id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
29a633cb-7cba-465a-87e5-3f5f80395f6d
සද්ධර්මාලංකාරය හරි අපූරැ කතාවක් කියනවනේ. දුටුගැමුණු රජු එයාගේ පුතා සාලිය කුමරැ අශෝකමාලාට තමන්ගේ පතිනිය කරගත් පසුව මුලින් අමනාපව සිටියත් පසුව පුතු ස්නේහයෙන් සාලිය කුමරැටත් ලේලියටත් ආශිර්වාද කළා කියලා. ඉසුරැමුණියේ දක්නට ලැබෙන දුටුගැමුණු රජ පවුල දක්වන කැටයම මුලින් මඟුල් උයනේ තිබූ කැටයමක් බවත් පසුව මෙහි ගෙනැවිත් සවි කළ බවත් විශ්වාස කරනවා. ඉසුරැමුනියේ මිනිසා සහ අශ්ව හිස කියන කැටයම නෙළා ඇති ගල්පර්වතය පාමුලට මිනිස්සු විසිකරන කාසි වැටෙන්නේ වැවට. වැවට වැටෙන ඒ කාසි බාල්දිවලට එකතු කරන්න වෙනම කට්ටියක් එතන ඉන්නවා. ඒ අයගේ රාජකාරිය තමා ඒ කාසි එකතු කිරිල්ල.
ඉසුරුමුණියේ දක්නට ලැබෙන දුටුගැමුණු රජපව්ල දක්වන කැටයම මුලින්ම තිබුණේ කොහේද?
{ "answer_start": [ 262 ], "text": [ "මඟුල් උයනේ තිබූ කැටයමක්" ] }
a8769e75-c675-48c2-8528-e073100c7ebb
බ්ලූමැන්ඩල් සංඛ හා දෙමටගොඩ චමින්ද මේ දෙන්නා තම තමන්ගේ කල්ලිවලට එකතු කරගැනීමට වෑයම් දැරූහ. ඒ උත්සාහයේ ප්‍රතිඵල ලෙස චූටි උක්කුං බ්ලූමැන්ඩල් සංඛගේ පිලටත්, කුඩු සුමිත් දෙමටගොඩ චමින්දගේ පිලටත් එක් වූහ. මරාගැනිල්ල වඩාත් වැඩියෙන් සිදු වූයේ ඉන් අනතුරුවය. සංඛගේ හා චමින්දගේ ගැටුමට හැමවිටම මේ දෙන්නාට ද සම්බන්ධ වීමට සිදුවීම නිසා එය මෝදර මට්ටක්කුලිය දක්වා මොවුන් හරහා පැමිණියේය. කුඩු සුමිත්ගේ නායකයා දෙමටගොඩ චමින්දය. චූටි උක්කුංගේ කල්ලියේ නායකයා වූයේ බ්ලූමැන්ඩල් සංඛය. සත්‍ය ලෙස සුමිත් හා චූටි උක්කුං සිටියේ එකටය. එකල මෝදර මට්ටක්කුලිය ප්‍රදේශයේ කුඩු පාතාලයට නායකත්වය දුන්නේ සුමිත්ය. එහෙත් කලක් එකට වැඩ කරද්දී සුමිත් අභිබවා තමන්ගේ බලය හදාගන්නට චුටි උක්කුං උත්සාහ කළේය.
සුමිත් කුඩු පාතාලයට නායකත්වය දුන් ප්‍රදේශය කුමක්ද?
{ "answer_start": [ 507 ], "text": [ "මෝදර මට්ටක්කුලිය" ] }
6b6d90cc-f4c3-4160-ab17-047ad509bb84
පසු කාලයක ඕලන්ද ජාතිකයින් එම මහා විහාරය විනාශ කර ඔවුන්ගේ දෙව් මැඳුරක් එම භූමිය මත ඉදිකරන ලදී. ඒ වුල්ෆැන්ඩල් පල්ලිය ය. බස්, ලොරි නොතිබුණ අතීතයේ කොළඹ අග නගරයේ පවා ප්‍රවාහන කටයුතු සිදු වූයේ කරත්ත සහ රික්ෂෝවලිනි. එම කරත්තකරුවන් සහ රික්ෂෝකරුවන්ගේ නැවතුම්පොළ වූයේ බේරේ වැව අයිනේය. ඔවුහු ආදුරුප්පු වීදිය මහා විහාර භූමියේ ඇති දෙතිස්ඵල බෝධීන් වහන්සේගේ පැළයක් ගෙනැවිත් බේරේ වැව අයිනේ රෝපණය කරන ලදී. මුල් කාලයේ ඔවුහු මෙම කුඩා බෝධින් වහන්සේ ඉදිරිපිට ගලක් තබා ඒ මත මල් පහන් පූජා කළහ. ඕලන්ද යුගයෙන් පසුව ඉංග්‍රීසි පාලන යුගය ශ්‍රී ලංකාවේ ඇති විය. ඉංග්‍රීසීන්ට කොළඹ නගරය විශාල කිරීමට අවශ්‍ය විය. ඒ සඳහා ඔව්හු බේරේ වැවේ කොටසක් මුදු වැලි පුරවා ගොඩකළහ. කොටුව දුම්රිය ස්ථානය සහ මැනිං මාර්කට් සෑදීම සඳහා බේරේ වැවේ කොටසක් ද කයිමන් දොරකඩ සිට බේරේ වැව දක්වා එදා තිබූ ඇළ මාර්ගය ද ගොඩ කළහ. එවිට කරත්තකරුවෝ සහ සහ රික්ෂෝකරුවෝ බේරේ වැව ආසන්නයේ තිබූ බෝධීන් වහන්සේ එතැනින් ගෙනැවිත් අද බෝධීන් වහන්සේ ඇති ස්ථානයෙහි රෝපණය කළෝය. කයිමන් දොරකඩ සිට බේරේ වැව දක්වා වූ ඇළ මාර්ගය ගොඩ කළ ඉංග්‍රීසීහු එම ගොඩබිම දිගටම මාර වැනි විශාල ගස් වැවූහ.
බස්, ලොරි නොතිබුණ අතීතයේ කොළඹ අග නගරයේ පවා ප්‍රවාහන කටයුතු සිදු වූයේ කෙසේද?
{ "answer_start": [ 187 ], "text": [ "කරත්ත සහ රික්ෂෝවලිනි" ] }
26a39813-b1ea-4c59-858c-0d5433499bae
ඔවුන් යොමුවී සිටියේ මත්වතුරට වඩා මත්ද්‍රව්‍යවලටය. කේරළ ගංජා ඇතුළු විවිධ නම්වලින් හැඳින්වෙන සියලු මත්වන දේ ඒ වනවිට ඔවුන් අත්විඳ තිබිණි. ඒ සියල්ලට මුදල් විශාල වශයෙන් අවශ්‍ය විය. මේ සියල්ල සිදුවෙද්දී ඔවුන් මුහුදු යන්නට උනන්දු විය. ඒ අන්කිසිවක් නිසා නොව බහුදින යාත්‍රා හිමියාගේ උපදෙස් මත මුහුදේදී යාත්‍රාවේ සිටින සියලුදෙනාට මත්වන දේ බෙදාදෙන බැවිනි. එවිට ඔවුහු වෙහෙස නොබලා දිවා රාත්‍රී වැඩ කළහ. ඔවුහු දවසින් දවස කෘශ වන්නට විය. පෙර තිබූ යොවුන් පෙනුම යොවුන් ගති නැති විය. මතට මුල්තැන ලැබිණි. අරමුණක් ගැන අනාගතයක් ගැන දිනාගන්නට දෙයක් ගැන ඔවුනට අවශ්‍ය නොවීය. එකම දෙය මත්වන දේ තොල ගෑම පමණි. මත්ද්‍රව්‍ය නැති ජීවිතයක් ගැන සිතිය නොහැකි විය.
මත්ද්‍රව්‍ය වලින් එකක් කුමක්ද
{ "answer_start": [ 50 ], "text": [ "කේරළ ගංජා" ] }
21b714c5-579a-4228-bfd6-298d3dbeaa56
ප‍්‍රථම ආර්ය පවුලේ සාමාජිකයෝ කැස්පියන් මුහුදේ උතුරු වෙරළ දිගේ වොල්ගා නදිය දෙසට ගොස් දකුණු රුසියාවේ බොල්ටික් තැන්නට ළඟා වී ඇත. එම ආර්ය පවුල නම් කාශ්‍යප ඍෂිවරයා ඇතුළු කණ්ඩායමයි. ක‍්‍රි.පු 390 දී රෝමය අල්ලා ගන්නේ ද මෙම ඉන්දු ආර්ය පවුලේ කෙල්ට් සහ ටියුමන් විසිනි. මොවුන්ගෙන් එක් පිරිසක් ග‍්‍රීසියට පැමිණ ඉතාලිය සහ ස්පාඤ්ඤයද සිය සංස්කෘතියට යටත් කරගෙන නැගෙනහිරින් ඇසෑමය දක්වා ව්‍යාප්ත කර තිබේ. පර්සියාවේ ආදිවාසීන් ද යක්ෂ ගෝත‍්‍රික හෙළයන් බවට විශ්වාසයක් පවතී. එයට හේතුව සිංහ කොඩිය එහි පැරණි ධජය වීමය. මිසරය පිහිටා තිබෙන්නේ අප‍්‍රිකා මහාද්වීපයේ උතුරු කෙළවරට වන්නටය. එහි ප‍්‍රථම රජු මේනාස් රජතුමාය. ඔහු මහා භාරතයේ මනුනාත් රජුම බව ගණනාත් චොප්රාගේ ප‍්‍රත්‍යක්ෂ ශරීරම් ග‍්‍රන්ථයේ සඳහන් කර තිබේ. ප‍්‍රථම ආර්ය පවුලේ තවත් යක්ෂ ගෝත‍්‍රික හෙළයෝ පිරිසක් ඉතාලියට හා ස්පාඤ්ඤයට ගොස් පදිංචි වූහ. ඉන්දු යුරෝපීය ජාතික ආදින වාසින්ද මෙම යක්ෂ ගෝත‍්‍රිකයන්ගෙන් පැවත එන්නන්ය. අපේ පුරා විද්‍යාඥයින් පවසන ආකාරයට බලංගොඩ මානවයා මෙම රාවණා යුගයේ ආදි හෙළයෙකි.
මිසරය පිහිටන්නේ කුමන මහද්වීපයේද?
{ "answer_start": [ 515 ], "text": [ "අප‍්‍රිකා මහාද්වීපයේ" ] }
4b71ccc2-9876-40c7-a5fd-3458cbc6cb9e
පුංචි කඳු බෑවුමක් තරණය කරලා තමයි අපි මානියංගම රජ මහා විහාර බිමට ගියේ. මුළු විහාර භූමියට ගහ කොළවලින් පිරිලා. සිසිලසල් දනවන වටපිටාවක්. ජනප්‍රවාද කියන විදිහට යකහටුවාව කඳු බෑවුමේ ගල් පර්වත පිරිච්ච දොළ පහරවල්වලින් හැදුණු බිමක පිහිටි මේ ලෙන් විහාරයේ ඉතිහාසය වළගම්බා රාජ සමය දක්වා ඇදී යනවා. මේ විහාරයට නුදුරින් පිහිටි තිඹිරිපොළ රජ ලෙනේ බ්‍රාහ්මී සෙල් ලිපිය කියන විදිහට මානියංගම ලෙන් විහාරය ක්‍රිස්තු පූර්ව යුගයට අයත්. ලක්මන ගල් ලෙන නම් කටාරම් කෙටූ ලෙන තියෙන්නෙත් මානියංගමට කිට්ටුවෙන් තැලුම්පිටියේ යෝගම රබර් වතු යායේ. ක්‍රිස්තු වර්ෂ 1521දී මායාදුන්නේ කුමරැ සීතාවකට ඇවිත් රාජධානි ආරම්භ කරද්දීත් මේ ලෙන් විහාරය හරි ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානයක්. ඒ යුගයේදී එහි වැඩ සිටි සිටිනාමළු‍වේ සහ කොටකේදෙණි‍යේ සඟ පරපුර මායාදුන්නේ රජුගෙන් ලොකු ගෞරවයක් ලබලා තියෙනවා. මායාදුන්නේ රජ කුමාරයෙක් විදිහට හිටපු කාලයේ ඉඳන්ම මානියංගම විහාරයට ආව ගිය කෙනෙක්. විහාරය හදන්නත් උදව් කරපු කෙනෙක්. දහ අට රියන් බුද්ධ රෑපයක්, සත් රියන් විශ්ණු රෑපයක් නිමවලා විහාරයේ නඩත්තුවට පෙතංගොතඩ මහ කුඹුර තඹ පත්‍රයට ලියා පූජා කරලා තියෙන්නෙත් මේ රජ්ජුරැවෝ.
මේ ලෙන් විහාරය පිහිටියේ කුමන කඳු බෑවුමේ ද?
{ "answer_start": [ 155 ], "text": [ "යකහටුවාව" ] }
42469c26-455e-41e1-90b4-92efef3d7150
ලෝකයේ මුහුදු කැස්බැවන් වර්ග 7 ක් පමණ සිටින බවත් එයින් 5 ක්ම ශ්‍රි ලංකාව අවට වෙරළබඩ ප්‍රදේශ වලට පැමිණ ජීවත්වන බවත් මුහුදු කැස්බෑවන්ගේ බිත්තර ආහාරයට ගැනීමත් ධිවරයන්ගේ දැල්වල පැට‍ලි එන කැස්බෑවුන් මරා මස් ආහාරයට ගැනීමට මිනිසුන් පෙළඹීමත් නිසා මුහුදු කැස්බැවන් වඳවී යාමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු සංවිධානයේ සභාපති වෛද්‍ය ලලිත් ඒකනායක මහතා පවසයි. එංගලන්තයේ රුෆර්ඩ් ආයතනය සහ ශ්‍රි ලංකා ජෛව සංරක්ෂණ සංගමයේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු මැයෙන් දෙස් විදෙස් විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්, පාරිසරික සංරක්ෂණ ක්ෂේත්‍ර‍යේ කටයුතු කරන ව්ද්වතුන් සහභාගීත්වයෙන් මහනුවර ඔක්රේ රිජන්සි හෝටලයේදි පැවැති සම්මන්ත්‍රනයකදි ඒකනායක මහතා එසේ කීය.
ලෝකයේ මුහුදු කැස්බැවන් වර්ග කොපමණ ප්‍රමාණයක් සිටීද?
{ "answer_start": [ 28 ], "text": [ "7 ක් පමණ" ] }
8348eff7-d785-4da6-8d3b-d35a7051565a
ඌව ද්‍රෝණිය යනු මෙරට වංශ කතාව වෙනස් කළ සුවිසල් බිම් කඩකි. අදටත් ශ්‍රී ලංකාවේ ආහාර අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් නිපදවෙන්නේ මේ දැවැන්ත භූමි පාදාසයේ ය. අතීත සිංහල විරැවන් ආරක්ෂා කළ ඌවේ මහා කෑලෑවක් මැද. ඌවට සේලයක් බඳු වූ බෝඹුරැ ඇල්ල අද අපේ ගමනාන්තයයි. නුවරඑළියේ සිට බදුල්ල පාරේ යන විට හග්ගල උද්‍යානය පසුකළ විගස වම් අතට දිවෙන මාර්ගයක්‌ වේ. ඒ අසල බෝඹුරැ ඇල්ලට යන පාර ලෙස සඳහන් නාම පුවරැවක්‌ද දක්‌නට හැක. එතැන් සිට කි.මී.8 ක්‌ පමණ එම කාපට්‌ ඇතිරෑ මගේ යා යුතුය. ඉන් අනතුරැව බෝඹුරැ ඇල්ල කඩපොල හමුවේ. සැබෑවටම එහි මහා කඩ සංඛ්‍යාවක් නැත. එහෙත් බෝඹුරැ ඇල්ල බස් රථ නුවර එළියේ සිට හා වැලිමඩ සිට පැමිණ නවතින්නේ මේ කඩපොළේය. වාහන නවත්වන ස්ථානයෙන් ඔබට අවශ්‍ය ජලය හා ආහාර ලබාගත යුතු අතර දියඇල්ලට දිවෙන මාර්ගයේ ඔබට කිසිදු කඩයක් දක්නට නොලැබේ. මෙතැන සිට අවම වශයෙන් කි.මී. දෙකහමාරක්‌ පමණ කැලයට යා යුතුය. මේ ගමන තරමක් දුෂ්කර වුවද ඉතා අලංකාර පරිසර පද්ධති දියඇල්ලට යන ගමනේදී ඔබට දැකගත හැකිය. බෝඹුරැ ඇල්ලේ දියකඳ ස්‌ථාන කිහිපයකදී වෙන්කර කුඹුරට හා ජන පරිභෝජනය සඳහා ලබා ගන්නා අතර අප සම්පූර්ණ ගමනම සිදුකළ යුත්තේ ඒ ඇල මාර්ගය ඔස්සේය. නිර්විෂ සේම සුළු විෂ සර්පයන්ද මේ අවට සැරිසරන බැවින් නොදන්නා ඉසව්වල පය තැබීමෙන් වැළකිය යුතුය.
නොදන්නා ඉසව් වල පය තැබීමට නුසුදුසු වන්නේ ඇයි
{ "answer_start": [ 1030 ], "text": [ "සර්පයන්ද මේ අවට සැරිසරන බැවින්" ] }
52c03b46-147e-412e-9673-c57abdbe9bfd
හම්බන්තොට ගිරුවායේ මණ්ඩාඩුව ගමේ විසූ දොන් කොරනේලිස් අබේවික්‍රම යන අයට මෙම ‘‘ජ්වර රෝගය’’ වැළඳී ඇත. එයින් දැඩි ලෙස පීඩා විඳින විට ඔහු තම දේපළ ත්‍යාග ඔප්පුවකින් තම දරුවන් සිව් දෙනාට පවරා ඇත. ඒ 1918 ඔක්තෝබර් 25 වැනි දිනය. දරුවන් සිව් දෙනා වන්නේ දොන් එලියස් අබයවික්‍රම, දෝන ගිමාරා අබයවික්‍රම, දොන් නිකුලස් අබයවික්‍රම හා දෝන කර්ලිනා අබේවික්‍රම යන පුතුන් දෙදෙනා හා දියණියන් දෙදෙනාය. පවරා දුන් ඉඩම් කැබලි ප්‍රමාණය 110 කි. වටිනාකම රු. 5000/- කි. ත්‍යාප ඔප්පුව පිටු 28 කින් යුක්තය. මුද්දර ගාස්තුව රු. 150/- කි. අලවා ඇත්තේ රුපියල් 10 වටිනාකමැති මුදු්දර 15 කි. ඔප්පුව ඉතා සංවේදී බසකින් ලියා ඇත.
දොන් කොරනේලිස් අබේවික්‍රම යන අයට වැලදී ඇති රෝගය කුමක්ද?
{ "answer_start": [ 74 ], "text": [ "‘‘ජ්වර රෝගය’’" ] }
44d210df-ec6c-4045-8d43-d1d3f8121ab2
වසර කීපයක් තිස්සේ අප සිදුකළ පර්යේෂණ මගින් ලිතියම් අයන බැටරිවලට දේශීය මිනිරන් යොදාගැනීමේ සඵලතාව තහවුරුවී තිබෙනවා. ලංකාවේ ස්වාභාවික මිනිරන් ලෝකයේ හොඳම මිනිරන් වුවත් ඒවා භාවිතයේදී අපට ඇතිවූ මූලික ගැටලූව නම් එහි අපද්‍රව්‍ය අඩංගුවීමයි. ඒ සඳහා අපද්‍රව්‍ය ඉවත්කිරීමේ කටයුතුවලට බොහෝ දෙනා යොමු නොවූයේ එය ඉතා සංකීර්ණ කාර්යයක් බැවිනි. එහෙත් වසර කීපයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් සියයට 99.99 දක්වා ස්වාභාවික මිනිරන්වල අපද්‍රව්‍ය ඉවත් කර පිරිසුදු මිනිරන් ලබාගැනීමට අපට හැකිවුණා. එහෙත් ලංකාවේ මිනිරන්වල මතුපිට විද්‍යුතයට සම්බන්ධ රසායනික ප‍්‍රතික‍්‍රියා සඳහා අක‍්‍රීයයි. ඊට විසඳුමක් ලෙස අප වෙනම රසායන ප‍්‍රතික‍්‍රියාවකට ලක්කර පිරිපහදු කර සක‍්‍රීය මට්ටමින් දේශීය මිනිරන් ලිතියම් අයන බැටරි සඳහා සාර්ථකව උපයෝගී කරගත්තා.
සිදුකළ පර්යේෂණවලින් මිනිරන්වල අපද්‍රව්‍ය ඉවත් කර පිරිසුදු මිනිරන් ලබාගැනීමට හැකිවූ ප්‍රතිශතය කුමක්ද?
{ "answer_start": [ 368 ], "text": [ "සියයට 99.99 දක්වා" ] }
beb3b6c0-afc3-4130-9fdb-a53658c13f3c
කෙළිලොල් ගති ඇති සුසිල් බිමට බැස්සේය. තරුණියන් අතර සිටි මානෙල් විසින් වෙනත් පැත්තකට වීසි කරන ලද මඩ පහරක් සුසිල්ට වැදීම නිසා මහත් අකරතැබ්බකට මුහුණ දුන්නේය. මේ තරුණිය පිළිබඳ අදහසක් ඇති වූ සුසිල් ඇය හා ආදර සබඳතාවක් ඇති කර ගැනීමට සිතා ඇය ලවාම තමාගේ ඇඟේ වූ මඩ පැල්ලම මකා දැමීමට මාර්ගයක් උදාකර ගත්තේය. තරුණිය එනම් - මානෙල් මේ සිද්ධිය නිසා සුසිල් කෙරෙහි ආදරයක් ඇති කර ගත්තාය. යළිත් ඉක්මනින් හමුවන පොරොන්දුව පිට සුසිල් මානෙල්ගෙන් සමුගත්තේය. සුදත් සමඟ තම වත්තට ගිය සුසිල්ගේ පරම අදිටන වූයේ මානෙල්ගේ පහස ලබා සතුටුවීමටය. මිතුරන් දෙදෙන බංගලාවට යන විට එහි මෙහෙකාර පොඩියන් සියලු පහසුකම් සලසා තිබුණි. තම මිතුරු සුසිල්ට වූ ඇබැද්දිය ගීතයට නැඟූ සුදත් මැන්ඩලීනය ගෙන එය වයමින් ගීතයක් ගැයුවේය.
තරුණියන් අතර සිටියේ කව්ද?
{ "answer_start": [ 56 ], "text": [ "මානෙල්" ] }
e52a028b-bf69-4425-a818-6ff782e8464e
කොළඹින් ආපු පවුලක් තමා මුලින්ම දකුණු පළාතටම ඩයිවින් පුරුදු කරලා තියෙන්නේ. ඒ 1960 ගණන්වල එරර් තෝමස්, ප්‍රාකි තෝමස්, රංජිත් තෝමස් කියන සහෝදරයෝ තුන්දෙනා තමා ඒ ගුරුකමේ අයිතිකාරයෝ වෙන්නේ. හික්කඩුව මුහුද යට තියෙනවා 1847 සහ 1903 ගිලිච්ච නැව් දෙකක සුන්බුන්. ඒ නැව් මාළුවන්ගේ වාසස්ථාන වෙලා. ආර්.කේ. සෝමදාස ද සිල්වා කියන පළපුරුදු ඩයිවින්කරුවා මුහුද යටට ගිහිල්ලා මේ නැව් බලලා එනවා. ලංකාවේ ත්‍රිකුණාමලය, මඩකලපුව, කොළඹ, හික්කඩුව, බෙන්තර, බේරුවල, ගාල්ල කියන ප්‍රදේශවල ඩයිවින් පාසල් 75ක් තියෙනවා. මාළු වර්ග කෝටි ගණන් මුහුද යට ඉන්න බව තමයි ඩයිවින් පුරුදුකාරයෝ අපට කිව්වේ. කනගාටුවෙන් කියන්න තියෙන දේ තමා මාළු අල්ලන්න ඩයිනමයිට් දැමීමෙන් මේ වෙද්දී ලස්සන වටිනා කොරල්පර විනාශ වීම අද හුඟාක් සිද්ධ වෙනවා කියන එක. ඉතින් ඔයාලත් නිවාඩුවක් ලැබුණ වෙලාවක හික්කඩුව මුහුදට ගිහින් ඩයිවින් කරලා එන්න.
ගිලිච්ච නැව්වල සුන්බුන් ඇත්තේ කොහේද?
{ "answer_start": [ 183 ], "text": [ "හික්කඩුව මුහුද යට" ] }
211d8ce4-a019-4411-bae3-ec11454768dd
ස්ත්‍රියකගේ තල්ල මද නිල් පැහැවූයේ නම් දරුවන් නැත. රළුවූ තල්ල ඇත්නම් දුක් විඳින්නියකි. වකුටුවු තල්ල ඇත්නම් කලහකාරියකි. විශාල තල්ල ඇත්නම් දුක් විඳින්නියක් වන අතර කළුපාට තල්ල ඇත්නම් වැන්දඹුවකි. කලහයට ප්‍රිය කරන ස්ත්‍රියගේ දිව නිල් පැහැවේ. මහත්වූ දිව සිනිඳු වෙයි. එල්ලෙන සුලු දිව ඇත්තී නොකටයුතු දේ කරන්නියකි. යටි ඇන්දේ දත් වැඩියෙන් ඇති ස්ත්‍රිය මවගෙන් වෙන්වී දුක්විඳින්නියකි. විවෘතාකාර හෝ උස්වූ දත් ඇත්නම් වැන්දඹුවකි. තුනීවූ දත් ඇත්තී හිතුවක්කාරියකි. දත් කහපාට හෝ කළු පාට වී මහත්ව සක් කැබලි ආකාරයෙන් තුනීව පිහිටියේ නම් පින් නැත්තියකි.
ස්ත්‍රියකගේ දත් කහපාට හෝ කළු පාට වී මහත්ව සක් කැබලි ආකාරයෙන් තුනීව පිහිටියේ නම් එයින් අදහස් වන්නෙ කුමක්ද?
{ "answer_start": [ 515 ], "text": [ "පින් නැත්තියකි" ] }
281ac6ac-bad4-476d-824e-f57c54b59e95
බාබුර් තුන් වැනි වරට ඉන්දියාව ආක්‍රමණය කරන ලද්දේ ක්‍රිි.ව.1524දීය. මේ කාලයේ පංජාබයේ පාලකයා වූයේ දව්ලත් ඛාන්ය. ඉබ්‍රාහිම් ලෝදිට ඔහු තනතුරින් පහකිරීමේ අවශ්‍යතාවත් තිබිණි. ඉබ්‍රාහිම්ගේ මාමා කෙනකු වූ අලා උද්දීන් ඛාන් නොහොත් අලාම් ඛාන්ද එවැනි තර්ජනයකට මුහුණ පා සිටියේය. දව්ලත් ඛාන් හා අලා උද්දීන් ඛාන්ගේ අවශ්‍යතාව වූයේ ඉබ්‍රාහිම් ලෝදි පලවා හැර දිල්ලි සුල්තාන් රාජ්‍යය තමන් සතු කර ගැනීමය. ඒ සඳහා ඔවුහු බාබුර්ගෙන් උපකාර ඉල්ලා සිටියහ. දව්ලත් ඛාන්ට පන්ජාබයත්, අලා උද්දින් ඛාන්ට දිල්ලියත් ලබා දීමේ පොරොන්දුව මත බාබුර් ඉන්දියාව බලා පිටත් විය.
දව්ලත් ඛාන් තනතුරින් පහ කිරීමේ අවශ්‍යතාව තිබුණේ කාටද?
{ "answer_start": [ 110 ], "text": [ "ඉබ්‍රාහිම් ලෝදිට" ] }
bb5960e4-8d1b-48f3-a4b7-3ae29839832f
දිනක් බුල්ටෝ උන් පසු පස හඹා ගොස් උන් අල්ලාගෙන ගිය ආකාරය මතක් වේ. අවට පරිසරයේ පෙනෙන තෙක් මානයක කිසිවෙකුත් දක්නට නැත. මීටර් පනහක පමණ නුදුරින් පිහිටා ඇත්තේ බොරු කියන රීටාගේ පැල්පත වන අතර එහිද කිසිවෙකුත් දක්නට නැත. වර්ෂාව ක්‍රමයෙන් ධාරානිපාත වැස්සක් බවට පෙරළුණි. ආත්තා ගස් වේවැල් පඳුරු අතරින් පෙරේතයන්, භූතයන්, හොල්මන් කරන බවක් බබීට හැඟේ. යක්ෂ පරික්ෂාවලදී මිකායෙල් දේවදූතයාගේ යාච්ඤාව කියන්නට යැයි පාසලේදී ටීචර් ඉගැන්නුවා ඔහුට මතක් විය. මෙතෙක් වෙලා ඇසිපිය නොහෙළා බලා සිටි බිලිපිත්ත ඇළට ඇල වෙනවා ඔහුට දිස්විය. ඉපිල්ල ඇදගෙන ගොස් මහ ලූලකු ඇමට අසු වී ඇති බව ඔහුට ප්‍රත්‍යක්ෂය. ජබොස් ගා ධාරානිපාත වර්ෂාවෙම කුඹුරට පැන ගත් ඔහු ඇදෙමින් වැටෙමින් දණිපණි ගාගෙන ඇළ කරා පියමං කරන්නට විය. බිලිපිත්ත අතට ගත් ඔහුට දැනුණේ මහත් බරකි. වීරිය ගෙන දෙඅතින් ගත්ත පිත්ත උඩට එසවීය. දිස් වූයේ බිහිසුණු දසුනකි. මහ දියබරියකු ඇමට ඇසු වී ඇඟට වැදී පිටුපසට ගොස් නැවත සිරුරේ දැවටී ඉදිරියට පැද්දී ගියේය. එසැණින්ම විදුලි කෙටීමක් හා පරිසරයම දෙදරුම් දෙමින් හෙණ හඬක් ද පැතිර ගියේය. මුළු සිරුරම කිළිපොළා ගියේය. අකුණක් වැදී මිය යාවි යයි ඔහුට සිතුණි. බිලිපිත්ත ඇළට විසි කර දැමූ බබී හනික වැටි වැටී ගොඩට පැමිණ ඉරටුවේ අමුණා ඇති මාළු කූරි කීප දෙනා සමග එය රැගෙන ගස් අතරින් පසුපසින් හඹා එන හොල්මන් පිරික්සමින් පිදේනි තටුවක් ද පසු කරමින් නිවස කරා දුවන්නට විය.
පාසලේදී ටීචර් ඉගැන්වූයේ කුමක්ද?
{ "answer_start": [ 352 ], "text": [ "මිකායෙල් දේවදූතයාගේ යාච්ඤාව" ] }
7c7ae012-30b7-46d6-8e91-e6dfebc3463c
මේ පිප්රුවා චෛත්‍යයේ අවස්ථා කීපයක ප්‍රතිසංස්කරණ කරන ලද්දේය. ගර්භයේ යටින්ම පැවති ධාතු නිධානය එදා ශාක්‍යයන් ලද ධාතූන් තැන්පත් කොට තැනූ මුල්ම නිධානය වේ. දෙවැනි අවස්ථාව අසෝක රජුගේද තුන්වැනි අවස්ථාව කනිෂ්ක රජුගේද විය හැකි යැයි පුරාවිද්‍යාඥ මතයයි. එයින් මුල් ධාතු නිධානය ස්තූපයේ යටින්ම පැවති ශාක්‍ය රජවරුන් කළ ධාතු නිධානය බවට ප්‍රබල සාධකය නම් ධාතු කරඬුවේ වටේ බ්‍රාහ්මි අක්‍ෂරයෙන් ලියා තැබූ පාඨයයි. අදහස - සුකිනි සහෝදරයන් විසින් තම සහෝදරියන් සහ අඹුදරුවන්ද සමග ශාක්‍ය වංශයෙහි උපන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතු නිධානය කරවන ලදී.
ධාතු කරඬුවේ වටේ තිබූ පාඨය ලියා තිබුණේ කුමන අක්ෂර වලින්ද
{ "answer_start": [ 353 ], "text": [ "බ්‍රාහ්මි" ] }
7fd8f926-c14a-4b3a-a36d-b9266a47782f
12 වැන්න අධිපති රවි 12 වැන්නේ සිටීමෙන් උසස් තත්ත්වයක් ලබාගැනීමට ආශා කරයි. තිබෙනවාට වඩා පෙන්වයි. ධනය දේපළ ලබාගැනීමට උත්සාහ දරයි. ධනය ඇති සහකරුවකු හෝ සහකාරියක සමග විවාහය සිදු කරගනී. රටතොට ගැන දැනුම අවබෝධය ලබයි. විදේශ ගමන් වුව යෙදෙයි. නිවාස ලාබ ලබයි. නිරෝගී වෙයි. ප්‍රසිද්ධියට හා ගෞරවයට පත්වෙයි. මුදල් ගනුදෙනුවලදී සැලකිලිමත්වෙයි. ගම් ප්‍රදේශයෙන් පිටව ගොස් කටයුතු කරගනී. අන්‍යයන් වෙනුවෙන් කටයුතු කරයි. රවි 11 වැන්නේ ගමන් කිරීම ඔබට ඉතා ශුභයි. ලෙඩ දුක් දෝෂ වලින් මිදෙයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ඉතාශුභයි. උසස් අධ්‍යාපනයට යොමු වේ. ආදායම් තත්ත්වය යහපත්ය. රජයේ උසස් අයගෙන් ආධාර උපකාර ලබයි. පියාට ශුභයි. ආලය ප්‍රේමය කටයුතු කෙරෙහි සිත් යොමු වේ. ප්‍රධානත්වය ලබාගැනීමට බලවත් උත්සාහයක් දරයි. මිත්‍රයන් ගෙන් උදව් උපකාර ලැබේ. ගුණයහපත් බවින් යුක්තය. ගමන් බිමන් අධිකයි. පවුලේ උගතා ලෙස කටයුතු කරයි. දෙවැනි විවාහයක් කරගනී.
දෙවැනි විවාහයක් කර ගන්නේ රවි කීවැන්නේ සිටියහොත්ද
{ "answer_start": [ 402 ], "text": [ "11" ] }
988b6d4b-e5b5-4c3e-9725-820c6d490271
ගොඩකවෙලට වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ලෙසට නම් කර 1992 සැප්. 30 දින එම කාර්යාලය විවෘත වූ අතර ඉන් ප්‍රදේශයේ ජනතාවට තම රාජකාරිමය අවශ්‍යතා ඉටු කර ගැනීමට ඉමහත් පහසුවක් සැලසී ඇත. ඉංග්‍රීසි පාලන සමයේ ආරම්භ කරන ලද ගොඩකවෙල රෝහල අද වන විට නවීකරණය වී තිබුණත් ආරම්භයේදී තිබී ඇත්තේ ඩිස්පෙන්සරියක් පමණි. එවකට එවකට නේවාසික ප්‍රතිකාර ලබාගැනීමට රක්වාන රෝහල දක්වා යෑමට සිදුව තිබිණ. එදා මෙහි සිට එහි යෑමට එතරම් පහසුකම් නොවීය. අඩි පාරවල් ඔස්සේ පයින් හෝ කරත්තවලින් එහි ගොස් ඇත. එයට දවසක් හමාරක් ගතව තිබේ. ඒ නිසා පසුකාලීනව මෙහි කොට බිත්ති සහිත වාට්ටු දෙකක් ඉදි කර එය ගැහැනු/පිරිමි ලෙසට නම් කර ඇත. එදා වාට්ටුවල සේවය කර ඇත්තේ කංකානම් මහත්තුරු හා කංකානම් හාමිනේලා ය. මෙම රෝහල් භූමිය 1891 ජුනි 30 දින රජයට පවරා ගෙන ඩිස්පෙන්සරිවත්ත ලෙසට නම් කර ඇත. එදවස බොහෝ විට මෙහි සේවය කර ඇත්තේ ද්‍රවිඩ ජාතික වෛද්‍යවරුන් වූ අතර ඔවුන් ද පැමිණ තිබුණේ යාපනය ප්‍රදේශයෙනි. අද මෙයට යාබදව ගොඩකවෙල පොලිසිය පිහිටා ඇති අතර එය ඊට පෙර තිබුණේ පල්ලේබැද්ද ප්‍රදේශයේය.
එකල ගොඩකවෙල රෝහලේ සේවය කරන ලද ද්‍රවිඩ ජාතික වෛද්‍යවරුන් පැමිණි ප්‍රදේශය කුමක්ද?
{ "answer_start": [ 814 ], "text": [ "යාපනය" ] }
7733e1eb-a3cb-4a92-809a-a27fa08fd196
බුදු දහමද මුඛ පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන විත් අවසානයේ ලේඛන ගත කරන ලද්දේ පුස්කොළවල බව අප කවුරුත් දන්නා කරුණකි. ලෝක ඉතිහාසයේ මෙන්ම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ මුල් වරට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ අවස්ථාව ලෙස සඳහන් වන්නේ වළගම්බා රජතුමාගේ පාලන සමයේදීය. ඒ ප්‍රාදේශීය නායකයෙකුගේ මූලිකත්වයෙන් මාතලේ අළුවිහාරයේදී මහ රහතන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගීත්වයෙනි. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම අදටද ඉතිරිව පවතින්නේ ඒ නිසායි. පුස්කොළ පොත් ලිවීමේ සම්ප්‍රදායේ නියැළෙමින් තවමත් එය ඉදිරියට රැගෙන යන්නේ පිරිවෙන් ආශ්‍රීත භික්ෂූන් වහන්සේය.
පුස්කොළ පොත් ලිවීමේ සම්ප්‍රදායේ නියැළෙමින් තවමත් එය ඉදිරියට රැගෙන යන්නේ කවුරුන්ද?
{ "answer_start": [ 483 ], "text": [ "පිරිවෙන් ආශ්‍රීත භික්ෂූන් වහන්සේය" ] }
5884da51-5810-4024-a9a7-231724836a20
වෛද්‍යවරයා පළමු පියවර ආරම්භ කරමින් මෘත ශරීරයේ බාහිර පරීක්ෂාව සිදුකළේය. එහෙත් ඇගේ සිරුරේ බාහිරින් සැලකිය යුතු වෙනසක් දක්නට ලැබුණේ නැත. බාහිර තුවාල කිසිවක් නැත. රුධිරය වහනය වීම නිසා යම් සුදුමැලි ගතියක් දක්නට ලැබුණත් ඇයට රෝහලෙන් ලේ ලබාදී තිබූ නිසා ඒ සුදුමැලි ගතිය ද එතරම් සැලකිල්ලට ගතයුතු මට්ටමේ එකක් නොවිණ. වෛද්‍ය වාර්තා අනුව දරු ප්‍රසූතියෙන් ඇය බිහිකර තිබුණේ මළ දරුවෙකි. ඇය රෝහලට ඇතුළත් කරන විටත් යෝනි මාර්ගයෙන් අධික ලෙස රුධිරය වහනය වී ඇත. දරු ප්‍රසූතියේදී රුධිර වහනයක් සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් මෙහි එක් ගැටලුවක් තිබිණ. ඒ දරුවා ප්‍රසූත කිරීමට වෛද්‍යවරුන් ලබාදී තිබූ දින යෙදී තිබෙන්නේ තවත් මසකට පසුවය. අඩු දිනවලින් දරුවන් බිහිවීමද සාමාන්‍ය තත්ත්වයක් වන නිසා වෛද්‍යවරු ඒ සම්බන්ධයෙන්ද අනවශ්‍ය ලෙස කලබල වූයේ නැත. එහෙත් ඇගේ අධික රුධිර වහනය නිසා හිමෝග්ලොබින් ප්‍රමාණය අඩුවී තිබූ හෙයින් ඇයට අවශ්‍ය බී පොසිටිව් වර්ගයේ රුධිර කාණ්ඩයෙන් බාහිරින් රුධිරය ලබාදීමට පියවර ගෙන ඇත. පසුව ඇය දරුවා බිහි කළත් එය මළදරු උපතකි. දරු ප්‍රසූතියෙන් පැය කීපයකට පසු සෙල්වරාණි ද මිය ගියාය. මේ කිසිවක අධිකරණ වෛද්‍යවරයාට දකින්නට තරම් ගැටලුවක් නොවිණ.
සෙල්වරාණි මියගියේ කිනම් වේලාවේද?
{ "answer_start": [ 912 ], "text": [ "දරු ප්‍රසූතියෙන් පැය කීපයකට පසු" ] }
4785c826-f691-41e3-bc17-ec7a3566ba23
ලොව බිහිවූ අති දක්ෂ දඟපන්දු යවන්නා වන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලීදරන්ගේ ජිවීත කතාව අලලා දමිල චිත්‍රපටයක් නිර්මාණය කරන්නට මේ වනවිට සුදානම් කර තිබේ. මෙහි මුරලිගේ චරිතය දකුණු ඉන්දීය නළු විජේ සේතුපති නිරූපණය කරන අතර. තවත් ජනප්‍රිය නළුනිළියන් රැසක් මේ සඳහා දායක වෙයි. මෙම චිත්‍රපටය ලබන වසරේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. ලබන වසරේදී ඉන්දියාවට පළමු වරට ලෝක කුසලානයක් දිනාදුන් කපිල් දේව් මෙන්ම ඉන්දීය කාන්තා ජාතික කණ්ඩායමේ නායිකාව ලෙස වසර කිහිපයක්ම කටයුතු කළ මිතෙලි රාජ්ගේ ජීවිත කතාව අලලාද සැකසෙන චිත්‍රපට කිහිපයක්ද ලබන වසරේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.
ලොව බිහිවූ දක්ෂ දගපනදු යවන්නා කුමන රටක අයෙක්ද
{ "answer_start": [ 38 ], "text": [ "ශ්‍රී ලංකාවේ" ] }
8d3e5f73-55ae-483f-8594-6cb122efe614
ගෝලබාලයින් හතර පස්දෙනෙකු තබාගෙන ගම් නියම්ගම්වල සැරිසරමින් සිය කටයුතු වල යෙදෙන ඔහුගේ ජීවිතය ගෙවී ගියේ ගොක්කොළ, පොල්මල්, පුවක්මල්, දෙහිගෙඩි, අහු ගෙඩි, පිදේනි තටු, දුම්මල- සාම්බ්‍රාණි, පොල්තෙල් පහන්, තැඹිලි ගෙඩි ආදී අඩුම කුඩුම රැසක් අතරය. කාලයාගේ ඇවෑමෙන් වියපත්ව දුක්විඳීමකින් තොරව ඔහු මිය පරලොව ගිය පසු ගෝල පිරිස වෙන් වෙන්ව එම වැඩවල නිරත වූහ. එක් දිනක් මේ පිරිසෙන් අයකු හමුවීමට ගමේ තැනැත්තෙකු පැමිණියේ දුෂ්ට වූ අදහසක් සිත දරාගෙනය. ඉලක්කය වූයේ වත්පොහොසත්කම් ඇති දැහැමි ජීවිතයක් ගත කළ කිසිවකුට වරදක් නැති පවුලක රජයේ රැකියාවක් කළ පුද්ගලයෙකු හා පවුලේ අය භේද කිරීමයි. යකැදුරු ගෝලයා වැඩය භාරගෙන නියමිත කාලයේ එය ඉටුකර දුන්නේ තුටු පඬුරු රැසක් ලබාගනිමිනි.
යකැදුරු ගෝලයා වැඩය භාරගෙන නියමිත කාලයේ එය ඉටුකර දුන්නේ කුමක් ලබාගනිමින් ද?
{ "answer_start": [ 616 ], "text": [ "තුටු පඬුරු රැසක්" ] }
5601d3b4-49bf-4246-b54d-cb36c07029e5
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නැතැයි බෝ නොවන රෝග පිළිබඳ එරට ප්‍රමුඛතම විශේෂඥයා ලෙස සැලකෙන වෛද්‍ය ඇන්තනි ෆවුචි අද පැවැසීය. නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා සොයාගත් එන්නත මේ වනවිට සංවර්ධනය කෙරෙමින් තිබෙන බැවින් ජාතික වශයෙන් රට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නැතැයි හෙතෙම කීය. සිය එන්නත සියයට 90 කින් පලදායී යැයි ෆයිසර් සමාගම මේ සතිය මුලදී නිවේදනය කළ අතර ලබන වසරේ අප්‍රේල් හෝ මැයි හෝ මාස වනවිට ඇමෙරිකානුවන්ට එන්නත ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ඔහු කීවේය. ඒ.බී.සී. පුවත් නාලිකාව කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් වෛද්‍ය ෆවුචි එම කරුණු සඳහන් කළේය. දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වැඩි වීමත් සමඟ මුළු රටටම බලපැවැත්වෙන පරිදි අගුළු දැමීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇත්දැයි ඒ.බී.සී. පුවත් නාලිකාවේ රොබින් රොබට්ස් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කීය. එහෙම කරන්න වුවමනා වෙන එකක් නැහැ. ඇත්තටම අගුළු දමන්න අවශ්‍ය නැහැ. අගුළු නොදමා අපට මේක කරගන්න පුළුවන්. ඇත්තටම පුළුවන්. යැයි වෛද්‍ය ෆවුචි කීය. ඇමෙරිකාවේ ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය ඇන්තනි ෆවුචි ය. හෙතෙම 1984 වසරේ සිට එම ධුරය හොබවන අතර එම ආයතනය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනයේ අනුබද්ධ ආයතනවලින් එකකි. නව කොරෝනා වයිරසය හේතුවෙන් විඩාවට පත්ව පීඩා විඳින පිරිසට කුමක් කියන්නේ දැයි විමසූ විට වෛද්‍ය ෆවුචි මෙසේ කීය. අපිට ළඟ ළඟම උදව් එනවා. එන්නත් විශාල සහ ධනාත්මක බලපෑමක් කරාවි. මේ අතර ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව බදාදා දිනයේදී ඇමෙරිකාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 144,133 ක් විය. එය මේ දක්වා ගෙවුණු කාලයේදී ඇමෙරිකාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ද වේ.
ෆයිසර් සමාගම මේ සතිය මුලදී කළ නිවේදනය කුමක්ද?
{ "answer_start": [ 337 ], "text": [ "සිය එන්නත සියයට 90 කින් පලදායී යැයි" ] }
18b30d09-4b05-45a4-b5f8-482c85287c40
පාපන්දු ක්‍රීඩක අන්වර් ඇතුළු ඇෆ්ගන් තරුණයන් බොහෝ දෙනකු ඇමෙරිකන් ගුවන් හමුදාවට අයත් සී 17 හමුදා යානයක රෝදවලත්, පියාපත්වලත් එල්ලී යෑමට පොර කන්නට වූයේ, එම යානය ඔවුන් බාර ගැනීම ප්‍රතික්ෂේප කළ බැවිනි. ගුවන්ගතවුණු යානයෙන් ඇෆ්ගන් වැසියන් පහළට වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පවා ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූයේ සැමගේ හදවත් කම්පා කරමිනි. ඇමෙරිකන් හමුදා පසුව නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ යානයේ රෝද කට්ටල අතරේ පවා මිනිස් සිරුරු කොටස් තිබී හමුවුණු බවය.ඇමෙරිකා හමුදා සෙබළුන් තවමත් කාබුල් අගනුවර ගුවන් තොටුපොළේ රැදී සිටින අතර, ඇෆ්ගන් සිවිල් වැසියන්ට එරටින් පිටවීමට අවශ්‍ය සහාය ලබා දීම සිදු කරයි. ඇමෙරිකන් සොල්දාදුවන්ගේ සහායට කැනඩා හමුදා බලඇණියක් ද පැමිණ සිටින බව පැවැසෙයි.
ඇෆ්ගන් සිවිල් වැසියන්ට එරටින් පිට වීමට සහය දුන්නේ කව්ද?
{ "answer_start": [ 330 ], "text": [ "ඇමෙරිකන් හමුදා" ] }
afd3a315-73a2-4ae9-ba75-13f9138735d7
සෝමාලියාව දේශපාලනික වශයෙන් අස්ථාවර වූ අප්‍රිකානු රාජ්‍යයකි. ඉස්ලාමීය ත්‍රස්තවාදීන්, බෙදුම්වාදී කැරැලිකරුවන් සහ සෝමාලි රජයේ හමුදා අතරේ නිරන්තරයෙන් ගැටුම් පවතී. ජනාධිපතිවරණයක් පැවැත්වූයේ නම්, ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගෙන් හෝ බෙදුම්වාදීන්ගෙන් ප්‍රහාර එල්ල වීමට ඉඩ තිබූ බැවින්, ජනාධිපතිවරයා තෝරා ගැනීම පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ ඡන්දයනේ රහසේ පැවැත්විණි. මෙය සෝමාලියාවේ ප්‍රජාතන්ත්‍රවාදය තවත් පිරිහීයෑමක් යැයි බටහිර රටවල් චෝදනා කළේය. නව ජනාධිපති ලෙස එම ධුරයට පත් වූයේ හිටපු ජනාධිපති හසාන් ෂෙයික් මහමුද්ය. 2012 සිට 2017 තෙක් කාලයේ ජනාධිපති ධුරය හෙබවූයේ ද 66 හැවිරිදි හසාන් ෂෙයික් මහමුද්ය. ඡන්ද විමසුම ආරක්ෂිතව පැවැත්වූයේ හමුදා කඳවුරක් තුළය. ඡන්ද විමසුම පැවැත්වෙද්දී පවා මොගඩිෂු අගනුවර බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවිය.
නව ජනපති ලෙස පත්වූයේ කව්ද?
{ "answer_start": [ 480 ], "text": [ "ෂෙයික් මහමුද්ය" ] }
6fe6e6bd-d4c4-4cb1-b3d5-1bc49d295302
එයින් පසු වෛද්‍ය මණ්ඩලය රැස් වී උසාවි නියෝගය ක්‍රියාත්මක කරන බවට ඒකමතිකව තීරණයක් ගෙන දියණියගේ දෙමව්පියන්ට සහ විනිසුරුවන්ට මේ බව දැනුම් දෙන ලදී. වෛද්‍යවරුන් ඇයට විෂ එන්නත් කිරීමට ඉදිරිපත් නොවූ අතර සිහිමුර්ඡාවෙන් සිටින ඇයගේ ඔක්සිජන් මුඛ ආවරණය ගලවා දැමීමට තීරණය කළේය. එය ගැලවීමෙන් පසු ඇය තත්පරයකුදු ජීවත් නොවූවාය. දෙමව්පියන්ට ද මහත් ඇස්වැසිල්ලක් විය. නමුත් එදින ඇයගේ තිස් එක් වන උපන් දිනයයි. විසි එක් වන උපන්දිනය පසු වී ඉන් ආසන්න දිනයක දී සිට තිස් එක් වන උපන් දිනය දක්වා වසර දහයක් සිහි මුර්ඡාවෙන් සිටි ඇය තම පෙම්වතාගේ පැතුම අනුව ඔහුගේ ලෝකයටම ගත්තේය.
උසාවි නියෝගය ක්‍රියාත්මක කරන බවට ඒකමතිකව තීරණය කලේ කවුරුන්ද?
{ "answer_start": [ 10 ], "text": [ "වෛද්‍ය මණ්ඩලය" ] }
6826da21-af94-4cf9-b4ed-da2eaff3811f
2019 වසරේ අවසන් වරට සෑම් ඇන්ටනිගේ 100 දමිල චිත්‍රපටයේ දුටු හංසිකා මෝටවානි පසුගිය දෙවසර තුළ දකුණු ඉන්දීය සිනමාව තුළ දකින්නට නොලැබුණ නිළියකි. කෙසේ වෙතත්, මේ වනවිට ඇයගේ අලුත්ම චිත්‍රපටය නිකුත් විමට නියමිතව ඇති අතර, ඒ 'මහා' චිත්‍රපටයයි. එළැඹෙන ජූනි 10 වැනිද දකුණු ඉන්දීය සිනමා ශාලාවල එය ප්‍රදර්ශනය කිරිමට නියමිතව ඇත. එමෙන්ම හංසිකා රංගනයෙන් දායක වූ ‘මහා’ චිත්‍රපටයට අමතරව තවත් චිත්‍රපට හයක වැඩ කටයුතු මේ වනවිට නිම කර තිබෙන බවද වර්තා වෙයි.
'මහා' චිත්‍රපටය කෙදින ප්‍රදර්ශනය කිරිමට නියමිතද?
{ "answer_start": [ 233 ], "text": [ "එළැඹෙන ජූනි 10 වැනිද" ] }
bece7d21-6e74-42b7-a297-215e99fb49a4
දේවේන්ද්‍ර මූලාචාරීන් ලියන්වෙල පදිංචි වූ පසු ඔහුගේ පැරණි ගම අත්හැර දමා ඔහු රාජශිල්ප නමින් තම දරුවන්ට හඳුන්වා දී ඇත. ලියන්වෙල ගම ආසන්නයේ පිහිටි වෑවලින් විවාහ වූ දේවේන්ද්‍ර මූලාචාරී හෙවත් රාජශිල්ප කිසි විටකත් තම දරුවන්ට මම දේවේන්ද්‍ර මූලාචාරී යන අදහස ලබාදී නැත. එහෙයින් පැහැදිලි වන්නේ තම පරපුරේ අභිමානය රැකගැනීමේ අදහසින් දේවේන්ද්‍ර මූලාචාරීන් තම නම හා වග වාසගම් සියල්ල අත්හැර දමා තිබූ බවය. රාජශිල්පට සිටි පුතුන් දෙදෙනාගෙන් වැඩිමහල් පුතා වූ දවුණ්ඩනයිදේ ද වෑවලින් විවාහ වී ඇත. දවුණ්ඩ නයිදේට පුතුන් නොසිටි අතර දියණියන් තිදෙනෙක් සිටියහ.
දවුණ්ඩනයිදේ විවාහය සිදුකර ගත්තේ කොහෙන්ද?
{ "answer_start": [ 452 ], "text": [ "වෑවලින්" ] }
50cc5fe5-b4bf-448a-a003-7794be14ff25
ප්‍රංශ ජනපතිගේ පෙම් පලහිලව්ව හා තෙවැනි කසාදය තුළින් ඔහුගේ ජනප්‍රියත්වය බිංදුවටම බැස්සේය. ඔහු රට පාලනය කරනවා වෙනුවට තම නිරුවත් ඡායාරූප මාධ්‍යයන්ට විකුණන සුරූපිනියක් සමඟ සැප විඳින, වගකීමක් නැති සෙල්ලක්කාර පුද්ගලයකු බව විරුද්ධවාදීහු ඔහුට චෝදනා කළහ. තම පෞද්ගලික ජීවිතය දේශපාලන කටයුතුවලට සම්බන්ධ කරගන්නට එපා යයි නිකලස් ඉල්ලා සිටියේය. මාධ්‍යයන් ඔහුට එරෙහිව මෙහෙයුමක් ඇරැඹුවේය. තම පෞද්ගලික ජීවිතයේ විවිධ සිද්ධීන් මෙන්ම, පෙම් සබඳතා තුළින් ලැබූ අපකීර්තිය හේතු කොටගෙන 2012 මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබූ නිකලස් සාර්කෝසිට ප්‍රංශයේ ජනපති පදවිය පළමු වටයෙන්ම අහිමි විය.
නිකලස් ඉල්ලා සිටියේ කුමක්ද?
{ "answer_start": [ 249 ], "text": [ "පෞද්ගලික ජීවිතය දේශපාලන කටයුතුවලට සම්බන්ධ කරගන්නට එපා යයි" ] }
e9a8e3ef-7c8b-49da-9337-c17ef5e27cc9
නුවරඑළියේ පිහිටි බොහෝ දෙනෙක් නොදන්නා විශේෂිත සංචාරක ස්ථානයක් වන්නේ සඳතැන්න යි. සඳතැන්න මහජනතාවට විවෘත වූයේ මෑත කාලයේදී වීම ඊට එක් හේතුවක් ලෙස හඳුනාගත හැක. නුවරඑළිය වැලිමඩ ප්‍රධාන පාරේ ග්‍රෙගරි වැව අන්තයෙන් වමට හැරී කිලෝමීටර් දෙකක් පමණ ගිය විට මීට ළඟා විය හැක. 1958 වසරේ ආරම්භ කළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් නුවරඑළිය සීතා එළියේ බිජ අර්තාපල් ගොවිපළ මෙහි පවතියි. හෙක්ටයාර් එකසිය පනස් පහක වපසරියකින් යුතු මෙම භූමි භාගයේ කොටස් කිහිපයක් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාලනය කරයි. සඳතැන්නේ ඇති විශේෂතා කිහිපයකි. එනම් අංශක 360 ක කෝණයකින් පිදුරුතලාගල, කිරිගල්පොත්ත, හග්ගල සහ නමුණුකුල ආදී ප්‍රධාන කඳුපන්ති 09ක් මෙහිදී නිරීක්ෂණය කළ හැකිය. ඒ සඳහා සඳතැන්න පාරිසරික කලාපයේ ඉහළම තැන විශේෂ නැරඹුම් අට්ටාලයක් ඉදිකර තිබේ. තවද, මෙම මනරම් පරිසරයේ පවතින්නේ ඉතා ඉහළ ජෛව විවිධත්වයක් වන අතර වගේම මධ්‍යම කඳුකරයේ දී දැක ගත හැකි ගෝනුන් , වලස් වඳුරන් , ඕලුමුවන් සහ කුළු හරක් ද මෙම භූමියේදී දැකගත හැකිය. එමෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු විශේෂ කිහිපයක් සහ දුර්ලභ පක්ෂි විශේෂද මෙහිදී නිරීක්ෂණය කළ හැක.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් නුවරඑළිය සීතා එළියේ බිජ අර්තාපල් ගොවිපළේ විශාලත්වය කොපමණද?
{ "answer_start": [ 362 ], "text": [ "හෙක්ටයාර් එකසිය පනස් පහක" ] }
4f70c733-1150-4939-85fa-c53fccf319ba
සිරගත වූවන් නිදහස්ව යළි සමාජයට මුදාහැරීමට පෙර ඔවුන් පුනරුත්ථාපනය කිරීම මෙන්ම, ඔවුන්ට දෛනික ආදායමක් උපයා ගත හැකි පරිදි වෘත්තීය පුහුණුවක් ලබා දීම පිණිස ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය. සමාජ හා මානව විද්‍යාව හදාරණ විද්‍යාර්තීන්ට බන්ධනාගාරය කදිම පර්‍යේශනාගාරයක් වෙනු නිසැකය. සිරකරුවන්ගේ ලෝකය විස්මිතය. ඔවුන්ගේ සිතුම් පැතුම්, කතා ව්‍යවහාරය, හැසිරීම් රටාව පිටස්තර ලෝකයට වඩා හාත්පසින්ම වෙනසි. එහි දුට හැක්කේ අපූර්වතම සමාජ උපසංස්කෘතියකි. සිරකරු ප්‍රජාව ඉතා උගත් මෙන්ම නූගතුන්ගෙන් ද සැදී සංකීර්ණ සමාජයකි. එම සමාජ ස්ථරය තුළ විවිධ කලා කුසලතාවන්ගෙන් හා වෘත්තීමය හැකියාවන්ගෙන් පිරිපුන් පුද්ගලයින් ද සිටින බැව් නිරීක්ෂණය විය.
සමාජ හා මානව විද්‍යාව හදාරන විද්‍යාර්තීන්ට පර්‍යේශනාගාරයක් වන්නේ කුමක්ද?
{ "answer_start": [ 259 ], "text": [ "බන්ධනාගාරය" ] }
e21926c9-d55d-452f-b46d-6a9b48b7bbd1
කරඳහෙල තරණය කිරීම සඳහා අපි උදේ දහය පමණ වන විට කඳුපාමුලට ගොස් සිටියෙමු. තරුගල්ලෙන ආරණ්‍යයේ කටයුතු භාරව සිටින බැලුම්මහර ශාන්තසිරි හිමියන් බැහැදැක අපි ඒ සඳහා අවසර ලබාගත්තෙමු. මෙහි ඇති ඓතිහාසික කාරණා පිළිබඳව කෙටියෙන් නමුත් වැදගත් දේ කියාදුන් උන්වහන්සේ අපට අවවාදයක් ද කළහ. ඒ මෙම භූමියේ ඉහළ කොටසේ වලසුන් සිටින නිසා ආරක්ෂාව තහවුරු කරගතයුතු බවය. මුහුදු මට්ටමේ සිට අඩි 633 ක් වූ කරඳහෙල කන්ද රුදුරු වනසතුන්ගේ නිවහනකි. පාළු වනගත ස්වභාවයක් උසුලන කඳු ගැටයට නැගීමේදී ගල්තලා කීපයක් ඔස්සේ ගල විද සකස් කර ඇති අත්වැටවල් අල්ලාගෙන ඉතා බිහිසුණු ගමනක් යා යුතුය. බිහිසුණු බෑවුම් කීපයකින් ගමන් කරද්දී සිහියට එන්නේ යළිත් ආපසු ගමන් ගතහැකිද යන්නයි. ගල්තලා බෑවුම දිගේ ඉහළට ගිය පසු විවේක ගත හැකි ස්ථාන හමුවෙයි. එම ස්ථානයේ පිහිටි බුදුපිළිම වහන්සේ අසළට ගියවිට ගත සිත වෙහෙස ක්ෂණිකවම පලායයි.
මෙම භූමියේ ඉහළ කොටසේ සිටින්නේ කවුද?
{ "answer_start": [ 291 ], "text": [ "වලසුන්" ] }
e7342d14-9149-42d6-a885-abf1b5df0a7e
රෑට ඉටි කොළයක් බිම එළනවා. රාත්‍රී කාලයට ඒ ඉටි කොළයට පින්න වැටෙනවා. ඒ එකතුවෙන පින්න තොලගාලා පිපාසය සංසිඳුවාගන්න ආකාරයත් අපට පුහුණු කළා. ගස් කොළන්වල පොතු කොළ කා බඩගින්න නිවාගන්න හැටිත් මේ පුහුණුවේදී අපට ඉගැන්නුවා. අපි මේ සියලුම පුහුණුවීම් සාර්ථකව නිමා කර ලංකාවට ආවා. ලංකාවට ඇවිත් අපේ හමුදාවේ සෙබළුන්ට කමාන්ඩෝ පුහුණුවීම් ලබාදෙන උපදේශකවරයෙකු ලෙස සේවය කළා. මාත් එක්ක ඉන්දියාවේ පුහුණුවීම්වලට ගිය කපිතාන් දයා සෙනරත් මහත්තයා පසුකාලයක හමුදා සේවයෙන් ඉවත්ව ගියා. අපේ හමුදා සෙබළුන් කණ්ඩායමකට අම්පාර සතුරුකොණ්ඩාන් කඳවුරේදී පුහුණුවීම් ලබාදෙන කාලයේ පොළඟෙක් අල්ලා අමුවෙන් කාලා පෙන්නුවා. දවසක් පුහුණුවෙන කමාන්ඩෝ සෙබළුන්ට නයෙක් මරලා කන්න දෙන්න තිබුණා. නයෙක් හොයාගන්න එක අමාරුවුණා. නයි පණික්කියෙක් හම්බවෙන්න මම ගියා. රුපියල් 100 ක් දීලා ඒ නයා ඉල්ලුවා. එයා දෙන්න කැමැති වුණේ නැහැ. ඊට පස්සේ මම නයා අත ගාන ගමන් නිලයක් ඇල්ලුවා. ටික වේලාවකට පසු නාගයා මියගියා. පණික්කියා මේ බව දැනගෙන හිටියේ නැහැ. සල්ලි දී මැරිච්ච නයා අරගෙන කඳවුරට ආවා.
නයෙක් මරා කන්න දීමට තිබුණේ කාටද?
{ "answer_start": [ 577 ], "text": [ "පුහුණුවෙන කමාන්ඩෝ සෙබළුන්ට" ] }
fcc3d8e9-7c1c-426a-b195-93d6abff1769
මේ අතර තමා විවාහ කර නොගතහොත් රූපාගේ ඥාතියා වූ චන්ද්‍රදාස ගේ ජීවිතයට හානි කරන බවට රොබට් හාමු රූපාට තර්ජනය කරයි. පොලිසිය සයිබු නානාගේ ආධාර ඇතිව චන්ද්‍රදාස සඟවා තිබූ ස්ථානය සොයා ගනී. එහිදී රොබට් හාමු හා ඔහුගේ සහචරයෝ අතර ඇතිවූ මාරක සටනකදී සූරසේනගේ ආධාරය පොලිසියට ලැබෙයි. පොලීසියට චන්ද්‍රදාසගේ ජීවිතය ගලවා ගත හැකි වෙයි. චන්ද්‍රදාස සූරසේනට කළගුණ සැලකීමට මාර්ග සෙවීය. සූරසේනට විරුද්ධව පොලිසිය විසින් ගොනු කර තිබූ සියළු චෝදනාවන්ගෙන් මුදාගෙන ඔහු නිදහස් පුද්ගලයකු ලෙස සමාජයට ඉදිරිපත් කිරීමට චන්ද්‍රදාස කටයුතු යොදයි. පොලීසිය ඔහු නිදහස් මිනිසෙකු ලෙස නිවේදනයක් නිකුත් කළේය.
පොලිසිය සයිබු නානාගේ අධාර ඇතිව සොයාගත්තේ කාවද?
{ "answer_start": [ 142 ], "text": [ "චන්ද්‍රදාස" ] }
51c0fe19-395a-464c-b97c-856d33d9119d
මසාඩා හි මෙහෙයුම් කණ්ඩායම වූ කිඩෝනයෙන් මෙහෙයුමට අවශ්‍ය නිලධාරීන් තෝරාගනු ලැබුවේ හරාරි විසිනි. කළු සැප්තැම්බර් මෙහෙයුමේ කොටස් සඳහා යොදවනු ලැබූ හැම ඒකකයකටම අදාළ දෙවන කණ්ඩායමක් ද විය. ගැහැනු සහ පිරිමි හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සැකකරුවන් හඳුනාගැනීමටත්, ඔවුන් හඹායාමටත් යොදවා තිබිණි. නමුත් පහර දීමට පෙර ඒ සැකකරු නිවැරදි පුද්ගලයාම බව තහවුරු කරගන්නට සිදුවිය. සැකකාර ත්‍රස්තයන් රැඳී සිටි නගර වෙත ගොස්, ඔවුන් පසුපස හඹායාම, රහසේ ඔවුන් ඡායාරූපගත කිරීම, ඔවුන්ගේ පුරුදු අධ්‍යයනය කිරිම හා ඔවුන්ගේ මිතුරන් සිටින ස්ථාන සොයාගැනීම, ඔවුන්ගේ සැබෑම ලිපිනය සොයාගැනීම, ඔවුන් නිතර ආ ගිය බීම හල් සහ අවන්හල් සහ ඔවුන්ගේ දින චර්යාව යන සියල්ලම පැයෙන් පැයට වාර්තා කිරීම මෙම සය දෙනාට පැවරුණු වගකීම් විය.
මෙහෙයුමට අවශ්‍ය නිලධාරින් තෝරාගත්තේ කොහෙන්ද?
{ "answer_start": [ 29 ], "text": [ "කිඩෝනයෙන්" ] }
7dcc13c1-0271-4bda-a046-f4cf231b33de
මීට පෙර සිදුවුණු අභ්‍යවකාශ සංචාර මෙන් නොව, ස්පේස් එක්ස් සමාගමේ අභ්‍යවකාශ සංචාරය සුවිශේෂී එකක් වන්නේ ඊට දින තුනක් ගතවීමය. ගගනගාමී සංචාරකයන් රැගත් ස්පේස් එක්ස් කැප්සියුල පෘථිවි කක්ෂයට පිවිසීමෙන් අනතුරුව එය පෘථිවිය වටා ගමන් කරයි. ඒ අනුව, පහළින් ඇති පෘථිවිය නරඹමින්, ඇති තරම් ශුන්‍ය ගුරුත්වයේ පා වෙමින් ඒ අපූරු අත්දැකීම විඳ ගැනීමට අවස්ථාව උදා වෙයි. සංචාරයේ අවසන් දිනය වෙද්දී, කැප්සියුලයේ ඇන්ජින් පණ ගැන්වීමක් සිදුවන අතර, එය යළි පෘථිවි වායුගෝලයට ඇතුළු වී පහළට පැමිණෙයි. යෝධ පැරෂූට් දිග හැරී, වේගය අඩාල වන අතර කැප්සියුලය පතිත වන්නේ ෆ්ලොරීඩාවට ඔබ්බෙන් සාගරයටය. ඇමෙරිකන් නාවික හමුදාව සීරුවෙන් සිටින අතර ගගනගාමීන් පමණක් නොව නැවැත නැවත භාවිතයට කැප්සියුලය ද ගොඩබිමට රැගෙන ඒම සිදුවෙයි.
වේගය අඩාල වී කැප්සියුලය පතිත වන්නේ කොහාටද ?
{ "answer_start": [ 526 ], "text": [ "ෆ්ලොරීඩාවට ඔබ්බෙන් සාගරයටය" ] }
a2bbb9c1-ce05-494d-a740-f01d5bb25f79
උදෑසනින්ම ගමන පටන් ගත් අපට කූඩැල්ලන්ගෙන් එතරම් බාධාවක් නොවුයේ වර්ෂාව සහිත කාලයක් එදවස නොවූ හෙයිනි. එමනිසා දුෂ්කර මග දිගේ පයිනස් කැලයට පිවිස යන්තමට හඳුනාගත හැකි අඩි මාර්ගය දිගේ අපි ඉහළටම ඇදුනෙමු. දසතම පයිනස් ගස්වලින් වටවී අප තනි වූ බවක් දැනෙන තරම් වූ අතර මුළු ප්‍රදේශයේම දැඩි නිහඬතාවක් විය. විනාඩි 20 ක් පමණ ගිය විට පයිනස් කැලය අවසන් වී අපි එළිමහන් වනපියසට ඇතුළු වුණෙමු.එය මාන පඳුරුවලින් වැසුණු දුෂ්කර කඳු තරණයක් සහිත ඉසව්වකි. නමුත් පරිසරයේ සුන්දරත්වය කියා නිම කළ නොහැකි තරම් වූයේ හාවාගල කන්දේ සුන්දර දර්ශනයයි. සබරගමු ප්‍රදේශය තුළ සුන්දරම හාවාගල කන්දේ සම්පූර්ණ දර්ශනය පැහැදිලිව දැක ගැනීමට ලැබුණි. ඊට අමතරව නන්පේරියල් නැගෙනහිර බෑවුමේ පිහිටි අවශේෂ කඳු කිහිපයක් ද අපට දැක ගැනීමට ලැබුණි. කෙසේ හෝ ලිස්සන සුලු බොහෝ උසට වැඩුණු මාන පඳුරු යාය පීරගෙන අප ඉහළටම ගමන් කළේ මුහුදු මට්ටමේ සිට අඩි 7000 ක පමණ උසකට ළඟා විය යුතුව තිබූ හෙයිනි.
විනාඩි 10ක් පමණ ගිය විට අවසන් වූයේ කුමක්ද?
{ "answer_start": [ 315 ], "text": [ "පයිනස් කැලය" ] }
b91014a9-d8f4-4952-bc15-0f3af58cab07
දුම්රිය තුළ තැනෙන අනියම් පෙම් කූඩු තාවකාලිකය. පැයකට අධික දුම්රියේ ගමන් වාරය තුළ විනෝදයට සහ පාළුව මකාගනු වස් මෙවැනි ක්‍රියාවලට පෙළඹෙති. රඹුක්කන සිට පැමිණෙන යොහාන් සේවය කරන්නේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේය. වයස 23ක් පමණ වන ඔහු දිනපතා උදේ - හවස දුම්රියෙන් ගෙදර යන්නෙකි. මොහු පිළිබඳවද අපට විස්තර ලැබුණු පසු කොළඹ කොටුවේ සිට අපි ඔහු ගැන විමසිලිමත් වීමු. කාර්යාල භූමියේ සිටම පැහැපත් තරුණියක් සමඟ අතිනත පටලවාගෙන කෝමළ විලාශයෙන් පයින්ම කොටුවට පැමිණ දුම්රියට ගොඩ විය. කෙසේ හෝ ෆුල් පැක් කරන ලද දුම්රිය පෙට්ටියක ඉතා සියුම් ස්පර්ශ මැද ඔවුන්ද අනෙක් ජෝඩු මෙන් ඔවුන්ගේ ආදර ලෙවට පිවිසුණහ. ගැස්සි ගැස්සී, පැද්දි පැද්දී හූ හඬ නඟමින් අඳුරත් අරගෙන දුම්රිය ඇදෙන විට ඔවුන් කඩල කමින් දෑත් පටලා සුරතල් වෙමින් ගමන් කළහ.
යොහාන් පැමිණෙන්නේ කොහේ සිටද?
{ "answer_start": [ 135 ], "text": [ "රඹුක්කන සිට" ] }
dd16d093-6129-4349-9ec7-7112eff7237e
ස්ත්‍රිය වනාහි අතීතයේ සිටම සෞන්දර්යාත්මක රසකාමීන්ගේ රස නහර පුබුද වූ වස්තු විෂයයකි. එය පෘථග්ජන සාමාන්‍ය මනුෂ්‍යයාට පමණක් නොව රිසි රස දැනූ සාහිත්‍යකාමී භික්ෂූන්ට ද පොදු විය. සැළලිහිණි සංදේශ කාව්‍ය වාර්ණනාව විරචිත තොටගමුවේ ශ්‍රී රහල් හිමියන් සැළලිහිණියාගේ ගමන් මගේදී නෙත ගැටෙන ස්ත්‍රියන් අපූර්වතම උපමාවන් කැටිව වර්ණනා කර තිබේ. මෙම ලිපිය මගින් උත්සුක වනුයේ රජ ගෙදර කවටයා වූ අන්දරේ විසින් ස්ත්‍රීන් අරභයා කියන ලද වර්ණනාත්මක හිටිවන කාව්‍යයන් පිළිබඳ විමසුමක යෙදීමටය. අන්දරේ යනු කවරෙක්දැයි විමසූ කල ඔහු පිළිබඳව නොදන්නා අයෙකු නොමැති බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. මන්ද ඒ තරමටම අපගේ ජන සමාජය තුළ අන්දරේගේ චරිතය මුල්බැස ඇති බැවිනි. අපේ ජනශ්‍රැතියේ එන ජනකතා අතර අන්දරේ හා සැබැඳුණු කතා බොහොමයක් වේ.
අන්දරේ විසින් ස්ත්‍රීන් අරභයා කියන ලද වර්ණනාත්මක කාව්‍යයන් මොනවාද?
{ "answer_start": [ 419 ], "text": [ "හිටිවන කාව්‍යයන්" ] }
bae1cdc2-2202-4848-b540-3d2357a50b14
පලාගිය සැකකරු වීසා අවසන් වූ පසු යළි මෙරටට පැමිණෙන බව පොලිසිය හොඳින් දැන සිටියේය. සැකකරු කෙරෙහි පොලිසිය අවධානයෙන් සිටිද්දී මාස කිහිපයකට පසු ඔහු යළි රටට පැමිණ කටුනායක ගුවන් තොටුපළින් එද්දී අල්ලා ගැනීිමට ආගමන හා විගමන නිලධාරීහු සමත්වූහ. අල්ලාගත් සැකකරු පොලිසියට බාර කෙරිණි. පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණ. අධිකරණ නියෝග අනුව මේ වනවිට ඔහු ජීවිතාන්තය දක්වා වූ දඬුවමට යටත් කර සිරදඬුවම් විඳිමින් සිටී. ඒ අන්තවාදී සංවිධානය විනාශ කළ ද, යුද්ධය නිමවීමෙන් පසු මුස්ලිම්වරුන්ගේ ඇදහිලි මධ්‍යස්ථාන ද වැඩිවෙන්නට විය. නැගෙනහිර පළාතේ මුස්ලිම්වරුන් බහුල ප්‍රදේශවල අලුත් ආගමික ස්ථාන බිහිවෙන්නට ද පටන් ගත්තේය.
ඔහුව අල්ලා ගත්තේ කව්රුන්ද
{ "answer_start": [ 201 ], "text": [ "ආගමන හා විගමන නිලධාරීහු" ] }
fc7a52fa-7420-4846-9690-4cddec4e97e7
එම්.ඒ. මැකේ මියගියේ 1928 අප්‍රේල් 6 වැනිදාය. මොහු කාටර්ගේ ගවේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකි. මියගියේ ආසනික් විස වීමෙනි. මර්වින් හර්බට් මියගියේ 1929 මැයි 26 වැනිදාය. මොහු ද කානර්වොන් ආදිපාදවරයාගේ අඩ සොයුරෙකි. මියගියේ මැලේරියාව රෝගයෙනි. කැප්ටන් රිචඩ් බෙතෙල් මියගියේ 1929 නොවැම්බර් 15 වැනිදාය. මොහු හවඩ් කාටර්ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළේය. මේෆෙයාර් සමාජ ශාලාවේ මරණය සිදුවුණේ අබිරහස් අන්දමින්ය. රිචඩ් ලුට්රෙල් පිල්කිංග්ටන් බෙතෙල් යනු රිචඩ් බෙතෙල්ගේ පියාය. මොහු මියගියේ 1930 පෙබරවාරි 20 වැනිදාය. මහල් නිවාසයෙන් පැන දිවි නසා ගත්තේය. හවඩ් කාටර් මියගියේ 1923 පෙබරවාරි 16 වැනිදාය. තුතන්කාමන් සොහොන් ගැබ විවර කළේ කාටර්ය. හොඩ්ජ්කිං රෝගය වැලඳී මියයද්දී, ඔහුගේ වයස අවුරුදු 64ක් විය. කාටර්ගේ වැඩිමල් සොයුරු විලියම් ද එම වසරේ මියගියේය.
මැකේ මිය ගිය හේතුව කුමක්ද?
{ "answer_start": [ 94 ], "text": [ "ආසනික් විස" ] }
471895a0-3dd6-4b54-a1cb-3deac300f1d0
බොලිවුඩ් සිනමා තොරතුරු පිළිබඳව නිරන්තරයෙන්ම අවධානය යොමු කරන එක්තරා ජනප්‍රිය සිනමා වෙබ් අඩවියක් පසුගියදා අමුතුම සමික්ෂණයක් කර තිබුණි. ඒ වයස අවුරුදු 40 සීමාව ඉක්මවා ගිය හොඳම මව කවුද යන්න. මෙම සමික්ෂණයට ඔවුන් තෝරා ගෙන තිබුණේ වර්තමානයේ සිනමා කටයුතු වල නිතරව සිටින බොලිවුඩ් සිනමා නිළියන්ය. මේ අතරින් පළමු තැන හිමිව තිබුණේ අතිශය ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපෑ ලීසා රේය. ඇය මේ වනවිටත් නිවුන් දරුවන් දෙදෙනෙකුගේ මවක් වෙයි. දෙවැනි තැන සායිෆ් අලි ඛාන්ගේ බිරිඳ සුපිරි බොලිවුඩ් සිනමා නිළි කරීනා කපූර්ට ලැබි තිබුණි. තුන්වැනි තැන මේ වසරේ චිත්‍රපට කිහිපයකම දකින්නට සිටි ශිල්පා ෂෙට්ටිය. ඇයද මේ වනවිට මාස කිහිපයක වයසැති දරුවෙකුගේ මවක් බව සඳහන් වෙයි.
අමුතුම සමීකරණයක් සිදු කලේ කව්ද?
{ "answer_start": [ 60 ], "text": [ "එක්තරා ජනප්‍රිය සිනමා වෙබ් අඩවියක්" ] }
4f64b79f-7fc2-49a1-be81-31dc2f447b5c
ගොඩනැගිල්ලේ සැලසුම්කරු එවකට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ නම් දරාපු ගෘහ නිර්මාණ ශිල්පියා විය. ගොඩනැගිල්ල ඉදිකිරීම් භාරවූයේ එවකට සුප්‍රසිද්ධ ගොඩනැගිලි ඉදිකිරීම්කරුවකු වූ මරික්කර් බාස් නම් තැනැත්තාටය. අදටත් දක්නට ලැබෙන පැරණි නගර ශාලාව මෙන්ම මහතැපැල්හල ගොඩනැඟූ පුද්ගලයා ලෙස ගැනෙන්නේ ඔහුය. පැරණි නගර ශාලාවේ ඇති පුවරුවක ඔහුගේ නම පැහැදිලිවම දක්වා ඇත. මරික්කාර් නාමය අදත් සිහිගන්වන මාර්ගයක් අද කොටුවේ ඇත. ඉපැරණි ටයිම්ස් ගොඩනැගිල්ලත් ලංකාවේ පළමු ලංකා ගොඩනැගිල්ලත් දෙපස ආරම්භයේ ඇති එම මාර්ගය සර් රසික් ෆරිඩ් මාවතය. ශ්‍රීමත් රසික් ෆරිඩ්ගේ සීයා වන්නේ මරික්කාර් ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමේ මුල් හිමිකරුය. කෞතුකාගාරය ඉදිකිරීමේ කටයුතුවලට ආණ්ඩුකාරයා පෞද්ගලිකව මැදිහත් වීමටත් ඊට අවශ්‍ය පහසුකම් ලබාදීමටත් දක්වා ඇත්තේ දැඩි උත්සාහයකි. කෞතුකාගාරය විවෘත කළ දිනය ලෙස සැලකෙන්නේ 1877 ජනවාරි 1 වැනි දිනදීය. ඩී.එස්. සේනානායක අගමැතිවරයා වූ යුගය දක්වා කෞතුකාගාරයට සිකුරාදා දිනය නිවාඩු දිනයක් වී ඇත. ඊට හේතු වී ඇත්තේ ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරු වූ මුස්ලිම් බැතිමතා ආණ්ඩුකාරගෙන් කරන ලද ඉල්ලීමකි. තමන් පල්ලි පිළිවෙත් ඉටු කරන දිනය වන සිකුරාදා ට කෞතුකාගාරය විවෘත නොකරන ලෙස ඔහුගේ ඉල්ලීම විය. ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරු මරික්කාර්ගේ මුනුපුරා වූ සර් රසික් ෆරිඩ් තම අනුමැතිය මේ සඳහා ලබා දී ඇත.
අදටත් දක්නට ලැබෙන පැරණි නගර ශාලාව මෙන්ම මහතැපැල්හල ගොඩනැඟූ පුද්ගලයා ලෙස ගැනෙන්නේ කව්ද?
{ "answer_start": [ 140 ], "text": [ "ගොඩනැගිලි ඉදිකිරීම්කරුවකු වූ මරික්කර් බාස් නම් තැනැත්තා" ] }
1dff469c-ccd6-434b-9929-4b8945a99263
මේ දිනවල විකාශය වන "අනාමිකා" ටෙලි නාට්‍යය මාලාව අතිශය ජනප්‍රිය වීම පිළිබඳව එහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන සනි ලියොන් සතුටින් පසුවෙන බව සඳහන් වෙයි. මෑතකදී ඇය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදි පවසා තිබුණේ අතිශය කාර්යබහුල සමයක් ගෙවමින් සිටින මොහොතක තමන්ගේ ටෙලි නිර්මාණයක් මෙසේ අති සාර්ථක වීම සතුට දනවන්නක් බව ඇය පවසා තිබේ. මේ වනවිට චිත්‍රපට කිහිපයකම රූපගත කිරිම්වල නිරතව සිටින සනිගේ චිත්‍රපට බොහෝමයක් ඉදිරි කාලයේදී ප්‍රදර්ශනය වීමට පෙළ ගැසි තිබේ. ඇය පවසන්නේ කලා කටයුතු නිසාම තම පවුලේ උදවිය සමගින් හෝ රැඳෙන්නට තමාට වෙලාවක් වර්තමානයේ නොමැති බවය.
ප්‍රධාන නිළි චරිතයට සනි ලියොන් පණ පොවන චිත්‍රපටයක් වන්නේ කුමක්ද?
{ "answer_start": [ 19 ], "text": [ "\"අනාමිකා\" ටෙලි නාට්‍යය" ] }
2056358d-1a89-454a-bdb8-4dc5c0405560
ඔරංසෙබ් රාජ්‍යත්වයට පත් වූයේ තම රෝගී පියා වූ ෂා ජහාන් සිරකරුවකු බවට පත් කරමිනි. ෂා ජහාන් මිය ගියේ ක්‍රි.ව. 1666 දී ය. මිය යන තෙක් ම ඔහු ඔරංසෙබ්ගේ සිරකරුවෙක් විය. තම පියා කෙරෙහි කිසිදු අනුකම්පාවක් නොදැක්වූ ඔහු කිසි දිනෙක පියා බලන්නට ගියේ ද නැත. අග්‍රාවේ තිබූ සියලු ධනය අත්පත් කරගත් ඔහු තම සොහොයුරන් දඩයම් කිරීම ඇරඹීය. ඔරංසෙබ් ආලම්ගීර් (සර්ව ලෝක අධිපති) යන වදන තම නමට එක් කර ගත්තේය. ක්‍රි.ව. 1658 දී රාජ්‍යත්වයට පත් ඔරංසෙබ් ක්‍රි.ව. 1707 දක්වා පනස් වසරක් රජ කළේය. ඔහුගේ පාලන සමයේ මූගල් අධිරාජ්‍යය සමස්ත ඉන්දියාව පුරා ව්‍යාප්ත වී තිබිණි. එවැනි විශාල අධිරාජ්‍යයක් ඉන් පෙර ඉන්දියාවේ බිහි නොවූ අතර ප්‍රමාණයෙන් එය නන්ද, මෞර්ය හා දිල්ලි සුල්තාන් රාජ්‍යය ද ඉක්මවා තිබිණි. ඔරංසෙබ් ඉස්ලාම් ධර්මයට අනුකූලව රාජ්‍ය පාලනයේ නිරත විය.
ඔරංසෙබ් කොපමණ කාලයක් රාජ්‍ය පාලනයේ යෙදී සිටියාද?
{ "answer_start": [ 442 ], "text": [ "පනස් වසරක්" ] }
8c478688-3433-48d9-bd87-19404b531933
අවිස්සාවේල්ලේ මුණ්ඩිගල නායක හාමුදුරුවන් අප සමඟ ප්‍රකාශ කළේ අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධියෙන් හටගත් අෂ්ට ඵල බෝධියෙන් එකක් කැබිලිත්තේ රෝපිත බවය. මේ අෂ්ටඵල බෝධිය පිහිටි ස්ථානය කතරගම දෙවියන් තමන්ගේ හුදෙකලා භාවනා යෝගී කේන්ද්‍රස්ථානය කර ගන්නට ඇති බව උන්වහන්සේ ප්‍රකාශ කරන්නාහ. එම නිසා භික්ෂූන් වහන්සේලාද කැබිලිත්තේ වැඩම කරන්නාහ. එසේ යන ඇතැම්හු කහ දියරයෙන් යුත් වතුර කළයක් නා පේවෙන බව මුණ්ඩිගල නාහිමියෝ පැවසූහ. මුලින්ම සිදු කරන්නේ ඔයෙන් එගොඩ පිහිටි ඉපැරණි ඇසතු බෝධිය සඳහා ශ්‍රේෂ්ඨ වූ බෝධි පූජාවක් පැවැත්වීමයි. මේ සඳහා බොහෝ වන්දනා නඩ බෝධි පූජාවට භික්ෂූන් වහන්සේ නමක් වැඩමවා ගනිති. බෝධි පූජාව ක්‍රමානුකුලව සෙත්පිරිත් සජ්ඣායනයක් කෙටි භාවනාවක් සිද්ධ කරති. ඉන් පසු දෙවියන්ට පින් දී මුරුතැන් පූජාව සෑදීම ආරම්භ කරති.
ජය ශ්‍රී මහා බෝධියෙන් හටගත් අෂ්ඨඵල එකක් කොහේ රෝපිතව ඇත්ද?
{ "answer_start": [ 121 ], "text": [ "කැබිලිත්තේ" ] }
5db296d4-5649-4b78-9022-f27dd1a907cb
දිගම ලෙන සොයා යන විට ඊට පහළින් තවත් ලෙන් කිහිපයක් හමුවෙයි. ඒ සියල්ලේ කටාරම් කොට තිබේ. මේ ලෙන් සියල්ල ස්වභාවික නිර්මාණයන්ය. මුලින්ම හමුවන ලෙන තුළ මැටි ගසා ගත් කොටසක ස්වාමීන් වහන්සේ වැඩ සිටියහ. එම ලෙන ආසන්නයේ තවත් ලෙන් දෙකක් පිහිටා තිබේ. ඒවායේද කටාරම් කොටා තිබේ. එම ලෙන් දෙකට ඉහළින් පිහිටි ලෙන නාග ලෙනයි. නාගයකුගේ නියම ස්වරූපය පෙන්නුම් කෙරෙන නිසා එය නාග ලෙන ලෙස හැඳින්වෙයි. කඳුමුදුනේ වූ ගල් ලෙන් පේළියෙන් පසුව කරඳහෙළ කඳු බෑවුම් අනෙක් කොටසට වන්නට ආසියාවේ පිහිටි දිගම ගල් ලෙන හමුවෙයි. පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් ප්‍රකාශ කරන පරිදි උන්වහන්සේ ශ්‍රී ලංකාව තුළ දුටු විශාලතම ගල් ලෙන මෙයයි. ලෙන පාමුල පිහිටි භූමිය සමතලා භූමියකි. එම බිම් තට්ටුව මට්ටම් අටකින් යුක්තය. බිත්ති බැඳ තිබුණු බවට සැලකෙන ගඩොල් තැන තැන විසිරී තිබෙනු දක්නට ලැබෙයි. මුළු ලෙනම කටාරම් කොටා තිබේ. මෙම දිගම ලෙන ඉහළ කොටසේ කටාරමට යටින් අංක 1 සටහන කොටා ඇති බවත්, කන්ද මුදුනේ වූ ස්තූපවලින් එකක් පිහිටියේ එම ලෙන පිහිටි පර්වතය මත බවත් එම ලෙන රාජා ලෙන ලෙස හැඳින්වීමට යෝජනා කරන බවත් මේධානන්ද හිමියෝ දක්වති.
ලංකාවේ විශාලතම ගල් ලෙන දුටුවේ කවුරුන්ද ?
{ "answer_start": [ 483 ], "text": [ "පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්" ] }
101cb32e-4dec-4879-b2bf-d15f0d8c34ac
ගාල්ල ලන්දේසි බළකොටුවේ සිය නිල නිවසේ සිටින වරාය පාලකවරයා රූමස්සල කඳුවැටිය දෙසින් ගාල්ල වරායට ඇතුළුවෙමින් සිටින නෞකාව දෙස දෑස් දල්වා බලා සිටියි. මේ නැව සැතපුම් දහස් ගණනක් ගෙවා මාස ගණනක ගමනකින් පසු ගාල්ල වරායට සේන්දුවන්නේ ගාල්ලේ ගබඩාවල රැස්කර ඇති භාණ්ඩ රැගෙන යාමේ අපේක්ෂාවෙනි. තවත් නැවක් ගාල්ල වරායෙන් පිටවෙමින් තිබේ. වරාය පාලකවරයා ඒ දෙසත් තම නිල නිවාසයේ සිට බලා සිටියි. එදා 17 වැනි සියවසේ දී ලන්දේසීන් ගාල්ල කොටුව, ගාල්ල වරාය සහ ඒ අවට පාලනය කරන කාලයේදී වරායේ පාලකවරයා හෙවත් හාබර් මාස්ටර්ගේ නිල නිවස්න අදට ද ගාල්ල කොටුවේ දක්නට ලැබෙයි. ඒ දැනට ඕලන්ද රෝහල ලෙසින් හඳුන්වන නමුත් කලින් ඉංග්‍රීසි රෝහල පැවැති ගොඩනැගිල්ලටත් ගාල්ල මහාධිකරණ ගොඩනැගිල්ලටත් අතර මැදිනි.
ඕලන්ද රෝහල ලෙසින් හඳුන්වන්නේ කුමක්ද?
{ "answer_start": [ 452 ], "text": [ "වරායේ පාලකවරයා හෙවත් හාබර් මාස්ටර්ගේ නිල නිවස්න" ] }
39e4963b-e5d7-4eb1-ab9b-94aeaccce8f6
අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඇත්තේ සීමිත ඉඩ ප්‍රමානයකි. වරකට රැඳී සිටීමට පහසුකම් ඇත්තේ ගගනාගමීන් 6 දෙනකුට පමණි. එහෙත් මෙම නව නැවැතුම්පොළේ ඇති තරම් ඉඩකඩ සහ පහසුකම් තිබෙනු ඇති බව පැවැසෙයි. එය මහල් කිහිපයකින් ඉදිවන බවත්, උද්‍යානයක් ද ඇතුළේ නිර්මාණය කෙරෙනු ඇති බවත් නිර්මාණකරුවෝ පවසති. මෙම නව අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිකිරීමට අවුරුදු 30ක් ගත වනු ඇති බව පැවැසෙයි. අන්තර්ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කිරීමට වසර 10ක් ගත විණි. ඒ සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 100කට වැඩි මුදලක් වැය විණි. හත්තේ හැඩයේ නැවැතුම්පොළ නිර්මාණය කිරීමට එම මුදල මෙන් මිලියන 2.89ක් වැය වනු ඇතැයි කෙම්ප් මහතා කියා සිටී.
මෙම නව අභව්‍යකාශ නැවැතුම්පොළ ඉදිකිරීමට අවුරුදු කීයක් ගත වන බව පවසන්නේද?
{ "answer_start": [ 315 ], "text": [ "අවුරුදු 30ක්" ] }
3376e976-4b10-4f47-be93-6e4096015599
වෙන්නප්පුව හෙවත් පුංචි ඉතාලිය තවත් ආකාරයකින් වැදගත් වන හේතුවක් තිබේ. ඒ ලංකාවේ පමණක් නොව දකුණු ආසියානු කලාපයේම විශාලතම ‘ජනපදය’ පිහිටා තිබීමයි. ලුණුවිල නගරයට ආසන්නව පිහිටි මෙම ජනපදය ‘සිරිගම්පල’ ලෙස හැඳින් වේ. 1950 දශකයේ දී රජයට අයත් ඉඩම් අක්කර කිහිපයක් ජනතාව අතරේ බෙදා දීමෙන් ‘සිරිගම්පල’ ජනපදය බිහි විය. ඉන් අනතුරුව හිටපු අමාත්‍යවරයෙකු වන පෙස්ටස් පෙරේරා මහතා විසින් විශාල ඉඩම් අක්කර ගණනක් ජනතාවට බෙදා දුන්නේය. වර්තමානය වන විට ‘සිරිගම්පල’ ජනපදයේ පවුල් හාරදහසකට වැඩි ගණනක් පදිංචිව සිටින අතර එහි පදිංචි පිරිස දොළොස්දහස ඉක්මවයි.
වර්තමානය වන විට ‘සිරිගම්පල’ ජනපදයේ පවුල් කොපමණ සිටිනවාද?
{ "answer_start": [ 443 ], "text": [ "පවුල් හාරදහසකට වැඩි ගණනක්" ] }
08cfffa0-5434-4283-aa77-49478c1da685
මේ ගොඩනැගිල්ලේ ඇති භූමිය ගැන ලේඛන පිරික්සීමේ දී පෙනී යන්නේ බ්‍රිතාන්‍යයන් මුලින්ම මෙය පවත්වාගෙන ගොස් ඇත්තේ මානසික රෝහලක් ලෙස බවය. මේ ප්‍රදේශය අතීතයේ ‘කූඹි කැලේ’ ලෙස ප්‍රකටව තිබුණි. එදා කූඹි කැලේ ප්‍රදේශයට වත්මන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිලි භූමිය පවා අයත්ය. එදා රේස් කෝස් භූමියේ අක්කර 100 ක් වපසරියට අද රාජ්‍ය ලේඛණාගාරය, කොළඹ විශ්ව විද්‍යාලයේ භූමියෙන් මෙන්ම රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණය මෙන්ම බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණය ද අයත් ය. රේස් කෝස් එක පිහිටි භූමිය දෙස බලා සිටින්නේ සර් සොලමන් බණ්ඩාරනායක පිළිරුවයි. එය බ්‍රිතාන්‍ය රජය ඔහු ජීවතුන් අතර සිටියදීම ගොඩනගන ලද්දේ ඔහුට උපහාර පිණිස ය. සර් සොලමන් කවදත් අශ්ව ලෝලියකු විය. ඔහු ගමන්කොට ඇත්තේ අශ්වයකු පිට ය.
මෙය පවත්වාගෙන ගොස් ඇත්තේ කවුද?
{ "answer_start": [ 59 ], "text": [ "බ්‍රිතාන්‍යයන්" ] }
8f7fa7bf-ec51-4064-a278-6ae86f1e26e8
ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී හොඳම නළුවා ලෙස අට වරක් සම්මාන ලැබු හින්දි සිනමා නළු දිලිප් කුමාර් මීට දින කිහිපයකට පෙර හදිසියේ ඇතිවු රෝගාබාධයක් හේතුවෙන් මුම්බායි හි හින්දුජා රෝහලට ඇතුළත් කර තිබුණි. කෙසේ වෙතත්, පසුගිය ජුනි 10 වැනිද දිලිප් කුමාර්ගේ ඥාති පුතෙකු සිය ටිවිටර් ගිණුමට දැමු සටහනකින් පවසා තිබුණේ දිලිප් කුමාර් සුව වී නැවතත් ඔහුගේ මුමිබායිහි පිහිටි නිවසට පැමිණි බවය. 98 වැනි වියෙහි පසුවන දිලිප් කුමාර් පසුගිය වසර දෙකතුන තුළදී අවස්ථා කිහිපයකදීම හදිසියේ ඇතිවු රෝගාබාධ හේතුවෙන් රෝහල් ගත කරන්නට සිදුවිය. මෙවර ඔහු හින්දුජා රෝහලට ඇතුළත් කර තිබුණේ හදිසියේ ඇති වූ හදෘයබාධයක් හේතුවෙන් බව සඳහන් වෙයි.
ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී හොඳම නළුවා ලෙස අට වරක් සම්මාන ලැබු නළුවා කවුද?
{ "answer_start": [ 80 ], "text": [ "දිලිප් කුමාර්" ] }
8591df08-bcd1-4084-8b9c-79e44125b78d
කෙසේ හෝ තවත් හෝරාවක් ගත වන තැන අපි තවත් අඳුරු වන පියසකට ඇතුළු වුණෙමු. වන පියස අවසන් වන ඉසව්වේ නැවතත් විවෘත පැහැදිලි මගකට පැමිණී අතර එහිදී නන්පේරියල් ඉසව්ව මුල් වරට ගමනේ දී දැක ගත හැකි විය. පැරණි අශ්ව මාර්ගය ඔස්සේ හෝරා තුනක් ඇතුළත අපි කි.මී. 5 ක පමණ දුර ගෙවා අසිරු හා දුෂ්කර කඳු තරණය කරමින් නන්පේරියල් වත්තේ අඩි 6990 සඳහන්ව ඇති නාම පුවරුව අසලට පැමිණියෙමු. එතැන් සිට අපට ස්ථාන දෙකකට යා යුතුව තිබුණි. එනම් කැතිගහන ඇල්ල නොහොත් ගලගම ඇල්ලට සහ බේකර්ස් වංගුව පිහිටි ස්ථානයටයි. කඳු නැගීම බැසීම පදනම් කර ගනිමින් අප ප්‍රථමයෙන් තෝරා ගත්තේ හෝර්ටන් තැන්නේ මහ වනය මධ්‍යයේ පිහිටි ගලගම ඇල්ල නැරඹීමට යාමටයි. මෙහිදී අපට දැකගත යුතු දෙයක් තිබුණු නිසාවෙන් ඒ පිළිබඳව අසා දැනගත්තෙමු.
කදු නැගීමට මුලින්ම තෝරා ගත්තේ කුමක් නැරඹීමටද
{ "answer_start": [ 566 ], "text": [ "ගලගම ඇල්ල" ] }
b1af2e30-9f74-4dc3-85b0-d93cdb4dd87f
අනවසර සංක‍්‍රමණිකයන් පුරවා ගත් බෝට්ටුවක් මොරොක්කෝවට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 43 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය 43 දෙනා අතර බිලිඳන් තිදෙනකු ද සිටින බව පැවැසෙයි. බෝට්ටුව ගිලී යෑමෙන් පසු දිවි ගලවා ගනිමින් මුහුදේ අතරමං වී පාවෙමින් සිටි 10 දෙනකු බේරා ගැනීමට මොරොක්කෝ වෙරළාරක්ෂක නිලධාරීහු සමත් වූහ. සංක‍්‍රමණිකයන් රුගත්බෝට්ටුව මුහුදේ ගිලී ගියේ ස්පාඤ්ඤ කැනේරි දූපත අසල මුහුදේ යැයි ද පැවැසෙයි. සංක‍්‍රමණිකයන් බොහෝ දෙනා උතුරු ඇමෙරිකා රටවල සිට යුරෝපා රටවලට යෑමට උත්සාහ ගත් අය යැයි ස්පාඤ්ඤ වෙරළාරක්ෂක නිලධාරීහු පවසති.
සංක‍්‍රමණිකයන් බොහෝ දෙනා උතුරු ඇමෙරිකා රටවල සිට යුරෝපා රටවලට යෑමට උත්සාහ ගත් අය යැයි පවසන්නේ කවුරුන්ද?
{ "answer_start": [ 484 ], "text": [ "වෙරළාරක්ෂක නිලධාරීහු" ] }
45a42300-2400-4d45-bc70-667499fc6a9e
බුදුරජාණන් වහන්සේගේ ශාසනය ප්‍රධාන වශයෙන් ත්‍රිවිධාකාර වෙති. පර්‍යාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේධ ශාසනය යනුවෙනි. පර්‍යාප්ති ශාසනය යනු විනය පිටකය, සූත්‍ර පිටකය හා අභිධම්ම පිටකය යන පිටකත්‍රයත් අටුවා, ටීකා ආදී ග්‍රන්ථයනුත්ය. යම් භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ සාමණේර භික්‍ෂුවක හෝ සාමණේරී භික්‍ෂුණියක හෝ ශික්‍ෂා මානවකයෙකු හෝ ශික්‍ෂා මානවිකාවක හෝ ශ්‍රද්ධාවන්ත උපාසකයෙකු හෝ ශ්‍රද්ධාවන්ත උපාසිකාවක හෝ යන කවරෙකු විසින් හෝ ත්‍රිපිටක අටුවාදී ධර්ම ග්‍රන්ථයන් වනපොත් කිරීමකින් ධාරණය කර ගැනීමකින් හෝ පවත්වාගෙන එයිද එය පර්‍යාප්ති ශාසනය ආරක්‍ෂා කිරීම වේ. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයෙහි පැවති ප්‍රධාන ධූරයන් දෙක වන ග්‍රන්ථ ධූරය හා විදර්ශනා ධූරය යන ශාසන ධූරයන් දෙකෙන් පළමුවන ග්‍රන්ථ ධූරය පර්‍යාප්ති ශාසනයම වේ.
ප්‍රධාන වශයෙන් ත්‍රිවිධාකාර වන්නේ කුමක්ද?
{ "answer_start": [ 0 ], "text": [ "බුදුරජාණන් වහන්සේගේ ශාසනය" ] }
b8c2316b-005c-40bd-8e23-30adbed463e0
උදේ දීප්තිමත්ව පායා තිබූ හිරු පිටියේ දෙවිඳුගේ බලපෑමෙන් මොහොතින් අඳුරු වී අහස කළු වළාකුලක් පිරී තද අන්ධකාරයක් මැද ලේවැල්ල තොටුපළේදී පෘතුගීසි හමුදාව වට කළේය. දැඩි අන්ධකාරය මැද පෘතුගීසීන්ට කිසිවක් කළ නොහැකි විය. ඉතා කෙටි කලක් තුළ සිංහල හේවායින් අතින් පෘතුගීසි සේනාව මුළුමනින්ම විනාශ විය. ලේවැල්ල තොටුපල දෙපස පැතිර තිබූ සුදු වැලිතලාව පෘතුගීසි ලෙයින් තද රතු පාට විය. ඒ නිසා මේ තොටුපළේ නම ඉන්පසු ලේවැල්ල නමින් වෙනස්ව පැතිර ගියේය. ඉතා ප්‍රකට ගන්නෝරු සටන දෙවන රාජසිංහ කුමරු දියෝගුද මෙලෝ කැස්ත්‍රෝ පරදවා මරා ජය ගත්තේ 1638 දීය. ඊට පෙර දෙවන රාජසිංහ කුමරු යුද්ධයට පෙරහුරුව ලැබුවේ අඹතැන්න හා ලේවැල්ල සටන්වලදී ගන්නෝරු සටනට කුමරු පුහුණුව ලබා ගත්තේය. මහනුවර කටුගස්තොට සිට අඹතැන්න පිඟාඔය ඉවුරේ පිහිටා ඇත. එහෙත් අඹතැන්න සටන සිදුවූ වර්ෂය පැහැදිලි නැත. අඹතැන්නට පෙර ලේවැල්ල සටන සිදුවිය. ඒ 1635 අවට සිදුවූ බව සිතිය හැකිය.
අහස කළු වළාකුලක් පිරී තද අන්ධකාරයක් මැද පෘතුගීසි හමුදාව වට කළේ කොහේදී ද?
{ "answer_start": [ 113 ], "text": [ "ලේවැල්ල තොටුපළේදී" ] }
7845982f-3d96-4c11-a1f9-4edcca02ded2
ත්‍රස්තවාදී සංවිධාන ලෙස ඉස්ලාමිකයන් හා සම්බන්ධ සංවිධානය තුනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහනම් සංවිධාන ලෙස නම් කර ගැසට් කරනු ලැබිණ. එසේ තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුවේ ජමාතේ මිල්ලතු ඊබ්‍රාහිම් හා විලයාන් අස් සෙයිලනි සංවිධාන දෙක මෙන්ම ජාතික තවුහිද් සංවිධානය වේ. මේ සංවිධානය සෘජුවම පාස්කු ඉරිදා ප්‍රහාරය හා සම්බන්ධ වූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් නියෝජනය කළ සංවිධානයන්ය. මෙයින් සහරාන් නියෝජනය කරන්නේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයයි. එහෙත් ඔහුගේ ආරම්භය කොහේද? මේ සම්බන්ධයෙන්ද විවිධ මත තිබේ. ඒ අතර වඩාත් පිළිගැනීමට ලක්වන මතය ලෙස ඉදිරිපත්ව තිබෙන්නේ ඔහු ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය සමග කලක් එකට කටයුතු කර 2016දී පමණ එයින් ඉවත් වී වෙනම සංවිධානයක් ගොඩ නගාගෙන ඇති බවය.
එසේ තහනමට ලක් වූ සංවිධානයක් වන්නේ කුමක්ද?
{ "answer_start": [ 183 ], "text": [ "ජමාතේ මිල්ලතු ඊබ්‍රාහිම්" ] }
6c1cfa08-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
ඩයිනෝසර් යුගයට නෑකම් කියන අතිශය දුර්ලභ මෝර වර්ගයේ සත්ත්වයකු පෘතුග්‍රිසි විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ. පෘතුග්‍රිසියේ ඇල්ගාව් මුහුදු තීරයේ මීටර් 700ක් පමණ ගැඹුරින් ට්‍රොලර් යාත්‍රාවක පැටලී සිටියදී මෙම සත්ත්වයා හමුවී ඇත. මෙම සත්ත්වයා අවුරුදු මිලියන 80ක පමණ කාලයක සිට පැවතගෙන එන බැවින් සාගර විද්‍යාඥයින් විසින් ජීවී පොසිලයක් ලෙස හඳුන්වා ඇත. ලොකයේ මෙවැනි විශේෂ කිහිපයක් පමණක් හමුවන බවද විද්‍යාඥයින් පවසති. සිහින් දිගු සර්පයෙකුගේ වැනි ශරීරයකින් සමන්විත මෙම සතා පිරිමි සතෙකු වන අතර මීටර් ‍1.5 ක් දිගකින් යුක්ත වේ. කෙසේ වුවද විද්‍යාඥයින් පවසන්නේ මෙවැනි සතුන්ගේ ජීව විද්‍යාත්මක දත්ත සහ පරිසර සාධක සම්බන්ධව තවමත් අධ්‍යනය කර ඇත්තේ ඉතා සුළු වශයෙන් බවයි. ජපානයේ , නවසීලන්තයේ , අත්ලාන්තික් සාගරයේ ගැඹුරු මුහුදේ වෙසෙන බැවින් මොවුන් සම්බන්ධව අධ්‍යනය කිරීම පහසු නොවන බවද ඔවුහු පවසති.
පෘතුග්‍රිසියේ ඇල්ගාව් මුහුදු තීරයේ ට්‍රොලර් යාත්‍රාවක පැටලී සිටියදී මෙම සත්වයා හමුවූයේ කොපමණ ගැඹුරකින් ද?
{ "answer_start": [ 160 ], "text": [ "මීටර් 700ක්" ] }
30df3ceb-0ceb-4818-8b43-c6c64de8edda
එක්සත් ජනපදයට අමතරව දකුණු කොරියාව, තායිලන්තය, ජපානය හා ඕස්ට්‍රේලියාව යන රටවලින්ද රෝගීන් වාර්තා වී තිබේ. ජනවාරි මස මැද සිට පෙබරවාරි මස දක්වා යෙදී තිබෙන චීන අලුත් අවුරුද්ද හේතුවෙන් චීන වැසියෝ මිලියන ගණනක් රට පුරා මෙන්ම විදේශයන්හි පවා සංචාරය කරති. වැඩිදෙනෙක් ඒ සඳහා යොදාගන්නේ දුම්රිය හා ගුවන්යානා ය. ආසාදිතයෙකුගෙන් තවත් බොහෝ දෙනෙකුට රෝගය වැලඳෙන නිසා මෙම දිගු සංචාර හේතුවෙන් රෝගය පාලනය හා වැළැක්වීම දුෂ්කර වේ. මෙම කොරෝනා වෛරසය සාර්ස් හා මර්ස් වැනි මට්ටමේ උග්‍ර ශ්වසන රෝගයක් ලෙස හැඳින්වේ. මෙය මිනිසුන් හා සතුන් යන දෙවර්ගයෙන්ම බෝවෙන්නකි. ඇමරිකාවේ ටෙක්සාස් හා නිව්යෝර්ක් හි මෙන්ම චීනයේ විද්‍යාඥයන් එකතු වී මෙම වෛරසයට එරෙහි එන්නතක් සොයා ගැනීමට උත්සාහ කරමින් සිටිති. කොරෝනා වෛරසය ලෝකයට අලුත්ම හා භයානකම සෞඛ්‍ය තර්ජනයක් බව එම විශේෂඥයෝ ප්‍රකාශ කරති.
රෝගය පාලනය දුෂ්කර වන්නේ ඇයි ?
{ "answer_start": [ 351 ], "text": [ "දිගු සංචාර හේතුවෙන්" ] }
be4fa545-a68d-4500-a8dd-1458bb122b12
සුනිල්ගේ සහෝදරයෙකු වූ ටියුඩර් නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේ 1990දීය. එසේ අත්අඩංගුවට ගත් ටියුඩර් ඉහළ පොලිස් නිලධාරියෙකු විසින් එම පොලිස් ස්ථානයෙන් පිටතට ගෙනගොස් පසුව අතුරුදන්වූ බව පැවසේ. මෙසේ සිය සහෝදරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සුනිල් සිටියේ දැඩි කෝපයට පත්වය. මෙතෙක් තමන්ට හෝ පවුලේ කිසිවකුට අත තැබීමට කිසිදු පොලිස් නිලධාරියකු ඉදිරිපත් වූයේ නැත. හිටිගමන් වූ මෙම සිදුවීමෙන් ඔහු කෝපයටත් වේදනාවටත් පත්විය. ඉන් දින කීපයකට පසුව ඔහුට ඉහළ නිලධාරියකුගෙන් ඇමතුමක් ලැබිණ. වහාම පැමිණ තමන් හමුවන ලෙසට ඔහුට දැනුම්දෙනු ලැබිණ. එම දැනුම්දීම අනුව ඔහු සිය නිලධාරියා හමුවීමට බියගම හෝටලයක් වෙත ගියද ආපසු ආවේ නැත. ඔහුගේ සිරුර තවත් පස්දෙනකුගේ සිරුරු සමග කැලණි ගඟේ පාවෙමින් තිබී පසුව හමුවිය. එය සිදු වූයේ 1990 පෙබරවාරි මාසයේදීය.
1990 වසරේදී නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් ටියුඩර්ව අත්අඩංගුවට ගත්තේ කුමන පොලීසියෙන්ද?
{ "answer_start": [ 61 ], "text": [ "සපුගස්කන්ද පොලිසිය මගින්" ] }
d35b56e9-f99a-49c9-83ae-2f53e9dff6f8
මීට දින කිහිපයකට පෙර අවසන් වූ 75 වැනි කෑන්ස් සිනමා උළෙලට සහභාගි වූ ඉන්දීය තරු අතරේ විශේෂිත තැනක් දිනා ගැනීමට සූරූපි අදිති රාඕ සමත් විය. අදිති කැන්ස් සිනමා උළෙලකට සහභාගි වූ පළමු අවස්ථාව මෙය වූ අතර, ඇය ඒ සම්බන්ධව මීට දින කිහිපයකට සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ සටහනක් තබා තිබෙනු දක්නට ලැබුණි.මට සිනමාව කියන්නේ මායාවක්. ඒ වගේම ඉන්දීය චිත්‍රපට කර්මාන්තයේ කොටස්කරුවෙකු වීමට ලැබිම ඇත්තටම වාසනාවක්. ඒ වාසනාව මත තමයි මට කැන්ස් යන්න අවස්ථාව ලැබුණේ. ඇත්තටම එය හිතා ගැනීමට නොහැකි අපූර්වතම අත්දැකිමක් මගේ ජිවිතේ මා ලබපු ඇයගේ සටහන තුළ සඳහන් වී තිබුණේ එවැන්නකි.
මීට දින කිහිපයකට පෙර අවසන් වූ සිනමා උළෙල කුමක්ද?
{ "answer_start": [ 30 ], "text": [ "75 වැනි කෑන්ස් සිනමා උළෙල" ] }
ca0084a7-07d5-4f40-982c-233f1bd1a5c0
ප්‍රංශ ජනාධිපතිවරණය හෙට ඇරැඹේ. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අදියර දෙකකිනි. දෙවැනි අදියර අප්‍රේල් 24 වැනිදා පැවැත්වීමට නියමිතය. මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 12 දෙනකු ඉදිරිපත් වී සිටින අතර වත්මන් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තවත් පස් වසරක ධුර කාලයක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ප්‍රංශ ජනාධිපති නියෝජනය කරන්නේ මධ්‍යස්ථමතධාරී රිපබ්ලිකන් පක්ෂය යි. ප්‍රංශ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා ද ඇත්තේ, 2017 වසරේ මෙන්ම, මෙම ජනාධිපතිවරණයෙන් ද ප්‍රංශ ජනාධිපති මැක්රොන් ජයග්‍රහණය කරනු ඇති බවය. මැක්රොන්ට අභියෝගයක් එල්ල වනු ඇත්තේ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මැරීන් ලා පෙන්, ගෙනි. මැරීන් ලා පෙන් නායකත්වය දෙන්නේ ‘ජාතික පෙරමුණ’ පක්ෂයටය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සෙසු අපේක්ෂකයෝ දක්ෂිණාංශික, අන්ත දක්ෂිණාංශික පක්ෂ, වාමාංශික සහ අන්ත වාමාංශික පක්ෂ නියෝජනය කරති.
මැරීන් ලා පෙන් නායකත්වය දෙන්නේ කුමන පක්ෂයටද?
{ "answer_start": [ 606 ], "text": [ "‘ජාතික පෙරමුණ’" ] }
8831e522-5331-4ec2-a66b-23749b3dbb31
මෙවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර ජුලි මස 25 වැනි දින ආරම්භ වී අගෝස්තු මස 04 වැනි දින දහවල් පෙරහර පැවැත්වීමෙන් අනතුරුව නිමා වීමට නියමිතය. කෙසේ නමුත් මුළු මහත් ලෝකයම භීතියට පත් කළ වසංගතයක් වන කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර පෙරහර මහජනතාවට විවෘත නොවන බව මේ වනවිටත් ප්‍රකාශයට පත් කොට තිබේ. මෙවර පෙරහර පැවැත්වීමට සැලසුම් කොට ඇත්තේ සාමාන්‍ය ජනතාවට ඊට සහභාගි වීමට නොහැකි ආකාරයටය. ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ පෙරහර සුපුරුදු පරිදි වීදි සංචාරය කරන බවත් අලි ඇතුන් පනහක් පමණ ඊට සහභාගි කරවන බවත්ය. එතරම් අලංකාර පෙරහරක් ජනතාවට නැරැඹීමේ අවස්ථාව අහිමිවීම කනගාටුවට කරුණක් වුවත් වත්මන් නවීන තාක්ෂණය ඔස්සේ එය නැරැඹීමේ අවස්ථාව ජනතාවට හිමිවනු ඇත.
මෙවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර නිමා වන්නේ කෙසේද?
{ "answer_start": [ 83 ], "text": [ "දහවල් පෙරහර පැවැත්වීමෙන් අනතුරුව" ] }
73751b77-15b4-4948-840b-7dc73db478b9
එම ගැටලු සඳහා විසඳුම් සෙවීම සඳහා සමකාලීන දේශපාලනයේ නියුතු සේවා අමාත්‍යවරයා ලෙස සේවය කළ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි පරිශ්‍රමයක් ගත්තේය. එම උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස මොරගහකන්ද කළු ඟග සංවර්ධන ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත්විය. මේ වනවිට මොරගහකන්ද නිම්නය. නිල් දියවරින් පිරි ජල තටාකයක් පත් වී හමාරය. ශ්‍රී ලංකා වාසීන්ට මේ වනවිට පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක විශාලත්වයෙන් යුතු මෙම වාරි ව්‍යාපෘතිය නැරඹීමට හා වාරි තාක්ෂණය පිළිබඳ දැනුම ලබාගැනීම සඳහා එහි යා හැකිය. නමුත් සිතූ පමණින් ඔබට එහි යාමට නොහැකි නිසා අපි ඒ වෙත ගමන් කළෙමු. අප එම ඉසව්ව සොයා ගියේ හුදෙක් සංචාරය ලිපියක් සකස් කිරීමට වුවත්, අප අතීතයේ අසා තිබූ රජවරුන්ගේ දස්කම් වර්තමානයේ දී ඒ තුළින් දැකගත හැකි වූ නිසා අප එය සංචාරක ලිපියට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට ගොස් ඔබට දැනුම ලබාදීමට තීරණය කළෙමු.
වර්තමාන ජනාධිපතිවරයා කව්ද?
{ "answer_start": [ 104 ], "text": [ "මෛත්‍රීපාල සිරිසේන මහතා" ] }
c1f0c040-d4f8-411a-aba0-6b513ce80382
බුදුරජාණන් වහන්සේ අසූවයස් සපිරුණු කල්හි සම්බුදු කිස නිමවා පිරිනිවන්පෑමට සුදුසු කාලය දැයි විමසන ලදී. එවිට උන්වහන්සේ විසින් ශාසනය තුළ භික්ෂු භික්ෂුනී උපාසක උපාසිකා යන සිව් වැදෑරුම් කොටස් සිටින බැවිනුත් සම්බුදු සසුන ශක්තිමත් බැවිනුත් උන්වහන්සේ විසින් එම තීරණය එලෙසම සිදුකරන ලදී. එබැවින් බුදුරජාණන්වහන්සේ පිරිනිවීම මල්ල රජදරුවන්ගේ සාල වනෝද්‍යානයේදී සිදුවිය. එහිදී මල්ල රජවරුන් උන්වහන්සේගේ ආදාහනය සක්විති රජකෙනෙකුගේ ආදාහනයක් ලෙසින් ගෞරව බුහුමනින් යුතුව රන්දෙණක තැන්පත් කොට එම සියල්ල සිද්ධ කරන ලදී. බුදුන්වහන්සේගේ ශ්‍රී ශරීරය කපුපුළුන් පටල පන්සියයකින් වෙලා සඳුන් තෙලෙන් පොඟවා රන්දෙණෙහි තැන්පත් කරන ලදී. එනමුදු වුවත් බුදුන්වහන්සේගේ අධිෂ්ඨානය පරිදි ශ්‍රී දේහයට ගිනි නොදැල්විණි. මක්නිසාදයත් මහා කාෂ්‍යප මහ රහතන් වහන්සේ වැඩමකොට අවසන් වැඳුම වඳින තෙක් ශ්‍රී දේහයට ගිනි නොදැල්විණි. එහිදී මහා කාෂ්‍යප මහරහතුන් වහන්සේ වැඩසිටි පිප්ඵලි ගුහාව ඉදිරියේ මලක් හටගැනීමෙන් උන්වහන්සේ පිරිනිවන් පා ඇති බව දැනගන්නා ලදී.
කපුපුළුන් පටල පන්සියකින් වෙලා සඳුන් තෙලෙන් පොඟවා රන්දෙණෙහි තැම්පත් කළේ කාගේ ශරීරයද?
{ "answer_start": [ 493 ], "text": [ "බුදුන්වහන්සේගේ ශ්‍රී ශරීරය" ] }
97342f60-6d19-44fe-9153-6696e411af81
රංගජීව මහතා ඇතුලු ඔහුගේ සගයින් පවසන්නේ මෙම සිදුවීමට පෙර නවාස් මාස හයක් හතක් වැනි කාලයක් තුළ අවස්ථා ගණනාවකදී හෙරොයින් තොග වශයෙන් අල්ලා ගැනීමට සහයෝගය දී ඇති බවය. නවාස්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ඔත්තු ලබාදීමට සබඳකම් ඇති කරගත්තේ කෙසේද? යාපනේ පදිංචිකරුවෙක් වන මරිය රූබන් ඩිල්ෂාන් හා මීගමුවේ මොහොමඩ් නවාස් වැල්ලම්පිටියේදී හා වැල්ලවත්තේදී 2016 අගෝස්තු මාසයේදී රංගජීව මහතා ඇතුලු කණ්ඩායම කළ වැටලීම් දෙකක් අනුවය. කලක් රිමාන්ඞ් භාරයේ සිටි මේ දෙදෙනා පසුව අධිකරණයෙන් ඇප මත මුදාහැරුණි. ඉන් සතියකට දෙකකට පමණ පසුව මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේම නිලධාරියෙකු මුණගැසුණ නවාස්, මධුෂ් මෙරටට හෙරොයින් ගෙන එන මාර්ග ගැන තමන් ඉතා හොඳින් දන්නා බවත් ඒවා අල්ලා දීමට තමන්ට හැකියාව ඇති බවත් ප‍්‍රකාශ කර සිටියේය. මෙවැනි ඔත්තු සපයන්නන් ඕනෑ තරම් තමන්ට හමුව ඇති බැවින් මෙහි විශේෂත්වයක් නොදුටු මේ නිලධාරියා රංගජීව මහතාද දැනුවත් කරමින් ඔත්තුකරුවා සමග සබඳතාවය ගොඩනගා ගත්තේය. ඒ අනුව අවස්ථා කීපයකදී හෙරොයින් විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට රංගජීව මහතාගේ කණ්ඩායම සමත් විය. මීගමුවේ නවාස් කිසිවෙකුටත් කිසිදු සැකයක් ඇති නොවන පරිද්දෙන් පොලිස් පරීක්ෂක රංගජීවලාගේ විශ්වාසය දිනා ගැනීමට ඒ ආකාරයට මාස හයක් හතක් පමණ ගනුදෙනු කළේය.
හෙරොයින් අල්ලා ගැනීමට සහයෝගය දුන්නේ කවුරුන්ද ?
{ "answer_start": [ 56 ], "text": [ "නවාස්" ] }
8f258782-d25f-4165-abc5-15e91d25def4
පුරාවිද්‍යාත්මක ගවේෂණ අනුව ලංකාවේ ආදි මානවයා බලංගොඩ මානවයා පමණක් නොව පාහියංගල කැනීම් අනුව වසර 45,000 ට පෙර ආදි මානවයන් දුනු හී භාවිත කරමින් සතුන් දඩයම් කර ජීවත් වූ බවට ද සාධක හමුවිය. අපේ වංශ කථාවල සඳහන් වන්නේ ක්‍රි.පූ. 6 වැනි සියවස එනම් බුද්ධ කාලයේ දී තථාගතයන් වහන්සේ තෙවරක් වැඩම කරන අවදියේ මහියංගනයේ යක්‍ෂ ගෝත්‍රිකයන්ද කඳුකරයේ මෙන්ම නැගෙනහිර පළාත්වල නාග ගෝත්‍රිකයින්ද උතුරු පෙදෙස්වල දේව ගෝත්‍රිකයින්ද වාසය කළ බවකි. විධිමත් රාජ්‍ය තන්ත්‍රයක් ඇති වීමට පෙර එනම් දේවානම්පියතිස්ස යුගයට පෙර ගෝත්‍රික පාලනයේ විකාශනයක් ලෙසට ප්‍රාදේශීය නායකයින්ගේ වෙන් වූ පාලන ක්‍රමයක් පැවතුනි. මුළු දිවයිනම එක්සත් වූ විධිමත් ඒකීය රාජ්‍යයක් බවට සංවිධානය වූයේ මිහිඳු මාහිමියන්ගේ වැඩම කිරීමෙන් අනතුරුවය. උන්වහන්සේගේ උපදෙස් අනුව දෙවන පෑතිස් රජු ක්‍රියාකාරී වූ හෙයින්, ජනපද රාශියක් ඇති වුණි. විජය කුමරු පැමිණීමෙන් පසු අතීතයේ දී අනුරාධ ඇමැති අනුරාධ ගම ද උපතිස්ස ඇමැති උතුරු ප්‍රදේශයේ උපතිස්ස ගම ද අනෙක් ඇමැතිවරු දෙදෙනා උරුවේලා ජනපදය විජිත ගමද පිහිටු වූහ.
වසර 45000ට පෙර මානවයා සතුන් දඩයම් කිරීම සදහා භාවිතා කරේ මොනවාද?
{ "answer_start": [ 119 ], "text": [ "දුනු හී" ] }
f43a01a2-4df0-4cb3-95b5-23ea3a06de1e
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ඉන්දීය සංචාරයකට පැමිණියේය. ජපාන අග්‍රාමාත්‍ය ලෙස ෆුමියෝ කිෂිඩා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණ ගැසුණු පළමු අවස්ථාව මෙයයි. ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් පසු අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කළේය. ඉන්දියාව රුසියාවේත් යුක්රේනයේත් මිතුරකු වන අතර, රුසියන් යුක්රේන අර්බුදයේ දී මධ්‍යස්ථව කටයුතු කරයි. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හෙලා දැකීමට ඉන්දියාව කටයුතු කළ යුතු බවත්, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගයට විරුද්ධ වන ලෙසත් ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවෙමින් ඉල්ලා සිටියේය.
ජපාන අග්‍රාමාත්‍ය වන්නේ කවුද?
{ "answer_start": [ 18 ], "text": [ "ෆුමියෝ කිෂිඩා" ] }
61542bee-aee3-49c6-81e2-e3220cb99a4e
ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන්, සුදු පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් වරදකරු විය. ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධ නඩු විභාගය සති දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වුණු අතර තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ 12 දෙනකුගෙන් සමන්විත ජූරි සභාවක් මගිනි.ජූරි සභාවේ 6 දෙනකු සුදු ජාතිකයන් වුණු අතර, ඉතිරි 6 දෙනා ඇමෙරිකන් කළු ජාතිකයන් මෙන්ම ඇමෙරිකාවේ වෙසෙන සෙසු බහු වාර්ගියකයන්ගෙන් සමන්විත විය. ජූරි සභාව පැය 10 ක් තිස්සේ සාකච්ඡා පවත්වා අවනස් තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි මිනියැපොලිස් පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් ට පුද්ගල ඝාතන චෝදනා 3 ක් එල්ල වී තිබුණු අතර ඔහු එම චෝදනා තුනටම වරදකරු විය.
ඩෙරික් චෝවින්ගේ වයස කොපමණද?
{ "answer_start": [ 497 ], "text": [ "45" ] }
10dc0be7-0c14-4e77-a700-be280ae77a96
නූතන අශ්වයකුගේ වැනි හිසක් සහිත පියාසර කළ නොහැකි දැවැන්ත පක්ෂි විශේෂයක් අදින් වසර ලක්ෂ 500ට පෙර මිහිතලය මත දිවි ගෙවා ඇතැයි පර්යේෂකයෝ පිරිසක් කියති. මේ සත්ත්ව විශේෂය ආක්ටික් පෙදෙසේ සිට යුරෝපය හා ආසියාව තෙක් පැතිර සිටින්නට ඇතැයි ද ඔවුන්ගේ අදහස වී ඇත. කොලරාඩේ විශ්වවිද්‍යාලය, බෝල්ඩර් විද්‍යාලය හා චීන ෆොසිල අධ්‍යයන ආයතනයට එක්ව මේ පර්යේෂණ සිදුකර ඇත. පර්යේෂකයන් පවසන්නේ අශ්වයකුගේ හිසකට සමාන හිසකින් යුතු මේ අපූරු පක්ෂියා අශ්වයකුට වඩා විශාල හා බරැති සත්ත්ව විශේෂයක් වන බවයි. මොවුන් ශාක පත්‍ර‍, ඇට වර්ග හා පලතුරු ආදිය බුදිමින් ජීවත් වී ඇති බව හොටය අනුවර්ථනය වී ඇති ආකාරය අනුව විද්‍යාඥයෝ කියති.
මෙම පක්ෂියාගේ විශේෂත්වය කුමක්ද?
{ "answer_start": [ 415 ], "text": [ "අශ්වයකුට වඩා විශාල හා බරැති සත්ත්ව විශේෂයක්" ] }
ac5a4e52-b8f3-426b-96b0-3de99030e3a6
මෙවන් ප්‍රෞඩ වටිනාකමක් පවතින සමනළ කන්දේ අදටත් හුදෙකලා වූ කන්දක් තරණය කිරීමට අප පසුගියදා පිටත්ව ගියේ යම් ගවේෂණාත්මක මූලාශ්‍ර කිසිවක් හෝ ලැබෙතැයි සිතමිනි. මීටර් 1465ක් පමණ වන පැදුරුතලාගල කන්ද පිහිටියේ මීටර 1500ක් පමණ උසැති හීන් පිදුරුතලාව කන්දට අසල්වැසි වෙමිනි. පැදුරුතලාගල කන්ද සිරිපා යන බැතිමතුන් නිරායාසයෙන්ම දකින්නේ කුරුවිට එරත්න මාර්ගයෙන් යන විටදීය. මන්ද වර්ණගල අම්බලම පිටුපස ඇති මෙම කන්ද ඇතැම් අය වරණගල කන්ද ලෙස ද හඳුන්වනු ලබයි. කෙසේ හෝ මෙම අපූරු කන්ද මුල්වරට අප දුටුවේ මීට සිව් වසරකට පෙර අප කුණුදිය පර්වතය මුදුනට නගින විටදීය. වර්ණගල අම්බලම පිටුපස ඇති මෙම කන්ද බැලූ බැල්මට දැවැන්ත ගල් පර්වතයකි. මෙය ඉතා දිගු ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව පවතින අතර කන්ද තරණය කිරීමට අපගේ සහයට සිටියේ ගූගල් සිතියම පමණි.
පිදුරුතලාගල කන්දේ උස කීයද
{ "answer_start": [ 153 ], "text": [ "මීටර් 1465ක්" ] }
e8c5b0e7-48e1-4b3d-ad49-5b1a56f82f16
මෙයින් පැහැදිලි වන්නේ නිශ්ශංකමල්ලයන්ගේ පුත් වීරබාහු රාජ්‍යත්වයට පත්ව එක් දිනකින් ඝාතනය කරන ලද නිසා රජුගේ දෙවැනි බිසවු කල්‍යාණවතීගේ දරු ධර්මාශෝක ළදරුවා රහසිගතව ඇති දැඩි කොට නියම වයසේදී රාජ්‍යත්වයට පත් කරන ලද බවය. වංසකතාකරුවන් ධර්මාශෝක කුමරු තුන්මස් වයසැති බිලිඳෙකු සිහසුනට පත්කොට රාජ්‍යත්යට ගෙන ගිය බව සඳහන් කළද මෙම රජු විසින් නිකුත් කරන ලද කාසි වර්ග කීපයක්ම පසු කාලයේදී හමුව ඇත. තුන් මස් බිලිඳෙක් තමන්ගේ නමින් කාසි නිකුත් කරන ලද්දේ කෙසේද යන වග උගත් පාඨකයින් විචාරශීලීව කල්පනා කළ යුතුව ඇත. කෑගල්ලේ ඒජන්තවරයා වශයෙන් අයිවර්ස් මහතා කටයුතු කරන කාලයේදී බෙලිගල කැණීම් කටයුතු සිදුකරන ලදී. එහිදී සහාස්සමල්ල, ලීලාවතී සහ ධර්මාශෝක දේවගේ යන රජවරුන්ට අයත් කාසි 37 ක් හමුවී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පඬුවස්නුවර මාළිගයට දකුණින් පිහිටි පිළිම ගෙයක් හෑරීමේදී පැරණි කාසි විශාල තොගයක් හමුවී ඇත. එම කාසි අතර ධර්මාශෝක දේව රජුට අයත් අළුක්කාලේ මසු 108 ක් හමුවී ඇත. මෙතෙක් මේ වර්ගයේ කාසි ඉතා දුර්ලභ විය.
රජුගේ දෙවනි බිසවගේ දරුවා කවුද?
{ "answer_start": [ 135 ], "text": [ "ධර්මාශෝක" ] }
155316c5-50df-408c-99c7-ad4a0ac0e70f
අදටත් මේ ගුරුකම් කන්දට මේ ගම්වල මිනිසුන්ට තියෙනවා බිය මුසු හැඟීමක්. ඒ කන්දට තනියෙන් යන එක කොහොම වෙතත් කන්ද දිහා බලන බැල්ම අද්භූතයි. මේ මිනිසුන්ගේ විශ්වාසය වෙන්නේ හෙළන බැල්ලමකට හරි කන්දේ තියෙන ගුප්ත ගුරුකම් බලයෙන් යම් බලපෑමක් වෙනවා කියන අදහස. මේ කන්ද අනිත් කඳු වගේම දිය උල්පත්වලින් සතා සීපාවාගෙන් පිරිලා. අහළ පහළ ගම්වල ඉන්න මිනිසුන්ගේ එදිනෙදා ඕනෑ එපාකම් පිරිමහන්නේ මේ කන්ද. එහෙම වුණා කියලා සිරිතක් නැහැ මේ ගම්වල මිනිස්සු තනියම කන්දට යන. ඕනෑකමකට ගියත් යන්නේ කල්ලි ගැහිලා. එහෙම ගැහෙන කල්ලිය කවදාවත් සීමාවෙන්නේ නෑ තුන් දෙනෙකු හත් දෙනෙකුට. ඒ වගේම තියෙන නියමය වෙන්නේ දෙකෙන් බෙදෙන ගණනකින් තියෙන කල්ලියක් කන්දට යාම. මේ හැම දෙයක්ම එන්නේ බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් බලය හේතුවෙන්. ඒ වුණත් විශේෂම දේ වෙන්නේ බිහිරි හාමුදුරුවන් කවදාවත්, කාටවත් නරකක් නපුරක් නොකිරීම.
මිනිසුන් ගුරුකම් කන්දට යන්නේ කෙසේද?
{ "answer_start": [ 456 ], "text": [ "කල්ලි ගැහිලා" ] }
90398a32-63b3-4a64-bb8e-c662284b71af
සිංහල භාෂාවේ ප්‍රභවය වසර 6000 ක් පමණ ඈතට දිව යන බවත් පූර්ව ඉන්දු යුරෝපීය භාෂාවක් වූ එය ක්‍රි.පූ. 4500 - 3500 ක් අතර කාලයේදී දක්ෂිණ රුසියානු ප්‍රදේශවල එඬේරුන් විසින් භාවිත කළ කථන භාෂාවක් වූ බව සත්‍ය වශයෙන්ම පිළිගත හැකි බව ඔවුහු ප්‍රකාශ කරයි. දක්ෂිණ රුසියානු තණබිම්වල වැසියන් ආර්යයන් ලෙස යුරෝපයට සහ ආසියාවට සංක්‍රමණය වූයේ ඔවුන්ගේ එම ව්‍යවහාරික භාෂාව ද සමඟ බව ඔවුහු දෙදෙනා තවදුරටත් සඳහන් කරති. සින්ඩ් හෙවත් සින්ධු නදී තීරයෙහි පදිංචි වූ සිංහ වැසියන් ක්‍රමයෙන් ගංගා නම් ගංගා තැනිතලා පෙදෙස්වලට අවුත් ජනපද පිහිටුවා ගත් අතර, ක්‍රි.පූ. හත්වන ශත වර්ෂය වන විට සුර්සේනි නමින් ජනපදයක් යමුනා ගඟබඩ පිහිටුවා ගන්නා ලදී. මොවුන්ගේ අග නගරය වූ මථුරාව හඳුන්වන ලද්දේ ‘සිංහ පුරය’ යන නමිනි. සාරානාත් කෞතුකාගාරයේ ඇති මෙම පෙදෙසින් සොයා ගත් කෞතුක භාණ්ඩ විස්තර කර ඇත්තේ මථුරාව හෙවත් පැරණි සිංහ පුරයෙන් සොයාගත් ද්‍රව්‍ය වශයෙනි. සුර්සේනි ජනපදයේ සිට පැමිණි පිරිස ලංකාවේ රාජ්‍යත්වයට පත් වූහ. විල්හෙල්ම් ගෛගර් පඬිතුමා ‘ලංකාවට සිංහල නාමය ගෙන එන ලද්දේ පණ්ඩුවාසදේව විසින්’ යැයි පවසන්නේ මේ නිසාය.
මොවුන්ගේ අග නගරය වූ මථුරාව හඳුන්වන ලද්දේ කෙසේද ?
{ "answer_start": [ 645 ], "text": [ "‘සිංහ පුරය’ යන නමිනි" ] }
cf141fb8-296e-47e0-b94a-116763c65b6c
ගරුඬා කාද්රුගේ නිවෙස වෙත පියාඹන්නට පටන් ගත්තේය. එක්වරම ගරුඬා ඉදිරියට පැමිණි ඉන්ද්‍ර ඔහු හා සටනට සූදානම් වූයේය. අමෘත බඳුන සර්පයන්ට හිමිවීම වැළැක්වීම සඳහා ඉන්ද්‍ර කුමන පියවරක් අනුගමනය කරනු ඇද්දැයි ගරුඬා නොදැන සිටියේය. එහෙත් තම ආරක්ෂාව වෙනුවෙන් ඉන්ද්‍ර හා සටන් කිරීමට ගරුඬා තීරණය කළේය. නමුත් ඉන්ද්‍ර සතුව ඇති වජ්‍රායුධය යනු බොහෝ බලසම්පන්න ආයුධයකි. මෙයින් එල්ල වන පහරකින් බේරී සිටීම පහසු කාරණයක් නම් නොවේ. ගරුඬා ඉදිරියට පැන ගත් ඉන්ද්‍ර ඔහුගේ ඇඳුමෙහි වූ කොපුවෙන් වජ්‍රායුධය එළියට ඇදගත්තේය. එය ගරුඬා වෙත එල්ල කර පහර දුන් විට සිදුවූයේ ගරුඬාගේ එකම එක පිහාටුවක් පමණක් ගැලවී උගේ පාමුලට වැටීමය.
ඉන්ද්‍ර සතුව ඇත්තේ කුමක්ද?
{ "answer_start": [ 306 ], "text": [ "වජ්‍රායුධය" ] }
70ebb94e-e4e9-46b5-acbe-241d9de6ccc9
ඇමෙරිකාවේ ප්‍රාන්ත පුවත් නාළිකාවක පුවත් විකාශය අතරතුරේ අත්වැරදීමකින් අසැබි දසුන් පෙළක් තිරයේ දිස්වීමත් සමඟ ආන්දෝලනයක් නිර්මාණය වී ඇත.මෙම අසැබි දසුන් තිරයේ දිස්වන්න වූයේ කාලගුණ පුවත් වාර්තාකාරිනිය වන මිෂෙල් බෝස් දවසේ කාලගුණ තත්ත්වය ඉදිරිපත් කිරීමේදී ඊට අදාල ඡායාරූප ලෙසය.තත්ත්පර 13 ක් තිස්සේ අසැබි දසුන් දිස්වන්න වූ බවත් නරඹන්නන් දැඩි ලෙස අපහසුතාවට පත්ව, නාළිකාවට දොස් නගන්න වූ බවත් ඇමෙරිකන් පුවත් සේවා පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශණයක් ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි. සිදුවුණු දේ සම්බන්ධයෙන් පුවත් නාළිකාව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇති අතර, මින් ඉදිරියට මීට වඩා වගකීමෙන් යුතුව කටයුතු කරන බව ද නරඹන්නන්ට දන්වා ඇත.
කාලගුණික පුවත් වාර්තා කලේ කව්ද
{ "answer_start": [ 199 ], "text": [ "මිෂෙල් බෝස්" ] }
bd6bba2b-2048-492b-989c-0e8af36bbf05
ඔය විදිහට අපිට කුඩුකාරයොත් අත්අඩංගුවට ගන්න සිදුවෙනවා. මම උපායදූතයෙක් ලෙස යොදවා කළ වැටලීම් සාර්ථක වුණා. ඉතිං ඒකේ රහස වුණේම මම කුඩුකාරයින්ව හොඳින්ම වටහාගෙනම මෙම වැටලීම්වලට සම්බන්ධ වූ නිසා තමයි වඩාත් සාර්ථකව අදාළ පුද්ගලයා සමග ජාවාරමේ නිරතවූවන් ද අත්අඩංගුවට ගන්න හැකි වුණේ. මෙහෙම බොන එක ඇත්තටම කළයුතුම දෙයක් නෙවෙයි. ඒකට වෙනත් උපක්‍රම භාවිතා කරන්න තිබුණා. එහෙත් මට පරණ ඇබ්බැහියන් මතක් වෙලා වැටලීම වෙනත් ආකාරයකට සිදුකළා. ඒකයි මෙතන සිදුවුණේ. කොහොම වුණත් අවසානයේ මම කුඩුකාරයෙක් බවට පත්වුණා. කුඩු භාවිතය වෙනුවෙන්මත් මම ස්වයංව ඉදිරිපත් වෙලා වැටලීම් කළා. ඒ හැම කෙනාගෙන්ම කප්පමක් ගන්නත් මම වැටලීම් කළා. අවසානයේදී මම අන්තිම නරක ලෙසම ඇබ්බැහි වුණ කුඩුකාරයෙක් බවට පත්වුණා. වැටලීම් නොවූ අවස්ථාවල මම පඩියෙන් වියදම් කරලා කුඩු ගැහුවා. පොලිසියේ කිසිම කෙනෙක් මේ ගැන දැනගෙන හිටියේ නැහැ. අවුරුදු තුනකට විතර පස්සේ මාව මාරු කරනවා වෙනත් පොලිසියකට. එහෙදී මාව වෙන් කෙරෙන්නේ අපරාධ අංශයට. ඒ නිසා වැටලීම්වලට සම්බන්ධ වෙනවා අඩුයි. මම කුඩු ජාවාරම්කරුවන් අඳුනගෙන ඔවුන් බය කරලා කුඩුගත්තා. අතේ තියෙන මුදල් ටික වියදම් කර කර කුඩු ගැහුවා. අන්තිමේදී ගෙදර තියෙන දේවලුත් අරන් උගස් තියලා අරක මේක කරලා සල්ලි හොයාගෙන කුඩු ගැහුවා.
මම ස්වයංව ඉදිරිපත් වෙලා වැටලීම් කළේ කුමක් වෙනුවෙන්ද?
{ "answer_start": [ 483 ], "text": [ "කුඩු භාවිතය" ] }
e38e56a3-480b-4539-af51-3d580016547f
අපේ කණ්ඩායම යාපනය බලා පිටත්ව ගියා. එහි නැවතිලා ඉඳගෙනම අපි පරීක්ෂණ පටන් ගත්තා. මුලින්ම ඝාතනය සිදුවූ ස්ථානයට ගොස් සාධනීය පරීක්ෂණයක් සිදු කළා. දොරේඅප්පා මහත්තයා සෑම ඉරිදා දවසකම යාපනය පොන්නාලෙයි කෝවිලට දෙවියන් වඳින්න යන්න පුරුදුවෙලා සිටිය බව අපට දැනගැනීමට ලැබුණා. දොරේඅප්පා මහත්තයා එයාට අයිති කාරයෙන් කෝවිලට ගොස් දෙවියන් වැඳලා එළියට එද්දී තමා වෙඩි තබා මරා දමා තිබෙන්නේ කියාත් අප තොරතුරු අනාවරණය කර ගත්තා. වෙඩි වැදුණු තැනම ඔහු මියගොස් තිබෙනවා. නගරාධිපතිවරයාට වෙඩි තැබූ කණ්ඩායම ඔහු එන තෙක් කෝවිල අසල තිබූ කඩයකට වෙලා තේ බොමින් ඉඳලා තිබෙන බවත්, ඔහු එනවාත් එක්කම ඒ කණ්ඩායමේ සිටි කෙනෙක් ඉලක්කය බලා වෙඩි තබා පසුව නගරාධිපතිවරයා කෝවිලට ආ ඔහුට අයත් කාර් එකේ නැගලා පැන ගිහින්. ඒ කාලයේ යාපනය පොලිස් අධිකාරිවරයා ලෙස සිටියේ පසු කාලයක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයට පත්වූ පොලිස් අධිකාරි මිත්‍ර ආරියසිංහ මහත්තයා.
දොරේඅප්පා මහතා සෑම ඉරිදා දිනකම දෙවියන් වඳින්න යාමට පුරුදු වී සිටියේ කුමන කෝවිලටද?
{ "answer_start": [ 174 ], "text": [ "යාපනය පොන්නාලෙයි කෝවිලට" ] }
dc23619f-57df-4eb5-81ef-3692febd97f0
එහෙත් ඇයට සුවයක් ලැබුණේ නැත. එය සීත කාලය විය. ඔවුන් සිටි නිවස යටබිම් මහලක් වූ නිසා එහි තෙත් ගතියක්ද පැවතිණ. එන්න එන්නම දෙව්මිගේ තත්ත්වය බරපතළ විය. කෙතරම් තත්ත්වය බරපතළ වුවද නැවත ප්‍රතිකාරවලට යාමට අතේ මුදල් නැති විය. එහෙත් දිනක් දෙව්මිගේ තත්ත්වය ඉතාමත් බරපතළ විය. ඇයට මීමැස්මොර තත්ත්වයක් ඇතිවිය. ඇයව සිය ඇකයේ හොවාගෙන උණුසුම් කරන්නට උත්සාහ කළත් සෙනෙවිට දැනුණේ දෙව්මිගේ ගත අප්‍රාණික වන බවකි. එයින් බියට පත් ඔහු සිය මිතුරාට අමතා දෙව්මි රෝහලට රැගෙන යාමට අවශ්‍ය බැවින් එයට අවශ්‍ය මුදල් රැගෙන අදාළ තැනට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේය. සෙනෙවිගේ කට හඬින්ම එහි ඇති බරපතළකම තේරුම් ගත් මිතුරා මුදල්ද රැගෙන කැනඩාවේ ටොරොන්ටෝහි ළමා රෝහලට පැමිණියේය. එහෙත් රෝහලට ඇතුළත් කර පැය කීපයකදී ඇය ජීවිතයෙන් සමුගත්තාය. ඒ සිය එකම දියණියට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදී ඉහළ තැනක වැජඹෙනු දකින්නට සෙනෙවිලා තුළ තිබූ එකම දැඩි ප්‍රාර්ථනාවද සුනුවිසුනු කරමිනි.
දෙව්මිගේ ගත අප්‍රාණික වන බව දැනුනේ කාටද?
{ "answer_start": [ 343 ], "text": [ "සෙනෙවිට" ] }
e60fb51e-f3c3-492a-b00e-a573408b6c67
ඇමරිකාව තුල ස්වයංක්‍රිය තිරිංග සහිත වාහන නිපදවීම එරට රජය විසින් අනිවාර්ය කිරීමට මෝටර් රථ නිෂ්පාදන සමාගම් සමග ගිවිසුම් අත්සන් කොට ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් එම ආරක්ෂක පද්ධතිය සහිත වාහන නිෂ්පාදනය කිරීමට වසර හයක් ගත වන බවත් 2022 වන විට ඇමෙරිකාවේ නිෂ්පාදනය වන සියලුම වාහන එම රෙගුලාසි වලට යටත් විය යුතු බවත් ස්වයංක්‍රිය තිරිංග පද්ධතියක් තිබීම අනිවාර්ය කර ඇති බවත් දැනගන්නට ලැබේ. මාර්ගයේ ඇති වස්තුන් කැමරා සංවේදක මගින් නිරීක්ෂණය කොට හදුනාගෙන රියදුරු ක්‍රියා නොකරන්නේ නම් ස්වයංක්‍රියවම තිරිංග ක්‍රියාත්මක වී වාහනයේ වේගය අඩාල වී නැවත්වීමට මෙම පද්ධතියට හැකියාව ඇත.
එම ආරක්ෂක පද්ධතිය සහිත වාහන නිෂ්පාදන කිරීමට ගතවන කාලය වන්නේ?
{ "answer_start": [ 202 ], "text": [ "වසර හයක්" ] }
b5ed5576-c0a6-43ef-b68a-4c09d5f7b64c
මේ දිනවල ලෝක ජනගහණයෙන් සියයට අනූවක්ම සිටින්නේ මරණය කුමන මොහොතේ තමාට අත වනනු ඇද්දැයි බියෙනි. එබඳු බියකින් පසු නොවන අයට පවා මරණයෙන් ගැලවීමක් නැත. 39 හැවිරිදි චිරංජීවි සර්ජාගේ මරණය ලොවට විදහා පාන කටුක සත්‍යය එය නොවේදැයි ඔහුගේ රසිකයෝ විමසති. ජූනි මාසයේ හය වෙනිදා චිරංජීවි හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙලුණේය. එය සාමාන්‍ය තත්වයක්යයි ඔවුහු සිතූහ. මේ වසංගත කාලයේ රෝහල්ගත වෙන්නට ද ඔහු මැලි වන්නට ඇත. හත් වෙනිදා සවස එක හමාරට පමණ ඔහු සිය පියා සමඟ දුරකථනයෙන් කතා කරමින් සිටියේය. ඒ අවස්ථාවේදී ඔහු පපුව අල්ලාගෙන ඇද වැටී ඇති අතර රෝහල්ගත කිරීමෙන් මඳ වේලාවකට පසුව මිය ගියේය. ඔහුගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව කියැවෙයි.
චිරංජීවී දුරකථනයෙන් කතා කළේ කවුරුන් සමඟ ද?
{ "answer_start": [ 422 ], "text": [ "සිය පියා සමඟ" ] }
357e0273-b759-440a-9217-aabd232678b5
නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් සතුන් බිලියන භාගයක් පමණ ගින්නට ගොදුරු වී ඇතැයි කියැවේ. අනෙකුත් ප්‍රාන්තවල සතුන් මිලියන ගණනක් මිය ගොස් ඇතැයි වාර්තා වේ. ගින්නෙන් යන එන මං අහිමි වී සිටින සතුන්ට වාසස්ථාන සැකසීම, ඔවුනට ආහාර සැපයීම ආදී කටයුතු සඳහා මෙම අරමුදල් යොදාගැනීමට අපේක්ෂිතයි. පුංචි ඕවන්ගේ පියා හැදී වැඩී තිබෙන්නේ සිඩ්නි නගරයේදී වීමත්, ඕවන්ගේ කුඩා වියේදී ඔහුද මාස කිහිපයක් එහි ගත කිරීමත් හේතුවෙන් ඔහුට ඕස්ට්‍රේලියාව සමඟ බැඳියාවක් ඇතැයි ඔහුගේ මව කියා සිටින්නීය. ඔහුට නැවත එහි යන්නටත් වුවමනා වී ඇත. ඒ සඳහා මේ සුදුසු අවස්ථාව නොවෙන බව කියා ඔහුගේ මව ඔහු නවතාගෙන සිටින්නේ අසීරුවෙනි.
නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ හැර අනෙකුත් ප්‍රාන්තවල මියගිය සතුන් ගණන කොපමණද?
{ "answer_start": [ 114 ], "text": [ "මිලියන ගණනක්" ] }
3f856fa2-9f70-4ff5-829d-a1e6319b3ef1
ගාල්ල කොටු පවුර මත වූ ප්‍රදීපාගාරයේ ආලෝක පහන් නිවා දමා මෙහි පහන් ක්‍රියාත්මක කළ විට ඒ මඟ ඔස්සේ පැමිණි සතුරු නැව් විශාල ප්‍රමාණයක් රූමස්සල අවට මුහුදේ ඇති ගල්පරවල හැපී මුහුදුබත් වූ බව පැරැන්නෝ කියති. එලෙස මුහුදුබත් වූ නාවික යාත්‍රා 21ක පමණ සුන්බුන් අදටත් මුහුදු පත්ලේ දී දැක ගත හැකි බව කිමිදුම්කරුවෝ පවසති. බ්‍රිතාන්‍යයින් විසින් ගාලු වරායට සේන්දු වූ නෞකාවලට ජලය ලබා දීම සඳහා රූමස්සල කන්ද පා මුල මුහුදු වෙරළ සමීපයේ ළිඳක් ද ඉදිකර තිබී ඇත. ගාලු වරායට සේන්දු වූ නෞකාවල සිටි වසංගත ඇතුළු විවිධ රෝගවලට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙහි රෝහලක් ද පවත්වා ගෙන ගොස් ඇත. එම ගොඩනැගිලිවල වර්තමානයේ බොනවිස්ටා වැඩිහිටි නිවාසය පවත්වා ගෙන යති.
ආලෝක පහන් නිවා දැමුවේ කුමන ප්‍රදීපාගාරයේ ද?
{ "answer_start": [ 6 ], "text": [ "කොටු පවුර මත වූ ප්‍රදීපාගාරයේ" ] }
473b5930-bc56-475a-94ad-b2d0ffb083f2
මේ අතර කීර්තිගේ ඥාති සොහොයුරු බන්දුල රණසිංහ නුවරින් හේලියන්ස් නම් පුංචි බෑන්ඩ් එකක් පටන් ගත්තේය. කීර්ති එහි ගායකයෙකු විය. කොට කලිසමක් හැඳ වේදිකාවට පැමිණි ඔහු සනත් නන්දසිරිගේ මහද වීණා ගීතය ගැයීය. ඔහුට හොඳ ප්‍රතිචාරයක් ලැබිණ. ගීත හතරක් කීමට ඉල්ලීම් ආවේය. අත්පොළසන් මැද කීර්තිව කවුදෝ වේදිකාවෙන් බිමට බැස්සු අයුරු ඔහුට තවමත් මතකය. ගීත ගැයුවේ සල්ලි බලාගෙන නොව තම හැකියාව එළිදැක්වීමට බව කියන කීර්ති මධ්‍යම රාත්‍රියේ බස් නැති නිසා පයින්ම ගම්පොළට ගොස් ඇති බව කීවේය. ඇතැම් විට බස් එකක් තිබුණත් ටිකට් ගැනීමට සල්ලි ද තිබී නැත.
කීර්ති ගැයූ ගීතය කුමක්ද?
{ "answer_start": [ 175 ], "text": [ "මහද වීණා ගීතය" ] }
fa1f6d3a-f582-4c20-953f-3b5682c88f8f
තමන්ගේ මිනිසුන්ගෙන් කප්පම් ගැනීම නිසා ඔවුන් දෙමළ පාතාලය පැවති කාලයේදී මෙන් නැවතත් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි දුටු නූර් කප්පම් ගැනීමට එරෙහි විය. නූර් මේ සම්බන්ධයෙන් අයුබ්ඛාන්ට අවවාද කළේය. එහෙත් අයුබ්ඛාන් ඒ අවවාද පිළිගන්නට සුදානම් වූයේ නැත. නූර්ට ආදායම් මාර්ග තිබුණට අපිට නැහැනේ. අපිත් මොනවා හරි කරන්න එපායෑ යනුවෙන් ඔහු තම හිවතුන් සමඟ පැවසීය. මේ මතගැටුම නිසා ඔවුන් කණ්ඩායම දෙකකට බෙදුන අතර එය දෙගොල්ල මරාගන්නා ගැටුමක් දක්වා වර්ධනය වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. ගැටුම මරාගැනිල්ලක් දක්වා වර්ධනය වූයේ මාලිගාවත්ත පල්ලිය ප්‍රදේශයේ පදිංචිව සිටි ආනමාලු ඉමිටියාස්ගේ ඥාති පවුල් හතක් ෆාජිගේ කල්ලිය විසින් එම ප්‍රදේශයෙන් පළවා හැරීමය. මම ඕකාව ඉතුරුකරන්නේ නැතැයි ඉමිටියාස් තමන්ටම ප්‍රතිඥා දුන්නේය. එහෙත් ඔහු එකවරම ෆාජි හා ගැටුමට ගියේ නැත. ප්‍රශ්නය ඇති වූ සැණින් ප්‍රතිචාර නොදක්වා කිසිත් නොවූ පරිදි ලිස්සා යාම ඉමිටියාස්ගේ පුරුද්ද විය. ඔහුගේ නමට ආනමාලු යන නම එකතු වුණේ ඉදකුඩ කල සිට තිබූ ඒ පුරුද්ද නිසාමය. මේ අවස්ථාවේදීද ඔහුගේ ඒ පුරුද්ද පෙරට ආවෙන් ඉම්ටියාස් ප්‍රදේශය හැරගොස් දුම්මලසූරිය ප්‍රවේශයේ නිවසක පදිංචි විය.
නූර්ගේ අවවාද පිළිගන්නට සූදානම් නොවූයේ කවුද?
{ "answer_start": [ 194 ], "text": [ "අයුබ්ඛාන්" ] }
00b32775-8918-4d8d-92fe-4595a9cbd1a0
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි කංගනා රනූත් සහ කටාර් එයාර්වේස් ගුවන් සේවයේ ප්‍රධානී අක්බාර් අල් බකාර් අතර අර්බුදයක් හටගෙන තිබේ. අර්බුදයට හේතුව, කංගනා රනූත් සමාජ මාධ්‍ය ඔස්සේ අක්බාර් අල් බකාර් විවේචනය කරමින්, ඔහු මහ මෝඩයකු යැයි පැවැසීම නිසාය. අක්බාර් අල් බකාර්, පසුගිය දා ඉන්දියාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේය. ඒ, ඉන්දියාව සමග ගුවන් ගමන් නවත්වමින් ඉන්දියාට විරෝධය දැක්විය යුතුය කියාය. කටාර් රාජ්‍යය සහ ඉන්දියාව අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ සාමාජිකයන් දෙදෙනකු මහම්මත්තුමාට අපහාස කිරීම මුල්කොට ගනිමිනි.
කටාර් එයාර්වේස් ගුවන් සේවයේ ප්‍රධානී අක්බාර් අල් බකාර් අර්බුදයක් ඇති කරගත්තේ කා සමගද?
{ "answer_start": [ 0 ], "text": [ "ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි කංගනා රනූත්" ] }
eb67d330-785d-4507-a9b2-5b7139c5c902
හොලිවුඩ් නළු නිළි යුවළක වන ජොනී ඩෙප් සහ ඔහුගේ හිටපු බිරිඳ ඇම්බර් හර්ඩ්, එකිනෙකාට අපහාස කර ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. දෙපාර්ශ්වයේම පැමිණිලිවලට හොඳින් කන්දීමෙන් පසු ජූරි සභාව ඔවුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ ඩෙප් සහ හර්ඩ් දෙදෙනාම වරදකරුවන් බව පෙන්වා දෙමිනි. කෙසේ නමුත්, තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ නළු ජොනී ඩෙප්ට වාසි වන අයුරිනි. පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්’ චිත්‍රපට මාලාවේ කැප්ටන් ජැක් ස්පැරෝ ලෙස ජනප්‍රිය 58 හැවිරිදි ජොනී ඩෙප්, හොලිවුඩයේ ඉහළ වටිනාකමකින් යුත් නළුවකු වන අතර ඔහු ලොව පුරා ලොකු කුඩා කා අතරේත් ජනප්‍රියය. ජොනී ඩෙප් තරම් ජනප්‍රිය නොවුණත් ඇම්බර් හර්ඩ් ද හොලිවුඩ් චිත්‍රපට කීපයකට රංගනයෙන් එක් වී ඇත. ඇය බොහෝ දෙනා ජනප්‍රිය ඇක්වා මෑන් චිත්‍රපටයේ කළ රංගනය හේතුවෙනි. හර්ඩ් 36 හැවිරිදි වියෙහි පසුවෙයි.
මේවන විට හර්ඩ්ගේ වයස කොපමණද?
{ "answer_start": [ 735 ], "text": [ "36" ] }
8d5f5e0d-a521-406a-9421-e4b7084f24b9
ලකුණු 7.537ක් ලබාගනිමින් ලොව සතුටින්ම සිටින රටවල් අතර මුල් තැන ගැනීමට නෝර්වේ රාජ්‍යය සමත්ව තිබෙන අතර ඩෙන්මාර්කය දෙවැනි තැනටත් අයිස්ලන්තය තෙවැනි තැනටත් පත්ව ඇත. මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන දහය අතරට පත්වීමට ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, නෙදර්ලන්තය, කැනඩාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ ස්වීඩනය හිමිකම් කියයි. මෙම ලැයිස්තුවේ 14 වැනි ස්ථානයට පත්ව සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ සතුට කෙමෙන් කෙමෙන් අඩුවන බව ද ලොව සතුටින්ම සිටින රටවල් 2017 වාර්තාව පෙන්වා දෙයි. ලකුණු 0 සිට 10 දක්වා ලකුණු දීමක් සිදු කෙරෙන අතර දළ දේශීය නිෂ්පාදිතයට එක්පුද්ගල ආදායම, සමාජ සහයෝගය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, ජීවිතයේ තෝරාගැනීම් කිරීම සඳහා ඇති නිදහස, නිර්ලෝභීබව සහ දූෂණය අවම බව යන සාධක හා නිර්දේශ මත පිහිටා ලකුණු ලබාදීම සිදුකරයි.
ලොව සතුටින්ම සිටින රටවල් අතර මුල් තැන ගැනීමට සමත්ව ඇත්තේ කුමන රටද ?
{ "answer_start": [ 70 ], "text": [ "නෝර්වේ රාජ්‍යය" ] }
fb954800-12d3-4fd6-a385-657f2f32209e
1996 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව උතුරු මෙල්බර්න් ක්‍රිකට් සමාජයට එක් වෙන්න කියලා ආරාධනාවක් ලැබුණා. වසර තුනක ගිවිසුමකට අනුව ක්‍රිකට් ක්‍රීඩා කරන්නයි තිබුණෙ. මුලින්ම නම් මෙහි ආවේ ඒ වෙනුවෙන්. මගේ බිරිඳ කුෂ්ලානි. අපි දෙදෙනාට පුතකු හා දියණියක සිටිනවා. දුව මේ වසර අන්තිමට විවාහ වීමට සූදානමින් ඉන්නේ. පුතා තව වසරකින් විතර විවාහ වේවි. එයාලා හොඳට ජීවිත ගත කරනවා. අද මමයි බිරිඳයි ගෙදරට වෙලා සුපුරුදු විදිහට අපි ආදරෙන් ඉන්නවා. පුතා කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කළා. පසුව එයා ක්‍රිකට් නැවැත්තුවා. ඒකටත් හේතුව වුණේ පුතාගේ දක්ෂතා දිහා බැලු‍වෙ මාව සැසඳීම් කරලයි. එහෙම දක්ෂතා මනින එක සුදුසු නැහැනෙ. කොහොම වුණත් එයා ආර්ථික කටයුතු අංශයෙන් වැඩිදුර ඉගෙනගෙන එම අංශයේ රැකියාවක නිරත වෙනවා. දියණිය මෙහේ ප්‍රකට වෙළෙඳ නාමයක විලාසිතා ශාඛාවක් අරගෙන එය කළමනාකරණය කරනවා.
ඔහුගේ පුත්‍රයා වැඩිදුර ඉගෙන ගන්නේ කුමන අංශයෙන්ද ?
{ "answer_start": [ 594 ], "text": [ "ආර්ථික කටයුතු අංශයෙන්" ] }
7d2d7aff-d045-4a54-a55e-dd3ebb315529
තෙවැනි සංගම්කාලය පිහිටියේ වත්මන් මදුරෙයි නගරයේය. එකල පාණ්ඩ්‍ය රජුගේ අගනගරය වූ එය වසර 1850ක් පැවැති බැව් සඳහන්ය. මුඩත්තිරුමාරන් රජුගේ සිට උක්කිරාපෙරුවලූ දි රජු දක්වා රජවරු 49 දෙනෙක් තෙවැනි සංගම් කාලයේ රාජ්‍ය පාලනයේ නිරත වූහ. එහි සාමාජිකයන් 49 දෙනකු සිටි අතර කවීහු 449 දෙනෙක් එයට දායකත්වය දැක් වූහ. පුරාතන දෙමළ සාහිත්‍ය කෘතියක් වන භගවත පුරාණයේ හා වෙනත් පුරාණ කතාවල ඉන්දියානු සාගරයේ පිහිටි ලෙමූරියා නොහොත් කුමාරි කන්දම් නමින් හැඳින්වෙන සිතියමක් පිළිබඳව සඳහන් වේ. අයින්තිරාම්, සිලප්පදිකාරම්, මණිමේකලායි සහ සයිවම්පායනම් වැනි දෙමළ සාහිත්‍ය කෘතිවල ද භගවත පුරාණ නමැති සංස්කෘත ග්‍රන්ථයේ ද කුමාරි කන්දම් පිළිබඳව සඳහන්ය. එමෙන්ම අයින්තිරම් නමැති දෙමළ කාව්‍ය රචනා කළ, එවක සංගම්වලට සහභාගී වූ කුමාරි කන්දම්හි වාසය කළ මායන් නමැති දෙමළ පඬිවරයා පිළිබඳ තොරතුරු අනාවරණ වේ.
පාණ්ඩ්‍ය රජුගේ අගනගරය වූයේ කුමක්ද?
{ "answer_start": [ 0 ], "text": [ "තෙවැනි සංගම්කාලය" ] }
58541f5c-5c65-4854-9769-5c5b0073fcb5
ඉන් අනතුරුව අනුරාධපුරයේ වලගම්බා රාජ්‍ය සමය වනවිට මෙහි ලෙන් තුල විහාර ඉදි වී ඇත. මෙම ලෙන් විහාර සංකීර්ණයම ලෙන් තුනකින් සමන්විත වේ. විහාර ලෙන, පොත්ගුල් ලෙන, තාපස ලෙන එම ලෙන් තුනයි. විහාර ලෙන නමින් හැඳින්වෙන ලෙන තුල අනුරාධපුර යුගයේ සහ මහනුවර යුගයේ විහාර සිතුවම් දක්නට ලැබේ. මෙම යුග දෙකෙහිම නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේලා මෙම ලෙන තුළ වැඩ සිටියි. ගල සම්පූර්ණයෙන්ම මටසිළුටු කිරීමෙන් පසුව ලෙන තුල චිත්‍ර නිර්මාණය කර ඇත. එම චිත්‍ර අදටත් දකින්නට ලැබෙන අතර බිත්තියේ තිබෙන සිතුවම් ජලයට ඛාදනය වීම හේතුවෙන් දිය වී විනාශ වී ඇත. මෙම විහාරය සැතපෙන පිළිමයකින් හා සමාධි පිළිම දෙකකින් සමන්විත වේ.
අනුරාධපුර හා මහනුවර යුගවල සිතුවම් දක්නට ලැබුනු ලෙන කුමක්ද?
{ "answer_start": [ 179 ], "text": [ "විහාර ලෙන" ] }
84b05f4a-4b01-407e-b696-384e1953f54f
කිරන් ඩෙම්බේලා සුපිරි චරිතයක් බවට පත්වූයේ ජීවිතය ජය ගනිමිනි. මීට අවුරුදු 10කට පෙර, කිරන් ඩෙම්බේලා තවත් එක් ඉන්දීය කාන්තාවක පමණි. විවාහක කාන්තාවක වූ ඇයට දරු දෙදෙනකි. සාමාන්‍ය පවුලක් වුවත් ඩෙම්බ්ලා සහ ඇගේ සැමියාට මුදල්වලින් අඩුවක් තිබුණේ ද නැත. ඩෙම්බේලා ගායිකාවක ලෙස පුහුණුව ලැබූ තැනැත්තියකි. ඒත් හයිද්‍රාබාද් නුවර බොහෝ කාන්තාවන් සේම, ඩෙම්බේලා ද නිවසට කොටුවුණු ගැහැනියක වූවාය. එය ඇයට මානසික සහ කායික පීඩනයක් ගෙන දෙන්නක් විය. එම පීඩන ඇයට දරාගත නොහැකි විය. 2006 වසරේ දිනක ඇය සිහිසුන්ව ඇද වැටුණාය. කඩිනමින් රෝහල් ගත කළ හෙයින් ඇගේ ජීවිතය බේරුණි. ඇගේ මොළයේ ලේ කැටියක් සිර වී තිබුණි. වෛද්‍යවරුන් ඇයට ප්‍රතිකාර කිරීමෙන් පසු දිවි ඇති තෙක් ඇයට ඖෂධ නියම විය.
ඩෙම්බේලාගේ නිවස පිහිටියේ කොහේද ?
{ "answer_start": [ 295 ], "text": [ "හයිද්‍රාබාද් නුවර" ] }
799c4027-da0d-4323-ad18-cec8eff1917c
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුව ප්‍රදේශයේ ඇතිවූ ගැටුමකදී මරණයට පත්වූ අතර, වෙඩි වැදීම හේතුවෙන් එම මරණය සිදුව තිබිණි. ඔහුගේ නිවසට පෙරේදා (9) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එහිදී තුවාල ලබා ඇති සභාපතිවරයා රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ. මීට අමතරව අරලියගහ මන්දිරය අසල ඊයේ (9) රාත්‍රියේ ඇතිවූ කලහකාරී තත්වය අතරතුර කඳුළුගෑස් ප්‍රහාරක අවියක් පිපිරීමෙන් උප පොලිස් පරීක්‍ෂකවරයකු මිය ගිය අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ආරක්‍ෂක අංශ සාමාජිකයකු ද වෙඩි වැදීමෙන් මියගොස් තිබිණි.
ඔහුගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ කවදාද?
{ "answer_start": [ 150 ], "text": [ "පෙරේදා (9) රාත්‍රියේ" ] }
0c70d175-49f7-4b69-ad0d-af5671c0b46c
සෑම සීත කාලයකම, හුරුල්ලන් බිලියන ගණනින් මේ සාගර කලාපයට පැමිණෙන්නේ ආරක්ෂාව සොයමිනි. හුරුල්ලන් පසුපස තවත් පිරිසක් මෙම සාගර කලාපයට පැමිණෙති. ඒ, ‘ඕකා’ හෙවත් ‘මරු තල්මසුන්’ ය. තල්මස් පවුලේ කුඩා ප්‍රමාණයේ සාමාජිකයෙකු වන ‘ඕකා’ ක්ෂීරපායීයෙකි. හුරුල්ලන් පසුපස පැමිණි ‘ඕකා’ රංචුවේ සියයකට ආසන්න පිරිසක් සිටිති. පෘථිවියේ ‘ඕකා’ මසුන් එකිනෙකා මහා පරිමාණයෙන් එකට එකමුතු වෙනවා නම්, ඒ මේ අවස්ථාව යැයි පෙන්වා දිය හැකිය. බිලියන ගණනින් හුරුල්ලන් සිටියත්, නෝර්වේ රාජ්‍යයේ ෆියෝඞ්ස් සාගර කලාපයට පිහිනා එන හුරුල්ලන් හසුකර ගැනීම පහසු කටයුත්තක් නොවෙයි. හුරුල්ලන් පසුපස පැමිණෙන අපේ මේ කථාවට සම්බන්ධ ඕකා මසුන්, මාළු ඇල්ලීමේ ශූරයන්ය. උන් වැඩ කරන්නේ කණ්ඩායමක් ලෙසින්, හොඳින් සැලසුම්සහගතවය. හොඳින් ඇසෙන ලෙස, තියුණු ශබ්ද පිට කරමින්, එකිනෙකා සමඟ සන්නිවේදනයේ යෙදෙමින්, ඕකා හුරුල්ලන් දඩයමේ යෙදෙන්නේ හුරුල්ලන් මුහුදේ නොගැඹුරු තැන්වලට කොටු කර ගනිමිනි. ඔවුන් හුරුල්ලන් රංචුව යටින් පිහිනමින් උන් මුහුදේ මතුපිට සීමාවට කොටු කර ගනී. එක පොදියට හුරුල්ලන් කොටු කරගත් පසු, එම හුරුල්ලන් වට කරගත් ඕකා රංචු ඔවුන් සතුව ඇති සුවිශේෂී අවිය දඩයමට යොදා ගනී. සුවිශේෂී අවිය ඕකාගේ පසුපස වරලය. පසුපස වරලින් ඕකා හුරුල්ලන් රංචුවට වැරෙන් පහරක් දෙයි. එම දරුණු පහරත් සමඟ ප්‍රචණ්ඩ කම්පන තරංග නිකුත් වෙයි. ඒවා දසත පැතිරෙන්නේ හුරුල්ලන් අඩපණ කරමිනි. ඉන්පසු ඕකා අන්දමන්ද වී අඩපණ වුණු හුරුල්ලන් බොහොම පහසුවෙන් ආහාරයට ගනී.
සෑම සීත කාලයකම, හුරුල්ලන් බිලියන ගණනින් මේ සාගර කලාපයට පැමිණෙන්නේ කුමක් සදහාද?
{ "answer_start": [ 66 ], "text": [ "ආරක්ෂාව සොයමිනි" ] }
a2b522ab-a0f0-4a5c-93aa-fcebbcaa7c87
ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝමයේ රෝහලකදී උදරයේ සැත්කමකට භාජන කළ බවත්, සැත්කම සාර්ථක වූ බවත් වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.සැත්කමින් පසු 84 හැවිරිදි පාප්තුමන්ගේ තත්ත්වය යහපත් බවත්, එතුමන් වෛද්‍ය අධීක්ෂණය යටතේ දින කීපයක් රෝහලේ සිටිනු ඇති බවත් වතිකාන ප්‍රකාශක මැතියෝ බෲනී පවසා ඇත.මහ බඩවැලේ අග සිහින් වීමක් හේතුවෙන් සැත්කම කළ බවත්, සැත්කම කළේ සාමාන්‍ය නිර්වින්දන තත්ත්වයක් යටතේ බවත් වතිකාන ප්‍රකාශකයා පැහැදිලි කර ඇත. එය හදිසියේ කළ සැත්කමක් නොවන බවත්, සති කීපයකට පෙර සැත්කමට දින නියම කරගෙන තිබුණු බවත් මැතියෝ බෲනී වැඩි දුරටත් පවසා ඇත.
ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ වයස කීයද?
{ "answer_start": [ 146 ], "text": [ "84" ] }
74e3eb52-a02b-4311-beb3-2523157f9620
හතර අතින් කළුකරලා මුළු පිටකොටුවම කළුපාටයි. එකකට එකක් පැරදවීමට වගේ අහස උසට නැගී සිටින විසල් ගොඩනැගිලිවලටත් උඩ ඉඳන් පොළොවට පාත්වෙන මොරගෙඩි වගේ වැයි බිංදු මහ පාරවල් අතුරු පාරවල් සියල්ලම මඩ ගොහොරු කරලා සපත්තුවට තැලී චිරි චිරි හඬින් මිරිකී යන මඩ වතුරේ මං ලංගම ප්‍රධාන බස් නැවතුම පැත්තට ගමන් කළා. හරිම පරෙස්සමින් යා යුතු ගමනක්. පාරේ යන එන රථවාහනවල රෝදවල හැපී දස අතට විසිරෙන මඩ මිශ්‍ර කළු පැහැ වතුර ඇඳුමකට විසි වුණොත් නම් ඉවරයි ඔක්කෝටම හපන් ත්‍රිවිල් කිසිම අණක් ගුණක් නැහැ. පාරෙ යන මිනිස්සු තඹ සතයකට මායිම් කරන්නේ නැ හිතුවක්කාරයො. කාර්යාල වැහෙන වෙලාව නිසා මේ සාවිය හරිම කලබලයි වැස්සට යටින් කුඩ ඉහළගෙන යන එන දෙනෝදාහජක් දෙනා වැහි කළුවෙන් තොර හැබෑ හැන්දෑ කළුවරත් එක්ක සෙනෙහස දෝරේ ගලන තම තමන්ගේ ගෙවල්වලට යන්න වැස්සෙන් හීතලෙන් මුළු ගැන්විලා පාර දිහාට දෑස් දල්වාගෙන ඉන්න සෙනෙහෙබර බිරිඳ හුරතල් දරු පැටවුන්ට ආදරයේ උණුසුම දෙන්න යා ගන්න මහ පොරයක් මහ වැස්ස මුතු වැස්සක් කරගෙන පාට පාට මල් වැටුණු එකම කුඩේ යටින් තුරුලු වෙලා ගමන් කරන පෙම්වතුන් නම් මේ මහ වැස්සට ආදරේ කරනව ඇති.
මේ සාවිය හරිම කලබල ඇයි?
{ "answer_start": [ 524 ], "text": [ "කාර්යාල වැහෙන වෙලාව නිසා" ] }
fd3e1aa2-3239-439d-84f8-92b50ad5a45b
බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වී පස්වන සතියේ අජපාල නුගරුක මුලට පැමිණ සතියක් ධර්මය මෙනෙහි කරමින් වැඩසිටි අතර එම කාලය තද වැසි කාලයක් වූ බවත් ඒ කාලය තුළ මහා නාග රාජයෙක් පැමිණ බුදුන්ට ආරක්ෂාව සැපයූ බවත්, වැස්ස නිමවීමෙන් පසු මිනිස් වෙස්ගෙන බුදුන් ඉදිරියේ පෙනී සිටි බවත් එහි දී බුදුරදුන් නාගයා අමතා දහම් දෙසූ බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ව ඇත්තේය. එසේම බුදුවී සත්වැනි සතිය ගත කරන ලද්දේ රාජායතනයේ බව සඳහන් වන අතර එහිදී තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විළඳ මීපැණි පූජා කළ බව හා ඔවුන් තමන්ට වැඳ පුදා ගැනීමට දෙයක් ඉල්ලූවිට කේෂධාතු ලබාදීම සිදු කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ව ඇත. එවන්වූ ඓතිහාසික වටිනාකමක් සහිත රාජායතනය මුචලින්ද විල පිහිටි පුදබිමේ සිට ආපසු හැරී බුද්ධගයා විහාරය දෙසට එනවිට හමුවන නටඹුන් ස්ථූපය බව පැවසෙයි. එහි කිරිපලු නුගරුක තිබූ ස්ථානයෙහි ස්මාරකයක් පිහිටුවා ඇත්තේය.
බුදුන් වහන්සේගේ කේෂධාතු ලබාගත්තේ කවුද
{ "answer_start": [ 408 ], "text": [ "තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්" ] }
bb542d79-bbf0-42d5-9e36-195c3761c2e2
මොරිස් තමා ගැන කතා කිරීමට අකමැති ගායකයෙකි. ඔහුගේ බිරිඳ මරිනා කියන්නේ තමා අතින් පිසන කෑමට ඇලුම් කරන බවය. කොයිතරම් තරු පහේ හෝටල්වල ගීත කියලා ඔහුට පිරිනැමෙන විදේශීය කෑම වලට වඩා තම අතින් හදන ඉඳියප්පන් අල කරිය පොල්සම්බෝලයකට පලා මැල්ලුමට කොස්දෙල්වලට ආසා බවය. මොරිස්ට හොඳට කටට රහට කන්න ඕනෑ. ඒවා අතින් පිළිවෙළ වෙන්න ඕනෑ. උදේ ආහාරයට පලතුරු පමණක් කෑමට කැමැතිය. හොඳ ලොකු පේර ගෙඩියකින් උදේ වේල පිරිමහ ගන්න එයා කැමතියි. අනුන්ට කරදරයක් නැති සීමිත මිත්‍රයන් ඇසුරු කළ මොරිස්ගේ ඒ යහළුවන් අතර මියගිය රංජිත් ලාල්, ලක්ෂ්මන් වැලිකල හා නවරත්න ගමගේ වඩා කැපී පෙනුණා. ඒ අය එකතු වුණාම වෙනම ලෝකයක්. ලෝකයේ හොඳම බටහිර සිම්ෆනි වගේම ඉන්දියානු රාගධාරී සංගීතයත් රසවිඳීමින් වරෙක ගිටාරය ගෙන ඒවායේ අනුවාදන වාදනය කරමින් පැය ගණනක් ගත කරනවා.
මොරිස් උදේ ආහාරයට කැමති මොනවාද?
{ "answer_start": [ 324 ], "text": [ "පලතුරු පමණක්" ] }
c40b0adc-8d21-4304-adf6-5fff53e912c4
බලාපොරොත්තු ගොන්නක් එක්ක ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වී සිට නැවත මෙලොව දුටු දස හැවිරිදි රීගන් නිම්රෝත් පුතු අද අහිමි වූ බලාපොරොත්තු සියල්ල පුංචි හිතේ දරාගෙන යළි සිනහව දකින්නට වෙර දරන මල් කැකුළක්. නිම්රෝත් පුතු පාස්කු ඉරුදින දේව මෙහෙයට සහභාගි වීමට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගියේ පවුලේ අය සමගින්. දේව මෙහෙය අවසන් වීමට ළංවූ මොහොතේ කිසිවෙකු නොසිතූ මොහොතක ක්ෂණයකින් විනාශ වී ගිය දේවස්ථානය තුළ නිම්රෝත් පුතු දැක්කේ සුන්බුන් වී ගිය මිනිස් සිරුරු ගොඩක් විතරයි. බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ ලෙස ඉනෙන් පහළට සහ පිළිස්සුම් තුවාලවලින් මුහුණට වූ හානියෙන් මේ පුංචි පුතා තවමත් පාසල් හීනය පසෙකට දාලා ප්‍රතිකාර සඳහා යොමුවෙනවා. ඒ වගේම නිම්රෝත් පුතුගේ මාස 6 ක් වයසැති පුංචි නැගණිය ද පිළිස්සුම් තුවාල සඳහා තවමත් ප්‍රතිකාර ලබනවා. ඒ විතරක් නෙමෙයි එදා නිම්රෝත් ළඟ ඉඳපු අම්මා අද රෝද පුටුවට සීමාවෙලා.
නිම්රෝත් ඉරුදින දේව මෙහෙයට සහභාගි වූයේ කා සමඟද?
{ "answer_start": [ 289 ], "text": [ "පවුලේ අය සමගින්" ] }
6f84d38e-2a39-44c9-9447-3dd0b770d8b9
බෝධියේ එක්පසෙක මස් කැබලි, ඇට කැබලි ගොඩකි, ඒ බෝම්බයෙන් මිය ගිය අයගේය. අත් කැබලි පා කැබලි හා අතුනුබහන් ද ඒ අතර විය. මිට්ෂුයි සමාගම විසින් තනා නිමකරන ලද බෝධිය අසළ පිහිටි කල්‍යාණි මහල් ගොඩනැගිල්ලේ වීදුරු දොර ජනෙල් බොහොමයක් කැඩී බිඳී විනාශ වී ගොසිනි. ඒ අවට යාබදව පිහිටි බොහොමයක් ගොඩනැගිලිවලින් දුම් දමමින් තිබිණි. දහස් ගණන් අවශේෂ ජනයා එහි සිටියේ කඳුළෙන් බොඳ වූ දෙනෙත් ඇතිවය. අයෙක් හඬා වැලපුණි. තවකෙක් හදේ නැගෙන ශෝකය කඳුළු බවට හරවා දියකර හැරියේය. ශෝකයත් කඳුළත් නොනැගූ කෙනෙකු නොසිටි බව නම් විශ්වාසය. ස්වභාව ධර්මය පවා කම්පා වන බවට සැක නැත. එදින පස්වරුවේ හිටි හැටියේම මහවැසි ඇද හැලීම ද එයට කදිම නිදසුනක් විය. එයින් ලේ බිඳු සේදුණ ද ශෝකය නම් සෝදා නොගියේය.
බෝම්බයෙන් මියගිය අයගේ මස් කැබලි,ඇට කැබලි තිබුණේ කොහේද?
{ "answer_start": [ 0 ], "text": [ "බෝධියේ එක්පසෙක" ] }