id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
00c2546d-fea5-4ec8-beaf-c1d4041174df
මධ්‍යයේ පිහිටි පද්මය උස්කොට පිහිටා ඇති අතර එය අර්ධ කවයකට වැඩි වන ලෙසට නිර්මාණය කර ඇත. සඳකඩපහණෙහි පිටත කෙළවර මකර රූප දෙකකි. අවසන් කවයෙහි ලියවැල් වෙනුවට නිර්මාණය කර ඇත්තේ ගිනි දැල්ය. පිටත කවයේ සිට පිළිවෙළින් සිංහ, ඇත්, අශ්ව රූප කව දක්නට ඇත. මෙහි විශේෂ ලක්ෂණය වන්නේ මෙහි දැක්වෙන සියලු සත්ව රූප පෙළෙහි සිංහයන්ගේ හිස් පිටුපසට හැරී ඇත. ඇත්පෙළ පිටපුස කකුල් මඳක් ඔසවාගෙන ඇත. ඇතුළතින්ම පිහිටි කවයෙහි අශ්වයින් දස දෙනෙකි. ඔවුන්ගේ හිස් පස්සට නැමී ඇත. මෙය බෙලිගලට විශේෂිත වූ සඳකඩපහණකි. බෙලිගල ගමට නම හැදුණු හැටි පිළිබඳව සඳහන් කිරීමේදී තිවංක නම් බමුණු කුල පුත්‍රයෙකු අටළොස් කුලයක සිට අෂ්ට ඵල බෝධීන් වහන්සේ නමක් වැඩමවා ගෙන දකුණු දිසාවට යන ගමනේදී රාත්‍රිය උදා වූ හෙයින් බෙලිගල වෙහෙරෙහි රජු නවාතැන් ගෙන පසු බැලීමේදී බෝධීන් වහන්සේ සහිත රන් පාත්‍රය අසල වූ බෙලිගාලක දෙබලක් මත රඳවා පසුදා උදෑසන ගමනට සූදානම්ව බැලීමේදී පාත්‍රය සිදුරු කරගෙන බෝධි වහන්සේගේ මුල් බිමට වැදී ඇති බව දැක මෙයට හිමි ස්ථානය මෙය ලෙස සලකා එය ස්ථාපිත කරන ලදී. මෙය අවට ඇති බෙලිගල පර්වතය බෙලිගෙඩියක හැඩය ගත් නිසා බෙලිගල ව බව සඳහන් වේ. තව සුවිශේෂ කරුණක් වන්නේ සත් පෙරහර මංගල්‍යය පැවැත්වීමයි. බෙලිගල අවට ගම් 7 ක ජනතාව වෙසක් පෝය දින රාත්‍රියේ පුරා මහා පෙරහරවල් 7 ක් අලි ඇතුන් සහිතව උඩරට පහත රට නර්තන අංගයන්ගෙන් යුක්තව බෙලිගල විහාරස්ථානයට පැමිණීමයි. එය සුවිශේෂ කරුණකි. මෙම පෙරහර දෙවැනි වන්නේ මහනුවර දළදා මාලිගාව පෙරහැරට බව සඳහන් වේ.
සත් පෙරහැර මංගල්‍යය දෙවෙනි වන්නේ කුමකටද?
{ "answer_start": [ 1240 ], "text": [ "දළදා මාලිගාව පෙරහැරට" ] }
55f17762-faae-40f1-8812-e8f2c0cd46e0
එම මුහුදු තීරයට සමුදුන් අපි නැවතත් කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයට පිවිස බෙන්තොට දුම්රිය ස්ථානය පිහිටි ඉසව්ව වෙත ළඟාවීමු. බෙන්තොට දුම්රිය ස්ථානය පිහිටි ස්ථානයට නුදුරින් වාහනය නවත්වා බෙන්තොට විනෝද උයන මධ්‍යයෙන් බෙන්තොට වෙරළ දක්වා අපි ගමන් කළෙමු. අප අනෙකුත් ස්ථානයන්හිදී දකින මුහුදු වෙරළකට වඩා මෙම මුහුදු වෙරළ ඉතා චමත්කාරජනකය. ඒ අවට තිබෙන හෝටල් සහ අවන්හල් විසින් මෙම වෙරළ මනා ලෙස නඩත්තු කරගෙනයන බව අපට පෙනුණි. මෙය ඉතා දීර්ඝ වෙරළ තීරයකි. මෙහි මුහුදු ජලයත් ඉතා පිරිසිදුය. එමෙන්ම මෙය ජනාකීර්ණ නොවන පරිසරයක පිහිටා තිබෙන නිසා ඉතා නිදහස්ය.
මෙම වෙරල තිරය ඉතා නිදහස් වන්නේ කෙසේද ?
{ "answer_start": [ 470 ], "text": [ "මෙය ජනාකීර්ණ නොවන පරිසරයක පිහිටා තිබෙන නිසා" ] }
117ede5b-493a-4915-8f73-7cbd48e6c884
අද දින අපි ඔබ වෙත ගෙන එන්නේ ගාලු කොටුවේ ඇති තවත් විස්මය උපදවන ස්ථානයක් පිළිබඳවයි. ඒ වනාහි ලන්දේසි රෙපරමාදු දේවස්ථානය හෙවත් කුරුස පල්ලියයි. ගාල්ල කොටුවේ නව දොරටුවෙන් ඇතුළු වූ පසු හමුවන හතරමං හන්දියෙන් වම්පසට වැටී ඇති මාර්ගයේ ඔස්සේ මීටර් 150ක් පමණ ගිය විට දකුණු පසින් මෙම ලන්දේසි රෙපරමුදු දේවස්ථානය දැකගත හැකි වේ. එහි ඉතිහාසය සොයායන විට පෙනීයන්නේ එයට වසර 267ක් තරම් වූ දීර්ඝ ඉතිහාසයක් පවතින බවයි. ලන්දේසි පාලන සමයේදී ගාල්ලේ කොමාන්දියුන්වරයා ලෙස කටයුතු කළ කැස්පාර් ඩී. යෝන්ග් මහතා විවාහ වුවද බොහෝ කලක් ගතවනතුරු දරු සුරතල් බැලීමට දෛවය විසින් ඔවුන්ට ඉඩලබාදී නොමැත. මෙයින් මහත් සිත්තැවුලට පත් ඔහුට බොහෝ කලකට පසු පියෙකු වීමේ වාසනාව උදාවිය. මෙයින් මහත් උද්දාමයට පත් ඔහු දෙවියන් වහන්සේට ස්තූති කරනු පිණිස තමන්ගේ වියදමින් මෙම රෙපරමාදු දේවස්ථානය කරවා ඇත.
කැස්පාර් ඩී. යෝන්ග් මහතා තමන්ගේ වියදමින් මෙම රෙපරමාදු දේවස්ථානය කරවා ඇත්තේ කුමක් පිණිස ද?
{ "answer_start": [ 662 ], "text": [ "දෙවියන් වහන්සේට ස්තූති කරනු පිණිස" ] }
e45959fd-3c0e-4c5f-a6ff-88fa7ec3a40e
තමා සුඛෝපබෝගි නිවසක් සහිත ඉඩමක් මිලදී ගත් බවත්, තම වැඩිමහල් පුතා ඉංජිනේරුවකු වශයෙන් සිංගප්පූරුවේ සේවය කරන බවත්, දෙවැනියා වෛද්‍යවරයකු බවත් තුන්වැන්නා පරිපාලන සේවයේ රැකියාවක නිරතවන බවත්, තිදෙනාම විවාහ වී ඇති බවත් සිරිදාස මට වැඩිදුරටත් පැවසීය. දැන් තමාත් බිරිඳත් පමණක් ගෙදර සිටින බවත් අද ඇස්වලට බෙහෙත් ගැනීම සඳහා කොළඹට පැමිණි බවත් ඔහු පැවසීය. දෛනිකව වසර ගණනාවක්ම ඇස්වලට මී පැණි දැමීම නිසා තම ඇස්වල පෙනීම අඩුවීගෙන යන බවත් සිරිදාස තවදුරටත් මා සමග පැවසුවේ ශෝකාන්විත ලෙසයි. ඇස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් දිගටම ප්‍රතිකාර කළමුත් දීර්ඝ කාලයක් දිගටම ඇස් දෙකට මීපැණි දැමීම නිසා ඇස් දෙකේම පෙනීම නැති වී සදාකාලික අන්ධයකු ලෙස ජීවිතය ගෙවන බව ඔහු බැලීමට ඔහුගේ නිවසට ගියවිට මට දැනගන්නට හැකිවිය.
සිරිදාසගේ වැඩිමහල් පුතා සේවය කරන්නේ කොහෙද?
{ "answer_start": [ 84 ], "text": [ "සිංගප්පූරුවේ" ] }
1b83afcb-9fd9-416d-93ef-5cc360edb1e7
මුහුදු කැස්බැවන් වද වි යැමට ප්‍රධාන හේතුවන් වන්නේ මුහුදු කැස්බැවුන්ගේ බිත්තර ආහාරයට ගැනිම හා ධිවරයන්ගේ දැල් වලට හසුවන මුහුදු කැස්බැවුන්ගේ මස් ආහාරයට ගැනිම බවත් ඔහු කීය. දකුණු මුහුදු තීරයේ ගල්කිස්ස සිට පහලට යන විට කොස්ගොඩ, තංගල්ල, රැකව,බුන්දල වගේම නැගෙනහිර වෙරලේ තැන් කිහිපයක වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් හා තවත් ආයතන කිහිපයකින් මුහුදු කැස්බැවුන් බිත්තර දමන ස්ථාන සංරක්ෂණය කළත් එසේ සංරක්ෂණය කිරිමට අපහසු තැන් වල මුහුදු කැස්බැවුන්ගේ බිත්තර ආහාරයට ගැනිම සිදුවන බවද ඔහු සඳහන් කළේය. යුද්ධය නිම වීමත් සමගම වැඩි වශයේන් ධිවරයන් ධිවර කර්මාන්තයේ යෙදීම සුලබ වි ඇති විම නිසා මීගමුව,හලාවත,කන්දකුලිය,කල්පිටිය,දක්වා ධිවරයන්ගේ දැල් වලට හසුවන මුහුදු කැස්බැවුන් මරා මස් සඳහා ගන්නා බවත් මැතකදි ඒකනායක මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු සංවිධානයේ නිලධාරින් කළ සමික්ෂණයකදි මුහුදු කැස්බැවුන්ගේ කටු විශාල ප්‍රමාණයක් හමු වු බවද ඒ මහතා කීය.
එම සමීක්ෂණය සිදු කරන ලද්දේ කුමන සංවිධානයක නිලධාරීන් විසින්ද?
{ "answer_start": [ 701 ], "text": [ "ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු සංවිධානයේ නිලධාරින්" ] }
8d14750e-90e8-4124-a07c-d6a0225fbd26
කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලත් සමඟ වයිරස ආසාදිතයන්ගෙන් යුරෝපයේ රෝහල් පිරී යමින් තිබෙන බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. යුරෝපා කලාපය මේ වනවිට කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලකට මුහුණ දී සිටින අතර දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යමින් තිබේ. පසුගිය සති කිහිපය තුළ යුරෝපයේ බොහෝ රටවලින් වාර්තා වී තිබූ කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. පෝලන්තය එරට තිබෙන විශාලම ක්‍රීඩාංගනය ක්ෂේත්‍ර රෝහලක් බවට පත් කර තිබේ. ඉකුත් සති දෙකේදී බෙල්ජියම සහ බ්‍රිතාන්‍ය යන රටවලින් වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී තිබේ. චෙක් ජනරජයේ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් අනතුරු අඟවන ඉතා ශීඝ්‍ර වේගයකින් අසනීප වෙමින් තිබෙන බව ද එරටින් වාර්තා වේ.
යුරෝපය මේ වනවිට මුහුණ දී ඇත්තේ කොරෝනා වයිරසයේ කී වෙනි රැල්ලකට ද?
{ "answer_start": [ 165 ], "text": [ "දෙවැනි රැල්ලකට" ] }
0d8de721-0c59-4efa-a224-83ebd3a153a2
පුරා වසර 18ක් ලෝකය පුරා සංචාරය කර තිබූ මේ නෞකාව එංගලන්තයේ සිට බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය, තවත් යුද උපකරණ, විස්කි සහ ඉන්ධන ඇතුළු භාණ්ඩ තොගයක් රැගෙන බුරුමයේ රැංගුන් වරාය වෙත යන අතරතුර ත්‍රිකුණාමලය වරාය දක්වා පැමිණ තිබිණි. එවකට ලෝකයේ තිබුණු ඉහළම තාක්‍ෂණය භාවිත කරමින් නිෂ්පාදනය කර තිබූ මේ නෞකාවේ වාෂ්ප එන්ජින් තුනක් තිබිණි. ඒ සඳහා බොයිලේරු තුනක් ද විය. ඉතා උසස් තත්ත්වයේ යකඩ භාවිත කර තිබූ බවත් කිසිදු පෑස්සුම් රහිතව රිවට් ඇණ යොදා නිර්මාණ කර තිබීමත් මෙහි තිබූ විශේෂත්වයකි. ත්‍රිකුණාමලය වරායේ තිබූ නැව් වෙනත් ස්ථානයන් වෙත රැගෙන ගිය ද මෙහි තිබූ බෝම්බ වරායේ බාමින් තිබූ බැවින් එය සවස් වනතුරුම ඉවත් කිරීමට හැකියාවක් නොතිබිණි. එදින සවස තුනට පමණ නැගෙනහිර අහසෙන් ජපන් ගුවන් යානා සමූහයක් මතුවූයේ ලැබී තිබූ ඔත්තුව නිවැරැදි බව පසක් කරමිනි. වේගයෙන් ත්‍රිකුණාමලය වරාය දෙසට පියඹා පැමිණි ජපන් යානා ත්‍රිකුණාමලය වරායට බෝම්බ හෙළමින් විනාශ කර දමන්නට විය. ඔවුන්ගේ අපේක්‍ෂාව නැව් වනසා දැමීම වුව ද නැංගුරම් ලා තිබුණේ එස්.එස්. සගායින් නැව පමණි. එය නවතා තිබුණේ ත්‍රිකුණාමලය වරායේම මැලේකෝ නමින් හඳුන්වන ස්ථානයේය. ගුවන් යානා ඒ නැවට බෝම්බ හෙළමින් පියඹා ගියේ දියත් කර ඇති අනෙකුත් නැව් සොයාගැනීමේ අරමුණෙනි. බෝම්බ පිපිරීමත් සමග සගායින් නැව ගිනි ගෙන දැවෙන්නට විය.
මෙම නැව එංගලන්තයේ සිට කුමන වරයකටද ගියේ
{ "answer_start": [ 148 ], "text": [ "බුරුමයේ රැංගුන් වරාය" ] }
b17e82eb-9929-4fe0-8f38-1482e376128a
සීතාවක රාජසිංහ රජතුමා යනු ගොඩබිමත්, ජලයත්, පර්වත, කඳු, කපොලු‍ ආදී ස්වභාවික භූ ලක්ෂණ මනාකොට සිය යුද ව්‍යාපාරයට උපයෝගී කොට ගත්තෙකි. කැලණි ගඟේ පැවැති තොටුපොළවල් සියල්ලම රජතුමා යටතේ විය. ඒ සීතාවක රාජ්‍ය ආරක්ෂාවට තීරණාත්මක ලෙස බලපෑයේය. කැලණි ගඟේ දෙපස පිහිටි විශාල කළුගල් පර විද එයින් ගඟේ එහා මෙහා යා වන පරිදි විශාල යකඩ දම්වැල් බැඳ තිබුණු බව කියැවේ. මේ නිසා රාත්‍රියේ පරංගි ඔරු-පාරු ආවත් මේ දම්වැල්වල පැටලී විනාශයට පත් වී තිබේ. ගඟ හරහා යෙදූ යෝධ දම්වැල් සීතාවක රාජසිංහ රජුගේ තවත් වෙනස්ම යුද උපක්‍රමයක් බැව් විද්වත්හු පවසති. මේ සංවිධානාත්මක පහරදීම් සිංහල රාජවංශයේ පැවති පැරණි යුධෝපක්‍රම සිහිගන්වයි. රාජසිංහ රජතුමාගේ සේනාව ගඟ දෙපස ද දිගටම වාඩිලා සිට ඇත. එසේම කැළණි ගං මිටියාවතේ බලකොටු රාශියක් රජු තනා තිබිණ.
ස්වභාවික භූ ලක්ෂණ මනාකොට යුධ ව්‍යාපාරයට උපයෝගී කොට ගත්තේ කවුද?
{ "answer_start": [ 0 ], "text": [ "සීතාවක රාජසිංහ රජතුමා" ] }
bf6fc2ef-5260-4dc8-8b33-f2aeb5fd6db6
මේ දියමිටි තැන බෞද්ධ විහාර කර්මාන්තයේ දී සුවිශේෂ තැනකි. චෛත්‍ය ඉදිකිරීමේ දී සහ පිළිම නෙළීමේ දී උවමනාකරන වැලි ගත් තැනක් ලෙසත් දියමිටි තැන ප්‍රකටය. පසුකාලීනව වැලි බලපත්‍ර දීම නිසා එතැන පරිසරය විනාශ වී තිබුණි. නමුත් දියමිටි තැන ඇති වැලි ගොඩදා කුරහන් ගලේ අඹරා සිහින් කර චෛත්‍ය සහ පිළිම කර්මාන්තයට යොදාගත් බවට ජනප්‍රවාදයේ එයි. ආචාර්ය කමල් අබේවර්ධනයන් පැවසුවේ ඔහුගේ පර්යේෂණයන්වලදී ඒ බවත් තහවුරු වුණ බවයි. හෙළි කිරීමට අකමැති වුණත් ඒ වැලි ඇඹරූ කුරහන් ගල්වල කොටස් අවට ගෙදරක දෙකක ඇති බව ද ඔහු කීවේය. සුරංගනාවියන් මල් නෙළාගෙන සිරිපා වන්දනාවේ ගිය මග ඔස්සේ සිරිපා මළුවට ගිය බවට විශ්වාස කරන මේ අතීත ගමන්මග සැබැවින්ම අද වල් වැදිලාය. එහෙත් පාරම්පරික ජනප්‍රවාදයේ එන ඇතැම් සලකුණු තවමත් තිබේ.
අඹරා ගන්නා වැලි යොදා ගන්නේ කුමන කර්මාන්තයටද ?
{ "answer_start": [ 266 ], "text": [ "චෛත්‍ය සහ පිළිම කර්මාන්තයට" ] }
26d1ce39-2de0-4d41-af5a-8180f297fa86
සිරුර හැඩවැඩ කර තබාගැනීමට ලලනාවන් දක්වන්නේ අසීමිත ආශාවකි. ගැහැනුන්ගේ පිහිටිය යුතු පැහැපත් කම, කෙස් කලබ, නෙතඟ බැල්ම, පිරිසිදු බව, කතා විලාසය, කෝමල සිනහව, රතු වන් තොල්පෙති, මුතුවන් දත්, ලාලිත ගමන, උසට කැපෙන මහත, ආලවන්තකම කරුණාව, සංග්‍රහශීලී බව හා පරිත්‍යාගශීලී බව යනාදී ගුණාංගයන් අතර ඉදිරියට නෙරා පිහිටි පපුව හා පුළුලුකුළ විශේෂ තැනක් ගනී. සෙසු අංගෝපාංග සමගින් සිරුර මනාව හැඩගැසී පරිපූර්ණ වනුයේ මෙම අංග දෙකද ඇතුළත් වූවොත් පමණි. එම නිසා, නිතඹ සොලවා පිරිමින්ගේ මනස සෙලවීමට අඟනෝ දැඩි පරිශ්‍රමයක් දරති. ආජන්ටිනාව පාපන්දු ක්‍රීඩාවට මෙන්ම රූපලාවණ්‍ය සැත්කම්වලටද ප්‍රකට රටකි. හේතුව අන් රටවලට වඩා එරට ගාස්තු අඩුවීමයි. එහි කාර්යබහුලත්වය කොතෙක්ද යත් සැත්කමට නම් දී පොරොත්තු ලේඛනයේ දිගු කලක් බලා සිටිය යුතුය. ආජන්ටිනා රූප සුන්දරී සෝලංගා ඇස ගැටෙන පිරිපුන් දේහ විලාශයකින් හෙබි තරුණියකි. රැලිවැටුණු කෙස් කලබ බෙල්ල දිගේ ඇද වැටෙන්නේ රටාවකට ය. නීල මැණික් සේ ඔප්ගැන් වූ නෙත්වලින් විහිදෙන කාන්තිය, ඇය මඳ සිනහවක් පානාවිට අවට පාළුව මැකි යන බව මාධ්‍යවේදීහු කියති. මුළු සිරුරෙන්ම ලස්සන වැගිරේ. එහෙත් මෙතරම් රමණීය දේහයක් උරුම වී තිබියදීත් තමාට යම් අඩුවක් ඇතැයි ඇයට සිතිණි.
සිරුර හැඩවැඩ කර තබාගැනීමට අසීමිත අශාවක් දක්වන්නේ කවුරුන්ද?
{ "answer_start": [ 26 ], "text": [ "ලලනාවන්" ] }
b0df42c4-f363-454b-b031-ed2e8a279cf8
අසල්වාසීන්ගේ ප්‍රධාන ඉලක්ක කොට ගත් නිවසේ ගෘහ මූලිකයා තිස්පස් හැවිරිදි අයෙකි. ඔහු හිටි හැටියේ මිය ගියේ හදිසි වසංගත රෝගයක් වැළඳීමකිනි. ඔහුගේ තරුණ බිරිඳත් විවාහ නොවූ බිරිඳගේ නැගණියත් නිවසේ තනි විය. තරුණ බිරිඳට දරුවෝ තිදෙනෙක් ද සිටියහ. ඔවුන් වයස දහතුන් හැවිරිදි සහ එකළොස් හැවිරිදි, නව හැවිරිදි වශයෙනි. වැඩිමලා පිරිමි දරුවෙකි, බාලයන් දියණියන් ය. ස්වාමියාගේ හදිසි වියෝවෙන් පසු ඔවුන්ට කිසිවෙකුගේ හව් හරණක් නොවීය. දානපතියෙක්ගේ මාර්ගයෙන් කුඩා සක් ඉදිකිරීමට ගම්මු ක්‍රියා කළහ. නව නිවසට ගෙවැදීමෙන් පසු භූතයාගේ කරදර සිදුවීම වැඩිවිය. මොහු අමානුෂ්‍යයෙක් යැයි ගම්වාසීන් විශ්වාස කළේ ඒ නිසයි. නව නිවසට ගෙවැදීමෙන් පසු අසල්වැසි නිවෙස්වලට වැඩියෙන් කරදර එන්න එන්නම වැඩිවන ලකුණු දැනිණි. ගල් මුල් ප්‍රහාර, ජනෙල් දොරවල්වලින් ගෙට පැනීම, කුප්පි ලාම්පුව නිවා දැමීම, දරුවන් ඇහැරී කෑගසනවිට පලා යාම ආදියද වැඩි විය.
භූතයාගේ කරදර සිදුවීම වැඩිවූයේ කුමකින් පසුවද?
{ "answer_start": [ 467 ], "text": [ "නව නිවසට ගෙවැදීමෙන් පසු" ] }
e170a9c6-4f84-4536-93dc-dbc39ffd26da
මේ එහා පැත්තේ තියෙන්නේ විහාර මහා දේවි උද්‍යානය. ඉතින් එතුමියගේ නමටත් ලැජ්ජයි මහත්තයෝ. ඒකේ කපල් ඇවිත් කරන විකාර බැලුවම මං දැනුවත්වම දැකලා තියනවා සමහර කොල්ලො එක එක දවසට එක එක කෙල්ලෝ එක්ක එනවා. තවත් දවසක් නෝනා කෙනෙක් ඇවිත් මාවත් රවට්ටල මෙතන විකුණන්න දාපු පත්තර 2ක් අරන් යන්න හැදුවනේ. සිල්වා මහතාගේ කතාව අතර අපට ඔහු කී පරිදි අශෝභන ප්‍රේමාලිංගන කිහිපයක්ම උද්‍යානය තුළ දක්නට ලැබුණි. උද්‍යානයේ බොහෝවිට දෙමාපියන් තම දරුවන් සමග කාලය ගතකිරීමට සෙල්ලම් කිරීමට මෙහි පැමිණෙන බැවින් මෙවැනි අශෝභන ක්‍රියා කොතරම් ඔවුන්ට අපහසුවක් දැයි අපට ද සිතාගත හැකිය.
සිල්වා මහතා රවටා විකුණන්න දාපු පත්තර 2ක් අරන් යන්න හැදුවේ කව්ද?
{ "answer_start": [ 202 ], "text": [ "නෝනා කෙනෙක්" ] }
3a2d1b9f-d2ca-42cb-8dcc-362d2c44ed31
එවකට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායකයා වූ (දැනුදු) ජෝති සංදර්ශනවල දී උත්සවවල දී හොඳින් හැඳ පැලඳ ගිය ද මාලිගාවත්ත මහල් නිවාසයේ එහේ මෙහේ ඇවිද්දේ බතික් සරමකින් සැරසීය. ඇඳුම් පැලඳුම්වලින් ඔහුට රසික ආකර්ෂණය දිනා ගැනීමට වුවමනා නොවුණා විය හැකිය. ඔහුට උලත් පිලත් එක විය. ජෝතිට තම හිතවතුන් හඳුනා ගැනීමේ දී තැනක් නොතැනක් නොවීය. මහ රජ මැදුරේ දී ප්‍රභූවරුන් අතර දී ඔහු දැකගන්නට ඔහුගේ අත්සන ලබා ගන්නට රසිකයන් පොරකන අවස්ථාවක දී පමණක් නොව මහ පාරේ දී දැක්කද ඔහු තම හිතවතුන්ට කතා කළේය. සිනාසුණේය. අත වැනුවේය. වරක් මම ගාමිණී ෆොන්සේකා හමුවන්නට වෝඩ් පෙදෙසේ ඔහුගේ නිවසට ගියෙමි. (එකල ගාමිණී හිටියේ වෝඩ් පෙදෙසේය.) මා එහි යනවිට ජෝතිද පැමිණ සිටියේය. ඒ ජෝති රාත්‍රියට ගාමිණීට ආරාධනා කරන්නටය. බොහෝ අවස්ථාවල දී ඉංග්‍රීසියෙන් කතා කරන ගාමිණී ජෝති සමග කතා කළේද ඉංග්‍රීසියෙනි. ජෝති ඉංග්‍රීසි භාෂාව හසුරවන්නේ ඉතා චතුර ලෙසිනි. ඔහු මා දුටු විගස කීවේ ළඟ දී ගිය එතෙර සංචාරයේ දී ඔහුට පාප් වහන්සේ හමු වූ බවය. “වෙලාවක එන්න. මා ළඟ පින්තූර ඔක්කොම තියෙනවා. මා අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වූ මුල්ම චිත්‍රපටය වූ “ශිල්ප දෙනු මැන” සඳහා ජෝතිගේ ගීයක් යොදන්නට මමත් නිෂ්පාදක සීවලී වික්‍රමආරච්චිත් තීරණය කළෙමු.
රසිකයන් පොරකන්නේ කුමකටද ?
{ "answer_start": [ 362 ], "text": [ "ඔහුගේ අත්සන ලබා ගන්නට" ] }
e591e888-9d02-4661-8e7c-324bf0fd55a9
ඇමෙරිකාවේ නෙවාඩාහි පිහිටි ඒරියා 51 අධි ආරක්‍ෂක කලාපයට කඩා වැඳීමට ෆේස් බුක් ක්‍රියාකාරීන් පිරිසක් සංවිධාන වීමේ සිද්ධියක් මීට වසර කිහිපයකට පෙර ඇමෙරිකාවෙන් වාර්තා විණි. එහෙත්, මේ මාතෘකාව අමෙරිකානු රාජ්‍ය තන්ත්‍රය තුළත් දැඩි අවධානයට ලක්ව ඇති බව, එතරම් ප්‍රසිද්ධ වූ කාරණයක් නොවේ. යූ.එෆ්.ඕ එසේත් නැත්නම්, හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ මෑත කාලීන මුල් වාර්තා පළ වන්නේ,1947 තරම් ඈත වකවානුවකදී. අමෙරිකානු ගුවන් හමුදා නියමුවෙකු වූ කෙනිත් ආනෝල්ඩ් නමැත්තා ප්‍රකාශ කළේ, වොෂිංටන් ප්‍රාන්තයේ රේනියර් කඳු ප්‍රදේශයට ඉහළ අහසේදී තමා පීරිසි හැඩයේ පියාඹන වස්තූන් කිහිපයක් දුටු බවයි. එදා අමෙරිකානු ගුවන් හමුදාව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළත්, පියාඹන පීරිසි යන වචනය ජන වහරට එක්වූයේ ආනෝල්ඩ්ගේ ප්‍රකාශයත් සමඟයි. 1947 දී පමණක් නොවෙයි අදටත් අමෙරිකානු ගුවන් නියමුවන් තමන් දුටු අත්භූත ජනක පියාසර වස්තූන් ගැන කරුණු හෙළි කරනවා.ඔවුන් පවසන්නේ, 2004,2012,2014 හා 2015 වසරවලදී අමෙරිකාවේ නැගෙනහිර වෙරළ ආශ්‍රිත පුහුණු හා මුර සංචාර මෙහෙයුම්වලදී මෙවැනි සිද්ධීන්ට මුහුණ දුන් බවයි. එෆ්-18 ප්‍රහාරක නියමුවන් එම අත්භූත වස්තූන් නිරීක්‍ෂණ කැමරාවලට හසුකර ගත්තා. එක් අවස්ථාවක ඔවුන් ඒවා අවි ප්‍රහාරක ඉලක්කයට හසුකර ගත්තත්, පහරදීමෙන් වැළකී සිට තිබේ. අමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය ඊට අදාළ වීඩියෝ දෙකක් පසුගිය වසරේ ප්‍රසිද්ධියට පත් කළේය.
ඇමරිකාවේ නෙවාඩාහි පිහිටි ආරක්ෂක කලාපයේ නම කුමක්ද?
{ "answer_start": [ 26 ], "text": [ "ඒරියා 51" ] }
c699218a-bf84-4c28-8bd6-59b567640a96
දිනක් උදුම්බරා ජයසිංහ මහත්මියට දුරකතන ඇමතුමක් ලැබිණි. එහා කෙළවරින් කතා කළේ ගැඹුරු කටහඬකිනි. මම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති කතා කරන්නේ. උදුම්බරා මහත්මිය සිතුවේ මේ කාගේ හෝ විහිළුවක් කියාය. කරකියා ගත දෙයක් කල්පනා නොවූ බැවින් ඇය නිහඬවම සිටියාය. යළිත් එසේම කී නිසා උදුම්බරා මහත්මිය තම කටහඬ අවදි කළාය. ඔව්. මොකක්ද කාරණාව ඇය හිමිහිට ඇසුවාය. ඕඩරයක් තියෙනවා කරන්න පුළුවන්ද? එහා කෙළවරින් යළි ඇසිණ. ජේ.ආර්ගේ කටහඬ ඇය අසා තිබුණු නිසා මේ ජේ.ආර්. විය හැකි බව තේරුම් ගත් ඇය ඕනෑ දෙයක් වුනාවේ යන හැඟීමෙන් පුළුවන් සර් යැයි කීවාය. ජපන් කුමාරියත් කුමාරයත් ලංකාවට එනවා. ඒ අයට කෑම ටික පිළියෙල කර ගන්න ඕනෑ. ඒක ගැන කතා කරගන්න අපේ කුඹල්ඔළුවේ වත්තට එන්න පුළුවන්දැයි ජේ.ආර්. ඇසූවිට උදුම්බරා ජයසිංහ මහත්මිය දිනයක් වේලාවක් ලබා නියමිත දිනට කුඹල්ඔළුව වත්තට ගියාය.
මුලින්ම ජනාධිපති කතාකරනේ යැයි කී විට උදුම්බරා සිතුවේ කුමක්ද
{ "answer_start": [ 159 ], "text": [ "කාගේ හෝ විහිළුවක් කියාය" ] }
6a98c14a-9101-41ac-b1ce-dc7d4f65d183
ජූහුවල තරු පහේ හෝටලයක උත්සවය පැවැත්වෙන අතර ක්ෂේත්‍රයේ හැම කෙනෙකුටම ඒ සඳහා ආරාධනා ලැබෙන බැව් ආරංචි මාර්ග පවසයි. ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා වූ කේ එල් රාහුල් ඔහුගේ සමීපතම ක්‍රිකට් ක්‍රීඩකයන්ට ද ඇරයුම් කරනවා ඇත. මෑත යුගයේදී නොපැවැත්වුණ තරමේ අති උත්කර්ෂවත් මංගල උත්සවයක් සිය දියණිය වෙනුවෙන් පැවැත්වීමට සුනීල් ෂෙට්ටි සිහින දකින්නේය. ඔහුගේ පියා විරප්පා ෂෙට්ටිගේ සිහිනය වූයේ ද අතියා වෙනුවෙන් අලංකාර මංගල උත්සවයක් පැවැත්වීමය. එහෙත් 2013 දී ඔහු මිය ගියේ ඒ සිහිනයත් සිතේම සිර කරගෙනය. සිය පියා ගේ අරමුණ එයාකාරයෙන්ම ඉටු කරන්නට සුනීල්ට වුවමනා වී තිබේ.
තරු පහේ හෝටලය පිහිටා තිබෙන්නේ කොහෙද?
{ "answer_start": [ 0 ], "text": [ "ජූහුවල" ] }
7b8282e4-d79f-47e4-b320-14271ca826eb
දුම් ඇල්ලීම සඳහා යෝග්‍ය ඉලෙක්ට්‍රෝනික දුම් කබලක් නිපදවීමට කුරුණෑගල වැල්ලව නව නිපැයුම්කරුවෙක් සමත්වී සිටී. වෘත්තියෙන් වෑල්ඩින් කාර්මික ශිල්පියකු වන ඔහු නමින් ඊ.එම්. ජනක ප‍්‍රියන්ත ඒකනායක ය. විදුලි ස්ත‍්‍රික්කයක විද්‍යුත් ක‍්‍රියාවලිය උපයෝගී කරගෙන මෙම ඉලෙක්ට්‍රොනික දුම් කබල මොහු විසින් නිපදවා තිබේ. නිවෙසේ භාවිත කරන විදුලි ස්විචයට විනාඩි 4 ක් පමණ සම්බන්ධ කර දුම් කබල රත්වූ පසුව සුවඳ දුම් කුඩු දමා දුම නිපදවා ගැනීමට මෙමගින් හැකිවෙයි. ‘ මා මෙය නිර්මාණය කරන්න හිතුවේ වෑල්ඩින් කාර්මික ශිල්පියකු ලෙස සේවය කරන කාලයේ සිටයි. මගේ හිතට නිතරම වද දෙනන් වුණා. මොනවා හරි නිර්මාණයක් කරන්න ඕනෑ කියලා. ඒ අනුව තමයි මෙම ඉලෙක්ට්‍රෝනික දුම් කබල නිදවන්න මගේ හිතට ආවේ. දැනට භාවිත කෙරෙන පොල්කටු දුම් කබලට වඩා ඉලෙක්ට්‍රෝනිකව දුම නිපදවීම ඉතා සුදුසු බවයි මගේ මතය. පොල්කටු සෙවීම, එය ගිනි දැල්වීම සහ ගතවන කාලය දෙස බැලූ විට මෙය විනාඩි 4 ක් වැනි ඉතා කෙටි කාලයකින් ප‍්‍රයෝජනයට ගන්න පුළුවන්.
දුම් ඇල්ලීම සඳහා යෝග්‍ය ඉලෙක්ට්‍රෝනික දුම් කබලක් නිපදවීමට සමත්වූයේ කවුරුන්ද?
{ "answer_start": [ 74 ], "text": [ "නව නිපැයුම්කරුවෙක්" ] }
8ea09189-beb7-45f5-86cf-ce01ca125bca
මතු ඒ සියල්ල ප්‍රකාශයට පත්වූ පසුව මළ මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ බුදු දහමේ ව්‍යාප්තිය මෙන්ම කිතු දහමේ සහ මුස්ලිම් දහමේ මූලාරම්භය පිළිබඳවද වැඩිදුරටත් තොරතුරු අනාවරණය වනු නිසැකය. එම තොරතුරුවලින් එවකට තත් ත්‍රිවිධ ආගම් අදහන්නන් තුළ තහවුරුව පැවතී ආගමික සංහිදියාව මහිමය ද ලොවට හෙළිවනු ඇත. මළ මුහුදේ නිර්මාණය පිළිබඳව නිරීක්ෂණය කළ භූ විද්‍යාඥයෝ මයෝසීන යුගයේ දී ආසියානු මහද්වීපය නැගෙනහිර දෙසට හා අප්‍රිකානු මහද්වීපීය බටහිර දෙසට ඇදීයාමේදී පෘථිවි පෘෂ්ඨය ගිලා බැස ස්ථානයෙහි මළ මුහුද උපත ලද බව ප්‍රකාශ කර ඇත. මළ මුහුදු පතුල නිරතුරුවම ගිලා බැසීමේ තත්ත්වයකට මුහුණපා සිටී. විද්‍යාඥයින් ගණනය කර ඇති අන්දමට වසරකට අඟල් 13කින් මෙම ගිලා බැසීම අඛණ්ඩව ක්‍රියාත්මකය.
මයෝසීන යුගයේ දී ආසියානු මහද්වීපය ඇදී ගියේ කොහෙටද?
{ "answer_start": [ 367 ], "text": [ "නැගෙනහිර දෙසට" ] }
6c1d4cf4-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු සමූහයක් ස්කොට්ලන්තයේ වයඹ දිග ස්කේයි දූපතෙන් සොයාගැනීමත් සමඟ මධ්‍යම ජුරාසික් යුගය සම්බන්ධව නවතම තොරතුරු රැසක් එළිදරව් වී ඇතැයි විද්‍යාඥයෝ පවසති. එඩිම්බරෝ සරසවියේ සහ චීන විද්‍යාත්මක ඇකඩමියේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගන්නා ලද මෙම තොරතුරු ස්කොට්ලන්ත භූ විද්‍යා ජර්නලයේ නවතම වාර්තාවක එළිදක්වා ඇත. ස්කේයි දූපතේ තිබී මීට අවුරුදු මිලියන 170කට එපිට යුගයට අයත් යැයි සැලකෙන ඩයිනෝසර් පා සළකුණු 50 ක් පමණ සොයා ගත් බව ඔවුහු පවසති. දූපතේ බ්‍රදර්ස් පොයින්ට් ලෙස හැදින්වෙන ස්ථානයේ කලපුවක තිබී මෙම පා සළකුණු සොයාගෙන ඇති අතර විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේවා ඩයිනෝසරයින් දෙදෙනකු විසින් තැබූ සළකුණු බවයි. ඩයිනෝසරයින් සහයෝගයෙන් වාසය කළ ආකාරය සම්බන්ධව පැහැදිලි චිත්‍රයක් මවාගැනීමට මෙම සොයාගැනීම උපකාර වන බවද ඔවුහු තවදුරටත් පවසති. එක් පා සළකුණක් කාර් රෝදයක් තරම් විශාල වන අතර මෙම සතුන් ටොන් 10ක් පමණ බරින් හා මීටර් 15ක් පමණ දිගින් යුතු වන්නට ඇති බවට විශ්වාස කෙරේ. මෙම මාංෂභක්ෂක සතුන් දඩයම් නොකරන වේලාවන් හිදී කලපුව අසලට පැමිණ නිදහසේ කාලය ගත කරන්නට ඇති බව පැවසේ. පර්යේෂණ වාර්තාවේ සම කතෘ ස්ටීව් බෘසෙට් පවසන්නේ 2016 වර්ෂයේදී දූපතේ චාරිකා කළ පාසල් සිසුවකු විසින් මෙම පා සළකුණු මුල්වරට සොයාගත් බවයි.
ස්කේයි දූපත පිහටා තිබෙන්නේ ස්කොට්ලන්තයේ කුමන දිශාවේද?
{ "answer_start": [ 75 ], "text": [ "වයඹ" ] }
f10d1ba4-ff54-466c-8cbc-fdca8b86ed90
ගුප්ත විද්‍යාව පුහුණුවීමේදී ආධුනිකයින් ප්‍රථමයෙන්ම මන්ත්‍ර පාඩම් කරගත යුතුවෙයි. ඒ සඳහා අනුගමනය කළ යුතු උපදෙස් ස්වල්පයක් පෙන්වාදීම මෙම ලිපියේ අරමුණ වෙයි. ප්‍රථමයෙන්ම මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙනීමට පටන් ගන්නා අය රාත්‍රී 11 න් පසු මන්ත්‍ර පාඩම් නොකළ යුතු වෙයි. හඬනගමින් හෝ ඉතා හෙමින් පාඩම් නොකළ යුතුය. නිවස අසල කවර හෝ තොවිල්පොළවල් තිබෙන විට පාඩම් කිරීම නැවැත්විය යුතුය. අසල කුමන හෝ බෙර හඬක් ඇසෙන විටද හොඳ හෝ නරක හෝ වේවා මන්ත්‍ර පාඩම් කිරීමෙන් වැළකී සිටිය යුතුවෙයි. විශේෂයෙන්ම මළ ගෙදරකට ගමකට හෝ මළ මිනියක් තිබෙන වෙනත් තැනකට හෝ ගොස් ආපසු පැමිණිවිට මන්ත්‍ර ශාස්ත්‍රයට අයත් සියලුම පොත් හා මන්ත්‍ර පරිහරණයෙන් වැළකීම වැදගත් වෙයි. එසේ නොකිරීමෙන් වටිනා මන්ත්‍ර ශාස්ත්‍රයේ බලය පිරිහෙනු ඇත.
පාඩම් කිරීම නතර කලයුතු වන්නේ නිවෙස අසල කවරක් තිබෙන විටද?
{ "answer_start": [ 310 ], "text": [ "තොවිල්පොළවල්" ] }
c00e4e75-8d13-4321-b170-7e15d532b19c
පසුගිය කාලයේ කසළ නිසා විවිධාකර ප‍්‍රශ්නවලට මුහුණදීමට ජනතාවට සිදුවුණා. විවිධ රෝග, නිවාස ගැටලූ ඇතුළු ප‍්‍රශ්න රාශියකට ජනතාව මුහුණ දුන්නා. මේ කසළ ගැටලූව මගේ ඔලූවට තදින්ම කාවැදුණා. මම හිතුවා කසළ පුළුස්සන්න පුළුවන් නම් අපට ප‍්‍රශ්නය ජයගන්න පුළුවන් කියලා. ඒ අනුව මම මුලින්ම කිලෝ පහක් පමණක් දමන්නට හැකිවන කුඩා යන්ත‍්‍රයක් නිපදවූවා. එය ඉතා සාර්ථක වුණා. ඒ අනුව මම ගොතටුව ඔසු පරිසර පදනමේ අධ්‍යක්‍ෂ ඔලිවර් සරත් කුලරත්න මහත්මයත් එක්ක මේ නිර්මාණය ගැන සාකච්ඡා කරලා ඉන් බැහරව යන අළුවලින් කාබනික පොහොර නිපදවීමට සැලසුම් සකස්කළා.
පසුගිය කාලයේ කසළ නිසා ජනතාවට මුහුණදීමට සිදු වූ ගැටළු මොනවාද?
{ "answer_start": [ 70 ], "text": [ "විවිධ රෝග, නිවාස ගැටලූ" ] }
685b5523-ec54-4bcf-9809-f2ec13a397b8
ස්ලෝවේනියාව සතු ලෝක උරුමයක් වන මෙම පොස්තුමියා හුණුගල් ගුහාව මුලින්ම සොයා ගෙන ඇත්තේ වර්ෂ 1213දීය. නමුත් එය මහජනයා සඳහා විවෘත කර 1872 දී ලූතා චෙක් නමැත්තාගේ පුරෝගාමීත්වය යටතේය. සංචාරකයන්ට ගමන් කිරීම සඳහා දුම්රිය මාර්ගය විවෘත කර ඇත්තේ ඊට වසර 12කට පමණ පසුවය. පොස්තුමියා ගුහාව අභ්‍යන්තරය අමුතුම ලෝකයකි. එහි ඇති හුණුගල් පර්වත එක ස්ථානයක සුදු පැහැයෙන්ද තවත් ස්ථානයක කහ, තැඹිලි සහ රෝස පැහැයන්ගෙන්ද දිස්වේ. අඩියෙන් අඩිය විදුලි බල්බ දල්වා තිබෙන හෙයින් එය ඉතා ආලෝකමත්ව දිස්වේ. ගුහාවේ මීටර් 200ක් පමණ ගමන් කළ පසු පුද්ගලයන් 1000ක පමණ සිටිය හැකි වේදිකාවන් බඳු ස්ථානයක් හමුවේ. පොළොව අභ්‍යන්තරයේ මෙවැනි ස්ථානයක් තිබේද කියාවත් සිතා ගැනීමට අපහසුය. තවත් දුර ගිය පසු හමුවන්නේ පළමු ලෝක යුද සමයේ රුසියානු සිරකරුවන් විසින් සාදන ලද පාලමකි. එය ගුහාවේ බිම් මට්ටමේ සිට මීටර් 40ක් පමණ උසින් පිහිටා ඇත. වසර 100කටත් අධික කාලයක පෙර නිර්මාණය කළ මෙම පාලම සඳහා අමුද්‍රව්‍ය ගුහාව තුළට කෙසේ ගෙනාවේ දැයි සිතා ගැනීමට පවා අපහසුය. ගුහාවේ ඉහළ ඇත්තේ ඉතා උල් හැඩැති හුනුගල්ය. යම් විදියකින් ඉන් එකක් මිනිසකුගේ හිස මතට කඩා වැටුණහොත් ඔහු නියත වශයෙන්ම මියයනවා ඇත. එහෙත් සංචාරක උපදේශකවරයාගේ ස්ථිර අදහස වූයේ කිසිදා දිනක මෙම හුණුගල් උල් කඩා වැටෙන්නේ නැති බවයි. සමහර තැනක මෙම හුනුගල් පර්වත මීටර් 10කටත් වඩා උසය. මෙහි තවත් පුදුමය දනවන කරුණ වන්නේ මෙම හුණුගල් සෙන්ටිමීටරයක් වැවීමට වසර 100කටත් වැඩි කාලයක් ගත වීමයි.
පොස්තුමියා හුණුගල් ගුහාව කුමන රටක් සතු ලෝක උරුමයක්ද?
{ "answer_start": [ 0 ], "text": [ "ස්ලෝවේනියාව" ] }
a9127df2-10c3-4f45-b997-16c6441c77ef
ගුවන් සේවිකාවන් එය වළක්වා ඇති අතර එහිදී ගුවන් යානය පියාසර නොකරන බව පවසා පිටවන දොරටුව විවෘත කිරීමට කිරීමට උත්සහ දරා ඇත. එහිදී ගුවන් සේවිකාවක් අත තිබූ කෝපි බඳුනකින් දෙවරක් පහර දී ඇති අතර ගුවන් යානයේ සිටි පොලිස් නිලධාරියෙක් සහ මගීන් සමග එකතු වී ගුවන් සේවිකාවන් මෙම සැකකරු බැඳ දමා ඇත. මෙම සිද්ධිය හේතුවෙන් වොෂින්ටන් නගරය බලා පියාසර කල ගුවන් යානය මිසූරි හි පිහිටි කන්සාස් නගරයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොලට ගොඩ බස්වා ඇති අතර පොලිස් නිලධාරීන් සහ එෆ්.බී.අයි නිලධාරීන් පැමිණ එම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති අතර සෙසු මගීන් වෙනත් යානයකින් ගමනාන්තය දක්වා පිටත් කර හැර ඇත.
සෙසු මගීන් ගමනාන්තය දක්වා පිටත් කර ඇත්තේ කෙසේද?
{ "answer_start": [ 511 ], "text": [ "වෙනත් යානයකින්" ] }
6c1c79d0-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
නිවසේ වුවද ජලය පිරිපහදු ක‍්‍රියාවලියටද යොදාගැනීමට හැකිවන අතර කෘෂිකර්මාන්තයේදී වගාව සරු කරගැනීමට කාබනික පොහොර ලෙස භාවිත කරනවා. කසළ බිම්වලින් විද්‍යුතය උත්පාදනය කිරීමේදී කසළ බිමේ පරිමාව අඩුවන අතර ජෛව අඟුරු කසළ බිම මතුපිට අතුරා කසළ තුළින් ශරීරයට අහිතකර වාෂ්පශීලී කාබනික සංයෝග ඉවත් කරන්නේ කෙසේදැයි අප පරේයේෂණය කළා. කසළවලින් දුඟද සහිතව පරිසරයට නිදහස් වන ටොලූවීන්, බෙන්සීන්, ෙසෙලින් වැනි පිළිකාරක සංයෝග ජෛව අඟුරු අධි ක‍්‍රියාකාරීව උරා ගැනීම සිදුකරනවා. මෙම පර්යේෂණය අප වසර 2 ක් පමණ කාලයක සිට සිදුකරනවා.මේවන විට ඉතා සාර්ථක ප‍්‍රතිඵල ලැබී තිබෙනවා. ජෛව අඟුරු කසළ මතුපිට පස් සමඟ අතුරනයක් ලෙස යෙදවිය හැකි වෙන්නාසේම කසළවලින් ගලායන අප ජලය එකතු කර ජෛව අඟුරු මගින් පිරිසුදු කර පරිසරයට මුදාහැරිය හැකිවෙනවා. ඒ වගේම කසළ බිමට යටින් භූගත ජලයට එකතුවන අපද්‍රව්‍ය වළක්වා ගැනීමට ජෛව අඟුරුවලින් බාධක ආවරණ යෙදිය හැකිවෙනවා. කාබනික කසළවලින් නිපදවන ජෛව අඟුරු සෞඛ්‍යාරක්‍ෂිත කසළ බිමක් බවට පත්කර ගැනීමටත් ඉවහල්වෙනවා.
මෙය යොදා ගැනීමෙන් පරිසරයට ඇති වාසිය කුමක්ද?
{ "answer_start": [ 11 ], "text": [ "ජලය පිරිපහදු ක‍්‍රියාවලියටද යොදාගැනීමට" ] }
52924663-5127-4e9d-bfaf-67cc2e7ff36d
ලංකාවේ කඳු නගින්නන් අතර තරමක් ප්‍රචලිත කඳු රාශියක්ම බෙලිහුල් ඔය සිට බදුල්ල දක්වා ඇති අතර බොහෝ විට ළඟාවීමේ පහසුව සහ සිත් පිනා යන දර්ශන පථයක් තිබීම ඊට හේතුව විය හැක. නමුත් මෙම ප්‍රදේශය මධ්‍යම කඳුකරයේ බෑවුම නිසාවෙන් බොහෝ විට වියළි කාලගුණයක් උසුලයි. එම නිසාම වසරකට වතාවක් මෙම කඳු ස්වභාවික ලෙස ගිනි ගැනීම හෙවත් ලැව්ගිනි ඇති වීම සිදුවේ. විශේෂයෙන්ම හාවාගල, පරවියන්ගල, වංගෙඩිගල කඳු පන්තිය, බෙරගල, උඩදියලුම, ඇල්ල කන්ද, ලුනුබිස්ස, නාරංගල, උඩවේරිය සහ අවශේෂ කුඩා කඳුවල පවතින අධික මාන පඳුරු නිසාවෙන් බොහෝ කාලයක් මුළුල්ලේ පායන විටදී තද අව් රශ්මියට ස්වභාවිකවම ගිනි ගැනීමක් ඇති වේ. මීට දෙමසකට පෙර අපි වංගෙඩිගල ආශ්‍රිත කඳු පන්තිය ගිනිගන්නා ආකාරය දුටු අතර ඊටත් පෙර ගිනිගත් උඩ දියලුම, පරවියන්ගල වැනි කඳු දැක ඇත්තෙමු. තවද කලාතුරකින් විය හැකි තවත් සිද්ධියක් නම් මිත්‍යා විශ්වාසවල එල්බ සිටින ගම්මුන් වර්ෂාව අපේක්‍ෂාවෙන් මෙලෙස ලඳු කැලෑ ගිනිබත් කිරීමය.
කඳු ස්වභාවික ලෙස ගිනි ගැනීම හඳුන්වන නම කුමක්ද?
{ "answer_start": [ 306 ], "text": [ "ලැව්ගිනි ඇති වීම" ] }
2e708598-34c5-4501-826f-a8668ecbb6f1
ඔරුගොඩවත්තේ සිට ඉදිරියට ඇදෙන මෙම රේල් මඟ මෝදර අලුත් පාර ප්‍රදේශයේදී මහා මාර්ගයට යටින් ඉදිකළ උමගක් හරහා ගොස් වරායට පිවිස වාරය තුළ එක් එක් අතට විහිද ගිය තවත් දුම්රිය මාර්ග ජාලයක් හා එක්වේ. කොළඹ වරාය තුළ ඇති බඩු ගබඩා හා ජැටි වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා අතීතයේ සිටම මෙම මාර්ග ජාලය ඉදිකර ඇත. වරායේ වැඩ කටයුතු ආරම්භයේ පටන් 1970 දශකය දක්වාම ගොඩබිමට භාණ්ඩ ප්‍රවාහනය සිදුව ඇත්තේ දුම්රියෙනි. ඒ නිසාම එකල මුතුවැල්ල මාර්ගයේ බඩු ප්‍රවාහන දුම්රියන් දිවා රෑ එහෙ මෙහෙ යන්නට ඇත. භාණ්ඩ ප්‍රවාහනයට අමතරව මගී රේල්කාර් සේවාවක්ද මෙහි ක්‍රියාත්මක වී ඇති බව රේල්ලු අතීතය විමර්ශනය කිරීමේදී සොයා ගැනීමට හැකි විය. එම රේල්කාර් සේවාව කෙටි කලකින්ම අභාවයට ගොස් මුතුවැල්ල දුම්රිය මග මුළුමනින්ම භාණ්ඩ ප්‍රවාහනයටම පමණක් වෙන්ව තිබේ.
මුතුවැල්ල දුම්රිය මාර්ගය තවමත් භාවිතා කරන්නේ මගී ප්‍රවාහනය සඳහාද නැතහොත් එය භාණ්ඩ ප්‍රවාහනය සඳහා පමණක් වෙන්කර තිබේද?
{ "answer_start": [ 654 ], "text": [ "මුළුමනින්ම භාණ්ඩ ප්‍රවාහනයටම පමණක් වෙන්ව තිබේ" ] }
a2d11aca-1a96-4d88-b0dc-9928b7149fe4
තවමත් ගල් යුගයේ වෙසෙන වනචාරී ගෝත්‍රිකයනට අවශ්‍ය මොළේ කල්පනාව නොව අතේ පයේ හයියයි. කොටින්ම කිව්වොත් හතුරෙකු සමග කරට කර සටන් කිරීමේ ජවයයි. මේ ජවය නොමැති නම් එය යම් තරුණයකුට විවාහයක් කර ගැනීමට නුසුදුසු කමක් ලෙස සැලකීම බොහෝ වනචාරී ගෝත්‍රිකයන්ගේ ගති ස්වභාවයයි. එනිසාම තරුණ වියට පැමිණි ගැටවරයන් ඔවුනගේ ප්‍රමුඛ පෙළේ සටන් ක්‍රීඩාව අඩුවක් නොමැතිවම පුරුදු විය යුතු වේ. ගැටවරයන් තමන් විවාහ වීමට සුදුසුකම් සැපිරූවුන් බව පෙන්වන්නේ ඔවුන්ගේ සුපුරුදු සාම්ප්‍රදායික ක්‍රීඩාවෙනි. එය වූ කලී යෂ්ටි ක්‍රීඩාවකි. ක්‍රීඩාවක් ලෙස හැඳින්වුවත් සැබැවින්ම එය ක්‍රීඩාවකට වඩා සටන් ක්‍රමයකි. එහෙත් මොවුන් එම සටන් ප්‍රදර්ශනය කරන්නේ ක්‍රීඩාවක් කරන ලෙසය.
අතේ පයේ හයිය නොමැතිවිට ගෝත්‍රිකයන් පවසන්නේ ඔවුන් කුමක් සදහා නුසුදුසු ලෙසද
{ "answer_start": [ 170 ], "text": [ "විවාහයක් කර ගැනීමට" ] }
a4094c59-de88-42bd-be8f-60774a884c42
සුශාන්ත් සිං ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගනු ලබන අලුත් අලුත් තොරතුරු මාධ්‍යවලට නිකුත් වන්නේ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සියලු දෙනාම මවිතයට පත් කරමිනි. සැබැවින්ම මේ මරණයට නිශ්චිත හේතුව මෙයයයි කියන්නට නොහැකි තරමට එය සංකීර්ණ වී තිබේ. මේ වන විට ඔවුන් සුශාන්ත්ට සම්බන්ධ බොහෝ දෙනෙකු ගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. වැඩි පුරම ප්‍රශ්න කිරීම්වලට බඳුන් වූයේ ඔහුගේ පෙම්වතිය වූ රී චක්‍රබෝර්තිය. ඔහු විවිධ අය සමඟ කරන ලද වට්ස්ඇප් සංවාද ද නිලධාරීන්ගේ විමර්ශනයට ලක් වෙමින් පවතී. ඔහුගේ සොයුරියන් හතර දෙනාගෙන් එක් අයෙකු වන ප්‍රියංකා සමඟ කරන ලද සංවාදයක සඳහන් වෙන කරුණු සහ පවුලේ අයගේ පෙර ප්‍රකාශ අතර ඇත්තේ පරස්පර විරෝධී බවකි. සුශාන්ත් මානසික අවපීඩනයෙන් පෙළෙන බවක් තමන් දැනගෙන නොසිටි බැව් ඔවුන් කලින් ප්‍රකාශ කර තිබිණි. එහෙත් වට්ස්ඇප් සංවාදයේදී ප්‍රියංකා ඔහුට බෙහෙත් වර්ගයක් හඳුන්වා දී තිබිණි. එම වර්ගය භාවිතා කරන්නේ මානසික අවපීඩනයට වන අතර ඇය ඒවා නිර්දේශ කර ඇත්තේ වෛද්‍යවරයෙකුගෙන් අසා දැනගෙනය. එහෙත් සුශාන්ත් එම වෛද්‍යවරයා හමුවට කැටුව ගොස් නැත.
සුශාන්ත් සිං ට සහෝදරියන් කීදෙනෙක් සිටියේද?
{ "answer_start": [ 522 ], "text": [ "හතර" ] }
122baed6-1709-449b-b66b-dfe7d5909303
මොහොමඩ් පාරුක් හා වකාස් අලි යන දෙදෙනා පකිස්ථාන් පාතාල කල්ලියක සාමාජිකයන් බවට ද තොරතුරු පොලිසියට ලැබී තිබිණ. මොවුන් දෙදෙනා බට් සබීර්ගේ ඝාතනය සඳහා පකිස්ථානයේ සිට පැමිණ ලැඟුම් ගෙන ඇත්තේ කොළොන්නව විජයපුර පිහිටි වහබ් අබ්දුල් නමැත්තාගේ නිවසේය. ඝාතන සැලැස්ම ක්‍රියාත්මක වන ආකාරය ගැන සාකච්ඡා කර සැලසුම් කර ඇතැයි කියන්නේ එම නිවසේ සිටය. මෙම ඝාතනය සිදු කිරීමට කොන්ත්‍රාත්තුව බාර ගත් බව කියන කොළඹ 12 කුමාර දොරටුව පදිංචි මොහොමඩ් ෂරිප් මොහොමඩ් නිස්මි නමැත්තා කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේදී මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් ඉකුත් 04 වැනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. මොහොමඩ් නස්මි නමැත්තා පොලිසිය කොටු කර ගත්තේ වහබ් අබ්දුල් නමැත්තා හෙළි කළ තොරතුරු අනුවය. ඊළඟට පොලිස් අත්අඩංගුවට පත් වන්නේ කොළඹ මට්ටක්කුලියේ පල්ලිය පටුමඟ පදිංචි මොහොමඩ් පරිෂාන් මොහොමඩ් නුස්කින් නමැත්තෙකි. අවසානයේ පොලිසිය කොටු කර ගත්තේ ඝාතකයින් දෙදෙනා මීගමුවට රැගෙන ගිය බව කියන මට්ටක්කුලිය කැලණි ගඟ මෝල පාරේ පදිංචි මොහොමඩ් සිදර් මොහොමඩ් ඉර්ෆාන් යන ත්‍රිරෝද රථ රියැදුරාය.
මොවුන් දෙදෙනා බට් සබීර්ගේ ඝාතනය සඳහා පකිස්ථානයේ සිට පැමිණ ලැඟුම් ගෙන ඇත්තේ කොහේද?
{ "answer_start": [ 183 ], "text": [ "කොළොන්නව විජයපුර පිහිටි වහබ් අබ්දුල් නමැත්තාගේ නිවසේය" ] }
71c84408-00ff-4274-8e78-05d91d715b8f
මෙහි දැක්වෙනුයේ උතුම් කඳ දෙවියන් නමින් ලොව පුරා ඇති දේවාලයන් සම්බන්ධව ඇති ප්‍රධාන කෝවිල් 07 පිළිබඳවයි. ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයටත් හම්බන්තොට දිස්ත්‍රික්කයටත් ඇති සීමා දෙකටම ළංව කතරගම පුදබිම පිහිටා තිබේ. අප රට එක්සේසත් කළ දුටුගැමුණු මහා රජතුමා විසින් එළාර රජතුමා සමඟ යුද්ධයට යන අවස්ථාවේ දී දුටුගැමුණු මහා රජතුමා කඳ කුමරුවන් මුණ ගැසී යුද්ධයෙන් දිනවා දෙන ලෙස බාරයක් විය. යුද්ධය දිනූ පසුව දුටුගැමුණු රජතුමා කතරගම දෙවියන් වැඩසිටි කන්දේ දී මුණ ගැසී උතුම් කතරගම දෙවියන් වෙනුවෙන් දේව මාළිගාවක් සාදවාදීම සඳහා පූජා කිරීමට ස්ථානයක් පෙන්වා දෙන ලෙස බැගෑපත්ව ඉල්ලීමක් කරනු ලැබීය.
කතරගම පුදබිම පිහිටා ඇත්තේ කුමන දිස්ත්‍රික්ක වලට මායිම්වද?
{ "answer_start": [ 112 ], "text": [ "මොණරාගල දිස්ත්‍රික්කයටත් හම්බන්තොට දිස්ත්‍රික්කයටත්" ] }
6250658c-a275-42cf-90a1-d564bc156b01
සන්නිවේදන පද්ධති සහ තොරතුරු තාක්ෂණ, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති, රොබෝ තාක්ෂණ හා පද්ධති පාලනය, විද්‍යුත් තාක්ෂණ සහ මෙවලම්කරණය, අධි වෝල්ටීයතා ඉංජිනේරු විද්‍යාව, විදුලි යන්ත‍්‍ර සහ ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව හා නිනිති තාක්ෂණය යන ක්ෂේත‍්‍ර ව්‍යාපෘති නිර්මාණ ප‍්‍රධාන වශයෙන් ඉදිරිපත් කෙරිණි. සම්මේලනයේ ආරම්භක සැසියේදී ප‍්‍රධාන දේශනය නිනිති ඉලෙක්ට‍්‍රා්නික විද්‍යාව හා සන්නිවේදනයේ නවමු ප‍්‍රගමන පිළිබදව එක්සත් රාජධානියේ සරේ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රවි සිල්වා මහතා විසින් පවැත්වූ අතර ඉංජිනේරු පීඨයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී මහාචාර්ය ජනක ඒකනායක මහතා විසින් ‘ස්මාර්ට් ග්රිඞ්’ තාක්ෂණය බලගැන්වීම පිළිබ`දව දේශන පැවැත්විණි. එහිදී අමාත්‍ය කබීර් හෂීම් මහතා පර්යේෂණ ක්ෂේත‍්‍රයේ ජාතික සංවර්ධනය පිළිබඳව අදහස් දැක්වූ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලය පර්යේෂණ ක්ෂේත‍්‍රය නැංවීමට සඳහා සිදුකර ඇති කාර්යභාරය පිළිබඳව ඇගයීමටද ලක් කළේය.
මහාචාර්ය රවි සිල්වා මහතා සේවය කරන්නේ කුමන විශ්වවිද්‍යාලයේ ද?
{ "answer_start": [ 403 ], "text": [ "එක්සත් රාජධානියේ සරේ විශ්ව විද්‍යාලයේ" ] }
6c1c7a41-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
මේ ගැන මහාචාර්ය සයිඞ් ඉෂ්ටියාක් මහතා පැවැසූවේ මෙවන් අදහසකි. “උණබට වැනි පුනර්ජනනීය සම්පත් බහුල රටක් ලෙස බංග්ලාදේශය හඳුන්වන්න පුළුවන්. රටේ තාක්‍ෂණික දියුණුවට ස්වභාවික සම්පත් ඵලදායී ලෙස භාවිතකළ හැකි ක‍්‍රම සොයාගැනීම ඉතා වැදගත් කොට සලකනවා. උණබටවල ඇති ආවේණික ගුණාංග නිසා දුරකතන කුලූනු ලෙස පහසුවෙන් භාවිත කිරීමේ හැකියාව තිබෙන බව ශක්‍යතා අධ්‍යයනවලින් හඳුනාගැනීමට හැකිවුණා. මෙම උත්සාහය වනුයේ රටේ සංවර්ධනයට මෙන්ම පරිසරය සුරැකීමටත් දායකවීමයි. උණබටවලට විශාල බරක් දරාගැනීමේ හැකියාව තිබෙන බව පර්යේෂණවලින් සනාථ වුණා. එය දුරකතන කුලූනු සඳහා යෝග්‍ය බවද ඔප්පු වුණා. සුළඟ වේගය පැයට කිලෝමීටර 210 ක් වුවද දරා ගැනීමේ හැකියාව තිබෙනවා. නිසි ලෙස නඩත්තු කළහොත් මෙම උණබට අවුරුදු 10 ක පමණ කාලයක් වුවද ආරක්‍ෂාකරගත හැකිවෙනවා. දින 12 කින් පමණ උණබට කුලූනක් තැනිය හැකියි. ඒ සඳහා වැය වන්නේ වානේ කුලූනු තැනීමට වැයවන බලශක්තියට වඩා අඩු බලශක්තියක්.
උණබට වැනි පුනර්ජනනීය සම්පත් බහුල රටක් ලෙස බංග්ලාදේශය හඳුන්වන්න පුළුවන් යැයි පැවසුවේ කවුරුන්ද ?
{ "answer_start": [ 7 ], "text": [ "මහාචාර්ය සයිඞ් ඉෂ්ටියාක් මහතා" ] }
910aa392-ba8e-4c90-9ed0-e4b0e7014f63
ඩේව් ඇතුළු පිරිස ගඟින් එතෙර වීමට උත්සාහ කර ඇත්තේ ගඟේ මේ පෙදෙසින්ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගෙත් මුහුදු බඩ පෙදෙස් පාලනය කළ ඉංග්‍රීසීන්ගෙත් විශේෂ අවධානයට යොමු වී සිටි සිරකරුවෙක් සිටියේය. ඔහු ඇඩම් ඩේව්ය. ඉංග්‍රීසිහු ඩේව් නිදහස් කරගන්නට අපමණ වෙහෙසක් දැරූහ. ඒ වෙහෙස ගඟට කැපූ ඉනි මෙන් විය. අවසානයේදී සිදුවූයේ ඩේවිට මහනුවරදී අවසන් සුසුම් පොද හෙළන්නටය. 1803 වර්ෂයේ පෙබරවාරි 21 වැනිදා බ්‍රිතාන්‍ය හමුදා මහනුවරට එන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාත් ඔහුගේ මැති ඇමැතිවරුත් නගර වැසියොත් ඌවේ කඳුකරයට පලා ගොස් එහි ලැගුම් ගෙන සිටියෝය. කිසිදු ගැටලුවකින් තොරවම ඉංග්‍රීසීහු මහනුවර බලය පිහිටුවා ගත්හ. රජකමට අයිතිවාසිකම් කියූ මුත්තුසාමි කුමාරයා මාර්තු 8 දා සිංහල සිරිත් විරිත් අනුගමනය කරමින් රජකමට පත්කරන්නට ඉංග්‍රීසීහු පියවර ගත්හ.
ඩේව් මිය ගියේ කොහෙදිද ?
{ "answer_start": [ 314 ], "text": [ "මහනුවරදී" ] }
bcdb1982-9ceb-4604-8693-9a368375b643
ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ සාමාජිකයින් අටදෙනකු මියගොස් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ යානයේ නවදෙනකු සිටි බවත් ෂර්ම් එල් ෂෙයික් අසල දෛනික මෙහෙයුමකින් පසු පහලට බසින විට යානය අනතුරට පත්වූ බවත් නිරීක්ෂකයෝ පවසති. මියගිය අය අතර ප්‍රංශ ජාතිකයෙකු, චෙක් ජාතිකයෙකු සහ ඇමරිකානුවන් හය දෙනෙක් සිටිති. අනතුරින් එක් ඇමරිකානුවෙකු දිවිබේරාගෙන ඇති අතර ඔහු ඊශ්‍රායල රෝහලකට ගෙනගිය බව බලධාරීහු පවසති. ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට අයත් ජිහාඩ් සටන් කාමීන් සිනායි අර්ධද්වීපයේ ක්‍රියාත්මකව සිටින නමුත් බලධාරීන් පවසන්නේ අනතුරට හේතුව කැරලිකරුවන්ගේ ක්‍රියාවක් නොවන බවයි.
හෙලිකොප්ටර් අනතුරක් සිදු වූයේ කොහේද?
{ "answer_start": [ 0 ], "text": [ "ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ" ] }
cfd968de-d184-4e07-a319-a8412a4c9046
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් නිවසට මෙන්ම කාර්යාල, ව්‍යාපාරික ස්ථාන, රථ වාහන, බෝතල් ගබඩාවක්, මත්පැන් නිෂ්පාදනාගාරයක් ආදියට ද කුපිත වූ පිරිස් ගිනි තැබූහ. ගාමිණී ලොකුගේ මහතාගේ පිළියන්දල හොන්නන්තර නිවසට ද කිසියම් පිරිසක් ගිනි තබා තිබූ අතර, එහි තිබූ කැබ් රථ දෙකක් ඇතුළු දේපල රැසක් විනාශ වී තිබිණි. මීට අමතරව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පදනම ස්ථාපිත කර ඇති නාවලපිටියේ පිහිටි කාර්යාලයට ද කිසියම් පිරිසක් පහර දී තිබූ අතර, ඒ අසල ටයර් පුළුස්සා විරෝධය පළ කරනු ද දක්නට ලැබිණි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කාර්‍යාලය පිහිටා තිබෙන්නේ කුමන දිස්ත්‍රික්කයේද?
{ "answer_start": [ 0 ], "text": [ "කුරුණෑගල දිස්ත්‍රික්කයේ" ] }
8babb068-d329-4b94-bfc8-2c58553358dd
දුමෙන් වැහුණු දුම්බර මිටියාවතේ ඔබ මොබ සැරිසරන්නට වගේම අසිරි සරිය විඳ ගන්නට දින කිහිපයකින් නම් කළ නොහැකිය. මන්ද හෙක්ටයාර ගණනාවකින් පිරුණු මෙම වන ලැහැබ තුළ කඳු හෙල්, දිය ඇළි ගංගා, උමං වගේම පතන, තැනිතලා ගණනාවක් පිරී ඇති හෙයිනි. සමස්ත රක්ෂිතයෙන්ම උපදින දියවර විවිධ දිශාවලට ගලමින් අවසානයේ හෙලයේ ප්‍රධාන පෝෂකය වන මහවැලියට එකතු වන්නේ දුම්බරින් ලැබෙන මහ ජල කඳක් ලෙසිනි. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම පිවිසුම් මාර්ගය වන්නේ හුන්නස්ගරිය හරහා වැටී ඇති ලූල්වත්ත මාර්ගය වන අතර එහි ඇති ඉසව් සොයා අපි මෙලෙස චාරිකාවේ යෙදුණෙමු. මහනුවර දිස්ත්‍රික්කයට අදාළ නිල පිවිසුම් මාර්ගය වනුයේ හුන්නස්ගිරිය හරහා ඇති පිවිසුමයි. එහ හුන්නස්රිගියේ සිට නවනගල ග්‍රාමය හා ලූල්වත්ත ග්‍රාමය හරහා ගමන් කරමින් අට්ටාලමාට්ටුව නොහොත් කොබෙට් කපොල්ල වෙත ළඟා වී මීමුරේ දක්වා ගමන් කරයි.
සමස්ථ රක්ෂිතයෙන්ම උපන් දියවර අවසානයේ වැටෙන්නේ කොහේටද?
{ "answer_start": [ 307 ], "text": [ "මහවැලියට" ] }
b8633bd5-31e6-4232-b30a-828a6e5a03f3
භට පිරිස් නිවස වටලන අවස්ථාවේ නිවෙසේ තිබූ පිස්තෝල උණ්ඩ රැසක් පොලිතින් උර වල දමා යාබද වත්තකට වීසි කළ දිනුකගේ පුංචි අම්මා එම මොහොතේදීම අත්අඩංගුවට පත් වූවාය. අපරාධ කිරීම සඳහා පැමිණ එම සුවිසල් නිවසේ සැඟව සිටි දිනුකගේ ගෝලයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගැනීමට භට පිරිස් සමත් වූහ. තව ද මෙම විශේෂ මෙහෙයුමේ දී බ්ලූමැන්ඩල් සංඛගේ හා ආමි සම්පත්ගේ ගෝලයකු වු බ්ලූමැන්ඩල් පැතුම් නොහොත් උක්කුවා හෙරොයින් ග‍්‍රෑම් 6කට ආසන්න ප‍්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගැනීම, මීට අමතරව මධූෂ්ගේ, සමයංගේ, දිනුකගේ, අංගොඩ ලොක්කාගේ, ලඩියාගේ, දූනගහ සුජීගේ ගෝලයන් රැසක් සිටින නිවෙස් රැසක් සෝදිසියට ලක්කිරීම මෙම මෙහෙයුම් හරහා සිදුකර කර තිබුණි.
මෙම විශේෂ මෙහෙයුමේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත්තේ කව්ද?
{ "answer_start": [ 338 ], "text": [ "බ්ලූමැන්ඩල් පැතුම් නොහොත් උක්කුවා" ] }
46f1c950-a2a6-47db-adba-56ac81f9f413
බුදුන් වහන්සේගේ උපන් දේශය භාරත දේශයයි. ලාංකික අපි බෞද්ධයින් ලෙස බුදු දහම ගෙන බුදුන් සරණ යමින් ආගම අදහමින් පසුවෙමු. ඒ හා සමානව අප රටේ දෙවියන් වැඳ පුදා ගැනීමට ද ජනයා හුරුව සිටිති. දේශිීය දෙවියන් ලෙස සලකන සුමන සමන් දෙවියන් හැරුණුකොට වැඩි ප්‍රමාණයක් දෙවිවරු ඉන්දීය දේශය මුල් කරගත් අයය. එම ස්ථාන තුළ වැඩ සිටින දෙවියන් ඇදහීමටද අප රටේ ජනයා හුරුව පවතී. මුරුගන්, කදිරා සුබ්‍රමනි, ස්කන්ද වැනි නම්වලින් ඉන්දීය බැතිමතුන් අදහන කතරගම දෙවියන් ලක්දිවට වැඩම වූයේ වල්ලිී දේවඟන හා විවාහ වීම පිණිස බව ජනප්‍රවාදයේ සඳහන් වේ. කප්පකන්දර නදිය අසළ දේව විමානය ඉදිවීම නිසා කතරගම දෙවියන් ලෙස කඳ කුමරුවන් අදහනු ලබයි.
දේශිීය දෙවියන් ලෙස සලකන්නේ කවුද?
{ "answer_start": [ 202 ], "text": [ "සුමන සමන් දෙවියන්" ] }
47876f9c-9bac-4031-a8cf-8c03078e2511
බාබුර් තුන් වැනි වරට ඉන්දියාව ආක්‍රමණය කරන ලද්දේ ක්‍රිි.ව.1524දීය. මේ කාලයේ පංජාබයේ පාලකයා වූයේ දව්ලත් ඛාන්ය. ඉබ්‍රාහිම් ලෝදිට ඔහු තනතුරින් පහකිරීමේ අවශ්‍යතාවත් තිබිණි. ඉබ්‍රාහිම්ගේ මාමා කෙනකු වූ අලා උද්දීන් ඛාන් නොහොත් අලාම් ඛාන්ද එවැනි තර්ජනයකට මුහුණ පා සිටියේය. දව්ලත් ඛාන් හා අලා උද්දීන් ඛාන්ගේ අවශ්‍යතාව වූයේ ඉබ්‍රාහිම් ලෝදි පලවා හැර දිල්ලි සුල්තාන් රාජ්‍යය තමන් සතු කර ගැනීමය. ඒ සඳහා ඔවුහු බාබුර්ගෙන් උපකාර ඉල්ලා සිටියහ. දව්ලත් ඛාන්ට පන්ජාබයත්, අලා උද්දින් ඛාන්ට දිල්ලියත් ලබා දීමේ පොරොන්දුව මත බාබුර් ඉන්දියාව බලා පිටත් විය.
මේ කාලයේ පංජාබයේ පාලකයා වූයේ කවුද?
{ "answer_start": [ 96 ], "text": [ "දව්ලත් ඛාන්ය" ] }
9103e371-24d3-4682-8df7-6d6befaaed58
95-96 කාලයේ තත්ත්වයයි. 2008 කියලත් ලොකු වෙනසක් නැහැ කියලා හිතෙන්නේ අනුරාධපුරයේ සුරේකා සහෝදරියගේ කතාව ඇහුවාමයි. මම දේශපාලනයට සම්බන්ධ වෙන්නේ 2008 දී. ඒ වෙනකොට පක්ෂය ගොඩක් ඉදිරියට ඇවිත් තිබුණා රටක් හැටියට. ඒත් අනුරාධපුරය වගේ දුෂ්කර ප්‍රදේශයක අපිට වැඩ කරද්දි ලැබෙන දුෂ්කරතාවන්ගේ නම් අඩුවක් තිබුණේ නැහැ. මට ජවිපෙ කියන්නේ විශ්වවිද්‍යාලයක් වගේ වුණා. ඒ නිසා උසස් පෙළ දෙවන වර පෙනී සිටීම නවත්වා මම පූර්ණ කාලීන දේශපාලනය තෝරගත්තා. අපිට තිබුණ සම්බන්ධකම් බොහොමයක් ගොවි පවුල්වල අයගේ. ඒ අය ගොවිතැනක් කරගෙන ජීවත් වුණේ දහඅතේ ණය වෙලා.
සුරේකා සහෝදරිය කොහේද?
{ "answer_start": [ 67 ], "text": [ "අනුරාධපුරයේ" ] }
feace5c6-c8fb-4135-9a62-19ed3a6143eb
ප‍්‍රධානියාගේ රාජකාරී කාර්යාලය වූයේ මඩුවයි. ගෘහස්ථ සේවකයෝ හා වහල්ලූ අවට ගෙවල්වල ද විසූහ. 1886 වන විට දිස්ත‍්‍රික්කයේ පැරණිතම වලව්වක් ලෙස එය වැජඹුණි. දිසාවගේ පරපුර ගැන විමසීමේදී ඔහු දෙල්ගොඩ කුමාරිහාමි හා විවාහ වූ අතර ඔවුනට දියණියෝ තිදෙනෙක් වූහ. එක් දියණියක වූ ලොකු මැණිකේ, රත්වත්තේ දේව මැද්ද දිසාවගේ ප‍්‍රථම බිරිඳ මිය ගිය පසු ඔහු හා විවාහ වූවාය. 1811 දී රත්වත්තේ දිසාව මරණීය දණ්ඩනයට පත්වූ බැවින් ඇය මොල්ලිගොඩ (කනිෂ්ඨ) අදිකාරම් හා විවාහවූවාය. නැවත වැන්දඹුවක් වූ ඇය තෙවැනි වර තල්ගහගොඩ කෝරාල හා විවාහ වූවාය. මෙසේ තල්ගහගොඩ, ලෙව්කේ දිසාවගේ බෑනා විය. ලෙව්කේගේ දූවරු තිදෙනාටම දරුවන් නොවිණි.
රත්වත්තේ දේව මැද්ද දිසාවගේ ප‍්‍රථම බිරිඳ මිය ගිය පසු ඔහු හා විවාහ වූ දියණිය වන්නේ කවුද?
{ "answer_start": [ 259 ], "text": [ "ලොකු මැණිකේ" ] }
d23fd60e-1ca0-415d-a623-f74846d75456
අනුරාධපුර නිල සුනඛ ඒකකයේ සේවය කරන පොලිස් සැරයන් තුෂාර තම නිල සුනඛයා ආධාරයෙන් 1998 වසරේ දී ලොරියක රහසිගතව ප්‍රවාහනය කරන ලද කිලෝ 4 කට වඩා බරින් යුත් සීෆෝ වර්ගයේ පුපුරන ද්‍රව්‍ය සොයාගැනීම ඉන් එක දක්ෂතාවක් පමණයි. එහි ඇති විශේෂත්වය නම්, එම පුපුරන ද්‍රව්‍යවල සුවඳ පැතිරෙන නිසා, පුපුරන ද්‍රව්‍ය වටේ එළු මස් තබා ගෙන ඇවිත් තියෙන්නේ. ඒ අවස්ථාවේ දී ලොරි රියැදුරා පවසා ඇත්තේ මස්වලට ඉව අල්ලන බවයි. තවදුරටත් මස් පරීක්ෂා කිරීමේ දී පුපුරන ද්‍රව්‍ය සොයා ගත්තා. එදා යුද්ධය පැවති කාලයක්. ඒ පුපුරන ද්‍රව්‍ය සොයා ගත්තේ නැතිනම් ජීවිත කීයක් නම් නැති වෙයිද?
1998 වසරේ දී ලොරියක රහසිගතව ප්‍රවාහනය කරන ලද කිලෝ 4 කට වඩා බරින් යුත් සීෆෝ වර්ගයේ පුපුරන ද්‍රව්‍ය සොයාගත්තේ කාගේ අධරයෙන්ද ?
{ "answer_start": [ 34 ], "text": [ "පොලිස් සැරයන් තුෂාර තම නිල සුනඛයා ආධාරයෙන්" ] }
00bde279-95ef-44c3-a440-91a8b8d023ba
අදින් ආරම්භ වන්නේ ඇසළ මාසයයි. ඇසළ මාසය ආරම්භ වූ සැණින් අපගේ සිත දිව යන්නේ ඓතිහාසික සෙංකඩගල පුරවරය වෙතය. ඒ බුදුන්ගේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පවත්වන්නා වූ පෙරහර මංගල්‍යය නිසාවෙනි. ඇසළ පොහෝ දිනයෙන් ඇරඹෙන මෙම මංගල්‍යය නිකිණි මස පවත්වනු ලබන රන්දෝලි පෙරහර දක්වා දිවයයි. එම කාලසීමාව තුළ දී ශ්‍රී දළදා මාලිගාව වන්දනාමාන කිරීමට බැතිමතුන් ලක්ෂ ගණනින් මහනුවර නගරය වෙත පැමිණෙති. සෙන්කඩගල පුරවරයේ වන්දනා ගමනක් හෝ සංචාරයක නිරතවන බැතිමතුන්, සංචාරකයන් මෙතෙක් කලක් ගත සිත පුබුදුවා ගැනීම සඳහා ගොඩවැදුනේ ගඩොලාදෙණිය විහාරය, ඇම්බැක්කේ දේවාලය සහ ලංකාතිලක විහාරය, කන්දේ විහාරය වෙතය. එමෙන්ම විනෝදවීම සඳහා පේරාදෙණිය මල්වත්තට පිවිසෙයි.
ඇසළ මාසය ආරම්භ වූ සැනින් අපගේ සිත දිව යන්නේ කුමක් වෙතටද?
{ "answer_start": [ 74 ], "text": [ "ඓතිහාසික සෙංකඩගල පුරවරය වෙතය" ] }
8d0cc06b-b15e-46aa-a671-7a81f68fdde6
දැන් ලොව පුරා ආදායම් වාර්තා බිඳ හෙළමින් ප්‍රදර්ශනය වන කේ ජී එෆ් 2 ප්‍රධාන නළුවා යෂ් සියලු දෙනාගේම අවධානය දිනාගෙන හමාරය. එහෙත් ගෙදරදී නම් ඔහු සිය දරුවන් දෙදෙනා වෙනුවෙන්ම කැප වුණ සාමාන්‍ය පියෙකු පමණකි. ආර්යා සහ යතාර්ව් වෙනුවෙන් ඔහු කොටියෙකු බවට පරිවර්තනය වී කල රංගනයක් සහිත වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වූයේය. ලොව පුරා කෝටි විස්සකටත් අධික ජනකායක් එය නරඹා තිබිණි.කේ ජී එෆ් 2 සමඟ මේ වන විට යෂ් සිටින්නේ ජනප්‍රීයත්වයේ ඉහළම හිණි පෙත්තේය. තමා ඒ තත්වයට ඔසවා තැබූ සිය ආදරණීය රසිකයන්ට තමා හදවතින්ම ස්තුතිවන්ත වෙන බැව් ඔහු කියයි.
දැන් ලොව පුරා ආදායම් වාර්තා බිඳ හෙළමින් ප්‍රදර්ශනය වන්නේ කුමක්ද?
{ "answer_start": [ 54 ], "text": [ "කේ ජී එෆ් 2" ] }
3ba637c5-8217-4212-a7ec-40a85b70e495
අප ඇල්ල කරා දිවෙන මාර්ග සොයා ගැනීම සඳහා සහාය පැතූ පුද්ගලයා අපගේ ගමනට සහායදීමටද කැමැත්ත පළ කළේ එම සොඳුරු ඉසව්වේ සුන්දර හා භයංකර ස්ථාන රාශියක් එහි පවතින හෙයිනි. ඒ බව අපට වැටහුනේ එම ඉසව්වට ළඟා වූවාට පසුවය. සපුමල් හරිඳු නම් කටකාර තරුණ මහතා සමග අපි ඇල්ල සොයා පයින්ම ගමන් කළෙමු. මෙය කඳු ගැටයකින් ඇද හැලෙන දිය දහරාවක් නොවුණත්, ගල්පර අතරින් ගලා බසින ඇල්ල ඉතාමත් මනරම්ය. අපගේ ගමන් සඟයා ඇල්ල ආරම්භක ස්ථානයටත්, එහි ගැඹුරුම ස්ථානයටත් අපව රැගෙන ගියේ ඔහු මෙම ඉසව්වේ යහළුවන් සමග සෑමදාම පාහේ කරක් ගසන නිසාවෙනි. එය භයංකර ගමනක් වුවත්, එය අපට එතරම් නුහුරු නොවූයේ පුරුදු කාරයෙකු වූ ඔහුත් සමග ගමන් කළ බැවිනි.
ඇල්ල පුරා දිවෙන මාර්ග සොයා ගැනීමට සහය පැතූ පුද්ගලයා කව්ද?
{ "answer_start": [ 203 ], "text": [ "සපුමල් හරිඳු" ] }
13104b9a-28bd-45e4-9dcd-d65bb5ab0864
ගැඹුරු මුහුදේ සිටින ජීවීන්ගේ ඔවුන්ගේ සිරුරුවල ඉතා අධික විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු බව හවායි විශ්ව විද්‍යාලයේ සාමුද්‍රික පරිසර විද්‍යාඥයන් පිරිසක් සොයා ගෙන ඇත. මිනිසා විසින් පරිසරයට එක්කරන ලද ප්ලාස්ටික් පොලිතීන් හා වෙනත් රසායනික ද්‍රව්‍ය වලින් පිට වන විෂ රසායනික මේ සතුන්ගේ සිරුරුවල තිබී හමුවී ඇත. නේචර් සඟරාව පවසන්නේ ගැඹුරු අගාධ දෙකකින් සොයාගන්නා ලද කූණිස්සන් විශේෂයක් සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ වලින් සොයාගත් මෙම දත්ත චීනයේ ෂැංහයි නුවර සාමුද්‍රික ජෙව විද්‍යා සම්මන්ත්‍රණයකදී ප්‍රකාශයට පත්කැර ඇති බවයි.
ගැබුරු මුහුදේ සිටින ජිවින්ගේ සිරුරුවල ඇත්තේ මොනවාද
{ "answer_start": [ 50 ], "text": [ "අධික විෂ රසායනික" ] }
29e9aec5-0036-41a3-a587-dd35ae5b85ad
නයන්තාරා කියලා කියන්නේ දමිළ සිනමාවේ සිටින සුරූපී නිළියක විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම එම සිනමා ක්ෂේත්‍රයේ වැඩිම ආදායමක් උපයන නිළිය වන්නේ ද ඇයයි. ඉතිං ඇයගේ පෙම්වතා වන්නේ, චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙකු වන විග්නේෂ් සිවන්. චිත්‍රපටි රූගත කිරීම නොමැති වෙලාවක් මේ දෙන්නා විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් සිය කාලය ගත කරන එක පුරුද්දක්. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාව තුළ චිත්‍රපටි රූගත කිරීම් නතර කරලයි තියෙන්නේ. ඒ නිසාම මේ දෙන්නා කොච්චින්වලට තම පෞද්ගලික ජෙට් එකක් ගිහින් තියෙනවා. මේ වෙද්දී, ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් නිර්මාණය කර තිබෙනවා.
මේ දෙදෙනා පෞද්ගලික ජෙට් එකෙන් සංචාරය කළේ කොහෙටද?
{ "answer_start": [ 429 ], "text": [ "කොච්චින්වලට" ] }
e5445bf9-beda-4d8b-a772-9866bc25dd1c
ප්‍රියංකා චොප්රා අපූරු විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ දක්නට ලැබෙනවා. දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගන්නා රුවක් හිමි ප්‍රියංකාගේ මේ රූ එකතුවට ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබෙන අයුරු දැකිය හැකියි. ඊට විශේෂම හේතුව තමයි ඇයගේ ගවුම් විලාසිතාව ඉතාමත් ආකර්ෂණීය එකක් වීම. බැලූ බැල්මට ලෝහමය පෙනුමක් ඇති මේ ගවුම එහි දිස්නය නිසාම වැඩි අවධානයක් දිනාගන්නවා. වාර්තා වන හැටියට මේ පැරීසියේදී ඇය සහභාගී වූ සාදයක රූ එකතුවක්. ඒ සමඟම ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේද සටහනක් තබා තිබෙනු දක්නට ලැබුණා.
මේ ගවුම වැඩි අවධානයක් දිනාගන්නේ කුමක් නිසාද?
{ "answer_start": [ 330 ], "text": [ "දිස්නය නිසා" ] }
030249d5-ea4e-455c-af6f-ec5df59da613
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ හමුදා පරාජය කරමින්, යුද්ධය ජය ගන්නට යුක්රේනයට හැකිවනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසයි. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා හමුවිය. ඒ, පෝලන්තයට ගිය අවස්ථාවේදීය. පෝලන්තය නේටෝ සාමාජික රාජ්‍යයක් වන අතර යුක්රේනයේ අසල්වැසියෙකි. දහස් ගණනක් යුක්රේන සිවිල් වැසියන් යුද ගැටුම්වලින් බේරී පලා යමින් සිටින්නේ ද පෝලන්තයටය. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් සහ යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා අතර හමුව පැවැත්වූයේ පෝලන්ත යුක්රේන දේශසීමාවේදීය. ඇමෙරිකාවේ සහාය නොඅඩුව යුක්රේනයට ලබා දෙන බවට ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා සහතියක් ලබා දුන්නේය.
ව්ලැදිමීර් පුටින් යනු කව්ද?
{ "answer_start": [ 0 ], "text": [ "රුසියන් ජනාධිපති" ] }
f43efcd8-8e9a-4a06-8bf9-7dea58eb4846
ලංකාවේ පවත්නා අභිචාරාත්මක ප්‍රතිකාර ක්‍රම අතර සූනියම් දෙවියන්ට අයිති එතුමාගේ ඇල්ම බැල්ම වැටෙන ගුරුකම් ශාන්තිකර්ම බොහෝ වේ. මේවා වෙස් මුහුණු භාවිත කරමින් නර්තනයේ යෙදෙමින් කරන, කිසියම් පුද්ගලයකුගේ කායික මානසික සුබසිද්ධිය අරමුණු කොට පවත්වන්නකි. දෙවියන් හෝ වෙනත් අදෘශ්‍යමාන බලවේග උදෙසා කරනු ලබන මෙම ශාන්තිකර්ම කෙනකුට අපල උපද්‍රව කිරීම සඳහා ද යොදා ගැනෙන බව මිනිසුන්ගේ අදහසයි. අප දන්නා පරිදි, භූත විද්‍යාව අනුව යකුන් සප්‍රාණික ජීව කොට්ඨාසයක් මෙන්ම අපවිත්‍ර අදෘශ්‍යමාන කොටසක් ලෙස සැලකේ. සෙසු කොටස් ලෙස සලකන්නේ, නාග, කුම්භාණ්ඩ, ප්‍රේත, පිසාච, භූත ආදී බලවේග වේ. මෙම බලවේග කොටස් කිහිපයකට බෙදේ. බාලිකාම, බිලිකාම, පුලුටු කාම, හන්තු කාම, රති කාම, ආදී වශයෙන් දැක්විය හැකිය.
ශාන්තිකර්ම කරන්නේ කා උදෙසාද?
{ "answer_start": [ 241 ], "text": [ "දෙවියන් හෝ වෙනත් අදෘශ්‍යමාන බලවේග" ] }
c53734ff-21d7-4182-9d60-f6020cc39390
මුහුණේ සම ඉවත් කර පරීක්ෂා කිරීමේදී යටි හනුව දෙපැත්තේ තැළුම් තුවාල දැකිය හැකි විය. එවැනි තැළුම් තුවාල බොහෝ විට ඇතිවිය හැක්කේ කට මිරිකු විටකදීය. ඉන්පසු ශරීරයේ අභ්‍යන්තර අවයව ද පරීක්ෂා කිරීම ඇරඹුවේය. එහිදී ආමාශයේ සුදුපාට කිරි වැනි ද්‍රව්‍යයක් දක්නට ලැබිණ. එයින් කෘමිනාශකවල ගන්ධයක් වහනය විය. පෙණහලු ඉදිමී තිබුණි. ආමාශගත ද්‍රව්‍ය හා ලේ පරීක්ෂාවට ලක් කර කෘමිනාශක ශරීර ගතවී ඇති බව තහවුරු කර ගත්තේය. වස ශරිර ගත වූ විටකදී ඇතැම් විට ක්ෂණික මරණයක් සිදුවේ. ඒ රුධිරය හරහා ක්ෂණිකව මොළයට ගමන් කර මොළය අකර්මණ්‍ය කිරීම හේතුවෙනි. එහිදී අපස්මාර තත්ත්වයක් වස පානය කළ තැනැත්තාගෙන් දක්නට ලැබේ. එසේම කෘමිනාශක සෘජුවම හෘදය වස්තුවට ගමන් කර එහි ක්‍රියාකාරිත්වය එකවර නැවතීමෙන් ද ක්ෂණික මරණයක් හිමිවේ.
ශරීරයේ අභ්‍යන්තර අවයව පරීක්ෂා කිරීමේදී ආමාශයේ දක්නට ලැබුණේ මොනවාද?
{ "answer_start": [ 211 ], "text": [ "සුදුපාට කිරි වැනි ද්‍රව්‍යයක්" ] }
a7587cc1-bdfe-47b2-a2f2-d7b78ffcd04d
දේවක කිව්වා මම සෙට් කරලා දෙන්නම් කියලා මට ලියුමක් ලියන්න කිව්වා. ප්‍රථම ආදර ලියුම ලිව්වා. මම චිත්‍ර ශිල්පියෙක් හින්දා අත් අකුරු ලස්සනයි. එයා ඩිලන්ති දැන් මා හිතන්නේ වෛද්‍යවරියක්. මම අවුරුදු 35 කින් විතර දැකලා නෑ. මම ඉතිං පුදුම විදිහේ ආදර ලිපියක් ලිව්වා. මම එතකොට කැලුම්ට ඇඳලා හිටියේ. ලියුම දීලා දවස් 2 කින් දේවක මට කෙල්ලගෙන් ලියුමක් ගෙනත් දුන්නා. මට ඉතිං රටක් රාජ්‍යයක් ලැබුණා වගේ ඒ දවස තරම් සතුටුදායක දිනයක් තවම නැති තරම්. දෙවැනි ලියුමත් දුන්නා. අක්කාගේ කරාබු නැති වෙනවා. ලේන්සු නැති වෙනවා. අම්මාගේ සල්ලි නැති වෙනවා. මේවා සියල්ලම දේවකට ගිහින් දෙනවා. අර කෙල්ලට දෙන්න. ඌ දෙවියෙක් විදිහටයි මා සලකන්නේ.
කෙල්ලගෙන් ලියුමක් ලැබුණේ, ලියුම දීල දවස් කීයකින්ද?
{ "answer_start": [ 295 ], "text": [ "දවස් 2 කින්" ] }
289763f6-7f1c-4065-9e6f-7c3a0144f3df
චීනයේ බලහත්කාරී වෙළෙඳ ක්‍රියාකාරකම් අභියෝගයට ලක් කිරීමට පසුබට නොවන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙළෙඳ නියෝජිත කැතරින් ටායි ඉකුත් දා ප්‍රකාශ කළා ය. ඇමෙරිකා එක්සත් ජනපදය තරගකාරීත්වය පළිගන්නා බවත් එසේ වුවත් තරගකාරීත්වය සාධාරණ විය යුතු යැයි ද ඇය කීවාය. බයිඩන් පරිපාලනයේ වෙළෙඳ ප්‍රතිපත්ති න්‍යාය සම්බන්ධයෙන් කොංග්‍රස් කමිටුවක් ඉදිරියේ කරුණු ඉදිරිපත් කරමින් ඉකුත් බ්‍රහස්පතින්දා ඇය එම කරුණු සඳහන් කළාය. ඇමෙරිකා එක්සත් ජනපද සේවකයන්ට හානිකරන, හානිදායක, බහුපාර්ශවීය පද්ධතියට බලපෑම් එල්ල කරන හෝ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කරන චීනයේ බලහත්කාරී සහ අසාධාරණ වෙළෙඳ භාවිත අභියෝගයට ලක් කිරීමට අපි පසුබට වන්නේ නැහැ. චීනය සමඟ පවතින අපේ වෙළෙඳ සහ ආර්ථික සම්බන්ධතා සඳහා ශක්තිමත් හා උපායමාර්ගික ප්‍රවේශයක් ඇති කරගැනීමට අපි කටයුතු කරමින් ඉන්නවා යැයි ටායි ප්‍රකාශ කළාය.
ඇමෙරිකා එක්සත් ජනපදය තරගකාරීත්වය පිළිගන්නා බවත් එසේ වුවත් තරගකාරීත්වය සාධාරණ විය යුතු යැයි කිව්වේ කවුරුන්ද?
{ "answer_start": [ 70 ], "text": [ "ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙළෙඳ නියෝජිත කැතරින් ටායි" ] }
db25084c-ae16-4a87-a6fe-15a4bc8b2eb0
අනිත් පුළුල් හේතුව නම් ඩිජිටල් ලෝකයේ ඇති දෑ අසීමිතව පිටපත් ලබාගැනීමේ හැකියාව තිබුණත් එන්.එෆ්.ටී. කලා නිර්මාණයක මෙලෙස අසීමිත පිටපත් ලබාගැනීමේ හැකියාවක් නොමැත. බිට් කොයින් අතිශය ජනප්‍රිය වීමටත් බලපෑවේ මෙම හේතුව විය. එන්.එෆ්.ටී. පැමිණීමත් සමග විමධ්‍යගත ස්වාධීන සංවිධාන බිහිවිය. මෙම සංවිධාන සීමාසහිත සමාගම්වලට ආදේශකයක් විය. විමධ්‍යගත යන්නෙන් අදහස් කරන්නේ පාලනය කිරීමට රජය හෝ මහ බැංකුව වැනි එක් ආයතනයක් නොමැත යන්නයි. විමධ්‍යගත ස්වාධීන සංවිධාන ඩී.ඒ.ඕ. යන කෙටි නාමයෙන්ද හඳුන්වනු ලබයි. ඩී.ඒ.ඕ. පාලනය වෙන්නේ පරිගණක කේතයක ලියැවුණු නීති පද්ධතියක් මගින් වන අතර ඡන්ද බලය හිමි සාමාජිකයින්ගෙන් යුක්ත වේ. මෙය සාම්ප්‍රදායික සමාගම් සංකල්පය හාත්පසින්ම වෙනස් කරයි.
අසීමිත පිටපත් ලබාගැනීමේ හැකියාවක් නොමැත්තේ කුමන නිර්මාණයකද?
{ "answer_start": [ 85 ], "text": [ "එන්.එෆ්.ටී. කලා නිර්මාණයක" ] }
6d6b8dca-1582-4149-89cb-66b5606efa1d
යාෂ් රඟපාන කේ. ජී. එෆ් චැප්ටර් 2 චිත්‍රපටිය මේ වන විට ආදායම් වාර්තා බිඳ හෙළමින් ප්‍රදර්ශනය වෙමින් පවතියි. ලොව පුරා ප්‍රදර්ශනය අරඹා සති දෙකක් ඇතුළත එහි ආදායම රුපියල් කෝටි දාහ ඉක්මවූයේය. මින් පෙර මෙම වාර්තාව පිහිටුවා තිබුණේ දංගාල්, බාහුබලී, ආර්ආර්ආර් චිත්‍රපටි තුන පමණකි. මෙය 2018 තිරගත වූ කේජීඑෆ් චිත්‍රපටියේ දිගුවකි. අජේ දේව්ග්න් රඟ පාන රනවේ 34 සහ ටයිගර් ෂ්රොෆ් රඟ පාන හීරෝපාන්ති 2 චිත්‍රපටි ප්‍රදර්ශනය ඇරඹුවේ මේ හා සමගාමීවය. එහෙත් කේජීඑෆ් 2 ඒ දෙකම අබිබවා ගොස් තිබේ. කන්නඩා චිත්‍රපටි ක්ෂේත්‍රයට එය අභිමානයක් බැව් විචාරකයෝ පවසති.
කේ. ජී. එෆ් චැප්ටර් 2 චිත්‍රපටයේ ලොව පුරා ප්‍රදර්ශනය අරඹා සති දෙකක් ඇතුළත එහි ආදායම කොපමණද?
{ "answer_start": [ 157 ], "text": [ "රුපියල් කෝටි දාහ" ] }
eab1a2d7-615d-404d-8210-32425eeb36fc
මෙම පුවත කටින් කට පැතිරිම ඉතිහාසඥයින් මෙම පෙදෙසට කැඳවන සුළු විය. 1947 දී ආචාර්ය ජෝන් ට්‍රේවර් නම් පුරාවිද්‍යාඥයා මුල්වරට මෙහි පර්ෙ‌ය්ෂණ කටයුතු අරඹනු ලැබිණි. මෙම මැටි බඳුන්වල ආරක්ෂිතව පැවතියේ සතුන්ගේ පදම් කළ සම්මත ලියා රෝල් කරන ලද අතිපෞරාණික ලේඛන විශේෂයක් බව ඔහු නිරීක්ෂණය විය. මළ මුහුද ආශ්‍රිත ගුහා එකොළසකින් ලේඛන ඛණ්ඩයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. පුරාවිද්‍යාඥ විලියම් ඕල්බ්‍රයිට් මහතා පවසන පරිදි මෙම ලේඛන නිමැවුම ක්‍රිස්තු පූර්ව 1 වන සියවස දක්වා දුරාතීතයට විහිදේ. මෙම පත්‍රිකා හෙබ්‍රව්, ඇරමයික හා ග්‍රීක භාෂාවෙන් ලියා ඇති යුදෙව් පැරණි ගිවිසුමේ ලේඛන එකතුවක් සේ සැලකේ.
මෙම පත්‍රිකා ලියා ඇත්තේ කුමන භාෂා වලින්ද?
{ "answer_start": [ 512 ], "text": [ "හෙබ්‍රව්, ඇරමයික හා ග්‍රීක භාෂාවෙන්" ] }
9cf5ff2c-d219-4711-9852-dc938c141c28
නිමාවක් නැති ඇෆ්ගන් සංග්‍රාමය අවසන් කරන බවත්, ලබන මැයි පළමු වැනිදා සිට, ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ගෙන්වා ගැනීම ආරම්භ කරනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දී තිබේ. මෙම 2,500 ක සොල්දාදුවන් කාණ්ඩ වශයෙන් ඉවත් කර ගන්නා බවත්, මෙම සැප්තැම්බර් 11 වැනිදා වනවිට ඇෆ්ගනිස්තානයෙන් සියලු ඇමෙරිකන් සොල්දාදුවන් ඉවත් කර ගන්නා බවත් ජනපති බයිඩන් අවධාරණය කර තිබේ.ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුත් අල් කයිඩා ත්‍රස්ත සංවිධානය මගී ගුවන් යානා යොදා ගනිමින්, ඇමෙරිකාවට පහර දුන්නේ 2001 සැප්තැම්බර් 11 වැනිදාය. ඒ, මීට වසර 20 කට පෙරය.
ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුත් සංවිධානය කුමක්ද?
{ "answer_start": [ 410 ], "text": [ "අල් කයිඩා ත්‍රස්ත සංවිධානය" ] }
eeaa3008-b6a9-4fdc-8d1c-c40fddaf8641
ජනප්‍රිය තෙළිඟු චිත්‍රපටියක් වන අර්ජුන් රෙඞ්ඩි හි රඟ පෑමෙන් එක රැයින් කතාබහට ලක් වූ නිළියක වන ශලිනි හින්දි සිනමාවට පා තබන්නේ රන්වීර් සිං ගේ ජයේෂ්භායි ජෝර්දාර් චිත්‍රපටියේ රඟ පාමිනි. රූපවාහිනී නාට්‍ය කිහිපයක රඟ පෑ ලක්ෂ්‍ය ගේ සිහිනය වූයේ කවදා හෝ හින්දි සිනමාවට එක් වීමය. ඔහුට එම සිහිනය සැබෑ කර දෙන ලද්දේ කරන් ජෝහාර් විසිනි. දෝස්තානා 2 චිත්‍රපටියේ ඔහු කාර්තික් ආර්යන් සහ ජාන්වි කපූර් සමඟ රඟ පාන්නට නියමිතව සිටින්නේය. ඔහු පුංචි තිරය මෙන්ම රිදී තිරය ද බබලවනු ඇතැයි විචාරකයෝ කියති. ඇය 2017 ලෝක රූ රැජින කිරුළ පැළඳියාය. ඉනික්බිතිව අයිශ්වර්යා රායි සහ සුෂ්මිතා සෙන් අනුගමනය කරමින් හින්දි සිනමාවට පා තබන්නට ඇයටත් හැකි වූයේය. ඒ ආක්ෂේ කුමාර්ගේ ඓතිහාසික චිත්‍රපටිය ප්‍රිත්විරාජ් තුළිනි.
ජයෙෂ්භායි ජෝර්දාර් කාගේ චිත්‍රපටියක්ද?
{ "answer_start": [ 125 ], "text": [ "රන්වීර් සිං ගේ" ] }
2e64eea1-160f-4874-a676-18054032e723
සති දෙකෙන් දෙකට රිජ්වේ එකේ සායනවලට යන්න ඕන. කොළඹ යන්න ත්‍රීවිල් එකකට 3000ක් යනවා. පසුගිය දවසක පල්ලියේ සායනයක් තිබිලා එතනට ගිය වෙලාවේ මීගමුවේ ඉස්පිරිතාලෙන් ඇවිත් හිටිපු දොස්තරලා බලලා කිව්වා කොළඹ යන්න ඕන නැහැ. නොම්මර ගන්න ඕනෙත් නැහැ. දීලා තියෙන කාඩ් එක පෙන්නලා මීගමුව හොස්පිටල් එකේ සායනයට එන්න කියලා. උගුර ස්කෑන් කරලා බලන්න ඕන කියලත් කිව්වා. ඒ දොස්තර මහත්තයා කියපු නිසා අපි 29 වැනිදා මීගමුව ඉස්පිරිතාලේ සායනයට ගියා. උදේ 8.30ට ඉස්පිරිතාලෙට ගියහම නොම්මර දහයයි දෙන්නේ කිව්වා. දරුවගේ කාඩ් එක පෙන්නලා මම කිව්වා මේ දරුවා බෝම්බෙට අහුවුණ දරුවෙක් කියලා. ඊට පස්සේ කිව්වා නම්බර ඔක්කොම බලලා තමයි දොස්තර බලන්නේ කියලා එළියට වෙලා ඉන්න කිව්වා.
සති දෙකෙන් දෙකට සායන වලට යන්න අවශ්‍ය වන්නේ කොහෙද ?
{ "answer_start": [ 16 ], "text": [ "රිජ්වේ එකේ" ] }
6c604a26-04c1-47c1-910e-89e29aa08313
දකුණු ඉන්දීය චිත්‍රපට බොහෝමයකත්, බොලිවුඩ් චිත්‍රපට කිහිපයකත් දුටු සුරූපි ඇමි ජැක්සන් මේ වනවිට රහසිගත ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. එක් දරු මවක් වන ඇමි මෙසේ ප්‍රේම සම්බන්ධයක් ගොඩ නගා ගෙන ඇත්තේ ජනප්‍රිය ඇමෙරිකානු රූපවාහිනි කතා මාලාවක් වූ ගොසිෆ් ගර්ල් කතා මාලාවේ චක් බාස් චරිතයට පණ පොවන ඒඩ් වෙස්ට්වික් සමගය. ඔවුන්ගේ මෙම රහසිගත ආදර සම්බන්ධය ආරම්භ වී ඇත්තේ මීට මාස දෙකකට පෙරදී බවත්, එය ආරම්භ වී ඇත්තේ සෞදි අරාබියේ පැවැති ජාත්‍යන්තර චිත්‍රපට උළලෙකදී දෙදෙනා මුණ ගැසිමෙන් පසුව බවත් සඳහන් වෙයි.
ඇමි කී දරු මවක්ද ?
{ "answer_start": [ 160 ], "text": [ "එක් දරු" ] }
59b6cc36-ea8d-4c16-a9d0-c83c81a90957
මගීන් 22කට පමණ මරු කැඳවමින් ද තවත් මගීන් සියයකට වැඩි පිරිසකට බරපතළ තුවාල සිදුකරමින් ද විල්ලෝරාවත්තේ මාරක දුම්රිය අනතුර සිදුවී තිබුණේ 1964 වසරේ ඔක්තෝබර් මාසයේ 17 වැනිදා අලුයම් කාලයේය. තලෙයිමන්නාරමේ සිට කොළඹ කොටුව බලා එමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක් මීරිගම දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි විල්වත්ත රේල් ගේට්ටුව අසලදී පීලි පැනීමකට ලක්වී පෙරළීයාමෙන් මෙම මාරක අනතුර සිදුවිණ. මාරක දුම්රිය අනතුරින් මියගිය අය අතර ඉන්දියාවේ සිට හොර රහසේ තලෙයිමන්නාරම මුහුදු වෙරළට පිහිනා ආ ඉන්දියානු ජාතිකයන් තිදෙනෙක් ද ඉන්දීය කාන්තාවන් තිදෙනෙක් සහ කුඩා දරුවෙක් ද වූහ.
මාරක දුම්රිය අනතුර සිදු වූයේ කොහේද?
{ "answer_start": [ 86 ], "text": [ "විල්ලෝරාවත්තේ" ] }
e9913f68-a313-491a-99af-8d373b62d7c6
තලේබාන්වරුන් පවසා ඇත්තේ තවමත් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින ඇමෙරිකන් සොල්දාදුවන්ට පිටවී යෑම සඳහා අවසර ලබා දෙන බවය. රටවල් 66 කට වැඩි ගණනක් විශේෂ ගුවන් යානා යවමින් ඇෆ්ගනිස්තානයේ සිටින තම වැසියන් ආපසු ගෙන්වා ගැනීම ආරම්භ කර ඇත. ඉන්දියාව ද විශේෂ ගුවන් යානා යවමින් ඇෆ්ගන් නුවර සිටින සිය රටවැසියන් ආපසු ගෙන්වා ගැනීම කටයුතු කළේය. ඇෆ්ගනිස්තානයේ සිටි නවසීලන්ත වැසියන් 53 දෙනකු සහ ඇෆ්ගන් සංග්‍රාමයට සම්බන්ධ වුණු නවසීලන්ත සොල්දාදුවන්ට සහාය දැක්වූ ඇෆ්ගන් වැසියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නවසීලන්තයට ගෙන්වා ගැනීමට නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් කටයුතු කළාය. එය සිදුවූයේ නවසීලන්ත ගුවන් හමුදාවට අයත් හර්කියුලීස් ගුවන් යානයක් යොදා ගනිමින් යැයි වාර්තා වේ.
ඇමරිකන් සෙබළුන්ට පිටව යැමට අවසර ලබාදෙන බව කිව්වේ කව්රුන්ද
{ "answer_start": [ 0 ], "text": [ "තලේබාන්වරුන්" ] }
6c1d4231-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
‘සී බී’, ‘සී හැක්ස්’, ‘සී හෝනට්’, ‘සී ට්වින්’, සී මැපර්’ ඇතුලූ ඩ්‍රෝන යානා රැසක් මොරටුව විශ්වවිද්‍යාලය විසින් නිපදවා ඇති අතර කෘෂිකර්මාන්ත, මාර්ග තදබදය, බඩු බාහිරාදිය රැගෙනයාම, ඩෙංගු මර්දනය, ආපදා තත්ත්වවලදී අනතුරු හඳුනාගැනීම, විදුලි රැහැන් සැලසුම් කිරීම, ඉදිකිරීම්, ගබඩා පරිමාව ගණනය කිරීම ඇතුළු කාර්යයන් රැසක් සිදුකිරීමට යොදාගත හැකිය. මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්ලිව්. පෙරේරා, උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල පෙරේරා ඇතුලූ මහත්ම මහත්මීහු රැසක් ඊට සහභාගිවූහ.
‘සී බී’, ‘සී හැක්ස්’, ‘සී හෝනට්’, ‘සී ට්වින්’, සී මැපර්’ ඇතුලූ ඩ්‍රෝන යානා නිර්මාණය මගින් මොරටුව විශ්වවිද්‍යාලය බලාපොරොත්තුවන්නෙ මොනවාද?
{ "answer_start": [ 190 ], "text": [ "ආපදා තත්ත්වවලදී අනතුරු හඳුනාගැනීම" ] }
233aac12-a0b4-402a-9e19-fdcfce601256
මරුසිරා, මරදන්කඩවල යකඩයා, පොඩි විජේ වැනි නම් මතක් කරන විට පනහ හැට දශක වල විසූ ජනතාව භීතියෙන් ඇලලී යන්නට ඇත. ඒ ඔවුන් කළ මැරකම් නිසාය. මිනීමැරුම් නිසාය. ඔවුන් මැරකම් කළේ තමන්ට එරෙහිව යන්නන්ට එරෙහිවය. තමන් යන මග හරස් කරන්නන්ට එරෙහිවය. ඒ සඳහා ඔවුන්ට ගෝල බාලයන් සිටියේ නැත. දේශපාලකයන්ගේ සහායක් ලැබුණේද නැත. දේශපාලකයන්ට ඔවුන්ගෙන් කරගන්නට විශේෂ කාර්යයක් තිබුණේද නැත. මේ මැරයෝ එක්කෝ සොරකම් කරති. නැතිනම් මිනී මරති. ඇතැම් විට තරුණියන්ට හෝ තරුණ දියණියන්ට අතවර කරති. මැරකම් සඳහා භාවිතා කළේ ගල්කටස් වර්ගයේ ගිනි අවි හෝ මාමයිට් වැනි කුඩා කුප්පිවල සකස් කළ අත්බෝම්බය.
ඔවුන් මැරකම් කළේ කාට එරෙහිව ද?
{ "answer_start": [ 168 ], "text": [ "තමන්ට එරෙහිව යන්නන්ට" ] }
6c1d35b6-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
‘සී බී’, ‘සී හැක්ස්’, ‘සී හෝනට්’, ‘සී ට්වින්’, සී මැපර්’ ඇතුලූ ඩ්‍රෝන යානා රැසක් මොරටුව විශ්වවිද්‍යාලය විසින් නිපදවා ඇති අතර කෘෂිකර්මාන්ත, මාර්ග තදබදය, බඩු බාහිරාදිය රැගෙනයාම, ඩෙංගු මර්දනය, ආපදා තත්ත්වවලදී අනතුරු හඳුනාගැනීම, විදුලි රැහැන් සැලසුම් කිරීම, ඉදිකිරීම්, ගබඩා පරිමාව ගණනය කිරීම ඇතුළු කාර්යයන් රැසක් සිදුකිරීමට යොදාගත හැකිය. මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්ලිව්. පෙරේරා, උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල පෙරේරා ඇතුලූ මහත්ම මහත්මීහු රැසක් ඊට සහභාගිවූහ.
‘සී බී’, ‘සී හැක්ස්’, ‘සී හෝනට්’, ‘සී ට්වින්’, සී මැපර්’ යන ඩ්‍රෝන යානා නිපද වූ විශ්ව විද්‍යාලය කුමක්ද?
{ "answer_start": [ 81 ], "text": [ "මොරටුව විශ්වවිද්‍යාලය" ] }
8b0eda04-2192-4129-89b2-2c1b11ba3584
ඉතින් කළුවා තමා මේ දෙන්න කැලේ හංඟගෙන රැක බලාගෙන තියෙන්නේ. මේ තුන්දෙනා කාලයක්ම ඉඳලා තියෙන්නේ මහවැලි ගං ඉවුර දෙපැත්තේ තියෙන කැලෑවල. දවසක් මේ කළුවා මහවැලි ගඟේ මෙහා ගොඬේ ඉන්නකොට එයාට පේනව එහා ගොඬේ මී මැස්සො රංචුවක් මල් පැණි අරං හුන්නස්ගිරිය පැත්තට පියාඹනව. මේ මීමැස්සො මේ විදිහට පැණි අරං යන්නේ හුන්නස්ගිරිය පැත්තේ තියෙන යහන්ගල පැත්තට වෙන්න ඕනෑ කියලා හිතන කළුවත් ගඟේ ගල් උඩින් පැනපැන මී මැස්සො පස්සෙන් යන්න පටන් ගත්තා. කරුමෙකට වගේ එක ගලකින් පනිද්දි කළුවා බිම ඇදගෙන වැටිලා ඔළුව ගලක ඇනිලා එතනම මියගියා. හැබැයි එයා මිය යද්දිත් අර රැකගත්ත දරු දෙන්න ගැන තිබුණු අපමණ සෙනෙහසින් තමා අන්තිම හුස්ම හෙළුවේ. ඒ නිසාම ඔහු මිය යාමෙන් පස්සේ හුන්නස්ගිරිය කැලේම කළුබණ්ඩාර දෙවියො විදිහට යළි උපත ලබලා මේ දරු දෙන්නට ආරක්ෂාව දීලා ලොකුමහත් කරලා තියෙනව. ඉතින් ඔය කාලේ හිටපු අපේ ගෝත්‍රයේ අනිත් පිරිසත් කැලේ හිටපු මේ හුරතල් දරුවො දෙන්නට පලවැල ගෙනැත් දීගෙන එයාලා රැක බලාගෙන තියෙනවා. ඒ නිසා තමා උන්නාන්සේ අදටත් මේ ආදිවාසී ජනතාවට බැල්ම දාගෙන ඔවුන් ආරක්ෂා කරන්නේ.
එම මී මැස්සෝ රංචුව පියෑඹුවේ කිනම් පැත්තටද?
{ "answer_start": [ 224 ], "text": [ "හුන්නස්ගිරිය පැත්තට" ] }
38d0a1f1-c0d7-42a0-b2ed-dbb6eb663962
මීළඟට දක්නට ලැබෙන්නේ ධම්මික ස්ථූපයයි. එය බුදුසසුනේ පළමු රහත් පස්නම බිහිවූ ස්ථානය වන්නේය. එනම් බුදුසරණ ගිය පස්වග තවුසන් අනන්තලක්ඛණ සූත්‍ර දේශනාව අසා රහත් භාවයට පත්වූයේ මේ ස්ථානයේදීය. අශෝක රජු විසින් මෙහි ධම්මික ස්ථූපය සාදවා ඇති අතර එහි උස අඩි 110 ක් පමණ වෙයි. හිංදු ආක්‍රමණවල ප්‍රතිඵලයක් ලෙස ධම්මික ස්ථූපයේ මුල් හැඩය වෙනස් වී ඇති බව පැවසෙයි. රණැස ඉසිපතන මිගදායේ බුදුන් වහන්සේ වැඩසිටි කුටිය ලෙස සැලකෙයි. මීට මූලගන්ධ කුටි යන නම ලැබී ඇත්තේ බුදුන් වහන්සේ ප්‍රථම වරට වැඩසිටි ස්ථානය බැවින් බව සඳහන් වෙයි. ධාතු වංශයට අනුව මෙම විහාරයෙහි බුදුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර තිබී ඇත. ධර්මාශෝක රජු විසින් ඉදිකළ විහාරයේ නටබුන් අදද දක්නට ලැබෙන්නේය.
පස්වග තවුසන් රහත් බවට පත් වූයේ කුමන සූත්‍රය අසාද?
{ "answer_start": [ 119 ], "text": [ "අනන්තලක්ඛණ සූත්‍ර දේශනාව අසා" ] }
ac48c0e5-cc8e-4acc-887c-3805c856240e
ලැබුණ මත්ද්‍රව්‍ය ප්‍රමාණයට වඩා තවත් තිබිය යුතු බවට සැක කළ පොලිස් කණ්ඩායම නිල සුනඛ ලියෝ ගෙන්වනු ලැබිණ. ලියෝ හැම අස්සක් මුල්ලක්ම පරීක්ෂා කර එක්තරා තැනක නැවතුණි. ඒ කාර්යාල කාමරයේ සේප්පුව අසලය. ලියෝ සේප්පුව පහුරුගාමින් කෙඳිරි ගාන්නට විය. ඒ අනුව එහි හෑෂ් ඇති බව තේරුම් ගත් පොලිසිය එහි යතුර සැකකරුගෙන් ඉල්ලා සිටියද ඔහු කීවේ එහි යතුර තිබෙන්නේ විදේශිකයෙකු සතුව බවය. අවසානයේ සේප්පුවද අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය අතරට එක්විය. අධිකරණයේ අවසරය ලබාගත් පොලිසිය එම සේප්පුව නිපදවූ ආයතනයේ නිලධාරින් ගෙන්වාගෙන සෙප්පුව විවෘත කරගත්තේය.
ලියෝ අවසානයේ නැවතුනේ කොහේද?
{ "answer_start": [ 170 ], "text": [ "කාමරයේ සේප්පුව අසලය" ] }
4104ddc0-aa5e-4839-9451-dafda7712017
බෙරහඬ නින්නාද වෙමින් තිබේ. ගෙජ්ජි සැලෙන රාවය සුන්දරය. මල් සුවදත් සුවඳ දුමත් එක් වූ දුම්මල කීරි පහරින් දැල්වෙන තිගැස්සෙන පහන්, විලක්කු, පන්දම් ඒ මේ අත වැනේ. ඒ අඳුර කපා එන මහා භූත යක්ෂ, ප්‍රේතයන්ගේ නින්නාදය ඒ රඟමඩලලෙහි සටහන් කරමිනි. ඇසෙන නොඇසෙන වදනින් යක් අඳුරා තෙපළන යක් මන්ත්‍ර සිත ද, ගත ද බියපත් කරන්නට සමත්ව තිබේ. දොළ පිදේනි තටු හතකි. ඒවායේ ගොඩ මස්, දිය මස්, මාලු ද දැකිය හැකිය. ගොඩ දිය මුහුදු දිය, ගංගා දිය ද, බෙන් වතුර ද, ඇළ දොළ වැව් ජලය ද, කම්මල් වතුර ද පිදේනි තටුවල තටු ගසා සකස්කර ගත් ගොටුවල දැකිය හැකිය. සෙම්, සොටු පමණක් නොව රා, අභිං, ගංජා වැනි මත්ද්‍රව්‍ය ද, සුරුට්ටු හා සිගරට් ද බීඩි වැනි ධූම පානයන් ද, රට බීම ද පෙළින් පෙළට එම පිදේනි තටුවල මද පමණනට තැම්පත් කර ඇත.
දොළ පිදේනි තටු කීයද?
{ "answer_start": [ 328 ], "text": [ "තටු හතකි" ] }
a6cd5d26-f057-4876-a81b-f68714577d64
ජේඩා පින්කිට් ස්මිත් හිසකෙස් ගැලවී යෑමේ රෝගයකින් පෙලෙයි. ඇය සම්මාන උළෙලට පැමිණ සිටියේ හිස මුඩුකරමිනි. ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට මෙය විහිළුවක් විය. ඔහු දිගින් දිගටම ඇයට විහිළු කරද්දී, කෝපයට පත් විල් ස්මිත් වේදිකාවට නැග ක්‍රිස් රොක් වෙත ගොස් ඔහුට අතුල් පහරක් දී කුණුහරපයෙන් බැණ වැදුනේ සජීවීව දහස් ගණනක් දෙනා සම්මාන උළෙල නරඹද්දීය. පසුව විල් ස්මිත්, ප්‍රහසන නළු ක්‍රිස් රොක්ගෙන් සමාව ඉල්ලීමක් කළ අතර, ආවේගශීලී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් කනගාටුව ද පළ කළේය. හොලිවුඩ් පුරය කැලැඹීමට මෙම සිදුවීම සමත් වුණු අතර, තමන් හොලිවුඩ් චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමියේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව විල් ස්මිත් නිවේදනය කළේ ඉන්පසුවය. විල් ස්මිත්ගේ ඉල්ලා අස්වීම බාර ගන්නා බව හොලිවුඩ් චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමියේ සභාපති ඩේවිඩ් රූබින් මාධ්‍ය වෙත දන්වා තිබේ.
ජේඩා පින්කිට් ස්මිත් පෙලෙන්නේ කුමන රෝගයෙන්ද?
{ "answer_start": [ 21 ], "text": [ "හිසකෙස් ගැලවී යෑමේ රෝගයකින්" ] }
e609f0e6-3a6a-48b3-97c2-c34632eb1d15
කෙසේ හෝ අඩි මාර්ගය දිගේ ඉදිරියට යන අප වල්පොළමුල්ල සීමාවෙන් ඔබ්බට යන කඩුල්ල පැන එනසාල් වගාව සහ රූස්සගස් පිරුනු වනපෙත දිගේ ඉදිරියටම ගමන් කළෙමු. වල්පොළමුල්ල ගල්තලාව පසුකරගෙන ඉතා ඈතින් පිහිටි දියඇලි බලමින් පල්ලම බැස්ස අප ළඟා වූයේ කිරිමැටිය හේනටයි. මෙය ද කුඩා පතනක් වූ අතර පඳුරුවලින් ගහණව තිබුණි. තුන්හිස්ගල ඉතා අපූරුවට මෙහිදී දැකගත් අතර ඉන්පසු අප ළඟාවූයේ නුගතලාව ඔය වෙතටයි. එහි තිබූ කොන්ක්‍රීට් කණුව සහ තනා තිබූ ලී වැට අපට ඇඟවූයේ මෙම ඉසව්වේ මිනිස් වාසයක් තිබුණ බවයි. මන්ද හේන් කටයුතු හෝ වෙනත් වගා කටයුතු සඳහා මෙම සීමාව පනවා තිබී ඇති බවකි.
දියඇලි බලමින් පල්ලම බසිමින් අපි ළඟා වූයේ කොහෙටද?
{ "answer_start": [ 226 ], "text": [ "කිරිමැටිය හේනටයි" ] }
c27992c0-9905-4e83-a02a-a9c9e7dc9602
බොලිවුඩ් සිනමාව තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වන සිනමා නිළියක් බවට වර්තමානයේ පත්ව ඇති සුරූපි ආලියා භාට්ට මේ වනවිට තවත් දකුණු ඉන්දීය චිත්‍රපටයක් සඳහා එක්විමට ඇරයුම් ලැබී ඇතැයි වාර්තා වේ.ඇය ‘කොවිඩ්’ වසංගතය ඉන්දියාව තුළ උග්‍ර අතට හැරෙන්නට පෙර රූපගත කළ රාජ්මෞලිගේ අලුත්ම දකුණු ඉන්දීය චිත්‍රපටය සඳහාද එක් විය. මේ වනවිට ඇයට එක්විමට ලැබි ඇත්තේ දකුණු ඉන්දිය සුපිරි සිනමා අධ්‍යක්ෂවරයෙකු වූ ශංකර් විසින් නිර්මණය කරන අලුත්ම චිත්‍රපටය සඳහාය. ඇය එහි රංගනයෙන් දායක වන්නේ රාජ්මෞලිගේ චිත්‍රපටයේද ඇය සමග පෙනී සිටින තෙළෙඟු සිනමා නළු රාම් චරන් බව දැන ගැනීමට ලැබේ.
ඇය ‘කොවිඩ්’ වසංගතය ඉන්දියාව තුළ උග්‍ර අතට හැරෙන්නට පෙර රූපගත කළේ කුමන අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටයක්ද?
{ "answer_start": [ 246 ], "text": [ "රාජ්මෞලිගේ" ] }
fb279f9a-d11f-4b70-a6da-a0779479aef7
නමුත් අද එම සුන්දර නගරයේ සුන්දරත්වය බිඳකින් හෝ අඩුවක් නොමැතිව දැක බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් තායිලන්තයේ සංචාරය කරන සංචාරකයින්ට හිමි වී තිබේ. තායිලන්තයේ බැංකොක් අග නගරයේ සිට කිලෝමීටර් 300ක පමණ දුරක් ගිය විට සුප‍්‍රකට සංචාරක පුරවරයක් ලෙස හැඳින්වෙන හුවාහින් ප‍්‍රදේශයේ ඉතාලියේ වැනීසිය ඒ ආකාරයෙන්ම ඉදිකර තිබේ. තායිලන්තයේ චාම් දිස්ත‍්‍රික්කයට අයත් හුවාහින් නගරය එරට ප‍්‍රධානම සංචාරක මධ්‍යස්ථානවලින් එකක් ලෙස හැඳින්වේ. මුහුදේ කලපුවක් වැනි කොටසකට මායිම්ව පිහිටි හුවාහින් නගරයට අද විදෙස් සංචාරකයින් අද්දවන ප‍්‍රධානම සංචාරක මධ්‍යස්ථානයක් බවට වැනිස් නගරය පත්ව අවසානය.
හුවාහින් ඉදිකර ඇත්තේ කෙසේද ?
{ "answer_start": [ 267 ], "text": [ "ඉතාලියේ වැනීසිය ඒ ආකාරයෙන්ම" ] }
91189877-5717-48ed-bcd3-75a62ecd76f6
පුරාණයේ විසූ ඊජිප්තු ළඳුන් සිය සමාජ බලය පෙන්වීම සඳහා රතු පැහැයෙන් තොල් පාට කළහ. එයටත් පෙර යුගයක සුමේරියානු ළඳුන් පලතුරු යුෂ, හෙනා, මැටි හා කුරුමිණියන් වැනි ස්වාභාවික අමුද්‍රව්‍යවලින් සාදාගත් තොල් ආලේපන භාවිත කරන ලදහ. එතෙකින් නොනැවතී මැණික් ගල් කුඩු කර ඒවා තොල් මත තවරමින් දිදුලන පෙනුමක් ලබාදීමටද උත්සුක වූහ. මුලින්ම තොල් ආලේපනවලට දැඩි කැමැත්තක් හා ආකර්ෂණයක් දක්වන්නට වූ පිරිස ඊජිප්තු වැසියන් විය හැකියි. තද දම් හා කළු වැනි වර්ණ තොල් ආලේපන ඔවුන්ගේ ප‍්‍රියතම වර්ණ විය. මෙම වර්ණ ලබාගත්තේ කුඩු කරගත් කොචිනීල් කුරුමිණියන්ගෙන් ලබාගත් තද රතු ඩයි වර්ගයකිනි. සුප‍්‍රකට ඊජිප්තු රැජින ක්ලියෝපැට්රා තොල් පාට කිරීමට යොදා ගත්තේ තලා ගත් කුරුමිණි යුෂයයි. එසේ වුවද ඔවුන්ගේ තොල් ආලේපන සියයට සියයක්ම සෞඛ්‍යයට හිතකර නොවූයේ තොල් ආලේපන හදා ගැනීමේදී ඊයම් හා අයඩින් වැනි අහිතකර ද්‍රව්‍ය භාවිත කළ බැවිනි.
ඔවුන් රතු පැහැයෙන් තොල් පාට කළේ ඇයි ?
{ "answer_start": [ 27 ], "text": [ "සිය සමාජ බලය පෙන්වීම සඳහා" ] }
9d18e2eb-f13d-4e5b-91ba-8dcc8fc2026a
සුදුසුකම් ලැබූ උපදේශකයන් යටතේ පවත්වාගෙන ගිය මේ පුහුණු පාසල ගුවන් භටයන්ට සහ නිලධාරීන්ට මූලික සහ උසස් පුහුණුව ලබාදීම සඳහා පවත්වාගෙන ගියද කටුනායක අවට ගුවනේ ඇති කාර්ය බහුලත්වය හේතුවෙන්ම පුහුණුවීම් කටයුතු වඩාත් අසීරු වී තිබිණි. මේ නිසාම 2013 මැයි 10 වැනිදා සිට පැරෂුට් පුහුණු පාසල අම්පාර ගුවන් හමුදා කඳවුර තුළ ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කරන ලදී. මෙම පුහුණු පාසල ආරම්භ කිරීමේ මූලික අරමුණ වූයේ, පැරෂුට් භටයකු නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පුහුණු මූලික පාඨමාලව පැවැත්වීම, ඉන් සමත් වන්නන් සඳහා පැරෂුට් උසස් පාඨමාලාව පැවැත්වීම, පැරෂුට් නඩත්තුව පිළිබඳ පාඨමාලා පැවැත්වීමයි. එමෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් බළකාය සඳහා අවශ්‍ය සියලු‍‍ම භටයන් සහ නිලධාරීන් පුහුණු කිරීම මෙම පැරෂුට් පුහුණු පාසලෙන් සිදුවෙයි. පැරෂුට් පුහුණු පාසල ගුවන් හමුදාවේ විශේෂ ඒකකයක් ලෙස ස්ථාපිත කර තිබේ. ඕනෑම ගුවන් මෙහෙයුමක දී සහාය වීමට අවශ්‍ය පැරෂුට් භටයෝ මේ ඒකකයේ පුහුණුව ලබති. ඔවුන් ගුවන් හමුදාවේ සියලු‍‍ මෙහෙයුම් කටයුතුවලට ඍජු හා සියුම් දායකත්වයක් සපයන කණ්ඩායමක් බවට පත්ව ඇත. මෙලෙස පුහුණුව ලබන පැරෂුට් භටයෝ විවිධ අවස්ථාවලදී ගුවනේ කරන ශිල්ප දැක්වීම් මෙරට ජනතාව ඉතාමත් ආශාවෙන් නරඹති. ජාතික නිදහස් දින උත්සවයේදී ඔවුන්ගේ දස්කම් විස්කම් දැක බලා ගැනීමට බොහෝ දෙනකු සැදී පැහැදී සිටිති. එය ඉතාමත් ආකර්ෂණීය සංදර්ශනයක් බව නොරහසකි. එමෙන්ම හමුදාමය සැමරුම් අවස්ථාවලදීත්, විශේෂයෙන්ම ගුවන් හමුදා සංවත්සරවලදීත් ශ්‍රී ලංකාවේ පැරෂුට් ඒකකය තම හැකියාවන් ප්‍රදර්ශනය කරති.
මේ පුහුණු පාසල පවත්වාගෙන යන්නෙ කා යටතේද?
{ "answer_start": [ 0 ], "text": [ "සුදුසුකම් ලැබූ උපදේශකයන් යටතේ" ] }
f956e32b-6945-40da-acc7-96e4b17c5df3
වෛද්‍යවරයා දසුන්ගේ අක්ෂි තරලය පරීක්ෂා කළේය. අක්ෂි තරලය හැම විටම රුධිරය සමග රසායනික වශයෙන් සමතුලිත වේ. ඒ නිසා රුධිරයේ පවතින යම් යම් සංඝටක අක්ෂි තරලයෙන්ද දක්නට හැකිය. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් මියගිය පසු රුධිරයේ සෛල බිඳ වැටීම සිදුවිය හැකි අතර ඇතැම් විට ස්වභාවික ක්ෂුද්‍ර ජීවීන් රුධිරයට එකතුවීමට ද හැකිය. මේ නිසා රුධිර සාම්පල මගින් කරන පරීක්ෂාවන් ඇතැම් තත්ත්වයන් හඳුනාගැනීමට එතරම් විශ්වාසදායි නොවේ. එහෙත් අක්ෂිගෝලය තුළ පිහිටීම නිසා අක්ෂි තරලය වෙනස්කම්වලට ලක්වන්නේ ඉතා සෙමිනි. ඒ නිසා පුද්ගලයෙක් මිය ගොස් දින කීපයකට පසුව වුවද අක්ෂි තරලය පරීක්ෂා කිරීමෙන් වැදගත් රහස් රැසක් හෙළිදරව් කරගත හැකිය.
අක්ෂි තරලය සෑමවිටම රසායනික වශයෙන් සමතුලිත වන්නේ කුමක් සමඟද?
{ "answer_start": [ 64 ], "text": [ "රුධිරය" ] }
43ff8c7e-1322-4876-8aba-7c3e7729da31
යුද්ධ කිරීමට සූදානම් නැති බව හැඟී ගිය රාජසිංහ රජු සාමදානය ඇතිකර ගැනීමට කැමැත්ත දැක්වූ නමුත් කපිතාන් ජනරාල් දියෝගු ද මේලෝ ඊට කන් දුන්නේ නැත. ඔහු මහනුවර ආක්‍රමණය කර නගරය ගිනිබත් කළේය. එහෙත් තමා කළ වරද වැටහෙනවිට බොහෝ වේලා ඉක්ම ගොස් තිබූ බව පෘතුගීසි ජනරාල්වරයාට අවබෝධ වූයේ පසුවය. රාජසිංහ රජුගේ හා විජයපාල කුමරාගේ හමුදා ඉදිරියට පැමිණ කපිතන් ජනරාල්වරයාට හදිසියේ පසුබැසීමට සිදුවිය. සෑම අතින්ම පෘතුගීසි හමුදාව වෙහෙසට පත්ව සිටි අතර ගන්නෝරුවේ දී මුහුණට මුහුණ ලා සටන් කොට එහිදී ඔහු සමග ගිය කාපිරියන්, කනාර ජාතිකයින් ඇතුළු පෘතුගීසීන් 900ක් මරණයට පත් කළහ. නැතහොත් අල්ලා ගත්හ. 1638 මාර්තු 23 හා 24 දින දෙකෙහි පැවැති මෙම සටනේ දී මියගිය අය අතර ජනරාල් දියෝගෝ ද මේලෝ සහ ඔහුගේ නිලධාරීහු ද වූහ.
මුහුණට මුහුණ ලා සටන් කළේ කොහේදීද?
{ "answer_start": [ 423 ], "text": [ "ගන්නෝරුවේ දී" ] }
f873b765-f41d-49b7-950d-479c43c1504b
ඔහුට තම හිසකෙස් බැඳගත නොහැකි වූයෙන් එය කරන ලද්දේ හිරගේ කන්කානම විසිනි. ඔහුගේ මුහුණේ මාංශ පේශීන්ගේ කම්පනයෙන් හිතේ කැළඹිල්ල ප්‍රකාශ විය. එක පහරින් මරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටි ඔහු අවසානයේ දී අරහං යන වචනය උච්චාරණය කළේය. තම හිස ඉදිරියට නැමීමට තරම් චිත්ත ධෛර්යයක් නොවූ නිසා ඔහුගේ හිස වධකයෙකු විසින් අල්ලා ගන්නා ලදී. පළමු කඩු පහරින් පසු ඔහු පස්සට වැටුණේය. එහෙත් ප්‍රාණය නිරුද්ධ වී නොතිබුණු නිසා තවත් පහරක් ගසන ලදී. දිවි තොර කිරීම් සිදුකර ඇත්තේ එකල කන්ද උඩරට පැවැති දඬුවම් ක්‍රම සැලකිල්ලට ගනිමිනි. රදළයන් එල්ලා මරන්නේ නැත. හිස ගසා දැමීමෙන් පමණක් මරණය සිදුකරයි. හිස ගසා දැමීමේ දී දංගෙඩියක් පාවිච්චි කරන්නේ නැත. දෑත් බැඳීමත් සිදු නොකරන අතර දෑත් නිදහසේ තැබේ. දෑස් ද විවෘතව තැබේ. එම සිරිත් අනුගමනය කරමින් නායකයන් තිදෙනාගේ දිවි තොරකර තිබේ.
දිවි තොර කිරීම් සිදුකර ඇත්තේ කෙසේද?
{ "answer_start": [ 441 ], "text": [ "එකල කන්ද උඩරට පැවැති දඬුවම් ක්‍රම සැලකිල්ලට ගනිමිනි" ] }
e831d3b9-b0d1-4679-8133-0c01b9ce55cf
එම සොහොනටත් වසරකට වතාවක් අකුණුසැර වැදුණු බව නුවරඑළිය පැරන්නන්ගේ මතය වේ. මීට වසර කීපයකට පෙරද එම සොහොනට ආසන්න තැනක වූ විශාල සයිප්‍රස් ගසකට අකුණක් වැදී ගස දෙපලු වී බිම ඇද වැටුණි. අද ද නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජශාලාවට පසුපස ඇති ඉංග්‍රීසීන්ගේ පැරණි සොහොන් භූමියේ ඇති මේජර් තෝමස් රොජර්ස්ගේ සොහොන දකින්නට පිළිවන. එම සොහොනට අකුණු සැර වැදී දෙපලු වී ගිය සොහොන්ගල පසු කාලයකදී ඉංග්‍රීසින් විසින් යළි ප්‍රතිසංස්කරණය කළ ලක්ෂණද අද එම සොහොන්ගලෙන් දැකගත හැකිය. අපේ වටිනා සම්පතක් වූ අලි ඇතුන් මරා දැමූ පාපයට අකුණු සරයක් වැදී මියගිය මේජර් තෝමස් රොජර්ස්ට මියයන්නට සිදුවූවාසේම අද දවසේද අපේ උරුමයක් වූ අලි-ඇතුන් මරා දමා සල්ලි සොයන අමනයින්ට අත්වන ඉරණමද කෙබඳු එකක් වේදැයි මෙරට කවුරුත් බලා සිටිති.
රොජර්ස්ගේ සොහොන ඇත්තේ කොහේද?
{ "answer_start": [ 226 ], "text": [ "ඉංග්‍රීසීන්ගේ පැරණි සොහොන් භූමියේ" ] }
b2fc803d-c2d6-4b1f-8a8d-0be234a6a747
රුහුණු කතරගම මහා දේවාලයේ සිදු කරනු ලබන චාරිත්‍ර අතර සියලු චාරිත්‍ර සිදු කරනු ලබන්නේ පිරිමි පුද්ගලයන් වන අතර මෙම පිරිසට අමතරව කඳ කුමරුන්ගෙන් වරම් ගෙන සෑම පූජාවකටම දෙවියන්ට දීර්ඝ ආයුෂ වඩන ස්ත්‍රී පාර්ශ්වයේ 12 දෙනක් ද සිටිති. මෙම පිරිස ආලත්ති අම්මලා ලෙස හඳුන්වන අතර මෙම පිරිස 12 දෙනකුගෙන් සැදුම්ලත් පිරිසක් වේ. ආදිවාසීන්ගේ පෙනුමට සමාන ඇඳුමින් සැරසෙන මෙම මව්වරුන් දේවාලයේ පැවැත්වෙන උදෑසන 4.30 පූජාවටත් සවස 6.30ට පැවැත්වෙන පූජාවටත් එක්වෙන අතර සතියකට වරක් සෙනසුරාදා නානුමුර මංගල්‍යයට ද මෙම ආලත්ති අම්මලා එක්ව පූජාවට සහභාගී වෙති.
සතියකට වරක් සෙනසුරාදා ආලත්ති අම්මලා සහභාගි වෙන්නේ කුමකටද?
{ "answer_start": [ 460 ], "text": [ "නානුමුර මංගල්‍යයට" ] }
8c658b56-dfea-4761-b6b7-6f59b7aaa52c
කොංග්‍රස් පක්ෂයේ අන්තර්වාර සභාපතිධූරයේ තවදුරටත් කටයුතු කිරීමට තමා අකමැති බව සෝනියා ගාන්ධි සිය සහායකයින්ට පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් අල්ජසීරා පුවත සේවය වාර්තා කර සිටී. මෙම ඇය මෙම ස්ථාවරය ගෙන ඇත්තේ පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් 20 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් සමාජගත වීමත් සමගය. පක්ෂය තුළ සැළකිය යුතු වෙනස්කම් කළ යුතු බවත් නිත්‍ය සහ පැහැදිළි නායකත්වක් පක්ෂයට අවශ්‍යබවත් ඔවුන් සිය ලිපියෙන් දක්වා තිබුණි. ඊට ඉන්දියාව පුරා විසිරී සිටින කොංග්‍රස් පක්ෂයේ දෙවැනි පෙළ නායකයින් 300 ක්ද සහාය දක්වා සිටිති. වසර 134ක් පමණ පැරණි ඉන්දීය කොංග්‍රසයේ වැඩිකාලයක් නායකත්වය දරා ඇත්තේ ගාන්ධි පරපුරේ සාමාජිකයින් විසිනි. 73-හැවිරිදි සෝනියා පක්ෂ නායකත්වයෙන් ඉක්මනින් ඉවත්වීමට හෝ වෙනත් නායකයෙක් තෝරා ගැනීමට යම් කාල පරාසයක් ලබාදීමට නියමිත බව වාර්තා වේ. ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වීමට නියමිතය.
සමාජ ගත වී ඇත්තේ නායකයින් කීදෙනකුගෙන් අත්සනින් යුත් ලිපියක්ද ?
{ "answer_start": [ 224 ], "text": [ "ඉදිරිපෙළ නායකයින් 20 දෙනෙකුගේ" ] }
4e8890e9-0aec-4180-acc6-0027bc972227
සමයංට හිරේදී දකුණු පාතාලයේ නමක් දැරූ අයෙකු හමුවිය. ඔහු අන් කවරෙකුවත් නොව මාකඳුරේ මධූෂ්ගේ කොන්ත්‍රාත්තුවකට අනුව කොමාන්ඩෝ නිශ්ශංක සමග එක්ව දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිව සිටි ඩැනි හිත්තැටිය මහතා ඝාතනය කිරීමේ චෝදනා ලැබූ හර්ෂ යසස් ශ්‍රී ජයසේකරය. සමයං රිමාන්ඩ් බන්ධානාගාරයෙන් එළියට එන්නට ටික දිනකට පෙර හර්ෂ ද එළියට ආවේය. සරා ටික කලකින් එළියට එනු ඇත. ඒ අවස්ථාවේ ඔහු ඝාතනය කිරීමට සමයං සැලසුම් කළේය. සරා එළියට ආවේ වසරකට පමණ පසුවය. ඒ අනුව සමයං හර්ෂට කොන්ත්‍රාත්තුව දුන්නේය. එය ලක්ෂ පහක ගනුදෙනුවකි. හර්ෂ භාරගත් වගකීම අකුරටම ඉටු කළේය. එහෙත් සමයං තමන්ගේ පොරොන්දුව ඉටුකළේ නැත. හර්ෂ එයින් කෝපයට පත්විය. තමන්ට තැබු මේ පොල්ල ගැන හර්ෂ මධූෂ් සමගද පැවසීය. ඒ වින විට මධූෂ්ද ලංකාවේ සිටියේ නැත. මධූෂ්ටද සමයං සමග ප්‍රශ්නයක් තිබිණ. ඒ සමයං කොස්ගොඩ සුජීලාගේද සහාය ඇතිව දකුණේද කුඩු පාතාලයේ කටයුතුවලට අතගසා තිබීම නිසාය. එහෙත් මේ දෙකම මධූෂ්ට සමයං ඝාතනය කිරීමට තරම් ප්‍රබල හේතු නොවිණ. ඒ නිසා ඒ ගැටුමේ ගිනි පුපුරු මඳ කලකට අළුයට සැඟවිණ.
හර්ෂ විසින් ඩැනි හිත්තැටිය මහතා ඝාතනය කළේ කවුරුන් සමඟ ද?
{ "answer_start": [ 111 ], "text": [ "කොමාන්ඩෝ නිශ්ශංක සමග" ] }
ffc26661-1119-4c6b-9598-f1b1207498c0
ගුරුකම් බලයත්, බුද්ධ බලයත් එකිනෙක පටලවා නොගත් බුද්ධ බලයට මුල් තැන් දුන් මහා යතිවරයකු ලෙසින් ප්‍රසිද්ධ බිහිරි හාමුදුරුවන් ගුරුකම් ආරම්භයේදීත් අවසානයේදීත් බුද්ධ විරිතෙන් කටයුතු කළ භික්ෂූන් වහන්සේ නමක්. ගුරුකම අවශ්‍ය තැනට ගුරුකමත් බුද්ධ ශක්තිය අවශ්‍ය තැනට බුද්ධ ශක්තියත් යෙද වූ උන්වහන්සේ ගුරුකම හේතුවෙන් බුද්ධ ශක්තිය යටපත් කරන්නට ඉඩ නොතැබූ තෙර නමක්. මේ එම කතාවයි. මේ ගුරුකම් කන්ද එක් පැත්තක් මායිම් වනුයේ රක්වාන කඳු පංතියයි. අනෙක් පැත්ත මායිම් වනුයේ පන්තිල් පත්තුවටයි. මේ කන්ද ආරක්ෂිතයි. වන පෙත් දෙකකින් එක් පැත්තක සිංහරාජ වනගහනයයි. අනෙක් පැත්තෙන් ශ්‍රී පාද වනගහනයයි. සිංහරාජ කියන්නේ ජෛව විවිධත්වයෙ තිඹිරි ගෙයයි. ශ්‍රී පාද කියන්නේ බුද්ධ ශක්තියෙ තිඹිරිගෙය. මේ සිදු වීමෙන් කියන්නේ ගුරුකම් කන්දේ තියෙන හාස්කම්වලට ශක්තිය සැපයෙන්නේ ජෛව විවිධත්වයෙන් සහ තෙරුවණේ බලයෙන් කියන එක.
බුද්ධ බලයට මුල් තැන දුන් යතිවරයෙකු ලෙස ප්‍රසිද්ධ කවුද?
{ "answer_start": [ 102 ], "text": [ "බිහිරි හාමුදුරුවන්" ] }
64aca106-5f63-41bd-b231-304855f3c195
ඉස්ලාම් ආගම බිහිකළ මහම්මත්තුමාගේ මූලික ඉගැන්වීමක් වූයේ පිළිම වන්දනාව නොකළ යුතු බවය. බුද්ධාගමේ, ක්‍රිස්තියානි ආගමේ ප්‍රතිමාවලට වැදීමට නියම කළද ඉස්ලාමයේ පිළිම වැදීමක් නැත. ඉකුත්දා මාවනැල්ලේ බුදුපිළිම කැඩු කල්ලිය ලෙස ප්‍රකට වූ මුලධර්මාවාදී ඉස්ලාම් කල්ලිය ප්‍රසිද්ධ ස්ථානවල තිබූ බුදුපිළිම, කතෝලික පල්ලිවල තිබූ දේව ප්‍රතිමා සහ හින්දු ආගමික ප්‍රතිමා කිහිපයකම සිරස කඩා තිබුණේ නූතන මුලධර්මවාදීන්ද මහමත්තුමාගේ මෙම ඉගැන්වීම අකුරටම ඉටුකරන හෙයිනි. මහමත්තුමාගේ උපත සිදු වූ බව විශ්වාස කෙරෙන්නේ ක්‍රිස්තු වර්ෂ 520දී මක්කම නගරයේදීය. සෞදි අරාබියේ පිහිටි මේ නගරය පුරාණ කාලයේ පටන් වෙළෙඳ නගරයක් විය. චීනයේ සිට යුරෝපයේ නැව්තොටු දක්වා වැටී තිබු පුරාණ සේද මාවතේ එක් මධ්‍යස්ථානයක් වූයේ මක්කමයි. චීනයේ සිට මධ්‍යම ආසියාව, මැද පෙරදිග හා යුරෝපය දක්වා ඇදීගිය පැරණි තවලම් මාර්ගයක් වූ සේද මාවත යුරෝපය සහ ආසියාව එකට එකතු කළ ප්‍රධාන මාර්ගය විය.
මහම්මත්තුමාට අනුව නොකළ යුත්තේ කුමක්ද?
{ "answer_start": [ 56 ], "text": [ "පිළිම වන්දනාව" ] }
9420accd-0ce0-4137-a369-8d64b5c3230e
කුරුණෑගල වෑඋඩවිල්ල හත්පත්තුවේ මාදුරු කෝරළයේ රිදීගම නම් වූ සුන්දර ගම්මානයේ නිස්කලංක පරිසරයක පිහිටි ඓතිහාසික රිදී විහාරයේ ඉතිහාස කතාව අනුරාධපුර යුගයේ දුටුගැමුණු මහරජුගේ පාලන කාලය දක්වා දිවයන්නකි. දුටුගැමුණු මහරජතුමාගේ පාලන සමයේදී අනුරාධපුර සිට මලය රට තෙක් දිවයන මාර්ගයක් රිදී විහාරය පිහිටි කැලෑබද භූමිය අසලින් වැටී තිබුණි. දිනක් මෙම මාර්ගයේ ගමන් කළ ගැල් වෙළෙඳුන් කණ්ඩායමක් සිය නැතිවූ ගොනුන් සොයමින් සිටින අතරතුර ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ පෙන්වූ මගක ගමන්ගන්නා විට ලෙනක තුළ වූ රිදී ඉල්ලමක් දැක, ඒ පිළිබඳ වහාම දුටුගැමුණු රජුව දැනුවත් කළ අතර, රජු මේ අසා මහත් සතුටට පත්ව වස්තු හිඟය නිසා මග නැවතී තිබූ රුවන්වැලිසෑයේ ඉදිරිකටයුතු සඳහා ලෙනෙහි වූ රිදී කැණීම් සිදුකොට රැගෙන ගොස් තිබේ. දුටුගැමුණු රජු ඊට කෘතගුණ දැක්වීම පිණිස එම ස්ථානයේ රිදී විහාරය කරවූ බව කියවේ. පුරාණ ජනප්‍රවාද අනුව රිදී විහාරයේ නිර්මාණ කටයුතු සඳහා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාද පැමිණි බව කියැවේ.
පුරාණ ජනප්‍රවාද වල පරිදි විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා පැමිණිබව කියවෙන්නේ කුමක් සදහාද?
{ "answer_start": [ 772 ], "text": [ "රිදී විහාරයේ නිර්මාණ කටයුතු සඳහා" ] }
2ad713bc-20c9-48b1-87ee-3a4eb81b584a
ජපානයේ ආර්ථික වර්ධනය හේතු කොට ගෙන උද්ධමනය පහළ මට්ටමකත් ඉතිරි කිරීම ඉහළ මට්ටමකත් තිබිණි. මෙහිදී රාජ්‍ය ප්‍රතිපත්ති වැදගත් වේ. නිර්යාථ දිරිගැන්වීම සඳහා සමහර සමාගම් රාජ්‍ය විසින් යොමු කරවනු ලැබීය. මෙම සමාගම් සෝගේ සෝෂාන් ලෙස හඳුන්වයි. මෙම ආයතන 1980 ගණන්වලදී රටේ නිර්යාථ ආයාථ මෙහෙය වන ලදී. ජපානයේ දේශපාලන අර්ථ ශාස්ත්‍රීය ඥානයට නව කළමනාකරණයක් ඉදිරිපත් කළේය. එනම් මුල සිටම ජීවිතාන්තය දක්වාම රැකියා යන සංකල්පයයි. එනම් ජපන් ජාතිකයන් තම රටේ සංවර්ධනය සඳහා තමන්ගේ විවේකය පරිත්‍යාග කර තිබෙන බවයි. රාජ්‍ය ප්‍රතිපත්ති හා ජනතාව තුළ පවතින්නාවූ කැපවීම මත ජපානය තුළ 1960 දී ආර්ථික සංවර්ධනයක් අත්කරගත් ආකාරය මෙහිදී ගම්‍ය වේ. ඒ අනුව ජපානය අද වනවිට ලෝකයේ ඉහළම ආර්ථික බලවතුන් බවට පත්ව සිටියි.
අද වන විට ලෝකයේ ඉහළම ආර්ථික බලවතුන් බවට පත්ව සිටින්නේ කුමන රටද?
{ "answer_start": [ 612 ], "text": [ "ජපානය" ] }
d0c93c9f-dd97-4546-b980-9efdcd76f7ab
අස්වැද්දුම පතන කෙළවරක අතහැර දැමූ දර මගින් සෙවිලි කළ මිනිස් වාසයක නටබුන් දැකගත් අතර එම ගමන තවත් දුර යන්නට තිබුණේ රණමුරේ වෙත ළඟාවීමටයි. වන මැද පිහිටියද ගිනිකෙළිය පතන තුළ ගවරැල ගැවසෙන ඉසව්වකි. අස්වැද්දුම පතන නිමා වන විටදී කලින් දවසේ කිරිමැටියහේන පසුකරන විට දුටුවාක් මෙන් ලී වැටක් දැකගත් අතර එය ගම්මානය ළඟ බවට අප ලද හෝඩුවාවක් විය. එය පසුකර ඉදිරියට යත්ම මාර්ගය බෙදෙන ස්ථානයක් වූ අතර කළු ගඟද පසෙකින් ගලන්නට විය. ඉන්පසු අප ළඟා වූයේ ගම්වාසීන්ගේ ජල අවශ්‍යතාව සපුරන වන මැද පිහිටි විශාල ජල ටැංකිය අසලටය. එතැන් සිට අප රණමුරේ ගම්මානය වෙත ළඟාවූ අතර ඒ මග තුළ අත්හරින ලද ඉඩකඩම් සහ වගාබිම් අපට හමුවුණි. විවිධ හේතු මත එම ගම්වැසියන් ඒවා අත්හැර දමා ඇති අතර සවස් යාමය පසුවෙමින් තිබුණ හෙයින් අප අසල පිහිටි ජල පීල්ලක් අසලට ගොස් ගත දොවා ගත්තේ කටු පඳුරුවලට සීරුණු දූවිලි ගස් ගඳ පිරුනු අපගේ ගත පිරිසිදු කර ගැනීමටයි.
අතහැර දැමූ දර මගින් සෙවිලි කළ මිනිස් වාසයක නටබුන් දැකගත හැකි වූයේ කොහේද?
{ "answer_start": [ 0 ], "text": [ "අස්වැද්දුම පතන කෙළවරක" ] }
921922ca-089f-4f7d-84ef-6d7bbb328523
ඉන්දියාව පළමු වරට දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් තමන් ගැනීමට බලාපොරොත්තු වන පියවර සම්බන්ධයෙන් ඉකුත් දා ලෝක ප්‍රජාව දැනුවත් කළේ ය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළේය. ඉන්දියාව මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග ගැන මෙන්ම ඉන්දියාවේ අනාගත ඉලක්ක සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා ලෝක ප්‍රජාව දැනුවත් කළේ ය. මේ සම්බන්ධයෙන් ඉන් දිනකට පසුව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංගලා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේ ය.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්‍යාස සමුළුව පැවතියේ කොහෙද?
{ "answer_start": [ 164 ], "text": [ "ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවර" ] }
d15a66d6-ae73-4509-895b-98218c7e9339
අප්‍රතිහත ධෛර්යය නිසා ඇය පිහිනුම් ලෝකයේ විශිෂ්ටයන්ගේ ඇගයීමටද පාත්‍ර වූවාය. උත්තරධ්‍රැවය හරහා පළමු වරට පිහිනූ ලුවිස් පග් ඇය අගයමින් කතා කළේ, සීතල, ජෙලි මත්ස්‍යයන්, අධික වෙහෙස, ආත්ම විශ්වාසය හා මනස ඒකාග්‍රව තබා ගැනීම යන අභියෝග පහ ඈ ජයගෙන ඇති බව සඳහන් කරමිනි. මෙම වාර්තාව තබමින් ඇය ඉංග්‍රීසි ඕඩය හරහා නොනවත්වා පිහිනූ පළමු කාන්තාව බවට පත් වූවාය. වාර්තාව තැබීම ඇරඹුණේ බ්‍රිතාන්‍යයේ ඩෝවර් වරායෙනි. අවසන් වූයේ එක්සත් රාජධානියේ දකුණු වෙරළ තීරයෙනි. පිහිනුම් සැරිය අතරතුර ශක්තිය ලබා ගැනීම සඳහා ඉලෙක්ට්‍රෝලයිට අධික ප්‍රෝටීන පාන වර්ග හා කැෆේන් ලබාගත් බවත්, ජෙලි මසුන් මුහුණට පහරදුන් අත්දැකීම බියකරු බවත් ඈ සඳහන් කළාය. ඈ සැලසුම් කළ පරිදි මුළු දුර සැතපුම් 80ක් වුවත්, ප්‍රබල දියවැල් හේතුවෙන් ඇයට සැතපුම් 130ක් පමණ දුර පිහිනන්නට සිදු විය.
ඇයට පිහිනීමට සිදු වූ දුර කීයද?
{ "answer_start": [ 682 ], "text": [ "සැතපුම් 130ක් පමණ" ] }
f8d0e919-5b51-4b18-8dfb-21616a5c9eb3
සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සැලකෙන රවි ග්‍රහයා 2018 සැප්තැම්බර් මස 17 වන දින මෙතෙක් ගමන් කළ සිංහ රාශියෙන් බුධ හිමි කන්‍යා රාශියට පැමිණෙයි. 2018 ඔක්තෝබර් මස 17 දක්වා රවි ග්‍රහයා කන්‍යා රාශියේ ගමන් කරයි. රවි ග්‍රහයා එක් රාශියක් දින 30 ක් 31 ක් වශයෙන් ගමන් කරයි. එය මේෂ, රවිය, වෘෂභ රවිය, මිථුන රවිය ආදී වශයෙන් වසරක කාලසීමාව තුළ රාශි 12ක ගමන් කරයි. රවි ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි තුළ ගමන් කරන කාලය කෝණ මාසය නමින් හඳුන්වනු ලබන අතර ගෘහ නිර්මාණය, මුල්ගල් තැබීම ආදී කටයුතු මෙන්ම විවාහ කටයුතු ද මෙම කාලසීමාව තුළ සුබඵල නොදෙන බව මතක තබා ගත යුතුවේ.
රවි ග්‍රහයා වසරක කාලසීමාව තුළ මේෂ, රවිය, වෘෂභ රවිය, මිථුන රවිය ආදී වශයෙන් රාශි කොපමණ සංඛ්‍යාවක ගමන් කරයිද?
{ "answer_start": [ 329 ], "text": [ "රාශි 12ක" ] }
6256d9a9-4d2b-4642-b11e-3d43285740d9
ජීවය නිර්මාණය වනුයේ ඓන්ද්‍රීය සංයෝගය තුළිනි. එහි වෙනසක් සිදුවීම සඳහා කුඩා සහයක් අවශ්‍යය. එය ආලෝකය හෝ උෂ්ණත්වය හෝ වැනි ශක්තියක් ලද විට වෙනත් තත්ත්වයකට පත්වේ. ඔක්සිකරණය වූ මොලිබ්ඩිනම් ඇතිවන්නේ එවිටය. අඟහරු පිළිබඳ සාධකය සනාථ කෙරෙන තවත් කරුණක් වනුයේ පෘථිවිය බිහි වූ සමයේ එය සම්පූර්ණයෙන්ම ජලයෙන් වටවී තිබූ අතර අඟහරු ග්‍රහයා මත වියළි ප්‍රදේශ තිබූ බවට වන සාධකයයි. පෘථිවියේ තිබූ දියර ස්වභාවය හේතුවෙන් ජීවයේ පැවැත්ම සඳහා අවශ්‍ය වන තවත් ද්‍රව්‍යයක් වන බොරෝන් නමැති ද්‍රව්‍ය නිර්මාණය වීමට අසීරුය. බොරෝන් හමුවන්නේ සම්පූර්ණයෙන්ම වියළි කලාපවලිනි. ඒ අනුව පෘථිවිය මතට උල්කාෂ්මියක් මගින් අඟහරුගේ බොරොන් පෘථිවියට පැමිණෙන්නට ඇති බවත්, එමඟින් එහි ජීවය ඇතිවන්නට ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.
බෝරෝන් පෘථිවියට පැමිණෙන්නට ඇත්තේ කෙසේද?
{ "answer_start": [ 552 ], "text": [ "උල්කාෂ්මියක් මගින්" ] }
63a61c02-689b-4e1b-93c9-7877bde874b6
යාටොම්ගේ තෝරගැනීමට නෙතන්යාහුගේ කැමැත්ත පළවූ නමුත් ජෝර්දානය කෝප ගන්වා නොගැනීමට පරිස්සම් වෙන්නැයි උපදෙස් ලැබිණි. ඒ අනුව නිහඬ මෙහෙයුමකට අනුමැතිය හිමි විය. සිසරියාහි උසස්ම ඒකකය වූ කිඩෝන් කණ්ඩායමට මෙහෙයුම භාර විය. මොසාඩ් පර්යේෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ, ජෛව රසායන විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක්, නෙස් සයෝනා හි ජීව විද්‍යා ආයතනයකින් වැඩි දියුණු කළ මාරාන්තික විසක් යොදාගෙන ඝාතනය කරන්නට යෝජනා කළේය. එම විස බිංදු කිහිපයක් මිනිස් සමෙහි ස්පර්ශ වූ විට නිසැක මරණය සිදුවේ. මීට පෙර වාඩි හඩාඩ් හට චොකලට් සමඟ කැවූයේ ද, පලස්තීන විමුක්ති පෙරමුණු නායකයා ඝාතනයට යොදාගත්තේ ද මීට සමාන විසකි. 1997 ගිම්හානයේදී ටෙල් අවිව් නගරයේ වීදියක සිටි තරුණයෝ දෙදෙනෙක් කොකාකෝලා කෑන් අත තබාගෙන ඒවා සොලවා, පසුව විවර කරන ලදී. හඬක් නගමින් විවර වූ කෝලා දියර හැම තැනම විසිරෙන්නට විය. එය දුටු අය තරුණයන් දෙදෙනා දෙස නොපහන් බැල්මක් හෙළා තමන්ගේ පාඩුවේ යන්නට ගියහ.
එම විස බිංදු කොපමණ ප්‍රමාණයක් මිනිස් සමෙහි ස්පර්ශ වූ විට නිසැක මරණය සිදුවේද?
{ "answer_start": [ 392 ], "text": [ "විස බිංදු කිහිපයක්" ] }
544d23ee-b592-4082-9dc4-d971786fa548
ඇමෙරිකානු බැංකු ගොඩනැගිල්ල, රේණුකා ගොඩනැගිල්ල, රොයිටර් ප්‍රවෘත්ති සේවයේ කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල, සෙලින්කෝ මන්දිරය, ආසන්නයේම තිබූ සෙසු ගොඩනැගිලිද එම දෙදරුම් කෑමට බඳුන් විය. අහස උසට දිවයන ගොඩනැගිලි අතරින් කළු දුමාරය අහස් කුස සිපගනිමින් තිබිණි. ගොඩනැගිලි සුන්බුන් අතර හිරවූ මිනිසුන්ගේත් හිස්ලුලූ අත දිවගිය මිනිසුන්ගේත් මරළතෝනි හඬ මුළු කොළඹ නගරය පුරා දෝංකාර දෙන්නට විය. ගිනිගනිමින් තිබූ ගොඩනැගිලිවල ඉහළ මාලවල කොටුවී සිටියවුන් ආධාර ඉල්ලා දිගටම කෑගැසූ අතර සිරවී සිටි පිරිස් බේරාගැනීම සඳහා හෙලිකොප්ටර් යානා යොදවා තිබුණත් අහස උසට නැගි කළු දුමාරය ඊට තදබල බාධාවක් වී තිබිණි. මෙලෙස ජනවාරි 31 වැනිදා කොළඹ නගරයම එකම අඳෝනාවක් කිරීමට කොටි ත්‍රස්තයෝ සමත්වූහ. බෝම්බය ගෙනාවේ කෙසේද? බොම්බය ගෙනා වාහනය කොළඹ නගරයේ ආරක්ෂක මුර කපොලු පසු කරමින් පැමිණියේ කෙසේද? බෝම්බයෙන් ඉලක්ක කළේ කුමක්ද? මහ බැංකුවට ඉලක්ක කළේ නම් අවට පිහිටි ගොඩනැගිලි විනාශවූයේ කෙසේද? යනාදී ගැටලු ආරක්ෂක අංශයන්හි අවධානයට ලක්වූයේ ඉන් අනතුරුවය.
කොළඹ නගරයම එකම ආන්දෝලනයක් බවට කොටි ත්‍රස්තයෝ පත්කලේ කවදාද?
{ "answer_start": [ 574 ], "text": [ "ජනවාරි 31 වැනිදා" ] }
4cca40f2-8fd9-40a4-9cb6-cf975a45af49
මේ අතරේ ජනතාවගේ වීරයා වන්නේ හිරිපිටියේ දිවනරාලය. ඔහු දළදා වහන්සේගේ ගිහි භාරකරුය. දළදා වහන්සේ අතුරුදන් වූ දා පටන් හිරිපිටියේ දිවනරාල ද නැත. දැන් රහස විවෘත වූවේය. ජනතාවගේ දුකට, බයට, බලාපොරොත්තුවේ සහන් එළිය ප්‍රබෝධ වන්නේ මේ අතරදීය. යුද හතුරා වූ පෘතුගීසීන්ටවත් සොයාගත නොහැකි තරමට උපායෙන් දළදා වහන්සේ පිටතට වඩමවා ගෙන ගොස් ඇති බවට රාවය පැතිර ගියේය. එයම පෘතුගීසීන් පන්නා දැමීමට තරම් ස්වදේශිකයෝ උපායශීලී දක්‍ෂයන් යන්න තහවුරු කර තැබුවෝය. දැන් පෘතුගීසීන්ගේ රූකඩ රජය වූ කෝට්ටේ රාජධානිය පෙරළා දැමීමේ ජනතා අරගලය මතුවන සරු පස හැදෙමින් තිබුණේය.
පෘතුගීසීන්ගේ රූකඩ රජය වූයේ කුමක්ද?
{ "answer_start": [ 459 ], "text": [ "කෝට්ටේ රාජධානිය" ] }
6c93b098-8fd2-4bc0-9d48-1526750c0167
අයියා මාව එතනට අරන් ගියා. එතන දෙන්නෙත් මත් පෙත්තක්ම තමයි. ඒකේ සැර ටික ටික අඩුවෙන විදිහට දීලා ඇබ්බැහිය නවත්වනවා කියලා තමයි කියන්නේ. ඒත් අපි කරන්නේ කුඩු නැති වුණාම මේ පෙති අරන් එක පෙත්ත වෙනුවට දෙක තුනක් බොන එකයි. කුඩුවලට වඩා මේවා ගණන් අඩු නිසා ලාභයි. ඉතිං අයියා රවට්ටලා පෙති අරන් මම එකවර දෙක තුනක් බොනවා. මේ විදිහට වතාවක් දෙකක් කරනකොට අයියාට හොරේ අහුවුණා. ඒ නිසා එයා මට සල්ලි දුන්නේ නැහැ. කොහොම හරි මම මාස කීපයක් කුඩු ගන්නේ නැතිව නවත්තලා හිටියා අයියට බයේම. ඒ අතරේ අයියා කඩයක් දැම්මා. මම දැන් කුඩු පාවිච්චියක් නැති නිසා අයියා මාව කඩේට සම්බන්ධ කරගත්තා. එතනදී සල්ලි අතගාන්න ලැබුණාම මට නැවත අර ආසාව ආවා. අයියගේ කඩේ සල්ලි ටික හොරකම් කරගෙන ගිහින් ආයෙම කුඩු බොන්න පටන් ගත්තා.
කුඩුවලට ඇති ආදේශකය කුමක්ද
{ "answer_start": [ 165 ], "text": [ "පෙති" ] }
651b7a67-e329-4989-a4b7-9bca85a35b54
අධිකරණ පද්ධතිය තුළ විවිධ තනතුරු හෙබවීමෙන් අනතුරුව රයිසි 1985 වසරේ දී තෙහ්රාන් නුවරට පැමිණියේ ය. එහිදි හෙතෙම නියෝජ්‍ය අභිචෝදකයකු ලෙස පත්විය. අධිකරණ පද්ධතිය තුළ විවිධ තනතුරු හෙබවීමෙන් පසු ඉරානයේ උත්තරී නායකයා වන අයතොල්ලා අලී කමේනි 2016 වසරේ දී රයිසි ඉරානයේ ඉමාම් රෙසා සිද්ධස්ථානය යටතේ පවතින අස්තාන්-ඊ-කුද්ස්-රසාවි භාරයේ භාරකරු ලෙස පත් කළේය. ඉමාම් රෙසා යනු ඉරානයේ බලවත් හා වැදගත් ආගමික සිද්ධස්ථානයක් වන අතර දේශපාලන වශයෙන් ද ඉතා වැදගත් වේ. ඒ යටතේ අස්තාන්-ඊ-කුද්ස්-රසාවි භාරය මඟින් ඉරානයේ ඩොලර් බිලියන ගණනක වත්කම් පාලනය වේ.
අයතොල්ලා අලී කමේනි උත්තරීතර නායකයා වන්නේ කොහෙද?
{ "answer_start": [ 186 ], "text": [ "ඉරානයේ" ] }
2215369e-90a0-4750-af79-ddc22aebe0b5
සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සැලකෙන රවි ග්‍රහයා 2018 සැප්තැම්බර් මස 17 වන දින මෙතෙක් ගමන් කළ සිංහ රාශියෙන් බුධ හිමි කන්‍යා රාශියට පැමිණෙයි. 2018 ඔක්තෝබර් මස 17 දක්වා රවි ග්‍රහයා කන්‍යා රාශියේ ගමන් කරයි. රවි ග්‍රහයා එක් රාශියක් දින 30 ක් 31 ක් වශයෙන් ගමන් කරයි. එය මේෂ, රවිය, වෘෂභ රවිය, මිථුන රවිය ආදී වශයෙන් වසරක කාලසීමාව තුළ රාශි 12ක ගමන් කරයි. රවි ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි තුළ ගමන් කරන කාලය කෝණ මාසය නමින් හඳුන්වනු ලබන අතර ගෘහ නිර්මාණය, මුල්ගල් තැබීම ආදී කටයුතු මෙන්ම විවාහ කටයුතු ද මෙම කාලසීමාව තුළ සුබඵල නොදෙන බව මතක තබා ගත යුතුවේ.
සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සැලකෙන ග්‍රහයා වන්නේ කව්ද ?
{ "answer_start": [ 39 ], "text": [ "රවි ග්‍රහයා" ] }
d105a83c-fcba-41b8-a6ed-653d6307d7f4
දෙසැම්බර් මාසයේදී විවාහ වන සුපිරි බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රා සිය විවාහයේ ඡායාරූප වලට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් නියම කර ඇතැයි වාර්තා වේ. ඒ ලොවපුරා ජනප්‍රිය සිනමා සඟරාවකට බව සඳහන් වේ. මොවුන් දෙදෙනාගේ විවාහය එළැඹෙන දෙසැම්බර් මස 02 වැනිදා ජෝද්පුර් හි පැවැත්වීමට නියමිතව ඇත. පසුගියදා ප්‍රියංකා හා නික් ජෝන්ස් වෙනුවෙන් තනිකඩයන්ගේ ප්‍රියසම්භාෂණ උත්සවයක් ප්‍රියංකාගේ ඥාති සොහොයුරිය වන පරිනිති චොප්රා හා නික්ගේ නැනා වන ජනප්‍රිය හොලිවුඩ් නිළි සොෆියා ටර්නර් විසින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී සංවිධානය කර තිබුණි.
විවාහය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ කොහේද?
{ "answer_start": [ 254 ], "text": [ "ජෝද්පුර්" ] }
d1f210fa-1f0f-4062-91bc-b18b08b461e9
විටින් විට ඈතින් කඳු වැටි රාශියක් දැකගත හැකි අතර මෙම දකුණු පස කැලයෙන් අනෙක් පස පිහිටියේ මස්කෙළිය ඔයට සමාන්තරව සමනල කන්දට දිවයන මස්කෙළිය මාර්ගයයි. මෙම ප්‍රදේශවල භවභෝග වගාව සේම සත්ව පාලනයද සිදු කරන අතර දමිළ වැසියන් බහුලව වාසය කරනු අපි දුටුවෙමු. විදුලිපුරෙන් සමුගත් අපි කඳුහෙල් අතරින් හරිත වන පියස මැදින් දිවෙන සුන්දර මාර්ගය දිගේ ඉදිරියටම ඇදුනෙමු. ඒ යන අතරමග අපට සුවිශේෂී කෝවිලක් නෙත ගැටුණි. එහි මද වෙලාවක් ගත කළ අපි අසල හුන් දමිළ වතු කම්කරුවන් සමග පිළිසදරකට වැටුනෙමු. ඔවුන් පවසන අන්දමට ඔවුන් බොහෝ විට පරිභෝජනයට ගන්නේ වනයෙන් පැමිණෙන දිය දහරාවයි. තවද ජල ස්නානය සහ රෙදි සේදීම වැනි කටයුතු සඳහා බහුල වශයෙන් කෙසෙල්ගමු ඔය ඔවුන් යොදා ගැනෙයි. තවද ඇතැමෙක් පවසන පරිදි ගඟේ ඇතැම් ගැඹුරු දියවැල් පිරි විශාල තඩාග වල ආනාරක්‍ෂිත ලෙස ස්නානයට පැමිණි කිහිපදෙනෙකු මියගොස් ඇත.
මෙම ප්‍රදේශවල බහුලව වාසය කරනු ලබන්නේ කව්ද?
{ "answer_start": [ 201 ], "text": [ "දමිළ වැසියන්" ] }
678efa5c-3e92-4cd6-b72f-f2797f369415
ප‍්‍රධානියාගේ රාජකාරී කාර්යාලය වූයේ මඩුවයි. ගෘහස්ථ සේවකයෝ හා වහල්ලූ අවට ගෙවල්වල ද විසූහ. 1886 වන විට දිස්ත‍්‍රික්කයේ පැරණිතම වලව්වක් ලෙස එය වැජඹුණි. දිසාවගේ පරපුර ගැන විමසීමේදී ඔහු දෙල්ගොඩ කුමාරිහාමි හා විවාහ වූ අතර ඔවුනට දියණියෝ තිදෙනෙක් වූහ. එක් දියණියක වූ ලොකු මැණිකේ, රත්වත්තේ දේව මැද්ද දිසාවගේ ප‍්‍රථම බිරිඳ මිය ගිය පසු ඔහු හා විවාහ වූවාය. 1811 දී රත්වත්තේ දිසාව මරණීය දණ්ඩනයට පත්වූ බැවින් ඇය මොල්ලිගොඩ (කනිෂ්ඨ) අදිකාරම් හා විවාහවූවාය. නැවත වැන්දඹුවක් වූ ඇය තෙවැනි වර තල්ගහගොඩ කෝරාල හා විවාහ වූවාය. මෙසේ තල්ගහගොඩ, ලෙව්කේ දිසාවගේ බෑනා විය. ලෙව්කේගේ දූවරු තිදෙනාටම දරුවන් නොවිණි.
දිස්ත‍්‍රික්කයේ පැරණිතම වලව්වක් ලෙස එය වැජඹුන්නේ කුමන වසරේද ?
{ "answer_start": [ 89 ], "text": [ "1886 වන විට" ] }