id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
48b64959-edcd-4b5a-b236-f587efdb18ed
ලොකු කුඩා විවිධ ප‍්‍රමාණවල අලින් හය හත් දෙනෙක් නිදහසේ සැරිසරන හැටි අපූරු දසුනකි. එක් උස් කෙනෙරක් අප දෙසට එන්නට ඇවිත් හොඬවැල ඔසොවා පුංචි පහේ සෙනෙහසක් පෑවාය. එහෙත් ඌ අප ගමන් කළ බස් රථයට කෙණෙහිලිකම් කළේ නැත. ගසක් ළඟට ගොස් පාඩුවේ පිට කසා ගත්තාය. දෙවුන්දර දේවාලයේ කලණ හස්තියාගේ කකුල බැඳ සිටි දම්වැලට කැපී තුවාල සිදුවීම පසුගිය දවස්වල පත්තරවල පළව තිබිණි. එබැවින් ඒ හස්තියා මේ සෆාරි ලෝකයට එක්කරන්නට අධිකරණ නියෝගයක් ලැබිණි. අපට වම් පැත්තේ සිටි එක් අලියෙක් නර්තනයකය. අත් පා එහා මෙහා තබමින් හොඬවැල වනමින් සෙල්ලම් දැමූ ඌ තරුණ ජවයෙන් පිරිපුන් එකෙකි.
පාඩුවේ පිට කසා ගත්තේ කුමක් ලඟට ගිහින්ද?
{ "answer_start": [ 205 ], "text": [ "ගසක් ළඟට ගොස්" ] }
eff39f48-a7e6-42b8-bca3-fb8deb78fec2
පසුගිය මැයි විසි වැනිදා කනිකා කපූර් නැවත වරක් විවාහ වූවාය. කනිකා යනූ ඉන්දියාවේ ප්‍රකට සිනමා සම්මාන උළෙලක් වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ කිහිප වරක් චිත්‍රපටි පසුබිම් ගායිකාවට හිමි සම්මානය දිනාගත් ගායිකාවකි. මෙවර කනිකාගේ අතගනු ලැබුවේ ව්‍යාපාරික ගෞතම් හාතිරමනිය. කනිකා හා ගෞතම් දෙදෙනා වසර කිහිපයක් තිස්සේ පෙම්වතුන් ලෙස කටයුතු කර තිබුණ අතර, ඔවුන්ගේ විවාහය මීට මාස හයක සිට සැළසුම් කළ එකක් බව සඳහන් වෙයි. කනිකා මීට පෙර විවාහ වී සිටියේද ව්‍යාපාරික පුද්ගලයෙකු සමග වන අතර, ඔහු නමින් රාජ් චන්දොක් ය.
ඇය කිහිප වරක් චිත්‍රපටි පසුබිම් ගායිකාවට හිමි සම්මානය දිනාගත්තේ කුමන සම්මාන උළලේදී ද?
{ "answer_start": [ 109 ], "text": [ "ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ" ] }
9663c2cc-a9d6-47ab-bdbd-b0eefb34b4c8
එහෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගත් ඉංග්‍රීසීන් ශ්‍රී ලාංකිකයෙකු යළිත් රජ බවට පත් කිරීමට කටයුතු නොකළහ. ඇහැලේපොළ අදහස් කළේ ඉංග්‍රීසීන්ගේ සහායෙන් තමා රජු වීමටය. එහෙත් ඇහැලේපොළ ප්‍රමුඛ උඩරට රදළවරු තැබූ බලාපොරොත්තු එකක්වත් ඉටුවූයේ නැත. එසේම ඔවුන් බලාපොරොත්තු වූ පරිදි බ්‍රිතාන්‍යයන්ගෙන් ඔවුන්ට ගරු බුහුමන්, තාන්න මාන්න, පුදසත්කාර කිසිවක් නොලැබුණි. ඔවුන්ගේ තත්ත්වය උසස් නොවුණා පමණක් නොව පෙර තිබූ තත්ත්වයද නැතිව ගියේය. මේ නිසා ඇල්ලූ අත්තත් පයගැසූ අත්තත් දෙකම නැතිව ගිය මහනුවර රදළවරු තමන් කරගත් මෝඩකම ගැන පසුතැවිලි වූහ. ශත වර්ෂ ගණනාවක් රාජකීය පාලනයට පුරුදුව සිටි රදළවරු එය අතුරුදන් වීම ගැන කලකිරුණහ.
ඉංග්‍රීසීන්ගේ සහායෙන් තමා රජු වීමට අදහස් කළේ කවුද?
{ "answer_start": [ 114 ], "text": [ "ඇහැලේපොළ" ] }
c09e9bd3-31d9-4e29-a796-edea86914f45
ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා කඩිනමින්, ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වූ බැවින්, ඇෆ්ගන් සිවිල් වැසියන් යළි තලේබාන් මූලධර්මවාදීන්ගේ අණසකට ලක් වුණැයි චෝදනා නගමින් වොෂින්ටනයේ සිටින ඇෆ්ගන් වැසියෝ සියයකට වැඩි පිරිසක් ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතාවක නියැලුණාහ. තමන් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ 2001 අල්කයිඩා ප්‍රහාරයෙන් පසු ඇෆ්ගන් තලේබාන්වරුන්ගේ ආරක්ෂාව යටතේ සැඟවුණු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා බවත් 2011 දී බින් ලාඩන් මරා දැමීමෙන් පසු එම ඇෆ්ගනිස්තානයේ ත්‍රස්තවාදයට එරෙහි කළ සටන නිමා වුණු බවත්, ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ඇමෙරිකන් හමුදා සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගත් බවත්, දැන් සියලු විදෙස් හමුදා සොල්දුදාවන් ඇෆ්ගනිස්තානයෙන් පිටවී යන බවත් පෙන්ටගනය පැහැදිලි කර තිබේ. පෙන්ටගනය යනු ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුවය.
ඇෆ්ගනිස්තනයෙන් ඉවත් වූයේ කවුරුන්ද ?
{ "answer_start": [ 0 ], "text": [ "ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා" ] }
6acea7a3-6c7c-4ee8-bc67-dde95edd3739
ඇමරිකාවේ නාසා අභ්‍යවකාශ ආයතනය පසුගිය දා හබල් අභ්‍යවකාශ දුරේක්ෂයක් උපයෝගී කරගනිමින් බ්‍රහස්පතී ග්‍රහවස්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව කරන ලද පරීක්ෂණයකින් පසුව දිලිසෙන ආලෝකයක් මෙන්ම දීප්තිමත් විද්‍යුත් වායුගොලීය සංසිද්ධියක් හේතුකොටගෙන අරුණාලෝකය මුදාහරින එකම ග්‍රහවස්තුව පෘතුවිය පමණක් නොවන බව සොයාගෙන තිබේ. මෙය පෘතුවියේ පවතින අවුරෝරා තීව්‍රතාවයට වඩා දහස් ගුණනකින් වැඩි බව නාසා ආයතනය පවසයි. මේ සම්බන්ධයෙන් යුරෝපා අභ්‍යවකාශ ආයතනය නිකුත් කළ සංයුක්ත වීඩියෝවක පැහැදිළිව දර්ශනය වනුයේ මෙම යෝධ බ්‍රහස්පතී ග්‍රහ වස්තුවේ උත්තරධ්‍රැවයේ දක්නට හැකි නිල්වන් පැහැති ආලෝක වළල්ලක් චලනය වන ආකාරයයි.
ඇමරිකාවේ නාසා අභ්‍යවකාශ ආයතනය පසුගිය දා හබල් අභ්‍යවකාශ දුරේක්ෂයක් උපයෝගී කරගනිමින් කුමන ග්‍රහවස්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබද පරීක්ෂණයක් කරන ලදිද ?
{ "answer_start": [ 83 ], "text": [ "බ්‍රහස්පතී ග්‍රහවස්තුවේ" ] }
6d89a5f9-4aef-4758-91bd-6a4d83c187fd
ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානයේ දෙවන කලාපයේ වෙරළට සමීපව හුදෙකලා වූ තවත් මයෝසීන තැන්පතුවකි මිනිහා ගල් කන්ද. මැණික් ගං මෝයෙන් කිලෝමීටර 9ක් ඊසාන දෙසටත්, පිලින්නෑව කලපුවේ සිට කිලෝමීටර 5ක් දුරින් වෙරළේ මෙම මයෝසීන හුනුගල් සැකැස්ම පිහිටයි. වෙරළ ඉම සිට බලද්දී ඇති හුණුගල් තැන්පතුවේ සිට ඉහළ තැනක නැඟී ඉන්නා මිනිස් රුවකි. සයුර දෙස සිට හමා එන සුළඟ විඳිමින් වසර ගණනාවක් තිස්සේ ඈති දියඹට නෙත් යොමා සිටින මේ හුදෙකලා මිනිසා මෙහි යන කාගේ වුවද නෙත් පළමුකොට පැහැරගනියි. ලවණ මිශ්‍ර සුළඟට කාලයක් තිස්සේ විවෘත වීම නිසා ඛාදනයට ලක්වෙමින් මිනිස් රුවකට සමාන හැඩ ගත් ගල් කුළ නිසා මෙම ස්ථානයට ‘‘මිනිහා ගල්කන්ද’’ යන නාමය ලැබී ඇත.
යාල ජාතික වනෝද්‍යානය පිහිටා ඇත්තේ කොහේද?
{ "answer_start": [ 0 ], "text": [ "ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග ප්‍රදේශයේ" ] }
49f8807c-76a2-4581-9300-9dcadb6a24af
දෙවැනි ලෝක යුද සමයේ ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ පාලනය යටතේ තිබූ හෙයින් බ්‍රිතාන්‍යයන්ගේ යුද සැලසුම්වල ප්‍රමුඛ තැනක් ගත්තේය. එවකට සිංගප්පූරුවේ පිහිටුවා තිබූ බ්‍රිතාන්‍යයන්ගේ අග්නිදිග ආසියානු හමුදා මූලස්ථානය 1942 පෙබරවාරියේදී ජපානය යටතට පත්වීමෙන් පසු එම මූලස්ථානය පිහිටවූයේ ලංකාවේය. ඉන්පසු ලංකාවද ජපාන හමුදාවේ ප්‍රහාරක ඉලක්කයක්ව පැවතුණේය. බ්‍රිතාන්‍යයන් මහා පරිමාණ යුද්ධයකට මැදිව සිටියද ඔවුන් සාමාන්‍ය ජන ජීවිතයට අදාළ රාජකාරී පැහැර හැරියේ නැත. ලොව පුරා විසිරී තිබූ බ්‍රිතාන්‍ය කොලනිවල ජීවත් වන තම රාජ්‍ය තාන්ත්‍රිකයන්ට යවන ලියුම්, ඔවුන්ගෙන් ඥාතින්ට යැවෙන ලියුම් ආදිය ප්‍රවාහනය සඳහා බ්‍රිතාන්‍ය රාජකීය තැපෑලද ක්‍රියාත්මකව පැවතුනේය. ඕස්ට්‍රේලියාව බ්‍රිතාන්‍යයන්ගේ කොලනියක් වූ හෙයින් ඕස්ට්‍රේලියාව සමඟ සබඳතා පවත්වාගෙන ගිය තැපැල් මාර්ග සියල්ල ජපනුන්ගේ සිංගප්පූරු වැටලීම නිසා අඩපණව තිබිණි.
දෙවැනි ලෝක යුද සමයේ ලංකාව තිබුණේ කාගේ පාලනයේද?
{ "answer_start": [ 26 ], "text": [ "බ්‍රිතාන්‍යයන්ගේ" ] }
6c1cb5ff-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
ජලය හිඟ වියළි කාන්තාර ප්‍රදේශවලදී පානීය ජලය ලබාගත හැකි ජීවිතාරක්ෂක උපකරණයක් නිර්මාණය කිරීමට මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ පර්යේෂකයින් පිරිසක් සමත් වී ඇත. මෙම උපකරණය භාවිතයෙන් ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ වියළි කාන්තාර ප්‍රදේශයකදී ජලය ලබා ගැනීමට පර්යේෂකයින් කටයුතු කර තිබේ. ලොව ඕනෑම කාන්තාර ප්‍රදේශයක දී මෙම උපකරණය භාවිතයෙන් ජලය ලබාගත හැකි බව ඔවුහු පවසති. සූර්යාලෝකය මඟින් මෙම උපකරණය බලගැන්වෙන අතර වාතයේ ඇති තෙතමනය ජලය බවට පරිවර්තනය කිරීම මෙමඟින් සිදුවේ. ලෝහ-කාබනික සැකැස්මේ කිලෝ ග්‍රෑමයකට ජලය ලීටර් 1 ත් 4 ත් අතර බැගින් නිපදවීමට මෙම උපකරණයට හැකි බව පර්යේෂකයෝ සඳහන් කරති. පෘථිවියේ වඩාත් ශුෂ්ක කාලගුණික තත්ත්වවලදී මිනිසුන්ට උපකාර කිරීම සඳහා මෙම නව පර්යේෂණයේ ප්‍රතිඵල යොදාගත හැකි බව මැසචුසෙට්ස් පර්යේෂකයෝ පවසති.
ජලය හිඟ වියළි කාන්තාර ප්‍රදේශවලදී පානීය ජලය ලබාගත හැකි ජීවිතාරක්ෂක උපකරණයක් නිර්මාණය කළේ කුමන ආයතනයේද?
{ "answer_start": [ 92 ], "text": [ "මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ" ] }
751ac72d-bf74-4ce9-97cd-5470abfa4204
1637 දෙසැම්බර් 23 දින වෙස්ටර්වල්ට් රජතුමාගේ තානාපතිවරු හමුවූහ. මේ සියලුදෙනා සාකච්ඡා කිරීමෙන් අනතුරුව වෙස්ට්වර්වල්ට් තීරණය කළේ පළමුව මඩකළපුවට පහරදීමටය. ඒ අනුව මෙරට පිහිටුවා තිබූ පෘතුගීසි බළකොටු අතුරින් ලන්දේසීන් විසින් පළමුව පහරදීමට තීරණය කළේ මඩකළපුවටය. හමුදාවේ දෙවන අණදෙන නිලධාරී විලම් ජේකබ්ස් කොස්ටර් ද මේ කාර්ය සඳහා නැව් තුනක් සමග කලින්ම පිටත්වී ගියේය. රජතුමාගේ තානාපතිවරු ද කස්ටර් සමග ගමන් කළේය. රාජසිංහ රජු තම සතුරා වූ ලන්දේසීන් සමග සාකච්ඡා පැවැත්වීම ආරම්භ කළ බව කපිතන් ජනරාල් දියෝගු ද මේලෝගේ කන වැටුණුවිට ලංකාවේ පෘතුගීසි බලය ආරක්ෂා කිරීමට වහාම ක්‍රියා කළ යුතු බවට ඔහු තීරණය කළේය. ජනරාල් දියෝගුට ද 1638 මුල් භාගයේ දී ආධාරක බලඇණි සැලකිය යුතු සංඛ්‍යාවක් ලැබිණි. සිංහලයින් හා ලන්දේසීන් අතර ඇතිවන්නට යන දීගය වැළැක්වීමේ අරමුණින් ඔහු විශාල සේනාවක් සමග මහනුවර ආක්‍රමණය කළේය.
හමුදාවේ දෙවන අණැදෙන නිලධාරියා කවුද?
{ "answer_start": [ 280 ], "text": [ "විලම් ජේකබ්ස් කොස්ටර්" ] }
6c1cbe6b-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
ජලය හිඟ වියළි කාන්තාර ප්‍රදේශවලදී පානීය ජලය ලබාගත හැකි ජීවිතාරක්ෂක උපකරණයක් නිර්මාණය කිරීමට මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ පර්යේෂකයින් පිරිසක් සමත් වී ඇත. මෙම උපකරණය භාවිතයෙන් ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ වියළි කාන්තාර ප්‍රදේශයකදී ජලය ලබා ගැනීමට පර්යේෂකයින් කටයුතු කර තිබේ. ලොව ඕනෑම කාන්තාර ප්‍රදේශයක දී මෙම උපකරණය භාවිතයෙන් ජලය ලබාගත හැකි බව ඔවුහු පවසති. සූර්යාලෝකය මඟින් මෙම උපකරණය බලගැන්වෙන අතර වාතයේ ඇති තෙතමනය ජලය බවට පරිවර්තනය කිරීම මෙමඟින් සිදුවේ. ලෝහ-කාබනික සැකැස්මේ කිලෝ ග්‍රෑමයකට ජලය ලීටර් 1 ත් 4 ත් අතර බැගින් නිපදවීමට මෙම උපකරණයට හැකි බව පර්යේෂකයෝ සඳහන් කරති. පෘථිවියේ වඩාත් ශුෂ්ක කාලගුණික තත්ත්වවලදී මිනිසුන්ට උපකාර කිරීම සඳහා මෙම නව පර්යේෂණයේ ප්‍රතිඵල යොදාගත හැකි බව මැසචුසෙට්ස් පර්යේෂකයෝ පවසති.
පෘථිවියේ වඩාත් ශුෂ්ක කාලගුණික තත්ත්වවලදී මිනිසුන්ට උපකාර කිරීම සඳහා මෙම නව පර්යේෂණයේ ප්‍රතිඵල යොදාගත හැකි බව පවසන්නෙ කවුරුන් ද?
{ "answer_start": [ 676 ], "text": [ "මැසචුසෙට්ස් පර්යේෂකයෝ" ] }
5f4fb1df-0a97-4c6a-bc4c-aee77bb0ecc3
මහායාන බුද්ධාගමට සම්බන්ධ එක්තරා ජපන් කතාවක ආගමික කටයුතු අතර මළගිය නෑ හිතවතුනට පින්දීම විශේෂිත ක්‍රියාවක් හැටියට සලකනු ලබයි. ඒ සඳහා මෛත්‍රි භාවනාව හා පරිත්‍යාග කිරීම් මුල්තැන්හිලා සලකනු ලබන බව දැකිය හැකිය. සිල්වත්ව මෙලොව දිවි ගෙවූ තැනැත්තකු හෝ තැනැත්තියක මරණින් මතු සුගතියක උපදින බව පිළිගැනේ. එබඳු අය වියපත් වූ විට කිසිදු දුකක් නොවිඳ ශාන්ත මරණයකට පත්වන බව ජන විශ්වාසයේ පවතී. බුද්ධ කාලයේ සිටි ධම්මික නම් උපාසකතුමාගේ මරණ මොහොත නිදසුනකි. ජීවිත කාලය පුරා පංචකාම වස්තූන්ට වහවැටී පව්කම්හි නිරතවූවන්ගේ අවසන් මොහොත අතිශය පිඩාකාරී වන බවද මරණින් මතු භයානක දුගතියකට පත්වන බවද පිළිගැනේ. අවි ආයුධ ඇතැතිව අනුන් බිය ගන්වමින් හොර මැරකම්වල නියුතු වූවන් මියයන්නේද එවැනිම වූ අවියකින් දිවි තොරවී ශෝකජනක අන්දමිනි. මෙලොවදීම විපාක දුන්නා යැයි කියන්නේ එවිටය.
මළගිය නෑ හිතවතුනට පින්දීම විශේෂ ක්‍රියාවක් ලෙස සලකනු ලබන්නේ කුමන ආගමට අනුවද?
{ "answer_start": [ 0 ], "text": [ "මහායාන බුද්ධාගමට" ] }
879e8649-924a-4689-8d96-e6a1cfe50ccd
තමන් ජීවත්වන අර්ධද්වීපය තුළ අංගසම්පූර්ණ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත වීම යාපනය ජනතාවගේ හදවත් තුළ දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවැති ප්‍රාර්ථනාවක් විය. ඔවුන්ගේ එම ප්‍රාර්ථනාව මල්පල ගැන්වූයේ එක්දහස් නවසිය හැත්තෑහතර වසරේදීය. ඒ, එවකට අධ්‍යාපන ඇමැති බද්යුදීන් මොහොමඩ්ගේ නියෝගයෙන්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ යාපනයේ මණ්ඩපය පිහිටුවීමෙනි. පසුව එක්දහස් නවසිය හැත්තෑනවයේ ජනවාරි පළමු වැනි දින එය නිදහස් ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පත්ව ‘යාපනය විශ්වවිද්‍යාලය’ යනුවෙන් හැඳින්වෙන්නට විය. විශ්වවිද්‍යාලය පැවැත්වීම සඳහා තෝරාගත් ගොඩනැගිලි පිහිටා තිබුණේ තින්නවේලිහි රාමනාදන් පාරේය. ඒවා කලින් පාසල් ගොඩනැගිලි සඳහා භාවිත වූ ඒවා විය. එක්දහස් නවසිය විසිඑකේදී සර් පොන්නම්බලම් රාමනාදන්, පරමේශ්වර විදුහල ආරම්භ කර පවත්වාගෙන ගියේ එම ගොඩනැගිලි පරිශ්‍රයෙහිය. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ උපකුලපති එල්.එච්. සුමනදාස, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ යාපනය පීඨයේ ප්‍රථම පීඨාධිපති වශයෙන් ආචාර්ය කේ. කයිලාෂපති පත්කළේය. එම පත්වීම සිදුකරන විට ඔහු විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ දෙමළ සහ හින්දු අධ්‍යයන අංශ ප්‍රධානි වශයෙන් කටයුතු කරමින් සිටියේය. ආචාර්ය කේ. කයිලාෂපති යාපනය පීඨයේ ප්‍රථම පීඨාධිපතිවරයා වශයෙන් එම වසරේ අගෝස්තු පළමු වැනි දින වැඩ භාරගත්තේය. එහි රෙජිස්ට්‍රාර්වරයා වූයේ කේ.පී.ජේ. විජේසුන්දර ය. ඔහු එවකට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ උපකුලපති කව්ද?
{ "answer_start": [ 757 ], "text": [ "එල්.එච්. සුමනදාස" ] }
0bdf457a-32da-4c66-a2b3-8bada1b9d1e1
ඇම්බර් කුට්ටියක් තුළ සංරක්ෂිතව තිබූ පිහාටු සහිත ඩයිනෝසර් වර්ගයේ සතකුගේ වලිගයක් මියන්මාරයෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩයිනෝසර් සතකුට අයත් කොටසක් ඇම්බර් තුළ තිබී හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව කැනඩා රාජකීය කෞතුකාගාරයේ විද්‍යාඥ රයන් මැකෙලර් පවසයි. මියන්මාරයේ මිට්කිනා නගරයේ ඇම්බර් වෙළඳපොලක තිබී මෙම ෆොසිලය සහිත ඇම්බර් කුට්ටිය සොයාගෙන ඇත්තේ චිනයේ බීජිං විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ ලිඩා සිං විසිනි. ආභරණ නිපදවීම සඳහා ඇම්බර් කුට්ටිය ඔපදමා තිබුණු අතර එහි හිමිකරුවා පවසා ඇත්තේ ඇම්බර් කුට්ටිය තුළ දක්නට ලැබුන දෙය ගසක අතු කැබැල්ලක් යැයි සිතා සිටි බවයි. කෙසේ වුවද සියුම්ව පරීක්ෂා කිරීමේදී එය සතකුට අයත් කොටසක් බව සොයා ගන්නා ලදී. ලිඩා සිං පවසන්නේ මෙම සතා ප්‍රමාණයෙන් දෙමලිච්චකු තරම් විය යුතු බවයි. මෙම ෆොසිලයේ අස්ථිය, මාංශමය කොටස්, පිහාටු සහ හම යන සියල්ලම සුරක්ෂිතව තිබීම පුදුම සහගත කරුණත් බවත් මෙයින් වසර දශලක්ෂ 120කට පමණ ඉහත ජීවත් වූ ඩයිනෝසරයන් ගැන තවදුරටත් කරුණු හැදෑරීමට ද සත්ත්ව පරිණාමය සම්බන්ධව හැදෑරීමට ද මහගු උපකාරයක වනු ඇති බවත් විද්‍යාඥයින් පවසයි.
මෙම ෆොසිලයේ සුරක්ෂිතව තිබූ කොටස් මොනවාද?
{ "answer_start": [ 709 ], "text": [ "ස්ථිය, මාංශමය කොටස්, පිහාටු සහ හම යන සියල්ලම" ] }
67fcd146-0426-46ad-8315-7cb9bc109a38
ඉතින් කළුවා තමා මේ දෙන්න කැලේ හංඟගෙන රැක බලාගෙන තියෙන්නේ. මේ තුන්දෙනා කාලයක්ම ඉඳලා තියෙන්නේ මහවැලි ගං ඉවුර දෙපැත්තේ තියෙන කැලෑවල. දවසක් මේ කළුවා මහවැලි ගඟේ මෙහා ගොඬේ ඉන්නකොට එයාට පේනව එහා ගොඬේ මී මැස්සො රංචුවක් මල් පැණි අරං හුන්නස්ගිරිය පැත්තට පියාඹනව. මේ මීමැස්සො මේ විදිහට පැණි අරං යන්නේ හුන්නස්ගිරිය පැත්තේ තියෙන යහන්ගල පැත්තට වෙන්න ඕනෑ කියලා හිතන කළුවත් ගඟේ ගල් උඩින් පැනපැන මී මැස්සො පස්සෙන් යන්න පටන් ගත්තා. කරුමෙකට වගේ එක ගලකින් පනිද්දි කළුවා බිම ඇදගෙන වැටිලා ඔළුව ගලක ඇනිලා එතනම මියගියා. හැබැයි එයා මිය යද්දිත් අර රැකගත්ත දරු දෙන්න ගැන තිබුණු අපමණ සෙනෙහසින් තමා අන්තිම හුස්ම හෙළුවේ. ඒ නිසාම ඔහු මිය යාමෙන් පස්සේ හුන්නස්ගිරිය කැලේම කළුබණ්ඩාර දෙවියො විදිහට යළි උපත ලබලා මේ දරු දෙන්නට ආරක්ෂාව දීලා ලොකුමහත් කරලා තියෙනව. ඉතින් ඔය කාලේ හිටපු අපේ ගෝත්‍රයේ අනිත් පිරිසත් කැලේ හිටපු මේ හුරතල් දරුවො දෙන්නට පලවැල ගෙනැත් දීගෙන එයාලා රැක බලාගෙන තියෙනවා. ඒ නිසා තමා උන්නාන්සේ අදටත් මේ ආදිවාසී ජනතාවට බැල්ම දාගෙන ඔවුන් ආරක්ෂා කරන්නේ.
දවසක් මේ කළුවා දැක්කේ කුමක්ද?
{ "answer_start": [ 193 ], "text": [ "මී මැස්සො රංචුවක්" ] }
8472cd1c-71e1-4682-bc34-20d1d5c4117b
ගමකට නමක් පටබැඳෙන්නේ එහි භූගෝලීය පිහිටීම හෝ එවකට ජන කොට්ඨාසවල විවිධ චරිත අතර ඇතිවූ සිදුවීම් මුල්කරගෙය. මෙවැනි ජනප්‍රවාදවල ඉතිහාසමය වටිනාකමක් ඇති අතර තවත් සමහරක් පරම්පරාවෙන් පරම්පරාවට ජනවහරේ පැවත එන කතන්දර වේ. ඒ අනුව පෙර යුගවල ඇති වූ සංස්කෘතික විපර්යාසයන් හා ජනජීවිතය පිළිබඳ මනා අවබෝධයක් මෙම රසවත් ජනශ්‍රැතිවලින් අපට ලබාගත හැකි වේ. වර්තමාන පාලන ප්‍රදේශ අනුව මධ්‍යම පළාතේ උතුරු කොටසෙහි පිහිටි මාතලේ දිස්ත්‍රික්කය දුරාතියේ ප්‍රසිද්ධව පැවැතියේ ජනපදයෙක් වශයෙනි. වර්තමාන මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය වූ කලී වර්ග කි.මි. 1993.3 ක් තුළ පැතිර පවත්නා මනරම් භූමි භාගයකි. සමශීතෝෂ්ණ කාලගුණික පැවතුමක් බෙහෙවින් දැකිය හැකි මෙම ප්‍රදේශය කඳුවැටි, නිම්න, ගංගා ඇළදොළ සහ දෙණිවලින් ද මනහර කෙත්වතු, වනරාජීන්ගෙන්ද සහ දුර්ලභ ගණයේ වන සිවුපාවුන්ගෙන්ද සියොතුන්ගෙන් ද අතිශයින්ම ශෝභමානය.
සමහරක් පරම්පරාවෙන් පරම්පරාවට ජනවහරේ පැවත එන්නේ මොනවාද?
{ "answer_start": [ 198 ], "text": [ "කතන්දර" ] }
3ef53b8d-9f93-4b83-8eb7-0235024b6990
ඉම්රාන් යනු මරණ දණ්ඩනය නියමව සිටින සිද්දික්ගේ රියැදුරා බව ද කියවේ. සිද්දික් යනු මාළිගාවත්තේ කුඩුනූර් සමග කුඩු ජාවාරම කරගෙන ගිය මෙරට සිටි ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකි. සිද්දික්ගෙන් පසු ඔහුගේ ජාවාරම ඉදිරියට කරගෙන යනු ලැබුවේ ඉම්රාන් විසිනි. පොලිසියට අසුනොවී කට්ටි පැන්න ඉම්රාන් කලක් ඉන්දියාවේ සිටි අතර අවසානයේ නැවතුණේ ඩුබායිවලය. මාකඳුරේ මධූෂ් සමග සමීප සබඳතා ගොඩනගා ගත් කංජිපානි ජීවත් වුණේ ද මධූෂ්ගේ නිවසට ආසන්නයේ බව ද වාර්තා වී තිබේ. ඩුබායිවලදී අත්අඩංගුවට පත්වන විටද ඔහු සිටියේ මධූෂ්ගේ දියණියගේ උපන්දින සාදයට සහභාගී වෙමිනි. ඩුබායිවලින් පිටුවහල් කරනු ලදුව ඔහු ලංකාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. දීර්ඝ කාලයක් ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබූ අතර පසුගියදා කොළඹ මහාධිකරණයෙන් ඔහුට බරපතළ වැඩ සහිත වසර හයක සිරදඬුවමක් නියම කරනු ලැබිණ. ඒ ගංජා කිලෝ පහක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේය.
සිද්දික්ගේ රියැදුරා කවුද
{ "answer_start": [ 0 ], "text": [ "ඉම්රාන්" ] }
913dc560-2a5d-4698-b75f-272b6abde38a
මේ අනුව රංජනා ඉදිරිපත් කළ උඩරට නැටුමක් අවුට් කාස්ට් ඔෆ් ද අයිලන්ඞ් සඳහා රූ ගත වූ අතර ඇය ඒ සඳහා තම යෙහෙළියන්ද අල්ගම කිරිගණිත හා ඉඹුල්ගොඩ අර්නෝලිස් යන ගුරුන්නාන්සේලාද තෝරා ගත්තාය. ඇගේ විස්මිත රංගනය ලොව පුරා සුපතළ වූයේ මේ ඉංග්‍රීසි චිත්‍රපටයත් සමගය. මෙය දුටු ජර්මනියේ රූපවාහිනී කැමරා අධ්‍යක්ෂකයෙක් ලංකාවට පැමිණ රංජනාගේ උඩරට නැටුම් රූපගත කළේය. එංගලන්තයේ දී ඉංග්‍රීසි චිත්‍රපටයේ ඇගේ නර්තනය දැක මවිත වූ ඇයට ප්‍රශංසා කොට ඇගේ පත්තරයේ පළ වූ ඡායාරූපයක් එයාමේල් කවරයේ අලවා ලංකාවට තැපැල් කර එවා ඇත. තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලංකාදීප කර්තෘ ධනපාල මහතා වෙත යොමු කළේ 1951 දෙසැම්බර් 30 වැනිදා ඉරිදා ලංකාදීප පත්‍රයේ මුල් පිටුවේ ඉංග්‍රීසි චිත්‍රපටයක රඟපෑ ලංකා නිළිය යන විස්තරය හා ඡායාරූප දැකීම නිසාය.
ලංකාදීප කර්තෘ කවුද?
{ "answer_start": [ 530 ], "text": [ "ධනපාල මහතා" ] }
6c1d842f-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
තායිලන්ත කාන්තාවක 91 හැවිරිදි වියේදී සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමට සමත් වී තිබෙන බව වාර්තා වේ. කිම්ලාන් ජිනාකුල් නැමැති මෙම කාන්තාව පවසන්නේ තමාට තරුණ වියේදී විශ්ව විද්‍යාලයකට යෑමට අවශ්‍යතාවය තිබුණත් ඒ සඳහා අවස්ථාව නොලැබුණ බවයි. ඇගේ දරුවන් සහ මුනුබුරු මිනිබිරියන් උපාධි ලබාගනු දැක නැවතත් ඇයට ඒ සඳහා උවමනාවක් ඇතිවුණු බව ද දැඩි අධිෂ්ඨානය සහ කැපවීම හේතුවෙන් උපාධිය සම්පූරණ කැර ගැනීමට හැකියාව ලැබුණ බවද කිම්ලාන් තවදුරටත් පවසා ඇත. ප්‍රථම වරට ඇය වයස 72දී උපාධිය සඳහා ලියාපදිංචි වී ඇතත් දියණියකගේ අභාවය හේතුවෙන් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇත. නැවතත් ඇය උපාධිය සඳහා ලියාපදිංචි වී ඇත්තේ අසූපස් වන වියේදීය. ඇය උපාධිය සඳහා තෝරා ගෙන ඇත්තේ මානව පරිසර විද්‍යාව විෂයයි.
91 හැවිරිදි වියේදී සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමට සමත් වූ කාන්තාවගේ නම කුමක්ද?
{ "answer_start": [ 99 ], "text": [ "කිම්ලාන් ජිනාකුල්" ] }
f2e9d909-2605-4d0d-93e7-7bbbb48f4168
මෙම ලෙන් ලිපිවලින් ලැබෙන සාක්ෂි අනුව ‘පරුමක අනුලා’ නම් කාන්තාවට උත්තිය සහ තිස්ස යනුවෙන් පුතුන් දෙදෙනකු සිටි බව තහවුරු වේ. රිටිගල සිටි ප්‍රාදේශීය නායකයකු සමඟ අනුලා විවාහ වී සිටි බවත්, සිව් මසක කාලයක් එම ප්‍රදේශයේ රාජ්‍ය විචාල බවත් දැක්වේ. ඉතිහාසඥයන් පවසන්නේ මේ අනුලා යනු දේවානම්පියතිස්ස මහ රජුගේ සොහොයුරු මහානාගගේ බිසව අනුලා‍ දේවිය බවයි. පසුව රහත් භාවයට පත්වූ ඇය භික්ෂුනියන් වහන්සේලා සමඟ මිහින්තලයට යාබද මෙහෙණි ආරාමයක වැඩවාසය කරමින් සම්බුදු ශාසනය වෙනුවෙන් මහ මෙහෙවරක් කළ බවත් ඇය වැඩ විසූ ස්ථානයේ පසු කළෙක අනුලා තෙරණියන් සිහිවීම පිණිස විශාල ගල්තලාවක් මත විහාරමහා දේවිය විසින් අනුලා දේවී දාගැබ කරවූ බවත් වංශකතාවල දැක්වේ.
අනුලා විවාහ වී සිටියේ ක සමගද ?
{ "answer_start": [ 122 ], "text": [ "රිටිගල සිටි ප්‍රාදේශීය නායකයකු" ] }
05ba98f6-88b9-47ea-a3bb-3e05507017b3
වෛද්‍යවරයා පළමු පියවර ආරම්භ කරමින් මෘත ශරීරයේ බාහිර පරීක්ෂාව සිදුකළේය. එහෙත් ඇගේ සිරුරේ බාහිරින් සැලකිය යුතු වෙනසක් දක්නට ලැබුණේ නැත. බාහිර තුවාල කිසිවක් නැත. රුධිරය වහනය වීම නිසා යම් සුදුමැලි ගතියක් දක්නට ලැබුණත් ඇයට රෝහලෙන් ලේ ලබාදී තිබූ නිසා ඒ සුදුමැලි ගතිය ද එතරම් සැලකිල්ලට ගතයුතු මට්ටමේ එකක් නොවිණ. වෛද්‍ය වාර්තා අනුව දරු ප්‍රසූතියෙන් ඇය බිහිකර තිබුණේ මළ දරුවෙකි. ඇය රෝහලට ඇතුළත් කරන විටත් යෝනි මාර්ගයෙන් අධික ලෙස රුධිරය වහනය වී ඇත. දරු ප්‍රසූතියේදී රුධිර වහනයක් සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් මෙහි එක් ගැටලුවක් තිබිණ. ඒ දරුවා ප්‍රසූත කිරීමට වෛද්‍යවරුන් ලබාදී තිබූ දින යෙදී තිබෙන්නේ තවත් මසකට පසුවය. අඩු දිනවලින් දරුවන් බිහිවීමද සාමාන්‍ය තත්ත්වයක් වන නිසා වෛද්‍යවරු ඒ සම්බන්ධයෙන්ද අනවශ්‍ය ලෙස කලබල වූයේ නැත. එහෙත් ඇගේ අධික රුධිර වහනය නිසා හිමෝග්ලොබින් ප්‍රමාණය අඩුවී තිබූ හෙයින් ඇයට අවශ්‍ය බී පොසිටිව් වර්ගයේ රුධිර කාණ්ඩයෙන් බාහිරින් රුධිරය ලබාදීමට පියවර ගෙන ඇත. පසුව ඇය දරුවා බිහි කළත් එය මළදරු උපතකි. දරු ප්‍රසූතියෙන් පැය කීපයකට පසු සෙල්වරාණි ද මිය ගියාය. මේ කිසිවක අධිකරණ වෛද්‍යවරයාට දකින්නට තරම් ගැටලුවක් නොවිණ.
දරු ප්‍රසූතියෙන් ඇය බිහිකර තිබුණේ කිනම් දරුවෙක්ද?
{ "answer_start": [ 358 ], "text": [ "මළ දරුවෙකි" ] }
f237b600-9c2f-41b3-9e11-3579fa5d8142
2013 වසරේ දෙසැම්බර් මාසයේ මෙම ආයතනය ආරම්භ කරනවාත් සමගම, නිෂ්පාදන කළමනාකරු වශයෙන් සම්බන්ධ වුණා. වසර එක හමාරක පමණ කාලයක් සේවය කරන කොට ආයතන කළමනාකාරු වශයෙන්, උසස් වීමක් සමග මෙම ආයතනය භාර දුන්නා. දැන් ආසන්න වශයෙන් අවුරුදු හයකුත් මාස දෙකක් වගේ කාලයක් ගත වී අවසන්. ඒ අනුව මෙම ආයතනය ආරම්භ කළ දවසේ සිට මෙහි සේවය කරනවා. එක අංශයකට ඇඟලුම් 600 හෝ 650 බැගින් අංශ අටකින් දවසට ඇඟලුම් 5000 ක පමණ ප්‍රමාණයක් නිපදවනවා. එය මාසයකට නම් ඇඟලුම් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්. කෙසේ වෙතත් මාසයකට ඩොලර් ලක්ෂ දෙකක පමණ ඇඟලුම් අපනයනය කරන්න උත්සාහ කරනවා.
මෙම ආයතනය මොහුට ලබා දුන් උසස් වීම කුමක්ද ?
{ "answer_start": [ 132 ], "text": [ "ආයතන කළමනාකාරු" ] }
983338de-8d68-4185-b016-8a818acd3153
මළසිරුරේ හිස බස්නාහිරට හැරවීම, මළසිරුර දර දඬුවීමට පෙර පයේ මාපට ඇඟිලි එකට බැඳීම, දෑත් එකතුකර පපුව මත තැබීම, ඇරුණු කට සකස්කර හිසේ සිට නිකට දක්වා රෙදි පටියකින් බැඳීම, ඇස් දෙක වසා දැමීම ආදී කරුණු ප්‍රධාන කරගෙන සිරුරේ අවයව මනා ලෙස සකස් කැරේ. කෙනෙකු මිය ගියවිට බිත්තියේ එල්ලා ඇති පින්තූර ගලවා දැමීම හෝ කණපිට පෙරළීම කළ යුතුය. බුලත් හෙප්පුවේ බුලත් කණපිට හැරවිය යුතුය. මිනිය තනි නොකිරීමට පැරැන්නෝ හැම විටම වගබලා ගත්හ. මිනියක් තනි කිරීම බරපතළ වරදක් ලෙසට එදා සැලකූහ. මළ පුද්ගලයාගේ තරාතිරම අනුව ආරක්ෂා සංවිධාන ක්‍රමවත්ව සම්පාදනය කොට තිබුණි. මේ අනුව අවසන් දිනය වනතුරුම මිනිය තනි නොකර නිවසේ තබාගැනේ.
එදා බරපතල වැරද්දක් ලෙස සැලකුවේ කුමක්ද?
{ "answer_start": [ 409 ], "text": [ "මිනියක් තනි කිරීම" ] }
e8f453ba-8b3e-47d2-85e5-c914870494c2
සූරියකන්ද මෝනිං සයිඩ්හි දොළක තිබී සොයාගත් නව කෙකටිය විශේෂයක් නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතාට උපහාරයක් ලෙස නම් කළ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. ඇපනොජෙටෝන් කන්නන්ගරෙයි ලෙස නම් කර ඇති මේ නව කෙකටිය විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික වන අතර එය අරුණාලෝක අඩිවියේ පමණක් දැකිය හැකි හෙවත් ස්ථානීය ආවේණිකත්වයක් පෙන්වන අතිශය දුර්ලභ විශේෂයක් ද වෙයි. මෙය දැනට හමුවී අරුණාලෝක අඩවියේ දොළ මාර්ග දෙකකින් පමණි. මෙම ස්ථානය පිහිටියේ සිංහරාජ වනාන්තරයේ සූරියකන්ද පෙදෙසේය. ගාල්ල හා මාතර දිස්ත්‍රික් දෙකෙහි ජෛව විවිධත්ය පිළිබඳ කරන ලද ගවේෂණයක් අතරතුර 2012 වර්ෂයේ දී මේ කෙකටිය විශේෂය හමු වූ බව එම සංගමයේ සභාපති පරිසරවේදී මධුර ද සිල්වා මහතා පවසයි. එය මෙතකේ ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබූ කෙකටිය විශේෂවලට වඩා වෙනස් විශේෂයක් විය හැකියැයි සිතූ ඔවුන් ඒ පිළිබඳ පර්යේෂණ ආරම්භ කරන ලදී. ඉන් වසර හතරකට පසුව 2016 අගෝස්තු මාසයේ දී මේ කෙකටිය විශේෂය ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති කෙකටිය විශේෂවලට වඩා වෙනස් බවත් එය ශ්‍රී ලංකාවට ආවේණික නව කෙකටිය විශේෂයක් බවත් විද්‍යාඥයන් විසින් තහවුරු කර තිබේ.
නිදහස් අධ්‍යාපනයේ පියා කව්ද?
{ "answer_start": [ 87 ], "text": [ "සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර" ] }
17f38521-c569-4ede-9be4-c134f6fa08fb
යානය විනාශ කළේ පොළොවේ සිට උඩු ගුවනට විදිය හැකි දිගු දුර මිසයිල යොදා ගෙන යැයි ද පැවැසිණි. මේ අතර, රුසියාව කියා සිටියේ යුක්රේන ගුවන් හමුදාවට අයත් ප‍්‍රහාරක ජෙට් යානයක් මැලේසියා මගී යානයට පහර දුන් බවය. මැලේසියා යානයේ විනාශය සම්බන්ධ රුසියානුවන් ඇඟිල්ල දිගු කළේ යුක්රේන හමුදාවටය. ඔවුන් ඇඟිල්ල දිගු කළා පමණක් නොව, චෝදනා ඔප්පු කිරීමට සාක්ෂියක් ද ඉදිරිපත් කළේය. එම සාක්ෂිය චන්ද්‍රිකා ඡායාරූපයකි. කෙසේ නමුත් ලෝකයාගේ ඇසින්, මගී යානය විනාශ කිරීමේ සිදුවීමේදී අංක එකේ සැකකරු වූයේ රුසියාවය. යානය විනාශ වීමේ සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ඔප්පු කිරීමට රුසියාව ප‍්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ යුතුව තිබුණි. ඔවුන් චන්ද්‍රිකා ඡායාරූප එළිදැක්වූයේ ඒ අනුවය.
ප්‍රහාරක ජෙට් යානා මගින් පහර දුන්නේ කුමකටද
{ "answer_start": [ 175 ], "text": [ "මගී යානයට" ] }
e66f262b-01f9-4ecf-ae4a-a625ad3a17bb
ශ්‍රී ලංකාව අද වන විට ගොදුරු වී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගත හැකි මාර්ගය හා ඒ සඳහා අනුගමනය කළ යුතු උපාය මාර්ග පිළිබඳ කරු ජයසූරිය ඇතුළු පිරිසක් විසින් සිදුකර ඇති දීර්ඝ අධ්‍යනයකින් පසු පවත්වා ඇති කතිකාවතක් පසුගිය දා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආර්ථික විශේෂඥයන් හා ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයෝ රැසක් ඊට සහභාගි වූහ. පසුගිය සඳුදා දවස පුරාම සිදුකර ඇති මෙම කතිකාව සම්බන්ධීකරණය කර ඇත්තේ මහාචාර්ය රොහාන් සමරජීව විසිනි. එම කටයුත්තේ අරමුණ වූයේ පවත්නා ආර්ථික අර්බුදය ජයගත හැකි ආකාරය අදාළ අංශවලට පෙන්වා දෙන්නටය. ඒ අනුව මෙවන් පරිසරයක දී අනුගමනය කළ යුතුව ඇති අවම පොදු වැඩපිළිවෙළක් හඳුන්වා දෙන්නට එහි දී තීරණය විය. එම වැඩපිළිවෙළ මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම කතිකාව සම්බන්දීකරණය කලේ කව්ද?
{ "answer_start": [ 385 ], "text": [ "මහාචාර්ය රොහාන් සමරජීව" ] }
45f17298-17f9-42a2-b2ee-12770f553a34
දූවිල්ලෙන් ගැවසුණු, අපිරිසුදු මංමාවත් සහිත සැම විටම දැඩි රථවාහන තදබදයෙන් මංමාවත් පිරී ගිය, එහෙත් වර්තමානයේ දකුණු ආසියාවේ සියලුම රටවල් අතරින් ඉහළම සංවර්ධන වේගය හිමිකරගෙන සිටින රටක අගනගරයේ දින කීපයක් ගත කිරීමේ අපූරු අවස්ථාවක් අපට හිමි විය. ශ්‍රී ලංකාව සියයට 4.5ක සංවර්ධන වේගයක් ද දකුණු ආසියානු කලාපයේ බලවතා වන ඉන්දියාව සියයට 7ක සංවර්ධන වේගයක් ද පෙන්වද්දී කලක් මේ සෑම රටකටම පිටුපසින් සිටි දරිද්‍රතාවයෙන් පිරී ගිය බංග්ලාදේශය ඒ සියලු දුක් කම්කටොලු පරදවමින්, දකුණු ආසියාවේ සෑම රටක්ම පරදවමින් සියයට 9ක් වූ විස්මිත සංවර්ධන වේගයක් අත්කර ගැනීමට සමත්ව සිටියි.
ශ්‍රී ලංකාව සංවර්ධනය වන්නේ කොපමණ වේගයකින්ද ?
{ "answer_start": [ 250 ], "text": [ "සියයට 4.5ක" ] }
f09fa338-231b-4594-9d2a-8d05756b5976
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නැතැයි බෝ නොවන රෝග පිළිබඳ එරට ප්‍රමුඛතම විශේෂඥයා ලෙස සැලකෙන වෛද්‍ය ඇන්තනි ෆවුචි අද පැවැසීය. නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා සොයාගත් එන්නත මේ වනවිට සංවර්ධනය කෙරෙමින් තිබෙන බැවින් ජාතික වශයෙන් රට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නැතැයි හෙතෙම කීය. සිය එන්නත සියයට 90 කින් පලදායී යැයි ෆයිසර් සමාගම මේ සතිය මුලදී නිවේදනය කළ අතර ලබන වසරේ අප්‍රේල් හෝ මැයි හෝ මාස වනවිට ඇමෙරිකානුවන්ට එන්නත ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ඔහු කීවේය. ඒ.බී.සී. පුවත් නාලිකාව කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් වෛද්‍ය ෆවුචි එම කරුණු සඳහන් කළේය. දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වැඩි වීමත් සමඟ මුළු රටටම බලපැවැත්වෙන පරිදි අගුළු දැමීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇත්දැයි ඒ.බී.සී. පුවත් නාලිකාවේ රොබින් රොබට්ස් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කීය. එහෙම කරන්න වුවමනා වෙන එකක් නැහැ. ඇත්තටම අගුළු දමන්න අවශ්‍ය නැහැ. අගුළු නොදමා අපට මේක කරගන්න පුළුවන්. ඇත්තටම පුළුවන්. යැයි වෛද්‍ය ෆවුචි කීය. ඇමෙරිකාවේ ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය ඇන්තනි ෆවුචි ය. හෙතෙම 1984 වසරේ සිට එම ධුරය හොබවන අතර එම ආයතනය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනයේ අනුබද්ධ ආයතනවලින් එකකි. නව කොරෝනා වයිරසය හේතුවෙන් විඩාවට පත්ව පීඩා විඳින පිරිසට කුමක් කියන්නේ දැයි විමසූ විට වෛද්‍ය ෆවුචි මෙසේ කීය. අපිට ළඟ ළඟම උදව් එනවා. එන්නත් විශාල සහ ධනාත්මක බලපෑමක් කරාවි. මේ අතර ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව බදාදා දිනයේදී ඇමෙරිකාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 144,133 ක් විය. එය මේ දක්වා ගෙවුණු කාලයේදී ඇමෙරිකාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ද වේ.
ඇමෙරිකාවේ ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය ඇන්තනි ෆවුචි කටයුතු කරන්නේ කුමන වසරේ සිටද?
{ "answer_start": [ 1059 ], "text": [ "1984 වසරේ සිට" ] }
dcabb29c-ece4-4c2f-ae0e-0cdd9ee83261
රවි සමග ගුරු ශනි ඔබේ කේන්ද්‍රයේ ලග්නයේ ගමන් කිරීම නිසා සුබාසුභ මිශ්‍රඵල ගෙන දෙනු ඇත. ශාස්ත්‍රීය හා අධ්‍යාපන කටයුතුවලට සුබඵලදායක වේ. වැඩිදුර ඉගෙනීමකට දොරටු විවර වෙයි. පෙරපින හා වාසනාව උදාවේ. උසස් අයගේ උපකාර ලැබේ. දැඩි ලෙස අවිවේකී කාලයක් වනු ඇත. හිසේ රෝග, උෂ්ණාධික රෝගවලින් පරෙස්සම්වන්න. සෙනසුරු දශා ගත කරන අය ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. ඔබේ කේන්ද්‍රයේ දොළොස්වැන්නේ රවි සමග ගුරු, ශනි ගමන් කිරීම අපලදායක වේ. ඔබ සාර්ථකව කරගෙන ආ කටයුතුවලට තරමක බාධා ඇතිවිය හැකියි. විදේශ ගමන් පිළිබඳව තිබූ බලාපොරොත්තු ඉටුවීමට බොහෝදුරට ඉඩ ඇත. රැකියා කටයුතුවලදී උසස් නිලධාරින් අමනාපවීමට ඉඩ ඇති නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. වියදම් පාලනය කර ගන්න. නීති විරෝධී කටයුතුවල නිරත නොවන්න. උෂ්ණාධික රෝග ගැන සැලකිලිමත් වන්න.
රැකියා කටයුතුවලදී අමනාපවීමට ඉඩ ඇත්තේ කවුරුන්ද?
{ "answer_start": [ 542 ], "text": [ "උසස් නිලධාරින්" ] }
7ec0b7b6-4f08-4679-8738-6eda87d55b8b
රුසියානු හමුදාව හමුවේ යුද්ධයෙන් අසරණ වී සිටින යුක්රේන වැසියන් මුණ ගැසීමට හොලිවුඩ් සිනමා නිළි ඇන්ජලීනා ජොලී මීට දින කිහිපයකට පෙර එහි සංචාරය කර තිබුණි. වාර්තා වන අන්දමට ඇය විසින් මෙහිදි ඇමෙරිකානු ඩොලර් මිලියන 10කට අධික ඇඳුම්, කෑම බීම, බෙහෙත් වර්ග මෙහිදි යුක්රේන වැසියන්ට බෙදාදී ඇත. ඇය පවසන්නේ ඉදිරියේදී තම පදනම හරහා යුක්රේන වැසියන්ට උදව් කිරිමට තමන් සැළසුම් කරමින් සිටින බවය. එමෙන්ම රුසියාව විසින් මේ එල්ල කළ යුද ප්‍රහාරද සම්පුර්ණයෙන්ම හෙළා දකින බවද ඇන්ජලිනා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා තිබුණි.
හොලිවුඩ් සිනමා නිළි ඇන්ජලීනා ජොලී යුක්රේන වැසියන්ට බෙදාදී ඇත්තේ මොනවාද?
{ "answer_start": [ 217 ], "text": [ "ඇඳුම්, කෑම බීම" ] }
54f50c5e-3cc2-4d79-91b8-b5e217fb4d95
මේ විශ්වයේ ජීවය පවතින එකම ස්ථානය පෘථිවිය පමණක් නොවේ. පෘථිවියට දුර ඈත පිහිටි වෙනත් තාරකා වටා භ්‍රමණය වෙන බහිර් ග්‍රහයින් බොහොමයකි. ජීවය පවතින්නට අවශ්‍ය සාධක සහිත ග්‍රහලෝක රැසක් මේ විශ්වයේ තිබෙන බව සොයාගෙන අවසන්ය. ඒ බව සොයාගැනීමට හැකිවූයේ නාසා ආයතනය විසින් ජීවය පැවතිය හැකි වෙනත් ග්‍රහලෝක පිළිබඳව කළ පර්යේෂණයක් නිසාය. වඩා ඝනකම් වායුගෝලයක් සහිත, සෙමෙන් භ්‍රමණය වන, මහද්වීප වැනි ගොඩබිම් පෙනෙන්නට තිබෙන ග්‍රහලෝකවල සාගරය පහසුවෙන් උතික්ෂිප්ත වන බව පර්යේෂක කණ්ඩායම සොයා ගත්හ. ඒ අනුව, ජීවය පැවැත්ම සඳහා වඩා සුදුසු වාතාවරණයක් සහිත සාගර, මෙම ග්‍රහලෝකවල තිබේ.
වෙනත් තාරකා වටා භ්‍රමණය වෙන ග්‍රහයින් හදුනවන නම කුමක්ද?
{ "answer_start": [ 104 ], "text": [ "බහිර් ග්‍රහයින්" ] }
57f52d71-09a4-4a36-a42c-5d219c894317
ඇමරිකාවේ නාසා අභ්‍යවකාශ ආයතනය පසුගිය දා හබල් අභ්‍යවකාශ දුරේක්ෂයක් උපයෝගී කරගනිමින් බ්‍රහස්පතී ග්‍රහවස්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව කරන ලද පරීක්ෂණයකින් පසුව දිලිසෙන ආලෝකයක් මෙන්ම දීප්තිමත් විද්‍යුත් වායුගොලීය සංසිද්ධියක් හේතුකොටගෙන අරුණාලෝකය මුදාහරින එකම ග්‍රහවස්තුව පෘතුවිය පමණක් නොවන බව සොයාගෙන තිබේ. මෙය පෘතුවියේ පවතින අවුරෝරා තීව්‍රතාවයට වඩා දහස් ගුණනකින් වැඩි බව නාසා ආයතනය පවසයි. මේ සම්බන්ධයෙන් යුරෝපා අභ්‍යවකාශ ආයතනය නිකුත් කළ සංයුක්ත වීඩියෝවක පැහැදිළිව දර්ශනය වනුයේ මෙම යෝධ බ්‍රහස්පතී ග්‍රහ වස්තුවේ උත්තරධ්‍රැවයේ දක්නට හැකි නිල්වන් පැහැති ආලෝක වළල්ලක් චලනය වන ආකාරයයි.
පසුගිය දා හබල් අභ්‍යවකාශ දුරේක්ෂයක් උපයෝගී කරගනිමින් බ්‍රහස්පතී ග්‍රහවස්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පරික්ෂයක් සිදුකල ආයතනය කුමක්ද?
{ "answer_start": [ 0 ], "text": [ "ඇමරිකාවේ නාසා අභ්‍යවකාශ ආයතනය" ] }
b3b45b23-35cb-48dc-8b0f-fe51f0738b8d
මම මැරෙන කොට හිටියෙ වහළට ටකරන් දාපු ගෙදරක. ඒ ගෙදරට යන පාරේ ලොකු ගල් තිබුණා. අපිට තිබුණේ පුංචි ගෙයක්. පෙර භවය හෙළි කළ දැරියක් පැවසුවාය. එම දැරිය උපත ලබා තිබුණේ උළු සෙවිලි නිවසකය. මම ඉස්සර හිටපු ගෙදර ලොකු ගෙයක්. ගේ ඉස්සරහ කොළ පාට ලොකු ගේට්ටුවක් තිබුණා. ඒ ගෙදර කාමර පහයි යනුවෙන් තවත් දරුවෙක් ප්‍රකාශ කළේය. අපි හිටිය ගෙදර තට්ටු දෙකයි. මට උඩ තට්ටුවෙ වෙනම කාමරයක් තිබුණා. මේ ගෙදරට වැඩිය ඒ ගෙදර හරි ලොකුයි යනුවෙන් පෙර භවය හෙළි කළ තවත් දරුවෙක් පැවසීය. අපි හිටපු පොල් අතුගෙදර වැහිදාට බිම තෙමෙනවා. තාත්ත පුටුවකට නැගල වහළ හදනවා. ඒ ගෙදරට ගියේ වෙල්යායක් මැද්දෙන්. පෙර භවය හෙළි කළ තවත් දැරියක් පැවසුවාය.
පෙර භවය හෙළි කිරීමේදී ටකරන් ගෙදරක් ගැන පැවසූ දැරිය උපත ලැබුවේ කොහේද?
{ "answer_start": [ 159 ], "text": [ "උළු සෙවිලි නිවසකය" ] }
a0af381b-4625-4b17-b349-6f98498e66fd
ට්‍රැක්ටරයක් පිළිබඳව අනාවරණය කරමින් පෙර භවයේ සිදුවූ අනතුරක් හෙළි කළ තවත් දරුවෙක් උපත ලැබුවේ 1979 වසරේදීය. කුරුණෑගල රෝහලේ දී උපත ලද උපුල් නම් එම දරුවා ප්‍රකාශ කළේ පෙර භවයේ දී අනුරාධපුරයේ ජීවත්ව සිටි බවය. කුඩා කලදී මව විසින් ඔහුට ගෙන දුන් සෙල්ලම් ට්‍රැක්ටරයකට අධික බියක් දක්වන බැව් මවට දක්නට ලැබිණි. ඒ පිළිබඳව විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ අනුරාධපුර සිටියදී ට්‍රැක්ටර් අනතුරක් සිදුවූ බවය. අනුරාධපුරයේ සිටිය දී විවාහක පුද්ගලයෙකු බව ද පැවසූ එම දරුවා අනාවරණය කළ පෙර භවයේ ඥාතීන් හමුවීමට ද එම දරුවාට හැකියාව ලැබිණි. පෙර භවයේ බිරිය හඳුනා ගැනීම ද මෙම දරුවාගේ පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කියක් විය. පෙර භවයේ දී මරණයට පත්වූයේ 1966 වසරේ දී බැව් ඒ පිළිබඳව සිදුකළ පර්යේෂණයේ දී අනාවරණය විය.
එම දරුවාගේ නම කුමක්ද?
{ "answer_start": [ 131 ], "text": [ "උපුල්" ] }
b9216f48-37d2-44f2-b247-d43fb3b681b7
එකල ඇල්ෆ්‍රඩ්ට වරායේ රැකියාවෙන් ලැබුණු මාසික පඩිය රුපියල් 210කි. නිවාඩු ප්‍රශ්නය ඇදුණු වෙලේ ගුණරත්නම් කියා ඇත්තේ මාසයකට රුපියල් පන්සියය බැගින් ගෙවන්නට රැකියාවෙන් අස්වී සිනමාස් සමාගමට බැඳෙන ලෙසය. එහෙත් ඇල්ෆ්‍රඩ් ඊට අකමැති විය. ඔහු කියා ඇත්තේ විශ්‍රාම වැටුපක් සහිත කරමින් සිටින රැකියාව ඊට වඩා සුරක්ෂිත බවයි. බොහෝ නළු නිළියන් එකල සිනමාස් සමාගමේ මාසයේ වැටුපට සේවය කළහ. එයට විරුද්ධ වූ තවත් නළුවකු නම් ලැඩී රණසිංහය. ඔහු බොහෝ විට රුපියල් පන්සියයක් දෙන චිත්‍රපටයකට රුපියල් 30,000ක් ඉල්ලා සිටියේය. ඒ ලැඩීගේ මුල්ම චිත්‍රපටය වූ ‘ප්‍රේමතරගය'ටය. එහිදී ඔහුට ඉල්ලූ මුදල නොලැබුණද රුපියල් 10,000ක් ලබා ගත හැකි විය. එය එකල හැටියට විශාල මුදලකි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාස් සමාගම සමග එක්ව ‘සන්දේශය’ අධ්‍යක්ෂණය කිරීමේදී තම්මිට චරිතය සඳහා ගුණරත්නම් යෝජනා කර ඇත්තේ ඇල්ෆ්‍රඩ් එදිරිමාන්නය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාස් සමාගම සමග එක්ව අධ්‍යක්ෂණය කර සිනමා නිර්මාණය කුමක්ද?
{ "answer_start": [ 679 ], "text": [ "සන්දේශය" ] }
03aaecb7-91ef-4793-92e9-42feffe79e7c
මේ සියල්ල අතරේ කරන්නට දෙයක් නොමැති සේ හිංසනවලට අසුවෙන චරිතවත් කාන්තා පිරිසක් වෙති. එම නිසාම ඔවුන්ගේ සීමාව ඉක්මවා ගොස් පිරිමින්ට බැණ වැදී කුඩ පහර දුන් පිරිසද මෙහි ස්ථීර මගියෝ වෙති. දකුණු කළුතරින් කොටුව බලා යන දුම්රියට ගොඩවෙන අංජුල යනු වයස 28ක පමණ විවාහක එක් දරු පියෙකි. ඔහු සවස එම දුම්රියෙන්ම නිවස බලා යෑම නියත පුරුද්දක් කොට ගෙන ඇත. එම නිසාම කොණ්ඩය හොඳට පීරාගෙන සුවඳ පැන් ගත හලාගෙන පැණි සිනහවකින් දුම්රිය එනතුරු මහලේකම් කාර්යාලය අසළ රැඳෙයි. අහම්බෙන් හෝ නිතරම දුම්රියේ නොයන මගීන් බොහෝවිට ගොඩවන්නේ දුම්රියේ මැද පෙට්ටි තුළටයි. නමුත් පැරණි මගීන් ගොඩවන්නේ බොහෝවිට අවසන් පෙට්ටි කිහිපයටයි.
අංජුලගේ වයස කීයද?
{ "answer_start": [ 234 ], "text": [ "වයස 28ක පමණ" ] }
fb35496f-23f2-4e4f-a8c4-093a756f9859
ඒ කාලේ රජගල, පියංගල, පුළුකුණාව අපට තිබුණ ළඟම පොලිස් ස්ථානය වුණේ උහන පොලිසිය. ඒකත් කිලෝමීටර් ගාණක් අනාරක්ෂිත පාරෙ යන්න ඕන. ඊට පස්සේ මම ජේ. ආර් ජයවර්ධන ජනාධිපති තුමාට පුද්ගලිකව කතා කරලා මේ අනාරක්ෂිත බව කිව්වා. එයට ප්‍රතිචාර වශයෙන් තමයි බක්කිඇල්ල පොලිසිය 1985 දී පටන් ගත්තේ. මේ බක්කි ඇල්ල පොලිසිය යුද්දෙ ඉවර වෙනකල්ම නිදහසක් තිබුන පොලිසියක් නෙවෙයි. ඒ තරම් කොටි ගැහුවා. මේ පොලිසියේ හිටපු ස්ථානාධිපති රංජිත් රූපසිරි මහත්තයාව එල්ටීටීඊයෙන් මැරුවා. ගම්මාන රකින්න, මාර්ග සෝදිසියට ගිය බක්කිඇල්ල පොලිසියේ නිලධාරීන් විශාල පිරිසක් ඔවුන් මරලා දැම්මා. ඔන්න ඔහොමයි වුනේ.
උහන පොලිසිය වෙත ගමන් කරන මාර්ගය අනාරක්ෂිත බව පැවසූයේ කා හටද?
{ "answer_start": [ 134 ], "text": [ "ජේ. ආර් ජයවර්ධන ජනාධිපති තුමාට" ] }
535c36f7-b58d-4c5f-8d3e-8c86cb39f476
ලොව පුරා කලින් කලට විවිධ ලෙඩ රෝග හා වසංගත පැතිර යාම වර්තමානයේ සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබේ. පසුගිය දිනවල අප රටේ ද ඉන්ෆ්ලුඑන්සා ඒ නොහොත් එච්1එන්1 වෛරසය මගින් ඇති කරන ලද උණ රෝගය පැතිර ගියේය. සාමාන්‍යයෙන් මෙම රෝගය බෝවන්නේ රෝගියකුගේ කෙළ හා සොටු දියරවලිනි. එච්1එන්1 වෛරසය ලොව පුරා බහුලව පැතිර ගියේ 2009 වසරේ වුවද එය මුලින්ම ව්‍යාප්ත වූයේ මින් සියවසකටත් ඉහත එනම් 1918 වැනි කාලයේය. මිලියන ගනනකට මරු කැඳවූ එම වසංගතය එකල හැඳින්වූයේ ස්පාඤ්ඤ ඉන්ෆ්ලුඑන්සාව නමිනි. 1918ත් 1919ත් අතර කාලයේ ලා ග්‍රිපෙ, ලා ග්‍රිපෙ එස්පැනොලා නොහොත් ස්පාඤ්ඤ ඉන්ෆ්ලුඑන්සාවෙන් ලොවපුරා ජනගහනයෙන් මිලියන 50ත් 100ත් අතර පිරිසක් මරණයට පත් වූ බවට වාර්තා විය. මානව ඉතිහාසයේ ඇති වූ මාරාන්තික වසංගතයක් වශයෙන් එය ඉතිහාසගතය.
1918ත් 1919ත් අතර කාලයේ ලා ග්‍රිපෙ, ලා ග්‍රිපෙ එස්පැනොලා නොහොත් ස්පාඤ්ඤ ඉන්ෆ්ලුඑන්සාවෙන් ලොවපුරා ජනගහනයෙන් කොපමණ පිරිසක් මරණයට පත් වූයේද?
{ "answer_start": [ 563 ], "text": [ "මිලියන 50ත් 100ත් අතර පිරිසක්" ] }
cd934fae-c3fd-427c-b40f-3721a59f4b08
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නැතැයි බෝ නොවන රෝග පිළිබඳ එරට ප්‍රමුඛතම විශේෂඥයා ලෙස සැලකෙන වෛද්‍ය ඇන්තනි ෆවුචි අද පැවැසීය. නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා සොයාගත් එන්නත මේ වනවිට සංවර්ධනය කෙරෙමින් තිබෙන බැවින් ජාතික වශයෙන් රට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නැතැයි හෙතෙම කීය. සිය එන්නත සියයට 90 කින් පලදායී යැයි ෆයිසර් සමාගම මේ සතිය මුලදී නිවේදනය කළ අතර ලබන වසරේ අප්‍රේල් හෝ මැයි හෝ මාස වනවිට ඇමෙරිකානුවන්ට එන්නත ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ඔහු කීවේය. ඒ.බී.සී. පුවත් නාලිකාව කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් වෛද්‍ය ෆවුචි එම කරුණු සඳහන් කළේය. දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වැඩි වීමත් සමඟ මුළු රටටම බලපැවැත්වෙන පරිදි අගුළු දැමීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇත්දැයි ඒ.බී.සී. පුවත් නාලිකාවේ රොබින් රොබට්ස් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කීය. එහෙම කරන්න වුවමනා වෙන එකක් නැහැ. ඇත්තටම අගුළු දමන්න අවශ්‍ය නැහැ. අගුළු නොදමා අපට මේක කරගන්න පුළුවන්. ඇත්තටම පුළුවන්. යැයි වෛද්‍ය ෆවුචි කීය. ඇමෙරිකාවේ ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය ඇන්තනි ෆවුචි ය. හෙතෙම 1984 වසරේ සිට එම ධුරය හොබවන අතර එම ආයතනය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනයේ අනුබද්ධ ආයතනවලින් එකකි. නව කොරෝනා වයිරසය හේතුවෙන් විඩාවට පත්ව පීඩා විඳින පිරිසට කුමක් කියන්නේ දැයි විමසූ විට වෛද්‍ය ෆවුචි මෙසේ කීය. අපිට ළඟ ළඟම උදව් එනවා. එන්නත් විශාල සහ ධනාත්මක බලපෑමක් කරාවි. මේ අතර ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව බදාදා දිනයේදී ඇමෙරිකාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 144,133 ක් විය. එය මේ දක්වා ගෙවුණු කාලයේදී ඇමෙරිකාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ද වේ.
බෝ නොවන රෝග පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපදයයේ ප්‍රමුඛතම විශේෂඥයා කවුද?
{ "answer_start": [ 157 ], "text": [ "වෛද්‍ය ඇන්තනි ෆවුචි" ] }
6ef019ca-567b-4f75-b289-2fcf4cdd92e4
දුම් ඇල්ලීම සඳහා යෝග්‍ය ඉලෙක්ට්‍රෝනික දුම් කබලක් නිපදවීමට කුරුණෑගල වැල්ලව නව නිපැයුම්කරුවෙක් සමත්වී සිටී. වෘත්තියෙන් වෑල්ඩින් කාර්මික ශිල්පියකු වන ඔහු නමින් ඊ.එම්. ජනක ප‍්‍රියන්ත ඒකනායක ය. විදුලි ස්ත‍්‍රික්කයක විද්‍යුත් ක‍්‍රියාවලිය උපයෝගී කරගෙන මෙම ඉලෙක්ට්‍රොනික දුම් කබල මොහු විසින් නිපදවා තිබේ. නිවෙසේ භාවිත කරන විදුලි ස්විචයට විනාඩි 4 ක් පමණ සම්බන්ධ කර දුම් කබල රත්වූ පසුව සුවඳ දුම් කුඩු දමා දුම නිපදවා ගැනීමට මෙමගින් හැකිවෙයි. ‘ මා මෙය නිර්මාණය කරන්න හිතුවේ වෑල්ඩින් කාර්මික ශිල්පියකු ලෙස සේවය කරන කාලයේ සිටයි. මගේ හිතට නිතරම වද දෙනන් වුණා. මොනවා හරි නිර්මාණයක් කරන්න ඕනෑ කියලා. ඒ අනුව තමයි මෙම ඉලෙක්ට්‍රෝනික දුම් කබල නිදවන්න මගේ හිතට ආවේ. දැනට භාවිත කෙරෙන පොල්කටු දුම් කබලට වඩා ඉලෙක්ට්‍රෝනිකව දුම නිපදවීම ඉතා සුදුසු බවයි මගේ මතය. පොල්කටු සෙවීම, එය ගිනි දැල්වීම සහ ගතවන කාලය දෙස බැලූ විට මෙය විනාඩි 4 ක් වැනි ඉතා කෙටි කාලයකින් ප‍්‍රයෝජනයට ගන්න පුළුවන්.
මා මෙය නිර්මාණය කරන්න හිතුවේ වෑල්ඩින් කාර්මික ශිල්පියකු ලෙස සේවය කරන කාලයේ සිටයි. මගේ හිතට නිතරම වද දෙනන් වුණා. මොනවා හරි නිර්මාණයක් කරන්න ඕනෑ කියලා. ඒ අනුව තමයි මෙම ඉලෙක්ට්‍රෝනික දුම් කබල නිදවන්න මගේ හිතට ආවේ. දැනට භාවිත කෙරෙන පොල්කටු දුම් කබලට වඩා ඉලෙක්ට්‍රෝනිකව දුම නිපදවීම ඉතා සුදුසු බවයි මගේ මතය. පොල්කටු සෙවීම, එය ගිනි දැල්වීම සහ ගතවන කාලය දෙස බැලූ විට මෙය විනාඩි 4 ක් වැනි ඉතා කෙටි කාලයකින් ප‍්‍රයෝජනයට ගන්න පුළුවන්' යැයි පැවසුවේ කවුරුන්ද?
{ "answer_start": [ 157 ], "text": [ "ඊ.එම්. ජනක ප‍්‍රියන්ත ඒකනායක ය" ] }
e5268f5a-586b-42bf-908b-776695d01cd9
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ජන්වි කපූර් හා ඇයගේ වැඩිමහල් සොහොයුරිය වූ කුෂි කපූර්ටද මේ වනවිට කොවිඩ් රෝගය අසාධනය වී ඇතැයි වාර්තා වෙයි. ඔවුන්ට වැළඳි ඇති රෝගය ඔම්ක්‍රෝන් නොවන අතර, වෛද්‍යවරුන් පවසන්නේ ඔවුන් සිය නිවසේම මේ වනවිට නිරෝධායනය වෙමින් සිටින බවය. කෙසේ වෙතත්, මෙම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කර සිටින්නේ ජාන්වි හා කුෂීගේ පියා වූ චිත්‍රපට නිෂ්පාදක බොනි කපූර්ටද මේ වනවිට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවය. කෙසේ වෙතත්, ඔවුන් සියලු දෙනාම මේ වනවිට සිය මුම්බායි නිවසේ රැඳි සිටින බව සඳහන් වෙයි.
ජන්නි කපූර්ගේ වැඩිම සොහොයුරිය කව්ද?
{ "answer_start": [ 71 ], "text": [ "කුෂි" ] }
00aa040f-cd4e-4e1b-8444-ac882ad3949d
එහෙත් ඇෆ්ගනිස්ථාන පිරිමි කණ්ඩායම දිනෙන් දින ඉදිරියට යද්දී ඇෆ්ගනිස්තාන පාලක මණ්ඩලයට කාන්තා කණ්ඩායම දෙස නොබලා සිටීමට නොහැකි වීයේ 2017 වසරේදී ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දොළොස් වැනි පූර්ණ සාමාජිකයා ලෙසින් නම් කිරීම නිසාය. මේ නිසා 2020 වසරේ නොවැම්බරයේදී කාන්තාවන් 25කගෙන් සමන්විත කණ්ඩායමක් නම් කළේය. දැනට මාස දහයකට කලින් ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට හිමිවුණ ඒ වාසනාව ද දැන් ඔවුන්ට අහිමි වී ගොස් ඇති අයුරකි. තලේබාන්වරු ඇෆ්ගනිස්තානය පාලනය කළ 1996ත් 2001ත් අතර කාලයේදී තරුණියන්ට සහ කතුන්ට අධ්‍යාපනය එහෙම පිටින්ම තහනම් කළ අතර වයස අවුරුදු අටෙන් පසු පාසල් යාමට ද කොහෙත්ම ඉඩක් නොදුන්හ. එසේම පිරිමි ඥාතියකු නොමැතිව ගෙයින් එළියට යාම ද තහනම් විය. එසේ වුවත් මෙවර තලේබාන්වරුන් තරමක ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවක් පෙනෙන්නට ඇත. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් ෂින්වාරි පවසන අන්දමට තලේබාන්වරුන් එහි පිරිමි ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවසර දී ඇත. ඒ අනුව ඔවුන් ලබන නොවැම්බරයේදී ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හිදී ටෙස්ට් තරගයකට සහභාගි වනු ඇත. එහෙත් ඔහු පවසන අන්දමට කාන්තා ක්‍රිකට් සඳහා ඇෆ්ගනිස්තානයේ ඉඩක් නොලැබෙනු ඇත. මෙය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නීති උල්ලංඝනය කිරීමකි.
දිනෙන් දින ඉදිරියට යන්නේ කවුද?
{ "answer_start": [ 6 ], "text": [ "ඇෆ්ගනිස්ථාන පිරිමි කණ්ඩායම" ] }
cbc4442c-81e8-4ea6-b213-6b99ee6487b0
රිලා සේනාවක්ම ආවා අපිව ආදරෙන් පිළිගන්න. ඒ තරමටම අරන්කැලේ රිලවු ඉන්නවා. පැරුණි රජ දරැවන් දවස තෙක් ඉතිහාසයකට අප කැටුව යන පුරාවිද්‍යා සාක්ෂි අදටත් අරන්කැලේ භූමිය පුරා හැම අතම විහිදිලා. ඒ රජ දවසේ මතක සාක්ෂි ක්‍රිස්තු වර්ෂ 6වැනි සියවස දක්වා ඈත අතීතයකට අපව එක්ක යනවා. ඉතිහාසයේ ස්වර්ණමය යුගයක මතක දෑස් අබිමුවේ යළි යළිත් ජීවමාන කරන ගල් කුළුණක් කෙරේ වුවත් ඇති වෙන්නේ අතීත ප්‍රේමයක්. එදා යතිවරයාණන් වහන්සේලාට උණු පැනින් සැනහෙන්න ඉදිකර තිබූ පැන් පොකුණේ නටඹුන් අතීත රජ දරැවන්ගේ විකුම් අදටත් හිතේ දනවන්නේ විස්මයක්.
රිලවු විශාල ප්‍රමාණයක් ඉන්නේ කොහෙද?
{ "answer_start": [ 48 ], "text": [ "අරන්කැලේ" ] }
bf8b41be-4241-4001-a257-5793a457b8e8
මහ රෑ වුවද තමන් සේවය කරන පෞද්ගලික සමාගමේ සම්පූර්ණ රාජකාරි නිළ ඇඳුමෙන් සැරසී සිටි. දෙකකුල් වසා ගම් බූට්ස් ය අත්වැසුම් නිසා දෙඅත්ල නොපෙනේ. ඔහුත් කරත්තයත් දෙකම තැඹිලිපාටය සමාගමේ නම සඳහන් ටී ෂර්ටය උඩුකයට දැනෙන සීතල පලවා හරිනු ඇත. නමින් නිමල්සිරි නම් වන ඔහු 56 හැවිරිදි පානදුරේ පදිංචිකරුවෙකි. පිටකොටුව සාවියේ ප්‍රධාන හා අතුරු මාර්ගවල කැළි කසළ එකතු කිරීම ඔහුගේ රාජකාරිය වේ. අපේ මිනිස්සුන්ට ඉවක් බවක් නෑ. අවබෝධයක් නෑ. තැනක් නොතැනක් නෑ. කනව බොනව විසි කරනව අපි මැරි මැරි ඒවා එකතු කරනවා. නගරය පිරිසිදුව තියෙන්න ඕනනේ. හයවැන්නට පාසල් ගියත් නිමල්සිරි සතු දැනුම අවබෝධය උපාධිලාභියෙකු පරදවයි.
නිමල්සිරිගේ වයස කීයද ?
{ "answer_start": [ 254 ], "text": [ "56" ] }
31bf50c2-96d9-448f-8e85-de85f478cb5f
මිනිස් සිත් සමග ගමන් කරන විහිද යන අති ප්‍රබල ශක්ති විශේෂයක් බව අද නවීන විදු ඇසින් තහවුරු කර තිබේ. චිත්ත බලයේ ක්‍රියාකාරීත්වය සොයා ගැනීම පරමාණු බල ශක්තිය සොයා ගැනීම මෙන් සුවිශාල ජයග්‍රහණයක් යැයි පිළිගැනේ. විදු ඇසින් මේ ශක්ති විශේෂය දකින්නට බොහෝ කලකට පෙර බුදු ඇසින් ඒ බව දැක ලෝකය හමුවේ තබා ඇති වග බොදුනුවෝ දනිති. සියලු පව් දුරුකිරීම, කුසල් රැස් කිරීම සහ සිත පිරිසිදු කිරීම බුදුදහමේ හරය බව දැන සිටියත්, ඒ බව සඳහන් පාඨය ජප කරනවා විනා බොහෝ දෙනා ඒ මග යන බවක් නොපෙනේ. ඒ මිනිස් සිත්සතන්හි ඇති කෙලෙස් අඳුර හේතුවෙනි. ගුණ නුවණ දියුණු කර නොෙගන ඔවුහු මොහඳුරෙන් වෙළී පවෙහි ඇලෙති.
චිත්ත බලයේ ක්‍රියාකාරිත්වය සොය ගැනීම කුමක් සොයා ගැනීම හා සමානද?
{ "answer_start": [ 136 ], "text": [ "පරමාණු බල ශක්තිය" ] }
b2e5830f-5fc0-4066-b2dd-5dde3fb90e65
මේ වනවිට දකුණු ඉන්දීය සිනමාවට නැතුවම බැරි සිනමා නිළියක් බවට පත්ව සිටින සමන්තා අක්කානි මෑතකදී පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබුණේ මීට වසර 08කට පෙර තමන්ට බොලිවුඩ් සිනමාවට එක්වීමට ආරාධනා ලැබුණ බවය. ඒ තමන් රංගනයෙන් දායක වූ මුල්ම සිනමා රංගනය ඇතුළත් ‘නානි’ චිත්‍රපටයේ බොලිවුඩ් අනු නිර්මාණය සඳහාය. ඒ එවකට බොලිවුඩ් සිනමාව තුළ අතිශය ජනප්‍රියව සිටි ආදිත්‍ය රෝයි කපූර් සමගය. කෙසේ වෙතත්, එම චිත්‍රපටයේ රූපගත කිරිම් අතරමග නවතා දමන්නට සිදුවිමත් සමග සමන්තාගේ බොලිවුඩ් ආගමනය එතැනින් නිමාවට පත් විය. කෙසේවෙතත්, ‘නානි’ චිත්‍රපටය පසුව තෙළෙඟු චිත්‍රපටයක් ලෙස නිර්මණය වූ අතර, එයද අතිශය ජනප්‍රියට පත් වූවාය.
සමන්තා අක්කානි රංගනයෙන් දායක වූ මුල්ම සිනමා රංගනය කුමක්ද?
{ "answer_start": [ 241 ], "text": [ "‘නානි’ චිත්‍රපටයේ" ] }
4c9871db-0ec6-4942-9b71-5a518db5aaeb
නිරුපමා ගුරුකම්, යන්ත්‍ර මන්ත්‍ර ගැන බෙහෙවින් විශ්වාස කළාය. තම දියණියන් දෙදෙනා ද තමා ගැන කිසිදු සැලකිල්ලක් හෝ ආදරයක් නොදැක්වීම නිසා ඇය බෙහෙවින් දුකට පත්ව සිටියාය. සමාජයේ කැපී පෙනෙන චරිතයක් වීමට ඇය උත්සාහ කළාය. මේ අතරතුර නිරුපමාට නිතරම පාද ආබාධ ඇති විය. එක වරම ඇඟට පණ නැතිව යාම, උණ ගතිය, කෑම අරුචිය, ඇවිදීමට නොහැකිව කකුල් ඉදිමීම නිසා නිරුපමා සිත බියට පත්වූවාය. තමාට ඊර්ෂ්‍යා කරන තම ඥාතියකු විසින් ඇවිදීමට බැරි වන ලෙස එක් තැන්වීමට යම් ගුරුකමක් කර ඇති බව ඇය තදින්ම විශ්වාස කළාය. කොපමණ වෛද්‍යවරුන් කරා ගියත් තම කයට සුවයක් නොලැබුණ හෙයින් මෙය තම ඊර්ෂ්‍යාකාරයකු විසින් තමාට කළ දෙයක් බව ඇයට හැඟිණ. හැකි ඉක්මනින්ම මෙයට පිළියමක් කිරීමට ඇය සිතට ගත්තාය.
තමාට ඇවිදිමට බැරි වන ලෙස ගුරුකමක් කළ බවට ඇය සැක කරන්නේ කවුරුන්ද?
{ "answer_start": [ 378 ], "text": [ "තම ඥාතියකු" ] }
f7bf226c-5daa-46b3-ae39-badd6a1c4cb8
එදා එම සංචාරයට ගිය පසු අපට නවාතැන් ලැබුණෙ යෝර්ක්ෂයර්හි හෝටලයක. එහි සිටියදී තමයි අපට ටෙස්ට් තත්ත්වය ලැබී ඇති බව දැනගත්තෙ. ඒ මොහොතේ කණ්ඩායමේ අපි සියලුදෙනාම ලැබුවෙ ලොකු සතුටක්. එදා රෑ අපි ලොකු පාටියක් පැවැත්වුවා. ටෙස්ට් තත්ත්වය සැමරුවේ එදා ඒ විදිහටයි. ක්‍රිකට් ක්‍රීඩා කළ අපි හැමෝගෙම ලොකුම අරමුණ වුණේ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමයි. ඒ නිසා ඒ අවස්ථාව මිහිරි මතකයක් බවට පත්වුණා. අපි තරග සංචාරයකට ගිහින් සිටිය දී ඒ ඒ රටවල සිටි ශ්‍රී ලාංකිකයින් අපට කොච්චර නම් ආදරය කළේද කිව්වොත්, හැමදාම වගේ දිවා සහ රාත්‍රී භෝජන සංග්‍රහ වෙනුවෙන් ඇරයුම් කළා. ඒ කාලයේ දී අද වගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදල් තිබුණෙත් නැහැනෙ. ඒ වගේම වෘත්තීයමය ගිවිස ගැනීම් නොතිබුණු නිසා ක්‍රීඩකයින් හට තද නීති රීති පනවා තිබුණෙත් නැහැ. හැබැයි ක්‍රීඩකයින් එහෙමයි කියලා අනවශ්‍ය ලෙස හැසිරුණේ නැහැ. එක පවුලක පිරිසක් වගේ හිටියෙ. ඒ ඒ රටවලට ගිහාම අපේ ශ්‍රී ලාංකිකයින් ඉතාමත් ආදරණීයව සහ සුහදශීලීව අපට සංග්‍රහ කළා. ඒවා කිසිදාක අමතක කළ නොහැකි මතකයන්.
එකල ක්‍රීඩකයන්ට තද නීතිරීති පනවා නොතිබුනේ ඇයි
{ "answer_start": [ 609 ], "text": [ "වෘත්තීයමය ගිවිස ගැනීම් නොතිබුණු නිසා" ] }
bb2be899-d9a8-4242-b00c-b47793400351
දේවස්ථානයේ ඇතුළු වූ පසු ඉදිරියෙන් පෙනෙන බිත්තියේ දක්නට ලැබෙන්නේද කිරිගරුඬවලින් කරන ලද සොහොන් පුවරු රාශියකි. දේවස්ථානයේ ඇතුළත වම් පසින් විශේෂයෙන් සකස් කරන ලද පීඨිකාවක පැරැණි ඕගනයක් වේ. කොළඹ සිට මෙහි ගෙනවිත් ඇති එම ඕගනය මෙම දේවස්ථානයට ගෙනවිත් වසර 250කට ආසන්න බවට සාධක ඇත. දැනට එය අක්‍රීය තත්ත්වයෙන් පවතී. අතීතයේදී එය ප්‍රධාන දොරටුවට ඉහළින් වූ විශේෂ පීඨිකාවේ තබා වාදනය කරමින් ගීතිකා ගැයීම සිදුකර ඇත. එම ඕගනය අසලම එයට දකුණු පසින් තවත් සුවිශේෂී නිර්මාණයක් වේ. ඒ වනාහි කළු මැදිරිය දැවයෙන් කරන ලද ෂඩස්‍රාකාර ධර්මාසන කුටියයි. එදා ප්‍රධාන දේව මෙහෙයන් පවත්වා ඇත්තේ මෙම ධර්මාසනයේ සිටය. මෙම දේවස්ථානයේදී පළමුවෙන්ම බවුතිස්ම කරන ලද තැනත්තා වන්නේ මෙය ගොඩනැගූ ඩී යෝන්ග් මහතාගේ දියණියයි. එය 1755 අගෝස්තු මස 14වන දිනක සිදුකර ඇති අතර එම අවස්ථාව සිහිකරනු පිණිස විශේෂ පුවරුවක් වම් පස බිත්තියේ සවිකර තිබේ. එහි විශේෂත්වය වන්නේ බවුතිස්ම කරවූ දියණිය එම අවස්ථාවේ ඇඳ සිටි උඩුකය ඇඳුමද එම පුවරුවට ඇතුළත් කර තිබීමය.
ඕගනය මෙම දේවස්ථානයට ගෙනවිත් ඇත්තේ කොහෙසිටද?
{ "answer_start": [ 184 ], "text": [ "කොළඹ සිට" ] }
f1d3151e-d27c-4b20-979d-067b54611f46
නාර්ගීස් සහ ඔහු අතර සම්බන්ධය ඇති වූයේ 2013 දීය. උදේ සමඟ විවාහ වන බව ප්‍රසිද්ධියට පත් කරන්නට නාර්ගීස් සූදානම්ව සිටියත් 2017 දී එම සම්බන්ධය නතර වූයේය. ඉන් බලවත් සිත් පීඩාවට පත් නාර්ගීස් අසාර්, හවුස්ෆුල් 3 චිත්‍රපටිවල ප්‍රචාරක වැඩ සටහන්වලින් ද, බැන්ජෝ චිත්‍රපටියේ රඟපෑම්වලින් ද ඉවත් වී ඇමෙරිකාව බලා ගියාය. ඇගේ නියෝජිතයා නම් කිව්වේ ඇය එකම කාලයේ චිත්‍රපටි තුනකම රඟ පෑ බැවින් වෙහෙසට පත්ව අසනීප වී ප්‍රතිකාර ගන්නට ගිය බවය. කෙසේ වෙතත් බිඳුණු ප්‍රේමයෙන් ඇය තවමත් වේදනා විඳින බැව් නිසැකය. මෙතරම් කාලයක් ගත වූවාට පසුව ඇය උදේ සමඟ සම්බන්ධයක් තිබූ බැව් හෙළිදරව් කරන්නට ඇත්තේ එහෙයිනි.
සම්බන්ධය නාට්ජි වීමෙන් පසු නාගරිස් කුමක් කලේද
{ "answer_start": [ 249 ], "text": [ "චිත්‍රපටියේ රඟපෑම්වලින් ද ඉවත් වී" ] }
e01cc129-102c-4692-bfb8-d150d9a90979
රුධිරයේ ස්ට්‍රෙප්ටොකොකස් පයෝජන්ස් නමැති බැක්ටීරියාවන් සිටින බව හඳුනාගත් අතර එම ජීවීන් රසායනාගාර තත්ත්ව යටතේ කෘතිමව වගාකළේය. ඉන්පසුව සෙල්වරාණිගේ අක්මාව, වකුගඩු හා ප්ලීහාවේ පටක අන්වීක්ෂිය පරීක්ෂාවට ලක්කළේය. එහිදී මේ සියල්ල ක්ෂුද්‍ර ජීවි ආසාදනයට ලක්ව ඇති බව දැකිය හැකි වූ අතර ඇයගේ රුධිරයේ මාරාන්තික ප්‍රමාණවලින් මෙම ක්ෂුද්‍රජීවින් සිටින බව හඳුනාගත හැකිවිය. එසේම ප්ලීහාවේ මෙම බැක්ටීරියා වර්ගය වැඩි වශයෙන් සාන්ද්‍රගත වී තිබිණ. මරණයට හේතුව ක්ෂුද්‍රජීවි ආසාදනයෙන් ඇතිවන මයෝකාඩයිටිස් නමැති රෝගී තත්ත්වය බව හඳුනාගැනීම දැන් අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාට අපහසුවක් නොවේ. එහෙත් ඒ ක්ෂ්ද්‍ර ජීවියා ඇගේ සිරුරට ඇතුලු වුණේ කෙසේද?
මරණයට හේතුව ක්ෂූද්‍රජීවී ආසාදනයෙන් ඇතිවන කුමන රෝගී තත්ත්වයක් ද?
{ "answer_start": [ 463 ], "text": [ "මයෝකාඩයිටිස්" ] }
22924e4f-f1dc-4906-acf9-a9de5e4cab94
කුරුණෑගල දඹුලු පාරේ කිලෝ මීටර් 2ක් යද්දී යග්ගපිටිය හමුවෙනවා. යග්ගපිටිය ගැන කියන්න විශේෂ හේතුවක් තමා සරුකෙත යනුවෙන් හැඳින්වෙන නිවීසැනසිල්ලේ කාලා, බීලා යන්න පුළුවන් අවන්හලක් හමුවීම. මැටියෙන් හදලා පොල් අතු සෙවිලි කරලා තියෙන මේ අපූරු නවාතැනේ එළවළු, පළතුරු සහ බෙහෙත් වර්ග හරි ලස්සනට වවලා තියෙනවා. දේශීය ආරෙට එළවළු එක්ක බත් කාලා යන්න කියාපු තැනක්. මස්, මාළු වුණත් උයලා තියෙන්නේ ගමේ විදිහටම. දේශීය සංචාරකයෝ වගේම විදේශීය සංචාරකයොත් අවුරුදු විස්සක් තිස්සේම කාලා, බීලා යන්න මෙතනට ගොඩවෙන්නේ වසක් විසක් නැතිව කාලා බීලා යන්න මේ තැන නියම තැනක් නිසා. අක්කර 4ක විතර භූමි ප්‍රමාණයක විහිදුණු මේ තැන නිර්මාණය කරලා තියෙන්නේ හුඟක් නිදහස් විදිහට. රසවත් කෑම, බීම වගේම මානසික නිදහසත් කෙනකුට කොච්චර අවශ්‍යද කියලා මේ නවාතැන කියන එක රහසක්.ඔයාලටත් විවේකයක් ලැබුණොත් ගිහින් එන්න සරුකෙතට. විශේෂ ස්තූතියසනත් පණ්ඩිතරන්ට සහ ඩේවිඩ් ජෙමිසන්,කළමනාකරු නලින් ඒකනායකට.
සරුකෙත අවන්හලේ කළමනාකරු කව්ද?
{ "answer_start": [ 815 ], "text": [ "නලින් ඒකනායක" ] }
673b7676-a742-4fd8-8c04-da0cee065825
අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ළඟට ගිය ඔහුට විදුලි රැහැන් ඇදීමට භාවිතා කළ බවට සැක කරන භාණ්ඩ කිහිපයක් පෙන්වූහ. ඒ අතර උණ බටයක් සමග එස්ලෝන් බට කැබැල්ලක් ද විය. නලීන් එය ගෙන ඉව කිරීමට රෙජීට ලබාදුන්නේ, මිනීමරුවා, විදුලිය ලබා ගැනීමේ දී රැහැන් මතට කම්බිය දමන්නේ උණ බටය ආධාරයෙන් බව දන්නා නිසාය. එහිදී විදුලිය වදින නිසා ආරක්ෂාවට උණ බටයේ කෙළවරට නැතිනම් අල්ලන කොටසට එස්ලෝන් බටයක් සවි කර ගනිති. එස්ලෝන් බට කැබැල්ල හොඳින් ඉව කළ රෙජී, මීටර් දෙසීයක් පමණ දුරක් කුඹුරු යායට උඩින් කඳුකර ප්‍රදේශයේ පිහිටි නිවෙසක් ඉදිරිපිටට ගොස් නැවතුණි. වසා තිබූ දොරට නලීන් තට්ටු කළේය. නිවෙස ඇතුළේ සිට පැමිණියේ වයස අවුරුදු පනහකට ආසන්න වයසේ පසු වූ කාන්තාවකි. රෙජී නැවතුණේ නිවසේ හිමිකරුගේ කාමරයට ගොසිනි.
අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ළඟට ගියපසු පෙන්වූ විදුලි රැහැන් ඇදීමට භාවිතා කළ බවට සැක කරන භාණ්ඩ කිහිපය අතර තිබුනේ මොනවාද?
{ "answer_start": [ 113 ], "text": [ "උණ බටයක් සමග එස්ලෝන් බට කැබැල්ලක්" ] }
985f96b7-3255-43a2-9f18-f01e4edccdca
බෝගම්බර සිර ගෙදර වේවා රජ මාළිගයක්, ජීවිතයේ සියලු බලාපොරොත්තු හා පැතුම් අත්හළ ඔහු සතුව තිබූ එකම ප්‍රාර්ථනය එය පමණි. ධර්මිෂ්ට මිනිසා දොළොවම ජය ගනී, සත්‍යය අවබෝධ වනවිට සියල්ල සිදුවී අවසානයි, හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී, ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි, කරන කලට පව් මීරිය මීසේ, මේ සියලු වැකි සටහන්ව තිබුණේ එකම සිරකුටියකය. ඔහු සියලු හැඟීම් හා ආවේග බිත්තිය පුරා විසුරුවා තිබේ. මහල් තුනෙන් යුත් බෝගම්බර සිරගෙදර තුන් වැනි මහලේ කාමර චිත්‍රාගාර බඳුය. එක් කාමරයක ලෝකය පුරා විප්ලවයේ ආශ්වාදය පැතිරවීමට සමත් වූ රැඩිකල් තරුණයන්ගේ රතු තරුව වූ චේගේ විශාල සිතුවමකි. එම කුටියේම අනෙක් බිත්තියේ සාමයට ළැදි ජනතාවගේ යුද වීරයා වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ යෝධ සිතුවමකි. ඒ සිරකරුවා කෙතරම් දක්ෂයකු ද යන්න එමගින් පැහැදිලිය.
රැඩිකල් තරුණයන්ගේ රතු තරුව වූ චේ සමත් වූයේ කුමක් පැතිරවීමටද?
{ "answer_start": [ 472 ], "text": [ "ලෝකය පුරා විප්ලවයේ ආශ්වාදය පැතිරවීමට" ] }
2c0e58a9-ce4d-4db1-b28f-a2b79613d00a
සාමාන්‍යයෙන් පිළිගත් සංචාරක මග පෙන්වන්නන්ට රැකියාව කරන අවස්ථාවේ කරේ පැළඳ ගෙන සිටීමට හැඳුනුම්පතක් දී තිබේ. එහෙත් බීච් බෝයිස්ලා ළඟ හැඳුනුම්පත වෙනුවට ඔවුන්ගේ සාක්කුවල තිබෙන්නේ හෙරොයින්, ගංජා, මත් පෙති ආදී තහනම් මත් ද්‍රව්‍ය හා උපත් පාලන කොපුය. ඇතැම් අය ළඟ මත්ද්‍රව්‍ය තිබුණ ද උපත් පාලන කොපු නොමැත. ඊට හේතුව ඔවුන් තුළ සමාජ රෝග සම්බන්ධයෙන් දැනුමක් නොමැතිකමය. මෙරට සංස්කෘතිය හා සභ්‍යත්වයට පටහැණිව කටයුතු කරන බීච් බෝයිස්ලා දෙසීයකට අධික පිරිසක් සංචාරක සමය තුළ දී මිරිස්ස වෙරළේ ගැවසෙන බව කියති. ඔවුන් විදේශිකයින් මිරිස්සට පැමිණෙන තෙක් සිටින්නේ ඇඟිලි ගනිමිනි. ශරීරය පුරා පච්චා කොටා ගෙන රැවුල හා කොණ්ඩා වවා ගෙන අපිළිවෙළකට සිටින මෙම බීච් බෝයිස්ලා හඳුනා ගැනීම එතරම් අපහසු නැත.
සාක්කුවල තහනම් මත්ද්‍රව්‍ය තබාගෙන සිටින්නේ කවුද?
{ "answer_start": [ 112 ], "text": [ "බීච් බෝයිස්ලා" ] }
32b47266-ed62-4b91-9656-5d7d4e7a9c92
ඉන්දීය ජනතාවගේ මතය අනුව තිලක තැබීම ආරම්භ වන්නේ හින්දු දෙවිවරුන්ගෙනි. ඉන්දියාවේ වසර 3500 ක් පමණ පැරණි බව කියන ඍග්වේද ග්‍රන්ථයේ ශිව දෙවියන් පිළිබඳ සඳහන් ය. හින්දු ආගම අනුව ප්‍රධාන දෙවියන් වන්නේ ශිව දෙවියන්ය. තිනෙත් යනුවෙන් අප හඳුවන්නෙත් ශිව දෙවියන්ය. ඒ නෙත් තුනක් ශිව දෙවියන්ට ඇති බැවිනි. තෙවන නෙත නළල මැද පිහිටා ඇති බවත් එම නළල විවෘත කර බැලුවහොත් ඒ බැල්මට හසුවන සියල්ල දැවි අළු වී යන බවත් වේද ග්‍රන්ථවල සඳහන්ය. ශිව දෙවියන්ගේ තිනෙත තිබූ තැන තිලකය වූවා විය හැකි ය. එසේ නම් හින්දුන් විසින් කරනු ලබන තිලක තැබීමේ චාරිත්‍රත් එතරම්ම පැරණි වනු ඇති බව සිතිය හැක.
ශිව දෙවියන් මැද පිහිටා ඇති තෙවන නෙත විවෘත කර බැලුවහොත් ඒ බැල්මෙන් සිදුවනවා යැයි වේද ග්‍රන්ථයේ සදහන් වන්නේ කුමක්ද?
{ "answer_start": [ 355 ], "text": [ "හසුවන සියල්ල දැවි අළු වී යන බවත්" ] }
de7b5491-203b-4cfb-8e2d-756f9376eaaf
කුඩා දරුවන් අන්තර්ජාල ක්‍රීඩා සඳහා කරන ගෙවීම් ද සීමා කර ඇත. අවුරුදු අටත්, 16ත් අතර වයස්වල පසුවෙන දරුවන්ට ඔන්ලයින් ක්‍රීඩා සඳහා මාසයකට ගෙවිය හැකි උපරිමය යුවාන් 200ක්, එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 5000 ගණනකි. 16 සිට 18 දක්වා වයස්වල පසුවෙන්නන්ට ගෙවිය හැකි උපරිමය රුපියල් 10,000 ගණනකි. වීඩියෝ ක්‍රීඩා සඳහා ලොව ලොකුම වෙළෙඳපොළ වන්නේ ද චීනයයි. සින්හුවා පුවත් ඒජන්සියට අදහස් දක්වමින් චීන රජයේ නියෝජිතයෙක් කියා සිටියේ අන්තර්ජාල අවකාශය ඉතිරිකරගැනීම සහ කුඩා දරුවන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා ඉහත පියවර ගත් බවයි. චීන පාලනාධිකාරිය මෙම වැඩපිළිවෙළ යථාර්ථවාදී එකක් වීම පිණිස අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර වීඩියෝ ක්‍රීඩා සඳහා සැබෑ නමින් ලියාපදිංචි විය හැකි අයුරින් චීන පොලිසිය සමඟ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරයි. ඒ අනුව, කිසියම් ක්‍රීඩකයෙකුගේ නම බලා, ඔහුගේ අනන්‍යතාව රජයේ දත්ත බැංකුවෙන් හඳුනාගැනීමේ හැකියාව ලැබේ.
යුවාන් 200ය ශ්‍රී ලංකා මුදලින් කොපමණ මුදලක්ද?
{ "answer_start": [ 190 ], "text": [ "රුපියල් 5000" ] }
a9e88a02-ace6-4549-b838-dfdb8d28b8dd
ජූහුවල තරු පහේ හෝටලයක උත්සවය පැවැත්වෙන අතර ක්ෂේත්‍රයේ හැම කෙනෙකුටම ඒ සඳහා ආරාධනා ලැබෙන බැව් ආරංචි මාර්ග පවසයි. ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා වූ කේ එල් රාහුල් ඔහුගේ සමීපතම ක්‍රිකට් ක්‍රීඩකයන්ට ද ඇරයුම් කරනවා ඇත. මෑත යුගයේදී නොපැවැත්වුණ තරමේ අති උත්කර්ෂවත් මංගල උත්සවයක් සිය දියණිය වෙනුවෙන් පැවැත්වීමට සුනීල් ෂෙට්ටි සිහින දකින්නේය. ඔහුගේ පියා විරප්පා ෂෙට්ටිගේ සිහිනය වූයේ ද අතියා වෙනුවෙන් අලංකාර මංගල උත්සවයක් පැවැත්වීමය. එහෙත් 2013 දී ඔහු මිය ගියේ ඒ සිහිනයත් සිතේම සිර කරගෙනය. සිය පියා ගේ අරමුණ එයාකාරයෙන්ම ඉටු කරන්නට සුනීල්ට වුවමනා වී තිබේ.
මෑත යුගයේදී නොපැවැත්වුණ තරමේ අති උත්කර්ෂවත් මංගල උත්සවයක් සිය දියණිය වෙනුවෙන් පැවැත්වීමට හීන දකින්නේ කවුද?
{ "answer_start": [ 314 ], "text": [ "සුනීල් ෂෙට්ටි" ] }
aab3f86a-e26c-4f59-ba66-04aa8382dedd
අර්ෂාඩ් රියානාව විවාහ කරගත්තේ ඇයගේ දේපළ තමන්ට ලැබේවියි යන බලාපොරොත්තුවෙනි. එහෙත් එවන් දෙයක් ඇයගේ මව්පියන් විසින් නොකරන බව අවබෝධ වීම නිසා ඔහු ඇය සමඟ නිතරම ඇයගේ දොසක් සොයාගෙන ආරවුල් ඇති කරගත්තේය. ඉන්පසු ඇයව අතහැර දමා ගියේ ඔහුගේ මාපියන්ගේ ද අනුදැනුම ඇතිවය. රියානාගේ පවුලේ ඥාතීහු අර්ෂාඩ් රියානා හැරගියාට පසු ඔහුට අනියම් සම්බන්ධයක් ඇති නිසා ඔහු මෙලෙස රියානාව හැරගියේ දැයි දැනගැනීම සඳහා ඔහු ගැන විපරම් කළහ. එහෙත් ඔහුට අනියම් සම්බන්ධතාවක් හෝ ඔහු විවාහ වීමට පෙර හෝ කිසිදු යුවතියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් හෝ පවත්වා නොමැති බව දැනගැනීමට ලැබුණි. අර්ෂාඩ්ට වෙනත් කාන්තාවක් සමඟ සම්බන්ධතාවයක්ද නොමැති නම් තම බිරිඳව අතහැර ගියේ ඇයි දැයි හැමෝටම ගැටලුවක් විය. මේ අතරතුරදී ඔවුන්ට දැනගැනීමට ලැබුණේ අර්ෂාඩ් සමලිංගික සම්බන්ධකමට ඇබ්බැහි වූවෙකු බවයි. රියානාගේ දේපළ තමන්ගේ නමට හරවාගෙන රියානාව අතහැර දැමීමට ඔහු සිතා සිටියත් ඔහුගේ බලාපොරොත්තු ඉෂ්ට නොවීම නිසා ඔහු රියානාව අතහැර ගියේය.
රිහානගේ පව්ලේ ඇය අර්ශාඩ් ගැන සොයාගත්තේ කුමක්ද?
{ "answer_start": [ 684 ], "text": [ "සමලිංගික සම්බන්ධකමට ඇබ්බැහි වූවෙකු බවයි" ] }
ebe74795-3b9b-4cab-8529-639f980ae61b
එමෙන්ම පියදාස එකල සිංහල මෙන්ම ඉන්දීය චිත්‍රපටවල නැටුම් ජවනිකා ඉදිරිපත් කරමින් ජනප්‍රිය වූ පද්මිණී හා රාගිනී යන නිළියන්ට ප්‍රිය කළේය. ඔවුන්ට ඔහු කෙතරම් ප්‍රිය කළේ ද යත් බාලම දියණියට නම තැබුවේ රාගිනී යනුවෙනි. එහෙත් එයට ඔහුගේ බිරිඳ සුමනා එතරම් කැමැති නොවූවාය. රාගිනී ඉංග්‍රීසියෙන් ලියන විට රාජිනී යනුවෙන් ද ශබ්ද කළ හැකිය. ලංකා රාජිනී ගුණසේකර මුලින් රාගිනී වී පසුව රාජිනී වූයේ ඒ අනුවය. එහෙත් තවමත් උප්පැන්න සහතිකයේ ඇත්තේ රාගිනී යනුවෙනි. පියදාස ගුණසේකරයන් තම මුල්ම ගීය තහනම් වීම නිසා ගායනය අත්හැර දැම්ම ද ඔහුගේ පවුලේ අයට කලාව පිහිටන්නට ඇත්තේ උපතින්ම විය යුතුය. ඔහුගේ වැඩිමහල් සොහොයුරියගේ දියණිය අයිරින් ද අල්විස් නමින් පසු කල ජනප්‍රිය ගායිකාවක වූවාය.
පියදාසගේ වැඩිමහල් සොහොයුරියගේ දියණිය කවුද ?
{ "answer_start": [ 590 ], "text": [ "අයිරින් ද අල්විස්" ] }
4a24ac81-efbd-47e2-a510-ee8cef75424a
2013 වසරේ සිට මේ දක්වා සුපර් මෑන් චරිතයට පණදුන් සුපිරි හොලිවුඩ් සිනමා නළු හෙන්රි කැවිල් ඉදිරියටත් සුපර් මෑන් චරිතයට එක් වෙනාවද නැද්ද යන්න මේ වනවිට වෝනර් බ්‍රදර්ස් චිත්‍රපට සමාගම සමග සාකච්ඡා කරමින් සිටින බවට තොරතුරු ලැබේ. ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිත ද බෑට්මෑන්, ඇකුවා මෑන් දෙවැන්න හා ජස්ටික් ලීග් දෙවැන්න සඳහා හෙන්රි, සුපර්මෑන් ලෙස එක්වීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. එමෙන්ම නැවතත් හෙන්රි සුපර් මෑන් ලෙස ප්‍රේක්ෂයන් අතරට ආ මෑන් ඔෆ් ද ස්ටීල් චිත්‍රපටයේ තුන්වැන්නක්ද නිර්මාණය කරන්නට මේ වනවිට සූදානමක් පවතින බවටද තොරතුරු ලැබේ.
හෙන්රි කැවිල් කුමන වර්ගයේ සිනමා නළුවෙක්ද?
{ "answer_start": [ 55 ], "text": [ "හොලිවුඩ් සිනමා" ] }
a9578331-eb35-4ea7-a1d4-f46e03096d09
හිම්බා කතුන් අත්වැඩටද අතිදක්ෂය. විසිතුරු පලඳනා, රෙදි, ගමන් මලු, සෙරෙප්පු ආදිය හිම්බා කතුන් නිතරම කරන අත්වැඩ ය. එතකොට පිරිමි? ඔවුන්ට කරන්නට දෛනික වැඩ කටයුත්තක් නැද්ද යන ප්‍රශ්නය දැන් පැනනගී. ඔවුහු ද ගොවිතැන් කටයුතු, සත්ව පාලන කටයුතු, ගෙවල් සෑදීම මෙන්ම ගමේ ප්‍රධානියා සමඟ පැවැත්වෙන සාකච්ඡා ආදියට සහභාගී වෙති. හිම්බා ගෝත්‍රිකයෝ ලස්සනට සිටීමට ද කැමැත්තක් දක්වති. ඒ කැමැත්ත ගැහැනු පිරිමි දෙපක්ෂයටම පොදු එකකි. මේ දෙපිරිසම ඇඳුම් අදින්නේ යටිකයට පමණකි. ඉස්සරනම් ඔවුන්ගේ යටිකය ඇඳුම් වූයේ සත්ත්ව හමකින් පිළියෙල කරගත් ඇඳුමකි. එහෙත් වර්තමානයේ නම් එය රෙදිකඩක් බවට පත්ව තිබේ. ශාක කොළ සහ ශාක පට්ටාවලින් රෙදි නිෂ්පාදනය කිරීමට අද හිම්බා කාන්තාවන් දක්ෂ වීම ඊට හේතුවයි. එසේම මොවුහු සියල්ලන්ම පාහේ සෙරෙප්පුද පලඳිති. බොහෝ විට මේ සෙරෙප්පු හදන්නේ පරණ, ගෙවී ගිය ටයර්වලිනි.
මොවුන් සෙරෙප්පු හදන්නේ මොනවයින්ද
{ "answer_start": [ 728 ], "text": [ "ගෙවී ගිය ටයර්වලිනි" ] }
07772cbc-8c18-4e98-90ad-3f38101d3257
එකල අඹුමුල්ලේ වාචිස්සර නම් හිමි නමක් පොලොන්නරුවේ වාසය කළහ. එහිමි නම ඉතාමත් සිල්වත් ගුණවත් එමෙන්ම එඩිතර හිමිනමක්. උන්වහන්සේ දන්ත ධාතුන් වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ රැගෙන පොලොන්නරුවේ සිට කොත්මලය බලා පිටත්විය. මෙම කාලවකවානුවේ ලංකාවාසී ජනතාවගේ අදහසක් වී තිබුණේ දන්ත ධාතුන් වහන්සේ රටේ රජු සතුවිය යුතු බවටය. දන්ත ධාතුන් වහන්සේ හිමි පුද්ගලයා රටේ පාලකයා ලෙස පිළිගැනීමට ලංකාවාසී ජනතාව සැදී පැහැදී සිටියේය. මෙම හේතුව නිසාම පොලොන්නරු රාජධානිය මේ වනවිට පාලනය කරමින් සිටි කාලිංග නම් සොළී ආක්‍රමණිකයාට ද දන්ත ධාතුන් වහන්සේ තමන් සතු කරගැනීමට අවශ්‍ය විය. ඒ පිළිබඳව ඔහු සොයා බැලීමේදී ඔහුට දැනගන්නට ලැබුණේ දන්ත ධාතුන් වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ පොලොන්නරුවේ නොමැති බවය. එම නිසා කලබලයට පත් කාලිංග, දන්ත ධාතුන් වහන්සේ සොයන්නට විය.
මෙම කාලවකවානුවේ ලංකාවාසී ජනතාවගේ අදහසක් වී තිබුණේ දන්ත ධාතුන් වහන්සේ කා සතු විය යුතු බවද ?
{ "answer_start": [ 280 ], "text": [ "රටේ රජු සතුවිය යුතු බවටය" ] }
f86e537e-7eb3-4215-97bb-d06e2d5de35c
ඇමෙරිකාවේ ප්‍රාන්ත පුවත් නාළිකාවක පුවත් විකාශය අතරතුරේ අත්වැරදීමකින් අසැබි දසුන් පෙළක් තිරයේ දිස්වීමත් සමඟ ආන්දෝලනයක් නිර්මාණය වී ඇත.මෙම අසැබි දසුන් තිරයේ දිස්වන්න වූයේ කාලගුණ පුවත් වාර්තාකාරිනිය වන මිෂෙල් බෝස් දවසේ කාලගුණ තත්ත්වය ඉදිරිපත් කිරීමේදී ඊට අදාල ඡායාරූප ලෙසය.තත්ත්පර 13 ක් තිස්සේ අසැබි දසුන් දිස්වන්න වූ බවත් නරඹන්නන් දැඩි ලෙස අපහසුතාවට පත්ව, නාළිකාවට දොස් නගන්න වූ බවත් ඇමෙරිකන් පුවත් සේවා පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශණයක් ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි. සිදුවුණු දේ සම්බන්ධයෙන් පුවත් නාළිකාව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇති අතර, මින් ඉදිරියට මීට වඩා වගකීමෙන් යුතුව කටයුතු කරන බව ද නරඹන්නන්ට දන්වා ඇත.
එම දසුන් දිස්වූයේ කිනම් පුවත් වාර්තාකරණ විටද
{ "answer_start": [ 169 ], "text": [ "කාලගුණ පුවත්" ] }
86f73655-af76-482e-8c1b-df66ed9bbb18
කලාකරුවන්ගේ සංගම් හරහා ආණ්ඩුවට කරපු ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් විදියට ණය මුදලක් දෙන්න තීරණය කරලා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ මොන මොන කොන්දේසි යටතේද කියලා තාම දන්නේ නෑ. මේ ගන්නා ණය මුදල ගත්තත් ඒක ගෙවන්නත් පස්සේ හරි වැඩ තියෙන්න ඕනනේ. ඒ ගැන තාම කිසිම පැහැදිලි අදහසක් නෑ. ආණ්ඩුවක් මේ අර්බුදය හමුවේ ප්‍රශ්න රැසකට මුහුණපාලා තියෙනවා. පුංචි ණය මුදලක් ගන්න හෝ ඒක අරගෙන ගෙවා ගන්න පුළුවන්ද කියලා ෂුවර් නැති වෘත්තියක තමයි බලනකොට ඉඳල තියෙන්නේ. රංගන ශිල්පින් වගේම මේ ක්ෂේත්‍රයේ තවත් විශාල පිරිසක් එක වගේම මේ ප්‍රශ්නය නිසා අර්බුදයක ඉන්නේ. නැටුම් ශිල්පීන් ඇතුළු හැම දෙනාම මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. මේකෙන් ගොඩ එන්න ක්‍රමයක් අපිම සකස් කරගන්න වෙනවා.
කලාකරුවන්ගේ සංගම් ආණ්ඩුවට කරපු ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ලැබෙන්නේ මොනවාද?
{ "answer_start": [ 67 ], "text": [ "ණය මුදලක්" ] }
72721e72-49ec-4299-a574-40b556a17cd2
ඊට ඔබ්බෙන් වූයේ පැරැණි ගොඩනැගිල්ලකි. එය බුදුගෙය බව සුබසිංහ මහතා පවසයි. අපි බුදුගෙයටත් යළි පැමිණ චෛත්‍යය හා බෝධීන් වහන්සේ වෙතටත් වන්දනාවේ ගියෙමු. චෛත්‍යය හා බෝධීන් වහන්සේ වැඩසිටින්නේ දූපතේ අනෙක් පැත්තේය. විස්තර ඇතිව පවසන්නේ නම් ගඟ පැත්තේය. මේ වන්දනාවට යායුත්තේ අඩි දෙකක් තරම් පළල වැලි ඇතිරූ සක්මන් පාරක් ඔස්සේය. ඉන් ඔබ්බෙහි මුළු දූපතම වන පෙතකි. විවිධ ගස්වලින්ද මීවන සහ වෙනත් මල් පිපෙන ගස් විශේෂයකින්ද දූපත වැසී තිබේ.අපි යළිත් බුදු මැදුර අද්දරින් මුහුද දෙසට ගියෙමු. උසැති දුනුකෙයියා ගස් අතරින් වැටුණු අඩි පාර කෙළවර වූයේ ගල් පව්වකි.
අඩි පාර කෙළවර වූයේ කුමකින්ද?
{ "answer_start": [ 518 ], "text": [ "ගල් පව්වකි" ] }
16d28a9b-59ab-4623-bfc2-3deadaf788ef
ඒ අනුව ඇය මෙලෙස විශාල මී මැස්සන් රංචුවක් තම සිරුර මුදාහරින්නට ඉඩ සැලසුවාය. ඔස්කාර් සම්මානලාභී ඡායාරූප ශිල්පී ඩෑන් වින්ටර්ස් සමඟ ඇයගේ මෙම මී මැසි ඡායාරූප රූගත කිරීම සිදු කළේය. දරුවන් හයදෙනකුගේ මවක් වන ඇය පැවැසුවේ අත්දැකීම්වලට ස්තුතිවන්ත වන අතර මී මැස්සන් සමඟ සම්බන්ධ වීම ආදරණීය බවය. ඇය ඉතා දිගු කලක් පුරා මී මැස්සන් රැක ගැනීම උදෙසා සිදුකරන ව්‍යාපෘති රැසක් හා එක්ව සිටී. සිත් ඇදගන්නා සුළු නව කාර්යභාරයක් ඉටු කරන මේ හොලිවුඩ් සුපිරි තරුව මී මැස්සන්ගෙන් වැසී ගියේ වැදගත් හේතුවක් සඳහා වන අතර, මී මැසි සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම සහ කාන්තා මී මැසි පාලකයන් ඇති කිරීම සඳහාය.
ඇය දරුවන් කී දෙනෙකුගේ මවක්ද?
{ "answer_start": [ 182 ], "text": [ "හයදෙනකුගේ" ] }
d6df5512-c254-44db-8fe2-db46131233bb
උප ජනාධිපති ධුරය වෙනුවෙන් තමන් තරඟ කරන බවත්, ඩුටර්ටේගේ සහාය තමන්ට ලැබෙනු ඇති බවත් සෙනෙට් සභික බොන්ග් මෝ එම මාධ්‍ය හමුවේදී කියා සිටියේය. උප ජනාධිපති ධුරය සඳහා තමන් තම නාමයෝජනා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර ඇති බව ද බොන්ග් මෝ වැඩි දුරටත් පැවැසීය. ඩුටර්ටේගේ දියණිය සාරා ඩුටර්ටේගේ කාර්පියෝ ද දේශපාලනයට පිවිස සිටින්නීය. ඩුටර්ටේ උත්සාහ ගන්නේ තමාගෙන් පසු තම දියණිය ජනාධිපති ධුරයට පත් කිරීමට යැයි ද රාවයක් පවතී. රොඩ්රිගෝ ඩුටර්ටේ පිලිපීන ජනාධිපති ධුරයට පත් වූයේ ඩාවෝස් නුවර නගරාධිපති ලෙස රාජකාරි කිරීමෙන් පසුවය. මේ වනවිට ඩාවෝස් නගරාධිපති ධුරය හොබවන්නේ දියණිය 31 හැවිරිදි සාරා ඩුටර්ටේගේ කාර්පියෝ ය. ඉදිරි සතිය ඇතුළත සාරා ඩුටර්ටේගේ කාර්පියෝ ජනාධිපති ධුර අපේක්ෂිකාවක ලෙස ඇගේ නාම යෝජනා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරනු ඇතැයි පිලිපීන දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.
රොඩ්රිගෝ ඩුටර්ටේ ජනාධිපති ධූරයට පත් වීමට පෙර නගරාධිපති ලෙස රාජකාරි කළේ කොහෙද?
{ "answer_start": [ 451 ], "text": [ "ඩාවෝස් නුවර" ] }
00b84c98-cc2b-44c7-89dd-e0b8ade5507e
නමුත් අද එම සුන්දර නගරයේ සුන්දරත්වය බිඳකින් හෝ අඩුවක් නොමැතිව දැක බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් තායිලන්තයේ සංචාරය කරන සංචාරකයින්ට හිමි වී තිබේ. තායිලන්තයේ බැංකොක් අග නගරයේ සිට කිලෝමීටර් 300ක පමණ දුරක් ගිය විට සුප‍්‍රකට සංචාරක පුරවරයක් ලෙස හැඳින්වෙන හුවාහින් ප‍්‍රදේශයේ ඉතාලියේ වැනීසිය ඒ ආකාරයෙන්ම ඉදිකර තිබේ. තායිලන්තයේ චාම් දිස්ත‍්‍රික්කයට අයත් හුවාහින් නගරය එරට ප‍්‍රධානම සංචාරක මධ්‍යස්ථානවලින් එකක් ලෙස හැඳින්වේ. මුහුදේ කලපුවක් වැනි කොටසකට මායිම්ව පිහිටි හුවාහින් නගරයට අද විදෙස් සංචාරකයින් අද්දවන ප‍්‍රධානම සංචාරක මධ්‍යස්ථානයක් බවට වැනිස් නගරය පත්ව අවසානය.
හුවාහින් පිහිටියේ අගනුවර සිට කොපමණ දුරකින්ද ?
{ "answer_start": [ 174 ], "text": [ "කිලෝමීටර් 300ක" ] }
b1165b01-5d07-425f-97a2-4d4d71199686
මේ අයුරින් පෙරභව තොරතුරු හෙළි කළ දරුවාගේ ප්‍රකාශ තුළ තිබූ ප්‍රබලතම සාක්කිය බවට පත්වූයේ ඔහු ඒ වන විට කිසිදු අවමංගල උත්සවයක් නොදැක තිබීමය. තම දරුවා මළ සිරුරක් පෙට්ටියක බහා තැබූ දර්ශනයක් ඔහු නොදැක සිටියදී මළ සිරුර පෙට්ටියක දමා තිබූ අයුරු ඔහු හෙළි කළ බැව්ද දෙමාපියෝ පැවසූහ. බුරුමයේ පුනර්භව සිදුවීමක් හෙළි කළ දැරියකගේ ප්‍රකාශයක් මගින්ද මරණය සිදුවීමෙන් පසු මව වෙත පැමිණි අයුරු අනාවරණය විය. පුනර්භව පර්යේෂකයෙකු වූ ෆ්‍රැන්සිස් ස්ටෝරි විසින් සිදුකළ එම පර්යේෂණයේ දී දැරියගේ පෙරභව තොරතුරු සිහිවීම සිදුවී ඇත්තේද පුදුමාකාර අයුරිනි. වයස අවුරුදු හයක්ව සිටි සම්රුන් නම් එම දැරියට දිනක් මව විසින් නිවස පිරිසිදු කරන ලෙස පැවසුවාය. ඉන් කෝපයට පත් වූ ඇය, “මට මගේ ගෙදර යන්න ඕනෑ. ඒ අම්ම නම් කවදාටත් මට වැඩ කියන්නෙ නෑ” යැයි කීවාය.
පෙරභව තොරතුරු හෙළි කළ දරුවාගේ ප්‍රකාශ තුළ තිබූ ප්‍රබලතම සාක්කිය බවට පත්වූයේ කුමක්ද?
{ "answer_start": [ 91 ], "text": [ "ඒ වන විට කිසිදු අවමංගල උත්සවයක් නොදැක තිබීමය" ] }
751adbf6-ca8d-4599-95cf-6e11aea59fe8
ඒක නම් ඇත්ත. ඔය පත්තිනි අම්මලා වගේ ඉන්න චරිත ඉන්නවා. බොරුවට මම යන්නේ නෑ කියලා රටට හොඳ පත්තිනි අම්මලා වගේ ඉන්න බව පෙන්වමන් සමහරු නයිට් ක්ලබ්වල ගිහින් පිස්සු නටලා අපිව විවේචනය කරනවා. මම ඒවා ගණන් ගන්නේ නෑ. මට අද හිතුණොත් එළියට යනවා. එතනදී ජීවිතය විඳිනවා. පිටරවල මිනිස්සු ඒවා ගණන් ගන්නේවත් නෑ. ඕවාට යන්නේ ව්‍යාපාරිකයෝ, මැති ඇමැතිවරු හමුවෙලා මුදල් ලබාගැනීමේ හා වෙනත් අයුතු යෝජනාවලට එකඟ වෙන්න කියලයි. ඇත්තද ඒ කතාව? එහෙම නෑ. මට නම් එහෙම අමාරුවක් නෑ. මට ඕනේ ජිවිතේ හොඳට එන්ජෝයි කරන්න. පිට ඉන්න මිනිස්සු එහෙම හිතනවා ඇති. ඒක වැරැදි ආකල්පයක්. එතනදී අපි හොඳ යාළුවෝ විදිහට සතුටු වෙන්නේ. කවදාවත් මැති ඇමැතිවරු ඇවිත් හොඳට එන්ජෝයි කරලා යනවා. හැබැයි නයිට් ක්ලබ් එකෙන් පිට සමාජයේදී නම් මට යොජනා විවාහ යෝජනා ඇවිත් තිබෙනවා විවිධ අයගෙන්.
ඇයිට විවාහ යෝජනා ඇවිත් තිබෙන්නේ කොහෙන්ද?
{ "answer_start": [ 633 ], "text": [ "නයිට් ක්ලබ් එකෙන් පිට සමාජයේදී" ] }
531eac8a-0cd8-4fb7-a481-c5e317e33c98
පසුගිය සැප්තැම්බර් 21 වැනිදා ප්‍රදර්ශනය වූ ෆ්‍රේන්ඩ්ශිප් දමිල චිත්‍රපටය මේ වනවිටද තිරගත වෙමින් පවති. මෙහි ප්‍රධාන චරිතය හිටපු ඉන්දීය සුපිරි දඟ පන්දු යවන්නෙකු වූ හර්බජාන් සිං විසින් නිරූපණය කරන අතර, ඔහු සමගින් ප්‍රධාන නිළි චරිතයට දායක වී ඇත්තේ ලංකාවේ උපන් ලෝසියා මේරියන්සන්ය.ඇය කාලයක් ශක්ති ටි.වි. නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසද කටයුතු කර පසුව නිරූපිකාවක් ලෙස කටයුතු කර ඇති බව වාර්තා වෙයි. කිලිනොච්චියේ උපන් ඇය මේ වනවිට 24 වනි වියෙහි පසුවන්නීය. ලෝසියාගේ පළමු චිත්‍රපට රංගනයද වන්නේ මෙය බව සඳහන් වෙයි.
ලෝසියා උපන්නේ කුමන රටේ ද ?
{ "answer_start": [ 243 ], "text": [ "ලංකාවේ" ] }
919a4beb-65e1-4060-895e-db914e980542
ඇෆ්ගනිස්තානයනේ හමුදා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් කනගාටු නොවන බවත්, මේ මොහොතේ ඇෆ්ගන් රජය සහ ආරක්ෂක අංශ කළ යුතු වන්නේ තලේබාන්වරුන්ගේ තර්ජනවලට මුහුණ දෙමින්, ඔවුන්ට බලය තහවුරු කර ගැනීමට ඉඩ ලබා නොදීම යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය හමුවේ පවසා තිබේ. ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ, ඇෆ්ගන් තලේබාන් සංවිධානය එරට ප්‍රධාන නගර 7 ක සහ පළාත් රැසක බලය තහවුරු කර ගැනීමට සමත්ව ඇති බැවිනි. ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශයට අනුව, තලේබාන් ත්‍රස්තවාදීන් එරට පළාත්වලින් අඩකට වඩා මේ වනවිට අත්පත් කරගෙන සිටින බව පැවැසෙයි.
ඇමෙරිකන් ජනාධිපති කව්ද?
{ "answer_start": [ 216 ], "text": [ "ජෝ බයිඩන්" ] }
af6416c3-6b83-4a0f-927f-b82c61a645cc
මීට සති කිහිපයකට පෙර රටේ ආන්දෝලනාත්මක පුවතක් වූ මවක සහ සයමස් බිලිඳකුගේ ඝාතනය සහ එම ඝාතකයාගේ සිද්ධිය සේම දෛනිකව පුවත් මැවෙන රටේ අනියම් සබඳතා හා මරණ පිළිබඳ පුවත් අපට මෙවැනි ගවේෂණයකට පදනම සැපයූ අතර එවැනි ක‍්‍රියාවන් නිසා පිරිහෙන සමාජය හා රටේ සංස්කෘතිය තුළ යහපත් මාවතකට ඔබ අප සැම යා යුතු වේ. ගම්බිම්වල මැවෙන එවැනි සිද්ධීන් පුවත්පත්වල පළවුණ ද කොළොම්තොට මැවෙන එවැනි සිද්ධීන් බොහෝ විට යටපත් වන්නේ නාගරීකරණය හා පුද්ගලික චරිතාපදානවලට බලපාන හෙයිනි. තරුණයන් හා මැදිවියේ කොයි කා අතරත් ස්මාර්ට් ජංගම දුරකථන බහුලව පවතින බැවින් තමන්ට රිසි පරිදි අන්තර්ජාලය හෝ වෙනත් ඕනෑම අවශ්‍යතාවක් කිසිවකුටවත් නොපෙනෙන ලෙස සිදුකළ හැක. නමුත් වයස 45 ඉක්ම වූ වැඩිහිටි උදවියට මෙම තාක්‍ෂණික මෙවලම් පරිහරණය බොහෝ අපහසුය. එලෙසම බොහෝ වැඩිහිටි උදවිය නිදහසේ කාලය ගත කරනු ලබයි. එම නිසාම ඇතැම් උදවිය තම පාළුව කාන්සිය මකා ගනු වස් තම තරුණ ජීවිතයේ රසයට නැඹුරුවීමට යම් ප‍්‍රියතාවක් දක්වති.
මීට සති කිහිපයකට පෙර රටේ වූ ආන්දොලාත්මක පුවතක් දෙන්න.
{ "answer_start": [ 48 ], "text": [ "මවක සහ සයමස් බිලිඳකුගේ ඝාතනය" ] }
cca955c7-b5b3-45b6-8e54-74df5f40b724
ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවක් බවට පත්ව ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. චීනය තුළ ක්‍රියාත්මක මාධ්‍ය සියල්ලම පාහේ එරට කොමියුනිස්ට් පක්ෂයට අයත් වන අතර මෙම මාධ්‍ය රැසක් ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රමාද වීමෙන් සතුටක් ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‘‘බලාපොරොත්තුවක් නැති ඇමෙරිකාව’’ යැයි චීනයේ ෂිංහුවා පුවත් සේවයේ ලිපියක් පළ වී තිබිණි. ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවක් බවට පත්වෙලා යැයි චීනයේ සහාය ලබන තා කුන්ග් පාඕ පුවත්පත වාර්තා කර තිබිණි. ‘‘නිකං සංවර්ධනය වෙන රටක් වගේ’’ යැයි චීන කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත ලෙස සැලකෙන ‘ද ග්ලෝබල් ටයිම්ස්’ පුවත් වාර්තා කර තිබිණි.ලොව වඩාත් බලවත්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය තුළ ප්‍රචණ්ඩත්වය උත්සන්න වෙමින් තිබෙන අදහස දැක්වෙන අයුරු එම පුවත්පත ඇමෙරිකානු ජනාධිපතිවරණය පිළිබඳ පුවත් වාර්තා කර තිබිණි.
චීනයේ ෂිංහුවා පුවත් සේවයේ පළවී තිබූ ලිපියේ සදහන්වී තිබුනේ කුමක්ද?
{ "answer_start": [ 263 ], "text": [ "‘‘බලාපොරොත්තුවක් නැති ඇමෙරිකාව’’" ] }
f60941a3-45b0-46b6-b731-80a2b4637bf8
මෝස්තර නිරූපිකාවක් මෙන්ම බොලිවුඩ් නිළියක් ලෙස ජනප්‍රිය ගීතා බසාර් මේ වනවිට සිය දෙවැනි දරුවා බලපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි. ඇයට දෙවැනි දරුවා ලැබීමට දින නියම වී ඇත්තේ එළැඹෙන ජූලි මාසයේදීය. මේ වනවිට පස් හැවිරිදි දියණියක්ද සිටින ගීතා හිටපු ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්බජාන් සිංගේ බිරිඳද වෙයි. මේ වනවිට හර්ජබජාන්ද ඉන්දීය චිත්‍රපට කර්මාන්තයට එක්ව සිටින අතර, ගීතාද එයට ඉතා සතුටුදායක ප්‍රතිචාර දක්වා තිබෙන බව වාර්තා වෙයි. හර්බජාන්ට හොඳට රඟපාන්න පුළුවන්. අපරාදේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාව තෝරා ගත්තේ යැයි ඇය මැතකදී එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණී.
මෝස්තර නිරූපිකාවක් මෙන්ම බොලිවුඩ් නිළියක් ලෙස ජනප්‍රිය ගීතා බසාර් මේ වනවිට බලාපොරොත්තුවෙන් සිටින්නේ කුමක්ද?
{ "answer_start": [ 75 ], "text": [ "සිය දෙවැනි දරුවා" ] }
326aa09f-9778-459c-82d5-42c1097a7272
චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවක පෙනී සිට මේ තාරකාවිය සිය රංගන දිවිය තුළ හොඳම නිළිය සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානයට එකොළොස් වරක් නිර්දේශ වූ අතර, 1972 දී එම සම්මානය දිනා ගැනීමට සමත් වූවා ය. 2000 වසරේදී හේමා මාලිනී විසින් ෆිල්ම්ෆෙයාර් යාවජීව සම්මානය හිමි කරගත් අතර, ඉන්දියානු රජ‍ය විසින් පිරිනමන සිව්වන ඉහළම ජනතා ගෞරවය වන පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබුවා ය. 2012 වසරේ දී ඉන්දියානු සිනමාවට දැක්වූ දායකත්වය අගයනු වස් ශ්‍රීමත් පාදම්පාත් සිංහානියා විශ්වවිද්‍යාලය විසින් ඇයට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී.
ඇය ෆිල්ම් ෆෙයාර් සම්මානයට කීවරක් නිර්දේශ වූවාද ?
{ "answer_start": [ 109 ], "text": [ "එකොළොස් වරක්" ] }
294f52c1-4eeb-4c5d-b2a7-fe8f0ec169d8
ඉස්සර මම මොඩ්ලිං ක්ෂේත්‍රයේ හිටියා. දැන් අවුරුදු ගණනාවක ඉඳලා මම අයින්වෙලා ඉන්නේ. මම දැන් රංගනයට තමයි කාලය යොදලා තිබෙන්නේ. මොකද මම රඟපාන්න හරිම ආසයි. එහෙම නෑ. මට ලැබෙන අවස්ථාව අනුව තමයි ඒ දේ වෙන්නේ. මම කොහොමටත් අවුරුද්දකට එකක් විතර රඟපානවා. නොකර ඉන්නේ නෑ. වේදිකාව, රූපවාහිනිය, හඬකැවීම වගේ ක්ෂේත්‍රවලට මම දායකවෙනවා. මොකුත් නොකර හිටියාම නොවෙයි. ඇත්තටම මේ චිත්‍රපටය හින්දා තමයි දැන් හැමෝම කතාකරන්නේ. ඒක හොඳයි, අපි වගේ නිළියන් ගැන එහෙම කතාකරන එකත්. ගොසිප් ගැන විතරක් කතාකරන්නේ ඇයි? ගොසිප්වලට මාතෘකා අපි සැපයුවොත් විතරයි, අපි ගැන කතාකරන්නේ.
දැන් කාලය යොදා තිබෙන්නේ කුමක් සදහාද?
{ "answer_start": [ 89 ], "text": [ "රංගනයට" ] }
7a2c1092-5bda-4946-9494-24dfd5c53264
බුලත්සිංහල, අතුර හන්දියෙන් හැරී පටු තාර පාර දිගේ යනවිට ඒ මහා ගල් කුල පෙනේ. ගල් වඩුවකු විසින් කපා ඍජු බිත්තියක් නිර්මාණය කළාක් මෙන් පෙනෙන ඒ දැවැන්ත ගල්කුල කාගේ නිර්මාණයක් දැයි හිතේ කුහුලක් හටගනී. බලංගොඩ පරපුරේ ආදිමානවයා පාහියන් භික්ෂුව මෙන්ම ද මේ ගල්කුල හා සම්බන්ධකම් පැවැත්වූ ඉතිහාසයක් තිබුණෙන් මේ ගල්කුල කපා ඍජු බිත්තියක් හැදුවේ ඒ යුග දෙකෙන් එකක විය යුතුය. එහෙත් ගල් පතුරක් උල්කර ගෙන පුංචි සතුන්ගේ මස් හූරා ගත් බලංගොඩ පරපුරේ මානවයාට මෙබඳු විශ්මකර්ම වැඩක් කරන්නට නුපුළුවනචීනා කම්මැලියෙක් නොවේ. එහෙත් මෙවැනි දැවැන්ත ගල් කුලක ඍජු බිත්තියක් හදන්නට චීනාටත් බැරිය. ඇරත් පාහියන් භික්ෂුව මෙහි පැමිණයේ ගල්කුල ඔප මට්ටම් කරන්නට නොවේ, වන්දනාවේය.
මහා ගල් කුල පෙනෙන්නේ බුලත්සිංහල, අතුර හන්දියෙන් හැරී කුමක් දිගේ යන විටද?
{ "answer_start": [ 32 ], "text": [ "පටු තාර පාර දිගේ" ] }
780f0fdb-32ec-43a3-ad50-1da2ef076ebb
තම බිරිඳ මෙලොවින් සමුගත්තේ තම මව හා සහෝදරියගේ කෙණෙහිලිකම් හා අපවාද ඉවසා දරා සිටීමට නොහැකි තැන බව නොදත් නාමල් ඇයගේ වියෝවීම ගැන දුක්විය. නාමල්ට ඇයගේ වියෝවීම දරාගත නොහැකි විය. එසේම නාමල්ගේ මව සහ සහෝදරිය කෙලෙසකවත් අනුත්තරා මෙලෙස ජීවිතය නැති කරගනීවි යැයි නොසිතූහ. තමන්ගේ කෙනෙහිලිකම් නිසා ඇය ජීවිතය නැති කරගත්තා යන්න ඔවුන්ගේ සිත් තුළ වධ දෙන්නට විය. ඒ නිසාම ඔවුන් දෙදෙනාම ජීවත් වූයේ බියෙනි. ඔවුන්ට අනුත්තරාගේ මුහුණ මැවී පෙනෙන්නට විය. අනුත්තරාගේ දෙමාපියන් නාමල්ට චෝදනා කළද මාස කීපයක් ගතවද්දී සියල්ලන්ගේම සිත්වලින් එය පහවී ගියේය. දරුවාගේ සුරතල් බලමින් නාමල් ද දිවි ගෙවීය.
නාමල් දිවි ගෙවුයේ කෙසේද ?
{ "answer_start": [ 521 ], "text": [ "දරුවාගේ සුරතල් බලමින්" ] }
b872e622-457a-4264-9018-6e2da34d8505
මෙම දරුවා පෙරභවය පැවසීම ආරම්භ වීමේ සිදුවීමද විශේෂ සිදුවීමක් ලෙස හෙළිවිය. දිනක් පියා සමග සිටි දරුවා පියාගේ කමිස සාක්කුවේ තිබූ කාසියක් ලබාගෙන එය තමා යයි ප්‍රකාශ කළ බැව් පියා හෙළි කළේය. එම කාසිය ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ රුව ඇතුළත් රුපියලේ කාසිය බව දක්නට ලැබී ඇත. අනතුරුව පෙරභවය හෙළි කළ බැව් දෙමාපියෝ අනාවරණය කළහ. දරුවා හෙළි කළ බැව් දෙමාපියන් පැවසූ සියලු තොරතුරු දැඩි ප්‍රසිද්ධියට පත්ව තිබූ කරුණු විය. පෞද්ගලික තොරතුරු ලෙස ප්‍රබල සාක්කි වශයෙන් කරුණු විමර්ශනය කිරීමට මෙම පුනර්භව සාධකයේදී අවස්ථාවක් නොලැබිණි. එහෙත් ප්‍රබල ලෙස මෙම කතා පුවත මහත් ආන්දෝලනයකට ලක්විය. හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ රුවට සමාන ලෙස එම දරුවාගේ මුහුණේ ඡායාරූපයක්ද මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කර තිබිණි. ශ්‍රී ලංකාවේ ප්‍රකට පුද්ගල සිව්වන පුනර්භව සිදුවීමක් ලෙස අනාවරණය වූයේ 1971 කැරලි සමයේදී ඝාතනයට ලක්වූ ප්‍රේමවතී මනම්පේරි පිළිබඳවය. වෙඩි පහරකට ලක්ව මරණයට පත්වූ ප්‍රේමවතී මනම්පේරි තමා යයි රත්නපුර ප්‍රදේශයේදී උපත ලද දැරියක් ප්‍රකාශ කළාය. ඒ වන විට මියගිය ප්‍රේමවතී මනම්පේරි තරුණිය පිළිබඳව සහ ඇගේ මරණය පිළිබඳව සියලු තොරතුරු මහත් ප්‍රසිද්ධියට පත්වී තිබිණි. මෙම දැරිය පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී ප්‍රබල සාක්කිවලට එමගින් බාධා සිදුවිය.
මරණයට පත්වූ ප්‍රේමවති මනම්පේරි තමා යැයි ප්‍රකාශ කලේ කව්ද?
{ "answer_start": [ 855 ], "text": [ "රත්නපුර ප්‍රදේශයේදී උපත ලද දැරියක්" ] }
b683953c-a8f5-4db1-a029-b134eab137f3
බලවත් සේ කැලඹුණු වික්ටර් ගෙදර පැමිණියේ මරු විකලයෙනි. චන්ද්‍රා බලෙන්ම තම මෝටර් රථයට ගොඩනංවා ගත් වික්ටර් අධික වේගයෙන් රථය පැදවීය. තම රථයට මිනිසෙකු වේගයෙන් හැපුණේය. ඔහු රංජිත්ය. ජීවිතයේ කිසිදු අරමුණක් නොමැතිව සුන් වූ බලාපොරොත්තු ඇතිව පාරේ යමින් සිටි රංජිත් පාරේ ඇවිද්දේ උම්මන්තකයකු ලෙසය. අනතුරට ලක් වූ රංජිත් විසිවී බිම වැටුණි. වික්ටර්ගේ මෝටර් රථය පාලනය කර ගත නොහැකිව පාරෙන් පිටට පැන ගොස් පෙරළුණි. මේ මාරක අනතුරින් වික්ටර් එතැනම මියගිය අතර චන්ද්‍රා බරපතළ ලෙස තුවාල ලැබුවාය. රංජිත් හා චන්ද්‍රා රෝහලට ගෙන එනු ලැබීය. ඔවුන් දෙදෙනාම පියවි සිහිය ලැබෙන විට දින ගණනක් ගත වී තිබුණි. දෙදෙනා එකිනෙකා හඳුනා ගත්හ. අනපේක්ෂිත ලෙස යළිත් පෙම්වතුන් යුවළ හමු වූහ. යළිත් වෙන් කරලිය නොහැකි ලෙස මේ පෙම්වතුන් යුවල ප්‍රේමාභිෂේක ලැබූහ.
මරු විකලයෙන් ගෙදර පැමිණියේ කව්ද?
{ "answer_start": [ 17 ], "text": [ "වික්ටර්" ] }
7e13b943-40a1-4dbd-8d56-c77df5259036
වලසා නිරන්තරව මිනිසාගේ දෑස් දෙසට නෙත් යොමන අතර මුහුණට පහර දෙන්නේ ඒ නිසා බව මඩාන ගමේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ සිරිවර්ධන හෙවත් සුදු මාමා කීය. කෙසේ හෝ ප‍්‍රතිවාදියා බිම දමාගෙන මුහුණ ඉලක්ක කර ගැනීම උගේ සිරිත බවද හෙතෙම කීය. වලසකු නැගිට සිටගෙන එන බවට බොහෝ දෙනා කීවද තමන්ට එවන් අත් දැකීමක් නොලැබුණු බව හෙතෙම තවදුරටත් කියා සිටියේය. බොහෝ විට මිනිසුන් සහ වලසුන් වැඩි වශයෙන් එකට මුණ ගැසෙන කාලයක් වේ නම් ඒ මැයි සහ ජුනි යන කාල වකවානුවලදීය. ඊට ප‍්‍රධානම හේතුව එම කාලයට මහ ඝන වනාන්තරයේ බැඳෙන මී වදය. අප්‍රේල් මාසය පුරා මී මැස්සන් මී බැඳීම ආරම්භ කරන අතර පසු මාස දෙකේ හොඳින් මී පිරුණු වද වනාන්තරය පුරා සැඟව තිබේ. ඒ කාලයට වැව්ගම්පත්තුවේ කැලෑබද ගම්මානවල පිරිමින් බොහෝ දෙනා මී කඩන්නට යති. දින කීපයක් කැලේ සරණ ඔවුන් ආපසු එන්නේ ලබු කැට හෝ මැටි මුට්ටිවල මී වද පුරවාගෙනය.
සුදු මාමාගේ නම කුමක්ද?
{ "answer_start": [ 91 ], "text": [ "දිසානායක මුදියන්සේලාගේ සිරිවර්ධන" ] }
b7b7b461-83cd-44bc-ba2e-a6229f136b9f
දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය සිනමා නිළියක් වන මංජු වෝරියර්ගේ පළමු දමිල ගීතය කිම් කිම් එළිදක්වා ඇත. මීට පෙර මලයාලම් චිත්‍රපට කිහිපයකම පසුබිම් ගායනයට සම්බන්ධව ඇති මංජු දමිල ගීතයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මෙම කිම් කිම් ගීතය ඇය ඉදිරියේදී රංගනයෙන් දයක වන දමිල චිත්‍රපටයක් සඳහා නිර්මාණය වූවක් බව සඳහන් වෙයි. මෙහි සංගීතය රාම් සුරේන්දර් විසින් රචනා කර ඇති අතර ගී පද රචනා කර ඇත්තේ ලලිතානන්ද් විසිනි.
මෙහි ගී පද රචනා කර ඇත්තේ කවුද ?
{ "answer_start": [ 399 ], "text": [ "ලලිතානන්ද් විසිනි" ] }
a6947fef-2142-4764-bfe3-c8627e3b3df1
පෙතියාගොඩ සංඛ මෙම ස්ථානයට පැමිණ ඇත්තේ සිය බාප්පාගේ උපකාරයෙනි. තැන තැන සැඟව සිටි ඔහු මෙම ස්ථානයට සැඟව සිටීමට පැමිණ ඇත්තේ සතියකට වැඩි කාලයක සිටය. විශේෂ කාර්ය බළකාය පවසන පරිදි මෙම කල්ලි විසින් අපරාධ සිදුකරන ක්‍රම කිහිපයක් ඇත. ඉන් එක් ක්‍රමයක් වන්නේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව දෙකක් අතර ඇති වන ගැටුම් මත සිදුකරන අපරාධ යි. කොන්ත්‍රාත් ක්‍රමයට අපරාධ කිරීම ඉන් තවත් ක්‍රමයකි, මිතුරන්ගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරගෙන මිතුරුකමට අපරාධ සිදුකිරීම ඉන් තවත් ක්‍රමයකි. මත්ද්‍රව්‍ය ජාලයේ බලය සියතට ගැනීම සඳහා තවත් පිරිසක් අපරාධ සිදුකරති.
පෙතියාගොඩ සංඛා මෙම ස්ථානයට ආවේ කාගේ උදව්වෙන්ද?
{ "answer_start": [ 42 ], "text": [ "බාප්පාගේ උපකාරයෙනි" ] }
21eec214-bbca-44a0-937d-f35cac248aa4
ඒ දැන්වීම 1990 ඉඳන් 91 දක්වා විකාශය වුණා. ඉන්දියාවේ තහනම් කළාට බටහිර රටවල කිව්වෙ ඒක ඉන්දියාවේ ලිංගික සම්බන්ධකම්වල පෙරළියක් ඇති කරවන දැන්වීමක් කියලා. මට ඒ දැන්වීමට සම්මාන රැසක් ලැබුණා. ඒ වගේම දැන්වීම් ක්ෂේත්‍රයේ ඉතිහාසයටත් එක් වෙන එකක් වුණා. ඇත්තටම ඒ වගේ දැන්වීමක ඉඳීම ගැන මම සතුටු වෙනවා. ඒක නව මාවතක ආරම්භයක්. කොහොම වුණත් අද පරපුර ලිංගික සම්බන්ධකම් දිහා විවෘතව බැලීම ලොකු දෙයක්. පූජා පැවසුවාය. පූජා පළමුවෙන්ම රඟ පෑවේ විෂ්කන්‍යා චිත්‍රපටියේය. ඉනික්බිතිව ජෝ ජීතා වෝහි සිකන්දර්, ලූතෙරේ, ආටනක් හි ආටනක් ඇතුළු චිත්‍රපටි ගණනාවක රඟ පෑවාය. ඇය බොහෝ රියැලිටි වැඩ සටහන්වල ද දක්නට ලැබිණි.
අද පරපුර ලිංගික සම්බන්ධකම් දිහා විවෘතව බැලීම ලොකු දෙයක් යැයි පැවසුවේ කව්ද?
{ "answer_start": [ 394 ], "text": [ "පූජා" ] }
1f20b640-b09a-4dad-b772-f3aa06ed8ce8
දැරිය නෑවීමෙන් පසු සුදු රෙද්දකින් වසාගෙන සුදුසු වර්ණ ඇඳුමක් අන්දවා නිවසේ උළුවස්ස ළඟට රැගෙන යන්නීය. ඇයට පොල්ගෙඩියක් ප‍්‍රදර්ශනය කිරීමට සලස්වන්නේ ඉන් අනතුරුවයි. මුහුණ විවෘත නොකරම ඇය විසින් පොල් ගෙඩිය බිඳිය යුතුය. පොල් ගෙඩිය බිදෙන ස්වභාවය අනුව දැරියගේ අනාගත සිදුවීම් ඉදිරිපත් කරයි. පොල් ගෙඩිය දෙකට බෙදී ගියේ නම් දැරිය යහපත් ගතිගුණවලින් යුක්ත හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරත වී ජීවිතය සාර්ථකව රැගෙන යන්නේ ය. නමුත් එය නිසි පරිදි සිදුවන්නේ නැතිනම්, විවාහය ප‍්‍රමාද වීම, විවාහ දෙකක් සිදුවීම, සැමියා අතහැර යෑම, නින්දා අපහාසවලට පත්වීම, අසනීප ආදිය වැඩිවීම, සිහිනයෙන් මුත්‍රා යෑම ආදිය ද සිදුවන බව මතයයි. මෙයට අමතුරව, අසුභ කාරණා රැසක් ද කියවේ. ආර්ථික ගැටලු, අධ්‍යාපනයට බාධා, රැකියා ප‍්‍රශ්න, අපහාස හා පීඩාකාරී තත්ත්වය පමණක් නොව මෙවැනි අවස්ථාවක් ඇයගේ පියාට අසුභය. මෙලෙස චාරිත‍්‍රානුකූලව මල්වර වූ දැරිය ආරක්‍ෂා කිරීම වැඩිහිටියන්ගේ මූලික කාර්යයක් වේ. දින 14 ගතවන තෙක් බැඳුම්, පුළුටු ආහාර නොදීම, තනි නොකිරීම, ඇගේ ශරීරයේ යකඩ ඇණයක් හෝ යතුරක් රැඳවීම, කඩුල්ලකින් පැනීමට නොදීම, වේගයෙන් දුවන්නට හෝ බයිසිකල් පැදීම වැනි කටයුතුවලට අවස්ථාව නොදීම, දැරියට පිළිවෙළට ඇඳුම් අන්දවා වැඩිහිටිවියට පාතැබීම ගැන අවබෝධයක් ලබාදී ඇයව වඩාත් ආදරයෙන් රැකබලා ගැනීම, දියඇළිවලින් නෑමට අවස්ථාව නොදීම, පන්සලට රැගෙන යෑමෙන් වැළැකීම යම් කාලයක් ගතවන තෙක් සිදු නොකරයි. මෙලෙස සියලු චාරිත‍්‍ර නියමිත ආකාරයෙන් නියමාකාරයෙන් ඉටු නොකරන්නේ නම් මල්වර වූ දියණියට අනාගතයේ මුහුණ දිය හැකි කරදර බොහෝය. ප‍්‍රධාන වශයෙන් ඇයගේ විවාහ ජීවිතයට බාධා පැමිණිය හැකිය. විවාහ ප‍්‍රමාදවීම් ඒ අතර වෙයි. අනෙක් අතට විවාහයක් සිදුකර ගත්ත ද එය සාර්ථකව ගත කිරීමට නොහැකිය.
චාරිත්‍ර නිසි ලෙස සිදු නොවුනහොත් වැඩි වශයෙන් එය බලපාන්නේ කුමකටද?
{ "answer_start": [ 1350 ], "text": [ "ඇයගේ විවාහ ජීවිතයට" ] }
46217d50-51af-4c38-830b-0308c266c72c
වාහන ෆිනෑන්ස් හෝ ලීසිං සමාගම් සිය පාරිභෝගිකයන්ට ඉදිරිපත් කරන සියලු ලිපි ලේඛන ඇත්තේ ඉංග්‍රීසි බසිනි. සිංහල පමණක් හෝ දෙමළ පමණක් කියවා තේරුම් ගත හැකි ජනතාවට මෙය ඉමහත් ගැටලුකාරී තත්ත්වයකි. මන්දයත් සමාගම්වල නියමයන් හෝ කොන්දේසි යනාදිය නොදැන ඔවුන් එම ලියවිලිවලට අත්සන් කරයි. අදාළ සමාගම් නියෝජිතවරුන් පෙන්වන තැනක එසේ අත්සන යොදන ගැනුම්කරුවා අමාරුවේ වැටී ඒ ගැන සමාගමෙන් විමසන විට “ඇයි ඔයාල අත්සන් කරලනේ ගත්තේ” යැයි කියති. එවිට ගැනුම්කරුවා අසරණය. සමාගමේ නියෝජිතයන් පෙන්වන තැන්වල අත්සන යොදා සිය වාහන හෝ දේපළ මිලට ගත් අයගේ බහුතරය අවම වශයෙන් අදාළ කොන්දේසි ගැනවත් දැනුම්වත් නැත. එය බරපතළම ප්‍රශ්නයක් බවට පත්ව ඇත.
ෆිනෑන්ස් හෝ ලීසිං සමාගම් මගින් මිලට ගන්නේ මොනවාද?
{ "answer_start": [ 483 ], "text": [ "වාහන හෝ දේපළ" ] }
9296a980-5253-432c-9c43-c06a7cba944e
උතුරු- නැගෙනහිර ඇතුළු දිවයිනේ විවිධ පළාත්වල වසර 3ක පමණ කාලයක් කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කර ඇති නිහාල් කරුණාරත්න මහතා අත්දැකීම් බහුල දක්‍ෂ නිලධාරියෙකි. විශ්ව විද්‍යාල තුනකින් අධ්‍යාපනය හදාරා ඇති ඔහු උපාධිධාරියෙක්ද වන්නේය. ත්‍රස්තවාදී විමර්ශන කටයුතුවලදී බොහෝ දක්‍ෂතා පෙන්වා ඇති කරුණාරත්න මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු විමර්ශනවලදී මහා විනාශයන් සිදුකිරීමට පැමිණි සිටියදී පොලිසියට කොටු වී ඇති කොටි ත්‍රස්තවාදින්ගේ සංඛ්‍යාව බොහෝය. කොටින්ව අල්ලා ගන්නේ නිකම්ම නොව අවි ආයුධ සයනයිඩ් කරල් හා මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලද සමගය. හයවැනි සාක් සමුළුව කඩා කප්පල් කිරීමේ අරමුණින් එල්.ටී.ටී.ඊය සිදු කිරීමට සැලසුම් කර තිබූ බෝම්බ පිපිරවීම වළක්වා ගැනීමට හැකිවීමේ කතාව ගැන මතකය අවදිකරමින් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ කීය.
නිහාල් කරුණාරත්න මහතා කොපමන විශ්ව විද්‍යාල ගණනකින් අධ්‍යාපනය ලබා තිබේද?
{ "answer_start": [ 213 ], "text": [ "තුනකින්" ] }
d1798e35-b20c-48a9-89d0-4053ad418261
අතීත කාව්‍යයක අප ඔබ සැම අසා අැත්තේ ‘‘මහවැලි, කැලණි, කළු, වලවේ ගංගා, සමනොල ගිර කුළින් පැන නැංගා’’ ලෙසිනි. නමුත් ගවේෂණාත්මක සංචාරක වාර්තාකරණයේ යෙදෙන අපි එම කාව්‍යය අසත්‍යයක් බව මින් පෙරද සඳහන් කළෙමු. මන්දයත් මහවැලි සහ වලවේ ගඟේ උපත සිදුවන්නේ හෝර්ටන්තැන්නෙන්. තවද කැලණි ගඟට සමව උපත දෙන්නේ ගවරවිල සහ හෝර්ටන්තැන්නේ කිරිගල්පොත්ත දකුණු බෑවුමෙන් බව මෙහිදී අපි සොයා ගත්තෙමු. තවද කළු ගඟේ ආරම්භය සිදුවන්නේ සමනල කන්දෙන් බවද අසත්‍යයක් වන අතර කළු ගඟේ මුල් දියවර පැන නගින්නේ බෑණ සමනලින් වන අතර එහි ප්‍රධාන පෝෂකයක් වන කුරු ගඟ හීන් පිදුරුතලාව සහ මහ පිදුරුතලාව පිහිටි ඉසව්වෙන් පටන් ගන්නා වග අපි අත්දැක ඇත්තෙමු. කුතුහලය සහ ත්‍රාසය දනවන මෙම ගංගාවන්හි උපත සොයා යන ගමනේදී අප මීට පස් වසරකට පෙර වලවේ ගඟේ උපත සොයා ගත්තේ හෝර්ටන්තැන්නේ නොකිළිටි ඉසව්වක පය තබමිනි. එලෙසම කල්‍යාණියේද උපත සොයා අප හෝර්ටන්තැන්නේ කිරිගල් පොත්ත කන්දේ දකුණු බෑවුමෙන් ගමන පටන් ගත්තේ විස්මය දනවනසුළු දිය සීරා සහ ජල උල්පත් ගණනාවක් පිරුණු වගුරු මතිනි. පොල්පිටියේ සිට ඇබර්ඩීන් ඇල්ල හරහා නෝර්ටන් පාලම අසලට පැමිණි අප කාසල්රි ජලාශය වෙත ගමන් කළේ මීට පෙර ලිපියේදීය. පසුව අප අද ගමන ආරම්භ කළේ කාසල්රි ජලාශයේ සිටය. කාසල්රි ජලාශය, මායිම දිගේ දික් ඔය හරහා ගමන් කළ පසු නෝර්වුඩ් වෙතට අපි ළඟා වුණෙමු.
අතීත කාව්‍යයක දැක්වෙන පරිදි මහවැලි, කැලණි, කළු, වලවේ ගංගා පටන් ගන්නේ කුමන කඳුවැටියෙන්ද?
{ "answer_start": [ 68 ], "text": [ "සමනොල ගිර කුළින්" ] }
ce063161-c73d-4a48-8330-17cd9387f2bf
එදා ද්‍රවිඩ ගති සිරිත් උපතින් ඉදිරිපත් කළ චින්තා දැන් දෙදරු මවකි. ඇය කුඩා කල තිබූ ද්‍රවිඩ ගතිසිරිත් පිළිබඳව ඇය අද සිතන්නේ කුමක්දැයි පසුගිය දිනෙක අපි ඇගෙන් විමසුවෙමු. එදා මම පුංචි කාලෙ ඉඳන්ම ද්‍රවිඩ ආහාර පානවලට තිබුණු ආශාව තවමත් තියෙනවා. කන්වල සිදුරු තිබූ තැන් තවමත් පැහැදිලි ලෙස තියෙනවා. නළලේ තිබූ තිලකය තිබූ ස්ථානය මගේ සිරුර වැඩීමත් සමග වෙනස්වීමක් සිදුවූවා. කෝවිල්වලට යාම තවමත් සිදුවනවා. ඒවායේ පැවැත්වෙන පූජාවලට මම දැනුත් සහභාගි වනවා. මගේ ජීවිතයේ ප්‍රශ්න කිසිවක් ඇති වූ විටෙක කෝවිල්වලට ගිහින් බාරහාර වීමත් මගේ සිරිතයි. එය මෙග් මනසට ලොකු සැනසීමක් වනවා. මේ සියල්ල නිසා පෙරභවයේ මා ද්‍රවිඩ කාන්තාවක ලෙස සිටි බව මා පිළිගන්නවා යයි චින්තා පැවසුවාය.
පෙරභවයේ මා ද්‍රවිඩ කාන්තාවක් ලෙස සිටීබව පිලිගන්නා බව පැවසුවේ කව්ද?
{ "answer_start": [ 626 ], "text": [ "චින්තා" ] }
18409b7a-1229-409d-a144-9dd1bdabfc1a
එබැවින් මෙයට විසඳුම් වශයෙන් විවිධ මත ඉදිරිපත් කළ හැකිය. එහිදී වඩාත් වැදගත්ම විසඳුමක් වන්නේ බුදුන් වහන්සේගේ ගුණයන් පිළිබඳව ඇති කරගත යුතු අවබෝධයයි. වන්දනාව මෙයට එක් ක්‍රමයකි. එක වරම ප්‍රඥාව අවධි වන්නට සංසාරික පුරන ලද පාරමිතා තිබිය යුතුය. නමුත් එය ඇති කර ගන්නට ශ්‍රද්ධාව තිබිය යුතුය. එම ශ්‍රද්ධාවද අමූලිකා ශ්‍රද්ධාවෙන් තොරවිය යුතුය. ශ්‍රද්ධාව යනු භක්තියට වඩා උසස් දෙයක් ලෙස හැඳින්විය හැකිය. භක්තිය උපදින්නේ භය කරන කොට ගෙනය. දෙවියන් කෙරෙහි ඇති බිය නිසාවෙන් භක්තිය උපදී. ශ්‍රද්ධාව උපැදීමට නම් ප්‍රසන්න වූ සිතක් තිබිය යුතුය. එම සිතට ශ්‍රද්ධා ගලා පැමිණේ. එය විනිශ්චය කර ගැනීමට ප්‍රාඥාව උපකාරී වේ. එවිට ශ්‍රද්ධාව හා බැඳුණු ප්‍රඥාව පුද්ගලයා දීප්තිමත් කරනු ඇත. එවිට මෙලෙස පුද්ගලයන් සමූහයක් එකතු වූ තැන සමාජයම බබළයි.
භක්තිය උපදින්නේ කුමක් කරන කොට ගෙන ද?
{ "answer_start": [ 404 ], "text": [ "භය" ] }
8edf8589-b4da-4999-b7f5-6cc7087e242d
වෙන්නප්පුව හෙවත් පුංචි ඉතාලිය තවත් ආකාරයකින් වැදගත් වන හේතුවක් තිබේ. ඒ ලංකාවේ පමණක් නොව දකුණු ආසියානු කලාපයේම විශාලතම ‘ජනපදය’ පිහිටා තිබීමයි. ලුණුවිල නගරයට ආසන්නව පිහිටි මෙම ජනපදය ‘සිරිගම්පල’ ලෙස හැඳින් වේ. 1950 දශකයේ දී රජයට අයත් ඉඩම් අක්කර කිහිපයක් ජනතාව අතරේ බෙදා දීමෙන් ‘සිරිගම්පල’ ජනපදය බිහි විය. ඉන් අනතුරුව හිටපු අමාත්‍යවරයෙකු වන පෙස්ටස් පෙරේරා මහතා විසින් විශාල ඉඩම් අක්කර ගණනක් ජනතාවට බෙදා දුන්නේය. වර්තමානය වන විට ‘සිරිගම්පල’ ජනපදයේ පවුල් හාරදහසකට වැඩි ගණනක් පදිංචිව සිටින අතර එහි පදිංචි පිරිස දොළොස්දහස ඉක්මවයි.
වර්තමානය වන විට ‘සිරිගම්පල’ ජනපදයේ පදිංචිව සිටින පිරිස කොපමණද?
{ "answer_start": [ 504 ], "text": [ "දොළොස්දහස ඉක්මවයි" ] }
f94ff1b2-b585-41d4-b429-70cf774051c0
මේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ‍ගර්භයේ කුහර හෝ පස් පිරවීමකින් තොරව සම්පූර්ණයෙන්ම ස්ථූප ගඩොලින් නිර්මාණය කරන බව තමයි කියන්නේ. ස්ථූප ගඩොලයක් කියන්නේ අඟල් 16ක් දිග අඟල් 8ක් පළල අඟල් 2ක ඝනකමින් යුත් ගඩොලයක්. ඒ ගඩොලය සාමාන්‍ය ඉංජිනේරු ගඩොල් 4කින් පමණ විශාල ගඩොලයක්. මේ සෑය සම්පූර්ණයෙන්ම නිමවන්න ස්ථූප ගඩොල් කෝටි දෙකහමාරක් වැය වෙනවා. සිමෙන්ති කොට්ට එක්ලක්ෂ අසූදාහකට වැඩි ප්‍රමාණයක් වැය වෙනවා. වැලි කියුබ් පහළොස්දාහක් පමණ වැය වෙනවා. අළු හුණු වැය වෙනවා කිලෝ එක්කෝටි දාසය ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක්. ප්‍රාකාර බැම්ම ඉදිවෙන්නේ ගල් කැටයම් 170කින් සමන්විත ප්‍රාකාර බැම්මක් විදිහට. වෙස්සන්තර ජාතකය ඇතුළු පන්සිය පනස් ජාතක කථා එහි නිර්මාණය කරන්න අදහස් කරලා තියෙනවා.
ස්ථුප ගඩොලක දිග හා පළල වන්නේ කීයද ?
{ "answer_start": [ 150 ], "text": [ "16ක් දිග අඟල් 8ක් පළල" ] }
8cf7478d-9912-4eb7-805d-a1018ffc9681
රැඳවියන්ට ඔවුන්ගේ පවුල්, හවුල්කරුවන් හෝ මිතුරන් සතියකට දෙවරක් පැය දෙකක් සඳහා පෞද්ගලිකව පිළිගැනීමට අවසර තිබෙන අතර සිරකරුවන්ට පවුලේ සාමාජිකයන් සමග මසකට පැය 24 ක් ඔවුන් සමඟ රැඳී සිටිය හැකි වෙන් වෙන් කුටියක් සහිත නිවසක් ඇත. එකී නිවසේ කුඩා කුස්සියක්, නිදන කාමර දෙකක්, නාන කාමරයක්, කෑම මේසයක් සහිත විසිත්ත කාමරයක්, සෝෆා සහ රූපවාහිනියක් මෙන්ම සෙල්ලම් බඩු සහිත එළිමහන් ක්‍රීඩා පිටියක්ද ඇත. ක්‍රීඩාවට අමතරව සංගීතය එහි ප්‍රධාන විෂයකි. උපරිම ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස ප්‍රසිද්ධ මෙය ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන් සහ ළමා අපචාරකයින් වැනි අතිශය භයානක අපරාධකරුවන්ට සත්කාරකත්වය සපයයි. ඔවුන් එහි සිටින සිරකරුවන්ගෙන් හරි අඩක් පමණ වන අතර තවත් තුනෙන් එකක් මත්ද්‍රව්‍ය වැරදිකරුවන් වේ. මේ කොයි තරාතිරමේ අයෙක් එහි සිටියද නෝර්වීජියානු සහ ඉංග්‍රීසි යන භාෂා දෙකම භාවිතා වන අතර බන්ධනාගාරයට ඉංග්‍රීසි සහ නෝර්වේජියානු භාෂාව උගන්වන ගුරුවරුද සිටීති.
බන්ධනාගාරයේ ප්‍රධාන විෂයන් මොනවාද?
{ "answer_start": [ 382 ], "text": [ "ක්‍රීඩාවට අමතරව සංගීතය" ] }
25e02da1-d06e-4506-b044-07d0e5968ce5
හැත්තෑව දශකයේ එකට පලාලි කඳවුරේ සේවය කළ නිලධාරීන් සහ සෙසු නිළයන් බොහෝ දෙනෙකු අද අප අතර නැත. ජීවත්ව සිටින කීප දෙනාටත් ඒ අතීතය අමතක වූවා සේය. කොටින්ම ටැෆායි ඩියුටිය අමතකය. ඒ දිනවල එක කල්දරමේ බත් කමින් එක බිලට් එකේ දවස ගත කළ හිතවතුන් සෑම දෙනාම වාගේ සී සී කඩ විසිර ගොස් ඇත. ලංකාව කුඩා වුවත් වසර හතළිහකින්වත් නොදුටු උදවියද ඇත. ගුවනින් පැමිණි හමුදා රියකට ගොඩවී යාපනය පුරා සංචාරය කළ බොහෝ දෙනෙකු රටේ සිටියත් මේ වෙනවිට ඔවුන්ටත් අපගේ මුහුණු අමතකවී ගොස් ඇතැයි සිතෙන්නේය. පලාලි කඳවුරෙන් වාහනයට නංවාගෙන වැල්වැටිතුරේ හරහා පේදුරුතුඩුවට ගොස් ප්‍රදීපාගාරය බලා ආපසු කන්කසන්තුරේ ඔස්සේ කීරිමලේට ගොස් නාන තඩාගයේ ළඟ ටික වේලාවක් ගත කර පොන්නාලේ ඔස්සේ කරෙයිනගර් පසුකර මානිපායි හරහා යාපනය නගරයට පැමිණීම පොදු මාර්ගයයි.
වාහනයට නංවාගන්නේ කොතනින්ද?
{ "answer_start": [ 459 ], "text": [ "පලාලි කඳවුරෙන්" ] }
4735793e-65ad-4609-bc18-ac4bdf3ea17d
ඇය පරිසරයට දැඩිව ආදරය කරන්නියකි. ඇගේ උපන් රටේ දේශීය ගස් වර්ග පවා සිටුවීමට කටයුතු කළ ඇගේ කැපවීම හා පරිසරය සබැඳි සංරක්ෂණ කටයුතුවලට දැක්වූ උනන්දුව නිසාම ඇය එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ තානාපතිවරියක වශයෙන්ද පත් කරනු ලැබුවාය. පරිසරය ආරක්ෂා කරගෙන ඉදිරි පරපුරට උරුම කරදීම සඳහා ඇය අදටත් කැප වී කටයුතු කරගෙන යන්නීය. වොෂිංටනයේ සියැටල්හි පදිංචිකාරියක වන ක‍්‍රිසී ටීගන් 2014 දී ස්පෝට්ස් ඉලස්ටෙ‍්‍රටඩ් සඟරාවේ කවරය සඳහා නාන ඇඳුමෙන් සැරසී පෙනී සිටීමෙන් ඉතා ජනප‍්‍රිය වූවාය. ඇය පාන වර්ග සඳහා වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටින ශිල්පිනියක වශයෙන්ද ජනප‍්‍රියය. කේශාලංකරණ දැන්වීම් නිර්මාණය කරන සමාගම් හා රූපලාවන්‍ය නිෂ්පාදන වෙනුවෙන්ද ඇය නිරන්තරව පෙනී සිටින්නීය. ඉන්ස්ටග‍්‍රෑම් හා ට්විටර් යන සමාජ මාධ්‍යවලද ඇය අතිශය ජනප‍්‍රිය තරුවකි. එපමණක් නොව, ක‍්‍රිසී 2015දී සිය ප‍්‍රියතම ආහාර වට්ටෝරු ඇතුළත් පොතක් සම්පාදනය කළ අතර එය වැඩි අලෙවියක් වාර්තා කළ සූප ශාස්ත‍්‍ර පොත් අතරටද එකතු වී තිබිණි. වෝග්, කොස්මොපොලිටන් වැනි සඟරාවල කවරයේ ඡායාරූප සඳහා ඇය පෙනී සිට ඇත. ක‍්‍රිසී පුංචි තිරයටද නැතිවම බැරි තරුවකි. ඇය විවාහ වී සිටින්නේ සම්මානනීය ගායක ජෝන් ලෙජන්ඩ් සමඟිනි. 2016 දී ඇය පළමු දරු ප‍්‍රසූතිය සිදු කළාය.
ක‍්‍රිසී ටීගන් ස්පෝට්ස් ඉලස්ටෙ‍්‍රටඩ් සඟරාවේ කවරය සඳහා නාන ඇඳුමෙන් සැරසී පෙනී සිටීයේ කුමන වසරේදීද?
{ "answer_start": [ 363 ], "text": [ "2014 දී" ] }
3735f1a2-a3aa-49d1-9314-fa1b01e1ddaf
ඉක්බිති දළදා වහන්සේ වඩා හිඳුවන පිණිස ද එම දළදා වහන්සේ පිරිවරා මහාසංඝයාට වැඩ හිඳීම පිණිස ද දිගින් අඩි දෙසිය විසි නවයක් හා පුළුලින් අඩි සැටක් ද ඇති මණ්ඩපයක් තනා එහි ධාතුන්වහන්සේ වැඩමවීමට නියම කළ ස්ථානය රන් රිදී වැඩ කළ නොයෙක් අනගි පටරෙදිවලින් සරසා ඊ මැද රිදියෙන් කළ ආසනයක් පණවා ඊ පිට රන්සිවි ගෙයක් තබා එහි තුළ ධාතුන් වහන්සේ වඩා හිඳුවීම පිණිස ඝනරනින් කළ පාලා පෙත්තක් ලම්භාකාරව සරසා තබා ඊට දකුණු පැත්තෙන් අනගි මැණික් බැඳි මහ රන් කරඬුව ද තබා වම්පැත්තෙන් අනගි මැණික් බැඳි කුඩා රන් කරඬුව ද තබා ඒ ඉදිරිපිට පූජා තැබීමට අනගි වූ ආසනයක් රම්‍යවූ පේශවස්ත්‍රවලින් සරසා තබා ඊටත් ඉදිරියෙන් රන් රිදී වැඩ කළ නානාප්‍රකාර වස්ත්‍රවලින් තිර නවයක් හා වඟුරැළි පන්තිවලින්ද සැරසිලිකර මේ මණ්‍ඩපයේ මහා සංඝයාට වැඩහිදීමට තිබුණු කොටස ද සුදු රෙදිවලින් හා ගොප්කොළ ආදියෙනුත් සැරසූහ.
අනගි මැණික් බැදි කුඩා රන් කරඩුව තැබුවේ කොහෙන්ද?
{ "answer_start": [ 436 ], "text": [ "වම්පැත්තෙන්" ] }
4b4143d8-7771-421e-9356-b7ff054f23fb
සර් සොලමන් ගැන ඇති ප්‍රකට මතයක් නම් එතුමාගේ දේහය තැන්පත් කොට ඇත්තේ කෙලින් අතට නුවර පාර දෙය බලා සිටින ලෙස බවය. මේ සොහොන් කොත එතුමා ගොඩනගා ඇත්තේ මියයාමට දහතුන් වසරකට පෙරදීය. මෙය සත්‍යයක් ලෙස අදහන අය අදත් සිටින අතර අවමංගල්‍යයට සහභාගි වූවකුගෙන් සත්‍ය දැනගත හැකිය. සර් සොලමන් උපන්නේත් මියගියේත් යටත් විජිත වැසියකු ලෙසය. ඔහු සිංහල ජනතාව සදා වීරයකු වන්නේ ඔහු ජීවත්ව සිටියදීම කොළඹ හතේ ඔහුගේ පිළිරුවක් යටත් විජිත ආණ්ඩුව ගොඩනැගිම නිසාය. හිරු නොබසින අධිරාජ්‍යයේ මහ රාජනි වික්ටෝරියා රැජින පවා සර් සොලමන්ට ගෞරව සම්මාන දැක් වූ බව ද බකිංහැම් මාලිගයේ එතුමන්ට වෙන් කළ කාමරයක් වූ බවද කලක් ප්‍රකටව පැවති කරුණකි. එහෙත් එතුමාගේ අභාවයෙන් පසු මේ කුටියට සිදු වූ දෙයක් ගැන කිසිදු ලිඛිත සටහනක් නැත.
හිරු නොබසින අධිරාජ්‍යයේ මහ රැජින කවුද?
{ "answer_start": [ 460 ], "text": [ "වික්ටෝරියා රැජින" ] }
3ddfd6cc-faac-40fe-8ba1-ecfac404eece
ඇල්ල පාමුලට ගමන් කිරීම සඳහා නිශ්චිත ගමන් මාර්ගයක් නොමැත. එසේ ගමන් කරන්නේනම්, ලදු කැලෑව අතරින් මාර්ගයක් තනාගෙන යා යුතුය. කෙසේ හෝ ඇල්ල පාමුලට සේන්දු වීමට හැකිනම් දුරින් හිද බලනවාට වඩා ඉතා සොඳුරු දසුන් ඒ අසල සිට විඳගැනීමට හැකියාව ලැබේ. දිය දහරාව ඇඳ හැලෙන තටාකය පාමුල දිය නෑමට එතරම් උචිත ස්ථානයක් නොවේ. ඇල්ල බැලීමට ගමන් කිරීමේදී මතුපිට තිබෙන ගල් ලිස්සන සුලු බැවින් ජංගම දුරකථන, කැමරා උපාංග, මුදල් පසුම්බි පරිස්සම් කරගත යුතුය. පරිසරය රැකගැනීම උදෙසා පොලිතීන්, ප්ලාස්ටික් එම භූමියේ දමා නොයාමටද සංචාරකයන් සැලකිලිමත් විය යුතුය.
දිය නෑමට උචිත නොවන ස්ථානය කුමක්ද?
{ "answer_start": [ 252 ], "text": [ "තටාකය පාමුල" ] }
2103f6a5-1409-4a3d-a8b4-3bc2f5b2c6b6
පාතාලය පිළිබඳව කතා කරද්දී මතකයට නැගෙන්නේ කොළඹය. කොළඹින් උපන් පාතාලය පසුව ගම්පහට ද පැතිරුණි. කොළඹට ආසන්නයෙන්ම පිහිටි පානදුර ද පාතාලයේ අහුකොන් හමුවන තැනක් සේ කලක් පැවති අතර පසුව පාතාලයේ පතාකයන් හමුවන තැනක් බවට පත්විය. එහෙත් කලුතර දිස්ත්‍රික්කයක් ලෙස පාතාලයන්ගේ රජ දහනක් නොවීය. එහෙත් දැන් දවසින් දවස පාතාලයත් සමග ඇඳී කලුතර නාමය පෙරට පැමිණ තිබේ. ඒ සඳහා දායකත්වය ලබාදීමට හොරණ නීලක මෙන්ම මතුගම ශාන් ද සමත් විය. කලුතරට පාතාල නාමයක් ගෙනාවේ මතුගම ශාන්ය. එහෙව් හයියක් ඇති මතුගම ශාන් කියන්නේ කවුද ? ශාන් යනු මේ වන විට හතළිස් වියේ පසුවන මතුගම පදිංචිකරුවෙකි. පවුලේ එකම දරුවා වූ නිසා දෙමාපියන් හරිහම්බ කළ සියල්ල ඔහු නමට පැවරිණ. මහත් වූ පොහොසතුන් නොවුණ ද ශාන්ගේ දෙමාපියන් මතුගම යම් වත්කමක් සහිත වැදගත් යැයි ප්‍රදේශවාසීන් හඳුනාගත් පවුලක දරුවෙකි.
කලුතරට පාතාල නාමයක් ගෙනාවේ කව්ද?
{ "answer_start": [ 432 ], "text": [ "මතුගම ශාන්ය" ] }