text
stringlengths
4
969
ගරු රවී කරුණානායක මහතා,
උද්ධමනයට ගැලපෙන සේ සේවා නියුක්තිකයන්ට දීමනාවක් ගෙවීම,
රාජ්‍ය ආයතන විසින් පරිපාලනය කරනු ලබන සේවා නියුක්තිකයන්ගේ අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ගෙවීමේ දී එක් එක් වර්ෂයේ උද්ධමනය ප්‍රමාණයට වඩා දීමනාවක් සේවා නියුක්තිකයන්ට ලබා දීමට සහතික විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
ජේ‍යෂ්ඨ පුරවැසියන්ට නොමිලේ ගමන් පහසුකම් සැලසීම,
සියලුම ජේ‍යෂ්ඨ පුරවැසියන්ට පොදු ගමනාගමන සේවාවන්වල නොමිලේ ගමන් පහසුකම් සලසා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
අර්බුද සමථ මධ්‍යස්ථානයක් පිහිටුවීම,
සාමය කඩවීම වැනි ජාතික ප්‍රශ්නයක් ඇති ශ්‍රී ලංකාව බහු ජාතික හා බහු ආගමික රටක් වන හෙයින්, ශ්‍රී ලංකා ව තුළ, කලාපය තුළ හා සමස්ත වශයෙන් ලෝකයේම එවැනි ප්‍රශ්න විසදීම සඳහා බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු හා ඉස්ලාම් ආගම්වල ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් අර්බුද සමථ මධ්‍යස්ථානයක් පිහිටු විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
විශ්‍රාමික පාරිතෝෂික මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දීම,
මෙතෙක් විශ්‍රාමික පාරිතෝෂික මුදල් ලබා නොදුන් විශ්‍රාමිකයින්ට එම විශ්‍රාමික පාරිතෝෂික මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
ජාතික ප්‍රතිපත්ති සැලසුම් සභාවක් පත් කිරීම,
ක්‍රමවත් ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් නිර්මාණය කිරීම සඳහා දේශපාලනඥයන්ගෙන් හා විෂය බද්ධ වෘත්තීයවේදීන්ගෙන් සමන්විත ආණ්ඩු මාරුවීම් අනුව වෙනස් නොවන නිශ්චිත බලයක් සහිතවූත් ජාතික ප්‍රතිපත්ති සැලසුම් සභාවක් පත්කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
විදේශ රැකියා නියුක්තිකයන්ගේ ගැටලු නිරාකරණය කිරීම සඳහා නීතිමය බලතල සහිත ඒකකයක් පිහිටුවීම,
විදේශ රැකියාවන්හි නියුක්ත වූවන්ට සිදුවන පහරදීම්, පැහැරගෙන යෑම්, ස්ත්‍රී දූෂණ, ලිංගික අපචාරයෙහි යෙදවීම්, මිනීමැරීම් හා විදේශගත වීමේදී සිදුවන මුදල් වංචා කිරීම් හා විදේශගත වී අනාථ වූවන් නැවත ගෙන්වා ගැනීම හා ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලිය හැකි නීතිමය බලතල ඇති ඒකකයක් පිහිටුවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
නව නිපැයුම්කරුවන් ලෝකයට හඳුන්වා දීම සඳහා ජාතික වැඩ පිළිවෙළක් සකස් කිරීම,
නව නිපැයුම්කරුවන් සහ විවිධ දක්ෂතා ඇති පුරවැසියන් ලෝකයට හඳුන්වාදීම සඳහා ද ඔවුන් සතු දක්ෂතා හා එකී නිර්මාණ දියුණු කර ගැනීම සඳහා ද ජාතික වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
දේශීය අමු ද්‍රව්‍ය යොදා ගන්නා කර්මාන්තකරුවන්ට බදු සහන ලබා දීම,
සම්පූර්ණයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොල සඳහා ඉලක්ක කර ගනිමින් දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් භාණ්ඩ නිපදවන දේශීය කර්මාන්තකරුවන්ට අවුරුදු දෙකක බදු සහන කාලයක් ලබා යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
වතුකර ජනතාවට පුරවැසිකම් ලබාදීම,
වතුකරයේ ශ්‍රී ලංකා පුරවැසිකම නොමැති සියලු ජන කොට්ඨාසවලට ඔවුන්ගේ කැමැත්ත මත පුරවැසිභාවය ලබා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
දිවයිනේ ප්‍රාථමික පාසල් දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබා දීම,
දිවයිනේ සියලු ප්‍රාථමික පාසල් දරුවන්ට උදෑසන නොමිලයේ කිරි වීදුරුවක් ලබා දීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්ති භාරකාර අරමුදල් සතියක් ඇතුළත ඉල්ලුම්කරුවන්ට ලබා දීම,
සේවක අර්ථ සාධක අරමුදල් හා සේවා නියුක්ති භාරකාර අරමුදල් සතියක් ඇතුළත ඉල්ලුම්කරුවන්ට ලබා දිය හැකි වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
පාසල් ළමුන් සඳහා නිදහස් වාර ගමන් ප්‍රවේශ පත්‍ර ලබා දීම,
පාසල් ළමුන්ට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ බස් රථවල ගමන් කිරීම සඳහා නිදහස් වාර ප්‍රවේශපත් ක්‍රමයක් හඳුන්වාදීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
ක්‍රීඩා පාසල් ඉදිකිරීම හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සකස් කිරීම,
දිගුකාලීන ඉලක්කයක් සහිත ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් හා වැඩ පිළිවෙළක් සකස් කිරීම උදෙසා මූලික වශයෙන් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රීඩාගාර, පිට්ටනි, උපකරණ හා ක්‍රීඩා උප්‍රදේශකයන්ගෙන් සමන්විත උසස් ගණයේ ක්‍රීඩා පාසල් ඉදි කිරීමටත් ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සකස් කිරීමටත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
ජාතික භාෂා අධ්‍යාපන මණ්ඩපයක් පිහිටුවීම,
ගුරුවරුන්ට සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම සඳහා ජාතික භාෂා අධ්‍යාපන මණ්ඩපයක් ස්ථාපිත කිරීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
රාජ්‍ය තොරතුරු නිදහස්ව ලබා ගැනීම සඳහා නීති සම්පාදනය කිරීම,
රජයේ විනිවිදභාවය පවත්වා ගැනීම සඳහා ද, මහජනතාවට සියලු රාජ්‍ය තොරතුරු නිදහස්ව ලබා ගැනීමේ අයිතිය උදෙසා ද පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
ශ්‍රී ලාංකිකයින්ට වඩා යහපත් සෞඛ්‍ය අවස්ථාවන් සලසා දීම,
ජනතාවගෙන් විශාල පිරිසකට හදවත් සැත්කම් කිරීම අවශ්‍යව ඇති හෙයින්, ශ්‍රී ලාංකිකයන්ට වඩා හොඳ සෞඛ්‍ය අවස්ථාවන් සලසා දිය යුතු යැයි ද, ඒ සඳහා පෞද්ගලික අංශයේ සේවකයින්ට සේවක අර්ථසාධක අරමුදල හෝ සේවක භාරකාර අරමුදල හරහා නොමිලයේ පහසුකම් සලසා දිය යුතුයැයි ද, රජයේ සේවකයන් හෝ සේවා වියුක්තිකයන් සඳහා සම්පූර්ණ වියදම රජය විසින් ජනාධිපති අරමුදල හරහා සැපයිය යුතුයැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
ලෝක පරිසරය ආරක්ෂා කිරීම,
ශ්‍රී ලංකාව, ලෝක පරිසරය ආරක්ෂා කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු අතරම ගෝලීය උණුසුම වැළැක්වීමට විශේෂයෙන් පියවර ගතයුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
පාර්ලිමේන්තුවේ වැඩකටයුතු විකාශනය කිරීම,
රූපවාහිනිය හෝ අන්තර්ජාලය හරහා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සජීවිව හෝ පරීක්ෂිතව විකාශනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
එතෙර ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දීම,
එතෙර ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරි මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
විද්‍යූත් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් හඳුන්වාදීම,
යල්පැන ගිය වර්තමාන ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය වෙනුවට විද්‍යූත් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු අජිත් කුමාර මහතා,
ගාලු කොටුව හා ඒ ආශ්‍රිත ඓතිහාසික හා පුරා විද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම හා නිසි ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කිරීම,
සංචාරක කර්මාන්තයේ ඉතා වැදගත් මධ්‍යස්ථානයක් වූ ද, ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු වූ ද, ලෝක උරුමයක් ලෙස සැලකෙන ගාලු කොටුපවුර, ගාලු කොටුව ඇතුළත හා ගාලු කොටුව ආශ්‍රිතව ඇති ඓතිහාසික හා පුරා විද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කිරීමටත්, ප්‍රවර්ධනය කිරීමටත්, ඒ හා සම්බන්ධ රාජ්‍ය ආයතන හා ජන සහභාගීත්වය ඇතිව විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කරමින් අප රටට මෙම ඓතිහාසික උරුමයේ නිසි ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
ඡන්ද හිමි නාම ලේඛනය නිරතුරුව යාවත්කාලීන කිරීම,
ඡන්ද හිමි නාම ලේඛනය මුළු වර්ෂයෙන්ම දින තිහක කාලයක් සඳහා පමණක් යාවත්කාලීන වන ලයිස්තුවක් නොව නිරතුරුවම යාවත් කාලීන වන විවෘත ලැයිස්තුවක් විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
විදේශ රැකියාවල නියුතු අය සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබාදීම,
විදේශ ගතවී ඉතා අපහසුවෙන් උපයාගත් ධනය ශ්‍රි ලංකාවේ ධන සම්පත්තිය වැඩිකිරීම සඳහා එවන විදේශ රැකියාවල නියුතු අය ඇගයීම පිණිස විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබා දීම සඳහා පියවර ගතයුතු බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
සේවයේ සිටි සන්නද්ධ සේනාවන් සඳහා විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වසර පහක සේවා කාලය සම්පූර්ණවු පසු විශ්‍රාම වැටුප් ලැබීමට සුදුසුකම් ලබන බැවින් සන්නද්ධ සේනාවන්වල කාලය සම්පූර්ණ නොකළද පෙර ක්‍රියාකාරී සේවයේ යෙදී සිටි යුධ සෙබළුන්ට ද විශ්‍රාම වැටුප් ලබා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
දුබල හා එහා මෙහා යා නොහැකි පුද්ගලයන් සඳහා විශේෂ සැලසුම් හදුන්වාදීම,
නීතියේ සඳහන් වන පරිදි දුබල හා එහා මෙහා යා නොහැකි පුද්ගලයන්ගේ පහසුව තහවුරු කිරීමට හා ඔවුන් සතු ඵලදායීතාව වර්ධනය කිරීම සඳහාත් ඔවුන් අනවශ්‍ය ලෙස අනුන් මත යැපීම අවම කිරීම සඳහාත් සියලු නව රජයේ ගොඩනැගිලිවල විශේෂිත සැලසුම් ක්‍රමයක් ඇතිකළ යුතු බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම,
ලියාපදිංචිවූවද ඡන්දය ප්‍රකාශකිරීමට අවස්ථාව නොලැබුනු ඡන්දදායකයන් බොහෝ සංඛ්‍යාවක් සිටින බැවින් වයස අවුරුදු දහඅටට වැඩි සියලුම පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දිය යුතු බව සහ ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන්වූ නමුත් ඡන්දය ප්‍රකාශ නොකරන පුද්ගලයන්ගෙන් දඩ මුදලක් අයකළ යුතුබව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
දුෂණයෙන් තොර ලෝකයක් තහවුරු කිරීම.
දූෂණය මුලින් උපුටා දැමීම සඳහා ලෝකයේ පාර්ලිමේන්තු සංවිධාන සමඟ එක්වී ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
මුළාවට ලක්වු තැන්පත්කරුවන්ට තම මුදල් නැවත ගෙවීම, ව්‍යාජ මූල්‍ය ආයතනවල තම මුදල් තැන්පත්කර එමඟින් මුළාවට ලක්වූ බොහෝ දෙනෙක් සිටින බැවින් හා පසුගිය මැතිවරණ ව්‍යපාරයේදී මෙම රජය විසින් තැන්පත්කරුවන් සහ මූල්‍ය ආයතනවලට ඔවුන්ගේ හිඟ මුදල් නැවත ගෙවීමට පොරොන්දුවී ඇති බැවින්, මහ බැංකුව මෙම ආයතනවල භාරකරු හෙයින් වඩා කාර්යක්ෂම ලෙස කටයුතු කළ යුතු බවත්, තැන්පත්කරුවන්ට තම හිඟ මුදල ලබා දීමට රජය ඉදිරිපත් විය යුතු බවත්, මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
සාමවිනිසුරු තනතුරු ලබා දීමේ දී විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම,
මුළු මහත් සමාජයම පොදුවේ පිළිගනු ලබන සහ සමාජයට විශාල සේවාවක් සපයනු ලබන තනතුරක් වන සාමවිනිසුරු තනතුරු ලබා දීමේදී ඒ සඳහා සුදුසු නිර්නායක පදනම් කොට ගෙන එම තනතුරු ලබා නොදීම නිසා එම තනතුරෙහි ගෞරවය හා පොදු පිළිගැනීම ක්‍රමයෙන් හීන වන බැවින් ඒ සඳහා පොදුවේ පිලිගත හැකි නිර්නායක පදනම් කර ගන්නා වූ ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
සුනාමි ඛේදවාචකයෙන් ඇතිවූ ගැටලු විසඳීම,
සුනාමි ඛේදවාචකය හේතුවෙන් කුමන හෝ ආකාරයේ ගැටලුවකට මුහුණ දී මේ වන තෙක් නොවිසඳී පවතින ගැටලු තිබේ නම්, ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් කොට්ඨාස මට්ටමින් සොයා බලා ඔවුන් මුහුණ දී ඇති හා දැනටත් මුහුණ දෙනු ලබන ගැටලු අවම කිරීම සඳහා කාර්යක්ෂම වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
ගෘහස්ථ ශ්‍රමිකයින් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම,
ශ්‍රී ලංකාවේ විවිධ රැකියා උත්පාදන ක්ෂේත තුළ විවිධ නිෂ්පාදන කටයුතු කරන දසලක්ෂයකට ආසන්න ගෘහස්ථ ශ්‍රමිකයින් සඳහා දේශපාලන බල අධිකාරිය ඒ සඳහා සබැඳි සියලු ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයින්, උගතුන් හා බුද්ධිමතුන්ගෙන් මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි ද සහාය ලබා ගනිමින් විධිමත් ජාතික ප්‍රතිපත්තියක්සකස් කොට එය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
වී වගා කළ නොහැකි කුඹුරු ඉඩම් ඵලදායි කටයුතු සඳහා යොදා ගැනීම,
කුඹුරු ඉඩම් ගොඩකිරීමේ නීතිය උල්ලංඝනය නොවන පරිදි, විධිමත් අධ්‍යයනයකින් හඳුනා ගැනීමෙන් පසු කිසිසේත්ම වී වගා කළ නොහැකි කුඹුරු ඉඩම්වල ඵලදායී කෘෂි නිෂ්පාදන පමණක් වගා කිරීමටත් ,ඉදිකිරීම් කටයුතු සඳහා කිසිසේත්ම ඉඩ ප්‍රස්ථා නොලැබෙන ආකාරයේ වැඩසටහන් සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
රාජ්‍ය සේවයේ විශ්‍රාමකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම,
වැටුප් ප්‍රතිශෝධන චක්‍ර ලේඛයට අනුව දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පරිවර්තනය කිරීම නිසා දිනට පෙර විශ්‍රාම ගිය සහ ඉන්පසු විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් අතර දැඩි වැටුප් විෂමතාවක් පවතින බැවින් එය ඉවත් කිරීමට ජාතික වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
දිස්ත්‍රික් මට්ටමින් තොරතුරු මධ්‍යස්ථාන ඇති කිරීම,