id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
bcfd502b-e2ba-4aff-a51b-76800722331a
ඒක ටිකක් තදට මගේ හිතට වැදුණා. මම එදා ඉඳන් ප්‍රශ්න කළේ ඇයි ඒ මිනිස්සුන්ට ඉන්න තැනක් නැත්තේ කියලයි. ඇති නැති පරතරය විසින් ඇති කරන ප්‍රශ්න ඒ අර්ථයෙන් තේරුම් ගන්න බැරි වුණත් ඒවා මගේ හිතට වද දුන්නා. මම ක්‍රිිස්තියානි පවුලක දරුවෙක්. ඒ නිසා නිතරම පල්ලියත් එක්ක අපේ සම්බන්ධකම් තිබුණා. ටිකක් ලොකු වෙනකොට පල්ලියේ සිස්ටර්ස්ලා, ෆාදර්ස්ලා එකතු වෙලා කරපු සමාජ සුභසාධන වැඩවලට මම සම්බන්ධ වුණා. අපි කළේ දුප්පත් පවුල්වල දරුවන්ට ඉගෙන ගන්න උදව් කිරීම, ඉන්න තැනක් නැති අයට ගෙයක් හදාගන්න උදව් කිරීම වගේ දේවල්. ඒ වගේම අම්මා තාත්තා නැති දරුවෝ කන්‍යාරාමෙට ගෙනත් තියාගෙන හදාගත්තා. ඉගැන්නුවා. ඒවාට අපි හැම සහයෝගයක්ම දුන්නා.
ඔහු සමාජ සුබසාධන වැඩ කිරීමට සම්බන්ධ වුනේ කා සමගද ?
{ "answer_start": [ 295 ], "text": [ "පල්ලියේ සිස්ටර්ස්ලා, ෆාදර්ස්ලා" ] }
f39d1d62-6682-4d56-add3-29625c780a24
මේ අනුව තූතන්කාමන් රජු හා බිසව එකම රජුගේ දරුවන් බව ඔප්පු වේ. තූතන්කාමන්ගේ සොහොන් ගැබෙහි ඔවුන්ට ලැබුණු දරුවාගේ මමිය ද තැන්පත් කොට තිබුණි. මෙසේ එම දරුවා මියගියේ එකම පවුලේ මවුපියන්ට දා වීමෙනි. කෙසේ වෙතත් තූතන්කාමන්ගෙන් පසුව එම රාජ්‍ය පරම්පරාව වෙනත් පරපුරකට හිමි විය. අන්ක් හෙසන් පාතෙන් කුමරිය නැවත කරළියට එන්නේ අවුරුදු දහස් ගණනකට පසුව පාරාවෝ රජුන්ගේ සොහොන් කොල්ලකරුවන් විසින් පිටතට ගන්නා ලද වටිනා පුරාවස්තු සමගිනි. ගුප්ත විද්‍යාව හා සංඛ්‍යා විද්‍යාව ද අනාවැකි කීම හා රෝගීන් සුවපත් කිරීමේ අපූරු හැකියාවක් ද තිබූ බ්‍රිතාන්‍යයේ සිට ඊජිප්තුවට පැමිණ සිටි ලුවිස් හැමෝන් සිටුවරයා 1849 දී ඉහළ ඊජිප්තුවේ ලක්ස්හෝර් නගරයේ නැවතී සිටිය දී මැලේරියාවෙන් ඉතා අසාධ්‍ය වූ ෂෙයික්වරයෙකු සුවපත් කළේය. රෝගය සුවපත් වීමෙන් ප්‍රසාදයට පත් ෂෙයික්වරයා තමාට පරම්පරා ගණනක් උරුමයක් වූ අගනා වස්තුවක් හැමෝන් සිටුවරයාට ගෙනවිත් තෑගි කළේය. ඒ අන් කවරක් නොව පුරාණ මිසර කුමරියකගේ මමි බවට පත් කළ අතකි. හැමෝන් සිටුවරයා වියළී රැළි ගැසී තිබූ මමි අත දුටු පමණින් පිළිකුලක් ඇතිව එම අපූරු පරිත්‍යාගය ප්‍රතික්ෂේප කළේය. එහෙත් ෂෙයික්වරයා නැවත නැවතත් මේ ත්‍යාගය පිළිගන්නා ලෙස ඇවිටිලි කළේය. බලවත් පෙරැත්ත නිසාම සිටුවරයා එය භාර ගත්තේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයකට පරිත්‍යාග කරන අදහසිනි.
එකම රජුගේ දරුවන් කවුරුන්ද ?
{ "answer_start": [ 8 ], "text": [ "තූතන්කාමන් රජු හා බිසව" ] }
6b02295c-9df8-4309-b1bf-c1e3a606f84b
මහම්මත්තුමා පහළ වනවිට මැකාව බෙඩුයින් ගෝත්‍රිකයන්ට ගොදුරුවෙමින් තිබිණි. තවත් ජනවර්ගද එහි පාලනය සඳහා සටන් වැදුණහ. ඒ සටන්කරුවන්ට එරෙහිව මහම්මත්තුමා සාමකාමී දහමක් දේශනා කළේය. ඔහුට දෙවියන්ගේ පණිවිඩ ලැබෙන බව ජනයා අතර ප්‍රචලිත විය. එහි සිටි අන්‍ය ජාතීන්ට එරෙහිව ධර්මයෙන් ජනයා ඇමතූ මහම්මත්තුමා බෙඩුයින්වරුන්ගේ කණ්ඩායම් තම දේශනා මගින් එකමුතු කරමින් සිටියේය. වසර ගණනක ඇවෑමේදී බෙඩුයින්වරුන් එකට එකතු කිරීමට ඔහුට පුළුවන්විය. මහමත්තුමා ජනයා අතර ආගමික නායකයකුගේ තත්ත්වයට පත්විය. තමා දෙසන ආගම සාමකාමී බවත් ඒ වටා එකතු වන ලෙසත් මැකා අවට සිටි ජනයාට ඔහු ආරාධනා කළේය. ප්‍රචණ්ඩ විවිධ ගෝත්‍රවල කලබලකාරී ජීවිතයට වඩා මහම්මත්තුමාගේ සාමකාමී පාලනයට ජනයා වේගයෙන් ඇදී එමින් සිටියහ. ඉස්ලාමය නමැති නව ආගම සෞදි අරාබියේ මැකාවේ බිහිවුණේ එපරිදිය.
ඒ සටන්කරුවන්ට එරෙහිව සාමකාමී දහමක් දේශනා කළේ කව්ද?
{ "answer_start": [ 133 ], "text": [ "මහම්මත්තුමා" ] }
6b96ed81-ffdc-4b96-bb96-6e71a7baae54
පසු කාලයේ වත් පොහොසත්කම් අනුව සිමෙන්තියෙන් වළ බැඳීම සහ සොහොන්කොත් ඉදි කිරීමද කරනු ලැබීය. ඇතැම් සොහොන් කොත් ඉතා විශාල ලෙස අලංකාර කිරීමද කරනු ලැබීය. මළගිය අයට ඒවායෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත. කවුරු මැරුණත් අන්තිමට ඉතුරු වෙන්නේ හතර රියන විතරයි. එදා ගැමියන්ගේ මුවින් නිතර අසන්නට ලැබිණි. භික්ෂූන්ගේ දේහයන් භූමදානය නොකර ආදාහණය කරනු ලබයි. ඇතැම් ගිහි ප්‍රභූන්ගේ අවසන් කටයුතුද අලංකාර දර සෑයක් තුළ ආදාහණය කරනු ලබයි. ඒ සඳහා විශාල වියදමක්, වෙහෙසක් හා විශාල වූ දර ප්‍රමාණයක්ද අවශ්‍ය වේ. පසු කාලයේ පොදු ආදාහණාගාර ක්‍රමය ඇතිවිය. අවසන් කටයුතු ඉතා චාම් අන්දමින් සිදුකොට දානමානාදිය හොඳින් කිරීම පිළිගත් බෞද්ධ චාරිත්‍ර විදිය වේ. එය පින් පැමිණ වීම යනුවෙන් හැඳින් වේ. පිනැති ක්‍රියාවක් ආගමානුකූල කටයුත්තක් සිදු කරන හැම විටම දෙවියන්ටත් මළ ගිය ඥාතීන්ටත් පින්දීම සඳාහා අදාළ ගාථා කියා වන්දනා කිරීම කළගුණදත් ජනතාවගේ සිරිතයි. ඒ පින මියගිය ඥාතීන් අනුමෝදන්ව සැපතට පත්ව ජීවත්ව සිටින අයට ආශිර්වාද කරන බව පිළිගැනේ. විශේෂයෙන් දානමය පින්කම් ඒ සඳහා යොදා ගැනේ. අපේ නෑහිතවතුන් අපි අමතක කර නැහැ. අපි වෙනුවෙන් පින්කම් කරනවායි මළගිය අය සතුටු වන බව විශ්වාස කෙරේ. එහෙත් මියගිය හැම කෙනෙකුටම එසේ පින් අනුමෝදන් විය නොහැකි බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. දාන පිරිනමන්නේ නැතිව පිරිකර අටපිරිකර පූජා කරන්නේ නැතිව වසර ගනන් කල් යැවීමෙන් මහත් උපදාව ඇතිවන බව ඇතැම් අයගේ විශ්වාසයයි.
මැරුණ අයට අවසානෙට ඉතිරි වන්නේ කුමක්ද?
{ "answer_start": [ 224 ], "text": [ "හතර රියන" ] }
cab0d89a-c7c0-46c8-b85e-b4f25366df05
ගන්දර අර්ලිස් සිල්වාට පොලිසිය වෙඩි තැබුවේ මොකද? යන ශීර්ෂය සහිත 1958 ක් වූ ඔක්තෝබර් 12 වෙනි ඉරිදා සිළුමිණ පුවත්පත හදිසි නීතිය යටතේ තහනම් කර තිබුණි. මෙසේ 1958 ඔක්තෝබර් 19 වෙනිදා සිළුමිණ තහනමට හසුවූ පත්‍රයකි. එහි ශීර්ෂ පාඨය මෙයයි. මේ සිද්ධි දෙකටම පොලිස් නීතියත්, යුද්ධ නීතියත් රජවූ කාලසීමාව තුළදී පොලීසිය විසින් සිදුකළැයි කියන අපරාධ ගැන විභාග කළ යුතු යයි එකල ජාතික පුවත්පත් ලියා තිබුණි. ගන්දර පිළිබඳව අධ්‍යාපන ඇමැති විජයානන්ද දහනායක මහතාද පොලිස් ක්‍රියා ගැන සෝදිසි කළ යුතු බව අගමැති බණ්ඩාරනායක මහතාට දන්වා තිබූ අතර ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරු සෑහෙන ගණනක්ද එවැනි කොමිසමක් අවශ්‍ය බවද එක හෙළා පිළිගත් බව පුත්පත්වල සඳහන් වී තිබුණි.
ගන්දර අර්ලිස් සිල්වාට වෙඩි තැබුවේ කවුද?
{ "answer_start": [ 22 ], "text": [ "පොලිසිය" ] }
091781c0-07c3-48c7-8a3b-01b847955c88
ලුසියානෝ මරාන්සි මේ චිත්‍ර ප්‍රතිසංස්කරණය කිරීමේ දී පැරණි චිත්‍ර සඳහා අවශ්‍ය වර්ණ තාක්ෂණය ලබා ගත්තේ නිලගම චිත්‍ර ශිල්පි පරපුරගෙනි. මේ චිත්‍ර පරපුර ජීවත් වූයේ ගලේවෙලට නුදුරු මොරගොල්ල නිලගම ගමේය. චිත්‍ර ප්‍රතිසංස්කරණයට අවුරුද්දකට වැඩි කාලයක් ගත විය. ප්‍රතිසංස්කරණය කළ චිත්‍ර මහත් උත්සවයකින් යළි විවෘත කිරීමට කටයුතු සකස් විය. ඒ සඳහා පැමිණියේ අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ධුරය දැරූ ඊරියගොල්ල මහතාය. එම උත්සවය සඳහා සීගිරිය අවට සියලුම විදුහල් ගුරු මණ්ඩලය හා ළමුන් සමග සීගිරියට පැමිණිය යුතු බව දන්වා තිබුණි. එක් එක් පාසලට ප්‍රධාන අමුත්තා එන මාර්ගයේ පිළිගැනීම සඳහා වෙන් කළ කොටස්වල දෙපස සිට ගෙන සිටීමට නියම විය.
මෙම පැරණි චිත්‍ර ප්‍රතිසංස්කරණය කලේ කව්ද?
{ "answer_start": [ 0 ], "text": [ "ලුසියානෝ මරාන්සි" ] }
0c681104-74d5-48a3-a4d9-c20ef8415c72
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රන්විර් සිං රංගනයෙන් දායක වූ ඔහුගේ අලුත්ම චිත්‍රපටයේ ඉහළම ගුණාත්මක පිටපතක් මේ වනවිට කිසියම් පුද්ගලයෙකු විසින් අන්තර්ජාලයට මුදාහැර තිබෙන බව සඳහන් වෙයි. ජයෙෂ්බායි ජෝර්දාර් නම් රන්විර්ගේ අලුත්ම චිත්‍රපටය පසුගිය මැයි 13 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කර තිබුණි. යශ්රාජ් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය අන්තර්ජාලයට නිකුත් කරන්නට පෙර ඉන්දීය රුපියල් කෝටි 18ක මුදලක් උපයගෙන තිබුණි.
ජයෙෂ්බායි ජෝර්දාර් චිත්‍රපටය අන්තර්ජාලයට නිකුත් කරන්නට පෙර කොපමණ අදායමක් ලබා තිබුණිද?
{ "answer_start": [ 362 ], "text": [ "ඉන්දීය රුපියල් කෝටි 18ක මුදලක්" ] }
2a1b1fff-794f-41d0-a7da-eb2fec6aaaca
ඉන්දියානු මුහුදු පත්ලේ ඇති පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථාන අතුරින් වැඩිම අවධානයට ලක් වූ ස්ථානයක් ලෙස පිළිගැනෙනුයේ ද්වාරකාවය. ද්වාරකා යනු හින්දු දහමේ සතර ධර්ම ලෙස හැඳින්වෙන පූජනීය ස්ථාන 4න් එකක් ලෙස සැලකෙයි. හින්දු විශ්වාස අනුව ක්‍රිෂ්ණ දෙවිඳු විසින් ද්වාරකාව නිර්මාණය කරන ලදැයි පැවසේ. මුහුදුබත් වී ඇති මෙම පූජනීය නගරය යළි අනාවරණ කර ගන්නා ලද්දේ සමුද්‍රීය පුරා විද්‍යාඥයන් පිරිසක් විසිනි. ඉන්දියානු සාගරයේ මීටර 36ක් පමණ ගැඹුරේ අන්තර් උදම් කලාපයෙන් මෙම නගරයට අයත් යැයි සැලකෙන දැවැන්ත කළුගල් ඉදිකිරීම් රැසක් ඔවුන් විසින් සොයා ගැනුණු අතර ඒවා අර්ධ කවාකාර, සෘජුකෝණාශ්‍රාකාර සහ සතරැස් හැඩයෙන් යුක්තය. එම ඉදිකිරීම් මුහුදේ තැන තැන විශාල ප්‍රදේශයක් පුරා විසිරී තිබූ අතර තවත් බොහෝ නටබුන් මීටර 36 සීමාවෙන් ඔබ්බෙහි ද පවතින බවට ඔවුන්ගේ විශ්වාසයයි.
හින්දු විශ්වාසයන්ට අනුව ද්වාරකාව නිර්මාණය කලේ ?
{ "answer_start": [ 224 ], "text": [ "ක්‍රිෂ්ණ දෙවිඳු විසින්" ] }
aa618323-a37b-459f-824c-f4dadf68868a
රේඛාව ආරම්භයේ ගැඹුරුව පසුව සිහින්ව නොගැඹුරු වී නම් මුලදී පැවති ආදරය පසුව හීන වී යයි. විවාහ රේඛාවේ මැද හෝ අවසානයේ දුපත් සටහන් දර්ශනය වේනම් විවාහ ජීවිතය බලවත් අවාසනාවන්ත සිද්ධීන්ගෙන් ග්‍රහණ එකක් වෙයි. රේඛාවේ කෙළවර තරුවක සලකුණක් වේ නම් ප්‍රේම සම්බන්ධය දඹරයකින් කෙළවර විය හැක. දැන් බලන්න මේ සමග පළවෙන දෙවෙනි රූපසටහන දෙස, මනාව පැහැදිලිව ඇති දෛව රේඛාවට 1-1 චන්ද්‍ර මණ්ඩලයේ සිට ඇදී එන ප්‍රබල රේඛාවක් සම්බන්ධ වී ඇතිනම් 2-2 එසේ සම්බන්ධ වන දෛව රේඛාවට අදාළ වයස් සීමාවේදී ඔහුගේ හෝ ඇයගේ විවාහය සිදුවෙයි. මනාව සෘජුව සටහන් වී ඇති දෛව රේඛාවක් පිහිටි අතක ප්‍රබල විවාහ රේඛාවකුත් සටහන් වී ඇති නම් එමගින් සදා සැපවත් විවාහ ජීවිතයක් පෙන්නුම් කරයි. ප්‍රබල රේඛාවක් වුවත් එහි දූපත් ලකුණ වැටී ඇත්නම් විවාහ ජීවිතය අසාර්ථක වේ.
මනාව ඍජුව විවාහ රේඛාවක් ඇත්නම් එහි අර්ථය කුමක්ද?
{ "answer_start": [ 585 ], "text": [ "සදා සැපවත් විවාහ ජීවිතයක්" ] }
92f66214-993d-4069-abe7-e05939aed82c
ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපෑ ලීසා හේඩින් මේ වනවිට සිනමාවෙන් ඈත්ව සිටියි. මිට සති කිහිපයකට පෙර ඇය තුන්වැනි දරුවාද බිහි කළ අතර, ඒ ගැහැණු දරුවෙකු වූ ලාරාය. ලාරාගේ ඡායාරූප කිහිපයක් ඇය පසුගියදා අන්තර්ජාලයට නිකුත් කරන්නට කටයුතු කර තිබෙනු දක්නට ලැබුණි. ලීසා මේ වනවිට දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර, ඔවුන් තිදෙනාම වසර හතරක කාලයක් ඇතුළත බිහිකර තිබීම විශේෂත්වයති. අලුත උපන් ලාරාට අමතරව ලීසාට තවත් පිරිමි දරුවන් දෙදෙනෙකු සිටින අතර, ඇය 2017 වසරේදී ව්‍යාපාරිකයෙකු වූ ඩිනෝ ලාල්වානි සමගින් විවාහ වි ඇත.
ලීසාගේ තුන්වැනි ගැහැණු දරුවාගේ නම කුමක්ද?
{ "answer_start": [ 158 ], "text": [ "ලාරාය" ] }
440c9ee7-d01f-4000-950f-837a0c7c47ef
මේ තරුණයන් පනස් දෙනාම ජාතික සහායක හමුදාවට බඳවාගෙන, නිවස හා ඉඩමත් දුන්නා. කොහොමහරි මේ ගම් රැකගන්න අපේ මිනිස්සු අපමණ දුකක් වින්දා. ඒ අය තනි කරල යන්න මම කොහෙත්ම කැමැති වුණේ නෑ. ආරණ්‍යයේ අවසානයේ ඉතුරු වුණේ මම විතරයි. රෑට අම්පාර කොණ්ඩුවටුවන කඳවුරට යනවා. දවල් සෙනසුනේ ගතකරනවා. නුගේලන්ද, රජගලතැන්න, පුළුකුණාව, පියංගල මිනිස්සු එක්ක මම හිටියා. මේ ගම්වල මිනිස්සු අපමණ පීඩා වින්දා. දවසක් නුගේලන්ද ගමේ මිනිසුන්ට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල උනා. ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා ඇවිත් එදා ආරණ්‍යයේ සාකච්ඡාවක හිටියේ. එතුමා එවලේම නුගේලන්ද බදුලු හන්දියට ගියා. එතැනින් පසු ගම්වාසීන්ට වන පීඩා හමුවේ බක්කි ඇල්ලෙන් එහාට ත්‍රස්තවාදීන්ට එරෙහි ප්‍රබල යුද මෙහෙයුමක් දියත් කළා. ඒ ප්‍රහාරය දියත් කළේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා. 1990 මේ සටන් අම්පාර අවට කොටි බලය සම්පූර්ණයෙන් බිඳී ගියා. නමුත් පසුකාලීනව වෙද්දි ආයෙත් එල්.ටී.ටී.ඊය නැගිට්ටා.
දවසක් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණේ කුමන ගමේ මිනිස්සුන්ටද?
{ "answer_start": [ 377 ], "text": [ "නුගේලන්ද ගමේ මිනිසුන්ට" ] }
bc77d7ef-af08-43c8-b2c8-f35fe62092f1
බලවත් ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින පකිස්තානයට සහාය වීම සඳහා පකිස්තාන මහ බැංකුවේ තැන්පත් කර තිබෙන ඩොලර් බිලියන 3 ක තැන්පතුවේ කාල සීමාව දීර්ඝ කරන බව සෞදි මුදල් අමාත්‍ය අල් ජදාන් ප්‍රකාශ කළේය. පකිස්තාන මහ බැංකුවේ තැන්පත් කර ඇති ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 3 ක තැන්පතුවේ කාල සීමාව දීර්ඝ කිරීමේ අවසන් අදියරේ සිටින බව සෞදි මුදල් අමාත්‍ය මොහොමඩ් අල් ජදාන් රොයිටර්ස් පුවත් සේවයට පැවසීය. පකිස්තානයේ විදෙස් සංචිත ඉහල නැංවීම සඳහා පසුගිය වසරේ සෞදි අරාබියාව ඩොලර් බිලියන 3 ක මුදලක් පකිස්තාන මහ බැංකුවේ තැන්පත් කළේය.
සෞදි මුදල් අමාත්‍ය මේ පිලිබඳව සිය අදහස් ප්‍රකාශ කලේ කොහේද?
{ "answer_start": [ 356 ], "text": [ "රොයිටර්ස් පුවත් සේවයට" ] }
b7e73c55-908c-4e64-b0d0-67a0671d25a1
මුහුදු කැස්බැවන් වද වි යැමට ප්‍රධාන හේතුවන් වන්නේ මුහුදු කැස්බැවුන්ගේ බිත්තර ආහාරයට ගැනිම හා ධිවරයන්ගේ දැල් වලට හසුවන මුහුදු කැස්බැවුන්ගේ මස් ආහාරයට ගැනිම බවත් ඔහු කීය. දකුණු මුහුදු තීරයේ ගල්කිස්ස සිට පහලට යන විට කොස්ගොඩ, තංගල්ල, රැකව,බුන්දල වගේම නැගෙනහිර වෙරලේ තැන් කිහිපයක වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් හා තවත් ආයතන කිහිපයකින් මුහුදු කැස්බැවුන් බිත්තර දමන ස්ථාන සංරක්ෂණය කළත් එසේ සංරක්ෂණය කිරිමට අපහසු තැන් වල මුහුදු කැස්බැවුන්ගේ බිත්තර ආහාරයට ගැනිම සිදුවන බවද ඔහු සඳහන් කළේය. යුද්ධය නිම වීමත් සමගම වැඩි වශයේන් ධිවරයන් ධිවර කර්මාන්තයේ යෙදීම සුලබ වි ඇති විම නිසා මීගමුව,හලාවත,කන්දකුලිය,කල්පිටිය,දක්වා ධිවරයන්ගේ දැල් වලට හසුවන මුහුදු කැස්බැවුන් මරා මස් සඳහා ගන්නා බවත් මැතකදි ඒකනායක මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු සංවිධානයේ නිලධාරින් කළ සමික්ෂණයකදි මුහුදු කැස්බැවුන්ගේ කටු විශාල ප්‍රමාණයක් හමු වු බවද ඒ මහතා කීය.
මුහුදු කැස්බෑවුන් මරා මස් සඳහා ගන්නා බව සොයා ගැනුනේ කුමන ප්‍රදේශ වල ධීවරයන්ගේ දැල් වලටද?
{ "answer_start": [ 570 ], "text": [ "මීගමුව,හලාවත,කන්දකුලිය,කල්පිටිය,දක්වා ධිවරයන්ගේ දැල් වලට" ] }
97f2e669-726d-444b-92b5-e29e330f0aaa
තවත් අය තමාට හිත ගිය බීච් බෝයිස්ලාට සියලුම වියදම් දරා ඔවුන්ගේ රටවලට ද ගෙන්වා ගනී. මේ නිසා ධනවත් ව්‍යාපාරිකයින් වූ බීච් බොයිස්ලා ද සිටිති. මිරිස්ස හා ඒ අවට හෝටල්වල මේ සියලු කටයුතු සිදු වන්නේ ඉතා රහසිගතවය. සමලිංගික ක්‍රියා හා ගණිකා වෘත්තිය නීතියෙන් වරදක් වූවත් මිරිස්ස සංචාරක පුරවරයේ සිදුවන එම ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. ඊට ප්‍රධාන හේතුව හෝටල් ව්‍යාපාරිකයින් හා පොලිසිය අතර පවතින නොබිඳුණු සම්බන්ධතාවන්ය. පොලිසියට අවශ්‍ය ආහාර පාන මිල මුදල් ද නොඅඩුව ලැබෙයි. නිලධාරීන් ජනවාරි 01 වැනිදා හා අප්‍රේල් අලුත් අවුරුද්ද ආරම්භ කරන්නේ එම හෝටල්වලට ගොස් ව්‍යාපාරිකයින් හමුවීමෙනි. එහිදී ඔවුන්ට ඇඳුම් පැළඳුම් මෙන්ම රට බීම බෝතල් ද ලැබෙන බව නොරහසකි.
මිරිස්ස සංචාරක පුරවරයේ නීතිය ක්‍රියාත්මක නොවන කටයුතු මොනවාද?
{ "answer_start": [ 204 ], "text": [ "සමලිංගික ක්‍රියා හා ගණිකා වෘත්තිය" ] }
67aeb36a-8161-42dd-978b-ee17f56c0af3
රට පුරා භීෂණයක් පතුරමින් පාතාල කල්ලි අතර හටගත් ගැටුම් නිසා පසුගිය කාලය තුළ මිනිස් ඝාතන හා වෙඩිතැබීම් රැසක් අසන්නට දකින්නට ලැබිණ. මෙම සිදුවීම් මධුෂ්ගේ ගෝලයින්, මධුෂ්ගේ මිතුරා වන අංගොඩ ලොක්කාගේ ගෝලයින් හා මධුෂ්ගේ හතුරන් අතර ගැටුම්වල ප්‍රතිඵල බව පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. මෙම ගැටුම් නිසා වඩාත්ම උණුසුම් වූයේ කොළඹ මරදාන අලුත්කඩේ ප්‍රදේශ හා කඩුවෙල, මාළබේ, අතුරුගිරිය ප්‍රදේශයන්ය. රිස්වාන්ගේ ජීවිතය වෙනුවට කොස් මල්ලීගේ හිස ඉල්ලූ මධුෂ් ඒ අරමුණ සිය ගෝලයින් ලවා ඉටුකරවා ගත්තේය. සමයංගේ ගෝලයෙක් මෙන්ම කොස් මල්ලීගේ සමීපතමයෙක් වන තලගලගේ නිමල්සිරි නොහොත් පොඩි සුදු ඝාතනයට ලක්වෙන්නේ පසුගිය මාර්තු 19 වැනිදා අතුරුගිරිය ගල්වරුසාව පාරේදීය. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පලාගොස් තිබිණ. එදිනම අලුයම 2.30ට පමණ තලංගම, බටපොත, විමලතිස්ස මාවතේ කුලී නිවසක සිටි යුවළකට වෙඩි තබා එක් පුද්ගලයෙක් මියගොස් ඔහුගේ බිරිඳ බරපතළ තුවාල ලබා රෝහල්ගත කරනු ලැබිණ. මෙම සිදුවීමෙන් මියගියේ වර්ණකුලසූරියගේ ක්‍රිස්ටින් ප්‍රනාන්දු නමැති පනස් එක් හැවිරිදි පුද්ගලයෙකි. මෙම වෙඩි තැබීම එම නිවසේම පිටුපසට වන්නට තිබූ ඇනෙක්සියෙ පදිංචිව සිටි සමයංගේ ගෝලයෙක් හා ඔහුගේ බිරිඳ ඉලක්ක කරගෙන සිදුකළ එකක් බව පොලිසියට සැකයක් ඇති වී තිබිණ.
රිස්වාන්ගේ ජීවිතය වෙනුවට කොස් මල්ලීගේ හිස ඉල්ලූයේ කව්ද?
{ "answer_start": [ 433 ], "text": [ "මධුෂ්" ] }
f84e8593-e6d6-4ac3-a25c-6c4aec1dd44d
මහම්මත්තුමා පහළ වනවිට මැකාව බෙඩුයින් ගෝත්‍රිකයන්ට ගොදුරුවෙමින් තිබිණි. තවත් ජනවර්ගද එහි පාලනය සඳහා සටන් වැදුණහ. ඒ සටන්කරුවන්ට එරෙහිව මහම්මත්තුමා සාමකාමී දහමක් දේශනා කළේය. ඔහුට දෙවියන්ගේ පණිවිඩ ලැබෙන බව ජනයා අතර ප්‍රචලිත විය. එහි සිටි අන්‍ය ජාතීන්ට එරෙහිව ධර්මයෙන් ජනයා ඇමතූ මහම්මත්තුමා බෙඩුයින්වරුන්ගේ කණ්ඩායම් තම දේශනා මගින් එකමුතු කරමින් සිටියේය. වසර ගණනක ඇවෑමේදී බෙඩුයින්වරුන් එකට එකතු කිරීමට ඔහුට පුළුවන්විය. මහමත්තුමා ජනයා අතර ආගමික නායකයකුගේ තත්ත්වයට පත්විය. තමා දෙසන ආගම සාමකාමී බවත් ඒ වටා එකතු වන ලෙසත් මැකා අවට සිටි ජනයාට ඔහු ආරාධනා කළේය. ප්‍රචණ්ඩ විවිධ ගෝත්‍රවල කලබලකාරී ජීවිතයට වඩා මහම්මත්තුමාගේ සාමකාමී පාලනයට ජනයා වේගයෙන් ඇදී එමින් සිටියහ. ඉස්ලාමය නමැති නව ආගම සෞදි අරාබියේ මැකාවේ බිහිවුණේ එපරිදිය.
ඉස්ලාමය නමැති ආගම බිහිවූයේ කොහේද?
{ "answer_start": [ 675 ], "text": [ "සෞදි අරාබියේ මැකාවේ" ] }
d2d283d4-6498-4c1c-bf26-8c8048e9cb6c
දරුවා කෑ ගසද්දී වෛද්‍යවරු ඇසට ඖෂධ ඇතුළු කළේ මම දරුවා දැඩිව අල්ලාගෙන සිටියදී. තාත්තා කියමින් බියපත්ව වේදනාවෙන් හඬන දරුවා දැක මට ඇතිවුණු වේදනාව කියා නිමකළ නොහැක. විනාඩි කීපයකදී වේදනාව කෙමෙන් අඩු වෙන බවක් පෙනුණා. වෛද්‍යවරු පැවසුවේ පැයක් පමණ දරුවාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා රැඳී සිටින ලෙසයි. පුතාට නින්ද යාම සඳහා එන්නතක් ලබා දුන් විට ඔහු හෙමින් නිද්‍රාගත වුණේ අපිට පුදුම සහනයක් ඇතිකරමින්. වෛද්‍යවරු ඕනෑම සෑහෙන පමණ හොඳ ශල්‍යකර්මයකට පහසුකම් හා වෛද්‍ය මණ්ඩලයක් සිටින බැවින් කලබල නොවන ලෙස ඔවුන් අපට දැනුම් දුන්නා. මේ වෙනවිට රාත්‍රී 9 පමණට ඇත. ඝන අඳුරේ නෞකාව වේගයෙන් ඉදිරියට ඇදේ.
දරුවා බියපත්ව වේදනාවෙන් කෑ ගැසුවේ කුමක් කියාද?
{ "answer_start": [ 77 ], "text": [ "තාත්තා කියමින්" ] }
9af72cfd-af0e-4e75-b2ad-dc3b37dfe5fb
ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ද මේ වනවිට ප්‍රකාශයට පත් කර අවසන් වන අතර, 2021 සඳහා ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ආර්ථික විශේෂඥයන් තිදෙනකු අතරේ බෙදී ගොස් ඇත. ඔවුන් තිදෙනාම ඇමෙරිකානුවන් වීම ද විශේෂත්වයකි. ඩේවිඩ් කාඩ්, ජොෂුවා ඇන්ග්‍රිස්ට් සහ ගුඩියෝ ඩබ්ලිව් එම්බිස් යනු ඔවුන් තිදෙනාය. ත්‍යාග මුදලෙන් වැඩි කොටසක් හිමිවන්නේ ඩේවිඩ් කාඩ්ටය. අවම වැටුප, ආගමන හා අධ්‍යාපනයේ ශ්‍රම වෙළෙඳපොළ බලපෑම් පිළිබඳ පුරෝගාමී පර්යේෂණ සහ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් භාවිතා කළ නොහැකි එවැනි අධ්‍යයනයන්ගෙන් නිගමනවලට එළඹීමට විද්‍යාත්මක රාමුවක් සැකසීම වෙනුවෙන් මෙම ආර්ථික විශේෂඥයන් තිදෙනාට ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවන බව නොබෙල් කමිටුව පවසා ඇත.
ඔවුන් තිදෙනා කිනම් ජාතිකයන්ද?
{ "answer_start": [ 170 ], "text": [ "ඇමෙරිකානුවන්" ] }
71bf5f85-7925-453d-8bcd-7e4eb2242368
බලවත් ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින පකිස්තානයට සහාය වීම සඳහා පකිස්තාන මහ බැංකුවේ තැන්පත් කර තිබෙන ඩොලර් බිලියන 3 ක තැන්පතුවේ කාල සීමාව දීර්ඝ කරන බව සෞදි මුදල් අමාත්‍ය අල් ජදාන් ප්‍රකාශ කළේය. පකිස්තාන මහ බැංකුවේ තැන්පත් කර ඇති ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 3 ක තැන්පතුවේ කාල සීමාව දීර්ඝ කිරීමේ අවසන් අදියරේ සිටින බව සෞදි මුදල් අමාත්‍ය මොහොමඩ් අල් ජදාන් රොයිටර්ස් පුවත් සේවයට පැවසීය. පකිස්තානයේ විදෙස් සංචිත ඉහල නැංවීම සඳහා පසුගිය වසරේ සෞදි අරාබියාව ඩොලර් බිලියන 3 ක මුදලක් පකිස්තාන මහ බැංකුවේ තැන්පත් කළේය.
සෞදිය විසින් ඩොලර් බිලියන් 3ක් පාකිස්තාන මහ බැංකුවේ තැන්පත් කලේ ඇයි?
{ "answer_start": [ 397 ], "text": [ "විදෙස් සංචිත ඉහල නැංවීම සඳහා" ] }
2becb02d-9f8e-41e9-b350-b9cc29684dfa
1967 දින හයේ යුද්ධයේ සිට ක්‍රම ක්‍රමයෙන් පලස්තීන ත්‍රස්තයෝ ජෝර්දානයේ අගනුවර අම්මාන් ඇතුළු කලාප රැසක් ඔවුන්ගේ ග්‍රහණයට ගෙන උන්හ. ජෝර්දානයේ ඊශ්‍රායල සීමාවේ පිහිටි නගර හා ගම් සියල්ල පාහේ මෙම ත්‍රස්තයන්ගේ කඳවුරු බවට පත් ව තිබුණු අතර ඔවුහු කිසි බයක් සැකක් නැතිව ගිනි අවි අත දරා මෙම කලාපවල මහ මාර්ගවල රැඳී සිටියහ. හුසේන් රජතුමා ප්‍රතික්ෂේප කළ ඔවුහු ජෝර්දානයේ නිල නොලත් පාලකයන් මෙන් ක්‍රියා කළහ. හුසේන් රජතුමා ද මෙය දැන සිටි නමුත් එය වෙනස් කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේය. දිනක් ඔහු එක්තරා හමුදා කඳවුරක් වෙත ගිය අවස්ථාවේ එහි යුද්ධ ටැංකියක කොඩිය වෙනුවට ගැහැනු තනපටක් සුළඟේ ලෙළ දෙමින් තිබෙනු දැක දැඩි සේ කෝප වී ඒ පිළිබඳව ප්‍රශ්න කළේය. එයට පිළිතුරු දුන් යුද ටැංකි නිලධාරියා පැවසුවේ සටන් කිරීමට ඉඩ නොදෙන බැවින් ඔවුන් ගැහැනුන් වී ඇති බවයි. තම රාජ්‍ය පාලනය අසාර්ථක වී ඇති බවත්, කරුණු මෙසේ සිදුවෙද්දී වැල්ලේ හිස සඟවා ගත් පැස්බරෙකු මෙන් තවදුරටත් සිටීම නිෂ්ඵල බවත් හුසේන් රජතුමාට අවබෝධ විය. එය ඔහුගේ ඉවසීමේ උපරිමය ද විය.
අම්මාන් ඇතුළු කලාප රැසක් ග්‍රහණයට ගත්තේ කව්ද?
{ "answer_start": [ 41 ], "text": [ "පලස්තීන ත්‍රස්තයෝ" ] }
941c0eb7-40bb-46a6-b8ab-c210fd8d7269
මඳ වේලාවකට පසු තද වැසි ඇදහැලෙන්නට විය. අඟලක පමණ වර්ෂාපතනයක් පැය තුනක පමණ කාලයක් පුරා පැවැතියේය. රාත්‍රී 9 පමණ වනවිට ගුහා කට වැසෙන පරිදි ජලය පිරෙන්නට විය. ගුහාව තුළට ජලය පිරෙනු දුටු ගොඩබිම සිටි පිරිස ආධාර ඉල්ලා දිව යන්නට වූහ. ප්‍රදේශයේ පොලිසිය දැනුම්වත් කරන්නට ඔවුනට හැකි වූ අතර රාත්‍රී 11 පමණ වනවිට ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ විය. මෙහෙයුම සඳහා 200කට අධික පිරිසක් සහභාගී වූහ. ගුහා තුළ සිරවූවන් සෙවීම අතුරුදන් වූ කඳු නගින්නන් සෙවීමේ කාර්යයට වඩා බෙහෙවින් අසීරු වන්නේ ඔවුන් පොළොව යට කුමන ස්ථානයක සිටින්නේදැයි යන්න සොයා ගැනීම අපහසු බැවිනි.
මෙහෙයුම සඳහා කොපමන පිරිසක් සහභාගී වූයේද ?
{ "answer_start": [ 344 ], "text": [ "200කට අධික පිරිසක්" ] }
c51f9e0b-fa29-42b6-9e72-0ac3336e1e87
මේ දිනවල අති සාර්ථකව තිරගත වෙන ‘මාණිකර්ණිකා’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන සුරූපි කංගනා රණවුත් මේ දිනවල ස්විට්සර්ලන්තයට පැමිණ සිටියි. ඒ ඇය දින කිහිපයක නිවාඩුවක් ගත කිරීම සඳහාය. කංගනා සිය ටිවිටර් ගිණුම තුළ ඡායාරූප කිහිපයක්ද සමගින් සටහනක් තබා තිබුණේ සිය අලුත්ම චිත්‍රපටය වූ ‘මාණිකර්ණිකා’ චිත්‍රපටයේ සාර්ථකත්වය වෙනුවෙන් ඇය මෙසේ ස්විට්සර්ලන්තයේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි බවය. මේ වනවිට ඉන්දියාවේ පමණක් නොව විදෙස් රටවල් කිහිපයකද ප්‍රදර්ශනය වන මෙම චිත්‍රපටය උපයා ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 80ක මුදලකි. කෙසේ වෙතත්, වකිපිඩියා වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ මෙම චිත්‍රපටය ඉන්දිය රුපියල් කෝටි 125ක මුදලකින් තැනුවක් බවය. ඒ බැවින් මෙම චිත්‍රපටය තවමත් අසාර්ථක එකක් බව බොහෝ දෙනා පවසන්නක් වී ඇත.
‘මාණිකර්ණිකා’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන්නේ කවුරුන්ද?
{ "answer_start": [ 91 ], "text": [ "කංගනා රණවුත්" ] }
290f3ae3-74e0-4180-9b7b-126d1e606ab7
කාම ආවේශය බෙහෙවින් කැමති වනුයේ කාම සම්බෝගයටයි. එය කිරි දැරිවියක විය හැකියි. කොටහලු නොවූ දැරියක වියහැකියි. තරුණ, විවාහක, වයස්ගත යන කරුණු මෙතුළ නොසැලකෙයි. සැලකිල්ල ස්ත්‍රී සිරුරක් යන්න පමණයි. ආවේශය බිලි කාමය වනවිට බිලි ගැනීම එකම අරමුණයි. මෙහි නියමය වනුයේ අමු ලේ බිල්ලක් විය යුතුය යන්නයි. එම ලේ උණුසුම් විය යුතුයි. බිලි නියමය එය මෙසේ දක්වයි. මෙම ලේ බිල්ල සත්ත්ව හෝ මනුෂ්‍ය බිල්ලක් විය යුතුයි. ඉල්ලා සිටිනුයේ මනුෂ්‍ය බිල්ලක් නම් කුමන තත්වයක් යටතේ වුව එය ලබාදිය යුතුමයි. ආවේශය කැපවී සිටිනුයේ ආවේශය කැදවූ අයගේ මනදොල සපුරාලීමට මිස ප්‍රශ්න කිරීමට නොවෙයි. එය ආවේශයේ අත්තිවාරමයි. බලිකාම සහ පුළුටු කාම ආවේශද මෙම තත්ත්වයන්ට වඩා වෙනසක් නොපෙන්වයි. කාම කොටස් එකිනෙකින් වෙනස් වනුයේ ඒවායෙහි අර්ථයෙන් මිස දොල පිදේනියෙන් නොවෙයි. කිසියම් ලෙසකින් හෝ ඉල්ලනු ලබන ඉල්ලීම්වලින් වෙනස් නොවෙයි. මේ දුශ්ශීල කාම කොටස් හතරේ විශේෂත්වයයි.
මෙහි නියමය වන්නේ කුමක්ද?
{ "answer_start": [ 253 ], "text": [ "අමු ලේ බිල්ලක්" ] }
79cadee5-d7d6-4afa-bfc7-1afdcf23c4d9
නවසිය විසි ගණන්වලදී මෙරට අධිරාජ්‍ය විරෝධී දේශපාලනයේ යෙදුනු ක්‍රිස්තියානි අධිනීතිඥයෙකු වූ ඩී.ඊ. වික්ටර් කොරෙයා මහතා සිය දරුවන් නම් කළේ සිධාර්ට්, ශ්‍රී රාහුල, ස්වර්ණමාලි, යසෝදරාදේවි, ශ්‍රී වික්‍රම, ශ්‍රී සඟබෝ ආදී වශයෙනි. අද සිංහල නාම භාවිතය බෞද්ධ, ක්‍රිස්තියානු භේදයෙන් තොරව සිදුවේ. එදා සිංහල නම් දැරූ සිංහලයෙකු සොයා ගැනීම දුෂ්කරවූ තරම්ම අද විජාතික නම් ඇති සිංහලයෙකු සොයා ගැනීමද දුෂ්කර වන තරමට මේ ව්‍යාපාරය තහවුරු වී තිබේ. වයස 87ක්වූ සිය ජීවිත කාලයෙන් ලෙඩ්බීටර් ලංකාවේ ගත කළේ අවුරුදු 5කට අඩු කාලයකි. එහෙත් මේ කෙටි කාලය තුළ බෞද්ධ පාඨශාලා රාශියකුත්, ආනන්ද, ධර්මරාජ, මහින්ද වැනි ප්‍රධාන බෞද්ධ විද්‍යාල තුනකුත්, ඉරිදා දහම් පාසල් පැවැත්වීමත් ආරම්භ කොට ඔහු සිදු කළ සේවයට අදත් අප ඔහුට ණය ගැති වෙමු. මේ ලිපිය සකස් කිරීමේදී සිරි තිලකසිරි මහතාගේ 19 වැනි සියවසේ ශ්‍රී ලංකාවේ ජාතික ආගමික අරගල කෘතිය බෙහෙවින් ප්‍රයෝජනවත් විය.
මෙරට අධ්රාජ්‍ය විරෝධී දේශපාලනයේ යෙදුණේ කවුද ?
{ "answer_start": [ 89 ], "text": [ "ඩී.ඊ. වික්ටර් කොරෙයා මහතා" ] }
3533b7e1-0424-4188-8cac-b9fd2a09ad2c
පසුගිය වසරේ වඩාත් කතාබහට ලක්වූ චිත්‍රපටයක් බවට පත් වූ ඕමාර් ලූලා අධ්‍යක්ෂණය කළ ‘ඔරු ආදර් ලව්’ මලයාලම් චිත්‍රපටය මේ වසරේ පෙබරවාරි 14 වැනිදාට යෙදී තිබෙන ආදරවන්තයන්ගේ දිනයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. පසුගිය කාලයේ විවිධ චෝදනා නිසා මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිමට නොහැකි වු අතර, මේ වනවිට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නිතීයෙන් අවසර ලබාදී ඇත. පෙබරවාරි 14 වැනිදා ප්‍රදර්ශනය කරන්නට නියමිත නිසාවෙන් මෙම චිත්‍රපටයේ ප්‍රචාරක වැඩසටහනක් පසුගිය සති අන්තයේදී පවත්වනු ලැබු අතර, ඒ සඳහා චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන ප්‍රියා ප්‍රකාශ් හා රොෂාන් අබ්දුල් රූෆ් හා ජනප්‍රිය තෙළෙඟු චිත්‍රපට නළු අල්ලු අර්ජූන්ද එක්ව සිටියහ.
ආදරවන්තයන්ගේ දිනය යෙදී තිබෙන්නේ කවදාද?
{ "answer_start": [ 120 ], "text": [ "පෙබරවාරි 14" ] }
3a5d3b1b-64c7-4849-a2b1-bd919a2c8b8c
ගොඩකවෙලට වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ලෙසට නම් කර 1992 සැප්. 30 දින එම කාර්යාලය විවෘත වූ අතර ඉන් ප්‍රදේශයේ ජනතාවට තම රාජකාරිමය අවශ්‍යතා ඉටු කර ගැනීමට ඉමහත් පහසුවක් සැලසී ඇත. ඉංග්‍රීසි පාලන සමයේ ආරම්භ කරන ලද ගොඩකවෙල රෝහල අද වන විට නවීකරණය වී තිබුණත් ආරම්භයේදී තිබී ඇත්තේ ඩිස්පෙන්සරියක් පමණි. එවකට එවකට නේවාසික ප්‍රතිකාර ලබාගැනීමට රක්වාන රෝහල දක්වා යෑමට සිදුව තිබිණ. එදා මෙහි සිට එහි යෑමට එතරම් පහසුකම් නොවීය. අඩි පාරවල් ඔස්සේ පයින් හෝ කරත්තවලින් එහි ගොස් ඇත. එයට දවසක් හමාරක් ගතව තිබේ. ඒ නිසා පසුකාලීනව මෙහි කොට බිත්ති සහිත වාට්ටු දෙකක් ඉදි කර එය ගැහැනු/පිරිමි ලෙසට නම් කර ඇත. එදා වාට්ටුවල සේවය කර ඇත්තේ කංකානම් මහත්තුරු හා කංකානම් හාමිනේලා ය. මෙම රෝහල් භූමිය 1891 ජුනි 30 දින රජයට පවරා ගෙන ඩිස්පෙන්සරිවත්ත ලෙසට නම් කර ඇත. එදවස බොහෝ විට මෙහි සේවය කර ඇත්තේ ද්‍රවිඩ ජාතික වෛද්‍යවරුන් වූ අතර ඔවුන් ද පැමිණ තිබුණේ යාපනය ප්‍රදේශයෙනි. අද මෙයට යාබදව ගොඩකවෙල පොලිසිය පිහිටා ඇති අතර එය ඊට පෙර තිබුණේ පල්ලේබැද්ද ප්‍රදේශයේය.
ගොඩකවෙල රෝහල ආරම්භ කරන ලද්දේ කුමන පාලන සමයේදී ද?
{ "answer_start": [ 178 ], "text": [ "ඉංග්‍රීසි පාලන සමයේ" ] }
4b63de32-4621-4521-8240-92544c92f7e4
56 හැවිරිදි වියෙහි පසුවන ෂර්මන්, එම සම්මුඛ සාකච්ඡාවේ දී කියා සිටියේ, විශ්වයේ නොයෙක් විදියේ පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සිටිනවා යැයි තමන් විශ්වාස කරන බවය. එපමණක් නොව, එම බුද්ධිමත් පිටසක්වළයන් පෘථිවියට පැමිණ පෘථිවියේ අප අතරේ සිටිනවා විය හැකි යැයි ද ඇය පැහැදිලි කර තිබේ. අභ්‍යවකාශ වික්‍රම පැත්තකට දමා ෂර්මන් දැන් ලන්ඩන් රාජකීය විද්‍යාලයේ රසායනඥවරියක ලෙස රැකියාව කරයි. පිටසක්වළයන් අප අතරේ සිටිනවා. ඒත් ඔවුන් පිටසක්වළයන් යැයි අපට හඳුනා ගන්න බැහැ. ඔවුන් අප මෙන් හෝ අප බලාපොරොත්තු වන ආකාරයට හෝ කාබන් සහ නයිට්‍රජන්වලින් නිර්මාණයවූ ජීවීන් නොවන්න පුළුවන් යැයි ෂර්මන් පෙන්වා දී තිබේ.
ෂර්මන් දැන් රැකියාව කරන්නේ කවුරුන් ලෙසද?
{ "answer_start": [ 308 ], "text": [ "ලන්ඩන් රාජකීය විද්‍යාලයේ රසායනඥවරියක ලෙස" ] }
7678f2b4-6991-4242-b892-8b6d2e4b798b
තෙලවල ලියනගේ හර්ෂ චතුරංග නොහොත් පෙතියාගොඩ සංඛ අපරාධ රැසකට සම්බන්ධ වුවද, ඔහුට එරෙහිව විභාග වන්නේ අපරාධ තුනක් පිළිබඳ නඩු පමණි. ඒ අපරාධ තුන සම්බන්ධයෙන් මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණි. 2016 දී මුල්ලේරියාව පොලිස් වසම දී පස් ජාවාරමක් මුල්කරගෙන රංග නමැති පුද්ගලයකු ඝාතනය කිරීම එම වසරේම නීතීඥවරයකුට පහරදී බරපතළ තුවාල සිදුකිරීම, 2017 වසරේදී ඝාතනයක් සඳහා යමින් සිටියදී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට පත්වීම. සමයංගේ කල්ලි සාමාජිකයකු වන ඌරුජුවා යැයි සිතා තලංගම ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමෙන් ගෙහිමියා මියගොස් ගෙහිමි කාන්තාවට තුවාල සිදුවීම, අංගොඩ කොස්මල්ලි පැහැරගෙන ගොස් ඝාතනය කර ගෙළ කොටස අලුත්කෙඩ් ප්‍රදේශයට ගෙනවිත් දැමීම, අතුරුගිරිය ප්‍රදේශයේ රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙඩි තබා ඝාතනය කිරීම, කොටහේනේ පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම, කොරතොට පොඩි සුදා, හිඹුටානේ පොලී රොෂාන්, සහ ආමර් වීදියේ වාහනයක් තුළ දී ඇන්ටන් රාජ් නමැත්තා ඝාතනය කිරීම, මාලිගාවත්තේ නිප්පු නමැති අයගේ ඝාතනය ඇතුළු ඝාතන රැසක් අංගොඩ ලොක්කාගේ සහ මධුෂ්ගේ කල්ලිය විසින් සිදුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් ඒ ඝාතන රැසකට මොහු සම්බන්ධ බවටත් පොලිසිය සැකකරයි.
රංග නමැති පුද්ගලයා ඝාතනය වූයේ කුමක් මුල් කරගෙන ද?
{ "answer_start": [ 246 ], "text": [ "පස් ජාවාරමක් මුල්කරගෙන" ] }
8be0a4c0-c358-47f8-ac51-968ccf728f55
ආපසු නිවස බලා යන අතර නිලංගට පහර දුන් රම්බෝ පිහිය වෙළට විසි කළ තරුණයා නිවසේ පිටුපස ළිඳ වෙත ගොස් ලේ තැවරුණ ඇඳුම් මාරු කර ඒවා සියල්ල පුලුස්සා දැමුවේය. වෛරය පිරිමැසූ ඔහු කිසිවක් නොවුවා සේ කාලය ගත කළේය. එහෙත් අපරාධයක් කර මොන තරම් පරෙස්සමෙන් සාක්ෂි විනාශ කරන්නට තැත් කළ ද අපරාධකරුවන්ට ගැලවීමක් නොවන බව තහවුරු කරමින් නිලංගගේ මිනීමරුවා පොලිසියට කොටු විය. දඩබ්බර තරුණයෙකුගේ, නොමග ගිය තරුණයෙකුගේ වැරදි ක‍්‍රියාවක් නිසා අහිංසක තරුණයෙක් මිනීමරුවෙක් බවට පත් විය. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා කළ පාපොච්චාරණයට අනුව ඔහු විසි කළ පිහිය සොයා ගත් අතර පුලුස්සා දැමූ ඇඳුම්වල කොටස් ද හමු විය. අසල්වැසි වෙළෙඳ සලේ හිමිකරු පැවසූ පරිදි පැනගිය තරුණයා හැඳ සිටියේ රතු පැහැ ටීෂර්ට් එකක් හෝ කමිසයකි. පිළිස්සූ ඇඳුම් කොටස් අතරින් ඉතිරිව තිබූ රතුපාට කොටස්වලින් ඒ සාක්ෂිය තහවුරු විය.
මිනීමරුවා තම ඇදුම් වලට කලේ කුමක්ද
{ "answer_start": [ 123 ], "text": [ "සියල්ල පුලුස්සා දැමුවේය" ] }
c9529628-4c52-47f1-9702-c580f26db3d5
අක්බාර්ගේ ජීවිතයේ අවසන් සමය කටුක කාල පරිච්ඡේදයක් ලෙස සැලකිය හැකිය. වැඩිමහලු පුත‍්‍රයා වූ සලීම් රාජ්‍ය පාලනයට ලෝභීව තම පියාගේ මරණය අපේක්ෂාවෙන් පසුවිය. වරක් ඔහු අක්බාර් අගනගරයෙන් බැහැරව සිටි අවස්ථාවක රාජ්‍යය පැහැර ගැනීමට උත්සාහ කළේය. එය අසාර්ථක වූ කල්හි ඔහු අලහබාදය අත්පත් කරගෙන ස්වාධීන පාලකයකු වීමට උත්සුක විය. පුත‍්‍ර ස්නේහය නිසා ඔහුට අවවාද කිරීමට ගිය අක්බාර් සමඟ සලීම් සටනට එළැඹිණි. එවිට අක්බාර් ඔහු ඔරිස්සාවේ හා බෙංගාලයේ පාලකයා ලෙස පත් කළේය. පසුව පිය පුතු දෙපළ සමාදානයට පත් වූහ. ක්‍රි.ව. 1605 ඔක්තෝබර් 17 දා අක්බාර් මිය ගියේය. මිය යෑමට කෙටි කලකට පෙර ඔහු තම වැඩිමහලු පුත් සලිම් හට රාජ්‍යය බාර කළේය. ඔහුගේ අනෙක් පුත‍්‍රයන් දෙදෙනා වූ දානියෙල් සහ මුරාද් අකාලයේ මිය ගොස් සිටි හෙයින් ඉතිරිව සිටියේ සලීම් පමණි. එම වසරේ ඔක්තෝබරයේ සලීම් නුරුදීන් මහමුද් ජහාන්ගීර් පදීෂා ඝාසි නමින් මූගල් අධිරාජ්‍යයේ පාලකයා ලෙස අභිෂේක ලැබීය.
සලීම් තම පියාගේ මරණය අපේක්ෂාවෙන් පසු වූයේ ඇයි?
{ "answer_start": [ 95 ], "text": [ "රාජ්‍ය පාලනයට ලෝභීව" ] }
99a89d9f-644f-4b86-86d8-31c4927c1368
ආරුක්කුවක ආකාරයට පිහිටා ඇති හෙයින් එම රටා ආරුක්කු රටා ලෙස හඳුන්වයි. මනා ශරීර ශක්තියක් ඇති අයට මෙම ලක්ෂණය පිහිටයි. ස්ව උත්සාහයෙන් ධනය උපයා ජීවත්වන යහපත් ගතිගුණ ඇති අයගේ ඇඟිලි තුඩුවල මෙම ආරුක්කු ආකාර හැඩයට ලක්ෂණ පිහිටයි. මොවුන් බොහෝවිට යහපත් හාම්පුතුන් යටතේ සේවය කර ධනය උපයා ගනී. අවබෝධයකින් යුතුව යමක් කළ නොහැකිවීම කැපී පෙනෙන දුර්වලකමකි. පරිසරයට ආදරය කරන ඔවුන් සියලු සතුනට කරුණාව දක්වති. පඬුරේඛා පුඩු රේඛාවල සාමාන්‍ය පිහිටීම එයයි. ස්වාධීන ධානෝපායන මාර්ගවලින් දියුණුවට පත්වෙන අයගේ ඇඟිලිවල හා අත්වල මෙවැනි රටා පිහිටයි. රැකියාවක් කරන අයෙකුගේ අත්වල මෙවැනි රටාවන් ඇත්නම් ඔහු හෝ ඇය රැකියාවට අමතරව වෙනත් ක්‍රමවලින් ආදායම් උපයයි. මෙම පුඩු රේඛාවන් සමග හක්ගෙඩි රේඛා හා සුළිරේඛා ඇඟිලිවල සමබරව පිහිටා ඇත්නම් උපයන ධනය දනට, පිනට වැය කරයි. මහා මන්දිරවල ජීවත්වීමට හිමිකම් ලබන ඔවුන් පරිසරයට ද ආදරය කරන්නෝය.
ස්ව උත්සහයෙන් ධනය උපයා ජීවත්වන යහපත් අයගේ මෙම රටා පිහිටන්නේ කොහේද?
{ "answer_start": [ 168 ], "text": [ "ඇඟිලි තුඩුවල" ] }
071fa93c-13e8-4f66-98d4-d74151abcf74
මේ අතර, තවත් උදාහරණයක් වන්නේ ඖෂධ හිඟයයි. හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක දැඩි හිඟයක් දැන් පවතිනවා. ඖෂධ, ශල්‍ය උපකරණ සහ රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස 04කින් ගෙවීම් කර නැහැ. ඔවුන්ට ගෙවන්න තියන හිඟ මුදල රුපියල් බිලියන 34ක්. ඒ වගේම රාජ්‍ය ඖෂධ සංස්ථාව ආනයනය කළ ඖෂධවලට මාස 04කින් ගෙවීම් කරල නෑ. ඒ නිසා ඔවුන්ව අසාදු ලේඛනගත කිරීමට විදේශ ඖෂධ සමාගම් කටයුතු කරමින් සිටිනවා. කණගාටුම කාරණය තමයි අත්‍යවශ්‍ය ඖෂධ 14ක් හිඟ වී තිබීමත්, ඉන් දෙකක්වත් සැපයීමට අපගේ වෛද්‍ය සැපයුම් අංශයට මේ මොහොතේ හැකියාවක් නොමැති වීම. එම ඖෂධ දෙක වන්නේ හෘද රෝගවලට භාවිත කරන ඖෂධයක් සහ ප්‍රතිජලභීතිකා ඖෂධයක්. හැබැයි ප්‍රතිජලභීතිකා ඖෂධය සඳහා විකල්ප ඖෂධයක්වත් නෑ. මේ අතර 2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට අලුත් අයවැයක් ඉදිරිපත් කරන්න සැලසුම් කරල තිබෙනවා. එය සහන අයවැයක් ලෙස ඉදිරිපත් කරන්නයි මගේ සැලසුම.
අත්‍යවශ්‍ය ඖෂධ කොපමණ ප්‍රමාණයක් හිඟද?
{ "answer_start": [ 457 ], "text": [ "14ක්" ] }
d195966f-536e-441f-bd36-952b0b34ff38
රාජස්ථාන් ප්‍රදේශයෙන්ද විකීරණශීලී අඵ සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. එමඟින් රාම රාජ්‍යය විනාශ වූයේ න්‍යෂ්ටික යුද්ධයකින්ය යන මතය තහවුරු වනු ඇතැයි ඇතැම් පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබේ. ඉන්දු නිම්නය වර්තමානයේ කාන්තාරයක් බවට පත්ව තිබේ. විකීරණශීලී අඵ හමුවූයේ ඉන්දු නිම්නයේ බටහිර ජෝද්පූර් ආසන්නයෙනි. ජෝද්පූර්හි සිට සැතපුම් 10ක් පමණ දුරින් වර්ග සැතපුම් 3ක පමණ ප්‍රදේශක අධික විකීරණශීලිත්වයකින් යුතු අළු සොයා ගැනිණි. මෙම ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට ඉන්දියානු රජය පියවර ගත් අතර කල් ගත වන විට එම ප්‍රදේශයේ ළදරු මරණ සහ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව අධික වූ හෙයින් විද්‍යාඥයන් පිරිසක් ඒ සම්බන්ධයෙන් පර්ෙ‌ය්ෂණයක් ඇරඹූහ. එම භූමියේ අධික විකීරණත්වයකින් යුතු අඵ පවතින බවට තහවුරු වූයේ එකී පර්ෙ‌ය්ෂණය මගිනි. ඉන්දියානු රජය එම ප්‍රදේශය වසා දැමීමට පියවර ගත් අතර වසර 12000ත් 8000ත් අතර ඈත අතීතයේ මෙම ප්‍රදේශයේ තිබූ පුරාණ නගරයක් න්‍යෂ්ටික ප්‍රහාරයකින් සහමුලින්ම විනාශ වූ බවට මෙම අඵ මගින් සනාථ වන බවට විද්‍යාඥයෝ සඳහන් කර තිබේ. ඔවුන්ගේ අනුමානය අනුව ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක් හා මිලියන භාගයක් පමණ ජනයා එම ප්‍රහාරයෙන් විනාශ වී තිබේ. එක් විද්‍යාඥයකුට අනුව එම න්‍යෂ්ටික අවිය 1945 ජපානයට හෙළන ලද න්‍යෂ්ටික බෝම්බයට සමානය.
කල් ගත වන විට එම ප්‍රදේශයේ ළදරු මරණ සහ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව අධික වූ හෙයින් විද්‍යාඥයන් පිරිසක් ඒ සම්බන්ධයෙන් ඇරඹූ පර්යේෂණ මගින් තහවුරු වූයේ කුමක්ද?
{ "answer_start": [ 618 ], "text": [ "භූමියේ අධික විකීරණත්වයකින් යුතු අඵ පවතින බවට" ] }
105a870d-2387-48f9-a3ee-899e88106fff
දිය ඇල්ල අද්දරම වූ පුවරුවක ඇල්ල බිලිගත් තරුණ මරණ තිස් හතරක් බව සඳහන් කර තිබෙන්නේ ඒ නිසාය. එහෙත් තරුණයන්ට ඒ මරණ වගේ වගක් නැත. අනතුරුදායක ලෙස ඇල්ල දිගේ ඉහළ නගින කිසිම ඉලන්දාරියෙක් අනතුරක් තිබෙන බව නොසිතයි. එහෙත් මාරයා සිටින්නේ සැඟව ගෙනය. රාවණා ඇල්ලේ මව කව්දැයි දැන් ඔබ සිතනු නොඅනුමානය. මහවැලි ගඟට ගලා බසින උමා ඔයේ එක් ශාඛාවක් වන හෝ ඔය, මේ සොඳුරු මනාලියගේ මාතාවයි. වනමැදින් ගලා එන ඇය කොටකිතුල් කන්දෙන් මඳක් සරතැසනිවා, ගලෙන් පහලට පනින මොහොතේ මේ සුන්දර රාවණා ඇල්ල උපදියි. රාවණා රජු, සීතා කුමරිය පැහැරගෙනවිත් සඟවා තැබූයේ රාවණා ගුහාවේය. එසේ සඟවා සිටි සීතා කුමරිය දිය නාන්නට ඇවිද ආවේ මෙන්න මේ සුන්දර දිය ඇල්ලටය.
රාවණා රජු විසින් සීතා කුමරිය සඟවා තැබුවේ කොහෙද?
{ "answer_start": [ 515 ], "text": [ "රාවණා ගුහාවේය" ] }
b18b3d55-a645-4828-9907-ce77707ca311
සතුන් වත්තේ සිටින මුහුදු සිංහයින්ට බෙහෙත් පෙවීමට නම් ඉතා පහසු කටයුත්තකි. නරඹන්නන් ඉදිරියේ රැඟුම් දක්වන විට පුහුණුකරුවා වරින් වර ඌ දෙසට හුරුල්ලන් විසි කරයි. දොස්තර කරන්නේ ඒ අතරම බෙහෙත් පෙතිද විසිකිරීමයි. මුහුදු සිංහයෝ ඒවා ගුවනේදීම අල්ලාගන්නා බැවින් කෙළින්ම විසිවන්නේ බඩටමය. පොල් ගසකින් කුරුම්බා ගෙඩියක් එහෙම පිටින්ම ගිල, බෙල්ලේ මුල එය සිරවී ජිරාෆ් අසනීප වූ අවස්ථාවේ, දොස්තර මහතාට මුළු දවසම මහන්සි වන්නට සිදුවිය. ජිරාෆ්ගේ බෙල්ලට ඉනිමගක් හේත්තුකර, පිට පැත්තෙන් තෙරපමින් කුරුම්බා ගෙඩිය ආමාශය දක්වා යැවීමට පැය හතඅටක්ම ගතවුණේය. ඉත්තෑවා අසනීප වූ දවසේ, දොස්තර සිරින්ජරයද ගෙන එහි ගියේ ඉන්ජෙක්ෂන් විදින්නටයි. එහෙත් ඊට පෙර ඌ දොස්තරට ඉන්ජෙක්ෂන් විදින්නට වූ නිසා බොහෝ කරදර සිදුවිය.
බෙහෙත් පෙවීමට නම් ඉතා පහසු කටයුත්තක් වූයේ කුමන සත්වයින්ටද?
{ "answer_start": [ 18 ], "text": [ "මුහුදු සිංහයින්ට" ] }
6c1c7b42-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
මේ ගැන මහාචාර්ය සයිඞ් ඉෂ්ටියාක් මහතා පැවැසූවේ මෙවන් අදහසකි. “උණබට වැනි පුනර්ජනනීය සම්පත් බහුල රටක් ලෙස බංග්ලාදේශය හඳුන්වන්න පුළුවන්. රටේ තාක්‍ෂණික දියුණුවට ස්වභාවික සම්පත් ඵලදායී ලෙස භාවිතකළ හැකි ක‍්‍රම සොයාගැනීම ඉතා වැදගත් කොට සලකනවා. උණබටවල ඇති ආවේණික ගුණාංග නිසා දුරකතන කුලූනු ලෙස පහසුවෙන් භාවිත කිරීමේ හැකියාව තිබෙන බව ශක්‍යතා අධ්‍යයනවලින් හඳුනාගැනීමට හැකිවුණා. මෙම උත්සාහය වනුයේ රටේ සංවර්ධනයට මෙන්ම පරිසරය සුරැකීමටත් දායකවීමයි. උණබටවලට විශාල බරක් දරාගැනීමේ හැකියාව තිබෙන බව පර්යේෂණවලින් සනාථ වුණා. එය දුරකතන කුලූනු සඳහා යෝග්‍ය බවද ඔප්පු වුණා. සුළඟ වේගය පැයට කිලෝමීටර 210 ක් වුවද දරා ගැනීමේ හැකියාව තිබෙනවා. නිසි ලෙස නඩත්තු කළහොත් මෙම උණබට අවුරුදු 10 ක පමණ කාලයක් වුවද ආරක්‍ෂාකරගත හැකිවෙනවා. දින 12 කින් පමණ උණබට කුලූනක් තැනිය හැකියි. ඒ සඳහා වැය වන්නේ වානේ කුලූනු තැනීමට වැයවන බලශක්තියට වඩා අඩු බලශක්තියක්.
උණබට වැනි පුනර්ජනනීය සම්පත් බහුල රටක් ලෙස මහාචාර්ය සයිඞ් ඉෂ්ටියාක් මහතා නම් කරේ කුමන රටද ?
{ "answer_start": [ 102 ], "text": [ "බංග්ලාදේශය" ] }
87b78ed8-aba6-421f-8f1a-cb084a77aa5e
පසුගිය වසර කිහිපයේදිම ඉහළ ආදායමක් උපයාගත් චිත්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ රෝහිත් ෂෙට්ටිගේ අලුත්ම චිත්‍රපටය මේ වසරේ නත්තල් මාසයේදි නිකුත් කිරිමට නියමිතව ඇත. ඒ සර්කස් චිත්‍රපටයයි. මෙහි රංගනයෙන් දායක වන්නේ රෝහිත්ගේ සිම්බා චිත්‍රපටයේ රඟපැ රන්විර් සිංය. ඔහුට අමතරව පූජා හෙඩින්ග්, ජැකලින් ෆර්නැන්ඩෙස් හා වරූන් ෂර්මාය. රෝහිත් මිට දින කිහිපයකට පෙර සිය සමාජ පිටු අතරට සජිවිව එක්වෙමින් චිත්‍රපටය දෙසැම්බර් 23 වැනිද නිකුත් කරන බව පවසා ඇත.
මේ වසරේ නත්තල් මාසයේදි නිකුත් කිරිමට නියමිත රෝහිත් ෂෙට්ටිගේ අලුත්ම චිත්‍රපටය වන සර්කස් චිත්‍රපටයේ රංගන ශිල්පියෙක් නම් කරන්න.
{ "answer_start": [ 249 ], "text": [ "රන්විර් සිංය" ] }
ed08412a-aa56-4dca-a4e8-8bce31fe20eb
ඒ කිව්වේ දෙවොල් දෙවි බාරයේ කප් සිටුවීමේ එක ක්‍රමයක් ගැන. කප් සිටුවීමේ අනෙක් ක්‍රමය තම තමන්ගේ වගා බිම්වල අස්වැන්න ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලමින් දෙවියන්ට කරන බාරය. මේ බාරහාර ඔප්පු කිරීම සිදු කරනවා ක්‍රම තුනකට. ඒ දෙවොල් මඩු, පහන් මඩු, ගම්මඩු විදියට. පොදුවේ මෙම මඩු හඳුන්වන්නේ යාතු කර්ම විදියට. කප් සිටුවීමෙන් පස්සේ කරන මඩු මංගල්‍යයක්. අතීතයේ මහාසාමි නම් දෙවොල් කුමාරයා ලංකාවේ කළ පළවෙනි මඩු මංගල්‍යයට කළ අර්ථ ගැන්වීම අදටත් භාවිතා වෙනවා. ඒ ආකාරයටම ඒ ආශිර්වාදය ඉල්ලමින් දෙවියන්ගෙන් කළ ඉල්ලීම. ඒ මෙම ඉල්ලීම. කිසිම කාය චිත්ත පීඩාවකින් තොරව දෙවියන් උදෙසා පවත්වන මෙම මඩු මංගල්‍යය හෙවත් ශාන්ති කර්මය කරගැනීමට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ලංකාවට දෙවොල් මඩු යාගය හඳුන්වාදුන් මහාසාමි නම් දෙවොල් කුමාරයා පනවපු නියමයක් අදටත් බොහෝ පිරිස් අනුගමනය කරනවා. ඒ කප සිටුවීමට පුරුෂ පක්ෂය පමණක් සහභාගි විය යුතුයි කියන නියමය. ඒ වගේම කප සිටුවීමට ගත යුත්තේ කිරි ගසක් කියන නියමයක් අදටත් ආරක්ෂා කරනවා. මෙම කප සිටුවීම පිළිබඳ අතීතයේ ලියවිලා තියෙන සටහනක් මේ.
ලංකාවේ පළවෙනි මඩු මංගල්‍යය කළේ කවුද?
{ "answer_start": [ 335 ], "text": [ "මහාසාමි නම් දෙවොල් කුමාරයා" ] }
fa270cf9-e210-429f-baa4-9d685b1e3c2a
1956 සැප්තැම්බර් මාසය වන විට ගුරු ග්‍රහයා මිත්‍ර රාශියක වෘශ්චිකයේ වන අතර සෙනසුරු ග්‍රහයා ධනු රාශියේය. 2015 ඔක්. 11 දා වන විට ඊට සමාන අන්දමට ගුරු වෘශ්චික රාශිගත වන අතර, සෙනසුරු ධනු රාශියේය. සත්‍ය අසත්‍යතාවය පරික්ෂණ අවසන් වන තුරු කිව නොහැකි වුවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලස්මක් ගැන රටම ගිනිගෙන ඇත. එදා බණ්ඩාරනායක මහතා ඝාතනය වූයේ එතුමා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය ඇමතීමට යාමට සූදානම්ව සිටි අවස්ථාවකය. මෙදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය ඇමතීමට යාමට පෙර ඝාතන සැලසුම් ප්‍රචාරය විණ. පෙර පිනකින් බණ්ඩාරනායක මැතිතුමාට මෙන් ජනාධිපතිතුමාට විපතක් සිදු නොවිණ.
ගුරු ග්‍රහයා මිත්‍ර රාශියක වෘශ්චිකයේ සිටියේ කිනම් කාලයේද?
{ "answer_start": [ 0 ], "text": [ "1956 සැප්තැම්බර්" ] }
dc89afae-3c1a-4444-a90e-d77b7abe74fe
මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කළ ආචාර්ය තිළිණ ලලිතරත්න මහතා මෙසේ පැවසීය. මෙම කෘත‍්‍රිම අත නිර්මාණය කිරීමට පෙර මොළයේ සංඥා සහ මාංශපේෂී සංඥා ලබාගන්නා අකාරය ගැන පිඹුරුපත් සකස්කරන්න වුණා. ඒ අනුව බාහිරින් පැළැඳිය හැකි මාංශපේෂීවල (ඊ.එම්.ජී.) සංඥා අත් කරගත හැකි පද්ධතියකින් සහ බාහිරව හිසට පළඳින සංවේදක පද්ධතියක් මාර්ගයෙන් මොළයේ සංඥා ඊ.ඊ.ජී. සංඥා ලෙස ලබාගැනීමට අපට හැකිවුණා. කෘත‍්‍රිම අතේ වැලමිටෙහි චලනයන් කෘත‍්‍රිම අත භාවිත කරන පුද්ලයාගේ ද්විශීර්ෂ සහ ත‍්‍රී ශීර්ෂ මාංශපේශීන්ගෙන් නිකුත්වන සංඥා මගින් ක‍්‍රියාත්මක වෙනවා. අතේ ඇඟිලි චලන සිදුවන්නේ මොළයෙන් ලබාගන්නා ඊ.ඊ.ජී. සංඥා මගිනුයි.
අතේ ඇඟිලි චලන සිදුවන්නේ කුමක් මඟින්ද?
{ "answer_start": [ 535 ], "text": [ "මොළයෙන් ලබාගන්නා ඊ.ඊ.ජී. සංඥා මගිනුයි" ] }
54015080-2ea6-410c-8157-42c02b50eff1
නේතන් යනු අන්වර්ථ නාමයකි. මිලියනයකට වඩා අඩුවෙන් සිටින ග්‍රාහකයන් පිරිසක් සමග ත්‍රාසජනක සහ අභියෝගාත්මක ක්‍රීඩාවල යෙදෙමින් සහ විනෝදාත්මක වැඩසටහන් ඉදිරිපත් කරමින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාව කෙරෙහි ඔවුන්ගේ ග්‍රාහකයන් කොතරම් කැමැත්තක් දක්වන්නේ ද යන්න පැහැදිලි වන්නේ නේතන් පසුගිය වසරේ දී ලෝකයේ යූටියුබ් නාලිකාවකින් වැඩිම ආදායම් ලැබූ අය අතර පස්වැනි තැනට පත්ව තිබීමෙනි. ඔහු වැඩි අවධානය යොමු කරන්නේ ළමා කාලයේ සිදු කළ ක්‍රීඩා කෙරෙහි වීම විශේෂත්වයකි. ඔහුගේ ජනප්‍රියම වීඩියෝ අතර වරක් නිවසක් හිමෙන් පුරවා ගැනීමට ගත් උත්සාහයක්, කිඹුලන් සහිත කාමරයක සිටීම ද ඇතුළත් විය. පසුගිය වසරේ ඔහු ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 28.5ක් හෙවත් රුපියල් මිලියන 5,814කි.
ඔහු වැඩිපුර අවධානය යොමු කරන්නෙ කුමන කාලයේ ක්‍රීඩාවලටද?
{ "answer_start": [ 393 ], "text": [ "ළමා කාලයේ" ] }
47e527e5-ecd6-4c7e-90df-5653a4d53958
මුහුදු මට්ටමේ සිට අඩි 4470න් උසින් පිහිටා තිබෙන රාවාණා ගුහාව අතර මැදි දේශගුණික කලාපයන් හි පිහිටි ගල්ගුහා අතර විශාලත්වයෙන් ඉහළ ස්ථානයකට හිමිකම් කියයි. ලෙන් මුඛය උසින් අඩි 20ට වැඩි වන අතර, පළල අඩි 25කට පමණ ආසන්නය. දිගින් අඩි 40කට අධික මෙම ගුහාවෙහි අභ්‍යන්තර භූමියත්, ලෙන් වහලය සහ බිත්තියත් ඉතා අවම ලෙස දක්ෂිණාවර්තව වක් වූ අඩ කේතු ආකාර හැඩයක් ගනියි. මෙම ගුහාව භාවිත කර තිබෙන්නේ සීතා කුමරිය සිර කර තබා ගැනීමට බව ජනප්‍රවාදයෙන් පැවතෙයි. මෙම ගුහාව පිහිටා තිබෙන ආකාරය දෙස බැලීමෙදී එම ජනප්‍රවාද ඔස්සේ පැවත එන තොරතුරුවල යම් සත්‍යතාවයක්ද තිබිය හැකි බව එහි යන ඕනෑම කෙනෙකුට හැඟෙයි.
රාවණා ගුහාව පිහිටා තිබෙන්නේ කුමන දේශගුණික කලාපයක ද?
{ "answer_start": [ 65 ], "text": [ "මැදි දේශගුණික කලාපයන්" ] }
e5f26f38-55a0-435a-b06f-a08021e1c39a
බස් රියදුරා හෝ වෙනත් කිසිවෙක් මෙම අවාසනාවන්ත සිදුවීම නොදුටුවේය. අත තිබූ බෑගය ඔසවමින් අසරණ වූ දැරිය කෑගසන්නට වූවාය. එහෙත් ඒ හඬ පවා ඇසීමට කිසිවෙක් නොසිටියේය. ඇය ජල රකුසාට බිලිවිය. දියණියගේ ප්‍රමාදය නිසා ඇගේ මාපියෝ ඇය සොයන්නට වූහ. අවසානයේ ජලයේ ගිලී සිටි ඇගේ සිරුර ගොඩගන්න විට ඇය මෙලොවින් සමුගෙන සිටියාය. හේමසීලිට අත්වූ ඉරණම ගැන පවුලේ ඥාාතීන් ඇතුළු අසල් වැසියෝද බලවත් කම්පාවට පත්වූහ. ඒ අතර ඇය ඉගෙනීම ලැබූ පාසලේ දරු දැරියන් මෙන්ම ගුරු පිරිසද වූහ. හේමසීලිගේ පාසල් මිතුරියක වූ ප්‍රේමතලාටද තම මිතුරියගේ වියෝවීම දැරිය නොහැකි දුන් වේදනාවක් විය. කාලය ගෙවී ගියේය. වසර එකහමාරක් ගතවිණි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කළ සුනිල් මහතා විවාහයෙන් පසු බිරියත් සමග ගෝනගල නිවෙසේ පදිංචියට පැමිණියේය. එහිදී ඔවුන්ගේ කුලුඳුල් දියණිය වූ ෂාමිලිනි මෙලොව එළියට දුටුවාය. කුඩා අවදියේ සිට ඇය තුළින් දක්නට ලැබූ විශේෂත්වයක් විය. එනම් අධික ලෙස හැඬීමත් බස් රියකට නැගීමට යන විටදී සිරුර වෙව්ළීමත්ය. මේ පිළිබඳව අවධානය යොමු කළ මාපියෝ ඇයට පිරිත් ගායනා කිරීම් සහ විවිධ සෙත් සාන්ති සිදුකළහ. එහෙත් බහ තෝරන අවදිය වන විටත් එම තත්ත්වය එලෙසම පැවතිණි. සිඟිති දියණියගේ සිරුර වෙව්ළීම සිදුවන්නේ බස්රියකට නැඟීමට යන විටදී බැව් මාපියන්ට පැහැදිලිව දැකගත හැකි විය.
සුනිල් මහතා විවාහයෙන් පසු බිරියත් සමග පැමිණියේ කොහෙටද?
{ "answer_start": [ 646 ], "text": [ "ගෝනගල නිවෙසේ පදිංචියට" ] }
40ab80f0-154d-4771-a78f-b079037bcae6
මෙම පැල්ලම කිසියම් දෙයකින් තද කිරීමෙන් හෝ කිසියම් තැනකට තදවීමෙන් හෝ ඇතිවිය හැකි තැල්මක ස්වභාවයක් දැක්වීය. සිරුරේ පිහිටීම තැල්ම ඇති ස්ථානය හා අක්මාවේ පිපිරීම සිදුව ඇති ආකාරය පරීක්ෂා කිරීමේදී මෙය දරුවා බිමට වැටුණ පසු පයින් පෑගීමෙන් වූ තැලුමක් බවට සැකකරනු ලැබිණ. පිට කොන්ද පැත්තෙන් පැගීමේදී සිරුර බිමට තදවී අක්මාව ඉළ ඇටයකට සිරවීමෙන් එය පුපුරා යන්නට ඇත. මරණය සිදුව තිබෙන්නේ එලෙස පුපුරා ගිය අක්මාවෙන් පිටතට අධික ලෙස රුධිරය වහනය වීමෙනි. එනම් අභ්‍යන්තර ලේ ගැලීමකිනි. මේ අනුව දරුවා උස් ස්ථානයකින් බිමට වැටීමෙන් නොව මෙම මරණය සිදුව තිබෙන්නේ කිසියම් අයෙකු විසින් කරන ලද පහර දීමකින් බව අධිකරණ වෛද්‍ය මතය විය. ඒ අනුව පොලිසිය දරුවාගේ පියා ලෙස රෝහලේදී පෙනි සිටි පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේය. පියා ලෙස පෙනී සිටි පුද්ගලයා එනම් විසි නව හැවිරිදි සමන් ජයශාන්ත යන අය දරුවාගේ මව වූ විශාකා සඳමාලි සමග අනියම් සබඳතාවයක් පවත්වාගෙන යනු ලැබූ අයෙකි. දරුවාගේ මව විශාකා විසිතුන් හැවිරිදි තරුණියකි.
දරුවාගේ පියා කව්ද?
{ "answer_start": [ 744 ], "text": [ "සමන් ජයශාන්ත" ] }
6390cc26-c6be-444a-b718-96216d68b308
ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා හි පතල් අපද්‍රව්‍ය එකතුවන බර්ක්ලි වළට පැමිණෙන සංචාරක කරුල්ලන් දහස් ගණනක් එහි අඩංගු විෂ හේතුවෙන් මියයන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශීත සෘතුව ආරම්භවීමත් සමග මෙලෙස සංක්‍රමණය වන පක්ෂීන් වසර ගණනක සිට බර්ක්ලි වළට පැමිණෙමින් සිටි බවත් වෙනත් වසරවල දී ද සුළු පිරිසක් මියයන බවත් පරිසරවේදීහු පවසති. එසේ වුව ද මෙවර දහස් ගණනින් පක්ෂීන් මියයාම කණගාටුදායක දසුනක් බව ද ඔවුහු පවසති. පසුගිය සතියේ දී බර්කිල් වළට සංක්‍රමණික කුරුල්ලන් 25,000ට වැඩි පිරිසක් ගොඩ බැස්ස බව පරිසරවේදීන්ගේ ඇස්තමේන්තු අනුව පැවසේ. ඒ අතරින් දහස් සංඛ්‍යාත පිරිසක් මියගොස් සිටිති.
බර්ක්ලි වලට පැමිණෙන සංචාරක කුරුල්ලන් දහස් ගණනක් කුමන හේතුවක් නිසාවෙන් මිය යන්නේද?
{ "answer_start": [ 104 ], "text": [ "එහි අඩංගු විෂ හේතුවෙන්" ] }
d7bef2e5-572a-47ba-bbc1-903b4454b796
ෆුජියාමා ගිනිකන්ද පිහිටා ඇත්තේ ජපානයේය. එය ලෝ ප‍්‍රකට බව සැබෑය. නමුත් ජපානයේ ජනතාව අතර වඩා ප‍්‍රකට කඳු පෙළ වන්නේ සුකුබා කඳු පෙළය. උසින් අඩි 2877ක් පමණ උසැති වූ මෙම සුකුබා කන්ද පිහිටා ඇත්තේ ද්විත්ව හැඩයෙන් යුතු මුදුනත සහිතවය. ඒ නිසා මෙය විශේෂිත සළකුණක් යැයි ජපාන වැසියන් විශ්වාස කරන දෙයකි. කඳු ද්විත්වයක් හෙවත් නිවුන් කඳු යුගලක් ලෙස හැඳින්වීම වඩා උචිතය. නියෝනායි සං සහ නාන්තායි සං ලෙස මේ කඳු ද්විත්වය හැඳින්වේ. ජපානයේ ඇති කඳු බොහොමයක් ගිනි කඳු ලෙස වර්ග වී තිබුණ ද මේ සුකුබා කඳු පෙළ පමණක් ස්වභාවික කඳු පෙළක් ලෙස හැඳින්විය හැකිය. ජපන් වැසියන් මේ කඳු මුදුනත හඳුන්වනු ලබන්නේ ඉසනාගි සහ ඉසනාමි යනුවෙනි. එනම් දෙවියකු සහ දෙවඟනක ලෙසිනි. මේ ලෙසින් දේවත්වයෙන් පිදුම් ලැබීමට හේතු වූ කාරණා තිබේ. මිත්‍යා මතයට අනුව මේ දෙවියන් සහ දෙවඟන විසින් අමනුෂ්‍ය දෝෂ නිසා හටගන්නා විපත්වලින් මෙන්ම ලෙඩ රෝගවලින් ජනතාව ආරක්ෂා කරන බව ඔවූහු සළකති. එමෙන්ම ජනතාවට ආශිර්වාද කරන බවත් ළමුනට ආශිර්වාද ලැබෙන මෙන්ම එකිනෙකා අතර සහයෝගීතාවය ඇති කරවනු ලබන බවත් ජනතා විශ්වාසයයි.
ෆුජියාමා ගිනිකන්ද පිහිටා ඇත්තේ කොහේද?
{ "answer_start": [ 31 ], "text": [ "ජපානයේය" ] }
6c1d1740-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
සුපිරි වෙළෙඳසලින් භාණ්ඩ මිලදී ගැනීම පහසු කිරීමට නව ජංගම දුරකතන යෙදුමක් හඳුන්වා දී තිබේ. සුපර්ස්මාර්ට් යනුවෙන් නම්කර ඇති මෙමඟින් මුදල් අයකැමිවරයාගේ සේවය තවදුරටත් සුපිරි වෙළෙඳ සල් වලට අවශ්‍ය නොවන තත්ත්වක් ඇති වී තිබේ. සිය මව් රට වන ඊශ්‍රායලයේ පවත්වාගෙන යන සුපිරි වෙළෙඳසල් ජාලයක් වන ඕෂර් ඇඩ් සමඟ අත්වැල් බැඳගනිමින් මෙම නව යෙදුම හඳුන්වාදීමට යායිර් කෙප්ලර් මහතා කටයුතු කර තිබේ. අන්තර්ජාලය ඔස්සේ ජංගම දුරකතනයට බාගත කර ගත හැකි මෙමගින් සුපිරි වෙළෙඳසල් පිළිබඳ තොරතුරු මෙන්ම පාරිභෝගිකයාගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු වැනි පෞද්ගලික තොරතුරුද රහස්‍ය කේත මඟින් ඇතුළත් කර තැබිය හැකිය.
වෙළෙඳසල් ජාලයක් වන ඕෂර් ඇඩ් සමඟ අත්වැල් බැඳගනිමින් නව යෙදුම හඳුන්වා දුන්නේ කුමන රටේද?
{ "answer_start": [ 230 ], "text": [ "ඊශ්‍රායලයේ" ] }
5fb72105-509c-4c64-90f8-14f2bfe12986
ගෝලබාලයින් හතර පස්දෙනෙකු තබාගෙන ගම් නියම්ගම්වල සැරිසරමින් සිය කටයුතු වල යෙදෙන ඔහුගේ ජීවිතය ගෙවී ගියේ ගොක්කොළ, පොල්මල්, පුවක්මල්, දෙහිගෙඩි, අහු ගෙඩි, පිදේනි තටු, දුම්මල- සාම්බ්‍රාණි, පොල්තෙල් පහන්, තැඹිලි ගෙඩි ආදී අඩුම කුඩුම රැසක් අතරය. කාලයාගේ ඇවෑමෙන් වියපත්ව දුක්විඳීමකින් තොරව ඔහු මිය පරලොව ගිය පසු ගෝල පිරිස වෙන් වෙන්ව එම වැඩවල නිරත වූහ. එක් දිනක් මේ පිරිසෙන් අයකු හමුවීමට ගමේ තැනැත්තෙකු පැමිණියේ දුෂ්ට වූ අදහසක් සිත දරාගෙනය. ඉලක්කය වූයේ වත්පොහොසත්කම් ඇති දැහැමි ජීවිතයක් ගත කළ කිසිවකුට වරදක් නැති පවුලක රජයේ රැකියාවක් කළ පුද්ගලයෙකු හා පවුලේ අය භේද කිරීමයි. යකැදුරු ගෝලයා වැඩය භාරගෙන නියමිත කාලයේ එය ඉටුකර දුන්නේ තුටු පඬුරු රැසක් ලබාගනිමිනි.
දුෂ්ට වූ අදහසක් සිත දරාගෙන පැමිණි තැනැත්තාගේ ඉලක්කය කුමක්ද?
{ "answer_start": [ 525 ], "text": [ "පුද්ගලයෙකු හා පවුලේ අය භේද කිරීමයි" ] }
23fd7c08-76f9-406e-87dd-8eaf49c921ac
අපි ටයිටැනික් පිටත්වුණු ලංඩන් සවුත්හැම්ප්ටන් වරායෙන් පිටත්වුණේ සුඛෝපභෝගී සුවිසල් මගී නෞකාවක බටහිර යුරෝපයේ හා ස්කැන්ඩිනේවියානු රටවල සතියක මුහුදු සවාරියක් සඳහා. අපේ සමුදුරේ පළමු රාත්‍රිය ගෙවී ගියා සතුටින්. කපිතාන්වරයා අපි පිළිගන්න උත්සවය තමයි විශේෂම සිද්ධිය. රාත්‍රියේ සුව නින්දකට පසු අප ඇහැරෙන විට හැර තිබූ ජනෙල් තිර අතරින් අපි දැක්කේ මහා සමුදුර නොව බොහෝ ගොඩනැගිලියි. අප සුවසේ බ්‍රසල්ස් වරායට සේන්දු වී ඇත. අප සුව නින්දේ සිටියදී නෞකාවේ කාර්ය මණ්ඩලය කෙතරම් දේවල් කළමනාකරණය කරන්න ඇත්ද? අපි උදේ ආහාරයෙන් පසු ඓතිහාසික බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර පැය 3ක සංචාරයක් සඳහා බස්වලට නැගිය යුතුය.
අපි ටයිටැනික් පිටත්වුණු ලංඩන් සවුත්හැම්ප්ටන් වරායෙන් පිටත්වුණේ කුමක් සඳහාද?
{ "answer_start": [ 92 ], "text": [ "බටහිර යුරෝපයේ හා ස්කැන්ඩිනේවියානු රටවල සතියක මුහුදු සවාරියක්" ] }
abc95628-657e-404c-9b9a-95479b238ec4
ප්‍රථම කතා නාද චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සඳහා තිබුණේ තියුණු සටනකි. ඒ කඩවුණු පොරොන්දුව හා අශෝකමාලා අතරය. තරගයෙන් ජයගත් කඩවුණු පොරොන්දුව 1947 ජනවාරි 21 වැනිදා ප්‍රදර්ශනය වූ අතර ඊට මාස තුනකට පසු 1947 අප්‍රේල් 09 වැනිදා අශෝකමාලා ප්‍රදර්ශනය විය. ශාන්ති කුමාර් සෙනෙවිරත්න යනු සිංහල සිනමාවේ පුරෝගාමියෙකි. ඔහු දක්ෂ නැටුම් ශිල්පියෙකි. භාරතයේදී ගෝපිනාත් නම් විශිෂ්ට නාට්‍යවේදියාගෙන් ශිල්ප හැදෑරූ ඔහු සිංහල බස හැරුණු විට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයෙකි. මහනුවර ට්‍රිනිටි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු පසුව හින්දි, දෙමළ, ගුජරාටි, මරාටි, පන්ජාබ්, උර්දු, මලයාලම්, තෙළිඟු, බෙංගාලි භාෂා කතා කිරීමේ දක්‍ෂයකු විය. භාරතයේ දී ආණ්ඩුකාරවරයකුගේ සැලකුම් ලැබුවේ ඔහුගේ නර්තන දැකීමෙනි.
1947 අප්‍රේල් 09 වෙනිදා ප්‍රදර්ශනය වුයේ කුමන චිත්‍රපටයද?
{ "answer_start": [ 217 ], "text": [ "අශෝකමාලා" ] }
fc01089b-7fd5-406c-b3fa-986b77954892
ඉන්පසු ක්‍රමයෙන් ඉදිරියට ගිය අපට මුණගැසුණේ අතිරේක දියවරින් පෝෂණය වන පොල්වත්ත දියඇල්ලයි. එය පසු කළ අප ළඟාවූයේ සමස්ත ගමනේම දුෂ්කර කොටස ලෙස හඳුන්වන බිත්තිය නම් කොටසටයි. එය ඉතා තද නැග්මක් වන අතර බොහෝ ස්ථානවල අපට යායුතුව තිබුණේ විශාල ගල් බිත්තිය අසලිනි. සුළු ලිස්සීමක් මත ප්‍රපාතයට වැටීමක් විය හැකි තරම් වූ අතර එහිදී අපට මුල්වරට පෙණපිඩු නගා ගලායන කළු ගඟ දක්නට ලැබුණි. එහිදී අපි අසල වූ දුම්බර ඇල්ල නරඹා එහි ඉහළට ගොස් එහි සඟවා තිබූ තවත් ඇලි යුගලයක් දැක ගත්තෙමු. ඉන්පසු අප ඉදිරියට යත්ම කළුදියපොකුණ ලෙස හඳුන්වන දියඇල්ල ඉහළට පැමිණි අතර එතැනින් දකුණු පස වනපියසට ගමන්කළේ ගූගල් සිතියමට අනුව හෝ වන ඉලුක් පතනට යාමටයි. ඉලුක් පතනට අපි විනාඩි කිහිපයකින් ළඟාවුණෙමු. එය විශාල පතනකි. ඉලුක් හා මානා පඳුරු පිරුනු එහි කුඩා ගල් තලාවක් ද විය. වනඅලි මෙහි ගැවසී ඇති බවට සාක්ෂි අප දුටු අතර ඒ අවට නිරීක්ෂණය කළ අපට අතහැර දැමූ නටබුන් දක්නට නොලැබුණි. නමුත් වන වැදී තිබුණු කපන ලද දර අතු කිහිපයක් අපි දුටුවෙමු. එතෙනින් ඉදිරියට ගිය අප සේන්දු වූයේ මහ ගඟ ඔස්සේ ගලාගෙන එන නාරංඅත්ත ඔයටයි.
සමස්ත ගමනේ දුෂ්කරම කොටස ලෙස හදුන්වන්නේ කුමන නමකින්ද ?
{ "answer_start": [ 145 ], "text": [ "බිත්තිය" ] }
d24b61bb-9aaa-47dd-8399-669cb4ae9940
බොලිවුඩ් සිනමා තොරතුරු පිළිබඳව නිරන්තරයෙන්ම අවධානය යොමු කරන එක්තරා ජනප්‍රිය සිනමා වෙබ් අඩවියක් පසුගියදා අමුතුම සමික්ෂණයක් කර තිබුණි. ඒ වයස අවුරුදු 40 සීමාව ඉක්මවා ගිය හොඳම මව කවුද යන්න. මෙම සමික්ෂණයට ඔවුන් තෝරා ගෙන තිබුණේ වර්තමානයේ සිනමා කටයුතු වල නිතරව සිටින බොලිවුඩ් සිනමා නිළියන්ය. මේ අතරින් පළමු තැන හිමිව තිබුණේ අතිශය ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපෑ ලීසා රේය. ඇය මේ වනවිටත් නිවුන් දරුවන් දෙදෙනෙකුගේ මවක් වෙයි. දෙවැනි තැන සායිෆ් අලි ඛාන්ගේ බිරිඳ සුපිරි බොලිවුඩ් සිනමා නිළි කරීනා කපූර්ට ලැබි තිබුණි. තුන්වැනි තැන මේ වසරේ චිත්‍රපට කිහිපයකම දකින්නට සිටි ශිල්පා ෂෙට්ටිය. ඇයද මේ වනවිට මාස කිහිපයක වයසැති දරුවෙකුගේ මවක් බව සඳහන් වෙයි.
කරීනා කපූර් කාගේ බිරිදද?
{ "answer_start": [ 435 ], "text": [ "සායිෆ් අලි ඛාන්ගේ" ] }
c95707f9-6530-4d3b-8f4b-5a49eb43a19e
ජිහාඩ් සංවිධානයේ නායකයා වූ බෙල්ලයාම් ඝාතනය කළ උපනායක සලීම් ජාත්‍යන්තර මුජහිදීන් සංවිධානය නම් සංවිධානයක් පිහිටුවා එහි නායකත්වය ගෙන මෙම අපරාධ සිදුකරන බවට පොලීසිය මෙන්ම රහස් ඔත්තු සේවා ද ඒ වනවිට අනාවරණය කරගෙන තිබුණි. එසේ පසුවෙද්දී කල්මුණකුඩි 09, පල්ලිය පටුමගේ පදිංචිව සිටි පාසල් ගුරුවරයෙක් වූ මොහොමඩ් මුස්තාපා පරීඩ් යන අයගේ නිවස කොල්ලකෑමට අපරාධකරුවන් පිරිසක් පැමිණ නිවැසියන්ට වෙඩිතබා පලාගිය සිද්ධියක් පොලිස් මූලස්ථානයේ හදිසි ඇමතුම් ඒකකය විසින් කල්මුණේ පොලීසියට දැනුම් දෙනු ලැබීය. දිනෙන් දින ඉහළ යන අපරාධ ගොන්නට තවත් අපරාධයක් එක්වූ නිසා විමර්ශන පැවරුණේ කල්මුණ පොලිසියේ අපරාධ අංශයටය. එවකට අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්‍ෂක ජෙමීල් මහතාට ලැබුණ තොරතුරේ සඳහන් ලිපිනය සොයා පොලිස් කණ්ඩායමක් සමග වහාම පිටත් විය. නමුත් එකී ලිපිනය වැරදි බව පොලිස් නිලධාරින්ට වැටහිනි. මේ කියන වකවානුවේ කොටි ත්‍රස්තවාදය නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් තිබුණ ද ඉහත කී මුස්ලිම් ප්‍රජාව පදිංචි ප්‍රදේශවල ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයේ යම් අඩුවක් තිබුණි. ඒ නිසා පොලිසීය ද ක්‍රියාත්මක විය.
අපරාධකරුවන් පිරිසක් පැමිණ නිවැසියන්ට වෙඩිතබා පලාගිය සිද්ධිය වාර්තා වූ නිවාස කාගේද?
{ "answer_start": [ 290 ], "text": [ "මොහොමඩ් මුස්තාපා පරීඩ් යන අයගේ" ] }
03811440-4af4-4e7e-a386-3a185fd87cdc
හෙලේනා බ්ලැවැට්ස්කි පැරැණි රුසියානු රජ පෙළ පතට සබඳකම් ඇති ප්‍රභූ පවුලක කාන්තාවක් වුවද ඒ බව කීමට ඇය කිස්සේත් කැමති නොවීය. නොගිය රටක් ලොව නැති තරම්ය. භෘෂා රැසක් ඇයට ඉතා නිවැරැදිව හසුරුවන්නට හැකි විය. ආගම් හා දර්ශන ශාස්ත්‍ර පිළිබඳ අද්විතීය දැනුමක් සහිතව සිටි ඇය හිමාලයේ තාපසාරාම වල භාවනා ක්‍රම ප්‍රගූණ කොට ඒ ධර්මයන් මිනිස් පරපුර ඉදිරියේ හෙළිකළේ ඇදහිය නොහැකි විස්මිත දේ සිදුකරමිණි. ලංකාවේ අධ්‍යාපන කටයුතු හා ස්ත්‍රී පක්ෂයේ අභිවෘද්ධියටද එතුමිය විශාල සේවාවක් සිදුකර ඇත්තේ ඕල්කට් තුමා ඇතුළු පිරිසට එක්වෙමිනි.
භාෂා රැසක් නිවැරදිව හසුරුවන්නට හැකි වූ කාන්තාවගේ නම කුමක්ද
{ "answer_start": [ 0 ], "text": [ "හෙලේනා බ්ලැවැට්ස්කි" ] }
beffaed7-66fd-4f8c-b8d8-0bce76c82b0c
ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට රාශියක දුටු ආයේෂා ටාකියා මේ වනවිට බොලිවුඩ් සිනමාවෙන් තරමක් ඈත්ව සිටියි. පසුගිය සතියේ මුලදී ඇය විසින් ඡායාරූප කිහිපයක් සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා අන්තර්ජාලයට යොමු කර තිබෙනු දක්නට ලැබුණි. අයේෂා මෙම ඡායාරූපවලට කෙටි සටහනක් තබමින් පවසා තිබුණේ මෙම ඡායාරූප තමන් වයස අවුරුදු 15දී ගත් ඒවා බවය. එය ෆැල්ගුනි පාතාක්ගේ ගීත රූප රචනාවකට පෙනි සිටි අවස්ථාවේ ගත් එකක් බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත. රංගන ශිල්පිනියක් වීමට පෙර ඇය කුඩා කාලයේ ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුගේම ගීත රූප රචනා සඳහා පෙනි සිට ඇත.
ආයේෂා ටාකියා මේ වනවිට කුමකින් ඈත්වී සිටීද?
{ "answer_start": [ 61 ], "text": [ "බොලිවුඩ් සිනමාවෙන්" ] }
129d066c-f015-417b-929f-ec9396ffb84d
ක්‍රි.පූ. තුන්වැනි සියවසෙහි ධර්මාශෝක අධිරාජයාණන් හා පැවති ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධයෙහි එක අංගයක් වූ බෝධි ශාඛාව වැඩමවීම මුල්කොට ගෙන මෙරට රාජ්‍ය බලය කෙරෙහි ශත වර්ෂ විසිඑකක් තුළ බලපෑමට තරම් ශක්තිමත් වූ සම්ප්‍රදායක් පැවතීම දෙරට අතර වූ සංස්කෘතික සමීපත්වයට දෙස් දෙන්නකි. ධර්මාශෝක අධිරාජයාණන් ලම්බකර්ණ හෙවත් ළමැණි කුලය ලක්දිවට එවූයේ සිතාමතා පාලන බලය තහවුරු කිරීමට ගත් පියවරක් ලෙස නම් එය සාර්ථක වූ බව පිළිගත යුතුව ඇත. සුභ, වසභ, සිරි සඟබෝ, ගෝඨාභය, මහසෙන්, බුද්ධදාස, කුමාරදාස, ධාතුසේන, පළවෙනි, තුන්වැනි, පස්වැනි, විජයබාහු, පස්වැනි හා හයවැනි පරාක්‍රමබාහු යන ශ්‍රේෂ්ඨ රජවරුන් සියලු දෙනාම ධර්මාශෝක අධිරාජ්‍යයාණන්ගේ ඥාති පරම්පරාවෙන් පැවත එන්නන් වූ බැවිනි.
ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධයෙහි එක් අංගයක් වූයේ කුමක්ද?
{ "answer_start": [ 100 ], "text": [ "බෝධි ශාඛාව වැඩමවීම" ] }
0cee48d7-0ba0-4b01-b60c-e80f49d1feb2
වලසා නිරන්තරව මිනිසාගේ දෑස් දෙසට නෙත් යොමන අතර මුහුණට පහර දෙන්නේ ඒ නිසා බව මඩාන ගමේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ සිරිවර්ධන හෙවත් සුදු මාමා කීය. කෙසේ හෝ ප‍්‍රතිවාදියා බිම දමාගෙන මුහුණ ඉලක්ක කර ගැනීම උගේ සිරිත බවද හෙතෙම කීය. වලසකු නැගිට සිටගෙන එන බවට බොහෝ දෙනා කීවද තමන්ට එවන් අත් දැකීමක් නොලැබුණු බව හෙතෙම තවදුරටත් කියා සිටියේය. බොහෝ විට මිනිසුන් සහ වලසුන් වැඩි වශයෙන් එකට මුණ ගැසෙන කාලයක් වේ නම් ඒ මැයි සහ ජුනි යන කාල වකවානුවලදීය. ඊට ප‍්‍රධානම හේතුව එම කාලයට මහ ඝන වනාන්තරයේ බැඳෙන මී වදය. අප්‍රේල් මාසය පුරා මී මැස්සන් මී බැඳීම ආරම්භ කරන අතර පසු මාස දෙකේ හොඳින් මී පිරුණු වද වනාන්තරය පුරා සැඟව තිබේ. ඒ කාලයට වැව්ගම්පත්තුවේ කැලෑබද ගම්මානවල පිරිමින් බොහෝ දෙනා මී කඩන්නට යති. දින කීපයක් කැලේ සරණ ඔවුන් ආපසු එන්නේ ලබු කැට හෝ මැටි මුට්ටිවල මී වද පුරවාගෙනය.
සුදු මාමාගේ ගම කුමක්ද?
{ "answer_start": [ 75 ], "text": [ "මඩාන" ] }
01f2cadb-f9c4-4336-ad62-08df56b0dad9
රෝමයේදී ඇව්නාර් ඊශ්‍රායල් අතුරුදන් වී ගියත්, ඉතාලියේ සිටි අරාබි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව සමඟ හිතවත්කම් පැවැත් වූ මොසාඩ් නියෝජිතයෙකු සිටි බැවින් ඔහු ගැන ඉක්මනින්ම වාර්තාවක් ලැබිණි. නොවැම්බර් 17 වැනිදා ටෙල් අවිව් හි මොසාඩ් මූලස්ථානයට එවුණු කේබල් පණිවිඩයකින් කියැවුණේ ඇලෙක්සැන්ඩර් අයිවර්, අයිවන් හෝ අයිවි නමැති ඊශ්‍රායල නිලධාරියෙක් ඉතාලියේ සිටින බවත්, ඔහු ඊජිප්තු හමුදා රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට හමුදා තොරතුරු විකිණීමට යන බවත්ය. රැම්සාඩ් හා ෂබාක් හි නව ප්‍රධානියා වූ අමොස් මේනර් යන දෙදෙනා එකතු වී මේ පිළිබඳව සොයන්නට පටන් ගත්හ. දින කිහිපයක් තුළ ඔහුගේ සැබෑ අනන්‍යතාව හෙළි වූ අතර ඔහු ඊශ්‍රායල නාවික නිලධාරියෙකු බව දැන ගැනීමත් සමඟ ඔවුන් නොසන්සුන් වූහ. රෝමයෙන් පැමිණි තවත් පණිවිඩයක් නිසා ඔවුන්ගේ හිස ගිනිගත්තේ මෙම අයිවර් ඊශ්‍රායලයේ විශාල නාවික මූලස්ථානයක් ගැන තොරතුරු හෙළි කර ඇති බවත්, ඒ සඳහා ඔහුට ඩොලර් 1500ක් ගෙවා ඇති බවත් දැන ගත් පසුය. ඔහු ඊජිප්තුවන්ට තවත් තොරතුරු දෙන්නට පොරොන්දු වී ඇති බවත්, ඊජිප්තුවට සංචාරයක් කරන්නට එකඟ වී සිටි බවත් හෙළි විය.
ඇලෙක්සැන්ඩර් අයිවර්, අයිවන් හෝ අයිවි නමැති ඊශ්‍රායල නිලධාරියෙක් ඉතාලියේ සිටින බව දැනුම්දුන්නේ කෙසේද?
{ "answer_start": [ 239 ], "text": [ "කේබල් පණිවිඩයකින්" ] }
e1f15ef5-2d4d-451c-a328-46431f79eda0
අන්තිමේදී අවුරුදු පහක් රස්සාව කරලා මම එළියට බැහැලා ආවා. ඇත්තටම එළියට බැහැලා ආවා නෙවෙයි මට රස්සාව නැතිව ගියා. ඊට පස්සේ ගෙදර ඇවිත් ගාමන්ට් එකකට ගියා. එතනදී තමයි මට මගේ ආදරණීය බිරිඳ ශ්‍රියා මුණ ගැහෙන්නේ. අපේ සම්බන්ධය හොඳට පැවතුණා. ගෙවල්වලින් බාධා නොවන්න අපි තවම පෙම්වතුන් වෙන්නත් තිබුණා. අපේ ගෙදරින් නෙවෙයි මේ බාධාව ඇති වුණේ ශ්‍රියාගේ පැත්තෙන්. ශ්‍රියාගේ අයියලා මා ගැන හොයලා තිබුණා. ඒ හොයනකොට දැනගෙන තියෙනවා මම රස්සාව නැති කරගත් විදිහ. මේක නවත්වන්න කියලා අයියලා මට තර්ජනය කළා. එයා මගෙන් කලින් කළ රස්සාව ගැන ඇහුවා. මිනිස්සු කියන කතා ඇත්ත ද කියලත් ඇහුවා.
ඔහුට තර්ජනය කළේ කවුද?
{ "answer_start": [ 342 ], "text": [ "ශ්‍රියාගේ අයියලා" ] }
b7fef363-5076-465e-840b-3c71466091dc
ප්‍රහාරයේ මහ මොළකරු හෝ ප්‍රහාරය සැලසුම් කළ තැනැත්තා කුර්ටින් නොවන බව පොලිසියේ අදහසය. එසේ නම්, මහ මොළකරු තවමත් නිදැල්ලේය. ඇතැම්විට පලා ගිය දෙවැනි තුවක්කුකරු ඔහු විය හැකිය. ඔහුගේ උදව්වට තවත් අන්තවාදීන් සිටිය හැකිය. සහාසිකයන් සොයා කළ මෙහෙයුමට එක් වුණු වියානා පොලිස් නිලධාරීන් ගණන දහසකි. පලා ගිය තුවක්කුකරු හෝ ඔහුගේ සහයකයන් හෝ දේශසීමා හරහා පැමිණෙන්න ඇති බවටත් ඔවුන් ආපසු දේශසීමා හරහා පලා යනු ඇති බවටත් බියක් පවතින හෙයින් දේශසීමා ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරුණි. වෙඩි ප්‍රහාරයට හසුවීමෙන් තරුණියන් දෙදෙනකු සහ පිරිමියකු මියගිය බව පසුගිය 3 වැනිදා වනවිට වාර්තා විය. තුවාල ලැබූ ගණන 17 කි. ඔවුන්ගෙන් 7 දෙනකුගේ තත්ත්වය බරපතල විය. වෙඩි ප්‍රහාරයෙන් මියගිය එක් තරුණියක අවන්හල් සේවිකාවකි. වෙඩි ප්‍රහාරයට ලක් වුණු ඇය මියගියේ රෝහලට ගෙන යද්දීය. අනෙක් තරුණිය 40 හැවිරිදි තැනැත්තියකි. වෙඩි ප්‍රහාරයට ලක්වුණු ඇය එම ස්ථානයේදීම මියගියාය. මියගිය පිරිමි පුද්ගලයා මස් මිලදී ගැනීමට මස් වෙළෙඳසැලකට පැමිණ සිටි අයෙකි. වෙඩි ප්‍රහාරයෙන් බරපතළ ලෙස තුවාල ලැබූ හත් දෙනා අතර පොලිස් නිලධාරියෙක් ද විය. වියනා නගරයට පමණක් නොව, තුවාලකරුවන් ඇතුළත් කළ රෝහල්වලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවිණි.
සැකකරුවන් පැමිණිබව සැලකෙන හා පලා යතැයි බියෙන් ආරක්ෂාව තරකලේ කොහේද?
{ "answer_start": [ 417 ], "text": [ "දේශසීමා" ] }
877aaeb4-940e-4051-b8b8-79619ed1e3c0
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ නිලධාරීන් පසුගිය 22 වෙනි බදාදා ජිනීවා හිදී රැස්වූයේ මෙම කොරෝනා වෛරසය මහජන සෞඛ්‍යයට තර්ජනයක් හෝ අන්තර්ජාතික අවධානයට ලක් විය යුතු රෝගයක්ද, ඒ පිළිබඳව කළ යුත්තේ කුමක්ද හා රෝගය පැතිර යාම වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද යන්න ගැන සාකච්ඡා කිරීම පිණිසය. චීන සෞඛ්‍ය බලධාරීන් බදාදා වෙන විට වාර්තා කළේ රට පුරා වෛරස් රෝගීන් 440ක් සිටින බවය. කොළරා වැනි වසංගතයකදී ගන්නා, ඒ පන්තියේ ආරක්ෂිත ක්‍රියාමාර්ග හා මර්දන ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව චීනය ප්‍රකාශ කළේය. ඒ අනුව රෝගය පැතිරී තිබෙන කලාප සීමා කිරීමටද, රෝගීන් නිරෝධායනය කිරීමටද සෞඛ්‍ය බලධාරීන්ට හැකියාව ලැබේ. චීනයේ ජාතික සෞඛ්‍ය කමිෂනර්වරයා වන ලී බින් පවසන්නේ වෛරස් වාහකයන් සමඟ සමීප වූ පුද්ගලයන් 2200ක් පමණ ඉන්නා බවයි. රෝගීන් යැයි සැක කළ අය අතරින් හත් සිය ගණනක් රෝහල්වලින් නිදහස් කර යවා ඇති නමුත් තවත් තුන්සිය ගණනක් රෝගීහු දැඩි සුපරීක්ෂාව යටතේ රෝහල්වල සිටිති.
වෛරස් වාහකයන් හා සමීප වූ පුද්ගලයන් ගණන කීයද?
{ "answer_start": [ 659 ], "text": [ "2200ක් පමණ" ] }
aa14fe99-94c1-46b2-aa7b-940f329fb9af
සතුන් කූඩු වලය. අපි උන්ගේ රූ සොබාවයන්, හැසිරීම් බලමින් සතුටු වන්නෙමු. එහෙත් ඒ ක‍්‍රමය වෙනස් කරමින් සතුන් නිදහසේත්, අපි ආවරණය කළ වාහනවලත් සිටිමින් සතුන් බැලීමේ ක‍්‍රමය දැන් ලෝ පුරා ප‍්‍රචලිතය. තායිලන්තයේ බැංකොක් නුවර සෆාරි ලෝකයේ දවසක් සැරිසැරූ මට ඉකුත්දා රිදියගම සෆාරි උද්‍යානායේ ද සැරි සරන්නට වාසනාව ලැබිණි. රිදියගම, හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පිහිටි ප‍්‍රදේශයකි. එහි අක්කර පන්සීයක භූමිභාගයක් පුරා පැතිරුණ මේ නිදහස් සත්වෝද්‍යානයට ඇතුල්වූ විගස අපට දකින්නට ලැබුණේ මුවෙකි. ඒ මුවා ලඳු කැලෑ අතරින් දුවපැන යන හැටි අපි ආශාවෙන් බලා සිටියෙමු.
සතුන්ගේ කුමක් බලමින් ඔවුන් සතුටු වුනිද ?
{ "answer_start": [ 20 ], "text": [ "උන්ගේ රූ සොබාවයන්, හැසිරීම්" ] }
d068f09e-95fb-444e-87f9-471b6e567139
සපුමල් කුමාරයාට කෝට්ටේ සිංහාසනය හිමි වූයේ කවර සිද්ධි නිසා වුවත් ඔහු මුළු දිවයිනේ මහ රජු වූ පසු යාපනේ ජයග්‍රාහකයා වශයෙන් සිංහල මිනිසුන් අතර ඔහු ලබා ගෙන සිටි සම්මානය ඔහුට ඔවුන්ගේ අඛණ්ඩ පක්ෂපාතීත්වය සහතික කිරීමට පොහොසත් නොවීය. කළු ගඟ හා වලවේ ගඟ අතර පිහිටි මුළු රටම පන් දුන් කෝරළේ කැලණි දොළ ශ්‍රී වර්ධන පතිරාජ කූරගම හිමි යන ප්‍රධානීන් දෙදෙනාගේ නායකත්වය බුවනෙකබාහු රජුට විරුද්ධව අවිගෙන නැගී සිටියේය. රාජාවලිය සිංහල පෙරළිය යැයි ද දැදිගම සෙල්ලිපිය සිංහල සංගේ යැයි ද මේ කැරැල්ල හඳුන්වයි. මේ නම් වලින් හැඟෙන්නේ එය පිය පසින් මලයාලි පෙළ පතකට අයිති පාලකයෙකුට විරුද්ධව ජාත්‍යානුරාගී හැඟීම් නිසා පැන නැඟුණු කැරැල්ලක් බවයි.
සිංහල සංගේ ලෙස හැදින්වුයේ කුමක්ද?
{ "answer_start": [ 424 ], "text": [ "දැදිගම සෙල්ලිපිය" ] }
6c1cdf93-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
ලෝකයේ ජෛව විවිධත්වයෙන් වැඩිම ස්ථාන 35ක සිටින ජීවීන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් දේශගුණික වෙනස්කම් හේතුවෙන් වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින බව ජෛව විද්‍යාඥයින් විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. දැඩි උණුසුම, දිගු නියඟයන් හා වේගවත් කුණාටු ලොව පුරා ජීවී විශේෂයන්ට අහිතකර බලපෑම ඇතිකිරීමට හේතුවී ඇතැයි ලන්ඩනයේ දේශගුනික විශේෂඥවරයෙකු වන නිකිල් අද්වානි එම වාර්තාව ගැන විස්තර කරමින් පවසයි. ඔහු තවදුරටත් පවසන්නේ ලෝකයේ උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් ඇමසන් වැසි වනාන්තර, ගැලපගස් දූපත්, මැඩගස්කරය හා ඕස්ට්‍රේලියාවේ ජෛව විවිධත්වයෙන් ඉහල ප්‍රදේශ වල ජීවී විශේෂ 80000ක් පමණ මෙසේ තර්ජනයට ලක්ව ඇති බවයි. විද්‍යා ජර්නලයේ පල කර ඇති මෙම වාර්තාවේ අවධාරණය කර ඇත්තේ දේශගුණික වෙනස්කම් අවම කිරීම සම්බන්දව ඉතා ඉක්මන් ක්‍රියාකාරකම් ලොව පුරා සිදුකල යුතු බවයි. මෙය සුවිශේෂී ස්ථාන වල ජීවින් වඳවීම සම්බන්ධ සරල කාරණාවක් පමණක් නොව මනුෂ්‍ය වර්ගයාට අත්‍යාවශ්‍ය සේවා සපයන පරිසර පද්ධතීන්ගේ වෙනස්වීම සම්බන්ධ කාරණාවක් බව ද මෙම වාර්තාව සඳහන් කරයි. ලන්ඩනයේ ක්‍රියාත්මක ලෝක වනසත්ව අරමුදල සහ ජේම්ස් කුක් විශ්ව විද්‍යාලය එක්ව මෙම වාර්තාව නිකුත් කර ඇත.
ලන්ඩනයේ පදිංචි නිකිල් අද්වානිගේ රැකියාව කුමක්ද?
{ "answer_start": [ 302 ], "text": [ "දේශගුනික විශේෂඥවරයෙකු" ] }
86fd23a8-edde-48a6-867d-fd4f65d248e1
මීට දින කිහිපයකට පෙර මිය ගිය බොලිවුඩ් සිනමා නළු සුශාන්ත් රාජ්පුත් චිත්‍රපට අධ්‍යක්ෂක දිනේෂ් විජාන්ගේ රබ්තා චිත්‍රපටයේ රූපගත කිරිමක් අතරතුරදී ගත් ඡායාරූපයක් ඔහුගේ කළින් පෙම්වතියක්ව සිටි ක්‍රිති ෂැනොන් විසින් ඇයගේ ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා බෙදාගෙන තිබේ.රූපගත කිරිම් කටයුතුවලට සහභාගි වෙමින් අධික වෙහෙසට පත්ව සිටින සුශන්ත් ලැබුණ කෙටි විවේකයකදී සිය තෙහෙට්ටුව නිවාගන්නට නිදාගනිමින් සිටින ඡායාරූපයක් ක්‍රිති විසින් සිය ජංගම දුරකතනය සටහන් කරගෙන ඇති අතර, ඇය විසින් මෙසේ සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා බෙදා ගෙන ඇත. තමන්ගත් මෝඩම ඡායාරූපය මෙය බව ඇය විසින් මෙම ඡායාරූපයට සටහනක් තබමින් සිය ශෝකය පළකර තිබුණි.
මීට දින කිහිපයකට පෙර මිය ගිය බොලිවුඩ් සිනමා නළුවා කව්ද?
{ "answer_start": [ 29 ], "text": [ "බොලිවුඩ් සිනමා නළු සුශාන්ත් රාජ්පුත්" ] }
4c540b7b-1798-40a9-8657-d5cc16204f26
නේපාලයේ අන්නපූර්ණා, ධවුලගිරි, කන්චෙන්ජුන්ගා, එවරස්ට්, ලොට්සේ, මකාලු, පකිස්තානයේ නංගා ප්‍රභාත්, ගැෂෙර්බ්‍රම් 1 හා 2, කේ 2, බ්‍රෝඩ් පීක්, චීනයේ චෝ ඔයු, නේපාලයේ මනස්ලූ හා අවසන් වශයෙන් චීනයේ ෂිෂාපන්ග්මා යන කඳු තරණය කරන ලදී. අප්‍රේල් මාසයෙන් ඇරඹි කඳු තරණ මෙහෙයුම අවසන් වූයේ ඔක්තෝබර් 29 වෙනි දා ය. මෙවැනි ඉතා උස් කඳු නැගීමේ දී මොළයේ හා පෙණහලුවල තරල එක් රැස්වීම, නොයෙකුත් ආසාදනවලට ලක්වීම හා තවත් රෝගාබාධ රැසක් ඇති වීමට ඉඩ කඩ ඇත. කඳු තරණයේ දී අතරමං වී සිටි කඳු නගින්නන් සිවු දෙනෙක් බේරා ගැනීමට ද නිර්මල් හට හැකියාව ලැබිණි.
නිර්මල් විසින් නේපාලයේ තරණය කළ කඳු මොනවාද?
{ "answer_start": [ 8 ], "text": [ "අන්නපූර්ණා, ධවුලගිරි, කන්චෙන්ජුන්ගා, එවරස්ට්, ලොට්සේ, මකාලු" ] }
eda0ba95-91a5-4306-8bdc-4fe7c58dbda7
මහ කළුවර රාත්‍රියෙහිද ගිනි ගහන මද්දහනෙහිද පිඟන්, හැඳි, දීසි ඉබේම පාවෙන්නට විය. නිවෙස්වල බඩුමුට්ටු හිටිහැටියේ එහා මෙහා වෙන්නට විය. සමහර නිවෙස් තුළ ගිනි ගැනීම් ද ඇතිවිය. උයන පිහන ආහාරවලට වැලි දැමීම, අසූචි දැමීම සිදුවුණි. එවන් අවස්ථාවලදී එකී නිවෙස්වල මිනිස්සු කුසගින්නෙන් පසුවූහ. නිරාහාරව සිටින්නට සිදුවිය. රාත්‍රියේ, සන්ධ්‍යා කාලයේ නොයෙක් නොයෙක් ශබ්ද ඇසෙන්නට විය. මෙම සියල්ල කර ඇත්තේ ඇය විසිනුයි. ගිනි තැබීම්, ගල් ගැසීම්, බඩු මුට්ටු එහා මෙහා කරවීම් කිරීමට හෝ කරවීමට කිසිදු අමනුෂ්‍යයෙකුට එනම්, භූතයෙකුට, කුම්භාණ්ඩයෙකුට, ප්‍රේතයෙකුට කළ නොහැකියි. ඒවා කළ හැක්කේ මනුෂ්‍යයෙකුටම පමණයි. ගිනිගත් දේ අතර වූයේ ඉක්මනින් ගිනි ඇවිළෙන දේ පමණයි. ගිනි තැබීම් සිදුවෙන අවස්ථාවේදී කිසිවකුත් එය දැක නැත. බඩුමුට්ටු එහා මෙහා වෙනවිට කිසිවකුත් දැක නැත. සියල්ල දැක ඇත්තේ ටික වේලාවක් ගත වීමෙන් අනතුරුවයි. බඩු මුට්ටු එහා මෙහා ගෙනයනවා කිසිවකුත් දැක නැත. තිබුණු බඩු එම ස්ථානයේ නොතිබීමත් වෙනත් ස්ථානයක තිබීමත් පමණයි දැක ඇත්තේ. එසේම ඒවා ප්ලාස්ටික් හෝ ඉසිලීමට හැකි භාණ්ඩ පමණයි. ඉහත දැරියගේ ඇඳුම්වලට හෝ ඇගේ බඩු බාහිරාදියට කිසිදු හානියක් සිදුව නොමැත. බහිරවීය කියා කියාගන්නා එම දැරිය හා ඇගේ මිතුරිය වන ප්‍රියා කියන දැරිවියත් එක්වයි මෙය සිදුකර තිබෙන්නේ. මෙම සිදුවීම්වලට පාදක වී තිබෙන්නේ ඔවුන්ගේ සිත් තුළ ඇති වී තිබුණු හීනමානයයි. පවුල් සංස්ථාව තුළ තමන් කෙරෙහි අවධානයක් යොමු නොකිරීමත් ඔවුන් අගය කිරීමක් සිදු නොකිරීමත් නිසා ඔවුන් දෙදෙනාට මානසික රෝගී තත්ත්වයක් ඇති විය.
මෙම සියල්ල කර ඇත්තේ කවුරුන් විසින්ද?
{ "answer_start": [ 382 ], "text": [ "ඇය විසිනුයි" ] }
d45f7684-616a-4004-8c6e-6e2d9fa57997
මොණරාගල ප්‍රදේශයේ වෙසෙන නිශානි දෙදරු මවක වන අතර, නිශානිගේ සැමියා වන කපිල මොණරාගල නගරයට ආසන්න ප්‍රදේශයක එක්තරා ආයතනයක ලිපිකරුවෙකු වශයෙන් සේවය කරයි. ඔවුන්ගේ වැඩිමල් පුතා පස්වන වසරේ ඉගෙනුම ලබන අතර, දෙවන දියණිය තුන්වන වසරේ ඉගෙනුම ලබන්නීය. යුතුකම් සියල්ලම හොඳින් ඉටුකළ ද නිශානි සෑම මොහොතක් පාසාම සිටියේ කනස්සල්ලෙනි. එහෙත් ඇය කිසිවිටෙක එය සැමියාටවත් දරුවන්ටවත් දැනෙන්නට ඉඩහැරියේ නැත. නිශානි, කපිල සමඟ විවාහ වූයේ දෙමාපියන්ගේ විරුද්ධතාව මධ්‍යයේය. ඒ නිසා ඔවුන් දෙදෙනා ගෙවල්වලින් පැනගොස් විවාහ වී ජීවත් වන්නට තීරණය කළෝ ය. අනතුරුව ඔවුහු මොණරාගල ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පදිංචි වූහ. වසර හයක කාලයක් ගෙවී ගිය ද ඔවුන්ගේ මාපියන් බැලීමට කිසිදිනක යාමට ඔවුන් සිතුවේ නැත. ඉතාමත් සමඟියෙන් යුතුව ජීවත් වූ ඔවුන්ට දරුවන් ලැබී උස්මහත් වෙද්දී ආර්ථික අඟ හිඟකම් ඇතිවුණ ද කෙදිනකවත් ආරවුලක් හෝ බහින්බස්වීමක් ඇති වූයේ නැත.
නිශානිගේ සැමියා නගරයට ආසන්නව ඇති ආයතනයක කුමන තනතුරක සේවය කරන්නේද?
{ "answer_start": [ 117 ], "text": [ "ලිපිකරුවෙකු වශයෙන්" ] }
6402192a-1928-4de6-a1a1-da01328106b1
මාලදිවයින මාලයක් මෙන් පිහිටි දූපත් රාශියකින් සැදි රාජ්‍යයකි. එහි ගුවන්තොටුපොළ පිහිටා තිබෙන්නේද වෙනමම දූපතකය. කලින් දිනයේ අපි මාලේ නගරයේ රූපගත කිරීම්වල යෙදුණෙමු. මුළු නගරයේම පැය බාගයකින් ගමන් කර අවසන් කළ හැකිය. එකල මාලේහි බස් රථ සේවයක් තිබුණේ නැත. සුඛෝපභෝගී කුලී මෝටර් රථ සේවයෙන් රුෆියා 20කට නගරය තුළ ඕනෑම තැනකට යා හැකිය. දැන් නම් එම ගාස්තු වැඩි වී තිබිය හැකිය. වර්තමානයේ මාලදිවයින් රුෆියා එකක් ශ්‍රී ලංකා රුපියල් 12ක් පමණ වෙයි. දැන් නම් බස් රථ සේවයක් ඇත. ඒ හැරුණු විට බොහෝ දූපත්වලට යන්නේ විශාල බස් රථ වැනි මගී බෝට්ටුවලිනි.
වර්තමානයේ මාලදිවයින් රුෆියා එකක් හ්‍රී ලංකා රුපියල් කීයද?
{ "answer_start": [ 405 ], "text": [ "රුපියල් 12ක්" ] }
74b08d4b-5081-4070-bd75-a28cc0ee92d4
අති සාර්ථකව මේ දිනවල තිරගත වෙන බේෂාඩ් කම්බාටාගේ අ ටර්ස්ඩේ චිත්‍රපටයේ කැති නම් පොලිස් නිලධාරිණියට පණ පොවන සිනම නිළී නේහා ගුප්තා එම චිත්‍රපටවල රූපගත කිරිම් කටයුතු සඳහා එක්වූයේ තමන් ගැබිණියක්ව සිටින කාලේදී බව සඳහන් කර ඇත. සිය දෙවැනි දරු ප්‍රසුතියට සූදානමින් සිටින කාලයේ මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් ඉතා ඉක්මණින් අවසන් කර ගැනීමට අවශ්‍යව තිබුණ හෙයින් තමා සිය ගැබිණීබවද නොතකා ඊට දායක වූ බව ඇය පවසා ඇත.
ති සාර්ථකව මේ දිනවල තිරගත වෙන බේෂාඩ් කම්බාටාගේ චිත්‍රපටය කුමක්ද?
{ "answer_start": [ 48 ], "text": [ "අ ටර්ස්ඩේ" ] }
1c44ae07-e29b-4711-b3b1-dc1bb565867a
මේ හේතුව නිසා සැකකරුවන් කිසිවෙක් තමන් කරන්නට ගිය දේ ගැන සම්පූර්ණ අදහස් දන්නේ නැත. හැමවිටම මේ එකිනෙකා අතර සම්බන්ධතාවය බිඳ දැමීමෙන් එක් අයෙක් අත්අඩංගුවට ගැණුන ද අනෙකා අල්ලා ගැනීම පහසු නොවේ. විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට සිදුව තිබෙන්නේ එක් එක් සැකකරුවන්ගේ ප්‍රකාශ අනුව කතාව අමුණා ගැනීමටය. විවිධ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් ඒ ඒ අවස්ථාවල මේ එකිනෙකා සමඟ සම්බන්ධ වූ පුද්ගලයන් ගැන සෙවීමේ දුෂ්කර කාර්යයක යෙදීමට විමර්ශන නිලධාරීන්ට සිදුවිය. මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළිවී ඇති කරුණු අනුව රනිල් ආටිගල මහතාගේ නිවසට වෙඩි තබා තිබෙන්නේ කිසිවකුට හානියක් නොවන පරිදි ෙවන අතර එහි අරමුණ වී තිබෙන්නේ බියගැන්වීම පමණකි. මෙය ඉන්දියාවේ සිටින අංගොඩ ලොක්කාගේ ගෝලයකු වන ලඩියාගේ ඕඩරයක් මත සිදුව ඇති අතර එය සිදුකර තිබෙන්නේ ඔවුන් අතර පැවති පෞද්ගලික ආරවුලක් මත බවය. දහනව වැනිදා වෙඩි තැබීමට පෙර පහළොස් වැනිදා ලඩියාගේ බිරිඳගේ ගිණුමෙන් ජෙරම්ට ලක්ෂයක මුදලක් ලැබී තිබෙන බව ද හෙළිදරව් වී තිබේ. එසේම පොඩි සුදුවා ඝාතනයෙන් පසු මෙම සැකකරුවන් සිව්දෙනාම හෝමාගම හෝටලයකට ගෙන්වා සාදයක් පවත්වා ඇති බව ද තොරතුරු අනාවරණය වී තිබේ.
ජෙරම්ට ලක්ෂයක මුදලක් ලැබී තිබුණේ කාගේ ගිණූමෙන්ද?
{ "answer_start": [ 784 ], "text": [ "ලඩියාගේ බිරිඳගේ ගිණුමෙන්" ] }
6938e7ce-9534-4511-8958-d106182ad69e
මම මැරෙන කොට හිටියෙ වහළට ටකරන් දාපු ගෙදරක. ඒ ගෙදරට යන පාරේ ලොකු ගල් තිබුණා. අපිට තිබුණේ පුංචි ගෙයක්. පෙර භවය හෙළි කළ දැරියක් පැවසුවාය. එම දැරිය උපත ලබා තිබුණේ උළු සෙවිලි නිවසකය. මම ඉස්සර හිටපු ගෙදර ලොකු ගෙයක්. ගේ ඉස්සරහ කොළ පාට ලොකු ගේට්ටුවක් තිබුණා. ඒ ගෙදර කාමර පහයි යනුවෙන් තවත් දරුවෙක් ප්‍රකාශ කළේය. අපි හිටිය ගෙදර තට්ටු දෙකයි. මට උඩ තට්ටුවෙ වෙනම කාමරයක් තිබුණා. මේ ගෙදරට වැඩිය ඒ ගෙදර හරි ලොකුයි යනුවෙන් පෙර භවය හෙළි කළ තවත් දරුවෙක් පැවසීය. අපි හිටපු පොල් අතුගෙදර වැහිදාට බිම තෙමෙනවා. තාත්ත පුටුවකට නැගල වහළ හදනවා. ඒ ගෙදරට ගියේ වෙල්යායක් මැද්දෙන්. පෙර භවය හෙළි කළ තවත් දැරියක් පැවසුවාය.
ඒ ගෙදර කාමර 5ක් තිබූ බව හෙළි කලේ කව්ද?
{ "answer_start": [ 276 ], "text": [ "තවත් දරුවෙක්" ] }
0a26959a-65fb-443f-a442-d01e1c2cd647
ධර්මය අවබෝධකර ගැනීම සඳහා ලෝකෝත්තර ප්‍රතිපදාවට බැසගැනීමට වර්ධනය කළ යුතු මූලික ප්‍රතිපදාව ලෙස මෙම පූර්වභාග ප්‍රතිපදාව දැක්විය හැක. නිර්වාන සුවය අධිගමනය කිරීම සඳහා සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන යන අංග පහ වර්ධනය කළ යුතුය. ප්‍රතිවේධ ශාසනය නම් සෝතාපන්න සකදාගාමී අනාගාමී අරහත් මාර්ගයන් සතරත්, සෝතාපන්න සකදාගාමී අනාගාමී අරහත් ඵලයත් සතරත්, නිර්වාණයත් යන නව ලෝකෝත්තර ධර්මයෝය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ පාඨයන් ධර්මය වශයෙන් එක් ආකාරයකින් වේ. ධර්ම විනය වශයෙන් දෙයාකාර වෙති . විනය සූත්‍ර අභිධම්ම හා මුල මැද අග වශයෙන් ත්‍රිවිධාකාර වෙති. දීඝ නිකාය මජ්ඣිම නිකාය සංයුක්ත නිකාය අංගුත්තර නිකාය ඛුද්දක නිකාය වශයෙන් ආකාර පහක් වෙති. සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරන ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූත වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනමය වශයෙන් නවාකාර වෙති. ජීවමාන ශ්‍රී මුඛ පාඨමය වශයෙන් (ස්කන්ධ වශයෙන්) අසූදෙදහසක් හා ශ්‍රාවක භාෂිත වශයෙන් (ස්කන්ධ වශයෙන්) දෙදහසක් ලෙස එකතුව ස්කන්ධ අසූහාරදහසක් වෙති. ශ්‍රී මුඛ පාළි වශයෙන් ග්‍රන්ථ දෙලක්‍ෂ හැත්තෑපන්දහස් දෙසියවිසිපහකි. ශ්‍රී මුඛ පාළි හා අටුවා විස්තර වශයෙන් බණවර දෙදහස්පන්සිය හතළිස්හතකි. ග්‍රන්ථ වශයෙන් හයලක්‍ෂ තිස්හය දහසකි. අක්‍ෂර වශයෙන් දෙකෝටි අනූතුන් ලක්‍ෂ හැට අට දහසකි. නය / න්‍යාය වශයෙන් අනන්ත සංඛ්‍යාත වෙති.
නිර්වාන සුවය අධිගමනය කිරීම සඳහා වර්ධනය කර ගත යුතු අංග පහ මොනවාද?
{ "answer_start": [ 161 ], "text": [ "සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන" ] }
b0138c67-f031-4ad0-9254-1c4692460834
මේ කාලේ අයියලා දෙන්නම හිටියේ රට. ඒ නිසා එයාලට මම කරන දේවල් ගැන ආරංචි වුණත් විසඳුමක් හොයන්න බැරි වුණා. ඒ කිසිම කෙනෙක් හිතුවේ නැහැ මල්ලි කුඩුවලට ඇබ්බැහි වෙලා කියලා. එයාලා දෙන්නම තමන් ඉන්න රටවලට ගෙන්න ගන්න හැදුවත් මම ගියේ නැහැ. අන්තිමේදි එක අයියා කෙනෙක් ලංකාවට ආවා. ඒ පොඩි අයියා. මට වඩාත් සමීප ඔහුයි. අයියා හොයා ගත්තා මම කුඩුවලට ඇබ්බැහි වෙලා කියලා. මම එයාට ඇත්ත කිව්වා. එයා ඇහුවා මේකෙන් බේරෙන්න මොනවද කරන්න පුළුවන් කියලා. මම කිව්වා කොළඹ පැත්තේ වෛද්‍යවරයෙක් ඉන්නවා මේවාට ප්‍රතිකාර කරන එයාගෙන් පෙති ගමු කියලා. අයියා කැමති වුණා.
මම කුඩුවලට ඇබ්බැහි වී ඇතිබව සොයාගත්තේ කිනම් අයියාද?
{ "answer_start": [ 265 ], "text": [ "පොඩි අයියා" ] }
4dfae41a-0792-4f03-8c8f-26a5c61dfc1a
බ්‍රිතාන්‍ය විශේෂ ගුවන් ප්‍රහාරක සේවාවේ සේවය කර බොහෝ අත්දැකීම් ඇති විශ්‍රාම ලබා සිටි හා හිටපු කමාන්ඩෝ බළකායේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් පෞද්ගලික ආරක්ෂක සෙබළුන් ඒ රටේ පිහිටුවාගෙන තිබුණ මේ ආරක්ෂක සමාගම කේ.එච්.එස්. ලෙස හඳුන්වනු ලැබුවා. මේ ආරක්ෂක සමාගමේ ඉන්න කමාන්ඩෝ භටයන් වෙනත් රටවල යුද්ධ තිබෙන රටවල කුලී හේවායන් ලෙස සේවය කරනවා. ඒ නිසා ඔවුන්ට යුද උපක්‍රම ගැන විශේෂඥ දැනුමක් තිබෙනවා. බ්‍රිතාන්‍යයේ කේ.එම්.එස්. ආරක්ෂක සමාගමේ සිටින විශේෂඥ දැනුම ඇති නිලධාරීන් පස් දෙනකුත් එහි පැමිණ සිටියා. රවි ජයවර්ධන මහතාගේ තිබුණ ජාත්‍යන්තර සම්බන්ධතා මත ඔහුගේ ඉල්ලීමකට අනුව තමා මේ බ්‍රිතාන්‍ය යුද විශේෂඥයන් කණ්ඩායම පැමිණ තිබුණේ. ඒ බව පසුකාලයක අපට දැනගන්නට ලැබුණා.
බ්‍රිතාන්‍යයේ කේ.එම්.එස්. ආරක්ෂක සමාගමේ සිටින නිලධාරින් කීදෙනෙක් එහි පැමිණි සිටියාද?
{ "answer_start": [ 450 ], "text": [ "පස් දෙනකුත්" ] }
12d4b780-c01a-4da0-ad94-3b2d82d6bd27
මේ චිත්‍රපටියට නළු නිළියන් තෝරා ගන්නා විට ඒ චරිතවල විවිධ අංගචලන වාග් විලාසයන්වල අවස්ථා ආදියට ගැළපෙන මුහුණුවර ඇති රංගනශිල්පීන් හොයා බැලුවා. මෙහිදී කෙනෙක් කියන්න පුළුවන් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ චරිතයට උදිත්ව තෝරා ගැනීම හරිද? කියලා. එතුමා දිවංගත වන විට තිබුණු මුහුණුවරයි අපිට මතකයේ තිබෙන්නේ. ඒත් අපිට චිත්‍රපටියට අවශ්‍ය වුණේ අවුරුදු 25 ත් 30 ත් අතර තරුණ අවධියේ සිටි ජේ.ආර්. ජයවර්ධන මහත්තයගේ මුහුණුවරයි. ඒ තරුණ කාලයට ගැළපෙන්නයි අපි උදිතව තෝරා ගත්තේ. අනික් චරිතත් එසේමයි. අපි ප්‍රධානම චරිත 35 ට පමණ මුහුණුවරටම සමාන නළුනිළියන් තෝරා ගත්තා. එම නළු නිළියන්ට අපි සැබෑ චරිත අන්තර්ගත ඩී.වී.ඩී. පට හා තොරතුරු ලබා දුන්නා. ඒවා අධ්‍යයනය කරලයි තම තමන් රඟපාන ප්‍රභූවරයාගේ චරිතය තේරුම් ගැනීම සිදුවුණේ. සමහර අයට ඒ ඒ චරිත ගොඩක් අධ්‍යයනය කරන්න සිදුවුණා. සමහර අයට එතරම් ලොකු කැපකිරීමක් කරන්න වුණේ නෑ.
චිත්‍රපටියේ ප්‍රධානම චරිත කීයද?
{ "answer_start": [ 482 ], "text": [ "චරිත 35" ] }
84549844-b127-421a-9a5b-3d0f27833817
මුත්තයියා පාරේ දී තරුණයන් පස්දෙනා කොටුකරගත් අතර එහිදී ද තරුණයන් පස්දෙනා නිමල්ට හොඳ හැටි පහර දී ඇත. පහර කා ඇදවැටුණු පසු ද නිමල් නමැත්තාට පා පහර ද එල්ල කර ඔවුන් සමග සිටි තරුණියට ද පහර කිහිපයක් එල්ලකර තරුණයන් පස්දෙනා යළි පළා ගොස් තිබේ. රූපලාවන්‍ය ශිල්පිනිය කෑගසමින් සිටියදී රාත්‍රියේ ජංගම සංචාරයේ යෙදුණු ගුවන් හමුදාවේ නිලධාරීන් කණ්ඩායමක් කැබ් රථයකින් සිද්ධිය වූ ස්ථානය පසුකරගෙන යාමට ගොස් ඇත. අල්ලාගත් පස්දෙනාව ගුවන් හමුදා නිලධාරීන් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට බාර දීමෙන් පසු පොලිසිය ඔවුන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලාගත් පස්දෙනාව ගුවන් හමුදා නිලධාරීන් භාර දුන්නේ කුමන පොලිස් ස්ථානයටද?
{ "answer_start": [ 430 ], "text": [ "කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට" ] }
492dc63d-c4a4-4dfb-b205-6fa75ae471e8
උඩරට පුද ලබන පිටියේ බණ්ඩාර දෙවි මුල් යුගයේ වී ගොවිතැන, ගව පාලනයට අධිපති ලෙඩ රෝග දුරලන ලද දෙවියකු ලෙස ඉමහත් භක්තියට ලක් විය. පිටියේ දෙවිඳු වූයේ මියගිය දුටුගැමුණු රජුගේ පුනර් ජන්මයක් බව එක් ජනප්‍රවාදයකි. තවත් ජන කතාවක් අනුව ඉතා ධාර්මිකව අනුරාධපුර රජ කළ එළාර රජු අතින්ම කුමරු කළ වරදකට පියා අතින් මරා දැමුණු එළාර රජුගේ පුතා පිටියේ දෙවිඳු වූ බව තවත් ජනකතාවකි. තුන්වෙනි ජනකතාවක් අනුව දකුණු ඉන්දියාවේ සොලී රජෙකු විසින් පුතා කළ වරදකට පියා විසින් මැරවූ සොලී කුමරෙකු පිටියේ දෙවි ලෙස උපත ලබා ඇත. පියාගෙන් පලිගැනීමට යක්ෂයෙකුව උපන් පිටියේ බණ්ඩාර කුමරු යක්ෂ පිරිවර සමග ලංකාව මැද හුන්නස්ගිරිය අවටින් අහසින් යද්දී කඳු මුදුනේ හිස් පිට්ටනියක් දැක ඒවාට ඇලුම්කර එහි නැවතුණු බැවින් පිටියේ දෙවි ලෙස ප්‍රකට විය. පිටියේ දෙවිඳුගේ මුල්ම බල අඩවිය රට මැද හුන්නස්රි කඳු මුදුන හා ඒ අවට බිම් විය. ඒවන විට ලංකාවේ රට මැද දුම්බර අඩවිය නාථ දෙවිඳුන්ගේ බලයට යටත්ව තිබුණි. නාථ දෙවිඳුන් මුල් දේවාලය අවුරුදු දෙදහක් පමණ පැරණි පිලවල සියඹලා ගස අවට තිබී ඇත.
පිටියේ දෙවිඳුගේ මුල්ම බල අඩවිය කොහේද?
{ "answer_start": [ 727 ], "text": [ "හුන්නස්රි කඳු මුදුන හා ඒ අවට බිම්" ] }
9560b946-8a7f-4012-b3dc-527a9c1c55c5
යාටොම්ගේ තෝරගැනීමට නෙතන්යාහුගේ කැමැත්ත පළවූ නමුත් ජෝර්දානය කෝප ගන්වා නොගැනීමට පරිස්සම් වෙන්නැයි උපදෙස් ලැබිණි. ඒ අනුව නිහඬ මෙහෙයුමකට අනුමැතිය හිමි විය. සිසරියාහි උසස්ම ඒකකය වූ කිඩෝන් කණ්ඩායමට මෙහෙයුම භාර විය. මොසාඩ් පර්යේෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ, ජෛව රසායන විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක්, නෙස් සයෝනා හි ජීව විද්‍යා ආයතනයකින් වැඩි දියුණු කළ මාරාන්තික විසක් යොදාගෙන ඝාතනය කරන්නට යෝජනා කළේය. එම විස බිංදු කිහිපයක් මිනිස් සමෙහි ස්පර්ශ වූ විට නිසැක මරණය සිදුවේ. මීට පෙර වාඩි හඩාඩ් හට චොකලට් සමඟ කැවූයේ ද, පලස්තීන විමුක්ති පෙරමුණු නායකයා ඝාතනයට යොදාගත්තේ ද මීට සමාන විසකි. 1997 ගිම්හානයේදී ටෙල් අවිව් නගරයේ වීදියක සිටි තරුණයෝ දෙදෙනෙක් කොකාකෝලා කෑන් අත තබාගෙන ඒවා සොලවා, පසුව විවර කරන ලදී. හඬක් නගමින් විවර වූ කෝලා දියර හැම තැනම විසිරෙන්නට විය. එය දුටු අය තරුණයන් දෙදෙනා දෙස නොපහන් බැල්මක් හෙළා තමන්ගේ පාඩුවේ යන්නට ගියහ.
හඬක් නගමින් විවර වූයේ කුමන දියරයද ?
{ "answer_start": [ 703 ], "text": [ "කෝලා දියර" ] }
7780b7e3-912c-4ff0-aa19-0aed2483d410
වරෙක උපාලි අත්තනායක ජෝතිපාලයන්ට ගීතයක් ලිවීය. ගීතය බෙහෙවින් ජනප්‍රිය විය. එහෙත් බොහෝදෙනා සිතුවේ එය ද කරුගේ ගීතයක් බවය. වරක් ඒ බව මට කීවේ උපාලිමය. ඔහු ගීත රචකයකු ලෙස එතරම්ම ප්‍රකටව සිටියේය. පත්තර කලාවට ආ මුල් කාලයේදී කරු අයියා හමුවී සම්මුඛ සාකච්ඡාවක් ලබාගන්නට මට වුවමනා විය. මම වෙලාවක් වෙන් කරගෙන දිනක් හැන්දෑ වරුවේ සිරිධම්ම මාවතේ සැලස්කි පාරට ගියෙමි. ඔහු මා ඉමහත් ආදරයෙන් පිළිගත්තේය. තේ කොප්පයක් ද ආවේය. සාකච්ඡාවේදී මා ඇසූ ප්‍රශ්නවලට ඔහු සුහදශීලීව පිළිතුරු දුන්නේය. සාකච්ඡාව නිමා කළ මම යන්නට සූදානම් වුණෙමි. “ඔහොම පොඩ්ඩක් ඉන්න මල්ලි” කියා ඔහු ගෙතුළට ගියේය. කරු අයියාට උපහාර පිණිස 1973 දී මුද්‍රණය කරන ලද සමරු කලාපයක් ඔහු මට දුන්නේය. ඒ සමඟම තවත් කුඩා පැකැට්ටුවක් ද දුන්නේය. ඒ බ්ලේඩ් තල පැකැට්ටුවකි. එය එකල ප්‍රසිද්ධ නාමයක් තිබූ බ්ලේඩ් තල වර්ගයකි. මම මඳක් සැලී ගියෙමි. ඒ කාලයේ කලාකරුවන් කපා දමනවාට කීවේ බ්ලේඩ් තල දමනවා කියාය. ගුවන්විදුලියේ මේ කැපිල්ල සුලභව තිබිණි. තරහා වූ විට කළේ ප්‍රචාරය කරන්නට නොහැකි වන සේ ගී තැටිවල ඉරි ඇඳීමය. කේලාම්, ඕපාදූප ඊට අමතරවය.
සම්මුඛ සාකච්ඡාවක් ලබාගන්නට මට වුවමනා වූයේ කා හමු වීද?
{ "answer_start": [ 216 ], "text": [ "කරු අයියා හමුවී" ] }
5435b424-d987-4aac-ba14-efefcd31a9e1
පුරාවිද්‍යාඥයන් පවසන්නේ කැණීමෙන් සොයාගත් තොරතුරු විශ්ලේෂණය කිරීමේ දී නිවාස අඩි 26ක් හෙවත් මීටර අටක් පමණ උස බව ද තහවුරු කරගෙන ඇත. එමෙන් ම මේ නිවාසවල දෙපියස් වහළ තිබූ බව ද පර්යේෂකයෝ කියති. ගොඩනැගිලි සකසා ඇත්තේ මැටි යොදා වරිච්චි ආකාරයෙනි. බිත්තිවල ඝනකම අඟල් අඩකි. එක් නිවසක් වර්ග අඩි 330 ට ආසන්නය. මෙම ගොඩනැගිලි වරිච්චි සහ මැටි වලින් සකස් කර තිබු අතර බිත්ති වල ඝනකම අඟල් 8 ක් එනම් සෙන්ටි මිටර් 20 ක් වු අතර ප්‍රමාණයෙන් වර්ග අඩි 328 ක් විය. මෙම ව්‍යාපෘතියේ කටයුතු මෙහෙයවන මහාචාර්ය ක්රුම් බැච්වරෝ සහ බල්ගේරියානු විද්‍යා ඇකඩමියේ සාමාජික මහාචාර්ය නිකොලොව් පවසා ඇත්තේ පුරාණ මිනිසුන් ලී රාමු සාදා පසුව මැටි ගොම සමග මිශ්‍රකර කපරාරු කර ඇති බවයි.
මේ නිවාසවල කුමන ආකරයේ වහළ පිහිටියේද?
{ "answer_start": [ 148 ], "text": [ "දෙපියස් වහළ" ] }
deed1851-47bf-452f-956a-008019d32180
මෙන්න වසරේ සම්මුඛ සාකච්ඡාව. විරාත් කෝලිගේ විනෝදකාමී, අවංක, සැහැල්ලු ස්වභාවය. මිස්ටර් නැග්ස් පවා ඔහු කේන්ති කරවන්නට උත්සාහ කළා. ඒත් අවුරුදු ගණනක් දැක පුරුදු කෝලි මතු වුණේ නෑ. මිස්ටර් නැග්ස් යනුවෙන් හඳුන්වා තිබුණේ විකට නළු ඩැනිස් සයිට්ය. ක්‍රීඩකයන් හා ඔවුන්ට සහයෝගය දක්වන කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීම සඳහා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් යොදා ගනු ලැබ තිබුණේ ඔහුය. අයි. පී. එල් තරඟාවලියේදී ලකුණු නොලබා දැවී ගිය අවස්ථාවන් පිළිබඳව නිවේදකයා සරදම් කරද්දීත් විරාත් සිනාසුණේය. සම්මුඛ සාකච්ඡාවේදී විරාත් ඔහු කඳුයායක ගොඩ නඟන්නට අදහස් කරන සිය සිහින නිවසේ කටු සටහනක් ද ඇඳ පෙන්වූයේය. එහි පසෙක ඔහු, අනුෂ්කා ශර්මා සහ දියණිය ද වාමිකා ද විණි.
අයි. පී. එල් තරඟාවලියේදී විරාත් කෝලිගේ කණ්ඩායම කුමක්ද?
{ "answer_start": [ 302 ], "text": [ "රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම" ] }
94d51b70-9c5d-4203-9e68-c44ec5ed4dbb
ප්‍රේමාලෝක හාමුදුරුවන් පවසන පරිදි ඍද්ධි බලයෙන් බෑන සමනලේ පිහිටි ගුහාවලට වඩින භාවනානුයෝගී භික්ෂුවක් හිඳ තිබේ. ඒ බව ගම්වැසියෙකු දුටු බවත් කිසිවෙකුටත් ළඟා නොවිය හැකි එම ප්‍රපාතාකාර දුර්ගය මධ්‍යයේ විශාල අඳුරු ගුහාවක සිවුරක් තිබෙනු දැක තිබේ. එම ස්ථානයට ළඟා විය හැක්කේ අහසින් වැඩම කරන කෙනෙකුටම පමණක් වන හෙයිනි. බෑන සමනල යනු සමනල වනපෙතේ තනි වූ හුදෙකලා කන්දක් වුව ද අතීතයේ බොහෝ පිරිස් විවිධ කටයුතු සඳහා මෙහි පැමිණ ඇත. අප තවත් හෝරාවක් පමණ ගත කර ගමන පිටත් වූයේ කන්ද බැසීමටය. බෑන සමනල ප්‍රපාතය තුළ ගුහා ඇති බව අප ප්‍රථමයෙන් දුටුවේ ගූගල් චන්ද්‍රිකා තාක්ෂණික සිතියම් ඔස්සේය. එහිදී ප්‍රපාතයේ පිහිටි අඳුරු ඉසව් තුළ ශාක වර්ග සේම යම් පිවිසුමක් සහිත බවක් දැකගන්නට වූ අතර මේ කිසිවක් නොකියාම එම කතාව අපට පලාබද්දල බලවන ගමේ යසරත්න මාමා පැවැසූ විට අප ද පුදමයට පත්වීමු. ඉන්පසු විවිධ මූලාශ්‍ර ඔස්සේ එවැන්නක් පිළිබඳ තවදුරටත් විස්තර සොයන විට අපට එම කතාවම චන්ද්‍රාලෝක හා ප්‍රේමාලෝක හිමිවරු මෙන්ම තවත් ගම්වැසියන් කිහිප දෙනෙක් පවසන ලදී. කෙසේ හෝ යම් දිනක එම ගුහාවලට පිවිසීමේ අධිෂ්ඨානය සමග නිකලැල් සමන්ගිර දෙස බැලුවේ අපට අවසර පතමිනි. අප තරණයට ගත වූ කාලයට වඩා ඉතා ඉක්මනින් කන්ද බැස්සේ ගමන තරමක් පහසු වූ හෙයිනි. අප මේ වන විට සීත ගඟුලට ළඟා වෙද්දී ගඟේ ජල ප්‍රමාණය තරමක් වැඩි වී තිබුණි. කෙසේ හෝ පරෙස්සමෙන් යුතුව අප සීත ගඟුල මාර්ගයට පැමිණ පලාබද්දල මාර්ගයෙන් පිටත් වීමට සූදානම් වුණි. ඒ යන අතරමග අපට සිරිපා කරුණා කරන බැතිමතුන් හමු වූ අතර අතරමග අම්බලමකින් කා බී සවස් යාමය පසුවන කණිසමේ අපි ගම්මානයට ළඟා වී පිටත් වුණෙමු.
මෙහි සදහන් වන හිමිවරුන් දෙනම කවරෙක්ද?
{ "answer_start": [ 828 ], "text": [ "චන්ද්‍රාලෝක හා ප්‍රේමාලෝක හිමිවරු" ] }
985632ce-e224-447a-ae82-328c3b1fe181
කලාකරුවන්ගේ සංගම් හරහා ආණ්ඩුවට කරපු ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් විදියට ණය මුදලක් දෙන්න තීරණය කරලා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ මොන මොන කොන්දේසි යටතේද කියලා තාම දන්නේ නෑ. මේ ගන්නා ණය මුදල ගත්තත් ඒක ගෙවන්නත් පස්සේ හරි වැඩ තියෙන්න ඕනනේ. ඒ ගැන තාම කිසිම පැහැදිලි අදහසක් නෑ. ආණ්ඩුවක් මේ අර්බුදය හමුවේ ප්‍රශ්න රැසකට මුහුණපාලා තියෙනවා. පුංචි ණය මුදලක් ගන්න හෝ ඒක අරගෙන ගෙවා ගන්න පුළුවන්ද කියලා ෂුවර් නැති වෘත්තියක තමයි බලනකොට ඉඳල තියෙන්නේ. රංගන ශිල්පින් වගේම මේ ක්ෂේත්‍රයේ තවත් විශාල පිරිසක් එක වගේම මේ ප්‍රශ්නය නිසා අර්බුදයක ඉන්නේ. නැටුම් ශිල්පීන් ඇතුළු හැම දෙනාම මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. මේකෙන් ගොඩ එන්න ක්‍රමයක් අපිම සකස් කරගන්න වෙනවා.
ණය මුදලක් ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා ඇත්තේ කුමන සංගම් හරහාද?
{ "answer_start": [ 0 ], "text": [ "කලාකරුවන්ගේ සංගම් හරහා" ] }
38688b2b-4e9f-4f4d-a689-daebaafcb1d4
අද කාලයේ මෙන් ඉක්මන් ප්‍රවාහනය නොතිබුණු 1900 මුල් කාලයේ මෙම පීප්ප කරත්තවල සෙමෙන් සෙමෙන් ගොස් ලංකාවේ හතරදිග් බාගයේ වෙළඳපොළ ආසන්නයේ අලෙවි වුනා. කොළඹ දිහාවේ නම් මෙලෙස ජාඩි යහමින් අළෙවි වූ තැනකි අපේ අගනුවර කොළඹ තොටළඟ වෙෙළඳපොළ. වර්තමානයේද තොටළඟ කරවල කඩ කිහිපයක් තිබෙන්නේ ඒ එදා ජාඩි වෙෙළඳසල්වල ආභාෂය නිසා විය යුතුය. එය අදටද දැකිය හැකියි. සත්තකින්ම ජාඩි පීප්පයේ කටෙහි වූ පියන වැසීම වැදගත් කාර්යයකි. ජාඩි කුමන ක්‍රමයකට තැනුවත් මූඩිය ගැසුවේ නැතිනම් මාළු කල් තබන වැඩේ හරියට සිද්ධ වන්නේ නැත. පසුකාලීනව ලංකාවේ ඇතැම් තැනක ජාඩි තැනීමේදී ඒවා පණුවන් ගැසී නරක් වීමට මෙම මූඩි හරියට නොගසා ජාඩි තැනීමට යෑම හේතු විය.
අද කාලයේ මෙන් ඉක්මන් ප්‍රවාහනයක් නොතිබුණේ කුමන කාලයේදීද?
{ "answer_start": [ 40 ], "text": [ "1900 මුල් කාලයේ" ] }
9409db7d-3a8c-4f5a-aad4-a5e84094f627
යොහාන් කොළඹ ආශ්‍රිත පදිංචිකරුවකු නොවුණත් ගම්බද උගත් කෙනකු වූ නිසා ඔහු කොළඹ අසම්මත සංස්කෘතියට හැඩ ගැසී තිබුණි. මෙවැනි සල්ලාල උගතුන් බොහෝමයක් මෙම දුම්රිය තුළ ගමන් කරයි. මොඩ් කෙල්ලන් සඳහා දුම්රියේ ගෙවෙන පැය කිහිපයද යොදා ගනියි. අලුත්ගම සිට එන පෙට්ටි 6ක් පමණ බැඳි සාමාන්‍ය දුම්රිය තුළ මුහුදුබඩට වන්න පා පුවරුව අවට සැදුණු කල්ලි කිහිපයක් වෙති. උදේ පාන්දරම කාඩ් සෙල්ලමෙන් දවස අරඹන ඔවුන් සේම තම පෙම්වතා හෝ පෙම්වතිය දුම්රියට ගොඩ වනතුරු ජනෙල් කවුළුවෙන් බලා සිටින්නවුන්ද බොහෝමයක් එහි එති යති. එහි යනෙන කමල්සිරි යනු රජයේ සේවයේ නියුතු තරමක් පෘථුල ශරීරයක් ඇත්තෙකි. මැදිවියත් ඉක්මවීමට ආසන්නයේ සිටින ඔහු සමඟ එලෙස මැදි වියේ පසුවන කාන්තාවක්ද විය. ඔවුන් දෙදෙනාම විවාහකයින් බවට ඔහුන්ගේ අත් දුටු විට අපට හඳුනාගත හැකි විය. නාකි කෝලම් දමමින් කථා බස් කරගෙන යන අතර එම කාන්තාවගේ දුරකථනය හදිසියේ නාද විය. එයට සාමාන්‍ය ලෙස පිළිතුරු දුන් ඇය නවතත් කමල්සිරි හා සංවාදයට වැටුණි. “කවුද කථා කළේ” යයි කමල්සිරි ඇසූ පැනයට “ලොකු පුතා අනේ” කියා ඇය පිළිතුරු දුණි. පසුව ඔවුන් නැවතත් කථා බස් කරමින් පෙම් සිනහ මැද ගමන් කළෝය.
අලුත්ගම සිට එන සාමාන්‍ය දුම්රිය මැදිරි කීයකින් සමන්විතද?
{ "answer_start": [ 239 ], "text": [ "පෙට්ටි 6ක් පමණ" ] }
d381a8e3-105c-4607-ac85-fe7bf58e66c5
“තෙල්වත්තේ නීල්” නමැත්තා සතුව තිබී අත්අඩංගුවට ගත් එක් රිවෝල්වරයක් ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ගිනි අවියක් බවට අනාවරණය වී ඇතැයි ද අධිකරණය හමුවේ කරුණු වාර්තා වූ තවත් සිද්ධියකි. එම මිලිමීටර් 9 මාර්ක් 2 වර්ගයේ පිස්තෝල ගිනි අවිය ඉකුත් 1996 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ යාපනය බලසේනා මූලස්ථානයට නිකුත් කළ එකක් බවට වාර්තා වී තිබිණි. මාතර සිට බලපිටිය දක්වා හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 130ක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව පොඩි ලැසීගේ ගෝලයකු වන පාත්තරකැටිය පාර, බටපොල පදිංචි අලුත්ගම ගුරුගේ මංජුල නොහොත් ‘මංජු’ නමැත්තා ඉකුත් 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. මේ සියල්ල එසේ වෙද්දී පොඩි ලැසීගේ අම්මාද මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ තම පුතුගේ නීති විරෝධී මුදල් පරිස්සම් කරගෙන සිටි නිසාය. තවමත් 32 හැවිරිදි වියේ පසුවන පොඩි ලැසී ගැහැනු දරුවකුගේ පියෙකි. සිය උපන් වයසට කිට්ටුවෙන් මනුෂ්‍ය ඝාතන රැසක් සිදුකර ඇති මොහු දැන් දැන් හෙරොයින් සිද්ධීන් සම්බන්ධයෙන්ද අධිකරණ හමුවේ අවශ්‍යව සිටින සැකකරුවකු වී හමාරය. පොඩි ලැසී දැන් රඳවා සිටින්නේ බූස්ස බන්ධනාගාරයේය. අවශ්‍ය පහසුකම් නැතැයි ඔවුහු ආහාර වර්ජනයක් පටන් ගත්හ. වර්ජනය අවසන් වූයේ තර්ජන සිද්ධියකට අදාළව අධිකරණය හමුවේ නඩුවක් ගොනු වීමෙනි. එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමග හෙරොයින් ජාවාරම සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව ඉදිරි දිනයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු බූස්ස බන්ධනාගාරයේ සිට එම දෙපාර්තමේන්තුව වෙත රැගෙන යනු ඇත.
“තෙල්වත්තේ නීල්” නමැත්තා සතුව තිබී අත්අඩංගුවට ගත් එක් රිවෝල්වරය කාට අයත් ගිනිඅවියක්ද?
{ "answer_start": [ 66 ], "text": [ "ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ගිනි අවියක්" ] }
0812085e-1c36-45a1-85f4-2ba660c17288
ඩේරියස්ගේ අශ්වාරෝහක හමුදාව මෙහෙය වන ලද්දේ පලැන් විසිනි. ඉතිහාසඥ ඒ.එම්. ඩිවයින්ට අනුව එකී හමුදාවට 12,000ක පමණ පිරිසක් වූ බැව් පැවසේ. ඩේරියස්ගේ පාබළ හමුදාව 20,000ක් පමණ වූ බැව් ඉතිහාසඥ ඇරියන් සඳහන් කරයි. මහා සටන අවසානයේ ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවට ජය අත්විය. තුන් වැනි ඩේරියස් රජු සමග සටන් බිමට පැමිණ සිටි ඔහුගේ බිසව වූ පළමු වැනි ස්ටැටේරියාද, ඔහුගේ දියණියන් වූ දෙවැනි ස්ටැටේරියා හා ඩ‍්‍රයිපටිස්ද ඩේරියස්ගේ මව වූ සිසිගැම්බිස්ද ඇලෙක්සැන්ඩර්ගේ අත්අඩංගුවට පත් වූහ. ඇලෙක්සැන්ඩර් තම අත්අඩංගුවට පත් වූ කාන්තාවන්හට ඉතා ගෞරවණීය ලෙස සැලකූ බැව් ඉතිහාසයේ සඳහන්ය. යළි සටනක් ඇතිවීම වළක්වාලීම සඳහා තුන් වැනි ඩේරියස් ඇලෙක්සැන්ඩර් හට යෝජනා තුනක් ඉදිරිපත් කළේය. තම ආකියාමෙනිඩ් අධිරාජ්‍යයෙන් අඩක් භාර ගන්නා ලෙසද, රිදී තලෙන්තු 30,000ක වන්දියක් ගෙවීමට සූදානම් බවට හා තම වැඩිමහලු දියණිය විවාහ කරගන්නා ලෙසට වූ එම යෝජනා ප‍්‍රතික්ෂේප කළ ඇලෙක්සැන්ඩර් එකම අහසේ සූර්යයන් දෙදෙනකු සිටිය නොහැකි බවත් එසේ වුවහොත් ලෝකයේ පැවැත්ම අවුල් සහගත වන බවත් ඔහුට දන්වා යැවීය. ඇලෙක්සැන්ඩර් ඩේරියස්ට විකල්ප දෙකක් ඉදිරිපත් කළේය. ඒ සටන් කොට ප‍්‍රබලයා තෝරා ගැනීම හෝ නැතිනම් යටත් වීමය.
ඩේරියස්ගේ අශ්වාරෝහක හමුදාවේ කොපමණ සෙබළුන් ප්‍රමාණයක් සිටියාද?
{ "answer_start": [ 97 ], "text": [ "12,000ක පමණ පිරිසක්" ] }
ffdf4de0-0d21-43b3-82c5-f7149f21a35b
මුහුදු කැස්බැවන් වද වි යැමට ප්‍රධාන හේතුවන් වන්නේ මුහුදු කැස්බැවුන්ගේ බිත්තර ආහාරයට ගැනිම හා ධිවරයන්ගේ දැල් වලට හසුවන මුහුදු කැස්බැවුන්ගේ මස් ආහාරයට ගැනිම බවත් ඔහු කීය. දකුණු මුහුදු තීරයේ ගල්කිස්ස සිට පහලට යන විට කොස්ගොඩ, තංගල්ල, රැකව,බුන්දල වගේම නැගෙනහිර වෙරලේ තැන් කිහිපයක වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් හා තවත් ආයතන කිහිපයකින් මුහුදු කැස්බැවුන් බිත්තර දමන ස්ථාන සංරක්ෂණය කළත් එසේ සංරක්ෂණය කිරිමට අපහසු තැන් වල මුහුදු කැස්බැවුන්ගේ බිත්තර ආහාරයට ගැනිම සිදුවන බවද ඔහු සඳහන් කළේය. යුද්ධය නිම වීමත් සමගම වැඩි වශයේන් ධිවරයන් ධිවර කර්මාන්තයේ යෙදීම සුලබ වි ඇති විම නිසා මීගමුව,හලාවත,කන්දකුලිය,කල්පිටිය,දක්වා ධිවරයන්ගේ දැල් වලට හසුවන මුහුදු කැස්බැවුන් මරා මස් සඳහා ගන්නා බවත් මැතකදි ඒකනායක මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු සංවිධානයේ නිලධාරින් කළ සමික්ෂණයකදි මුහුදු කැස්බැවුන්ගේ කටු විශාල ප්‍රමාණයක් හමු වු බවද ඒ මහතා කීය.
වැඩි වශයෙන් ධීවරයන් ධීවර කර්මාන්තයේ යෙදීම සුලබ වීම සිදු වූයේ කුමක් නිම වීමත් සමඟද?
{ "answer_start": [ 484 ], "text": [ "යුද්ධය නිම වීමත් සමග" ] }
48f646fe-6801-4bdb-aa54-b18ee89a4d5d
මේ මහකැබිලිත්ත ගමන සැබැවින්ම දුෂ්කරය. වියළී ගිය මහ පොළොවේ ගැටෙන ට්‍රැක්ටරයේ ඉදිරිපස සහ පසුපස ටයර්වලින් නිකුත් වන දුහුවිලි ඇඟ පුරාමය. වැඩි දෙනෙක් කොටියාගල සිට මහ කැබිලිත්ත දක්වා යනවිටත් ආපසු එනවිටත් මේ දුහුවිලි ආඝ්‍රාණය නොවන්නට මුඛවාඩම් පැලඳ ගනිති. ට්‍රැක්ටර් ටේලරයේ ගැස්සි ගැස්සී වාඩි වී යන එන ගමනේ සමහරු කාඩ් සූදු සෙල්ලම් කරමින් ද, තව සමහරු ගී ගයමින් ද යති. එති. ඒ ගීත මෙවැනි ගමනකට සුදුසුදැයි සැක සිතේ. ඇතැම් නඩවල තරුණ තරුණියන්ය. මෙවැනි ක්‍රියාකාරකම් දැකගත හැක්කේ එවැනි පිරිස් වෙතිනි. එසේ නමුදු ඉතාම සංයමයකින් යනෙන තරුණ කණ්ඩායම් ද දුටිමි. ඔවුන් තුළ තිබුණේ වැඩිහිටියන්ටත් නොමැති වූ සංයමයකි. ඔවුන් දේව භක්තියකින් මහකැබිලිත්තට යන බව පැහැදිලි විය.
වැඩිහිටියන් මහකැබිලිත්තට යන්නේ කුමන ආකාරයෙන්ද?
{ "answer_start": [ 597 ], "text": [ "දේව භක්තියකින්" ] }
3f951369-b6e2-4598-a6d5-dfd458e079cd
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සුශන්ත් රාජ්පූත් සිංගේ මරණය සිදුවී මේ වනවිට මාසයකටත් අධික කාලයක් ගෙවි ඇත. මේ වනවිටද මෙම මරණයට වග උත්තරකරුවන් සොයා ගැනීමට මුම්බායි පොලිසිය අසමත්ව තිබෙන අතර, ඔවුන් තවමත් ඒ වෙනුවෙන් පරික්ෂණ පවත්වමින් සිටින බව වාර්තා වෙයි. මිට දින කිහිපයකට මෙම මරණයට වග කිවයුතු පුද්ගලයා වී තිබුණේ සුශන්ත විවාහ වීමට සිටි සිනමා නිළි රිහා චක්‍රබෝර්ති වුවද මේ වනවිට එම චෝදනා වෙනත් අතකට යොමුව තිබේ. චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ මහේෂ් භාට්ද මේ වනවිට චූදිතයන් අතර සිටිමද විශේෂත්වයකි.
මේ වනවිට මාසයක් පමණ ගතවන්නෙ කුමක් සිදුවීද?
{ "answer_start": [ 28 ], "text": [ "සුශන්ත් රාජ්පූත් සිංගේ මරණය සිදුවී" ] }
d7075ba0-eb31-4287-ad7e-63db6b94507d
ඇෆ්ගන් තලේබාන් සංවිධානය පිහිටුවූ මුල්ලා ඕමාර්ගේ පුතු මොහොමද් යාකුබ් පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. ඒ, තලේබාන් සංවිධානය නිකුත් කළ වීඩියෝ පණිවුඩයකිනි. එම වීඩියෝ පණිවුඩය හරහා මොහොමද් යාකුබ් ඇෆ්ගන් එරට ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. ඒ, රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් ආයෝජන කිරීමට පෙළඹෙන්නැයි කියාය. ඇමෙරිකාව ඇතුළු විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු ඇෆ්ගනිස්තානය යළි තලේබාන් ග්‍රහණයට හසුවී මේ වනවිට මාස දෙකක් ගත වී තිබේ. ඇෆ්ගනිස්තානයේ බලයට පත්වීමෙන් අනතුරුව එරට අන්තර්වාර රජයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටුයුතු කරන්නේ ද මොහොමද් යාකුබ් ය. විදෙස් හමුදා පිටවී යෑමත් සමඟ විදෙස් ආධාර සහ ආයෝජන ද සියල්ල නැවැතී යෑමෙන් තලේබාන්වරුන් පිහිටුවූ රජය දැඩි අසීරුතාවලට මුහුණ දෙයි. ඇෆ්ගන් වැසියන් සාගතයක් අබියස සිටින බව ද පැවැසෙයි.
යාකුබ් පලමු වරට පෙනි සිටියේ කුමකින්ද
{ "answer_start": [ 134 ], "text": [ "වීඩියෝ පණිවුඩයකිනි" ] }
ae6e0d53-5ec7-4da9-8ba0-c251f447d5db
ඉස්සර කාලයේ නම් ජන්ම එරාෂ්ටකයෙන් උපදින බොහෝ දරුවෝ උපතේදීම මිය ගියහ. සමහර විට මවත් ඒ සමඟම මිය ගියාය. එම දරු උපත මවටත් දරුවාටත් බොහෝ වේදනාකාරීය. එහෙත් දැන් වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා එවැනි අවස්ථාවලදී ශල්‍යකර්මයකින් උපත සිදුකරනු ලැබේ. අවදානම් අවස්ථාවෙන් දෙදෙනාම බේරා ගනු ලැබේ. ලග්න ඒරාෂ්ටකය යනු සෙනසුරු දොළොස් වැන්නේත් ලග්නයේත් දෙවැන්නේත් ගත කරන අවුරුදු 7 1/2 ක කාලයයි. සාමාන්‍යයෙන් මෙය ඡන්ම ඒරාෂ්ටකය තරම් බලවත් නොවේ. සමහර කෙනකුට මෙම අපලය තදින් බලපෑවත් තවත් කෙනකුට ලොකු අපලයක් ඇති නොකෙරේ. ඒ ග්‍රහයින් ගේ පිහිටීම අනුවය. අෂ්ටම ඒරාෂ්ටකය යනු අටට ශනිගේ පැමිණීමයි. එය අවුරුදු 2 1/2 කි. ශනි, හතේ සිටින අවුරුදු 2 1/2ත් නවයේ සිටින අවුරුදු 2 1/2ත් සාමාන්‍යයෙන් අපල නොයෙදේ.
උපතේදීම මියගියේ කුමන එරාෂ්ටකයෙන් උපදින දරුවන්ද
{ "answer_start": [ 16 ], "text": [ "ජන්ම එරාෂ්ටකයෙන්" ] }
75f87378-b52d-4ed3-94aa-66fa7cf745da
මෙවර අපගේ සංචාරය සඳහා තෝරාගත්තේ ස්වභාදහමින් අපට රටට උරුම වූ තවත් එක් සුන්දර දියඇල්ලක් නැරඹීමටය. එය බලන්නට මුදලක් අය නොකරන නිසා සහ එහි මිනිසුන් වැඩි වශයෙන් නොගැවසෙන හෙයින් අපට එය නැරඹීම පහසු විය. පාන්දර හතරට ගිනිගත්හේනෙන් උණු පොල් රොටි හා කිරිකෝපි උදර ගත වීම, කඳු පාරේ ගමනේ වෙහෙසට සේම උදෑසන පෙළන නිදිමතටද කදිම ප්‍රතිරෝධයක් එක් කළේය. අප උදෑසන පහට පමණ ගොඩවූයේ අපගේ නවාතැනටය. එනම්, හැටන් හි ඇති ලක්ෂපාන දියඇල්ලට අසලින්ම ඇති ගිමන්හල වෙතය. ළඟ ඇති ෆැක්ටරියෙන් ගෙනෙන ඩස්ට් නම්බර් වන් වලින් සැදූ ප්ලේන් ටී එකකින් ගිමන් නිවා අපි ගමන ඇරඹීමු.
ප්ලේන් ටී සාදා තිබ්බේ මොනවයෙන්ද?
{ "answer_start": [ 459 ], "text": [ "ඩස්ට් නම්බර් වන් වලින්" ] }
eef04c37-63cc-4c4b-bd36-4da66b6c4ddc
මෙහි පදිංචි අපට අසල්වැසියකු අපට සලකන ලද්දේ යුද්ධයෙන් අවතැන් වූ පිරිසක් ලෙසිනි. අසල්වැසියන් බොහෝ දෙනෙක් උදෑසන කැවිලි මේසයට විවිධ කැවිලි කිරිබත් ආදිය එවා තිබුණි. එබැවින් කෑම ආදිය අතින් අපට කිසිඳු අඩුවක් නොවීය. දිවා ආහාරය ද එලෙසින්ම අපට සකසා ගැනීමට හැකිවීම කෑම අතින් අප සියල්ලටම මෙසේ අඩුවක් නොදැනුණත්, අවුරුදු සැණකෙළි ස්වභාවය අපට විඳ ගැනීමට නොහැකි විය. යුධ බිය අප සියලු දෙනා කෙරෙන් තුරන්ව නැත. වෙහෙසී හදා තනාගත් නිවෙස් අතහැර දමා යාමට සිදුවූ අපට මහත් පාළු ගතියක් දැනෙන්නට විය. අවුරුද්ද කොලු ගැටව් වූ අපට පංචි දැමීම, ඔට්ටෙ තැබීම, ඔන්චිලි ආදිය පැදීම කල්ලි ගැසීම ආදි ක්‍රියා කිසිවක් නොවීය. අප සියලු දෙනාට විශාල පාළු ගතියක් දැනෙන්නට විය. අපේ ගමේ සමහර අය ඈත ගම්මානවල ඥාතීන්ගේ නිවෙස්වලට ගොස් තිබුණි.
වෙහෙසී හදා තනාගත් නිවෙස් අතහැර දමා යාමට සිදුවූ මොවුන්ට දැනුනේ කෙසේද?
{ "answer_start": [ 447 ], "text": [ "පාළු ගතියක්" ] }
d2f492d9-ff26-4cd2-b299-e6413be505fb
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් යුක්රේනයේ කීව් අගනුවරට ගොස් සිටිද්දී, තම හමුදා කීව් අගනුවරට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව රුසියාව පිළිගෙන තිබේ. සති දෙකකට පමණ පසු කීව් අගනුවරට එල්ල වුණු මිසයිල ප්‍රහාරය මෙයයි. මෙම ප්‍රහාරයෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන් අතර යුක්රේන මාධ්‍යවේදිනියක ද සිටී. ඇය වේරා ගයිරිච්ය. ජගත් මහ ලේකම්වරයා කීව් අගනුවර සිටින බව දැන දැනත්, රුසියන් හමුදාව එම මිසයිල ප්‍රහාරය එල්ල නිරීම සම්බන්ධයෙන් බටහිර රටවලින් රුසියාවට දැඩි විරෝධයක් ගොඩනැගී ඇතැයි ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
මිසයිල ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ ගනන කීයද?
{ "answer_start": [ 234 ], "text": [ "10" ] }
4a7c70bd-683e-4695-94e1-82c6b1d4622b
තොරණ හන්දිය ආසන්නයේ සිට මුළු ලංකාව පුරා විහිදී ගිය ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධයේ පණිවුඩයෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් පමණක් නොව ගිහි සිසුවන්ගෙන්ද විද්‍යාලංකාර විදුබිම පිරී ඉතිරෙන්නට විය. ඈත ගම් බිම්වලින් පැමිණි මේ සියලු දෙනාගේ ගමනාන්තය වශයෙන් සනිටුහන් කළේ තොරණ හන්දියයි. තොරණ හන්දියට මේ තරම් ප්‍රසිද්ධියක් හිමිවූයේ අන් කිසිවක් නිසා නොව විද්‍යාලංකාරයෙන් බව මෙයින් පැහැදිලිවනු ඇත. විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ වීමත් සමඟ ප්‍රදේශයේ බෞද්ධ දරු දැරියන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීමේ අදහසින් කැලණිය ධර්මාලෝක විදුහල පිරිවෙන් භූමියේම මුලින්ම ආරම්භ කළා. පසුව තමයි දැන් තිබෙන වරාගොඩ පාරේ වර්තමාන විදුහල පවතින ස්ථානයට රැගෙන ගියේ.
වර්තමානයේ විදුහල පවතින්නේ කොහෙද?
{ "answer_start": [ 562 ], "text": [ "වරාගොඩ පාරේ" ] }
d7e8dc20-d0be-476a-8860-ee4485e5348e
ඒ අතර කොටින්ගේ කනින් රිංගා සාමාන්‍ය නීතියට අභියෝග කරමින් රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන්ගේ ද උපරිම සහාය ලබා ගනිමින් රාජ්‍ය සේවයට ම අභියෝග කරමින් ක්‍රියා කළ පිරිස් විවිධ කල්ලි අනුව ක්‍රියාකළ බව නොරහසකි. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන් වැඩි දෙනෙක් සුන්නතුල් ජමාද්වරුය. අල්කුරාණයේ සහ නබිනායකතුමාගේ ඉගැන්වීම් ඇදහීම කර ගනිමින් ඔවුහු ක්‍රියාකරති. ඉන්දියාවේ පී.ජේ. සෙයිනුල් ආබ්දීන් නම් මව්ලවිවරයා සුන්නතුල් ජමාද්වරුන්ගේ විශ්වාසයන් අභියෝගයට ලක්කරමින් තව්හීද් ජමාද් විශ්වාසයන් නමින් අලුත් දර්ශනයක් උගන්වන්නට විය. ලංකාවේ මුස්ලිම් පවුල්වල තරුණ කණ්ඩායම් සෙයිනුල් ආබ්දීන් මව්ලවිවරයාගේ ඉගැන්වීම්වලට නැඹුරු වන්නට විය.
පී.ජේ. සෙයිනුල් ආබ්දීන් කුමන රටේද?
{ "answer_start": [ 353 ], "text": [ "ඉන්දියාවේ" ] }
1b974681-12aa-4941-af85-250ce25c9d34
ලංකාවෙ අපි ඉතාලියට වඩාත්ම සමීප වෙන්නෙ මොනවයින්ද ඇහුවොත් පැස්ටා, පාතාල කල්ලි, මත්ද්‍රව්‍ය ජාවාරම් වගේ උත්තර පරදවලා අපට ලැබෙන පිළිතුරක් තියෙනවා. ඒ තමයි පීසා කියන්නෙ. ලංකාවෙ මිනිස්සු පීසාවලට ලොකු කැමැත්තක් තියෙනවා. පීසා ආරේ ආහාර බොහෝ රටවල ආහාර සංස්කෘතීන් ඇතුළෙ සැඟවිලා තියෙනවා. අරාබියේ, ස්පාඤ්ඤයේ, ඉන්දියාවේ වගේම ලංකාවේ ලුණු මිරිස් අතුල්ලලා හදන පොල් රොටියෙත් පොඩි පීසා ස්වරූපයක් තියෙනවා. අපේ මේ පාර කතාව හැමදාම පීසා කන පීසා හට් සහ ඩොමිනෝස් වෙනුවට කොළඹ අවටින් පීසා කන්න හොඳ ජොයින්ට්ස් හතක් ගැන. මැච් බලබල පීසා කන්න තියෙන, බඩගිනි වෙන අමුතු අඳුරු වටපිටාවක් සහිත, කොළඹින් චුට්ටක් ඈත තියෙන ප්ලේස් එකක් තමයි මේ ආතර්ගේ පීසා කඩේ. ගල්කිස්සේ අති සුප්‍රකට සිංහ කටට එහා පැත්තෙ තියෙන මේ පීසා කඩේ කොටු දාන බීමත් තියෙනවා. හැබැයි අපි කතා කරන්නෙ පීසා ගැන. මිල ගණනින් අඩු, චීස්, බේකන්, බිත්තර පිරිච්ච ලංකාවෙ අපට හුරු කට දැවිල්ලට, රසට හදපු පීසා වගේම චිකන් එක්ක නයි මිරිස් දාපු දැවිල්ල වැඩි පීසා වුණත් මෙතන තියෙනවා. ඒ වගේම මිල ගණන් ඉතාමත් අඩුයි.
ලංකාවේ මිනිස්සු වැඩි කැමත්තක් ඇත්තේ මොනාටද
{ "answer_start": [ 180 ], "text": [ "පීසාවලට" ] }
dca6351f-2780-422b-8b62-0e159f812088
රට මැද කඳුකරයේ සිට මුහුදු වෙරළ දෙසට භූ පැළුම් 25,000 පමණ ඇත. ඒවා ගුවන් ඡායාරූප වලින් පැහැදිලිව දිස්වෙයි. ඉන් සමහරක් පියවි ඇසටද කුඩා අගල් හෝ කාණු ලෙස පෙනෙයි. එවැනි එක් භූ පැල්මක් තෙල්දෙණියේ වික්ටෝරියා ජලාශය අසල සිට දිගන වත්තේගම හරහා මාතලේ දෙසට විහිදෙයි. මේ භූපැළුම ප්‍රදේශයේ පොළොව යට පැතිර ඇති දිරාගිය හුනුගල් තට්ටු ආශ්‍රිතව පැතිරෙයි. වර්ෂා කාලයේ පොළොවට වැටෙන වර්ෂා ජලය මේ භූ පැළුම් ඔස්සේ භූ පැල්මට කාන්දු වෙයි. ඒ අවට ඇති ජල උල්පත් ද ඒ දෙසට ගලයි. මෙසේ එකතු වන ජලනිධි භූ පැල්ම යටින් තැන්පත් වී මාතලේ උමං ගඟ නිර්මාණය කරයි. මාතලේ උමං ගඟ ආරම්භය පැති දෙකකින් සිදුවෙයි. වත්තේගම - යටවර - උකුවෙල පළමු ජල දහරයි. දෙවැනි ජල දහර කබරගල - පන්විල - ඇල්කඩුව දෙසින් ගලා යයි. වත්තේගම දෙසින් ඇරැඹෙන උමං ගඟේ පළමු පියවි ඇසට පෙනෙන දර්ශනය ඊරියගස්තැන්න නුදුරුව ඇති ජල බුබුළු දෙකයි. වත්තේගම සිට පන්විල දෙසට විහිදෙන පාරේ කිලෝමීටරයක් පමණ දුර ගිය විට හුන්නස්ගිරි කන්දෙන් ගලා එන රවන් ඔයෙන් වැටෙන රාස්සැල්ල දියඇල්ල හමුවෙයි. පාර අද්දර ඇති රාස්සැල්ල දියඇල්ලට හරි කෙළින් මීටර් පන්සියයක් පමණ පහළින් මාතලේ උමං ගඟේ පළමු ජල බුබුළු දෙක එක ළඟ පිහිටයි. ඒ අයත් ග්‍රාම සේවක වසම ඊරියගස්තැන්නයි.
මාතලේ උමං ගගෙහි පළමු ජල දහර ආරම්භ වන්නේ කුමන ප්‍රදේශ හරහාද ?
{ "answer_start": [ 563 ], "text": [ "වත්තේගම - යටවර - උකුවෙල" ] }