id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
80db5cad-f510-42d9-a360-f5f953cc56e8
මෙහිදී යකඩ කූර ගැලවීමේදී ලෝහ නයි පෙණය එළියට ගැනීමට හැකි නොවන බව කපු මහත්වරු කිහිපදෙනෙක් සහ දේව ගැතිවරු කිහිපදෙනක් අභියෝග කරන්නට වූහ. බලාසිටියවුන් දෙපිරිසක් වශයෙන් බෙදී ගියහ. ඇතැමුන් මෙය ගැලවීමට නොහැකි වේ යැයි සිතූ අතර, ඇතැම්හු එය කිරීමට හැකි යැයි මතවල සිටියෝය. තව පැය භාගයකින් අප කටුව ගලවනවා. පුළුවන් ජගතෙක් සිටින්නේ නම් කටුව ගැලවීමට නොහැකි තත්ත්වයකට පත්කරන්න පුළුවන් දෙයක් තිබේ නම් කරන්න. අපි පේ වුණේ නැහැ. කිලිවලට අසු වුණා. මළගෙවල්වල ගියා. ඒ නමුත් අපි සාමාන්‍ය විදියටම මේ කටු හා නයි පෙණය ගලවනවා. හැකි නම් නවත්තන්න’ යැයි මිථ්‍යා මත පිළිගන්නන් ඉදිරියේ විවෘත අභියෝගයක් කළේය.
මෙය ගැලවීමට හැකි යැයි මතයේ සිටියවුන් කළ අභියෝගය කුමක්ද?
{ "answer_start": [ 498 ], "text": [ "හැකි නම් නවත්තන්න’" ] }
9c998b9b-8863-45bd-b0c5-9eee1a5d4cfd
වරුණ සතු අසීමිත බලය හේතුවෙන් කනක් කළු සුදු අශ්වයන් දහසක් සොයාගැනීමට හැකිවනු ඇතැයි රුචික කල්පනා කළේය. නිබඳවම භාවනානුයෝගීව පසුවන වරුණ සතුව අසීමිත ශක්තියක් විය. එක් පැත්තකින් ඔහු සයුරටද වැස්සටද අධිපතිය රජමැදුරු අංගණය පිරී තිබුණේ සුදු අසුන්ගෙනි. පුදුමයකට මෙන් ඒ හැම කෙනකුගේම එක් කනක් පමණක් කළුපාටය. රජුට පුදුමයට පත් නොවී සිටීමට නොහැකි විය. මේක නම් භාවනා ශක්තියේ බලයෙන්ම කළ වැඩක්. නැත්නම් එකම විදිහේ අස්සයෝ දහසක් සෙවීම දුෂ්කර කටයුත්තක්. වනස්පතීන් ගැවසෙන සුන්දර වනගහනයේ එක් සොඳුරු තැනිතලාවක තාපසාශ්‍රමය පිහිටා තිබිණි. එහි අවට මිදුල පුරා වූයේ හරිත පැහැගත් සුන්දර තණ පලසකි. දවසේ උදේ වරුවම පාහේ ඒ තණ මත පිනි පලසක්ද තිබිණි.
වරුණ සතු අසීමිත බලය හේතුවෙන් රුචික කල්පානා කළේ කුමක් කිරීමටද?
{ "answer_start": [ 29 ], "text": [ "කනක් කළු සුදු අශ්වයන් දහසක් සොයාගැනීමට" ] }
7e3674f3-20e5-4489-8d9c-31cf76aac943
විවිධ වූ හැඩතල මෝස්තර සහ කැටයම්වලින් අනූන වූ මෙම රේන්ද කලාව අද වනවිට කළුතර සිට මාතර දික්වැල්ල දක්වා ඇති වෙරළබඩ කලාපය තුළ ව්‍යාප්තව පවතී. මෙම රේන්ද විවීම වෙනුවෙන් ගොඩනැගෙන පාරම්පරික පවුල් බොහෝමයකි. දියණියන් සහ බිරින්දෑවරුන් ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර පවුල්වල බිරින්දෑවරුන් ද මෙම රේන්ද විවීමේ කලාවට සහජ දක්ෂතා දක්වයි. ඵෙතිහාසිකව විකාශය වූ මෙම රේන්ද කලාව පිළිබඳව ගොඩනැගී ඇති ජනශ්‍රැතික සාධකද පවතී. එකල යක්ෂ ගෝත්‍රිකයන් බහුලව වාසය කරන්නට යෙදුණේ දක්ෂිණ දේශයේ බවත් එසේම කුවේණියගේ ජනාවාසය දකුණු වෙරළබඩ පැවති බවත් විජය රජු ගොඩබැස තිබුණේ දකුණු වෙරළට බවත්ය.
විජය රජු ගොඩ බැස තිබුණේ කොහේටද?
{ "answer_start": [ 529 ], "text": [ "දකුණු වෙරළට" ] }
acb0d17c-ce82-4b15-96b3-857c4578cbfb
ඉංග්‍රීසීන් අපේ රට අත්පත් කර ගැනීමට පෙර එනම් 1815 ට පෙර පැවැති රාජාණ්ඩුවේ දී වැරදිවලට දෙන ලද දඬුවම් ඉතාමත් බරපතළය. රාජ්‍ය සේවයේ නියුතු උසස් පවුල්වල අය වැරදි කළ විට ඔවුන්ගේ හිස ගසා මරා දැමීම එකල සිරිත විය. යම් යම් අය විවිධ වැරදි කළ පසු, ඔවුන් කළ වැරදි ඔප්පු වූ වහාම ඔවුන් හිස පැළඳ සිටින මුණ්ඩාසන - හිස් වැසුම් ආදිය රාජ නියමයෙන් ඉවත් කරනු ලැබේ. එයද එක් දඬුවමකි. සාහසික අපරාධ කළ අය එල්ලීමට නියම කළ විට පළමුවෙන් ඔවුන්ගේ පිට මැදින් උලක් ඇණ මරා දැමීමෙන් පසු මළකඳට ලණුවක් දමා සියල්ලන්ටම පෙනෙන සේ ගසක එල්ලා තබනු ලැබේ. එල්ලීමට වඩා තවදුරටත් වරදකරුවන් නින්දා අපහාසයට පත් කිරීමට වුවමනාවූ විට එවැනි අය උල තැබීමට නියම කරති.
වැරදි කළ විට හිස ගසා දැම්මේ කුමන පවුල් වල අයගේද ?
{ "answer_start": [ 115 ], "text": [ "රාජ්‍ය සේවයේ නියුතු උසස් පවුල්වල" ] }
f1160508-327d-49d6-a658-eed08088ef9f
මේ අතර කීර්තිගේ ඥාති සොහොයුරු බන්දුල රණසිංහ නුවරින් හේලියන්ස් නම් පුංචි බෑන්ඩ් එකක් පටන් ගත්තේය. කීර්ති එහි ගායකයෙකු විය. කොට කලිසමක් හැඳ වේදිකාවට පැමිණි ඔහු සනත් නන්දසිරිගේ මහද වීණා ගීතය ගැයීය. ඔහුට හොඳ ප්‍රතිචාරයක් ලැබිණ. ගීත හතරක් කීමට ඉල්ලීම් ආවේය. අත්පොළසන් මැද කීර්තිව කවුදෝ වේදිකාවෙන් බිමට බැස්සු අයුරු ඔහුට තවමත් මතකය. ගීත ගැයුවේ සල්ලි බලාගෙන නොව තම හැකියාව එළිදැක්වීමට බව කියන කීර්ති මධ්‍යම රාත්‍රියේ බස් නැති නිසා පයින්ම ගම්පොළට ගොස් ඇති බව කීවේය. ඇතැම් විට බස් එකක් තිබුණත් ටිකට් ගැනීමට සල්ලි ද තිබී නැත.
හේලියන්ස් හි ගායකයෙකු වූයේ කවුද?
{ "answer_start": [ 98 ], "text": [ "කීර්ති" ] }
ce9a27e7-9789-44ba-ae2b-6e247df026dd
සාමාන්‍යයෙන් පිළිගත් සංචාරක මග පෙන්වන්නන්ට රැකියාව කරන අවස්ථාවේ කරේ පැළඳ ගෙන සිටීමට හැඳුනුම්පතක් දී තිබේ. එහෙත් බීච් බෝයිස්ලා ළඟ හැඳුනුම්පත වෙනුවට ඔවුන්ගේ සාක්කුවල තිබෙන්නේ හෙරොයින්, ගංජා, මත් පෙති ආදී තහනම් මත් ද්‍රව්‍ය හා උපත් පාලන කොපුය. ඇතැම් අය ළඟ මත්ද්‍රව්‍ය තිබුණ ද උපත් පාලන කොපු නොමැත. ඊට හේතුව ඔවුන් තුළ සමාජ රෝග සම්බන්ධයෙන් දැනුමක් නොමැතිකමය. මෙරට සංස්කෘතිය හා සභ්‍යත්වයට පටහැණිව කටයුතු කරන බීච් බෝයිස්ලා දෙසීයකට අධික පිරිසක් සංචාරක සමය තුළ දී මිරිස්ස වෙරළේ ගැවසෙන බව කියති. ඔවුන් විදේශිකයින් මිරිස්සට පැමිණෙන තෙක් සිටින්නේ ඇඟිලි ගනිමිනි. ශරීරය පුරා පච්චා කොටා ගෙන රැවුල හා කොණ්ඩා වවා ගෙන අපිළිවෙළකට සිටින මෙම බීච් බෝයිස්ලා හඳුනා ගැනීම එතරම් අපහසු නැත.
ඔවුන් ඇඟිලි ගනිමින් සිටින්නේ මිරිස්සට කවුරුන් එනකන්ද?
{ "answer_start": [ 492 ], "text": [ "විදේශිකයින්" ] }
f371503a-da80-445f-85e4-66e0a169ff2a
මෙපමණ කාලයක් කිසිදු මිනිස් ඇසක් නොගැටුණු මෙම දිය ඇලි ගොන්න අප හට හමු වූයේ අහම්බයෙනි. එදා අපගේ ගමන වූයේ ගලපිටියාය වතුයාය ඉහළ කෙළවරේ පිහිටි ගලපිටිගල නම් අබිරහස් මානව රූපය සොයා යාමයි. ගලපිටියාය වත්තට පිවිස අපි මාන කැලය අතරින් වතුයායේ කෙළවරට ගොස් පසුව ඝන වනාන්තරයට පිවිසුණෙමු. මෙම ගමනේදී අපි වම් පසින් ඉතාමත් ඈතින් දරුණු ආගාධයක පිහිටි දිය ඇලි කිහිපයක් වරින් වර දැක ගත්තෙමු. ගලපිටිගල ගල් රූපය අසලට පැමිණෙන විට අප දිය ඇලි දුසිමකට වඩා එලෙස හඳුනාගෙන තිබුණි. දිය ඇලි කොපමණ පෙනුණ ද එවා පිහිටියේ ඉතාමත් තද හෙලකය. තවදුරටත් අප එම දිය ඇලි පිළිබඳ සොයමින් මහ වනය පීරමින් ඉදිරියට ගමන් කරන විටෙක අප කොපමණ ඉහළක සිටියද ජල පහර පවා දැක ගැනීමට නොලැබුණි. කෙසේ හෝ අපට යා හැකි උපරිම දුර ගිය පසු අප දුටුවේ තවත් දිය ඇලි බොහෝමයකි. මේ වන විට අප දිය ඇලි 17 ක් හඳුනාගෙන තිබූ අතර ඉන් 2 ක් පමණක් අප හොඳින් දන්නා යක්ෂයාගේ පඩිපෙළ දුර්ගයේ යන විට දැක ගත හැකි ඒවා විය. ඒවා නම් උඩුවර ඇල්ල සහ නාගොදෝව ඇල්ලයි.
අබිරහස් මානව රූපය කුමක්ද?
{ "answer_start": [ 138 ], "text": [ "ගලපිටිගල" ] }
a04d0bbf-f01b-4160-85c2-01c0ec94a951
නිල්ගිරි කඳු වළල්ල ඌටි අහස සිඹින ආකාරය දැක ගත හැකිය. එහි ප්‍රදේශවාසීන් මේ කඳු හඳුන්වන්නේ රැජිණගේ කඳු වශයෙනි. නිල්ගිරි ප්‍රදේශය ඈත කාලයේ පටන්ම සාතවාහන ආදී විවිධ රජවරුන්ගේ පාලනයට යටත්ව තිබූ බව සැලකේ. ඒ හැරුණු විට මයිසුරයේ මහා රාජලා ද පාලනය කර ඇත. ටිපු සුල්තාන් විසින් 18 වැනි සියවසේ දී අල්ලා ගන්නා ලද නිල්ගිරි ප්‍රදේශයේ දේශ සීමා පුළුල් කරගත් බව සඳහන් වෙයි. ඒ විවිධ අවස්ථාවල දී සතුරන්ගෙන් බේරීම සඳහා ගල් ගුහා සකස් කරගෙන සැඟවීම සඳහාය. බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වූ පසු ඌටි ප්‍රභූන්ගේ නිවාඩු නිකේතනයක් ලෙස තිබූ තත්ත්වය වෙනස්වී එය සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස සංවර්ධනය වී ඇත.
නිල්ගිරි කදු ප්‍රදේශවාසීන් හදුන්වන්නේ කුමන නමකින්ද?
{ "answer_start": [ 89 ], "text": [ "රැජිණගේ කඳු" ] }
96e12452-6b2c-4724-b40f-2b84a9083580
යාල උද්‍යාන මූලස්ථානයේ ගොඩේ කළපුවේ තම නිවෙස්වල පදිංචිව සිටි පවුල් හතර වරින්වර කොටියන්ගේ ප්‍රහාරයන්ට ලක් විය. එම නිවසක පදිංචිව සිටි මැදි වියේ පසු වූ රේගිනාහාමි හෙවත් කළු ආත්තාගේ නිවසේ ඉස්තෝප්පුවේ බැඳ සිටි වහුපැටියා ඩැහැ ගැනීමට කොටියකු කුරුමානම් අල්ලන හැටි රේගිනා දුටුවාය. ඇය සතුව තුවක්කුවක් නැත. හෙමින් සීරුවේ කුස්සියට ගිය රේගිනා මෝල්ගහ අත්දෙකෙන් අල්ලාගෙන කොටියාව නොපෙනී ළඟට ගොස් වැරෙන් කොටියාගේ හිසට පහරක් දුන්නේ හෙණයක් ගසන්නාක් මෙනි. ඉන් කොටියාගේ හිස් කබල කුඩු පට්ටම් වී ඌ එතැනම මියගියේය. යාල උද්‍යාන භාරකරු හැටියට සේවය කළ මගේ රාජකාරිය වූයේ නීතිය (වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත) ක්‍රියාවේ යෙදවීමය. එනම් වහා රේගිනා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම උසාවියට ඉදිරිපත් කිරීමය. එහෙත් එසේ සිදු කිරීම කොතරම් සාධාරණද? රේගිනා කළේ තම දේපළක් ආරක්ෂා කර ගැනීමය. ඊට නීතියෙන් ද ඉඩක් ලැබී තිබේ.
රේගිනා මෝල්ගහ අත්දෙකෙන් අල්ලාගෙන පහර දුන්නේ කාටද ?
{ "answer_start": [ 387 ], "text": [ "කොටියාගේ හිසට" ] }
c892839c-638b-4226-972c-1a0a01e5e0ba
සැකකරු වසර 10 පෙර මෙම ජාවාරම සිදුකළ බවට ප‍්‍රකාශ කළ ද මෙම කාඩ්පත් පරීක්ෂා කිරීමේදී ඒවා වසර 10 පැරණි ඒවා බවට දක්නට ලැබී නැත. නිලධාරීන්ට මේ පිළිබඳ සැකය තවදුරටත් වර්ධනවී තිබුණි. එම නිවසේ රථ ගාලෙන් සුඛෝපභෝගී ජිප් රථයක් හමුවී ඇති අතර එහි ලියකියවිලි පරීක්ෂා කිරීමේ එංජි අංක, චැසි අංක සියල්ල එකිනෙකට වෙනස් අතර ඒ අනුව මෙය කොටස් එක්ලස් කර සකස් කර සැකසූ වාහනයක් බවට ද තොරතුරු හෙළි කර ගැනීමට නිලධාරීන්ට හැකිවිය. අත්අඩංගුවට පත් මෙම සැකකරු ජවාරම් රැසක නිරතෙවන පුද්ගලයකු වෙන අතර ක්‍රෙඩිට් කාඩ් ජාවාරම, මුහුදු කූඩැල්ලන් ජාවාරම, සහ නීති විරෝධී සිගරට් ජාවාරම ඉන් කිහිපයකි.
වසර 10යකට පෙර මෙම ජාවාරම සිදු කලේ කවුද ?
{ "answer_start": [ 0 ], "text": [ "සැකකරු" ] }
73b644ba-6a1e-4530-bdd1-694ee9639de2
සාමකාමී මෙන්ම කාලයක් ඉතා සශ‍්‍රීක ප‍්‍රදේශයක් වුණු මුලංකාවිල්වලට කණ කොකා හඬන්න ගත්තේ යුද ගිනි දැල් ඇවිළෙනවාත් සමඟයි. යුද්ධය ආරම්භ වෙලා වැඩි කාලයක් යන්න කලින් මුලංකාවිල් ප‍්‍රදේශයේ පාලනය සියතට ගැනීමට එල්ටීටීඊය සමත් වුණා. එල්ටීටීඊ මුලංකාවිල් භාවිත කාළේ ප‍්‍රධාන ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශයක් ලෙසයි. එල්ටීටීඊ සංවිධානයේ බොහෝ දෙනෙකු යුද්ධයට වගේම ආගමික විශ්වාසයන්ටත් බරයි. ඒ වගේම තමයි මුලංකාවිල් ප‍්‍රදේශය පාලනය කළ එල්ටීටීඊ නායකයනුත් නොපෙනෙන බලවේග ගැන විශ්වාසය තිබ්බා. විශේෂයෙන් ගණ දෙවියන් ගැන විශ්වාසය තිබ්බා. ගණපති, ගණේෂ, පුල්ලෙයාර්, පිල්ලෙයාර් වගේ නම් ගොඩක් ගණ දෙවියන් හඳුන්වන්න භාවිත කරනවා. හැඳින්වීම සඳහා වැඩිම නම් ගොඩක් භාවිත කරන දෙවියන් අතර ඉදිරියෙන්ම ඉන්නවාය කියන්නේ ගණ දෙවියන්. නම් එකසිය ගණනකින් ගණ දෙවියන් හඳුන්වනවා.
ගණ දෙවියන් හදුන්වන තවත් නම් මොනවාද?
{ "answer_start": [ 502 ], "text": [ "ගණපති, ගණේෂ, පුල්ලෙයාර්, පිල්ලෙයාර්" ] }
e88d256c-d18c-484c-8377-34de4e4c26f3
අලු‍තෙන් සොයාගන්නා ලද මෙම හූනන් විශේෂ තුනම උපරිම සෙන්ටිමීටර පහක පමණ විශාලත්වයකට වැඩෙන අතර සාමාන්‍යයෙන් අපට දැකිය හැකි හූනන්ට සාපේක්ෂව උදරීයව සහ පෘෂ්ඨීයව පැතලි ස්වරූපයකින් යුක්තය. ගල්වල ඇති මිලි මීටර 2-3ක් පමණ වූ පැලු‍ම් තම වාසස්ථාන බවට පත්කරගෙන ඒවායේ ආරක්ෂාකාරීව දිවිගෙවන මොවුන් ගලේ පැල්ම එම ප්‍රමාණයට වඩා විශාලවන විට එම ස්ථානය අතහැර වෙනත් ආරක්ෂිත ස්ථාන තෝරාගන්නා බව ද පර්යේෂකයන් විසින් නිරීක්ෂණය කර තිබේ. ඉතා කුඩා හූනන් විශේෂ ලෙස හඳුනාගෙන ඇති මොවුන් අනෙකුත් විශාල හූනන්ගේ ගොදුරු බවට පත්වන අවස්ථා ද නිරීක්ෂණ කර තිබේ. මෙම විශේෂ තුනේ ම ගැහැනු සතුන් ජූලි-අගෝස්තු හා ජනවාරි-පෙබරවාරි යන අවස්ථා දෙකක දී වරකට බිත්තර දෙකක් බැගින් දමන අතර එම බිත්තර කුඩා සෘජුෆෝම් බෝලයක් තරම් වෙයි. දවස් 30-40ත් අතර කාලයේ දී බිත්තර මෝරා පැටවුන් එළියට එන අතර ඔවුන් මාස දෙකක පමණ කාලයක ඇවෑමෙන් වැඩිහිටි සතුන් බවට පත්වෙයි. දැනට කර ඇති අනුමානයන් අනුව මොවුන්ගේ උපරිම ආයු කාලය වසර දෙකකට ආසන්න බව විශ්වාස කරයි.
බිත්තර මෝරා පැටවුන් එළියට එන්නේ කුමන කාලයේදී ද?
{ "answer_start": [ 672 ], "text": [ "දවස් 30-40ත් අතර කාලයේ දී" ] }
688dd0dc-bb08-466b-a8b4-7d2bd8e71556
ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම රඟපෑ නේහා ඩූපියා පසුගිය නොවැම්බර් 18 වැනිදා මවක් වූවාය. ඇයට දාව උපන්නේ දුවක් වන අතර, ඇයට තවමත් නමක් තබා නොමැති බව වාර්තා වේ. 38 වැනි වියෙහි පසුවන නේහා පසුගිය මැයි 10 වැනිදා විවාහය දිවියට පත්වූවාය. ඇයගේ අතගනු ලැබුවේ හිටපු ප්‍රවිණ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වු බිෂන් සිං බේඩීගේ බාලපුත් අන්ගාඩ් බේඩිය. නේහා විවාහ කරගන්නා විට ඔහු 35 වැනි වියෙහි පසුවිය. නේහාට දාව උපන්ද ගැහුණු දරුවා නොවැම්බර් 18 වැනිදා උදෑසන 11ට මුම්බායි හි පිහිටි පෞද්ගලික කාන්තා රෝහලකදී උපත ලැබීය.
නෙහ විවාහ දිවියට පත් වුයේ කවදාද ?
{ "answer_start": [ 185 ], "text": [ "මැයි 10 වැනිදා" ] }
f100fc76-91ca-4346-bf33-6e9f5d7c6b47
බස්නාහිර පළාත තුළ දෙමටගොඩ චමින්ද, බ්ලූමැන්ඩල් සංඛ, ආමි සම්පත්, දූනහග සුජී, සමයං, අගොඩ ලෙක්කා, ගනේමුල්ල සංජීව, කටානේ ලලිත් පින්තු, මොරටුව ප‍්‍රදේශයේ ගොනා කෝවිලේ රෝහණ, ලන්සියා යන අයගේ කල්ලි ඉන් කිහිපයක් වන අතර මාලිගාවත්ත ප‍්‍රදේශයේ වෙනම මුස්ලිම් පාතාල කල්ලි රැසක් ක්‍රියාත්මක වෙමින් පවතියි. මෙම පාතාල කල්ලි සාමාජිකයන් සහ ඔවුන්ගේ ගෝලබාලයන් පිළිබඳව විශේෂ කාර්ය බළකායේ අවධානය යොමු වී ඇති බවත් මෙම විශේෂ මෙහෙයුම් හරහා ඔවුන් ද අත්අඩංගුවට ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව ද විශේෂ කාර්ය බළකාය කියයි. මේ අනුව දැනට භට කණ්ඩායම් තලංගම, නුගේගොඩ, මාලබේ, කඩුවෙල, හංවැල්ල, රාගම, මිනුවන්ගොඩ, පස්යාල යන ප‍්‍රදේශවල පදිංචි පාතාල නායකයන්ගේ නිවෙස් රැසක්ම වටලා තිබූ අතර ඒ වනවිට ඔවුන් නිවෙස්වලින් පැනගොස් තිබුණි.
දැනට භට කණ්ඩායම් වැටලූ පාතාල නායකයන් පදිංචි නිවෙස් පිහිටා තිබුනේ කොහේද?
{ "answer_start": [ 513 ], "text": [ "තලංගම, නුගේගොඩ, මාලබේ, කඩුවෙල, හංවැල්ල, රාගම, මිනුවන්ගොඩ, පස්යාල" ] }
0c0b09ba-b89e-4200-91b4-449139900b25
සුනිල්ගේ සහෝදරයෙකු වූ ටියුඩර් නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේ 1990දීය. එසේ අත්අඩංගුවට ගත් ටියුඩර් ඉහළ පොලිස් නිලධාරියෙකු විසින් එම පොලිස් ස්ථානයෙන් පිටතට ගෙනගොස් පසුව අතුරුදන්වූ බව පැවසේ. මෙසේ සිය සහෝදරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සුනිල් සිටියේ දැඩි කෝපයට පත්වය. මෙතෙක් තමන්ට හෝ පවුලේ කිසිවකුට අත තැබීමට කිසිදු පොලිස් නිලධාරියකු ඉදිරිපත් වූයේ නැත. හිටිගමන් වූ මෙම සිදුවීමෙන් ඔහු කෝපයටත් වේදනාවටත් පත්විය. ඉන් දින කීපයකට පසුව ඔහුට ඉහළ නිලධාරියකුගෙන් ඇමතුමක් ලැබිණ. වහාම පැමිණ තමන් හමුවන ලෙසට ඔහුට දැනුම්දෙනු ලැබිණ. එම දැනුම්දීම අනුව ඔහු සිය නිලධාරියා හමුවීමට බියගම හෝටලයක් වෙත ගියද ආපසු ආවේ නැත. ඔහුගේ සිරුර තවත් පස්දෙනකුගේ සිරුරු සමග කැලණි ගඟේ පාවෙමින් තිබී පසුව හමුවිය. එය සිදු වූයේ 1990 පෙබරවාරි මාසයේදීය.
ඉහළ නිලධාරියකුගෙන් ඇමතුමක් ලැබීමෙන් පසු ඔහුව හමුවීමට සුනිල් ගියේ කොහේටද?
{ "answer_start": [ 602 ], "text": [ "බියගම හෝටලයක් වෙත" ] }
d27d851b-f28b-4ff1-9a5f-051e7d936403
ලොව බොහෝ රටවල නිරුවතින් සිටිය හැකි කලාප තිබේ. ඇතැම් රටවල වෙරළ තීර, උද්‍යාන, සමාජශාලා වැනි ස්ථානයන්හී නිරුවතින් හැසිරීමට නීතියෙන් බාධාවක් නොමැත. නිරුවතින් සිටීමට අවසරයක් නොමැති ප්‍රසිද්ධ ස්ථානයන්හි නිරුවතින් හෝ අඩ නිරුවතින් හැසිරීම සහ ඡායාරූප ගෙන සමාජ ජාලවලට මුදාහැරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ශ්‍රී ලංකාවේ ඉහත කී තරුණයන් මෙන් ලොව විවිධ ප්‍රදේශවල ප්‍රසිද්ධ ස්ථානයන්හි නිරුවතින් ඡායාරූප ගෙන නීතියේ රැහැනට අසුවූ බොහෝ පුද්ගලයන් පිළිබඳව පසුගිය කාලයේ වාර්තා විය. මැලේසියාවේ කිනබලු කන්ද ලෝක උරුම අඩවියක් ලෙස නම් කර ඇති කඳුවැටියකි. එමෙන්ම එය පූජනීය ස්ථානයක් ලෙසද සැලකේ. දස දෙනකුගෙන් යුතු කැනේඩියානු තරුණ තරුණියන් පිරිසක් මෙම කඳුවැටිය මුදුනේ සිට නිරුවත් ඡායාරූප ගෙන තම ෆේස් බුක් අඩවියේ පළ කළේ තමන්ගේ වීර ක්‍රියාවට ප්‍රේක්ෂක අවධානය හිමි වනු ඇතැයි සිතමිනි. අවසානයේ ඔවුනට සිදුවූයේ සිරබත් කෑමටය. ඔවුන් එම ඡායාරූප තම ෆේස් බුක් පිටුවේ පළ කළ දිනට දින කිහිපයකට පසු ඉන්දුනීසියාවේ විශාල භූමිකම්පාවක් සිදු විය. කැනේඩියානු ජාතිකයන් පිරිස කඳු මුදුනේ සිට නිරුවත් ඡායාරූප ගෙන සමාජ ජාලයන්හි පළ කිරීම හේතුවෙන් ශුද්ධ ස්ථානයකට කරන ලද අපහාසය නිසා මෙය සිදු වූ බවට එම ප්‍රදේශයේ බලධාරීන් විශ්වාස කිරීම හේතුවෙන් ඔවුන් කළ ක්‍රියාවට තදබල දඬුවම් හිමි වනු ඇතැයි එම සිදුවීම වාර්තා කළ පුවත්පත් වාර්තා කර තිබිණි.
කඳුවැටියේ දී නිරුවතින් සිටියේ කවුරුද ?
{ "answer_start": [ 580 ], "text": [ "කැනේඩියානු තරුණ තරුණියන්" ] }
5956238c-03d7-45c4-af80-60f375ec3604
සෙනසුරු, රවි හා රාහු යන ග්‍රහයන් 12 වැන්න අධිපති සමග සංයෝග වී සිටීනම් එය දික්කසාද සඳහා තුඩු දෙන යෝගයක් බව සඳහන් වේ. විවාහ කාරක සිකුරු ග්‍රහයා කේන්ද්‍රයක බලවත් ලෙස පීඩාවී ඇතිවිට යුග ජීවිතය සතුටින් ගත නොවෙනු ඇත. කේන්දරයක 4 වන භාවය විවාහ සමගිය පිළිබද කරුණු දැන ගැනීමට ඇති ස්ථානයකි. මෙම භාවය සිතිවිලි පිළිබඳවද මුල් තැන ගනී. චින්තන ස්ථානය යනුවෙන්ද හැඳින්විය හැක. මෙම භාව ස්ථානයේ පාපී ග්‍රහයන් සිටීම. පාපී ග්‍රහයින් දෙපසින් සිටීම නිසා පාප කර්තරීවීම, මෙම භාවයට සෙනසුරු, රවී හෝ රාහු අධිපතිකම් දැරීම ද වෙන්වීමට හො දික්කසාද වීමට බලපැවැත්වෙන පිහිටීම් වේ. 12 වැන්න අධිපති ග්‍රහයාද ඉහත ග්‍රහයන්ට සම්බන්ධනම් නරක තත්ත්වය වඩාත් ඉස්මතු විය හැක.
චින්තන ස්ථානය යනුවෙන් හැඳින්වෙන්නේ කේන්දරයක කීවන භාවයද?
{ "answer_start": [ 219 ], "text": [ "4 වන භාවය" ] }
166e50c1-158c-42cc-8e3a-e4ea34e6fb31
ගුවන් යානාවලට බෝම්බ තැබීමට ප්‍රසිද්ධියක් උසුලන තමිල් ඊළාම් විමුක්ති හමුදාවේ නායක පනාගොඩ මහේෂ්වරන් විසින් එයාර් ලංකා ගුවන් යානයට බෝම්බය සවිකර ඇත්දැයි රහස් පොලිස් නිලධාරීන්ගේ සැකය වී තිබිණි. මදුරාසියේ මීනාම් බක්කම් ගුවන් තොටුපළේ සිදුවූ බෝම්බ පිපිරීමද පනාගොඩ මහේෂ්වරන් සම්බන්ධ වී සිටීම මෙම සැකයට ප්‍රධාන හේතුව වී තිබේ. මෙම පිපිරීම සිදුවන අවස්ථාවේදී ගුවන් තොටුපළේ සිටි සියලුම සේවකයන්ගෙන් එම අවස්ථාවේදීම සිද්ධිය පිළිබඳව කටඋත්තර ලබා ගත්හ. මෙහිදී තුවාල ලැබූවකු මීගොඩ රෝහලෙන් පිටවී යාමට තැත්කොට ඇති අතර ඔහු විශේෂ ආරක්ෂාව යටතේ රඳවා ගනු ලැබීය.
තමිල් ඊළාම් විමුක්ති හමුදාවේ නායක පනාගොඩ මහේෂ්වරන් ප්‍රසිද්ධියක් උසුලන්නේ කුමකටද?
{ "answer_start": [ 0 ], "text": [ "ගුවන් යානාවලට බෝම්බ තැබීමට" ] }
956bd811-a1ca-4bed-9c8f-bf81d1e9c639
එහිදී සිය පියාගේ බලවත් ඉල්ලීම පිට ඇයට දෙවෙනි විවාහයක්ද කරගැනීමට සිදුවිය. ඒ මාතර උයන්වත්තේ දොන් ග්‍රේබියෙල් හෙන්ද්‍රික්‌ සිරිවර්ධන විජය විමලසේකර මුහන්දිරම් සමඟය. එම විවාහයෙන්ද ඇයට දරුවන් තිදෙනෙක් බිහිවූහ. ජීවන ගමනේ දෙවෙනි වරටත් සිය සහායට පැමිණි සැමියා හදිසියේ මියගියේ නැවතත් ගජමන් නෝනා දිළිදු බවේ අන්තයටම හෙළමිනි. අපි කොල්ල කාලේ වැලිපටන්විල ඉඳලා නෝනගම හන්දිය හරහා වෙසක් එකට වෙසක් බලන්න අම්බලන්තොට හා හම්බන්තොටට යනවා. සාමාන්‍යෙයන් ඒ කාලේ රෑ වුනාම කවුරුවත් මේ නෝනගම හන්දියේ ඉන්නේ නෑ. මේ පාරෙන් තනියම කෙනෙක් යන්නෙත් නෑ. මොකද හොර හතුරෝ නිතර මේ පාරවල්වල ඒ කාලේ හිටියා. මේ පාරවල් දිගටම තිබුණේ මහ කැලේ. ළඟපාත ගෙවල් තිබුණෙත් නෑ. අක්කර තුන හතරකට එක ගෙයක් වෙන්න වගේ තමයි තිබුණෙත්. ඉතින් හොර හතුරන්ට හරිම ලේසියි යන එන අයව මංකොල්ල කන්න.
දෙවැනි විවාහයෙන් ඇයට දරුවන් කිදෙනෙක් සිටීද
{ "answer_start": [ 179 ], "text": [ "දරුවන් තිදෙනෙක්" ] }
4e7879d4-bdd7-4606-8ee3-5ec02781598d
බුදු දහමද මුඛ පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන විත් අවසානයේ ලේඛන ගත කරන ලද්දේ පුස්කොළවල බව අප කවුරුත් දන්නා කරුණකි. ලෝක ඉතිහාසයේ මෙන්ම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ මුල් වරට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ අවස්ථාව ලෙස සඳහන් වන්නේ වළගම්බා රජතුමාගේ පාලන සමයේදීය. ඒ ප්‍රාදේශීය නායකයෙකුගේ මූලිකත්වයෙන් මාතලේ අළුවිහාරයේදී මහ රහතන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගීත්වයෙනි. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම අදටද ඉතිරිව පවතින්නේ ඒ නිසායි. පුස්කොළ පොත් ලිවීමේ සම්ප්‍රදායේ නියැළෙමින් තවමත් එය ඉදිරියට රැගෙන යන්නේ පිරිවෙන් ආශ්‍රීත භික්ෂූන් වහන්සේය.
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ මුල් වරට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ මහ රහතන් වහන්සේලා කී නමකගේ සහභාගීත්වයෙන්ද ?
{ "answer_start": [ 298 ], "text": [ "මහ රහතන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගීත්වයෙනි" ] }
964bbc76-18cb-4e0f-baf0-cdf731636ad1
ඉන්දියාවේ ප්‍රසිද්ධ පන්ජාබ් ගායක 27 වියැති සිධූ මූස්වාලා පන්ජාබ් ප්‍රාන්තයේ මන්සා දිස්ත්‍රික්කයේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සිධූ මූස්වාලා පන්ජාබ් ප්‍රාන්තයේ ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායකයා ද වේ. පන්ජාබ් ප්‍රාන්ත රජය විසින් සිධූ මූස්වාලාගේ ආරක්ෂාව ඉවත් කර පැය 24 ක් යන්නට මත්තෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇත. වෙඩි තැබීමට පැමිණි මැරයින් සිධූ මූස්වාලා පැමිණි වාහනයට උණ්ඩ 30 කට අධික ප්‍රමාණයක් වෙඩි තබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. තුවාල ලැබූ සිධූ මූස්වාලා මන්සා සිවිල් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
සිධූ මුස්වාලා පැමිණි වාහනයට උණ්ඩ කීයකින් වෙඩි තබා තිබේද?
{ "answer_start": [ 387 ], "text": [ "30 කට අධික ප්‍රමාණයක්" ] }
f51c5064-f496-44e8-ad7a-948211a685e1
පණ ඇති විවිධ වර්ගයේ සතුන්ගේ ලේවලින් ගැවසීගත්තා වූ පිදේනි තටුවලින් සමන්විත දොළ පිදේනි ජප කරමින් දේව වරමින් මන්ත්‍ර කියමින් ඒ මෑණියෝ කරන්නාවූ යාග ශාන්තියෙන් අපමණ මිනිසුනට සුවයක් සහනයක් නොමදව ලැබෙන බව ගම්මු දැන සිටියෝය. මිනිසුන්ගේ පිළිගැනීමක් වන්නේ යක්ෂ, හොල්මන්, අවතාර බැල්මකින් යමකු ආතුර වුවහොත් එයට වගකිව යුතු යක්ෂ ආත්මය නිවැරැදිව හඳුනාගත යුතු බව ය. මේ සඳහා ඔවුන් එක්තරා යන්ත්‍ර මන්ත්‍ර ක්‍රමයක් අනුගමනය කරයි. බිලි පූජා පැවැත්වීම තවමත් ලංකාවේ සිදුවේ. එකල යමකු යක්ෂ හොල්මන් අවතාර බැල්මකින් ආතුර වුවහොත් කුකුළකු කැප කරන්නට දේවාලයේ දේව මෑණියන්ගේ දේව ආඥාවයි.
තවමත් ලංකාවේ සිදුවන යන්ත්‍ර මන්ත්‍ර ක්‍රමය කුමක්ද?
{ "answer_start": [ 410 ], "text": [ "බිලි පූජා" ] }
fcb2aa70-20c5-406e-80ee-28ac8d08174c
මෙහි තිබෙන ප්‍රධාන බුදු පිළිමයේ මුව හතරැස් ය. එමෙන්ම පිළිමයේ සිවුරේ රැළි නිසි ලෙස මතු කර දැක්වීමට නොහැකි වී ඇත. ඊට හේතුව ලෙස දැක්විය හැක්කේ මෙම පිළිම නෙළා තිබෙන ශෛලමය බිත්තිය ඉතා දැඩි වීමය. නිර්මාණකරුවා මෙම අඩුපාඩුව මැකීම සඳහා පිළිම මතුපිටින් හුණු ආලේප කර පිළිමය නිසි ආකාරයට සකස් කර තිබෙනු දැකිය හැකිය. වර්තමානයේ එම බදාම ස්ථරයන් දක්නට නොතිබුණත් එහි ශේෂ කොටස් තැන තැන දිස්වේ. ස්වභාවධර්මයා විසින් දායාද කළ ගල්තලාවක් මත විශ්මිත නිර්මාණයක් මැවූ අපගේ පැරණි කලාකරුවන්ගේ දක්ෂතාවය මෙයින් මනාව පිළිබිඹු වේ. තලේබාන්වරුන් විනාශ කළ ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමාවලට පසු ඉතිරිව ඇති විශාලතම ශෛලමය ප්‍රතිමා පිහිටා තිබෙන්නේ බුදුරුවගල බවටද මතයක් පවතී.
මෙහි තිබෙන ප්‍රධාන බුදු පිළිමයේ මුව කුමන හැඩයක්ද?
{ "answer_start": [ 36 ], "text": [ "හතරැස්" ] }
2f3653f8-18c6-4be6-896c-e1a09c477c91
ගුරු - ගුරුන් වහන්සේ යන ආරූඪ නාමයකින් හඳුන්වයි. මිනිසාගේ සියලු යහපත් දේ උසස්වීම් වැනි දේ ලබාදෙයි. ශරීරය මහත් වීම, මස්පිඬු තෙල් ගතිය වැනිදේ ගුරුට අයත් වේ. ධාර්මිකබව, ශරීර නිරෝගිකම, උසස් අධ්‍යාපනය, වාසනාවන්ත බව ගුරු නොහොත් බ්‍රහස්පති නිසා පිහිටයි. ගුරු බලවත් වූ විට ඥානය ඇතිවේ. ආගම දහමට ළැදි වේ. ගතිගුණ යහපත් වේ. ධනය ද ලබයි. ගුරු දුර්වල වූ විට දියවැඩියාව, ලේ විෂවීම, ශරීරය අධිකව මහත්වීම වැනි රෝග සෑදේ. නවගුණ යන්ත්‍රය හෝ බුදුගුණ යන්ත්‍රය පැලඳීම පුෂ්පරාග මැණිකක් රන් මුද්දකට අල්ලා වෙදැඟිල්ලේ පැලඳීම ශුභයි.
ගුරු බලවත් වූ විට ඇති වන්නේ කුමක්ද?
{ "answer_start": [ 264 ], "text": [ "ඥානය" ] }
df339595-0017-429a-ab7c-f5986e57ae9e
අද පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන්ගේ සොයා ගැනීම් වලට අනුව ඊජිප්තු ශිෂ්ටාචාර යුගය ක්‍රි.පූ. 5000 පටන් ක්‍රි.පු. 1100 දක්වා කාලයකට දිවයන බව පිළිගැනේ. ඔවුන්ගේ ශිෂ්ටාචාර සමයේ පැවති ශ්‍රේෂ්ඨ නිර්මාණ ලෙස සැලකෙන්නේ පාරාවෝ රජ පරපුර ගොඩනැගූ පිරමීඩ සමූහයයි. පැරණි ඊජිප්තුවේ පාරාවෝ හෙවත් රජු රාජ්‍යනායකයා වශයෙන් පමණක් නොව ප්‍රධාන පූජකවරයා ද වශයෙන් දෙවියන්ගෙන් වරම් ලත් මෙලොව නියෝජිතයා ලෙස සැමගේ ගෞරවයට පාත්‍ර විය. ඈත යුගයේ පටන්ම ඊජිප්තු ජනතාව උසස් කාර්මික දැනුමක් සහිත දියුණු ශිෂ්ටාචාරයක් පැවැති බවට සාක්ෂි ලැබේ. නයිල් ගඟ පිටාර ගැලීම හේතුවෙන් දියුණු කෘෂිකර්ම ව්‍යාපාරයක්ද ඔවුන් සතු විය. මෙකල විස්මිත නිර්මාණ ලෙස පිරමීඩ ගොඩ නගා ඇත්තේ මූලික තාක්‍ෂණ දැනුමෙන් හෙබි විශාල කම්කරුවන් සංඛ්‍යාවක ශ්‍රමය වැය කිරීම මතය. දැවැන්ත නිර්මාණ ලෙස මෙම පිරමීඩ ගොඩනැගීම සඳහා පැතලි හුණුගල් කුට්ටි එකක් ටොන් දෙකහමාරක් බරැති ගල් කුට්ටි 2300000ක් යොදා ගෙන ඇත. ත්‍රිකෝණ හැඩයට ඉදිකර ඇති එහි මූණත උස අඩි 481කි. එහි පාදම අක්කර 13.1ක බිම් ප්‍රමාණයක් වසා සිටී. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු නිම කිරීමට වසර 20ක් ගත වූ අතර ඒ සඳහා කම්කරුවන් 12000ක් වූ බවත් සඳහන් වේ.
ඊජිප්ප්තු ශිෂ්ටාචාරය කොපමණ කලකට දිවයයිද ?
{ "answer_start": [ 79 ], "text": [ "ක්‍රි.පූ. 5000 පටන් ක්‍රි.පු. 1100" ] }
2a76cfb6-85dc-4fff-9d33-bef0d2f535e5
මෙම සූර්ය පැනල පද්ධතිය මගින් පැනලයක් ස්ථාන ගත කිරීමට සුදුසු ආනතිය, දිසාව සහ ස්ථානගත කිරීමට සුදුසු පිහිටීම හඳුනාගැනීමට හැකිවෙනවා. මෙමගින් සූර්ය විකිරණශීලීතාව, වාතයේ ආර්ද්‍රතාව, පරිසර උෂ්ණත්වය, ආලෝක තීව‍්‍රතාව ඇතුළු පාරිසරික හේතු සියල්ලම සැලකිල්ලට ගෙන දත්ත සියල්ලම පරිගණකයක ස්වයංක‍්‍රීයව ගබඩා වෙනවා. එම දත්තවල සම්භාවිතාව ලබාගෙන සූර්ය පැනලයක් ස්ථානගත කිරීමට සුදුසු සක්‍යතාව ලබාගන්න පුළුවන්. මෙම පද්ධතිය මගින් තත්ත්පරයකට උපරිම වශයෙන් දත්ත 100 ක් පමණ ගබඩා කරගන්න පුළුවන්. අවශ්‍ය නම් අවුරුද්දක, දෙකක වුවත් ස්වයංක‍්‍රීයව දත්ත ගබඩා කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ අනුව වසරක සූර්ය බලශක්ති උත්පාදනයක් සඳහා උපරිම ඵලදායීතාවක් ලබාගැනීමට දත්තවල සම්භාවිතාව ඉතා වැදගත් වෙනවා. මෙම නව නිර්මාණය සූර්යපැනලවලින් සූර්යබල ශක්තිය ලබාගන්නා සමාගම්වලට කාර්යක්‍ෂම සහ ඵලදායී සේවාවක් ලබාගැනීමට හැකියාව තියෙනවා.
දත්තවල සම්භාවිතාව ලබාගෙන කල හැක්කේ කුමක්ද ?
{ "answer_start": [ 326 ], "text": [ "සූර්ය පැනලයක් ස්ථානගත කිරීමට සුදුසු සක්‍යතාව ලබාගන්න" ] }
81a7de7e-1d97-43fc-8757-121da9a976fa
බොලිවුඩ්, කොලිවුඩ් මෙන්ම තෙළෙඟු, කන්නඩ චිත්‍රපට බොහෝමයක රඟපා ඇති සුරූපී හංසිකා මොටවානි පසුගිය වසර කිහිපයේදී ඉන්දීය සිනමාව තුළ එතරම් දකින්නට නොලැබුණ සිනමා නිළියකි. කෙසේ වෙතත්, ඇය පෙනී සිටින අලුත්ම චිත්‍රපටයක තොරතුරු මේ දිනවල වාර්තා වෙමින් පවතියි. ඇයගේ අලුත්ම චිත්‍රපටය තෙළෙඟු චිත්‍රපටයක් වන අතර, එය විනාඩි 105ක් පුරාවට විකාශය වන්නක්ද වෙයි. මෙම චිත්‍රපටය මනෝ විද්‍යාත්මක චිත්‍රපටයක් ලෙස ලේබල් ගත කොට තිබෙන අතර, චිත්‍රපටය පුරා ඇය පමණක් රංගනයෙන් දායක වන බව සඳහන් වෙයි.
බොලිවුඩ්, කොලිවුඩ් මෙන්ම තෙළෙඟු, කන්නඩ චිත්‍රපට බොහෝමයක රඟපා ඇත්තේ කවුද?
{ "answer_start": [ 72 ], "text": [ "හංසිකා මොටවානි" ] }
e4bdfe8a-44ed-4f87-b386-9ce15c3f9bfe
පුරාණයේ විසූ ඊජිප්තු ළඳුන් සිය සමාජ බලය පෙන්වීම සඳහා රතු පැහැයෙන් තොල් පාට කළහ. එයටත් පෙර යුගයක සුමේරියානු ළඳුන් පලතුරු යුෂ, හෙනා, මැටි හා කුරුමිණියන් වැනි ස්වාභාවික අමුද්‍රව්‍යවලින් සාදාගත් තොල් ආලේපන භාවිත කරන ලදහ. එතෙකින් නොනැවතී මැණික් ගල් කුඩු කර ඒවා තොල් මත තවරමින් දිදුලන පෙනුමක් ලබාදීමටද උත්සුක වූහ. මුලින්ම තොල් ආලේපනවලට දැඩි කැමැත්තක් හා ආකර්ෂණයක් දක්වන්නට වූ පිරිස ඊජිප්තු වැසියන් විය හැකියි. තද දම් හා කළු වැනි වර්ණ තොල් ආලේපන ඔවුන්ගේ ප‍්‍රියතම වර්ණ විය. මෙම වර්ණ ලබාගත්තේ කුඩු කරගත් කොචිනීල් කුරුමිණියන්ගෙන් ලබාගත් තද රතු ඩයි වර්ගයකිනි. සුප‍්‍රකට ඊජිප්තු රැජින ක්ලියෝපැට්රා තොල් පාට කිරීමට යොදා ගත්තේ තලා ගත් කුරුමිණි යුෂයයි. එසේ වුවද ඔවුන්ගේ තොල් ආලේපන සියයට සියයක්ම සෞඛ්‍යයට හිතකර නොවූයේ තොල් ආලේපන හදා ගැනීමේදී ඊයම් හා අයඩින් වැනි අහිතකර ද්‍රව්‍ය භාවිත කළ බැවිනි.
හෙනා වලින් සාදු තොල් ආලේපන භාවිතා කළේ කවුද ?
{ "answer_start": [ 96 ], "text": [ "සුමේරියානු ළඳුන්" ] }
aff2c88f-342d-4081-97da-ebb695220ce1
සිංහ කුම්භ රාශි දෙකෙහි ප්‍රථම දෙර්කාණ දෙකත් වෘෂභ වෘෂ්චික රාශි දෙකෙහි අග දෙර්කාණ දෙකත් පාප දෘෂ්ටි පාප සංයෝග වලින් දුර්වල වී නම් දියේ ගිලීමට පුළුවන. එසේම කන්‍යා රාශියේ දෙවැනි දෙර්කාණයෙහි රවි සඳු දෙදෙනාගේ පාප ග්‍රහයන් හෝ අශුභ දෘෂ්ටි පාප සංයෝග වලින් දුර්වලවීම ද වතුරෙන් අනතුරු ඇතිවීමට හේතුවකි. ජල රාශි ගතවූ බුධ කුජගෙන් බලවත් ලෙස අශුභවී සංයෝගවීම හේතුකොටගෙන තද කැපුම් කෙටුම් උණු වතුරෙන්, විදුලියෙන් ගින්නෙන් අනතුරු ඇතිවෙයි. යුරේනස් පාප ග්‍රහයන්ගේ දෘෂ්ටිවලින් හෝ සංයෝගවලින් දුර්වල වීම නිසා බලාපොරොත්තු නොවන ආකාරයේ සිදුවීම් වලින් විදුලියෙන් වෙඩි වැදීම් පිපිරවීම් ආදී අනතුරුවලට ලක්වේ.
පාප දෘෂ්ටි පාප සංයෝග වලින් දුර්වල වී නම් සිදුවන්නේ කුමක්ද?
{ "answer_start": [ 127 ], "text": [ "දියේ ගිලීමට පුළුවන" ] }
c2dbaa24-7ee7-4c1c-ab1c-9828f95459b3
ගල් නොහොත් පාෂාණ ලෙස හඳුන්වන වස්තුව සමස්ත පෘථිවිය පමණක් නොව විශ්වයේ ග්‍රහලෝකවල පවා තිබෙන දෙයක් බව අද වන විට සියල්ලෝම දනිති. ඕනෑම තැනක, විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල ගල්කැබලි, ගල්කුට්ටි හෝ ගල් පර්වත ඕනෑ තරම් දැකිය හැකිවීම සුලභ දෙයකි. පුරාතනයේ සිට මානවයා නැතහොත් මිනිසා විකාශනය වීමේ සිට ඔහුගේ දෛනික ජීවිතයට ගල් සම්බන්ධ වී තිබුණි. ගල් ආයුධ, ගල් ගුහා සහ පසුකාලීනව මූර්ති ඇඹීම සඳහා පවතින ගලම භාවිතයට ගැනීම ඔවුන්ගේ විකාශනයේ විවිධ අවධි කියාපායි. එවන් ගලක කෙටීමට සැරසුණු නමුත් අතර මග නැවතු මිනිස් රුවක් පිළිබඳ වඩාත් ප්‍රචලිත ලංකාවේ ඉසව්ව නම් ගලපිටගල නම් ස්ථානයයි.
ගල් භාවිතා කළේ මොනවටද ?
{ "answer_start": [ 356 ], "text": [ "මූර්ති ඇඹීම සඳහා" ] }
49b18b5e-0435-42ad-be19-f6b2c191f9e5
2013 වසරේ දෙසැම්බර් මාසයේ මෙම ආයතනය ආරම්භ කරනවාත් සමගම, නිෂ්පාදන කළමනාකරු වශයෙන් සම්බන්ධ වුණා. වසර එක හමාරක පමණ කාලයක් සේවය කරන කොට ආයතන කළමනාකාරු වශයෙන්, උසස් වීමක් සමග මෙම ආයතනය භාර දුන්නා. දැන් ආසන්න වශයෙන් අවුරුදු හයකුත් මාස දෙකක් වගේ කාලයක් ගත වී අවසන්. ඒ අනුව මෙම ආයතනය ආරම්භ කළ දවසේ සිට මෙහි සේවය කරනවා. එක අංශයකට ඇඟලුම් 600 හෝ 650 බැගින් අංශ අටකින් දවසට ඇඟලුම් 5000 ක පමණ ප්‍රමාණයක් නිපදවනවා. එය මාසයකට නම් ඇඟලුම් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්. කෙසේ වෙතත් මාසයකට ඩොලර් ලක්ෂ දෙකක පමණ ඇඟලුම් අපනයනය කරන්න උත්සාහ කරනවා.
දවසකට ඇඟලුම් කොපමණ ප්‍රමාණයක් නිපදවයිද ?
{ "answer_start": [ 369 ], "text": [ "5000 ක පමණ" ] }
89267a96-b87e-430d-942f-adb15f8115f2
1941 දී රුපියල් 350,000.00 ක මුදලකට ඇස්තමේන්තු කළ රිච්මන්ඩ් කාසල් මන්දිරය සහ එය පිහිටි පොල්වත්ත හා කුඹුරත්, රුපියල් 125,000.00 ට ඇස්තමේන්තු කළ ගම්පහ හේනේගම අක්කර 82ක වපසරියකින් යුතු ඉරහඳයාව නමැති පොල් වත්තත් මේ අවසන් කැමති පත්‍රයේ විශේෂයෙන් සඳහන් කර ඇත. මීට අමතරව ඔහුගේ ආදායම්වලින් කොටසක් ආගමික ආයතනවලට පවරා දී තිබේ. මේ අවසන් කැමති පත්‍රය ලියූ ආතර් ඒ ගැන තම බිරිඳට කිසිත් නොකියා ඇගේ දෙමාපියන්ගේ නිවසට ඇරලු‍වේය. ඉන් පසු ඔහු යළි කිසි දිනක තමන්ගේ මන්දිරයට පැමිණියේ නැත. මහනුවර රැජින හෝටල‍යේ 37 වැනි කාමර‍ය වෙන්කරගත් ඔහු එහි හුදකලාව ජීවත් වූයේය. ඔහුගේ අදහස වූයේ තමන් කවුරුන්දැයි කිසිවෙකුට නොකියා ජීවත්වීම වුව ද වැඩි දිනක් යාමට මත්තෙන් හෝටලයේ නැවතී සිටින්නේ මහා ධානපතියකු වූ ආතර් මුදලි බව හෝටල් සේවකයෝ දැන ගත්හ.
මීට අමතරව ඔහුගේ ආදායම් වලින් කොටසක් ලබා දී ඇත්තේ කුමකටද?
{ "answer_start": [ 289 ], "text": [ "ආගමික ආයතනවලට" ] }
b6776ff4-dafa-48c9-b53a-3a90e0b63f4a
සිකුරු බුධ කුජ යන ග්‍රහයින් තිදෙනාම ඔබට ඉතාමත් ශුභපල දෙන ග්‍රහයින්ය. සිකුරු ලග්නයට පැමිණීම ඉතාමත් ශුභ එකකි. ඔබ කාන්තාවක් නම් ගෙදරට ශ්‍රියාකාන්තාව ගෙන එන්නීය. ඉතාමත් ප්‍රීතියෙන් කාලය ගත කරන එවැනි ප්‍රියසාදවලට සහභාගි වන දින කීපයකි. ප්‍රණීත ආහාරපාන ලැබේ. හදිසි ධන ලාභවලට හේතුය. ජන්ම කේන්දරයේ සිකුරු ලග්නයේ නම් ඔබ දැනටමත් රජෙකු හා සමාන සැප සම්පත් විඳිනු ඇත. බුධ ග්‍රහයා පැමිණි තැන නම් එතරම් යහපත් නැත. වියදම් පැත්ත වැඩි වේ. විදේශගත වීමටද වාසනාව ඇත. නෑදෑයින්ගෙන් නොව පිට අයගෙන් ඔබට වාසි ගෙන දේ. කුජ ඔබේ හතර වැන්නට පැමිණේ. අනෙකුත් ලග්නවලට මෙන් නොව කුජ 4 වැන්නේම තැන්පත් අයෙක් නම් රුචක නම් මහ පුරුෂ රාජයෝග ඇත්තෙකි. කුජ ග්‍රහයා දුර්වල තත්ත්වයක සිටින අයට දේපළ ඉඩකඩම් හානි සිදුවිය හැකිය.
කුජ 4 වැන්නේම තැන්පත් අයෙකුට හිමිවන්නේ කුමක්ද?
{ "answer_start": [ 574 ], "text": [ "රුචක නම් මහ පුරුෂ රාජයෝග" ] }
e7c089af-e0a0-49d5-b331-444dc7765b6f
ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය ලෙස සම්මාන ලැබූ නිල්මිණි තෙන්නකෝන් මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නට නියමිතව තිබිණ. අනෙක් ප්‍රධාන චරිතයට සුප්‍රකට ගායක, සංගීතඥ හා වර්තමානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ දායක විය. එකල ඔහු ගායකයකු මෙන්ම රූපවාහිනී නළුවකු ලෙසද රසිකයා දැන සිටියේය. ශ්‍රී ලංකාවේ අමිත්ත වීරසිංහ ද මාලදිවයිනේ ජනප්‍රියම නළුවා ලෙස සැලකෙන මූසා ද සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරන්නට එකඟව සිටියහ. මූසා පසුකාලයේ මාලදිවයිනේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙසත්, මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ සභාපති ලෙසත් කටයුතු කර ඇත. ඔහු එකලද නළු වෘත්තිය මෙන්ම ව්‍යාපාර කටයුතු වලද යෙදුණේය.
ජනප්‍රියම ටෙලිනාට්‍ය සම්මානය ලැබුන නිළිය කව්ද?
{ "answer_start": [ 43 ], "text": [ "නිල්මිණි තෙන්නකෝන්" ] }
360f11d1-8b46-43ea-bfcb-9d3aed5ad724
හෙන්රිගේ ළමා කාලය ගෙවී ගියේ මේ පොල්වත්තේ පොල් ගස් සෙවණේය. හෙන්රි අ.පො.ස සා.පෙළ දක්වා උගත්තේය. වැඩ 6 කුත් සම්මාන 5 ක් සමඟ විභාගයද සමත්විය. රාස්සිගේ අව්ව පොල් අතු අතරින් පෙරී ඇවිත් කහපාට වෙන හැන්දෑවේ පොල් මුලක් මත වාඩිගෙන පාඩම් පොත් කියවීමත් හෙන්රි කුඩා කල සිටම ආශා කළේය. විදුලි පන්දම ද අතින් ගෙන වත්තෙ අයිතිකරු විසින් ලබා දී තිබූ පතොරම් තුවක්කුවද කරගසාගෙන මහ රෑ වත්ත වටේ රවුමක් යාම හෙන්රිගේ පියා විසින් කළ දිනපතා රාජකාරියේ එක් අංගයක් විය. එක දවසක එසේ යන අතරතුර පොල් ගස් අතර වල් කැළේ සැඟව හුන් පොළොං තඩියෙකුගේ ඉලක්කයට ලක්වී පියා අවසන් ගමන් යාම හෙන්රිගේ පාසල් ගමනටත් ඉදිරි අනාගතයටත් මරුපහරක්ම විය.
පොළොං තඩියා සැගව උන්නේ කොහිද ?
{ "answer_start": [ 460 ], "text": [ "පොල් ගස් අතර වල් කැළේ" ] }
6141669c-10a4-4f6b-b54b-29e2c39d4512
ශීර්ෂ රේඛාව කෙළවර දෙකට බෙදී යා නම් බොහෝ විට අංශ දෙකකින් දක්ෂතා දක්වන්නෙකු වේ. ශීර්ෂ රේඛාව කරුවක් ආකාරයෙන් ආරම්භ වී කරුවක් ආකාරයෙන්ම කෙළවර වන්නේ නම් එවැන්නන්ගේ මානසික මට්ටම ප්‍රබලය. ශීර්ෂ රේඛාව ගුරු මණ්ඩලයෙන් ආරම්භ වන්නේ නම් එයද පුද්ගලයාගේ වාසනාවන්ත බව පිළිබිඹු කරයි. එවැන්නෝ ධනවත් මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන්ද වන්නෝය.ශීර්ෂ රේඛාව මැදින් කැඩී ඇත්නම් හිසේ තුවාලයක් හෝ වැටීමකින් වන අනතුරක් පෙන්නුම් කරයි. යම් පුද්ගලයෙකුගේ අත්ලේ ශීර්ෂ රේඛා දෙකක් දර්ශනය වීම බලවත් පිහිටීමකි. එවැනි අයද අංශ දෙකකින්ම තම දියුණුව සලසාගනු ඇත. මෙය ඉතා දුර්ලභ පිහිටීමකි.
ශීර්ෂ රේඛාව මැදින් කැඩී අත්නම් පෙන්නුම් කරන්නේ කුමක්ද?
{ "answer_start": [ 376 ], "text": [ "අනතුරක්" ] }
10c6cea0-746d-4340-b5e2-1c044d86f1f3
ගාමිණී ෆොන්සේකා නම් අද්විතීය රංගධරයා ගැන කොතරම් ලිව්ව ද ඔහු හා සම්බන්ධ සිදුවීම් වරින් වර සිතට නැගෙයි. මා ඔහුගේ සමකාලීනයකු නොවුව ද ඇසුරු කළ කාලය වසර කිහිපයකට සීමා වුව ද ගාමිණී සිතට අපූරු මතක සටහන් තබා යන්නට සමත් කලාකරුවෙකි. දිනෙක මම ගාමිණී හමුවීමට ඔහුගේ රත්මලානේ නිවෙසට ගියෙමි. ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය නළුවාගේ නිවෙස වුව ද එය තට්ටු ගණනාවකින් පිරි මහා මන්දිරයක් නොවීය. ගෙය වටා ඇති වඩා උස නැති තාප්පයට කාටවත් නගින්නට නොහැකි වන සේ විවිධ ගස් වවා තිබිණි. වඩා උස් නොවූ පොල් ගස් ද ඒ අතර තිබිණි. එකල බොහෝ කලා පුවත්පත්වල සඳහන් පරිදි ගාමිණීගේ සුප්‍රසිද්ධ තොප්පි රාක්කය යන විටම දැකගත හැකිය. ගාමිණී එකල විවිධ තොප්පි එකතු කළේය.
ගාමිණිගේ නිවසට යන විටම දැකගත හැකිවූයේ කුමක්ද?
{ "answer_start": [ 531 ], "text": [ "සුප්‍රසිද්ධ තොප්පි රාක්කය" ] }
169b8c2d-5c32-453a-b833-cc652a257154
ත්‍රස්තවාදී සංවිධාන ලෙස ඉස්ලාමිකයන් හා සම්බන්ධ සංවිධානය තුනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහනම් සංවිධාන ලෙස නම් කර ගැසට් කරනු ලැබිණ. එසේ තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුවේ ජමාතේ මිල්ලතු ඊබ්‍රාහිම් හා විලයාන් අස් සෙයිලනි සංවිධාන දෙක මෙන්ම ජාතික තවුහිද් සංවිධානය වේ. මේ සංවිධානය සෘජුවම පාස්කු ඉරිදා ප්‍රහාරය හා සම්බන්ධ වූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් නියෝජනය කළ සංවිධානයන්ය. මෙයින් සහරාන් නියෝජනය කරන්නේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයයි. එහෙත් ඔහුගේ ආරම්භය කොහේද? මේ සම්බන්ධයෙන්ද විවිධ මත තිබේ. ඒ අතර වඩාත් පිළිගැනීමට ලක්වන මතය ලෙස ඉදිරිපත්ව තිබෙන්නේ ඔහු ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය සමග කලක් එකට කටයුතු කර 2016දී පමණ එයින් ඉවත් වී වෙනම සංවිධානයක් ගොඩ නගාගෙන ඇති බවය.
සහරාන් නියෝජනය කරන සංවිධානය කුමක්ද?
{ "answer_start": [ 409 ], "text": [ "ජාතික තවුහිද් ජමාත් සංවිධානයයි" ] }
d7ecd496-3c60-45d0-baa1-22b72d93833c
චීන රජය විසින් සිදුකරනවා යැයි කියන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානී මිෂෙල් බැචලේ චීනයට පැමිණ සිටී. මිෂෙල් බැචලේ දින 6 ක් චීනයේ රැඳී සිටිනු ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානියා චීනයට පැමිණියේ චීන රජයේ සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ ආරාධනාවක් පිළිගනිමිනි. චීනයේ බටහිර දෙසින් පිහිටි සිංග්ජියැං පළාතේ චීන උයිගුර් මුස්ලිම්වරු වාසය කරති. චීන රජය මෙම මුස්ලිම්වරුන් දැඩි ලෙස මර්දනයට ලක් කරන බවටත්, ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවටත් චෝදනා එල්ල වෙයි.
මානව හිමිකම් කඩකිරීම් කරන්නේ කවුද?
{ "answer_start": [ 0 ], "text": [ "චීන රජය" ] }
7d7b1ecc-4261-4b0e-8d8e-53a129953a0f
ඩේරියස්ගේ අශ්වාරෝහක හමුදාව මෙහෙය වන ලද්දේ පලැන් විසිනි. ඉතිහාසඥ ඒ.එම්. ඩිවයින්ට අනුව එකී හමුදාවට 12,000ක පමණ පිරිසක් වූ බැව් පැවසේ. ඩේරියස්ගේ පාබළ හමුදාව 20,000ක් පමණ වූ බැව් ඉතිහාසඥ ඇරියන් සඳහන් කරයි. මහා සටන අවසානයේ ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවට ජය අත්විය. තුන් වැනි ඩේරියස් රජු සමග සටන් බිමට පැමිණ සිටි ඔහුගේ බිසව වූ පළමු වැනි ස්ටැටේරියාද, ඔහුගේ දියණියන් වූ දෙවැනි ස්ටැටේරියා හා ඩ‍්‍රයිපටිස්ද ඩේරියස්ගේ මව වූ සිසිගැම්බිස්ද ඇලෙක්සැන්ඩර්ගේ අත්අඩංගුවට පත් වූහ. ඇලෙක්සැන්ඩර් තම අත්අඩංගුවට පත් වූ කාන්තාවන්හට ඉතා ගෞරවණීය ලෙස සැලකූ බැව් ඉතිහාසයේ සඳහන්ය. යළි සටනක් ඇතිවීම වළක්වාලීම සඳහා තුන් වැනි ඩේරියස් ඇලෙක්සැන්ඩර් හට යෝජනා තුනක් ඉදිරිපත් කළේය. තම ආකියාමෙනිඩ් අධිරාජ්‍යයෙන් අඩක් භාර ගන්නා ලෙසද, රිදී තලෙන්තු 30,000ක වන්දියක් ගෙවීමට සූදානම් බවට හා තම වැඩිමහලු දියණිය විවාහ කරගන්නා ලෙසට වූ එම යෝජනා ප‍්‍රතික්ෂේප කළ ඇලෙක්සැන්ඩර් එකම අහසේ සූර්යයන් දෙදෙනකු සිටිය නොහැකි බවත් එසේ වුවහොත් ලෝකයේ පැවැත්ම අවුල් සහගත වන බවත් ඔහුට දන්වා යැවීය. ඇලෙක්සැන්ඩර් ඩේරියස්ට විකල්ප දෙකක් ඉදිරිපත් කළේය. ඒ සටන් කොට ප‍්‍රබලයා තෝරා ගැනීම හෝ නැතිනම් යටත් වීමය.
ඉතිහාසඥ ඇරියන්ට අනුව ඩේරියස්ගේ පාබළ හමුදාව කොපමණද?
{ "answer_start": [ 154 ], "text": [ "20,000ක් පමණ" ] }
f10fae77-68a8-4f2c-9c75-2f833000c598
එදා ලිච්ඡවීන් නැවතුන තැන පසු කලෙකදි ධර්මාශෝක රජු විසින් ස්තුපයක් කරවා ඇති අතර එය කේසරියා ථුපය බව ජෙනරල් කනින්හැම් හඳුනාගෙන තිබේ. මෙම ස්ථානයේ විශාල ආරාම සංකීර්ණයක නටබුන් අද දක්නට ලැබේ. විශාලා මහනුවර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටලා තිබෙන්නේ. බුද්ධගයාව, නාලන්දාව, කුසිතාරාම යන පූජනීය ස්ථානවලට හරි මධ්‍යයේ මෙම ස්ථානය දැකගන්න පුළුවන්. වෛශාලිය විතරක් බලන්න යන අයෙකුට ලේසිම ක්‍රමය තමයි බිහාර් ප්‍රාන්තයේ අගනුවර පැටිනාවලට ගිහින් යන එක. ඒත් වන්දනාකරුවන් විශාලවට පමණක්ම යන්නේ නෑ. බුද්ධගයාවේ සිට යනවා නම් විශාලාවට දුර කිලෝමීටර් 157 ක් තිබෙනවා. කුසිනාරාවේ ඉදලා එනවානම් කි.මීටර් 168 ක් තිබෙනවා.
කුසිනාරාවේ ඉදලා විශාලාවට දුර කිලෝමීටර් කීයද?
{ "answer_start": [ 570 ], "text": [ "168" ] }
de84dd3e-ed34-46fe-9885-2d07f91190d9
විවාහය සිදුවන කාලය, විවාහ මංගල යෝග උදාවන කාලය, ප්‍රේම සබඳතා මත හෝ යෝජනා මගින් හෝ විවාහය සිදුවන කාලය ජන්ම පත්‍රයෙන් දැනගත හැකිවෙයි. කේන්ද්‍ර සටහනේ සඳු, කුජ, සිකුරු යන ග්‍රහයින් තිදෙනාගේ තත්ත්වය අනුව විවාහය ඉක්මන් විය හැකිය. 07 වැන්න විවාහය පිළිබඳ ස්ථානය වන අතර, 02 වැන්න සහ 11 වැන්නද විවාහයට බලපායි. විශේෂයෙන් කුජ, සිකුරු, සඳු, ගුරු බලවත්ව කේන්ද්‍ර සටහනේ යෙදී ඇත්නම් නිසි කල විවාහයට ඇතුළත් වෙයි. මෙම ග්‍රහයින් දුබලව සිටීමෙන් විවාහය කල්ගත වීමට පුළුවන. සිකුරුට වෘෂභ- තුලා මීන යන රාශීන්, කුජට මේෂ - වෘශ්චික, මකර යන රාශීන් සඳුට කටක, වෘෂභ රාශි දෙකත්, ගුරුට මීන - ධනු කටක රාශීන් බලවත් වෙයි.
විවාහය පිළිබඳ ස්ථානය කී වැන්නද
{ "answer_start": [ 224 ], "text": [ "07 වැන්න" ] }
3f019d8e-b82e-4d58-a9b2-a614e49727a7
එමෙන් ම දෙවැනි පෑතිස් යුගයේ සිට අද දක්වා සිතුල්පව්ව බෞද්ධ පූජනීය ස්ථානයකි. නමුත් එය ද රාවණ යුගයේ දී සූර්ය වන්දනාවට පාත්‍ර වී ඇත. යක්ෂ ගෝත්‍රික හෙළයන් වර්ෂයකට වරක් සරත් සමයේ පුන් පොහෝ දිනක සිතුල්පව්වට ඒකරාශී වී සූර්ය දෙවියන්ට පුද පූජා පවත්වා භාවනානුයෝගීව හැසිරුණ බැව් “රාවණ කතා” ග්‍රන්ථයේ සඳහන් වේ. සත් වැනි වීරමුණ්ඩ රජතුමා ද භාවනා කිරීමට ගොස් ඇත්තේ සිතුල්පව්වටය. දෙවන රාවණ රජතුමෙකු ගිරුවාපත්තුවේ දෙවොලකට ගොස් දෙවියන් පිදූ බවත්, දැන් එම ස්ථානය “ගැටබරු දෙවොල” ලෙස හඳුන්වනු බවත් “රාවණ කතා” පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වී ඇත. මෙවැනි 10, 11 රාවණ රජවරු සිටි බව තවත් ස්ථාන කීපයක සඳහන් වේ. ඒ අනුව මේවා සූර්ය වන්දනාව කළ රාවණ යුගය දක්වා දිවෙන ඉපැරණි අතීතයක් ඇති ස්ථානයන් ය.
යක්ෂ ගෝත්‍රික හෙළයන් සිතුල්පව්වට ඒකරාශී වී සූර්ය දෙවියන්ට පුද පූජා පවත්වා භාවනානුයෝගීව හැසිරඇත්තේ කුමන දිනකදීද?
{ "answer_start": [ 173 ], "text": [ "පුන් පොහෝ දිනක" ] }
7f13898c-269b-41a0-ad4a-1b2fbfe8aaa6
පැවිදි වීමට තරංග තුළ තිබූ එම ආශාව නිසාත්, ඔහු පෙර භවයේ භික්ෂුන්වහන්සේනමක් ලෙස සිටි බව ප්‍රකාශ කිරීම නිසාත් පුංචි තරංගට පිටුම්පේ විහාරස්ථානයට යාමට ද අවස්ථාව ලැබිණි. එහිදී තරංග හෙළි කළ පන්සලේ ඉදිකර තිබූ වඳුරා සහිත ගස ඉතා නිවැරැදිව දැකගන්නට ලැබිණි. පඤ්ඤාසේකර නාහිමියන් රෝගීව සිට අපවත් වූ බැව් ද අනාවරණය විය. එදා භික්ෂුන්වහන්සේනමක් ලෙස ජීවත්ව සිටි බැව් හෙළි කළ තරංග, නව හැවිරිදි වියේදී භික්ෂුත්වය ලබාගත්තේ කෙසෙල්ගෙනාවේ ධම්මතිලක හිමියන් ලෙසිනි. උන්වහන්සේ පැවිදි බව ලැබුවේ දියකඩුවේ ධම්මාරාම නායක හිමියන් යටතේය. පැවිදි වීමෙන් පසු ධම්මතිලක හිමියෝ පතහවත්ත විහාරස්ථානයේදී දහම් අධ්‍යාපනය ලැබීමට හොරණ විශ්වවිද්‍යා පීඨයට ඇතුළත් වූහ. එහිදී ප්‍රාචීන මධ්‍යම විභාගය සහ උසස් පෙළ සමත් වූ උන්වහන්සේ එහි සුළු කලක් ගුරු වෘත්තියේ ද නියැලී සිටියහ.
පැවිදි වීමට කැමති කවුද ?
{ "answer_start": [ 12 ], "text": [ "තරංග" ] }
9a27993c-aed2-4c74-ab33-816cb771dde9
බොහෝමයක් අය ගිහින් ඇවිත් ඇති. ඒත් නොගියපු අය වෙනුවෙන් අපි අද යනවා දඹානේ. පොඩි දරැවොත් කියවන නිසා ඔවුන්ටත් දවසක රටතොට ඇවිදීමේ ආශාව ඕනෑකම හදන්නට නිතරම යන තැනක්නේ කියලා මඟ අරින්නේ නැතිව යමු එහෙනම් දඹානේ. දඹාන කිව්ව ගමන් ඉතින් මතක් වෙන්නේ වැදි ජනතාව. මහියංගනයට ගිහින් එතැන ඉඳලා මහියංගනය - මහනුවර මාර්ගයේ කිලෝමීටර් 17ක් පමණ ගියාම තමයි දඹාන වැදි ගම්මානයට යන මාර්ගය මුණගැහෙන්නේ. දැන් වෙද්දි නම් වැදි ජනතාව විශාල වශයෙන් නවීකරණය වෙලා. ඔවුන්ගේ ජීවන ක්‍රමයේ ඉඳලා කෑමබීම දක්වා බොහෝ දේවල් වෙනස් වෙලා. ඒ වගේම මහියංගනය රජමහා විහාරයේ ඉඳලාම වැදි ජනතාවගේ ව්‍යාපාර දකින්නත් පුළුවන්. වැදිරුහේ ඇත්තන්ම කියන විදියට නම්.
වැදි ගම්මානය පිටිය ඇත්තේ කොහේද?
{ "answer_start": [ 194 ], "text": [ "දඹානේ" ] }
b486d350-d039-4fa7-9a0f-78502722c91d
අද වනවිට සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකාව ලෙස ජවිපෙ කාන්තාවන්ට නායකත්වය දෙන සමන්මලී කවුද? පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අතරතුර සමාජවාදී ශිෂ්‍ය සංගමය සමඟ සම්බන්ධ වන ඇය ඉන් පසුව ජවිපෙ කාන්තා අංශය ගොඩ නැගීමට දායකත්වය සැපැයුවාය. ශාස්ත්‍රවේදී උපාධිය සමත් වූ ඇය තම උපාධිය භාවිත කරමින් රැකියාවක් කිරීම තෝරගන්නවා වෙනුවට පූර්ණ කාලීන දේශපාලනය තෝරා ගත්තාය. ඇය ජනතා විමුක්ති පෙරමුණේ පළමු නාගරික මන්ත්‍රීවරිය ය. 1997 පළාත් පාලන මැතිවරණයෙන් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට තේරි පත් වූ ඇය එතැන් සිට මේ දක්වා අඛණ්ඩව එම ධුරය දරන්නීය. ජවිපෙ පූර්ණ කාලිනයකු වන බිමල් රත්නායක සමඟ විවාහ වන ඇය මේ වනවිට උසස් පෙළ හදාරන දියණියක ඇතුළු දියණියන් දෙදෙනකුගේ මවකි. එකල සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක වූ බිමල් රත්නායක අද වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
ඇය දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට තේරී පත් වන්නේ කිනම් මැතිවරණයෙන්ද?
{ "answer_start": [ 419 ], "text": [ "1997 පළාත් පාලන මැතිවරණයෙන්" ] }
4e619a0b-73d2-4d11-baec-d9aa89680411
එක්දින තරග 115කට සහභාගී වී ඇති ඔහු ලකුණු 1751 රැස්කර ඇති අතර කඩුලු 158ක් බිඳ හෙලා තිබේ. ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම ලකුණු 52කට කඩුලු 9ක් වන අතර එක්දින හොඳම පන්දු යැවීම ලකුණු 25ට කඩුලු 5කි. 1973 පෙබරවාරි 3 දින පාකිස්තානය සමඟ වෙලින්ග්ටන්හි පැවැති ටෙස්ට් තරගයෙන් තම ටෙස්ට් දිවිය ආරම්භ කළ ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි 1990 ජූලි 5 දින එංගලන්තය සමඟ බර්මින්හැම් හි පැවැති ටෙස්ට් තරගයෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන්නේය. ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි කලක් නවසීලන්ත ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස සේවය කළේය. 2002දී විස්ඩන් ක්‍රිකට් සඟරාව ඉතිහාසය පුරා බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නන් අතර දෙවැනි විශිෂ්ට පන්දු යවන්නා ලෙස ඔහු නම් කළේය. 2009 මාර්තු මාසයේදී නවසීලන්තයෙන් බිහිවූ ක්‍රිකට් වීරයන් 12 දෙනා අතරට හැඩ්ලිද නම් කෙරිණි. ඔහුගේ විශාල ප්‍රමාණයේ උඩුකය ලෝකඩ ප්‍රතිමාවක් ක්‍රයිස්ට්චර්ච් කලා මධ්‍යස්ථාන භූමියේ ස්ථාපනය කිරීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීහු පියවර ගත්හ. 2009 අප්‍රේල් 3 දින ඔහු අයීසීසීයේ කීර්තිමත් ක්‍රීඩකයන් අතරට නම් කෙරිණි.
ඔහු තම ටෙස්ට් දිවිය ආරම්භ කළේ කවදාද?
{ "answer_start": [ 191 ], "text": [ "1973 පෙබරවාරි 3 දින" ] }
05e5dda4-e73c-4988-b159-e776334f5e03
“කවුද තමන්. ඇයි මේ ශරීරයට ආවේ” යනුවෙන් විද්‍යාකුලපති මහතා කිහිපවරක්ම ඇසුවේය. ඉන්පසු අපහසුවෙන් මෙන් රෞද්‍ර ලෙසින් “මම යක්ෂණියක්. මම ආවෙ මේකි ගෙනියන්න” කියමින් හූ තබා සිනාසෙන්නට වූවාය. “මේකි මට දවස් ගානක් රෑට පහනක් තිබ්බා. මේකි එක දවසක් ඒක අමතක කළා. එවෙලේ තමයි මම හිතාගත්තේ ඕකිට පාඩමක් උගන්වන්න ඕනෑ කියලා” මැණිකේගේ පිළිතුර විය. “ඔබ යක්ෂණියක් නෙමෙයි. ඔබට ඇති බලයක් නෑ. මැණිකේගේ හිත විසින්ම මවා පෙන්වීමක් විතරයි යක්ෂණියකගේ වේශය. පුළුවන් නම් ඔබගේ බලය පාවිච්චි කරලා මට දෙයක් කරලා පෙන්නන්න. නැත්තම් එච්චර ලොකු දේවල් වැඩක් නැහැ. ඔබ ඉස්සරහා තිබෙන මේ පොතේ පිටු අත නොතියා යක්ෂණියගේ බලෙන් පෙරළා පෙන්නන්න” විද්‍යාකුලපති මහතා අභියෝග කළේය. නමුත් ඇයට කිසිවක් කරගැනීමට නොහැකි විය. “ඕක තමයි මම කිව්වේ ඔබට ඇති බලයක් නැහැ කියලා. ඔබ යක්ෂණියක් නෙමෙයි. ඔබේ යටි හිතේ ඇති වූ ප්‍රතිඵලයක් ලෙස ඔබ යක්ෂණියක් ලෙස හැසිරෙනවා. දැන් ඔබගේ එම තත්ත්වය මා ඉවත් කරනවා” යැයි පවසමින් මෝහන නිද්‍රාවේදීම එම තත්ත්වය පහදා දී එම මානසික තත්ත්වය විද්‍යාකුලපති මහතා විසින් ඉවත් කළේය. සිදුවීම පිළිබඳව විද්‍යාත්මක සත්‍යය විද්‍යාකුලපති මහතා විසින් මෙලෙස පැහැදිලි කර දුනි.
විද්‍යාකුලපති මහතාගේ අභියෝගය වුයේ කුමක්ද?
{ "answer_start": [ 541 ], "text": [ "පොතේ පිටු අත නොතියා යක්ෂණියගේ බලෙන් පෙරළා පෙන්නන්න”" ] }
0e5800ba-ad2e-43d8-92c3-b75e7ab06d45
ඉන්පසු ඇපලෝ මෙහෙයුම් හයකදී, 1969 සිට 1972 තෙක් කාලයේ, ගගනගාමීහු 12 දෙනකු සඳට පය තැබූහ. ඔවුන් පෘථිවියට ගෙනා චන්ද්‍ර පාෂාණ සහ පස් ප්‍රමාණය රාත්තල් 842 ක් බව පැවැසෙයි. සඳට මිනිසකු යැවීමට නොහැකි වුවත්, 1970 දශකයේ, ලූනා යන නමින් නම් කළ රොබෝ යානා යවමින් සඳුගේ පස් සාම්පල ගෙන ඒමට සෝවියට් විද්‍යාඥයෝ සමත් වූහ. අවසන් වරට සඳට යැවුණේ ලූනා 4 රොබෝ යානයයි. ඒ, 1976 දීය. ලූනා 4 ආපසු රැගෙන ආවේ පස් අවුන්ස 6 කි. සඳ ගවේෂණය චීනයට ආගන්තුක නොවෙයි. චීනය පළමුවෙන් රොබෝ ගවේෂණ යානයක් සඳ මතුපිටට යැවීම කළේ 2013 වසරේදීය. ඊට වසර හයකට පසු චීනය සඳුගේ අඳුරු පැත්තට ගවේෂණ යානයක් පතිත කළේය. සඳුගේ අඳුරු පැත්තට ගවේෂණ යානයක් පතිත කළ පළමු රට චීනයයි. මීළඟ දශකයේ චීනයත් ඇමෙරිකාවත් ස‍ඳ මතුපිට පර්යේෂණාගාර සහ නැවැම්තුම්පොළක් ඉදි කිරීමට සූදානම් වෙයි. එය චීනය සහ ඇමෙරිකාව අතර සඳ මතුපිට ජනාවාස ඉදිකිරීම වෙනුවෙන් කරන සටනක් වනු නිසැකය.
සඳ ගවේෂණය ආගන්‍තුක නොවූ රට කුමක්ද?
{ "answer_start": [ 405 ], "text": [ "චීනයට" ] }
ce04a169-3ac1-47ac-a70c-57137d46b7b4
චන්ද්‍රා නොදැක සිටීමත් ඇගේ ප්‍රිය සල්ලාපයෙනුත් ඈත්වී සිටි රංජිත් බලවත් සංතාපයට පත් විය. දිනක් චන්ද්‍රා කොළඹ දී රංජිත්ට හමුවීමට අවස්ථාව සැළසුණි. මේ හමුවීම දුටු වික්ටර්ගේ කෝපයත් ක්‍රෝධයත් දස දහස් වාරයකින් දැඩි විය. මේ සම්බන්ධය වහාම නතර කරන්නැයි රංජිත්ට තර්ජනය කිරීමෙන් සෑහීමකට පත් නොවූ වික්ටර් ඔහුට පහර දුන්නේය. රංජිත්ගේ හා චන්ද්‍රාගේ පෙම් සබඳතාව නොබිඳිය හැකි බව සක්සුදක්සේ දැනගත් චන්ද්‍රාගේ මව වික්ටර් සමග එක්වී රංජිත් තම පියාගේ ව්‍යාපාරික කටයුතුවලින් නෙරපා දැමීමට උත්සාහ ගත්හ. අවංක සේවකයකු වූ රංජිත් රැකියාවෙන් අස්කිරීමට පෙර මේ සම්බන්ධය නතර කරන ලෙස ගුණරත්න අවවාද කෙළ්ය. ගුණරත්නට අවශ්‍ය වූයේ වික්ටර් හා චන්ද්‍රාගේ විවාහය ඉක්මණින් කිරීමටය.
මේ සම්බන්ධය වහාම නතර කරන ලෙස රංජිත්ට තර්ජනය කළේ කවුද?
{ "answer_start": [ 284 ], "text": [ "වික්ටර්" ] }
7dd7515f-4de6-4558-ada5-8601859f8d7f
සමන් දෙවි අඩවිය සැබැවින්ම ගුප්තය. ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් වයස් භේද නොතකා උඩ මළුවට නගින්නේ උත්තම සිරි පතුල දැක ගැනීමටය. නමුත් ඒ කිසිවෙකුත් අවාරේ සිරිපා යාමක් ගැන සිතාවත් නොමැත. එසේම අවාරේ යාම ප්‍රායෝගිකව අනතුරුදායක බව අපි දුටුවෙමු. මන්ද සෑම සවස්වරුවකම පාහේ මහගිරිදඹ ආශ්‍රිත මීටර 2000ට වැඩි ඉහළ වැහිබර කාල ගුණයෙන් සමන්විතය. හැටන් පාරේ වේවා පලාබද්දල රජමාවතේ වේවා අධික වර්ෂා සහිත කාලයේදී පඩිපෙළ් දිස්වන්නේ දියඇලි විලසිනි. වැසි ජලය මහ පරිමාණයෙන් පඩි දිගේ පහළට ගලායන අතර ප්‍රදේශයට හිරු එළිය වැටෙන්නට නොදී ඝන මීදුමකින් හා අඳුරු වලාකුළු මතින් වෙළාගන්නේ සවස 3 පසුවත්මය.
මීටර් 2000ට වැඩි ඉහල වැහිබර කාලගුණයක් තිබෙන්නේ කිනම් කොටසටද?
{ "answer_start": [ 265 ], "text": [ "මහගිරිදඹ" ] }
caab560a-4455-43a3-820b-219a64375445
කොන්ග්කා ලා හිමාල කඳුවැටියේ උස් වූ වැටියක පිහිටි දුර්ගයකි. එය ඉන්දු - චීන දේශ සීමාවේ ලඩක් ආසන්නයේ පිහිටා තිබේ. එහි ඊසාන දිග කොටස අක්සායි චින් නමින් හැඳින්වෙන අතර එහි අයිතිය චීනයට වන අතර නිරිතදිග ප්‍රදේශයේ අයිතිය ඉන්දියාව සතුය. එය ලඩක් නමින් හැඳින්වෙයි. 1962දී ඉන්දු චීන යුද්ධය පැවතියේ මෙම දේශසීමාවේය. ජනශූන්‍ය ප්‍රදේශයක් වන මෙහි දෙපාර්ශ්වයේම සම්මුතිය අනුව මුර සංචාර සිදු නොකෙරේ. ලඩක් වෙත පැමිණෙන සංචාරකයන්, බෞද්ධ භික්ෂූන් හා ලඩක්හි වැසියන්ට අනුව දේශ සීමාව පමණක් ඉන්දු - චීන හමුදා විසින් ආරක්ෂා කරනු ලැබේ.
එහි නිරිතදිග ප්‍රදේශයේ අයිතිය කා සතුද ?
{ "answer_start": [ 212 ], "text": [ "ඉන්දියාව සතුය" ] }
ca71f32c-04ef-4944-856f-7f58c63fec96
ඒ නිසා සාක් රාජ්‍ය නායක සමුළුව කඩා කප්පල් කිරිම පමණක් නොව මහා මිනිස් සංහාරයක්ද වළක්වා ගැනීමට හැකිවූයේ නියෝජ්‍ය පොලිස්පති නිහාල් කරුණාරත්න මහතා නිසා වන හෙයින් ඒ ගෞරවය පළමුව හිමිවිය යුත්තේ ඔහුටය. දෙවනුව ඒ ගෞරවය හිමිවිය යුත්තේ කොටින්ගේ මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට ජිවිත පරදුවට තබා පරීක්ෂණ සිදු කිරීමට දායක වු පොලිස් නිලධාරින්ටය. කොළඹ කොටුව දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි රථ වාහන ගාලක තිබී සොයාගත් වෑන් රථයේ ඉන්ධන ටැංකියේ සූක්‍ෂම ලෙස අටවා තිබූ අධි බලැති බෝම්බයේ බර කිලෝ 47ක් පමණ විය. මේ වෑන් රථ බෝම්බය පුපුරා ගියේනම් සිදුවිය හැකි විනාශයේ තරම වෑන් රථ බෝම්බයේ බරින්ම සිතා ගත හැකිය. බලගතු බෝම්බය එදා පුපුරා ගියේනම් මිනිස් ජීවිත සිය ගණනක් විනාශ වන අතර බෝම්බය පුපුරා ගිය ස්ථාන අවට පිහිටි ගොඩනැගිලි පවා බිමට සමතලාවනු ඇති බව බෝම්බ විශේෂඥයෝ ඒ වකවානුවේ පෙන්වා දුන්හ.
වෑන් රථයේ බෝම්බය අටවා තිබුණේ කොහේද?
{ "answer_start": [ 417 ], "text": [ "ඉන්ධන ටැංකියේ" ] }
d9532989-1658-474a-865f-5586ef21e935
ඇමෙරිකා එක්සත් ජනපද නිදහස් දිනය සමරයි. ජූලි 4 වැනිදා එනම් නිදහස් දිනය සමරද්දී, රටේ ජනගහනයෙන් සියයට 70 කට වඩා කොරෝනා එන්නත් ලබා දීමට ජෝ බයිඩන් සැලැසුම් කර තිබුණත් එම ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී ඇතැයි පැවැසෙයි. කෙසේ නමුත්, ඇමෙරිකාවේ ජනපද 50 න් ජනපද 20 ක් එම ජනපදවල වැසියන්ගෙන් සියයට 70 කට වඩා එන්නත් ලබා දී අවසන් බව ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පවසා ඇත. ඇමෙරිකානු වසංගත රෝග පාලය සහ වැළැක්වීමේ ආයතනයට අනුව, මේ වනවිට සමස්තයක් ලෙස එක් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති අවුරුදු 18 වැඩි ඇමෙරිකානුවන් ගණන සියයට 67 කි. එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් ඇමෙරිකානුවන් ගණන සියයට 58.1 කි.
එන්නත් මාත්‍රා දෙකම ගත් ඇමෙරිකානුවන් ගණන කොපමණද?
{ "answer_start": [ 567 ], "text": [ "සියයට 58.1 කි" ] }
f5c50f11-e344-4fc4-ade1-a5b83df53ab1
ඒ අනුව සති කීපයක විමර්ශනයකින් පසු ඇය හෙළි කළ තොරතුරුවලට සමාන රිය අනතුරකින් මියගියේ තරුණයෙකුව සොයා ගැනීමට දෙමාපියන්ට හැකිවිය. මෝටර් රථ අනතුරකින් මියගිය එම තරුණයාගේ මව එම දැරියගේ නිවසවෙත පැමිණියේය. ඇය නිවසට එන විට නිවැසියෝ කිසිවෙක් ඇය කව්දැයි නොදැන සිටියහ. එහිදී දැරිය හමුවීම වැදගත් කරුණක් බවට පත්විය. එදින ඇය නිවසට එන විට දැරිය නිවසේ සිටියාය. ‘කව්ද ඇවිත් සිටින්නේ යයි මව දැරියගෙන් විමසූ විට’ ඒ අපේ අම්මායයි ඇය පිළිතුරු දුන්නාය. පෙරභවයේ මව ඒ අයුරින් කමනි එදා හඳුනාගත් බැව් දෙමාපියෝ පැවසූහ. යතුරු පැදි අනතුරකින් මිය ගිය තරුණයෙකුගේ තොරතුරු හෙළි කළ දරුවෙක් මීට වසර ගණනකට උඩදී ලෙබනනයේද උපත ලැබීය. එම පුනර්භව සාධකය තුළ දක්නට ලැබුණු සුවිශේෂි ප්‍රබල සාක්කියක් විය. එනම් යළි උපත ලැබූ දරුවා විසින් ඔහුගේ රිය අනතුරට සම්බන්ධ වූ රියැදුරා වසර හතකට පසු නිවැරදිව හඳුනා ගැනීමය. රබීෂ් නම් එම දරුවා උපත ලබා තිබුණේ 1964 පෙබරවාරි මාසයේදීය.
යළි උපත ලැබූ දරුවා විසින් ඔහුගේ රිය අනතුරට සම්බන්ධ වූ රියැදුරා නිවැරදිව හඳුනා ගත්තේ වසර කීයකට පසුද
{ "answer_start": [ 724 ], "text": [ "වසර හතකට" ] }
ff7381ef-3170-44a5-a7ea-905ce9b9f7e9
මේ අනුව විවිධ ඓතිහාසික තොරතුරු මූලාශ්‍රවල ගොඩකවෙල ගැන සඳහන් වන අතර මෙම නාම ප්‍රභවය පිළිබඳව සොයා බැලීමේදී මත දෙකක් අසන්නට ලැබේ. ඉන් එකක් නම් වෙල් ගොඩ කර පාර සෑදීම නිසා ගොඩකවෙල වූ බවය. මෙය බොහෝ දෙනා දරන මතයයි. අතීතයේ කුඩා පාරක් තවලම් සඳහා වූ අතර දොඹවෙල ඇළ දක්වාම පාර දෙපස කුඹුරු විය. පසුව එම පාර, වෙල්ගොඩ කර ටික ටික සාදා ඇති අතර 1930 පමණ වන විට එම පාරෙ දෙපස රෝද මායිමට පමණක් ගල් අල්ලා කරත්තවල ගමන් කිරීමේ පහසුවට සාදා ඇත. විශේෂයෙන් ලුණු කරත්ත යෑමට මෙම පාර වැඩි දියුණු කර ඇති අතර එදා වැඩිහිටි උදවිය මෙම පාර කරත්ත පාර ලෙසට හඳුන්වා ඇත.
ගොඩකවෙල ගැන සඳහන් වන මෙම නාම ප්‍රභවය පිළිබඳව සෙවීමේදී කොපමණ මත සංඛ්‍යාවක් අසන්නට ලැබේද?
{ "answer_start": [ 105 ], "text": [ "මත දෙකක්" ] }
20168b8d-e35f-48f2-bac2-9a4f633c4b16
පුනර්භවය පිළිබඳ සිදු කරනු ලබන පර්යේෂණවලදී කුඩා දරුවෝ බහ තෝරන වියේදී කරනු ලබන ප්‍රකාශ වැදගත් සාක්ෂි බවට පත්වේ. එහෙත් පෙර භවය හා කිසිදු හෙළි කිරීමක් නැතිව හෝ කිසිදු ප්‍රකාශයක් නොමැතිව පුනර්භවය පිළිගනු ලබන අවස්ථා තිබේ. ඇතැම් විට පෙර භවය හෙළි නොවූ ඇතැම් දරුවන්ගේ හැසිරීම් මගින්ද පුනර්භවය පිළිගැනීමට සිදුවේ. එයට හේතුවී ඇත්තේ පුනර්භවය පිළිබඳව පවතින පර්යේෂණ නිසාය. පුනර්භවය විශ්වාසය මත පර්යේෂණ පවත්වන ප්‍රධාන රට වන්නේ බුරුමයයි. ඒ අනුව මරණින් පසු පුනර්භවයක් ඇති බවට තදබල විශ්වාසයක් පවතින්නේ ලාමාවරුන්ගේ යළි ඉපදීමය. ලමාවරුන් මිය යෑමෙන් පසු ඔහු යළි උපත ලබා තිබේද යන්න සෙවීමට ඇතැම් විට කමිටු පත්කරන අවස්ථාද ඇත.
පුනභවයක්ත ඇති බවට තදබල විශ්වාසයක් පවතින්නේ ඇයි
{ "answer_start": [ 483 ], "text": [ "ලාමාවරුන්ගේ යළි ඉපදීමය" ] }
c2e40811-01af-4ba6-a6e3-a6efe4adb36a
අයර්ලන්තයේ සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නමැති සමාගම විසින් රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සමාගම කටුනායක ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ගුවන්ගමන් පාලකවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මෙම නඩුව පවරා ඇත. වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම සමඟ තමන්ගේ බේරුම්කරණ නඩුවක් ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර සමාගම මේ තත්වය තුළ වගඋත්තරකාර ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන් පිටත්වම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අයර්ලන්තයේ සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නමැති සමාගම විසින් පැමිණිල්ලක් ගොනු කර තිබිණ.
ඒරෝෆ්ලොට් ගුවන් සමාගම කුමන රටකට අයත් එකක්ද?
{ "answer_start": [ 68 ], "text": [ "රුසියානු" ] }
4c08370a-b762-4ca0-8a99-15cdf1a29a3d
මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් පැවැත්වෙන දේවමෙහෙයක් ඒ අයුරින් එහි සිදුකරන බැව් මිත්තනිය විසින් දරුවාට පැහැදිලි කළාය. එවිට දරුවාගේ ප්‍රශ්නය වූයේ මියගොස් ඇත්තේ කව්ද යන්නය. දේවමෙහෙය පවත්වනු ලබන මියගිය අයගේ නම දැනගෙන සිටි මිත්තනිය මියගොස් සිටි පුද්ගලයාගේ නම පැවසුවාය. වහා නතර වූ දරුවා මිත්තනිය පැවසූ නම ඔහුද ප්‍රකාශ කළේය. අනතුරුව මිත්තනිය දෙසට හැරුණු දරුවා එයා තමයි මාව මැරෙව්වේ යැයි පැවසීය. එම වදනින් තැතිගැන්මට පත්වූ මිත්තනිය දරුවාගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කළාය. සිව්දෙනෙකු එකතුවී පෙර භවයේදී ඔහු ඝාතනය කළ අයුරු දරුවා සිය මතකයෙන් හෙළි කළේය.
මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් දේවමෙහෙයක් සිදුකරන බැව් දරුවාට පැහැදිලි කලේ කව්ද
{ "answer_start": [ 75 ], "text": [ "මිත්තනිය" ] }
38cf2d62-cad6-4c46-9537-aff05d8aa748
බළකොටුව පිහිටා ඇත්තේම භූ විෂමතාව අනුව උස් බිමකය. ගුරුබැවුල බලකොටුව සමස්ත භූමි ප්‍රමාණය පෙනෙන ආකාරයට අක්කර එකක, දෙකක සීමාවක් ලෙස පෙනේ. ගුරුබැවුල බළකොටුවේ එක පැත්තක් සම්පූර්ණයෙන් කැළණි ගඟෙන් ආරක්ෂිතව පවතී. ඉතිරි පැති ගුරුබැවුල බලකොටුව ආරක්ෂා කර ගැනීම සඳහා එකල ඉදි කළ දිය අගලකින් මායිම් වේ. මේ දිය අගල බලකොටුව වටාම පිහිටා ඇත. නමුත් දැනට දිය අගලේ එක කොටසක් කොළඹ- අවිස්සාවේල්ල මාර්ගයට නතුව ඇත. දැනට ඉතිරිව පවතින දිය අගලේ පළල මීටර් දහයක් පහළොවක් අතර විය හැකිය. මේ දිය අගල අපට පෙනෙන පරිදි කපන ලද විශාල කබොක් ගල් යොදාගෙන නිර්මාණය කර ඇත. ඒ අනුව ගුරුබැවුල බලකොටුව ස්වභාවික කැළණි ගං මායිමෙන් සහ කපන ලද මාර්ගයකින් ඇළ මාර්ගයකින් ආරක්ෂිත වී තිබී ඇත.
දැනට ඉතිරිව පවතින දිය අඟලේ පළල කීයද?
{ "answer_start": [ 420 ], "text": [ "මීටර් දහයක් පහළොවක් අතර" ] }
33ab0a64-0a98-4f3b-aebf-17a38c7d8bc3
එම සිතුවම්වල දක්නට ලැබෙන්නේ ඉඟෙන් උඩ කොටස පමණක් වූ රූප සමූහයකි. ඒවායේ පහළ කොටස වලාකුළින් වැසීගිය ආකාරයට නිරූපණය කර තිබේ. මෙම සිතුවම් වලින් දෙවිවරුන් පිළබිඹු වන බව පරණවිතාන මහතා පෙන්වා දී ඇත. සිතුවම් ඇඳ තිබෙන්නේ රේඛා සටහන් මගින් වන අතර චිත්‍රවලට වර්ණ යෙදීම සීගිරි චිත්‍ර සම්ප්‍රදායට අනුව කර තිබේ. මෙහිදී රතු, කහ, කළු හා පලාවන් යන වර්ණයන් භාවිත කර ඇත, අනුරාධ සෙනෙවිරත්න මහතා ද දක්වා ඇත්තේ මෙම සිතුවම් රේඛා මගින් පමණක් කර ඇති බවය. සමහර දේව රූප අතින් නෙළුම් මල් ගෙන සිටින අතර තවත් සමහර රූප දෙඅත් එක් කොට වඳින ආකාරයක් දැක්වේ. පැරැණි බිතු සිතුවම් පිළිබඳ විශේෂඥයකු වූ මංජු ශ්‍රී මහතා මේ සිතුවම් වලින් දැක්වෙන්නේ බෝසතුන් සහිත අප්සරාවන් යැයි කියයි. මෙම සිතුවම් චාර්ල්ස් මහතා විසින් පරීක්ෂා කර ඇති අතර උසස් ශිල්පීන්ගේ චිත්‍රයන්හි දක්නට ලැබෙන රේඛාවන්ගේ ලාලිත්‍ය, රූපයන්ගේ හැඩය, පරිමාණය, සමබර හා සිත් ගන්නා ගතිය නොඅඩුව ඇති බව එම මහතා පෙන්වා දෙයි. විඡේසේකර මහතා ද සඳහන් කරන්නේ මෙහි රචනාව උසස් බවය. මැනවින් සංතුලිත බවය. එසේම ඒවා නිශ්චිතවම දෙවිවරුන්ගේ රූප බවට පෙන්වා දී තිබේ. පොළොන්නරු යුගයේ ආරම්භක අවදියේදී පමණ කරන ලද සිතුවම් කොටස් කිහිපයක් මහියංගන ධාතු ගර්භයෙන් ද ලැබී තිබේ. ඉතාම සීමිත සිත්තම් ප්‍රමාණයක් ඉතිරි වී ඇති අතර මෙම සිතුවම් සීගිරි හා වෙනත් ස්ථානවල දක්නට ලැබෙන සිතුවම් නිර්මාණය මෙන් විශිෂ්ට ලක්ෂණ පෙන්නුම් නොකරන බව එම නිර්මාණ ශෛලීන් සැසැදීමේ දී තහවරුවන බව විද්වතුන් පෙන්වා දෙයි. මෙහි බුදුන් වහන්සේ බෝධි වෘක්ෂයකට පහතින් ඇති ආරුක්කුවක් යට වැඩ හිඳින ආකාරයට නිරූපණය කර ඇත. බුදුන් වහන්සේ පිටදුන් බෝධි වෘක්ෂය ශෛලීගත ආකාරයට දක්වා ඇති නමුත් එය බෝධි වෘක්ෂයක් බව අවබෝධවන ආකාරයට සිත්තම් කර ඇත. බුදු හිමියන් පිරිවරා සිටින පුද්ගලයන් තිදෙනා බ්‍රාහ්මණයන් බව ඇතැමකුගේ අදහස වුවද මෙම රූප තුනෙන් ශිව දෙවියන් තම ත්‍රිශූලය සහිතව ද විෂ්ණු දෙවියන් සිය අත් සතරින් දෑතකින් මල් බඳුනක් ගෙන සිටින ලෙස ද දැක්වෙන අතර අනිත් රූපයෙන් බ්‍රහ්මයා ද දක්වන බවට ද මතයක් පවතී. බුදුරදුන්ගේ හිස් ජටා මඩුලුු ගැන්වුණු කේශකලාපය සහිතව මැනවින් දක්වා තිබේ. උන්වහන්සේගේ වම් පසින් දැක්වෙන රූපය ඉතා හැඟීම් ප්‍රකාශ කරන සුළුය. ඔහු සිය වමතෙහි නෙළුම් පොකුරක් දරා සිටී. යොදා තිබෙන වර්ණ අතර රත නොහොත් ඔරේන්ජ් පැහැය, කහ, කළු හා සුදු පාට ද වෙයි. මෙම ධාතු ගර්භය හා චිත්‍රයන් මෑත අනුරාධපුර සමයට අයත් ඒවා ලෙස පරණවිතාන මහතා සඳහන් කරන අතර ඒවා සම්ප්‍රදායෙන් හත් වැනි සියවසටත් නවවැනි සියවසටත් අතර කාලයට අයත් විය හැකි බව චාර්ල්ස් මහතා සඳහන් කරයි. මේ සිතුවම් කැබලි අනුරාධපුර කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබේ.
චිත්‍රවලට වර්ණ යෙදීම කර ඇත්තේ කිනම් සම්ප්‍රදායට අනුවද ?
{ "answer_start": [ 256 ], "text": [ "සීගිරි චිත්‍ර සම්ප්‍රදායට අනුව" ] }
69a5af1f-6d41-4097-bedd-27f6413573a1
ඇන්ත්‍රැක්ස් කුඩා දරුවාට ආසාදනය වී ඇත්තේ වසර 70 ක් අයිස් තට්ටු යට සැඟව තිබුණු, ගෝලීය උණුසුම හේතුවෙන් අයිස් දියවී වාතයට නිරාවරණය වුණු පිනිමුවකුගේ සිරුරක් තුළ බව පසුව අනාවරණය විය. මෙම සිදුවීම ලොව කැලඹීමට සමත් විය. කෙසේ නමුත් රුසියන් රජය සහ හමුදාව එම වයිරසය වසංගත තත්ත්වයක් බවට පත් වීමට ඉඩක් ලබා දුන්නේ නැත. පිනිමුවාගෙන් සිරුරින් වාතයට මුදා හැරුණු වයිරසය හේතුවෙන් පිනිමුවෝ 1,000 කට වැඩි ප්‍රමාණයක් මියගියහ. චීනයේ ටිබෙට් සානුවේ ගුලියා ග්ලැසියරයේ අයිස් තට්ටු දියවීමේ වේගය දිනෙන් දින වේගවත් වෙයි. අයිස් තට්ටු දියවීම ආරම්භ වූයේ 1970 වසරේ සිට බවත්, අද වනවිට ඉතිරිව ඇත්තේ ග්ලැසියරයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් බව කාලගුණ විපර්යාස පිටුදැකීමේ ජගත් සංවිධානය පෙන්වා දී ඇත.
මෙහි සදහන් වයිරසය කුමක්ද
{ "answer_start": [ 0 ], "text": [ "ඇන්ත්‍රැක්ස්" ] }
7d134bfa-dd7c-4edc-ad2f-e2795ab805e8
තවත් නොබෝ දිනකින් සිනමා ප්‍රේක්ෂකයින්ට දකින්නට ලැබෙන ආක්ෂේ කුමාර්ගේ අලුත්ම චිත්‍රපටය වන්නේ ප්‍රිතිවිරාජ් චිත්‍රපටයයි. ඉන්දියාවෙන් බිහිවූ ප්‍රකට රාජකීය පුද්ගලයෙකු වන ප්‍රිතිවිරාජ් චෞහන්ගේ ජිවීත කතාව අලලා මෙය නිර්මාණය වී තිබේ. වාර්තා වන අන්දමට මෙම චිත්‍රපටය සඳහා ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරන්නට සිදු වු බව චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන ආක්ෂේ කුමාර් පවසා තිබේ. ඔහු පවසන අන්දමට මෙම චිත්‍රපටයේ එන නළු නිළියන්ට නිර්මාණය වූ ඇඳුම් ප්‍රමාණය පණස්දහකට අධික බවය. එමෙන්ම රාජකීය පුද්ගලයන් වෙනුවෙන් හිස්වැසුම් පන්සියකට අධික ප්‍රමාණයක්ද නිර්මාණය කළ අතර, ආක්ෂේ පවසන්නේ එතරම් වියදම් දරා නිර්මාණය කළ චිත්‍රපටයක් සඳහා තමන් එක්වූ පළමු අවස්ථාව මෙය බවය.
මෙය නිර්මාණය වී තිබෙන්නෙ කාගෙ ජීවන කතාව අලලාද?
{ "answer_start": [ 165 ], "text": [ "ප්‍රිතිවිරාජ් චෞහන්ගේ ජිවීත කතාව" ] }
3cad4ca6-0ae1-45a2-8e23-2c12b7c530cb
ඉරාක රජය මේවා ගොවීනට බෙදා හරිමින් කීවේ මීළඟ කන්නයේ අස්වැන්න ලබා ගන්නා තුරු මෙම බීජවලට කිසිම ගෙවීමක් නොකරන ලෙසය. මෙම ධාන්‍ය බීජ අලංකාර රත් පැහැයක් ගෙන තිබුණ අතර අසරණව සිටි දුප්පත් ගොවීන් කළේ ඒවා වෙළෙඳ පොළට දමා විකිණීමයි. තවත් සමහරුන් කළේ ඒවායින් පාන් සාදාගෙන කෑමයි. මෙම ධාන්‍ය තොග ගබඩාවලට ගෙන යාමත් ඒවා බෙදාහැරීමත් පැවැරුණේ ට්‍රක් රථ රියැදුරන්ටය. ඔවුන්ගෙන් සමහරුන් මේවා හොර රහසේම ගම්වැසියන්ට විකිණීමට කටයුතු කළේ ඒ වනවිට කෑමට හැකි ඕනෑම දෙයක් ගැනීමට ඔවුන් ද ලකලෑස්ති වී සිටි නිසාය. මේ අතර තවත් තැනෙක කල්ලි ගැහුණු පිරිස් මෙම වාහනවලට පහර දී ධාන්‍ය මලු පිටින්ම කොල්ලකාගෙන ගියහ.
ධාන්‍ය මලු පිටින්ම කොල්ලකාගෙන ගියේ කවුරුන්ද?
{ "answer_start": [ 497 ], "text": [ "කල්ලි ගැහුණු පිරිස්" ] }
9a8b1703-727f-4045-9523-21939b5e931c
ඔරංසෙබ් රාජ්‍යත්වයට පත් වූයේ තම රෝගී පියා වූ ෂා ජහාන් සිරකරුවකු බවට පත් කරමිනි. ෂා ජහාන් මිය ගියේ ක්‍රි.ව. 1666 දී ය. මිය යන තෙක් ම ඔහු ඔරංසෙබ්ගේ සිරකරුවෙක් විය. තම පියා කෙරෙහි කිසිදු අනුකම්පාවක් නොදැක්වූ ඔහු කිසි දිනෙක පියා බලන්නට ගියේ ද නැත. අග්‍රාවේ තිබූ සියලු ධනය අත්පත් කරගත් ඔහු තම සොහොයුරන් දඩයම් කිරීම ඇරඹීය. ඔරංසෙබ් ආලම්ගීර් (සර්ව ලෝක අධිපති) යන වදන තම නමට එක් කර ගත්තේය. ක්‍රි.ව. 1658 දී රාජ්‍යත්වයට පත් ඔරංසෙබ් ක්‍රි.ව. 1707 දක්වා පනස් වසරක් රජ කළේය. ඔහුගේ පාලන සමයේ මූගල් අධිරාජ්‍යය සමස්ත ඉන්දියාව පුරා ව්‍යාප්ත වී තිබිණි. එවැනි විශාල අධිරාජ්‍යයක් ඉන් පෙර ඉන්දියාවේ බිහි නොවූ අතර ප්‍රමාණයෙන් එය නන්ද, මෞර්ය හා දිල්ලි සුල්තාන් රාජ්‍යය ද ඉක්මවා තිබිණි. ඔරංසෙබ් ඉස්ලාම් ධර්මයට අනුකූලව රාජ්‍ය පාලනයේ නිරත විය.
තම රෝගී පියා වූ ෂා ජහාන් සිරකරුවකු බවට පත් කර රජවූයේ කවුද?
{ "answer_start": [ 0 ], "text": [ "ඔරංසෙබ්" ] }
7a4ab546-726a-4153-9234-0beb399c6ad4
ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන්, සුදු පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් වරදකරු විය. ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධ නඩු විභාගය සති දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වුණු අතර තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ 12 දෙනකුගෙන් සමන්විත ජූරි සභාවක් මගිනි.ජූරි සභාවේ 6 දෙනකු සුදු ජාතිකයන් වුණු අතර, ඉතිරි 6 දෙනා ඇමෙරිකන් කළු ජාතිකයන් මෙන්ම ඇමෙරිකාවේ වෙසෙන සෙසු බහු වාර්ගියකයන්ගෙන් සමන්විත විය. ජූරි සභාව පැය 10 ක් තිස්සේ සාකච්ඡා පවත්වා අවනස් තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි මිනියැපොලිස් පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් ට පුද්ගල ඝාතන චෝදනා 3 ක් එල්ල වී තිබුණු අතර ඔහු එම චෝදනා තුනටම වරදකරු විය.
මෙම ජූර් සභාවේ ඇමෙරිකන් කළු ජාතිකයන් කොපමණ ප්‍රමාණයක් සිටියාද?
{ "answer_start": [ 298 ], "text": [ "6" ] }
4b07d349-8d03-4ef6-9064-c1b08bd47b42
සමගි ජන බලවේග මැයිදින රැළියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු මහතා සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතර බහින් බස් වීමක් සිදුව ඇත. සමගි ජන බලවේගයේ මැයි රැළියේදී මුල් පෙළ අසුන් ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා තමා අසලට කැඳවා ඇති අතර එම අවස්ථාවේ ඔවුන් දෙදෙනා බහින් බස් වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මැදිහත් වී දෙදෙනා අතර බහින්බස් වීම සමථයකට පත් කර හරීන් ප්‍රනාන්දු මහතා එම ස්ථානයෙන් ඉවතට රැගෙන ගියේය.
මෙම බහින්බස් වීම සමථයකට පත් කරේ කවුද?
{ "answer_start": [ 359 ], "text": [ "පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර" ] }
cb72c40e-0d1b-4cbc-b55f-b9d7ae9edfbc
ෆෙඩෝරා තොප්පියද පිරිමින් අතර ජනප්‍රිය වූ විලාසිතාවකි. මේ විලාසිතාවේ විශේෂත්වයක් වන්නේ තොප්පිය වටා පීත්ත පටියක් සවිකර තිබීමයි. 1894 වර්ෂයේ දී ජෝර්ජ් ඩු මොරියර්ගේ නවකතාවක විස්තර කිරීම හේතුවෙන් ජනප්‍රිය වූ ට්‍රිල්බි තොප්පිය අළු පැහැති හෝ කළු පැහැයෙන් සාදන ලද්දකි. ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලද මේ ආකාරයේ තොප්පි භාවිතා වෙයි. ජර්මනියේ හත්වැනි එඩ්වඩ් රජු විසින් පැළඳ කළු පැහැති තොප්පියද ඉතාමත් ජනප්‍රිය වූළුකි. එය වින්ස්ටන් චර්චිල් සහ ඇන්තනි ඊඩන් වැනි අගමැතිවරුන් විසින් පවා භාවිතා කර ඇත. මෙය හඳුන්වන්නේ හොම්බර්ග් තොප්පිය යනුවෙනි.
මේ ආකාරයේ තොප්පි භාවිතා වෙන්නේ කිනම් චිත්‍රපටවලද?
{ "answer_start": [ 261 ], "text": [ "ජේම්ස් බොන්ඩ්" ] }
992fdb59-df8c-43ce-8633-28653189354f
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් යුක්රේනයේ කීව් අගනුවරට ගොස් සිටිද්දී, තම හමුදා කීව් අගනුවරට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව රුසියාව පිළිගෙන තිබේ. සති දෙකකට පමණ පසු කීව් අගනුවරට එල්ල වුණු මිසයිල ප්‍රහාරය මෙයයි. මෙම ප්‍රහාරයෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන් අතර යුක්රේන මාධ්‍යවේදිනියක ද සිටී. ඇය වේරා ගයිරිච්ය. ජගත් මහ ලේකම්වරයා කීව් අගනුවර සිටින බව දැන දැනත්, රුසියන් හමුදාව එම මිසයිල ප්‍රහාරය එල්ල නිරීම සම්බන්ධයෙන් බටහිර රටවලින් රුසියාවට දැඩි විරෝධයක් ගොඩනැගී ඇතැයි ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කව්ද?
{ "answer_start": [ 25 ], "text": [ "ඇන්තෝනියෝ ගුටරේස්" ] }
10ca9423-d318-4fb8-8439-c28097f7169b
කාබන් තන්තු උපයෝගීකරගෙන නිපදවන උපාංගවල ක්ෂූද්‍ර යාන්ත‍්‍රික හැසිරීම සෙවීමේ පර්යේෂණයක් මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චින්තක මල්ලිකාරච්චි මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරේ. කාබන් තන්තු සංයුක්ත නිපදවනුයේ කාබන් තන්තු සහ තෝරාගත් මැලියම් ද්‍රව්‍යයක් එකිනෙකට බැඳීමෙන් සාදාගන්නා වරපට ගණනාවක් ක‍්‍රමාණුකූලව එකතු කිරීමෙනි. මෙම එක් එක් මූලද්‍රව්‍යවල අනුපාතය, තන්තු යොමු කර ඇති ආකාරය සහ දිසාව මත සංයුක්තයේ ශක්තිය සහ නම්‍යශීලීතාව තීරණයවේ. උදාහරණයක් ලෙස යානයක් නිපදවන්නේ නම් එය සැහැල්ලූ වියයුතු අතර එය ශක්තිමත් මෙන්ම ඊට වැය වන ඉන්ධන ප‍්‍රමාණයද පිරිමසා ගත යුතුය. කාබන් තන්තුවල ක්ෂූද්‍ර හැසිරීම සොයාගැනීමෙන් යානය නිපදවන මූලාශ‍්‍ර තීරණය කිරීමට පහසු වේ.
මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා කව්ද?
{ "answer_start": [ 158 ], "text": [ "ආචාර්ය චින්තක මල්ලිකාරච්චි" ] }
f097514d-01ad-4bd7-8b2a-fe0b5b0fd138
හපුතලේ ප්‍රදේශයේ ජීවත් වන සාමාන්‍ය වත්පොහොසත්කමින් හෙබි පවුලක එකම දියණිය වන අරුණි විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන යුවතියකි. වයස විසිපහක් වන අරුණිට මේ වනතුරුත් පෙම්වතකු සිටියේ නැත. එසේම අරුණි විවාහය ප්‍රතික්ෂේප කරන නිසා අරුණිගේ දෙමාපියන් ඇයට සුදුසු මනාලයකු සෙවීමද අත්හළේය. අරුණි බොහෝ ප්‍රියමනාප තරුණියකි. කාගේත් සිත දිනාගන්නා අරුණි රාජකාරි ස්ථානයේ සියලුදෙනාගේද ආදරය, කරුණාව දිනාගත්තාය. අරුණි තම දෙමාපියන්ට බොහෝ ආදරය කළාය. ඇයට දෙමාපියන් නොදැක එක් රැයක්වත් ගත කළ නොහැකි තරම් ඇය දෙමාපියන්ට බොහෝ සෙනෙහෙවන්තව සිටියාය. අධ්‍යාපන කටයුතු නිම කළ පසු අරුණි මුලින්ම කළේ ඇයට සුදුසු රැකියාවක් සොයාගැනීමයි. ඇය උදේම රැකියාවට ගොස් සවස නිවසට පැමිණෙන්නේ මවගේත් පියාගේත් මුහුණ බලා ගැනීමේ අදිටනිනි.
අරුණි සිදු කරන්නේ කුමන වර්ගයේ රැකියාවක්ද?
{ "answer_start": [ 82 ], "text": [ "විධායක ශ්‍රේණියේ රැකියාවක්" ] }
ab18895e-7750-4b3c-9a84-b98f95266754
මේ තරුණියගේ නම චන්ද්‍රාය. ඇය නළඟනකි. එහෙත් දොස්තර ඇය මෙයට පෙර දැක නැත. දොස්තර චන්ද්‍රා සමග ඇගේ නිවසට ගියේ ඈ තනියම යාම පරෙස්සම් නැති නිසාය. දොස්තර තම බිරිඳ වූ රූමත් කාන්තිට හොඳටම ආදරේය. කාන්තිත් තම සැමියාට ඒවගේම ආදරේය. එහෙත් කාන්ති දොස්තර සැකකරයි. කාන්තිට පණමෙන් ආදරේ කළත් දොස්තර ද ඇය සැක කරයි. කාන්ති කැලණි විහාරයට යන වන්දනා ගමන් ද මේ සිද්ධියට පසු වැඩිවෙන්නට විය. තම බිරිඳ සැක කරන දොස්තර ඇය ගැන විපරමින් සිටියේය. කාන්ති එදා අහම්බෙන් අනතුරකදී තම සැමියාට හමු වූ චන්ද්‍රා වැටී සිටි ස්ථානයට ගියාය. බයිසිකලය තිබූ තැන තිබී කාන්තිට තරුණයකුගේ ඡායාරූපයක් හමු විය. කාන්තිට මෙය ප්‍රහේළිකාවකි. මේ ඡායාරූපය කාන්ති පරෙස්සමෙන් තබා ගත්තාය. වරෙක ඇය ඒ ඡායාරූපය කොට්ටය යට තබා සිටි අවස්ථාවක සැමියාට හමු විය. මේ නම් බිරිඳ හා පෙම් බඳින තරුණයාගේ ඡායාරූපය යයි ඔහු සිතයි. දොස්තර මේ තරුණයා කවුදැයි රට පුරා සෙවීය.
කාන්ති වන්දනා ගමන්වලට යන්නේ කොහාටද?
{ "answer_start": [ 301 ], "text": [ "කැලණි විහාරයට" ] }
1c1d3e97-f122-4f63-9eb7-2acbe9f2d27b
සති දෙකක් නුවරඑළියේ ගත කළ ඔහු ආපසු කොළඹට පැමිණ නිවසක් කුලියට ගත්තේය. එතැන් පටන් ලංකාවේ ගම් දනව් වනාන්තර කඳුවැටි, ගංගා හැම තැන ගවේෂණය කරමින් ඇවිද්දේය. මෙසේ මාස දොළොසක් ලංකාවේ ගත කළ බේකර්ගේ එකම විනෝදාංශය වූයේ දඩයමයි. මැලේරියාවෙන් පෙළෙමින් දඩයමින් ගත කළ දොළොස් මසක් ලෙස මේ කාලය බේකර් විසින්ම හඳුන්වා දී තිබේ. ආපසු එංගලන්තයට ගිය බේකර්ගේ සිතට නිදහසක් නොවීය. ලංකාවේ ගත කළ කාලයේ හුදෙකලා වනාන්තර ප්‍රදේශවල දඩයම් සොයා ගිය හැටිත් නිසල වන පෙත සසල කරවමින් තම රයිෆලයේ හඬ දෝංකාර දුන් හැටිත් මුවත්, ගෝණුන් පමණක් නොව දැවැන්ත අලි ඇතුන් පවා ඒ වෙඩි හඬ සමග ඇද වැටුණු ආකාරයත් ඔහුට මැවී පෙනුණේය. මේ නිසාම නැවත ලංකාවට පැමිණීමේ ආශාව එක් දිනකින් හෝ පමා කිරීමට බේකර්ගේ සිත ඉඩ දුන්නේ නැත.
බේකර්ගේ එකම විනෝදය වූයේ කුමක්ද?
{ "answer_start": [ 207 ], "text": [ "දඩයමයි" ] }
3117e6b0-e0ec-41bc-8fd0-364d44a4062d
මේ කවුරැන් විසින් මුමුණන ගීතවත් සංගීතයක්ද? හාහාපුරා චන්ද්‍රිකා වැව ඉස්මත්තට ගිය සැණින් ඔයාගේ හිතටත් එන පළවෙනි ප්‍රශ්නය තමා ඒ. ඒ සංගීතය යකට බට දිගේ එති එතී එන සුළඟ මගින් ඇතිකරන මියුරැ නාදයක්. ඒ අත්දැකීම වචනවලින් කියනන් අමාරැයි. වැව ළඟට ගිහින් ඔයාම විඳින්න ඕන. සංචාරකයින්ගේ ගමන් විඩාව සංසිඳුවා ගන්න වෙන්වෙච්ච නැවතුම්පොළක් විදිහට ප්‍රසිද්ධ මේ වැව වටා රිසිසේ සීතල වතුර නාගත හැකි නාන තොටුපොළවල් ගණනාවක්ම තියෙනවා. චන්ද්‍රිකා වැව ඒ ප්‍රදේශයේ ජීවත්වෙන මිනිස්සුන්ට හුඟාක් වැදගත් වෙන්නේ ඒ අයගේ ගොඩ ගොවිතැන් මඩ ගොවිතැන් කරගෙන යන්න ඉවහල් වන ජල ආධාරකය විදිහට. ඒ අයට ඇතිතරමට වතුර දෙන ජල මූලාශ්‍රය තමා චන්ද්‍රිකා වැව කියන්නේ. මේ කෘෂිකර්මික වැව හුලංදා ඔයෙන් ගලා එන වතුරෙන් වගේම උඩවලව ජලාශයේ ඇළ මාර්ගය ඔස්සේ ගලා එන ජලයෙනුත් පෝෂණය වෙනවා. මේ වැව අක්කර අඩි 22420ක් තුළ පැතිරිච්ච වැවක්. වැවෙන් පෝෂණය වන ප්‍රදේශය වර්ග කිලෝමීටර් 165ක්. හෙක්ටයාර 1802ක් වගා කරන්න ජලය සපයන මේ වැව අක්කර අඩි 13400ක සක්‍රීය ජල ධාරිතාවකින් යුක්තයි. 1963 දෙසැම්බර් 26 වැනිදා තමා මෙම වැවේ මංගල දියවර මුදා හැරි දිනය ලෙස වැව් ඉතිහාසයට එකතු වෙන්නේ. මඩ ගොවිතැනට ගොඩ ගොවිතැනට වගේම මිරිදිය ධීවර කටයුතු සඳහාත් මේ වැව යොදා ගන්නවා. මත්ස්‍ය වර්ග ගණනාවකට නිවහන වූ මේ වැව ඒ ප්‍රදේශයේ බොහෝමයක් දෙනාට ජීවිතය සරිකර ගන්න රැපියල් උපද්දවන සම්පත් දියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්.
චන්ඩ්ද්‍රිකා වැවේ මංගල දියවර මුදාහැරී දිනය කවද්ද?
{ "answer_start": [ 904 ], "text": [ "1963 දෙසැම්බර් 26 වැනිදා" ] }
9e5ad7d7-158a-427e-9df5-9a3c8972aacb
ලංකාවට පැමිණි ආතර් සී. ක්ලාක් මහතා මේ පියසේ නැවතී කලක් ජීවත් වූයේ ද මෙහි ඇති මේ ජීවගුණය විද්‍යාත්මක වටිනාකම් හා නව විද්වත් සොයාගැනීම්වලට මේ බිම්කඩ අපූරු තෝතැන්නක් වූ නිසාය. එපමණක් නොව ලෝකයේ ඇති හොඳම වෙරළ 12න් එකක් ලෙස මේ රූමස්සල එහා අන්තයේ වැල්ලේ දේවාල වෙරළ එදා පත්වී තිබූ බවද සඳහන් කළ යුතුය. මේ ඓතිහාසික සිදුවීම්වල රැඳී තිබූ පියසටහන් අනාගත පරපුරට දායාද කරන්නට කිසිවකු මෙතෙක් වැඩපිළිවෙළක් ආරම්භ කර නොමැත. එපමණක් නොව මේ වන විට රූමස්සල සොබාදමින් පණ ලැබූ ගහ කොළ සතා සීපාවා පවා අපට අහිමි වී තිබේ. ලෝකයේ දුර්ලභම කොරල්පරය විනාශය වෙත වේගයෙන් ගමන් කරමින් තිබේ.
ලෝකයේ හොඳම වෙරළ 12න් එකක් ලෙස හදුන්වන්නේ කුමක්ද ?
{ "answer_start": [ 240 ], "text": [ "වැල්ලේ දේවාල වෙරළ" ] }
7e70dcad-bbf0-480f-aa80-59dae7c09da7
2019 වසරේ අවසන් වරට සෑම් ඇන්ටනිගේ 100 දමිල චිත්‍රපටයේ දුටු හංසිකා මෝටවානි පසුගිය දෙවසර තුළ දකුණු ඉන්දීය සිනමාව තුළ දකින්නට නොලැබුණ නිළියකි. කෙසේ වෙතත්, මේ වනවිට ඇයගේ අලුත්ම චිත්‍රපටය නිකුත් විමට නියමිතව ඇති අතර, ඒ 'මහා' චිත්‍රපටයයි. එළැඹෙන ජූනි 10 වැනිද දකුණු ඉන්දීය සිනමා ශාලාවල එය ප්‍රදර්ශනය කිරිමට නියමිතව ඇත. එමෙන්ම හංසිකා රංගනයෙන් දායක වූ ‘මහා’ චිත්‍රපටයට අමතරව තවත් චිත්‍රපට හයක වැඩ කටයුතු මේ වනවිට නිම කර තිබෙන බවද වර්තා වෙයි.
මේ වනවිට ඇයගේ අලුත්ම චිත්‍රපටය කුමක්ද?
{ "answer_start": [ 214 ], "text": [ "'මහා' චිත්‍රපටය" ] }
d2ffcf97-fefd-442a-93bd-5d9ccaf72756
ජැකි චැන්ගේ කුන්ග් ෆු යෝග චිත්‍රපටයේ කියාරා කුමරියගේ චරිතය රඟපාමින් ලෝකයේම ආදරය දිනාගත් සුරූපි නිළි අමියුරාට මේ වනවිට සුපිරි බොලිවුඩ් තරුවක් වූ සල්මාන් ඛාන් රඟන චිත්‍රපටයක් සඳහා එක්වීමට ආරාධනා ලැබි තිබෙන බව සඳහන් වෙයි. කොවිඩ් රෝගය ආසාධනය වූ නිසාවෙන් පසුගිය වසරේ සිනමා රංගනයෙන් තාවකාලිව ඉවත්ව සිටි අමියුරා මේ වසරේ දමිල චිත්‍රපටයක් තුළින් පමණක් සිය රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටියි. අමියුරා මේ වනවිට සිය 27 වැනි විය ගෙවා දමමින් සිටියි.
මේ වසරේ දමිල චිත්‍රපටයක් තුළින් පමණක් සිය රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටින්නෙ කවුරුන්ද?
{ "answer_start": [ 297 ], "text": [ "අමියුරා" ] }
7943c5ad-ddf2-440f-bf05-599deb6b882a
තවමත් කැනීම් කටයුතු සිදුකරණ මෙම බිම මුර්සාලිවෝ නගරය සමීපයේ පිහිටා ඇත. ග්‍රීසියේ දේශසීමාව හරහා බල්ගේරියාවේ අගනුවර වු සොෆියා යා කරන ස්ට්‍රැමා අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ කටයුතු වළදී ය. මෙම ප්‍රාග් ‍ඓතිහාසික නිවාස මතුකර ගෙන ඇත්තේ බල්ගේරියානු කෞතුකාගාර පුරාවිද්‍යාත්මක සහ විද්‍යා ඇකඩමියේ ජාතික ආයතනයේ පුරාවිද්‍යාඥයින් පිරිසක් විසිනි. විද්වතුන් විශ්වාස කරණු ලබන්නේ හොඳින් සැලසුම් කරණ ලද නගරයක් ලෙසිනි. මෙම නිවාස යුරෝපීය ශිෂ්ඨාචාරයට ප්‍රථමව ඉදිකරන්නට ඇතැයි ද පර්යේෂකයෝ කියති. කැණීමේ දී මැටි භාණ්ඩ මෙන්ම ආභරණ ද ගොඩනැගිලි සුන්බුන් ද හමුවී ඇත. දැනට සොයාගෙන ඇති නිවාස සංඛ්‍යාව 60කි.
දැනට සොයාගෙන ඇති නිවාස සංඛ්‍යාව කීයද?
{ "answer_start": [ 585 ], "text": [ "60කි" ] }
db252b89-93ee-4bed-b124-b958a6d84ace
නමුත් ගේට්ස් පාසලේ පන්ති කාමරයට නියමිත මාර්ගයෙන් නොපැමිණිය ද පරිගණකය භාවිත කරන බව දත් ගුරුවරු විදුහල්පතිවරයාට කියූ විට විදුහල්පතිවරයා ගේට්ස් ගෙන්වා ප්‍රශ්න කළේය. ඔහුගෙන් ලැබුණු පිළිතුරු විදුහල්පතිවරයා සසල කරන්නට සමත් විය. ගේට්ස් පාසලේ පරිගණකය මුදල් නොගෙවා භාවිත කළ හැකි ආකාරයට හැක් කර තිබිණි. ඒ අනුව ගේට්ස් යනු හැකර්වරයෙකි. මේ කොලු ගැටයාගේ හැකියාව අසාමාන්‍ය බව දැනගත් විදුහල්පතිවරයා ඔහුට පාසලේ පරිගණකයේ හටගන්නා දෝෂ සකස් කිරීමට අවස්ථාව ලබා දුන්නේය. පොත පත කියවීමට උනන්දු නොවූව ද ධාරණ ශක්තියෙන් හා අවබෝධ කරගැනීමේ හැකියාවෙන් ඉදිරියෙන් සිටි බිල් ගේට්ස් පාසලේ අවසන් විභාගය සමත් වූයේ අසාමාන්‍ය දක්ෂතාවක් පෙන්වමිනි. ඒ විභාගයේ ලකුණු 1600න් 1590ක් ම ඔහු තමන් සතුකරගෙන තිබිණි.
පන්ති කාමරයට නොපැමිණියද පරිගණකය භාවිත කරන්නේ කවුද?
{ "answer_start": [ 6 ], "text": [ "ගේට්ස්" ] }
36caef4a-3ad7-4c30-abe7-85c1d848f3e6
ඇත් අතුරු සෙවණේ රැකවරණය ලබන සුරතලුන්ට කිරි ලබාදෙන අවස්ථා කීපයකි. දවසේ උදේ 6.00 - උදේ 9.00, දහවල් 12.00, සවස 3.00 - සවස 6.00 වැනි වේලාවන්වලදීය. මෙම අවස්ථාවලදී සංචාරකයන්ට කුඩා අලි පැටවුන් නැරඹීමට අවස්ථාව උදාකර දී තිබෙනවා.පැටවුන්ට කිරි ලබාදෙන අවස්ථාව හරිම හරිම ප්‍රිය උපදවන දසුනකි. කිරි ලබාදීමට රැළෙන් පැටවුන් දෙදෙනා ලෙස මුදා හරිති. අවස්ථාව උදාවන තුරු පැටවුන් සිටින්නේ නොඉවසිල්ලෙනි. කිරි බීමට පොර කති. කිරි මදිව කෑ ගසති. කිරි ලබාදෙන බටය හො‍ඬෙන් තද කර ගනිමින් තවත් ඉල්ලති. එකිනෙකා පොර බදිති. මෙම දසුන් හරිම අපූරුය. සේවකයන්ට පැටවුන් හැසිරවීමට අපහසු වන අවස්ථා බහුලය. ඇතැම් විට ඒ සඳහා කෝටුවක් පෙන්වීමට සිදුවන අවස්ථාද එමටය.
සේව්වකයන් පැටවුන් හැසිරවීමට පෙන්වන්නේ කුමක්ද
{ "answer_start": [ 578 ], "text": [ "කෝටුවක්" ] }
d77ec11a-acb3-4d64-ae29-fd4516afb515
දඹාන ජනයාගේ කෘෂි නිෂ්පාදන මීපැණි හා දඩමස් මිල දී ගත්තෝ පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන වෙළෙඳුන්ය. බොහෝවිට මේ මිල දී ගැනීම සිදුවූයේ භාණ්ඩ හුවමාරු ක්‍රමයටය. ඇතැම්විට ආදිවාසී ජනයා මේ වෙළෙන්දන්ගෙන් සුළු මුදලක් ණයට ද ලබාගත්හ. මේ කොයික සිදුවුවත් කපටි වෙළෙන්දන් සිදුකළේ තමන්ට වාසිදායක අයුරින් ගනුදෙනුව සිදු කිරීමය. එනම් ආදිවාසී ජනයාගේ භාණ්ඩ කුණු කොල්ලයටත් තමන්ගේ භාණ්ඩ අධික මිලකටත් මිල කිරීමේ න්‍යායට ගනුදෙනුව සිදු කිරීමය. කාලයක් තිස්සේ මේ ක්‍රියාවලින් දෙස ඇස ගසාගෙන සිටි ඒකනායක හූරා මෙයට විසඳුමක් ලබාදෙනු වස් දඹානේ සමුපකාරයක් ආරම්භ කළේය. සමුපකාර සාමාජිකත්ව මුදල වන රුපියල් 380 ක් දැරුවේ ද ඒකනායක හූරාමය. මේ නිසා වෙළෙන්දන් විසින් කලෙක සිට තමන් උපයාගත් අධික ලාභය ඔවුන්ට අහිමි විය. ඔවුහු ඒකනායක හූරා සමග වෛර බැන්දාහ. අපි ඕකව මරණව. දඹානේ යහතින් ඉන්නට ඉඩ තියන්නේ නෑ, යනුවෙන් වෙළෙන්දෝ විවිධ පණිවිඩ ඒකනායක හූරාට යැවූහ. මෙයින් උපාරිස් නමැති වෙළෙන්දා සහ තවත් අයෙකු ඉදිරියෙන්ම සිටියේය.
මේ වෙළෙන්දන්ගෙන් සුළු මුදලක් ණයට ද ලබාගත්තේ කවුරුන් විසින්ද?
{ "answer_start": [ 161 ], "text": [ "ආදිවාසී ජනයා" ] }
8b987eb4-a735-43d6-9036-8e99bb19226d
ටික වෙලාවකින් සමන් අජිත්ට කතා කර ගසක් පාමුල තැනක් පෙන්වා එතන පරික්ෂා කර බලන ලෙස කියා සිටියේය. අජිත් එම ස්ථානය පරික්ෂා කිරීමට පහතට නැඹුරු වනවාත් සමගම සමන් සඟවාගෙන සිටි පොරොවකින් පහර දුන්නේය. පහර කාගෙනම ආපසු හැරුණ අජිත් ඔහු සමග පොර ඇල්ලුවද සමන් එල්ල කළ තවත් පොරෝ පහර කීපයකින් පරාජය භාරගන්නට ඔහුට සිදුවිය. සමන්ගේ සිරුර කැලෑවේ අකුළක් අස්සට ඇද දැමූ සමන් අජිත් ගේ දුරකථනය වැවට විසිකර දමා පොරොවද ගසක් යට වළ දමා කිසිවක් නොවූ පරිදි ගෙදරට ගියේය. ඉන්දිකට වැඩේ අවසන් කළ බව දැනුම් දුන් අතර පොරොන්දු වූ ලක්ෂ දහය එවීමට ගිණුම් අංකයක් එවන්නැයි ඉන්දික දැනුම් දුන්නේය. එහෙත් එවැනි මුදලක් එකවර ගිණුමට ආවොත් එයම තමන් සැකයට භාජනය වීමට හේතු වනු ඇතැයි සිතූ සමන් ඊෂි කෑෂ් ක‍්‍රමයට රුපියල් දහදාහක් පමණක් ගෙන්වා ගත්තේ ඉතිරි මුදල පසුව ගනිමුයි පවසමිනි. එහෙත් එයට පෙර ඔවුන්ගේ ඝාතන සැලසුම් හෙළිදරව් විය.
සමන් රුපියල් දහදාහක් ගෙන්වා ගත්තේ කෙසේද?
{ "answer_start": [ 638 ], "text": [ "ඊෂි කෑෂ් ක‍්‍රමයට" ] }
36915bf8-8dd0-44ac-b21b-796a89da4555
කැලයට පැමිණි පසු ඉතිරි දුර ගෙවාදැමිය යුත්තේ අහල පහළකවත් මිනිස්‌ පුලුටක්‌ නොමැති අන්ධකාර වන පියස තුළ පමණි. සැබැවින්ම උස්‌ තුරැලතාවලින් පිරී මෙම කැලය තරමක්‌ අඳුරැ වන නමුත් එම පාලුව මැකීමට මිලියන ගණනින් කූඩැල්ලන් වාසය කරයි. කුඩා අඩි පාර දිගේ ඉහළට යා යුතු අතර විටෙක ගස්‌ අතරින් නැවී ගස්‌ කඳන් උඩින් පනිමින්ද යා යුතුය. මීටර 60 ක්‌ පමණ උස මෙම ඇල්ල මීටර 15ක්‌ පමණ පළලින් යුක්‌තය. හරහට කොටස්‌ 3 කින් කඩා වැටෙන මෙම ඇල්ල වැසි සමයේ එක පොදියට මහ විශාල ජල කඳක්‌ සමඟ පහළින් වැටේ. ඉංග්‍රීසි ආණ්‌ඩු සමයේ මෙම ප්‍රදේශයේ ප්‍රචලිත දඩ බිමක්‌වූ අතර මෙම ප්‍රදේශය දුර සිට බැලූකල ඉංග්‍රීසි වී අකුරක හැඩයකට දැකිය හැක. ගෝනුන්, මුවන්, වල් ඌරන්, ඉත්තෑවන් සිටින මෙම ඉසව්වේ තිබෙන ශාකවල වටිනාකමද ඉතා වැඩිය. ජෛව විවිධත්වය අතින් පිරැණු මෙම වන පියසේ බොහෝ විහඟ නාදයන්ද කන වැකේ. ඇල්ලේ ඝෝෂාව අතිමහත් වන අතර ජල දහරාව බිමට වැටෙන විට නැගෙන පින්න මීටර 30 ක්‌ පමණ දුරට විහිදේ.
මෙම ඇල්ලේ පළල කොපමණද ?
{ "answer_start": [ 342 ], "text": [ "මීටර 15ක්‌" ] }
84b13c2d-bf05-406e-add2-686908f99440
මේ සිදුවීම මීගමුව ප්‍රදේශයේ කටින් කට පැතිර ගිය අතර පොලිසිය කොල්ලකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළහ. එහෙත් කිසිවෙක් සොයා ගත නොහැකි වූ අතර එවැනිම සිදුවීමක් පළමු සිදුවීමට සති දෙකකට පමණ පසු එනම් මැයි 30 වැනිදා නැවත සිදුවිය. එයද කල්බදු සමාගමකි. මීගමුව නගරාසන්නයේම පිහිටි මෙම ආයතනයටද පෙර ලෙසම සැරසුණ කොල්ලකරුවන් සිව්දෙනෙක් පැමිණියේ දහවල් 12.45ට පමණය. එදින ගනුදෙනුකරුවන් හා සේවකයන් සියලු දෙනා ගත්විට ආයතනයේ විසි දෙනෙක් පමණ සිටියහ. එහෙත් කොල්ලකරුවන් කලබල වූයේ නැත. ඒ සියලු දෙනා පෙර ලෙසටම කාමරයකට දමා වසා දමනු ලැබිණ.
කොල්ලකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරේ කව්ද?
{ "answer_start": [ 51 ], "text": [ "පොලිසිය" ] }
68317054-8cb0-49fa-b8c6-203704f2daff
එය ලොවම කම්පා කළ මහා ඛේදවාචකයක් විය. යානයට සිදුවුණේ කුමක්දැයි දැනගැනීම අත්‍යාවශ්‍ය විය. ඊට හේතුව ඒ වනවිටත් තවත් මැලේසියා යානයකට ඛේදනීය ඉරණමක් අත්වීමය. ඒ, මැලේසියා ගුවන් සේවයට අයත් එම්.එච්. 370 යානයයි. 370 යානය අතුරුදන් වී තිබුණි. එම්.එච්. 370 ගුවන් යානය මගීන් 227 දෙනකු ද සමඟ ලොවෙන් සඳහටම අතුරුදන් වූයේ 2014 වසරේ මාර්තු 8 වැනිදාය. ඒ වනවිට එය මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජීං බලා පියාසර කරමින් තිබුණි. අද වනවිට එම්.එච්. 370 යානයේ අතුරුදන් වීම නොවිසඳුණු අබිරහසක් බවට පත්වී අවසන්ය. එම්.එච්. 17 ගුවන් යානය පුපුරා විනාශ වුණේ එය ප‍්‍රහාරයකට ලක් වීමෙන් නම්, යානයට පහර දුන්නේ කවුරුදැයි යන්න දැන ගැනීම අවශ්‍ය විය. යානයට සිදුවුණේ කුමක්දැයි දැන ගන්නට මැලේසියානු බලධාරීහු පමණක් නොව, ලොව සැවොම යුහුසුලු වූහ. යුද පිටියකට ඉහළින් පියාසර කළ යානය විනාශ වූයේ එය ප‍්‍රහාරයකට ලක්වීමෙන් යැයි බොහෝ දෙනාගේ අනුමානය විය. පහර දී යානය විනාශ කළේ රුසියානු හිතවාදී, බෙදුම්වාදී කැරැලිකරුවන් යැයි යුක්රේන රජය චෝදනා කළේය.
මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජීං බලා පියාසර කරමින් සිටි යානය කුමක්ද?
{ "answer_start": [ 230 ], "text": [ "එම්.එච්. 370 ගුවන් යානය" ] }
f585584e-4b27-4efb-8a51-88c42b838dc2
ඇලෙක්සැන්ඩර් මිහිදන් කළ ස්ථානය සියවස් ගණනක් පුරා අබිරහසක් ලෙස පැවතිනි. ජූලියස් සීසර්, ඔගස්ටස් සීසර්, ක්ලියෝපැට්රා, ඔක්ටේවියන්, හද්‍රියාන්, සෙවරස්, කැරකලා වැනි රාජකීයයන් ඇලෙක්සැන්ඩර්ගේ සොහොන වෙත ගොස් ගෞරවය පුද කළ බවට ඉතිහාසගත වාර්තා පවතී. ඔක්ටේවියන් ඇලෙක්සැන්ඩර්ගේ හිස අසලින් රන් ඔටුන්නක් හා පාද අසල මල් කලබක් තබන ලදැයි සඳහන්ය. කලිගුලා ඇලෙක්සැන්ඩ්‍රියාවේ පිහිටි ඇලෙක්සැන්ඩර්ගේ සොහොන කොල්ල කෑ අතර ඔහුගේ රනින් නිමැවුණු උර පලඳනාව පැහැර ගත් බව ද කියැවේ. කැරකලාද ඔහුගේ චෝලය, මුදුව, බඳපටිය සහ මිනී පෙට්ටියේ තැන්පත් කර තිබූ වටිනා ද්‍රව්‍ය පැහැර ගත් බැව් පැවසේ.
ඇලෙක්සැන්ඩර්ගේ සොහොන කොල්ල කෑවේ කවුද?
{ "answer_start": [ 327 ], "text": [ "කලිගුලා" ] }
3f581ab0-88fc-4b2d-9a57-37d6de644b65
අපිට සිරගෙයක් කිවුවම මතක්වෙන්නෙ හිරු එළියක් නොමැතිව, හුස්ම ගන්නවත් වා කවුළුවක් හරිහැටි නොමැති, මහා දාමරිකයින් පිරුණු තැනක්‍් ලෙසිනි. කිලිටි සරුවාල ඇඳගෙන තැටියකුත් අරන් පෝලිමේ යන අයත් ඊට පිටිපස්සෙන් බැටන් පොල්ලක් අතින් ගත්තු බන්ධනාගාර නියාමකවරුත් ඒ අතර අපේ හිතේ මැවෙනවා. නමුත් ලෝකෙ සියලුම සිරගෙවල් එක හා සමාන නෑ. එහෙම කියන්නේ එවැනි කිසිම වටපිටාවක් නැති ලෝකයේ තියෙන අපූරුතම හා සුපිරි බන්ධනාගාරය ගැන කියන්නටයි. මේ කියන සුපිරි බන්ධනාගාරය තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ. එය හැඳින්වෙන්නේ හැල්ඩන් බන්ධනාගාරය ලෙසයි. නෝර්වේහි දෙවැනි විශාලතම බන්ධනාගාරය එහි ඉන්න රැඳවියන් එහෙමත් නැත්නම් සිරකාරයො බිත්ති හතරක් තුළ කොටුකරගෙන නොමැතිවීම තවත් විශේෂත්වයක්.
මේ කියන සුපිරි බන්ධනාගාරය තිබෙන්නේ කොහේද?
{ "answer_start": [ 443 ], "text": [ "නෝර්වේ රාජ්‍යයේ" ] }
b0471ded-c35f-4a4c-bf54-c10883acec3f
කරන්ගේ උපන්දින සාදයට විවිධ විලාසිතාවලින් සැරසුණ බොහෝ නළු නිළියන් පිරිසක් එක්ව සිටිනු දක්නට ලැබුණි. ඒ අතරින් බොහෝ පිරිසකගේ අවධානය දිනාගන්නට සමත් වූයේ මලෙයිකා ආරේරා ඛාන්ය. කොළපාටට හුරු අමුතුම විලසිතාවකින් යුක්ත ඇදුමකින් මලෙයිකා මෙම උපන්දින සාදයට සහභාගි වි සිටියහ. කෙසේ වෙතත්, මලෙයිකාගේ පෙම්වතා වන අර්ජූන් කපූර් මීට එක්ව නොසිටි අතර, ඇයගේ පළමු සැමියා වූ සල්මාන් ඛාන්ගේ සොහොයුරු අර්බාස් සිය පෙම්වතිය සමග මෙම උපන්දින සාදයට සහභාගි වී සිටි බව වාර්තා වෙයි.
කරන්ගේ උපන්දින සාදයේ විවිධ විලාසිතාවලින් සැරසී සිටියේ කවුරුද?
{ "answer_start": [ 53 ], "text": [ "නළු නිළියන් පිරිසක්" ] }
a5611f95-cbeb-4f0e-8051-d3f29013fcd5
දියා මිර්සා ඇගේ සැමියා වයිභාව් රේකි සමඟ රාත්‍රි භෝජන සංග්‍රහයක් භුක්ති විඳ, හෝටලයෙන් පිටතට එද්දී වීදි වෙළෙන්දන් වන ළමයින් පිරිසක් ඔවුන් වට කර ගත්තේය. දියා බිය වූයේ ඔවුන් මුදල් ඉල්ලා කරදර කරන විට හා කාරයට නගින්නට ඇයට ඉඩ නොදෙන බැව් ඔවුන් කියනු ඇසුණ විටය. එහෙත් ඔවුන් අතරින් ඇය මුදවාගෙන කාරයට රැගෙන යන්නට වයිභාව් සමත් වූයේය. දියා සහම වයිභාව් විවාහ වුයේ 2021 දීය. මේ වන විට ඔවුන් දෙදෙනා පුතෙකුගේ දෙමව්පියෝ වී සිටිති. පුතුගේ නම අව්යාන්ය. ඉදිරියේදී දියා මිර්සා දැකිය හැකි වන්නේ තප්පාද් සහ පාවේල් ගුලාටි චිත්‍රපටි තුළිනි. කෝල් මයි ඒජන්ට් බොලිවුඩ් වෙබ් චිත්‍රපටියේ ද ඇය රඟ පාන්නීය.
ඉදිරියේදී දියා මිර්සා දැකිය හැකි වන්නේ කුමන චිත්‍රපටි තුලින්ද ?
{ "answer_start": [ 472 ], "text": [ "තප්පාද් සහ පාවේල් ගුලාටි" ] }
cb63a76d-f7a6-46d1-b28d-1a4228760188
රීටාත්, රූබිත් බොහෝ විට කතා කළේ චතුර ඉංග්‍රීසියෙනි. එකල ද රීටා හෝටල් සංස්ථාවේ නිලධාරිනියක ලෙස සේවය කළ බව මට මතකය. එකල බොහෝ පැරැණි නළු නිළියෝ ඉතා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිර වූහ. රීටාට අභිෂේක චිත්‍රපටයේ රඟපාන්නට තිබුණේ රෙක්ස් කොඩිප්පිලිගේ බිරිඳ හැටියටය. ඔවුන්ගේ දියණිය ලෙස රඟපෑවේ අවන්ති අපොන්සුය. රූබි ද මෙල් ප්‍රධාන නිළියගේ මව ලෙස රඟපෑවාය. 1934 පෙබරවාරි 18 වැනිදා මාතලේ උපන් රීටා පිලොමිනා රත්නායක අධ්‍යාපනය ලැබුවේ, මාතලේ ඇග්නස් කන්‍යාරාමයෙනි. එය පසුව ශාන්ත තෝමස් බාලිකා විදුහල බවට පත්විය. ඇගේ පියා එමිල් රත්නායක සුප්‍රකට වයලින් වාදකයකු විය. ඇගේ මාමලා ද කලාවට සම්බන්ධ වූවෝ වූහ. ඇය කුඩා කල සිටම රුක්මනී දේවියට ප්‍රිය කළාය. පාසල් කාලයේදී ඇය දස්කොන් නාට්‍යයේ ප්‍රමිලා බිසව ලෙස රඟපෑවාය. ගී ගැයුවාය. ඇය රුක්මනී දේවිය මුණගැසෙන්නට ආශාවෙන් සිටියාය.
රීටාත්, රූබිත් බොහෝ විට කතා කළේ කුමන භාෂාවෙන්ද?
{ "answer_start": [ 37 ], "text": [ "ඉංග්‍රීසියෙනි" ] }
c3270d00-0cf1-4bdc-8b5d-51e59bf888ac
හොලන්ද් තෙවැනි වරට සම්බන්ධය ගොඩ නගා ගත් ජූලි ගයෙත් එරට ප්‍රසිද්ධ නිළියක සේම ගායිකාවක ද වන්නීය. ඊට අමතර චිත්‍රපට නිෂ්පාදිකාවක ද වූවාය. 2003 දී ගයෙත් කතුවරයකු සහ තිර රචක සන්තියාගෝ අමිගොරෙන් සමඟ විවාහ වූ නමුත් ඔවුන් 2006 දී දික්කසාද විය. මෙම යුවළට දරුවන් දෙදෙනෙක් සිටිති. ගයෙත් 2012 ප්‍රංශ ජනාධිපතිවරණයේ දී ප්‍රංශුවා හොලන්ද්ට සහාය දක්වන වීඩියෝවක පෙනී සිටි මධ්‍යම වාම ක්‍රියාකාරිනියක වූවාය. ඇය ජනාධිපති හොලන්ද් සමඟ රහසිගත සම්බන්ධතාවයක් පවත්වන බවට 2013දී කටකතා පැතිරෙන්නට පටන් ගත්තේය. 2014 ජනවාරි 10 වැනි දින, ටැබ්ලොයිඩ් ක්ලෝසර්හි කතාවක පිටු හතක් හෙළිදරව් කිරීම් සහ ඡායාරූප සම්බන්ධ ඡායාරූප සම්බන්ධ වූ අතර එය පුළුල් මාධ්‍ය ආවරණයක් ඇති කළේය.
ප්‍රසිද්ධ නිළියක සේම ගායිකාවක ද වූයේ කවුරුන්ද?
{ "answer_start": [ 40 ], "text": [ "ජූලි ගයෙත්" ] }
77983e5e-0763-48f0-a0a6-682eb1eaedbc
පොලිස් කණ්ඩායම රෝහලට යන අවස්ථාවේ වෛද්‍යවරයා නිල නිවෙසේ රැඳී සිටින බව දැන ගැනීමට ලැබිණ. එහි ගොස් පොලිසිය විසින් ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය රෝහලට ගිය අවස්ථාවේ එහි වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිරෝෂන් ලියනගේ මහතාගෙන් පොලිසියට ලොකු සහයෝගයක් ලැබී තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා පරිහරණය කරන නවීන පන්නයේ ජංගම දුරකථනය ද පොලිස් බාරයට ගෙන ඇත්තේ වැඩිදුර පරීක්ෂණ සඳහාය. ඒ ජංගම දුරකතනය පරීක්ෂා කර බැලූ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගේ ඇස් උඩ ගියේ එහි ඇතුළත්ව තිබූ ඇසැබි දසුන් දැකීමෙනි.
වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය රෝහලට ගිය අවස්ථාවේ එහි සිටි වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරියා කවුද ?
{ "answer_start": [ 218 ], "text": [ "ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිරෝෂන් ලියනගේ" ] }
52b07c0c-328d-493c-a98c-39754a9bb074
සාම්ප‍්‍රදායික උයිගර් සංගීත භාණ්ඩ සැදීමට දක්ෂ ශිල්පීන් හට සංගීත භාණ්ඩ සෑදීමේදී සැළසුම, මිනුම් හෝ කිසිවක් අවැසි නොවේ. ඔවුන් ඒවා නිම කරන්නේ මනස උපයෝගී කර ගනිමිනි. මේවා නිපදවීමට බොහෝ විට යොදා ගනු ලබන්නේ මල්බෙරි ලී වේ. මල්බෙරි ලී බඳ ගෙන එය අගනා නිමාවකට පතුරු ගසා මුලින්ම වයලීනය සතු බඳ මෙන් වූ ප‍්‍රධාන කොටස නිර්මාණය කර ගනී. ඉන්පසුව කොටස් එකිනෙකට සම්බන්ධ කරගෙන රවාප් සහ ඩුටාර් යන භාණ්ඩ සාදා නිමකරන අයුරු විටෙක විශ්මය දනවන්නකි. මෙම ගම්මානයේදී පියෙකු සහ පුතකු එක් වී සංගීත භාණ්ඩ සාදන අපූර්වත්වය අපට ඇස් පනාපිට දැකගත හැකි විය. ඔවුනගේ හැකියාවෙන් සියවසකට එහා ගිය පරපුර වෙතින් නිර්මාණය වූ සංගීත භාණ්ඩ මෙම කෞතුකාගාරයෙහි තැන්පත් කර තබා ඇත්තේ උයිගුර් ජනයාගේ ආධ්‍යාත්මය ප‍්‍රකාශ කිරීම වෙනුවෙන් යැයි සඳහන් කළ හැකිය. එමෙන්ම මහා චීන රාජ්‍යයේ මෙලෙසින් ජන වර්ගයකට අයත් ඔවුන් අතින් නිර්මාණය වූ සංගීත භාණ්ඩ රැසක් ප‍්‍රදර්ශනයට තබා ඇති එකම කෞතුකාගාරය මෙය වීම ද විශේෂත්වයකි.
උයිගර් සංගීත භාණ්ඩ වල ප‍්‍රධාන කොටස කුමක් මෙන්ද?
{ "answer_start": [ 267 ], "text": [ "වයලීනය සතු බඳ මෙන්" ] }
e0f4e566-680c-4a3a-b786-9687b31a7a5d
මුහුණේ සම ඉවත් කර පරීක්ෂා කිරීමේදී යටි හනුව දෙපැත්තේ තැළුම් තුවාල දැකිය හැකි විය. එවැනි තැළුම් තුවාල බොහෝ විට ඇතිවිය හැක්කේ කට මිරිකු විටකදීය. ඉන්පසු ශරීරයේ අභ්‍යන්තර අවයව ද පරීක්ෂා කිරීම ඇරඹුවේය. එහිදී ආමාශයේ සුදුපාට කිරි වැනි ද්‍රව්‍යයක් දක්නට ලැබිණ. එයින් කෘමිනාශකවල ගන්ධයක් වහනය විය. පෙණහලු ඉදිමී තිබුණි. ආමාශගත ද්‍රව්‍ය හා ලේ පරීක්ෂාවට ලක් කර කෘමිනාශක ශරීර ගතවී ඇති බව තහවුරු කර ගත්තේය. වස ශරිර ගත වූ විටකදී ඇතැම් විට ක්ෂණික මරණයක් සිදුවේ. ඒ රුධිරය හරහා ක්ෂණිකව මොළයට ගමන් කර මොළය අකර්මණ්‍ය කිරීම හේතුවෙනි. එහිදී අපස්මාර තත්ත්වයක් වස පානය කළ තැනැත්තාගෙන් දක්නට ලැබේ. එසේම කෘමිනාශක සෘජුවම හෘදය වස්තුවට ගමන් කර එහි ක්‍රියාකාරිත්වය එකවර නැවතීමෙන් ද ක්ෂණික මරණයක් හිමිවේ.
කට මිරිකු විට ඇති විය හැක්කේ මොනවාද?
{ "answer_start": [ 35 ], "text": [ "යටි හනුව දෙපැත්තේ තැළුම් තුවාල" ] }
4c5e4c82-e3b1-4527-b56b-49c8a800da94
ඉහත කී අෂ්ටකර්මයන්ට නියමිත දිසාවන්ද පවතී. ස්ථම්භනයට නැගෙනහිර දිශාවද වශී කර්මයට ගිනිකොන දිසාවද මරණයට දකුණද විද්වේෂණයට නිරිතද මෝහණයට බස්නාහිරද උච්චාවනයට වයඹද ආකර්ශනයට උතුරද ශාන්ති කර්මයට ඊසාන දිසාවද යොදා ගැනේ. මේ හැරෙන්නට හැම මාසයකම සඳෙහි බලපෑම අනුව යෙදෙන ස්වභාවික සංසිද්ධියක් වූ පුර පක්ෂයේ සහ අවපක්ෂයේ දින හොඳ නරක කටයුතුවලට විධිමත් ලෙස යොදා ගෙන විශ්වබලවේගයන්ගෙන් වැඩ ගැනීමට අපේ පැරණි අය කටයුතු කර තිබේ. පුර ලබා තිබෙන විට ශාන්තිදායක කටයුතු සෙත් පැතීම් සෙත්කවි කීම ආදී සෙත සැලසෙන ආගමානුකූල කටයුතු අදත් සිදු කරන බව ප්‍රකටය.
ගිනිකොන දිශාව ඇත්තේ කවර කර්මයටද?
{ "answer_start": [ 68 ], "text": [ "වශී කර්මයට" ] }
e1899245-5a62-4ce3-b713-ff898c4a3e1d
අතිශයින් සුන්දර වූ, ලොව සුපතල ඓතිහාසික සෙංකඩගල කන්ද උඩ රාජ්‍ය ශ්‍රී ලංකා ඉතිහාසයේ මධ්‍යතන යුගයේ අපර භාගයේ රජ කළ සිංහල නරපතියන්ගේ අවසන් බළකොටුව විය. අනුරාධපුර යුගයෙන් අරඹා කෝට්ටේ යුගයෙන් පසුව ක්‍රි.ව. 1592 දී පළමුවැනි විමලධර්මසූරිය රජු විසින් මහනුවර රාජ්‍ය පිහිටුවූ බව පැවසේ. විජයාගමනයෙන් ආරම්භ වූ සිංහල රාජවලියේ ආරම්භයක අවසානය සනිටුහන් වනුයේ ක්‍රි.ව. 1815 පෙබරවාරි 18 වැනිදා ත්‍රී සිංහලයේ අවසන් රජු ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ ඉංග්‍රීසීන්ට හසුවීමෙනි. උඩරට රාජ්‍ය සමය වනවිට මෙතෙක් ලංකාවේ නොතිබූ රාජ්‍ය පරම්පරාවක් ස්ථාපිත වන අතර රජුගේ ප්‍රසාදය දිනා ගනිමින් බලය හා වස්තුව වෙනුවෙන් සටන් කළ නව රදල පැලැන්තිය හා වඩුග නායක්කාර වංශිකයින්ගේ කුලල් කා ගැනීම සිංහල රජ සමය අවසන් වීමට හේතු විය. එම රාජාවලිය අවසානයත් ඉංග්‍රීසීන්ගේ යටත් විජිත යුගයේ ආරම්භයත් ඉන් පසුව සිදු වූ දේශපාලන ආගමික හා සංස්කෘතික පෙරළියත් නිහඬව නිසසලව දරාගෙන බලා සිටින නිසල බවේ සංකේතාත්මක භූමිය වන්නේ මහ මළුවයි.
මහනුවර රාජ්‍ය පිහිට වූයේ කුමන යුගයෙන් පසුවද ?
{ "answer_start": [ 171 ], "text": [ "කෝට්ටේ යුගයෙන් පසුව" ] }
6100456e-bbbf-4870-8d55-80068c814321
කොකෝස් දූපත්වල සිනිඳු වැල්ලේ වාඩි වී නිරන්තරයෙන්ම අධිරාජ්‍ය විරෝධී අදහස් පළකළ ප්‍රනාන්දුට සේනාංකයේ සගයන් 56 දෙනාගෙන් 30 දෙනකු තම අදහස් කෙරෙහි නම්මාගන්නට පුළුවන් විය. ඔවුන් කැරැලිගසා බ්‍රිතාන්‍ය නිලධාරින් අත් අඩංගුවට ගෙන ජපාන සෙබළුන් සිටින ආසන්න දූපතකට කාලතුවක්කු සංඥා මගින් පණිවිඩයක් ලබාදීමටත් ජපනුන් එනතුරු දූපත් අල්ලා ගැනීමටත් කළ ඔහුගේ සැලැසුමට සගයෝ 30 දෙනෙක් එකඟ වූහ. කැරැල්ල හටගන්නේ 1942 මැයි 8 වැනිදා රාත්‍රී 8.30 ට පමණය. එරට රඳවා සිටි ලංකා ගැරිසන් කාලතුවක්කු ඛණ්ඩයේ සෙබළුන් 56 දෙනාගෙන් 30 දෙනෙක් බ්‍රිතාන්‍ය අණදෙන නිලධාරියා පැවරූ රාජකාරිවලට අකීකරුව ඔහු ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ වෑයමක යෙදුණහ. කැරලිකාරි හමු‌දා කණ්ඩායමේ අරමුණ වුණේ දූපත බ්‍රිතාන්‍යයේ පාලනයෙන් ඉවත් කර ජපානයට භාරදීමය. මෙය ජපානයේ උපදෙස් මත සිදුවූවක්ද නැතිනම් කැරලි කණ්ඩායමේ ස්වේච්ඡා තීන්දුවක් මත සිදුවූවක් දැයි පැහැදිලි නැතත් කැරලිකාරීත්වයෙන් බ්‍රිතාන්‍ය නිලධාරීහු වික්ෂිප්තභාවයට පත්වූහ.
සිනිඳු වැල්ලක් තිබුණේ කුමන දූපත් වලද?
{ "answer_start": [ 0 ], "text": [ "කොකෝස් දූපත්වල" ] }
32d9bd9e-4ed6-4a0b-9030-676f78a5f588
2018 ලෝක රූ රැජින තරගයෙන් 3 වැනි ස්ථානයට පත් වීමෙන් පසු මරීයා සහ ජනාධිපති ලුකෂෙන්කෝ දෙදෙනා නිතර මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණි. 2018 රුසියාවේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරැඹීමට ජනපති ලුකෂෙන්කෝ ගොස් සිටියේ ද මරීයා සමඟය. මෙම වසර උදා වෙද්දී, බෙලරූස් හි මින්ස්ක් අගනුවර පැවැත්වුණු සජීවී විශේෂ සංගීත ප්‍රසංගයක් පැවැත්වුණු අතර ඊට සහභාගි වූ මරියා සහ ජනාධිපති ලුකෂෙන්කෝ එක් වී නර්තනයක් ද ඉදිරිපත් කළහ. බෙලරූස් යනු අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටකි. බෙලරූස් ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූයේ 1991 අගෝස්තු 25 වැනිදා ය. බෙලරූස් රාජ්‍යයට නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සිදුවූයේ 1994 දීය. පළමු ජනපතිවරණය ඒ අනුව පැවැත්වුණු අතර, එදා සිට මේ දක්වා ජනාධිපති ධුරය හොබවන්නේ ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ය. ලුකෂෙන්කෝ හිටපු හමුදා නිලධාරියෙකි.
එදා සිට මේ දක්වා බෙලරූස් රාජ්‍ය​යේ ජනධිප​ති ධූරය හොබවන්නේ කවුරුන් විසින් ​ද?
{ "answer_start": [ 659 ], "text": [ "ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ" ] }
1ac388fa-9454-4342-bea7-506ed98b4e3a
ශ්‍රී ලංකාවේදී මෙවැනි ප්‍රහාරවල හැඩරුව තවත් වෙනස්විය හැකිය. පළමුව විමසිල්ල, දෙවනුව විමසිල්ල හා තෙවනුවත් විමසිල්ල හැර ආත්ම ඝාතක මෙවැනි ප්‍රහාර සඳහා වෙනත් ආරක්ෂක උපක්‍රම නැත. 1988 පෙබරවාරියේදී අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සහ ඔහුගේ දෙවැනියා වූ ඊජිප්තු ජාතික වෛද්‍ය අයිමන් අල් සවාහිර් එක්ව ඉස්ලාමීය තහංචි නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ සෑම මුස්ලිම්වරයකුගේම ඒකායන යුතුකම විය යුත්තේ යුදෙව් ජාතිකයන්, කුරුස යුද්ධයට සම්බන්ධ වූවන් සහ උතුරු ඇමෙරිකානුවන්ද ඝාතනය කිරීම බවය. මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ලෝක ඉස්ලාමීය ජිහාඩ් පෙරමුණ වෙනුවෙනි.
අල්කයිඩා නායකයා කව්ද?
{ "answer_start": [ 205 ], "text": [ "ඔසාමා බින් ලාඩන්" ] }
d7ed91c1-c47d-42a5-86ca-ff15770a0a35
එසේම කොස්ගොඩ තාරක මදූෂ් වෙනුවෙන්ම වැඩ කළ බවට වන නිශ්චිත අදහසක් ද ගෙන හැර දැක්විය නොහැක. එවැනි දැඩි ගනුදෙනුවක් තිබුණේ නම් තාරක වැලිකඩ රිමාන්ඞ් සිරමැදිරියේ සිටියදී කංජිපාන් ඉම්රාන්ගේ ගෝලයෙකුට පහර දේවිද යන ගැටලුව මතු වේ. කංජිපාන් ඉම්රාන් යනු මාකඳුරේ මධුෂ්ගේද ගුරුවරයා සේ සලකන පාතාල නායකයෙකි. දැන් මේ ඉම්රාන්ගේ හා තාරකගේ කල්ලි දෙක අතර ගැටුම උග්‍රවී තිබේ. එහි ප්‍රතිපල ලෙස තාරක වැලිකඩ සිට බූස්සට මාරුකිරීමට තීරණය කරනු ලැබුවේ පසුගිය පෙබරවාරියේදීය. එහෙත් එය ක්‍රියාවට නැංවී නැත. ඒ නිසා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් වැලිසර මහබාගේදී අත්අඩංගුවට ගත් කුඩු කිලෝ 225ක් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටද කොස්ගොඩ තාරක සිටියේ වැලිකඩ සිරගෙදරය. එම කුඩු තොගය ලංකාවට ගෙන්වා ගෙන තිබෙන්නේ තාරක විසින් බවටද පොලිසිය අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව තාරක රඳවා සිටි වැලිකඩ රිමාන්ඩ් සිරමැදිරිය පරීක්ෂා කළ බුද්ධි අංශය එහි තිබි ජංගම දුරකථන හතරක් හා සිම්පත් පහක් සොයාගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් කුඩු කිලෝ 225ක් අත්අඩංගුවට ගත්තේ කොහේදීද?
{ "answer_start": [ 518 ], "text": [ "වැලිසර මහබාගේදී" ] }