comments
stringlengths
1
1.09k
labels
int64
0
4
මේ වන විට ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාව, පකිස්ථානය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවලට අමතරව තවත් සුදුසුකම් සපුරන රටවල් 2ක් සහභාගි කරවා ගැනීමට අපේක්ෂා කෙරේ.
3
මීට අමතරව, ලබන ජූනි මස 30 වන දා ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසුරුවා හැරෙන අතර එහි කටයුතු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතට ගැනෙනු ඇත.
3
IPL තරගාවලි ඉතිහාසයේ වඩාත් ම කැපී පෙනුණු චරිතයක් බවට පත්වූ බොලිවුඩ් සුපිරි නිළි ප්‍රීටි සින්ටා Kings XI Punjab සම හිමිකාරීත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
3
මේ වන විට 40 වන වියේ පසු වන ප්‍රීටි සින්ටා පවසන්නේ, සිනමාව සහ නිර්මාණකරණයට යළිත් පිවිසීමට කාලය එළඹී ඇති බව ය.
3
ඉන්දියාවේ ජනප්‍රිය නර්තන රියැලිටි වැඩසටහනක් වන Nach Baliye 7 වන අදියරේ විනිසුරුවරියක ලෙස තෝරා ගෙන ඇති අතර ඇය යළි ත් සිනමා ක්ෂේත්‍රයට පිවිසීමට ද අපේක්ෂා කර සිටී.
3
2008 වසරේ පළමු IPL තරගාවලියේ සිට ම ඇය Kings XI Punjab කණ්ඩායම තරග කළ තරග සියල්ල ම පාහේ නැරඹූ අතර එහිදී සිය කණ්ඩායමට විශාල දිරියක් විය.
3
ඇය මාධ්‍යවලට පවසා ඇත්තේ, IPL තරගාවලියට තවදුරට ත් තමන් අවශ්‍ය නොවනු ඇති බව ය.
3
ඒ අනුව, මෙවර IPL තරගාවලිය ඇයගේ අවසන් තරගාවලිය වනු ඇත.
3
ඇය හිමිකාරීත්වය දැරූ Kings XI Punjab කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු හෝ ප්‍රීටි සින්ටා තරග පාවා දීම් සම්බන්ධ කිසිදු චෝදනාවකට ලක් නොවීම විශේෂත්වයකි.
3
පසුගිය IPL තරගාවලියේ අවසන් තරගය පරාජය වීමෙන් පසුව ප්‍රීටි සින්ටා අතිශය සංවේදී වූ අවස්ථාව පහත වීඩියෝවෙන් දැක්වේ.
3
2012 වසරේ පන්දුවාර විස්සයි 20ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පකිස්ථානය නියෝජනය කළ දඟ පන්දු යවන්නෙකු වන රාසා හසන් මත් ද්‍රව්‍ය භාවිත කළ බවට හෙළිවී තිබේ.
3
පකිස්ථානයේ පැවති දේශීය තරගයක් අතරතුර තහනම් උත්තේජන ඖෂධ භාවිත කළා ද නැද්ද යන්න පරීක්ෂා කිරීමට රාසා හසන්ගෙන් සාම්පල ලබා ගත් බවට මාධ්‍ය වාර්තා කළේ ය.
3
ඒ අනුව එම සාම්පල ඉන්දියාවේ රසායනාගාරයකදී සිදුකළ පරීක්ෂණයකදී හෙළිවී ඇත්තේ, ඔහු කොකේන් නමැති මත්ද්‍රව්‍ය වර්ගය භාවත කර ඇති බව ය.
3
ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ද්විපුද්ගල කමිටුවක් ද පත්කර තිබේ.
3
පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ, ඉදිරියේදී රාසා හසන්ට වසර දෙකකට නොඅඩු තරග තහනමක් පැනවීමේ හැකියාව ඇති බව ය.
3
පාකිස්ථානය වෙනුවෙන් එක් දින ජාත්‍යන්තර තරගයකට හා පන්දුවාර 20-20 ජාත්‍යන්තර තරග 10කට සහභාගී වී ඇති රාසා හසන්, 2012 වසරේ පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ද සහභාගි වී තිබේ.
3
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යනු ලෝකයේ ක්‍රිකට් ලෝලීන් අතර වැඩි ම ජනප්‍රියත්වයක් අත් කරගෙන ඇති සුවිශේෂී තරගාවලියකි.
3
එම තරගාවලිය පුරා විවිධ ආකාරයේ සුවිශේෂී සිද්ධි වාර්තා වේ.
3
එවැනි සිද්ධියක් ඊයේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර පැවති තරගයේදී ද සිදු විය.
3
ඒ, තරගයේ අවසන් පන්දු වාරය යි.
3
පන්දු වාරය යැවීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනි යෙදවූයේ‍, සිය කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නෙකු වන ඩ්වේන් බ්‍රාවෝ ය.
3
තුන් වන පිතිකරු ලෙස පිටියට පිවිස සිටි ඇල්බී මෝර්කල් ඉදිරියේ එම පන්දු වාරයේදී ලකුණු 19ක අසීරු ඉලක්කයක් පැවතිණි.
3
පළමු පන්දුවෙන් ඇල්බී මෝර්කල් වාසනාවන්ත 4 පහරක් එල්ල කළේ ය.
3
දෙවන පන්දුවේදී එක් ලකුණක් සඳහා පැති මාරු විය.
3
තුන් වන පන්දුවෙන් ඉම්රාන් තාහිර් උඩ පන්දුවක් දී දැවී ගියේ ය. ඒ අතරවාරයේ ඇල්බී මෝර්කල් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගැනීම සඳහා පැති මාරු විය.
3
ඉතිරි පන්දු 3ට ලකුණු 14ක් ලබා ගැනීමට මෝර්කල්ට සිදු වී තිබිණි.
3
හතර වන පන්දුවට විශිෂ්ට පහරක් එල්ල කරමින් මෝර්කල් ලකුණු 6ක් ලබා ගත්තේ ය.
3
අවසන් පන්දු 2 සඳහා ලබා ගැනීමට ඉතිරිව තිබුණේ, ලකුණු 8ක් පමණි.
3
පස් වන පන්දුවේදී ලකුණු 4ක් වැළකූ සුරේෂ් රයිනාගේ විශිෂ්ට පන්දු රැකීම හමුවේ මෝර්කල්ට ලකුණු 2කින් සෑහීමකට පත්වීමට සිදු විය.
3
අනතුරුව අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 6ක් ලබා ගැනීමේ අභියෝගය මෝර්කල් ඉදිරියේ තිබිණි.
3
අවසන් පන්දුවට මෝර්කල් වැරෙන් පහරක් එල්ල කළ අතර හයේ සීමාවට අඟල් කිහිපයක් මෙපිටින් පන්දුව බිම පතිත වීම නිසා ලකුණු 4ක් පමණක් ලැබිණි.
3
ඒ අනුව, ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ ජයග්‍රහණය උදෙසා ඇල්බී මෝර්කල් දැරූ හුදකලා උත්සහය අවාසනාවන්ත ලෙස ව්‍යර්ථ විය.
3
ක්‍රීඩකයින් තේරීම පමණක් තේරීම් කමිටුවක වගකීම නොවන බව ජාතික ක්‍රිකට් තේරීම් කමිටු‍වේ සභාපති කපිල විජේගුණවර්ධන මහතා පවසයි.
3
අද ස්පොර්ට්ස්ෆස්ට් සමග සම්මුඛ සාකඡාවකට එක්වෙමින් විජේගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේ ය.
3
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අදි ශිෂ්‍යයෙකු කපිල විජේගුණවර්ධන මහතා 1988 වසරේ සිට 1992 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය.
3
සී.සී.සී. ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ දක්ෂ දකුණත් වේග පන්දු යවන්නෙකු වූ කපිල විජේගුණවර්ධන මහතා ටෙස්ට් තරග 2 කට සහ එක්දින තරග 26 කට ක්‍රීඩා කර තිබේ.
3
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ වගකීම් පැහැදිලි කළ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, තේරීම් කමිටු එල්ල වන බලපෑම් සහ විවේචන සාමන්‍ය දෙයක් බව ය.
3
මෙරට ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායමට ඇතුළත්වීමට ඇත්තේ, ඉතා සීමිත අවස්ථාවක් බව ද තේරීම් කමිටු සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ ය.
3
අභාවප්‍රාප්ත වූ හිටපු ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායකයෙකු මෙන්ම ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරකයෙකු වූ රිචී බෙනෝගේ අවසන් කටයුතු, ඔහුගේ අවසන් කැමැත්ත පරිදි රාජ්‍ය ගෞරව රහිතව සිදු කරන බව ඔහුගේ භාර්යාව වන ඩැෆ්නී සර්ෆ්ලීට් එරට අග්‍රාමාත්‍යවරයාට දන්වා තිබේ.
3
පිළිකා රෝගයෙන් පීඩා විදිමින් සිටියදී රිචී බෙනෝ පසුගිය සිකුරාදා අභවප්‍රාප්ත වූ අතර, ඔහුගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේය.
3
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගය ඊයේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් අතර පැවැත්විණි.
3
තරගයේ ජය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට හිමි වුව ද, එම තරගයේ වැඩි අවධානයක් යොමු වූයේ, කොල්කටා කණ්ඩායමේ නායක ගෞතම් ගම්භීර්ගේ පිත්ත දෙසට ය.
3
මුම්බායි කණ්ඩායමේ විනේ කුමාර් යැවූ පන්දුවකට පහර දීමේදී ගෞතම් ගම්භීර්ගේ පිත්ත දෙකට මැදින් කැඩී ගියේ ය.
3
එම අවස්ථාව දුටු ගම්භීර්ගේ සමීප මිතුරෙකු ද වන ඉන්දීය ක්‍රීඩක යුව්රාජ් සිං Tweet පණිවුඩයක් මගින් ගම්භීර්ට සරදමක් ද කළේ ය.
3
2015 වසරේ Wisden දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර නම් කර තිබේ.
3
Wisden සඟරාව මගින් කුමාර් සංගක්කාර දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ, පසුගිය වසරේ ඔහු දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමිනි.
3
2014 වසරේදී සංගක්කාර ලකුණු 2868ක් රැස් කළේ ය.
3
එය, ඕනෑ ම පිතිකරුවෙකු වසරකදී රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක් විය.
3
Wisden සඟරාවේ සංස්කාරක ලෝරන්ස් බූත් පවසන්නේ, කුමාර් සංගක්කාර පසුගිය වසරේදී සිය උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කළ බව ය.
3
වසරේ හොඳ ම ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර නම් කිරීම සාධාරණ බව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඔහු ශතක 4ක් වාර්තා කිරීම මගින් වඩා ත් තහවුරු වූ බව ද ඔහු පැවසීය.
3
විශිෂ්ට ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම පිළිබඳව Wisden සඟරාව බෙහෙවින් කනගාටු වන බව ද ලෝරන්ස් බූත් සඳහන් කළේ ය.
3
නීතිය සැමට සමාන විය යුතු බව අප අසා තිබුණ ද එය නිසියාකාරව ක්‍රියාත්මක වන බව නම් අප දැක නැත.
3
එහෙත්, අසල්වැසි ඉන්දියාවේ නම් තරාතිරම කුමක් වුව ද නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වන බව ඔප්පු වන සිද්ධියක් එරට මාධ්‍යවල වාර්තා කර තිබේ.
3
ඒ, ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිට දඩ ගැසූ පුවතකි.
3
ඔහු කළ වරද, නීත්‍යනුකූලව අංක තහඩු ප්‍රදර්ශනය නොකරමින් යතුරු පැදියක් ධාවනය කිරීම ය.
3
ඉන්දීය මෝටර් රථ පනත අනුව යතුරු පැදිවල ඉදිරිපස සහ පසුපස කෙලින් සිට බැලූ විට හොඳින් ප්‍රදර්ශනය වන පරිදි තිරස් අතට අංක තහඩු සවි කර තිබිය යුතු ය.
3
එහෙත්, නිසි පරිදි අංක තහඩු සවි නොකර ඔහු උපන් නගරය වන රාංචිහි දෝනි සිය යතුරු පැදිය ධාවනය කර තිබේ.
3
එහි ඉදිරිපස මඩ ආවරණයෙහි අංකය සඳහන් වුව ද එය නීත්‍යනුකූල නොවේ.
3
ඉන්දීය පොලීසිය ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මහේන්ද්‍ර සිං දෝනිගේ නිවසට පොලිස් නිලධාරියෙකු යවා රු. 500ක් දඩ වශයෙන් ලබා ගත් බව ය.
3
දෝනි එහිදී සිය වරද වටහා ගෙන කැමැත්තෙන් ම දඩය ගෙවූ බව පොලීසිය පවසා තිබේ.
3
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද පත් කෙරිණි.
3
ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කපිල විජේගුණවර්ධන මහතා පත් කර තිබේ.
3
මෙම කමිටුවට අමල් ද සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු සහ හේමන්ත වික්‍රමරත්න ද ඇතුළත් ය.
3
ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමිව තිබේ.
3
වසර ගණනාවක් තිස්සේ පරාජය ලබමින් සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජය මාවතට රැගෙන ආ ශ්‍රී ලාංකික පුහුණුකරුවෙකු වන චන්දික හතුරුසිංහට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කුඩම්මාගේ සැලකිලි දැක්වීම‍ට පටන්ගෙන තිබේ.
3
ඩේව් වට්මෝර් දුර්වල කණ්ඩායම් ජයග්‍රහණය කරා රැගෙන යන පුහුණුකරුවෙකු ලෙස නම් දරා තිබුණ ද ඔහුට ද බංග්ලාදේශය ගොඩ ගැනීමට නොහැකි විය.
3
එහෙත්, නිහඬව සිය මෙහෙවර ඉටු කළ අපේ චන්දික හතුරුසිංහ ‘වැඩ බැරි’ බංග්ලාදේශය, ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා රැගෙන ආවේ ය.
3
එහෙත්, අර්ධ අවසන් පූර්ව වටයේදී ඉන්දියාව හමුවේ බංග්ලාදේශය පරාජයට පත් විය.
3
එම පරාජයෙන් පසුව කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරන ලද එම කණ්ඩායම සම්බන්ධයෙන් විවේචනයක් කළේ ය.
3
ඔහු සඳහන් කළේ, ඉන්දියාව සමග ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ඒ සඳහා සුදුසු ම කණ්ඩායම නොවූ බව ය.
3
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එරට ක්‍රිකට් මෙහෙයුම් කමිටුවේ සභාපති නයිමූර් රහමන් චන්දික හතුරුසිංහගේ අදහස් පළ කිරීම දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ.
3
ඔහු පවසා ඇත්තේ, පුහුණුකරුගේ කාර්යය කණ්ඩායම නිසි පරිදි පුහුණු කිරීම පමණක් බව ය.
3
පුහුණුකරුට තේරීම් කමිටුවේ තීරණ විවේචනය කිරීමට කිසිදු අයිතියක් නැති බව ත්, එය චර්යා ධර්ම උල්ලංඝණය කිරීමක් බව ත් ඔහු පවසා තිබේ.
3
මේ සම්බන්ධයෙන් නයිමූර් රහමන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට ද පැමිණිලි කර ඇත.
3
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චානක වෙලගෙදර ලෝක වාර්තාවක් සම කර තිබේ.
3
ඒ, පන්දු වාර 20 ක්‍රිකට් තරගයක හොඳ ම පන්දු යැවීම වාර්තා කරමිනි.
3
ටැමිල් යුනියන් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් SSC කණ්ඩායමට එරෙහිව චානක වෙලගෙදර එම දක්ෂතාව දක්වා තිබේ.
3
එහිදී යැවූ පන්දු වාර 4 තුළදී ලකුණු 2ක් පමණක් ලබා දී කඩුලු 4ක් බිඳ හෙළීමට චානක වෙලගෙදර සමත් විය.
3
ඉන් පන්දු වාර 2ක් නිලකුණු පන්දු වාර වීම ද විශේෂත්වයකි.
3
ඔහු සම කළේ, පසුගිය නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකානු පන්දු යවන්නෙකු වන ක්‍රිස් මොරිස් කේප් කෝබ්‍රාස් කණ්ඩායමට එරෙහිව පිහිටවූ වාර්තාව ය.
3
ඔහු එහිදී පන්දු වාර 4කදී ලකුණු 2ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් බිඳ හෙළී ය.
3
ඔහු සිය දියණිය සහ බිරිඳ සාක්ෂි සමග මාධ්‍ය ඉදිරියේ මෙලෙස පෙනී සිට ඇත්තේ, ඔහුගේ උපන් නගරය වන බිර්සා මුන්දා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ය.
3
පසුගිය පෙබරවාරි 6 වන දා දෝනිගේ දියණියගේ උපත සිදු වූ අවස්ථාවේ ඔහුට සිය අලුත උපන් බිළිඳිය දැක බලා ගැනීමට අවස්ථාවක් උදා නොවී ය.
3
ඒ, ඒ වන විට ඔහු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටි බැවිනි.
3
මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී දෝනි චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති.
3
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ අදියර 8දී ම කණ්ඩායමක නායකත්වය දැරූ එක ම ක්‍රීඩකයා වන්නේ ද මහේන්ද්‍ර සිං දෝනි ය.
3
ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි තවත් වාර්තාවක් පිහිටුවා තිබේ.
3
ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අදියර අටේදී ම කණ්ඩායමක නායකත්වය දැරූ එක ම ක්‍රීඩකයා බවට පත්වෙමිනි.
3
ඔහු, 2008 වසරේ පැවති පළමු අදියරේ සිට අනිද්දා ඇරඹෙන 8 වන අදියර දක්වා අඛණ්ඩව චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමේ නායකත්වය දරයි.
3
2008 වසරේ සිට 2014 වසර දක්වා ‍පැවති අදියර හතේදී Chennai Super Kings කණ්ඩායම මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වය යටතේ තරග 102කට සහභාගි වී තිබේ.
3
ඉන් ජයග්‍රහණය කර ඇති තරග සංඛ්‍යාව 60ක් වන අතර තරග 40ක් පරාජය වී ඇත.
3
ඔවුන් දෝනිගේ නායකත්වය යටතේ 2010 සහ 2011 වසරවලදී IPL කුසලානය දිනා ගැනීමට සමත් විය.
3
මහේන්ද්‍ර සිං දෝනි හැර වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු IPL අදියර සියල්ලේදී ම කණ්ඩායමක නායකත්වය දරා නොමැත.
3
වත්මන් ක්‍රිකට් පිතිකරුවන්ට භීතිකාවක් වූ කොදෙව් සුපිරි දඟ පන්දු යවන්නා වන සුනිල් නරයින්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පැවති සියලු සැක සංකා දුරු වී තිබේ.
3
ඒ අනුව, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ඔහුට හිමිව ඇත.
3
පසුගිය චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පැමිණිලි ඉදිරිපත් විය.
3
ඒ අනුව, ඔහුට සිය ඉරියව්ව වෙනස් කර ගැනීමට සිදු විය.
3
නව ඉරියව්ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අනුමත කරනු ලැබූ නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ, මෙවර IPL තරගාවලියට සහභාගි වීමට නම් සුනිල් නරයින් ඉන්දියාව තුළදී යළි පරීක්ෂණයකට ලක් කළ යුතු බව ය.
3
මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය අනතුරු අඟවමින් අවධාරණය කළේ, සුනිල් නරයින් නොමැතිව සිය කණ්ඩායම මෙවර IPL තරගාවලියට සහභාගි නොවන බව ය.
3
කෙසේ වෙතත්, ඉන්දියාව තුළදී කළ පරීක්ෂණයෙන් ද සුනිල් නරයින් සමත්ව ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ.
3