text
stringlengths
4
969
භූගෝලීය පිහිටීම, ඓතිහාසික පසුබිම, වගාකරන භෝග වර්ග, මාර්ග පද්ධතිය, රජයේ කාර්යාල, පාසල්, විශ්වවිද්‍යාල, දුම්රිය ස්ථාන සහ බස් නැවතුම් පොළවල් ආදි සියලුම තොරතුරු පරිගණක ගත කරන ලද හා ලේඛන ගත කරන ලද තොරතුරු මධ්‍යස්ථාන ඇති කිරීමටත්, එහි පළමු පියවරේදී පළාත් මට්ටමින්, දෙවැනි පියවර ලෙස දිස්ත්‍රික් මට්ටමින් සහ තෙවැනි පියවර ලෙස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් මෙම මධ්‍යස්ථාන ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
ශ්‍රී ලංකාවේ දහම් පාසල් අධ්‍යාපනය හා පරිපාලනය විධිමත් කිරීම,
ශ්‍රී ලංකාවේ සියලුම ආගම්වල දහම් පාසල් අධ්‍යාපනය හා පරිපාලනය වඩාත් විධිමත් කිරීමට සහ බෞද්ධ දහම් පාසල් තුළ පවත්නා දහම් අවසාන හා ධර්මාචාර්ය විභාග මෙන්ම සියලුම ආගම්වල දහම් පාසල් තුළ පැවැත්වෙන ඒ හා සමාන විභාග සහතික පත්‍ර සඳහා නිසි පිළිගැනීමක් ලබා දීමට, දහම් පාසල් සඳහා අඛණ්ඩව මානව සම්පත් හා භෞතික සම්පත් ලබා දීමෙන් දහම් පාසල් සඳහා පැමිණෙන සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
සුනඛයින්, බළලුන් වැනි සුරතල් සතුන් ඇති කිරීම සම්බන්ධ නීති සම්පාදනය,
නිවෙස්වල හෝ අලෙවි කිරීම සඳහා ඇති කරන සුනඛයින්, බළලුන් වැනි සුරතල් සතුන් පළාත් පාලන ආයතනවල ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු අතර, එම සතුන්ගේ පැටවුන් අලෙවි කිරීම නීත්‍යානුකූලව අවසර ලත් මධ්‍යස්ථානවලදී පමණක් සිදු කළ යුතු බවත්, එසේ නොවන ස්ථානවල ඇති කරන ගැහැණු සතුන් අනිවාර්යයෙන්ම වන්ද්‍යාකරණයට ලක් කිරීමටත්, අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
රැකියා වෙළඳපොළට අවශ්‍ය ශ්‍රමිකයින් පුහුණු කිරීම ,
අනාගත ශ්‍රී ලංකා වේ බිහිවන නව රැකියා අවස්ථා සඳහා අවශ්‍ය ශ්‍රමිකයින් පුහුණු කිරීමේ ක්‍රමවේදයකට මුල පිරීමේ කාර්යය වඩාත් කාර්යක්ෂම ලෙස රට තුළ පවත්නා සියලුම තෘතීක අධ්‍යාපන ආයතන මගින් ආරම්භ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
රාජ්‍ය පරිපාලන ව්‍යූහය ප්‍රතිසංවිධානයකිරීම,
දැනටරාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ග්‍රාම නිලධාරී වසම් යළි සීමා නිර්ණය කිරීම සඳහා කටයුතු කරගෙන යමින් සිටින බැවින් එසේ සීමා නිර්ණය කරනු ලබන ග්‍රාම නිලධාරී වසම් තුළින් නව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සීමා සහ නව දිස්ත්‍රික් සීමා නිර්ණය කළ යුතු බවත්, මෙසේ නිර්ණය කරනු ලබන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය පළාත් පාලන ආයතන බල ප්‍රදේශය බවට පත්කළ යුතු අතර එකී බල ප්‍රදේශයට කොට්ඨාස අධ්‍යාපන බල ප්‍රදේශය, පොලිස් බල ප්‍රදේශය, ගොවිජන සේවා බල ප්‍රදේශය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරී බල ප්‍රදේශය ඇතුළු සියලු රාජ්‍ය ආයතනයන්හි බල ප්‍රදේශ සීමා සංයුක්ත වන පරිදි සමස්ත රාජ්‍ය ව්‍යූහයම ප්‍රතිසංවිධානය විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
නිල්වලා ගඟ ව්‍යාපාරයේ ඉදිරි සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීම,
මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ව්‍යාපාරයේ සංවර්ධන කටයුතු අතර මග ඇන හිටීමෙන් එම මිටියාවතේ පෝෂක ප්‍රදේශයන්හි භව භෝග වගා කරන ජනතාවට මුහුණ පෑමට සිදුවී ඇති ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගත යුතු බවත්, නිල්වලා ගඟ ව්‍යාපාරයේ ඉදිරි සංවර්ධන කටයුතු කඩිනමින් යළි ආරම්භ කළ යුතු බවත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයිනගේ නිල කාලයට පසුද සාමවිනිසුරු පදවිය ලබාදීම,
පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ට දෙනු ලබන සාමවිනිසුරු තනතුරු ඔවුන්ගේ නිල කාලයට පමණක් සීමාවන බැවින්, නිල කාලයෙන් පසුවත් ඔවුන්ගෙන් එම සේවාව ලබා ගැනීම සඳහා පැමිණෙන විශාල පිරිසක් අපහසුතාවයට පත්වන බැවින්, එම මහජන නියෝජිතයන්ට තම නිල කාලයෙන් පසුවත්, සාම විනිසුරු තනතුරු ලබා දීම සඳහා සුදුසු වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
සියලුම පළාත් සභා ජනතා නියෝජිතයන්ගේ දීමනා හා වරපසාද පිළිබදව නැවත සලකා බැලීම,
දිවයිනේ දැනට ක්‍රියාත්මක වන පළාත් සභා හා ඉදිරියේදී විධිමත්ව ක්‍රියාත්මකවීමට නියමිත උතුරු පළාත් සභාවේ ගරු අමාත්‍යවරුන්, සභාපතිවරුන්, උපසභාපතිවරුන්, ආණ්ඩු පාර්ශ්වයේ සංවිධායකවරුන්, සභා නායකවරුන්, විරුද්ධ පාර්ශ්වයේ නායකවරුන්, විරුද්ධ පාර්ශවයේ පධාන සංවිධායකවරුන් සහ ගරු මන්තීවරුන්ගේ දීමනා, වරපසාද හා පහසුකම් ක්‍රමවත් තත්වයක නොපවතින බැවින් මේ පිළිබදව ගැඹුරින් සලකා බලා ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
පළාත් පාලන ආයතන වල සියලුම මහජන නියෝජිතයින්ගේ දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීම,
දිවයිනේ ක්‍රියාත්මක වන හා ඉදිරියේදී ක්‍රියාත්මකවීමට නියමිත සියලුම මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභාවන්හි පුරපතිවරයන්, නගරාධිපතිවරයන්, සහාපතිවරයන්, නියෝජ්‍ය පුරපතිවරයන්, නියෝජ්‍ය නගරාධිපතිවරයන්, උප සභාපතිවරුන්, විපක්ෂනායකවරයන් හා මන්තීවරයන්ගේ දීමනා, වරපසාද සහ අනෙකුත් පහසුකම් ක්‍රමවත් තත්වයක නොපවතින බැවින් මේ පිළිබඳව ගැඹුරින් සලකා බලා ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
උතුරු නැගෙනහිර අතුරුදහන් වූ දෙමළ ජනතාවට මරණ සහතික ලබා දීම,
උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද්ධය පැවති පසුගිය දශක තුනක පමණ කාලය තුළ විවිධ හේතූන් නිසා අතුරුදහන් වී ඇති පුද්ගලයන් මේ වන විට ජීවතුන් අතර සීටී ද නැද්ද යන්න කඩිනමින් පරීක්ෂණ පවත්වා ඔවුන් ජීවතුන් අතර නොමැති නම් ඔවුන් සදහා මරණ සහතික ලබා දිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
ජාතික තරුණ ප්‍රතිපත්තියක් සකස් කිරීම,
සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත විශේෂ කාරක සභාවක් පත්කොට ශ්‍රී ලංකාවට යෝග්‍යවූ ජාතික තරුණ ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කළ යුතුයැයි ද, ඒ සඳහා ඒ හා සබැඳි සියලු ක්ෂේත්‍රයන් නියෝජනය වන පරිදි පවීණයන්, උගතුන් හා බුද්ධිමතුන්ගෙන් මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි සහාය ලබා ගත යුතුයැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
රජයේ පාසල් හා විශ්වවිද්‍යාල නිවාඩු දිනවලදී එම මධ්‍යස්ථාන අධ්‍යාපන ඒකක සඳහා ලබාදීම,
රජයේ පාසල් නිවාඩු කාලයේදී සහ සවස් වරුවලත් විශ්වවිද්‍යාල නිවාඩු දිනවලත් එම මධ්‍යස්ථාන මුල් කොට ගෙන ව්‍යාපාරික ප්‍රජාව, රාජ්‍ය නොවන සංවිධාන, වාණිජ මණ්ඩල, ප්‍රජා මූල සංවිධාන සම්බන්ධ කර ගන්නා වූ පුළුල් වැඩ පිළිවෙළක් වශයෙන් වැඩිහිටි හා නොවිධිමත් අධ්‍යාපන ඒකක සහනදායී ගාස්තු පදනමක් මත ආරම්භකළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
පුරප්පාඩු වන ග්‍රාම නිලධාරී තනතුරු වල වැඩ බැලීමේ පත්වීම් සඳහා කාර්යක්ෂම වැඩ පිළිවෙළක් සකස් කිරීම,
ග්‍රාම නිලධාරී තනතුරක පුරප්පාඩු ඇති වූ විට ආසන්න ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා වැඩ බැලීම සඳහා පත් කරනු ලබන්නේ ඉතා සුළු දීමනාවක් යටතේ බැවින් ද, මෙම වැඩ බැලීමේ පත්වීම් තුළින් ග්‍රාම නිලධාරී වසම් දෙකෙහිම කාර්යක්ෂමතාව බිඳ වැටෙන බැවින්ද, එම තත්වය මග හරවා ගැනීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ග්‍රාම නිලධාරී සංචිතයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පිහිටුවිය යුතු අතර පුරප්පාඩු සිදුවන වසම සඳහා එකී සංචිතය තුළින් ග්‍රාම නිලධාරීන් පත් කිරීම සහ එම සංචිතය තුළ සිටින ග්‍රාම නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම් විසින් පවරනු ලබන වෙනත් ඵලදායී ක්ෂේත්‍ර හෝ රාජකාරී සඳහා යෙදවීමේ වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
වර්තමානයේ ක්‍රියාත්මක වන සිවිල් ආරක්ෂක කමිටුවලට නිල පිළිගැනීමක් ලබා දීම,
සෑම ග්‍රාම නිලධාරී වසමකම පිහිටා ඇති ආගමික සිද්ධස්ථානයන්හි නායක ස්වාමීන්වහන්සේ, පූජකතුමා, විදුහල්පතිතුමා, ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ සහකාරවරයා, ජන සභා ලේකම්වරු, ප්‍රදේශයේ පොලිස් ස්ථානය නියෝජනය කරන නිලධාරියකු සහ එම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ස්වේච්ඡා සංවිධාන, රාජ්‍ය හා පෞද්ගලික අංශ වල සේවය කරන අදාළ වසමේ පදිංචිව සිටින නියෝජිතයින්ගෙන් සමන්විත සිවිල් ආරක්ෂක කමිටු ගොඩනැගීමට වඩාත් පහසුවීම සඳහා වර්තමාන සිවිල් ආරක්ෂක කමිටුවලට නිල පිළිගැනීමක් ලබා දිය හැකි පරිදි පාර්ලිමේන්තු පනතක් සම්මත කළ යුතු යැයි ද, ඒ තුළින් ග්‍රාම නිලධාරී වසම තුළ සිදුවන අපරාධ හා දුරාචාර, නීති විරෝධී කටයුතු පිළිබද අදාළ අංශ සමඟ මනා සම්බන්ධීකරණයක් ගොඩනැගීමට හැකි වන පරිදි අදාළ නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
දිවයින තුළ දැනට ක්‍රියාත්මක වන යල් පැන ගිය නීති අණපනත් යාවත්කාලීන කිරීම,
ශ්‍රී ලංකා වේ මේ වනවිටත් අධිරාජ්‍යවාදී යුගයේදී හඳුන්වාදෙන ලද නීති අණපනත් ක්‍රියාත්මකවන බැවින් එම නීති අණපනත් යළි අධ්‍යනය කිරීමේ කමිටු පත්කර, යල් පැනගිය දඬුවම්, දඩ මුදල් ආදිය යාවත්කාලීන කිරීමේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
සියලු මැතිවරණ එකම දිනක පැවැත්වීම,
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකදීම කිසියම් මැතිවරණයක් පවත්වා ඇති අතර, එසේ මැතිවරණ පැවැත්වීම ජනතා මතය සලකා බැලීම සඳහා වටිනා නිර්ණායකයක් වුවද, මේ තුළින් රටේ ආර්ථිකය, පරිපාලනය ආදි සෑම ක්ෂේත්‍රයකටම දැඩි බලපෑමක් ඇති කරන බැවින් පළාත් පාලන මැතිවරණ, මහා මැතිවරණ සහ ජනාධිපතිවරණය එකම දිනයකදී පැවැත්වීමට හැකි වන පරිදි එකී ආයතනවල නිල කාලය සංශෝධනය කිරීමටත්, ගැලපෙන මැතිවරණ ක්‍රමවේදයක් නිර්මාණය කිරීමටත් සුදුසු පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
පාර්ලිමේන්තු ප්‍රජාතන්තවාදය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම,
රට තුළ ප්‍රජාතන්තවාදය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව පාර්ලිමේන්තුව හා පළාත් සභා අතරත්, පළාත් සභා හා පළාත් පාලන ආයතන අතරත් මනා සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යාම අත්‍යාවශ්‍ය වන අතර ඒ සඳහා පළාත් පාලන ආයතන ප්‍රධානීන්, පළාත් සභා තුළ නියෝජනයවීම සහතිකවනු පිණිස ද, පළාත් සභා ප්‍රධානීන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය වීම සහතිකවනු පිණිසද ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
ජාතික ඒකාග්‍රතාව ඇති කිරීමට පියවර ගැනීම,
ජාතික ඒකාග්‍රතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෙමළ භාෂාව කථා කරන ජනතාව ජීවත් වන ප්‍රදේශවල සිංහල භාෂා පුහුණු වැඩ සටහන් ද, සිංහල භාෂාව කථා කරන ජනතාව ජීවත් වන ප්‍රදේශවල දෙමළ භාෂා පුහුණු වැඩසටහන් ද, රාජ්‍ය, රාජ්‍ය නොවන හා පෞද්ගලික ආයතනයන්හි සහයෙන් ක්‍රියාත්මක විය යුතු අතර රාජ්‍ය හා පෞද්ගලික විද්‍යූත් මෙන්ම මුදිත මාධ්‍ය ආයතනවල සහයෝගය ලබාගනිමින් මෙම පුහුණු වැඩ සටහන් ආරම්භ කිරීම සඳහා ජාතික වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
කලත්‍රයාගේ නොමනා කියා නිසා අසරණභාවයට පත්වන පාර්ශවයට සහන සලසා දීම,
විවාහක අඹුසැමි යුවලක් එකම වහලක් යට ජීවත්ව සිටින අවස්ථාවලදී පුරුෂයා හෝ බිරිඳ සුරාව, සූදුව සහ වෙනත් අපචාරී කටයුතුවල යෙදෙමින් ඉඩම් හෝ ගේ දොර බඩු මුට්ටු තම පෞද්ගලික අභිමතය පරිදි විකුණමින් හෝ අන් අයට පවරමින් හැසිරීම නිසාවෙන් අනෙක් පාර්ශවයත් සමඟ දරුවන් දැඩි අසරණභාවයට පත් වන අවස්ථාවලදී එම තත්වය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
චර්යා ධර්ම පිළිබඳ කාරක සභා ඇතිකිරීම,
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්වාසවන්තභාවය හා ඔවුන් තුළ උසස් ආචාර ධර්ම පවත්වාගෙන යාමේ අවශ්‍යතාව නිසා ඒ පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා චර්යා ධර්ම පිළිබඳ කාරක සභාවක් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
නව ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පතක් නිකුත් කිරීම,
පරිපාලනය පහසු කිරිම, අපරාධ මැඩලීම සඳහා හා වෙනත් වංචනික කියාවලට යොමුවීම අවමකිරීම සඳහා අදාළ පුද්ගලයාගේ රුධිර ගණය, බැංකු ගිණුම්, ක්‍රෙඩිට් කාඩ්, අධ්‍යාපන සුදුසුකම්, රියදුරු බලපත්‍ර හා විදේශ ගමන් බලපත්‍ර අංක ආදී වැදගත් හා අවශ්‍ය තොරතුරු ඇතුළත් නව ඉලෙක්ට්‍රොනික අංකයක් සහිත ජාතික හැඳුනුම්පතක් නිකුත් කළ යුතු බවත් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්හි ජීවත්වන සියලු දෙනාගේ තොරතුරු ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් පරිගණකගත කිරීම කඩිනමින් කළ යුතු බවත් එම තොරතුරු වරින්වර යාවත්කාලීන කළයුතු බවත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
කාන්තා පොලිස් නිලධාරීන්ට ද අවුරුදු විස්සක සේවා කාලයකින් පසු විශ්‍රාම යාමට අවස්ථාව ලබාදීම,
පොලිස් දෙපාර්තුමේන්තුවේ කාන්තා පොලිස් නිලධාරිනියන් සඳහා වන විසි වසරක සේවා කාලයකින් පසු ස්ව කැමැත්තෙන් විශ්‍රාමයාමේ හැකියාව, පොලිස් නිලධාරීන් සඳහා ද අදාළ වියයුතු යැයි ද ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
රෙගුලාසි ඉවත් කිරීමේ කාරක සභා ඇති කිරීම ,
රෙගුලාසි තැනීම මෙන්ම රෙගුලාසි ඉවත් කිරීමද නිතර සිදුවන ක්‍රියාවලියක් බැවින් කල්පැන ගිය රෙගුලාසි ඉවත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා රෙගුලාසි ඉවත් කිරීමේ කාරක සභා ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
සිවිල් ආරක්ෂක බලකායට අයත් නිලධාරීන්/ නිලධාරිනියන් සේවයේ ස්ථිර කිරීම,
සිවිල් ආරක්ෂක බලකායට අයත් නිලධාරීන් හා නිලධාරිනියන් සඳහා ද රජයේ අනෙකුත් ආරක්ෂක අංශවල සේවයේ නියුතු නිලධාරීන් හා නිලධාරිනියන්ට මෙන් වැටුප්, දීමනා, ස්ථිර සේවය සහ විශ්‍රාම වැටුප් සහිත රජයේ වෙනත් දෙපාර්තුමේන්තුවල මෙන් පිළිගත් නිල තත්ත්වයක් ලබාදිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
සහතික වීම පිලිබඳ කාරක සභා ඇති කිරීම,
පාර්ලිමේන්තුවේ අසන ප්‍රශ්නවලට පිළීතුරු වශයෙන් රජය දෙන සහතික හා රජයේ බැඳීම් ඇතැම් විට කඩ වන අවස්ථා දක්නට ලැබෙන බැවින්, රජය සිය වගකීම් ඉටු කරන බවට සහ ඒවා පිළිබඳව වගකියන බවට සහතික වීම සඳහා සහතික වීම පිලිබඳ කාරක සභා ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු. (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා,
තල් ගස් වගාව දිරිමත් කිරීම,
“කට්පගතරු” යන නමින් හැඳින්වෙන පොදු ජනතාවට ඉමහත් ප්‍රයෝජනවත් වන තල් ගස් වගාව දිරිමත් කිරීමෙන් තල් ආශ්‍රිත නිෂ්පදන ප්‍රවර්ධනයට සියලු පියවර ගත යුතු බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
දුම්රිය දෙපාර්තුමේන්තුව සතු ඉඩම්වල ඵලදායීතාව වැඩිකර ගැනීම,
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව සතු ඉඩම්වල ඇති අනවසර ඉඳිකිරීම් හා අනවසර පදිංචිකරුවන් කඩිනමින් ඉවත්කර නීත්‍යානුකූල ඉඳිකරීම් සමබන්ධ ගිවිසුම් නැවත සමාලෝචනය කිරීමෙන් දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම් වර්ධනය කළ යුතු අතර, දෙපාර්තමේන්තුවේ සංවර්ධන කටයුතු සඳහා සෘජුවම බල නොපාන්නා වූ ඉඩම් දිගුකාලීන බදු පදනමක් මත පෞද්ගලික අංශයට ලබාදී එම මුදල් දුම්රිය පද්ධතිය නවීකරණය සදහා යොදා ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
යාචකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීම,
මේ වන විට යාචකයින්ගේ ජීවිතවලට විශාල ලෙස තර්ජන එල්ල වී තිබෙන බැවින් ඔවුන්ගේ ජීවිතවල සුරක්ෂිතතාව රැකදීම උදෙසා, ඔවුන්ට වගා කිරීම සඳහා ඉඩම් ලබා දී ඉන් ලැබෙන ආදායමෙන් ඔවුන්ගේ ජීවිතවල ආරක්ෂාව හා පෝෂණය සහතික කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
අයාලේ යන සුනඛයින්ගෙන් මිනිස් ජීවිතවලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීම,
අයාලේ යන සුනඛයින්ගෙන් මිනිස් ජීවිතවලට සිදුවන හානිය වළක්වා ගැනීමේ අරමුණින්, රජය මගින් භූමි ප්‍රමාණයක් වෙන්කොට එම ස්ථානයට නිදැල්ලේ යන සුනඛයින් ගෙන ගොස් ඔවුන් රැක බලාගැනීම සඳහා සුදුසු වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
ළමා අපචාර සිද්ධීන් සඳහා දැඩි දඬුවම් පැනවීම,
දිවයින පුරා ළමා අපචාර හා අපයෝජනයන් දිනෙන් දින සීඝයෙන් වර්ධනය වීමේ තත්ත්වයක් ඇති වී තිබෙන බැවින් ඒ සම්බන්ධව දැනට පවත්නා නීති රෙගුලාසි ප්‍රමාණවත් නොවන්නේ නම්, නව නීති රෙගුලාසි අලුතින් සම්මත කොට ඉතා කඩිනමින් මේ සම්බන්ධ නඩු විසඳීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා වෙරළ පිවිසුම් මාර්ග ඇති කිරීම,
දිවයිනේ වෙරළබඩ කලාපය තුළ සීඝ්‍රයෙන් සිදුවන ඉදිකිරීම් නිසාවෙන් දේශීය, විදේශීය සංචාරකයන්ට මෙන්ම ධීවරයන්ට ද වෙරළ තීරයට පිවිසීමේදී අවහිරතා ඇතිව තිබීම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට මෙන්ම ධීවර කර්මාන්තයට ද බාධා ගෙන දෙන බැවින් එම තත්ත්වය වළක්වාලීම සඳහා මෙන්ම මෙම ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව වෙරළ පිවිසුම් මාර්ග පද්ධතියක් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම,
විදුහල්පති සේවය, ගුරු අධ්‍යාපන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය යන සේවාවල දැඩි වැටුප් විෂමතාවක් පවතින බැවින්, එම තත්ත්වය මඟ හරවා ඔවුන්ගේ ආත්මාභිමානයට සරිලන වැටුපක් ලැබෙන පරිදි වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
බෞද්ධ භික්ෂු අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම,
බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ ධර්ම ඥානය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව උන්වහන්සේලාගේ කථන හැකියා, ශ්‍රවණ හැකියා, පරිගණක, මනෝවිද්‍යාත්මක සහ උපදේශනය පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීම උදෙසා දැනට පවත්නා භික්ෂු අධ්‍යාපන ආයතනවලට පරිබාහිරව මෙම කටයුතු සඳහාම වෙන් වූ භික්ෂු අධ්‍යාපන ආයතන ඇති කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු බුද්ධික පතිරණ මහතා,
ශ්‍රී ලංකා ව තුළ දැනට ක්‍රියාත්මක වන නොතාරිස් සේවාව යාවත්කාලීන කිරීම,
දිවයින තුළ ක්‍රියාත්මක වන නොතාරිස් සේවය යල්පැන ගිය නීතිවලින් සකස් වී ඇති නිසා ඒ පිළිබඳව යළි සලකා බලා වර්තමානයට ගැලපෙන ලෙස නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.