id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
9198ae22-1e65-426a-a863-0b212c726646
රාවණා යුගයේදී උමං මාර්ග සෑදිමේ තාක්ෂණය කෙසේ නම් වන්නට ඇතිදැයි සොයා බැලීම වැදගත් යැයි සිතේ. එකළ ඖෂධ බෙහෙත් බලයෙන් කළුගල් උණු කිරීමේ තාක්ෂණයක් පැවති බව ආචාර්ය ඔබේසේකරන්ගේ අදහසයි. එය යක්ෂ ගෝත‍්‍රිකයන් සතුව පැවති ඒකාධිකාරියකි. කළු ගලක් පාන් ගෙඩියක් මෙන් මුදු මොළොක් තත්ත්වයට පත් කරවන බෙහෙත් වර්ගයක් රාවණ යුගයේ යක්ෂ ගෝත‍්‍රිකයන් සතුව පැවතුණි. විශාල ගල් කඳු වල කුහර සාදමින් දර්ශනීය ලෙස උමං මාර්ග තැනුහ. ඒ අනුව මෙරට උසම කන්ද වන නුවරඑළියේ තලගල කන්දේ සිට නුවරඑළියේ කිකිළියමාන කන්ද දක්වාත්, එහි සිට වැලිමඩ ඌව පරණගම ස්ත‍්‍රීපුර කන්ද දක්වාත්, එහි සිට නුවරඑළියේ හක්ගලට ද උමං මාර්ග තිබී ඇත. වර්තමාන හග්ගල උද්භිද උද්‍යානය ඈත අතීතයේ රාවණ රජතුමා ගේ ඖෂධ උයන වශයෙන් පැවති බව පුරාණ තල්පත් වල ලියවී ඇත. රාවණ රජතුමාගේ අන්තඃපුරය ඌව පරණගම ස්ත‍්‍රීපුර කන්දේ පිහිටා තිබූ අතර, එහි නවතා සිටි සීතා දේවියට කුෂ්ඨ රෝගයක් වැළඳීමෙන් පසු හිරු එළිය ලබා ගැනීම පිණිස නුවරඑළිය හග්ගලට ඇය රැගෙන පැමිණ තිබෙන්නේ ඌව පරණගම උමං මාර්ගය ඔස්සේ ය. සීතා දේවිය සිහිවීම පිණිස එහි දර්ශනීය කෝවිලක් සාදා ඇත. ඌව පරණගම සිට මහියංගණය දක්වා ද, මහියංගණයේ සිට ලග්ගල දක්වාත් රහසිගත උමං මාර්ගයක් පැවතියේ ය. මෙම උමං මාර්ගයේ මිනිසුන් හත් දෙනෙකුට එකපෙළට ගමන් කිරිමටත් හැකි වන අයුරින් පුළුල් ආකාරයෙන් නිමවා තිබුණි.
කළුගල් උණු කිරීමේ තාක්ෂණය කවුරුන් සතුව පැවති ඒකාධිකාරියක්ද ?
{ "answer_start": [ 180 ], "text": [ "යක්ෂ ගෝත‍්‍රිකයන් සතුව" ] }
4fd5b666-c70c-42ef-b36d-311467b7f87d
එතැන් සිට කුඩාවැල්ලේ මහජන බැංකුව කොල්ලකෑම, මීරිගම කොමර්ෂල් බැංකුව කොල්ල කෑම, අත්තිඩියේ කොමර්ෂල් බැංකුව කොල්ලකෑම, ඇතුළු බැංකු මංකොල්ල රැසක් කොස්ගොඩ තාරකගේ ගිණුමට බැරව තිබේ. මෙසේ බැංකු කොල්ල කා මුදල් උපයා ගැනීම මගින් තාරක තමන්ගේ කල්ලියට සාමාජිකයන් මිලදී ගත් බවද පැවසේ. ඒ රිමාන්ඩ් භාරයේ සිටින අපරාධකරුවන්ට ඇප ලබාදෙමින් ඔවුන් තමන් වෙත නම්මා ගැනීම මගිනි. ඔහුගේ ඉලක්කය වැරදී ජීවිතය බන්ධනාගාරයේ සිරකුටියක් තුළ සිරකරලන්නට හේතු වූයේ මාතර රන්බඩු වෙළෙඳසලක් කොල්ලකෑම නිසාය. ඒ 2018 ජුනි මාසයේදීය. ඒ කොල්ලයට තාරකගේ එක්කුස උපන් සහෝදරයා වූ මධුක නිර්මාල් ධර්මකීර්තිද එක්වූ අතර ඔවුන් දෙදෙනාම පොලිසිය හා ඇතිකරගත් ගැටුමේදි වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගතව සිටියදී අත්අඩංගුවට පත්වුහ.
තාරකගේ සහෝදරයා කවුද
{ "answer_start": [ 524 ], "text": [ "මධුක නිර්මාල්" ] }
8fd9bf53-2ba1-4077-9a47-c3be13bdc944
ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂ නායකයාටය. පක්ෂ නායකත්වය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුම පැවැත්වෙන්නේ මෙම 29 වැනිදාය. හිටපු විදෙස් ඇමැතිවරයකු වන ෆුමියෝ කිෂිදා ද ඒ සඳහා ඉදිරිපත් වෙයි. පක්ෂ නායකත්වය සඳහා තරගය පැවැත්වෙනු ඇත්තේ සනේ ටකායිචී සහ ෆුමියෝ කිෂිදා අතරේය. සනේ ටකායිචී පක්ෂ නායකත්වයට පත්වී අග්‍රාමාත්‍ය ධුරය බාර ගතහොත් ජපාන අග්‍රාමාත්‍ය ධුරයට බාර ගන්නා පළමු කාන්තාව ඇය වනු ඇත.
මෙම ඡන්දයට එක්වන හිටපු විදෙස් ඇමතිවරයා කව්ද?
{ "answer_start": [ 163 ], "text": [ "ෆුමියෝ කිෂිදා" ] }
d3fe74e8-4693-4e43-8ed9-6682958a8623
සතුන්ගේ ශරීරයේ සිටින කිනිතුල්ලන් සපාකෑම හේතුවෙන් මිනිසාගේ මොළයට හානි කරන රෝගී වයිරසයක් ව්‍යාප්තවෙමින් පවතින බව ඇමෙරිකාව කළ අධ්‍යයනයකින් පළමුවරට හඳුනාගෙන තිබේ. ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශ කිනිතුල්ලන් සහිත පෙදෙස් වන අතර, ඔවුන් සිටීම සාමාන්‍ය තත්ත්වයක් බවද, මුවන්ගේ වර්ධනය හේතුවෙන් කිනිතුල්ලන්ගේ වර්ධනයක් දැකගත හැකි බවද ඔවුහු පෙන්වා දෙති. මුවන්, බළලු‍න්, බල්ලන්ගේ සිරුරුවල සිටින කිනිතුල්ලන් කඳුකර පෙදෙස්වල සැරිසරණ මිනිසුන්ගේ ශරීරයේ රැඳී, සැඟව සිටිමින් සපන අතර මේ නිසා ආසාත්මිකතා මෙන්ම රෝග ද සෑදෙන බව තහවුරු කරගෙන ඇත. විශේෂඥයන් පවසන්නේ, මෙම කිනිතුල්ලන් සංචාරක කුරුල්ලන්ගෙන් බෝවන්නට ඇති බවය.
මෙම අද්‍යනය සිදු කලේ කව්රුන්ද?
{ "answer_start": [ 111 ], "text": [ "ඇමෙරිකාව" ] }
2d8ffde2-c618-458e-9aea-6da3579f45c1
අලු‍තෙන් සොයාගන්නා ලද මෙම හූනන් විශේෂ තුනම උපරිම සෙන්ටිමීටර පහක පමණ විශාලත්වයකට වැඩෙන අතර සාමාන්‍යයෙන් අපට දැකිය හැකි හූනන්ට සාපේක්ෂව උදරීයව සහ පෘෂ්ඨීයව පැතලි ස්වරූපයකින් යුක්තය. ගල්වල ඇති මිලි මීටර 2-3ක් පමණ වූ පැලු‍ම් තම වාසස්ථාන බවට පත්කරගෙන ඒවායේ ආරක්ෂාකාරීව දිවිගෙවන මොවුන් ගලේ පැල්ම එම ප්‍රමාණයට වඩා විශාලවන විට එම ස්ථානය අතහැර වෙනත් ආරක්ෂිත ස්ථාන තෝරාගන්නා බව ද පර්යේෂකයන් විසින් නිරීක්ෂණය කර තිබේ. ඉතා කුඩා හූනන් විශේෂ ලෙස හඳුනාගෙන ඇති මොවුන් අනෙකුත් විශාල හූනන්ගේ ගොදුරු බවට පත්වන අවස්ථා ද නිරීක්ෂණ කර තිබේ. මෙම විශේෂ තුනේ ම ගැහැනු සතුන් ජූලි-අගෝස්තු හා ජනවාරි-පෙබරවාරි යන අවස්ථා දෙකක දී වරකට බිත්තර දෙකක් බැගින් දමන අතර එම බිත්තර කුඩා සෘජුෆෝම් බෝලයක් තරම් වෙයි. දවස් 30-40ත් අතර කාලයේ දී බිත්තර මෝරා පැටවුන් එළියට එන අතර ඔවුන් මාස දෙකක පමණ කාලයක ඇවෑමෙන් වැඩිහිටි සතුන් බවට පත්වෙයි. දැනට කර ඇති අනුමානයන් අනුව මොවුන්ගේ උපරිම ආයු කාලය වසර දෙකකට ආසන්න බව විශ්වාස කරයි.
මොවුන්ගේ උපරිම ආයු කාලය වසර කීයක් ලෙස අනුමාන කරයිද?
{ "answer_start": [ 843 ], "text": [ "වසර දෙකකට ආසන්න බව" ] }
62194c55-d5fc-4e65-9b9c-9a78d00def7d
දුකට පත් නිර්දෝෂීන්ගේ අදෘශ්‍යමාන පිළිසරණ කැබිලිත්ත දිවුරුම් ගලය. එසේම මෙතෙක් වැරදි කළ කෙනෙකුට මින් ඉදිරියට කිසිම වරදක් නොකරන්නේ යැයි දිවුරීමට ද මෙතැන භාවිතා වේ. මත් ද්‍රව්‍ය පානය කළවුන්, අවි ආයුධ හා ගනුදෙනු කළවුන්, ආදීහු පේවී පැමිණ තමන් මින් ඉදිරියට නිර්දෝෂ අයකු වන බවට දිවුරා යති. එය එසේම විය යුතුමය. ප්‍රලාපයක් වුවහොත් ඉතාම දරුණු විපාක විඳීමට මෙයම හේතු විය හැකිය. කැබිලිත්තේ බොරුවට දිවුරූ අය අංශභාග සැදී කතා කළ නොහැකිව, රිය අනතුරු සිදුවී කල්පනාව නැතිවී ශරීර අභ්‍යන්තරයේ ගෙඩි හටගෙන බාහිර සිරුරේ දරුණු තුවාල හටගෙන, සිඟමනට වැටුණු කතා ඕනෑ තරම් ඇත.
ප්‍රලාපයක් උවහොත් සිදුවන්නේ මොනාද ?
{ "answer_start": [ 483 ], "text": [ "බාහිර සිරුරේ දරුණු තුවාල" ] }
c8f400dd-f359-449f-a583-0d0a8c5ebe97
බෞද්ධ දර්ශනයේ කර්මය මැනවින් පැහැදිලි කර ඇත. සමහර ආගම් කර්මයක් හා විපාකයක් නැතැයි ඉගැන්වේ. එවැනි ආගම් අකිරියවාදී ආගම් ලෙස බුදු රදුන් හඳුන්වා ඇත. එමෙන්ම සියල්ල සිදුවන්නේ කර්මයෙන් ය යන්න තවත් ආගම් ඉැගන්වුවත් එම ඉගැන්වීම හඳුන්වන පුබ්බේ කත හේතුවාදය ද බුදු රදුන් ප්‍රතික්‍ෂේප කළහ. මෙම කර්මය හා විපාකය ක්‍රියාත්මක වන්නේ පට්චිච සමුප්පාද මූලධර්මයට අනුව බව උන්වහන්සේ පෙන්වා දුන්හ. සෑම පුද්ගලයෙකු තුළම අවිද්‍යාව, තෘෂ්ණාව ආදී කෙලෙස් පවතින නිසා ඒවා හේතු කොටගෙන යම් යම් අකුසල කර්ම සිදු කරන බැවින් එම සිදුකරනු ලබන කර්මයන්ට විපාකද ඇතිවේ. බුදු දහමට අනුව මිනිසත් කමේ වටිනාකමත්, මිනිසාගේ ඉරණමත් විනිශ්චය කිරීම කෙරෙහිද කර්මය බලපායි.
කර්මයක් හා විපාකයක් නැතැයි ඉගැන්වෙන ආගම් හැඳින්වෙන නම කුමක්ද?
{ "answer_start": [ 101 ], "text": [ "අකිරියවාදී ආගම්" ] }
db667fcf-299f-4f62-8c0b-55444bbc248a
ගන්දර අර්ලිස් සිල්වාට පොලිසිය වෙඩි තැබුවේ මොකද? යන ශීර්ෂය සහිත 1958 ක් වූ ඔක්තෝබර් 12 වෙනි ඉරිදා සිළුමිණ පුවත්පත හදිසි නීතිය යටතේ තහනම් කර තිබුණි. මෙසේ 1958 ඔක්තෝබර් 19 වෙනිදා සිළුමිණ තහනමට හසුවූ පත්‍රයකි. එහි ශීර්ෂ පාඨය මෙයයි. මේ සිද්ධි දෙකටම පොලිස් නීතියත්, යුද්ධ නීතියත් රජවූ කාලසීමාව තුළදී පොලීසිය විසින් සිදුකළැයි කියන අපරාධ ගැන විභාග කළ යුතු යයි එකල ජාතික පුවත්පත් ලියා තිබුණි. ගන්දර පිළිබඳව අධ්‍යාපන ඇමැති විජයානන්ද දහනායක මහතාද පොලිස් ක්‍රියා ගැන සෝදිසි කළ යුතු බව අගමැති බණ්ඩාරනායක මහතාට දන්වා තිබූ අතර ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරු සෑහෙන ගණනක්ද එවැනි කොමිසමක් අවශ්‍ය බවද එක හෙළා පිළිගත් බව පුත්පත්වල සඳහන් වී තිබුණි.
පොලිස් ක්‍රියා ගැන සෝදිසි කළ යුතු බව දැන්වූයේ කාටද?
{ "answer_start": [ 480 ], "text": [ "බණ්ඩාරනායක මහතාට" ] }
8adeb1e4-54b4-402b-8eed-29c407d9d129
කිළි අසුවීම හෙවත් බලවත් වූ විෂබීජ දාමයකට මුහුණ දී සිටින අය සෙත සැලසෙන ශාන්ති කර්මයක් කෙරෙන ස්ථානවලට ඒ පරිසරයට නොපැමිණ සිටිය යුතු බව අදත් පිළිගැනේ. දෙවිනුවර ඇසළ මහා පෙරහර වැනි වාර්ෂික පූජා මංගල්‍යයන්හිදී මහ දෙවොලේ පුද පිළිවෙත් මරණ කිල්ල වැනි දේට හසු නොවන ලෙස සිදු කිරීමට විවිධ ක්‍රමෝපායන් අනුගමනය කෙරේ. මරණ කිල්ල මාස තුනක්ද දරුවන් ප්‍රසූත කිරීමේ කිල්ල දින 30 ක්ද වැඩිවිය පැමිණීමේ කිල්ල දින 12 ක්ද ස්ත්‍රීන්ගේ ඔසප් වීම නාන තුරුද පවතී යයි පැරණි ජන සමාජයේ පිළිගැනීමක් විය. මේ හැරෙන්නට කහදියර, සඳුන්, කිරිපැන් භාවිත කොට පිරිසිදු පරිසරයක් ඇති කර ගැනීම ගුප්ත කර්මවලදී අද පවා අනුගමනය කෙරේ.
දරුවන් ප්‍රසූත කිරීමේ කිල්ල කොපමණ කලක් පවතීද?
{ "answer_start": [ 351 ], "text": [ "දින 30" ] }
526ecb12-c335-4336-b25b-52ce5d822c17
ජාන්වී කියන්නේ බොලිවුඩ් සිනමාවේ නැඟී එන තාරකාවක්. ඉතා සුළු කාලයකින් විශාල ජනප්‍රියත්වයක් ලබාගත් ඇය ශ්‍රී දේවිගේ දෙවන විවාහයෙන් ලැබුණ පළමු දියණියයි. ඒ කියන්නේ චිත්‍රපට නළුවන් වන අනිල් කපූර් හා සංජය කපූර්ගේ වැඩිමහල් සහෝදරයා වන්නේ බොනී කපූර්ගේ සහ ශ්‍රීදේවිගේ දියණිය. 1997 වසරේ උපන් ජාන්වී කපූර්ගේ වයස අවුරුදු 25ක් වනවා. ශ්‍රී දේවිගේ රූ සපුව නොඅඩුව හිමි නිසා බොලිවුඩ් සිනමාවේ දොරටු මවගේ වියෝවෙන් පසුව විවර වුණා. 2018 වසරේ තිරගත වූ කරන් ජොහර්ගේ දඩක් චිත්‍රපටය හරහා ජාන්වී බොලිවුඩ් සිනමාවට පැමිණියා. ඉන් අනතුරුව ගෝස්ට් ස්ටෝරීස්, ගුන්ජන් සක්සේනා, රූහි යන චිත්‍රපටිවලට ඇය රංගනයෙන් දායක වී ඇති අතර ගුඩ්ලක් ජෙරී, මිහී, මිස්ටර් ඇන්ඩ් මිසිස් මාහී, බවාල් යන ඇය රංගනයෙන් දායක වුණු චිත්‍රපට තිරගත වීමට නියමිතය.
ජාන්වී කපූර් ඉපදුනේ කිනම් වසරේද?
{ "answer_start": [ 266 ], "text": [ "1997 වසරේ" ] }
dbdbfe7c-fb71-46ce-8bc7-b4bd6c4b3224
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු මේ මස 21 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට අම්පාර මහේස්ත්‍රාත් අසිංශා හෙට්ටියාවත්ත මෙනවිය නියෝග කළාය. මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ද ආරම්භ කර තිබෙන බව අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රසිංග සේරසිංහ මහතා පවසයි. ගොනාගොල්ල සෙනරත්පුර ප්‍රාදේශීය රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිරෝෂණ ලියනගේ මහතා මේ සම්බන්ධයෙන් ලංකාදීපයට අදහස් දක්වමින් කිව්වේ මෙවැනි කතාවකි. මේ සිද්ධියෙන් පසු සමහර දමිළ සමාජ ජලා මාධ්‍ය වලින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර හරිනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පවා කිසිම පදනමක් නොමැතිව මේ සිද්ධිය මුලකර ගෙන මඩ ප්‍රචාර ගෙනියනවා. දෙමළ ඩයස් පෝරාව තමා මෙවැනි අසත්‍ය ප්‍රචාර ගෙන යමින් ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කරන්නේ.
අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කවුද?
{ "answer_start": [ 263 ], "text": [ "ප්‍රසිංග සේරසිංහ මහතා" ] }
bda3ceda-b1bc-4286-bd5f-0fcb95c169cf
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නැතැයි බෝ නොවන රෝග පිළිබඳ එරට ප්‍රමුඛතම විශේෂඥයා ලෙස සැලකෙන වෛද්‍ය ඇන්තනි ෆවුචි අද පැවැසීය. නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා සොයාගත් එන්නත මේ වනවිට සංවර්ධනය කෙරෙමින් තිබෙන බැවින් ජාතික වශයෙන් රට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නැතැයි හෙතෙම කීය. සිය එන්නත සියයට 90 කින් පලදායී යැයි ෆයිසර් සමාගම මේ සතිය මුලදී නිවේදනය කළ අතර ලබන වසරේ අප්‍රේල් හෝ මැයි හෝ මාස වනවිට ඇමෙරිකානුවන්ට එන්නත ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ඔහු කීවේය. ඒ.බී.සී. පුවත් නාලිකාව කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් වෛද්‍ය ෆවුචි එම කරුණු සඳහන් කළේය. දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වැඩි වීමත් සමඟ මුළු රටටම බලපැවැත්වෙන පරිදි අගුළු දැමීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇත්දැයි ඒ.බී.සී. පුවත් නාලිකාවේ රොබින් රොබට්ස් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කීය. එහෙම කරන්න වුවමනා වෙන එකක් නැහැ. ඇත්තටම අගුළු දමන්න අවශ්‍ය නැහැ. අගුළු නොදමා අපට මේක කරගන්න පුළුවන්. ඇත්තටම පුළුවන්. යැයි වෛද්‍ය ෆවුචි කීය. ඇමෙරිකාවේ ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය ඇන්තනි ෆවුචි ය. හෙතෙම 1984 වසරේ සිට එම ධුරය හොබවන අතර එම ආයතනය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනයේ අනුබද්ධ ආයතනවලින් එකකි. නව කොරෝනා වයිරසය හේතුවෙන් විඩාවට පත්ව පීඩා විඳින පිරිසට කුමක් කියන්නේ දැයි විමසූ විට වෛද්‍ය ෆවුචි මෙසේ කීය. අපිට ළඟ ළඟම උදව් එනවා. එන්නත් විශාල සහ ධනාත්මක බලපෑමක් කරාවි. මේ අතර ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව බදාදා දිනයේදී ඇමෙරිකාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 144,133 ක් විය. එය මේ දක්වා ගෙවුණු කාලයේදී ඇමෙරිකාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ද වේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛතම විශේෂඥයෙක් ලෙස සැලකෙන්නේ කව්ද?
{ "answer_start": [ 157 ], "text": [ "වෛද්‍ය ඇන්තනි ෆවුචි" ] }
13772d9f-2365-40e5-b193-19cce315780a
උණුවතුර ස්නානය කිරීමට ලොව වඩාත්ම ප‍්‍රසිද්ධ ස්ථානය පිහිටා ඇත්තේ ජපානයේය. නාන කාමරයකට ගොස් උණු වතුරෙන් ඇඟ දෝවා ගැනීමට ඕනෑම කෙනෙකුට පුළුවන්. නමුත් ලොව පුරා සැරිසරන බොහෝ සංචාරකයන්ට උණු වතුර ස්නානය කිරීමට මෙතැනටම යා යුතුද කියා ඔබ මොහොතකට කල්පනා කරාවි. මෙතැන ඇත්තේ නිකම්ම උණු වතුර නොවේ. පොළෝ ගර්භය ඇතුළතින් මතුපිටට ගලාඑන උණු වතුරය. නොඑසේ නම් මිහිකත විසින් නිෂ්පාදනය කරනු ලබන උණු වතුරය. මෙම උණු වතුර ස්නානය කිරීම සහ පාදෝවනය කිරීම නිසා සර්වාංගලෙඩ රෝග සුවපත්වන බවට මතයක් තිබේ. බොහෝ පර්යේෂකයින් නම් කියන්නේ එහි අඩංගු රසායනික සංයුතිය නිසා එලෙසින් සුවදායක ප‍්‍රතිඵල මිනිසාට බුක්ති විඳිය හැකි බවය. එමෙන්ම එතැනින් එහාට ගිය මිත්‍යා මත සහ විශ්වාසයන්ද ජපාන ජනතාව අතර නැතුවාම නොවේ.
මෙම උණුවතුර නිෂ්පානය කරන්නේ කවුරුන් විසින්ද?
{ "answer_start": [ 337 ], "text": [ "මිහිකත විසින්" ] }
ae6cbaf9-deb6-4c61-8db2-4f6d15332e16
නෙළුමක පැහැයෙන් යුතු රත් පැහැති රේඛා සහ නොකැඩුණ, නොකැපුණ රේඛා පිහිටීම ධනය හා වාසනාව පෙන්නුම් කිරීමකි. රේඛා කාලවර්ණ වීම ප්‍රධාන රේඛා මැකී යාම අශුභය. එමගින් හෙළි කරන්නේ දිළිඳු වන බවයි. ස්ත්‍රියකගේ අත්ලේ මාළුවෙකුගේ රුවක් හෝ නෙළුම් මලක සටහනක් වේ නම් එයද ඉතා වාසනාවන්තය. පිරිමි දරුඵල හිමිවෙන බවට එය සලකුණකි. අත්ලේ දක්ෂිණාවෘත කවාකාර සටහනක්, ඊතලයක සටහනක් හෝ වේ නම් ඇයට රජ බිසවකට සමාන යස ඉසුරු හිමිවේ. ස්ත්‍රියකගේ අත්ලේ කුණ්ඩලාභරණයක්, චක්‍රයක් වැනි සටහනක් වී නම් ඇයට සමාජයේ උසස් පුද්ගලයෙකු විවාහයට හිමි වේ. සියලු යස ඉසුරින් පිරි ඇයගේ ඉදිරි ජීවිතයද ඉතා වාසනාවන්තය.
පිරිමි දරුඵල හිමිවෙන බවට එය සලකුණක් වන්නෙ කුමක්ද?
{ "answer_start": [ 183 ], "text": [ "ස්ත්‍රියකගේ අත්ලේ මාළුවෙකුගේ රුවක් හෝ නෙළුම් මලක සටහනක්" ] }
54b2128b-754f-4b9b-9644-02a75ff57151
පුරාවිද්‍යා කැණීම්වල දී අනපේක්ෂිත ලෙස හමු වූ මෙම සිරුරු විසූවියස් ගිනිකන්ද සක්‍රීය වී පිපිරීයාමෙන් බේරීමට තැත් කළ ධනවතකුගේ හා ඔහුගේ දාසයා ලෙස කටයුතු කළ තැනැත්තෙකුගේ වන්නට ඇති බව කැණීම් සිදු කළ පුරාවිද්‍යාඥයන් අනුමාන කරති. දැනට හෙළිවි ඇති පුරාවිද්‍යා කරුණු අනුව පොම්පෙයි නගර වැසියන් පළා යෑම සිදු කර ඇත්තේ විසූවියස් ගිනිකන්දේ අළු සහ දුම ගලා යන්නට ගත් දිනයේ දී බව කියැවේ. කැණීම් වලින් සොයා ගත් පැරණි මෙම සිරුරු දෙක තිබී ඇත්තේ එක ළඟ ආසන්නයේය. පුරාණ රෝමයේ පැවති රීතියක් වූයේ යම්කිසි දාසයෙකුට මරණයේ දී පවා තම ධනවත් හාම්පුතු අතහැර දමා යා නොහැකි බවටය. 2017 වසරේදීත් මෙම ස්ථානයේදීම කටකලියා දැමූ අශ්වයන් තිදෙනකුගේ නෂ්ටාවශේෂ හමු වූ අතර ඒ අනුව අලු‍තින් හමු වූ මෙම ධනවතා සහ දාසයා ගිනිකඳු පුපුරා යෑමේ දී අසු පිටින් සිය ජීවිත බේරාගෙන පළා යාමට උත්සාහ කර ඇති බව අදාළ කැණීම්වල නිරත වූ පුරා විද්‍යාඥයෝ අනුමාන කරති.
ගිනි කන්ද පිපිරීමේදී බේරීමට තැත් කළේ යැයි සැක කරන්නේ කවුරුන්ද ?
{ "answer_start": [ 652 ], "text": [ "ධනවතා සහ දාසයා" ] }
8ef982b2-7a26-4602-8eed-21a9b71ffbed
අක්කර අටක පමණ භූමි භාගයක පිහිටි නැදුන්ගමුව වෙද නිවස මේ වන විට අලි ඇතුන් සියයකට ආසන්න ගණනකට වාස භූමිය වූ බව හර්ෂ ධර්ම විජය වෙද රාළහාමි පවසයි. අලි ඇතුන්ට සිංහල අවුරුදු චාරිත්‍රයට අනුව හිසතෙල් ගෑම ආරම්භ වූයේද නැදුන්ගමුවේ වෙද නිවසෙනි. එදා ආරම්භ කළ ඒ චාරිත්‍රය අදටත් අඛණ්ඩවම පවත්වාගෙන යයි. මේ වන විට නැදුන්ගමුව වෙද නිවසේ නැදුන්ගමුවේ රාජාට අමතරව තවත් අලියෙක් සිටියි. නැදුන්ගමුව වෙද නිවසේ අඛණ්ඩවම අලි ඇතුන් වාසය කර වසර 100 ක් පිරීම නිමිත්තෙන් රට පුරා අලි ඇතුන් ගෙන්වා විශාල උත්සවයක් පැවැත්වීමට හර්ෂ විජය වෙද මහතා සූදානම් වෙයි. අපේ රටේ වසර 100 ක ඇත්පන්තියක් අඛණ්ඩවම පැවතුණේ නැදුන්ගමුව වෙද නිවසේ වීමටද බොහෝදුරට ඉඩකඩ තිබේ.
විශාල උත්සවයක් පවත්වන්නේ අඛණ්ඩවම අලි වාසය කර වසර කීයක් පිරීම නිමිත්තෙන්ද?
{ "answer_start": [ 408 ], "text": [ "වසර 100 ක් පිරීම නිමිත්තෙන්" ] }
f2c4d3de-4415-4414-b1a6-0776e2019fa1
හොලිවුඩයේ ඉහළම ආදායමක් උපයාගන්න නිළියන් අතර සිටින සුරූපි ජෙනිෆර් ලොරොන්ස් මේ වනවිට සිය පළමු දරුවා පිළිගැනිමට සූදානමින් සිටින බව සඳහන් වෙයි. ජනප්‍රිය නළුවන් කිහිප දෙනෙකුගේම පෙම්වතිය බවට පත්ව සිටි ජෙනිෆර් 2019 වසරේ ඔක්තෝබරයේදි චිත්‍රපට අධ්‍යක්ෂක කුක් මැරේනි සමගින් විවාහ වූවාය. පසුගිය සති අන්තයේදී ජෙනිෆර් ලෝ ප්‍රකට පිපල්ස් සඟරාව සමගින් එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී සිය පළමු දරුවා පිළිගැනීමට සූදානම් වන පුවත ප්‍රසිද්ධ කර තිබුණි. එමෙන්ම ඇය රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය වූ ඩොන්ට් ලුක් අප් චිත්‍රපටය තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමටද සූදානම් කර ඇති බව ඇය පවසා තිබුණි.
ජෙනිෆර් ලෝ ප්‍රකට පිපල්ස් සඟරාව සමගින් එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රසිද්ධ කර තිබූ පුවත කුමක්ද?
{ "answer_start": [ 360 ], "text": [ "සිය පළමු දරුවා පිළිගැනීමට සූදානම් වන පුවත" ] }
28f96d86-b890-449a-8e8c-00cee81f45e6
අද තරමටම දුරකථන සේවා දියුණු නැති එම වකවානුවේදී කුඹල්ඔළුව වත්තට පැමිණි අවස්ථා වල ජේ.ආර්. දුරකථන ඇමතුම් ලබා ගැනීමට පැමිණියේ කුඹල්ඔළුව තැපැල් කාර්යාලයටය. තැපැල් ස්ථානාධීපතිවරයාට අයත් පුටුවේ වාඩිවෙන ජනාධිපති ජේ.ආර්. බොහෝ වේලාවක් දුරකථන පණිවිඩවල නිරතව සිටියි. ඩඩ්ලි සේසානායක අගමැතිවරයා මිය ගිය පසුව ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් ඩඩ්ලි පිළිබඳව විනාඩි 45 ක පමණ කෙටි චිත්‍රපටයක් සකස් කළේය. ලෙස්ටර් සමග එම කාර්යයට උරෙනුර ගැටී වැඩ කටයුතු කරන ලද්දේ ධර්මසේන හේමපාල මහතාය. චිත්‍රපටයේ වැඩ අවසන් කිරීමෙන් පසුව ලෙස්ටර්ට එංගලන්තයට යාමට අවශ්‍යතාවක් තිබිණි. එහිදී ලෙස්ටර්ට අයත් බොහෝ දේ භාර දී ගියේ ධර්මසේන හේමපාල මහතාටය. ඩඩ්ලි පිළිබඳව නිර්මාණය කරන ලද කෙටි චිත්‍රපටය ද ලෙස්ටර් ධර්මසේන හේමපාලයන්ට භාර දී ගියේය. ඒ වෙන විට එය නරඹා තිබුණේ ද ඒ දෙදෙනා පමණි. එවැනි චිත්‍රපටයක් නිර්මාණය කර ඇති බව ජේ.ආර්. ට දැන ගන්නට ලැබිණි. ඔහු එවකට විපක්ෂ නායකවරයාය.
කුඹල්ඔළුව වත්තට පැමිණි අවස්ථා වල කුඹල්ඔළුව තැපැල් කාර්යාලයට දුරකථන ඇමතුම් ලබා ගැනීමට පැමිණියේ කවුද ?
{ "answer_start": [ 80 ], "text": [ "ජේ.ආර්" ] }
8abbc241-de0f-4b0d-ae9e-8a44abff61f8
පසුගියදා ප්‍රදර්ශනය කරන ලද ‘චණ්ඩි ශ්‍යාමා’ චිත්‍රපටය මෑතදී තිරයට ආ සියලුම චිත්‍රපටවල ආදායම් වාර්තා බිඳ දමමින් ප්‍රමුඛස්ථානය දිනාගෙන සිටියි. ඇම්.ඇස්. ආනන්දගේ නිෂ්පාදනයක් වන ‘චණ්ඩි ශ්‍යාමා’ දැනට රුපියල් ලක්ෂ හතළිස් එකක් පමණ උපයා ඇති බව වාර්තා වෙයි. එම පුවත අනුව ආදායම් වාර්තා අතින් දෙවැනි ස්ථානය ලබා ඇත්තේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා නිෂ්පාදනය කර අධ්‍යක්‍ෂණය කළ ‘ජනක සහ මංජු’ චිත්‍රපටයයි. තුන්වැනි සහ හතරවැනි තැනට ආදායම් වාර්තා තබා ඇත්තේ අමරනාත් ජයතිලකගේ ‘සිරිපාල හා රන් මැණිකා’ හා නීල් රූපසිංහගේ ‘යකඩයා’ය. ඒ චිත්‍රපට දෙකම තිරගත වූයේ 1977 වසරේදීය.
හතරවැනි තැනට ආදායම් වාර්තා තබා ඇති චිත්‍රපටය කුමක්ද?
{ "answer_start": [ 488 ], "text": [ "‘යකඩයා’ය" ] }
6c9669e3-58a6-45d1-8618-08d485adff75
ඩේරියස්ගේ අශ්වාරෝහක හමුදාව මෙහෙය වන ලද්දේ පලැන් විසිනි. ඉතිහාසඥ ඒ.එම්. ඩිවයින්ට අනුව එකී හමුදාවට 12,000ක පමණ පිරිසක් වූ බැව් පැවසේ. ඩේරියස්ගේ පාබළ හමුදාව 20,000ක් පමණ වූ බැව් ඉතිහාසඥ ඇරියන් සඳහන් කරයි. මහා සටන අවසානයේ ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවට ජය අත්විය. තුන් වැනි ඩේරියස් රජු සමග සටන් බිමට පැමිණ සිටි ඔහුගේ බිසව වූ පළමු වැනි ස්ටැටේරියාද, ඔහුගේ දියණියන් වූ දෙවැනි ස්ටැටේරියා හා ඩ‍්‍රයිපටිස්ද ඩේරියස්ගේ මව වූ සිසිගැම්බිස්ද ඇලෙක්සැන්ඩර්ගේ අත්අඩංගුවට පත් වූහ. ඇලෙක්සැන්ඩර් තම අත්අඩංගුවට පත් වූ කාන්තාවන්හට ඉතා ගෞරවණීය ලෙස සැලකූ බැව් ඉතිහාසයේ සඳහන්ය. යළි සටනක් ඇතිවීම වළක්වාලීම සඳහා තුන් වැනි ඩේරියස් ඇලෙක්සැන්ඩර් හට යෝජනා තුනක් ඉදිරිපත් කළේය. තම ආකියාමෙනිඩ් අධිරාජ්‍යයෙන් අඩක් භාර ගන්නා ලෙසද, රිදී තලෙන්තු 30,000ක වන්දියක් ගෙවීමට සූදානම් බවට හා තම වැඩිමහලු දියණිය විවාහ කරගන්නා ලෙසට වූ එම යෝජනා ප‍්‍රතික්ෂේප කළ ඇලෙක්සැන්ඩර් එකම අහසේ සූර්යයන් දෙදෙනකු සිටිය නොහැකි බවත් එසේ වුවහොත් ලෝකයේ පැවැත්ම අවුල් සහගත වන බවත් ඔහුට දන්වා යැවීය. ඇලෙක්සැන්ඩර් ඩේරියස්ට විකල්ප දෙකක් ඉදිරිපත් කළේය. ඒ සටන් කොට ප‍්‍රබලයා තෝරා ගැනීම හෝ නැතිනම් යටත් වීමය.
දෙවැනි ස්ටැටේරියා හා ඩ‍්‍රයිපටිස්ගේ පියාණන් වන්නෙ කව්ද?
{ "answer_start": [ 252 ], "text": [ "තුන් වැනි ඩේරියස් රජු" ] }
c8138a46-03dc-4fc7-aca4-b2214fc1b84a
ඉද්දමල්පාන ගමට එම නම ලැබී ඇත්තේද මෙම පහන නිසා බව කියති. අතීතයේ තැනින්වෙල හා ඉද්දමල්පාන යාකල වැල් පාලමක්ද තිබී ඇති බව කෝඩිනර්ගේ ලංකා විස්තරයෙහි සඳහන් කර ඇත. එකල සිටි චිත්‍ර ශිල්පියෙකු දෙපස පිහිටි කුඹුක් ගස් දෙකක් උපයෝගී කරගෙන සකස් කර තිබූ වැල් පාලමක චිත්‍රයක්ද ඇත. මෑත අවධියේ මෙම ස්ථානයේ ඔයේ මැද ඉදිකළ දැවැන්ත කණු දෙකක් මත යකඩ හා ලෑලි යෙදූ පාලමක් හරිගල පණ්ඩිතරත්න නොහොත් කළු අප්පු මහතා මුල් වී ඉදි කළත් වර්ෂා දිනයක ගලා ආ සැඩ පහරකට හසුව පාලම විනාශ වී ඇත. එම පාලමේ කණුවක් තවමත් ඔය මැද දක්නට ඇත. වර්තමානයේ මෙම ස්ථානයේ අලුත් පාලමක් ඉදිකර ඇත.
අතීතයේ වැල් පාලමක් තිබී ඇත්තේ කුමන ප්‍රදේශ යා කරද?
{ "answer_start": [ 63 ], "text": [ "තැනින්වෙල හා ඉද්දමල්පාන" ] }
763d8827-2cb6-4cf2-af7a-5881589cbb94
ජනප්‍රිය දකුණු ඉන්දීය චිත්‍රපට බොහෝමයක රඟපෑ විජේ ඇන්තනි ඉදිරියේදී තමන් රංගනයෙන් දායක වන චිත්‍රපට කිහිපයකම තමන අය කරන මුදලින් සියයට 25ක මුදලක් අඩු කර ලබා දෙන ලෙස නිෂ්පාදකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහු පවසන්නේ මේ වනවිට ඉන්දීයාව පමණක් නොව මුළු මහත් ලෝකයම ‘කොරෝනා’ වසංගතය නිසාවෙන් අඩපණව සිටින හෙයින් මෙවැනි අවස්ථාවක තමන් පිළිබඳව පමණක් සිතා කටයුතු කිරිම අසාධාරණයක් බවය. එම නිසාවෙන් ඔහු ඉදිරියේදී රංගනයෙන් දායක වීමට නියමිත තමීෂරසන්, අග්නි සිරගුගල් හා කාකි චිත්‍රපට සඳහා තමන් අය කරන මුදල අඩු කර ඇත.
විජේ ඇන්තනි ඉදිරියේදී රංගනයෙන් දායක වීමට නියමිත චිත්‍රපටි මොනවද?
{ "answer_start": [ 416 ], "text": [ "තමීෂරසන්, අග්නි සිරගුගල් හා කාකි" ] }
bc9f7af7-9c95-4557-8cbb-f5ce979b4b38
පෙර භවයේ සිට පැවති කෝපවීම නිරූපණය කළ දැරියක් අධික කෝපයට පත්වූයේ ඇගේ පෙර භව ඥාතිවරයෙකු දැකීමෙන් පසුවය. ළිඳේ වැටීමක් නිසා මරණයට පත්වූ බැව් හෙළි කළ එම දරුවා උපත ලැබුවේ මීට වසර ගණනකට උඩදී අම්බලන්ගොඩ ය. පෙර භවයේ පිරිමි දරුවකු ලෙස ඇය ජීවත්ව සිටි බැව් එම දැරිය ප්‍රකාශ කළේ වයස අවුරුදු තුනේ පමණ සිටයි. කුසුමා නම් වූ එම දැරිය හෙළි කළ පෙර භව තොරතුරු අනුව පෙර භවයේ නෑදෑ හිතවතුන් හමුවීමට ඇයට අවස්ථාව උදා විය. එහිදී ඇය දැඩි ලෙස කෝපවීමක් සිදුවූයේ පෙර භවයේ ඥාතිවරයෙකු ඇය බැලීමට පැමිණි විටදීය. එම ඥාතිවරයා දුටු සැණින් මොකටද මාව බලන්න ආවේ යැයි දැඩි කෝපයෙන් ඇය ප්‍රකාශ කළේ රැස්ව සිටි ඥාති පිරිස පුදුමයට පත් කරවමිනි. එහිදී අනාවරණය වූයේ මිය ගිය පෙර භවයේ දරුවා එම ඥාතිවරයා සමග දැඩි අමනාපයකින් සිටි බවය. කුඩා කල සිටි දැඩි ලෙස කෝපයට පත්වූ තවත් දැරියක් මීට වසර ගණනකට උඩ දී මහනුවර දී උපත ලැබුවාය. එම දැරියගේ කුඩා කල සිට පැවති හැසිරීම් රටාව අනුව ඇය ඉක්මන් කේන්තිකාරියක්ව සිටියාය. ඇය කෝපයට පත් වීම බහ තෝරන වියේ සිටම දක්නට ලැබිණ. එම දැරිය පිළිබඳව පූර්ණ පර්යේෂණයක් පැවැත්වීමට වර්ජීනියා විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් ද ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඥාතිවරයා දුටු සැණින් දැරිය පැවසූවේ කුමක්ද?
{ "answer_start": [ 502 ], "text": [ "මොකටද මාව බලන්න ආවේ" ] }
567c482d-c4a6-46e6-9900-556f10889d6b
1980දී හා 1983දී ද ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම්ගේ පාලනය පෙරළා දැමීම සඳහා කුමන්ත්‍රණ දෙකක් ක්‍රියාත්මක වුවද ඒවා 1988 ක්‍රියාත්මක කෙරුණු කුමන්ත්‍රණය මෙන් බරපතළ නොවීය. මෙවර කුමන්ත්‍රණය ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානයට පාත්‍ර විය.කුමන්ත්‍රණකරුවන්ට ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ අතර ජනාධිපතිවරයා නිවෙසින් නිවෙසට සැඟව පලායමින් ඉන්දියාව ඇතුළු රටවලින් උපකාර ඉල්ලා සිටියේය. ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් 1,600ක බලඇණියක් එවා එම කුමන්ත්‍රණය පරාජය කරන ලදි. 1988 නොවැම්බර් 3 වැනි දින හිමිදිරියේ ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයේ පසුබිම හා එය පරාජය කෙරුණේ මේ අයුරිනි. රැය ගෙවී යද්දී මාලේ අගනුවරට උතුරු දෙසින් වු මුහුදේ සිට මාලේ අගනගරය කරා අධිවේගී බෝට්ටු දෙකක් වේගයෙන් ධාවනය වෙමින් තිබිණි. ඒවායේ ලුතුෆි හා සගාරුද, ප්ලොට් කුලී හමුදාවේ 80ත් 100ත් අතර භට පිරිසක්ද වූහ. එම බෝට්ටු උදෑසන 4 පමණ වන විට, අඩක් ඉදිකොට තිබූ ජනාධිපති ජැටිය වෙත ළඟා විය.
1988 දි සිදුවූ කුමන්ත්‍රණය පාලනය කලේ කව්රුන්ද
{ "answer_start": [ 373 ], "text": [ "ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින්" ] }
1ce36f2d-9487-4b14-b6d3-65fde4432835
ඇලෙක්සැන්ඩර් මිහිදන් කළ ස්ථානය සියවස් ගණනක් පුරා අබිරහසක් ලෙස පැවතිනි. ජූලියස් සීසර්, ඔගස්ටස් සීසර්, ක්ලියෝපැට්රා, ඔක්ටේවියන්, හද්‍රියාන්, සෙවරස්, කැරකලා වැනි රාජකීයයන් ඇලෙක්සැන්ඩර්ගේ සොහොන වෙත ගොස් ගෞරවය පුද කළ බවට ඉතිහාසගත වාර්තා පවතී. ඔක්ටේවියන් ඇලෙක්සැන්ඩර්ගේ හිස අසලින් රන් ඔටුන්නක් හා පාද අසල මල් කලබක් තබන ලදැයි සඳහන්ය. කලිගුලා ඇලෙක්සැන්ඩ්‍රියාවේ පිහිටි ඇලෙක්සැන්ඩර්ගේ සොහොන කොල්ල කෑ අතර ඔහුගේ රනින් නිමැවුණු උර පලඳනාව පැහැර ගත් බව ද කියැවේ. කැරකලාද ඔහුගේ චෝලය, මුදුව, බඳපටිය සහ මිනී පෙට්ටියේ තැන්පත් කර තිබූ වටිනා ද්‍රව්‍ය පැහැර ගත් බැව් පැවසේ.
හිස අසලින් ඔටුන්නක් හා පාද අසලින් මල් තැබුවේ කාගේද?
{ "answer_start": [ 238 ], "text": [ "ඔක්ටේවියන් ඇලෙක්සැන්ඩර්ගේ" ] }
ea0f89ff-4b51-4243-b0c2-4fb490f40f00
පුංචි කඳු බෑවුමක් තරණය කරලා තමයි අපි මානියංගම රජ මහා විහාර බිමට ගියේ. මුළු විහාර භූමියට ගහ කොළවලින් පිරිලා. සිසිලසල් දනවන වටපිටාවක්. ජනප්‍රවාද කියන විදිහට යකහටුවාව කඳු බෑවුමේ ගල් පර්වත පිරිච්ච දොළ පහරවල්වලින් හැදුණු බිමක පිහිටි මේ ලෙන් විහාරයේ ඉතිහාසය වළගම්බා රාජ සමය දක්වා ඇදී යනවා. මේ විහාරයට නුදුරින් පිහිටි තිඹිරිපොළ රජ ලෙනේ බ්‍රාහ්මී සෙල් ලිපිය කියන විදිහට මානියංගම ලෙන් විහාරය ක්‍රිස්තු පූර්ව යුගයට අයත්. ලක්මන ගල් ලෙන නම් කටාරම් කෙටූ ලෙන තියෙන්නෙත් මානියංගමට කිට්ටුවෙන් තැලුම්පිටියේ යෝගම රබර් වතු යායේ. ක්‍රිස්තු වර්ෂ 1521දී මායාදුන්නේ කුමරැ සීතාවකට ඇවිත් රාජධානි ආරම්භ කරද්දීත් මේ ලෙන් විහාරය හරි ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානයක්. ඒ යුගයේදී එහි වැඩ සිටි සිටිනාමළු‍වේ සහ කොටකේදෙණි‍යේ සඟ පරපුර මායාදුන්නේ රජුගෙන් ලොකු ගෞරවයක් ලබලා තියෙනවා. මායාදුන්නේ රජ කුමාරයෙක් විදිහට හිටපු කාලයේ ඉඳන්ම මානියංගම විහාරයට ආව ගිය කෙනෙක්. විහාරය හදන්නත් උදව් කරපු කෙනෙක්. දහ අට රියන් බුද්ධ රෑපයක්, සත් රියන් විශ්ණු රෑපයක් නිමවලා විහාරයේ නඩත්තුවට පෙතංගොතඩ මහ කුඹුර තඹ පත්‍රයට ලියා පූජා කරලා තියෙන්නෙත් මේ රජ්ජුරැවෝ.
මෙම ලෙන් විහාරයේ ඉතිහාසය කුමන රජ සමය දක්වා දිව යයිද?
{ "answer_start": [ 252 ], "text": [ "වළගම්බා රාජ සමය" ] }
9400aec5-c8b6-483f-8524-ec635645b43c
මෙහි මුදුනේ සවිකළ ආලෝක වර්ණ රටා යන්ත්‍රය නිපදවා ඇත්තේ චාන්ස් බ්‍රදර්ස් නම් ආයතනයයි. තත්ත්පර 30 කට වරක් එය ආලෝකය වර්ණය කරයි. මෙම පහන මුල්කාලීනව ආලෝකවත් වීමට භාවිතකොට ඇත්තේ භූමිතෙල් වුවත් ක්‍රි.ව. 1907 දී එය ගෑස් බලයට පරිවර්තනය කොට ඇත. හෝරාස්ථම්බය නිම කරවීමේදී රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු ජේ.එෆ්. චර්චිල් මහතාගේ මෙහෙයවීමෙන් ඉදිකිරීම් සිදුවූ බව එහි ඇති සමරු පළකයේ සඳහන් කොට ඇත. මෙම ප්‍රදීපාගාර හෝරාස්ථම්භය විවෘත කොට ඇත්තේ ක්‍රි. ව. 1857 මාර්තු මස 25 වැනි දින දී එවකට ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි ජෝර්ජ් වෝඩ් විසිනි. මෙම හෝරාස්ථම්භය සැලසුම් කළ ස්ටින්බර්ග් වෝඩ් ආණ්ඩුකාරතුමාගේ ප්‍රිය ආර්යාව බව අමුතුවෙන් සඳහන් කළ යුතු කරුණක් නොවනු ඇත.
ප්‍රදීපාගාර හෝරාස්ථම්භය විවෘත කොට ඇත්තේ කවුද?
{ "answer_start": [ 485 ], "text": [ "ශ්‍රීමත් හෙන්රි ජෝර්ජ් වෝඩ්" ] }
7c5e22f7-3632-4c30-8291-4e42c4bfc928
අධ්‍යාපනයටද දැඩි උනන්දුවක් තිබූ මෙම දැරිය තනිවම ප්‍රශ්න ලියාගෙන ඒවාට පිළිතුරු ලිවීමට තරම් බුද්ධිමත් දැරියක් වූවාය. ඇගේ මෙම ක්‍රියාවද තම දියණිය තුළවූ අතිවිශේෂ දස්කමක් ලෙස දෙමාපියන්ටද දක්නට ලැබිණි. ඒ වනවිට පන්නල ජාතික පාසලේ අධ්‍යාපනය ලැබූ ඇය නිවසේ සිට පාසල් ගියේ වෑන් රථයකිනි. එම වෑන් රිය නිවස අසලටම පැමිණ ඇය රැගෙන යාමත් නැවත නිවසටම රැගෙන ඒමත් සිරිතය. සැම දිනකම දියණිය එනතුරු මව මග බලමින් සිටින්නීය. වෑන් රිය නිවස අසල නතර කළ විට ආරක්ෂා සහිතව ඉන් බැස එන ලෙසද මව විසින් දියණියට උපදෙස් දී තිබිණි. ඒ අනුව ඇය සෑම දිනකම ආරක්ෂා සහිතව වෑන් රියෙන් බැසීමටද පුරුදුව සිටියාය.
දැරිය ඉගෙනුම ලැබුවේ කොහෙද ?
{ "answer_start": [ 204 ], "text": [ "පන්නල ජාතික පාසලේ" ] }
11588812-507a-421e-ae70-f8e3be35dc45
යක්ෂ ආවේශය කිසිම හාවක් හූවක් නැත. තමාගේ ආරක්ෂාවට ළඟ තබාගෙන සිටි ජප කරන ලද වේවැලෙන් පහර කීපයක් ආතුරයාගේ පිට හරහා වැදිණි. ඒත් ආරූඪ යක්ෂයාගෙන් වචනයක් පිටට ගැනීමට නොහැකි විය. දහස් වාරයක් ජප කරන ලද තෙල් හිස ගිල්වා බැලිණි. නමුත් ප්‍රතිඵලයක් නොමැත. මන්ත්‍රයෙන් ජීවන් කර ඇති පොල් මල රැගෙන ආතුරයාගේ හිස පුපුරවා පහර පිට පහර දුන්නේ නරඹන්නන් මවිතයට පත් කරමිනි. ආතුරයා සිහිමුර්ජා වී බිම ඇද වැටිණි. ජීවං කරන ලද පැන් ඉසීමෙන් ප්‍රකෘති සිහිය ලද පසු ඉහත ප්‍රශ්න කීපය නැවත වරක් කට්ටඩියාගේ මුවින් පිට වුණත් යක්ෂ ආවේශ වූ ආතුරයා කථා කිරීමෙන් වැළකී දත් හපමින් තරහින් පුපුරමින් වෙව්ලන්නට විය. යකැදුරාගේ සීමාව ඉක්මවා ගියේ යක්ෂ ආවේශයේ මුවින් එකදු වචනයක්වත් ගැනීමට නොහැකි වීම නිසයි.
සිහිමුර්ජා වී බිම ඇද වැටුණේ කව්ද?
{ "answer_start": [ 349 ], "text": [ "ආතුරයා" ] }
4ed93581-942c-4fc8-adac-af6f267234ca
දකුණු ඉන්දීය චිත්‍රපට බොහෝමයකත්, බොලිවුඩ් චිත්‍රපට කිහිපයකත් දුටු සුරූපි ඇමි ජැක්සන් මේ වනවිට රහසිගත ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. එක් දරු මවක් වන ඇමි මෙසේ ප්‍රේම සම්බන්ධයක් ගොඩ නගා ගෙන ඇත්තේ ජනප්‍රිය ඇමෙරිකානු රූපවාහිනි කතා මාලාවක් වූ ගොසිෆ් ගර්ල් කතා මාලාවේ චක් බාස් චරිතයට පණ පොවන ඒඩ් වෙස්ට්වික් සමගය. ඔවුන්ගේ මෙම රහසිගත ආදර සම්බන්ධය ආරම්භ වී ඇත්තේ මීට මාස දෙකකට පෙරදී බවත්, එය ආරම්භ වී ඇත්තේ සෞදි අරාබියේ පැවැති ජාත්‍යන්තර චිත්‍රපට උළලෙකදී දෙදෙනා මුණ ගැසිමෙන් පසුව බවත් සඳහන් වෙයි.
මෙම රහසිගත ආදර සම්බන්ධය ආරම්භ වී ඇත්තේ කිනම් උළලෙකදී මුණ ගැසීමෙන් පසුවද?
{ "answer_start": [ 425 ], "text": [ "සෞදි අරාබියේ පැවැති ජාත්‍යන්තර චිත්‍රපට උළලෙකදී" ] }
77407a5a-4b5d-4cd6-bc2c-e61e6a0e8e89
ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දන්වා යවලා තියෙනවා ජනාධිපති නීතිඥ තනතුරු ලබා ගැනීමට සුදුසු අයට ඉල්ලුම් කරන්න කියලා. නීතිඥ සංගමය ඒ බව අපිටත් දැනුම් දුන්නා. මාත් අඛණ්ඩව අවුරුදු 50 ක්ම නීතිඥ වෘත්තියේ යෙදිලා සිටිය නිසා මහත්තයා මට කීවා ඔයත් මේකට ඉල්ලන්න කියලා. ජනාධිපතිතුමාට යවා තිබුණු ඉල්ලුම්පත්‍ර අතරින් 25 ක් තෝරාගෙන තමයි ජනාධිපති නීතිඥ තනතුරු ප්‍රදානය කරලා තිබුණේ. මාත් ඒ කණ්ඩායමට ඇතුළත් වෙලා තිබුණා. මේ විසිපහෙනුත් පළමුවැනියාට තේරිලා හිටියේ මමයි. මම අවුරුදු 50 ක් වැනි දීර්ඝ කාලයක් නීතිඥ වෘත්තියටත් සමාජයටත් ඉටුකරලා තිබුණු සේවය අගය කරලා තමයි ජනාධිපතිතුමා මට ජනාධිපති නීතිඥ ධුරය පිරිනමලා තිබුණේ. ලංකාවේ පළමුවැනි ජනාධිපති නීතිඥවරිය තමයි මොරීන් සෙනෙවිරත්න මහත්මිය. ඊට පස්සේ ශාන්තිනී කියලා යාපනයේ නීතිඥවරියක් පත්වුණා. මම තමයි ලංකාවේ පස්වැනි ජනාධිපති නීතිඥවරිය. හැබැයි වයඹ පළාතෙන් පත්වුණු පළමු ජනාධිපති නීතිඥවරිය වගේම ලංකාවේ වයසින් වැඩි ජනාධිපති නීතිඥවරියත් මමයි. බොහෝම කාලයකට පසුව තමයි කාන්තාවකට මේ තනතුරක් ලැබුණේ. මාත් සමග කුරුණෑගල එස්.ටී. ජයනාග සහ චන්ද්‍රා ජයසේකර කියන මහත්වරුත් මේ පාර ජනාධිපති නීතිඥවරුන් විදිහට පත්ව සිටිනවා.
ලංකාවේ පළමුවැනි ජනාධිපති නීතිඥවරිය කවුද?
{ "answer_start": [ 640 ], "text": [ "මොරීන් සෙනෙවිරත්න මහත්මිය" ] }
1a19809d-03a9-47dc-a5f3-1ff560239801
ලංකාවෙ අපි ඉතාලියට වඩාත්ම සමීප වෙන්නෙ මොනවයින්ද ඇහුවොත් පැස්ටා, පාතාල කල්ලි, මත්ද්‍රව්‍ය ජාවාරම් වගේ උත්තර පරදවලා අපට ලැබෙන පිළිතුරක් තියෙනවා. ඒ තමයි පීසා කියන්නෙ. ලංකාවෙ මිනිස්සු පීසාවලට ලොකු කැමැත්තක් තියෙනවා. පීසා ආරේ ආහාර බොහෝ රටවල ආහාර සංස්කෘතීන් ඇතුළෙ සැඟවිලා තියෙනවා. අරාබියේ, ස්පාඤ්ඤයේ, ඉන්දියාවේ වගේම ලංකාවේ ලුණු මිරිස් අතුල්ලලා හදන පොල් රොටියෙත් පොඩි පීසා ස්වරූපයක් තියෙනවා. අපේ මේ පාර කතාව හැමදාම පීසා කන පීසා හට් සහ ඩොමිනෝස් වෙනුවට කොළඹ අවටින් පීසා කන්න හොඳ ජොයින්ට්ස් හතක් ගැන. මැච් බලබල පීසා කන්න තියෙන, බඩගිනි වෙන අමුතු අඳුරු වටපිටාවක් සහිත, කොළඹින් චුට්ටක් ඈත තියෙන ප්ලේස් එකක් තමයි මේ ආතර්ගේ පීසා කඩේ. ගල්කිස්සේ අති සුප්‍රකට සිංහ කටට එහා පැත්තෙ තියෙන මේ පීසා කඩේ කොටු දාන බීමත් තියෙනවා. හැබැයි අපි කතා කරන්නෙ පීසා ගැන. මිල ගණනින් අඩු, චීස්, බේකන්, බිත්තර පිරිච්ච ලංකාවෙ අපට හුරු කට දැවිල්ලට, රසට හදපු පීසා වගේම චිකන් එක්ක නයි මිරිස් දාපු දැවිල්ල වැඩි පීසා වුණත් මෙතන තියෙනවා. ඒ වගේම මිල ගණන් ඉතාමත් අඩුයි.
ලංකාවේ අපි ඉතාලියට වඩාත්ම සමීප වන්නේ මොනවයින්ද?
{ "answer_start": [ 56 ], "text": [ "පැස්ටා, පාතාල කල්ලි, මත්ද්‍රව්‍ය ජාවාරම්" ] }
fcee1b37-804f-4a27-ab4f-f33ccd153e55
නවසීලන්තයෙන් සෙනසුරාදා දිනයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 41 දෙනකු වාර්තා වූ අතර එයින් 40 දෙනකු වාර්තා වී ඇත්තේ ඕක්ලන්ඩ් නුවරිනි. ඕක්ලන්ඩ් යනු නවසීලන්තයේ විශාලතම නගරය යි. ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය නිසා ඕක්ලන්ඩ් නුවර ඉකුත් අගෝස්තු මාසයේ මැද සිට ලොක්ඩවුන් සීමාවලට යටත්ව තිබිණි. එන්නත් ලබාගැනීමට සුදුසු ජනගහනයෙන් සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස සියයට 90ක් වූ දැඩි සීමා අවසන් කිරීමට නවසීලන්ත බලධාරීහු අපේක්ෂාවෙන් සිටිති. ඉකුත් සිකුරාදා වනවිට නවසීලන්තය සුදුසුකම් ලබා සිටි ජනගහනයෙන් සියයට 62ක් සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක් කර තිබූ අතර සියයට 83ක් පළමු එන්නත ලබා තිබිණි. ‌
ඕක්ලන්ඩ් නුවරට ලොක්ඩවුන් සීමා වැටුණේ කුමන මාසයේ සිට ද?
{ "answer_start": [ 223 ], "text": [ "අගෝස්තු" ] }
843a7256-1e29-46d3-929d-f9cae97d4b08
හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ලත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හඳුන්වනු ලබන්නේ ‘‘නිප්පොන්/නිහොන්”‍ යනුවෙනි. එය ‘‘නි”‍ ඉර සහ ‘‘හොන්”‍ මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරයෙන් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කිලෝ මීටර 377,835 කි. ජපානය හො‍න්ෂු, හොකයිදො, ක්‍යුෂු, ෂිකොකු යන ප්‍රධාන දූපත් 4ක් හා තවත් කුඩා අව‍ශේෂ දූපත් රාශියකින් සමන්විතය. මෙම ප්‍රධාන දූපත් සතරේ විශාලත්වය වර්ග කිලෝ මීටර 362,000 කි. උස් කඳු ගැඹුරු මිටියාවත් සහ කුඩා තැනිතලාවලින් යුතු ජපන් භූමිය ගංගා සහ විල් මගින් තවත් සුන්දර වූ රාජ්‍යයකි. දෙවැනි ලෝක සංග්‍රාමයට පැටලී මුළුමනින්ම ආර්ථිකය විනාශ කර ගත් ජපානය 1970 වනවිට ශීඝ්‍ර ආර්ථික වෘද්ධියක් ළඟා කර ගනිමින් ලෝකයේ ප්‍රධාන රටවලින් එකක් බවට පත් විය. මෙම ශීඝ්‍ර ආර්ථික වර්ධනය ජපන් භූගෝලීය පිහිටීම, ජපන් ජාතිකයන්ට අයත් යහපත් ගුණාංග සහ ජපන් ආර්ථික වටපිටාව මත ගොඩ නැගී ඇති බව නොරහසකි.
ජපන් ජාතිකයන් විසින් ජපානය හඳුන්වනු ලබන්නේ කෙසේද ?
{ "answer_start": [ 80 ], "text": [ "‘‘නිප්පොන්/නිහොන්”‍ යනුවෙනි" ] }
215ad9c2-35e5-4110-b757-3306bd73e63e
වර්තමානයේ මේ ස්ථානවල විශාල වෙනස්කම් සිදුව තිබේ. අතීතයේ ජනශුණ්‍ය ප්‍රදේශයක් වුවත් අද අඩියෙන් අඩියට ගෙවල් ය. ඇතැම් අය මේ අතීත කතාව කියනවට අකමැතිය. ඔවුන් මේ පාරම්පරික ජනකතා තරයේ ප්‍රතික්‍ශේප කරති. හේතුව මේ කියන ගමන් මග පිළිබඳ පුරාණ තොරතුරු හෙළිදරව්වීම ඔවුන්ගේ දේපල වලට අයහපතක් වේය යන බිය නිසා ය. කුරුගං නිම්නයේ පිහිටි උඩමංකඩ දෙපැත්තේ ඇත්තේ ඈතට විහිදුන තැනිතලාවකි. නිරිතදිග මෝසම සමයේ සහ අන්තර් මෝසම් සමයේ හිමගිරට ඇද හැලෙන මහ වැසි නිසා කුරුගං ලලනාවගේ දිය දහරාව මේ ඈතට විහිදුණ නිම්නය පුරා පැතිරගොස් ගංවතුරක් ද නිර්මාණය කරන්නීය. එ කාලයේ හැර අනෙක් කාලයේ මේ උඩමංකඩ දියමිටි තැන වතුර මට්ටම කෙනෙකුගේ දණහිසිනුත් පහළටය. ඒනිසා උඳුවප් මහේ ඇරඹෙන සිරිපා සමයේ වන්දනාවේ යන බැතිමතුන් ඉන් එගොඩ වන්නේ පැමිණි ගමනේ ගිමන් නිවාගන්නට දියබැස නාගෙනය.
අතීතයේ ජනශුන්‍ය ප්‍රදේශ වල අද අඩියෙන් අඩියට තිබෙන්නේ මොනවාද?
{ "answer_start": [ 98 ], "text": [ "ගෙවල්" ] }
7a971afe-f337-42d4-9802-d133d32ec5e9
ලොව බිහි වූ අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයන් අතළොස්ස අතර ඔහුටද හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. 2013 වසරේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා විට මෙම ක්‍රීඩකයා ටෙස්ට් ක්‍රිකට් තරග 200කට, ජාත්‍යන්තර එක්දින තරග 463කට, එක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකට, අයිපීඑල් තරග 78කට, චැම්පියන් ලීග් තරග 13කට සහ පළමු පෙළ තරග 310කට සහභාගී වී තිබිණි. මිතුරන් අතර ටෙන්ඩ්ල්යා ලෙසද, ක්‍රිකට් විචාරකයන් අතර මාස්ටර් බ්ලාස්ටර් නැතිනම් ලිට්ල් මාස්ටර් ලෙසද ප්‍රකට ඔහු ඉන්දියාවේ සචින් රමේෂ් තෙන්දුල්කාර්ය. ටෙස්ට් ක්‍රිකට් තරග මෙන්ම එක්දින තරගවලින්ද වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් ලොව එකම ක්‍රීඩකයා සචින්ය. ඔහු ටෙස්ට් ලකුණු 15,921කට හිමිකම් කියන අතර රැස් කර ගෙන ඇති එක්දින ලකුණු සංඛ්‍යාව 18,426කි. පළමු පෙළ තරගවලින් ලකුණු 25,396ක් ඔහු රැස් කර තිබේ. සචින්ගේ ටෙස්ට් පිතිකරණ සාමාන්‍යය 53.78ක් වන අතර එක් දින තරගවලදී එය 44.83ක් වේ. ඔහු ටෙස්ට් ද්විත්ව ශතක 6ක්, ශතක 51ක් හා අර්ධ ශතක 68ක්ද, එක් දින ද්විත්ව ශතකයක්, ශතක 49ක් හා අර්ධ ශතක 96ක්ද රැස්කර තිබේ.
ලොව බිහි වූ අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයන් අතළොස්ස අතර අද්විතීය ස්ථානයක් හිමිකරගන්නේ කවුද ?
{ "answer_start": [ 443 ], "text": [ "සචින් රමේෂ් තෙන්දුල්කාර්ය" ] }
a11eb8b0-1b01-421d-be02-3f005b63b04b
පුද්ගලයකු මිය ගිය විට සිරුර මී පැණියෙහි හෝ ඉටි පිරවූ බඳුනක බහාලීම එකළ බැබිලෝනියාවේ පැවැති චාරිත‍්‍රයක් විය. ඒ අනුව ඇලෙක්සැන්ඩර්ගේ සිරුර ද මී පැණි බඳුනක ගිල්වා තැබුණු අතර එම බඳුන ගෙත්තම් කළ සිල්ක් සළුවකින් ඔතා තිබිණි. ඇලෙක්සැන්ඩර්ගේ අවසන් කටයුතු සිදු කළ යුත්තේ කවුරුන් විසින්දැයි යන්න පිළිබඳව තරගයක් පැවැතියේය. එය බේරුම් කරගැනීමට නොහැකිව පර්ඩිකාන්ස්, ටොලමි, සෝටර්, සෙලිකුස් සහ නිකේටර් වැනි ඇලෙක්සැන්ඩර්ගේ ජනරාල්වරුන් දෙවසරකට ආසන්න කාලයක් අරගල කර ගත් බැව් ඉතිහාසඥයෝ සඳහන් කරති. ඇතැමෙකුට අවශ්‍ය වූයේ ඇලෙක්සැන්ඩර්ගේ සිරුර මෙසිඩෝනියාවට රැගෙන යෑමටය. එහෙත් ඇලෙක්සැන්ඩර්ගේ සමීපතම ජනරාල්වරයා වූ ටොලමිට අවශ්‍ය වූයේ පාරාවෝ රජුන්ගේ සිරුරු මිහිදන් කර ඇති ඊජිප්තුවේ ඔහු මිහිදන් කිරීමටය. සිරුර රැගෙන යෑමට රනින් නිම කෙරුණු විශාල අශ්ව රථයක් සූදානම් කෙරිණි. ඇලෙක්සැන්ඩර් මරණයට පත් ව දෙවසරකට පසු එය මිහිදන් කිරීම සඳහා හමුදා නිලධාරීන් හා යුද භටයන් දහස් ගණනක් පිරිවරාගත් රථය බැබිලෝනියාවේ සිට මෙසිඩෝනියාව බලා යෑමට පිටත් විය. එහෙත් ඔවුනට එය මෙසිඩෝනියාවට රැගෙන යෑමට ඉඩ ලැබුණේ නැත. ඉතිහාසඥ දියදුරුස් සිකලස්ට අනුව සිරියානු සහ ඊජිප්තු දේශ සීමාවේදී ජනරාල් ටොලමි විසින් සිරුර පැහැර ගෙන ඇලෙක්සැන්ඩ්‍රියාවට රැගෙන ගොස් තිබේ.
පුද්ගලයෙක් මිය ගිය විට මී පැණි හෝ ඉටි බඳුනක බහාලන්නේ කොහෙද?
{ "answer_start": [ 70 ], "text": [ "බැබිලෝනියාවේ" ] }
1fd1597e-718b-45c6-a30e-2230ab5c69db
පෙතියාගොඩ සංඛ මෙම ස්ථානයට පැමිණ ඇත්තේ සිය බාප්පාගේ උපකාරයෙනි. තැන තැන සැඟව සිටි ඔහු මෙම ස්ථානයට සැඟව සිටීමට පැමිණ ඇත්තේ සතියකට වැඩි කාලයක සිටය. විශේෂ කාර්ය බළකාය පවසන පරිදි මෙම කල්ලි විසින් අපරාධ සිදුකරන ක්‍රම කිහිපයක් ඇත. ඉන් එක් ක්‍රමයක් වන්නේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව දෙකක් අතර ඇති වන ගැටුම් මත සිදුකරන අපරාධ යි. කොන්ත්‍රාත් ක්‍රමයට අපරාධ කිරීම ඉන් තවත් ක්‍රමයකි, මිතුරන්ගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරගෙන මිතුරුකමට අපරාධ සිදුකිරීම ඉන් තවත් ක්‍රමයකි. මත්ද්‍රව්‍ය ජාලයේ බලය සියතට ගැනීම සඳහා තවත් පිරිසක් අපරාධ සිදුකරති.
සිය බාප්පාගේ උපකාරයෙන් මෙම ස්ථානයට ආවේ කව්ද?
{ "answer_start": [ 0 ], "text": [ "පෙතියාගොඩ සංඛ" ] }
1e753d22-fac4-4153-b087-c73a9ab5047f
එම ආරංචියත් සමග කොළඹ නගරයේ ආරක්ෂක මුරකාවල් තරකොට තිබුණත් කොටි සංවිධානය මහ බැංකුව ඉලක්ක කරනු ඇතැයි ඔවුන් තුළ නිසි තක්සේරුවක් නොවීය. උඩප්පුව පොලිසිය විසින් මුන්දලම වෙරළේදී කිලෝග්‍රෑම් 400 ක් බරැති පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිද්ධිය ද ආරක්ෂක අංශයන්හි විමසීමට ලක්ව තිබිණි. මුන්දලමේ තවත් ස්ථානවල පුපුරන ද්‍රව්‍ය සඟවා තිබුණේද? එම පුපුරන ද්‍රව්‍ය රහසින් කොළඹට ප්‍රවාහනය කරනු ලැබුවේද? මේ අනුව බෝම්බය සාදනු ලැබුවේ කොළඹදීද? යන ගැටලු කෙරෙහි ආරක්ෂක අංශයන්හි අවධානයට ලක්වූ අතර කොටුව දුම්රියපොළට නුදුරින් අතහැර දමා ගොස් තිබූ ත්‍රිරෝද රථයක්ද පොලිසිය භාරයට ගැනිණි. බැංකුව අසල වෙඩි තැබීමේ සිද්ධියට සහභාගි වූ පිරිස පැමිණියේ මේ ත්‍රිරෝද රථයේද?
පුපුරන ද්‍රව්‍ය තොගයේ ප්‍රමාණය කොපමණද?
{ "answer_start": [ 170 ], "text": [ "කිලෝග්‍රෑම් 400" ] }
05c609d6-1939-41a4-bb79-e34e81dffcf6
බ්‍රිතාතාන්‍යයේ ඔටුන්න හිමි හැරී කුමරු සහ බිරිඳ මෙගාන් මාකෙල් ඔවුන්ගේ සිඟිති දියණිය ලිලිබට්ගේ පළමු උපන් දිනය ලන්ඩන් නුවරදී සැමැරූහ. රාජකීය කටයුතුවලට සමුදී, ඇමෙරිකාවේ පදිංචිවී සිටින හැරී මෙගාන් යුවල ඔවුන්ගේ දරු දෙදෙනා වන ආර්චි සහ ලිලිබට් සමඟ පසුගිය සතියේ යළි ලන්ඩනයට පැමිණියහ. ඒ, දෙවැනි එලිසබත් මහ රැජිනගේ ප්ලැටිනම් ජුබිලියේ සැමරුම් උත්සව සඳහා සහභාගී වීමටය. යුවල ලන්ඩනයට පැමිණියේ ද මහ රුජිනගේ ඇරැයුමකට අනුවය. හැරී මෙගාන් යුවල රාජකීය කටයුතුවලට සමුදී ඇමෙරිකාවේ පදිංචියට ගියේ රජ පවුලේ සාමාජිකයන් සමඟ විරසකයක් ඇති කර ගනිමිනි.
හැරී මෙගාන් යුවල රාජකීය කටයුතුවලට සමුදී ඇමෙරිකාවේ පදිංචියට ගියේ කුමක් කරගනිමින්ද?
{ "answer_start": [ 478 ], "text": [ "පවුලේ සාමාජිකයන් සමඟ විරසකයක් ඇති කර ගනිමිනි" ] }
fa53ef55-25f5-41f8-857b-fce52aff043b
මුලින් ගම්පොළ ප්‍රදේශයෙන් ඇරඹුණ ද පසුව ලංකාව පුරා ව්‍යාප්ත වන්නට නිත්‍ය වාහකයා වුණේ කටකතාය. මේ තත්ත්වය මත රට පුරා මහත් නොසන්සුන් ව්‍යසනකාරී තත්ත්වයක් උදාවූයෙන් එය මැඩලීම සඳහා ඉංග්‍රීසි පාලකයෝ නොගත් උත්සාහයක් නැත. එහෙත් මෙයට වඩා කටකතා ප්‍රබල වී කැරලිකෝලාහල තත්ත්වය උත්සන්න වීම තුළ කුපිත වූ ඉංග්‍රීසි පාලකයෝ රට පුරා යුද්ධ නීතියක් හෙවත් කුප්‍රසිද්ධ මාර්ෂලෝ එක ක්‍රියාත්මක කරමින් තත්ත්වය සමථයකට පත් කිරීමට යත්න දැරූහ. මාර්ෂ ලෝ එක නිසා සිංහල මිනිසුන් ගණනාවක්ම ඉංග්‍රීසි වෙඩි උණ්ඩයටත් බිලි වූහ. කෝලාහල තත්ත්වයේ උත්සන්න අවස්ථාව එසේ තිබියදී ගම්පොළ මහනුවර ප්‍රදේශවලින් කැරලි ගණනාවක්ම ඒකාබද්ධව කෑගල්ල හරහා කොළඹ දෙසට එන්නට පටන් ගත්තේ අතරමග දී හමුවන සියලුම පල්ලි සහ ඒ හා සම්බන්ධ දේපොළ විනාශ කරමින්ය. මෙයට සහාය පළකරමින් කෑගල්ල සහ ඒ අවට තදාසන්න පෙදෙස්වල ජනතාව ද එකී කැරලි රංචුවලට එකතු වන්නට වූහ.
ලංකාව පුරා ව්‍යාප්ත වන්නට නිත්‍ය වාහකයා වුණේ කුමක්ද?
{ "answer_start": [ 84 ], "text": [ "කටකතාය" ] }
d3e87d35-2cab-4f8f-a024-191d8bb8201c
පුරාණ ග‍්‍රීක සමාජයේ කාන්තාව බලයෙන් අඩු කොට්ඨාසයක් ලෙස හඳුන්වනු ලදහ. තොල් ආලේපන ගල්වා ප‍්‍රසිද්ධියේ පෙනී සිටීම වැනි සරල ක‍්‍රියාවක් පවා ඔවුනට තහනම්ව පැවතිණි. එම සමයේ තොල් ආලේපන භාවිතයට අවසර ලැබී තිබුණේ ගණිකාවන්ටයි. ඔවුන් ආලේප කළ ඒවා තොල් සායම්වලට වඩා ඩයිවලින් පැහැය ලැබුණු ලාභ තොල් සායම් විය. ඇත්තෙන්ම මෙම ගණිකාවන්ට රතු පැහැ තොල් ආලේපන භාවිත කිරීමට නීතියෙන් ඉඩකඩ ලැබී තිබුණේ හොඳින් ඇඳ පැලඳ සිටින විට සාමාන්‍ය කාන්තාවන් සහ ගණිකාවන් අතර වෙනසක් පෙනෙන්නට නොවූ නිසාත්, වැදගත් කාන්තාවන් යැයි සිතා පිරිමින් ඔවුන්ට රැවටීමත් වළක්වාගෙන ඔවුන් පහසුවෙන් හඳුනා ගැනීම පිණිසය. ඒ හේතුවෙන්ම තොල් ආලේපන සම්බන්ධ පළමු නීතිය වන රතු තොල් සායම් නොමැතිව ප‍්‍රසිද්ධියේ පෙනී සිටියහොත් ගණිකාවන්ට දඬුවම් දීමේ නීතිය සම්පාදනය විය. රෝම සමාජයේ කාන්තාවගේ විලාසිතා අයිතිවාසිකම් ග‍්‍රීක කාන්තාවට වඩා ඉදිරියෙන් තිබිණි. සැබැවින්ම රෝම කාන්තාවන් පමණක් නොව, පිරිමි පවා සමාජ පන්තිය හා නිලය පෙන්වීමේ සංකේතයක් ලෙස තොල් ආලේපන භාවිත කළහ. රෝම සමාජය භාවිත කළ තොල් ආලේපන වස විසවලින් ගහණ වූ බව කියැවේ.
රෝම සමාජයේ කාන්තාවන් පමණක් නොව, පිරිමි පවා තොල් ආලේපන භාවිත කලේ ඇයි?
{ "answer_start": [ 828 ], "text": [ "සමාජ පන්තිය හා නිලය පෙන්වීමේ සංකේතයක් ලෙස" ] }
f76cd509-c130-4afc-878e-96f4a65445e3
විදානේවරයාගේ උදව් උපකාර ඇතිව ඉංග්‍රීසින්ගේ භට පිරිසක් සැප්තැම්බර් 27දා රාත්‍රී ඉතාම හොර රහසේ ඉතාමත්ම අපහසුවෙන් මඩුගල්ලේ නිලමේගේ වලව්ව පිහිටි උඩදුම්බර මඩුගල්ල ගම්මානය කරා ගමන් කර ඇත. පිරිස මඩුගල්ල ගම්මානයට පිවිස ඇත්තේ 28 දා පාන්දරය. පිරිස විදානේවරයාගේ නිවෙස තුළට පිවිස එහි සැඟවුණේ එදින රාත්‍රියෙහි මඩුගල්ලේ නිලමේ කොටු කර ගන්නටය. මඩුගල්ල ගම්මානයට ගිය භට පිරිස පිළිබඳ කිසිදු තොරතුරක් නොලද නිසා තෙල්දෙණිය අණදෙන නිලධාරී කපිතන් ඩොබින් මහතා කලබලයට පත්ව සිටියේය. ඒ අතර මඩුගල්ල ගම්මානය දෙසින් නිකුත් වු වෙඩි ශබ්දයක් පිළිබඳ තොරතුරක් ද ඩොමින්ට ලැබුණේය. තම භට පිරිසට කුමන හෝ ආකාරයේ කරදරයක් පැමිණෙන්නට ඇතැයි සිතූ ඩොබින් ආධාර පිණිස බළ ඇණියක් වහා මඩුගල්ල ගම්මානයට පිටත් කර ඇරියේය. එම භට කණ්ඩායමේ පැමිණීම මඩුගල්ලේ නිලමේට දැන ගන්නට ලැබුණේය. හේ වහා පලා ගියේය.
විදානේවරයාගේ උදව් උපකාර ඇතිව ඉංග්‍රීසින්ගේ භට පිරිසක් රාත්‍රී ඉතාම හොර රහසේ ඉතාමත්ම අපහසුවෙන් මඩුගල්ලේ නිලමේගේ වලව්ව පිහිටි උඩදුම්බර මඩුගල්ල ගම්මානය කරා ගමන් කර ඇත්තේ කවදාද?
{ "answer_start": [ 54 ], "text": [ "සැප්තැම්බර් 27දා" ] }
0e104e34-2d3e-4824-87b6-48cda946ccd6
ඉතා පැහැදිලිව පෙරභව ජීවිත තොරතුරු හෙළි කළ ඇතැම් දරුවන්ට තවමත් ඔවුන්ගේ පෙරභව ජීවිතය මතකයේ තිබේ. ඇතැමුන් වැඩිවියට පත්වී සිටියද ඔවුන් කුඩා කලදී කළ ප්‍රකාශ ලිඛිත සටහන් ලෙස පර්යේෂණවලට ඇතුළත් කර ඇත. එවැනි දරුවන්ගේ ප්‍රකාශ අනුව පෙර භවයට සම්බන්ධ පවුල් හෝ කිසියම් ඥාති හිතමිතුරන් සොයාගත හැකි නම් ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට තවමත් අවස්ථාව තිබේ. සිය පෙරභවය පිළිබඳව ඉතා පැහැදිලිව අනාවරණය කළ දැරියක් 2003 වසරේදී අවිස්සාවේල්ලේදී උපත ලැබීය. ඇය අනාවරණය කළේ මීට පෙර ජීවත්ව සිටියේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ බවය. එහිදී වෙඩි වැදීමකින් මරණය සිදුවී ඇති බැව් ඇගේ මතකයේ තිබිණි. වෙඩි වැදීම සිදුවීමෙන් පසු මළ සිරුරු දක්නට ලැබුණ අන්දම ඇය විසින් චිත්‍රයක් මගින්ද පෙන්වා දුන්නේ දෙමාපියන් පුදුමයට පත් කරවමිනි.
ඇයගේ මරණය සිදු වී ඇත්තේ කෙසේද ?
{ "answer_start": [ 495 ], "text": [ "වෙඩි වැදීමකින්" ] }
329e5e67-2023-408c-ab16-7b9d141f17b4
මහා බ්‍රිතාන්‍යය, ෆින්ලන්තය සහ ස්වීඩනය සමඟ නව ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීය. එම ආරක්ෂක ගිවිසුමට අනුව, ෆින්ලන්තයට හෝ ස්වීඩනයට හෝ සතුරු ප්‍රහාරයක් එල්ල වුවහොත්, එම රටවල් ආරක්ෂා කිරීමට මහා බ්‍රිතාන්‍යය බැඳී සිටිනු ඇත. නව ආරක්ෂක සහයෝගීතාවට ෆින්ලන්තය සහ ස්වීඩනය එක් කර ගනිමින්, ඊට අදාල ගිවිසුමට අත්සන් තැබීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ සංචාරය කළේය. ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට, ස්වීඩනය සහ ෆින්ලන්තය හවුල් කර ගැනීමට මහා බ්‍රිතාන්‍යය පියවරගෙන ඇත්තේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත්, රුසියාවේ ක්‍රියා කලාපය සෙසු යුරෝපා රටවලට තර්ජනයක් වීමත් සමඟය.
මහා බ්‍රිතාන්‍යය, ෆීන්ලන්තය සහ ස්වීඩනය එක්ව සිදුකළේ කුමක්ද?
{ "answer_start": [ 46 ], "text": [ "ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීය" ] }
03afbc21-2cbc-4894-9e60-379c369f748b
ගර්භණී මව්වරුන්ට වැඩි වශයෙන් මේ විද්‍යුත් භාවිතය ඉතා අහිතකරයි. ජංගම දුරකථන ළඟ තබා ගැනීමේදී පිටවෙන තරංග මගින් කළලයේ සිතිවිලිවලට බලපෑම්, බබාගේ සිතිවිලි තරංග හරහා ක්‍රියාකිරීම නිසා කළල වර්ධනයත් සමග මීටර් 1.5ක අවම වශයෙන් ඈත්ව තබාගැනීම සුදුසුයි. ගර්භණී මවක් නිවසක සිටිනවා නම් එම කාමරයෙන් දුරකථන ඈත් කර තැබීමත් ඉතා වැදගත්. විශේෂයෙන් මීටර් 1.5ක ඈත්ව තැබිය යුතුමයි. ඊට අමතරව පිරිමි පාර්ශ්වයට කියන්න ඕනෑ ජංගම දුරකථනය තම කලිසම් සාක්කුවල නොදැමිය යුතුයි. ඒ තුළින් දරුඵල අඩු කිරීම්, වෘෂණ කෝෂ පිළිකා ඇතිවෙන්නට ඉඩ තියෙනවා. අඩුම අවදානම තියෙන්නෙ උඩ සාක්කුවෙ දුරකථනය රඳවා ගැනීමෙන්.
බබාට අහිතකර වන්නේ කුමන උපාංග වලින් පිට වන තරංග ද ?
{ "answer_start": [ 63 ], "text": [ "ජංගම දුරකථන" ] }
d28b302c-c015-4aaf-9981-2ab02ba7b010
ලෝක රූ රැජින කිරුළ පැලඳී සුරූපිනියන් අතරේ අයිශ්වර්යා රායි බච්චන්, සුශ්මිතා සෙන්, ඩයනා හේඩන්, ලාරා දත්තා, ප්‍රියංකා චොප්රා , මනුෂී චිලර් යන සියලු දෙනා අතරින් දෙස බලන විට හිටපු ලෝක රූ රැජිනක් හා වර්තමානයේ බොලිවුඞ් සුපිරි තරුවක වන ප්‍රියංකා චොප්රා එදාට වඩා අද බොහෝ සෙයින් වෙනස් බව පෙනෙන දෙයක්. ඇය ප්ලාස්ටික් සැත්කමකට මුහුණ දුන්නේ තම දෙතොල් සහ නාසය වෙනස් කරගැනීම සඳහා යැයි ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ විචාරකයෝ සඳහන් කරති. කරිෂ්මා කපුර්, කත්රිනා කායිෆ්, ශිල්පා ෂෙට්ටි, ශ්‍රැති හසන් ද දෙතොල් සහ නාසය වෙනස්කර ගැනීමට ප්ලාස්ටික් සැත්කම් සිදුකර ඇතැයි එම ඉන්දීය සිනමා විචාරකයෝ පවසති. කරීනා කපූර් සිනමාවට පිවිස වසර පහළොවක් ගත වූ පසුව ප්ලාස්ටික් සැත්කමක් සිදු කළ බව තවදුරටත් බොලිවුඩෙයන් වාර්තා වේ. ඇය තම කම්මුල් පිරුණු ස්වභාවයක් ඇති කර ගැනීම වෙනුවෙන් මෙම සැත්කම සිදුකර ඇත.
කරීනා කපූර් ප්ලාස්ටික් සැත්කමක් සිදු කලේ සිනමාවට පිවිස වසර කීයකින්ද ?
{ "answer_start": [ 595 ], "text": [ "වසර පහළොවක්" ] }
547241a4-b5ff-45b7-977c-e1be2482cc0c
හපුතලේ වත්තේ ඉද්දි මට හොඳ වැඩක් උනා. එදා මම රාත්‍රී සේවා මුරයට ගියා. මිනිස්සු මැෂින්වල වැඩ. මට තිබුණේ දලු වේළීමේ තත්ත්වය, වගේ දේවල් විටින් විට බලල අදාළ මැෂින්වලට දලු මාරු කරන්න උපදෙස් දෙන එක. මම ඉතින් මගේ කාර්යය අවසන් කරල දලු ටික වේලෙනකම් මැෂින් එකට එහා පැත්තේ තියෙන මගේ සේවා කාමරයේ තැනක පොඞ්ඩක් ඇල උනා. වෙලාව රාත්‍රී 2.30 ට විතර ඇති. මට හොඳටම නින්ද ගියා. ඒත් එක පාරටම කවුදෝ කෙනෙක් මගේ අතක් තදින් පාගනව මට දැණුන. මම උඩ ගිහින් ඇහැරුණා. වට පිට බැලුවත් කිසි කෙනෙක් නැහැ. හීනයක් වෙන්න ඇති කියල හිතල මම ආයෙත් නිදා ගත්ත. ටික වෙලාවක් යද්දි ආයෙත් සැරයක් මගේ අත පෑගුව. ඒ පාර මම තවත් බය වෙලා නැගිට්ට. මම ගිහින් එහා පැත්තේ හිටිය කම්කරුවන්ට විස්තරේ කීවා.
මිනිසුන් වැඩ කළේ මොනවායේද
{ "answer_start": [ 78 ], "text": [ "මැෂින්වල" ] }
cb059f41-b8e9-4afc-a836-40edca186621
ජීවයේ පැවැත්මට සුදුසු පරිදි පෘථිවිය මත ඔක්සිජන් ඇතිවීමට වසර ලක්ෂ 1000ක් පමණ ගත වූ බව පර්යේෂකයෝ කියති. පෘථිවියේ ඇති පාෂාණ සාම්පල පරීක්ෂා කරමින් ඔවුහු ඒ බව කියති. අද ඇති ඔක්සිජන් මට්ටමෙන් සියයට 10ක් ඇති වීමට මේ කාලය ගත වූ බව ඔවුහු කියති. විද්‍යාඥයන් පවසන්නේ වසර බිලියන 3.5ත් වසර මිලියන 600ත් අතර කාලයේ පෘථිවියේ සිටියේ ඔක්සිජන් අවශ්‍ය නොන නිර්වායු ස්වසනයෙන් ජීවත් වන සත්ත්වයන් බවයි. කෙසේ වෙතත් වසර වසර ලක්ෂ 6000ක කාලයේ සිට කේම්බ්‍රිය පිපිරීම ලෙස හදුන්වන සත්ත්ව ජිවිත පරිනාමය සිදුව ඇති බවත් ඒ කාලයේ දී ඔක්සිජන් ඉහළ මට්ටමේ තිබූ බවත් පර්යේෂකයෝ කියති.
වසර බිලියන 3.5ත් වසර මිලියන 600ත් අතර කාලයේ පෘථිවියේ සිටින්නේ කවුද?
{ "answer_start": [ 336 ], "text": [ "නිර්වායු ස්වසනයෙන් ජීවත් වන සත්ත්වයන්" ] }
3672ec21-3791-4715-b061-1ced4093c811
මීළඟට දක්නට ලැබෙන්නේ ධම්මික ස්ථූපයයි. එය බුදුසසුනේ පළමු රහත් පස්නම බිහිවූ ස්ථානය වන්නේය. එනම් බුදුසරණ ගිය පස්වග තවුසන් අනන්තලක්ඛණ සූත්‍ර දේශනාව අසා රහත් භාවයට පත්වූයේ මේ ස්ථානයේදීය. අශෝක රජු විසින් මෙහි ධම්මික ස්ථූපය සාදවා ඇති අතර එහි උස අඩි 110 ක් පමණ වෙයි. හිංදු ආක්‍රමණවල ප්‍රතිඵලයක් ලෙස ධම්මික ස්ථූපයේ මුල් හැඩය වෙනස් වී ඇති බව පැවසෙයි. රණැස ඉසිපතන මිගදායේ බුදුන් වහන්සේ වැඩසිටි කුටිය ලෙස සැලකෙයි. මීට මූලගන්ධ කුටි යන නම ලැබී ඇත්තේ බුදුන් වහන්සේ ප්‍රථම වරට වැඩසිටි ස්ථානය බැවින් බව සඳහන් වෙයි. ධාතු වංශයට අනුව මෙම විහාරයෙහි බුදුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර තිබී ඇත. ධර්මාශෝක රජු විසින් ඉදිකළ විහාරයේ නටබුන් අදද දක්නට ලැබෙන්නේය.
එහි උස කොපමණද?
{ "answer_start": [ 235 ], "text": [ "උස අඩි 110" ] }
1424de63-b85f-439a-9cf7-090647aa541a
ෆර්නැන්ඩීනා දූපතේ ඉගුවානාට අසල්වැසියන් කිහිප දෙනෙකි. මුහුදු ඉගුවානාගෙන් පෝෂණය වන කකුළුවන් ඒ අතරින් කැපී පෙනෙයි. දූපතේ සිටින කහ සහ දීපතිමත් රතු පැහැයක් ගන්නා කකුළුවෝ ඉගුවානාගේ මැරුණු සම් කැබැලි ආහාරයට ගනිමින් ජීවත් වෙති. ඉගුවානා අව්ව තපිද්දී, උන්ගේ සිරුරු මත නැග මැරුණු සම් කොටස් කඩා ගෙන කකුළුවන් ඒවා ආහාරයට ගනී. කකුළුවන්ට එය පෝෂණීය ආහාරයකි. ඉගුවානාට නම් සම්බාහනාගාරයට ගියා හා සමානය. ෆර්නැන්ඩීනා දූපතේ මැස්සෝ වෙසෙති. ඉගුවානා කටුස්සන්ට මේ මැස්සන්ගෙන් කරදරය. මැසි කරදරයෙන් ඉගුවානා බේරා ගන්නේ කුඩා කටුසු විශේෂයකි. දීප්තිමත් රෝස පැහැති බඩ ප්‍රදේශයක් ඇති මෙම කටුස්සන් ද ඉගුවානා කොලනිය වෙත පැමිණ, ඉගුවානාගේ ඇඟට ගොඩ වෙන්නේ මැස්සන් අල්ලා කෑමට ගනිමිනි. කකුළුවන්ගේත් මෙම කුඩා කටුස්සන්ගේත් සමාගම ඉගුවානා ප්‍රිය කරයි.
ඉගුවානාගේ මැරුණු සම් කැබලි ආහාරයට ගන්නේ කවුරුන්ද?
{ "answer_start": [ 81 ], "text": [ "කකුළුවන්" ] }
7738a787-5d74-4bdf-be42-458244cc5529
යථෝක්ත ගීතය ශ්‍රාවක පිරිස් වෙත තත්‍ය ලෙසින් සිරිපා පිනිපා කිරීමේ අත්දැකීම් ස්පර්ශය කරවන සුළුය. සිරිපා ගමනේ සියලු බැතිමත් අසිරිමත් සිදුවීම් මාලාව සංක්ෂිප්ත තාවයෙන්, සජීවිමත් කෙරෙන සුමට පද සංයෝජනයකින් තත් ගීතය පරිපූර්ණය. ශබ්ද හා ද්වනි මාධුර්යෙන් අනූන මෙම ගීතයෙහි නිබන්ධකයා යූ.ඩී. පෙරේරා ය. ග්‍රේටා ජෙනට් ද සිල්වා ශිල්පිනිය එම්.කේ. වින්සන්ට් සමග ගුවන් විදුලියෙන් මෙම ගීය ගායනය කර ඇත්තේ 40 දශකයේ මුල් භාගයේදීය.
තත්‍ය ලෙසින් සිරිපා පිනිපා කිරීමේ අත්දැකීම් ස්පර්ශය කරවන්නෙ කුමක්ද?
{ "answer_start": [ 0 ], "text": [ "යථෝක්ත ගීතය" ] }
136d501f-ff1a-4a6d-a13d-95fe3d2f14fb
මුලින්ම ඔබ පිරිසිදු සුදුවතකින් සැරසී, කහ දියරෙන් මුව සෝදා පිරිසිදු ස්ථානයක, පුටුවක් යකඩ ඇණ නොගැසූ මේසයක් තබා බුලත්, මල් පලතුරු පහන් සුවඳකූරු කපුරු සමඟ ඉහත භාණ්ඩද තබා තඹ කොළ 4 මත ගථාව ලියූ සියල්ල තුන් නූලකින් වෙළන්න. ඉන්පසු පන්සිල් ගෙන රතන සූත්‍රය කියා ජලනන්දන පිරිතින් 108 වරක් පුරවා ගන්න. නැවත රංසිමාල යන ගථාවෙන් 1000 වර පුරවා ගන්න. ඉන්පසු මුට්ටි හතරට යන්ත්‍ර හතර රෝල් කර දමා මුහුදු වැලි නොපෑගුණ ගල්, තිරිවාන ගල්, යබොර දමන්න. මුළු ගේ පුරාම වතුර, වැලි, අබ ඉහින්න, දුම්මල, කට්ටකුමංජල් දුම් අල්ලන්න. දින 03ක් යන තෙක් අතු ගාන්න එපා. උඩ යට අට කොන ගහන්න. මුල මුට්ටි 04 ගේ හතර කොන වළලන්න. හෝ එල්ලන්න. රාත්‍රී 09ට පමණ ගේ මැදට වන්න සාලෙයි පොල්තෙල් පහනක් දල්වන්න.
රතන සූත්‍රය කියා 108 වරක් පුරවා ගැනීමට අවශ්‍ය වන්නේ කුමන පිරිතෙන්ද?
{ "answer_start": [ 252 ], "text": [ "ජලනන්දන පිරිතින්" ] }
4879c6ae-e7c2-4cb4-a483-9369e76d578e
ශීලා පීරිස් එදා ගැයූ “සුදු සඳ රැස්” ගීතය අතිශයින්ම ජනප්‍රිය ගීතයක් විය. 1929 සැප්තැම්බර් 25 වැනිදා බොරැල්ලේ උපත ලැබූ ඇය කැම්බල් පෙදෙසේ සියලු සාන්තුවරයන්ගේ බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවාය. වේදිකා නාට්‍ය කිහිපයකම රඟ පෑ ඇය 2014 ඔක්තෝබර් 19 වෙනිදා මිය ගියාය. ගම්බද සුන්දරී චිත්‍රපටයේ විමල් හා සිරිල් ලෙස රඟපෑ කිංස්ලි ජයසේකර හා වින්සන්ට් පෝල් පීරිස් ද ගුවන් විදුලියේ ගායකයන් දෙදෙනකු ලෙස ප්‍රකටව සිටියහ. ගල්කිස්සේ ශාන්ත තෝමස් සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කිංස්ලි ජයසේකර ගම්බද සුන්දරී චිත්‍රපටයේ රඟපාන විට වයස අවුරුදු 23කි. ඔහු ප්‍රිසිලා ඕපාත සමඟ ගැයූ මොනවද අම්මේ අකුරු ජාතියක් නම් යුග ගීතය අදත් ජනප්‍රිය ගීතයකි. 1924 අප්‍රේල් 04 වැනිදා උපන් ඔහු 2004 පෙබරවාරි 07 වෙනිදා මිය ගියේය. සිරිල් ලෙස රඟ පෑ වින්සන්ට් ද පෝල් පීරිස් ද ජනප්‍රිය ගායකයෙකි. බසියිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ, සිරිපාදේ සමනළ කන්ද පෙනේ, අලෝකය සමන් ගිරේ. ගීත දෙක වින්සන් ද පෝල්ගේ ජනප්‍රියත්වයට හොඳම නිදසුන්ය. 1922 මාර්තු 11 වෙනිදා උපත ලැබූ ඔහු 2014 ජූලි 22 මිය ගියේය. ශීලා, කිංස්ලි හා වින්සන්ට් ගම්බද සුන්දරී චිත්‍රපටයේ පසුබිම් ගීත ගයමින් රඟපෑම විශේෂයකි. ගම්බද සුන්දරී චිත්‍රපටයේ ගීත පටිගත කොට ඇත්තේ ලංකාවේදීය. චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ ජෝර්ජ් ඇස්. විජේගුණරත්න එදා තමාගේ අභිප්‍රාය සමරු සංග්‍රහයේ මෙසේ සටහන් කර තිබුණි.
ඔහු ප්‍රිසිලා ඕපාත සමඟ ගැයූ ගීතය කුමක්ද ?
{ "answer_start": [ 555 ], "text": [ "මොනවද අම්මේ අකුරු ජාතියක් නම් යුග ගීතය" ] }
e8f19e75-2f63-4c88-a17a-b5f4d6a98366
ඇත් අතුරු සෙවණේ සේවකයන්ට මෙම නම් සහිත පැටවුන් හඳුනා ගැනීම එතරම් අසීරු නොවේ. එසේම පැටවුන්ට රැකවරණයට කැපකරු මාපියෝද ඉදිරිපත්ව සිටිනවා. ඔවුන්ට තමන් කැමති නමක් යෙදීමටද අයිතියද ලබාදී තිබෙනවා. සෙරන්ඩිබ්, මැටිල්ඩා, ඉන්දි, මීෂා එවැනි තැබූ නම් කිහිපයක්. ඇත් අතුරු සෙවණේ සිටින පැටවු යම් කාලසටහනක් අනුව හැඩගැසී සිටිනවා. උදෑසන 6.00 සිට උදෑසන 9.30 දහවල් 12.00 සවස 3.00 සවස 6.00 ට කිරිදෙන වේලාවන්ය. මෙම අවස්ථාවලදී අලි පැටවුන්ට කිරිදෙන අවස්ථාව නැරඹීමට දෙස් විදෙස් නරඹන්නන්ට අවස්ථාව උදාවෙනවා. සැබැවින්ම මෙම අවස්ථාව ඉතාම ප්‍රියජනක වූ දසුනකි. එකිනෙක කිරි බීමට දරණ දඟකාරකම් සොඳුරුයි. කිරී දීමට පහසුව පැටවුන් දෙදෙනා බැගින් රැහැනෙන් මුදා හරිනවා. ඇතැම් පැටවුන් ලබාදෙන කිරි ප්‍රමාණයට වඩා ඉල්ලා දඟලන අවස්ථාද බොහොමයි.
කිරී දීමට පහසුවට රැහැනෙන් මුදා හරින්නේ පැටවුන් කීය බැගින්ද?
{ "answer_start": [ 581 ], "text": [ "පැටවුන් දෙදෙනා බැගින්" ] }
71cf168a-38f7-4734-b488-0aec59a45725
මේ පන්සල සහ එම පන්සල අයත් කුඩා ගම්මානය පිහිටුවා ඇත්තේ වසර දහස් ගණනකට පෙර මෙහි පැමිණ පදිංචි වූ බුරුම සහ තායිලන්ත වැසියන්ය. බුරුමය අද හැඳින්වෙන්නේ මියන්මාරය ලෙසිනි. මේ බුරුම සහ තායිලන්ත වැසියන් අද ඉන්දියානුවන්ය. මොවුන්ගේ පරම්පරා ගණනාවක් මෙම ගම්මානයේ වාසය කරති. ඒ සැමගේ ජීවිත පන්සල සමඟ බැඳී පවතී. කතා කරන භාෂාවෙන් පමණක් නොව, පෙනුමින් ද මෙම වැසියෝ ඉන්දියානුවෝ නොවෙති. මියන්මාර රජයෙන් පමණක් නොව තායිලන්ත රජයෙන් ද සෑම මාසයකට වරක් මෙම පන්සලටත් බෞද්ධ ගම්මානයටත් ආධාර ලැබෙයි. සෑම වසරකම වෙසක් පොහොයට පන්සල සහ ගම්මානය ඒකාලෝක වෙයි. විශේෂ පිංකම් රැසක් ද පැවැත්වෙයි. ඇසෑම් ප්‍රාන්ත රජයෙන් ඊට අනුග්‍රහය හිමිවෙයි. ඊට අමතරව, මියන්මාරයෙන් මෙන්ම තායිලන්තයෙන් ද බැතිමත්හු මෙහි පැමිණෙති.
සැම වසරකම පන්සල සහ ගම්මානය ඒකාලෝක වන්නේ කුමන පොහොයටද?
{ "answer_start": [ 477 ], "text": [ "වෙසක් පොහොයට" ] }
93ab5efc-393a-4d01-8c16-1e230dbcfa5f
බුදුන් වහන්සේගේ උපන් දේශය භාරත දේශයයි. ලාංකික අපි බෞද්ධයින් ලෙස බුදු දහම ගෙන බුදුන් සරණ යමින් ආගම අදහමින් පසුවෙමු. ඒ හා සමානව අප රටේ දෙවියන් වැඳ පුදා ගැනීමට ද ජනයා හුරුව සිටිති. දේශිීය දෙවියන් ලෙස සලකන සුමන සමන් දෙවියන් හැරුණුකොට වැඩි ප්‍රමාණයක් දෙවිවරු ඉන්දීය දේශය මුල් කරගත් අයය. එම ස්ථාන තුළ වැඩ සිටින දෙවියන් ඇදහීමටද අප රටේ ජනයා හුරුව පවතී. මුරුගන්, කදිරා සුබ්‍රමනි, ස්කන්ද වැනි නම්වලින් ඉන්දීය බැතිමතුන් අදහන කතරගම දෙවියන් ලක්දිවට වැඩම වූයේ වල්ලිී දේවඟන හා විවාහ වීම පිණිස බව ජනප්‍රවාදයේ සඳහන් වේ. කප්පකන්දර නදිය අසළ දේව විමානය ඉදිවීම නිසා කතරගම දෙවියන් ලෙස කඳ කුමරුවන් අදහනු ලබයි.
බුදුන් වහන්සේගේ උපන් දේශය කුමක්ද?
{ "answer_start": [ 26 ], "text": [ "භාරත දේශයයි" ] }
fff8d1c6-aeb2-4b57-ab66-8f899ff38971
1912 ඔක්තෝබරයේ දිනක ඇය ලංකාවට පා තැබුවාය. සර් පොන්නම්බලම්ගේ සුඛස්ථාන් මන්දිරයේ ඇයට නැවතීමට ලැබුණි. එහි සිටි කාලයේ දී ඇය දෙමළ භාෂාව ද උගත්තාය. එවකට ලංකාවේ අධ්‍යාපනය භාරව සිටි නිලධාරියා හමු වී සාකච්ඡාවක් ද කර තිබේ. පසුව ඇය යාපනය බලා පිටත් වූවාය. රාමනාදන් විද්‍යාලය පිහිටා තිබුණේ යාපනේ ඉන්දුවිල්හි අක්කර 25ක භූමි භාගයකය. අධ්‍යාපනය දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යවලින් විය. විදුහල්පතිනිය ලෙස ඇය හැඳින්වූයේ ෆ්ලොරන්ස් එම්රි යනුවෙනි. යාපනේ ජීවත් වීමට පැමිණි ඇයට මුහුණ දීමට සිදුවූයේ සම්පූර්ණයෙන්ම වෙනස් සංස්කෘතියකටය. දරුවන්ගේ හැසිරීම, කෑම බීම ආදිය සම්පූර්ණයෙන් වෙනස් විය. ඇය ද මස් මාංශයෙන් තොර ආහාරයකටත්, මත්පැනින් සහ දුම්බීමෙන් ඉවත්වීමටත් පුරුදු වූවාය. ඇය තමාගේ අලුත් ජීවිතය ගැන පැරණි මිතුරා වූ යේට්ස්ට ද වරින්වර ලීවාය. විදුහල්පතිනිය ලෙස ඇයට ගුරුවරුන්, සේවකයන්, රෝගී ශිෂ්‍යාවන් ගැන සොයා බැලීමටත් විද්‍යාල භූමිය අධීක්ෂණය කිරීමටත්, මුදල් පාලනය කිරීමටත් සිදුවිය. ඇය යේට්ස්ට් ලියා යැවුයේ තමා කුඩා රාජ්‍යයක් පාලනය කරන බවයි.
රාමනාදන් විද්‍යාලයේ විදුහල්පතිනිය හැදින්වූයේ කිනම් නමකින්ද?
{ "answer_start": [ 395 ], "text": [ "ෆ්ලොරන්ස් එම්රි" ] }
73ad16dc-fd5a-4193-8f5a-d719b71addad
විවිධත්වය දක්වන කරුණු අතරින්, බුදුවීමට පිටදුන් වෘක්ෂයට සුවිශේෂ තැනක් හිමිවේ. මංගල, සුමන, රේවත, සෝභිත යන බුදුවරු ඇසතු වෘක්ෂය බුදුවීමට පිටදුන් බෝධිය ලෙස තෝරාගත්හ. මීට අමතරව කුඹුක්, පුළිල, කොළොන්, ඇටඹ, දිඹුල්, නුග වැනි විවිධ ගස් වර්ගයන් විවිධ වූ බුදුවරුන් විසින් තම බෝධිය ලෙස තෝරාගෙන ඇත. මෙසේ බෝසත්වරු සම්බුද්ධත්වය අවබෝධ කරගැනීමට උපකාරී වන බෝධිය තෝරා ගන්නේ කුමන පදනමක් මත දැයි ගවේෂණාත්මකව බැලීම වැදගත් වේ. මේ පිළිබඳ විවිධ අධ්‍යයනයන් විවිධ වූ පුද්ගලයන් විසින් සිදුකර ඇත. මෙසේ ඉදිරිපත් වන අදහස්වලින් සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අධ්‍යයනය කොට ආචාර්ය පැලැන්වත්තේ ධම්මතිලක හිමියන් විසින් රචනා කළ ජය ශ්‍රීමහා බෝධිය නම් කෘතියෙන් ඉතා වැදගත් මතයක් ගොඩනගා ඇත.
මංගල, සුමන, සෝභිත යන බුදුවරු බුදුවීමට පිටදුන් බෝධිය කුමක්ද?
{ "answer_start": [ 112 ], "text": [ "ඇසතු වෘක්ෂය" ] }
1dbdfa93-d7f7-4b7d-adc0-7ebd5d9be86b
වසර 383 කට පෙර 1635 දී එංගලන්තයේ පෞද්ගලික සමාගමක් විධිමත් තැපැල් සේවාවක් ආරම්භ කරන ලදී. එම ව්‍යාපාරිකයා තෝමස් විතෙරින් නම් විය. ඔහු ලන්ඩනයේ සියලු මාර්ගවලට ලිපි ලැබෙන ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසා ඇත්තේ රැජිනගේ තැපැල් සේවාව මන්දගාමීව සිටියදීය. තෝමස් විනෙරින්ගේ තැපැල් සේවාව ඔහුට සරුඵල ගෙන එන්නක් විය. මෙහි සාර්ථකත්වය දුටු එංගලන්ත ආණ්ඩුව අවුරුදු 22කට පසු පනතක් මගින් එම ව්‍යාපාරය රජයට පවරා ගත්තේ 1657 දීය. තෝමස්ගේ ව්‍යාපාරයේ දැවැන්තයා සෙවණැල්ලක් මෙන් ක්‍රියාකාරිකයකු වූ විලියම් ඩොක්ටාරා නම් ව්‍යාපාරිකයා ඊට තෙවසරකට පසු තවත් පෞද්ගලික තැපැල් සේවාවක් ආරම්භ කළමුත් එයට ද වැඩි ආයුෂ තිබුණේ නැත. එංගලන්ත ආණ්ඩුව එය ද රජයට පවරා ගන්නා ලදී. මෙය එවකට එංගලන්තයේ පුවත්පත් හඳුන්වා ඇත්තේ පෞද්ගලික අංශයේ තැපැල් සේවාවේ කාර්යක්ෂමතාව නොඉවසූ එංගලන්ත ආණ්ඩුව රාජකීය අංශයේ සුරක්ෂිතතාව නමැති ලේබලයට මුවා වී පෞද්ගලික ව්‍යාපාර රජයට පවරා ගන්නා බවය.
තෝමස්ගේ ව්‍යාපාරය රජයට පවරා ගත් වර්ෂය කුමක්ද?
{ "answer_start": [ 391 ], "text": [ "1657" ] }
3a5996ee-adf5-4031-9e2f-b14fe9c7e257
නවීන විද්‍යාව අනුවත් විදුලි දහරාවන්, ශබ්දය, ආලෝකයේ වේගය, අනෙකුත් භෞතික ලෝකයේ පවතින සියල්ලම මෙම ගුණයන්වල පිහිටා සමබරව පැවතිය යුතුයි. නැතිනම් සිදුවන්නේ මහත් විනාශකාරි තත්ත්වයකි. මහාභූත කොටස් හතරෙන් එකක් හෝ ගිලිහී ගිය තැන විනාශය ලංවන බව තෙවන වරටත් මතක තබා ගත යුතුයි. ලෝක විනාශයත් එය හා සමානව සිදුවේ. සතර මහා භූතයින් ඉතාම සමබර වාසය කරන තුරු කිසිවෙකුටත් බලපෑමක් නැත. බුදු දහමේ උගන්වන සුද්ධාවාසයන් කරන කොටගෙන, අසඤ්ඤ තලය අරූප තල ආදී මුළු මහත් විශ්වයට ඈදී ඇති තල පිහිටා තිබේ. උදාහරණයක් වශයෙන් ගතහොත් නවීන විද්‍යාව අනුව සොයාගෙන ඇති මහපොළොවේ පිහිටීම අනුව ඇති භූ තැටි මෙන්ය.
අසඤ්ඤ තලය අරූප තල ආදී මුළු මහත් විශ්වයට ඈදී ඇති තල වලට උදාහරණයක් දක්වන්න ?
{ "answer_start": [ 523 ], "text": [ "මහපොළොවේ පිහිටීම අනුව ඇති භූ තැටි මෙන්ය" ] }
835e5c98-1a36-4203-a992-a8f3fba53675
ජනාධිපති පුටින්ට අවශ්‍ය 2024දී කතරිනා ඔහුගේ අනුප්‍රාප්තිකාව බවට පත් කිරීමය. රුසියානු ව්‍යවස්ථාව අනුව 2024 පසු මැතිවරණයකට ඉදිරිපත්වීමට පුටින්ට නොහැකිය. එවිට ඔහු 71 වියට පා තබයි. ඒ වන විට කතරිනා 38 වැනි වියට එළඹෙයි. එවර පැවැත්වෙන ජනාධිපතිවරණයට ඇය ඉදිරිපත් කිරීම පුටින්ගේ අරමුණය. ඇයට තම පියාගේ සහ ඔහුගේ හිතවතුන්ගේ සහයෙන් සාමකාමී පාලනයක් ගෙන යාමට හැකි වනු ඇතැයි ඔහු සිතයි. රුසියාවේ කාන්තාවක ලවා මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවීම සිත්ගන්නා සුලු සහ නූතන දේශපාලනික අත්හදා බැලීමකැයි පුටින්ගේ චරිතාපදානය රචනා කළ නටාලියා ගෙවොර්කියාන් සඳහන් කර තිබේ.
2024දී කතරිනාගේ වයස කොපමණද ?
{ "answer_start": [ 193 ], "text": [ "38" ] }
2831917b-7b61-4a9e-837f-ddcc785be0c1
කාලයක් ගතවෙද්දී තව තවත් අලුත් ධාවන මාර්ගයන් එකතු වූ අතර අගනුවර හා අනිකුත් ප්‍රධාන නගරවලින් දිවයිනේ සෑම ප්‍රදේශයකටම වාගේ බස් ධාවනය ආරම්භ විය. කෙටි වචනයෙන් කියනවා නම් ලංගම බස් රථ මුළු දිවයින පුරාම දකින්නට ලැබුණේය. නමුත් 1979 න් පසුව සියල්ල වෙනස් විය. ලංගමට පමණක් තනියම බර ඇදීමට බැරි වෙතැයි සිතාදෝ එදා සිටි පාලකයින් විසින් පුද්ගලික අංශයටත් බස් ධාවනයට අවසර දෙනු ලැබිණි. කණ්ඩායම් දෙකේ තරඟය නිසා ජනතා සේවය මොට වූ අතර මුදල ඉස්සර විය. ක්‍රම ක්‍රමයෙන් ලංගමයේ බස් රථ ප්‍රමාණය අඩු වූ අතර පුද්ගලික බස් රථ සංඛ්‍යාව වැඩි විය. මේ නිසා අගනුවර හා ආසන්න ප්‍රදේශ පුරා ගමන් කළ ලංගම බස් රථ බලා සිටිද්දී වාගේ මාර්ගයෙන් විසිවී ගියේය. මේ නිසා පුද්ගලික අංශය තමන්ට කැමති අන්දමට ධාවනයේ යෙදුනු අතර එදා ලංගම ආරම්භ කළ ගමන් වාර බොහෝමයක්ද කප්පාදු කළේය. පුද්ගලික බස් මුදලාලිලා එකතු වී එදා ලංගමය විසින් ක්‍රියාත්මක කළ ක්‍රම විධි වෙනස් කර ඔවුන්ගේ ක්‍රමවිධි ක්‍රියාත්මක කළේය. කාලය ගත වෙද්දී ධාවන නීති පමණක් නොව මිල වැඩිකිරීමේ අයිතියද බස් මුදලාලිලා සතු විය.
කාලය ගත වෙද්දී ධාවන නීති පමණක් නොව මිල වැඩිකිරීමේ අයිතියද සතු වූයේ කා හටද?
{ "answer_start": [ 898 ], "text": [ "බස් මුදලාලිලා සතු විය" ] }
dd2948f3-2a4c-4340-acd5-d0009ee026c9
මේ වනවිට රංගනයෙන් තාවකාලිව ඈත්ව සිටින බිපාෂා බාසූ පසුගිය ජනවාරි 07 වැනිදාට යෙදි තිබුණ සිය 40 වැනි උපන්දිනය සැමරීම සඳහා ඇයගේ සැමියා වූ කරන් සිං ගෝවර් සමගින් මාලදිවයින්ට ගොස් තිබුණ පුවතක් වාර්තා වේ. පසුගිය කාලයේ බිපාෂා ගැබිගත් පුවතක් වාර්තා වුවද එය තවත් එක් කට කතාවකට පමණක් සීමා වි තිබුණි. විවාහයෙන් පසුව බිපාෂා සිනමා රංගනයෙන් ඉවත්වුවද ඇය දායක වු ‘අදාත් ඩයරිස්’ නම් චිත්‍රපටය මේ වසරේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ.
බිපාෂා බාසූ ගා ඇගේ සැමියා විසින්, බිපාෂා බාසූගේ 40 වැනි උපන්දිනය සැමරීම සඳහා පිටත්ව ගියේ කොහේද?
{ "answer_start": [ 156 ], "text": [ "මාලදිවයින්ට" ] }
f83938f4-19af-4ed6-8b85-40fd0a04b1a9
සෙනසුරු අපලයට නිල් මැණික්, කාක නිල යන මැණික් වර්ග මෙන්ම යකඩ, ඊයම්, වැනි ලෝහවර්ග පැලඳීමෙන්ද සහනය ලබාගත හැක. සෙනසුරුගෙන් පැමිණෙන අපල උපද්‍රව සහනය කර ගැනීම සඳහා පැලඳිය යුතු යන්ත්‍ර ගණනාවක් ගැන පැරණි ඉසිවරු අපට පෙන්වා දී ඇත. නීල මංඩලය, ශනි මෘතුංජය, විෂ්ණු අගෝරය, විෂ්ණු පක්‍ද්ජරය, නවනාථ යන්ත්‍රය, නවග්‍රහ යන්ත්‍රය යනාදී යන්ත්‍ර ඊයම් පත්වල සකසා පිරිසිදු ලෙස 1900 වරක් හෝ 19000 වරක් ජපකර බඳවා ගැනීම සෙනසුරුගෙන් හට ගන්නා රෝගාබාධ හා අපලවල සුබ වන්නේය. සෙනසුරු ඒරාශ්ටක කාලයක් නම් මහා මෘතුංජය යන්ත්‍රය හෝ නවග්‍රහ මෘතුංජය යන්ත්‍රයක් ජීවම් කර පැළදීම සුදුසුය. ඔබට ලබා ඇති සෙනසුරු මහ දසාවට හෝ ඒරාශ්ටක අපලයට ඉහත සඳහන් ශාන්ති කර්මවලින් ප්‍රයෝජනය ගෙන සහනය ලබාගන්න.
සෙනසුරු අපලයට පළඳින ලෝහ මොනවාද?
{ "answer_start": [ 56 ], "text": [ "යකඩ, ඊයම්" ] }
7f7044e5-67c3-41d3-bacf-70f74c022ffe
පින්ලන්තයෙන් හෙළි වූ මව ගබ්සාවක් සිදු කිරීමට උත්සාහ ගත් සිදුවීම හෙළි කළ දරුවා මව් කුස තුළ සිටිය දී මව දුටු සිහිනයක් ප්‍රබල සාක්කි යක් බවට ද පත් විය. එම දරුවා මව් කුස පිළිසිඳ ගැනීම ගැන මව එතරම් කැමැත්තක් නොදැක්වුවාය. මව් කුස කළලයට දෙමසක් ගත වී තිබිණි. ඇගේ දරු කළලය ඉවත් කර වීමේ ගබ්සාවක් සිදු කර ගැනීමට ඇය සිතමින් සිටියාය. මනසින් ඒ ඇය ඒ පිළිබඳව නිතර කල්පනා කරමින් සිටියදී දිනක් ඇය නින්දේදී සිහිනයක් දුටුවාය. එම සිහිනය වූයේ මිය ගිය ඇගේ සොහොයුරෙකු පැමිණ ඇය අමතන අයුරුයි. ‘ඒ දරුවා තියා ගන්න’ යනු එම බැන සිහිනෙන් ඇයට ශ්‍රවණය විය. තමා දුටු සිහිනය කුමක්ද? ඇගේ සිත තුළ .රැව් දෙන්නට විය. දරු කළලය ඉවත් කිරීමේ අදහස ඇය තුළ නැවතත් මතු වී දින කීපයක් ගත විය. නැවතත් සොහොයුරා සිහිනෙන් දර්ශනය වී ඒ දරුවා තියා ගන්න යනුවෙන් ප්‍රකාශ කරනු ඇය සිහිනෙන් දුටුවාය. අවසානයේ ඇය තීරණක් ගත්තාය. තම කුස තුළ සිටින දරුවා බිහි කිරීමටත් ගබ්සාව නතර කිරීමටත් ඇය තිරණය කළාය.
ඇයට සිහිනයෙන් පෙනෙන්නෙ කවුද?
{ "answer_start": [ 421 ], "text": [ "මිය ගිය ඇගේ සොහොයුරෙකු" ] }
2fe714fc-ed66-4495-8bd4-a68881ab081d
ලංකා දුම්රිය සේවය ලෝකයේ භාවිත වන දිනෙන් දින වැඩි දියුණු වෙමින් පැවැති දුම්රිය තාක්ෂණයත් සමග එකල ඉදිරියට යාමත් සමග මෙරට මගී ප්‍රවාහනයේද බොහෝ වෙනස්කම් සිදුවිය. 1970 දශකය වන විට මෙරට මහා මාර්ග මගී ප්‍රවාහනය ලංකා ගමනාගමන මණ්ඩලයේ ඒකාධිකාරයක්ව පැවතුණු නමුත් දිනෙන් දින ඉහළ යන මගී ඉල්ලුමට සරිලන ලෙසට බස් රථ ලංගමය සතු නොවීය. බලවේග කට්ටල නොඑසේ නම් ‘පවර් සෙට්’ කලඑළි බැස්ස පසුව දුම්රිය සේවාව වැඩි වැඩියෙන් මගී ජනතාව අතරේ ජනප්‍රිය විය. විශේෂයෙන් දිනපතා කොළඹට පැමිණෙන කාර්යාල සේවා ජනතාව මෙම ඉක්මන් පවර් සෙට් ගමනට වැඩි කැමැත්තක් දැක්වූහ.
1970 දශකය වන විට මෙරට මහා මාර්ග මගී ප්‍රවාහනය පැවතියේ කිනම් ඒකාධිකාරයක් යටතේද?
{ "answer_start": [ 204 ], "text": [ "ලංකා ගමනාගමන මණ්ඩලයේ" ] }
2bb3070d-b2dd-4817-98fe-ece385f2b302
දූවිල්ලෙන් ගැවසුණු, අපිරිසුදු මංමාවත් සහිත සැම විටම දැඩි රථවාහන තදබදයෙන් මංමාවත් පිරී ගිය, එහෙත් වර්තමානයේ දකුණු ආසියාවේ සියලුම රටවල් අතරින් ඉහළම සංවර්ධන වේගය හිමිකරගෙන සිටින රටක අගනගරයේ දින කීපයක් ගත කිරීමේ අපූරු අවස්ථාවක් අපට හිමි විය. ශ්‍රී ලංකාව සියයට 4.5ක සංවර්ධන වේගයක් ද දකුණු ආසියානු කලාපයේ බලවතා වන ඉන්දියාව සියයට 7ක සංවර්ධන වේගයක් ද පෙන්වද්දී කලක් මේ සෑම රටකටම පිටුපසින් සිටි දරිද්‍රතාවයෙන් පිරී ගිය බංග්ලාදේශය ඒ සියලු දුක් කම්කටොලු පරදවමින්, දකුණු ආසියාවේ සෑම රටක්ම පරදවමින් සියයට 9ක් වූ විස්මිත සංවර්ධන වේගයක් අත්කර ගැනීමට සමත්ව සිටියි.
දකුණු ආසියානු කලාපයේ බලවතා වන්නේ කව්ද ?
{ "answer_start": [ 308 ], "text": [ "ඉන්දියාව" ] }
b2c29ed6-9b2e-4710-bd2e-385259374dc5
මේ එහා පැත්තේ තියෙන්නේ විහාර මහා දේවි උද්‍යානය. ඉතින් එතුමියගේ නමටත් ලැජ්ජයි මහත්තයෝ. ඒකේ කපල් ඇවිත් කරන විකාර බැලුවම මං දැනුවත්වම දැකලා තියනවා සමහර කොල්ලො එක එක දවසට එක එක කෙල්ලෝ එක්ක එනවා. තවත් දවසක් නෝනා කෙනෙක් ඇවිත් මාවත් රවට්ටල මෙතන විකුණන්න දාපු පත්තර 2ක් අරන් යන්න හැදුවනේ. සිල්වා මහතාගේ කතාව අතර අපට ඔහු කී පරිදි අශෝභන ප්‍රේමාලිංගන කිහිපයක්ම උද්‍යානය තුළ දක්නට ලැබුණි. උද්‍යානයේ බොහෝවිට දෙමාපියන් තම දරුවන් සමග කාලය ගතකිරීමට සෙල්ලම් කිරීමට මෙහි පැමිණෙන බැවින් මෙවැනි අශෝභන ක්‍රියා කොතරම් ඔවුන්ට අපහසුවක් දැයි අපට ද සිතාගත හැකිය.
උද්‍යානයට බොහෝවිට දෙමාපියන් පැමිණෙන්නේ ඇයි?
{ "answer_start": [ 405 ], "text": [ "තම දරුවන් සමග කාලය ගතකිරීමට සෙල්ලම් කිරීමට" ] }
dc04d3ca-3cc4-4892-893b-fada57f0594a
පසුගිය වසර කිහිපයේදිම ඉහළ ආදායමක් උපයාගත් චිත්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ රෝහිත් ෂෙට්ටිගේ අලුත්ම චිත්‍රපටය මේ වසරේ නත්තල් මාසයේදි නිකුත් කිරිමට නියමිතව ඇත. ඒ සර්කස් චිත්‍රපටයයි. මෙහි රංගනයෙන් දායක වන්නේ රෝහිත්ගේ සිම්බා චිත්‍රපටයේ රඟපැ රන්විර් සිංය. ඔහුට අමතරව පූජා හෙඩින්ග්, ජැකලින් ෆර්නැන්ඩෙස් හා වරූන් ෂර්මාය. රෝහිත් මිට දින කිහිපයකට පෙර සිය සමාජ පිටු අතරට සජිවිව එක්වෙමින් චිත්‍රපටය දෙසැම්බර් 23 වැනිද නිකුත් කරන බව පවසා ඇත.
මේ වසරේ නත්තල් මාසයේදි නිකුත් කිරිමට නියමිත රෝහිත් ෂෙට්ටිගේ අලුත්ම චිත්‍රපටය වන සර්කස් චිත්‍රපටයේ රංගන ශිල්පියන් නම් කරන්න.
{ "answer_start": [ 274 ], "text": [ "පූජා හෙඩින්ග්, ජැකලින් ෆර්නැන්ඩෙස් හා වරූන් ෂර්මා" ] }
03d0a3fa-b061-4515-af0b-784e6a46fb7d
ඔහු චෝදනා කරන්නේ පොලිසිය තමන් සහ සොහොයුරා අත්අඩංගුවට ගෙන නිකරුණේ රිමාන්ඩ් බාරයට පත් කළ බවයි. තමන් අද පත්ව තිබෙන තැනට පොලිසිය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවයි. එම ඝාතනයෙන් බන්ධනාගාරගතව සිටි වැල්ලේ සුරංග නැවත ඇප මත එළියට පැමිණෙන්නේ බන්ධනාගාරගතව සිටින පාතාල හා මත්කුඩු ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් හා හිතවත්කම් පවත්වමින් ඔවුන්ගේ ආශිර්වාද හා උපදෙස් ලබාගනිමිනි. ඒ අනුව වැල්ලේ අයියා කෙනෙක් වශයෙන් වැල්ලට යළි පැමිණි සුරංග වැල්ලේ අණසක පැතිර වීය. ඒ සඳහා ඔහුට අවශ්‍ය ආයුධ, මත්කුඩු සියල්ල බන්ධානාගාරයේ සිටි අයියලාගෙන් නොඅඩුව ලැබුණු බව පොලිස් ආරංචි මාර්ග කියයි.
තමන් අද පත්ව සිටින තැනට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ කවුරුන් බව ඔහු පවසන්නේද?
{ "answer_start": [ 117 ], "text": [ "පොලිසිය" ] }
0bf4e37e-5752-4a66-b683-1b67f96b96d6
මේ කියන බන්ධනාගාරය තරු පහේ හෝටලයක පහසුකම් සහිත බන්ධනාගාරයක්. වෘත්තීය සූපවේදීන් විසින් සකස් කරන ලද කාබනික ආහාර සහිත කෑම වේලක්, අති නවීන ශාරීරික ව්‍යායාම ශාලාවක් සහ විවේකාගාරයක් සහ තරු පුස්තකාලයක් වැනි මේ වගේ පුදුමාකාර පහසුකම් තිබෙන තැනක්. මේ බන්ධනාගාරයේ නෝර්වේ හි හැල්ඩන් නගරයේ ඇති උපරිම ආරක්ෂිත බන්ධනාගාරයකි. එහි ප්‍රධාන ඒකක තුනක් ඇති අතර ලොව පුරා සිරකරුවන් රැඳවුවද, සාම්ප්‍රදායික ආරක්ෂක උපකරණ නොමැත. සිරකරුවන් පුනරුත්ථාපනය කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් 2010 දී පිහිටවූ මෙම බන්ධනාගාරයේ සැලසුම සිරකරුවෙක්ගේය. අනෙකුත් ක්‍රියාකාරකම් අතර, නිලධාරීන් හා මානුෂික හැඟීමක් ඇති කිරීම සඳහා නිරායුද කාර්ය මණ්ඩලයකින් සමන්විතවීම තවත් විශේෂත්වයකි. හැල්ඩන් බන්ධනාගාරය 2010 වසරේදී එහි අභ්‍යන්තර සැලසුම වෙනුවෙන් ආන්ස්ටයින් ආර්නෙබර්ග් සම්මානය ලබාගෙන ඇති අතර එය ඕනෑවටත් වඩා නිදහස් හා ලිබරල්වීම නිසා විවේචන ද ලැබී තිබේ.
හැල්ඩන් බන්ධනාගාරය 2010 වසරේදී එහි අභ්‍යන්තර සැලසුම වෙනුවෙන් ලබාගෙන ඇති සම්මානය කුමක්ද?
{ "answer_start": [ 706 ], "text": [ "ආර්නෙබර්ග් සම්මානය" ] }
632f37d9-f6c4-413a-897e-6796858fb4f1
මෙතෙක් කිසිම ජනමාධ්‍යයකින් හෙළි නොකළ අප හිතවත් හල්පේ නන්දසිරි හිමියන් රහසක් සේ තබාගත් මේ කතාව. ප්‍රථම වරට ඉරිදා ලංකාදීපයට පැවසුවේ මගේ පෙරැත්ත කිරීම නිසාමය. මා ඊට ඇලුම් කළේ ත්‍රාසය, භීතිය මෙන්ම ගුප්ත යන්ත්‍ර මන්ත්‍ර, තන්ත්‍ර වැනි ශාස්ත්‍රයන්හි ඇති විස්මිත බලය මේ කතාවේ අන්තර්ගතව ඇති නිසාමය. කුඹල්වෙල- හල්පේ නන්දසිරි හිමියන් පැවිදි වූයේ 1958 ජනවාරි 3 වනදාය. ඒ වයස අවුරුදු 9 දීය. ඉගෙනුම ලැබුවේ බලන්ගොඩ පිරිවෙණකය. පිරිවෙන් අධ්‍යාපනය ලබන අතරතුර‍ ජ්‍යෝතිෂ්‍යය පමණක් නොව යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර ගුරුකම් යනාදිය කෙරෙහි උන්වහන්සේගේ සිත ඇදී ගියේය. කලක් ගාල්ලේද කලක් අම්පාරේ විහාරස්ථානවලද වැඩ වසමින් නන්දසිරි හිමියෝ මේ ගුප්ත ශාස්ත්‍රයන් පිළිබඳව ගවේෂණාත්මක අධ්‍යයනයක යෙදුණාහ.
හල්පේ හිමියන් පැවිදි වුයේ කවදාද
{ "answer_start": [ 335 ], "text": [ "1958 ජනවාරි 3 වනදාය" ] }
1e82c6e2-58a6-4b46-a082-ebff6f7a23a2
අපේ ගමනේ එක් දුෂ්කර කොටසක් වු‍ණේ බස්තියන් ඇල සොයා ගිය ගමනයි. ඇත්තටම බස්තියන් ඇලක් දැන් ඉතුරු වෙලා නැහැ. ඒ වගේම බස්තියන් ඇල තිබුණු තැන ගැන මතවාද ගණනාවක්ම තිබෙනවා. පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය පිහිටලා තිබෙන්නේ බස්තියන් ඇල ආශ්‍රිතව කියලයි එක් මතයකින් කියැවෙන්නේ. තවත් මතයකට අනුව බස්තියන් ඇල කියන්නේ පිටකොටුවේ පිහිටා තිබෙන හරස් වීදීවලටයි. පොදු මතය අනුව නම් පිටකොටුවේ තිබෙන හරස් වීදි ඉස්සර තිබිලා තිබෙන්නේ ඇල මාර්ගයක් විදිහටයි. ඉංග්‍රීසීන්ගේ පාලන කාලයේදී මේ ඇල මාර්ගය ගොඩ කරලා සංවර්ධනය කරලා තිබෙනවා. කබාකුරුත්තාව කියන ඇඳුම තමයි ගම්පෙරළිය චිත්‍රපටයට යොදාගෙන තිබෙන්නේ. ඒ කාලේ ජීවත්වුණු කාන්තාවන් අතරේ මේ ඇඳුම ඉතා ජනප්‍රියත්වයට පත් වී තිබෙනවා.
ගම්පෙරළිය චිත්‍රපටයට යොදාගෙන තිබෙන්නේ කුමක්ද?
{ "answer_start": [ 495 ], "text": [ "කබාකුරුත්තාව කියන ඇඳුම" ] }
527b5a78-d261-4560-9094-0886e5a1d987
ධර්මය අවබෝධකර ගැනීම සඳහා ලෝකෝත්තර ප්‍රතිපදාවට බැසගැනීමට වර්ධනය කළ යුතු මූලික ප්‍රතිපදාව ලෙස මෙම පූර්වභාග ප්‍රතිපදාව දැක්විය හැක. නිර්වාන සුවය අධිගමනය කිරීම සඳහා සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන යන අංග පහ වර්ධනය කළ යුතුය. ප්‍රතිවේධ ශාසනය නම් සෝතාපන්න සකදාගාමී අනාගාමී අරහත් මාර්ගයන් සතරත්, සෝතාපන්න සකදාගාමී අනාගාමී අරහත් ඵලයත් සතරත්, නිර්වාණයත් යන නව ලෝකෝත්තර ධර්මයෝය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ පාඨයන් ධර්මය වශයෙන් එක් ආකාරයකින් වේ. ධර්ම විනය වශයෙන් දෙයාකාර වෙති . විනය සූත්‍ර අභිධම්ම හා මුල මැද අග වශයෙන් ත්‍රිවිධාකාර වෙති. දීඝ නිකාය මජ්ඣිම නිකාය සංයුක්ත නිකාය අංගුත්තර නිකාය ඛුද්දක නිකාය වශයෙන් ආකාර පහක් වෙති. සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරන ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූත වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනමය වශයෙන් නවාකාර වෙති. ජීවමාන ශ්‍රී මුඛ පාඨමය වශයෙන් (ස්කන්ධ වශයෙන්) අසූදෙදහසක් හා ශ්‍රාවක භාෂිත වශයෙන් (ස්කන්ධ වශයෙන්) දෙදහසක් ලෙස එකතුව ස්කන්ධ අසූහාරදහසක් වෙති. ශ්‍රී මුඛ පාළි වශයෙන් ග්‍රන්ථ දෙලක්‍ෂ හැත්තෑපන්දහස් දෙසියවිසිපහකි. ශ්‍රී මුඛ පාළි හා අටුවා විස්තර වශයෙන් බණවර දෙදහස්පන්සිය හතළිස්හතකි. ග්‍රන්ථ වශයෙන් හයලක්‍ෂ තිස්හය දහසකි. අක්‍ෂර වශයෙන් දෙකෝටි අනූතුන් ලක්‍ෂ හැට අට දහසකි. නය / න්‍යාය වශයෙන් අනන්ත සංඛ්‍යාත වෙති.
ශ්‍රී මුඛ පාළි හා අටුවා විස්තර අක්‍ෂර වශයෙන් කොපමණ ප්‍රමාණයක් වේද?
{ "answer_start": [ 1066 ], "text": [ "දෙකෝටි අනූතුන් ලක්‍ෂ හැට අට දහසකි" ] }
da0c51c5-2062-41ea-9ff1-4f84fadfd231
මෙහි ඇති චෛත්‍යය කාවන්තිස්ස රජු යොදුනින් යොදුන චෛත්‍ය ඉදිකරගෙන යාමේදි ඉදිකළ එකක්. ගරාවැටී තිබු මෙම චෛත්‍ය නැවත ගොඩනැගීමේදී කාවන්තිස්ස රජගේ රුව මූර්තිමත් කළ නිල් මානික්‍යයක් නිධන් වස්තු අතර තිබි හමුවෙලා තියෙනවා. එය නැවත නිධන් කර දැන් තිබෙන තත්ත්වයට දාගැබ නැවත ඉදිකළා. විල්සන් මහතා ඝාතනය කිරීමෙන් කුපිත වු සුදුපාලකයන් ඔවුන්ට පක්ෂවූ සිංහල නිලමේවරුන්ගේ ද සහාය ඇතිව මේ ප්‍රදේශයේ සියලු වෙහෙර විහාරස්ථාන විනාශ කළා. මුලින්ම විනාශකළේ මෙම විහාරස්ථානය. සියලු ගම්බිම් හා කෙත්වතු බව බෝග හරකබාන වාරි ක්‍රම සියල්ල එදා විනාශකර තිබෙනවා. යැයිද උන් වහන්සේ පැවසූහ.
මෙහි ඇති චෛත්‍යය ඉදි කරන ලද්දේ කවුද?
{ "answer_start": [ 17 ], "text": [ "කාවන්තිස්ස රජු" ] }
e48ffd76-8815-4eee-8f7b-1689f945391a
බොහෝදෙනෙක් මගෙනුත් ඒ ගැන විමසුවා. ඒත් මම වගේම අපේ ජනපතිතුමාත් ඒකට කැමති නැති බව මම දන්නවා. අනෙක රටට සේවයක් කරන්න ක්‍රියාකාරී දේශපාලනයම කරන්න ඕනෑ නැහැනෙ. මගේ මල්ලි ප්‍රභූ මුත්තයියා ඡන්දෙ ඉල්ලනවා. එයා සමග එක්වෙලා ලොකු කාර්යබාරයක් රටට කරන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. අපි කවුරුවත් ඕනෑම ක්ෂේත්‍රයකට එන්නෙ කලින් පුරුදු වෙලා නෙවෙයිනෙ. එයා දක්ෂයි. එයා ජයග්‍රහණය කළොත් අත්දැකීම් එක්ක හොඳ දේශපාලනඥයෙක් වේවි. සෑම කෙනෙකුටම තමුන් දරන දේශපාලන මතයක් තියෙනවා. තමුන් කැමති දේශපාලනයක් තියෙනවා. තමුන් කැමති පුද්ගලයකු තෝරාගන්න බලනවනෙ. මේක දැන් මිනිසුන්ට බද්ධ වෙලා. එක අතකට තමුන් කැමති විදිහට දේශපාලනය ගැන හිතන එකත් දේශපාලනයක් තමයි.
මොහුගේ මල්ලිගේ නම කුමක්ද?
{ "answer_start": [ 163 ], "text": [ "ප්‍රභූ මුත්තයියා" ] }
01b50c5c-6be7-419a-93d1-a3c9e977167b
ෆෙඩෝරා තොප්පියද පිරිමින් අතර ජනප්‍රිය වූ විලාසිතාවකි. මේ විලාසිතාවේ විශේෂත්වයක් වන්නේ තොප්පිය වටා පීත්ත පටියක් සවිකර තිබීමයි. 1894 වර්ෂයේ දී ජෝර්ජ් ඩු මොරියර්ගේ නවකතාවක විස්තර කිරීම හේතුවෙන් ජනප්‍රිය වූ ට්‍රිල්බි තොප්පිය අළු පැහැති හෝ කළු පැහැයෙන් සාදන ලද්දකි. ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලද මේ ආකාරයේ තොප්පි භාවිතා වෙයි. ජර්මනියේ හත්වැනි එඩ්වඩ් රජු විසින් පැළඳ කළු පැහැති තොප්පියද ඉතාමත් ජනප්‍රිය වූළුකි. එය වින්ස්ටන් චර්චිල් සහ ඇන්තනි ඊඩන් වැනි අගමැතිවරුන් විසින් පවා භාවිතා කර ඇත. මෙය හඳුන්වන්නේ හොම්බර්ග් තොප්පිය යනුවෙනි.
ෆෙඩෝරා තොප්පිය විලාසිතාවේ විශේෂත්වයක් වන්නේ කුමක්ද?
{ "answer_start": [ 86 ], "text": [ "තොප්පිය වටා පීත්ත පටියක් සවිකර තිබීමයි" ] }
30624a80-0996-4b73-af6b-e08cbcae3808
වසර දෙකකින් එනම් 2023 දී බහු පාක්ෂික මැතිවරණයක් පැවැත්වීමට තමන් ප්‍රතිඥා දෙන බව, නායිකා අවුන් සාන් සූ කී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකයන් අත්අඩංගුවට ගනිමින්, හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලාගත් හමුදා ජනරාල් මින් අවුන් හෙයින් පවසා තිබේ. හමුදා ජනරාල්වරයාගේ මෙහෙයවීමෙන් මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවූයේ පසුගිය අප්‍රේල් පළමු වැනිදාය. බලය අල්ලා ගැනීමෙන් පසු, මියන්මාර ප්‍රජාතාන්ත්‍රික නායිකා අවුන් සාන් සූ කී ඇතුළු ප්‍රජාතන්ත්‍ර දේශපාලන නායකයන් නිවාස අඩස්සියට පත් කෙරුණි. හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන්, බටහිර රටවලින් දිගින් දිගටම මියන්මාර හමුදා ජනරාල්වරයාට විරෝධයක් එල්ල විය.
හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත්තේ කවුද ?
{ "answer_start": [ 200 ], "text": [ "හමුදා ජනරාල් මින් අවුන් හෙයින්" ] }
00ac6fbe-d91e-40f8-b2e2-68a1d8afaab7
බ‍්‍රසීලියානු ජාතික ජිසෙල් විලාසිතා ලෝකයේ එතෙක් මෙතෙක් සිටි අති සාර්ථකම නිරූපණ ශිල්පිනියක ලෙස සැලකේ. 2015 වසරේදී විලාසිතා දැක්මවල නිරූපණයෙන් විශ‍්‍රාම ගත් ජිසෙල්ගේ වයස අවුරුදු 40ට ආසන්නය. නමුත් සුවඳ විලවුන්, පාවහන් හා ඇගේ උපන් රට වන බ‍්‍රසීලයේ ආභරණ සමාගම් සමඟ පවතින ගිවිසුම් නිසා මිලියන ගණනින් මුදල් උපයන්නීය. දශක දෙකකටත් වඩා දිගු ඇගේ වෘත්තීය ජීවිතයේදී වෝග්, එල් හා හාපර්ස් බසාර් වැනි විලාසිතා සඟරාවල කවරයේ ඡායාරූප 1200කටත් වඩා පෙනී සිට ඇත. ජිසෙල් ටයිම්, ෆෝබ්ස්, රෝලින් ස්ටෝන් වැනි ලොව සුප‍්‍රකට සඟරාවලත් පෙනී සිටියාය. ඇගේ වෘත්තීය ගමන් මග කොතෙක් සාර්ථක වීද යත්, ඇගේ සාර්ථකත්වය නිර්වචනය කිරීමට සුපිරි යන වචනය ප‍්‍රමාණවත් නොවී, සුපිරිවලටත් වඩා සුපිරි යන තේරුම ඇති උබර් මොඩල් යනුවෙන් යෙදුමක් පවා බිහිවිය. නීරෝගී හා වටකුරු සිරුරකින් මෙන්ම රන්පැහැ සමෙන් යුතු වූ ඈ 90 ගණන් හා 2000 ගණන්වල පැවති ඒකාකාරී විලාසිතා රාමු බිඳිමින් විලාසිතා ලෝකයට නව පෙනුමක් එකතු කළාය. ඇය වෘත්තීයත්වයෙන් ඉහළ, දැඩි කැපවීමකින් හා ප‍්‍රබෝධමත් බවකින් යුතුව කටයුතු කරන්නියක් බව ක්ෂේත‍්‍රයේ කවුරුත් දන්නා කරුණුය.
ජිසෙල් ඡායාරූප 1200කටත් වඩා පෙනී සිටින්නෙ කුමන සඟරා වලද?
{ "answer_start": [ 353 ], "text": [ "වෝග්, එල් හා හාපර්ස් බසාර් වැනි විලාසිතා සඟරාවල" ] }
558dc9f4-cd88-4e46-ba45-1680a9ce965e
අස්ථි වේදනාවලින් මිදීමට නිරන්තර දිවීම හේතුවක් වන බව විද්‍යාඥයෝ පෙන්වාදෙති. නවතම අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ වර වයසක පුද්ලයකුට වුව ද පුරුද්දක් වශයෙන් දිවීමෙන් වේදනා ගෙන දෙන රෝග ඇතිවීමේ අවදානම අඩුවන බවයි. අස්ථි සන්ධි ප්‍රදාහය මැදිවියේ සහ වැඩිහිටි පුද්ගලයන්ගේ සන්ධි සම්බන්ධව පවතින සුලබ රෝගි තත්වයකි. සන්ධිවල ඇති කාටිලේජ වලට හානි වීම මේ රෝගයට හේතුවයි. දිගැති අස්ථි කෙලවරක් තවත් අස්ථියකට සවි වන ස්ථානයේ කුෂන් කිරීමක් මෙන් කාටිලේජ අස්ථි සැකිල්ලට ආරක්ෂාව සපයයි. නිරන්තර දිවීමෙන් අස්ථි සන්ධි ප්‍රදාහය ඇති වන බවට මිට කලින් වු මතය එම පරීක්ෂණය අනුව බිඳවැටේ. නමුත් දැනටමත් අස්ථි සන්ධි ප්‍රදාහය වැළදී ඇති පුද්ගලයන්ට මේ ක්‍රමයෙන් ප්‍රයෝජන ලබාගත හැකිද යන්නට පිලිතුරක් තවම ලැබි නැත.
විද්‍යාඥයෝ පවසන පරිදි අස්ථි වේදනාවලින් මිදීමට සිදු කළ යුත්තේ කුමක්ද?
{ "answer_start": [ 24 ], "text": [ "නිරන්තර දිවීම" ] }
3afd1d5e-1671-42ec-886a-ff378ecd6d63
පොලිසිය චාරුකීගේ අනතුර ගැන ඒ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර අනතුරට පාදක වූ මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගනු ලැබිණ. රියැදුරුගේ කට උත්තරය අනුව අනතුරට පත් දියණිය ඉතාමත්ම වේගයෙන් පාරට දුවගෙන විත් ඇති අතර වාහනය සෙමින් පැමිණියත් ඇයගේ ගැටීම වළක්වා ගැනීමට නොහැකි වී ඇත. ඒ ඇය ක්ෂණයෙන් හා වේගයෙක් පාරට පැන ඇති නිසා ය. රියැදුරුගේ කට උත්තරය හා ඇගේ තුවාල අනුව මෙය රිය අනතුරක් ම බව තහවුරු කරගැනීම අපහසු නැත. එහෙත් ඇය මෙතරම් වේගයෙන් පාරට දිව්වේ ඇයි? ඇය කිසිවෙකුට බයේ දිව්වා ද? නැත්නම් තමන් පසුපස පන්නන අයෙකුගෙන් බේරීමට දිව්වා ද? රුචිරගේ මරණය සිදුව ඇති ආකාරය අනුව පොලිසියට එවැනි ප්‍රශ්න රැසක් මතු විය. එහෙත් කිසිවෙකු නිවසට ඇතුළු වූ බවට වෙනත් කිසිම සාක්ෂියක් හමුවූයේ නැත. නිවසේ කිසිවක් ඇද දමා තිබුණේ ද නැත. රුචිර වැටී සිටි ස්ථානයට ආසන්නයෙන් ලේ තැවරුණ පිහියක් වැටී තිබිණ. ඒ ආසන්නයේ තැනින් තැන කිසිවෙකුගේ පාදයට පෑගී එහෙ මෙහේ යද්දි තැවරුණා යැයි සැක කළ හැකි ලේ පැල්ලම් දක්නට ලැබුණ අතර නාන කාමරයේ ද ලේ පැල්ලම් විය.
අත්අඩංගුවට ගනු ලැබුවේ කාවද?
{ "answer_start": [ 79 ], "text": [ "මෝටර් රථයේ රියැදුරු" ] }
22b9c6a0-6204-45eb-83ce-83f6cae1ef81
එදා පොලීසිය දෙමළ පාතාලය මර්දනය කරන්නට සමත් වූයේ නම් මුස්ලිම් පාතාලයක් ගොඩනැගීම වළකිනු ඇත. පාතාලයන් බිහිවීම සම්පූර්ණයෙන්ම පොලිසියට වැළැක්විය නොහැකි වුවත් පොලිසියට යම් කාර්යභාරයක් ඒ වෙනුවෙන් කරන්නට හැකිව තිබිණ. නීතිය හා සාමය ආරක්ෂා කිරීම ඔවුන්ගේ අත්නොහැරිය හැකි වගකීමකි. එහෙත් පොලිසිය දෙමළ පාතාලය මර්දනය කරන්නට දැඩි මැදිහත්වීමක් සිදුකළේ ආයුධ සන්නද්ධ වූ මුස්ලිම් තරුණයන් විසින් දෙමළ පාතාලයේ සාමාජිකයන් ඝාතනය කරමින් ලේ වැගිරීම් කරන්නට වූ පසුවය. නැගීමත් සමඟ එසේම මුස්ලිම් පාතාලය බිහිවීමේදී බරපතළ ලෙස දේශපාලනඥයින් විසින් ලබාදුන් සහයද, ඔවුන් මුස්ලිම් පාතාලයන් ලවා ලබාගත් සේවාවන්ද නිසා දෙමළ පාතාලයට එරෙහිව නැගී සිටි මුස්ලිම් තරුණයන් මුස්ලිම් පාතාලයක් දක්වා ශීඝ්‍රයෙන් වර්ධනය විය.
මුස්ලිම් පාතාලය බිහිවීමේදි සහය දුන්නේ කවුද?
{ "answer_start": [ 495 ], "text": [ "දේශපාලනඥයින්" ] }
11aeaefe-4537-4876-8cef-6923f3cbb2df
මියන්මාර හමුදාව බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළේ පසුගිය පළමු වැනිදා අලුයමය. නොවැම්බර් 8 වැනිදා පැවැත්වුණු මියන්මාර මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකරගෙන සිටි නායිකා අවුන් සාන් සූ කී ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ ප්‍රධානත්වයෙන් එදින උදේ පළමු පාර්ලිමේන්තු සැසිය පැවැත්වීමට නියමිතව තිබුණි. පළමු වැනිදා උදේ පාන්දරින් අවදි වුණු හිංග් හින් වේ සුපුරුදු පරිදි සිය දෛනික කටයුතු ආරම්භ කළාය. හිංග් හින් වේ, සමාජ මාධ්‍ය හරහා ඇරොබික්ස් ව්‍යායාම උගන්වන ගුරුවරියකි. ඇය දිනපතා උදෑසන සජීවීව ඇගේ වීඩියෝ හරහා ශාරීරික සුවතා උපදෙස් ලබා දෙයි. නටමින් ව්‍යායාම කරන ආකාරය පෙන්වයි. පසුගිය පළමු වැනිදා හිමිදිරියේ ඇය කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව මුහුණු ආවරණයකින් ද සැරසී සජීවීව ඇගේ වීඩියෝ ප්‍රසිද්ධියට පත් කරන්න වූයේ නායිපායිදේව් අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට සිටය.
සමාජ මාධ්‍ය හරහා ව්‍යායාම උගන්වන්නේ කව්ද?
{ "answer_start": [ 389 ], "text": [ "හිංග් හින් වේ" ] }
a84dc907-2f22-43e1-b447-bf6dedf8de7b
තමන් තුළ පැවති විවිධ දක්ෂතා කුඩා වියේදී සිටම දක්වාලමින් සිංහල ජන සමාජය පමණක්ද නොව පිටරට ජන සමාජයන්ද, විස්මිත කරවූ කලා ශිල්පියෙකුට අන්තිමේ අත්වූ ඉරණම පිළිබඳව හෙළි කිරීමේදී මෑත යුගයේදී ආනන්ද සමරකෝන් මහතාට අත්වූ ඛේදවාචක අවසානය ගැන සඳහන් කළ හැක්කේය. තම දක්ෂතා මගින් ප්‍රබුද්ධ ජනතාවකගේ සිත්සතන්වල නව ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණ ඇතිව එතුමන් විසින් කටයුතු කරන ලද නමුදු එවකට කලාව සහ කලා ශිල්පීන් භාරව සිටි බලධාරින් විසින් එතුමුතුව සලකන ලද්දේ ඉතාමත්ම පහත් අන්දමටය. කලා ශිල්පීන්ට අතහිතදීම උදෙසා වර්ෂ 1956දී බලයට පත් බණ්ඩාරනායක අගමැතිතුමාගේ ප්‍රමුඛ අදහසට පණදීමක් වශයෙන් සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයක් පිහිටන ලද නමුදු, එකල එහි අරක්ගෙන සිටි අපූරු බලධාරින් පිරිසක් විසින් නන් අතේ දස්කම් ඇති ශිල්පියකු වූ ආන්නද සමරකෝන් මහතාට දෙන ලද්දේ ලංකා කලා මණ්ඩලයේ කලා සහකාර තනතුරකි. එහෙත් එම කලා සහකාර සේවයෙහිද වසර දෙකක සේවයෙන් පසු එම කලා මණ්ඩලයට පත්වූ නව සභාපතිනිය විසින් ආනන්ද සමරකෝන් මහතා කිසිදු හේතුවක් නොදන්නා එම තනතුරින් ඉවත් කර දමනු ලැබුවාය.
ආන්නද සමරකෝන් මහතාට දෙන ලද්දේ කිනම් තනතුරක්ද ?
{ "answer_start": [ 727 ], "text": [ "ලංකා කලා මණ්ඩලයේ කලා සහකාර තනතුරකි" ] }
36dd1b69-ae8c-40b2-a5f0-9ac3b9b80123
විමන්තගේ ස්වරූපයෙන් පෙරේත ආත්මය විමන්තට ආවේශ වී ඇති සෙයක් දක්නට ලැබුණි. නමුත් ඔහුට කතා කරගැනීමට නොහැකි බැවින් යකැදුරන් පැවසුවේ විමන්තගේ ලෙඩේ වැඩි වී ඇති බවය. හිමිදිරි පාන්දර වන තුරු දහඅට පාළි නැටුවත් විමන්තව කතා කරවීමට අපහසු වූ අතර ඔවුන් සෙත් ශාන්තිය කිරීමට පොරොන්දු වූ මුදල රැගෙන පිටත් වූයේ විමන්තගේ ලෙඩේ දින හතකින් සුව වන බව පවසමින්ය. ඉඳහිට පාසලට ගිය විමන්ත ගැන ඔහුගේ ගුරුවරු විමසිලිමත්වන්නට වූහ. මෙය බලාසිටින්නට හොඳ දෙයක් නොවන බව ඔවුහු කතා කළහ. එසේ නම් විමන්තව මානසික වෛද්‍යවරයකු වෙත වහාම යොමු කරවිය යුතු බව ඔවුන් විමන්තගේ වැඩිහිටියන්ට දන්වා සිටියහ. පාසලේ ගුරුභවතකුගේ මාර්ගයෙන් විමන්තව මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කෙරිණි. ඒ අනුව මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරවලට විමන්තව යොමු කරමින් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විමන්තගේ ගොතයට තිත තැබීය. විමන්තගේ ගොතය සුව විය.
ඔවුන් පැවසුවේ විමන්තගේ ලෙඩේ දින කීයකින් සුව වන බවද?
{ "answer_start": [ 306 ], "text": [ "දින හතකින්" ] }
0147dbc0-40d1-40e5-ae84-6bfc22003b16
ගිනි නිවන හමුදාවට භටයන් බඳවා ගන්නවා කියන ආරංචිය ලැබිලා තමා ගමේ ඉඳලා ත්‍රිකුණාමලයට ආවේ. මම ගිනි නිවන භටයෙක් විදිහට පුහුණුවීම් ලැබුවා. ගින්නක් හටගත්තාම ඒ අනුව යන්න තියෙන බාධා ඉවත් කරන්න පුහුණුව දුන්නා. දොරවල් කඩාගෙන ගිනි දැල් අතරින් රිංගා ගොස් ගිනි නිවා දැමීමටත් ගින්නට මැදි වී සිටින අය මුදාගැනීමටත් පුහුණුව දුන්නා. පුහුණුවෙන් පස්සේ රැකියාවට යොමු කළා. ගිනි නිවන භටයෙක් විදිහට බැඳුණාට පස්සේ මට ලැබුණේ රුපියල් 52යි ශත 50ක මාසික පඩියක්. මුල් කාලයේ එක දිගට පැය 24ක් සේවය කරන්න ඕනෑ. මට සිංහල භාෂාවට අමතරව දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා හොඳට කතා කරන්න පුළුවනි.
භටයන් බදවා ගත්තේ කුමකටද ?
{ "answer_start": [ 0 ], "text": [ "ගිනි නිවන හමුදාවට" ] }
a4a3047e-a82c-4db1-a8d9-5b35a2113077
පියාට ඖෂධ නිෂ්පාදන සමාගමක් හිමිව සිටි අතර පියාගේ මරණින් පසු ඔහු එම සමාගමේ කළමනාකාරවරයා ලෙස කටයුතු කළ බැව්ද හෙළි කළේය. පදිංචිව සිටි ප‍්‍රදේශය හැඳින්වූයේ මතුර ලෙස බැව්ද පැවසීය. පාසල් අධ්‍යාපනය ලබන අවදියේ සිට මෝටර් රථ තිබූ බැව්ද හෙළිකළ ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව පියාගේ ව්‍යාපාරවලට සම්බන්ධ වූ බවත් පැවසීය. දිනක් ඔහු සේවය කරමින් සිටියදී ඔහු සමග කෝපයට පත්වූ සොහොයුරකු විසින් වෙඩි තැබීමක් නිසා මරණය සිදුවූ බැව්ද එම දරුවා හෙළි කළේය.
ඔහු සමඟ කෝපයට පත් වූයේ කවුද?
{ "answer_start": [ 371 ], "text": [ "සොහොයුරකු" ] }
0561c449-ecd7-4107-8f26-547479390f0a
2019 ඉහළම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත් වූ ඇලඩින් චිත්‍රපටයේ මරිනර් චරිතය හෙවත් භූතයාගේ චරිතයට පණදුන් විල් ස්මිත් ලබන වසරේ ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර ඇති ඇලඩින් දෙවැනි චිත්‍රපටයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වෙයි. ස්මිත් වෙනුවට මේ වනවිට මෙම චරිතයට තෝරාගෙන ඇත්තේ තවත් සුපිරි හොලිවුඩ් සිනමා නළුවෙකු වූ ඩිවොන් ජොන්සන්ය. ජොන්සන් මේ වනවිට කර්යබහුල නළුවෙකු වී සිටින අතර, ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් චික්‍රපට මාලාවෙන් ඉවත් වීම නිසාවෙන් ඔහු මෙම චරිතය රඟපැමට සිය කැමැත්ත ලබාදී තිබෙන බව සඳහන් වෙයි.
මරිනර් චරිතය හෙවත් භූතයාගේ චරිතයට පණදුන්නේ කවුද?
{ "answer_start": [ 106 ], "text": [ "විල් ස්මිත්" ] }
cfe3103d-6bd1-4195-99a7-b47497fc7444
බේරුවල, පයාගල පිහිටි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට අයත් නිවසට ද ජනතාව එල්ල කළ ප්‍රහාරවලින් හානි සිදුවිය. හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල පිහිටි නිවසට ද ප්‍රකෝපකාරී පිරිස් ගිනි තැබූ අතර එයින් එම නිවසට හා එහි නවතා තිබූ රථවාහන රැසකට හානි සිදුවිය. අරලියගහ මන්දිරයට යාමට පැමිණි පිරිස් පැමිණි යතුරු පැදි 25ක් පමණ ද එම නිවස පිහිටි ඉඩමේ ගාල් කර තිබියදී විරෝධතාකරුවෝ ගිනිතබා විනාශ කළහ. හිටපු අමාත්‍ය මොහාන් පී. ද සිල්වා මහතාගේ ගාල්ලේ පිහිටි නිවසට ගල් මුල් ප්‍රහාරයත් එල්ල වූ අතර, රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ බෙන්තොට, හඹුරුගල පිහිටි නිවසට ප්‍රහාරයක් එල්ල කළ පිරිසක් එහි තිබූ වානනයකට ද ගිනි තබා විනාශ කර තිබිණි.
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස පිහිටියේ කොහේද?
{ "answer_start": [ 150 ], "text": [ "උඩුගම්පල" ] }
abaeeb27-39c7-4ff2-b03e-206eddc361a9
ඒ වගේම විපතට පත් අයගේ නිවෙස්වල සියලුම අවශ්‍යතා අපි සොයලා බලනවා. ප්‍රතිකාරවලට අවශ්‍ය මුදල් රෝහලට රැගෙන යාමට ප්‍රවාහන පහසුකම් සෙත්සරණ මගින් අපි සලසා දී තිබෙනවා. ඒ දේවල්වල සියලුම වියදම් දරන්නේ සෙත්සරණ මගින්. ආණ්ඩුවෙන් කරන දේවල්වලදී මම ඉල්ලන්නේ මේ විපතට පත් වූ අය රස්තියාදු කරවන්න එපා. අවශ්‍ය තොරතුරු ලබාගන්න ග්‍රාමසේවක හරහා පහසු සැලැස්මක් යොදන්න. මේ අය තවම ඉන්නේ විශාල මානසික පීඩනයකින්. ඒ නිසා ඒ අයව තවත් පීඩනයට ලක් කරවන්න එපා. තව දෙයක් තමයි රජයෙන් දෙන මුදල් ආධාර ඇතුළු සියලුම ආධාරයන් ඔවුනට ලබා දීමේදී එය වීඩියෝ ගත කිරීමක්, උත්සව පැවැත්වීමක් සිදු කරන්න එපා.
ප්‍රතිකාරවලට අවශ්‍ය මුදල් රෝහලට රැගෙනයාමට ප්‍රවාහන පහසුකම් සපයා දී ඇත්තේ කුමක් මගින්ද?
{ "answer_start": [ 124 ], "text": [ "සෙත්සරණ මගින්" ] }
4d5d0399-9c4e-4e0b-a8ef-399ac3efdf64
රෝමයේදී ඇව්නාර් ඊශ්‍රායල් අතුරුදන් වී ගියත්, ඉතාලියේ සිටි අරාබි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව සමඟ හිතවත්කම් පැවැත් වූ මොසාඩ් නියෝජිතයෙකු සිටි බැවින් ඔහු ගැන ඉක්මනින්ම වාර්තාවක් ලැබිණි. නොවැම්බර් 17 වැනිදා ටෙල් අවිව් හි මොසාඩ් මූලස්ථානයට එවුණු කේබල් පණිවිඩයකින් කියැවුණේ ඇලෙක්සැන්ඩර් අයිවර්, අයිවන් හෝ අයිවි නමැති ඊශ්‍රායල නිලධාරියෙක් ඉතාලියේ සිටින බවත්, ඔහු ඊජිප්තු හමුදා රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට හමුදා තොරතුරු විකිණීමට යන බවත්ය. රැම්සාඩ් හා ෂබාක් හි නව ප්‍රධානියා වූ අමොස් මේනර් යන දෙදෙනා එකතු වී මේ පිළිබඳව සොයන්නට පටන් ගත්හ. දින කිහිපයක් තුළ ඔහුගේ සැබෑ අනන්‍යතාව හෙළි වූ අතර ඔහු ඊශ්‍රායල නාවික නිලධාරියෙකු බව දැන ගැනීමත් සමඟ ඔවුන් නොසන්සුන් වූහ. රෝමයෙන් පැමිණි තවත් පණිවිඩයක් නිසා ඔවුන්ගේ හිස ගිනිගත්තේ මෙම අයිවර් ඊශ්‍රායලයේ විශාල නාවික මූලස්ථානයක් ගැන තොරතුරු හෙළි කර ඇති බවත්, ඒ සඳහා ඔහුට ඩොලර් 1500ක් ගෙවා ඇති බවත් දැන ගත් පසුය. ඔහු ඊජිප්තුවන්ට තවත් තොරතුරු දෙන්නට පොරොන්දු වී ඇති බවත්, ඊජිප්තුවට සංචාරයක් කරන්නට එකඟ වී සිටි බවත් හෙළි විය.
ටෙල් අවිව් හි මොසාඩ් මූලස්ථානයට එවුණු කේබල් පණිවිඩය ලැබුනේ කවදාද?
{ "answer_start": [ 181 ], "text": [ "නොවැම්බර් 17 වැනිදා" ] }
34957559-9c5b-448e-8360-de61b9974b41
ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා හි පතල් අපද්‍රව්‍ය එකතුවන බර්ක්ලි වළට පැමිණෙන සංචාරක කරුල්ලන් දහස් ගණනක් එහි අඩංගු විෂ හේතුවෙන් මියයන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශීත සෘතුව ආරම්භවීමත් සමග මෙලෙස සංක්‍රමණය වන පක්ෂීන් වසර ගණනක සිට බර්ක්ලි වළට පැමිණෙමින් සිටි බවත් වෙනත් වසරවල දී ද සුළු පිරිසක් මියයන බවත් පරිසරවේදීහු පවසති. එසේ වුව ද මෙවර දහස් ගණනින් පක්ෂීන් මියයාම කණගාටුදායක දසුනක් බව ද ඔවුහු පවසති. පසුගිය සතියේ දී බර්කිල් වළට සංක්‍රමණික කුරුල්ලන් 25,000ට වැඩි පිරිසක් ගොඩ බැස්ස බව පරිසරවේදීන්ගේ ඇස්තමේන්තු අනුව පැවසේ. ඒ අතරින් දහස් සංඛ්‍යාත පිරිසක් මියගොස් සිටිති.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා හි පතල් අපද්‍රව්‍ය එකතුවන ප්‍රදේශය කුමක්ද?
{ "answer_start": [ 57 ], "text": [ "බර්ක්ලි" ] }
bca11ac8-a122-46d6-a2f8-364464a9862b
දුම් ඇල්ලීම සඳහා යෝග්‍ය ඉලෙක්ට්‍රෝනික දුම් කබලක් නිපදවීමට කුරුණෑගල වැල්ලව නව නිපැයුම්කරුවෙක් සමත්වී සිටී. වෘත්තියෙන් වෑල්ඩින් කාර්මික ශිල්පියකු වන ඔහු නමින් ඊ.එම්. ජනක ප‍්‍රියන්ත ඒකනායක ය. විදුලි ස්ත‍්‍රික්කයක විද්‍යුත් ක‍්‍රියාවලිය උපයෝගී කරගෙන මෙම ඉලෙක්ට්‍රොනික දුම් කබල මොහු විසින් නිපදවා තිබේ. නිවෙසේ භාවිත කරන විදුලි ස්විචයට විනාඩි 4 ක් පමණ සම්බන්ධ කර දුම් කබල රත්වූ පසුව සුවඳ දුම් කුඩු දමා දුම නිපදවා ගැනීමට මෙමගින් හැකිවෙයි. ‘ මා මෙය නිර්මාණය කරන්න හිතුවේ වෑල්ඩින් කාර්මික ශිල්පියකු ලෙස සේවය කරන කාලයේ සිටයි. මගේ හිතට නිතරම වද දෙනන් වුණා. මොනවා හරි නිර්මාණයක් කරන්න ඕනෑ කියලා. ඒ අනුව තමයි මෙම ඉලෙක්ට්‍රෝනික දුම් කබල නිදවන්න මගේ හිතට ආවේ. දැනට භාවිත කෙරෙන පොල්කටු දුම් කබලට වඩා ඉලෙක්ට්‍රෝනිකව දුම නිපදවීම ඉතා සුදුසු බවයි මගේ මතය. පොල්කටු සෙවීම, එය ගිනි දැල්වීම සහ ගතවන කාලය දෙස බැලූ විට මෙය විනාඩි 4 ක් වැනි ඉතා කෙටි කාලයකින් ප‍්‍රයෝජනයට ගන්න පුළුවන්.
මෙම ඉලෙක්ට්‍රොනික දුම් කබල නිපදවීමට මොහු මොහු භාවිතා කර තාක්ෂණය කුමක්ද?
{ "answer_start": [ 189 ], "text": [ "විදුලි ස්ත‍්‍රික්කයක විද්‍යුත් ක‍්‍රියාවලිය උපයෝගී කරගෙන" ] }
417773e9-e32a-45d2-856e-dc9ce54d19ed
තමන් සකසනු ලබන නාළිකාව සඳහා තමන් කැමැති නමක් පමණක් නොව ඒ සඳහා අනන්‍ය වූ ලාංඡනයක් ලෙස භාවිතා කළ හැකි ඡායාරූපයක්, පසුබිම් ඡායාරූපයක් මෙන්ම අනන්‍ය වූ වර්ණ පවා ලබාදීමේ අවස්ථාව ඇත. ඔබ වෙනුවෙන් ම යූටියුබ් නාළිකාවක් සැකසීමේ දී ඒ සඳහා හඳුන්වාදීමේ විස්තරයක් ද යෙදිය හැකි අතර බොහෝ දෙනකු එයට ආකර්ශනීය නමුත් කෙටි හැඳින්වීමක් ඇතුළත් කරයි. ඔබගේ නාළිකාවට ඇතුළත් කරන සියලු‍ම වීඩි‍යෝවල ඔබගේ අනන්‍ය වූ ලාංඡනයක් ප්‍රදර්ශනය වන ආකාරයට ‍යෙදීමේ පහසුකම ද ඔබට ලැබෙයි. මේ සඳහා කලින් සකස් කරගන්නා ලද ඉතාමත් ආකර්ශනීය සහ අර්ථවත් ලාංඡනයක් යොදා ගැනීම වඩාත් සුදුසු බව යූ ටියුබ් පරිශීලකයෝ කියති. ඔබ යොදන ලාංඡනය පසුව ඕනෑම වේලාවක වෙනස් කිරීමේ හැකියාව ද ඇත.
ඔබගේ නාළිකාවට ඇතුළත් කරන සියලුම වීඩියෝ වල යෙදිය හැක්කේ කුමක්ද?
{ "answer_start": [ 374 ], "text": [ "අනන්‍ය වූ ලාංඡනයක්" ] }
e48af8b0-4ffd-4b87-9b86-984fbecc7d92
විවිධ වූ හැඩතල මෝස්තර සහ කැටයම්වලින් අනූන වූ මෙම රේන්ද කලාව අද වනවිට කළුතර සිට මාතර දික්වැල්ල දක්වා ඇති වෙරළබඩ කලාපය තුළ ව්‍යාප්තව පවතී. මෙම රේන්ද විවීම වෙනුවෙන් ගොඩනැගෙන පාරම්පරික පවුල් බොහෝමයකි. දියණියන් සහ බිරින්දෑවරුන් ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර පවුල්වල බිරින්දෑවරුන් ද මෙම රේන්ද විවීමේ කලාවට සහජ දක්ෂතා දක්වයි. ඵෙතිහාසිකව විකාශය වූ මෙම රේන්ද කලාව පිළිබඳව ගොඩනැගී ඇති ජනශ්‍රැතික සාධකද පවතී. එකල යක්ෂ ගෝත්‍රිකයන් බහුලව වාසය කරන්නට යෙදුණේ දක්ෂිණ දේශයේ බවත් එසේම කුවේණියගේ ජනාවාසය දකුණු වෙරළබඩ පැවති බවත් විජය රජු ගොඩබැස තිබුණේ දකුණු වෙරළට බවත්ය.
යක්ෂ ගෝත්‍රිකයන් බහුලව වාසය කරන්නට යෙදුණේ කොහේද?
{ "answer_start": [ 441 ], "text": [ "දක්ෂිණ දේශයේ" ] }
96493ca3-8ac3-4116-9fff-2999f0301913
සාම්ප‍්‍රදායික උයිගර් සංගීත භාණ්ඩ සැදීමට දක්ෂ ශිල්පීන් හට සංගීත භාණ්ඩ සෑදීමේදී සැළසුම, මිනුම් හෝ කිසිවක් අවැසි නොවේ. ඔවුන් ඒවා නිම කරන්නේ මනස උපයෝගී කර ගනිමිනි. මේවා නිපදවීමට බොහෝ විට යොදා ගනු ලබන්නේ මල්බෙරි ලී වේ. මල්බෙරි ලී බඳ ගෙන එය අගනා නිමාවකට පතුරු ගසා මුලින්ම වයලීනය සතු බඳ මෙන් වූ ප‍්‍රධාන කොටස නිර්මාණය කර ගනී. ඉන්පසුව කොටස් එකිනෙකට සම්බන්ධ කරගෙන රවාප් සහ ඩුටාර් යන භාණ්ඩ සාදා නිමකරන අයුරු විටෙක විශ්මය දනවන්නකි. මෙම ගම්මානයේදී පියෙකු සහ පුතකු එක් වී සංගීත භාණ්ඩ සාදන අපූර්වත්වය අපට ඇස් පනාපිට දැකගත හැකි විය. ඔවුනගේ හැකියාවෙන් සියවසකට එහා ගිය පරපුර වෙතින් නිර්මාණය වූ සංගීත භාණ්ඩ මෙම කෞතුකාගාරයෙහි තැන්පත් කර තබා ඇත්තේ උයිගුර් ජනයාගේ ආධ්‍යාත්මය ප‍්‍රකාශ කිරීම වෙනුවෙන් යැයි සඳහන් කළ හැකිය. එමෙන්ම මහා චීන රාජ්‍යයේ මෙලෙසින් ජන වර්ගයකට අයත් ඔවුන් අතින් නිර්මාණය වූ සංගීත භාණ්ඩ රැසක් ප‍්‍රදර්ශනයට තබා ඇති එකම කෞතුකාගාරය මෙය වීම ද විශේෂත්වයකි.
සාම්ප‍්‍රදායික උයිගර් සංගීත භාණ්ඩ සැදීමට දක්ෂ ශිල්පීන් ඒවා නිම කරන්නේ කුමක් උපයෝගී කර ගනිමින්ද?
{ "answer_start": [ 138 ], "text": [ "මනස" ] }
fde31f64-7d3a-4442-8136-88c7f61ab63a
කල් ගතවත්ම සචින් පුහුණුකරුගේ සිත් දිනා ගැනීමට සමත් වෙමින් දක්ෂතා ප්‍රකට කරන්නට විය. දාදාර් ප්‍රදේශයේ දක්ෂතම පාසල් ක්‍රිකට් කණ්ඩායම සිටියේ ශාරදාෂ්රම් විද්‍යාමන්දිර් ඉංග්‍රීසි උසස් පාසලේය. එම පාසල අති දක්ෂ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් බිහි කිරීම පිළිබඳව කීර්තියක් ඉසිලීය. රාමකාන්ත් සචින්හට එම විද්‍යාලයට ඇතුළු වන ලෙසට දිරිමත් කළේය. තෙන්දුල්කාර් අධ්‍යාපනය ලැබුවේ බන්ද්‍රාහි ඉන්දියානු අධ්‍යාපන සංගමයට අයත් ඉංග්‍රීසි පාසලකය. ඔහු දිනපතා උදය වරුවේත්, සවස් වරුවේත් රාමකාන්ත් යටතේ පුහුණු විය. ඇතැම් දිනවල කඩුල්ල මත රුපියලේ කාසියක් තබන රාමකාන්ත් කවුරුන් හෝ පන්දු යවන්නකු සචින්ගේ කඩුල්ල දවා ගතහොත් ඔහුට එම රුපියල හිමි වන බවට කියා සිටියේය. කිසිවකුට ඔහු දවා ගත නොහැකි වූ අතර රුපියල හිමි වූයේ තෙන්දුල්කාර්ටය. තෙන්දුල්කාර් සතුව රුපියලේ කාසි 13ක් ඇති අතර අදටද ඔහු ඒවා තමා ලද වටිනාම ත්‍යාග ලෙස සලකා ආරක්ෂා කරගෙන සිටී.
දක්ෂතම පාසල් ක්‍රිකට් කණ්ඩායම සිටියේ කුමන පාසලේද
{ "answer_start": [ 138 ], "text": [ "ශාරදාෂ්රම් විද්‍යාමන්දිර් ඉංග්‍රීසි උසස් පාසලේය" ] }
9607989a-49a5-4209-9508-fc5cb757ef52
ඒ කාලයේ වගේම අදත් රහස් පොලිසියේ බොහොම දක්ෂ නිලධාරීන් ඉන්නවා. රහස් පොලිස් නිලධාරියකු විදිහට මම හරිම තෘප්තියෙන් රාජකාරී කළා. ත්‍රස්ත විමර්ශන කටයුතුවල දිගටම නියැලි හිටිය නිසා මටත් එල්ටීටීඊ එකෙන් මරණ තර්ජන එල්ල වෙන්න පටන් ගත්තා. ඒ වෙනකොට දමිළ පොලිස් නිලධාරීන් හොය හොයා මරා දමන්න පටන්ගෙන තිබුණ කාලයක්. මමත් එල්ටීටීඊ එකේ ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම සිටින බව දැන ගැනීමට ලැබුණා. ඒ නිසාම මම රට හැර ගියා. මම ගියේ ඩුබායි රටට. ඒ රටේ රස්සාවක් කරලා කොටි කලබල අඩුවුණාම තමා අපහු ලංකාවට ආවේ. සී.අයි.ඩී. එකේ ඩිරෙක්ටර් වෙලා හිටිය රාජපක්ෂ මහත්තයා මට ආයෙත් රහස් පොලිසියට එන්න කියා කතා කළා. නමුත් අයෙත් පොලිසියට බැඳෙන්න හිටියේ නැහැ. එත් මම අදටත් රහස් පොලිසියට ආදරය කරනවා. ගෞරව කරනවා.
ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම සිටින නිසා ඔහු ගියේ කුමන රටටද?
{ "answer_start": [ 399 ], "text": [ "ඩුබායි රටට" ] }
8788a59e-9a05-453d-bc67-4a08145d3d9c
කරඳහෙළ කන්ඳට ප්‍රවේශවන ස්ථානයේ පිහිටි ලෙනකි. මෙම ලෙන දිග අඩි 175 කි. ලෙන සම්පූර්ණයෙන්ම කටාරම් කොටා තිබේ. ලෙන තුළ බැඳ ඇති ආසනයක් තුළ සැතපෙන බුදුපිළිම වහන්සේ තැන්පත් කර තිබේ. එහි දිග අඩි 41 කි. මැටි හා ගඩොල් භාවිතයෙන් සකස් කර ඇති පිළිම වහන්සේගේ උරහිස අඩි 6 යි. අඟල් 5 ක් විශාලය. සිරිපතුලේ දිග අඩි 4 යි. අඟල් 6 කි. පිළිම වහන්සේගේ ළැම පෙදෙස නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ. මෙම ලෙන පිළිම ලෙන යි. අතීතයේදී ඓතිහාසික හා පූජනීය තත්ත්වයෙන් අග්‍ර පූජා භූමියක් වූ කරඳහෙළ වලසුන්ගෙන් පිරි ප්‍රදේශයක් වූ බැවින් කෙමෙන් ජන ශුන්‍ය ප්‍රදේශයක් වූ අතර පසුගිය යුද සමයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ තර්ජන හමුවේ තව තවත් ජනශුන්‍ය ප්‍රදේශයක් බවට පත්විය.
එම සැතපෙන බුදු පිලිම වහන්සේගේ දිග කොපමණද?
{ "answer_start": [ 181 ], "text": [ "අඩි 41" ] }