id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
ff993223-69ed-4da5-a536-7ad710b27be3
නෝර්වුඩ් යනු හැටන් නගරයේ සිට සිරිපාදේ යන විට හැරී යා යුතු ප්‍රධාන මංසන්ධිය පිහිටි නගරයයි. නෝර්වුඩ්වලින් ඉදිරියටම ගමන් කරන විට බොගවන්තලාව හරහා මාර්ගය මාරතැන්න ඔස්සේ බලංගොඩ දක්වා ගමන් කළ හැක. අනෙක් පසින් නෝර්වුඩ් සිට රොක්වුඩ් හරහා මස්කෙළියට පැමිණ නල්ලතන්නියට ගමන් කළ හැක. හැටන් සිට සිරිපාදේ යා හැකි පහසුම සහ ළඟම මාර්ගය මෙය වන අතර මෙහිදී ඔබට කාසල්රි සහ මාඋස්සා ජලාශ යුගලයේම සුන්දරත්වය දැකබලා ගනිමින් ගමන් කළ හැක. අනෙක් පසින් නෝර්වුඩ් සිට අප්කොට් හරහා ඉතා දීර්ඝ හා දුෂ්කර මාර්ගයක් හරහා අතිශය සුන්දර කඳු මිටියාවත් සහ තේ වතු අතරින් මස්කෙළියට වුව ගමන් කළ හැකිය.
නල්ලතන්නිය හරහා සිරීපාදේ යන විට දැක ගත හැකි ජලාශ මොනවාද?
{ "answer_start": [ 339 ], "text": [ "කාසල්රි සහ මාඋස්සා" ] }
ae8d9176-1b3d-4d22-be9a-19f346d62d48
පොලිස් විශේෂ කාර්ය බළකායේ මේ හතරදෙනා මියයාම සිහිපත් කරන්න එදා ඉඳන් අදටත් පොලිස් විශේෂ කාර්ය බළකා විරු දිනය සැප්තැම්බර් මාසයේ 1 වැනිදාට සමරනවා යැයිද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පවසයි. පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් ක්ලේමෝ බෝම්බයක් පුපුරුවා හැරීමට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් කටයුතු කිරීමට බලපෑ හේතු සාධක ගැනද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සේනාරත්න මහතා පැහැදිලි කළේ මේ අන්දමිනි. මේ සිද්ධිය මට අද වගේ හොඳට මතකයි 1984 වසරේ අගෝස්තු මාසයේ 17 වැනිදා වැල්වැටිතුරේ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමකට මාත් එක්ක ගිය එස්ටීඑෆ් කණ්ඩායමකට සැඟව සිටි පුද්ගලයෙක් වෙඩි තිබ්බා. අපේ ප්‍රති ප්‍රහාර වලින් ඔහු වෙඩිකා මිය ගියා. වෙපන් එකත් සොයාගත්තා. වෙඩිකා මිය ගොස් ඇත්තේ ප්‍රභාකරන්ගේ දෙවැනියා ලෙස ඒ කාලයේ කටයුතු කළ රංජන් ලලා කියන පුද්ගලයා ලෙස අපි හඳුනා ගත්තා. ඔහු එල්ටීටීඊ එකේ කපිතාන් කෙනෙක්.
පොලිස් විශේෂ කාර්ය බළකා විරු දිනය සැප්තැම්බර් මාසයේ 1 වැනිදාට සමරන්නේ ඇයි?
{ "answer_start": [ 7 ], "text": [ "විශේෂ කාර්ය බළකායේ මේ හතරදෙනා මියයාම සිහිපත් කරන්න" ] }
a5de8607-742a-4052-b0d4-57032c52d0b7
ඉගෝර් සුට්යාගින් අත්අඩංගුවට ගැනුණේ 1999දීය. ඔහු බ්‍රිතාන්‍යයට හා ඇමෙරිකානු සී.අයි.ඒ ආයතනයට රුසියානු න්‍යෂ්ඨික සබ්මැරීන පිළිබඳ රහස් අනාවරණය කළ බවට චෝදනා ලැබීය. සුට්යාගින් තම නිර්දෝෂීභාවය ප‍්‍රකාශ කරමින් තමා ලබා දී ඇත්තේ විවෘත තොරතුරු විනා කිසිදු රහස්‍ය තොරතුරක් නොවන බවට ප‍්‍රකාශ කර තිබිණි. එහෙත් ඔහුටද සිරදඬුවම් නියම විය. මේ දෙදෙනා අතුරින් සර්ගෙයි ස්ක්‍රිපාල් බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයට වඩාත් වැදගත් පුද්ගලයකු වශයෙන් නිගමනය වී තිබිණි. මොවුන් දෙදෙනාට නව අනන්‍යතාවක් ලබා දුන් අතර බ්‍රිතාන්‍යයේ ජීවත් වීමේ අවසරයද හිමි විය. ස්ක්‍රිපාල් හට පවුම් 340,000ක් වටිනා නිවෙසක් හා මාසික විශ‍්‍රාම වැටුපක් බ්‍රිතාන්‍ය රජය මගින් ලබා දුන් අතර ඔහු තම බිරිය වූ ලූඩ්මිලා සමග එම නිවෙසේ වාසය කළේය.
ස්ක්‍රිපාල්ගේ බිරිද කවුරුන්ද?
{ "answer_start": [ 645 ], "text": [ "ලූඩ්මිලා" ] }
54298789-6905-403a-adcb-b28e2d4c7306
මනුෂ්‍යත්වයේ සදාතනික හරය මේ ළමෝ මෙතැන සිට ජීවිතයට සමීප කරගෙන ඇත. ඔවුනට ආහාරපාන, වෛද්‍ය පහසුකම්, ආදී සියල්ල නොමිලේ සැපයේ. ඈත දුර පළාත්වල සිටින මව්පියන්ට කතා කිරීම සඳහා දුරකතන ගණනාවකින් සමන්විත ස්ථානයක් වෙනම ඇත. අපි මෙහි චීන භාෂාව උගෙන ගන්නා ළමුනගේ පංති කාමරයකට ගියෙමු. මම චීනයට ආදරෙයි. දැනුම යනු බලයයි. මුදල් යනු වේලාවයි, චීන බසින් ඔවුන් ලියූ වැකි කීපයකි ඒ. මෙම විශේෂිත පාසලට අමතරව ඊළඟට අප කණ්ඩායම හට ෂින්ජියාන්හි ඉස්ලාමීය විද්‍යාලයකට යාමේ අවස්ථාව ලැබිණ. මෙය උරුමුචි නගරයේ පිහිටා තිබේ. එම විද්‍යාලයේ ප්‍රධානි සහ චීන ඉස්ලාම් ආගමික සංගමයේ උප සභාපතිවරයා මෙම පාසල ගැන අප හට කරුණු විස්තර කළේය.
ළමුන්ට නොමිලේ සැපයෙන්නේ මොනවාද?
{ "answer_start": [ 71 ], "text": [ "ආහාරපාන, වෛද්‍ය පහසුකම්" ] }
0d86cf8c-5f53-461b-b780-f15d0f9b829b
වෛද්‍යවරු තවම හරියට මුකුත් කියන්නේ නැහැ. තවම මගේ ඇඟ ගොඩක් දුර්වලයි. මම හිතන්නේ කරන්න තියෙන ලොකු ඔපරේෂන් දැන් ඔක්කොම කරලා ඉවරයි. තව පොඩි ඔපරේෂන් දෙකක් කරන්න තියෙනවා කියලා වෛද්‍යවරු කියනවා. දැනට මට හොඳට පේන්නේ දකුණු ඇහැ විතරයි. වම් ඇහේ පෙනුම යථා තත්ත්වයට ගේන්න පුළුවන් ද කියලා තාම දොස්තරලා හරියටම කිව්වේ නැහැ. ඉනෙන් පහළ මට තවම මුකුත් තේරෙන්නේ නැහැ. ටොයිලට් යනවා දැනෙන්නේ නැහැ. ඒක සුසුම්නාවට වැදුණු යකඩ බෝලයක් නිසා ඇති වුණු ස්නායු දුර්වලතාවයක්. තව අවුරුද්දක් විතර මේ විදිහට ඉන්න වේවි කියලා ඩොක්ටර්ස්ලා කියනවා. තෙරපිවලින් මට ලොකු ගුණයක් තියෙනවා කියලා ඇඟට දැනෙනවා. දැන් මට ටික ටික බඩගිනි එනවා. එක එක ඒවා කන්න ආස හිතෙනවා. අම්මා මම ආස ජාති හදලා එවනවා. දියර වර්ගම විතරයි මාස හතරක් වෙනකන්ම මට දුන්නේ. මාස පහකින් ඊයේ තමයි බත් ටිකක් පොඩි කරලා කෑවේ. ආසයි ඉක්මනට ගෙදර යන්න. අවුරුදු දහයක් ගිහිල්ලා හරි කමක් නෑ කකුල් දෙකෙන් හිටගන්න පුළුවන් තරමට මට සනීප වෙනවා නම්. දරුවො තුන් දෙනාටම හොඳට උගන්නලා හොඳ තැනකට ගේන්න තමයි මම එදා ඉඳලම හීන දැක්කේ. මගේ එක හීනයක් බොඳ වුණා. මගේ දෙවැනි පුතා දැන් නෑ. චූටි පුතාටයි දුවටයි හොඳට උගන්නන එක තමයි දැන් මට තියෙන එකම හීනය.
බත් ටිකක් පොඩි කරලා කෑවේ කොපමණ කාලයකට පසුද?
{ "answer_start": [ 695 ], "text": [ "මාස පහකින්" ] }
b54c97ff-f7d9-41b9-b49a-e82096f7735e
ඩෙවොන් හිදී උපත ලැබූ, බ්‍රිතාන්‍ය ජාතිකයකු වන ඇය නිරූපිකාවක, නිළියක, මෝස්තර නිර්මාණ ශිල්පිනියක මෙන්ම ව්‍යාපාරික කාන්තාවකි. රදළ පරම්පරාවකින් පැවත එන්නියක් වුවත් කෙට්ටු සිරුර හා පිරිපුන් දෙතොල් නිසා ඇය පාසල් වියේදී නොයෙක් උසුළු විසුළුවලට ලක්වූවාය. එක්දරු මවක් වුවත් විලාසිතා ලෝකයේ ඇයට තිබෙන ඉල්ලුම නම් අඩු වී නැත. පාවහන්, ලොව ප‍්‍රධාන පෙළේ ඩෙනිම් නිපැයුම් සඳහා ඇය අදටත් පෙනී සිටින්නීය. ඇය වැඩි වශයෙන්ම පෙනී සිට ඇත්තේ වෝග් සඟරා කවරවලටයි. එයට අමතරව හාපර්ස් බසාර්, එල් යනාදී සඟරා කවර ඇගේ රුවෙන් සරසා ඇත. ට‍්‍රාන්ස්ෆෝමර්ස්, මෑඩ් මැක්ස් යනාදී චිත‍්‍රපටවල රඟපාමින් ඇය නිළියක ලෙසද සම්මාන ලබමින් හා නිර්දේශිත රංගනයන් අතරට එක් වෙමින් ජනප‍්‍රිය වූවාය. ඇය යුනිසෙෆ් ආයතනයේ තානාපතිවරියද වේ.
ඇය කී දරු මවක් ද ?
{ "answer_start": [ 246 ], "text": [ "එක්දරු මවක්" ] }
9b2eb3e1-3430-42e1-a43f-d3dc5f2d4100
තාම මට අවුරුදු 25 යි. මගේ බිරිඳටත් අවුරුදු 25 යි. අපි දෙන්නෙගම ජීවිතේ හොඳම කාලේ, අපිට තවම බබාලා නැහැ. මගේ කකුල ඉවත් කරාට පස්සේ බිරිඳක් ගොඩක්ම මානසික අතින් වැටුණා. බිරිඳ පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. මගේ වැඩකටයුතු කරන්න කවුරුත් නැති නිසා බිරිඳ රැකියාවෙන් අයින් වුණා. ඇය තමයි මම වෙනුවෙන් කැපවෙලා මගේ වැඩ ගෙදර වැඩ සියලුම දේ කරන්නේ. දැන් සියලුම ශල්‍යකර්මයන් කරලයි තියෙන්නේ. සායනවලට සති දෙකෙන් දෙකට වගේ යනවා. තෙරපි ව්‍යායාම කරනවා. වෛද්‍යවරුන්ගේ පැත්තෙන් මට කරන්න පුළුවන් හැමදේම කරලා තියෙන්නේ. කකුල නෑ කියලා හිතින් වැටුණට මම මනසින් උත්සාහ කරනවා කොහොම හරි නැගිටින්න.
ඔහුට කරන්න පුලුවන් හැමදේම කරලා තියෙන්නේ කාගේ පැත්තෙන්ද?
{ "answer_start": [ 427 ], "text": [ "වෛද්‍යවරුන්ගේ පැත්තෙන්" ] }
dcb44c13-914f-43a3-abf1-1e4843749374
මෙකල දිගාමඩුල්ල ප්‍රබල රාජ්‍යයක්ව පැවැතීමෙන් පැහැදිලි වන්නේ දීඝවාපි විහාරයද දියුණු මට්ටමක පවතින්නට ඇති බවය. මහා පරාක්‍රමබාහු රජුගේ සේනාවන් මෙම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ කළ බව වංශකතාවේ දැක්වේ. මහනුවර රාජ සමයේදී රචිත නම් පොත හෙවත් විහාර අස්නේදී නඛා වෙහෙර සඳහන්ව ඇත්තේ මෙම විහාරයයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු මෙම නඛ චේතිය නම් ස්ථානයට පැමිණි බව මහාවංශයේ සඳහන් වේ. එසේම උඩරට සෙනරත් රජුද මෙම විහාරය වන්දනා කිරීමට පැමිණ ඇත. කන්ද උඩරට රාජධානියෙන් මෙරට රාජ්‍යත්වය අවසන්වීමෙන් අනතුරුව දීඝවාපි විහාරයද අභාවයට යන අතර වනගතව පැවැති මෙම විහාරය නැවත සොයාගනු ලබන්නේ 1810 වර්ෂයේදී මඩකලපු දිස්ත්‍රික්කය භාර දිසාපති සෝවිස් නම් ඉංග්‍රීසි පරිපාලන නිලධාරියා විසිනි. ඔහුගේ නියෝගය අනුව මෙම ස්තූපය කැණීම් කර තිබේ. එය හුදෙක් පුරාවිද්‍යා කැණීමක් නොවන අතර එම නිසා චෛත්‍යයට වූ හානිය සුළුපටු නොවේ. එයින් පිටතට ගන්නා ලද ගඩොල් සහ කළු ගල් කණු වීරඅඩි අමුණ වැනි වාරිමාර්ග කටයුතු සඳහා රැගෙන බවට වාර්තා වේ.
1810 වර්ශයේදී මඩකලපු දිස්ත්‍රික්කය භාර දිසාපති කවුද?
{ "answer_start": [ 598 ], "text": [ "සෝවිස්" ] }
b820c8b2-4fb1-4587-9932-3d0594662297
එම ශාලාවට පිටතින් අපි තෙමුණු ඇඳුම් සහ බෑග පසෙකින් තබා කූඩැල්ලන් සියල්ලම ගලවා දමා රාත්‍රියට සුදුසු ලෙස සිටීමට සැරසුණෙමු. මන්ද මීට පෙර දෙවතාවකට ආඬියාමළතැන්නේ අවාරේ රැය ගෙවීමේදී පාන්දර වනවිට ශාලාව තුළට තද මීදුම ගලන බව සිහි වූ බැවින් වැඩිපුර ඇඳුම් ඇඳීම අත් කකුල් වසාගෙන සිටීම යෝග්‍ය බව නොරහසකි. අවාරේදී විදුලිය නොමැති හෙයින් මුළු සමනල රක්ෂිතයම එකම තනි අඳුරක තිබුණි. කල්තියාම විදුලි පන්දම් ගෙන ආ නිසාවෙන් අප සිටින ප්‍රදේශයේ ශාලාව තුළ ඒවා එල්ලා අවට නිරීක්ෂණය කොට ශාලාවට ඇතුළු වන ස්ථානය මෙහි පසෙක තිබූ ලෑලිවලින් වසා දැමුවේ රාත්‍රියට වල් ඌරන් මෙම ඉසව්වට පැමිණෙන හෙයිනි.
රාත්‍රියට පැමිණෙන්නේ කව්ද?
{ "answer_start": [ 526 ], "text": [ "වල් ඌරන්" ] }
02ef7388-4466-4e69-ba72-191f20ffc0b6
මුද්‍රණ ශිල්පීන් විසින් නම් මේ ඕලන්ද කෞතුකාගාරය නැරඹිය යුතුමය. මෙහි ඇති ඕලන්ද යුගයේ මුද්‍රණ තාක්ෂණික මෙවලම් දැන් සුරක්ෂිතව ඕලන්දයේ හෙවත් අද නෙදර්ලන්තයේ වත් ඇත්දැයි සැක සහිතය. එමෙන්ම 1737 දී සිංහලයෙන් මුද්‍රණය කරන ලද මුල්ම යාඥා පොතේ පිටපත්ද මෙහිදී දැකගත හැකිය. 1602 සහ 1656 අතර වැදගත් සිදුවීම් පෙළගස්වා ඇති අතර මේ ඕලන්ද කෞතුකාගාරය විදේශිකයින් ඇද ගැනීමට කදිම ආකර්ශනයක් ඇති තැනකි. ආකර්ශනය කෙසේ වුවත් අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට එන විදේශිකයකු කිසිවකුගෙන් ඕලන්ද කෞතුකාගාරය තිබෙන්නේ කොහේදැයි ඇසුවහොත් ඔහු අන්ද මන්ද වනු නියතය.
මුද්‍රණ ශිල්පීන් විසින්‍ර් නැරඹිය යුතුම වන්නේ කුමක්ද?
{ "answer_start": [ 31 ], "text": [ "ඕලන්ද කෞතුකාගාරය" ] }
749f1209-c258-47a6-92a3-ff70dec7cd67
පෝෂා සෙමින් සෙමින් දවල් කෑම වෙත ඇදෙයි. ගැටලු කිහිපයකි. දවල් කෑම, එනම් ගොදුරු කර ගැනීමට සැරැසෙන අනෙක් මකුළුවා පෝෂා මෙන් ප්‍රමාණයෙන් තෙගුණයකි. එපමණක් නොව, ඒ මකුළුවාට විස දළ දෙකකි. ඌ සිටින්නේ ඇලෙන සුළු උගුලක් එසේත් නැතිනම් මකුළු දැලක් මැදය. ඒ මකුළු දැල ද එසේ මෙසේ එකක් නොවෙයි. පුළුල් ලෙස පැතිරුණු එකකි. ඒ නිසා ගොදුරට කිට්ටුවීම පහසු නොවෙයි. පෝෂාට වැඩේ අතහරින්න වේවිද? බඩගින්නේ සිටින්න සිදුවේවිද? කොහෙත්ම නැහැ. පෝෂාට ඇති තෙවැනි සුපිරි හැකියාව මෙහිදී ප්‍රයෝජනවත් වෙයි. පෝෂාට සිතන්න පුළුවනි. සැලැසුම් කරන්න පුළුවනි. සුපිරි ඇස්වලින් වටපිට බලා ගොදුර අල්ලා ගැනීම කෙසේ කළ යුතුදැයි පෝෂා කල්පනා කරයි. අවට සියල්ල හොඳින් නිරීක්ෂණය කරමින්, පෝෂා ගොදුරට ළං විය යුත්තේ කෙසේදැයි අවබෝධ කර ගනී. මිනිත්තුවක් යද්දී පෝෂා සියල්ල සැලැසුම් කර අවසන්ය. පෝෂා ක්‍රියාත්මක වෙයි. කොළයෙන් කොළයට පනිමින්, අල්ලා ගැනීමට සූදානම් මකුළුවා සිටින මකුළු දැල ඉහළට පෝෂා යයි. පෝෂා දැන් ඉහළ අත්තක සිටින බවක් පහළ දැල මත සිටින මකුළුවා දන්නේ නැත. දැල් බඳින්නේ නැති වුවත්, දැල් බැඳීමේ හැකියාව පෝෂා මකුළුවන්ට ඇත. සියුම් වියමනක ආධාරයෙන්, එය දිගේ පෝෂා ඉහළ සිට පහළ සිටින මකුළුවා බලා සෙමින් සෙමින් රූටා ඇදෙයි. කිසිදු හඬක් නගන්නේ නැත. තමාගේ හිසට ඉහළින් පහළට ඇදෙන පෝෂා ගැන පහළ මකුළුවා දන්නේ ද නැත. සෙමින් සෙමින් පහළට රූටා පැමිණ පෝෂා අසුරු සැණින් යෝධ මකුළුවාගේ සිරුරට පැන ඌ අඩපණ කර ගනී. ඒ, ලොකු මකුළුවාගේ විස දළවලින් බේරෙමිනි. මේ පෝෂා ගොදුරු අල්ලා ගන්නා එක් විදියකි.
දැල් බදින්නේ නැති වුවත් දැල් බැදීමට හැකියාව ඇත්තේ කුමන මකුළු විශේෂයන්ටද
{ "answer_start": [ 941 ], "text": [ "පෝෂා මකුළුවන්ට" ] }
f5d01fd6-cbe4-462a-9679-7f91be548366
අපේ මෑණියෝ මේ ආකාරයේ වශී කර්ම සිදුකරන්නේය. ස්‌ත්‍රී පුරුෂ වශීය මෙහිදී වැදගත්ය. වශීයකින් සිදුවන්නේ ප්‍රේම බන්ධනයක්‌ නැවත ඇති කිරීමයි. වශී ගුරුකම්වලදී නූල්, යන්ත්‍ර, පැන්නීම්, කැවීම්, පෙවීම්, ඉරි පැන්නුම්, වැල්පැන්නුම්, යන්ත්‍ර රත් කිරීම් ආදිය පිළිවෙත් ලෙසට තිබේ. මේවා නියමෙට සාත්තරයට කළ යුතුයි. තමන් සන්තකයෙහි නැති කෙනෙකු තමන් වෙත සිත ඇද ගන්නට ගෙන්වා ගන්නට ප්‍රබල ආකර්ෂණයක්‌ කළ යුතු වෙනවා. නමුත් තමන් සන්තකයෙහි සිටින පෙම්වතියක බිරින්දෑවරිය එහෙමත් නැත්නම් තමන් ප්‍රිය කෙනෙකු තමන් වෙතට නම්මා ගන්නට කඳ පිළිවෙත එහෙමත් නැත්නම් කඳට මතුරන ලද ඖෂධ හෝ පැණි රස මතුරා දීම නියතවම වශීයක්‌ සාර්ථක වීමට මගක්‌. එහෙත් මතක තබාගත යුතුම කාරණයක්‌ වන්නේ මන්ත්‍රාචාරියෙකු ඔබට ඔබේ ප්‍රියම්බිකාව වසඟයට ගන්නට දෙනු ලබන ඖෂධ මුසුකරන ලද වශීය ඇයට අනතුරුදායකය.
වශී ගුරුකම්වල පිළිවෙත් මොනවාද?
{ "answer_start": [ 149 ], "text": [ "නූල්, යන්ත්‍ර, පැන්නීම්" ] }
f423cd18-62dc-42ce-9a2e-4b25681e3a8d
ස්ලෝවේනියාව සතු ලෝක උරුමයක් වන මෙම පොස්තුමියා හුණුගල් ගුහාව මුලින්ම සොයා ගෙන ඇත්තේ වර්ෂ 1213දීය. නමුත් එය මහජනයා සඳහා විවෘත කර 1872 දී ලූතා චෙක් නමැත්තාගේ පුරෝගාමීත්වය යටතේය. සංචාරකයන්ට ගමන් කිරීම සඳහා දුම්රිය මාර්ගය විවෘත කර ඇත්තේ ඊට වසර 12කට පමණ පසුවය. පොස්තුමියා ගුහාව අභ්‍යන්තරය අමුතුම ලෝකයකි. එහි ඇති හුණුගල් පර්වත එක ස්ථානයක සුදු පැහැයෙන්ද තවත් ස්ථානයක කහ, තැඹිලි සහ රෝස පැහැයන්ගෙන්ද දිස්වේ. අඩියෙන් අඩිය විදුලි බල්බ දල්වා තිබෙන හෙයින් එය ඉතා ආලෝකමත්ව දිස්වේ. ගුහාවේ මීටර් 200ක් පමණ ගමන් කළ පසු පුද්ගලයන් 1000ක පමණ සිටිය හැකි වේදිකාවන් බඳු ස්ථානයක් හමුවේ. පොළොව අභ්‍යන්තරයේ මෙවැනි ස්ථානයක් තිබේද කියාවත් සිතා ගැනීමට අපහසුය. තවත් දුර ගිය පසු හමුවන්නේ පළමු ලෝක යුද සමයේ රුසියානු සිරකරුවන් විසින් සාදන ලද පාලමකි. එය ගුහාවේ බිම් මට්ටමේ සිට මීටර් 40ක් පමණ උසින් පිහිටා ඇත. වසර 100කටත් අධික කාලයක පෙර නිර්මාණය කළ මෙම පාලම සඳහා අමුද්‍රව්‍ය ගුහාව තුළට කෙසේ ගෙනාවේ දැයි සිතා ගැනීමට පවා අපහසුය. ගුහාවේ ඉහළ ඇත්තේ ඉතා උල් හැඩැති හුනුගල්ය. යම් විදියකින් ඉන් එකක් මිනිසකුගේ හිස මතට කඩා වැටුණහොත් ඔහු නියත වශයෙන්ම මියයනවා ඇත. එහෙත් සංචාරක උපදේශකවරයාගේ ස්ථිර අදහස වූයේ කිසිදා දිනක මෙම හුණුගල් උල් කඩා වැටෙන්නේ නැති බවයි. සමහර තැනක මෙම හුනුගල් පර්වත මීටර් 10කටත් වඩා උසය. මෙහි තවත් පුදුමය දනවන කරුණ වන්නේ මෙම හුණුගල් සෙන්ටිමීටරයක් වැවීමට වසර 100කටත් වැඩි කාලයක් ගත වීමයි.
ගුහවේ ඉහල ඇත්තේ කුමන හැඩැති හුණුගල්ද?
{ "answer_start": [ 912 ], "text": [ "උල් හැඩැති" ] }
73e6f03a-5f67-47b6-b813-74e07c1c1867
මානිගල යනු කන්දක් වුවද එහි ඇතැම් විට එය අලින් රජ කරන ඉසව්වකි. මාතලේ දිස්ත්‍රික්කයේ ඉලුක්කුඹුර වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය පිහිටා ඇති මෙම ඉසව්වේ පිහිටි මානිගල යනු ඉතා ප්‍රසිද්ධ සංචාරක ආකර්ශනය දිනාගත් ස්වභාවික සංචරණ මාර්ගයකි. මානිගල තරණය සඳහා ඉලුක්කුඹුර වන සංරක්ෂණ කාර්යාලයෙන් අවසර පත්‍රයක් ලබාගත යුතුය. ඉන්පසු සුදුසුකම් සහිත මාර්ගෝපදේශකයකු සමග මානිගල ස්වභාවික සංචරණ මාර්ගය ඔස්සේ කන්ද තරණයට යා යුතුය. මෙහිදී කන්ද තරණය කරන අයවලුන් අනිවාර්යෙන්ම මාර්ගෝපදේශකයකු ගත යුතු වන්නේ කඳු මුදුනේ නිතරම වල්අලි ගැවසෙන බැවිනි.
මානිගල තරණයට අවසර ලබාගත යුතු වන සං‍රක්ෂණ කාර්‍යාලය කුමක්ද?
{ "answer_start": [ 247 ], "text": [ "ඉලුක්කුඹුර" ] }
f95b7d30-dc3b-4c68-8263-a27000318f89
දරුවා කෑ ගසද්දී වෛද්‍යවරු ඇසට ඖෂධ ඇතුළු කළේ මම දරුවා දැඩිව අල්ලාගෙන සිටියදී. තාත්තා කියමින් බියපත්ව වේදනාවෙන් හඬන දරුවා දැක මට ඇතිවුණු වේදනාව කියා නිමකළ නොහැක. විනාඩි කීපයකදී වේදනාව කෙමෙන් අඩු වෙන බවක් පෙනුණා. වෛද්‍යවරු පැවසුවේ පැයක් පමණ දරුවාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා රැඳී සිටින ලෙසයි. පුතාට නින්ද යාම සඳහා එන්නතක් ලබා දුන් විට ඔහු හෙමින් නිද්‍රාගත වුණේ අපිට පුදුම සහනයක් ඇතිකරමින්. වෛද්‍යවරු ඕනෑම සෑහෙන පමණ හොඳ ශල්‍යකර්මයකට පහසුකම් හා වෛද්‍ය මණ්ඩලයක් සිටින බැවින් කලබල නොවන ලෙස ඔවුන් අපට දැනුම් දුන්නා. මේ වෙනවිට රාත්‍රී 9 පමණට ඇත. ඝන අඳුරේ නෞකාව වේගයෙන් ඉදිරියට ඇදේ.
ඔහු හෙමින් නිද්‍රාගත වූයේ කුමක් දුන් පසුද?
{ "answer_start": [ 314 ], "text": [ "එන්නතක්" ] }
ec6734fd-9b7c-4453-9f9a-e5f1b984ca17
කොකෝස් දූපත්වල සිනිඳු වැල්ලේ වාඩි වී නිරන්තරයෙන්ම අධිරාජ්‍ය විරෝධී අදහස් පළකළ ප්‍රනාන්දුට සේනාංකයේ සගයන් 56 දෙනාගෙන් 30 දෙනකු තම අදහස් කෙරෙහි නම්මාගන්නට පුළුවන් විය. ඔවුන් කැරැලිගසා බ්‍රිතාන්‍ය නිලධාරින් අත් අඩංගුවට ගෙන ජපාන සෙබළුන් සිටින ආසන්න දූපතකට කාලතුවක්කු සංඥා මගින් පණිවිඩයක් ලබාදීමටත් ජපනුන් එනතුරු දූපත් අල්ලා ගැනීමටත් කළ ඔහුගේ සැලැසුමට සගයෝ 30 දෙනෙක් එකඟ වූහ. කැරැල්ල හටගන්නේ 1942 මැයි 8 වැනිදා රාත්‍රී 8.30 ට පමණය. එරට රඳවා සිටි ලංකා ගැරිසන් කාලතුවක්කු ඛණ්ඩයේ සෙබළුන් 56 දෙනාගෙන් 30 දෙනෙක් බ්‍රිතාන්‍ය අණදෙන නිලධාරියා පැවරූ රාජකාරිවලට අකීකරුව ඔහු ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ වෑයමක යෙදුණහ. කැරලිකාරි හමු‌දා කණ්ඩායමේ අරමුණ වුණේ දූපත බ්‍රිතාන්‍යයේ පාලනයෙන් ඉවත් කර ජපානයට භාරදීමය. මෙය ජපානයේ උපදෙස් මත සිදුවූවක්ද නැතිනම් කැරලි කණ්ඩායමේ ස්වේච්ඡා තීන්දුවක් මත සිදුවූවක් දැයි පැහැදිලි නැතත් කැරලිකාරීත්වයෙන් බ්‍රිතාන්‍ය නිලධාරීහු වික්ෂිප්තභාවයට පත්වූහ.
කැරැල්ල හට ගන්නේ කවදාද?
{ "answer_start": [ 388 ], "text": [ "1942 මැයි 8" ] }
92e36273-9c04-4877-a12e-d7bc92ae361e
අල්ලස් ගැනීම සහ පුද්ගලයන් පැහැරගැනීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසාට චෝදනා එල්ල වී ඇති බවත්, පොලිසිය එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් දකුණු අප්‍රිකා මාධ්‍ය වාර්තා කරයි. රැම්පෝසාට මෙම චෝදනා එල්ල කරනු ලැබ ඇත්තේ, එරට හිටපු බුද්ධි අංශ ප්‍රධානී ආතර් ෆ්‍රේසර් විසිනි. රැම්පෝසා සහ ආතර් ෆ්‍රේසර් සමීප හිතවතුන් බව ද පැවැසෙයි. කෙසේ නමුත් මේ වනවිට දෙදෙනා අතර මත ගැටුම් නිර්මාණය වී ඇත. ආතර් ෆ්‍රේසර් පෙන්වා දී ඇති අන්දමට, 2020 දී, ජනාධිපතිවරයාට අයත් ඔහුගේ ලිම්පොපෝ ප්‍රාන්තයේ ගොවිපොල නිවසකට ඇතුළු වුණු සොරුන් කතණ්ඩායමක්, ජනාධිපතිවරයා සතුව තිබූ ඇමෙරිකන් ඩොලර් මිලියන 4 ක් සොරකම් කර තිබේ.
දකුණු අප්‍රිකා හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙක් වන්නේ කව්ද?
{ "answer_start": [ 275 ], "text": [ "ආතර් ෆ්‍රේසර්" ] }
9487dffa-2e20-4fc6-bcae-efa1a01f74fd
ඇලෙක්සැන්ඩර්ගේ තවත් බිරියක වූයේ තුන් වැනි ඩේරියස් රජුගේ දියණියක වූ දෙවැනි සැටේරියාය. ඉස්සූස්හි සටනින් පරාජය වූ ඩේරියස්ගේ බිරිය, මව හා දියණියන් දෙදෙනා ඇලෙක්සැන්ඩර්ගේ සිරකරුවන් බවට පත් වූ අතර ක්‍රි. ව. 324දී සූසාහි පැවැති මහා විවාහ මංගල උත්සවයක දී ඔහු සැටේරියා හා අර්තාසෙරෙක්සස්ගේ දියණිය වූ පැරිසටිස් සමඟ එකම දිනයේම විවාහ විය. එම විවාහ මංගල උත්සවයේ දී තවත් වංශවත් යුවතියන් 90 දෙනෙක් ඇලෙක්සැන්ඩර්ගේ හමුදා නිලධාරීන් හා විවාහ වූහ. ග්‍රීසියේ සාමාන්‍ය සිදුවීමක් වූ අතර ඇලෙක්සැන්ඩර් ස්ත්‍රින් සමඟ පමණක් නොව පුරුෂයන් සමඟද සබඳතා පැවැත් වූ බවට ඉතිහාසඥයෝ සඳහන් කරති. ඒ අතරින් ප‍්‍රකට චරිතයක් වනුයේ බගොආස්ය. ඩේරියස්ගේ හමුදාවේ සෙන්පතියකු විසින් ඇලෙක්සැන්ඩර්හට තිළිණයක් ලෙස නර්තන ශිල්පියකු වූ රූමත් බගොආස් පවරා දෙනු ලැබීය. ඔහු සමඟද, තවත් තරුණයන් දෙදෙනකු වූ එක්සිපිනස් හා හෙක්ටර් සමඟද, ජෙනරාල් හෙපෙස්ටියන් සමඟද ඇලෙක්සැන්ඩර් කිට්ටු ඇසුරක් පැවැත්වූ බවට ඉතිහාසඥයන්ගේ මතයයි. හෙපස්ටියන්ය තරුණ වියේ සිටම ඇලෙක්සැන්ඩර්ගේ සමීපතම මිතුරා විය. ඔවුන් දෙදෙනා තුළ වූ ප්‍රේමය ප‍්‍රකට වූවකි.
පැරිසටිස් යනු කාගේ දියණියද?
{ "answer_start": [ 262 ], "text": [ "අර්තාසෙරෙක්සස්ගේ" ] }
a4d2d621-20d2-42f7-9b1e-75baf2f813b7
දකුණු ඉන්දීය සිනමා නිළි ශයිෂා මීට මාස දෙකකට පෙර මවක් වු පුවත බොහෝ දෙනෙකු දැන් දන්නා කාරණයකි. පසුගිය ඔක්තෝබර් පළමුවැනිදාට යෙදි තිබුණ ලෝක ළමා දිනයදා ඇය සිය අලුත උපන් ගැහැණු දරුවට නම් තබා තිබෙන බව වාර්තා වෙයි. වාර්තාවන අන්දමට ඇය හා ඇගේ සැමියා වූ දකුණු ඉන්දීය සිනමා නළු ආර්යා අලුත උපන් ගැහැණු දරුවාට අරියානා නම තබා ඇත. කෙසේ වෙතත්, ආර්යා හා ශයිෂාගේ මෙම දරුවා ප්‍රසිද්ධියකින් තොරව උපන් දරුවෙක් වන අතර, අරියානා ඉපදි මාසයක් ගතවනතුරුත් ඇය ගැන කිසිදු මාධ්‍යයකින් වාර්තා නොවීම සුවිශේෂිත්වයකි.
දකුණු ඉන්දීය සිනමා නිළි ශයිෂා මවස් වූයේ කවදාද?
{ "answer_start": [ 30 ], "text": [ "මීට මාස දෙකකට පෙර" ] }
6c1ce31a-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාවහාරික විද්‍යා පීඨයේ ඉලෙක්ට්‍රෝනික දෙපාර්තමේන්තුවේ මහාචාර්ය කමල් විදානපතිරණ මහතා සහ මහාචාර්ය කුමුදු පෙරේරා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පශ්චාත් උපාධි අපේක්‍ෂක ඩබ්ලිව්.ඒ.ඩී.එස්. වීරසිංහ සහ වත්සලා ප‍්‍රසාදිනීගේ දායකත්වයෙන් මෙම පර්යේෂණය සිදු කෙරේ. පර්යේෂණය පිළිබඳව මහචාර්ය කමල් විදානපතිරණ මහතා අදහස් දැක්වූයේ මෙසේය. ‘‘දැනට රජය විසින් ක‍්‍රියාත්මක කරමින් පවතින සූර්ය බල ශක්ති සංග‍්‍රාමයේ නිවාස දශ ලක්‍ෂයකට සූර්ය පැනල ලබාදීමේ වැඩසටහන ඇතුළු විවිධ ඉලෙක්ට්‍රෝනික භාවිතයන් ඉලක්ක කරගෙන මෙම බැටරි හා විශේෂ ධාරිත‍්‍රක සැකසීමට අප තීරණය කළා."
"දැනට රජය විසින් ක‍්‍රියාත්මක කරමින් පවතින සූර්ය බල ශක්ති සංග‍්‍රාමයේ නිවාස දශ ලක්‍ෂයකට සූර්ය පැනල ලබාදීමේ වැඩසටහන ඇතුළු විවිධ ඉලෙක්ට්‍රෝනික භාවිතයන් ඉලක්ක කරගෙන මෙම බැටරි හා විශේෂ ධාරිත‍්‍රක සැකසීමට අප තීරණය කළා." යනුවෙන් ප්‍රකාශකරේ කවුරුන්ද?
{ "answer_start": [ 284 ], "text": [ "මහචාර්ය කමල් විදානපතිරණ මහතා" ] }
4793b99b-2016-492b-8a7c-d1e44c5812c2
දකුණු ඉන්දීය සුපිරි තරුව ලෙස අදටද සැළකෙන රාජිණිකාන්ත් හදිසියේම ඇමෙරිකාවට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඒ විශේෂ ගුවන් යානයකිනි. රාජිණිකාන්ත් මෙසේ ඇමෙරිකාවට ගොස් ඇත්තේ සිය වෛද්‍ය පරික්ෂණ කිහිපයක් සඳහාය. කෙසේ වෙතත්, මෙම ඇමෙරිකානු ගමනට රාජිණි සමගින් පවුලේ සාමාජිකයන් 14 දෙනෙකුද සහභාගි වූ බව වාර්තා වෙයි. රාජිණිගේ වැඩිමහල් දියණිය අයිශ්වර්යා මේ වනවිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ රැඳි සිටින අතර, ඒ ඇයගේ සැමියා වූ සිනමා නළු ධනුෂ් දායක වෙන හොලිවුඩ් චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහාය. රාජිණි ඇතුළු පවුලේ සාමාජිකයන් ඔවුන් සමග මේ වනවිට එකතු වී සිටින බවටද තොරතුරු ලැබෙයි.
දකුණු ඉන්දියාවේ සුපිරි තරුව කවුරුන්ද?
{ "answer_start": [ 41 ], "text": [ "රාජිණිකාන්ත්" ] }
ddff09f5-ede2-478f-9936-42f4c0904fb8
චීන යුවලවලට දරුවන් තිදෙනකු සදහා අවසරය ලැබෙන බව එරට රජය නිවේදනය කර තිබේ. ලොව වැඩිම ජනගහනයක් ජීවත් වන රට වන්නේ චීනයයි. චීනය මෙතෙක් කල් අවසර දී තිබුණේ දරුවන් දෙදෙනකුට පමණක් වන අතර එම ප්‍රතිපත්තියේ ප්‍රධාන වෙනසක් කරමින් මෙම පියවර ගෙන තිබේ. මෑතකාලීනව නිකුත් වූ දත්තවලට අනුව චීනයේ උපත් අනුපාතය පහළ ගොස් ඇත. ජනගහනය පාලනය කිරීමේ අරමුණින් චීනය වසර ගණනාවක් එක් යුවලකට හැදීමට අවසර දී තිබුණේ එක් දරුවකු පමණි. චීනය 2016 වසරේ දී එම ප්‍රතිපත්තිය වෙනස් කළේය. ආර්ථිකයට එල්ල වන අවදානම හා තර්ජනයත් එරට වැඩිහිටි ජනගහනය වැඩිවීමත් යන කරුණු මුල් කරගනිමින් චීනය එලෙස 2016 වසරේ දී එම ප්‍රතිපත්තිය වෙනස් කළේය.
ලොව වැඩිම ජනගහනයක් ජීවත් වෙන රට කුමක්ද?
{ "answer_start": [ 109 ], "text": [ "චීනයයි" ] }
8facaa96-23e0-4c93-88a4-1d37ae3d4713
ෆෙඩෝරා තොප්පියද පිරිමින් අතර ජනප්‍රිය වූ විලාසිතාවකි. මේ විලාසිතාවේ විශේෂත්වයක් වන්නේ තොප්පිය වටා පීත්ත පටියක් සවිකර තිබීමයි. 1894 වර්ෂයේ දී ජෝර්ජ් ඩු මොරියර්ගේ නවකතාවක විස්තර කිරීම හේතුවෙන් ජනප්‍රිය වූ ට්‍රිල්බි තොප්පිය අළු පැහැති හෝ කළු පැහැයෙන් සාදන ලද්දකි. ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලද මේ ආකාරයේ තොප්පි භාවිතා වෙයි. ජර්මනියේ හත්වැනි එඩ්වඩ් රජු විසින් පැළඳ කළු පැහැති තොප්පියද ඉතාමත් ජනප්‍රිය වූළුකි. එය වින්ස්ටන් චර්චිල් සහ ඇන්තනි ඊඩන් වැනි අගමැතිවරුන් විසින් පවා භාවිතා කර ඇත. මෙය හඳුන්වන්නේ හොම්බර්ග් තොප්පිය යනුවෙනි.
ජර්මනියේ හත්වැනි එඩ්වඩ් රජු විසින් පැළඳ කළු පැහැති තොප්පිය හඳුන්වන්නේ කිනම් නමකින්ද?
{ "answer_start": [ 494 ], "text": [ "හොම්බර්ග් තොප්පිය යනුවෙනි" ] }
e0ffafc7-6427-4c97-ba43-239526a7d1ff
ඔහු අතුරුදන් වූයේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ දී වෙනත් බන්ධනාගාර අතර සිරකරුවන් හුවමාරු කෙරුණ දිනයකදීය. එනම් 2018 නොවැම්බර් 17 වෙනිදාය. එලෙස හුවමාරුවන සිරකරුවන් රැගෙන ඒමට කළුතර බන්ධනාගාරයෙන් වාහනයක් රැගෙනවිත් තිබියදී බන්ධනාගාර නිලධාරින් යටතේ සිටි සැකකරු පලා ගියේය. කෑගල්ලේ බන්ධනාගාරයෙන් පැමිණි නිලධාරියා පවසන්නේ කෑගල්ල හා කළුතර බන්ධනාගාර අතර සිරකරුවන් කළුතරින් පැමිණි බන්ධනාගාර නිලධාරියාට භාරදුන් බවය. සාමාන්‍යයෙන් සැකකරුවෙක් බන්ධනාගාර රථයකින් රැගෙන යන විට ජේලර්වරයෙකු, මාංචු නිලධාරියෙකු, සැරයන් වරයෙකු, බන්ධනාගාර අවි නිලධාරීන් දෙදෙනෙකු ද සිටිය යුතුය. විශේෂ සැකකරුවෙක් රැගෙන යන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පොලිසියෙන් ලිඛිත ඉල්ලීමක් කර අවශ්‍යතාව අනුව පොලිස් නිලධාරින් කීප දෙනෙක් ආරක්ෂාවට කැඳවා ගත යුතුව ඇත. මෙම සැකකරු ද අවස්ථා කීපයක දී පැන යාමට උත්සාහ කළ මුදල් අල්ලස් දී පවා පලා යාමට උත්සාහ කළ විශේෂ ගණයේ සැකකරුවෙකි. ඒ නිසා එවැනි සැකකරුවෙකු තනිවම පැමිණ බාරගන්නා ජේලර්වරයෙකුට භාරදුන්නේ කෙසේ ද?
සිරකරුවන් රැගෙන ඒමට වාහනයක් ගෙනවිත් තිබුණේ කොහෙන්ද?
{ "answer_start": [ 168 ], "text": [ "කළුතර බන්ධනාගාරයෙන්" ] }
e5695012-0248-4d0b-95d9-66cbf9921bb0
මීට පසුව මෙම කටයුත්ත සඳහා ඉදිරිපත් වූයේ වේපත ඉර සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පැවිදි සොහොයුරු වල්පිට මේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේය. උන්වහන්සේ 1878 දී හතරැස් කොටුවේ ධාතු නිධානෝත්සවයද කොට 1889 දී චෛත්‍ය රාජයන් වහන්සේගේ ඉතිරි වැඩ කොටස නිමාවට පත් කළ බව පොත්පත්වල සඳහන් වේ. උන් වහන්සේගෙන් තිස්සමහාරාම මහා සෑයේ දියුණුව සඳහා සැලසුණු සේවාව උදාරය. මෙහි දියුණුව කෙතරම්ද යත්, එවකට ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ සර් ජේම්ස් රොබට් ලින්ටන් නැමැත්තා 1882 දී තිස්සමහාරාමයට පැමිණි අවස්ථාවේ වල්පිට මේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙහි අධිපතිකමට පත් කරන ලද අතර, තිස්සමහාරාමය හා සඳගිරි වෙහෙරද යන උභය විහාරයම සියම් සමාගමට පැවරීමද සිදුකර තිබේ. මෙයින් අපට පැහැදිලි වන්නේ එතුමා අබෞද්ධයෙකු වුවත්, මෙහි ඓතිහාසික වැදගත්කම තේරුම් ගත් බවය. ක්‍රි.ව.1895 දී වල්පිට මේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ජේ.ඒ.අමරසිංහ හා ඩී.ඇම්.ඇම්.ජයවික්‍රම යන මහතුන්ගේ සහායෙන් දේවතා කොටුවේ ධාන නිධානෝත්සවය සිදුකර ඇත. මින් පසුව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ලේ කටයුතු ආරම්භ කළ යුතු විය. මේ සඳහා 1897 දී තිස්සමහාරාම විහාර කාර්ය සාධක සමිතිය බිහි වී ඇත. මේ මගින් කොත් කැරැල්ලේ කටයුතු නිමවා ක්‍රි.ව.1900 දී කොත් පැලඳවීම ද සිදු කරන ලද අතර, ඒ සඳහා එම වර්ෂයේම පොසොන් පුර පසළොස්වක පොහොය යොදාගෙන තිබේ. කොත මුදුනේ පැලඳ වූ සිළුමිණ බෝහිමියාවෙන් ගෙන්වන ලද රක්ත වර්ණ දියමන්තියක් බව අතීත තොරතුරු ඔස්සේ වාර්තා වේ.
උන්වහන්සේ හතරැස් කොටුවේ ධාතු නිධානෝත්සවය සිදු කළේ කවදාද?
{ "answer_start": [ 143 ], "text": [ "1878 දී" ] }
86a35347-d41f-4a46-b263-b8127bf60982
බොලිවුඩ්යේ ජනප්‍රියම පෙම්වතුන් යුවළක් වන රන්බිර් කපූර් හ ආලියා භාට්ගේ විවාහ මේ වනවිට 2023 වසර දක්වා කල්ගතව ඇති බවට තොරතුරු වාර්තා වෙයි. 2023 දක්වා තම විවාහය කල් යන බව ආලියා පවසා ඇතිමුත් රන්බිර් තවමත් ඒ පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර නොමැති බව සඳහන් වෙයි. රන්බිර් හා ආලියාගේ විවාහය මේ වසරේ දෙසැම්බර් පවත්වන්නට නියමිතව තිබුණද පසුව එය ලබන වසරේ අප්‍රේල් දක්වා කල් දමන්නට සිදුවිය. කෙසේ වෙතත්, දැන් බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වි ඇත්තේ කිහිප වරක් අවලංගු වු මෙම විවාහය ඉදිරියේදීද නිශ්චිතව සිදුවේද යන්නය.
රන්ඛීර්ගේ හා ආලියාගේ විවාහය කල් ගොස් ඇත්තේ කුමන වසර දක්වාද?
{ "answer_start": [ 85 ], "text": [ "2023" ] }
c6f38316-c4e3-41d2-9b8f-bc8941b6c7a2
අගෝස්තු නිවාඩුවට නැවත ගියාම අපි හිටවපු වට්ටක්කාවලින් මෑවලින් වැටකොලුවලින් අස්වැන්නත් අරගෙන තමයි ගෙදර එන්නේ. කිසිම පොහොරක් නැහැ. ඉබේටම ගෙඩි හැදිලා තියෙනවා. මඩොල්දූව පරාදයි. උපාලිලා ජින්නලාට වගේ සුන්දර ළමාවියක් දෙමටගොඩ අපිට තිබුණා. වෙල්යාය දිගේ රාජගිරියේ ආයුර්වේදය දක්වා යන්න පුළුවන්. අනිත් පැත්තෙන් බයිසිකල්වල නැගලා මෝදර දක්වා ගිහින් අපි මුහුදේ නාලා එනවා. අද වගේ කොන්ක්‍රීට් වනාන්තර නෙවෙයි ඇසට ප‍්‍රිය උපදවන කොළ වර්ණයෙන් පිරි ප‍්‍රදේශයක් තමයි ඒ කාලේ දෙමගොඩ. මුළු වෙල්යායේම වනරොදවල්වල වල් ඌරෝ කොරවක්කෝ, මයිනෝ, ගිරව්, සැළලිහිණි හිටියා.
වෙල්‍යාය දිගේ යන්න පුලුවන් කොහේටද?
{ "answer_start": [ 243 ], "text": [ "රාජගිරියේ ආයුර්වේදය දක්වා" ] }
79bbfc2b-0ba4-4e55-8e52-b2b9af1a4ca4
හිතා මතා කටකථා පැතිරවීම නිසා සමාජය අවුල් වියවුල් භාවයට පත්වේ. එයද ධර්මයට විරුද්ධය. එයින් ලබන ආශ්වාදය හෝ විනෝදය අයහපත පිණිස පවතී. මිනිසුන්ගේ ජීවිත පවුල් පිටින් විනාශය කරා ගෙනයන මත්ද්‍රව්‍ය, මත්වතුර භාවිතා කිරීම නිෂ්පාදනය වෙළඳාම පවා ධර්මයට පටහැනිය. ඒවායින් සිදුවන විනාශය නිමක් නැත. පවුල් අවුල් වීම, රෝගී ජනතාවක් බිහිවීම, බෙලහීන වීම, අවසිහියෙන් වැඩකිරීම ආදී කොපමණ විනාශයක් ඇතිවන්නේද? ඒ සියල්ල සිදුවන්නේ ධර්මයට පටහැණිව ක්‍රියා කිරීම නිසාය. අද අන් ජාතීන්ට වඩා ගම් නියම්ගම් බලන විට මතින් වඩාත් පිරිහෙන්නේ සිංහල බෞද්ධයා බව පෙනෙන්නට තිබේ. අන්‍ය ජාතීහු තමන්ගේ ආගම නාමයෙන් මත් නොවෙති. සිංහල බෞද්ධයාට මත්වීමට කිසිම බාධාවක් ආගමෙන් නැති ගානය. පංචශීලයේ පස්වෙනි සිල්පදය කුමක්ද කියාවත් සිංහල බෞද්ධයන් සමහරෙක් නොදන්නවා සේය. මේවා ලියන්නේ වේදනාවෙනි.
අද අනිත් ජාතීන්ට වඩා මතින් පිරිහෙන්නේ කව්ද?
{ "answer_start": [ 499 ], "text": [ "සිංහල බෞද්ධයා" ] }
9d3851c3-a00f-454b-b641-a565b14e14a6
ප්‍රකට ගත් කතුවරයෙකු වූ ඔස්කා වයිල්ඩ්ද කරපටිය ගැන මෙසේ කියා ඇත. මනාව ගැට ගසන ලද ටයි පටිය ජීවිතයේ පළමු බැරෑරුම් පියවරයි. 1880 ගණන් වෙන විට අන් අයෙකුගේ කරපටිය ස්පර්ශ කිරීම වනාහි ද්වන්ධ සටනකට අභියෝග කිරීමක් විය. අපට අද දැක හුරු පුරුදු කරපටි වර්ග මෙකල ඒවායේ මූලික අවදීන්හි පරිණාමය වෙමින් පැවතිණි. 1920න් පසුව කරපටිය එතෙක් පැවති පෙනුම වෙනස් වීම කෙරෙහි දායක වූයේ නිව්යෝර්ක්හි විසූ කරපටි මසන්නෙකු වූ ජෙස් ලැන්ඩෝර්ෆ් විසින් කරපටි මැසීමට පෙර කැපීම සඳහා නව ක්‍රමයක් සොයාගත් බැවිනි. එක්තරා කෝණයකට අනුව කපන ලද මෙම කරපටිය කොටස් තුනක් එකතු කර මසන ලද්දක් වූ අතර පැළඳ සිටින විට ඇඹරීම ද දක්නට නොලැබිණි. සෝදා නැවත අඳින හැම වතාවකම එහි හැඩය නොවෙනස්ව පැවතිණි. මෙම නව නිපැයුම නිසා කරපටිය සඳහා තවත් ගැට වර්ග රැසක් භාවිත කරන්නට අවස්ථාව ලැබිණි.
මනාව ගැට ගසන ලද ටයි පටිය යනු කුමක්ද?
{ "answer_start": [ 89 ], "text": [ "ජීවිතයේ පළමු බැරෑරුම් පියවරයි" ] }
e9e4547c-ab2b-4ed2-aa09-528b4b1baab8
ගොඩනැගිල්ලේ සැලසුම්කරු එවකට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ නම් දරාපු ගෘහ නිර්මාණ ශිල්පියා විය. ගොඩනැගිල්ල ඉදිකිරීම් භාරවූයේ එවකට සුප්‍රසිද්ධ ගොඩනැගිලි ඉදිකිරීම්කරුවකු වූ මරික්කර් බාස් නම් තැනැත්තාටය. අදටත් දක්නට ලැබෙන පැරණි නගර ශාලාව මෙන්ම මහතැපැල්හල ගොඩනැඟූ පුද්ගලයා ලෙස ගැනෙන්නේ ඔහුය. පැරණි නගර ශාලාවේ ඇති පුවරුවක ඔහුගේ නම පැහැදිලිවම දක්වා ඇත. මරික්කාර් නාමය අදත් සිහිගන්වන මාර්ගයක් අද කොටුවේ ඇත. ඉපැරණි ටයිම්ස් ගොඩනැගිල්ලත් ලංකාවේ පළමු ලංකා ගොඩනැගිල්ලත් දෙපස ආරම්භයේ ඇති එම මාර්ගය සර් රසික් ෆරිඩ් මාවතය. ශ්‍රීමත් රසික් ෆරිඩ්ගේ සීයා වන්නේ මරික්කාර් ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමේ මුල් හිමිකරුය. කෞතුකාගාරය ඉදිකිරීමේ කටයුතුවලට ආණ්ඩුකාරයා පෞද්ගලිකව මැදිහත් වීමටත් ඊට අවශ්‍ය පහසුකම් ලබාදීමටත් දක්වා ඇත්තේ දැඩි උත්සාහයකි. කෞතුකාගාරය විවෘත කළ දිනය ලෙස සැලකෙන්නේ 1877 ජනවාරි 1 වැනි දිනදීය. ඩී.එස්. සේනානායක අගමැතිවරයා වූ යුගය දක්වා කෞතුකාගාරයට සිකුරාදා දිනය නිවාඩු දිනයක් වී ඇත. ඊට හේතු වී ඇත්තේ ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරු වූ මුස්ලිම් බැතිමතා ආණ්ඩුකාරගෙන් කරන ලද ඉල්ලීමකි. තමන් පල්ලි පිළිවෙත් ඉටු කරන දිනය වන සිකුරාදා ට කෞතුකාගාරය විවෘත නොකරන ලෙස ඔහුගේ ඉල්ලීම විය. ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරු මරික්කාර්ගේ මුනුපුරා වූ සර් රසික් ෆරිඩ් තම අනුමැතිය මේ සඳහා ලබා දී ඇත.
මරික්කාර් ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමේ මුල් හිමිකරු කව්ද?
{ "answer_start": [ 506 ], "text": [ "ශ්‍රීමත් රසික් ෆරිඩ්ගේ සීයා" ] }
8d51cf7c-27b7-43cc-a37b-dd319da70070
කොන්ග්කා ලා හිමාල කඳුවැටියේ උස් වූ වැටියක පිහිටි දුර්ගයකි. එය ඉන්දු - චීන දේශ සීමාවේ ලඩක් ආසන්නයේ පිහිටා තිබේ. එහි ඊසාන දිග කොටස අක්සායි චින් නමින් හැඳින්වෙන අතර එහි අයිතිය චීනයට වන අතර නිරිතදිග ප්‍රදේශයේ අයිතිය ඉන්දියාව සතුය. එය ලඩක් නමින් හැඳින්වෙයි. 1962දී ඉන්දු චීන යුද්ධය පැවතියේ මෙම දේශසීමාවේය. ජනශූන්‍ය ප්‍රදේශයක් වන මෙහි දෙපාර්ශ්වයේම සම්මුතිය අනුව මුර සංචාර සිදු නොකෙරේ. ලඩක් වෙත පැමිණෙන සංචාරකයන්, බෞද්ධ භික්ෂූන් හා ලඩක්හි වැසියන්ට අනුව දේශ සීමාව පමණක් ඉන්දු - චීන හමුදා විසින් ආරක්ෂා කරනු ලැබේ.
හිමාලයේ පිහිටි දුර්ගය කුමක්ද ?
{ "answer_start": [ 0 ], "text": [ "කොන්ග්කා ලා" ] }
ac37aad4-63a2-4533-823d-f910780a5e09
ඉකුත් අප්‍රේල් මස දිනක ඔරුවල ගල්වරුසාව පාරේදී වැලි ව්‍යාපාරිකයකු මෙන්ම පාතාල සාමාජිකයකු වූ පොඩි සුදුවා නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් මීට පෙර ඌරුජුවා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු ඒ වෙනුවෙන් තවමත් රිමාන්ඩ් භාරයේ පසු වේ. ඔහු රිමාන්ඩ් භාරයේ සිටියදී ද ඔහු විසින් සිදුකරන කප්පම් ගැනීම් සහ අපරාධවල අඩුවක් නොවූ අතර බන්ධනාගාරයේ සිට දුරකතනය ඔස්සේ ගෝලයන් ලවා ඒ සියලු අපරාධ සිදුකරගෙන ගියේය. සමයංගේ ඝාතනයෙන් පසු හංවැල්ල, ඇඹුල්දෙණිය, ජල්තර කඩුවෙල යන ප්‍රදේශවල වෙළෙඳ ප්‍රජාව සැනසුම් සුසුම් හෙළුවද සමයංගේ අඩිපාරේ යමින් සිටි ඌරුජුවා එම සියලු ක්‍රියාකාරකම් ඒ අයුරින්ම සිදුකරගෙන ගියේය. ඌරුජුවාට ගෝලයින් රැසකි. අත්අඩංගුවේ පසුවන්නේ ඉන් 8 දෙනෙක් පමණි.
ඔරුවල ගල්වරුසාව පාරේදී වැලි ව්‍යාපාරිකයකු මෙන්ම පාතාල සාමාජිකයකු වූ පොඩි සුදුවා නමැත්තා වෙඩි තබා ඝාතනය කළේ කව්ද?
{ "answer_start": [ 222 ], "text": [ "ඌරුජුවා" ] }
c255c13a-d5e0-4840-955b-090d51a2ad1f
සුප්‍රකට විචාරක ජයවිලාල් විලේගොඩ විසින් ප්‍රේම තරගය චිත්‍රපටය පිළිබඳ ලියන ලද සමාලෝචනයක මෙසේ සඳහන් වෙයි. මෙතක් නිපදවන ලද දීර්ඝතම සිංහල චිත්‍රපටය වීමේ වාර්තාව පිහිටුවූ ප්‍රේම තරගය අන් තැනකින් සොරාගත් කතාවක් ඇඟට නොදැනී චිත්‍රපටයට ඇතුළත් කිරීමෙන් නිපදවන ලද වුවත් හියුගෝ ප්‍රනාන්දු අතින් ලියැවුණු දෙබස් හා පදමාලා ප්‍රේම තරගයට ආලෝකයක් ලබාදුන්නේය. කැකිරි ගෙඩි පිරිමදිමින් විකට නිළියක ගයන ගීය හා තවත් ගෙඩි වර්ගයක් දැක විකට නළුවකු කරන අනුස්මරණය ආදී අසභ්‍ය ජවනිකා චිත්‍රපටය තුළට බලෙන්ම රිංගවා තිබුණි.
ඇඟට නොදැනී චිත්‍රපටයට ඇතුළත් කර තිබුණේ කුමක්ද?
{ "answer_start": [ 178 ], "text": [ "අන් තැනකින් සොරාගත් කතාවක්" ] }
2fa59383-15ec-4695-a7f4-eec130e865f5
එය ලොවම කම්පා කළ මහා ඛේදවාචකයක් විය. යානයට සිදුවුණේ කුමක්දැයි දැනගැනීම අත්‍යාවශ්‍ය විය. ඊට හේතුව ඒ වනවිටත් තවත් මැලේසියා යානයකට ඛේදනීය ඉරණමක් අත්වීමය. ඒ, මැලේසියා ගුවන් සේවයට අයත් එම්.එච්. 370 යානයයි. 370 යානය අතුරුදන් වී තිබුණි. එම්.එච්. 370 ගුවන් යානය මගීන් 227 දෙනකු ද සමඟ ලොවෙන් සඳහටම අතුරුදන් වූයේ 2014 වසරේ මාර්තු 8 වැනිදාය. ඒ වනවිට එය මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජීං බලා පියාසර කරමින් තිබුණි. අද වනවිට එම්.එච්. 370 යානයේ අතුරුදන් වීම නොවිසඳුණු අබිරහසක් බවට පත්වී අවසන්ය. එම්.එච්. 17 ගුවන් යානය පුපුරා විනාශ වුණේ එය ප‍්‍රහාරයකට ලක් වීමෙන් නම්, යානයට පහර දුන්නේ කවුරුදැයි යන්න දැන ගැනීම අවශ්‍ය විය. යානයට සිදුවුණේ කුමක්දැයි දැන ගන්නට මැලේසියානු බලධාරීහු පමණක් නොව, ලොව සැවොම යුහුසුලු වූහ. යුද පිටියකට ඉහළින් පියාසර කළ යානය විනාශ වූයේ එය ප‍්‍රහාරයකට ලක්වීමෙන් යැයි බොහෝ දෙනාගේ අනුමානය විය. පහර දී යානය විනාශ කළේ රුසියානු හිතවාදී, බෙදුම්වාදී කැරැලිකරුවන් යැයි යුක්රේන රජය චෝදනා කළේය.
එම්.එච්. 370 ගුවන් යානය පියාසර කරමින් සිටියේ කොහේ සිට කොහාටද?
{ "answer_start": [ 342 ], "text": [ "මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජීං බලා" ] }
b2c40d21-26c4-45f6-ba61-895f680661e1
“මේවන විටත් අපි පර්යේෂණ ආරම්භ කර අවසන්. අවිස්සාවේල්ල, හැටන් හරහා අපි ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල දක්වා ජීවත්වන සිතැසියන්ගේ ලේ සාම්පල් ඔවුනට අනතුරක් නොකර ලබාගෙන එමගින් ජානමය තත්ත්වය නිරීක්‍ෂණය කරනවා. එහිදී ජාන සංසරණය, ජාන කිටුව, දේහ ලක්‍ෂණවල විහිදීම ඇතුළු ඉතා පුළුල් පරාසයක දත්ත අපි ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. එමගින් ඔවුන්ගේ ජානමය විවිධත්වය සොයාගන්න පුළුවන්. එමෙන්ම ඔවුන්ගේ පරිණාමය පිළිබඳව වැදගත් තොරතුරු අනාවරණය කරගැනීමටත් හැකිවෙනවා. අලූත් සත්ව විශේෂ ඇතිවීමට බලපාන ජාන විශේෂ හඳුනාගැනීමටත් එමගින් ජෛව විද්‍යාත්මක යාන්ත‍්‍රණයක් නිර්මාණය කිරීමටත් අපි අදහස් කරනවා.
ජානමය විවිධත්වය සොයාගන්න යොදගන්නා පරාසය නම් කරන්න ?
{ "answer_start": [ 208 ], "text": [ "ජාන සංසරණය, ජාන කිටුව, දේහ ලක්‍ෂණවල විහිදීම" ] }
6f505be5-f100-47c5-8551-53b8ecdcb3ca
මධ්‍යම පැරීසියේ 11 දිස්ත්‍රික්කයේ පිහිටි චාර්ලි හෙබ්ඩෝ සඟරාවට අයත්ව තිබූ කාර්යාලය ඉදිරියේදී පිහි ප්‍රහාරය සිදුව ඇතැයි ද ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා කීය. චාර්ලි හෙබ්ඩෝ සඟරාවේ කර්තෘවරුන්, කාටුන් ශිල්පීන් ඇතුළු මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් 2015 වසරේ ජනවාරි මාසයේදී ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරය එල්ල කළ සහ එම අපරාධයට සහාය දුන් අය සම්බන්ධ නඩු විභාගය මේ වනවිට පැවැත්වෙමින් තිබේ. එම ප්‍රහාරයෙන් ප්‍රංශයේ සුප්‍රකට කාටුන් ශිල්පීන් ඇතුළු 12 දෙනෙක් මරුමුවට පත්වූහ. සයිද් සහ චෙරිෆ් කොවුආචි යන සහෝදරවරුන් එම ප්‍රහාරය එල්ල කර තිබූ අතර අල්කයිඩා සංවිධානයේ ශාඛාවක්ද ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි.
එම කාර්යාලය ඉදිරියේ සිදුවුයේ කුමක්ද
{ "answer_start": [ 92 ], "text": [ "පිහි ප්‍රහාරය" ] }
47732a07-fdde-4bb2-b14e-df007eefdcb6
ජාත්‍යන්තරයේ පිළිගැනීම ලබාගැනීමට පෙර තලේබාන් සංවිධානය රට සුජාතභාවය සහ නිත්‍යනුකූලභාවය ඇති කරගත යුතු යැයි ද ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි ඉකුත් දා පැවැසීය. වොයිස් ඔ‌ෆ් ඇමෙරිකා පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපතිවරයා ඒ බව පවසා ඇත. තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය තුළ පිළිගැනීමට ලක්වීමත් රට තුළ සිය සුජාතභාවය සහ නීත්‍යනුකූලභාවය ඇති කරගැනීමටත් මැතිවරණයක් පැවැත්විය යුතු බවත් එසේ නැතිනම් නෛතික මන්ත්‍රණ සභාවක් වන ‘ලෝයා ජිර්ගාවේ’ බලය තහවුරු කරගත යුතු බවත් හෙතෙම කීය.
නෛතික මන්ත්‍රණ සභාව හදුන්වන වෙනත් නමක් සදහන් කරන්න.
{ "answer_start": [ 455 ], "text": [ "‘ලෝයා ජිර්ගාවේ’" ] }
765d5c07-f748-45cd-88a3-a6c98d804c5b
ඉන්පසු උදාවූයේ අඳුරු කාල පරිච්ඡේදයකි. යාපන රාජධානිය පාලනය කළ දෙමළ සන්කිලි රජුට අලුත් ක්‍රිස්තු ලබ්ධිකයන් පිළිබඳ තොරතුරු සවනත වැකුණි. සුබාරංචිය පිළිබඳ ආරංචි හිතට වදදෙමින් තිබිණ. ඵ් තම රාජ්‍යයේ තම යටත්වැසියන් රාජ්‍යයේ විශ්වාසය බිඳහැර වෙනත් විශ්වාසයක් යයි කියන්නාවූ කිතු දහමක් වැළඳගෙන තිබීම හේතුවෙනි. දේශනාකාරයා පැවසූ එක් කරුණක් සන්කිලි රජුගේ සිත තදබල ලෙස කෝපගන්වා තිබිණ. දේව පාලනයට විරුද්ධ වන අය දෙවියන් ඉවත් කරනවා. දේව රාජ්‍යය පැමිණේවා කියල ඉල්ලන එකෙන් කරන්නේ මිනිස් ආණ්ඩු වෙනුවට දේව රාජ්‍යය පිහිටුවන ආණ්ඩු ඕන කියලා කියන එකයි. කෲරතර ඝාතනය ඇරඹිණ. සාමය හා ජීවනය පතා කැප වී සිටි හයසීයකට ආසන්න ස්ත්‍රී, පුරුෂ, බාලයන්ට මරණය පතා අවි එසවිණ. ඔව්හු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය උදෙසා සිය රුධිරය වගුරුවමින් දිවි පිදූහ. දෙවියාගේ සත්‍ය විශ්වාසය වැළඳ ගත්හ. මන්නාරම් වැල්ල රක්ත වර්ණයෙන් බැබළිණ. කරදිය රසයට ලේ රසය මුසුවිණ. සාතන් හෙවත් සන්කිලි රජුගේ සිත සතුටට පත්වුණි. ලංකා ක්‍රිස්තු ඉතිහාසයේ පළමු ම්ලේච්ඡ මනුෂ්‍ය ඝාතන සංහාරය එසේ සටහන්ව තිබිණ. මන්නාරමේත් එය අවට ප්‍රදේශයේත් රෝපණය කරන ලද අලුත් ක්‍රිස්තු ලබ්ධියට ඵය හානිකර නොවිණි. ඝාතනය ක්‍රිස්තු භක්තිකයන් ඉහළ යාමට හේතුවක් වී තිබිණි. වර්ෂ 1583 දී උතුරු ක්‍රිස්තු ලබ්ධිකයන් 43000 ක් දක්වා වැඩි වී තිබිණ. ක්‍රිස්තු දේවස්ථාන විසිහයක් ගොඩනැගී තිබිණ. එක් දේවස්ථානයක් මන්නාරමෙන් සැතපුම් හයක් රට ඇතුළට වන්නට ඉදිවී තිබිණ. එම ප්‍රදේශය මාන්තෙයි නමින් හැඳින්විණි. අද මඩු මෑණියන් නමින් හඳුන්වන එකල ජපමාල මෑණියන් නමින් හැඳින්වූ මාතාවන්ගේ මුල් ගෘහය එය වී තිබිණ. ලන්දේසින්ගේ ලංකා ගමනය ක්‍රිස්තු ලබ්ධිකයන්ට මහත් පීඩාවක් ගෙන දුනි. ඒ ඔවුන්ද ක්‍රිස්තු භක්තිකයන්ට විරුද්ධ වූ බැවිනි. ජපමාල මාතාවන් බරපතළ අනාරක්ෂිත තත්ත්වයකට පත්වුණි. ආරක්ෂාව සඳහා ජපමාලා මාතාවන් සඟවා තැබීමට තීරණය කෙරිණි. ඔවුන්ට ආත්මික සහනය ලැබීමට පියවරුද නොසිටියහ. සතුරු කරදරවලින් ප්‍රතිමාව බේරාගත යුතුව තිබිණ. පවුල් විස්සක් එකතුව ගත් තීරණයක් මත ප්‍රතිමාව නුවර රාජධානියට ගෙන ගියහ. වර්ෂ 1670 දී වන්නි වනාන්තරය හරහා ගිය එම ගමනට ස්වර්ගීය මෑණියන්ගේ ආශිර්වාද රැකවරණය ලැබී තිබිණි.
ඉන්පසු උදවු අඳුරු කාල පරිච්ඡේදයදී යාපන රාජධානිය පාලනය කළ දෙමළ රජු කවුද ?
{ "answer_start": [ 61 ], "text": [ "දෙමළ සන්කිලි රජුට" ] }
17ace59a-feae-4925-bd19-5f9cb78eff61
දෙමළ පාතාලය යැයි කීවද සුදාකරන්ගේ පාතාල කල්ලිය සමග එක් වූ මුස්ලිම් අය මෙන්ම සිංහලයින්ද විය. නවුපර් මොහොමඩ් නියාස් හෙවත් පොට්ට නවුපර් ඉන් එක් අයෙකි. මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් ඔහුට මරණ දඬුවම් නියම විය. සුදාකරන්ට එක් වූ සිංහලයන් දෙන්නෙකි. ඒ නෙලුව හේවගේ උදය ප්‍රියදර්ශන නොහොත් මල්ලියා හා ජයකොඩි ආරච්චිගේ ඕල්කට් පෙරේරා හෙවත් බොරැල්ලේ ඕල්කට්ය. බොරැල්ලේ උපන් ඕල්කට් අවුරුදු දහඅටක් වැනි ඉතාමත් ළාබාල වයසේදී පාතාලයේ අත්පොත් තැබූවෙකි. කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසලක අධ්‍යාපනය ලබා සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය සුදුසුකම් ඉහළින්ම ලබා සිටි ඕල්කට් පෙරේරා පවුලේ ඥාතීන් පිරිසක් සමග ඇති වූ ආරවුලකින් සීයාත් පියාත් ඝාතනයට ලක්වීමෙන් පසු තමන් වෙතද එල්ලවූ මරණ තර්ජන හමුවේ එයට පිළිතුරු දෙනු පිණිස පාතාලය සොයා ගිය අයෙකි. ඔහුට පාතාලයේ අත්පොත් තැබුවේ තෙල්බාලාය. ඔහු 2010 දී පොලිස් විශේෂ කාර්ය බළකායේ වැටලීමකදී වෙඩි කා මිය ගියේය.
දෙමළ පාතාලය යැයි කීවද සුදාකරන්ගේ පාතාල කල්ලිය සමග එක් වූ අය කවුද ?
{ "answer_start": [ 57 ], "text": [ "මුස්ලිම් අය මෙන්ම සිංහලයින්ද" ] }
c93d7b8c-f60d-4b18-916a-344f49e5106f
මේ ආකාර වූ ඓතිහාසික වටිනාකමක් සහිත ඉසිපතන මිගදාය වසර ගණනාවකට පසු සශ්‍රීකත්වයට පත්කර ඇත්තේ අශෝක රජතුමාය. ඔහු විසින් බුද්ධ චරිතය හා බැඳුණු ඒ භූමියෙහි පිහිටි විශේෂ ස්ථාන අලංකාර ආරාම ලෙසින් නිමවා පූජා කටයුතු කර තිබේ. සංකම්පයං දස සහස්සිය ලෝක ධාතුං දේසේසි යත්‍ර භගවා වර ධම්ම චක්කං බාරානසී පුර සමීපවනේ මිගානං තං ධම්මේවිතිය මහං සිරසා නමාමි මේ ආකාර වූ වන්දනාවට බඳුන් වෙන්නේ ධම්මරාජික ස්ථූපයයි. මෙය බුදුරජාණන් වහන්සේ විසින් පස්වග මහණුන් අරභයා පළමුවෙන්ම දම්සක්පැවතුම පැවැත්වූ ස්ථානයෙහි නිමවා ඇත්තේය. මෙම ස්ථානයෙහිදී එම මංගල ධර්ම දේශනාව ශ්‍රවණය කළ කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් වූවේය. එසේම පළමු සංඝයා වහන්සේලා පිරිස ශාසනයට එක් වූයේද මෙහිදීය. මීට අමතරව ලොව පතළ වූ සියලු බුදුරජාණන් වහන්සේලාගේ පළමු දම්දෙසුම පවත්වා ඇත්තේද මෙම ස්ථානයේදීය. ඒනිසාම පූජනීයත්වයට පත්වූ පින්බිමේ ධර්මාශෝක රජු විසින් ධර්මරාජික නම් ස්ථූපයක් කරවා ඇත්තේය. අද මෙහි පාදම පමණක් දක්නට ලැබෙන්නේය.
මංගල ධර්ම දේශනාව අසා සෝවාන් වූයේ කව්ද?
{ "answer_start": [ 536 ], "text": [ "කොණ්ඩඤ්ඤ තවුසා" ] }
a7bfdca4-f8ad-4cb6-9114-51dbaee7892f
නවසීලන්ත පාර්ලිමේන්තුවේ කතානායකවරයා වන ටේරවෝ මැලාර්ඩ් බිලිඳෙකු නළවමින් පාර්ලිමේන්තුව මෙහෙයවූ ආකාරය දැක්වෙන වීඩියෝ සහ පින්තූර පසුගිය සතියේ සමාජ ජාලා වෙබ් අඩවිවල ලැව් ගින්නක් මෙන් පැතිර ගියේ නවසීලන්ත පාර්ලිමේන්තුව, සමලිංගික විවාහ හා ගර්භාෂ කුලියට ගෙන දරුවන් බිහිකිරීම යන අංශ කිහිපයක්ම සමාජයේ කතාබහට ලක් කරමිනි. නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩන් සිය බිළිඳු දියණිය හා සැමියා සමඟ පසුගිය වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සමුළුවට සහභාගීවීමද කැපී පෙනෙන විශේෂ සිදුවීමකි. රාජකාරියේ යෙදී සිටින අතර දරු ප්‍රසූතිය සිදුකළ අතළොස්සක් ලෝක නායකයන් අතරට නවසීලන්ත අගමැති ජසින්ඩා ආඩන්ද එකතු වූවාය.
ටේරවෝ මැලාර්ඩ් කුමන පාර්ලිමේන්තුවේ කතානායකවරයාද?
{ "answer_start": [ 0 ], "text": [ "නවසීලන්ත පාර්ලිමේන්තුවේ" ] }
7458a95c-4ad4-476e-8e1f-0e58ef4bb311
කට්සව්ට සමාව දෙන ලෙස ඊශ්‍රායල ජනාධිපති ෂිමොන් පෙරෙස්ට විධිමත් ඉල්ලීමක් ලැබුණු බව 2012 ඔක්තෝබර් 15 වැනි දින නිවේදනය කරන ලදී. මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ කට්සව්ගේ බිරිඳ ගිලා විසිනි. 2016 අප්‍රේල් 6 දින කොන්දේසි විරහිතව ඉක්මනින් නිදහස ලබා දෙන ලෙස මොෂේ කට්සව් කළ ඉල්ලීම බන්ධනාගාර නීතීඥ මණ්ඩලය ප්‍රතික්ෂේප කළේය. නමුත් 2016 දෙසැම්බර් 18 වැනිදා, කට්සව්ව ප්‍රසිද්ධියේ පෙර ඔහු කළ ක්‍රියාවන් ගැන කනගාටුව ප්‍රකාශ කළ බව නිවේදනය කරමින්, කට්සව්ව ඉක්මනින් නිදහස් කර ගැනීමට අනුමත කිරීමේ මණ්ඩලය අවසර දුන්නේය. කට්සව් සිය වසර 7 ක සිර දඬුවමෙන් වසර 5 ක් සහ දින 15 ක් සම්පූර්ණ කළේය. සිරකරු පුනරුත්ථාපන අධිකාරිය ඔහුගේ වසර 7 ක සිර දඬුවමේ ඉතිරි කාලය සඳහා අනුගමනය කළ යුතු සීමාසහිත සීමා පැනවීය. ඔහුගේ ඇප කොන්දේසි යටතේ ඔහුට මාධ්‍ය වෙත කිසිදු ප්‍රකාශයක් කිරීම හෝ රට හැර යාම තහනම් විය. ඔහුට පුනරුත්ථාපනයට සහභාගිවීමටත්, සතියකට වරක් මනෝ විද්‍යාඥයකු හමුවීමටත්, ඔහුගේ වින්දිතයින් ගැන සාකච්ඡා කිරීම හෝ අපහාස කිරීම හෝ කාන්තාවන් ඔහුට යටත් වන තනතුරු දැරීම ද ඔහුට තහනම් විය.
සමාව දෙන ලෙස ඉල්ලුවේ කාටද?
{ "answer_start": [ 0 ], "text": [ "කට්සව්ට" ] }
669b0ebc-d7db-4bb1-b24b-f2789ff9f61b
මිහිමත වාසය කරන බොහෝ ජීවීන් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳ වී යන බව පර්‌යේෂකයෝ සඳහන් කරති. ගස් කැපීම, කැලෑ එළිපෙහෙලි කිරීම, අවිධිමත් කෘෂි රසායන භාවිතය, පරිසර දූෂණය ගෝලීය උෂ්ණත්වය ඉහළයාම හා කාලගුණ විපර්යාසයන්ද ජීවින් වඳවීමට හේතු වී ඇත. ජෛව විවිධත්ව මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි වර්තමානයේ ජීවත්වන සතුන්ට සියයට අනූනවයක්ම තර්ජනය වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම්ය. සෑම වසරකම සත්ව ගහණයෙන් 0.01% - 0.1% ක ප්‍රමාණයක් මිහිමතින් වඳවී යන බව වාර්තාවේ. වන විනාසය සතුන්ගේ වාසස්ථාන අහිමිවීමත් නිසා කුරුලු වර්ග 3ක් 2018 වසරේ වඳවීගොස් ඇති බව විද්‍යාඥයෝ පවසති.
විද්වත් මතයට අනුව 2018 වසරේ කුරුළු වර්ග කොපමණක් වඳවී ගොස් ඇත්ද?
{ "answer_start": [ 493 ], "text": [ "3ක්" ] }
4b907a78-53c2-436b-b080-b734afad8acd
මේ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අඟහරුවාදා පස්වරුවේ ඔහුගේ නිල නිවසට කැඳවීය. සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, තමා පසුගිය දිනවල රට පුරා ආසන සංවිධායකයන් සමග සාකච්ඡා කළ බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ තනතුරු නොගත යුතු බව ඉන් සියයට අනූ අටක්ම ප්‍රකාශ කළ බවත්ය. මේ අවස්ථාවේ ආණ්ඩුවේ තනතුරු ගත යුතු යැයි ප්‍රකාශ කළේ ඉන් සියයට දෙකක් පමණක් බවද හිටපු ජනාධිපතිවරයා කීවේය. නිමල් සිරිපාල සහ මහින්ද අමරවීර යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගොස් ඇමති ඇමතිධූර ගැනීම සම්බන්ධයෙන් ද, හිටපු ජනාධිපතිවරයා අදහස් පළ කළේ ය. ඔහු කීවේ, ඔවුන් දෙදෙනා ඇතුළු මන්ත්‍රීවරුන් පස්දෙනකු ගෙන්වාගෙන ආණ්ඩුවට එක් නොවන ලෙස තමා ඔවුන්ගෙන් ඉල්ලීමක් කළ බවය. එසේ වුවද නිමල් සිරිපාල හා මහින්ද අමරවීර යන දෙදෙනා ආණ්ඩුවට ගොස් ඇමති ධුර ගත් බවත්, එය පක්ෂයේ මධ්‍යම කාරක සභාව සාකච්ඡා කරගත් තීන්දුවට පටහැනි බවත්, හිටපු ජනාධිපතිවරයා කීවේය. අනතුරුව කතා කළේ, දයාසිරි ජයසේකර මහලේකම්වරයා ය. නිමල් සිරිපාල හා මහින්ද අමරවීර යන දෙදෙනා ආණ්ඩුවට ගොස් තනතුරු ගැනීම දැඩිව විවේචනය කළ දයාසිරි පක්ෂය මේ ගැන කතා කිරීමටත් පෙර නිමල්, අමරවීර සහ දුමින්ද දිසානායක ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව කීවේය. එපමණක් නොව ඔවුන් රනිල් වික්‍රමසිංහ අගමැති කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද දයාසිරි දැඩි විවේචනයක් කරමින් කීවේය.”‍ පක්ෂය මේ ගැන සාකච්ඡා කරන්න කලින්, තනතුරු සම්බන්ධයෙන් මේගොල්ලන් මීට කලිනුත් මේ විදිහට කටයුතු කළා."'
ශ්‍රිලංකාවේ හිටපු ජනාධිපතිවරයා කව්ද?
{ "answer_start": [ 23 ], "text": [ "මෛත්‍රීපාල සිරිසේන මහතා" ] }
9a92a513-b091-4366-8851-2e4e7147ae75
මීට වසර 34කට පෙර අප අතරින් වෙන්ව ගිය එච්.ආර්. ජෝතිපාලයන්ට සිටි රසිකයන් ප්‍රමාණය සැලකීමේදී එයට තරගයක් දිය හැක්කේ විජය කුමාරතුංගයන්ට පමණය. ඔවුන්ගේ අවමඟුල් උත්සව සඳහා පැමිණි ජනතාවගෙන් එය මනාව පැහැදිලි වෙයි. විජයගේ මරණය දේශපාලන ඝාතනයකි. විජයගේ රසිකයෝ මෙන්ම ඔහුගේ දේශපාලන අනුගාමිකයෝ ද එදා ඊට සහභාගි වූහ. ජෝතිපාලයන්ට දේශපාලනයක් තිබුණ ද ඔහුට දේශපාලන අනුගාමිකයන් සිටියා යයි කිව නොහැකිය. ඒ නිසා මේ රසිකයන් සැලකීමේදී වෙනසක් දැකිය හැකිය. ජෝතිට ලංකාව පුරාම මිතුරෝ සිටියහ. එක් වරක් හඳුනාගත් කෙනකුට ජෝති සදාකාලික මිතුරෙක් වෙයි. ඒ ජෝතිගේ හැටිය. අප තරු ගුණය ලෙස හඳුන්වන්නේ ද එයයි. මේ අතරින් විශේෂයෙන් ජෝතිටත් නළු නිළියන්ටත් දැඩි ලෙස ඇළුම් කළ ව්‍යාපාරිකයෙක් මස්කෙළිය ප්‍රදේශයේ සිටියේය.
මීට වසර 34කට පෙර අප අත්‍අරින් වෙන්ව ගියේ කවුද?
{ "answer_start": [ 37 ], "text": [ "එච්.ආර්. ජෝතිපාලයන්ට" ] }
34896125-ff12-4750-99ed-81f69defc134
ලෝකයේ උණුසුම වැඩිවීමත් සමඟ සමස්ත ජල මට්ටම අඩුවෙමින් පවතිනවා. ඒ වගේම ජලය අපතේ යන ප‍්‍රමාණත් ඉතා වැඩියි. ඒනිසා මට හිතුණා අපතේ යන ජලය පිරිසුදු කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ අනුව තමයි මෙවැනි නිර්මාණයක් මගේ හිතට ආවේ. මෙමගින් ජලයේ විස බීජ 99% ක් පමණ ඉවත් කරන්න පුළුවන්. මෙය තවමත් ආකෘතියක් පමණයි. ඉදිරියේදී මෙය තවදුරටත් වැඩි දියුණු කරන්න මා බලපොරොත්තු වෙනවා. මුලින්ම මා නව නිපැයුම්වලට යොමු වුණේ නව නිර්මාණ වැඩමුළුවක් හරහායි. එහිදී දුරස්ථපාලකයෙන් ක‍්‍රියාකරන නළාවක් මා ඉදිරිපත් කළා. ඒක දැකපු වැඩසටහන මෙහෙයවූ ගුරුතුමිය මා දිරිමත් කළා. ඉන්පසුව තමයි මා අපතේ යන ජලය පිරිසුදු කිරීමේ උපකරණයක් නිර්මාණය කළේ. මේ නිර්මාණයට අවශ්‍ය විදුලිය ගෘහස්ථ වශයෙන් ලබාගත්තොත් ලොකු වියදමක් දරන්න වෙනවා. ඊට විසඳුමක් විඳිහට මම සූර්ය බලශක්තිය යොදා ගත්තා. මෙය නිර්මාණය කිරීමේදී මා බොහෝ දුරට උපයෝගී කරගත්තේ ඉවතලන ද්‍රව්‍යයන්. මෙය තව තවත් දියුණු කර ලෝකයට හඳුන්වාදීමට තමයි මගේ බලාපොරොත්තුව. මහාචාර්ය චන්දන ජයරත්න, මොරටුව මහ විදුහලේ හිටපු විදුහල්පතිනි ශ්‍රී ජයලත් මැණිකේ, වර්ථමාන විදුහල්පති අතාවුද යන මහත්ම මහත්මීන්ටත් ගුරුමෑණි පියවරුන්ටත් සහ මගේ මවුපියන්ටත් මේ අවස්ථාවේදී ස්තූතිය පුදකරනවා
මෙම නිර්මාණය සදහා යොදාගත් බලශක්තිය කුමක්ද?
{ "answer_start": [ 697 ], "text": [ "සූර්ය බලශක්තිය" ] }
fc3e7de9-01e3-45be-82a8-0e09248ce44e
මේ වත්තේ කාමන් දේවාලයක් තියෙනවා. දැන් වගේම ඉස්සරත් කාමන් දේවාලයේ උත්සව තිබුණා. ඒ උත්සව දවස්වලට දේවාලයේ ලයිට් පත්තු කරගන්ට පැක්ටරියෙන් කරන්ට් දුන්නා. පැක්ටරියට උඩින් තියෙන කන්දේ ටැංකියක් හදල තියෙනවා. ඒ ටැංකියේ උස දිග පළල අඩි 12 ගානෙ තියෙන්නේ. ටැංකියට වතුර ලැබෙන්නේ පහළට ගලාගෙන එන ඔයේ ඉහළ කොටසෙන්. ටැංකියේ ඉඳලා පැක්ටරියට බට හයි කරල තියෙනවා. ඒ බට දිගේ එන වතුරෙන් පැක්ටරිය ඇතුළෙ තියෙන පෑන් එක කැරකෙරනවා. පෑන් එක කැරකෙනකොට ඩයිනමෝ එකෙන් කරන්ට් හැදෙනවා. 1974 මැයි 14 වෙනිදා තේ වත්තයි පැක්ටරි එකයි රජයට ගත්තා. තේ වත්ත පාලනය කරන්ට රජයෙන් දාපු මහත්තුරු තේ වතුවල වැඩ ගැනවත් පැක්ටරියෙ වැඩ ගැනවත් මොනවත් දන්නෙ නෑ. රජයට ගත්ත දවසෙ ඉඳල තේ වත්තයි පැක්ටරි එකයි දවසෙන් දවස විනාශ වුණා.
තේ වත්තයි පැක්ටරි එකයි දවසෙන් දවස විනාශ වූයේ කවදා ඉදලාද?
{ "answer_start": [ 601 ], "text": [ "රජයට ගත්ත දවසෙ ඉඳල" ] }
ebad8402-241f-47ac-9b43-24217036c350
ඉස්සර සමරසිංහ වලව්වේ විවාහ මංගල්‍යයක් තිබිලා තියෙනවා ඒ විවාහ මංගල්‍යයයට කොකිස්වලින් තොරණක් හදලා තියෙනවා. 1942 වගේ අවදියේ මේ ප්‍රදේශය ඉතාම පිටිසරබද ප්‍රදේශයක සිරිය තමයි අපි දැක්කේ. එක දිගටම කුඹුරු යායවල් දකින්න ලැබුණා. උදේ හවා කුඹුරුවල වැඩකරන මිනිස්සුන්ගේ සීපද තමයි ඒ කාලයේ ඇහෙන්නේ. ඉස්සර තොරණ හන්දියට මීටර් 200 ක් තරම් දුරින් පාර කැඩිච්ච වළ කියලා හරියක් තිබුණා. රෑට මිනිස්සු ඒ පාරෙන් යන්නේ නැහැ. ඒ තරමටම පිටිසරයි. තවත් තැනක් තිබුණා ගොරකවළේ බෝක්කුව කියලා එතැනින් මිනිස්සු රාත්‍රියට ගමන් යන්නේ නැහැ. ආණ්ඩුවේ රස්සාවල් කරන අය හිටියේ ඉතාම අතළොස්සයි. ප්‍රධාන රැකියාව ගොවිතැන. ගවපාලනය කරන රැකියාව තමයි මිනිස්සු කළේ වී ගොවිතැන වගේම ගොඩ ගොවිතැන තිබුණා. බණ්ඩක්කා, මෑකරල්, වැටකොලු, පතෝල කීර තම්පලා වැනි එළවළු වර්ග එළවළු කොරටුවල වගා කරනවා. තොටළඟ තමයි වෙළෙඳ මධ්‍යස්ථානය වුනේ එතැනට ගිහින් බවභෝග විකුණලා තමයි කීයක් හරි මුදලක් සොයා ගන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ බඩවැටිවල මාදං හිඹුටු, පේර, කිරිල්ල යහමින් තිබුණා. අපි දුව පැන ඇවිදිමින් ඒවායේ රස බලනවා. ඒ කාලේ පලතුරු සල්ලිවලට ගන්න සිරිතක් තිබුණේ නැහැ. ගෙවල්වල සිංහල එළවළු වගේම පලතුරු ඕනෑම දෙයක් තිබුණා. ගොයම් කපා පාගලා, ඉවරවෙලා අලුත් සහල් මංගල්‍යය සමඟ ගම්මඩු සංදර්ශන පවත්වනවා.
ඉස්සර තොරණ හන්දියට මීටර් 200ක් දුරින් තිබුණේ කුමක්ද?
{ "answer_start": [ 326 ], "text": [ "පාර කැඩිච්ච වළ" ] }
254ab95e-e1ce-4240-b1ec-397cd4a4d696
ඉන්පසු අපි අවතීර්ණ වූයේ මාර්ගයේ තණකොළ බොහෝ වැවුණු තෙත් ගතියකින් යුත් පෙදෙසකටය. මෙම ඉසව්වේ කූඩැල්ලන් සිටියේ මිලියන ගණනිනි. එම නිසාම හනි හනිකට ගමනේ යෙදුණු අපි නැවතත් පයිනස් වනයක් පසු කරමින් බංගලාව පෙනෙන මානයේ සැරිසරන්නට වීමු. වම් පසින් නිසොල්මනේ සිටින සුදුගල කන්ද තිබූ අතර, ගොම්බානියා ආශ්‍රිත පෙදෙස ඝන මීදුමකින් වැසී තිබුණි. පඩි කිහිපයක් නැගගත් අප ළඟා වූයේ අතීතයේ එනසාල් වියලීමට සහ සකස් කිරීමට ගත් කුඩා කර්මාන්තශාලාවක් වැනි ස්ථානයකටයි. එය ගරාවැටී ගිය ගොඩනැගිල්ලක් වූ අතර, එහි දොර ජනෙල් සියල්ල කැඩී විනාශ වී අබලන්ව තිබුණි. එහි වූ පැරණි යන්ත්‍ර අප දුටු අතර, එම ස්ථානය අතීතයේ ප්‍රබල ලෙස එනසාල් සම්බන්ධ කටයුතුවලට භාවිත කරන්නට ඇතැයි සිතිය හැකි විය.
වම් පසින් නිසොල්මනේ සිටියේ කුමක් ද?
{ "answer_start": [ 250 ], "text": [ "සුදුගල කන්ද" ] }
c3278c5f-2760-4d89-8e46-44615a169863
ගෝඨයිම්බර එතරම් ගණනකට ගත්තේ නැත. ඔහු ගමේ ගොඩේ හක්කලන් කරමින් වෙනදා මෙන් ඔහේ කල් ඇරියේය. හැබැයි සටන නියමිත දිනය, වේලාව, තැන හොඳට සිහියේ තබා ගත්තේ හරියට ටක්කෙටම වැඩේට බහින්නටය. දිනය හොඳමට ළංවිය. සෙනසුරාදා හෙටය. පාන්දර පිනිපොල්ලේම සටනට යා යුතුය. ගෝඨයිම්බර හැන්දෑවේම රා පොළට ගියේය. ජය සොහොනා මතක් කර කර හොඳටම බීවේය. රා කළගෙඩි කීපයක්ම හිස් කළ ගෝඨයිම්බර ගෙදර ගොස් නිදාගත්තේය. ජය සොහොනා කල් තබාම අර ඇඳගෙන සටනට සූදානම් විය. රෑ මහජාමේ සිටම සොහොන් පිටිය අරක් ගෙන සිටියේ තම මිත්‍ර හෙනහුරා ද බලාපොරොත්තු වෙන්ය. කලින් කීවාක් මෙන් හෙනහුරා සූදු අන්තුවෙත්මය. තම අම්මාගේ මළ ගෙදර වුණත් මිනිය ගෙනියන්නේ මෙතැනින් යයි කියමින් සූදුවේ යෙදීම සුදු අන්තුවාගේ චාරයලු. එහෙව් සුදු අන්තුවෙකු වෙලාවට එයි ද?
ගෝඨයිම්බර හැන්දෑවේ ගියේ කොහාටද?
{ "answer_start": [ 264 ], "text": [ "රා පොළට" ] }
3dad9a26-d630-4413-9f9a-d39e3c23c4d2
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව රුසියාව සම්බාධක පැනවූ බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේය. දහතුන් දෙනාගේ නම් ලැයිස්තුවේ ඉහළින්ම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සිටින අතර රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්,ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් මාර්ක් මිලී, ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන්, සීඅයිඒ අධ්‍යක්ෂ විලියම් බර්න්ස් සහ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි ද මෙම ලැයිස්තුවට ඇතුළත්ව ඇත. ලැයිස්තුවේ තවත් පහළට යනවිට හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ ජනාධිපති බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන් ගේ නම්ද දක්නට ලැබේ.
ඇමරිකවේ ආරක්ෂක ලේකම් කව්ද?
{ "answer_start": [ 261 ], "text": [ "ලොයිඩ් ඔස්ටින්" ] }
9e235c9b-d388-4427-a2fb-98fed37e01c9
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් යුක්රේනයේ කීව් අගනුවරට ගොස් සිටිද්දී, තම හමුදා කීව් අගනුවරට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව රුසියාව පිළිගෙන තිබේ. සති දෙකකට පමණ පසු කීව් අගනුවරට එල්ල වුණු මිසයිල ප්‍රහාරය මෙයයි. මෙම ප්‍රහාරයෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන් අතර යුක්රේන මාධ්‍යවේදිනියක ද සිටී. ඇය වේරා ගයිරිච්ය. ජගත් මහ ලේකම්වරයා කීව් අගනුවර සිටින බව දැන දැනත්, රුසියන් හමුදාව එම මිසයිල ප්‍රහාරය එල්ල නිරීම සම්බන්ධයෙන් බටහිර රටවලින් රුසියාවට දැඩි විරෝධයක් ගොඩනැගී ඇතැයි ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
යුක්‍රේනයේ අගනුවර කුමක්ද?
{ "answer_start": [ 53 ], "text": [ "කීව්" ] }
b8faf571-3ffb-4a96-81e2-73d7b016f093
යාටොම්ගේ තෝරගැනීමට නෙතන්යාහුගේ කැමැත්ත පළවූ නමුත් ජෝර්දානය කෝප ගන්වා නොගැනීමට පරිස්සම් වෙන්නැයි උපදෙස් ලැබිණි. ඒ අනුව නිහඬ මෙහෙයුමකට අනුමැතිය හිමි විය. සිසරියාහි උසස්ම ඒකකය වූ කිඩෝන් කණ්ඩායමට මෙහෙයුම භාර විය. මොසාඩ් පර්යේෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ, ජෛව රසායන විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක්, නෙස් සයෝනා හි ජීව විද්‍යා ආයතනයකින් වැඩි දියුණු කළ මාරාන්තික විසක් යොදාගෙන ඝාතනය කරන්නට යෝජනා කළේය. එම විස බිංදු කිහිපයක් මිනිස් සමෙහි ස්පර්ශ වූ විට නිසැක මරණය සිදුවේ. මීට පෙර වාඩි හඩාඩ් හට චොකලට් සමඟ කැවූයේ ද, පලස්තීන විමුක්ති පෙරමුණු නායකයා ඝාතනයට යොදාගත්තේ ද මීට සමාන විසකි. 1997 ගිම්හානයේදී ටෙල් අවිව් නගරයේ වීදියක සිටි තරුණයෝ දෙදෙනෙක් කොකාකෝලා කෑන් අත තබාගෙන ඒවා සොලවා, පසුව විවර කරන ලදී. හඬක් නගමින් විවර වූ කෝලා දියර හැම තැනම විසිරෙන්නට විය. එය දුටු අය තරුණයන් දෙදෙනා දෙස නොපහන් බැල්මක් හෙළා තමන්ගේ පාඩුවේ යන්නට ගියහ.
1997 ගිම්හානයේදී තරුණයෝ දෙදෙනෙක් කොකාකෝලා කෑන් අත තබාගෙන ඒවා සොලවා, පසුව විවර කරන ලද්දේ කිනම් වීදියකද?
{ "answer_start": [ 584 ], "text": [ "ටෙල් අවිව් නගරයේ වීදියක" ] }
c76d5bac-ec0a-4d12-ab94-bd08abc9430f
සිතට දිරිගත් ඇය දේවාලයක් කරා ගොස් කපු මහතකු හමුවූවාය. නිරුපමාව දැක්ක හැටියේ කපු මහතා කීවේ ප්‍රේත ආත්මයක බැල්මක් වැටී ඇති බවයි. ‘තමන්ට කෑම කන්න පිරියක් නැහැ නේදැයි’ කපු මහතා ඇය කිසිවක් පැවසීමට පෙරම ඇසුවේය. නිරුපමා ඉතා අසරණ ස්වරූපයෙන් කියා සිටියේ ඇය දින දෙක තුනක් තිස්සේ කිසිදු ආහාරයක් නොගත් බවත් අප්පිරියාවකින් පෙළෙන බවත් තමන්ට ඉඳහිට ඇවිද ගැනීමට අපහසු වී දණහිස් පණ නැතිව යන බවත්, දෙපා ඉදිමෙන බවත් එය ටික දවසක සිට තිබෙන බවයි. කපු මහතා නිරුපමාට පැවසුවේ ඇයට ඇස්වහ කටවහ වැදී ඇති බවත් මුලින්ම ඇස්වහ කටවහ දුරු කර නූලක් දමා ගන්නා ලෙසයි. දෙවියන් ඉදිරියේ කන්නලව් කළ කපු මහතා දෙහි ගෙඩි නමයක් ගෙන නිරුපමාගේ හිසේ සිට පාදාන්තය දක්වා දෙහි කපා ඇස්වහ කටවහ දුරු කළේය. ඉන්පසු කරට නූලක් දැමුවේය.
කපු මහතා නිරුපමාට පැවසුවේ කුමක්ද?
{ "answer_start": [ 487 ], "text": [ "ඇස්වහ කටවහ දුරු කර නූලක් දමා ගන්නා ලෙසයි" ] }
d375d5e4-433d-4c8c-97e5-b268e11f13b8
‘වොයිනික් අත්පිටපත’ ගැන ඔබ දන්නවාද? ‘වොයිනික් අත්පිටපත’ යනු හරි අපූරු, ගුප්ත නොවිසඳුණු අබිරහසකි. විද්‍යාඥයන්ට ප්‍රහේළිකාවකි. ‘වොයිනික් අත්පිටපත යනු පොතකි. මෙහි පිටු 240 ක් ඇත. (පිටු කිහිපයක් කවුරුන් හෝ ඉරා ඉවත් කර තිබේ.) අත්පිටපතට යොදාගෙන ඇත්තේ සත්ව සමින් සකස් කළ ඒවාය. මේ අත්පිටපත අවුරුදු 600 කට වඩා පැරැණි යැයි විශ්වාස කෙරේ. ලොව වඩාත් ගුප්ත, අබිරහස් පිරි මධ්‍යතන යුගයේ ලේඛනය මෙය යැයි විශ්වාසයක් පවතී. මෙය මැජික් පොතක් යැයි ඇතැම්හු පවසති. අත්පිටපතට දුර්ලභ මෙන්ම අසාමාන්‍ය විදියේ ශාක සහ පැළෑටිවල සිතුවම්, තරු රටාවල සිතුවම්, මානවරූපී අසාමාන්‍ය විදියේ ජීවීන්ගේ වර්ණවත් සිතුවම් සහ සටහන් ඇතුළත්ය. අත්පිටපත ලියා ඇත්තේ වමේ සිට දකුණට අමුතු විදියේ භාෂාවකිනි. එම අකුරු අපට ආගන්තුකය. අත්පිටපත ‘වොයිනික් අත්පිටපත’ යනුවෙන් නම් කර ඇත්තේ, විල්ෆ‍්‍රඩ් වොයිනික් නමැති පෝලන්ත ජාතික පොත් වෙළෙන්දා නිසාය. අත්පිටපත විල්ෆ‍්‍රඩ් වොයිනික් අතට පත් වී ඇත්තේ 1912 වසරේදීය. එය සොයාගෙන ඇත්තේ ඉතාලි දේවස්ථානයකිනි. කාබන් පරීක්ෂණ අනුව, ‘වොයිනික් අත්පිටපත’ සකස් කරන්න ඇතැයි පැවැසෙන්නේ 15 වැනි සියවසේදීය. ඒ, 1404 සහ 1438 අතර කාලයේය.
‘වොයිනික් අත්පිටපත’ වසර කීයක් පැරැණිද?
{ "answer_start": [ 282 ], "text": [ "අවුරුදු 600 කට වඩා" ] }
44d5aa50-60ba-4661-a040-95e39aed0840
නෙළුමක පැහැයෙන් යුතු රත් පැහැති රේඛා සහ නොකැඩුණ, නොකැපුණ රේඛා පිහිටීම ධනය හා වාසනාව පෙන්නුම් කිරීමකි. රේඛා කාලවර්ණ වීම ප්‍රධාන රේඛා මැකී යාම අශුභය. එමගින් හෙළි කරන්නේ දිළිඳු වන බවයි. ස්ත්‍රියකගේ අත්ලේ මාළුවෙකුගේ රුවක් හෝ නෙළුම් මලක සටහනක් වේ නම් එයද ඉතා වාසනාවන්තය. පිරිමි දරුඵල හිමිවෙන බවට එය සලකුණකි. අත්ලේ දක්ෂිණාවෘත කවාකාර සටහනක්, ඊතලයක සටහනක් හෝ වේ නම් ඇයට රජ බිසවකට සමාන යස ඉසුරු හිමිවේ. ස්ත්‍රියකගේ අත්ලේ කුණ්ඩලාභරණයක්, චක්‍රයක් වැනි සටහනක් වී නම් ඇයට සමාජයේ උසස් පුද්ගලයෙකු විවාහයට හිමි වේ. සියලු යස ඉසුරින් පිරි ඇයගේ ඉදිරි ජීවිතයද ඉතා වාසනාවන්තය.
නෙළුමක පැහැයෙන් යුතු රත් පැහැති රේඛා සහ නොකැඩුණ, නොකැපුණ රේඛා පෙන්නුම කරන්නෙ මොනවාද?
{ "answer_start": [ 70 ], "text": [ "ධනය හා වාසනාව" ] }
ae76476e-ba9e-4272-9800-aff57d776e4e
ඒ වෙනුවෙන් විවිධ උපක්‍රම යෙදුවේය. එහෙත් අංගොඩ ලොක්කා එළියට ගැනීමට සමයංට නොහැකි විය. ඔහු දෙවැනි උපක්‍රමය යෙදුවේය. ඒ තාත්තාට උණ ගැනෙන්නට පුතාට පහරදීමේ න්‍යාය අනුව යමින් අංගොඩ ලොක්කාගේ දකුණත වන් මුල්ලේරියාවේ පදිංචි සුරංග කුමාර පෙරේරා නොහොත් වෙල්ගහවත්තේ රත්තරං ඝාතනය කිරීමට සැලැසුම් කළේය. සැලසුම අනුව 2017 ජනවාරි 05 වැනිදා රත්තරං වෙඩි තබා ඝාතනය කළේය. රත්තරං ඝාතනය කර ලොක්කාට රිදවීමේ අරමුණ සේම එයින් ඔහු තුළ තැතිගැන්මක් ඇති කිරීම සමයංගේ එක් අරමුණක් විය. එසේම තමන්ගේ දකුණත වන් රත්තරංගේ මළගෙදරට නෑවිත් සිටීමට ලොක්කාට කිසිසේත්ම නොහැකිය. ඒ නිසා වෙන කිසිම කාරණාවක් සම්බන්ධයෙන් එළියට නොඑන ලොක්කා මළගෙදරට පැමිණෙද්දී ඝාතනය කිරීම දෙවැනි අරමුණය. එහෙත් සමයංට වැරදුණේය. මඟ රැක සිටියත් සමයංගේ ගෝලයන්ට ලොක්කා කොටුකරගත නොහැකි විය.
රත්තරං වෙඩි තබා ඝාතනය කලේ කවදද?
{ "answer_start": [ 297 ], "text": [ "2017 ජනවාරි 05 වැනිදා" ] }
6c1d46d8-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
දුරකතන ඇමතුම් ලබාගත හැකි ඇපල් අත් ඔරලෝසුවක් මේ වසර අවසානයේ හඳුන්වාදීමට ඇපල් සමාගම සැලසුම්කර තිබේ. රැහැන් රහිත අධිවේගී එල්.ටී.ඊ. ජංගම දුරකතන සන්නිවේදන ක‍්‍රමය භාවිත කිරීමට ඔවුහු සූදානම් වෙති. අයිෆෝන් ජංගම දුරකතනය සමඟ දැනටමත් ස්මාර්ට් අත් ඔර්ලෝසු සම්බන්ධ කළ හැකි අතර කෙටි පණිවුඩ යැවීම, ගීත ඇසීම සහ තවත් දුරකතන ආශ‍්‍රිත සීමිත ක‍්‍රියාකාරම් පමණක් සිදු කළ හැකිය. සමාගම විසින් නවතම ආකෘති තුනක් ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ අතරින් නවීකරණය කරන ලද මෝස්තර හා අත් ඔර්ලෝසුවේ අගුළු විවර කිරීම සඳහා මුහුණු හඳුනාගැනීමේ ත‍්‍රිමාණ ස්කෑනරයක් මෙයට ඇතුළත් කිරීමට ද නියමිතය.
ඇපල් සමාගම විසින් කොපමණ නවතම ආකෘති ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට නියමිත ද?
{ "answer_start": [ 376 ], "text": [ "ආකෘති තුනක්" ] }
f869be3d-f85b-4f71-b597-1c7f607f80a9
බී.බී.සී පුවත් සේවය මගින් සිදු කල පරීක්ෂණයකදී කාන්තාවන්ගේ අඩ නිරුවත් ඡයාරූප එම කාන්තාවන්ගේ කැමැත්තකින් තොරව අපහසුතාවයට පත්කිරීමට, ලැජ්ජා කිරීමට, හිරිහැර කිරීමේ අරමුණින් සහ කප්පම් ගැනීමේ චේතනාවෙන් විශාල වශයෙන් ටෙලිග‍්‍රෑම් සමාජ මාධ්‍ය තුල සැරි සරන බව සොයාගෙන ඇත. ලෝකයේ රටවල් 20 කට අධික සංඛ්‍යාවක කාන්තාවන්ගේ හොරකම් කරන ලද හෝ හොර රහසේ පටිගත කරන හෝ එක් අයෙකුට අරින ලද අඩ නිරුවත් ඡුායාරූප සහ ලිංගික ක‍්‍රියාකාරකම් වල යෙදෙන වීඩියෝ එම කාන්තාවන්ගේ අවසරයකින් තොරව ටෙලිග‍්‍රෑම් සමාජ මාධ්‍යයේ ගිණුම් වල සහ නාලිකා වල සැරිසරන බව බී.බී.සී පුවත් සේවය අනාවරණය කර ගෙන ඇත.
මෙම අඩනිරුවත් ඡායාරූප කාන්තාවගේ කැමත්තෙන් තොරව ප්‍රචාරය කලේ කුමක් තුලද
{ "answer_start": [ 209 ], "text": [ "ටෙලිග‍්‍රෑම් සමාජ මාධ්‍ය තුල" ] }
d947dfa7-ede7-4717-af1d-70a925236500
වඩාත්ම වැදගත් කාල සීමාව එළඹෙමින් තිබිණ. අත්හිටවූ කූට්ටමෙන් පසු කරන්නේ කුමක්ද යන්න කතිකාවට ලක්විණ. එහිදී රෝම නුවර පාලන මණ්ඩලයෙන් අලුත් විධි විධාන සකස් කෙරිණි. ඒ යටතේ වර්ෂ 1846 දී උතුරු විකාර පදවිය ඇරඹිණි. අලුත් විකාර අපෝස්තලික තනතුරට මොන්සිඤෝර් බෙතිකිනි පියතුමන් නම් කෙරිණි. නව පියතුමන් ඔබිලේට් පියවරුන්ට ආරාධනා කළහ. හදිසියේම සිදුවූ බෙතිකින් පියතුමන්ගේ අභාවය උදාකළේ අභාග්‍ය සම්පන්න කාලයකි. හිස්වූ තනතුරට පත්වූ සෙමේරියා රාජගුරු ප්‍රසාදිතුමන්ගෙන් වනගත ප්‍රතිමාවේ අභිවෘද්ධියට කිසිවක් නොකෙරිණ. වර්ෂ 1868 දී රාජගුරු ප්‍රසාදි පදවියට බොන්ජමින් පියතුමන් නම් කෙරිණි. අද මඩු සිද්ධස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන මඩු මංගල්ල්‍යය ඇරඹියේ එතුමාගේ මෙහෙයවීමෙනි. වර්ෂ 1870 ජූලි 02 වැනි දින මඩු දේවස්ථානයේදී පළමුවරට එය පැවැත්විණි. ඒ පිළිබද ඥානප්‍රකායර් පියතුමන් මෙසේ පවසා තිබිණ.
අලුත් විකාර අපෝස්තලික තනතුරට පත් කලේ කුමන පියතුමන්ද?
{ "answer_start": [ 233 ], "text": [ "මොන්සිඤෝර් බෙතිකිනි" ] }
3e09e8aa-fc1b-4029-a2f9-cb0afc9c91ee
ඔටුවන්ට දින ගණනක් ජලය නොමැතිව සිටිය හැකිය. එසේ වුවත් උන් එකවර විශාල ජල ප්‍රමාණයක් පානය කරයි. ඕස්ට්‍රේලියාව මේ වනවිට ළැව් ගිනිවලින් සහ දැඩි වියළි කාලගුණයකින් බැට කයි. කැන්යිප් ඇබොරිජින් වැසියන් ජීවත් වන පළාත්වල ජලාශ සහ පොකුණුවල ජලය තවත් අඩුවීමට හේතුවක් වී ඇත්තේ සිය ගණනින් ඔටුවන් රංචු පැමිණ එම ජලාශ සහ පොකුණු හිස් කිරීම නිසාය. ජලාශ සහ පොකුණු මේ අයුරින් හිස් වෙද්දී, ඕස්ට්‍රේලියාවට ආවේණික සතුන් බොහොමයක් පිපාසයෙන් මියගොස් ඇති බව වනවීජී නිලධාරීන් පෙන්වා දී තිබේ. මධ්‍යම සහ බටහිර ඕස්ට්‍රේලියාවේත්, උතුරු පළාත්වලත්, දකුණු ඕස්ට්‍රේලියාවේත්, ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේත් ඔටුවෝ නිදැල්ලේ වාසය කරති.
ජලාශ සහ පොකුණු හිස් කරන්නේ කුමන සතුන්ද ?
{ "answer_start": [ 272 ], "text": [ "ඔටුවන්" ] }
f7654fb9-85bb-4ab8-ac18-aecd6ac5de07
මේ සියල්ල අතරේ කරන්නට දෙයක් නොමැති සේ හිංසනවලට අසුවෙන චරිතවත් කාන්තා පිරිසක් වෙති. එම නිසාම ඔවුන්ගේ සීමාව ඉක්මවා ගොස් පිරිමින්ට බැණ වැදී කුඩ පහර දුන් පිරිසද මෙහි ස්ථීර මගියෝ වෙති. දකුණු කළුතරින් කොටුව බලා යන දුම්රියට ගොඩවෙන අංජුල යනු වයස 28ක පමණ විවාහක එක් දරු පියෙකි. ඔහු සවස එම දුම්රියෙන්ම නිවස බලා යෑම නියත පුරුද්දක් කොට ගෙන ඇත. එම නිසාම කොණ්ඩය හොඳට පීරාගෙන සුවඳ පැන් ගත හලාගෙන පැණි සිනහවකින් දුම්රිය එනතුරු මහලේකම් කාර්යාලය අසළ රැඳෙයි. අහම්බෙන් හෝ නිතරම දුම්රියේ නොයන මගීන් බොහෝවිට ගොඩවන්නේ දුම්රියේ මැද පෙට්ටි තුළටයි. නමුත් පැරණි මගීන් ගොඩවන්නේ බොහෝවිට අවසන් පෙට්ටි කිහිපයටයි.
අහම්බෙන් හෝ නිතරම දුම්රියේ නොයන මගීන් බොහෝවිට ගොඩවන්නේ දුම්රියේ කුමන පෙට්ටියටද?
{ "answer_start": [ 496 ], "text": [ "දුම්රියේ මැද පෙට්ටි තුළටයි" ] }
bc36284f-6457-45b7-b13f-8c7d1e16002a
කාන්තාවකගේ දෙනෙත වට වූද මොළොක් වූයේ ද නිල් පැහැ වූයේ ද ඇස් බැම දුන්නක් ආකාර වූයේ ද ඇය රාගාධික වන අතර, තුනී වූ පහතට නැවුනා වූ ඇස් ඇත්තී පරපුරුෂයන් කරා යන්නේය. තවද දිගුවන් වූ ද මහත් වූ ද ඍජු වූද අක්ෂි යුගල සහ තුනී වූ ලෝම සහිත දෙබැම ඇත්තී අශිෂ්ට ගුණෙයන් යුතු වේ. අග මහත් වූ රත් පැහැ ගැන් වූ නැමීගිය ස්වභාවයක් පෙන්නුම් කරන නහය ඇත්තී සැමියා විසින් අතහැර දමන්නියක් වන බවත්, අග පැතලි වූ නාසය ඇත්නම් අනුන්ට බැලමෙහෙවරකම් කරන්නියකි. පහතට එල්බෙන්නා වූ නාසය ඇත්තී සැමියාට විරුද්ධකම් කරන ගුප්ත ලෙස සොර සැමියන් සොයායන්නියකි. වෛශ්‍යාවකගේ නාසය මුල කවාකාරව ද අග කොටස මහත්ව තැලුන ස්වභාවයක් ද ගනී.
නාසය මුල කවාකාරව ද අග කොටස මහත්ව තැලුන ස්වභාවයක් ගන්නේ කාගේ නාසයද?
{ "answer_start": [ 511 ], "text": [ "වෛශ්‍යාවකගේ" ] }
63683551-694d-473b-b5a7-a0df63acbd95
ප්‍රංශ ජනාධිපතිවරණය හෙට ඇරැඹේ. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අදියර දෙකකිනි. දෙවැනි අදියර අප්‍රේල් 24 වැනිදා පැවැත්වීමට නියමිතය. මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 12 දෙනකු ඉදිරිපත් වී සිටින අතර වත්මන් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තවත් පස් වසරක ධුර කාලයක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ප්‍රංශ ජනාධිපති නියෝජනය කරන්නේ මධ්‍යස්ථමතධාරී රිපබ්ලිකන් පක්ෂය යි. ප්‍රංශ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා ද ඇත්තේ, 2017 වසරේ මෙන්ම, මෙම ජනාධිපතිවරණයෙන් ද ප්‍රංශ ජනාධිපති මැක්රොන් ජයග්‍රහණය කරනු ඇති බවය. මැක්රොන්ට අභියෝගයක් එල්ල වනු ඇත්තේ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මැරීන් ලා පෙන්, ගෙනි. මැරීන් ලා පෙන් නායකත්වය දෙන්නේ ‘ජාතික පෙරමුණ’ පක්ෂයටය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සෙසු අපේක්ෂකයෝ දක්ෂිණාංශික, අන්ත දක්ෂිණාංශික පක්ෂ, වාමාංශික සහ අන්ත වාමාංශික පක්ෂ නියෝජනය කරති.
වත්මන් ප්‍රංශ ජනාධිපති කවුද?
{ "answer_start": [ 208 ], "text": [ "ඉමැනුවෙල් මැක්රොන්" ] }
764c3b9c-0e92-4e25-ab5f-11fe952852d8
ප‍්‍රධානියාගේ රාජකාරී කාර්යාලය වූයේ මඩුවයි. ගෘහස්ථ සේවකයෝ හා වහල්ලූ අවට ගෙවල්වල ද විසූහ. 1886 වන විට දිස්ත‍්‍රික්කයේ පැරණිතම වලව්වක් ලෙස එය වැජඹුණි. දිසාවගේ පරපුර ගැන විමසීමේදී ඔහු දෙල්ගොඩ කුමාරිහාමි හා විවාහ වූ අතර ඔවුනට දියණියෝ තිදෙනෙක් වූහ. එක් දියණියක වූ ලොකු මැණිකේ, රත්වත්තේ දේව මැද්ද දිසාවගේ ප‍්‍රථම බිරිඳ මිය ගිය පසු ඔහු හා විවාහ වූවාය. 1811 දී රත්වත්තේ දිසාව මරණීය දණ්ඩනයට පත්වූ බැවින් ඇය මොල්ලිගොඩ (කනිෂ්ඨ) අදිකාරම් හා විවාහවූවාය. නැවත වැන්දඹුවක් වූ ඇය තෙවැනි වර තල්ගහගොඩ කෝරාල හා විවාහ වූවාය. මෙසේ තල්ගහගොඩ, ලෙව්කේ දිසාවගේ බෑනා විය. ලෙව්කේගේ දූවරු තිදෙනාටම දරුවන් නොවිණි.
ප‍්‍රධානියාගේ රාජකාරී කාර්යාලය වූයේ කුමක්ද ?
{ "answer_start": [ 36 ], "text": [ "මඩුවයි" ] }
e175021d-c8e0-4553-b912-70b61be88442
අපි විහාරස්ථායේ සිට මහ පාරට පැමිණියෙමු. හරියටම මිගහපිටියේ රටේ රාලගේ පිළිරුව අභියසින් විල්සන් ස්මාරකය දකිමින්ම බදුල්ල බිබිල මාර්ගය හරහා ගමන් කළෙමු. අදත් නයි පැටියෙක් හිටියා. මම ඌ අල්ලා කැලේට ගිහිල්ල දැම්මා. මහත්තයෝ ඔය දේවාලෙත් සුදු නයෙක් ඉන්නවා හැබැයි ඉතින් හොඳ සිතින් යන කාටවත් කරදරයක් කරලා නැහැ. තරුණයාගේ වත්ත විවිධ බෝග වගා කළ එකකි. පුවක් මිල නැග්ග දවසට ගොඬේ ගොඩ යැයි ඔහු කීවේය. එම වත්ත මැදින් ගමන් කළ අපි වැටුණේ ඔය මාර්ගයකටය. දොරපොද කන්දේ සිට ගලනා ජලය පානාවල දියඇල්ල නිර්මාණය කිරීමෙන්පසු ගලඔයේ අත්තක් ලෙස මෙසේ ගලා යමින් තිබේ. මඩුල්සිම කඳුවැටියට වැස්ස වැඩිවන විට මෙම ඔයේද ජලය වැඩිවෙයි.
මිගහපිටියේ රටේ රාලගේ පිළිරුව අභියස තිබූ ස්මාරකය කුමක්ද?
{ "answer_start": [ 85 ], "text": [ "විල්සන් ස්මාරකය" ] }
545cab3c-e8fe-4eb3-8377-f67f95604e95
ගෙවල් කැඩීම දැන් හොඳ ආදායම් මාර්ගයක් වී ඇතැයි කීවොත් ඔබ පුදුම වනු ඇත. සාමාන්‍ය මහජනයා ගෙයක් සාදා ගන්නේ බොහෝ අමාරුවෙනි. බොහෝ විට බැංකුවකින් ණය මුදලක් ලබාගෙන නිවෙස් සාදා ගන්නා අය බොහෝය. ජීවිත කාලය පුරා එම ණය මුදල වාරික වශයෙන් ගෙවීමට ඔහුට සිදුවේ. තම අතේ ඇති මුදලෙන් ගෙයක් සාදන්නේ එහෙමත් කලාතුරකින් කෙනෙකි. ඒ බොහෝ මුදල් තිබෙන ධනවත් අය වෙති. බොහෝ දුෂ්කරතා මැද ගෙයක් සෑදූ පසු වාස්තු දෝෂ නිසා එහි කොටස් කඩන්නට සිදුවුණොත් එය මොන තරම් අපරාධයක්ද? ඒ නිසා ගෙයක් සාදන විට දෙතුන් වර නොකඩා, වාස්තු දෝෂ නැති ගෙයක් සෑදීමට කවුරුත් ඉටා ගත යුතුය.
ගෙවල් සෑදීමට ණය මුදලක් ලබාගන්නේ කොහෙන්ද?
{ "answer_start": [ 128 ], "text": [ "බැංකුවකින්" ] }
a385c074-3ecd-4168-adc3-98efdc68cdcf
මුස්ලිම් ජාතිකයකු වන බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ඉස්ලාම් ආගමට අනුව ලතා මංගේෂ්කාර් මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම ආන්දෝලනාත්මක එකක් විය. ෂාරුක් ඛාන්, ලතා මංගේෂ්කාර් මහත්මියට අපහාස කරමින් ඇගේ දේහයට කෙල ගැසූ බවට හින්දු ජාතිකවාදීහු චෝදනා නගන්න වූහ. ඒත් ෂාරුක් කළේ ඉස්ලාම් ආගමට අනුව, ආචාර දක්වමින් සිය මුහුණු ආවරණය පහත් කර පිඹීමය. එය නපුරු ආත්ම පලවා හැරීමට කළ චාරිත්‍රයක් බව ඉන්දීය මාධ්‍ය පසුව පෙන්වා දුන්නේය. ලතා මංගේෂ්කාර් මහත්මියගේ අභාවය සිදුවෙද්දී, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් චීන සංචාරයක් අරඹා තිබුණි. ලතා මංගේෂ්කාර් භාරත ගීත කෝකිලාව නොව, මුළු ඉන්දියාවේම ගීත කෝකිලාවිය බවත්, ඇගේ අඩුව පිරවීමට නොහැකි වනු ඇති බවත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයකින් පවසා තිබුණි.
ෂාරුක් ඛාන් ලතා මංගේෂ්කාර් මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වුයේ කුමන ආගමට අනුවද?
{ "answer_start": [ 46 ], "text": [ "ඉස්ලාම් ආගමට අනුව" ] }
1299c9b2-5327-42b8-bcab-a1d2a796c23a
ඒ වගේම ගල් ප්‍රහාරයන් පවා එල්ල වුණා. එක පැත්තකින් තරග කරද්දී ඉම්රාන්, වසීම් අක්‍රම් සහ වකාර් නිසා අපි පීඩනයකට ලක් වුණා. ඒ වගේම ප්‍රේක්ෂකයින් නිසාත් පීඩනයට ලක් වුණා. ඒක හරියට යුද්ධ දෙකකට මැදිව කළ සටනක් වගෙයි. පොලිසිය එක්ක ප්‍රේක්ෂකයින් පිටිය මැදට ඇවිත් ගහ ගන්නවා. එක් අවස්ථාවක මමයි මාවන් අතපත්තුයි බැටි කරමින් සිටියෙ. තරගය දිනල අපි දෙන්න කෙළින්ම ගියේ ඩ්‍රෙසිං රූම් එකට නෙවෙයි. අපි ගමන්ගත් බස් එකට දිව්වේ. ඒ තරගාවලිය නම් මට කවදාවත් අමතක වන්නේ නැහැ. ප්‍රේක්ෂක නොසන්සුන්තාව නිසා සමහර තරග අතරමග නතර කරන්න පවා සිදු වුණා. ඒ වගේ තරගාවලියක් අපි ඊට පෙර ක්‍රීඩා කරලා තිබුණේ නැහැ.
තරගය දිනලා මොවුන් දෙන්නා කෙලින්ම ගියේ කොහෙටද?
{ "answer_start": [ 380 ], "text": [ "ගමන්ගත් බස් එකට" ] }
27adf08e-11c5-4ad9-9285-dc93af990630
ද්වාරකාව පුරාණ බටහිර ඉන්දියාවේ පිහිටි ඉතා කාර්යක්ෂම වරාය මධ්‍යස්ථානයක් ලෙස සැලකේ. මෙම සොයා ගැනීම් අනුව ද්වාරකාව ඓතිහාසික යුගයට හා මධ්‍යතන යුගයට අයත් යැයි විශ්වාස කෙරේ. ප්‍රධාන පෙළේ විද්‍යාඥයන්ගේ මතය අනුව පුරාණ ඉන්දියානු සංස්කෘතිය/ශිෂ්ටාචාරය වසර 5000ක් පමණ ඈතට දිවයන්නකි. එහෙත් කැම්බේ බොක්ක අසල මුහුදෙන් හමු වූ මෙම නෂ්ටාවශේෂ වසර 9000ක් පමණ පැරණි විය හැකි යැයි ඔවුන්ගේ මතය වී තිබේ. මෙම නටබුන්වලට සමාන පාෂාණ එම ප්‍රදේශයේ වෙරළාසන්නයේ දැකිය හැකිය. නගරයේ වීදිවල නටබුන් යැයි සිතිය හැකි නටබුන් රැසක් අඩි 70ක් පමණ ගැඹුරේ තිබී සොයා ගෙන තිබේ. මෙම නටබුන් මිනිසා විසින් නිර්මාණය කරන ලද ඒවා බවට විශ්වාස කෙරේ. එම නගරය වසර 9000කට පමණ පෙර මුහුදුබත් වන්නට ඇතැයි පුරා විද්‍යාඥයෝ පවසති.
ද්වාරකාව කුමන යුගයට අයත්ද?
{ "answer_start": [ 112 ], "text": [ "ඓතිහාසික යුගයට හා මධ්‍යතන යුගයට" ] }
5b6e3169-8ada-47bb-af7e-3012cc0f9809
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමස්ත ලංකා පාසල් මට්ටමින් මෙහෙයවූ ඉනෝවා මයින්ඩ්-2016 නව නිපැයුම් තරගාවලියෙන් ජය ලැබූ කැලණිය ගුරුකුල විද්‍යාලයීය සිසුහු දෙදෙනෙක් දකුණු කොරියාවේ නව නිපැයුම් තරගාවලියකට සුදුසුකම් ලැබූහ. පිට්ටු සාදන විද්‍යුත් උපකරණයක් නිපදවූ 9 වැනි ශ්‍රේණියේ ජී. ගමිත චමෝද් සහ ස්වයංක්‍රීයව ඉඳිආප්ප නිපදවනයක් නිර්මාණය කළ 10 වැනි ශ්‍රේණියේ ඒ. නිපුන අවිශ්ක ද සොයියා යන සිසුන් දෙදෙනා මෙම ජයග‍්‍රහණය ලැබීය. ජාත්‍යන්තර මට්ටමින් පැවැත්වෙන දකුණු කොරියා නව නිපැයුම් තරගාවලිය සඳහා සමස්ත ලංකා පාසල් සිසුන් 4 දෙනෙක් තෝරාගෙන තිබෙන අතර දෙදෙනෙක්ම ගුරුකුල විද්‍යාලයීය සිසුන්වීම විශේෂත්වයකි. මෙම තරගාවලිය දකුණු කොරියාවේ වාබැක් ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන් සෙන්ටර් හීදී අගෝස්තු 8 වැනි දා සිට 10 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය පැවැත්වෙන ස්ථානය කුමක්ද?
{ "answer_start": [ 620 ], "text": [ "වාබැක් ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන් සෙන්ටර්" ] }
1a88c580-5e1c-4618-b944-f56a8b9f541d
මම මේ දෙන්න ගැන මුදලාලිට කියලයි තියෙන්නෙ. ඔව් මට මුදලාලි කිව්ව මේ එක්කෙනෙක් නම් මම මීට කලින් කොහේදි හරි දැකල තියෙනව වගේ මතකයි. ඈ එලෙස කීයේ මා දෙස බලාගෙනය. බොකුටු වරලස පස්සට පීරාගෙන මනා ලෙස ගැට ගසාගෙන හුන් මැඩම් මැදි වයසේ වුවත් එක්වරක් දුටුපසු යළිත් වතාවක් හැරී බලන්නට හිතෙන තරමට රූබරය. අත් නැති බ්ලවුසයට හිරවුණු පිම්බුණු තිසරුත් එළියට ඒගත නොහැකිව වේදනාවෙන් දඟලනවාක් මෙනි. සුදු පැහැ බඩවත වියත් දෙකක් පමණ නිරාවරණය වන අයුරින් රතු පසු බිමේ කොළ පාට පුංචි මල් වැටුණු ලුංගියකින් යටිකය වසාගෙන ආඩම්බරකම පිරුණු මුහුණකින් හා නුරාව හා කපටිකම පිරුණු දෑසින් ආගන්තුක අප විනිවිද යන බැල්මෙන් බලා හිඳින්නීය. එන්න අපි යමු කොණ්ඩයාගේ හඬින් මම පියවි ලොවට ආවෙමි.
බ්ලව්සයට හිරවුණු තිසරු වේදනාවෙන් දඟලනවාක් මෙන් පෙනුණේ ඇයි?
{ "answer_start": [ 329 ], "text": [ "එළියට ඒගත නොහැකිව" ] }
94a3215d-e82d-491a-90ba-84af39ccbb2e
විනාඩි 10 යකින් පමණ මිල්ටරි ජීප් එක ආවා. ඉන්පසු අපිව සෝදිසි කරල කිව්ව පාර අයිනේ තිබෙන ගල්පොත්තට නගින්න කියා. අපි නැග්ගා. පස්සේ පොලිස් නිලධාරියයි, මිල්ටරියේ නිලධාරී අපිට ගැහැව්වා. ඊළඟ උසස් නිලධාරියයි, මිල්ටරි සාජන්ට් මේජර් කෙනෙකුයි කීවා තොපිට දැනුත් ගහනවා කාගෙන හිටපියව් කියලා. අපිට බැටන් පොලු වලිනුයි කෙටේරි මිටි වලිනුයි ගැහැව්වා. ඊළඟට උසස් නිලධාරියෙක් අපිට ගහමින් කිව්වා දුවපියව් පාරට කියා. අපි දිව්වා. ඒ එක්කම ඔහු නියම කළා වෙඩි තියන්න. යුද්ධ භටයෝ වෙඩි තියන්නේ තුන් පාරක් කීවට පස්සෙ. වෙඩි තියන කොටම අපි පාරේ බුදියගත්තා. එකොළොස් දෙනෙක් මළා. සමහරු වෙඩි කාගෙන කැලේට දිව්වා. ඊට පස්සේ අපට අපි පාරේ බුදිය ගෙන ඉන්න කොට අපේ ඇඟ උඩින් යන ගමන් අපට බයිනෙත්තු මිටිවලින් ගැහැව්වා. ඊට පස්සේ අපට කතා කරල තොපි දහය දහය පෙළ ගස්වා වෙඩි තියන්න වරෙල්ලා කීවා.
මිලිටරි ජිප් එක ආවේ කොපමණ වේලාවකින්ද?
{ "answer_start": [ 0 ], "text": [ "විනාඩි 10 යකින් පමණ" ] }
cbf9bcc3-2ce7-4008-9b7c-355a98b69754
කෙසේ හෝ තවත් හෝරාවක් ගත වන තැන අපි තවත් අඳුරු වන පියසකට ඇතුළු වුණෙමු. වන පියස අවසන් වන ඉසව්වේ නැවතත් විවෘත පැහැදිලි මගකට පැමිණී අතර එහිදී නන්පේරියල් ඉසව්ව මුල් වරට ගමනේ දී දැක ගත හැකි විය. පැරණි අශ්ව මාර්ගය ඔස්සේ හෝරා තුනක් ඇතුළත අපි කි.මී. 5 ක පමණ දුර ගෙවා අසිරු හා දුෂ්කර කඳු තරණය කරමින් නන්පේරියල් වත්තේ අඩි 6990 සඳහන්ව ඇති නාම පුවරුව අසලට පැමිණියෙමු. එතැන් සිට අපට ස්ථාන දෙකකට යා යුතුව තිබුණි. එනම් කැතිගහන ඇල්ල නොහොත් ගලගම ඇල්ලට සහ බේකර්ස් වංගුව පිහිටි ස්ථානයටයි. කඳු නැගීම බැසීම පදනම් කර ගනිමින් අප ප්‍රථමයෙන් තෝරා ගත්තේ හෝර්ටන් තැන්නේ මහ වනය මධ්‍යයේ පිහිටි ගලගම ඇල්ල නැරඹීමට යාමටයි. මෙහිදී අපට දැකගත යුතු දෙයක් තිබුණු නිසාවෙන් ඒ පිළිබඳව අසා දැනගත්තෙමු.
වන පියස අවාසානයේ දැකගත හැකිවුයේ කුමක්ද
{ "answer_start": [ 139 ], "text": [ "නන්පේරියල් ඉසව්ව" ] }
47932d99-7f35-4199-acd8-a3cee3aa958e
බුධ සිකුරු ඔබට පාපී ග්‍රහයින් වන අතර කුජ ග්‍රහයා වඩාත් ශුභපල ගෙනදෙන ග්‍රහයාවේ. බුධ 3 වැන්නටද සිකුරු 4 වැන්නටද කුජ 7 වැන්නටද පැමිණ ඇත. පාපී ග්‍රහයකු වුවත් ඔබගේ ජන්ම කේන්දරයේ බුධ බලවත් නම්, ඉගෙනීමට දක්ෂ වේ. සහෝදරයින්ට යහපත්ය. නිතර ගමන් බිමන් යෙදේ. තැපැල් හෝ දුම්රිය සේවයේ රක්ෂාවන්ට කාලය යෙදේ. සිකුරු ග්‍රහයා ඔබගේ ජන්ම කේන්දරයේද 4 වැන්නේ නම් ඔබ දැනටමත් යාන, වාහන ඉඩකඩම් දේපල හිමි අයෙකි. සිකුරු 4 වැන්නේ ගත කරන දින කීපය තුළ එවැනි දේ ලැබීමටද වාසනාව ඇත. විවාහ වයසේ නම් ලස්සන සහකාරියක හඳුනා ගැනීමට ලැබේ. කුජ ඔබට වාසනාව ගෙනදෙන ග්‍රහයා වේ. විවාහ වන වයසේ පසුවන අයට මෙම කාලය තුළ විවාහ වාසනාව ලැබෙනු ඇත. මෙම ග්‍රහයින් තිදෙනාම තම ජන්ම කේන්දරයේ අශුභව පිහිටා ඇත්නම් සඳහන් කරන ලද ශුභඵල නොලැබී යාමට ඉඩ තිබෙන බවද සලකන්න.
ජන්ම කේන්දරයේ බුධ බලවත් නම් කුමන රක්ෂාවන්ට කාලය යෙදේ ද?
{ "answer_start": [ 246 ], "text": [ "තැපැල් හෝ දුම්රිය සේවයේ රක්ෂාවන්ට කාලය යෙදේ" ] }
d0253ac8-c2be-4879-9e1f-0bd7d154997f
කලක් තිස්සේ ලංකාව පුරා තාප්ප බිත්ති විචිත්‍රවත් ලෙස සැරසූ, තවත් විටෙක වෘත්තිය අරගලවල සටන්කාමි සටන් පාඨ අරගල මුවහත් කෙරුණු, තවත් විටෙක නාට්‍ය චිත්‍රපට ආදි සෞන්දර්යාත්මක ප්‍රකාශනයන් ප්‍රදර්ශනය කෙරුණු පෝස්ටර් කලාව අද වෙන විට විවිධ අභියෝගයන්ට මුහුණදෙමින් සිටින බව පෝස්ටරය සිය ප්‍රචාරක මෙවලමක් කරගත් බොහෝ දෙනා පවසති. පෝස්ටරය නාට්‍ය කලාවට, චිත්‍රපට කර්මාන්තයට, වෘත්තිය සමිති ක්ෂේත්‍රයට, සමාගම් ප්‍රවර්ධනයට, මාධ්‍ය කලාවට, ටියුෂන් ව්‍යාපාරයට පමණක් නොව ශිෂ්‍ය ව්‍යාපාර, දේශපාලන ව්‍යාපාර මේ ආදී සෑම ක්ෂේත්‍රයක් පුරාම සන්නිවේදන මාධ්‍යයක් ලෙස භාවිත කෙරුණ ද අද වෙන විට එය ටිකෙන් ටික ඉන් ඈත්වෙමින් පවතින බව ද ඔවුහු පෙන්වා දෙති.
පෝස්ටර් කලාව අද වන විට විවිධ අභියෝගයන්ට මුහුණදෙමින් සිටින බව පවසන්නේ කව්ද?
{ "answer_start": [ 260 ], "text": [ "පෝස්ටරය සිය ප්‍රචාරක මෙවලමක් කරගත් බොහෝ දෙනා" ] }
e82fb262-a25a-46d1-953f-7fb0571a0949
නමුත් ඊට පසු ක්‍රි.ව.1815 ජනවාරි 10 වැනිදා උඩරට රාජධානියට එරෙහිව නැවතත් ඉංග්‍රීසි හමුදාව යුද ප්‍රකාශ කළ බව ඉතිහාසයේ සඳහන්ය. මේ වන විට උඩරට රජු අල්ලා ගැනීමට සුදුසු වතාවරණය ඉංග්‍රීසීන් සකසා හමාරය. රජු ඇල්ලීමට ගිය අය අතර සිටි ඩී.වී.ඒ. දියෙස් වෘත්තියෙන් ඉංග්‍රීසි හමුදාවේ භාෂා පරිවර්තකයකු විය. ඔහු විසින් මේ රජු ඇල්ලීමට ගිය ගමන ගැන ලියූ ලිපිය ක්‍රි.ව. 1861 අප්‍රේල් මස සිංහල සඟරාව නම් ප්‍රකාශනයේ පළකොට ඇත. ඊට වසර 33කට පසු ක්‍රි.ව. 1895 දී සරසවි සඳරැස පුවත්පත පළකොට ඇත්තේ කොටස් 3කටය. ශ්‍රී වික්‍රම මහ රජාණන් ඇල්ලීමට සහ කැප්පෙටිපොළ කැරැල්ලේ යුද්ධයටද ඉංග්‍රීසි හමුදාවට තුප්පහිකම් කිරීමට ගියා වූ දොන් වීදියෙස් උන්නැහැ විසින් ලියන ලද ලියමනක පිටපතක් සජ්ජනයන්ගේ ප්‍රසාද සංවේගය පිණිස පළකරන බවය.
ක්‍රි.ව. 1895 දී සරසවි සඳරැස පුවත්පත පළකොට ඇත්තේ සිංහල සඟරාව නම් ප්‍රකාශනයේ පළකර කොපමණ කාලයකින්ද ?
{ "answer_start": [ 402 ], "text": [ "ඊට වසර 33කට පසු" ] }
6b105c36-e7d3-4030-944b-7d5a37773b33
ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාර වලට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු ලෙස නම් කර සිටින තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් හිටපු අමාත්‍යවරයා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් සැකකරුවකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් එය නීතියට පටහැනි බවත් සඳහන් කරමින් පෙත්සම්කාර මන්ත්‍රීවරයා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
සාමකාමී විරෝධතා ව්‍යාපාර පැවැත් වූයේ කුමක් ඉදිරිපිටද ?
{ "answer_start": [ 0 ], "text": [ "ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය" ] }
091b974f-9b6e-4361-918b-638afe25f9ef
අතීතයේ සිංහල රාජ්‍යයේ රාළ නමින් හඳුන්වා ඇත්තේ ප්‍රධානීන්ය. විවිධ තනතුරු දැරූ ප්‍රධානීන් තමන්ගේ තනතුර සහිතව රාළ යනුවෙන් හැඳින්වීම එකල පැවති සිරිතයි. මහ රාළ යනුවෙන් රජතුමාද හඳුන්වා ඇති බව ජනප්‍රවාද ජනකතා තුළින් ද හෙළිවේ. ඉන් අනතුරුව ගැමියන්ගේ පෞද්ගලික නාමයන් සමඟද රාළ යන්න පාවිච්චි කිරීමට පුරුදු වී ඇත. කෝරාළ - කෝරළයක් හෙවත් පත්තුවක ප්‍රධානියා අතුකෝරාළ - කෝරාළට සහාය වූ මුලාදෑනියා රටේ රාළ - රටේ මහත්තයා හෙවත් රටේ පාලකයා ගම රාළ - ගමේ ප්‍රධානියා මේ නමින් හඳුන්වයි. උණ්ඩිය රාළ - මුදල්භාර නිලධාරියා හෙවත් මුදල් භාරකරු බද්දෙ රාළ - බදු සහ දඩ මුදල් එකතු කළ නිලධාරියා ගං ඇති රාළ - ඉඩම් හිමියා. ඔහු සතුව සෑහෙන ඉඩකඩම් ප්‍රමාණයක් ඇත. පිහන රාළ - ප්‍රධාන අරක්කැමියා මඩප්පු රාළ - අරක්කැමියාට සහාය වන පුද්ගලයා කීරාළ - පයින්ඩකරුවන්ගේ ප්‍රධානියා ඩිංගිරාළ - රටේ රාළට සහය වන නිලධාරියා. ගැමියන් ඩිංගිත්තක් යනුවෙන් කියන්නේ ටිකක් යන අර්ථයටය.
ගැමියන් ඩිංගිත්තක් යනුවෙන් පවසන්නේ කුමකටද?
{ "answer_start": [ 800 ], "text": [ "ටිකක්" ] }
cbe80e59-1c58-46d1-9104-80c5627b89d4
ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ ෂෝන් ගුලික්ගේ නායකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් මගින් 2008 පෙබරවාරියේ අනාවරණ කළ පරිදි මුලින් නිගමනය කරන ලද ප්‍රමාණයට වඩා වැඩි ගැඹුරක තිබූ ජලය පොළොව මතුපිටට පැමිණ ඇති බවයි. ඉන් සල්ෆර් අංශු විශාල වශයෙන් පරිසරයට එක් විය. ක්‍රිමේසීය පෙලොයොජීන් මහා විනාශයේ බලපෑම දෙආකාරයකින් දරුණු ප්‍රතිඵල ඇති කිරීමට සමත් විය හැකිය. සල්ෆේට් අංශු පෘථිවිය මතුපිටට රැදී පැවතීමෙන් පරිසරය අධික ශීතලට ලක්වේ. අම්ල වැසි ඇති වීමට එමගින් බලපෑමක් ඇති විය හැකිය. මෙහි දීර්ඝ කාලීන බලපෑම වනුයේ යුකටන් අවසාදන ද්‍රෝණියේ මිනිස් වාසය පවතින ප්‍රදේශවල මතුපිට ජලය හිඟවීමය.
විශාල වශයෙන් පරිසරයට එක්වූයේ මොනවාද?
{ "answer_start": [ 202 ], "text": [ "සල්ෆර් අංශු" ] }
4d243513-f3f9-453c-9d10-61fdb3996e08
හැරී කුමරු සහ මේගන් කුමරිය මාස 7 ක් වයසැති පුත් ආචී සමඟ මෑතකදී කැනඩාවේ දීර්ඝ විවේකයකින් පසු නැවත එක්සත් රාජධානියට පැමිණ ඇති අතර, ඔවුන් මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමටත්, එක්සත් රාජධානිය සහ උතුරු ඇමරිකාවේද ජීවත් වීමටත් තීරණය කර තිබේ. රාජකීයයෙක් ලෙස ඉපිද රාජකිය වරප්‍රසාද සුව පහසුව මෙන්ම ජන්ප්‍රියත්වයද නොඅඩුව විඳි හැරී කුමරුට මෙවන් තීරණයක් ගැනීම පහසු නොවන්නට ඇත. එහෙත් රාජකීය නීති රීති බැඳීම් සහ වගකීම් ගොන්නක් කර මත තබාගන්නවාට වඩා ඉන් නිදහස් වී බිරිඳ සහ දරුවා සමග සාමන්‍ය ජීවිතයක් ගත කරමින් සහ ඔහුගේ මව මෙන් සමාජ සේවය කිරීමට ඔහු තීරණය කර ඇත.
හැරී කුමරු දීර්ඝ විවේකයකින් පසුව නැවත පැමිණියේ කොහාටද ?
{ "answer_start": [ 97 ], "text": [ "එක්සත් රාජධානියට" ] }
46992561-7e81-4ce0-b1ef-6b70dad9805e
1752දී ඉදිකරන ලද මෙම සුවිසල් දේවස්ථානයේ සැලසුම් ශිල්පියා වූයේ එවකට සිටි ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ හා නැව් තනන්නන්ගේ පරීක්ෂකවරයා ලෙස කටයුතු කල ඒබ්‍රහම් අන්තෝනිස් මහතාය. මෙහි පාදම කුරුසයක හැඩයක් ගත් නිසා “කුරුස පල්ලිය” යන නාමයද එකල මේ සඳහා භාවිතවී තිබේ. ලෝකයම විස්මයට පත්කරන්නාවූ ගාලු කොටුවේ විස්මය තවත් වැඩිකරන ස්ථානයක් ලෙස මෙම ලන්දේසි රෙපරමාදු දේවස්ථානය හැඳින්විය හැකිය. එසේ හැඳින්වීමට සුදුසු අපූර්වතම අංග රාශියක් මෙම දේවස්ථානයේ හා එය අයත් භූමියේ කැටිව පවතී. දැවැන්ත දැවමය දොරටුවෙන් දේවස්ථානයට පිවිසෙන ඔබ පය තබන්නේ ඉංග්‍රීසි අකුරු හා විවිධ රූප කොටා ඇති ගල්පුවරු ඇල්ලූ ගෙබිමකටය. එම අකුරු ඉංග්‍රීසි වුවද එම අකුරු එකට ගලපා එහි අන්තර්ගත විස්තර තේරුම් ගැනීමට උත්සහ කළද ඔබට එය නොහැකි වනු ඇත. එයට හේතුව ඒවා ලියා ඇත්තේ එකල ලන්දේසි භාෂාවෙන් වීමය.
ගාල්ලේ ලන්දේසි රෙපරමාදු දේවස්ථානය ඉදිකරන ලද්දේ කිනම් වසරේද?
{ "answer_start": [ 0 ], "text": [ "1752දී" ] }
685fdbde-b9a1-4774-aa02-17e8c98fef33
සතුන් කූඩු වලය. අපි උන්ගේ රූ සොබාවයන්, හැසිරීම් බලමින් සතුටු වන්නෙමු. එහෙත් ඒ ක‍්‍රමය වෙනස් කරමින් සතුන් නිදහසේත්, අපි ආවරණය කළ වාහනවලත් සිටිමින් සතුන් බැලීමේ ක‍්‍රමය දැන් ලෝ පුරා ප‍්‍රචලිතය. තායිලන්තයේ බැංකොක් නුවර සෆාරි ලෝකයේ දවසක් සැරිසැරූ මට ඉකුත්දා රිදියගම සෆාරි උද්‍යානායේ ද සැරි සරන්නට වාසනාව ලැබිණි. රිදියගම, හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පිහිටි ප‍්‍රදේශයකි. එහි අක්කර පන්සීයක භූමිභාගයක් පුරා පැතිරුණ මේ නිදහස් සත්වෝද්‍යානයට ඇතුල්වූ විගස අපට දකින්නට ලැබුණේ මුවෙකි. ඒ මුවා ලඳු කැලෑ අතරින් දුවපැන යන හැටි අපි ආශාවෙන් බලා සිටියෙමු.
ලොවපුර ප්‍රචලිත සතුන් බැලීමේක්‍රමය වන්නේ සතුන් නිදහසේත් , නරබන්නන් කෙසේත් සිටිමින්ද ?
{ "answer_start": [ 119 ], "text": [ "ආවරණය කළ වාහනවලත් සිටිමින්" ] }
70a66973-1ecc-4307-85f9-5279eb28ec86
තේවිස් ගුරුගේ සම්බන්ධීකරණය කළ ආධුනික වැඩ සටහනකට ක්‍රිස්ටි සම්බන්ධ වූයේ එක්දාස් නවසිය හතළිස් ගණන්වලදීය. ඔහු අනුකරණය කළේ එකල අසීමිත ජනප්‍රියත්වයක් ලබා තිබූ විකට නළුවකු වූ එඩී ජයමාන්නය. මේ වැඩ සටහනෙන් ජය ලැබූ ක්‍රිස්ටි එකල රේඩියෝ සිලෝන් නමින් හැඳින්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වූයේ විකට ශිල්පියකු ලෙසය. ඒ ඔස්සේ කුල්ලෙන් පොලා පොලා ගීතය වෙළෙඳ තැටියක් සඳහා ගයන්නට අවස්ථාව ලැබූ පසු එම ගීතයත් සමඟ ක්‍රිස්ටි ජනප්‍රියත්වයට පත්වූයේය. ප්‍රේක්ෂකයන් උන්මාදයට පත්කළ සිංහල තිරයේ ප්‍රථම පෙම්වතා ලෙස හැඳින්වෙන ප්‍රේම් ජයන්ත් හා ක්‍රිස්ටි පාසල් මිතුරෝය. බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නයන්ගේ ‘උමතු විශ්වාසය’ චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපාමින් සිනමා තිරයට ආ ප්‍රේම් ‘සුජාතා’ චිත්‍රපටයේ දොස්තර නිහාල් ලෙස රඟපාමින් එක රැයකින් සිනමා තිරයේ ආදරවන්තයා බවට පත්වූයේය.
කවුරු සම්බන්ධීකරණය කළ ආධුනික වැඩ සටහනකට ද ක්‍රිස්ටි සම්බන්ධ වුයේ ?
{ "answer_start": [ 0 ], "text": [ "තේවිස් ගුරුගේ" ] }
a1b27d4e-2572-4221-879b-c3ed9bfef26c
මිනිසුන් චන්ද්‍රයා ගැන පරීක්ෂණ පැවැත්වීමත්, චන්ද්‍රයා මතට ගමන් කිරීමත් ඇරඹුවේ බොහෝ කලකට පෙරය. චන්ද්‍රයා මතුපිටට ප්‍රථමයෙන් පය තැබූ නීල් ආම්ස්ට්‍රෝන්ග්ට පසුව තවත් පුද්ගලයෝ සේම යානාවන් ද චන්ද්‍රයා වෙත ගියහ. විවිධ රටවලින් ගිය ගගනගාමීහු තමන් එහි පැමිණි බව සලකුණු කිරීමට චන්ද්‍රයා මත කොඩි ද සිට වූහ. එහෙත් එහි මිනිස් වාසයක් ඇති නොවූයේ ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය ජලය එයින් හමු නොවීම නිසාය. එහෙත් චන්ද්‍රයාගේ දකුණු හා උතුරු ධ්‍රැවයන්ගේ මිදුණු ජලය ඇති බව නාසා ආයතනය පසුගිය දා ප්‍රකාශ කළේය. චන්ද්‍රයා මත මිනිස් වාසයක් ගොඩනගන්නට පෙරුම් පුරන්නට එය සුබ ආරංචියක් වන බව නිසැකය. කෙසේ වෙතත් තවමත් මෙම තොරතුරු සියයට සියයක් තහවුරු කළ එකක් නොවේ.
මිනිසුන් පරීක්ෂණ පැවැත් වූයේ කුමක් ගැනද?
{ "answer_start": [ 185 ], "text": [ "චන්ද්‍රයා" ] }
810bb235-92b1-4125-98fc-dc856756f932
ජනප්‍රිය බොලිවුඩ් නළු සායිෆ් අලී ඛාන් මේ වසරේ සිය ප්‍රේක්ෂකයන් හමුවූ දෙවැනි චිත්‍රපටය වූයේ ජවානි ජානේමන් චිත්‍රපටයයි. මෙය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 42ක මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත. කෙසේ වෙතත්, සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටය ඉන්දියාවේ අසාර්ථක වී ඇති බවය. මෙය ඉන්දියාවේ පමණක් මේ වනවිට කෝටි 28ක මුදලක් උපයාගන්නට සමත්ව තිබෙන නමුදු, එය සිය වියදම් මුදල හෝ ඉක්මවා යන්නට අසමත්ව ඇති බව විචාරකයන් වැඩි දුරටත් අදහස් දක්වා ඇත. සායිෆ්, තාබු හා නවක නිළි අලේයා මෙහි ප්‍රධාන චරිත සඳහා එක්ව සිටියහ.
ජනප්‍රිය බොලිවුඩ් නළු සායිෆ් අලී ඛාන් මේ වසරේ සිය ප්‍රේක්ෂකයන් හමුවූ දෙවැනි චිත්‍රපටය වූයේ කුමක්ද?
{ "answer_start": [ 91 ], "text": [ "ජවානි ජානේමන් චිත්‍රපටයයි" ] }
25aae8cb-4e01-4ee2-a3c8-8577133d28c6
ජීවයේ පැවැත්මට සුදුසු පරිදි පෘථිවිය මත ඔක්සිජන් ඇතිවීමට වසර ලක්ෂ 1000ක් පමණ ගත වූ බව පර්යේෂකයෝ කියති. පෘථිවියේ ඇති පාෂාණ සාම්පල පරීක්ෂා කරමින් ඔවුහු ඒ බව කියති. අද ඇති ඔක්සිජන් මට්ටමෙන් සියයට 10ක් ඇති වීමට මේ කාලය ගත වූ බව ඔවුහු කියති. විද්‍යාඥයන් පවසන්නේ වසර බිලියන 3.5ත් වසර මිලියන 600ත් අතර කාලයේ පෘථිවියේ සිටියේ ඔක්සිජන් අවශ්‍ය නොන නිර්වායු ස්වසනයෙන් ජීවත් වන සත්ත්වයන් බවයි. කෙසේ වෙතත් වසර වසර ලක්ෂ 6000ක කාලයේ සිට කේම්බ්‍රිය පිපිරීම ලෙස හදුන්වන සත්ත්ව ජිවිත පරිනාමය සිදුව ඇති බවත් ඒ කාලයේ දී ඔක්සිජන් ඉහළ මට්ටමේ තිබූ බවත් පර්යේෂකයෝ කියති.
ජීවයේ පැවැත්මට සුදුසු පරිදි පෘථිවිය මත ඔක්සිජන් ඇතිවීමට වසර කීයක් ගත වූයේද?
{ "answer_start": [ 60 ], "text": [ "ලක්ෂ 1000ක්" ] }
3c32df5a-ce30-4a13-b80e-cd7e17d0fc9d
එම මිනිරන් නිධිය ලබාගැනීම සඳහා ප්‍රධාන ආවාටය තවදුරටත් කණිනවාද? නැතිනම් ගල් දෝනාවක් කණිනවාද? එසේත් නැතිනම් දොරුවක් කණිනවාද? යන්න කැණීම් ඉංජිනේරුවරයා තීරණය කරයි. ඒ සඳහා බොහෝ විට සිදු කරන්නේ පුපුරණ ද්‍රව්‍ය යොදා පිපිරවීමයි. අඩි 3 හා අඩි 5 තරමේ වළවල් විද පුපුරණ ද්‍රව්‍ය ඇතුළු කෙරේ. ගල් දෝනාව ප්‍රධාන ආවාටය හැරීම හා දොරුව යන පිපිරීම්වලදී විදින වළවල් ගණන වෙනස් වේ. නවීන තාක්ෂණයට අනුව පුපුරණ ද්‍රව්‍ය වන වෝටර් ජෙල් හා ඇමෝනියා නයිට්‍රේට් යන ද්‍රව්‍ය මේ සඳහා යොදා ගැනේ. උපරිම අඩි 05ක් දක්වා බෝර දමා සියලු සේවකයින් පතලින් ඉවත් වීමෙන් පසුව පුපුරුවා හැරේ.
බෝර දමන්නේ උපරිම කොපමණ අඩි ගණනක් දක්වාද?
{ "answer_start": [ 469 ], "text": [ "අඩි 05ක්" ] }
67fab24e-1f34-4877-9c92-10a75aa9d002
තම පුතුගේ වියෝවීමෙන් පසු සුදු හැඳි කතක් වූ සුජාතා තමාගේ මරණය ගැන නිතර මෙනෙහි කරන්නීය. තමා මියගිය පසු පොල්තෙල් පහනක් දල්වන ලෙසත් සොහොන් කොතක් නොකරන ලෙසත්. දිනකට වඩා මෘතදේහය තබා නොගන්නා ලෙසත්, ගුණ කථන නොව බුදු ගුණ පමණක් කීම ප්‍රමාණවත් බවත්, තම ශරීරය තමා විසින් ඉල්ලා ඇති පරිදි වෛද්‍ය විද්‍යාලයට භාර දෙන්නැයි සුජාතාවෝ අවසාන කැමති පත්‍රයකින් ඉල්ලා සිටින්නීය. අත්තනායක යුවළගේ වැඩිමහල් පුතු හේලි ඇමෙරිකාවේ කළමනාකරණ උපාධිය හදාරා ඉන්දියානු ජාතික ක්‍රිස්කා සෙනෙකා සමඟ ද බාල පුතු සමීන් සම්මානනීය චිත්‍රපට නිළි අනෝජා වීරසිංහ ගේ දියණිය ඩිල්කා සමඟද විවාහ වී සිටිති. නවරත්න සුජාතා අයෝද්, සංදේශා, තිසෙත්. තිසල් යන මුනුපුරු මිනිබිරියන් හතර දෙනෙකුගේ ආදරය ලබමින් ජීවත් වෙති.
හේලී විවාහ වී සිටින්නේ කවුරුන් සමඟද?
{ "answer_start": [ 439 ], "text": [ "ක්‍රිස්කා සෙනෙකා" ] }
9c5e7383-77c6-4178-ad31-216749bc2995
පෘතුග්‍රීසීන් කන්ද උඩරට රාජධානිය සමග කුරුඳු වගාවට ගිවිසුම් අත්සන් කළද රත්නපුර ආශ්‍රිතව එවැනි ගිවිසුමකට එළැඹුණ බවට සාධක නැත. එහෙත් ලන්දේසීන් කුරුඳු සඳහා පෘතුග්‍රීසීන්ට වඩා අනුග්‍රහයක් ලබා දී කැපී පෙනෙයි. කළු ගඟ දෙපස පමණක් නොව කළු ගඟේ ප්‍රධාන උප ගංගාවක් වූ කුරු ගඟ ද මේ වකවානුව වන විට ඔරු පාරු ප්‍රවාහන සේවයට එක්ව සිටි බව පැහැදිලිය. ඔරුවක් මෙන් දෙතුන් ගුණයක් විශාල තෙප්පම් කළු ගඟ සහ කුරු ගඟ දිගේ ප්‍රවාහනයට යොදා ගන්නට ඇති බව පෙනේ. ඒ නිසා පාරුවකින් ගෙනියන භාණ්ඩ මෙන් හත්අට ගුණයක බඩු තෙප්පමකින් ගෙන යා හැකිය. තෙප්පමක් අඩි පනහකට වඩා වැඩි දිගකින් යුක්තය.
පෘතුගීසීන් උඩරට සමඟ ගිවිසුම් අත්සන් කළේ කුමකටද ?
{ "answer_start": [ 37 ], "text": [ "කුරුඳු වගාවට" ] }
bf5e20a8-2e2b-4adf-8fee-5ec5a89df83b
විශේෂයෙන්ම අභ්‍යන්තර ගැටුම් පවතින රාජ්‍යයන් සමග සබඳතා පැවැත්වීමට එරට කැමති නැත. එවන් රටවලින් එන විදේශිකයන් කෙරෙහි දැඩි අවධානයක් යොමු වෙයි. ලංකාවේ වුවද ලාඕස් තානාපති කාර්යාලයක් නැති බැවින් අපට සිදුවන්නේ තායිලන්තයට ගොස් ඒ හරහා වීසා ලබාගැනීමටය. ලංකාව මෙන් හතර ගුණයක් විශාල රටක් වුවද එරට මුහුද වෙනුවට ඇත්තේ මීකොන් ගඟය. මිකොන් ගඟ ඒ අසල රටවල් කීපයකටම සම්බන්ධය. ලාඕසයේ ප්‍රවාහන සේවයටද මෙම ගඟ ප්‍රයෝජනයට ගැනේ. එරට ප්‍රධාන ආගම බුද්ධාගම වුවද හිංදු හා ආදි කාලීන වෙනත් ඇදහිලි ක්‍රම ද වෙයි. ලාඕසයේ සුවිශේෂත්වය වන්නේ ලොව වෙනත් කිසිදු රටක නොමැති තත්ත්වයෙන් එරට ස්වභාවික සම්පත් තුළම ජීවන පැවැත්ම පවත්වාගෙන යාමයි. උස් තුඟුතුරු කර්මාන්තශාලා එහි නැත. දැවැන්ත ප්‍රවාහන සේවා නැත. කටු කම්බි යකඩ කූරු ආදිය ඇති බවක් ද නොපෙනේ. ඒ නිසා එහි කාර්මික දියුණුවක් නැතැයි කීමටද නොහැකිය.
ලාඕසයේ ප්‍රධාන ආගම කුමක්ද?
{ "answer_start": [ 418 ], "text": [ "බුද්ධාගම" ] }
543875ed-011d-408f-91c7-ffa7e06809ec
ගොඩබිම දකින්න ලැබෙන තණබිම් ආකාරයටම, මුහුදු තණ කොළවලින් සමන්විත තණ බිම් මූදු පතුළේ සැතපුම් දස දහස් ගණනක් ඈතට විසිරී පැතිරී පවතී. නිවර්තන කලාපීය සාගරයේ දකින්න ලැබෙන මෙම තණබිම්වල වෙසෙන හුදෙකලා දඩයක්කරුවන් බොහොමය. ඒ අතරින් ටයිගර් ෂාක් හෙවත් ව්‍යාඝ්‍ර මෝරුන් කැපී පෙනෙයි. සිරුරේ ව්‍යාඝ්‍රයකුගේ මෙන් වයිරම් ඇති බැවින් මේ මෝරා ව්‍යාඝ්‍ර මෝරා ලෙස හැඳින්වෙයි. හොඳින් වැඩුණු මෝරකු මීටර් පහක් පමණ දිගින් යුක්තය. ඕනෑම දෙයක් පොඩි පට්ටම් කළ හැකි විදියේ ඉතා ශක්තිමත් හකුපාඩා ව්‍යාඝ්‍ර මෝරාට ඇත. මෝරා ගොදුරු ලෙම සොයන්නේ කොළ කැස්බෑවන් ය. කොළ කැස්බෑවන් ජීවත් වන්නේ මුහුණු තණ ආහාරයට ගනිමින් මෙම තණ පිට්ටනි කේන්ද්‍රකොට ගනිමිනි. කොළ කැස්බෑවන්ගේ ප්‍රධාන ආහාරය ලෙස සැලකෙන්නේ මුහුදු තණ ය.
හොඳින් වැඩුණු මොරෙකුගේ දිග කොපමණද ?
{ "answer_start": [ 371 ], "text": [ "මීටර් පහක්" ] }
eda374ea-ee3c-4219-bb11-c34db7134d0e
පසුගිය කාලයේ අපි හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා පස් පිඩැල්ල කපමින් ඇරඹි දුම්රිය ගමන, ඒ දුම්රිය මග ඉදිවීමේදී ඇති වූ ගැටලු, සිදු වූ ඛේදවාචක පිළිබඳ මෙන්ම ලංකාවට පැමිණි විශාලතම ගැරට් ඇන්ජිම පිළිබඳ අප ඔබ දැනුම්වත් කෙළමු. එවැනි අපූරු කතා රැසකට අරුත් සැපයූ දුම්රිය ලංකාවට රැගෙන ආවේ කිනම් නැවකද? බරසාර දුම්රිය ඇන්ජිම මරදානට ගෙන ආවේ කොහොමද? ලංකාවට ගෙනා ප්‍රථම ඇන්ජිමේ වතගොත මොනවාද? වෙනස් වු කොළොම්තොට නොවෙනස් වු පළමු ස්ටේශමේ වගතුග සොයා ඉරිදා ලංකාදීප අපි අතීතයට පිය නැඟුවෙමු. දුම්රිය ගැන කතා කිරීමේදි කොළඹ යනු උපප්‍රධාන මාතෘකාවකි. අද මෙන් දියුණු නොවූ වටපිටාවකදී දුම්රිය සමග පිබිදුණු කොළඹ අද මෙන් සත්මහල් ප්‍රාසාද ඉදිවී තිබුණේ නැත.
කලින් තිබු දුම්රිය ගැන සොයා බැලුවේ කුමකින්ද
{ "answer_start": [ 421 ], "text": [ "ඉරිදා ලංකාදීප" ] }
b0fdb66a-6c22-4b11-a489-9db0467443c5
මෙවැනි උසස් තාක්ෂණයක් තුළින් අපේ තේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිකිරීම මගින් ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින ආදායමට වඩා ඉහළ ආදායමක් ඉපැයීමට අපට හැකිවෙනවා. එමෙන්ම දැනට තේ දළු වියළීමට භාවිත කරන විශාල උදුන්වලට දර සපයාගැනීමට ඇති අපහසුතාවද මග හැරෙනවා. දැව පිළිස්සීම තුළින් සිදුවන පාරිසරික විනාශයද අවම කරගැනීමට හැකිවෙනවා. මෙම නිර්මාණය අත්හදා බැලීමේදී තලවාකැලේ තේ පර්යේෂණ ආයතනය විශාල සහයෝගයක් ලබාදුන්නා. තායිවානය සහ ඉන්දියාව මේවන විට මෙවැනි යන්ත‍්‍රයක් නිපදවා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම වායු සමීකරණ තාක්ෂණයෙන් සහ වායු සම්පීඩක තාක්ෂණයෙන් දැව පදම් කිරීමේ යන්ත‍්‍රයක් සහ නැවුම් පිරිසුදු පොල්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා යන්ත්‍රෝපකරණද මා නිර්මාණය කර තිබෙනවා. දැනටමත් මා නිර්මාණය කළ සමහර යන්ත්‍රෝපකරණ කර්මාන්තකරුවන් භාවිත කරනවා යැයි සෙනරත් මහතා පැවැසීය.
මෙම නිර්මාණය අත්හදා බැලීමේදී විශාල සහයෝගයක් ලබාදුන් ආයතනය කුමක්ද?
{ "answer_start": [ 339 ], "text": [ "තලවාකැලේ තේ පර්යේෂණ ආයතනය" ] }
bfb578aa-564b-4252-b5da-bdc7acfec167
කාලයක සිට දමිල චිත්‍රපට නිෂ්පාදක විග්නේෂ් ශීවන් සමගින් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන දකුණු ඉන්දීය සිනමා නිළි නයන්තාරා තවත් නොබෝ දිනකින් සිය විවාහ ගිවිස ගැනිම සිදු කරන බවට ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත්, ඇය හා ඔහුගේ පෙම්වතා වන විග්නේෂ් පෙනී සිටින අලුත්ම ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍යයට මුදාහැර තිබේ. එහිදි දකින්නට ලැබෙන්නේ නයන්තරා සිය විවාහ ඇගිල්ලේ මුදුවක් පැළඳ සිටින ආකාරයයි. බොහෝ දෙනෙකු පවසන්නේ මේ වනවිටත් හොර රහසේ නයන්තාරා සිය විවාහ ගිවිස ගැනීම සිදු කර ගෙන ඇති බවය.
නයනතාරා කොහේ නිළියක්ද
{ "answer_start": [ 83 ], "text": [ "දකුණු ඉන්දීය" ] }
828cfc15-a8c9-4ef3-8240-6a077bd32017
මුත්තයියා පාරේ දී තරුණයන් පස්දෙනා කොටුකරගත් අතර එහිදී ද තරුණයන් පස්දෙනා නිමල්ට හොඳ හැටි පහර දී ඇත. පහර කා ඇදවැටුණු පසු ද නිමල් නමැත්තාට පා පහර ද එල්ල කර ඔවුන් සමග සිටි තරුණියට ද පහර කිහිපයක් එල්ලකර තරුණයන් පස්දෙනා යළි පළා ගොස් තිබේ. රූපලාවන්‍ය ශිල්පිනිය කෑගසමින් සිටියදී රාත්‍රියේ ජංගම සංචාරයේ යෙදුණු ගුවන් හමුදාවේ නිලධාරීන් කණ්ඩායමක් කැබ් රථයකින් සිද්ධිය වූ ස්ථානය පසුකරගෙන යාමට ගොස් ඇත. අල්ලාගත් පස්දෙනාව ගුවන් හමුදා නිලධාරීන් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට බාර දීමෙන් පසු පොලිසිය ඔවුන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ගුවන් හමුදා නිලධාරීන් තරුණයන් පස්දෙනාව බාර දුන්නේ කිනම් පොලිස් ස්ථානයටද?
{ "answer_start": [ 430 ], "text": [ "කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට" ] }
9c2a0cc5-eab7-47c4-a065-c17fc5bb67ed
රීටාත්, රූබිත් බොහෝ විට කතා කළේ චතුර ඉංග්‍රීසියෙනි. එකල ද රීටා හෝටල් සංස්ථාවේ නිලධාරිනියක ලෙස සේවය කළ බව මට මතකය. එකල බොහෝ පැරැණි නළු නිළියෝ ඉතා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිර වූහ. රීටාට අභිෂේක චිත්‍රපටයේ රඟපාන්නට තිබුණේ රෙක්ස් කොඩිප්පිලිගේ බිරිඳ හැටියටය. ඔවුන්ගේ දියණිය ලෙස රඟපෑවේ අවන්ති අපොන්සුය. රූබි ද මෙල් ප්‍රධාන නිළියගේ මව ලෙස රඟපෑවාය. 1934 පෙබරවාරි 18 වැනිදා මාතලේ උපන් රීටා පිලොමිනා රත්නායක අධ්‍යාපනය ලැබුවේ, මාතලේ ඇග්නස් කන්‍යාරාමයෙනි. එය පසුව ශාන්ත තෝමස් බාලිකා විදුහල බවට පත්විය. ඇගේ පියා එමිල් රත්නායක සුප්‍රකට වයලින් වාදකයකු විය. ඇගේ මාමලා ද කලාවට සම්බන්ධ වූවෝ වූහ. ඇය කුඩා කල සිටම රුක්මනී දේවියට ප්‍රිය කළාය. පාසල් කාලයේදී ඇය දස්කොන් නාට්‍යයේ ප්‍රමිලා බිසව ලෙස රඟපෑවාය. ගී ගැයුවාය. ඇය රුක්මනී දේවිය මුණගැසෙන්නට ආශාවෙන් සිටියාය.
එකල හෝටල් සංස්ථාවේ නිලධාරිනියක ලෙස සේවය කලේ කව්රුන්ද?
{ "answer_start": [ 58 ], "text": [ "රීටා" ] }
a050a3b2-ff39-40b0-ab53-b3486a7c8516
මෙහි බුදු ගුණ සමඟ කියවෙන මන්තරවල නිරන්තරවම දෙමළ වචන වැනි වචන ඇසේ. හත් අඩිය කපන ඇතැම් ගුරුන්නාන්සේලා යන්ත‍්‍ර විසි අටක් කපන බව ද සුදු බණ්ඩා ගුරුන්නාන්සේ තවදුරටත් සඳහන් කළේය. මෙහිදී යන්ත‍්‍ර ලෙසින් හඳුන්වනු ලබන්නේ පොළොවේ හෝ වෙනයම් දෙයක් මත අඳින ලද අකුරු සහ මිනිස් පාද බව පසුගිය සතියේ අපි සටහන් කළෙමු. ඒවා මත තැබූ දෙහි ගෙඩි යාගය අවසානයේදී කැපීම යන්ත‍්‍ර කැපීම නම් වේ. මෙහිදී දිග කවි මෙන්ම කෙටි කවි ද සංගායනා කරනු ලැබේ. මෙම යන්ත‍්‍ර, මන්ත‍්‍ර, ගුරුකම්, හදි, හූනියම් ශාන්ති කර්ම සහ අණවින ආදියට මුළු ලෝකය සඳහාම ඍෂිවරු නම දෙනෙක් සිටින බවත් මේවා ඔවුන්ගෙන් පැවත එන දේවල් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
හත් අඩිය කපන ඇතැම් ගුරුන්නාන්සේලා යන්ත‍්‍ර විසි අටක් කපන බව ප්‍රකාශ කලේ කව්රුන්ද?
{ "answer_start": [ 128 ], "text": [ "සුදු බණ්ඩා ගුරුන්නාන්සේ" ] }
6e388cc6-582b-4281-897a-9c450d41b30d
‘‘මේවන විට ලංකාවේ මිනිරන් කිලෝවක් ඩොලර් 1 ක් හෝ 1.5 ත් අතර මිලකට අලෙවි වෙනවා. මෙලෙස මිනිරන් වැඩිදියුණ කළ පසුව ඩොලර් 20 කට පමණ විදේශ වෙළෙඳපොළේ අලෙවි කළ හැකි වනවා. ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයක් නිපදවූ පසු එහි ආයුකාලය තුළදී මිනිරන් කිලෝ 70 ක් පමණ බැටරියේ ප‍්‍රයෝජනයට ගන්නවා. විදේශ රටවලින් කෘත‍්‍රිම මිනිරන් අඩංගු බැටරි මිලදී ගැනීමට වැයවන විශාල මුදලක් අපට ඉතිරිකර ගැනීමට මෙමගින් හැකිවෙනවා. එමෙන්ම නුදුරු අනාගතයේදී ජනතාවට දරගත හැකි මට්ටමකට බැටරි මිල පහත හෙළීමටත් මෙම පර්යේෂණය ඉවහල් වෙනවා. ලෝකයේ මිලෙන් අධික ග‍්‍රැෆින් නිපදවීමටත්, මිලෙන් අඩු සෝඩියම් සහ මැග්නීසියම් බැටරි සඳහා දේශීය මිනිරන් යොදාගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විට සිල්වර් ග‍්‍රැෆින් සංයුක්ත ද්‍රව්‍යයක් අප නිපදවා තිබෙනවා. ඒවායින් බැක්ටීරියා විනාශ කිරීමට හැකියාව තියෙනවා. එමෙන්ම දේශීය මිනිරන් පිරිපහදු ක‍්‍රියාවලියේදී මතුපිට පෘෂ්ටිය වැඩිදියුණු කළ, පිරිපහදු කළ, ව්‍යුහගත වෙනස්කම් කළ මිනිරන් මේවන විටත් නැනෝ තාක්‍ෂණික සහ අධි තාක්‍ෂණික නිෂ්පාදන සඳහා භාවිත කෙරෙන මිලෙන් අධික අතරමැදි නිෂ්පාදන ලෙස හඳුනාගෙන තියෙනවා. එමගින් ලංකාවට විශාල විදේශ විනිමයක් උපයාගැනීමටත් නුදුරේදීම හැකියාව ලැබේවි ’’ යැයි විජයසිංහ මහතා පැවැසීය.
මේ වනවිට පර්‍යේෂණය ඇසුරින් නිපදවා තිබෙන්නේ මොනවාද?
{ "answer_start": [ 626 ], "text": [ "සිල්වර් ග‍්‍රැෆින් සංයුක්ත ද්‍රව්‍යයක්" ] }
5b8a5bce-04c3-49ec-8528-a38171083230
ගුහාවේ ප්‍ර‍ධාන විවිරයේ සිට මීටර 90 ක් පමණ ඈතින් තිබූ අඟල් හතක් වැනි කුඩා විවරයකින් ඇතුළු වී ගියවිට මේ මානව කොටස් හමුවී ඇත. සීඑන්එන් පුවත් සේවය පවසන්නේ ඒ අනුව මෙය ලෝකයේ මෙතෙක් සොයාගත් පුදුම සහගත සොයාගැනීමක් බවයි. එම ස්ථානයේ අස්ථි කොටස් පිරී තිබිණි. ඒවා අතර පිරිමි, ගැහුණු හා ළමයින්ගේ අස්ථි කොටස් රැසක් තිබී ඇත. විද්‍යාඥයන්ගේ මතය වන්නේ එතැන පුද්ගලයන් 1500ට පමණ අයත් අස්ථි කොටස් ඇති බවයි.මෙතෙක් සොයාගත් පැරණිතම මානව සුසානය වසර 100,000 ක් අතිතයට දිව යයි. විද්‍යාඥයන් පවසන්නේ නැලෙඩි මානවයාගේ මේ සුසානය ඊට වඩා අතීතයට අයත්විය හැකි බවයි. නැලෙඩි තවමත් කවර කාලයක ජීවත්වූයේ ද යන්න ස්ථිර කැර ගැනීමට අවශ්‍ය කාල නිර්ණය මෙතෙක් සිදු කැර නැත.
එම ස්ථානයේ පිරී තිබුනේ මොනවාද?
{ "answer_start": [ 224 ], "text": [ "අස්ථි කොටස්" ] }