id
stringlengths 36
36
| context
stringlengths 267
2.55k
| question
stringlengths 13
446
| answers
dict |
---|---|---|---|
5c678660-147e-44e2-aa18-c251e51c191c | ජාන්වී කියන්නේ බොලිවුඩ් සිනමාවේ නැඟී එන තාරකාවක්. ඉතා සුළු කාලයකින් විශාල ජනප්‍රියත්වයක් ලබාගත් ඇය ශ්‍රී දේවිගේ දෙවන විවාහයෙන් ලැබුණ පළමු දියණියයි. ඒ කියන්නේ චිත්‍රපට නළුවන් වන අනිල් කපූර් හා සංජය කපූර්ගේ වැඩිමහල් සහෝදරයා වන්නේ බොනී කපූර්ගේ සහ ශ්‍රීදේවිගේ දියණිය. 1997 වසරේ උපන් ජාන්වී කපූර්ගේ වයස අවුරුදු 25ක් වනවා. ශ්‍රී දේවිගේ රූ සපුව නොඅඩුව හිමි නිසා බොලිවුඩ් සිනමාවේ දොරටු මවගේ වියෝවෙන් පසුව විවර වුණා. 2018 වසරේ තිරගත වූ කරන් ජොහර්ගේ දඩක් චිත්‍රපටය හරහා ජාන්වී බොලිවුඩ් සිනමාවට පැමිණියා. ඉන් අනතුරුව ගෝස්ට් ස්ටෝරීස්, ගුන්ජන් සක්සේනා, රූහි යන චිත්‍රපටිවලට ඇය රංගනයෙන් දායක වී ඇති අතර ගුඩ්ලක් ජෙරී, මිහී, මිස්ටර් ඇන්ඩ් මිසිස් මාහී, බවාල් යන ඇය රංගනයෙන් දායක වුණු චිත්‍රපට තිරගත වීමට නියමිතය. | බොලිවුඩ් සිනමාවේ නැඟී එන තාරකාවක් වන්නේ කවුද? | {
"answer_start": [
0
],
"text": [
"ජාන්වී"
]
} |
31f4603e-e0ff-452b-a407-feb803149c9d | ලැබෙන වැටුප දෙව්මිගේ පාසල් ගාස්තුවවත් පියවා ගැනීමට නොහැකි වූයෙන් අවශ්‍ය මුදල් සොයා ගැනීමට විටින් විට ලංකාවේ ඉඩ කඩම් විකුණා දැමීමට සෙනෙවිට සිදුවිය. දිනක් පාසල නිම වී ගෙදර පැමිණි දෙව්මි ගුරුවරිය විසින් ලබාදුන් පණිවුඩයක් පියා අතට පත් කළාය. එහි වූයේ දෙව්මිට ලබාදිය යුතු ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදීමට දැන් කාලය එළැඹ ඇති බැවින් එය ලබාදෙන ලෙසය. ඒ අනුව එන්නත ලබාදීමට පියා කටයුතු කළද ඒ රජයේ රෝහලකින් හෝ පෞද්ගලික රෝහලකින් නොව සුබසාධක මධ්‍යස්ථානයකින් නොමිලේ ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයකිනි. එන්නත ලබාදුන් දිනයට පසුදින දෙව්මිට උණ ගැනිණ. සාමාන්‍ය උණ තත්ත්වයක් සේ වටහා ගත් සෙනෙවිලා ඇයට පැරසිටමෝල් ලබා දුන්හ. එහෙත් දිනෙන් දිනම උණ වැඩිවන්නට විය. ඒ නිසා පෞද්ලික වෛද්‍ය ආයතනයකින් ප්‍රතිකාර ලබාගත්හ. ඒ සඳහාද විශාල මුදලක් වැය කරන්නට සිදුවිය. | ලංකාවේ ඉඩ කඩම් විකුණා දැමීමට සිදුවූයේ කාටද? | {
"answer_start": [
130
],
"text": [
"සෙනෙවිට"
]
} |
18653f5b-7339-424a-a9a4-8a0c87975d88 | සිරගත වූවන් නිදහස්ව යළි සමාජයට මුදාහැරීමට පෙර ඔවුන් පුනරුත්ථාපනය කිරීම මෙන්ම, ඔවුන්ට දෛනික ආදායමක් උපයා ගත හැකි පරිදි වෘත්තීය පුහුණුවක් ලබා දීම පිණිස ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය. සමාජ හා මානව විද්‍යාව හදාරණ විද්යාර්තීන්ට බන්ධනාගාරය කදිම පර්යේශනාගාරයක් වෙනු නිසැකය. සිරකරුවන්ගේ ලෝකය විස්මිතය. ඔවුන්ගේ සිතුම් පැතුම්, කතා ව්‍යවහාරය, හැසිරීම් රටාව පිටස්තර ලෝකයට වඩා හාත්පසින්ම වෙනසි. එහි දුට හැක්කේ අපූර්වතම සමාජ උපසංස්කෘතියකි. සිරකරු ප්‍රජාව ඉතා උගත් මෙන්ම නූගතුන්ගෙන් ද සැදී සංකීර්ණ සමාජයකි. එම සමාජ ස්ථරය තුළ විවිධ කලා කුසලතාවන්ගෙන් හා වෘත්තීමය හැකියාවන්ගෙන් පිරිපුන් පුද්ගලයින් ද සිටින බැව් නිරීක්ෂණය විය. | උගත් මෙන්ම නූගතුන්ගෙන් සැදි ඇති සංකීර්ණ සමාජයක් වන්නේ කුමන ප්රජාවද ? | {
"answer_start": [
463
],
"text": [
"සිරකරු ප්‍රජාව"
]
} |
548820cf-007d-4c99-87fb-fe9eb1fc17c6 | ශ්‍රී ලංකාව වැනි රටකට එවැනි මිලෙන් අධික කෘත්‍රිම අත් භාවිත කිරීම අපහසු කටයුත්තක් විය හැක. බොහෝමයක් සක්‍රීය අත් පාලනය කිරීමට මාංශපේෂීවලින් ලබාගන්නා සංඥා (ඊඑම්.ජී. සංඥා) යොදාගෙන තිබේ. එහෙත් වැලමිටට ඉහළින් අතක් අහිමිවූ අයකුගේ සංඥා ලබාගත හැකි මාංශපේෂී සීමිත වේ. එවිට බොහෝවිට අතේ ඇඟිලි පාලනය කිරීමට අපහසුවේ.ඊට විසඳුමක් ලෙස මෙම නිර්මාණකරුවන් විසින් මාංශපේෂී සංඥාවලට අමතරව මිනිස් මොළයෙන් ලබාගන්නා සංඥා යොදාගෙන වැඩි ක්‍රියාකාරකම් ප්‍රමාණයක් කළ හැකි සාමාන්‍ය අතකට සමාන කෘත්‍රිම අතක් නිපදවීමට පර්යේෂණ කණ්ඩායම සමත්විය. | වැලමිටට ඉහළින් අතක් අහිමිවූ අයකුගේ සංඥා සීමිත නිසා විසඳුමක් ලෙස මෙම නිර්මාණකරුවන් විසින් මාංශපේෂී සංඥාවලට අමතරව ලබා ගන්න සංඥා මොනවද? | {
"answer_start": [
368
],
"text": [
"මිනිස් මොළයෙන් ලබාගන්නා සංඥා"
]
} |
f1e848a9-2271-4a77-9531-7f52b56271fc | විදේශ රටකට ගියත්, ලංකාවෙ සිටියත් අපි කෑම ගැන ගොඩක් උනන්දු වෙන්න ඕන. මොකද අපේ විනෝදය, සතුට සියල්ල තීරණය කරන්න කෑමවලට පුළුවන් නිසා. අපි උදේ කාලයේ ආහාරයට ගත්තේ මැලේසියාවට ආවේණික කෑම වර්ග. මැලේසියානුවන් ලංකාවෙ තරම් මිරිසට කෑම හදන්නෙ නම් නැහැ. ඔවුන් වැඩියෙන්ම හිතන්නේ පෝෂණය ගැන විතරයි. ඒත්, අලුත් කෑම ගොඩක් රස විඳින්න පුළුවන්. අපි ගොඩක්ම කෑම කෑවේ ඉන්දියන් කෑම. අපේ රසට ටිකක් හුරු හින්දා එහි ආගන්තුක බවක් වැඩිය දැනුණෙ නැහැ. ඒ නිසා මැලේසියාවේ ගිහින් ඉන්දියාවේ කෑමවල රස බලන්නත් අපිට පුළුවන් වුණා. ක්වාලා ලම්පූර් පහුකරගෙන අපි පීනෑන් දුපතට ගියේ කිලෝමීටර් ගණනක දුරක පාලමකින්. පාලමක් උඩින් එතරම් වේලාවක් ගිය අපේ පළමු අවස්ථාව තමයි ඒ. ඈත පෙනෙන පීනෑන් නගරයේ ලස්සන මුහුද අපූරු වින්දනයක් එක්කළා. | විදේශ රටක සිටියත්,ලංකාවේ සිටියත් ගොඩක් උනන්දු විය යුත්තේ කුමකටද? | {
"answer_start": [
37
],
"text": [
"කෑම ගැන"
]
} |
50908760-432f-4589-95d0-eaf33e1709ff | දුම්බර මිටියාවතේ එනසාල් වගාව හේතුවෙන් බොහෝ ඉසව් අතහැර දැමුණු නමුත් ඉන් බොහොමයක් පිහිටා තිබුණේ මහනුවර දිස්ත්‍රික්කයට අයත් කොටසේ විය. මහනුවර දිස්ත්‍රික්කයට අයත් රක්ෂිත ප්‍රදේශය නිතරම තෙත් සහිත කාලගුණයෙන් යුක්ත වූ අතර නිතරම පසේ තෙත් බව සේම ජල අංශු වැඩියෙන් තිබුණි. මීදුම පිරුණු වලාකුළු සහිත පරිසරයක් මහනුවරට තිබුණ ද මාතලේ දිස්ත්‍රික්කයට තිබුණේ බොහෝ විට ඊට වෙනස් කාලගුණයකි. එසේම මාතලේ දිස්ත්‍රික්කය තුළ තවත් විශේෂත්වයක් තිබුණි. එහි ලංකාවේ කුඩාම ගම්මානය පිහිටා තිබීමයි. මහනුවර සිට ඒ-9 මාර්ගය ඔස්සේ මාතලේට ළඟාවූ අප මාතලේ සිට රත්තොට පාරට පිවිස එහි කි.මී. 20ක පමණ දුරක් ගොස් පිටවල හන්දියට ළඟාවූයේ දුම්බර ප්රචණ්ඩම සුළං කපොල්ල වන රිවස්ටන් හෙවත් බටදඬුකපොල්ල පසුකරගෙනය. හරිත වර්ණයේ විවිධ ප්‍රභේදවලින් සිත්තම් වූ වන පියස අතරින් පතර මීදුම් සළු ඔබ මොබ යන අයුරු අප උදෑහැන්කෙම දැකගත්තේ මඳ සීතලක්ද විඳ ගනිමිනි. | දුම්රිය මිටියාවතේ බොහෝ ඉසව් අතහැර දැමුවේ කුමක් හේතුවෙන්ද? | {
"answer_start": [
17
],
"text": [
"එනසාල් වගාව"
]
} |
2854240c-1d70-485e-90df-12f23f6bdf6b | ඒ පොකුණ සේම ඒ වනය සේම නිහඬතාවයේ ගිලුණු ගුරුද්රුට එක්වරම සිහිපත් වූයේ වන මැද පිහිටි කෝවිල් බිමයි. එහි එක් රැස්ව සිටි දහසක් බැතිමත්තු ගායනා කළ නාරායන යන වදන ඔහුට යළි ඇසෙන්නාක් මෙන් විය. එවැන්නක් ඔහු මින් පෙර කිසිදු දවසක අසා දැක තිබුණේ නැත. ඒ සමගම ඔහුගේ මතකයට ආවේ ශිව දෙවිඳුන්ගේ නාමයයි. ශිව ඔව් ශිව ශිව ගුරුද්රු හෙමින් මිමිනුවේය. කෝවිල් ගැන හෝ භක්තිය ගැන හෝ මෙලෝ හසරක් ෙනාදත් ගුරුද්රු වූ කලී වනයේ ගැවසෙන මිනිසෙකු පමණි. ඒ නිසාම ඔහු භක්තියේ විශ්වාසයේ බලය පිළිබඳව කිසිවක් දැන සිටියේ නැත. ගුරුද්රුට තිබුණේ තියුණු දෙනෙතකි. අඳුර පවා විනිවිද දැකිය හැකි තරමටම ඒ දෑස තියුණුය. ඔහු එක් වරම දුටුවේ ගස්වල පත්‍ර සෙලවෙන ආකාරයයි. | ඒ සමගම ඔහුගේ මතකයට ආවේ කුමක්ද? | {
"answer_start": [
261
],
"text": [
"ශිව දෙවිඳුන්ගේ නාමයයි"
]
} |
4c464a59-0748-43ea-844c-fa6717190b1f | මේ නිසා තම දරුවා අධ්‍යාපන ක්‍රියාවලියට යොමු කිරීමේදී දරුවාට දෛවයෙන් උරුම වී ඇති ශක්ති ප්‍රමාණයක් ඔහුගේ ආභ්‍යන්තරික ක්‍රියාකාරිත්වය, චිත්ත වේගික ස්වභාවය සහ බුද්ධිමය ශක්තීන් යම්තාක් දුරට හෝ හඳුනාගත යුතුය. මෙසේ දරුවා යායුතු නිවැරදි මග අප හරිහැටි අවබෝධ කරගනිමින් දරුවා එම ක්ෂේත්රයට නැඹුරු කිරීමට උත්සාහගත යුතුය. දරුවන්ට ඒ සඳහා යා යුතු මග පෙන්වා දිය යුතුය. ඒ සඳහා ජ්‍යොතිෂය නම් වූ මාහැඟි ශාස්ත්‍රය ඉතා අගනේය. රාශි දොළහ තුළ දරුවාගේ ජීවන ගමනේ අනාගතය ඔහුගේ හෝ ඇයගේ උපන් මොහොතේ වූ ග්‍රහයන්ගේ හැසිරීම් රටාවන් දැක්වෙන ජන්ම පත්‍රය මගින් නිවැරදිව හඳුනා ගත හැකිය. යම් ජන්මියෙකුගේ අධ්‍යාපනය ගැන සලකා බැලෙන්නේ කේන්ද්‍රයේ 3වැනි 5වැනි සහ 9වැනි භාව වලිනි. 3වැනි භාවයෙන් බාල කාලයේ අධ්‍යාපනයද 5වැනි භාවයෙන් ප්‍රමාණාත්මක අධ්‍යාපනයද 9වැනි භාවයෙන් උසස් අධ්‍යාපනයද නිවේදනය කරයි. මේ අනුව අධ්‍යාපනය පිළිබඳ කරුණු දැන ගැනීම සඳහා ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේදී මූලිකව වැදගත් වන්නේ ජන්මියාට කුමන මට්ටමක අධ්‍යාපනයක් ජන්ම පත්‍රය තුළින් පෙන්නුම් කරයිද යන්න හඳුනා ගැනීමයි. මෙහිදී ඥාන කාරක බුධ ග්‍රහයාගේ පිහිටීම මූලික සාධකයක් වේ. එහෙත් බුධ ග්‍රහයාට පමණක් එය කළ නොහැකිය. තවත් ග්‍රහයන්ද ඊට සම්බන්ධ කරගත යුතුය. එයින් සඳු හා ගුරු මුල් තැනක් ගනී. | කේන්ද්‍රයේ 3වැනි 5 වැනි 9වැනි භාව වලින් සලකා බැලෙන්නේ කුමක්ද? | {
"answer_start": [
551
],
"text": [
"යම් ජන්මියෙකුගේ අධ්‍යාපනය"
]
} |
75a7c2e5-8dc9-46f3-b65e-9d091b61613e | ගාමිණී ෆොන්සේකා නම් අද්විතීය රංගධරයා ගැන කොතරම් ලිව්ව ද ඔහු හා සම්බන්ධ සිදුවීම් වරින් වර සිතට නැගෙයි. මා ඔහුගේ සමකාලීනයකු නොවුව ද ඇසුරු කළ කාලය වසර කිහිපයකට සීමා වුව ද ගාමිණී සිතට අපූරු මතක සටහන් තබා යන්නට සමත් කලාකරුවෙකි. දිනෙක මම ගාමිණී හමුවීමට ඔහුගේ රත්මලානේ නිවෙසට ගියෙමි. ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය නළුවාගේ නිවෙස වුව ද එය තට්ටු ගණනාවකින් පිරි මහා මන්දිරයක් නොවීය. ගෙය වටා ඇති වඩා උස නැති තාප්පයට කාටවත් නගින්නට නොහැකි වන සේ විවිධ ගස් වවා තිබිණි. වඩා උස් නොවූ පොල් ගස් ද ඒ අතර තිබිණි. එකල බොහෝ කලා පුවත්පත්වල සඳහන් පරිදි ගාමිණීගේ සුප්‍රසිද්ධ තොප්පි රාක්කය යන විටම දැකගත හැකිය. ගාමිණී එකල විවිධ තොප්පි එකතු කළේය. | සිතට අපූරු මතක තබායන්නට සමත් කලාකරුවෙක් වන්නේ කව්ද? | {
"answer_start": [
168
],
"text": [
"ගාමිණී"
]
} |
acb207f6-c62b-45e4-a7d8-7201ca5a0416 | ඒ කාලේ ඔහුගේ පන්තියේ සිටියේ ගැහැනු ළමුන් හතර දෙනෙකි. මෙයින් එක් යුවතියක් කෙරෙහි ෂාහිඞ් ගේ සිත බැදිණි. එහෙත් තමා පන්තියේ ජනප්‍රිය සිසුන් අතර නැති බැව් ඔහු වටහාගත්තේ ඇය ඔහු ප්‍රතික්ෂේප කළ විටය. වෙනෙකක් තබා එකම පන්තියේ සිටියත් ඇය ඔහු ගැන වැඩි තොරතුරු කිසිවක් දැන සිටියේත් නැත. එම ප්‍රතික්ෂේප වීම තුළින් ඇති වූ වේදනාව සෑහෙන කලක් යන තුරු ඔහුගේ සිතට වද දුන්නේය. ගැහැනු ළමයෙකු නිසා ඇති වූ ප්‍රථම සිත් බිදීම එය බැව් ෂාහිඞ් කියන්නේය. හයිදර්, උද්තා පන්ජාබ්, පද්මාවත් වැනි චිත්‍රපටිවල රග පෑ ෂාහිඞ් ගේ අලූත්ම චත්රපටිය කබීර් සිංය. මෙය ඔහුගේ සිනමා ජීවිතයේ සන්ධිස්ථානයක් ද වන්නේ ඔහු එදාමෙදා තුර ඔහු රග පාන පූර්ණ වාණිජ චිත්‍රපටිය වීම නිසාය. එය අර්ජුන් රෙඞ්ඩි චිත්‍රපටියේ නැවත නිෂ්පාදනයකි. | මෙය ෂාහිඩ්ගේ සිනමා ජීවිතයේ සන්ධිස්ථානයක් ද වන්නේ ඇයි? | {
"answer_start": [
586
],
"text": [
"ඔහු රග පාන පූර්ණ වාණිජ චිත්‍රපටිය වීම නිසාය"
]
} |
a7a86d62-167b-4bfd-bdef-c250095545bd | එයින් පසු වෙනත් නොගැළපීම් අද්දැයි බැලිය යුතුය. පොරොන්දම් බැලිය යුත්තේ ඒ කිසිත් නොගැළපීම් නැත්නම් පමණය. විවාහය කඩාකප්පල් වුණු එක්තරා ස්ත්‍රියක් විවාහයට කලින් පොරොන්දම් බැලූ පස්දෙනකුගේ සටහන් මට පෙන්වූවාය. ඒ එකම අයකුවත් හත් වන කොටුව ගැළපේදැයි පරික්ෂා කර නොතිබුණි. තවද විශේෂයෙන් දැකිය යුතු එක් කරුණක් ඒ එක අයකුගේවත් ඇස නොගැසී තිබුණි. ඒ පිරිමි හඳහනේ කුජ ශනි යෝගයක් තිබීමයි. ඔවුන් එය දුටුවා නම් කුජ ශනි යෝගයක් නැති ඇයට කවදාවත් එම විවාහ යෝජනාව අනුමත නොකරනු ඇත. ඔවුන් සියලු දෙනාම බලා තිබුණේ පොරොන්දම් පමණය. | කුජ ශනි යෝගය දුටුවානම් කුමක් කරයිද? | {
"answer_start": [
424
],
"text": [
"විවාහ යෝජනාව අනුමත නොකරනු ඇත"
]
} |
f43b7a23-4b69-40ad-94d5-6fb1c22be385 | ඒ ගමනත් ලේසි පහසු එකක් වුණේ නැහැ. තාත්තා පක්ෂයේ වැඩ කළ නිසා අම්මා තමයි ගෙදර ආර්ථිකය වෙනුවෙන් කැප වුණේ. එයා මැහුම් පංති, කේක් පංති, සැලුන් පාඨමාලා වගේ දේවල් කරලා තමයි හම්බ කළේ. අම්මා තාත්තාගේ වැඩවලට ලොකු හයියක් වුණා. එහෙම නොවුණා නම් අපිට උගන්වන එක තාත්තාට ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබුණා. පක්ෂෙ හිතවතුන් උදව් කරාවි. ඒත් අපිට ඕන හැටියට හැමදේම කරන්න කාටවත් කරදර කරන්න බැහැනේ. ආර්ථික ප්‍රශ්න නිසා අපේ ගෙදර ප්‍රශ්න ඇති නොවුණාම නෙවෙයි. ඒත් තාත්තා අම්මා එක්ක සුහදව අවබෝධයෙන් කතා කරලා ඒවා විසඳගත්තා. මම මුස්ලිම් තරුණියක් වුණත් සාම්ප්‍රදායික මුස්ලිම් සිරිත් විරිත් එක්ක ජීවත් වුණේ නැහැ. මම පර්දාව දැම්මේ නැහැ. කොටින්ම මුස්ලිම් තරුණියකගේ ඇඳුම් කට්ටලය මම භාවිත කළේ නැහැ. ඒවාට මට ගෙරදින් බල කළෙත් නැහැ. ඒ නිසා තාත්තාට තමයි ඥාතීන්ගෙන් ප්‍රශ්න ඇති වුණේ. මම උසස් පෙළ විභාගයට පෙනී සිටියාට පස්සේ පූර්ණ කාලීනව දේශපාලනය කරන්න ගත්තා. ඒ වෙලාවේ අපේ නෑදෑයෝ තාත්තාට හොඳටම දොස් කියලා තිබුණා, පිරිමි ගොඩක් එක්ක දවල් රෑ නැතුව ගෑනු ළමයෙක් එහෙ මෙහේ යවන එක සුදුසු නැහැ නේද? ඒ ළමයව පිළිවෙළකට හදන්න. නැත්නම් කසාදයක් බන්ඳලා දෙන්නේ කොහොමද කියලා. | තාත්තාට හොදටම දොස් කිව්වේ කවුරුන්ද? | {
"answer_start": [
824
],
"text": [
"නෑදෑයෝ"
]
} |
60198e0b-8287-4319-84c8-ae0a785fa695 | අධ්‍යාපන කාර්යසාධනයේදී මාපිය අපේක්ෂාවන්, ශිෂ්‍ය හැකියාවන් හා ළැදියාවන්, සමාජීය අවශ්‍යතා යන අංශ අතර එකිනෙකට ගැළපෙන සම්බන්ධතාවන් තිබිය යුතුය. කෙසේ වෙතත් පවත්නා අධ්‍යාපනික රාමුව තුළ මෙම ළමුන්ගේ කුසලතා, දෙමාපිය අපේක්ෂාවන් සහ රජයේ අධ්‍යාපන වැඩපිළිවෙළ අතර අෙන්‍යාන්‍ය වශයෙන් එකිනෙකට නොගැළපෙන අවස්ථාද දක්නට ලැබේ. අධ්‍යාපනය සඳහා මාපියන් තම දරුවන්ට වැය කරන මුදල් සම්භාරය අපමණය. එමෙන්ම රජයද අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ආදායමෙන් කොටසක් වාර්ෂිකව වෙන් කරයි. පහසුකම් සියල්ලක්ම තිබූ පමණින් දරුවකුට අධ්‍යාපනය සාර්ථක කරගත හැකිද? ඉර හඳ තාරකා අනුව දරුවකුට දෛවයෙන් උරුම වී ඇති ශක්ති ප්‍රමාණය අනුව නම් මෙයට පිළිතුර වන්නේ බැරිය යන්නය. | මාපිය අපේක්ෂාවන්,ශිෂ්‍ය හැකියාවන,ලැදියාවන් යන අංශ අතර සම්බන්ධතාවයක් තිබිය යුත්තේ කුමන කාර්යේදීද ? | {
"answer_start": [
0
],
"text": [
"අධ්‍යාපන කාර්යසාධනයේදී"
]
} |
dffd861a-8e27-40f2-b7da-eb312a1517a0 | කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් නිවසට මෙන්ම කාර්යාල, ව්‍යාපාරික ස්ථාන, රථ වාහන, බෝතල් ගබඩාවක්, මත්පැන් නිෂ්පාදනාගාරයක් ආදියට ද කුපිත වූ පිරිස් ගිනි තැබූහ. ගාමිණී ලොකුගේ මහතාගේ පිළියන්දල හොන්නන්තර නිවසට ද කිසියම් පිරිසක් ගිනි තබා තිබූ අතර, එහි තිබූ කැබ් රථ දෙකක් ඇතුළු දේපල රැසක් විනාශ වී තිබිණි. මීට අමතරව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පදනම ස්ථාපිත කර ඇති නාවලපිටියේ පිහිටි කාර්යාලයට ද කිසියම් පිරිසක් පහර දී තිබූ අතර, ඒ අසල ටයර් පුළුස්සා විරෝධය පළ කරනු ද දක්නට ලැබිණි. | ගාමිණි ලොකුගේ මහතාගේ නිවස තිබෙන්නේ කොහෙද? | {
"answer_start": [
221
],
"text": [
"පිළියන්දල හොන්නන්තර"
]
} |
b6746d96-b707-49e5-8f83-c658c07d1a01 | පකිස්ථානයේ සියොල්කොට් නුවර ප්‍රියන්ත කුමාර මහතාගේ අමානුෂික ඝාතනයෙන් සති 10 ගෙවී යන අවස්ථාවේ කුරානය මුල් කරගනිමින් වත් අමානුෂික ඝාතනයක් පකිස්තානයේ පන්ජාබ් නුවරදී සිදු වී ඇත. මිය ගිය පුද්ගලයා මුෂ්ටාක් රාජ්පුත් නම් වේ. කුරානයේ පිටු කිහිපයක් පිළිස්සූ බවට චෝදනා කරමින් මෙම පුද්ගලයා පන්ජාබ් ප්‍රාන්තයේ කනේවාල් දිස්ත්‍රක්කයේ දී ඝාතනය කර තිබේ. කුරානයේ පිටු කිහිපයක් පිළිස්සු බවට ආරංචිය පැතිර යාමත් සමග ජන්ගල් ඩේරා ගම්මානයේ මග්රිබ් යාඥාව අවසන් කර සියගණනක් පිරිස රැස් වී ඇත. ඉන් පසු පුද්ගලයන් විසින් මුෂ්ටාක් ට පහර දීමට පටන්ගෙන ඇත.ඇසින් දුටු සාක්ෂි කරුවෙකු පැවසුවේ එම අවස්ථාවේ පොලිසිය පැමිණ මුශ්ටාක්ව අත්අඩංගුවට ගත් බව. අත්අඩංගුවට ගත් මුෂ්ටාක් නැවත එම පහර දුන් පුද්ගලයින් විසින් පැහැරගෙන ගොස් ඇත. | ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සිදුවූයේ කොහේද? | {
"answer_start": [
0
],
"text": [
"පකිස්ථානයේ සියොල්කොට් නුවර"
]
} |
b4ef8a3d-1f52-4cb2-a2a9-af94a9dd1504 | වාලම්පුරිය වූ කලී හක්ගෙඩියකට බොහෝ සමානය. මෙහි ඇති විශේෂත්වය වන්නේ හක්ගෙඩිය දක්ෂිණාවර්තව කැරකී ඇති අතර වාලම්පුරිය වාමාවර්තව කැරකී ඇත. මෙය බෙල්ලකුගේ කටුවක් වුව ද පුරාණයේ සිටම මිනිසුන් මේ කෙරෙහි අධික විශ්වාසයක් තබා ඇත. වාලම්පුරිය විටෙක සිතුමිණකි. එනම් සිතූ පැතූ සම්පත් ලබාදෙන මැණිකක් වැනිය. මෙය නිවෙසේ තබා ගතහොත් එම නිවෙසට වාසනාව උදා වේ. එය යස ඉසුරින් පිරි ජීවිතයකට මගපාදයි. කිසිදු කරදරයක්, අනතුරක්, අණවිණ කොඩිවින බලනොපායි. නිවෙසේ ඇති වාලම්පුරියේ බලයෙන් නිවෙසේ ජීවත් වන්නවුන්ගේ යසස, කීර්තිය වැඩේ. අධ්‍යාපනය ලබන දරුවන් සිටී නම් එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේ. නිවෙසට යහපත උදා වේ. වාලම්පුරියක් නිවෙසේ තබාගැනීමෙන් මෙවැනි සම්පත් උදාවන බව අතීතයේ සිටම අද දක්වා ජනසමාජයේ විශ්වාසයක්ව පවතී. | විටෙක සිතුමිණක් සේ සැලකෙන්නේ කුමක්ද? | {
"answer_start": [
216
],
"text": [
"වාලම්පුරිය"
]
} |
96e2d97a-283c-48f5-ae4f-183e702e0aaa | නාරංගල යනු අප අවස්ථා දෙකකදී තරණය කළ කන්දකි. මීට දෙවසරකටත් එපිට සංචාරකයින්ගේ නෙතින් වසංව තිබූ නාරංගල කඳුවැටියේ සැබෑ සුන්දරත්වය අපගේ මුහුණුපොත ‘‘සොබාසිරි’’ පිටුව හරහා හෙළි කළ අතර ඉන්පසු ගත වූ කාලය තුළ නාරංගල සුන්දරත්වය නැරඹීමට බොහෝ පිරිස් ගියහ. නාරංගල කඳු මුදුනත යනු නෙත් වශීකරන සහ සිත් පැහැර ගන්නා තරම් සුන්දරත්වයකින් යුතු කන්දකි. මන්ද කඳු මුදුනටත් තෘණ සහ මානා පිහිටීමේ අපූර්වත්වයයි. නමුත් බොහෝ අයට රාත්‍රී කඳවුරු බැඳීම මගහැරුණද ඇතැමුන් කඳවුරු බැන්දද ඔවුනට පවා මහහැරී ගිය සුන්දර දසුන් කිහිපයක් පසුගිය වරෙක නාරංගල චාරිකාවේ යෙදුණු මිත්‍ර ශශී ගයාශාන් හට විඳගැනීමට ලැබුණි. ගුවන් යානයක යන විට අඩි දහස් ගණනකට උඩදී කවුලුවෙන් පිටත බලන විට පහළින් වලාකුළු රොද පෙනෙනා දර්ශනයම අපට නාරංගල කඳු මුදුනේ දැක ගැනීමට ලැබුණි. | නෙත් වශීකරන සහ සිත් පැහැර ගන්නා තරම් සුන්දරත්වයකින් යුතු කන්දක් වන්නේ කුමක්ද? | {
"answer_start": [
244
],
"text": [
"නාරංගල"
]
} |
73df43a0-ecbe-4b50-90b8-b72c158abc64 | මීදෙණිය නැමති ස්ථානයේ කඳු මුදුනක සිට තම දුනුවායන් මෙහෙයවීමට රාජසිංහ කුමරා කටයුතු කළේය. මෙහිදී උපයෝගී කරගත් උපක්‍රමය වූයේ කරුංකා පුවක් ගෙඩියේ ලෙල්ල කෙදිකර එම පුවක් ගෙඩිය ඊතලයේ රඳවා ගිනි අවුළුවා අව්වේ දැමූ වෙඩි බෙහෙත් වෙත යැවීමය. එසැණින් ගිනි ජාලා මතුකරමින් මහ හඬ නගමින් පෘතුගීසීන්ගේ වෙඩි බෙහෙත් විනාශ විය. ඉක්බිති සිංහල හමුදාවෝ රන්දෙණිවෙලට කඩාවැදී මුහුණට මුහුණ සටන පටන්ගත්හ. පෘතුගීසීන් හෙල්ල හා පළිහ භාවිතයේ රුසියන් වූ බැවින් සිංහල හමුදාවේ පිරිසක් ද මෙහිදී මරණයට පත්වූහ. කෙසේ නමුත් දින දෙකක් පුරා පැවති මේ මහා සටනේදී පෘතුගීසි හමුදාවේ හේවායන් සිය දෙනෙක් හා කුලී හමුදාවේ 60 දෙනෙක් පණ පිටින් අල්ලා ගැනීමට සිංහල හමුදාවෝ සමත්වූහ. | මෙහිදී යොදාගත් පුවක් ගෙඩිය කුමක්ද ? | {
"answer_start": [
121
],
"text": [
"කරුංකා"
]
} |
ce882b06-8f0b-4deb-89a3-2ee584ae9838 | ලොව ඉතා දුර්ලභ මයුයි ඩොල්ෆින් සතුන් සංරක්ෂණය කිරිම නිසිපරිදි සිදු නොවන්නේ නම් ඔවුන් ඉදිරි වසර 15දී මිහිතලයෙන් සමගන්නා බව විද්‍යාඥයෝ පෙන්වාදෙති. ලොව දැකිය හැකි ඩොල්ෆින් සතුන් අතරින් වඩාත් කුඩා සිරුරකට හිමිකම් කියන මොවුන් දැකිය හැක්කේ නවසීලන්තයේ බටහිර වෙරළ තීරයේ පමණි. ඔවුන් දිගින් මීටර 1.5ට වඩා අඩුය. මසුන් අල්ලන දැල්වලට පැටලී මිය යාම මොවුන්ගේ පැවැත්මට දැඩි තර්ජනයකි. සත්ත්ව සංරක්ෂකයන් පවසන්නේ මේ ඩොල්ෆින් දිවිගෙවන ප්‍රදේශයේ ධීවර කටයුතු තහනම් කළ යුතු බවයි. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ දැනට ඇති දත්ත අනුව මේ සතුන් 43ක් හෝ 47ක් පමණ ප්‍රමාණයක් ලොව ජීවත්වන බවයි. එයින් පැටවුන් බිහිකළ හැකි වැඩුණු ගැහැණු සතුන් සිටින්නේ 10 දෙනකු පමණක් යැයිද ඔවුහු පෙන්වාදෙති. | මයුයි ඩොල්ෆින් සංරක්ෂණය නොකරන්නේ නම් ඔවුන් වද වී යන කාලය වන්නේ ? | {
"answer_start": [
84
],
"text": [
"ඉදිරි වසර 15දී"
]
} |
1eeeab7e-aafc-4ab5-bdc5-57cecc419338 | හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ලත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හඳුන්වනු ලබන්නේ ‘‘නිප්පොන්/නිහොන්” යනුවෙනි. එය ‘‘නි” ඉර සහ ‘‘හොන්” මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරයෙන් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කිලෝ මීටර 377,835 කි. ජපානය හොන්ෂු, හොකයිදො, ක්යුෂු, ෂිකොකු යන ප්‍රධාන දූපත් 4ක් හා තවත් කුඩා අවශේෂ දූපත් රාශියකින් සමන්විතය. මෙම ප්‍රධාන දූපත් සතරේ විශාලත්වය වර්ග කිලෝ මීටර 362,000 කි. උස් කඳු ගැඹුරු මිටියාවත් සහ කුඩා තැනිතලාවලින් යුතු ජපන් භූමිය ගංගා සහ විල් මගින් තවත් සුන්දර වූ රාජ්‍යයකි. දෙවැනි ලෝක සංග්‍රාමයට පැටලී මුළුමනින්ම ආර්ථිකය විනාශ කර ගත් ජපානය 1970 වනවිට ශීඝ්‍ර ආර්ථික වෘද්ධියක් ළඟා කර ගනිමින් ලෝකයේ ප්‍රධාන රටවලින් එකක් බවට පත් විය. මෙම ශීඝ්‍ර ආර්ථික වර්ධනය ජපන් භූගෝලීය පිහිටීම, ජපන් ජාතිකයන්ට අයත් යහපත් ගුණාංග සහ ජපන් ආර්ථික වටපිටාව මත ගොඩ නැගී ඇති බව නොරහසකි. | හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ලත් රට කුමක්ද ? | {
"answer_start": [
36
],
"text": [
"ජපානය"
]
} |
c154833e-2402-4a83-a38e-51b95d3892ca | ඉංග්‍රීසි මාස ක්‍රමයට අනුව වර්ෂයේ දෙවැනි මාසය වන පෙබරවාරියට දින 28 ක් හෝ අධික අවුරුද්දකදී නම් දින 29 ක් හෝ වන බව අපි දනිමු. දින 30 ක් හෝ 31 ක් වශයෙන් පවතින අනෙක් මාස හා සැසැදීමේදී පෙබරවාරියට දින ගණන අඩු බැවින් මෙය අඩු මාසයක් සේ සැලකීමට බොහෝ දෙනා පුරුදු වී සිටිති. එපමණක් නොව එම මාසය තුළ ශුභ කටයුතු පවා නොකරති. නමුත් මෙම විශ්වාසය ජ්‍යොතිෂයට අනුව කිසිදු පදනමක නොමැති අනියත බියකි. හිරුගේ ගමන අනුව මේස රවිය, වෘෂභ රවිය ආදී වශයෙන්ද, සඳුගේ ගමන අනුව දුරුතු, නවම්, මැදින් ආදි වශයෙන්ද හඳුන්වන සෑම මාසයකටම දින 30 ක් බැගින් ඇත. සූර්ය මාසයක දිනයක් භාග නමින්ද, චන්ද්‍ර මාසයක දිනයක් තිථි නමින්ද හඳුන්වයි. මේ අනුව 2018 පෙබරවාරි මාසයට සූර්ය මාස ක්‍රමයට අනුව මකර වියේ කොටසක්ද, කුම්භ රවියේ කොටසක්ද ඇතුළත් වේ. චන්ද්‍ර මාස ක්‍රමයට අනුව නවම් අව පක්ෂයේ කොටසක්ද මැදින් පුර පක්ෂයේ කොටසක්ද අයත් වේ. | දින 31,30 වශයෙන් පවතින අනෙත් මාස සැසැදීමේදී අඩුදින ගණනක් ඇත්තේ කුමන මාසයටද? | {
"answer_start": [
180
],
"text": [
"පෙබරවාරියට"
]
} |
9d2bd943-393e-4851-878d-a01216dda575 | සුනිල් මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටියේය. ඉවසීම, උපේක්ෂාව යන මුල් පාඩම සුනිල් ඉගෙන ගත්තේ එදාය. ඔහු තිරසර අදිටනින් මයික්‍රෙෆා්නය වෙත ගියේය. සතිස් අයියා සුනිල් ළඟට ආවේය. "චූටි මල්ලිට මේක කියන්න පුළුවන්. හොඳට කියන්න." සතිස් සුනිල්ගේ හිස අත ගෑවේ දළුගම සරසවි චිත්‍රාගාරයේ ශබ්දාගාරයේත්, පටිගත කරන මැදිරියේත් අතර ඇති පුංචි ඉඩකඩ මැදය. සුනිල්ගේ හදවත ගැහෙයි. වික්ටර්, වොලී හා සතිස් අයියා වීදුරු කවුළුවෙන් බලා සිටී. ශබ්ද පරිපාලක මර්වින් රුද්රිගුගේ සිනාව සුනිල්ට ලොකු ශක්තියක් විය. "මල්ලිට මේක කියන්න පුළුවන්" මර්වින් මුල සිටම සුනිල්ට දිරි දුන්නේය. | ඔහු තිරසර අදිටනින් ගියේ කුමක් වෙතද? | {
"answer_start": [
119
],
"text": [
"මයික්‍රෙෆා්නය වෙත"
]
} |
b4077b3c-5575-4622-9d9d-bd99599f12a0 | ගුවන් යානා අනතුර සිදුවූ ස්ථානයද පැහැදිලිව ප්‍රකාශ කළ ජේම්ස් යුද පිටියේදී භාවිතා කළ ගුවන් යානාවල නම් කීපයක්ද පැවැසීය. පෙර භවයේ සිටි ගුවන් නියමු මිතුරන් කව්දැයි දිනක් ජේම්ස් ගේ පියා සිය පුත්‍රයාගෙන් විමසීය. මගේ යාලුවා ජැක් යයි ඔහුගේ ක්ෂණික පිළිතුර විය. යුද සටන් සඳහා ක්‍රියා කිරීමේදී භාවිත කරනු ලබන වදන් පෙළක්ද මෙම දරුවාට මතක තිබිණි. පෙර භවය පිළිබඳව තම පුත්‍රයා හෙළි කළ තොරතුරු අනුව ඔහුගේ පෙර ජීවිතය සෙවීමට පියා වෙහෙස විය. එහිදී යුද ගුවන් යානා අනතුරුවලින් මියගිය ගුවන් නියමුවන්ගේ නම් ලැයිස්තුවක් සොයා ගැනීමට ජේම්ස්ගේ පියා වූ බෲස්ට හැකියාව ලැබිණි. | මියගිය ගුවන් නියමුවන්ගේ නම් ලැයිස්තුවක් සොයා ගැනීමට හැකි වූයේ කාටද? | {
"answer_start": [
523
],
"text": [
"බෲස්ට"
]
} |
5f6db5c4-b752-4791-980e-3cc517730d3f | කොළඹට හා කෝට්ටේට ඉතා ආසන්නව හා කැලණි ගඟ අසලින් ගලා යාමත් පෘතුගීසීහු මල්වාන තෝරා ගත්තේය. 1597 වන විට මෙරට ස්ථාපිත කර තිබූ පෘතුගීසි බළෙකාටු 12 ක් පිළිබඳ සඳහන්ය. ඒ ගාල්ල, මාතර, කළුතර, මීගමුව, හලාවත, ගුරුබැවුල, බටුගෙදර, රුවන්වැල්ල, කුරුවිට, කඩුවෙල, සීතාවක හා මල්වානයි. මල්වාන බළෙකාටුව පිහිටියේ කොළඹ සිට ලීග් දෙකක දුරිනි. එය කැලණි ගඟටත් පහුරු ඇළටත් මායිම්ව පිහිටි බිම් කඩකි. ආරෝග්‍ය ශාලාවක් පල්ලියක් බඩු ගබඩාවක් වෙඩි බෙහෙත් ගබඩාවක් මල්වාන බළකොටුවේ පිහිටා තිබුණි. මල්වාන බළකොටුවේ ප්‍රධානියා වූයේ කෲර පාලකයෙකි. ඒ ජෙනිමෝදා අසවේදුය. 1597 - 1611 දක්වා වූ වසර 15 ක් තිස්සේ බළකොටුවේ ප්‍රධානියා වූ අසවේදුව හඳුන්වන ලද්දේ මල්වානේ රජතුමා නමිනි. අසවේදුගේ රජ මාලිගය මල්වාන බළෙකාටුව අාසන්නයේ පිහිටි අතර ඊට ආරක්ෂාව ලබා දීම පිණිස බළකොටුව ආසන්නයේ කැලණි ගඟේ පිහිටි ගල් තලාව මත ආරක්ෂක වැඩ පිළවෙළක් ක්‍රියාත්මක වූ බවද කියැවේ. පෘතුගීසි භාෂාවෙන් රෝසපානි නමින් හැඳින් වූ එම ගල අද භාවිතා වන්නේ රාක්ෂපාන ගල නමිනි. | මල්වාන බළකොටුව පිහිටියේ කොහේද? | {
"answer_start": [
291
],
"text": [
"කොළඹ සිට ලීග් දෙකක දුරිනි"
]
} |
72009762-0739-4c86-8d71-19696e94b6f6 | ගුවන් සේවිකාවන් එය වළක්වා ඇති අතර එහිදී ගුවන් යානය පියාසර නොකරන බව පවසා පිටවන දොරටුව විවෘත කිරීමට කිරීමට උත්සහ දරා ඇත. එහිදී ගුවන් සේවිකාවක් අත තිබූ කෝපි බඳුනකින් දෙවරක් පහර දී ඇති අතර ගුවන් යානයේ සිටි පොලිස් නිලධාරියෙක් සහ මගීන් සමග එකතු වී ගුවන් සේවිකාවන් මෙම සැකකරු බැඳ දමා ඇත. මෙම සිද්ධිය හේතුවෙන් වොෂින්ටන් නගරය බලා පියාසර කල ගුවන් යානය මිසූරි හි පිහිටි කන්සාස් නගරයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොලට ගොඩ බස්වා ඇති අතර පොලිස් නිලධාරීන් සහ එෆ්.බී.අයි නිලධාරීන් පැමිණ එම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති අතර සෙසු මගීන් වෙනත් යානයකින් ගමනාන්තය දක්වා පිටත් කර හැර ඇත. | ගුවන් යානය ගොඩබැස්වූයේ මිසුරි හි පිහිටි කුමන ජාත්‍යන්තරය ගුවන් තොටුපොලටද? | {
"answer_start": [
359
],
"text": [
"කන්සාස් නගරයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොලට"
]
} |
53406102-adef-4f59-aa14-458d5327ccf9 | දිපීකා පදුකෝනිගේ විවාහයට නොපැමිණි නිසාම ප්‍රියංකාගේ විවාහ මංගලය්යටද සුපිරි නළු සල්මාන් ඛාන් සහභාගි නොවුණ ඇතැයි බොහෝ දෙනා මත පළ කර තිබුණි. එහෙත්, කවුරුත් පුද්මයට පත් කරමින් සල්මාන්, සුපිරි නළු ෂාරුක් ඛාන් හා අමිර් ඛාන්ටද ප්‍රථම මුම්බායි හි ‘ටාජ්ලැන්ඩ්’ තරු හතේ උත්සව ශාලාවට පැමිණි සිටිනු දක්නට ලැබුණි. සල්මාන්, ප්‍රියංකාගේ සමිපතම මිතුරියක්ව සිටි නමුදු ඔහුගේ ‘භාරත්’ චිත්‍රපටයට සම්බන්ධ විම ප්‍රතික්ෂේප කළ නිසාවෙන් සල්මාන්, ප්‍රියංකා අතර අමනාපකමක් පවතින් බවට පසුගිය කාලයේ තොරතුරු වාර්තා විය. කෙසේ වෙතත්, සල්මාන්, ප්‍රියංකාගේ විවාහයට සහභාගි වෙමින් තමා හා ප්‍රියංකා අතර එසේ අමනාපකමක් නොමැති බවට තහවුරු කර තිබුණි. | කවුරුත් දෙනා පුද්මයට පත් කරමින් පැමිණ සිටි නළු පිරිස කවුරුන්ද ? | {
"answer_start": [
173
],
"text": [
"සල්මාන්, සුපිරි නළු ෂාරුක් ඛාන්"
]
} |
925d9902-2bde-43e2-800b-09dcc86f8973 | නායක හිමියන්ගේ අපවත් වීමෙන් පසු අයිතිය පිළිබඳව ඇතැමුන් ගැටලු මතු කළත් දැන් මෙහි නායක පදවිය දරන්නේ උන්වහන්සේය. එය සනාථ කිරීමේ ලිපිය දින කීපයකට පෙර තමාට ලැබුණු බව උන්වහන්සේ පැවසූහ. බොහෝ අනුහස් ඇති මෙම ස්ථානයට අයත් ඉඩකඩම් ඇතැමුන් බලහත්කාරයෙන් අල්ලාගෙන ගොඩනැගිලි ඉදිකර ඇති බව පෙන්වු සංඝානන්ද හිමියෝ ඒවා බොහොමයක් දැනටමත් වැසී ගොස් ඇති බවත් පැවැසූහ. වල්ලි තම තණහාල් හේනට ජලය ලබාගැනීම සඳහා මැණික් ගඟේ සිට කපා තිබූ බව කියන වල්ලි ගඟද වසා ගොඩනැගිලි ඉදිකර තිබෙන අයුරු උන් වහන්සේ පෙන්වූහ. එම ගොඩනැගිලිද අද වැසි ගොසිනි. රුහුණු කතරම දේවාලය ඉදිකර ඇත්තේ දුටුගැමුණු රජුන් විසිනි. | රුහුණු කතරගම දේවාලය ඉදිකර ඇත්තේ කවුරුන් විසින්ද? | {
"answer_start": [
538
],
"text": [
"දුටුගැමුණු රජුන්"
]
} |
503c9ab5-b8f7-4466-9527-c92882efdab4 | ජපානය මේ වනවිට තමන්ට අයත් නැන්සෙයි දූපත් ආරක්ෂා කරගැනීමට ද පියවර ගෙන ඇත. නැන්සෙයි යනු ජපානයට අයත් දූපත් දාමයකි. නිරිත දිගින් තායිවානය දෙසට දිවෙන මෙම දූපත් ඔකිනාවා සහ සෙන්කාකු දූපත් ද ආවරණය කෙරෙයි. සෙන්කාකු දූපත් ජනශූන්‍ය වන අතර චීනය එම දූපත දියාවූ යනුවෙන් හඳුන්වයි. ඉකුත් දා පැවැති මෙම යුද අභ්‍යාසයට යුද භටයන් 3,100 ට ආසන්න පිරිසක් සහභාගී වී ඇති අතර යුද ටැංකි සහ සන්නද්ධ රථ 45ක්, කාලතුවක්කු 54ක් භාවිත කර තිබිණි. මෙම යුද අභ්‍යාසය පැය දෙකක් මුළුල්ලේ පැවැත්වුණු බව ද ජැපෑන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි. කාලතුවක්කු සඳහා යෙන් මිලියන 780ක් වටිනා ජීව උණ්ඩ ටොන් 43ක් පමණ භාවිත කර ඇත. | නැන්සෙයි දුපත මගින් ආවරණය කරන අනික් දුපත් දෙක මොනවාද | {
"answer_start": [
155
],
"text": [
"ඔකිනාවා සහ සෙන්කාකු"
]
} |
ce48fb8c-8c11-4389-a006-57d051219f07 | සුපිරි මාවල් කොමික් චරිතයක් වූ අයන් මෑන් ට පණ පෙවන සුපිරි හොලිවුඩ් සිනමා නළු රොබ්ට් ඩවුනි මෑතකදී ප්‍රකාශ කළේ මේ වනවිට ප්‍රේක්ෂකයන්ට ‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපටයක අවශ්‍යතාවයක් පවතින බවය. අවසන් වරට නිකුත් කළ ‘ඇවෙන්ජර් ඊන්ඩ් ගේම්’ චිත්‍රපටය ප්‍රදර්ශනය වී මේ වනවිට වසර තුනක කාලයක් ගෙවන අතර, ඉන් පසුව ඇවෙන්ජර්ස් චිත්‍රපටයක් තිරගත නොවීම මෙම තත්ත්වයට හේතුවක් බවද ඔහු පවසා සිටියි.මේ වනවිට ‘මාවල්’ චිත්‍රපට සමගම විසින් ‘බ්ලැක් විඩෝ’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර ඇතත් සුපිරි විරයෝ සිටින ‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපටයක් පිළිබඳව නිර්මාණය කරන්නට අදහසක් නොමැති බව වාර්තා වෙයි. | ඔහු ප්‍රකාශ කළේ කුමක්ද? | {
"answer_start": [
109
],
"text": [
"මේ වනවිට ප්‍රේක්ෂකයන්ට ‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපටයක අවශ්‍යතාවයක් පවතින බවය"
]
} |
dc18c488-246a-4d02-9ee8-c9e620ff592b | දකුණු දිග ලංකාවේ ගාල්ලේ කුඹල්වැල්ලේ පිහිටියා වූ සෙවුවර්කන්ද නොහොත් සිලරිගේ කන්ද දහනම වැනි සියවසේ මැද භාගයෙදී ලියන වඩුගේ කන්ද දොස්තර කන්ද ආදී නම්වලින්ද හඳුන්වනු ලැබූ, ගැමි සුන්දරත්වයෙන් අනූන වූ, රමණීය භූමිභාගයක් විය. 1857 වර්ෂයේදී එවකට මෙතෝදිස්ත සබාවේ ගාලු ප්‍රධානියා වූ ජෝසෆ් රිපන් දේවගැතිතුමාගේ මඟ පෙන්වීමෙන් මෙම භූමිය පවුම් හැත්තෑපහක මුදලක් ගෙවා වෙස්ලියානු මෙතෝදිස්ත මිෂනාරි ව්‍යාපාරය විසින් මිලට ගනු ලැබිණි. මෙම මනරම් කඳු ගැටයේ ස්වභාවලංකාරයෙන් වශීකෘතවූ ජෝසෆ් රිපන් දේවගැතිතුමා මෙහි ශෝභාවේත් සරේහි රිච්මන්ඩ් කන්දේ සිරියාවේත් සමරූපීතාවක් අත්විඳින්නට ඇත. තවද ජෝසෆ් රිපන් දේවගැතිතුමා අධ්‍යාපනය ලැබුවේ තේම්ස් නදී නිම්නයේ රිච්මන්ඩ් නුවර වෙස්ලියානු දෙව්සත්හලෙයි. ඉතින් රිපන් දේවගැතිතුමා විසින් එවකට සිලරිගේ කන්ද ලෙසින් හැඳින්වූ මෙම කෙම්බිම රිච්ම්න්ඩ් කන්ද ලෙසින් නම්කරන ලදී. | මිෂනාරි ව්‍යාපරය මෙම භුමිය මිලදී ගනු ලැබුවේ කාගේ මගපෙන්විමෙන්ද | {
"answer_start": [
270
],
"text": [
"ජෝසෆ් රිපන් දේවගැතිතුමාගේ"
]
} |
d91e5e20-2a96-47ad-b186-c019142669a9 | 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අල් කයිඩා ත්රස්තවාදීහු ඇමෙරිකන් මගී ගුවන් යානා පැහැර ගනිමින්, ඇමෙරිකාවට ප්‍රහාරයක් එල්ල කළහ. ප්‍රහාරය එල්ල කළේ අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මෙහෙයවීමෙනි. එම ප්‍රහාරයෙන් පසු අල් කයිඩා නායකයා ඇෆ්ගනිස්තානයේ සැගවුණේ, ඇෆ්ගනිස්තානය පාලනය කළ තලේබාන්වරුන්ගේ රජයේ ආරක්ෂාව ලබා ගනිමිනි. ඇමෙරිකාව, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව ද සමඟ තලේබාන් පාලනය පෙරලා දමා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ ඒ අනුවය. තලේබාන් සාමාජිකයන් අවි අතට ගනිමින් ඇමෙරිකාවට එරෙහිව සටන් වදින්න විය. වසර 20 ක් තිස්සේ ඔඩු දුවන්න වූයේ මෙම යුද්ධයයි. ඇමෙරිකන් බුද්ධි අංශ සහ හමුදාව එක් වී, පාකිස්තානයේ ඇබොට්ටාබාද් නගරයේ සැඟවී ජීවත් වුණු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා ඝාතනය කළේ 2011 වසරේදීය. | නේටෝව හඳුන්වන තවත් නමක් වන්නේ කුමක්ද? | {
"answer_start": [
321
],
"text": [
"උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය"
]
} |
0510b7f8-bbd8-4040-9cd3-b0a6012b486a | විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින බව මුලින්ම සොයා ගත්තේ 1912 දී ඇමෙරිකානු තාරකා විද්‍යාඥයකු වූ වෙස්ටෝ ස්ලිපර් විසිනි. 1922 දී ඇලෙක්සැන්ඩර් ප්රීඩ්මන් විශ්වය ප්‍රසාරණය වන බව න්‍යායාත්මක සාක්ෂි ලෙස පෙන්වීමට අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ ක්ෂේත්‍ර සමීකරණ භාවිතා කළේය. 1927 දී රුසියානු විද්‍යාඥයකු වූ ජෝර්ජ් ලමෙයිත්රි මන්දාකිණියක ඇති දුර හා ප්‍රවේගය අඩුවීමේ රේඛීය සම්බන්ධතාවය පිළිබඳ ප්‍රථම නිරීක්ෂණාත්මක ගවේෂණය ඉදිරිපත් කළේය. 1929 දී එඩ්වින් හබල් ප්‍රකාශ කළේ සියළුම මන්දාකිණි එකිනෙකින් ඈත්වෙමින් පවතින බවත් වඩාත් දුරින් පිහිටි මන්දාකිණි වඩා වේගයකින් ඈත්වෙමින් පවතින බවත්ය. | මන්දාකිණි එකිනෙකින් ඈත්වෙමින් පවතින බව කිව්වේ කව්ද? | {
"answer_start": [
426
],
"text": [
"එඩ්වින් හබල්"
]
} |
57569e05-bb87-4ebd-a566-cabb439b0f3c | විශාල මුදලක් වැය කර පූජාවන් සිදු කළද තම දියණියගේ රෝගය සුවපත් නොවීම නිසා ඉෂානිගේ දෙමාපියන් බෙහෙවින්ම මානසික පීඩාවට ලක් වී තිබුණි. මුදල් වියදම් වුවද දියණියට යහපතක් වූවා නම් හිතට සහනයකි. නමුදු රෝගය එලෙසම තිබියදී මුදල් පමණක් වියදම් වී ඇත. සිදුවූ යහපතක්ම නැත. තව තවත් මුදල් වැය කර මෙවැනි දේ කිරීමෙන් ඵලක් නොමැති බව වැටහුණි. නමුදු ස්වාමි කපු මහතා ගැන අසන්නට ලැබුණු දේවල්වලින් කිසිදු ඵලයක් තමනට සිදු නොවූ බව නම් පැහැදිලිය. දැන් කුමක් කරම්දැයි ඉෂානිගේ දෙමාපියෝ කල්පනා කරන්නට වූහ. මෙසේ කාලය මාස හතරක් පමණ ගෙවුණි. මේ කාලය දක්වාම ඉෂානිගේ නින්දෙන් මූත්‍රා පිටවීමේ නැවතීමක් සිදු නොවුණි. මෙය කෙසේ හෝ ඉෂානිගේ පියා ඔහුගේ මිතුරකු හට පැවසීය. මේ හේතුව නිසා තම දියණිය ඉතා මානසික පීඩාවකට පත්ව ඇති බවත් කරපු කිසිම දේකින් ඵලක් නොවුණු බවත් ඔහු තම මිතුරාට පැවසුවේ ඉතාම කනගාටුවෙනි. මේ නිසාම නිරන්තරයෙන්ම නිවාඩු ලබාගැනීමට සිදුවූ බවත් පැවසුවේය. තම කුලුපගම මිතුරා පත්වී ඇති මානසික ගැටලුවට එකම විසඳුම ඇත්තේ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ළඟ බව පැහැදිලි වූ ඔහු ඉෂානිගේ පියාට ඉෂානි ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කරන ලෙස පැවසුවේය. | රෝගය සුව නොවීම නිසා මානසික පීඩනයකට ලක්ව සිටින්නේ කව්ද | {
"answer_start": [
72
],
"text": [
"ඉෂානිගේ දෙමාපියන්"
]
} |
3efcbf7e-33e8-47d1-b3ec-4d60e1378e8f | ඒ කාලේ ඔහුගේ පන්තියේ සිටියේ ගැහැනු ළමුන් හතර දෙනෙකි. මෙයින් එක් යුවතියක් කෙරෙහි ෂාහිඞ් ගේ සිත බැදිණි. එහෙත් තමා පන්තියේ ජනප්‍රිය සිසුන් අතර නැති බැව් ඔහු වටහාගත්තේ ඇය ඔහු ප්‍රතික්ෂේප කළ විටය. වෙනෙකක් තබා එකම පන්තියේ සිටියත් ඇය ඔහු ගැන වැඩි තොරතුරු කිසිවක් දැන සිටියේත් නැත. එම ප්‍රතික්ෂේප වීම තුළින් ඇති වූ වේදනාව සෑහෙන කලක් යන තුරු ඔහුගේ සිතට වද දුන්නේය. ගැහැනු ළමයෙකු නිසා ඇති වූ ප්‍රථම සිත් බිදීම එය බැව් ෂාහිඞ් කියන්නේය. හයිදර්, උද්තා පන්ජාබ්, පද්මාවත් වැනි චිත්‍රපටිවල රග පෑ ෂාහිඞ් ගේ අලූත්ම චත්රපටිය කබීර් සිංය. මෙය ඔහුගේ සිනමා ජීවිතයේ සන්ධිස්ථානයක් ද වන්නේ ඔහු එදාමෙදා තුර ඔහු රග පාන පූර්ණ වාණිජ චිත්‍රපටිය වීම නිසාය. එය අර්ජුන් රෙඞ්ඩි චිත්‍රපටියේ නැවත නිෂ්පාදනයකි. | ෂාහිඞ් ගේ අලූත්ම චිත්‍රපටිය කුමක්ද? | {
"answer_start": [
512
],
"text": [
"කබීර් සිංය"
]
} |
970760f0-abef-412f-9c28-5bfed9995675 | වසර කිහිපයක් තිස්සේ ඉතා සාර්ථක යුග ජිවිතයක් ගත කළ කැනි වෙස්ට් හා කිම් කාර්ඩයිෂන් දෙදෙනා මේ වනවිට නිතීයෙන් වෙන්ව තිබේ. දරුවන් දෙදෙනෙකුගේ මාපියන් වන ඔවුන් දෙදෙනා කාලයක් ලෝකයේම අවධානය දිනු මාපියන් යුවළ බවටද පත්ව තිබුණි. කෙසේ වෙතත්, වාර්තා වන තොරතුරුවලට අනුව කැනි මෙසේ කිම්ගෙන් වෙන්වීමට තිරණය කර ඇත්තේ ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් වන ඉරීනා ෂේක් සමගින් අදරය සම්බන්ධයකට මුල පුරා තිබීම බවය. එහෙත්, සමහරුන් පවන්නේ කැනි හා ඉරීනාගේ ප්‍රේම සම්බන්ධය කිම්ගෙන් දික්කසාද වූ පසු සිදුවී ඇත්තක් බවය. | කැනී ආදර සම්බන්දයකට මුල පුරා තිබෙන්නේ? | {
"answer_start": [
329
],
"text": [
"ඉරීනා ෂේක් සමගින්"
]
} |
06b0b1f1-019e-4436-83fa-e09bc4d59ce5 | ළමා වියේදී සචින් නිතර පාසල් මිතුරන්ගේ හිරිහැරවලට ලක් විය. තමාට හිරිහැර කළ සිසුන් සමඟ ඔහු ඉඳහිට ගුටිබැටද හුවමාරු කර ගත්තේය. කුඩා කල ටෙනිස් ක්‍රීඩාවට දැඩි කැමැත්තක් දැක් වූ සචින්ගේ වීරයා වූයේ ජෝන් මැකන්රෝ නම් ලෝක පූජිත ටෙනිස් ක්‍රීඩකයාය. තම බාල සොහොයුරා පාසලේදී මුහුණ දෙන හිරිහැරවලින් බේරා ගැනීම සඳහා ඔහුගේ වැඩිමහලු සොහොයුරු අජිත්, 1984දී සචින් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කිරීමට උත්සාහ කළේය. ඔහු සුප්‍රකට ඉන්දියානු ක්‍රිකට් පුහුණුකරුවකු වූ රාමකාන්ත් අච්රෙකාර් වෙතට තම සොහොයුරා කැඳවාගෙන ගියේ එහෙයිනි. එහෙත් සචින්ට පුහුණුකරුගේ අවධානය දිනා ගැනීමට නොහැකි විය. තම සොහොයුරාට අවස්ථාවක් ලබා දෙන ලෙසට අජිත් කළ ඉල්ලීම ඉවත දැමිය නොහැකි වූ රාමකාන්ත් ඔහුට පුහුණුව ලබා දීමට එකඟ විය. අජිත් සචින්ට වඩා දස වසරකින් වැඩිමහලු වූ අතර සචින්ගේ ක්‍රීඩා ජීවිතයට විශාල බලපෑමක් කළ පවුලේ සාමාජිකයා වූයේ ඔහුය. | ළමා වියේදි නිතර මිතුරන්ගේ හිරිහැරවලට ලක් වුනේ කව්ද? | {
"answer_start": [
11
],
"text": [
"සචින්"
]
} |
a6af809c-784a-42c4-807b-83a275ec29c3 | රීටාත්, රූබිත් බොහෝ විට කතා කළේ චතුර ඉංග්‍රීසියෙනි. එකල ද රීටා හෝටල් සංස්ථාවේ නිලධාරිනියක ලෙස සේවය කළ බව මට මතකය. එකල බොහෝ පැරැණි නළු නිළියෝ ඉතා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිර වූහ. රීටාට අභිෂේක චිත්‍රපටයේ රඟපාන්නට තිබුණේ රෙක්ස් කොඩිප්පිලිගේ බිරිඳ හැටියටය. ඔවුන්ගේ දියණිය ලෙස රඟපෑවේ අවන්ති අපොන්සුය. රූබි ද මෙල් ප්‍රධාන නිළියගේ මව ලෙස රඟපෑවාය. 1934 පෙබරවාරි 18 වැනිදා මාතලේ උපන් රීටා පිලොමිනා රත්නායක අධ්‍යාපනය ලැබුවේ, මාතලේ ඇග්නස් කන්‍යාරාමයෙනි. එය පසුව ශාන්ත තෝමස් බාලිකා විදුහල බවට පත්විය. ඇගේ පියා එමිල් රත්නායක සුප්‍රකට වයලින් වාදකයකු විය. ඇගේ මාමලා ද කලාවට සම්බන්ධ වූවෝ වූහ. ඇය කුඩා කල සිටම රුක්මනී දේවියට ප්‍රිය කළාය. පාසල් කාලයේදී ඇය දස්කොන් නාට්‍යයේ ප්‍රමිලා බිසව ලෙස රඟපෑවාය. ගී ගැයුවාය. ඇය රුක්මනී දේවිය මුණගැසෙන්නට ආශාවෙන් සිටියාය. | රීටා පිලොමිනා රත්නායකගේ පියා කව්රුන්ද? | {
"answer_start": [
501
],
"text": [
"එමිල් රත්නායක"
]
} |
ce0a180e-87f6-4e7e-ad46-fc8acb96ef8e | ඉගෝර් සුට්යාගින් අත්අඩංගුවට ගැනුණේ 1999දීය. ඔහු බ්‍රිතාන්‍යයට හා ඇමෙරිකානු සී.අයි.ඒ ආයතනයට රුසියානු න්‍යෂ්ඨික සබ්මැරීන පිළිබඳ රහස් අනාවරණය කළ බවට චෝදනා ලැබීය. සුට්යාගින් තම නිර්දෝෂීභාවය ප්‍රකාශ කරමින් තමා ලබා දී ඇත්තේ විවෘත තොරතුරු විනා කිසිදු රහස්‍ය තොරතුරක් නොවන බවට ප්‍රකාශ කර තිබිණි. එහෙත් ඔහුටද සිරදඬුවම් නියම විය. මේ දෙදෙනා අතුරින් සර්ගෙයි ස්ක්‍රිපාල් බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයට වඩාත් වැදගත් පුද්ගලයකු වශයෙන් නිගමනය වී තිබිණි. මොවුන් දෙදෙනාට නව අනන්‍යතාවක් ලබා දුන් අතර බ්‍රිතාන්‍යයේ ජීවත් වීමේ අවසරයද හිමි විය. ස්ක්‍රිපාල් හට පවුම් 340,000ක් වටිනා නිවෙසක් හා මාසික විශ්‍රාම වැටුපක් බ්‍රිතාන්‍ය රජය මගින් ලබා දුන් අතර ඔහු තම බිරිය වූ ලූඩ්මිලා සමග එම නිවෙසේ වාසය කළේය. | ඉගෝර් සුට්යාගින් අත්අඩංගුවට ගැනුණේ කුමන වසරේදීද? | {
"answer_start": [
35
],
"text": [
"1999දීය"
]
} |
0fe69692-46cb-45f7-8b5f-610fb6f3c93b | මෙහි හතර වැනි කරුණ, සම ඉරීමකට ලක් නොවීමයි. එයද සත්‍යයකි. මෙහි ඇති විද්‍යාත්මක පසුබිම මෙසේය. කටු වලින් ඇදගෙන යාමේ දී හා එල්ලීමේ දී සිරුර පුරා කටු කිහිපයක් ගසයි. එවිට කටු ගණන වැඩි වීම නිසා එක් කටුවක් මගින් සම මත ඇති කරන සම්ප්‍රයුක්ත බලය අඩු වේ. එම නිසා සම ඉරීමක් සිදු නොවේ. නමුත් එක් කටුවකින් පමණක් එල්ලුවහොත් අනිවාර්යෙන්ම සම ඉරීමකට ලක්වේ. මෙහි පස් වැනි කරුණ ලෙස, සැලකෙන මුහුණ හරහා කටු ගැසූ ස්ථානය ඉක්මනින්ම වැසීයාමේ ගුණයයි. එහි ඇතුළාන්තය නම් කටුව ගැල වූ සැණින් සිදුරු වැසීයාමක් සිදු නොවේ. නමුත් එම සෛල හා පටක නැවත ළංවීම නිසාවෙන් බාහිරයෙන් බලන්නකුට එහි සිදුරක් ඇති බව නොපෙනේ. එසේම දින කීපයක් යනවිට එම සිදුර ක්‍රමයෙන් වැසී යයි. | දින කිහිපයක් යනවිට සිදුරට කුමක් සිදුවේද ? | {
"answer_start": [
599
],
"text": [
"සිදුර ක්‍රමයෙන් වැසී යයි"
]
} |
77e20960-f828-4798-8314-59ca6944a307 | මේ අනුව විවිධ ඓතිහාසික තොරතුරු මූලාශ්රවල ගොඩකවෙල ගැන සඳහන් වන අතර මෙම නාම ප්රභවය පිළිබඳව සොයා බැලීමේදී මත දෙකක් අසන්නට ලැබේ. ඉන් එකක් නම් වෙල් ගොඩ කර පාර සෑදීම නිසා ගොඩකවෙල වූ බවය. මෙය බොහෝ දෙනා දරන මතයයි. අතීතයේ කුඩා පාරක් තවලම් සඳහා වූ අතර දොඹවෙල ඇළ දක්වාම පාර දෙපස කුඹුරු විය. පසුව එම පාර, වෙල්ගොඩ කර ටික ටික සාදා ඇති අතර 1930 පමණ වන විට එම පාරෙ දෙපස රෝද මායිමට පමණක් ගල් අල්ලා කරත්තවල ගමන් කිරීමේ පහසුවට සාදා ඇත. විශේෂයෙන් ලුණු කරත්ත යෑමට මෙම පාර වැඩි දියුණු කර ඇති අතර එදා වැඩිහිටි උදවිය මෙම පාර කරත්ත පාර ලෙසට හඳුන්වා ඇත. | දොඹවෙල ඇළ දක්වාම පාර දෙපස තිබුණේ මොනවාද? | {
"answer_start": [
270
],
"text": [
"කුඹුරු"
]
} |
f4852eec-7e5c-4a6f-8bc9-9c714f5e9639 | රීටාත්, රූබිත් බොහෝ විට කතා කළේ චතුර ඉංග්‍රීසියෙනි. එකල ද රීටා හෝටල් සංස්ථාවේ නිලධාරිනියක ලෙස සේවය කළ බව මට මතකය. එකල බොහෝ පැරැණි නළු නිළියෝ ඉතා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිර වූහ. රීටාට අභිෂේක චිත්‍රපටයේ රඟපාන්නට තිබුණේ රෙක්ස් කොඩිප්පිලිගේ බිරිඳ හැටියටය. ඔවුන්ගේ දියණිය ලෙස රඟපෑවේ අවන්ති අපොන්සුය. රූබි ද මෙල් ප්‍රධාන නිළියගේ මව ලෙස රඟපෑවාය. 1934 පෙබරවාරි 18 වැනිදා මාතලේ උපන් රීටා පිලොමිනා රත්නායක අධ්‍යාපනය ලැබුවේ, මාතලේ ඇග්නස් කන්‍යාරාමයෙනි. එය පසුව ශාන්ත තෝමස් බාලිකා විදුහල බවට පත්විය. ඇගේ පියා එමිල් රත්නායක සුප්‍රකට වයලින් වාදකයකු විය. ඇගේ මාමලා ද කලාවට සම්බන්ධ වූවෝ වූහ. ඇය කුඩා කල සිටම රුක්මනී දේවියට ප්‍රිය කළාය. පාසල් කාලයේදී ඇය දස්කොන් නාට්‍යයේ ප්‍රමිලා බිසව ලෙස රඟපෑවාය. ගී ගැයුවාය. ඇය රුක්මනී දේවිය මුණගැසෙන්නට ආශාවෙන් සිටියාය. | රීටා පාසල් කාලයේදී රඟපෑ නාට්‍යයක් වන්නේ? | {
"answer_start": [
642
],
"text": [
"දස්කොන්"
]
} |
7602a9fe-8577-4cad-988a-08cdf8f90b59 | අනවසර සංක්‍රමණිකයන් පුරවා ගත් බෝට්ටුවක් මොරොක්කෝවට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 43 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය 43 දෙනා අතර බිලිඳන් තිදෙනකු ද සිටින බව පැවැසෙයි. බෝට්ටුව ගිලී යෑමෙන් පසු දිවි ගලවා ගනිමින් මුහුදේ අතරමං වී පාවෙමින් සිටි 10 දෙනකු බේරා ගැනීමට මොරොක්කෝ වෙරළාරක්ෂක නිලධාරීහු සමත් වූහ. සංක්‍රමණිකයන් රුගත්බෝට්ටුව මුහුදේ ගිලී ගියේ ස්පාඤ්ඤ කැනේරි දූපත අසල මුහුදේ යැයි ද පැවැසෙයි. සංක්‍රමණිකයන් බොහෝ දෙනා උතුරු ඇමෙරිකා රටවල සිට යුරෝපා රටවලට යෑමට උත්සාහ ගත් අය යැයි ස්පාඤ්ඤ වෙරළාරක්ෂක නිලධාරීහු පවසති. | බෝට්ටුව ගිලී යෑමෙන් පසු දිවි ගලවා ගනිමින් මුහුදේ අතරමං වී පාවෙමින් සිටි 10 දෙනකු බේරා ගැනීමට සමත් වූයේ කවුරුන්ද? | {
"answer_start": [
258
],
"text": [
"මොරොක්කෝ වෙරළාරක්ෂක නිලධාරීහු"
]
} |
d1dcac93-b341-4080-a023-9b94f47825c1 | අද පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන්ගේ සොයා ගැනීම් වලට අනුව ඊජිප්තු ශිෂ්ටාචාර යුගය ක්‍රි.පූ. 5000 පටන් ක්‍රි.පු. 1100 දක්වා කාලයකට දිවයන බව පිළිගැනේ. ඔවුන්ගේ ශිෂ්ටාචාර සමයේ පැවති ශ්‍රේෂ්ඨ නිර්මාණ ලෙස සැලකෙන්නේ පාරාවෝ රජ පරපුර ගොඩනැගූ පිරමීඩ සමූහයයි. පැරණි ඊජිප්තුවේ පාරාවෝ හෙවත් රජු රාජ්‍යනායකයා වශයෙන් පමණක් නොව ප්‍රධාන පූජකවරයා ද වශයෙන් දෙවියන්ගෙන් වරම් ලත් මෙලොව නියෝජිතයා ලෙස සැමගේ ගෞරවයට පාත්‍ර විය. ඈත යුගයේ පටන්ම ඊජිප්තු ජනතාව උසස් කාර්මික දැනුමක් සහිත දියුණු ශිෂ්ටාචාරයක් පැවැති බවට සාක්ෂි ලැබේ. නයිල් ගඟ පිටාර ගැලීම හේතුවෙන් දියුණු කෘෂිකර්ම ව්‍යාපාරයක්ද ඔවුන් සතු විය. මෙකල විස්මිත නිර්මාණ ලෙස පිරමීඩ ගොඩ නගා ඇත්තේ මූලික තාක්ෂණ දැනුමෙන් හෙබි විශාල කම්කරුවන් සංඛ්‍යාවක ශ්‍රමය වැය කිරීම මතය. දැවැන්ත නිර්මාණ ලෙස මෙම පිරමීඩ ගොඩනැගීම සඳහා පැතලි හුණුගල් කුට්ටි එකක් ටොන් දෙකහමාරක් බරැති ගල් කුට්ටි 2300000ක් යොදා ගෙන ඇත. ත්‍රිකෝණ හැඩයට ඉදිකර ඇති එහි මූණත උස අඩි 481කි. එහි පාදම අක්කර 13.1ක බිම් ප්‍රමාණයක් වසා සිටී. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු නිම කිරීමට වසර 20ක් ගත වූ අතර ඒ සඳහා කම්කරුවන් 12000ක් වූ බවත් සඳහන් වේ. | පිටාර ගලන්නේ කුමන ගඟද ? | {
"answer_start": [
500
],
"text": [
"නයිල් ගඟ"
]
} |
3de283f4-a4b8-4d48-b724-da0c77dc7f40 | ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු සූර්යා, කමල් හසන් රංගනයෙන් දායක වන වික්‍රම් චිත්‍රපටයේ ආරාධිත චරිතයක් නිරූපණය කරන බවට තොරතුරු ලැබේ. මේ වනවිට එය ස්ථිර වී ඇති අතර, සූර්යා මෙහි ආරාධිත චරිතයක් තුළින් සිනමා ප්‍රේක්ෂකයින් මුණ ගැසෙන බව සනාථ වී ඇත. එමෙන්ම මෙම වික්‍රම් චිත්‍රපටයේ සූර්යාට අමතරව තවත් ජනප්‍රිය නළුනිළියන් රැසක් ආරාධිත චරිත සඳහා දායක වී තිබයි. කෙසේ වෙතත් සූර්යා චිත්‍රපටයක අරාධිත චරිතයක් නිරූපණය කරනු ලබන්නේ දිගු කාලයකට පසුව බව සඳහන් වෙයි. | වික්‍රම් චිත්රපටයේරංගනයෙන් දායක වන්නේ කව්ද? | {
"answer_start": [
32
],
"text": [
"සූර්යා, කමල් හසන්"
]
} |
c0ad0a56-815d-4595-a4c9-a062fbb25434 | ලෝකයේ ජීවීන් වඳවී යන්නට හේතුවූයේ උල්කාෂ්ම හා ගිනි කඳු පිපිරීම්යැයි විශ්වාසයක් පැවතිනි. එසේ වුව ද අදින් වසර කෝටි 54කට පෙර ලෝකයේ පළමු ජීවී විනාශය හෙවත් පළමු මහා වඳවීම සිදුව ඇත්තේ එවැනි හේතුවකින් නොවේ යැයි විද්‍යාඥයෝ කියති. සාමාන්‍යයෙන් ජීවින්ගේ විනාශය ගැන දොස් පැවරුණේ උල්කාෂ්මියක බලපෑමක් සහ ගිනිකඳු පිපිරීමක් වැනි සීඝ්‍ර සාධකයකට වේ. ලෝකයේ පළමු ක්ෂුද්‍ර ජීවීන් ලෙස සැළකෙන ඊඩියාකැරන් ලෝකයෙන් වඳවී ඇත්තේ අදින් වසර කෝටි 54ට පෙර බවත් එයට හේතුව වී ඇත්තේ මන්දගාමීව සිදුවූ ජීවී පරිනාමයක් බවත් ඔවුහු කියති. වැන්බර්ලලට් විශ්වවිද්‍යාලයේ පෘථිවිය සහ පරිසර විද්‍යාව පිළිබඳ මහාචාර්ය සයිමන් ඩැරොච් පවසා ඇත්තේ ජීව විද්‍යාත්මක ප්‍රාණීන් ජීවය තුරන්කිරීමට යොදා ගත හැකි බවයි. | සයිමන් ඩැරොච් කුමන අංශ පිළිබඳ මහාචාර්යවරයෙක්ද? | {
"answer_start": [
525
],
"text": [
"පෘථිවිය සහ පරිසර විද්‍යාව පිළිබඳ"
]
} |
d9087a70-e7e4-4357-9d8a-8ecf36a9c167 | කුබේර, මා ගෙදරට එන ගමන් මගේ මවට කී දේ ඔබට මතකද? මා කීවේ මට හොඳටෝම බඩගිනි බවයි. ඒ නිසා මට ඉක්මනින්ම කෑම ලබාදෙන්න, ගනේෂ් පැවසුවේය. ආහාරවල සුවඳ වහනය විය. මැටි බඳුන්වල හඬ ඒ සමගම ඇසිණි. සේවකයන්ද සේවිකාවන්ද යුහුසුළුව විවිධ ආහාර වර්ග මේස මතට ගෙන එන හැටි නෙතට රසඳුනක් වැනි විය. අලි හිසක් ඇති පිරිමි ළමයා වහාම කෑම මේසයට වාඩි වූයේය. තම පිඟාන අතට ගත් ගනේෂ්, මේසය මත වූ සියලු කෑම බඳුන් තම පිඟානට හලාගත්තේය. මහත් කෑදර කමින් ආහාර ගන්නට වූ ඔහු දෙස කුබේර බලාසිටියේ පුදුමයෙනි. ඔහු මේ සාදයට සිය දෙනෙකුට ඇරයුම් කර තිබිණි. තවම ඒ කිසිවෙක් සාද භූමියට පැමිණ නැත. සියල්ලටම කලින් පැමිණි ගනේෂ් ආහාරවල රස විඳියි. | සියල්ලටම කලින් පැමිණ මහත් කෑදර කමින් ආහාර ගන්නට වූයේ කවුරුන්ද? | {
"answer_start": [
113
],
"text": [
"ගනේෂ්"
]
} |
dbc4beb4-5dff-458d-86de-cedd5645dcdd | විදුලි හීටරයක් පමණ ඉක්මවා භාවිත කිරීම හේතුවෙන් මෙම ගින්න ඇති වී ඇතැයි ද එම නිලධාරියා කීය. මාරාන්තික ගිනි ඇති වීම යුක්රේනය සුලබ තත්ත්වයකි. ආරක්ෂක නියාමන රෙගුලාසි නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ යල්පැන ගිය යටිතල පහසුකම් නිසි පරිදි නඩත්තු නොකිරීම ඊට ප්‍රධාන හේතුව වී තිබේ. ඔඩේසා නගරයේ පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක 2019 වසරේ දෙසැම්බර් මාසයේ ඇති වූ ගින්නකින් 16 දෙනකු මියගොස් 30 දෙනෙක් තුවාල ලැබූහ. නොසැලකිල්ල නිසා එම ගින්න ඇති වූ බව පසුව අනාවරණය වූ අතර ඒ හේතුවෙන් එම ආයතනයේ අධ්යක්ෂවරයා අත්අඩංගුවට පත්විය. | මාරාන්තික ගිනි ඇති වීම සුලබ තත්වයක පවතින්නේ කිනම් රටද? | {
"answer_start": [
113
],
"text": [
"යුක්රේනය"
]
} |
5b1ef568-eb2b-4ded-988b-11edd06821ad | බුද්ධෝත්පාද සමයේ සිදුවීමකින් මගේ කතාව ආරම්භ කරමි. තම්බපන්නියේ එකල විසූ යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් එකිනෙකා මරා ගන්නා ද්වන්ද යුද්ධයකට සැරසෙන බව දිවැසින් දුටු ත්‍රෛලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ අහසින් ලංකාවට වැඩමකොට එම පිරිසට ධර්මය දේශනා කිරීමෙන් යුද්ධය සමථයකට පත් කළ බව බුදු දහමේ සඳහන් වෙයි. කොළඹ අලුත්කඬේ උපරිමාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොඩවදින අපගේ දෙනෙත් යොමු වන්නේ එම සිදුවීම බිත්තියක පින්තාරු කොට ඇති ආකාරයයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු මැති ඇමැති මන්ත්‍රී තුමන්ලා උනුන් මරා ගන්නා තරමට නැතත්, ඔවුන්ගේ හැසිරීම් ඒ ආසන්නයට ළඟා වෙන බව රූපවාහිනී තිරයේ අපි දැක ඇත්තෙමු. | තම්බපන්නියේ එකල විසුවේ කවුද? | {
"answer_start": [
71
],
"text": [
"යක්ෂ සහ නාග ගෝත්‍රිකයින්"
]
} |
58b0f869-79a7-4389-8562-c85d53888f14 | මෙහි බිම අන් පල්ලිවලට වඩා සුවිශේෂ වන්නේ එයට එලා ඇත්තේ සොහොන් ඵලක වීම නිසාය. වෙනත් පල්ලිවල අල්ලා ඇති විසිතුරු පිඟන් ගඩොල්වලට වඩා එය ගොඩනැගිල්ලට එක්කර ඇත්තේ පෞරාණික බවක් මෙන්ම පෞඪ බවකි. මෙහි ඇති සොහොන් කොත් රාශියකි. ඒ අතර බණ්ඩාරනායක නාමයද ඇති බැව් ඇසූ බැවින් ඒ ගැන සොයා බැලීමු. එය බණ්ඩාරනායක අගමැතිතුමාගේ සීයාගේ සොහොන් ඵලකයයි. එය බොහෝදෙනාගේ ගෞරවාදරයට පත්වන බව අපට දැනගන්නට ලැබිණි. එහෙත් බණ්ඩාරනායක මහතාගේ සීයාගේ වාසගම සමඟ ඇති මුලකුරුත් එහි ඇති මුලකුරුත් අතර සමානත්වයක් තිබේ දැයි විමසිය යුත්තකි. වරාය ආසන්නයේ පිහිටීම නිසා මෙම පල්ලියට ලන්දේසීන්ගේ සුවිශේෂතාවයක් හිමිවී ඇති බව පෙනෙන්නට තිබේ. මෙහි ඇති සුවිශේෂත්වය නම් මෙම පල්ලිය ගොඩනගන දා සිට ලන්දේසි යුගය අවසානය තෙක් ආණ්ඩුකාරවරුන්ගේ අනුග්‍රාහකත්වය මෙම පල්ලියට ලැබීමය. ලංකාවේ අවසන් ලන්දේසි ආණ්ඩුකාරයා වූ යොහාන් වෑන් ඇන්ග්ලිබික්ගේ විශේෂ අනුග්‍රහය මෙම පල්ලියට ලැබී අතර රජගෙදර නොහොත් අද ජයවර්ධනපුරේ එදා හිමිකරු වූයේ එම ආණ්ඩුකාරයාය. කපිතාන් පොයන්ඩර් විසින් මීට වසර 233කට පෙර අඳින ලද සිතියමක නම් මේ පල්ලිය දැක ගන්නට නැත. ඊට හේතුව එම සිතියමේ කොළඹ කොටුව ඇතුළත් වන අතර මෙම ආදුරුප්පු වීදිය පල්ලිය සමීපයේම ඇති කයිමන් දොරකඩ ආසන්න ගොඩනැගිලි නම් එහි පැහැදිලිව දැකගත හැකිය. | මෙහි බිම අන් පල්ලිවලට වඩා සුවිශේෂ වන්නේ ඇයි ? | {
"answer_start": [
40
],
"text": [
"එයට එලා ඇත්තේ සොහොන් ඵලක වීම"
]
} |
2c479303-b9e7-4d73-a3e6-0bcbde32c6d6 | මේ අතර, කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ්ගේ ගෙල ඩෙරික් චෝවින් දණහිසෙන් තද කරගෙන සිටින අයුරු සහ තමන්ට හුස්ම ගන්න අමාරු යැයි ෆ්ලොයිඩ් පවසන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරමින් තිබුණි. ඒවා ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේ ද ප්‍රසිද්ධ විය. ඇමෙරිකාවේ පමණක් නොව ලොව පුරා ප්‍රසිද්ධ විය. ඒ අවස්ථාව වෙනවිට ෆ්ලොයිඩ්ගේ පවුලේ නීතිඥවරුන් මැදිහත් වී ෆ්ලොයිඩ් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලන්න විය. ස්වාධීන මරණ පරීක්ෂණයකට අවසර දෙන්නැයි ද ඔවුහු ඉල්ලා සිටියහ. සිදුවීමට අදාළ වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ඔස්සේත් ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වූයේ මුළු ඇමෙරිකාවම කලඹමිනි. ඒ සමඟ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් සිවුදෙනා වහා සේවයෙන් නෙරපා දැමීමට පොලිස් බලධාරීන් කටයුතු කළේය. මිනියැපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව, සිද්ධිය සම්බන්ධයෙන් එෆ්.බී.අයි. පරීක්ෂණයක් ඇරැඹිණි. මේ අතර, මිනසෝටා ජනපද අපරාධ විමර්ශන ඒකකය වෙනම පරීක්ෂණයක් ආරම්භ කළේය. | මේ සම්බන්ධව වෙනම පරීක්ෂණයක් ආරම්භ කළේ කවුද? | {
"answer_start": [
776
],
"text": [
"මිනසෝටා ජනපද අපරාධ විමර්ශන ඒකකය"
]
} |
aa19be58-af02-490e-9d69-9a840513cff1 | සුප්‍රකට විචාරක ජයවිලාල් විලේගොඩ විසින් ප්‍රේම තරගය චිත්‍රපටය පිළිබඳ ලියන ලද සමාලෝචනයක මෙසේ සඳහන් වෙයි. මෙතක් නිපදවන ලද දීර්ඝතම සිංහල චිත්‍රපටය වීමේ වාර්තාව පිහිටුවූ ප්‍රේම තරගය අන් තැනකින් සොරාගත් කතාවක් ඇඟට නොදැනී චිත්‍රපටයට ඇතුළත් කිරීමෙන් නිපදවන ලද වුවත් හියුගෝ ප්‍රනාන්දු අතින් ලියැවුණු දෙබස් හා පදමාලා ප්‍රේම තරගයට ආලෝකයක් ලබාදුන්නේය. කැකිරි ගෙඩි පිරිමදිමින් විකට නිළියක ගයන ගීය හා තවත් ගෙඩි වර්ගයක් දැක විකට නළුවකු කරන අනුස්මරණය ආදී අසභ්‍ය ජවනිකා චිත්‍රපටය තුළට බලෙන්ම රිංගවා තිබුණි. | චිත්‍රපටය තුළට බලෙන්ම රිංගවා තිබුණේ මොනවාද? | {
"answer_start": [
440
],
"text": [
"අසභ්‍ය ජවනිකා"
]
} |
c18692b9-7214-4ad1-b485-4356eaf4927e | ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී හොඳම නළුවා ලෙස අට වරක් සම්මාන ලැබු හින්දි සිනමා නළු දිලිප් කුමාර් මීට දින කිහිපයකට පෙර හදිසියේ ඇතිවු රෝගාබාධයක් හේතුවෙන් මුම්බායි හි හින්දුජා රෝහලට ඇතුළත් කර තිබුණි. කෙසේ වෙතත්, පසුගිය ජුනි 10 වැනිද දිලිප් කුමාර්ගේ ඥාති පුතෙකු සිය ටිවිටර් ගිණුමට දැමු සටහනකින් පවසා තිබුණේ දිලිප් කුමාර් සුව වී නැවතත් ඔහුගේ මුමිබායිහි පිහිටි නිවසට පැමිණි බවය. 98 වැනි වියෙහි පසුවන දිලිප් කුමාර් පසුගිය වසර දෙකතුන තුළදී අවස්ථා කිහිපයකදීම හදිසියේ ඇතිවු රෝගාබාධ හේතුවෙන් රෝහල් ගත කරන්නට සිදුවිය. මෙවර ඔහු හින්දුජා රෝහලට ඇතුළත් කර තිබුණේ හදිසියේ ඇති වූ හදෘයබාධයක් හේතුවෙන් බව සඳහන් වෙයි. | දිලිප් කුමාර් කී වෙනි වියෙහි පසුවෙයිද? | {
"answer_start": [
370
],
"text": [
"98 වැනි වියෙහි"
]
} |
769ff0ae-7553-43ca-abc0-0bfd5295144e | මම කවදාවත් දුම් වැටි හෝ ඇල්කොහොල් පාවිච්චි කරලා නෑ. ඒ වගේම ක්ෂේත්රයේ තියෙන බොහෝ නරක පුරුදුවලින් ඈත් වෙලා ඉන්නෙ. හැබැයි ඒකෙන් අදහස් කරන්නෙ මම ශාන්තුවරයෙක් කියන එක නෙමෙයි. සුනීල් ෂෙට්ටි කියන්නේය. අද බොහෝ නළුවන් මත්ද්‍රව්‍ය හා දුම්කොළ ප්‍රචාරණයට උදව් කරන බැව් කියමින් පළ වූ ට්විටර් සටහනක සුනීල් ගේ නම ද සඳහන් වී තිබුණේ වැරදීමකිනි. එයට පිළිතුරු වශයෙන් ඔහු මේ අදහස් පළ කර තිබිණි. මිනිස්සු අහනවා මගේ වයස අවුරුදු හැටක් වුණත් මම මෙච්චර තරුණ පෙනුමෙන් ඉන්නෙ කොහොමද කියලා. මත්ද්‍රව්‍යවලින් ඈත් වීම තමයි හේතුව. ඇත්තටම තමන් භාවිතා කරන්න අකැමැති දේවල් ප්‍රචාරණයට ඉදිරිපත් වීම හොඳ දෙයක් නෙමෙයි කියලයි මම කියන්නෙ. ඔහු කීවේය. | ඔහු මේ අදහස් පළ කර තිබුනේ කුමන ට්විටර් සටහනකට පිළිතුරු ලෙසද? | {
"answer_start": [
210
],
"text": [
"මත්ද්‍රව්‍ය හා දුම්කොළ ප්‍රචාරණයට උදව් කරන බැව්"
]
} |
ef098386-eb85-4b9e-a055-048e6c6f75b0 | හැරීගේ මව වූ, ලෝක ජනාදරයට පත් ඩයනා කුමරිය මිය ගියේ පැපරාසීන් විසින් හඹායන ලදුව, පැරිසියේදී රිය අනතුරකට ලක්වීමෙනි. බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් මේගන් සම්බන්ධයෙන් ද එවැනි ලුහුබැදීම් සිදුකෙරෙමින් ඔවුන්ගේ ජීවිතයට අනවශ්‍ය බලපෑම් කරමින් සිටියේය. මේ හේතුවෙන් හැරී-මේගන් යුවළ එරට ටැබ්ලොයිඩ් පුවත්පතකට එරෙහිව නීති පියවර ද ගත්හ. මේගන්ගේ මව සහ පියාගෙ ජාතිය වෙනස් බව සදහන් කරමින් ද, ඇය සහ පියා අතර හුවමාරු කෙරුණු ලිපි මාධ්‍යවල පළකරමින් ද එරට මාධ්‍ය ආයතන ඇයට පීඩා පැමිණවීය. සසෙක්ස් ආදිපාද යුවළ රාජකීය සේවයෙන් සහ තනතුරුවලින් මිදී, කැලිෆෝනියාවේ පදිංචියට ගොස් වසරකට වැඩි කාලයක් ගත වී ඇත. මේ පිළිබදව එලිසබෙත් රැජිණ ප්රමුඛ රාජකීය පවුලෙන් ලැබුණු ප්‍රතිචාරය යහපත් නොවීය. | හැරීගේ මව කවුද? | {
"answer_start": [
30
],
"text": [
"ඩයනා කුමරිය"
]
} |
4b6acb41-7e0d-48f6-a271-7cf093fbf3c5 | ඇතු පසු පස්සේම යන්නට විය. ඇතු බුදින පලවැල පමණක් ආහාරය කොට ගන්නේය. ඇතු දිය බොන දිය විල පමණක් දිය පවසට ගත්තේය. ඇතු ස්නානය කරන දිය විලෙහි දිය කඩහි පමණක් ස්නානයට තෝරාගනී. ඇතු වගේම ආලෝක ඇතුහාම දිවිගෙවමින් වන්නි වනාන්තරයේ සිවු වසරක්ම ගෙවී ගියේය. ඇතෙකුට පෙම්බැඳ ඇතෙකු සමඟ ජීවත් වන්නේ සාරුමාරු ලේකම් මුදියන්සේ ආලෝක කුමාරසිංහ යැයි කිසිවෙක් නොදන්නේය. කල්යත්ම පස්වැනි බුවනෙකබාහුගේ හදවතද රෝගී වූයේ ආලෝකට කළ පළිගැනීම පිළිබඳ වරද පැටවෙමිනි. ඔහු වනසන්නට රාජපුරුෂයන් යෙදූ රජුම ඔහුව සොයාගෙන එන්නට රාජ පුරුෂයන් යොදවන්නේ මේ අතරය. රාජ්‍ය බැඳීම්වලට වඩා ආත්ම බැඳීම ගැඹුරුය. එවන් ගැඹුරු බැඳීම වෛරයෙන් කෙළවර විය හැකිය. මරණයෙන් ලියවෙන්නටද හැකිය. එමෙන්ම සෙනහසින් යළි දළුලා වැඩි ඉමක් කොනක් නැති තරම් පැතිර යන්නට පුළුවන. ළතැවිල්ල පසුතැවිල්ල උග්‍ර වූයේය. රජුගේ පාලනය වියවුල් ගහණය. ඒත් රජුට තම හෘද කම්පනය කියන්නට කිසිවෙක් නැත. එක් දිනෙක රජුට සැලවූයේ ආලෝක කුමාරසිංහ ගම ගිනිබත් කරන දා ඔහු වෙල් ගොයමේ සැඟවී සිට පිළිස්සී මියගොස් ඇති බවය. මේ පුවත පස්වැනි බුවනෙකබාහු නිරිඳු ආත්මීයව ඔත්පල කළේය. ලක් රජ සිරිත හෙබවූ රජුන් මේ තරම් ආත්ම වියෝගධාරීන්ව සිටි වග අමතක කර දමා ඉතිහාස දේශපාලන ලේඛන වීමෙන් දේශපාලනයම මානව වියෝගයක් වී ඇත. පස්වැනි බුවනෙකබාහු රජතුමාගේ ජීවිතය මෙසේ ආත්ම වියෝගයෙන් බැඳී ගෙවී යන විට වන්නි වනාන්තරයේ අපූරු සිදුවීමක් සිදුවේ. | ඇතෙකුට පෙම්බැඳ ඇතෙකු සමඟ ජීවත් වන්නේ කුමක්ද? | {
"answer_start": [
278
],
"text": [
"සාරුමාරු ලේකම් මුදියන්සේ ආලෝක කුමාරසිංහ"
]
} |
1b97730b-53d3-4385-b24d-5242020c3a16 | බුදු සිරුර ආදාහනය කළ ස්ථානයේ මෙය නිමවා ඇත. අතීතයේ දී මෙය මකුට බන්ධන චෛත්‍යය ලෙස ද හඳුන්වන්නට ඇති බව විශ්වාස කෙරේ. මීට අමතරව ද්‍රෝණ බමුණා විසින් ශාරීරික ධාතු කොටස් අටකට බෙදූ තැන ද ස්තූපයන් කරවා තිබේ. එය අශෝක රජු කරවූ බව පැවසෙයි. හියුංසියෑං භික්ෂූන් වහන්සේට අනුව මහා කාශ්‍යප හිමි විසින් බුදුන් වන්දනා කළ ස්ථානයේ අශෝක රජු ශිලා ස්තම්භයක් සහ ලේඛනයක් කරවා ඇත. ආදාහන චෛත්‍යයට සමීපව තිබූ පාදමත් ජනරාල් කනිංහැම් මහතා සොයා ගෙන ඇති අතර එය කසුප් හිමි වන්දනා කළ ස්ථානය ලෙස පෙර හියුංසියෑං භික්ෂූන් වහන්සේ අර්ථ දැක් වූ ස්ථානය විය හැකිය. | ශාරීරික ධාතුන් කොටස් අටකට බෙදු තැන ස්ථුපයක් කලේ කුමන රජුද? | {
"answer_start": [
202
],
"text": [
"අශෝක රජු"
]
} |
0558d766-6517-4038-9c45-4ba21cc434cc | කෙසේ හෝ නකල්ස් වනපෙත් දුෂ්කරම තරණයට දින,සති,මාස බලා සිටි අපට නියමිත දිනය උදාවුණි. අප තිදෙනා මධ්‍යම රාත්‍රියේ කොළඹින් පිටත්ව පාන්දර 4 වන විට බඹරැල්ල ගමට ළඟා වූයේ සැලසුමේ පරිදි කුකුළන් අතින් අරගෙනම නකල්ස්කඳුවලට යන සංචරණ මාර්ගයේ යා යුතු බැවිනි. බඹරැල්ලේ සිට එම ස්ථානය කරාද යතුරුපැදි මගින් ගමන් කළ අපි ගමන පටන් ගතයුතු නියමිත ස්ථානය අසල යතුරුපැදි නවතා අඳුර වැටුණු කණිසමට නකල්ස් කඳු වෙත යන මාර්ගයේ ගමන් කළෙමු. පාන්දර 5 පමණ වනවිට නකල්ස් ඇල්ල ද පසු කරගත් අපි හිමිදිරි අරුණ වැටෙන විට එළිමහන් තැන්නේ ගමන් කෙරුවෙමු. බොහෝ පිරිසට නකල්ස් කඳු පහ පවා එක් දිනක දී තරණය කිරීමට නොහැකි වන නමුත් අපි මීට පෙර නකල්ස් කඳු පහ තරණය කළ බැවින් නොනැවතී වේගයෙන් ඉදිරියට ගමන් කෙරුවෙමු. | බඹරැල්ල ගමට ළඟා වූයේ කීයටද? | {
"answer_start": [
124
],
"text": [
"පාන්දර 4 වන විට"
]
} |
c7598f72-d2c8-440f-a603-916eb4e508ca | 2018 වසරේ තිරගත වූ හොලිවුඩ් චිත්‍රපට අතරින් වැඩිම ආදායමක් ඉපැයීමට ඇවේන්ජර්ස් චිත්‍රපට මාලාවේ ඉන්ෆිනිටි වෝර් චිත්‍රපටයට හැකියාව ලැබී තිබේ. ලොව පුරා තිරගත වෙමයින් ඇ. ඩො. බි. 2.048 ක ආදායමක් උපයා තිබේ. දෙවැනි තැන බ්ලැක් පැන්තර් සහ තෙවැනි තැන ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටය හිමිකර ගෙන තිබේ. | දෙවෙනියට වැඩිම ආදායමක් හිමි කරගත් චිත්‍රපටය කුමක්ද? | {
"answer_start": [
210
],
"text": [
"බ්ලැක් පැන්තර්"
]
} |
6e23be09-5261-47d3-bf50-653aaa31f4d1 | රුසියන් හමුදා ආක්‍රමණයට එරෙහිව මුහුණ දෙන යුක්රේනයට අවි ආයුධ ලබා දීම කඩිනම් කරනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ම්ලේච්ඡ යුද්ධය ප්රජාතන්ත්රවාදයට එරෙහිව ආරම්භ කළ යුද්ධයක් බවත්, යුක්රේනයට ආරක්ෂා වීමට සහාය දැක්වීම සැමවිටම සාමය අපේක්ෂා කරන ඇමෙරිකාවේ වගකීම බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. ජනාධිපති ජෝ බයිඩන්, යුක්රේනයට කඩිනමින් අවි ආයුධ ලබා දීමට පියවර ගෙන ඇත්තේ, දෙවැනි ලෝක යුද්ධයේදී ඇමෙරිකාව යුරෝපයේ මිත්‍ර පාර්ශ්වීය රටවලට ණය මුදල් සහ ආයුධ ලබා දීමට ඇති කරගත් පනතක් යවත්කාලීන කරමිනි. | රුසියන් හමුදා අකර්මන වලට එරෙහිව මුහුණ දෙන්නේ කව්රුන්ද | {
"answer_start": [
41
],
"text": [
"යුක්රේනයට"
]
} |
f281feba-3a3e-4d0e-b38b-2aed3a0742cc | අද දින අපි ඔබ වෙත ගෙන එන්නේ ගාලු කොටුවේ ඇති තවත් විස්මය උපදවන ස්ථානයක් පිළිබඳවයි. ඒ වනාහි ලන්දේසි රෙපරමාදු දේවස්ථානය හෙවත් කුරුස පල්ලියයි. ගාල්ල කොටුවේ නව දොරටුවෙන් ඇතුළු වූ පසු හමුවන හතරමං හන්දියෙන් වම්පසට වැටී ඇති මාර්ගයේ ඔස්සේ මීටර් 150ක් පමණ ගිය විට දකුණු පසින් මෙම ලන්දේසි රෙපරමුදු දේවස්ථානය දැකගත හැකි වේ. එහි ඉතිහාසය සොයායන විට පෙනීයන්නේ එයට වසර 267ක් තරම් වූ දීර්ඝ ඉතිහාසයක් පවතින බවයි. ලන්දේසි පාලන සමයේදී ගාල්ලේ කොමාන්දියුන්වරයා ලෙස කටයුතු කළ කැස්පාර් ඩී. යෝන්ග් මහතා විවාහ වුවද බොහෝ කලක් ගතවනතුරු දරු සුරතල් බැලීමට දෛවය විසින් ඔවුන්ට ඉඩලබාදී නොමැත. මෙයින් මහත් සිත්තැවුලට පත් ඔහුට බොහෝ කලකට පසු පියෙකු වීමේ වාසනාව උදාවිය. මෙයින් මහත් උද්දාමයට පත් ඔහු දෙවියන් වහන්සේට ස්තූති කරනු පිණිස තමන්ගේ වියදමින් මෙම රෙපරමාදු දේවස්ථානය කරවා ඇත. | ලන්දේසි රෙපරමාදු දේවස්ථානය හඳුන්වන අනෙක් නම කුමක්ද? | {
"answer_start": [
123
],
"text": [
"කුරුස පල්ලියයි"
]
} |
f505644f-5d07-4a08-bb72-3d7a93ce2d1c | මේ බළන්ගොඩ වියළි දේශගුණ කලාපයත් තෙත් කලාපයේ සිද්ද වෙච්ච දේම වියලි කලාපයේත් සිදුවී තිබෙනවා. ඒ සිද්ධ වෙච්ච ආකාරයෙන් අපිට පේනවා මේ මිනිස්සු ප්‍රාදේශීය වශයෙන් තිබිච්ච ආහාර සම්පත්වලට අනුවර්තනය වී තිබෙන බව. ඉළුක්කුඹුර ප්‍රදේශය ගත්තාම වැඩිපුර තියෙන්නේ දික්කැකුණ ඇට එතකොට සත්ව ආහාර විදියට කුඩා සත්තු මීමින්නෝ උණහපුළුවා වගේ සත්තු කුරුල්ලන් වැනි සතුන් තමයි දඩයම් කර තියෙන්නෙ. දැන් අපි මේ උඩුපියන් ගල්ගෙට ආවම ලොකු සතුන් මරනවාට වැඩිය ඒ ගොල්ලො වැඩි ප්‍රියමනාප භාවයක් දක්වලා තියෙන්නේ ගොළුබෙල්ලන් ආහාරයට ගන්න. මොකද මේ දිය කඩිතිවල ගස් ගොළුබෙල්ලො, මිරිදිය ගොළුබෙල්ලො ඕනෑතරම් ඉන්නව. මේ ගොල්ලන් දඩයම් කරනවාට වැඩිය ගොළුබෙල්ලන් කන්න රුචිකත්වයක් දක්වා තිබෙන්නේ පහසුවෙන් ලබාගන්න පුළුවන් නිසයි. මුවකු දඩයම් කරන්න ගියාම පස්සෙ එළවන්න ඕනෑ. උගුල් අටවන්න ඕනෑ. හරි කරදරයි. බෙල්ලාගේ ඇට නෑ බොහොම පහසුවෙන් ගලවා ඇවිත් පුළුස්සන් කන්න පුළුවන්. ප්‍රෝටීන ප්‍රමාණය වැඩියි. ඉතිං මේ ගොල්ලන් මෙහෙදි ඒකට රුචිකත්වයක් දක්වා තිබෙනවා | ඉලුක්කුඔුර ප්‍රදේශයේ වැඩිපුර තියෙන්නේ කුමන ඇටද ? | {
"answer_start": [
247
],
"text": [
"දික්කැකුණ ඇට"
]
} |
58421924-e968-4082-87d7-620afbb84d3a | ඇමේසන් වන මැද වෙසෙන ගෝත්‍ර අතරින් වැඩියෙන්ම ආක්‍රමණශීලී ගෝත්‍රය වන්නේ යනෝමාමිය. ඒ නිසාම ඔවුහු නිතරම පාහේ යාබද වෙසෙන ගෝත්‍රිකයන්ගේ ගම්මාන ආක්‍රමණය කරති. එම ගෝත්‍රයක පිරිමි ළමයින් සහ පිරිමින් අමු අමුවේ මරා දැමීම, ස්ත්‍රීන් දූෂණය කිරීම සහ රූමත් යුවතියන් තම ගෝත්‍රය කරා රැගෙන ඒම මෙම ආක්රමණවල දී සිදුකෙරේ. ඒ නැතත් යනෝමාලි පිරිමි අතිශයින් කලහකාරීය. තම ගෝත්‍රිකයන් සමගම ගැටුම් ඇති කර ගැනීම ද මොවුන්ගේ කැත පුරුද්දකි. බොහෝවිට මෙම කලහවලට පදනම වන්නේ ලිංගික ඊර්ෂ්‍යාවයි. කෙසේ හෝ මේ ගෝත්‍රයේ පිරිමින්ගේ මරණවලට හේතුව වන්නේ අපරාධය. හැම යනෝමාමි පිරිමියෙකුටම පාහේ කිසියම් ගැටුමකදී අනෙකෙකු අතින් මියයන්නට සිදුවන නිසාය. | කලහවලට පදනම කුමක්ද? | {
"answer_start": [
440
],
"text": [
"ලිංගික ඊර්ෂ්‍යාවයි"
]
} |
4ae0515b-bfde-42c4-b3ac-108046361f6b | මේ වසරේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ප්‍රදර්ශනය වන පළමු බොලිවුඩ් චිත්‍රපටය බවට ආදිත්‍ය රෝයි හා ඩිෂා පටානි රංගනයෙන් දායක වන මලාන්ග් චිත්‍රපටය පත්ව ඇත. පස්‍රගිය පෙබරවාරි 07 වැනිදා ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටය මේ වනවිට සැළකිය හැකි ආදායමක් උපයා ගන්නට අසමත්ව ඇත. ඉන්දීය රුපියල් කෝටි 21කින් තැනුණ මෙම චිත්‍රපටය තවමත් උපයාගෙන ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 7කටත් වඩා අඩු මුදලකි. මෙහි ඩිෂා හා ආදිත්‍යයට අමතරව අනිල් කපූර්, ඇලි අවුරාම්, කුනාල් කේමු වැනි නළුනිළියන්ද රංගනයෙන් දායක වී තිබේ. | මේ වසරේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ප්‍රදර්ශනය වන පළමු බොලිවුඩ් චිත්‍රපටය කුමක්ද? | {
"answer_start": [
122
],
"text": [
"මලාන්ග් චිත්‍රපටය"
]
} |
89ab589e-d3cb-4e90-9494-edd6bc4aae6f | දැවුම් චිතකයේ ගිනි නිවෙන්නට ද පෙර ඛේම මහ රහතන් වහන්සේ වම් දළදාව කාලිංග දේශයට රැගෙන ගියේය. එම දළදා වහන්සේ දන්න හේමමාලා යුවළ විසින් 5 වැනි සියවසේ කිත්සිරිමෙවන් රජ දවස මෙරටට වැඩමවන ලදී. වර්තමානයේ කන්ද උඩරට දළදා මාලිගයෙහි වැඩ වසන්නේ එම දන්ත ධාතූන් වහන්සේය. කාවන්තිස්ස රජ දවස ගිරි අභය කුමරු විසින් කරවන ලද සෝමාවතී දාගැබෙහි දකුණු දළදාව තැන්පත් කළ බව ධාතුවංශ කතුවරයා ගෙනහැර දක්වයි. කාවන්තිස්ස රජ සමයෙහි මහා දේව මහ තෙරුන්ගේ ශිෂ්‍යයෙක් වූ මහින්ද රහත් තෙරනුවන්ගේ නාග භවනයට ගොස් දකුණු දළදාව මෙරටට වැඩමවන ලද බව ධාතු වංශයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි. එනමුදු මෙම දකුණු දළදාව නාග ලෝකයෙන් නොව නාග්පූර් දේශයෙන් වැඩමවන ලද බවට මේ වන විට ඓතිහාසික තොරතුරු ඉදිරිපත් වෙයි. නාග්පූර් ආසන්නයේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පවුනි නම් දනව්වකි. එහි හින්දු කෝවිලක් ඉදිව පැවැති ගොඩැල්ලක් ආශ්‍රිතව ධර්මාශෝක අධිරාජයා කළ චෛත්‍යයක නටඹුන් හමු වූ බව වාර්තා වේ. | සෝමාවතී දාගැබේ තැම්පත් කර ඇත්තේ කුමන දළදා වහන්සේද? | {
"answer_start": [
318
],
"text": [
"දකුණු දළදාව"
]
} |
f7a9b30f-7e4b-488c-914c-18281e31f6b5 | විවියන් රිචඩ්ස් වාර්තා කිහිපයකටම හිමිකම් කියන්නෙකි. ප්‍රහාරක වේගය 150ට ඉක්මවමින් ශතකයක් වාර්තා කළ පළමු පිතිකරුවා ඔහුය. ටේස්ට් ඉතිහාසයේ වේගවත්ම ශතකයේ වාර්තාවද ඔහු සතුය. 1986දී පන්දු 56කින් ශතකය වාර්තා කරමින් ඔහු එම වාර්තාව පිහිටුවීය. එම වාර්තාව 2014දී පාකිස්තානයේ මිස්බා උල් හක් විසින් සම කරන ලද අතර බ්‍රෙන්ඩන් මැකලම් විසින් 2016දී පන්දු 54කින් ශතකයක් හිමිකර ගනිමින් එය බිඳ හෙළීය. එක්දින තරග 21කදී ලකුණු 1000 සීමාව පසුකළ වේගවත්ම ක්‍රීඩකයා ඔහුය. පසු කාලයේ කෙවින් පීටර්සන්, බාබර් අසාම්, ජොනතන් ට්‍රොට් හා ක්වින්ටින් ඩි කොක් විසින් සම කරන ලද අතර මෙතෙක් බිඳ හෙළා නොමැත. | පන්දු 56කින් ඔහු ශතකයක් වාර්තා කරේ කුමන වසරේදීද? | {
"answer_start": [
168
],
"text": [
"1986දී"
]
} |
024ff4ea-d7d4-41f7-a6b1-0f2d71c3e784 | භූ විද්‍යාත්මක සාධක අනුව එවක පැවැති භූමියෙන් විශාල ප්‍රමාණයක් මුහුදු පතුලේ සැඟව ගිය බවට සනාථ වී තිබේ. කුමාරි කන්දම්හි ඇතැම් කොටස් මීටර් 200ක් පමණ ගැඹුරු මුහුදේ ගිලී පවතින අතර ඇතැම් කොටස් මීටර 2000ක් පමණ ගැඹුරේ ඇති බවට අනුමාන කෙරේ. එතරම් ගැඹුරු නොවන ස්ථානවල ඇති සාධක අනුව ඒවායේ කුමන ජනවාර්ගිකයන් පිරිසක් වාසය කර ඇතිදැයි යන්න අනාවරණ කර ගැනීමට හැකි වෙතැයි පුරාවිද්‍යාඥයෝ පවසති. ඔස්ට්‍රේලියානු, අප්‍රිකානු, අන්දමන්, නිකොබාර් හා ලක්ෂද්වීප ගෝත්‍රික ජනයා දෙමළ බසට සමාන බසක් භාවිත කරන ලදැයි පැවසේ. වර්තමානයේ මැඩගස්කරයේ සහ අප්‍රිකාවේ ඇති ඇතැම් වෘක්ෂලතා සහ සතුන් ඉන්දියාවේ ඇති වෘක්ෂලතා හා සතුනට සමානකමක් දක්වයි. මෙම සාධක අනුව ඉන්දියාව සහ මැඩගස්කරය සම්බන්ධ කෙරෙන භූමියක් පැවැති බවට අනුමාන කළ හැකි යැයි පුරාවිද්‍යාඥයෝ පවසති. | ගිලී පවතින ඇතැම් කොටස් වලින් පරීක්ෂණ කරන්නේ කවුරුන්ද? | {
"answer_start": [
353
],
"text": [
"පුරාවිද්‍යාඥයෝ"
]
} |
3a0f9972-1023-43b8-b167-e7aabdc26bf2 | ප්ලොට් නැතහොත් දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය යනු වේළුපිල්ලේ ප්රභාකරන්ගේ එල්ටීටීඊ සංවිධානය සමග ඉන්දියාවේ චෙන්නායිවල වීදිවල පවා සටන් වැදීමෙන් පසු උමා මහේෂ්වරන්ගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබූ දෙමළ දේශපාලන සංවිධානයකි. වෘත්තියෙන් මිනින්දෝරුවකු වූ උමා මහේෂ්වරන් 1989 වසරේදී එල්ටීටීඊය විසින් කොළඹදී ඝාතනය කරනු ලැබීය. සමාජවාදී මතවාදයට වඩාත් අනුගත ව සිටි මහේෂ්වරන් එවකට ලංකාවේ තිබුණ අනෙකුත් බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානවල නායකත්වයට වඩා සාපේක්ෂව බෙහෙවින් වෙනස් නායකයෙක් විය. මෙම සිද්ධියෙන් වසර හතර පමණ පසු ප්ලොට් කණ්ඩායමේ නායකත්වයට පත් ඩී සිද්ධාර්ථන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වූ මෙම ප්ලොට් සාමාජිකයන් නිදහස් කර ගැනීම සඳහා විවෘතවම පෙනී සිටියේය. | උමා මහේෂ්වරන් යනු කව්ද? | {
"answer_start": [
228
],
"text": [
"මිනින්දෝරුවකු"
]
} |
692fd14c-589b-4de1-a885-626c6271da23 | මධුෂ් ඔසවා තබන්නේ මාධ්‍ය විසින් බවට ඇතැම්හු චෝදනා කරති. එහෙත් සැබවින්ම මධුෂ්ලා තනන්නේ කවුද? ඔවුන්ට රැකවරණය දෙන්නේ කවුද යන්න විමසා බැලීම වටින්නේය. මධුෂ් දැන් භාවිත කරමින් සිටින්නේ තමන්ට සමාජයෙන් හදා දුන් නමය. මුළුමහත් සමාජයක් විසින් දැවැන්තයෙක් ලෙස හදා දුන් පාතාලයේ නමය. ඒ නම භාවිත කරමින් ඔහු ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගනිමින් සිටී. මාකඳුරේ මධුෂ් යනු මංකොල්ල කෑම, කප්පම් ගැනීම, කුලියට මිනී මැරීම හා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සිය ජීවන වෘත්තිය කරගත් අයෙකි. ඒ සඳහා ඔහුට උදව් කළ දේශපාලනඥයින් කීප දෙනෙක්ද වේ. මේ අතර කලකට පෙර එක් පක්ෂයක් නියෝජනය කළද අද වෙනවිට රටේ ප්‍රධානතම පක්ෂ දෙක නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයින් දෙදෙනෙක්ද වේ. මධුෂ්ට රටින් පැන ගැනීමට මේ දේශපාලනඥයින් උදව් කර ඇති බවටද තොරතුරු තිබේ. එසේම මධුෂ්ගේ මුදල්වලින් ඔවුන් මැතිවරණ කාලයන්හිදී ප්රචාරක වියදම් දැරූ බවටද මාතර ජනතාව අතර මතයක් පවතී. | ඔවුන් අද වන විට නියෝජනය කරන්නේ කුමන පක්ෂ ද ? | {
"answer_start": [
556
],
"text": [
"රටේ ප්‍රධානතම පක්ෂ දෙක"
]
} |
8ba108ae-1711-4cab-9801-42a44ebfc748 | මේ වනවිට රෝගාතුරව සිටින ජනප්‍රිය හින්දි සිනමා නළු රිෂි කපූර් සමගින් උදාවු 2019 වසර සැමරීමට රිෂි කපූර්ගේ පවුලේ සාමාජිකයන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට ගොස් ඇතැයි වාර්තා වේ. රන්බීර් සමගින් රිෂී කපූර් බැලීමට ඔහුගේ වර්තමාන පෙම්වතිය වන ආලියා භාට්ද එක්ව සිටිම විශේෂත්වයකි. එමෙන්ම රිෂිගේ බිරිඳ නෙතු මෙන්ම දියණිය රිද්මා කපූර්ද, රිෂි සමගින් නව වසර සැමරිමට එක්ව සිටි බව සඳහන් වේ. වාර්තා වන අන්දමට ආලියා හා රන්බිර් තවත් දින කිහිපයක් නිව්යෝර්ක් නගරයේ රැඳි සිටිමට බලාපොරොත්තුවෙන් සිටින බවද දැන ගැනීමට ලැබේ. | රිෂි කපූර්ගේ පවුලේ සාමාජිකයන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට ගොස් ඇත්තේ කුමක් සදහාද? | {
"answer_start": [
68
],
"text": [
"උදාවු 2019 වසර සැමරීමට"
]
} |
79a4e3f8-df33-4521-985b-0be1125d261e | ඉස්සර කාලයේ නම් ජන්ම එරාෂ්ටකයෙන් උපදින බොහෝ දරුවෝ උපතේදීම මිය ගියහ. සමහර විට මවත් ඒ සමඟම මිය ගියාය. එම දරු උපත මවටත් දරුවාටත් බොහෝ වේදනාකාරීය. එහෙත් දැන් වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා එවැනි අවස්ථාවලදී ශල්‍යකර්මයකින් උපත සිදුකරනු ලැබේ. අවදානම් අවස්ථාවෙන් දෙදෙනාම බේරා ගනු ලැබේ. ලග්න ඒරාෂ්ටකය යනු සෙනසුරු දොළොස් වැන්නේත් ලග්නයේත් දෙවැන්නේත් ගත කරන අවුරුදු 7 1/2 ක කාලයයි. සාමාන්‍යයෙන් මෙය ඡන්ම ඒරාෂ්ටකය තරම් බලවත් නොවේ. සමහර කෙනකුට මෙම අපලය තදින් බලපෑවත් තවත් කෙනකුට ලොකු අපලයක් ඇති නොකෙරේ. ඒ ග්‍රහයින් ගේ පිහිටීම අනුවය. අෂ්ටම ඒරාෂ්ටකය යනු අටට ශනිගේ පැමිණීමයි. එය අවුරුදු 2 1/2 කි. ශනි, හතේ සිටින අවුරුදු 2 1/2ත් නවයේ සිටින අවුරුදු 2 1/2ත් සාමාන්‍යයෙන් අපල නොයෙදේ. | ශල්‍යකර්මයකින් උපත සිදුකරන්නේ කුමක් නිසාද? | {
"answer_start": [
154
],
"text": [
"වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා"
]
} |
9ba7a298-9daa-4f78-9b71-3c2bd19e1dd1 | සාපේක්ෂව බලන කළ යාරිව් යනු අවධානයට ලක් නොවී පසුබිමේ සිටි පුද්ගලයෙකි. දින හයේ යුද්ධයේදී අමාන් හි ප්‍රධානියා වශයෙන් විශාල කර්තව්‍යයක් ඉටු කළද, ඔහු වැඩි වශයෙන් අගය කිරීමට ලක්වූයේ ඔහුගේ උගත් බව හා විශ්ලේෂණාත්මක මනස නිසා ය. ඔහුට තිබුණු සංවර මහත්මා පෙනුමත්, මෘදු හැසිරීම් රටාවත් නිසා ඔහු අතිදක්ෂ ඔත්තුකරුවෙකුට වඩා බහුශ්‍රැත මහාචාර්යවරයෙකු ලෙස දිස් විය. සමීර් හා යාරිව් යන දෙදෙනා හට පැවරුණු බලතල හමුවේ එකිනෙකා සමඟ දැඩි සතුරු බවක් තිබිය යුතු වුවත් මේ දෙදෙනා ඉතා සහයෝගයෙන් වැඩ කරමින් හොඳ මිත්‍රත්වයක්ද පවත්වාගෙන ගියහ. නිහඬ බව, ලැජ්ජාශීලී බව, තනිව වැඩ කිරීමට කැමැත්ත ආදිය දෙදෙනා තුළම දැකිය හැකි වූ පොදු ගතිගුණ විය. අවධානය ලැබීමට දැඩි අකමැත්තක් පෙන්වූ මේ දෙපළ ඒ ඔක්තෝබර් සැන්දෑවේදී අගමැතිනිය වෙත ඉදිරිපත් කළ අදහස් ඔවුන් මෙතෙක් පෙන්වූ ස්වභාවය හා ගතිගුණවලට ප්‍රතිවිරුද්ධ විය. ඔවුනට ඇවැසි වූයේ මියුනිච් ඝාතනවලට හේතු වූ ත්රස්තයන් සියලු දෙනා සොයාගෙන ඝාතනය කිරීමයි. මියුනිච් සිද්ධියෙන් පසු මේ දෙදෙනා ඉතා උනන්දුවෙන් වැඩ කරමින් කළු සැප්තැම්බරය ගැන බොහෝ බුද්ධි තොරතුරු ලබාගැනීමට දක්ෂ වූහ. ඔවුහු ගෝල්ඩා හමුවට පැමිණ තිබුණේ සොයාගත් සාක්ෂිද ඇතිව, එම ත්රස්තයන් ඉදිරියේදී ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙන බවත් කියමිනි. ඔවුන් සොයාගෙන තිබුණු ආකාරයට මෙම කණ්ඩායම ඊශ්‍රායලයේ හමුදා භටයින්, කාන්තාවන් හා ළමුන් ඇතුළු සිවිල් වැසියන් පවා අත් නොහරිමින් හැකි තරම් යුදෙව්වන් ඝාතනය කිරීමට දිවුරා සිටි අයයි. ඒ නිසා ඔවුන් නැවතීමට ගතහැකි හොඳම ක්‍රියාමාර්ගය වූයේ මෙම දරුණු සංවිධානයේ නායකයන් සොයා ඔවුන් එකාට පසු එකා වශයෙන් මරා දැමීමයි. | යාරිව්ගේ අනිත් සගයා කවුරුන්ද? | {
"answer_start": [
347
],
"text": [
"සමීර්"
]
} |
beda57e4-898e-4ebc-927a-6f252561c536 | 1752දී ඉදිකරන ලද මෙම සුවිසල් දේවස්ථානයේ සැලසුම් ශිල්පියා වූයේ එවකට සිටි ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ හා නැව් තනන්නන්ගේ පරීක්ෂකවරයා ලෙස කටයුතු කල ඒබ්‍රහම් අන්තෝනිස් මහතාය. මෙහි පාදම කුරුසයක හැඩයක් ගත් නිසා “කුරුස පල්ලිය” යන නාමයද එකල මේ සඳහා භාවිතවී තිබේ. ලෝකයම විස්මයට පත්කරන්නාවූ ගාලු කොටුවේ විස්මය තවත් වැඩිකරන ස්ථානයක් ලෙස මෙම ලන්දේසි රෙපරමාදු දේවස්ථානය හැඳින්විය හැකිය. එසේ හැඳින්වීමට සුදුසු අපූර්වතම අංග රාශියක් මෙම දේවස්ථානයේ හා එය අයත් භූමියේ කැටිව පවතී. දැවැන්ත දැවමය දොරටුවෙන් දේවස්ථානයට පිවිසෙන ඔබ පය තබන්නේ ඉංග්‍රීසි අකුරු හා විවිධ රූප කොටා ඇති ගල්පුවරු ඇල්ලූ ගෙබිමකටය. එම අකුරු ඉංග්‍රීසි වුවද එම අකුරු එකට ගලපා එහි අන්තර්ගත විස්තර තේරුම් ගැනීමට උත්සහ කළද ඔබට එය නොහැකි වනු ඇත. එයට හේතුව ඒවා ලියා ඇත්තේ එකල ලන්දේසි භාෂාවෙන් වීමය. | ගල්පුවරු ඇල්ලූ ගෙබිමේ අන්තර්ගත විස්තර ලියා ඇත්තේ කිනම් භාෂාවකින්ද? | {
"answer_start": [
712
],
"text": [
"ලන්දේසි භාෂාවෙන්"
]
} |
6c1d3480-c44a-11ed-bd2f-2a0b0c1a3dcf | වර්ෂ 1996 දී ඩොලී නම් බැටළුවා ක්ලෝනකරණයට ලක්කළ තාක්ෂණයම යොදාගනිමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට වඳුරන් දෙදෙනකු සාර්ථකව ක්ලෝනකරණය කිරීමට චීන විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇත. එකිනෙකාට සෑම අතින්ම සර්වසම ලක්ෂණ පෙන්වන සොන් සොන් හා හුවා හුවා යන නම් වලින් හඳුන්වන මෙම සතුන් දෙදෙනා මීට සති කිහිපයකට පෙර චීනයේ විද්‍යාගාරයක උපත ලැබූ බව මාධ්‍ය වාර්තා කර ඇත. මිනිසුන්ට වැළඳෙන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ජානමය අතින් සර්වසම මෙවැනි වානර ගහනයන් යොදාගත හැකිබව විද්‍යාඥයෝ පවසති. ජානමය පදනමක් සහිත පිලිකා, පරිවෘත්තීය රෝග සහ ප්‍රතිශක්තිය ආශ්රිත රෝග සම්බන්ධයෙන් මෙලෙස ක්ලොනකරණයට ලක්කළ වඳුරන් යොදාගෙන අධ්‍යයන කළහැකි බව ඔවුහු පෙන්වා දෙති. | මෙම සතුන් දෙදෙනා උපත ලැබුවේ කොහේදීද? | {
"answer_start": [
286
],
"text": [
"චීනයේ විද්‍යාගාරයක"
]
} |
dfdbdecf-f115-423e-b212-15cd162b1ffb | වසර පහකට හයකට පමණ පෙර මෙලෙස සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ සම්බන්ධ කරගත් දෙතුන් සීයක පිරිසක් සමග කුඩා ශාලාවල හෝ එළිමහන් භූමිවල මේ සාද පැවැත්විණ. රාජගිරිය ප්‍රදේශයේ 2013 ඔක්තෝබර්වල පැවැති සාදය මේ ෆේස්බුක් සාද සමාජයට නිරාවරණය වූ පළමු අවස්ථාවයි. ඉන්පසුව 2014 නොවැම්බර් 08 වැනිදා පැවති සාදයක් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් විසින් වටලා මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ. 2016 දෙසැම්බර් 03 හා 04 දිනවල දී ජා ඇළ-උදම්මිට ප්‍රදේශයේ පැවති සාදයක දී සංවිධායකයන්ට පාලනය කළ නොහැකි වූ තරුණ පිරිසක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් ඉදිරිපත් වූ පැමිණිලි හමුවේ ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කරනු ලැබිණ. | සුරාබදු මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබ්බේ කවුද? | {
"answer_start": [
340
],
"text": [
"මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයන්"
]
} |
256fbbfe-10d1-462e-8375-5db9b3338f73 | සමන් දෙවි අඩවිය සැබැවින්ම ගුප්තය. ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් වයස් භේද නොතකා උඩ මළුවට නගින්නේ උත්තම සිරි පතුල දැක ගැනීමටය. නමුත් ඒ කිසිවෙකුත් අවාරේ සිරිපා යාමක් ගැන සිතාවත් නොමැත. එසේම අවාරේ යාම ප්‍රායෝගිකව අනතුරුදායක බව අපි දුටුවෙමු. මන්ද සෑම සවස්වරුවකම පාහේ මහගිරිදඹ ආශ්රිත මීටර 2000ට වැඩි ඉහළ වැහිබර කාල ගුණයෙන් සමන්විතය. හැටන් පාරේ වේවා පලාබද්දල රජමාවතේ වේවා අධික වර්ෂා සහිත කාලයේදී පඩිපෙළ් දිස්වන්නේ දියඇලි විලසිනි. වැසි ජලය මහ පරිමාණයෙන් පඩි දිගේ පහළට ගලායන අතර ප්‍රදේශයට හිරු එළිය වැටෙන්නට නොදී ඝන මීදුමකින් හා අඳුරු වලාකුළු මතින් වෙළාගන්නේ සවස 3 පසුවත්මය. | සිරිපා යාම ප්‍රායෝගිකව අනතුරුදායක කිනම් කාලයේද? | {
"answer_start": [
189
],
"text": [
"අවාරේ"
]
} |
7d462986-f553-46bc-a823-42d2f5b6c424 | පසුගිය අගෝස්තු හතර වැනිදා සවස 6.08 ට ලෙබනනයේ බේරූට් නුවර වරායේ සිදුවුණු එම බිහිසුණු පිපිරුමෙන් කිලෝ මීටර් 5 ක් දුරින් වූ සියල්ල විනාශ විය. කිලෝ මීටර් 15 ක් දුරට පිපිරුමේ කම්පන තරංග ඇදී ගියේය. කිලෝ මීටර් 200 ක් දුරින් මධ්‍යධරණී මුහුදේ පිහිටි සයිප්‍රස් දූපතද දෙදරුම් කෑවේය. බේරූට් නුවර නිවාස ලක්ෂ 3 කට හානි විය. සිදුවුණු හානිය ඇමෙරිකන් ඩොලර් බිලියන 15 ක් බව පසුව තහවුරු විය. 150 කට ආසන්න පිරිසක් මරුමුවට පත් වූහ. තුවාල ලැබූ ගණන 4,000 කි. ගින්න නිවීමට ගිය සාරා ඇතුළු ගිනි භටයන් 10 දෙනාත්, ඔවුන්ගේ සහායට සිටි වරාය නිලධාරීන් ද අතුරුදන් වූවන් ලෙස සැලකිණි. ඔවුන්ගේ සිරුරු කොටස් සොයා පිරිස හඳුනා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. | බේරූට් නුවර පිපිරුම සිදු වූයේ කීයටද? | {
"answer_start": [
26
],
"text": [
"සවස 6.08 ට"
]
} |
37d44a38-5682-4933-a66b-d3deca977ddf | මියගිය පිරිස අතර ජෙරනිමෝ ෆර්ඩිනැන්ඩස් නමැති පෘතුගීසි පූජකවරයෙකු හා විශ්‍රාමික පාතුගීසී කපිතාන්වරු 08 ක් ද සිටි බව කියැවේ. අසවේදු යලි මල්වානට එද්දී බළකොටුවෙන් කොටසක් දැවී අළු වී ගොස් තිබිණි. පසුව ඔහු මහත් පරිශ්‍රමයක් දරා බළකොටුව යළිත් ප්‍රතිසංස්කරණය කළේය. මෙම ප්‍රහාරයෙන් පසුව මල්වානේ රජු විසින් බළකොටුවේ හා තමාගේ ආරක්ෂාව සඳහා වැඩි අවධානයක් යොමු කළේය. බළකොටුවේ ආරක්ෂාව සඳහා යොදන ආරක්ෂක සෙබළුන් සංඛ්‍යාවද වැඩි කෙළ්ය. බළෙකාටුවට නුදුරින් රෝසපානි ගල්තලාව මත සිට ආරක්ෂකයින් රැසක් රජුගේ මාලිගාවට ආරක්ෂාව සැපයීය. එම ගල් තලාවට බළකොටුවත් මාලිගයත් හොඳින් දර්ශනය වූ අතර අසවේදුගේ නියෝගය මත රෝසපානි ගල්තලා මත පහනක් දල්වන ලදි. එම පහන නිවෙන්නට නොදී අඛණ්ඩව දැල්විය යුතු වූ අතර පහන නිවී තිබීම තම ආරක්ෂාවට හා තම ජීවිතයට බරපතළ අවදානමක් ඇති වන බව අසවේදු විශ්වාස කළේය. මාලිගාවේ ජනේලයෙන් නිතරම එම පහන දැල් වී ඇති දැයි රාත්‍රියට අසවේදු නිරික්ෂණය කළේය. එම පහන නිවී තිබීම ආරක්ෂකයින්ගේ ජීවිතය අහිමිවීමට හේතු වන බව සැලකුණු නිසා එකල රෝසපානි ගල මත රාත්‍රියට අඛණ්ඩව පහන දැල්වෙමින් පැවැති බවද කියැවේ. | අසවේදු යලි මල්වානට එද්දි දැවී අළු වී ගොස් තිබුනේ මොකක්ද | {
"answer_start": [
147
],
"text": [
"බළකොටුවෙන් කොටසක්"
]
} |
7de23022-d2db-42f5-bc82-91f36b727194 | මාලනී හැත්තෑ එක් වැනි වියේ පසුවූ වයෝවෘද්ධ කාන්තාවකි. ඇය වසර ගණනාවක් සිට ජීවත් වෙන්නේ තනිවමය. ඇගේ සැමියාගේ මරණයෙන් පසු ඇයට මෙසේ තනිවන්නට සිදුව තිබේ. මාලනීගේ සැමියා ධනවත් ව්‍යාපාරිකයෙකි. මේ දෙපළට දරුවන් තිදෙනෙක් සිටිය ද ඔවුන් සියලු දෙනා වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වූ අතර විදේශගතව ජීවත් වෙති. ඒනිසා මාලනීගේ සැමියාගේ මරණයෙන් පසු ඔවුන්ගේ දේපළ රැකබලාගන්නට කෙනෙක් නොමැති වූයෙන් ජීවත් වූ නිවස සහිත ඉඩම හැර අනෙක් සියල්ල විකුණා දැමීමට මාලනී කටයුතු කළාය. දේපළ විකුණා ලද ආදායම බැංකුවේ තැන්පත් කර ලැබෙන පොලියෙන් ඇය ජීවත් වූවාය. ඇගේ තනි නොතනියට හා නිවසේ ආරක්ෂාවට මුරකරුවකු බඳවා ගත්තාය. ඔහු කාලයක් තිස්සේ මාලනි සහ සැමියා හඳුනන කෙනෙක් වූ නිසා මාලනී ගැන හොඳින් සොයා බැලුවේය. | මාලනීට සිටි දරුවන් සංඛ්‍යාව කීයද? | {
"answer_start": [
201
],
"text": [
"තිදෙනෙක්"
]
} |
fab6bcf9-129f-42f8-88f5-2bf7b954b87e | වේලාව රාත්‍රී එකොළහ පසු වී ඇත. මම ඇයව යතුරු පැදි ලාම්පුවෙන් මාගේ පෙම්වතිය බව හඳුනා ගත්තෙමි. එතැන් සිට ඇයගේ නිවසට කිලෝමීටරයක පමණ දුරක් ගෙවා යා යුතුය. කුඹුරු යාය කෙළවරේ ඇයගේ නිවස පිහිටා ඇත. මම යතුරු පැදිය නතර කර ඇයට දෝෂාරෝපණ ස්වරූපයෙන් මේ මහ රෑ තට්ට තනියම ගෙයක් දොරක් නැති වෙල් යාය කෙළවරට ආවේ ඇයි දැයි විමසීමි. ඇය වචනයකුද කතා නොකළ අතර හඬන්න පටන් ගත්තාය. මම ඇයව අස්වසාලූ අතර කිසියම් කරදයක් නිවෙස් හිමියන් විසින් ඇයට සිදු කර ඇතැයි වැටහී ගිය හෙයින් යතුරු පැදියට නංවාගෙන නිවස අසලට ඒමට පිටත් වීමි. එන අතර මඟ දී ද ඇය කතා නොකළ අතර සිදු කළේ හැඬීම පමණි. | ඇයව යතුරු පැදියට නංවාගෙන නිවසට පැමිණෙනතෙක් ඇය සිදුකලේ කුමක්ද? | {
"answer_start": [
531
],
"text": [
"හැඬීම පමණි"
]
} |
30175386-4833-44f7-a84d-4e3f896b913e | කොළඹ ගැන කතා නොකර කුඩු ගැන කතා කරන්නැයි කිසිවෙකු අභියෝග කළහොත් කිසිවෙකුට එය කළ නොහැකි වනු ඇත. කුඩු හා කොළඹ එකට බැඳී සිටින මවක හා දරුවෙකු බඳුය. කුඩුවලට උපත දෙන්නේ කොළඹය. කුඩු ජාවාරමුන් හදා වඩා ගන්නේ කොළඹය. ඔවුන්ගේ අධිකාරී බලය තිබෙන්නේ කොළඹය. තමන්ට අවශ්‍ය ලෙස හසුරුවා ගත් ඇතැම් පොලිස් නිලධාරීන්ගෙන් ලැබෙන සහයෝගය නිසා කුඩුකාරයින්ට සැඟවීමට හැකි හොඳම තැනද කොළඹ නගරය බවට පත්ව තිබේ. කුඩු තිප්පොළ බවට කොළඹ පත්වෙද්දී එහි කිරුළ තමන් සතු කර ගැනීමට කුඩුකාරයෝ දැඩි සටනක නියැලෙන්නේ එකිනෙකා මරාගනිමිනි. විවෘත ආර්ථිකය ඇති කිරීමට පෙර අපේ රටේ මත්ද්‍රව්‍යයක් ලෙස මැත්පැන් භාවිතයෙන් එහාට යමක් භාවිත වුණා නම් ඒ සුරුට්ටු, ගංජා හෝ වෙනත් මත්වෙන ගුලි විශේෂයක් පමණි. එහෙත් එයින් පසුව රටට ගලා ආ අසීමිත වෙෙළඳ භාණ්ඩ හා විවිධ සංස්කෘතීන්, විවිධ සදාචාරයන්, විවිධ මතවාදයන් සමග මුදල් ඉපයීමේ නීත්‍යානුකූල හා නීත්‍යානුකූල නොවන ක්‍රමවේද සමග විවිධ වර්ගයේ මත්කුඩුවලටද ඉඩකඩ විවර විය. | කුඩු වලට උපත දෙන්නෙ කොහෙද? | {
"answer_start": [
0
],
"text": [
"කොළඹ"
]
} |
6851cd18-241f-4c84-accf-bf0ebc5ad9ee | ලෝකයේ ඉතා ශක්තිමත් කාබනික මැලියම් වර්ගය නිපදවන්නේ බෙලිඇණය නමින් හැඳින්වෙන මුහුදු බෙල්ලන් බව පර්යේෂකයෝ කියති. මෙතෙක් ලෝකයේ මැලියම් ලෙස භාවිතා කළ සියළුම ශාක ශ්‍රාවයන්ට වඩා බෙලිඇණයන් විසින් නිකුත් කරන ශ්‍රාවය ඇළෙන සුළු ස්වභාවය වැඩි බව ඔවුහු පෙන්වාදෙති. බොහෝ ශාක මැලියම් වර්ග ජලයට දැමූ විට දියවෙන අතර ඇලවූවාට පසු යළි ගැලවීමේ හෙවත් ප්‍රත්‍යාවර්තී බවකින් ද යුක්තය. එමෙන් ම ජලය තුළ දී කෘත්‍රීම මැලිම් වර්ග වලට ද ක්‍රියාත්මක වීමට හැකියාවක් නැත. විද්‍යාඥයන් පවසන්නේ ජලයේ දී ඇලීමේ හැකියාව ඇති ස්වභාවික ද්‍රව්‍ය ද ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් බවයි. රුධිරය ඊට නිදසුනකි. ජලයේ දී කැටි ගැසෙන රුධිරයට අමතරව ඒ හැකියාව ඇත්තේ බෙලිඇණයන්ගේ ශ්රාවයේය. | ජලයේදී ඇලීමේ හැකියාව ඇති ස්වභාවික ද්‍රව්‍යයක් නම් කරන්න | {
"answer_start": [
542
],
"text": [
"රුධිරය"
]
} |
6c1ce999-c44a-11ed-bd2f-2a0b0c1a3dcf | එම නිසා එම තත්වය බොහෝ විට ඇල්ෂෙයිමර් ඩිමෙන්ෂියා තත්වය ලෙස වැරදි ලෙස නිගමනය කළ අවස්ථාද කොතෙකුත් තිබේ. ඇල්ෂෙයිමර් ඩිමෙන්ෂියා තත්ත්වය ඩිමෙන්ෂියා රෝග අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වය වන අතර එහිදී කෙටි කාලීන මතකය ගිලිහී යාම හේතුවෙන් දෛනික කාර්යයන් නිසි පරිදි ඉටු කර ගැනීමට නොහැකි තත්වයක් ඇතිවේ. අමතක වීමේ රෝගය ලෙස ඩිමෙන්ෂියා රෝග තත්වයන් බොහෝ විට හඳුන්වන්නේ ඩිමෙන්ෂියා රෝගී තත්ත්ව අතරින් බහුලව දැකිය හැක්කේ මෙම ඇල්ෂෙයිමර් වන බැවිනි. දැනට ඩිමෙන්ෂියා රෝග විනිශ්චය කරනු ලබන්නේ රෝග ලක්ෂණ සහ මානසික හැකියාවන් තක්සේරු කිරීම මතය. මොලයේ සෛලවල සිදුවන වෙනස්කම් හේතුවෙන් හටගන්නා ඩිමෙන්ෂියාව, දෘෂ්ටි විතානයේ ඇති සංවේදී සෛල පරීක්ෂාවෙන් කල්තියාම හඳුනා ගත හැකිය. | ඇල්ෂෙයිමර් ඩිමෙන්ෂියා තත්ත්වය කුමන රෝග අතර බහුලව දක්නට ලැබේද? | {
"answer_start": [
131
],
"text": [
"ඩිමෙන්ෂියා රෝග අතර"
]
} |
819a9ed0-43c2-4726-85bf-bef2f9ebfa09 | සාමාන්‍යයෙන් සෑම වසරකම ජනවාරි මාසය දැඩි සීත කාලගුණයකින් යුක්ත අතර කසක්සාත වැසියේ නිවෙස්වල තම පවුලේ සාමාජිකයන් සමඟ නිවාඩු ගත කරති. රටේ පවතින්නේ සාමකාමී තත්ත්වයකි. කෙසේ නමුත්, මෙවර එය සම්පූර්ණයෙන් වෙනස් ස්වරූපයක් ගත්තේය. විරෝධතා ආරම්භ වූයේ පසුගිය දෙවැනිදාය. ඒ, රජය එල්.පී. ගෑස් මිල තීරණය කිරීම වෙළෙඳ පොළට පවරා දීමට තීරණය කිරීමත් ඒ අනුව, ගෑස් මිල ඉහළ ගියේය. කසක්ස්තානයේ එල්.පී. ගෑස් ඉතා අඩුව පැවතීම නිසා එරට බොහෝ මෝටර් රථ හිමියන් තම වාහන භාවිත කළ හැකි පරිදි වෙනස්කර තිබුණි. ඉන්ධන මිල සංශෝධන ජනතාව අතරේ දැඩි කෝපයට හේතුවක් විය. | ජනතාව දැඩි කෝපයට පත්වූයේ කුමක මිල ඉහල යාම නිසාද? | {
"answer_start": [
471
],
"text": [
"ඉන්ධන"
]
} |
5c272139-365f-4791-9a8e-bf77ae1323b8 | 2018 වසරේ ආනන්ද් එල් රායි අධ්‍යක්ෂණය කළ සීරේ චිත්‍රපටයෙන් පසුව මේ දක්වා බොලිවුඩ් චිත්‍රපටයක දකින්නට නොලැබුණ සුපිරි සිනමා නළු ෂාරුක් ඛාන් මේ වසරේදී චිත්‍රපට කිහිපයක් හරහා නැවත වරක් බොලිවුඩ් සිනමාවට පිවිසිමේ සූදානමකින් සිටියි. එමෙන්ම මේ දිනවල අතිශය කාර්යබහුල නළුවෙකු බවට පත්ව සිටින ෂාරුක් චිත්‍රපට දෙකක රූපගත කිරිම් එකදිගට සිදු කරමින් සිටින බව සඳහන් වෙයි. ඒ ඇට්ලි කුමාර්ගේ අලුත්ම චිත්‍රපටයේ හා රාජ්කුමාර් හිරුණිගේ ඩන්කි චිත්‍රපටයේය. ෂාරුක් සිය කාලය ඉතුරු කරගැනිමේ අරමුණින් මෙම රූපගත කිරිම් ස්ථාන දෙකම කිලෝ මිටර් කිහිපයක කවයක් තුළද සිදු කරමින්ද සිටියි. | ඩන්කි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ කවුද? | {
"answer_start": [
392
],
"text": [
"රාජ්කුමාර් හිරුණිගේ"
]
} |
f8e78edf-c4af-4c91-95e0-c5f04fc44b30 | සෙල්වි ඝාතනයේ පළිය පූකුඩුඛන්නාගෙන් හා කෙනඩිගෙන් ගන්නට බලාසිටි ශිරාන්ට එය සපුරා ගැනීමට නොහැකි වූයේ කෙනඩි අත්අඩංගුවට පත්වීමෙන් පසු ඛන්නා ද ප්‍රදේශය හැරගොස් සිටි බැවිනි. ඒ නිසා ශිරාන් අවසානයේ ඒ පළිය ගැනීමට මල්ලිලා සූදානම් කළේය. ඒ සඳහා මල්ලිලා අපරාධවලට යොමු කළ යුතුව ඇත. ඔවුන් අපරාධ හෝඩියේ අකුරු කළ යුතුව ඇත. ඒ අනුව කංජිපානිගේ මෙහෙයවීමෙන් මාකඳුරේ මධූෂ්ගේ මැදිහත්වීමෙන් සිදුකළ කොස්මල්ලීගේ ඝාතනයේ එක් අවස්ථාවකට මල්ලිලා සම්බන්ධ කිරීමට ශිරාන්ට අවස්ථාව ලැබිණ. ඉම්රාන්ගේ ඉල්ලීම පරිදි අඟුණකොළපැලැස්සේ දී ඝාතනය කරන ලද කොස්මල්ලිගේ හිස අලුත්කඩේට ගෙනගොස් දැමීම ශිරාන්ගේ මල්ලිලා දෙදෙනා නැතහොත් කුඩු සෙල්විගේ බාල පුතුන් වූ පලනි රිමෝෂන්ට හා පලනි කෙනින්ස්ටන්ට භාර විය. | ශිරාන් විසින් සෙල්වි ඝාතනයේ පළිය ගන්නට සිටින්නේ කාගෙන්ද? | {
"answer_start": [
19
],
"text": [
"පූකුඩුඛන්නාගෙන් හා කෙනඩිගෙන්"
]
} |
c0c0dd30-5e0e-4019-98f3-21efa7daabc3 | ජ්‍යොතිශ් ශාස්ත්රයේ ඉතාම ප්‍රයෝජනවත් වූද ක්‍රියාත්මක වූද වැදගත්ම කොටසක් ලෙස නැකැත් සකස්කර ගැනීම සඳහන් වෙයි. එසේම එය ඉතාම ගැඹුරු වූද අමාරුම වූද කාර්යයකි. නැකැත් සකස් කිරීම පිළිබඳව හෝරා හරණය, මුහුර්ත චින්තාමණිය, සර්වාර්ථ චින්තාමණි වැනි ජ්‍යොතිෂ ග්රන්ථයන්හි බොහෝ විස්තර සඳහන් කර තිබේ. එක් එක් ග්‍රහයින් යහපත් තැන්වල සිටින වේලාවම යමක් කළොත් හොඳ ප්‍රතිඵල ලැබීම ජ්‍යොතිෂ නියාමය වෙයි. ඒ හොඳ සුබ වේලාවල්වලට නැකැත් යනුවෙන් ව්‍යවහාර කෙරේ. නැකැත යනු එම අවස්ථාවට චන්ද්‍රයා හෙවත් සඳු සිටින ස්ථානයයි. නැකැත ඇසට නොපෙනෙන නිසා චන්ද්‍රයා මුල් කරගෙන වැඩ කිරීමට සිදුවෙයි. එම නිසා හොඳ හෝ වේවා නරක හෝ වේවා නැකැත් සාදා ගැනීමට චන්ද්‍රයාම මුල් කරගත යුතුවෙයි. චන්ද්‍රයාගේ පැවැත්ම ඇත්තේ සුර්යයා හෙවත් හිරැ නිසා බැවින් හිරු සඳු දෙදෙනා නැකැත් සෑදීමේදී අන්‍ය ග්‍රහයින්ට වඩා මූලික වෙයි. | නැකැත යනු කුමක්ද? | {
"answer_start": [
442
],
"text": [
"එම අවස්ථාවට චන්ද්‍රයා හෙවත් සඳු සිටින ස්ථානයයි"
]
} |
53995ea6-becb-4bbd-a76a-6b38cbb64b05 | දැන් ගාලු කොටුව ගැන කිව්වාම ඒක තමයි ලංකාවේ තිබෙන විස්සක් විසිපහක් විතර වුණ කොටුවලින් හොඳින්ම සංරක්ෂණය කරලා තියෙන්නේ. ගාලු කොටුව ඇතුළේ රහස් උමං කිහිපයක්ම තිබෙනවා. කොටුව තිබෙන්නේ ලංකාවේ සුවිශේෂීම වරායක් ආසන්නයේ නිසා අපූරැ ප්රදීපාගාරයකුත් එහි යන ඔබට දකින්න පුළුවන්. ඒ තියෙන්නේ ගාලු කොටුවේ හදපු දෙවැනි ප්‍රදීපාගාරය .පළමුවැනි එක දවසක් ගිනි අරගෙන මුහුදට කඩාගෙන වැටුණා. හැබැයි ඒ ගිනිගත්ත තැන තවමත් කොටස් ඉතිරිවෙලා තියෙනවා. ඔය ගාලුකොටුව මුලින්ම හැදුවේ පෘතුග්‍රීසීන්. ඔවුන්ට ඒ ඉඩම සිංහලේ රජකළ රජුගෙන් ලැබුන ආකාරයත් අපූරැ කතාවක්. | විස්සක් විසිපහක් තියෙන කොටුවලින් හොදින්ම සංරක්ෂණය කර තිබෙනෙ කොටුව කුමක්ද? | {
"answer_start": [
5
],
"text": [
"ගාලු කොටුව"
]
} |
bc4c23cc-4c5d-49a9-9575-1bc6e5ee04a1 | දකුණු ඉන්දීය චිත්‍රපට බොහෝමයකත්, බොලිවුඩ් චිත්‍රපට කිහිපයකත් දුටු සුරූපි ඇමි ජැක්සන් මේ වනවිට රහසිගත ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. එක් දරු මවක් වන ඇමි මෙසේ ප්‍රේම සම්බන්ධයක් ගොඩ නගා ගෙන ඇත්තේ ජනප්‍රිය ඇමෙරිකානු රූපවාහිනි කතා මාලාවක් වූ ගොසිෆ් ගර්ල් කතා මාලාවේ චක් බාස් චරිතයට පණ පොවන ඒඩ් වෙස්ට්වික් සමගය. ඔවුන්ගේ මෙම රහසිගත ආදර සම්බන්ධය ආරම්භ වී ඇත්තේ මීට මාස දෙකකට පෙරදී බවත්, එය ආරම්භ වී ඇත්තේ සෞදි අරාබියේ පැවැති ජාත්‍යන්තර චිත්‍රපට උළලෙකදී දෙදෙනා මුණ ගැසිමෙන් පසුව බවත් සඳහන් වෙයි. | ගොසිෆ් ගර්ල් කතා මාලාව කුමන රටක ජනප්‍රිය රූපවාහිනි කතා මාලාවක් ද? | {
"answer_start": [
230
],
"text": [
"ඇමෙරිකානු රූපවාහිනි කතා මාලාවක්"
]
} |
a0a2fe9d-509d-46f5-8630-73ca7b25e6f2 | කැලෑ හඳ කැමරාකරණය කිරීම් ඇරඹුණේ මදුරාසියේ සිටඩෙල් චිත්‍රාගාරයේදීය. එහි ඇතුළත දර්ශන සියල්ල රූපගත කෙරුවේ ඉන්දියාවේදීය. මේ රූප ගත කිරීම් සඳහා ඩබ්ලිව්.ඒ. සිල්වා ද ඉන්දියාවට ගිය අතර කණ්ඩායම යළි එළිමහන් දර්ශන කැමරාගත කිරීම් සඳහා ලංකාවට එද්දී කතුවරයාද ආපසු ආවේය. ජයපාල මැතිනිය නිතරම පරිහරණය කරන කළුවර ලීයෙන් තැනූ නාග පුටුව චිත්‍රපටයට අත්‍යවශ්‍ය බව පැවසූ ඩබ්ලිව්.ඒ. සිල්වා ඒ සඳහා කලා අධ්‍යක්ෂට උපදෙස් දීමට හැකි බවද මුල් සාකච්ඡා වටයේදී කී බව එඩීගේ සාකච්ඡාවේදී සඳහන්ව තිබිණි. ජෝන් ජයපාල පමණක් නොව ඩේසි අත්තනායක හා ජයපාල මැතිනිය සඳහාද නවක නළියන් දෙදෙනකු හඳුන්වා දෙනු ලැබිණ. ඒ මිලී කහඳවල හා රීටා රත්නායකය. ගෙවල් ඇතුළත දර්ශන ඉන්දියාවේ චිත්‍රාගාරයක රූගත කළත්, එළිමහන් දර්ශන සියල්ල කැමරා ගත කෙරුවේ ශ්‍රී ලංකාවේදීය කැලෑ හඳ කතාවේ එන පරිදි ඒ සියල්ල නියමිත ස්ථානවල කැමරාගත කිරීම ඩබ්ලිව්.ඒ. සිල්වාගේ සොම්නසට හේතු විය. | කැලෑ හඳ කැමරාකරනය කිරීම් ඇරැඹුනේ කොහේද? | {
"answer_start": [
32
],
"text": [
"මදුරාසියේ සිටඩෙල් චිත්‍රාගාරයේදීය"
]
} |
1cb47b92-7fd3-435a-bd14-a567ed3fbaa3 | එම හඬ මාර්තාගේ නොවේ. එය තිරයේ සිදුවන්නේ මිනිස් ක්‍රියාකාරකමක් ලෙසිනි. ඇය ඉදිරිපත් වුවත් ඇයට ලෝකයට පෙන්විය හැක්කේ එම වචනයි. මේ අතර මා අතවූ දුරකථනය අක්‍රිය විය. මා ඉවත්ව යනවිට මට පොළව යටින් යන්ත්‍රයක් ක්‍රියාකරන හඬ ඇසිණ. පසුදින මා කැඳවූ අධ්යක්ෂවරයා මාර්තා නැවතත් ප්‍රතිසංස්කරණය කරගෙන ඇති බව පැවසුවේය. එදිනට පසු මම නැවතත් ඇය බැලීමට ගියෙමි. මිනිස්සු ආරක්ෂක වැටේ පොදිකමින් සිටිති. අලුතින් සකස් වී ඇති පුවරුවේ බොත්තම් පේලියකි. එක් එක් බොත්තම එබූවිට නොයෙක් ආකාරයේ ශබ්ද සහ වර්ණ ආලෝක හෝ නිශ්චල විදුලිය සිත් කාවදින ලෙස දක්නට ලැබෙයි. යන්ත්‍රයේ ඉහළින් සංකීර්ණ නව උපාංග රාශියක් එක් වී තිබේ. දුරකථන රිසීවරයෙන් සෑම ගැටලුවකටම කාන්තාවක්ගේ පැහැදිලි කටහඬකින් දීර්ඝ ශිල්පීය වචනත් සමඟින් විකාර පිළිතුරු ලැබිණ. | එය තිරයේ සිදුවන්නේ කුමක් ලෙසින්ද? | {
"answer_start": [
40
],
"text": [
"මිනිස් ක්‍රියාකාරකමක් ලෙසිනි"
]
} |
017b7b3f-cf5f-443b-bade-fbdad8ddf74f | ඇලෙක්සැන්ඩර්ගේ තවත් බිරියක වූයේ තුන් වැනි ඩේරියස් රජුගේ දියණියක වූ දෙවැනි සැටේරියාය. ඉස්සූස්හි සටනින් පරාජය වූ ඩේරියස්ගේ බිරිය, මව හා දියණියන් දෙදෙනා ඇලෙක්සැන්ඩර්ගේ සිරකරුවන් බවට පත් වූ අතර ක්‍රි. ව. 324දී සූසාහි පැවැති මහා විවාහ මංගල උත්සවයක දී ඔහු සැටේරියා හා අර්තාසෙරෙක්සස්ගේ දියණිය වූ පැරිසටිස් සමඟ එකම දිනයේම විවාහ විය. එම විවාහ මංගල උත්සවයේ දී තවත් වංශවත් යුවතියන් 90 දෙනෙක් ඇලෙක්සැන්ඩර්ගේ හමුදා නිලධාරීන් හා විවාහ වූහ. ග්‍රීසියේ සාමාන්‍ය සිදුවීමක් වූ අතර ඇලෙක්සැන්ඩර් ස්ත්රින් සමඟ පමණක් නොව පුරුෂයන් සමඟද සබඳතා පැවැත් වූ බවට ඉතිහාසඥයෝ සඳහන් කරති. ඒ අතරින් ප්‍රකට චරිතයක් වනුයේ බගොආස්ය. ඩේරියස්ගේ හමුදාවේ සෙන්පතියකු විසින් ඇලෙක්සැන්ඩර්හට තිළිණයක් ලෙස නර්තන ශිල්පියකු වූ රූමත් බගොආස් පවරා දෙනු ලැබීය. ඔහු සමඟද, තවත් තරුණයන් දෙදෙනකු වූ එක්සිපිනස් හා හෙක්ටර් සමඟද, ජෙනරාල් හෙපෙස්ටියන් සමඟද ඇලෙක්සැන්ඩර් කිට්ටු ඇසුරක් පැවැත්වූ බවට ඉතිහාසඥයන්ගේ මතයයි. හෙපස්ටියන්ය තරුණ වියේ සිටම ඇලෙක්සැන්ඩර්ගේ සමීපතම මිතුරා විය. ඔවුන් දෙදෙනා තුළ වූ ප්‍රේමය ප්‍රකට වූවකි. | දෙවැනි සැටේරියා කාගේ බිරිඳද? | {
"answer_start": [
0
],
"text": [
"ඇලෙක්සැන්ඩර්ගේ"
]
} |
b23b5ca5-451a-42fe-83a2-cdd0b8dea713 | ඇය පරිසරයට දැඩිව ආදරය කරන්නියකි. ඇගේ උපන් රටේ දේශීය ගස් වර්ග පවා සිටුවීමට කටයුතු කළ ඇගේ කැපවීම හා පරිසරය සබැඳි සංරක්ෂණ කටයුතුවලට දැක්වූ උනන්දුව නිසාම ඇය එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ තානාපතිවරියක වශයෙන්ද පත් කරනු ලැබුවාය. පරිසරය ආරක්ෂා කරගෙන ඉදිරි පරපුරට උරුම කරදීම සඳහා ඇය අදටත් කැප වී කටයුතු කරගෙන යන්නීය. වොෂිංටනයේ සියැටල්හි පදිංචිකාරියක වන ක්රිසී ටීගන් 2014 දී ස්පෝට්ස් ඉලස්ටේරටඩ් සඟරාවේ කවරය සඳහා නාන ඇඳුමෙන් සැරසී පෙනී සිටීමෙන් ඉතා ජනප්‍රිය වූවාය. ඇය පාන වර්ග සඳහා වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටින ශිල්පිනියක වශයෙන්ද ජනප්‍රියය. කේශාලංකරණ දැන්වීම් නිර්මාණය කරන සමාගම් හා රූපලාවන්‍ය නිෂ්පාදන වෙනුවෙන්ද ඇය නිරන්තරව පෙනී සිටින්නීය. ඉන්ස්ටග්‍රෑම් හා ට්විටර් යන සමාජ මාධ්‍යවලද ඇය අතිශය ජනප්‍රිය තරුවකි. එපමණක් නොව, ක්රිසී 2015දී සිය ප්‍රියතම ආහාර වට්ටෝරු ඇතුළත් පොතක් සම්පාදනය කළ අතර එය වැඩි අලෙවියක් වාර්තා කළ සූප ශාස්ත්‍ර පොත් අතරටද එකතු වී තිබිණි. වෝග්, කොස්මොපොලිටන් වැනි සඟරාවල කවරයේ ඡායාරූප සඳහා ඇය පෙනී සිට ඇත. ක්රිසී පුංචි තිරයටද නැතිවම බැරි තරුවකි. ඇය විවාහ වී සිටින්නේ සම්මානනීය ගායක ජෝන් ලෙජන්ඩ් සමඟිනි. 2016 දී ඇය පළමු දරු ප්‍රසූතිය සිදු කළාය. | ක්රිසී සිය ප්‍රියතම ආහාර වට්ටෝරු ඇතුළත් පොතක් සම්පාදනය කලේ කිනම් වසරේදීද? | {
"answer_start": [
733
],
"text": [
"2015දී"
]
} |
09127651-4f1f-4d21-9092-35a321c9fdd7 | ජර්මනියට, නෙදර්ලන්තයට සහ බෙල්ජියමට බලපෑ හදිසි ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 150 තෙක් ඉහළ ගොස් තිබේ. දිවි ගලවා ගැනීමේ අංශ පවසන්නේ තවත් 100 කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවය. ඔවුන් සොයා මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතී. හිටිහැටියේ මෙසේ ජල ගැලීම් හටගෙන ඇත්තේ, වර්ෂාවත් සමඟ ගංගා පිටාර ගැලීමෙනි. කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට මෙය ගෝලීය උණුසුම වේගයෙන් ඉහළ යෑම නිසා හටගත් අයිතකර තත්ත්වයකි. නගර, ගම්මාන සහ මාර්ග රැසක් ද මෝටර් රථ ද ජල ගැලීම්වලට හසුවීමෙන් විනාශ වී තිබේ. සිදුවුණු මයා ව්‍යසනය දැකීමෙන් තමන් මහත් සේ කම්පනයට පත් වුණු බව ජර්මන් ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් මාධ්‍ය හමුවේ පැවැසීය. විපතට පත්වූවන් වෙනුවෙන් කඩිනමින් සහන ලබා දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දුවක් ද ලබා දුන්නේය. | කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට මෙම හදිසි ජල ගැලීම් කුමන හේතුවක් නිසා හටගත් අහිතකර තත්ත්වයක්ද? | {
"answer_start": [
331
],
"text": [
"ගෝලීය උණුසුම වේගයෙන් ඉහළ යෑම නිසා"
]
} |
0b2ea623-ca16-48c8-a487-cbb09e75d27f | පිළිම වන්දනය නිසා අද මෙන්ම එදාද මහත් ජීවිත විනාශයක් සිදුවිය. මහමත්තුමාගේ අනුගාමිකයන් ඇරඹූ පිළිම හා ප්‍රතිමා විනාශ කිරීමේ ව්‍යාපාරය සමග දහස් ගණන් ජීවිත විනාශ කිරීමටද ඔවුන් පසුබටවූයේ නැත. තම ආගම හැර අන් ආගම් මිථ්‍යාදෘෂ්ටිය වපුරන්නේය යන අදහස මත පදනම්ව මැකාවෙන් ඇරඹි මෙම සැහැසිකම් කඩුව සහ හෙල්ලයද සමග ආසියාව කරාද වේගයෙන් ඇදී ආවේය. මැකාවෙන් ඇරඹි මහම්මත්ගේ නව ආගම පෙරටුකර ගත් ඉස්ලාම් සටන්කාමීන් සේද මාවතේ ඉදිරියට ගමන් ගත්තේ හමුවන සියලු ප්‍රතිමා විනාශ කරමින් සහ සියලු ජනවර්ග තම ආගමට හරවා ගනිමිනි. එයට අකමැති අන්‍යාගමිකයන් වේනම් ඔවුන්ගේ ගෙල කඩුවෙන් කපා දැමිනි. | අද මෙන්ම එදාද මහත් ජීවිත විනාශයක් සිදුවූයේ කුමක් නිසාද? | {
"answer_start": [
0
],
"text": [
"පිළිම වන්දනය නිසා"
]
} |
d4e5f3fb-d552-4799-aa9e-91a93672592f | ඔවුන් පළමුව සිදුකළේ යානයේ සිටි සියලු දෙනාගේ පාස්පෝට් එකතු කිරීමයි. එහි අරමුණ වූයේ ජාතිකත්වය අනුව ගුවන් මගීන් වර්ග කිරීමයි. ගුවන් යානයේ ඊජිප්තු එයාර් මාෂල්වරු තිදෙනෙකු සිටි බව කොල්ලකරුවෝ නොදැන සිටියහ. මෙයින් එක් අයෙක් කොල්ලකාරී නායකයා වෙත තිබුණු ගුවන් ගමන් බලපත්‍රය දෙන බවක් අඟවා ඔහුට වෙඩි තැබීය. ඒ හඬ ඇසී පැමිණි අනෙක් ත්රස්තයෝ දෙදෙනා එයාර් මාෂල්වරයාට වෙඩි තැබූහ. තත්ත්වය අනතුරුදායක බව දුටු අනෙක් මාෂල්වරු දෙදෙනා නිහඬව පසුවූහ. අඩි 35,000ක් ඉහළ අහසේදී සිදුවූ වෙඩි තැබීම නිසා ගුවන් යානයේ බඳ සිදුරු වී ගියෙන් යානය තුළ වායු පීඩනය වෙනස් වී, විදුලිය ඇණ සිටි අතර ඔක්සිජන් මුහුණු ආවරණද පහළට වැටිණි. මගීන්ට හුස්ම ගැනීමේ දැඩි අපහසුතා ඇතිවූ අතර ගුවන් නියමු හනි ගලාල් තත්පර 90ක් තුළ යානය අඩි 30,000ක් පහළට ගෙන ගියේය. එයින් යානයේ පියාසැරිය හසුරුවා ගන්නට හැකි වූ නමුත් යානයේ ඉන්ධන ඉතා වේගයෙන් දහනය වෙන්නට හේතු විය. | ගුවන් යානයේ සිටි ඊජිප්තු එයාර් මාෂල්ලා ගණන කොපමණද? | {
"answer_start": [
158
],
"text": [
"තිදෙනෙකු"
]
} |
66749623-7cf8-4ae1-810a-4cbb4c19dd12 | ඔහු මැදහසින් මා දෙස බැලීය. දවසට රු ලක්ෂය පනිනවා. අඩු දවසුත් තියෙනව. පෝයට ආගමික උත්සව කාලෙට හොඳයි, සිංහල අවුරුදු කාලෙට නම් වැඩක්ම නෑ. මොකද කොළඹ වැඩි ජනකායක් ගැවසෙන්නෙ නැහැනේ. එන්නෙ කන්තෝරුකාරයෝ විතරයි. ඒ අය මුදලක් පිනට දෙන එක ඇඟෙන් ඇටයක් ගන්නවා වගෙයි. ඔහු සිනාසෙයි. යාචකයෝ අඩු දවසුත් තියෙනවා. පුංචි ළමයි එහෙම දවසේ කුලියට දෙන අම්මල තාත්තල කොළඹ අවට ඕනතරම් ඉන්නවා. දරුවට පිටිකිරි වේල් ගණන දීලා නිදිකරවගෙන තමයි බිස්නස් කරන්න කියලා අපේ අයට උපදෙස් දීල තියෙන්නෙ. අතට ලැබෙන මුදලින් කෑවට බීවට තහංචි දමන්නෙ නැහැ. හැබැයි මොනව කළත් උදේට වැඩට එන්න ඕනෑ. ඉස්සරහට එන්නෙ නත්තල. | මැදහසින් මා දෙස බැලුවේ කවුද? | {
"answer_start": [
0
],
"text": [
"ඔහු"
]
} |
7f09bae7-8329-4805-a4ab-50846a006b96 | ෆැවියල් මහතා 1863 වසරේ මාර්තු මස 5 වැනිදා ලංකාවට පැමිණි අතර දින කිහිපයක් තුළ අඹේපුස්ස දක්වා වූ දුම්රිය පළමු අදියරයේ ඉදිකිරීම් ඇරඹෙන්නට විය. දුම්රිය මග ලහි ලහියේ ඉදිවන්නට විය. ෆැවියල් ඇතුළු ඉංජිනේරුවන්ට ජයගත යුතු අසීරු අභියෝග රාශියක් විය වගුරු බිම්, කඳුවැටි, ගංගා, කළපු, දිය ඇළි මතින් යන්නට ඇති මග ජයගත යුතුම විය. කැලණි ගඟ තරණය කිරීමට පාලමක් යෙදීම පහසු කටයුත්තක් නොවීය. සියල්ල පෙළින් පෙළට නිමෙවන්නට වූයේ අභියෝග තව දුරටත් සිහින නොවන ලෙසටය. සියුම් කරුණත් සැලකිල්ලට ගනිමින් දුම්රිය මග ඉදිවෙන අතරතුරදී නොසැලකිලිමත්කමද අණසක පතුරුවන්නට විය. | දුම්රිය පළමු අදියරයේ ඉදිකිරීම් ඇරඹුනේ කුමන නගරය දක්වාද | {
"answer_start": [
77
],
"text": [
"අඹේපුස්ස දක්වා"
]
} |
5ab56b41-97d8-42e8-8964-a17b49b770da | ටෝකියෝ ඔලිම්පික් උළෙලට ගොස් කිසිදු තරගයකට සහභාගී නොවී, කිසිදු පදක්කමක් ජයග්‍රහණය නොකර, ජනප්‍රිය වූ ක්‍රීඩිකාව වන්නේ, ක්‍රිස්ටිනා ටිමෙනොව්ස්කායා ය. ක්‍රිස්ටිනා, බෙරලූස් ක්‍රීඩිකාවකි. අද ක්‍රිස්ටිනාට පමණක් නොව ඇගේ සැමියාට ද පෝලන්තයේ දේශපාලන රැකවරණ හිමිවී තිබේ. ක්‍රිස්ටිනා දේශපාලනය සම්බන්ධ තැනැත්තියක නොවූවාය. කෙසේ නමුත්, සිදුවුණු අසාධාරණය හමුවේ, ඇගේ කතාව අවසන් වූයේ එය දේශපාලනීකරණයට ලක් වීමෙනි. 24 හැවිරිදි ක්‍රිස්ටිනා ටිමෙනොව්ස්කායා, 2017 සිට 2019 තෙක් යුරෝපා ක්‍රීඩා උළෙලවලදී සුවිශේෂී දක්ෂතා පෙන්වූ බෙලරූස් ක්‍රීඩිකාවකි. ඇය මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වූයේ මීටර් 200 කාන්තා ඉසව්වෙන් බෙලරූසයට රන් පදක්කම දිනා දීමේ අපේක්ෂාවෙනි. එහෙත්, අවසානයේ ඇයට සිදුවූයේ, කිසිදු තරගයකට සහභාගී නොවී, ජපානයේ ටෝකියෝ සිට, ඔස්ට්‍රියාවේ වියානා හරහා පෝලන්තයේ වෝර්සෝ නුවරට යෑමටය. ඒ, පෝලන්ත රජය, මානුෂීය හේතූ මත ඇයට රැකවරණය දීමටත් වීසා ලබා දීමත් කැමැත්ත පළ කළ බැවිනි. | දේශපාලන රැකවරණය හිමි ව තිබුණේ කාටද? | {
"answer_start": [
185
],
"text": [
"ක්‍රිස්ටිනාට පමණක් නොව ඇගේ සැමියාට"
]
} |
579e186b-5785-4423-a941-54e6dce93866 | ක්‍රියාදාම සංචාරකයින්ගේ සොඳුරු තෝතැන්නක් වන නකල්ස් වන පෙත යනු හෙක්ටයාර් විසිදාහසකින් පමණ හෙබි සොබාදම් නිර්මාණ රාශියකින් යුත් ඉසව්වකි. වන පියසට ඇතුළු වූ අපි ක්‍රමයෙන් ඉහළට නගින්නට වීමු. වියළි පරිසරය නිසාවෙන් බිම වැටී තිබූ කොළ මත අඩිය තබන විට නිකුත් වන ශබ්දය විනා වෙනත් කිසිදු ශබ්දයක් වනය තුළ නොතිබුණි. ගල් වැටි, ගල්කුට්ටි අතරින් යන විට තරමක වෙහෙසක් දැනුණු පසු අප විවේක ගැනීමට නැවතුණේ කදිම ස්ථානයකය. එය සිඳී ගිය දිහ දහරාවකි. දෙපසකින් පැමිණෙන ජල කඳ එකතු වන ස්ථානයේ ගල් කුට්ටි බොහෝමයක් පිහිටා තිබුණි. ඒ මත අසුන්ගත් සියල්ලෝ තම උදෑසන ආහාර ගැනීමට සූදානම් වූයේ තවමත් වෙලාව උදෑසන 9ට පමණ තිබියදීය. | සියල්ලෝ තම උදෑසන ආහාර ගැනීමට සූදානම් වූයේ උදෑසන කීයට පමණද? | {
"answer_start": [
566
],
"text": [
"උදෑසන 9ට පමණ"
]
} |
633d144e-1c6e-42e2-8060-bae9aafaf6eb | මින් ජීවත්ව සිටි එකම කෙනා දයාරත්න බාප්පා. මේ ළඟදී මියගියා. ජීවත් වුණේ අඟුණකොළපැලැස්ස වෙද වලව්වේ. එයාටත් රාජකාරි කරන දරුවෝ ඉන්නව. ආරියදාස මහතා පැවසීය. අම්මාගේ නම ජයසුන්දර මුදියන්සේලාගේ සීලවතී කුමාරිහාමි, අපිට සහෝදර සහෝදරියෝ 16 යි. අක්කල දෙන්නෙක් කුඩාකල මැරුණා. මෑතක තවත් පුංචි අම්මා කෙනෙක් මියගියා. දැනට ජීවතුන් අතර 13 දෙනෙක් ඉන්නවා. අම්මගේ මල්ලි ජයසුන්දර මුදියන්සේලාගේ කුමාරදාස, වැල්ලවාය මැතිවරණ කොට්ඨාසයේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහු. 1986 මාර්තු මියගියා. දැන් වැල්ලවායේ මන්ත්‍රීවරයා, කුමාරදාස මාමාගේ පුතා ජයසුන්දර මුදියන්සේලාගේ කුමාරසිරි. මල්ලි මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. | දයාරත්න මහතා ජීවත්වුයේ කොහෙද? | {
"answer_start": [
70
],
"text": [
"අඟුණකොළපැලැස්ස වෙද වලව්වේ"
]
} |