id
stringlengths 36
36
| context
stringlengths 267
2.55k
| question
stringlengths 13
446
| answers
dict |
---|---|---|---|
ba8f2027-cfd1-46e2-acc0-c62bdc70fbc2 | ඇමෙරිකානු ප්රජාතන්ත්රවාදය විහිලුවක් බවට පත්ව ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. චීනය තුළ ක්‍රියාත්මක මාධ්‍ය සියල්ලම පාහේ එරට කොමියුනිස්ට් පක්ෂයට අයත් වන අතර මෙම මාධ්‍ය රැසක් ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රමාද වීමෙන් සතුටක් ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‘‘බලාපොරොත්තුවක් නැති ඇමෙරිකාව’’ යැයි චීනයේ ෂිංහුවා පුවත් සේවයේ ලිපියක් පළ වී තිබිණි. ඇමෙරිකානු ප්රජාතන්ත්රවාදය විහිළුවක් බවට පත්වෙලා යැයි චීනයේ සහාය ලබන තා කුන්ග් පාඕ පුවත්පත වාර්තා කර තිබිණි. ‘‘නිකං සංවර්ධනය වෙන රටක් වගේ’’ යැයි චීන කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත ලෙස සැලකෙන ‘ද ග්ලෝබල් ටයිම්ස්’ පුවත් වාර්තා කර තිබිණි.ලොව වඩාත් බලවත්ම ප්රජාතන්ත්රවාදී රාජ්‍යය තුළ ප්රචණ්ඩත්වය උත්සන්න වෙමින් තිබෙන අදහස දැක්වෙන අයුරු එම පුවත්පත ඇමෙරිකානු ජනාධිපතිවරණය පිළිබඳ පුවත් වාර්තා කර තිබිණි. | "ඇමෙරිකානු ප්රජාතන්ත්රවාදය විහිළුවක් බවට පත්වෙලා" යැයි වාර්තා කර තිබ්බේ කුමන පුවත්පතද? | {
"answer_start": [
404
],
"text": [
"චීනයේ සහාය ලබන තා කුන්ග් පාඕ පුවත්පත"
]
} |
71ba7de2-0576-440f-8620-7d93dad02e15 | බෞද්ධ දර්ශනයේ කර්මය මැනවින් පැහැදිලි කර ඇත. සමහර ආගම් කර්මයක් හා විපාකයක් නැතැයි ඉගැන්වේ. එවැනි ආගම් අකිරියවාදී ආගම් ලෙස බුදු රදුන් හඳුන්වා ඇත. එමෙන්ම සියල්ල සිදුවන්නේ කර්මයෙන් ය යන්න තවත් ආගම් ඉැගන්වුවත් එම ඉගැන්වීම හඳුන්වන පුබ්බේ කත හේතුවාදය ද බුදු රදුන් ප්‍රතික්ෂේප කළහ. මෙම කර්මය හා විපාකය ක්‍රියාත්මක වන්නේ පට්චිච සමුප්පාද මූලධර්මයට අනුව බව උන්වහන්සේ පෙන්වා දුන්හ. සෑම පුද්ගලයෙකු තුළම අවිද්‍යාව, තෘෂ්ණාව ආදී කෙලෙස් පවතින නිසා ඒවා හේතු කොටගෙන යම් යම් අකුසල කර්ම සිදු කරන බැවින් එම සිදුකරනු ලබන කර්මයන්ට විපාකද ඇතිවේ. බුදු දහමට අනුව මිනිසත් කමේ වටිනාකමත්, මිනිසාගේ ඉරණමත් විනිශ්චය කිරීම කෙරෙහිද කර්මය බලපායි. | බෞද්ධ දර්ශනයේ මැනවින් පැහැදිලි කර ඇත්තේ කුමක්ද? | {
"answer_start": [
14
],
"text": [
"කර්මය"
]
} |
a5565894-d46d-4548-a9ba-255d319b5999 | තවද සිරිපා රක්ෂිතයේ වෙසෙන අලි යනු කුඩා කුරු අලි බවට ජනතාව තුළ මතයක් ඇති මුත් එය සත්‍යක් නොවන බව මීට වසර කිහිපයකට පෙර මස්කෙළිය ආසන්නයේ මියගිය අලියෙකුගේ සිරුර සාක්ෂි දැරීය. වන අලි බහුලව ගැවසෙන්නේ දැරණියගල උඩ මාලිබොඩ හා එරත්න ගෙත්තම් පාන මැදගින්න ආදී අම්බලම් ආශ්‍රිතවය. එම ප්‍රදේශ සමතල, බිමක්ව පැවතීමත් ලඳු කැලෑමය පරිසරයක් තිබීමත් නිසා ඇතුන්ට එහෙ යාම පහසුය. එබැවින් එම ඉසව් තුළ ඕනෑ තරම් අලි වසුරු දැක ගත හැකිය. අවාරේ යන විට ඇතුන්ගේ කුංචනාදය ඇසීමටත් පුළුවන. තවද දැරණියගලින් ඇරබෙන උඩ මාලිබොඩ මාර්ගය එරත්න මැණික්හින්න අම්බලම අසලට එනතුරු පවතින කි.මී. 5ක පමණ දුර තුළ අලි බහුලව ගැවසෙන අතර එම මගේ අලි පිටඋලා, දැමූ ස්ථාන, මඩේ එරුනු අලින්ගේ පා සලකුණු, කැඩී ගිය මාර්ග සහ අලි වසුරු දැක ගැනීම සුලභ වේ. | සිරිපා රක්ෂිතයේ වෙසෙන අලි යනු කුඩා කුරු අලි බවට ජනතාව තුළ මතයක් ඇති මුත් එය සත්‍යක් නොවන බව තහවුරු වුයේ කෙසේද ? | {
"answer_start": [
117
],
"text": [
"මස්කෙළිය ආසන්නයේ මියගිය අලියෙකුගේ සිරුර"
]
} |
a006fb98-ed0e-41dd-96a3-6a3e99cc1827 | සමහර පුංචි දරුවන් තවමත් මඟ බලාගෙන ඉන්නේ අම්මා තාත්තා කවදා හෝ ගෙදර ඒවි කියන අදහසින්. තමන්ගේ දරුවෝ, ආදරණීය සැමියා, ආදරණීය බිරිඳ දැන් එයාලගේ ලෝකවලට ගිහින් කියලා ජීවත් වෙලා ඉන්න අයගේ හිත් තාමත් විශ්වාස කරන්නේ නැහැ. කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතය අහිමි වුණු මවගේ වියෝවෙන් මේ ලෝකේ තනි වුණු තවත් දරුවෝ දෙන්නෙක් තමයි සචින් මංජුල සහ මාලන් සචින්ත. ඒ වගේම ආදරණීය බිරිඳගේ වියෝවෙන් තවමත් කඳුළ තම ජීවිතය කරගත් රෝයි පෙරේරා දරුවන්ට මවක්, තමන්ට ආදරණීය බිරිඳක නැති වුණු සොවින් පුතුන් දෙදෙනකු සමඟ තනි වී තවමත් ගෙවන්නේ බලාපොරොත්තු විරහිත ජීවිතයක්. | සචින්ගේ හා මාලන්ගේ මව අහිමිවූයේ කුමකින්ද? | {
"answer_start": [
260
],
"text": [
"බෝම්බ ප්‍රහාරයෙන්"
]
} |
3a0c17b6-d3f5-4cd1-8728-3ed98215aaa4 | එන්ඩොලයිකන දිලීරවලින් ඖෂධීය සංයෝග වෙන්කර ගැනීම මෑත කාලයේ පටන්ගත් නව ප්‍රභවික සංයෝග සාදන ප්‍රභවයක් ලෙස හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් ලෙස අප භාවිත කරන බොහෝමයක් ඖෂධවල මූලාරම්භය ශාකයක්, දිලීරයක්, ඇල්ගියක් හෝ ජලජ ජීවියකු වනවා. පිළිකා නාශක ඖෂධයක් ලෙස භාවිත කරන ‘වින්ක්‍රිස්ටීන්‘ යනු මිනීමල් ශාකයෙන් වෙන්කරගත් සංයෝගයකි. දිලීරවලින් මෙවැනි ඖෂධීය ගුණ ඇති සංයෝග නිස්සාරණය කර ගත හැකි බව මුලින්ම සොයාගනු ලැබුවේද පෙනිසිලින් ඖෂධය සොයාගත් පර්යේෂයෙණි. ඒ නිසා විවිධ සංයෝග නිර්මාණය කිරීමේ හැකියාව දිලීර සතුව පවතිනවා. එබැවින් තෙත් කලාපීය ශාකවල ජිවත්වන ලයිකන ඇතුළතස්වාධීනව නිදහසේ ජීවත්වන එන්ඩොලයිකන දිලීරවලින් ජෛව සක්‍රීය සංයෝග නිපදවීමේ හැකියාව ඇතිබව දැනටමත් පර්යේෂණවලින් සොයාගැනීමට හැකිවී තිඛෙනවා. මේ වනතෙක් ලෝකයේ හඳුනාගැනීමට නොහැකි වූ සංයෝග එන්ඩොලයිකන දිලීරවල අඩංගු වන බව අප සිදුකළ පර්යේෂණවලින් තහවුරු කරගැනීමට හැකි වී තිඛෙනවා. | වින්ක්‍රිස්ටීන් යනු කුමන ආකාරයේ ඖෂධයක්ද? | {
"answer_start": [
221
],
"text": [
"පිළිකා නාශක ඖෂධයක්"
]
} |
59b253e0-9720-4d54-9d74-34aa36b101fd | මෙය මිනිසුන් කෘතිමව සැකසූවක් නොවේ. මෙවන් පර්වත කොටස් ඒ ඒ පරිද්දෙන් එක් කිරීම ස්වභාවධර්මයා විසින් කාලයක් තිස්සේ කලාත්මකව කළ නිමැවුමකි. ඒවා මතට නගිමින් බසිමින් දවසක් ගතකළ හැක. අපි ගමේ සිට දියඇල්ලේ තටාකය අසලට බැසි ගිය තැනෙන් එපිටට වන්නට පිහිටි කැලයට ගොඩවූවෙමු. එහි සෙවණ වෙනුවෙන් සිටින්නට ඉතා සූක්ෂම ලෙස මට්ටම්ව සැකසුණු ගල් තලා සහ ගල් වහල ඇත. අප ඒ අසලට ගොස් හැරී ආවේ නහයට දැනුණු දුඟන්දය නිසාය. ඒ කොටින්ගේ අසූචි සුවඳකි. මෙම සටහනෙන් ඔබට කරන ආරාධනය එය විඳින්නටය. අපගේ පාඨකයා දැනුමින් මෙන්ම හැඟුමින්ද පරිපූර්ණවනු අපගේ බලාපොරොත්තුවයි. කිලෝමීටර් එකසීය විස්සක පමණ වූ ගමනේ, අපේ මාර්ගය වූයේ අවිස්සාවේල්ල, කරවනැල්ල, යටියන්තොට, කිතුල්ගල, ගිනිගත්හේන හරහා ලක්ෂපාන දියඇල්ලටය. මාර්ග සංවර්ධනයට පිංසිදුවන්නට ෆෝ වීල් වාහනයක අවශ්‍යතාවය අපට හොඳින්ම දැනුණි. අන්තර්ජාල පහසුකම් ලැබීම ඉතා අපහසුය. අතරමග රසවත් ආහාරයක් හෝ කටගැස්මකට ගත හැකි ආහාරයක් ගන්නට මෙහි අවන්හල් ඉදිකර ඇත. රාත්‍රී කඩද සොයා ගත හැක. ජලයෙහි ඉතා නැවුම් රසක් ඇති නිසා බෝතල් ජලය ගෙන නොයන්න. ලක්ෂපාන ඇල්ලට බසින තැනම ඇති නවාතැන්පොළෙන් ඔබට රසවත් ආහාර, ඔබේ රාත්‍රී සාදයකට අවශ්‍ය අනුපාන සකසා දෙනු ඇත. | මෙවන් පර්වත කාලයක් තිස්සේ කලාත්මකව නිමවූයේ කවුරුන් විසින්ද? | {
"answer_start": [
77
],
"text": [
"ස්වභාවධර්මයා විසින්"
]
} |
b3d6d40f-8f5c-44eb-b000-2c0dacc83e19 | රීටාත්, රූබිත් බොහෝ විට කතා කළේ චතුර ඉංග්‍රීසියෙනි. එකල ද රීටා හෝටල් සංස්ථාවේ නිලධාරිනියක ලෙස සේවය කළ බව මට මතකය. එකල බොහෝ පැරැණි නළු නිළියෝ ඉතා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිර වූහ. රීටාට අභිෂේක චිත්‍රපටයේ රඟපාන්නට තිබුණේ රෙක්ස් කොඩිප්පිලිගේ බිරිඳ හැටියටය. ඔවුන්ගේ දියණිය ලෙස රඟපෑවේ අවන්ති අපොන්සුය. රූබි ද මෙල් ප්‍රධාන නිළියගේ මව ලෙස රඟපෑවාය. 1934 පෙබරවාරි 18 වැනිදා මාතලේ උපන් රීටා පිලොමිනා රත්නායක අධ්‍යාපනය ලැබුවේ, මාතලේ ඇග්නස් කන්‍යාරාමයෙනි. එය පසුව ශාන්ත තෝමස් බාලිකා විදුහල බවට පත්විය. ඇගේ පියා එමිල් රත්නායක සුප්‍රකට වයලින් වාදකයකු විය. ඇගේ මාමලා ද කලාවට සම්බන්ධ වූවෝ වූහ. ඇය කුඩා කල සිටම රුක්මනී දේවියට ප්‍රිය කළාය. පාසල් කාලයේදී ඇය දස්කොන් නාට්‍යයේ ප්‍රමිලා බිසව ලෙස රඟපෑවාය. ගී ගැයුවාය. ඇය රුක්මනී දේවිය මුණගැසෙන්නට ආශාවෙන් සිටියාය. | රීටාට අභිෂේක චිත්‍රපටයේ රඟපාන්නට තිබුණේ කවුරුන් ලෙසද? | {
"answer_start": [
221
],
"text": [
"රෙක්ස් කොඩිප්පිලිගේ බිරිඳ හැටියටය"
]
} |
26fa6618-2ab6-4fd1-851f-9255ad9a6487 | කරන් ජෝහර්ගේ උපන්දින සාදයේදී සුපිරි බොලිවුඩ් සිනමා නළු මෙන්ම කරන් ජෝහර්ගේ සමිපතම මිතුරා වන ෂාරුක් ඛාන් නර්තනයේ යෙදෙන විඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය තුළ වයිරල් වී තිබෙනු දක්නට ලැබේ. කරන් ජෝහර් සිය සිනමා ජිවිතේ පළමු වරට අධ්‍යක්ෂණය කළ ‘කුච් කුච් හෝතා හේ’ චිත්‍රපටයේ ඇතුළත් ‘කොයිමිල් ගයා’ ගීතයට මෙසේ ෂාරුක් ඛාන් නර්තනයේ යෙදන අයුරු මෙම විඩියෝව තුළ අන්තර්ගතවී තිබේ. ෂාරුක් විසින් නටන මෙම විඩියෝව යම් කිසි පුද්ගලයෙකු විසින් සිය ජංගම දුරකතනය හරහා විඩියෝ කර අන්තර්ජාලයට මුදාහැර තිබෙන බව සඳහන් වෙයි. | කරන් ජෝහර් සිය සිනමා ජිවිතේ පළමු වරට අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය කුමක්ද? | {
"answer_start": [
231
],
"text": [
"‘කුච් කුච් හෝතා හේ’"
]
} |
54b8f381-6564-4109-9501-498822dced0b | ඈත අතීතයේ එනම්, අදින් වසර මිලියන 12කට පමණ පෙර මුහුදෙන් ඉහළට එසවුණු කොරල් පර ශ්‍රී ලංකාවේ දක්නට ලැබී ඇත්තේ දෙකකි. ඉන් එකක් යාල ජාතික වනෝද්‍යානයට අයත් මිනිහාගල්කන්ද නම් වූ ස්ථානය වන අතර, අනෙක විල්පත්තුව ජාතික වනෝද්‍යානය වෙයි. මේ ස්ථාන දෙකම වසර මිලියන 12කට පමණ පෙර කොරල් පරයක් වුවද වර්තමානයේ සරුසාර වන බිම්ය. මෙයින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සැඟවුණු අතීතය පිළිබඳව විමසීමේ දී පුරාවිද්‍යාත්මක අතින් සුවිශේෂී වටිනාකම් දක්නට ලැබේ. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ මේ සියලුම ඓතිහාසික වටිනාකම් මහා ගන වනාන්තරයකින් වැසී තිබීමය. එහි තිබෙන ෆොසිල වසර මිලියන 12කට වඩා පැරැණිය. එනම්, මයෝසීන යුගයට අයත්ය. ප්ලයිස්ටොසීන යුගයට අයත් ෆොසිල විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පස් වැනි කොටසේ කුදිරමලේ ප්‍රදේශයෙන් හමුවෙයි. මෙතෙක් සොයාගත් එසේම නොදන්නා වටිනා සංස්කෘතියක් මේ වනවිට බිමේ වැළලී තිබේ. එනම්, අදින් වසර 125000ත් 5000ත් අතර කාලයකට අයත් ප්රාග් ඓතිහාසික යුගයේ ගල් ආයුධ හමුවීමත්, පූර්ව ඓතිහාසික යුගයට අයත් වළං කටු හා යකඩ තාක්ෂණය භාවිත කළ බවට මෙවලම් හමුවීමත් අපගේ රටේ සැඟවුණු ඉතිහාසය කියාපාන්නකි. මේ ස්ථාන අතර පොන්පරිප්පුව නම් ප්‍රදේශයෙන් ඉපැරැණි සුසාන භූමියක සලකුණු ද හමුවී තිබේ. මෙහි මිනිස් සිරුරු 8000ත්, 12000ත් අතර ප්‍රමාණයක් වළ දමා තිබුණු බැව් හමුවන සුවිසල් මැටි භාජනවලින් කියාපායි. මේ සාධක අනුව ශ්‍රී ලංකාවේ ඉපැරැණි ශිෂ්ටාචාරය උතුරු ඉන්දියාවේ මොහන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරවලට සෘජු සම්බන්ධතාවක් දක්වන බැව් පෙනී යයි. | ඉපැරණි සුසාන භූමියක සලකුණූ හමුවී තිබෙන්නේ කොහෙන්ද? | {
"answer_start": [
996
],
"text": [
"පොන්පරිප්පුව නම් ප්‍රදේශයෙන්"
]
} |
a7e1f7d3-3637-40cf-ace0-c23d601ba118 | ශ්‍රී ලංකාවේ ඉන්දියන් සයුරේ මුතු ඇටය යන විරුදාවලියෙන් සම්මානිත වූයේ, දිවයිනේ භෞතික ස්වරූපය මුතු ඇටයක් ලෙසින් දිගටි හැඩයෙන් යුක්තවීම නිසාත්. අප වෙරළ තීර මුතු පර වලින් ගහනව පැවතීම නිසාත් විය යුතුය. පෙර සිංහල රජ දවස පටන්, මෙරට දේශීය ආර්ථිකය පෝෂණය උදෙසා මෙන්ම, පෙර දිග මුතු ඇටයේ කීර්තිය දස දෙස පතුරුවන්නට, හලාවත සිට මන්නාරම දක්වා පැතිරි මුතු පරවලින් ලද්දේ අනුපමේය දායකත්වයකි. එහෙත් මිනිසා විසින් පරිසරයට සිදු කරන ලද හානි සහ මුතු නිෂ්පාදනය අප දේශයෙන් අතුරුදන්ව ගොස් අඩ සිය වසකට වැඩි කාලයක් ද ඉක්ම ගොසිනි. මන්නාරම් බොක්ක බලා මිරිදියවර රැගෙන ගලන මල්වතු ඔය, අතීතයේ පෙර නොවූවිරූ ලෙසින් කෘෂි රසායන ද්‍රව්‍ය රැගෙන ඒමේ දැඩි ප්‍රවණතාව හේතුකොට ගෙන මුතු පර විනාශ වී ඇති බැව් අනාවරණය වේ. කඩොලාන සහ මුහුදු වෙරළ ආසන්නයේ තුරු ලතා මේ මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා විනාශයට පත්වීමෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමද මුතු පර වඳවී යාමට හේතු වූ සාධකයක් සේ සැලකේ. | දේශීය ආර්ථිකය පෝෂණය උදෙසා අනුපමේය දායකත්වයක් ලැබුණේ කුමකින් ද? | {
"answer_start": [
333
],
"text": [
"මුතු පරවලින්"
]
} |
23367707-ee5c-4243-a326-d31170888e99 | ලබන වසරේ මැයි 19 වැනිදා නිකුත් කිරිමට සූදානම් කර ඇති ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් චිත්‍රපට මාලාවේ දසවැනි චිත්‍රපටයේ නම මීට දින කිහිපයකට පෙර එම චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ භූමිකාව ඉදිරිපත් කරන වින් ඩිසල් විසින් ප්‍රසිද්ධ කර තිබුණි. යුනිවර්සල් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය වින් ඩිසල් විසින් නම් කර ඇත්තේ ෆාස්ට් එක්ස් ලෙසය. මේ වනවිට මෙහි පළමු ප්රචාරක දැන්විමද ඔහු විසින් සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇත. කෙසේ වෙතත්, ලබන වසරේ නිකුත් කරන චිත්‍රපටයේ තවත් කොටසක් 2024 වසරේදී නිකුත් වීමට නියමිතව ඇත. | ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් කුමන සමාගමේ නිෂ්පාදනයක්ද? | {
"answer_start": [
223
],
"text": [
"යුනිවර්සල් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක්"
]
} |
e3fc866c-4ed7-4635-b272-fed1fc1d7b9b | පාතාලය කියන්නේ කවදාවත් එහි සාමාජිකයෙක් දෙන්නෙක් මරලා, තව කීපදෙනෙක් හිරේ දාලා අවසන් කරන්න පුලුවන් සමාජයක් නොවේ. එල්ටීටිඊ ත්‍රස්තවාදය අවසන් කළ පාලකයෝ අත්අඩංගුවට පත් එහි සාමාජිකයන් පුනරුත්ථාපනය කළහ. එහි කිසියම් අඩුපාඩු තිබිය හැකිය. එහෙත් ත්‍රස්තවාදය යළි ඉස්මතුවීම වැළැක්වීමට සාධනීය පියවරක් තැබූහ. කුඩු පාතාලය මර්දනයට අඩුපාඩු සහිතව වුවත් පසුගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවත් අවධානය යොමු කළහ. කුඩුවලට ඇබ්බැහිවූවන්ද පුනරුත්ථාපනයට වැඩපිළිවෙලක් සකස් කළහ. මේ සියල්ල සපුරා සාර්ථක වන්නේ යළි කුඩුවලටත්, ත්‍රස්තවාදයටත් මග හැදෙන සමාජ ආර්ථික සාධක ද වෙනස්වන සමාජයක පමණක් බව සත්‍යයකි. එහෙත් එතෙක් මෙවැනි උත්සාහයක් හෝ දැරීම පැසසිය යුතුය. එහෙත් අපරාධ කල්ලි මර්දනයට එවැනි කිසිදු වැඩපිළිවෙලක් කිසිදු පාලන කාලයක් තුළ දකින්නට ලැබුණේ නැත. යම් යම් කාල වකවානුවල පාතාලයන් මර්දනය කළ බවට අදහසක් සමාජයේ තිබුණ ද හොඳින් නිරීක්ෂණය කර බැලුවහොත් ඒ මර්දනය කර තිබෙන්නේ දේශපාලනිකව තමන්ගේ හිතවාදි කල්ලිවලට ප්‍රතිවාදී කල්ලිවල සාමාජිකයෝය. | අත්තඩංගුවට පත් එල්ටීටීඊ සාමාජිකයන්ට සිදු කළේ කුමක්ද? | {
"answer_start": [
178
],
"text": [
"පුනරුත්ථාපනය"
]
} |
0cfc2322-7daa-4e80-b782-290e314d1bcd | නූතන අශ්වයකුගේ වැනි හිසක් සහිත පියාසර කළ නොහැකි දැවැන්ත පක්ෂි විශේෂයක් අදින් වසර ලක්ෂ 500ට පෙර මිහිතලය මත දිවි ගෙවා ඇතැයි පර්යේෂකයෝ පිරිසක් කියති. මේ සත්ත්ව විශේෂය ආක්ටික් පෙදෙසේ සිට යුරෝපය හා ආසියාව තෙක් පැතිර සිටින්නට ඇතැයි ද ඔවුන්ගේ අදහස වී ඇත. කොලරාඩේ විශ්වවිද්‍යාලය, බෝල්ඩර් විද්‍යාලය හා චීන ෆොසිල අධ්‍යයන ආයතනයට එක්ව මේ පර්යේෂණ සිදුකර ඇත. පර්යේෂකයන් පවසන්නේ අශ්වයකුගේ හිසකට සමාන හිසකින් යුතු මේ අපූරු පක්ෂියා අශ්වයකුට වඩා විශාල හා බරැති සත්ත්ව විශේෂයක් වන බවයි. මොවුන් ශාක පත්‍ර, ඇට වර්ග හා පලතුරු ආදිය බුදිමින් ජීවත් වී ඇති බව හොටය අනුවර්ථනය වී ඇති ආකාරය අනුව විද්‍යාඥයෝ කියති. | මේ සත්ත්ව විශේෂය පැතිර සිටින්නට ඇතැයි ද ඔවුන්ගේ අදහස වී ඇත්තේ කුමන ප්‍රදේශද? | {
"answer_start": [
164
],
"text": [
"ආක්ටික් පෙදෙසේ සිට යුරෝපය හා ආසියාව තෙක්"
]
} |
cc536a9d-073a-4489-ab40-1dd3b38035f4 | ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මාලිගයේ දේවේන්ද්‍ර මූලාචාරීට මහ අධිකාරම්ට සමාන හෝ ඊටත් වඩා වැඩි බලයක් හිමිව තිබුණි. මෙයට ප්‍රධාන හේතු තුනක් බලපාන්නට ඇත. මහනුවර නගරය හා දළදා මාලිගය පරිශ්‍රයේ අලංකාරික ප්‍රධාන නිර්මාණ ශිල්පියා දේවේන්ද්‍ර මූලාචාරීන් වීම එහි ප්‍රධාන හේතුවය. නිර්මාණකරුට නිතර රජු සමග සාකච්ඡා කිරීමට සිදුවීම නිසා ඇතිවන රාජ පාක්ෂික මිත්‍රත්වය දෙවන හේතුවය තුන්වන හේතුව අබිරහසක් වූවක්ය. දේවේන්ද්‍ර මූලාචාරීගේ පියා හෝ සීයා දෙවුන්දර දේවාලයේ දේවකාර්ය භාරය හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා භාරතයේ සිට පැමිණි බ්‍රාහ්මණ වංශික දේවානාරායන්ය. | මාලිගයේ රජු කවුරුන්ද ? | {
"answer_start": [
0
],
"text": [
"ශ්‍රී වික්‍රම රාජසිංහ"
]
} |
0cd2cdda-d3f1-4f8e-9c8d-74fb2f837ca3 | ප්‍රධාන ධ්‍යාන වර්ග අපි ඉහතින් හඳුන්වා දුන්නා. ඒවායේ ස්වභාවය මෙසේයි. පළමු ධ්‍යානයේදී ඒ තැනැත්තා කාමයෙන් වෙන්වෙනවා. අකුශලයෙන් වෙන් වෙනවා. ඒ වගේම විතර්ක සහිත වෙනවා. විචාර සහිත වෙනවා. විවේකයෙන් උපන් සැපය ලැබෙනවා. පළමු ධ්‍යානය රූපාවචර ධ්‍යානයක්. ඉන් තමන්ගේ සිතේ තිබෙන පංච නීවරණ ධර්ම දශ අකුසල් සිතින් යටපත් කරගත හැකියි. එයා විතක්ක විචාර සූති ඒකාග්ගතා සහිත ප්‍රථම ධ්‍යානය ලබා ගන්නවා. දෙවැනි ධ්‍යානයේදී විතක්ක විචාරවලින් තොර වෙනවා. අධ්‍යාත්මයේ මහා පැහැදීමක් ඇති කරනවා. සිතේ එකඟ බවක් ඇති වෙනවා. මේ සියලු දේ වගේම තමා ගැන උපන්නාවූ ප්‍රීතිය සිතේ ඇතිවෙනවා. ඉන් ප්‍රීති සුඛ ඒකාන්ත සහිත ද්විතීය ධ්‍යානය ලබා ගන්නවා. | කාමයෙන් වෙන්වන්නේ කුමන ධ්‍යානයෙන්ද? | {
"answer_start": [
70
],
"text": [
"පළමු ධ්‍යානයේදී"
]
} |
d2f3a971-9824-48d4-8041-0a5d45202f10 | ලියුම්කරු පරසුද්දායයි හඳුන්වනු ලබන රොබට් චාමස් ආණ්ඩුකාරවරයා මෙරට පාලනය කර ඇත්තේ 1913 - 1916 කාලය තුළය. එනම් මෙම සිදුවීම සිදුවන්නේ ඉන් අවුරුදු පහකට පමණ පසුවය. එනම් ඒ වනවිට ඔහු රට හැර ගොසිනි. ලියුම්කරු පවසන මෙම සිදුවීම සිදුවන්නේ 1921.05.12 වැනි වෙසක් පොහොය දිනයේය. ඔහුට මෙකී සිදුවීම ගැන පවසන්නේ එම සිදුවීම සියැසින් දුටු මොරගොල්ලේ රංඑතනා නම් ඔහුගේ මිත්තණියයි. එවිට ඇය අවුරුදු 6 ක් වයස දැරියකි. පුදුමය නම් වෙසක් පොහොය දිනක දෙනෝදාහක් පිරිස රැඳෙන දළදා මාලිගාව අසල මෙය සිදුවීමයි. ඉහත කී රංඑතනා මිත්තණිය හැර එහි සිටි කිසිවෙක් හෝ මෙම සිදුවීම දුටු බවට කිසිම තොරතුරක් මේ දක්වා කිසිවකුට දැන ගැනීමට නොමැති වීමය. මෙවැන්නක් සැබවින්ම සිදුවූවා නම් එය මෙරට පමණක් නොව එකල පැවැති ජනමාධ්‍ය වන පුවත්පත් මගින් ලොව පුරා ප්‍රචාරය වීමට පවා ඉඩ තිබුණි. | ලියුම්කරු පරසුද්දායයි හදුන්වනු ලැබුවේ කවුරුන්ද? | {
"answer_start": [
35
],
"text": [
"රොබට් චාමස් ආණ්ඩුකාරවරයා"
]
} |
50d67220-b4b0-4707-8082-2ef8f673c5f6 | යටත් විජිත යුගයේ අවසාන අදියර සමයේ පුරෝගාමීන් ලෙස, මෙම කුලකය අතර වඩාත් කැපී පෙනෙන චරිත කිහිපයක් විය. ඒ අතර සුවිශේෂී ප්‍රකට චරිතයක් වූයේ හාපිටිගම් කෝරළයේ, බෝතලේ සේනානායක වලව්වේ ප්‍රධානියා වූ දොන් ස්පෙටර් සේනානායක මුදලිතුමන්ය. මන්දයත් 1912 වසරේ ආරම්භ වූ අමද්‍යප ව්‍යාපාරයේ දෙවන අදියරේ පුරෝගාමියා මෙන්ම ප්‍රධාන අනුග්‍රාහකයා වූයේද දොන් ස්පෙටර් සේනානායකයි. ඔහු වූ කලී පසු කලෙක නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම නායකයා සහ අග්‍රාමාත්‍යවරයාද වූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ සහ අමද්‍යප ව්‍යාපාරයට මෙන්ම සම්බුද්ධ ශාසනය උදෙසා ද අනුපමේය මෙහෙයක් ඉටු කළ එෆ්. ආර්. සේනානායක මැතිතුමාගේද පියාණන් වේ. | දොන් ස්පෙටර් සේනානායක මුදලිතුමා සිටි වලව්වේ නම කුමක්ද? | {
"answer_start": [
153
],
"text": [
"බෝතලේ සේනානායක"
]
} |
17ce9eb9-e284-4d68-ac97-140bc6807c20 | අසීමාන්තික ලෙස දරුවන්ට ආදරය කරනා මව්වරුන්ට පියවරුන්ට එම දරුවන් අහිමි වී ගියහොත් දරු දුක ඉවසාගත නොහැකිව සියදිවි හානි කරගන්නා අය බොහොමයක් සිටියදී ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ධෛර්යවන්ත ගැහැනියකි. ඇය සිටින්නේ බ්‍රසීලයේ සාඕ පවුලේ ප්රාන්තයේය. නමින් ඉවොන් මාටින්ස් වන්නීය. එක්දරු මවක වූ ඇය සිය පුත්‍රයාගේ මරණයත් සමග ඇතිවූ පීඩනය අවම කිරීමේ අරමුණින් ඉවොන් මෙම අපූරු නිවස ඉදිකිරීම ආරම්භ කර තිබේ. අවට පරිසරයේ කසළ ලෙස එක්රැස් වී තිබූ බෝතල් දැකීමෙන් තමාට බෝතල් යොදාගෙන නිවස ඉදිරිකිරීමේ අදහස් පහළවූ බව ඇය ප්‍රකාශ කළාය. නිවස ඉදිකිරීම සඳහා වීදුරු බෝතල් හයදහසක් පමණ යොදාගෙන ඇති අතර සිමෙන්ති බදාම මගින් බෝතල් එකිනෙක සම්බන්ධ කර තිබේ. | ඉවොන් පීඩනය අවම කිරීමේ අරමුණින් සිදු කර ඇත්තේ කුමක්ද? | {
"answer_start": [
359
],
"text": [
"නිවස ඉදිකිරීම"
]
} |
45fd96f2-370a-4583-8259-3326df40a389 | දැපුලුසෙන් විහාරය හෙවත් රාජගිරි මල්පහ විහාරය ලෙස හඳුන්වන අද දිප්පිටියේ පිහිටි රාජගිරි මල්පහ විහාරය ඊට සාක්කි දරන බවද ගම්මුන් අපට කීහ. පුරාණ කතා රැසකටම සාක්ෂි සපයන රහලගල ජනාවාස ඇති වන්නේ මිට වසර 53කට කලින්ය. රහල ගල පිහිටා ඇත්තේ ද අහුපිනි ඇල්ල කඩා හැළෙන නිම්නයේ එක් කඳු මුදුනකය. එම කඳු මුදුනේ සිට ද අසුපිනි ඇල්ල නැරඹීමට හැකිය. මුහුදු මට්ටමේ සිට අඩි 2900 ක උසකින් යුත් මෙම හුදකලා කන්ද අක්කර 800 ක භූමි ප්‍රමාණයක විහිදී පවතී. මේ ගමේ මුල් පදිංචිකරු වන්නේ දැනට වයස 74 ක් වන ටී.ජී. මාර්ටින්ය. රහලගලේ පුරාණ කතාවක් මාර්ටින් අපට කීවේය. | රහලගල ජනාවාස ඇතිවන්නේ මීට වසර කීයකට කලින්ද? | {
"answer_start": [
190
],
"text": [
"වසර 53කට කලින්ය"
]
} |
d9628d8f-0692-4ad3-b397-5ffcca7668ab | මෙමඟින් සිදුව ඇත්තේ සාම්ප්‍රදායික රේන්ද කලාව මගින් පෝෂණය වූ කර්මාන්තකරුවන් බිඳ වැටීමයි. එයට හේතුව බාල වර්ගයේ නූල් සහ සීමිත මෝස්තර ප්‍රමාණයකින් නිර්මාණය කරන ලද රේන්ද තොග වශයෙන් ඉතා අඩු මිලට ගැනුම්කරුවන් අතට පත්ව තිබීමයි. රෙන්ද සඳහා භාවිත නූල් පවා ආනයනය කිරීම අධික වියදම් ගෙනදෙන කටයුත්තකි. මෙම නිසා වෙරළබඩ කලාපය තුළ ග්‍රාමීය ජනතාව විෂයෙහි ලා ජනප්‍රිය රේන්ද කලාව නූතනයේ ඉතා සීමිත පිරිසකගේ නොවිධිමත් ජීවනෝපාය මාර්ගයක් පමණක්ම බවට පත්ව ඇති බව දැක ගත හැකිය. අද තරුණ යුවතියෝ මේ කර්මාන්තයට අත ගසා ඇතිසේය. එය සත්තකින්ම අගය කළ යුතුවන්නේය. | රේන්ද සඳහා නූල් ආනයනය කුමන ආකාරයේ කටයුක්තක්ද ? | {
"answer_start": [
258
],
"text": [
"අධික වියදම් ගෙනදෙන"
]
} |
771f100f-b7c1-42bf-8a9d-0aa53cd1313f | අනිත් පුළුල් හේතුව නම් ඩිජිටල් ලෝකයේ ඇති දෑ අසීමිතව පිටපත් ලබාගැනීමේ හැකියාව තිබුණත් එන්.එෆ්.ටී. කලා නිර්මාණයක මෙලෙස අසීමිත පිටපත් ලබාගැනීමේ හැකියාවක් නොමැත. බිට් කොයින් අතිශය ජනප්‍රිය වීමටත් බලපෑවේ මෙම හේතුව විය. එන්.එෆ්.ටී. පැමිණීමත් සමග විමධ්‍යගත ස්වාධීන සංවිධාන බිහිවිය. මෙම සංවිධාන සීමාසහිත සමාගම්වලට ආදේශකයක් විය. විමධ්‍යගත යන්නෙන් අදහස් කරන්නේ පාලනය කිරීමට රජය හෝ මහ බැංකුව වැනි එක් ආයතනයක් නොමැත යන්නයි. විමධ්‍යගත ස්වාධීන සංවිධාන ඩී.ඒ.ඕ. යන කෙටි නාමයෙන්ද හඳුන්වනු ලබයි. ඩී.ඒ.ඕ. පාලනය වෙන්නේ පරිගණක කේතයක ලියැවුණු නීති පද්ධතියක් මගින් වන අතර ඡන්ද බලය හිමි සාමාජිකයින්ගෙන් යුක්ත වේ. මෙය සාම්ප්‍රදායික සමාගම් සංකල්පය හාත්පසින්ම වෙනස් කරයි. | මෙම හේතුව නිසා අතිශය ජනප්‍රිය වූයේ කුමක්ද? | {
"answer_start": [
158
],
"text": [
"බිට් කොයින්"
]
} |
ed801fdc-9896-4823-85a4-30d30ff8aa0d | පෘතුගීසීන්ගේ ගොඩබැසීම පිළිබඳව රාජාවලියේ සඳහන් වන්නේ ඉහත සඳහන් විස්තරයට පටහැණි ලෙසය. එහි සඳහන් වන්නේ පෘතුගීසීන් හත්වන විජය බාහු රජ සමයේ පැමිණි බවය. පෘතුගීසීන් ලංකාවට පැමිණි කාලය වන විට විජයබාහු ප්‍රතිරාජයෙකු වශයෙන් මැණික් කඩවර රාජ්‍ය විචාල බව ෙකාඩ්රින්ටන්, මහාචාර්ය සෙනරත් පණවිතාන හා ජී.එස්. පෙරේරා සඳහන් කරයි. අලකේෂ්වර යුද්ධය ද පෘතුගීසීන් ලංකාවට පැමිණි දින වකවානු ලෙස සඳහන් කරන්නේ හත් වැනි විජයබහු ලෙස සඳහන් කරන්නේ හත් වැනි විජයබාහු රජ සමයයි. ක්‍රි.ව. 1509 1521 විජයබාහු රාජ්‍ය සමයයි. කිරිමැටියාවේ කවියා ඔහුගේ මහ හටන කාව්‍ය ග්රන්ථයෙහි සඳහන් කරන්නේ පෘතුගීසීන් හත්වන බුවනෙකබාහු රජුගේ රාජ්‍ය සමයේදී ලංකාවට පැමිණි බවය. එම වකවානුව ක්‍රි.ව. 1521 - 1551 වෙයි. පෘතුගීසී ජාතික ක්වේරෝස් සඳහන් කරන්නේ ලොරැන්සෝද අල්මේදා නම් පෘතුගීසී ජාතිකයා 1505 නොවැම්බර් 15 දින ගාල්ලට ගොඩ බැස්ස බවය. කොන්ස්තන්තීනු ද එම මතය ඉදිරිපත් කරයි. ගැස්පාර් සඳහන් කරන්නේ 1505 අගෝස්තු මාසයේදී පෘතුගීසීන් මෙරටට පැමිණි බවය. | 1505 අගෝස්තු මාසයේදී පෘතුගීසීන් මෙරටට පැමිණි බව සදහන් කරන්නේ කවුද ? | {
"answer_start": [
812
],
"text": [
"ගැස්පාර්"
]
} |
81807bef-7279-4fb7-9dba-6ba92f255b5d | වරාතැන්න හත්කිද ප්‍රදේශයෙන් මහවැලි ගඟ ගලා බසින ආකාරය. මිනිසුන් ගඟට බිලි වන්නේ ද මෙතැනදී ය. වම්පසින් දිව යන්නේ ගන්නෝරුව කටුගස්තොට ප්‍රධාන මාර්ගයයි. මහවැලි කොමලිය, ශ්‍රීපාද අඩවියෙන් පටන් ගන්නා බව පැවසුවද එය කුඩා දිය පහරකින් ලෙසින් ආරම්භ වන්නේ හෝටන්තැන්නෙනි. සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ල නිර්මාණය කරමින් පහළට කඩා වැටෙමින් තෙල්දෙණියෙන් කොත්මලේ ජලාශයටත්, නාවලපිටිය, ගම්පොළ හරහා පේරාදෙණිය, ගැටඹේ, හත්කිඳ දූපත්වලින් නොනැවතී, පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ පුරවමින් මහියංගණය, වස්ගමුව වනය මැදින් පොළොන්නරුව හරහා ගොස් ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටේ. | මහවැලි ගඟ කුඩා දිය පහරකින් ලෙසින් ආරම්භ වන්නේ කොහෙන්ද? | {
"answer_start": [
241
],
"text": [
"හෝටන්තැන්නෙනි"
]
} |
cfdf692d-5ebf-4038-9e37-0a70ac182131 | පොරොන්දම් පමණක් බලා විවාහ වී විවාහය අසාර්ථක වූ විට ඔවුන් කියන්නේ හඳහන් බලා විවාහ වුණත් විවාහය අසාර්ථක වී ඇති බවය. ජ්‍යෝතිෂය වැරදි බව ඔවුහු කියති. ජ්‍යෝතිෂය ගැන මිනිසුන් තුළ විශ්වාස නැති වන්නේ මෙවැනි අවස්ථාවලදීය. පොරොන්දම් පමණක් ගැළපී හත්වන කොටුව නොගැළපී විවාහ වී අසතුටින් කල් ගෙවන අය ගේ හෝ දික්කසාද වූ අය ගේ මැසිවිලි අනන්තය. මගුල් කඩන්නෝ ජ්යෝතිර්වේදීහුමය. මෙහි සඳහන් කර ඇත්තේ ජ්‍යෝතිෂය හරියට නොදැන බොරුවෙන් බඩ වඩා ගන්නා අය ගැනය. හරියට කරන අය ගැන නොවේ. පොදුවේ සියලු ජ්‍යෝතිර්වේදීන්ට එල්ල කරන චෝදනාවක් නොවේ. | මෙහි සඳහන් කර ඇත්තේ කවුරුන් ගැනද? | {
"answer_start": [
380
],
"text": [
"ජ්‍යෝතිෂය හරියට නොදැන බොරුවෙන් බඩ වඩා ගන්නා අය"
]
} |
22ab4784-1758-4219-8b48-def4b49e63b4 | කොන්ග්කා ලා හිමාල කඳුවැටියේ උස් වූ වැටියක පිහිටි දුර්ගයකි. එය ඉන්දු - චීන දේශ සීමාවේ ලඩක් ආසන්නයේ පිහිටා තිබේ. එහි ඊසාන දිග කොටස අක්සායි චින් නමින් හැඳින්වෙන අතර එහි අයිතිය චීනයට වන අතර නිරිතදිග ප්‍රදේශයේ අයිතිය ඉන්දියාව සතුය. එය ලඩක් නමින් හැඳින්වෙයි. 1962දී ඉන්දු චීන යුද්ධය පැවතියේ මෙම දේශසීමාවේය. ජනශූන්‍ය ප්‍රදේශයක් වන මෙහි දෙපාර්ශ්වයේම සම්මුතිය අනුව මුර සංචාර සිදු නොකෙරේ. ලඩක් වෙත පැමිණෙන සංචාරකයන්, බෞද්ධ භික්ෂූන් හා ලඩක්හි වැසියන්ට අනුව දේශ සීමාව පමණක් ඉන්දු - චීන හමුදා විසින් ආරක්ෂා කරනු ලැබේ. | එහි ඊසාන දිග කොටස හදුන්වන්නේ කෙසේද ? | {
"answer_start": [
129
],
"text": [
"අක්සායි චින් නමින්"
]
} |
e8830746-f4ed-4e65-bfd7-9c7ce836954b | සූර්ය පැනලවල දුවිලි අංශු බැඳීම සහ ඇඳුම් අපවිත්රවීමට විසඳුමක් ලෙස නැනෝ තාක්ෂණික දියරයක් නිපදවීමට ඉංජිනේරු උපාධිධාරී රඛිත බි්රටෝ සමත්වී තිබේ. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රථවාහන සහ කර්මාන්ත ශාලාවලින් පිටවන දුමාරය හේතුවෙන් ඉතා කෙටිකලකදී සූර්ය පැනලවල දූවිලි අංශු බැඳීම සිදුවේ. මේ නිසා සූර්ය පැනලවලින් ලබාගත හැකි කාර්යක්ෂමතාව අඩුවේ. ඊට විසඳුමක් ලෙස රඛිත විසින් නිපදවා ඇති නැනෝ තාක්ෂණික දියරයෙන් සූර්ය පැනලයක් වසර 15 ක් පමණ දූවිලි අංශුවලින් ආරක්ෂාකර ගැනීමට හැකියාව ලැබේ. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල විශාල දූවිලි ප්‍රමාණයක් තිබීම සහ දුමාරය හේතුවෙන් සූර්ය පැනලවල මතුපිට පෘෂ්ඨිය දූවිලි අංශු සහ අනෙකුත් අපද්‍රව්‍යවලින් ඉතා ඉක්මනින් වැසී යනවා. මෙම අපද්‍රව්‍ය වර්ෂා කාලවලදී සේදී යාහැකි යැයි අප සිතුවද වැසි ජලයෙහිද පිරිසුදුතාවක් නොමැති නිසා එය වැළකෙනවා. මෙය සූර්ය පැනල සවිකරන බොහෝ ආයතනවලට විශාල ගැටලූවක්. දැනට සිදුකරන්නේ වහලයට මොබ් එකක් රැගෙන ගොස් එමගින් සූර්ය පැනලය පිරිසුදු කිරීමයි. එයත් මාස 3 කට වරක් හෝ සිදුකරන අතර මෙමගින් සූර්ය පැනලයේ ක්ෂුද්‍ර සීරීම් සිදුවිය හැකිය. ඒ වගේම මතුපිටින් පවා සීරීම් සිදුවෙන්න පුළුවන්. මේ හේතු කාරණා සැලකිල්ලට ගෙන දූවිලි අංශුවලට ප්‍රතිරෝධීව ක්‍රියාකරන නැනෝ තාක්ෂණික විසඳුමක් ගෙන ඒමට මට හැකිවුණා. මෙහිදී සිදුවන්නේ හයිඩ්‍රෝපිලික් පෘෂ්ඨයක් සූර්ය පැනලය මත සකස් කෙරෙනවා. එම නිසා එහි ජල බිංදු රැඳීමක් සිදුවෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ජල බිංදු රැඳුන හොත් එහි කුඩා දූවිලි ලප ඇතිවීම සිදුවෙනවා. මෙම නැනෝ දියරය මගින් 85% ක් පමණ දූවිලි අංශු රැඳීම වළකාගන්න පුළුවන්. මෙහි ඇති පරාවර්ථන ප්‍රතිරෝධී ක්‍රියාවලිය නිසා ආලෝකය පරාවර්ථනය වීමක් සිදුවන්නේ නෑ. | දැනට සූර්ය පැනලය පිරිසුදු කරන්නේ කෙසේද? | {
"answer_start": [
814
],
"text": [
"වහලයට මොබ් එකක් රැගෙන ගොස්"
]
} |
05c2a30e-5eec-4bcf-987d-47f34259eba4 | දැන් ගාමිණීගේ හමුව වෙත යළිත් හැරෙමු. ඔහු මවෙත හැරුණේය. සිගරැට්ටුව අළු බඳුනට දමා ඉන් පසුව එතැන තිබූ වේවැල් පුටුවේ වාඩි වෙන්නට මට අතින් සන් කළේය. එය ද හොලිවුඩ් චිත්‍රපට නළුවකුගේ මෙනි. හැඩකාරය. මම පුටුවේ වාඩි වුණෙමි. ගාමිණී සිටියේ උඩු කය නිරාවරණවය. ඒ කාලයේ ඔහුගේ වයස අවුරුදු හතළිස් තුනක් පමණ වෙතැයි සිතමි. එහෙත් ඔහුගේ ප්‍රෞඩත්වය, කඩවසම් බව බිඳකුදු අඩු නොවී පැවැතිණ. ඔහු සරම අඳින්නේ තරමක් කෙටි වන්නටය. එදා ද ඔහු කොට වන්නට බතික් සරමකින් සැරැසී සිටියේය. ඔහු එතැන තිබූ පුටුවේ වාඩිවූයේ දෙපා පුටුව මතට ගනිමිණි. ඒ ඔහු කැමැති පහසුම ඉරියව්වටයි. | අළු බදුනට දැමුවේ කුමක්ද? | {
"answer_start": [
55
],
"text": [
"සිගරැට්ටුව"
]
} |
472a6565-2bd0-463f-8a3b-654b6494a8ad | ප්‍රේමසිරි කේමදාස නම් මහා ගාන්ධර්වයා හා අමරසිරි පීරිස් නම් ප්‍රවීණ වයලීන් වාදකයා අතර ඇති අවියෝජනීය සබඳතාව සංගීත ක්ෂේත්රයට රහසක් නොවේ. අමරසිරි නැතිව කේමදාසයන්ට කිසිම සංගීත කටයුත්තක් කිරීමට බැරි විය. කැසට් ගීතය, පසුබිම් සංගීතය, සිනමානුරූපී ගීතය සහ සංගීතය, සංධ්වනි, කැන්ටාටා, ඔපෙරා යන කේමදාසයන්ගේ සංගීත බළකායේ දෙවැනි මුලාදෑනියා අමරසිරිය. කේමදාසයන් හා වැඩ කිරීම යුද්ධ කරනවාට වඩා අපහසු බව කවුරුත් දනිති. අමරසිරි කේමදාසයන් සමග වැඩ කිරීමකදී අමාරුවේ වැටුණ අවස්ථාවක් ඔහු මට මතක් කළේය. 1964 දී පමණ මට මතකයි එක්තරා චිත්‍රපටයකට තේමා සංගීත පටිගත කරන අවස්ථාවකදී නිවැරදිව වයලීනයේ බෝ එක හැසිරවීමට බැරිව මා දැඩි අපහසුතාවකට පත්වූ අවස්ථාවක්. මා ඉදිරියේ සිටි ප්‍රවීණ බටහිර සංගීත ශිල්පීන් හමුවේ මම තරමක අපහසුතාවකට පත්වුණේ. ඊට ප්‍රථම විවිධ සංගීත අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට සහභාගි වී සිටි මට එම අවස්ථාව අමතක නොවන අත්දැකීමක්. | කේමදාසයන්ගේ සංගීත බළකායේ දෙවැනි මුලාදෑනියා කවුද? | {
"answer_start": [
40
],
"text": [
"අමරසිරි පීරිස්"
]
} |
dabfb2bf-c7ff-4f66-971d-f4521da3c9ed | මෙම ප්‍රදේශයේ ගමන තරමක් අසීරු වුණේ වන පඳුරු සේම ගල් බොරලු අධික වූ නිසාවෙනි. මෑත කාලය පුරාවට ගල් බොරලු පිහිටි අතර කඳු නැගීමේදී සමහර විට ගල් බොරලු ලිස්සන්නට විය. කෙසේ හෝ තුන් වන හා සිව්වන කඳු ගැට පසු කරමින් පරවියන් ගල කඳු මුදුනට ළගා වූයේ හිරු උදාවන ජාමයේය. එම අවසන් මීටර් දෙතුන් සියය නැගීම බොහෝ දුෂ්කර වූයේ ඉදිරියෙන් යනවුන්ගේ කකුලට ලිස්සන ගල් කැබලි පහළ පිරිසට පැමිණි හෙයිනි. එසේ වුවද සියල්ලෝම ආරක්ෂාකාරීව කඳු මුදුනට පැමිණියහ. එහි විශාල ගලක් වූ අතර ඊට යාබද තවත් ස්ථානයක් වූයෙන් හනිකට අප ඒ වෙත ගමන් කළෙමු. එම අඩි පාර වැඩි අමාරුවක් නොවූයේ තරමක තැන්නක ස්වභාවයක් එහි ඉසිලූ හෙයිනි. | හිරු උදාවන ජාමයේ ලඟා වූවේ කුමන ගල මුදුනටද | {
"answer_start": [
205
],
"text": [
"පරවියන් ගල කඳු මුදුනට"
]
} |
9fd55232-7ed1-441f-bd7d-4f0c8a553366 | හිමාලයේ දක්නට ලැබෙන බෙහෙත් පැළෑටි බොහොමයක් අදටත් රූමස්වල කඳුවැටියේ දකින්නට ලැබීම මෙම කඳුවැටියේ ඇති විශේෂත්වයකි. මෙහි තිබෙන ජෛව විවිධත්වයත් පාරිසරික අගයත් සලකා 2003 දී රජය විසින් රූමස්වල කඳු වැටිය අභය භූමියක් බවට පත්කර තිබේ. හෙක්ටයාර 170ක් වන රූමස්සල අභය භූමියේ හෙක්ටයාර් 20ක්ම රක්ෂිත වනාන්තරයකි. මෙම වනාන්තරය තුළ වටිනා දුලබ ඖෂධ රැසක් දක්නට ලැබේ. ඒ අතරට බක් මී, මිල්ල, අරළු, බුළු, වෙනිවැල්, කොන්තාලම්ද, කිතුල්, මාවේවැල්, රදලිය, ගොඩපුර, මගනුග,ගොරකා,මාදං, වල්අඹ, දිවුල්, රුක්අත්තන වැනි දුර්ලභ ශාකද අයත් වේ. ඊට අමතරව මෙම කඳුවැටියේ පක්ෂී විශේෂ 72ක් වාසය කරන ලද බව සොයාගෙන තිබේ. නමුත්, මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් ඔවුන්ගේ වාසස්ථාන අහිමිවී තිබේ. ඒ හෙයින් නිරන්තරයෙන් කුරුල්ලන් දැකගැනීමට අවකශාය සැලසෙන්නේ නැත. එමෙන්ම මෙහි සමනල වර්ග 84ක්ද වාසය කරන බව සොයාගෙන තිබේ. | හිමාලයේ දක්නට ලැබෙන බෙහෙත් පැළෑටි බොහොමයක් අදටත් දක්නට ලැබෙන්නේ කිනම් කඳුවැටියේද? | {
"answer_start": [
49
],
"text": [
"රූමස්වල කඳුවැටියේ"
]
} |
cad24a87-7fdc-4563-a65c-094b76867bde | යාල උද්‍යාන මූලස්ථානයේ ගොඩේ කළපුවේ තම නිවෙස්වල පදිංචිව සිටි පවුල් හතර වරින්වර කොටියන්ගේ ප්රහාරයන්ට ලක් විය. එම නිවසක පදිංචිව සිටි මැදි වියේ පසු වූ රේගිනාහාමි හෙවත් කළු ආත්තාගේ නිවසේ ඉස්තෝප්පුවේ බැඳ සිටි වහුපැටියා ඩැහැ ගැනීමට කොටියකු කුරුමානම් අල්ලන හැටි රේගිනා දුටුවාය. ඇය සතුව තුවක්කුවක් නැත. හෙමින් සීරුවේ කුස්සියට ගිය රේගිනා මෝල්ගහ අත්දෙකෙන් අල්ලාගෙන කොටියාව නොපෙනී ළඟට ගොස් වැරෙන් කොටියාගේ හිසට පහරක් දුන්නේ හෙණයක් ගසන්නාක් මෙනි. ඉන් කොටියාගේ හිස් කබල කුඩු පට්ටම් වී ඌ එතැනම මියගියේය. යාල උද්‍යාන භාරකරු හැටියට සේවය කළ මගේ රාජකාරිය වූයේ නීතිය (වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත) ක්රියාවේ යෙදවීමය. එනම් වහා රේගිනා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම උසාවියට ඉදිරිපත් කිරීමය. එහෙත් එසේ සිදු කිරීම කොතරම් සාධාරණද? රේගිනා කළේ තම දේපළක් ආරක්ෂා කර ගැනීමය. ඊට නීතියෙන් ද ඉඩක් ලැබී තිබේ. | කළු ආත්තාගේ නිවසේ ඉස්තෝප්පුවේ බැඳ සිටියේ කවුද? | {
"answer_start": [
204
],
"text": [
"වහුපැටියා"
]
} |
f89e252a-7a5e-4ce1-9ace-1c3b987936c2 | විහාරාධිපති ධුරයට පත්වන්නෝ ලෙස පළමුව මහනුවර මල්වතු මහා විහාරයේ සියම් මහා නිකාය පිහිටුවා වදාළ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් පැවැත එන ගෞරවාර්හ වැලිවිට අසරණ සරණ සරණංකර විපස්සි නායක ස්වාමීන් වහන්සේය. දෙවනුව එකී ගෞරවාර්හ වැලිවිට සරණංකර විපස්සි ස්වාමීන් වහන්සේ විසින් නොතාරිස් කෙනෙකු සහතික කළ ලියවිල්ලකින් එකී වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේද ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් හැටියට පත්කරන ලද භික්ෂූන් වහන්සේ නමකි. යම් හෙයකින් මෙබඳු නාමයෝජනා කිරීමක් යථාකාලයේදී කළ නොහැකි වූ විට හෝ එකී ගෞරවාර්හ වැලිවිට සරණංකර විපස්සි ස්වාමින් වහන්සේ යථාකාලයේදී එබඳු පත් කිරීමක් නොකොට කථාශේෂ භාවෝපගතවූ විට එවකට සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මල්වතු නාහිමියන් වහන්සේ නොතාරිස් කෙනෙකු සහතික කළ ලියවිල්ලකින් වැලිවිට සරණංකර සංඝරාජ මා හිමියන් වහන්සේගේද ගෞරවාර්හ වැලිවිට විපස්සි ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට අයත් හැටියට පත් කරන භික්ෂූන් වහන්සේ නමකි. | සරණංකර විපස්සි නායක හිමියන්ගේ කාගේ ශිෂ්‍ය පරම්පරාවෙන්ද | {
"answer_start": [
110
],
"text": [
"සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ"
]
} |
cd99e4b2-9186-4fd2-8361-0cdc9c18687e | ලොකු කුඩා විවිධ ප්රමාණවල අලින් හය හත් දෙනෙක් නිදහසේ සැරිසරන හැටි අපූරු දසුනකි. එක් උස් කෙනෙරක් අප දෙසට එන්නට ඇවිත් හොඬවැල ඔසොවා පුංචි පහේ සෙනෙහසක් පෑවාය. එහෙත් ඌ අප ගමන් කළ බස් රථයට කෙණෙහිලිකම් කළේ නැත. ගසක් ළඟට ගොස් පාඩුවේ පිට කසා ගත්තාය. දෙවුන්දර දේවාලයේ කලණ හස්තියාගේ කකුල බැඳ සිටි දම්වැලට කැපී තුවාල සිදුවීම පසුගිය දවස්වල පත්තරවල පළව තිබිණි. එබැවින් ඒ හස්තියා මේ සෆාරි ලෝකයට එක්කරන්නට අධිකරණ නියෝගයක් ලැබිණි. අපට වම් පැත්තේ සිටි එක් අලියෙක් නර්තනයකය. අත් පා එහා මෙහා තබමින් හොඬවැල වනමින් සෙල්ලම් දැමූ ඌ තරුණ ජවයෙන් පිරිපුන් එකෙකි. | කකුල බැඳ සිටි දම්වැලට කැපී තුවාල සිදුවූයේ කුමන හස්තියාගේද? | {
"answer_start": [
242
],
"text": [
"දෙවුන්දර දේවාලයේ කලණ හස්තියාගේ"
]
} |
94bcabce-d5ff-42a7-88a0-9255b7bda6c4 | කොකෝස් දූපත්වල සිනිඳු වැල්ලේ වාඩි වී නිරන්තරයෙන්ම අධිරාජ්‍ය විරෝධී අදහස් පළකළ ප්‍රනාන්දුට සේනාංකයේ සගයන් 56 දෙනාගෙන් 30 දෙනකු තම අදහස් කෙරෙහි නම්මාගන්නට පුළුවන් විය. ඔවුන් කැරැලිගසා බ්‍රිතාන්‍ය නිලධාරින් අත් අඩංගුවට ගෙන ජපාන සෙබළුන් සිටින ආසන්න දූපතකට කාලතුවක්කු සංඥා මගින් පණිවිඩයක් ලබාදීමටත් ජපනුන් එනතුරු දූපත් අල්ලා ගැනීමටත් කළ ඔහුගේ සැලැසුමට සගයෝ 30 දෙනෙක් එකඟ වූහ. කැරැල්ල හටගන්නේ 1942 මැයි 8 වැනිදා රාත්‍රී 8.30 ට පමණය. එරට රඳවා සිටි ලංකා ගැරිසන් කාලතුවක්කු ඛණ්ඩයේ සෙබළුන් 56 දෙනාගෙන් 30 දෙනෙක් බ්‍රිතාන්‍ය අණදෙන නිලධාරියා පැවරූ රාජකාරිවලට අකීකරුව ඔහු ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ වෑයමක යෙදුණහ. කැරලිකාරි හමුදා කණ්ඩායමේ අරමුණ වුණේ දූපත බ්‍රිතාන්‍යයේ පාලනයෙන් ඉවත් කර ජපානයට භාරදීමය. මෙය ජපානයේ උපදෙස් මත සිදුවූවක්ද නැතිනම් කැරලි කණ්ඩායමේ ස්වේච්ඡා තීන්දුවක් මත සිදුවූවක් දැයි පැහැදිලි නැතත් කැරලිකාරීත්වයෙන් බ්‍රිතාන්‍ය නිලධාරීහු වික්ෂිප්තභාවයට පත්වූහ. | අධිරාජ්‍ය විරෝධී අදහස් පළකළේ කාටද ? | {
"answer_start": [
79
],
"text": [
"ප්‍රනාන්දුට"
]
} |
ffb7c976-f410-4122-8dd1-c78d68e07abe | කුවේණි කියන්නේ විජය රජ්ජුරුවන්ගේ පළමු බිසව. එයා යක්ෂ ගෝත්‍රයේ දුවක්. මෙයාට හිටිය කළුව කියලා මාමා කෙනෙක්. මෙයා අපේ ගෝත්‍රයේ නායක ඇත්තෙක්. විජය රජ්ජුරුවො කාලෙකදි කුවේණි රජ මාලිගාවෙන් පන්නලා දානකොට කුවේණීය, ජීවහත්ත හා දිසාලා කියන තමන්ගේ දරු දෙන්නත් එක්ක කැලේට යනවා. කුවේණී මියෑදුණාට පස්සේ මේ දරු දෙන්නා රැක බලාගෙන තියෙන්නේ මෙන්න මේ කියන කළුව කියන කුවේණිගේ මාමා. කුඩා කාලේ ඉඳලම මේ දරුවො දෙන්නට විවිධ දුක් ගැහැටවලට මුහුණපාන්න සිදුවෙලා තියෙනවා. ඔය කුඩා කොහොඹා බණ්ඩාර, මහ කොහොඹා බණ්ඩාර, ඉරුගල් බණ්ඩාර, සඳුගල් බණ්ඩාර කියන පිරිස මේ දරු දෙන්නට හරියට හතුරුකම් කරල තියෙනව. ඉතින් ඒ පිරිසගෙන් මේ දරුවො දෙන්නා හංඟගෙන කවාගෙන පොවාගෙන මේ දරු දෙන්න රැක බලා ගන්න ඔය කියන කළුව සෑහෙන වෙහෙසක් අරන් තියෙනවා. එතෙන්දි අපේ ගෝත්‍රයේ අයත් ඔහුට වගේම මේ දරුවෝ දෙන්නටත් උදව් කරලා තියෙනවා. | කුවේණී මියෑදුණාට පසු දරු දෙදෙනා රැක බලාගෙන ඇත්තේ කවුරුන් විසින්ද? | {
"answer_start": [
334
],
"text": [
"කළුව කියන කුවේණිගේ මාමා"
]
} |
6c1ce198-c44a-11ed-bd2f-2a0b0c1a3dcf | මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ අවසාන වසර ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ මෙම නිර්මාණයට පේෂාන් සම්පත්, එරංග ද සිල්වා සහ ලක්ෂිත සමීර යන අවසාන වසර ඉගෙනුම ලැබූ සිසුහු දායකවූහ. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ මෙකාට්‍රොන්ක්ස් අංශයේ සම්බන්ධීකාරක ආචාර්ය රංජිත් අමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මෙය නිර්මාණය විය. තාක්ෂණික සංවේදක හා සන්නිවේදන පද්ධතිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය රංජිත් අමරසිංහ මහතා මෙසේද පැවැසීය. | මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා මෙකාට්‍රොන්ක්ස් අංශයේ සම්බන්ධීකාරක වන්නෙ කවුරුන් ද? | {
"answer_start": [
251
],
"text": [
"ආචාර්ය රංජිත් අමරසිංහ"
]
} |
acd3029f-7045-487f-8459-f9699eca0173 | ‘ඕලු මරා’ ජීවත් වෙන්නේ දකුණු ආසියාවේ ලොකුම ජනපදය ලෙස සැලකෙන සිරිගම්පල ජනපදයේය. ඇතැම්හු මෙයට බට්ටා කොලනිය යනුවෙන් ද ව්‍යවහාර කරති. ‘ඕලු මරා’ කියන්නේ ඒ ජනපදයේ ඝන කැලෑවේ වෙසෙන අතිශය දුර්ලභ සත්වයකු බවට ඔබ සිතනවා විය හැකිය. එහෙත් එම සිතිවිල්ල වැරදිය. ‘ඕලු මරා’ කියන්නේ පාතාල නායකයෙකි. ඔහුගේ පිටේ ඕලු මලක් පච්ච කොටා ඇත. එබැවින් සිරිගම්පල ජනපදවාසීන් ඔහු හඳුන්වා ඇත්තේ ඕලු මලා යන නමින්ය. ඕලු මලා වූ ශානුක නමැත්තා පසුකාලයක ඕලු මරා කියන නමින් හඳුන්වන්නට පටන්ගෙන ඇත. පවුල් 3000කට වැඩි පිරිසක් සිරිගම්පල ජනපදයේ ජීවත්වන අතර බහුතරයක් සාමකාමී දිවි පෙවෙතක් ගතකරන අහිංසකයෝ වෙති. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්, ගංජා, කසිප්පු ජාවාරම්කාරයන් මෙන්ම පික්පොකට් කරුවෝ සහ සොරුන්ගෙන් ද මෙම ජනපදයේ අඩුවක් නම් නොමැත. සාමකාමී දිවිපෙවෙතක් ගතකරන ජනතාවට මේ ජාවාරම්කරුවන් සහ සොරුන් හරිම හිසරදයක්ව පැවතිණ. ඕලු මරා නමැත්තා ද පාතාල ලෝකයට ඇද වැටෙන්නේ මෙවැනි සමාජ වටපිටාවක් තුළය. | දකුණු ආසියාවේ ලොකුම ජනපදය කුමක්ද? | {
"answer_start": [
60
],
"text": [
"සිරිගම්පල"
]
} |
df809d5f-7c49-4943-9e58-86012f70bc5d | ධීවරයන් කුසීත ගතියකින් යුතුව එදිනෙදා කටයුතුවල යෙදී සිටියදී කුණාටු රළ අතරින් මතු වුණ ගරාවැටුණු බෝට්ටුවක් හදිසියේ වෙරළට කඩා වැදෙමින් තෙත වැල්ලෙහි එරී ගියේය. පෙඟුණු ඇඳුම් හා කෙෆියේ හිස් වැසුම් පැලඳ සිටි පලස්තීන ජාතිකයන් කිහිප දෙනෙක් කලබලයෙන් බෝට්ටුවෙන් බිමට පැන වැල්ලේ එරෙමින් ගොඩබිම දෙසට දුවනු පෙණිනි. දින ගණනාවකින් කොණ්ඩා රැවුල් නොකැපූ බව පෙනුණු ඔවුන්ගේ මුහුණුවල වූයේ දිගු මුහුදු ගමනකින් පසුව ඇතිවන තදබල තෙහෙට්ටු ගතියකි. එහෙත් විඩා නිවන්නට කාලයක් ඔවුන් වෙත නොවුණු බව සිද්ධිය බලා සිටි ධීවරයන්ට වැටහුණේ වියරු මුහුද දෙබෑ කරමින් උපරිම වේගයෙන් ඔවුන් පසුපස පැමිණි ඊශ්‍රායල් ටෝපිඩෝ බෝට්ටුව දැකීමෙන් පසුවයි. සන්නද්ධ ඊශ්‍රායල් භටයන්ගෙන් පිරුණු බෝට්ටුව වෙරළට ළඟා වෙත්ම නොගැඹුරු මුහුදට පැන ගත් සෙබළු පලායන්නන් වෙත නොනවත්වා වෙඩි ප්‍රහාර එල්ල කළහ. | වියරු මුහුද දෙබෑ කරමින් උපරිම වේගයෙන් ආවේ කුමක්ද? | {
"answer_start": [
557
],
"text": [
"ඊශ්‍රායල් ටෝපිඩෝ බෝට්ටුව"
]
} |
52d9bb68-7848-429f-a696-ce0ca0a8273d | රුසියන් ආක්‍රමණයට විරෝධය පළ කරමින්, ඇමෙරිකන් ඩොලර් මිලියන 600 ක අවි ආයුධ යුක්රේනයට යැවීමට ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. මේ බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ කොංග්රස් කතා නායිකා නැන්සි පෙලෝසිය. රුසියාවෙන් දිගට හරහට එල්ල වන ප්‍රහාර හමුවේ, යුක්රේන රජය සහ හමුදාව ශක්තිමත් කරමින්, යුක්රේනයට අවි ආයුධ ලබා දීමට යෝජනා කළේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ය. විදේශ අර්බුදයකදී, ඇමෙරිකාවේ ප්‍රධාන පක්ෂ දෙක වන ඩිමොක්රටික් සහ රිපබ්ලිකන් පක්ෂ එක් වී එක ස්ථාවරයක සිටිමින් තීන්දු තීරණ ගනී. රුසියානු යුක්රේන අර්බුදයේදී එය එසේ නොවන බවක් පෙනෙයි. හිටපු ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ තමන් බලයේ සිටියා නම්, රුසියානු ජනාධිපති පුටින් යුක්රේනය ආක්‍රමණය නොකරනු ඇති බවය. | එම අවිආයුධ යැවුවේ කොහේටද? | {
"answer_start": [
73
],
"text": [
"යුක්රේනයට"
]
} |
1aa5ab80-1a17-4c31-a7a6-3464caf94016 | ධනංජානි ගත කළේ ඉතාම ගුණබර දිවිපෙවෙතකි. දඹදිව විසූ සිටුවරුන් අතර ආදර්ශමත් සිටුතුමෙකි. අනේපිඬු සිටුතුමා මෙන් ඔහුද දුගී මගි යාචකාදින්ට, මහණ බමුණන්ට නිතර දෙවේලේ දන් පැන් පූජා කළේය. ධනංජනි නුවරේ සතර වාසලේම දන්සැල් හතරක් පවත්වාගෙන ගියේය. ඕනෑම වේලක දුගීන්ට කුසගින්නට යමක් ධනංජානි සිටුතුමා වෙතින් ලැබිණ. ධනංජානිට ඔහුගේ වැඩටම ගැළපෙන බිරිඳක් ද ලැබිණි. සිටි බිරිඳ දානයට කැමතිය. දුගීන්ට, මගීන්ට, යාචකයන්ට දන් පිළිගන්වන ආකාරය සොයා බලන්නීය. මහණ බමුණන් සිටු මැඳුරට කැඳවා දන් දෙන්නීය. පින් දහමෙහි යෙදෙන්නීය. මනා සේ ගැළපුණු නිසා ප්‍රීතිමත්, ආදර්ශමත් දිවිපෙවෙතක් ඔවුහු ගත කළහ. ටික කාලයකින් ධනංජානිට අත්වැලක් වූ මේ බිරිඳ අකාලයේ මිය ගියාය. | ධනංජානි සිටුතුමා වෙතින් දුගීන්ට ලැබුණේ මොනවාද? | {
"answer_start": [
250
],
"text": [
"කුසගින්නට යමක්"
]
} |
ac87b8ba-7282-4d35-bf5b-2e0507471fdf | මෙම ප්‍රදේශයේ ගමන තරමක් අසීරු වුණේ වන පඳුරු සේම ගල් බොරලු අධික වූ නිසාවෙනි. මෑත කාලය පුරාවට ගල් බොරලු පිහිටි අතර කඳු නැගීමේදී සමහර විට ගල් බොරලු ලිස්සන්නට විය. කෙසේ හෝ තුන් වන හා සිව්වන කඳු ගැට පසු කරමින් පරවියන් ගල කඳු මුදුනට ළගා වූයේ හිරු උදාවන ජාමයේය. එම අවසන් මීටර් දෙතුන් සියය නැගීම බොහෝ දුෂ්කර වූයේ ඉදිරියෙන් යනවුන්ගේ කකුලට ලිස්සන ගල් කැබලි පහළ පිරිසට පැමිණි හෙයිනි. එසේ වුවද සියල්ලෝම ආරක්ෂාකාරීව කඳු මුදුනට පැමිණියහ. එහි විශාල ගලක් වූ අතර ඊට යාබද තවත් ස්ථානයක් වූයෙන් හනිකට අප ඒ වෙත ගමන් කළෙමු. එම අඩි පාර වැඩි අමාරුවක් නොවූයේ තරමක තැන්නක ස්වභාවයක් එහි ඉසිලූ හෙයිනි. | විශාල ගලට යාබදව පිහිටි ස්ථනයට යාමට අමාරු නොවූවේ එහි කුමන ස්වභාවය නිසාද | {
"answer_start": [
539
],
"text": [
"තැන්නක"
]
} |
36cb7a0e-063f-460c-835d-858e859798d6 | දැවුම් චිතකයේ ගිනි නිවෙන්නට ද පෙර ඛේම මහ රහතන් වහන්සේ වම් දළදාව කාලිංග දේශයට රැගෙන ගියේය. එම දළදා වහන්සේ දන්න හේමමාලා යුවළ විසින් 5 වැනි සියවසේ කිත්සිරිමෙවන් රජ දවස මෙරටට වැඩමවන ලදී. වර්තමානයේ කන්ද උඩරට දළදා මාලිගයෙහි වැඩ වසන්නේ එම දන්ත ධාතූන් වහන්සේය. කාවන්තිස්ස රජ දවස ගිරි අභය කුමරු විසින් කරවන ලද සෝමාවතී දාගැබෙහි දකුණු දළදාව තැන්පත් කළ බව ධාතුවංශ කතුවරයා ගෙනහැර දක්වයි. කාවන්තිස්ස රජ සමයෙහි මහා දේව මහ තෙරුන්ගේ ශිෂ්‍යයෙක් වූ මහින්ද රහත් තෙරනුවන්ගේ නාග භවනයට ගොස් දකුණු දළදාව මෙරටට වැඩමවන ලද බව ධාතු වංශයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි. එනමුදු මෙම දකුණු දළදාව නාග ලෝකයෙන් නොව නාග්පූර් දේශයෙන් වැඩමවන ලද බවට මේ වන විට ඓතිහාසික තොරතුරු ඉදිරිපත් වෙයි. නාග්පූර් ආසන්නයේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පවුනි නම් දනව්වකි. එහි හින්දු කෝවිලක් ඉදිව පැවැති ගොඩැල්ලක් ආශ්‍රිතව ධර්මාශෝක අධිරාජයා කළ චෛත්‍යයක නටඹුන් හමු වූ බව වාර්තා වේ. | වම් දළදාව රැගෙන ගියේ කොහාටද? | {
"answer_start": [
64
],
"text": [
"කාලිංග දේශයට"
]
} |
dd071b46-2ee8-4234-964e-be7655188f42 | රුසියානු ගෑස් සහ තෙල් සැපයුම්වලට රුසියානු රූබල්වලින් ගෙවීම් කරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුරෝපයට අවසන් කාල විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ. එසේ නොකළොත්, ගෑස් සැපයුම් නතර කරන බව ජනාධිපති පුටින් තර්ජනය කර තිබේ. යුරෝපයේ තෙල් සහ ගෑස් සැපයුමෙන් සියයට 40 ක් සිදු කරන්නේ රුසියාවය. කෙසේ නමුත් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග එය අර්බුදයට ලක් වී තිබේ. රූබල්වලින් ගෙවීම් සිදු කරන ලෙස රුසියන් ජනාධිලති ව්ලැදිමීර් පුටින් යුරෝපා රටවලින් ඉල්ලා ඇත්තේ බටහිර සම්බාධක හමුවේ රූබලය කැපී පෙනෙන ලෙස පහත වැටීමත් සමගය. | රුසියානු ගෑස් සහ තෙල් සැපයුම්වලට රුසියානු රූබල්වලින් ගෙවීම් කරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවසුවේ කාටද? | {
"answer_start": [
104
],
"text": [
"යුරෝපයට"
]
} |
389e718f-092a-4a80-a275-ad008285cb94 | අනතුරුව පිරිස පොළොන්නරුව බලා පිටත්ව ගිය අතර, අතුකෝරල මන්ත්‍රීවරයාගේ බිරිඳ සහ දරුවන් හමුවී ඔවුන්ට ඇති ගැටලු සම්බන්ධයෙන් සොයා බැලූහ. ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබූ අතර, ඩලස් ඇමතිවරයා ටිරාන් අලස් ඇමැතිවරයාට දුරකථනයෙන් කතා කර ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියා මාර්ගයක් ගන්නැයි ඉල්ලීමක් කළේය. නවවැනිදා ඇති වූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් රොෂාන් රණසිංහ ඇමතිවරයාගේ නිවස ද ගිනිබත් විය. එම නිවස බලන්නට ද මෙම මන්ත්‍රීවරුන් හත්දෙනා රොෂාන්ගේ නිවසට ගිය අතර, කොළඹ පැවති හදිසි කටයුත්තක් නිසා ඔහු නිවසේ නොසිටියේය. අනතුරුව පිරිස සිරිපාල ගම්ලත් ඇමතිවරයාගේ ගිනිබත් නිවස බලන්නට ද ගියහ. | ගිනිබත් වූයේ කාගේ නිවසද? | {
"answer_start": [
339
],
"text": [
"රොෂාන් රණසිංහ ඇමතිවරයාගේ"
]
} |
f8397f15-79ee-4a90-bcf2-8aaab91c1fe0 | ට්‍රැක්ටරයක් පිළිබඳව අනාවරණය කරමින් පෙර භවයේ සිදුවූ අනතුරක් හෙළි කළ තවත් දරුවෙක් උපත ලැබුවේ 1979 වසරේදීය. කුරුණෑගල රෝහලේ දී උපත ලද උපුල් නම් එම දරුවා ප්‍රකාශ කළේ පෙර භවයේ දී අනුරාධපුරයේ ජීවත්ව සිටි බවය. කුඩා කලදී මව විසින් ඔහුට ගෙන දුන් සෙල්ලම් ට්‍රැක්ටරයකට අධික බියක් දක්වන බැව් මවට දක්නට ලැබිණි. ඒ පිළිබඳව විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ අනුරාධපුර සිටියදී ට්‍රැක්ටර් අනතුරක් සිදුවූ බවය. අනුරාධපුරයේ සිටිය දී විවාහක පුද්ගලයෙකු බව ද පැවසූ එම දරුවා අනාවරණය කළ පෙර භවයේ ඥාතීන් හමුවීමට ද එම දරුවාට හැකියාව ලැබිණි. පෙර භවයේ බිරිය හඳුනා ගැනීම ද මෙම දරුවාගේ පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කියක් විය. පෙර භවයේ දී මරණයට පත්වූයේ 1966 වසරේ දී බැව් ඒ පිළිබඳව සිදුකළ පර්යේෂණයේ දී අනාවරණය විය. | පෙර භවයේ ඔහු මරණයට පත් වී ඇත්තේ කවදාද? | {
"answer_start": [
609
],
"text": [
"1966 වසරේ"
]
} |
2afb8c00-d51b-4b01-bb6d-5b5cd71d6ced | වඳුරන්ට ගණන් කළ නොහැකි නමුත් ඔවුන්ට දළ වශයෙන් එක්වරකට යම්කිසි ප්‍රමාණාත්මක අගයක් මතකයේ තබාගැනීමට හැකිබව නවතම පර්යේෂණයකින් හෙළිදරව් කරගැනීමට ඇමරිකාවේ මනෝවිද්‍යාඥයෝ පිරිසක් සමත්වූහ. පර්යේෂණයට යොදාගත් බැබූන් දෙදෙනකු බලාගෙන සිටියදී කජු ඇට 8 ක් භාජනයකට දමා බාධකයක් පිටුපස තැබූ අතර පිළිවෙළින් පර්යේෂකයෝ තවත් භාජනයකට කජු ඇට එකින් එක දැමූහ. බැබුන්ලා වෙනස්වන කජු ප්‍රමාණය සංසන්දනය කරමින් වැඩි කජු ඇට ප්‍රමාණයක් සහිත භාජනය තෝරා ගැනීමේ සම්භාවිතාවය 68%ක් වූ බව පර්යේෂණය සිදුකළ නිව්යෝක් නුවර රෝචෙස්ටර් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥ ජෙසිකා කැන්ට්ලන් සඳහන් කළාය. | පර්යේෂණය සඳහා යොදා ගත් බැබූන් ගණන කීයද? | {
"answer_start": [
198
],
"text": [
"බැබූන් දෙදෙනකු"
]
} |
6c1d5aa8-c44a-11ed-bd2f-2a0b0c1a3dcf | ඉන්දියානු තරුණයෙකුගේ හිසේ තිබී කිලෝග්‍රෑම් 1.8ක් බර ගෙඩියක් සාර්ථක ලෙස ඉවත් කරනු ලැබූ බව ඉන්දියාවෙන් වාර්තා වේ. සැත්කම සිදුකල වෛද්‍යවරු පවසන්නේ මෙය ලෝකයේ වෛද්‍ය ඉතිහාසයේ සැත්කමකින් ඉවත් කරන ලද විශාලම ගෙඩිය වන බවයි. පසුගිය පෙබරවාරි 14වනදා මුම්බායි නගරයේ රෝහලක සිදුකරන ලද මෙම සැත්කම සඳහා පැය 7ක් ගතවී ඇත. වෛද්‍යවරු සඳහන් කර ඇත්තේ සැත්කමේ සාර්ථක බව තීරණය වන තුරු මෙය මාධ්‍යයට හෙළි නොකල බවයි. දැන් රෝගියාගේ ජීවිත අවදානම පහවගොස් ඇති බවද රෝගියා සුවය ලබමින් පසුවන බවද වාර්තා වේ. අවුරුදු 31ක් වයසැති ශාන්ත්ලාල් පාල් නැමැති මෙම පුද්ගලයා අවුරුදු තුනක පමණ කාලයක් මෙම ගෙඩිය සමග ඉතා අපහසුවෙන් දිවි ගෙවා ඇති අතර ඇස් පෙනීම පවා නොලැබී තිබූ බව පැවසේ. වෛද්‍යවරු පවසන්නේ සැත්කමින් පසු පෙනීම යථා තත්ත්වයට පත්වනු ඇති බවයි. | කිලෝග්‍රෑම් 1.8ක් බර ගෙඩියක් සාර්ථක ලෙස ඉවත් කරනු ලැබුවේ කුමන රටින්ද? | {
"answer_start": [
89
],
"text": [
"ඉන්දියාවෙන්"
]
} |
32010781-8477-4fe4-9fee-f96c1560d946 | මාතලේ දිස්ත්‍රික්කය තුළ පැතිරුණු නකල්ස් මිටියාවතේ තවත් කඳු ශිඛර රාශියක් ඇති අතර පතන් ද වැඩි ප්‍රමාණයක් ඇත්තේ මෙම ඉසව්ව තුළයි. හිමිදිරියම අප පිටවලපතනට ළඟාවූ අතර ඒ එන මග පුරාවට අපට වනපෙතේ සුන්දරත්වය ඉතා හොඳින් දැක ගැනීමට ලැබුණි. පසෙකින් මානිගල, රිවස්ටන්, කරගහතැන්න, ගම්මඩුව, පතන්ගල, කිරිගල්පොත්ත, ගෝනගල, කවුඩාගල වගේම ඉතා ඈතින් ගොම්බානියා, යකුන්ගේගල, දූවිලිඇලි, වමාරපුගල, ලකේගල් ත්‍රිත්වය හා තුන්හිස්ගල ඇතුළු ප්‍රදේශ රැසක් අපි දැක ගතිමු. පිටවල හන්දියට ළඟවූ අප රත්කින්ද ගමට යන මාර්ගයට හැරවූවෙමු. එම මාර්ගය තරමක් පටුය. නමුත් පැහැදිලිය. මුල් කොටසේ මාර්ගය වැටී ඇත්තේ වනපෙත අතරින්ය. එහිදී දිය දහරා කිහිපයක් දක්නට ලැබුණද තරමක වියළි කාලගුණය හේතුවෙන් ඒවා සිඳී ගොස් තිබුණි. කෙසේ නමුත් අප ක්‍රම ක්‍රමයෙන් මාර්ගයේ ඉදිරියට යනවිට පිටවල ග්‍රාමය හමුවිණි. | පිටවල හන්දියට ළඟාවූ පසු හැරවූයේ කුමන මාර්ගයටද? | {
"answer_start": [
457
],
"text": [
"රත්කින්ද ගමට යන මාර්ගයට"
]
} |
43129bd3-de11-422d-903f-2d49047c0e74 | ඉන් පසුව චිත්‍ර ශිල්පියකු හා ආධාරකාරි කීප දෙනෙකු ද කැටුව ලංකාවේ නොයෙක් පළාත්වල ඇවිද බෙහෙත් වර්ග ගැන සාකච්ඡා කිරීමත්, මත භේද සහිත වූද දුර්ලභ වූ ද රහස් බෙහෙත් වශයෙන් පවතින්නාවූ ද ඖෂධ වර්ගවල ලක්ෂනාදිය සහිත චිත්‍ර පිටපත් කරවීමත් කළෙමි. මෙහි ඇතුළත් වන චිත්‍ර අකුරෙන් අබින්, සුං, වච්චනාට, ඉන්දියානු ගොඩ කඳුරු යන හත වර්ගය හැර ඉතිරි සියල්ලම ඒ ඒ වෘක්ෂලතාදිය ඉදිරියෙහි තබා අඳින ලද නියම සටහන්ය. මේ සියල්ල සූදානම් කර අතට ගෙන වැඩ ආරම්භ කොට පොත ලීවීමත් මුද්‍රණයත් එකවරම නිම කළෙමි. දේශීය වෛද්‍ය ශබ්ධ කෝෂයක් ලිවීම එපමණ පහසු නැති කීවේ ඉහත සඳහන් දුෂ්කරකම නිසාමය. වෙදකමක, භාෂාවක ශාස්ත්‍රයක හෝ යම් කිසි කර්මාන්තයක කටයුතු සඳහා ව්‍යාප්තව පවත්නා වචන සංඛ්‍යාව ද ඒවයේ දියුණු හෝ පරිහානිය මැන ගැනීමේ එක් ක්රමයකි. දේශීය වෙදකමට අයත් වචන මහත් රාශියක් තිබේ. මේ ගැන ලියැවී තිබෙන ද්රව්යාවලිය නමැති පොතට දඹදෙණි කාලයෙන් පසු කුමක් වී දැයි දැන ගන්නට නැත. පැරැණි පොත පතෙහි තිබෙන වචන ප්‍රමාණවත් පරිදි එකතු කර අදහස් දැක් වූ වෙන පොතක් ද නැත. එනිසාම කලක සිට පැවති මේ අඩු පාඩුව පිරිමසාලීමේ අදහස මා තුළ ඇති වූයේ මීට සිවු වසරකට පෙරය. | මෙහි ඇතුළත් වන චිත්‍ර අතුරින් කුමන වර්ග හැර ඉතිරි සියල්ලම ඒ ඒ වෘක්ෂලතාදිය ඉදිරියෙහි තබා අඳින ලද නියම සටහන් වේද ? | {
"answer_start": [
262
],
"text": [
"අබින්, සුං, වච්චනාට, ඉන්දියානු ගොඩ කඳුරු"
]
} |
a7be7984-2e7c-416e-a46c-750c889e2e97 | පෘතුගීසින්ගේ වෑයම දළදා වහන්සේ සොයා එය වැනසීමය. සිංහලයන්ගේ කිරුළ හිමි කුමරු අබෞද්ධ කරගත් විට සියල්ල හරි යැයි සිතාගත් පෘතුගීසි සිංහල සිරිත හරි පුදුම යැයි දැන ගත්තේ එදාය. සිංහලයන්ට වැදගත් වන්නේ පුද්ගලයන් නොව බුදුන් වහන්සේගේ ධර්මකාය බව දන්නෝ දන්නෝය. ඉතින් ධර්මකායේ මතුපිට ජීව ප්‍රතිමූර්තිය දළදා වහන්සේය. එබැවින් දළදා වහන්සේ වනසා දැමීමට නොහැකිව, ලොවක් යටත් කරමින්, කුරුස යුද්ධයේ ජය උදානයෙන්, යුරෝපය උරුම කරගනිමින් ආසියාව සොයා ආ පෘතුගීසීන් අන්දමන්දව සිටියෝය. ස්වකීය උදාරම් රණවීර ඉතිහාසයට විහිළුවක් කර ඇති මිනිසා සොයා ගන්නට බැරිකම පෘතුගීසින්ට ජාත්‍යන්තර විලි ලැජ්ජාවකි. මේ අතර තම රාජධානියත් රජකමත් තම කිරුළත් තමාගේ දූ පුතුන්ට දී ගන්නට දළදා වහන්සේ අවශ්‍යම, සිංහල සිරිත දන්නා හත් වන බුවනෙකබාහු රජතුමා ද දළදාව සොයා සිය සියළු ජවය මුදා හැර තිබුණි. ප්‍රාර්ථනාවේ තරු රැස් පහව යනවා නියතය. දළදා වහන්සේ සොයාගත යුතුමය. විකල්පයේ නායකයා වූ තමා සම්මතයේ නායකයා වී සිංහළ සිරිතේ නායකයා වන්නේ එදාටය. මායාදුන්නේ කුමරු ජවයෙන්, දැනුමෙන් එඩි වඩා දළදා වහන්සේ සොයමින් තම ජාලය විහිදුවන්නට විය. | පෘතුගීසීන්ගේ වෑයම කුමක්ද? | {
"answer_start": [
18
],
"text": [
"දළදා වහන්සේ සොයා එය වැනසීමය"
]
} |
fc37c177-e2af-4374-88d3-316ee30a5214 | රුසියානු විශේෂ යුද මෙහෙයුම හේතුවෙන් යුක්රේන හමුදාවන්ට සිදු වූ හානි යුක්රේන රජය වසන් කරන බව රුසියාව චෝදනා කරයි. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවේ පසුගිය පෙබරවාරියේය. මොස්කව් පැවසුවේ රුසියානු යුද මෙහෙයුම ආරම්භයේ සිට මේ දක්වා යුක්රේන සොල්දාදුවන් සහ විදේශ කුලී හේවායන් 23,367 දෙනකුට මේ දක්වා ජීවිත අහිමි වී ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි යුද්ධයෙන් සිදුවන හානි වසන් කරන බවට ජෙනරාල් ඉගොර් කොනශෙන්කොව් පසුගියදා චෝදනා කළේය. කෙසේ නමුත් යුක්රේන රජය පැවසුවේ රුසියානු යුද මෙහෙයුම හේතුවෙන් සොල්දාදුවන් 2500-3000 ප්‍රමාණයකට ජීවිත අහිමි වූ බව සී.එන්.එන් නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇති අතර රුසියාවට සොල්දාදුවන් 20000ක ප්‍රමාණයක් අහිමි වූ බවද පෙන්වා දී තිබේ. | සොල්දාදුවන් 2500-3000 ප්‍රමාණයකට ජීවිත අහිමි වූයේ ඇයි? | {
"answer_start": [
522
],
"text": [
"රුසියානු යුද මෙහෙයුම හේතුවෙන්"
]
} |
a6967db8-05ad-48c0-b430-8bb39655662f | දකුණු ලක මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මලිදුව ප්‍රදේශය කුඩා කුඩා ගම්මාන රැසක් එක්ව සෑදුණ සුවිසල් ප්රදේශයකි. නියම් ගම් දහ අටකට අධික සංඛ්‍යාවකින් යුතු ග්‍රාම නිලධාරී වසම් කීපයක පරිපාලනයෙන් යුතු ප්රදේශයකි. මෙම කලාපයේ පරිපාලන කටයුතුවල පහසුව සඳහා අතීතයේ පටන්ම ඉහළ මලිදුව, පහළ මලිදුව, මැද මලිදුව යනුවෙන් කොටස් කීපයකට බෙදා වෙන්කර ඇත්තේ ප්‍රදේශයේ සුවිශාලත්වය නිසාමය. ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන මෙම පුණ්‍ය භූමියේ අතීතය ශ්‍රී ලංකාවේ අවසන් මහරහතන් වහන්සේ වන මලියදේව මහ රහතන් වහන්සේගේ යුගය දක්වා දිව යයි. ඒ බව අදටත් ගමේ තතුදත් උගත් බුද්ධිමත් වැඩිහිටියෝ පවසති. | මලිදුව ප්‍රදේශය කුමන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත්ද? | {
"answer_start": [
29
],
"text": [
"අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට"
]
} |
45eb4bca-cba5-43c7-b8dc-50e34e12dfc6 | නවසීලන්ත පාර්ලිමේන්තු ඇමතිවරයෙක් වන ටමාටි කොෆේ දරු ප්‍රසූතියෙන් පසු පියවරුන්ට ලැබෙන නිවාඩු ලබාගැනීමෙන් පසු රාජකාරියට වාර්තා කළේ විවාදයකට සහභාගීවීම සඳහාය. ඒ එන විට ඔහු සිය බිළිඳු දරුවාද ගෙන ආවේය. ටමාටි කොෆේ හා ඔහුගේ සැමියා ටිම් ස්මිත් යන දෙදෙනා දරුවෙක් ලබා ගත්තේ ගර්භාෂය කුලියට දෙන කාන්තාවක් මගිනි. දරු තිදෙනෙකුගේ පියෙකු වන නවසීලන්ත කතානායක මැලාර්ඩ් මහතා මුනුපුරු මිණිබිරියන්ගේද දරු සුරතල් බලන සීයා කෙනෙකි. පාර්ලිමේන්තුවට පැමිණි කොෆේ විවාදයකට සහභාගී වෙන අතරවාරයේ ඔහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී එය අවසන් වෙන තුරු දරුවා බලා ගත්තේය. දරුවාට කිරි පොවන හා නළවන ගමන් පාර්ලිමේන්තු මැති සබය හැසිරවූ කතානායකවරයා, ට්විටර් පණිවිඩයක් තබමින් කියා තිබුණේ ඔහුගේ අසුන එම රාජකාරියට අදාළ නිලධාරීන් පමණක් භාවිත කරන එකක් වුවත්, අද දිනයේ එහි ඉතා වැදගත් පුද්ගලයෙක් සමඟ අසුන් ගැනීමට තමාට හැකි වූ බවය. දරු උපත වෙනුවෙන් නව යුවළට සුබපතන්නට ද ඔහු අමතක නොකළේය. | නවසීලන්තයේ කතානායක කව්රුන්ද | {
"answer_start": [
340
],
"text": [
"මැලාර්ඩ් මහතා"
]
} |
3ce9bd35-2984-4bb6-8c5d-3353901b1309 | මෙකල දිගාමඩුල්ල ප්‍රබල රාජ්‍යයක්ව පැවැතීමෙන් පැහැදිලි වන්නේ දීඝවාපි විහාරයද දියුණු මට්ටමක පවතින්නට ඇති බවය. මහා පරාක්‍රමබාහු රජුගේ සේනාවන් මෙම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ කළ බව වංශකතාවේ දැක්වේ. මහනුවර රාජ සමයේදී රචිත නම් පොත හෙවත් විහාර අස්නේදී නඛා වෙහෙර සඳහන්ව ඇත්තේ මෙම විහාරයයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු මෙම නඛ චේතිය නම් ස්ථානයට පැමිණි බව මහාවංශයේ සඳහන් වේ. එසේම උඩරට සෙනරත් රජුද මෙම විහාරය වන්දනා කිරීමට පැමිණ ඇත. කන්ද උඩරට රාජධානියෙන් මෙරට රාජ්‍යත්වය අවසන්වීමෙන් අනතුරුව දීඝවාපි විහාරයද අභාවයට යන අතර වනගතව පැවැති මෙම විහාරය නැවත සොයාගනු ලබන්නේ 1810 වර්ෂයේදී මඩකලපු දිස්ත්‍රික්කය භාර දිසාපති සෝවිස් නම් ඉංග්‍රීසි පරිපාලන නිලධාරියා විසිනි. ඔහුගේ නියෝගය අනුව මෙම ස්තූපය කැණීම් කර තිබේ. එය හුදෙක් පුරාවිද්‍යා කැණීමක් නොවන අතර එම නිසා චෛත්‍යයට වූ හානිය සුළුපටු නොවේ. එයින් පිටතට ගන්නා ලද ගඩොල් සහ කළු ගල් කණු වීරඅඩි අමුණ වැනි වාරිමාර්ග කටයුතු සඳහා රැගෙන බවට වාර්තා වේ. | මෙකල ප්‍රබල රාජ්යක්ව පැවති රාජ්‍ය කුමක්ද? | {
"answer_start": [
60
],
"text": [
"දීඝවාපි විහාරයද"
]
} |
68ec5a09-d152-427f-a63d-a03abbcd5a74 | මෙම ඇඳුම පළමුවරට භාවිත කළ බවට සාධක හමුවෙන්නේ ස්පාඤ්ඤ - ඇමරිකානු සිවිල් යුද්ධය පැවති කාලයේ, ආසන්න වශයෙන් 1913දීය. ඇමරිකානු නාවික හමුදාව යට ඇඳුමක් වශයෙන් එය සියලුම සෙබළුන්ට නිකුත් කරන ලදී. රවුම් කරක් හා කෙටි අත් සහිතව නිපදවුණු මෙම ඇඳුමෙහි භාවිතය වූ කලී හමුදා නිලධරයන්ගේ නිල ඇඳුමට යටින් ඇඳීමයි. නොබෝ කලකින්ම මෙය හමුදා නිලධාරීන්ට ලබා දෙන නිල සංකේතවල කොටසක් බවට පත් විය. ඉංග්‍රීසි ටී අකුරේ හැඩයෙන් යුත් හමුදා නිලධාරීන්ගේ ආකර්ෂණීය සිරුර නිසා මෙම ඇඳුමට ටී ෂර්ට් යන නම යෙදිණි. වරාය කම්කරුවන්, ගොවියන්, පතල් කම්කරුවන් මෙන්ම ඉදිකිරීම් වැඩවල යෙදුණු සිය දහස් ගණන් වෘත්තිකයන්ද උණුසුම් කාලගුණයේ දී අපහසුවකින් තොරව ඇඳිය හැකි පරිදි සැහැල්ලූ අමුද්‍රව්‍යවලින් නිපදවූ මෙම නව ඇඳුම එදිනෙදා භාවිත කළහ. මිලාදික නොවූ කපු රෙද්දෙන් මැසූ, සේදීමට ද පහසු වූ ටී ෂර්ටය සිය පුතුන් සඳහා මව්වරුන්ගේද අංක 1 තේරීම විය. | ටී ෂර්ටය පළමුවරට භාවිත කළ බවට සාධක හමුවන්නේ කුමන කාලයේද? | {
"answer_start": [
91
],
"text": [
"ආසන්න වශයෙන් 1913දීය"
]
} |
af4d5b41-ac21-4d3f-baf9-c7a547f57f30 | දරුවා ඉපදුණු වහාම මවගෙන් වෙන් කරන්නේ මවට දරුවා ළඟ තබා ගැනීමට අවස්ථාව ලැබුණහොත් සිත වෙනස් වී දරුවා තබාගැනීමට ඉල්ලීම නිසා ඇතිවන කරදර වළක්වාගැනීමටය. මවගේ අතට දරුවාගේ ඡායාරූපයක් ලැබේ. සාමාන්‍යයෙන් මෙවැනි ගිවිසුම්වල ක්‍රමය නම්, එසේ කුලියට ගන්නා ගර්භාෂයකින් ලබාගන්නා දරුවෙක්ට තමා හට උපත දුන් මවුපියන් පිළිබඳව තොරතුරු අවුරුදු 18දී දැනුම් දීමයි. එහෙත් එය එයාකාරයෙන් සිදුවෙනවාද යන්න නම් සැක සහිතය. මෙම ක්‍රියාවලිය ඉතා සංකීර්ණ බැවින් මෙසේ ලබාගන්නා දරුවෙකුට මවුවරු හා පියවරු කිහිප දෙනෙක් සිටිය හැකිය. ස්ත්‍රී පුරුෂ යුවළක දරුවන් ලැබීමේ හැකියාව නොමැත්තේ කාන්තාවට නම්, එම පියාගෙන් ලබාගන්නා ශුක්‍රාණු හා මවගේ ඩිම්බයක් තැන්පත් කිරීමෙන් පසු හදාගන්නා කළලය කුලී ගර්භාෂයේ තැන්පත් කෙරේ. එසේ නොමැති නම් ලෝකය පුරා තිබෙන ඩිම්බ හා ශුක්‍රාණු බැංකුවලින් තෝරාගන්නා ලද ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංසේචනය කිරීමෙන් පසු කුලී මවකගේ ගර්භාෂයේ තැන්පත් කිරීමෙන් දරුවෙකු ලබාගනී. | උපත දුන් මව්පියන් පිලිබද තොරතුරු දෙනු ලබන්නේ වයස කීයේදීද? | {
"answer_start": [
311
],
"text": [
"අවුරුදු 18දී"
]
} |
bdb210ef-d5cf-410f-a8f7-ff70e14171d0 | සියලු බලාපොරොත්තු සුන් වූ වීදියේ සිය බිසව එනම් හිරෙන් නිදහස් වීමට උදව් කළ මායාදුන්නේගේ දියණිය වූ සූරිය දේවිය ඇයගේ මව එනම් වීදියේගේ නැන්දනිය සහ සියලු හස්තසාර වස්තුව ද ගෙන පාදිලිවරයෙකු ලෙස වෙස් වළාගෙන ඉතා හිතවත් පිරිසක් සමග පුත්තලමට ගොස් එතැනින් බත්තලක නැගී යාපනයට පලා ගියේය. ඔහුගේ අරමුණ වූයේ යාපන පාලකයා සමග එකතු වී පෘතුගීසින් මෙරටින් පන්නා දැමීමය. ඒ පිළිබඳ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණියහ. අවසානයේ හින්දු කෝවිලක පූජාවකට සහභාගි වූහ. එහිදී දැල්වෙමින් තිබූ පහනක් ඒ අසළ තිබූ වෙඩිබෙහෙත් උරයකට වැටිමෙන් පිපිරීමක් සිදුවිය. එය තමා මැරීමට ගත් උත්සාහයක් යැයි වරදවා වටහාගත් වීදියේ සහ පිරිස යාපන පාලකයාගේ පිරිස් සමඟ සටනකට මැදිවුණි. | මායාදුන්නේගේ දියණිය වන්නේ කවුරුන්ද? | {
"answer_start": [
97
],
"text": [
"සූරිය දේවිය"
]
} |
bdd829c3-a6f0-4336-93eb-91703c44ac54 | බුදුරජාණන් වහන්සේගේ ශාසනය පර්‍ය්‍යාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේධ ශාසනය යනුවෙන් ත්‍රිවිධාකාර වෙන බව පෙර ලිපි ඇසුරෙන් අපි ඔබව දැනුම්වත් කළෙමු. ස්වාක්ඛාත ගුණය වනාහි මෙම ශාසනයන් අතුරින් පර්යාප්ති ශාසනය කෙරෙහිම විශේෂයෙන් දක්නට ලැබේ. සංදිට්ඨික ගුණයත් අකාලික ගුණයත් විශේෂයෙන් ප්‍රතිපත්ති ශාසනය හා ප්‍රතිවේධ ශාසනය කෙරෙහිම දක්නට ලැබෙති. එසේම ස්වාක්ඛාත ගුණය මාර්ගය අරමුණු කොට දක්නට ලැබෙන අතරම සංදිට්ඨික හා අකාලික ගුණය ඵල ලාභීත්වය අරමුණු කොට දක්නට ලැබෙති. නිර්වාණගාමී ප්‍රතිපදාව සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන යන අංග පහෙන් යුක්තය. මින් සීල, සමාධි, ප්‍රඥා යන ගුණ කඳු තුන ස්වාක්ඛාත ගුණය යටතට ගැනෙන අතර විමුක්ති, විමුක්ති ඥාන දර්ශනය යන අංග දෙක සංදිට්ඨික හා අකාලික ගුණයන්ට අයත් වේ. | ගුණ කදු ගණන කොපමණද ? | {
"answer_start": [
583
],
"text": [
"තුන"
]
} |
6bb02df6-9ed2-4716-b4fe-980f14ab349d | උගේ හොඬෙන් විසි වුණ සෙම යාළුවගේ ඇඟේ පිටිපස්සේ වැදිලා තිබුණා. එදා අපි අලියට අහු වුණා නම් තුන්දෙනාම ඉවරයි. තවත් දවසක මම මගේ මෝටර් බයිසිකලයෙන් තොට්ටම මගේ ගේ ළඟ ඉඳලා ගම මැද පැත්තට යනකොට එක සැරේම අලියෙක් පාරට ගොඩ වුණා. නූලෙන් තමයි අලියගේ ඇඟේ නොවැදී බේරුණේ. එදා නම් ඒ අලියා පැන්නුවේ නෑ. මට බොහොම දරුණු අලි ප්‍රහාරයකට ලක්වෙන්න වුණේ මගේ ගේ ළඟදීමයි. දවසක් රෑ අටට විතර අලියා කෙසෙල් ගස් කන බව එවක ග්රාමාරක්ෂක භටයෙක් වුණ ගුණපාල ඇවිත් කිව්වා. මා ළඟ තුවක්කුවකුත් තිබුණා පතුරම් හයකුත් තිබුණා. ගුණපාල ළඟත් ආණ්ඩුවේ තුවක්කුවකුයි පතුරනුයි තිබ්බා. මම කිව්වා ආණ්ඩුවේ පතුරං පුච්චන්න එපා, හදිසියක් වුණොත් මේකෙං තියපං කියලා පතුරමකුත් දුන්නා. | ගේ ලග ඉදලා ගම් මැද්ද පැත්තට ගියේ කුමකින්ද? | {
"answer_start": [
122
],
"text": [
"මෝටර් බයිසිකලයෙන්"
]
} |
8ef6384d-39e6-496e-aa2f-894a840306cf | අතියා ෂෙට්ටි සහ කේ එල් රාහුල් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ප්‍රසිද්ධියේ පිළි ගත්තා පමණක් නොව අහාන් ෂෙට්ටි නළුවෙකු ලෙස දොරට වැඩි තාදප් චිත්‍රපටියේ මංගල දර්ශනය නැරඹීමට ද ගියේ එකටය. ඉනික්බිතිව රසිකයන්, මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාම විමසිලිමත් වූයේ ඔවුන්ගේ විවාහය පිළිබඳවය. ෂෙට්ටි පවුලෙන් ලැබෙන වාර්තාවලට අනුව අතියා ගේ පියා සුනීල් ෂෙට්ටි දියණියගේ විවාහය පිළිබඳව කතා කරන්නේ බොහෝ හැඟුම්බරවය. එය ඔවුන්ගේ පවුලේ කලකට පසු සිදු වන පළමු විවාහ මංගලෝත්සවය බැවින් සියලු දෙයක්ම සර්වසම්පූර්ණව සිදු වෙනවා දැකීම ඔහුගේ බලාපොරොත්තුවයි. එම නිසාම දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන උත්සවය වෙනුවෙන් මේ වන විටත් ඔහු හොඳම හෝටල්, ආහාර පාන සපයන්නන්, මෝස්තර ශිල්පීන් වෙන් කරගෙන අවසානය. | දියණියගේ විවාහය පිළිබඳව බොහෝ හැඟුම්බරවය කතා කරේ කවුද? | {
"answer_start": [
316
],
"text": [
"සුනීල් ෂෙට්ටි"
]
} |
a681ceeb-d738-4374-9691-44c51fec3120 | තම කෙටේරිය ඇදගත් පරාසුරාම එහි මිටෙන් ගනේෂගේ කකුලට පහරක් එල්ල කළේය. ඉන් රිදුණු ගනේෂ කකුල ඉවතට ගත් අතර, එය වේදනාවෙන් රිදුම් දුන්නේය. ඒ අවසරයෙන් නැගී සිටි පරාසුරාම කෙටේරිය එල්ල කරගෙන සතුරා දෙස බලාසිටියේය. ගනේෂට යමක් සිදුවිය. පරාසුරාම මේ එල්ල කර ගෙන සිටින්නේ තම පියාගේ අවියක් බැවිනි. ඒ අවියට එරෙහිව යමක් කරන්නට ඔහුට නොහැකි විය. ඔහු වික්ෂිප්ත දෑසින් පරාසුරාම දෙස බලා සිටියේය. එහෙත් පරාසුරාම සිටියේ කෝපයෙන් දැවෙමිනි. ඔහු කෙටේරිය ගනේෂ වෙත එල්ල කළ අතර එය පහත් වූයේ ගනේෂගේ එක් දළයක් මතය. එම දළය ටකස් හඬ දෙමින් කැපී වෙන් වී ගිය අතර එය ගනේෂගේ දෙපාමුල පතිත විය. | පරාසුරාම විසින් ගනේශ්ගේ කකුලට පහරක් එල්ල කිරීමට ගත්තේ කුමක්ද | {
"answer_start": [
3
],
"text": [
"කෙටේරිය"
]
} |
2e992aa4-7f07-4477-b4a6-3293d9ce7c59 | මෙම දැරියන් දෙදෙනාම හෙළි කළ තොරතුරු ප්‍රථම වරට අනාවරණය කරනු ලැබුවේ ලංකාදීප පුවත්පත මගිනි. 1982 ජුනි 12 වැනිදා ප්‍රධාන පුවත මගින් කැරැල්ලෙන් මළ තරුණයෝ දෙදෙනෙක් යළි උපදිති. මැයෙන් එය පළවිය. අනතුරුව වර්ජිනියා විශ්වවිද්‍යාලය මගින් ද මේ පිළිබඳව පූර්ණ පර්යේෂණ යොමු කළේය. එම පර්යේෂණ වාර්තාව මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්යේෂණ වාර්තාවකට ද ඇතුළත් කර තිබේ. ශිවන්ති දැරිය අනාවරණය කළේ පෙර භවයේ රොබට් ලෙස හඳුන්වන ලද තරුණයාගේ තොරතුරු විය. රොබට් මරණයට පත්වී ඇත්තේ පොලිස් වෙඩි පහරකට ලක්වී රූමස්සල කන්ද මුදුනේ දී යැයි හෙළි විය. වෙඩි පහර එල්ල වූ ස්ථානය ලෙස හඳුන්වනු උපන් ලපයක් ද ශිවන්ති දැරියගේ සිරුරේ දක්නට ලැබිණ. මෙම දැරියන් දෙදෙනා තම පෙරභවය හෙළි කිරීම ආරම්භ වූයේ ඔවුනොවුන් නිවසේ අවැදිමින් දෙදෙනා අතර ඇති වූ කතාබහක් මගිනි. දෑත් පිටුපසට තබමින් ඔවුන් රැගෙන ගිය අන්දම නිරූපණය කිරීම ද ඔවුන්ගේ සිරිත වූවාය. ඒ වන විට එම දැරියන් වයස අවුරුදු දෙක හමාරක පමණ ඉතා කුඩා වයසේ සිටියහ. සිරුරේ පිහිටි උපන් ලපය ඇති ස්ථානයට අතැගිල්ල දිගු කරමින් ‘‘මෙතනටම තමයි වෙඩි වැදුනේ’’ යනුවෙන් ශිවන්ති දැරිය පෙරභව ජීවන තොරතුරු ප්‍රකාශ කළාය. | රොබට් නම් තරුණයා මරණයට පත්වී ඇත්තේ කුමකින්ද? | {
"answer_start": [
444
],
"text": [
"පොලිස් වෙඩි පහරකට ලක්වී"
]
} |
fb48da95-7f93-4e87-a971-1a5213c50dcf | සර් සොලමන් ගැන ඇති ප්‍රකට මතයක් නම් එතුමාගේ දේහය තැන්පත් කොට ඇත්තේ කෙලින් අතට නුවර පාර දෙය බලා සිටින ලෙස බවය. මේ සොහොන් කොත එතුමා ගොඩනගා ඇත්තේ මියයාමට දහතුන් වසරකට පෙරදීය. මෙය සත්‍යයක් ලෙස අදහන අය අදත් සිටින අතර අවමංගල්‍යයට සහභාගි වූවකුගෙන් සත්‍ය දැනගත හැකිය. සර් සොලමන් උපන්නේත් මියගියේත් යටත් විජිත වැසියකු ලෙසය. ඔහු සිංහල ජනතාව සදා වීරයකු වන්නේ ඔහු ජීවත්ව සිටියදීම කොළඹ හතේ ඔහුගේ පිළිරුවක් යටත් විජිත ආණ්ඩුව ගොඩනැගිම නිසාය. හිරු නොබසින අධිරාජ්‍යයේ මහ රාජනි වික්ටෝරියා රැජින පවා සර් සොලමන්ට ගෞරව සම්මාන දැක් වූ බව ද බකිංහැම් මාලිගයේ එතුමන්ට වෙන් කළ කාමරයක් වූ බවද කලක් ප්රකටව පැවති කරුණකි. එහෙත් එතුමාගේ අභාවයෙන් පසු මේ කුටියට සිදු වූ දෙයක් ගැන කිසිදු ලිඛිත සටහනක් නැත. | සර් සොලමන් ගේ පිළිරුවක් ගොඩනැගුවේ කොහෙද? | {
"answer_start": [
368
],
"text": [
"කොළඹ හතේ"
]
} |
5c6c498c-ffc9-4360-b264-5794875164eb | එදා මරිවැල්ල ලෙස හැඳින්වූ කොළඹ මෝදර ප්‍රදේශයේ ධීවර වරායේ කිසිදු සලකුණක් අද දක්නට නොමැති අතර අනුමාන වශයෙන් එදා මරිවැල්ල අද ඔබ හඳුනා ගන්නේ කොළඹ වරායේ විජය කුමාර ජැටිය ලෙස බව පැවසේ. අතීතයේ සොයා ගිය තොරතුරුවලින් අනුමාන සාධකයන්ට අනුව මෝදර මරිවැල්ලෙන් එන්ජිම ගොඩ බස්සවා ඇත්තේ ටොන් 40ක බරක් දැරිය හැකි පාරුවකට වන අතර එන්ජිමේ රෝද ගලවා බර අඩු කරමින් රැගෙන ආ බවද පැවසේ. අද මෙන් දියුණු වරාය පහසුකම් නොමැති වෙරළ මායිමට නැවක් ගෙන ඒම කළ නොහැකි පසුබිමකි. එහි තිබුණේ එවකට එතරම් බරසාර යන්ත්‍රයක් මුහුදු මගින් මෙරටට ගෙනා පළමු සහ එකම අවස්ථාව එම එන්ජිම ගොඩ බැස්ස වූ අවස්ථාව බවද සැලකේ. | අනුමාන වශයෙන් එදා මරිවැල්ල අද ඔබ හඳුනා ගන්නේ කුමන නමකින්ද ? | {
"answer_start": [
137
],
"text": [
"කොළඹ වරායේ විජය කුමාර ජැටිය"
]
} |
c18c8a8e-da30-4e04-b0f4-f320f66b9b14 | සෙනෙහෙබර බිරිඳ සමග දරු පැටවුන් උපන් රටේ එක් කෙළවකර අතුපැලක එකට ගුළි වී නිදන හෝරාවේ මෝගන් කුණු මඩ පිරුණු පදික වේදිකාවේ සුසුම් හෙලයි. මොවුන්ගේ ජීවිතවල හැටි එහෙමය. එහෙත් මහමෙර සැලුණත් මේ දිරිය මිනිසුන් නොසැලේ. සියලු දෝමනස්සයන් හිත් තුළින් පිටතට ඒමට ඉඩ නොදී තදකරගෙන හිරකරගෙන මුට්ට කරගසති. දරුවෝ බිරිඳ ගැන මතක් වෙනකොට හිතට මහා දුකක් දැනෙනවා. ඒත් දැන් මේ ජීවිතේට හුරුවෙලා. සෙනෙහස ආදරය නැතිවුණා කියලා ඒව හොයාගෙන පාරෙ ඉන්න ගෑනු පස්සෙ යන්නේ නෑ. ගෙදර ගෑනිගෙන් ලැබෙන ආදරේ උන් ළඟ නෑ මහත්තයෝ. අසල බෝ ගසේ කොළ හොලවන්නට තරම් වූ සුසුමක් මුදාහළ මෝගන් කාඩ්බෝඩය මත වකුටු විය. රාත්‍රිය මෝරා ඇත. මේ නිශාචරයන්ගේ ගොදුරු බිමයි. පිටකොටුව කෙමෙන් හිස් වෙමින් පවතී. ඒත් මුළුමනින්ම නොවේ. වීථි තුළින් මතුවන සුරාසොඩුන් නිනව් නැතිව කෙම්බිමක් සොයා ඇවිද යති. වීථි සරණ නෙක අගනුන්ගේ නෙත්සර පහස ඉඳහිට මා ද ඉලක්ක කර ගනී. මේ සියලු දේ මගහරිමින් මම ඇවිද ගියෙමි. මහත්තයා තනියම ඕවා අස්සෙ යන එක අවදානම්. කුඩ්ඩන්ට මාට්ටුවුණොත් කලිසමත් ගලව ගනීවි. සිවා ද මා පසුපසින් වැටේ. මේ මිනිසුන්ගේ ළෙන්ගතුකමද පුදුමාකාර අන්දමේ එකකි. මිතුරු වුවහොත් හදවත ගලවා දෙන්නට වුව සූදානම්ය. තම්බිරාජා මයිලේසිංගු මුණ ගැසෙන්නේ එසේ යන අතරතුරදීය. හේ තනිකඩයෙකි. ඇඟපත සවි ශක්තිමත් තරුණයෙකි. මධුවිතකින් උගුර තෙමාගෙන සිටි නිසාදෝ නිවැරදි වයසත් සඳහන් නොවිණි. | කලිසමත් ගලවා ගන්නේ කාට මාට්ටු උනොත්ද? | {
"answer_start": [
860
],
"text": [
"කුඩ්ඩන්ට"
]
} |
42ccee23-1fcc-47e6-8de0-20cec5b135f6 | සීගිරිය නගිද්දී එක පැත්තකදී අපට කැටපත් පවුර හමුවෙනවා. සීගිරිය කැටපත් පවුරේ තියෙන්නේ සීගිරි කුරුටු ගී නමින් හඳුන්වන සීගිරියට පැමිණි රසවතුන් සීගිරියේ සුන්දරත්වය ගැන කුරුටු ගෑ ගී සංකල්පනා, සීගිරි චිත්‍ර ඉන්දියාවේ අජන්තා වෙල්ලෝරා වැනි ගිරි සිතුවම්වලට සමානකමක් දක්වනවා. අටවැනි ලෝක පුදුමය ලෙස සම්භාවනාවට පත් සීගිරිය විල්, පොකුණු, ජල උද්‍යාන ඉදි කරන්න යොදාගත්ත තාක්ෂණය අදටත් ඉතිහාසඥයන්ගේ, විද්වතුන්ගේ පුදුමයට කාරණයක්. යුනෙස්කෝව විසින් ලෝක සංස්කෘතික උරුමයක් ලෙස නම් කළ සීගිරිය තනපු කාශ්‍යප රජු මුගලන් කුමරු ඉන්දියාවේ සිට සේනා සන්නද්ධව පැමිණ කාශ්‍යප පාලනයට එරෙහිව යුද කරන අතර කාශ්‍යප රජු යුද පිටියේදීම සියදිවි නසා ගත් බවයි පැවසෙන්නේ. | අටවැනි ලෝක පුදුමය කුමක්ද? | {
"answer_start": [
302
],
"text": [
"සීගිරිය"
]
} |
cf7215bf-5852-44d5-a57e-d733d3765f7a | එසේම පින්කමට අවශ්‍ය භික්ෂූන් වහන්සේලා ප්‍රමාණය ගමේ නායක හිමියන්ට දැනුම් දීමෙන් පසුව අවට ගම්වාසීන්ටද බණ ඇසීමට, පෙරහරට හා දානමය කටයුතු සඳහා සහභාගී වන ලෙස ආරාධනය කෙරෙති. ධර්ම දේශනාව සඳහා තොරණ එකක් හෝ දෙකක් බඳින අතර ප්‍රධාන තොරණ ධර්මශාලාව ඉදිරිපිටද, දෙවන තොරණ ඇතුළුවන තැනද ඉදිකරනු ලබයි. මෙම තොරණ ගස් සහිත කෙසෙල් කැන්වලින් හා පොල් ඉතිවලින් සරසන නිසා රඹ තොරණ ලෙස නම් කර ඇත. ඉඩකඩ ධර්ම ශාලාවක් නොමැති පන්සලක වල් ලී වලින් තාවකාලික විශාල ධර්ම ශාලාවක් ඉදිකිරීම ගම්වාසීන්ගේ සිරිතය. තාවකාලික ධර්මශාලාවේ කුලුනු සතර මැද ධර්මාසනය ඉදිකරනු ලැබේ. එම කුලුනු සතර අසලද කෙසෙල් කැන් හා පොල් ඉතිවලින් සරසනු ලබයි. එම පොල් හා කෙසෙල් කැන් පැරැණි සිරිත් විරිත් අනුව කොටස්වලට බෙදෙන්නේය. | තොරණ් කීයක් මේ සඳහා බඳීද ? | {
"answer_start": [
189
],
"text": [
"එකක් හෝ දෙකක්"
]
} |
5a02ad0d-35a5-4deb-8a59-51ace258fe8d | වාලිගේ මරණයට පසු, සුග්‍රීව කිසිකන්දාවේ රජ කිරුළ පැළඳුවේය. තම බිරිය වූ සීතා සොයාගැනීම සඳහා සුග්‍රීවගේ උපකාරය ලැබෙණු ඇතැයි ඔහු බලාපොරොත්තු වූවේය. ඒවන විටත් සීතා අතුරුදන්ව සිව් මසක් ගෙවී තිබිණි. මේ මුළු කාලයම වස්සානයට අයත් විය. අධික වැසි වැටෙන බැවින් මේ වස්සාන සමයේදී කිසිවෙකුටත් වනාන්තර ගතවීමට නුපුළුවන. සීතා කොහේ හෝ ගල්ලෙනක හිර වී සිටිනු ඇතැයි රාම කල්පනා කළේය. වස්සානය නිමා වූ වහාම ඇය සෙවීම යළි ආරම්භ කළ යුතු බවට රාම තීරණයක් ගෙන තිබිණි. එහෙත් සුග්‍රීව රජ වී තම මන්දිරයට ගිය පසුව ඔහු රාමට වූ පොරොන්දුව සහමුලින්ම අමතක කර දැමුවේය. | සීතාව සෙවීම සදහා තෝරාගත්තේ කුමන කාලයද? | {
"answer_start": [
360
],
"text": [
"වස්සානය නිමා වූ වහාම"
]
} |
2e84d97a-0245-438d-963f-2e44d2d118ed | එමෙන්ම මෙය අපගේ ඇඳුම් පැළැදුම්වලටද යොදාගැනීමට හැකිවෙනවා. දරුවන්ගේ දහඩිය,තීන්ත පැල්ලම් සහ දූවිලි නිසා පාසල් නිල ඇඳුම් නිතර අපිරිසිදු වෙනවා. සමහර දරුවන්ට නිලඇඳුම් එකක් හෝ දෙකක් තියෙන්න පුළුවන්. මෙම නැනෝ දියරයෙන් වසරක් පමණ ඇඳුම් ආරක්ෂා කරගන්න පුළුවන්. මේ සඳහා මම භාවිත කළේ සුපර් හයිඩ්‍රෝපිලික් තත්ත්වයයි. මෙමගින් සබන්,සෝදන කුඩු සහ ජලය භාවිතය අඩුකර ගැනීමටත් හැකිවෙනවා. ඒවගේම මෙම නිල ඇඳුම් සඳහා සෙවුම් පද්ධතියක් සකස් කර තිබෙනවා. එමගින් දරුවා ආගිය තැන් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. නැනෝ තාක්ෂණය සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණය කළ මෙම ඇඳුම් ලංකාව තුළ ගොඩක් ජනප්‍රිය වේ යැයි මා සිතනවා. | නැනෝ දියරයෙන් කොපමණ කාලයක් පමණ ඇඳුම් ආරක්ෂා කරගත හැකිද? | {
"answer_start": [
196
],
"text": [
"නැනෝ දියරයෙන් වසරක් පමණ"
]
} |
b6925d78-16f1-4bb2-9443-bcb24ef6037d | කුඩා කෝවිලක් පිහිටි ස්ථානයට නුදුරින් ගමන ඇරඹිය යුතු අතර ප්‍රථමයෙන් තේ වතු යාය අනුව ගමන් කළ යුතුය. ක්‍රමවත් අඩිපාරක් ඇති හෙයින් මග සොයා ගැනීම අපහසු නොවේ. කෙසේ හෝ එම මග දිගේ ඉදිරියටම යන විට නාරංගල කඳුවැටිය දිස්වන අතර තේ දලු සමඟ හැපෙන ජීවිත බොහෝමයක් දැකගත හැකිය. තේ වතු යාය පසුකළ පසු ලඳු කැලයකට අවතීර්ණ වන අතර මෙම ගමන යාමේදී ප්‍රමාණවත් ජලය රැගෙන යාමට අමතක නොකරන්න. ලඳු කැලය පයිනස් ගස් කිහිපයකින්ද මාන පඳුරු යායකින්ද සමන්විතය. වැසි සමයේදී මෙම ප්‍රදේශය දැඩි තෙත් බවකින් හා මීදුමකින් ගහණව පවතින අතර එම දිනවලදී මෙම මාර්ග සියල්ලේම කූඩැල්ලන් බහුලව දක්න්ට ලැබේ. එහෙයින් සාමාන්‍ය වර්ෂාවකට පසු හොඳින් පායන වකවානුවේ නාරංගල තරණය කිරීම වඩාත් පහසු වේ. | මෙම ගමන යාමේදී අමතක නොකළ යුත්තේ කුමක්ද? | {
"answer_start": [
322
],
"text": [
"ප්‍රමාණවත් ජලය රැගෙන යාමට"
]
} |
31f1865f-90a4-4a60-91ec-80a3bbaecfef | ඇෆ්ගන් තලේබාන් සංවිධානය පිහිටුවූ මුල්ලා ඕමාර්ගේ පුතු මොහොමද් යාකුබ් පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. ඒ, තලේබාන් සංවිධානය නිකුත් කළ වීඩියෝ පණිවුඩයකිනි. එම වීඩියෝ පණිවුඩය හරහා මොහොමද් යාකුබ් ඇෆ්ගන් එරට ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. ඒ, රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් ආයෝජන කිරීමට පෙළඹෙන්නැයි කියාය. ඇමෙරිකාව ඇතුළු විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු ඇෆ්ගනිස්තානය යළි තලේබාන් ග්‍රහණයට හසුවී මේ වනවිට මාස දෙකක් ගත වී තිබේ. ඇෆ්ගනිස්තානයේ බලයට පත්වීමෙන් අනතුරුව එරට අන්තර්වාර රජයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටුයුතු කරන්නේ ද මොහොමද් යාකුබ් ය. විදෙස් හමුදා පිටවී යෑමත් සමඟ විදෙස් ආධාර සහ ආයෝජන ද සියල්ල නැවැතී යෑමෙන් තලේබාන්වරුන් පිහිටුවූ රජය දැඩි අසීරුතාවලට මුහුණ දෙයි. ඇෆ්ගන් වැසියන් සාගතයක් අබියස සිටින බව ද පැවැසෙයි. | තලේබාන් සංවිධානය පිහිට වුයේ කව්රුන්ද | {
"answer_start": [
33
],
"text": [
"මුල්ලා ඕමාර්ගේ"
]
} |
c1282791-ebbd-4c79-8fa9-0ed323e2670c | දැන්නම් උන් එන එක ගොඩක් අඩුයි. අලි ගහල තමයි මේ හානි වුණේ. මෙතනට සිරිපාදේ පේනවා වගේ හරි අපූරුවට තුන්හිස් ගල පේනවා. මම තට්ට තනියම ඕන තරම් රෑ මෙහෙ ඉඳලා තියෙනවා. බට දාලා වතුර ටිකක් ගන්නේ පහල දොළෙන්. මෙතන හරි අපූරු සිද්ධිත් තියෙනවා. මහතුන් මාමා සතුව කතා ගොන්නක් තිබිය යුතු බව අපට ද සිතුණි. මන්ද කි.මී. ගණනක් දුරපිහිටි මහ වනයක් මැද මෙවැනි පාළු වාඩියක සිටීම අරුමයකි. වාඩියේ කාමර තුනකට වඩා තිබුණු අතර කටුමැටි ගසා පදම් කළ බිත්ති හොඳින් තිබුණි. ගරා වැටුණ ජනෙල් පියන් සහ ඇතැම් කැඩුණු බිත්ති කොටස් මෙහි පැරණි බව අපට පෙන්වන ලදී. එනසාල් වගාව බහුලව පැවති මෙම ඉසව්වේ අතීතයේ තවත් වාඩි හා නිවාස තිබී ඇත. එලෙසම මෙතැන් සිට පැයකටත් අඩු කාලයකින් තුන්හිස්ගල කඳු මුදුනටත් අනෙක් පසින් වනය හරහා දූවිලි ඇලි දාමයකටත් අනෙක් පසින් රැගාන කොටු පතන හරහා මීමුරේටත් යා හැකිය. | බට දාලා වතුර ටිකක් ගන්නේ කොහෙන්ද? | {
"answer_start": [
183
],
"text": [
"පහල දොළෙන්"
]
} |
16fa8c30-ef60-4022-bc28-bba07c713b9c | දවසක් අපි ඉස්කෝලේ යනකොට රත්නපුරේ ඔරලෝසු කණුව උඩට කෙනෙක් නැගලා රතු පාට කමිසයක් වන වනා ඉන්නවා දැක්කා. ඔරලෝසු කණුව පහළ සෙනඟ රැස්වෙලා හිටියා. පොලීසියෙනුත් කිහිපදෙනෙක් පහළ හිටියා වගේ මතකයි. ඒ කාලේ අද වගේ පොලීසියේ අය හිටියේ නෑ. ඒ කාලේ පොලීසියේ රාළහාමිලා කොට කලිසම් ඇඳලා සපත්තු දාලා තොප්පිය දාලා හිටියේ. ඒ තොප්පිය අද වගේ නෙවෙයි. කාකි පාට තොප්පියක්. තැපැල් දෙපාර්තමේන්තුවේ ලියුම් බෙදන පියුම් මහත්තුරුන්ටත් තිබුණේ ඒ වගේම තොප්පියක්. ඒක දෙපැත්තේ කළු පාට නූලක් තිබුණා. ඒ නූලෙන් තමයි තොප්පිය හුළඟට නොයා රැඳිලා තියෙන්නේ. අතේ බැටන් පොල්ලක් තිබුණා. ඔරලෝසු කණුව ළඟ පාතකට අපිට යන්න දුන්නේ නෑ. | පියුම් මහත්තුරුන්ගේ තොප්පියේ දෙපැත්තේ තිබුණේ කුමක්ද? | {
"answer_start": [
436
],
"text": [
"කළු පාට නූලක්"
]
} |
40491b91-22a0-4b73-8fe4-52c6c358635e | බුද්ධෝත්පාද සමයේ සිදුවීමකින් මගේ කතාව ආරම්භ කරමි. තම්බපන්නියේ එකල විසූ යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් එකිනෙකා මරා ගන්නා ද්වන්ද යුද්ධයකට සැරසෙන බව දිවැසින් දුටු ත්‍රෛලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ අහසින් ලංකාවට වැඩමකොට එම පිරිසට ධර්මය දේශනා කිරීමෙන් යුද්ධය සමථයකට පත් කළ බව බුදු දහමේ සඳහන් වෙයි. කොළඹ අලුත්කඬේ උපරිමාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොඩවදින අපගේ දෙනෙත් යොමු වන්නේ එම සිදුවීම බිත්තියක පින්තාරු කොට ඇති ආකාරයයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු මැති ඇමැති මන්ත්‍රී තුමන්ලා උනුන් මරා ගන්නා තරමට නැතත්, ඔවුන්ගේ හැසිරීම් ඒ ආසන්නයට ළඟා වෙන බව රූපවාහිනී තිරයේ අපි දැක ඇත්තෙමු. | යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් එකිනෙකා මරා ගන්නා ද්වන්ද යුද්ධයකට සැරසෙන බව දිවැසින් දුටුවේ කවුද ? | {
"answer_start": [
154
],
"text": [
"ත්‍රෛලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ"
]
} |
122c69d2-6735-4549-8a7d-69d2f20ad061 | කොට්ටාව රුක්මලේ බාලිකා නිවාස පාරේ පදිංචිව සිටි රූපලාවණ්‍ය ශිල්පිනිය වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ 2018 පෙබරවාරි මාසයේදිය. ඇගේ නම පාතාල නම් අතරට එක්වූයේ 2017 ජනවාරි මාසයේ දී අතුරුගිරියේ පවත්ගෙන යනු ලබන ඇගේ රූපලාවණ්‍යාගාරයේ දි පාතාල නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ සමීපතම සගයෙකු වූ ලඩියාගේ හොඳම ගෝලයෙකු වූ මූනිල් බණ්ඩාර ධර්ම ශ්‍රී නොහොත් අතුරුගිරියේ බණ්ඩා වෙනු ඝාතනය කිරීමත් සමගය. එහිදී ඇය සමයංට සහය වෙමින් බණ්ඩා ඝාතනයට ඔත්තු සැපයූ බවට චෝදනා එල්ල විය. ඒ අනුව සමයං රිමාන්ඩ් භාරයේ සිටිමින් බණ්ඩා ඝාතනය කරවූයේය. | කොට්ටාව රුක්මලේ බාලිකා නිවාස පාරේ පදිංචිව සිටි රූපලාවණ්‍ය ශිල්පිනිය වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ කවදාද? | {
"answer_start": [
95
],
"text": [
"2018 පෙබරවාරි මාසයේදිය"
]
} |
2c687dbb-eab7-47e1-9df3-dcbbdb2c002d | වයෝවෘද්ධ රෝගියෙකුගේ වැරදි පාදයක්, කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රියානු අධිකරණයක් එරට ශල්‍ය වෛද්‍යවරියකට දඩ නියම කර තිබේ. ඉවත් කිරීමට නියමිත වූයේ 82 හැවිරිදි රෝගියාගේ වම් පාදයයි. එහෙත්, වෛද්‍යවරියගේ නොසැලකිල්ල හේතුවෙන් ඇය කපා ඉවත් කර ඇත්තේ දකුණු පාදයයි. තමන්ට වැරදීමක් සිදුවුණු බව වෛද්‍යවරිය දැනගෙන ඇත්තේ ද සැත්කම සිදු කර දින 3 කට පසුව යැයි ඔස්ට්‍රියා මාධ්‍ය වාර්තා කරයි.සිද්ධිය සම්බන්ධයෙන් ලින්ස් නුවර අධිකරණයක් හමුවේ නඩු විභාගය පැවැත්වුණු අතර නොසැකිලිමත් බව හේතුවෙන් 43 හැවිරිදි ශල්‍ය වෛද්‍යවරියට යූරෝ 2,700ක (ඇමෙරිකන් ඩොලර් 3,060) දඩයක් නියම කෙරුණි. | සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වුණේ කුමන අධිකරණයක් හමුවේද? | {
"answer_start": [
393
],
"text": [
"ලින්ස් නුවර අධිකරණයක් හමුවේ"
]
} |
2621e705-c701-4acc-929f-dd898ff53ca3 | සීතාවක රාජධානියේ ප්‍රධාන සටන් මධ්‍යස්ථානය ලෙස හැඳින්වී ඇත්තේ හංවැල්ල ප්රදේශයයි. අද වෙන විට හංවැල්ල තානායම පිහිටි තැන එකල රාජ්‍යයන් කිහිපයකට බළකොටුවක්ව පැවතුණි. සීතාවක මායාදුන්නේ රජු විසින් හංවැල්ල දැනට තානායම පිහිටි ප්‍රදේශයේ ආරක්ෂිත කොටුවක් ඉදිකර තිබේ. එහි සිට කෝට්ටේ බුවනෙක බාහු රජු සමග සටන් කිහිපයක්ම මෙහෙය වූ ස්ථානයක් ලෙස ඉතිහාසයේ සඳහන් වෙයි. මෙය පසුව පෘතුගීසින් විසින් අත්පත් කරගෙන යුරෝපා ආකෘතියට අනුව බළකොටුවක් ඉදිකර ඇත. ඕලන්ද ජාතිකයන් විසින් මෙය පසුකාලයේ කබොක් ගල් යොදා ශක්තිමත් තිරසාර බළකොටුවක් ලෙස සකස් කර ඇත. බ්‍රිතාන්‍ය යුගයේදී ද සංග්රාම කිහිපයක්ම මෙම ස්ථානය කේන්ද්‍ර කොට සිදුවී ඇත. මෙම බළකොටුව විටින් විට පෘතුගීසින්, ලන්දේසින් මෙන්ම ඉංග්රිසින් ද සිය ආරක්ෂාව සඳහාත් සටන් සංග්රාම සඳහාත් යොදා ගෙන තිබේ. මුලින්ම මායාදුන්න රජු විසින් සටන් මෙහෙයවීම සඳහා සුදුසුම ස්ථානයක් ලෙසයි. මෙය තෝරා ගෙන ඇත්තේ. | සීතාවක රාජධානියේ ප්‍රධාන සටන් මධ්‍යස්ථානය කොහේද | {
"answer_start": [
61
],
"text": [
"හංවැල්ල"
]
} |
ba77ffea-57a6-442b-99d5-02db56974ba2 | මෙම 2021 වසර සඳහා නොබෙල් ත්‍යාග ප්රදානය මේ වනවිට ආරම්භ වී තිබේ. භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකු අතරේත්, වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් විද්‍යාඥයන් දෙදෙනකු අතරේත් බෙදී ගියේය. භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන් මෙවර පිදුම් ලැබුවේ ඇමෙරිකන් ජපන් විද්‍යාඥ සියුකුරෝ මනාබේ, ජර්මනියේ කපවුස් හෙසල්මන් සහ ඉතාලියේ ජියෝරිජි පරීසිය. ඒ, කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් ඔවුන් එක් වී නිර්මාණය කළ කාලගුණ මොඩලය ඇගයීමට ලක් කරමිණි. මෙම වසරේ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකානු විද්‍යාඥයන් දෙදෙනකු වන ඩේවිඩ් ජුපියස් සහ ආඩෙම් පැටපෝෂියම් අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කර ඇත. | 2021 වසර සඳහා ආරම්භ වී ඇත්තේ කුමක්ද ? | {
"answer_start": [
18
],
"text": [
"නොබෙල් ත්‍යාග ප්රදානය"
]
} |
3ee9c951-5557-4d1a-8ba7-12c2aec43e50 | රුසියානු හමුදා කියෙව් නගරය වට කර තිබුණත් යුක්රේන හමුදාව තම ජනතාව සමග එකතු වී කියෙව් අගනුවර සාර්ථකව ආරක්ෂා කරගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි. රුසියානු හමුදාවන්ට අවශ්‍ය සැපයුම් ලබාදීමේදී මතු වී ඇති ගැටළු හේතුවෙන් තවමත් කියෙව් නගරයේ පාලනය ලබා ගැනීමට රුසියානු හමුදාවන් අපොහොසත් වී ඇතැයි එම මාධ්‍ය වාර්තා කියයි පවසයි. මේවන විට යුක්රේන හමුදා සහ රුසියානු හමුදා අතර කියෙව් නගරයේ පාලනය අත්පත් කරගැනීම සඳහා දරුණු ගැටුම් සිදු වන අතර අද උදෑසන කියෙව් නගරය ආසන්නයේ විශාල පිපිරීම් දෙකක් ද සිදු වී ඇත. එක් පිපිරීමක් සිදු වී ඇත්තේ වැසිල්කිව් නගරයේ ගුවන් හමුදා කඳවුර වෙත වන අතර ඉන් එහි ඉන්ධන ටැංකි ගිනි ගෙන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. | රුසියානු හමුදා වටකර තිබුණේ කුමන නගරයද? | {
"answer_start": [
15
],
"text": [
"කියෙව් නගරය"
]
} |
1399fefa-237a-4434-91e4-9aeaff282d3f | මෙම බල සංවේදකය නිපදවීමේදී මෙහි ආකෘතිය ත්‍රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය කරන්නේ කොහොමද, එය ගණිත සංකල්ප යොදාගෙන ආකෘතියක් පරිදි නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ගැන අපි ආරම්භයේදී සොයාබැලූවා. එම ගණිතමය ආකෘතියට අනුව මෙම සංවේදකය අභ්‍යන්තරික ව්‍යුහය යොදන බලයට අනුව පාලනය කිරිමට හැකිවන පරිදි අප නව තාක්ෂණික මූලද්‍රව්‍ය වලින් සංවේදක කොටස් නිර්මාණය කළා. ඉන්පසුව මෙහි ක්‍රියාකාරීත්වය සහ ගති ලක්ෂණ පූර්ණ වශයෙන් විශ්ලේෂණය කළා. එය ඉතා සාර්ථකත්වයට පත්වුණා. මෙම සංවේදකය පරිශීලකයන්ගේ පහසුව සඳහා මයික්‍රෝ කොන්ට්‍රෝලරයක් සහිත ඉලෙක්ට්‍රෝනික පරිපථයක් හරහා නිකුත් වෙන විද්‍යුත් තරංග දත්ත හුවමාරු කෙරෙන යූ.එස්.බී. දත්ත හුවමාරු ක්‍රමය සහ විශේෂිතව නිපදවූ මෘදුකාංගයක් පරිගණකයට ස්ථාපනය කර මෙහි ඉලෙක්ටෝනික දත්ත දර්ශනය කිරීමට සහ නිරීක්ෂණය කිරීමට හැකිවන පරිදි වැඩි දියුණු කළා. | මෙම බල සංවේදකය නිපදවීමේදී මෙහි ආකෘතිය කුමන තාක්ෂණයෙන් නිර්මාණය කර තිබේද? | {
"answer_start": [
38
],
"text": [
"ත්‍රිමාණ තාක්ෂණයෙන්"
]
} |
4121d214-d7fa-4f65-bc0e-c38d476061b3 | ඉතිහාසයේ 1873 කියන අවුරුද්ද අපේ රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ කොලනියක් වෙච්ච යුගයේ එක් කාල පරිච්ජේදයක්. අන්න ඒ යුගයේ සර් විලියම් ග්‍රෙගරි කියන ආණ්ඩුකාරවරයා තාම ග්‍රෙගරි වැව ඉදි කරන්න මුල් වෙලා තියෙන්නේ. ඒ යුගයේ අද ග්‍රෙගරි වැව තිබුණු තැන තිබිලා තියෙන්නේ හිස් වගුරු බිමක්. ඒ හිස් වගුරු බිම නිල්වන් දියවර පිරුණු මහා වැවක් කළේ සර් ග්‍රෙගරි. ඒ වැව ග්‍රෙගරි ගේ බ්සම කියලත් හඳුන්වනවා. ඒ කාලෙත් සුදු පාලකයන් මේ වැවේ නොයෙකුත් ජල ක්‍රීඩා කර තිබෙනවා. අදත් එහෙමයි. විවිධ ජල ක්‍රීඩා වගේම බෝට්ටු සවාරි යන්නත් ග්‍රෙගරි වැවට සංචාරකයන් විශාල පිරිසක් එනවා. ඒ මෙතන තියන විවේකයට නිදහස් බවට හුඟක් සංචාරකයන් ප්‍රියකරන නිසා. ග්‍රෙගරි වැව පසුබිම්ව නිදහස් වර්ණවත් උද්‍යානයකුත් තියෙනවා. හැබැයි දැන්නම් ග්‍රෙගරි වැවේ මුහුණුවරත් ටිකෙන් ටික වෙනස් වෙලාද හිතෙනවා. ඒ විවිධ ආහාර පාන සහිත කඩ පේළියක්ම එහි ඉදිව ඇති නිසා, පුංචි බඩගින්නට කන්න රස රස කෑමත් එහි හිඟ නෑ. | ග්‍රෙගරි වැව ඉදි කරන්න මුල් වෙලා තියෙන්නේ කවුද ? | {
"answer_start": [
120
],
"text": [
"සර් විලියම් ග්‍රෙගරි"
]
} |
a1cb5714-7cfc-47a6-9978-e19f8f2e80ae | පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ෂෙහ්බාස් ෂරීෆ් කියා සිටියේ ඉන්දියාව සමඟ යහපත් සබඳතා පවත්වන්නේ කාශ්මීර අර්බුදය විසඳා ගැනීමට හැකි වුණොත් පමණක් බවය. 2019 වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය, කාශ්මීරය සම්බන්ධයෙන් පැවැති 370 වැනි වගන්තිය අහෝසි කිරීම ෂෙහ්බාස් ෂරීෆ්ගේ දැඩි දෝෂදර්ශණයට ලක් විය. කාශ්මීර නිම්නයේ ජීවත් වන මුස්ලිම් වැසියන්ට සිදුවන අසාධාරණකම් සහ කෙණෙහිලිකම් සම්බන්ධයෙන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවත්, රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඔවුන් වෙනුවෙන් හඩ නගන බවත් නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ෂෙහ්බාස් ෂරීෆ් පැහැදිලි කළේය. | ෂෙහ්බාස් ෂරීෆ් කුමන රටේ අග්‍රාමාත්‍යවරයා ද? | {
"answer_start": [
0
],
"text": [
"පාකිස්තානයේ"
]
} |
104cb32f-5dba-4384-b6b2-0c8fbd25a3ce | ගම්මානය අසලින් මුහුදට ගලා බසින යාන් ඔය මෝය කඩොලානවලින් බහුල පරිසර පද්ධතියක. ඉතා විශාල වපසරියක පැතිරී ඇති මේ කඩොලාන පරිසර පද්තිය වඩදිය බාදිය හේතුවෙන් වරින් වර මුහුදු ජලය හා සම්මිශ්රනය වී කළපුවක් ආකාරයනේ ක්‍රියා කරයි. එවැනි පරිසර පද්ධතියක් යනු මාළුන්ට, ඉස්සන්ට, කකුළුවන්ට හා බෙල්ලන්ට තෝතැන්නකි. බොහෝ කරදිය මසුන් ද කලපු පරිසරයේ තම වර්ගයා බෝ කිරීම සඳහා බිත්තර දැමීමට පැමිණේ. අතීතයේ සිට කල්ලරාව වෙරළ අසල මුහුදු තීරය ගැහැනු මුහුද යැයි නම් ලබන්නට ඇත්තේ යාන් ඔය විසින් නිර්මාණ කර ඇති මේ සුවිසල් කඩොලාන පරිසර පද්තිය හේතුවෙන් විය යුතුය. | මාළුන්ට, ඉස්සන්ට, කකුළුවන්ට හා බෙල්ලන්ට තෝතැන්නක් වන්නේ කොහේද? | {
"answer_start": [
187
],
"text": [
"කළපුවක්"
]
} |
d9feaad5-9cb8-44bd-8f2e-70c2509fd3c8 | මෙම තත්ත්වය කෙසේ වෙතත් ගිරංචියාගේ නීතිමය තර්කය ගාලු දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. දඬුවම ලෙස රුපියල් හැත්තෑවක දඩයක් නියම කරන ලදී. එකල මෙය ඉතා ඉහළ මෙන්ම සාමාන්‍ය බෙරකරුවකුට දරාගත නොහැකි මුදලක් විය. එබැවින් මෙහි අරමුණ මෙම පිරිස සිරගත කිරීම බව පැහැදිලිය. එහෙත් ඔවුන්ට සිරගතවීමට ඉඩ නොතැබූ බුලත්ගම හිමියන් මෙම දඩ මුදල ගෙවා දමන ලදී. එතෙකින් නොනැවතුණු බුලත්ගම හිමියන් චූලාලෝංකෝන් රජුට ලිඛිතව පැමිණිල්ලක්ද යැවූහ. මේ කරුණ සැලකිල්ලට ගත් එම රජු ලංකාලෝකය නම්වූ ලංකාවේ පළමු පුවත්පත පටන් ගැනීමට පළමු ආධාරය ලෙස පගෝදි පනහක මුදලක් පරිත්‍යාග කරන ලදී. ඒ අනුව බද්දේගම ගිරංචියා ඇතුළු පිරිසගේ විරෝධතාවය නොවෙන්නට ලංකාවේ පළමු සිංහල පුවත්පත ආරම්භ නොවීමටද ඉඩ තිබුණි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයාට එරෙහිව එමෙන්ම ලංකාවේ නිදහස වෙනුවෙන් මහත් මෙහෙයක් කළ ලංකා ලෝකය පුවත්පත ඇරැඹුණේ ගිරංචියා සිදුකළ මෙම ක්‍රියාව නිසාවෙනි. | ගිරංචියා සිදුකල මෙම ක්‍රියාව නිසා ඇරඹුනු පුවත් පත කුමක්ද? | {
"answer_start": [
728
],
"text": [
"ලංකා ලෝකය පුවත්පත"
]
} |
4ba2bd63-a4e5-4e56-9c38-aa90becc8ea0 | තවමත් එක් තුවක්කරුවකු සොයා මෙහෙයුම් දියත් කරන බව කී අමාත්‍යවරයා ජනතාවට තමන් සිටින ස්ථානවලටම වී සිටින්නැයි ද අවධාරණය කළේය. ප්‍රහාරකයන් ආයුධ සන්නද්ධ ව ඇතැයි ද හෙතෙම අනතුරු ඇඟවීය. ඔස්ට්‍රියාවේ වේලාවෙන් රාත්‍රී 8 පමණ වෙඩි තැබීම ආරම්භ වී තිබෙන අතර අලුයම 1 වන තුරුත් එක් ප්‍රහාරකයකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක විය. ප්‍රහාරයෙන් තුවාල ලැබූ හත්දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි වියානා නගරාධිපති මයිකල් ලුඩ්විග් පැවැසීය. තුවාල ලැබූ ගණන මෙන්ම මරණ ගණන වැඩි විය හැකි යැයි ද ඔස්ට්‍රියා බලධාරීහු කීහ. පොලීසය කළ වෙඩි තැබීමකින් එක් තුවක්කුකරුවකු මියගිය බව පොලිසිය සඳහන් කළේය. ඔහු අත තිබී රයිෆලයක්, පිස්තෝල සහ පුපුරණ ද්‍රව්‍ය මෙන්ම පුපුරණ ද්‍රව්‍ය සහිත ඇඳුම් කට්ටලයක් ද තිබූ බව පොලිසිය සඳහන් කළේය. කෙසේ නමුත් පුපුරණ ද්‍රව්‍ය සහිත ඇඳුම් කට්ටලය ව්‍යාජ එකක් බව පොලිසිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පසුව සඳහන් කළේය. | ප්‍රහාරකයෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළේ කීය වනතුරුද ? | {
"answer_start": [
243
],
"text": [
"අලුයම 1 වන තුරුත්"
]
} |
e7b73187-4327-49fa-b3b8-8027b1fbdee1 | කේක් නොකන මිනිසුන් බොහොමයකගෙ හේතුව වෙන්නෙ අකමැත්ත නොව බය කියන කාරණයයි. ඒ සීනි නිසා ඇතිවන ලෙඩ රෝග නිසායි. සීනි සහ නෙකුත් ලෙඩ රෝග අමතක වෙලා යන තරමෙ රසක් තියෙන කේක් කන්න කොළඹ අවටින් ජොයින්ට් 7ක් මේ විදියට ගේන්නෙම ඒ නිසායි. මේ කියන කේක් කඩ 7ම කේක්වලට අතිශ්‍ය ප්‍රසිද්ධ සේම කේක් වෙනුවෙන්ම වැඩි ඉඩක් වෙන්වුනු කඩ. තෝරාගත් සමාජයක් තුළ හැරෙන්නට අප්‍රසිද්ධ මේ කඩ 7 එකම වගේ ඉහළ ගුණාත්මකබවකින් යුතු කේක් ලබාදෙන බව නම් සැකයකින් තොරව පැවසිය හැකියි. කොල්ලුපිටියෙ තියෙන මේ කේක් කඩේ කේක්වලට අති ප්‍රසිද්ධයි. චොකලට් කේක්වල නියම චොකලට් ගතිය තියෙනවා වගේම චොකලට් ප්‍රේමීන්ට චොකලට් මඩ් කේක් එකත් නියමෙටම ගැලපෙනවා. හමිංබර්ඩ් කේක් එකත් අති ජනප්‍රියයි. ඒ වගේම කප්කේක් ලෝලීන් මෙතන අනිවාර්ය අවන්හලක් විදියට භාවිතා කරනවා. රෙඩ් වෙල්වට් කේක් එකට උඩින් ක්‍රීම් චීස් ෆ්රොස්ට් එක දාපු කප් කේක් එක අති ප්‍රසිද්ධයි. ඒ වගේම හැම කප් කේක් එකක් වගේම රසයි. කවුරුත් නොහිතන වැනිලා කප් කේක් එක පවා. නියම සොෆ්ට්. සීනි රසක් මහ ලොකුවට නැති, නියම රස කේක්. ආයෙ ආයෙ වියදං කරන්න සල්ලි නැත්තං චීස් කේක් කාලා හිත රිද්දවගන්න එපා. | චීස් කේක් කාලා හිත රිද්දවගන්න එපා. යැයි කියන්නේ ඇයි? | {
"answer_start": [
910
],
"text": [
"ආයෙ ආයෙ වියදං කරන්න සල්ලි නැත්තං"
]
} |
753b2028-b5b5-4422-82e7-6b4e8c0392ec | හැම අවස්ථාවකදීම හාස්‍ය රසය හොයන කලාකරුවො ඉන්නවනෙ. මේ අයට පුලුවන් හැම වචනයක්ම වෙනත් අර්ථයක් දෙන විදිහට පෙරලන්න. මෙන්න මේ වගේ ශිල්පියෙකු පහුගිය දවසක ගියාලු එයාගෙ ඇස් කන්නාඩි මාරු කරගන්න. ඊට කලින් ඔහුගේ ඇස් පරීක්ෂාවට ලක්කළ සේවිකාව කිව්වලු සර්ගෙ පව එක නම් ටික වැඩි කරගන්න වෙයි කියලා. පිස්සුද මිස්, එහෙම කරන්න එපා. අපි රැස් කරගෙන තියෙන පව හොඳටෝම ඇති. පුලුවන් නම් ටිකක් පින වැඩි කරලා දෙන්න. | හාස්‍ය රසය සොයන ශිල්පියා පහුගිය දවසක ගියේ කුමක් සඳහා ද? | {
"answer_start": [
160
],
"text": [
"ඇස් කන්නාඩි මාරු කරගන්න"
]
} |
9211a4cf-f8c8-460a-9deb-fa65f4bd50ea | මෙය නිපදවීමේදී මයික්‍රෝ නැනෝ සංවේදක නිපදවීම පිළිබඳව පුළුල් ඇත්දැකීම් සහිත මොරටුව විශ්ව විද්‍යාලයේ මෙකාට්‍රොනික්ස් සම්බන්ධීකාරක, යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය රංජිත් අමරසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙය නිර්මාණය විය. මේ සඳහා ද්‍රව්‍ය හා විද්‍යා ඉංජිනේරු අධ්‍යනාංශයේ අංශ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් වේරගොඩ සහ ජපානයේ සපෝරෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අට්සුශි මිටානි යන මහත්වරුන්ගේ සහායද ලැබිණි. ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය බොහෝ දුරට ගෘහ නිර්මාණ ශිල්පීන්, ග්‍රැෆික් නිර්මාණකරුවන්, පාසල් දරුවන් විසින් නොයකුත් අනුරූ නිර්මාණය කිරීමට යොදාගත්තද සංවේදකවල අභ්‍යන්තරික ව්‍යුහාත්මක ලක්ෂණ පාලනය කරන ක්‍රමවේද සිදුකිරිමට යොදා ගන්නා ප්‍රවණතාව ඉතා අඩු මට්ටමක පවතී. ඒ අභියෝගයට මුහුණදෙමින් බල සංවේදකයේ අභ්‍යන්තරික ව්‍යුහාත්මක ලක්ෂණ ගණිත සංකල්ප සහ සමාකෘතික ක්‍රමවේද උපයෝගී කරගෙන එහි සැකැස්ම නිර්මාණය කළ අතර පසුව ත්‍රිමාණ තාක්ෂණයෙන් මෙහි මූලික කොටස් ඔවුහු නිපද වුහ. | ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය අනුරු නිර්මාණය කිරීම සදහා යොදා ගන්නේ කවුරුන් විසින්ද ? | {
"answer_start": [
480
],
"text": [
"ග්‍රැෆික් නිර්මාණකරුවන්, පාසල් දරුවන්"
]
} |
a12c9151-84f6-4586-a14b-6dd45c98f706 | ෂිමෆෝර් සංඥා ප්‍රථම වරට ලන්ඩන් හා ක්රෝයිඩොන් දුම්රිය මාර්ගය සඳහා යොදාගනු ලැබුවේ චාල්ස් හුටන් ග්‍රෙගරි විසින් 1830 වර්ෂයේදී. මෙම ෂිමෆෝර් සංඥා ක්‍රමය දුම්රිය මාර්ග සඳහා ඉතාමත් සාර්ථක සංඥා ක්‍රමයක් බවට පත් වුණ නිසා 1908 වන විට එම සංඥා ක්‍රමය ඇමරිකාව දක්වාද ව්‍යාප්ත වී තිබුණා. ඒ අතර ලංකාවට ද බ්‍රිතාන්‍යයන් විසින් දුම්රිය මාර්ග හඳුන්වා දීමෙන් පසු මෙම සංඥා ක්‍රමය ශ්‍රී ලංකාවේ ද බහුලව අද දක්වාම භාවිතයට ගැනෙනවා. ඒ අතර අද විදුලි සංඥා පද්ධතියක් ද ලංකාවේ භාවිතයට ගන්නවා. දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථානයක් ආසන්නයේ හෝ දුම්රිය හන්දියක් ආසන්නයේ මීටර් 300ක් පමණ දුරින් මෙම ෂිමෆෝර් සංඥා පද්ධති දෙකක් දෙපැත්තේ සවි කරලා තියෙනවා. දුම්රිය මාර්ගයේ මෙම ෂිමෆෝර් සංඥා අත සවි කරලා තියෙන්නේ දුම්රිය මාර්ගයේ වම් අත පැත්තේයි. අපේ ලංකාවේ නම් කොළඹ සිට යනකොට වම් අත පැත්තේ. මොකද දුම්රිය මාර්ගය සෑම විටම ලංකාවේ දී ආරම්භ වන්නේ කොළඔ කොටුවෙන් නිසා. ඒ වාගේම සිග්නල් අත සෑම විටම දුම්රිය මාර්ගයෙන් පිටතට තමයි සවි කරලා තියෙන්නේ. මෙයට හේතුව දුම්රිය රියැදුරු බොහෝ විට ගමන් කරන්නේ වම් පස අසුනේ වීම නිසා වෙන්නට පුළුවන්. | ලංකාවට දුම්රිය මාර්ග හඳුන්වා දුන්නේ කවුරුන් විසින් ද? | {
"answer_start": [
289
],
"text": [
"බ්‍රිතාන්‍යයන් විසින්"
]
} |
cfef1f9e-13f2-45b4-b580-7b0fa70a9c0d | ප්රශ්නය - ඔබේ දරුවා පිළිසිඳ ගැනීමෙන් පසු ඔබට ඇති වූ විශේෂ ආශාවන් මොනවාද? පිළිතුර - මව් කුසට මාස හයක් පමන වූ විටදී පූජනීය ස්ථානවලට යෑමට තද බල ආශාවක් ඇති වුණා. ප්රශ්නය - අනෙක් දරුවන් බිහිවීමට සිටියදී එවැනි ආශාවන් ඇතිවූයේ නැද්ද? පිළිතුර - නෑ ප්රශ්නය - එවැනි විහාරස්ථානවලට ගොස් සිදු කළ වැඳුම් පිදුම් මොනවාද? පිළිතුර - ඇතැම් විට භාවනා කටයුතු වැනි දේටත් ආශාවක් ඇතිවුණා. ප්රශ්නය - ශීල ව්‍යාපාර වැනි දේටත් සම්බන්ද වූවාද? පිළිතුර - ඔව්, දහම් කටයුතු වලට වැඩි වශයෙන් සහභාගි වූවා. ප්රශ්නය - දරුවා ඉපදීමට ප්‍රථම ඔබට ආහාර වර්ග කිසිවක් පිළිබඳව විශේෂ කැමැත්තක් තිබුණද? පිළිතුර - ඔව් මට කිරිබත් කෑමට දැඩි ආශාවක් ඇති වුණා. ප්‍රශ්ණය - දරුවා මගින් ඔබ දුටු ඔහුගේ විශේෂ හැසිරීම් රටා මොනවාද? පිළිතුර - ඉතා කුඩා කල සිට ඇඳ මත වාඩි වී භාවනා කරන අයුරින් සිටියා. ප්රශ්නය - ඒ ගැන ඔබ සිතුවේ කුමක්ද? පිළිතුර - කිසිවක් සිතන්නට බැරි වුණා. ප්රශ්නය - විහාරස්ථානවලට යෑමට ඔහු තුළ තිබූ ආශාව කෙසේද? පිළිතුර - ඔහු නිතර පන්සලට යෑමට දැඩි ආශාවක් දැක්වූවා. ප්රශ්නය - ඔහු පෙර භවයක් ගැන හෙළි කළ තොරතුරු මොනවාද? පිළිතුර - එයා පොඩි කාලෙ කාර් එකට කිව්වේ බෙල් කියල. දවසක් කිව්වා කෝච්චියක් ඇවිත් ඩොග් ගාල හැපුණා කියල. එයා පුදුම විදිහට කෝච්චිවලට බියකුත් දැක්වූවා යයි එදා එම දරුවාගේ මව අප සමග හෙළි කළාය. | දරුවා ඉපදීමට පෙර කෑමට දැඩි ආශාවක් ආවේ මොනවාද ? | {
"answer_start": [
575
],
"text": [
"කිරිබත්"
]
} |
18b12f4f-6dda-4baf-826e-6cf65628ece1 | තම ජීප් රිය බෝගහ හන්දිය දෙසට අඟලකුදු යා නොහැකි ලෙස පාර පුරා ජනකායක් වූ බැවින් පොලිස් පරීක්ෂකවරයා තම ජීප් රථයෙන් බැස්සේ පොලිස් පරීක්ෂක ශ්‍රීලාල් උපේන්ද්‍ර සහ උප පොලිස් පරීක්ෂක නෙවිල් ඇන්ටනි සමගය. ගතවූයේ තත්පර ගණනකි. සියරට බීම සාප්පුවේ බිත්ති ඔරලෝසුව පස්වරු 4.30 ට කම්පනයෙන් නවතිද්දී මුළු පළාතම දෙවනත් කරමින් ෆෝර්ඩ් කාරයේ වූ බෝම්බය පුපුරා ගියේ සිය ගණනකගේ ජීවිත අහිමි කරමිනි. එය කොළඹ පිපුරූ එවැනි වර්ගයේ පළමු බෝම්බය විය. පසුව හෙළිවූයේ බෝම්බයේ බර කිලෝ හැටක් පමණ වූ බවය. පිටකොටුව මහා බෝගහේ කොළ හැළී තිබිණි. බස් නැවතුම්පළේ එක් කොටසක් ගිනිගෙනය. පෙර පැවති පරිසරය ඒ අවට නැත. එය අමු සොහොන් පිට්ටනියක් බවට පත්ව ඇත. මළ සිරුරු සහ තුවාලකරුවන් සෑම තැනය. ඔවුන්ගේ සිරුරු තෙරපී කැළතී විසිරී ඇත. බස් නැවතුම්පළේ විවේකාගාරයේ කෙටි නින්දකට වැටුණු මගීහු සදාකාලික නින්දට වැටී සිටියහ. | පොලිස් පරීක්ෂකගේ නම කුමක්ද ? | {
"answer_start": [
134
],
"text": [
"ශ්‍රීලාල් උපේන්ද්‍ර"
]
} |
82680d4d-ccb3-4db7-9cba-20888a6a65de | යන්තම් අවුරුදු එකොළහක් වූ පුංචි කොලු ගැටයකු ඇමෙරිකාවේ කොටස් වෙළෙඳ පොළේ සමාගමක කොටස් මිල දී ගත්තා යැයි කීවොත් ඔබ පුදුම වනු ඇත. නමුත් එය එසේම සිදුවිය. එලෙස කොටස් වෙළෙඳපොළට අවතීර්ණ වූ කොලු ගැටයා අද වන විට කොටස් ආයෝජන ක්ෂේත්රයේ සියලු දෙනාම දන්නා නාමයක් බවට පත්ව ඇත්තේ ලෝකයේ කෝටිපතියන් අතර තෙවැනියා බවට පත්වෙමිනි. බෆට් ආයෝජන ක්ෂේත්රයට පිවිසෙන්නේ සිය පියාගේ අඩිපාරේ යමිනි. ඔහුගේ පියා එවකට ඇමෙරිකාවේ කොටස් වෙළෙඳ පොළේ ආයෝජන උපදේශකයකු ලෙස කටයුතු කරන ලද පුද්ගලයෙකි. පියාගේ කාර්යාල කාමරය සැකසී තිබුණේ ආයෝජන හා කොටස් වෙළෙඳ පොළ පිළිබඳ වගු, සටහන් සහ විවිධ සලකුණු වලිනි. | සිය පියාගේ අඩිපාරේ යමින් ඔහු පිවිසෙන්නේ කුමන ක්ෂේත්රයටද? | {
"answer_start": [
314
],
"text": [
"ආයෝජන ක්ෂේත්රයට"
]
} |
d4511f29-7ba6-4067-ba78-a4203e4abc8a | නැගෙනහිර පළාතේ 19 වැනි බළ ඇණියේ අණදෙන නිලධාරි මේජර් මැක්ඩොනල්ඞ් සහ ඌව, වෙල්ලස්ස, බින්තැන්න, පළාත භාර බලයට ලත් ඒජන්තවරයා වූ හෙන්රි රයිට් මහතා අසන ලද ප්‍රශ්නවලට උත්තර දෙමින් කතරගම හිටපු මහ බෙත්මේ සඳහන් කර ඇති පරිදි විල්සන් මහතා ඝාතනයට කොහුකුඹුරේ හවුල්වී තිබේ. හීයකින් විඳීමෙන් පසු විල්සන් මහතාගේ බෙල්ල කපන ලද්දේ කොහුකුඹුරේ රටේ රාලගේ කීම පිට බවද මහ බෙත්මේ සඳහන් කර තිබේ. කොහුකුඹුරේ හා බූටාවේ සුදු හමුදාවට එක්ව සිටි මැලේ ජාතිකයන් තම පැත්තට හරවා ගැනීම සඳහා උපක්‍රම යොදමින් සිටි බවට සුදු පාලයකයන්ට තොරතුරු ලැබිණ. | විල්සන් මහතා ඝාතනයට කොහුකුඹුරේ හවුල්වී ඇති බව කියන්නේ කවුද? | {
"answer_start": [
172
],
"text": [
"කතරගම හිටපු මහ බෙත්මේ"
]
} |
b3ee5442-bc28-4fb8-ab12-14c60503fc79 | සමහර කාලවලදී වන්දනා නඩ මඟුල් මහා විහාරයේ නවාතැන් ගන්නවා. මඟුල් මහා විහාරය කියන්නේ කාවන්තිස්ස රජ්ජුරුවොයි, විහාර මහාදේවියයි විවාහවෙලා මධුසමය ගතකරපු තැනයි. එකේ ගල්ලෙන් කිහිපයක් තියෙනවා විශාල ගල් පර්වතයක් මැදිකරගෙන තමයි විහාරය කාවන්තිස්ස රජ්ජුරුවෝ හදලා තියෙන්නේ. මේ තැන් අද වනවිට යාල වනෝද්‍යානයේ යටතට හසුවෙලා තියෙන්නේ. ඒකාලෙත් මේතැන්, යාල වුණාට අපිට ඒ ගැන නිච්චියක් නැහැ. අපට ඉතිං මේ මූකලං වනාන්තර දැකලාම දෑසට සතා සීපාවා ගහකොළ හොඳට පුරුදුයි. සිතුල්පව්වට යන මාර්ගය පුරාවටම අලි ඇතුන් ඕන තරම් කරක් ගහනවා. දැන් අද කාලේ වාගේ නිතරම මිනිස්සු මරන්න අලි ආවේ නැහැ. හැබැයි, මද කිපුණු අලි නාම්බෙක් හමුවුණොත් ටිකක් කරදර තමයි. ඒත් ඒ කාලේ මේ වගේ අලි මන්තර කියලා වල් අලි දපනෙ දාගන්න අපේ වැඩිහිටියෝ කටයුතු කරලා තියෙනවා. | වල ඇලි හමුවූ විට ඔවුන් මෙල්ල කර ගැනීමට කලේ මොනවාගෙන්ද | {
"answer_start": [
628
],
"text": [
"අලි මන්තර කියලා"
]
} |
2fb332c7-8da9-41d7-95e5-c95033abec0f | කොස්ගොල්ල කන්ද තරණයේදී කුඩා ගුහාවක් හමු වූ අතර ගල් පඩි පෙළ තරණයේදී පවා ඈතින් ගුහාවක් දැක ගැනීමට අපට ලැබුණි. තවද අලි වසුරු එක් ස්ථානයකදී දැක ගත් අතර මොරයාය ගමට සේන්දු වන ඉසව්වේ පවා විදුලි වැටක් දැක ගැනීමට ලැබුණි. වන අලි තර්ජන දෙපස ගම්මානවලට ඇති බැවින් සමහර ගම්වාසීහු දර කැඩීමට හෝ කැලයට ඇතුළු වීමට බියක් දක්වති. කෙසේ හෝ අප නඩය සවස 5 වන විට මොරයාය ඉදි කරමින් පවතින ජල ටැංකිය අසලට පැමිණියෙමු. පසුව අසලින් ගලාගෙන යන ඔයෙහි බැස ගත පිරිසිදු කර ගත්හ. කොස්ගොල්ල කඳු වැටිය හරි අපූරුවට මෙහිදී අපට දැක ගත හැකි වූ අතර ක්‍රමයෙන් අන්ධකාරය ප්‍රදේශයට ගලමින් තිබුණි. වන අලි බිය අප සිත් තුළ තිබුණද කිසිදු වන අලි තර්ජනයක් නොමැතිව මෙම අඳුරු වනය ඔස්සේ අප පැමිණි බව ගම්වාසීන්ට පවා පුදුම දනවනසුලු විය. දහ අට වංගුව මාර්ගය නිසාවෙන් ගල් පඩි පෙළ මාර්ගය වර්තමානය වනවිට කිසිවෙකුත් භාවිත කරන්නේ නැත. විශේෂයෙන් මොරයාය ප්‍රදේශයේ බොහෝ දෙනෙකු කිසි දිනෙක ගල් පඩිපෙළ හරහා ඉඩමකැලේ ගමට හෝ උඩුදුම්බරට ගොස් නැත. නමුත් ඉඩමකැලේ ගමෙන් ඉතාමත් කලාතුරකින් කවරෙකු හෝ මහියංගණයට මෙම මාර්ගය හරහා පැමිණෙන බව අපි දැනගත්තෙමු. | විදුලි වැටක් දැකගන්නට හැකි වුනේ කිනම් ගමේද? | {
"answer_start": [
148
],
"text": [
"මොරයාය"
]
} |
ee3137bc-14e7-40fe-997f-4488642d1c89 | ජීවයේ පැවැත්මට සුදුසු පරිදි පෘථිවිය මත ඔක්සිජන් ඇතිවීමට වසර ලක්ෂ 1000ක් පමණ ගත වූ බව පර්යේෂකයෝ කියති. පෘථිවියේ ඇති පාෂාණ සාම්පල පරීක්ෂා කරමින් ඔවුහු ඒ බව කියති. අද ඇති ඔක්සිජන් මට්ටමෙන් සියයට 10ක් ඇති වීමට මේ කාලය ගත වූ බව ඔවුහු කියති. විද්‍යාඥයන් පවසන්නේ වසර බිලියන 3.5ත් වසර මිලියන 600ත් අතර කාලයේ පෘථිවියේ සිටියේ ඔක්සිජන් අවශ්‍ය නොන නිර්වායු ස්වසනයෙන් ජීවත් වන සත්ත්වයන් බවයි. කෙසේ වෙතත් වසර වසර ලක්ෂ 6000ක කාලයේ සිට කේම්බ්‍රිය පිපිරීම ලෙස හදුන්වන සත්ත්ව ජිවිත පරිනාමය සිදුව ඇති බවත් ඒ කාලයේ දී ඔක්සිජන් ඉහළ මට්ටමේ තිබූ බවත් පර්යේෂකයෝ කියති. | ජීවයේ පැවැත්මට සුදුසු පරිදි පෘථිවිය මත ඔක්සිජන් ඇතිවීමට ලක්ෂ 1000ක් පමණ ගත වූ බව පවසන්නේ කවුද? | {
"answer_start": [
85
],
"text": [
"පර්යේෂකයෝ"
]
} |
afb5764e-27a4-4934-90e7-ce2cf029ed7d | මොවුහු මත්ද්‍රව්‍ය බෙදාහැරීමේදී අද වන විට ජීපීඑස් තාක්ෂණය පවා යොදාගන්නා බවටද ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ. එමගින් ගනුදෙනුකරුවා පැමිණ සිටින ස්ථානය තහවුරු කරගන්නා ජාවාරම්කරු අවශ්‍ය ද්‍රව්‍ය එම ස්ථානයට සපයා ඊසිකෑෂ් ක්‍රමයට මුදල් ලබාගැනීම සිදුකරනු ලබති. අංගොඩ ලොක්කා ලංකාවට එවන කුඩුවලට අදාළ මුදල් මෙරට සිටින මධූෂ්ගේ ගෝලයන් එකතු කරගනු ලබන්නේ ඊසිකෑෂ් ක්‍රමයට වන අතර ඒ මුදල් මධූෂ්ට යවන්නේ උණ්ඩියල් ක්රමයටය. ඒ සඳහා මැදිහත්ව තිබෙන්නේ පසුගිය මාර්තු 16 වැනිදා අලුත්කඩේ නුරානියා වීදියේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ මොහොමඩ් රිස්වාන් විසින් බවටද මේ වන විට තොරතුරු හෙළි වෙමින් පවතී. | එමගින් තහවුරු කර ගන්නේ කුමක්ද | {
"answer_start": [
115
],
"text": [
"ගනුදෙනුකරුවා පැමිණ සිටින ස්ථානය"
]
} |
9a7e77f1-0663-43d0-9cc8-9512c6cfa8cc | තමා සුඛෝපබෝගි නිවසක් සහිත ඉඩමක් මිලදී ගත් බවත්, තම වැඩිමහල් පුතා ඉංජිනේරුවකු වශයෙන් සිංගප්පූරුවේ සේවය කරන බවත්, දෙවැනියා වෛද්‍යවරයකු බවත් තුන්වැන්නා පරිපාලන සේවයේ රැකියාවක නිරතවන බවත්, තිදෙනාම විවාහ වී ඇති බවත් සිරිදාස මට වැඩිදුරටත් පැවසීය. දැන් තමාත් බිරිඳත් පමණක් ගෙදර සිටින බවත් අද ඇස්වලට බෙහෙත් ගැනීම සඳහා කොළඹට පැමිණි බවත් ඔහු පැවසීය. දෛනිකව වසර ගණනාවක්ම ඇස්වලට මී පැණි දැමීම නිසා තම ඇස්වල පෙනීම අඩුවීගෙන යන බවත් සිරිදාස තවදුරටත් මා සමග පැවසුවේ ශෝකාන්විත ලෙසයි. ඇස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් දිගටම ප්‍රතිකාර කළමුත් දීර්ඝ කාලයක් දිගටම ඇස් දෙකට මීපැණි දැමීම නිසා ඇස් දෙකේම පෙනීම නැති වී සදාකාලික අන්ධයකු ලෙස ජීවිතය ගෙවන බව ඔහු බැලීමට ඔහුගේ නිවසට ගියවිට මට දැනගන්නට හැකිවිය. | සිරිදාස මිලදී ගත්තේ කුමක්ද? | {
"answer_start": [
4
],
"text": [
"සුඛෝපබෝගි නිවසක් සහිත ඉඩමක්"
]
} |
0133643c-08bd-4c79-9364-f7943a272125 | පෙර භව නිවසට ගිය ගමන පිළිබඳවත් එහිදී සිදුවූ හඳුනා ගැනීම් ගැනත් ඉන්දීය පුවත්පත් කීපයක් ද වාර්තා පළ කළේය. 1965 නොවැම්බර් මාසයේ දී ඇගේ පුනර්භව සාධකය පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ලැබිණි. අනතුරුව ඉන්දීය පුනර්භව පර්ෙය්ෂකයෙකු වූ ආචාර්ය බැනර්ජි ද ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කළේය. එම විමර්ශන තොරතුරු ඔහු විසින් පර්යේෂණ වාර්තාවකට ද ඇතුළත් කළේය. ඉන් අනතුරුව තවත් පුනර්භව පර්යේෂකයන් පිරිසක් මෙම පුනර්භව සාධකය දැඩි විමර්ශනයකට ලක්කළහ. පෙරභවය හෙළි කළ දරුවන් අතරින් නැටුම් විලාශයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙරභවය හෙළි කළ ප්‍රථම දැරිය වූයේ ද ඇයය. හැසිරීම් රටාව පෙරභවය හා සම්බන්ධ බවට ඇගේ පුනර්භව සාධකය ප්‍රබල සාක්කියක් විය. මහාචාර්ය ස්ටීවන්සන් ද මෙම දැරිය පිළිබඳව සියුම් පර්ෙය්ෂණයක් පැවැත්වීය. ඉන්පසුව ඇගේ පුනර්භව සාධකය ඔහුගේ පර්යේෂණ වාර්තාවකට සහ ග්‍රන්ථයකට ද ඇතුළත් කර ඇත. | පෙර භව නිවසට ගිය ගමන පිළිබඳවත් එහිදී සිදුවූ හඳුනා ගැනීම් ගැනත් සඳහන් කළේ කවුද? | {
"answer_start": [
63
],
"text": [
"ඉන්දීය පුවත්පත්"
]
} |
82ce7058-e4f7-4bf2-a2e9-7c8d0993aed0 | මේ සිද්ධීන්ට පාදක වූ මුල් සිද්ධිය පක්ෂපාතීත්වයකින් තොරව මම දැඩි ලෙස හෙළා දකිනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කරන්න නිසි කටයුතු කරන්නටත් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.ඒ කෙසේ වෙතත් ඉන් පසුව සිදු වූ මිනීමැරුම්, පහරදීම්, බිය ගැන්වීම්, දේපළ විනාශ කිරීම් ඇතුළු මේ ම්ලේච්ඡ සිදුවීම් මාලාව කිසිසේත්ම සාධාරණීයකරණය කිරීමට හැකියාවක් නැහැ. මෙම සිද්ධිය සිදුවූ මොහොතේ ඉදලා ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක මණ්ඩලය සම්බන්ධ කර ගනිමින් මම රට සාමකාමී කරන්න පියවර ගනිමින් සිටිනවා. | රට සාමකාමි කරන්න පියවර ගන්නේ කාව සම්බන්ධ කර කරගෙනද? | {
"answer_start": [
448
],
"text": [
"ආරක්ෂක මණ්ඩලය"
]
} |