text
stringlengths
4
969
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ වගන්තිය අනුව එම කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ සහ එහි සාමාජිකයන්ගේ ඉන්ධන දීමනා දින සිට පහත සඳහන් පරිදි විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව තීරණය කරයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට මාසිකව පෙට්‍රල් හෝ ඩීසල් ලීටර් 2 ක් සහ එහි සාමාජිකයන්ට මාසිකව පෙට්‍රල් හෝ ඩීසල් ලීටර් 1 ක් සැපයීමට හෝ එම ප්‍රමාණයට සමානව වෙළඳපලේ පවත්නා මිල ගණන්වලට අනුරූපව දීමනාවක් ගෙවීමට කටයුතු කළ යුතුයැයි ද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට සහ එහි සාමාජිකයන්ට ගෙවිය යුතු ඉන්ධන දීමනා සම්බන්ධයෙන් මීට පෙර පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවන්ගෙන් තීරණය කරන ලද ඉන්ධන දීමනා වෙනුවට මෙම යෝජනාවෙන් තීරණය කරනු ලබන ඉන්ධන දීමනා ආදේශ විය යුතුයැයි ද, මෙම පාර්ලිමේන්තුව තවදුරටත් තීරණය කරයි.
අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.
පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත .
ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමා,
හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග,
හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ වගන්ති සමඟ කියවිය යුතු, එකී පනතේ වගන්තිය යටතේ ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.
අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.
අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා,
සුරාබදු ආඥාපනත යටතේ නියමය,
සුරාබදු ආඥාපනතේ වගන්තිය යටතේ, සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමතිය ලත් හෝටල් තුළ මධ්‍යසාර භාවිතය සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, ඉදිරිපත්කරන ලද නියමය අනුමත කළ යුතු ය.
සුරාබදු නිවේදනය.
අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.
ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යතුමා,
වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නියමය,
වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ වගන්තියේ උපවගන්තිය යටතේ ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යවරයා විසින් සාදන ලදුව, දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, ඉදිරිපත් කළ නියමය අනුමත කළ යුතු ය.
ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සලකා බැලීම.
රාජ්‍ය සේවක සංවර්ධන මූල්‍ය සංස්ථාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සලකා බැලීම.
රණ කලා ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සලකා බැලීම.
වාචික පිළිතුරු අපේක්ෂා නොකරන ප්‍රශ්න.
ගරු දයාසිරි ජයසේකර මහතා,
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,
ලක් සතොස ආයතන වෙත පරිප්පු සපයනු ලැබූ සැපයුම්කරු හෝ සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනයන් හා ව්‍යාපාර නාමයන් කවරේද;
එම සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනයකර තිබේද;
එසේ නම්, එම ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කළ අනෙකුත් ඉල්ලුම්කරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;
එම ටෙන්ඩරය අනුව සැපයුම්කරුවන් විසින් පරිප්පු සැපයීම සිදුකළ යුතු කාල සීමාව කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
නොඑසේ නම්, ඒ මන්ද?
ගරු දයාසිරි ජයසේකර මහතා,
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,
ලක් සතොස ආයතන වෙත සීනි සපයනු ලැබූ සැපයුම්කරු හෝ සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනයන් හා ව්‍යාපාර නාමයන් කවරේද;
එම සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනයකර තිබේද;
එසේ නම්, එම ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කළ අනෙකුත් ඉල්ලුම්කරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;
එම ටෙන්ඩරය අනුව සැපයුම්කරුවන් විසින් සීනි සැපයීම සිදුකළ යුතු කාල සීමාව කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
නොඑසේ නම්, ඒ මන්ද?
ගරු දයාසිරි ජයසේකර මහතා,
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,
ලක් සතොස ආයතන වෙත බිත්තර සපයනු ලැබූ සැපයුම්කරු හෝ සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනයන් හා ව්‍යාපාර නාමයන් කවරේද;
එම සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර තිබේද;
එසේ නම්, එම ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කළ අනෙකුත් ඉල්ලුම්කරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;
එම ටෙන්ඩරය අනුව සැපයුම්කරුවන් විසින් බිත්තර සැපයීම සිදුකළ යුතු කාල සීමාව කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
නොඑසේ නම්, ඒ මන්ද?
ගරු දයාසිරි ජයසේකර මහතා,
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,
ශ්‍රී ලංකාවේ ලක් සතොස ආයතන පිහිටුවා ඇති ස්ථාන කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
ලක් සතොස ආයතන වෙත කුකුල් මස් සපයනු ලැබූ සැපයුම්කරු හෝ සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනයන් හා ව්‍යාපාර නාමයන් කවරේද;
එම සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනයකර තිබේද;
එසේ නම්, එම ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කළ අනෙකුත් ඉල්ලුම්කරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;
එම ටෙන්ඩරය අනුව සැපයුම්කරුවන් විසින් කුකුල් මස් සැපයීම සිදුකළ යුතු කාල සීමාව කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
නොඑසේ නම්, ඒ මන්ද?
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,
අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලබා දී ඇති පත්වීම් සංඛ්‍යාව එක් එක් තනතුරු නාමය අනුව, දිස්ත්‍රික් මට්ටමින්, වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
අවසන් වරට සිදුකරන ලද ගුරු වැටුප් සංශෝධනය අනුව ගුරු සේවයේ එක් එක් ශ්‍රේණිය සඳහා හිමි මුලික මාසික වැටුප වෙන් වෙන් වශයෙන් කවරේද;
රජයේ ගුරුවරුන්ට මාසික වැටුපට අමතරව හිමිවන වරප්‍රසාද හා දීමනා ගුරු සේවයේ එක් එක් ශ්‍රේණිය අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
නොඑසේ නම්, ඒ මන්ද?
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,
අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
ඩෙංගු වැළදීම, රිය අනතුරු, සියදිවි නසා ගැනීම, ආහාර විෂවීම, කායික හෝ මානසික අතවරයන්ට ලක්වීම යන හේතු මත රෝහල්ගත කළ / මිය ගිය පාසල් ළමුන් සංඛ්‍යාව සහ ඔවුන් අයත් පාසල් වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කවරේද;
පසුගිය වර්ෂය තුළ විවිධ වරදවල් යටතේ චෝදනා ලබා ළමා අධිකරණයට යොමු කර ඇති පාසල් සිසුන් සංඛ්‍යාව, ඔවුන් අයත්වන වයස් කාණ්ඩය හා පාසල අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සදහන් කරන්නෙහිද?
නොඑසේ නම්, ඒ මන්ද?
හත්වැනි පාර්ලිමේන්තුව.
පළමුවැනි සභාවාරය.
පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය.
2012 ජූලි මස 06 වැනි සිකුරාදා අ. භා. 1.30 ට.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න.
ගරු රවී කරුණානායක මහතා,
අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,
පසුගිය වර්ෂ විස්සක කාලය තුළ උපාධි අපේක්ෂකයන් සඳහා ලබා දුන් මහපොළ ශිෂ්‍යත්ව සංඛ්‍යාව වාර්ෂික පදනමින් කොපමණද යන්න;
ඉහත සඳහන් සංඛ්‍යාව සහ ඉහත සඳහන් කාල සීමාව තුළ එක් එක් වර්ෂයේදී විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ සම්පූර්ණ ශිෂ්‍ය සංඛ්‍යාව අතර සන්සන්දනය කවරේද යන්න;
පසුගිය වර්ෂ 6 තුළ ශිෂ්‍යත්වලාභීන්ට දීමනා වශයෙන් ගෙවූ මුදල වාර්ෂික පදනමින් කොපමණද යන්න;
පසුගිය වර්ෂ 10 තුළ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට ලැබුණු ආදායම් වාර්ෂික පදනමින් කවරේද යන්න;
එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
නොඑසේ නම්, ඒ මන්ද?
ගරු බුද්ධික පතිරණ මහතා,
ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද කදුරුවාන තේ කම්හල වර්ෂ හයක් තිස්සේ ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා ඇති බවත්;
ජාතික සම්පතක් වන එම කර්මාන්ත ශාලාව ප්‍රයෝජනයට නොගෙන අත්හැර තිබීමෙන් ජාතික ආර්ථිකයට විශාල පාඩුවක් සිදු වන බවත්;
එතුමා දන්නෙහිද?
එම තේ කම්හල ඉදිකිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්න;
එය ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා තිබීමට හේතු කවරේද යන්න;
තේ කම්හලේ නිෂ්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කොට ප්‍රදේශයේ තේ වගාකරුවන්ගේ අමු තේ දළු මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකසන්නේද යන්න;
නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නේ නම්, ඒ සඳහා ගතවන කාලය කවරේද යන්න;
එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
නොඑසේ නම්, ඒ මන්ද?
ගරු අජිත් කුමාර මහතා,
අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,
ජනාධිපතිතුමා යටතේ දැනට සේවය කරන උප්‍රදේශකයින් සංඛ්‍යාව කවරේද යන්න,
ඔවුන්ගේ නම්, අධ්‍යාපන සුදුසුකම් සහ වගකීම් කවරේද යන්න;
ඔවුන් වෙත ගෙවනු ලබන වැටුප් සහ දීමනා කවරේද යන්න;
පසුගිය මාසය සඳහා ගෙවන ලද සියලු දීමනාවල එකතුව කවරේද යන්න;
එතුමා සඳහන් කරන්නෙහිද?
නිලරථ ලබාදී ඇති උප්‍රදේශකයින්ගේ නම්, ලබාදී ඇති නිලරථ සංඛ්‍යාව සහ ඒවායේ විස්තර කවරේද යන්න;
ඔවුන් වෙත ඉන්ධන දීමනා ලබාදෙන්නේ නම්, එක් එක් උප්‍රදේශකවරයාට ලබාදෙන ඉන්ධන දීමනාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
ඔවුන් වෙත දුරකථන පහසුකම් ලබා දෙන්නේ නම්, මේ වන විට දුරකථන පහසුකම් ලබා දී ඇති උප්‍රදේශකයන්ගේ නම් කවරේද යන්න;
දුරකථන දීමනාවක් ගෙවන්නේ නම්, එක් එක් උපදේශකවරයාට ලබා දී ඇති දීමනාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න;
එතුමා සඳහන් කරන්නෙහිද?