text
stringlengths
4
969
ගරු බුද්ධික පතිරණ මහතා,
වියළි කලාපීය හේන් ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම,
වියළි කලාපීය ප්‍රදේශවල හේන් ගොවීන් විසින් වගා කරනු ලබන වී, කුරක්කන්, මුං, තල වැනි වගාවන්හි අස්වැන්න වැඩි කර ගැනීම සහ නිෂ්පාදන සකස් කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම තුළින් උසස් ගුණාත්මක තත්ත්වයෙන් යුතු නිෂ්පාදන සකස් කිරීම සඳහාත්, දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ තුළ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ පදනම ශක්තිමත් කර ගැනීම සඳහාත් සීමිත සමූපකාර සමාගම් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
ගුරු උපදේශක සේවාවක් ඇති කිරීම,
ශ්‍රී ලංකා වේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණ ඇතිව මීට වසර විස්සකට පමණ පෙර සිට ආරම්භ වී ක්‍රියාත්මක වන ගුරු උපදේශක තනතුරු වෙනම ගුරු උපදේශක සේවා ඵ්කකයක් ලෙස ස්ථාපනය කල යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රුවන් රණතුංග මහතා,
අතුරු බෙදීම් තහනම් නිකුත්කර ඇති රජයේ දීමනා පත්‍ර ඉඩම්වල අතුරු බෙදීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීම,
ජය භූමි, ස්වර්ණ භූමි, රත්න භූමි ආදී රජයේ ඉඩම් දීමනා පත්‍රලාභීන්ගේ ඉඩම්වල අතුරු බෙදීම් තහනම් වුවත්, මුල් ඉඩම්ලාභීන්ගේ දෙවන පරම්පරාවේ අයිතිය තහවුරු කිරීමටත්, ඔවුන්ගේ ගේ දොර වතුපිටිවල සංවර්ධන කටයුතු කිරීමටත් අතුරු බෙදීම් අවශ්‍යතා පැන නැගුණු විට, පළාත් කොමසාරිස්, ඉඩම් කොමසාරිස් සහ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා දැනට ක්‍රියාත්මක වන දීර්ඝ ක්‍රියාවලිය අවම කොට අතුරු බෙදීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමට අවශ්‍ය නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
තිරිඟු පිටි වෙනුවට සහල් පිටි ජනතාව අතර ජනප්‍රිය කරවීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම,
තිරිඟු පිටි සඳහා විදේශ රටවලට ඇදී යන විශාල ධනස්කන්ධය නවතාලීමේ අරමුණ ඇතිව ආදේශකයක් ලෙස භාවිතා කළ හැකි සහල් පිටිවලින් සැකසූ ආහාර ප්‍රචලිත කිරීම සඳහාත්, කෙඳි සහිත ධාන්‍ය වර්ගයක් වන සහල් වඩාත් සියුම් ලෙස තිරිඟු පිටි මෙන් අඹරා ගැනීම සඳහාත්, තිරිඟු පිටි ඇඹරීමට භාවිතා කරන ආකාරයේ යන්ත සූත්‍ර සහ නව තාක්ෂණය හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
යුද්ධය නිසා ආබාධිතයන් බවට පත්වූවන්ට සහන සලසා දීම,
වසර තිහකට ආසන්න කාලයක් පැවැති යුද්ධය හේතුකොට ගෙන එදිනෙදා කුලී වැඩ කොට ජීවත් වූ ජනතාවත් ස්ථිර රැකී රක්ෂා කළ ජනතාවත් අතුරින් සැලකිය යුතු ප්‍රමාණයක් අංගවිකලව ආබාධිතව ජීවන බරින් මහත් පීඩාවට පත් වී අසරණව ජීවත් වන බැවින්, ඔවුන් සඳහා යම් මාසික දීමනාවක් ලබා දීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
සියලුම ප්‍රභූ ආරක්ෂකයින් සඳහා ගමන් වියදම් දීමනාවක් ලබා දීම,
ජනාධිපති ආරක්ෂක සහ අගමැති ආරක්ෂක සේවයේ නියුක්ත නිලධාරීන්ට මෙන්ම අනෙකුත් ප්‍රභූ ආරක්ෂක සේවාවල නියුක්ත නිලධාරීන්ට ද සමාන ගමන් වියදම් දීමනාවක් ලබා දීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රුවන් රණතුංග මහතා,
රාජ්‍ය බැංකුවල පොලී ගෙවීම සහ පොලී අයකිරීම අතර පවතින පරතරය අඩු කිරීම,
රාජ්‍ය බැංකුවල සාමාන්‍ය ඉතුරුම් තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය 4 % සිට 4.5 % දක්වාද ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය 8 % පමණ ද වන අතර බැංකු විසින් නිවාස, ව්‍යාපාරික සහ කෘෂිකාර්මික වැනි ණය සඳහා අය කරනු ලබන පොලී අනුපාතය 1 % සිට 3 % ක් ද පමණ වන බැවින් ජනතාවට සහ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට අතදීම සඳහාත් ඔවුන් දිරිගැන්වීම සඳහාත් මෙම අයකරන පොලිය සහ ගෙවන පොලිය අතර පවතින පරතරය අඩුකිරීමට පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රුවන් රණතුංග මහතා,
උපාධිධාරී ග්‍රාම නිලධාරීන් අගැයීම සඳහා දීමනාවක් ලබා දීම,
රාජ්‍ය සේවය ගම් මට්ටමින් ජනතාවට ලබා දීම සඳහා සේවය කරන ග්‍රාම නිලධාරීන් අ.පො.ස. (උ/පෙළ) විභාගයෙන් පසුව තරඟ විභාග ලකුණු මත බඳවා ගෙන ඇතත්, දැනට සේවයේ යෙදී සිටින ග්‍රාම නිලධාරීන් අතුරින් පිරිසක් උපාධි සුදුසුකම් ලබා ඇති අතර එයට කිසිදු සැලකිල්ලක් මෙතෙක් දක්වා නැති බැවින් උපාධි සුදුසුකම අගැයීම සඳහා උපාධිධාරී ග්‍රාම නිලධාරීන්ට වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබා දීමට අවශ්‍ය පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රුවන් රණතුංග මහතා,
ශ්‍රාස්තීය ග්‍රන්ථවල හැර ෛදනික පුවත්පත් සහ වාර සඟරාවල බුද්ධ රූපය පළ කිරීම තහනම් කිරීම,
දෛනික පුවත්පත්වල සහ වාර සඟරාවල බුද්ධ රූප සහ ප්‍රතිමා රූප කිසිදු පාලනයකින් තොරව අසීමිතව මුද්‍රණය කෙරෙන අතර එම පත්‍රිකා විවිධ භාණ්ඩ දවටන සහ වෙනත් අයෝග්‍ය කටයුතු සඳහා භාවිතා කිරීම බුදුරජාණන්වහන්සේට අගෞරවයක් වන බැවින් සම්බුද්ධ ජයන්තිය සැමරීම ද සැලකිල්ලට ගෙන මින් ඉදිරියට ශාස්ත්‍රීය ග්‍රන්ථවල හැර දෛනික පුවත්පත්, වාර සඟරා සහ වෙනත් පත්‍රිකාවල බුද්ධ රූප සහ ප්‍රතිමා රූප පළ කිරීම තහනම් කිරීම සඳහා අවශ්‍ය නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,
ත්‍රීභාෂා ශ්‍රී ලංකාවක් සඳහා “සහෝදර පාසල් වැඩසටහනක්” ස්ථාපනය කිරීම,
ත්‍රීභාෂා ශ්‍රී ලංකාවක් සඳහා වන දස අවුරුදු ජාතික සැලැස්මක් ඇති කිරීම ජාතික ඒකාබද්ධතාව සහ සමාජ සංහිඳියාව සඳහා ඉතා වැදගත් ක්‍රියා මාර්ගයක් බැවින්, කෙටි කාලීන නිරාවරණ වැඩ සටහන් යටතේ ශිෂ්‍යයන් සහ ගුරුවරුන් හුවමාරුව සඳහා “සහෝදර පාසල් වැඩසටහනක්” මගින් බහුතරයක් සිංහල භාෂාව කථා කරන ප්‍රදේශවල තිබෙන එක් එක් පාසල්, දෙමළ මාධ්‍ය පාසල් සමග සම්බන්ධ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය නැවත නම් කිරීම,
නිදහස් අධ්‍යාපනයේ පියා වන දිවංගත ගරු (ආචාර්ය) සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාට ගෞරවයක් වශයෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය එතුමාගේ නමින් නැවත නම් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු අජිත් කුමාර මහතා,
පූව්‍ර්‍ ළමා විය අධ්‍යාපනය පිළිබඳව ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම,
අප රට තුළ දරුවන්ගේ අධ්‍යාපනයේ ඉතා වැදගත් අවස්ථාවක් වන පූව්‍ර්‍ ළමා විය අධ්‍යාපනය ලබා දීම (පෙර පාසල් අධ්‍යාපනය) පිළිබඳව ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතු අතර පෙර පාසල් පාලිකාවන්ට විධිමත් පුහුණුවක් හා බඳවා ගැනීමේ ක්‍රමයක් සමගින් වැටුප් ක්‍රමයක් ද සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු අජිත් කුමාර මහතා,
ගාල්ල දිස්ත්‍රික්කයේ ඓතිහාසික ස්ථාන පිළිබඳ නිබන්ධනයක් සකස් කිරීම,
ගාල්ල දිස්ත්‍රික්කයේ ඓතිහාසික, පුරා විද්‍යාත්මක හා සංස්කෘතිකමය වශයෙන් වටිනා ස්ථාන සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකර ඒ පිළිබඳව ශාස්ත්‍රීය වශයෙන් වටිනාකමක් ඇති නිබන්ධනයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
මැතිවරණ ක්‍රියාවලිය සහ මැතිවරණ පැවැත්වීම පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම,
මැතිවරණ ක්‍රියා පටිපාටිය සහ මැතිවරණ පැවැත්වීම පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ස්ථිර පදනමකින් පත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
සේවක අර්ථසාධක අරමුදලින් සහ සේවක භාරකාර අරමුදලින් කඩිනමින් මුදල් ගෙවීම,
සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ දායකත්වය දරන සියලුම සාමාජිකයින්ට ගෙවිය යුතු මුදල් ක්‍රියාකාරී සේවයෙන් විශ්‍රාම ගෙන එක් මසක් ගතවීමෙන් අනතුරුව ගෙවීම සඳහා විධිවිධාන සැළසිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
රාජ්‍ය මාධ්‍යවල අපක්ෂපාතීත්වය තහවුරු කිරීම,
රාජ්‍ය මාධ්‍ය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පමණක්ම හිමි වූ තනි අයිතිවාසිකමක්වන නිසාත්, රජයේ මාධ්‍ය නිරන්තරවම දේශපාලනීකරණයට ලක්වීමක් සිදුවී තිබෙන නිසාත් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී සිටින සියලුම දේශපාලන පක්ෂවලට රාජ්‍ය මාධ්‍ය තුළින් සමාන ලෙස සැලකීම සහ සමාන ලෙස අවස්ථාවන් ලබාදීම තහවුරු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
රාජ්‍ය සේවයේ භාෂා ප්‍රවීණත්වයේ අවශ්‍යතාව,
සියලුම රජයේ සේවකයන්ට සිංහළ, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම වැඩ කටයුතු කිරීමට, ලිපි හුවමාරු කර ගැනීමට සහ කථා කිරීමට හැකි වීම රජය විසින් අනිවාර්ය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කරදීම,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත, දළ ජාතික නිෂ්පාදිතයෙන් සමාන වූ විමධ්‍යගත අයවැය මුදලක් වාර්ෂිකව වෙන්කළ යුතු බවත් එම වෙන්කිරීමෙන්, ප්‍රාග්ධන වියදම් වශයෙන් උපයෝගීකර ගැනීමටත් ශේෂය රජයේ නිර්ණායක මත පදනම් ව තම ඡන්ද දායකයින් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අභිමතය පරිදි කවර හෝ පදනමකින් උපයෝගී කර ගැනීම සඳහාත් හිමිකම් ලබා දිය යුතු බවත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
විශ්වවිද්‍යාල මගින් පවත්වාගෙන යන පාඨමාලාවන් රැකියාභිමුඛ පාඨමාලාවන් බවට පත්කිරීම,
දිවයිනේ සියලුම රජයේ විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් පවත්වාගෙන යන ශාස්ත්‍රීය අධ්‍යාපනයම සඳහා වූ උපාධි පාඨමාලාවන් රැකියාභිමුඛ වෘත්තීයමය උපාධි පාඨමාලාවන් බවට පරිවර්තනය කර එමගින් බිහිවන්නා වූ උපාධිධාරීන් වෙත නව රැකියා සපයා දීමේ අරමුණ ඇතිව, සියලුම විශ්වවිද්‍යාල සමඟ රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සම්බන්ධීකරණය සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
පාසල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථ සඳහා නිසි ප්‍රමිතීන් නියම කිරීම,
දිවයින පුරා පවත්වාගෙන යනු ලබන පාසල් සිසු ප්‍රවාහන සේවාවන් නියමිත ප්‍රමිතියෙන් නොපවතින බැවින් සහ ඇතැම් පාසල් වෑන් රථ සේවකයින්ගේ පැවතුම් යහපත් තත්ත්වයෙන් නොපවතිත බැවින්, නිසි ප්‍රමිතියෙන් යුතු වෑන් රථ සේවාවක් පවත්වාගෙන යෑම සඳහාත්, එම සේවාවන් ලබාගන්නා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත්, වෑන් රථ සේවාවන් සඳහා ප්‍රමිතීන් හඳුන්වාදිය යුතුයැයි ද, වෑන් රථ සේවකයින් තුළ යහපත් පැවතුම් පවත්වාගෙන යාම සඳහා විනය නීති මාලාවක් හඳුන්වා දිය යුතුයැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,
පොල් කර්මාන්තයෙහි සහ පොල් සම්පත්වල සංවර්ධනය හා ප්‍රවර්ධනය විධිමත් කිරීම,
වානිජමය නිෂ්පාදන අතර ඉතා වැදගත් ස්ථානයක් පොල්වලට හිමි වන හෙයින් පොල් සම්පත් සහ ඒවායේ පරිසරය තිරසාරව පවත්වා ගන්නා අතරම දළ දේශීය නිෂ්පාදිතයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන ලෙස පොල් කර්මාන්තය සහ පොල් සම්පත්වල සංවර්ධනය විධිමත් කොට ප්‍රවර්ධනය කිරීම උදෙසා අර්ථාන්විත පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,
කිතුල් කර්මාන්තය නගා සිටුවීම උදෙසා කිතුල් වගා කිරීම වැඩි කිරීම,
ග්‍රාමීය කර්මාන්ත කෙරෙහි කිතුල් මගින් සිදු කරනා සුවිශාල දායකත්වය හේතු කොට ගෙන ග්‍රාමීය කර්මාන්ත සහ ග්‍රාමීය ප්‍රජාව නගා සිටුවිම පිණිස වගාවන් තුළ කිතුල් ගහනය වැඩි කිරීම සඳහා වන අපගේ දිරිය සැලසුමට අනුගතව නව කිතුල් වගාවන් සංඛ්‍යාව වැඩි කිරීම උදෙසා නිසි ක්‍රියාමාර්ග ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,
කජු වගාව වැඩි දියුණු කිරීම උදෙසා කටයුතු ආරම්භ කිරීම.
කජු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකැසුම, අලෙවි කිරීම සහ වගා කිරීමට ආධාර කිරීම සහ එමගින් ප්‍රධාන පෙළේ, තත්වයෙන් උසස් සහ වටිනාකම එකතු කළ කජු නිෂ්පාදකයකු සහ අපනයනකරුවකු බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීම පිණිස කජු වගාව වැඩි දියුණු කිරීම උදෙසා කටයුතු ආරම්භ කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,
සම්ප්‍රදායික කර්මාන්ත සංවර්ධනය කිරීම,
අම්පාර දිස්ත්‍රික්කයේ අභාවයට යන සම්ප්‍රදායික කර්මාන්ත වන අත් යන්ත පේෂ කර්මාන්තය, කුඹල් කර්මාන්තය, තල් කොළ හා පන් ගස්වලින් පෙට්ටි, වට්ටි හා පැදුරු විවීම, කොහු කර්මාන්තය හා වේවැල් කර්මාන්තය යනාදිය සංවර්ධනය කර, එම ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථාවන් උදාකර දීමෙන් ඔවුන්ගේ ආදායම නංවාලීමට රජය කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු තිලංග සුමතිපාල මහතා,
ආයුධ වෙළඳාම සඳහා විධිමත් පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම,
ජාත්‍යන්තර වශයෙන්, කිසිදු පාලනයකින් තොරව ආයුධ වෙළඳාම ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ව වැනි රටවලට ආයුධ ගලා ඒම සහ එම රටවල් තුළ අවිධිමත් ලෙස ආයුධ සංසරණයවීම, ජනසමාජයේ නිදහසට ඉමහත් බාධකයක් ද ප්‍රජාතන්තවාදී ලෙස බලයට පත් රජයකට තර්ජනයක් හා බලපෑමක් මෙන්ම රට තුළ මත්දව්‍ය සහ ගණිකා වෘත්තිය වැනි නීති විරෝධී ක්‍රියාකාරකම් පුළුල් වීම සඳහා හේතුවක්ද වී ඇත.
ඉහත තත්ත්වය වළක්වාලමින් විනයගරුක, නීතිගරුක සහ සදාචාර සම්පන්න සමාජයක් ජනිත කිරීම මහින්ද චින්තන ඉදිරි දැක්මෙහි අපේක්ෂාවක් වන බැවින් ද, වර්තමාන ලෝකයේ බලාපොරොත්තුව අවි වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම මගින් සමාජ අරගල අවම කර සමාජ සුභ සාධනය සහතික කිරීම වන බැවින් ද, මෙම විෂමාචාරයන් පිටුදැකීම සඳහා ජාත්‍යන්තර ගිවිසුම්වලට හා ප්‍රඥප්තිවලට අදාළව දේශීය නීති පද්ධතියක් ස්ථාපිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,
රට ඉඳි වගාව හඳුන්වාදීමේ හැකියාව විමසා බැලීම සඳහා පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම,
රට ඉඳි ශාඛය (ෆීනික්ස් ඩැක්ටිලිෆෙරා) අප රටේ වගා කිරීම සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩිහි සිදු කරන ලද අත්හදා බැලීමක් සාර්ථක බව පෙනී ගොස් ඇති හෙයින්, අප රටේ ජනතාවට අපේම පොළවේ වවන ලද මෙම රසවත් පළතුර භුක්ති විඳීමට අවස්ථාව සලසනු පිණිස, රට ඉඳි වගාව හඳුන්වා දීමේ හැකියාව විමසා බලන පුළුල් අධ්‍යයනයක් සිදු කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
ගුවන් විදුලි විකාශ නියාමනය කිරීම,
ගුවන් විදුලි විකාශ නියාමනය කිරීමේ ස්වාධීන අධිකාරියක් සංස්ථාගත කිරීම සඳහා නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
රූපවාහිනී වැඩසටහන් විකාශය නියාමනය කිරීම,
රූපවාහිනී වැඩසටහන් විකාශය නියාමනය කිරීමේ ස්වාධීන අධිකාරියක් සංස්ථාගත කිරීම සඳහා නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
මහ නගර සභාවලට රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභා හඳුන්වා දීම,
සෑම මහ නගර සභාවකම රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභා පිහිටුවීම සඳහා නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
හිමිකම් පනත සම්මත කිරීම,
මානව අභිමානය, සමානාත්මතාව සහ නිදහස යන ප්‍රජාතන්තවාදී වටිනාකම් තහවුරු කරන දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන හිමිකම් පනත හා සමානව රටේ සියලු ජනතාවගේ හිමිකම් සහතික කරමින් එම පනතේ නිශ්චිතව දැක්වෙන සීමාවන්ට යටත්ව රාජ්‍යය විසින් ඒවා ගරු කළ යුතු, ආරක්ෂා කළ යුතු, ප්‍රවර්ධනය කළ යුතු හා ඉටුකර දිය යුතු බවට විධිවිධාන සලස්වන පනතක් ශ්‍රී ලංකා වේ සම්මත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
පාර්ලිමේන්තු මන්තීවරුන්ට විශේෂ දීමනා ගෙවීම,
රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ වැටුප් සහ සේවක සංඛ්‍යා කොමිෂන් සභාව විසින් අනුමත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවහොත් හැර කිසිදු අමාත්‍යවරයෙකුට, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කිසිදු විශේෂ දීමනාවක් නොගෙවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා,
වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය,
වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ වගන්තියේ උපවගන්තිය යටතේ, වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)
අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා,
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත යටතේ තීරණය,