id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
4c4211b6-4462-4940-9edf-ac4b13c54015
විවිධ දැවැන්ත ශාක මෙන්ම ඖෂධීය පැළෑටි සහ අතරින් පතර සිඳීගිය ජල මූලාශ්‍ර ද අපගේ නෙත ගැටුණු අතර මඩ ගොහොරු මාර්ගය මෙපමණ දුෂ්කරව තිබුණේ පෙර දින හොඳ වැස්සක් වැටුණු නිසාවෙන් බව මාමා අපට පවසන ලදී. ක්‍රමයෙන් ඉදිරියටම ගමන් කරන විට අප දුටුවේ වම් පස වන පියස තුළින් ගලාගෙන එන අඩියක් පමණ පළළින් යුත් හුණුගල් තට්ටුවක් මතින් ගලාගෙන එන සුන්දර දිය දහරාවකි. එය දුටු සැණින් අප විමතියට පත්වූයේ පස් කොළ රොඩු පිරුණු වන පියස මත කොන්ක්‍රීට්වලින් කුඩා ඇළක් ලෙස මෙය සාදා ඇති බවය. නමුත් එය අසලට ගොස් හොඳින් නිරීක්ෂණය කළ පසු අප දුටුවේ ස්වභාවයෙන්ම ගලාගෙන යන දියවර යටින් සැදුණු හුණුගල් බදාමයක් බවය. එය කොතරම් නිර්මාණශීලීද කිවහොත් හුණුගල් තට්ටුව තිබුණේ එම දියවර මැදිකරගෙන පහළට ගලාගෙන යාමට උචිත ලෙසයි. දුඹුරු සහ කොළ පැහැති වන රොද තුළ ළා සුදු පැහැයෙන් වර්ණිත වූ මෙම දියවර හා හුණුගල් තට්ටුව අතිශය අලංකාර විය.
සුන්දර දිය දහරාව හොඳින් නිරීක්ෂණය කළ පසු ඔවුන්ට දුටුවේ කුමක්ද?
{ "answer_start": [ 518 ], "text": [ "ගලාගෙන යන දියවර යටින් සැදුණු හුණුගල් බදාමයක් බවය" ] }
bffe6630-7ec1-409d-afc9-a88aad10e922
මධූෂ් පුතා කොහෙද මේ ගියේ? ටීචර් කතාකළත් මධූෂ් කතා නැත. ඇඟිල්ලෙන් පොළොව හාර හාර බිම බලා සිටියා පමණි. මොකද බය වෙලා? බෝල ගහන්න ගියාද? හා හා ළමයි සෙල්ලම් කළාම මොකද? මම ඒවට බනිනවායෑ. අද දීපු ගෙදර වැඩ ටිකත් ඒ වගේම කරලා ඇති නේ නේද? හා හා දැන් ඉතිං ඉක්මනට ගෙදර යනවලා. ආච්චි බලාගෙන ඇති. එහෙම කියපු සැණින් දෙකට නැවිලා ටීචර්ට වැඳපු මධූෂ් සහ ඔහුගේ යාළුවෝ ටීචර්ගෙන් මිදී ඉගිල්ලුණේ මිටින් හළ කුරුල්ලන් මෙනි. ඒ මීට වසර විසිපහකට පමණ පෙර සිටි මධූෂ් ලක්ෂිතය. එදා තමන්ගේ ගුරුවරියට බය පක්ෂපාතකම ගරුසරුව දැක්වූ මධූෂ් අද ජීවිත සමග සෙල්ලම් කරන, අනුන්ගේ ජීවිත කාලය පිළිබඳව තීන්දු ලබාදෙන, අනුන්ගේ ජීවිතවල ඉරණම තීරණය කරන පුද්ගලයා බවට පත්ව ඇත. එදා ටීචර් දකින විට හැංගුණේ මධූෂ්ය. අද මධූෂ් දකින විට හැංගෙන්නේ පණට ආදරේ ඇති අය ය. ඔහුගේ ගිනි අවියට පුද්ගලයෙක් තරාතිරමක්, වයස් භේදයක් නැත. ඒ ගිනි අවිය දන්නේ කොන්ත‍්‍රාත්තුව දුන් අයගේ ගාස්තුවේ ප‍්‍රමාණය පමණි. නැතහොත් තමන්ට එම පුද්ගලයාගෙන් තිබෙන බාධාව පමණි. පළිගැනීමේ විශාලත්වය පමණි.
"පුතා කොහෙද ගියේ "ලෙස ටීච ඇසුවේ කාගෙන්ද?
{ "answer_start": [ 40 ], "text": [ "මධූෂ්" ] }
59dc9bce-7ac6-48d2-b101-977e7c0fb917
මෙලෙස විවිධ ආකාරයෙන් භාවිතයට පැමිණ තිබූ තොප්පි ඇමෙරිකානු විප්ලවයේ දී, රුසියානු විප්ලවයේ දී සහ ප්‍රංශ විප්ලවයේ දී රාජාණ්ඩුවට එරෙහි නිදහස සඳහා අරගලයේ සංකේතයක් ලෙස භාවිතා කර තිබේ. 19 වැනි සියවසේ මුල් භාගයේ දි, කාන්තාවන්ගේ තොප්පි සහ එහි නිකට ආවරණය ක්‍රමයෙන් විශාලවන අතර කුරුළු පිහාටුවල සිට මල් සැරසිළි දක්වා විවිධ දෑ තොප්පියට එකතු වී තිබිණි. ඒවා 1920 මැද භාගය වනවිට කාන්තාවන්ගේ කොණ්ඩය වඩාත් කෙටි වීම නිසා තොප්පිය ඔවුන්‍ ආදේශ කරගත්තේ හිස් ආවරණයක් ලෙසිනි. 1980 දශකයේ දී විශාල තොප්පි ජනප්‍රිය වූ අතර 21 වැනි සියවසේ මුල් භාගයේ දී විවිධ විලාසිතා සහිතව ජනප්‍රිිය විය. මෙය තරුණ තරුණියන් අතර වඩාත් ප්‍රචලිත වූ අතර ඇතැම් විට ඒවා තරඟකාරී මෝස්තර රටාවලින් ද නිර්මාණය වී තිබිණි. බොහෝ ජනප්‍රිය පොප් ගායකයෝ ද මේ තොප්පි පැළඳි අතර ඔවුන්ගේ තොප්පි විලාසිතාව ලෝකය පුරාම තරුණ තරුණියන් අතර ‍බෙහෙවින් ජනප්‍රිය විය.
කාන්තාවන් එය හිස් ආවරණයක් ලෙස භාවිතා කරේ කුමන කාලයේදීද?
{ "answer_start": [ 343 ], "text": [ "1920 මැද භාගය වනවිට" ] }
c4114016-e147-422f-be8f-edd5ca0e7cbd
වනාන්තරවල අනේක දුක් ගැහැට විඳි මේ ගමාගේ සහ අප්පුවලැත්තන්ගේ මුතුන් මිත්තන් එක්දහස් නවසිය තිස්පහේදී පමණ පොල්ලෙබැද්දේ පදිංචි කරවූයේ දොස්තර ස්පිට්ල්ය. අපගේ සංචාරයේ ආරම්භක මාර්ගය පොල්ලෙබැද්ද හරහා රඹකැන් ඔය ජලාශය දක්වා වැටී තිබිණි. රඹකැන් ඔය ජලාශය ඉදිකිරීම නිසා වැද්දන්ගේ මෙන්ම සිංහල ජනයාගේද හේන් ගොවිතැන් දියුණුවූ බව වැද්දන් අප සමග පැවසීය. රඹකැන් ඔය ජලාශය දක්වා වැටී ඇති ගුරු පාරට වම්පසින් යෝදයන් සේ ඉහළට නැගි කඳු පන්තීන් තුළ ඇති ගල් ගෙවල්වලද වැද්දෝ ජීවත් වූහ. ඒවායින් එක් ගල් ලෙනක් වන්නේ මුත්තාකඩ ගල්ලෙනයි. එය ගොරිකාන කන්දේ පිහිටා ඇත. මීට පෙර වතාවක අපි එම ගල් ගෙය දැකබලා ගත්තෙමු.
වනාන්තර වල අනේක දුක් ගැහැට විඳින්නේ කව්ද?
{ "answer_start": [ 34 ], "text": [ "ගමාගේ සහ අප්පුවලැත්තන්ගේ මුතුන් මිත්තන්" ] }
fde4e660-504c-446b-8f82-730cd1cb8930
මීට පෙර සාරයියාගේ හිතවත් පවුලක් නන්දසේන බලාගත්හ. දරුවා අනාථ මඩමට ගෙන ගිය බව දැනගත් සාරයියා ඇඬූ කඳුළෙන් එහි යයි. එහි පාලිකාවක වූ දේවිකා නන්දසේන නැවත පැල්පතට ගෙන යාමට වඩා ඉගෙනීමට යොමු කිරීමේ අගය සාරයියාට පහදා දෙයි. දරුවාට හොඳක් වෙන නිසා එයට ඔහු එකඟ වෙයි. මේ අතර මාකස්ගේ සගයන් කිහිපදෙනකු පොලිසිය අල්ලා ගනී. මේ ඔත්තුව දුන්නේ සාරයියා බව සිතන මාකස් අහිංසක සාරයියාට පහරදෙයි. ඔහු එය ඉවසා සිටී. එදින රාත්‍රියේ සාරයියා අපූරු සිහිනයක් දකී. තමාට හිතවත්ව කෑමබීම පවා ගෙනැවිත් දෙන මැගිනෝනා සහ ඇගේ දියණිය නිරංජලාට සාරයියා තම සිහිනය ගැන කියයි. මැගිනෝනා කියන්නේ එය සුබ සිහිනයක් බවත් නන්දසේන නමින් ජිම්කානා ලොතරැයි ටිකට්පතක් ගන්නා ලෙසය.
පොලිසිය අල්ලා ගන්නේ කවුරුන්වද ?
{ "answer_start": [ 261 ], "text": [ "මාකස්ගේ සගයන් කිහිපදෙනකු" ] }
8ed4d25e-4645-4a96-8ada-00950f8b3613
එය ලොවම කම්පා කළ මහා ඛේදවාචකයක් විය. යානයට සිදුවුණේ කුමක්දැයි දැනගැනීම අත්‍යාවශ්‍ය විය. ඊට හේතුව ඒ වනවිටත් තවත් මැලේසියා යානයකට ඛේදනීය ඉරණමක් අත්වීමය. ඒ, මැලේසියා ගුවන් සේවයට අයත් එම්.එච්. 370 යානයයි. 370 යානය අතුරුදන් වී තිබුණි. එම්.එච්. 370 ගුවන් යානය මගීන් 227 දෙනකු ද සමඟ ලොවෙන් සඳහටම අතුරුදන් වූයේ 2014 වසරේ මාර්තු 8 වැනිදාය. ඒ වනවිට එය මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජීං බලා පියාසර කරමින් තිබුණි. අද වනවිට එම්.එච්. 370 යානයේ අතුරුදන් වීම නොවිසඳුණු අබිරහසක් බවට පත්වී අවසන්ය. එම්.එච්. 17 ගුවන් යානය පුපුරා විනාශ වුණේ එය ප‍්‍රහාරයකට ලක් වීමෙන් නම්, යානයට පහර දුන්නේ කවුරුදැයි යන්න දැන ගැනීම අවශ්‍ය විය. යානයට සිදුවුණේ කුමක්දැයි දැන ගන්නට මැලේසියානු බලධාරීහු පමණක් නොව, ලොව සැවොම යුහුසුලු වූහ. යුද පිටියකට ඉහළින් පියාසර කළ යානය විනාශ වූයේ එය ප‍්‍රහාරයකට ලක්වීමෙන් යැයි බොහෝ දෙනාගේ අනුමානය විය. පහර දී යානය විනාශ කළේ රුසියානු හිතවාදී, බෙදුම්වාදී කැරැලිකරුවන් යැයි යුක්රේන රජය චෝදනා කළේය.
එම්.එච්. 370 ගුවන් යානය අතුරුදහන් වූයේ කවදාද?
{ "answer_start": [ 303 ], "text": [ "2014 වසරේ මාර්තු 8 වැනිදාය" ] }
0876acdb-e47a-41fc-9c9b-fce8a04d35da
ඔහු තුරඟ තරගයක් බැලීමට ගොස් ඇත්තේ සාක්කු දෙකේම පවුම් 365 පුරවාගෙනය. දක්ෂ හොරෙකු මේ මුදල් සූර ලෙස සොරා ගැනීමට සමත්ව ඇත. එහෙත් තව දිනක පවුම් දහස් ගණනක ස්වර්ණාභරණ පොදියක් හොරෙකුට අමතකවීමක් නිසා ඩොනවන් අතටම ලැබීම ද දෛවයේ සරදමක් වී ඇත. මෙය 1956 ඉරිදා ලංකාදීප පත්‍රයේ පළ වූ වාර්තාවකි. දෙවරක්ම දික්කසාද වී සිටි ඩොනවන් හා ඔහුගේ දෙවන බිරිඳ වූ එරීන් ද සෙල්ෆා අතර පැවති දික්කසාද නඩුව මුළු ලෝකයේම පැතිර ගොස් ඇත. එය අතිශයින්ම හාස්‍යජනකවී ලු. මේ නඩුවේදී අනාචාර චෝදනාව මත තම භාර්යාව වූ එරින් සමග දික්කසාද වීමට ඉඩ ලැබී ඇත.
ඩොනවන් ගේ දෙවන බිරිද කවුද ?
{ "answer_start": [ 334 ], "text": [ "එරීන් ද සෙල්ෆා" ] }
4239cfd1-1f0e-450a-98f6-89c8bdaaf6f0
හිටපු ලෝක රූ රැජිණක හා බොලිවුඩයේ ප්‍රකට නිළියක වන ප්‍රියංකා චොප්රා විවාහ වී සිටින්නේ ඇයට වඩා වසර 10කින් ලාබාල නික් ජොන්ස් නමැති අමෙරිකානු ජාතික ප්‍රකට ගායකයෙකු සමඟිනි. ප්‍රියංකා සහ නික් අතර කාලයක් තිස්සේ නොගැළපීම් පැවති බවට කතා තිබුණි. පසුගිය දිනවල කටකතාවක් පැතිර ගියේ ඇය ඔහුගෙන් වෙන්වන්නට සූදානම් බවයි. මීට හේතුවූයේ සමාජ මාධ්‍ය තුළ ඇය නික් ජොන්ස්ගේ වාසගම ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් ඉවත් කිරීමයි. ඒ හේතුවෙන් රසිකයන් ක්ෂණිකව අනුමාන කිරීමට පටන් ගත්තේ දික්කසාදය ස්ථිර බවයි. මේ අතර ප්‍රියංකා චොප්රාගේ මව මධු චොප්රා තම දියණිය සිය සැමියා වන නික්ගෙන් වෙන්වීම සම්බන්ධයෙන් පැතිරෙන කතා සියල්ල ව්‍යාජ ඒවා බවට දක්වමින් ප්‍රකාශයක් සිදු කර තිබේ.
ප්‍රියංකා චොප්රාගේ සැමියාගේ නම කුමක්ද?
{ "answer_start": [ 110 ], "text": [ "නික් ජොන්ස්" ] }
ee88d6bd-7dc8-439a-8d7b-d98938cc7261
1956 සැප්තැම්බර් මාසය වන විට ගුරු ග්‍රහයා මිත්‍ර රාශියක වෘශ්චිකයේ වන අතර සෙනසුරු ග්‍රහයා ධනු රාශියේය. 2015 ඔක්. 11 දා වන විට ඊට සමාන අන්දමට ගුරු වෘශ්චික රාශිගත වන අතර, සෙනසුරු ධනු රාශියේය. සත්‍ය අසත්‍යතාවය පරික්ෂණ අවසන් වන තුරු කිව නොහැකි වුවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලස්මක් ගැන රටම ගිනිගෙන ඇත. එදා බණ්ඩාරනායක මහතා ඝාතනය වූයේ එතුමා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය ඇමතීමට යාමට සූදානම්ව සිටි අවස්ථාවකය. මෙදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය ඇමතීමට යාමට පෙර ඝාතන සැලසුම් ප්‍රචාරය විණ. පෙර පිනකින් බණ්ඩාරනායක මැතිතුමාට මෙන් ජනාධිපතිතුමාට විපතක් සිදු නොවිණ.
මෙවර මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඝාතන සැලසුම ප්‍රචාරය වුනේ ඔහු කුමක් ඇමතීමට යාමේද?
{ "answer_start": [ 461 ], "text": [ "එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය" ] }
1f328002-8c2b-46cd-82af-0e887ceb4eec
ඔවුන් ඇය ළඟට ගොස් මෙතැනට ඇය කෙසේ ආවේදෝයි යන්න විමසුවත් තමන් නොදන්නා බව ඇය ප්‍රකාශ කර තිබේ. ඇය රැගෙන නිවස බලා එන අතරේ කිසියම් අවශ්‍යතාවකට හසලක නගරයේ වාහනය නතර කරන ලදි. එහිදී හමු වූ සඳලිකාගේ පියාගේ මිතුරෙකු ආගිය තොරතුරු විමසීමෙන් පසුව පැවසුවේ ලෙඩා රැගෙන නගරයට නුදුරින් පිහිටි සමන් දෙවිදුන්ගේ වැඩිමහල් සහෝදරිය වසන ප්‍රදේශයට අරක් ගත් සැමට සෙත සලසන මහ ලොකු දේව මෑණියන්ගේ අනුහස් ඇති වරාගොල්ල මහා නාග දේවාලයට යන ලෙසයි. ඒ අහඹු පණිවුඩයෙන් පසු රෝගියා රැගෙන නාග දේවාලයට ගිය පසු දේවගැති අරඹගේ ජයවර්ධන කපු මහතා කරනු ලැබු ශාන්තිකර්මය ඉදිරියේ සඳලිකාගේ රෝගි කතාවත් එයට හේතුවත් මිය ගිය තරිඳුගේ භූත ආත්මය විසින් සැවොම ඉදිරියේ හඬමින් දොඬමින් පවසන්නට විය. අවසානයේ එම භූතාත්මය සඳලිකාගේ ශරීරයෙන් ඉවත් වීමටත් එතැන් පටන් මව්පියන්ටත් අක්කාටත් කරදර නොකරන බවටත් පොරොන්දු විය. එදින සිට කිසිවෙකුට කරදරයක් නොවු බව සඳහන් වේ.
හසලක නගරයේ වාහනය නතර කළ විට හමු වූයේ කවුද?
{ "answer_start": [ 180 ], "text": [ "සඳලිකාගේ පියාගේ මිතුරෙකු" ] }
15f45a29-44aa-496a-9cb6-ea06ca4d04e5
ඒත් එයා අද ජීවතුන් අතර නැති වුණත් එදා එයා එහෙම හැසිරෙන්න ඇත්තේ මට ගොඩාක්ම ආදරය කරපු නිසා වෙන්නැති කියලා අද මට හිතෙනවා. වෙන කොල්ලෝ තමන්ගේ යාළුවෙච්ච කෙල්ල හරි මගදී සෙට්වෙච්ච කෙල්ලක් හරි මුහුද අයිනේ කොහේට හරි මුල්ලකට එක්ක යන්නෙ හෙට ලෝක විනාශය වෙනවා කියල හිතාගෙන. මුහුදේ රළ පහර ගොඩට ඇවිත් වෙරළේ පා සලකුණු මකාගෙන ගොඩට ඇවිත් ආපසු මුහුදටම යනවා වගේ සමහර කොල්ලන් වැල්ලෙ ඉඳල ගොඩට එන්නේ කෙල්ල අමතක කරල දාලා. උන් වෙන දවසක එන්නෙ වෙන කෙල්ලෙක් අරගෙන. සමහර කොල්ලො විතරක් නෙවි සමහර කෙල්ලොත් ඔය පිස්සුව නටනවා. උන්ගේ ජීවිතයේ කොල්ලොයි මොබයිල ෆෝන් එකයි විතරයි.
මුහුදේ රළ පහර ගොඩට ඇවිත් මකාගෙන යන්නේ කුමන සළකුණුද
{ "answer_start": [ 292 ], "text": [ "පා සලකුණු" ] }
d0d7cf49-2494-4fbd-8698-8a5d62899410
කොස්ටාරිකාවට ඔබ්බෙන්, පැසිෆික් මුහුදේ බිලියන ගණනක් ලන්තෑරුම් මසුන් හිටිහැටියේ සාගරය මතුපිට කලාපයට පැමිණෙති. ලන්තෑරුම් මසුන් යනු හාල්මැස්සන් තරම් කුඩා මසුන් විශේෂයකි. මොවුන් සාමාන්‍යයෙන් ජීවත් වන්නේ ගැඹුරු මුහුදේ අඳුරේය. ලන්තෑරුම් මාළුවා යනුවෙන් මේ මත්ස්‍යයා හැඳින්වෙන්නේ අඳුරේ සිරුර දීප්තිමත්ව දකින්න ලැබෙන නිසාය. ප්‍රමාණයෙන් කුඩා වුවත්, ලන්තෑරුම් මසුන් රංචුවක් ගත් කළ එතැන බිලියන ගණනක් සිටී. ලන්තෑරුම් මසුන් කලාතුරකින් මුහුදේ මතුපිට සීමාව දක්වා පැමිණෙන්නේ ක්ෂුද්‍රජීවී ප්ලවාංග ආහාරයට ගැනීමටය. එසේත් නැතිනම් බිත්තර දැමීමටය. ක්ෂුද්‍රජීවී ප්ලවාංග ආහාරයට ගැනීමට මෙම මාළු රංචු වශයෙන් ඉහළට පැමිණෙන්නේ රාත්‍රියටය. ඒත් දැන් දිවා කාලයයි. දිවා කාලයේ ලන්තෑරුම් මසුන් දකින්න ලැබෙන්නේ කලාතුරකිනි. දැන් මොවුන් ඉහළට පැමිණ ඇත්තේ වර්ගයා බෝ කිරීම සඳහාය. ලන්තෑරුම් මසුන් ඩොල්ෆින්ලාට රස ආහාරයකි. බිලියන ගණනක් වුණු ලන්තෑරුම් මසුන් රංචුව, ඩොල්ෆින් රංචුවට කදිම අවස්ථාවකි.
ලන්තෑරුම් මසුන් සාගරය මතුපිටට එන්නේ කුමන මුහුදේද
{ "answer_start": [ 22 ], "text": [ "පැසිෆික් මුහුදේ" ] }
7e5a9b95-7637-44da-89c1-40859d51cdcc
මෙමඟින් මහා අධිකාරම් ධුරයට පත් කරන්නට තරම් දැඩි විශ්වාසයක් රජු තුළ පැවැති බව පෙනේ. දෙදෙනා අතර මෙම විශ්වාසය කෙරෙහි ඇතැම් උඩරට රදලවරුන් අතර පැවැතියේ අමනාපයෙකි. එසේම උඩරට සිංහාසනය නායක්කාරවරුන් සතුව පැවැතීම ගැන පිළිමතලව්වේ ඇතුළු රදලවරු කලක් සිට නොකැමැත්තෙන් පසු වූහ. ඇහැලේපොළ අදිකාරම් තුමාගේ අධිෂ්ඨානය වූයේ යළිත් උඩරට සිහසුන දේශීය සිංහලයන් අතට පමුණුවා ගැනීමේ ජාතිහිතෙෂි සංකල්පයයි. ඇහැලේපොළ අධිකාරම්තුමාගේ දෙවෙනි අධිකාරම් වශයෙන් උනම්බුව දිසාව පත් වූ අතර ක්‍රි.ව 1812 දී ඔහු මිය යෑමෙන් පසුව අහැලේපොළ අධිකාරම්තුමාගේ පරම හතුරෙකු වූ සත් කෝරළේ දිසාපති ධුරය හෙබ වූ මොල්ලිගොඩ දිසාව එම තනතුරට පත් කෙරිණ.
උඩරට සිංහාසනය නායක්කාරවරුන් සතුව පැවැතීම ගැන නොකැමැත්තෙන් සිටියේ කව්ද?
{ "answer_start": [ 208 ], "text": [ "පිළිමතලව්වේ ඇතුළු රදලවරු" ] }
0f843b91-be4e-4fe3-be7b-186a46949a4d
එමෙන්ම තවත් සඳහනක් වන්නේ මිහිඳු හිමියන් ඇතුළු පිරිස මෙම ගල මුදුනට වැඩම කර මිහින්තල ප්‍රදේශය නිරීක්ෂණය කිරීමෙන් පසුව එහි වැඩම කළ බවයි. ඉසින් බැස්ස ගල දේවානම් පියතිස්ස රජතුමා විසින් ක්‍රිස්තු පූර්ව 250-210 කාලයේදී පූජනීය ස්ථානයක් වශයෙන් ගොඩනගා ඇති බවයි. ඉහත සඳහන් කළ පිරිස් ඉසින් බැස්ස ගල ලෙස භාවිතා කිරීමට හේතුව ලෙස සඳහන් වන්නේ මෙම ගල් තලාවන්හි ඉසිවරුන් වැඩකිරීම බවයි. මෙම ගල්තලාවට ආසන්නව ඇති ඉපැරණි රජමහා විහාරයෙහි භූමිය කැණීම් කිරීමේදී ඉපැරණි නටබුන් සොයාගෙන තිබෙනවා. එහිදී ඉපැරණි ස්ථූපයක් තිබූ බවට සාධක සහිත අතර එම ස්ථානයේ ඉදිකළ නව ස්ථූපය විසිවන ශතවර්ෂය මැද භාගයේදී ඉදිකළ බවයි සඳහන් වන්නේ.
මිහින්තලය ක්‍රිස්තු පූර්ව 250-210 කාලයේදී පූජනීය ස්ථානයක් වශයෙන් ගොඩනගා ඇත්තේ කා විසින්ද?
{ "answer_start": [ 149 ], "text": [ "දේවානම් පියතිස්ස රජතුමා විසින්" ] }
da025c94-0c90-4636-833a-99b18d920541
මෙය ඉතා ආරක්‍ෂාකාරී ලෙස නිපදවලා තියෙනවා. හදිසියේ හෝ විදුලි කාන්දුවක් ඇතිවුව හොත් මෙය ස්වයංක‍්‍රීයව ටි‍්‍රප් සුවිචයෙන් අක‍්‍රීය වෙනවා. උදේ සවස මෙය ප‍්‍රයෝජනයට ගත්තද මාසයටම වැය වන්නේ රුපියල් 100 කට ආසන්න මුදලක් පමණයි. මෙය ප‍්‍රධාන වශයෙන් ක‍්‍රම තුනකින් නිපදවා තියෙනවා. එක දිගට විනාඩි කීපයක් රත්කර දුම ඇල්ලීම සඳහාත්, දිගින් දිගටම විදුලියට සම්බන්ධ කිරීම සඳහාත්, අවශ්‍ය ප‍්‍රමාණයට රත්වූ පසුව ස්වයංක‍්‍රීයව ක‍්‍රියා විරහිත වන ආකාරයටත් මෙය මා නිර්මාණය කර තියෙනවා. මෙය මේ වන විට වෙළෙඳපොළට ඉදිරිපත් කර තියෙනවා. ඉදිරියේදී මෙය තවත් සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. යැයි ජනක ප‍්‍රියන්ත පැවැසීය.
ඉදිරියේදී මෙම නිර්මාණය තවත් සංවර්දනය කරන්න බලාපොරොත්තු වෙන්නේ කව්ද ?
{ "answer_start": [ 560 ], "text": [ "ජනක ප‍්‍රියන්ත" ] }
6c1cb50b-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
‘‘මේ උපාංගය පරිශීලනය කරන්න හරිම පහසුයි. දෘෂ්‍යාබාධිත අයකු මෙම ‘‘ඔරාසි’’ උපාංගය ඇන්ඩ්‍රොයිඞ් ජංගම දුරකතනයට සම්බන්ධ කිරීම පමණයි කළ යුත්තේ ඉන්පසුව එය ස්යංක‍්‍රීයව ස්ථාපිත වෙනවා. එමගින් එස්.එම්.එස්. යැවීම, දුරකතන ඇමැතුම්, එස්.එම්.එස්. කියැවීම, පොත්පත් කියවීම, අප අවට තිබෙන දෑ පිළිබඳව මෙම උපාංගය විස්තර කරනවා. ඊට අමතරව මෙමගින් භාෂා පරිවර්ථනය (උදා: චීන භාෂාවෙන් ඇති ලිපියක් ඉංග‍්‍රීසි භාෂාවෙන් පරිවර්ථනය කිරීම) කළ හැකිය. අපට පොතක් කියැවීමට අවශ්‍ය නම් මෙම උපකරණය පොතට මදක් ඉහළින් තබාගෙන එක බොත්තමක් තද කිරීමෙන් පමණක් සිදුකළ යුතුවෙනවා. ඉන්පසුව තත්ත්පර 3 කට අඩු කාලයකදී පොතෙහි පිටුව කියවීම සිදුකරනවා. මෙහිදී උපකරණය නොපිට අතට තැබුවද ස්වංක‍්‍රීයව උපකරණය කරකැවී ලිපිය කියවනවා.’’
මෙම උපාංගය මගින් දෘෂ්‍යාබාධිත අයෙකුට ගත හැකි ප්‍රයෝජන මොනවාද?
{ "answer_start": [ 218 ], "text": [ "එස්.එම්.එස්. කියැවීම, පොත්පත් කියවීම" ] }
310bb27a-1dfc-4193-a2ab-81bbd136f863
විවියන් රිචඩ්ස්ගේ ප‍්‍රථම ජාත්‍යන්තර ටෙස්ට් තරගය 1974දී ඉන්දියාව සමඟ බැංගලෝරයේ පැවැති තරගය විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් එම තරගයට සහභාගී වූ ඔහු එම තරගාවලියේ දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 192ක් රැස් කිරීමට සමත් විය. අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ඔහු යොදා ගැනිණි. 1975 පළමු එක්දින ලෝක ශූරතාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දිනා දීමට රිචඩ්ස්ගෙන් ලැබුණේ අනගි සහයකි. 1979 එංගලන්තයේ ලෝඩ්ස්හි පිටියේ පැවැති දෙවැනි එක්දින ලෝක කුසලාන තරගයේ අවසන් මහා තරගයේදී ශතකයක් රැස්කරමින් දෙවැනි වරටත් එම ශූරතාව කොදෙවුවන් සතු කර දීමට රිචඩ්ස් දායක විය. 2005 වන තෙක් එක්දින ලෝක කුසලාන තරගාවලියක ශතකයක් ලබා කඩුළු පහක් දවාගත් එකම ක්‍රීඩකයා වූයේ ඔහුය.
දෙවැනි එක්දින ලෝක කුසලාන අවසාන තරගය පැවැත්වුණේ කොහෙද?
{ "answer_start": [ 407 ], "text": [ "එංගලන්තයේ ලෝඩ්ස්හි" ] }
803b8d09-82dc-44da-874c-79bec4388bc0
ඇල්ල පාමුලට ගමන් කිරීම සඳහා නිශ්චිත ගමන් මාර්ගයක් නොමැත. එසේ ගමන් කරන්නේනම්, ලදු කැලෑව අතරින් මාර්ගයක් තනාගෙන යා යුතුය. කෙසේ හෝ ඇල්ල පාමුලට සේන්දු වීමට හැකිනම් දුරින් හිද බලනවාට වඩා ඉතා සොඳුරු දසුන් ඒ අසල සිට විඳගැනීමට හැකියාව ලැබේ. දිය දහරාව ඇඳ හැලෙන තටාකය පාමුල දිය නෑමට එතරම් උචිත ස්ථානයක් නොවේ. ඇල්ල බැලීමට ගමන් කිරීමේදී මතුපිට තිබෙන ගල් ලිස්සන සුලු බැවින් ජංගම දුරකථන, කැමරා උපාංග, මුදල් පසුම්බි පරිස්සම් කරගත යුතුය. පරිසරය රැකගැනීම උදෙසා පොලිතීන්, ප්ලාස්ටික් එම භූමියේ දමා නොයාමටද සංචාරකයන් සැලකිලිමත් විය යුතුය.
පරිසරය රැකගැනිම සඳහා එම ස්ථානයේ නොදමා යා යුත්තේ මොනවාද?
{ "answer_start": [ 444 ], "text": [ "පොලිතීන්, ප්ලාස්ටික්" ] }
d774f3f8-a972-4a1f-adeb-67e930099a90
සම්බන්ධයක් පැවැත්වීමෙන් නතර නොවී, ඔහු ඇයට විවාහ යෝජනාවක්ද කර තිබිණි. කතෝලික බැතිමතියක වූ ඇය, ඔහු කතෝලික ආගම වැළඳගත යුතුය යන කොන්දේසිය මත ඔහුගේ යෝජනාවට එකඟ වූවාය. ඇව්නර් තරුණයාට එය යන්තමින් හෝ ගැටලුවක් වූයේ නැත. මන්ද ඔහු ඊට පෙර බල්ගේරියාවේදී ඔහු අතින් අනාථ වූ තරුණියක විවාහ කරගත යුතුය යන තර්ජන ඇගේ පවුලෙන් පැමිණීමත් සමඟ ක්‍රිස්තියානි ආගමට හැරී ඇය හා විවාහ වී සිටියේය. විවාහයෙන් අනතුරුව ඔහු පළමුව කළේ බිරිඳ අතහැර සොෆියා නගරයෙන් පලා යාමයි. ඒ බව දැනගත් කාන්තාව සිය දිවි හානිකරගත්තාය. ඉන්පසු නැවත වරක් සොෆියා නගරය වෙත ගිය ඔහු යුදෙව් ආගම වැළඳ ගත්තේය. ඔහු එසේ වෙනත් ආගමකට හැරුණේ දෙවැනි වරටයි.
ඇව්නර් විසින් තරුණියක් අනාත කරේ කොහේදීද?
{ "answer_start": [ 227 ], "text": [ "බල්ගේරියාවේදී" ] }
486120fb-7c44-4854-a9f7-81c82371c9c1
මාලදිවයින මාලයක් මෙන් පිහිටි දූපත් රාශියකින් සැදි රාජ්‍යයකි. එහි ගුවන්තොටුපොළ පිහිටා තිබෙන්නේද වෙනමම දූපතකය. කලින් දිනයේ අපි මාලේ නගරයේ රූපගත කිරීම්වල යෙදුණෙමු. මුළු නගරයේම පැය බාගයකින් ගමන් කර අවසන් කළ හැකිය. එකල මාලේහි බස් රථ සේවයක් තිබුණේ නැත. සුඛෝපභෝගී කුලී මෝටර් රථ සේවයෙන් රුෆියා 20කට නගරය තුළ ඕනෑම තැනකට යා හැකිය. දැන් නම් එම ගාස්තු වැඩි වී තිබිය හැකිය. වර්තමානයේ මාලදිවයින් රුෆියා එකක් ශ්‍රී ලංකා රුපියල් 12ක් පමණ වෙයි. දැන් නම් බස් රථ සේවයක් ඇත. ඒ හැරුණු විට බොහෝ දූපත්වලට යන්නේ විශාල බස් රථ වැනි මගී බෝට්ටුවලිනි.
මාලයක් මෙන් පිහිටි දූපත් රාශියකින් සැදි රාජ්‍යය කුමක්ද?
{ "answer_start": [ 0 ], "text": [ "මාලදිවයින" ] }
4a60b3ff-425d-40a6-be74-9d2abd8d9114
සපුමල් කුමාරයාට කෝට්ටේ සිංහාසනය හිමිවූයේ කවර සිද්ධි නිසා වුවත් ඔහු මුළු දිවයිනේ මහරජු වූ පසු යාපනේ ජයග්‍රාහකයා වශයෙන් සිංහල මිනිසුන් අතර ඔහු ලබාගෙන සිටි සම්මානය ඔහුට ඔවුන්ගේ අඛණ්ඩ පක්ෂපාතිත්වය සහතික කිරීමට පොහොසත් නොවීය. කළුගඟ සහ වළවේ ගඟ අතර පිහිටි මුළු රටම පස්දුන් කෝරළේ කැලණිදොළ ශ්‍රී වර්ධන පතිරාජ කූරගම හිමි යන ප්‍රධානීන් දෙදෙනාගේ නායකත්වය යටතේ බුවනෙකබාහු රජුට විරුද්ධව අවිගෙන නැගී සිටියෝය. රාජාවලිය සිංහල පෙරළිය යැයිද දැදිගම සෙල්ලිපිය සිංහල සංගේ (සිංහලයන්ගේ සටන) යැයිද මේ කැරැල්ල හඳුන්වයි. මේ නම්වලින් හැඟෙන්නේ එය පියපසින් මලයාලි පෙළපතකට අයිති පාලකයකුට විරුද්ධව ජාත්‍යානුරාගී හැඟීම් නිසා පැන නැගුණු කැරැල්ලක් බවයි.
මේ කැරැල්ල සිංහල පෙරළිය යැයි හදුන්වන්නෙ කුමක්ද?
{ "answer_start": [ 394 ], "text": [ "රාජාවලිය" ] }
bafca8df-f62f-467d-8848-4e0b6752a3ad
දිනක් බුල්ටෝ උන් පසු පස හඹා ගොස් උන් අල්ලාගෙන ගිය ආකාරය මතක් වේ. අවට පරිසරයේ පෙනෙන තෙක් මානයක කිසිවෙකුත් දක්නට නැත. මීටර් පනහක පමණ නුදුරින් පිහිටා ඇත්තේ බොරු කියන රීටාගේ පැල්පත වන අතර එහිද කිසිවෙකුත් දක්නට නැත. වර්ෂාව ක්‍රමයෙන් ධාරානිපාත වැස්සක් බවට පෙරළුණි. ආත්තා ගස් වේවැල් පඳුරු අතරින් පෙරේතයන්, භූතයන්, හොල්මන් කරන බවක් බබීට හැඟේ. යක්ෂ පරික්ෂාවලදී මිකායෙල් දේවදූතයාගේ යාච්ඤාව කියන්නට යැයි පාසලේදී ටීචර් ඉගැන්නුවා ඔහුට මතක් විය. මෙතෙක් වෙලා ඇසිපිය නොහෙළා බලා සිටි බිලිපිත්ත ඇළට ඇල වෙනවා ඔහුට දිස්විය. ඉපිල්ල ඇදගෙන ගොස් මහ ලූලකු ඇමට අසු වී ඇති බව ඔහුට ප්‍රත්‍යක්ෂය. ජබොස් ගා ධාරානිපාත වර්ෂාවෙම කුඹුරට පැන ගත් ඔහු ඇදෙමින් වැටෙමින් දණිපණි ගාගෙන ඇළ කරා පියමං කරන්නට විය. බිලිපිත්ත අතට ගත් ඔහුට දැනුණේ මහත් බරකි. වීරිය ගෙන දෙඅතින් ගත්ත පිත්ත උඩට එසවීය. දිස් වූයේ බිහිසුණු දසුනකි. මහ දියබරියකු ඇමට ඇසු වී ඇඟට වැදී පිටුපසට ගොස් නැවත සිරුරේ දැවටී ඉදිරියට පැද්දී ගියේය. එසැණින්ම විදුලි කෙටීමක් හා පරිසරයම දෙදරුම් දෙමින් හෙණ හඬක් ද පැතිර ගියේය. මුළු සිරුරම කිළිපොළා ගියේය. අකුණක් වැදී මිය යාවි යයි ඔහුට සිතුණි. බිලිපිත්ත ඇළට විසි කර දැමූ බබී හනික වැටි වැටී ගොඩට පැමිණ ඉරටුවේ අමුණා ඇති මාළු කූරි කීප දෙනා සමග එය රැගෙන ගස් අතරින් පසුපසින් හඹා එන හොල්මන් පිරික්සමින් පිදේනි තටුවක් ද පසු කරමින් නිවස කරා දුවන්නට විය.
මීටර් පනහක පමණ නුදුරින් පිහිටා ඇත්තේ කුමක්ද?
{ "answer_start": [ 153 ], "text": [ "බොරු කියන රීටාගේ පැල්පත" ] }
af07976e-7773-41d4-95da-23f8f416ba2e
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යකෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම සැකකාරිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මේ වන විට මෙම සැකකාරිය ඇප මත නිදහස්ව සිටින අතර, ඇය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අනුව ඇගේ බැංකු ගිණුම් තුනක තිබී රුපියල් කෝටි 04කට අධික මුදලක් සැක සහිත ආකාරයෙන් සංසරණය වීම සම්බන්ධයෙන් වූ තොරතුරු රහස් පොලීසිය විසින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරනු ලැබ ඇත.
හිටපු නියෝජ්‍ය පොලිස්පති කවුද ?
{ "answer_start": [ 55 ], "text": [ "ප්‍රසාද් රණසිංහ" ] }
9fc754b3-704e-42b7-bfdc-579b261c9160
කොහොම හරි මේ විදිහට අවුරුද්දක් විතර වැඩ කරන කොට තේ කර්මාන්තයේ හුඟක් දේවල් මම ඉගන ගත්තා. ඔය අතරේ මම රැකියාවලටත් ඉල්ලුම් කළා. ඔන්න මට නාවලපිටිය පැත්තේ වත්තක තුන්වැනි පන්තියේ ටී මේකර් තනතුරක් සඳහා ඉන්ටර්වීව් ආව. මාත් එක්ක තව 10-15 ක් තරගෙට හිටිය. ඒ වත්තේ ලොක්කා ඉලංගකෝන් කියල සිංහල මහත්තයෙක්. එයා මගේ හැකියාව හා ඉංග්‍රීසි දැනුම බලල මාව තෝර ගත්තා. පඩිය දවසට රුපියල් දහයක් ලැබුණා. ඊළඟට මට හපුතලේ වත්තට ස්ථාන මාරුවක් ලැබුණා. ඒක ලොකු කොම්පැණියක්. අයිතිකාරයා මැක්රේ කියල සුද්දෙක්. මට එහෙදි නිල නිවසක් වගේම වත්තේ වැඩට, කඬේ යන්න, උයන්න වගේ දේවල්වලට කම්කරුවෝ කීප දෙනෙකුත් ලැබුණා. හැබැයි එතනත් ඉන්න පුළුවන් උනේ වසර පහයි. මොකද සුද්ද කීයටවත් වැඩ කරන නිලධාරියෙක් වසර පහකට වඩා එක තැන තියන්න කැමැති නැහැ. අනිවාර්යයෙන්ම යන්න ඕනෑ.
නාවලපිටිය පැත්තේ වත්තක කුමන තනතුරක් සඳහා ඉන්ටර්වීව් ආවේද?
{ "answer_start": [ 172 ], "text": [ "ටී මේකර් තනතුරක්" ] }
0a4d46f5-31b9-4653-aac7-f1bf050301af
කේන්දරයක ග්‍රහ පිහිටීම් සැලසුම් වන්නේ ද ආත්මගත කර්ම වේගයන්හි ගැළපීමකට සාපේක්ෂවමය. කෙනෙකුගේ විවාහය පිළිබඳ කර්මානුරූප උරුමය ද මෙම සැලසුම තුළ ඇත. එලෙස හඳුනාගත් මෙම කර්මානුරූප ස්වභාවයන්හි යම් සමගාමිත්වයක් කේන්දර දෙක තුළ පවතින බවට සෑහීමකට පත්විය හැකිනම් පොරොන්දම් ගැළපීමකට යොමුවිය යුත්තේ ඉන් අනතුරුවයි. සියලු යස ඉසුරින් සපිරි සුවිසල් මැදුරක ජීවත් වන තරුණයෙකුගේ කේන්දරයකට ගම්බද දිළිඳු තරුණියකගේ කේන්දරයක් පොරොන්දම් අනුව මැනවින් ගැළපෙනු ඇත. එහෙත් සැප සම්පත් උරුමකර ගැනීමේ භාග්‍ය හෙවත් ලබා උපන් හැටි අනුව මෙම ගැළපීම ප්‍රායෝගික වේද? පොරොන්දම් ගැළපීම අවම ප්‍රමාණයක පැවතිය ද ඉහත විෂමතාවයන්ගෙන් තොර කේන්දර දෙකක එක කේන්දරයක රවි පිහිටි රාශියේම අනෙක් කේන්දරයේ සඳු පිහිටා තිබීම හෝ එක් කේන්දරයක සිකුරු පිහිටි රාශියේම අනෙක් කේන්දරයේ කුජ පිහිටා තිබීමත් ඉතා ගැඹුරු ආදර බැඳීමක් ජීවිත කාලය පුරාවටම දෙදෙනා අතර පවතින බවට තහවුරු කෙරෙන අපූර්ව පිහිටීමකි. මේ හැරුණු විට දෙදෙනාගේම චන්ද්‍ර රාශි අධිපතියන් ඔවුනොවුන් සතුරු ග්‍රහයින් නොවීමත් විශේෂයෙන් චන්ද්‍ර නවාංශක අධිපතියන් මිත්‍ර ග්‍රහයින් වීමත් එවැනිම වූ බැඳීමකට මග සලසා දෙන්නකි. කේන්දර දෙකේම 7 වැන්න අධිපතියන් ගුරුගේ දෘෂ්ඨියට ලක් වී සන්කලත්‍ර යෝගය උදාකර තිබීමත් වාසනාවන්ත යුග දිවියක උරුමය හිමිකර දෙන්නකි. තවද පුරුෂ කේන්දරයේ 7 අධිපති සිටින රාශියේම ස්ත්‍රී කේන්දරයේ සඳු පිහිටීමත් කේන්දර ගැළපීමේදී සුවිශේෂ වටිනාකමක් ඇති කරයි. ස්ත්‍රී කේන්දරයේ සඳු පිහිටි රාශිය පුරුෂ කේන්දරයේ 7 වැන්න වීමත් පිරිමි කේන්දරයේ සිකුරු පිහිටි රාශියේ ස්ත්‍රී කේන්දරයේ සඳු පිහිටීමත් එවැනිම වූ වටිනාකමක් ගෙන දෙන්නකි.
කේන්දරයක ග්‍රහ පිහිටීම සැලසුම් වන්නේ කුමකට සාපේක්ෂවද?
{ "answer_start": [ 40 ], "text": [ "ආත්මගත කර්ම වේගයන්හි ගැළපීමකට" ] }
fb035657-561d-4ff1-b310-77b6dc7cbd4a
අනෙක් අතට කුඩමසා ජාතික මත්ස්‍යා බවට නම් කොට ජාතික සත්ත්වයා ලෙස චතුෂ්පදිකයකුම පත් නොකරන්නේ මන් දැයි ප්‍රශ්නයක් පැන නැඟුණහොත් එයද පහසුවෙන් විසඳිය හැකිය. මන්ද යත් උරුලෑ, ඌරු මී, කලවැඳි, හෝතඹු, මීමිනි, සිඟාල හා හික්මී ආදි උචිත දේශීය සතුන් ඕනෑ තරම් සිටින බැවිනි. මේ කොයි වෙතත් අප කතා කරමින් සිටියේ බේරෙන් මතු වන දුර්ගන්ධය ගැනය. බේරේ වැව අද මේ රටේ ජාතික දේහයේ ඔඩු දුවමින් සුව නොවී පවතින තුවාලයක් නැත්නම් වණ පිළිකාවක් බඳුය. එහෙත් කොළඹ ගැන කවි පෙළක් ලියන්නැයි එළිසම කවියකුට කිවහොත් ඔහු කොළොම්පුරය නමැති සොඳුරු ලලනාවගේ නළලත රැඳි අංජන තිලකයට බේරේ වැව සමාන කරනු ඇත.
කොළොම්පුරය නැමති සොඳුරු ලලනාවගේ නළලත රැඳි අංජන තිලකයට සමාන කර ඇත්තේ කුමක්ද?
{ "answer_start": [ 532 ], "text": [ "බේරේ වැව" ] }
ba447d89-78d1-430e-8667-3a246ec640c2
ඒ ආකාරයෙන් යක්ෂ හෙළ ගෝත‍්‍රිකයන් ලෝකයේ බොහෝ රටවල ව්‍යාප්ත වෙමින් එම රටවල් දියුණු තත්ත්වයට පත්කර තිබේ. මෙක්සිකෝවේ මායා ශිෂ්ටාචාරය ගොඩ නගා ඇත්තේ ද, ඒ ආකාරයෙන් උතුරු සහ දකුණු අමෙරිකාවට ගිය හෙළයන් ය. ග‍්‍රීක ඉතිහාසයේ සඳහන් ෙවන පරිදි ඉන්දු - ග‍්‍රීක සබඳතා ගොඩ නැගීම සඳහාත් මෙම හෙළයන් උපකාරිවී ඇත. දක්ෂ නාවිකයන් වුූ හෙළයන් නයිල් නදී තීරයේ මිසරයටත්, මධ්‍ය ධරණී මුහුදේ ආසියාවටත්, නුදුරුව පිහිටි ක‍්‍රිටයටත් යුප‍්‍රටිස් නදී තීරයේ මෙසපොටේමියාවටත් යාත‍්‍රා කර තිබේ. නීතිය සෑදීමට මුල් වූ සාලියන්වරු ද, ලෙබනනයේ ෆීනීෂියන්වරුන් ද යක්ෂ ග්‍රෝතික හෙළ සම්භවයක් ඇති පිරිසකි.
ග්‍රීක ඉතිහාසයේ සදහන් වන පරිදි මෙම හෙළයන් උපකාරී වී ඇත්තේ කුමන සබදතා සදහාද ?
{ "answer_start": [ 229 ], "text": [ "ඉන්දු - ග‍්‍රීක" ] }
a5cd2f39-411c-46ff-bf6b-1a6d2f33f2f7
පින්ලන්තයෙන් හෙළි වූ මව ගබ්සාවක් සිදු කිරීමට උත්සාහ ගත් සිදුවීම හෙළි කළ දරුවා මව් කුස තුළ සිටිය දී මව දුටු සිහිනයක් ප්‍රබල සාක්කි යක් බවට ද පත් විය. එම දරුවා මව් කුස පිළිසිඳ ගැනීම ගැන මව එතරම් කැමැත්තක් නොදැක්වුවාය. මව් කුස කළලයට දෙමසක් ගත වී තිබිණි. ඇගේ දරු කළලය ඉවත් කර වීමේ ගබ්සාවක් සිදු කර ගැනීමට ඇය සිතමින් සිටියාය. මනසින් ඒ ඇය ඒ පිළිබඳව නිතර කල්පනා කරමින් සිටියදී දිනක් ඇය නින්දේදී සිහිනයක් දුටුවාය. එම සිහිනය වූයේ මිය ගිය ඇගේ සොහොයුරෙකු පැමිණ ඇය අමතන අයුරුයි. ‘ඒ දරුවා තියා ගන්න’ යනු එම බැන සිහිනෙන් ඇයට ශ්‍රවණය විය. තමා දුටු සිහිනය කුමක්ද? ඇගේ සිත තුළ .රැව් දෙන්නට විය. දරු කළලය ඉවත් කිරීමේ අදහස ඇය තුළ නැවතත් මතු වී දින කීපයක් ගත විය. නැවතත් සොහොයුරා සිහිනෙන් දර්ශනය වී ඒ දරුවා තියා ගන්න යනුවෙන් ප්‍රකාශ කරනු ඇය සිහිනෙන් දුටුවාය. අවසානයේ ඇය තීරණක් ගත්තාය. තම කුස තුළ සිටින දරුවා බිහි කිරීමටත් ගබ්සාව නතර කිරීමටත් ඇය තිරණය කළාය.
අවසානයේ ඇය ගත් තීරණය කුමක්ද?
{ "answer_start": [ 782 ], "text": [ "දරුවා බිහි කිරීමටත් ගබ්සාව නතර කිරීමටත්" ] }
d7daf3ee-3dbf-4831-966d-2d4150048aa5
ශබ්දය හා රූපය තැනකින් තැනකට ගෙන යාහැකි ශක්ති විශේෂයක් මෙලොව තිබෙන බව ලෝකය පිළිගත්තේ ගුවන්විදුලි යන්ත්‍රය හා රූපවාහිනී යන්ත්‍රය නිපදවූ පසුවය. එහෙත් ඒ සොයා ගැනීමට වසර 2000ටත් පෙර බුදු හිමියන් එම විශේෂ ශක්තිය තම අධි චිත්ත බලයෙන් අල්ලාගෙන තම රූපය හා කටහඬ තමාට වුවමනා තැනට යොමු කළ ආකාරය ත්‍රිපිටකය තුළ අපට හමුවේ. එසේම බුදු හිමියන්ද මහ රහතන්වහන්සේලාද තවත් අපූරු ශක්තියක් උපයෝගී කරගෙන ඇත. එනම් තමන්ගේ දේශනාව අසා සිටින ඕනෑම භාෂාවක් කතා කරන කෙනෙකුට එය සිය බසින් කියන දෙයක් මෙන් තේරුම් ගැනීමට හැකි වන සේ දේශනා කිරීම සඳහා යොදාගත් ශක්තියයි. ධර්මාශෝක රජුට තම ධර්ම ප්‍රචාරක කටයුතු ඉතාම පහසු වූයේ රහතන්වහන්සේලාට මේ ශක්තිය උපයෝගී කර ගැනීමට හැකිවූ නිසාය. නූතන ඉතිහාසයේ මේ ශක්තිය දැන සිටි කෙනකු ලෙස ජේ. ක්‍රිෂ්ණාමූර්තිතුමා සඳහන්ව ඇත.
ශබ්දය හා රූපය තැනකින් තැනකට ගෙන යා හැක්කේ කුමකින්ද
{ "answer_start": [ 84 ], "text": [ "ගුවන්විදුලි යන්ත්‍රය හා රූපවාහිනී යන්ත්‍රය" ] }
b521ecf4-b3dc-42b5-9299-b13e830d1716
මෙසේ භෝජන තනා යැයි ගණ දෙවිහැල්ලෙහි කියැවෙන පරිදි දි කිරි වෙඬරු තබා වැළ වරකා වැනි පළතුරු හෝ උක් සකුරු හෝ ආහාරයට ගන්නා කෙනෙක් සිරිබර මෙලක්පුරයෙන් සොයා ගත නොහැක. රතු කැකුළු හාලේ බතක් කිරි කොරහක්ම කෑ ගැමියෙකු ගැන කියැවෙන ජන කතාවලින් හෙළිවෙන්නේ පස්ගෝ රසයෙන් යුක්ත සිංහල ගැමියන්ගේ ආහාර පාන ආදියේ හැඩ රුවයි. කිරිත් සමග ආදී අපේ මුතුන් මිත්තෝ බතින් පමණක් යැපෙන්නෝ නොවූහ. අනාදිමත් කාලයක සිට හේන් ගොවිතැනින් රැකුණු වියළි කලාපීය ගොවියන්ගේ ප්‍රධාන ආහාරය වූයේ තලප හා පිට්ටුය. ඉරිඟු හා කුක්කන් පිටිවලින් තලප හා පිට්ටු සකස් කර ගන්නා සුපවේදිනියන් ගොග්ගුළු නොවන්නට ඉරුං හා කුරක්කන් තලප හැඳි ගා ගැනීමට දනියි. ඔවුන් වැඩිමනක් පිරුම් තම්බා ගන්නේ කඩපින්ය. විවිධාකාර වූ වෑංජන සමග මෙන්ම දී කිරි කිරි සමග ද පිට්ටු කෑමට ගන්නා ගැමියන් කිසිවිටක පැණි හෝ සීනි රස කාරකයක් ලෙස යොදා නොගනියි.
සිංහල ගැමියන්ගේ ආහාර පාන කුමන රසකින් යුක්තද?
{ "answer_start": [ 240 ], "text": [ "පස්ගෝ රසයෙන්" ] }
1d8ede04-0909-482d-813b-27ca4a7dc92a
නමුත් මොවුන්ගේ සාම්ප්‍රදායික නැටුම්වල මහා ලොකු විශේෂාංග නොමැත. දිගු රිටක් ගෙන එය පොළවෙහි අනිමින් රවුමට ඇවිදීම, දිවීම, මදක් එහාට මෙහාට ඇඟ සෙලවීම වැනි ප්‍රාථමික අංගවලින් බෝරා නැටුම් සමන්විත වී තිබේ. බෝරාවරු ඉඳහිට අසනීප වෙයි. එවැනි වෙලාවට ඔවුනට පිහිටවෙන්නේ කොකා නම් වන පැළෑටියයි. මේ පැළෑටියේ කොළ කොටා ලබා ගන්නා යුෂය බෝරාවරුන්ගේ බොහෝ අසනීපවලට ප්‍රතිකාරයකි. ඇන්දීස් කඳුකරයේ බොහෝ ස්ථානවල මේ කියන කොකා පැළ යායවල් දැකිය හැකිය.බෝරාවරු ද බොහෝ ලස්සනට සිටින්නට කැමතිය. එහෙත් ඔවුන්ට සිරුර ලස්සන කරගන්නට ඇත්තේ ඔවුන් නිපදවන රෙද්ද පමණි. විසිතුරු මෝස්තරවලින් තම රෙද්ද විචිත්‍ර කරන්නේ ඒ නිසාය.
බෝරා නැටුම් සමන්විත වී ඇත්තේ මොනවයින්ද?
{ "answer_start": [ 63 ], "text": [ "දිගු රිටක් ගෙන එය පොළවෙහි අනිමින් රවුමට ඇවිදීම" ] }
9cf43e34-9e74-4d1a-bf9b-d35dae37668a
යක්ෂ ආවේශය කිසිම හාවක් හූවක් නැත. තමාගේ ආරක්ෂාවට ළඟ තබාගෙන සිටි ජප කරන ලද වේවැලෙන් පහර කීපයක් ආතුරයාගේ පිට හරහා වැදිණි. ඒත් ආරූඪ යක්ෂයාගෙන් වචනයක් පිටට ගැනීමට නොහැකි විය. දහස් වාරයක් ජප කරන ලද තෙල් හිස ගිල්වා බැලිණි. නමුත් ප්‍රතිඵලයක් නොමැත. මන්ත්‍රයෙන් ජීවන් කර ඇති පොල් මල රැගෙන ආතුරයාගේ හිස පුපුරවා පහර පිට පහර දුන්නේ නරඹන්නන් මවිතයට පත් කරමිනි. ආතුරයා සිහිමුර්ජා වී බිම ඇද වැටිණි. ජීවං කරන ලද පැන් ඉසීමෙන් ප්‍රකෘති සිහිය ලද පසු ඉහත ප්‍රශ්න කීපය නැවත වරක් කට්ටඩියාගේ මුවින් පිට වුණත් යක්ෂ ආවේශ වූ ආතුරයා කථා කිරීමෙන් වැළකී දත් හපමින් තරහින් පුපුරමින් වෙව්ලන්නට විය. යකැදුරාගේ සීමාව ඉක්මවා ගියේ යක්ෂ ආවේශයේ මුවින් එකදු වචනයක්වත් ගැනීමට නොහැකි වීම නිසයි.
ජපකර තිබ වේවැලෙන් පහර කිහිපයක් වැදුනේ කාගෙ පිට හරහාද?
{ "answer_start": [ 94 ], "text": [ "ආතුරයාගේ පිට හරහා" ] }
5f7c35a7-1c2f-407f-bb49-637b190d7545
මෙහි බුදු ගුණ සමඟ කියවෙන මන්තරවල නිරන්තරවම දෙමළ වචන වැනි වචන ඇසේ. හත් අඩිය කපන ඇතැම් ගුරුන්නාන්සේලා යන්ත‍්‍ර විසි අටක් කපන බව ද සුදු බණ්ඩා ගුරුන්නාන්සේ තවදුරටත් සඳහන් කළේය. මෙහිදී යන්ත‍්‍ර ලෙසින් හඳුන්වනු ලබන්නේ පොළොවේ හෝ වෙනයම් දෙයක් මත අඳින ලද අකුරු සහ මිනිස් පාද බව පසුගිය සතියේ අපි සටහන් කළෙමු. ඒවා මත තැබූ දෙහි ගෙඩි යාගය අවසානයේදී කැපීම යන්ත‍්‍ර කැපීම නම් වේ. මෙහිදී දිග කවි මෙන්ම කෙටි කවි ද සංගායනා කරනු ලැබේ. මෙම යන්ත‍්‍ර, මන්ත‍්‍ර, ගුරුකම්, හදි, හූනියම් ශාන්ති කර්ම සහ අණවින ආදියට මුළු ලෝකය සඳහාම ඍෂිවරු නම දෙනෙක් සිටින බවත් මේවා ඔවුන්ගෙන් පැවත එන දේවල් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
යන්ත‍්‍ර, මන්ත‍්‍ර, ගුරුකම්, හදි, හූනියම් ශාන්ති කර්ම සහ අණවින ආදියට මුළු ලෝකය සඳහාම ඍෂිවරු නම දෙනෙක් සිටින බවත් මේවා ඔවුන්ගෙන් පැවත එන දේවල් බවත් සදහන් කලේ කව්රුන්ද?
{ "answer_start": [ 128 ], "text": [ "සුදු බණ්ඩා ගුරුන්නාන්සේ" ] }
2d266d3a-2ce7-443a-9153-b7f5d423f4d0
ලෝකයේ ඉතා ශක්තිමත් කාබනික මැලියම් වර්ගය නිපදවන්නේ බෙලිඇණය නමින් හැඳින්වෙන මුහුදු බෙල්ලන් බව පර්යේෂකයෝ කියති. මෙතෙක් ලෝකයේ මැලියම් ලෙස භාවිතා කළ සියළුම ශාක ශ්‍රාවයන්ට වඩා බෙලිඇණයන් විසින් නිකුත් කරන ශ්‍රාවය ඇළෙන සුළු ස්වභාවය වැඩි බව ඔවුහු පෙන්වාදෙති. බොහෝ ශාක මැලියම් වර්ග ජලයට දැමූ විට දියවෙන අතර ඇලවූවාට පසු යළි ගැලවීමේ හෙවත් ප්‍රත්‍යාවර්තී බවකින් ද යුක්තය. එමෙන් ම ජලය තුළ දී කෘත්‍රීම මැලිම් වර්ග වලට ද ක්‍රියාත්මක වීමට හැකියාවක් නැත. විද්‍යාඥයන් පවසන්නේ ජලයේ දී ඇලීමේ හැකියාව ඇති ස්වභාවික ද්‍රව්‍ය ද ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් බවයි. රුධිරය ඊට නිදසුනකි. ජලයේ දී කැටි ගැසෙන රුධිරයට අමතරව ඒ හැකියාව ඇත්තේ බෙලිඇණයන්ගේ ශ්‍රාවයේය.
මැලියම් ආල්වුවාට පසු ගලවිමය කියන්නේ කුමක්ද
{ "answer_start": [ 327 ], "text": [ "ප්‍රත්‍යාවර්තී බවකින්" ] }
8b19989c-6b09-4151-95b5-76b507c215ad
ඔවුන්ට පළමුව එන්න කිව්වේ වැල්ලම්පිටියටය. ඉන්පසු බොරැල්ලටත් එතැනින් පැපිලියානටත් ලෙස ස්ථාන මාරු කළ නවාස් පසුව ප‍්‍රහාරය එල්ල කිරීමට සුදුසුම තැන ලෙස කලින් යොදාගෙන තිබූ පිළියන්දල නගරයට පිරිස ගෙන්වා ගත්තේය. ප‍්‍රහාරය එල්ල වූයේ එහිදීය. නවාස්ගෙන් තොරතුරු මධුෂ්ට සැපයුන අතර මධුෂ්ගෙන් ඒ තොරතුරු අනුව කළ යුතු දේ පිළිබඳ උපදෙස් ආමි අසිතට හා පැටී මහත්තයාට ලැබිණ. මධුෂ්ගෙන් ලබාගත් ලක්ෂ දෙකහමාරක ණය හිලව්වට තමන්ගේ හතුරෙක් ඝාතනයට යන ලෙස මධුෂ් උපදෙස් දී තිබුණද තමන් යන්නේ නා කොටික් එකේ පොලිස් කණ්ඩායමකට පහර දීමට බව පැටී දැන සිටියේ නැත. මධුෂ්ගෙන් උපදෙස් ලැබුණේ පිළියන්දල මොරටු පාරේ මාතර බත්කඩේ ළඟ නවතා තිබෙන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයේ අවශ්‍ය පුද්ගලයින් සිටින බවය. එහෙත් එහි ඇල්ටෝ මෝටර් රථ දෙකක් තිබිණ. පළමු රථයට ප‍්‍රහාරය එල්ල කළ ආමි අසිත එහි කිසිවෙක් නැති බව දැන වහාම අනෙක් රථයට ප‍්‍රහාරය එල්ල කළේ එහි සිටින්නන්ට පැන යන්නට ඉඩක් නොතබමිනි. පැටීද ඊට අවශ්‍ය වේගයෙන් යතුරුපැදිය පැදවූයේය.
මදූෂ් විසින් පැටීට උපදෙස් කාව ඝාතනය කිරීමට ද?
{ "answer_start": [ 470 ], "text": [ "පොලිස් කණ්ඩායමකට" ] }
3fb1cad6-45b3-4046-85a4-1984e24c3cef
සූර්ය පැනලවල දුවිලි අංශු බැඳීම සහ ඇඳුම් අපවිත‍්‍රවීමට විසඳුමක් ලෙස නැනෝ තාක්‍ෂණික දියරයක් නිපදවීමට ඉංජිනේරු උපාධිධාරී රඛිත බි‍්‍රටෝ සමත්වී තිබේ. කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල රථවාහන සහ කර්මාන්ත ශාලාවලින් පිටවන දුමාරය හේතුවෙන් ඉතා කෙටිකලකදී සූර්ය පැනලවල දූවිලි අංශු බැඳීම සිදුවේ. මේ නිසා සූර්ය පැනලවලින් ලබාගත හැකි කාර්යක්‍ෂමතාව අඩුවේ. ඊට විසඳුමක් ලෙස රඛිත විසින් නිපදවා ඇති නැනෝ තාක්‍ෂණික දියරයෙන් සූර්ය පැනලයක් වසර 15 ක් පමණ දූවිලි අංශුවලින් ආරක්‍ෂාකර ගැනීමට හැකියාව ලැබේ. කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල විශාල දූවිලි ප‍්‍රමාණයක් තිබීම සහ දුමාරය හේතුවෙන් සූර්ය පැනලවල මතුපිට පෘෂ්ඨිය දූවිලි අංශු සහ අනෙකුත් අපද්‍රව්‍යවලින් ඉතා ඉක්මනින් වැසී යනවා. මෙම අපද්‍රව්‍ය වර්ෂා කාලවලදී සේදී යාහැකි යැයි අප සිතුවද වැසි ජලයෙහිද පිරිසුදුතාවක් නොමැති නිසා එය වැළකෙනවා. මෙය සූර්ය පැනල සවිකරන බොහෝ ආයතනවලට විශාල ගැටලූවක්. දැනට සිදුකරන්නේ වහලයට මොබ් එකක් රැගෙන ගොස් එමගින් සූර්ය පැනලය පිරිසුදු කිරීමයි. එයත් මාස 3 කට වරක් හෝ සිදුකරන අතර මෙමගින් සූර්ය පැනලයේ ක්ෂුද්‍ර සීරීම් සිදුවිය හැකිය. ඒ වගේම මතුපිටින් පවා සීරීම් සිදුවෙන්න පුළුවන්. මේ හේතු කාරණා සැලකිල්ලට ගෙන දූවිලි අංශුවලට ප‍්‍රතිරෝධීව ක‍්‍රියාකරන නැනෝ තාක්‍ෂණික විසඳුමක් ගෙන ඒමට මට හැකිවුණා. මෙහිදී සිදුවන්නේ හයිඩ්‍රෝපිලික් පෘෂ්ඨයක් සූර්ය පැනලය මත සකස් කෙරෙනවා. එම නිසා එහි ජල බිංදු රැඳීමක් සිදුවෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ජල බිංදු රැඳුන හොත් එහි කුඩා දූවිලි ලප ඇතිවීම සිදුවෙනවා. මෙම නැනෝ දියරය මගින් 85% ක් පමණ දූවිලි අංශු රැඳීම වළකාගන්න පුළුවන්. මෙහි ඇති පරාවර්ථන ප‍්‍රතිරෝධී ක‍්‍රියාවලිය නිසා ආලෝකය පරාවර්ථනය වීමක් සිදුවන්නේ නෑ.
වහලයට මොබ් එකක් රැගෙන ගොස් එමගින් සූර්ය පැනලය පිරිසුදු කිරීම මගින් සිදු වන හානිය කුමක්ද?
{ "answer_start": [ 920 ], "text": [ "සූර්ය පැනලයේ ක්ෂුද්‍ර සීරීම් සිදුවිය හැකිය" ] }
fe86a130-1f5c-4174-b45e-75a6b1276006
නැගෙනහිර පළාතේ 19 වැනි බළ ඇණියේ අණදෙන නිලධාරි මේජර් මැක්ඩොනල්ඞ් සහ ඌව, වෙල්ලස්ස, බින්තැන්න, පළාත භාර බලයට ලත් ඒජන්තවරයා වූ හෙන්රි රයිට් මහතා අසන ලද ප්‍රශ්නවලට උත්තර දෙමින් කතරගම හිටපු මහ බෙත්මේ සඳහන් කර ඇති පරිදි විල්සන් මහතා ඝාතනයට කොහුකුඹුරේ හවුල්වී තිබේ. හීයකින් විඳීමෙන් පසු විල්සන් මහතාගේ බෙල්ල කපන ලද්දේ කොහුකුඹුරේ රටේ රාලගේ කීම පිට බවද මහ බෙත්මේ සඳහන් කර තිබේ. කොහුකුඹුරේ හා බූටාවේ සුදු හමුදාවට එක්ව සිටි මැලේ ජාතිකයන් තම පැත්තට හරවා ගැනීම සඳහා උපක්‍රම යොදමින් සිටි බවට සුදු පාලයකයන්ට තොරතුරු ලැබිණ.
විල්සන් මහතාගේ බෙල්ල කපන ලද්දේ කාගේ කීමටද?
{ "answer_start": [ 310 ], "text": [ "කොහුකුඹුරේ රටේ රාලගේ" ] }
ba3a7db8-dd6e-42c7-a3cb-d58da98dc100
“තෙල්වත්තේ නීල්” නමැත්තා සතුව තිබී අත්අඩංගුවට ගත් එක් රිවෝල්වරයක් ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ගිනි අවියක් බවට අනාවරණය වී ඇතැයි ද අධිකරණය හමුවේ කරුණු වාර්තා වූ තවත් සිද්ධියකි. එම මිලිමීටර් 9 මාර්ක් 2 වර්ගයේ පිස්තෝල ගිනි අවිය ඉකුත් 1996 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ යාපනය බලසේනා මූලස්ථානයට නිකුත් කළ එකක් බවට වාර්තා වී තිබිණි. මාතර සිට බලපිටිය දක්වා හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 130ක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව පොඩි ලැසීගේ ගෝලයකු වන පාත්තරකැටිය පාර, බටපොල පදිංචි අලුත්ගම ගුරුගේ මංජුල නොහොත් ‘මංජු’ නමැත්තා ඉකුත් 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. මේ සියල්ල එසේ වෙද්දී පොඩි ලැසීගේ අම්මාද මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ තම පුතුගේ නීති විරෝධී මුදල් පරිස්සම් කරගෙන සිටි නිසාය. තවමත් 32 හැවිරිදි වියේ පසුවන පොඩි ලැසී ගැහැනු දරුවකුගේ පියෙකි. සිය උපන් වයසට කිට්ටුවෙන් මනුෂ්‍ය ඝාතන රැසක් සිදුකර ඇති මොහු දැන් දැන් හෙරොයින් සිද්ධීන් සම්බන්ධයෙන්ද අධිකරණ හමුවේ අවශ්‍යව සිටින සැකකරුවකු වී හමාරය. පොඩි ලැසී දැන් රඳවා සිටින්නේ බූස්ස බන්ධනාගාරයේය. අවශ්‍ය පහසුකම් නැතැයි ඔවුහු ආහාර වර්ජනයක් පටන් ගත්හ. වර්ජනය අවසන් වූයේ තර්ජන සිද්ධියකට අදාළව අධිකරණය හමුවේ නඩුවක් ගොනු වීමෙනි. එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමග හෙරොයින් ජාවාරම සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව ඉදිරි දිනයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු බූස්ස බන්ධනාගාරයේ සිට එම දෙපාර්තමේන්තුව වෙත රැගෙන යනු ඇත.
යාපනය බලසේනා මූලස්ථානයට ගිනි අවිය නිකුත් කළ වසර වන්නේ ?
{ "answer_start": [ 230 ], "text": [ "1996 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා" ] }
7fdb0a60-8a23-4cbb-a8d1-28381c1c326c
1975 අගෝස්තු 5 වැනිදා බෝගම්බර බන්ධනාගාරයේ එල්ලා මැරීමට නියම වූ දෙද්දුව ජයතුංගගේ සිරිපාල හෙවත් ජේ.ඩී. සිරිපාල හෙවත් මරුසිරා 1949 උපන්නේ කොට්ටාවේ පන්නිපිටියේ මිල්ලගහවත්තේ ඩී.ජේ. ඩේවිඩ් අප්පුහාමිට හා ඇල්. පුංචිනෝනාගෙන් හත් දෙනෙකුගෙන් යුත් පවුලක හයවැන්නා ලෙසය. පන්නිපිටියේ ආනන්ද විද්‍යාලයේ පස්වැනි පන්තියේ ඉගෙන ගන්නා කාලයේ සිටම සිංහල සාහිත්‍ය කෙරෙහි ඔහුගේ උනන්දුව දැක්වූ බවත් කොළඹ යුයේ ප්‍රවීන කවියන්ගේ කවි රචනා ගැනද උනන්දු වැඩී මේ කාලයේ සිටම කවි ලියන්නට ක්‍රමයෙන් අත හුරු කර ගත් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රවීණ සම්මානනීය ගීත රචක චිත්‍රපට අධ්‍යක්ෂවරයකුව සිටි ධර්මසිරි ගමගේ ලියා තිබුණි. ඉරිදා ලංකාදීප පත්‍රයට ඔහු විසින් මරු සිරා ගැන ලියූ ලිපි පෙළ පාඨකයන් කියවූයේ කුතුහලයෙනි. ධර්මසිරි ගමගේට මරු සිරා ගැන උනන්දුවක් ඇතිවූයේ අනුරාධපුර ඉරිදා ලංකාදීප නියෝජිත නිශ්ශංක කඳන ආරච්චි විසින් මරුසිරා ගැන ලියා එවා තිබූ කෙටි ලිපියේ අඩුලුහුඬු තැන් සකස් කිරීමට සහෝදර කර්තෘ මාණ්ඩලික රත්නපාල විතාන විසින් පැවරීමෙන් පසුය. සිරිපාල විසින් මරණයට පැය කීපයකට පෙර මවට, පියාට හා බිරිය වූ රං මැණිකාට ලියනලද කවි කීපයක් සහිත එම ලිපියට විතාන හා ගමගේ මාධ්‍යවේදින්ගේ සිත් සසල වූවාට සැක නැත.
දෙද්දූව ජයතුංගගේ සිරිපාල යන පුද්ගලයාව හදුනවන වෙනත් නාමයක් වන්නේ කුමක්ද?
{ "answer_start": [ 115 ], "text": [ "මරුසිරා" ] }
1154e233-7d00-498c-9a74-e83664e3e59c
සමුද්‍ර කෞතුකාගාරය ප‍්‍රථමයෙන් ම 1992 වර්ෂයේ මැයි මස 9 වන දින සිට දේශීය විදේශීය නරඹන්නන් සඳහා විවෘත කෙරුණද 2004 සුනාමි ව්‍යසනයත් සමඟ මෙම කෞතුකාගාරය සම්පූර්ණයෙන් ම විනාශයට පත් ව ඇත. සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වූ නෙදර්ලන්ත – ශ‍්‍රී ලංකා සහයෝගිතා වැඩසටහනෙන් ලද මූල්‍යාධාර මඟින් ප‍්‍රතිනිර්මාණය වූ සමුද්‍ර කෞතුකාගාරය 2009 මැයි මස 18 දා නැවත මහජනතාව වෙනුවෙන් විවෘතව ඇත.ගාල්ල සමුද්‍ර කෞතුකාගාරයේ ඇති කෞතුක භාණ්ඩ ලෙස අතීත සාම්ප්‍රදායික ධීවර ආම්පන්න, පැරණි ලක්දිව පැවති ඔරු විශේෂයන්වල ආකෘති, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත්ව තිබූ ප්‍රථම යුධ නෞකාව වූ විජය නෞකාවේ සුක්කානම ආදී තවත් කෞතුක වස්තූන් රැසක් දැක බලාගත හැකිය. මෙහි ඇති එක් සුවිශේෂී ඔරු විශේෂයක අනුරුවක් පිළිබඳ මේ ආකාරයේ විස්තරයක් ඇත. මහ ඔරු ලෙසද දක්වා ඇති මෙම යාත්‍රාවන් ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ඔරුවල දිගුවක් විය. මෙම යාත්‍රා විශේෂය අතීතයේදී ගැඹුරු මුහුදේ යාත්‍රා කිරීමට භාවිතා කර තිබේ. මෙම යාත්‍රා විශේෂය මගින් රට රටවල් අතර භාණ්ඩ හා මගීන් ප්‍රවාහය කිරීම සිදුව ඇතිබව සඳහන්ය.
සමුද්‍ර කෞතුකාගාරය ප‍්‍රථමයෙන් ම විවෘත කෙරුනේ කවදද ?
{ "answer_start": [ 33 ], "text": [ "1992 වර්ෂයේ මැයි මස 9 වන දින" ] }
2fb49e1e-d5f6-4716-ad76-b2763392856a
විශාල මුදලක් වැය කර පූජාවන් සිදු කළද තම දියණියගේ තනිකම් දෝෂය දුරු නොවීම නිසා අනුත්තරාගේ දෙමාපියන් බෙහෙවින්ම මානසික පීඩාවට පත්විය. මුදල් වියදම් වුවද දියණියට යහපතක් වූවානම් හිතට සහනයකි. නමුදු දෝෂය එලෙසම තිබියදී මුදල් පමණක් වියදම් වී ඇත. සිදුවූ යහපතක්ම නැත. තව තවත් මුදල් වැය කර මෙවැනි දේ කිරීමෙන් වැඩක් නොමැති බව වැටහුණි. නමුදු ස්වාමි ගැන අසන්නට ලැබුණු දේවල්වලින් කිසිඳු ප්‍රයෝජනයක් තමනට සිදුනොවූ බව නම් පැහැදිලිය. දැන් කුමක් කරම්දැයි අනුත්තරාගේ දෙමාපියන් කල්පනා කරති. වරින් වර ස්වාමි සොයා යාමටද නොහැකිය. ස්වාමි තව තවත් පූජාවන් සිදු කළ යුතු බව පැවසුවහොත් එයට මුදල් ද නොමැත.
වරින්වර සොයා යා යුත්තේ කවුරුන්ද?
{ "answer_start": [ 476 ], "text": [ "ස්වාමි" ] }
689eb2bf-6b27-448d-846c-68b1beeb1153
කටුනායක ගුවන් තොටට පැමිණි සැණින් ත්‍රිමාගේ මව විමසා ඇත්තේ තම ලොකු පුතා පද්මසිරි ත්‍රිමාවිතාන ගැනය. තම සැමියාට අමාරු බව කිව්වත් තම පවුලේ අය හංගන යම් බලගතු කාරණයක් ඇති බව ත්‍රිමාගේ මවට දැනෙන්නට විය. මහ ගෙදර ඇවිත් දවස් 2-3 ක් ගත වූ මුත් පද්මසිරි පුතා තමන් බලන්නට නොපැමිණීම ත්‍රිමාගේ මවට මහත් ප්‍රශ්නාර්ථයක් විය. අහල පහල නිවැසියන් තමන් හමුවට පැමිණ කතා කරන විට යම් සංයමයකින් කතා කිරීම ඇය තුළ ඇති කළේ කුතුහලයකි. ටික දවසක් යන කොට ගෙදර කට්ටිය ගංගන්නම බැරි තැන මගේ ජීවිතයේ එකම බලාපොරාත්තුව පද්මසිරි පුතාට අත්වුණු ඉරණම මට කිව්වා. ඒක මට දරා ගන්න බැරි වේදනාවක් වුණා. පුතා දිවි පිදුවේ වෛද්‍ය උපාධිය පෞද්ගලීකරණයට එරෙහිව.
පුතා දිවි පිදුවේ කුමක් වෙනුවෙන්ද?
{ "answer_start": [ 572 ], "text": [ "වෛද්‍ය උපාධිය පෞද්ගලීකරණයට එරෙහිව" ] }
58393443-da17-4daa-9585-26bfc8a67725
විවිධ රාජ්‍ය සමවලට අයත් පෞරාණික වටිනාකමින් යුතු බොහෝ දේ ජීවමාන සාක්ෂි ලෙස දැක ගැනීමට සළස්වා ඇත. මෙහි හන් රාජධානි සමයේ වූ විශේෂිත පරිවර්තනය සහ ඊට හේතු සාධක වූ සියලු තොරතුරු සමග සේද මාවතේ ආර්ථික හා සමාජීයීය වශයෙන් සිදුවූ සංවර්ධනයට හේතු සාධක ද දැකගත හැකිය. මෙම කලාපයේ ඉපැරණි බෞද්ධ සංස්කෘතියට අදාළව නිර්මාණය වූ චිත්‍ර බුදුන්ගේ ප්‍රතිමා බිත්තිවල අඳින ලද බුදුන්ගේ රූප දැකගත හැකිය. එම චිත්‍රවල පැහැය හරියට දඹුලු ලෙනෙහි ඇති සිතුවම්වලට සමානය. විටෙක වෙහෙරගල විහාරයෙහි බිතු සිතුවම්වලටද ඒවා සමකළ හැකිය. ඒ අතරින් වෙනස්ම රූපය ලෙස මෙහි ඇති ලීයෙන් නිර්මාණය කරන ලද බුදු රුව සඳහන් කළ හැකිය.
මෙම චිත්‍රවල පැහැය සමාන වන්නේ කුමකටද?
{ "answer_start": [ 400 ], "text": [ "දඹුලු ලෙනෙහි ඇති සිතුවම්වලට" ] }
90ea43f9-83d4-43a9-9145-e7056934a14a
1995 - 5 - 26 දින බෞඬසාර පිළියෙල කළ මෙනේරි කැඳ වළඳා මහවැලි අමාත්‍යංශයෙන් සපයා තිබූ කැබ් රථයෙන් දෙහිඅත්තකණ්ඩිය අක්කර 30 කුඹුරට ගිය නායක හාමුදුරුවන් බලාපොරොත්තු වුණේ, දින දෙකතුනකට අවශ්‍ය එළවළු පටවාගෙන යාමය. චන්දරේ අයියා වාහනය පැද වූ අතර බෞඬසාරගේ උදව්වට ඇන්ටන් නමැති කොළුවකු පැමිණ සිටියේය. එදින වනවිට ජනාධිපතිනිය විසින් පන්සලේ ආරක්ෂාව උපසේවා පොලිස් නිලධාරීන් 10 දෙනෙකු දක්වා අඩු කර තිබීම මැෂින් තුවක්කු අමෝරා වෙඩි වරුෂාව එල්ල කළ කොටි හමුදාවට ආශිර්වාදයක් වූවාට සැක නැත. බෞඬසාර ඇහැට වෙඩි වැදීමෙන් මිය ගිය අතර පෙරවරු 7.15ට ආරම්භ වූ මෙම වෙඩි වරුසාවෙන් ඩබල් කැබ් රථයට වෙඩි පහරවල් 98ක් වැදී තිබිණි. නමුත් නායක හාමුදුරුවන්ගේ ශරීරියට වෙඩි වැදී නොතිබුනැයි වාර්තා වේ. උන්වහන්සේ අපවත් වූයේ ආයුධයකින් හිසට දුන් පහරකිනි. වැදි මන්තර තදින් ගරුකළ උන්වහන්සේගේ ඉණේ ජප කළ යන්තර දෙකක් තිබුණු බවත් එහි බලයෙන් උන්වහන්සේ ආරක්ෂා විනැයි කලින් වැද්දකුව සිටි පසුව මහණ වූ මිල්ලනා හෙවත් යාපා කියා ඇත.
දෙහිඅත්තකණ්ඩිය අක්කර 30 කුඹුරට ගියේ කවුද?
{ "answer_start": [ 130 ], "text": [ "නායක හාමුදුරුවන්" ] }
2f70e720-4dd2-4b47-8033-4fa4ec3e1434
නියමිත ප්‍රවේශ පත්‍රයක් නොමැතිව දුම්රියෙන් ගමන් කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වැරැද්දකි. එවැනි අයකු ටිකට් පරීක්ෂකවරුන්ට හෝ ආරක්ෂක නිලධාරීන්ට අසුවුවහොත් ප්‍රවේශ පත්‍ර ගාස්තුවමෙන් දෙගුණයක් ඇතුළු දඩ මුදලක් ගෙවීමට සිදු විය හැකිය. එම දඩ මුදල ගෙවීමට නොහැකි වුවහොත් අදාළ පුද්ගලයාට සිදු වන්නේ කෙටි කාලීන සිර දඬුවමකට යටත්වීමට ය. එසේ වුවද නියමිත ප්‍රවේශ පත්‍රයක් මිලදී නොගෙන දුම්රියේ ගමන් කරන මගීන්ගේ සංඛ්‍යාව ද සුළුපටු නොවේ. එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රුපියල් දස දහස් ගණනින් දඩ මුදල් අය කර ගත් අවස්ථා ගැන ද බොහෝවිට අසන්නට ලැබේ.
එවැනි අයකු ටිකට් පරීක්ෂකවරුන්ට හෝ ආරක්ෂක නිලධාරීන්ට අසුවුවහොත් කොපමණ ප්‍රමාණයක දඩ මුදලක් ගෙවීමට සිදු වන්නේද?
{ "answer_start": [ 155 ], "text": [ "ප්‍රවේශ පත්‍ර ගාස්තුවමෙන් දෙගුණයක් ඇතුළු දඩ මුදලක්" ] }
09588721-345c-44fa-8c9e-a06f4ddd6154
එම ලෙන් පසුකර දකුණු පසට මද දුරක් ගියවිට පිපුණු හත්තක හැඩය ගත් දර්ශනීය ලෙනක් හමුවේ. මෙහි රවුම් අඩි 101 කි. කටාරම් කොටන ලද එහි ලිපියක් පිහිටුවා තිබේ. මෙම ලෙන තුළ අංක 3 ලෙස සංකේත කොටා තිබේ. ලිපිය උසින් අඟල් 8 කි. මේ ලිපිය යටින් 4, 5 යන සංකේත කොටා ඇති බව මේධානන්ද හිමියෝ පෙන්වා දෙති. රාජා ලෙනට නැගෙනහිරින් තවත් අලංකාර ලෙනක් පිහිටා තිබේ. එය එතරම් විශාල නැකත් කටාරමට යටින් අංක 2 යන සංඛේතය සඳහන් කර ඇත. මෙවැනි ගල් ලෙන් 28 ක් කරඳහෙළ කඳුමුදුන තුළ දක්නට ඇතත් ඒ සියල්ලේ කටාරම් කොටා ඇතත් ලෙන් එකක්වත් අභිලේඛන පිහිටුවා නොමැති බව උන්වහන්සේ පවසති.
මෙහි රවුම් අඩි කොපමණ තිබේද?
{ "answer_start": [ 98 ], "text": [ "101" ] }
148906a7-3dd4-4c51-aab3-c5561f4bdab4
සෙල්වි ඝාතනයේ පළිය පූකුඩුඛන්නාගෙන් හා කෙනඩිගෙන් ගන්නට බලාසිටි ශිරාන්ට එය සපුරා ගැනීමට නොහැකි වූයේ කෙනඩි අත්අඩංගුවට පත්වීමෙන් පසු ඛන්නා ද ප්‍රදේශය හැරගොස් සිටි බැවිනි. ඒ නිසා ශිරාන් අවසානයේ ඒ පළිය ගැනීමට මල්ලිලා සූදානම් කළේය. ඒ සඳහා මල්ලිලා අපරාධවලට යොමු කළ යුතුව ඇත. ඔවුන් අපරාධ හෝඩියේ අකුරු කළ යුතුව ඇත. ඒ අනුව කංජිපානිගේ මෙහෙයවීමෙන් මාකඳුරේ මධූෂ්ගේ මැදිහත්වීමෙන් සිදුකළ කොස්මල්ලීගේ ඝාතනයේ එක් අවස්ථාවකට මල්ලිලා සම්බන්ධ කිරීමට ශිරාන්ට අවස්ථාව ලැබිණ. ඉම්රාන්ගේ ඉල්ලීම පරිදි අඟුණකොළපැලැස්සේ දී ඝාතනය කරන ලද කොස්මල්ලිගේ හිස අලුත්කඩේට ගෙනගොස් දැමීම ශිරාන්ගේ මල්ලිලා දෙදෙනා නැතහොත් කුඩු සෙල්විගේ බාල පුතුන් වූ පලනි රිමෝෂන්ට හා පලනි කෙනින්ස්ටන්ට භාර විය.
අඟුණකොළපැලැස්සේ දී ඝාතනය කරන ලද කොස්මල්ලිගේ හිස අලුත්කඩේට ගෙනගොස් දැම්මේ කාගේ ඉල්ලීම මතද?
{ "answer_start": [ 451 ], "text": [ "ඉම්රාන්ගේ" ] }
5ea7e4ce-8425-48b4-be51-c5fab38e26c8
තවත් කළ හැකි දෙයක් නොවීය. ගම අතහැර ඈත පිටිසර පළාතකට යාමට ඔවුහු සිතාගත්හ. තවත් මෙහි ජීවත් වුවහොත් වන්නේ සියලුදෙනාටම බෙල්ලේ වැල දාගන්නටය. ඔවුහු තීරණයක් ගත්හ. තම නිවස අතහැර ඔවුන් පිට පළාතකට පදිංචියට ගියහ. අලුත් නිවසට පදිංචියට ආ පසු මයෝමිගේ මව පසුවූයේ සැනසීමෙනි. කිසි කෙනෙකුගෙන් නින්දා අපහාස විඳීමට සිදු වන්නේ නැත. ලජ්ජාවකින් තොරව ගමනක් බිමනක් යා හැකිය. අහල ගම් හතකවත් දන්නා හඳුනන කිසිවකු හෝ නොමැත. මෙසේ මාස කිහිපයක් ගතවිය. අලුත පදිංචියට ආ නිවසට ආසන්න නිවසේ සිටින මයෝමිගේ වයසට වඩා අවුරුදු තුනක් බාල නෙතුමි සමඟ මයෝමි ඉතාමත් කුලුපග විය. මයෝමි නෙතුමි සමඟ ඕනෑවට වඩා කුලුපග වී ඇති බව මයෝමිගේ මවට ඉවෙන් මෙන් දැනුණි.
අලුත් නිවසට ආ පසු සැනසීමෙන් පසුවූයේ කවුද?
{ "answer_start": [ 229 ], "text": [ "මයෝමිගේ මව" ] }
cbf3068c-bde4-4fc9-b2e8-e22481096f33
වසරක් ගතවිණි. පියාගේ වෙෙළඳසලට නුදුරුව ජීවත්ව සිටි තරුණ යුවළකට පුතෙකු ලැබිණි. එම දරුවාගේ උපතින්ම පිටුපස පැහැදිලි උපන් ලපයක් පිහිටා තිබිණි. ඒ අතර ඔහුගේ ලිංගේන්ද්‍රිය ද අස්වාභාවිකව පිහිටා තිබිණි. කිසියම් සැත්කමක් සිදුකර ඇති බවක් එමගින් දක්නට ලැබිණි. එම දරුවා බහතෝරන වියට පත්විය. වයස අවුරුදු දෙක හමාරක්ව සිටිය දී නිවසට නුදුරුව තිබූ පොකුණ අසලින් දෙමාපියන් සමග ගමන් කරමින් සිටියේය. ඒ අසල රැස්ව සිටි පිරිසක් අතරින් දරුවෙකු දියේ ගිලී මරණයට පත්වූ පුවතක් සාකච්ඡා කැරිණි. එය ශ්‍රවණය වූ දරුවා මව දෙසට හැරුණි. එයත් මං වගේ. එයත් මං වගේ යයි පැවසීය. දියේ ගිලී මරණයට පත්වූ දරුවෙකු ඔහු වගේ යයි තම දරුවා පැවසීම පිළිබඳව මවිතයට පත්වූ මව ඔයා කොහොමද ඒ වගේ මැරුණේ “ඔයා ජීවත්ව ඉන්නවානේ” යයි කීවාය. නැහැ මම මැරුණා යයි දරුවා ක්ෂණිකවම කීවේය.
කිසියම් සැත්කමක් සිදුකර ඇති බවට තිබූ ලක්ෂණය කුමක්ද?
{ "answer_start": [ 144 ], "text": [ "ඔහුගේ ලිංගේන්ද්‍රිය ද අස්වාභාවිකව පිහිටා තිබිණි" ] }
63de3d8d-4dcc-47ee-86ea-96a79ef01b56
දෙවැනි ලෝක යුද්ධය පටන් ගැනීමත් සමඟ ජපනුන් කොයි වෙලේ ප්‍රහාරයක් එල්ල කරාවිදෝ යන භීතිය නිසා යළිත් කරුණාදාස ඇතුළු පවුලම උපන් ගම මාතරට ගියහ. යළි කොළඹට පැමිණි කරුණාදාස ඊළඟට ඇතුළත් වූයේ කොළඹ නාලන්දා විදුහලටය. 1942 දී කරුණාදාස අබේසේකර, ‘කරුණාරත්න අබේසේකර’ වන්නේ සිය මුල්ම කවි පන්තිය පුවත්පතකට ලියා යැවීමත් සමඟය. නාලන්දා විදුහලට සිංහල සාහිත්‍යය ගුරුවරයා ලෙස පත්ව ආ ‘සිරි අයියා’ (අධිනීතිඥ යූ.ඒ.එස්. පෙරේරා)ගේ උදව්වෙන් කරුණාරත්න ගුවන්විදුලියට සම්බන්ධ වූවේ සිරි අයියා මෙහෙය වූ ළමා තීරය, කවි මඩුව, විරිඳු සංග්‍රහය ආදී වැඩසටහන්වලටය.
කරුණාදාස ඇතුළු පවුලම උපන් ගම මාතරට ගියේ ඇයි?
{ "answer_start": [ 35 ], "text": [ "ජපනුන් කොයි වෙලේ ප්‍රහාරයක් එල්ල කරාවිදෝ යන භීතිය" ] }
b1b534d7-9427-4a5f-b0c4-af0d1296e49d
මේ චිත්‍රපටයේ මලයාවේ ගෝත්‍රික නායකයකු ලෙස ඊ.සී.බී. විජේසිංහ (1901 - 1981) රඟපෑ බව පැවසේ. දක්ෂ ඉංග්‍රීසි වේදිකා නළුවකු හා මුල් යුගයේ චිත්‍රපට නළුවකු වූ ඔහු ඔබ්සවර් පත්‍රයේ නියෝජ්‍ය කතුවරයකු ලෙස ද කටයුතු කොට ඇත. ඔහු මේ චිත්‍රපටයේ රඟපාන ඡායාරූපයක් 1950 දෙසැම්බර් 02 ලංකාදීප මුල් පිටුවේ පළ වී තිබුණි. නැව් බ්‍රෝකර් කෙනෙකු ළඟ ලිපිකරුවෙකු ලෙස සේවය කරන තැනැත්තකුගේ පුතෙකි විලියම්. තරුණ වියේ දීම ජීවිතය ගැන කලකිරී සිටි විලියම් ගෙදරින් පැන ගොස් මුහුදු ගමන්වල නියැලුණ හිතුවක්කාරයෙකි. ඔහු පිටුවහල් කළ පුද්ගලයෙකි. මලයානු මුහුදේ රජා යන අපරනාමයෙන් හැඳින්වුණු ටොම් ලින්ගාර්ඩ් නමැති කපිතාන්ගේ ඇසුරට විලියම් ගොදුරු වෙයි. ටොම් මුහුදු මංකොල්ලකාරයන් හා වෙනත් දාමරිකයින් සමග සටන් කිරීමෙන් ඇසුවන් බිය ගැන් වූ පුද්ගයකු ලෙස නම් දරා සිටියේය. ඔහු විලියම් නම් මේ තරුණයා තම මුහුදු ගමන්වලදී ආරක්ෂකයකු ලෙස පත් කර ගෙන තිබුණි. යහපත් දිවි පෙවෙතක් ගත නොකළ විලියම් සොර කමකට හසු වූ අවස්ථාවක කපිතාන් විසින් බේරා ගනු ලබයි.
මලයානු මුහුදේ රජා යන අපරනාමයෙන් හැඳින්වුණු පුද්ගලයා කවුරුන්ද?
{ "answer_start": [ 545 ], "text": [ "ටොම් ලින්ගාර්ඩ්" ] }
d91bd43c-f7bd-4992-b785-b8bd6faa4223
මේ සියල්ල අතරේ කරන්නට දෙයක් නොමැති සේ හිංසනවලට අසුවෙන චරිතවත් කාන්තා පිරිසක් වෙති. එම නිසාම ඔවුන්ගේ සීමාව ඉක්මවා ගොස් පිරිමින්ට බැණ වැදී කුඩ පහර දුන් පිරිසද මෙහි ස්ථීර මගියෝ වෙති. දකුණු කළුතරින් කොටුව බලා යන දුම්රියට ගොඩවෙන අංජුල යනු වයස 28ක පමණ විවාහක එක් දරු පියෙකි. ඔහු සවස එම දුම්රියෙන්ම නිවස බලා යෑම නියත පුරුද්දක් කොට ගෙන ඇත. එම නිසාම කොණ්ඩය හොඳට පීරාගෙන සුවඳ පැන් ගත හලාගෙන පැණි සිනහවකින් දුම්රිය එනතුරු මහලේකම් කාර්යාලය අසළ රැඳෙයි. අහම්බෙන් හෝ නිතරම දුම්රියේ නොයන මගීන් බොහෝවිට ගොඩවන්නේ දුම්රියේ මැද පෙට්ටි තුළටයි. නමුත් පැරණි මගීන් ගොඩවන්නේ බොහෝවිට අවසන් පෙට්ටි කිහිපයටයි.
අංජුල කීදරු පියෙක්ද?
{ "answer_start": [ 253 ], "text": [ "එක් දරු පියෙකි" ] }
8d97552f-4966-47dc-87df-49fd1f35a2bc
මෙවැනි උසස් තාක්ෂණයක් තුළින් අපේ තේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිකිරීම මගින් ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින ආදායමට වඩා ඉහළ ආදායමක් ඉපැයීමට අපට හැකිවෙනවා. එමෙන්ම දැනට තේ දළු වියළීමට භාවිත කරන විශාල උදුන්වලට දර සපයාගැනීමට ඇති අපහසුතාවද මග හැරෙනවා. දැව පිළිස්සීම තුළින් සිදුවන පාරිසරික විනාශයද අවම කරගැනීමට හැකිවෙනවා. මෙම නිර්මාණය අත්හදා බැලීමේදී තලවාකැලේ තේ පර්යේෂණ ආයතනය විශාල සහයෝගයක් ලබාදුන්නා. තායිවානය සහ ඉන්දියාව මේවන විට මෙවැනි යන්ත‍්‍රයක් නිපදවා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම වායු සමීකරණ තාක්ෂණයෙන් සහ වායු සම්පීඩක තාක්ෂණයෙන් දැව පදම් කිරීමේ යන්ත‍්‍රයක් සහ නැවුම් පිරිසුදු පොල්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා යන්ත්‍රෝපකරණද මා නිර්මාණය කර තිබෙනවා. දැනටමත් මා නිර්මාණය කළ සමහර යන්ත්‍රෝපකරණ කර්මාන්තකරුවන් භාවිත කරනවා යැයි සෙනරත් මහතා පැවැසීය.
මෙවැනි උසස් තාක්ෂණයක් තුළින් අපිට වැඩි කර ගැනිමට හැකි වන්නේ කුමක්ද?
{ "answer_start": [ 33 ], "text": [ "තේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය" ] }
b2f420b2-023c-4e2b-a2e1-5badac492548
පිල මත පැදුර එළා ගත් කළුබණ්ඩා එහි හාන්සි විය. මාස ගණනක් තිස්සේ ගිනි අව්ව නොතකා හේන කෙටීමෙන් ඔහුගේ ගත දැඩි ලෙස විඩාවට පත් වී ඇත. සිරුර පුරා විහි දී ඇති නහර වැල් තුළින් ලෙයට අමතරව තද බල වේදනාවක් ද ගමන් ගන්නා බවක් ඔහුට දැනුණි. ඈත අහසේ සුදු පාට වලාකුළු එකින් එක පා වී යන්නට වූයේ ඔහුගේ සිත තුළ සොම්නස් සහගත සිතිවිලි ඇති කරවමිනි. පසු ගිය අවුරුද්දේ හේන් කොටන කාලයේ ද අහසේ මෙවැනිම වලාකුළු පාවී ගිය සැටි ඔහුට මතකය. ගොවියෝ හේන් වපුරා වැසි වසින තුරු බලා සිටියහ. දින දෙක තුනක් පමණ කාලයක් පැවති පොද වැස්සට ධාන්‍ය බීජ මෝරා පැළ මතු වී ගෙන ආවත් වැස්ස පැවතුණේ සතියක් පමණි. එතැන් සිට හට ගත් දරුණු නියඟය නිසා යන්තම් මෝදු වේගන ආ පැළ සියල්ල ගින්නේ ලූ කලක මෙන් කර වී ගියේය. ඇළ දොළ ගංගා සිදී ගියේ දිය පොදක් වත් ඉතිරි නො කරමිනි. සිහිල් ජලයෙන් පිරී තිබුණු වැව් සියල්ල වියළී ගොස් පාළු පිට්ටනි බවට පත් විය. බීමට පැන් පොදක් නැතිව වන සත්තු තැනින් තැන මැරී කුණු වී ගියහ. මුළු වනය සිසාරා පිළිකුල් සහගත දුර්ගන්ධයක් පැතිරී ගියේය.
වන සත්තු තැනින් තැන මැරී කුණු වී ගියේ ඇයි?
{ "answer_start": [ 780 ], "text": [ "බීමට පැන් පොදක් නැතිව" ] }
50710809-c4f1-4bf6-bb77-dfa760dd1e6c
වීරසූරිය, නේවාසිකව සිටියේ හිල්ඩා ඔබේසේකර ශාලාවේය. අනධ්‍යයන කාර්යය මණ්ඩල වර්ජනය නිසා අනික් නේවාසිකාගාරවල මෙන්ම වීරසූරියගේ නේවාසිකාගාරයේද ආහාර පිළියෙල වීමක් සිදුවූයේ නැත. වීරසූරිය ශිෂ්‍ය උද්ඝෝෂණයට සහභාගී වූවෙක් නොවීය. උදෑසන නින්දෙන් අවදිවූ ඔහුට තේ කෝප්පයක් පානය කිරීමට අවශ්‍යය විය. ඒ වනවිට ප්‍රධාන ශිෂ්‍ය මධ්‍යස්ථානය අසලවූ ආපනශාලාව විවෘත කර තිබුණි. ඒ හාල් නැතිව බත් කන, සීනි නැතිව තේ බොන කාලය විය. වීරසූරිය තම කාමරයේ තිබූ සීනි බෝතලයෙන් සීනි බිඳක් කුඩා කොළ කැබැල්ලක ඔතාගෙන තම කමිසය සාක්කුවේ රුවාගෙන නේවාසිකාගාරයෙන් පිටවූයේ හිස්ව තිබූ කුස කහට කෝප්පයකින් හෝ පුරවා ගැනීමටය. වීරසූරියට පොලිස් වෙඩි පහර එල්ලවනුයේ එම අවස්ථාවේය. වීරසූරියට වෙඩි වැදුණ ස්ථානයේ සිට සෙනෙට් ගොඩනැගිල්ලට මීටර් 100ක දුරක් තිබුණි. සෙනට් ගොඩනැගිල්ල සිට ගලහ පාර ඉලක්කකරගත් වෙඩි හඬවල දෝංකාරය හන්තාන කඳු මුදුන් සිසාරා විසිරෙන්නට විය. කුරිරු වෙඩි උණ්ඩයක් වීරසූරියගේ සිරුර පසාරු කරගෙන ගියේ, කහට කෝප්පයක් බීමට මැණිකක් මෙන් පරෙස්සමින් සාක්කුවේ දමාගෙන ආ සුදු සීනි රත්පැහැ ගන්වමිනි. මෙම සිදුවීමත් සමඟ සරසවි සිසුන්ගේ ප්‍රතික්‍රියා වඩාත් ප්‍රචණ්ඩ විය. අරුණාචලම් ශාලාව ඉදිරිපිට මාර්ගය හරහා ගසක් කපා දමා මාර්ගය අවහිර කළෝය. ඒ අතිරේක පොලිස් හමුදා විශ්වවිද්‍යාලයට ඇතුළුවීම වැළැක්වීමටය. පොලිස් වාහන, මාර්ග බාධක ඉවත්කරමින් සරසවි නිලධාරීන් විශ්වවිද්‍යාලයෙන් බැහැරට ගෙන ගියහ. සිසුහු පොලිස් වෙඩි පහරට ලක්වූ වීරසූරියගේ සිරුර රථයක දමාගෙන කඩිනමින් රෝහල වෙත ගෙනගියද ඒ වනවිටත් ඔහු මියගොස් තිබුණි. පවුලක සුබ සිහින වගකීම් විරහිත පොලිස් උණ්ඩයක් සුනුවිසිනු කළේ එසේය.
වීරසූරිය, නේවාසිකව සිටියේ කොහෙද?
{ "answer_start": [ 26 ], "text": [ "හිල්ඩා ඔබේසේකර ශාලාවේය" ] }
e7c03f16-2edd-45f8-b65f-3fdb5b5b8415
අත්තා මුත්තා කාලයේ පටන්ම සෝමාවතී වනාන්තරයේ මහවැලි ගඟබඩ තෘණභූමිවල කිරිපට්ටි පාලනය පවත්වාගෙන ගියේද දමිළ හා මුස්ලිම් ජාතිකයෝය. මඩකළපුව, සමන්තුරේ, එරාවුර් ප්‍රදේශවලින් මුස්ලිම් ජාතිකයෝද කොට්ටියාරම් පත්තුවෙන් දමිළ ගවපට්ටි හිමියෝද සෝමාවතී වනාන්තරයට ඇදී ආහ. මේ කර්මාන්තයට සිවනාදන්ලා නන් අයුරින් දායක වූහ. එනිසාම සිවනාදන්ගේ කින්නියානු ගොන් බාන බැඳි මඩකළපු කරත්තයේ නැගී සෝමාවතී වනාන්තරය පුරාම සංචාරය කිරීමේ භාග්‍යය මටද උදා විය. සාම්පූර් - සේනවූර්හි කදිරාන තම්බිගේ කිරි ගවපට්ටි ගොවිපොළ පිහිටියේ මහවැලි ඩෙල්මාව අසබඩ කොමනච්චි විල්ලුවේය. සුදෝ සුදු කින්නියා එළදෙනුන් දහසකින් පමණ සමන්විත වූ මේ ගොවිපොළෙහි ඉතිහාසය 1920 දසකයටත් එපිටට විහිදෙයි. කදිරාන තම්බිගේ කිරි ගව පට්ටියත්, ඒබ්‍රහම් සයිබු කොම්පැණියේ එළු ගාලත්, කන්දෙට්ටිගේ හරක් වාඩියත්, සීනි කාක්කාගේ දුම්කොළ වාඩියක් එකල සෝමාවතී වනාන්තරයට ආඩම්බරයක් විය. ඔවුහු එසමයේ කොමනච්චියේ නිල නොලත් රජවරුන් වූහ. ඒ දීර්ඝ කතා ඉතිහාසය හරිම රසවත්ය. 1980-84 කාලයේ වසර හතරක් පුරාවට මම ඒ වනගත ජීවිතය නොඅඩුව රසවින්දෙමි. කලක් සෝමාවතී වනාන්තරයේ බලපත්‍රලාභී දඩයම්කරුවකුව සිටි ජෝන් මාමා ඇසුරු කිරීමේ වරම මට ලැබිණ.
සාම්පූර් - සේනවූර්හි කදිරාන තම්බිගේ කිරි ගවපට්ටි ගොවිපොළ පිහිටියේ කොහේද?
{ "answer_start": [ 485 ], "text": [ "මහවැලි ඩෙල්මාව අසබඩ කොමනච්චි විල්ලුවේය" ] }
2c82449c-3872-4a12-9998-46125e1cd1b1
ඇත්තටම ඒ පිට ලෑලි දැයි දැන ගැනීමට හැක්කේ විමසා බැලීමෙනි. හෝටල්වල පමණක් නොව රට පුරාම ගෘහ භාණ්ඩ සාදා ඇත්තේ ස්වභාවික ගස්වලිනි. කිසිදු තැනක ප්ලාස්ටික්, යකඩ නැත. සමහර නිවාස තනා ඇත්තේ ලී කණු මතය. වහලවල් ගේට්ටු හා ගෘහාශ්‍රිත වෙනත් සියලු දෑ සඳහා වනයෙන් ලැබෙන වෘක්ෂ ප්‍රයෝජනයට ගෙන ඇත. සමහර දැවැන්ත පාලම් පවා තනා ඇත්තේ ලියෙනි. මේ අයුරින් ලාඕසයේ ජනතාව ස්වභාවික පරිසරය සමග ජීවත්වීම වර්තමාන ලෝකයටම අපූරු දැක්මකි. ඇමරිකාව වියට්නාමයට ගසන විට අහම්බෙන් මෙහි ද බෝම්බ පතිත වීමෙන් සෑදුන වළවල් අදත් ඇත. එමෙන්ම තවත් අපූරු ස්ථානයක් මෙරට වෙයි. ඒ ගල් ගුදම් හෙවත් කල්දේරම්ය. සංචාරකයන්ගේ සිත්ගත් එම පෙදෙස අක්කර ගණනාවක් විශාලය. අඩි 6 ක් 7 ක් උස දැවැන්ත කල්දේරම් රාශියක් එම ප්‍රදේශයේ වෙයි. මේවා කෙසේ කුමට තැනුවේදැයි සටහනක් නැත. සමහර ගුදම්වල තණකොළ හෝ වෙනත් පැළ වැවී ඇත. සමහර විට පැරණි රජවරුන් කුමන හෝ ද්‍රව්‍යයක් ගබඩා කිරීම සඳහා මෙම ගල් ගුදම් යොදා ගන්නට ඇතැයි සිතේ.
ඒ තිබෙන්නේ ඇත්තටම පිට ලෑලි දැයි දැනගත්තේ හැක්කේ කෙසේද?
{ "answer_start": [ 41 ], "text": [ "විමසා බැලීමෙනි" ] }
3943b4b6-97bb-4c75-a45e-d3a314ba8edd
සද්ධර්මාලංකාරය හරි අපූරැ කතාවක් කියනවනේ. දුටුගැමුණු රජු එයාගේ පුතා සාලිය කුමරැ අශෝකමාලාට තමන්ගේ පතිනිය කරගත් පසුව මුලින් අමනාපව සිටියත් පසුව පුතු ස්නේහයෙන් සාලිය කුමරැටත් ලේලියටත් ආශිර්වාද කළා කියලා. ඉසුරැමුණියේ දක්නට ලැබෙන දුටුගැමුණු රජ පවුල දක්වන කැටයම මුලින් මඟුල් උයනේ තිබූ කැටයමක් බවත් පසුව මෙහි ගෙනැවිත් සවි කළ බවත් විශ්වාස කරනවා. ඉසුරැමුනියේ මිනිසා සහ අශ්ව හිස කියන කැටයම නෙළා ඇති ගල්පර්වතය පාමුලට මිනිස්සු විසිකරන කාසි වැටෙන්නේ වැවට. වැවට වැටෙන ඒ කාසි බාල්දිවලට එකතු කරන්න වෙනම කට්ටියක් එතන ඉන්නවා. ඒ අයගේ රාජකාරිය තමා ඒ කාසි එකතු කිරිල්ල.
දුටුගැමුණු රජුගේ පුතා කව්රුන්ද?
{ "answer_start": [ 67 ], "text": [ "සාලිය කුමරැ" ] }
4229929c-9ac4-411a-9717-73567541e4ce
අපිට සිරගෙයක් කිවුවම මතක්වෙන්නෙ හිරු එළියක් නොමැතිව, හුස්ම ගන්නවත් වා කවුළුවක් හරිහැටි නොමැති, මහා දාමරිකයින් පිරුණු තැනක්‍් ලෙසිනි. කිලිටි සරුවාල ඇඳගෙන තැටියකුත් අරන් පෝලිමේ යන අයත් ඊට පිටිපස්සෙන් බැටන් පොල්ලක් අතින් ගත්තු බන්ධනාගාර නියාමකවරුත් ඒ අතර අපේ හිතේ මැවෙනවා. නමුත් ලෝකෙ සියලුම සිරගෙවල් එක හා සමාන නෑ. එහෙම කියන්නේ එවැනි කිසිම වටපිටාවක් නැති ලෝකයේ තියෙන අපූරුතම හා සුපිරි බන්ධනාගාරය ගැන කියන්නටයි. මේ කියන සුපිරි බන්ධනාගාරය තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ. එය හැඳින්වෙන්නේ හැල්ඩන් බන්ධනාගාරය ලෙසයි. නෝර්වේහි දෙවැනි විශාලතම බන්ධනාගාරය එහි ඉන්න රැඳවියන් එහෙමත් නැත්නම් සිරකාරයො බිත්ති හතරක් තුළ කොටුකරගෙන නොමැතිවීම තවත් විශේෂත්වයක්.
හිරු එළියක් නොමැති මහා දාමරිකයින් පිරුණු තැනක් කිවම සිහියට එන්නේ කුමක්ද ?
{ "answer_start": [ 5 ], "text": [ "සිරගෙයක්" ] }
ca3c8211-a004-4377-9009-47df43115c5a
1912 වසරේ දී විනාශයට පත් වූ ටයිටැනික් නෞකාවට සමාන තවත් නෞකාවක් නැවත නිර්මාණය කරමින් 2020 දී ගමන් ආරම්භ කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු වන ක්ලිව් පැල්මර් විසින් නිෂ්පාදනය කරන ‘ටයිටැනික් 02’ නම් නෞකාවේ විශේෂත්වය වන්නේ ටයිටැනික් මුල් නෞකාවට සමාන තාක්ෂණික මට්ටමේ ඉහළ යාමය. මොහු විසින් 2012 වසරේ දී ටයිටැනික් 02 නෞකාව නිෂ්පාදනයට කටයුතු සූදානම් කළ චීන රජය සහ නිෂ්පාදිත සමාගම සමග ඇති වූ මත ගැටුම් හේතුවෙන් එම ව්‍යාපෘතිය අත්හැර දැමීමට සිදුවිය. ඔහු පවසන පරිදි මෙම නෞකාව පළමුවැනි ටයිටැනික් නෞකාව මෙන්ම, සෞතැම්ටන් සහ නිව්යෝර්ක් බලා ගමන් කිරීමට සූදානම් බවය.
ක්ලිව් පැල්මර් යනු කිනම් ජාතිකයෙක්ද ?
{ "answer_start": [ 148 ], "text": [ "ඔස්ට්‍රේලියානු" ] }
51a43f91-a051-43bf-a844-104ab5f5e4bc
දුටුගැමුණු රජතුමා හා ඔහුගේ පුතා අතර තිබුණු භේදයද සැලකිය යුතු කරුණකි. ඔහුගේ පුතා සාලිය නොහොත් සාලිය රාජකුමරු අශෝකමාලා දේවි නොහොත් අශෝකමාලා නම් රොඩී කුලයේ තරුණියක හා පෙමින් වෙළුණේය. මෙම තරුණිය සිංහල සමාජය විසින් පහත් යැයි සලකන රොඩී කුලයේ තරුණියකි. සාලිය කුමරු ඇයගෙන් වෙන්වීමට අකමැති වී සිහසුනද ප්‍රතික්ෂේප කළේය. රජු හා පුතා අතර ඉන් පසු සිදුවූ සමගියක් ගැන මහාවංශයේ සඳහන් නොවෙතත් ජන කතාවල කියැවෙන්නේ රජතුමාගේ ආශිර්වාදය දෙදෙනාට ලැබුණු බවයි. අනුරාධපුරය අලංකාර මෙන්ම ඓතිහාසික වටිනාකමක් ඇති නගරයක් ලෙස දියුණු කිරීමට දුටුගැමුණු රජතුමාගෙන් සිදුවුණ මෙහෙය ඉතා වැදගත්ය. මෙතුමා ඉදිකළ පළවෙනි නිර්මාණය මිරිසවැටියයි. ලෝවාමහාපාය නම්වූ භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදිවුණු ලැගුම්ගෙයද රුවන්වැලි සෑයද අග්‍රගණ්‍ය නිර්මාණයන්ය. එසේම ස්වර්ණමාලි දාගැබ සහ රත්නමාලි මහා දාගැබ වැනි දාගැබ් හා මහාස්තූප, ගෘහ නිර්මාණ සහ ඉදිකිරීම් කර්මාන්තය අතින් පළමු ස්ථානයට පත්ව ඇත.
දුටුගැමුණු රජුගේ පළමු නිර්මාණය කුමක්ද ?
{ "answer_start": [ 586 ], "text": [ "මිරිසවැටියයි" ] }
50c7db95-49f1-4098-be48-2630e5123d85
සාමාන්‍ය මිනිසකුට කෙසේ වෙතත් රජෙකුට මේ අහස කඨෝරය. ඉතින් ඔහුට සීත මාලිගයක් අවශ්‍යය. හාත්පස ජලයෙන් මැදි වූ බැවින් මේ සීත මාළිගයට සීතල කෙසේ වෙතත් වියළි බව නොදැනෙනු ඇත. ඈත ඔරුවක් යාත්‍රා කරනු පෙනේ. එය අගුලකින් පැදිය යුතු පුංචි පහේ ඔරුවකි. සමහර විට එය ධීවරයකුගේ විය හැකිය. නොඑසේ නම් සංචාරක නඩයක් වැවේ යාත්‍රා කරනවාද විය හැකිය. කෙසේ වෙතත් ඒ ඔරුව විසල් ජලතලය අතරින් පැද යන හැටි බලාසිටීමට ප්‍රිය උපදවන මනරම් දසුනකි. ඉතින් මම බොහෝ වේලාවක් එදෙස බලා උනිමි. නැවත වතාවක් පරාක්‍රම සමුද්‍රයේ බැම්ම දිගේ ඉදිරියටම ඉදිරියටම ගමන් කළෙමි. අවසානයේ ගමන නතර වූයේ සමුද්‍රයේ ජලය පිටාර ගලන ඇළ මගක් අභියසය. ඒ ඇළෙහි ගිලී දිය නාන්නට බොහෝ අය පෙළඹී සිටිති.
සාමාන්‍ය මිනිසෙකුට කෙසේ වෙතත් රජෙකුට මෙම අහස කෙසේද ?
{ "answer_start": [ 39 ], "text": [ "අහස කඨෝරය" ] }
dcb1cef9-1f09-4559-ba2c-a54a4cbfde0c
ඇටන්වල වෙල්යාය දිගේ තෙල්ගමු ඔයට සමාන්තරව ගමන් ආරම්භ කළ අපි ගූගල් සිතියමේ ලකුණු කළ පරිදි ප්‍රථමයෙන් සුදුගල බංගලාව සොයා යාමට තීරණය කළෙමු. ලඳු කැලය දිගේ තෙල්ගමු ඔයෙන් ජලය ගම්මානවල ගොවිතැනට ගෙන යන කුඩා ඇළ දිගේ ඉදිරියටම අපි ගමන් කළෙමු. එහිදී එක්තරා ස්ථානයක දී අපට තෙල්ගමු ඔය හරහා අනෙක් පසට යාමට සිදුවිය. එතරම් ජල ප්‍රවාහයක් නොවූයෙන් අපි ජලයට බැස අනෙක් පසට ගමන් කළෙමු. එහිදී නැවතත් කුඩා වන පියසකට ඇතුළු වී දල වශයෙන් තිබූ අඩි මාර්ගය දිගේ අපි ඉහළට ගමන් කළෙමු. එහිදී නැවතත් අපට ඇළ මාර්ගයක් හමුවූ අතර, එය රත්තින්ද ගමට ගොවිතැන සඳහා ජලය ගෙන යන ඇළ බව අපි දැනගත්තෙමු. ඇළට සමාන්තරව ගමන් ගත් අපිට ඇළේ සොරොව්ව ආසන්නයේ දී ඉන් එහාට පිවිස තෙල්ගමු ඔයට දකුණු දෙසින් මහ මගට පිවිස ඇතුළු වුණෙමු.
ඇටන්වල වෙල්යාය දිගේ ගමන් ආරම්භ කළේ කුමන ඔයට සමාන්තරවද?
{ "answer_start": [ 20 ], "text": [ "තෙල්ගමු ඔයට" ] }
0b872a4a-1442-4999-8aed-08a819345586
ප්‍රවීණ සුපිරි හොලිවුඩ් නළු ආනෝල්ඩ් ස්වාසනෙගර් පැදවූ මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටී එම මෝටර් රථයේ සිටි කාන්තාවක් තුවාල ලැබුවාය. 74 හැවිරිදි, හිටපු කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා ද වන ආනොල්ඩ් සුළු තුවාල ලැබූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. අනතුර සිදුවී ඇත්තේ ලොස් ඇන්ජලීස් නුවර සන්සෙට් බුලවාඩ් සහ ඇලෙන්ෆෝඩ් වීදිය අසලදීය. කාන්තාවගේ හිසට තුවාල සිදුවී ඇති බවත් ඇය කඩිනමින් රෝහල්ගත කෙරුණු බවත් ලොස් ඇන්ජලීස් පොලිසිය පවසා ඇත. අනතුර සිදුවුණු සැණින් ආනොල්ඩ් එම කාන්තාවගේ පිහිටට ගිය බව ද වාර්තා වේ. ඇමෙරිකන් පුරවැසියකු වුවත් ආනෝල්ඩ් උපතින් ඔස්ට්‍රියානුවෙකි. කායවර්ධන ශූරයකු ලෙස ජනප්‍රිය වී, හොලිවුඩයට පැමිණි ඔහු ක්‍රියාදාම නළුවකු ලෙස ලොව කාගේත් හදවත් දිනා ගත්තේය.
ඇමෙරිකන් පුරවැසියකු වුවත් ආනෝල්ඩ් උපතින් කිනම් ජාතිකයෙක්ද?
{ "answer_start": [ 522 ], "text": [ "ඔස්ට්‍රියානුවෙකි" ] }
f7a48926-ac41-4b2f-8f3c-8a7b0839a841
“තෙල්වත්තේ නීල්” නමැත්තා සතුව තිබී අත්අඩංගුවට ගත් එක් රිවෝල්වරයක් ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ගිනි අවියක් බවට අනාවරණය වී ඇතැයි ද අධිකරණය හමුවේ කරුණු වාර්තා වූ තවත් සිද්ධියකි. එම මිලිමීටර් 9 මාර්ක් 2 වර්ගයේ පිස්තෝල ගිනි අවිය ඉකුත් 1996 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ යාපනය බලසේනා මූලස්ථානයට නිකුත් කළ එකක් බවට වාර්තා වී තිබිණි. මාතර සිට බලපිටිය දක්වා හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 130ක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව පොඩි ලැසීගේ ගෝලයකු වන පාත්තරකැටිය පාර, බටපොල පදිංචි අලුත්ගම ගුරුගේ මංජුල නොහොත් ‘මංජු’ නමැත්තා ඉකුත් 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. මේ සියල්ල එසේ වෙද්දී පොඩි ලැසීගේ අම්මාද මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ තම පුතුගේ නීති විරෝධී මුදල් පරිස්සම් කරගෙන සිටි නිසාය. තවමත් 32 හැවිරිදි වියේ පසුවන පොඩි ලැසී ගැහැනු දරුවකුගේ පියෙකි. සිය උපන් වයසට කිට්ටුවෙන් මනුෂ්‍ය ඝාතන රැසක් සිදුකර ඇති මොහු දැන් දැන් හෙරොයින් සිද්ධීන් සම්බන්ධයෙන්ද අධිකරණ හමුවේ අවශ්‍යව සිටින සැකකරුවකු වී හමාරය. පොඩි ලැසී දැන් රඳවා සිටින්නේ බූස්ස බන්ධනාගාරයේය. අවශ්‍ය පහසුකම් නැතැයි ඔවුහු ආහාර වර්ජනයක් පටන් ගත්හ. වර්ජනය අවසන් වූයේ තර්ජන සිද්ධියකට අදාළව අධිකරණය හමුවේ නඩුවක් ගොනු වීමෙනි. එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමග හෙරොයින් ජාවාරම සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව ඉදිරි දිනයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු බූස්ස බන්ධනාගාරයේ සිට එම දෙපාර්තමේන්තුව වෙත රැගෙන යනු ඇත.
අලුත්ගම ගුරුගේ මංජුල නොහොත් ‘මංජු’ නමැත්තා ඉකුත් 24 වැනිදා අත්අඩංගුවට ගනුලබුවේ කුමන දෙපර්තනේන්තුව ද?
{ "answer_start": [ 550 ], "text": [ "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව" ] }
1713ce7a-8a35-4512-9915-d8e69f8ceff2
සෙනරත් රජතුමා හඟුරන්කෙත නුවර රජ මාලිගයේ වැඩ සිටින අවස්ථාවේදී පාලාගම පොන්නයිදේ ලවා මහ කණ්ණාඩියට රිදියෙන් කැටයම් කරන ලද නිර්මාණයක් සිදුකරවා ගෙන තිබේ. එහි යටි පැත්ත සඳහා මල්ලවපූට්ටුව කැටයමත් උඩු පැත්ත සඳහා නිල් මැණිකක් ඔබ්බවු කැටයමක් ද සහිතය. එම නිර්මාණයෙන් සතුටට පත් සෙනරත් රජතුමා ඔහු ලවා බුලත් හෙප්පුවක් ද නිර්මාණය කරවනු ලැබීය. මෙම නිර්මාණයන් උදෙසා රජතුමා විසින් තොටිල්ලදෙණිය ගමත් ඇතින්නියකුත් පිරිනමා ඇත. එහිදී පාලාගම පොන්නයිදේ විසින් ඌවේ සිටි උලගොඩ ආචාරියා, වන්නිනයිදේ සහ අරුමනයිදේ වෙත තොටිල්ලදෙණියේ ඉඩම් බෙදා දී ඔහු බුළුමුල්ල ගමේ පදිංචි කර විය. තවද දන්ත ධාතුන් වහන්සේ උදෙසා රිදී පන්සීයකින් මල් රුකක් සාදවා ඇත. ඒ වෙනුවෙන් නැවතත් ඇතින්නියක පිරිනමා ඇති බවත් පාලාගම සන්නසේ සඳහන් වේ.
සෙනරත් රජතුමා මහ කණ්ණාඩියට රිදියෙන් කැටයම් කරන ලද්දේ කවුරුන් ලවාද?
{ "answer_start": [ 61 ], "text": [ "පාලාගම පොන්නයිදේ ලවා" ] }
811fb5c8-94ea-4e12-9bb9-4b1925131e3e
එය රත්නපුරේට ද පොදු සාධකයක් වන්නට ඇත. ඉන්පසු දශක අට දහයකට පසු කහ නූල් කරේ බැඳගත් ගිහි ජීවිත ගෙවන ගණින්නාන්සේලා සහ ගණේබණ්ඩාරලා කොටසක් ඉතිරි වූහ. මොවුහු වෙහෙර විහාරස්ථාන සිය අඹුදරුවන් සමග වාසස්ථාන බවට පත්කරගත්හ. බොහෝවිට මොවුන් ලන්දේසී ලස්කිරිඤ්ඤ හමුදාව සමග සම්බන්ධකම් පවත්වමින් ලන්දේසීන්ට වුවමනා පරිදි කුරුඳු වගාවට ගම්වැසියන් උනන්දු කරවන්න ඇති බවට ශේෂ වූ සාධක ඇති බවට ද සමහර ජනශ්‍රැති ගවේශකයෝ අනුමාන කරති. ඒ නිසා මේ ගණින්නාන්සේලා වෙරළබඩ නැවතී සිටි ඕලන්ද ප්‍රධානීන් හමුවීමට කළු ගඟේ පාරුවල නැගී යන්න එන්නට ඇතැයි ද ඇතැම් ලේඛකයෝ විශ්වාස කරති.
ගනින්නාන්සේලා ඕලන්ද ප්‍රධානින් හමුවන්න ගියේ කෙසේද
{ "answer_start": [ 471 ], "text": [ "කළු ගඟේ පාරුවල නැගී" ] }
b51c9356-58a1-47c3-9113-10fef8dbf1b6
කච්චේරිය පාරේ එළවළු පොළෙහි කඩ බක්කි තුන්සිය එක මැනිං මාර්කට්හිදී එක්දහස් අනූ එක දක්වා ඉහළ නැංගේය. අගමැති ආර්. ප්‍රේමදාස භාරයේ පැවැති, සෙවණ ලොතරැයිය, රුපියල් විසිපන්දහසක අලෙවිකර දුන් අයට අලුතෙන් කඩ බක්කි ලැබුණි. එවකට කොළඹ නගරාධිපති සිරිසේන කුරේද තම දේශපාලන හිතවතුන්ට සැලකීම සඳහා කඩබක්කි තුන්සිය එකක් ලබාදුන් අතර එනිසා කඩ බක්කි ප්‍රමාණය තවත් ඉහළ නැංගේය. කොළඹ මහ නගර සභාවට අයිති අක්කර තුනහමාරක් පමණ වන මෙම භූමියේ ගුදම් අටක එක්දහස් එකසියයකට ආසන්න වෙළෙඳසල් පිහිටා ඇත. එයට අමතරව ගුදම්වල අගුවලද අසූවකට ආසන්න පිරිසක් වෙළෙඳාමෙහි යෙදෙති.
සෙවණ ලොතරැයිය තිබුණේ කාගේ භාරයේද?
{ "answer_start": [ 98 ], "text": [ "අගමැති ආර්. ප්‍රේමදාස භාරයේ" ] }
b5d6080a-ebb6-4fa2-9df4-55d4df4bda67
මෙහි හතර වැනි කරුණ, සම ඉරීමකට ලක් නොවීමයි. එයද සත්‍යයකි. මෙහි ඇති විද්‍යාත්මක පසුබිම මෙසේය. කටු වලින් ඇදගෙන යාමේ දී හා එල්ලීමේ දී සිරුර පුරා කටු කිහිපයක් ගසයි. එවිට කටු ගණන වැඩි වීම නිසා එක් කටුවක් මගින් සම මත ඇති කරන සම්ප්‍රයුක්ත බලය අඩු වේ. එම නිසා සම ඉරීමක් සිදු නොවේ. නමුත් එක් කටුවකින් පමණක් එල්ලුවහොත් අනිවාර්යෙන්ම සම ඉරීමකට ලක්වේ. මෙහි පස් වැනි කරුණ ලෙස, සැලකෙන මුහුණ හරහා කටු ගැසූ ස්ථානය ඉක්මනින්ම වැසීයාමේ ගුණයයි. එහි ඇතුළාන්තය නම් කටුව ගැල වූ සැණින් සිදුරු වැසීයාමක් සිදු නොවේ. නමුත් එම සෛල හා පටක නැවත ළංවීම නිසාවෙන් බාහිරයෙන් බලන්නකුට එහි සිදුරක් ඇති බව නොපෙනේ. එසේම දින කීපයක් යනවිට එම සිදුර ක්‍රමයෙන් වැසී යයි.
එක් කටුවක් මඟින් සම මත ඇති කරන කුමන බලය අඩුවේද?
{ "answer_start": [ 218 ], "text": [ "සම්ප්‍රයුක්ත බලය" ] }
67ae89c6-4f51-4cf1-89cb-584d19a74e5a
මේ තරුණියගේ නම චන්ද්‍රාය. ඇය නළඟනකි. එහෙත් දොස්තර ඇය මෙයට පෙර දැක නැත. දොස්තර චන්ද්‍රා සමග ඇගේ නිවසට ගියේ ඈ තනියම යාම පරෙස්සම් නැති නිසාය. දොස්තර තම බිරිඳ වූ රූමත් කාන්තිට හොඳටම ආදරේය. කාන්තිත් තම සැමියාට ඒවගේම ආදරේය. එහෙත් කාන්ති දොස්තර සැකකරයි. කාන්තිට පණමෙන් ආදරේ කළත් දොස්තර ද ඇය සැක කරයි. කාන්ති කැලණි විහාරයට යන වන්දනා ගමන් ද මේ සිද්ධියට පසු වැඩිවෙන්නට විය. තම බිරිඳ සැක කරන දොස්තර ඇය ගැන විපරමින් සිටියේය. කාන්ති එදා අහම්බෙන් අනතුරකදී තම සැමියාට හමු වූ චන්ද්‍රා වැටී සිටි ස්ථානයට ගියාය. බයිසිකලය තිබූ තැන තිබී කාන්තිට තරුණයකුගේ ඡායාරූපයක් හමු විය. කාන්තිට මෙය ප්‍රහේළිකාවකි. මේ ඡායාරූපය කාන්ති පරෙස්සමෙන් තබා ගත්තාය. වරෙක ඇය ඒ ඡායාරූපය කොට්ටය යට තබා සිටි අවස්ථාවක සැමියාට හමු විය. මේ නම් බිරිඳ හා පෙම් බඳින තරුණයාගේ ඡායාරූපය යයි ඔහු සිතයි. දොස්තර මේ තරුණයා කවුදැයි රට පුරා සෙවීය.
දොස්තර චන්ද්‍රා සමග ඇගේ නිවසට ගියේ ඇයි?
{ "answer_start": [ 106 ], "text": [ "ඈ තනියම යාම පරෙස්සම් නැති නිසාය" ] }
3e656327-5e8b-4487-be84-2c9d0ecd6358
‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් පැනැවූ සියලු සීමා ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රමුඛ රජය තීරණය කර ඇත. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පුමුඛ රජය මෙම තීරණය ගෙන ඇත්තේ ‘ඔමික්‍රෝන්’ විකෘතියේ බලපෑම අඩුවීමත් සමග සෞඛ්‍ය අංශ ලබාදුන් නිර්දේශ සැලකිල්ලට ගනිමිනි. කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනෙන පුද්ගලයන් සඳහා පනවා ඇති අනිවාර්ය ස්වයං නිරෝධායන ක්‍රමවේද සහ ආසාදිතයන් සෙවීමට නොමිලේ සිදු කරන පරීක්ෂණ ද නවතා දැමෙනු ඇත. නොමිලේ සිදු කරන ‘කොවිඩ් 19’ පරීක්ෂණ නැවැත්වීම අප්‍රේල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇතැයිද පැවැසෙයි.
ඉහත කාල වකවානුවට අනුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කවුරුන්ද?
{ "answer_start": [ 83 ], "text": [ "බොරිස් ජොන්සන්" ] }
66d381ab-6bb6-4e26-8792-68d8a9f56a86
මඩුගහවත්ත පන්සලේ බුදු පිළිමය ඇතුළු විහාරස්ථානය, දොඩම්ගස්තැන්න, ගිරිහාගම, නියංගොඩ, මැදවල යන විහාරස්ථාන ගොඩනැගීම සඳහා දායකත්වය දරලා තිබෙන්නේ අත්තා, මුත්තා ඇතුළු අපේ පරම්පරාවේ අයයි. අපේ වලව්වට පහළින් අත්තා අම්බලමක් පවා සාදා තිබෙනවා. වී අටුව සහිත ගොඩනැගිල්ලේ දැවමය කැටයම් සහ වහල දිරාපත්වෙමින් පවතිනවා. බිත්ති ගරාවැටෙනවා. එබැවින් ඉක්මනින් අලුත්වැඩියා කළ යුතුයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙය සංරක්ෂණය කරන බවට වසර ගණනාවක සිට පැවසුවත්, තවමත් එය ආරම්භකරවත් නැහැ. අපට අලුත්වැඩියා කිරීමට අවසර ලබා දෙන්නෙත් නැහැ. තව ටික දවසක් යන කොට ඉතිරිව පවතින කොටසට තවදුරටත් හානි සිදු විය හැකි බව අජිත් මහතා පැවසුවේ කනගාටුවෙනි.
වලව්වට පහළින් ඉදිකර ඇත්තේ කුමක්ද
{ "answer_start": [ 203 ], "text": [ "අම්බලමක්" ] }
73aba47c-edd8-44c0-92d5-fef93ff536b2
ශ්‍රී ලංකාව පසුගිය වසරේදී මෙම දර්ශකයේ 69 වැනි ස්ථානයේ සිටි අතර මෙවර ස්ථාන පහළොවක් පසු පසට යමින් 84 වැනි ස්ථානයට පත්ව ඇත. වසර 2000න් පසු ගෝලීය කුසගිනි ශ්‍රේණිගත අගයේ අඩුම ප්‍රතිශත අඩුවීම කුසගිනි තත්ත්වය වඩාත් දරුණු අතට පත්වූ රටවල් දෙක අතරින් එකක් ලෙස ද ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත. එසේ තත්ත්වය දරුණු වී අනෙක් රට නැමීබියාවය. රටවල් 118ක් මෙලෙස ශ්‍රේණිගත කෙරෙන අතර අඩුම ලකුණු ප්‍රමාණයක් ගන්නා රටවල් කුසගින්න අඩුම රටවල් ලෙස සලකයි. රටේ නිසි පෝෂණයක් නොලබන ජනගහනය, වයස අවුරුදු පහ ලැබීමට පෙර මියයන දරුවන්ගේ සංඛ්‍යාව, වයස අවුරුදු පහට ආහාර නොලබන නාස්තියට ලක්වූ දරුවන්ගේ සංඛ්‍යාව යන නිර්ණායක පදනම් කරගනිමින් මෙම දර්ශකය සකසනු ලබයි.
ශ්‍රීලංකාව හැර කුසගිනි තත්වයවඩාත් දරුණුවූ අනිත් රට කුමක්ද?
{ "answer_start": [ 309 ], "text": [ "නැමීබියාවය" ] }
d7e87f4c-018d-427e-8d49-e25e7fd1dccc
තරුණයා ඡායාරූප වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාට පෙන්වීය. සිරිනිමලගේ දියණිය සුවපත් කිරීමට වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා භාරගත්තේය. දියණියගේ සිතේ පැවති අනියත බිය තුරන් කළේය. මෙහි අමනුෂ්‍යයින් සිටිය නොහැකි බවත් ඇගේ සිත තුළ ඇත්තේ බොරු බියක් බවත් මෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් මනසට වටහා දුනි. සිරිනිමලගේ දියණිය සුවපත් විණි. ඉන්පසු ගමේ අයගේ ඉල්ලීම මත අවතාර පිළිබඳ පර්යේෂණ පැවැත්විණි. ඒ අනූව විදුල අධි මනෝවිද්‍යා පර්ෂයේෂණ කණ්ඩායම සමඟ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ගමට පැමිනුණි. පිරිස භූතයින් බැලීමට සිරිනිමලගේ නිවසට රැස්වූහ. එදින රාත්‍රී දෙක තුන පසුවන විට ඉතා තියුණු ලෙස ආලෝක දහරාවන් දර්ශනය වන්නට විය. සියල්ලන්ටම පුදුමයකි. වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ඇතුළු පිරිස සියලු දර්ශන ඡායාරූපගත කොට ඒ පිළිබඳ අදහස් ඉදිරිපත් කළහ.
තියුණු ලෙස ආලෝක දහරාවන් දර්ශනය වූයේ කීයටද ?
{ "answer_start": [ 534 ], "text": [ "එදින රාත්‍රී දෙක තුන පසුවන" ] }
5549e7fd-bcb2-4975-87bb-0aca743ebbca
විවාහ මංගල්‍යය උත්සවයට සහභාගී වී සිටි සියලු දෙනා ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල කර ඇත්තේ අපරාධයක් බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සයිලේෂ් කුමාර් පැවැසීය. ජනතාව නිරන්තරයෙන් පැමිණිලි කර තිබියදී ඒවාට පියවර නොගනිමින් කොවිඩ්-19 සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් උල්ලංඝණය කිරීමට ඉඩ දීමේ චෝදනා යටතේ බටහිර ත්‍රිපුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කරන්නැයි ප්‍රාන්ත ආණ්ඩුවට නිර්දේශ කරන බව ද හෙතෙම කීය. කෙසේ නමුත් විවාහ මංගල්‍යය උත්සවයට අවසර ගෙන තිබූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අතර සයිලේෂ් කුමාර් එම අවසර පත්‍ර ඉරා විසි කරන අයුරු ද සමාජ මාධ්‍ය තුළ තිබෙන විඩියෝ පටයේ දැක්වේ.
විවාහ මංගල්‍යය උත්සවයට සහභාගී වී සිටි සියලු දෙනා ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල කර ඇත්තේ අපරාධයක් බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූයේ කව්ද?
{ "answer_start": [ 183 ], "text": [ "සයිලේෂ් කුමාර්" ] }
58b5caa3-dc57-41f2-9391-ccfc038286ad
කිරන් ඩෙම්බේලා සුපිරි චරිතයක් බවට පත්වූයේ ජීවිතය ජය ගනිමිනි. මීට අවුරුදු 10කට පෙර, කිරන් ඩෙම්බේලා තවත් එක් ඉන්දීය කාන්තාවක පමණි. විවාහක කාන්තාවක වූ ඇයට දරු දෙදෙනකි. සාමාන්‍ය පවුලක් වුවත් ඩෙම්බ්ලා සහ ඇගේ සැමියාට මුදල්වලින් අඩුවක් තිබුණේ ද නැත. ඩෙම්බේලා ගායිකාවක ලෙස පුහුණුව ලැබූ තැනැත්තියකි. ඒත් හයිද්‍රාබාද් නුවර බොහෝ කාන්තාවන් සේම, ඩෙම්බේලා ද නිවසට කොටුවුණු ගැහැනියක වූවාය. එය ඇයට මානසික සහ කායික පීඩනයක් ගෙන දෙන්නක් විය. එම පීඩන ඇයට දරාගත නොහැකි විය. 2006 වසරේ දිනක ඇය සිහිසුන්ව ඇද වැටුණාය. කඩිනමින් රෝහල් ගත කළ හෙයින් ඇගේ ජීවිතය බේරුණි. ඇගේ මොළයේ ලේ කැටියක් සිර වී තිබුණි. වෛද්‍යවරුන් ඇයට ප්‍රතිකාර කිරීමෙන් පසු දිවි ඇති තෙක් ඇයට ඖෂධ නියම විය.
ඩෙම්බෙලා පුහුණුව ලැබුවේ කවුරුන් ලෙසද ?
{ "answer_start": [ 252 ], "text": [ "ගායිකාවක ලෙස" ] }
fca30ed8-9472-4bf2-a1f6-5843a0f45cf8
බාල වියේ සිටම තම පියා ඇසුරේ වැඩුණු හුමායුන්ට යුද ශිල්පය පිළිබඳ මනා අවබෝධයක් තිබිණි. පානිපත් හා කාන්ව සටන්වලදී තම පියාට විශාල සහයක් දුන් ඔහුට රාජ්‍යත්වයට පත් වීමෙන් පසු බොහෝ දුෂ්කරතාවනට මුහුණ පෑමට සිදු විය. විශේෂයෙන් බලපෑවේ ඇෆ්ඝන්වරුන්ගේ විරෝධතාවන්ය. හුමායුන්ගේ සේනාව තුර්කි, මූගල්, පාර්සි, ඇෆ්ඝන් හා ඉන්දියානු වැනි විවිධ ජාතීන්ගෙන් සමන්විත විය. 1531 දී හුමායුන් කාලින්ජරයේ රාජ්පුත්වරුනට එරෙහි සටන ඇරඹීය. එහිදී සුල්තාන් මහමුද් ලෝදි ජෞන්පූර් ප්‍රදේශය ආක්‍රමණය කර ඇතැයි දැනගත් ඔහු ඔවුන් පලවා හැරීම පිණිස එහි ගියේය. දෞරාහි ඇති වූ සටනින් මහමුද් ලෝදි හා ඔහුට සහය දුන් ඇෆ්ඝන්වරුන් පරාජය කිරීමට හුමායුන් සමත් විය.
හුමායුන්ට මනා අවබෝධයක් තිබූ ශිල්පය කුමක්ද?
{ "answer_start": [ 45 ], "text": [ "යුද ශිල්පය" ] }
5eaa7dd7-5f12-460f-bcb9-7130712b68e7
2004 ජනවාරි 10 වැනිදා, බෙත්නි හැමිල්ටන්, සර්ෆින් තරගාවලියකට සහභාගී වූවාය. තරග කිරීමට නම්, ඇය සාමාන්‍ය සර්ෆ් ලෑල්ලක් භාවිත කළ යුතු විය. විශේෂිත සර්ෆ් ලෑල්ල පැත්තකට දමා ඇය මාස ගණනාවක් සාමාන්‍ය සර්ෆ් ලෑල්ලකින් රළ පැදීම ප්‍රගුණ කළාය. ජයග්‍රහණයක් හිමි නොවුණත්, නරඹන්නන් සැමගේ පුංචි වීරවරිය වූයේ බෙත්නිය. 14 හැවිරිදි කෙල්ල, මෙතරම් විපතකට පත්වී, යළි රළ පැදීමට යොමු වීම කාගේත් විමතියට හේතුවක් විය. ලොව නන්දෙසින් අත්පා නොමැති දරු දැරියන්ට බෙත්නි වීරයකු විය. දහස් ගණනින් බෙත්නිට ලිපි ලැබෙන්නට විය. ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සර්ෆින් ක්‍රීඩාව වෙනුවෙන් වෙන් කළ විශේෂ කෞතුකාගාරයකි. මෝරා පහර දුන් අවස්ථාවේ කැබැල්ලක් කැඩී ගිය බෙත්නිගේ සර්ෆ් ලෑල්ල අදත් මෙහි ප්‍රදර්ශනයට තබා තිබේ.
බෙත්ති හැමිල්ටන් සහභාගී වූයේ කුමන තරගාවලියකටද?
{ "answer_start": [ 41 ], "text": [ "සර්ෆින් තරගාවලියකට" ] }
a202543e-d0f9-431b-8b98-6e399c0bfbab
මහවැලි නදිය අවසාන ප්‍රදේශයේදී ගලා යන විට බෙදී ගිය අතු ගංගාවලින් යුක්තය. මෙහිදී ගඟ ගලන ප්‍රදේශය සමතලා ප්‍රදේශයකි. වර්ෂා කාලයේදී අධික ජලධාරාවක් ඒ මගින් ගලන විට ගඟ කොහේද යන්න නොපෙනී ගොස් ජලය අඩු වූ විට පමණක් අතු ගංඟා මතුවන බව කල්පනා කළ හැක. මේ අනුව අපට කල්පනා කළ හැක්කේ ජලගැලීම් ප්‍රදේශයේ භූමි නිර්මාණය හා වර්ෂාපතනය ආදිය ගැන සලකා බැලීමේදී දාගැබ ඉදිකරන ලද වකවානුව වන කාලයේදී ගඟ මෙතැනින් ගලා නොගොස් ඊට බොහෝ එපිටින් ගලා ගිය බවය. ඉන්දියාවේ සමහර ගංගා අවුරුදු දහස් ගණනකට පසුව සිඳීගොස් ඇති බව සිහිකළ හැක. අවුරුදු දහසක් හමාරක් තුළදී ගඟක් ගලන ගමන් මාර්ගය වෙනස් විය හැකිය. එය කවුරුන් විසින්වත් කළ එකක් නොව ස්වභාවධර්මයා විසින්ම සිදුවීමට ඉඩ ඇත්තේය.
දාගැබ ඉදිකරන විට ගඟ ගලා යන්නේ කොහෙන්ද?
{ "answer_start": [ 397 ], "text": [ "බොහෝ එපිටින්" ] }
26ee4f95-f9ac-4ae9-97a3-c859b1ec46a4
කාමර හයකින් විතර සමන්විත මේ නිවස හිටපු අධිකරණ විනිසුරුවරයකුට අයත් එකක්. එල්ටීටීඊ සංවිධානය විනිසුරුවරයාගෙන් මෙය බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබුණ බව පසුව දැනගැනීමට ලැබුණා. අච්චුවේලි පොලිස් ස්ථානය පටන්ගත්තාට පස්සේ එහි ස්ථානාධිපති ලෙස මාව පත්කළා. ඒ වෙනකොට මම පොලිස් පරීක්ෂකවරයකු ලෙස රාජකාරි කරමින් සිටියා. ඒ කාලයේ බොහොම දුෂ්කරතා මැද්දේ තමා පොලිසියේ රාජකාරි කළේ. අච්චුවේලි පොලිසියේ රාජකාරි කිරීමට නිලධාරීන් 17 දෙනෙකු අනුයුක්ත කර සිටියා. සාමාන්‍ය වැසියන් 15 දෙනකුට ජීවිතය අහිමි කරමින් සිදුවූ මේ බෝම්බ පිපිරීම් සිද්ධවුණේ 1996 වසරේ කියන එක මට හොඳට මතකයි. නමුත් මාසය හෝ දිනය ගැන කියන්න දැන් මතකයක් නැහැ. කයිට්ස් අරාලිතුඩුව ප්‍රදේශයේ බෝම්බයක් පිපිරිලා බරගාණක් මැරිලා කියා පණිවිඩයක් ලැබුණා. ඒ පණිවිඩය ලැබුණු ගමන් මා ඇතුළු පොලිස් කණ්ඩායමක් එහි ගියා.
බෝම්බයක් පිපිරි බොහෝ පිරිසක් මැරුණේ කිනම් ප්‍රදේශයේද ?
{ "answer_start": [ 595 ], "text": [ "කයිට්ස් අරාලිතුඩුව ප්‍රදේශයේ" ] }
14c02bff-572e-4eda-8d8a-5dd0884fc86f
එසේම ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයාව සිටින කාලයේදී සෞදි අරාබි රාජ්‍ය පකිස්තානයේ තැන්පත් කල ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක සංචිතය 2023 ජුනි මස තෙක් පවත්වා ගෙන යාමට සෞදි අරාබි රාජ්‍ය එකඟතාව පළ කර ඇත. ඒ අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් සෞදී අරාබි මොහොමඩ් බින් සල්මන් කුමරු හමුවූ අවස්ථාවේ කළ ඉල්ලීමකට අනූවය. සෞදි අරාබි රාජ්‍ය විසින් පකිස්තානයට බොරතෙල් සහ අනිකුත් ඛනිජ තෙල් නිශ්පාදන තවදුරටත් සැපයීම සඳහා එකඟත්වය පළ කර ඇත. ඉම්රාන් ඛාන් අගමැති ධුරය දරණ අවස්ථාවේ වසරක කාලයක් සඳහා ලබා දුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක මුල්‍ය පැකේජය මෙසේ ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක් දක්වා වැඩි කර ඇත. හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ලබාදුන් ඩොලර් බිලියන 1.2 ක ඉන්ධන මුල්‍ය පහසුකම මෙම අවස්ථාවේ ඩොලර් බිලියන 2.4 ක් දක්වා වැඩි කර ඇත.
හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ලබාදුන් ඩොලර් බිලියන 1.2 ක ඉන්ධන මුල්‍ය පහසුකම මෙම අවස්ථාවේ කොපමනක් වැඩිකර ඇත්ද?
{ "answer_start": [ 650 ], "text": [ "ඩොලර් බිලියන 2.4 ක් දක්වා" ] }
1c57efc3-b475-409a-be57-d30142a7997b
එක් කාන්තාවක් පැමිණියා සුදුවෙන ක්‍රීම් වර්ග භාවිත කරලා වරද්දගෙන. ඇගේ මුහුණේ විශාල ගෙඩි තිබුණා. අවසානේ සොයා බලද්දී ඒ ගෙඩි ඇතුළේ පණුවෝ පිරිලා හිටියා. මේ වගේ ඉවක් බවක් නැතුව නොයෙකුත් ක්‍රම භාවිත කරන සමහර අය ටික කාලයකින් හිටියටත් වැඩිය කළුවෙනවා. ක්‍රීම් ගෑවට හරි එන්නත් ලබා ගත්තට හරි ඒවා කළුවෙනවා. සම පැහැපත් කරගැනීමේ ස්වභාවික ක්‍රම ඕනැ තරම් තිබෙනවා. රසායන ද්‍රව්‍ය අඩංගු ආලේපන පසුපස දුවන්නේ නැතිව තමන්ට හිමි ලස්සන සමට සහ ශරීරයට ආදරය කරලා ඉතා පිරිසිදුව ඉන්න එකයි වැදගත්. අද ප්‍රමිතියකින් තොර බොහෝ ආයතනවල අධික මිල ගණන් යටතේ කෘත්‍රිම රූපලාවන්‍ය සත්කාරක කරන බව නොරහසකි. විශේෂයෙන්ම ඇය පැවසුවා මෙවන් වූ ප්‍රමිතියකින් තොර සත්කාර නිසා අපහසුතාවට පත්වූවෝ බොහෝය.
බොහෝ දෙනෙක් අපහසුතාවයට පත් වූයේ කුමක් නිසාද ?
{ "answer_start": [ 594 ], "text": [ "ප්‍රමිතියකින් තොර සත්කාර නිසා" ] }
c7a320d3-f5dd-4804-863c-9be74945be38
සැප්තැම්බර් මාසයේ දත්ත භාවිත කරමින් රොයිටර් පුවත් සේවය කරන ලද ගණනය කිරීම්වලට අනුව සෑම පැය 24 කදී ම ලොවපුරා 5,400කට වැඩි පිරිසක් නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මරණයට පත්වෙති. එම ගණන සැප්තැම්බර් මාසයේ සාමාන්‍යයකි. මෙලෙස මරණ වැඩිවීමෙන් අවමංගල්‍ය ව්‍යාපාරවලට ද දරා ගැනීමට නොහැකි පීඩනයක් එල්ල වී තිබෙන අතර සුසාන භූමිවල ඉඩකඩ සම්බන්ධයෙන් ගැටලු ඇති වී තිබේ. රොයිටර් පුවත් සේවයේ ගණනය කිරීම්වලට අනුව පැයකට පුද්ගලයන් 226 දෙනකුත් තත්පරයකට එක් පුද්ගලයකුත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත් වේ. එපමණක් නොව පාපන්දු තරගයක් නැරඹීමට ගතවන මිනිත්තු 90ක කාලය තුළදී සාමාන්‍යයක් ලෙස නව කොරෝනා වයිරසය හේතුවෙන් පුද්ගලයෝ 340 ක් මරණයට පත්වෙති.
සෑම පැය 24කදීම ලොවපුරා කොපමණ පිරිසක් කොරෝනා ආසාදිතව මරණයට පත්වෙනවාද?
{ "answer_start": [ 107 ], "text": [ "5,400කට වැඩි පිරිසක්" ] }
a7a94433-e4c9-4b61-a57c-14174f8c26d9
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීම මත අබලන්ව පැවති දුටුගැමුණු වන්දනා නිකේතනය 2009 වසරේදී මැනවින් ප්‍රතිසංස්කරණයට බඳුන් විය. මෙය කාමර 40 කින්, ශාලා කිහිපයකින්, ආපන ශාලාවකින් හා සදහම් පුස්තකාලයකින් සමන්විතය. මෙමගින් ලුම්බිනිය පැදකුණු කිරීමට එහි සැපත් වන ශ්‍රී ලාංකික බැතිමතුන්ට අභිනව ශ්‍රී ලංකාරාමය ද වන්දනා කර දුටුගැමුණු වන්දනා නිකේතනයෙහි ලැගුම් ගෙන විඩාව නිවා ගැනීමට අවස්ථාව සැලසේ. ලුම්බිනිය වන්දනාමාන කිරීමට යන ශ්‍රී ලංකා බොදු බැතිමතුන් ලුම්බිනිය ආසන්නයේ කපිලවස්තුපුර පිහිටි අතිශයින්ම වැදගත් ඉපැරණි බොදු සිද්ධස්ථාන හා නටබුන් දැකබලා වැඳපුදා ගැනීමට යාම ද අමතක කළයුතු නොවේ. ඒ මන්ද යත් බුදුන්වහන්සේ ජීවමානව වැඩ සිටි නිග්‍රෝධාරාමය, සිදුහත් කුමරුන් මහබිනික්මන කළ රජවාසල නැගෙනහිර ප්‍රකාරය ආශ්‍රිත බිහිදොර, සුදොවුන් මාළිගාවේ නටබුන්, සුදොවුන් නිරිඳුන්ගේ හා මහාමායා දේවියගේ භෂ්මාවශේෂ තැන්පත් කළ දාගැබ් යුග්මය, රාහුල කුමරුන් පැවිදි කළ කුටිය, බුදුන් වහන්සේ වෙත පැන් සැපයීමට සැකසූ සරකුප ළිඳ ආදී බුදු සිරිත හා සබැඳි ස්මාරක රාශියක් කපිලවස්තු පුරවරයෙහි ජීවමානව දක්නට ලැබීමයි.
කපිලවස්තුපුර පිහිටියේ කුමක් ආසන්නයේද
{ "answer_start": [ 231 ], "text": [ "ලුම්බිනිය" ] }
31010291-9975-4a5e-b83f-8bfe669253b5
දහනවවැනි සංශෝධනය ගෙනෙද්දී අපි ඡන්දෙ දුන්නා. ටික දවසක් ගියාම අපිට ඒකෙ අඩුපාඩු පෙනුණා යැයි රෝහණ දිසානායක කී අතර, විජයදාස කීවේ බ්‍රහස්පතින්දා පැවැත්වෙන හමුවේ දී මේ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් කළ හැකි බවය. සරත් වීරසේකර මන්ත්‍රීවරයා කියා සිටියේ වෙනත් අදහසක් ය. ඔහු විසිඑක්වැනි සංශෝධනයට එකහෙළා විරුද්ධය. ඔහු කීවේ ජනාධිපතිවරයා සතු බලතල අගමැතිවරයාට පැවරීම ගැන තමා විරුද්ධත්වය පළ කරන බවය. ඔබතුමාගේ බලය දිස්ත්‍රික්කයකින් පත්වන කෙනකුට පවරන්න අයිතියක් නෑ. මම ඒකට විරුද්ධයි. මම 19 ට අත ඉස්සුවේ නෑ. මං 21ට අත උස්සන්නේත් නෑ. මම කියන්නේ ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රශ්න ටික විසඳන්න කියලා යැයි සරත් වීරසේකර කීවේය. අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ තමා අගමැතිකම ඉල්ලාගෙන නොපැමිණි බවය. තමාට ඒ සඳහා ආරාධනා කළ නිසා අගමැතිකම භාරගත් බව රනිල් කීවේය. පුත්තලමේ චින්තක මායාදුන්න මන්ත්‍රීවරයා ද කතාවට සම්බන්ධ විය. ඔහු කීවේ දැන් තියෙන ප්‍රශ්නය මේක නෙවෙයි කියාය. අපේ ගෙවල් ගිනි තියලා ඇඳිවත විතරයි තියෙන්නේ. මිනිස්සු ඉල්ලන්නේ ව්‍යවස්ථා සංශෝධන නෙමේ. චින්තක මායාදුන්න කීවේය.
'ජනාධිපතිවරයා සතු බලතල අගමැතිවරයාට පැවරීම ගැන තමා විරුද්ධත්වය පළ කරන බවය. ඔබතුමාගේ බලය දිස්ත්‍රික්කයකින් පත්වන කෙනකුට පවරන්න අයිතියක් න'' යැයි පැවසුවේ කව්ද?
{ "answer_start": [ 211 ], "text": [ "සරත් වීරසේකර මන්ත්‍රීවරයා" ] }
e7b16e3f-1206-4572-82e7-49c2532c3831
භට්ටාචාර්ය විද්‍යාගාරයේදී කිසිදු පර්‌යේෂණයක් පැවැත්වූ බවට සාධක නොවීය. රසායනගාරය භාවිතාව සඳහා අවසර ලැබී දින පහකට පසු එනම්, ජුලි 12 වැනිදා සන්ධ්‍යාවේදී, සිය පර්‌යේෂණ කටයුතු හදිසියේම නවතා දැමූ භට්ටාචාර්ය, බිනොයේන්ද්‍ර ද සමග නැවතත් කල්කටාව බලා ගියේය. ඝාතනයෙන් තෙමසකට පසු, 1934 පෙබරවාරියේදී පොලීසිය මේ දෙදෙනා අත්අඩංගුවට ගත්තේය. පරීක්ෂකයින් විසින් බිනොයේන්ද්‍රගේ ගමන් ලියකියවිලිත්, බොම්බේහිදී නවාතැන් ගත් හෝටලයේ බිලත්, ඔහු හෝටලයේ රෙජිස්ටරයේ තැබූ සටහනත්, රසායනාගාරයට යැවූ ලිපිත්, මීයන් මිලට ගත් වෙළෙඳසලේ කුවිතාන්සිත් සොයා ගැනුණි. සත්‍ය වශයෙන්ම, මාස නවයක් පුරා පැවැති නඩු විභාගය සිත් ඇදගන්නාසුළු විය. විත්තිකාර පාර්ශ්වය තර්ක කළේ අමරේන්ද්‍රට මීයන් මත සිටින මැක්කෙකු දෂ්ට කර ඇති බවයි.
මියන් මත සිටින මැක්කෙකු දෂ්ට කර තිබුනේ කා හටද?
{ "answer_start": [ 621 ], "text": [ "අමරේන්ද්‍රට" ] }
d25051ab-f309-464a-b2f9-1f51ad8dd512
අනවසර සංක‍්‍රමණිකයන් පුරවා ගත් බෝට්ටුවක් මොරොක්කෝවට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 43 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය 43 දෙනා අතර බිලිඳන් තිදෙනකු ද සිටින බව පැවැසෙයි. බෝට්ටුව ගිලී යෑමෙන් පසු දිවි ගලවා ගනිමින් මුහුදේ අතරමං වී පාවෙමින් සිටි 10 දෙනකු බේරා ගැනීමට මොරොක්කෝ වෙරළාරක්ෂක නිලධාරීහු සමත් වූහ. සංක‍්‍රමණිකයන් රුගත්බෝට්ටුව මුහුදේ ගිලී ගියේ ස්පාඤ්ඤ කැනේරි දූපත අසල මුහුදේ යැයි ද පැවැසෙයි. සංක‍්‍රමණිකයන් බොහෝ දෙනා උතුරු ඇමෙරිකා රටවල සිට යුරෝපා රටවලට යෑමට උත්සාහ ගත් අය යැයි ස්පාඤ්ඤ වෙරළාරක්ෂක නිලධාරීහු පවසති.
සංක‍්‍රමණිකයන් බොහෝ දෙනා උත්සහ ගත්තේ කොහි යෑමට ලෙසද ස්පාඤ්ඤ වෙරළාරක්ෂක නිලධාරීහු පවසන්නේ ?
{ "answer_start": [ 416 ], "text": [ "උතුරු ඇමෙරිකා රටවල සිට යුරෝපා රටවලට" ] }
b65c284a-9dcc-45e4-89af-a944e2efb083
ක්ෂේත්‍රයේ දොළොස්වැන්නේ උපතින් කේතු සෙනසුරු සංහෝගය යෙදීම නිසා තදබල තණ්හාවෙන් එකතු කර ගත් ධනය විනාශය කරා යාමට හේතු වේ. කේතු ධනයට මුදලට ප්‍රේත කම් කරන අයෙකි. ඒ අනුව අන්තිම සත්‍ය දක්වා ගණන් බලන කේතුගේ මුදල් විනාශ කිරීම සෙනසුරු ඒරාෂ්ඨක පිහිටීමෙන් සිදු වේ. මා මෙතෙක් දැක් වු කරුණු අනුව කේතු හා සෙනසුරු එකතු වී යෙදෙන සංයෝගය මේ මනුෂ්‍ය ලෝකයේ මිනිසත් කම ලැබුවත් ප්‍රේත ෙලා්කයේ මඟට ගිය මිනිස්සු වශයෙන් හැසිරෙන අවස්ථාවන් දැකීමට ලැබෙන සංයෝගයක් බව ඔබට පෙන්වා දෙමි. කෙසේ නමුත් ගුරු සිකුරු සුබ ස්ථානයක බලවත්ව උපතින්ම යෙදී ඇත්නම් ඉහත සංයෝගයේ අසුබ තරමක් දුරට මඟ හැරෙන බව පවසමි.
විනාශය කරා යාමට හේතු වන්නේ කිනම් ධනයද ?
{ "answer_start": [ 62 ], "text": [ "තදබල තණ්හාවෙන් එකතු කර ගත් ධනය" ] }
dde130d7-fa2d-47be-94de-d469435f679d
බුධ සිකුරු ඔබට පාපී ග්‍රහයින් වන අතර කුජ ග්‍රහයා වඩාත් ශුභපල ගෙනදෙන ග්‍රහයාවේ. බුධ 3 වැන්නටද සිකුරු 4 වැන්නටද කුජ 7 වැන්නටද පැමිණ ඇත. පාපී ග්‍රහයකු වුවත් ඔබගේ ජන්ම කේන්දරයේ බුධ බලවත් නම්, ඉගෙනීමට දක්ෂ වේ. සහෝදරයින්ට යහපත්ය. නිතර ගමන් බිමන් යෙදේ. තැපැල් හෝ දුම්රිය සේවයේ රක්ෂාවන්ට කාලය යෙදේ. සිකුරු ග්‍රහයා ඔබගේ ජන්ම කේන්දරයේද 4 වැන්නේ නම් ඔබ දැනටමත් යාන, වාහන ඉඩකඩම් දේපල හිමි අයෙකි. සිකුරු 4 වැන්නේ ගත කරන දින කීපය තුළ එවැනි දේ ලැබීමටද වාසනාව ඇත. විවාහ වයසේ නම් ලස්සන සහකාරියක හඳුනා ගැනීමට ලැබේ. කුජ ඔබට වාසනාව ගෙනදෙන ග්‍රහයා වේ. විවාහ වන වයසේ පසුවන අයට මෙම කාලය තුළ විවාහ වාසනාව ලැබෙනු ඇත. මෙම ග්‍රහයින් තිදෙනාම තම ජන්ම කේන්දරයේ අශුභව පිහිටා ඇත්නම් සඳහන් කරන ලද ශුභඵල නොලැබී යාමට ඉඩ තිබෙන බවද සලකන්න.
4 වැන්නට පැමිණ ඇති ග්‍රහයා වන්නේ කුමන ග්‍රහයාද?
{ "answer_start": [ 93 ], "text": [ "සිකුරු" ] }
50634c22-d27d-44d0-8cfe-6f46cdae576e
ඔහු සිතුවා නිවැරදිය. එක තැනක වෙනස් හඬක් නැඟිණි. එතැන බිත්තිය පලුදු කළ ද එතැනින් කඩා වැටුණේ බදාම නොවේ. කිසියම් ඇලෙනසුලු ද්‍රව්‍යයකි. තවදුරටත් පරීක්ෂා කර බැලීමේදී එය සබන් කැටයක් භාවිතා කර බිත්තියේ සාදා ඇති සිදුරක් වසා ඇති ආකාරය බව පැහැදිලි විය. පසුව එය ඉවත්කර බිත්තිය තවදුරටත් පළුදු කිරීමේදී ඉන් මතු වූයේ පාර්සලයකි. බ්‍රවුන් ෂුගර් වර්ගයට අයත් හෙරෝයින් ග්‍රෑම් දහයක පැකට්ටුවකි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු රැඳවියකගේ දින කිහිපයක අවශ්‍යතාව තවත් දින ගණනකට නවතා දැමීමට ඉන් හැකියාව ලැබුණි. තවත් දවසක වත්තේගම පොලිසියේ දූෂණ මර්දන පොලිසියේ ස්ථානාධිපතිගේ ඉල්ලීමකට අනුව අලවතුගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය පරීක්ෂණ රාජකාරියකට ගියා. අනිල් තවත් රහස් පරීක්ෂක කතාවකට මුල පුරයි. අලවතුගොඩ සිට කිලෝ මීටර් එකහමාරක දුරක් ගියේ වළවල් සහිත තාර පාරකය. පාර ඉතාමත් අසීරුය. එතැන් සිට තවත් කිලෝ මීටර් එකක පමණ අඩි පාරක ගොස් කුඹුරක් අසල නිවෙසක් ළඟ නැවතුණා. ටෝබි මේ වගේ ගමන් සඳහා කැමැත්තක් දක්වනවා. ඒ ඌට නිදහසේ ගමන් කළ හැකි නිසා විය යුතුයි. නිවසේ දොර ඇරලා තිබුණත් එළියේ කිසිවෙක් සිටියේ නැති නිසා දොරට තට්ටු කළා. නිවෙස ඇතුළේ සිටි කාන්තාවක් එළියට ආවා.
ටෝබි මේ වගේ ගමන් සඳහා කැමැත්තක් දක්වන්නේ ඇයි?
{ "answer_start": [ 862 ], "text": [ "ඌට නිදහසේ ගමන් කළ හැකි නිසා" ] }
f9b0086f-fbae-4161-b3fc-89f8fe607832
විජය රාජසිංහ රජුගේ අභාවය සමඟ කීර්ති ශ්‍රී රාජසිංහ නමින් රජ වන්නේ විජය රාජසිංහ රජුගේ බිසවගේ සොහොයුරාය. ඔහුද කුඩා වියේ පටන් වැලිවිට-සිටිනාමළුවේ සිල්වත් දෙනමගේ ශිෂ්‍යයෙකු ලෙස බුදු දහම හා පාලි සංස්කෘත භාෂා ශාස්ත්‍රය හැදෑරූ කුමරෙකි. ඔහු අන් හැම රජ දරුවෙකුට වඩා ඉදිරිගාමීව සසුන යළි ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාමය තම රාජ්‍ය පාලනයේ මුදුන් කාරිය සේ තබන්නේය. ඒ සිල්වත් සමාගම එරෙහි ගනින් වහන්සේලාගේ මෙන්ම බ්‍රාහ්මණ පූජක පැලැන්තියේ අභියෝග ප්‍රහාර මැදය. දීර්ඝ ආයාසයක ප්‍රතිඵල උදාවේ. සියම් රටින් සියම් රජ අණ ලැබ සියම් උපාලි මහ තෙරිදු සමඟ උපසම්පදාව සිරිලකට සැපත් වේ. ශාසන උදානයෙහි නිෂ්ක්‍රමණ ප්‍රහර්ෂය සතර අත උදාවිය. මහනුවර මල්වතු පෝයගේද අස්ගිරි පෝය ගෙය පුරා උපසම්පදා අපේක්ෂාවේ උළෙල නිමැවිනි. සිටිනාමළුවේ ධම්මජෝති සාමණේරයන් වහන්සේ ඒ වන විට අසූ තුන් විය ඉක්මවූ වෘද්ධයෙකි. සියළු සිල්වතුන්ට භාෂා ශාස්ත්‍රය කියා දුන් ගුරු දේවාචාර්ය සියළු පිළිකෙව්, ඉවත් කිරීම හා පළිගැනීම් මැද පසුපස නොහැරී ඉදිරි මඟ පෑදු ශාස්ත්‍රවන්ත සීල වෘද්ධයානන්ය. ඒ නයින් තපෝ වෘද්ධයාය. සිංහල ශාසන වංශයේ භාෂා ශාස්ත්‍රීය විදග්ධත්වය සීල කමටහනක් සේ පූජාබර පැවිදි දිවියක අඩිතාලම කරගත් දුර්ලභයාණන්ය. මේ අපූර්ව කෞෂල්‍යයේ පහන් සිල උපසම්පදා අපේක්ෂාවෙන් තමන්ගේ ශිෂ්‍යවරයන් සමඟද තමන් සමඟ එකට හිඳ මහා සටන් මැද සටන් කළ කල්‍යාණ මිත්‍රයන් තිදෙනා ද සමඟ බලා සිටියහ. ඒ වැලිවිට සරණංකර, වේහැලේලේ ධම්මදින්න, කඹුරුපිටියේ සඟිධර ගුණරතන සිල්වතුන් සමඟය.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු කාගේ ශිෂ්‍යයෙක් ද?
{ "answer_start": [ 122 ], "text": [ "වැලිවිට-සිටිනාමළුවේ සිල්වත් දෙනමගේ" ] }
af179ca2-294e-4c60-95ae-6367f51bc4f0
ක්‍රි.ව. 1341 දී හතරවන බුවනෙකබාහු රජු කුරැණෑගල අතහැර ගම්පොල සිය රාජධානිය පිහිටුවා ගත්තේය. මෙලෙස ඇරුඹි ගම්පොල රාජධානිය ක්‍රි.ව. 1415 දක්වා දශක 7ක් තුළ රජවරැන් පස් දෙනකු යටතේ පැවතිණ. දිවයිනේ රාජ්‍ය මධ්‍යස්ථානය මලය දේශය සහිත මායා රට කරා යොමු වූයේ ගිරි දුර්ගල වන දුර්ගල රුකවරණය ද ඇති බැවිනි. රාජ්‍ය පාලකයින් භික්ෂුන් වහන්සේලා මෙන් ම පොදු ජනතාවද මෙවන් රුකවරණ පෙදෙස් කරා යොමුවන්නට වූහ. එහි ප්‍රතිඵලය වූයේ දඹදෙණිය, යාපහුව, කුරැණෑගල හා ගම්පොල, ගඟසිරිපුර රාජධානි පිහිටුවා ගැනීමට ප්‍රවේශ වීමෙනි. 1997 වසරේ සංවර්ධන කටයුතු ආරම්භ කළ මෙම ඓතිහාසික කන්ද 2002 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොව හොඳම සංවර්ධනය කරන ලද කන්ද ලෙස තෝරා ගත් අතර 2007 වසරේ සැප්තැම්බර් 18 වැනිදා මහජනතාවට විවෘත කෙරිණි. ඉදිරියේදී පැමිණෙන පාසල් නිවාඩුවේදී මහනුවර ගම්පොල හරහා ඔබේ විනෝද චාරිකාව වැටී ඇත්නම් අම්බුලුවාවටත් ගොස් එන්නට අමතක නොකරන්න.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොව හොඳම සංවර්ධනය කරනලද කන්ද ලෙස තෝරා මහජනතාවට විවෘතකළේ කවදාද?
{ "answer_start": [ 629 ], "text": [ "2007 වසරේ සැප්තැම්බර් 18 වැනිදා" ] }
fc92d7bc-b8d4-4fef-be5e-808ef3cd48e8
වතු කම්කරුවො මාඩු සාමි කියල දෙවි කෙනෙකුත් ඇදහුවා. මේ දෙවියන්ගේ බැල්ම තියෙන්නේ ගර්භණි මාතාවන්ට කියල තමා ඒ අය විශ්වාශ කළේ. වත්තේ කවුරු හරි කාන්තාවක් දරුවෙක් ලැබෙන්න සූදානම් වෙනව නම් මාඩුසාමි දෙවියන් සංඛේතවත් කරන ගහක් හරි ගලක් හරි ළඟට ගිහින් ඒ අය බාර වෙනවා. කරදරයක් නැතිව දරුව ලැබුණු වහාම ඒ දරුවත් අරන් එතෙන්ට යන මේ අය එතනදි පොල් ගහල කුකුළෙක් කපල එතන ලේ හලල බාරේ ඔප්පු කරනවා. එහෙම නොකළොත් දරුවට වගේම අම්මටත් කරදරවලට මුහුණ දෙන්න වෙනව කියල තමා ඒ අය විශ්වාශ කළේ. කොහොම උනත් වසර පහකට පස්සේ මට උසස්වීමක් එක්ක පස්සර මහදෝව වත්තට මාරුවක් ලැබුණා.
මාඩු සාමි කියන දෙවියන්ගේ බැල්ම තියෙන්නේ කා හටද?
{ "answer_start": [ 78 ], "text": [ "ගර්භණි මාතාවන්ට" ] }
041d0244-4e5a-4221-afd7-12b1d88a0e7b
සාමාන්‍යයෙන් සෑම රාජකාරියක්ම හැම පොලිස් නිලධාරියෙකුටම ඉටු කළ හැකි වුවත්, නිල සුනඛ හසුරුවන්නකු වීමට සෑම පොලිස් නිලධාරියෙකුටම හැකියාවක් නැහැ. එයට හේතුව හොඳ කටහඬ පෞරුෂයක් ඒ සඳහා අවශ්‍ය විමයි. උන් පාලනය කරන්න ඒ හඬ වැදගත් වෙනවා. අනෙක් කරුණ නම්, සුනඛයාට සැබෑ ළෙංගතු කමක්, සැබෑ ආදරයක් තිබීමත් අවශ්‍යයි. සුනඛයාට බොරු කරන්න බැහැ. අපේ ශරීරයෙන් නිකුත් වන හෝමෝන ඌට දැනෙනවා. මේ අනුව දෙදෙනා අතර තියෙන සුහදත්වය අනුව රාජකාරිය නිවැරදිව ඉටු කළ හැකියි. උගේ කැත කුණු අත ගාන්න, ලෙඩ වුණාම බෙහෙත් කරන්න පමණක් නොවේ ආරෝග්‍ය ශාලාවේ දවස් ගණන් රැඳී ඉන්නත් වෙනවා. කාන්තා සුනඛ හසුරුවන්නියොත් ඉන්නවා. ඔවුන්ටත් මෙය පොදුයි. බොහෝ වේලාවට මත්ද්‍රව්‍ය පරීක්ෂණ සහ සංදර්ශන සඳහා කාන්තාවන් යොදා ගන්නවා.
සුනඛයා සමඟ රාජකාරිය නිවැරදිව ඉටු කළ හැක්කේ කෙසේද?
{ "answer_start": [ 370 ], "text": [ "දෙදෙනා අතර තියෙන සුහදත්වය අනුව" ] }
6975ce14-5f40-472d-9302-2ef21c69d02b
අපේ නඩයේ පිරිස කොම්බුකාර වළේ සීතල වතුරේය. අයෙක් ගලක් උඩ වාඩිවී දෙපා වතුරට දමාගෙන සිටියි. කුඩා මසුන් පොදිකමින් කකුල්වලට කොටනු පෙනෙයි. මේ මසුන් සම්භාහනය පිටරටවල ප‍්‍රචලිතය. එහෙත් අපේ රටේ එවැනි කතන්දර අසන්නටවත් නැත. තවත් ටික වේලාවක් මේ සීතල දිය අතරේ වැදී සතුටු වූයෙමු. මෙතැන හැරයෑමේ හිතක් නූපදින නිසාය. වේලාව දහවල් එකට කිට්ටුය. ඇත්තෙන්ම මේ දිවා ආහාරය ගතයුතු වේලාවයි. එහෙත් අපට නම් දිවා ආහාරය කීයට ලැබේදැයි සිතන්නටවත් නුපුළුවන. එහෙත් බඩගින්නට ඒ හුටප්පර වලින් වැඩක් නැත. එබැවින් දියෙන් ගොඩවීමු. පාර අද්දර ඇත්තේ කුඩා කඩයකි. රොටී ඇති බවට එහි කුඩා පුවරුවක් තිබේ.
පාර අද්දර ඇති කඩයේ පුවරුවේ ලියා තිබුනේ කුමක්ද
{ "answer_start": [ 518 ], "text": [ "රොටී ඇති බවට" ] }
1b97253e-707f-4532-8cab-1226a68a9460
තම ජීප් රිය බෝගහ හන්දිය දෙසට අඟලකුදු යා නොහැකි ලෙස පාර පුරා ජනකායක් වූ බැවින් පොලිස් පරීක්ෂකවරයා තම ජීප් රථයෙන් බැස්සේ පොලිස් පරීක්ෂක ශ්‍රීලාල් උපේන්ද්‍ර සහ උප පොලිස් පරීක්ෂක නෙවිල් ඇන්ටනි සමගය. ගතවූයේ තත්පර ගණනකි. සියරට බීම සාප්පුවේ බිත්ති ඔරලෝසුව පස්වරු 4.30 ට කම්පනයෙන් නවතිද්දී මුළු පළාතම දෙවනත් කරමින් ෆෝර්ඩ් කාරයේ වූ බෝම්බය පුපුරා ගියේ සිය ගණනකගේ ජීවිත අහිමි කරමිනි. එය කොළඹ පිපුරූ එවැනි වර්ගයේ පළමු බෝම්බය විය. පසුව හෙළිවූයේ බෝම්බයේ බර කිලෝ හැටක් පමණ වූ බවය. පිටකොටුව මහා බෝගහේ කොළ හැළී තිබිණි. බස් නැවතුම්පළේ එක් කොටසක් ගිනිගෙනය. පෙර පැවති පරිසරය ඒ අවට නැත. එය අමු සොහොන් පිට්ටනියක් බවට පත්ව ඇත. මළ සිරුරු සහ තුවාලකරුවන් සෑම තැනය. ඔවුන්ගේ සිරුරු තෙරපී කැළතී විසිරී ඇත. බස් නැවතුම්පළේ විවේකාගාරයේ කෙටි නින්දකට වැටුණු මගීහු සදාකාලික නින්දට වැටී සිටියහ.
බෝම්බයේ බර කීයද ?
{ "answer_start": [ 443 ], "text": [ "කිලෝ හැටක්" ] }
e96e224e-119e-4ce5-be94-ef086e5c71ea
මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර අයත් ප්‍රාන්ත රැසක් ලොක්ඩවුන් කර තිබේ. ඒ ඩෙල්ටා විකෘතිය ආසාදනය වූවන් වාර්තාවීමට පටන් ගෙන ඇති බැවිනි. ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 915 ක් වාර්තා වූ බවත්, ඕස්ට්‍රේලියාවෙන් දෛනිකව කොරෝනා ආසාදිතයන් 900 පසු කළ පළමු අවස්ථාව මෙය බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබේ. ලොක්ඩවුන් සීමා නිසා ජනතාවට සහ ව්‍යාපාරවලටත් රටේ ආර්ථිකයටත් සිදුවී ඇති සහ සිදුවන බලපෑම තමන් හොඳින් දන්නා බවත්, මේ මොහොතේ ලොක්ඩවුන් කිරීම අනිවාර්යය බවත්, ඉදිරියේ දී නව ක්‍රමවේදයකට හැඩ ගැසීමට කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
ව්‍යාපාරවලටත් රටේ ආර්ථිකයටත් සිදුවී ඇති සහ සිදුවන බලපෑම තමන් හොඳින් දන්නා බව පැවසුවේ කවුද?
{ "answer_start": [ 503 ], "text": [ "අග්‍රාමාත්‍යවරයා" ] }
8258c6ac-73bf-4d7b-a114-d73ae0e87e43
හිරු උදාවත් සමඟ, දිවා සේවා මුරය ඇරැඹෙයි. කොරල්පරයේ වෙසෙන මාළුවෝ, ඉස්සෝ ආදිය ඔවුනොවුනට ආවේණික බසින් ශබ්ද නඟති. පවතින නවීන තාක්ෂණය යොදා ගනිමින් බ්ලූ ප්ලැනට් වැඩසටහන නිර්මාණය කරද්දී, නිර්මාණකරුවන්ට සියුම් මයික්‍රෝෆෝන භාවිත කරමින් ජලයේ පැතිරී යන මෙම හඬ පටිගත කිරීමට ද හැකිවුණැයි පැවැසෙයි. කොරල් පරයේ සෑම පදිංචිකරුවකුටම, කිරීමට වෙනම කාර්යයක් පැවැරී තිබේ. මුහුදු කැකිරි යනුවෙන් හැඳින්වෙන ජීවීහු, කසළ ශෝධකයන් ලෙස කටයුතු කරති. කටින් කඩා, කොරල් ආහාරයට ගන්නා මසුන් වර්ගයක් ලෙස ගිරා මසුන් හැඳින්විය හැකිය. ගිරා මසුන් එනමින් හැඳින්වෙන්නේ, උන්ගේ මුඛය හොටක් බඳුවීම නිසාය. ගිරා මාළුවාගේ මුඛය සවිමත්ය. කොරල් හපා කඩා ඇතුළත මෘදු මාංශ අනුභව කිරීමට ඌට හැකිවෙයි. ආහාර අනුභවයෙන් පසු ගිරා මාළු රංචුව, වසුරු බැහැර බැහැර කරන්නේ කොරල්වලට පොහොර ලෙසිනි.
ගිරා මාළුවාට ඇති හැකියාව කුමක්ද?
{ "answer_start": [ 586 ], "text": [ "කොරල් හපා කඩා ඇතුළත මෘදු මාංශ අනුභව කිරීමට" ] }
8e8074e7-2f7f-4765-81b0-458b970e653d
කලක් තිස්සේ ලංකාව පුරා තාප්ප බිත්ති විචිත්‍රවත් ලෙස සැරසූ, තවත් විටෙක වෘත්තිය අරගලවල සටන්කාමි සටන් පාඨ අරගල මුවහත් කෙරුණු, තවත් විටෙක නාට්‍ය චිත්‍රපට ආදි සෞන්දර්යාත්මක ප්‍රකාශනයන් ප්‍රදර්ශනය කෙරුණු පෝස්ටර් කලාව අද වෙන විට විවිධ අභියෝගයන්ට මුහුණදෙමින් සිටින බව පෝස්ටරය සිය ප්‍රචාරක මෙවලමක් කරගත් බොහෝ දෙනා පවසති. පෝස්ටරය නාට්‍ය කලාවට, චිත්‍රපට කර්මාන්තයට, වෘත්තිය සමිති ක්ෂේත්‍රයට, සමාගම් ප්‍රවර්ධනයට, මාධ්‍ය කලාවට, ටියුෂන් ව්‍යාපාරයට පමණක් නොව ශිෂ්‍ය ව්‍යාපාර, දේශපාලන ව්‍යාපාර මේ ආදී සෑම ක්ෂේත්‍රයක් පුරාම සන්නිවේදන මාධ්‍යයක් ලෙස භාවිත කෙරුණ ද අද වෙන විට එය ටිකෙන් ටික ඉන් ඈත්වෙමින් පවතින බව ද ඔවුහු පෙන්වා දෙති.
පෝස්ටර් කලාව සන්නිවේදන මාධ්‍යයක් ලෙස භාවිත කෙරුනේ කුමන ක්ෂේත්‍ර වලටද?
{ "answer_start": [ 401 ], "text": [ "මාධ්‍ය කලාවට, ටියුෂන් ව්‍යාපාරයට" ] }
aa26b930-0c77-44ee-8213-4ecf6ef488e5
කෙසේ හෝ හිරු උදාවට පෙර අප මහගිරි දඹ තරණය කර උඩමළුවට ළඟා වුවද හිමිදිරි අරුණ තවමත් දෙරණත සිප ගැනීමට පැමිණි වග දුටුවේ නැත. පාන්දර 5.30 පසුවූවද හිරු උදාවක් සිරිපා රක්ෂිතයට නූයේ ප්‍රදේශයේ වලාකුළු සහ මීදුම අධික වූ හෙයිනි. කෙමෙන් කෙමෙන් අවට කඳු හා ඈත ගම්දනව් පෙනීමට ගත් නමුදු ඉර සේවයක් අද දිනයේ දක්නට නොලැබුණි. මොහොතකට අප වලාකුළු උඩ සිටිනා සිතුවිල්ලක නතර වූයේ අප සිටි උඩ මළුව වටා අංශක 360 ම එකම සුදු පාට මීදුමෙන් වැසී තිබුණු හෙයිනි. මිදුම් යාය කොතරම් ප්‍රබලද යත් ඒවා වලාකුළු මෙන් තදට තිබුණි. ඉතාමත් ඈත දුරක් දක්වා උස් කඳුවල මුදුන් ඉහළට එසවී තිබුණේ සුරලොවක අප සිටිනා පරිද්දෙනි.
සිරිපා රක්ෂිතයේ වලාකුළු සහ මීදුම අධික වී තිබුණේ කීයටද?
{ "answer_start": [ 120 ], "text": [ "පාන්දර 5.30" ] }