text
stringlengths
4
969
හත්වැනි පාර්ලිමේන්තුව පළමුවැනි සභාවාරය.
පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ගරු රවී කරුණානායක මහතා,
අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,
පසුගිය වර්ෂ විස්සක කාලය තුළ උපාධි අපේක්ෂකයන් සඳහා ලබා දුන් මහපොළ ශිෂ්‍යත්ව සංඛ්‍යාව වාර්ෂික පදනමින් කොපමණද යන්න;
ඉහත සඳහන් සංඛ්‍යාව සහ ඉහත සඳහන් කාල සීමාව තුළ එක් එක් වර්ෂයේදී විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ සම්පූර්ණ ශිෂ්‍ය සංඛ්‍යාව අතර සන්සන්දනය කවරේද යන්න;
පසුගිය වර්ෂ හය තුළ ශිෂ්‍යත්වලාභීන්ට දීමනා වශයෙන් ගෙවූ මුදල වාර්ෂික පදනමින් කොපමණද යන්න;
පසුගිය වර්ෂ දහය තුළ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට ලැබුණු ආදායම් වාර්ෂික පදනමින් කවරේද යන්න;
එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
නොඑසේ නම්, ඒ මන්ද?
ගරු බුද්ධික පතිරණ මහතා,
ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද කදුරුවාන තේ කම්හල වර්ෂ හයක් තිස්සේ ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා ඇති බවත්;
ජාතික සම්පතක් වන එම කර්මාන්ත ශාලාව ප්‍රයෝජනයට නොගෙන අත්හැර තිබීමෙන් ජාතික ආර්ථිකයට විශාල පාඩුවක් සිදු වන බවත්;
එතුමා දන්නෙහිද?
එම තේ කම්හල ඉදිකිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්න;
එය ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා තිබීමට හේතු කවරේද යන්න;
තේ කම්හලේ නිෂ්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කොට ප්‍රදේශයේ තේ වගාකරුවන්ගේ අමු තේ දළු මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකසන්නේද යන්න;
නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නේ නම්, ඒ සඳහා ගතවන කාලය කවරේද යන්න;
එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
නොඑසේ නම්, ඒ මන්ද?
ගරු අජිත් කුමාර මහතා,
අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,
ජනාධිපතිතුමා යටතේ දැනට සේවය කරන උප්‍රදේශකයින් සංඛ්‍යාව කවරේද යන්න,
ඔවුන්ගේ නම්, අධ්‍යාපන සුදුසුකම් සහ වගකීම් කවරේද යන්න;
ඔවුන් වෙත ගෙවනු ලබන වැටුප් සහ දීමනා කවරේද යන්න;
පසුගිය මාසය සඳහා ගෙවන ලද සියලු දීමනාවල එකතුව කවරේද යන්න;
එතුමා සඳහන් කරන්නෙහිද?
නිලරථ ලබාදී ඇති උප්‍රදේශකයින්ගේ නම්, ලබාදී ඇති නිලරථ සංඛ්‍යාව සහ ඒවායේ විස්තර කවරේද යන්න;
ඔවුන් වෙත ඉන්ධන දීමනා ලබාදෙන්නේ නම්, එක් එක් උප්‍රදේශකවරයාට ලබාදෙන ඉන්ධන දීමනාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
ඔවුන් වෙත දුරකථන පහසුකම් ලබා දෙන්නේ නම්, මේ වන විට දුරකථන පහසුකම් ලබා දී ඇති උප්‍රදේශකයන්ගේ නම් කවරේද යන්න;
දුරකථන දීමනාවක් ගෙවන්නේ නම්, එක් එක් උප්‍රදේශකවරයාට ලබා දී ඇති දීමනාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න;
එතුමා සඳහන් කරන්නෙහිද?
නොඑසේ නම්, ඒ මන්ද?
ගරු දයාසිරි ජයසේකර මහතා,
පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,
පුත්තලම දිස්ත්‍රික්කයේ, පාලකුඩා මංසන්ධියේ සිට තලවිල ශාන්ත ආනා දේවස්ථානය දක්වා දිවෙන මාර්ගය පිළිසකර කිරීම සඳහා වර්ෂයේදී වෙන් කළ මුදල කොපමණද යන්න;
එම ව්‍යාපෘතිය යටතේ සංවර්ධන කිරීමට ඇස්තමේන්තුගත කර ඇති මාර්ගයේ දිග හා පළල කොපමණද යන්න;
එතුමා සඳහන් කරන්නෙහිද?
ඉහත මාර්ගය පිළිසකර කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දීමේදී විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කළේද යන්න;
එම මාර්ගය පිළිසකර කළ ආයතනයේ නම, එහි අයිතිකරුගේ නම, ලිපිනය සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ තොරතුරු කවරේද යන්න;
මාර්ගය ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් එම සමාගමට ගෙවිය යුතු සියලු ගෙවීම් මේ වන විට ගෙවා අවසන් කර තිබේද යන්න;
නොඑසේ නම්, තවදුරටත් ගෙවීමට ඇති මුදල කොපමණද යන්න;
එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
පිළිසකර කිරීමෙන් පසුව ඉහත මාර්ගය මත තල් හෝ වෙනත් ශාක වර්ගයක් පැළවී තිබේද;
නියමිත ප්‍රමිතියට සකස් කළ විට මාර්ගයක් මත ශාක වර්ග පැළවීමේ හැකියාවක් තිබේද:
ඉහත මාර්ගයේ ශාක වර්ග පැළවීමට හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
නොඑසේ නම්, ඒ මන්ද?
ගරු රෝසි සේනානායක මහත්මිය,
අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
උසස් පෙළ සමත් වූ,
පෞද්ගලික සහ පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව;
පාසල් අයදුම්කරුවන් ලෙස පෙනී සිටි සිංහල, දෙමළ සහ ඉංගීසි මාධ්‍ය සිසුන් සංඛ්‍යාව;
පෞද්ගලික අයදුම්කරුවන් ලෙස පෙනී සිටි සිංහල, දෙමළ සහ ඉංගීසි මාධ්‍ය සිසුන් සංඛ්‍යාව;
සිසුන් සංඛ්‍යාව විෂයය ධාරාව අනුව;
සිසුන් සංඛ්‍යාව දිස්ත්‍රික් පදනම මත;
කොපමණද යන්න වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
රජයේ පාසල්වල සිටි උසස් පෙළ ගුරුවරුන් සංඛ්‍යාව,
එක් එක් විෂයධාරාව අනුව;
ජාතික පාසල් සහ පළාත් පාසල් අනුව;
භාෂා මාධ්‍යය අනුව;
දිස්ත්‍රික්කය අනුව;
කොපමණද යන්න වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
නොඑසේ නම්, ඒ මන්ද?
ගරු සජිත් ප්‍රේමදාස මහතා,
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,
මධ්‍යම පාන්තිකයන්ට පහසු මිලට ලබා දීම සඳහා තට්ටු නිවාස ඉදිකිරීම ආරම්භ කළ වර්ෂය කවරේද යන්න;
මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති එම තට්ටු නිවාස සංඛ්‍යාව කොපමණද යන්න;
එම තට්ටු නිවාස ඉදිකර ඇති ප්‍රදේශ කවරේද යන්න;
එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
නොඑසේ නම්, ඒ මන්ද?
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,
ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙහි ණය පියවීමට මුල්‍ය සම්පාදනය සඳහා විදේශීය මූලාශයකින් ඇ. එ. ජ. ඩොලර් බිලියන 1ක මුදලක් ලබාගැනීමට නියමිතව තිබේද යන්න;
ඉහත කී ගනුදෙනුව හා සම්බන්ධ බවට ප්‍රකාශිත ‘ගෝල්ඩ්මන් සැක්ස්’ ආයෝජන බැංකුව හා එහි දේශීය හෝ විදේශීය නියෝජිතයන් සමග ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින සාකච්ඡාවන්හි විෂයපථය පිළිබඳ විස්තර කවරේද යන්න;
එතුමා සඳහන් කරන්නෙහිද?
සඳහන් නියෝජිතයන්ට,
පිරමිඩ් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්;
ශ්‍රී ලංකා වේ හෝ අන් කවර හෝ ස්ථානයක බැංකු හා ව්‍යාපාරික ආයතන සමග ගිවිසුම් හෝ යම් ණය බැඳීම්වලට අදාළව විශ්වාසය කඩකිරීම් සම්බන්ධයෙන්;
මහ බැංකුවේ උසස් නිලධාරීන් සමඟ සමීප පෞද්ගලික සබඳතා හා ව්‍යාපාරිකාල පැවතීම සම්බන්ධයෙන් චෝදනා කරනු ලැබ හෝ දෝෂාරෝපණය කරනු ලැබ තිබේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
ඔබගේ ගනුදෙනුකරු හැඳිනගන්න ප්‍රතිපත්තියට අනුකූල වීම සහතික කිරීම හා මෙයට සම්බන්ධ අරමුදල් මුදල් විශුද්ධිකරණය හෝ ත්‍රස්තවාදය හා සම්බන්ධ මූල්‍ය සම්පාදනය මගින් දූෂ්‍ය වූ මුදල් වීමේ අවදානම අවම කිරීම සඳහා නිසි ක්‍රියාමාර්ග අනුගමනය කෙරෙන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
නොඑසේ නම්, ඒ මන්ද?
ගරු රවී කරුණානායක මහතා,
විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,
රට තුළ නොයෙකුත් ප්‍රදේශවල වරින් වර සිදුවූ විදුලි විසන්ධිවීම් විදුලිබල මණ්ඩලයේ දැනුවත් බවින් තොරව සිදු වූයේද;
නොඑසේ නම්, ඊට හේතු කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
කැලණිතිස්ස බලාගාරයේ විදුලිබල මණ්ඩලය සතු විදුලි ජනක යන්ත්‍ර සදහා සපයන ලද ඩීසල් ලීටරයකට ජූනි මාසය තුළ ගෙවන ලද මිල කොපමණද;
කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනක යන්ත සඳහා සපයන ලද ඩීසල් ලීටරයකට ගෙවන ලද මිල කොපමණද;
කැලණිතිස්ස බලාගාරයේ ඉන්ධන ටැංකි පද්ධතියේ ධාරිතාව කොපමණද;
දිනවල එම ධාරිතාවය එම ටැංකිවල තිබුනේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සදහා දිනකට අවශ්‍ය ඩීසල් ලීටර සංඛ්‍යාව කොපමණද;
ජුලි මස කැලණිතිස්ස බලාගාරයේ සියලුම විදුලි ජනක යන්ත්‍ර ක්‍රියා විරහිතවීමට ඉන්ධන නොමැති වීම හේතු වූයේද.
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
නොඑසේ නම්, ඒ මන්ද?
ගරු බුද්ධික පතිරණ මහතා,
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,
README.md exists but content is empty. Use the Edit dataset card button to edit it.
Downloads last month
0
Edit dataset card