id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
f95a62be-0813-4ffc-88a9-d74aa13da74f
චන්ද්‍රා නොදැක සිටීමත් ඇගේ ප්‍රිය සල්ලාපයෙනුත් ඈත්වී සිටි රංජිත් බලවත් සංතාපයට පත් විය. දිනක් චන්ද්‍රා කොළඹ දී රංජිත්ට හමුවීමට අවස්ථාව සැළසුණි. මේ හමුවීම දුටු වික්ටර්ගේ කෝපයත් ක්‍රෝධයත් දස දහස් වාරයකින් දැඩි විය. මේ සම්බන්ධය වහාම නතර කරන්නැයි රංජිත්ට තර්ජනය කිරීමෙන් සෑහීමකට පත් නොවූ වික්ටර් ඔහුට පහර දුන්නේය. රංජිත්ගේ හා චන්ද්‍රාගේ පෙම් සබඳතාව නොබිඳිය හැකි බව සක්සුදක්සේ දැනගත් චන්ද්‍රාගේ මව වික්ටර් සමග එක්වී රංජිත් තම පියාගේ ව්‍යාපාරික කටයුතුවලින් නෙරපා දැමීමට උත්සාහ ගත්හ. අවංක සේවකයකු වූ රංජිත් රැකියාවෙන් අස්කිරීමට පෙර මේ සම්බන්ධය නතර කරන ලෙස ගුණරත්න අවවාද කෙළ්ය. ගුණරත්නට අවශ්‍ය වූයේ වික්ටර් හා චන්ද්‍රාගේ විවාහය ඉක්මණින් කිරීමටය.
චන්ද්‍රා නොදැක සිටීමෙන් සහ ප්‍රිය සල්ලාපයෙන් ඈත්වීමෙන් බලවත් සංතාපයට පත්ව සිටියේ කවුද?
{ "answer_start": [ 58 ], "text": [ "රංජිත්" ] }
2525c1e4-322a-4e77-a067-e1e1f6f52cf2
කෘත්‍රිම ස්වසනය දී ඔහු බේරාගැනීමට ගත් උත්සාහය පවා අසාර්ථක විය. යානය ටෙල් අවිව්හි ගොඩබෑමට පෙරම අපරාධකරු මිය ගොස් සිටියේය. ඔහුගේ සිරුර ඊශ්‍රායලයෙන් දුරස්ථ කලාපයකදී මුහුදට අතහරිනු ලැබිණි. කෙසේ නමුත් අනපේක්ෂිතව සිදු වූ මරණය නිසා මොසාඩ් මූලස්ථානය කැලඹිල්ලට පත් විය. ඉස්සේර් වහා අගමැති මුණගැසී ඔහුගේ මරණය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා සිටියේය. අගමැතිවරයා පත් කළ ද්විපුද්ගල කමිටුව මගින් එම මරණයට හේතුව ලෙස කියැවුණේ නිද්‍රාජනක ඔසු අනවශ්‍ය මට්ටමින් ශරීරගත වීමයි. නමුත් එයින් වසර ගණනාවකට පසුව වෛද්‍යවරයාගෙන් සැබෑ හේතුව විමසන ලදුව ඔහු කියා තිබුණේ යානය තුළ වූ පීඩනයේ වෙනස්කම් හේතුවෙන් මගියා මියගිය බවය. මොසාඩ් නිලධාරීන් ඊශ්‍රායල්ගේ ලිපි ලේඛන පරීක්ෂා කිරීමේදී හෙළිවූයේ ඔහු දකුණු අප්‍රිකාවට යාමට සැලසුම් කර තිබූ බවයි. ඔහුගේ බෑගයේ තිබී බ්‍රසීලයට යාමට ගත් නැව් ටිකට්පතක්ද හමුවිය. ඔවුන් මුහුණ දුන් ඊළඟ ගැටලුව වූයේ පවුලේ අයට සත්‍ය කියනවාද නැද්ද යන්නයි. සත්‍යය කීමට අපොහොසත් වූ බැවින් ඔවුහු අපරාධකරු පිළිබඳ කතාව යට ගැසූ අතර ඊට අගමැතිවරයාගේ ද සම්පූර්ණ සහය ලැබිණි. ඔහුගේ වංචා හා පෙම් හබ ගැන වාර්තාවලින් පුවත්පත් පිරී ගියේය.
මෙම මරණය නිසා කැලඹිල්ලට පත්වූයේ කුමන මූලස්ථානයද?
{ "answer_start": [ 225 ], "text": [ "මොසාඩ්" ] }
44e82b3b-b6ce-4bbf-9c83-39c8aef0de05
විකී කෞශාල් හා කත්‍රිනා කයිෆ් දෙදෙනා මේ වනවිට කෙටි නිවාඩුවක් ගත කරන්නට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ රැදි සිටින බව සඳහන් වෙයි. විකිගේ 34 වැනි උපන්දිනය මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණ අතර, කත්‍රිනා ඊට පුදුම කිරිමේ උපන්දින සාදයක් ඔහු වෙනුවෙන් පවත්වා තිබුණ බව සඳහන් වෙයි. මේ වනවිට විකිගේ උපන්දින සාදයේ ගත් ඡායාරූප කිහිපයක් කත්‍රිනාගේ ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ ප්‍රසිද්ධ කර තිබෙන අතර, එය නිව්යෝර්ක් නගරයේ පිහිටි ප්‍රියංකා චොප්රා සතු අවන්හල තුළදි ගත් එකක් බව සඳහන් වෙයි. එමෙන්ම මීට සති කිහිපයකට පෙර කත්‍රිනාගේ 38 වැනි උපන්දිනයද යෙදි තිබුණ බව දැන ගැනීමට ලැබේ.
මේ වනවිට කෙටි නිවාඩුවක් ගත කරන්නට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ රැදි සිටින්නෙ කවුද?
{ "answer_start": [ 0 ], "text": [ "විකී කෞශාල් හා කත්‍රිනා කයිෆ් දෙදෙනා" ] }
c89562be-9681-4cd3-affd-c9aaa68d6010
අතිශය ජනප්‍රිය වු හේරා පෙරි චිත්‍රපට මාලාවේ තුන්වැන්න මේ වනවිට නිර්මාණය කරන්නට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. කාලයක් තිස්සේ මෙහි තුන්වැන්න නිර්මාණය කරන බවට ඉඟි පළවුවද චිත්‍රපටය තවමත් නිර්මාණය කරනවාද නැද්ද යන්න බොහෝ දෙනෙකුට පැණයක් නැගි ඇත. කෙසේ වෙතත්, පසුගියදා චිත්‍රපට අධ්‍යක්ෂණ ප්‍රියදර්ශන් හේරා පෙරි තුන්වැන්න නුදුරේම රූපගත කරන බවට මාධ්‍යයට තොරතුරු ලබා දී ඇත. පසුගිය සති අන්තයේදී හේරා පේරි මුල් චිත්‍රපට ද්විත්වයේ ශ්‍යාම් ලෙස රංගනයෙන් එක් වූ සුනිල් ෂෙට්ටිද මේ වනවිට මෙම චිත්‍රපටයට එක්වීමට කැමැත්ත පළකොට තිබේ. පසුගිය මාස හයක කාලය තුළදී සුනිල් ෂෙට්ටි වැඩි දායකත්වයක් දමිල හා තෙළිඟු චිත්‍රපට සඳහා ලබා දී තිබුණි.
පසුගිය මාස හයක කාලය තුළදී සුනිල් ෂෙට්ටි වැඩි දායකත්වයක් දී තිබුණේ කුමන චිත්‍රපටි සඳහාද?
{ "answer_start": [ 575 ], "text": [ "දමිල හා තෙළිඟු චිත්‍රපට සඳහා" ] }
6c1cac35-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
‘‘මේ දිනවල ඔරාසි හා සම්බන්ධ උපකරණ කීපයක පර්යේෂණ සිදුකරමින් පවතිනවා. මා මේවන විට පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන යනවා. එමෙන්ම පාරිභෝගිකයන් වෙනුවෙන් මෘදුකාංග නිපදවීමද මා විසින් සිදුකරනවා. එහෙත් ප‍්‍රධාන වශයෙන් පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති අප ආයතනය මගින් කරනු ලබනවා. මෙම ‘ඔරාසි’ නිර්මාණවල ඇති විශේෂත්වය නම් මෙහි යාවත්කාලීන කිරීම ස්වංක‍්‍රියව වීමයි. එම නිසා මෙය පරිශීලකයාට එය ඉතා පහසුවක් වෙනවා. ‘මෙම නිර්මාණයේදී මගේ මවුපියන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා. එමෙන්ම ගුහතාතන් පොරවි, ප‍්‍රසත්න පත්මනාතන් යන ගුරුවරුන්ගේ මඟ පෙන්වීම ඉමහත් අත්වැලක් වුණා. මේවන විට මා සමඟ අත්වැල් බඳගෙන සිටින ජනක් අමරසේන, නිපුනි පාරිස් යන සහෝදර නිර්මාණකරුවන්ටද ස්තූතිය පළකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.’
මේ දින වල පර්යේෂණ සිදුකරමින් පවතින උපකරණ වර්ගය කුමක්ද?
{ "answer_start": [ 11 ], "text": [ "ඔරාසි හා සම්බන්ධ උපකරණ" ] }
ce9dc190-99cd-4de7-832e-3a130ad6d0d7
අදත් කොටුවේ පවතින පැරණි මන්දිරවල නිමවුම්කරුවන් ලන්දේසීන්ය. මේ තැපල්හල ඉදිරිපිට ඇති ජනපති මන්දිරය නොහොත් රජ ගෙදර ලන්දේසි ආණ්ඩුකාරවරයකු වූ වෑන් එන්ජල් බික්ගේ නිවහනය. තැපැල් ගොඩනැගිල්ල ගොඩනැගූ වකවානුව වාර්තා කොට ඇති පරිදි පෙනී යන්නේ 1839 දී යුරෝපීයන් සොයාගත් ඡායාරූප ශිල්පය 1844 වන විට මෙරටට පැමිණි මෙම ගොඩනැගිල්ල ගොඩනගන ආකාරය ගැන එවකට පුවත්පත් ඡායරූප ද සමග වාර්තා කොට ඇති බවය. මෙම තැපැල් ගොඩනැගිල්ල තනන අන්දම බලන්නට එංගලන්තයෙන් ආ රාජකීයන් ගැන ප්‍රවෘත්තියක් ද ඒ අතර ඇත. එම වාර්තාව අනුව නැව කොළඹ වරායට සේන්දු වුවද එයට ගොඩවන්නේ ස්වදේශී වෙළෙන්දන්ය. ඇත් දළ කොටස්, කළුවරලී කැටයම්, රන් ආභරණ හා මැණික් වර්ග ඒ අතර වන අතර මෙම නැවෙහි තැපැල් ගොඩනැගිලිවලට අවශ්‍ය ජනෙල් වීදුරු, සොයිබ, සරනේරු ආදී දහසකුත් එකක් දේ තිබී ඇත.
කොටුවේ පවතින පැරණි මන්දිරවල නිමවුම්කරුවන් වන්නේ කවුද?
{ "answer_start": [ 47 ], "text": [ "ලන්දේසීන්ය" ] }
d05e547a-a992-4621-859a-6d7a16520103
එම විමර්ශනවලට සහාය දක්වමින් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ව්‍යවස්ථා අධිකරණය සූමාට දන්වා තිබුණි. කෙසේ නමුත් සූමා අධිකරණය හමුවේ පෙනී සිට නැත. අධිකරණය හමුවේ පෙනී නොසිටීමෙන්, අධිකරණයට අපහාස කළේ යැයි දකුණු අප්‍රිකා ව්‍යවස්ථා අධිකරණය, සූමාට මාස 15 ක සිරදඩුවම් නියම කළේය. දින 5 ක් ඇතුළත පොලිසියට බාර වන ලෙසත් එසේ නොකළොත් සූමා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කළ යුතු බවත් අධිකරණය නියෝග කර තිබුණි. 79 හැවිරිදි සූමා, දකුණු අප්‍රිකාවේ 4 වැනි ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ ජනාධිපතිවරයාය. අප්‍රිකා ජාතික කවුන්සිලයට නායකත්වය දෙමින් 2009 ජනාධිපතිවරණයෙන් ජයගත් සූමා, 2018 පෙබරවාරි 14 වැනිදා තෙක් ජනාධිපති ධුරය හෙබවීය.
සූමා, කවදා වනතෙක් ජනාධිපති ධුරය හෙබවී ද?
{ "answer_start": [ 553 ], "text": [ "2018 පෙබරවාරි 14 වැනිදා තෙක්" ] }
ca3fd2e7-f003-4308-98ae-b12668cc9bbc
කැලේ මාරු වුණ ද කොටියාගේ පුල්ලි මාරු නොවන්නා සේ කෑගල්ල අධිකරණය වෙතට ගිය ද පුංචි බණ්ඩාර හේරත් පලාපත්වල නඩුකාරතුමාගේ අදහස් උදහස් අරමුණු හා සංකල්පනා වෙනස් නොවීය. සිංහල දෙමළ හෝ මුස්ලිම් ජාතීන් වුවද ඒ සියලුම දෙනා ශ්‍රී ලාංකිකයින් සේ සලකා ඔහු සැමට ආදරය කළේය. දයාබරව බැලුවේය. ඔවුන්ට පක්ෂපාතී බවක් දැක්වීය. රහසිගතව ස්වදේශිකයන්ගේ ජාතික හැඟීම් කාලයේ තාලයට අනුව පුබුදු කෙරෙව්වේය. මේ හේතූන් නිසාම කෑගල්ල දිසාවේ ජීවත්වූ සියලුම ජාතීන් මේ සංවේදී නඩුකාරතුමාට දැඩි සේ ආදරය කළහ. භක්තිය දැක්වූහ. කොටින්ම ඔහු කුරුණෑගල මෙන්ම කෑගල්ලේත් ජනප්‍රියතම චරිතයක් විය. වර්ෂ 1914 උදාවූයේ ශ්‍රී ලංකාවට කණකොකා හඬවමිනි. ඒ ගම්පොළ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් අසල සිදුවූ පෙරහර ආරාවුලක් නිසා එම සිද්ධිය මුල් කරගෙන රට පුරා දැල්වී ගිය ජාතිවාදී ගින්නයි. දිනෙන් දින කටකතා මුල්කරගෙන දැඩිසේ ව්‍යාප්ත වූ සිංහල මුස්ලිම් කෝලාහලය තුළ ලංකාව පුරා පල්ලි ගණනාවක්ම ගිනිබත් වූ අතර මිනිස් ජීවිත රැසක් ද විනාශ වී ගියේය.
කෑගල්ල අධිකරණයට ගියේ කවුද?
{ "answer_start": [ 74 ], "text": [ "පුංචි බණ්ඩාර" ] }
074a1eee-0290-4ed2-9dda-83522e47e9eb
මේ අතර කොන්ස්ටන්ස් හි සභාව රැස් වී පාප්තුමන්ලාගේ ගැටලු නිරාකරණය කරමින් මැතිවරණයෙන් තෝරා පත් කරගත් පස් වෙනි මාටින් පාප්තුමා ක්‍රි.ව. 1417 නොවැම්බර් මාසයේ දී පත් කෙරුණේ මෙම පසුබිම තුළය. ප‍්‍රතිසංස්කරණ උදෙසා ක්‍රි.ව. 1417 දී කොන්ස්ටන්ස් හිදී පැවැති සභාව මගින් පස් වෙනි මාටින් පාප්තුමාගේ පත්වීම සිදු කෙරෙන විට බටහිර ක්‍රිස්තියානිය නිකාය භේදය මත නිර්මාණය වී තිබූ භේදකාරී තත්ත්වයත්, පාප් පදවියට උරුමකම් කීමේ ගැටලුවත් විසඳී තිබීමත් කැපී පෙනෙන කාරණයකි. ඒ අනුව ක්‍රි.ව. 1420 දී පස්වෙනි මාටින් පාප්තුමා නැවතත් රෝමයේ පාප් ධුරයට පත් විණි. ඒ වන විට පැවැති ආගමික නිකාය භේදය සමථයකට පත්ව සාමකාමී ආගමික පරිසරයක් නිර්මාණය වීමත් දක්නට විය. ඒ අනුව පාප් පදවියට නියමිත කාර්ය පටිපාටි අනුකූලව කටයුතු කිරීමත් ඇරඹිණි.
පාප්තුමන්ලාගේ ගැටලු නිරාකරණය කරමින් මැතිවරණයෙන් තෝරා පත් කරගත්තේ කාවද?
{ "answer_start": [ 98 ], "text": [ "පස් වෙනි මාටින් පාප්තුමා" ] }
e0584913-269f-49a2-9981-e36b61388e8b
කහගල, ගැරඬිගල, බැලුංගල, වම්බටුගල යන සුවිසල් පර්වත හා කඳුවලින් වටවූ නිසාම එදා ගලගෙදර කපොල්ල බිහිවී ඇති අතර ගලගෙදර නාම සම්භවය පිළිබඳව ද විවිධ ජනප්‍රවාද පවතී. ගලගෙදර මොරවක්දෙනියේ, වත්තේ ගෙදර ගෙහිමියන්ට වටිනා මැණික්ගලක් හමුවී ඇත. එය මැණිකක් බව නොදන්නා ඔවුහු එම ගල සිය කුස්සියෙහි ළිප්ගලක් ලෙස යොදාගෙන ඇත. ඉන්දියාවේ සිට මෙහි පැමිණි බමුණෙකුට කෙසේ හෝ මැණික් ගලක් තිබෙනු දැක ඔහු එම නිවස සොයා ගොස් ගෙහිමියන් හමුවී කතාබස් කරමින් සිටියදී රෑ බෝවූ නිසා එදින රාත්‍රිය එම නිවසෙහි නවාතැන් ගත්තේය. ඔහු මේ ගල පිළිබඳව විපරම් කර බලා කුස්සියේ ළිපට ළිප්ගලක් සේ තබා ඇති බව දැක ඔවුන්ට මෙසේ පවසා ඇත. ‘මෙම නිවසේ ඔබ සියලුදෙනාම විවිධ දුක්කරදර මැද්දේ ජීවත්වන්නේ මා දන්නා ශාස්ත්‍රය අනුව ඔබලාගේ කුස්සියෙහි වැරැදි විදියට ළිප්ගලක් තබා තිබෙනවා. එය ගෙදරට හූනියමක් වගෙයි. මේ සියලු දුක් කරදරවලට හේතුව එයයි. එය ඉවත්කරන තුරු ගෙදරට වගතුවක් වෙන්නේ නැහැ. එය ගලවා මා අතට දුන්නොත් එය ජීවම් කර ජලාශයකට දමන්නම්. එවිට තුන් වරුවක් ගතවීමට මත්තෙන් ඔය කරදර බාධක සියල්ල දුරුවී යාවී’ යැයි කපටි බමුණා පැවසීය. යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳව දැඩි විශ්වාසයක් තිබුණ නිවැසියන් බමුණගේ චාටු බස් අසා ‘අනේ ඔබතුමාට පින්අත්වෙයි. ඔබතුමාට දෙන්න කිසිදෙයක් නැහැ. නැවතත් පැමිණි දිනක අපගේ නිවසටත් ගොඩවී යන්න’ යැයි කියමින් ගල ගලවා බමුණාට දී ඇත.
වැරදි විදිහට ලිප් ගලක් තබා තිබෙන්නේ කොහේද?
{ "answer_start": [ 663 ], "text": [ "කුස්සියෙහි" ] }
834ba7f7-1fee-4c6b-b707-79b5ec2438e5
මේ හේතුව නිසා සැකකරුවන් කිසිවෙක් තමන් කරන්නට ගිය දේ ගැන සම්පූර්ණ අදහස් දන්නේ නැත. හැමවිටම මේ එකිනෙකා අතර සම්බන්ධතාවය බිඳ දැමීමෙන් එක් අයෙක් අත්අඩංගුවට ගැණුන ද අනෙකා අල්ලා ගැනීම පහසු නොවේ. විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට සිදුව තිබෙන්නේ එක් එක් සැකකරුවන්ගේ ප්‍රකාශ අනුව කතාව අමුණා ගැනීමටය. විවිධ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් ඒ ඒ අවස්ථාවල මේ එකිනෙකා සමඟ සම්බන්ධ වූ පුද්ගලයන් ගැන සෙවීමේ දුෂ්කර කාර්යයක යෙදීමට විමර්ශන නිලධාරීන්ට සිදුවිය. මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළිවී ඇති කරුණු අනුව රනිල් ආටිගල මහතාගේ නිවසට වෙඩි තබා තිබෙන්නේ කිසිවකුට හානියක් නොවන පරිදි ෙවන අතර එහි අරමුණ වී තිබෙන්නේ බියගැන්වීම පමණකි. මෙය ඉන්දියාවේ සිටින අංගොඩ ලොක්කාගේ ගෝලයකු වන ලඩියාගේ ඕඩරයක් මත සිදුව ඇති අතර එය සිදුකර තිබෙන්නේ ඔවුන් අතර පැවති පෞද්ගලික ආරවුලක් මත බවය. දහනව වැනිදා වෙඩි තැබීමට පෙර පහළොස් වැනිදා ලඩියාගේ බිරිඳගේ ගිණුමෙන් ජෙරම්ට ලක්ෂයක මුදලක් ලැබී තිබෙන බව ද හෙළිදරව් වී තිබේ. එසේම පොඩි සුදුවා ඝාතනයෙන් පසු මෙම සැකකරුවන් සිව්දෙනාම හෝමාගම හෝටලයකට ගෙන්වා සාදයක් පවත්වා ඇති බව ද තොරතුරු අනාවරණය වී තිබේ.
රනිල් ආටිගල මහතාගේ නිවසට වෙඩි තැබීමේ අරමුණ කුමක්ද?
{ "answer_start": [ 587 ], "text": [ "බියගැන්වීම" ] }
6f941de0-2ed1-413c-b47e-7a696822778b
1980දී හා 1983දී ද ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම්ගේ පාලනය පෙරළා දැමීම සඳහා කුමන්ත්‍රණ දෙකක් ක්‍රියාත්මක වුවද ඒවා 1988 ක්‍රියාත්මක කෙරුණු කුමන්ත්‍රණය මෙන් බරපතළ නොවීය. මෙවර කුමන්ත්‍රණය ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානයට පාත්‍ර විය.කුමන්ත්‍රණකරුවන්ට ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ අතර ජනාධිපතිවරයා නිවෙසින් නිවෙසට සැඟව පලායමින් ඉන්දියාව ඇතුළු රටවලින් උපකාර ඉල්ලා සිටියේය. ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් 1,600ක බලඇණියක් එවා එම කුමන්ත්‍රණය පරාජය කරන ලදි. 1988 නොවැම්බර් 3 වැනි දින හිමිදිරියේ ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයේ පසුබිම හා එය පරාජය කෙරුණේ මේ අයුරිනි. රැය ගෙවී යද්දී මාලේ අගනුවරට උතුරු දෙසින් වු මුහුදේ සිට මාලේ අගනගරය කරා අධිවේගී බෝට්ටු දෙකක් වේගයෙන් ධාවනය වෙමින් තිබිණි. ඒවායේ ලුතුෆි හා සගාරුද, ප්ලොට් කුලී හමුදාවේ 80ත් 100ත් අතර භට පිරිසක්ද වූහ. එම බෝට්ටු උදෑසන 4 පමණ වන විට, අඩක් ඉදිකොට තිබූ ජනාධිපති ජැටිය වෙත ළඟා විය.
බරපතලම කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුයේ කිනම් වසරේදීද
{ "answer_start": [ 113 ], "text": [ "1988" ] }
a07e5e2e-a79d-4dce-a616-35ee7745bf01
අට පිරිකර ඇතුළු පිරිකර සමග භික්ෂූන්වහන්සේ පස්නමකට දානය පිරිනමා රාත්‍රියට පැයක පිරිත කියවීමට එකතුවන නෑ මිතුරන් 15 ට නොවැඩි විය යුතුය. වැය වන උපරිම මුදල මේ වන විට රු. 20,000 කි. තොවිලයක් සඳහා අද අවම මුදල රුපියල් ලක්ෂයද ඉක්මවයි. අපට තිබෙන බලගතුම ප්‍රශ්නය බුදු දහම නිවැරදිව සමාජගත නොවීමය. පිළිගත් උගතුන් බුද්ධිමතුන් බුදු සමය අළලා ලියන ලද පත පොත සාමාන්‍ය ජනතාව නොකියවීමය. ඊනියා ජ්‍යෙතිෂ පුවත්පත් හා නන්නත්තාර විද්‍යුත් මාධ්‍ය මගින් අමූලික මිථ්‍යාවන් ඉතා ප්‍රබල අන්දමින් සමාජගත කිරීමය. මොවුන් මේවා කරනු ලබන්නේ තමන්ගේ පැවැත්ම සඳහාය.
තොවිලයක් සඳහා අද වියදම කීයද?
{ "answer_start": [ 193 ], "text": [ "අවම මුදල රුපියල් ලක්ෂයද ඉක්මවයි" ] }
06b403e5-8f5c-443a-9d5b-7495cd88e553
කුරුණෑගල දඹුලු පාරේ කිලෝ මීටර් 2ක් යද්දී යග්ගපිටිය හමුවෙනවා. යග්ගපිටිය ගැන කියන්න විශේෂ හේතුවක් තමා සරුකෙත යනුවෙන් හැඳින්වෙන නිවීසැනසිල්ලේ කාලා, බීලා යන්න පුළුවන් අවන්හලක් හමුවීම. මැටියෙන් හදලා පොල් අතු සෙවිලි කරලා තියෙන මේ අපූරු නවාතැනේ එළවළු, පළතුරු සහ බෙහෙත් වර්ග හරි ලස්සනට වවලා තියෙනවා. දේශීය ආරෙට එළවළු එක්ක බත් කාලා යන්න කියාපු තැනක්. මස්, මාළු වුණත් උයලා තියෙන්නේ ගමේ විදිහටම. දේශීය සංචාරකයෝ වගේම විදේශීය සංචාරකයොත් අවුරුදු විස්සක් තිස්සේම කාලා, බීලා යන්න මෙතනට ගොඩවෙන්නේ වසක් විසක් නැතිව කාලා බීලා යන්න මේ තැන නියම තැනක් නිසා. අක්කර 4ක විතර භූමි ප්‍රමාණයක විහිදුණු මේ තැන නිර්මාණය කරලා තියෙන්නේ හුඟක් නිදහස් විදිහට. රසවත් කෑම, බීම වගේම මානසික නිදහසත් කෙනකුට කොච්චර අවශ්‍යද කියලා මේ නවාතැන කියන එක රහසක්.ඔයාලටත් විවේකයක් ලැබුණොත් ගිහින් එන්න සරුකෙතට. විශේෂ ස්තූතියසනත් පණ්ඩිතරන්ට සහ ඩේවිඩ් ජෙමිසන්,කළමනාකරු නලින් ඒකනායකට.
කුරුණෑගල දඹුලු පාරේ කිලෝ මීටර් 2ක් යද්දී හමුවන්නේ කුමක්ද?
{ "answer_start": [ 41 ], "text": [ "යග්ගපිටිය" ] }
3f1f20fa-bc13-469e-baf5-5e3383395421
අද දින අපි ඔබ වෙත ගෙන එන්නේ ගාලු කොටුවේ ඇති තවත් විස්මය උපදවන ස්ථානයක් පිළිබඳවයි. ඒ වනාහි ලන්දේසි රෙපරමාදු දේවස්ථානය හෙවත් කුරුස පල්ලියයි. ගාල්ල කොටුවේ නව දොරටුවෙන් ඇතුළු වූ පසු හමුවන හතරමං හන්දියෙන් වම්පසට වැටී ඇති මාර්ගයේ ඔස්සේ මීටර් 150ක් පමණ ගිය විට දකුණු පසින් මෙම ලන්දේසි රෙපරමුදු දේවස්ථානය දැකගත හැකි වේ. එහි ඉතිහාසය සොයායන විට පෙනීයන්නේ එයට වසර 267ක් තරම් වූ දීර්ඝ ඉතිහාසයක් පවතින බවයි. ලන්දේසි පාලන සමයේදී ගාල්ලේ කොමාන්දියුන්වරයා ලෙස කටයුතු කළ කැස්පාර් ඩී. යෝන්ග් මහතා විවාහ වුවද බොහෝ කලක් ගතවනතුරු දරු සුරතල් බැලීමට දෛවය විසින් ඔවුන්ට ඉඩලබාදී නොමැත. මෙයින් මහත් සිත්තැවුලට පත් ඔහුට බොහෝ කලකට පසු පියෙකු වීමේ වාසනාව උදාවිය. මෙයින් මහත් උද්දාමයට පත් ඔහු දෙවියන් වහන්සේට ස්තූති කරනු පිණිස තමන්ගේ වියදමින් මෙම රෙපරමාදු දේවස්ථානය කරවා ඇත.
තමන්ගේ වියදමින් මෙම රෙපරමාදු දේවස්ථානය කරවා ඇත්තේ කවුද?
{ "answer_start": [ 453 ], "text": [ "කැස්පාර් ඩී. යෝන්ග් මහතා" ] }
e4bd4a8d-6625-4a8f-a3e2-b52f8abb4898
රජුට දාව ගම්පොල උණම්බුව පෙළපතේ වංශවත් තරුණියක් ලද පුතා උණම්බුවේ බණ්ඩාර විය. එහෙත් මව රාජ වංශයට අයිති නොවූ නිසා ඔහුට රජකම අහිමි විය. සිංහල රදළවරු මේ කතාවේ කියවෙන රූමත් වංශවත් තරුණිය රජුට බලෙන් රැගෙන ආවේ ඉන් පසුවයි. එහෙත් ඇය ආකාලයේ දිවි නසාගත් නිසා රජුට දකුණු ඉන්දියාවෙන් නයක්කාර් පරපුරේ කුමරියන් ගෙන ඒම නිසා පසු කල උඩරට රාජ්‍යය දකුණු ඉන්දීය නායක්කාර් පරපුර සතුවිය. එයට හේතුව රජුට පුතුන් නොවී නම් නායක්කාර් සම්ප්‍රදාය අනුව බිසවුන්ගේ සහෝදරයින්ට රජකම පැවරුණු බැවිනි.
රජු නායක්කාර් පරපුරේ කුමරියන් ගෙන ආවේ කොහෙන්ද?
{ "answer_start": [ 252 ], "text": [ "දකුණු ඉන්දියාවෙන්" ] }
74457dda-6e53-4927-9540-e85356fc0e20
ග්‍රහ ලොව පිය රජු ලෙස සැලකෙන හිරු හෙවත් රවි ග්‍රහයා 2018 මැයි මස 15 වන දින මෙතෙක් ගමන් කළ මේෂ රාශියෙන් සිකුරු හිමි වෘෂභ රාශියට පැමිණෙයි. 2018 ජුනි මස 15 දක්වා රවි ග්‍රහයා වෘෂභ රාශියේ සිය අණසක පතුරවමින් සිටී. කේන්ද්‍ර හිමියාගේ පාලන ශක්තිය, මහත්මා ගති, අණදීමේ ශක්තිය, අවංකකම, ඍජු කතාව, උසස් වීමේ ඇති ආශාව යන ලක්ෂණ රවිගේ බලයෙන් ක්‍රියාත්මක වෙයි. රජය, පාලන පක්ෂය, වෛද්‍යවරුන්, විනිසුරුවන්, තම පියා රවිගෙන් නියෝජනය වේ. සිංහ රාශියේ හිමිකාරිත්වය දරන රවි එහිදී ස්වක්ෂ්ත්‍ර බලය ලබයි. මේෂ රාශියේදී උච්ච බලය ලබන අතර තුලා රාශියේ නීච නම් දුර්වල තත්ත්වයට පත් වේ. රවි දශා කාලය පුරා වසර හයකි. කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකැත් රවිගෙන් පාලනය වේ. රවි ග්‍රහයාට වෘෂභ රාශිය සතුරු වේ.
රවි ග්‍රහයා දුර්වල තත්වයට පත් වන්නේ කුමන රාශියේදීද?
{ "answer_start": [ 505 ], "text": [ "තුලා රාශියේ" ] }
7376d884-ab67-43be-9821-85ab44300a22
කෙසෙල් ගස මහා පරිමාණයෙන් නොවැඩෙන, දැවමය කඳක් නොතිබෙන එකක් වුවද එය බහුවාර්ෂික ශාකසාර ගණයට වැටේ. කෙසෙල් ගසේ මුල, කඳ, පත්‍ර හා ගෙඩි යන සෑම කොටසක්ම වැදගත් ලෙස සැලකේ. පූජනීය වූ කෙසෙල් ගස බ්‍රහස්පති දෙවියන් ලෙස හින්දුන් විශ්වාස කරන අතර පවුලේ දියුණුව පතා වන්දනාමාන කරන කෙසෙල් ගස විෂ්ණු හා ලක්ෂ්මී දෙවියන්ද සංකේතවත් කරන අතර විෂ්ණු දෙවියන් ඒ තුළ වැඩ හිඳින බවද විශ්වාස කෙරේ. බ්‍රහස්පතින්දා දිනයේදී විෂ්ණු හා ලක්ෂ්මී දෙවියන්ට කෙසෙල් ගෙඩි පූජා කරන යුවලකට ප්‍රීතිමත් හා සාමකාමී විවාහයක් හා ජීවිතයක් හිමිවන බවට විශ්වාසයයි. මෙම කෙසෙල් ගෙඩි පූජාව සඳහා හොඳම කාලය ලෙස සැලකෙන්නේ වසරේ දීප්තිමත්ම කාලය ලෙස සැලකෙන දෙසැම්බර් - ජනවාරි කාලය අතරේ ඇති 11 වන දිනයයි. බ්‍රහස්පති ග්‍රහ දෝෂවලින් පීඩා විඳින උදවිය සෑම බ්‍රහස්පතින්දාවකම කෙසෙල් ගසට නමස්කාර කිරීම ආරම්භ කළ යුතු අතර අයහපත් බලපෑම් මගහරවා ගැනීමට මැණික් ගලක් පැලඳිය යුතුය. මැණික් ගලක් පැලඳිය නොහැකිනම් කෙසෙල් ගසේ මූල කොටස් පැලඳිය හැකි බව ද පැවැසේ. කෙසෙල් ගෙඩි විෂ්ණු දෙවියන්ට පූජා කරනු ලබෙන්නේ පවුලේ සතුට හා සාමය පතා ආශිර්වාද ලබාගැනීමටය. එමෙන්ම ආහාර පූජාව සඳහා ද පත්‍ර භාවිත කරන අතර කෙසෙල් කැන් සහිත ගස් හින්දු කෝවිල් ඇතුළු ආගමික ස්ථානයන්හි ඇතුල් වීමේ දොරටුව සැරසීමට යොදාගන්නේ එම ස්ථානයට වඩින දෙවියන් පිළිගැනීම සඳහාය. විවාහ ශාලාව හෝ නිවස දෙපස පූර්ණ කෙසෙල් ගස් දෙකක් සිටුවන්නේ මනාලයා හා මනාලිය නියෝජනය කරමිනි.
මහා පරිමාණයෙන් නොවැඩෙන, දැවමය කඳක් නොතිබෙන ශාකය කුමක්ද?
{ "answer_start": [ 0 ], "text": [ "කෙසෙල් ගස" ] }
344f29d6-c540-4e57-9e2e-a2aac21cf4a2
ඉන්දීය පාලනයේ තිබෙන කාශ්මීර ප්‍රදේශයේදී ආරක්ෂක රථ පෙළකට පසුගිය වසරේදී එල්ල වූ මාරාන්තික බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තාන ජාතිකයන් ඇතුළු 19 දෙනකුට චෝදනා එල්ල වී තිබේ. ඉන්දියාවේ ජාතික විමර්ශන ආයතනය මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අතර ඉන් අනතුරුව මෙලෙස චෝදනා ගොනු කර තිබේ. පසුගිය වසරේ පෙබරවාරි 14 වැනිදා එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඉන්දීය පොලිසියේ ආරක්ෂක භටයෝ 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මෙම ප්‍රහාරය මුල් කරගනිමින් න්‍යෂ්ටික බලවතුන් මෙන්ම අසල්වැසියන් ද වන ඉන්දියව සහ පාකිස්තානය අතර දැවැන්ත අර්බුදයක් ද නිර්මාණය වූ අතර රටවල් දෙක ගුවනින් එකිනෙකාට ප්‍රහාර ද එල්ල කර ගත්තේය. පාකිස්තානය තුළ ක්‍රියාත්මක ජායිෂ්-ඊ-මොහොමද් සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි. චෝදනා එල්ල වී තිබෙන පාකිස්තාන ජාතිකයන් හත්දෙනාගෙන් සිවුදෙනකු තවමත් අල්ලාගෙන නැතැයි ද ඉතිරි තිදෙනා ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුම්වලදී මරුමුවට පත්ව ඇතැයි ද ඉන්දියාවේ ජාතික විමර්ශන ඒකකය සඳහන් කළේය.
බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ කොහෙදී ද?
{ "answer_start": [ 20 ], "text": [ "කාශ්මීර ප්‍රදේශයේදී" ] }
02db94cb-a4f2-473d-b7db-589a98052942
ප‍්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසි 2012 ජනාධිපතිවරණයේදී සීමාව ඉක්මවා අපේක්ෂක වියදම් කළැයි ද මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කළ බිග්මැලියොන් සමාගම අතර සිදු වූ මුදල් ගනුදෙනු දූෂණයට හා ජාවාරම් වැනි දේට සක්‍රිය බලපෑම් ඇති කළැයි ද එමගින් ප‍්‍රංශ ව්‍යවස්ථාවේ අඩංගු නීති ඡේද කඩකළැයි ද ඔහු ඇතුළු 14 දෙනකුට ඉහළ උසාවියේ නඩු පවරා ඇත. අධිකරණ ක්‍රියාවලිය ආරම්භ වූයේ වසර 2013 අවසාන භාගයේදීය. සාර්කෝසිට මීට පෙර දඩ ගෙවීමට සිදු වූයේය. එනමුදු පරීක්ෂණ සිදු විය. එය හේතු කොටගෙන පසුගිය 2016 වසරේ පෙබරවාරි 16 වැනිදා මූල්‍ය අපරාධ කොමිසමේ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ නැවත වරක් ප‍්‍රශ්න කිරීමකට ලක් වූයේය. එය හේතුකොට ප‍්‍රංශ දේශපාලන භූමියේ විවිධ ඉලක්ක උඩුයටිකුරු වී ඔහු සභාපති තනතුර දරන රිපබ්ලිකන් පක්ෂය ද කුණාටුවකට හසුවී ඇත්තේය. මේ අනුව 2017 ප‍්‍රංශ ජනාධිපතිවරණයේ අපේක්ෂක තනතුර ද අහිමි වූයේය.
නිකලස් සර්කොසිට ප්‍රංශ ජනාධිපතිවරණයේ අපේක්ෂක තනතුර අහිමිවු වර්ෂය කුමක්ද?
{ "answer_start": [ 710 ], "text": [ "2017" ] }
b5e4d568-897e-4907-863e-0145fa65aa35
1957දී සෝබර්ස් ඇතුළු බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම එංගලන්තයේ සංචාරයක නිරත විය. ටෙස්ට් තරග 5කට සහභාගී වූ ඔහු අර්ධ ශතක තුනක් සමඟ ලකුණු 320ක්ද, කඩුලු පහක්ද දවා ගැනීමට සමත් විය. 1958 දී පාකිස්තානය සමඟ පැවැති ටෙස්ට් තරගයේ දී සෝබර්ස් තම මංගල ටෙස්ට් ශතකය වාර්තා කළේ ඉනිමක පිතිකරුවකු රැස්කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගනිමිනි. එතෙක් එම වාර්තාවට හිමිකම් කීවේ එංගලන්තයේ ලෙන් හට්න්ය. 1938 දී ඔහු ලකුණු 364ක් රැස් කරමින් පිහිටුවන ලද ලෝක වාර්තාව පාකිස්තානය සමඟ පැවැති ටෙස්ට් තරගයේදී බිඳ දමන්නට ඉන් වසර විස්සකට පසු ලකුණු 365ක් රැස් කළ සෝබර්ස් සමත් විය. එම වාර්තාව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයකු වූ බ්‍රයන් ලාරා ලකුණු 375ක් වාර්තා කරමින් 1994දී බිඳ හෙළන තෙක් වසර 36ක් පුරා නොබිඳී පැවැතිණි.
සෝබර්ස් තම මංගල ශතකය වාර්තා කළේ කිනම් වර්ශයේද?
{ "answer_start": [ 172 ], "text": [ "1958 දී" ] }
a7ecf601-c971-4662-864c-f7a2dd9fbfbd
ප්‍රංශයේ උපහාසාත්මක සඟරාවක් වන "චාර්ලි හෙබ්ඩෝ" සඟරාවේ කලින් කාර්යාල ඉදිරිපිට සිදු වූ පිහි ප්‍රහාරයකින් පුද්ලයන් සිවුදෙනකු තුවාල ලබා ඇතැයි එරට අග්‍රාමාත්‍ය ඡෝ කැස්ටෙක්ස් පැවැසීය. පිහි ප්‍රහාරයට ලක්වූ සිවුදෙනාගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද සැකකරුවන් දෙදෙනකු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි ද පැරිස් පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ප්‍රහාරයෙන් පසු එක් සැකකරුවකු අල්ලාගැනීමට හැකි වූ බවත් තමන් එම ප්‍රහාරයට සම්බන්ධ නැතැයි ඔහු පැවැසූ බවත් පොලිසිය පසුව සඳහන් කළේය. "පැරිස් නුවරදී බරපතළ සිද්ධියක් වෙලා තියෙනවා" යැයි මාධ්‍යවේදීන් අමතමින් ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා කීය. ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා උතුරුදිග ප්‍රංශයට යෑමට නියමිතව තිබූ අතර එම සංචාරය අවලංගු කර අභ්‍යන්තර අමාත්‍යාංශයේ අර්බුද සාකච්ඡා කෙරෙන මධ්‍යස්ථානය වෙත කඩිනමින් ගියේය.
ප්‍රංශයේ අග්‍රාමාත්‍ය කවුද?
{ "answer_start": [ 155 ], "text": [ "ඡෝ කැස්ටෙක්ස්" ] }
63aa4c3b-ee82-4252-9a1b-b670e024c1c6
ක්‍රි.ව. 1511දී බාබුර් මධ්‍යම ආසියාව බලා පිටත් විය. ඉස්මයිල් ෂාගේ සහ තම ඥාති සොහොයුරන්ගේ සහය ඇතිව සමර්කන්ද්, තාෂ්කන්ද්, කුන්දුස්, බොඛාරා, ෆර්ඝානා හා කාබුල් යන රාජ්‍ය තම අණසකට යටත් කර ගැනීමට බාබුර්ට හැකි විය. එහෙත් වැඩි කලක් එම ප්‍රදේශවල පාලනය ගෙන යැමට ඔහුට නොහැකි වූයේ උස්බෙක්වරුන්ගේ තර්ජන මතුව ආ බැවිනි. සමර්කන්ද්, හිසාර් හා ඝස්දවන්හි දෙපිරිස අතර ඇති වූ සටන්වලින් බාබුර් දරුණු ලෙස පරාජයට පත් විය. මධ්‍යම ආසියාවේ බලය ඔහුට අහිමි වන්නට විය. ඔහු කාබුල් නගරයට පසු බැස්සේය. ඉන්දියාව අත්පත් කර ගැනීමේ සිහිනය යළි පැන නැඟිණි.
ක්‍රි.ව.1511දී මධ්‍යම ආසියාව බලා පිටත් වූයේ කව්ද?
{ "answer_start": [ 16 ], "text": [ "බාබුර්" ] }
fe1e95d4-9e4b-4454-bd68-f0057c57fc51
කොස්ගොඩ, වතුරවෙල උපන් ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක හා කොස්ගොඩම උපන් ගජමුනි සුජීවද සොයිසා නොහොත් කොස්ගොඩ සුජී අතර ගැටුම නිසා දිවි අහිමිකර ගත් දකුණේ පාතාලයද සංඛ්‍යාත්මක සුළුපටු නොවේ. මොවුන්ගේ ගැටුම්වලට වන්දි ගෙවීමට සිදුවූයේ දෙපාර්ශ්වයේ පාතාලයේ සාමාජිකයන්ට පමණක් නොව ඔවුන්ගේ හිතවතුන්ගේ පවුල්වල සාමාජිකයන්ට, කුඩා දරුවන්ට පවා වන්දි ගෙවීමට සිදුවිය. පසුකලෙක ගැටුම් ඇතිකරගත්තද කලක් මේ දෙදෙනාම සිටියේ එකම කල්ලියකය. කොස්ගොඩ තාරකගේ පියා අත්ට්‍රැක්ටර රියැදුරෙකු ලෙස පවුලේ බර කරට ගෙන කටයුතු කළද ඔහුගේ අකල් වියෝවෙන් අතරමං වන තාරකගේ පවුලේ බර තාරක පියාගේ අත්ට්‍රැක්ටරය යොදා ගනිමින්ම කරට ගෙන තිබේ. එහෙත් අධ්‍යාපනය අතරමග කඩාකප්පල් කරගත් තාරක රියැදුරු රස්සාවත් සමගම තරුණ කණ්ඩායම් සමග කල්ලි ගැසීමෙන් ගංජාවලටත්, ඉන්පසු කුඩුවලටත් ඇබ්බැහි වූ බවද ඉන්පසුව හොරකමට යොමු වූ බවද පොලිසියේ අදහසය.
තාරකගේ පියා රැකියාව කලේ කිමෙක් ලෙසද ?
{ "answer_start": [ 449 ], "text": [ "අත්ට්‍රැක්ටර රියැදුරෙකු ලෙස" ] }
7ce3c7ac-98d5-4e54-8e73-1d83381023e7
කෙසෙල් ගස මහා පරිමාණයෙන් නොවැඩෙන, දැවමය කඳක් නොතිබෙන එකක් වුවද එය බහුවාර්ෂික ශාකසාර ගණයට වැටේ. කෙසෙල් ගසේ මුල, කඳ, පත්‍ර හා ගෙඩි යන සෑම කොටසක්ම වැදගත් ලෙස සැලකේ. පූජනීය වූ කෙසෙල් ගස බ්‍රහස්පති දෙවියන් ලෙස හින්දුන් විශ්වාස කරන අතර පවුලේ දියුණුව පතා වන්දනාමාන කරන කෙසෙල් ගස විෂ්ණු හා ලක්ෂ්මී දෙවියන්ද සංකේතවත් කරන අතර විෂ්ණු දෙවියන් ඒ තුළ වැඩ හිඳින බවද විශ්වාස කෙරේ. බ්‍රහස්පතින්දා දිනයේදී විෂ්ණු හා ලක්ෂ්මී දෙවියන්ට කෙසෙල් ගෙඩි පූජා කරන යුවලකට ප්‍රීතිමත් හා සාමකාමී විවාහයක් හා ජීවිතයක් හිමිවන බවට විශ්වාසයයි. මෙම කෙසෙල් ගෙඩි පූජාව සඳහා හොඳම කාලය ලෙස සැලකෙන්නේ වසරේ දීප්තිමත්ම කාලය ලෙස සැලකෙන දෙසැම්බර් - ජනවාරි කාලය අතරේ ඇති 11 වන දිනයයි. බ්‍රහස්පති ග්‍රහ දෝෂවලින් පීඩා විඳින උදවිය සෑම බ්‍රහස්පතින්දාවකම කෙසෙල් ගසට නමස්කාර කිරීම ආරම්භ කළ යුතු අතර අයහපත් බලපෑම් මගහරවා ගැනීමට මැණික් ගලක් පැලඳිය යුතුය. මැණික් ගලක් පැලඳිය නොහැකිනම් කෙසෙල් ගසේ මූල කොටස් පැලඳිය හැකි බව ද පැවැසේ. කෙසෙල් ගෙඩි විෂ්ණු දෙවියන්ට පූජා කරනු ලබෙන්නේ පවුලේ සතුට හා සාමය පතා ආශිර්වාද ලබාගැනීමටය. එමෙන්ම ආහාර පූජාව සඳහා ද පත්‍ර භාවිත කරන අතර කෙසෙල් කැන් සහිත ගස් හින්දු කෝවිල් ඇතුළු ආගමික ස්ථානයන්හි ඇතුල් වීමේ දොරටුව සැරසීමට යොදාගන්නේ එම ස්ථානයට වඩින දෙවියන් පිළිගැනීම සඳහාය. විවාහ ශාලාව හෝ නිවස දෙපස පූර්ණ කෙසෙල් ගස් දෙකක් සිටුවන්නේ මනාලයා හා මනාලිය නියෝජනය කරමිනි.
විවාහ ශාලාව හෝ නිවස දෙපස පූර්ණ කෙසෙල් ගස් දෙකක් සිටුවන්නේ කවුරුන් නියෝජනයට ද?
{ "answer_start": [ 1204 ], "text": [ "මනාලයා හා මනාලිය" ] }
170cea1c-d110-4558-ba1b-9253a151f891
1824 ජනවාරි 04 දින ශ්‍රී ලංකාවේ රයිෆල් බළකායේ මේජර්වරයකු ලෙස මෙරට සේවයට එක්ව ඇත. දක්ෂ හමුදා නිලධාරියෙකු වූ මේජර් තෝමස් 1834 දී බදුල්ල සහකාර ආණ්ඩුවේ ඒජන්ත හා විනිශ්චකාර ධුරයට පත්ව ඇතිබව වාර්තා වේ. තමාට නිවාඩුවක් ලැබුණු හැම මොහොතකම අලි ඇතුන් දඩයමට හුරුවූ රොජර්ස් අලි ඇතුන්ට ද හොර රහසේ උන් ළඟටම ගොස් දඩයම් කිරීමට අතිදක්ෂයෙකු බවට ඉංග්‍රීසින් අතර ජනප්‍රිය වී ඇත. මේජර් තෝමස් රොජර්ස් දඩයම එරෙහිව ඌව පළාතේ මහා සංඝයා වහන්සේලාද දැඩි අප්‍රසාදය පළ කළ අතර ඔහුට නිසි දඬුවම් කවද‌ හෝ හිමි වන බවට සපථ කළහ. එය කෙසේවුවත් 1845 ජූලි 07 දින මේජර් තෝමස් රොජර්ස් හපුතලේ ප්‍රදේශයේ රාජකාරියට ගොස් පැමිණෙමින් සිටියදී අතරමගදී අකුණු සරයක් වැදී මියගොස් ඇත. මියගිය මේජර්වරයාගේ සිරුර හිතවතුන් විසින් නුවරඑළියට ගෙනැවිත් භූමදාන කර ඇත.
බදුල්ලේ සහකාර ආණ්ඩුවේ ඒජන්ත වුයේ කව්ද
{ "answer_start": [ 107 ], "text": [ "මේජර් තෝමස්" ] }
e98169aa-72f3-4d4b-bfe4-f102fedbaf5a
තලේබාන් සංවිධානය සමඟ සාමකතා පවත්වන ඇෆ්ගන් රජයේ ජාතික සංහිඳියාව පිළිබඳ කවුන්සියලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අබ්දුල්ලා අබ්දුල්ලා ද මෙම අවස්ථාවට සහභාගී විය. ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී, අබ්දුල්ලා අබ්දුල්ලා ඇතුළු එරට නායකයන් ධවල මන්දිරයට පැමිණ සිටියේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ඇරැයුමකට අනුවය. ධවල මන්දිරයට පැමිණි පිරිස මහත් හරසරින් පිළිගැනීමට ඇමෙරිකන් ජනාධිපති බයිඩන් කටයුතු කළේය. ජනාධිපති අෂ්රාෆ් ඝානී සහ අබ්දුල්ලා අබ්දුල්ලා ඇමෙරිකන් ජනධිපති බයිඩන් හමුවී සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ ඕවල් කාර්යාලයේදීය. මෙම සැප්තැම්බර් 11 වැනිදා වනවිට ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමෙරිකන් සොල්දාදුවන් සහ නේටෝ හමුදා සාමාජිකයන් ඉවත් කර ගන්නා බවට ජෝ බයිඩන් ප්‍රතිඥා දී ඇත. එම කටයුතු මේ වනවිටත් ආරම්භ වී තිබේ.
ඇෆ්ගන් ජනාධිපති කව්ද?
{ "answer_start": [ 171 ], "text": [ "අෂ්රාෆ් ඝානී" ] }
439c0fcc-6373-4299-86b5-15fcf1b02686
කුඩා කෝවිලක් පිහිටි ස්ථානයට නුදුරින් ගමන ඇරඹිය යුතු අතර ප්‍රථමයෙන් තේ වතු යාය අනුව ගමන් කළ යුතුය. ක්‍රමවත් අඩිපාරක් ඇති හෙයින් මග සොයා ගැනීම අපහසු නොවේ. කෙසේ හෝ එම මග දිගේ ඉදිරියටම යන විට නාරංගල කඳුවැටිය දිස්වන අතර තේ දලු සමඟ හැපෙන ජීවිත බොහෝමයක් දැකගත හැකිය. තේ වතු යාය පසුකළ පසු ලඳු කැලයකට අවතීර්ණ වන අතර මෙම ගමන යාමේදී ප්‍රමාණවත් ජලය රැගෙන යාමට අමතක නොකරන්න. ලඳු කැලය පයිනස් ගස් කිහිපයකින්ද මාන පඳුරු යායකින්ද සමන්විතය. වැසි සමයේදී මෙම ප්‍රදේශය දැඩි තෙත් බවකින් හා මීදුමකින් ගහණව පවතින අතර එම දිනවලදී මෙම මාර්ග සියල්ලේම කූඩැල්ලන් බහුලව දක්න්ට ලැබේ. එහෙයින් සාමාන්‍ය වර්ෂාවකට පසු හොඳින් පායන වකවානුවේ නාරංගල තරණය කිරීම වඩාත් පහසු වේ.
එම මග දිගේ ඉදිරියටම යන විට දිස්වන කඳුවැටිය කුමක්ද?
{ "answer_start": [ 188 ], "text": [ "නාරංගල කඳුවැටිය" ] }
4bcdd58f-e8bf-4ef6-9fd2-20fdd25473ae
යාෂ් රඟපාන කේ. ජී. එෆ් චැප්ටර් 2 චිත්‍රපටිය මේ වන විට ආදායම් වාර්තා බිඳ හෙළමින් ප්‍රදර්ශනය වෙමින් පවතියි. ලොව පුරා ප්‍රදර්ශනය අරඹා සති දෙකක් ඇතුළත එහි ආදායම රුපියල් කෝටි දාහ ඉක්මවූයේය. මින් පෙර මෙම වාර්තාව පිහිටුවා තිබුණේ දංගාල්, බාහුබලී, ආර්ආර්ආර් චිත්‍රපටි තුන පමණකි. මෙය 2018 තිරගත වූ කේජීඑෆ් චිත්‍රපටියේ දිගුවකි. අජේ දේව්ග්න් රඟ පාන රනවේ 34 සහ ටයිගර් ෂ්රොෆ් රඟ පාන හීරෝපාන්ති 2 චිත්‍රපටි ප්‍රදර්ශනය ඇරඹුවේ මේ හා සමගාමීවය. එහෙත් කේජීඑෆ් 2 ඒ දෙකම අබිබවා ගොස් තිබේ. කන්නඩා චිත්‍රපටි ක්ෂේත්‍රයට එය අභිමානයක් බැව් විචාරකයෝ පවසති.
කේ. ජී. එෆ් චැප්ටර් 2 චිත්‍රපටියේ රගපාන නළුවෙක් වන්නෙ කව්ද?
{ "answer_start": [ 0 ], "text": [ "යාෂ්" ] }
7b2efd10-4e26-4ed8-822e-ac2991ba8b9c
මේ ලෙඩ රෝග කියන කාරණය අදට වැඩිය අතීතයේ තිබුණේ වෙනස් විදියකට. ඒ තමයි ගම්මානවල ජීවත්වුණු ගැමියන්ගේ ගැමි ඇදහිල්ල. විශ්වාසය. ඒ විශ්වාසය ඇතුළේ තිබුණු බලවත්ම කරදරය නැත්නම් ගැමියන් අපලය වුණේ වසංගත රෝග. අතීතයේ වසංගත රෝගවලට කිව්වේ දෙයියන්ගේ ලෙඩ කියලා. ඒ ගැමි විශ්වාසය. ඒ විශ්වාසය ගැමියන්ට ආවේ ඒ කාලේ තිබුණු තේරුම් ගැනීමේ හැකියාව මත. ඒ වටහා ගැනීමේ හැකියාව මත වසංගත ලෙඩ රෝග විදියට ගැමියන් හැඳින්නුවේ පැපොල, සරම්ප, උණ, වසූරිය වගේ ලෙඩ රෝග. අතීතයේ ලංකාවට ආපු දෙවොල් මහාසාමි කළ පළවෙනි දෙවොල් මඩු ශාන්ති කර්මය සකස් කෙරුණේ ලංකාවේ එකල තිබුණු මේ ගැමි ජීවන රටාවට බද්ධ වෙමින්. ඒ බද්ධවීම ඇතුළේ තිබුණේ සුබ කටයුත්තක් සිදුකිරීම. ඒ සුබ මොහොතකින්. අද එය හඳුන්වන්නේ සුබ මුහුර්තය කියන නමින්. මේ සුබ මුහුර්තයේ දී අතීතයේ පළමුවෙන්ම කළේ කප් සිටුවීම. මේ දෙය කරන්නේ දෙවියන්ට කරන බාරයක් විදියට. ඒ බාරය අර්ථ ගන්වන්නේ කප් සිටුවීමෙන් සියලු වසංගත රෝග දෙවියන් දුරු කරන්නේය යන අදහස. බාරයක් ලෙස කප සිටුවීමෙන් පසු ඇතිවන විශ්වාසය වෙන්නේ දෙවියන් ලෙඩ රෝග දුර කරනවා කියන අදහස. ඒ ඉදිරි තුන් මාසය ඇතුළත. තුන් මාස ගෙවුණ තැන ගම්මඩුව නටන්නේ එම හේතුව මත.
ගැමියන්ගේ බලවත්ම අපලය වූයේ කුමක්ද ?
{ "answer_start": [ 184 ], "text": [ "වසංගත රෝග" ] }
ae1b0d14-e852-4c26-a0be-29b5c476477b
ප්‍රකට ගත් කතුවරයෙකු වූ ඔස්කා වයිල්ඩ්ද කරපටිය ගැන මෙසේ කියා ඇත. මනාව ගැට ගසන ලද ටයි පටිය ජීවිතයේ පළමු බැරෑරුම් පියවරයි. 1880 ගණන් වෙන විට අන් අයෙකුගේ කරපටිය ස්පර්ශ කිරීම වනාහි ද්වන්ධ සටනකට අභියෝග කිරීමක් විය. අපට අද දැක හුරු පුරුදු කරපටි වර්ග මෙකල ඒවායේ මූලික අවදීන්හි පරිණාමය වෙමින් පැවතිණි. 1920න් පසුව කරපටිය එතෙක් පැවති පෙනුම වෙනස් වීම කෙරෙහි දායක වූයේ නිව්යෝර්ක්හි විසූ කරපටි මසන්නෙකු වූ ජෙස් ලැන්ඩෝර්ෆ් විසින් කරපටි මැසීමට පෙර කැපීම සඳහා නව ක්‍රමයක් සොයාගත් බැවිනි. එක්තරා කෝණයකට අනුව කපන ලද මෙම කරපටිය කොටස් තුනක් එකතු කර මසන ලද්දක් වූ අතර පැළඳ සිටින විට ඇඹරීම ද දක්නට නොලැබිණි. සෝදා නැවත අඳින හැම වතාවකම එහි හැඩය නොවෙනස්ව පැවතිණි. මෙම නව නිපැයුම නිසා කරපටිය සඳහා තවත් ගැට වර්ග රැසක් භාවිත කරන්නට අවස්ථාව ලැබිණි.
ජෙස් ලැන්ඩෝර්ෆ් ජීවත් වන්නේ කොහේද?
{ "answer_start": [ 357 ], "text": [ "නිව්යෝර්ක්හි" ] }
abaeecc1-a7c4-4235-8723-4632fc9c16bf
‌මෙම කොවිෂීල්ඩ් සහ කොවැක්සින් එන්නත් ප්‍රමුඛතා නොවන කණ්ඩායම්වලට ලබා දීමට ඉන්දීය පාලක රජය සීරම් ආයතනයේ කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා කෝටි 1.1 ක ප්‍රදාන මිලදී ගැනීමද, භාරත් බයෝටෙක් ආයතනයේ නිෂ්පාදිත කොවැක්සින් එන්නත් මාත්‍රා ලක්ෂ 55ක්ද මේවන විට ලබා ගැනීමත් සමග ඉන්දියාව ලොව විශාලතම ප්‍රතිශක්තිකරණයේ නියමුවා වීමට සමත් වී ඇත්තේය. පළමු අදියරේ සති හතරක කාලයකදී අනුමත කරන ලද එන්නත්වලින් එකක් හෝ දෙකක් සෞඛ්‍ය සේවා සහ පෙරටුගාමී සේවකයින්ට ලබා දෙනු ඇත. මෙම එන්නත ලබා දීම කෙරෝනා වසංගතයේ අවසානය ආරම්භ වන බවට සංඥා නිකුත් වී හමාරය. මහජන සෞඛ්‍ය ප්‍රමුඛතා සම්බන්ධයෙන් ගත් කල, රජයට සමබර කිරීමේ ක්‍රියාවක් කිරීමට සිදුවනු ඇත. ඒ එන්නත් බෙදාහැරීමේදී ප්‍රවේශය සහ සාධාරණත්වය සහතික කිරීම එක් අභියෝගයකි. තවත් දෙයක් නම් අහිතකර සිදුවීම් වාර්තා කිරීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් ගොඩනැගීමයි.
මෙහි සදහන් එන්නත් ලබා දීමට සැලසුම් කරන සේවක දෙපිරිස කවුරුන්ද?
{ "answer_start": [ 389 ], "text": [ "සෞඛ්‍ය සේවා සහ පෙරටුගාමී සේවකයින්ට" ] }
da63bb6d-3e16-4b26-8e10-475f53aa0432
මෙලෙස ඉපැරණි රථ වාහන මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයට සිය දායකත්වය සපයන්නේ නම් එමගින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඔස්සේ රජයට සැලකිය යුතු ආදායමක් ලැබීමේ ඉඩ හසර පවතී. නමුත් මෙහිලා යම් සහනදායී වැඩපිළිවෙළක අවශ්‍යතාවය පැන නැගී තිබේ. නිදසුනක් ලෙස වසර විස්සකින් පමණ ධාවනය නොවූ හෝ ආදායම් බලපත්‍රය ලබා නොගෙන ඇති වාහනයක් පිළිබඳව සලකා බැලිය හැකිය. එවන් රථයක් යළි අලු‍ත්වැඩියා කොට ධාවනයට එක් කිරීමේදී එය ධාවනය නොවූ වසර විස්සට ම දඩ මුදල් ගෙවීමට සිදුවීම ප්‍රායෝගික නොවේ. එමෙන් ම ඒ ඔස්සේ සිදු වන්නේ පැරණි වාහනයක් යළි සකසා භාවිත කිරීමට සාමාන්‍ය ජනයා තුළ වන උනන්දුව හීනවීමයි.
සහනදායී වැඩපිළිවලක අවශ්‍යතාවය පවතින්නේ කුමක් සදහා ද
{ "answer_start": [ 6 ], "text": [ "ඉපැරණි රථ වාහන" ] }
8b6b53c0-52e1-40ea-85cb-a9fa97693c99
මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා පසුගිය 21 වැනි දින පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු බවට ද මෙ වන විට ආරක්ෂක අංශ හඳුනාගෙන ඇත. ඒ නිසාම පසුගිය අප්‍රේල් 25 සහ 26 විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ආරක්ෂක අංශවලට සොයා ගැනීමට අවශ්‍යම සැකකරුවන් තිදෙනෙකුගේ හා සැකකාරියන් තිදෙනෙකුගේ ඡායාරූප ප්‍රසිද්ධ කර තිබුණි. එය ප්‍රදර්ශනය කර පැය 24ක් යෑමටත් පෙර මේ අයගෙන් කිහිප දෙනෙක්ම ආරක්ෂක අංශවලට අත්අඩංගුවට ගැනීමට හැකි වීම ආරක්ෂක අංශ ලැබූ ජයග්‍රහණයකි. මෙම කාන්තාවගෙන් කරන ලද මූලික ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ කරගෙන ඇත්තේ සිය බිරිඳ සහ දරුවා සමග අතුරුදන්ව සිටි බුදු පිළිම කැඩීමේ ප්‍රධාන සැකකරු බිරිඳට තර්ජනය කර තමන් පිළිබඳ කිසිදු තොරතුරක් ආරක්ෂක අංශවලට පැවසුවහොත් මරණයට පත් කරන බව පවසා ව්‍යාජ හැඳුනුම්පතක් ද ලබා දී දෑස් බැඳ මහ මග දමා ගොස් ඇති බවයි. එම හැඳුනුම්පත ද මාතර ප්‍රදේශයේ සිංහල කාන්තාවකට අයත් එකක් වන බව පොලිසිය කියයි. කාන්තාව හා සැකකරු කොළඹ අවට ප්‍රදේශයක සිට මෙලෙස මාවනැල්ල ප්‍රදේශයට පැමිණ ඇති බව ද මේ වන විට මූලික ප්‍රශ්න කිරීම්වලින් කරුණු අනාවරණය කර ගෙන ඇති බව ආරක්ෂක අංශ පවසයි.
පාස්කු ප්‍රහාරය සිදුවූවේ කවදාද?
{ "answer_start": [ 35 ], "text": [ "පසුගිය 21 වැනි දින" ] }
9624d217-7355-44e8-868e-27b5370eb497
එම කට උත්තර අනුව මවගේ මරණයට සැක කළ හැකි කිසිවෙක් ගැන තොරතුරක් නොලැබිණ. නමුත් මුනුබුරෙක් සමඟ කතා බහ කිරීමේදී සිය මව ආච්චි අම්මා සමඟ නිතර රණ්ඩු වන බවත් සතියකට පමණ පෙරද ඇය ආච්චි අම්මාට පහරදුන් බවත් පොලිසියට පවසා තිබේ. ඒ අනුව කරන ලද පරීක්ෂණවලදී මරණකාරිය විශාල දේපලක් හිමි ධනවත් කාන්තාවක බව හෙළිවිය. එසේම සිය පුතාට දේපලවලින් කොටසක් ලියා ඇති මරණකාරිය අනෙක් කොටස මහලු මඩමකට පවරා දෙන්නට සූදානම්වී ඇත. ඒ බව දැනගත් ලේළිය මේ දේපළ සියල්ල තමන්ටම අත්පත් කරගැනීමේ අවශ්‍යතාවයෙන් නැන්දම්මා ඝාතනය කරන්නට හමුදාවෙන් පැන ආ සෙබළෙකුට කොන්ත‍්‍රාත්තුවක් භාර දී ඇති බවද හෙළි විය. ඒ අනුව ලේළිය හා ඝාතකයා අත්අඩංගුවට ගනු ලැබිණ.
සතියකට පමණ පෙර ඇය පහරදුන්නේ කාටද?
{ "answer_start": [ 169 ], "text": [ "ආච්චි අම්මාට" ] }
ac798420-a2ca-4520-a53f-bf5c5c4cace3
ග්වාතමාලාව හරහා හමා ගිය එටා සුළි කුණාටුවෙන් ඇතිවූ ධාරාණිපාත වර්ෂාව හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනකු පමණ මියගොස් තිබේ. ගංවතුරින් නිවාස සහ වාහන යටවී ඇති අතර දේපල හානි සිදුවී තිබේ. කාලගුණ අංශ පවසන්නේ එක් දිනක් තුළ දැඩි වර්ෂාවක් ඇද හැලීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ බවයි. මෙම රටවල් ඇතුලත් වන මධ්‍යම ඇමරිකානු කළාපයේ පමණක් එටා කුණාටුව හේතුවෙන් පුද්ලයන් 70 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. එළඹෙන සති අන්තයේ කියුබාවට හා ෆ්ලොරීඩාවට ඊසාන දෙසින් තවදුරටත් ශක්තිමත්ව කුණාටුව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඇමරිකා එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසයි.
සුළි කුනාටුව හමා ගියේ කොහේ හරහාද
{ "answer_start": [ 0 ], "text": [ "ග්වාතමාලාව හරහා" ] }
df36a006-0248-4879-9451-c90e70ee42f6
ඡන්ම කේන්දරයක් හරියාකාරව පරීක්ෂා කිරීමේදී එම කේන්දරයේ පවතින ග්‍රහ පිහිටීම් අනුව විවාහයක් තිබේද නොතිබේද යන්න පමණක් නොව ප්‍රමාද වී හෝ විවාහයක් සිදු වේද යන්න දැන ගත හැකිය. කේන්දරයෙන් හත් වැන්න ප්‍රධාන වශයෙන් මේ සඳහා පදනම් කර ගත යුතුය. මෙම හත් වැන්නේ කාමය, රාගය, ප්‍රජනනය ශක්තිය හා විවාහය ගැන කියැවෙයි. එමෙන්ම මාරක ස්ථානයක් හැටියට ද හඳුන්වා දී ඇත. අධ්‍යාත්මික ගුණ වගාවකින් මානසික හා කායිකව පෝෂණය වී ප්‍රීතිමත් ජිවිතයක ආරම්භය ලබාදීමට විවාහය උපයෝගී වෙයි. විවාහයේ නොගැළපීමක් යෙදී තිබුණොත් අභාග්‍ය ළඟා කරවයි. හරියාකාර කේන්දර ගැළපීමක් සඳහා පීතෘ කාරක රවි ද, මාතෘ කාරක සඳු ද, විවාහ කාරක සිකුරු ද, පුත්‍ර කාරක ගුරු ද ගැන විමසුම්ව බැලිය යුතු වෙයි. ගුරු ග්‍රහයා දුබල නොවී තිබීම යහපත්ය. ගුරු ගේ බලපෑම සාර්ථකව ලැබීමෙන් ශුක්‍ර බීජ හා ලිංගික හෝමෝන ශක්තිමත් වී බලවත් ජීවිකාරකයක් වීම උසස් ඡන්ම ලාභයකට හේතුය.
උසස් ඡන්ම ලාභයකට හේතු වන්නේ කුමන ග්‍රහයෙකුගේ බලපෑම සාර්ථකව ලැබීමෙන්ද?
{ "answer_start": [ 672 ], "text": [ "ගුරු ගේ බලපෑම" ] }
aba032d2-be75-4108-81ee-9cde19f95d1a
සිරිපාල කිව්වා නොවේ කියවුනා. ඒත් ආපස්සට ඒ වචන ගන්න බැරුව සිරිපාල තැවුණේය. සිරිපාල දැනන් හිටියා සිරියලතාගේ හිත එයින් හොඳටෝම රිදෙන බව. ඊටත් වඩා සිරියලතාගේ හිතත් සිරියලතාගේ අතත් ගියේ කුස මතට. මේ මොකවත් නොදන්න නොදරුවා ඇගේ කුසේ හොඳින් වැඩෙමින් සිටියාය. සිරිපාල සිරියලතාගේ අත මතින් තදින් අත තියා ගත්තේය. මම ඔයාව තනි කරන්නේ නැහැ. ඇගේ කන් පෙත්තක මුව තබමින් සිරිපාල හෙමින් මිමිණීය. ඇය අඳුරත් එක්ක හීනියට සිනා විය. අඬන්න එපා කියන්න වගේ සීතලට මදනල හමාගෙන ගියාය. දවසක් මහගෙදර ඉස්සරහ කඩුල්ල ළඟ දරුවෝ දෙන්නෙක් එක්ක හැඩකාර ගැහැණියක් හිටියාය. ඇගේ හඬට සිරියලතා හෙමින් හෙමින් එළියට ආවාය. ඈ බං ගැණියේ උඹ මගේ මිනිහා අල්ල ගත්තේ රටේ වෙන මිනිස්සු නැතුවද ඇය ගම දෙවනත් කරලා කෑ ගසන්නට විය. සිරියලතාට දැනුනේ හරිම අසරණ බවකි. ගමේ මිනිස්සු එකා දෙන්නා මේ ජවනිකාව බලන්න ඔළු ගෙඩි එක දෙක එළියට දාන්න පටන් ගත්තේය. හිතට දැනුන ලැජ්ජාවත් එක්ක සිරියලතා හෙමින් හෙමින් වැට අයිනට ආවාය. හෙමින් කතා කරන්න අක්කේ හැමෝටම ඇහෙනවා.
දවසක් මහගෙදර ඉස්සරහ කඩුල්ල ලඟ සිටියේ කවුද?
{ "answer_start": [ 481 ], "text": [ "දරුවෝ දෙන්නෙක් එක්ක හැඩකාර ගැහැණියක්" ] }
10637022-6a6c-4673-94d0-41a9b51391c8
ලොව බිහි වූ අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයන් අතළොස්ස අතර ඔහුටද හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. 2013 වසරේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා විට මෙම ක්‍රීඩකයා ටෙස්ට් ක්‍රිකට් තරග 200කට, ජාත්‍යන්තර එක්දින තරග 463කට, එක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකට, අයිපීඑල් තරග 78කට, චැම්පියන් ලීග් තරග 13කට සහ පළමු පෙළ තරග 310කට සහභාගී වී තිබිණි. මිතුරන් අතර ටෙන්ඩ්ල්යා ලෙසද, ක්‍රිකට් විචාරකයන් අතර මාස්ටර් බ්ලාස්ටර් නැතිනම් ලිට්ල් මාස්ටර් ලෙසද ප්‍රකට ඔහු ඉන්දියාවේ සචින් රමේෂ් තෙන්දුල්කාර්ය. ටෙස්ට් ක්‍රිකට් තරග මෙන්ම එක්දින තරගවලින්ද වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් ලොව එකම ක්‍රීඩකයා සචින්ය. ඔහු ටෙස්ට් ලකුණු 15,921කට හිමිකම් කියන අතර රැස් කර ගෙන ඇති එක්දින ලකුණු සංඛ්‍යාව 18,426කි. පළමු පෙළ තරගවලින් ලකුණු 25,396ක් ඔහු රැස් කර තිබේ. සචින්ගේ ටෙස්ට් පිතිකරණ සාමාන්‍යය 53.78ක් වන අතර එක් දින තරගවලදී එය 44.83ක් වේ. ඔහු ටෙස්ට් ද්විත්ව ශතක 6ක්, ශතක 51ක් හා අර්ධ ශතක 68ක්ද, එක් දින ද්විත්ව ශතකයක්, ශතක 49ක් හා අර්ධ ශතක 96ක්ද රැස්කර තිබේ.
මෙම ක්‍රීඩකයා ජාත්‍යන්තර එක්දින තරග කීයකට සහභාගී වී ඇතිද?
{ "answer_start": [ 197 ], "text": [ "463කට" ] }
28f548a5-09fc-4fea-84e1-ba0c57a4e92a
ග්වාතමාලාව හරහා හමා ගිය එටා සුළි කුණාටුවෙන් ඇතිවූ ධාරාණිපාත වර්ෂාව හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනකු පමණ මියගොස් තිබේ. ගංවතුරින් නිවාස සහ වාහන යටවී ඇති අතර දේපල හානි සිදුවී තිබේ. කාලගුණ අංශ පවසන්නේ එක් දිනක් තුළ දැඩි වර්ෂාවක් ඇද හැලීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ බවයි. මෙම රටවල් ඇතුලත් වන මධ්‍යම ඇමරිකානු කළාපයේ පමණක් එටා කුණාටුව හේතුවෙන් පුද්ලයන් 70 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. එළඹෙන සති අන්තයේ කියුබාවට හා ෆ්ලොරීඩාවට ඊසාන දෙසින් තවදුරටත් ශක්තිමත්ව කුණාටුව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඇමරිකා එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසයි.
මධ්‍යම ඇමරිකාවේ සුළි කුනාටුව නිසා මියගිය පිරිස කොපමණද
{ "answer_start": [ 344 ], "text": [ "පුද්ලයන් 70 කට වැඩි පිරිසක්" ] }
594f5745-0d70-4505-8f59-3dd0aaa370bb
1603 ජනවාරි මාසයේදී මල්වානේ රජ්ජුවෝ වූ අසවේදු තම සේනාව සමග අත්තනගල්ල දොරවක මැණික් කඩවර හා අට්ටාපිටිය පසු කරමින් ගමන් කළේය. ඊට පෘතුගීසි සෙබළුන් 1101 ක් හා ලස්කිරිඤ්ඤා භටයෝද සහභාගී වූහ. පෘතුගීසීන් හා විමලධර්මසූරිය රජුගේ සේනාව අතර කන්ද උඩරට බලන ප්‍රදේශයේ දරුණු ගැටුම් ඇති වෙද්දී සිංහල ජනතාව මල්වාන බළකොටුවට ප්‍රහාරයක් එල්ල කළහ. ඒ වන විට මල්වාන බළකොටුව භාරව සිට ඇත්තේ බණ්ඩියරාල නමැත්තෙකි. ඔහු තම බළකොටුවේ ආරක්ෂාව පිණිස බළකොටුවට යතුරු ලා යතුරු කැරැල්ල කැලණි ගඟට විසිකළ බව කියැවේ. කෙසේ වෙතත් මල්වාන බළෙකොටුව ගිනි තබා විනාශ කළ සිංහල පිරිස් විසින් එහි සිටි පෘතුගීසීහු 38 ක් මරා දමනු ලැබිණ.
මල්වානේ රජ්ජුරුවෝ වූයේ කවුද?
{ "answer_start": [ 40 ], "text": [ "අසවේදු" ] }
80e584f2-f4e7-446f-b346-a469cddb1173
සංගමන්කන්ද කඳවුරේ ඉදිරිපිට ජ්‍යෙෂ්‍ඨත්වයට අනුව අපේ කණ්ඩායම අණ දෙන නිලධාරි කරුණාසේන මහත්තයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පෙළ ගැසී සිටියා. ජීප් රථ කිහිපයක් පිරිවරාගෙන ආ කරුණාසේන මහත්තයා ඔහු පැමිණි ජීප් රථයෙන් බැහැලා ඇවිත් අපිට අතට අත දෙමින් සුබ පතන්න පටන් ගත්තා. මේ වෙන්නේ මොකක්ද කියා අපිට හිතා ගන්නා බැරිව ගියා. දඬුවම් විඳින්න වෙයි කියා හිතාගෙන හිටිය අපිට අත අත දී දීලා සුබ පැතුවේ ඇයිද කියන එක ලොකු ප්‍රශ්නයක් වුණා. පෙර දිනයේ අපේ කණ්ඩායම එල්ල කළ ප්‍රහාරයෙන් කංචිකුඩිච්චි ආරු ප්‍රදේශය බාරව සිටි කොටි සංවිධානයේ අණ දෙන නිලධාරියාව සිටි ශෂී සහ ඔහුගේ දෙවැනියා ඇතුළු කොටි ත්‍රස්තයන් කිහිප දෙනෙක් මැරුම්කා තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඒ බව කොටින්ගේ පණිවිඩ හුවමාරු ජාලයට සවන් දීමෙන් අපේ ලොකු නිලධාරින් තහවුරු කරගෙන තිබෙනවා. ඒ විතරක් නෙමේ කොටි හඬ ගුවන් විදුලියෙන් මේ නායකයන් දෙදෙනා මියගිය නිසා ශෝක ගී පවා ප්‍රචාරය කරලා.
අපේ කණ්ඩායම බලාපොරොත්තු වූ පැමිණීම කාගෙ ද?
{ "answer_start": [ 60 ], "text": [ "අණ දෙන නිලධාරි කරුණාසේන මහත්තයාගේ" ] }
0be93216-d95f-4fe0-b03b-32fb58f19e22
තවමත් ගල් යුගයේ වෙසෙන වනචාරී ගෝත්‍රිකයනට අවශ්‍ය මොළේ කල්පනාව නොව අතේ පයේ හයියයි. කොටින්ම කිව්වොත් හතුරෙකු සමග කරට කර සටන් කිරීමේ ජවයයි. මේ ජවය නොමැති නම් එය යම් තරුණයකුට විවාහයක් කර ගැනීමට නුසුදුසු කමක් ලෙස සැලකීම බොහෝ වනචාරී ගෝත්‍රිකයන්ගේ ගති ස්වභාවයයි. එනිසාම තරුණ වියට පැමිණි ගැටවරයන් ඔවුනගේ ප්‍රමුඛ පෙළේ සටන් ක්‍රීඩාව අඩුවක් නොමැතිවම පුරුදු විය යුතු වේ. ගැටවරයන් තමන් විවාහ වීමට සුදුසුකම් සැපිරූවුන් බව පෙන්වන්නේ ඔවුන්ගේ සුපුරුදු සාම්ප්‍රදායික ක්‍රීඩාවෙනි. එය වූ කලී යෂ්ටි ක්‍රීඩාවකි. ක්‍රීඩාවක් ලෙස හැඳින්වුවත් සැබැවින්ම එය ක්‍රීඩාවකට වඩා සටන් ක්‍රමයකි. එහෙත් මොවුන් එම සටන් ප්‍රදර්ශනය කරන්නේ ක්‍රීඩාවක් කරන ලෙසය.
කලී යෂ්ටි ක්‍රීඩාව යනු කුමක්ද
{ "answer_start": [ 544 ], "text": [ "සටන් ක්‍රමයකි" ] }
69cc2c15-0b0b-4381-953d-9a882dc4616d
ඔරුගොඩවත්තේ සිට ඉදිරියට ඇදෙන මෙම රේල් මඟ මෝදර අලුත් පාර ප්‍රදේශයේදී මහා මාර්ගයට යටින් ඉදිකළ උමගක් හරහා ගොස් වරායට පිවිස වාරය තුළ එක් එක් අතට විහිද ගිය තවත් දුම්රිය මාර්ග ජාලයක් හා එක්වේ. කොළඹ වරාය තුළ ඇති බඩු ගබඩා හා ජැටි වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා අතීතයේ සිටම මෙම මාර්ග ජාලය ඉදිකර ඇත. වරායේ වැඩ කටයුතු ආරම්භයේ පටන් 1970 දශකය දක්වාම ගොඩබිමට භාණ්ඩ ප්‍රවාහනය සිදුව ඇත්තේ දුම්රියෙනි. ඒ නිසාම එකල මුතුවැල්ල මාර්ගයේ බඩු ප්‍රවාහන දුම්රියන් දිවා රෑ එහෙ මෙහෙ යන්නට ඇත. භාණ්ඩ ප්‍රවාහනයට අමතරව මගී රේල්කාර් සේවාවක්ද මෙහි ක්‍රියාත්මක වී ඇති බව රේල්ලු අතීතය විමර්ශනය කිරීමේදී සොයා ගැනීමට හැකි විය. එම රේල්කාර් සේවාව කෙටි කලකින්ම අභාවයට ගොස් මුතුවැල්ල දුම්රිය මග මුළුමනින්ම භාණ්ඩ ප්‍රවාහනයටම පමණක් වෙන්ව තිබේ.
අතීතයේ සිටම මෙම මාර්ග ජාලය ඉදිකර ඇත්තේ කුමක් සදහාද?
{ "answer_start": [ 205 ], "text": [ "බඩු ගබඩා හා ජැටි වෙත භාණ්ඩ ප්‍රවාහනය" ] }
81bce972-bc12-4bb3-a5c0-d3222ef535a2
මදුරුවාට වඩා තරමක් කුඩා මැස්සෙකු වන වැලි මැස්සා මගින් මෙම චර්ම රෝගය ඇතිවෙන වන බවත් මදුරුවා මෙන්ම මෙම මැස්සා රුධිරය උරා බොන සත්වයකු යැයි කී මහාචාර්යවරයා මෙසේ පැවසීය. උතුරු මැද හා දකුණු පළාත්වල මුල් සමයේ දැකිය හැකි වූ රෝග වාහකය මේ වන විට සෙසු පළාත් කරා ව්‍යාප්තවීමේ අවදානමක් තිබෙන අතර මෙම කෘමියා මගින් ඇතිවන්නේ සුව කිරීමට තරමක් අපහසු චර්ම රෝගයක්. මෙම සත්වයා මෙරටදී චර්ම රෝගයක් සිදු කළත් ඉන්දියාව, පකිස්තානය හා බංගලාදේශය වැනි රටවලට ඇතිවන්නේ ඊට වඩා තරමක් වෙනස් වූ හානියක්. එම රටවල මිනිස් ශරීර අභ්‍යන්තරයට හානි සිදුවීම නිසා පුද්ගල මරණ රැසක් වාර්තාවී තිබෙනවා“
ඉන්දියාව, පකිස්තානය හා බංගලාදේශය වැනි රටවල පුද්ගල මරණ සිදුවීමට හේතුව කුමක්ද?
{ "answer_start": [ 477 ], "text": [ "මිනිස් ශරීර අභ්‍යන්තරයට හානි සිදුවීම නිසා" ] }
9b74eae8-9058-4813-8e4b-a5cb8fb5d9bc
‘අනේ සර් මම ඔය ගැහැනු ළමයා එක්ක අවුරුද්දක් විතර කාලයක් ඉදලා ෆේස්බුක් එකෙන් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය එක නම් ඇත්ත. ඒත් මම තවම ඒ ගැහැනු ළමයාව හැබැහින් දැකලා නැහැ. ගැහැනු ළමයා කියන කතාව සම්පූර්ණයෙන්ම බොරු. අනේ සර් මම කියන කතාව විශ්වාස කරන්න’. පොලිසියට කොටු වූ තරුණයා පොලිස් නිලධාරීන් හමුවේ බැගෑපත් වූවේ කඳුළු සලා වැලපෙමිනි. දහඅට හැවිරිදි වියේ පසුවූ මෙම තරුණයා ත්‍රිරෝද රථ රියැදුරෙකු නොව තවමත් පාසල් යන සිසුවෙකු බව පොලිසිය දැනගත්තේ ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදීය. මේ තරුණයා කියන කතාව සත්‍යයක් බව පොලිසිය තහවුරුකර ගත්තේ තරුණිය පරීක්ෂා කර බැලූ වෛද්‍ය මහාචාර්යවරයා කී කතාවෙනි. ‘මේ තරුණිය තවම කන්‍යාවියක්. ඇය කියන විදිහට ඇය කාගේ අතින්වත් දූෂණය වෙලා නැහැ. සිරුරේ සීරීම් තුවාලයක්වත් දකින්න නැහැ. මගේ වෛද්‍ය සේවා කාලය තුළ මේ වගේ කතාවක් ඇහැව්වේ පළමුවෙනි වතාවට’.
මේ තරුණයා කියන කතාව සත්‍යයක් බව පොලිසිය තහවුරුකර ගත්තේ කෙලෙසද?
{ "answer_start": [ 535 ], "text": [ "වෛද්‍ය මහාචාර්යවරයා කී කතාවෙනි" ] }
73d1d0e0-ca8a-43da-aa81-9133104c54f4
මතභේදාත්මක කාශ්මීර දේශසීමාවේ සිටින ඉන්දු පාකිස්තාන හමුදා පසුගිය මාස කිහිපයේදී සිය වතාවකට වැඩියෙන් එකිනෙකාට දෙසට වෙඩි හුවමාරු කරගත්හ. කෙසේ නමුත් පසුගිය මස 25 වැනිදා දෙරටේ හමුදා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළ අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන බව එහිදි සඳහන් කළේය. දෙරටේ එම ක්‍රියාමාර්ගය විගස පිළිගැනීමටත් ඊට ප්‍රංශසා කිරීමටත් ඇමෙරිකා එක්සත් ජනපදය එම අවස්ථාවේදී පියවර ගත්තේ ය. ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි ද ඇමෙරිකාව එහිදි දෙරටට දැන්වීය. ඇමෙරිකාවේ නව පරිපාලනය කෙරෙහි තමන් බලාපොරොත්තු තබා ඇතැයි ද පාකිස්තාන හමුදාපතිවරයා මෙම සමුළුවේ දී කීය.
දෙරටේ හාමුදා සටන් විරාමයක් ප්‍රකාශ කලේ කවදාද?
{ "answer_start": [ 154 ], "text": [ "25 වැනිදා" ] }
cce9b52f-8dc6-4292-bd7f-3896456a37ad
එකල ස්වදේශීය සේවයත්, වෙළෙඳ සේවයත් අතර යම් යම් හැලහැප්පීම් තිබුණි. වෙළෙඳ සේවයේ වැඩකරන අයට ගුවන් විදුලියෙන් ලැබෙන ගෙවීම්වලට අමතරව අනුග්‍රාහකයින් ගෙනුත් මුදල් ලැබීම එයට හේතුවක් විය හැකිය. ස්වදේශීය සේවයේ අයවලු‍න් කීවේ වෙළෙඳ සේවයේ ඉන්නේ වෙළෙන්දන් කියාය. මේ ගැටුම සමථයකට පත්කිරීමට අධ්‍යක්ෂ ජනරාල් රිජ්වේ තිලකරත්න මහතා කළේ දෙපැත්තෙන්ම නිවේදකයින් කලින් කලට මාරු කිරීමයි. එහෙත් අනුග්‍රාහකයින් තමන්ට පුරුදු නිෂ්පාදකයින් නිවේදකයින් ඉල්ලා සිටීම නිසා එම ක්‍රමය ප්‍රතිඵල ගෙන දුන්නේ නැත. රිජ්වේ තිලකරත්න මහතා ඊළඟට කළේ නිවේදකයින්ට කළ හැකි වෙළෙඳ වැඩසටහන් මසකට හතර දක්වා අඩු කිරීමයි.
යම් යම් හැලහැප්පීම් තිබුණේ කුමක් අතරද?
{ "answer_start": [ 4 ], "text": [ "ස්වදේශීය සේවයත්, වෙළෙඳ සේවයත් අතර" ] }
7007ab76-5211-47e2-bb29-4e2e9466761c
ලාංකීය ඉතිහාසය තුළ විවිධ සිද්ධීන් හා චරිත ඉස්මතු කරමින් ඉතිහාසගත සිද්ධීන් හා ඇතැම්හු යුග පුරුෂයන් බවට පත් කිරීමටත්, ඇතැම් දේ හා පුද්ගලයන් නාමිකව පමණක් තැබීමටත්, ඇතැම් චරිත ඉතිහාසය තුළින් මකා දැමීමටත් ඉතිහාස ග්‍රන්ථ තුළ ගැබ්ව ඇති පුවත් දෙස ඕනෑකමින් බලන විට මනා ලෙස පැහැදිලි වේ. එවන් තත්ත්වයක් ඇති වීමට විවිධ හේතු ඇත. මහාවංශයේ සඳහන් පරිදි ඉතිහාසයේ ලාංකීය යුග පුරුෂයා දුටු ගැමුණු කුමරු ය. එහෙත් එසේ එතුමා වීරත්වයට පත්වීමට ඉමහත් මෙහෙයක් කළ කාවන්තිස්ස රජු පිළිබඳව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වන්නේ ඉතාමත් අල්ප වශයෙනි. එමෙන්ම දුටු ගැමුණු-එළාර යුද්ධයේ දී මහත් මෙහෙවරක් කළ දසමහා යෝධයින් ගැන ද සඳහන් වනුයේ ඉතා කෙටියෙනි. එහෙත් දුටු ගැමුණු-එළාර යුද්ධයේ දී විශාල කාර්ය භාරයක් දසමහා යෝධයින්ගෙන් ඉටුවී තිබුණත් ඒ කාර්යය භාරය පිළිබඳව සඳහන් වන්නේ සංක්‍ෂිප්තවය. එහෙත් මෙම දසමහා යෝධයින් පිළිබඳව සැඟව ගිය තොරතුරු රාශියක් ඇත. ඒවා කාලයත් සමගම යටපත්ව ගොස් ඇති අතර එළිදරව් නොවන තත්ත්වයක පවතී. දුටු ගැමුණු රජුගේ යෝධයන් පිළිබඳව බලන විට ඇතැම් චරිත ඉස්මතු වන අතර, ඇතැම් චරිත යටපත්ව ගොස් ඇත. නන්දිමිත්‍ර, සුරනිමල, ගෝඨයිම්භර, ථේරපුත්තාභය වැනි චරිත ඉදිරියට පැමිණ ඇති අතර ඇතැම් චරිත යටපත්ව ඇත.
දුටුගැමුණු එළාර යුද්ධයේ මහත් මෙහවරක් කරේ කවුද ?
{ "answer_start": [ 560 ], "text": [ "දසමහා යෝධයින්" ] }
bfd1c94f-743e-4c83-b455-2522024951e1
සිංහල භාෂාවේ ප්‍රභවය වසර 6000 ක් පමණ ඈතට දිව යන බවත් පූර්ව ඉන්දු යුරෝපීය භාෂාවක් වූ එය ක්‍රි.පූ. 4500 - 3500 ක් අතර කාලයේදී දක්ෂිණ රුසියානු ප්‍රදේශවල එඬේරුන් විසින් භාවිත කළ කථන භාෂාවක් වූ බව සත්‍ය වශයෙන්ම පිළිගත හැකි බව ඔවුහු ප්‍රකාශ කරයි. දක්ෂිණ රුසියානු තණබිම්වල වැසියන් ආර්යයන් ලෙස යුරෝපයට සහ ආසියාවට සංක්‍රමණය වූයේ ඔවුන්ගේ එම ව්‍යවහාරික භාෂාව ද සමඟ බව ඔවුහු දෙදෙනා තවදුරටත් සඳහන් කරති. සින්ඩ් හෙවත් සින්ධු නදී තීරයෙහි පදිංචි වූ සිංහ වැසියන් ක්‍රමයෙන් ගංගා නම් ගංගා තැනිතලා පෙදෙස්වලට අවුත් ජනපද පිහිටුවා ගත් අතර, ක්‍රි.පූ. හත්වන ශත වර්ෂය වන විට සුර්සේනි නමින් ජනපදයක් යමුනා ගඟබඩ පිහිටුවා ගන්නා ලදී. මොවුන්ගේ අග නගරය වූ මථුරාව හඳුන්වන ලද්දේ ‘සිංහ පුරය’ යන නමිනි. සාරානාත් කෞතුකාගාරයේ ඇති මෙම පෙදෙසින් සොයා ගත් කෞතුක භාණ්ඩ විස්තර කර ඇත්තේ මථුරාව හෙවත් පැරණි සිංහ පුරයෙන් සොයාගත් ද්‍රව්‍ය වශයෙනි. සුර්සේනි ජනපදයේ සිට පැමිණි පිරිස ලංකාවේ රාජ්‍යත්වයට පත් වූහ. විල්හෙල්ම් ගෛගර් පඬිතුමා ‘ලංකාවට සිංහල නාමය ගෙන එන ලද්දේ පණ්ඩුවාසදේව විසින්’ යැයි පවසන්නේ මේ නිසාය.
සුර්සේනි ජනපදයේ අගනගරය වූයේ කුමක්ද?
{ "answer_start": [ 624 ], "text": [ "මථුරාව" ] }
6c1c806c-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
එම ව්‍යාකූල තත්ත්වය තුළ මූලිකවම දක්නට ලැබෙන තත්ත්වයක් වන අමතක වීම හේතුවෙන් අමතක වීමේ රෝගය ලෙස මෙම රෝගී තත්ත්වය හැඳින්වීමට බොහෝ දෙනෙක් පෙළඹී තිබේ. ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයන් වල දක්නට ලැබෙන එක් තත්ත්වයක් වන මොළයේ ඉදිරි සෛල වලට හානි සිදුවීමෙන් ඇතිවන ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය ත්‍ඔෘ (ත්‍රදබඑද ඔැපචදර්ක ෘැපැබඑස්) යනුවෙන් හඳුන්වනු ලැබේ. ඩිමෙන්ෂියා රෝගීන්ගෙන් 2% පමණ මෙම රෝගී තත්ත්වය ඇතිවේ. එහිදී පෞරුෂත්වය පිළිබඳ ගැටළු, භාෂාව සමඟ හැසිරීම්වල වෙනස්වීම් මෙන්ම මානසික හැකියාවන්වල සහ මතකය සම්බන්ධ ගැටළු ද ඇතිවේ.එසේම මාංශ පේශීවල දුර්වලතාවන් මෙන්ම ගිලීමේ අපහසුතාවන් ඇති වීම ද සිදුවිය හැකිය. කෙසේ වුවත් ඩිමෙන්ෂියා තත්වය හඳුනාගැනීමට තනි පරීක්ෂණයක් නොමැති වීම මෙම රෝගය වැළඳුණු තැනැත්තන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට හේතුවූ කරුණකි.
ඩිමෙන්ෂියා රෝගීන්ගෙන් කොපමණ ගණනකට මෙම රෝගී තත්ත්වය ඇතිවේද?
{ "answer_start": [ 337 ], "text": [ "රෝගීන්ගෙන් 2% පමණ" ] }
77b4b1bf-2f7d-4db9-9e88-30356fddfc3f
මේ වනවිට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් පසුව මුළුමුණින්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නට තිරණය කර ඇති හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝණි ඉදිරියේදී චිත්‍රපට නිෂ්පාදනයට එකතු වීමට බලාපොරෙත්තුවෙන් සිටින බව සඳහන් වෙයි. දෝණි මෙසේ චිත්‍රපට නිෂ්පාදනයට එකතු වෙන්නේ නයනතාරා රංගනයෙන් දායක වෙන දමිල චිත්‍රපටයක් නිෂ්පාදනය කරමින් බව සඳහන් වෙයි. මෙවර චෙන්නයි සුපර් කිංග්ස් තේමා ගිතය නිර්මාණය කරන ලද්දේ නයනතාරාගේ පෙම්වතා වන විග්නේෂ් ශිවන් වන අතර, ඔහු සමග කළ කතාබහකින් පසුව දෝණි මෙසේ චිත්‍රපට නිෂ්පාදනයට එකතුවිමට කැමැත්ත පළ කර තිබෙන බව දැනගැනීමට ලැබේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් පසුව මුළුමුණින්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නට තිරණය කර ඇත්තේ කවුද ?
{ "answer_start": [ 123 ], "text": [ "හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝණි" ] }
8ef7eb6f-4ea8-48dd-8b9d-e5ff5e99a5dc
නූතන අශ්වයකුගේ වැනි හිසක් සහිත පියාසර කළ නොහැකි දැවැන්ත පක්ෂි විශේෂයක් අදින් වසර ලක්ෂ 500ට පෙර මිහිතලය මත දිවි ගෙවා ඇතැයි පර්යේෂකයෝ පිරිසක් කියති. මේ සත්ත්ව විශේෂය ආක්ටික් පෙදෙසේ සිට යුරෝපය හා ආසියාව තෙක් පැතිර සිටින්නට ඇතැයි ද ඔවුන්ගේ අදහස වී ඇත. කොලරාඩේ විශ්වවිද්‍යාලය, බෝල්ඩර් විද්‍යාලය හා චීන ෆොසිල අධ්‍යයන ආයතනයට එක්ව මේ පර්යේෂණ සිදුකර ඇත. පර්යේෂකයන් පවසන්නේ අශ්වයකුගේ හිසකට සමාන හිසකින් යුතු මේ අපූරු පක්ෂියා අශ්වයකුට වඩා විශාල හා බරැති සත්ත්ව විශේෂයක් වන බවයි. මොවුන් ශාක පත්‍ර‍, ඇට වර්ග හා පලතුරු ආදිය බුදිමින් ජීවත් වී ඇති බව හොටය අනුවර්ථනය වී ඇති ආකාරය අනුව විද්‍යාඥයෝ කියති.
මේ පර්යේෂණ සිදුකර ඇත්තේ කවුරුන් හා එක්වද?
{ "answer_start": [ 293 ], "text": [ "චීන ෆොසිල අධ්‍යයන ආයතනයට එක්ව" ] }
cefb598a-eeb0-4b7f-9bd0-2af980f544e3
තමා සුඛෝපබෝගි නිවසක් සහිත ඉඩමක් මිලදී ගත් බවත්, තම වැඩිමහල් පුතා ඉංජිනේරුවකු වශයෙන් සිංගප්පූරුවේ සේවය කරන බවත්, දෙවැනියා වෛද්‍යවරයකු බවත් තුන්වැන්නා පරිපාලන සේවයේ රැකියාවක නිරතවන බවත්, තිදෙනාම විවාහ වී ඇති බවත් සිරිදාස මට වැඩිදුරටත් පැවසීය. දැන් තමාත් බිරිඳත් පමණක් ගෙදර සිටින බවත් අද ඇස්වලට බෙහෙත් ගැනීම සඳහා කොළඹට පැමිණි බවත් ඔහු පැවසීය. දෛනිකව වසර ගණනාවක්ම ඇස්වලට මී පැණි දැමීම නිසා තම ඇස්වල පෙනීම අඩුවීගෙන යන බවත් සිරිදාස තවදුරටත් මා සමග පැවසුවේ ශෝකාන්විත ලෙසයි. ඇස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් දිගටම ප්‍රතිකාර කළමුත් දීර්ඝ කාලයක් දිගටම ඇස් දෙකට මීපැණි දැමීම නිසා ඇස් දෙකේම පෙනීම නැති වී සදාකාලික අන්ධයකු ලෙස ජීවිතය ගෙවන බව ඔහු බැලීමට ඔහුගේ නිවසට ගියවිට මට දැනගන්නට හැකිවිය.
සිරිදාස දිගටම ප්‍රතිකාර ගත්තේ කාගෙන්ද?
{ "answer_start": [ 467 ], "text": [ "ඇස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන්" ] }
4a5179cb-86ab-42b8-b089-db79f33e08e2
මෙසේ ආරක්ෂාවට මායිමේ ඉදිකර ගනු ලබන වැටක ඇතිවන අතුරු පල ඉඩමේ මායිම් පිටත අල්ලපු ඉඩමේ අයිතිකරු සමග ඇති සමගිය පවත්වාගෙන යාමටද අතිශයින් බාධාවක් වේ. වැට දෙපස සිට හුවමාරු කරගන්නා කලහකාරී බස් දෙඩවිලි බොහෝ විට කෙළවර වන්නේ ගුටි බැට හුවමාරුවී අතිශය කලහකාරී ස්වභාවයෙන්. එක්තරා අවධියක ලංකාවේ දකුණුබද පෙදෙස්වල මිනීමැරුම් ආදී වශයෙන් වූ භයානක ආරවුල්වලට මූලික හේතුවී ඇත්තේ ඉඩම් ආශ්‍රිතව හට ගන්නා ආරවුල් බව පර්යේෂණයක් මත සොයා ගනු ලැබ ඇත. ඉඩමක මායිමේ වැටක් ඉදිකළ වහාම පොදු මායිමේ පිටතින් යාබදව පිහිටි ඉඩමේ අයිතිකරු විසින් පොදු මායිමේ නිරවද්‍යතාවය ආරවුල් කරනු ලබයි. ආරවුල දුරදිග ගිය විට සාමය සොයා පළාතේ සමගි මණ්ඩලයට යයි. එහිදී ආරවුල විසඳීමට මිනින්දෝරු මහතකු ලවා ඉඩමේ මායිම් මැන පෙන්වීමට එකඟ වෙති.
ඉඩමේ මායිම් මැන පෙන්වන්නේ කවුද?
{ "answer_start": [ 622 ], "text": [ "මිනින්දෝරු මහතකු" ] }
058f5f46-83e4-4a44-908a-02a3c6b6ff32
සාමාන්‍ය පෙළ ලියන කාලේ ප්‍රේම සම්බන්ධයක් තිබුණා. එයා තමයි මාව ඉගෙන ගන්න උනන්දු කළේ. එයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඉතිං එයාගේ උනන්දුව නිසා මම සාමාන්‍ය පෙළ විභාගය ඩී හයයි සී දෙකක් එක්ක පාස් වුණා. ඒ කාලේ තිබුණේ ඒ, බී නෙවෙයිනේ. ඩී තමයි හොඳම. ඉතිං මම හොඳට පාස් වුණා. ඊට පස්සේ උසස් පෙළ වාණිජ අංශයෙන් ඉගෙන ගත්තා. ඒත් උසස් පෙළ විභාගයට ආසන්නම කාලේ මගේ පෙම්වතිය මාව අත්ඇරලා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තා. ඒකට මගේ හැසිරීම් බලපාන්න ඇති කියලා දැන් හිතෙනවා. මොකද ඒ වෙනකොට මම ගංජාවලට පුරුදු වෙලා හිටියා. ඒ වගේම මාමලාගේ අඩි පාරේ යමින් චණ්ඩි වැඩවලටත් සම්බන්ධවෙන්න පටන් අරන් තිබුණා.
ප්‍රේම සම්බන්ධය තිබුනේ කුමන කාලයේදීද
{ "answer_start": [ 0 ], "text": [ "සාමාන්‍ය පෙළ ලියන කාලේ" ] }
aa801b18-b5ce-4f1b-a7e1-ec4ae9c8f988
මෙවැනි දෝෂ ඔබේ නිවසට බලපා ඇත්නම් එය නිසි ලෙස සකසාගන්න. එසේ නොහැකි නම් බ්‍රහ්ම පාදය වෙනස් වන ආකාරයට නිවසට තව කොටසක් එක්කර ගන්න. එය කේන්ද්‍රයන් බලා අය වැය බලා අයවන ලෙස සකසා ගන්න. නිවසේ බ්‍රහ්ම පාදය නැතිනම් මරුසුළිය සාලයේ නිතර පෑගී යන්නේ නම් එම ස්ථානයේ පිත්තල පහනක්, මල් පෝච්චියක්, ටීපෝවක් තබන්න. පෑගී නොයන ලෙස විශේෂයෙන් ඔබ නිවාස සැලසුමක් සැලසුම් ශිල්පියෙකුට ලවා ඇඳගන්නට පෙර ජ්‍යොතිෂ්‍ය හා වාස්තු විද්‍යා ගැන පූර්ණ දැනුමක් ඇති අයකුගේ උපදෙස් පතා සැලසුම ඇඳ ගැනීමෙන් ඔබට පසුකළ දුක්කරදර ඇති නොවේ. වෙනස් කිරීම්ද කිරීමට සිදු නොවේ. එනිසා බ්‍රහ්ම පාදය නැතිනම් මරු සුළිය ඉතා පිරිසිදුව නොපෑගෙන ලෙස හා හානි නොවන ලෙස සකසා ගන්න.
පිරිසිදුව නොපෑගෙන ලෙස හා හානි නොවන ආකාරයෙන් සකසා ගත යුත්තේ කුමක්ද?
{ "answer_start": [ 528 ], "text": [ "බ්‍රහ්ම පාදය" ] }
47bdfadc-dfbf-4ad9-9333-954e2e5c6872
ක්‍රි.පූ. 2500දී පමණ ඉදිකර ඇතැයි සැලකෙන මෙම ප්‍රතිමාව පාරාවෝ කැෆ්රේ රජ සමයේ නිර්මාණය කරන ලද බවට අනුමාන කෙරේ. පාරාවෝ කැෆ්රේ රජුගේ පාලන සමය ක්‍රි.පූ. 2550 සිට ක්‍රි.පූ. 2450 අතර කාලය බවට විශ්වාස කෙරේ. මහා ස්ෆින්ක්ස් ප්‍රතිමාව මීටර 73ක් දිගින් හා මීටර 20ක් උසින් යුතුය. ඊජිප්තුව අතීතයේ තුර්කි ආක්‍රමණවලට ලක්වීම හේතුවෙන් මෙම ප්‍රතිමාව හානියට පත් විය. 1936 පමණ වනතෙක් එය දෙවුර තෙක් පොළොවේ ගිලී තිබූ අතර පුරාවිද්‍යා කැණීම් මගින් එය වර්තමානයේ පවතින තත්වයට තහවුරු කෙරිණි. ගීසාහි මහා ස්ෆින්ක්ස් ප්‍රතිමාව උමං මාර්ග සහිත භූමි සංකීර්ණයක් මත ඉදිකර ඇතැයි පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබේ. එය භූගත රහස් නගරයකට පිවිසෙන දොරටුවක් විය හැකියැයි ඔවුන් අනුමාන කරන අතර ඊජිප්තු බලධාරීන් ප්‍රතිමාවේ භූ ගර්භය පරීක්ෂා කිරීමට අවසර ලබා නොදීම මත එම අභ්‍යන්තර නගරය සොයාගැනීමට මෙතෙක් අවකාශ ලැබී නොමැත. ස්ෆින්ක්ස් ප්‍රතිමාව අභ්‍යන්තරයේ ඇති භූගත රහස් නගරය සොයාගතහොත් ඊජිප්තු ඉතිහාසය වෙනස් විය හැකියැයි යන බිය හේතුවෙන් එහි පුරාවිද්‍යාත්මක කැණීමක් සිදු කිරීමට බලධාරීන් බියවන්නේ යැයි ඉතිහාසඥ ගැරී කැනන් සඳහන් කර තිබේ.
මහා ස්ෆින්ක්ස් ප්‍රතිමාවේ දිග කොපමණද?
{ "answer_start": [ 224 ], "text": [ "මීටර 73ක්" ] }
2cb544c0-44bb-49a5-b26b-ab2683cc1b2b
වන සතුන්ට පමණක්ම උරුම වූ මේ සුවිශේෂි නකල්ස් වනාන්තරය තුළ රැහැයි හඬ පමණක්ම ඇසෙන එහෙත් ඉඳහිට වෙනත් සතුන්ගේ කෙඳිරිලි හඬ මැද්දේ දිගුකලක් තිස්සේ සිදුකළ මහා පරිමාණ කැණීම සිදුකළ සියලු පුද්ගලයින් හා භාණ්ඩ විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්විය. විදේශීය රටක පුද්ගලයෙකුට රුපියල් කෝටි 15ක මුදලකට කැණීම් භූමියේ පවතිනවා යැයි කියන අකුණු සන්නායකය ලබාදෙන පොරොන්දුව මත මෙම කැණීම සිදුකර ඇති බව විශේෂ කාර්ය බලකාය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මෙහෙයුම සඳහා ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් හා මාතලේ දිස්ත්‍රික් වන සංරක්ෂණ නිලධාරීන්ගේ ද සහාය ලැබිණි.
නකල්ස් වනාන්තරය උරුම කවුරුන් හටද?
{ "answer_start": [ 0 ], "text": [ "වන සතුන්ට" ] }
8710ccd2-a174-4966-9717-887d9b4a0841
පස් වැනි භාවය ඇසුරෙන් පළමු වැනි දරුවා ද, සත් වැනි භාවයෙන් දෙවැනි දරුවා ද නව වැනි භාවයෙන් තුන් වැනි දරුවා ද එකොළොස්වැනි භාවයෙන් සිව්වැනි දරුවා ද පළමු භාවයෙන් පස්වැනි දරුවා ද තුන් වැනි භාවයෙන් හය වැනි දරුවා ද පිළිබඳව විස්තර දැනගත හැකිය. හය වැනි දරුවාගේ කේන්දරයේ තුන් වැනි භාවයෙන් සත් වැනි දරුවා හා සය වැනි දරුවාගේ කේන්දරයේ තුන් වැනි භාවයෙන් අට වැනි දරුවා ද ආදී වශයෙන් සෙසු දරුවන් පිළිබඳව ද විස්තර දැනගත හැකිය. ජ්‍යොතිර්වේදී මිල්ටන් හේවාපතිරණ, සුමග ජ්‍යොතිෂ කාර්යාලය, නව වෙළෙඳ සංකීර්ණය, බොරැල්ල බස්නැවතුම්පල අසල.
එකොලොස්වැනි භාවයෙන් දැනගත හැක්කේ කිනම් දරුවා ගැනද?
{ "answer_start": [ 127 ], "text": [ "සිව්වැනි දරුවා" ] }
58fd9cb7-0965-4ab3-ba7b-ff59ebbcca74
සියෙරා ලියෝන්හි අගනුවර වන ෆ්‍රීටවුන් හි සිදු වූ අනතුරකින් පුද්ගලයන් 91 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්ධන ප්‍රවාහනය කරන ලොරියක් සහ තවත් ලොරියක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙන එම ගැටීමෙන් පසු විශාල පිපිරීමක් සිදුව ඇතැයි ද වාර්තා වේ. ඉන්ධන ටැංකිය සහිත ලොරිය සහ අනෙක් ලොරිය ගැටීමෙන් අනතුරුව තෙල් කාන්දුවක් සිදුව තිබෙන අතර අනතුර සිදුව ටික වේලාවකින් විශාල පිපිරීමක් ද සහිතව ගින්නක් ඇති වී තිබේ. ඉන්ධන ප්‍රවාහන ලොරිය ආසන්නයේ දැඩිව පිළිස්සුණු සිරුරු තිබෙන අයුරු දැක්වෙන විඩියෝ පට කිහිපයක් ද සියෙරා ලියෝන් හි මාධ්‍ය වාර්තා කර තිබිණි.
ෆ්‍රිටවුන් කුමන රටේ අගනුවරද
{ "answer_start": [ 0 ], "text": [ "සියෙරා ලියෝන්හි" ] }
48366209-d09d-4303-b319-2386de3a7779
මෙය නිපදවීමේදී මයික්‍රෝ නැනෝ සංවේදක නිපදවීම පිළිබඳව පුළුල් ඇත්දැකීම් සහිත මොරටුව විශ්ව විද්‍යාලයේ මෙකාට්‍රොනික්ස් සම්බන්ධීකාරක, යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය රංජිත් අමරසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙය නිර්මාණය විය. මේ සඳහා ද්‍රව්‍ය හා විද්‍යා ඉංජිනේරු අධ්‍යනාංශයේ අංශ ප‍්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් වේරගොඩ සහ ජපානයේ සපෝරෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අට්සුශි මිටානි යන මහත්වරුන්ගේ සහායද ලැබිණි. ත‍්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය බොහෝ දුරට ගෘහ නිර්මාණ ශිල්පීන්, ග‍්‍රැෆික් නිර්මාණකරුවන්, පාසල් දරුවන් විසින් නොයකුත් අනුරූ නිර්මාණය කිරීමට යොදාගත්තද සංවේදකවල අභ්‍යන්තරික ව්‍යුහාත්මක ලක්ෂණ පාලනය කරන ක‍්‍රමවේද සිදුකිරිමට යොදා ගන්නා ප‍්‍රවණතාව ඉතා අඩු මට්ටමක පවතී. ඒ අභියෝගයට මුහුණදෙමින් බල සංවේදකයේ අභ්‍යන්තරික ව්‍යුහාත්මක ලක්ෂණ ගණිත සංකල්ප සහ සමාකෘතික ක‍්‍රමවේද උපයෝගී කරගෙන එහි සැකැස්ම නිර්මාණය කළ අතර පසුව ත‍්‍රිමාණ තාක්ෂණයෙන් මෙහි මූලික කොටස් ඔවුහු නිපද වුහ.
මෙහි මූලික කොටස් ඔවුහු නිපදවුයේ කුමන තාක්ෂනය යොදගෙනද ?
{ "answer_start": [ 824 ], "text": [ "ත‍්‍රිමාණ තාක්ෂණයෙන්" ] }
032fddac-3edb-4f5d-8bcc-80f93e6ebe91
කෙසේ නමුත් අපගේ ක්‍රියාදාම චාරිකාව වූයේ සුදුගල කන්දයි. එබැවින් අප සුදුගල කන්ද තරණයට දින වකවානු යොදාගෙන ගමන පිටත් වූයේ කෙසේ හෝ මෙම බංගලාව කුමක් දැයි කියා සොයා බලන අටියෙනි. කොළඹ සිට මහනුවර හරහා මාතලේට පැමිණ රත්තොට මාර්ගයෙන් රිවස්ටන් වෙත ළඟා වන විට වේලාව පාන්දර 5 පමණ විය. තවමත් ඝන මීදුමකින් මාර්ගය වසාගෙන සිටින බැවින් රිය ධාවනයේ දී අපි වඩාත් ප්‍රවේසම් වුණෙමු. හෙමි හිමිහිට පිටවල පතන ද පසු කොට අපි හන්දියකට පැමිණියෙමු. ඉන් දකුණට රත්නින්ද පාරට හරවා රත්නින්දට ළඟා වූයේ ගැමියන් තවමත් සුව නින්දේ පසුවන විටදීය.
සුදුගල කන්ද තරණයට පිටත් වූයේ කුමක් සොයා බැලීමේ අටියෙන්ද?
{ "answer_start": [ 130 ], "text": [ "බංගලාව" ] }
5b9b07d3-7030-4943-a24f-0cc97c85de90
රුසියානු විශේෂ යුද මෙහෙයුම හේතුවෙන් යුක්රේන හමුදාවන්ට සිදු වූ හානි යුක්රේන රජය වසන් කරන බව රුසියාව චෝදනා කරයි. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවේ පසුගිය පෙබරවාරියේය. මොස්කව් පැවසුවේ රුසියානු යුද මෙහෙයුම ආරම්භයේ සිට මේ දක්වා යුක්රේන සොල්දාදුවන් සහ විදේශ කුලී හේවායන් 23,367 දෙනකුට මේ දක්වා ජීවිත අහිමි වී ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි යුද්ධයෙන් සිදුවන හානි වසන් කරන බවට ජෙනරාල් ඉගොර් කොනශෙන්කොව් පසුගියදා චෝදනා කළේය. කෙසේ නමුත් යුක්රේන රජය පැවසුවේ රුසියානු යුද මෙහෙයුම හේතුවෙන් සොල්දාදුවන් 2500-3000 ප්‍රමාණයකට ජීවිත අහිමි වූ බව සී.එන්.එන් නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇති අතර රුසියාවට සොල්දාදුවන් 20000ක ප්‍රමාණයක් අහිමි වූ බවද පෙන්වා දී තිබේ.
යුක්‍රේනජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ජෙනරාල් ඉගොර් කොනශෙන්කොව් පසුගියදා චෝදනා කළේ ඇයි?
{ "answer_start": [ 409 ], "text": [ "යුද්ධයෙන් සිදුවන හානි වසන් කරන බවට" ] }
b9285da3-4dac-4088-99a9-d39c4a81f981
නිම්රත් කවුර් ඉපදුණේ 1982 මාර්තු 13 දා රාජස්තානයේ පිලානිහි සික් පවුලකය. ඇගේ පියා යුද හමුදා නිලධාරියෙකු වූ අතර 1994 දී ඔහු කාශ්මීර් ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන මරා දමනු ලැබිණි. ඉනික්බිතිව ඇගේ මව, නිම්රත් සහ නැගණිය රූබිනා දිල්ලියේ තදාසන්න ප්‍රදේශයක පදිංචියට ආහ. දිල්ලි පොදු පාසැලින් ඉගෙනුම ලැබූ ඇය ශ්‍රී රාම් විශ්ව විද්‍යාල කොලීජියට ඇතුළත් වී වාණිජ අංශයෙන් උපාධිය ලබා ගත්තාය. ඇය ක්ෂේත්‍රයට පිවිසියේ නිරූපිකාවක ලෙසිනි. පසුව වේදිකා නාට්‍යවලට එක් වූවාය. බැග්ඩෑඩ් වෙඩින්, ඕල් අබවුට් විමෙන්, රෙඩ් ස්පැරෝ ආදිය ඒවායින් කිහිපයකි. ඇය අනුරාග් කාශ්‍යප් ගේ පෙඩ්ලර්ස් චිත්‍රපටියේ රඟ පෑවේ හින්දි චිත්‍රපටි කිහිපයක රඟ පෑමෙන් අනතුරුවය. ඇය රසිකයන් අතර නම රඳවා ගත්තේ එම චිත්‍රපටියෙනි. ද ලන්ච් බොක්ස් චිත්‍රපටියේ ඇය රඟ පෑ චරිතයට සම්මාන ද ලැබිණි. 2016 එයාර්ලිෆ්ට් චිත්‍රපටියේ රඟ පෑවාට පසුව කලක් නිහඬව සිටි ඇය 2022 දී දාස්වි චිත්‍රපටියෙන් නැවත කළඑළි බැස්සාය. නිසි අධ්‍යාපනයක් නොලත් දේශපාලනඥයෙකු වටා ගෙතුණ කතාවක් සහිත මේ චිත්‍රපටියේ අභිෂේක් බච්චන් සහ යාමි ගෞතම් ද රඟ පාන්නීය. නිම්රත් රඟ පාන්නේ බිම්ලා දේවි නම් වන මහ ඇමතිවරියක ලෙසිනි.
ඇය රඟ පෑ හින්දි චිත්‍රපට මොනවාද?
{ "answer_start": [ 545 ], "text": [ "පෙඩ්ලර්ස්" ] }
c232d3e8-32bd-4270-936f-df15b6b27f21
අගෝස්තු 19 වැනිදා රූපගත කිරීම් කටයුතු ආරම්භ කරන ඉන්දියන් දෙවැනි චිත්‍රපටය සඳහා මේ වනවිට ප්‍රධාන චරිත සඳහා නිළියන් දෙදෙනෙකු තෝරා ගෙන ඇතැයි වාර්තා වේ. ඒ ප්‍රියා භවානි හා අයිශ්වර්යා රජේස් දෙදෙනාය. කමල් හසන් සුපුරුදු පරිදි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, ශේකර් විසින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබයි. චෙන්නායි, ගෝවා හා හයිද්‍ර්බාද් නගරයන් හි මෙහි රූපගත කිරිම් කටයුතු සිදු කරන අතර, ගී කිහිපයක් මැලේසියාව හා බාලී දුපත්වල රූපගත කරන බවට මේ වනවිට තොරතුරු ලැබේ.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ කවුද?
{ "answer_start": [ 254 ], "text": [ "ශේකර් විසින්" ] }
528384a1-6cfe-4afd-9eaa-1f951b4c3bcb
බට් සබීර්ගේ වැඩිමල් සහෝදරයා වන හමායම් බට් විසින් ලබා දුන් තොරතුරු අනුව මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකකරන පකිස්ථාන ජාතිකයින් තිදෙනෙකුට රටින් පිට වී යාමට තහනම් කරමින් නියෝගයක් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගැනීමට පොලිසිය කඩිනමින් පියවර ගත්තේය. බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට මේ තුන් දෙනාම රටින් පිටවීම වළක්වා ලමින් ලබා දුන් අධිකරණ නියෝගය යවා ඇත. පකිස්ථාන් ජාතික සරණාගතයා ගැන ද පොලිසිය තවත් තොරතුරු සොයා ගත්තේ ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෙකුගෙනි. මෙම ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයා ද බට් සබීර්ගේ ගජ මිතුරෙකි.
ආගමන විගමන දෙපාර්තමේන්තුව පිහිටා තිබෙන්නේ කොහේද?
{ "answer_start": [ 243 ], "text": [ "බත්තරමුල්ලේ" ] }
8a02e40d-54ef-445d-87da-34938089e96c
කොළඹින් ආපු පවුලක් තමා මුලින්ම දකුණු පළාතටම ඩයිවින් පුරුදු කරලා තියෙන්නේ. ඒ 1960 ගණන්වල එරර් තෝමස්, ප්‍රාකි තෝමස්, රංජිත් තෝමස් කියන සහෝදරයෝ තුන්දෙනා තමා ඒ ගුරුකමේ අයිතිකාරයෝ වෙන්නේ. හික්කඩුව මුහුද යට තියෙනවා 1847 සහ 1903 ගිලිච්ච නැව් දෙකක සුන්බුන්. ඒ නැව් මාළුවන්ගේ වාසස්ථාන වෙලා. ආර්.කේ. සෝමදාස ද සිල්වා කියන පළපුරුදු ඩයිවින්කරුවා මුහුද යටට ගිහිල්ලා මේ නැව් බලලා එනවා. ලංකාවේ ත්‍රිකුණාමලය, මඩකලපුව, කොළඹ, හික්කඩුව, බෙන්තර, බේරුවල, ගාල්ල කියන ප්‍රදේශවල ඩයිවින් පාසල් 75ක් තියෙනවා. මාළු වර්ග කෝටි ගණන් මුහුද යට ඉන්න බව තමයි ඩයිවින් පුරුදුකාරයෝ අපට කිව්වේ. කනගාටුවෙන් කියන්න තියෙන දේ තමා මාළු අල්ලන්න ඩයිනමයිට් දැමීමෙන් මේ වෙද්දී ලස්සන වටිනා කොරල්පර විනාශ වීම අද හුඟාක් සිද්ධ වෙනවා කියන එක. ඉතින් ඔයාලත් නිවාඩුවක් ලැබුණ වෙලාවක හික්කඩුව මුහුදට ගිහින් ඩයිවින් කරලා එන්න.
මුහුද යටට ගොස් මෙම නැව් නරඹා එන්නේ කවුද ?
{ "answer_start": [ 282 ], "text": [ "ආර්.කේ. සෝමදාස ද සිල්වා" ] }
8a83f370-d44e-4600-876d-3f544dfb4d11
56 හැවිරිදි වියෙහි පසුවන ෂර්මන්, එම සම්මුඛ සාකච්ඡාවේ දී කියා සිටියේ, විශ්වයේ නොයෙක් විදියේ පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සිටිනවා යැයි තමන් විශ්වාස කරන බවය. එපමණක් නොව, එම බුද්ධිමත් පිටසක්වළයන් පෘථිවියට පැමිණ පෘථිවියේ අප අතරේ සිටිනවා විය හැකි යැයි ද ඇය පැහැදිලි කර තිබේ. අභ්‍යවකාශ වික්‍රම පැත්තකට දමා ෂර්මන් දැන් ලන්ඩන් රාජකීය විද්‍යාලයේ රසායනඥවරියක ලෙස රැකියාව කරයි. පිටසක්වළයන් අප අතරේ සිටිනවා. ඒත් ඔවුන් පිටසක්වළයන් යැයි අපට හඳුනා ගන්න බැහැ. ඔවුන් අප මෙන් හෝ අප බලාපොරොත්තු වන ආකාරයට හෝ කාබන් සහ නයිට්‍රජන්වලින් නිර්මාණයවූ ජීවීන් නොවන්න පුළුවන් යැයි ෂර්මන් පෙන්වා දී තිබේ.
අප බලාපොරොත්තු වන ආකාරයට ජීවින් නිර්මාණය වන්නේ කුමකින් ද?
{ "answer_start": [ 485 ], "text": [ "කාබන් සහ නයිට්‍රජන්වලින්" ] }
b299b226-b721-4a59-b3c0-8957f1f5dbf6
වාලම්පුරිය පිළිබඳ පැතිරී ඇති දුර්මත රාශියකි. ඇතැමුන් මෙහි ලේ නහර පවතින බවත් එවැනි වාලම්පුරි වටිනාකමින් වැඩි දුර්ලභ ඒවා බවත් පවසති. මෙය හුණුගල් වැනි ද්‍රව්‍යයකින් සෑදුණු කටුවක් හෙයින් මෙහි කෙසේ නම් ලේ නහර ගමන් කරන්නේදැයි සිතිය හැකි ද යන්න ඔබට සිතන්නට අවස්ථාව ඇත. අනෙක් මතයක් නම් ටෝච් එළියක් ඇල්ලූ විට ලේ පාටට පෙනෙන බවයි. ඕනෑම බෙලි කටුවකට එළියක් ඇල්ලූ විට එක්තරා අඳුරු දුඹුරු පැහැයක් ගැනීම ස්වාභාවිකය. එය වාලම්පුරියක් නොව සාමාන්‍ය බෙලි කටුවකට පොදු වූවක් බව පෙනේ. වාලම්පුරියට සමන්පිච්ච කැකුළු දමා තිබීමෙන් නියම වාලම්පුරියක් නම් සමන් කැකුළු පිපෙන බව ද පවසති. සාමාන්‍ය වශයෙන් සමන්මල් පොහොට්ටු සවස් කාලයේ කඩා පැන් ස්වල්පයක් ඉස තැබීමෙන් සවස හත පමණ වනවිට සමන්පිච්ච මල් පිපී සුවඳ හමයි. එය සාමාන්‍ය ධර්මතාවකි.
සමන්පිච්ච කැකුළු දමා තිබීමෙන් නියම වාලම්පුරියක සිදුවන්නේ යැයි පවසන්නේ කුමක්ද ?
{ "answer_start": [ 525 ], "text": [ "සමන් කැකුළු පිපෙන බව" ] }
abce3824-5c3a-4abe-b35f-6fca86a2b05b
කැරලිකාර කණ්ඩායමේ නායකයා වූ බොම්බඩියර් වතුමුල්ලගේ ග්‍රේෂන් හර්බට් ප්‍රනාන්දු උපන්නේ සිංහල බෞද්ධ දෙමාපියන්ට දාව ය. ඔහුගේ පියා ලංකා ටෙලිග්‍රාෆ් කාර්යාලයේ අධිකාරිවරයා විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ප්‍රනාන්දු පසුව රෝමානු කතෝලික ආගම වැළඳගත්තේය. ලංකා සමසමාජ පක්ෂය ඒ වන විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව දේශප්‍රේමී අදහස් ප්‍රචාරය කරමින් සිටි අතර තරුණ ග්‍රේෂන් ප්‍රනාන්දුගේ සිත නිරායාසයෙන්ම සම සමාජ අදහස් තුළට නැඹුරු විය. එහෙත් ඔහු කිසිදා සම සමාජ පක්ෂයට බැඳුණේ නැත. දෙවැනි ලෝක යුද්ධයේ බ්‍රිතාන්‍ය සේනාංකයකට බැඳී පළමුව සීෂෙල්ස් දූපත්වලට යනවිට ද ලක්දිව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් කරගත යුතුය යන තමන්ගේම අදහස්වල ඔහු ගැලී සිටියේය. දෙවනුව ඔහු දෛවෝපගත ඉරණම සඳහා කොකෝස් දිවයිනේ සේවයට යන විට නිදහස් අදහස් වැඩි වී මිස අඩුවී තිබුණේ නැත
ශේෂන්ගේ දෙමාපියන්ගේ ආගම කුමක්ද?
{ "answer_start": [ 90 ], "text": [ "බෞද්ධ" ] }
9424c28b-0c42-44ba-9e8c-3153cca31d35
එහෙත් එහි ඉදිකිරීම් ආරම්භව තිබුණා පමණකි. සවස් වී ගෙන එන විට තාවකාලිකව දළදා හිමි තැන්පත් කළේ අස්ගිරිය ආදාහනමළුව ගෙඩිගේ විහාරයේය. ආදාහනමළුව ගෙඩිගේ විහාරයට ඒ නම ලැබුණේ උඩරට සිටි රජවරුන් රජ බිසෝවරුන් එහිදී දවා පුළුස්සා භෂ්මාවශේෂ කුඩා ථූප බැඳ ඒ අසල සමරු වෘක්ෂ සිටුවා තිබූ බැවිනි. එවැනි ආදාහන ථූප හා වෘක්ෂ රැසක් ආදාහනමළුව විහාරයේ විය. එහි ඇති බෝධිය චන්ද්‍රාවතී බෝධිය නමින් හඳුන්වන්නේ උඩරට රාජ්‍යය ආරම්භ කළ සේනාසම්මත වික්‍රමබාහු රජුගේ මව් බිසව සිහිවීමටයි. දළදා වැඩම වූ දා රාත්‍රිය දළදා හිමි අස්ගිරි විහාරයට අයත් ආදාහන මළුව විහාරයේ වැඩසිටි බව කඹුරුගමුවේ වජිර හිමි ලිවූ දළදා ඉතිහාසය හා සංස්කෘතිය ග්‍රන්ථයේ කියවෙයි. එහිදී අස්ගිරි මහානායක පදවිය දැරූ ගොඩමුන්නේ ධම්මානන්ද හිමි ඒ අදහස දක්වා ඇත. උඩරට ඉතිහාසය ගැන හොඳ දැනුමක් තිබූ වෝල්ටර් විමලචන්ද්‍ර මහතාද ඒ අදහස දරයි.
තාවකාලිකව දළඳා හිමි තැන්පත් කර තිබ්බේ කොහේද?
{ "answer_start": [ 101 ], "text": [ "ආදාහනමළුව ගෙඩිගේ විහාරයේය" ] }
24427be6-04ae-4477-b829-ac2960bfe7af
ජිම්නාස්ටික් ක්‍රීඩාව හැඳින්වෙන්නේ සෞන්දර්යාත්මක ක්‍රීඩාවක් ලෙසිනි. පිරිමින් සඳහා ඉසව් හයක් ලෙසින්ද කාන්තාවන් සඳහා ඉසව් හතරක් ලෙසින්ද එය වර්ගීකරණය කර තිබේ. සරඹ, පැති අශ්වයා, වළලු, පැනීම්, සමාන්තර දණ්ඩ සහ තිරස් පෝල පිරිමින් සඳහා වෙන් වූ අතර පැනීම්, අසමතුලිත පෝල, සමාන්තර දණ්ඩ සහ සරඹ කාන්තාවන් සඳහා වෙන් වි තිබේ. 1950 ගණන්වල සෝවියට් දේශයේ පමණක් කාන්තාවන් සඳහාද වළලු, තිරස් පෝල, සමාන්තර දණ්ඩ යන ඉසව් පැවතියද පසුව ඒවා අභාවයට ගියේය. කාන්තාවන් සඳහා රිද්මයානුකූල ජිම්නාස්ටික් වශයෙන් හැඳින්වෙන ඉසව්වක්ද තිබේ. එය බැලේ, ජිම්නාස්ටික් හා නැටුම් යන අංගවල එකතුවකි. ඒ සඳහා පන්දු, පීත්ත පටි, වළලු, වරපට වැනි දෑ භාවිත කෙරේ.
කාන්තාවන් සඳහා තිබෙන ඉසව් ගණන කොපමණද?
{ "answer_start": [ 120 ], "text": [ "හතරක්" ] }
b6f4573a-0cb0-4169-9cea-03a77f18e73e
පෘතුගීසින්ගේ වෑයම දළදා වහන්සේ සොයා එය වැනසීමය. සිංහලයන්ගේ කිරුළ හිමි කුමරු අබෞද්ධ කරගත් විට සියල්ල හරි යැයි සිතාගත් පෘතුගීසි සිංහල සිරිත හරි පුදුම යැයි දැන ගත්තේ එදාය. සිංහලයන්ට වැදගත් වන්නේ පුද්ගලයන් නොව බුදුන් වහන්සේගේ ධර්මකාය බව දන්නෝ දන්නෝය. ඉතින් ධර්මකායේ මතුපිට ජීව ප්‍රතිමූර්තිය දළදා වහන්සේය. එබැවින් දළදා වහන්සේ වනසා දැමීමට නොහැකිව, ලොවක් යටත් කරමින්, කුරුස යුද්ධයේ ජය උදානයෙන්, යුරෝපය උරුම කරගනිමින් ආසියාව සොයා ආ පෘතුගීසීන් අන්දමන්දව සිටියෝය. ස්වකීය උදාරම් රණවීර ඉතිහාසයට විහිළුවක් කර ඇති මිනිසා සොයා ගන්නට බැරිකම පෘතුගීසින්ට ජාත්‍යන්තර විලි ලැජ්ජාවකි. මේ අතර තම රාජධානියත් රජකමත් තම කිරුළත් තමාගේ දූ පුතුන්ට දී ගන්නට දළදා වහන්සේ අවශ්‍යම, සිංහල සිරිත දන්නා හත් වන බුවනෙකබාහු රජතුමා ද දළදාව සොයා සිය සියළු ජවය මුදා හැර තිබුණි. ප්‍රාර්ථනාවේ තරු රැස් පහව යනවා නියතය. දළදා වහන්සේ සොයාගත යුතුමය. විකල්පයේ නායකයා වූ තමා සම්මතයේ නායකයා වී සිංහළ සිරිතේ නායකයා වන්නේ එදාටය. මායාදුන්නේ කුමරු ජවයෙන්, දැනුමෙන් එඩි වඩා දළදා වහන්සේ සොයමින් තම ජාලය විහිදුවන්නට විය.
ධර්මකායේ මතුපිට ජීව ප්‍රතිමූර්තිය කුමක්ද ?
{ "answer_start": [ 286 ], "text": [ "දළදා වහන්සේය" ] }
84e0ba2f-3b93-4a3e-bc4e-fbcec2d7eede
එදා එම සංචාරයට ගිය පසු අපට නවාතැන් ලැබුණෙ යෝර්ක්ෂයර්හි හෝටලයක. එහි සිටියදී තමයි අපට ටෙස්ට් තත්ත්වය ලැබී ඇති බව දැනගත්තෙ. ඒ මොහොතේ කණ්ඩායමේ අපි සියලුදෙනාම ලැබුවෙ ලොකු සතුටක්. එදා රෑ අපි ලොකු පාටියක් පැවැත්වුවා. ටෙස්ට් තත්ත්වය සැමරුවේ එදා ඒ විදිහටයි. ක්‍රිකට් ක්‍රීඩා කළ අපි හැමෝගෙම ලොකුම අරමුණ වුණේ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමයි. ඒ නිසා ඒ අවස්ථාව මිහිරි මතකයක් බවට පත්වුණා. අපි තරග සංචාරයකට ගිහින් සිටිය දී ඒ ඒ රටවල සිටි ශ්‍රී ලාංකිකයින් අපට කොච්චර නම් ආදරය කළේද කිව්වොත්, හැමදාම වගේ දිවා සහ රාත්‍රී භෝජන සංග්‍රහ වෙනුවෙන් ඇරයුම් කළා. ඒ කාලයේ දී අද වගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදල් තිබුණෙත් නැහැනෙ. ඒ වගේම වෘත්තීයමය ගිවිස ගැනීම් නොතිබුණු නිසා ක්‍රීඩකයින් හට තද නීති රීති පනවා තිබුණෙත් නැහැ. හැබැයි ක්‍රීඩකයින් එහෙමයි කියලා අනවශ්‍ය ලෙස හැසිරුණේ නැහැ. එක පවුලක පිරිසක් වගේ හිටියෙ. ඒ ඒ රටවලට ගිහාම අපේ ශ්‍රී ලාංකිකයින් ඉතාමත් ආදරණීයව සහ සුහදශීලීව අපට සංග්‍රහ කළා. ඒවා කිසිදාක අමතක කළ නොහැකි මතකයන්.
සංචාරයට ගියපසු නවාතැන් ගත්තේ කොහෙද
{ "answer_start": [ 42 ], "text": [ "යෝර්ක්ෂයර්හි හෝටලයක" ] }
0ef5d8db-679d-44d3-8003-7b04230cd215
පිල මත පැදුර එළා ගත් කළුබණ්ඩා එහි හාන්සි විය. මාස ගණනක් තිස්සේ ගිනි අව්ව නොතකා හේන කෙටීමෙන් ඔහුගේ ගත දැඩි ලෙස විඩාවට පත් වී ඇත. සිරුර පුරා විහි දී ඇති නහර වැල් තුළින් ලෙයට අමතරව තද බල වේදනාවක් ද ගමන් ගන්නා බවක් ඔහුට දැනුණි. ඈත අහසේ සුදු පාට වලාකුළු එකින් එක පා වී යන්නට වූයේ ඔහුගේ සිත තුළ සොම්නස් සහගත සිතිවිලි ඇති කරවමිනි. පසු ගිය අවුරුද්දේ හේන් කොටන කාලයේ ද අහසේ මෙවැනිම වලාකුළු පාවී ගිය සැටි ඔහුට මතකය. ගොවියෝ හේන් වපුරා වැසි වසින තුරු බලා සිටියහ. දින දෙක තුනක් පමණ කාලයක් පැවති පොද වැස්සට ධාන්‍ය බීජ මෝරා පැළ මතු වී ගෙන ආවත් වැස්ස පැවතුණේ සතියක් පමණි. එතැන් සිට හට ගත් දරුණු නියඟය නිසා යන්තම් මෝදු වේගන ආ පැළ සියල්ල ගින්නේ ලූ කලක මෙන් කර වී ගියේය. ඇළ දොළ ගංගා සිදී ගියේ දිය පොදක් වත් ඉතිරි නො කරමිනි. සිහිල් ජලයෙන් පිරී තිබුණු වැව් සියල්ල වියළී ගොස් පාළු පිට්ටනි බවට පත් විය. බීමට පැන් පොදක් නැතිව වන සත්තු තැනින් තැන මැරී කුණු වී ගියහ. මුළු වනය සිසාරා පිළිකුල් සහගත දුර්ගන්ධයක් පැතිරී ගියේය.
පිල මත පැදුර එළා හාන්සි වූයේ කවුද?
{ "answer_start": [ 21 ], "text": [ "කළුබණ්ඩා" ] }
1a4e2ae6-04df-48e3-950a-7c87e7ec1e6b
මෙම දිය ඇල්ල පෝෂණය වන්නේ ඇල්ලට කිලෝමීටර් කිහිපයක් ඉහළිවූ ජල මූලාශ්‍ර කිහිපයකින් වන අතර ජලය හොඳින් ඇති කාලයන් වලදී ඉතාමත් සුන්දර දිය ඇල්ලක් බවට පත්වේ. ස්නානය කිරීම සඳහා ස්ථාන කිහිපයක් පවතින අතර නමුත් නිසි අවධානයක් තබා ගැනීම අවශ්‍යය. ආරුක්කු පාලමෙන් පහළට වැටෙන විට තටාකයක් ලෙස ස්වභාවිකව සෑදී ඇති කොටසේ දිය නෑම ඉතා අවධානම් වන්නේ එහි ගැඹුර නිශ්චය කිරීමට නොහැකි බැවිනි. මෙම දිය ඇල්ල ආශ්‍රිතව කුඩා ජල විදුලි බලාගාර දෙකක් පවතින අතර එක් කුඩා බලාගාරයකින් කැටඹුලා වතුයායට විදුලිය ලබාදෙනු ලබයි. නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් අතර මගදී නැරඹිය යුතුම සුන්දර ස්ථානයක් ලෙස මෙම දිය ඇල්ල පෙන්වාදිය හැක.
මෙම දිය ඇල්ල ආශ්‍රිතව තිබෙන කුඩා ජල විදුලි බලාගාර දෙකෙන් එක් කුඩා බලාගාරයකින් විදුලිය ලබාදෙන්නේ කොහේටද?
{ "answer_start": [ 446 ], "text": [ "කැටඹුලා වතුයායට" ] }
79695ebd-58e2-48e1-880b-be5f9392b4c4
රුසියාවේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, අට දෙනකු මියගිය බවත්, මියගිය එම අට දෙනාගෙන් වැඩි දෙනා පාසල් දරුවන් බවත් වාර්තා වේ. වෙඩි තැබීම සිදුවී ඇත්තේ කසාන් නගරයේ පාසලකය. වෙඩි වැදිමෙන් මියගොස් ඇත්තේ සිසුන් සිවු දෙනකු සහ දැරියන් තිදෙනකු බව පැවැසෙයි. මියගිය අනෙක් තැනැත්තා ගුරුවරයෙකි. වෙඩි වැදී තුවාල ලැබූ 21 දෙනකු රෝහල් ගත කෙරුණු බවත්, එම 21 දෙනා අතර දරුවන් 18 දෙනකු සිටින බවත් වාර්තා වේ. තුවාල ලැබූවන්ගෙන් 6 දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි. පොලිසිය පවසන අන්දමට තුවක්කුකරුවන් දෙදෙනකු පාසලට කඩා වැදී මෙම වෙඩි තැබීම සිදු කර තිබේ. එය ත්‍රස්ත ක්‍රියාවක් බව රුසියන් ආරක්ෂක අංශ පවසයි. වෙඩි තැබීම කළ පුද්ගලයන් ගැන හෝ ඔවුන්ගේ අරමුණ ගැන හෝ මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.
වෙඩි තැබීම සිදු වූ පාසල පිහිටි නගරය කුමක්ද ?
{ "answer_start": [ 147 ], "text": [ "කසාන්" ] }
4ddaf6f5-97bc-4061-8300-1ef88a0fa1a7
එනම්, හිමාලයේ සිට මෙහි පැමිණෙන සෘෂිවරුන් බිමට බසින ස්ථානයත් ආ කාරණයන් ඉටුකරගෙන නැවත අහසට නගින ස්ථානයත් මෙය වූ හෙයින් සෘෂිවරුන් පතනය වන භූමිය යන අර්ථයෙන් ඉසිපතන යන නම සැදී ඇති බව පැවසේ. මෙම ඉසිපතන නාමයත් සමගම මිගදාය යන්නත් එකතු වී ඇත. මිගදාය යනුවෙන් මෙම ස්ථානය හැඳින්වීමට හේතු වී ඇත්තේ බ්‍රහ්මදත්ත රජු විසින් නිග්‍රෝධ නම් මුවරජුගේ ගතිගුණ දැක පුදුමයට පත්ව ඔහුත් සමග සිටි මුව රැළටම අභයදානය දී ඇත්තේ මෙම ස්ථානයේදී වීමය. මේ නිසා මුවන්ට අභයදානය දුන් ස්ථානය යන අර්ථ සහිතව මෙය මිගදාය ලෙස අර්ථ දක්වා තිබේ.
සෘෂිවරුන් පතනය වන භූමිය යන අර්තයෙන් සෑදුනු නම කුමක්ද?
{ "answer_start": [ 153 ], "text": [ "ඉසිපතන" ] }
64accf19-7cbe-4576-a411-4fecbf445d23
කහගල, ගැරඬිගල, බැලුංගල, වම්බටුගල යන සුවිසල් පර්වත හා කඳුවලින් වටවූ නිසාම එදා ගලගෙදර කපොල්ල බිහිවී ඇති අතර ගලගෙදර නාම සම්භවය පිළිබඳව ද විවිධ ජනප්‍රවාද පවතී. ගලගෙදර මොරවක්දෙනියේ, වත්තේ ගෙදර ගෙහිමියන්ට වටිනා මැණික්ගලක් හමුවී ඇත. එය මැණිකක් බව නොදන්නා ඔවුහු එම ගල සිය කුස්සියෙහි ළිප්ගලක් ලෙස යොදාගෙන ඇත. ඉන්දියාවේ සිට මෙහි පැමිණි බමුණෙකුට කෙසේ හෝ මැණික් ගලක් තිබෙනු දැක ඔහු එම නිවස සොයා ගොස් ගෙහිමියන් හමුවී කතාබස් කරමින් සිටියදී රෑ බෝවූ නිසා එදින රාත්‍රිය එම නිවසෙහි නවාතැන් ගත්තේය. ඔහු මේ ගල පිළිබඳව විපරම් කර බලා කුස්සියේ ළිපට ළිප්ගලක් සේ තබා ඇති බව දැක ඔවුන්ට මෙසේ පවසා ඇත. ‘මෙම නිවසේ ඔබ සියලුදෙනාම විවිධ දුක්කරදර මැද්දේ ජීවත්වන්නේ මා දන්නා ශාස්ත්‍රය අනුව ඔබලාගේ කුස්සියෙහි වැරැදි විදියට ළිප්ගලක් තබා තිබෙනවා. එය ගෙදරට හූනියමක් වගෙයි. මේ සියලු දුක් කරදරවලට හේතුව එයයි. එය ඉවත්කරන තුරු ගෙදරට වගතුවක් වෙන්නේ නැහැ. එය ගලවා මා අතට දුන්නොත් එය ජීවම් කර ජලාශයකට දමන්නම්. එවිට තුන් වරුවක් ගතවීමට මත්තෙන් ඔය කරදර බාධක සියල්ල දුරුවී යාවී’ යැයි කපටි බමුණා පැවසීය. යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳව දැඩි විශ්වාසයක් තිබුණ නිවැසියන් බමුණගේ චාටු බස් අසා ‘අනේ ඔබතුමාට පින්අත්වෙයි. ඔබතුමාට දෙන්න කිසිදෙයක් නැහැ. නැවතත් පැමිණි දිනක අපගේ නිවසටත් ගොඩවී යන්න’ යැයි කියමින් ගල ගලවා බමුණාට දී ඇත.
මැණික් ගලක් තිබෙනු දැක ඇත්තේ කොහේ සිට පැමිණි බමුණෙක්ද ?
{ "answer_start": [ 300 ], "text": [ "ඉන්දියාවේ සිට" ] }
d567ad28-2234-4a1c-9d37-9e6be3d4bede
පසුගිය වසර කිහිපයේදී එතරම් බොලිවුඩ් චිත්‍රපටවල දකින්නට නොලැබුණ අමිතබ් බච්චන් මේ වසරේදී බොලිවුඩ් චිත්‍රපට හතරකින් සිය රසික පිරිස් මුණ ගැසීමට සුදානමින් සිටියි. 79 වියෙහි පසුවන අමිතාබ් මේ වසරේදී මුලින්ම සිය බොලිවුඩ් සිනමා ලෝලින් මුණ ගැසෙන්නේ නාගරාජ් මනුලිගේ ජුන්ඩ් චිත්‍රපටයෙනි. එය පාපන්දු ක්‍රීඩාව පාදක කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයකි.මෙම චිත්‍රපටයට අමතරව, අජේ දේව්ගන් අධ්‍යක්ෂණය කරන රන්වෙයි 34, අයන් මුඛර්ජි අධ්‍යක්ෂණය කරන බ්‍රහ්මාස්ටර්, විකාෂ් බාල්ගේ ගුඩ් බායි චිත්‍රපටය තුළින් අමිතාබ් මේ වසරේ බොලිවුඩ් සිනමා ලෝලීන්ට දැකගත හැකිය.
අමිතාබ් මේ වසරේදී මුලින්ම සිය බොලිවුඩ් සිනමා ලෝලින් මුණ ගැසෙන්නේ කුමන චිත්‍රපටියකින්ද ?.
{ "answer_start": [ 239 ], "text": [ "නාගරාජ් මනුලිගේ ජුන්ඩ් චිත්‍රපටයෙනි" ] }
468a87d4-eee0-4a12-b618-36d5066d4e0c
අන්ත දක්ෂිණාංශික ජාතිකවාදී ල පෙන්, රුසියන් ජනාධිපති පුටින්ට පක්ෂව, යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර, මැක්රොන් ඊට විරෝධය දක්වමින් අදහස් ඉදිරිපත් කළේය. ඒ අනුව, රුසියන් ජනාධිපති පුටින් නිසා රූපවාහිනී විවාදය උණුසුම් විය. රුසියාවත් යුක්රේනයත් අතර පවතින යුදමය තත්ත්වය වහා අවසන් කිරීමට තමන් මැදහත් වී කටයුතු කරන බව විවාදය අතරතුරේ මැක්රොන් ප්‍රතිඥා දුන්නේය. රූපවාහිනී විවාදයේ දී රුසියනව් ජනාධිපති පුටින්, යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් මැක්රොන් දිගින් දිගටම සිය අප්‍රසාදය දැක්වීය. අද (24) ඡන්ද විමසුම ප්‍රංශයේ වේලාවෙන් උදෑසන 8ට ආරම්භ වුණු අතර පැය 12 ක කාලයක් පුරා පැවැත්විණි. ඡන්ද ගණන් කිරීම ආරම්භ වීමෙන් පසු, ප්‍රතිඵලය කුමක් වුවත්, ජනාධිපති මැක්රොන් පැරිස් අගනුවර අයිෆල් කුලුන අතර ඉදිකළ විශේෂ වේදිකාවක සිට ජනතාව ආමන්ත්‍රණය කිරීමට සූදානම් යැයි ජනාධිපති මාලිගය හෙවත් ඉලීසේ මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
යුදමය තත්ත්වයක් පවතින්නේ කුමන රටවල් අතරද?
{ "answer_start": [ 230 ], "text": [ "රුසියාවත් යුක්රේනයත්" ] }
721632c6-f7be-42a4-9fca-3a12a0d78a4d
ඔය විදිහට අපිට කුඩුකාරයොත් අත්අඩංගුවට ගන්න සිදුවෙනවා. මම උපායදූතයෙක් ලෙස යොදවා කළ වැටලීම් සාර්ථක වුණා. ඉතිං ඒකේ රහස වුණේම මම කුඩුකාරයින්ව හොඳින්ම වටහාගෙනම මෙම වැටලීම්වලට සම්බන්ධ වූ නිසා තමයි වඩාත් සාර්ථකව අදාළ පුද්ගලයා සමග ජාවාරමේ නිරතවූවන් ද අත්අඩංගුවට ගන්න හැකි වුණේ. මෙහෙම බොන එක ඇත්තටම කළයුතුම දෙයක් නෙවෙයි. ඒකට වෙනත් උපක්‍රම භාවිතා කරන්න තිබුණා. එහෙත් මට පරණ ඇබ්බැහියන් මතක් වෙලා වැටලීම වෙනත් ආකාරයකට සිදුකළා. ඒකයි මෙතන සිදුවුණේ. කොහොම වුණත් අවසානයේ මම කුඩුකාරයෙක් බවට පත්වුණා. කුඩු භාවිතය වෙනුවෙන්මත් මම ස්වයංව ඉදිරිපත් වෙලා වැටලීම් කළා. ඒ හැම කෙනාගෙන්ම කප්පමක් ගන්නත් මම වැටලීම් කළා. අවසානයේදී මම අන්තිම නරක ලෙසම ඇබ්බැහි වුණ කුඩුකාරයෙක් බවට පත්වුණා. වැටලීම් නොවූ අවස්ථාවල මම පඩියෙන් වියදම් කරලා කුඩු ගැහුවා. පොලිසියේ කිසිම කෙනෙක් මේ ගැන දැනගෙන හිටියේ නැහැ. අවුරුදු තුනකට විතර පස්සේ මාව මාරු කරනවා වෙනත් පොලිසියකට. එහෙදී මාව වෙන් කෙරෙන්නේ අපරාධ අංශයට. ඒ නිසා වැටලීම්වලට සම්බන්ධ වෙනවා අඩුයි. මම කුඩු ජාවාරම්කරුවන් අඳුනගෙන ඔවුන් බය කරලා කුඩුගත්තා. අතේ තියෙන මුදල් ටික වියදම් කර කර කුඩු ගැහුවා. අන්තිමේදී ගෙදර තියෙන දේවලුත් අරන් උගස් තියලා අරක මේක කරලා සල්ලි හොයාගෙන කුඩු ගැහුවා.
වැටලීම් නොවූ අවස්ථාවල ඔහු කළේ කුමක්ද?
{ "answer_start": [ 682 ], "text": [ "පඩියෙන් වියදම් කරලා කුඩු ගැහුවා" ] }
313343a1-4d2a-4fe7-9970-90ca0e2a8656
සෝමාවතී වනාන්තරයටත් පහළ මහවැලි ගංගා ද්‍රෝණියටත් මා තුළ දැඩි ආද‌රයක් ඇත. වසර හතළිහකට වැඩි ඉතිහාසයක් ඊට තිබේ. එබැවින් වත්මනේ මේ වනපෙතට අත්ව ඇති ඉරණම මා තුළ කම්පනයක් ඇති කළේය. 1980 සිට 1984 දක්වා මගේ ජීවිතයේ වැඩි කාලයක් ගෙවී ගියේ සෝමාවතී වනාන්තරය සමඟය. කොට්ටියාරම්පත්තුවෙන් පටන්ගෙන විල්ලු වනපෙත ගෙවා ත්‍රිකෝණමඩුව හා කන්දකාඩුව දක්වා නොයෙක් වර මා පයින්ම ගිය ගමන් අපමණය. ඒ පැරැණි වන මං අද වැසී ගොස් ඇතත් දන්නෝ නිසි මං පාදාගෙන අදටත් වනාන්තරයට පිවිසෙති. වැරැදි ක්‍රියාවල නියැලෙති. එකල මේ වනාන්තරය තුළ රැඳී සිටියේ පාරම්පරික දමිළ හා මුස්ලිම් ගවපට්ටිකරුවන් හා කාලීන දුම්කොළ වගාකරුවන් පමණි. මේ බොහෝදෙනා මහවැලි ඩෙල්ටාව ඇතුළු ගඟබඩ ඉවුරුවල සිය ව්‍යාපාරික කටයුතු සාමකාමීව කරගෙන ගියහ. කොමනච්චිය, නඩුමැඳුර, පවන, කරිඤ්ඤංමුණේ, කුරුගඟ එහිලා ප්‍රධාන විය. ඔවුන් වාන්තරයට හානි කළේ නැත.
එකල සෝමාවතී වනාන්තරය තුළ රැඳී සිටියේ කව්ද?
{ "answer_start": [ 505 ], "text": [ "පාරම්පරික දමිළ හා මුස්ලිම් ගවපට්ටිකරුවන්" ] }
6eafa638-4fd7-4c87-89d1-cdce48168c5e
කිසියම් පුද්ගලයෙක් මියගිය පසු හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය නතර වන හෙයින් රුධිර නාළවල පවතින රුධිරය ගුරුත්වාකර්ෂණයේ බලපෑම නිසා සිරුරේ වඩාත් පහළ ස්ථානය කරා ගමන් කරනු ලැබේ. එවිට එම ස්ථාන වඩාත් රත්පැහැයෙන් දිස්වේ. මෙය අධෝස්ථිතිය ලෙස හැඳින්වේ. මෙලෙස රුධිරය ශරීරයේ පහළම ස්ථානයට ගලා ආ විට එම ස්ථානයේ රුධිර නාළවලට එය දරා ගැනීමට අපහසුවන ප්‍රමාණයෙන් එකතු වුවහොත් රුධිර නාළ පුපුරා ගොස් පටක තුළට රුධිරය ගලා යා හැකිය. එවිට සම තුළ වූ ඉතා කුඩා ලේ ගැලීම් තැළුම් තුවාල ලෙස දිස් විය හැකිය. මරණකාරිය වූ නිර්මලා මියගොස් සිටි ඉරියව්ව අනුව ඇයගේ ගෙල හා මුහුණ ප්‍රදේශයේ මෙලෙස අධෝස්ථිතිය දැකගත හැකි වනු ඇත. එය ඡායාරූප නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි විය.
රුධිරය සිරුරේ වඩාත් පහළ ස්ථානය කරා ගමන් කරන්නේ ඇයි?
{ "answer_start": [ 98 ], "text": [ "ගුරුත්වාකර්ෂණයේ බලපෑම නිසා" ] }
a44a3566-7a79-495c-bc00-305db49f3919
ගමේ මිනිසුන් කරන තෙල් සාත්තු කිරීම්, මැතිරීම්, දෙහි කැපීම්, බලි තොවිල් නැටීම් යකැදුරන් සහ යන්ත්‍ර මන්ත්‍රකරුවන් සොයා ගොස් අමාරුවේ වැටෙන ඇදහිලි සහ හොල්මන් වැනි සිද්ධීන් මට මහත් පිළිකුලක් විය. රැවටුණ ගම්වාසීන්ගේ නූගත්කම් කෙරෙහි බලවත් අනුකම්පාවක් ඇතිවිය. එකල රාත්‍රී කාලයට වන සතුන් දඩයම් කිරීම මගේ එක් විනෝදාංශයක් විය. මම දඩයමේ ගියේ තනිවමය. බෝර දොළහේ පතුරොම් ගිනි අවියක් සන්තකයේ තිබෙන විට මිනිස් සිතේ බිය දියාරු කර දමයි. එහෙත් දඩයක්කරුවන්ට මෙන්ම මට කිසිම දිනෙක හොල්මන් අවතාර හමුවී නැත. දිවාකාලයට මිනිසුන් ගමන් නොකරන තැන්වල බැටරි කෑලි තුනේ එවරෙඩි විදුලි පන්දම රාත්‍රී කාලයේ දල්වන විට යකුන් පෙරේතයෝ බියවෙති. තුවක්කුවේ පාතාලයට ඕනෑම වෙලාවක දබරැගිල්ල දමා ගැස්සූ විට මහසෝනා වුණත් කුඩුකර දැමීමට හැකි බවට මා තුළ දැඩි විශ්වාසයක් තිබිණ. මේ අතර මට එක්තරා රාත්‍රියක කනත්තක් අසල දී ලොකු යකෙකු සහ පොඩි යකෙකු මුණ ගැසීමේ සත්‍ය කතාව මෙසේ සඳහන් කරමි. ඒ ගැන නිශ්චිත දිනයක් නම් කළ නොහැකි නමුත් 1969 වසරේදී මෙම අත්දැකීමට මම මුහුණ දුන් බවට මතකයේ ඇත.
ඔහුගේ විනෝදාංශය කුමක්ද ?
{ "answer_start": [ 270 ], "text": [ "වන සතුන් දඩයම් කිරීම" ] }
7f3d33ba-b50b-46b0-af02-951d7bbe3ce7
කොස්ගොල්ල කන්ද තරණයේදී කුඩා ගුහාවක් හමු වූ අතර ගල් පඩි පෙළ තරණයේදී පවා ඈතින් ගුහාවක් දැක ගැනීමට අපට ලැබුණි. තවද අලි වසුරු එක් ස්ථානයකදී දැක ගත් අතර මොරයාය ගමට සේන්දු වන ඉසව්වේ පවා විදුලි වැටක් දැක ගැනීමට ලැබුණි. වන අලි තර්ජන දෙපස ගම්මානවලට ඇති බැවින් සමහර ගම්වාසීහු දර කැඩීමට හෝ කැලයට ඇතුළු වීමට බියක් දක්වති. කෙසේ හෝ අප නඩය සවස 5 වන විට මොරයාය ඉදි කරමින් පවතින ජල ටැංකිය අසලට පැමිණියෙමු. පසුව අසලින් ගලාගෙන යන ඔයෙහි බැස ගත පිරිසිදු කර ගත්හ. කොස්ගොල්ල කඳු වැටිය හරි අපූරුවට මෙහිදී අපට දැක ගත හැකි වූ අතර ක්‍රමයෙන් අන්ධකාරය ප්‍රදේශයට ගලමින් තිබුණි. වන අලි බිය අප සිත් තුළ තිබුණද කිසිදු වන අලි තර්ජනයක් නොමැතිව මෙම අඳුරු වනය ඔස්සේ අප පැමිණි බව ගම්වාසීන්ට පවා පුදුම දනවනසුලු විය. දහ අට වංගුව මාර්ගය නිසාවෙන් ගල් පඩි පෙළ මාර්ගය වර්තමානය වනවිට කිසිවෙකුත් භාවිත කරන්නේ නැත. විශේෂයෙන් මොරයාය ප්‍රදේශයේ බොහෝ දෙනෙකු කිසි දිනෙක ගල් පඩිපෙළ හරහා ඉඩමකැලේ ගමට හෝ උඩුදුම්බරට ගොස් නැත. නමුත් ඉඩමකැලේ ගමෙන් ඉතාමත් කලාතුරකින් කවරෙකු හෝ මහියංගණයට මෙම මාර්ගය හරහා පැමිණෙන බව අපි දැනගත්තෙමු.
ගල් පඩිපෙල මාර්ගය වර්තමානයේ භාවිතා නොකරන්නේ ඇයි?
{ "answer_start": [ 677 ], "text": [ "දහ අට වංගුව මාර්ගය නිසාවෙන්" ] }
b6f44fd4-7319-41d4-92d2-e53620aa94ee
බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුම්බායි මත්ද්‍රව්‍ය වැටළීම් අංශයේ නිලධාරී සමීර් වන්කඩේ එම විමර්ශන කටයුතුවලින් ඉවත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සමීර් වන්කඩේ විමර්ශන කටයුතුවලින් ඉවත් කර ඇත්තේ විමර්ශනය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වෙද්දීය. එම අනාවරණයත් සමඟ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ඇමැතිවරයකු ද ෂාරුක් පුතු ආර්යන් අත්ඩඅංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් සමීර් වන්කඩේ විවේචනයට ලක් කළේය. මුම්බායි යනු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අගනුවරය.ආර්යන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමේ සාක්ෂිකරුවකු ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක් සමීර් වන්කඩේ විමර්ශනවලින් ඉවත් කළේ යැයි අනාවරණය වී තිබේ. මුම්බායි මත්ද්‍රව්‍ය කාර්යාංශය, මුලින් සාක්ෂිකරුවකු ලෙස නම් කළ ප්‍රභාකර් සේල් නැමති එම සාක්ෂිකරු පවසා ඇත්තේ ආර්යන් ඛාන් අත්අඩංගුවට ගෙන සුපිරි නළු ෂාරුක් ඛාන්ගෙන් ඉන්දීය රුපියල් කෝටි 25 ක කප්පමක් ලබා ගැනීමට මුම්බායි මත්ද්‍රව්‍ය වැටළීම් අංශයේ නිලධාරීන් උත්සාහ කළ බවය.
මුම්බායි මත්ද්‍රව්‍ය කාර්යාංශය, මුලින් සාක්ෂිකරුවකු ලෙස නම් කරේ කාවද ?
{ "answer_start": [ 699 ], "text": [ "ප්‍රභාකර් සේල්" ] }
1f749375-ca7c-4065-95c6-ad1c961efcd7
සීතාවක රාජසිංහ රජතුමා යනු ගොඩබිමත්, ජලයත්, පර්වත, කඳු, කපොලු‍ ආදී ස්වභාවික භූ ලක්ෂණ මනාකොට සිය යුද ව්‍යාපාරයට උපයෝගී කොට ගත්තෙකි. කැලණි ගඟේ පැවැති තොටුපොළවල් සියල්ලම රජතුමා යටතේ විය. ඒ සීතාවක රාජ්‍ය ආරක්ෂාවට තීරණාත්මක ලෙස බලපෑයේය. කැලණි ගඟේ දෙපස පිහිටි විශාල කළුගල් පර විද එයින් ගඟේ එහා මෙහා යා වන පරිදි විශාල යකඩ දම්වැල් බැඳ තිබුණු බව කියැවේ. මේ නිසා රාත්‍රියේ පරංගි ඔරු-පාරු ආවත් මේ දම්වැල්වල පැටලී විනාශයට පත් වී තිබේ. ගඟ හරහා යෙදූ යෝධ දම්වැල් සීතාවක රාජසිංහ රජුගේ තවත් වෙනස්ම යුද උපක්‍රමයක් බැව් විද්වත්හු පවසති. මේ සංවිධානාත්මක පහරදීම් සිංහල රාජවංශයේ පැවති පැරණි යුධෝපක්‍රම සිහිගන්වයි. රාජසිංහ රජතුමාගේ සේනාව ගඟ දෙපස ද දිගටම වාඩිලා සිට ඇත. එසේම කැළණි ගං මිටියාවතේ බලකොටු රාශියක් රජු තනා තිබිණ.
කැළණි ගග දෙපස විශාල කළු ගල්පර බිද බැද තිබුණේ මොනවද?
{ "answer_start": [ 304 ], "text": [ "විශාල යකඩ දම්වැල්" ] }
6076413d-7385-48f2-81fc-1c554e86699c
මහ කළුවර රාත්‍රියෙහිද ගිනි ගහන මද්දහනෙහිද පිඟන්, හැඳි, දීසි ඉබේම පාවෙන්නට විය. නිවෙස්වල බඩුමුට්ටු හිටිහැටියේ එහා මෙහා වෙන්නට විය. සමහර නිවෙස් තුළ ගිනි ගැනීම් ද ඇතිවිය. උයන පිහන ආහාරවලට වැලි දැමීම, අසූචි දැමීම සිදුවුණි. එවන් අවස්ථාවලදී එකී නිවෙස්වල මිනිස්සු කුසගින්නෙන් පසුවූහ. නිරාහාරව සිටින්නට සිදුවිය. රාත්‍රියේ, සන්ධ්‍යා කාලයේ නොයෙක් නොයෙක් ශබ්ද ඇසෙන්නට විය. මෙම සියල්ල කර ඇත්තේ ඇය විසිනුයි. ගිනි තැබීම්, ගල් ගැසීම්, බඩු මුට්ටු එහා මෙහා කරවීම් කිරීමට හෝ කරවීමට කිසිදු අමනුෂ්‍යයෙකුට එනම්, භූතයෙකුට, කුම්භාණ්ඩයෙකුට, ප්‍රේතයෙකුට කළ නොහැකියි. ඒවා කළ හැක්කේ මනුෂ්‍යයෙකුටම පමණයි. ගිනිගත් දේ අතර වූයේ ඉක්මනින් ගිනි ඇවිළෙන දේ පමණයි. ගිනි තැබීම් සිදුවෙන අවස්ථාවේදී කිසිවකුත් එය දැක නැත. බඩුමුට්ටු එහා මෙහා වෙනවිට කිසිවකුත් දැක නැත. සියල්ල දැක ඇත්තේ ටික වේලාවක් ගත වීමෙන් අනතුරුවයි. බඩු මුට්ටු එහා මෙහා ගෙනයනවා කිසිවකුත් දැක නැත. තිබුණු බඩු එම ස්ථානයේ නොතිබීමත් වෙනත් ස්ථානයක තිබීමත් පමණයි දැක ඇත්තේ. එසේම ඒවා ප්ලාස්ටික් හෝ ඉසිලීමට හැකි භාණ්ඩ පමණයි. ඉහත දැරියගේ ඇඳුම්වලට හෝ ඇගේ බඩු බාහිරාදියට කිසිදු හානියක් සිදුව නොමැත. බහිරවීය කියා කියාගන්නා එම දැරිය හා ඇගේ මිතුරිය වන ප්‍රියා කියන දැරිවියත් එක්වයි මෙය සිදුකර තිබෙන්නේ. මෙම සිදුවීම්වලට පාදක වී තිබෙන්නේ ඔවුන්ගේ සිත් තුළ ඇති වී තිබුණු හීනමානයයි. පවුල් සංස්ථාව තුළ තමන් කෙරෙහි අවධානයක් යොමු නොකිරීමත් ඔවුන් අගය කිරීමක් සිදු නොකිරීමත් නිසා ඔවුන් දෙදෙනාට මානසික රෝගී තත්ත්වයක් ඇති විය.
බහිරවීය කියා කියාගන්නා එම දැරිය මෙය සිදුකර තිබෙන්නේ කා සමඟ එක්වද?
{ "answer_start": [ 1049 ], "text": [ "ඇගේ මිතුරිය වන ප්‍රියා" ] }
076c0f61-8a47-4e36-b200-5689256c48f3
වස විස සහිත ආහාර රටාව මගින් නිරෝගී ශක්තිමත් පරම්පරාවක් බිහිකිරීම අසීරුවනු ඇතැයි දේශීය කාබනික වගාකරුවන්ගේ හා නිෂ්පාදකයන්ගේ එකමුතුවේ සාමාජික මර්වින් ප්‍රනාන්දු මහතා පවසයි. රත්මලාන බොරුපන පාරේ පදිංචි ඒ මහතා නිරෝගී ජනතාවක් බිහි කිරීම සඳහා වස විස නැති ආහාර සැපයීම වෙනුවෙන් එවැනි සැපයුම්කරුවන් එකතු කිරීමේ සද්කාර්යයක් සඳහා ඇප කැපවී ක්‍රියා කරන්නෙකි. සිය පර්යේෂණ මගින් දේශීය පළතුරු, පලා, එළවළු ආදිය යොදා ගනිමින් ආහාර නිපදවීම සඳහා ඔහු ක්‍රියා කරයි. පාසල් සිසුන්ගේ මතක ශක්තිය වර්ධනය කරන ගොටුකොළ තේ, ශරීරයේ මනා වර්ධනය සඳහා වන නෙල්ලි තේ, කුරුඳු තේ, හරිත තේ යනාදී පානයන් ඔහුගේ නිෂ්පාදන අතරවේ. එමෙන්ම වර්තමානයේ බොහෝ පිරිසක් බහුලව භාවිත කරන තෙල් මිශ්‍ර ශරීරයට අහිතකර ක්ෂණික ආහාර වර්ග වෙනුවට වැල් පෙනෙල මිශ්‍ර ක්‍රිස්පි බයිට්, ගොටුකොළ මිශ්‍ර ක්‍රිස්පි බයිට් ආදී ආහාර වර්ග ඔහු හඳුන්වා දෙයි.
ශරීරයේ මනා වර්ධනය සඳහා අවශ්‍ය මොනවාද?
{ "answer_start": [ 516 ], "text": [ "නෙල්ලි තේ" ] }
2ff3c3ab-0b69-4e70-95d8-0b4ef54a3424
2014 වසරේදී මේ දෙදෙනාම සිටියේ රිමාන්ඩ් බාරයේය. ඒ 2014 වසරේදී ජුනි 07 වැනිදා කැලණිය පට්ටිවිලදී බාල්දි තිලක් හා ලඩියා නමැති අයෙක් ඝාතනය කළැයි අංගොඩ ලොක්කාට චෝදනා එල්ල විය. ඒ වසරේම අගෝස්තු 17 වැනිදා ටී 56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කළැයි සමයංට චෝදනා එල්ල විය. මෙසේ සමයං අතින් ඝාතනයට ලක්ව තිබුණේ නවගමුවේ දීප්ති කුමාර නමැති අයෙකි. මේ චෝදනාවන් යටතේ අත්අඩංගුවට පත්ව අංගොඩ ලොක්කාත් සමයනුත් දෙදෙනාම රිමාන්ඩ් භාරයට පත්වේ. ඒ වෙන විටත් හෙරොයින් ජාවාරමේ නිරතවීම හා කප්පම් ගැනීම් නිසා සමයං අත විශාල වශයෙන් මුදල් ගැවසින. කෙටියෙන් කියන්නේ නම් ඔහු සතුව විසි කිරීමට තරම් මුදල් ගැවසිණ. ඒ මුදල් ඔහු යෙදෙව්වේ ඇප තැන්පත් කළ නොහැකි අයට ඇප ලබාදීමටය. තමන් සමඟ බන්ධනාගාර ගතව සිටින සැකකරුවන්ගේ ගෙවල්වලට වියදම් කිරීමටය. ඒ මගින් ඔවුන්ගේ විශ්වාසය හා හිතවත්කම, ආදරය දිනාගත් සමයං ඔවුන් සිය පාතාල මෙහෙයුම්වලට යොදා ගැනීමට උත්සාහ කළේය. තමන්ට අවනත නොවන්නන්ට සමයං පළමුව අවවාද කළේය. දෙවනුව මරණ තර්ජන එල්ල කළේය. එයින්ද මෙල්ල නොවූවන් ඝාතනය කළේය. සමයං එවැනි හතුරෙක් මේ රිමාන්ඩ් බන්ධනාගාර ජීවිතයේදී හදා ගත්තේය. ඒ චමීය. චමී සමයංට කලින් එළියට ආවේය. එතැන් සිට ඔහු සමයං ඝාතනයට සැලසුම් සකස් කළේය. ඒ වෙන විටත් රිමාන්ඞ් භාරයේ සිටි අංගොඩ ලොක්කාද එයට සහාය විය.
දෙදෙනාම 2014 වසරේදී සිටියේ කොහෙද?
{ "answer_start": [ 30 ], "text": [ "රිමාන්ඩ් බාරයේය" ] }
63b0f33a-a65c-4dbd-9c80-cf17fdea07a3
තවදුරටත් සිරුර කපා පරීක්ෂා කිරීමේදී ස්වාසනාළවලත්, දකුණු හා වම් පෙණහලුවලත් ඒවාට සම්බන්ධ අනුශ්වාසනාළිකාවලත් දැළි දක්නට ලැබිණ. එලෙස ශ්වාසනාළිකාවලට දැළි ඇතුළු විය හැක්කේ හුස්මගැනීමක් සිදුවුවහොත් පමණි. එසේ නම් සුජිත් ගින්නට හසුවන විටත් මියගොස් තිබී නැත. ඔහු ගින්නෙන් පිලිස්සෙන විට බේරෙන්නට දඟලන්නටද ඇත. ඔහු වේගයෙන් හුස්ම ගනිමින් ජීවත්වීමට වෙර දැරීම නිසා අධික ලෙස ශ්වාසනාළ ඔස්සේ පෙණහලු දක්වාම දැළි ගමන් කරන්නට ඇත. ඒ නිසා සුජිත් ගින්නට දමන විට ඔහු මියගොස් නොතිබූ බව තවදුරටත් සනාථ විය. එහෙත් එයින්ද නැවතීමක් ලබන්නට අධිකරණ වෛද්‍යවරයාට නොහැකිය. ඔහු තවදුරටත් සිදුකළ යුතු රසායනික පරීක්ෂාවන් කීපයක්ද විය. ඒ සඳහා ඔහුගේ ලේ පරීක්ෂා කරන්නට සිදුවේ. එයින් අදහස් කරන්නේ විෂ ශරීරගත වීමක් සිදුව තිබේද? ඇල්කොහොල් භාවිත කර තිබේද? ඇල්කොහොල් අධික මාත්‍රාවක් ශරීර ගත වීමෙන් මරණය ඉක්මන් කර තිබේද යන ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමය. මෙම සිරුර ගින්නකට හසුව තිබී සොයාගත් නිසා ඔහුගේ ලේවල අඩංගු කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණයද නිශ්චය කර ගත යුතුව තිබේ. එයද ඔහු මියගියේ ගෙල සිරවීමෙන්ද නැත්නම් ඉන්පසුව ගින්නට දැමීම නිසාද යන්න නිගමනයට වැදගත් වනු ඇත. ලේ පරීක්ෂාවේදී ලේවල කාබන්මොනොක්සයිඩ් 17%ක් ඇති බව හෙළි විය. සාමාන්‍යයෙන් දුම ආශ්‍රිතව නිතර වැඩකරන විශේෂයෙන්ම මුළුතැන්ගෙවල්වල වැඩ කරන අයගේ සිරුරේ කාබන් මොනොක්සයිඩ් 5%ක් පමණ තිබිය හැකිය. එහෙත් 17% ලේ වල කාබන් මොනොක්සයිඩ් තිබිය හැක්කේ අධික ලෙස කුණු පුලුස්සන තැනක හෝ ගින්නකට හසුවූ අයෙකුගේ සිරුරේය.
තවදුරටත් සිරුර කපා පරීක්ෂා කිරීමේදී දැළි දක්නට ලැබිණේ කුමන කොටස් වලද?
{ "answer_start": [ 36 ], "text": [ "ස්වාසනාළවලත්, දකුණු හා වම් පෙණහලුවලත් ඒවාට සම්බන්ධ අනුශ්වාසනාළිකාවලත්" ] }
097e1988-d17c-4276-84e5-564d02fe32e9
මහත්තයා කළේ ලී මඩුවක්. මම දැන් ඒ කිසිම දේකට සම්බන්ධ නැහැ. අවු. 14 ක තිස්සේ මහත්තයා මට දුන්න මුදලකින් තමයි දරුවන්ගේ වැඩයි ගෙදර වියදම් බලාගෙන මම හිටියේ. මහත්තයාගේ ගනුදෙනු සම්බන්ධයෙන් මම කිසිම දෙයක් දන්නෙත් නැහැ. පවුල සමග ඉතාම සුව පහසු ජීවිතයක් ගත කරපු ඇයට අද ආර්ථික වශයෙන් මුහුණ දෙන්නට වෙලා තියෙන්නේ ඉතාම ඛේදනීය තත්ත්වයකටයි. නිවසේ ආර්ථිකයට ශක්තියක් වුණු සැමියාගේ වියෝවෙන් පත්ව සිටින ඛේදනීය තත්ත්වයන් ඇය අපට මෙලෙස ද පැවසුවා. ගෙදර ලොකුවට හදලා තියෙනවා දැක්කම ගොඩක් අය හිතන්නේ අපට හැමදේම තියෙනවා කියලා. මගේ මහත්තයා කිසි අඩුවක් කරේ නැහැ අපට. ඒත් දැන් මම අසරණයි. ගෙදර ලයිට් කපන්න විදුලි බල මණ්ඩලෙන් ගෙදරට ආවා. රජයෙන් ඒවට සහන කාලයක් දෙනවා කිව්වට දුන්නේ නැහැ. පල්ලියට ගිහින් කිව්වම දොස් කිව්වා අපිට හැමදේම කරන්න බැහැ කියලා.
විදුලි බල මණ්ඩලයෙන් ගෙදරට ආවේ ඇයි ?
{ "answer_start": [ 555 ], "text": [ "ගෙදර ලයිට් කපන්න" ] }
f1c63a0b-8526-4044-98bd-dfc3d562133b
ඔහු කඳු නගින්නෙක් ලෙස කීර්තියට පාත්‍ර වූයේ මීටර් 8000ට වඩා උස් කඳු තරණය කිරීමට පටන් ගත් පසුවයි. නොනවත්වා පැය 48ක් තුළ ලෝකයේ උසම කන්ද වන එවරස්ට්, ලොට්සේ හා මකාලු යන ලෝකයේ සිවු වැනි හා පස් වැනි උසම කඳු මුදුන් ද තරණය කළේය. මින්ග්මා ඩේවිඩ් ෂර්පා, ගල්ජෙන් ෂර්පා සහ ගෙස්මන් තමාන් යන අය ඔහුගේ කඳු තරණ කණ්ඩායමේ සාමාජිකයන් වූහ. කඳු නගින්නන්ගේ ලෝකයේ කිරුළ දිනාගැනීම ලෙස සැලකුණේ හිමාල කඳුවැටියේ තිබෙන මීටර් 8000ට වඩා උස කඳු දැවැන්තයන් සියල්ල තරණය කිරීමයි. පළමු වරට එම කඳු සියල්ල තරණය කර වාර්තාවක් තැබුවේ රෙයින්හෝල්ඩ් මෙස්නර් විසින්, 1987 වර්ෂයේ දී ය. එම තරණයත් සමඟ ඔක්සිජන් සැපයුමක් නොමැතිව එතරම් උස කඳු නැගි පළමු මනුෂ්‍යයා ලෙස ද මෙස්නර් ඉතිහාසගත විය.
ලෝකයේ පස්වැනි උසම කන්ද කුමක්ද?
{ "answer_start": [ 155 ], "text": [ "මකාලු" ] }
824a1d26-c70e-4565-811a-22444cac80ae
කෙසේ හෝ බුලතාගේ බිරිඳගේ නුවණැති සංකල්පයක් නිසා බිහි වූ මෙම ගල් පඩිපෙළ පසුකාලීනව ගමනාගමනයට මහත් රැකුලක් වුණි. එසේම අපචාර හා නීති විරෝධී දේ සඳහා ද මෙම මාර්ගය ඇතැම්හු භාවිතයට ගත්හ. සොරබොර වැව මහියංගණයට ආභරණයක් ලෙස දිළෙන අතර ගල් පඩි පෙළ නටබුන් දිනෙන් දින අභාවයට යමින් පවතියි. රක්ෂිතයක් තුළ පිහිටීමත් වන අලි හා ගුප්තමය වන පියස නිසාවෙනුත් මෙම ගල් පඩිපෙළ වර්තමාන මිනිස් භාවිතයෙන් වියැකී යන්නකි. නමුත් නිධන් හොරු විවිධ කාල වකවානු තුළ නීති විරෝධී ලෙස කැණීම් කරමින් ඔවුන්ගේද ජීවිත අනතුරේ දමන බවක් අපට දැන ගන්නට ලැබුණි. සමස්ත කඳු වැටිය තරණය කළ නිසාවෙන් අවට පරිසරය සියුම්ව නිරීක්ෂණය කළ පසු අපට වැටහුණේ මෙම රක්ෂිත තුළ තවමත් මිනිස් පහස නොලත් ස්ථාන ඇති බවයි. විශේෂයෙන්ම ගල් ගුහා පිළිබඳව ඇතැම් විට පුරාවිද්‍යාත්මක වටිනාමකින් යුත් යම් අතීත හෙළිදරව්වක් එහි තිබිය හැක.
ගල් පඩිපෙළ පිහිටියේ කොහේද ?
{ "answer_start": [ 272 ], "text": [ "රක්ෂිතයක් තුළ" ] }
43a3aa2f-36fa-4587-9124-a2bb0e61d410
මෙම පාලම මතට තොටළඟට පාලම පවා පෙනෙන අතර කැලණි ගඟේ මීටර් කිහිපයක් අතර පාලම් ත්‍රිත්වයක් සහ ද්විත්ව දුම්රිය මාර්ගයක් පිහිටි එකම ස්ථානය මෙය වේ. කැලණි පාලම යටින් අප පිවිසියේ සේදවත්තටයි. සේදවත්ත අඹතලේ මාර්ගය කැලණි ගඟ අසලින් පිහිටි මාර්ගයකි. මාර්ගයේ සිට ගඟට අඩි 10 ක පමණ බැස්මක් තිබුණ ද පසුගිය වසරවල මෙන් ගංවතුර තත්ත්වයන්හි දී කොළඹ ආශ්‍රීතව ගංවතුරෙන් යට වන ප්‍රධානම ප්‍රදේශය මෙම ප්‍රදේශයයි. මීට හේතුව වන්නේ හල්මුල්ල ප්‍රදේශයේ දී කැලණි ගඟ දැවැන්ත වැලමිට වංගු දෙකක් දරන හෙයිනි. ඉහළ සිට ගලා ගෙන එන දැවැන්ත ජල කඳ සේද වත්ත හල්මුල්ල ආශ්‍රිතව පවතින වැළමිට වංගුවෙන් වංගු ගැසී ගලාගෙන යාමට වඩා බලයකින් ජලය පැමිණෙන හේතුවෙන් එම ජලය සෘජුවම පිටාර ගලමින් සේදවත්ත හරහා යමින් නැවත අනෙක් පසින් කැලණි ගඟට එකතු වේ. මෙම ප්‍රදේශයේ පවතින භූමි මට්ටමට වඩා උතුරා යන තරම් සිවුසල් ජල කඳක් කැලණි නදියෙන් නිකුත් වන්නේ මෙම ඉසව්ව ගඟේ පිටාර තැන්න ද වන හෙයිනි.
මාර්ගයේ සිට ගගට අඩි කීයක් පමණ තිබුනිද?
{ "answer_start": [ 251 ], "text": [ "අඩි 10" ] }
6520379a-ea70-4819-aec3-dc3acd0dc48e
රේඛාව ආරම්භයේ ගැඹුරුව පසුව සිහින්ව නොගැඹුරු වී නම් මුලදී පැවති ආදරය පසුව හීන වී යයි. විවාහ රේඛාවේ මැද හෝ අවසානයේ දුපත් සටහන් දර්ශනය වේනම් විවාහ ජීවිතය බලවත් අවාසනාවන්ත සිද්ධීන්ගෙන් ග්‍රහණ එකක් වෙයි. රේඛාවේ කෙළවර තරුවක සලකුණක් වේ නම් ප්‍රේම සම්බන්ධය දඹරයකින් කෙළවර විය හැක. දැන් බලන්න මේ සමග පළවෙන දෙවෙනි රූපසටහන දෙස, මනාව පැහැදිලිව ඇති දෛව රේඛාවට 1-1 චන්ද්‍ර මණ්ඩලයේ සිට ඇදී එන ප්‍රබල රේඛාවක් සම්බන්ධ වී ඇතිනම් 2-2 එසේ සම්බන්ධ වන දෛව රේඛාවට අදාළ වයස් සීමාවේදී ඔහුගේ හෝ ඇයගේ විවාහය සිදුවෙයි. මනාව සෘජුව සටහන් වී ඇති දෛව රේඛාවක් පිහිටි අතක ප්‍රබල විවාහ රේඛාවකුත් සටහන් වී ඇති නම් එමගින් සදා සැපවත් විවාහ ජීවිතයක් පෙන්නුම් කරයි. ප්‍රබල රේඛාවක් වුවත් එහි දූපත් ලකුණ වැටී ඇත්නම් විවාහ ජීවිතය අසාර්ථක වේ.
රේඛාව ආරම්භයේ ගැඹුරුව පසුව සිහින් වන්නේ නම් දාදරයට කුමක්වේද?
{ "answer_start": [ 73 ], "text": [ "හීන වී යයි" ] }
01dbd32e-b256-43df-9662-d54491261253
ගන්දර අර්ලිස් සිල්වාට පොලිසිය වෙඩි තැබුවේ මොකද? යන ශීර්ෂය සහිත 1958 ක් වූ ඔක්තෝබර් 12 වෙනි ඉරිදා සිළුමිණ පුවත්පත හදිසි නීතිය යටතේ තහනම් කර තිබුණි. මෙසේ 1958 ඔක්තෝබර් 19 වෙනිදා සිළුමිණ තහනමට හසුවූ පත්‍රයකි. එහි ශීර්ෂ පාඨය මෙයයි. මේ සිද්ධි දෙකටම පොලිස් නීතියත්, යුද්ධ නීතියත් රජවූ කාලසීමාව තුළදී පොලීසිය විසින් සිදුකළැයි කියන අපරාධ ගැන විභාග කළ යුතු යයි එකල ජාතික පුවත්පත් ලියා තිබුණි. ගන්දර පිළිබඳව අධ්‍යාපන ඇමැති විජයානන්ද දහනායක මහතාද පොලිස් ක්‍රියා ගැන සෝදිසි කළ යුතු බව අගමැති බණ්ඩාරනායක මහතාට දන්වා තිබූ අතර ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරු සෑහෙන ගණනක්ද එවැනි කොමිසමක් අවශ්‍ය බවද එක හෙළා පිළිගත් බව පුත්පත්වල සඳහන් වී තිබුණි.
හදිසි නීතිය යටතේ තහනම් කළ පුවත්පත කුමක්ද?
{ "answer_start": [ 97 ], "text": [ "සිළුමිණ පුවත්පත" ] }
c710bb6c-fe89-4c72-a022-13315f6f8ee6
ඒ දවස්වල හිටිය බටහිර රටක ආගමික නායකයෙක් විසුද්ධානන්ද නාහිමියන් මුණගැසිලා යම්කිසි කාරණයක් කරදෙන්න කියලා සූනියම් දෙවියන්ගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. කාරණාව මොකක්ද කියන එක අපි දන්නේ නැහැ. නමුත් ඒ කාරණය ඉටුවෙලා තිබෙනවා. ඒ පිටරට ආගමික නායකවරුන් නායක හාමුදුරුවන් හමුවෙලා විශේෂ භෝජන සංග්‍රහයක් සංවිධානය කරලා තිබෙනවා. අපි කිව්වට භෝජන සංග්‍රහයක් කියලා සමහර විට විශේෂිත දානමය කටයුත්තක් වෙන්න ඇති. ඒ දවස්වල පුවත්පත්වල පවා ගිහින් තිබෙනවා එතුමාට උන්වහන්සේ භෝජන සංග්‍රහයක් පිළිගැන්වූවා කියලා. ඒක ඔවුන් දෙදෙනාගේ ගනුදෙනුවක්. අපි දන්නෑ මොකක්ද කාරණය කියලා එහෙම වැඩ නායක හාමුදුරුවෝ කරලා දීලා තිබෙනවා. පසුගිය දවස්වල ජර්මනියේ පිරිසක් ආවා මේ ලුනාව දේවාලය කියන්නේ මොකක්ද කියන කාරණය දැනගන්න. ඉතින් කුමන හෝ ප්‍රසිද්ධියක් තිබෙන නිසානේ එහෙම සොයා ගෙන එන්න ඇත්තේ.
විසුද්ධානන්ද නාහිමියන් මුණගැසීමට ආවේ කවුද?
{ "answer_start": [ 15 ], "text": [ "බටහිර රටක ආගමික නායකයෙක්" ] }