comments
stringlengths
1
1.09k
labels
int64
0
4
ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති සෙප් බ්ලැටර් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කර තිබේ.
3
තමාට එරෙහිව ඇති දූෂණ චෝදනා පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීමට මෙලෙස අස්වන බව හෙතෙම මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසූ බව විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.
3
ලෝක පාපන්දු ක්‍රීඩාවේ අනාගතයටත්, කටාර් හා රුසියාව තුළ පැවැත්වීමට නියමිත ඉදිරි පාපන්දු ලෝක කුසලාන තරඟාවලින් වලටද මෙමගින් යම් බලපෑමක් එල්ලවනු ඇතැයි කියැවෙයි.
3
පසුගියදා පැවති නිලවරණයෙන් පස් වන වතාවටත් තේරීපත්වූ සෙප් බ්ලැටර් ලෝක පාපන්දු ක්ෂේත්‍රයේ ඉහළ පෙල තනතුර 17 වසරක් පුරාවට උසුළා තිබේ.
3
අන්තර්ජාතික පාපන්දු සංගමයේ නව සභාවතිවරයා ලෙස පස්වන වතාවටත් සෙප් බ්ලැටර් මහතා තේරී පත් වී තිබේ.
3
79 හැවිරිදි ස්විස්ටර්ලන්ත ජාතික ඔහුට එරෙහිව විවිධ අපවාද චෝදනා නැඟුණේ තම පාලන කාලය ඇතුළත වෙනත් අය විසින් සිදුකළ ඩොලර් මිලියන 100කට වැඩි වංචා සම්බන්ධයෙන් කිසිවක් සිදුනොකළ බව කියමිනි.
3
කෙසේ වෙතත් ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද 140 පළමු වටයේ දී ම ලබාගැනීමට ඔහු සමත් වී නොමැත.
3
බ්ලැටර් ඡන්ද 133ක් ලබාගත් අතර ප‍්‍රතිවාදී අලි බින් අල් හුසේන් කුමරුට හිමි කරගත වූයේ ඡන්ද 73ක් පමණි.
3
ලබන වසරේ තරඟ සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයට පැමිණෙනු ඇති බවට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
3
ලබන වසරේ අප්‍රේල් මසයේදී එම තරඟාවලිය සංවිධානය කිරිමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සැලසුම්කර ඇත.
3
ඒ අනුව ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණා මහතා පාකිස්ථානයේ සංචාරයක නිරත විමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.
3
2009 වසරේදී පාකිස්ථානයේ තරඟ සංචාරයක නිරත වෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහායක් එල්ලවුණි.
3
පන්දු රැකී‍ම සම්බන්ධයෙන් දින 10ක කෙටි කාලීන පුහුණුවක් ලබාදීම සඳහා දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
3
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජොන්ටි රෝඩ්ස් මෙම සංචාරයේදී ජාතික කණ්ඩායමේ මෙන්ම සෙසු කණ්ඩායම්වලට පන්දු රැකීම සම්බන්ධ විශේෂ පුහුණුවක් ලබාදීමට නියමිත බවයි.
3
ලබන මාසයේදී ආරම්භ වීමට නියමිත පකිස්ථානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ඉලක්ක කර මෙම විශේෂඥ පුහුණුව ලබාදීමට සැලසුම් කර ඇත.
3
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අර්ධ අවසන් තරඟය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ.
3
ඒ ඊයේ පැවති තරඟයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 71කින් පරාජය කරමිනි .
3
තරඟයේ කාසියේ වාසිය දිනූ බැංලෝර් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
3
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තේය.
3
පිළිතුරු ඉණිම සඳහා පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායමට පන්දුවාර 19දී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 109 ක් පමණි.
3
ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව තරඟය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර හෙට දිනයේ පැවැත්වීමට නියමිතය.
3
එම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ ලබන ඉරිදා දිනයේ පැවැත්වෙන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනු ඇත.
3
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් විය.
3
කොළඹදී පැවැති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් පන්දුවාර 42.3දි සියල්ලන් දැවී ලකුණු 124ක් රැස් කළ අතර පන්දුවෙන් දස්කම් පෑ ශෂිකලා සිරිවර්ධන ලකුණු 30ට කඩුලු 4ක් බිඳ දැමුවාය.
3
පිළිතුරු ඉනිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 39.2ක් වැය කළ අතර ශෂිකලා යළිත් දක්ෂතා අතරට පැමිණෙමින් පිත්තෙන් ලකුණු 42ක් ලබාගත්තාය.
3
දෙරට අතර මෙම තරඟාවලියට එක්දින තරග 04ක් ඇතුළත් වේ.
3
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇඟිල්ලේ ආබාධයකට ලක්ව සිටීම නිසා පළමු තරඟ‍යට මෙන් අද තරඟයට ද නායකත්වය ලබාදුන්නේ ඒෂානි ලොකුසුරියගේය.
3
දෙරට අතර පළමු තරඟය කඩුලු 5න් ජය ගැනීමට කොදෙව් කාන්තා කණ්ඩායම සමත් විය.
3
අනෙක් තරඟ දෙක ලබන 18 හා 20 පැවැත්වීමට නියමිත අතර ලබන 2017 වසරේ පැවැත්වෙන ‍කාන්තා ලෝක කුසලාන තරඟාවලියට ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් 4 තෝරා ගැනීම සඳහා මෙම තරඟාවලියද පාදක කර ගනියි.
3
ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ සභාපති ධූරයට හිටපු ප්‍රවීණ මළල ක්‍රීඩක සුගත් තිලකරත්න මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්ව තිබේ.
3
ඒ අද ජාතික ක්‍රීඩා විද්‍යායතන පරිශ්‍රයේ පැවති නිලවරණයේදීය.
3
නිලවරණය සදහා සුගත් තිලකරත්න මහතා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන උපාලි කුමාරසිරි මහතා ඉදිරිපත්ව සිටියහ.
3
නිලවරණයේදී සුගත් තිලකරත්න මහතාට ඡන්ද 83 කුත් උපාලි කුමාරසිරි මහතාට ඡන්ද 24කුත් ලැබුණු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
3
ඒ අනුව සුගත් තිලකරත්න මහතා වැඩි ඡන්ද 59කින් සභාපති ධූරයට තේරි පත්ව ඇති අතර වසර 2ක කාලයක් ඔහු එම ධුරය දරනු ඇත.
3
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන වසර මුලදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
3
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඇමතිවරයා හා ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරීන් අතර අද පස්වරුවේ පැවැත්විණ.
3
එහිදී නව අතුරු කමිටුවක් පත් කිරීමෙන් පසු ක්‍රිකට් කවුන්සිලයෙන් එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙන් හෙතෙම කියා සිටියේ එය අතුරු කමිටුව හා තමන් මැදිහත්වීමෙන් සුහදව විසඳාගන්නට කටයුතු කරන බවයි.
3
ක්‍රිකට් කවුන්සිලයට මේ සම්බන්ධයෙන් තමාගේ ස්ථාවරය දැනුම්දුන් බවද හෙතෙම පැවසීය.
3
අද පැවැති සාකච්ඡාවට උපාලි ධර්මදාස, නිශාන්ත රණතුංග, මොහාන්ද සිල්වා, අසංග සෙනෙවිරත්න, අජිත් පැස්කුවල් හා හිරන්ත පෙරේරා යන සහභාගි වී සිටියහ.
3
ඉදිරි පකිස්ථාන සංචාරය ඇතුළු සංචාර කිහිපයක් අනූව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු තනතුරට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චම්පක රාමනායක මහතා පත්කර තිබේ.
3
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ජුනි මස 01 වැනිදා සිට මෙම වසර අවසානය දක්වා කාලය සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.
3
71 වැනි බ්‍රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියර ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද සමත් විය.
3
ඒ ප්‍රතිවාදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 23ට 22ක් වශයෙන් පරාජයට පත් කරමිනි.
3
බ්‍රැඩ්බි පළිහ 71 වැනි තරගාවලියේ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලය විසින් අද හිමිකර ගැනීමට සමත් විය.
3
ඒ ප්‍රතිවාදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 49ට බින්දුවක් ලෙස පරාජයට පත් කරමිනි.
3
ඒ අනූව සමස්ත තරඟාවලිය ලකුණු 72ට 22ක් ලෙස සටහන් විය.
3
මෙම තරගය අද (23 දා) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.
3
මහනුවරදී පැවැති පළමු අදියර ලකුණු 23-22 ක්‌ ලෙස තියුණු ජයක්‌ ලැබීමට රාජකීය විදුහල සමත් විය.
3
අදියර දෙකකින් සමන්විත බ්‍රැඩ්බි පළිහ තරගාවලියේ අදියර දෙකේම වැඩිම ලකුණු ලබා ගන්නා කණ්‌ඩායමට බ්‍රැඩ්බි පළිහ හිමිවේ.
3
ඒ අනූව එක්‌ ලකුණක වාසියක්‌ සමග රාජකීය විදුහල අද සටනට පිවිසි අතර අද තරගයේදී ත්‍රිත්ව විදුහලට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.
3
IPL තරගාවලියේ මුම්බා‍යි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට දඩ මුදලක් නියම කර තිබේ.
3
ඒ, පසුගිය 25 වන දා සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සමග පැවති තරගයේදී ඩේවිඩ් වෝනර්ට බැණ වැදීමේ සහ සරදම් කිරීමේ සිද්ධියක් හේතුවෙනි.
3
මෙහි විශේෂත්වය වන්නේ, ලසිත් මාලිංගට අදාළ දඩය පැනවූ තරග තීරකවරයා ද ශ්‍රී ලාංකිකයෙකු වීම ය.
3
ඔහු රොෂාන් මහානාම යි.
3
සන්රයිසර්ස් හයිදරාබාද් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 9කට දවා ගැනීමෙන් පසු ලසිත් මාලිංග හැසිරුණු ආකාරය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ නීතිරීති උල්ලංඝණය කිරීමක් බවට රොෂාන් මහානාම තීරණය කිරීම හේතුවෙන් මෙම දඩය පනවා තිබේ.
3
ඒ අනුව, ලසිත් මාලිංගට හිමි තරග ගාස්තුවෙන් 5%ක මුදලක් දඩ වශයෙන් ගෙවීමට සිදුවේ.
3
මෙම තරගයේදී ලසිත් මාලිංග ලකුණු 23කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳ ම ක්‍රීඩකයා ලෙස ද සම්මානයට පාත්‍ර විය.
3
මෙවර IPL තරගාවලියේ මේ වන විට 7 වන ස්ථානයේ පසු වන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම වාර්තා දෙකක් පිහිටුවා තිබීම විශේෂත්වයකි.
3
එක් වාර්තාවක් වන්නේ, පිතිකරුවන්ට ලකුණු ලබා ගත නොහැකි වූ පන්දු (Dot Balls) සංඛ්‍යාවකට මුහුණ දුන් කණ්ඩායම බවට පත්ව සිටීම ය.
3
එම පන්දු ගණන 370කි.
3
එහෙත්, සුවිශේෂී සිදුවීම වන්නේ, වැඩි ම 6 සහ 4 පහර එල්ල කළ කණ්ඩායම බවට ද ඔවුන් පත්ව සිටීම ය.
3
මුම්බායි ඉන්ඩියන්ස් පිතිකරුවන් මේ වන විට 4 පහර 115ක් සහ 6 පහර 53ක් එල්ල කර තිබේ.
3
ඉන් 6 පහර 13ක් එල්ල කර ඇත්තේ, කයිරන් පොලාර්ඩ් ය.
3
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මේ වන විට සහභාගි වූ තරග 7න් ජය ගෙන ඇත්තේ, තරග 2ක් පමණි.
3
2013 වසරේදී හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරතව සිටියදී හදිසි අනතුරකට ලක්ව කෝමා තත්ත්වයකට පත්වූ මෝටර් රථ ධාවන ශූර මයිකල් ෂූමාකර්ගේ පුත්‍රයා ද මෝටර් රථ ධාවන තරගවල විශිෂ්ටයෙකු බවට පත්වීමේ පෙර නිමිති පළ කර තිබේ.
3
මයිකල් ෂූමාකර්ගේ පුත්‍රයා වන 16 හැවිරිදි Mick Schumacher සිය පළමු ජයග්‍රහණය වාර්තා කළේ, පෙරේදා පැවති German Formula Four මෝටර් රථ ධාවන තරගාවලියේදී ය.
3
තරග තුනකින් සමන්විත වූ එම තරගාවලියේ අවසන් තරගය ජය ගත්තේ, Mick Schumacher ය.
3
එහිදී වැඩි ම ලකුණු හිමි කර ගත් නවක ක්‍රීඩකයා ලෙස ද ඔහු නම් කෙරිණි.
3
පහත දැක්වෙන්නේ, Mick Schumacher ජයගත් තරගය පිළිබඳව කළ පූර්ව විශ්ලේෂණයක් සහිත වීඩියෝවකි
3
එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
3
ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙනි.
3
ජේම්ස් ඇන්ඩර්සන්, ටෙස්ට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්හි ලැබූ
3
ඉහළම ස්ථානය මෙය වේ.
3
ශ්‍රී ලංකාවේ රංගන හේරත් 4 වැනි ස්ථානයේ රැඳී සිටී.
3
ඒ අනුව ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව මෙසේය.
3
01 – ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව)
3
02 – ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය)
3
03 – රයන් හැරිස් (ඔස්ට්‍රේලියාව)
3
04 – රංගන හේරත් (ශ්‍රී ලංකාව)
3
05 – මිකෙල් ජොන්සන් (ඔස්ට්‍රේලියාව)
3
06 – ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය)
3
07 – වර්නන් ෆිලැන්ඩර් (දකුණු අප්‍රිකාව)
3
08 – ස්ටුවර්ට් බ්‍රෝඩ් (එංගලන්තය)
3
09 – ටිම් සවුදි (නවසීලන්තය)
3
10 – මෝර්නි මෝර්කල් (දකුණු අප්‍රිකාව)
3
ලන්ඩන් මැරතන් තරගයේදී අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ මැරතන් ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීමට සමත් විය.
3
ඊයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකාවේ අනුරාධ ඉන්ද්‍රජිත් කුරේට 14 වන ස්ථානය හිමි විය.
3
පැය 2යි මිනිත්තු 14යි තත්පර 47ක කාලයකින් ඔහු තරගය අවසන් කළේ ය.
3
ඒ අනුව ඔහු ඊයේ බිඳ දැමුවේ 1975 වසරේදී එස්.එල්.බී. රෝසා පිහිටුවා තිබූ වාර්තාව යි.
3
ඔහු පැය 2යි මිනිත්තු 14යි තත්පර 31ක කාලයක් සටහන් කරමින් එම වාර්තාව පිහිටුවා තිබිණ.
3
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් සංචාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.
3
ග්‍රැනේඩාහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 299ට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 464ක් රැස් කළේය.
3
බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 307කට සීමා විය.
3
ක්‍රෙයිග් බ්‍රේත්වෙයිට් ලකුණු 116යි.
3
ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 43ට කඩුලු 4ක් දවා ගත්තේය.
3
ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලකුණු 143ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් තරගය ජය ගත්තේ පන්දුවාර 41යි පන්දුවක් අවසානයේ කඩුල්ලක් දැවී සිටියදී ය.
3
එංගලන්ත නායක ඇලෙස්ටෙයාර් කුක් ඉනිම දෙකේදීම අර්ධ ශතක වාර්තා කළේය.
3
මේ අතර, ගැරී බැලන්ස් ලකුණු 81ක් රැස් කළේ, සිය ටෙස්ට් ලකුණු දහස සීමාව පසු කරමින් ය.
3
ඉනිම් 17ක් තුළ එම සීමාව පසු කළ ගැරී බැලන්ස් වාර්තා අතරට එක් වූයේ වේගවත්ම ටෙස්ට් ලකුණු දහස රැස් කළ තුන්වැනි
3
එංගලන්ත පිතිකරු ලෙසයි.
3

This file contains news texts (sentences) belonging to 5 different news categories (political, business, technology, sports and Entertainment). The original dataset was released by Nisansa de Silva (Sinhala Text Classification: Observations from the Perspective of a Resource Poor Language, 2015). The original dataset is processed and cleaned of single word texts, English only sentences etc.

If you use this dataset, please cite {Nisansa de Silva, Sinhala Text Classification: Observations from the Perspective of a Resource Poor Language, 2015} and {Dhananjaya et al. BERTifying Sinhala - A Comprehensive Analysis of Pre-trained Language Models for Sinhala Text Classification, 2022}

Downloads last month
2
Edit dataset card