id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
9d6fdff3-e1f2-4cfb-9018-7a70148865fe
මල්ලි තවම ඉගෙන ගන්නවා. මල්ලිගේ අධ්‍යාපනයේ වියදම දුන්නේ තාත්තා. පල්ලියෙන් ඇරෙන්න උඹලා දෙන්නා කෑවද උඹලගේ අනාගතේට මොකද වෙන්න ඕනෑ කියලා කිසිම දේශපාලනඥයෙක් ඇවිත් ඇහුවේ නැහැ. මේ බෝම්බ ප්‍රහාරයේ වරද රජය භාරගන්නවා කියලා රංජිත් මද්දුම බණ්ඩාර ගෙදරට ඇවිත් කිව්වම මම පොදුවේ ඇහුවා අම්මා, තාත්තා නැති දරුවන්ගේ ඉදිරි අනාගතයට මොකද්ද කරන්න බලාපොරොත්තුව කියලා. ඔයාට ඕනෑ දේවල් මොනවද කියලා ලියුමක් ලියලා මට ඇපිල් එකක් දාන්න කිව්වා. උන් සුදු ඇඳන් ඇවිදින්නේ අපේ දෙමාපියෝ දුක් විඳපු නිසා. ගෙදර ආපු දේශපාලනඥයෙකුට බැන්නා කියලා එක්තරා දේශපාලනඥයෙක් කිව්වා ඔයාලා හොඳින් කතා කරා නම් ඊට වඩා දෙයක් කරගන්න තිබුණා කියලා කිව්වා. තව මොනවා උන් එක්ක හොඳින් කතා කරන්නද? අම්මාව, තාත්තාව මරාගත්තට පස්සේ අපිට සල්ලි වැදගත් නැහැ.
මල්ලිගේ අධ්‍යාපනයේ වියදුම දුන්නේ කව්ද
{ "answer_start": [ 55 ], "text": [ "තාත්තා" ] }
6c1cf00c-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
විශේෂයෙන් නිර්මාණය කරන ලද ඇලගරිතම සමඟ ඒකාබද්ධ කරන ලද මෙම රූප සැකසුම් පද්ධතියෙන් එකවරම මිනිසුන් කිහිපදෙනෙකුගේ හද ගැස්ම සහ හුස්ම ගැනීමේ වේගය මැනීමේ හැකියාව ඇත. නව ඩ්‍රෝන යානා මීටර් තුනකින් ඈතක සිට නිරීක්ෂණයට යොදාගත් නමුත් ඊට වඩා දුරකින් සිටින පුද්ගලයෙකුගේ හෘදයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණ කළ හැකි වීම මෙහි විශේෂත්වය වේ. ව්‍යාපෘති අධ්‍යක්ෂක පුවාන් චාල් මහතා පවසන්නේ ඩ්‍රෝනයනාවෙන් ස්වයංක්‍රීයව එක් පුද්ගලයෙකුගේ නොව කීපදෙනෙකුගේම හද ගැස්ම සහ ස්වසන වේගය වෙන වෙනම ගණනය කිරීමට හැකි බවයි. මෙම නව සොයා ගැනීම සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් නව පෙරළියක් සිදු වී ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති.
මෙම රූප සැකසුම් පද්ධතියෙන් එකවරම මිනිසුන් කිහිපදෙනෙකු ගේ කුමක් මැනිය හැකිද?
{ "answer_start": [ 110 ], "text": [ "හද ගැස්ම" ] }
dff1d561-316e-4552-bbf9-1424be161869
ලංකා දුම්රිය සේවය ලෝකයේ භාවිත වන දිනෙන් දින වැඩි දියුණු වෙමින් පැවැති දුම්රිය තාක්ෂණයත් සමග එකල ඉදිරියට යාමත් සමග මෙරට මගී ප්‍රවාහනයේද බොහෝ වෙනස්කම් සිදුවිය. 1970 දශකය වන විට මෙරට මහා මාර්ග මගී ප්‍රවාහනය ලංකා ගමනාගමන මණ්ඩලයේ ඒකාධිකාරයක්ව පැවතුණු නමුත් දිනෙන් දින ඉහළ යන මගී ඉල්ලුමට සරිලන ලෙසට බස් රථ ලංගමය සතු නොවීය. බලවේග කට්ටල නොඑසේ නම් ‘පවර් සෙට්’ කලඑළි බැස්ස පසුව දුම්රිය සේවාව වැඩි වැඩියෙන් මගී ජනතාව අතරේ ජනප්‍රිය විය. විශේෂයෙන් දිනපතා කොළඹට පැමිණෙන කාර්යාල සේවා ජනතාව මෙම ඉක්මන් පවර් සෙට් ගමනට වැඩි කැමැත්තක් දැක්වූහ.
දුම්රිය සේවාව බොහෝසේ මගී ජනතාව අතරේ ජනප්‍රිය වුයේ කුමක් පැමිණි පසුවද ?
{ "answer_start": [ 317 ], "text": [ "බලවේග කට්ටල" ] }
f8a113f5-771f-4110-9d8e-31e1c5f5e654
පරිසරයෙන් මතු වූ මෙම අසහනකාරී තත්ත්වයන්ට මුහුණදීම සඳහා ජනතාවගේ සැබෑ එකමුතු බවක් පැවැතිණ. කිසියම් පවුලකට ලෙඩක් දුකක් කරදරයක් සිදු වූ විට අසල්වැසියන් එකතු වී එම දරු පවුලේ දුක සැප බෙදාගත්හ. රාජාංගණ ජලාශයේ දියවර බෙදා ගැනීමේදී අඬදබර නෑ. තමන්ගෙ කුඹුරට වගේම යටාවතේ කුඹුරටත් දියවර දීමට උදව් වුණා. ගොවිතැනට අවශ්‍ය අන්‍යෝන්‍ය සහාය ගොවියන් අතර හොඳට තිබුණා. යාබදව තියෙන්නෙ විල්පත්තුව මහ කැලය. ඒ හින්දා මේ පැත්තෙන් වන සතුන් නිතර හක්කොළං කළා. සියලු ජනපදිකයන් බෞද්ධයන් වුණත් පන්සලක් විහාරයක් ළඟ පාතක තිබුණේ නෑ. ඉලුක් මානා සෙවිලි කරල කටුමැටි බිත්තිවලින් වටවී තිබූ ගෙවල් ටිකෙන් ටික පොල්අතු ගෙවල් බවට පත්වුණා. අව්වැසි සුළං වසංගත රෝග වැනි පීඩාවලට මැදිව දුක් කන්දරාවකට මැදිව රාජාංගණ වැසියන් මුලදී කල දවස ගෙවූ නමුත් දැන් නම් දුක් කරදර අඩු දියුණු ප්‍රදේශයක්.
රාජාංගණ ජලාශයට යාබදව තිබෙන කැලය කුමක්ද?
{ "answer_start": [ 361 ], "text": [ "විල්පත්තුව මහ කැලය" ] }
ff07e58e-73f6-41e0-a722-432187822f0a
ශ්‍රී ලංකාව පසුගිය වසරේදී මෙම දර්ශකයේ 69 වැනි ස්ථානයේ සිටි අතර මෙවර ස්ථාන පහළොවක් පසු පසට යමින් 84 වැනි ස්ථානයට පත්ව ඇත. වසර 2000න් පසු ගෝලීය කුසගිනි ශ්‍රේණිගත අගයේ අඩුම ප්‍රතිශත අඩුවීම කුසගිනි තත්ත්වය වඩාත් දරුණු අතට පත්වූ රටවල් දෙක අතරින් එකක් ලෙස ද ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත. එසේ තත්ත්වය දරුණු වී අනෙක් රට නැමීබියාවය. රටවල් 118ක් මෙලෙස ශ්‍රේණිගත කෙරෙන අතර අඩුම ලකුණු ප්‍රමාණයක් ගන්නා රටවල් කුසගින්න අඩුම රටවල් ලෙස සලකයි. රටේ නිසි පෝෂණයක් නොලබන ජනගහනය, වයස අවුරුදු පහ ලැබීමට පෙර මියයන දරුවන්ගේ සංඛ්‍යාව, වයස අවුරුදු පහට ආහාර නොලබන නාස්තියට ලක්වූ දරුවන්ගේ සංඛ්‍යාව යන නිර්ණායක පදනම් කරගනිමින් මෙම දර්ශකය සකසනු ලබයි.
මෙම වසරේදී ශ්‍රීලංකාව මෙම දර්ශකයේ සිටින්නේ කුමන ස්ථානයේද?
{ "answer_start": [ 96 ], "text": [ "84 වැනි" ] }
4f0e2128-4d73-4bf8-991d-85784dd19065
මේ අතර වසර ගණන් තිස්සේ බලපත්‍ර ඇතිව ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීයන්ගොඩ ප්‍රදේශයේ සිංහල ජන කොටස් වගාකළ ඉඩම් පවරාගත්ත ද ඊට යාබදව පිහිටි පානම නැගෙනහිර ග්‍රාමසේවා වසමට අයත් රදැල්ල සංරක්‍ෂිතයේ ඉඩම් අක්කර සියයකට ආසන්න ප්‍රමාණයක් පොතුවිල් ප්‍රදේශයේ මුස්ලිම් පුද්ගලයන්ට වගා කිරීමට අවසර දී ඇතැයි පානම ගම්වාසීහු චෝදනා කරන්නට වූහ. පොතුවිල් සිට පානම දක්වා දිවෙන බී374 මාර්ගයේ කිලෝමීටර් 13ක් ගියවිට හමුවන රදැල්ල හන්දියෙන් දකුණට ඇති පාරේ කිලෝ මීටර් පහ හමාරක් පමණ ගියවිට රදැල්ල සංරක්‍ෂිතයේ බලහත්කාරයෙන් අල්ලාගත් ඉඩම් අක්කර 100ක පමණ කොටස් සහ අක්කර දොළහමරාක පැළ වගාව හමුවෙයි.
වසර ගණන් තිස්සේ බලපත්‍ර ඇතිව සිංහල ජන කොටස් වගාකළ ඉඩම් පවරාගත්තේ කුමන කොට්ඨාසයේද?
{ "answer_start": [ 36 ], "text": [ "ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ" ] }
bad13736-9920-43c7-9925-30d2fd7c07be
සංඛ අත්අඩංගුවට පත් වීමත් සමග මෙම පාතාල නායකයන්ට විශාල අතුල් පහරක් එල්ල වී ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි. ඔවුන්ගේ ජාවාරම්වලට සමීපතමයකු, කීකරු ගෝලයකු අහිමි වීම ඔවුනට විශාල පාඩුවකි. අත්අඩංගුවට ගත් පෙතියාගොඩ සංඛ වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සදහා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය වෙත බාර දී තිබුණි. විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ අධීක්ෂණය යටතේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත, බුද්ධි අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. ධර්මප්‍රිය මහතාගේ මෙහෙයවීමෙන්, උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් සංගීත්, උප පොලිස් පරීක්ෂකවරුන් වන කුමාර දිසානායක, යන මහත්වරුන් ප‍්‍රමුඛ කණ්ඩායමක් මෙම වටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.
බුද්ධි අංශයේ ස්ථානාධිපති කවුද?
{ "answer_start": [ 490 ], "text": [ "ඊ.එස්. ධර්මප්‍රිය" ] }
37ca2c3a-f58b-44e4-a42d-2a651f2ace4d
මේ වන විට දියණියට හොඳින් කතා කිරීමේ හැකියාව ලැබී තිබිණි. ඇගේ මතකයට නැගෙන පෙර භව මතක සටහන් වරින් වර හෙළී කිරීමට ඇය උත්සාහ ගත්තාය. මගේ අම්මා පුංචි මැණිකා. එහිදී මට නයා ගැහැව්වා. මගේ කකුලට නයා ගහපු තැන තමයි මේ. යනුවෙන් ඇගේ දකුණු කකුල පෙන්වමින් කීවාය. ඇය අතැඟිල්ල තබා පෙන්වනු ලබන්නේ උපතින් පිහිටා තිබු කකුලේ උපන් ලප පිහිටි ස්ථානය විය. අනතුරුව ඇය ඒ පිළිබඳව තව තවත් තොරතුරු හෙළි කළාය. එදා මම තාත්තාට උයන්න කෙසෙල් ගෙඩි කඩන්න කෙසෙල් පඳුර ළඟට ගියා. එතන දී මගේ කකුලට නයා ගැහැව්වා. එහෙදී මට අයියලා අක්කලා හිටියා. ලොකු අයියා මට හරිම ආදරෙයි. යනුවෙන් තවත් නම් කීපයක් ද හෙළි කළාය. ඒ අතර පියාගේ සහ සොහොයුරාගේ නම ද අනාවරණය වීය.
නයා ගහපු තැන ලෙස ඇය පෙන්වූයේ කුමක්ද?
{ "answer_start": [ 216 ], "text": [ "ඇගේ දකුණු කකුල" ] }
1d817380-b6ad-4a49-97c6-b99466ecfc5a
මේ අතර, කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ්ගේ ගෙල ඩෙරික් චෝවින් දණහිසෙන් තද කරගෙන සිටින අයුරු සහ තමන්ට හුස්ම ගන්න අමාරු යැයි ෆ්ලොයිඩ් පවසන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරමින් තිබුණි. ඒවා ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේ ද ප්‍රසිද්ධ විය. ඇමෙරිකාවේ පමණක් නොව ලොව පුරා ප්‍රසිද්ධ විය. ඒ අවස්ථාව වෙනවිට ෆ්ලොයිඩ්ගේ පවුලේ නීතිඥවරුන් මැදිහත් වී ෆ්ලොයිඩ් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලන්න විය. ස්වාධීන මරණ පරීක්ෂණයකට අවසර දෙන්නැයි ද ඔවුහු ඉල්ලා සිටියහ. සිදුවීමට අදාළ වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ඔස්සේත් ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වූයේ මුළු ඇමෙරිකාවම කලඹමිනි. ඒ සමඟ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් සිවුදෙනා වහා සේවයෙන් නෙරපා දැමීමට පොලිස් බලධාරීන් කටයුතු කළේය. මිනියැපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව, සිද්ධිය සම්බන්ධයෙන් එෆ්.බී.අයි. පරීක්ෂණයක් ඇරැඹිණි. මේ අතර, මිනසෝටා ජනපද අපරාධ විමර්ශන ඒකකය වෙනම පරීක්ෂණයක් ආරම්භ කළේය.
ඩෙරික් චෙි්වින් දණහිසෙන් තද කරගෙන සිටියේ කාගේ ගෙලද?
{ "answer_start": [ 8 ], "text": [ "කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ්ගේ ගෙල" ] }
475d3b9d-d7fd-4a5f-9ba4-28617f3d422a
තමන් ජීවත්වන අර්ධද්වීපය තුළ අංගසම්පූර්ණ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත වීම යාපනය ජනතාවගේ හදවත් තුළ දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවැති ප්‍රාර්ථනාවක් විය. ඔවුන්ගේ එම ප්‍රාර්ථනාව මල්පල ගැන්වූයේ එක්දහස් නවසිය හැත්තෑහතර වසරේදීය. ඒ, එවකට අධ්‍යාපන ඇමැති බද්යුදීන් මොහොමඩ්ගේ නියෝගයෙන්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ යාපනයේ මණ්ඩපය පිහිටුවීමෙනි. පසුව එක්දහස් නවසිය හැත්තෑනවයේ ජනවාරි පළමු වැනි දින එය නිදහස් ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පත්ව ‘යාපනය විශ්වවිද්‍යාලය’ යනුවෙන් හැඳින්වෙන්නට විය. විශ්වවිද්‍යාලය පැවැත්වීම සඳහා තෝරාගත් ගොඩනැගිලි පිහිටා තිබුණේ තින්නවේලිහි රාමනාදන් පාරේය. ඒවා කලින් පාසල් ගොඩනැගිලි සඳහා භාවිත වූ ඒවා විය. එක්දහස් නවසිය විසිඑකේදී සර් පොන්නම්බලම් රාමනාදන්, පරමේශ්වර විදුහල ආරම්භ කර පවත්වාගෙන ගියේ එම ගොඩනැගිලි පරිශ්‍රයෙහිය. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ උපකුලපති එල්.එච්. සුමනදාස, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ යාපනය පීඨයේ ප්‍රථම පීඨාධිපති වශයෙන් ආචාර්ය කේ. කයිලාෂපති පත්කළේය. එම පත්වීම සිදුකරන විට ඔහු විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ දෙමළ සහ හින්දු අධ්‍යයන අංශ ප්‍රධානි වශයෙන් කටයුතු කරමින් සිටියේය. ආචාර්ය කේ. කයිලාෂපති යාපනය පීඨයේ ප්‍රථම පීඨාධිපතිවරයා වශයෙන් එම වසරේ අගෝස්තු පළමු වැනි දින වැඩ භාරගත්තේය. එහි රෙජිස්ට්‍රාර්වරයා වූයේ කේ.පී.ජේ. විජේසුන්දර ය. ඔහු එවකට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
සර් පොන්නම්බලම් රාමනාදන්, පරමේශ්වර විදුහල ආරම්භ කරන ලද්දේ කවදාද ?
{ "answer_start": [ 604 ], "text": [ "එක්දහස් නවසිය විසිඑකේදී" ] }
f2ea4e7f-96c2-47f6-aaff-f38ac42425a4
මේ කාලය වනවිට හම්බෙගමුව මුතුමාල රජමහා විහාර භූමියේ යුද හමුදා කඳවුරක් ස්ථාපිත කර තිබුණි. පන්සලේ හිටි ප්‍රඥාසාර තරුණ හාමුදුරුවෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කර ගුරු පත්වීමක් ලැබී කටයුතු කරන්නට සූදානම්ව සිටි හිමි නමකි. මේ වකවානුවේ හම්බෙගමුවට විදුලිය තිබුණේ නැත. ප්‍රඥාසාර හාමුදුරුවන්ගේ කාමරයේ කළු සුදු රූපවාහිනියක් තිබුණ අතර කාර් බැටරියකින් එය ක්‍රියාත්මක කරනු ලැබිණි. ඒ රූපවාහිනි යන්ත්‍රයට පන්සලේ තිබුණ හමුදා කඳවුරේ ඇති රේඩියෝ සංඥා හොඳින් ශ්‍රවනය විය. පන්සලට එන හාමුදුරුවන්ගේ හිතවතුන් එක්ක ඒ පණිවිඩවලට සවන් දීම ද සිදුවිය. අපි මුලින් කතා කළ තිලක් ද ඒ බව දැන සිටියේය. ප්‍රඥාසාර හාමුදුරුවෝ හමුවෙන්න ආ තරුණ පිරිස දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට සම්බන්‍ධ වූ අය බව වැඩි දෙනෙක් දැන සිටියේ ය. තිලක් සහ සරේ මිනීපෙට්ටිවල චිත්‍ර අඳින්නට දිගම්පැලැස්සේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායකයන් රැස්වූ කඳවුරුට යන්නේ ද ප්‍රඥාසාර හිමියන්ගේ සැලසුමක් අනුවය.
පන්සලේ සිටි හාමුදුරුවෝ කව්ද?
{ "answer_start": [ 100 ], "text": [ "ප්‍රඥාසාර තරුණ හාමුදුරුවෝ" ] }
f23a0783-f23b-4294-9f87-846a183a0e46
2004 ජනවාරි 10 වැනිදා, බෙත්නි හැමිල්ටන්, සර්ෆින් තරගාවලියකට සහභාගී වූවාය. තරග කිරීමට නම්, ඇය සාමාන්‍ය සර්ෆ් ලෑල්ලක් භාවිත කළ යුතු විය. විශේෂිත සර්ෆ් ලෑල්ල පැත්තකට දමා ඇය මාස ගණනාවක් සාමාන්‍ය සර්ෆ් ලෑල්ලකින් රළ පැදීම ප්‍රගුණ කළාය. ජයග්‍රහණයක් හිමි නොවුණත්, නරඹන්නන් සැමගේ පුංචි වීරවරිය වූයේ බෙත්නිය. 14 හැවිරිදි කෙල්ල, මෙතරම් විපතකට පත්වී, යළි රළ පැදීමට යොමු වීම කාගේත් විමතියට හේතුවක් විය. ලොව නන්දෙසින් අත්පා නොමැති දරු දැරියන්ට බෙත්නි වීරයකු විය. දහස් ගණනින් බෙත්නිට ලිපි ලැබෙන්නට විය. ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සර්ෆින් ක්‍රීඩාව වෙනුවෙන් වෙන් කළ විශේෂ කෞතුකාගාරයකි. මෝරා පහර දුන් අවස්ථාවේ කැබැල්ලක් කැඩී ගිය බෙත්නිගේ සර්ෆ් ලෑල්ල අදත් මෙහි ප්‍රදර්ශනයට තබා තිබේ.
සර්ෆින් ක්‍රීඩාව වෙනුවෙන් වෙන් කළ විශේෂ කෞතුකාගාරය තිබෙන්නේ කොහෙද?
{ "answer_start": [ 488 ], "text": [ "ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ" ] }
b5e198cd-db35-4740-9226-192b6bf0346c
ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු සූර්යා, කමල් හසන් රංගනයෙන් දායක වන වික්‍රම් චිත්‍රපටයේ ආරාධිත චරිතයක් නිරූපණය කරන බවට තොරතුරු ලැබේ. මේ වනවිට එය ස්ථිර වී ඇති අතර, සූර්යා මෙහි ආරාධිත චරිතයක් තුළින් සිනමා ප්‍රේක්ෂකයින් මුණ ගැසෙන බව සනාථ වී ඇත. එමෙන්ම මෙම වික්‍රම් චිත්‍රපටයේ සූර්යාට අමතරව තවත් ජනප්‍රිය නළුනිළියන් රැසක් ආරාධිත චරිත සඳහා දායක වී තිබයි. කෙසේ වෙතත් සූර්යා චිත්‍රපටයක අරාධිත චරිතයක් නිරූපණය කරනු ලබන්නේ දිගු කාලයකට පසුව බව සඳහන් වෙයි.
ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු සූර්යා, කමල් හසන් රංගනයෙන් දායක වන්නේ කුමන චිත්‍රපටියේද?
{ "answer_start": [ 67 ], "text": [ "වික්‍රම් චිත්‍රපටයේ" ] }
63fc1676-7786-49c2-975b-87013fb30571
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේත්, කේම්බ්‍රිජ් ආදිපාදවරිය හෙවත් කේට් මිඩ්ල්ටන්ගේත් එකම දියණිය චාලට් කුමරිය ඇගේ හත්වැනි උපන් දිනය සමරයි. චාලට් කුමරිය, විලියට් යුවළගේ දෙවැනි දරුවා වන අතර, බ්‍රිතාන්‍ය රජ කිරැළට උරුමකම් කියන සිවුවැනියාය. චාලට් කුමරියට වැඩිමල් සොහොයුරෙක් සහ බාල සොහොයුරෙක් සිටිති. චාලට් උපන්නේ 2015 මැයි දෙවැනිදාය. චාලට් කුමරිය සමඟ එම ඡායාරූපවල ඇගේ බලු සුරතලා ‘ඕර්ලා’ ද සිටිනු දකින්න ලැබේ. රජ පවුලේ දෙවැනි බලු සුරතලා වන්නේ ‘ඕර්ලා’ ය. උපන් දිනය සමරන පුංචි චාලට් කුමරිය ඡායාරූපයට නගා ඇත්තේ ඇගේ මව කේට් මිඩ්යල්ටන් ය. ඉන්පසු ඒවා මාධ්‍ය වෙත ලබා දී ඇත්තේ ද ඇයයි.
චාලට් කුමරිය බ්‍රිතාන්‍ය රජ කිරැළට උරුමකම් කියන කිවෙනියද?
{ "answer_start": [ 233 ], "text": [ "සිවුවැනියාය" ] }
41180088-cff0-4d68-ac22-e94ee2c35b30
තෙලවල ලියනගේ හර්ෂ චතුරංග නොහොත් පෙතියාගොඩ සංඛ අපරාධ රැසකට සම්බන්ධ වුවද, ඔහුට එරෙහිව විභාග වන්නේ අපරාධ තුනක් පිළිබඳ නඩු පමණි. ඒ අපරාධ තුන සම්බන්ධයෙන් මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණි. 2016 දී මුල්ලේරියාව පොලිස් වසම දී පස් ජාවාරමක් මුල්කරගෙන රංග නමැති පුද්ගලයකු ඝාතනය කිරීම එම වසරේම නීතීඥවරයකුට පහරදී බරපතළ තුවාල සිදුකිරීම, 2017 වසරේදී ඝාතනයක් සඳහා යමින් සිටියදී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට පත්වීම. සමයංගේ කල්ලි සාමාජිකයකු වන ඌරුජුවා යැයි සිතා තලංගම ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමෙන් ගෙහිමියා මියගොස් ගෙහිමි කාන්තාවට තුවාල සිදුවීම, අංගොඩ කොස්මල්ලි පැහැරගෙන ගොස් ඝාතනය කර ගෙළ කොටස අලුත්කෙඩ් ප්‍රදේශයට ගෙනවිත් දැමීම, අතුරුගිරිය ප්‍රදේශයේ රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙඩි තබා ඝාතනය කිරීම, කොටහේනේ පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම, කොරතොට පොඩි සුදා, හිඹුටානේ පොලී රොෂාන්, සහ ආමර් වීදියේ වාහනයක් තුළ දී ඇන්ටන් රාජ් නමැත්තා ඝාතනය කිරීම, මාලිගාවත්තේ නිප්පු නමැති අයගේ ඝාතනය ඇතුළු ඝාතන රැසක් අංගොඩ ලොක්කාගේ සහ මධුෂ්ගේ කල්ලිය විසින් සිදුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් ඒ ඝාතන රැසකට මොහු සම්බන්ධ බවටත් පොලිසිය සැකකරයි.
පෙතියාගොඩ සංඛට විරුද්ධව විභාග වන නඩු ගණන කීයද?
{ "answer_start": [ 96 ], "text": [ "අපරාධ තුනක් පිළිබඳ නඩු" ] }
ca3cf228-8316-4518-8b39-13319445e200
දුම්රිය නවත්වන්නේ රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, රඹුක්කන, ඉහළ කෝට්ටේ, කඩුගන්නාව, පිළිමතලාව, පේරාදෙණිය හන්දිය, මහනුවර, ගෙලිඔය, ගම්පොළ, උලපනේ, නාවලපිටිය, නාවලපිටියේ සිට ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත. ඒ ඔබට හුරුපුරුදු හඬකි. ජීවිත ගමනේ බොහොමයක් මතකයන්ට පණ දෙන සොඳුරු දුම්රියේ ගමන කොළඹින් ඇරඹී අඹේපුස්සෙන් නොනැවතී දිගු ගමනක යෙදී ඇත. ඒ දිගු ගමනේදී නොයෙකුත් ගමන් බිමන් දුම්රියෙන් යනෙන ඔබ අපූරු මතක අහුරක් රැගෙන අතරමැදින් බැස යන විට දුම්රියේ ආරම්භක සහ අවසාන කාල සටහන ගැන හොඳින් දැන සිටියද අතීතයේදී දුම්රිය ලංකාවට ගොඩබැස්සුවේ කොතනින්ද යන්න දැන සිටියාද?
කොලඹින් ගමන් ඇරඹි මෙම දුම්රිය මුලින්ම නවත්වන්නේ කොහේද?
{ "answer_start": [ 18 ], "text": [ "රාගම" ] }
30125b04-6013-47af-a06f-249caae4d4f7
නිදන් වදුල නමින් ලේඛනයක් ගැන සඳහන් වේ. රජයට අයත් වස්තුව මෙන්ම පෞද්ගලික වස්තුව නිදන් ගත කළ ලේඛනය නිදන් වදුල නමින් හැඳින්විණි. මෙම නිදන් වදුල හෙවත් ලේඛන වල සාවද්‍ය නිදන් වදුලූ ද තිබෙන අතර, ඒ ආකාරයෙන් සාවද්‍ය නිදන් වදුලූ ඇත්තේ සැබෑ නිදන් වදුල ආරක්ෂා කර ගැනිමට ය. ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට මෑතක් වන තුරු පැවති චාරිත‍්‍රයක් වනුයේ දීර්ඝ කාලීන තැන්පත් වස්තුව ගල් කඳු වලත්, කෙටි කාලීන පරිභෝජනය සඳහා තැන්පත් කළ වස්තුව පොළොවෙත් තැන්පත් කර ඇති බවකි. ඒ අනුව ඈත අතීතයේ අපේ රටේ බැංකු සේවයක් තිබී ඇති අතර, ඒවාද වර්තමානයේ නිධාන ගණයට අයත් වේ. ඉපැරණි පුස්කොළ ග‍්‍රන්ථයන්හි සමනල, හක්ගල, බමරගල සහ තලගල වැනි කඳු වල රාවණ යුගයේ නිදන් වස්තු රැසක් තැන්පත් කර ඇති බැව් සඳහන් වේ.
නිදන් වදුල යනු කුමක්ද ?
{ "answer_start": [ 17 ], "text": [ "ලේඛනයක්" ] }
5bcd8daf-ed83-457c-96d3-cd0a58324016
කෙනෙකුගේ ජීවිතය වෙනත් පැත්තකට හැරෙන්නේ ඔහුටත් හොරාය. නොසිතූ විරූ මොහොතක එය සිදුවෙනු ඇති. එය සිදුවන්නේ හොඳට හෝ නරකටය. එක් රැයකින් ගායකයෙකු හෝ ගායිකාවක් වීමට සිතන සිහින කුමරු කුමරියෝ මේ රටේ කොතෙක් සිටිත්ද? වයලීන් වාදනයට අති දක්ෂයෙකු වූ හොඳ වාද්‍ය ශිල්පියෙකුට වසර ගණනක් ගොස් ගායනයට වරම් ලැබෙන්නේ නොසිතූ ලෙසය. ඔහුගේ ජීවිතයේ ඒ හැරවුම් ලක්ෂ්‍යය නිසා සිංහල සුභාවිත ගීතයේ අතිවිශිෂ්ටයෙකු එකතු වීමට වාසනාව ලැබිණ. ඇල්බට් පීරිස්ගේ පියා රිචඩ් පීරිස් සමාගමේ බෙදාහැරීමේ අංශයේ ලිපිකරුවකු ලෙස සේවය කළේය. බොරලැස්ගමුවේ උපත ලැබූ ඔහු විවාහ වූයේ මාතර මැද්දෙවත්තේ උපන් ඇම්.කේ. ඇසිලින් මහත්මිය සමගය. අමරසිරි පවුලේ වැඩිමලාය. ඔහුට අයිරින්, ශ්‍රියාලතා සහ සෝමලතා නමින් සොහොයුරියන් තිදෙනෙක් වූහ.
ඔහු උපත ලැබුවේ කොහෙද?
{ "answer_start": [ 487 ], "text": [ "බොරලැස්ගමුවේ" ] }
ac5de013-8e46-4af2-bf9a-47d2b98c5332
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේත්, කේම්බ්‍රිජ් ආදිපාදවරිය හෙවත් කේට් මිඩ්ල්ටන්ගේත් එකම දියණිය චාලට් කුමරිය ඇගේ හත්වැනි උපන් දිනය සමරයි. චාලට් කුමරිය, විලියට් යුවළගේ දෙවැනි දරුවා වන අතර, බ්‍රිතාන්‍ය රජ කිරැළට උරුමකම් කියන සිවුවැනියාය. චාලට් කුමරියට වැඩිමල් සොහොයුරෙක් සහ බාල සොහොයුරෙක් සිටිති. චාලට් උපන්නේ 2015 මැයි දෙවැනිදාය. චාලට් කුමරිය සමඟ එම ඡායාරූපවල ඇගේ බලු සුරතලා ‘ඕර්ලා’ ද සිටිනු දකින්න ලැබේ. රජ පවුලේ දෙවැනි බලු සුරතලා වන්නේ ‘ඕර්ලා’ ය. උපන් දිනය සමරන පුංචි චාලට් කුමරිය ඡායාරූපයට නගා ඇත්තේ ඇගේ මව කේට් මිඩ්යල්ටන් ය. ඉන්පසු ඒවා මාධ්‍ය වෙත ලබා දී ඇත්තේ ද ඇයයි.
කේම්බ්‍රිජ් ආදිපාදවරිය ලෙස හදුන්වන්නේ කව්රුන්ද?
{ "answer_start": [ 76 ], "text": [ "කේට් මිඩ්ල්ටන්ගේත්" ] }
e4fe63bf-7c66-44cf-a359-254c078ad0bc
අපි ටයිටැනික් පිටත්වුණු ලංඩන් සවුත්හැම්ප්ටන් වරායෙන් පිටත්වුණේ සුඛෝපභෝගී සුවිසල් මගී නෞකාවක බටහිර යුරෝපයේ හා ස්කැන්ඩිනේවියානු රටවල සතියක මුහුදු සවාරියක් සඳහා. අපේ සමුදුරේ පළමු රාත්‍රිය ගෙවී ගියා සතුටින්. කපිතාන්වරයා අපි පිළිගන්න උත්සවය තමයි විශේෂම සිද්ධිය. රාත්‍රියේ සුව නින්දකට පසු අප ඇහැරෙන විට හැර තිබූ ජනෙල් තිර අතරින් අපි දැක්කේ මහා සමුදුර නොව බොහෝ ගොඩනැගිලියි. අප සුවසේ බ්‍රසල්ස් වරායට සේන්දු වී ඇත. අප සුව නින්දේ සිටියදී නෞකාවේ කාර්ය මණ්ඩලය කෙතරම් දේවල් කළමනාකරණය කරන්න ඇත්ද? අපි උදේ ආහාරයෙන් පසු ඓතිහාසික බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර පැය 3ක සංචාරයක් සඳහා බස්වලට නැගිය යුතුය.
ටයිටැනික් පිටත්වුණු වරාය කුමක්ද?
{ "answer_start": [ 24 ], "text": [ "ලංඩන් සවුත්හැම්ප්ටන්" ] }
51b5b8bf-4d8c-40e2-bcf1-305060fc6056
පුනර්භවය පිළිබඳ සිදු කරනු ලබන පර්යේෂණවලදී කුඩා දරුවෝ බහ තෝරන වියේදී කරනු ලබන ප්‍රකාශ වැදගත් සාක්ෂි බවට පත්වේ. එහෙත් පෙර භවය හා කිසිදු හෙළි කිරීමක් නැතිව හෝ කිසිදු ප්‍රකාශයක් නොමැතිව පුනර්භවය පිළිගනු ලබන අවස්ථා තිබේ. ඇතැම් විට පෙර භවය හෙළි නොවූ ඇතැම් දරුවන්ගේ හැසිරීම් මගින්ද පුනර්භවය පිළිගැනීමට සිදුවේ. එයට හේතුවී ඇත්තේ පුනර්භවය පිළිබඳව පවතින පර්යේෂණ නිසාය. පුනර්භවය විශ්වාසය මත පර්යේෂණ පවත්වන ප්‍රධාන රට වන්නේ බුරුමයයි. ඒ අනුව මරණින් පසු පුනර්භවයක් ඇති බවට තදබල විශ්වාසයක් පවතින්නේ ලාමාවරුන්ගේ යළි ඉපදීමය. ලමාවරුන් මිය යෑමෙන් පසු ඔහු යළි උපත ලබා තිබේද යන්න සෙවීමට ඇතැම් විට කමිටු පත්කරන අවස්ථාද ඇත.
පුනර්භවය පිළිබද සිදුකරන පරීක්ෂණ වලදී වැදගත් වන්නේ කාගේ ප්‍රකාශනද
{ "answer_start": [ 42 ], "text": [ "කුඩා දරුවෝ බහ තෝරන වියේදී" ] }
e960c351-5d52-432b-8e22-0b107fecc679
සුජිත්ගේ සිරුරේ එතරම් කාබන්මොනොක්සයිඩ් තිබුණේ නැත. ඒ නිසා ඔහුගේ මරණයට හේතුව ගින්නට හසුව කාබන්මොනොක්සයිඩ් අධික ලෙස ආශ්වාස වීම නොවේ. එයට ඔහුගේ හිසට සිදුකළ පහරදීම, ගෙල මිරිකීම මෙන්ම ගින්නට දමා පිලිස්සීමද හේතු විය. මේ සියල්ල තුළින් පැහැදිලි වූයේ මෙය ඝාතනයක් බවය. ඒ අනුව සුජිත්ගේ ජංගම දුරකථනයද පරික්ෂා කර ඔහු සමග සමීපව ඇසුරු කළ තරුණයන් දෙදෙනෙකු ගැන තොරතුරු අනාවරණය කරගන්නට පොලිසියට හැකි විය. මේ තරුණයන් දෙදෙනාම සුජිත් සමග සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය විය. එක් තරුණයෙකු කලක් තිස්සේ සුජිත් සමග සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් තිබූ අතර අනෙක් තරුණයා සුජිත් මරණයට පත්වන්නට ආසන්න කාලයකදී ඔහු සමග ඇසුරට පත්ව තිබිණ. දෙවන තරුණයා සමග ඇසුරක් ආරම්භ කිරීම නිසා උරණ වූ පෙර ඇසුර පවත්වාගෙන ගිය තරුණයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලදී අනාවරණය විය.
ඝාතනය සිදුකර ඇති බවට පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වූයේ කවුද?
{ "answer_start": [ 667 ], "text": [ "පෙර ඇසුර පවත්වාගෙන ගිය තරුණයා" ] }
03d61359-bc2b-4dc8-800e-6ce138583a0d
පණ ඇති විවිධ වර්ගයේ සතුන්ගේ ලේවලින් ගැවසීගත්තා වූ පිදේනි තටුවලින් සමන්විත දොළ පිදේනි ජප කරමින් දේව වරමින් මන්ත්‍ර කියමින් ඒ මෑණියෝ කරන්නාවූ යාග ශාන්තියෙන් අපමණ මිනිසුනට සුවයක් සහනයක් නොමදව ලැබෙන බව ගම්මු දැන සිටියෝය. මිනිසුන්ගේ පිළිගැනීමක් වන්නේ යක්ෂ, හොල්මන්, අවතාර බැල්මකින් යමකු ආතුර වුවහොත් එයට වගකිව යුතු යක්ෂ ආත්මය නිවැරැදිව හඳුනාගත යුතු බව ය. මේ සඳහා ඔවුන් එක්තරා යන්ත්‍ර මන්ත්‍ර ක්‍රමයක් අනුගමනය කරයි. බිලි පූජා පැවැත්වීම තවමත් ලංකාවේ සිදුවේ. එකල යමකු යක්ෂ හොල්මන් අවතාර බැල්මකින් ආතුර වුවහොත් කුකුළකු කැප කරන්නට දේවාලයේ දේව මෑණියන්ගේ දේව ආඥාවයි.
එකල යමකු යක්ෂ හොල්මන් අවතාර බැල්මකින් ආතුර වුවහොත් දේවාලයේ දේව මෑණියන්ගේ දේව ආඥාව කුමක්ද?
{ "answer_start": [ 502 ], "text": [ "කුකුළකු කැප කරන්නට" ] }
b3513f1f-958c-47ac-af16-85efd31624d1
1. එක් ඡත්‍රයක් පමණක් යෙදීම: ක්‍රි.පූ. 3 - ක්‍රි.ව. 1-2 මිහින්තලය/ දැලිවල/ සමන්ගල 2. ඡත්‍රයක් මත ඡත්‍රයක් යෙදීම: ක්‍රි.ව. 2 - ක්‍රි.ව. 3 කහඳගල 3. ඡත්‍රාවලියක් යෙදීම: ක්‍රි.ව. 2 පසු කොටියාගල/ රුවන්වැලි සෑය මුල් කාලීනව දැවයෙන් මෙන්ම පසු කාලීනව ලෝහ හා ශිලා භාවිතයෙන් ඡත්‍ර නිමවා තිබේ. යම් විටෙක මුල් සමයේ දැවයෙන් ඡත්‍ර නිමකළේ ද නිතර නිතර ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට අවශ්‍ය වූ බැවින් පසුකාලීනව ලෝහයෙන් මෙන්ම පාෂාණයෙන් ඡත්‍ර නිමකරන්නට ඇත. වර්තමානයේ පුරාවිද්‍යා පරිශ්‍රයන්වල හමුවන සියලුම ඡත්‍ර ශිලාමය ඡත්‍රයන් වේ. අගනුවර අනුරාධපුරයෙන් පොළොන්නරුවට සංක්‍රමණය වීමත් සමඟ රුවන්වැලි සෑය ප්‍රමුඛ සියලුම අනුරාධපුර උරුමයන් නටබුන් වී යන ලදී. 1830 දී ටෙනන්ට් මහා ස්තූපය නිරීක්ෂණය කර විස්තරයක් සපයා ඇත. ඒ අනුව එකල ගරාවැටී තිබූ මෙම ස්තූපයේ උස අඩි 189ක් වී තිබේ. ඒ පිළිබඳව සඳහන් කරන ටෙනන්ට් 1850දී තම කෘතිය ප්‍රකාශයට පත්කරනවිට එය තවදුරටත් සේදී යාම නිසා එහි උස අඩි 150ක් දක්වා අඩු වී ඇති බව පවසයි. මෙම තොරතුරු මගින් එකල රුවන්වැලි මහා සෑය ඉතා වේගයෙන් ජරාවාස වෙමින් පැවැති බව සහ ඒ වනවිට ද කොත් කැරැල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ බවය.
රුවන්වැලි සෑය පසු කාලීනව ඡත්‍ර නිමකරන්න ඇත්තේ මොනා භාවිතයෙන්ද ?
{ "answer_start": [ 242 ], "text": [ "ලෝහ හා ශිලා" ] }
f2ef34e5-1011-49ef-90a9-056ebb0bbaf3
පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා පවසන්නේ නැගෙනහිර දිශාවට වන්නට රැහැන් වැනි කොටස් ගණනාවක් හඳුනාගත හැකි වූ බවයි. තන්තුමය ස්වරූපයෙන් නිමවී තිබූ ඒවා නැවේ භාවිත කළ ලෝහමය කේබල් විය හැකි යැයි ද ඔහු පවසයි. නෞකාවේ දැවමය කොටස් අතර තඹ මිශ්‍රිත ලෝහ තහඩු කොටස් දැකිය හැකි වූ බව ද මුතුකුමාරණ මහතා පවසයි. ඒවායේ ඇණ ගැසූ බවට සිතිය හැකි සිදුරු තිබෙන අතර තඹ ඇණ මගින් සම්බන්ධ වූ ලී කොටස් ද හමුවී ඇත. නැවේ දැව කොටස් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා තඹ තහඩු භාවිතා කරන්නට ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි. මේ තඹ කොටස් විඛාධනය වී කොපර් කාබනේට් බැඳී ඇති බැවින් ඒවා කොළ පැහැයෙන් දිස්වේ.
මෙහි සඳහන් පුරාවිද්‍යාඥයාගේ නම කුමක්ද?
{ "answer_start": [ 13 ], "text": [ "රසික මුතුකුමාරණ" ] }
41842225-567a-4e69-bafa-27b5fc0f30fa
මෙය නොනගතයේ පූර්වභාගය වන අතර ඉතිරි අඩ යාමට ගතවන කාලය වන පැය 6 මි. 24 නොනගතයේ අපරභාගයයි. මෙහිදී සිදුවන්නේ පූර්ව භාගය තුළදී හිරුගෙන් අඩක් මීන රාශියේ වීමත්, අනෙක් අඩ මේෂ රාශියේ වීමත් වන අතර නොනගතයේ අපර භාගය තුළදී ක්‍රමයෙන් හිරු මුළුමනින්ම මේෂ රාශි ගත වීමත්ය. මෙය 2018 වසරේ අවුරුදු උදාව ඇසුරින් පැහැදිලි කරගත හැකිය. මෙම වසරේ නොනගතය අප්‍රේල් මස 14 වෙනි සෙනසුරාදාට එළිවෙන අළුයම 1.49 සිට එදින ප.ව 2.37 දක්වා පවත්නා බව සඳහන් වේ. මෙය පැය 12, මි.48 කි අවුරුදු උදාව සිදුවන්නේ සෙනසුරාදා පෙ.ව 8.13 ටය. එනම් ඉහත කාල සීමාවේ මධ්‍යයයි. ඒ අනුව අලුයම 1.49 සිට පෙ.ව 8.13 දක්වා නොනගතයේ පූර්ව භාගය වන අතර පෙ.ව 8.13 සිට ප.ව 2.37 දක්වා නොනගතයේ අපර භාගයයි.
අවුරුදු උදාව සිදුවන්නේ කීයටද?
{ "answer_start": [ 466 ], "text": [ "සෙනසුරාදා පෙ.ව 8.13 ටය" ] }
5d9d32f2-2013-408b-a4c7-5e082939efa9
දුරට පෙනෙන මේ රතු මල් මස් කැඳැලි යයි සිතා රැවටී සිවල්ලු දුව එතියි යනු ජනප්‍රවාදයක් බවද ඥානවිමල හිමියෝ වැඩි දුරටත් කියා සිටිති. මෙම ග්‍රන්ථයේ දේශීය ආයුර්වේද ශාක 160 ක සම්පූර්ණ හැඳින්වීමක් සිතුවම් සමග පළ කර තිබේ. මීට අමතරව තවත් ඖෂධ ශාක සහ ඖෂධ දහස් ගණනක් පිළිබඳ විස්තර ද මෙහි ඇතුළත් කර තිබේ. මීට අමතරව විවිධ ප්‍රතිකාර සඳහා යොදා ගත හැකි විශේෂ දේශීය අත් බෙහෙත් කීපයක් ද ලියා ඇත. පළමුවෙන්ම ඉන්දියාවේ හා ලංකාවේ මුද්‍රිත පොත් කියවා බලා මේ රටේ වෙදකමට අවශ්‍ය වචන එකතු කෙෙළමි. දෙවනියට මේතාක් මුද්‍රණය වී නැති වෙද පොත් වට්ටෝරු වෙද පොත් බෙහෙත් වට්ටෝරු හා බෙහෙත් වදුළ පොත් ද එකතු කර කියවා බලා දුරවබෝධ වචන එකතු කළෙමි.
මෙය ජනප්‍රවාදයක් බව වැඩිදුරටත් කියා සිටියේ කව්ද?
{ "answer_start": [ 87 ], "text": [ "ඥානවිමල හිමියෝ" ] }
846ec9b5-97e6-4b7e-b00f-41f5b957e48c
විජය කුමාරතුංග රසිකයන්ගේ සිහින කුමරා ලෙස කිරුළු පලඳද්දී සිනමාවේ සදාතනික වීරයා වූයේ ගාමිණී ෆොන්සේකාය. ගාමිණී තිරයේදී අසාධාරණය වෙනුවෙන් සටන් කළේය. යුක්තියට එරෙහි වූ දුෂ්ටයා හා සටන් කොට පරාජය කළේය. එවිට එකල ප්‍රේක්ෂකයන්ගෙන් ආවේ විසිල් හඬයි. අත්පොළසන් හඬයි. ගාමිණී තිරය පමණක් නොව ඉන් පිටතදී ද ඒ ප්‍රතිරූපය ගොඩනැගෙන අයුරින් හැසිරුණේය. ඒ නිසාම ඔහු ප්‍රේක්ෂකයන් අතරට ආවේ ද ඉඳහිටය. ඇතැම් චිත්‍රපට දර්ශනයකදී හෝ වෙනත් අවස්ථාවකදී ගාමිණී එනතුරු ප්‍රේක්ෂකයන් බලා සිටිය ද ඔහු ආවේ නැත. ඔහු අධ්‍යක්ෂණය කළ සාගරයක් මැද, කොටි වලිගය වැනි බොහෝ ආන්දෝලනාත්මක චිත්‍රපට දර්ශනවලදී ගාමිණී දැකගන්නට ලැබුණේ නැත.
ප්‍රේක්ෂකයන් අතරට ඉදහිට ආවේ කවුද?
{ "answer_start": [ 254 ], "text": [ "ගාමිණී" ] }
08732a8f-dc96-4c6f-8487-ce79aa512bfa
අපේ කතාව යන්නෙ කොළඹ හතේ, සිනමන් ගාඩ්න්ස්වල තියෙන අයිස්ක්‍රීම් කඩේ බ්‍රාන්ච් එකත් එක්ක. ගණන් ටිකක් වැඩි වුණාට නිස්කලංක තැන. ඒ වගේම විවිධ රසින් සහ එකතුවෙන් සුසැදි අයිස්ක්‍රීම් පිරිලා. සමහර අයිස්ක්‍රීම්වල කප් එක කන්නත් පුළුවන්. සමහර ඒවා කන්න ලෝබයි. ඒ තරං ලස්සනයි. දෙන්නෙකුට රුපියල් දාහක විතර වියදමෙන් ගොඩයන්න පුළුවන් තැනක්. නිල් පාට අයිස්ක්‍රීම් කෝන් එකක් තියෙනව පෆී කියල. ඒකට කට්ටිය හුඟක් කැමතියි. කොල්ලුපිටියෙ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට එහා ඉඩමෙ තියෙන නියම රදළ ක්‍රෙම් වලව්වක් ඇතුළෙ තියෙනව රස ගුලාවක්. නම වගේම ඒක ඇතුළ කානිවල් එකක සැපට දෙවෙනි නෑ. බඩ පැලෙන්න අයිස්ක්‍රීම් පාරක් දාන්න දෙන්නෙකුට රුපියල් දාහක් යාවි. ඒ වගේම තෝරාගන්නවිශේෂ සහ ප්‍රමාණයන් මහ ගොඩකුත් කානිවල් එක ඇතුළෙ තියෙනවා. ඩබල් චොකලට් චිප්, හේසල්නට් රසට ගොඩක් අය කැමතියි කියලත් මතක් කරන්න ඕන.
මෙම අයිස්ක්‍රීම් බ්‍රාන්ච් එක තිබෙන්නේ කොහේද?
{ "answer_start": [ 25 ], "text": [ "සිනමන් ගාඩ්න්ස්වල" ] }
b5d08d7e-24c5-4370-8f64-09e3e8de6de9
සොබාදහම සැකසී ඇත්තේ ඒ ආකාරයටය. ගින්දරත් පුළුනුත් එක්වූ තැන ඇවිළේ. එහෙත් පුළුං තෙත නම් ඇවිළීමට ජ්වලන උෂ්ණත්වයට පත්විය යුතුයි. මෙහිදී පිරිසිදු සිත හෙවත් යහපත් මානසිකත්වය ජ්වලන උෂ්ණත්වයට සමාන කළ හැක. සිතට අධිපති සඳු කේන්ද්‍රයක බලවත් නම් සිත අයාලේ නොයයි. මෙය ලෞකික, ලෝකෝත්තර දෙකටම පොදුය. යහපත් සිතුවිලි ඇති දෙදෙනකුගේ කැදැල්ල සොඳරු නොවේද? සඳු උච්ච හෝ ස්වක්ෂේත්‍ර වීම උසස් සිතුවිලි ඇති කරයි. සුබව යෙදුණු ද්වි, ත්‍රි චතුර් පංචම ග්‍රහ යෝගයන්ද 4 කොටුවේ යෙදීම පවුල එකට බැඳ තබයි. රැකී රක්ෂා සඳහා වුවත් ඈත්වීම ඉතා අඩුයි. සැමවිටම එක වහලක් යට දිවි ගෙවන්නට හැකිවේ. කොතැනක හිටියත් ආගිය තැන සැප ලැබේ. පවුලේ ඥාතීන්ට ඉතා හිතවත් වේ. පැල්පතක වුවද සිටු මැදුරක වුවද නිල නිවසක කුලී නිවසක වුවද පවුලේ සියලුදෙනා සතුටින් එකට ජීවත්වෙයි.
මෙහි ජ්වලන උෂ්ණත්වයට සමාන කරන්නේ කුමක්ද
{ "answer_start": [ 151 ], "text": [ "යහපත් මානසිකත්වය" ] }
0d5a7b6d-11b6-4022-806b-0ab94b4ba306
ඔබ සැම දන්නා පරිදි සිරිපා කරුණා කිරීමට ඇති සම්මත ප්‍රසිද්ධ මාර්ග ත්‍රිත්වයකි. එනම් හැටන් - නල්ලතන්නි මාර්ගය, කුරුවිට - එරත්න මාර්ගය හා පලාබද්දල රජ මාවතයි. නමුත් මීට අමතරව සම්මත අප්‍රසිද්ධ මාර්ග ත්‍රිත්වයක් ද පවතියි. එනම් සඳගලතැන්න - රජමාලේ මාර්ගය, දැරණියගල - උඩමාලිබොඩ මාර්ගය හා අද දවසේ කථාව වන දෙපොනකන්ද මුක්කුවත්ත මාර්ගයයි. මෙතෙක් ලංකාවේ බොහෝ පිරිසක් දැන සිටියේ මෙම දෙපොනකන්ද හැර සෙසු මාර්ග 5 පමණි. නමුත් කාලයේ වැලිතලයෙන් හා අන්තරාදායක දුෂ්කර ගමනක් සහිත දෙපොනකන්ද මාර්ගය අප භාවිත කළේ සමනළ කරුණාව කිරීමට තිබෙන තවත් එක් අරුම පුදුම හා අපූර්වතම මාර්ගයක් වන හෙයිනි. මෙහිදී තවත් එක් විශේෂ කරුණක් කිව යුතුය. එනම් මා විසින් ඉහතින් සඳහන් කළ මාර්ග සය හැරුණවිට තවත් එක් අප්‍රසිද්ධ මාර්ගයක් පවතියි. මෑතකදී සොයා ගත් එම මාර්ගය භාවිත කරමින් සිරිපා කරුණා කිරීමට තිබෙන මාර්ග හතෙන්ම අපි සිරිපා කරුණා කර ඇත්තෙමු.
සිරිපා කරුණාවට ඇති අප්‍රසිද්ධ මාර්ග කීයක් තිබේද?
{ "answer_start": [ 194 ], "text": [ "ත්‍රිත්වයක්" ] }
a518a28a-6e61-4d28-b64c-388237b7f78b
තලේබාන් සංවිධානයේ කන්දහාර් පළාතේ දිස්ත්‍රික්ක රැසක බලය අත්පත් කරගෙන ඇතැයි ද සිවිල් වැසියන් සිය ගණනක් සිර අඩස්සියට පත් කර ඇතැයි ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය පසුගිය සිකුරාදා සඳහන් කළේය. එම සිවිල් වැසියන් ඇෆ්ගනිස්තාන ආණ්ඩුව සමඟ සම්බන්ධතා පවත්වන බවට තලේබාන් සංවිධාන එම වැසියන්ට චෝදනා කරන්නේ යැයි ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කළේය. තලේබාන් සංවිධානය පළාත් ආණ්ඩුවේ නිලධාරීන්ගෙන් ඥාතීන් ඇතුළු සිවිල් වැසියන් පිරිසක් ඝාකනය කර ඇතැයි ද වාර්තා වේ. මියගිය අය අතර ඇෆ්ගන් හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ගේ ඥාතීන් ද සිටින බව වාර්තා වේ.
කන්දහාර් පළාතේ දිස්ත්‍රික්ක රැසක බලය අත්පත් කරගෙන ඇත්තේ කවුද?
{ "answer_start": [ 0 ], "text": [ "තලේබාන් සංවිධානයේ" ] }
2359eeab-c033-426a-b3ee-66aa220e9bae
හොලිවුඩයේ ඉහළම ආදායමක් උපයාගන්න නිළියන් අතර සිටින සුරූපි ජෙනිෆර් ලොරොන්ස් මේ වනවිට සිය පළමු දරුවා පිළිගැනිමට සූදානමින් සිටින බව සඳහන් වෙයි. ජනප්‍රිය නළුවන් කිහිප දෙනෙකුගේම පෙම්වතිය බවට පත්ව සිටි ජෙනිෆර් 2019 වසරේ ඔක්තෝබරයේදි චිත්‍රපට අධ්‍යක්ෂක කුක් මැරේනි සමගින් විවාහ වූවාය. පසුගිය සති අන්තයේදී ජෙනිෆර් ලෝ ප්‍රකට පිපල්ස් සඟරාව සමගින් එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී සිය පළමු දරුවා පිළිගැනීමට සූදානම් වන පුවත ප්‍රසිද්ධ කර තිබුණි. එමෙන්ම ඇය රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය වූ ඩොන්ට් ලුක් අප් චිත්‍රපටය තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමටද සූදානම් කර ඇති බව ඇය පවසා තිබුණි.
ජෙනිෆර් 2019 වසරේ විවාහ වූයේ කාත් සමඟද?
{ "answer_start": [ 225 ], "text": [ "චිත්‍රපට අධ්‍යක්ෂක කුක් මැරේනි සමගින්" ] }
934666d2-eb0c-422b-94ae-c3c394572100
මෙහි විශේෂයක් වූයේ මිය ගිය අයගේ මළ සිරුරුවල උගුරු දණ්ඩ ඉරා තිබීමය. මළ සිරුරුවල ලේ බිඳක් දක්නට නොවීය. ගම්මුන් සිතුවේ මෙය රීරියකා නිසා සිදුවූ බවය. මේ මිනීමැරුම් සිදුවන්නේ කෙසේ දැයි ආනන්ද හා ලීලාටද අභිරහසක් විය. ආනන්ද මේ ගැන පොලීසියට පැමිණිලි කළත් මිනීමරුවා සොයා ගැනීම අපහසු විය. ලීලා මේ සිද්ධිය තමාගේ ප්‍රථම පෙම්වතා වූ රිචඩ් පෙරේරාට රහස් ලිපියකින් දන්වා සිටියේ තම පවුලේ මිතුරෙකු වූ රහස් පරීක්‍ෂක ජෝන් රත්සිංහගේ සහාය මේ අභිරහස සොයා ගැනීමට උපකාර ලබාගැනීමේ අදිටනින්ය. මේ අනුව ජෝන්, මහහේනේ වත්තට යැවීමට රිචඩ් පියවර ගනී. ආනන්ද හා ලීලා විසින් ජෝන් සුහදව පිළිගැනෙයි. ජෝන් රත්සිංහ නම් රහස් පරීක්‍ෂකයාගේ හපන්කම් ගැන ආනන්ද අසා තිබුණි.
ගම්මුන් සිතුවේ මෙය කවුරුන් නිසා සිදුවූ දෙයක් ලෙසද?
{ "answer_start": [ 120 ], "text": [ "රීරියකා නිසා" ] }
eca1cb8e-3378-4ef4-b8bc-c53e763f165d
මේ අත එසේ හිතුමතයට විනාශ කිරීමට ද ඔවුහු බිය වූහ. එය රජ කුමරියකගේ අතක් බැවින් ගෞරව සහිතව මිසර චාරිත්‍ර අනුව සිදු කිරීමට තීරණය කළහ. 1922 ඔක්තෝබර් 31 රාත්‍රියේ ඔවුහු මිසර මරණයේ ග්‍රන්ථයේ යම් කිසි පාඨයක් කියවා ඉන්පසු ගිනි උඳුනින් පුළුස්සා දැමීමට සූදානම් වූහ. එය සමඟම පරිසරය මුළුමනින් වෙනස් විය. මහත් පිපුරුමක ශබ්දය ද ඇසී මුළු ගෙයම සලිතව ගියේය. ඝනාන්ධකාරය පැතිර ගියේය. ආලෝකය නිවී යාමත් සමඟ හැමොන් යුවළ බිම දිගාවී වන්නට යන විනාසය කුමක්දැයි නොදැන සිටියහ. ඉනික්බිතිව පෙනී යන දර්ශනය ඔවුන් භීතියෙන් මුසපත් කරන්නට සමත් විය. හිසෙහි පෙන ගොබය සහිත නාග සංකේත සහිතව ගිනි උඳුන වෙත පැමිණි කාන්තාවක ඒ අසල තිබූ අත් කැබැල්ල ද රැගෙන අතුරුදන් විය. මේ දර්ශනයෙන් පසු හැමෝන් යුවල රෝහල්ගත කරන්නට සිදුවිය.
මිසර මරණයේ ග්‍රන්ථයේ යම් කිසි පාඨයක් කියවා ඉන්පසු රජ කුමරියකගේ අත ගිනි උඳුනින් පුළුස්සා දැමීමට සූදානම් වූයේ කවුද?
{ "answer_start": [ 643 ], "text": [ "හැමෝන් යුවල" ] }
2fbd46c0-e6a6-4b27-ae29-8bb16e2f775e
පූජා බිමේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනය හෙවත් ශිල්ප ලබාගත් ස්ථානය ශිල්ප ගෙවත්ත ලෙස අදටත් හැඳින්වේ. එම ස්ථානය අම්පිටියට යාබදව බටහිර දෙසින් පිහිටා ඇත. මලියදේව මහ රහතන් වහන්සේ පැන් සනසාගත් ස්ථානය දිගිලි නදියේ තොටුපළක් වන අතර එය අදටත් මහ රහතුන් පිය රැඳවූ ගොඩබිම පිය රැන්දු ගොඩ වැහැරීමේ පහසුවට අද වන විට පියරදු ගොඩ යනුවෙන් හඳුන්වති. අදටත් ගමට නියං සමයක් වසංගත රෝගයක් වැනි ව්‍යසනයක් හෝ කුඹුරු වගාවන්ට වැළඳෙන විවිධ උවදුරු පැමිණිවිට ගම්මු ඒකරාශිවී අම්පිටිය පූජා භූමියෙ අං ඇදීම, පොරපොල් ගැසීම, ගම්මඩු නැටීම, දේව දානයන් පිරිනැමීම ආදී පුද පූජා පවත්වමින් කන්නලව් යාදිනි කියමින් දෙවියන් සතුටු කිරීමේ ක්‍රියාවන්වල යෙදෙති. එසේම එවැනි දේ වලින් ඉතාමත් සුබදායි ප්‍රතිඵල ලැබෙන බව ඔවුහු දැඩිව විශ්වාස කරති.
මහා රහතුන් පිය රැදවූ ගොඩබිම හදුන්වන නම කුමක්ද
{ "answer_start": [ 306 ], "text": [ "පියරදු ගොඩ" ] }
be5edec7-60fa-476a-8404-dc11b52ace14
මුහුණු ආවරණයක් නොමැතිව, සිංගප්පූරු මගී දුම්රියකින් ගමන් කළ බ්‍රිතාන්‍ය ජාතිකයකුට සිංගප්පූරු අධිකරණයක් සති 6 ක සිරදඩුවමක් නියම කළේය. බෙන්ජමින් ග්ලින් නමැති 40 හැවිරිදි මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා මුහුණු ආවරණයක් නොපැලඳ සිංගප්පූරු දුම්රියක ගමන් කර ඇත්තේ පසුගිය මැයි මාසයේය. මුහුණු ආවරණයක් පැලඳගන්නැයි දුම්රියේ සිටි මගීන් ඔහුට දිගින් දිගටම පවසද්දී, ඔහු එම මගීන් ට පරුෂ වචනයෙන් බැණ වැදී ඇත. පොලිසිය දුම්රියෙන් බසිද්දී, බෙන්ජමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර, නිරෝධායන නීති යටතේ ඔහුට චෝදනා ගොනු කිරීම සහ අධිකරණයට යොමු කිරීම සිදුවිය.
බ්‍රිතාන්‍යය ජාතිකයාට නියම කල සිරදඩුවම් කාලය කොපමණද?
{ "answer_start": [ 102 ], "text": [ "සති 6 ක" ] }
abd979f9-2283-4ede-998b-76aa9d8ee1dd
කොවිඩ් - 19, මාරාන්තික දෙවන රැල්ල සමඟ රට සටන් වදින විටදී ඉන්දීය සිනමා කර්මාන්තයේ ජනප්‍රිය පුද්ගලයන් ඒ වෙනුවෙන් මුදල් පරිත්‍යාග කරමින් උපකාර කිරීමට එක් වී සිටිනවා. සහන සඳහා මේ වන විට ඔවුන් විශාල මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබෙනවා. අනිල් කපූර් ද මන්කිරන්ඩ් ෆාමා නම් ඖෂධ සමාගම සමඟ එක්ව මහාරාෂ්ට්‍ර මහඇමති සහන අරමුදලට රුපියල් කෝටියක පරිත්‍යාගයක් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ. මෙය පමණක් නොව සන්නාම තානාපතිවරයකු ලෙස ඔහු සහ ඔහුගේ කණ්ඩායම විසින් මුම්බායි හි සියලුම පොලිස් නිලධාරීන්ට සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ ද බෙදා දෙන බවත් සඳහන්.
රට සටන් වදින්නේ කුමන රෝගය සමග ද?
{ "answer_start": [ 0 ], "text": [ "කොවිඩ් - 19" ] }
0ad4ef88-fd14-4c17-97ba-81d1ed16614c
සංසාර පුරුදු සමග එන මතක සටහන් වඩාත් හුවා දක්වන ප්‍රචලිතම අවස්ථාව වනුයේ පෙර ආත්ම තොරතුරු පවසන කුඩා ළමුන්ය. මොවුන් සාමාන්‍ය ළමයින්ට වඩා බුද්ධිමත් සහ විචාරශීලී අය බවත්, මතකය සහ භාෂා කුසලතා අතින් ඉදිරියෙන් සිටින බවත් මහාචාර්ය හැරඩ්සන් පවසයි. දියුණු කළ මනසේ ප්‍රතිරාවය ඉදිරි භවය තුළින් දැකිය හැකි බව මෙයින් සනාථ වෙයි. ජීවිතයේ මුල් දසකයේදීම පූර්ව මතකය ඉවත්ව යන නමුදු කලාතුරකින් ඇතැමුන් තරුණ විය කරාද සිය ජීවිතය කාලය පුරාමද එම මතකය දරා සිටිති. සාමාත්‍ය මිනිසාට එය එසේ නොවීම ද අතිශය වාසනාවකි. එහෙත් සෑම පුද්ගලයෙකුගේම කැමැත්ත, පෞරුෂ ලක්ෂණ, දක්ෂතා, සෞඛ්‍ය, සමාජ මට්ටම යන සියලු දෙය පෙර භව අත්දැකීම්වලට අනුරූප වෙයි. ඕනෑම අයෙකුට තම ආත්මීය සංකල්පනාවන් ඔස්සේ යමින් පෙර භවයේ ස්වභාවය පිළිබඳ යන්තමින් හෝ නිමිත්තක් වඩවා ගැනීමට අවස්ථාව ඇත. එය තම බුද්ධි පරිමාණයේ හා විචාරාත්මක ප්‍රවීණත්වයේ ප්‍රමාණය අනුවය. වර්තමාන චර්යා රටාව ද ඉදිරි ආත්මභාවය කෙරෙහි බලපාන අන්දම බුදු දහමේ මනාව පැහැදිලි කර ඇත.
මතකය සහ කුසලතා වලින් ඉදිරියෙන් සිටින බව පවසන්නේ කව්ද?
{ "answer_start": [ 213 ], "text": [ "මහාචාර්ය හැරඩ්සන්" ] }
6c5ee9a3-0c0c-480c-b1cc-75cbbe4110ca
කන්‍යා ලග්නයෙන් වැඩ කිරීමේ දී ශුභ ග්‍රහයකු වන සිකුරු ලග්නයට ආවත් එම සිකුරු නීච නිසා එය යොදා ගැනීම අනුමත කළ නොහැකිය. නීච ග්‍රහයකු ලග්නයේ තැබීම අශුභ ඵල ඇතිවීමට හේතුයි. සිකුරු හෝරාවෙන් පසුව එන බුධ චන්ද්‍ර හෝරාවලින් වැඩ කිරීමේදී ලග්නය වශයෙන් තුලා එයි. එවිට රවි එකොළහට පැමිණේ. රවි එකොළහට තබා වැඩ කිරීමෙන් දෝෂ භංග වන බව පැවැසේ. ඉහත සඳහන් මංගල උත්සව හතේ නිර්මාතෘවරයන් වැඩි දෙනෙකු යොදා ගන්නට ඇත්තේ මේ න්‍යායයි. එහෙත් එය යොදන්නේ හදිසි කරුණක දී පමණි. එය සෑම අවස්ථාවකම යොදා ගන්නේ නැත. විවාහය යනු මාස ගණනක, සමහර විට අවුරුද්දක පමණ කාලයක සිට සංවිධානාත්මකව කරන දෙයකි. ඒනිසා රවි එකොළහට තබා දෝෂභංග කිරීමට අවශ්‍යතාවක් නැත. ඕනෑතරම් කාලය ලබාගෙන හොඳ දවසක යොදාගත හැකි මංගල අවස්ථාව ශුභ වේලාවකම කළ යුතුය. 23 වනදා සවස් කාලයේ පෝරුවේ චාරිත්‍ර කරතොත් ලග්නයට එන්නේ වෘශ්චික, ධනු හෝ මකරය. එවිට ලග්නයට ශුභ ග්‍රහයකු ගැනීමට නොහැකි වේ. ඒනිසා සවස් වරුවේ ද පෝරුවේ චාරිත්‍ර කළ නොහැකි වේ. පෝරුවේ චාරිත්‍ර ගැන මෙසේ සඳහන් කළේ මංගල උත්සවයේ ප්‍රධාන නැකත ගන්නේ පෝරුවේ චාරිත්‍ර සඳහා නිසාය.
රවි එකොළහට තබා වැඩකිරීමෙන් කුමක් සිදුවේද?
{ "answer_start": [ 300 ], "text": [ "දෝෂ භංග වන බව පැවැසේ" ] }
03a56786-b099-469c-9048-bab3f0a3e9c2
පාකර් යානාව මුහුණ දෙන විශාලතම අභියෝගය වන්නේ ඉතා කෙටි කාලයක් තුළ අධික සීතල සහිත පරිසරයක සිට අධික උණුසුම සහිත පරිසරයකට පිවිසීම බව නාසා ආයතනය සඳහන් කරයි. යානාව සූර්යයාගේ වායුගෝලයට පිවිසෙන විට එහි අභ්‍යන්තරයේ ජලය යොදාගෙන නිර්මාණය කර ඇති සිසිලන පද්ධතිය ක්‍රියාත්මක වීම ඇරඹේ. එතරම් උණුසුම සහිත පරිසරයකදී සිසිලනය සඳහා යොදා ගත හැකි හොඳම දෙය වතුර බව විද්‍යාඥයින්ගේ විශ්වාසයි. අභ්‍යාවකාශයට පිවිසෙන යානාව සූර්යයාගෙන් උණුසුම ලැබීමට පෙර දැඩි සීතල පරිසරයක ගමන් කරයි. එහිදී යානාවේ සිසිලන පද්ධතියේ රේඩියේටර්වල උණුසුම ෆැරන්හයිට් සෘණ අංශක 220ක් තරම් පහළ බසියි.
සිසිලනය සදහා යොදාගත හැකි හොදම දෙය ලෙස විද්‍යාඥයින් පවසන්නේ කුමක්ද?
{ "answer_start": [ 333 ], "text": [ "වතුර" ] }
cea0d070-e738-40d3-9fa3-bdfb0daf832d
අස්ගාරිගේ අතුරුදන්වීමෙන් මාසයකට පසුව, 2007 මාර්තුවේදී තවත් මුල් පෙළ නිලධාරියෙකු එපරිදිම අතුරුදන් විය. අල් කුඩ්ස් ඒකකයේ සේවය කළ ඔහු අමීර් ශිරාසි නම් විය. මේ දෙදෙනාට අමතරව පර්සියානු ගල්ෆ් කලාපයේ අණදෙන නිලධාරී මොහම්මද් සුල්තානිද අතුරුදන් විය. 2009 ජූලි මස න්‍යෂ්ටික විද්‍යාඥයෙකු වූ ෂහ්රාම් අමීරිද රට හැර ගියවුන්ගේ ලැයිස්තුවට එකතු විය. කොම්හි සේවය කළ ඔහු මෙකා වන්දනාවේදී සවුදි අරාබියේදී අතුරුදන් විය. ඔහුට සිදුවූයේ කුමක්දැයි සොයන ලෙස ඉරානයෙන් සවුදියට පණිවිඩය එවනු ලැබිණි. එයින් මාස කිහිපයකට පසුව ඔහු එක්සත් ජනපදයෙන් මතු විය. ඇමෙරිකානු ඩොලර් මිලියන පහක මුදලක්, නව අනන්‍යතාවක් හා ඇරිසෝනා ප්‍රාන්තයේ නව නිවසක් ඔහුට ලැබුණු දේ අතර විය. ඔහු වසර ගණනාවක සිට බටහිර බුද්ධි සේවාවලට ඔත්තු සැපයූ තැනැත්තෙකු බව සී.අයි.ඒ වාර්තාවලින් කියැවිණි.
ෂහ්රාම් අතුරුදහන් වූයේ කොහේදීද?
{ "answer_start": [ 367 ], "text": [ "සවුදි අරාබියේදී" ] }
2c2fb704-a391-46ea-821a-e9534c1bdfca
යුනයිටඩ් එයාර්ලයින් සමාගමේ බෝයිං 767 යානය මගීන් 51ක් සහ නව දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලය සමග ලෝගන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට බොස්ටන් මැසචුසෙට්ස් හරහා නිව්යෝර්ක් කරා පියාසැරීම ඇරඹුවේ 2001 සැප්තැම්බර් 11 පාන්දරය. උදෑසන 8.51ට යානය නිව්යෝර්ක් ගුවන් රේඩාර් පද්ධතියේ සටහන් වුවද යානයේ නියමු කුටිය තුළ වූයේ ලෝගන් සිට යානය ගුවන් ගත කරද්දී නියමු කුටියේ සිටි කපිතාන්වරයා නොවන බව පාලන කුළුණ දැන සිටියේ නැත. මේ වන විට කාර්ය මණ්ඩලය තම අත තිබූ සෙලියුලර් දුරකතන මගින් තමන් පැහැර ගෙන ඇති බව හතර අතේ මිතුරන්ට පණිවිඩ දෙමින් සිටියහ. එහෙත් යානය අතරමග දී විනාශ කිරීමට ප්‍රහාරක යානා ගුවනට නොපිවිසි අතර පැහැර ගත් කණ්ඩායමේ නායක මාවන් අල් ෂෙබි තම ඉලක්කය කරා යානයේ ලීවර ක්‍රියාත්මක කරමින් සිටියේය. ඔහුගේ සහාය පිණිස තවත් සෞදි ජාතිකයෝ තිදෙනෙක්ද අල්කයිඩාවෙන් එවා තිබිණි. පළමු ප්‍රහාරයෙන් විනාඩි 17 කට පසු පියාසර අංක 175 උදෑසන 9.03 ට දකුණු කුළුණ බිඳගෙන ඇතුළට ගියේය.
පැහැරගත් මෙම ගුවන්යානය කුමන සමාගමේ ගුවන් යානයක්ද?
{ "answer_start": [ 0 ], "text": [ "යුනයිටඩ් එයාර්ලයින් සමාගමේ" ] }
8791df5e-ed94-4c50-a6a1-c99aaab7e23d
සරණපාල කිසිම වග විභාගයක් නොකොට නොයෙකුත් පරිභව කොට නීලා සිය නිවසින් නෙරපීය. නිර්දෝෂී වූ ඈ මෙවෙලෙහි ඇගේ නිර්දෝෂිතාව කියා පෑමට නොවෙහෙසී සිය සැමියාගේ හිත වැඩ පතා වෙන්වීමට කැමති වුවත් මාතෘ සෙනෙහසෙන් ළය දෙදරන්නී ස්වර්ණා නම් පොඩිදුව ගෙන ගියාය. දියණිය සිය සැමියාගෙන් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී බිම වැටීමෙන් වූ තුවාල වලට ප්‍රතිකාර පිණිස යම් කිසි මුදලක් සොයා ගත නොහැකිව දරුණු සිත් වේදනාවෙන්. පෙළෙන නීලාට කුඩා තිලක හමුවෙයි. මව හා බිලිදා කැටුව ආරෝග්‍ය ශාලාවට ගොස් ළපටි ස්වර්ණා ප්‍රතිකාර පිණිස ආරෝග්‍ය ශාලාවට භාර දී නීලාට රක්ෂාවක් ලබාදෙන අටියෙන් තිලක ඇය තම පියා රක්ෂාව කරන සැම්සන්ගේ බංගලාවට කැඳවා ගෙන යයි.
නීලාට රක්ෂාවක් ලබාදෙන අටියෙන් තිලක ඇයව රැගෙන යන්නේ කොහෙටද?
{ "answer_start": [ 560 ], "text": [ "සැම්සන්ගේ බංගලාවට" ] }
c602d893-eddf-4112-a7a2-cf7ab773927f
ඉන් පසු කලෙක බටහිර බෙංගාලයේ රජකළ ශශංක රජු විසින් බෝධින් වහන්සේ කපා ගිනි තබන ලදී. එහෙත් පිංවන්ත බෝධිය නැවතත් මහාපොළවෙන් නැගී සිටියේය. ඒ මගධයේ රජු පූර්ණවර්ධන රජතුමා බෝධියට කළ සත්කාර හේතුවෙනි. 12 වන ශත වර්ෂයේ දී සිදුකළ මුස්ලිම් ආක්‍රමණයේදීද ජය ශ්‍රී මහා බෝධිය කපා ගිනි තබන ලදී. ඊට පසුත් බෝධීන් වහන්සේ නැගී සිටියේය. නැවත වතාවක් බෝධීන් වහන්සේ සුළි සුළඟකින් විනාශවී තිබුණේය. එහෙත් එහි අංකුරයක් නැවත දලුලා ආවේය. අද අපි වන්දනා කරනුයේ පැරණි බෝධියෙන් මතුව ආ හත්වන බෝධි රාජයාණන්ටය. කිසිවෙකුටත් විනාශ කළ නොහැකි වූ මෙම පින්වන්ත අසිරිමත් බෝධිය වටා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා රන්වැටක් ඉදිකර තිබේ. එය අද ද දක්නට ඇත. වන්දනීය පූජනීය බෝධිය විනාශ කළා සේම වසර කීපයකට පෙර බුද්ධගයා විහාරය ද හින්දු ආගමික මහන්තා විසින් අත්පත් කරගන්නා ලදී. එසේම ඒ අසල ශිව ලිංගය සහිත කෝවිලක් සාදා හින්දු සම්ප්‍රදායට අනුව කටයුතු කර තිබුණේය. නිමල වූ බුදුදහමේ මහානර්ඝ ස්ථානයක් වූ බුද්ධගයාව මහන්තාගෙන් බේරාගත යුතුයි යන අදහස පහළ වූයේ අනගාරික ධර්මපාලතුමාටය.
මෙම පින්වන්ත බෝධිය වටා රන් වැටක් ඉදිකලේ කවුද?
{ "answer_start": [ 540 ], "text": [ "ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා" ] }
60dddddd-4117-4d99-98c1-85be78fde72d
ලොව පුරා කලින් කලට විවිධ ලෙඩ රෝග හා වසංගත පැතිර යාම වර්තමානයේ සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබේ. පසුගිය දිනවල අප රටේ ද ඉන්ෆ්ලුඑන්සා ඒ නොහොත් එච්1එන්1 වෛරසය මගින් ඇති කරන ලද උණ රෝගය පැතිර ගියේය. සාමාන්‍යයෙන් මෙම රෝගය බෝවන්නේ රෝගියකුගේ කෙළ හා සොටු දියරවලිනි. එච්1එන්1 වෛරසය ලොව පුරා බහුලව පැතිර ගියේ 2009 වසරේ වුවද එය මුලින්ම ව්‍යාප්ත වූයේ මින් සියවසකටත් ඉහත එනම් 1918 වැනි කාලයේය. මිලියන ගනනකට මරු කැඳවූ එම වසංගතය එකල හැඳින්වූයේ ස්පාඤ්ඤ ඉන්ෆ්ලුඑන්සාව නමිනි. 1918ත් 1919ත් අතර කාලයේ ලා ග්‍රිපෙ, ලා ග්‍රිපෙ එස්පැනොලා නොහොත් ස්පාඤ්ඤ ඉන්ෆ්ලුඑන්සාවෙන් ලොවපුරා ජනගහනයෙන් මිලියන 50ත් 100ත් අතර පිරිසක් මරණයට පත් වූ බවට වාර්තා විය. මානව ඉතිහාසයේ ඇති වූ මාරාන්තික වසංගතයක් වශයෙන් එය ඉතිහාසගතය.
එච්1එන්1 වෛරසය මුලින්ම ව්‍යාප්ත වූයේ කිනම් කාලයේද?
{ "answer_start": [ 361 ], "text": [ "1918 වැනි කාලයේය" ] }
5bc958c3-2f30-439f-9a54-5b41c4aa9b22
අපි ජල නළත් එළා ගන්නම්. සියලුම දේ අපේ වියදමින් කරගන්නම්. අපිට ජලය සබඳතාව දෙන්න. මෙහි ජනතාවගේ ඉල්ලීම වන්නේ එයයි. නැගෙනහිර ලුණුවිල හා මැද ලුණුවිල ග්‍රාම සේවා වසම් වර්ෂා කාලයේ දී ජලයෙන් යට වේ. වැසිකිළි පද්ධති ද උතුරා ජලයට එකතු වීමෙන් ජලය දූෂිත තත්ත්වයට පත් වේ. මේ නිසා මෙම දූෂිත ජල පානයෙන් බොහෝ දෙනා වකුගඩු රෝග වැනි භයානක රෝගී තත්ත්වයන්ට මුහුණපා තිබේ. නැගෙනහිර ලුණුවිල පදිංචිකරුවකු වන හෙළ ජාතික රණවිරු සංගමයේ සභාපතිවරයා වන ප්‍රදීප් සංජීව මහතා ප්‍රකාශ කළේ මෙවැන්නකි. ජලය ලබා ගන්නට අපි එදා ඉඳන් සටන් කරනවා. තාමත් ඒක නොහැකි වී තිබෙනවා. දැදුර ඔය ආසන්නයේම තියෙනවා. සිංගක්කුලිය දක්වා ජල ව්‍යාපෘතිය පැමිණ තියෙනවා. එතන ඉඳන් මෙහාට තියෙන්නේ කිලෝමීටර් 7ක් විතර. ඇයි මේ තරම් විශාල ගමකට ජලය දෙන්න බැරි?
මෙහි ජනතාවගේ ඉල්ලීම වන්නේ කුමක්ද?
{ "answer_start": [ 62 ], "text": [ "ජලය සබඳතාව" ] }
6c8d5a6a-e198-464a-8d76-f6cfb8b3713a
ජාඩි හොද්දට කන කෑමක් නිසා හොදි හිඳෙන්න දෙන්න එපා. ජාඩි වල නියම රහ එන්නෙ කොච්චි දැම්මහම. මේ ජාඩි හොද්ද එක්ක රතු බත් කන්න පුළුවනි ඔනෙ තරමක්. පොල් සම්බලකුත් එකතු වුණහම හරි රසයි. ජාඩි බත් අදින කෑමක්. ඒවගේම තමයි පොල් දාලා තැම්බුව කොස්, දෙල් තම්බලා පොල් එක්ක කන්නත් ජාඩි හරි නියමයි. රතු බත් එක්ක දෙල් කහ පොල් දාලා මලවලා, ජාඩි හොද්දක් හදාගත්තම හරි ජාති. දවල්ට බත් කන්න හැකියි. ජාඩි හදන්න අති ප්‍රසිද්ධ අපේ ගම කොග්ගල, දොඩන්දුවෙ, බළපිටියෙ පැරැන්නො සුලු‍ප්පු යාත්‍රාවල නැගිල ලු‍ණු ගොරක එහෙමත් අරගෙන ඉන්දියාවෙ තූත්තුකුඩි වරායට ගිහින් එහෙන් මාළු අල්ලන් ජාඩි කරලා ඒව පීප්පවල දාගෙන ඇවිත් ලංකාවෙ විකුණුවා කියලා දොඩන්දූවෙ ධීවර වරාය ඉතිහාසයේ කියවෙනවා. මේ කියන්නෙ දහ නවවෙනි ශතවර්ෂය මුල් කාලයේ ය.
ජාඩි කුමන ආකාරයේ කෑමක්ද?
{ "answer_start": [ 180 ], "text": [ "බත් අදින කෑමක්" ] }
26e8bcbf-034a-46f6-8d0b-7d663d2aa270
80 දශකයේ කාගෙත් ආදරය දිනූ සිනමා නළුවෙකු වු සනි ඩියොල්ගේ පුත් කරන් ඩියොල් මීට දින කිහිපයකට පෙර විවාහ ගිවිසගත් පුවතක් වාර්තා වෙයි. මෙසේ කරන් විවාහ ගිවිස ගෙන ඇත්තේ කුඩා කාලයේ සිට තම මිතුරියක් වූ ඩ්‍රීෂා සමගිනි. ඩ්‍රිෂා යනු චිත්‍රපට අධ්‍යක්ෂක බිමල් රෝයිගේ මිනිබිරියක්ද වෙයි. කෙසේ වෙතත්, වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර සිටින්නේ කරන් හ ඩ්‍රිෂාගේ විවහ ගිවිස ගැනිමක් මේ වනවිට වාර්තා නොවන බවය. ඔවුන් දෙදෙනාම සනි ඩියොල් රඟපැ, බිමල් රෝයි අධ්‍යක්ණය කළ අප්නේ චිත්‍රපටයේ දෙවැනි නිර්මාණය සඳහා රංගනයේ යෙදෙන බව සඳහන් වෙයි.
කරන් විවාහ ගිවිස ගෙන ඇත්තේ කා සමගද?
{ "answer_start": [ 161 ], "text": [ "කුඩා කාලයේ සිට තම මිතුරියක් වූ ඩ්‍රීෂා සමගිනි" ] }
5d34dc97-3e5a-4dee-9965-033e0b6b218c
ඔහු සිතුවා නිවැරදිය. එක තැනක වෙනස් හඬක් නැඟිණි. එතැන බිත්තිය පලුදු කළ ද එතැනින් කඩා වැටුණේ බදාම නොවේ. කිසියම් ඇලෙනසුලු ද්‍රව්‍යයකි. තවදුරටත් පරීක්ෂා කර බැලීමේදී එය සබන් කැටයක් භාවිතා කර බිත්තියේ සාදා ඇති සිදුරක් වසා ඇති ආකාරය බව පැහැදිලි විය. පසුව එය ඉවත්කර බිත්තිය තවදුරටත් පළුදු කිරීමේදී ඉන් මතු වූයේ පාර්සලයකි. බ්‍රවුන් ෂුගර් වර්ගයට අයත් හෙරෝයින් ග්‍රෑම් දහයක පැකට්ටුවකි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු රැඳවියකගේ දින කිහිපයක අවශ්‍යතාව තවත් දින ගණනකට නවතා දැමීමට ඉන් හැකියාව ලැබුණි. තවත් දවසක වත්තේගම පොලිසියේ දූෂණ මර්දන පොලිසියේ ස්ථානාධිපතිගේ ඉල්ලීමකට අනුව අලවතුගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය පරීක්ෂණ රාජකාරියකට ගියා. අනිල් තවත් රහස් පරීක්ෂක කතාවකට මුල පුරයි. අලවතුගොඩ සිට කිලෝ මීටර් එකහමාරක දුරක් ගියේ වළවල් සහිත තාර පාරකය. පාර ඉතාමත් අසීරුය. එතැන් සිට තවත් කිලෝ මීටර් එකක පමණ අඩි පාරක ගොස් කුඹුරක් අසල නිවෙසක් ළඟ නැවතුණා. ටෝබි මේ වගේ ගමන් සඳහා කැමැත්තක් දක්වනවා. ඒ ඌට නිදහසේ ගමන් කළ හැකි නිසා විය යුතුයි. නිවසේ දොර ඇරලා තිබුණත් එළියේ කිසිවෙක් සිටියේ නැති නිසා දොරට තට්ටු කළා. නිවෙස ඇතුළේ සිටි කාන්තාවක් එළියට ආවා.
තවත් කිලෝ මීටර් එකක පමණ අඩිපාරක ගොස් නැවතුනේ කොහේද?
{ "answer_start": [ 787 ], "text": [ "කුඹුරක් අසල නිවෙසක් ළඟ" ] }
73d7309c-4684-4c67-b5ef-afeacd51fd6a
අම්බුළුවාව කන්ද ඛාදනයට ලක් නොවන ඉන්සෙල්බර්ග් වර්ගයේ පර්වතයකි. කන්දෙහි නැගෙනහිර බෑවුම බොහෝ විට රළු කළුගලෙන් නිර්මාණය වී ඇති අතර අනෙක් බෑවුම තද වන ගහනයක් දක්නට ලැබේ. මෙහි වෙසෙන සත්ත්ව සහ ශාඛ හේතුවෙන් අම්බුළුවාව ජෛව විවිධත්වය අතින් ඉතා වැදගත් වෙයි. මෙහි අපෘෂ්ඨ වංශිකයෝ සිය ගණනකි. කෘමීන්, කුරැමිණි වර්ග සුලබය. සමනළ වර්ග 20ක් පමණ නිරීක්ෂණය කළ හැකි අතර රාත්‍රී කාලයේ සලබ වර්ග විශාල ගණනකි. ලෝකයේ දක්නට ලැබෙන උභය ජීවි ගෝත්‍ර 3න් 3ක් මෙම කන්දෙන් හමුවී තිබේ ගමෙහි ලංකා ගල්පර මැඩියා නමින් හඳුන්වන පොසීලයක් ද දක්නට ඇත. උරග විශේෂ 43 කි. මින් විශේෂ 24 ක් අප රටට ආවේණිකය. සර්ප වර්ග 25ක් හමුවන අතර කුඩාම සර්පයා වන කනඋල්ලා සහ ලොකුම සර්පයා වන පිඹුරා ද මෙහි සිටී. මෙහි වාසය කරන පක්ෂි විශේෂ ගණන 90ක් පමණ ය. එසේම, අහස නිරීක්ෂණයට රිසි පිරිස් වෙනුවෙන්ද අම්බුලුවාවේ පහසුකම් සලසා තිබේ. තරැ පිරි නිශා යාමයේ විශ්වය ගවේෂණය කරන්නකුට දුරේක්ෂ සහ අනෙකුත් උපාංග සවි කිරීමට අවශ්‍ය පසුබිම සහිත නිදහස් දර්ශනයකට අවැසි සියලු පහසුකම් සහිත නැරඹුම් මැදිරියක් ද ඉදිකර තිබේ.
ලංකා ගල්පර මැඩියා ලෙස හදුන්වන්නේ කුම්ක්ද?
{ "answer_start": [ 486 ], "text": [ "පොසීලයක්" ] }
881a2dfc-1e7f-41a9-b120-4dd084f61745
ගුවන් හමුදාව සතු පැරෂුට් ඔවුහු භාවිත කරති. ඔවුන් ගුවනට රැගෙන යන ගුවන් යානය ද ගුවන් හමුදාවේය. පැරෂුට්වලින් පනින අවස්ථාවේ සිට බිමට පතිත වී නැවත ඔවුන් නිරුපද්‍රිතව ආපසු යැවීම දක්වා සියලු‍‍ වගකීම ගුවන් හමුදාව සතු වෙයි. නමුත් මෙමගින් වැඩි ලාබයක් ලබන්නේ එවැනි වැඩසහටන් සංවිධානය කරන අතරමැදි විදේශිකයන්. මෙය සැබැවින්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයත් එක්ව සංවිධානය කළ හැකි සංචාරක ආකර්ෂණීය වැඩසටහනකි. එමගින් විශාල විදේශ විනිමයක් මෙරටට ලබාගැනීම සඳහා ගුවන් හමුදාවත් එහි පුහුණුව ලැබූ නිලධාරීන් ද උපයෝගි කරගත හැකි වනු ඇත.
මෙය ගුවන් හමුදාව හා තවත් කවුරුන් එක්වීමෙන් කලහැක්කක්ද?
{ "answer_start": [ 336 ], "text": [ "සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයත්" ] }
ef19b2c5-daf1-44b9-80ff-5144679ee1d2
ජාත්‍යන්තරයේ පිළිගැනීම ලබාගැනීමට පෙර තලේබාන් සංවිධානය රට සුජාතභාවය සහ නිත්‍යනුකූලභාවය ඇති කරගත යුතු යැයි ද ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි ඉකුත් දා පැවැසීය. වොයිස් ඔ‌ෆ් ඇමෙරිකා පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපතිවරයා ඒ බව පවසා ඇත. තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය තුළ පිළිගැනීමට ලක්වීමත් රට තුළ සිය සුජාතභාවය සහ නීත්‍යනුකූලභාවය ඇති කරගැනීමටත් මැතිවරණයක් පැවැත්විය යුතු බවත් එසේ නැතිනම් නෛතික මන්ත්‍රණ සභාවක් වන ‘ලෝයා ජිර්ගාවේ’ බලය තහවුරු කරගත යුතු බවත් හෙතෙම කීය.
ජාත්‍යන්තරයේ පිළිගැනීම ලබාගැනීමට පෙර තලේබාන් සංවිධානය රට සුජාතභාවය සහ නිත්‍යනුකූලභාවය ඇති කරගත යුතු යැයි පැවසූයේ කවුරුන් විසින්ද?
{ "answer_start": [ 107 ], "text": [ "ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි" ] }
f4fec886-be8c-4330-8dff-41030501f7c5
මියන්මාර හමුදාව බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළේ පසුගිය පළමු වැනිදා අලුයමය. නොවැම්බර් 8 වැනිදා පැවැත්වුණු මියන්මාර මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකරගෙන සිටි නායිකා අවුන් සාන් සූ කී ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ ප්‍රධානත්වයෙන් එදින උදේ පළමු පාර්ලිමේන්තු සැසිය පැවැත්වීමට නියමිතව තිබුණි. පළමු වැනිදා උදේ පාන්දරින් අවදි වුණු හිංග් හින් වේ සුපුරුදු පරිදි සිය දෛනික කටයුතු ආරම්භ කළාය. හිංග් හින් වේ, සමාජ මාධ්‍ය හරහා ඇරොබික්ස් ව්‍යායාම උගන්වන ගුරුවරියකි. ඇය දිනපතා උදෑසන සජීවීව ඇගේ වීඩියෝ හරහා ශාරීරික සුවතා උපදෙස් ලබා දෙයි. නටමින් ව්‍යායාම කරන ආකාරය පෙන්වයි. පසුගිය පළමු වැනිදා හිමිදිරියේ ඇය කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව මුහුණු ආවරණයකින් ද සැරසී සජීවීව ඇගේ වීඩියෝ ප්‍රසිද්ධියට පත් කරන්න වූයේ නායිපායිදේව් අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට සිටය.
මහා මැතිවරණය පැවත්වුනේ කවදද?
{ "answer_start": [ 76 ], "text": [ "නොවැම්බර් 8 වැනිදා" ] }
efdfe7ac-af0b-4617-8385-8ba80ac3cff1
තැපැල් ගොඩනැගිලි ගොඩනැගීම නිරීක්ෂණයට ආ සුද්දාගේ ලොග් සටහන් පොතේ සටහන් කළ එක් අප්‍රසන්නම කාරණයක් ඇත. ගොඩනැගිල්ලේ වැඩෙහි නියුතු සිංහලයන් බුලත් විට කා කාරා කෙළගැසීම ගැන සුද්දා සටහන් කොට ඇත්තේ මහත් අප්‍රසන්න කටයුත්තක් ලෙසය. නමුත් පසු දිනම වැඩ බිමෙහි බුලත් විට කෑඹ තහනම් කොට තිබේ. මෙම තැපැල් ගොඩනැගිල්ල තනා සති දෙකක් මහජන ප්‍රදර්ශනයට තැබූ බව පුවත්පත්වල ඇත. ගොඩනැගිල්ල නිම කිරීමට වසර පහකට ආසන්න කාලයක් ගත වී ඇති අතර එය විවෘත කොට ඇත්තේ 1895 අගෝස්තු 19 වැනිදාවකය. ආණ්ඩුකාර නිවෙස අසලින්ම මෙම මහ තැපැල් හළ ඉදිකිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එවකට බ්‍රිතාන්‍ය නීතිය අනුව ආණ්ඩුකාරවරයා රටෙන් බැහැර ගිය විට එම කටයුතු සොයා බැලීමට වගකිව යුතු පුද්ගලයා ලෙස බලය පැවරී තිබුණේ පෝස්ට් මාස්ටර් ජනරාල්වරයාට කියාය.
සුද්දා අප්‍රසන්න කටයුත්තක් ලෙස සටහන් කළේ කුමක්ද?
{ "answer_start": [ 135 ], "text": [ "බුලත් විට කා කාරා කෙළගැසීම" ] }
76c0776a-e7ea-4406-bd59-0b0414df3b00
“තෙල්වත්තේ නීල්” නමැත්තා සතුව තිබී අත්අඩංගුවට ගත් එක් රිවෝල්වරයක් ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ගිනි අවියක් බවට අනාවරණය වී ඇතැයි ද අධිකරණය හමුවේ කරුණු වාර්තා වූ තවත් සිද්ධියකි. එම මිලිමීටර් 9 මාර්ක් 2 වර්ගයේ පිස්තෝල ගිනි අවිය ඉකුත් 1996 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ යාපනය බලසේනා මූලස්ථානයට නිකුත් කළ එකක් බවට වාර්තා වී තිබිණි. මාතර සිට බලපිටිය දක්වා හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 130ක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව පොඩි ලැසීගේ ගෝලයකු වන පාත්තරකැටිය පාර, බටපොල පදිංචි අලුත්ගම ගුරුගේ මංජුල නොහොත් ‘මංජු’ නමැත්තා ඉකුත් 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. මේ සියල්ල එසේ වෙද්දී පොඩි ලැසීගේ අම්මාද මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ තම පුතුගේ නීති විරෝධී මුදල් පරිස්සම් කරගෙන සිටි නිසාය. තවමත් 32 හැවිරිදි වියේ පසුවන පොඩි ලැසී ගැහැනු දරුවකුගේ පියෙකි. සිය උපන් වයසට කිට්ටුවෙන් මනුෂ්‍ය ඝාතන රැසක් සිදුකර ඇති මොහු දැන් දැන් හෙරොයින් සිද්ධීන් සම්බන්ධයෙන්ද අධිකරණ හමුවේ අවශ්‍යව සිටින සැකකරුවකු වී හමාරය. පොඩි ලැසී දැන් රඳවා සිටින්නේ බූස්ස බන්ධනාගාරයේය. අවශ්‍ය පහසුකම් නැතැයි ඔවුහු ආහාර වර්ජනයක් පටන් ගත්හ. වර්ජනය අවසන් වූයේ තර්ජන සිද්ධියකට අදාළව අධිකරණය හමුවේ නඩුවක් ගොනු වීමෙනි. එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමග හෙරොයින් ජාවාරම සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව ඉදිරි දිනයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු බූස්ස බන්ධනාගාරයේ සිට එම දෙපාර්තමේන්තුව වෙත රැගෙන යනු ඇත.
මෙම ගිනි අවිය නිකුත් කර ඇත්තේ කුමන මූලස්ථානයටද?
{ "answer_start": [ 288 ], "text": [ "යාපනය බලසේනා මූලස්ථානයට" ] }
4331dda9-edbd-448f-8b94-0168938d4378
මියන්මාර හමුදාව බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළේ පසුගිය පළමු වැනිදා අලුයමය. නොවැම්බර් 8 වැනිදා පැවැත්වුණු මියන්මාර මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකරගෙන සිටි නායිකා අවුන් සාන් සූ කී ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ ප්‍රධානත්වයෙන් එදින උදේ පළමු පාර්ලිමේන්තු සැසිය පැවැත්වීමට නියමිතව තිබුණි. පළමු වැනිදා උදේ පාන්දරින් අවදි වුණු හිංග් හින් වේ සුපුරුදු පරිදි සිය දෛනික කටයුතු ආරම්භ කළාය. හිංග් හින් වේ, සමාජ මාධ්‍ය හරහා ඇරොබික්ස් ව්‍යායාම උගන්වන ගුරුවරියකි. ඇය දිනපතා උදෑසන සජීවීව ඇගේ වීඩියෝ හරහා ශාරීරික සුවතා උපදෙස් ලබා දෙයි. නටමින් ව්‍යායාම කරන ආකාරය පෙන්වයි. පසුගිය පළමු වැනිදා හිමිදිරියේ ඇය කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව මුහුණු ආවරණයකින් ද සැරසී සජීවීව ඇගේ වීඩියෝ ප්‍රසිද්ධියට පත් කරන්න වූයේ නායිපායිදේව් අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට සිටය.
මහා මැතිවරණයෙන් ජයග්‍රහණය කලේ කව්ද?
{ "answer_start": [ 165 ], "text": [ "අවුන් සාන් සූ කී" ] }
fb711a97-a10d-47fb-9f09-b395fd3b4ba7
නෝර්වේ ඔස්ලෝ නගරය ආසන්නයේ පිහිටි ආස්ක් ගම්මානයේ කඳුකර ප්‍රදේශයක සිදුවූ නාය යෑමකින් 10 දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. අධික හිම පතනය හේතුවෙන් නායයෑම සිදුවී ඇතැයි බලධාරීහු පවසති. අතුරුදන් වූවන් සොයාගැනීම සඳහා ස්වීඩ්න් ස්වෙච්ඡා සේවකයින් සහ හෙලිකොප්ටර්ද යොදවා ඇති නමුත් මෙතෙක් ඔවුන් සම්බන්ධව හෝඩුවාවක් හෝ ලැබී නොමැත. අයහපත් කාළගුණය හේතුවෙන් මේ වනවිට ප්‍රදේශයේ 100ක පමණ පිරිසක් සුරක්ෂිත ස්ථාන වෙත ඉවත්කර ඇති අතර තවත් බොහෝ පිරිසක් ඉවත් කරමින් පවතී. හිම කඳු කඩා වැටීම හේතුවෙන් නිවාස 10ක් පමණ විනාශ වී ඇත. අධික ශීතල සහ හිම පතනය හේතුවෙන් මුදවා ගැනීමේ සේවකයන්ට කටයුතු කිරීම අසීරු වී ඇතැයි සඳහන් වේ. මෙය නෝර්වේහි මෑත කාලය තුළ සිදුවූ දරුණුම නායයෑමක් ලෙස හඳුන්වා ඇති අතර එම ප්‍රදේශය දැඩි අවදානම් ප්‍රදේශයක් ලෙස නම්කර තිබූ බව බලධාරීහු පවසති.
නාය යෑමෙන් අතුරුදන් වූ පුද්ගලයින් ගණන කොපමණ්ද ?
{ "answer_start": [ 83 ], "text": [ "10 දෙනකු" ] }
740ab5b5-6b75-4583-a54b-28c0f3dcf2d3
පසුව ඔහු රාජන් හමුවී ගුටිබැට හුවමාරු කරගන්නා ලදී. එහිදී රාජන්ට කමලිනීගේ අනියම් පෙම පිළිබඳ කියැවුණි. ඉන් කෝපාවිශ්ඨ වූ කපිල විසින් රාජන් මරණයට පත් කරන ලදී. පසුව නිවසට පැමිණ කමලනීට පොරෝ පහරක් දී අලුත උපන් දරුවාද මරා දැමුවේ තම ප්‍රථම දරුවා සහ මිත්තණිය නිවසේ නොසිටි නිසාවෙනි. මිනීමැරුම් චෝදනාව මත කපිල අද සිරබත් කන්නේය. මිනිස් ජීවිත දෙකක් සමග මෙලොව එළිය දුටු කිරිකැටියකුද අවසන් ගමන් ගොස් ඇත. තවද තම දෙමාපියන් අහිමිව කපිලගේ ප්‍රථම දරුවා මිත්තණිය සමග වැඩෙන්නේය. ක්ෂණික ආකර්ෂණය මත අනියම් සබඳතා පැවැත්වීමට බොහෝ විවාහක කාන්තාවන් යොමු වන්නේ තම සැමියාගෙන් ලැබිය යුතු ආදරය හා ලිංගික ජීවිතය නොලැබෙන නිසාමත් නොවෙයි. පසුගිය මස මහ පාරේ ඝාතනයට ලක්වූ කාන්තාවකට තම සැමියා සිටියදී තවත් අනියම් සැමියන් දෙදෙනෙක් සමග සම්බන්ධතා පැවැත්වීය එවැනිම සිද්ධීන් මීට පෙරද වාර්තා වුණි.
කපිලගේ ප්‍රථම දරුවා වැඩෙන්නේ කවුරු සමඟ ද?
{ "answer_start": [ 431 ], "text": [ "මිත්තණිය සමග" ] }
5914632a-700d-4158-9760-653101918685
ඉස්සර අපි ටීම් එක එකටමයි හිටියෙ. කෑමකට එළියට ගියත් ඔක්කෝමලා එකටමයි ගියේ. ඒ නිසා ලොකු බැඳීමක් ඇති වුණා. ඒ අතීතය මට නම් සදා අමරණීයයි. ඒ මිත්‍රත්වය එදා වගේම අදටත් ඒ විදියටම තියෙනවා. 19 න් පහළ ක්‍රීඩා කරද්දි අරවින්ද තමයි කැප්ටන් කළේ. එදා ඉඳලා අපි ක්‍රීඩා කරලා තියෙනවා. අර්ජුන සහ මම දෙන්නාම පාසල් ක්‍රිකට් වලින් පසුව එස්.එස්.සී. එකට ගැහුවෙ. අර්ජුන විතරක් නෙවෙයි. එයාගෙ අයියා ධම්මික සහ මල්ලිලා මගේ හොඳම යාළුවො. අර්ජුනටත් කලින් මගේ හොඳම යාළුවා වුණේ නිශාන්ත රණතුංග. එයයි මමයි එස්.එස්.සී. එකට ආවෙ එකම කාලයේදීයි. ඉන් පසුව රණතුංග පවුලම මගේ යාළුවෝ වුණා. ඒ පවුලට මම හරි සමීප චරිතයක් වුණා. එක පාරක් අපි කතරගම චාරිකාවක් ගියා. මමයි අපේ අම්මයි තාත්තයි ගෙදර අයයි සහ අර්ජුනයි, එයාගේ ෆැමිලි එකයි. අපි එක බස් එකක ගියේ. රණතුංග පවුලේ කොල්ලො හයක් විතර හිටියා. ඒ ගමන හරිම සුන්දර මතකයක්. අර්ජුනගෙ අම්මා තාත්තාත් හිටියා. පසුවටත් ඒ වගේ දේ සිදු වුණා.
19 න් පහල ක්‍රීඩා කරද්දී කැප්ටන් වුයේ කව්ද
{ "answer_start": [ 204 ], "text": [ "අරවින්ද" ] }
5bb27f7d-25d3-4968-9e01-52b9c0e77bf7
කුරුණෑගල, කුඩා ගම්මානයක ජීවත් වන වඩු කාර්මිකයෙකු වූ පියතිලකගේ නිවසේ ජීවත් වූයේ ඔහුගේ බිරිඳ පියවතීත්, වැඩිමල් පුතා වූ රුවන් හා බාල දියණිය සිරිමලීත් ය. මොවුන්ට ආර්ථිකයෙන් මහ ලොකු අගහිඟකම් තිබුණේ නැත. නමුත් දියුණුවක් ද තිබුණේ නැත. නිවසේ බොහෝ දුරට රැඳුණේ සිරිමලීත් පියවතීත් පමණි. රුවන් නිවසේ රැඳුණේ සවස් යාමයෙන් පසු ය. ඔහු නිරන්තරයෙන්ම මිතුරන් සමඟ ගැවසෙමින් කාලය ගත කරන්නෙකි. පියතිලක නිවසට පැමිණෙන්නේද සවස් කාලයේදීය. උදෑසනම තම රාජකාරි කටයුතු සඳහා පිටත්ව යන පියතිලකට එදිනෙදා සිදුවෙන සෑම දෙයක්ම නිවසට ගොඩවැදුණු වහාම පැවසීම පියවතීගේ පුරුද්දක් විය.
පියතිලක ජීවත් වූ නිවස පිහිටා තිබුණේ කොහේද?
{ "answer_start": [ 0 ], "text": [ "කුරුණෑගල, කුඩා ගම්මානයක" ] }
3a0c6183-dd67-4eb5-8432-52675e5cfb94
ඉන්දියාවේ දිල්ලි සුල්තාන් රාජ්‍යය ආරම්භ වූයේ ක්‍රි. ව. 1206දීය. ඔවුහු ඉන්දියානු උප මහද්වීපයේ විශාල භූමි ප්‍රදේශයක පාලනය තමන් වෙත නතු කරගෙන සිටියහ. එහි ආරම්භකයන් වූයේ මම්ලුක් නොහොත් ගූලාම් රාජවංශයයි. ඉන්පසු කල්ජි, තුග්ලක්, සෙයියිඩ් සහ ලෝදි යන රාජවංශිකයෝ වසර 320ක් පුරා ඉන්දියාව පාලනය කළහ. මොංගෝලියානු අධිරාජ්‍යයේ ප්‍රහාරයනට සාර්ථකව මුහුණ දුන් ප්‍රාන්ත රාජ්‍ය අතර ප්‍රමුඛ රාජ්‍යයක් වූයේ දිල්ලි සුල්තාන් රාජ්‍යයයි. දිල්ලි රාජවංශයේ අවසානය සනිටුහන් වූයේ ඇෆ්ගනිස්ථානයේ ලෝදි ගෝත්‍රිකයන් විසින් ආරම්භ කළ ලෝදි රාජවංශයෙනි. බහලුල් ඛාන් ලෝදි විසින් ආරම්භ කෙරුණු එම රාජවංශයේ අවසන් පාලකයා වූයේ ඉබ්‍රාහිම් ලෝදිය.
දිල්ලි සුල්තාන් රජ්‍යය ආරම්භ වූයේ කවදාද?
{ "answer_start": [ 34 ], "text": [ "ආරම්භ වූයේ ක්‍රි. ව. 1206දීය" ] }
2712d036-409f-4cb5-851e-d11da4675038
මෙම මාර්ගය භාවිත කරන්නන් වූ හෙයින් ලිස්සන සුළු හා අවදානම් ස්ථානවලින් පිරුණු මෙම කන්ද නැගීම පහසු නොවීය. සපත්තු ඇතුළට සහ කමිස තුළටත් පස් විසිවෙන දුෂ්කර ඉසව්ව තුළ සිටි කූඩැල්ලන් තවත් අපට වැඩ වැඩි කළෝය. ක්‍රම ක්‍රමයෙන් සුදුගල කන්ද නගින්නට වූ අතර එහිදී මුහුදු මට්ටමේ සිට මීටර් 1300 කට වඩා ඉහළ යන විට වන තුරු ගොමුව අතින් හරිත වන පියස මැද හුදෙකලා වූ සුදුගල බංගලාව සහ ඒ අසල වූ ගරා වැටුණු ගොඩනැගිල්ල අපට දැක ගැනීමට හැකි වුණි. ඉතාමත් දුෂ්කර ගමනික් පසු අප සුදුගල කන්ද මුදුනට ළඟා වූ අතර එහිදී වෙලාව සවස 4 ට ළංව තිබුණි. මේ වන විට අප සුදුගල බංගලාව වෙත ගිය අඩි මාර්ගයෙන් කිලෝ මීටර් ගණනක් දුරින් සිටි අතර නැවත ආ මගේම පල්ලම් බැසීම කළ නොහැකි විය. එම නිසා අප මුදුනේ සිට තෙල්ගමුඔය ගලන නිම්නයට යාමට වෙනත් මඟක් තෝරා ගත්තේ යන වන පියස තුළින් තවත් නිම්නයකට වැටී ගමන් කළ හැකි බව සිතියම පවා පෙන්වූ හෙයිනි. විටෙක නාය ගිය ස්ථානයක් දිගේ අංශක 70ක පමණ බෑවුම අත් පා සතරෙම වාරු ඇතිව බැස ගත්තෙමු. නොඉඳුල් වන පියසේ අසිරි සිරිය ද බලමින් හෝරාවකට පමණ පසු අප මෙම කන්දේ නිම්නය දිගේ ගලන ජල පහරකට සේන්දු වුණෙමු. පටු වතුර පාර දිගේ අපි පල්ලම් බසින්නට වීමු.
දුෂ්කර ඉසව්ව තුළ සිටින්නේ කවුද?
{ "answer_start": [ 165 ], "text": [ "කූඩැල්ලන්" ] }
59b8dea7-ea89-459d-ad0d-c59da2a7177a
ඉන්දියාවේ සියලු නගර වසා ඇති මොහොතක සුපිරි බොලිවුඩ් සිනමා නළු රන්වීර් සිං ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිත ඔහුගේ 83 බොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටින පුවතක් වාර්තා ව. කපිල් දේව්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වූ මෙම 83 චිත්‍රපටය තුළ දිව යන්නේ 1983 වසරේදී ඉන්දීයාවට පළමු එක්දින ලෝක කුසලාන තරගාවලියක ජයග්‍රහණය අත් කර දීමට කපිල් දේව් විසින් ගත් උත්සාහයයි. ඔහු සිය නිවසේ ක්‍රිකට් තරග ක්‍රීඩා කරමින් එහි විඩියෝ පට සිය සමාජාජාල ගිණුම් හරහා රසිකයන්ට ලබා දෙමින් මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටියි. එමෙන්ම මෙම චිත්‍රපටයේ ඔහුගේ බිරිඳ හා පෙම්වතිය ලෙස පෙනී සිටින්නේද ඔහුගේ සැබෑ ජිවිතේ බිරිඳ වන දිපීකා පදුකෝනි ද, රන්විර් සමග මෙම ප්‍රචාරක විඩියෝපටවලට එක්ව සිටිනු දක්නට ලැබේ.
ඉන්දියාව පළමු එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කලේ කුමන වසරේදිද?
{ "answer_start": [ 258 ], "text": [ "1983" ] }
2a3c53c7-2633-4264-b581-9e5f5df45da0
පුරාවිද්‍යා කැණීම් මගින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද මයා දේවි ආරාමය, සම්බුදු උපතේ 2547 වන සංවත්සරය යෙදුණු 2003 මැයි මස 16 වන වෙසක් පුන් පොහෝ දින මහජනතාව වෙනුවෙන් විවෘත කරනු ලැබිණි. එම ආරාමයේ අත්තිවාරමේ නෂ්ටාවශේෂ බිම් මහලේ දැකිය හැකිය. ආරාමය තුළ අශෝක ස්ථම්භයට සමාන්තරව පොළොවෙන් මතු කර ගන්නා ලද, පින්වත් කුමරු මව් කුසින් බිහි වන අවස්ථාව නිරූපිත මූර්තියක් පිහිටියේය. මෙහි ආරක්ෂාව සඳහා තද ඝනකමින් යුත් වෙඩි නොවදින වීදුරුවකින් ආවරණය කර ඇත. සතරවරම් දෙවිවරුන් විසින් කුමරුන් පිළිගැනීම සිදු වූ ස්ථානය ස්මරණය කිරීමට ඉදිකළ ථූප සතරක නටබුන් ද මේ ආසන්නයේ දැක ගැනීමට හැකි වේ.
මායා දේවි ආරාමය මහජනතාව වෙනුවෙන් විවෘත කරනු ලැබුවේ කවදාද?
{ "answer_start": [ 99 ], "text": [ "2003 මැයි මස 16" ] }
eb1cd017-7b58-44fe-976c-5f5e5bbff95f
ඔබේ නිවසේ ඇතුළත මෑණියන්ට පහන් පුදා පූජා තැබීමෙන් වළකින්න. නිවසට ආලෝකය නොවැටෙන පරිදි පහන් පැල සාදාගත යුතුය. රුක්අත්තන ලීයෙන් අඟල් 11 පළල අඟල් 17 දිග නම් වඩාත් යෝග්‍ය වේ. සුභ ශාන්තිවල දී නැගෙනහිර දිශාවටත් අවලාද අවනඩුවල දී බස්නාහිර දිසාවට මෙන්ම සුභ ශාන්තියට අබතෙල් පහන ද, අවනඩු අවලාදවල දී පස්තෙල් හෝ කොහොඹ තෙල් පහන ද සුදුසු වනු ඇත. සුවඳ සාම්බ්‍රානි හෝ දුම්මල ඇල්ලීම ද ඉහත ක්‍රමයන් අනුගමනය කළ යුතුය. භාරහාර වීමේදී රිදී පඬුරක් හෝ අවනඩුවලට තඹ කාසියක් සුදුසුය. සොහොන් කාලි මෑණියන්ගෙන් පිහිට ආශිර්වාද ලබාගැනීමේ දී ඔබේ යහපත වෙනුවෙන් යහපත් දේ ඔබටම කරගත හැකිය. නමුත් සතුරු විපත් දඬුවම්වල දී ඔබට එතරම් අත්දැකීම් නොමැති නම් අත්දැකීම් බහුල අයෙකු ලවා ඔබේ කටයුතු කර ගැනීම වඩා යෝග්‍ය වේ. සොහොන් කාලි මෑණියන්ගේ බලගතු ගුරුකම් තව බොහෝ තිබුණ ද ඒ සම්බන්ධව ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
අවලාද අවනඩු සදහා සුදුසු කුමන පහනද?
{ "answer_start": [ 286 ], "text": [ "පස්තෙල් හෝ කොහොඹ තෙල් පහන" ] }
f0117866-1416-462e-9f4c-a9bdd2c07498
අපේ රටේ ගජමුතු හමුවන ප්‍රමාණය අනුව සලකා බලන විට මෙතරම් ගජමුතු ලබාගත හැකි ඇතුන් වසරකට පහළොවක් විස්සක්වත් මරණයට පත්විය යුතුය. එසේම එසේ මිය යා යුත්තේ අවුරුදු හැට පැනපු ඇතුන්ය. එහෙත් අපේ රටේ එවැනි ඇතුන් ප්‍රමාණයක් දළ ලබාගැනීම හෝ ගජමුතු ලබාගැනීම වෙනුවෙන්ම ඝාතනයට ලක් වන බවට තොරතුරු වාර්තා වන්නේ නැත. සත්ව විශේෂඥයින්, පරිසරවේදීන් පෙන්වා දෙන පරිදි ගජමුතු ජාවාරම තුළද ජාවාරමක් තිබේ. ඒ ගජමුතු යැයි පෙන්වා ව්‍යාජ ගජමුතු අලෙවි කිරීමය. මෙලෙස ව්‍යාජ ගජමුතු සකස් කරනු ලබන්නේ හරකුන්ගේ ඇට කටු හෝ කහ රෝස පැහැයට හුරු තද පාෂාණ වර්ග ඔපදැමීමෙනි. මෙලෙස අලෙවි කරනු ලබන ගජමුතු සාමාන්‍ය ගජමුතුවලට වඩා ප්‍රමාණයෙන්ද විශාලය. එහෙත් සත්වවේදීන් පෙන්වාදෙන්නේ ඇත්ත ගජමුතු ඉතාමත් කුඩා රවුම් හැඩැති ඒවා බවය.
ගජමුතු යැයි පෙන්නවා අලෙවි කරන්නේ මොනවද ?
{ "answer_start": [ 396 ], "text": [ "ව්‍යාජ ගජමුතු" ] }
33b1b39a-1c58-4c7b-839a-c720b52f5ea8
ඔහු ළමා චිත්‍රපටයකට අත ගැහුවේ වාණිජ බලාපොරොත්තු පිළිබඳව අවදානමක් ගනිමිනි. එහි ප්‍රවීණ ශිල්පීන් ලෙස රඟපෑවේ හෙන්රි ජයසේන, ජේ.එච්. ජයවර්ධන, පර්ල් වාසුදේව්, ගැමුණු විජේසූරිය වැනි කීප දෙනෙකු පමණකි. ඉතිරි සියල්ලෝම ආධුනිකයෝ වූහ. බේරේ මැද තිබෙන දූපත හඳයා චිත්‍රපටයට ඇතුළත් වන විශේෂ ස්ථානයක්. චිත්‍රපටයේ එන වැදගත් චරිතයක් වන පොල්දූවේ හාමුදුරුවන් ජීවත් වෙන්නේ මේ දූපතේයි. පැල්පත් වාසීන්ගේ ජීවන ප්‍රශ්නවලට සහභාගී වන මේ හාමුදුරුවෝ ඔවුන්ට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරනවා. ටයිටස් තොටවත්තයන් මේ බව පැවසුවේ දර්ශන තල සොයන්නට බෝට්ටුවකින් බේරේ වැව වටා ගිය ගමනකින් පසුවය. බොහෝ අධ්‍යක්ෂවරු දර්ශන තල සඳහා පිට පළාත් සොයා යද්දී ඔහු දර්ශන තල සෙවුවේ බේරේ පැල්පත් අතරය. බේරේ වැව අවට පැල්පත් වාසීන්ගේ ජීවිත වනාතමුල්ලේ හෝ තොටළඟ පැල්පත් වාසීන්ගේ ජීවිතවලට වඩා වෙනස්. ඔවුන් හැම විටම නගරය දකිනවා. දකින්නේ ජලාශයෙන් එපිට පේන නගරයේ ඇතුළු පැත්තයි. පහළ සිටින ඔවුන්ට නගරය පෙනෙන්නේ ඉහළින්. නගරයේ සිටින අයට මේ පැල්පත් වාසීන් පෙනෙන්නේ පහළින්. ඒ ටයිටස් තොටවත්තයන්ගේ දර්ශනයයි. අද හඳයා චිත්‍රපටයේ එන බොහෝ දර්ශන තල වෙනස් වී ඇත. බේරේ වැව වටා තිබූ බොහෝ පැල්පත් ද අද දක්නට නැත.
වාණිජ බලාපොරොත්තු පිළිබඳව අවදානමක් ගනිමින් ඔහු අත ගැහුවේ කුමන චිත්‍රපටයකටද?
{ "answer_start": [ 4 ], "text": [ "ළමා චිත්‍රපටයකට" ] }
df6ec3c4-c880-4c73-b08c-f1f9061f31af
අධිෂ්ඨාන ශක්තිය ස්ථිර නම් එයින් කළ හැකි බොහෝ දේවල් ඇතත් අධිෂ්ඨාන ශක්තියට කළ නොහැකි බොහෝ දේවල්ද මෙම විශ්වය තුළ පවතින බව අමතක නොකළ යුත්තකි. රිය අනතුරු, හදිසි මරණ, විපත් වැනි දේ පිළිබඳව දකින පෙර නිමිති වලින් වැටහීමක් ලබා ගැනීමට හැකි වූ අවස්ථා ගැන බොහෝවිට දැන ගන්නට ලැබී ඇත. පෙරමග සුබ නිමිති ලෙස සඳහන් කාන්තාවන් හමු වී යන ගමනින් නිසැකවම අභිමතාර්ථය ඉටුවන බව පරික්ෂාකාරී වුවහොත් වැටහෙනු නිසැකය. අප යන බොහෝ ගමන් සාර්ථක වෙයි. තවත් සමහර ගමන් අසාර්ථක වෙයි. එහෙත් පෙර මගට හමු වූ අය ගැන කිසිවෙක් පරික්ෂාකාරීව ඉන්නේ නැත. වරද ඇත්තේ එතැනය. ශාස්ත්‍රයේ දෝෂයක් නිසා නොවේ. අඩුව ඇත්තේ අපගේ අපරික්ෂාකාරී බවේය.
අඩුව පවතින්නේ කුමකද ?
{ "answer_start": [ 565 ], "text": [ "අපගේ අපරික්ෂාකාරී බවේය" ] }
a633a2d5-c3f1-41ac-b25e-7e5c88b2f203
නව අවුරුද්ද හා බැඳුණු උත්සව සම්බන්ධ ඉතිහාසයක් තිබේ. නව වර්ෂයක උදාව සැමරීම සඳහා උත්සව පැවැත්වීම පිළිබඳ පැරණි වාර්තා හමුවන්නේ බැබිලෝනියා ශිෂ්ටාචාරයෙනි. ඒ ක්‍රිස්තු පූර්ව 4000 තරම් ඈත අතීතයෙනි. ඔවුන් මාර්තු 21 වැනිදා නව අවුරුදු උදාව සමරා ඇත. රෝමානුවන් නව අවුරුදු උදාව මාර්තු මාසයේ සමරා ඇත. දැන් ශ්‍රී ලාංකිකයෝ ද අලු‍ත් අවුරුද්දක උදාවීම ලෙස සැලකීමට පුරුදුව සිටින්නේ දින දර්ශනයට අනුව වසරේ පළමු දිනය ලෙස සැලකෙන ජනවාරි 01 වැනිදාය. මෙය මෙරට භාවිතයට පැමිණියේ පෘතුගීසීන්ගේ පැමිණීමෙනි. ලෝකයේ විවිධ වර්ෂ භාවිත කර ඇත. සිංහල බෞද්ධයා භාවිත කළේ බෞද්ධ වර්ෂ ක්‍රමයයි. එමෙන්ම ශක වර්ෂ ක්‍රමය ද මෙරට භාවිතයේ පැවැතිණි. කල්ප වර්ෂ, කලියුග වර්ෂ, ප්‍රහවාදී වර්ෂ සහ ක්‍රිස්තු වර්ෂ භාවිතයේ පැවැතිණි. දැන් ලෝකය පුරාම භාවිත වෙන පොදු සම්මතය වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ ක්‍රමයයි. අපි ද දැන් බුද්ධ වර්ෂයේ සහ ශක වර්ෂයේ සිට ක්‍රිස්තු වර්ෂය දක්වා ගමන් කර සිටිමු. ක්‍රිස්තු වර්ෂයට මාස 12කි. මාස 12 දින 28, 29, 30 සහ 31 වශයෙන් බෙදී යයි. මේ මාස දැක්වෙන දින දර්ශනය වන්නේ ගෞරියානු දින දර්ශනයයි. නව වසරක උදාව ගෙනෙන ජනවාරි මාසය ලෝවැසි සියලු‍ම දෙනා තුළ අපේක්ෂාවන්, අධිෂ්ඨානයන් ප්‍රාර්ථනාවන් හා හැඟීම් ජනිත කරවන්නකි. ඇතැමුන් මෙම දිනය ජනේරුව ලෙස සලකයි. පින්ලන්ත භාෂාවෙන් ජනවාරි සඳහා ටැමික්කු යන වචනය භාවිත කරයි. මෙහි නියම අර්ථය ශිශරයේ දහවල යන්නයි. චෙක් රාජ්‍යයේ ජනවාරිය ලේඩන් යනුවෙන් හඳුන්වන්නේ අයිස් මාසය යන අර්ථය ඇතිවය. කොරේෂියන් භාෂාවෙන් කැපීම යන අර්ථය ඇති සිජේකාන්ජ් යන වචනය ජනවාරියට භාවිත කරයි. ක්‍රිස්තු පූර්ව 153 දී රෝමානු සෙනට් සභාව ජනවාරි පළමු වැනිදා නව අවුරුද්දක් ආරම්භ වෙන දිනය මුල් වරට නම් කරන ලදී. එසේ වුවද ජුලියස් සීසර් ක්‍රිස්තු වර්ෂ 46 දී එය සම්මත භාවිතයට ගන්නා තුරු ප්‍රසිද්ධියට පත්වූයේ නැත.
රෝමානුවන් නව අවුරුදු උදාව සමරා ඇත්තේ කිනම් මාසයේද?
{ "answer_start": [ 265 ], "text": [ "මාර්තු මාසයේ" ] }
a047fbd4-47b6-45e4-afcb-9e1490d61434
පෘථිවියේ පිහිටා ඇති හිමාල පර්වතය කේන්ද්‍ර කොටගෙන හින්දු සාහිත්‍ය කථාවල සහ බෞද්ධ කථාවල සඳහන් වන අනෝතත්ත විල පිහිටා ඇති ප්‍රදේශය බෞද්ධයන්ගේ සහ හින්දු භක්තිකයන්ගේ අති උතුම් පූජනීය වස්තුවක් බවට පත්වී ඇත. අප මහ බෝසතාණන් මහමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීමට පෙර දින ඇය දුටු සිහිනය වන්නේ අනෝතත්ත විලෙන් ජලස්නානය කළ බවකි. එම නිසා අනෝතත්ත විලෙහි ජලය ශූද්ධ වූ වස්තුවක් ලෙස සැලකීම පුරාණතමයන්ගේ සිරිත විය. අනෝතත්ත විලෙහි ජලය ශුද්ධ වස්තුවක් ලෙස සැලකූයේ අනෝතත්ත විල හෙවත් අනවතත්ත විලට මාර්ග සතරකින් ජලය ගලා ආ බැවිනි. අනෝතත්ත විලේ උතුරු කොටසට ජලය ගලා ආයේ උතුරුසිංහ මුඛයෙන් ය. දකුණු පැත්තට ජලය ගලා ආයේ අශ්ව රූප මුඛයෙන් ය. ඇත් රූප මුඛයෙන් ගලා ආයේ නැගනෙහිරටයි. ගව මුඛයෙන් ගලා ආයේ බස්නාහිර කොටසටයි. එහි ජලය ශුද්ධ වස්තුවක් ලෙස තහවුරුවීමට තවත් හේතුවක් වූයේ අනෝතත්ත විලට ජලය ලැබීමේ හාස්කම සහ ක්‍රමවේදය කරණකොට ගෙන යැයි තවත් විශ්වාසයක් පවතී.
උතුරුසිංහ මුඛයෙන් ජලය ගලා ආවෙ කුමන කොටසටද?
{ "answer_start": [ 518 ], "text": [ "උතුරු කොටසට" ] }
7d88cbef-5a26-45ae-8e73-9bf1ad4972a6
අංක 40 දරන දුම්රිය බිංගෙයි දිග මීටර් 40කි. අංක 40 දරන දුම්රිය බිංගෙය අවසාන වනවාත් සමගම සුප්‍රසිද්ධ අහස් නවයේ (ආරුක්කු නවයේ) දුම්රිය පාලම පිහිටා ඇත. අංක 41 දරන දුම්රිය බිංගෙය අංක 40 දරන දුම්රිය බිංගයේ සිට බදුල්ල දෙසට කිලෝ මීටර් 1 1/2 පමණ ගිය විට හමුවේ. අංක 43 දරන දුම්රිය බිංගෙය හාලිඇළ දුම්රිය ස්ථානය සහ බදුල්ල දුම්රිය ස්ථානය අතර පිහිටා ඇත. එසේම එය බදුල්ල දුම්රිය ස්ථානයට මඳක් ඈතින්, බදුල්ල දෙයියන්නේවෙල නම් ග්‍රාමයේය. මේ සෑම දුම්රිය බිංගෙයක්ම, එකක් අනෙකට වෙනස් වන අතර සෑම දුම්රිය බිංගෙයක්ම නිර්මාණය කර ඇත්තේ ප්‍රාථමික ක්‍රමෝපායන් උපයෝගි කරගෙන වීම විශේෂයකි.
ආරුක්කු නවයේ පාලම හමුවීමට අංක 41 දරන දුම්රිය බිංගෙය අංක 40 දරන දුම්රිය බිංගයේ සිට බදුල්ල දෙසට කොපමණදුරක් යා යුතුද?
{ "answer_start": [ 216 ], "text": [ "කිලෝ මීටර් 1 1/2 පමණ" ] }
dfd0984d-3044-481b-ad82-1baa48f49dc5
විදුලි අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් උත්පාදනය සඳහා යොදාගන්නෙත් ඉන්ධන. මේ නිසා දෛනික විදුලි කප්පාදුව තව ටික දවසකින් පැය 15ක් වීමටත් ඉඩ තිබෙනවා. නමුත් අපි මේ සඳහා දැනටමත් අවශ්‍ය මුදල් සොයාගෙන ති‌බේ. එමෙන්ම යම් පමණකින් හෝ පාරිභෝගිකයන්ට ගෑස් ලබාදීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ඉතාමත් ඉක්මනින් සොයගත යුතුයි. භූමිතෙල් සහ දැවි තෙල් සම්බන්ධයෙන් පවතින තත්ත්වය මෙයටත් වඩා භයානකයි. මේ මොහොත වන විට ශ්‍රී ලංකා මහ බැංකුව, දේශීය රාජ්‍ය හා පෞද්ගලික බැංකු, ලංකාවේ තිබෙන විදේශ බැංකු සියල්ලම ඩොලර් නොමැති වීමේ ගැටලුවට මුහුණ දීලයි ඉන්නේ. අප සතුව තිබෙන ඩොලර් ප්‍රමාණය ඉතාමත් කුඩා අගයක් ගන්නා බව මේ වන විටත් ඔබ දන්නවා. නමුත් මෙම සියලු දුෂ්කරතා හමුවේ අප ඊයේ ලංකාවට ඩිසල් රැගත් නෞකාවක් ගෙන්වා ගත්තා. ඒ‌ නිසා අද සිට ඔබට එම ඩීසල් ලබාගැනීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා අපට ඉන්දියාවේ සහයෝගය ලැබුණා. ඒ වගේම අඟහරුවාදා වන විට පැමිණ තිබෙන ගෑස් නෞකාවට මුදල් ගෙවීමට අපි කටයුතු කරනවා. ඒ තුළින් ඔබගේ ගෑස් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබේවි.
විදුලි අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් උත්පාදනය සදහා යොදාගන්නේ කුමක්ද ?
{ "answer_start": [ 59 ], "text": [ "ඉන්ධන" ] }
0b46e463-11c1-4f00-aded-365b22def286
1941 දී රුපියල් 350,000.00 ක මුදලකට ඇස්තමේන්තු කළ රිච්මන්ඩ් කාසල් මන්දිරය සහ එය පිහිටි පොල්වත්ත හා කුඹුරත්, රුපියල් 125,000.00 ට ඇස්තමේන්තු කළ ගම්පහ හේනේගම අක්කර 82ක වපසරියකින් යුතු ඉරහඳයාව නමැති පොල් වත්තත් මේ අවසන් කැමති පත්‍රයේ විශේෂයෙන් සඳහන් කර ඇත. මීට අමතරව ඔහුගේ ආදායම්වලින් කොටසක් ආගමික ආයතනවලට පවරා දී තිබේ. මේ අවසන් කැමති පත්‍රය ලියූ ආතර් ඒ ගැන තම බිරිඳට කිසිත් නොකියා ඇගේ දෙමාපියන්ගේ නිවසට ඇරලු‍වේය. ඉන් පසු ඔහු යළි කිසි දිනක තමන්ගේ මන්දිරයට පැමිණියේ නැත. මහනුවර රැජින හෝටල‍යේ 37 වැනි කාමර‍ය වෙන්කරගත් ඔහු එහි හුදකලාව ජීවත් වූයේය. ඔහුගේ අදහස වූයේ තමන් කවුරුන්දැයි කිසිවෙකුට නොකියා ජීවත්වීම වුව ද වැඩි දිනක් යාමට මත්තෙන් හෝටලයේ නැවතී සිටින්නේ මහා ධානපතියකු වූ ආතර් මුදලි බව හෝටල් සේවකයෝ දැන ගත්හ.
රිච්මන්ඩ් කාසල් මන්දිරය රු.350,000.00ක මුදලට ඇස්තමේන්තු කළේ කුමන වසරේදීද?
{ "answer_start": [ 0 ], "text": [ "1941 දී" ] }
287b119b-da7f-489b-9d02-dc63d3b7159a
අස්ථි වේදනාවලින් මිදීමට නිරන්තර දිවීම හේතුවක් වන බව විද්‍යාඥයෝ පෙන්වාදෙති. නවතම අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ වර වයසක පුද්ලයකුට වුව ද පුරුද්දක් වශයෙන් දිවීමෙන් වේදනා ගෙන දෙන රෝග ඇතිවීමේ අවදානම අඩුවන බවයි. අස්ථි සන්ධි ප්‍රදාහය මැදිවියේ සහ වැඩිහිටි පුද්ගලයන්ගේ සන්ධි සම්බන්ධව පවතින සුලබ රෝගි තත්වයකි. සන්ධිවල ඇති කාටිලේජ වලට හානි වීම මේ රෝගයට හේතුවයි. දිගැති අස්ථි කෙලවරක් තවත් අස්ථියකට සවි වන ස්ථානයේ කුෂන් කිරීමක් මෙන් කාටිලේජ අස්ථි සැකිල්ලට ආරක්ෂාව සපයයි. නිරන්තර දිවීමෙන් අස්ථි සන්ධි ප්‍රදාහය ඇති වන බවට මිට කලින් වු මතය එම පරීක්ෂණය අනුව බිඳවැටේ. නමුත් දැනටමත් අස්ථි සන්ධි ප්‍රදාහය වැළදී ඇති පුද්ගලයන්ට මේ ක්‍රමයෙන් ප්‍රයෝජන ලබාගත හැකිද යන්නට පිලිතුරක් තවම ලැබි නැත.
අස්ථි වේදනාවලින් මිදීමට නිරන්තර දිවීම හේතුවක් වන බව පවසන්නෙ කව්ද?
{ "answer_start": [ 52 ], "text": [ "විද්‍යාඥයෝ" ] }
1bf9567b-b853-4173-853b-9671dc0b04ae
කරන් ජෝහර්ගේ චිත්‍රපට කිහිපයකම රඟපෑ අනුෂ්කා ෂර්මාද ඔහුගේ 50 වැනි උපන්දින සාදයට පැමිණ සිටිනු දක්නට ලැබුණි. කෙසේ වෙතත්, අනුෂ්කා පමණක් මෙම සාදයට සහභාගි වි සිටි අතර, විරාත්ගේ නොපැමිණිම කාගෙත් අවධානය යොමුව තිබුණි. කෙසේ වෙතත්, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග වෙනුවෙන් කෝලි සිය බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සමග කොල්කොටා නගරයේ රැඳි සිටිමට සිදුවීම හේතුවෙන් ඔහුට මෙම උත්සවයට පැමිණිමට නොහැකි වූ බව අනුෂ්ක පවසා ඇත.
අනුෂ්කා ෂර්මා සහභාගී වූයේ කරන් ජෝහර්ගේ කීවන උපන්දින සාදයටද?
{ "answer_start": [ 57 ], "text": [ "50 වැනි උපන්දින සාදයට" ] }
45a19c49-53e3-4ff2-8f5b-ffc20fcab9eb
ඇත්තටම දුඹුරු පැහැගත් ඍජු ගල් බිත්තියකට ඇලී ගෙන පහළට වැටෙන වේලි ඔයේ දිය දහර දිය ඇල්ලක් නොවේ. වේල් පොටකි. දුඹුරු පසුබිමේ එය පැහැදිලි සුදු පැහැතිය ඊළඟට අවට ඇත්තේ හරිත පැහැගත් වනගහනයකි. කොළ දුඹුරු සහ සුදු පාට පමණක් ගෙන සොබා දහම් සිත්තරා නිර්මාණය කළ චිත්‍රයකි. එනිසාම මම කවිය නොලියා ඉතිහාසයේ සඳහන් පුවතක් දෙකක් පමණක් ලියා තබමි. අතීත සිංහල රජදරුවෝ තම රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් මේ කඳුකරය යොදාගත්තේය. ඉංග්‍රීසිහු උඩරට රාජ්‍යය ආක්‍රමණය පිණිස පැමිණ මිටියාවතේ කඳවුරු බැඳගත්හ. පසුදා උදෑසනින්ම කන්දට නගින අරමුණ ඔවුන් සතුවිය. රැය පහන් විය. උදෑසන හිරු එළිය වැටෙන විටම ඔවුන් දුටුවේ කඳු මුදුනෙහි රැඳී සිටි සිංහල සේනාවයි. ඔවුන්ගෙන් මිදුණු ඊතලයක් දෙකක් කඳවුරු භූමියට පතිත විය. ඉංග්‍රීසීහු කළේ කඳුමුදුනේ රැඳී සිටි සිංහල හමුදාවේ හැම භටයකුටම වෙඩි තබා මරා දැමීමය. අන්තිමේ දී ඉංග්‍රීසින්ගේ තුවක්කු නිහඬ වූයේ වෙඩි බෙහෙත් අවසන් වූ නිසාය. එවිටම කඳු මුදුනෙන් පමණක් නොව මිටියාවතෙන් ද සිංහල හේවායෝ මතුවූහ.
වේල් පොටක් ලෙස පෙනුණේ කුමන ඔයේ දිය දහර ද?
{ "answer_start": [ 59 ], "text": [ "වේලි ඔයේ" ] }
3fa991cd-89f6-4426-8ed8-a9db7b2900b6
හොලිවුඩ් නළු නිළි යුවළක වන ජොනී ඩෙප් සහ ඔහුගේ හිටපු බිරිඳ ඇම්බර් හර්ඩ්, එකිනෙකාට අපහාස කර ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. දෙපාර්ශ්වයේම පැමිණිලිවලට හොඳින් කන්දීමෙන් පසු ජූරි සභාව ඔවුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ ඩෙප් සහ හර්ඩ් දෙදෙනාම වරදකරුවන් බව පෙන්වා දෙමිනි. කෙසේ නමුත්, තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ නළු ජොනී ඩෙප්ට වාසි වන අයුරිනි. පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්’ චිත්‍රපට මාලාවේ කැප්ටන් ජැක් ස්පැරෝ ලෙස ජනප්‍රිය 58 හැවිරිදි ජොනී ඩෙප්, හොලිවුඩයේ ඉහළ වටිනාකමකින් යුත් නළුවකු වන අතර ඔහු ලොව පුරා ලොකු කුඩා කා අතරේත් ජනප්‍රියය. ජොනී ඩෙප් තරම් ජනප්‍රිය නොවුණත් ඇම්බර් හර්ඩ් ද හොලිවුඩ් චිත්‍රපට කීපයකට රංගනයෙන් එක් වී ඇත. ඇය බොහෝ දෙනා ජනප්‍රිය ඇක්වා මෑන් චිත්‍රපටයේ කළ රංගනය හේතුවෙනි. හර්ඩ් 36 හැවිරිදි වියෙහි පසුවෙයි.
ඇම්බර් හර්ඩ්ගේ ස්වාමිපුරුෂයා කව්ද?
{ "answer_start": [ 27 ], "text": [ "ජොනී ඩෙප්" ] }
afc62157-9920-4cd4-94b5-c1f269473727
හතර කෝරළයෙන්ම හාර දහසක් පමණ වැසියන් එකතු කරගෙන පොලිසිය සරදියෙල් ඇල්ලීමට එන බව ඔහුටත් ප්‍රාණ සම මිතුරු මම්මලේ මරික්කාර්ටත් අසන්නට ලැබේ. මේ දෙදෙනා සොල්දර ගෙදරක සිටින බව තංගාට පෙම් කළ සිරිමලා පොලිසියට ඔත්තුවක් දෙයි. පොලිසිය හා වෙඩි හුවමාරු කර ගන්නා අතර වෙඩි පහරකින් සරදියෙල් අත බැඳ තිබූ හෙණරාජ තෛලය සහිත සුරය කැඩී වැටෙයි. ඒ බව සරදියෙල් දැන නොසිටියේය. සරදියෙල්ට වෙඩි තැබීමට ඉදිරියට ආ පොලිස් නිලධාරී සභාන්, මම්මලේ තැබූ වෙඩි පහරින් මිය යයි. පොලිසියෙන් තැබූ තව වෙඩි පහරකින් සරදියෙල්ගේ අතක් තුවාල වෙයි. තුවක්කු බිම තැබීමට දුන් නියෝගය පිළිපැදීමෙන් පසු උතුවන්කන්දේ දරුණු සහාසිකයන් දෙදෙනා නීතියේ රැහැනට හසු වූහ. නඩු විභාග කිහිපයකින් ජූරි සභාවේ තීරණය අනුව ඔවුන් එල්ලා මැරීමට තීන්දු වෙයි.
සරදියෙල්ට වෙඩි තැබීමට ඉදිරියට ආ පොලිස් නිළධාරි සභාන් මියගියේ කෙසේද?
{ "answer_start": [ 402 ], "text": [ "මම්මලේ තැබූ වෙඩි පහරින්" ] }
82afa5f7-f8ef-4628-b22c-097a158cfeea
ඊට පෙර ඉන්දියාවේ වත්මන් බෞද්ධ පරිසරය ගැන පළමුව අවබෝධයක් ලබා ගැනීම වැදගත් යැයි සිතේ. ඒ අනුව ඉන්දියාව පුරා සොයා බැලූ විට බෞද්ධ සිද්ධස්ථානවල අඩුවක් ඇති බව පෙනී යයි. අතීත භාරතයේ බුදු දහම මැනවින් පැතිර තිබූ ගයාව, කාලිංගය, මගධය වැනි ස්ථානයන් හි සංචාරය කිරීමේදී, දැකිය හැකි වන්නේ බෞද්ධ සිද්ධස්ථාන ඉතා සුළු ප්‍රමාණයකි. බුදුන් වහන්සේ උපන්, බුද්ධත්වයට පත්වූ මෙන්ම පිරිනිවන් පෑ භාරතයේ මෙබඳු තත්ත්වයක් ඇති වීම කනගාටුදායක තත්ත්වයකි. භාරතය දික් විජය කළ අශෝක අධිරාජයා බුදු දහම වැළඳ ගැනීමෙන් අනතුරුව භාරතයෙන් නොනැවතී ඉන් පිටත ද බුදු දහම ව්‍යාප්ත කිරීමට කටයුතු කළේය. එබඳු පසුබිමක එතුමා බුදු දහම වැළඳ ගැනීමට මුල් වූ කාලිංගදේශය බෞද්ධාගමේ තෝතැන්නක් බදු විය. පසු කාලීනව බුදු දහම සඳහා වූ රාජ්‍ය අනුග්‍රහය හා ඒ සඳහා සිදු කළ දීමනා ක්‍රමයෙන් අඩු වූ නිසා, හින්දු දහම වඩාත් බලවත් ලෙස පැතිර ගියේ ය. අනතුරුව දිගින් දිගටම සිදු වූ හින්දු මෙන්ම ඉස්ලාම් බලපෑම් නිසා භාරතයේ බුදු දහම ඉතා ශීඝ්‍ර ලෙස පසුබෑමකට ලක් විය. එවකට කාලිංගයෙහි පිහිටා තිබුණු බෞද්ධාගමික ප්‍රබෝධය, සංචාරක අවධානය ලබාගැනීම සඳහා රත්නගිරි, උදයගිරි හා ලලිත ගිරි යන වඡ්‍ර ත්‍රිකෝණය නමින් හඳුන්වනු ලබන ස්ථානයන්හි ඇති බෞද්ධ අවශේෂයන්ගෙන් පැහැදිලි වෙයි.
අතීත භාරතයේ බුදු දහම මැනවින් පැතිර තිබූනේ කොහෙද?
{ "answer_start": [ 202 ], "text": [ "ගයාව, කාලිංගය, මගධය වැනි ස්ථානයන් හි" ] }
2c9f30c1-059d-4d72-8b88-d7dd0ae8a025
පූජා බිමේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනය හෙවත් ශිල්ප ලබාගත් ස්ථානය ශිල්ප ගෙවත්ත ලෙස අදටත් හැඳින්වේ. එම ස්ථානය අම්පිටියට යාබදව බටහිර දෙසින් පිහිටා ඇත. මලියදේව මහ රහතන් වහන්සේ පැන් සනසාගත් ස්ථානය දිගිලි නදියේ තොටුපළක් වන අතර එය අදටත් මහ රහතුන් පිය රැඳවූ ගොඩබිම පිය රැන්දු ගොඩ වැහැරීමේ පහසුවට අද වන විට පියරදු ගොඩ යනුවෙන් හඳුන්වති. අදටත් ගමට නියං සමයක් වසංගත රෝගයක් වැනි ව්‍යසනයක් හෝ කුඹුරු වගාවන්ට වැළඳෙන විවිධ උවදුරු පැමිණිවිට ගම්මු ඒකරාශිවී අම්පිටිය පූජා භූමියෙ අං ඇදීම, පොරපොල් ගැසීම, ගම්මඩු නැටීම, දේව දානයන් පිරිනැමීම ආදී පුද පූජා පවත්වමින් කන්නලව් යාදිනි කියමින් දෙවියන් සතුටු කිරීමේ ක්‍රියාවන්වල යෙදෙති. එසේම එවැනි දේ වලින් ඉතාමත් සුබදායි ප්‍රතිඵල ලැබෙන බව ඔවුහු දැඩිව විශ්වාස කරති.
ගමට ව්‍යසනයක් පැමිණි විට වර්තමානයේ ගම්මුන් විසින් සිදු කරන දේවල් මොනවද
{ "answer_start": [ 492 ], "text": [ "ගම්මඩු නැටීම, දේව දානයන් පිරිනැමීම" ] }
f97a3925-0234-4bee-8bb2-5d921011419e
එසේම කොස්ගොඩ තාරක මදූෂ් වෙනුවෙන්ම වැඩ කළ බවට වන නිශ්චිත අදහසක් ද ගෙන හැර දැක්විය නොහැක. එවැනි දැඩි ගනුදෙනුවක් තිබුණේ නම් තාරක වැලිකඩ රිමාන්ඞ් සිරමැදිරියේ සිටියදී කංජිපාන් ඉම්රාන්ගේ ගෝලයෙකුට පහර දේවිද යන ගැටලුව මතු වේ. කංජිපාන් ඉම්රාන් යනු මාකඳුරේ මධුෂ්ගේද ගුරුවරයා සේ සලකන පාතාල නායකයෙකි. දැන් මේ ඉම්රාන්ගේ හා තාරකගේ කල්ලි දෙක අතර ගැටුම උග්‍රවී තිබේ. එහි ප්‍රතිපල ලෙස තාරක වැලිකඩ සිට බූස්සට මාරුකිරීමට තීරණය කරනු ලැබුවේ පසුගිය පෙබරවාරියේදීය. එහෙත් එය ක්‍රියාවට නැංවී නැත. ඒ නිසා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් වැලිසර මහබාගේදී අත්අඩංගුවට ගත් කුඩු කිලෝ 225ක් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටද කොස්ගොඩ තාරක සිටියේ වැලිකඩ සිරගෙදරය. එම කුඩු තොගය ලංකාවට ගෙන්වා ගෙන තිබෙන්නේ තාරක විසින් බවටද පොලිසිය අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව තාරක රඳවා සිටි වැලිකඩ රිමාන්ඩ් සිරමැදිරිය පරීක්ෂා කළ බුද්ධි අංශය එහි තිබි ජංගම දුරකථන හතරක් හා සිම්පත් පහක් සොයාගෙන තිබේ.
එහි ප්‍රතිපල ලෙස තාරක වැලිකඩ සිට බූස්සට මාරුකිරීමට තීරණය කරනු ලැබුවේ කවදාද?
{ "answer_start": [ 420 ], "text": [ "පසුගිය පෙබරවාරියේදීය" ] }
c8958984-e519-4822-bcd3-250e6c35dd1e
එදා හරියටම දිනය වර්ෂ 1970 ජුනි මාසේ 3 වැනිදා. කියුබාවේ හවානා ගුවන් තොටුපළේ සිට ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් ගුවන් තොටුපළ දක්වා පියාසර කරන්නට නියමිත ලෝක ප්‍රකට අයිබේරියා ගුවන් සමාගමට අයත් ඩී.සී. 8 ජෙට් යානය අඩි 11,500ක් දිගු ධාවන පථය දිගේ වේගයෙන් ඇවිත් වේගය බාලකරල අනෙක් ධාවන පථයට දැම්මා විතරයි අසළ පඳුරක සැඟවී සිටි කොල්ලන් දෙන්නා බඩගාගෙන ගිහින් එක පාරටම ගුවන් යානය දෙසට ආවා. රෝද සවිකර ඇති ෆෝක් දෙකකට ගොඩ වෙන්න කලින් කතිකා කරගෙන තිබුණත් හදිසියකට ගොඩවුණේ එකම රෝදයකට. නමුත් කඩිනම් වුණු රැමිරස් ළාබාල තම මිත්‍ර පෙරස්ට ඉඩදීලා වහාම වෙනත් රෝදයකට නැගුණා. වේගය වැඩිකරගත් යානය ගුවනට නැගී ටික ටික රෝද ටික බඳ තුළට ගැනීම ඇරඹුවා. සාමාන්‍යයෙන් ගුවන් යානයක් ගුවන් ගත වුණාට පස්සේ රෝද සෙට් තුනම යානයේ බඳ තුළ ඇති පෙට්ටියට ගිලාබහිනවා. මේ බව පෙරස්ට වඩා රැමිරස්හො ඳින්ම දැගෙන හිටියා. ඒ නිසා රෝද කට්ටලය ගිලෙනවාත් එක්කම රැමිරස් ඒ යකඩ බඳ තදින් අල්ලා ගත්තා. ඔහුට දැනුණේ ඔහුගේ මරණය දැන් අත ළඟ වගේ කියල. හුස්ම හිරවෙනවා. යානයේ හඬට කන් අඩි පුපුරනවා. මුකුත් කර කියා ගන්න බැහැ.
ලෝක ප්‍රකට අයිබේරියා ගුවන් සමාගමට අයත් ජෙට් යානය කුමක්ද?
{ "answer_start": [ 178 ], "text": [ "ඩී.සී. 8 ජෙට් යානය" ] }
ac01a3ab-2779-4d3f-9d61-4fba133598dd
කොළඹ කුරුඳුවත්තේ විශාල නිවසක් මිළ දී ගත් රපියෙල් බාස් අහංකාරයෙන් මත්විය. ලොකු ලොක්කන් ඇසුරු කිරීම ඉතා ප්‍රිය මනාප විය. මෙකල ඔහු ආශ්‍රයට වැටුණු චාලි හාමු නමැත්තකු නිසා මේ රදළ පිස්සුව දෙගුණ තෙගුණ විය. චාලි හාමු කියන පදයට රපියෙල් බාස්ට නටන්නට සිදුවිය. මේ කරදරය නිසා වඩාත් කරදරයට පත්වූයේ බිරිඳ හෙලේනාත්, දියණිය වන නන්දාවතිත් ගෙදර මෙහෙකාරිය වූ අයේෂාත් ය. රපියෙල් බාස්ගේ මේ අලුත් පිස්සුව කෙරෙහි කළකිරී සිටි තවත් කෙනෙකු වූයේ ඔහුගේ ලියන්නා වූ ජස්ටින් ෆොන්සේකාය. ඔහු රපියෙල් බාස්ට මෙන්ම ගෙදර ස්වාමිදුවටද, දියණියට හිතවත්ය. චාලි හාමු තමා හා විවාහ ගිවිස ගෙන සිටි ලැවිනියා නම් වැන්දඹු වලව්කාරිය රපියෙල් බාස් ට ජෝඩු කොට මුදල් ගැරීමට සමත් විය.
එම නිවස මිළ දී ගත්තේ කුමන ප්‍රදේශයකින් ද?
{ "answer_start": [ 0 ], "text": [ "කොළඹ කුරුඳුවත්තේ" ] }
583a08db-4930-43b7-ad9f-16be63ce4d43
පුද්ගලයකු මිය ගිය විට සිරුර මී පැණියෙහි හෝ ඉටි පිරවූ බඳුනක බහාලීම එකළ බැබිලෝනියාවේ පැවැති චාරිත‍්‍රයක් විය. ඒ අනුව ඇලෙක්සැන්ඩර්ගේ සිරුර ද මී පැණි බඳුනක ගිල්වා තැබුණු අතර එම බඳුන ගෙත්තම් කළ සිල්ක් සළුවකින් ඔතා තිබිණි. ඇලෙක්සැන්ඩර්ගේ අවසන් කටයුතු සිදු කළ යුත්තේ කවුරුන් විසින්දැයි යන්න පිළිබඳව තරගයක් පැවැතියේය. එය බේරුම් කරගැනීමට නොහැකිව පර්ඩිකාන්ස්, ටොලමි, සෝටර්, සෙලිකුස් සහ නිකේටර් වැනි ඇලෙක්සැන්ඩර්ගේ ජනරාල්වරුන් දෙවසරකට ආසන්න කාලයක් අරගල කර ගත් බැව් ඉතිහාසඥයෝ සඳහන් කරති. ඇතැමෙකුට අවශ්‍ය වූයේ ඇලෙක්සැන්ඩර්ගේ සිරුර මෙසිඩෝනියාවට රැගෙන යෑමටය. එහෙත් ඇලෙක්සැන්ඩර්ගේ සමීපතම ජනරාල්වරයා වූ ටොලමිට අවශ්‍ය වූයේ පාරාවෝ රජුන්ගේ සිරුරු මිහිදන් කර ඇති ඊජිප්තුවේ ඔහු මිහිදන් කිරීමටය. සිරුර රැගෙන යෑමට රනින් නිම කෙරුණු විශාල අශ්ව රථයක් සූදානම් කෙරිණි. ඇලෙක්සැන්ඩර් මරණයට පත් ව දෙවසරකට පසු එය මිහිදන් කිරීම සඳහා හමුදා නිලධාරීන් හා යුද භටයන් දහස් ගණනක් පිරිවරාගත් රථය බැබිලෝනියාවේ සිට මෙසිඩෝනියාව බලා යෑමට පිටත් විය. එහෙත් ඔවුනට එය මෙසිඩෝනියාවට රැගෙන යෑමට ඉඩ ලැබුණේ නැත. ඉතිහාසඥ දියදුරුස් සිකලස්ට අනුව සිරියානු සහ ඊජිප්තු දේශ සීමාවේදී ජනරාල් ටොලමි විසින් සිරුර පැහැර ගෙන ඇලෙක්සැන්ඩ්‍රියාවට රැගෙන ගොස් තිබේ.
මී පැණි බඳුන ඔතා තිබුණේ කුමකින් ද?
{ "answer_start": [ 189 ], "text": [ "සිල්ක් සළුවකින්" ] }
1af53cce-42df-4044-8496-589da4da2b82
ඇමෙරිකානු පුරවැසියකු වුවත්, චතුර ලෙස ඉංග්‍රීසි කතා කළත් තමන් දකුණු සුඩාන වැසියකු යැයි නයිකීම් නිරන්තරයෙන් පවසන්නීය. දකුණු සුඩානයෙන් පලා ඒමෙන් පසු ඇය කිසි දිනෙක සුඩානයට ගොස් නැත. නිරූපිකාවක වීමට නියාකැම් ගේ අදහසක් නොතිබුණි. පාසල් යද්දී, ඇගේ සමේ තද කළු වර්ණය හේතුවෙන් ඇය සෙසු කළු කෙල්ලන්ගෙන් ‍පවා වෙනස් විය. කැපී පෙනුණි. ශාන්ත ක්ලවුඩ්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරද්දී, විශ්ව විද්‍යාලයේ ඇඳුම් නිර්මාණ ඉදිරිපත් කිරීමේ විලාසිතා දැක්මකට නියාකැම් සහභාගී වූවාය. ඇමෙරිකාවේ නම ගිය මෝස්තර ශිල්පීන්ගේත් ඡායාරූප ශිල්පීන්ගේත් අවධානයට නියාකැම් ලක් වූයේ එලෙසිනි.
නයිකීම් චතුර ලෙස කතා කළේ කුමන භාෂාවද ?
{ "answer_start": [ 37 ], "text": [ "ඉංග්‍රීසි" ] }
655ebda0-17d9-4583-80d9-6f4605520b10
දිනක් මොහු අසුපිනි ඇල්ල අසල වළ හරහා පීනා ගොස් ලෙනට රිංගා එහි ඇති රන් භාණ්ඩ පිළිබඳ තොරතුරු තම පියාට දැන්වීය. එය රහසක් ලෙස තබා ගන්නැයි බමුණා පුතුට කීවේය. නිධානය ලබා ගැනීමට බිල්ලක් දිය යුතු විය. බමුණාට අවශ්‍ය වූයේ තම පුත්‍රයා බිල්ලට දී නිධානය ලබා ගැනීමටයි. උඳු, මුං ආදී පුළුටු ද දිය ගොඩ මස්ද, රතුමල් ආදියද තබා බමුණා, මන්ත්‍ර ජප කළේය. අනතුරුව ලෙනෙහි ඇති රන් පුහුලක් ගෙන එන ලෙස පුතුට උපදෙස් දුණි. පුතු ද පියා කී ආකාරයෙන්ම ලෙනට රිංගා රන් පුහුලක් ගෙන ආවේය. කෑදරකමින් රන් පුහුල අතට ගත් බමුණා එක් වරම සිය ඇදුම් අතර සඟවාගෙන සිටි කඩුව අතට ගෙන බිල්ල සඳහා පුතු මරා දැමුමේය. පසුව බමුණා රන් පුහුලත් රැගෙන හොර රහසේම පිටව ගොස් ඇත.
එය රහසක් ලෙස තබා ගන්නැයි බමුණා පැවසුවේ කා හටද?
{ "answer_start": [ 139 ], "text": [ "පුතුට" ] }
e66f02e4-9c0c-4003-9ae1-fa08d7ea0307
මෙවරයූ ටියුබ් ලෝකය තුළින් ඉරිද ලංකාදීප සමගින් කතාබහක යෙදෙන්නේ ටික්ටොක් රැජිණ ලෙස තරුණ පිරිස් හඳුන්වනු ලබන තාරුණ්‍යයේ හදබැඳගත් චරිතයක්. ඇය නමින් සෙව්වන්දි නයනතාරා. මෙහි ආරම්භය සිද්ධ වුණේ 2018 අවුරුද්දෙ වගේ මුලින්ම මේ ටික් ටොක් මාධ්‍ය හැඳින්වුණේ මියුසිකලි නමින් නමුත් මුලින් ඒ කාලෙ මේ ඇප් එක ලංකාවෙ එතරම් ප්‍රචලිත ප්‍රසිද්ධ දෙයක් නෙවෙයි. නමුත් මම ඒ ඇප් එක හරහා කරලා තිබුණු වීඩියෝ කිහිපයක් දැක්කම මටත් ආසා හිතුණා ඒ හරහා වීඩියෝවක් කරන්න, ඉතින් මම මුලින්ම මගේ යාළුවො දෙන්නට තමයි කිව්වෙ අපිත් වීඩියෝවක් කරමු කියලා. නමුත් එයාලට ලැජ්ජයි කියලා කළේ නැහැ. නමුත් මම වීඩියෝ දෙකක් විතර කළා. ඒ කරපු මුල්ම වීඩියෝව හිතාගන්න බැරි විදියට ජනප්‍රිය වුණා. ගොඩාක් දෙනෙක් අතරෙ ෂෙයා වුණා. ඒ තුළින් මාව ගොඩාක් දෙනා දැනගත්තා. ලැබුණු ප්‍රතිචාර නම් අති විශාලයි.
මුලින්ම මේ ටික් ටොක් මාධ්‍ය හැඳින්වුණේ කුමන නමකින්ද?
{ "answer_start": [ 244 ], "text": [ "මියුසිකලි" ] }
3f86d6fa-adaa-40cf-99db-177be2ecd265
මුල් පේසාවේ වට ප්‍රමාණය අඩි පන්සිය පණහකි. හතරැස් කොටුවේ අඩි දෙසිය හතළිහකි. දේවතා කොටුව අඩි එකසිය හැටඅටකි. කොත් කැරැල්ලේ මුල් වටය අඩි එකසිය හතළිස් හතරකි. කොත් වහන්සේගේ මුල් වටය අඩි විසිදෙකක් වන අතර, එහි බර හොණ්ඩර හැටක් වේ. චෛත්‍ය රාජයාණන් වහන්සේගේ උස තුන් මහල් පේසාව අඩි දොළහ හමාරකි. ගර්භය අඩි අසූහයකි. හතරැස් කොටුව අඩි විස්සකි. දේවතා කොටුව අඩි පහළොවකි. කොත් කැරැල්ල අඩි හතළිස් එකකි. කොත් වහන්සේ අඩි එකොළහ හමාරකි. සියල්ල එක් වූ විට මුළු උස ප්‍රමාණය අඩි එකසිය අසූහයකි. බුදු රජාණන් වහන්සේගේ පාදශ්පර්ෂයෙන් පවිත්‍ර රහතුන්ගේ නමස්කාරයට බඳුන් වූ භික්ෂු, භික්ෂූනි උපාසක උපාසිකා යන සිවු පිරිසගේ ශ්‍රද්ධා භක්තිය වඩා වර්ධනය කිරීමට ඉවහල් වූ රාජ රාජ මහාහාත්‍යාදීන්ගේ නිබඳ ගෞරවයට හා සැලකිල්ලට බඳුන් වූ ලක්ෂ ගණන් බෞද්ධ බැතිමතුන්ගේ මුදුන් මල්කඩක් වූ තිස්සමහාරාම චෛත්‍ය රාජයානෙන් වහන්සේ මෙසේ වල්පිට මේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් පෙර තිබූ තත්ත්වයට යළිත් පත් වූ අතර, මහවැලි ගං තොටින් මෙපිට පිහිටි එකම මහා විහාරයද මෙය වේ.
කොත් වහන්සේගේ බර කොපමනද
{ "answer_start": [ 205 ], "text": [ "හොණ්ඩර හැටක් වේ" ] }
bd2090e5-a6f1-4399-bf27-66385d4f1e13
මහමත්තුමා බිහි වූ මක්කම නගරයේ කාබා සිද්ධස්ථානය ඒ වනවිටද ආගමික මධ්‍යස්ථානයක්ව පැවතුණි. කාබා පල්ලිය ඉස්ලාමය නිසා බිහිවූවක් නොව ඉස්ලාම් නායකයන් විසින් තමන් යටතට අල්ලා ගන්නා ලද්දකි. විවිධ ආගමික විශ්වාසයන්ට අයත් පිළිම ප්‍රතිමා රැසක් ඒවන විට කාබා පල්ලියෙහි තිබෙන්නට ඇත. කාබා පල්ලිය අයත්වන මැකා ප්‍රදේශය දුරාතීතයේදී රෝම ශිෂ්ටාචාරයේ බලකොටුවක්ව තිබිණ. භාවිත වර්ෂ 106 වන විට මෙම ප්‍රදේශයේ පාලනය කළ රෝමවරුන්ගේ ප්‍රාදේශිය පාලන මධ්‍යස්ථානය තිබූ බව කියන්නේද මැකා නුවර ආශ්‍රිතවය. ඉන්පසු එම ප්‍රදේශය බසිසෙන්ටියානු සහ මෙසපොතේමියානු යන පුරාණ ශිෂ්ටාචාර දෙකේ පාලනයට පිළිවෙළින් යටත්ව තිබිණි. පැට්‍රිසියා ක්‍රෝන් සහ ටොම් හොලන්ඩ් යන ඉතිහාසඥයන් දෙදෙනා කියන්නේ මැකාව ඓතිහාසික යුගයේ පටන් වෙළෙඳ නගරයක්ව තිබූ බවය. එම නිසා විවිධ ආගමික මධ්‍යස්ථානද ඒවාට අයත් පිළිම ප්‍රතිමා වන්දනයද එහි තිබෙන්නට ඇත.
මහම්මත්තුමා බිහිවු සිද්ධස්ථානය කුමක්ද ?
{ "answer_start": [ 30 ], "text": [ "කාබා සිද්ධස්ථානය" ] }
5456699a-953a-4eef-9a5e-297081d5ec58
දේවේන්ද්‍ර මූලාචාරීන් ලියන්වෙල පදිංචි වූ පසු ඔහුගේ පැරණි ගම අත්හැර දමා ඔහු රාජශිල්ප නමින් තම දරුවන්ට හඳුන්වා දී ඇත. ලියන්වෙල ගම ආසන්නයේ පිහිටි වෑවලින් විවාහ වූ දේවේන්ද්‍ර මූලාචාරී හෙවත් රාජශිල්ප කිසි විටකත් තම දරුවන්ට මම දේවේන්ද්‍ර මූලාචාරී යන අදහස ලබාදී නැත. එහෙයින් පැහැදිලි වන්නේ තම පරපුරේ අභිමානය රැකගැනීමේ අදහසින් දේවේන්ද්‍ර මූලාචාරීන් තම නම හා වග වාසගම් සියල්ල අත්හැර දමා තිබූ බවය. රාජශිල්පට සිටි පුතුන් දෙදෙනාගෙන් වැඩිමහල් පුතා වූ දවුණ්ඩනයිදේ ද වෑවලින් විවාහ වී ඇත. දවුණ්ඩ නයිදේට පුතුන් නොසිටි අතර දියණියන් තිදෙනෙක් සිටියහ.
දේවේන්ද්‍ර මූලාචාරීන් තමාව දරුවන්ට හඳුන්වා දී ඇත්තේ කුමන නමින්ද?
{ "answer_start": [ 75 ], "text": [ "රාජශිල්ප" ] }
69eb70da-b10c-4bb8-b518-771227b21684
ඔලිම්පික් රන් පදක්කම වෙනුවෙන් තමන් ආ ගමන බෙහෙවින් දුෂ්කර අභියෝගාත්මක එකක් බව පසුව පසු ඇය මාධ්‍ය හමුවේ කියා සිටියේ අත්වල කරගැට ද පෙන්වමිනි. හිඩිලියන් දියේස්, දිළිදු පවුලක දියණියක වන අතර ඇයගේ මාපියන් ජීවත් වන්නේ කුලී වැඩ කරමිනි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන්, ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා හිඩිලියන් දියේස් මාස 18 ක් තිස්සේ පුහුණු වූයේ මැලේසියාවේ සිටය. 2016 රියෝ ඔලිම්පික් උළෙලට ද හිඩිලියන් සහභාගී වූවාය. එහිදී ඇයට දිනා ගැනීමට හැකිවූයේ රන් පදක්කමක් පමණි. එම අවස්ථාවේදී ද පිලිපීනයේ ඇය ජාතික වීරවරියක් බවට පත්වූවාය.
හිඩිලියන් දියේස් පුහුණු වීම් කළේ කොහේ සිටද?
{ "answer_start": [ 332 ], "text": [ "මැලේසියාවේ සිටය" ] }
ae1b97f4-3e98-4208-85eb-8e581ea99e3e
දඹාන ජනයාගේ කෘෂි නිෂ්පාදන මීපැණි හා දඩමස් මිල දී ගත්තෝ පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන වෙළෙඳුන්ය. බොහෝවිට මේ මිල දී ගැනීම සිදුවූයේ භාණ්ඩ හුවමාරු ක්‍රමයටය. ඇතැම්විට ආදිවාසී ජනයා මේ වෙළෙන්දන්ගෙන් සුළු මුදලක් ණයට ද ලබාගත්හ. මේ කොයික සිදුවුවත් කපටි වෙළෙන්දන් සිදුකළේ තමන්ට වාසිදායක අයුරින් ගනුදෙනුව සිදු කිරීමය. එනම් ආදිවාසී ජනයාගේ භාණ්ඩ කුණු කොල්ලයටත් තමන්ගේ භාණ්ඩ අධික මිලකටත් මිල කිරීමේ න්‍යායට ගනුදෙනුව සිදු කිරීමය. කාලයක් තිස්සේ මේ ක්‍රියාවලින් දෙස ඇස ගසාගෙන සිටි ඒකනායක හූරා මෙයට විසඳුමක් ලබාදෙනු වස් දඹානේ සමුපකාරයක් ආරම්භ කළේය. සමුපකාර සාමාජිකත්ව මුදල වන රුපියල් 380 ක් දැරුවේ ද ඒකනායක හූරාමය. මේ නිසා වෙළෙන්දන් විසින් කලෙක සිට තමන් උපයාගත් අධික ලාභය ඔවුන්ට අහිමි විය. ඔවුහු ඒකනායක හූරා සමග වෛර බැන්දාහ. අපි ඕකව මරණව. දඹානේ යහතින් ඉන්නට ඉඩ තියන්නේ නෑ, යනුවෙන් වෙළෙන්දෝ විවිධ පණිවිඩ ඒකනායක හූරාට යැවූහ. මෙයින් උපාරිස් නමැති වෙළෙන්දා සහ තවත් අයෙකු ඉදිරියෙන්ම සිටියේය.
සමුපකාර සාමාජිකත්ව මුදල වන රුපියල් 380 ක් දැරුවේ කවුරුන් විසින්ද?
{ "answer_start": [ 580 ], "text": [ "ඒකනායක හූරාමය" ] }
aed04a08-1924-40e7-b198-ea1e9e59ab3e
යාටොම්ගේ තෝරගැනීමට නෙතන්යාහුගේ කැමැත්ත පළවූ නමුත් ජෝර්දානය කෝප ගන්වා නොගැනීමට පරිස්සම් වෙන්නැයි උපදෙස් ලැබිණි. ඒ අනුව නිහඬ මෙහෙයුමකට අනුමැතිය හිමි විය. සිසරියාහි උසස්ම ඒකකය වූ කිඩෝන් කණ්ඩායමට මෙහෙයුම භාර විය. මොසාඩ් පර්යේෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ, ජෛව රසායන විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක්, නෙස් සයෝනා හි ජීව විද්‍යා ආයතනයකින් වැඩි දියුණු කළ මාරාන්තික විසක් යොදාගෙන ඝාතනය කරන්නට යෝජනා කළේය. එම විස බිංදු කිහිපයක් මිනිස් සමෙහි ස්පර්ශ වූ විට නිසැක මරණය සිදුවේ. මීට පෙර වාඩි හඩාඩ් හට චොකලට් සමඟ කැවූයේ ද, පලස්තීන විමුක්ති පෙරමුණු නායකයා ඝාතනයට යොදාගත්තේ ද මීට සමාන විසකි. 1997 ගිම්හානයේදී ටෙල් අවිව් නගරයේ වීදියක සිටි තරුණයෝ දෙදෙනෙක් කොකාකෝලා කෑන් අත තබාගෙන ඒවා සොලවා, පසුව විවර කරන ලදී. හඬක් නගමින් විවර වූ කෝලා දියර හැම තැනම විසිරෙන්නට විය. එය දුටු අය තරුණයන් දෙදෙනා දෙස නොපහන් බැල්මක් හෙළා තමන්ගේ පාඩුවේ යන්නට ගියහ.
මාරාන්තික විස වැඩි දියුණු කලේ කුමන ආයතනයකින්ද ?
{ "answer_start": [ 303 ], "text": [ "ජීව විද්‍යා ආයතනයකින්" ] }
1b2e63f2-b67d-4382-8449-e53d2804a4e3
කෙසේ වෙතත් තම දරුවා යායුතු නිවැරදි මග හඳුනාගෙන ඒ සඳහා යොමු කිරීම ඉතා වැදගත් වේ. එසේ නොමැතිව කලාවට දක්ෂ දරුවා ඉංජිනේරුවරයෙකු, වෛද්‍යවරයෙකු කිරීමට ගන්නා උත්සාහය නිෂ්ඵලය. දෙමාපියන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම සතුටට කරුණක් වුවද දරුවාගේ නිවැරදි දක්ෂතාව හඳුනාගෙන එය අදාළ මාවතට යොමු කිරීමට හැකි නම් ඉතා අගනේය. මේ සඳහා දරුවාගේ දක්ෂතා මත ඔහු හෝ ඇය කුමන අධ්‍යාපන ක්ෂේත්‍රයක් වෙත යොමු කළ යුතුද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතු වේ. මෙවන් අවස්ථාවකදී නිර්මාණශීලී හැකියාව ගැඹුරු මානසික හා බුද්ධිමය කුසලතාවන් ඉතා සියුම් ලෙස ප්‍රකාශ කරන ජන්ම පත්‍රය ගැඹුරු ලෙස අධ්‍යනය කිරීම තුළින් එම දරුවාගේ විශේෂ දක්ෂතා හැකියාවන් සහ ළැදියාවන් නිවැරදිව හඳුනා ගත හැකි වන්නේය.
දරුවාගේ විශේෂ දක්ෂතා නිවැරදිව හදුනාගත හැක්කේ කුමක් මඟින්ද?
{ "answer_start": [ 542 ], "text": [ "ජන්ම පත්‍රය" ] }
1b73b800-eeea-462d-9bdb-cfc9e9b10773
යුක්රේනයේ සජීවී රූපවාහිනී දේශපාලන සන්වාද වැඩසටහනක් අතරතුරේ ගුටි කෙළියක් හටගත්තේය. ඒ, යුක්රේනයත් රුසියාවත් අතර මොහොතින් මොහොත උණුසුම් වන අර්බුදය සම්බන්ධයෙනි. ගුටි කෙළියට මැදි වූයේ රුසියන් හිතවාදී යුක්රේන විපක්ෂ දේශපාලන කණ්ඩායමක නායකයා වන නෙස්ටර් ෂුෆ්රිච් සහ රුසියන් විරෝධී මාධ්‍යවේදියකු වන යූරිබුටුසෝව් අතරේය. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වර්ණනා කිරීමට නෙස්ටර් ෂුෆ්රිච් කටයුතු කිරීම ගුටි කෙළියට හේතුවක් වූ බව පැවැසෙයි.
යුක්රේනයේ සජීවී රූපවාහිනී දේශපාලන සන්වාද වැඩසටහනක් අතරතුරේ හටගත්තේ කුමක්ද?
{ "answer_start": [ 59 ], "text": [ "ගුටි කෙළියක්" ] }
fc3553a1-aa06-4046-9654-451210cac3c7
පොලිසිය, යුද හමුදාව ප්‍රදේශවාසීන් ද එක්ව පෙරළී ගිය දුම්රිය මැදිරිවල සිරවී සිටි මගීන් එළියට ගන්න ලොකු උත්සාහයක් ගන්නවා දැක්කා. ඔවුන් යකඩ ඉනි, අලවංගු ආදිය යොදාගනිමින් සුන්බුන් අතර සිරවී මරළතෝනි දෙමින් සිටි අය බේරාගෙන ගිලන් රථ මගින් රෝහල් කරා යැව්වා. වෛද්‍යවරුන් හෙදියන් හා රෝහල් කාර්යමණ්ඩලයේ කණ්ඩායම් ද එහි පැමිණ බරපතළ තුවාලකරුවන් බේරාගැනීමට යුහුසුළුව අවශ්‍ය මූලික ප්‍රතිකාර දුන්නා. බරපතළ තුවාල ලැබූ ඇතැම් මගීන් සිරවී සිටි දුම්රිය මැදිරිවලින් එළියට ගන්නකොටත් ඔවුන්ගේ අතපය බිඳී සිරුරු එල්ලෙමින් තිබෙන අයුරු මම දැක්කා. එම මගීන්ගේ සිරුරු ලේවලින් නැහැවී ඔවුන් ඇඳ සිටි ඇඳුම් පැලඳුම් පවා ඉරී ගොස් තිබුණා. හැම පැත්තෙන්ම ඇසුණේ මරළතෝනි හඬ හා කෙඳිරිලි හඬ. සිය ගණනක් මේ අනතුරින් තුවාල ලබා ඇති බවට දැනගන්න ලැබුණා.
බේරාගත් අය රෝහල් කරා යැව්වේ මොනවා මගින්ද?
{ "answer_start": [ 215 ], "text": [ "ගිලන් රථ මගින්" ] }
ac6a4a78-6671-44e2-ba31-d80377d81053
හිස මත වට්ටියක් මෙන් තබාගෙන එන ගිනි කබලකි. ඉන් ගිනි දැල් අහසට විසිරේ. ඒ මේ අත පාවෙන ගමනින් පා තබන මේ ගිනි කාලි යක්ෂණිය සතුවූයේ බියකරු පෙනුමකි. ගෙල සිට ඇඳි සුදුම සුදු පාටට දිලිහෙන සේලය කරපින්නාගෙන එන තවත් යක්ෂ දියණියෝ මහ කාලි මෙන් හැඩි දැඩි නොවුණත් සත්තකින්ම බියකරුය. මේ බියකරු වූ යක්ෂ කාලි දියණියෝ සුදු සේලය අල්ලාගෙන එන දසුන සුන්දර වුව ද බියකරුය. අඩි කිහිපයක් දිගු වූ දිව අග කෙළවරින් දෙකට බෙදී ඒ මේ අත සෙලවේ. මේ යක්ෂ ගිනි කාලිගේ උදරය පිටතට නෙරා කළගෙඩියක් වැනිය. යකින්නගේ පස්ස කූඹියකුගේ පිටුපස ස්වරූපයක් ගනී. ආරම්භයේ මහත්ව අවසානයේ දී කුඩාවට වැඩී ඇත. පස්ස පැත්තේ වැඩී ඇති කෙටි වලිගය අශ්වයකුගේ හැඩයට සමානය.
සේලය කරපින්නාගෙන එන්නේ කවුරුන්ද?
{ "answer_start": [ 204 ], "text": [ "යක්ෂ දියණියෝ" ] }
8d7568eb-02cd-4831-ba14-dd9a4f4e6eb9
බාහිරෙන් එලෙස පෙනෙන මෙම විලාව සතුව යුගල ඇඳන් සහිත කාමර හතරක් තිබේ. ඉන් කාමර දෙකක සඳැල්ලට ගොඩවැදුණු විට පෙනෙන්නේ සුන්දර උද්‍යානයයි. ඒ උද්‍යානය සතු විවිධ ගස් වර්ග හේතුවෙන් සංචාරකයාට හිතෙන්නේ ඔහු වනගතවී සිටින බවකි. තුරුපත් වලින් සිලි සිලි හඬ මවමින් හමා එන සුළඟ ගතට පමණක් නොව හිතටද සැනසිල්ලක් ගෙන දෙයි. සඳැල්ලෙන් නික්ම දොර කවුළු වසා දැමූ විට අවශ්‍ය නම් වායු සමීකරණ ක්‍රියාත්මක කර තරු පංතියේ හෝටලයක පහස ලබා ගන්නටද පුළුවන. දිගු ගැඹුරු නින්දක අශ්වාදය ලබා දෙනු පිණිසම මෙහි ඇති යහන් තනා තිබීමද විශේෂත්වයකි. වයිෆයි පහසුකම් උපරිමයෙන්ම විඳිමින් ලෝකය තම ජංගම දුරකතනය වෙත රැගෙන එන්නටද සංචාරකයන්ට පුළුවන.
සංචාරකයාට වනගත වී සිටින බවක් දන්නේනේ කුමක් නිසාද ?
{ "answer_start": [ 152 ], "text": [ "ගස් වර්ග හේතුවෙන්" ] }
408c3e76-e767-4a5a-9f13-92ad9f2320e2
මේ විදියට සති දෙකක් විතර රෑ දවල් නැතුව කොටි අපිට වරින් වර ගැහුවා. අපි බංකර් වලට වෙලා කඳවුර අල්ලගෙන හිටියා. අපි සෑහෙන්න බලාපොරොත්තුවෙන් හිටියා සහයක කණ්ඩායම් ඇවිත් අපි බේරාගනියි කියලා. නමුත් අපේ කඳවුර ළඟට එන සෑම මාර්ගයක්ම කොටි අවහිර කරලා. එන සහයක කණ්ඩායම්වලට ගහන්න පටන් ගත්ත නිසා ඒ දේ කරන්න බැරි වුණා. ගුවනින් එන්නත් බැරි වුණා. ඔවුන් ගුවන් යානාවලටත් දැඩි ප්‍රහාර එල්ල කළා. කොහොම හරි දින ගාණක් අපි කඳවුර අල්ලගෙන ඉද්දි අපිට කන්න දෙයක් නැති වුණා. ඒ නිසා කඳවුරේ තිබුණ ගස්ලබු ගහට නැගලා ගස්ලබු ගෙඩියක් තම්බගෙන කන්න කියලා කොප්‍රල් හීන්අප්පු ගහට නගින්න ගියා. ඒ වෙලාවේ හිතුවේ නැති විදියට හීන්අප්පුට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල වුණා. හීන්අප්පු එතනම මැරුණා. අපි ඔහුගේ මිනිය ආදාහනය නොකර ගෙදර යවන්න දින 04ක් තියාගෙන හිටියා. නමුත් ඒ දේ කරන්න බැරි වුණා. ඒ නිසාම අපි කඳවුරේම හීන්අප්පුගේ මිනිය ආදාහනය කළා.
කඳවුරේ තිබුණ ගස්ලබු ගහට නැගලා ගෙඩියක් කඩාගන්න හැදුවේ කවුද?
{ "answer_start": [ 513 ], "text": [ "කොප්‍රල් හීන්අප්පු" ] }