id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
a90f7493-aeb7-4cd9-8e83-bd7ee5f217e3
මෙම පද්ධතිවලට විද්‍යුත් චුම්භක තරංගවල දිශාව සොයා ගැනීමටද පුළුවන. වෙඩි තැබීම් නිරීක්ෂණය කරන උපකරණයකට සම්බන්ධ කළ විට සතුරු හමුදාවක් විසින් මිසයිල ප්‍රහාර එල්ල කිරීම නිවැරදිවම හඳුනාගැනීමටද පුළුවන. ඇමරිකානු තාක්ෂණය පසුකර යමින් එසේ තාක්ෂණික සමත්කම් ඇති කර ගැනීමට රුසියාවට බොහෝ වෙහෙස වන්නට සිදු විය. මීට අමතරව යුද මෙහෙයුම් සඳහා ඩ්‍රෝන යානාද උපයෝගී කර ගැනේ. යුක්රේන සෙබලුන්ට බෝම්බ හෙළීමට ඩ්‍රෝන යානා යොදා ගෙන තිබුණු අතර එක් ප්‍රහාරයකින් අනතුරුව තවත් ප්‍රහාරයක් වශයෙන් ප්‍රහාර රැල්ලක් දියත් කරමින් සැඟවී සිටින සෙබළු විනාශ කිරීමට ඩ්‍රෝන තාක්ෂණය භාවිත කෙරේ. මෙය රුසියානු හමුදාව යොදාගන්නා මිල අධික නොවන, පහසුවෙන් හසුනොවෙන හා පහසුවෙන් සතුරා අඩපණ කරමින් වැදගත් සතුරු ඉලක්ක විනාශ කරන උපක්‍රමයකි.
පද්ධතියට කුමන තරංග වල දිශාව සොයාගත හැකිද ?
{ "answer_start": [ 14 ], "text": [ "විද්‍යුත් චුම්භක" ] }
8574cf90-a73d-435d-a699-2eaf2ff3a871
හිරුගේ රහස් අනාවරණය කර ගැනීමේ අරමුණින් හිරු ස්පර්ශ කිරීමට යැවෙන නාසා යානය නම් කර ඇත්තේ ‘පාකර් සූර්ය ගවේෂණ යානය’ යන නමිනි. මීට පෙර, මෙවැනි ගවේෂණ යානයක් යොදා ගෙන හිරු ගවේෂණයක් සිදු කර නැත. මෙම රොබෝ ගවේෂණ යානයට පැයට කිලෝ මීටර් 6,92,000කින් අභ්‍යවකාශය හරහා ගමන් කළ හැකි යැයි පැවැසෙයි. යානය හිරුගේ ජීවය පිළිබඳ ඉතා වැදගත් කරුණු කාරණා රැසක් අනාවරණය කර ගැනීමට සූදානම් වෙයි. එපමණක් නොව, හිරුද තරුවක් වන හෙයින්, තරුවක ජීවිතය කෙසේ දැයි වටහා ගැනීමද පාකර් සූර්ය ගවේෂණ යානය විද්‍යාඥයන්ට උදව් වනු ඇත. මේරිලන්ඩ්හි, ග්‍රීන්බෙල්ට්හි පිහිටා ඇති නාසා ආයතනයේ ගොඩාඩ් අභ්‍යවකාශ පියසැරි අංශය මේ වනවිට පාකර් සූර්ය ගවේෂණ යානය අත්හදා බැලීම්වලට ලක්කරමින් සිටින බව වාර්තා වේ. ගොඩාඩ් අභ්‍යවකාශ පියසැරි අංශයේ මීටර් 12ක් උස විශේෂ කුටියකි. මෙම කුටිය ඇතුළත අභ්‍යවකාශය මෙන් රික්තකයකි. හිරුගේ අධික තාපය මෙම කුටිය තුළ නිර්මාණය කිරීමට විද්‍යාඥයන්ට හැකි වෙයි. එපමණක් නොව, අභ්‍යවකාශයේ ඇති දැඩි සීතල ද මෙම කුටිය තුළ කෘත්‍රිමව නිර්මාණය කෙරේ.
ගොඩාඩ් අභ්‍යවකාශ පියසැරි අංශයේ මීටර් 12ක් උස අභ්‍යවකාශය මෙන් රික්තකයක් ඇති කුටියේ කළ හැකි දේවල් කුමක්ද?
{ "answer_start": [ 750 ], "text": [ "හිරුගේ අධික තාපය මෙම කුටිය තුළ නිර්මාණය" ] }
f05f3e99-fa31-4582-b3cb-b878845ddb9b
ග්‍රහලොව සෙන්පති මෙන්ම සටන්කාමී ග්‍රහයෙකු වන අඟහරු හෙවත් කුජ ග්‍රහයා 2019 දෙසැම්බර් මස 25 වන දින මෙතෙක් ගමන් කළ තුලා රාශියෙන් කුජට හිමි වෘශ්චික රාශියට පැමිණෙයි. 2020 පෙබරවාරි මස 08 දින දක්වා කුජ ග්‍රහයා වෘශ්චික රාශියේ බලවත්ව ගමන් කරයි. අඟහරු, භුමි පුත්‍ර, භෞම, මංගල, අංගාර ආදී නම්වලින් ද හඳුන්වනු ලබන මෙම ග්‍රහයා ලෝකයේ ආරක්ෂකයා වශයෙන් හඳුන්වනු ලබන්නේ සටන්කාමී ගතිය, තාක්‍ෂණ බුද්ධිය, ආත්ම විශ්වාසය යන ලක්ෂණ විද්‍යාමාන වන නිසාය. අප උපන්දා සිට මිය යන තෙක් ශරීරය පුරා පැතිරී ඇති ධමනි, ශිරා හරහා ගමන් කරන රුධිරයේ අයිතිකරු ද රුධිරය සම්බන්ධ රෝග, ලේ ගැලීම් වැනි අනතුරු ආදී සියලු කාර්යයන් පාලනය කරන්නේ කුජ විසිනි.
අප උපන්දා සිට මිය යන තෙක් ශරීරය පුරා පැතිරී ඇති ධමනි, ශිරා හරහා ගමන් කරන රුධිරයේ අයිතිකරු ද රුධිරය සම්බන්ධ රෝග, ලේ ගැලීම් වැනි අනතුරු ආදී සියලු කාර්යයන් පාලනය කරන්නේ කා විසින්ද?
{ "answer_start": [ 593 ], "text": [ "කුජ විසිනි" ] }
6c1d84fe-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
තායිලන්ත කාන්තාවක 91 හැවිරිදි වියේදී සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමට සමත් වී තිබෙන බව වාර්තා වේ. කිම්ලාන් ජිනාකුල් නැමැති මෙම කාන්තාව පවසන්නේ තමාට තරුණ වියේදී විශ්ව විද්‍යාලයකට යෑමට අවශ්‍යතාවය තිබුණත් ඒ සඳහා අවස්ථාව නොලැබුණ බවයි. ඇගේ දරුවන් සහ මුනුබුරු මිනිබිරියන් උපාධි ලබාගනු දැක නැවතත් ඇයට ඒ සඳහා උවමනාවක් ඇතිවුණු බව ද දැඩි අධිෂ්ඨානය සහ කැපවීම හේතුවෙන් උපාධිය සම්පූරණ කැර ගැනීමට හැකියාව ලැබුණ බවද කිම්ලාන් තවදුරටත් පවසා ඇත. ප්‍රථම වරට ඇය වයස 72දී උපාධිය සඳහා ලියාපදිංචි වී ඇතත් දියණියකගේ අභාවය හේතුවෙන් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇත. නැවතත් ඇය උපාධිය සඳහා ලියාපදිංචි වී ඇත්තේ අසූපස් වන වියේදීය. ඇය උපාධිය සඳහා තෝරා ගෙන ඇත්තේ මානව පරිසර විද්‍යාව විෂයයි.
දෙවන වරට ඇය උපාධිය සඳහා ලියාපදිංචි වී ඇත්තේ කුමන වයසේදී ද ?
{ "answer_start": [ 595 ], "text": [ "අසූපස් වන වියේදීය" ] }
d52fcba0-1efb-45af-9722-8132aec7070d
1956 දී මහේන්ද්‍ර රජතුමා ලුම්බිනිය වැඳපුදා ගැනීමට පැමිණීම, මෙම පූජා භූමියේ නවෝදයක් ඇති වීමට හේතුවක් විය. එතුමා එයින් ලුම්බිනිය සංවර්ධනය උදෙසා යෝජනාවක් ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයට ඉදිරිපත් කළේය. 1967 අප්‍රේල් මාසයේ දී මෙම පුදබිමට පැමිණි එක්සත් ජාතික සංවිධානයේ මහ ලේකම් යූතාන්, ලුම්බිනිය සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ජාත්‍යන්තර අනුග්‍රහය ලබා දීමට වැඩපිළිවෙළක් කළේය. ඩෙවෙලා මිත්‍රා බාබු, ක්‍රිෂ්ණා රිජාල් ආදී පුරා විද්‍යාඥ ගවේෂකයින් රාශියක් ලුම්බිනිය පුදබිම කැණීම් කර වැළලී ගොස් තිබූ නටබුන් සොයා එය තහවුරු කිරීමට ක්‍රියා කළහ.
මහේන්ද්‍ර රජතුමා ලුම්බිණිය වැඳපුදා ගැනීමට පැමිණියේ කුමන වසරේදීද?
{ "answer_start": [ 0 ], "text": [ "1956" ] }
7e39e40b-5ab3-4d57-89d1-1dbe53f73957
හෙලේනා විජයවර්ධන මැතිනිය කැලණි විහාරය ප්‍රතිසංස්කරණය කිරීමට හේතු පාදක වූ කතාවක් ද තිබේ. 1888 වැනි පසළොස්වක පොහෝ දිනයක සේදවත්තේ පදිංචි දොන් පිලිප් තුඩුගල විජයවර්ධන නම් තම දානපති සැමියා ද සමග හෙලේනා මැතිනිය කැලණිය පුදබිම වන්දනාව පිණිස පැමිණියාය. එදින අධික වර්ෂා දිනයකි. එකළ කැලණි විහාරයේ බුදු මැදුර මැටි සහිත බිමක් වූ අතර වර්ෂාව හේතුවෙන් බුදු මැදුර සහිත එම ශාලාව තෙමී මඩ ගොහොරුවක් වී තිබිණි. මේ තත්ත්වය දැක මහත් කම්පාවට පත් වූ හෙලේනා විජයවර්ධන මැතිනිය නොබෝ දිනකින් ඇගේ පුද්ගලික ධනය වැය කර බුදු මැදුරු බිමෙහි ගල් අතුරා ප්‍රතිසංස්කරණය කරවීය. ඉන් අනතුරුව දිරාපත්ව තිබූ මල් ආසනය වෙනුවට කිරිගරුඬ මතුපිටක් සහිත විශාල මල් ආසනයක් කරවා 1902 ජනවාරි 22 දින පූජා කළාය.
කැළණි විහාරය ප්‍රතිසංස්කරණය කළේ කව්ද?
{ "answer_start": [ 0 ], "text": [ "හෙලේනා විජයවර්ධන මැතිනිය" ] }
97d69370-4050-4a09-8412-6b2cf3f5992b
කෙසේ වෙතත් එකාට එකා නැති තත්වයක් යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන්නේ කෙසේදැයි අගමැතිවරයා ප්‍රශ්න කළේ‍ය. තමාට ඉවත්වන්නැයි ඉල්ලා ඇත්තේ ඉතිහාසය ගැන නොදන්නා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පමණක් බවත් මන්ත්‍රීවරුන් බහුතරයක් තමා සමග සිටින බවත් ඔහු කීවේය. කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලයේ යෙදී සිටින තරුණ තරුණියන්ට සාකච්ඡා සඳහා තමා නැවත වතාවක් ආරාධනා කරන බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා එසේ නොපැමිණෙන්නේ නම් ඔවුනට දිගටම අරගල කරමින් සිටීමට සිදුවන බවද ප්‍රකාශ කළේය. රට යම් අසීරු තැනක තිබෙන බව තමා පිළිගන්නේ යයිද අර්බුදයෙන් රට ගොඩ ගැනීමට රජයට ශක්තිය ඇතැයිද රාජපක්ෂ මහතා පැවසීය.
කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලයේ යෙදී සිටින තරුණ තරුණියන්ට සාකච්ඡා සඳහා නැවත වතාවක් ආරාධනා කරන බව පැවසුවේ කව්ද?
{ "answer_start": [ 346 ], "text": [ "මහින්ද රාජපක්ෂ මහතා" ] }
5e19b7f1-9174-475c-a381-9bf909b70fe1
ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානයේ දෙවන කලාපයේ වෙරළට සමීපව හුදෙකලා වූ තවත් මයෝසීන තැන්පතුවකි මිනිහා ගල් කන්ද. මැණික් ගං මෝයෙන් කිලෝමීටර 9ක් ඊසාන දෙසටත්, පිලින්නෑව කලපුවේ සිට කිලෝමීටර 5ක් දුරින් වෙරළේ මෙම මයෝසීන හුනුගල් සැකැස්ම පිහිටයි. වෙරළ ඉම සිට බලද්දී ඇති හුණුගල් තැන්පතුවේ සිට ඉහළ තැනක නැඟී ඉන්නා මිනිස් රුවකි. සයුර දෙස සිට හමා එන සුළඟ විඳිමින් වසර ගණනාවක් තිස්සේ ඈති දියඹට නෙත් යොමා සිටින මේ හුදෙකලා මිනිසා මෙහි යන කාගේ වුවද නෙත් පළමුකොට පැහැරගනියි. ලවණ මිශ්‍ර සුළඟට කාලයක් තිස්සේ විවෘත වීම නිසා ඛාදනයට ලක්වෙමින් මිනිස් රුවකට සමාන හැඩ ගත් ගල් කුළ නිසා මෙම ස්ථානයට ‘‘මිනිහා ගල්කන්ද’’ යන නාමය ලැබී ඇත.
මෙම මයෝසීන හුනුගල් සැකැස්ම පිලින්නෑව කලපුවේ සිට කොපමණ දුරින් වෙරළේ පිහිටා තිබේද?
{ "answer_start": [ 196 ], "text": [ "කිලෝමීටර 5ක් දුරින්" ] }
bfd22a4c-1d97-4d07-9bd1-a77016388206
ග්‍රහලොව සෙන්පති මෙන්ම සටන්කාමී ග්‍රහයෙකු වන අඟහරු හෙවත් කුජ ග්‍රහයා 2019 දෙසැම්බර් මස 25 වන දින මෙතෙක් ගමන් කළ තුලා රාශියෙන් කුජට හිමි වෘශ්චික රාශියට පැමිණෙයි. 2020 පෙබරවාරි මස 08 දින දක්වා කුජ ග්‍රහයා වෘශ්චික රාශියේ බලවත්ව ගමන් කරයි. අඟහරු, භුමි පුත්‍ර, භෞම, මංගල, අංගාර ආදී නම්වලින් ද හඳුන්වනු ලබන මෙම ග්‍රහයා ලෝකයේ ආරක්ෂකයා වශයෙන් හඳුන්වනු ලබන්නේ සටන්කාමී ගතිය, තාක්‍ෂණ බුද්ධිය, ආත්ම විශ්වාසය යන ලක්ෂණ විද්‍යාමාන වන නිසාය. අප උපන්දා සිට මිය යන තෙක් ශරීරය පුරා පැතිරී ඇති ධමනි, ශිරා හරහා ගමන් කරන රුධිරයේ අයිතිකරු ද රුධිරය සම්බන්ධ රෝග, ලේ ගැලීම් වැනි අනතුරු ආදී සියලු කාර්යයන් පාලනය කරන්නේ කුජ විසිනි.
මෙම ග්‍රහයා ලෝකයේ ආරක්ෂකයා වශයෙන් හඳුන්වනු ලබන්නේ එහි කුමන ගතිය නිසාද?
{ "answer_start": [ 351 ], "text": [ "සටන්කාමී ගතිය, තාක්‍ෂණ බුද්ධිය, ආත්ම විශ්වාසය" ] }
82631ab3-844e-453b-869a-2883e7d364c3
ඇතැම් අවස්ථාවල දී බෙහෙත් පැළෑටි වැනි දේවල් ගෙන ඒමට ද ඔහුට මහ ඝන වනයට යාමට සිදු වේ. මෙවැනි බොහෝ අවශ්‍යතා සඳහා සුදු මාමා වනාන්තරයට පිවිස ආපසු එන්නේ පැය හතර පහක් පසු වීමෙන් පසුවය. උදෑසන කිසියම් අවශ්‍යතාවයකට වනාන්තරයට පිවිසෙන හෙතෙම ආපසු එන්නේ සවස හිරු බැස යාමෙන් පසුවය. රාත්‍රියට මිතුරන් පිරිසක් සමග වන ගත වෙන ඔහු ආපසු එන්නේ අලුයම් කාලයේ දීය. දිවා කාලයේ දී තනිවම වනයට පිවිසුණත් රාත‍්‍රී කාලයේ එවැනි ගමන් කෙරෙන්නේ පෙර කී පරිදි මිතුරන් පිරිසක් සමගිනි. වනාන්තරයේ ගහ කොළ සහ සතා සීපාවා ගැන ඔහුට ඇත්තේ විශේෂ අත්දැකීමකි. මේ නිසාම අවස්ථා කීපයක දී වන සතුන්ගෙන් ඔහුගේ ජීවිතයත් අන්‍යයන්ගේ ජීවිතත් බේරා ගැනීමට හැකි විය. එහෙත් ඔහු ඉතාමත්ම අවදානම් සටනකට යොමු වුණේ මීට විසි දෙවසරකට පෙරය. සැබවින්ම එය ජීවිතයත් මරණයත් අතර සටනක් විය. වළසුන් තිදෙනෙකු මහ ඝණ කැලෑවේ දී මුහුණට මුණ ගැසුනොත් ඔබට කුමක් සිදු වේ ද? එහෙත් සුදු මාමාට එසේ නොවීය.
බෙහෙත් පැලෑටි වැනි දේවල් ගෙන ඒමට යන්නේ කොහේටද?
{ "answer_start": [ 58 ], "text": [ "මහ ඝන වනයට" ] }
62c6812f-d312-4db5-ab1b-d8ac8686d672
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, එරට පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය සහ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ නවයකට දඩ නියම කළේය. ඒ, එම පක්ෂ, ඔවුන්ගේ අපේක්ෂකයන්ට එරෙහිව පවතින අපරාධ නඩු ප්‍රසිද්ධියට පත් නොකිරීම හේතුවෙනි.ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය සහ ජාතිකවාදී කොංග්‍රස් පක්ෂයට ඉන්දීය රුපියල් ලක්ෂ පහ බැගින් ද, භාරතීය ජනතා පක්ෂයට, කොංග්‍රස් පක්ෂයට, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයට, බහුජාන් සමාජ් පක්ෂයට සහ එක්සත් ජනතා දාල් පක්ෂයට ඉන්දීය රුපියල් ලක්ෂය බැගින් ද මෙසේ දඩ නියම කෙරුණු බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
දඩ නියම කලේ කව්රුන්ද
{ "answer_start": [ 0 ], "text": [ "ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය" ] }
8b822302-bae5-44c3-9312-814cc15cea36
කෑගල්ල දිස්ත්‍රික්කයට අයත්වන තවත් ප්‍රධාන බළකොටුවක් වන්නේ මැණික් කඩවර බළකොටුවයි. එය රුවන්වැල්ල - මහනුවර මාර්ගයේ නාමල්දෙණිය හන්දියට නුදුරින් පිහිටා ඇති අතර වරකාපොළ ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශයට අයත්ව පවතී. මෙම බළකොටුව සුවිශේෂී වන්නේ උඩරට හා කරන යුද්ධයකදී ඉතා වැදගත්වන බැවිනි. අසවේදුගේ කාලයේ දී පහතරට කැරැලි මර්දනය කිරීමට අමතරව උඩරට රාජ්‍යය ආක්‍රමණය කිරීමේ අවශ්‍යතාව සපුරා ගැනීමට ක්‍රම යෙදීමට මෙමගින් හැකි නිසා විය හැක. මෙයට අමතරව හමුදා අනුකණ්ඩයන් ප්‍රාදේශීය කුඩා බලකොටුවන්හි රඳවා තිබිණ. එයින් අරන්දර, දිවෙල, අමුණුගස් හින්න, අට්ටාපිටිය බළකොටු ඉන් සමහරක් වේ.
හමුදා අනුකණ්ඩයන් ප්‍රාදේශීය කුඩා බලකොටුවන් නම් කරන්න.
{ "answer_start": [ 491 ], "text": [ "අරන්දර, දිවෙල, අමුණුගස් හින්න, අට්ටාපිටිය බළකොටු" ] }
afe967ab-5b77-4ec9-9724-593b85fa1a5a
ලොකු පුතා ඉලේෂ් සුදේව උමගිලිය. පාසල් අධ්‍යාපනය නිම කරලා දැන් එයා සරසවි අධ්‍යාපනය ලබනවා. දෙවැනියා සදිල් මානෙන් උමගිලිය. තවම පාසල් අධ්‍යාපනය හදාරනවා. ලොකු පුතාට හොඳට ක්‍රිකට් ගහන්නත් පුළුවනි. එයා හොඳ චයිනමන් රිද්මයේ පන්දු යවන්නෙක්. එයාට මම පුහුණුවක් ලබා දෙනවා. එයා, ක්‍රිකට් වලට ආසයි. මගේ ප්‍රශ්නයක්- බාධාවක් ඊට නැහැ. කුමක් හෝ වේවා, තමුත් කැමති දේ හොඳින් කරලා, සතුටින් ජීවත් වෙනවා නම් හොඳයි. ශ්‍රී ලංකා කණ්ඩායමට එන්නට පෙර, මම පටන් ගත්තෙ ගාල්ල මහින්ද විද්‍යාලයෙන්. ඉන්පසුව ගාලු ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කළා. පසුව ටැමිල් යුනියන් (ද්‍රවිඩ ක්‍රීඩා සමාජය) එ්කට එක් වුණාම, මුරලිදරන් ආවෙත් ඒ කාලයේදීමයි. අපි දෙන්නම ටැමිල් යුනියන් එකට බැඳුනේ එකම වසරකදීයි.
ශ්‍රී ලංකා කණ්ඩායමට එන්නට පෙර ඔහු ක්‍රිකට් පටන් ගත්තේ කොහෙන්ද?
{ "answer_start": [ 435 ], "text": [ "ගාල්ල මහින්ද විද්‍යාලයෙන්" ] }
4ff77c39-a363-4d6e-8eea-7e536bd4efc4
පිටවලපතනට යන මාර්ග දෙපස, කුඹුරු දුම්කොළ වගාවන් හා ගොඩ ගොවිතැන් බහුලව දැකගත හැකියි. මොවුන්ගේ ජීවන වෘත්තීන්ද කිතුල් හා සම්බන්ධව සිදුකරනවා. පිටවලපතන ගම කඳුවලින් වටවූ සොබා දහමේ චමත්කාර දසුනක් ලෙස සඳහන් කළ හැකියි. ගමට යන මාර්ගයේ මල් වර්ගද බහුලව දැකගත හැකියි. මෙහි ගැමියන් ඉතා දුෂ්කර ජීවන රටාවක් ගෙවා දැමූවද මුහුණෙහි සිනහව අව්‍යාජ වූවක්. ගමට පැමිණෙන සැම අමුත්තෙකුම ඉතා සොඳුරු ලෙසි ඔවුන් පිළිගන්නවා. හැකි සැම අයුරින්ම සංග්‍රහ කරති. පිටවලපතන ගම සංචාරය කරමින් ඉදිරියට පැමිණීමේදී හමුවන්නේ තෙල්ගමුව ඔයයි. මෙය දියනෑමට වගේම, විවේක සුවය ගත කිරීමට කදිම තැනක් ලෙස හඳුන්වාදීමට පුළුවන්. ඉන්පසු නැවත රිවස්ටන් - වස්ගමු ප්‍රධාන මාර්ගයට පිවිසීමට හැකියාව තිබෙනවා.
පිටවලපතන ගම ස්ංචාරය කරමින් ඉදිරියට් පැමිණීමේදී හමුවන ඔය කුමක්ද?
{ "answer_start": [ 479 ], "text": [ "තෙල්ගමුව ඔයයි" ] }
3ba3e5a3-d6e4-471c-bd7f-96133d2f6450
උපුල් සාලිය අලදෙණිය මහතා 1963 මැයි 01 වැනි දින උපත ලැබූ අතර මහනුවර ලේවැල්ල ගමේ උපන් ඔහුගේ පියා එස්.එම්. කුඩා බණ්‍ඩාය. මව ඉන්ද්‍රාවතී විජේසිංහ අලදෙණියයි. පවුලේ දෙවැනියා වූ සාලියට අක්කා කෙනෙක්ද මල්ලි කෙනෙක්ද සිටිති. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු උසස් පෙළ විභාගයෙන් පසුව 1989 අප්‍රේල් 21 දින ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බල සේනාවේ කෙඩෙට් නිලධාරියකු ලෙස සම්බන්ධ වී මූලික පුහුණුව දියතලාව හමුදා පීඨයෙන් ලැබුවේය. මේ සාලිය අලදෙණිය රණවිරුවාගේ මව වන ඉන්ද්‍රාවතී අලදෙණිය මහත්මිය තම පුත්‍රයා පිළිබඳව කි කථාවයි. පුතා පොඩි කාලේ ඉඳලම ආමි එකේ අයට ආසයි. ආමි එකට යන්නමයි ආසාව. අවුරුදු තුනහර කාලෙත් ආමි එකේ වගේ සූට් එකක් මහලා දුන්නා. එයාගේ අප්පච්චිත් ආමි එකේ තමයි වැඩ කළේ. කුඩා කාලේ ඉඳන්ම ඒ අැඳුම ඇඳගෙන අතේ සෙල්ලම් තුවක්කුවක් තියාගෙන තමයි සෙල්ලම් කළේ.
උපුල් සාලිය අලදෙණිය මහතාගේ පියා කව්රුන්ද?
{ "answer_start": [ 95 ], "text": [ "එස්.එම්. කුඩා බණ්‍ඩාය" ] }
302667d2-d35e-4c5c-9453-6f47a58fe2bc
ලැබී ඇති විස්තර අනුව, බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය ඉදිකරනු ලැබුවේ, ක්‍රි.පූ. 605 සිට 562 තෙක් කාලයේ රජකම් කළ දෙවැනි නේබුචද්නෙසාර් රජුගේ අනුදැනුම යටතේ යැයි ද අදහසක් පවතී. අතීතයේ මෙම උද්‍යානය තිබුණු බව පැවැසෙන ස්ථානය අද අයත් වන්නේ යුද ගැටුම් සහ දේශපාලන අස්ථාරත්වයකින් පීඩාවට පත් ඉරාකයටය. තම අමිටිස් නමැති බිසවට, ඇගේ උපන් දේශය සිහි ගැන්වීමේ අරමුණින්, දෙවැනි නේබුචද්නෙසාර් රජු මෙම එල්ලෙන උද්‍යානය නිර්මාණය කරන්න ඇතැයි ද පැවැසෙයි. මේ බව පවසා ඇත්තේ, බැබිලෝනියානු පූජක බේරෝසෝස් නමැත්තාය. බේරෝසෝස් පූජකයා මේ බව සඳහන් කර ඇත්තේ ක්‍රි.පූ. 290 දීය. දෙවැනි නේබුචද්නෙසාර් රජුගේ බිරිඳ අසල්වැසි පර්සියාවේ කුමරියකි. අතීතයේ පර්සියාව යනුවෙන් හැඳින්වූයේ වර්තමානයේ ඉරානයයි. ඇතැම් වාර්තාවල සඳහන් වෙන්නේ තම මියගිය බිරිඳ සිහිපත්වීම සඳහා රජු මෙම එල්ලෙන උද්‍යානය නිර්මාණය කළ බවය.
වර්තමාන ඉරානය අතීතයේ හැදින්වූ නම කුමක්ද?
{ "answer_start": [ 606 ], "text": [ "පර්සියාව" ] }
6bf28867-c5f7-4b3c-a07a-350bfdb02492
බොලිවුඩ් සිනමා නිළි රාණි මුඛර්ජිගේ 44 වැනි උපන්දිනය මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණී. එයට ප්‍රතිචාර දක්වමින් සුපිරි බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන් සිය සුබපැතුම් එකතු කොට තිබුණ අතර, ඔහු සඳහන් තිබුණේ ඇය සමග නැවතත් වැඩ කිරිමට තමන් තවමත් කැමැත්තෙන් පසුවෙන බවය. අමිර් ‘ගුලාම්’ චිත්‍රපටයේ රාණි මුඛර්ජි සමග රංගනයෙන් දායක වූ අතර, ඉන් පසුව අමිර් නැවතත් රාණිට 2004 වසරේ ඔහු විසින් නිෂ්පාදනය කළ ‘ලගාන්’ චිත්‍රපටයේ රඟපාන්නට ඇයට ආරාධනා කර තිබුණි. එහෙත්, රාණි පෞද්ගලික හේතුවක් මත එම චිත්‍රපටයේ රඟපෑම ප්‍රතික්ෂේප කරනු ලැබිය.
අමිර් 2004 වසරේ ඔහු විසින් නිෂ්පාදනය කළ චිත්‍රපටය කුමක්ද?
{ "answer_start": [ 383 ], "text": [ "‘ලගාන්’" ] }
0229272e-c89b-492e-901e-ee055abbe49e
එඬේර ගෝත්‍ර කීපයකටම අයත් ජන සමූහයක් ජීවත් වන මොන්ගෝලියාවේ ජනතාවගේ පාරම්පරික සම්ප්‍රදාය හා ජීවන රටාව හැඩගැස්වූ එරට ප්‍රධාන ආගම වන බුදුදහමට දීර්ඝ හා අද්විතීය ඉතිහාසයක් ඇත. බුදුදහම මොන්ගෝලියාවට පළමුවෙන්ම හඳුන්වාදී ඇත්තේ අවුරුදු දෙදහස් ගණනකට පෙර ඉන්දියාවේ සිට සේද මාවත ඔස්සේ පැමිණි වෙළෙඳුන් හා සංචාරකයන් විසිනි. බුදුදහම උච්චස්ථානයක පැවැති මුල්සියවස්වල මොන්ගෝලියාවේ බෞද්ධ ආරාම සංකීර්ණ 700 කට වඩා පැවැති අතර, වාසය කළ භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව 100,000 කට වඩා වැඩි වූ බව වාර්තාවේ. වර්තමානයේ බෞද්ධ ආරාම 130 ක් පමණ ඇති අතර භික්ෂූන් වහන්සේලා 5000 ක් පමණ ආගමික කටයුතුවල නියැලෙමින් සිටිති.
වර්තමානයේ මොන්ගෝලියාවේ පවතින බෞද්ධ ආරාම ගණන කීයද?
{ "answer_start": [ 497 ], "text": [ "130 ක්" ] }
8517f19b-cdd4-4f2c-81b9-6105353ef7e5
එසේම තමන්ගේ නායකත්වය යටතේ තමන් මෙන්ම අනෙකුත් නිලධාරීන් කළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් 37 දෙනෙකුට මරණ දඬුවමත් 60 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමත් ලබාදීමට හැකිවන පරිදි අධිකරණයට කරුණු වාර්තා කිරීමට තම නිලධාරීන් මෙහෙයවූ නායකයෙකි. වෙලේ සුුදාට මරණ දඬුවම නියම වන්නේද රංගජීව මහතා විසින් කළ වැටලීමක් අනුවය. වෙලේ සුදා යනු සන්තෝෂම් ලබාදී රංගජීව වැන්නෙක් මෙල්ල කිරීමට හැකියාව තිබුණේ නම් ඒ අවස්ථාව කිසිසේත්ම මගහරින්නෙක් නොවන බව ඔහුගෙන් සන්තෝෂම් ලැබූවන් ගැන කියවෙන වාර්තා අනුව පැහැදිලි වනු ඇත. පිළියන්ඳල වෙඩි තැබීම දවසේ ද රංගජීව මහතා ඇතුලු කණ්ඩායම එහි ගියේ මධුෂ් ලංකාවට එවන ලද කෝටි ගණනක් වටිනා හෙරොයින් තොගයක් අල්ලා ගැනීමට ලැබුණ ඔත්තුවක් අනුවය. ඔහුට ඔත්තුව දුන්නේ කවුද? ඔහු නමින් මොහොමඩ් නවාස් හෙවත් මීගමුවේ නවාස්ය. පිළියන්දල වෙඩි තැබීමෙන් පසුව කරන ලද පරීක්ෂණවලදී හෙළිදරව් වූයේ නවාස්, ආමි අසිතත් සමගම ඉන්දියාවට පලාගොස් ඇති බවය.
මේ හෙරොයින් පිළිබඳව ඔත්තුව දුන්නේ කවුද?
{ "answer_start": [ 669 ], "text": [ "මොහොමඩ් නවාස් හෙවත් මීගමුවේ නවාස්ය" ] }
bcf8c1c8-20fe-4bc0-a54e-7eda13e10389
ඔරංසෙබ් රාජ්‍යත්වයට පත් වූයේ තම රෝගී පියා වූ ෂා ජහාන් සිරකරුවකු බවට පත් කරමිනි. ෂා ජහාන් මිය ගියේ ක්‍රි.ව. 1666 දී ය. මිය යන තෙක් ම ඔහු ඔරංසෙබ්ගේ සිරකරුවෙක් විය. තම පියා කෙරෙහි කිසිදු අනුකම්පාවක් නොදැක්වූ ඔහු කිසි දිනෙක පියා බලන්නට ගියේ ද නැත. අග්‍රාවේ තිබූ සියලු ධනය අත්පත් කරගත් ඔහු තම සොහොයුරන් දඩයම් කිරීම ඇරඹීය. ඔරංසෙබ් ආලම්ගීර් (සර්ව ලෝක අධිපති) යන වදන තම නමට එක් කර ගත්තේය. ක්‍රි.ව. 1658 දී රාජ්‍යත්වයට පත් ඔරංසෙබ් ක්‍රි.ව. 1707 දක්වා පනස් වසරක් රජ කළේය. ඔහුගේ පාලන සමයේ මූගල් අධිරාජ්‍යය සමස්ත ඉන්දියාව පුරා ව්‍යාප්ත වී තිබිණි. එවැනි විශාල අධිරාජ්‍යයක් ඉන් පෙර ඉන්දියාවේ බිහි නොවූ අතර ප්‍රමාණයෙන් එය නන්ද, මෞර්ය හා දිල්ලි සුල්තාන් රාජ්‍යය ද ඉක්මවා තිබිණි. ඔරංසෙබ් ඉස්ලාම් ධර්මයට අනුකූලව රාජ්‍ය පාලනයේ නිරත විය.
අග්‍රාවේ තිබූ සියලු ධනය අත්පත් කරගන තම සොහොයුරන් දඩයම් කිරීමට පටන් ගත්තේ කව්ද?
{ "answer_start": [ 0 ], "text": [ "ඔරංසෙබ්" ] }
954a2e47-e0d8-403a-96d6-1f615336569c
කෙසේ හෝ සුන්දර දිය දහරාවන්ට සමුදුන් අප මීමුරෙන් නික්ම ලකේගල දෙසට පියමං කළේ හොඳින් තිබූ අඩි පාර ඔස්සේය. යෝධ රුක්හෙවණ යට කොළ වැටුනු පස් පෙරලුනු වන පියස තුළ කූඩැල්ලන් අපට සෙවණ දෙන්නට සිටි බව අප දුටුවේ දිය කඩිති පසු කරන විටදීය. හෝරාවකට ආසන්න කාලයක් තුළ අප ලකේගල ඉසව්වට පැමිණි අතර ලකේගල තරණයට සූදානම් වූයේ එහි අවදානම ගැන හොඳින් දැනගනය. සිග්සැග් ක්‍රමයට ඉතා ප්‍රවේසමෙන් තරණය කළ යුතු කන්ද අප තරණය කිරීමට සූදානම් වූයේ ගෙන ආ බෑග් කඳු පාමුල තබමිනි. කෙසේ හෝ හෝරා දෙක තුනක් වැයකොට කන්ද නැගගත් අප ඉන්පසු කඳු මුදුනේ සිට අංශක 360 ක දැවැන්ත පරිසරය දැක ගත්තෙමු. නකල්ස් වන පෙතේ කඳු දෙක තුනක් හැර අනෙක් සියලුම කඳු පර්වත අපට මෙහිදී දැක ගැනීමට ලැබුණි. මෙම මුදුනේ ඉඩ කඩ සීමිත වන අතර මාන පඳුරු වලින් පිරී ඇත. කූඩාරමක් අටවා ගෙන රැය පහන් කළ හැකි අතර එහිදී ප්‍රචණ්ඩ සුලඟ පිළිබඳ ඉතා විමසිල්ලෙන් සිටිය යුතුය. වැසි කාලයේ ලකේගල තරණය කළ නොහැකි අතර කූඩාරම් ගසා සිටින විට වර්ෂාව පතිත වුවහොත් එයද ඉතා තර්ජනාත්මක අවදානමක් වේ. මන්ද දිය සෙවල පිරුණු ලිස්සන පල්ලම දිගේ ගලෙන් බැස ගත නොහැකි හෙයිනි. මෙම ගල තරණය කරන්නට ගිය අතලොස්සක් පමණක් මරණයට පත් වූ හෙයින් මෙම කඳු තරණය නොකිරීමට බොහෝ සංචාරකයන් උත්සුක වෙයි. ලකේගල බැසගත් අප මීලඟට සූදානම් වූයේ වන්නිමාන හරහා ගොස් මීරියගොල්ල කඳු පාමුල පිහිටි කොමල පතනට ළඟා වීමටයි.
ලකේගල දෙසට පියමං කළේ කුමක් ඔස්සේද ?
{ "answer_start": [ 87 ], "text": [ "අඩි පාර ඔස්සේය" ] }
8ac763f6-011b-4325-bdfc-7c28ff90b271
මෙහි බුදු ගුණ සමඟ කියවෙන මන්තරවල නිරන්තරවම දෙමළ වචන වැනි වචන ඇසේ. හත් අඩිය කපන ඇතැම් ගුරුන්නාන්සේලා යන්ත‍්‍ර විසි අටක් කපන බව ද සුදු බණ්ඩා ගුරුන්නාන්සේ තවදුරටත් සඳහන් කළේය. මෙහිදී යන්ත‍්‍ර ලෙසින් හඳුන්වනු ලබන්නේ පොළොවේ හෝ වෙනයම් දෙයක් මත අඳින ලද අකුරු සහ මිනිස් පාද බව පසුගිය සතියේ අපි සටහන් කළෙමු. ඒවා මත තැබූ දෙහි ගෙඩි යාගය අවසානයේදී කැපීම යන්ත‍්‍ර කැපීම නම් වේ. මෙහිදී දිග කවි මෙන්ම කෙටි කවි ද සංගායනා කරනු ලැබේ. මෙම යන්ත‍්‍ර, මන්ත‍්‍ර, ගුරුකම්, හදි, හූනියම් ශාන්ති කර්ම සහ අණවින ආදියට මුළු ලෝකය සඳහාම ඍෂිවරු නම දෙනෙක් සිටින බවත් මේවා ඔවුන්ගෙන් පැවත එන දේවල් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
බුදු ගුණ සමඟ කියවෙන මන්තරවල නිරන්තරවම ඇසෙන්නේ කුමන වචනද?
{ "answer_start": [ 43 ], "text": [ "දෙමළ වචන" ] }
0ffab6b3-de19-48e7-9904-c3f94ae1ba17
උන්වහන්සේ තමන්ට භාග්‍යවතුන් වහන්සේ විසින් ඉර්ධි ප්‍රතිහාර්ය නොදැක්වූයේ යැයිද ලෝකධාතුව හටගත් ආකාරය දේශනා නොකළේයැයිද තමන්ට දිබ්බ සෝතය උපදවා ගැනීමට කමටහන් ලබා නොදුන් බවද කියමින් හේතු කාරණා රහිතවම දෝෂාරෝපණය කොට නිගන්ඨ ශාසනයෙහි ශ්‍රාවකයෙකු බවට පත්වූ ආකාරය සුනක්ඛත්ත සූත්‍රය, මහා සීහනාද සූත්‍ර වැනි සූත්‍ර දේශනාවන්හි විස්තර කොට තිබේ. අන්‍ය ශාස්තෘන් වහන්සේලා හමුවෙහි නිවන් මග සෙවීමත්, බුදුගුණ පිළිබඳව අවිශ්වාසයත්, මන්දප්‍රඥා සහිතයෙකු වීමත්, ක්‍රෝධයෙන් යුක්ත පුද්ගලයෙකු වීමත්, ප්‍රතිවේධ ශාසනයෙහි නොයෙදීමත් ආදී විවිධ කරුණු බලපෑමෙන් සුනක්ඛත්ත තෙරුන් උපැවිදි වී නිගන්ඨ ශ්‍රාවකයෙකුව සරණාගමනය නැතිකර ගැනීමෙන් අනතුරුව කල්පයක් පැසෙන අවීචි මහා නරකයෙහි උපන්නේය. යමෙකුට සසර විමුක්තියට මෙන්ම සුවපත් සසර ගමනක් පිණිස සරණාගමනය එතරම් වටිනාකමක් ගෙන දෙන්නේය. එම සරණාගමනය අහිමිකර ගැනීමත් තුනුරුවන්ට නිග්‍රහ කිරීමත් මහත් කටුක තියුණු විපාක ගෙන දීමටත් සමත් වන්නේය. බෞද්ධ අබෞද්ධ සියල්ලෝ මේ කාරණය පිළිබඳව මනාව පිහිටිය යුතුමය. අනවබෝධය නිදහසට විකල්පයක් නොවන්නේය.
අවීචි මහා නරකාදියේ උපන්නේ කවුද?
{ "answer_start": [ 523 ], "text": [ "සුනක්ඛත්ත තෙරුන්" ] }
dfdbc6a4-da22-4f87-912f-5a5f112ea339
දෙව්මිණගේ උරහිස් අසළින් උඩබාහුවේ දක්නට ලැබුණ තැළුම් තුවාලවලින් පෙන්නුම් කළේ කිසිවෙකු විසින් දෑත් දෙපසින් අල්ලා ඔහුව වේගයෙන් සොලවා ඇති බවය. ඒ අනුව මේ මරණය දරුවා වේගයෙන් සොලවමින් නිදි කරවීමට උත්සාහ දැරීම නිසා සිදුවුවක් නිගමනය කළේය. ඒ අනුව මෙහෙකාරිය වූ සරෝජාගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබාගත්තේය. එහිදි දරුවා තරමක් දඟකාර වූ නිසා ඔහු නිදිකරවීම පහසු නොවුයෙන් මෙලෙස සැමදාමත් කොට්ටය මත තබාගෙන වේගයෙන් සොලවා නිදි කරවන බව ඇය ප්‍රකාශ කළාය. එසේම පසුකාලීනව ඔහුගේ දඟකාරකම් වැඩිවිම නිසා පසුගියදා ඔහුව නිදි කරවීමට මහත් අපහසු වූ බවද ඔහුගේ උරහිස්වලින් තදින් අල්ලා සෙලවීමෙන් නිදිකරවූ බවත් ඇය පිළිගත්තාය.
තැළුම් තුවාල ඇත්තේ කාගේද ?
{ "answer_start": [ 0 ], "text": [ "දෙව්මිණගේ" ] }
a6d79d02-8e37-46e4-9d6c-db358b0fa1be
පුරාණ සිංහලයාගේ සිරිත් විරිත්, ගති ලක්ෂණ සහ පාලන ක්‍රමය වැනි විස්තර ඇතුළත් මහැඟි ග්‍රන්ථයක් වූ සද්ධර්මාලංකාරය නම් වූ ග්‍රන්ථය රචනා කරන ලද්දේ ද මෙම දෙවැනි ධර්මකීර්ති සඟරජ හිමියන්ය. පළාබත්ගල ආරණ්‍ය සේනාසනය පිහිටුවන ලද්දේ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ අගමැති දේව පතිරාජ හෙවත් පතිරාජ දේවයන් විසිනි. පතිරාජ යනු "ප්‍රතිරාජ" යන්නයි. අනුරාධපුරයේ මයුර පිරිවෙනේ මයුරපාද හිමියන් පූජාවලිය නම් වූ ග්‍රන්ථය රචනා කරන ලද්දේ ද මෙම පලාබත්ගල ආරණ්‍ය සේනාසනයේ සිටිමින්ය. චූල වංසයේ තෘත්‍රීය භාගය ලියන ලද්දේ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ නම් වූ වඩුග රජුගේ කාලයේ සිටි බහුශ්‍රැත හිමිනමක වූ තිබ්බොටුවාවේ නම් වූ හිමිනමක විසිනි. උන්වහන්සේ එම යුගයේ උඩරට රාජධානියේ දෙවැනි අදිකාරම් ධුරය දැරූ සමනක්කොඩිගේ සහෝදරයෙකි. මහනුවර යුගය වන විටත් පද්‍යයෙන් ලියැවුණු සිංහල මහා වංස ග්‍රන්ථයක් තිබුණු බව චූල වංසයෙහිම සඳහන් වෙයි.
පූජාවලිය නම් වූ ග්‍රන්ථය රචනා කරන ලද්දේ කවුද
{ "answer_start": [ 348 ], "text": [ "මයුරපාද හිමියන්" ] }
f688c5c5-a0fe-4396-904d-a4462fa3b215
ඡන්ම කේන්දරයක් හරියාකාරව පරීක්ෂා කිරීමේදී එම කේන්දරයේ පවතින ග්‍රහ පිහිටීම් අනුව විවාහයක් තිබේද නොතිබේද යන්න පමණක් නොව ප්‍රමාද වී හෝ විවාහයක් සිදු වේද යන්න දැන ගත හැකිය. කේන්දරයෙන් හත් වැන්න ප්‍රධාන වශයෙන් මේ සඳහා පදනම් කර ගත යුතුය. මෙම හත් වැන්නේ කාමය, රාගය, ප්‍රජනනය ශක්තිය හා විවාහය ගැන කියැවෙයි. එමෙන්ම මාරක ස්ථානයක් හැටියට ද හඳුන්වා දී ඇත. අධ්‍යාත්මික ගුණ වගාවකින් මානසික හා කායිකව පෝෂණය වී ප්‍රීතිමත් ජිවිතයක ආරම්භය ලබාදීමට විවාහය උපයෝගී වෙයි. විවාහයේ නොගැළපීමක් යෙදී තිබුණොත් අභාග්‍ය ළඟා කරවයි. හරියාකාර කේන්දර ගැළපීමක් සඳහා පීතෘ කාරක රවි ද, මාතෘ කාරක සඳු ද, විවාහ කාරක සිකුරු ද, පුත්‍ර කාරක ගුරු ද ගැන විමසුම්ව බැලිය යුතු වෙයි. ගුරු ග්‍රහයා දුබල නොවී තිබීම යහපත්ය. ගුරු ගේ බලපෑම සාර්ථකව ලැබීමෙන් ශුක්‍ර බීජ හා ලිංගික හෝමෝන ශක්තිමත් වී බලවත් ජීවිකාරකයක් වීම උසස් ඡන්ම ලාභයකට හේතුය.
ඡන්ම කේන්දරයක් හරියාකාරව පරීක්ෂා කිරීමේදී එම කේන්දරයේ පවතින කුමක් මත විවාහයක් තිබේද නොතිබේද යන්න පමණක් නොව ප්‍රමාද වී හෝ විවාහයක් සිදු වේද යන්න දැන ගත හැකිද?
{ "answer_start": [ 60 ], "text": [ "ග්‍රහ පිහිටීම් අනුව" ] }
26200c99-f4c8-4652-bb01-8d3b80242d28
බොහෝදෙනෙක් මගෙනුත් ඒ ගැන විමසුවා. ඒත් මම වගේම අපේ ජනපතිතුමාත් ඒකට කැමති නැති බව මම දන්නවා. අනෙක රටට සේවයක් කරන්න ක්‍රියාකාරී දේශපාලනයම කරන්න ඕනෑ නැහැනෙ. මගේ මල්ලි ප්‍රභූ මුත්තයියා ඡන්දෙ ඉල්ලනවා. එයා සමග එක්වෙලා ලොකු කාර්යබාරයක් රටට කරන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. අපි කවුරුවත් ඕනෑම ක්ෂේත්‍රයකට එන්නෙ කලින් පුරුදු වෙලා නෙවෙයිනෙ. එයා දක්ෂයි. එයා ජයග්‍රහණය කළොත් අත්දැකීම් එක්ක හොඳ දේශපාලනඥයෙක් වේවි. සෑම කෙනෙකුටම තමුන් දරන දේශපාලන මතයක් තියෙනවා. තමුන් කැමති දේශපාලනයක් තියෙනවා. තමුන් කැමති පුද්ගලයකු තෝරාගන්න බලනවනෙ. මේක දැන් මිනිසුන්ට බද්ධ වෙලා. එක අතකට තමුන් කැමති විදිහට දේශපාලනය ගැන හිතන එකත් දේශපාලනයක් තමයි.
තමුන් කැමති විදිහට දේශපාලනය ගැන හිතන එක යනු කුමක්ද?
{ "answer_start": [ 594 ], "text": [ "එකත් දේශපාලනයක් තමයි" ] }
0b49baf8-141d-4273-b05c-c79f6b791d99
කොළඹ - මහනුවර මාර්ගය සම්පූර්ණයෙන්ම සකසා අවසන් වනතුරු ජීවත්වීමේ වාසනාව කැප්ටන් ඩොසන් මහතාට අහිමි වූ අතර ඔහු අධික වෙහෙස මහන්සිය හේතුවෙන් රෝගාතුරව 1829 වසරේ මාර්තු මස 28 දින මියගොස් තිබේ. එහෙත් තවත් මූලාශ්‍රයක සඳහන් වන්නේ කැප්ටන් ඩෝසන් සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මරණයට පත්වූ බවය. ඉතාමත් සුහදශීලී ප්‍රියමනාප පුද්ගලයෙකු වූ කැප්ටන් ඩෝසන් මහතා මියයෑමෙන් ඉංග්‍රීසීන් පමණක් නොව බොහෝ සිංහල පුද්ගලයන් පවා දැඩිව කම්පාවට පත්ව තිබේ.ආණ්ඩුකාර බාන්ස් මහතාගෙන් පසුව එම තනතුරට පත්ව ආ ශ්‍රීමත් රොබට් හෝර්ටන් මහතා විසින් ඉතාමත් කාර්යය ශූර ඉංජිනේවරයෙකු වූ කැප්ටන් ඩෝසන් මහතාගේ සේවය ඇගයීම පිණිස ස්මාරකයක් තැනීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුවට කරන ලද යෝජනාවකට ඔවුන් අවසර දෙන ලදී. ඒ අනුව කැප්ටන් ඩෝසන් මහතාගේ මිත්‍රයන් විසින් මුහුදු මට්ටමේ සිට අඩි 1730 ක් උස කඩුගන්නාව දුර්ගයේ කෙලවර අඩි 125 ක් උසැති ඩෝසන් කුළුන ඉදිකරන ලදී. මෙම කුළුන සැකසීම සඳහා පවුම් 343 ක් වැය වී ඇති අතර කුළුනේ අත්තිවාරම සකස් කිරීමට භාවිතා කොට ඇත්තේ කඩුගන්නාව ගල විද උමග සකසාලීමට ඉවත් කරන ලද කළුගල් කොටස්ය.
ඩෝසන් කුළුණ ඉදිකිරීමට පවුම් කීයක් වැයවීද?
{ "answer_start": [ 812 ], "text": [ "343" ] }
c2220a68-d892-4720-9f5f-3f82e2bfa881
ග්‍රහ ලොව පිය රජු ලෙස සැලකෙන හිරු හෙවත් රවි ග්‍රහයා 2018 මැයි මස 15 වන දින මෙතෙක් ගමන් කළ මේෂ රාශියෙන් සිකුරු හිමි වෘෂභ රාශියට පැමිණෙයි. 2018 ජුනි මස 15 දක්වා රවි ග්‍රහයා වෘෂභ රාශියේ සිය අණසක පතුරවමින් සිටී. කේන්ද්‍ර හිමියාගේ පාලන ශක්තිය, මහත්මා ගති, අණදීමේ ශක්තිය, අවංකකම, ඍජු කතාව, උසස් වීමේ ඇති ආශාව යන ලක්ෂණ රවිගේ බලයෙන් ක්‍රියාත්මක වෙයි. රජය, පාලන පක්ෂය, වෛද්‍යවරුන්, විනිසුරුවන්, තම පියා රවිගෙන් නියෝජනය වේ. සිංහ රාශියේ හිමිකාරිත්වය දරන රවි එහිදී ස්වක්ෂ්ත්‍ර බලය ලබයි. මේෂ රාශියේදී උච්ච බලය ලබන අතර තුලා රාශියේ නීච නම් දුර්වල තත්ත්වයට පත් වේ. රවි දශා කාලය පුරා වසර හයකි. කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකැත් රවිගෙන් පාලනය වේ. රවි ග්‍රහයාට වෘෂභ රාශිය සතුරු වේ.
ග්‍රහලොව පිය රජු ලෙස සැලකෙන්නේ කව්ද?
{ "answer_start": [ 29 ], "text": [ "හිරු" ] }
04c25744-c88c-4bfe-8dec-87d654fbb59d
වාලම්පුරිය පිළිබඳ පැතිරී ඇති දුර්මත රාශියකි. ඇතැමුන් මෙහි ලේ නහර පවතින බවත් එවැනි වාලම්පුරි වටිනාකමින් වැඩි දුර්ලභ ඒවා බවත් පවසති. මෙය හුණුගල් වැනි ද්‍රව්‍යයකින් සෑදුණු කටුවක් හෙයින් මෙහි කෙසේ නම් ලේ නහර ගමන් කරන්නේදැයි සිතිය හැකි ද යන්න ඔබට සිතන්නට අවස්ථාව ඇත. අනෙක් මතයක් නම් ටෝච් එළියක් ඇල්ලූ විට ලේ පාටට පෙනෙන බවයි. ඕනෑම බෙලි කටුවකට එළියක් ඇල්ලූ විට එක්තරා අඳුරු දුඹුරු පැහැයක් ගැනීම ස්වාභාවිකය. එය වාලම්පුරියක් නොව සාමාන්‍ය බෙලි කටුවකට පොදු වූවක් බව පෙනේ. වාලම්පුරියට සමන්පිච්ච කැකුළු දමා තිබීමෙන් නියම වාලම්පුරියක් නම් සමන් කැකුළු පිපෙන බව ද පවසති. සාමාන්‍ය වශයෙන් සමන්මල් පොහොට්ටු සවස් කාලයේ කඩා පැන් ස්වල්පයක් ඉස තැබීමෙන් සවස හත පමණ වනවිට සමන්පිච්ච මල් පිපී සුවඳ හමයි. එය සාමාන්‍ය ධර්මතාවකි.
දුර්මත පැතිර ඇත්තේ කුමක් පිළිබඳවද?
{ "answer_start": [ 0 ], "text": [ "වාලම්පුරිය පිළිබඳ" ] }
65b8f886-cdd7-49cd-ae30-5092d5f5a903
සැඩ පහර සමඟ ගසාගෙන ගිය හර්බජාන් සිං යළි දකින්න ලැබුණේ නැත. හමුදා සොල්දාදුවන් එක් වී දින ගණනාවක් හර්බජාන් සිං සොයන්න වූ නමුත් ඔහුගේ සිරුර හමුනොවිණි. අසාර්ථක උත්සාහයකින් පසු සිරුර සෙවීම අතහැර දැමුණි. ඉන්පසු දිනක් දෙකක් ගත වෙද්දී, හර්බජාන් සිංගේ හමුදා කණ්ඩායමේ සගයන්ට රෑ හර්බජාන් සිං පෙනෙන්න විය. එය සිහිනයක් ද එසේත් නැතිනම්, හර්බජාන් සිං ගැන සිත් තැවුලෙන් සිටි නිසා ඔහුගේ සගයන්ගේ සිතේ මැවුණු සිතුවිල්ලක් ද නොදනී. කෙසේ නමුත් හමුදා සගයන් හැමෝටම දකින්න ලැබී ඇත්තේ එකම සිහිනයක් බව පැහැදිලි විය. අවතාරයක් විලසින් ආ හර්බජාන් සිං හමුදා සගයන්ට පවසා ඇත්තේ, තමාගේ මළසිරුර ඇති ස්ථානයයි. තමන් සැමදා සොල්දාදුවකු ලෙස සිටින බවත්, සදාකල් නතුල්ලා දුර්ගයේ මුර සංචාරයේ යෙදෙන බවත් හර්බජාන් සිං ගේ අවතාරය පවසා ඇත. එය සිහිනයක් යැයි සිතා සොල්දාදු සගයන් ඔවුන්ට දකින්න ලැබුණු දේ බැහැර කරන්න උත්සාහ කළ නමුත්, හැමෝටම පෙනුණේ එකම සිහිනයක් බැවින් කවුරුත් ඒ ගැන උනන්දුවක් දක්වන්නට වූහ.
හබර්ජාන් සිංගේ සිරුර සෙව්වේ කව්රුන්ද?
{ "answer_start": [ 59 ], "text": [ "හමුදා සොල්දාදුවන්" ] }
a629a28d-f527-4e50-9972-b46904a83959
වරෙක උපාලි අත්තනායක ජෝතිපාලයන්ට ගීතයක් ලිවීය. ගීතය බෙහෙවින් ජනප්‍රිය විය. එහෙත් බොහෝදෙනා සිතුවේ එය ද කරුගේ ගීතයක් බවය. වරක් ඒ බව මට කීවේ උපාලිමය. ඔහු ගීත රචකයකු ලෙස එතරම්ම ප්‍රකටව සිටියේය. පත්තර කලාවට ආ මුල් කාලයේදී කරු අයියා හමුවී සම්මුඛ සාකච්ඡාවක් ලබාගන්නට මට වුවමනා විය. මම වෙලාවක් වෙන් කරගෙන දිනක් හැන්දෑ වරුවේ සිරිධම්ම මාවතේ සැලස්කි පාරට ගියෙමි. ඔහු මා ඉමහත් ආදරයෙන් පිළිගත්තේය. තේ කොප්පයක් ද ආවේය. සාකච්ඡාවේදී මා ඇසූ ප්‍රශ්නවලට ඔහු සුහදශීලීව පිළිතුරු දුන්නේය. සාකච්ඡාව නිමා කළ මම යන්නට සූදානම් වුණෙමි. “ඔහොම පොඩ්ඩක් ඉන්න මල්ලි” කියා ඔහු ගෙතුළට ගියේය. කරු අයියාට උපහාර පිණිස 1973 දී මුද්‍රණය කරන ලද සමරු කලාපයක් ඔහු මට දුන්නේය. ඒ සමඟම තවත් කුඩා පැකැට්ටුවක් ද දුන්නේය. ඒ බ්ලේඩ් තල පැකැට්ටුවකි. එය එකල ප්‍රසිද්ධ නාමයක් තිබූ බ්ලේඩ් තල වර්ගයකි. මම මඳක් සැලී ගියෙමි. ඒ කාලයේ කලාකරුවන් කපා දමනවාට කීවේ බ්ලේඩ් තල දමනවා කියාය. ගුවන්විදුලියේ මේ කැපිල්ල සුලභව තිබිණි. තරහා වූ විට කළේ ප්‍රචාරය කරන්නට නොහැකි වන සේ ගී තැටිවල ඉරි ඇඳීමය. කේලාම්, ඕපාදූප ඊට අමතරවය.
කරූ අයියා දුන් කුඩා පැකට්ටුව කුමක්ද?
{ "answer_start": [ 675 ], "text": [ "බ්ලේඩ් තල පැකැට්ටුවකි" ] }
8ba7dc37-577c-4f13-8afe-c4cd197fbf40
අම්පාර පල්ලකාඩු ප්‍රදේශයේ ප්ලාස්ටික් ආහාරයට ගෙන අලි මියයෑම හොලිවුඩ් සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ කනස්සල්ලට හේතුවක් වී තිබේ.පරිසර ක්‍රියාකරුවකු ලෙස ද ප්‍රකට සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ ලංකාවේ අලි ප්ලාස්ටික් ආහාරයට ගෙන මියයෑම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. පසුගිය වසර අටක කාලයේ අම්පාර පල්ලකාඩු ප්‍රදේශයේ විවෘත භූමියක දමා ඇති ප්ලාස්ටික් කසල ආහාරයට ගෙන අලි 20 දෙනෙකු පමණ මියගොස් ඇත. ශ්‍රී ලංකාව අලි පිලිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වුවත් අලි වඳ වීමේ තර්ජනයකට මුහුණ පා සිටින බව පශු වෛද්‍යවරු අනතුරු අගවති. අලි ගහනය පිළිබඳ කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ 19 වන ශතවර්ශයේ 14000 ක් ලෙස සිටි අලි ගහණය 2011 වන විට 6000 ක් දක්වා අඩු වී ඇති බවය.
ඇලි මිය යාම කනස්සල්ලක් වී ඇත්තේ කාටද
{ "answer_start": [ 79 ], "text": [ "ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ" ] }
f5e88f68-ea45-422c-a38c-563f32d0a33e
ජන සමාජයේ වෙසෙන විවිධ ජන කණ්ඩායම් ද ජාතීන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව හා සුහදතාව ශක්තිමත් කෙරෙන සේවාවන් ලබාගැනීමට එකල අවුරුද්ද සැමරීමේ අත්‍යවශ්‍ය අංගයක් විය. අලුත් අවුරුද්ද ලබන්නට සති කිහිපයකට පෙර මුළුතැන් ගෙට අවශ්‍ය වළං සියල්ල කුඹල්කරුවන් විසින් ගමේ ගෙයක් ගෙයක් පාසා කද බැඳගෙන ගෙනවිත් දෙයි. ඒ වෙනුවට ගැමියන් වී හාල්, මුං මෑ, පැණි හකුරු ආදිය ඔවුනට දිය යුතු වේ. ඇතැම් විට ඒ හැරෙන්නට කිසියම් මුදලක් දීමට ඇතැම්හු අමතක නොකරති. මුළුතැන් ගෙට අවශ්‍ය මිරිස් ගල, කුරක්කන් ගල, දෝනිගල ගැමියාට සපයන්නේ දෙමළ ජාතික ගල් වඩුවන් විසිනි. මිරිස් ගලට බරපැන වශයෙන් වියලි මිරිස් හා වී හාල් දිය යුතුවේ. කුරක්කන් ගලට හිලවු කරන්නේ කුරක්කන් කරල් ප්‍රමාණයක්ය. වී, මුං, තල වැනි ධාන්‍ය වර්ගද ගිතෙල්, පැණි හකුරු පස්ගෝ රස ආදිය ද මෙම සේවාවන් සැපයීම වෙනුවෙන් දිය හැකිය.
කුරක්කන් ගලට හිලවු කරන්නේ කුමක්ද?
{ "answer_start": [ 605 ], "text": [ "කුරක්කන් කරල් ප්‍රමාණයක්ය" ] }
c03fd2fb-05c7-4ade-b655-2a6322964f40
අහස දෙස බලා ඔහු දෙවියන්ට යාඥා කළේය. බියකරු බෑවුම් වලින් පිරි දුෂ්කර ගමන් මාර්ගයේ විශාල ගල්තලා පසු කරමින් ඔවුනට හමු වූ සෑම ගම්මානවාසියකුගෙන්ම ගමන් මගවල් පිළිබඳ විමසමින් දැඩි උනන්දුවකින් ඔවුන් දෙදෙනා ගමන් කළේ එම අපූරු මනස්කාන්ත පරිසරයේ වූ මිහිරියාව හොඳින් රස විඳ ගනිමිනි. කෙසේ වුවද හිමාල තරණයේදී එහි කාලගුණය හිටිහැටියේ වෙනස් වන බවත්. එවැනි අයහපත් කාලගුණයකදී කඳු නැගීම ඉතාමත් භයානක විය හැකි බැවින් එසේ නොකළ යුතු බවත් ඔහු අසා තිබුණි. එසේ ගමන් කරන අතරදී, හිමාලය තරණය කර ආපසු එමින් සිටි විදේශිකයෙකු ඔවුනට මුණගැසිනි. ඔහු විසින් පාවිච්චි කරන ලද නිදන බෑගයක් ඉතා අඩු මිලකට ලබාගැන්මට ජේම්ස් හට අවස්ථාව ලැබිණ. ඒ ඇරෙන්නට ඔහුගේ ඔලොගුව තුළ වූයේ ගමන අතරතුරේදී හපන්නට ගෙන ආ චොකලට් බාර් දෙක හා ඔහු නිතර කියවීමට පුරුදුව සිටි කෘති දෙකක් ද පමණකි.
ජේම්ස්ට ඉතා අඩු මිලකට ලබා ගැනීමට හැකි වුනේ කුමක්ද?
{ "answer_start": [ 522 ], "text": [ "පාවිච්චි කරන ලද නිදන බෑගයක්" ] }
20d0e89e-a514-46c2-9b68-d799d8fe30bb
නිළියක පමණක් නොව රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක, පුවත්පත් තීරු ලිපි රචිකාවක ලෙස ද ජනප්‍රියත්වයට පත් වූ පූජා බේඩි මැයි 11 දා සිය පනස් දෙවන ජන්ම දිනය සැමරුවාය. මුම්බායි හි සම්භාව්‍ය නෘත්‍ය ශිල්පිනියක වූ ප්‍රොතිමා සහ රංගන ශිල්පී කාබිර් බේඩි ඇගේ දෙමව්පියන්ය. ඇය චිත්‍රපටිවල පමණක් නොව වෙළෙඳ දැන්වීම්වල ද රඟ පෑවාය. 1990 ගණන්වලදී දී ඇය රඟ පෑ කාමසූත්‍ර නම් වූ උපත් පාලන කොපු දැන්වීම බොහෝ ආන්දෝලනයට තුඩු දුන්නේය. එහි ඇය නිරූපණ ශිල්පි මාර්ක් රොබින්සන් සමඟය. ඉන්දියාවේ ජාතික රූපවාහිනිය වන දූරදර්ශන් විසින් එම දැන්වීම තහනම් කරන ලදී. මේ මෑතකදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පූජා ඒ පිළිබඳව බොහෝ දේවල් සඳහන් කළාය.
ඇගේ දෙමව්පියන් කවුරුන්ද?
{ "answer_start": [ 208 ], "text": [ "ප්‍රොතිමා සහ රංගන ශිල්පී කාබිර් බේඩි" ] }
d3e3b0df-4cad-47c2-9fc8-e4583c8c7d8c
ජ්‍යොතිශ් ශාස්ත්‍රයේ ඉතාම ප්‍රයෝජනවත් වූද ක්‍රියාත්මක වූද වැදගත්ම කොටසක් ලෙස නැකැත් සකස්කර ගැනීම සඳහන් වෙයි. එසේම එය ඉතාම ගැඹුරු වූද අමාරුම වූද කාර්යයකි. නැකැත් සකස් කිරීම පිළිබඳව හෝරා හරණය, මුහුර්ත චින්තාමණිය, සර්වාර්ථ චින්තාමණි වැනි ජ්‍යොතිෂ ග්‍රන්ථයන්හි බොහෝ විස්තර සඳහන් කර තිබේ. එක් එක් ග්‍රහයින් යහපත් තැන්වල සිටින වේලාවම යමක් කළොත් හොඳ ප්‍රතිඵල ලැබීම ජ්‍යොතිෂ නියාමය වෙයි. ඒ හොඳ සුබ වේලාවල්වලට නැකැත් යනුවෙන් ව්‍යවහාර කෙරේ. නැකැත යනු එම අවස්ථාවට චන්ද්‍රයා හෙවත් සඳු සිටින ස්ථානයයි. නැකැත ඇසට නොපෙනෙන නිසා චන්ද්‍රයා මුල් කරගෙන වැඩ කිරීමට සිදුවෙයි. එම නිසා හොඳ හෝ වේවා නරක හෝ වේවා නැකැත් සාදා ගැනීමට චන්ද්‍රයාම මුල් කරගත යුතුවෙයි. චන්ද්‍රයාගේ පැවැත්ම ඇත්තේ සුර්යයා හෙවත් හිරැ නිසා බැවින් හිරු සඳු දෙදෙනා නැකැත් සෑදීමේදී අන්‍ය ග්‍රහයින්ට වඩා මූලික වෙයි.
නැකැත ඇසට නොපෙනෙන නිසා කිරීමට සිදුවන්නේ කුමක්ද
{ "answer_start": [ 513 ], "text": [ "චන්ද්‍රයා මුල් කරගෙන වැඩ කිරීමට සිදුවෙයි" ] }
ea7913d0-d9ef-4e52-91ae-7cb2bef9ed74
තමන්ගේ මිනිසුන්ගෙන් කප්පම් ගැනීම නිසා ඔවුන් දෙමළ පාතාලය පැවති කාලයේදී මෙන් නැවතත් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි දුටු නූර් කප්පම් ගැනීමට එරෙහි විය. නූර් මේ සම්බන්ධයෙන් අයුබ්ඛාන්ට අවවාද කළේය. එහෙත් අයුබ්ඛාන් ඒ අවවාද පිළිගන්නට සුදානම් වූයේ නැත. නූර්ට ආදායම් මාර්ග තිබුණට අපිට නැහැනේ. අපිත් මොනවා හරි කරන්න එපායෑ යනුවෙන් ඔහු තම හිවතුන් සමඟ පැවසීය. මේ මතගැටුම නිසා ඔවුන් කණ්ඩායම දෙකකට බෙදුන අතර එය දෙගොල්ල මරාගන්නා ගැටුමක් දක්වා වර්ධනය වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. ගැටුම මරාගැනිල්ලක් දක්වා වර්ධනය වූයේ මාලිගාවත්ත පල්ලිය ප්‍රදේශයේ පදිංචිව සිටි ආනමාලු ඉමිටියාස්ගේ ඥාති පවුල් හතක් ෆාජිගේ කල්ලිය විසින් එම ප්‍රදේශයෙන් පළවා හැරීමය. මම ඕකාව ඉතුරුකරන්නේ නැතැයි ඉමිටියාස් තමන්ටම ප්‍රතිඥා දුන්නේය. එහෙත් ඔහු එකවරම ෆාජි හා ගැටුමට ගියේ නැත. ප්‍රශ්නය ඇති වූ සැණින් ප්‍රතිචාර නොදක්වා කිසිත් නොවූ පරිදි ලිස්සා යාම ඉමිටියාස්ගේ පුරුද්ද විය. ඔහුගේ නමට ආනමාලු යන නම එකතු වුණේ ඉදකුඩ කල සිට තිබූ ඒ පුරුද්ද නිසාමය. මේ අවස්ථාවේදීද ඔහුගේ ඒ පුරුද්ද පෙරට ආවෙන් ඉම්ටියාස් ප්‍රදේශය හැරගොස් දුම්මලසූරිය ප්‍රවේශයේ නිවසක පදිංචි විය.
ආනමාලු ඉමිටියාස්ගේ ඥාති පවුල් හතක් මාලිගාවත්තෙන් පන්නා දැමුවේ කවුද?
{ "answer_start": [ 572 ], "text": [ "ෆාජිගේ කල්ලිය" ] }
173a0d22-a9df-442e-9ac7-a328c112addb
මේ චිත්‍රපටයේ මලයාවේ ගෝත්‍රික නායකයකු ලෙස ඊ.සී.බී. විජේසිංහ (1901 - 1981) රඟපෑ බව පැවසේ. දක්ෂ ඉංග්‍රීසි වේදිකා නළුවකු හා මුල් යුගයේ චිත්‍රපට නළුවකු වූ ඔහු ඔබ්සවර් පත්‍රයේ නියෝජ්‍ය කතුවරයකු ලෙස ද කටයුතු කොට ඇත. ඔහු මේ චිත්‍රපටයේ රඟපාන ඡායාරූපයක් 1950 දෙසැම්බර් 02 ලංකාදීප මුල් පිටුවේ පළ වී තිබුණි. නැව් බ්‍රෝකර් කෙනෙකු ළඟ ලිපිකරුවෙකු ලෙස සේවය කරන තැනැත්තකුගේ පුතෙකි විලියම්. තරුණ වියේ දීම ජීවිතය ගැන කලකිරී සිටි විලියම් ගෙදරින් පැන ගොස් මුහුදු ගමන්වල නියැලුණ හිතුවක්කාරයෙකි. ඔහු පිටුවහල් කළ පුද්ගලයෙකි. මලයානු මුහුදේ රජා යන අපරනාමයෙන් හැඳින්වුණු ටොම් ලින්ගාර්ඩ් නමැති කපිතාන්ගේ ඇසුරට විලියම් ගොදුරු වෙයි. ටොම් මුහුදු මංකොල්ලකාරයන් හා වෙනත් දාමරිකයින් සමග සටන් කිරීමෙන් ඇසුවන් බිය ගැන් වූ පුද්ගයකු ලෙස නම් දරා සිටියේය. ඔහු විලියම් නම් මේ තරුණයා තම මුහුදු ගමන්වලදී ආරක්ෂකයකු ලෙස පත් කර ගෙන තිබුණි. යහපත් දිවි පෙවෙතක් ගත නොකළ විලියම් සොර කමකට හසු වූ අවස්ථාවක කපිතාන් විසින් බේරා ගනු ලබයි.
ඊ.සී.බී. විජේසිංහ යනු කවුද?
{ "answer_start": [ 155 ], "text": [ "ඔබ්සවර් පත්‍රයේ නියෝජ්‍ය කතුවරයකු" ] }
7a18efa9-c36f-489b-b2dd-43c6aab8ca87
නැසීගිය බොලිවුඩ් රංගන ශිල්පිනි ශ්‍රී දේවිගේ ඉටි පිළිරුවක් සිංගප්පුරුවේ මදාම් තුසෝඩ් කෞතුකාගාරයේ දී පසුගිය 4 දා විවෘත කර තිබේ. එම අවස්ථාවට ඇයගේ ස්වාමි පුරුෂයා වූ ජනප්‍රිය සිනමා නිෂ්පාදක බොනී කපූර් සහ ඇයගේ දියණියන් දෙදෙනා ජාන්වී සහ කුෂි ද එක් වී සිටියහ. පසුගිය අගෝස්තු 13 වැනිදාට යෙදී තිබුණු ශ්‍රී දේවිගේ ජන්ම දිනය දා මදාම් තුසෝඩ් කෞතුකාගාරය විසින් නිවේදනය කර තිබුණේ ඇය වෙනුවෙන් ඉදිවූ ඉටි රුව ළඟදීම විවෘත කිරීමට කටයුතු සුදානම් කර ඇති බවයි. එම ඉටි පිළිරුව, ශ්‍රී දේවි වඩාත් ජනප්‍රියත්වයක් අත්කරගත් 80 ගණන්වලදී තිරගත වූ මිස්ටර් ඉන්ඩියා සිනමාපටයේ එන “හවා හවායි” ගීතය සඳහා ඇය කළ නිරූපණය සිහිගන්වයි.
පසුගිය 4 දා සිංගප්පුරුවේ මදාම් තුසෝඩ් කෞතුකාගාරයේ දී ඉටි පිළිරුවක් විවෘත කළේ කාගේද?
{ "answer_start": [ 0 ], "text": [ "නැසීගිය බොලිවුඩ් රංගන ශිල්පිනි ශ්‍රී දේවිගේ" ] }
ad7c510c-7f20-4cfe-8890-b0a7bba1558d
ඔළුවට සිදු වුණ හානිය නිසා තමයි මගේ වම් අතයි වම් කකුලයි අප්‍රාණික වෙලා තියෙන්නේ. මට මතක එදා මගේ ඔළුවට මොනවදෝ ඇවිල්ලා වැදුණා කියලා විතරයි. සැමියාගෙත් අතට මැහුම් පහක් දාලා තිබුණා. සැමියාගේ කකුලටත් යකඩ බෝලයක් ගිහින් අයින් කළා. මාස 1 1/2 විතර සැමියත් එක තැන තමයි හිටියේ. දැන් නම් ඔහුට ගොඩක්ම සුවයි. මගේ හිසට බෝම්බ කෑල්ලක් වැදිලා කියලා තමයි වෛද්‍යවරු කිව්වේ හිසට වැදුණ බෝම්බ කෑල්ල නිසා මොළේට ලේ බැහැලා කියලාලු. එතන හිස් කබල කෑල්ල නැහැ. දැනට ශල්‍යකර්මයක් කරලා තියෙනවා. මොළයට ලේ බැහැපු එක තමයි අතයි කකුලයි අප්‍රාණික වෙන්න බලපාලා තියෙන්නේ.
සැමියාගේ අතට මැහුම් කීයක් දමාතිබුණේද ?
{ "answer_start": [ 159 ], "text": [ "පහක්" ] }
85f85a17-de77-4d8f-a461-8e70332d346c
රිතික් රෝෂන් කියන්නෙ බොලිවුඩයට ආදරය කරන හැමෝම දන්න කියන සුපිරි තරුවක්. ඒ වගේම තමයි, බොලිවුඩයේ දක්ෂතම නැට්ටුක්කාරයන්ගේ ලැයිස්තුවේත් ඔහු ඉන්නවා. ඒ නිසාම ඔහුට ආදරය කරන පිරිස් බොහෝමයි. පසුගිය දවස්වල නම් ඔහු ගැන වැඩිපුර දකින්න අහන්න ලැබුණේ නෑ. විශේෂයෙන්ම සුසෑන්ගෙන් දික්කසාද වුණාට පස්සෙ, කන්ගනා එක්ක රිතික් පැටලුණා කියන එක බොලිවුඩයම දන්න රහසක්. කන්ගනා මේ සම්බන්ධයෙන් මාධ්‍යයටත් තොරතුරු කියලා තිබුණා. රිතික් තමන්ට ඊමේල් පණිවුඩ පවා එවූ බව ඇය කිව්වා. ඔහු ගැන හැමෝම කතා කරන්න ගත්තේ, 10 වැනි දා ඔහුගේ උපන්දිනය යෙදී තිබුණු නිසයි. රිතික් මේ සමරන්නේ ඔහුගේ 48 වැනි උපන්දිනය.
කන්ගනාට ඊ මේල් පණිවුඩ එව්වේ කවුද?
{ "answer_start": [ 395 ], "text": [ "රිතික්" ] }
caa52541-7059-468e-99bd-aef22cf3e869
ඇරිසෝන් ජනපදය 1996 වසරේ සිට රිපබ්ලිකන් පක්ෂයේ බළකොටුවක් ලෙස සැලකිණි. ඇරිසෝනා ජනපදය බයිඩන් ජය ගැනීම කිසිසේත් පිළිගත නොහැකි යැයි ජනාධිපති ට්‍රම්ප් පැවැසීය. ජනාධිපතිවරණයකදී තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොවෙයි. ඇමෙරිකන් කොංග්‍රසයට නියෝජිතයන් තෝරා ගැනීම ද සිදුවෙයි. ඇමෙරිකන් කොංග්‍රසය, සෙනෙට් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ලෙස කොටස් දෙකකි. ජනාධිපතිවරණයේදී, ජනතාව තමන් ප්‍රිය කරන ජනපති අපේක්ෂකයාට ඡන්දය දුන්නත්, එම ඡන්දය සෘජුව එම අපේක්ෂකයාට හිමි වන්නේ නැත. ඡන්දය හිමිවන්නේ ඇමෙරිකාවේ ප්‍රාන්තවල එම අපේක්ෂකයාගේ පක්ෂයේ නියෝජිතයන්ටය. ඡන්ද ගණ එසේත් නැතිනම් ඉලෙක්ට්‍රෝරල් කොලේජ් ඡන්ද යනු මෙම නියෝජිතයන් ගණනය. ප්‍රාන්තයට නියෝජිතයන් කී දෙනෙකු සිටිනවා ද යන්න තෝරා ගැනීම සිදුවන්නේ එම ප්‍රාන්තයේ ජනගහනය අනුවය. ඒ අනුව, ප්‍රාන්ත මට්ටමින් සෑම වසරක 10 කට වරක්ම ජනසංගණන පැවැත්වෙයි.
ඇරිසෝනා ජනපදය බයිඩන් ජය ගැනීම කිසිසේත් පිළිගත නොහැකි යැයි පවසන ලද්දේ කවුරුන්ද?
{ "answer_start": [ 127 ], "text": [ "ජනාධිපති ට්‍රම්ප්" ] }
cefd646d-c9b2-4657-8ad9-af5522be63a8
මෙසේ කාලය ගෙවෙද්දී යුගයේ අවශ්‍යතාව අනුව මෙම මර්දනකාරී ක්‍රියාවලින් ගලවා ගැනීමට ඉදිරිපත් වූ වීර තරුණ පිරිස් අතරින්පතර විවිධ ගම්මානවල සිටි නමුත් ඔවුන් එළිපිට පරංගීන්ට විරුද්ධව කටයුතු නොකළේ තුවක්කුවට තිබූ බය නිසාය. ආගන්තුක මිනිසුන් නිසා ඔවුන්ට විරුද්ධව නැගී සිටි හයිරංකාර සිංහල තරුණ පුත්‍රයෙකුගේ අප්‍රකට කතාවක් ඉතිහාසගත නොවී තිබුණි. කෙසේ නමුත් මෙවැනි සිද්ධීන් පෘතුගීසීන් විසින් රටට හෙළි නොකළේ ඔවුන්ගේ නිරුවත වසා ගැනීමට නොහැකි බව දැනගෙනය. ඉතිහාසයට එක්නොවූ මෙම සිද්ධිය ඇතිවූ ගම්මානය වන්නේ ඓතිහාසික ඇතුගල් පුරවරයේ ආසන්නම පිහිටි පිටිසර ගමකිනි. එදිනෙදා වේල ගොඩ ගොවිතැනින් සරිකරගත් මේ ගම්වැසියන් ඉතා අහිංසකය. ගමට හිතවත් එඩිතර තරුණයෙකු මෙම ගම්මානයේ විය. මෙම තරුණ පුත්‍රයාට ගම්මුන් දැක්වූයේ සීමාවෙන් එහා ගිය ගෞරවයකි. ඔහු නමින් අප්පුරාලය.
පරංගින්ට විරුද්ධව එළිපිට කටයුතු නොකළේ ඇයි
{ "answer_start": [ 187 ], "text": [ "තුවක්කුවට තිබූ බය නිසාය" ] }
1c6c9821-6c58-4908-a83d-2195e389a78f
අතින් කටින් බෑග්, පෝර කවර, හට්ටි මුට්ටි එල්ලාගෙන කුඩා දරුවෙකු ද ඉස්සර කරගෙන, තවත් අතදරුවකු ළයට තුරුලු කරගෙන එන තරුණ මවක ද ඇතුළත් කණ්ඩායම පසුකර යන ජව සම්පන්න පිරිමි සහ ගැහැනුය. තවත් කණ්ඩායමක අවුරුදු හැට හැත්තෑව ඉක්ම වූ කෙසැඟි සිරුර ඇති කාන්තාවන් හා පිරිමිය. සමහරුන්ගේ දෙපා මහ පොළොව සිප ගනී. කතරගම දෙවියන් ලංකාවට ගොඩබැස්සේ නැගෙනහිර පළාතේ ඕකන්දෙන් බවට හින්දූන් තුළ විශ්වාසයක් ඇත. එතැන ඕකන්ද එසේත් නැත්නම් ඔකඳ මුරුගන් දෙවාලය පිහිටා ඇත. කතරගම දෙවියන් පැමිණි ඔරුව එතැනදී ගලක් බවට පත්වූයේ යැයි ජන විශ්වාසයක් පවතී. එතැනට පැමිණි කතරගම දෙවියන් එතැන එහි සිටි ජනයා විසින් නොතැකූ නිසා මේ දුෂ්කර මග ගෙවා කතරගමට පැමිණි බව ජනප්‍රවාදයේ එයි. ඒ නිසා තමන් පිළිනොගත් අය තමන්ගේ පිහිට ඉල්ලා එන විට තමන් පැමිණි ආකාරයටම පැමිණිය යුතු යැයි කතරගම දෙවියන් දුන් දඬුවමක් ලෙස මේ පා ගමන එන බවට ද ජනප්‍රවාදයේ විශ්වාසයක් පවතී.
ඔකඳ මුරුගන් දේවාලය හදුන්වන වෙනත් නමක් වන්නේ කුමක්ද?
{ "answer_start": [ 382 ], "text": [ "ඕකන්ද" ] }
d94735de-e5f6-4641-b351-c5008c9a26d4
සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සැලකෙන රවි ග්‍රහයා 2018 සැප්තැම්බර් මස 17 වන දින මෙතෙක් ගමන් කළ සිංහ රාශියෙන් බුධ හිමි කන්‍යා රාශියට පැමිණෙයි. 2018 ඔක්තෝබර් මස 17 දක්වා රවි ග්‍රහයා කන්‍යා රාශියේ ගමන් කරයි. රවි ග්‍රහයා එක් රාශියක් දින 30 ක් 31 ක් වශයෙන් ගමන් කරයි. එය මේෂ, රවිය, වෘෂභ රවිය, මිථුන රවිය ආදී වශයෙන් වසරක කාලසීමාව තුළ රාශි 12ක ගමන් කරයි. රවි ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි තුළ ගමන් කරන කාලය කෝණ මාසය නමින් හඳුන්වනු ලබන අතර ගෘහ නිර්මාණය, මුල්ගල් තැබීම ආදී කටයුතු මෙන්ම විවාහ කටයුතු ද මෙම කාලසීමාව තුළ සුබඵල නොදෙන බව මතක තබා ගත යුතුවේ.
2018 ඔක්තෝබර් මස 17 දක්වා රවි ග්‍රහයා ගමන් කරන්නේ කිනම් රාශියේද?
{ "answer_start": [ 181 ], "text": [ "කන්‍යා රාශියේ" ] }
2be99bc2-cd47-4ba9-86db-da8de3242f9d
නුවරඑළියේ පිහිටි බොහෝ දෙනෙක් නොදන්නා විශේෂිත සංචාරක ස්ථානයක් වන්නේ සඳතැන්න යි. සඳතැන්න මහජනතාවට විවෘත වූයේ මෑත කාලයේදී වීම ඊට එක් හේතුවක් ලෙස හඳුනාගත හැක. නුවරඑළිය වැලිමඩ ප්‍රධාන පාරේ ග්‍රෙගරි වැව අන්තයෙන් වමට හැරී කිලෝමීටර් දෙකක් පමණ ගිය විට මීට ළඟා විය හැක. 1958 වසරේ ආරම්භ කළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් නුවරඑළිය සීතා එළියේ බිජ අර්තාපල් ගොවිපළ මෙහි පවතියි. හෙක්ටයාර් එකසිය පනස් පහක වපසරියකින් යුතු මෙම භූමි භාගයේ කොටස් කිහිපයක් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාලනය කරයි. සඳතැන්නේ ඇති විශේෂතා කිහිපයකි. එනම් අංශක 360 ක කෝණයකින් පිදුරුතලාගල, කිරිගල්පොත්ත, හග්ගල සහ නමුණුකුල ආදී ප්‍රධාන කඳුපන්ති 09ක් මෙහිදී නිරීක්ෂණය කළ හැකිය. ඒ සඳහා සඳතැන්න පාරිසරික කලාපයේ ඉහළම තැන විශේෂ නැරඹුම් අට්ටාලයක් ඉදිකර තිබේ. තවද, මෙම මනරම් පරිසරයේ පවතින්නේ ඉතා ඉහළ ජෛව විවිධත්වයක් වන අතර වගේම මධ්‍යම කඳුකරයේ දී දැක ගත හැකි ගෝනුන් , වලස් වඳුරන් , ඕලුමුවන් සහ කුළු හරක් ද මෙම භූමියේදී දැකගත හැකිය. එමෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු විශේෂ කිහිපයක් සහ දුර්ලභ පක්ෂි විශේෂද මෙහිදී නිරීක්ෂණය කළ හැක.
සඳතැන්නේ ඇති විශේෂතා මොනවාද ?
{ "answer_start": [ 582 ], "text": [ "ප්‍රධාන කඳුපන්ති 09ක් මෙහිදී නිරීක්ෂණය කළ හැකිය" ] }
286c383d-13bb-4da4-b3a2-6c29b6b0ff44
අපේ කතාව යන්නෙ කොළඹ හතේ, සිනමන් ගාඩ්න්ස්වල තියෙන අයිස්ක්‍රීම් කඩේ බ්‍රාන්ච් එකත් එක්ක. ගණන් ටිකක් වැඩි වුණාට නිස්කලංක තැන. ඒ වගේම විවිධ රසින් සහ එකතුවෙන් සුසැදි අයිස්ක්‍රීම් පිරිලා. සමහර අයිස්ක්‍රීම්වල කප් එක කන්නත් පුළුවන්. සමහර ඒවා කන්න ලෝබයි. ඒ තරං ලස්සනයි. දෙන්නෙකුට රුපියල් දාහක විතර වියදමෙන් ගොඩයන්න පුළුවන් තැනක්. නිල් පාට අයිස්ක්‍රීම් කෝන් එකක් තියෙනව පෆී කියල. ඒකට කට්ටිය හුඟක් කැමතියි. කොල්ලුපිටියෙ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට එහා ඉඩමෙ තියෙන නියම රදළ ක්‍රෙම් වලව්වක් ඇතුළෙ තියෙනව රස ගුලාවක්. නම වගේම ඒක ඇතුළ කානිවල් එකක සැපට දෙවෙනි නෑ. බඩ පැලෙන්න අයිස්ක්‍රීම් පාරක් දාන්න දෙන්නෙකුට රුපියල් දාහක් යාවි. ඒ වගේම තෝරාගන්නවිශේෂ සහ ප්‍රමාණයන් මහ ගොඩකුත් කානිවල් එක ඇතුළෙ තියෙනවා. ඩබල් චොකලට් චිප්, හේසල්නට් රසට ගොඩක් අය කැමතියි කියලත් මතක් කරන්න ඕන.
මෙහි ඇති නිල් පාට අයිස්ක්‍රීම් කෝන් එකේ නම කුමක්ද?
{ "answer_start": [ 360 ], "text": [ "පෆී" ] }
73b2264b-17af-4348-8803-71f03750a041
අතිශය ජනප්‍රිය වු හේරා පෙරි චිත්‍රපට මාලාවේ තුන්වැන්න මේ වනවිට නිර්මාණය කරන්නට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. කාලයක් තිස්සේ මෙහි තුන්වැන්න නිර්මාණය කරන බවට ඉඟි පළවුවද චිත්‍රපටය තවමත් නිර්මාණය කරනවාද නැද්ද යන්න බොහෝ දෙනෙකුට පැණයක් නැගි ඇත. කෙසේ වෙතත්, පසුගියදා චිත්‍රපට අධ්‍යක්ෂණ ප්‍රියදර්ශන් හේරා පෙරි තුන්වැන්න නුදුරේම රූපගත කරන බවට මාධ්‍යයට තොරතුරු ලබා දී ඇත. පසුගිය සති අන්තයේදී හේරා පේරි මුල් චිත්‍රපට ද්විත්වයේ ශ්‍යාම් ලෙස රංගනයෙන් එක් වූ සුනිල් ෂෙට්ටිද මේ වනවිට මෙම චිත්‍රපටයට එක්වීමට කැමැත්ත පළකොට තිබේ. පසුගිය මාස හයක කාලය තුළදී සුනිල් ෂෙට්ටි වැඩි දායකත්වයක් දමිල හා තෙළිඟු චිත්‍රපට සඳහා ලබා දී තිබුණි.
හේරා පේරි මුල් චිත්‍රපට ද්විත්වයේ ශ්‍යාම් ලෙස රංගනයෙන් එක් වූයේ කවුද?
{ "answer_start": [ 452 ], "text": [ "සුනිල් ෂෙට්ටිද" ] }
4ff29d8d-cc19-48e3-a432-d2f0a078e317
පෘතුගීසීන්ගේ ගොඩබැසීම පිළිබඳව රාජාවලියේ සඳහන් වන්නේ ඉහත සඳහන් විස්තරයට පටහැණි ලෙසය. එහි සඳහන් වන්නේ පෘතුගීසීන් හත්වන විජය බාහු රජ සමයේ පැමිණි බවය. පෘතුගීසීන් ලංකාවට පැමිණි කාලය වන විට විජයබාහු ප්‍රතිරාජයෙකු වශයෙන් මැණික් කඩවර රාජ්‍ය විචාල බව ෙකාඩ්රින්ටන්, මහාචාර්ය සෙනරත් පණවිතාන හා ජී.එස්. පෙරේරා සඳහන් කරයි. අලකේෂ්වර යුද්ධය ද පෘතුගීසීන් ලංකාවට පැමිණි දින වකවානු ලෙස සඳහන් කරන්නේ හත් වැනි විජයබහු ලෙස සඳහන් කරන්නේ හත් වැනි විජයබාහු රජ සමයයි. ක්‍රි.ව. 1509 1521 විජයබාහු රාජ්‍ය සමයයි. කිරිමැටියාවේ කවියා ඔහුගේ මහ හටන කාව්‍ය ග්‍රන්ථයෙහි සඳහන් කරන්නේ පෘතුගීසීන් හත්වන බුවනෙකබාහු රජුගේ රාජ්‍ය සමයේදී ලංකාවට පැමිණි බවය. එම වකවානුව ක්‍රි.ව. 1521 - 1551 වෙයි. පෘතුගීසී ජාතික ක්වේරෝස් සඳහන් කරන්නේ ලොරැන්සෝද අල්මේදා නම් පෘතුගීසී ජාතිකයා 1505 නොවැම්බර් 15 දින ගාල්ලට ගොඩ බැස්ස බවය. කොන්ස්තන්තීනු ද එම මතය ඉදිරිපත් කරයි. ගැස්පාර් සඳහන් කරන්නේ 1505 අගෝස්තු මාසයේදී පෘතුගීසීන් මෙරටට පැමිණි බවය.
රාජාවලියේ සඳහන් වන්නේ කුමන රාජ්‍ය සමයේ පෘතුගීසින් මෙරටට පැමිණි බවද?
{ "answer_start": [ 111 ], "text": [ "හත්වන විජය බාහු රජ සමයේ" ] }
5f81e331-d250-45ff-8f83-f7c7ec2fc484
නව වසරේ කිරිබත පිස ගැනීමෙන් පසුව දහවල් 12න් පසු නිසා ගිලන්පස බුද්ධ පූජාවක් තබා කරණීය මෙත්ත සූත්‍රය කියා දෙවියන්ට සහ මිය පරලොව ගිය ඥාති හිතමිත්‍රාදීන්ට පිං දෙන්න. ඉන්පසු අලුත් ගොක්අතු මල් පැලේ රවුම් පිත්තල තැටියක් තබා රවුමට කැපූ කෙසෙල් කොළයක් එලා එලඟි තෙල් පහනක් රතු මල් සුවඳ දුම් සහිතව කිරිබත්, කෙසෙල් ගෙඩි පලතුරු පූජාවක් තබා පහත සඳහන් දැහැන කියා සූර්ය නමස්කාරය කළ හැකිය. 2019 අප්‍රේල් 14 වන ඉරිදා ප.ව. 03.54ට රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පහත සඳහන් ගාථාව කියා තෙරුවනට පහනක් දල්වා නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභවයට ඉතා ශුභය.
සියලු වැඩ අල්ලා ගනුදෙනු කල යුත්තේ කිනම් දිශාව බලාගෙනද ?
{ "answer_start": [ 449 ], "text": [ "නැගෙනහිර දිශාව" ] }
4cd5330f-517d-4d26-bbcf-99c9fc2cafe1
ශ්‍රී පාදස්ථානයට අධිගෘහිත වූ ශ්‍රී සුමන සමන් දෙව්රජාණෝ බුදුන් වහන්සේගෙන් දහම් අසා සෝවාන් ඵලයට පත්විය. එබැවින් ශ්‍රී ලාංකේය ප්‍රථම මාර්ගඵලලාභියා ද, ප්‍රථම බෞද්ධ ශ්‍රාවකයා ද, ප්‍රථම බෞද්ධ උපාසකයා ද වන්නේ සුමන සමන් දෙවියන්ය. නාග ගෝත්‍රික දෙවියකු වන සුමන සමන් දෙවියන්ගේ බැල්ම හා ආකර්ෂණය බලපැවැත්වෙන්නේ දිවා රෑ දෙකෙහිම 1.00 සිට 1.24 දක්වා කාලයයි. රාජාවලිය ග්‍රන්ථයේ සඳහන් වෙන පරිදි සිරිපා මළුවේ මුලින්ම ඡත්‍රයක් සහිත මණ්ඩපයක් සාදා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් විසිනි. සිරිපා මළුවේ සමන් දේවාලයක් ඉදිකරවා ඇත්තේ දෙවැනි පරාක්‍රමබාහු රජතුමන් විසිනි.
සිරිපා මළුවේ සමන් දේවාලයක් ඉදිකළේ කුමන රජතුමන්ද?
{ "answer_start": [ 510 ], "text": [ "දෙවැනි පරාක්‍රමබාහු රජතුමන්" ] }
99f30d41-ee69-4eaa-862d-559e1d8618af
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රන්විර් සිං රංගනයෙන් දායක වූ ඔහුගේ අලුත්ම චිත්‍රපටයේ ඉහළම ගුණාත්මක පිටපතක් මේ වනවිට කිසියම් පුද්ගලයෙකු විසින් අන්තර්ජාලයට මුදාහැර තිබෙන බව සඳහන් වෙයි. ජයෙෂ්බායි ජෝර්දාර් නම් රන්විර්ගේ අලුත්ම චිත්‍රපටය පසුගිය මැයි 13 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කර තිබුණි. යශ්රාජ් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය අන්තර්ජාලයට නිකුත් කරන්නට පෙර ඉන්දීය රුපියල් කෝටි 18ක මුදලක් උපයගෙන තිබුණි.
රන්විර් සිං කුමන සිනමා නළුවෙක්ද?
{ "answer_start": [ 9 ], "text": [ "බොලිවුඩ් සිනමා" ] }
87570fc6-a492-42c5-808a-0342b481bc9e
දෙවන පාවුළු පාප්වහන්සේ ශ්‍රී ලංකාවට 2015 වසරේ වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේගේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවූයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් අධිකාරී අතුල දවුලගල මහතාටය. පොලිස් අධිකාරි දවුලගල මහතා ඇෙමරිකා එක්සත් ජනපදයේ ජෝජියාවලදී ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ පුහුණුව ලබා ඇති නිලධාරියෙකි. ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතාය. පොලිස් විශේෂ කාර්ය බළකායේ වත්මන් අණදෙන නිලධාරී ලතීෆ් මහතාද එක්සත් රාජධානියේදී ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ විශේෂ පුහුණුවීමක් ලැබ 1989 වසරේ සිට 1992 වසර දක්වා ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත.
අණදෙන නිලධාරී ලතීෆ් මහතාද එක්සත් රාජධානියේදී ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ විශේෂ පුහුණුවීමක් ලැබ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරේ කුමන කාලයේදීද?
{ "answer_start": [ 559 ], "text": [ "1989 වසරේ සිට 1992 වසර දක්වා" ] }
0bd3da56-06db-4e12-b3d5-3693ddd81137
නව වසරේ කිරිබත පිස ගැනීමෙන් පසුව දහවල් 12න් පසු නිසා ගිලන්පස බුද්ධ පූජාවක් තබා කරණීය මෙත්ත සූත්‍රය කියා දෙවියන්ට සහ මිය පරලොව ගිය ඥාති හිතමිත්‍රාදීන්ට පිං දෙන්න. ඉන්පසු අලුත් ගොක්අතු මල් පැලේ රවුම් පිත්තල තැටියක් තබා රවුමට කැපූ කෙසෙල් කොළයක් එලා එලඟි තෙල් පහනක් රතු මල් සුවඳ දුම් සහිතව කිරිබත්, කෙසෙල් ගෙඩි පලතුරු පූජාවක් තබා පහත සඳහන් දැහැන කියා සූර්ය නමස්කාරය කළ හැකිය. 2019 අප්‍රේල් 14 වන ඉරිදා ප.ව. 03.54ට රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පහත සඳහන් ගාථාව කියා තෙරුවනට පහනක් දල්වා නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභවයට ඉතා ශුභය.
ගිලන්පස බුද්ධ පූජාවක් තබා කියන්නට කියන්නේ කිනම් සූත්‍රය ද ?
{ "answer_start": [ 79 ], "text": [ "කරණීය මෙත්ත සූත්‍රය" ] }
17e508dc-d14e-4ce6-aeeb-9c7a311559dd
නඩයේ ගෑනු උදවිය දවස් දෙකකට ඇතිවෙන්න කෑමට හාල්, පොල්, මුංඇට, කොස් වාගේ කෑම ජාති අඩුවක් නොමැතිව අරන් යන්න සූදානම් කර ගත්තා. ඒ කාලේ අද වාගේ තේ වතුර බිව්වේ නැහැ. එක්කො බෙලිමල් වතුර, කොත්තමල්ලි වතුර, වාගේ දේවල් තමයි ගිමන් හරිනකොට බිව්වේ. අපි කුරක්කන් හැලප, වණ්ඩු එහෙමත් හදාගෙන ඉදිච්ච කෙසෙල් කැන් දෙකකුත් හොයාගෙන ඕඃ නමෝ බුද්ධං කියලා පෝයට පෙර දවසේ හවස සිතුල්පව්වට කරුණා කළා. ඒ කාලේ මේ තිස්සමහාරාමේ හැමතැනම මැලේරියා වසංගතයක් පැතිරිලා තිබුණා ගොඩාක් පුංචි ඈයෝ, නාකි ඈයෝ මියපරලොව යන්න වුණා. ඒත් කතරගම දෙවියන්ට භාරහාර වෙලා කවුරුත් ගමන් බිමන් වන්දනාවේ ගියා. මදුරුවන්ගෙන් බේරෙන්න, මදුරුතලා, කොහොඹ කොළ ගිනිමැල ගහලා ඒවාට දමලා ඒ දුම් වදින්න කටයුතු කළා. ඔන්න ඔහොම අපේ සිතුල්පව්ව වන්දනාව පටන් ගත්තෙ.
සිතුල්පව්ව වන්දනාව පටන් ගන්නේ කුමන දෙවියන්ට භාරහාර වීමෙන් අනතුරුවද?
{ "answer_start": [ 484 ], "text": [ "කතරගම දෙවියන්ට" ] }
f7a6c697-d163-45b3-be08-13fdd62d80b1
කළුතර බෝධියට සම්බන්ධ පෙර භවය අනාවරණය කළ ප්‍රථම පුනර්භව සාධකය හෙළිවූයේ බෙන්තර ප්‍රදේශයේ දී උපත ලද දරුවකු මගිනි. පානදුර කේතුමතී රෝහලේ දී 1983 වසරේ දී උපත ලද එම දරුවා පෙරභව ජීවිත තොරතුරු අනාවරණය කළේ වයස අවුරුදු තුනේදීය. එම දරුවා සමග කළුතර බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට දෙමාපියෝ පැමිණියහ. ඔවුන් පැමිණෙන විටදී බෝධීන් වහන්සේ අබියස දී බෙර හඬක් නිකුත් වෙමින් පැවතිණි. එය ශ්‍රවණය වූ දරුවා සිය මව ඇමතුවේය. අපේ ඩංකුටු තාත්තත් ඩංකුටු ගහන්න මෙහෙ එනවා යැයි කීය. අනතුරුව ඔහු නිතර නිතර පැවසූ වදන වූයේ ඩංකුටු තාත්තා යනුවෙනි. තම පුත්‍රයාගේ මෙම වදන පිළිබඳව මව විමසූ විට එම දරුවා සිය පෙර භවයේ තොරතුරු හෙළි කරන්නට විය. එම දරුවා හෙළි කළ තොරතුරු අනුව පෙර භවයේ දී ඔවුන් ජීවත්ව සිට ඇත්තේ දොඩන්ගොඩ ප්‍රදේශයේය. ඔහු අධ්‍යාපනය ලැබීමට කළුතර විදුහලට ගිය බවත් පෙර භවයේ පියා එළවළු වෙළෙඳාමක් සිදු කළ බවත් පැවසීය.
එම දරුවා පෙරභව ජීවිත පිලිබඳ තොරතුරු අනාවරණය කළේ අවුරුදු කීයේදීද ?
{ "answer_start": [ 196 ], "text": [ "වයස අවුරුදු තුනේදීය" ] }
0176ca73-cbc0-409b-8c96-9670d27581ee
මියන්මාර හමුදාව බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළේ පසුගිය පළමු වැනිදා අලුයමය. නොවැම්බර් 8 වැනිදා පැවැත්වුණු මියන්මාර මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකරගෙන සිටි නායිකා අවුන් සාන් සූ කී ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ ප්‍රධානත්වයෙන් එදින උදේ පළමු පාර්ලිමේන්තු සැසිය පැවැත්වීමට නියමිතව තිබුණි. පළමු වැනිදා උදේ පාන්දරින් අවදි වුණු හිංග් හින් වේ සුපුරුදු පරිදි සිය දෛනික කටයුතු ආරම්භ කළාය. හිංග් හින් වේ, සමාජ මාධ්‍ය හරහා ඇරොබික්ස් ව්‍යායාම උගන්වන ගුරුවරියකි. ඇය දිනපතා උදෑසන සජීවීව ඇගේ වීඩියෝ හරහා ශාරීරික සුවතා උපදෙස් ලබා දෙයි. නටමින් ව්‍යායාම කරන ආකාරය පෙන්වයි. පසුගිය පළමු වැනිදා හිමිදිරියේ ඇය කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව මුහුණු ආවරණයකින් ද සැරසී සජීවීව ඇගේ වීඩියෝ ප්‍රසිද්ධියට පත් කරන්න වූයේ නායිපායිදේව් අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට සිටය.
මියන්මාරය හමුදාව බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කලේ කවදාද
{ "answer_start": [ 49 ], "text": [ "පසුගිය පළමු වැනිදා" ] }
8120abaa-1533-4eb4-bb28-3114c90a457b
පවුල් ආරවුල එන්න එන්නම මහා ගිනි ජාලයක් සේ මතුව පවුලේ සමගිය ගිනි තබද්දි දෙදෙනා වෙන් වීම හොඳ බව කුමාරි නිතර පැවසුවාය. කුමාරගෙන් වෙන්ව බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තම සහෝදරියගේ නිවසේ පදිංචියට යාමට ඇය තීන්දු කළාය. ඒ අනුව දරුවන් ද රැගෙන ඇය එහි ගියාය. මුලින් සිය සහෝදරියගේ නිවසට ගිය කුමාරි කෙටි කාලයක දී බලංගොඩ පින්නවල ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන එහි පදිංචියට ගියාය. ඒ සිය අනියම් ඇසුර කාටත් හොර රහසේ පවත්වාගෙන යාමේ අවශ්‍යතාව නිසාය. එසේ ඔවුන් වෙනම පදිංචියට ගිය ද දරුවන්ට ඇති ආදරය නිසා කුමාර දරුවන්ගේ අවශ්‍යතා සොයා බැලුවේය. ඔවුන් වෙනුවෙන් ආහාරපාන ගෙන ගොස් දැමුවේය. දුරකථනයෙන් කතාකර දුක සැප සොයා බැලුවේය.
කුමාරි කුලියට ගත් නිවස පිහිටියේ කොහෙද?
{ "answer_start": [ 294 ], "text": [ "බලංගොඩ පින්නවල" ] }
57a9a45a-7aa9-4165-ac0e-0a5ce9a38054
ගම්පෙරළිය නිෂ්පාදන කාලය නොයෙකුත් විසිතුරු මතකවලින් යුතු බව හෙන්රි පවසා ඇත. රූගත කිරීම් සඳහා සියලු ප්‍රධාන නළු නිළියෝ නතර වී සිටියේ මහ කප්පින වලව්වේය. පුණ්‍යා සහ ඇගේ පියා ද එහිම නතර වී සිටියහ. රෑ කෑමෙන් පසු ලෙස්ටර්, සුමිත්‍රා, විලී බ්ලේක් ඇතුළු හෙන්රි, පුණ්‍යා, තිස්ස අබේසේකර සාලය මැද විශාල රවුම් මේසය වටා වාඩි වී නොයෙකුත් වල්පල් දෙඩීමෙන් සතුටු වූහ. සිංහල සිනමාවේ මුල්ම යුගයේ ඉතා රසවත් සිද්ධි සමුදායක් ලෙස්ටර් හා විලී දැන සිටි බව කියන හෙන්රි දිනපතාම වාගේ ඔවුන් අලුත් අලුත් කතා ඇඳබාන විට මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ බේගල් මාමා කියූ කතා මෙන් නොව මේවා නම් සත්‍ය කතාම වූවාට සැකයක් නැතැයි පැවසුවේය.
ගම්පෙරළිය නිෂ්පාදන කාලය නොයෙකුත් විසිතුරු මතකවලින් යුක්ත බව පැවසුවේ කව්ද?
{ "answer_start": [ 59 ], "text": [ "හෙන්රි" ] }
7fc45a76-194c-4ce6-a867-4bee4eb26082
කල් ගතවත්ම සචින් පුහුණුකරුගේ සිත් දිනා ගැනීමට සමත් වෙමින් දක්ෂතා ප්‍රකට කරන්නට විය. දාදාර් ප්‍රදේශයේ දක්ෂතම පාසල් ක්‍රිකට් කණ්ඩායම සිටියේ ශාරදාෂ්රම් විද්‍යාමන්දිර් ඉංග්‍රීසි උසස් පාසලේය. එම පාසල අති දක්ෂ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් බිහි කිරීම පිළිබඳව කීර්තියක් ඉසිලීය. රාමකාන්ත් සචින්හට එම විද්‍යාලයට ඇතුළු වන ලෙසට දිරිමත් කළේය. තෙන්දුල්කාර් අධ්‍යාපනය ලැබුවේ බන්ද්‍රාහි ඉන්දියානු අධ්‍යාපන සංගමයට අයත් ඉංග්‍රීසි පාසලකය. ඔහු දිනපතා උදය වරුවේත්, සවස් වරුවේත් රාමකාන්ත් යටතේ පුහුණු විය. ඇතැම් දිනවල කඩුල්ල මත රුපියලේ කාසියක් තබන රාමකාන්ත් කවුරුන් හෝ පන්දු යවන්නකු සචින්ගේ කඩුල්ල දවා ගතහොත් ඔහුට එම රුපියල හිමි වන බවට කියා සිටියේය. කිසිවකුට ඔහු දවා ගත නොහැකි වූ අතර රුපියල හිමි වූයේ තෙන්දුල්කාර්ටය. තෙන්දුල්කාර් සතුව රුපියලේ කාසි 13ක් ඇති අතර අදටද ඔහු ඒවා තමා ලද වටිනාම ත්‍යාග ලෙස සලකා ආරක්ෂා කරගෙන සිටී.
උසස් පාසලට ඇතුලත් වන ලෙස සචින්ව දිරිමත් කලේ කව්ද
{ "answer_start": [ 273 ], "text": [ "රාමකාන්ත්" ] }
2b438668-5a14-42a2-abf8-dc498e1b3386
එයාව හමුවුණේ ඇත්තටම මගේ යාළුවකුගේ මාර්ගයෙන්. එයා ඇවුරුදු 17ක් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ලංකාවට ඇවිත් තිබෙන්නේ දෙසැරයක් විතරයි. අපි දෙන්නා දැකලා අඳුරගෙන නෑ. මගේ යාළුවෙක්ගේ යාළුවෙක් තමයි එයා. ඒ මාර්ගයෙන් මගේ ෆොටෝස් දැකලා, අපි දෙන්නා කතාබහ කළේ. අපි අවුරුද්දක් විතර කතාබහ කළා. 2013 දී තමයි මම යාළු වුණේ. 2014 දී තමයි විවාහ වුණේ. ඒ තරමට මට ගොඩාක් ආදරේ කළා. දැන් අපි දෙන්නට අවුරුදු 2ක දුවෙකුත් ඉන්නවා. හරිම සතුටින් ජීවිතය විඳිනවා. මගේ හස්බන්ඩ් ඇත්තටම කැමති නෑ මම දැන් රඟපාන්න යනවාට. ඒ නිසා මේ ඉන්න විදිහ හොඳයි. රංගනයට ගිහින් මගේ සුන්දර පවුල් ජීවිතේ විනාශ කරගන්න මට ඕනෑ නෑ.
එයා අවුරුදු 17ක් ඉන්නේ කොහෙද?
{ "answer_start": [ 62 ], "text": [ "ඕස්ට්‍රේලියාවේ" ] }
d4841e5a-aee7-431e-ac70-11cd37c1f1e2
අභිෂේක් වර්මන් විසින් අධ්‍යක්ෂණය කරන ‘කලාන්ක්’ බොලිවුඩ් චිත්‍රපටය තිරගත කිරිම නැවතත් අලුත් කර ඇතැයි වාර්තා වේ. චිත්‍රපටය රූපගත කළ මුල් කාලයේදී මෙම චිත්‍රපටය මේ වසරේ අග භාගයේදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නට සූදනම් කර තිබුණද පසුව චිත්‍රපටයේ වැඩ කටයුතු ඉක්මණින් නිමා වීම නිසා මෙම චිත්‍රපටය නුදුරේම ප්‍රදර්ශනය කරනන්ට සැලසුම් කළ බව සඳහන් වේ. කරන් ජෝහර්ගේ නිෂ්පාදනයක් වන මෙහි සංජය දත් හා මධුරි ඩික්සිත් වසර 25කට පසුව එකට රංගනයේ යෙදිම විශේෂත්වයකි. එමෙන්ම වරූන් ධාවන් හා ආලියා භාට් සිවුවැනි වතාවටත් පෙම්වතුන් ලෙස චිත්‍රපටයක ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබීම තවත් අතකින් විශේෂත්වයකි.
මෙහි වසර 25කට පසුව එකට රංගනයේ යෙදෙන්නේ කවුරුන්ද ?
{ "answer_start": [ 372 ], "text": [ "සංජය දත් හා මධුරි ඩික්සිත්" ] }
c1a8cf1f-d626-42eb-a734-abfa86efa29d
අපි කණ්ඩායමක් 1984 වසරේ සැප්තැම්බර් මාසයේ 1 වැනිදා යාපනයේ සිට පේදුරුතුඩුව බලා යාමට සූදානම් වුණා. මේ කණ්ඩායමට මම ඇතුළුව උප පොලිස් පරීක්ෂක ලලිත් වික්‍රමසිංහ, අනුර කිත්සිරි සහ කපිල ජයසේකර යන අයද ඇතුළත් වුණා. අපි තමා කණ්ඩායම් බාරව සිටියේ. අපි යාපනයේ කඳවුරෙන් පිටත්වෙන්න මොහොතකට කලින් ද්‍රවිඩ ජාතික පොලිස් පරීක්ෂකවරයෙක් කතා කරලා කිව්වා මල්ලි උඹලා අද ඔය ගමන යන්න එපා එල්ටීටීඊ එක අතරමග රැකලා ඉඳලා ගහන්න ඉන්නවා කියා. ඊට පස්සේ මම මේ බව සහකාර පොලිස් අධිකාරි එන්.කේ. ඉලංගකෝන් මහත්තයාට කතා කරලා දැනුම් දුන්නා. පස්සේ කාලයකදී පොලිස්පති වුනේ මේ ඉලංගකෝන් මහත්තයා.
උප පරීක්ෂකවරයාගේ නම කුමක්ද ?
{ "answer_start": [ 137 ], "text": [ "ලලිත් වික්‍රමසිංහ" ] }
ae85c7ae-20a0-4b4d-8759-83d8c3261839
කොහොම හරි මේ විදිහට අවුරුද්දක් විතර වැඩ කරන කොට තේ කර්මාන්තයේ හුඟක් දේවල් මම ඉගන ගත්තා. ඔය අතරේ මම රැකියාවලටත් ඉල්ලුම් කළා. ඔන්න මට නාවලපිටිය පැත්තේ වත්තක තුන්වැනි පන්තියේ ටී මේකර් තනතුරක් සඳහා ඉන්ටර්වීව් ආව. මාත් එක්ක තව 10-15 ක් තරගෙට හිටිය. ඒ වත්තේ ලොක්කා ඉලංගකෝන් කියල සිංහල මහත්තයෙක්. එයා මගේ හැකියාව හා ඉංග්‍රීසි දැනුම බලල මාව තෝර ගත්තා. පඩිය දවසට රුපියල් දහයක් ලැබුණා. ඊළඟට මට හපුතලේ වත්තට ස්ථාන මාරුවක් ලැබුණා. ඒක ලොකු කොම්පැණියක්. අයිතිකාරයා මැක්රේ කියල සුද්දෙක්. මට එහෙදි නිල නිවසක් වගේම වත්තේ වැඩට, කඬේ යන්න, උයන්න වගේ දේවල්වලට කම්කරුවෝ කීප දෙනෙකුත් ලැබුණා. හැබැයි එතනත් ඉන්න පුළුවන් උනේ වසර පහයි. මොකද සුද්ද කීයටවත් වැඩ කරන නිලධාරියෙක් වසර පහකට වඩා එක තැන තියන්න කැමැති නැහැ. අනිවාර්යයෙන්ම යන්න ඕනෑ.
ඒ වත්තේ ලොක්කා කව්රුන්ද?
{ "answer_start": [ 259 ], "text": [ "ඉලංගකෝන් කියල සිංහල මහත්තයෙක්" ] }
27b134f9-375c-44c5-aa97-fdb30d4c9faa
ක්‍රිස්තු වර්ෂ 1803දී ඉංග්‍රීසීන් හා සිංහලූන් අතර සටන් කීපයක් සිදු විය. මහනුවර සේනාවට ඉංග්‍රීසි සේනාවේ දැඩි ප්‍රහාර හමුවේ අවිස්සාවේල්ලෙන් පසු බැසීමට සිදුවිය. ගැටුමේ උච්චතම අවස්ථාවේදී සිය සේනාපති වූ ලෙව්කේ දිසාව කුරුම්බා ගෙඩි කීපයක වතුර බී තුරු සෙවණක සුව නින්දේ පසුවන බව දුටු ශ්‍රී වික්‍රම රාජසිංහ කෝපාවිෂ්ටව දිසාවගේ හා මහා මොහොට්ටාලගේ හිස් ගසා දමන ලෙස නියෝග කළේය. ලෙව්කේ දිසාවගේ හිස රහිත සිරුර වක්ඔය කොට්ටාවෙල වෙල්යායේ දිය කඩිත්තකට දමන ලදී. හංවැල්ලේ වෙලක හිස ගසා දැමූ සිරුර තිබුණ බැවින් ඒ සිද්ධිය ඇසුරින් ජනකවියක්ද නිර්මාණය විය. මෙම සිද්ධිය සිහි කරනු වස් හංවැල්ල කලූඅග්ගල වරකාගොඩ හි කොළඹ අවිස්සාවේල්ල පැරණි හා අලූත් මාර්ගය සම්බන්ධවන ස්ථානයේ විසිවන සියවස අවසානයේ ස්මාරකයක් ඉදිකර ඇත. වලව්වෙන් පිට වූ අපි ඒ අසල ඇති ගඩොල් පෝරණුව පසුකර වෙනත් පටු පාරකින් ගොස් වී මෝල හන්දියට පැමිණ වලගම්බා රජ ගොඩ නැඟූ දනගිරිගල විහාරයට ගියෙමු. ගල්පඩි පෙළත්, දිසාවගේ රූපයත්, එහි ඇතුළත චිත‍්‍රත් නැරඹූ අපි හෙට්ටිමුල්ල හරහා කෑගල්ලට පැමිණියෙමු.
රාජසිංහ රජු හිස ගසා දමන ලෙස නියෝග කළේ කාගේද?
{ "answer_start": [ 308 ], "text": [ "දිසාවගේ හා මහා මොහොට්ටාලගේ" ] }
2fbb7d40-64c6-4b97-b2a4-bf579cc78b5c
ලිංගික හිරිහැරවලට ලක්වුණු ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ හිටපු සේවිකාවක වන බ්‍රිට්නි හිගන්ස්ට සිය කනගාටුව පළ කරමින් ඇයගෙන් සමාව ඇයැද සිටීමට ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කටයුතු කළේය. අග්‍රාමාත්‍යවරයා මෙසේ බ්‍රිට්නි හිගන්ස්ගෙන් සමාව ඇයැද සිටියේ පාර්ලිමේන්තුවට එම සිදුවීම ගැන නැවත නැවතත් සිහිපත් කරමිනි. තමන් ලිංගික අඩන්තේට්ටම්වලට ලක්වුණු බව බ්‍රිට්නි හිගන්ස් චෝදනා කළේ මීට මාස කීපයකට පෙරය.එම චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක් විශේෂ විමර්ශනයක් පැවැත් වූ අතර, එහිදී අනාවරණය වූයේ බ්‍රිට්නි හිගන්ස් පමණක් නොව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් හරි අඩක් පමණ කුමන හෝ ආකාරයේ ලිංගික හිරිහැරයකට ලක් වී ඇති බවය.
බ්‍රිට්නි හිගන්ස් ගෙන් සමාව ඇයද සිටියේ කවුරුන්ද?
{ "answer_start": [ 149 ], "text": [ "ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්" ] }
b37793fd-43a8-44a4-976b-d9bdd9f78f3e
සීලාලංකාර හිමියෝ සොරිවිල ගමේ ජනතාව යහමග යැවීම සඳහා ගත් උත්සාහය කිසියම් විප්ලවයක් වැන්න. සිංහල පාසලක් ආරම්භ කිරීම නිසා, දරු පරපුරට අකුරු උගනීමට හා මුළුගැන්වීමෙන් තොරව පාසල් ජීවිතය තුළින් සමාජය වෙත යොමුකිරීම පහසු විය. ගතානුගතික හා පාරම්පරික සිරිත්-විරිත්වලට ඇබ්බැහිව සිටි ගම් වැසියන්, එයින් මුදා - යහපත් සිතිවිලි හා සිතුම්-පැතුම් ඔස්සේ හැඩ ගැස්වීය. පාසල් යාමට පෙර වුවද පොල් ගැසීම කෝවිලට යාම ආදී කටයුතුවලට පෙළඹුණු ඔවුන්, කෝවිල් දේවාල හා යක්ෂයින්ට පුද පූජා පවත්වමින් ඉර-හඳ ඇදහීම ආදී නොයෙකුත් ඇදහිලි ක්‍රමවලට කොටු වී සිටියහ. මේ අනුව සීලාලංකාර හිමියන්ගේ ධර්ම ශාස්ත්‍රීය මෙහෙය හරහා මිල්ලාන, දලුකාන, ගිනිදමන, ඇල්ලෙවැව, අරලගංවිල, අලවකුඹුර, වැලිකන්ද වැනි ගම්මාන පුනරුත්ථාපනය විය. ආණ්ඩුවේ සෙනෙහස හෝ කරුණාව දැනෙන්නට පෙර, ලංකාවේ විශාලතම පළාත්පාලන ආයතනය ද වන වර්ග සැතපුම් 550ක් වන එගොඩපත්තුව සම්පූර්ණයෙන්ම පාලනය කළේ කිතලගම සීලාලංකාර හිමියන් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහා නායක ධුරන්ධර කොළඹ බම්බලපිටියේ වජිරාරාමවාසී විද්‍යා විශාරද මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්වහන්සේ හමු වූ සීලාලංකාර හිමියෝ, කරුණු පැහැදිලි කරදීමේ ප්‍රතිඵලයක් වශයෙන් දායක පිරිස සහල්, රෙදි, පොල් අතු, ගල්ලෑලි ආදිය ලොරි ගණන් ගෙනැවිත් සිංහල මෙන්ම වැදි ජනතාවද අතර බෙදා දුන්නේය.
සොරිවිල ගමේ වැසියන් යහමඟ යැවීමට උත්සහ ගත්තේ කවුද?
{ "answer_start": [ 0 ], "text": [ "සීලාලංකාර හිමියෝ" ] }
7634e278-b2ee-47d6-9eb2-f88d84965efc
ඉන්දියාව ජයගැනීමට හැකි වූයේ එවක එරට පැවැති දේශපාලන ව්‍යාකූලත්වය හේතුවෙනි. මුස්ලිම් සහ හින්දු වශයෙන් බෙදී තිබීමද තීරණාත්මක වූයේය. වසර 300කට අධික කාලයක් පැවැති නව අධිරාජ්‍යයක් බිහි කිරීමට බාබුර් සමත් විය. සටනේදී නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමත්, සැලසුමකින් තොරව සේනාව මෙහෙයවීමත් හේතුවෙන් ඉබ්‍රාහිම් ලෝදි පරාජය වූ බවත් ඔහු කිසිදු පළපුරුද්දක් නොමැත්තකු බවත් බාබුර් සඳහන් කර තිබේ. ඉබ්‍රාහිම් ලෝදිගේ මරණයෙන් පසු දිල්ලි සුල්තාන් රාජ්‍යය අරාජික විය. බාබුර් දිල්ලිය සහ අග්‍රාව අත්පත් කර ගත්තේය. දිල්ලි සුල්තාන් රාජ්‍යය ඉතා විශාල වූවා සේම එය සතු ධනස්කන්ධයද විශාල විය. එම ධනය රැස්කොට තිබුණේ දිල්ලියේ සහ අග්‍රාවේය. සමස්ත ධනස්කන්ධයම තමන් සතු කර ගැනීම බාබුර්ගේ අරමුණ විය. ඒ සඳහා ඔහු දිල්ලිය බලා ගිය අතර ඔහුගේ පුත් හුමායුන් අග්‍රාව බලා ගියේය. බාබුර් තමන් අත්පත් කරගන්නා ලද ධනයෙන් කොටසක් කුමාරවරුන්, රදලයන් හා සොල්දාදුවන් අතර බෙදා දීමට කටයුතු කළ අතර සමර්ඛාන්ද්, කැෂගාර්, බොරසන්, පර්සියා සහ තාබුල් යන ප්‍රදේශයන්හි සිටි ඔහුගේ මිත්‍රයන්ටද නොමසුරුව ත්‍යාග යැවීය.
ඉබ්‍රාහිම් ලෝදිගේ මරණයෙන් පසු අරාජික වූ රාජ්‍ය කුමක්ද?
{ "answer_start": [ 405 ], "text": [ "දිල්ලි සුල්තාන් රාජ්‍යය" ] }
59005e56-4d62-4a54-80c4-5e968a438961
එක දිගට ගමන්ගන්නා ජිප් රථ සැබැවින්ම සොඳුරුම දර්ශනයකි. අපට පසුගිය දිනක මෙවන් අත්දැකීමක් ලබාගැනීමට හැකි වූ අතර ජීප් සවාරි පිළිබඳ ඔබට දැකගත යුතු කරුණුද බොහොමයකි. ජිප් සවාරියක් යාමේදී මූලිකව රජයේ හා සංචාරකයාගේ ආරක්ෂාව පිළිබඳ මූලිකව සිතා කටයුතු කළ බවත්, එය වගකීමෙන් ඉටුකිරීමට කැපවී සිටින හබරණ යුනයිටඩ් ජීප් සවාරි සංගමය කටයුතු කරන බව දැක ගැනීමට හැකි වුනා. මෙම සංගමය සතුව ජිප් රථ 40කට අධික ප්‍රමාණයක් පවතින බවත් සියලුම ජීප් රථ උසස් තත්ත්වයේ ජීප් රථ බවයි සඳහන් කළේ. ජීප් රථ රියදුරන් සියලු නීති රීති හරියාකාරව ඉටුකරන බවද එහි සභාපති කුමාර මහතා සඳහන් කර සිටියේ.
හබරණ යුනයිඩ් ජීප් සවාරි සංගමයේ සභාපති වරයා කවුද?
{ "answer_start": [ 516 ], "text": [ "සභාපති කුමාර මහතා" ] }
a054af61-e9ca-4578-a86e-fabe024d6c04
එහිදී සිය පියාගේ බලවත් ඉල්ලීම පිට ඇයට දෙවෙනි විවාහයක්ද කරගැනීමට සිදුවිය. ඒ මාතර උයන්වත්තේ දොන් ග්‍රේබියෙල් හෙන්ද්‍රික්‌ සිරිවර්ධන විජය විමලසේකර මුහන්දිරම් සමඟය. එම විවාහයෙන්ද ඇයට දරුවන් තිදෙනෙක් බිහිවූහ. ජීවන ගමනේ දෙවෙනි වරටත් සිය සහායට පැමිණි සැමියා හදිසියේ මියගියේ නැවතත් ගජමන් නෝනා දිළිඳු බවේ අන්තයටම හෙලමිනි. සිය දෙවෙනි සැමියාගේ වියෝවෙන් පසු නැවතත් දරුවන් සිව් දෙනා සමග මෙලොව තනි වූ ඇයට පිහිටක් වූයේ සිය වයෝවෘද්ධ පියාණන්ය. නමුත් 1801 දී ඔහුද බෙලිඅත්ත ආසන්නයේ කසාගල් වෙහෙර සමීපයේදී ඇතෙකුගෙන් පහරකා මියයන්නේ නොසිතූ විරූ ලෙසය. තම පියාගේ වියෝවත් සමඟ දිළිඳු බවේ පතුළටම ගිලෙන ගජමන් නෝනාට සිය රූ සපුව නිසා විවිධ අයගෙන් ලැබෙන අනිසි යෝජනාත් ඇයගේ දුක තව තවත් වැඩි කරන්නට හේතු විය.
ඇය දෙවෙනියට විවාහ උන පුද්ගලයා කව්ද?
{ "answer_start": [ 130 ], "text": [ "විජය විමලසේකර මුහන්දිරම්" ] }
303999db-83a3-4c09-a253-865fe4f9897d
ජාන්වී කියන්නේ බොලිවුඩ් සිනමාවේ නැඟී එන තාරකාවක්. ඉතා සුළු කාලයකින් විශාල ජනප්‍රියත්වයක් ලබාගත් ඇය ශ්‍රී දේවිගේ දෙවන විවාහයෙන් ලැබුණ පළමු දියණියයි. ඒ කියන්නේ චිත්‍රපට නළුවන් වන අනිල් කපූර් හා සංජය කපූර්ගේ වැඩිමහල් සහෝදරයා වන්නේ බොනී කපූර්ගේ සහ ශ්‍රීදේවිගේ දියණිය. 1997 වසරේ උපන් ජාන්වී කපූර්ගේ වයස අවුරුදු 25ක් වනවා. ශ්‍රී දේවිගේ රූ සපුව නොඅඩුව හිමි නිසා බොලිවුඩ් සිනමාවේ දොරටු මවගේ වියෝවෙන් පසුව විවර වුණා. 2018 වසරේ තිරගත වූ කරන් ජොහර්ගේ දඩක් චිත්‍රපටය හරහා ජාන්වී බොලිවුඩ් සිනමාවට පැමිණියා. ඉන් අනතුරුව ගෝස්ට් ස්ටෝරීස්, ගුන්ජන් සක්සේනා, රූහි යන චිත්‍රපටිවලට ඇය රංගනයෙන් දායක වී ඇති අතර ගුඩ්ලක් ජෙරී, මිහී, මිස්ටර් ඇන්ඩ් මිසිස් මාහී, බවාල් යන ඇය රංගනයෙන් දායක වුණු චිත්‍රපට තිරගත වීමට නියමිතය.
ඇය රංගනයෙන් දායක වුණු තිරගත වීමට නියමිත චිත්‍රපට මොනවාද?
{ "answer_start": [ 593 ], "text": [ "ගුඩ්ලක් ජෙරී, මිහී, මිස්ටර් ඇන්ඩ් මිසිස් මාහී, බවාල්" ] }
6c1d886e-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
ලොව සමස්ත ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට තවමත් ජංගම දුරකතන සංඥාවලට ළඟා වීමට නොහැකිය. ඒ අනුව බලන විට ලෝක ජනගහනයෙන් බිලියන හතරකට තවමත් ඩිජිටල් සන්නිවේදන තාක්ෂණයට ප්‍රවේශවීමට නොහැකි වී තිබේ. කෙසේ නමුත් පිරිවැය අඩු කුඩා චන්ද්‍රිකාවලින් ජංගම දුරකතන සේවා සැපයීමේ අවස්ථාව දැන් උදා වී තිබේ. පිරිවැය අඩු, අභ්‍යාවකාශය පදනම් කරගත් ජංගම දුරකතන සේවා සැපයීම ඉතා ඉක්මනින් යථාර්ථයක් බවට පත් කරගැනීමට ‘ස්කයි ඇන්ඞ් ස්පේස් ග්ලෝබල්’ සමාගමේ ‘නැනෝ චන්ද්‍රිකා’ ක්‍රමවේදය ඔස්සේ හැකියාව ලැබෙනු ඇතැයි බොහෝ පිරිස් විශ්වාසය පළ කරති. ‘ස්කයි ඇන්ඞ් ස්පේස් ග්ලෝබල්’ සමාගම මේ වනවිටත් ‘නැනෝ චන්ද්‍රිකා’ සමූහයක් අභ්‍යාවකාශයට යවා තිබේ. ඔබ ගන්නා දුරකතන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් සහිත සංඥා එක් නැනෝ චන්ද්‍රිකාවකට යන අතර එය ඊළඟ නැනෝ චන්ද්‍රිකාවට යවයි. එයින් පසු අදාළ පුද්ගලයාට ඔබ ගන්නා දුරකතන ඇමතුම හෝ කෙටි පණිවිඩය ලැබෙයි. “පෘථවියේ ඡායාරූප ගැනීම සඳහා ‘නැනෝ චන්ද්‍රිකා’ භාවිත කිරීම ගැන අපි හිත හිතා හිටියා. එහෙත් දුරකතන හා කෙටි පණිවිඩ සන්නිවේදනය සඳහා ‘නැනෝ චන්ද්‍රිකා’ යොදා ගැනීමට හැකි වේවි යැයි අපි කවුරුවත් හිතුවේ නැහැ. එහෙත් අපට එය කිරීමට හැකියාව ලැබුණා. එය කළ පළමු කණ්ඩායම අපි යැයි ‘ස්කයි ඇන්ඞ් ස්පේස් ග්ලෝබල්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මයර් මෝලම් පැවසීය. වසර 2020 දී මෙම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ වීමට නියමිත අතර නිරක්ෂ ආසන්න කලාප ඉලක්ක කරගනිමින් කෙටි පණිවිඩ, හඬ සහ දත්ත හුවමාරු කිරීමේ සේවා ලබාදීමට නියමිතය. මුල් අදියරේදී ලතින් ඇමෙරිකානු සහ අප්‍රිකානු රටවල් ආවරණය වන අතර බිලියන තුනක පමණ ජනගහනයකට සේවා සැපයීමට නියමිතය. “දැරිය හැකි ජංගම දුරකතන සේවා ලබාදීම සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික සහ සමාජ සංවර්ධනයට ඉතා වැදගත්” යැයි මෝලම් කීය. “අපේ ව්‍යාපෘතියට එක්සත් ජනපද ඩොලර් මිලියන 150කට ආසන්න මුදලක් යනවා. එය එක් සම්මත සන්නිවේදන චන්ද්‍රිකාවක් සඳහා වැයවන මුදලට වඩා ඉතා අඩු මුදලක්. පිරිවැය අඩුයි වගේම තාක්ෂණය ඉහළයි. මේ ක්‍රමවේදය ඔස්සේ අවම බාධා යටතේ අපට සන්නිවේදන කටයුතුවල යෙදෙන්න පුළුවන්” මෝලම් තවදුරටත් කීවේය.
“දැරිය හැකි ජංගම දුරකතන සේවා ලබාදීම ඉතා වැදගත්” යැයි පැවසුවේ කවුරුන්ද ?
{ "answer_start": [ 1502 ], "text": [ "මෝලම්" ] }
e2d43d64-b17a-4780-a03a-c3c3a108076c
අපි සොයා යන දෙවන සොහොන පිහිටා ඇත්තේ කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ නම් ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානය තුළය. ඉංග්‍රීසි පාලන සමයේ දී කතරගම ප්‍රදේශය පාලනය කර ඇත්තේ ජේ.පී. ඉරේෂන් නම් සුදු ජාතිකයාය. දක්ෂ දඩයක්කාරයෙකු වූ ඔහුගේ ප්‍රියතම දඩයම වී ඇත්තේ අලි ඇතුන්ට වෙඩි තැබීමයි. මෙසේ ඔහු අතින් මිය ගිය අලි ඇතුන්ගේ ප්‍රමාණය සිය ගණනකි. මෙසේ අලි ඇතුන්ට විනයක් වූ ඉරේෂන්ට දිවි අහිමි වූයේ ද අලියෙක් පහරදීම නිසාවෙන් වීම දිට්ඨධම්මවේදනීය කර්මය පඩිසන් දුන්නා සේය. මියගිය ඉරේෂන් වෙනුවෙන් ඔහුගේ මිතුරන් යාල කැලයේ ඇති ගල් තලාවක ඔහුගේ සොහොන ඉදිකර තිබේ. එහි සඳහන් වන්නේ ගල්ගේ ප්‍රදේශයේ නිර්මාතෘ හා බ්‍රිතාන්‍ය ජාතික ශූර දඩයක්කරුවෙකු වූ ජේ.පී. ඉරේෂන් මහතා සිහිවීම පිණිසයි. උපත 1877 අප්‍රේල් 03 දා විපත 1923 නොවැම්බර් 12දා, ඔහුගේ මිතුරන් විසින් මෙම සිහිවටනය ඉදිකරන ලදි. ඔහු සාමදානයේ සැතපේවා ලෙසය.
ඉංග්‍රීසි පාලනසමයේදී කතරගම ප්‍රදේශය පාලනය කර ඇත්තේ කවුද?
{ "answer_start": [ 157 ], "text": [ "ජේ.පී. ඉරේෂන්" ] }
7f02b3fa-6204-4c05-a9f3-fe6f4e90492c
දහනවවැනි සංශෝධනය ගෙනෙද්දී අපි ඡන්දෙ දුන්නා. ටික දවසක් ගියාම අපිට ඒකෙ අඩුපාඩු පෙනුණා යැයි රෝහණ දිසානායක කී අතර, විජයදාස කීවේ බ්‍රහස්පතින්දා පැවැත්වෙන හමුවේ දී මේ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් කළ හැකි බවය. සරත් වීරසේකර මන්ත්‍රීවරයා කියා සිටියේ වෙනත් අදහසක් ය. ඔහු විසිඑක්වැනි සංශෝධනයට එකහෙළා විරුද්ධය. ඔහු කීවේ ජනාධිපතිවරයා සතු බලතල අගමැතිවරයාට පැවරීම ගැන තමා විරුද්ධත්වය පළ කරන බවය. ඔබතුමාගේ බලය දිස්ත්‍රික්කයකින් පත්වන කෙනකුට පවරන්න අයිතියක් නෑ. මම ඒකට විරුද්ධයි. මම 19 ට අත ඉස්සුවේ නෑ. මං 21ට අත උස්සන්නේත් නෑ. මම කියන්නේ ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රශ්න ටික විසඳන්න කියලා යැයි සරත් වීරසේකර කීවේය. අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ තමා අගමැතිකම ඉල්ලාගෙන නොපැමිණි බවය. තමාට ඒ සඳහා ආරාධනා කළ නිසා අගමැතිකම භාරගත් බව රනිල් කීවේය. පුත්තලමේ චින්තක මායාදුන්න මන්ත්‍රීවරයා ද කතාවට සම්බන්ධ විය. ඔහු කීවේ දැන් තියෙන ප්‍රශ්නය මේක නෙවෙයි කියාය. අපේ ගෙවල් ගිනි තියලා ඇඳිවත විතරයි තියෙන්නේ. මිනිස්සු ඉල්ලන්නේ ව්‍යවස්ථා සංශෝධන නෙමේ. චින්තක මායාදුන්න කීවේය.
චින්තක මායාදුන්න මන්ත්‍රීවරයා කුමන ප්‍රදේශයේ පුද්ගලයකුද?
{ "answer_start": [ 738 ], "text": [ "පුත්තලමේ" ] }
13358191-edef-4bbb-88c1-ff7ab0f2e9c2
නානුඔයෙන් ආරම්භ වූ උඩුපුස්සැල්ලාව දුම්රිය මගේ බ්ලැක්පූල්, නුවරඑළිය, කඳපොළ, බෘක් සයිඩ්, හා රාගල වශයෙන් දුම්රිය ස්ථාන 5ක් හා පීඩිරෝ, කෝර්ට් ලොජ්, එක්කැඩෙල්, ශාන්ත ජෝන් හා රාගල ලෙසට වතු ආශ්‍රිතව දුම්රිය වේදිකා 5ක්ද ඉදිව තිබී ඇත. මේවායේ නටබුන් හෝ වර්තමානයේ දක්නට නොමැති නමුදු නානුඔය දුම්රිය ස්ථානයෙන් ගමන ආරම්භ කිරීමෙන් පසු අඩි 150ක ශීඝ්‍ර නැග්මක් ඔස්සේ හති හලාගෙන කඳු නැගීමක නිරත වන දුම්රිය අනතුරුව එඩින්බරෝ තේ වතුකරය තේ පඳුරු අස්සෙන් ගමන් කරන අතර තේ වත්ත මැදින් යන නිසා එම එඩින්බරෝ වත්තේද නැවතුම්පොළක් තිබෙන්නට ඇතැයි උපකල්පනය කළ හැකි නමුත් අද වනවිට එවැනි කිසිදු සලකුණක් දක්නට නොමැත.
උඩුපුස්සැල්ලාව දුම්රිය ආරම්භ වූයේ කොහේ සිටද?
{ "answer_start": [ 0 ], "text": [ "නානුඔයෙන්" ] }
9c7f5e69-bbd5-47d1-911a-f4f1e83b6110
විදුලි කප්පාදුව ඉදිරි දිනවලදී පැය 10ක් දක්වා දීර්ඝ වියහැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ප්‍රමාණය වර්තමාන විදුලි ජනන ධාරිතාවෙන් හෝ තවත් දින 10 ක් පමණක් පවත්වාගෙන යෑමට කළහැකි වීම සහ කෙරවලපිටි විදුලි බලාගාරය වසා දැමීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් විදුලි ජනනයට අවශ්‍ය දැවිතෙල් අවසන් වීම නිසා ඇනවුමක් ලැබෙන තෙක් බලාසිටීම සිදුවීම හේතුවෙන් තත්වය තවත් බරපතල වී ඇති බවත් එම නිලධාරියා කීය. පැය 10කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
විදුලි කප්පාදුව ඉදිරි දිනවලදී කොපමණ කාලයක් දක්වා දීර්ඝ වියහැකිද?
{ "answer_start": [ 30 ], "text": [ "පැය 10ක් දක්වා" ] }
455db383-f13f-4996-a955-d39e75c2fff8
ඇන්.ඇම්. පෙරේරා මහතාගේ පියා තොටළඟ කඩසාප්පු සමඟ කරත්තත් හිමි කරත්තකරුවෙක්. සිය ප්‍රතිවාදීන් ඇන්.ඇම්. පෙරේරා මහත්තයාට තොටළඟ මාටියා යනුවෙන් හැඳින් වූ අයුරු මට මතකයි. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හා විජයවර්ධන පවුලේ වාසභූමිය වූ සේදවත්ත වලව්වත් කැලණි ගඟ අසබඩ අදටත් අපට දකින්න පුළුවන්. මුලින්ම එජාපයෙන් තොටළඟට තරග කළේ සේරම් කියලා මහත්තයෙක්. ඊළඟට ඉඟුරු කඩේ හන්දියේ එදිරිසිංහ ගරාජයේ හිමිකරු වූ එදිරිසිංහ මහත්තයා සමසමාජයෙන් තරග කළා. චාල්ස් ගන්දර කියලා දකුණේ මහත්තයෙක් ශ්‍රීලනිපයෙන් තරග කළා. 1956දී උතුරු කොළඹ මහවත්ත නාගරික කොට්ඨාසයට ලංකා සමසමාජ පක්ෂයෙන් විවියන් ගුණවර්ධන මහත්මිය තරග කරලා ජය ලබාගත්තා. විවියන් ගුණවර්ධන කියන්නේ බොහෝම එඩිතර කාන්තාවක්. විවියන් ගුණවර්ධන මහත්මිය සමඟ එජාපයෙන් තරග කළේ ෂෙල්ටන් ජේ. අබේරත්න මහත්තයා තමයි. ඒ මහත්තයාත් විවියන් ගුණවර්ධන මහත්මිය පරාද කරලා නාගරික මන්ත්‍රී වුණා. ඒ කාලේ අපේ තාත්තා ඇතුළු ගමේ පිරිස තොටළඟ සමසමාජ රැලිවලට එන ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහත්තයාව පිළිගත්තේ මුද්දරප්පලම්වලින් හදපු මල් මාලා දාලා ඒ තරමට ඉස්සර තොටළඟ හිටපු මිනිස්සු ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහත්තයාට ආදරෙයි. ඒ වගේම තමයි හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයාටත් තොටළඟ මිනිස්සු හරිම ආදරෙයි.
1956දී උතුරු කොළඹ මහවත්ත නාගරික කොට්ඨාසයට ලංකා සමසමාජ පක්ෂයෙන් තරග කරලා ජය ලබාගත්තේ කව්ද?
{ "answer_start": [ 546 ], "text": [ "විවියන් ගුණවර්ධන මහත්මිය" ] }
b25756e6-c572-4713-86a5-3e6633174fe4
සෙල්වරාජා කාන්ත රූබන් හෙවත් ශ්‍රී තම්බිතුරෙයි ගුණසේකරන් හෙවත් මරක්කාල් පනිචෙක්චෙල්වන් හා ක්‍රිෂ්ණ ගිරිදරන් හෙවත් ගිරි නමැත්තන් මෙසේ වන්නියේ එවකට කොටි බල ප්‍රදේශවලට රිංගා අල්ලාගත් ප්‍රබල කොටි නායකයින් තිදෙනෙකි. කොටි බළකොටුවලට රිංගා මේ ප්‍රබල කොටි නායකයන් තිදෙනා ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ මීට වසර 18කට පමණ ඉහතදීය. කොටි බළකොටුවලට රිංගා මේ කොටි ප්‍රබලයන් තුන් දෙනා අල්ලාගැනීමේ මෙහෙයුමට නායකත්වය ලබාදී ඇත්තේ එවකට කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ රාජකාරී කළ දැනටත් පොලිසියේ රාජකාරී කරන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිලුපුල් පීරිස් මහතාය.
ප්‍රබල කොටි නායකයින් තුන්දෙනා අල්ලාගැනීමට නායකත්වය දුන්නේ කවුරුන්ද?
{ "answer_start": [ 532 ], "text": [ "ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිලුපුල් පීරිස්" ] }
ac1456e7-8ecf-49a9-9eba-db1c52f3c844
සිරුර පාරේ තිබුණේ නම් මෙය නිගමනය කිරීම වඩාත් පහසුය. ඒත් එය පිහිටා තිබුණේ මහ මග ආසන්නයේ වූ හිස් ඉඩමකය. ඒ නිසා කිසිවක් එකවර නිගමනය කළ නොහැකි විය. අධිකරණ වෛද්‍යවරයා ඒ ආසන්නයේ මහ මග ද පරීක්ෂා කර බැලුවේය. හිටිගමන් තිරිංග තද කිරීමෙන් වාහනයක රෝද ඇදී ගිය ලකුණු සිරුර වැටී තිබූ ස්ථානයට මිටර දහයක් පමණ ඇතුළත ආසන්නයේ දකින්නට ලැබිණ. පාර මැදින් ආ ටයර් පාර මඳක් හැරී ඉඩම පැත්තට හැරී තිබෙනු දැකිය හැකිවිය. එසේම ඒ ස්ථානයේ දිගටම කුඩා වීදුරු කැබලි ද දැකිය හැකිවිය. පොලිසිය ඒ වීදුරු කැබලි කිහිපයක් ද නඩුවට අවශ්‍ය වුවහොත් භාවිත කිරීමට ලබාගත්හ.
ඒ ස්ථානයේ දිගටම දැක ගත හැකි වූයේ මොනවාද?
{ "answer_start": [ 412 ], "text": [ "කුඩා වීදුරු කැබලි" ] }
0ee27aac-2bcb-47e4-801d-33d52552c5eb
සූර්ය පැනලවලින් උපරිම විදුලිබල ශක්තියක් උත්පාදනය කරගැනීම සඳහා දිසාව, පිහිටීම, උෂ්ණත්වය, ආර්ද්‍රතාව, සූර්ය විකිරණ ප‍්‍රබලතාව සහ ආනතිය හඳුනාගැනීමේ ස්වංක‍්‍රීය පද්ධතියක් නිපදවීමට මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශය සමත්වී සිටියි. සූර්ය පැනල සවි කිරීමේදී වැඩි බලශක්තියක් උත්පාදනය කරගැනීම ඉතා වැදගත් වන අතර වඩා කාර්යක්‍ෂම ඵලදායී සූර්ය බලශක්ති උත්පාදනයක් සදහා ස්ථාපනය කරන ස්ථානය, සූර්ය පැනලයේ මූලද්‍රව්‍ය, පැනලයේ ආනතිය සහ පැනලයේ උෂ්ණත්වය ඇතුළු විවිධ පාරිසරික සාධකද බලපායි. යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පශ්චාත් උපාධි අපේක්‍ෂක ජානක බස්නායක සහ කථිකාචාර්ය දුමිත් ජයතිලක යන නිර්මාණකරුවෝ මෙය නිර්මාණය කළහ. දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංජිත් අමරසිංහ, නියෝජ්‍ය උපකුලපති යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්මේන්තුවේ මහාචාර්ය රාහුල අත්තලගේ සහ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය බුද්ධික ජයසේකර යන මහත්වරු ඔවුනට මඟ පෙන්වූහ.
දිසාව, පිහිටීම, උෂ්ණත්වය, ආර්ද්‍රතාව, සූර්ය විකිරණ ප‍්‍රබලතාව සහ ආනතිය හඳුනාගැනීමේ ස්වංක‍්‍රීය පද්ධතියක් නිපදවූයේ කුමක් සඳහාද?
{ "answer_start": [ 0 ], "text": [ "සූර්ය පැනලවලින් උපරිම විදුලිබල ශක්තියක් උත්පාදනය කරගැනීම සඳහා" ] }
1db1a191-0e9c-4b32-a614-376a54638320
ඔබේ නිවසේ ඇතුළත මෑණියන්ට පහන් පුදා පූජා තැබීමෙන් වළකින්න. නිවසට ආලෝකය නොවැටෙන පරිදි පහන් පැල සාදාගත යුතුය. රුක්අත්තන ලීයෙන් අඟල් 11 පළල අඟල් 17 දිග නම් වඩාත් යෝග්‍ය වේ. සුභ ශාන්තිවල දී නැගෙනහිර දිශාවටත් අවලාද අවනඩුවල දී බස්නාහිර දිසාවට මෙන්ම සුභ ශාන්තියට අබතෙල් පහන ද, අවනඩු අවලාදවල දී පස්තෙල් හෝ කොහොඹ තෙල් පහන ද සුදුසු වනු ඇත. සුවඳ සාම්බ්‍රානි හෝ දුම්මල ඇල්ලීම ද ඉහත ක්‍රමයන් අනුගමනය කළ යුතුය. භාරහාර වීමේදී රිදී පඬුරක් හෝ අවනඩුවලට තඹ කාසියක් සුදුසුය. සොහොන් කාලි මෑණියන්ගෙන් පිහිට ආශිර්වාද ලබාගැනීමේ දී ඔබේ යහපත වෙනුවෙන් යහපත් දේ ඔබටම කරගත හැකිය. නමුත් සතුරු විපත් දඬුවම්වල දී ඔබට එතරම් අත්දැකීම් නොමැති නම් අත්දැකීම් බහුල අයෙකු ලවා ඔබේ කටයුතු කර ගැනීම වඩා යෝග්‍ය වේ. සොහොන් කාලි මෑණියන්ගේ බලගතු ගුරුකම් තව බොහෝ තිබුණ ද ඒ සම්බන්ධව ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
පහන්පැල සැදීමට වඩාත් සුදුසු යැයි පැවසෙන ලී වර්ගය කුමක්ද?
{ "answer_start": [ 107 ], "text": [ "රුක්අත්තන" ] }
8ebf138d-8025-4485-b56b-d91c9210ba43
සැකකරු අත්අඩංගුවට ගත් බවට උසස් නිලධාරීන් දැනුම්වත් කර පසුව සැකකරු පොලිසියට රැගෙනවිත් ප්‍රශ්න කිරීමේදී පළමු දිනේ ඔහු පොලිසියට කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර දෙවන දිනයේ දී සියල්ල පවසා ඇත. ඔහු මෙම කොල්ලය සඳහා භාවිත කළ අත්බෝම්බය හා පිහිය එම ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබී පොලිසිය සොයාගෙන ඇත. පොලිසිය සැකකරු පසුපස හඹා එමින් සිටියදී ඔහු මේවා අතුරු මාර්ගයක සඟවා පැනගොස් ඇත. මොහු මුලින්ම පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමා කළ ව්‍යාපාර පාඩුවීම හේතුවෙන් අධිකව ණය වී ඇති බවත් එම ණය පොලී ගෙවීම සඳහා මෙම කොල්ලකෑම් සිදුකළ බවයි.
අත්බෝම්බය හා පිහිය සොයාගත්තේ කොහෙන්ද?
{ "answer_start": [ 246 ], "text": [ "අතුරු මාර්ගයක තිබී" ] }
c3d44854-492f-448d-b23d-59b8c8815941
ඉංග්‍රීසීන් විසින් අපේක්ෂිත භට කණ්ඩායම් ලැබුණු පසුව ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය අධිරාජ්‍යවාදීන් විසින් ඉතා තිරස්චීන ලෙස මර්දනය කිරීමට කටයුතු කරන ලදී. ඔවුන් අවුරුදු 15ට වැඩි සියලු පිරිමින් මරා දැමීමට නියෝග නිකුත් කරන ලදී. ඉංග්‍රීසීන් විසින් ස්ත්‍රීන් දූෂණය කරන ලද අතර, කෙත්වතු, නිවාස ගිනි තබන ලදී. එසේම මහා වැව්, කුඩා වැව් සියල්ල කඩා බිද දමන ලදී. ගොවීන්ගේ කෘෂි ආර්ථිකයන්ට ඉමහත් දායකත්වයක් සැපයූ හරකුන් දහස් ගණනින් මරා දමන ලද අතර, ඔවුන්ගේ ප්‍රධාන ආහාරය බවට ද පත් කර ගන්නා ලදී. අවි ගත්තවුන් සියල්ල මරා දැමිය යුතු බවට වූ නියෝගය හේතුවෙන් කැති - උදලු අත දැරූවන් ද මරා දමන ලදී.
ඉංග්‍රීසින් විසින් ගිනි තැබුවේ මොනවද ?
{ "answer_start": [ 267 ], "text": [ "කෙත්වතු, නිවාස" ] }
74453251-473f-48d4-9b24-3ad8c24b6ef1
එම අවස්ථාවේදී එහි සිටි හෙදියක් තම බිරිඳ අමතමින් පසෙකට කැඳවාගෙන ගියා ඇය තමාගේ රෝග තත්ත්වයක් පිළිබඳ බිරිඳව දැනුවත් කිරීමට කැඳවාගෙන යන්නට ඇතැයි සිතුවා. හෙදිය මුණගැහී තමා වෙත ආ බිරිඳ අපි යං තාත්ති යැයි පවසමින් තමා ඉදිරියට පැමිණීමත් සමඟ සිදු වූයේ කුමක්දැයි සිතා ගත නොහැකිව ඔහු තම බිරිඳගෙන් ඒ පිළිබඳව විමසා සිටි බව අමාත්‍යවරයා පැවසීය. එම අවස්ථාවේදී වෛද්‍යවරයා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන හෙදිය තමාව දැනුවත් කළ බව අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව වෛද්‍යවරයා හමු වී ඒ ආකාරයෙන් කටයුතු කළේ මන්දැයි තමා විමසා සිටි අතර එහිදී ඔහු පවසා ඇත්තේ දේශපාලනඥයන්ට තමා ප්‍රතිකාරක නොකරන බව යැයි අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයට ප්‍රතිකාර කිරීම ප්‍රතිකේෂ්ප කරේ කව්ද?
{ "answer_start": [ 343 ], "text": [ "වෛද්‍යවරයා" ] }
8846b7ee-7f06-4557-b586-13f6a627a8be
දිනපතා හිමිදිරියේ සිට කැලණි විහාරයේ වෙහෙර වහන්සේට ඉහළින් සඳ නැගෙන හෝරාව දක්වා බස් රථය තුළ පමණක් කිලෝමීටර් ගණනාවක් ඔවුහු එහෙ මෙහෙ දුවති මගීන් වැඩි ප්‍රමාණයක් බසයට ගොඩවෙන තරමට දරු පවුලක සතුට සැනසුම රැගෙන උකු ගැසෙන අඳුර අස්සෙන් ගෙදරට යා හැකිය. ඒ රියදුරු කොන්දොස්තරවරුන්ගේ කඳුළු කතාවයි. කැලණි ගං දෙගම්බඩ යා කෙරෙන කැලණිමුල්ලේ පාලම තැනීමට පෙර 150 අංගොඩින් ආරම්භ කෙරූ සමයේ ලංගමය ද සමගින් තරග වැදුණත් හොඳ ආදායමක් තිබිණි. කට කපලා සෙනග ඒ පියපාල මහතාගේ වචනයි. මීතොටමුල්ලෙන් බස් 15ක් දිව්වා. මේ කියන කාලෙ 152 කොස්වත්තට ගියේ නැහැ. 150 බස් ඕන තරම් තිබුණු නිසා මිස කොස්වත්තෙ ඉඳල උදේ හවස රැකියාවන්ට යන අයත් අපේ බස්වලට ආවා.
මීතොටමුල්ලෙන් බස් කියක් දිව්වේද?
{ "answer_start": [ 467 ], "text": [ "15ක්" ] }
8ce7c93e-6af5-4102-b127-2ee38141b55e
ඇමෙරිකන් සොල්දාදුවන් අතට පත්වන අලුත් ස්නයිපර් තුවක්කුවක් ගැනයි මේ. මේක නවීන තාක්ෂණයෙන් නිර්මාණය වූවකි. හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල දකින්න ලැබෙන විදියේ එකකි. ඒත් මේ තුවක්කුව සැබෑවකි. තුවක්කුවේ ඇති විශේෂත්වය වන්නේ එහි කොකා ගැස්සෙන්නේ ඉලක්කය සියයට සියයක් නිවැරැදි නම් පමණි. තුවක්කුව අතැති සොල්දාදුවාගේ අභිමතය පරිදි කොකා ගැස්සෙන්නේ නැත. තුවක්කුවේ ඉලක්කය අල්ලන කොටසට පරිගණක චිපයක් ඇතුළත්ය. එහි දත්ත ගබඩාවේ ත්‍රස්තවාදීන්ගේ තොරතුරු ඇතුළත් වෙයි. සොල්දාදුවා ඉලක්කය හසුකර ගනිද්දී සතුරා නිවැරැදිව හඳුනාගැනීම කරන්නේ තුවක්කුවය. ඉලක්ක කර මරා දැමීමට අවශ්‍ය පුද්ගලයාගේ අනන්‍යතාව නිවැරැදි නම් කොකා ගැස්සීමට තුවක්කුව සොල්දාදුවාට අවසර ලබාදෙයි.
මෙම ස්නයිපර් තුවක්කු නිර්මාණය කර ඇත්තේ කුමන තාක්ෂණයෙන්ද?
{ "answer_start": [ 71 ], "text": [ "නවීන තාක්ෂණයෙන්" ] }
426c7053-6f83-4b5a-984d-96c8d8cd48bc
ධර්මය අවබෝධකර ගැනීම සඳහා ලෝකෝත්තර ප්‍රතිපදාවට බැසගැනීමට වර්ධනය කළ යුතු මූලික ප්‍රතිපදාව ලෙස මෙම පූර්වභාග ප්‍රතිපදාව දැක්විය හැක. නිර්වාන සුවය අධිගමනය කිරීම සඳහා සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන යන අංග පහ වර්ධනය කළ යුතුය. ප්‍රතිවේධ ශාසනය නම් සෝතාපන්න සකදාගාමී අනාගාමී අරහත් මාර්ගයන් සතරත්, සෝතාපන්න සකදාගාමී අනාගාමී අරහත් ඵලයත් සතරත්, නිර්වාණයත් යන නව ලෝකෝත්තර ධර්මයෝය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ පාඨයන් ධර්මය වශයෙන් එක් ආකාරයකින් වේ. ධර්ම විනය වශයෙන් දෙයාකාර වෙති . විනය සූත්‍ර අභිධම්ම හා මුල මැද අග වශයෙන් ත්‍රිවිධාකාර වෙති. දීඝ නිකාය මජ්ඣිම නිකාය සංයුක්ත නිකාය අංගුත්තර නිකාය ඛුද්දක නිකාය වශයෙන් ආකාර පහක් වෙති. සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරන ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූත වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනමය වශයෙන් නවාකාර වෙති. ජීවමාන ශ්‍රී මුඛ පාඨමය වශයෙන් (ස්කන්ධ වශයෙන්) අසූදෙදහසක් හා ශ්‍රාවක භාෂිත වශයෙන් (ස්කන්ධ වශයෙන්) දෙදහසක් ලෙස එකතුව ස්කන්ධ අසූහාරදහසක් වෙති. ශ්‍රී මුඛ පාළි වශයෙන් ග්‍රන්ථ දෙලක්‍ෂ හැත්තෑපන්දහස් දෙසියවිසිපහකි. ශ්‍රී මුඛ පාළි හා අටුවා විස්තර වශයෙන් බණවර දෙදහස්පන්සිය හතළිස්හතකි. ග්‍රන්ථ වශයෙන් හයලක්‍ෂ තිස්හය දහසකි. අක්‍ෂර වශයෙන් දෙකෝටි අනූතුන් ලක්‍ෂ හැට අට දහසකි. නය / න්‍යාය වශයෙන් අනන්ත සංඛ්‍යාත වෙති.
ශ්‍රී මුඛ පාළි හා අටුවා විස්තර වශයෙන් බණවර කොපමණ ප්‍රමාණයක් වේද?
{ "answer_start": [ 990 ], "text": [ "දෙදහස්පන්සිය හතළිස්හතකි" ] }
71fc47c9-692e-4473-8924-3af518906354
ඉංග්‍රීසින් විසින් මෙරට පුංචි එංගලන්තය ලෙස නම් කර ඉදිකළ නුවරඑළිය නගරයට අවුරුදු 190ක් සපිරුණු බව අපි අභිමානයෙන් යුතුව ඉකුත්දා සටහනක් තබා රටට කියා සිටියෙමු. බ්‍රිතාන්‍යයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුකූලව ඉතා ක්‍රමානුකූලව විධිමත් අයුරින් තමන්ට අවශ්‍ය වූ ගොඩනැගිලි ඉදිකිරීමට එදවස ඉංග්‍රීසීහු වගබලා ගත් බව මීට වසර 30– 40කට පෙර නුවඑළිය පිළිබඳ මතකයක් ඇති අයගේ මනස් තුළ ඒ සොඳුරු පුංචි නුවරඑළියේ හැඩරුව නිරූපණය වනු නොඅනුමානය. නගරයේ මැද විද්‍යමානවූ ලීයෙන් තැනූ දෙමහල් පුරහල ඊට කදිම නිදර්ශනයකි. අද දවසේ නුවරඑළිය නගරයට සේන්දුවන ඕනෑම කෙනෙකුගේ නෙත සිත වසඟ කරන දර්ශනීය තැපැල්හල නුවරඑළිය සලකුණ බඳුය. 1828 වසරේ එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා නිවාඩු නිකේතනයක් ලෙස ඇරඹු නුවඑළිය තුළ මුල් කාලයේ ඔවුන්ගේ නිවාස වරිච්චි බිත්තිවලින් ගොඩනගා ටකරන්වලින් වහළවල් සකසා ඊට ඉහළින් මානකොළ අතුරා සීතල වළකාගත් බව තොරතුරු කියැවේ. එසේ සෑදූ නිවෙස් ඇතුළත සීතලගතිය පහව යාමට කණු උඩ සවිකළ ලෑලි යොදාගෙන තිබුණද එදා නුවරඑළියේ ඉදිකළ ප්‍රාථමික ගොඩනැගිලිවලට මානාකොළ කැපූ ප්‍රදේශය අද සදතැන්න නොහොත් මුන්ප්ලේන්ස් ලෙස භාවිතා කරන ගම්මානයයි.
එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා 1828 වසරේ දී නුවරඑළිය නිර්මාණය කලේ කුමක් ලෙසද?
{ "answer_start": [ 616 ], "text": [ "නිවාඩු නිකේතනයක් ලෙස" ] }
157514e4-96d8-4fa0-ae8a-92a7a3ac9f3e
යෝධ ප්‍රතිමාව ඉදිකිරීමේ මූල්‍ය ප්‍රතිපාදන දැරුවේ එලෙන්ස්වරුන්ය. ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමේ සංවිධායකවරුන් ලෙස කටයුතු කළේ ද මොවුන් ය. මොවුහු ඇතැන්ස් වැසියන්ට දෙවැනි නොවන අයුරින් කැපී පෙනෙන්න උත්සාහ කළහ. සූස් දෙවියන්ගේ මෙම යෝධ විස්මිත ප්‍රතිමාව ඉදිකිරීම සිදුවූයේ ඒ අනුවය. සූස් දෙවියන්ගේ ප්‍රතිමාව, සූස් දෙවියන් වෙනුවෙන් ඉදි කළ දෙවොලේ ඉදිකිරීම ඇරැඹුණේ යැයි පැවැසෙන්නේ ක්‍රි.පූ. 430 දී ය. ඉදිකිරීම් කටයුතු අවසන් වූ බව පැවැසෙන්නේ ක්‍රි.පූ. 422 දීය. සූස් දෙවියන් වෙනුවෙන් එම දේවාලය ඉදිකළේ ද එලෙන්ස්වරුන්ය. ප්‍රතිමාව ඉදිකිරීම පීඩියාස්ට පැවැරුවේ ද මොවුන්ය. මූර්ති ශිල්පියකු ලෙස මේ වනවිට පීඩියාස් නමක් දිනාගෙන සිටියේය. ඔහු පාර්තෙනෝස් නුවර ඇතීනා දෙවඟනගේ යෝධ ප්‍රතිමාවක් ඉදිකර තිබුණි. ඇතන්ස් දෙවඟනගේ ප්‍රතිමාව නිසා එවකට ජනප්‍රිය මෙන්ම ජනතාවගේ ගෞරවයට ලක් වුණු චරිතයක් විය. සූස් මහ දෙවිඳුගේ ප්‍රතිමාව ඉදිකිරීමට ඔහුට වසර 12 ක කාලයක් ගතවුණේ යැයි ඇතැම් ඉතිහාස වාර්තාවල සඳහන් වෙයි.
මෙය ඉදිකිරීම අරාම්භ කළේ කුමන කාලයේද ?
{ "answer_start": [ 371 ], "text": [ "ක්‍රි.පූ. 430 දී ය" ] }
edcf7270-6b68-42e9-8149-da2463a3fab9
එසේම ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයාව සිටින කාලයේදී සෞදි අරාබි රාජ්‍ය පකිස්තානයේ තැන්පත් කල ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක සංචිතය 2023 ජුනි මස තෙක් පවත්වා ගෙන යාමට සෞදි අරාබි රාජ්‍ය එකඟතාව පළ කර ඇත. ඒ අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් සෞදී අරාබි මොහොමඩ් බින් සල්මන් කුමරු හමුවූ අවස්ථාවේ කළ ඉල්ලීමකට අනූවය. සෞදි අරාබි රාජ්‍ය විසින් පකිස්තානයට බොරතෙල් සහ අනිකුත් ඛනිජ තෙල් නිශ්පාදන තවදුරටත් සැපයීම සඳහා එකඟත්වය පළ කර ඇත. ඉම්රාන් ඛාන් අගමැති ධුරය දරණ අවස්ථාවේ වසරක කාලයක් සඳහා ලබා දුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක මුල්‍ය පැකේජය මෙසේ ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක් දක්වා වැඩි කර ඇත. හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ලබාදුන් ඩොලර් බිලියන 1.2 ක ඉන්ධන මුල්‍ය පහසුකම මෙම අවස්ථාවේ ඩොලර් බිලියන 2.4 ක් දක්වා වැඩි කර ඇත.
ඉම්රාන් ඛාන් අගමැති ධුරය දරණ අවස්ථාවේ වසරක කාලයක් සඳහා ලබා දුන් මුල්‍ය පැකේජය කොපමනක්ද?
{ "answer_start": [ 469 ], "text": [ "ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2" ] }
aa8a76a4-16f8-4c2f-8786-ff68e8bba779
දිනපතා හිමිදිරියේ සිට කැලණි විහාරයේ වෙහෙර වහන්සේට ඉහළින් සඳ නැගෙන හෝරාව දක්වා බස් රථය තුළ පමණක් කිලෝමීටර් ගණනාවක් ඔවුහු එහෙ මෙහෙ දුවති මගීන් වැඩි ප්‍රමාණයක් බසයට ගොඩවෙන තරමට දරු පවුලක සතුට සැනසුම රැගෙන උකු ගැසෙන අඳුර අස්සෙන් ගෙදරට යා හැකිය. ඒ රියදුරු කොන්දොස්තරවරුන්ගේ කඳුළු කතාවයි. කැලණි ගං දෙගම්බඩ යා කෙරෙන කැලණිමුල්ලේ පාලම තැනීමට පෙර 150 අංගොඩින් ආරම්භ කෙරූ සමයේ ලංගමය ද සමගින් තරග වැදුණත් හොඳ ආදායමක් තිබිණි. කට කපලා සෙනග ඒ පියපාල මහතාගේ වචනයි. මීතොටමුල්ලෙන් බස් 15ක් දිව්වා. මේ කියන කාලෙ 152 කොස්වත්තට ගියේ නැහැ. 150 බස් ඕන තරම් තිබුණු නිසා මිස කොස්වත්තෙ ඉඳල උදේ හවස රැකියාවන්ට යන අයත් අපේ බස්වලට ආවා.
"කට කපලා සෙනග" කාගේ වචනයක් ද?
{ "answer_start": [ 428 ], "text": [ "පියපාල මහතාගේ" ] }
9151dec9-b379-424f-9855-ad9f9b2cee5c
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බෲක්ලින් පළාතේ උමං දුම්රිය ස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් 13 දෙනෙක් තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මාධ්‍ය වාර්තා අනුව, වෙඩි තැබිම සිදුවූ බව පැවැසෙන්නේ සන්සෙට් පාක් 36 ස්ට්‍රීට් ස්ටේෂන් උමං දුම්රිය ස්ථානයේය. වෙඩි තැබීම සිදුවූයේ ඇමෙරිකාවේ වේලාවෙන් උදෑසන 8.30 ට පමණය. වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ මහත් කලබලයක් ද හට ගත්තේය. නිව්යෝක් පොලිසිය ජනතාව දැනුවත් කළේ උමං දුම්රිය ගමන් බිමන් වහා නවත්වන ලෙසත්, සන්සෙට් පාක් 36 ස්ට්‍රීට් ස්ටේෂන් උමං දුම්රිය ස්ථානයට යෑමෙන් වළකින ලෙසත්ය. වෙඩි තැබීමේ සිදුවීමත් සමඟ දුම්රිය ගමන් තාවකාලිකව අඩපණ වූ බව ද පැවැසෙයි.
වෙඩි තැබීම වූ උමං දුම්රිය ස්ථානයේ නම කුමක්ද?
{ "answer_start": [ 192 ], "text": [ "සන්සෙට් පාක් 36 ස්ට්‍රීට් ස්ටේෂන්" ] }
66e628fb-123d-4788-8b7d-a973bef75e81
අපි ටයිටැනික් පිටත්වුණු ලංඩන් සවුත්හැම්ප්ටන් වරායෙන් පිටත්වුණේ සුඛෝපභෝගී සුවිසල් මගී නෞකාවක බටහිර යුරෝපයේ හා ස්කැන්ඩිනේවියානු රටවල සතියක මුහුදු සවාරියක් සඳහා. අපේ සමුදුරේ පළමු රාත්‍රිය ගෙවී ගියා සතුටින්. කපිතාන්වරයා අපි පිළිගන්න උත්සවය තමයි විශේෂම සිද්ධිය. රාත්‍රියේ සුව නින්දකට පසු අප ඇහැරෙන විට හැර තිබූ ජනෙල් තිර අතරින් අපි දැක්කේ මහා සමුදුර නොව බොහෝ ගොඩනැගිලියි. අප සුවසේ බ්‍රසල්ස් වරායට සේන්දු වී ඇත. අප සුව නින්දේ සිටියදී නෞකාවේ කාර්ය මණ්ඩලය කෙතරම් දේවල් කළමනාකරණය කරන්න ඇත්ද? අපි උදේ ආහාරයෙන් පසු ඓතිහාසික බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර පැය 3ක සංචාරයක් සඳහා බස්වලට නැගිය යුතුය.
අපේ සමුදුරේ පළමු රාත්‍රිය ගෙවී ගියේ කෙසේද?
{ "answer_start": [ 196 ], "text": [ "සතුටින්" ] }
cca43a37-de27-4fe9-8706-1a0318304ec0
දිනක් මොහු අසුපිනි ඇල්ල අසල වළ හරහා පීනා ගොස් ලෙනට රිංගා එහි ඇති රන් භාණ්ඩ පිළිබඳ තොරතුරු තම පියාට දැන්වීය. එය රහසක් ලෙස තබා ගන්නැයි බමුණා පුතුට කීවේය. නිධානය ලබා ගැනීමට බිල්ලක් දිය යුතු විය. බමුණාට අවශ්‍ය වූයේ තම පුත්‍රයා බිල්ලට දී නිධානය ලබා ගැනීමටයි. උඳු, මුං ආදී පුළුටු ද දිය ගොඩ මස්ද, රතුමල් ආදියද තබා බමුණා, මන්ත්‍ර ජප කළේය. අනතුරුව ලෙනෙහි ඇති රන් පුහුලක් ගෙන එන ලෙස පුතුට උපදෙස් දුණි. පුතු ද පියා කී ආකාරයෙන්ම ලෙනට රිංගා රන් පුහුලක් ගෙන ආවේය. කෑදරකමින් රන් පුහුල අතට ගත් බමුණා එක් වරම සිය ඇදුම් අතර සඟවාගෙන සිටි කඩුව අතට ගෙන බිල්ල සඳහා පුතු මරා දැමුමේය. පසුව බමුණා රන් පුහුලත් රැගෙන හොර රහසේම පිටව ගොස් ඇත.
බමුණා පුතාව මරා දැමුවේ කුමක් සදහාද?
{ "answer_start": [ 532 ], "text": [ "බිල්ල සඳහා" ] }
bc94acc7-6dca-4d6a-b667-202ed585dd82
මෙරටට දෙල් භෝගය හඳුන්වාදීම පිළිබඳව ජනප්‍රවාදිත මත ගණනාවක් වේ. ලන්දේසීන් විසින් මෙරටට දෙල් භෝගය හඳුන්වාදීම පිළිබඳ ජනප්‍රවාදයේ එන ජනප්‍රිය මතයේ වන්නේ සිංහලයන්ගේ එඩිතර වීර ක්‍රියාවන්ගෙන් පීඩාවට හා භීතියට පත්වූ ලන්දේසීන් උෂ්ණාධික ආහාරයක් වන දෙල් මෙරටට හඳුන්වාදී සිංහලයන් දෙල් කෑමට පුරුදුකර රෝගී කිරීමට සැලසුම් කළ බවය. නමුත් උෂ්ණාධික බල මාළු කෑමේදී පොල් මිශ්‍ර කර ගැනීමට හුරුව සිටි මෙරට වැසියන් දෙල් කෑමේදීද පොල් මිශ්‍ර කරගත් හෙයින් එහි ඇති උෂ්ණයෙන් බලපෑමක් නොවූ බවට මත ඇත. මේ පිළිබඳව එන තවත් ජනප්‍රවාදයකින් කියවෙන්නේ වැලිතර ප්‍රදේශයේ ජීවත්වූ පිනොස් ආරච්චි නමැති අයකු යුරෝපීය නැව්වලට ආරක්ෂාව සපයමින් කටයුතු කළ බවත් එසේ කටයුතු කරන අවස්ථාවක කුඩා යාත්‍රාවක ගමන් කරමින් සිටියදී කුණාටුවකට හසුව දූපතකට ගසාගෙන ගිය බවත්ය. එම දූපතේ අතරමං වූ ඔහුට ආහාරයට තිබී ඇත්තේ දෙල් පමණි. පසුව එම දූපතෙන් නැවත එනවිට ඔහු දෙල් පැළ කිහිපයක් ගෙනවිත් මෙරට රෝපණය කර ඇත.
මෙරටට හඳුන්වාදීම පිළිබඳව ජනප්‍රවාදිත මත ගණනාවක් ඇති භෝගය කුමක්ද?
{ "answer_start": [ 6 ], "text": [ "දෙල් භෝගය" ] }
47dc5bf3-7648-4a2f-88eb-c279d5d8edd2
සහකාරියට සමුදී, පෆින් තාත්තා මුහුදට පියඹා යයි. ප්‍රපාත නිවහනේ ජීවත් වන මුහුදු පක්ෂී විශේෂ අතරින්, මෙලෙස මුහුදට ගොස් ආහාර සොයන පෆින්, තවත් එක් පක්ෂියකු පමණි. සෙසු පක්ෂීන් ද සමඟ පෆින් තාත්තා මුහුදේ ඈතට පියඹා යයි. වෙරළට නුදුරින් මුහුදු සීමාවේ මාළු හිඟ නම්, තවත් ඈතට පියඹා යෑමට පෆින්ට සිදුවෙයි. පෆින් සැතපුම් 30 ක පමණ දුරක් ඈතට පියඹයි. මසුන් යහමින් ඇති ස්ථානවලට ළඟා විය හැක්කේ එවිටය. වෙහෙසකර පියසැරියකින් පසු, පෆින් තාත්තා නියමිත තැනට ළඟා වෙයි. තටු ගැසීමේ වේගය සෙමින් අඩු කරමින්, පෆින් තාත්තා වතුරට බසී. ගොඩබිම සහ අහස නිවහන කරගත් පෆින් ඇතුළු මුහුදු පක්ෂීන් දැන් අලුත් ලොවකට පිවිසෙයි. ඒ, මුහුදේ කිමිදීමත් සමඟය. පෆින් තාත්තා ද මුහුදේ කිමිදෙන්නේ කුඩා මසුන් අල්ලා ගනිමිනි.
කුඩා මසුන් අල්ලා ගනින්මින් මුහුදේ කිමිදෙන්නේ කව්ද?
{ "answer_start": [ 606 ], "text": [ "පෆින් තාත්තා" ] }
ac652c33-74bd-4c11-a783-027b5a017c75
මීට සති කිහිපයකට පෙර බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන් ප්‍රසිද්ධියේම සිය බිරිඳ වූ කිරන් රාඕගෙන් දික්කසාද විය. ඒ සමග මේ වනවිට අමිර් ඛාන් සමග රහස් සම්බන්ධයක් පවතින බවට පසුගිය කාලේ නිතරම කතා බහට ලක්වූ ෆාතිමා සානා සාක්ෂී කෙරෙහි මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත. කිරන්ට හිතවත් බොහෝ දෙනෙකු පවසන්නේ අමිර් මෙසේ ඇයගෙන් හදිසියේම වෙන්වූයේ ෆාතිමා නිසා බවය. කෙසේ වෙතත්, අමිර් ඛාන් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, ඔහු පවසන්නේ තමාට නිදහසක් අවශ්‍ය වූ නිසාවෙන් මෙම තිරණය ගත් බවය.
තමාට නිදහස අවශ්‍ය නිසා මෙම තීරණය ගත් බව පැවසුවේ?
{ "answer_start": [ 359 ], "text": [ "අමිර් ඛාන්" ] }
2fdba40f-2b8d-4623-81ee-e0595fb5176c
අදත් අපි සීතාවක. අද කොහෙද දන්නවද, අපි ඔයාවත් එක්ක යන්න හදන්නේ? ගිය සතියේ බැරුන්ඩි කෝවිලට ගිය අපි මේ සතියේ ඔන්න ඔයත් එක්ක යනවා සීතාවක රජමාලිගාව තිබුණා කියලා විශ්වාස කරන තැනට. අදටත් මෙතන රජමාලිගාව තිබුණද කියලා හරියටම කියන්න සාක්ෂි තාම හඳුනාගෙන නෑ. අද මේ නටබුන් තියෙන තැන හඳුන්වන්නේ ලන්දේසි බලකොටුව විදිහට. සීතාවක රජමාලිගයක් තිබුණා කියලා අතීත ජනශ්‍රැති ජනප්‍රවාදවල සඳහන්. සීතාවක රාජධානි සමයේදී පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි බලපෑම් තදින්ම එල්ලවුණා. ජනප්‍රවාදය කියන්නේ සීතාවක රජමාලිගාව පෘතුගීසින් පැමිණ සම්පූර්ණයෙන්ම ගිනිබත් කළා කියලා. ලන්දේසින් පෘතුගීසින් ගිනිබත් කළ මාලිගාවේ නෂ්ටාවශේෂ මත තමා ඔවුන්ගේ බලකොටුව නිර්මාණය කරලා තියෙන්නේ. ලන්දේසි බලකොටුව ඉදිකිරීමත් එක්ක මාලිගාවේ පවුරැ පදනම් සියල්ල ඒ බිමෙන් අතුගෑවිලා ගිහින්. ගල්පුවරැවල පුංචි සාධක කිහිපයක් හැරෙන්න ලාංකික නිර්මාණ ශිල්පයේ කිසිවක් ඒ බිමේ ඉතුරැ වී නැහැ. විජයබා කොල්ලයේදී කෝට්ටේ හිටපු හත්වැනි විජයබා රජ්ජුරැවන්ගේ පුතුන්ට තමා රජකම හිමිවෙන්න තිබුණේ. ඒත් ඒ කුමාරවරැන්ගේ මව මියයාමෙන් පසු රජු තවත් බිසවක් මාලිගාවට කැඳවාගෙන ආවා. ඒ බිසව රජුගේ බිසව වෙන්න එන්නේ ඇයගේ පුතුත් සමඟ. මේ බිසව රජු හා කුමන්ත්‍රණය කර තම පුතුට රජකම ලබාදුන්නා. ඒ අවස්ථාවේ විජයබා රජුන්ගේ පුතණුවරැ ආරක්ෂාව පතා මාලිගාවෙන් පැන යනවා. මේ පුතණුවරැ පසුව තම පියා තමන්ට කළ ද්‍රෝහිකම නිසා පෘතුගීසි සෙබළු යොදා පියා ඝාතනය කළා. ඉන්පසු මේ සහෝදර කුමාරවරැ කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදාගෙන පාලනය කරලා තියෙනවා. පෘතුගීසින් රජමාලිගය ගිනිබත් කළත් මෙතන බලකොටුවක් හැදුවෙ නෑ. වර්ෂ 1521න් පසු ආරම්භ කළ සීතාවක රාජධානිය 1590 ගණන්වල මුල් කාලයේ අවසන් වුණා. ලංකාවේ රාජධානි ගත්තම පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි හා සිංහල පාලකයන් යන හතර පාර්ශ්වයම පාලනය කරපු රාජධානියක් තියෙනවනම් ඒ තමා සීතාවක රාජධානිය.
සීතාවක රාජධානිය ආරම්භ කලේ කවදාද?
{ "answer_start": [ 1368 ], "text": [ "වර්ෂ 1521න් පසු" ] }
11f366eb-454b-4d3d-b2c3-191ced016e00
පෘතුගීසීන් රාජ්‍ය උරුමය තමන් සතුකර ගැනීමේ අපේක්ෂාවෙන් කුසුමාසන කුමරිය පෘතුගීසි සෙනෙවියකුට විවාහ කර දීමේ අනවරත උත්සාහය ව්‍යාර්ථ වූයේ, කොනප්පු බණ්ඩාර, 1 වන විමලධර්මසූරිය නමින් උඩරට රජවීමත් සමගය. පේරෝ ලෝපේස් ද සූසාට තම හමුදාවත් සමග පසුබැසීමට සිදුවිය. අනතුරුව විමලධර්මසූරිය රජු, රාජ්‍ය ලේ උරුමය ඇති කුසුමාසන දේවිය හා විවාහ වී තම රාජ්‍ය උරුමය තහවුරු කර ගැනීමට සමත් වේ. යුග දිවියට පත්වන අවස්ථාවේ කුසුමාසන කුමරිය 13 වන වියේ පසුවූ බවද වාර්තාවේ. විවාහයෙන් පසුව රට වැසියන් මහා ටිකිරි බිසෝ යන අන්වර්ථ නාමයෙන් ඇය හැඳින්වූහ.
කුසුමාසන දේවිය විවාහ කර දීමට ගියේ කාහටද ?
{ "answer_start": [ 70 ], "text": [ "පෘතුගීසි සෙනෙවියකුට" ] }