text
stringlengths
4
969
ඉතාලියට සහ මැලේසියාවට පුද්ගලයන් යැවීමේදී ඒ සඳහා පාදක කරගත් නිර්ණායකය කවරේද යන්න;
එම රටවල රැකියාවක් ලබාදීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් අයකරගත් මුදල කොපමණද යන්න;
ඉහත කී රටවලට රජය විසින් යවන ලද පුද්ගලයෙකුගේ රැකියාවට අදාළ ගිවිසුමේ කාලසීමාව කොපමණද යන්න;
එම රටවල රැකියාවක නියුතු පුද්ගලයෙකුගේ සාමාන්‍ය වැටුප කොපමණද යන්න;
එතුමා ප්‍රකාශ කරන්නෙහිද?
නොඑසේ නම්, ඒ මන්ද?
ගරු දයාසිරි ජයසේකර මහතා,
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,
වාරියපොල නගරයේ ඉදිකළ වයඹ ආර්ථික මධ්‍යස්ථානයට මුල්ගල තබන ලද දිනය කවරේද;
එහි වැඩ නිම කරන ලද දිනය කවරේද;
ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල කොපමණද;
එහි ඉදිකිරීම් නිම වන විට වැය වූ මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු ආරම්භකරන ලද දිනය කවරේද;
මේ වන විට එහි වෙළඳ කටයුතු සිදු නොකරන්නේ නම්, එයට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
වාරියපොල ආර්ථික මධ්‍යස්ථානයක් ඇති කිරීම සඳහා බලපෑ හේතු කවරේද;
එම මධ්‍යස්ථානය පිහිටි ඉඩමේ අයිතිකරු කවුරුන්ද;
ඒ සඳහා මාසිකව හෝ වාර්ෂිකව බදු හෝ කුලී ගෙවීමක් සිදු කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
නොඑසේ නම්, ඒ මන්ද?
ගරු සජිත් ප්‍රේමදාස මහතා,
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,
මහින්ද චින්තන දිනවමු ශ්‍රී ලංකා ප්‍රතිපත්ති මාලාවේ ජනසෙවන වැඩසටහන යටතේ, පළමු වර්ෂ පහේදී පොලිය පමණක් ගෙවීමේ පහසුකම සහිත නිවාස ණය යෝජනා ක්‍රමයක් ඇතිකිරීමට පොරොන්දුවක් දී ඇති බව එතුමා දන්නෙහිද?
ඉහත පොරොන්දුව පරිදි එම නිවාස ණය යෝජනා ක්‍රමය ආරම්භ කළ වර්ෂය කවරේද යන්න;
මේ වන විට එකී නිවාස ණය ලබා දී ඇති පවුල් සංඛ්‍යාව කොපමණද යන්න;
නිවාස ණය ලබාදීමේදී ප්‍රතිලාභීන් තෝරා ගත් පදනම කවරේද යන්න;
එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
නොඑසේ නම්, ඒ මන්ද?
ශෝක ප්‍රකාශ යෝජනා
අභාවප්‍රාප්ත ගරු ඒ. එම්. ඩී. රාජන් මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
ප්‍රධාන කටයුතු ආරම්භයේ දී යෝජනා පිළිබඳ දැනුම්දීම
පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
පාර්ලිමේන්තුවේ රැස්වීම්,
ස්ථාවර නියෝග 7 හි විධිවිධානවල සහ 2011.04.07 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණ ද, අද දින රැස්වීම් පැවැත්වෙන කාල වේලාව අ. භා. 1.30 සිට අ. භා. 6.30 දක්වා විය යුතුය.
අ. භා. 3.30 ට ස්ථාවර නියෝග 7(5) ක්‍රියාත්මක විය යුතු ය.
යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු.
ගරු රවී කරුණානායක මහතා,
පාර්ලිමේන්තුව තුළ ජාතික ගීය වාදනය කිරීම,
දිවයින තුළ ජාතික මමත්වයක් වර්ධනය කිරීමට හැකිවනු වස් පාර්ලිමේන්තුවේ රැස්වීම ආරම්භ කිරීමට හා අවසාන කිරීමට පෙරාතුව පාර්ලිමේන්තුව තුළ ජාතික ගීය වාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
බලගතු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගීම,
ආණ්ඩුවේ ලිපි ලේඛනාදියෙහි යම් කෙනෙකුගේ ජාතිය හා ආගම සඳහන් කිරීම අවශ්‍ය කරුණක් වීම බලගතු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගීමට බාධාවක් හා අවහිරයක් වී ඇති බැවින් එම අවශ්‍යතාවය ඉවත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
වාණිජ අරමුණු සඳහා ආගමික නායකයින්ගේ රූප භාවිතා කිරීම වැළැක්වීම,
සියලුම ආගම්වලට සමානව ගරු කළ යුතු අතර කිසිදු වෙළෙඳ දැන්වීමක හෝ වෙනත් ආගමික නොවන භාණ්ඩයක බුදුරජාණන් වහන්සේගේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ, ශිව දෙවියන්ගේ සහ මහම්මත් නබිතුමන්ගේ රූප ඇතුලත් නොකළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කාර්ය පටිපාටිය විධිමත් කිරීමට නව නීති සකස් කිරීම,
සියලු දෙනාටම සමාන සාධාරණත්වයක් සහතික කරනු වස් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් සහ උද්දීප්තිමත් නිදහස් මාධ්‍යයක් පවත්වාගෙන යාම සඳහා අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කාර්ය පටිපාටිය විධිමත් කිරීමට නව නීති සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
මහජන යහපත උදෙසා නඩුකරණයට නීති හඳුන්වාදීම,
දිළිඳු ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම, රාජ්‍ය ප්‍රතිපත්ති වල අඩංගු දේ හෝ ඒවායේ බලපෑම, පොදු කටයුතු ඉටු කිරීමට නාගරික අධිකාරයන්ට බලපෑම් කිරීම, ආගමික අයිතිවාසිකම් හෝ අනෙකුත් මුලික අයිතිවාසිකම් කඩවීම සහ අධික මහජන ණය හා පුරවැසියන් අතිරේක වගකීම් වලට යොමු කැරෙන දූෂණය යන කරුණු සම්බන්ධයෙන් මහජන යහපත උදෙසා නඩුකරණයට නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
දේශපාලන පක්ෂ විසින් මැතිවරණ කොමිෂන් සභාවට මූල්‍ය විගණන වාර්තාවක් ඉදිරිපත් කිරීම,
සියලුම පිළිගත් දේශපාලන පක්ෂ විසින් උපයාගත් ආදායම් හා දැරූ වියදම් විගණනයට භාජනය කළ යුතු හා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් පැමිණවීම,
රජයේ උසස් නිලධරයන් තම ස්වාධීන නිලය දේශපාලනීකරණය කරන්නේ නම් හා අයථා ලෙස යොදා ගන්නේ නම්, එයින් වැරදිකරුවන් බව ඔප්පු වූ වහාම ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම,
රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා වැඩි කළ යුතු යැයිද, ව්‍යවස්ථාදායකය විසින් නිර්දේශ කරනු ලැබුවහොත් විශේෂ කුසලතා ඇති නිලධාරීන් සඳහා එය අවුරුදු 70 දක්වා දීර්ඝ කළ හැකි යැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා තත්ත්ව ආරක්ෂණ සභාවක් ස්ථාපිත කිරීම,
වගකීමකින් තොරව විශ්වවිද්‍යාල නාමයන් භාවිත කරමින් ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් අධ්‍යාපනික ආයතන බිහිවෙමින් පවතින නිසා, අධ්‍යාපනය අනාගත පරම්පරාව සඳහා ආරක්ෂා කර දීම උදෙසා තත්ත්ව ආරක්ෂණ සභාවක් නීතිමය වශයෙන් වහා ස්ථාපිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
විශේෂ නඩු පවරන නිලධාරී නමැති තනතුරක් ඇති කිරීම,
රාජ්‍ය සේවය දේශපාලන බලපෑම් වලින් තොර බවට සහතික කරනු වස්, ආයතනවල ගුණාත්මකභාවයට බලපාන ලෙස සිදු කළ අයථා පරිහරණයන්, දූෂණයන් හෝ අකාර්යක්ෂමතාවයන් පිළිබඳ සිද්ධීන්, ස්වාධීන කොමිසම්, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මගින් වාර්තා කළ වහාම ඒ සම්බන්ධ පැමිණිලි මෙහෙයවන, පාර්ලිමේන්තුවට සෘජුවම වාර්තා කරනු ලබන තනතුරක්, විශේෂ නඩු පවරන නිලධාරී නමින් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
උද්ධමනයට ගැලපෙන සේ සේවා නියුක්තිකයන්ට 1%ක දීමනාවක් ගෙවීම,
රාජ්‍ය ආයතන විසින් පරිපාලනය කරනු ලබන සේවා නියුක්තිකයන්ගේ අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ගෙවීමේ දී එක් එක් වර්ෂයේ උද්ධමනය ප්‍රමාණයට වඩා 1%ක දීමනාවක් සේවා නියුක්තිකයන්ට ලබා දීමට සහතික විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
ජේෂ්ඨ පුරවැසියන්ට නොමිලේ ගමන් පහසුකම් සැලසීම,
සියලුම ජේ‍ෂ්ඨ පුරවැසියන්ට පොදු ගමනාගමන සේවාවන්වල නොමිලේ ගමන් පහසුකම් සලසා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
අර්බුද සමථ මධ්‍යස්ථානයක් පිහිටුවීම,
සාමය කඩවීම වැනි ජාතික ප්‍රශ්නයක් ඇති ශ්‍රී ලංකාව බහු ජාතික හා බහු ආගමික රටක් වන හෙයින්, ශ්‍රී ලංකාව තුළ, කලාපය තුළ හා සමස්ත වශයෙන් ලෝකයේම එවැනි ප්‍රශ්න විසදීම සඳහා බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු හා ඉස්ලාම් ආගම්වල ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් අර්බුද සමථ මධ්‍යස්ථානයක් පිහිටු විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
විශ්‍රාමික පාරිතෝෂික මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දීම,
මෙතෙක් විශ්‍රාමික පාරිතෝෂික මුදල් ලබා නොදුන් විශ්‍රාමිකයින්ට එම විශ්‍රාමික පාරිතෝෂික මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
ජාතික ප්‍රතිපත්ති සැලසුම් සභාවක් පත් කිරීම,
ක්‍රමවත් ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් නිර්මාණය කිරීම සඳහා දේශපාලනඥයන්ගෙන් හා විෂය බද්ධ වෘත්තීයවේදීන්ගෙන් සමන්විත ආණ්ඩු මාරුවීම් අනුව වෙනස් නොවන නිශ්චිත බලයක් සහිතවූත් ජාතික ප්‍රතිපත්ති සැලසුම් සභාවක් පත්කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
විදේශ රැකියා නියුක්තිකයන්ගේ ගැටලු නිරාකරණය කිරීම සඳහා නීතිමය බලතල සහිත ඒකකයක් පිහිටුවීම,
විදේශ රැකියාවන්හි නියුක්ත වූවන්ට සිදුවන පහරදීම්, පැහැරගෙන යෑම්, ස්ත්‍රී දූෂණ, ලිංගික අපචාරයෙහි යෙදවීම්, මිනීමැරීම් හා විදේශගත වීමේදී සිදුවන මුදල් වංචා කිරීම් හා විදේශගත වී අනාථ වූවන් නැවත ගෙන්වා ගැනීම හා ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලිය හැකි නීතිමය බලතල ඇති ඒකකයක් පිහිටුවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
නව නිපැයුම්කරුවන් ලෝකයට හඳුන්වා දීම සඳහා ජාතික වැඩ පිළිවෙළක් සකස් කිරීම,
නව නිපැයුම්කරුවන් සහ විවිධ දක්ෂතා ඇති පුරවැසියන් ලෝකයට හඳුන්වාදීම සඳහා ද ඔවුන් සතු දක්ෂතා හා එකී නිර්මාණ දියුණු කර ගැනීම සඳහා ද ජාතික වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
දේශීය අමු ද්‍රව්‍ය යොදා ගන්නා කර්මාන්තකරුවන්ට බදු සහන ලබා දීම,
සම්පූර්ණයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොල සඳහා ඉලක්ක කර ගනිමින් 75% කට වඩා දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් භාණ්ඩ නිපදවන දේශීය කර්මාන්තකරුවන්ට අවුරුදු 02ක බදු සහන කාලයක් ලබා යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
වතුකර ජනතාවට පුරවැසිකම් ලබාදීම,
වතුකරයේ ශ්‍රී ලංකා පුරවැසිකම නොමැති සියලු ජන කොට්ඨාසවලට ඔවුන්ගේ කැමැත්ත මත පුරවැසිභාවය ලබා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
දිවයිනේ ප්‍රාථමික පාසල් දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබා දීම,
දිවයිනේ සියලු ප්‍රාථමික පාසල් දරුවන්ට උදෑසන නොමිලයේ කිරි වීදුරුවක් ලබා දීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු රවී කරුණානායක මහතා,
සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්ති භාරකාර අරමුදල් සතියක් ඇතුළත ඉල්ලුම්කරුවන්ට ලබා දීම,
සේවක අර්ථ සාධක අරමුදල් හා සේවා නියුක්ති භාරකාර අරමුදල් සතියක් ඇතුළත ඉල්ලුම්කරුවන්ට ලබා දිය හැකි වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.