id
stringlengths 36
36
| context
stringlengths 267
2.55k
| question
stringlengths 13
446
| answers
dict |
---|---|---|---|
d87ec1b4-9fae-4172-9b80-cea348f4d406 | නවසීලන්තය ඕස්ට්‍රේලියාවේ අසල්වැසියෙකි. සාමාන්‍යයෙන් මේ කාලයේ එරට සීතල කාගුණයක් ඇති නමුත් අද ඒ තත්ත්වය වෙනස් වී ඇති බව පැවැසෙයි. ඕස්ට්‍රේලියා ළැව් ගිනි දුමාරය නවසීලන්තය තෙක් පැතිර ගොසිනි. නවසීලන්තයේ උතුරු දිවයිනට ළැව් ගිනි දුමාරයෙන් බලපෑම් එල්ල වී ඇති බවත්, අහස ද රතු තැඹිලි පැහැයක් සහ මූසල අඳුරු ස්වභාවයක් ගෙන ඇති බවත් නවසීලන්ත වැසියෝ කියති. තවත් ඛේදවාචකයක් ඇත. ගණන් බලා ඇති අන්දමට ඕස්ට්‍රේලියාවේ සතුන් මිලියන 480 ක් ළැව් ගිනි නිසා මියගොසිනි. ඕස්ට්‍රේලියාව මහද්වීපයකි. ඕස්ට්‍රේලියාවට පමණක් ආවේණික සතුන් බොහොමයකි. පැසිපොව්වන් සහ බිත්තර දමන ක්ෂීරපායීන් දකින්න ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවේ පමණය. බිත්තර දමන ක්ෂීරපායීයා ප්ලැටිපස් ය. ප්ලැටිපස් ඇතුළු සෙසු ක්ෂීරපායීන් පැසිපොව්වන් ලෙස සැලකෙයි. ඒ, කුඩා පැටවුන් ලොකු වනතුරු මවගේ උදරයේ පිටතින් ඇති පැසක් තුළ ජීවත් වෙයි. හොඳම උදාහරණය කැන්ගරු ය. අහස අහිමි යෝධ කුරුල්ලා එමූ, කෝලා වලසා, වොම්බැට්, එකිඩ්නා ආදිය ඕස්ට්‍රේලියාවේ පමණක් ජීවත් වන සතුන්ය. ඇතැම් සත්ව විශේෂ ළැව් ගිනි හේතුවෙන් සදහටම ලොවෙන් සමුගෙන ඇති බව ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කෝලා වළසුන් ගහණයෙන් තුනෙන් එකක් මුළුමනින්ම විනාශ වූ බව ද පැවැසෙයි. | ඕස්ට්‍රේලියාවේ ළැව් ගිනි නිසා කොපමණ සතුන් ප්‍රමාණයක් මිය ගොස් ඇත්ද? | {
"answer_start": [
397
],
"text": [
"සතුන් මිලියන 480 ක්"
]
} |
400e7a5a-e15f-4cb5-bd33-45682d637e69 | කොළඹ, කොල්ලුපිටිය ආනන්ද කුමාරස්වාමි මාවතේ සිනමන් රෙඩ් හෝටලය ඉදිරිපිට චාබඩ් හවුස් යනුවෙන් හැඳින්වෙන ස්ථානයක් ඇත. තාප්පයකින් වට වූ එම ස්ථානයේ ගේට්ටුව නිතරම වසා ඇත. ඉඳහිට විදේශිකයින් දෙදෙනෙකු තුන් දෙනෙකු මෙම ස්ථානයට ඇතුළුවෙනවා විනා කිසිම ශ්‍රී ලාංකිකයකු මෙහි ඇතුළුවනු දක්නට ලැබෙන්නේ නැත. අඩුම වශයෙන් චාබඩ් හවුස් ස්ථානයට අල්ලපු වත්තේ සිටින ආරක්ෂක නිලධාරියාවත් චාබඩ් හවුස් කියා ස්ථානයක් ඇති බවවත් දන්නේ නැත. ශ්‍රී ලාංකිකයින්ට ආගන්තුක වූ මෙම ස්ථානයට සෑම සිකුරාදා දිනයකම සවස හතර වන විට තිහ හතළිහක විදේශිකයින් පිරිස් පැමිණෙනු දැකිය හැක. ශ්‍රී ලංකාවේ ඇති එකම යුදා ආගමික වන්දනා ස්ථානය එනම් සිනොගය පිහිටා ඇත්තේ මෙම චාබඩ් හවුස් හිය. චාබඩ් යනු මෙම ආගමිකයින් අයත් ජාත්‍යන්තර සංවිධානයයි. කොල්ලුපිටියේ පිහිටි චාබඩ් නිවස ජුදා ආගමික සිනොගයක් ලෙස මෙන්ම, ශ්‍රී ලංකාවට පැමිණෙන ජුදා ආගමිකයින් මුණගැසෙන සංස්කෘතික මධ්‍යස්ථානයක් වශයෙන්ද භාවිත වෙයි. | තිහ හතළිහක පමණ විදේශිකයින් පිරිස් චාබඩ් හවුස් ස්ථානයට පැමිණෙන්නේ කවදාද? | {
"answer_start": [
445
],
"text": [
"සෑම සිකුරාදා දිනයකම"
]
} |
eabf2b86-68f2-4efe-b933-2c619f3a7460 | එසේම ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයාව සිටින කාලයේදී සෞදි අරාබි රාජ්‍ය පකිස්තානයේ තැන්පත් කල ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක සංචිතය 2023 ජුනි මස තෙක් පවත්වා ගෙන යාමට සෞදි අරාබි රාජ්‍ය එකඟතාව පළ කර ඇත. ඒ අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් සෞදී අරාබි මොහොමඩ් බින් සල්මන් කුමරු හමුවූ අවස්ථාවේ කළ ඉල්ලීමකට අනූවය. සෞදි අරාබි රාජ්‍ය විසින් පකිස්තානයට බොරතෙල් සහ අනිකුත් ඛනිජ තෙල් නිශ්පාදන තවදුරටත් සැපයීම සඳහා එකඟත්වය පළ කර ඇත. ඉම්රාන් ඛාන් අගමැති ධුරය දරණ අවස්ථාවේ වසරක කාලයක් සඳහා ලබා දුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක මුල්‍ය පැකේජය මෙසේ ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක් දක්වා වැඩි කර ඇත. හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ලබාදුන් ඩොලර් බිලියන 1.2 ක ඉන්ධන මුල්‍ය පහසුකම මෙම අවස්ථාවේ ඩොලර් බිලියන 2.4 ක් දක්වා වැඩි කර ඇත. | පකිස්තානයේ තැන්පත් කල ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක සංචිතය 2023 ජුනි මස තෙක් පවත්වා ගෙන යාමට රාජ්‍ය එකඟතාව පළ කර ඇත්තේ කුමන රාජ්‍යයද? | {
"answer_start": [
50
],
"text": [
"සෞදි අරාබි රාජ්‍ය"
]
} |
272efa0a-bf67-4d69-8942-6699791a1586 | ඉකුත් කාලයේ මෙවැනි දේශකයන් සිය ගණනක් විදේශයේ සිට මෙරටට පැමිණ ඇතැයි දැනගන්නට ඇත. ඔවුන් හැමදෙනාම ඉස්ලාම් මූලධර්මවාදය පතුරුවා නොහැරියත් බහුතරයක් දෙනා මූලධර්මවාදී දේශකයෝ වෙති. ඇමෙරිකාවේ නිව්යෝර්ක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුළුණු පුපුරුවා හල මුස්ලිම් තරුණයන්ට ඉස්ලාම් ධර්මය පිළිබඳ දේශනා තැබුවේද මෙවැනි දේශකයෙකි. දෙවියන් වහන්සේ මේ ලෝකය මවා ඇත්තේ මුස්ලිම්වරුන් වෙනුවෙන් බවත් අන් ජාතීන් කැමති නම් මුස්ලිම් විය හැකි බවත් අකමැති සියලු ජාතීන් මෙලොවින් ඉවත් කළ යුතු බවත් හිරිමල් යෞවනයන්ගේ මනසට ඇතුළු කරන්නේ මෙවැනි දේශකයන් විසිනි. එම තරුණයන් එම අදහස් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලය ලෝකයා මේ වන විට ඇස්පනාපිට දකිමින් සිටිති. | ලෝක වෙළද මධ්‍යස්ථානය පුපුරවා හැරියේ කුමන ජාතිකයෙක්ද | {
"answer_start": [
233
],
"text": [
"මුස්ලිම් තරුණයන්ට"
]
} |
28de791f-2085-4fe8-8348-620ce8831fcb | පාෂාණ සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කළ කොලරාඩෝ විශ්විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමට ඒවා එකම හැඩයකට සකස් කිරීම සඳහා විවිධ මෙවලම් භාවිත කර ඇති බවට වන සලකුණු හමු විය. එය මෙම පාෂාණ ස්වාභාවිකව නිර්මාණය වූ ඒවා නොවන බවට වන වැදගත් සාක්ෂියකි. අතීතයේ ලොව බොහෝ ප්‍රදේශවල ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා නිල් පතුරුගල් යොදා ගත් බවට මතයක් පවතී. ක්‍රි.පූ. 1500දී පමණ ග්‍රීක ක්‍රීට් දිවයිනේ ප්‍රාකාර සහ ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා මෙම පාෂාණ භාවිත කර තිබේ. ඒ අනුව මෙම පාෂාණය ග්‍රීසියෙන් හෝ තුර්කියෙන් ප්‍රචලිත වන්නට ඇතැයි අනුමාන කෙරේ. | අතීතයේ ගොඩනැගිලි ඉදිකිරීමට යොදා ගත්තේ කුමන ගල් ද? | {
"answer_start": [
282
],
"text": [
"නිල් පතුරුගල්"
]
} |
2e92eece-6910-46bd-91e8-ea3003630aa4 | සැඩ පහර සමඟ ගසාගෙන ගිය හර්බජාන් සිං යළි දකින්න ලැබුණේ නැත. හමුදා සොල්දාදුවන් එක් වී දින ගණනාවක් හර්බජාන් සිං සොයන්න වූ නමුත් ඔහුගේ සිරුර හමුනොවිණි. අසාර්ථක උත්සාහයකින් පසු සිරුර සෙවීම අතහැර දැමුණි. ඉන්පසු දිනක් දෙකක් ගත වෙද්දී, හර්බජාන් සිංගේ හමුදා කණ්ඩායමේ සගයන්ට රෑ හර්බජාන් සිං පෙනෙන්න විය. එය සිහිනයක් ද එසේත් නැතිනම්, හර්බජාන් සිං ගැන සිත් තැවුලෙන් සිටි නිසා ඔහුගේ සගයන්ගේ සිතේ මැවුණු සිතුවිල්ලක් ද නොදනී. කෙසේ නමුත් හමුදා සගයන් හැමෝටම දකින්න ලැබී ඇත්තේ එකම සිහිනයක් බව පැහැදිලි විය. අවතාරයක් විලසින් ආ හර්බජාන් සිං හමුදා සගයන්ට පවසා ඇත්තේ, තමාගේ මළසිරුර ඇති ස්ථානයයි. තමන් සැමදා සොල්දාදුවකු ලෙස සිටින බවත්, සදාකල් නතුල්ලා දුර්ගයේ මුර සංචාරයේ යෙදෙන බවත් හර්බජාන් සිං ගේ අවතාරය පවසා ඇත. එය සිහිනයක් යැයි සිතා සොල්දාදු සගයන් ඔවුන්ට දකින්න ලැබුණු දේ බැහැර කරන්න උත්සාහ කළ නමුත්, හැමෝටම පෙනුණේ එකම සිහිනයක් බැවින් කවුරුත් ඒ ගැන උනන්දුවක් දක්වන්නට වූහ. | හබර්ජාන් සින් සිහිනෙන් පෙනුනේ කාටද? | {
"answer_start": [
243
],
"text": [
"හමුදා කණ්ඩායමේ සගයන්ට"
]
} |
553e7851-f9b8-42a8-b60e-c500f6d9b6fb | ඉන්දියන් සාගරයේ මුතුඇටය නමින් හඳුන්වන අපේ රට තරම් සංචාරය කිරීම සඳහා සුදුසු වෙනත් දිවයිනක් ලෝකයේ වෙනත් මහද්වීපයක දක්නට නොලැබෙන බව අපගේ පෞද්ගලික මතයයි. මෙරට තුළදී ලෝකයේ තිබෙන ඕනෑම දේශගුණික රටාවක් පැය 04ක් වැනි සුළු කාලයක් තුළදී විඳගැනීමට හැකි නිසා විදෙස් සංචාරකයෝ වැඩි වශයෙන් මෙහි පැමිණීමට ප්‍රිය කරති. එලෙස මෙරටට පැමිණෙන සංචාරකයන් අපට වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ දකුණුලක මුහුදු තීරයේදීය. දූපතක් ලෙස ශ්‍රී ලංකාව වටා කිලෝමීටර් 1500කට වඩා විශාල වෙරළ තීරයක් පිහිටා තිබුණත්, වැඩි දෙනා නිදහසේ නිවාඩුවක් ගත කිරීමට තෝරාගනු ලබන්නේ දකුණු පළාත තුළ තිබෙන මුහුදු තීරයයි. පහසුවෙන් ළඟා වීමට හැකි නිසත්, එකි නෙකට වෙනස් මුහුදු වෙරළ දක්නට ලැබෙන නිසත් සංචාරකයෝ වැඩි වශයෙන් එහි සැරිසරති. | වැඩි දෙනා නිදහසේ නිවාඩුවක් ගත කිරීමට තෝරාගනු ලබන්නේ කුමන මුහුදු තීරයද? | {
"answer_start": [
520
],
"text": [
"දකුණු පළාත තුළ තිබෙන මුහුදු තීරයයි"
]
} |
1150c3af-2b40-4d73-a2e8-48a6a79c5e82 | එක් කොළ කැස්බෑවෙක්, දිනකට කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් තණ කොළ ආහාරයට ගනී. කොළ කැස්බෑවාට කවදාවත්, සැනසිල්ලේ ආහාර ගැනීම කළ නොහැකිය. ඒ, තමන් ගොදුරු කර ගැනීමට පැමිණෙන දඩයක්කරුවන් ගැන සෙවිල්ලෙන් සිටීමට කැස්බෑවාට සිදුවන බැවිනි. හොඳින් වැඩුණු කැස්බෑවුන්, ව්යාඝ්ර මෝරකු පිහිනා එනු දුටුවොත්, මෝරා මඟ හැර යයි. මෝරා එවැනි කැස්බෑවුන්ට පහර දෙන්නේ ද නැත. මෝරුන් පැමිණෙද්දී, කැස්බෑවුන්ට එහෙ මෙහෙ යන බැවින්, ආහාර ගැනීමට උන් එක තැන වැඩි වෙලා රැදෙන්නේද නැත. එක තැනකට පමණක් සීමා වන්නේද නැත. එය කාට කාටත් හොඳ දෙයකි. එවිට මුහුදු තණ පිට්ටනිවල එක තැනක තණ කොළ අඩු වෙමින්, හිඟයක් ඇති වන්නේ නැත. එය, අප සැමට ලොකු වාසියකි. හේතුව, මේ සාගර තණ කොළවලින් සාගරයට, සාගර ජීවීන්ට පමණක් නොව, සමස්ත පෘථිවි වාසීන්ට සිදුවන මෙහෙවර අති විශාලය. | එක් කොළ කැස්බෑවෙක්, දිනකට කොපමණ ප්‍රමාණයක් තණ කොළ ආහාරයට ගනීද? | {
"answer_start": [
20
],
"text": [
"දිනකට කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක්"
]
} |
a9863751-7536-4e8d-99c4-63fd0ca3477c | නමුත් ගේට්ස් පාසලේ පන්ති කාමරයට නියමිත මාර්ගයෙන් නොපැමිණිය ද පරිගණකය භාවිත කරන බව දත් ගුරුවරු විදුහල්පතිවරයාට කියූ විට විදුහල්පතිවරයා ගේට්ස් ගෙන්වා ප්‍රශ්න කළේය. ඔහුගෙන් ලැබුණු පිළිතුරු විදුහල්පතිවරයා සසල කරන්නට සමත් විය. ගේට්ස් පාසලේ පරිගණකය මුදල් නොගෙවා භාවිත කළ හැකි ආකාරයට හැක් කර තිබිණි. ඒ අනුව ගේට්ස් යනු හැකර්වරයෙකි. මේ කොලු ගැටයාගේ හැකියාව අසාමාන්‍ය බව දැනගත් විදුහල්පතිවරයා ඔහුට පාසලේ පරිගණකයේ හටගන්නා දෝෂ සකස් කිරීමට අවස්ථාව ලබා දුන්නේය. පොත පත කියවීමට උනන්දු නොවූව ද ධාරණ ශක්තියෙන් හා අවබෝධ කරගැනීමේ හැකියාවෙන් ඉදිරියෙන් සිටි බිල් ගේට්ස් පාසලේ අවසන් විභාගය සමත් වූයේ අසාමාන්‍ය දක්ෂතාවක් පෙන්වමිනි. ඒ විභාගයේ ලකුණු 1600න් 1590ක් ම ඔහු තමන් සතුකරගෙන තිබිණි. | අසාමන්‍ය දක්ෂතාවයක් පෙන්වමින් අවසන් විභාගය සමත් වූයේ කවුද? | {
"answer_start": [
537
],
"text": [
"බිල් ගේට්ස්"
]
} |
6829d82a-6fff-4d9a-9c56-2e6f05cea46f | 2023 වසරේ යළි මහ මැතිවරණයක් පැවැත්වෙන තුරු පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය ෂෙහ්බාස් ෂරීෆ්ට හිමිවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති. ෂෙහ්බාස් ෂරීෆ් පන්ජාබ් ප්‍රාන්තයේ මහ ඇමැති ධුරය හොබවා තිබේ. චීනය සමඟ ද යහපත් සබඳතා පවත්වන ෂෙබාස් ෂරීෆ්, චීනය පාකිස්තානයේ සංවර්ධන කටයුතුවලට සහාය ලබා දී තිබේ. ෂෙහ්බාස් 1999 දී පාකිස්තානයේ හමුදා කුමන්ත්රණයකින් පසු සිරගත දඩුවම් විඳි අතර පසුව සෞදි අරාබියට පිටුවහල් කෙරුණි. ෂෙහ්බාස් ෂරීෆ් 2007 දී නැවත පාකිස්තානයට පැමිණියේය. පැනමා පත්‍රිකා හෙළිදරව් කිරීම්වලට අනුව, වත්කම් සඟවා ගැනීමේ චෝදනාව මත නවාස් ෂරීෆ් 2017දී වරදකරු වෙද්දී ෂෙහ්බාස් පාකිස්තාන මුස්ලිම් ලීගය-නවාස් නායකයා බවට පත්වෙමින් දේශපාලන වේදිකාවට පිවිසියේය. | පසුව ඔහුව පිටුවහල් කෙරුණේ කොහෙටද? | {
"answer_start": [
377
],
"text": [
"සෞදි අරාබියට"
]
} |
46b1ec11-3962-470a-aff7-09c7a60c5c0d | ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ද ඉකුත් බ්‍රහස්පතින්දා හැන්දෑවේ පක්ෂ මූලස්ථානයේ දී රැස්වූයේ විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ය. එහි විශේෂත්වය වූයේ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින සහ සම්බන්ධ වීමට නියමිත මන්ත්‍රීවරුන් කිහිප දෙනා ද මෙම සාකච්ඡාවට සහභාගී වී සිටීම ය. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක ඇතුළු පිරිස ඊට සහභාගි වූහ. ආණ්ඩුවට සම්බන්ධ නොවිය යුතුය යන අදහසේ දැඩිව සිටින ශාන් විජයලාල් ද සිල්වා, දුෂ්මන්ත මිත්‍රපාල, ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම එදින සාකච්ඡාවට සහභාගී වූයේ නැත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ සාකච්ඡාවට මහ ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ද සහභාගි වී සිටි නමුත්, ආණ්ඩුවේ තනතුරු ගත් මැති ඇමැතිවරුන් ද ඊට සහභාගිවීම සම්බන්ධයෙන් ඔහු සිටියේ එතරම් කැමැත්තකින් නොවේ. ඒ බව හොඳින් ම පෙනුනේ සාකච්ඡාව අවසන් වී පිටව යන අවස්ථාවේ දීය. පක්ෂය ගන්නා තීන්දු සම්බන්ධයෙන් එළියට විත් මාධ්‍ය හමුවේ වෙනදා ප්‍රකාශ නිකුත් කරන්නේ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාය. එහෙත් මෙවර සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළකළේ නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන දෙදෙනාය. ජයසේකර මන්ත්‍රීවරයා අනුගමනය කළේ මගහැර යාමේ ප්රතිපත්තියකි. ඔහු එදින පක්ෂ මූලස්ථානයෙන් පිටත්ව ගිය නොරුස්නා ස්වභාවයෙන් එය හොඳින්ම පැහැදිලිය. නිමල් සිරිපාල හා මහින්ද අමරවීර දෙදෙනාම කියා සිටියේ විසිඑක්වෙනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇති බව ය. ආණ්ඩුවට සම්බන්ධ වූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි එහි සිටි මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසූ නමුත් ඔහු කිව්වේ දැන්ම යමක් කිව නොහැකි බවය. නිමල් සිරිපාල හා මහින්ද අමරවීර ආණ්ඩුවේ තනතුරු භාර ගැනීම සම්බන්ධයෙන් පක්ෂයේ සභාපතිවරයා කලින් නිකුත් කළ නිවේදනයෙන් ද කියා සිටියේ, පක්ෂය තනතුරු භාර ගැනීමට තීරණය කර නොමැති බවය. තනතුරු බාර ගත් අය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ගය කුමක්දැයි ඔහු පැහැදිලි කර තිබුණේද නැත. | මෙවර සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූයේ කවුද? | {
"answer_start": [
1038
],
"text": [
"නිමල් සිරිපාල ද සිල්වා"
]
} |
8d9587ce-2700-431a-94e6-0d23e866de2b | ‘වෝන්ඩර් වුමන්’ චරිතයට පණ පොවමින් මුළු ලෝකයේම ආදරය දිනාගත් ගාල් ගැඩෙට් පෙනී සිටින චිත්‍රපටයක් මේ දිනවල ප්‍රදර්ශනය වෙමින් පවති. ඒ කෙනත් බ්‍රනාග් විසින් අධ්‍යක්ෂණය කළ ‘ඩෙත් ඔන් ද නයිල්’ චිත්‍රපටයේය. ටොම් බැට්මන් හා ඇනට් බෙනින් දෙදෙනා ප්‍රධාන චරිතවලට පණ පොවන මෙහි බොලිවුඩ් සිනමා නළු අලි සෆර්ද රංගනයෙන් දායක වීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ඉක්මවා ආදායමක් උපයා ගැනීමට සමත්වද ඇත. | ‘ඩෙත් ඔන් ද නයිල්’ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ කවුද? | {
"answer_start": [
129
],
"text": [
"කෙනත් බ්‍රනාග්"
]
} |
3f894035-9641-4590-8d82-806d8a8edb56 | එමා ජයග්‍රහණය කළ අවස්ථාවේදී පළමුවෙන් සුබ පැතුම් එක් කළේ දෙවැනි එලිසබත් මහ රැජිනය. “මෙතරම් ලාබාල වයසේ මෙතරම් හපන්කමක් කිරීමට ඇය සමත් වූයේ ක්‍රීඩාව වෙනුවෙන් ඇය කළ කැපකිරීම් නිසයි. ඇගේ මහන්සියේ ප්‍රතිඵල ඇයට ලැබුණා.” යැයි එලිසබත් මහ රැජිනගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වී තිබේ. බ්‍රිතාන්‍ය ආග්රාමාත්ය බොරිස් ජොන්සන් ද එමා ට සුබ පැතුවේය. ඒ, ට්විටර් පණිවුඩයකිනි. “ඒක නම් හරිම අපූරු තරගයක්. විශිෂ්ට ජයක්. එමා රෙඩුකානු ඔයාට සුබ පැතුම්.” යනුවෙන් එම ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි. එමා රෙඩුකානුගේ මාපියන් මහා බ්‍රිතාන්‍යයේ පදිංචියට පැමිණෙද්දී එමාගේ වයස අවුරුදු දෙකකි. එමාගේ පියා ඉයන්, රොමේනියානු ජාතිකයකු වන අතර මව රෙනේ, චීන ජාතික කාන්තාවකි. පියා උපත ලබා ඇත්තේ රොමේනියාවේ බුචාරෙස්ට් අගනුවර ය. මව රෙනේ උපත ලබා ඇත්තේ චීනයේ ලියෝනින් පළාතේ ෂෙංයැං නගරයේය. තමන්ට මැන්ඩරීන් බස කතා කිරීමට පුළුවන් බව රෙඩුකානු පවසයි. තමන් වසරකට වරක්, පියා සහ මව සමඟ අත්තම්මා බැහැදැකීමට රොමේනියාවට යන බවත් අත්තම්මාගේ රොමේනියානු රස කෑම වර්ගවලට තමන් හුඟක් කැමති බවත් එමා පවසා තිබේ. තායිවාන ටෙලි කතා නැරැඹීමට එමා ප්‍රිය කරයි. එමාට කැනඩාවේත් මහා බ්‍රිතාන්‍යයේත් ද්විත්ව පුරවැසිභාවය හිමිය. | එමා ජයග්‍රහණය කළ අවස්ථාවේදී පළමුවෙන් සුබ පැතුම් එක් කළේ කවුද ? | {
"answer_start": [
56
],
"text": [
"දෙවැනි එලිසබත් මහ රැජිනය"
]
} |
887459c4-c72b-42dc-a5c7-77ef34fc6292 | මෙසේ හුස්ම ගැනීම නැවතී හිරවුණ විට, හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය නැවතුණ විට, රුධිර සැපයුම අඩපණ වේ. එවිට පෙණහලුවල ගර්තවල ජලය පිරෙන්නට පටන් ගනී. ඒ ලේවල පවතින ජලයෙනි. ගර්තවල පවතින ලිස්සන සුලු ද්‍රාවණයක් ජලය සමග මිශ්‍රවී සිරුරෙන් පිටතට ගමන් කරන්නේ ඇතිවන ක්‍රියාවලියට ප්‍රතිරෝද ලෙසය. එය ජලයේ ගිලුණ අයෙකුගේද සර්පයෙක් දෂ්ට කළ අයෙකුගේද එනම් ක්ෂණයෙන් හෘද ස්පන්දනය හා ශ්වසන ක්‍රියාවලිය ඇණ හිටින ලද අවස්ථාවකදී දැකිය හැකිය. සිරුර වෙළේ වැටීමෙන් තෙමෙනවාට වඩා තදින් ජලයක වැටී සිටියා සේ තෙමී ඇති බවක්ද දක්නට හැකි විය. මේ සියල්ල පරික්ෂා කර නිගමනයට එළැඹි අධිකරණ වෛද්‍යවරයා පොලිසිය දැනුම්වත් කරමින් කියා සිටියේ සිරිතුංග මුලින්ම මිය ගොස් සිටි ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ගෙනවිත් දමා ඇති බව ස්ථිර බවත් එසේම ඔහුට කම්බියකින් විදුලි සැර වැදීමෙන් මරණය සිදුව ඇති බවත් පැවසීය. එවැනි ස්ථානයක් ගැන පරීක්ෂා කර බලන ලෙස පොලිසියට දැනුම්වත් කරනු ලැබිණ. | රුධිර සැපයුම අඩපණ වීමට හේතුවක් සදහන් කරන්න. | {
"answer_start": [
35
],
"text": [
"හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය නැවතුණ විට"
]
} |
744fa498-c03f-4b6e-97b6-99ef3a110e9f | අසීමාන්තික ලෙස දරුවන්ට ආදරය කරනා මව්වරුන්ට පියවරුන්ට එම දරුවන් අහිමි වී ගියහොත් දරු දුක ඉවසාගත නොහැකිව සියදිවි හානි කරගන්නා අය බොහොමයක් සිටියදී ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ධෛර්යවන්ත ගැහැනියකි. ඇය සිටින්නේ බ්‍රසීලයේ සාඕ පවුලේ ප්රාන්තයේය. නමින් ඉවොන් මාටින්ස් වන්නීය. එක්දරු මවක වූ ඇය සිය පුත්‍රයාගේ මරණයත් සමග ඇතිවූ පීඩනය අවම කිරීමේ අරමුණින් ඉවොන් මෙම අපූරු නිවස ඉදිකිරීම ආරම්භ කර තිබේ. අවට පරිසරයේ කසළ ලෙස එක්රැස් වී තිබූ බෝතල් දැකීමෙන් තමාට බෝතල් යොදාගෙන නිවස ඉදිරිකිරීමේ අදහස් පහළවූ බව ඇය ප්‍රකාශ කළාය. නිවස ඉදිකිරීම සඳහා වීදුරු බෝතල් හයදහසක් පමණ යොදාගෙන ඇති අතර සිමෙන්ති බදාම මගින් බෝතල් එකිනෙක සම්බන්ධ කර තිබේ. | ඇයට පීඩනයක් ඇතිවුනේ කුමක් සමඟද? | {
"answer_start": [
285
],
"text": [
"සිය පුත්‍රයාගේ මරණයත් සමග"
]
} |
a4fad120-ab22-4053-9a31-dc2fa8888b74 | ත්‍රස්තවාදී සංවිධාන ලෙස ඉස්ලාමිකයන් හා සම්බන්ධ සංවිධානය තුනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහනම් සංවිධාන ලෙස නම් කර ගැසට් කරනු ලැබිණ. එසේ තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුවේ ජමාතේ මිල්ලතු ඊබ්‍රාහිම් හා විලයාන් අස් සෙයිලනි සංවිධාන දෙක මෙන්ම ජාතික තවුහිද් සංවිධානය වේ. මේ සංවිධානය සෘජුවම පාස්කු ඉරිදා ප්‍රහාරය හා සම්බන්ධ වූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් නියෝජනය කළ සංවිධානයන්ය. මෙයින් සහරාන් නියෝජනය කරන්නේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයයි. එහෙත් ඔහුගේ ආරම්භය කොහේද? මේ සම්බන්ධයෙන්ද විවිධ මත තිබේ. ඒ අතර වඩාත් පිළිගැනීමට ලක්වන මතය ලෙස ඉදිරිපත්ව තිබෙන්නේ ඔහු ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය සමග කලක් එකට කටයුතු කර 2016දී පමණ එයින් ඉවත් වී වෙනම සංවිධානයක් ගොඩ නගාගෙන ඇති බවය. | මෛත්‍රීපාල සිරිසේන යනු කව්ද? | {
"answer_start": [
62
],
"text": [
"ජනාධිපති"
]
} |
86809c7b-c151-4a52-99be-64d0b67d45f6 | පුතාගේ කෑ ගැසීම් හඬට දිව ආ ගයාන්ගේ පියා ආරියරත්නටද අපරාධකරුවන්ගෙන් ගැලවිල්ලක් නොවිණ. ඔහුටද බේරී දුවන්නට අන් තැනක් පෙනුණේ නැති නිසා අසල්වැසි නිවස කරාම දිව ගියේය. එහි එළිපත්ත ආසන්නයේ බරපතළ කැපුම් තුවාල සහිතව ආරියරත්න ඇද වැටුණේය. ඉන්පසු පැමිණියේ ගයාන්ගේ මවය. ඇයට එල්ල වූ පළමු පහරින්ම ඇය ඇද වැටිණ. තවත් පහර කීපයක් එල්ලකොට කිණිස්සෙන්ද කපා තුවාල සිදුකරද්දී මවගේ විලාපය අසා සිටිනු නොහැකිව සඳකැලුම්ද සැඟවී සිටි තැනින් එළියට ආවේය. අපරාධකරුවෝ ඔහුටද ප්‍රහාරය එල්ල කළත් ඒ වනවිට අසල්වැසියන් තැනින් තැනින් එබිකම් කරමින් කෑ ගසන්නට පටන් ගෙන තිබූ නිසා අපරාධකරුවෝ ප්‍රහාරය නවත්වා තමන් පැමිණි යතුරුපැදියෙන්ම පලාගියේ අත වූ මුගුර ද නිවස ඉදිරිපිට ඇළ මාර්ගයට විසිකරමිනි. | පුතාගේ සද්දෙට දිව ආවේ කව්ද | {
"answer_start": [
27
],
"text": [
"ගයාන්ගේ පියා"
]
} |
25d0c6a7-df5a-4ab5-805c-9e9f507d8d0f | මේ විදිහට හොඳින් හැඳ පැළඳ දර්ශන තලයට එන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. ‘දඬුමොනරය’ රූගත කරන දිනවල කොස්ගම ප්‍රදේශයේ නිතර වැසි ඇද වැටුණේය. සුමිත්ත බොහෝ දර්ශන සඳහා විදුලි අලෝකය යොදා ගත්තේය. ඇතැම් එළිමහන් දර්ශන සඳහා විදුලි පහන් යොදා ගැනිණ. විදුලි පහන් රඳවනය පිටින්ම රැගෙන ගොස් ඔහු තමන්ට අවශ්‍ය තැන තබා ගනියි. එය එහෙ මෙහෙ කර එළිය ගලා යන්නේ කොතැනට දැයි විපරම් කරයි. ඒ සියල්ල සිදුවන්නේ ඉතා සෙමෙනි. මහගමසේකර නම් ප්රබුද්ධ කවියා සිය සිනමාවට අත්පොත් තබන්නේ ‘තුන්මන් හන්දිය’ චිත්‍රපටයෙනි. එය ඔහුගේ ප්‍රථම මෙන්ම අවසාන චිත්‍රපට අධ්‍යක්ෂණය ද විය. ඒ කාලය වන විට සිනමාවේ කාර්මික පැත්ත පිළිබඳව විශාල දැනුමක් ඔහුට නොතිබුණ ද නිර්මාණශීලිත්වය ඒ සියල්ලට වඩා ඉහළන් වී තිබුණේය. ‘දඬුමොනරය’ රූගත කරද්දී ‘තුන්මන් හන්දිය’ චිත්‍රපටයට සම්බන්ධ වූ ප්‍රධාන චරිත දෙකක්ම දර්ශන තලයේ සිටියහ. | මහගමසේකර නම් ප්රබුද්ධ කවියා සිය සිනමාවට අත්පොත් තබන්නේ කුමන චිත්රපටයෙන්ද? | {
"answer_start": [
449
],
"text": [
"‘තුන්මන් හන්දිය’ චිත්‍රපටයෙනි"
]
} |
718e113c-75a8-4c6a-934d-fe29b27329e0 | එක්දාස් නවසිය අසූ ගණන්වල සංස්කෘතික ත්‍රිකෝණයෙන් මේ දාගැබ ප්‍රතිසංස්කරණය කළා. ඒ වැඩට හවුල් වුණු අයට යහපතක් වුණේ නෑ. පවුල් කැඩිලා විසිරිලා ගියා. අකාලයේ මිය ගියා. මේ දාගැබ අලුත්වැඩියා කරන්න ආපු වෙළෙන්දකුගේ නෑයෙක් කාලයක් දාගැබ ළඟ පදිංචිවෙලා හිටියා. ඒ වුණාට ඒ ආපු කණ්ඩායම අතරම එක එක කලකෝලාහල ඇතිවෙලා අර මැණික් ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික ස්ථානයත් විනාශ වෙලා ගියා. 1992 විතර සංස්කෘතික ත්‍රිකෝණයේ නිලධාරී කණ්ඩායමක් මේ දාගැබ සාරා පරීක්ෂණයක් කිරීමට ආවා. ඒ හෑරීමේ දී දාගැබේ එක තැනකින් විශාල ගල් කුට්ටියක සිදුරක් මතුවුණා. ඒක අඟල් හතරක් තරමේ අතක් ඇතුළට දාන්න පුළුවන් තරමට පුංචි සිදුරක්. ඒ සිදුර දාගැබේ තිබුණු රහස් උගුලක් කියලා පස්සේ එළිවුණා. ඒ සිදුර දාගැබේ නිධානය ආරක්ෂා කිරීමට යොදපු උගුලක්. | එය ප්‍රතිසංස්කරණය කළේ කුමන වර්ෂ වලද? | {
"answer_start": [
0
],
"text": [
"එක්දාස් නවසිය අසූ ගණන්වල"
]
} |
47dbafac-4f63-414f-ac07-fa8210b0600e | කුඹල්කරුවන් ‘පණ්ඩිතයන්’ යන නමින් ද හැඳින්වූ නිසා මේ වළං කද රැගෙන ඒදණ්ඩකින් එගොඩ වෙන්නට ඔහුට නොහැකිය. ‘පණ්ඩිතයන්ට ඒදණ්ඬේ යන්නට බෑ’ යනුවෙන් ජනප්රවාදයේ සඳහන්වෙන්නේ මේ අදහසින් බව පුරා විද්‍යා ගවේශකයෙක් සහ ජනශ්රැති පර් යේෂකයෙකු වූ ආචාර්ය කමල් අබේවර්ධන මහතා පැවසුවේය. අතීතයේ ඒදඬු තිබුණු බවට විශ්වාස කරන තැන් කිහිපයකින් එවැනි වළං කැබලි හමුවූ බව ද ආචාර්ය කමල් අබේවර්ධන මහතා කියයි. මේ අතීත ජනප්රවාදයේ කියන ‘කුඹල්කරුවන්’ කුරුවිට සිටියේ නම් තැනිතලා ඔස්සේ ගලා බසින ඇළ දොළ ගංගා වලින් එගොඩ වෙන්නට යෙදූ ඒ ඒදඬුවලින් එගොඩවෙන්නට ‘පණ්ඩිකයන්’ වූ කුඹල්කරුවන්ට නොහැකි වන්නට ඇතැයි ද අනුමාන කළ හැකිය. එය මේ සිරිපා කරුණාවට සුරංගනාවියන් මල් නෙළුෑ බවට විශ්වාස කරන රාජකීය මල්වත්ත හා බැඳුණ ජන කියමනක් වෙන්නට ඇතැයි ද බැහැර කළ නොහැකිය. | ආචාර්ය කමල් අබේවර්ධන මහතා යනු කුමන පරීක්ෂකයෙක්ද ? | {
"answer_start": [
176
],
"text": [
"පුරා විද්‍යා ගවේශකයෙක් සහ ජනශ්රැති පර් යේෂකයෙකු"
]
} |
8a75fb9a-ef71-494b-8680-b3ca2ef7e8d5 | මෙහි ඇති ලන්දේසි යුගයේ අනෙක් අයිතම අතර ඇතැම් පුටු එකකට එකක් නොගැලපෙන බවක්ද පෙනෙන්නට තිබුණි. එහි සිටි බැතිමතකු පැවසුවේ ඈත අතීතයේ ඕලන්ද රෙපරමාදු භක්තිකයන් පල්ලියේදී යාඥා කිරීමට සුවිශේෂ පුටුවක් රැගෙන ආ බවකි. එම පුද්ගලයාගේ අභාවයෙන් පසු එය පල්ලියට පූජා කිරීම එදා ඕලන්ද ජාතිකයන්ගේ චාරිත්‍රයක් වී තිබී ඇත. මුඛ පරම්පරාගතව පැවත එන්නේ මේ පුටු ගැන එවැනි කතාන්තරයකි. මෙහි ලංකාවේ කොතැනකදීවත් දැකගත නොහැකි සියඹලා ලීයෙන් තැනූ කනප්පුවක් ඇති අතර එය පල්ලියේ ආරම්භය තරම්ම ඉතිහාසයකට උරුමකම් කියන්නකි. මෙහි ඇති ඉපැරණි ඝාණ්ටාරය සහ ආණ්ඩුකාරයා දේව මෙහෙයට අසුන්ගත් ස්ථානය අදටත් සුරැකිව ඇත්තේ තවත් වසර දහස් ගණකට රැකගත හැකි ලෙසය. මෙහි ඇති වහලය තෙක් උසැති වීදුරු කැටයම්වල වර්ණ දශක 3කට ආසන්න වූ මුත් යන්තමින් වත් දුර්වර්ණ වී නැත. මෙහි ඇති අත්වැල්වල සියුම් කැටයම් වත්මනෙහි ඩිජිටල් ලී කැටයම් කපන යන්ත්‍රයකින් කැපිය නොහැකිය. | මෙහි ඇති ලංකාවේ කොතැනකදීවත් දැකගත නොහැකි දෙය කුමක්ද? | {
"answer_start": [
392
],
"text": [
"සියඹලා ලීයෙන් තැනූ කනප්පුවක්"
]
} |
a8abc04c-867c-44f7-bd65-02c6b538e8f9 | එක් පුරාවෘත්තයක සඳහන් වන්නේ ගිරිකාට ගොදුරු වූවන්ගෙන් එක් අයෙකු සමුද්‍රා නම් බෞද්ධ භික්ෂුවක් බවයි. ගිරිකා විසින් ඔහුට වධ හිංසා කළ ද, ඔහු නිරුපද්‍රිතව සිටි අතර, මෙම ප්රාතිහාර්යය පිළිබඳ පුවත අධිරාජයාට දැනගන්නට ලැබුණි. සමුද්‍රා තෙර මුණගැසුණු අධිරාජයාට උන්වහන්සේ දුන්නේ බුදුන් වහන්සේ දේශිත අනාවැකියට අනුකූලව ස්තූප 84,000ක් ගොඩනගන ලෙසත්, සියලු සත්වයන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත්ය. එම ඉල්ලීම්වලට එකඟ විය. ඔහු සිය අපරාධ පාපොච්චාරණය කර බුදුන් හා ධර්මය පිළිගත්තේය. අශෝක නිරිඳුන් බුදුසමය වැළඳ ගැනීම පිළිබඳව වූ පුවත දිව්‍යාවදාන කෘතිය එසේ සඳහන් කළ ද, පැරණි මූලාශ්‍ර බොහොමයක සඳහන් වන්නේ කාලිංග යුද්ධයෙන් අනතුරුව අශෝකයන් බුදු සමය වැළඳ ගත් බවයි. | සමුද්‍රා භික්ෂුවට වධ හිංසා කලේ කව්රුන්ද? | {
"answer_start": [
98
],
"text": [
"ගිරිකා විසින්"
]
} |
52299cf6-eee4-49a4-817a-d93815ae6ac0 | ජිවිතක්ෂයට පත් සිනමා නිළි ශ්‍රී දේවි හා චිත්‍රපට නිෂ්පාදක බොනි කපුර්ගේ වැඩිමහල් දියණිය ජාන්වි කපූර් මේ දිනවල සිය සහෝදරිය වූ කුෂි කපූර් සමගින් නිවාඩුවක් ගත කිරිම සඳහා ඩුබායි නගරයට ගොස් සිටින බව වාර්තා වෙයි. එහිදි ඇය ඩුබායි මුහුදු වෙරළේ නාන ඇදුමින් සැරසි සිටින ඡායාරූප කිහිපයක් සිය මිලියන 14කට ආසන්න රසික පිරිසක් සිටින ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබේ. පැය කිහිපයක් යන්නට මත්තෙන් ජාන්විගේ මෙම ඡායාරූප වලට ලක්ෂ 08කට වඩා වැඩි පිරිසකගේ කැමැත්ත හිමිව ඇති බව දැන ගැනීමට ලැබේ. | ජාන්වි කපූර් සිය සහෝදරිය වූ කුෂි කපූර් සමඟ නිවාඩුවක් ගත කිරීමට ගියේ කිනම් නගරයටද? | {
"answer_start": [
166
],
"text": [
"ඩුබායි නගරයට"
]
} |
1f99bb77-a6ee-4a1b-9285-60b57bd87c5e | එසේ කියන්නේ පුනිත් මල්හෝත්‍රා අධ්‍යක්ෂණය කරන, කරන් ජෝහාර් නිෂ්පාදනය කරන ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් චිත්‍රපටියෙන් සිය සිනමා ගමන අරඹන අනන්‍යා පාණ්ඬේය. මේ වන විටත් ඇයට බොහෝ ප්‍රශංසා ලැබෙමින් පවතියි. ජනප්‍රිය විකට නළුවෙකු වන චන්කි පාණ්ඬේ සහ භාවනා පාණ්ඬේගේ දියණිය වන අනන්‍යා මේ වන විට 20 හැවිරිදි වියේ පසු වෙයි. ඇගේ උස අඩි පහයි අඟල් හතක් වන අතර බර කිලෝ ග්‍රෑම් 50කි. ඇය තද දුඹුරු පැහැති ඇස්වලට සහ කළු පැහැති කෙස් කළඹකට හිමිකම් කියන්නීය. ඇය අධ්‍යාපනය ලැබුවේ මුම්බායිහි දිරුබායි අම්මානි ජාත්‍යන්තර විද්‍යාලයේය. ඇය ලොස් ඇන්ජලීස්හි දකුණු කැලිපෝර්නියා සරසවියෙන් උපාධිය ලබා ගත්තාය. රිසා පාණ්ඬේ ඇගේ එකම නැගණියයි. අනන්‍යා චොකලට් සහ පීසා කෑමට දක්වන්නේ දැඩි ආශාවකි. | ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් චිත්‍රපටය කාගේ නිශ්පාදනයක්ද? | {
"answer_start": [
52
],
"text": [
"ජෝහාර්"
]
} |
51831628-d2c3-451d-a726-b36248f0e0f4 | ක්‍රි.ව. 9 දී පමණ අරාබි විද්‍යාඥයකු වූ අබුල්කසිස් විසින් තොල් ආලේපන ඝන ද්‍රව්‍යයක් වශයෙන් නිපදවන ක්‍රමය සොයාගනු ලැබිණි. බටහිර ලෝකයේ කාන්තාවගේ සුන්දරත්වය හා ලිංගිකත්වය පෙන්වන ප්‍රබල සංකේතයක් ලෙස තොල් ආලේපන හැඳින්විය හැකි වුවද, රතු පැහැති තොල් ආලේපන භාවිත කිරීමට එරෙහිව බටහිර ලෝකය විසින්ම තහංචි පැනවූ අවස්ථාද නැතිවා නොවේ. තොල් ආලේපන අඳින දශකය, සියවස හෝ කලාපය අනුව ඒවායේ අර්ථය විවිධ විය. කලෙක එයින් සමාජ තත්ත්වය හා ධනය පෙන්නුම් කෙරිණි. ක්‍රිස්තියානි දහම පුළුල්ව ප්‍රචලිත වූ මධ්‍යතන යුගයේදී තොල් ආලේපන ඇතුළු සියලුම ආකාරවල මේකප් පල්ලිය විසින් තහනම් කරන ලදී. තොල් රතු කිරීම යක්ෂ වන්දනාවේ සංකේතයක් ලෙස සැලකුණ අතර තොල් පාට කරන්නියන් මායාකාරියන් ලෙස සැලකිණි. ගණිකාවන් හැරුණු විට ආත්ම ගරුත්වයක් ඇති කාන්තාවන් එකල තොල් පාට කිරීමේ නොයෙදිණ. එසේ නමුදු 16වැනි සියවසේදී එංගලන්තයේ එළිසබෙත් රැජිනගේ පාලන කාලයේදී තොල් ආලේපන නැවත ජනප්‍රිය විය. නමුදු තොල් පාට කිරීමේ අවසරය වංශවත් කතුන්ට හා වේදිකා නළු නිළියන්ට පමණක් සීමා විය. | තොල් රතු කිරීම සංකේතවත් කලේ කුමක්ද? | {
"answer_start": [
573
],
"text": [
"යක්ෂ වන්දනාවේ සංකේතයක් ලෙස"
]
} |
75d32612-a1f0-4c6e-8894-fc7bbb6479f9 | පොලිසියේද නිරීක්ෂණයට හසුවූ පරිදි කිසිදු පොර බැදීමක ලකුණු හෝ ලේ පැල්ලම් නොවන බව අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්ෂණයටද ලක් විය. ඇයගේ නියද දැඩිව පරීක්ෂා කර බැලූ අධිකරණ වෛද්‍යවරුන්ට නිය කැඩී ගිය බවක් හෝ ඒවායේ තැන්පත් වූ කිසිවෙකුගේ සමේ කොටස් හෝ වෙනත් යමක් දක්නට නොවිණ. ඒ අනුව ඇය කිසිවකු සමග පොරබැදීමක් සිදුකර නැති බවට නිගමනය කළ හැකි විය. හෝටලයේ කටයුතු පවත්වාගෙන යාමට ඉඩ ලබාදෙනු පිණිසත් පශ්චාත් මරණ පරීක්ෂණය නිරවුල්ව කරගෙන යාම පිණිසත් ඇගේ සිරුර හෝටලයෙන් ඉවත් කෙරිණ. හෝටලයෙන් රැගෙන ආ සිරුර තවදුරටත් අධිකරණ වෛද්‍යවරුන් කණ්ඩායමේ පරීක්ෂාවට ලක්විය. ඇගේ කලව පෙදෙසේ සම මතුපිට වියළී ගිය පැල්ලම් කීපයක් දක්නට ලැබිණ. එම පැල්ලම් අධෝරත්ක කිරණවල හසුකර පරීක්ෂා කර බලද්දී ඒවා රිදී පැහැයෙන් දිළිසෙන්නට විය. එවැනි දිළිසීමක් දක්වන්නේ ශුක්‍ර තරලයයි. | ඇගේ කලව පෙදෙසේ සම මතුපිට දක්නට තිබුණේ කුමක්ද? | {
"answer_start": [
557
],
"text": [
"වියළී ගිය පැල්ලම් කීපයක්"
]
} |
0e66d4b8-8cfa-49d4-9504-2e4c88ceb83b | ගෝල්ෆේස් වැනි සුන්දර භුමියක චමත්කාරය දුටුවන් අතර ලෝක ප්‍රකට කෙටිකතා කරුවකු වූ ඇන්ටන් චෙකොෆ් ගැන අපට අමතක කළ නොහැක. ඔහු නැවතී සිටි හෝටලය පිහිටියේ ගෝල්ෆේස් පිටියට හූවක් දුරකිනි. ඒ ග්‍රෑන්ඩ් ඔරියන්ට් හෝටලයයි. ඇන්ටන් චෙකොෆ් 1890 දී කොළඹට ළඟා වූයේ ‘‘පීටර්ස්බර්ග්” නැවෙනි. ඒ ඇන්ටන් චෙකොෆ් ෂකාලින් දූපතේ සිට ආපසු සියරට බලා යමින් සිටියදීය. ඔහු කොළඹ ගත කළ කාලය ගැන සඳහන් කර ඇත්තේ ජීවිතයේ කිසිවිටක නොලද සෙයක් සිය හදවතට ඇතුළු වූ බවට සටහන් කරමිනි. ෂිග්ලොට් නම් තම මිතුරකුට යවන ලද ලිපියක ඔහු මෙසේ සඳහන් කරයි. ඉතිහාසයේ මෑත කාලය පුරා ගෝල්ෆේස් පිටිය පොදු ජනතාව විනෝදවීමට යොදාගත් භූමියක් වුවද 1860 ගණන් වනතුරුම නිල වශයෙන් හඳුන්වනු ලැබූ ක්‍රීඩාපිටි හා උද්‍යාන සහ වෙරළ තීර හඳුනාගත් බවට සාක්ෂි ඇත්තේ අල්ප වශයෙනි. විවේකීව තම සැදෑසුවය ගත කිරීම සඳහා කොළඹ ජනතාව මුලින්ම තෝරාගත් භූමිය විය යුත්තේ ගාලු මුවදොර නොහොත් ගෝල්ෆේස් පිටියයි. | ඒ කොහේ සිටආපසු සියරට බලා යමින් සිටියදී ද? | {
"answer_start": [
283
],
"text": [
"ෂකාලින් දූපතේ සිට"
]
} |
96e6fe06-039f-463b-831a-66ad971df592 | රාජ වාංශිකයන් සහ සුපිරි ජනප්‍රිය නිළියන් අතර ඇතිවන පෙම් කතා කාලයෙන් කාලයට මතුවන්නේ ලොව බොහෝ දෙනාගේ අවධානය දිනා ගනිමිනි. ජැකලින් ෆර්නැන්ඩස් නම්වූ ශ්‍රී ලාංකික බොලිවුඩ් තරුවද මීට වසර කිහිපයකට පෙර රජ කුමරෙකුට පෙම් බැන්දාය. දැන් ඒ කතාව අතීතයට එක්වී තිබේ. එවැනි පෙම් කතා රැසකි. සමහර කතන්දර කෙළවර වූයේ විවාහයෙනි. කැඩුණු බිඳුණු පෙම් කතාද රැසකි. ජැකලින් පෙම් බැන්දේ බහරේන් රාජ්‍යයේ රජ කුමරෙකු වන ෂෙයික් හසන් බින් රෂිඩ් අල් කලිෆාටය. වසර 2ක සබඳකමකින් පසුව දෙදෙනා 2011 දී වෙන්වූහ. කෙසේ වෙතත් මීට වසර කිහිපයකට පෙර ඇය ප්‍රකාශ කර තිබුණේ, තමන් ෂෙයික් හසන්ව හඳුනාගෙන සිටියේ කුඩා කාලයේ සිට බවය. ඔහු දැන් විවාහකයෙකු යැයි ඇය තවදුරටත් ප්‍රකාශ කර තිබුණි. | සමහර කතන්දර කෙළවර වූයේ කුමකින්ද? | {
"answer_start": [
296
],
"text": [
"විවාහයෙනි"
]
} |
a5894ec5-cc29-4442-b827-0f7a1c567fc3 | 2020 සැප්තැම්බර් 09 වන බදාදාම රාත්‍රී 11.30 ට ශල්‍ය කර්මයකින් දරුවා ලබාගන්නවා යයි සිතමු. එවිට දරුවාගේ හඳහන මෙසේය. කලින් දැක්වූ හඳහනේ ග්‍රහයින් සිටින ස්ථානවලට විරුද්ධ ස්ථානවල මෙහි ග්‍රහයින් පිහිටා ඇත. මෙහි ලග්නයේ සිටින චන්ද්‍රයා උච්චය. හතර වැන්නාධිපතියා හතරේමය. මේ නිසා මැති ඇමැති දිසාපති තානාපති හෝ පළාතකට නායක වේ. පස් වැන්නාධිපතියා පහේමය. අට වැන්නාධිපතියා අටේමය. නව වැන්නාධිපතියා නවයේමය. දොළොස් වැන්නාධිපතියා දොළහේමය. මේ ඉතා යහපත් බලවත් පිහිටීම්ය. බොහෝ ඉහළට යා හැකි වේ. ඔබේ ඉලක්කය ටිකක් වැරදුණත් දරුවා ඉපදීමේ කාලය සැප්තැම්බර් 03 ත් 16 ත් අතර වේ නම් ඉහත ග්‍රහ පිහිටීම් ඇති දරුවකු ලබාගත හැකි වේ. හඳහනේ ග්‍රහයින් සිටින ස්ථාන වෙනස් විය හැකිය. තවද පිළිසිඳ ගැනීමේ කාලයද මෙහි සඳහන් දිනට දින 15 ක පමණ වෙනසක් ඇති වුවත් සැප්තැම්බර් 03 ත් 16 ත් අතර කාලයේදී දරුවා ගැනීමට වෛද්‍යවරයා අකැමැති නොවනු ඇත. ඒ දරුවා 2020 වර්ෂයේ උපදින ඉහළම ග්‍රහ පිහිටීම් ඇති දරුවකු වනු ඇත. | ශල්‍ය කර්මයකින් දරුවා ලබාගන්නවා යැයි සිතන්නේ කවදාටද? | {
"answer_start": [
0
],
"text": [
"2020 සැප්තැම්බර් 09"
]
} |
571ff738-932b-45c1-bf40-b583dbec1ac4 | හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ලත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හඳුන්වනු ලබන්නේ ‘‘නිප්පොන්/නිහොන්” යනුවෙනි. එය ‘‘නි” ඉර සහ ‘‘හොන්” මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරයෙන් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කිලෝ මීටර 377,835 කි. ජපානය හොන්ෂු, හොකයිදො, ක්යුෂු, ෂිකොකු යන ප්‍රධාන දූපත් 4ක් හා තවත් කුඩා අවශේෂ දූපත් රාශියකින් සමන්විතය. මෙම ප්‍රධාන දූපත් සතරේ විශාලත්වය වර්ග කිලෝ මීටර 362,000 කි. උස් කඳු ගැඹුරු මිටියාවත් සහ කුඩා තැනිතලාවලින් යුතු ජපන් භූමිය ගංගා සහ විල් මගින් තවත් සුන්දර වූ රාජ්‍යයකි. දෙවැනි ලෝක සංග්‍රාමයට පැටලී මුළුමනින්ම ආර්ථිකය විනාශ කර ගත් ජපානය 1970 වනවිට ශීඝ්‍ර ආර්ථික වෘද්ධියක් ළඟා කර ගනිමින් ලෝකයේ ප්‍රධාන රටවලින් එකක් බවට පත් විය. මෙම ශීඝ්‍ර ආර්ථික වර්ධනය ජපන් භූගෝලීය පිහිටීම, ජපන් ජාතිකයන්ට අයත් යහපත් ගුණාංග සහ ජපන් ආර්ථික වටපිටාව මත ගොඩ නැගී ඇති බව නොරහසකි. | ජපානය ශීඝ්‍ර ආර්ථික වෘද්ධියක් ළඟා කර ගනිමින් ලෝකයේ ප්‍රධාන රටවලින් එකක් බවට පත් වූ වසර වන්නේ ? | {
"answer_start": [
696
],
"text": [
"1970"
]
} |
04984127-a328-4a4b-ae04-3b590369172d | වයස අවුරුදු තිස්නවයක් වන යසෝවතී දෙදරු මවකි. ඇගේ සැමියා වන සුමනසිරි වැඩ රාජකාරියක් නොකර, නිවසටම වී කල්ගත කරන කම්මැළි චරිතයකි. නමුත් යසෝවතී සෑමවිටම පවුලේ ආර්ථිකය ගොඩනගන්නටත් ශක්තිමත් කරන්නටත් නොකළ දෙයක් නොමැති තරම්ය. හිමිදිරි උදෑසන අවදි වන ඇය ආප්ප, ඉඳිආප්ප වැනි දේ සාදා අසල තිබෙන කඩයට ගොස් ඒවා විකුණා එයින් යම් මුදලක් උපයා ගන්නීය. යසෝවතීගේ සැමියා ඉඳහිට දවසක් දෙකක් කුමක් හෝ කුලී රක්ෂාවක් කර සුළු මුදලක් උපයාගෙන පැමිණියත් එම මුදල් යසෝවතීට නොදී මත්පැන් බීමට වියදම් කරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා ඒවායේ වියදම් පිළිබඳව ඔහුට ගාණක්වත් නැත. ඔහුගේ මෙම ක්‍රියාකලාපය නිසාත් බොහෝ ප්‍රශ්නවලින් මිරිකී සිටි යසෝවතී මහත් මානසික පීඩාවකට ලක්ව සිටියාය. ඇයගේ සිතට කිසිදු සතුටක් නැත. ගෙදර දොරේ වැඩපළ කරගෙන දරුවන්ගේ ද කටයුතු කරගෙන සිටියත් ඇය සෑම වේලාවකම සිටියේ දුකෙන් හා කලකිරීමෙන්ය. | සුමනසිරි ඉදහිට උපයන මුදල වියදම් කරන්නේ කුමක් සදහාද? | {
"answer_start": [
441
],
"text": [
"මත්පැන් බීමට"
]
} |
c5d89acf-8ff4-444a-8e8c-9b25ba00e82e | මෙම ඉපැරණි රෝහල් ගොඩනැගිල්ල තුළ සිදු කරන ලද කැනීම්වලින් හමු වූ සැත්කම් උපකරණ, උසස් තාක්ෂණික ප්රවණාතාවන් ප්‍රකට කරන අතර වර්තමානයේ බටහිර නූතන වෛද්‍ය භාවිත කරන ශල්‍ය උපකරණ හා සාමානතාවක් දක්නට ලැබෙන බව පුරාවිද්‍යාඥයෝ පවසා තිබේ. පර්සියාවට අයත් වූ බවට හැඟෙන බඳුන් කිහිපයක්ද මෙහි සිදු කළ කැනීම්වලදී හමුව තිබේ. එය ලංකාව සහ පර්සියාව අතර විදේශ සම්බන්ධතා පිළිබඳ හෙලිවන සාධකයක් බවට බොහෝ දෙනා හඳුන්වන අතර විදේශීය රෝගීන්ද මෙහි නේවාසිකව ප්‍රතිකාර ලබාගත් බවද ඇතැම් ගවේශකයන්ගේ මතයයි. මිහින්තලේ සංචාරය කරන ඔබට මෙම රෝහල් ගොඩනැගිල්ලේ නටඹුන්ද නැරඹීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දී තිබෙන අතර ඒවාට හානි කිරීමෙන් වැළකී ඉදිරි පරම්පරාවන්ටද මෙම නටඹුන් දැක බලාගැනීමට ඉඩකඩ සලසා දෙන මෙන් අප ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු. | මෙම රෝහල් ගොඩනැගිල්ලේ නටබුන් නැරඹීමට හැක්කේ කොහේ සංචාරය කරන විටද? | {
"answer_start": [
468
],
"text": [
"මිහින්තලේ"
]
} |
9a900091-63cb-43d5-9eba-1970f90f23e6 | ඩේව් ඇතුළු පිරිස ගඟින් එතෙර වීමට උත්සාහ කර ඇත්තේ ගඟේ මේ පෙදෙසින්ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගෙත් මුහුදු බඩ පෙදෙස් පාලනය කළ ඉංග්‍රීසීන්ගෙත් විශේෂ අවධානයට යොමු වී සිටි සිරකරුවෙක් සිටියේය. ඔහු ඇඩම් ඩේව්ය. ඉංග්රීසිහු ඩේව් නිදහස් කරගන්නට අපමණ වෙහෙසක් දැරූහ. ඒ වෙහෙස ගඟට කැපූ ඉනි මෙන් විය. අවසානයේදී සිදුවූයේ ඩේවිට මහනුවරදී අවසන් සුසුම් පොද හෙළන්නටය. 1803 වර්ෂයේ පෙබරවාරි 21 වැනිදා බ්‍රිතාන්‍ය හමුදා මහනුවරට එන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාත් ඔහුගේ මැති ඇමැතිවරුත් නගර වැසියොත් ඌවේ කඳුකරයට පලා ගොස් එහි ලැගුම් ගෙන සිටියෝය. කිසිදු ගැටලුවකින් තොරවම ඉංග්‍රීසීහු මහනුවර බලය පිහිටුවා ගත්හ. රජකමට අයිතිවාසිකම් කියූ මුත්තුසාමි කුමාරයා මාර්තු 8 දා සිංහල සිරිත් විරිත් අනුගමනය කරමින් රජකමට පත්කරන්නට ඉංග්‍රීසීහු පියවර ගත්හ. | ඉංග්‍රීසින් පාලනය කළේ කොහෙද ? | {
"answer_start": [
101
],
"text": [
"මුහුදු බඩ පෙදෙස්"
]
} |
205d32a1-9f25-4c1f-8734-d8449b2c949a | සෘතු වශයෙන් ගත්කළ පෙබරවාරි මාසය උත්තරායන සිසිර සෘතුවට ඇතුළත් වේ. එම සෘතුව ශුභ කටයුතු සඳහා ඉතා සුදුසු කාල සීමාවකි. 2018 ජනවාරි 14 වන දින රවි මකර රාශිගතවීම අනුව එතෙක් පැවැති ධනු කෝණ මාසය ද නිමවීමෙන් ගෘහ කටයුතු ආරම්භ කිරීම සඳහා ද යෝග්‍ය කාලයක් බවට පත්වේ. යළිත් කෝණ මාසයක් උදාවන්නේ මාර්තු 14 වන දින දීය. එබැවින් පෙබරවාරි මස තුළ ඕනෑම ශුභ කටයුත්තක් සිදු කිරීම යෝග්‍ය බව පෙනී යනු ඇත. ඒ අනුව 2018 පෙබරාවරි මාසය තුළ ශුභ නැකැත් පිළියෙල කර ගැනීමට සුදුසු දින කිහිපයක් පහත දක්වමි. කෝටියක් දෝස භංග කිරීමට සමත් වේ යැයි ජ්‍යොතිෂයේ පෙන්වන ඉතා ශුභ යෝගයක් වන කේවල සිද්ධි යෝගය පවතින දින 2 ක්ද මීට ඇතුළත් වීම විශේෂත්වයකි. | කේවල සිද්දි යෝගය පවතින දින ගණන කොපමණද ? | {
"answer_start": [
563
],
"text": [
"දින 2"
]
} |
ccf56a81-01a1-4db7-868a-f26dbd83186e | 1980 ගණන්වලදී ඇය විවියන් රිචර්ඞ්ස් සමඟ ප්‍රේමයෙන් බැඳුණාය. එවකට බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමේ නායකයා වූයේ විවියන් රිචර්ඞ්ස්ය. ඉන්දියානු ක්‍රිකට් තරඟාවලියකට පැමිණි ඔහුට නීනා හමු වූයේ මුම්බායි හි පැවති සාදයකදීය. දෙදෙනාගේ කිසිම ගැලපීමක් නොවුණේ වී නමුත් ඔවුන්ගේ සම්බන්ධයට එය බාධාවක් නොවිණි. නීනා විවියන් වෙතින් ගැබ් ගත්තාය. ඒ වන විටත් විවියන් විවාහක දෙදරු පියෙකු වූ බැවින් නීනා විවාහ කර ගන්නට ඔහුට හැකියාවක් තිබුණේ නැත. ඒ කාලයේ අවිවාහක කාන්තාවක් ගැබ් ගැනීම ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් වූයේය. ඇය ජනප්‍රිය තැනැත්තියක ද වූ බැවින් නොයෙකුත් ගැටළුවලට මුහුණ දෙන්නට ඇයට සිදු වූයේය. එහෙත් ඇය දරුවා හදා ගැනීමේ තනි මතයක සිටියාය. දිල්ලි වාසය අත හැර ඇය මුම්බායි ආවේත් දියණිය නිසාමය. | 1980 ගණන් වල බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමේ නායකයා කවුරුන්ද? | {
"answer_start": [
106
],
"text": [
"විවියන් රිචර්ඞ්ස්ය"
]
} |
32908a6e-263d-47a7-9161-895de4b6deff | වේවැල් හාතාවාරිය වැනි කටු සහිත ගස් අතරින් ද ගමන් කරමින් නෙලු කැලය ඉවර වූ පසු අපි ඍජුවම අංශක පනහක පමණ ආනතියකින් යුත් කන්දක් නැගීමට පටන් ගත්තෙමු. මේ වන විට අප විසින් සලකුණු කරගෙන පැමිණි තෙවන නැවතුම්පොළට ආසන්නව සිටි අතර ප්‍රදේශයේ තෙත් ගතිය සහ මීදුමේ ඝණත්වය එන්න එන්නම තීව්ර වන්නට විය. මෙසේ ගමන් කරමින් සිටිය දී එකවරම අප පිවිසියේ බට කැලයකටයි. උණ බට යනු කැලයක ජලය සොයා ගත හැකි හොඳම නිදසුනක් වන්නේ ඒ තුළ ජලය අන්තර්ගත හෙයිනි. ඒ නිසාමදෝ සමස්ත උණ කැලයම අපගේ හිසටත් උඩින් ජල බිඳු කඩා වැටෙන්නට විය. වර්ෂාවකින් තොරව අප තෙත් වන්නට වූයේ පරිසරයේ තිබූ අධික තෙත් බවයි. පෙර කී පරිදි අප මෙම කන්ද වලාකුළු වනාන්තරයක් ලෙසට සැලකීමට ගත් තීරණයේ නිදසුන මෙම ඉසව්ව තුළ අපට පැහැදිලි විය. මන්ද ගූගල් චන්ද්‍රිකා සිතියමටත් මීදුම වලාකුළින් වැසුණු කන්දේ මෙම කොටස තුළ වාතයේ තෙතමනය අධික විය. එමනිසාම මෙම මුදුනත නිතරම වලාකුළින් වැසී පවතින්නේ ජල අංශුවල ක්‍රියාවලිය හේතුවෙනි. උණ යාය තුළ ජනනය වන ජලය වලාකුළු සමග එකතු වීම අපට ද දක්නට ලැබිණි. පොළොව ද අධික තෙත් ගතියෙන් යුක්ත විය. අප අවට සහ ඉහළින් ජල බිංදු කඩා වැටෙන්නට විය. | කදු මුදුන නිතරම වලාකුළින් වැසි පවතින්නේ මන්ද ? | {
"answer_start": [
806
],
"text": [
"ජල අංශුවල ක්‍රියාවලිය හේතුවෙනි"
]
} |
b796eedf-d8d0-406e-a521-11163da9f765 | සංවර්ධනයට විරුද්ධ නොවෙමි. පරිසරය විනාශ නොකර දුර දිග බලා ගොඩනැගිලි සෑදීමට වගබලා ගන්නවානම් මෙවැනි ව්‍යාසන සිදුවීම අඩුවන්නේ නැද්ද? ගස් කොළන් කපන විටද ගල් පර්වත විනාශ කරන විටද පාරිසරික බලපෑම් ගැන මීට වඩා සාමාන්‍ය පුරවැසියන්ද වගකිව යුතු අයද බැලිය යුතුව ඇත. අලි-මිනිස් ගැටුම හා තවත් සත්ව - මිනිස් ගැටුම ඇති වෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසාමය. සතුන් ඉතා අහිංසකය. ඒ අයට ජීවත්වෙන්නට ඇති වනාන්තර විනාශ කරමින් සංවර්ධනය වෙනවිට ඒ අහිංසක සතුන් ගම් වදින්නේ නැතිව කොහාට යන්නද? එම සතුන්ට ජීවත් වෙන්නට ඉඩක් තිබිය යුතුය. කෑමට ගහකොළ තිබිය යුතුය. එය විනාශ කරනවානම් ව්‍යසනය ගැන කියනුම කවරේද? සතුන්ට වඩා හිතන්නට හිතක් ඇති උසස් සිතක් ඇතැයි කියන මිනිසා මේ වගේ ආත්මාර්ථකාමී වී ඇත්තේ කෙසේද? ඔහු ලබන අධ්‍යාපනය හා අධ්‍යාත්මික ගුණය අනුව සිතුවිලි වෙනස් වෙන්නේය. කුඩා කල සිට ගුණධර්ම සහිත අධ්‍යාපනයක් දිය යුතුයි කියා මා කියන්නේ ඒ නිසාය. | අලි-මිනිස් ගැටුම් හා තවත් සත්ව-මිනිස් ගැටුවන්නේ කුමක් නිසාද? | {
"answer_start": [
308
],
"text": [
"මිනිස් ක්‍රියාකාරකම් නිසාමය"
]
} |
c57d41d0-e800-4e75-9b11-d86698e03292 | දඹාන ජනයාගේ කෘෂි නිෂ්පාදන මීපැණි හා දඩමස් මිල දී ගත්තෝ පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන වෙළෙඳුන්ය. බොහෝවිට මේ මිල දී ගැනීම සිදුවූයේ භාණ්ඩ හුවමාරු ක්රමයටය. ඇතැම්විට ආදිවාසී ජනයා මේ වෙළෙන්දන්ගෙන් සුළු මුදලක් ණයට ද ලබාගත්හ. මේ කොයික සිදුවුවත් කපටි වෙළෙන්දන් සිදුකළේ තමන්ට වාසිදායක අයුරින් ගනුදෙනුව සිදු කිරීමය. එනම් ආදිවාසී ජනයාගේ භාණ්ඩ කුණු කොල්ලයටත් තමන්ගේ භාණ්ඩ අධික මිලකටත් මිල කිරීමේ න්‍යායට ගනුදෙනුව සිදු කිරීමය. කාලයක් තිස්සේ මේ ක්‍රියාවලින් දෙස ඇස ගසාගෙන සිටි ඒකනායක හූරා මෙයට විසඳුමක් ලබාදෙනු වස් දඹානේ සමුපකාරයක් ආරම්භ කළේය. සමුපකාර සාමාජිකත්ව මුදල වන රුපියල් 380 ක් දැරුවේ ද ඒකනායක හූරාමය. මේ නිසා වෙළෙන්දන් විසින් කලෙක සිට තමන් උපයාගත් අධික ලාභය ඔවුන්ට අහිමි විය. ඔවුහු ඒකනායක හූරා සමග වෛර බැන්දාහ. අපි ඕකව මරණව. දඹානේ යහතින් ඉන්නට ඉඩ තියන්නේ නෑ, යනුවෙන් වෙළෙන්දෝ විවිධ පණිවිඩ ඒකනායක හූරාට යැවූහ. මෙයින් උපාරිස් නමැති වෙළෙන්දා සහ තවත් අයෙකු ඉදිරියෙන්ම සිටියේය. | සමුපකාර සාමාජිකත්ව සඳහා කොපමණ මුදලක් අවශ්‍ය වේද? | {
"answer_start": [
556
],
"text": [
"රුපියල් 380 ක්"
]
} |
a02149f3-f129-488f-b19e-b840798d0cfc | එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහි සිටි ආණ්ඩුකාරයා වූයේ චාමස් මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර ක්වීන්ස් හෝටලයේය. එදා වෙසක් පෝ දිනයකි. බෞද්ධ ජනතාව එක දිගට දළදා හිමියන් වඳින්නට යන බව චාමස් උඩුමහලේ සිට දැක්කේය. බෞද්ධ ජනතාව තුළ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පිළිබඳ මෙබඳු භක්තිමත් ගෞරවයක් පැවතීම ගැන ආණ්ඩුකාරයාට ඉවසිය නොහැකිවිය. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කෙරෙහි ඔහු තුළ කෝපයක් සහ වෛරයක් ඇතිවිය. වහාම කම්මල්කරුවෙකු කිණිහිරක් සහ කුළුගෙඩියක් සොයාගෙන එන ලෙස ආණ්ඩුකාරයා සිය නිලධාරීන්ට නියෝග කළේය. කම්මල්කරු සහ එම ද්‍රව්‍ය ගෙන ඒමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුම බණ්ඩාර උයනට ගෙන එන ලෙස නියෝග කෙරිණි. | ආණ්ඩුකාරයා සිය නිලධාරීන්ට නියෝග කළේ කුමක් සොයාගෙන එන ලෙසද? | {
"answer_start": [
406
],
"text": [
"කම්මල්කරුවෙකු කිණිහිරක් සහ කුළුගෙඩියක්"
]
} |
ae8c95cc-30b6-419d-b69b-fd01f590cd5d | සවස ඔහුගේ කොණ්ඩය කපා පීරන ලදි. රැවුල කපන ලදි. ඉංග්‍රීසිකාරයකු හට මේ දේ කරනු දකින තුරු ඔහු මේ ක්‍රියාවට ඉඩ නුදුන්නේය. ඔහුගේ කෙස් උකුණන්ගෙන් පිරී තිබිණී. සබන් සහිත වතුර භාජනයක ගිල්වා සම්පූර්ණයෙන්ම සෝදා හිස සිට දෙපතුළ දක්වාම කුණු ඉවත් කර කමිසයක් ජැකට් එකක් හා කලිසමක් අන්දවන ලදි. ඔහුගේ නම දැන ගැනීමට උත්සහ දරන ලද නමුත් නොහැකි විය. ඒ නිසා ආණ්ඩුකාරයා ඔහු අල්ලා ගන්නා ලද තැන වන මුහුදු බොක්කේ නම වූ මෑන්ලි යන්න ඔහුට තැබීය. එම නම එතැනට තැබීමට හේතුව වූයේ ස්වෙදේශික පිරිසකගේ ශිෂ්ට හැසිරීමට උපහාරයක් වශයෙනි. පලායෑම වැළැක්වීමට කඹයක සවි කළ මාංචුවක් ඔහුගේ වම් වළලු කරේ දමන ලදි. මුලදී ඔහු මීට ඉතා අප්‍රසාදයක් දැක්වූයේ එය වළල්ලක් යැයි සිතූ නිසාය. එය දැමීමේ අදහස දැන ගත් විට ඔහුගේ සතුට කෝපයට හා ද්වේෂයට හේතු විය. | ඔහුගේ කෙස් පිරී තිබුණේ කුමකින්ද? | {
"answer_start": [
128
],
"text": [
"උකුණන්ගෙන්"
]
} |
7b875b96-029e-49de-8975-cf000c8a0a56 | අපේ ලෝක පූජිත මුත්තයියා මුරලිදරන් කියන්නෙ කතා කරන්න ගියාම නොනවත්වා කතා කරන කෙනෙක්. සංචාරයකදි අපි ටීම් එක බස් රථයක ගමන් කරමින් සිටියේ. සුපුරුදු පරිදි එකිනෙකා එක එක දේ ගැන කතා කරමින් ගියේ. හරි අද අපි තරගයක් පවත්වමු. විනාඩි පහක් කතා නොකර සිටීම තමයි මේ තරගයේ ස්වභාවය වුණේ. ඔන්න ඉතින් ඔක්කොමලා සයිලන්ස්. හැබැයි තත්ත්පර කීපයකට විතරයි. මුරලි සුපුරුදු පරිදි එයාගෙ කතාව පටන් ගත්තා. අපට නොනවත්වා හිනා ගියා. වතාවක් එංගලන්තයේ දීර්ඝ සංචාරයක් යෙදී තිබුණා. ඉතින් විවේකයක් ලද මොහොතක කළමණාකරුගේ අවසරය ඇතිව මම සනත් අයියා, රුචිර පෙරේරා සහ තවත් දෙතුන් දෙනෙක් එකතුවෙලා හොල්මන් ෆිල්ම් එකක් බලන්න ගියා. ෆිල්ම් එක බලද්දි අපි සෑහෙන්න බය වුණා. ඒ බය එක්ක තමයි නැවත එන්න පිටත් වුණේ. එන්න තිබුණෙ පාළු පාරකින්. ෆයින් ගස් තිබෙන කැලෑවක් වගේ තැනක්. මිනිස්සුත් පෙනෙන්නට හිටියෙ නැහැ. මේ අතරේ එක පාරටම මෝටර් බයික්වල නැගි කොල්ලො කණ්ඩායමක් අපිව වට කරලා අපට ගහන්න වගේ හැදුවා. කර කියා ගන්න දෙයක් නැතුව අපි අසරණ වෙලා හිටියෙ. මේ වෙලාවෙ රුචිර පෙරේරා එයාගෙ ජංගම දුරකථනය අරගෙන ටී ෂර්ට් එක අස්සෙන් පිස්තෝලයක් වගේ අර කොල්ලො වෙත යොමු කරලා. උඹලට දැන් වෙඩි තියන්න යන්නෙ කියලා කෑ ගැහුවා. ඒ මදාවි කොලු රෑන වැටි වැටී දුවන්න පටන් ගත්තා. අපට නවත්ව ගන්න බැරි විදියට හිනා. හැබැයි එතැන හිටපු එක තරුණයෙක් රුචිරගෙ ජංගම දුරකථනයේ ආලෝකය දැකලා ආයෙත් පෙර විදියටම සෙට් එක අපි දිහාට ආවා. ඒ පාර නම් ඉතින් හරි වරෙල්ලා ගහගන්නනෙ ඕනෙ උඹලට කියලා මමයි රුචිරයි ඉදිරියට ගියා. ඒ පාර උන් ආයෙත් වේගයෙන් මෝටර් සයිකල් පදවාගෙන යන්න ගියා. අපි හෝටලයට ආවා. හැබැයි හොල්මන් ෆිල්ම් එක බලලා සනත් අයියා නම් හොඳටම බයවෙලා හිටියෙ. | මොවුන් නරඹන්නට ගියේ කුමන ෆිල්ම් එකක්ද? | {
"answer_start": [
548
],
"text": [
"හොල්මන් ෆිල්ම් එකක්"
]
} |
1fda59cd-5193-4a9c-a730-e375cc011af0 | 1752දී ඉදිකරන ලද මෙම සුවිසල් දේවස්ථානයේ සැලසුම් ශිල්පියා වූයේ එවකට සිටි ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ හා නැව් තනන්නන්ගේ පරීක්ෂකවරයා ලෙස කටයුතු කල ඒබ්‍රහම් අන්තෝනිස් මහතාය. මෙහි පාදම කුරුසයක හැඩයක් ගත් නිසා “කුරුස පල්ලිය” යන නාමයද එකල මේ සඳහා භාවිතවී තිබේ. ලෝකයම විස්මයට පත්කරන්නාවූ ගාලු කොටුවේ විස්මය තවත් වැඩිකරන ස්ථානයක් ලෙස මෙම ලන්දේසි රෙපරමාදු දේවස්ථානය හැඳින්විය හැකිය. එසේ හැඳින්වීමට සුදුසු අපූර්වතම අංග රාශියක් මෙම දේවස්ථානයේ හා එය අයත් භූමියේ කැටිව පවතී. දැවැන්ත දැවමය දොරටුවෙන් දේවස්ථානයට පිවිසෙන ඔබ පය තබන්නේ ඉංග්‍රීසි අකුරු හා විවිධ රූප කොටා ඇති ගල්පුවරු ඇල්ලූ ගෙබිමකටය. එම අකුරු ඉංග්‍රීසි වුවද එම අකුරු එකට ගලපා එහි අන්තර්ගත විස්තර තේරුම් ගැනීමට උත්සහ කළද ඔබට එය නොහැකි වනු ඇත. එයට හේතුව ඒවා ලියා ඇත්තේ එකල ලන්දේසි භාෂාවෙන් වීමය. | ලන්දේසි රෙපරමාදු දේවස්ථානයේ සැලසුම් ශිල්පියා වන්නේ කවුරුන්ද? | {
"answer_start": [
139
],
"text": [
"ඒබ්‍රහම් අන්තෝනිස් මහතාය"
]
} |
846e0a67-1af6-4f56-811b-65571dd99891 | වකුගඩු හා අක්මාවෙන් ලබාගත් පටක කොටස්වලින් සැදුම්ලත් අන්වික්ෂීය කදාවල වෙනසක් ඔහු දුටුවේය. මේ පටකවල පිහිටි කුඩා රුධිර නාළවල ඇමිලොයිඩ් නම් ද්‍රව්‍යයක් තැන්පත්ව ඇති බව එහිදි නීරීක්ෂණය විය. ඇමිලොයිඩ් යනු ශරීර පටකවල පරිවෘත්තීය ක්‍රියාවලියේදී ඇතිවන අසාමාන්‍යතාවක් නිසා ස්වභාවිකව හටගන්නා රසායනික ද්‍රව්‍යයකි. සෑම පුද්ගලයෙකු තුළම එලෙස ඇමිලොයිඩ් නිපදවෙන්නේ නැති අතර ජානමය ලක්ෂණ එයට බලපානු ලැබේ. ඇමිලොයිඩ් අධික ලෙස රුධිර නාළවල තැන්පත් වීමෙන් එහි බිත්ති දුර්වල කරනු ඇත. එවැනි තත්ත්වයකදී යම් ආකාරයකින් රුධිර පීඩනය වැඩි වුවහොත් බිත්ති පුපුරා පිටතට ලේ ගැලීමට ඉඩ තිබේ. ඒ තත්ත්වය එක්වරම හඳුනාගන්නට නොහැකි වුවහොත් මරණය පවා සිදුවිය හැකිය. | පටක වල කුඩා රුධිර නාළවල තැන්පත්ව ඇති ද්‍රව්‍යය කුමක්ද? | {
"answer_start": [
122
],
"text": [
"ඇමිලොයිඩ්"
]
} |
8d0cf861-5f61-40fe-9dd9-a6fec0cde75b | පාපැදිය යනු චීනයේ ඉතාමත් ප්‍රසිද්ධ උපකරණයකි. ස්මාට් ජංගම දුරකථනයට පසු චීන වැසියාගේ දෛනික ජීවිතයට වැඩි වශයෙන් බලපෑම් කරන උපකරණය නම් බයිසිකලයයි. ඊළඟට සබ් වේ නමින් හඳුන්වන උමං දුම්රිය සේවයයි. ඔබ චීනයේ කුමන ප්‍රාන්තයක කවර නගරයක සංචාරය කළ ද මාර්ග දෙපස සිය ගණනින් ගාල්කර ඇති විවිධ වර්ණයෙන් යුතු බයිසිකල් දැකිය හැකිය. පෙර සඳහන් කළ පරිදි මාර්ග තදබදය අවම කිරීම සඳහාත් නගර වායු දූෂණය අවම කිරීම සඳහාත් බයිසිකලය ප්‍රයෝජනවත් ලෙස පාවිච්චි කරන රටවල් අතර චීනය පෙරමුණේම පසුවෙයි. චීනයේ පාපැදි හුවමාරු වැඩසටහන් ඒ ඒ ප්‍රාන්ත ආණ්ඩු මගින් මෙහෙයවන අතර එය නගර වායු දූෂණය අවම කිරීමේ සාර්ථක ක්රමෝපායක් නිසා චීන මධ්‍යම ආණ්ඩුව ඒ වෙනුවෙන් විශේෂ දිරිගැන්වීම් ලබාදෙයි. තවද චීනයේ මහා මාර්ගවල පාපැදි ධාවනය වෙනුවෙන් වෙන්කළ වෙනම මංතීරු ද දැකිය හැකිය. | පාපැදි සඳහා විශේෂ දිරිගැන්වීම් ලබාදෙන්නේ කවුද? | {
"answer_start": [
582
],
"text": [
"චීන මධ්‍යම ආණ්ඩුව"
]
} |
7252fb38-496d-4d00-ad97-e41a92bff9cb | ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම රඟපෑ නේහා ඩූපියා පසුගිය නොවැම්බර් 18 වැනිදා මවක් වූවාය. ඇයට දාව උපන්නේ දුවක් වන අතර, ඇයට තවමත් නමක් තබා නොමැති බව වාර්තා වේ. 38 වැනි වියෙහි පසුවන නේහා පසුගිය මැයි 10 වැනිදා විවාහය දිවියට පත්වූවාය. ඇයගේ අතගනු ලැබුවේ හිටපු ප්රවිණ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වු බිෂන් සිං බේඩීගේ බාලපුත් අන්ගාඩ් බේඩිය. නේහා විවාහ කරගන්නා විට ඔහු 35 වැනි වියෙහි පසුවිය. නේහාට දාව උපන්ද ගැහුණු දරුවා නොවැම්බර් 18 වැනිදා උදෑසන 11ට මුම්බායි හි පිහිටි පෞද්ගලික කාන්තා රෝහලකදී උපත ලැබීය. | නේහාගේ වයස කීයද ? | {
"answer_start": [
152
],
"text": [
"38"
]
} |
a5831de0-7f07-40ca-b744-4427bc34cd62 | 18 වැනි සියවසේ අගභාගයේ සහ 19 වැනි සියවසේ මුල් භාගයේ ජර්මානු ජාතික ශාාරිරික සුවතා ගුරුවරුන් දෙපළක් වූ යොහාන් ෆීඩ්රිෂ් ගුට්ස්මුත්ස් සහ ෆීඩ්රිච් ලුඩ්විග් යාන් තම සිසුනට ලබා දුන් ශාරිරික අභ්‍යාස පුහුණුව නුතන ජිම්නාස්ටික් ක්‍රීඩාවට මග පෑදීය. දොන් ෆ්රැන්සිස්කෝ අමරොස් ඔන්ඩියානෝ නමැති ස්පාඤ්ඤ් කර්නල්වරයා නූතන ජිම්නාස්ටික් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් පුද්ගලයා ලෙසින් ඉතිහාසයට එක්වෙයි. සමාන්තර දණ්ඩ, වළලු සහ තිරස් පෝල යන ක්‍රීඩා අංග ජාත්‍යන්තර ක්‍රීඩාවට මුලින්ම හඳුන්වා දුන්නේ ඔහුය. එහි ඒ ආභාසයෙන් නූතන ජිම්නාස්ටික් ක්‍රීඩාව නිර්මාණය වූයේය. | කර්නල්වරයා හදුන්වා දුන් ක්‍රීඩා වන්නේ මොනවද ? | {
"answer_start": [
392
],
"text": [
"වළලු සහ තිරස් පෝල"
]
} |
0661f383-034c-4907-900d-419d4718d81e | අපේ අතීත උරුමයක් වන මහනුවර යුගයේ චිත්‍ර බොහොමයක් ම මේ වනවිට විනාශයට යමින් පවතී. තවත් සමහරක් විනාශ වී අවසන් ය. එය කනගාටුවට කරුණකි. දෙගල්දොරුවේ බිතු සිතුවම් එයට එක් උදාහරණයක් පමණි. මහනුවර යුගයේ බිතුසිතුවම් පිහිටා ඇති විහාරස්ථාන කිහිපයකි. ශ්‍රී දළදා මාළිගය, මැදවල, සූරියගොඩ, කුණ්ඩසාලය, දන්තුරේ, පල්කුඹුර, මාලගම්මන, දියකෙළිනාවල, කුළුගම්මන, ගඩලාදෙනිය, හිඳගල, ලංකාතිලකය, නාගවිමානය, සුදුහුම්පොල, නිත්තවෙල, මල්වත්ත, දළුක්ගොල්ල, පුසුල්පිටිය, හඟුරන්කෙත, බඹරගල, දළදාගම, අරත්තන යන විහාරස්ථාන ඒ අතරින් ප්‍රධානය. | මහනුවර යුගයේ බිතුසිතුවම් පිහිටා ඇති විහාරස්ථාන මොනවාද? | {
"answer_start": [
389
],
"text": [
"නිත්තවෙල, මල්වත්ත, දළුක්ගොල්ල, පුසුල්පිටිය, හඟුරන්කෙත, බඹරගල, දළදාගම, අරත්තන"
]
} |
1f94c1f1-64f6-4b96-9299-09fec425a8e9 | දශක කීපයකට පෙර බූරුවන් විශාල වශයෙන් පුත්තලම නගරය හා ඒ අවට දැක ගත හැකිව තිබුණ ද මේ වනවිට මෙම සතුන් පුත්තලම හැර දමා ගොස් ඇත්තේ මෙම සතුන්ට ගැලපෙන පරිසර පද්ධතිය අහිමි වීම නිසා බව හැඟී යයි. ඇතැමුන් පවසන්නේ පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ උතුරේ මුස්ලිම්වරුන් තම ජීවිත බේරා ගැනීමට පුත්තලමට පැමිණීමත් සමග බූරුවන් පුත්තලමෙන් ඈත් වීම සිදුවන්නට පටන් ගත් බවයි. එහි සත්‍යතාව සනාථ කිරීමට නිසි සාක්ෂි නොමැති වුවත් බූරුවන් වඩාත් ප්‍රිය කළ ආහාරයක් වූ කළපු අන්දර ශාකය හා කළපු පරිසර පද්ධතිය මුස්ලිම්වරුන් ක්‍රමයෙන් ඉවත් කිරීම බූරුවන් මෙම පරිසරයෙන් ඈත් වීමට හේතුවක් බවට පැවසෙයි. | බූරුවන් වඩාත් ප්‍රිය කළ ආහාරයක් වූයේ කුමක්ද ? | {
"answer_start": [
447
],
"text": [
"කළපු අන්දර ශාකය"
]
} |
2e303f7b-614d-4c28-86e5-33081c44e4ec | ක්‍රිස්තු වර්ෂ 1803දී ඉංග්‍රීසීන් හා සිංහලූන් අතර සටන් කීපයක් සිදු විය. මහනුවර සේනාවට ඉංග්‍රීසි සේනාවේ දැඩි ප්‍රහාර හමුවේ අවිස්සාවේල්ලෙන් පසු බැසීමට සිදුවිය. ගැටුමේ උච්චතම අවස්ථාවේදී සිය සේනාපති වූ ලෙව්කේ දිසාව කුරුම්බා ගෙඩි කීපයක වතුර බී තුරු සෙවණක සුව නින්දේ පසුවන බව දුටු ශ්‍රී වික්‍රම රාජසිංහ කෝපාවිෂ්ටව දිසාවගේ හා මහා මොහොට්ටාලගේ හිස් ගසා දමන ලෙස නියෝග කළේය. ලෙව්කේ දිසාවගේ හිස රහිත සිරුර වක්ඔය කොට්ටාවෙල වෙල්යායේ දිය කඩිත්තකට දමන ලදී. හංවැල්ලේ වෙලක හිස ගසා දැමූ සිරුර තිබුණ බැවින් ඒ සිද්ධිය ඇසුරින් ජනකවියක්ද නිර්මාණය විය. මෙම සිද්ධිය සිහි කරනු වස් හංවැල්ල කලූඅග්ගල වරකාගොඩ හි කොළඹ අවිස්සාවේල්ල පැරණි හා අලූත් මාර්ගය සම්බන්ධවන ස්ථානයේ විසිවන සියවස අවසානයේ ස්මාරකයක් ඉදිකර ඇත. වලව්වෙන් පිට වූ අපි ඒ අසල ඇති ගඩොල් පෝරණුව පසුකර වෙනත් පටු පාරකින් ගොස් වී මෝල හන්දියට පැමිණ වලගම්බා රජ ගොඩ නැඟූ දනගිරිගල විහාරයට ගියෙමු. ගල්පඩි පෙළත්, දිසාවගේ රූපයත්, එහි ඇතුළත චිත්‍රත් නැරඹූ අපි හෙට්ටිමුල්ල හරහා කෑගල්ලට පැමිණියෙමු. | සටනේ උච්චතම අවස්ථාවේ තුරු සෙවනක නිදා සිටියේ කුමන දිසාවද | {
"answer_start": [
198
],
"text": [
"ලෙව්කේ"
]
} |
35596ad1-8b2f-48ed-9bb3-2de1cadc5f63 | ගැරඬිගල ඉසව්ව අවට ඇති සමස්ත දිය ඇලි ගණන 10 ක්, ඇලි සියල්ලෙම උස එකට ගත් විට බඹරකන්දට වඩා උසයි. ඇලි දාමයේ ජල මූලාශ්‍රය ඇත්තේත් එම කන්දෙමයි. ශ්‍රී ලංකාව පුංචි රටක් වුවද එහි ඔබ අප පවා නොදුටු නොදන්නා සුන්දර ඉසව් බොහොමයක් සැඟව පවතියි. නිතර දෙවේලේ එවැනි සුන්දර ඉසව් සොයා යන අපට හමු වූ අපූරුතම කන්දක් සහ ඇලි කිහිපයක් තිබෙන එක් ස්ථානයක් හමුවුණේ නකල්ස් වනපෙතේ දකුණු කෙළවරදීය. එය කන්දක් වුවද දිය ඇලි දාමයක් ඉන් ඉහළ සිට පහළට කඩා වට්ටවන අපූරු තෝතැන්නක් විය. නමින් ගැරඬිගල වන ඉන් වැටෙන දිය ඇලි ගණන හතකි. ඒවා ගැරඬි ඇලි ලෙස හඳුන්වන අතර සමස්තයක් ලෙස මෙම ඇලි යම් ලාලිත්‍යයකට, රටාවකට අනුව ඉහළ සිට වමට බරව කඩා වැටෙනු ලබයි. | ගැරඬිගලින් වැටෙන දියඇළි හඳුන්වන්නේ කෙසේද? | {
"answer_start": [
495
],
"text": [
"ගැරඬි ඇලි ලෙස"
]
} |
044ed432-0cca-45fc-8c78-518d822b6811 | එසේ වුව ද වෙනස් වූ රූපාන්තරණයක් සහිත විශේෂ කිහිපයක් සිටිය ද ඔවුන්ගේ සංසර්ගය සිදුවන්නේ සාමාන්‍ය ක්‍රමවේදයක් අනුව බව ද ආචාර්ය මැක්ගුයිරේ පවසයි. අභ්‍යන්තර රූපාන්තරණයෙන් සංසේචනය කරණ ගෙම්බන් විශේෂ 10-12ක් ලෝකයෙන් වාර්තා වී ඇතත් ලොව ඉස්ගෙඩියන් ප්‍රසූත කරණු ලබන එකම ගෙඹි විශේෂය වන්නේ මොවුන් බව විද්‍යාඥයෝ පෙන්වාදෙති. නමුත් අරුම පුදුම රෑපාන්තරණයක් සහිත බොහොමයක් විශේෂයන්ගේ සංසර්ගය සිදුවන්නේ පිලිගත් ආකාරයකින් බව ආචාර්ය මැක්ගුයිරේ පවසයි. මෙහි තවත් විසඳාගත නොහැකි අභිරහසක් පවතින බවකෙසේ නමුත් පුරුෂ ගෙම්බන් විසින් ගැහැණු ගෙම්බන්ගේ අභ්‍යන්තරයේදී සංසේචනය සිදුකිරීම අභිරහසකි. ඊට හේතුව ගෙම්බන් තුල ශුක්‍රාණු මාරුකිරීමට ආවේණික ලිංගික අවයව නොමැති වීමයි. ප්‍රසූත කරණු ලබන ඉස්ගෙඩියෙකුගේ ප්‍රමාණය සෙන්ටි මීටර් 1.5 ක් පමණ බව ද විද්‍යාඥයෝ කියති. කෙසේ වෙතත් මේ ගෙම්බන් විශේෂය ගැන විද්‍යාඥයෝ තවමත් පර්යේෂණ සිදුකරමින් සිටිති. | ප්‍රසූත කරණු ලබන ඉස්ගෙඩියෙකුගේ ප්‍රමාණය කොපමණද? | {
"answer_start": [
677
],
"text": [
"සෙන්ටි මීටර් 1.5 ක් පමණ"
]
} |
0b55754e-4a7e-48c7-a431-3ecac490cb09 | ඔබ මනස අදින් දශක හත අටකට එහා යුගයක් වෙත යොමු කරවමින් මෙම ලිපිය අරඹන්නට අදහස් කළෙමි. එවකට ඇනලොග් හෝ ඩිජිටල් තාක්ෂණීය සන්නිවේදනය දිවයිනට පිවිස නොතිබිණි. ගම සහ නගරය අතර එකම සම්බන්ධීකාරකයා වූයේ තැපැල්කරුය. ගමට රට තොට තොරතුරු ගෙන ඒමේ පුවත්පතින් ඉටුවිය. හේන දෙසින් ඇසුණු පැල් කවිය, කමතෙන් නැගුනු කමත් කවිය ඔබ හදවතට මුසු කලේ තීව්රර චමත්කාරයකි. රෑ මැදියමේ මහ මඟ ගමන් ගත් ගැල්කරුවන් විසින් ඔවුන්ගේ පාළුව මකා ගන්නට ගැයූ කරත්ත සීපද මාලාවන් ද පාළු රාත්‍රියේ ගම් වැස්සන්ට කිසියම් වින්දනයක් ලබා දුන් බව හැඟේ. පාසල් දරුවකු ගොම්මන් වැටෙන යාමයේ සිය නිවසේ පිලේ සිට හඬ නගා තෙපලූ ගුත්තිල කාව්‍යයේ, ලෝවැඩ සඟරාවේ ලයාන්විත ගායන රිද්මය ගැමි දිවියට සමීප කළේ කිසියම් වින්දනයකි. ගමේ පන්සලෙන් නික්මී බැතිබර කවි බණ ඔබ සිත්හි නිසගයෙන්ම පිහිටි සදහම් සිතුවිලි තීව්ර කළා නිසැක. ගම් දනවුහි එවකට යොවුන් වියෙහි පසුවූ ඔබගේ රස භාවයන් පුබුදන්නට ඉවහල් වූයේ ගමේ පන්සලේ නැටුමින්, ගැයුමින් සැදි පෙරහර මෙන්ම, ඉඳහිට බණ මඩුවේ රඟ දැක්වුණු සඳ කිඳුරු දා නාඩගම වන් බොදු නාට්‍යයන්ය. තොවිල් පවිල්, යාතු කාර්ම, වාර්ෂික ගම් මඩු ගැමි මනස සුවපත් කරමින් කිසියම් රසාස්වාදයක් ද සැපයීමට මුල් විය. මෙවන් සම්ප්‍රදායික පරිසරයක් හා බද්ධව සිටි දිවයිනේ ගම් දනව් වැස්සන් තුළ කිසියම් නැවුම් පිබිදීමකට තුඩුදෙන සුළු සිදුවීමක් පිළිබඳ පුවතක්, 1925 දෙසැම්බර් 16 වන දින කොලොම්පුරයෙන් අසන්නට ලැබිණි. ශ්‍රී ලංකාවේ මුල් වරට ගුවන් විදුලි සේවාවක් නිල වශයෙන් ස්ථාපිත කිරීමේ අනුස්මරණීය සිද්ධිය ප්‍රසිද්ධියට පත් එම පුවතයි. නිශ්චිත වශයෙන්ම ගුවන් විදුලියේ අරුණලු ගම් පියෙස් කරා ළඟා වූයේ, ගුවන් විදුලිය ආරම්භ වී වසර 15ක් පමණ කාලයක් ඉකුත්වූ පසුවය. ගුවන් විදුලි යන්ත්‍ර බහුල වශයෙන් දිවයින තුළ ව්‍යාප්ත වූයේ එම කාල වකවානුවෙහිය. ගම් පියස. රට තොට දන මන රසාලිප්ත කරමින් 1940, 50 දශකයන්හිදී ගුවන් විදුලිය ගුවන් තරංග මාලාවන්ට මුදා කළ කන්කළු ගී සර රාශියකි. | ගම සහ නගරය අතර එකම සම්බන්ධීකාරකයා වූයේ කව්ද? | {
"answer_start": [
190
],
"text": [
"තැපැල්කරුය"
]
} |
e1351021-a6a6-4806-a803-f5fb8a4174d7 | උස් තාප්පයකින් වට වී පැවති මෙම ස්ථානයට ගමන් කිරීම සඳහා එක දොරටුවක් පිහිටුවා තිබිණ. මීට අමතරව නාලන්දාවෙන් මෙන්ම අංගණ 8ක්ද පන්සල් 10ක්ද තිබී ඇත. මේ අතර භාවනා ශාලා හා පන්ති කාමර විශාල ප්‍රමාණයක් ද නාලන්දා බිමේ පොකුණු හා උද්‍යාන පැවති බවටද සලකුණු ඇත. එදා ලෝකයේ පැවති විවිධ අධ්‍යයන ක්ෂේත්රයන් මෙහිදී පැවතී ඇති අතර කොරියාව ජපානය, චීනය, ටිබේටය, ඉන්දුනීසියාව, පර්සියාව සහ තුර්කිය වැනි රටවල සිසුන් විශාල ප්‍රමාණයක් මෙහි අධ්‍යාපනය ලබා ඇතැයි සැලකේ. ඔවුන් අධ්‍යාපනය ලද විෂය ක්ෂේත්‍ර අතර බුද්ධ ධර්මය, හින්දු ධර්මය, ශිෂ්‍ය ඉගෙනුම් විද්‍යාව, තාරකා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, පාරභෞතික විද්‍යාවත්, දර්ශනවාදය, යෝග ශාස්ත්‍රය වේදය ප්‍රධානය. මීට අමතරව විදෙස් දර්ශනයන් හා අධ්‍යාපන ක්‍රමවේදයන්ද ඒ ඒ රටවල්හි පඬිවරුන් පැමිණ මෙම ස්ථානයේදී උගන්වා තිබේ. මීට අමතරව වියට්නාම චීන ආදී බෞද්ධ රටවල් අනුගමනය කරන මහායාන බුදු දහමට ලොවට ගෙනයන ලද්දේ මෙහි සිටය. | මෙහි අධ්‍යාපනය ලද සිසුන් සිටි රටක් වන්නේ කුමක්ද? | {
"answer_start": [
365
],
"text": [
"තුර්කිය"
]
} |
59167d3a-32e1-471d-b281-334b87dedb13 | මහ කළුවර රාත්‍රියෙහිද ගිනි ගහන මද්දහනෙහිද පිඟන්, හැඳි, දීසි ඉබේම පාවෙන්නට විය. නිවෙස්වල බඩුමුට්ටු හිටිහැටියේ එහා මෙහා වෙන්නට විය. සමහර නිවෙස් තුළ ගිනි ගැනීම් ද ඇතිවිය. උයන පිහන ආහාරවලට වැලි දැමීම, අසූචි දැමීම සිදුවුණි. එවන් අවස්ථාවලදී එකී නිවෙස්වල මිනිස්සු කුසගින්නෙන් පසුවූහ. නිරාහාරව සිටින්නට සිදුවිය. රාත්‍රියේ, සන්ධ්‍යා කාලයේ නොයෙක් නොයෙක් ශබ්ද ඇසෙන්නට විය. මෙම සියල්ල කර ඇත්තේ ඇය විසිනුයි. ගිනි තැබීම්, ගල් ගැසීම්, බඩු මුට්ටු එහා මෙහා කරවීම් කිරීමට හෝ කරවීමට කිසිදු අමනුෂ්‍යයෙකුට එනම්, භූතයෙකුට, කුම්භාණ්ඩයෙකුට, ප්‍රේතයෙකුට කළ නොහැකියි. ඒවා කළ හැක්කේ මනුෂ්‍යයෙකුටම පමණයි. ගිනිගත් දේ අතර වූයේ ඉක්මනින් ගිනි ඇවිළෙන දේ පමණයි. ගිනි තැබීම් සිදුවෙන අවස්ථාවේදී කිසිවකුත් එය දැක නැත. බඩුමුට්ටු එහා මෙහා වෙනවිට කිසිවකුත් දැක නැත. සියල්ල දැක ඇත්තේ ටික වේලාවක් ගත වීමෙන් අනතුරුවයි. බඩු මුට්ටු එහා මෙහා ගෙනයනවා කිසිවකුත් දැක නැත. තිබුණු බඩු එම ස්ථානයේ නොතිබීමත් වෙනත් ස්ථානයක තිබීමත් පමණයි දැක ඇත්තේ. එසේම ඒවා ප්ලාස්ටික් හෝ ඉසිලීමට හැකි භාණ්ඩ පමණයි. ඉහත දැරියගේ ඇඳුම්වලට හෝ ඇගේ බඩු බාහිරාදියට කිසිදු හානියක් සිදුව නොමැත. බහිරවීය කියා කියාගන්නා එම දැරිය හා ඇගේ මිතුරිය වන ප්‍රියා කියන දැරිවියත් එක්වයි මෙය සිදුකර තිබෙන්නේ. මෙම සිදුවීම්වලට පාදක වී තිබෙන්නේ ඔවුන්ගේ සිත් තුළ ඇති වී තිබුණු හීනමානයයි. පවුල් සංස්ථාව තුළ තමන් කෙරෙහි අවධානයක් යොමු නොකිරීමත් ඔවුන් අගය කිරීමක් සිදු නොකිරීමත් නිසා ඔවුන් දෙදෙනාට මානසික රෝගී තත්ත්වයක් ඇති විය. | මහ කළුවර රාත්‍රියෙහිද ගිනි ගහන මද්දහනෙහිද ඉබේම පාවෙන්නට වූයේ මොනවාද? | {
"answer_start": [
42
],
"text": [
"පිඟන්, හැඳි, දීසි"
]
} |
6ab2f94b-eb56-4807-b983-7173b49e54be | විදුලි හීටරයක් පමණ ඉක්මවා භාවිත කිරීම හේතුවෙන් මෙම ගින්න ඇති වී ඇතැයි ද එම නිලධාරියා කීය. මාරාන්තික ගිනි ඇති වීම යුක්රේනය සුලබ තත්ත්වයකි. ආරක්ෂක නියාමන රෙගුලාසි නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ යල්පැන ගිය යටිතල පහසුකම් නිසි පරිදි නඩත්තු නොකිරීම ඊට ප්‍රධාන හේතුව වී තිබේ. ඔඩේසා නගරයේ පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක 2019 වසරේ දෙසැම්බර් මාසයේ ඇති වූ ගින්නකින් 16 දෙනකු මියගොස් 30 දෙනෙක් තුවාල ලැබූහ. නොසැලකිල්ල නිසා එම ගින්න ඇති වූ බව පසුව අනාවරණය වූ අතර ඒ හේතුවෙන් එම ආයතනයේ අධ්යක්ෂවරයා අත්අඩංගුවට පත්විය. | දෙසැම්බර් මාසයේ ඇති වූ ගින්නකින් 16 දෙනකු මියගොස් 30 දෙනෙක් තුවාල ලැබූ වේ කොහේදී ද? | {
"answer_start": [
270
],
"text": [
"ඔඩේසා නගරයේ පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක"
]
} |
f2033e27-5214-4d19-8208-25e5bd0256e9 | එම නිසාම රාජ වංශිකයන් සහ ප්‍රදේශවාසීහු මහනුවර නැතහොත් කඳුකරයට යාමට ඒමට මෙම මාර්ග භාවිත කළහ. මාර්ගයේ ඇති දුෂ්කර බවත් අනතුරුදායක බවත් බොහෝ විට මිනිස් ජීවිතවලට එකල වුව බලපා තිබිය හැක. එනම් වෙළෙඳාමේ යනෙන පුද්ගලයන් හෝ වෙනත් රදල පැලැන්තියේ සිටුවරුන් මෙම මාර්ගයේ යන විට ස්වභාවික හා සත්ව උවදුරුවලට මෙන්ම පසු කාලීනව බිහි වූ මංකොල්ලකරුවන්ගේ උවදුරුවලට ද හසුව තිබුණි. එහිදී ඔවුන් ගෙනා වස්තුව නැතහොත් ඔවුන් අත තිබූ වටිනා වස්තු ප්‍රදේශයේම සඟවා පළා යන්නට හෝ මිය යන්නට සිදුව ඇත. තවද මංකොල්ලකරුවන් ප්‍රදේශයේ ස්වභාවික ගල් ගුහා භාවිත කර වස්තුව සඟවා තැබීමට උත්සාහ කළා විය හැක. එම නිසාම මෙම වන පියස තුළ කොතැනක හෝ නිල් මැණික් සහිත නිධන් වස්තුවක් ඇති බවට වර්තමාන ගම්වැසියෝ පවා විශ්වාස කරති. එම නිසාම එම ආරංචිය ප්‍රයෝජනයට ගත් නිධන් හොරු කැලයේ විවිධ ස්ථාන හාරන්නට පටන් ගෙන ඇත. | මංකොල්ලකරුවන් වස්තුව සඟවා තැබුවේ කුමක් භාවිත කර ද? | {
"answer_start": [
491
],
"text": [
"ස්වභාවික ගල් ගුහා"
]
} |
f7ba2624-35fd-417c-b052-87744fba2e94 | මීගමුව වෙරළ දිනෙන් දිනම දැඩි ලෙස අපවිත්‍ර වීමත්, නගර සභාව හෝ රජයේ කිසිදු ආයතනයක් මගින් පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් සිදු නොකිරීමත් නිසා වෙරළට එන සංචාරකයින් ප්‍රමාණයද අඩුවෙමින් පවතින බව දක්නට ලැබේ. නගරයේ පිහිටි සමහර කානු පද්ධති වැල්ල හරහා මුහුදට සම්බන්ධ කර ඇති තැන්ද දක්නට ලැබේ. එම කානු දිගේ ගලා එන අපද්‍රව්‍ය සහිත ජලය වැල්ලේ ජලපොකුණු නිර්මාණය වී තිබේ. හෝටල් හිමියන් ප්‍රකාශ කරන්නේ වෙරළ පවිත්‍ර කිරීම් දිනපතා නගර සභාව මගින් සිදුකරනවා නම් තමන් ඒ සඳහා මුදලක් ගෙවීමට සූදානම් බවය. එවැනි හෝ වැඩපිළිවෙළක් වගකිව යුතු අංශවලින් සිදුනොවන්නේ නම් මීගමුව වෙරළ සංචාරකයින්ගෙන් තොර කලාපයක් බවට පත්වීම වැඩිදුරක නොවන බවද ඔවුහු ප්‍රකාශ කරති. මීගමුව - ලුවිස් පෙදෙසේ සංචාරක හෝටලයක් පවත්වාගෙන යන අයිවන් මාකස් පීරිස් මහතා මීගමුවේ සංචාරක ව්‍යාපාරයේ නිසි ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීමට වැඩි වෙහෙසක් දරන ව්‍යාපාරිකයෙකි. ඔහු පවසන්නේ මෙහි රැඳී සිට යළි සියරට බලා යන සංචාරකයින් තම ෆේස්බුක් ගිණුම් ඔස්සේ මීගමුව හා ශ්‍රී ලංකාව පිළිබඳ යහපත් ප්‍රතිචාර දක්වා ඇතත් අප්‍රසාදය පළකර ඇත්තේ වෙරළේ ඇති අපවිත්‍රතාව පිළිබඳව බවයි. | මිගමුව ලුවිස් හෝටලයේ අදිපති කවුරුන්ද? | {
"answer_start": [
674
],
"text": [
"අයිවන් මාකස් පීරිස් මහතා"
]
} |
026cba80-edc0-4c0b-ae9c-cb75e58fd3c6 | සිරුර හමුවූයේ උණ පඳුරක් අසල තිබියදීය. මෙම පුනර්භව සාධකයේ එම දරුවා විසින් කරන ලද ප්‍රකාශයක් අතිශය පුදුම උපදවනසුලු විය. ඔහු පැවසුවේ උණ පඳුරේ ඔහු සිටි බවය. ඒ බැව් මව සමග ඔහු ප්‍රකාශ කළේ ඉතා කුඩා අවදියේදීය. වරක් මව සමග ඒමට උත්සාහ කළ නමුත් ඇය මඟහැරුණ බැව් ද ඔහු ප්‍රකාශ කළේය. අනතුරුව පියාව දුටු බවත් පසුව ඔහු සමග නිවසට පැමිණි බවත් කීය. එදින වැසි සහිත දිනයක් බව ද මෙම දරුවා හෙළි කළේය. ඒ පිළිබඳව සිදුකළ විමර්ශනයේදී පියා සඳහන් කරනු ලැබුවේ බිරිය එම දරුවා පිළිසිඳ ගැනීමට මසකට පෙර ඔහු සිටි බැව් සඳහන් කළ උණ පඳුර අසලින් ඔහු ගමන්ගත් බවකි. එදින වැසි දිනයක් වූ බැව් ද පියාගේ මතකයේ තිබිණි. | සිරුර හමුවූයේ කුමක් අසල තිබියදීද? | {
"answer_start": [
14
],
"text": [
"උණ පඳුරක් අසල"
]
} |
6add6716-f1ec-47f2-a9b1-b3286309222d | හම්බන්තොට ගිරුවායේ මණ්ඩාඩුව ගමේ විසූ දොන් කොරනේලිස් අබේවික්‍රම යන අයට මෙම ‘‘ජ්වර රෝගය’’ වැළඳී ඇත. එයින් දැඩි ලෙස පීඩා විඳින විට ඔහු තම දේපළ ත්‍යාග ඔප්පුවකින් තම දරුවන් සිව් දෙනාට පවරා ඇත. ඒ 1918 ඔක්තෝබර් 25 වැනි දිනය. දරුවන් සිව් දෙනා වන්නේ දොන් එලියස් අබයවික්‍රම, දෝන ගිමාරා අබයවික්‍රම, දොන් නිකුලස් අබයවික්‍රම හා දෝන කර්ලිනා අබේවික්‍රම යන පුතුන් දෙදෙනා හා දියණියන් දෙදෙනාය. පවරා දුන් ඉඩම් කැබලි ප්‍රමාණය 110 කි. වටිනාකම රු. 5000/- කි. ත්යාප ඔප්පුව පිටු 28 කින් යුක්තය. මුද්දර ගාස්තුව රු. 150/- කි. අලවා ඇත්තේ රුපියල් 10 වටිනාකමැති මුදු්දර 15 කි. ඔප්පුව ඉතා සංවේදී බසකින් ලියා ඇත. | දොන් කොරනේලිස් අබේවික්‍රම විසුවේ කුමන ගමේද? | {
"answer_start": [
0
],
"text": [
"හම්බන්තොට ගිරුවායේ මණ්ඩාඩුව ගමේ"
]
} |
60e16777-2774-4565-b70b-94c5d83973f3 | සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් ඔහු උපත ලද උත්තර ප්‍රාන්තයේ ගොවීන් 1398 ගේ වගා ණය මුදලක් ගෙවා දැමීමට කටයුතු කර ඇත. තමන් රුපියල් මිලියන 40 කට වඩා වැඩි මුදලක් ගොවීන්ගේ ණය ගෙවීම සඳහා වැය කර ඇති බව අමිතාබ් බච්චන් සඳහන් කර තිබේ. මොහු මීට පෙර ද තම පෞද්ගලික ධනයෙන් මහාරාශ්ට්ර ප්‍රාන්තයේ ගොවීන් 350 දෙනෙකුගේ වගා ණය ගෙවා දැමීමට කටයුතු කර තිබුණි. මෙසේ තම ණය මුදල් ගෙවා ගැනීමට නොහැකිව ඉන්දීය ගොවීන් ගොවීන් පීඩාවට පත්වන අතර 1995 වසරේ සිට මේ දක්වා ගොවීන් ලක්ෂ තුනක් පමණ සියදිවි නසාගෙන ඇත. නියඟය, වගාවට අවශ්‍ය ජලය නොලැබීම, නවීකරණය නොකිරීම නිසා, කාර්මීකරණය වැනි හේතු නිසා දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ ගොවීහු පීඩා විදිති. | ඉන්දීය ගොවීන් පීඩාවට පත්ව ඇත්තේ ඇයි? | {
"answer_start": [
349
],
"text": [
"ණය මුදල් ගෙවා ගැනීමට නොහැකිව"
]
} |
5840c257-d501-4dd1-bd9d-fcb48207fae0 | චූටි දූ අම්මව සොයනවා. අම්මා චූටි දුව අහනවා. අපි ඉතින් දෙන්නගෙම හිත හද හද හිටියා. නංගිව ගෙදර එක්ක ඇවිල්ලා දවස් දෙකකට පස්සේ චූටි දුවවත් අපි ගෙදර එක්කරගෙන ආවා. නංගිට තව මාස 3කට අඩිය තියන්න එපා කියලා තියෙන්නේ. මාසෙකට සැරයක් සායනවලට එක්ක යන්න ඕනෑ. මල්ලි වැඩට නොගියොත් මේ වැඩවලට මුදල් නෑ. මේ වගේම ඇවිදගන්න බැරුව ඇඳන් උඩ ඉන්න බොහෝ දෙනෙක් තව මේ කටුවාපිටියේ ඉන්නවා. දැන් මේ මිනිස්සුන්ව හැමෝටම අමතකයි. ආණ්ඩුව මේ ප්‍රහාරයේ වගකිම භාරගත්තා නම් ඇයි මේ මිනිස්සුන්ට සාධාරණයක් කරන්න බැරි? බෝම්බ ප්‍රහාරයේ උණුසුම යන්නත් කලින් හදිසි නීතිය ඉවත් කළා. බුර්කාව තහනම ඉවත් කළා. අපි ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිස්සු විදිහට දැන් කණාමැදිරි එළියටත් අපි බයයි. මේ විදිහට රට ඉස්සරහට ගියොත් ආයෙම මේ වගේ විනාශයක් වෙන එක වැඩි ඈතක නෑ. | චූටි දුව ගෙදර පැමිණියේ නංගි ගෙදර පැමිණ දවස් කීයකට පසුවද? | {
"answer_start": [
110
],
"text": [
"දෙකකට"
]
} |
f0ab668a-b7b1-459f-a756-3e43adc275da | ඔහුට කීවේ කපු රදලයා කියාය. හැම දේවාලයක්ම හැදුණේ රජ්ජුරුවන්ගේ බිසෝවරුන්ට හැදුණු දොළක් හෝ ගායක් සංසිඳුවන්නට යාමේදීය. දේවාල හැදුණේ රජ්ජුරුවන් නිසා තුන්දොස් කිපුණු බිසවුන්නාන්සේලාගේ අටෝරාශියක් ලෙඩ රෝග සමනය කරන්නට යාමේදීය. රජ්ජුරුවන් නිසා බිසොවුන්ගේ තුන්දොස් කිපීම අරුමයක් නොවේ. ඇතැම් බිසවුන්නාන්සේලා අන්තඃපුරයට ගාල්වුණේ සිබිඩ්ඩෙන් පොත්ත පනින්නටත් කලිනි. රජ්ජුරුවන්ගේ ඇහැට හසුවීම නිසා හෝ රදළයකුගේ වන්දියකට හිලව් කරගන්න හෝ එසේත් නැතිනම් කාරියකරවන නිලමෙලාට සිතී උස්සගෙන විත් අන්තඃපුරයට අතහැරි නිසා තනිකම් දෝෂවලට ලක්වුණ බිසවුන්නාන්සේලාගේ තනිකං දෝෂ නිසා අටෝරාශියක් ලෙඩ රෝග ඇතිවුණේ රාජකීය වෛද්‍යවරයාට බෙහෙත් කරන්නටත් බැරි ගානටය. තුන්දොස් කිපුණු වෙලාවට ආරක්ෂාවට ඉන්න අයවත් අන්තඃපුරයට ගෙන්නා ගන්න බැරි වන්නේ ඒ හැම කෙනෙක්ගේම අංග ඡේදනය කර තිබෙන නිසාය. සමහර බිසවුන්ට රාජකීය ශරීරයේ ස්පර්ශය ලැබෙන්නේ අවුරුද්දකට දෙකකට වරකි. | සමහර බිසවුන්ට රාජකීය ස්පර්ශය ලැබෙන්නේ කොපමණ වාරයකට ද? | {
"answer_start": [
783
],
"text": [
"අවුරුද්දකට දෙකකට වරකි"
]
} |
d8c30887-a484-4197-9ec0-99b3c2953f19 | ඔහු තුරඟ තරගයක් බැලීමට ගොස් ඇත්තේ සාක්කු දෙකේම පවුම් 365 පුරවාගෙනය. දක්ෂ හොරෙකු මේ මුදල් සූර ලෙස සොරා ගැනීමට සමත්ව ඇත. එහෙත් තව දිනක පවුම් දහස් ගණනක ස්වර්ණාභරණ පොදියක් හොරෙකුට අමතකවීමක් නිසා ඩොනවන් අතටම ලැබීම ද දෛවයේ සරදමක් වී ඇත. මෙය 1956 ඉරිදා ලංකාදීප පත්‍රයේ පළ වූ වාර්තාවකි. දෙවරක්ම දික්කසාද වී සිටි ඩොනවන් හා ඔහුගේ දෙවන බිරිඳ වූ එරීන් ද සෙල්ෆා අතර පැවති දික්කසාද නඩුව මුළු ලෝකයේම පැතිර ගොස් ඇත. එය අතිශයින්ම හාස්‍යජනකවී ලු. මේ නඩුවේදී අනාචාර චෝදනාව මත තම භාර්යාව වූ එරින් සමග දික්කසාද වීමට ඉඩ ලැබී ඇත. | තුරග තරග බැ ලීමට ගොස් ඇත්තේ පවුම් කීයක් රැගෙනද ? | {
"answer_start": [
47
],
"text": [
"පවුම් 365"
]
} |
646768c2-836c-4534-929d-50069982240b | මීට දින කිහිපයකට පෙර සමාජ පිටු තුළ සජිවි සංවාදයකට එක්වෙමින් සිනමා නිළියක් මෙන්ම ජනප්‍රිය නිරූපිකාවක්ද වන ෂර්ලින් චොප්රා පාපොච්චාරණය කර තිබුණේ තමන් කලා ක්ෂේත්රයට එක්වූ මුල් කාලයේදී මුදලට පුද්ගලයින් සමග යහන්ගත වූ බවය. 2013 වසරේ ප්‍රකට ප්ලේ බෝයි සඟරාවට නිරූවතින් පෙනි සිටි එකම ඉන්දීය නිළියද වූ ෂර්ලින් ඉන් පසුව ලොවපුරා අතිශය ජනප්‍රිය තරුවක් බවටද පත් විය. ඉන් පසුව ලිංගික දර්ශන ඇතුළත් චිත්‍රපට කිහිපයකම රඟපෑ ඇය ඉන්දිය සිනමාව තුළද එවකට නමක දිනාගන්නට සමත් වූවාය. | තමන් කලා ක්ෂේත්රයට එක්වූ මුල් කාලයේදී මුදලට පුද්ගලයින් සමග යහන්ගත වූ බව පාපොච්චාරණය කර තිබුණේ කවුරුන්ද? | {
"answer_start": [
105
],
"text": [
"ෂර්ලින් චොප්රා"
]
} |
fc27574a-2d68-4479-8f53-b42ad2031361 | මීට දින කිහිපයකට පෙර ඇමෙරිකාවේ නෙවඩා හි පැවති 64 වැනි ග්රෑමි සම්මාන උළලේ වැඩිම අවධානයක් දිනාගත් ගායන ශිල්පියා බවට 35 වැනි වියෙහි පසුවන ජෝන් බැටිස්ට් පත්විය. ඔහු මෙවර සම්මාන උළලේදී සම්මාන 11ක් සඳහා නිර්දේශ වූ අතර, ඉන් සම්මාන 5ක් හිමි කර ගැනීමට බැට්ස්ට් සමත් විය. එය මෙවර ග්රෑමි සම්මාන උළලේදී වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත් තරුවද වීම විශේෂත්වයකි. වසරේ හොඳම ගීතය ඇතුලත් ඇල්බමයද ඇතුළු සම්මාන කිහිපයක් ඔහු මෙවර සම්මාන උළලේදී දිනාගන්නට සමත් විය. පසුගිය වසරේ ඔහු විසින් ගී ඇල්බම් කිහිපයක්ම නිකුත් කරනුද ලැබීය. | බැටිස්ට් හිමි කර ගැනීමට සමත් වූ සම්මාන ගණන කීයද? | {
"answer_start": [
225
],
"text": [
"5ක්"
]
} |
95081689-6b5b-4d7a-bb0d-49006cbea1a7 | අල්ලස් ගැනීම සහ පුද්ගලයන් පැහැරගැනීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසාට චෝදනා එල්ල වී ඇති බවත්, පොලිසිය එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් දකුණු අප්‍රිකා මාධ්‍ය වාර්තා කරයි. රැම්පෝසාට මෙම චෝදනා එල්ල කරනු ලැබ ඇත්තේ, එරට හිටපු බුද්ධි අංශ ප්‍රධානී ආතර් ෆ්රේසර් විසිනි. රැම්පෝසා සහ ආතර් ෆ්රේසර් සමීප හිතවතුන් බව ද පැවැසෙයි. කෙසේ නමුත් මේ වනවිට දෙදෙනා අතර මත ගැටුම් නිර්මාණය වී ඇත. ආතර් ෆ්රේසර් පෙන්වා දී ඇති අන්දමට, 2020 දී, ජනාධිපතිවරයාට අයත් ඔහුගේ ලිම්පොපෝ ප්‍රාන්තයේ ගොවිපොල නිවසකට ඇතුළු වුණු සොරුන් කතණ්ඩායමක්, ජනාධිපතිවරයා සතුව තිබූ ඇමෙරිකන් ඩොලර් මිලියන 4 ක් සොරකම් කර තිබේ. | රැම්පෝසා සහා ෆ්රේසර් යනු කව්ද? | {
"answer_start": [
323
],
"text": [
"සමීප හිතවතුන්"
]
} |
03269b8b-1a6f-424b-89b8-bb59422b7890 | ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී හොඳම නළුවා ලෙස අට වරක් සම්මාන ලැබු හින්දි සිනමා නළු දිලිප් කුමාර් මීට දින කිහිපයකට පෙර හදිසියේ ඇතිවු රෝගාබාධයක් හේතුවෙන් මුම්බායි හි හින්දුජා රෝහලට ඇතුළත් කර තිබුණි. කෙසේ වෙතත්, පසුගිය ජුනි 10 වැනිද දිලිප් කුමාර්ගේ ඥාති පුතෙකු සිය ටිවිටර් ගිණුමට දැමු සටහනකින් පවසා තිබුණේ දිලිප් කුමාර් සුව වී නැවතත් ඔහුගේ මුමිබායිහි පිහිටි නිවසට පැමිණි බවය. 98 වැනි වියෙහි පසුවන දිලිප් කුමාර් පසුගිය වසර දෙකතුන තුළදී අවස්ථා කිහිපයකදීම හදිසියේ ඇතිවු රෝගාබාධ හේතුවෙන් රෝහල් ගත කරන්නට සිදුවිය. මෙවර ඔහු හින්දුජා රෝහලට ඇතුළත් කර තිබුණේ හදිසියේ ඇති වූ හදෘයබාධයක් හේතුවෙන් බව සඳහන් වෙයි. | දිලිප් කුමාර් රෝහලට ඇතුළත් කර තිබුණේ ඇයි? | {
"answer_start": [
115
],
"text": [
"හදිසියේ ඇතිවු රෝගාබාධයක් හේතුවෙන්"
]
} |
8f0d0336-7f44-43c7-af69-0ff3fda40f93 | අගෝස්තු 19 වැනිදා රූපගත කිරීම් කටයුතු ආරම්භ කරන ඉන්දියන් දෙවැනි චිත්‍රපටය සඳහා මේ වනවිට ප්‍රධාන චරිත සඳහා නිළියන් දෙදෙනෙකු තෝරා ගෙන ඇතැයි වාර්තා වේ. ඒ ප්‍රියා භවානි හා අයිශ්වර්යා රජේස් දෙදෙනාය. කමල් හසන් සුපුරුදු පරිදි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, ශේකර් විසින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබයි. චෙන්නායි, ගෝවා හා හයිද්ර්බාද් නගරයන් හි මෙහි රූපගත කිරිම් කටයුතු සිදු කරන අතර, ගී කිහිපයක් මැලේසියාව හා බාලී දුපත්වල රූපගත කරන බවට මේ වනවිට තොරතුරු ලැබේ. | ඉන්දියන් දෙවැනි චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු ආරම්භ කරන්නේ කවදාද? | {
"answer_start": [
0
],
"text": [
"අගෝස්තු 19 වැනිදා"
]
} |
1e5b23ae-e269-44b3-8822-0ddbf65b3f23 | මැයි මස 17 වැනිදා සිට 28 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නගරයේ පැවැත්වෙන කාන්ස් සිනමා උළෙල සඳහා බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර්ටද ආරාධනාවක් ලැබි තිබුණි. කෙසේ වෙතත්, ආක්ෂේගේ පෞද්ගලික හිතවතෙකු පවසන්නේ ඔහුට මෙම සිනමා උළෙල සඳහා එක්වීමට මේ වනවිට නොහැකි වී ඇති බවය. ඒ ආක්ෂේ කුමාර් මේ වනවිට දෙවැනි වතාවටද කොවිඩ් අසාධිතයෙකු වී සිටිම හේතුවෙනි. ආක්ෂේ මේ වසරේ රංගනයෙන් දායක වන දෙවැනි චිත්‍රපටය වන ප්‍රිත්විරාජ් චිත්‍රපටයේද ප්රචාරක කටයුතු මේ වනවිට ඇණහිට තිබෙන අතර, චිත්‍රපටය ජුනි 03 වැනිදා නිකුත් කිරිමට නියමිතව ඇත. | එම චිත්‍රපටය නිකුත් කිරිමට නියමිතව ඇත්තේ කවදාද? | {
"answer_start": [
462
],
"text": [
"ජුනි 03 වැනිදා"
]
} |
1d27abcd-e520-45b6-9a4c-45610d4d0c41 | කරඳහෙළ වටා වැව් කිහිපයක් පිහිටියේය. නමුත් කරඳහෙළ වැව හැර සෙසු වැව් සියල්ල කැලයට යට වී කැලෑබවට පත්ව තිබේ. කරඳහෙළට ඊසාන දිගින් කරඳ ඔය ගලා බසින නිසා කරඳහෙළ වූ බවට සැලකේ. කරඳහෙළ ආශ්‍රිතව ජනප්‍රවාද කීපයක් එයි. අඩි 512 ක් දිග රාජාලෙන තුළ කාවන්තිස්ස රජු හා සේනාව නැවතී සිටීම පිළිබඳව ද ජනප්රවාදයකි. කරඳහෙළ විහාරයේ සිට ලාහුගල මගුල් මහා විහාරයටද එහි සිට දහම්පළ දුටුගැමුණු මාලිගාවටද යාමට ගල් ඇතිරූ මාර්ගයක් තිබූ බවටද ජනප්‍රවාදයක් තිබේ. කාවන්තිස්ස රජු නිතර මේ මාර්ගය ඔස්සේ කරඳහෙළ විහාරයට පැමිණි බව කියැවේ. කරඳහෙළ කඳු ගැටය පුරා වස්තුවලින් පිරී ඇති තැනකි. මෙහි පළමුවෙන්ම ගවේෂණයක් සිදුකර ඇත්තේ සී.ඩබ්ලිව්. නිකලස් මහතාය. එහෙත් මෙම ස්ථානය පිළිබඳව පුර්ණ ගවේෂණයක් සිදුකර ඇත්තේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ය. උන්වහන්සේ ඒ සඳහා මුලින්ම එහි ගොස් ඇත්තේ 1965 දීය. පසුව 1981 දී එහි ගල් ලෙනක දින ගණනාවක් නතරවී උන්වහන්සේ දීර්ඝ ගවේෂණයක යෙදුණහ. පසුව පසුගිය වසරේදී ද මේධානන්ද හිමියෝ කරඳහෙළට ගොස් ගවේෂණයේ නිරත වූහ. | ඊසාන දිගින් ගලා බසින්නේ කුමක්ද ? | {
"answer_start": [
125
],
"text": [
"කරඳ ඔය"
]
} |
89798f29-3109-48a6-9c96-a02be180db5a | හම්බන්තොට ගිරුවායේ මණ්ඩාඩුව ගමේ විසූ දොන් කොරනේලිස් අබේවික්‍රම යන අයට මෙම ‘‘ජ්වර රෝගය’’ වැළඳී ඇත. එයින් දැඩි ලෙස පීඩා විඳින විට ඔහු තම දේපළ ත්‍යාග ඔප්පුවකින් තම දරුවන් සිව් දෙනාට පවරා ඇත. ඒ 1918 ඔක්තෝබර් 25 වැනි දිනය. දරුවන් සිව් දෙනා වන්නේ දොන් එලියස් අබයවික්‍රම, දෝන ගිමාරා අබයවික්‍රම, දොන් නිකුලස් අබයවික්‍රම හා දෝන කර්ලිනා අබේවික්‍රම යන පුතුන් දෙදෙනා හා දියණියන් දෙදෙනාය. පවරා දුන් ඉඩම් කැබලි ප්‍රමාණය 110 කි. වටිනාකම රු. 5000/- කි. ත්යාප ඔප්පුව පිටු 28 කින් යුක්තය. මුද්දර ගාස්තුව රු. 150/- කි. අලවා ඇත්තේ රුපියල් 10 වටිනාකමැති මුදු්දර 15 කි. ඔප්පුව ඉතා සංවේදී බසකින් ලියා ඇත. | ‘‘ජ්වර රෝගය’’ වැළදී ඇත්තේ කාහටද? | {
"answer_start": [
37
],
"text": [
"දොන් කොරනේලිස් අබේවික්‍රම යන අයට"
]
} |
feaa48ea-51fd-4e3a-bbd5-977faeb7bcd8 | එම වකවානුව වන විට සිංහල බසින් සකසන ලද දේශීය වෙද අත්පොත් හිඟ අවස්ථාවක කිරි ඇල්ලේ ඥානවිමල හිමියන් විසින් රචිත මෙම වෙද අත්පොත දේශීය වෙදකමේ උන්නතිය වෙනුවෙන් සිදු කළ සුවිශාල මෙහෙවරක් ලෙස ද සැලකේ. සංස්කෘත හින්දි වංග හා ඉංග්‍රීසි භාෂා වලින් ඉන්දියානු ඖෂ්ධ වර්ග පිළිබඳව ලියැවුණු ශබ්ද කෝෂ රාශියක් තිබුණ ද එකල මෙරටට ආවේනික ඖෂධ පිළිබඳව සිංහලෙන් ආයුර්වේද වෛද්‍ය ශබ්ද කෝෂයක් සකස් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නට ඇත. එම වකවානුවේ පැවැති ප්‍රායෝගික ගැටලු තුළ පොතක් මුද්‍රණය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන්නට ඇත. සංස්කෘත පාලි හා සිංහල භාෂා වලින් ලියන ලද ලංකාවේ පැරැණි වෙද පොත් හැට එකක් එක ල තිබුණ ද ඒවායින් මුද්‍රණය වී ඇත්තේ ඉතා ස්වල්පයක් බව සඳහන් වේ. | සංස්කෘත පාලි හා සිංහල භාෂා වලින් ලියූ ලංකාවේ පැරණි වෙදපොත් ගණන කීයද? | {
"answer_start": [
564
],
"text": [
"හැට එකක්"
]
} |
3c3b26a9-93ce-4b34-8d33-d6780f1d696a | රත්නගිරිය කන්දට ගිය අපට ගෝමරය හා අවට ගම්මාන දක්නට ලැබුණ අතර මීට අසල්වැසි කන්දක් ලෙස සිටියේ රිලගල හෙවත් ගෝරණ කන්ද දක්නට ලැබුණි. එලෙසම ඉතා ඈතින් ගෝනා ගිය ඇලි දාමය පවා අපට දක්නට ලැබුණි. නැවතත් පෙර අඩි මාර්ගයට අප පැමිණි අතර ඉන්පසු අප තවත් ඉදිරියට ගමන් කළේ හුළං කන්ද වෙතය. හුළංකන්ද යනු සුළං ප්‍රමාණයක් සහිත විවෘත කඳු ගැටයකි. මෙම ගමනේ දී අපට හමුවන අවසන් කඳුගැටය මෙය වන අතර මෙය ඉන්පසු හැරවෙන්නේ වෙන වන පියසක් වෙතය. මාන පඳුරු හා තෘණ පඳුරු පසු කරමින් කුඩා පතන ඔස්සේ අපි ගමන් කරමින් මෙතෙක් වේලා ගුවනට විවෘත භූමිය ඔස්සේ පැමිණි මග නිමාවට පත්විය. | රත්නගිරිය කන්දට ගියවිට දැකිය හැක්කේ මොනවාද? | {
"answer_start": [
143
],
"text": [
"ගෝනා ගිය ඇලි දාමය"
]
} |
da0ead17-8940-4c67-ad2f-2b74cf762e5e | සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් 2021 වසරේ කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩා විඳිද්දී පොදුවේ ලෝකයේ රටවල් තම හමුදා ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 2 ක් වියදම් කරමින් නව වාර්තාවක් පිහිටුවා ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලෝකයේ සියලුම රාජ්‍යයන් එකතුව යුද අවි සඳහා 2021 වසරේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 2.113 වියදම් කර ඇති අතර වියදම් කළ රාජ්‍යයන් අතර ඇමෙරිකා එක්සත් ජනපදය,චීනය,ඉන්දියාව,එක්සත් රාජධානිය සහ රුසියාවට මුල් ස්ථාන 5 හිමි වී ඇත. මෙම රාජ්‍යයන් 5 යුද අවි සඳහා වියදම් කර ඇති ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 2.113 මුදලින් සියයට 62 ක් සඳහා දායකත්වය සපයා ඇත. | ලෝකයේ සියලුම් රටවල් දැරූ මුලු වියදම කොපමණද? | {
"answer_start": [
350
],
"text": [
"ඩොලර් ට්‍රිලියන 2.113"
]
} |
1f2d23d2-eb08-4597-a56f-ac6cef7f024a | කෙසේ හෝ බුලතාගේ බිරිඳගේ නුවණැති සංකල්පයක් නිසා බිහි වූ මෙම ගල් පඩිපෙළ පසුකාලීනව ගමනාගමනයට මහත් රැකුලක් වුණි. එසේම අපචාර හා නීති විරෝධී දේ සඳහා ද මෙම මාර්ගය ඇතැම්හු භාවිතයට ගත්හ. සොරබොර වැව මහියංගණයට ආභරණයක් ලෙස දිළෙන අතර ගල් පඩි පෙළ නටබුන් දිනෙන් දින අභාවයට යමින් පවතියි. රක්ෂිතයක් තුළ පිහිටීමත් වන අලි හා ගුප්තමය වන පියස නිසාවෙනුත් මෙම ගල් පඩිපෙළ වර්තමාන මිනිස් භාවිතයෙන් වියැකී යන්නකි. නමුත් නිධන් හොරු විවිධ කාල වකවානු තුළ නීති විරෝධී ලෙස කැණීම් කරමින් ඔවුන්ගේද ජීවිත අනතුරේ දමන බවක් අපට දැන ගන්නට ලැබුණි. සමස්ත කඳු වැටිය තරණය කළ නිසාවෙන් අවට පරිසරය සියුම්ව නිරීක්ෂණය කළ පසු අපට වැටහුණේ මෙම රක්ෂිත තුළ තවමත් මිනිස් පහස නොලත් ස්ථාන ඇති බවයි. විශේෂයෙන්ම ගල් ගුහා පිළිබඳව ඇතැම් විට පුරාවිද්‍යාත්මක වටිනාමකින් යුත් යම් අතීත හෙළිදරව්වක් එහි තිබිය හැක. | ගල් පඩිපෙළ කාගේ සංකල්පයක්ද ? | {
"answer_start": [
8
],
"text": [
"බුලතාගේ බිරිඳගේ"
]
} |
0ca61c73-3e2a-427d-9bdd-27a54ed89b56 | මේ වනවිට ගම ආසන්නයේ පිහිටි වෙළඳ පොළ වඩාත් සරු බවක් දක්වයි. කෑම බීමට අවශ්‍ය කළමනා මෙන්ම රෙදිපිළිද, කරවලද, ඇඳුම් පැළඳුම් ද පිඟන් කෝප්පද ලූණු මිරිස් ද රතිඤ්ඤා පෙට්ටි ද වෙළඳ සැල්වල ගොඩගසා ඇත්තේ එළැඹෙන සැණකෙළිය සඳහා උපකාර කිරීමට මෙනි. මේ අතර ගමේ තරුණ ගැටව් කුඩා කණ්ඩායම් වශයෙන් එකතුවී ජන ක්‍රීඩා සඳහා සුදානම් වෙති. කතුරු ඔංචිල්ලා බඳින්නේ වැඩිහිටියන්ගේ උපදෙස් අවවාද ලබමින් ඒ සඳහා යුහුසුළු වෙති. ගැමියන් ගම්බාර දෙවියන්ට බාර හාර වී කතුරු ඔංචිල්ලා බැඳීම ආරම්භ කරන්නේ අවුරුද්දට සති දෙක තුනකට පෙරය. එය එතරම්ම අසීරු කාරියකි. ඒ සඳහා අවශ්‍ය දැව දඩු හා රැහැන් සපයා ගන්නේ අවට පරිසරයෙනි. මේ හැරෙන්නට ගහක හරස් අත්තක හෝ ගස් දෙකක් අතරේ හරස් අතට බැඳුන ලී කඳක පැද්දුම් ඔංචිල්ලා බැඳීම ද සිදු කරන්නේ දින කිහිපයකට පෙරය. | කතුරු ඔංචිල්ලා බඳින්නේ කෙසේද? | {
"answer_start": [
333
],
"text": [
"වැඩිහිටියන්ගේ උපදෙස් අවවාද ලබමින්"
]
} |
771e7c83-6114-4d4e-a1b6-9fcffdbfba35 | බ්‍රසීලියානු ජාතික ජිසෙල් විලාසිතා ලෝකයේ එතෙක් මෙතෙක් සිටි අති සාර්ථකම නිරූපණ ශිල්පිනියක ලෙස සැලකේ. 2015 වසරේදී විලාසිතා දැක්මවල නිරූපණයෙන් විශ්‍රාම ගත් ජිසෙල්ගේ වයස අවුරුදු 40ට ආසන්නය. නමුත් සුවඳ විලවුන්, පාවහන් හා ඇගේ උපන් රට වන බ්‍රසීලයේ ආභරණ සමාගම් සමඟ පවතින ගිවිසුම් නිසා මිලියන ගණනින් මුදල් උපයන්නීය. දශක දෙකකටත් වඩා දිගු ඇගේ වෘත්තීය ජීවිතයේදී වෝග්, එල් හා හාපර්ස් බසාර් වැනි විලාසිතා සඟරාවල කවරයේ ඡායාරූප 1200කටත් වඩා පෙනී සිට ඇත. ජිසෙල් ටයිම්, ෆෝබ්ස්, රෝලින් ස්ටෝන් වැනි ලොව සුප්‍රකට සඟරාවලත් පෙනී සිටියාය. ඇගේ වෘත්තීය ගමන් මග කොතෙක් සාර්ථක වීද යත්, ඇගේ සාර්ථකත්වය නිර්වචනය කිරීමට සුපිරි යන වචනය ප්‍රමාණවත් නොවී, සුපිරිවලටත් වඩා සුපිරි යන තේරුම ඇති උබර් මොඩල් යනුවෙන් යෙදුමක් පවා බිහිවිය. නීරෝගී හා වටකුරු සිරුරකින් මෙන්ම රන්පැහැ සමෙන් යුතු වූ ඈ 90 ගණන් හා 2000 ගණන්වල පැවති ඒකාකාරී විලාසිතා රාමු බිඳිමින් විලාසිතා ලෝකයට නව පෙනුමක් එකතු කළාය. ඇය වෘත්තීයත්වයෙන් ඉහළ, දැඩි කැපවීමකින් හා ප්‍රබෝධමත් බවකින් යුතුව කටයුතු කරන්නියක් බව ක්ෂේත්රයේ කවුරුත් දන්නා කරුණුය. | 2015 වසරේදී විලාසිතා දැක්මවල නිරූපණයෙන් විශ්‍රාම ගත් ජිසෙල්ගේ වයස අවුරුදු කීයද? | {
"answer_start": [
164
],
"text": [
"වයස අවුරුදු 40ට ආසන්නය"
]
} |
b5eef24c-d1c5-4e75-b401-cb0b76a2d35f | බල සංවේදකයක් යනු භෞතික වශයෙන් යොදන බලය විද්‍යුත් තරංගයක් බවට පරිවර්ථනය කරන උපකරණයකි. විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීම වෙනුවෙන් ලෝකයේ කීර්තියක් දිනා සිටින විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ආයතනයේ මෙම සමුළුව නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වතාවට මොරටුව විශ්වවිද්‍යාලයට වාසනාව උදාවිය. මෙම සමුළුවට ලෝකයේ තාක්ෂණයෙන් දියුණු රටවල් 45 ක් පමණ සහභාගි වූ අතර එය ඇමෙරිකාවේ ඕලන්ඩෝ නගරයේදී පැවැත්විණි. ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය සහ නව තාක්ෂණික මූලද්‍රව්‍ය උපයෝගී කරගෙන මෙම බල සංවේදකය නිර්මාණය කෙරුණු අතර එවැනි බල සංවේදකයක් ලංකාවේ නිපදවූ ප්‍රථම අවස්ථාවද මෙයවේ. | ඕලන්ඩෝ නගරය පිහිටා තිබෙන්නේ කුමන රටේද ? | {
"answer_start": [
355
],
"text": [
"ඇමෙරිකාවේ"
]
} |
eae3642a-ddb9-435c-88ea-ac1eef64fcb0 | අවසානයේ දී මෙය මිනී මැරුමක් බව තහවුරු වුණා. ස්වාමිපුරුෂයා මෙන්ම භාර්යාවත් සැකකරුවන් වුණා. මහාධිකරණයෙන් ඔවුන් වරදකරුවන් වුණා. චූදිතයාට වසර 20ක සිර දඬුවමක් ලැබුණා. මෙහි අවසානයේ සිදු වුණේ කුඩා දරුවාට අම්මාත් තාත්තාත් අහිමි වීම. දරුවාගේ භාරකාරත්වය මිත්තණියට භාර කළා. සියල්ල සිදු වී අවසන්ය. ඔබ සිතිය යුත්තේ මවකු, පියෙකු දරුවෙකු ඇතුළත් ලස්සන පවුලක් අකාලයේ විනාශ වූයේ මක් නිසාද කියාය. දරු සෙනෙහස පසෙකලා හැඟීම් පසු පස හඹා ගිය ඔවුහු අවසානයේ නීතියට අපරාධකවෝ වූහ. එසේම එහි දඬුවම සිය සුජාත දරුවාට විඳීමට ඔව්හු උරුම කර දුන්හ. | මෙහි අවසානයේ සිදු වුණේ කුමක්ද? | {
"answer_start": [
185
],
"text": [
"කුඩා දරුවාට අම්මාත් තාත්තාත් අහිමි වීම"
]
} |
7f71c712-73d9-49da-af77-52b59cf52783 | මියන්මාරයේ හමුදා පාලනයට විරුද්ධවාදීන්ගෙන් මියන්මාරයේ ජාතික සමඟි ආණ්ඩුව නිර්මාණය වී තිබෙන අතර මියන්මාරයේ සිවිල් පාලනය, මියන්මාරයේ විකල්ප ආණ්ඩුව යනාදියෙන් ද හැඳින්වේ. මියන්මාරයේ හමුදා ජුන්ටාවට එරෙහිව සටන් වදින බව සිය නව උපායමාර්ගය ප්‍රකාශයට පත් කරමින් ජාතික සමඟ ආණ්ඩුවේ වැඩබලන ජනාධිපති දුවා ලාෂි පැවැසීය. හමුදාව විරුද්ධ සන්නද්ධ කණ්ඩායම්, ජනවාර්ගික කොටස්, සිවිල් සංවිධාන යන බොහෝමයකින් මෙම විකල්ප ආණ්ඩුව නිර්මාණය වී තිබේ. මියන්මාරයේ ජාතික සමඟි ආණ්ඩුව ඡායා ආණ්ඩුව ලෙස හැඳින් වේ. එහි ඇතැම් පාර්ශව සැඟවී හෝ පිටුවහල් කිරීමට ද ලක්ව ඇත. | මියන්මාරයේ ජාතික සමගි ආණ්ඩුව හදුන්වන නම කුමක්ද ? | {
"answer_start": [
447
],
"text": [
"ඡායා ආණ්ඩුව"
]
} |
77e91d90-a913-4425-b0ff-4883ca668443 | දුම්රිය මැදිරි දෙකක පිපිරුම් සිදුවුවත් ඉන් මැදිරි තුනකට පමණ බරපතළ හානි සිදු විය. 70 කට අධික පිරිසක් මරුමුවට පත්වූහ. දුම්රියේ මෙන්ම දුම්රිය වේදිකාවේ සිටි 550 පමණ පිරිසක් බරපතළ තුවාල ලබා කොළඹ මහ රෝහලට සහ දකුණු කොළඹ මහ රෝහලට ඇතුළත් කරනු ලැබූහ. කාල බෝම්බ දෙක පිපිරී ගිය දුම්රිය මැදිරි දෙක තුළම 50 කට අධික සංඛ්‍යාවක් මියගොස් සිටියහ. මියගිය අයගේ සිරුරු කැබලිවලට කැඩී විසිරී දුම්රිය පුරා විසිරී තිබිණි. බෝම්බ පිපිරීම සිදුවෙන විට දුම්රියේ සියලුම මැදිරිවල මගීන් 400 ආසන්න සංඛ්‍යාවක් සිටි අතර දුම්රිය වේගයෙන් ධාවනය වෙද්දී මෙම කාල බෝම්බය පිපිරී ගියා නම් මීටත් වඩා බරපතළ ජීවිත විනාශයක් සිදුවීමට ඉඩ තිබිණි යැයි දුම්රිය බලධාරීහු පවසති. | පිපිරීමෙන් කෙතරම් පිරිසක් මරුමුවට පත්වූවාද? | {
"answer_start": [
81
],
"text": [
"70 කට අධික පිරිසක්"
]
} |
f7c9b0f5-386b-4242-9e58-ee6fcacd1526 | මගේ තරුණ වයස දියවුණේ මේ පාරටමයි. දැන් මැදි වයසත් පහුවෙලා. මමත් 150 ට සින්න වෙලා. විවාහ වෙලා සාමාන්‍ය විදියට ජීවත්වෙන්න ගේ පැලක් හදාගත්තා. දරුවන්ට ඉගැන්නුවා. හැබැයි තවමත් තුන්දෙනාගෙන් එක්කෙනෙකුටවත් ස්ථිර රැකියා නැහැ. අපිට වැටුප් ලැබෙන්නෙ දවස ගානේ බස් එකේ දෛනික ආදායමෙන් 10%යි. දුවන ට්‍රිප් ගාණට හොඳට සෙනග හිටියොත් රු 1000/- පන්නලා පඩිය ගන්න පුළුවන්. එහෙම දවස් එන්නෙ කලාතුරකින්. මේ රූට් එකේ සෙනග ඉන්නෙ උදේ හවස විතරයි. දවල්ට නිකම් ඔහේ යනව එනව විතරයි. බස් එකට දවසකට රු. 4500/- ක ඩීසල් ගහන්න ඕන. සාමාන්‍ය දෛනික ආදායම රු. 12000ත් 14000ත් අතර වෙනව. මගීන්ගෙන් අහන බැනුම් කන්දරාවෙ වටිනාකම ඊට හුඟක් වැඩියි මහත්තයෝ. | වැටුප් ලැබෙන්නේ දවස ගානේ බස් එකේ දෛනික අදායමෙන් කීයක්ද ? | {
"answer_start": [
271
],
"text": [
"10%යි"
]
} |
a58f4839-ff05-4061-b5d7-67ec93135b9a | එහෙත් මේ සියල්ල එක දවසක, හදිසියේ, අනපේක්ෂිතව වෙනස් විය. දිනපතා පුවත්පත්වල ඩගන්ගේ දක්ෂතා වර්ණනා කරමින්, මොසාඩ්හි ගරුත්වය යළි ගෙනා නායකයා ආදී වශයෙන් වර්ණනාත්මක ලිපි පළ විය. ඩමස්කස්හි උමතු හිස්බුල්ලා මිනීමරු ඉමාඩ් මුග්නියේ ඝාතනය, සිරියානු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක විනාශ කිරීම, ලෙබනනයේ හා සිරියාවේ සිටි ප්‍රධාන පෙළ ත්‍රස්ත නායකයන් අවසන් කර දැමීම සහ ඒ සියල්ලට වඩා වැදගත් වූ ඉරානයේ රහසිගත න්‍යෂ්ටික වැඩසටහනට විරුද්ධව අනුකම්පා විරහිත හා සාර්ථක සටනක් පැවැත්වීම ආදී ඊට පෙර කවදාවත් කළ නොහැකි ලෙස සැලකුණු දේවල්ය. ඒ සමඟ මීර් ඩගන් එතෙක් නොවූ විරූ පිළිගැනීමක් හා ගරුත්වයක් ඇති නායකයෙකු බවට පත් විය. | ඩමස්කහි උමතු හිස්බුල්ලා මිනීමැරුවා කව්ද? | {
"answer_start": [
205
],
"text": [
"ඉමාඩ් මුග්නියේ"
]
} |
6c1ca514-c44a-11ed-bd2f-2a0b0c1a3dcf | ‘‘කැතෝඩය, ඇනෝඩය සහ විද්‍යුත්විච්ජේදකය ලෙස බැටරියක් ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. ඇනෝඩය සහ කැතෝඩය බැටරියක් තුළ විශාලත්වය අනුව වැඩි වශයෙන් අන්තර්ගත වන අතර ඒවා ක්රියාකාරීත්වයෙන්ද වැඩියි. ලිතියම් බැටරියේ ධන අග්‍රය මිලෙන් අධික ලිතියම් මූලද්‍රව්‍යයෙන් නිර්මාණය වී තිබෙනවා. සෘණ අග්‍රය බැටරියක තිබෙන විශේෂිත සහ වැදගත්ම කොටසක් ලෙස හැඳින්විය හැකියි. මුලින්ම බැටරියේ සෘන අග්‍රයට භාවිත කළේ මිල අධික මූලද්‍රව්‍යයි. මේවන විට කෘත්‍රිමව සාදාගත් මිනිරන් භාවිත කරනවා. පෙට්‍රෝලියම් නිෂ්පාදනයේදී අතුරුඵලයක් ලෙස කෘත්‍රිම මිනිරන් බිහිවෙනවා. එහි ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 20,000 ක් පමණ වෙනවා. එම නිසා දැනට පවතින බැටරිවල මිල අධිකවීමට එය විශාල ලෙස බලපා තිබෙනවා.’’ | විශාලත්වය අනුව වැඩි වශයෙන් අන්තර්ගත වන අතර හා ක්රියාකාරීත්වයෙන්ද වැඩි කොටස් මොනවාද? | {
"answer_start": [
89
],
"text": [
"ඇනෝඩය සහ කැතෝඩය"
]
} |
e27e2cd5-b994-4494-9eff-230c46a778f5 | ස්ත්‍රියකගේ නළල් තලයෙහි දික්වූ ස්වස්ථික දැක්මක් ඇත්නම් තම සැමියාගේ කුඩා සහෝදරයා නසන අතර ලොම් ඇත්නම් නිතර ලෙඩ රෝග වලින් පෙළෙන්නියක්ද වේ. බළල් ඇස් ඇත්තාවුද ඇතුන්ගේ මෙන් ඇස් ඇත්තාවුද කාන්තාව කාමයෙන් මත්වී කුලය පවා නසන්නියකි. දකුණු ඇස වපරවීනම් වඳය. වම් ඇස වපරවී නම් සොර සැමියන් සොයා යන්නියකි. මීයන්ගේ හෝ කොබෙයියන්ගේ වැනි ඇස් ඇති ස්ත්‍රිය නපුරු ස්වභාව ඇති කාමය අඩු තැනැත්තියකි. වළ ගැසුණු ඇස් ඇති කාන්තාව ඉතා නපුරුය. රතු ඇස් ඇත්තිය සැමියන් නසන්නියකි. අග රතුවූ හෝ වක්වූ නහය ඇත්තිය වැන්දඹුවකි. පැතලි නාසය ඇත්තී දාසියකි. එල්ලෙන නාසය ඇත්නම් කලහයට ප්‍රිය කතකි. නාසය මහත්වූ අග ඇතිව මැද නැමුණොත් අශුභ ඵල ඇති වෙයි. | දාසියක් වන්නේ කෙබදු කාන්තාවද? | {
"answer_start": [
486
],
"text": [
"පැතලි නාසය ඇත්තී"
]
} |
c4fd768b-9885-46d7-bad8-1449c43718b9 | අපට පසුගිය වසරේ ඒ හැට දෙකෙන්ම ප්‍රථම ස්ථානය වන රන් සම්මානය ලැබුණා. ඊට අමතරව අපට වසර දෙකක් රිදී සහ එක වසරක් ලෝකඩ සම්මානයත් ලැබුණා. සීයට හැත්තෑවක් පමණ අපි ළමා ඇඳුම් ද ඉතිරි සීයට ප්‍රමාණය වැඩිහිටියන්ගේ ඇඳුම් මහනවා. උදා, දිවා ආහාරය තේ පානය සහ ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබා දෙන ලංකාවේ එකම ඇඟලුම් ආයතනය මෙය වන බවයි මට හිතෙන්නේ. සමහර ආයතනවල දිවා ආහාරය පමණක් ලබා දුන්නද එයටත් කිසියම් මුදලක් අයකරනු ලබනවා. මෙය හිටපු සභාපති මිත්‍ර වෙත්තමුණි මහතා ගේ අදහසක්. මම ආයතන තුනේම ප්‍රධානියා නිසා නිතර ආයතනවල සහ විදෙස් සංචාරවල නිරත වෙනවා. එම නිසා, දහවල් ආහාරය ලබා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මටත්, ප්‍රධාන කාර්යාලයේ සිටින අයටත් රුපියල් දස දහසක පමණ වියළි ආහාර මල්ලක් මාසිකව ලබා දීමටත් කටයුතු කරනවා. | සීයට තිහක් මහන්නේ කුමන ඇදුම්ද? | {
"answer_start": [
185
],
"text": [
"වැඩිහිටියන්ගේ ඇඳුම්"
]
} |
c25098f4-2e1c-4e1a-a6ee-9e33433d76bf | සිංහල භාෂාවේ ප්රභවය වසර 6000 ක් පමණ ඈතට දිව යන බවත් පූර්ව ඉන්දු යුරෝපීය භාෂාවක් වූ එය ක්‍රි.පූ. 4500 - 3500 ක් අතර කාලයේදී දක්ෂිණ රුසියානු ප්‍රදේශවල එඬේරුන් විසින් භාවිත කළ කථන භාෂාවක් වූ බව සත්‍ය වශයෙන්ම පිළිගත හැකි බව ඔවුහු ප්‍රකාශ කරයි. දක්ෂිණ රුසියානු තණබිම්වල වැසියන් ආර්යයන් ලෙස යුරෝපයට සහ ආසියාවට සංක්‍රමණය වූයේ ඔවුන්ගේ එම ව්‍යවහාරික භාෂාව ද සමඟ බව ඔවුහු දෙදෙනා තවදුරටත් සඳහන් කරති. සින්ඩ් හෙවත් සින්ධු නදී තීරයෙහි පදිංචි වූ සිංහ වැසියන් ක්‍රමයෙන් ගංගා නම් ගංගා තැනිතලා පෙදෙස්වලට අවුත් ජනපද පිහිටුවා ගත් අතර, ක්‍රි.පූ. හත්වන ශත වර්ෂය වන විට සුර්සේනි නමින් ජනපදයක් යමුනා ගඟබඩ පිහිටුවා ගන්නා ලදී. මොවුන්ගේ අග නගරය වූ මථුරාව හඳුන්වන ලද්දේ ‘සිංහ පුරය’ යන නමිනි. සාරානාත් කෞතුකාගාරයේ ඇති මෙම පෙදෙසින් සොයා ගත් කෞතුක භාණ්ඩ විස්තර කර ඇත්තේ මථුරාව හෙවත් පැරණි සිංහ පුරයෙන් සොයාගත් ද්‍රව්‍ය වශයෙනි. සුර්සේනි ජනපදයේ සිට පැමිණි පිරිස ලංකාවේ රාජ්‍යත්වයට පත් වූහ. විල්හෙල්ම් ගෛගර් පඬිතුමා ‘ලංකාවට සිංහල නාමය ගෙන එන ලද්දේ පණ්ඩුවාසදේව විසින්’ යැයි පවසන්නේ මේ නිසාය. | ක්‍රි.පූ. 4500 - 3500 ක් අතර කාලයේදී සිංහල භාෂාව කථන භාෂාවක් ලෙස යොදාගත්තේ කව්ද? | {
"answer_start": [
124
],
"text": [
"දක්ෂිණ රුසියානු ප්‍රදේශවල එඬේරුන්"
]
} |
c68c4847-2c34-4566-a3c2-309d57d5d5fb | ලංකාවේ මුල්ම ප්‍රදීපාගාරය ලෙස සළකන ක්‍රි.ව.1848 දී ඉදිකළ ප්‍රදීපාගාරය ඇත්තේ ගාල්ලේ කොටුවේය. මෙය මුලින්ම තනා ඇත්තේ ලීවලිනි. ගල් අඟුරු සහ තෙල්වලින් මෙහි පහන දල්වා ඇත. මෙහි විදුලිබලය ලබාදී ඇත්තේ ක්‍රි.ව. 1933 දී මුත් විදුලි බලය නොමැති වූ විට තෙල් හා ගල් අඟුරු එළියෙන් පහන දල්වා ඇත. ක්‍රි.ව. 1936 අගෝස්තු 8 වැනිදා වූ පිපිරුමකින් දැවමය ප්‍රදීපාගාරය ගිනිගෙන ඇත. එම නිසා ක්‍රි.ව. 1939 දී කොන්ක්‍රීට් ප්‍රදීපාගාරය නිමවා ඇති අතර එහි උස අඩි 93කි. එහෙත් චැතම් වීදියේ ප්‍රදීපාගාර ඉතිහාසය තුළ මෙවැනි පිපිරීමක් වාර්තා වී නොමැති අතර ගාලු කොටුවේ ප්‍රදීපාගාරයේ කැන්ඩල් පවර් එක එකල 70,000ක් ලෙස සඳහන්ව ඇත. | ලංකාවේ මුල්ම ප්‍රදීපාගාරය තානා තිබුණේ මොනවයින්ද | {
"answer_start": [
114
],
"text": [
"ලීවලිනි"
]
} |
ebe2c2bb-f590-4dff-ba54-9d829e9de603 | රොබට් නොක්ස් ගොවිතැන් කරන ලද වෙල්යාය අදටත් එලදැත්ත ගම්මානයට එකතු කරනුයේ අති රමණීය සුන්දරත්වයකි. එම වෙල්යාය මැද්දේ ඇති අඩිපාර එවකට පැවැති වැවේ වැව් කණ්ඩිය බවත් ඊට යාබදව ගලින් තැනු සොෙරාව්ව එම වැවේ සොරොව්ව බවත් එලදැත්ත ගම්මු සඳහන් කරති. මෙම සුන්දර වෙල්යායට දකුණු පසින් ජලය පිරිණු ඇළ මාර්ගයක් ගමන් කරයි. එම ඇළ මාර්ගයේ එක් ස්ථානයක සකස් කොට ඇත්තේ විස්මයජනක මෙන්ම විශිෂ්ට වූ වාරි නිර්මාණයක් ලෙසිනි. ගවයින් 30 දෙනෙකු පමණ යොදා කොළමැඩිය හැකි විශාල කමතක් එදවස තිබී ඇති අතර අදටත් එම ස්ථානයේ එකී කොළමඩින එම කමත දැකිය හැක. මෙකී විශාල කමත යටින් ඇළ මාර්ගය උමං ඇළක් ලෙස සකසා ඇති අතර එය අඩි 163 ක් තරම් දිගකින් යුක්තය. විශාල ගල් පතුරු සිටුවා ඒ මත තවත් ගල් ලෑලි තබා එකින් එක කිසිදු බදාමක් භාවිත නොකොට තනා ඇති මෙකී උමං වාරි ඇළ සැබෑවටම විස්මයජනක නිර්මාණයකි. | මෙහි ඇති කමතෙහි ගවයන් කීයක් යොදාගෙන කොළමැඩිය හැකිද? | {
"answer_start": [
400
],
"text": [
"30"
]
} |
8abfe091-4697-40b9-957f-8441f2e80a62 | අද ට්‍රෝලර් යාත්‍රා මගින් මෙරටට රැගෙන එන්නේ හෙරොයින්, හෂීෂ්, කේරළ ගංජා වැනි විනාශකාරී මත්ද්‍රව්‍යය. අදටත් මීගමුව මුහුදු තීරය හරහා මෙම ජාවාරම් ඉතා සූක්ෂ්ම ලෙස සිදුවන බව කියැවේ. ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් හා ගෝවේ නගරවල සිට මෙම මත්ද්‍රව්‍ය මීගමුව වෙරළට රැගෙන එන බව සැලකෙන අතර, එම නගරවල සිට මීගමුවට පැමිණීමට ට්‍රෝලර් යාත්‍රාවකට ගතවන්නේ පැය දෙකකටත් අඩු කාලයකි. ඉන්දියානු හා පාකිස්තානු ජාතිකයෝ මෙරට ජාවාරම්කරුවන් හා එක්ව මෙම ජාවාරම් ක්‍රියාත්මක කරති. විදේශ සංචාරකයින් ද ඉලක්ක කරගත් ගණිකා නිවාස රැසක් මීට වසර කිහිපයකට පෙර මීගමුවේ තිබිණි. කුරණ හා මෝලවත්ත ගණිකා නිවාස ඒ අතර ප්‍රධාන ඒවාය. කට්ටුව ප්‍රදේශයේ ද ගණිකා නිවාස පිහිටා තිබිණි. කඩොල්කැලේ ප්‍රදේශයේ ඉදිවෙමින් තිබූ හෝටලයක් ඉදිකිරීම නවතන්නැයි කියා ජනතාව කළ උද්ඝෝෂණයකට නායකත්වය දුන් අබා කොස්තා පියනම මීගමුවේ ගණිකා ව්‍යාපාරයට එරෙහිව දැඩි සටනක් ගෙනගිය අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2001 මැයි 11 දින විසිපොළකට පිහියෙන් ඇන සාහසිකයින් විසින් මල්වත්ත දේවස්ථානයේ පියතුමන් වූ අබා කොස්තා ඝාතනය කරන ලදී. | කුමන මුහුදු තීරය හරහා මේවා සිදු වේද? | {
"answer_start": [
106
],
"text": [
"මීගමුව මුහුදු තීරය හරහා"
]
} |
5d06e699-3d94-47e0-b185-7005fd2e44a5 | එසේම ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයාව සිටින කාලයේදී සෞදි අරාබි රාජ්‍ය පකිස්තානයේ තැන්පත් කල ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක සංචිතය 2023 ජුනි මස තෙක් පවත්වා ගෙන යාමට සෞදි අරාබි රාජ්‍ය එකඟතාව පළ කර ඇත. ඒ අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් සෞදී අරාබි මොහොමඩ් බින් සල්මන් කුමරු හමුවූ අවස්ථාවේ කළ ඉල්ලීමකට අනූවය. සෞදි අරාබි රාජ්‍ය විසින් පකිස්තානයට බොරතෙල් සහ අනිකුත් ඛනිජ තෙල් නිශ්පාදන තවදුරටත් සැපයීම සඳහා එකඟත්වය පළ කර ඇත. ඉම්රාන් ඛාන් අගමැති ධුරය දරණ අවස්ථාවේ වසරක කාලයක් සඳහා ලබා දුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක මුල්‍ය පැකේජය මෙසේ ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක් දක්වා වැඩි කර ඇත. හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ලබාදුන් ඩොලර් බිලියන 1.2 ක ඉන්ධන මුල්‍ය පහසුකම මෙම අවස්ථාවේ ඩොලර් බිලියන 2.4 ක් දක්වා වැඩි කර ඇත. | සෞදි අරාබි රාජ්‍ය පකිස්තානයේ තැන්පත් කල ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක සංචිතය 2023 ජුනි මස තෙක් පවත්වා ගෙන යාමට සෞදි අරාබි රාජ්‍ය එකඟතාව පළ කර ඇත්තේ කුමන අග්‍රාමාත්‍යවරයාව සිටින කාලයේදීද? | {
"answer_start": [
5
],
"text": [
"ඉම්රාන් ඛාන්"
]
} |
2baf5cee-f937-4655-b411-ecdd6b69525c | ප්‍රේමසිරි කේමදාස නම් මහා ගාන්ධර්වයා හා අමරසිරි පීරිස් නම් ප්‍රවීණ වයලීන් වාදකයා අතර ඇති අවියෝජනීය සබඳතාව සංගීත ක්ෂේත්රයට රහසක් නොවේ. අමරසිරි නැතිව කේමදාසයන්ට කිසිම සංගීත කටයුත්තක් කිරීමට බැරි විය. කැසට් ගීතය, පසුබිම් සංගීතය, සිනමානුරූපී ගීතය සහ සංගීතය, සංධ්වනි, කැන්ටාටා, ඔපෙරා යන කේමදාසයන්ගේ සංගීත බළකායේ දෙවැනි මුලාදෑනියා අමරසිරිය. කේමදාසයන් හා වැඩ කිරීම යුද්ධ කරනවාට වඩා අපහසු බව කවුරුත් දනිති. අමරසිරි කේමදාසයන් සමග වැඩ කිරීමකදී අමාරුවේ වැටුණ අවස්ථාවක් ඔහු මට මතක් කළේය. 1964 දී පමණ මට මතකයි එක්තරා චිත්‍රපටයකට තේමා සංගීත පටිගත කරන අවස්ථාවකදී නිවැරදිව වයලීනයේ බෝ එක හැසිරවීමට බැරිව මා දැඩි අපහසුතාවකට පත්වූ අවස්ථාවක්. මා ඉදිරියේ සිටි ප්‍රවීණ බටහිර සංගීත ශිල්පීන් හමුවේ මම තරමක අපහසුතාවකට පත්වුණේ. ඊට ප්‍රථම විවිධ සංගීත අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට සහභාගි වී සිටි මට එම අවස්ථාව අමතක නොවන අත්දැකීමක්. | ප්‍රවීණ වයලීන් වාදකයා කවුද? | {
"answer_start": [
40
],
"text": [
"අමරසිරි පීරිස්"
]
} |
c60d81ef-82db-42cb-9cd5-ae9ca9434fe9 | නැසීගිය බොලිවුඩ් රංගන ශිල්පිනි ශ්‍රී දේවිගේ ඉටි පිළිරුවක් සිංගප්පුරුවේ මදාම් තුසෝඩ් කෞතුකාගාරයේ දී පසුගිය 4 දා විවෘත කර තිබේ. එම අවස්ථාවට ඇයගේ ස්වාමි පුරුෂයා වූ ජනප්‍රිය සිනමා නිෂ්පාදක බොනී කපූර් සහ ඇයගේ දියණියන් දෙදෙනා ජාන්වී සහ කුෂි ද එක් වී සිටියහ. පසුගිය අගෝස්තු 13 වැනිදාට යෙදී තිබුණු ශ්‍රී දේවිගේ ජන්ම දිනය දා මදාම් තුසෝඩ් කෞතුකාගාරය විසින් නිවේදනය කර තිබුණේ ඇය වෙනුවෙන් ඉදිවූ ඉටි රුව ළඟදීම විවෘත කිරීමට කටයුතු සුදානම් කර ඇති බවයි. එම ඉටි පිළිරුව, ශ්‍රී දේවි වඩාත් ජනප්‍රියත්වයක් අත්කරගත් 80 ගණන්වලදී තිරගත වූ මිස්ටර් ඉන්ඩියා සිනමාපටයේ එන “හවා හවායි” ගීතය සඳහා ඇය කළ නිරූපණය සිහිගන්වයි. | බොලිවුඩ් රංගන ශිල්පිනි ශ්‍රී දේවිගේ ස්වාමි පුරුෂයා වූයේ කව්ද? | {
"answer_start": [
161
],
"text": [
"ජනප්‍රිය සිනමා නිෂ්පාදක බොනී කපූර්"
]
} |
2b6f6a47-359f-4eed-b104-2a5c49c70d1a | අන්තවාදී කල්ලිවලට හිස ඔසවන්නට ඉඩ නොදී රටේ පවත්නා පොදු නීතිය පොතුවිල්වල ද අනිවාර්යයෙන් ක්‍රියාත්මක විය යුතු බව සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ ඉල්ලීමයි. වහබ් හෝ ෂර්යා නීති අනුමත නොකරන බව මුස්ලිම්වරුම කියති. ඉස්ලාම් ආගමිකයන් පමණක් ජීවත්විය යුතුයැයි අන්ධ ඉගැන්වීම මොහොමඩ් නබිතුමන්ගේ ඉගැන්වීමට සම්පූර්ණයෙන්ම පටහැනි බව බහුතර මුස්ලිම්වරුන්ගේ මතයයි. අයිඑස් අන්තවාදීන්ට සම්බන්ධ සංවිධාන පොතුවිල්වල ඇත්නම් සහමුලින් ඉවත්කර රටේ පොදු නීතිය ක්‍රියාත්මක කර සහජීවනයෙන් යුතුව ඉන්නට ඉඩසැලසීමට ආරක්ෂක අංශවලට ඉඩ ලැබේවා යන ප්‍රාර්ථනය පොතුවිල්වල යුක්තිය අගයන ශ්‍රී ලාංකිකයෝ කරති. | නිතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක විය යුතුබව ඉල්ලීම් කලේ කව්ද | {
"answer_start": [
110
],
"text": [
"සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ"
]
} |
3d59cf1b-8233-410a-9706-9c0be62fff0a | අප අම්පාර උහන ගුවන්තොටුපළට පිවිසෙන විට අම්පාර ප්‍රදේශයේ චාරිකා කිරීම සඳහා මාර්ග උපදේශකයෙකු සහිතව මගී බස් රථයක් සූදානම් කර තිබිණි. ප්‍රථමයෙන් අප කැඳවාගෙන යන ලද්දේ දීඝවාපි රජමහා විහාරය වෙතය. එම විහාරය වැඳ පුදා ගත් අප ආපසු පැමිණීමේදී දිඝා වැව ද අපගේ නෙතට දර්ශනය විය. අනතුරුව සැතැපුම් ගණනක් දුරට දිවෙන උක් යායවල් මැදින් අපි හිඟුරාණ සීනි කර්මාන්තශාලාව වෙත පිවිසුණෙමු. උක් දඬු පටවන ලද ටේලර් රැසක් එකට අමුණන ලද ට්‍රැක්ටර් කිහිපයක් ද සීනි කර්මාන්ත ශාලාව ආසන්නයේ නවතා තිබුණි. උක් දණ්ඩ අවසානයේ සුදුසීනි බවට පත්වන අයුරු කර්මාන්ත ශාලාව තුළදී අපි දුටුවෙමු. | විහාරය වැඳ පුදා ගෙන ආපසු පැමිණීමේදී නෙතට දර්ශනය වූයේ කුමක්ද? | {
"answer_start": [
231
],
"text": [
"දිඝා වැව"
]
} |
e09978d3-e155-4214-9ecb-92f76bb7ad83 | උතුරු ඉන්දියානු ආහාර සේම කේරලයේ ආහාරවලට විශේෂිත අම්රිත් පිහිටා ඇත්තේත් හැවුලොක් ටවුන්වලයි. නිස්කලංක පරිසරය ඇතුළතදී තුන්දහසකට ආසන්න මුදලකට දෙදෙනෙකුට ආහාර ගැනීමේ හැකියාව තිබෙනවා. ඔවුන්ගේ මසාල පරිප්පු කරිය විශේෂයෙන්ම රස බැලිය යුතු බව සඳහන් කළ යුතුයි. හැම හන්දියකම තියෙන චීන ආහාර කඩවලට වෙනස් සාම්ප්‍රදායික චීන රසයක් ආහාරයෙන් විඳින්නට අවශ්‍ය නම් ඔබට තෝරා ගත හැකි හොඳම විකල්පයක් ලෙස සිං ටාඕ දැක්විය හැකියි. කුරුඳුවත්තේ ඇති මෙම අවන්හලෙහි උඩු මහලෙහි ආහාර ගැනීම මනරම් දසුනක් ගෙනෙන්නක් බව පැවසිය යුතුයි. චීන සහ මුහුදු ආහාරයෙන් සුසැඳි අවන්හල දෙදෙනෙකුට ආහාර ගන්නේනම් සාමාන්‍යයෙන් රුපියල් හාරදහසක පමණ මුදලක් වැයවෙන බව කිව යුතුයි. | විශේශයෙන්ම රස බැලිය යුතු ආහාරයක් වන්නේ කුමක්ද? | {
"answer_start": [
185
],
"text": [
"මසාල පරිප්පු කරිය"
]
} |
93c4ae9d-0299-4591-b172-7cac633ce8ce | එම ශිෂ්ටාචාර යුගයන්හිදී අපේ හෙළ ජනතාව ලබා තිබුණ අධ්‍යාත්මික පාරිශුද්ධ භාවය නිසා අහසින් යාමට තරම් හැකි අතිමානුෂික බලයක් ද ලබා සිටියහ. තවද නොයෙකුත් වෙස් මාරුකර ගත හැකි බලයක් මෙන්ම අත්භූත ප්රාතිහාර්ය වැනි දේ කළ හැකි බලයක් ද ඔවුනට තිබිණි. ඒ ඔවුන් දියුණු කර ගත් සිතත් ජ්‍යොතිෂ විද්‍යාවත් හෙළ වෛද්‍ය විද්‍යාවත් මන්ත්‍ර විද්‍යාව හා යෝගී විද්‍යාවත් උපයෝගී කරගෙන පෑ අති විශිෂ්ට විස්මයජනක දස්කම් නිසාවෙනි. මන්ත්‍ර විද්‍යාවේ ඇති මූලධර්ම අනුව දියුණු කර ගත් චිත්ත ධර්මයක් නැති යෝගී බලයක් නැති හෝ අධ්‍යාත්මක පාරිශුද්ධත්වයක් නැති අයට උසස් ප්රාතිහාර්යයන් පෑමට නොහැකි වෙයි. එසේ නම් පුරාණ හෙළයාට අතිමානුෂික පිදීමට සුදුසු දිව්‍යමය වැඩ කිරීමට හැකි වූයේ ඔවුන් ලබා තිබුණ අධ්‍යාත්මික පාරිශුද්ධතාවයෙන් දියුණු කළ මන්ත්‍ර විද්‍යාව නිසා බව මනාව සඵුට වෙයි. | මන්ත්‍ර විද්‍යාව දියුණු කලේ කුමකින්ද? | {
"answer_start": [
651
],
"text": [
"අධ්‍යාත්මික පාරිශුද්ධතාවයෙන්"
]
} |
d8bfbd11-3a1d-44ce-9b4b-2ed5c9f96be8 | මධ්‍යම පැරීසියේ 11 දිස්ත්‍රික්කයේ පිහිටි චාර්ලි හෙබ්ඩෝ සඟරාවට අයත්ව තිබූ කාර්යාලය ඉදිරියේදී පිහි ප්‍රහාරය සිදුව ඇතැයි ද ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා කීය. චාර්ලි හෙබ්ඩෝ සඟරාවේ කර්තෘවරුන්, කාටුන් ශිල්පීන් ඇතුළු මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් 2015 වසරේ ජනවාරි මාසයේදී ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරය එල්ල කළ සහ එම අපරාධයට සහාය දුන් අය සම්බන්ධ නඩු විභාගය මේ වනවිට පැවැත්වෙමින් තිබේ. එම ප්‍රහාරයෙන් ප්‍රංශයේ සුප්‍රකට කාටුන් ශිල්පීන් ඇතුළු 12 දෙනෙක් මරුමුවට පත්වූහ. සයිද් සහ චෙරිෆ් කොවුආචි යන සහෝදරවරුන් එම ප්‍රහාරය එල්ල කර තිබූ අතර අල්කයිඩා සංවිධානයේ ශාඛාවක්ද ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි. | එම පහරදීම සිදුකල සංවිධානය කුමක්ද | {
"answer_start": [
521
],
"text": [
"අල්කයිඩා"
]
} |
f9e67b63-2eef-4dfa-b3be-1164d9b73600 | බාහිරෙන් එලෙස පෙනෙන මෙම විලාව සතුව යුගල ඇඳන් සහිත කාමර හතරක් තිබේ. ඉන් කාමර දෙකක සඳැල්ලට ගොඩවැදුණු විට පෙනෙන්නේ සුන්දර උද්‍යානයයි. ඒ උද්‍යානය සතු විවිධ ගස් වර්ග හේතුවෙන් සංචාරකයාට හිතෙන්නේ ඔහු වනගතවී සිටින බවකි. තුරුපත් වලින් සිලි සිලි හඬ මවමින් හමා එන සුළඟ ගතට පමණක් නොව හිතටද සැනසිල්ලක් ගෙන දෙයි. සඳැල්ලෙන් නික්ම දොර කවුළු වසා දැමූ විට අවශ්‍ය නම් වායු සමීකරණ ක්‍රියාත්මක කර තරු පංතියේ හෝටලයක පහස ලබා ගන්නටද පුළුවන. දිගු ගැඹුරු නින්දක අශ්වාදය ලබා දෙනු පිණිසම මෙහි ඇති යහන් තනා තිබීමද විශේෂත්වයකි. වයිෆයි පහසුකම් උපරිමයෙන්ම විඳිමින් ලෝකය තම ජංගම දුරකතනය වෙත රැගෙන එන්නටද සංචාරකයන්ට පුළුවන. | විලාව සති කාමර ගණන කීයද ? | {
"answer_start": [
50
],
"text": [
"කාමර හතරක්"
]
} |
c259f6f1-67e4-4692-b87a-48e1b0bfd0fe | මාකඳුරේ මධූෂ්, අංගොඩ ලොක්කා හා රණාලේ සමයං අතර පැවති ගැටුම නිසා දිවි අහිමි වූ පාතාල සාමාජිකයන්ගේ ගණන මේ යැයි පැවසිය නොහැකි තරමටම සංඛ්‍යාත්මකව ඉහළය. එහි අවසානය සටහන් වුයේ රණාලේ සමයංටද දිවි අහිමි කරමිනි. එහෙත් සැබවින්ම ඒ ගැටුම තවමත් අවසන් නැත. දැන් අංගොඩ ලොක්කා හා සමයංගේ ගෝලයන් අතරට ඒ ගැටුම විතැන් වී තිබේ. කොස්ගොඩ, වතුරවෙල උපන් ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක හා කොස්ගොඩම උපන් ගජමුනි සුජීවද සොයිසා නොහොත් කොස්ගොඩ සුජී අතර ගැටුම නිසා දිවි අහිමිකර ගත් දකුණේ පාතාලයද සංඛ්‍යාත්මක සුළුපටු නොවේ. මොවුන්ගේ ගැටුම්වලට වන්දි ගෙවීමට සිදුවූයේ දෙපාර්ශ්වයේ පාතාලයේ සාමාජිකයන්ට පමණක් නොව ඔවුන්ගේ හිතවතුන්ගේ පවුල්වල සාමාජිකයන්ට, කුඩා දරුවන්ට පවා වන්දි ගෙවීමට සිදුවිය. | කොස්ගොඩ තාරක ඉපදුණේ කොහේද? | {
"answer_start": [
305
],
"text": [
"කොස්ගොඩ, වතුරවෙල"
]
} |