comments
stringlengths
1
1.09k
labels
int64
0
4
එංගලන්ත පළමු ඉනිමේදී ලකුණු 182ක් රැස් කළ ජෝ රූට් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
3
තරග 1ට 0ක් ලෙස එංගලන්තය තරගාවලියේ පෙරමුණේ පසුවන අතර, අවසන් තරගය ලබන මස 01 වන දා බ්‍රිජ්ටවුන්හිදී
3
ආරම්භ වීමට නියමිතය.
3
ක්‍රිකට් යනු එංගලන්තයෙන් ඉපදී ලොව වටා රටවල් ගණනාවක ප්‍රචලිත වූ ක්‍රිඩාවකි.
3
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින් යනු බොහෝ විට විනෝදයෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ලෙස ප්‍රචලිත වී තිබේ.
3
ඊට අමතරව ඔවුන් ආන්දෝලනාත්මක ක්‍රියාවල නිරත වන කණ්ඩායමක් ලෙස ද නම් දරා සිටී.
3
ඒ අනුව, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ගේ ක්‍රියාවක් හේතුවෙන් ඔවුන් යළි ත් වරක් ආන්දෝලනාත්මක කණ්ඩායමක් බවට පත්ව තිබේ.
3
ඒ, එංගලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ය.
3
කොදෙව් දූපත්හිදී පැවැත්වෙන තරගයේ 3 වෙනි දිනයේදී ලකුණු 8කට දැවී ගිය එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන බෙන් ස්ටෝක්ස්ට මාලන් සැමුවෙල්ස් සිය ආචාරය පුද කළේය.
3
බෙන් ස්ටෝක්ස් දැවී යාමෙන් අනතුරුව යළි ක්‍රීඩාගාරය බලා යන අවස්ථාවේදී මාලන් සැමුවෙල්ස් ඔහුගේ තොප්පිය පපුව මත තබා ගනිමින් දකුණු අතින් ආචාර කළේ ය.
3
මේ වන විට සැමුවෙල්ස්ගේ මෙම ආන්දෝලනාත්මක ක්‍රියාව ජාත්‍යන්තර විචාරකයින්ගේ කතාබහට ලක්ව තිබේ.
3
ඒ අනුව, බටහිර ඉන්දීය කොදෙව් පන්දු පුහුණුකරු ශ්‍රීමත් කර්ට්නි ඇම්බ්‍රෝස් පවසන්නේ, සැමුවෙල්ස් කළ එම ක්‍රියාවේ කිසිදු වරදක් නොමැති බව ය.
3
මේ අතර, හිටපු එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක මයිකල් වෝන් ද මෙලෙස සැමුවෙල්ස්ට ප්‍රශංසා කර තිබේ.
3
ඔහු පවසා ඇත්තේ, මාලන් සැමුවෙල්ස්ගේ ක්‍රියාව යහපත් එකක් බව ය.
3
ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීමෙහි 4වන ස්ථානයේ පසුවන ස්පාඤ්ඤ ක්‍රිඩක රෆායල් නඩාල්ට බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.
3
වසර 12කට පසුව මෙම තරගාවලියේදී ඔහු ලැබූ දැවැන්තම පරාජය මෙය වේ.
3
බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේ 3වන වටයේ තරග කිහිපයක් ඊයේ පැවැත්විණි.
3
කලක් ටෙනිස් ශ්‍රේණිගත කිරිමෙහි පෙරමුණේ රැඳී සිටි ස්පාඤ්ඤ සුපිරි ක්‍රීඩක රෆායල් නඩාල් සමග තරග කළේ, ඉතාලියේ ෆැබියෝ ෆොනීනි ය.
3
තරගයේ පළමු වටය ලකුණු 6:4ක් ලෙස ෆොනීනි ජය ගත්තේ ය.
3
දෙවන වටය ආරම්භයේ සිට ම තියුණු මුහුණුවරක් ගත් අතර ෆොනීනි එම වටය ජය ගත්තේ, ලකුණු 7:6ක් ලෙස ය.
3
ඒ අනුව තරග වට 2:0ක් ලෙස සමස්ත තරගය ජය ගත් ෆැබියෝ ෆොනීනි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.
3
2013 වසරෙන් අනතුරුව බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේදී
3
නඩාල් ලැබූ දැවැන්ත ම පරාජය මෙය වේ.
3
ෆොනීනිට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීමෙහි හිමිව ඇත්තේ, 13 වන ස්ථානයයි.
3
ඔහු අද පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤයේ පැබ්ලෝ ඇන්ඩුහා සමග තරග වැදීමට නියමිත ය.
3
3වන වටයේ තව ත් තරගයක් පැවැත්වු‍ණේ, ජපානයේ කෙයි නිෂිකොරි සහ කොලොම්බියාවේ සැන්තියාගෝ කිරාල්ඩෝ අතර ය.
3
නිෂිකෝරි තරග වට 2:0ක් ලෙස පහසුවෙන් ජය ගත්තේ ය.
3
ලකුණු තත්ත්වය දැක්වුණේ, 6:2ක් සහ 6:1ක් ලෙස ය.
3
නිෂිකොරි අර්ධ අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤයේ රොබටෝ බවුටිස්ටා සමග තරග වදිණු ඇති.
3
එක්දින තරග ඉතිහාසයේ බංග්ලාදේශ කණ්ඩායම ඉනිමකදී වාර්තා කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාව අද රැස් කළේ ය.
3
ඒ, පකිස්ථානයට එරෙහිව මීර්පුර්හිදී පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 329ක් වාර්තා කරමිනි.
3
බංග්ලාදේශ කණ්ඩායම එම තරගය ජය ගත්තේ, ලකුණු 79 කිනි.
3
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කර ගත් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 329ක් රැස් කළේ ය.
3
තරගයේ පළමු කඩුලු 2 ලකුණු 67 ක් තුළ බිඳ වැටුණු ද තමීම් ඉක්බාල් සමගින් පිටියේ ස්ථාවර වූ මුෂ්ෆික රහීම් 3 වන කඩුල්ලට ගොඩ නැගූ සබඳතාව ලකුණු 178 කි.
3
තමීම් ඉක්බාල් සිය එක්දින දිවියේ 5 වන ශතකය වාර්තා කරමින් ලකුණු 132ක් රැස් කළ අතර කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆික රහීම් අද වාර්තා කළේ, එක්දින දිවියේ 3 වන ශතකයයි.
3
වාහාබ් රියාස් පන්දුවාර 10 කදී ලකුණු 59 ට කඩුලු 4 ක් දවා ගත්තේ ය.
3
ලකුණු 330ක ඉල්ක්කයක් සඳහා පිටියට පිවිසි පකිස්ථානයේ පළමු කඩුල්ල ලෙස සෆ්රාස් අහමඩ් ලකුණු 24 කට දැවී ගියේ, මුළු ලකුණු සංඛාව 53ක් ලෙස සටහන්ව තිබියදී ය.
3
එක්දින දිවියේ 5 වන අර්ධ ශතකය වාර්තා කළ නායක අසාර් අලී ලකණු 72 ක් රැස් කළේ ය.
3
හැරිස් සොහිල් ලකුණු 51ක් රැස් කළේ ය.
3
පළමු පෙළ තුන් දින තරගයක පළමු ඉනිමේදී අඩු ම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායමක් එම තරගයෙන් ජය ගත් පුවතක් ශ්‍රී ලංකාවෙන් වාර්තා විය.
3
පනාගොඩ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී එම තරගය පැවැත්වුණේ, අප්‍රේල් 10,11 සහ 12 යන දිනවල ය.
3
තරගය ගාල්ල ක්‍රිකට් සමාජය සහ ගුවන් හමුදා කණ්ඩායම අතර පැවැත්විණි.
3
පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල ක්‍රිකට් කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 31කට බිඳ වැටිණි.
3
ඊට පිළිතුරු ලෙස ගුවන් හමුදා කණ්ඩායම සියලු කඩුලු දැවී ලකුණු 215ක් රැස් කළේ ය.
3
ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිමේදී ලකුණු 295ක් රැස් කළ අතර ගුවන් හමුදා කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 107කදී බිඳ වැටිණි.
3
ඒ අනුව, ලකුණු 4ක තියුණු ජයක් හිමි කර ගැනීමට ගාල්ල ක්‍රිකට් සමාජය සමත් විය.
3
ආසියානු වාර්ෂික සම්මාන උළෙලේදී සංගක්කාර සම්මානයෙන් පිදුම් ලබයි
3
ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර පස්වැනි ආසියානු සම්මාන උළේලේදී ක්‍රීඩාව වෙනුවෙන් කළ මෙහෙවර සඳහා පිරිනමන සම්මානය මෙවර දිනා ගත්තේ ය.
3
ව්‍යාපාරික, ක්‍රීඩා කලා වැනි විවිධ අංශවලට විශිෂ්ට සේවයක් කළ ආසියානු ජාතිකයින් ඇගයීම සඳහා මෙම සම්මාන උළෙල එංගලන්තයේදී වාර්ෂිකව පැවැත් වේ.
3
එංගලන්තය වෙනුවෙන් වැඩි ම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගනිමින් ශ්‍රීමත් ඉයන් බෝතම් පිහිටුවා තිබූ වාර්තාව අභිබවා යෑමට වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සමත් විය.
3
ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාමට එරෙහිව ඇන්ටිගුවාහිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ය.
3
එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඇන්ටිගුවාහිදී ඊයේ ජය පරාජයෙන් තොරව අවසන් විය.
3
තරගයේ ජයග්‍රහණයට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 438කි.
3
කොදෙව්වන් ඊයේ තරගය අවසන් වනවිට කඩුලු 7ක් දැවී ලකුණු 350ක් රැස් කරගෙන සිටියේ ය.
3
එම තරගයේ ඉනිම දෙකේදීම එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් දවා ගත් කඩුලු ගණන 4කි.
3
බටහිර ඉන්දීය කොදෙව් කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් රාම්ඩීන් ඊයේ දවා ගැනීමත් සමග ශ්‍රීමත් ඉයන් බෝතම්ගේ
3
ටෙස්ට් කඩුලු 383 වාර්තාව අභිබවා යෑමට ඇන්ඩර්සන් සමත් විය.
3
ඒ අනුව ඔහු මේ වනවිට ලබාගෙන සිටින ටෙස්ට් කඩුලු ගණන 384කි.
3
බංග්ලාදේශය පළමු වරට පකිස්ථානයට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් අද ජය ගත්තේ ය.
3
ඒ, දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය කඩුලු 7කින් ජය ගනිමිනි.
3
තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථාන නායක අසාර් අලී පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.
3
ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 239කි.
3
පකිස්ථාන පළමු කඩුලු 5 ලකුණු 77ක් තුළ බිඳ වැටිණ.
3
හාරිස් සොහේල් සහ සහිඩ් නසීම් අතර 6 වන කඩුල්ලේ සබඳතාව ලකුණු 77කි.
3
සහිඩ් නසීම් සමග එක් වූ වහාබ් රියාස් පකිස්ථාන 7 වන කඩුල්ලට ලකුණු 85ක නොබිදුනු සබඳතාවක් ගොඩනැගූහ.
3
4 පහර 6ක් සහ 6 පහරක් ද සමගින් නසීම් නොදැවී ලකුණු 77ක් රැස් කළේ ය.
3
රියාස් නොදැවී ලකුණු 51ක් රැස් කිරීමට සමත් විය.
3
ශකීබ් අල් හසන් පන්දුවාර 10කදී ලකුණු 51ට කඩුලු 2ක් දවා ගත්තේ ය.
3
තමීම් ඉක්බාල් සහ සෞම්‍යා සාකාර් බංග්ලාදේශ පිළිතුරු ඉනිම ආරම්භ කළහ.
3
ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 22කි.
3
තමීබ් ඉක්බාල් සහ මොහොම් මහමුදුල්ලා බංග්ලාදේශ දෙවැනි කඩුල්ලට ලකුණු 78ක සබඳතාවක් ගොඩනැගූහ.
3
මුශ්ෆිකුර් රහීම් සහ තමීම් ඉක්බාල් අතර බංග්ලාදේශ තුන්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 118 කි.
3
6 වන එක්දින ශතකය අද වාර්තා කළ ඉක්බාල් ලබා ගත්තේ ලකුණු 116 කි.
3
මුශ්ෆිකුර් රහීම් ලකුණු 65ක් රැස් කළේ ය.
3
ලකුණු 240ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථානය තරගය ජයගත්තේ පන්දුවාර 38යි පන්දුවක් අවසානයේ කඩුලු 3ක් දැවී සිටියදී ය.
3
ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 2- 0ක් ලෙස සත්කාරක බංග්ලාදේශය ජය තහවුරු කරගෙන අවසන්.
3
AB de Villiers යනු ක්‍රිකට් ලෝකයේ වාර්තා පිට වාර්තා තබන විශිෂ්ට ක්‍රීඩකයෙකි.
3
ඊයේ දිනයේදී ද ඔහුට විශිෂ්ට ලෝක වාර්තාවක් පිහිටුවීමට තිබූ අවස්ථාවක් අවාසනාවන්ත අයුරින් ගිලිහී ගියේ ය.
3
කෙසේ වෙතත්, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට එරෙහිව ඔහු පන්දු 10කදී ලකුණු 41ක් රැස් කළේ, නරඹන්නන් විස්මයට පත් කරමිනි.
3
11 වන පන්දුවේදී ඔහු දැවී යාම ත් සමග පන්දු වාර 20 තරගයකදී වාර්තා කළ වේගවත් ම අර්ධ ශතකය රැස් කිරීමේ වාර්තාව ගිලිහිණි.
3
ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ක්‍රිකට් උපන් රටේ ප්‍රාන්ත තරගාවලියේ සිය පළමු තරගයේදී ම නොදැවී ශතකයක් වාර්තා කිරීමට සමත් විය.
3
සරේ ප්‍රාන්තය නියෝජනය කරන සංගක්කාර ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව ඊයේ ආරම්භ වූ තරගයේ පළමු දිනය නිමා වන විට නොදැවී ලකුණු 112ක් රැස් කර සිටියේ ය.
3
ඊට හතරේ පහර 14ක් සහ එක් 6 පහරක් ඇතුළත් විය.
3
කුමාර් සංගක්කාර සරේ කණ්ඩායමේ තෙවන පිතිකරු (One Down) ලෙස පිටියට පිවිසියේ ය.
3
එක්දින ක්‍රිකට් තරගයකදී මෙතෙක් රැස් කර ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට එංගලන්ත ක්‍රීඩක ලියම් ලිවිංස්ටෝන් (Liam Livingstone) ඊයේ සමත් විය.
3
එහිදී ඔහු පන්දු 138කට පමණක් මුහුණ දෙමින් ලකුණු 350ක් රැස් කළ අතර එය එක්දින තරගයකදී පිතිකරුවෙකු ලකුණු 350ක් රැස් කළ පළමු අවස්ථාව ද විය.
3
එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම සඳහා ඔහු 4 පහර 34ක් සහ 6 පහර 27ක් එල්ල කළේ ය.
3
ඒ අනුව, 4 පහර සහ 6 පහරවලින් පමණක් ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 298කි.
3
ලියම් ලිවිංස්ටෝන් මෙම වාර්තාව පිහිටවූයේ, එංගලන්ත ක්‍රිකට් සමාජ තරගාවලියේ Nantwitch Town සහ Caldy කණ්ඩායම් අතර පැවති තරගයේදී ය.
3
එහිදී, ඔහු නියෝජනය කරන Nantwitch Town කණ්ඩායම පන්දු වාර 45කදී කඩුලු 7කට ලකුණු 579ක් රැස් කළේ ය.
3
21 හැවිරිදි ලියම් ලිවිංස්ටෝන් 1993 වසරේ කම්බර්ලන්ඩ්හි උපත ලැබූවෙකි.
3
AB de Villiers යනු ලෝකයේ සෑම ක්‍රිකට් ලෝලියෙකුගේ ම ආදරය දිනා ගත් අතිවිශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
3
ඔහු කිසිදු පන්දු යවන්නෙකුට මෙල්ල කළ නොහැකි පිතිකරුවෙකු බව අමුතුවෙන් කිව යුතු නැත.
3
එවන් ක්‍රීඩකයෙකුගේ නොදුටු පැත්තක් ඉහත වීඩියෝවෙන් දැක්වේ.
3
ඔහු සිය පෙම්වතිය වන ඩැනියෙල් වෙත සිය ප්‍රේමය ප්‍රකාශ කළ ආකාරය ද එහිදී ඩිවිලියර්ස් රඟ දක්වා පෙන්වයි.
3
මෙහි තවත් විශේෂත්වයක් වන්නේ, ඩිවිලියර්ස් හින්දි ගීතයක කොටසක් ගායනා කිරීම ය.
3
දැවැන්ත පෞරුෂයක් ගොඩ නගාගෙන සිටින විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නොදුටු දක්ෂතා මෙමගින් දැකගත හැකි වනු ඇත.
3
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Asia Cup) වෙනස්කම් රැසක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
3
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී සයඩ් අෂ්රෆුල් හක් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වෙබ් අඩවියට පවසා ඇත්තේ, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ සිට පන්දු වාර 20 තරගාවලියක් ලෙස පවත්වන බව ය.
3
කෙසේ වෙතත්, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන වසරවලදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පන්දු වාර 50 තරගාවලියක් ලෙස පැවැත්වීමට තීරණය වී තිබේ.
3