාරයකින් මියගිය අමරකීර්ති අතුකෝරළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවෙසද කුපිත වූ පිරිස් ගිනි තබා විනාශ කළහ. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට අයත් කුරුණෑගල පිහිටි නිවසකට ද ජනතාව ගිනි තැබූ බව වාර්තා විය. ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගමට පහරදුන් මැර කණ්ඩායම් ප්‍රවාහනය කළ බස් රථ ඇතුළු වාහන ගිනි තබමින් හා ඔවුන්ට පහර දෙමින් ජනතාව විරෝධය පළ කළ අතර බස් රථ ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක් ගිනිබත් වී තිබිණි. ඇතිවූ ගැටුම් වලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු දේශපාලනඥයන් දෙදෙනකු, පොලිස් කැරලි මර්දන ඒකකයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු අට දෙනකු මියගොස් ඇති අතර, 232 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ගිනි තැබූ කුරුණෑගල නිවස අයිති කාටද?
{ "answer_start": [ 160 ], "text": [ "මහින්ද රාජපක්‍ෂ මහතාට" ] }
ac09cb2c-8cb8-40cb-9a83-a11829b2ef17
සංඛ අත්අඩංගුවට පත් වීමත් සමග මෙම පාතාල නායකයන්ට විශාල අතුල් පහරක් එල්ල වී ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි. ඔවුන්ගේ ජාවාරම්වලට සමීපතමයකු, කීකරු ගෝලයකු අහිමි වීම ඔවුනට විශාල පාඩුවකි. අත්අඩංගුවට ගත් පෙතියාගොඩ සංඛ වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සදහා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය වෙත බාර දී තිබුණි. විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ අධීක්ෂණය යටතේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත, බුද්ධි අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. ධර්මප්‍රිය මහතාගේ මෙහෙයවීමෙන්, උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් සංගීත්, උප පොලිස් පරීක්ෂකවරුන් වන කුමාර දිසානායක, යන මහත්වරුන් ප‍්‍රමුඛ කණ්ඩායමක් මෙම වටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.
විශේෂ කාර්‍ය බලකායේ අණදෙන නිළධාරියා කවුද?
{ "answer_start": [ 320 ], "text": [ "ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්" ] }
b3aa0165-34b6-4fdc-a0c3-4b265893b09e
මහනුවර ගලහ මංසන්ධියේ මෝටර් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිව්දෙනෙක් තුවාල ලැබූහ. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ රියැදුරු සමග තවත් අයකු ගමන් කරමින් තිබූ අතර වෑන් රථයේ ද රියැදුරු සමග තවත් එක් පුද්ගලයකු ගමන් කර තිබිණ. අනතුර සිදුවනවිට වෙලාව අලුයම දෙකට පමණ වන්නට ඇත. ඒ අවස්ථාවේ පාරේ ගමන් කරමින් තිබූ ලොරි රථයක රියැදුරු හා සහායක එක්ව අසල්වැසියන් කිහිපදෙනකුගේ ද සහාය ඇතිව තුවාලකරුවන් රෝහල්ගත කළහ. රෝහල්ගත කර සුළු වේලාවකින් මෝටර් රථයේ පැමිණි එක් පුද්ගලයෙක් මරණයට පත්විය. ඔහු වාහනය පැදවූ රියැදුරු බව ඔහු සමග පැමිණි අනෙක් පුද්ගලයා පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබිණ.
අනතුර සිදුවූයේ වේලාව කීයට පමණද?
{ "answer_start": [ 254 ], "text": [ "අලුයම දෙකට පමණ" ] }
711a11ee-02f6-4ca7-a7a6-3df5c67017ce
මෙම අබිරහස් රෝගයට හේතුව මොළයට බලපෑම් කරන මෙනින්ජයිටිස් ආකාරයේ වෛරසයක් හෝ බැක්ටීරියාවක් හෝ නොවන බව වෛද්‍ය පර්යේෂකයෝ පවසති. බලධාරීන් පැමිණ ගම්මානයේ පස් සහ ජලය නිරන්තරයෙන් පරීක්ෂා කෙරුණු නමුත් ජලයේ ආම්ලික හෝ භාෂ්මිකතාවයේ වෙනසක්, විසක් මුසු වූ බවක් හෝ කිසියම් විස රසායන ද්‍රව්‍යයක් පස්වලට මුසු වූ බවක් හෝ දකින්න නොලැබුණැයි පැවැසිණි. මෙම අබිරහස් රෝගය හේතුවෙන් කලාචී ගම්වැසියන් මහත්සේ බියට පත්වී සිටින බව වාර්තා වේ. රෝගය සම්බන්ධයෙන් ඔවුන් පවසන්නේ, ගම්මානය අසල අතහැර දමා ඇති යුරේනියම් පතළ ඊට හේතුවක් විය හැකියි කියාය. මේ පතළ සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයේ දී භාවිතා කරන ලද්දක් නමුත් දැන් එය වසා දමා ඇත. යුරේනියම් විකිරණශීලී ද්‍රව්‍යයකි. පරමාණු බෝම්බ නිර්මාණයේ දී යුරේනියම් භාවිතා කරයි.
යුරේනියම් පතළ භාවිතා කර ඇත්තේ කුමන සමයේදීද?
{ "answer_start": [ 518 ], "text": [ "සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයේ දී" ] }
aa6e1d68-dc98-4f18-92f6-b9c3a96f6bca
අප සමග පිළිසඳරකට එකතු වු නිමල් මහතා යනු වසර කිහිපයක සිට පෙට්ටි කඩයක් කරන කෙනෙකි. බොහෝමයක් පිරිසට මිලදී ගැනීමට අත්‍යවශ්‍ය දෑ මොහු සතුවද තිබෙයි. අපගේ කතාව අතරතුර, ඔහු සෑණෙකින් පාරේ අනෙක් පස සිටින සුරූපි තරුණියක්ව පෙන්නුවේය. බැලු බැල්මට සරාගී පෙනුමකින් යුතු ඕ හැඳ සිටියේ තද වු ඩෙනිමකට අත් නැති ටී ෂර්ටයක් පමණි. කොණ්ඩය වර්ණ ගන්වා ගෙන සිටි ඇයගේ මුහුණේ අවු කණ්ණාඩි යුගළයක් තිබුණි. දුටුවන් නෙත් වසඟයට පත් කරන ආකාරයේ හැසිරීමක් තිබු නිසාවෙන් පාරේ ගමන් ගන්නා පුද්ගලයන් සේම යතුරුපැදිවල ගමන් ගන්නා කොල්ලන් ද ඇය දෙස නෙතු යොමන්නට පසුබට නොවු බවක් අපි දුටුවෙමු.
අප සමඟ පිළිසඳරකට එකතු වුණේ කවුද?
{ "answer_start": [ 25 ], "text": [ "නිමල් මහතා" ] }
df0e770b-b915-4339-a01d-f34cac3145ca
අස්වැද්දුම පතන කෙළවරක අතහැර දැමූ දර මගින් සෙවිලි කළ මිනිස් වාසයක නටබුන් දැකගත් අතර එම ගමන තවත් දුර යන්නට තිබුණේ රණමුරේ වෙත ළඟාවීමටයි. වන මැද පිහිටියද ගිනිකෙළිය පතන තුළ ගවරැල ගැවසෙන ඉසව්වකි. අස්වැද්දුම පතන නිමා වන විටදී කලින් දවසේ කිරිමැටියහේන පසුකරන විට දුටුවාක් මෙන් ලී වැටක් දැකගත් අතර එය ගම්මානය ළඟ බවට අප ලද හෝඩුවාවක් විය. එය පසුකර ඉදිරියට යත්ම මාර්ගය බෙදෙන ස්ථානයක් වූ අතර කළු ගඟද පසෙකින් ගලන්නට විය. ඉන්පසු අප ළඟා වූයේ ගම්වාසීන්ගේ ජල අවශ්‍යතාව සපුරන වන මැද පිහිටි විශාල ජල ටැංකිය අසලටය. එතැන් සිට අප රණමුරේ ගම්මානය වෙත ළඟාවූ අතර ඒ මග තුළ අත්හරින ලද ඉඩකඩම් සහ වගාබිම් අපට හමුවුණි. විවිධ හේතු මත එම ගම්වැසියන් ඒවා අත්හැර දමා ඇති අතර සවස් යාමය පසුවෙමින් තිබුණ හෙයින් අප අසල පිහිටි ජල පීල්ලක් අසලට ගොස් ගත දොවා ගත්තේ කටු පඳුරුවලට සීරුණු දූවිලි ගස් ගඳ පිරුනු අපගේ ගත පිරිසිදු කර ගැනීමටයි.
අස්වැද්දුම පතන කෙළවරක මිනිස් වාසයක නටබුන් දැකගත් අතර එම ගමන තවත් දුර යන්නට තිබුණේ කොහෙට ලඟාවීමටද?
{ "answer_start": [ 112 ], "text": [ "රණමුරේ වෙත" ] }
c5c098db-6c6b-48c5-b6e1-8fb0dcf774ab
දකුණු ඉන්දීය චිත්‍රපට බොහෝමයකත්, බොලිවුඩ් චිත්‍රපට කිහිපයකත් දුටු සුරූපි ඇමි ජැක්සන් මේ වනවිට රහසිගත ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. එක් දරු මවක් වන ඇමි මෙසේ ප්‍රේම සම්බන්ධයක් ගොඩ නගා ගෙන ඇත්තේ ජනප්‍රිය ඇමෙරිකානු රූපවාහිනි කතා මාලාවක් වූ ගොසිෆ් ගර්ල් කතා මාලාවේ චක් බාස් චරිතයට පණ පොවන ඒඩ් වෙස්ට්වික් සමගය. ඔවුන්ගේ මෙම රහසිගත ආදර සම්බන්ධය ආරම්භ වී ඇත්තේ මීට මාස දෙකකට පෙරදී බවත්, එය ආරම්භ වී ඇත්තේ සෞදි අරාබියේ පැවැති ජාත්‍යන්තර චිත්‍රපට උළලෙකදී දෙදෙනා මුණ ගැසිමෙන් පසුව බවත් සඳහන් වෙයි.
ජනප්‍රිය ඇමෙරිකානු රූපවාහිනි කතා මාලාවක් වූ ගොසිෆ් ගර්ල් කතා මාලාවේ චක් බාස් චරිතයට පණ පොවන්නේ කවුද?
{ "answer_start": [ 313 ], "text": [ "ඒඩ් වෙස්ට්වික්" ] }
1d3dfe3e-5aa8-4911-91d9-82bb840ede25
නිතරම සමාජජාලා ඔස්සේ සිය රසික පිරිස් සමග තොරතුරු හුවමාරු කරගන්නියක් ලෙස ප්‍රසිද්ධ ජනප්‍රිය හින්දි සිනමා නිළි ශිල්පා ෂෙට්ටිගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමට මීට දින කිහිපයකට පෙර මිලියන 19ක රසික පිරිසක් එකතු වී ඇතැයි ඇය පවසයි. ඒ පිළිබඳව තමන් දැඩි ලෙස සතුටට පත්වෙන බව පවසන ශිල්පා සිය රසික පිරිස් වෙත විඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් සිය ස්තුතිය පිරි නමා ඇත. මේ වනවිට දෙදෙරු මවක් වන ශිල්පා බොලිවුඩ් සිනමාවෙන් තාවකාලිව ඈත්වද සිටියි.
ශිල්පා ෂෙට්ටි දරුවන් කීයක් සිටින මවක්ද?
{ "answer_start": [ 356 ], "text": [ "දෙදෙරු මවක්" ] }
e0ea8c96-da22-4dc7-a2bb-228dc0dc816c
ජනප්‍රිය තෙළිඟු චිත්‍රපටියක් වන අර්ජුන් රෙඞ්ඩි හි රඟ පෑමෙන් එක රැයින් කතාබහට ලක් වූ නිළියක වන ශලිනි හින්දි සිනමාවට පා තබන්නේ රන්වීර් සිං ගේ ජයේෂ්භායි ජෝර්දාර් චිත්‍රපටියේ රඟ පාමිනි. රූපවාහිනී නාට්‍ය කිහිපයක රඟ පෑ ලක්ෂ්‍ය ගේ සිහිනය වූයේ කවදා හෝ හින්දි සිනමාවට එක් වීමය. ඔහුට එම සිහිනය සැබෑ කර දෙන ලද්දේ කරන් ජෝහාර් විසිනි. දෝස්තානා 2 චිත්‍රපටියේ ඔහු කාර්තික් ආර්යන් සහ ජාන්වි කපූර් සමඟ රඟ පාන්නට නියමිතව සිටින්නේය. ඔහු පුංචි තිරය මෙන්ම රිදී තිරය ද බබලවනු ඇතැයි විචාරකයෝ කියති. ඇය 2017 ලෝක රූ රැජින කිරුළ පැළඳියාය. ඉනික්බිතිව අයිශ්වර්යා රායි සහ සුෂ්මිතා සෙන් අනුගමනය කරමින් හින්දි සිනමාවට පා තබන්නට ඇයටත් හැකි වූයේය. ඒ ආක්ෂේ කුමාර්ගේ ඓතිහාසික චිත්‍රපටිය ප්‍රිත්විරාජ් තුළිනි.
ශලිනි ලෝක රූ රැජින කිරුළ දිනූ වර්ෂය කුමක්ද?
{ "answer_start": [ 479 ], "text": [ "2017" ] }
663fffc6-78b6-4954-b646-231f43cf1164
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි ශ්‍රියා සරන් මවක් වු පුවතක් වාර්තා වෙයි. මීට මාස කිහිපයකට පෙර ඇයට මෙම දරුවා ඉපදී ඇති අතර, ඇය ඒ බව ප්‍රසිද්ධ කර නොමැති බව සඳහන් වෙයි. 2018 වසරේදී රුසියාවේ උපන් ඇන්ඩ්‍රි කොෂිව් සමගින් විවාහ වූ ශ්‍රීයා මේ වනවිට ලොකන්ඩ්වාලා හි පදිංචිව සිටියි. දැනට ඉන්දීය සිනමාවෙන් තාවකාලිව ඉවත්ව ඇති ශ්‍රීයා වසරක කාලයක් රුසියාවේද පදිංචිව සිටි බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, ශ්‍රීයා අලුත උපන් ගැහැණු දරුවාට තවමත් නමක් තබා නොමැති බව දැන ගැනිමට ලැබෙයි.
ශ්‍රියා සරන් විවාහ උනේ කා සමගද?
{ "answer_start": [ 186 ], "text": [ "ඇන්ඩ්‍රි කොෂිව්" ] }
8e98ae74-b1ac-4d3a-83fe-bebfb53d0b3f
ගරුඬා කාද්රුගේ නිවෙස වෙත පියාඹන්නට පටන් ගත්තේය. එක්වරම ගරුඬා ඉදිරියට පැමිණි ඉන්ද්‍ර ඔහු හා සටනට සූදානම් වූයේය. අමෘත බඳුන සර්පයන්ට හිමිවීම වැළැක්වීම සඳහා ඉන්ද්‍ර කුමන පියවරක් අනුගමනය කරනු ඇද්දැයි ගරුඬා නොදැන සිටියේය. එහෙත් තම ආරක්ෂාව වෙනුවෙන් ඉන්ද්‍ර හා සටන් කිරීමට ගරුඬා තීරණය කළේය. නමුත් ඉන්ද්‍ර සතුව ඇති වජ්‍රායුධය යනු බොහෝ බලසම්පන්න ආයුධයයි. මෙයින් එල්ල වන පහරකින් බේරී සිටීම පහසු කාරණයක් නම් නොවේ. ගරුඬා ඉදිරියට පැන ගත් ඉන්ද්‍ර ඔහුගේ ඇඳුමෙහි වූ කොපුවෙන් වජ්‍රායුධය එළියට ඇදගත්තේය. එය ගරුඬා වෙත එල්ල කර පහර දුන් විට සිදුවූයේ ගරුඬාගේ එකම එක පිහාටුවක් පමණක් ගැලවී උගේ පාමුලට වැටීමය. සිදු වූ දෙය ඉන්ද්‍රගේ විමතියට හේතු විය.
ඉන්ද්‍ර සතුව පැවති බලසම්පන්න ආයුධය කුමක්ද?
{ "answer_start": [ 306 ], "text": [ "වජ්‍රායුධය" ] }
47cfd6d2-122c-4f82-add8-872316846f31
කන්නෙලිය තුළ අනෙකුත් වැසි වනාන්තරයකට නොදෙවෙනි මට්ටමේ ඉහළ සත්ව විවිධත්වයක් දක්නට ලැබේ. මේ තුළින් පක්ෂි විශේෂ 120ක් පමණ හඳුනාගෙන තිබෙන අතර, එම පක්ෂීන් අතරට ශ්‍රී ලංකාවට අවේණික පක්ෂී 23න් 14ක් මේ වනවිට එහි වාසය කරන බවට තොරතුරු අනාවරණය කර තිබේ. එමෙන්ම මෙම වනාන්තරය තුළින් ක්ෂිරපායී විශේෂ 20ක් පමණ හඳුනාගෙන තිබෙන අතර, ඒ අතරින් ගෝනා විශාලතම ශාක භක්ෂක සත්ත්ව විශේෂය ලෙසත්, දිවියා විශාලම මාංශ භක්ෂක සත්ත්ව විශේෂය ලෙසත් වාර්තා වී තිබේ. ඊට අමතරව රක්ෂිතය තුළින් උභයජීවී විශේෂ 19ක් හඳුනාගෙන තිබේ. ඒ අතරින් රැක් මැඩියන්, මොට හොඬු මැඩියා, ගල්පර මැඩියා ප්‍රධාන වශයෙන් හඳුන්වාදීමට හැකිය. එමෙන්ම ශ්‍රී ලංකාව තුළදී හමුවන විශාලතම සර්පයා වන ඉන්දියානු පිඹුරා, මූදු කරවලා, පළා පොළඟා, දෙපත් නයා ඇතුළු උරුග විශේෂ 50ක්ද මේ ආශ්‍රිතව හඳුනාගෙන තිබේ.
විශාලතම මාංශ භක්ෂක සත්ත්ව විශේෂය කුමක්ද?
{ "answer_start": [ 366 ], "text": [ "දිවියා" ] }
0d176566-6d49-4c8b-b298-4dda299c7b39
වලව්වට අයත් කාමර පහයි. මැද මිදුල් දෙකක්. එදා ගොම ගෑ බිමක් තිබුණේ. වර්තමානයේ ඉදිරියෙන් ඇති කොරිඩෝව වගේ ප්‍රදේශය බිත්ති බැඳ ජනෙල් දමා, තිබුණත්, එදා පැවතියේ ඕපන් වරැන්ඩාවක් ලෙසින්. එහි උත්සව, කංකාරි පැවැත්වූවා. වලව්වේ වැඩ කළ මිනිසුන්ට වාඩි වීම සඳහා ලබා දුන් දිග බංකු කිහිපයක් අදටත් මඩුවේ නැතිනම් අද භාවිත කරන මුළුතැන්ගෙයි දක්නට ලැබෙනවා. දොරවල් සියල්ල තනි ලෑල්ලෙන් සාදා තිබීමත් විශේෂත්වයක්. වලව්වේ ඉදිරියෙන් ඇති දොර ජනෙල් කිහිපයක් දිරා හානි වී තිබුණ බැවින් පසු කාලයේ ඒවා වෙනස් කළා. පොළොවට සිමෙන්ති දැම්මා. ඒ ආකාරයෙන් වලව්වේ ඇතුළත තරමක් වෙනස් කළත්, වලව්වේ හැඩයට හානියක් සිදු කළේ නැහැ. මුත්තලාගේ කාලයේ භාවිත කළ තඹ හැළි කිහිපයක් තිබෙනවා. ඉන් එකක වී බුසල් තුනක් තැම්බිය හැකියි. මුත්තා ගමන් කළේ අශ්ව කරත්තයකින්. රෝදවල කැටයම් කපා තිබුණා. මෑතක් වන තුරුම එය තිබුණා. ඒ සඳහා අශ්වයින් දෙදෙනක් ද සිටියා.
අශ්ව කරත්තය සදහා සිටි අශ්වයින් ගණන කොපමණද?
{ "answer_start": [ 761 ], "text": [ "අශ්වයින් දෙදෙනක්" ] }
d292c0f6-b366-454a-8381-f1dc9922a1b7
ලංකාව පාරාදීසයකි. ඒ පාරාදීසය තුළ තවත් පාරාදීස තිබේ. වැලිගම ධීවර ගම්මානයේ පිහිටි සුන්දර කලුකන්ද හවුස් යනුද තවත් එක් පාරාදීසයකි. ඩී. ගිබ්සන් නැමති කාන්තාවකගේ හිතේ පිළිසිඳුණු ආදරණීය සිහිනයක ප්‍රතිඵලය වූ කලුකන්ද හවුස් විලාව යනු සංචාරකයකුට සුවිශේෂ සුපිරි අත්දැකීමක් වනවාට කිසිදු සැකයක් නැත. දහසක් වැඩ රාජකාරි මැද්දේ කාර්යබහුල වන ජීවිතයේ සියලු විඩාවන් සන්තර්පනය කිරීමේ මහඟු වාසනා ගුණයක් කලුකන්ද හවුස් විලාවේ සහ අවට පරිසරයේ පවතී. වැලිගම ධීවර ගම්මානයේ සිරි විසිතුරු නැරඹීමට එන දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ටද පවුලක් ලෙස පැමිණ නවාතැන් ගන්නට කදිම පියසක් වන කලුකන්ද හවුස්හි දොරගුලු ඇරුණේ 2018 වසරේදීය. එතැන් පටන් මෙහි ආගිය අය අතර චිත්‍රපට පසුතල, ටෙලිනාට්‍ය, මියුසික් වීඩියෝ පසුතල, ඡායාරූප පසුතල සොයා ගිය පිරිස්ද බොහෝ වූහ.
කලුකන්ද හවුස් ආරම්භ කලේ කිනම් වසරේද?
{ "answer_start": [ 577 ], "text": [ "2018" ] }
409bb4ac-2626-42c7-a2e0-4299143be970
බොලිවුඩයේ ජනප්‍රිය සිනමා නිළියක් වන සුස්මිතා සෙන් සිය විවාහය මේ දිනවල සැලසුම් කරමින් සිටින බව සඳහන් වේ. මේ වනවිට සිය 43 වැනි විය ගෙවා දමමින් සිටින සුස්මිතා සෙන් රේමන් ෂාවල් නම් පුද්ගලයා සමගින් වසර කිහිපයක් තිස්සේ පෙමින් වෙළි සිටින බව සඳහන් වේ. කාලයක් සල්මාන් ඛාන්ගේ පෙම්වතියක්ව සිටි ඇය ලෝක රූරැජිණ කිරූළ දිනාගෙනද තිබේ. සුස්මිතා පවසන්නේ මේ වසරේදී තමා හා රේමන් අතර ප්‍රේම සම්බන්ධය බොහෝ දුරට විවාහයකට පෙරළෙන ලකුණු පවතින බවය. සුස්මිතා මේ වනවිට බොලිවුඩ් සිනමාවෙන් තාවකාලිව ඈත්වද සිටියි.
සුස්මිතා විවාහ වීමට සැරසෙන්නේ කා සමගද?
{ "answer_start": [ 161 ], "text": [ "රේමන් ෂාවල්" ] }
f2256c04-b081-48b5-890f-86a66b031652
ටයිටේනියම් සහ රත්‍රන් යන ලෝහ දෙක මිශ්‍ර කිරීමෙන් ඉතාමත් තද බවින් යුතු සුපිරි ලෝහයක් නිපදවීමට ඇමරිකාවේ හූස්ටන්හි රයිස් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇතැයි සයන්ස් ඇඩ්වාන්ස් සඟරාව වාර්තා කර තිබේ. ඇමරිකා භෞතික විද්‍යාඥයින් පවසන්නේ මෙම ද්‍රව්‍ය ටයිටේනියම් වලට වඩා හතර ගුණයක දැඩි බවකින් යුක්ත බවයි. මෙය ජීවී පටක වලට ඉතා හොඳින් ගැලපෙන ලෝහයක් නිසා වෛද්‍ය විද්‍යාත්මක කටයුතු වලදී යොදා ගැනීමට සුදුසු බවද ඔවුන්ගේ මතයයි. දණහිස් හා උකුල් සන්ධි සැත්කම් සඳහා මෙතෙක් යොදාගත් ලෝහ කොටස් අවුරුදු දහයකට වරක් මාරු කිරීමට වෛද්‍යවරුන්ට සිදු විය. ඒ සඳහා රත්‍රන් ඇලුමීනියම් මිශ්‍ර ලෝහය යොදාගතහොත් ජීවිතාන්තය දක්වා දිරාපත් නොවී පවතිනු ඇති බව පරීක්ෂණය සිදු කළ කණ්ඩායමේ මහාචාර්ය එමීලියා මොරොසන් පවසයි. එසේම ඇය පවසන්නේ දන්ත වෛද්‍ය කටයුතු වලදී ද විදීමේ යන්ත්‍ර සඳහා ද ක්‍රීඩා උපකරණ සඳහා ද මෙම නව ලෝහය ඉතා ප්‍රයෝජනවත් වනු ඇති බවයි.
සැත්කම් සඳහා මෙතෙක් යොදාගත් ලෝහ කොටස් කොපමණ කාලයකට වරක් මාරු කිරීමට සිදුවීද?
{ "answer_start": [ 483 ], "text": [ "අවුරුදු දහයකට" ] }
5540df48-41d6-471c-a1c4-d2b96d39cd8e
සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන් ඇතුළු 13 දෙනෙකු මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සහ භාවිත කිරීම ඇතුළු චෝදනා රැසකටයි. මුම්බායි සිට ගෝවා බලා ගමන් කරමින් තිබු නෞකාවක සංවිධානය කර තිබු මත්ද්‍රව්‍ය සාදයක් වටලා මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි, පොලිසියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන් තිදෙනෙකු වන බව ද සඳහන්. එම පිරිස සන්තකයේ තිබි, හසිෂ්, එම්ටී සහ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ වනවිට මෙම පිරිස රැඳවුම් භාරයේ තබා පොලිසිය ප්‍රශ්න කරමින් සිටින බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ. මුම්බායි සිට ගෝවා බලා පිටත්ව යන නෞකාවක මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වීමට නියමිත බව මුම්බායි පොලිසියට තොරතුරක් ලැබි තිබුණා. ඊට අනුව පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් එම නෞකාවට ගොඩවී ඇති අතර, නෞකා ගමන් ආරම්භ කිරීමෙන් අනතුරුව අදාළ සාදය ආරම්භ කර ඇති බව සඳහන්. එහි දී වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ.
ආර්යන් ඛාන් ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ කව්ද?
{ "answer_start": [ 74 ], "text": [ "මුම්බායි පොලිසිය" ] }
12bca218-4434-4ce0-9308-3c653aa6e010
මෙහි පිහිටි එක් දුම්රිය මාර්ගයක් මෑතක දී නිර්මාණය කළ අතර අනෙක් දුම්රිය මඟ කළු පාලම ලෙස හඳුන්වයි. එය බ්‍රිතාන්‍ය සමයේ ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය ආරම්භ වීමත් සමගම නිර්මාණය කරන ලද ප්‍රථම දැවැන්ත දුම්රිය පාලම වේ. වර්ෂ 1865 දී මෙම දුම්රිය මඟ නිර්මාණය කිරීමට පටන් ගත් අතර 1867 වන විට ප්‍රථම දුම්රිය මඟ නිර්මාණය කිරීමට පටන් ගත් අතර 1867 වන වන ප්‍රථම දුම්රිය මේ මතින් ධාවනය වුණි. මෙම දුම්රිය මහ වසර 150 ක් මුළුල්ලේ දකුණු වෙරළ බඩ සහ කැලණි වැලි දුම්රිය මාර්ග හැර අනෙක් සියලුම දුම්රියයන් ධාවනය කළ ලංකාවේ පැරණිතම සහ එකම දුම්රියපොළ වේ. කොළඹ කොටුවෙන් ලංකාවේ දසතටම දිව යන දුම්රිය සියල්ලන්ගෙන්ම සියයට අනූවක් පමණ දුම්රිය කළු පාලම උඩින් ධාවනය වන අතර එදා මෙදා තුර පාලම දැඩි ශක්තියකින් යුක්ත විය. තවද කළු පාලම මතින් කැලණි ගඟට පැන දිවි නසා ගත් පුද්ගලයන් සහ ආදරවන්තියන් බහුලය. මේ සියල්ල දරාගෙන කළු පාලම මතින් අදටත් යකඩ යකා ධාවනය කරයි.
අනෙක් දුම්රිය මඟ හඳුන්වන නම කුමක්ද?
{ "answer_start": [ 74 ], "text": [ "කළු පාලම" ] }
c267b280-4a99-45dc-af8c-eb031ff91752
ජනප‍්‍රිය ගායකයෙක් වූ එච්.ආර්. ජෝතිපාල ජීවත් වුණේ ඒ කාලේ ෆර්ත්රෝඩ් එකේ තමයි. ඔහුගේ පියා ඇඳුම් මසන්නෙක්. මව ඉස්පිරිතාලේ සේවිකාවක්. ඒ කාලේ තරුණ කොල්ලොත් එක්ක ජෝතිපාල හරිම එකතුයි. දෙමටගොඩ හිටපු බයි අප්පුගේ පුතා තමයි සංඝදාස මුදලාලි කියන්නේ. පුරසඳ ක‍්‍රීම් හවුස්, දෙමටගොඩ තෙල් පිරවුම්හල අයිතිකරු වූ සංඝදාසගේ ගජ මිත‍්‍රයකු තමයි එච්.ආර්. ජෝතිපාල. 1960 දශකයේ මුල් කාලයේ දෙමටගොඩ නාගරික ආසනයට ලංකා සමසමාජ පක්ෂයෙන් එක් තරුණයකු තරග බිමට එව්වා. ඔහු අනගාරික ධර්මපාලතුමාගේ මුණුපුරකු වූ අනිල් මුණසිංහයි. තරුණ අනිල්ට ඒ කාලේ දෙමටගොඩ කොල්ලෝ උදව් කළා. එච්.ආර්. ජෝතිපාල පස්සේ යූඇන්පියට ගියත් මුලින්ම අනිල් මුණසිංහට තමයි සහයෝගය දුන්නේ.
එච්.ආර්.ජෝත්පල එකල ජීවත් වූයේ කොහෙද
{ "answer_start": [ 57 ], "text": [ "ෆර්ත්රෝඩ් එකේ" ] }
6c1cf3a2-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සැකැස්මට සමාන ග්‍රහලෝක අටකින් යුත් සෞරග්‍රහ මණ්ඩලයක් සම්බන්ද තොරතුරු ප්‍රථම වරට අණාවරනය කරගැනීමට නාසා ආයතනය සමත්ව ඇත. ඔවුන් පවසන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2545ක් දුරින් පිහිටි ඩ්‍රැකෝ තාරකා මණ්ඩලයේ මෙය පිහිටා ඇති බවයි. සූර්යයාට වඩා විශාල සහ තරමක් වැඩි උෂ්ණත්වයෙන් යුත් කෙප්ලර් -90 ලෙස නම් තබා ඇති තරුව වටා ග්‍රහලෝක අටක් පරිභ්‍රමණය වන බව තාරකා විද්‍යාඥයින් පවසයි. ඔවුන් පවසන්නේ මෙය අප සෞරග්‍රහ මණ්ඩලයේම කුඩා ආකෘතියක් ලෙස හැඳින්විය හැකි බවයි. නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් සිදු කල ගවේෂණ වලින් හෙළිවූ කරුණු පදනම් කරගෙන මෙම අණාවරනය සිදුකර ඇත. දැනට සිදුකරන ගවේෂණ මගින් මේ සම්බන්ද තවත් බොහෝ තොරතුරු හෙළිකරගැනීමට හැකිවනු ඇතැයිද නාසා ආයතනය පවසයි.
අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සැකැස්මට සමාන ග්‍රහලෝක අටකින් යුත් සෞරග්‍රහ මණ්ඩලයක් සම්බන්ද තොරතුරු ප්‍රථම වරට අණාවරනය කරගැනීමට සමත් වූයෙ කුමන ආයතනය මගින්ද?
{ "answer_start": [ 119 ], "text": [ "නාසා ආයතනය" ] }
9d8541d0-c116-4467-b9fd-7ac68948147a
පැය පහකට පසු අවසානයේ පස් දෙනෙකු රැගත් යානය ගුවනට නැංවිණි. මංකොල්ලකරුට නොපෙනෙන ලෙස ෆයිටර් යානා දෙකක් පැහැරගත් බෝයිං යානයට ඉහළින් හා පහළින් පියාසර කෙරෙමින් යානය හඹා යමින් තිබිණි. නියමු කුටියට ගොස් එහි දොර ඇතුළතින් අගුලු දමාගෙන සිටින ලෙස මංකොල්ලකරු ගුවන් සේවිකා ටීනා මක්ලර්ට කියා සිටියේ එම අතරවාරයේදීය. පියාසැරිය අරඹා විනාඩි 20කට පසුව, එනම් රාත‍්‍රී අටට පමණ යානයේ පියගැට විවෘත කර තිබෙන බව අඟවමින් නියමු කුටියේ අනතුරු අඟවන රතු බුබුල දැල්වෙන්නට විය. එම සිදුවීමෙන් මඳ වේලාවක් ඉක්ම යන විට යානය තුළ වායු පීඩනය වෙනස් වූ බව ද නියමුවන්ට දැනගන්නට ලැබිණි. රාත‍්‍රී 8.13 සටහන් වූ අවස්ථාවේ යානයේ පිටුපස කොටසින් හදිසි ගැස්මක් ඇති විය. එවර යානයේ සමතුලිත බව ගිලිහී ගියෙන් නියමුවාට එය නැවත සකසන්නට පවා සිදුවිය. නමුත් දොර විවර කිරීම තහනම් නිසා නියමුවෝ ඔවුනට අණ ලැබුණු පරිදි යානය නෙවාඩා හි රෙනෝ ගුවන් තොට වෙත රැගෙන ගියහ. යානය ගොඩ බස්වන විට හමුදා සෙබළු හා එෆ් බී අයි ආයතනය මගින් යානය වට කරගත් අතර ඒ වන විටත් මංකොල්ලකරු අතුරුදන්ව සිටියේය.
නියමු කුටියට ගොස් එහි දොර ඇතුළතින් අගුලු දමාගෙන සිටින ලෙස මංකොල්ලකරු කිවේ කාටද ?
{ "answer_start": [ 246 ], "text": [ "ගුවන් සේවිකා ටීනා මක්ලර්ට" ] }
66c4eb2b-871f-4d60-a58c-bbb20fd00556
ලංකාවේ පවත්නා අභිචාරාත්මක ප්‍රතිකාර ක්‍රම අතර සූනියම් දෙවියන්ට අයිති එතුමාගේ ඇල්ම බැල්ම වැටෙන ගුරුකම් ශාන්තිකර්ම බොහෝ වේ. මේවා වෙස් මුහුණු භාවිත කරමින් නර්තනයේ යෙදෙමින් කරන, කිසියම් පුද්ගලයකුගේ කායික මානසික සුබසිද්ධිය අරමුණු කොට පවත්වන්නකි. දෙවියන් හෝ වෙනත් අදෘශ්‍යමාන බලවේග උදෙසා කරනු ලබන මෙම ශාන්තිකර්ම කෙනකුට අපල උපද්‍රව කිරීම සඳහා ද යොදා ගැනෙන බව මිනිසුන්ගේ අදහසයි. අප දන්නා පරිදි, භූත විද්‍යාව අනුව යකුන් සප්‍රාණික ජීව කොට්ඨාසයක් මෙන්ම අපවිත්‍ර අදෘශ්‍යමාන කොටසක් ලෙස සැලකේ. සෙසු කොටස් ලෙස සලකන්නේ, නාග, කුම්භාණ්ඩ, ප්‍රේත, පිසාච, භූත ආදී බලවේග වේ. මෙම බලවේග කොටස් කිහිපයකට බෙදේ. බාලිකාම, බිලිකාම, පුලුටු කාම, හන්තු කාම, රති කාම, ආදී වශයෙන් දැක්විය හැකිය.
භූත විද්‍යාව අනුව යකුන් යනු කව්ද?
{ "answer_start": [ 410 ], "text": [ "සප්‍රාණික ජීව කොට්ඨාසයක්" ] }
6436d20f-9780-413d-8802-50710df0c655
වාලිගේ මරණයට පසු, සුග්‍රීව කිසිකන්දාවේ රජ කිරුළ පැළඳුවේය. තම බිරිය වූ සීතා සොයාගැනීම සඳහා සුග්‍රීවගේ උපකාරය ලැබෙණු ඇතැයි ඔහු බලාපොරොත්තු වූවේය. ඒවන විටත් සීතා අතුරුදන්ව සිව් මසක් ගෙවී තිබිණි. මේ මුළු කාලයම වස්සානයට අයත් විය. අධික වැසි වැටෙන බැවින් මේ වස්සාන සමයේදී කිසිවෙකුටත් වනාන්තර ගතවීමට නුපුළුවන. සීතා කොහේ හෝ ගල්ලෙනක හිර වී සිටිනු ඇතැයි රාම කල්පනා කළේය. වස්සානය නිමා වූ වහාම ඇය සෙවීම යළි ආරම්භ කළ යුතු බවට රාම තීරණයක් ගෙන තිබිණි. එහෙත් සුග්‍රීව රජ වී තම මන්දිරයට ගිය පසුව ඔහු රාමට වූ පොරොන්දුව සහමුලින්ම අමතක කර දැමුවේය.
සුග්‍රීව රජ වී තම මන්දිරයට ගිය පසුව අමතක කරේ කා හට වූ පොරොන්දුවද?
{ "answer_start": [ 482 ], "text": [ "රාමට වූ" ] }
73b3d124-3a4d-4802-a7b1-aee8f37b2869
අංක 40 දරන දුම්රිය බිංගෙයි දිග මීටර් 40කි. අංක 40 දරන දුම්රිය බිංගෙය අවසාන වනවාත් සමගම සුප්‍රසිද්ධ අහස් නවයේ (ආරුක්කු නවයේ) දුම්රිය පාලම පිහිටා ඇත. අංක 41 දරන දුම්රිය බිංගෙය අංක 40 දරන දුම්රිය බිංගයේ සිට බදුල්ල දෙසට කිලෝ මීටර් 1 1/2 පමණ ගිය විට හමුවේ. අංක 43 දරන දුම්රිය බිංගෙය හාලිඇළ දුම්රිය ස්ථානය සහ බදුල්ල දුම්රිය ස්ථානය අතර පිහිටා ඇත. එසේම එය බදුල්ල දුම්රිය ස්ථානයට මඳක් ඈතින්, බදුල්ල දෙයියන්නේවෙල නම් ග්‍රාමයේය. මේ සෑම දුම්රිය බිංගෙයක්ම, එකක් අනෙකට වෙනස් වන අතර සෑම දුම්රිය බිංගෙයක්ම නිර්මාණය කර ඇත්තේ ප්‍රාථමික ක්‍රමෝපායන් උපයෝගි කරගෙන වීම විශේෂයකි.
අංක 43 දරන දුම්රිය බිංගෙය පිහිටා තිබ්බේ කොහෙද?
{ "answer_start": [ 278 ], "text": [ "හාලිඇළ දුම්රිය ස්ථානය සහ බදුල්ල දුම්රිය ස්ථානය අතර" ] }
93b925a7-5a9b-4ba1-8e95-9681f1aa51cf
වයස අවුරුදු 11 ට අඩු දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම සඳහා තවමත් සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිව නොමැති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා කියා සිටී. මෙම වයස් කාණ්ඩයේ දරුවන් සඳහා කොවිඩ් වෛරසය බලපාන ආකාරය වෙනස් මට්ටමක පවතින බව පර්යේෂණවලින් තහවුරු වී ඇති බැවින් ඔවුන්ට එන්නත් ලබාදීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු බව ඔස්ට්‍රේලියා අගමැතිවරයා පෙන්වා දේ. නිරෝගී කුඩා දරුවන්ට වෛරසය ආසාදනය වීමේ හැකියාව අඩු බවත්, ආසාදිත කුඩා දරුවන්ගෙන් වැඩිහිටියන්ට වෛරසය පැතිරීම ඉතා අවම මට්ටමක තිබෙන බවත් පර්යේෂකයන් සදහන් කරති. මේ නිසා බොහෝ රටවල් තවමත් ළමුන්ට එන්නත් ලබාදීමට අනුමැතිය දී නොමැත.
කොවිඩ් වෛරසය ආසාදන අවදානම අඩු කාටද?
{ "answer_start": [ 382 ], "text": [ "නිරෝගී කුඩා දරුවන්ට" ] }
8b8251aa-17d6-42f6-9682-9f1e65ac29df
නිරන්තරයෙන්ම රතු වර්ණ සළුවලින් සැරසී සිටින රීරි යකා පාන්දර, මධ්‍යහ්නයේ සහ හවස යන තුන්යාමයේම ලේවලට බැල්ම හෙළා සිටින්නෙකි. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට වැළඳෙන ලෙඩ රෝග රීරි යක් දෝෂය නිසා වැළඳෙන බව ග්‍රාමීය ජනතාවගේ විශ්වාසය වෙයි. මහාචාර්ය තිස්ස කාරියවසම් ගවේෂණය කළ ජනශ්‍රැති විද්‍යාවට අනුව රීරි යක් අවතාර දහයක් ජනප්‍රවාදයේ ප්‍රසිද්ධව ඇත. එනම් රීරි සමය, මරු රීරි යකා, අජරාෂ්ට්‍රපුර සයිරාෂට්‍ර රජුට දාව සංඛපාල බිසව කුස තනිපොල රීරි යකා, ලේතාලි බිසව කුස දළ රීරි යකා, අවකුම්භකාරියගේ ළය පළාගෙන වැදි රීරි යකා, ලේ මල් කෝවිලේ උපන් ලේ ගොපලු යකා, ගිනි කුමාරියගේ කුසේ උපන් පුලුටු රීරි යකා, කුවේණියගේ දිව කැපූ ලේ වලින් උපන් අවමංගල්ලේ රීරි යකා, විෂ්ණු විද්ද හීයෙන් වැටුණු ලේ වලින් උපන් විෂ්ණු රීරි යකා ඒ දහදෙනා වෙති.
රීරි යක් දෝෂය නිසා රෝග වැළදෙන්නේ කාටද?
{ "answer_start": [ 132 ], "text": [ "කාන්තා පාර්ශ්වයට" ] }
3eefcd08-69ad-47ba-bf7c-8819e25d4d0a
මම තුවක්කුව පසෙක තබා සර්පන්ට් වෙඩි දෙකක් හරි ඉලක්කයට ඇතා දෙසට දල්වා පුපුරවා හැරියෙමි. ප්‍රේමරත්න තන්ඩර් වෙඩි දල්වා ඇතා දෙසට විසි කළේය. ක්ෂණයකින් ඇතා බියවී පළා ගියේය. වලිග කොටා අමාරුවෙන් දෙපයින් සිට ගති. ඉක්බිතිව සිද්ධිය වනජීවි අධ්‍යක්ෂවරයාට දුරකථනයෙන් දැන්වූ විට එතුමන් නොපමාව නන්දන අතපත්තු පශු පර්යේෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා යාලට එවීය. නිර්වින්දන බෙහෙත ලද වලිග කොටා නුදුරුව පිහිටි ගල්තලාවට නැග ගති. නිර්වින්දන බෙහෙත ක්‍රියාත්මක වී එක්වරම ගල් තලාව මත ඇද වැටිණි. පශු වෛද්‍ය නිගමනය වූයේ උගේ හිස ගලේ හැපීම නිසා හිස් කබල පුපුරා යාමෙන් මියගිය බවය.
පශු පර්යේෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ගේ නම කුමක්ද?
{ "answer_start": [ 277 ], "text": [ "නන්දන අතපත්තු" ] }
9baac9e6-1837-4086-af3f-d493ebab9877
අම්බලන්ගොඩ වෙස් මුහුණු කලාව ආරියපාල ගුරුන්නාන්සේගේ පරපුර සහ ගුණදාස ගුරුන්නාන්සේගේ පරපුර වශයෙන් දෙපාර්ශ්වයක් විසින් මතු පරම්පරාව සඳහා පවත්වාගෙන ගොස් තිබේ. එහෙත් මේ වන විට වෙස් මුහුණු කලාවේ නියැළෙන්නේ ආරියපාල ගුරුන්නාන්සේගේ පරපුර පමණි. විවිධ සමාජීය ගැටලු හා දුෂ්කරතා හේතුවෙන් ගුණදාස ගුරුන්නාන්සේගේ පරපුර වෙස් මුහුණු නිර්මාණ ශිල්පය වෙතින් දුරස් වී ඇත. අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තයේ පුරෝගාමියකු සහ ආරියපාල ගුරුන්නාන්සේගේ පුතෙකු වන ජේ.ඩබ්ලිව්. භද්‍රානන්ද විජේසූරිය මහතා මෙසේ කීය. වෙස් මුහුණු කැපීමට ගන්නා එකම ලීය වන්නේ කදුරු ලීයයි. ඒ ලීයෙන් වෙනත් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැහැ. අවම වශයෙන් ළිපට දරටවත් දමන්න බැහැ. කිසි කෙනෙක් වුවමනාවෙන් කදුරු ගසක් වවන්නේ නැහැ. වැට මායිම්වලටයි සිටුවන්නේ.
දැනට වෙස් මුහුණු කලාවේ නියැලෙන්නේ කුමන ගුරුන්නාන්සේගේ පරපුරද?
{ "answer_start": [ 199 ], "text": [ "ආරියපාල ගුරුන්නාන්සේගේ" ] }
592cbfeb-5fbe-4aa9-bee5-ad78d6ac7e70
සපුමල් කුමාරයාට කෝට්ටේ සිංහාසනය හිමිවූයේ කවර සිද්ධි නිසා වුවත් ඔහු මුළු දිවයිනේ මහරජු වූ පසු යාපනේ ජයග්‍රාහකයා වශයෙන් සිංහල මිනිසුන් අතර ඔහු ලබාගෙන සිටි සම්මානය ඔහුට ඔවුන්ගේ අඛණ්ඩ පක්ෂපාතිත්වය සහතික කිරීමට පොහොසත් නොවීය. කළුගඟ සහ වළවේ ගඟ අතර පිහිටි මුළු රටම පස්දුන් කෝරළේ කැලණිදොළ ශ්‍රී වර්ධන පතිරාජ කූරගම හිමි යන ප්‍රධානීන් දෙදෙනාගේ නායකත්වය යටතේ බුවනෙකබාහු රජුට විරුද්ධව අවිගෙන නැගී සිටියෝය. රාජාවලිය සිංහල පෙරළිය යැයිද දැදිගම සෙල්ලිපිය සිංහල සංගේ (සිංහලයන්ගේ සටන) යැයිද මේ කැරැල්ල හඳුන්වයි. මේ නම්වලින් හැඟෙන්නේ එය පියපසින් මලයාලි පෙළපතකට අයිති පාලකයකුට විරුද්ධව ජාත්‍යානුරාගී හැඟීම් නිසා පැන නැගුණු කැරැල්ලක් බවයි.
රාජාවලිය මේ කැරැල්ල හඳුන්වන්නෙ කෙසේද?
{ "answer_start": [ 403 ], "text": [ "සිංහල පෙරළිය යැයිද" ] }
5df8a53d-6629-4c2b-b589-94e7d4e25a33
ශෝකී අවස්ථාවක් අන්‍යයන්ට කියන විට තමා තුළද ශෝකයක් ඇතිවෙයි. මරණයක් දැනුම් දීම පවා පැරැන්නා විශ්වාශ කළේ අසුභ, මෙන්ම වැරදි ක්‍රියාවක් ලෙසටයි. මේ සඳහා පැරණි ජනරූප සංජානනයේ අක්ෂරයක් නිර්මාණය කළෝය. මෙය පුරාණ සිංහල හෝඩියේ හෝ බ්‍රාහ්මී අක්ෂර හෝඩියේ නැති එකකි. මළ පොත අකුර යනු මරණයක් දැනුම්දීමට පුරාණයේ තල්පත් ඉරුවක ලියූ මෙම අකුරයි. වර්තමාන සම්මතය අනුව ආදාහනය යනු මළ සිරුරු දැවීමයි. සංස්කෘත භාෂාවෙන් එන මෙම ආදාහන ශබ්දය පාලියෙහි එන ආළහන ශබ්දය අනුව හැඩගැසීමෙන් "ආදාහන"යි සිද්ධ වූ බව සඳහන්ය. දහනය යනු දැවීමයි. ආදාහනය ඉතා පුරාණයේ පටන් පැවැත එන්නක් බවට සාක්ෂි තිබේ. ආදාහනයේ කතාව හෙවත් සුසාන චාරිත්‍ර ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවැත එන බව රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා විසින් කරණ ලද පර්යේෂණවලින්ද පැහැදිලිය.
මළ පොත අකුර යනු කුමක්ද?
{ "answer_start": [ 268 ], "text": [ "මරණයක් දැනුම්දීමට පුරාණයේ තල්පත් ඉරුවක ලියූ මෙම අකුරයි" ] }
b62d2dc4-af6d-4eb7-b74e-16edb10bd627
මේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ‍ගර්භයේ කුහර හෝ පස් පිරවීමකින් තොරව සම්පූර්ණයෙන්ම ස්ථූප ගඩොලින් නිර්මාණය කරන බව තමයි කියන්නේ. ස්ථූප ගඩොලයක් කියන්නේ අඟල් 16ක් දිග අඟල් 8ක් පළල අඟල් 2ක ඝනකමින් යුත් ගඩොලයක්. ඒ ගඩොලය සාමාන්‍ය ඉංජිනේරු ගඩොල් 4කින් පමණ විශාල ගඩොලයක්. මේ සෑය සම්පූර්ණයෙන්ම නිමවන්න ස්ථූප ගඩොල් කෝටි දෙකහමාරක් වැය වෙනවා. සිමෙන්ති කොට්ට එක්ලක්ෂ අසූදාහකට වැඩි ප්‍රමාණයක් වැය වෙනවා. වැලි කියුබ් පහළොස්දාහක් පමණ වැය වෙනවා. අළු හුණු වැය වෙනවා කිලෝ එක්කෝටි දාසය ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක්. ප්‍රාකාර බැම්ම ඉදිවෙන්නේ ගල් කැටයම් 170කින් සමන්විත ප්‍රාකාර බැම්මක් විදිහට. වෙස්සන්තර ජාතකය ඇතුළු පන්සිය පනස් ජාතක කථා එහි නිර්මාණය කරන්න අදහස් කරලා තියෙනවා.
මෙම සෑය සදහා වැයවන මුළු ස්තුප ගඩොල් ගණන කොපමණද ?
{ "answer_start": [ 288 ], "text": [ "ස්ථූප ගඩොල් කෝටි දෙකහමාරක්" ] }
5141b756-8a14-4d96-83a6-b33b53a3902e
ඇෆ්ගන් තලේබාන් නියෝජිතයන් කණ්ඩායමක් සහ චීන විදේශ අමාත්‍ය වැංග් යී අතර හමුවක්, උතුරුදිග චීනයේ ටියැංජියැං නගරයේ පැවැත්විණි. තලේබාන් සාමාජිකයන් නව දෙනකුගෙන් සමන්විත එම නියෝජිත කණ්ඩායම, දෙදින නිල සංචාරයක් සඳහා උතුරු දිග චීනයට පැමිණ ඇත්තේ පාකිස්තානය හරහා පාකිස්තාන රජයේ ද විශේෂ අනුග්‍රහයක් යටතේ ඇයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. තලේබාන් සාමාජිකයන් සහ චීනය අතර යහපත් සබඳතා ඇති කිරීමේදී නිල නොලත් මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ පාකිස්තානයයි. ඇෆ්ගන් සංග්‍රමය අවසන් කරමින්, ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා මේ වනවිට ඇෆ්ගනිස්තානයෙන් පිටවීම ආරම්භ කර තිබේ. විදෙස් හමුදා පිටවී යන්නේ ඇෆ්ගන් තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය අතර සාම වැඩපිළිවෙළකට මඟ සකස් කර දීමෙන් ද පසුවය. කෙසේ නමුත්, මේ වනවිට තලේබාන්වරුන් ඇෆ්ගන් වැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කර ඇතැයි පැවැසෙයි.
කොපමණ දින ගණනක් සංචාරය පැවත්වුනිද?
{ "answer_start": [ 182 ], "text": [ "දෙදින නිල සංචාරයක්" ] }
4d515768-81e9-4a3c-9446-684ec8b2e25c
පැය පහකට පසු අවසානයේ පස් දෙනෙකු රැගත් යානය ගුවනට නැංවිණි. මංකොල්ලකරුට නොපෙනෙන ලෙස ෆයිටර් යානා දෙකක් පැහැරගත් බෝයිං යානයට ඉහළින් හා පහළින් පියාසර කෙරෙමින් යානය හඹා යමින් තිබිණි. නියමු කුටියට ගොස් එහි දොර ඇතුළතින් අගුලු දමාගෙන සිටින ලෙස මංකොල්ලකරු ගුවන් සේවිකා ටීනා මක්ලර්ට කියා සිටියේ එම අතරවාරයේදීය. පියාසැරිය අරඹා විනාඩි 20කට පසුව, එනම් රාත‍්‍රී අටට පමණ යානයේ පියගැට විවෘත කර තිබෙන බව අඟවමින් නියමු කුටියේ අනතුරු අඟවන රතු බුබුල දැල්වෙන්නට විය. එම සිදුවීමෙන් මඳ වේලාවක් ඉක්ම යන විට යානය තුළ වායු පීඩනය වෙනස් වූ බව ද නියමුවන්ට දැනගන්නට ලැබිණි. රාත‍්‍රී 8.13 සටහන් වූ අවස්ථාවේ යානයේ පිටුපස කොටසින් හදිසි ගැස්මක් ඇති විය. එවර යානයේ සමතුලිත බව ගිලිහී ගියෙන් නියමුවාට එය නැවත සකසන්නට පවා සිදුවිය. නමුත් දොර විවර කිරීම තහනම් නිසා නියමුවෝ ඔවුනට අණ ලැබුණු පරිදි යානය නෙවාඩා හි රෙනෝ ගුවන් තොට වෙත රැගෙන ගියහ. යානය ගොඩ බස්වන විට හමුදා සෙබළු හා එෆ් බී අයි ආයතනය මගින් යානය වට කරගත් අතර ඒ වන විටත් මංකොල්ලකරු අතුරුදන්ව සිටියේය.
පස් දෙනෙකු රැගත් යානය ගුවනට නැංවුණේ පැය කීයකට පසුවද ?
{ "answer_start": [ 0 ], "text": [ "පැය පහකට පසු" ] }
1effcf29-0b1f-4beb-b3d5-b92b21e601c3
නිර්මාල්ටත් වත්සලාටත් උපාලි මාමාගේ ආරාධනය ඉමහත් සතුටට කරුණක් විය. තමන්ට ඉන්න හිටින්නට හරිහැටි ගෙයක් දොරක් නොමැති නිසා ආර්ථිකයෙන් මිරිකෙමින් සිටි ඔවුන්ට පිපාසයට දිය දෝතක් ලැබුණා හා සමාන විය. අවමංගල වැඩකටයුතු අවසන් වී හත් දවසේ බණටත් දානයටත් උපාලි මාමාගේ නිවසේ නතරව සිටි සැවොම පිටත් වූහ. නිර්මාල්ද වත්සලා සමඟින් පිටත් වීමට පෙර උපාලි මාමාට පැවසුවේ තවත් සති දෙකකින් තමන් මෙම නිවසේ නතර වීමට පැමිණීමට අදහස් කරන සිටින බවය. නිර්මාල් හා වත්සලා තමන්ගේ බඩු බාහිරාදිය ද රැගෙන උපාලි මාමාගේ නිවසේ නතර වීමට පැමිණියෝය. නිවස අස්පස් කර බඩු බාහිරාදියද පිළිවෙළට තැබීම වත්සලා අතින් සිදුවිය. පසුදින සිට ඔවුන් තිදෙනාට උයා පිහා නිවසට වී වැඩක් පළක් කිරීම වත්සලාගේ පුරුද්දක් විය. උපාලි මාමාද හවස් වරුවේ නිවසට පැමිණ ඔහුගේ කාමරයටම වී කාලය ගෙවයි. කෑම වේලාවට පමණක් කාමරයෙන් එළියට එන ඔහු කිසිවකුත් සමඟ කතා බහා නොකරන්නේය. ඒ ඔහුගේ හැටිය.
නිවස අස්පස් කිරීම සිදු වූයේ කාගේ අතින් ද?
{ "answer_start": [ 547 ], "text": [ "වත්සලා අතින්" ] }
34bbd7cc-3fea-450e-bb1e-d903ce5e6b79
සැබැවින්ම මේ ඉඩම් කොටස අක්කර 68කි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යුද සමයේ මේ ඉඩම් ආරක්ෂා කිරීමට තිබූ ගැටලුව නිසා වන ආඥාපනතේ 67 වන වගන්තියෙන් එහි ආරක්‍ෂාව යුද හමුදාව වෙත පවරා තිබුණි. නිදහස් කිරීමට සූදානම්ව තිබුණේ ඒ ඉඩම්ය. මීට වසර දහයකට පෙර අම්පාර දිසා වන නිලධාරි ලෙස කටයුතු කළ ලලිත් ගමගේ මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඔහු පෙන්නා දුන්නේ මේ කියන පල්ලෙකාඩුව ඉඩම් සම්බන්ධයෙන් රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව කට්ටි සැලසුමක් ද සකස් කර තිබූ බවයි. මේ ආකාරයට ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පානම ශාස්ත්‍රවෙල පන්සලට අයිති ඉඩමක් ඒ ප්‍රදේශයේ හමුදා කඳවුරක් ඉදිකිරීමට අත්පත් කරගෙන තහනම් කලාපයක් කළ පසු පොතුවිල් ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකු විසින් අල්ලා ගත් බවට පානම වැසියෝ චෝදනා කරති. සිංහල ජනතාවට තමන් භුක්ති විඳි ඉඩම්වලට යන්නට ඉඩ නොදී මුස්ලිම් ජනතාවට ඒ ඉඩම් දෙන බව පානම වැසියන්ගේ චෝදනාව විය.
පානම ශාස්ත්‍රවෙල පන්සල අයිති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුමක්ද?
{ "answer_start": [ 454 ], "text": [ "ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය" ] }
66ca54da-0a06-4296-8f5f-c5c1edafa006
1996 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව උතුරු මෙල්බර්න් ක්‍රිකට් සමාජයට එක් වෙන්න කියලා ආරාධනාවක් ලැබුණා. වසර තුනක ගිවිසුමකට අනුව ක්‍රිකට් ක්‍රීඩා කරන්නයි තිබුණෙ. මුලින්ම නම් මෙහි ආවේ ඒ වෙනුවෙන්. මගේ බිරිඳ කුෂ්ලානි. අපි දෙදෙනාට පුතකු හා දියණියක සිටිනවා. දුව මේ වසර අන්තිමට විවාහ වීමට සූදානමින් ඉන්නේ. පුතා තව වසරකින් විතර විවාහ වේවි. එයාලා හොඳට ජීවිත ගත කරනවා. අද මමයි බිරිඳයි ගෙදරට වෙලා සුපුරුදු විදිහට අපි ආදරෙන් ඉන්නවා. පුතා කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කළා. පසුව එයා ක්‍රිකට් නැවැත්තුවා. ඒකටත් හේතුව වුණේ පුතාගේ දක්ෂතා දිහා බැලු‍වෙ මාව සැසඳීම් කරලයි. එහෙම දක්ෂතා මනින එක සුදුසු නැහැනෙ. කොහොම වුණත් එයා ආර්ථික කටයුතු අංශයෙන් වැඩිදුර ඉගෙනගෙන එම අංශයේ රැකියාවක නිරත වෙනවා. දියණිය මෙහේ ප්‍රකට වෙළෙඳ නාමයක විලාසිතා ශාඛාවක් අරගෙන එය කළමනාකරණය කරනවා.
එක් වන ලෙස ආරාධනය ලැබුණේ කුමන සමාජයටද ?
{ "answer_start": [ 33 ], "text": [ "උතුරු මෙල්බර්න් ක්‍රිකට් සමාජයට" ] }
76a63bea-bdb9-43db-beb6-b59fdc3c324c
වසරක් ගතවිණි. පියාගේ වෙෙළඳසලට නුදුරුව ජීවත්ව සිටි තරුණ යුවළකට පුතෙකු ලැබිණි. එම දරුවාගේ උපතින්ම පිටුපස පැහැදිලි උපන් ලපයක් පිහිටා තිබිණි. ඒ අතර ඔහුගේ ලිංගේන්ද්‍රිය ද අස්වාභාවිකව පිහිටා තිබිණි. කිසියම් සැත්කමක් සිදුකර ඇති බවක් එමගින් දක්නට ලැබිණි. එම දරුවා බහතෝරන වියට පත්විය. වයස අවුරුදු දෙක හමාරක්ව සිටිය දී නිවසට නුදුරුව තිබූ පොකුණ අසලින් දෙමාපියන් සමග ගමන් කරමින් සිටියේය. ඒ අසල රැස්ව සිටි පිරිසක් අතරින් දරුවෙකු දියේ ගිලී මරණයට පත්වූ පුවතක් සාකච්ඡා කැරිණි. එය ශ්‍රවණය වූ දරුවා මව දෙසට හැරුණි. එයත් මං වගේ. එයත් මං වගේ යයි පැවසීය. දියේ ගිලී මරණයට පත්වූ දරුවෙකු ඔහු වගේ යයි තම දරුවා පැවසීම පිළිබඳව මවිතයට පත්වූ මව ඔයා කොහොමද ඒ වගේ මැරුණේ “ඔයා ජීවත්ව ඉන්නවානේ” යයි කීවාය. නැහැ මම මැරුණා යයි දරුවා ක්ෂණිකවම කීවේය.
ඔයා කොහොමද ඒ වගේ මැරුණේ “ඔයා ජීවත්ව ඉන්නවානේ” යයි මව පැවසූ විට දරුවා පැවසුවේ කුමක්ද?
{ "answer_start": [ 674 ], "text": [ "නැහැ මම මැරුණා යයි" ] }
56d96cf3-ccc4-4a79-a3e5-d47d3d358e5f
ලංකාවේ කඳු නගින්නන් අතර තරමක් ප්‍රචලිත කඳු රාශියක්ම බෙලිහුල් ඔය සිට බදුල්ල දක්වා ඇති අතර බොහෝ විට ළඟාවීමේ පහසුව සහ සිත් පිනා යන දර්ශන පථයක් තිබීම ඊට හේතුව විය හැක. නමුත් මෙම ප්‍රදේශය මධ්‍යම කඳුකරයේ බෑවුම නිසාවෙන් බොහෝ විට වියළි කාලගුණයක් උසුලයි. එම නිසාම වසරකට වතාවක් මෙම කඳු ස්වභාවික ලෙස ගිනි ගැනීම හෙවත් ලැව්ගිනි ඇති වීම සිදුවේ. විශේෂයෙන්ම හාවාගල, පරවියන්ගල, වංගෙඩිගල කඳු පන්තිය, බෙරගල, උඩදියලුම, ඇල්ල කන්ද, ලුනුබිස්ස, නාරංගල, උඩවේරිය සහ අවශේෂ කුඩා කඳුවල පවතින අධික මාන පඳුරු නිසාවෙන් බොහෝ කාලයක් මුළුල්ලේ පායන විටදී තද අව් රශ්මියට ස්වභාවිකවම ගිනි ගැනීමක් ඇති වේ. මීට දෙමසකට පෙර අපි වංගෙඩිගල ආශ්‍රිත කඳු පන්තිය ගිනිගන්නා ආකාරය දුටු අතර ඊටත් පෙර ගිනිගත් උඩ දියලුම, පරවියන්ගල වැනි කඳු දැක ඇත්තෙමු. තවද කලාතුරකින් විය හැකි තවත් සිද්ධියක් නම් මිත්‍යා විශ්වාසවල එල්බ සිටින ගම්මුන් වර්ෂාව අපේක්‍ෂාවෙන් මෙලෙස ලඳු කැලෑ ගිනිබත් කිරීමය.
මාන පඳුරු ස්වභාවිකවම ගිනි ගැනීමක් ඇති වන්නේ ඇයි?
{ "answer_start": [ 520 ], "text": [ "තද අව් රශ්මියට" ] }
5539b2d2-5291-4b7a-96b7-58314553d12a
එම විමර්ශනවලට සහාය දක්වමින් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ව්‍යවස්ථා අධිකරණය සූමාට දන්වා තිබුණි. කෙසේ නමුත් සූමා අධිකරණය හමුවේ පෙනී සිට නැත. අධිකරණය හමුවේ පෙනී නොසිටීමෙන්, අධිකරණයට අපහාස කළේ යැයි දකුණු අප්‍රිකා ව්‍යවස්ථා අධිකරණය, සූමාට මාස 15 ක සිරදඩුවම් නියම කළේය. දින 5 ක් ඇතුළත පොලිසියට බාර වන ලෙසත් එසේ නොකළොත් සූමා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කළ යුතු බවත් අධිකරණය නියෝග කර තිබුණි. 79 හැවිරිදි සූමා, දකුණු අප්‍රිකාවේ 4 වැනි ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ ජනාධිපතිවරයාය. අප්‍රිකා ජාතික කවුන්සිලයට නායකත්වය දෙමින් 2009 ජනාධිපතිවරණයෙන් ජයගත් සූමා, 2018 පෙබරවාරි 14 වැනිදා තෙක් ජනාධිපති ධුරය හෙබවීය.
දකුණු අප්‍රිකා ව්‍යවස්ථා අධිකරණය, සූමාට සිරදඩුවම් නියම කළේ කොපමණ කාලයකටද?
{ "answer_start": [ 235 ], "text": [ "මාස 15 ක" ] }
3c002b9a-5395-4b1f-98f8-b736dcfdee19
දෙවිඳුන් පිහිට පතන සැම පය ගසා සිටිනුයේ මේ පොළොව මතයි. සැබැවින්ම පොළොව ගැන දන්නේ මොනවාද? මේ පොළොව ගැන දන්නා තොරතුරු අතර නොදන්නා තොරතුරුයි. පොළොව ජීව බලය ලබා දේ. ආකර්ෂණය හිමි කරදෙයි. එය එකම කාන්දම් ගුලියකි. පොළොව අරමුණු කරගන සිත මෙහෙයවෙන්නේ නම්, එමගින් කාන්දම් බලය ශක්තිය ලැබීමට පුළුවන්. නිරෝගී ශරීරයකට අම්ලකර ජලකර වායු අවශ්‍යයි. එය, ආශ්වාස වායුවේත්, සිසිල් ජලයේත්, හිරුගේත්, සඳුගේත් පොළොවේත් පවතියි. විශ්වාසය පදනම් කරගත් දෙවිඳුන්ගේ පිහිට ලැබීමට නම් හිරු රැස්, සඳ රැස් නාන්න. එම රැස් ශරීරයට ප්‍රවේශ කිරීමෙන් ජීවන ශක්ති දෙවර්ගයක විදුලි ධාරා හිමි වෙයි. ශරීරයට සුළඟ කාවද්දන්න. එය ශරීරයට ප්‍රාණ වායුවේ මූලික සිද්ධාන්තයන් හිමි කර දෙයි. පිරිසිදු ජලය පානය කරන්න. ජලයෙහි සියලු අමරණීය බලයන් අඩංගු වේ. එය මානසික දියුණුව ලබා දෙයි. එය වෙදැදුරෙකි. නිරෝගී බව සහ අමරණීය බව පිරිනමයි. පෘතුවි ගෝලය තුළ විශ්වාසය පදනම් කර ගනිමින් පවත්නා නොපෙනෙන ශක්තීන් පිළිබඳ පවත්නා කැපවීම හිමි තැනැත්තා දේව කරුණාවට පළමුව ලක්වෙයි. දුක, සැප වෙනස්ව විඳින මිනිසුන් දෙකොටසක් මේ පෘතුවිය තුළ සිටිනුයේ විශ්වාස කිරීම සහ විශ්වාස නොකිරීම යන කරුණ හේතුවෙනුයි. මේ අනුව විශ්වාසය ආශ්වාස කිරීම ලෙසත් විශ්වාස නොකිරීම ආශ්වාස නොකිරීම ලෙසත් ගත හැකියි.
ජලයේ අඩංගු බලයන් මොනවාද
{ "answer_start": [ 667 ], "text": [ "අමරණීය බලයන්" ] }
63bf55e3-6d28-4804-b8b3-9c2d994d72b6
බලාපොරොත්තු වූවාට වඩා දැඩි බෑවුම් සහිත අසීරු මාර්ගය දුෂ්කර වුවත් මීදුමෙන් පිරුණු ගැරඩිගල කන්ද මුදුනට ගිය විට දැනුණේ කියා නිම කරන්නට බැරි සතුටක් වගේම ගතට දැනුණේ අපූරු වූ අශ්වාදයකි. අංශක 80 කඳු බෑවුමකින් පිහිටා තිබෙන ගැරඬි ඇල්ල තරණය කිරීම හිතපු තරම් සුන්දර නැතත් මා තරණය කර ඇති කඳු අතුරින් සුන්දරම කඳු තරණය ගැරඬි ඇල්ලයි. කෙහෙල්පන්දෝරුව, යහන්ගල, මීමුරේ, ලකේගල ඇතුලු සුන්දරත්වයේ පරතෙරටම ගිය සොබාව සෞන්දර්යන් දායාද රැසක් දරාගෙන සිටින මේ උඩුදුම්බර අහස යට සැඟවුණු ගැරඬි ඇල්ල සැබැවින්ම දෑස්වලින් විඳිය යුතු අතිශය මනරම් රමණීය දර්ශනයකි. ගැරඬිගල ඇලි දාමයේ ඇලි සියල්ලම ඉතාම රමණීයයි.
උදුම්බර අහස යට ඇති වෙනත් සුන්දර ස්ථාන මොනවාද
{ "answer_start": [ 319 ], "text": [ "කෙහෙල්පන්දෝරුව, යහන්ගල, මීමුරේ, ලකේගල" ] }
c3b2887a-6303-4dbf-a235-c33805efca46
මත්ද්‍රව්‍යවලට යොමුවූවකු පමණක් නම්, ෆේස් බුක් සාදවලට යොමුවූවකු පමණක් නම් තවමත් ඒවාට ඇබ්බැහිවන මට්ටමට ගොස් නැති නම් එවැන්නෙක් දැනුම්වත් කිරීමෙන් හා දෙමාපිය වැඩිහිටියන් අවබෝධයෙන් කරන මැදිහත්වීමකින් ගලවා ගත හැකිය. එහෙත් මේවාට ඇබ්බැහි වූවන් ගලවා ගැනීම පහසු නැත. ෆේස්බුක් සාදවලට ඇබ්බැහි වීම යනුද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමක්මය. මන්ද ඒවාට ඇදී එන්නේ නටන්න ගයන්න තිබෙන කැමැත්ත නිසා වගේම මත්පෙතිවලට ඇති ලොල්බව නිසාය. මත්පෙති නොවන්නේ නම් නැටුමක් ගැයුමක්ද නැත. ඒ නිසා මෙම සාදවලට ඇබ්බැහිවීම යන්නෙන් අදහස් වන්නේද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමම යන්න නිසා අප මෙතැන් සිට පොදුවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමෙන් ගලවා ගැනීම යන අදහස ඇතිව මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නෙමු.
පහසු කටයුත්තක් නොවන්නේ කුමක්ද ?
{ "answer_start": [ 217 ], "text": [ "මේවාට ඇබ්බැහි වූවන් ගලවා ගැනීම" ] }
cc8c1e9f-d12c-4e54-b090-9068f4f4321d
මේ හේතුව නිසා සැකකරුවන් කිසිවෙක් තමන් කරන්නට ගිය දේ ගැන සම්පූර්ණ අදහස් දන්නේ නැත. හැමවිටම මේ එකිනෙකා අතර සම්බන්ධතාවය බිඳ දැමීමෙන් එක් අයෙක් අත්අඩංගුවට ගැණුන ද අනෙකා අල්ලා ගැනීම පහසු නොවේ. විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට සිදුව තිබෙන්නේ එක් එක් සැකකරුවන්ගේ ප්‍රකාශ අනුව කතාව අමුණා ගැනීමටය. විවිධ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් ඒ ඒ අවස්ථාවල මේ එකිනෙකා සමඟ සම්බන්ධ වූ පුද්ගලයන් ගැන සෙවීමේ දුෂ්කර කාර්යයක යෙදීමට විමර්ශන නිලධාරීන්ට සිදුවිය. මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළිවී ඇති කරුණු අනුව රනිල් ආටිගල මහතාගේ නිවසට වෙඩි තබා තිබෙන්නේ කිසිවකුට හානියක් නොවන පරිදි ෙවන අතර එහි අරමුණ වී තිබෙන්නේ බියගැන්වීම පමණකි. මෙය ඉන්දියාවේ සිටින අංගොඩ ලොක්කාගේ ගෝලයකු වන ලඩියාගේ ඕඩරයක් මත සිදුව ඇති අතර එය සිදුකර තිබෙන්නේ ඔවුන් අතර පැවති පෞද්ගලික ආරවුලක් මත බවය. දහනව වැනිදා වෙඩි තැබීමට පෙර පහළොස් වැනිදා ලඩියාගේ බිරිඳගේ ගිණුමෙන් ජෙරම්ට ලක්ෂයක මුදලක් ලැබී තිබෙන බව ද හෙළිදරව් වී තිබේ. එසේම පොඩි සුදුවා ඝාතනයෙන් පසු මෙම සැකකරුවන් සිව්දෙනාම හෝමාගම හෝටලයකට ගෙන්වා සාදයක් පවත්වා ඇති බව ද තොරතුරු අනාවරණය වී තිබේ.
ලඩියා කාගේ ගෝලයෙක්ද?
{ "answer_start": [ 625 ], "text": [ "අංගොඩ ලොක්කාගේ" ] }
5a7878b7-d87d-4de3-8fbc-13a89baef013
ක‍්‍රි.ව. 9 දී පමණ අරාබි විද්‍යාඥයකු වූ අබුල්කසිස් විසින් තොල් ආලේපන ඝන ද්‍රව්‍යයක් වශයෙන් නිපදවන ක‍්‍රමය සොයාගනු ලැබිණි. බටහිර ලෝකයේ කාන්තාවගේ සුන්දරත්වය හා ලිංගිකත්වය පෙන්වන ප‍්‍රබල සංකේතයක් ලෙස තොල් ආලේපන හැඳින්විය හැකි වුවද, රතු පැහැති තොල් ආලේපන භාවිත කිරීමට එරෙහිව බටහිර ලෝකය විසින්ම තහංචි පැනවූ අවස්ථාද නැතිවා නොවේ. තොල් ආලේපන අඳින දශකය, සියවස හෝ කලාපය අනුව ඒවායේ අර්ථය විවිධ විය. කලෙක එයින් සමාජ තත්ත්වය හා ධනය පෙන්නුම් කෙරිණි. ක‍්‍රිස්තියානි දහම පුළුල්ව ප‍්‍රචලිත වූ මධ්‍යතන යුගයේදී තොල් ආලේපන ඇතුළු සියලුම ආකාරවල මේකප් පල්ලිය විසින් තහනම් කරන ලදී. තොල් රතු කිරීම යක්ෂ වන්දනාවේ සංකේතයක් ලෙස සැලකුණ අතර තොල් පාට කරන්නියන් මායාකාරියන් ලෙස සැලකිණි. ගණිකාවන් හැරුණු විට ආත්ම ගරුත්වයක් ඇති කාන්තාවන් එකල තොල් පාට කිරීමේ නොයෙදිණ. එසේ නමුදු 16වැනි සියවසේදී එංගලන්තයේ එළිසබෙත් රැජිනගේ පාලන කාලයේදී තොල් ආලේපන නැවත ජනප‍්‍රිය විය. නමුදු තොල් පාට කිරීමේ අවසරය වංශවත් කතුන්ට හා වේදිකා නළු නිළියන්ට පමණක් සීමා විය.
නමුදු තොල් පාට කිරීමේ අවසරය සීමා වූයේ කාටද?
{ "answer_start": [ 858 ], "text": [ "වංශවත් කතුන්ට හා වේදිකා නළු නිළියන්ට" ] }
e5a8689d-1f39-4e31-a013-e351f4036f78
වසර දෙකකින් එනම් 2023 දී බහු පාක්ෂික මැතිවරණයක් පැවැත්වීමට තමන් ප්‍රතිඥා දෙන බව, නායිකා අවුන් සාන් සූ කී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකයන් අත්අඩංගුවට ගනිමින්, හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලාගත් හමුදා ජනරාල් මින් අවුන් හෙයින් පවසා තිබේ. හමුදා ජනරාල්වරයාගේ මෙහෙයවීමෙන් මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවූයේ පසුගිය අප්‍රේල් පළමු වැනිදාය. බලය අල්ලා ගැනීමෙන් පසු, මියන්මාර ප්‍රජාතාන්ත්‍රික නායිකා අවුන් සාන් සූ කී ඇතුළු ප්‍රජාතන්ත්‍ර දේශපාලන නායකයන් නිවාස අඩස්සියට පත් කෙරුණි. හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන්, බටහිර රටවලින් දිගින් දිගටම මියන්මාර හමුදා ජනරාල්වරයාට විරෝධයක් එල්ල විය.
මැතිවරණයක් පැවැත්වීමට ප්‍රතිඥා දුන්නේ කවුද ?
{ "answer_start": [ 200 ], "text": [ "හමුදා ජනරාල් මින් අවුන්" ] }
dc7b9eba-81a9-463b-bbc9-fc6e82188fa0
භට්ටාචාර්ය විද්‍යාගාරයේදී කිසිදු පර්‌යේෂණයක් පැවැත්වූ බවට සාධක නොවීය. රසායනගාරය භාවිතාව සඳහා අවසර ලැබී දින පහකට පසු එනම්, ජුලි 12 වැනිදා සන්ධ්‍යාවේදී, සිය පර්‌යේෂණ කටයුතු හදිසියේම නවතා දැමූ භට්ටාචාර්ය, බිනොයේන්ද්‍ර ද සමග නැවතත් කල්කටාව බලා ගියේය. ඝාතනයෙන් තෙමසකට පසු, 1934 පෙබරවාරියේදී පොලීසිය මේ දෙදෙනා අත්අඩංගුවට ගත්තේය. පරීක්ෂකයින් විසින් බිනොයේන්ද්‍රගේ ගමන් ලියකියවිලිත්, බොම්බේහිදී නවාතැන් ගත් හෝටලයේ බිලත්, ඔහු හෝටලයේ රෙජිස්ටරයේ තැබූ සටහනත්, රසායනාගාරයට යැවූ ලිපිත්, මීයන් මිලට ගත් වෙළෙඳසලේ කුවිතාන්සිත් සොයා ගැනුණි. සත්‍ය වශයෙන්ම, මාස නවයක් පුරා පැවැති නඩු විභාගය සිත් ඇදගන්නාසුළු විය. විත්තිකාර පාර්ශ්වය තර්ක කළේ අමරේන්ද්‍රට මීයන් මත සිටින මැක්කෙකු දෂ්ට කර ඇති බවයි.
විද්‍යාගාරයේ කිසිදු පර්යේෂණයක් පැවත්වූයේ නැත්තේ කවුද ?
{ "answer_start": [ 0 ], "text": [ "භට්ටාචාර්ය" ] }
ac42deac-7366-4c3f-89ea-ca3f69008b07
ජර්මනියට, නෙදර්ලන්තයට සහ බෙල්ජියමට බලපෑ හදිසි ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 150 තෙක් ඉහළ ගොස් තිබේ. දිවි ගලවා ගැනීමේ අංශ පවසන්නේ තවත් 100 කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවය. ඔවුන් සොයා මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතී. හිටිහැටියේ මෙසේ ජල ගැලීම් හටගෙන ඇත්තේ, වර්ෂාවත් සමඟ ගංගා පිටාර ගැලීමෙනි. කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට මෙය ගෝලීය උණුසුම වේගයෙන් ඉහළ යෑම නිසා හටගත් අයිතකර තත්ත්වයකි. නගර, ගම්මාන සහ මාර්ග රැසක් ද මෝටර් රථ ද ජල ගැලීම්වලට හසුවීමෙන් විනාශ වී තිබේ. සිදුවුණු මයා ව්‍යසනය දැකීමෙන් තමන් මහත් සේ කම්පනයට පත් වුණු බව ජර්මන් ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් මාධ්‍ය හමුවේ පැවැසීය. විපතට පත්වූවන් වෙනුවෙන් කඩිනමින් සහන ලබා දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දුවක් ද ලබා දුන්නේය.
ජර්මනියට, නෙදර්ලන්තයට සහ බෙල්ජියමට බලපෑ හදිසි ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන කොපමණ ප්‍රමාණයක් තෙක් ඉහළ ගොස් තිබේද?
{ "answer_start": [ 76 ], "text": [ "150 තෙක්" ] }
61ab271a-f9b6-4f6b-bcf1-1c23481c438b
තමන්ගේ මිනිසුන්ගෙන් කප්පම් ගැනීම නිසා ඔවුන් දෙමළ පාතාලය පැවති කාලයේදී මෙන් නැවතත් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි දුටු නූර් කප්පම් ගැනීමට එරෙහි විය. නූර් මේ සම්බන්ධයෙන් අයුබ්ඛාන්ට අවවාද කළේය. එහෙත් අයුබ්ඛාන් ඒ අවවාද පිළිගන්නට සුදානම් වූයේ නැත. නූර්ට ආදායම් මාර්ග තිබුණට අපිට නැහැනේ. අපිත් මොනවා හරි කරන්න එපායෑ යනුවෙන් ඔහු තම හිවතුන් සමඟ පැවසීය. මේ මතගැටුම නිසා ඔවුන් කණ්ඩායම දෙකකට බෙදුන අතර එය දෙගොල්ල මරාගන්නා ගැටුමක් දක්වා වර්ධනය වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. ගැටුම මරාගැනිල්ලක් දක්වා වර්ධනය වූයේ මාලිගාවත්ත පල්ලිය ප්‍රදේශයේ පදිංචිව සිටි ආනමාලු ඉමිටියාස්ගේ ඥාති පවුල් හතක් ෆාජිගේ කල්ලිය විසින් එම ප්‍රදේශයෙන් පළවා හැරීමය. මම ඕකාව ඉතුරුකරන්නේ නැතැයි ඉමිටියාස් තමන්ටම ප්‍රතිඥා දුන්නේය. එහෙත් ඔහු එකවරම ෆාජි හා ගැටුමට ගියේ නැත. ප්‍රශ්නය ඇති වූ සැණින් ප්‍රතිචාර නොදක්වා කිසිත් නොවූ පරිදි ලිස්සා යාම ඉමිටියාස්ගේ පුරුද්ද විය. ඔහුගේ නමට ආනමාලු යන නම එකතු වුණේ ඉදකුඩ කල සිට තිබූ ඒ පුරුද්ද නිසාමය. මේ අවස්ථාවේදීද ඔහුගේ ඒ පුරුද්ද පෙරට ආවෙන් ඉම්ටියාස් ප්‍රදේශය හැරගොස් දුම්මලසූරිය ප්‍රවේශයේ නිවසක පදිංචි විය.
නූර් අවවාද කළේ කා හටද?
{ "answer_start": [ 165 ], "text": [ "අයුබ්ඛාන්ට" ] }
85964acf-0426-458a-a217-57baef9c66cb
ඉන්දියාවේ ද විකාශය වන ඕල් ඉන්දියා රේඩියෝ’ ගුවන් විදුලි නාළිකාව ලඩාක් පළාතේ එකම ගුවන් විදුලි නාළිකාවය. ඉන්දියාවේ දූර්දර්ශන් රූපවාහිනී නාළිකාව ඔවුන්ගේ ශාඛාවක් ලඩාක් හි පිහිටුවා ඇත. ඒ හරහා පැය කීපයක් පමණක් රූපවානී වැඩසටහන් විකාශය කෙරේ. ඒ හැර ප්‍රජා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ. ලඩාක් වැසියන් වෙනුවෙන් පළවන එකම ඉංග්‍රීසි පුවත්පත ‘රීච් ලඩාක් බුලටින්’ ය. මෙය සති දෙකකට සැරයක් මුද්‍රණය වෙයි. කාශ්මීරයේ මුද්‍රණය වන ඉංග්‍රීසි සහ උර්දු බසින් පළ වන ‘කාගිල් නම්බර්’ පුවත් පත ලඩාක් වැසියන් අතරේ ප්‍රසිද්ධියට පත් වී ඇත. 2018 දී ‘සින්ටික්’ යන නමින් ඉංග්‍රීසි සඟරාවක් ආරම්භ විය. ඒ, ලඩාක් පළාත සහ ලඩාක් වැසියන් ගැන විස්තර කෙරන සංචාරක සඟරාවක් ලෙසය.
‘සින්ටික්’ යන ඉංග්‍රීසි සඟරාව ආරම්භ වූ වර්ෂය වන්නේ ?
{ "answer_start": [ 510 ], "text": [ "2018" ] }
91d35316-529c-4156-8908-b374c9716ca0
1989 වසරේ ජූනි 4 වනදා චීනයේ බෙයිජීං අගනුවර ටියන්මන් චතුරශ්‍රයේ සිදු වූ සමූල ඝාතනය සිහිකරමින් හොංකොං සරසවියේ ඉදිකර තිබූ ලෝහමය ප්‍රතිමාව චීන බලධාරීන් විසින් රහසිගත ව ඉවත් කර තිබේ. ඩෙන්මාර්ක මූර්ති ශිල්පී ජෙම්ස් ගැලිෂුට් විසින් නිර්මාණය කරනු ලැබූ මෙම ප්‍රතිමාව හොංකොං සරසවි භූමියේ දශක දෙකකට වැඩි කාලයක් පැවති අතර, එය, ටියන්මන් සමූල ඝාතනය සිහිපත් කිරීමේ අවසන් ස්මාරකයක් ලෙස සැලකිණි. ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂකයන්, හමුදා බලය යොදා මර්දනය කෙරුණු එම සිද්ධියේදී සිවිල් වැසියන් දෙසිය දෙනෙකු සහ ආරක්ෂක හමුදා සාමාජිකයන් පිරිසක් මියගිය බව චීන බලධාරීන් පවසා ඇති නමුත් මියගිය සැබෑ ගණන දසදහස ඉක්මවන බව පැවැසෙයි.
හොංකොං සරසවියේ තිබූ ලෝහමය ප්‍රතිමාව රහසිගතව ඉවත් කලේ කවුරුන් විසින්ද?
{ "answer_start": [ 135 ], "text": [ "චීන බලධාරීන් විසින්" ] }
d7989e0d-94c8-4957-bfb3-af219b0b0566
පෙර ලිපියක විස්තර කළ අන්දමට ගණේමුල්ලේ මගී විරෝධතාවයෙන් පසුව මෙරටට ගෙන්වන ලද සෑම බලවේග කට්ටලයක්ම සැරසුණේ පන්ති භේදය රහිත බංකු ආසන වලින් සමන්විත දේශීය නිපැයු මැදිරිවලිනි. බලවේග කට්ටල ආගමනය අපේ දුම්රිය සේවාව උඩුයටිකුරු කිරීමක් විය. මේවායෙන් ගමන් කළ මගී ජනතාවට තම වටිනා කාලය ඉතිරිකර ගනිමින් රතු ඉරට කලින් රාජකාරි ස්ථානවලට වාර්තා කිරීමට හැකියාව ලැබිණ. සාමාන්‍ය ජනතාවට ද ගමන බිමනේදී සැලකිය යුතු තරමේ පහසුකම් හිමිවිය. එකම අපහසුව වූයේ බංකු ආසනවල ඉඳගෙන යාමෙන් පස්සට විඳින්නට සිදුවූ වේදනාව පමණකි. මෙය එදාට මෙන්ම අදටත් වලංගු වන්නේ බංකු ආසන සහිත බලවේග කට්ටල වර්තමානයේදීත් ධාවනය වන බැවිනි. දශක කීපයක් තුළ සිදුව තිබෙන එකම වෙනස ලී පටි වෙනුවට බංකු ෆයිබර් වීම පමණකි. මේ එදා ගණේමුලේලේ හොට බිම ඇණ ගත් දුම්රිය බලධාරීන් ඉන් පසු වසර ගණනාවක් තිස්සේ මගී ජනතාවගෙන් තවදුරටත් පළිගනිමින් සිටින අයුරුය.
ලී පටි වෙනුවට සවි කලේ කුමක්ද
{ "answer_start": [ 627 ], "text": [ "බංකු ෆයිබර්" ] }
e8f6356f-fee0-4e7f-80c9-f3cba006f06d
අද තරමටම දුරකථන සේවා දියුණු නැති එම වකවානුවේදී කුඹල්ඔළුව වත්තට පැමිණි අවස්ථා වල ජේ.ආර්. දුරකථන ඇමතුම් ලබා ගැනීමට පැමිණියේ කුඹල්ඔළුව තැපැල් කාර්යාලයටය. තැපැල් ස්ථානාධීපතිවරයාට අයත් පුටුවේ වාඩිවෙන ජනාධිපති ජේ.ආර්. බොහෝ වේලාවක් දුරකථන පණිවිඩවල නිරතව සිටියි. ඩඩ්ලි සේසානායක අගමැතිවරයා මිය ගිය පසුව ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් ඩඩ්ලි පිළිබඳව විනාඩි 45 ක පමණ කෙටි චිත්‍රපටයක් සකස් කළේය. ලෙස්ටර් සමග එම කාර්යයට උරෙනුර ගැටී වැඩ කටයුතු කරන ලද්දේ ධර්මසේන හේමපාල මහතාය. චිත්‍රපටයේ වැඩ අවසන් කිරීමෙන් පසුව ලෙස්ටර්ට එංගලන්තයට යාමට අවශ්‍යතාවක් තිබිණි. එහිදී ලෙස්ටර්ට අයත් බොහෝ දේ භාර දී ගියේ ධර්මසේන හේමපාල මහතාටය. ඩඩ්ලි පිළිබඳව නිර්මාණය කරන ලද කෙටි චිත්‍රපටය ද ලෙස්ටර් ධර්මසේන හේමපාලයන්ට භාර දී ගියේය. ඒ වෙන විට එය නරඹා තිබුණේ ද ඒ දෙදෙනා පමණි. එවැනි චිත්‍රපටයක් නිර්මාණය කර ඇති බව ජේ.ආර්. ට දැන ගන්නට ලැබිණි. ඔහු එවකට විපක්ෂ නායකවරයාය.
එවකට විපක්ෂ නායකවරයා වුයේ කවුරුන්ද ?
{ "answer_start": [ 769 ], "text": [ "ජේ.ආර්" ] }
d95e6181-fa25-48ac-8efc-807a48890f91
වැඩිහිටි සිනමා නිළියක් ලෙස ලොවපුරා ජනප්‍රිය වූ සනි ලියොන්ගේ ආදරණිය සැමියා ඩැනියෙල් වෙබර්ගේ 41 වැනි උපන්දිනය මිට දින කිහිපයකට පෙර යෙදි තිබුණි. සනි ලියොන් සිය සැමියාගේ උපන්දිනය මහ ඉහළින් සමරා තිබෙන අතර, එදින මුළු දවස පුරාම ඇය සමාජ පිටු අතරේ ඩැනියෙල්ගේ ළමා කාලයේ ගත් ඡායාරූප බොහෝමයක් සිය රසික පිරිස් සමගින් බෙදාගෙනද තිබුණි. එමෙන්ම තම සැමියාගේ උපන්දිනය වෙනුවෙන් එදින රාත්‍රියේ සිය දරුවන් වූ නිෂා, අෂර් හා නෝආ සමගින් විශේෂිත වූ කෑම වෙලාවක රසවිඳි බවද සනි සිය සමාජ පිටුවල සඳහන් කර තිබුණ අතර, එදින දහවල වෙබර්ගේ සමිපතමයින් වෙනුවෙන් සිය අලුතින් ගත් මුම්බායි නිවසේ උපන්දින සාදයක්ද සංවිධානය කර තිබුණ බව ඇය වැඩිදුරටත් පවසා තිබුණි.
ඔවුන්ගේ දරුවන් වන්නේ කවුද?
{ "answer_start": [ 387 ], "text": [ "නිෂා, අෂර් හා නෝආ" ] }
4762e5cc-1b80-43d7-a304-72dc8ec64892
දකුණු කොරියාවේ සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා රෝගයට එන්නත් කිරීමෙන් පසු 13 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මේ සම්බන්දව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ මරණ හා එන්නත අතර සම්බන්ධයක් ඇති බවට ඔවුන් විශ්වාස නොකරන බවයි. මේ වනවිට දකුණු කොරියාවේ මිලියන 13ක පමණ පිරිසකට උණ රෝගය වැළඳී තිබේ. පසුගිය මාසයේ සිට නොමිලයේ එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ අතර රටේ මිලියන 19ක පමණ ජනතාවක් එන්නත් කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත. එන්නත් කිරීමෙන් පසු මුලින්ම මියගොස් ඇත්තේ 17 හැවිරිදි පිරිමි ළමයෙකි. වාර්තාවූ අනෙක් මරණ සියල්ල වැඩිහිටි පුද්ගලයන්ගේ වන අතර ඔවුන්ගෙන් අට දෙනකුට පමණ වෙනත් රෝග ද තිබී ඇතැයි සඳහන් වේ. මරණ සම්බන්දව පරීක්ෂණ සිදුකරන කණ්ඩායමේ නායකත්වය දරන මහාචාරය කිමි ජුන් කෝන් මහතා එන්නත් වැඩසටහනේ සුරක්ෂිත බව පිළිබඳව ජනතාවට සහතික වී ඇති අතර මරණ සිදුවී ඇත්තේ උණ රෝගයේ ප්‍රතිඵලයක් ලෙස නොවන බව ඔහු කියා සිටියි. පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙන අතර කොවිඩ් - 19 සඳහාද පරීක්ෂණ කරන බව හෙතෙම පවසයි. දකුණු කොරියාවේ එන්නත් වැඩසටහන කෙරෙහි ජනත්වගේ විශ්වාසය බිඳ වැටුණු දෙවන අවස්ථාව මෙයයි. ශීතාගාර තත්ත්වයේ පවත්වා ගතයුතු එන්නතක් ප්‍රවාහනයේදී කාමර උෂ්ණත්වයට නිරාවරණය වී ඇති බව අනාවරණය වීමෙන් පසු එන්නත් මාත්‍රා මිලියන පහක් තහනම් කිරීමට සති තුනකට පෙර දකුණු කොරියානු බලධාරීන්ට සිදුවිය. මියගිය කිසිවකට එම එන්නත් ලබාදී නොමැති බවට වෛද්‍යවරු සහතික කරති. කෙසේවුවද මහාචාර්ය කිම් පවසන්නේ එන්නත් කිරීමේ වැඩසටහන දිගටම පවත්වාගෙන යන බවයි.
එන්නත් ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇති පිරිස කොපමණද
{ "answer_start": [ 243 ], "text": [ "මිලියන 13ක පමණ" ] }
57fe0f8d-8dae-4e94-9cf7-a34ecfda8ba5
ඉන්දියාව පළමු වරට දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් තමන් ගැනීමට බලාපොරොත්තු වන පියවර සම්බන්ධයෙන් ඉකුත් දා ලෝක ප්‍රජාව දැනුවත් කළේ ය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළේය. ඉන්දියාව මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග ගැන මෙන්ම ඉන්දියාවේ අනාගත ඉලක්ක සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා ලෝක ප්‍රජාව දැනුවත් කළේ ය. මේ සම්බන්ධයෙන් ඉන් දිනකට පසුව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංගලා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේ ය.
ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ලේකම් කවුද?
{ "answer_start": [ 520 ], "text": [ "හර්ෂ් වර්ධන් ෂ්‍රිංගලා" ] }
9d24fcac-6b54-4499-b801-e3d6fcf990e9
1850 සැප්තැම්බර් 24 දා ආරම්භ වූ පරෙවි තැපැල් සේවය ඔබ්සර්වර් පුවත්පත් කාර්යාලය මගින් පවත්වාගෙන ගිය තැපැල් ප්‍රවාහන සේවයකි. 1848 මාතලේ කැරැල්ල පැවැති සමයේ ලංකාව පාලනය කළ වයිකවුන්ට් ටොරින්ටන් නමැති බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුකාරයා ධුරයෙන් පහකර ආපසු එංගලන්තයට කැඳවනු ලැබූ බව සඳහන් ප්‍රවෘත්තිය ද මුලින්ම කොළඹට ගෙන ගියේ එම සේවයට අයත් පරෙවියෙකු විසිනි. තැපැල් ඉතිහාසයට විචිත්‍ර මතක සටහන් රැසක් දායාද කළ පරෙවි තැපැල් සේවය ලංකාවේ විදුලි පණිවුඩ සේවයේ ආරම්භයත් සමග නිමාව දුටුවේය. 1858 ජනවාරි 18 දා ගාල්ල හා කොළඹ අතර ඇරඹුණු එම සේවය මගින් හුවමාරු වූ ලංකාවේ පළමු විදුලි පණිවුඩය ද කොළඹ සිට ගාල්ලට යැවූ පණිවුඩයක් වූ අතර එය ලැබුණේ ගාල්ල කොටුව පැරණි තැපැල් කාර්යාලයේ ටෙලිග්‍රාෆ් අංශයටය. ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ලංකාවට එවන ලද පළමු විදුලි පණිවුඩය ද එම තැපැල් කාර්යාලයටම ලැබීම විශේෂත්වයක් වූ අතර එය ලංකාවට එවන ලද්දේ 1866 දීය.
ලංකාවේ පරෙවි තැපැල් සේවය නිමාව දුටුවේ කුමක් සමග ද?
{ "answer_start": [ 417 ], "text": [ "විදුලි පණිවුඩ සේවයේ ආරම්භයත් සමග" ] }
1edaa63b-6384-4bc9-8cac-9c161a5a7dfb
මව්පියන්ගේ හිස ගිනි ගත්තේ දියණිය විවාහවී ඇත්තේ මීට පෙර විවාහකයකු සමඟ බව දැනගත් පසුවය. ඒ විවාහයෙන් ඔහුට අවුරුදු 3ක දරුවෙක් ද සිටින බව දැනගත් මව්පියන් ඒ බව සිය දියණියට දැනුම් දී ඇත. ඇය විවාහ වී ඒ වෙනකොට ගතව තිබුණේ දවස් තුනක පමණ කාලයකි. මේ කතාව අසා ඇය වේදනාව දරාගත නොහැකිව හඬා වැළපුනාය. මේ බව දැනගත් ඇය සෙබළ සැමියාට දුරකථනයෙන් කතා කර පවසා ඇත්තේ මේ පැත්ත පළාතක නොඑන ලෙසය. හමුදා සෙබළා ඔහුගේ සෙබළ මස්සිනා ද කැටිව අම්පාර උහන ප්‍රදේශයට පැමිණියේ හොඳින් හෝ නරකින් ඇය රැගෙන යාමටය. ඇය ඔවුන්ගෙන් මිදී නිවසින් පලාගොස් සැඟව සිට පසුව මව්පියන් ද කැටුව ගියේ මේ ගැන උහන පොලිසියට පැමිණිලි කිරීමටය.
සෙබළා ඔහුගේ සෙබළ මස්සිනා ද කැටිව උහන ප්‍රදේශයට පැමිණියේ කුමක් බලාපොරොත්තුවෙන්ද?
{ "answer_start": [ 437 ], "text": [ "හොඳින් හෝ නරකින් ඇය රැගෙන යාමටය" ] }
26885e67-025e-4264-bd7e-a6deba7bcc20
දකුණු ඉන්දීය සිනමා නිළි ශයිෂා මීට මාස දෙකකට පෙර මවක් වු පුවත බොහෝ දෙනෙකු දැන් දන්නා කාරණයකි. පසුගිය ඔක්තෝබර් පළමුවැනිදාට යෙදි තිබුණ ලෝක ළමා දිනයදා ඇය සිය අලුත උපන් ගැහැණු දරුවට නම් තබා තිබෙන බව වාර්තා වෙයි. වාර්තාවන අන්දමට ඇය හා ඇගේ සැමියා වූ දකුණු ඉන්දීය සිනමා නළු ආර්යා අලුත උපන් ගැහැණු දරුවාට අරියානා නම තබා ඇත. කෙසේ වෙතත්, ආර්යා හා ශයිෂාගේ මෙම දරුවා ප්‍රසිද්ධියකින් තොරව උපන් දරුවෙක් වන අතර, අරියානා ඉපදි මාසයක් ගතවනතුරුත් ඇය ගැන කිසිදු මාධ්‍යයකින් වාර්තා නොවීම සුවිශේෂිත්වයකි.
සිනමා නිළි ශයිෂාගේ දරුවාගේ නම කුමක්ද?
{ "answer_start": [ 296 ], "text": [ "අරියානා" ] }
3e77a663-05fb-4dd0-bc47-74492d229978
මාතලේ දිස්ත්‍රික්කය තුළ පැතිරුණු නකල්ස් මිටියාවතේ තවත් කඳු ශිඛර රාශියක් ඇති අතර පතන් ද වැඩි ප්‍රමාණයක් ඇත්තේ මෙම ඉසව්ව තුළයි. හිමිදිරියම අප පිටවලපතනට ළඟාවූ අතර ඒ එන මග පුරාවට අපට වනපෙතේ සුන්දරත්වය ඉතා හොඳින් දැක ගැනීමට ලැබුණි. පසෙකින් මානිගල, රිවස්ටන්, කරගහතැන්න, ගම්මඩුව, පතන්ගල, කිරිගල්පොත්ත, ගෝනගල, කවුඩාගල වගේම ඉතා ඈතින් ගොම්බානියා, යකුන්ගේගල, දූවිලිඇලි, වමාරපුගල, ලකේගල් ත්‍රිත්වය හා තුන්හිස්ගල ඇතුළු ප්‍රදේශ රැසක් අපි දැක ගතිමු. පිටවල හන්දියට ළඟවූ අප රත්කින්ද ගමට යන මාර්ගයට හැරවූවෙමු. එම මාර්ගය තරමක් පටුය. නමුත් පැහැදිලිය. මුල් කොටසේ මාර්ගය වැටී ඇත්තේ වනපෙත අතරින්ය. එහිදී දිය දහරා කිහිපයක් දක්නට ලැබුණද තරමක වියළි කාලගුණය හේතුවෙන් ඒවා සිඳී ගොස් තිබුණි. කෙසේ නමුත් අප ක්‍රම ක්‍රමයෙන් මාර්ගයේ ඉදිරියට යනවිට පිටවල ග්‍රාමය හමුවිණි.
ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට යනවිට හමුවූයේ කුමක්ද?
{ "answer_start": [ 714 ], "text": [ "පිටවල ග්‍රාමය" ] }
d4a37cab-86a3-4570-9c1b-89ea31247bc5
ඒ ඩිංගි බෝට්ටුවේ සෞදි ජාතිකයන් හත් දෙනකු සහ කාන්තාවෝ දෙදෙනකු ඇවිත් තියෙනවා. බෝට්ටුව පෙරළුණාට පසු එක ගැහැනු ළමයෙක් කොහොම හරි එගොඩ පිහිටි ගලක් අල්ලගෙන බදාගෙන සිටියා. සීතලේ ඇය ගැහෙනවා. එතැනට ගිය කිහිප දෙනෙක් ගෙනෙන්න උත්සාහ කළත් ඇය කැමති වෙලා නැහැ. පස්සේ මමත් එතැනට පිහිනා ගියා. ඇයට තරමක් දුරට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුඵවන්. මම ඇයට මෙහි ඇති භයානක තත්ත්වය ගැන පැහැදිලි කළා. එවිට ඇය කියනවා, හෙලිකොප්ටර් එකක් ගෙනත් දෙන්න කියා. ඒ සඳහා පැය දෙක තුනක්වත් යන බව මම කීවා. මුස්ලිම් කාන්තාවක් නිසා ඇඟට අත තියන්න එපා කියනවා. අත තියන්නේ නැතිව ඇය රැගෙන මෙගොඩට පිහිනා එන්න බැහැ. පැයකට ආසන්න වේලාවක් පැහැදිලි කර අවසානයේ ඇය කරේ තියාගෙන පිහිනා ආවා. එක වරෙක අපි දෙන්නම ගිලුණා.
ඇයට මෙහි ඇති භයානක තත්ත්වය ගැන පැහැදිලි කල පසුව ඇය කියා සිටියේ කුමක්ද ?
{ "answer_start": [ 388 ], "text": [ "හෙලිකොප්ටර් එකක් ගෙනත් දෙන්න කියා" ] }
3e24f4bc-6f0a-44f6-b445-c1c495490a66
බස් රථ හිමියන්ගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත් මධූෂ්ට හෙරොයින් ජාවාරම අලුත් අත්දැකීමක් එකතු කරනු ලැබිණ. සුළු මුදලක් ආයෝජනය කර එකවර විශාල මුදලක් ඉපයීමට හැකි මේ ජාවාරම ඔහුගේ හිතට අල්ලන්නට ඇත. එතැන් සිට තමන්ගේ ජාවාරම කරගෙන යා හැකි ජාලයක් හදාගන්නට ඔහු කටයුතු කළේය. මධූෂ් කුඩු පාතාලය හරහා වඩාත් වේගයෙන් කරළියට එන්නේ 2013න් පසුවය. ඒ ඔහු ඩැනී හිත්තැටිය ඝාතනය, මීගමුවේ ලීසිං සමාගම් දෙකක් කොල්ලකෑම ඇතුළු චෝදනා රැසකට විටින් විට බන්ධනාගාරගතව සිට 2013දී ඇප මත මුදාහැරීමෙන් පසුවය. එලෙස ඇප මත මුදාහැරුණු මධූෂ් ඉන්දියාවට පළාගියේය. එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඇති කරගත් එකඟතා ඇතිව ඩුබායිවලට පැන ගත් ඔහු එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගියේය. හෙරොයින් පමණක් නොව ඔහු කේරළ ගංජා ජාවාරම ද කරගෙන ගොස් ඇතැයි මෙරට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත.
මධූෂ් කරළියට එන්නේ කිනම් වසරින් පසුවද ?
{ "answer_start": [ 316 ], "text": [ "2013න් පසුවය" ] }
8c4ce8a9-8d67-4ade-b802-f2b057abaafa
දකුණු කොරියාවේ සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා රෝගයට එන්නත් කිරීමෙන් පසු 13 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මේ සම්බන්දව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ මරණ හා එන්නත අතර සම්බන්ධයක් ඇති බවට ඔවුන් විශ්වාස නොකරන බවයි. මේ වනවිට දකුණු කොරියාවේ මිලියන 13ක පමණ පිරිසකට උණ රෝගය වැළඳී තිබේ. පසුගිය මාසයේ සිට නොමිලයේ එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ අතර රටේ මිලියන 19ක පමණ ජනතාවක් එන්නත් කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත. එන්නත් කිරීමෙන් පසු මුලින්ම මියගොස් ඇත්තේ 17 හැවිරිදි පිරිමි ළමයෙකි. වාර්තාවූ අනෙක් මරණ සියල්ල වැඩිහිටි පුද්ගලයන්ගේ වන අතර ඔවුන්ගෙන් අට දෙනකුට පමණ වෙනත් රෝග ද තිබී ඇතැයි සඳහන් වේ. මරණ සම්බන්දව පරීක්ෂණ සිදුකරන කණ්ඩායමේ නායකත්වය දරන මහාචාරය කිමි ජුන් කෝන් මහතා එන්නත් වැඩසටහනේ සුරක්ෂිත බව පිළිබඳව ජනතාවට සහතික වී ඇති අතර මරණ සිදුවී ඇත්තේ උණ රෝගයේ ප්‍රතිඵලයක් ලෙස නොවන බව ඔහු කියා සිටියි. පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙන අතර කොවිඩ් - 19 සඳහාද පරීක්ෂණ කරන බව හෙතෙම පවසයි. දකුණු කොරියාවේ එන්නත් වැඩසටහන කෙරෙහි ජනත්වගේ විශ්වාසය බිඳ වැටුණු දෙවන අවස්ථාව මෙයයි. ශීතාගාර තත්ත්වයේ පවත්වා ගතයුතු එන්නතක් ප්‍රවාහනයේදී කාමර උෂ්ණත්වයට නිරාවරණය වී ඇති බව අනාවරණය වීමෙන් පසු එන්නත් මාත්‍රා මිලියන පහක් තහනම් කිරීමට සති තුනකට පෙර දකුණු කොරියානු බලධාරීන්ට සිදුවිය. මියගිය කිසිවකට එම එන්නත් ලබාදී නොමැති බවට වෛද්‍යවරු සහතික කරති. කෙසේවුවද මහාචාර්ය කිම් පවසන්නේ එන්නත් කිරීමේ වැඩසටහන දිගටම පවත්වාගෙන යන බවයි.
එන්නත් කිරීමෙන් පසු මුලින්ම මියගියේ කව්ද
{ "answer_start": [ 451 ], "text": [ "17 හැවිරිදි පිරිමි ළමයෙකි" ] }
498f34d5-40d5-41e9-a078-9930eaa3c94c
මෙහි බුදු ගුණ සමඟ කියවෙන මන්තරවල නිරන්තරවම දෙමළ වචන වැනි වචන ඇසේ. හත් අඩිය කපන ඇතැම් ගුරුන්නාන්සේලා යන්ත‍්‍ර විසි අටක් කපන බව ද සුදු බණ්ඩා ගුරුන්නාන්සේ තවදුරටත් සඳහන් කළේය. මෙහිදී යන්ත‍්‍ර ලෙසින් හඳුන්වනු ලබන්නේ පොළොවේ හෝ වෙනයම් දෙයක් මත අඳින ලද අකුරු සහ මිනිස් පාද බව පසුගිය සතියේ අපි සටහන් කළෙමු. ඒවා මත තැබූ දෙහි ගෙඩි යාගය අවසානයේදී කැපීම යන්ත‍්‍ර කැපීම නම් වේ. මෙහිදී දිග කවි මෙන්ම කෙටි කවි ද සංගායනා කරනු ලැබේ. මෙම යන්ත‍්‍ර, මන්ත‍්‍ර, ගුරුකම්, හදි, හූනියම් ශාන්ති කර්ම සහ අණවින ආදියට මුළු ලෝකය සඳහාම ඍෂිවරු නම දෙනෙක් සිටින බවත් මේවා ඔවුන්ගෙන් පැවත එන දේවල් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
පොළොවේ හෝ වෙනයම් දෙයක් මත අඳින ලද අකුරු සහ මිනිස් පාද මත තැබූ දෙහි ගෙඩි යාගය අවසානයේදී කැපීම හදුන්වන්නේ කුමන නමකින්ද?
{ "answer_start": [ 342 ], "text": [ "යන්ත‍්‍ර කැපීම" ] }
6b78732d-8ffa-4290-b16b-c43fcf179e81
1996 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව උතුරු මෙල්බර්න් ක්‍රිකට් සමාජයට එක් වෙන්න කියලා ආරාධනාවක් ලැබුණා. වසර තුනක ගිවිසුමකට අනුව ක්‍රිකට් ක්‍රීඩා කරන්නයි තිබුණෙ. මුලින්ම නම් මෙහි ආවේ ඒ වෙනුවෙන්. මගේ බිරිඳ කුෂ්ලානි. අපි දෙදෙනාට පුතකු හා දියණියක සිටිනවා. දුව මේ වසර අන්තිමට විවාහ වීමට සූදානමින් ඉන්නේ. පුතා තව වසරකින් විතර විවාහ වේවි. එයාලා හොඳට ජීවිත ගත කරනවා. අද මමයි බිරිඳයි ගෙදරට වෙලා සුපුරුදු විදිහට අපි ආදරෙන් ඉන්නවා. පුතා කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කළා. පසුව එයා ක්‍රිකට් නැවැත්තුවා. ඒකටත් හේතුව වුණේ පුතාගේ දක්ෂතා දිහා බැලු‍වෙ මාව සැසඳීම් කරලයි. එහෙම දක්ෂතා මනින එක සුදුසු නැහැනෙ. කොහොම වුණත් එයා ආර්ථික කටයුතු අංශයෙන් වැඩිදුර ඉගෙනගෙන එම අංශයේ රැකියාවක නිරත වෙනවා. දියණිය මෙහේ ප්‍රකට වෙළෙඳ නාමයක විලාසිතා ශාඛාවක් අරගෙන එය කළමනාකරණය කරනවා.
ක්‍රිකට් සමාජයට එක් වන ලෙස ආරාධනා ලැබුණේ කුමන තරගාවලියෙන් පසුද ?
{ "answer_start": [ 0 ], "text": [ "1996 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව" ] }
a281906e-1939-4117-9cd3-c50e0651f983
පස්සේ මම නුවර ගිහින් උඩුගම්පොළ මහත්තයාට මේ බව දැනුම් දී, අක්කාගේ බෑගයේ තිබුණු යතුරු සහ ලියකියවිලි භාර දුන්නා. එදා පොලිසියේ නිලධාරින් හැත්තෑ පස් දෙනෙක් පමණ අපේ ගෙදරට පැමිණියා. මුළු ගමම සෝදිසි කළා. ඉරිදා මරපු අක්කාගේ පරීක්ෂණ අවසානයේ මෘත දේහය අපට භාර දුන්නේ සඳුදා හවසයි. අනෙක් මෘත දේහයන් ඒ, ඒ නිවෙස් වෙත භාර දී තිබුණා. අඟහරුවාදා පාන්දර දොර ළඟ කොළයක් තිබෙන බව දැකපු නංගි මට එය ලබා දුන්නා.
දොර ළඟ කොළයක් තිබෙන බව දුටුවේ කවුද?
{ "answer_start": [ 362 ], "text": [ "නංගි" ] }
c929df81-4a49-4cfd-9cee-e44a0ba8843a
සුසුම්ලමින් සහ තම කූරු මිටිය බිම දිගේ අතුල්ලමින් වතුර වළ සොයා පැමිණෙන්නේ විසල් ඉත්තෑවෙකි. හේ හනි හනික දිව එන්නේ වතුර පිපාසාවෙන් විය යුතුයි. නමුත් ඉදිරියෙන් ඇති අනතුර පිළිබඳව ඔහුට අවබෝධයක් නැති හැඩයි. ඉත්තෑවා ඇස ගැටෙත්ම යම් තීරණයකට එළැඹි කොටි මව හනික ලැග සිටි ඉරියව්ව වෙනස් කරමින් පොළොවට සමාන්තරව යමින් හීන් සීරුවේ ඉත්තෑවා සිටි දෙසට ළං වූවාය. ඒ හඬක් නොනැගෙන්නටය. කොටියාට සොබාදම විසින් පරිත්‍යාග කර ඇති ඒ පුළුන් කොට්ට පා යුගළය නිහඬ ගමනකට ඉවහල් වන බව මෙවැනි වූ ගමන් විලාසයන් අධ්‍යයනය කිරීමේදී හොඳින් අවබෝධ වේ. වතුර වළෙන් නික්මුණු කොටි මව ඒ ආසන්නයේ වූ පඳුරු ගොමුවක් සමීපයට වහන් විය.
ඉත්තෑවා හනික දිව ආවේ කුමක් නිසාද?
{ "answer_start": [ 112 ], "text": [ "වතුර පිපාසාවෙන්" ] }
35454e2d-178e-4f15-a671-23538d1ef04c
නිල්වන් අහස් කුස හරහා විටින් විට පියඹා යන සියොතුන් හැරුණු විට අපගේ නෙත ගැටුනේ මුහුදු ගුවන් යානයක් නුවරඑළිය බලා පියාසර කරන අන්දමකි. කන්ද මුදුනට ළඟාවත්ම පයිනස් ගස් යායක් දැකගත හැකි වූ අතර ඇතැම් ස්ථානවලදී මාර්ගයේ එක් පසක් විශාල ප්‍රපාතයකට මුහුණලා තිබුණි. ඒ ඔස්සේ කඳුකරයේ තවත් සුන්දර ගම් දනව් සහ වෘක්ෂලතා මගින් පොහොසත් වූ වනාන්තර දක්නට ලැබුණි. කෙසේ හෝ මාර්ගය බෙදෙන ස්ථානවලදී අප සැලසුම් කළ පරිදි නිවැරදි මාර්ගය සොයා ගැනීමට පුළුවන් වූ අතර ස්ථාන දෙකකදී තේ දලු නෙළන්නියන් සිටිනු දැක ගත හැකි විය. ඩෙල් යනු සාමාන්‍යයෙන් සංචාරකයින් නොයන කන්දක් බැවින් ඔවුන් විමතියෙන් මෙන් අප දෙස බලා සිටියේ මින් පෙර යතුරුපැදිකරුවන් නුදුටුවාක් මෙනි. මෙම මර්ගයේ කන්ද මුදුනට ගමන් කිරීම බොහෝ දුෂ්කරතා ප්‍රධාන මාර්ගය මග හරිමින් වතු හරහා කෙටි මං සලසා ගත්තද නැග්ම වැඩි හෙයින් ගමනේ දුෂ්කරතාව ඉතා ප්‍රබල ලෙස දැනෙනු නියතය.
සාමාන්‍යයෙන් සංචාරකයන් නොයන කන්දක් වූයේ කුමක්ද?
{ "answer_start": [ 488 ], "text": [ "ඩෙල්" ] }
8c92693c-8e69-4fe3-bf7e-ef7cf75e1774
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා වන්නේ ජෙරාම් කෝලිත ද සිල්වා නොහෙත් ජෙරා, බුලත්සිංහලගේ ප්‍රදීප් මධුසංඛ කුරේ නොහොත් ඈෂ්ලි, නානායක්කාරලාගේ කාවින්ද ඉසුරු නොහොත් පූට්ටුවා හා වැලිවිටියගේ නිලන්ත කුමාර නොහොත් ආනාය. මේ සිව්දෙනා අතරින් දෙදෙනෙක්ම හිටපු හමුදා සෙබළුන්ය. තලංගම විමලතිස්ස මාවතේ යුවළකට වෙඩි තැබීමේ සිද්ධියේත් රනිල් ආටිගල මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියේත් ප්‍රධාන සැකකරු වන්නේ ජෙරාම්ය. අඹේපුර, අතුරුගිරිය පදිංචි තිස්දෙහැවිරිදි ජෙරාම් යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ සේවය කළ සෙබළෙකි. ඔහු හමුදාවේ සේවය කළ කාලයේ මීටර් සීය කෙටි දුර ධාවනය කෙටිම කාලයකින් අවසන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වාර්තාවක් තබා තිබෙන දක්ෂ ක්‍රීඩකයකු බව ද එම වාර්තාව තවමත් කිසිවෙක් බිඳ නැති බව ද පොලිසිය පවසයි.
හමුදා සේවයේදී මීටර් සීය කෙටි දුර ධාවනයේදී වාර්තා තැබුවේ කවුද?
{ "answer_start": [ 40 ], "text": [ "ජෙරාම්" ] }
d729782f-c28c-4d76-a4f2-5a710f1f2519
සර්පයකු බහා ඇති සැරබීම ගැන ඔබ අසා ඇති. මෙම කලාපයෙහි එවැනි දේ මිලදී ගැනීමටද පුළුවන. ස්වභාව ධර්මයට ආවේනික වූ සහ පරිසරයට වඩාත් හිතකර ලෙස නිමැවූ බොහෝ දේ මේ කලාපයන්හිදී මිලදී ගැනීමට පුළුවන. මෙම කලාපයෙහි ඇති සියලූම නිවාස සහ වෙළඳසැල් සෙවිලිකර ඇත්තේ පිදුරුවලිනි. එය ඉතා නිර්මාණාත්මකව නිමවා තිබේ. එකල ගොවිතැන සඳහා ජලය ප‍්‍රවාහනය කළ විදිය ආදි සියල්ල ගැන සහ අතීත රසයෙහි දැනුම ලබාගැනීම වෙනුවෙන් කෞතුකාගාරයක්ද තොරතුරු මධ්‍යස්ථානයක්ද ඇත. ෆුජි හැඩයට ආවේනික ඇඳුමකින් හැඩ වී සමරු ඡුායාරූප ගැනීමට බොහෝ සංචාරකයෝ උත්සුක වෙති. එය හොඳ සැමරුම් සිහිවටනයක්ම වෙයි.
සමරු ඡායාරූප ගැනීමට උත්සුක වන්නේ කවුද?
{ "answer_start": [ 484 ], "text": [ "සංචාරකයෝ" ] }
77e677b8-0f2f-43c1-9e72-059ec7da9f47
ඔවුන් කලකට පසුව ඇප මත එළියට ආවේ අලුත් යාලුවෙක් ද හොයාගෙනය. ඒ බන්ධනාගාරයේ සේවය කර වැඩ තහනමට ලක්වූ මංජුය. මංජු ද මතුගම පදිංචිකරුවෙකි. මංජු යනු මතුගම ශාන් ආදරය කළ පෙම්වතිය සමග පසුව ප්‍රේම සම්බන්ධයක් ගොඩනගාගත් බව කියන එකම පාසලේ ඉහළ පංතිවල ඉගෙන ගත් සිසුවෙකි. ඒ නිසා ශාන්ට, මංජු සමග රණ්ඩුවක් තිබුණේය. කෙසේ නමුත් මංජු පසු කලෙක මහින්දලාල් සමග නොහොඳ නෝක්කාඩුවක් ද ඇති කර ගත්තේය. ඒ අතර තුර මංජුට වෙඩි තබා ඝාතනය කෙරිණ. එය කවුරු අතින් සිදු වුවාද යන්න ගැටලු සහගත නමුත් එහි වරද පැටවුණේ ශාන්ටය. ශාන් ඒ වෙනුවෙන් අත්අඩංගුවට පත් විය. ඒ 2009 වසරේදීය. ඔහු සමගම බන්ධනාගාර ගතවූ තවත් පාතාල සාමාජිකයෝ කීප දෙනෙක් වූහ. ඒ ආමි රොෂාන් හා ආමි රොෂාන්ගේ මල්ලීය. ඔවුන්ගේ මිතුදම හඳුනාගන්නට පෙර ශාන්ට එළියේ තවත් යාලුවෝ දෙන්නෙක් විය. ඒ ඔහුලේ ඥාති සහෝදරයෙක් වූ අසංක හා ගයාන් කුමාර නොහොත් ගවරිය. මතුගම හොල්ලාගෙන සිටියේ මේ තුන් කට්ටුවය. ඔවුන් පාසල් කාලයේ සිටම මිතුරෝ වූහ. මතුගම ප්‍රදේශයේ කොතැනක හෝ ගැටුමක් ඇති වුවහොත් එහි කොනක මේ තිදෙනා ද සිටියහ. ඔවුන්ට තවත් මිතුරෙක් පසුව හමුවිය. ඒ යුද හමුදාවේ කලක් සේවය කර පළා ආ බුද්ධිකය. ශාන් බන්ධනාගාර ගත වූ පසු බුද්ධික ශාන්ගේ තැන ගන්නට තැත් කළේය. ඔහුට ආයුධ හැසිරවීමේ හැකියාව තිබූ නිසාත් යුද පුහුණුවක් තිබූ නිසාත් ආයුධ සොයා ගැනීමේ සම්බන්ධකම් පැවති නිසාත් ඒ තැන ගන්නට පහසු බවක් පෙනිණ. එහෙත් වැඩිය දඟලන්නට ඉඩ නොතබා ශාන් බන්ධනාගාරයේ සිටම බුද්ධිකව ඝාතනය කර වූයේය.
ශාන් සමගම බන්ධනාගාර ගතවූ අනෙක් පාතාල සාමාජිකයන් කවුරුන්ද?
{ "answer_start": [ 595 ], "text": [ "ආමි රොෂාන් හා ආමි රොෂාන්ගේ මල්ලීය" ] }
e1a7bccc-03fd-4411-9a8d-e0eae2407404
තවත් දින කිහිපයකින් මව් පදවිය ලැබීමට සූදානම්ව සිටින හොලිවුඩ් සිනමා නිළි ෆරිඩා පින්ටෝට ඇයගේ සමිපතම මිතුරු මිතුරියන් විසින් මවක් වීමේ ප්‍රිතිය නිමිත්තෙන් ඇය පුදුම කිරිමේ සාදයක් පසුගියදා පවත්වා තිබුණි. ඇය මෙම පුදුම කිරිමේ සාදයේදී ගත් ඡායරූප රැසක්ම මේ වනවිට අන්තර්ජාලයට යොමු කර ඇති අතර, ෆරිඩා රිදි පාටට හුරු ගැබිණි ඇඳුමකින් සැරසි සිටිනු මෙහිදි දක්නට ලැබුණි. ෆරිඩා 2019 වසරේ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් වූ කෝරි ට්‍රාන් සමගින් විවාහ වූ අතර, සිය පළමු දරුවා පිළීබඳව තොරතුරු ඔවුන් මේ වසරේ ජුනි මාසයේදී මාධ්‍යය හරහා ප්‍රසිද්ධ කරනු ලැබ තිබුණි.
ෆරීඩා කෝරි සමඟ විවාහ වුනේ කුමන වසරේද?
{ "answer_start": [ 360 ], "text": [ "2019" ] }
6c1d7f3b-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
සුපිරි වෙළෙඳසලකදී පාරිභෝගිකයා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරාගෙන එම භාණ්ඩවල මුද්‍රණය කර ඇති බාර් කේත පරිලෝකනය කිරීම මඟින් ඒවායේ මිල ගණන් සුපර්ස්මාර්ට් ඇප් එක තුළ සටහන් කිරීම සිදුවෙයි . එසේ පාරිභෝගිකයා තමන්ට අවශ්‍ය සියලු භාණ්ඩවල මිල ගණන් ඇප් එකේ සටහන් කිරීමෙන් අනතුරුව සුපිරි වෙළෙඳසලේ තිබෙන සුවිශේෂී වේදිකාවක් මතට භාණ්ඩ සහිත ට්‍රොලිය ගෙන යා යුතුය. ආදාළ වේදිකාව මත එම භාණ්ඩ නැවත පරිලෝකනයට ලක්කරන අතර පාරිභෝගිකයා විසින් තෝරා ගෙන ඇප් එකේ සටහන් කරනු ලැබූ මිල ගණන් සමඟ මෙම වේදිකාව මත පරිලෝකනය කිරීමෙන් ලබාගත් මිල ගණන් සසදාබලා මිල සටහන් කිරීම මඟ හැරුණු යම් භාණ්ඩ වෙතොත් ඒවා හඳුනාගෙන ඇප් එක ඔස්සේ දක්වනු ලැබේ.
පාරිභෝගිකයා භාණ්ඩවල මිල ගණන් සුපර්ස්මාර්ට් ඇප් එක තුළින් බලා ගැනීමට පරිලෝකනය කළ යුත්තේ කුමක්ද?
{ "answer_start": [ 84 ], "text": [ "බාර් කේත" ] }
7f6c9fd9-cb18-4b7f-bb2c-78f89341e15e
සති අන්ත ඉරිදා උදෑසන මා ඉඳුරුව, කයිකාවල වෙරළට ගියේ පෙරදිනයේ මට මා සමඟ කථා බහ කළ ඇය මුණගැසීමේ බලාපොරොත්තුවෙනි. දින ගණනක් එක දිගට කඩා වැටුණු මහා වර්ෂාව හා ගංවතුර නිසා වෙනදා තරම් පිරිසක් ඉඳුරුව, කයිකාවල මුහුදට පැමිණ නැත. මුහුදු රළද දත් විළිස්සාගත් රකුසකු මෙන් වියරු වැටී ගොඩබිම දෙස බලා සිටින්නේ කොයි මොහොතක හෝ කවුරුන් හෝ බිල්ලට ගැනීමේ අටියෙන් යැයි මට සිතේ. ටික දුරක් ඇවිද ගිය මට ගාලුපාර හා වෙරළ මැද පිහිටි සුවපහසු ඉසව්වක නතරව අනන්තයක් නොපෙනෙන සයුර දෙස අවධානයෙන් සිටි යුවතියක් ආසන්නයට ගොස් ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්තේ හරියටම මා මුණගැසීමට පැමිණි ඇය දැයි නිවැරැදිව දැන ගැනීමේ අටියෙනි.
සති අන්තයේ ගියේ කුමන වෙරලටද
{ "answer_start": [ 24 ], "text": [ "ඉඳුරුව, කයිකාවල වෙරළට" ] }
a4dd2939-77ce-49fd-ba82-e1370fbcb32c
ගිනි නිවන හමුදාවට භටයන් බඳවා ගන්නවා කියන ආරංචිය ලැබිලා තමා ගමේ ඉඳලා ත්‍රිකුණාමලයට ආවේ. මම ගිනි නිවන භටයෙක් විදිහට පුහුණුවීම් ලැබුවා. ගින්නක් හටගත්තාම ඒ අනුව යන්න තියෙන බාධා ඉවත් කරන්න පුහුණුව දුන්නා. දොරවල් කඩාගෙන ගිනි දැල් අතරින් රිංගා ගොස් ගිනි නිවා දැමීමටත් ගින්නට මැදි වී සිටින අය මුදාගැනීමටත් පුහුණුව දුන්නා. පුහුණුවෙන් පස්සේ රැකියාවට යොමු කළා. ගිනි නිවන භටයෙක් විදිහට බැඳුණාට පස්සේ මට ලැබුණේ රුපියල් 52යි ශත 50ක මාසික පඩියක්. මුල් කාලයේ එක දිගට පැය 24ක් සේවය කරන්න ඕනෑ. මට සිංහල භාෂාවට අමතරව දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා හොඳට කතා කරන්න පුළුවනි.
භටයෙකු ලෙස ඔහුගේ මාසික පඩිය කොපමණද ?
{ "answer_start": [ 398 ], "text": [ "රුපියල් 52යි ශත 50ක" ] }
8bc5da03-ab27-42c3-a225-f34271475c7d
පෘතුගීසීන්ගේ ගොඩබැසීම පිළිබඳව රාජාවලියේ සඳහන් වන්නේ ඉහත සඳහන් විස්තරයට පටහැණි ලෙසය. එහි සඳහන් වන්නේ පෘතුගීසීන් හත්වන විජය බාහු රජ සමයේ පැමිණි බවය. පෘතුගීසීන් ලංකාවට පැමිණි කාලය වන විට විජයබාහු ප්‍රතිරාජයෙකු වශයෙන් මැණික් කඩවර රාජ්‍ය විචාල බව ෙකාඩ්රින්ටන්, මහාචාර්ය සෙනරත් පණවිතාන හා ජී.එස්. පෙරේරා සඳහන් කරයි. අලකේෂ්වර යුද්ධය ද පෘතුගීසීන් ලංකාවට පැමිණි දින වකවානු ලෙස සඳහන් කරන්නේ හත් වැනි විජයබහු ලෙස සඳහන් කරන්නේ හත් වැනි විජයබාහු රජ සමයයි. ක්‍රි.ව. 1509 1521 විජයබාහු රාජ්‍ය සමයයි. කිරිමැටියාවේ කවියා ඔහුගේ මහ හටන කාව්‍ය ග්‍රන්ථයෙහි සඳහන් කරන්නේ පෘතුගීසීන් හත්වන බුවනෙකබාහු රජුගේ රාජ්‍ය සමයේදී ලංකාවට පැමිණි බවය. එම වකවානුව ක්‍රි.ව. 1521 - 1551 වෙයි. පෘතුගීසී ජාතික ක්වේරෝස් සඳහන් කරන්නේ ලොරැන්සෝද අල්මේදා නම් පෘතුගීසී ජාතිකයා 1505 නොවැම්බර් 15 දින ගාල්ලට ගොඩ බැස්ස බවය. කොන්ස්තන්තීනු ද එම මතය ඉදිරිපත් කරයි. ගැස්පාර් සඳහන් කරන්නේ 1505 අගෝස්තු මාසයේදී පෘතුගීසීන් මෙරටට පැමිණි බවය.
ලොරැන්සෝද අල්මේදා නම් පෘතුගීසී ජාතිකයා 1505 නොවැම්බර් 15 දින ගාල්ලට ගොඩ බැස්ස බව සදහන් කරන්නේ කවුද ?
{ "answer_start": [ 654 ], "text": [ "පෘතුගීසී ජාතික ක්වේරෝස්" ] }
6c1d21e3-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
මේ වනවිට ගල් මෙවලම් 10 කට ආසන්න ප‍්‍රමාණයක් හමුවී තිබෙනවා. ඒ වගේම මීට අවුරුදු 4000- 6000 ක් අතර ජීවත් වූ මානවයින් ආහාරයට ගන්නා බවට සැලකෙන ධාන්‍ය ඇට වර්ග 35 ක් සොයාගෙන තිබෙනවා. මේ සාධකවලින් පෙන්නුම් කෙරෙන්නේ ධාන්‍ය ඇට වර්ග ආහාරයට ගෙන තිබෙන බවත් ආදි මානවයින් දඩයමින් ඈත්වී කෘෂි කාර්මික යුගයකට ක‍්‍රමක‍්‍රමයෙන් පරිවර්ථනය වී තිබෙන බවයි. අප මේ ප‍්‍රදේශයේ ලූණුගල්ගේ පුරා විද්‍යා කැණීම් කළා. එම කැණීම්වල ලැබුණු තොරතුරු අනුව වසර 6500 කට පෙර ජනාවාස වෙලා තිබෙන තොරතුරු තහවුරු වෙලා තිබෙනවා. මීට අමතරව මැද්දෙකන්ද ගුහාවෙත් කළු ගල්ගේ ගුහාවෙත් වසර 5000 කට පෙර ජනාවාසවෙලා තියෙනවා. මේ ගල් ගුහා අතර බෙදා හදා ගත් සංස්කෘතික පුරුදු තිබෙනවා.
ලූණුගල්ගේ පුරා විද්‍යා කැණීම් වලින් ලැබුණු තොරතුරු අනුව ජනාවාස වෙලා තිබුනේ කොපමණ වසර ගණනකට පෙරද?
{ "answer_start": [ 415 ], "text": [ "වසර 6500 කට පෙර" ] }
6fc40bd1-e116-43c9-b362-0c3a60626b06
1923 බැංගලෝරයේදී හමුවූ “වෛමානික ශාස්ත්‍ර” නමැති සංස්කෘත ග්‍රන්ථය ඇසුරින් ගුවන්යානා ශිල්පය දැනගැනීමට හැක. එය 1923 දීම ඉංශ්‍රීසි භාෂාවට පරිවර්තනය විය. එහි දැක්වෙන ආකාරයට විමානයට අවශ්‍ය තුරණය සහ එය ගමන් කරවන නියමුවා තීරණය වූ පසු යානය ගැන විස්තර කියැවේ. ඉන් අපට සිතා ගත හැක්කේ අවශ්‍යතාව ඇති අයට අනුව යානාව වෙනස්වන බවකි. මේ ඊට පළමුව ඉතා ඉහත කාලයකදී තිබූ යානාවක්ම නැවත පහළවීමක් ද විය හැකි අතර එය සිතා ගැනීමට ද නොහැක. නියමුවා නොහොත් මානව සාධකය තීරණය වූ පසු පමණක් යානය සෑදීම නොහොත් ද්‍රව්‍යමය පාර්ශ්වය ගැන කරුණු දැක්වීම සිදු වේ.
“වෛමානික ශාස්ත්‍ර” නමැති සංස්කෘත ග්‍රන්ථය ඇසුරින් සිතා ගත හැකි වන්නේ කුමක්ද?
{ "answer_start": [ 273 ], "text": [ "අවශ්‍යතාව ඇති අයට අනුව යානාව වෙනස්වන බවකි" ] }
ce9650fd-0dfe-4e70-b452-dcf95ad5e479
දිගාමඩුල්ලේ දකුණු වැව්ගම්පත්තුවේ වනාන්තර සැබවින්ම අඳුරු වනාන්තර බව නොකියාම බැරිය. රූස්ස ගස් කොළන් වලින් හෙබි මේ වනාන්තරයක් තුළ යමෙකු අතරමං වුවහොත් ආපසු පැමිණීම ලේසී පහසු නැත. මේ අඳුරු වනාන්තර තුළ සිටින වන සතුන් අතරින් මිනිසාට වඩාත් බිය උපදවන සත්ත්වයෙකු වනුයේ වලසාය. වලසාගේ දැක්ම මෙන්ම හඬද බිය උපදවන සුළුය. වලසෙකු මුහුණට මුණ ගැසුණහොත් ගැල වී යාම අසීරුය. මී පැණි වාරයට වැව්ගම්පත්තුවේ වනාන්තර වල සැරි සැරූ බොහෝ මිනිසුන්ට මෙන්ම දඩයක්කරුවන්ටද වැඩි වශයෙන්ම හමු වී තිබෙන්නේ වලසුන්ය. මී පැණි වලසාගේ ද ප‍්‍රියතම ආහාරයකි. මී පැණි වලට උන්ගේ ඇති ලොල් බව කොතෙක් ද කිවහොත් මී මැස්සන් විදින විට දී වුවද කෙසේ හෝ මී වද ටික කඩාගෙන මිස පස්ස නොබැලීම සිරිතකි. වළසෙකු මී වද කඩන විට පසු පසින් සිට උගේ අතින් මී වද ටික ලබා ගත හැකි බව වැව්ගම්පත්තුවේ කතාවෙකි. ඉන් කියැවෙන්නේ මී වද ටික කඩා ගන්නා තුරු ඌට වෙනත් සිහියක් නොමැති බවකි. මී වද ඇති ගසකට නැග ගන්නා වළසා ගස් බෙනයේ ඇති මී වද එකින් එක කඩා ගෙන ගසට නැග සිටින වැළහින්නගේ අතට මී වද දෙන බව වැව්ගම්පත්තුවේ පැරැන්නෝ කියති. උස් ගසක නොවේ නම් මිනිසෙකුට වුවද පසු පසින් සිට මී වද ටික අතට ගත හැකි බවද වැඩි දුරටත් දැන ගන්නට ලැබිණි. ඒ තරමටම වලසාගේ අවධානය මී වදයට ලොල් වී තිබේ.
වළසෙකු මී වද කඩන විට පසු පසින් සිට උගේ අතින් මී වද ටික ලබා ගත හැකි බව කිනම් ප්‍රදේශයක කතාවක්ද?
{ "answer_start": [ 710 ], "text": [ "වැව්ගම්පත්තුවේ කතාවෙකි" ] }
69e02753-a649-4169-a96c-2141687efc06
කෂ්ගර් යනු වසර දෙදහසට එහා ගිය ඉතිහාසයක් ඇති ඉපැරණි නගරයකි. මෙම නගරය නිර්මාණය වී ඇත්තේ කලාගාරයකට සමව යැයි කිව හැකිය. පෞරාණික නගරයට පිවිසෙන ස්ථානය තනා ඇත්තේ ඉපැරණි බළ කොටුවක හැඩයෙනි. මෙහි පැමිණෙන අමුත්තන් පිළිගැනීම සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ සම්ප්‍රදායයෙන් යුතු නැටුම් ගැයුම් සහ වැයුම් සමගය. ඉනික්බිතිව පෞරාණික නගරයේ වීදි දිගේ සංචාරය කිරීම සඳහා විශේෂිත සංචාරක රථ යොදා ගැනේ. මෙම කෂ්ගර්හි වැඩි වශයෙන් වෙසෙන්නේ උයිගුරු ජාතිකයන්ය. හන් ජාතියේ පෙනුමට වඩා ඔවුන්ගේ පෙනුම තරමක් වෙනස්ය. “වසර සිය දහස් ගණනකට එහා වූ අතීතයකට දැන් අපි ප්‍රවේශ වී සිටිමු. මේ පෞරාණික නගරයට ඔබ සාදරයෙන් පිළිගන්නෙමු.”
කෂ්ගර් නගරයේ වැඩි වශයෙන් වෙසෙන්නේ කිනම් ජාතිකයන්ද?
{ "answer_start": [ 405 ], "text": [ "උයිගුරු ජාතිකයන්ය" ] }
0c34a39e-018c-47f2-902e-250d993c939a
පොලීසිය විසින් ආරච්චිරාල අල්ලා ගැනීමට යන විට ඔහු පැන ගිය බවත් ඔහු පසුපස පන්නා අල්ලා ගත් බවත් උපපොලිස් අධිකාරියේ සාක්‍ෂියේ සඳහන් වූ බවද වීරසේකර විසින් ලියූ ලිපියේ සඳහන් වෙයි. දවස 64ක් තුළ විභාග වූ කොළඹ අපරාධ අධිකරණයේ ඇස්. සින්නදොරේ මහතා විභාග වූ නඩු ඉතිහාසයේ දිගම නඩුව වෙයි. වීරසේකර විසින් ලියූ ලිපිය කෙළවර කර ඇත්තේ මෙසේය. මාස දෙකකටත් වැඩි කලක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ මේ නඩුවේදී විනිශ්චයකාරතුමාගේ දේශනයට දවස් දෙකක් ගත විය. ජූරිය පැය තුනකින් ස්වකීය තීරණය දුන්නාය. විත්තිකරුවෝ හතර දෙනාම නිදහස් වූහ. හෙළි වූ අබිරහස් අතරට මේ හෙළි නොවූ අබිරහසක් රුවන ලද්දේ කවර හෙයින් දැයි පාඨකයාට සිතෙන්නට පුළුවන. අභිරහස යට ගියේ කෙසේ දැයි ඔබම හිතා බලන්න.
ඉතිහාසයේ දිගම නඩුව දවස් කියක් විභාග වුයේද?
{ "answer_start": [ 174 ], "text": [ "දවස 64ක්" ] }
0462b9d5-df8f-4d4c-b55c-b88e07a7d2d6
ඉංග්‍රීසීන් විසින් අපේක්ෂිත භට කණ්ඩායම් ලැබුණු පසුව ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය අධිරාජ්‍යවාදීන් විසින් ඉතා තිරස්චීන ලෙස මර්දනය කිරීමට කටයුතු කරන ලදී. ඔවුන් අවුරුදු 15ට වැඩි සියලු පිරිමින් මරා දැමීමට නියෝග නිකුත් කරන ලදී. ඉංග්‍රීසීන් විසින් ස්ත්‍රීන් දූෂණය කරන ලද අතර, කෙත්වතු, නිවාස ගිනි තබන ලදී. එසේම මහා වැව්, කුඩා වැව් සියල්ල කඩා බිද දමන ලදී. ගොවීන්ගේ කෘෂි ආර්ථිකයන්ට ඉමහත් දායකත්වයක් සැපයූ හරකුන් දහස් ගණනින් මරා දමන ලද අතර, ඔවුන්ගේ ප්‍රධාන ආහාරය බවට ද පත් කර ගන්නා ලදී. අවි ගත්තවුන් සියල්ල මරා දැමිය යුතු බවට වූ නියෝගය හේතුවෙන් කැති - උදලු අත දැරූවන් ද මරා දමන ලදී.
ඔවුන් මරා දැමීමට තීරණය කල් කවුරුන්වද ?
{ "answer_start": [ 155 ], "text": [ "අවුරුදු 15ට වැඩි සියලු පිරිමින්" ] }
6c1d83b5-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
තායිලන්ත කාන්තාවක 91 හැවිරිදි වියේදී සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමට සමත් වී තිබෙන බව වාර්තා වේ. කිම්ලාන් ජිනාකුල් නැමැති මෙම කාන්තාව පවසන්නේ තමාට තරුණ වියේදී විශ්ව විද්‍යාලයකට යෑමට අවශ්‍යතාවය තිබුණත් ඒ සඳහා අවස්ථාව නොලැබුණ බවයි. ඇගේ දරුවන් සහ මුනුබුරු මිනිබිරියන් උපාධි ලබාගනු දැක නැවතත් ඇයට ඒ සඳහා උවමනාවක් ඇතිවුණු බව ද දැඩි අධිෂ්ඨානය සහ කැපවීම හේතුවෙන් උපාධිය සම්පූරණ කැර ගැනීමට හැකියාව ලැබුණ බවද කිම්ලාන් තවදුරටත් පවසා ඇත. ප්‍රථම වරට ඇය වයස 72දී උපාධිය සඳහා ලියාපදිංචි වී ඇතත් දියණියකගේ අභාවය හේතුවෙන් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇත. නැවතත් ඇය උපාධිය සඳහා ලියාපදිංචි වී ඇත්තේ අසූපස් වන වියේදීය. ඇය උපාධිය සඳහා තෝරා ගෙන ඇත්තේ මානව පරිසර විද්‍යාව විෂයයි.
91හැවිරිදි වියේදී ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමට සමත් වූ කාන්තාව සිටිනා රට කුමක්ද?
{ "answer_start": [ 0 ], "text": [ "තායිලන්ත" ] }
5cfbd4af-11bd-4d56-b64b-0950f9d5ddb2
මානසික ආතතිය දුරු කිරීමට හා ස්නායු පද්ධතිය ප්‍රබෝධමත් කිරීමට මෙම බ්‍රෝමියම් මුසුවූ මුහුදු සුළඟ අතිශයින් උපස්ථම්භක වේ. මළ මුහුදේ මඩවලින් විවිධ රූපලාවන්‍ය ආලේපන නිෂ්පාදනය කරන කම්හල් කිහිපයක් ද අපට දැක ගන්නට ලැබිණ. විශාල වශයෙන් මෙම ප්‍රදේශයට ඇදී එන සංචාරකයින් මළ මුහුද මඩෙහි අඩංගු රෝග සුව කිරීමේ ශක්තිය උරගා බැලීම පිණිස තද කාළවර්ණ මඩ සිරුර පුරා තවරාගෙන හිරු තපිනු දැකීම මෙහි සුලභ දසුනකි. ඇතැම්හු මළ මුහුදේ ස්නානය කරන අතර තවත් පිරිස් මළ මුහුදු ජල කඳ මත පාවෙමින් පොතක් පතක් කියවති. දේශ සංචාරකයින් වැඩි පිරිසක් ඔටුවන් පිට නැගී මුහුදු සුළං විඳිමින් ඔබ මොබ ගමන් කරනු මෙහි දැකිය හැකිය.
සමහර පිරිස් පොත් කියවන්නේ කුමක් කරමින්ද?
{ "answer_start": [ 433 ], "text": [ "මුහුදු ජල කඳ මත පාවෙමින්" ] }
439b4d11-c024-4b1c-8ec0-ac85b5dc6a47
සද්ධර්මාලංකාරය හරි අපූරැ කතාවක් කියනවනේ. දුටුගැමුණු රජු එයාගේ පුතා සාලිය කුමරැ අශෝකමාලාට තමන්ගේ පතිනිය කරගත් පසුව මුලින් අමනාපව සිටියත් පසුව පුතු ස්නේහයෙන් සාලිය කුමරැටත් ලේලියටත් ආශිර්වාද කළා කියලා. ඉසුරැමුණියේ දක්නට ලැබෙන දුටුගැමුණු රජ පවුල දක්වන කැටයම මුලින් මඟුල් උයනේ තිබූ කැටයමක් බවත් පසුව මෙහි ගෙනැවිත් සවි කළ බවත් විශ්වාස කරනවා. ඉසුරැමුනියේ මිනිසා සහ අශ්ව හිස කියන කැටයම නෙළා ඇති ගල්පර්වතය පාමුලට මිනිස්සු විසිකරන කාසි වැටෙන්නේ වැවට. වැවට වැටෙන ඒ කාසි බාල්දිවලට එකතු කරන්න වෙනම කට්ටියක් එතන ඉන්නවා. ඒ අයගේ රාජකාරිය තමා ඒ කාසි එකතු කිරිල්ල.
ඉසුරැමුනියේ මිනිසා සහ අශ්ව හිස කියන කැටයම නෙළා ඇති ගල්පර්වතය පාමුලට මිනිස්සු විසිකරන කාසි වැටෙන්නේ කොහේටද?
{ "answer_start": [ 436 ], "text": [ "වැවට" ] }
937d4574-6470-4b1b-8467-ec894a78e4ee
බුධ සිකුරු ඔබට පාපී ග්‍රහයින් වන අතර කුජ ග්‍රහයා වඩාත් ශුභපල ගෙනදෙන ග්‍රහයාවේ. බුධ 3 වැන්නටද සිකුරු 4 වැන්නටද කුජ 7 වැන්නටද පැමිණ ඇත. පාපී ග්‍රහයකු වුවත් ඔබගේ ජන්ම කේන්දරයේ බුධ බලවත් නම්, ඉගෙනීමට දක්ෂ වේ. සහෝදරයින්ට යහපත්ය. නිතර ගමන් බිමන් යෙදේ. තැපැල් හෝ දුම්රිය සේවයේ රක්ෂාවන්ට කාලය යෙදේ. සිකුරු ග්‍රහයා ඔබගේ ජන්ම කේන්දරයේද 4 වැන්නේ නම් ඔබ දැනටමත් යාන, වාහන ඉඩකඩම් දේපල හිමි අයෙකි. සිකුරු 4 වැන්නේ ගත කරන දින කීපය තුළ එවැනි දේ ලැබීමටද වාසනාව ඇත. විවාහ වයසේ නම් ලස්සන සහකාරියක හඳුනා ගැනීමට ලැබේ. කුජ ඔබට වාසනාව ගෙනදෙන ග්‍රහයා වේ. විවාහ වන වයසේ පසුවන අයට මෙම කාලය තුළ විවාහ වාසනාව ලැබෙනු ඇත. මෙම ග්‍රහයින් තිදෙනාම තම ජන්ම කේන්දරයේ අශුභව පිහිටා ඇත්නම් සඳහන් කරන ලද ශුභඵල නොලැබී යාමට ඉඩ තිබෙන බවද සලකන්න.
කුජ ග්‍රහයා කුමන ආකාරයේ ග්‍රහයෙක්ද?
{ "answer_start": [ 505 ], "text": [ "වාසනාව ගෙනදෙන" ] }
fc78d423-279c-413a-b024-8da788eb88ea
කොළඹ පුරවරයේ පාලන කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන්නේ කොළඹ නගර සභාවයි. මේ කොළඹ නගර සභාවේ ඉතිහාසය සොයා යන විට එය වසර 1866 තෙක් ඈතට දිව යන්නක් ලෙස ඉතිසාසය පුරා සටහන් තබා ඇත. මේ නගර සභාවේ ආරම්භය ගැන සලකන විට මුලින්ම මතකයට එන නමක් නම් රජයේ මැනුම් දෙපාර්තමේන්තුවේ ජී. බර්ටන් මහතාය. නගර සභා ගොඩනැගිල්ලක් සඳහා කැඳවූ යෝජනාවන්ගෙන් ප්‍රසිද්ධ කර්මාන්ත කමිටුව අනුමත කොට ඇත්තේ බර්ටන් මහතාගේ නගර සභා ගොඩනැගිල්ල සඳහා වූ යෝජනාවයි. නමුත් එය අධික වියදමක් දැරිය යුතු නිසා යෝජනාව ක්‍රියාත්මක කිරීමට හිරු නොබසින අධිරාජ්‍යයේ පාලකයන් පියවර ගත්තේ නැත.
නගර සභා ගොඩනැගිල්ලක් සඳහා අනුමත කළේ කාගේ යෝජනාවද?
{ "answer_start": [ 358 ], "text": [ "බර්ටන් මහතාගේ" ] }
4c965761-b0e1-4714-96e4-5f44ae13a464
එහෙත් ඇෆ්ගනිස්ථාන පිරිමි කණ්ඩායම දිනෙන් දින ඉදිරියට යද්දී ඇෆ්ගනිස්තාන පාලක මණ්ඩලයට කාන්තා කණ්ඩායම දෙස නොබලා සිටීමට නොහැකි වීයේ 2017 වසරේදී ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දොළොස් වැනි පූර්ණ සාමාජිකයා ලෙසින් නම් කිරීම නිසාය. මේ නිසා 2020 වසරේ නොවැම්බරයේදී කාන්තාවන් 25කගෙන් සමන්විත කණ්ඩායමක් නම් කළේය. දැනට මාස දහයකට කලින් ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට හිමිවුණ ඒ වාසනාව ද දැන් ඔවුන්ට අහිමි වී ගොස් ඇති අයුරකි. තලේබාන්වරු ඇෆ්ගනිස්තානය පාලනය කළ 1996ත් 2001ත් අතර කාලයේදී තරුණියන්ට සහ කතුන්ට අධ්‍යාපනය එහෙම පිටින්ම තහනම් කළ අතර වයස අවුරුදු අටෙන් පසු පාසල් යාමට ද කොහෙත්ම ඉඩක් නොදුන්හ. එසේම පිරිමි ඥාතියකු නොමැතිව ගෙයින් එළියට යාම ද තහනම් විය. එසේ වුවත් මෙවර තලේබාන්වරුන් තරමක ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවක් පෙනෙන්නට ඇත. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් ෂින්වාරි පවසන අන්දමට තලේබාන්වරුන් එහි පිරිමි ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවසර දී ඇත. ඒ අනුව ඔවුන් ලබන නොවැම්බරයේදී ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හිදී ටෙස්ට් තරගයකට සහභාගි වනු ඇත. එහෙත් ඔහු පවසන අන්දමට කාන්තා ක්‍රිකට් සඳහා ඇෆ්ගනිස්තානයේ ඉඩක් නොලැබෙනු ඇත. මෙය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නීති උල්ලංඝනය කිරීමකි.
කාන්තාවන් 25කගෙන් සමන්විත කණ්ඩායමක් නම් කරේ කවදාද?
{ "answer_start": [ 242 ], "text": [ "2020 වසරේ නොවැම්බරයේදී" ] }
a375ad73-90e3-4d48-bb2e-13246511a867
ජීවය නිර්මාණය වනුයේ ඓන්ද්‍රීය සංයෝගය තුළිනි. එහි වෙනසක් සිදුවීම සඳහා කුඩා සහයක් අවශ්‍යය. එය ආලෝකය හෝ උෂ්ණත්වය හෝ වැනි ශක්තියක් ලද විට වෙනත් තත්ත්වයකට පත්වේ. ඔක්සිකරණය වූ මොලිබ්ඩිනම් ඇතිවන්නේ එවිටය. අඟහරු පිළිබඳ සාධකය සනාථ කෙරෙන තවත් කරුණක් වනුයේ පෘථිවිය බිහි වූ සමයේ එය සම්පූර්ණයෙන්ම ජලයෙන් වටවී තිබූ අතර අඟහරු ග්‍රහයා මත වියළි ප්‍රදේශ තිබූ බවට වන සාධකයයි. පෘථිවියේ තිබූ දියර ස්වභාවය හේතුවෙන් ජීවයේ පැවැත්ම සඳහා අවශ්‍ය වන තවත් ද්‍රව්‍යයක් වන බොරෝන් නමැති ද්‍රව්‍ය නිර්මාණය වීමට අසීරුය. බොරෝන් හමුවන්නේ සම්පූර්ණයෙන්ම වියළි කලාපවලිනි. ඒ අනුව පෘථිවිය මතට උල්කාෂ්මියක් මගින් අඟහරුගේ බොරොන් පෘථිවියට පැමිණෙන්නට ඇති බවත්, එමඟින් එහි ජීවය ඇතිවන්නට ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.
ජීවය නිර්මානය වනුයේ කුමක් තුළීන්ද?
{ "answer_start": [ 20 ], "text": [ "ඓන්ද්‍රීය සංයෝගය තුළිනි" ] }
76575461-6683-4aff-8b1e-ebe5e6edfa3d
දකුණු ඉන්දීය චිත්‍රපට බොහෝමයකත්, බොලිවුඩ් චිත්‍රපට කිහිපයකත් දුටු සුරූපි ඇමි ජැක්සන් මේ වනවිට රහසිගත ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. එක් දරු මවක් වන ඇමි මෙසේ ප්‍රේම සම්බන්ධයක් ගොඩ නගා ගෙන ඇත්තේ ජනප්‍රිය ඇමෙරිකානු රූපවාහිනි කතා මාලාවක් වූ ගොසිෆ් ගර්ල් කතා මාලාවේ චක් බාස් චරිතයට පණ පොවන ඒඩ් වෙස්ට්වික් සමගය. ඔවුන්ගේ මෙම රහසිගත ආදර සම්බන්ධය ආරම්භ වී ඇත්තේ මීට මාස දෙකකට පෙරදී බවත්, එය ආරම්භ වී ඇත්තේ සෞදි අරාබියේ පැවැති ජාත්‍යන්තර චිත්‍රපට උළලෙකදී දෙදෙනා මුණ ගැසිමෙන් පසුව බවත් සඳහන් වෙයි.
දකුණු ඉන්දීය චිත්‍රපට බොහෝමයකත්, බොලිවුඩ් චිත්‍රපට කිහිපයකත් දුටු සුරූපි ඇමි ජැක්සන් පිළිබඳව මේ වනවිට වාර්තා වන්නේ කිනම් තොරතුරක් පිළිබඳවද?
{ "answer_start": [ 94 ], "text": [ "රහසිගත ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් සිටින බවට" ] }
15b9bd31-9ff0-4807-b79e-d0fe0ff6a8c2
කෙසේ හෝ නකල්ස් කඳු පියසට හා අළුගල්ලෙන මාර්ගය බෙදෙන ස්ථානය හමුවූ අතර ඉන් දකුණු මාර්ගය දිගේ පහළට ගමන් ඇරඹුවෙමු. ඝන කැලයකින් අවට වැසුණු අතර ගුවනත නොපෙනන ලෙසම තුරු වියත සැදී තිබුණි. අළුගල්ලෙන් දක්වා කි.මී. 5 ක් පමණ ඇති අතර එම මාර්ගය තුළ දිය දහරාවන් දුසිමකට වැඩි ප්‍රමාණයක් අපට හමුවුණා. ඒ සමඟම කුඩා ගුහා පිහිටි ගල් පර්වත කිහිපයක්ද දැක ගත්තෙමු. විටෙක පසෙකින් මහා හෙලක් වූ අතර විටෙක එනසාල් අතු අතරින් වැටුණු පොළව නොපෙනන මාර්ගයක් විය. සුදු මීදුමෙන් වන පියස වෙලා ගෙන අත්භූත සිනමා පටයක භයංකර සිතුවමක් පසක් කරලීය. අඩිය තබන තබන තැන එල්ලෙන ලේ උරා බොන්නන් ගලවා වීසි කිරීමට තරම් වේලාවක් හෝ ප්‍රයෝජනයක් නොවුයේ සවස දෙක පමණ වන විට මහා වර්ෂාවත් පතිත වූ නිසාවෙනි.
එම මාර්ගය තුළ කොපමණ දිය දහරාවන් ප්‍රමාණයක් හමුවූයේද?
{ "answer_start": [ 245 ], "text": [ "දුසිමකට වැඩි ප්‍රමාණයක්" ] }