date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2019-02-23T00:14:45.000Z
රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමට විරෝධය පළ කර ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක
රත්ගම ඝාතනයට ප්‍රදේශවාසීන්ගේ විරෝධය
COLOMBO (News 1st) - රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමට විරෝධය පළ කර ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්ගම මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් මේ වන විට උද්ඝෝෂණයක නිරත වෙති. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, ඝාතනයන්ට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
2019-02-22T23:29:16.000Z
සේනා වැනසු වගාබිම්වලට ලබන මස 10 වැනි දා සිට වන්දි
සේනා වැනසු වගාබිම්වලට ලබන මස 10 වැනි දා සිට වන්දි
COLOMBO (News 1st) - සේනා දළඹු වසංගතයෙන් හානි වූ වගාබිම් සඳහා වන්දි ලබාදීම ලබන මස 10 වැනි දා සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එහි ලේකම් කේ. ඩී. රුවන් චන්ද්‍ර මහතා පැවසූවේ, සේනා දළඹු වසංගතයෙන් අක්කර දොලොස් දහසක ගොවිබිම් සම්පුර්ණයෙන් හානියට පත් ව ඇති බවයි.
2019-02-22T22:27:33.000Z
ඛාදනය වූ කැලිඩෝ වෙරළ යළි ස්ථාපිත කිරීමට විදෙස් සමාගම් දෙකකින් ටෙන්ඩර් කැඳවයි
ඛාදනය වූ කැලිඩෝ වෙරළ යළි ස්ථාපිත කිරීමට පියවර
COLOMBO (News 1st) - මුහුදු ඛාදනයට ලක් ව ඇති කළුතර කැලිඩෝ වෙරළ තීරය යළි ස්ථාපිත කිරීම සඳහා විදෙස් සමාගම් දෙකකින් ටෙන්ඩර් කැඳවා ඇතැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ, නෙදර්ලන්ත හා චීන සමාගම් දෙකකින් එලෙස ටෙන්ඩර් කැඳවා ඇති බවයි. කැලිඩෝ වෙරළ ආශ්‍රිත ප්‍රදේශය ඛාදනය වීම හේතුවෙන් මේ වන විට කළු ගඟේ මෝය කට සමුද්‍රයට විවෘතවීමෙන් කළුතර ආශ්‍රිතව පානීය ජල අර්බුදයක් හටගෙන තිබේ. ඒ, කළු ගඟ ඔස්සේ රට තුළට කරදිය ගලා ඒම හේතුවෙනි. ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ, කෙත්හේන ජල පවිත්‍රාගාරය ආශ්‍රිත ප්‍රදේශයට කරදිය මුසුවීමෙන් ජලය බෙදාහැරීමේ ගැටලු මතු ව ඇති බවයි. මේ හේතුවෙන් කළුතර ආශ්‍රිත පවුල් 50,000 කට පමණ බවුසර් මගින් පානිය ජලය සැපයීමට සිදු ව ඇතැයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ ය.
2019-02-22T22:18:05.000Z
හෙළ සිනමාවේ ප්‍රථම ත්‍රෛභාෂිත සිනමා සිත්තම
හෙළ සිනමාවේ ප්‍රථම ත්‍රෛභාෂිත සිනමා සිත්තම
චිත්‍රපට අධ්‍යක්ෂ දේවින්ද කෝන්ගහගේගේ නවතම සිනමා පටය, ගිරිවැසිපුර හි පූර්ව ප්‍රචාරක පට ජනගත කර තිබේ. ඒ, කොළඹ පදනම් ආයතනයේ පැවති උත්සවයකදී යි. ගිරිවැසිපුර, සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන ත්‍රෛභාෂාවෙන් හෙළ සිනමාවට දායාද වන ප්‍රථම සිනමා පටයයි. එහි සිංහල සහ දෙමළ පූර්ව ප්‍රචාරක පට එළිදැක්වීමේ අවස්ථාවට කලාකරුවන්, විද්වතුන් ඇතුළු පිරිසක් එක් ව සිටියහ. ඊට සමගාමීව ගිරිවැසිපුර සිනමා පටයේ නිල ෆේස්බුක් පිටුව ද එළිදැක්විණි. ගිරිපුරවැසි සිනමා පටය නිර්මාණය වී ඇත්තේ මහනුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ පුරාවෘත්තය ඇසුරෙනි. නිරංජනී ශන්මුගරාජා, මහේන්ද්‍ර පෙරේරා, පුබුදු චතුරංග, බුද්ධික ලොකුකැටිය, දයා තෙන්නකෝන් ඇතුළු රංගන ශිල්පීන් රැසක් ඊට රංගන දායකත්වය ලබාදෙනු ඇත.
2019-02-22T20:45:24.000Z
ඉන්දියාවට සහ පාකිස්ථානයට භයානක කාලයක්....
ඉන්දියාවට සහ පාකිස්ථානයට භයානක කාලයක්
ඉන්දියාවට සහ පාකිස්ථානයට භයානක කාලයක් උදාවී ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සඳහන් කළේ, මේ වන විට දෙරට අතර ගැටලු රැසක් පවතින බව ය. ඒ හේතුවෙන් ඉදිරියේදී තව ත් ගැටලු රැසක් මතුවිය හැකි බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි. පසුගිය 14 වැනි දා කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දියානු හමුදා සෙබළුන් 40 දෙනෙකු පමණ මිය ගියහ. ප්‍රහාරය හෙළා දකිමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ, තම අසල්වැසියන් ත්‍රස්තවාදයට උපකාර කරන බැවින් ඊට ප්‍රතිචාර දැක්විය යුතු බවයි. ඉන්දියාව ප්‍රහාරයක් එල්ල කළහොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් පාකිස්ථානයේ ක්‍රියාත්මක ජායිස් ඊ මොහොමද් නමැති සටන්කාමී සංවිධානය අදාළ ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබේ. ඒ හේතුවෙන් ඉන්දියාවේ සිට පාකිස්ථානයට ගලා යන ගංගා ජලය පවා සීමා කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත. ඉදිරියේදී ඉන්දීය සිනමා පට පාකිස්ථානයේ තිරගත කිරීම අත්හිටුවීමට ද නියමිත වේ.
2019-02-22T20:31:46.000Z
අයවැයෙන් මාධ්‍යයට බද්දක් පනවන බවට පැතිරෙන කටකතා අසත්‍යයයි
මාධ්‍යයට බද්දක් පනවන කටකතා අසත්‍යයයි...
COLOMBO (News 1st) - මෙවර අයවැයෙන් මාධ්‍යයට බද්දක් පනවන බවට පැතිර යන කටකතාවන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි නව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව පැවසූවේ, ඊයේ පස්වරුවේ ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
2019-02-22T20:15:54.000Z
රත්ගම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොමිසම වාර්තාවක් කැඳවයි
රත්ගම ඝාතනය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි
COLOMBO (News 1st) - රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි ජාතික පොලිස් කොමිසම පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ ඝාතන සිද්ධියට පොලිස් නිලධාරීන් සම්බන්ධවීම ඇතුළු තොරතුරු වාර්තාවක් අපේක්ෂා කරන බවයි. අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දා සැකපිට අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර පෙරේදා අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ උපපොලිස් පරීක්ෂක විරාජ් මධුශංඛ මහතා පැය 48 ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය. මේ අතර රත්ගම ප්‍රදේශයේදී පැහැරගත් එම ව්‍යාපාරිකයින් දෙදෙනා අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසකදී පහරදී ඝාතනය කර ඇති බව විමර්ශනවලදී හෙළිව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔවුන් දෙදෙනාගේ සිරුරු වලස්මුල්ල මැදගංගොඩ රක්ෂිතයේදී පුළුස්සා ඇති බවට අනාවරණයවී ඇති බවයි. පසුගිය ජනවාරි 23 වන දා මංජුල අසේල හා රෂීන් චින්තක නැමැති පුද්ගලයින් දෙදෙනා කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් තිබුණි. පවුලේ ඥාතීන් දිගින් දිගටම චෝදනා කළේ, පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පිරිසක් සන්නද්ධව පැමිණ ඔවුන් දෙදෙනා රැගෙන ගිය බවය. ඥාතීන් ප්‍රකාශ කළේ, පසුගිය 05 වෙනි දා මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා තම දෙපාර්තමේන්තුව භාරයේ සිටින බව ගාල්ල සහකාර පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මහතා ප්‍රකාශ කළ ද පසුගිය 14 වෙනි දා තමන් එවැනි ප්‍රකාශයක් නොකළ බවට ඔහු පැවසූ බවයි. මේ අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා ද මේ වනවිට පොලිස් මූලස්ථානයට තාවකාලික පදනම මත මාරු කර යවා තිබේ.
2019-02-22T19:56:52.000Z
කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු කොලොන්නාවේදී අත්අඩංගුවට
කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - ඩුබායිහි අත්අඩංගුවේ පසුවන මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු වූ කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයෙකු කොලොන්නාව සාලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කළ වැටලීමකදී ඊයේ රාත්‍රියේ එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොහොමඩ් නවුෆර් මොහොමඩ් අලි නැමැති 50 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 480 ක් ද පොලීසිය භාරයට ගෙන ඇත. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
2019-02-22T19:44:57.000Z
දෙපානම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
දෙපානම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
COLOMBO (News 1st) - පන්නිපිටිය, දෙපානම ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසූවේ, අද අලුයම 12 ට පමණ වෙඩි තැබීම සිදු ව ඇති බවයි. සිද්ධියෙන් ඝාතනයට ලක් ව ඇත්තේ, කොටහේන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් ය. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව ඔහුගේ මළ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීම සිදු වූ ස්ථානය ආසන්නයේ තිබී හිස් පතුරම් කොපු දෙකක් සොයා ගත් බවය.
2019-02-22T19:34:01.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කර පුළුස්සා ඇති බව හෙළිවෙයි: රත්ගම ප්‍රදේශයේදී පැහැරගත් ව්‍යාපාරිකයින් දෙදෙනා අක්මීමන, ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසකදී පහරදී ඝාතනය කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. 2. මත්වන මැති, ඇමතිවරු ගැන කිරිඇල්ල කමිටුවට රන්ජන්ගෙන් ප්‍රකාශයක්: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කරන චෝදනාව පිළිබඳ කරුණු විමසීමට එක්සත් ජාතික පක්ෂය පත් කළ කමිටුව ඔහු කැඳවා කරුණු විමසා ඇත. 3. රුවන් විජේවර්ධන කැබිනට් නොවන ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි: ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. 4. පාර්ලිමේන්තු ගැටුමේදී මන්ත්‍රීවරු 60 දෙනෙක් බලතළ හා වරප්‍රසාද පනත උල්ලංඝණය කර ඇති බවට තහවුරු වෙයි: පසුගිය නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවලදී පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්වලදී මන්ත්‍රීවරුන් 60 දෙනෙක් පාර්ලිමේන්තු බලතළ හා වරප්‍රසාද පනතේ සඳහන් වැරදි සිදු කර ඇතැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුව සඳහන් කරයි. 5. රුපියල් කෝටි 10 ක මත්ද්‍රව්‍ය මීගමුවෙන් හමුවෙයි: මීගමුව, පෝරතොට ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 04 කට අධික ප්‍රමාණයක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 6. පාකිස්ථානයට ගලා යන ගංගා ජලය සීමා කිරීමට ඉන්දීය රජය තීරණය කරයි: ඉන්දියාවේ සිට පාකිස්ථානයට ගලා යන ගංගා ජලය සීමා කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.
2019-02-22T10:40:31.000Z
රුපියල් කෝටි 10 ක මත්ද්‍රව්‍ය මීගමුවෙන් හමුවෙයි
රුපියල් කෝටි 10 ක මත්ද්‍රව්‍ය මීගමුවෙන් හමුවෙයි
COLOMBO (News 1st) - මීගමුව, පෝරතොට ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 04 කට අධික ප්‍රමාණයක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මීගමුව කොට්ඨාස දූෂණ මර්දන ඒකකය එම ප්‍රදේශයේ කළ වැටලීමකදී යි. සැකකරු සන්තකයේ තිබි ඇෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03 යි ග්‍රෑම් 655 ක් ද සොයා ගෙන ඇත. පොලීසිය භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 10 කට අධික ය. 29 හැවිරිදි සැකකරු පෝරතොට පදිංචිකරුවෙකි. https://www.facebook.com/NewsfirstSL/videos/2259731530934743/
2019-02-22T09:45:57.000Z
ශ්‍රී ලංකාවට ලකුණු 197 ඉලක්කයක්
ශ්‍රී ලංකාවට ලකුණු 197 ඉලක්කයක්
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනටත් පෝට් එලිසබෙත්හිදී පැවැත්වේ. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවේ සියලු දෙනා පන්දුවාර 44 ක් අවසානයේදී ලකුණු 128 කට අද දැවී ගියහ. ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 197 ක්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු 222 කට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 154 කට දැවී ගියේ ය.
2019-02-22T08:24:29.000Z
BREAKING : රුවන් විජේවර්ධන කැබිනට් නොවන ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
රුවන් විජේවර්ධන ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
COLOMBO (News 1st) - ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. ඊට සමගාමීව මංගල සමරවීර මහතා ද කැබිනට් මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබේ. දිවුරුම්දීම සිදු වූයේ ජනාධිපති නිල නිවසේදී ය. රුවන් විජේවර්ධන මහතාගේ මුත්තණුවන් වන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු මෙන්ම ලේක්හවුස් ආදී කර්තෘවරයා ද වූ ප්‍රකට ව්‍යවසායක ඩී.ආර්.විජේවර්ධන මහතායි. විජේවර්ධන මහතාගේ 133 වැනි ජන්ම දිනය හෙටට යෙදී ඇති අවස්ථාවක විජේවර්ධන මහතා නව තනතුරට පත්වීම සුවිශේෂ සිදුවීමකි. කොළඹ ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ඇරඹූ රුවන් විජේවර්ධන මහතා උසස් අධ්‍යාපනය ලැබුවේ එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙනි. 1998 වසරේ ඔහු වෘත්තිය දිවිය ඇරඹුවේ සතිමැද පුවත්පතක් වන "මිඩ් වීක් මිරර්" පුවත්පත සමගයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමින් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණි රුවන් විජේවර්ධන මහතා 2009 වසරේ පළාත් සභා මැතිවරණයෙන් ජයගෙන බස්නාහිර පළාත් සභාවට පිවිසියේ විපක්‍ෂයේ වැඩිම මනාප ලබා ගනිමින් ය. එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික තරුණ පෙරමුණේ සභාපතිවරයා වූ රුවන් විජේවර්ධන මහතා 2010 මහා මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විණි. 2015 ජනාධිපතිවරණයෙන් පසු නව රජයේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූයේ ද රුවන් විජේවර්ධන මහතායි.
2019-02-22T08:52:12.000Z
මත්වන මැති, ඇමතිවරු ගැන කිරිඇල්ල කමිටුවට රන්ජන්ගෙන් ප්‍රකාශයක්...
කිරිඇල්ල කමිටුවට රන්ජන්ගෙන් ප්‍රකාශයක්...
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කරන චෝදනාව පිළිබඳ කරුණු විමසීමට එක්සත් ජාතික පක්ෂය පත් කළ කමිටුව අද ඔහු කැඳවා කරුණු විමසා තිබේ. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සභාපතිත්වයෙන් පත්කර ඇති මෙම කමිටුවට ඉරාන් වික්‍රමරත්න, නිශ්ශංක නානායක්කාර සහ ආශු මාරසිංහ යන මහත්වරුන් ඇතුළත් ය. අද පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී ඔවුන් රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් කරුණු විමසූහ. සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, අපි වාර්තාව ගරු අගමැතිතුමාට භාර දෙනවා. මේක එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර වැඩක්. ප්‍රශ්නය ලිඛිතව මොකුත් දුනනේ නැද් ද? අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, එක සටහන් කර ගත්තා. ප්‍රශ්නය නාම ලේඛනයක් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, ඒවා කියන්න බැහැ. අපිට දුන්න ප්‍රකාශයම රන්ජන් රාමනායක මන්ත්‍රිතුමා CID යට දිලා තියෙනවා. ප්‍රශ්නය නාම ලේඛනයක් භාරදීමක් සිදු කළා ද? මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, රන්ජන් රාමනායක, අද හතර දෙනෙක්ගෙන් සමන්විත කමිටුවකින් විනය පරීක්ෂණයකට මාව භාජනය කළා. මම නළුවෙක් රංගදරයෙක් හින්දා ඒගොල්ලෝ කියනවා ඒක පිළිගන්න බෑ කියලා. මේ කියන්නේ හිටපු කැබිනට් අධිකරණ අමාත්‍යතුමා. විජයදාස රාජපක්ෂ මහත්මයා. ඩබල් ඩොක්ටර් කෙනෙක්. කුඩු ගහන මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඉතින් මම කිව්වදේට වඩා එහා ගිය කතාවක් ඔහු කියලා තියෙන්නේ. ඇත්තෙන්ම වැඩි කට්ටියක් ඉන්නේ පොහොට්ටුවේ. අපේ ඉන්නේ සුළු පිරිස. ටී එන් එකේ මන්ත්‍රීවරුන් ගැන දැන් කිසිම ආරංචියක් නෑ මට ඒ ගැන. ජේ වී පි එකේ මන්ත්‍රීවරු හය දෙනා ගැන එවැනි චෝදනාවක් කරන්න මට තොරතුරු නෑ. ඒ ඇර විමල් වීරවංශ මහත්මයගේ පක්ෂයේ දෙදෙනෙක් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා දහයට වැඩිය ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ තුන් දෙනෙක් හතර දෙනෙක් ඉන්නවා. පිවිතුරු හෙළ උරුමයේ ඉන්නේ ගම්මන්පිළ මහත්තයයි තව කවුද ඉන්නේ එයා විතරයි ඉන්නේ. එයා ගැන දැන් තොරතුරක් නෑ ප්‍රශ්නය, මේ කාරණාව දැන් ඔප්පු වුණොත් එහෙම ඔබතුමා පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තුවෙන්නේ මොනවා ද? අමාත්‍ය, රන්ජන් රාමනායක, ගරු කථානායකතුමාට මේක කරන්න බෑනේ. එතුමා වෛද්‍යවරයෙක්වත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්වත් නෙමෙයි. මම කමිටුවට මගේ කතාව කිව්වා. ඉතින් මම කියන්නේ කමිටුවකින් තීරණය කරන්න බෑ මේක. මේක තීරණය කරන්න වෙන්නේ වෛද්‍යවරුන්ට. මේක තීරණය කරන්න අයි ඩී එකට සහ අනෙකුත් පරීක්ෂණ නිලධාරීවරුන්ට. ඉන්වෙස්ටිගේෂන් ඔෆිසර්ස්ල‍ට. මෙතනදි පහරදීම් ආසන නැතිවීම් මන්ත්‍රීධූර අහිමිවීම්, රාජ්‍ය ඇමතිධූර අහිමිවීම්, ගුටි කෑම්, හොම්බට ඇනීම් සියලු දේවල් බලාපොරොත්තු වෙන්න ඕන. පක්ෂ මාරු කරන දේශපාලනය මම අනුමත කරන්නේ නැහැ. මම එහෙම වුණොත් මම ස්වාධීන වෙන්න පුළුවන්. අනතුරුව අද පස්වරුවේ රන්ජන් රාමානයක රාජ්‍ය අමාත්‍යවරයා පෞද්ගලික රෝහලකට පැමිණ වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දුන්නේ ය. අමාත්‍ය, රන්ජන් රාමනායක, අනිත් අයත් මේ වගේම ඇවිල්ලා මේක දුන්නා නම් හොඳයි. එතකොට අපිට දැනගන්න පුළුවන් කවුද මේකට සම්බන්ධ සහ මේ චෝදනාවට ගොදුරු වන්නේ සහ නොවන්නේ කියලා.
2019-02-22T09:38:40.000Z
රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කර පුළුස්සා ඇති බව හෙළිවෙයි
රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කර පුළුස්සලා
COLOMBO (News 1st) - රත්ගම ප්‍රදේශයේදී පැහැරගත් ව්‍යාපාරිකයින් දෙදෙනා අක්මීමන, ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසකදී පහරදී ඝාතනය කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. අද එම ස්ථානය ගාල්ල මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට ලක් විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔවුන් දෙදෙනාගේ සිරුරු වලස්මුල්ල මැදගංගොඩ රක්ෂිතයේදී පුළුස්සා ඇති බවට අණාවරණයවී ඇති බවයි. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ උපපොලිස් පරීක්ෂක විරාජ් මධුශංඛ මහතා පැය 48 ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය. ඒ, ඔහු අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලවල මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර අදාළ පුද්ගලයින් දෙදෙනා ඝාතනය කළ බවට සැකකෙරෙන නිවස අද පස්වරුවේ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා අත්අඩංගුවට ගැණුනු අතර ඔහු මේ වන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරයේ ය. පසුගිය ජනවාරී 23 වෙනි දා මංජුල අසේල හා රෂීන් චින්තක නැමැති පුද්ගලයින් දෙදෙනා කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් තිබුණි. පවුලේ ඥාතීන් දිගින් දිගටම චෝදනා කළේ, පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පිරිසක් සන්නද්ධව පැමිණ ඔවුන් දෙදෙනා රැගෙන ගිය බවයි. ඔවුන් ප්‍රකාශ කළේ, පසුගිය 05 වෙනි දා මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා තම දෙපාර්තමේන්තුව භාරයේ සිටින බව ගාල්ල සහකාර පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහතා ප්‍රකාශ කළ ද පසුගිය 14 වෙනි දා තමන් එවැනි ප්‍රකාශයක් නොකළ බවට ඔහු පැවසූ බවයි. දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පිහිටි විශේෂ ඒකකයක් මගින් අදාළ පුද්ගලයින් දෙදෙනා පැහැරගෙන ගිය බවට පසුගිය 6 වෙනි දා ඔවුන්ගේ නිවෙස් වෙත ලැබී තිබූ නිර්ණාමික ලිපියක සඳහන්ව තිබුණි. එක් පුද්ගලයෙකු පහරදීම් හේතුවෙන් මියගිය බවත් අනෙක් පුද්ගලයා එය දුටු හෙයින් ඔහුව ද ඝාතනය කළ බවත් එම ලිපියේ සඳහන්ව තිබූ බව ඥාතීන් ප්‍රකාශ කළහ. එය ප්‍රසිද්ධියට පත්වූ පසු පොලිස්පතිවරයාගේ නියෝග මත සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබුවේ ය. මේ අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා ද මේ වනවිට පොලිස් මූලස්ථානයට තාවකාලික පදනම මත මාරු කර යවා තිබේ.
2019-02-22T06:36:48.000Z
පාර්ලිමේන්තු ගැටුමේදී මන්ත්‍රීවරු 60 දෙනෙක් බලතළ හා වරප්‍රසාද පනත උල්ලංඝණය කර ඇති බවට තහවුරු වෙයි
මන්ත්‍රීවරු 60 ක් වැරදි කළ බවට තහවුරු වෙයි
COLOMBO (News 1st) - පසුගිය නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවලදී පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්වලදී මන්ත්‍රීවරුන් 60 දෙනෙක් පාර්ලිමේන්තු බලතළ හා වරප්‍රසාද පනතේ සඳහන් වැරදි සිදු කර ඇතැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුව සඳහන් කරයි. මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව ස්ථාවර නියෝග 77 අනුව පියවරගත යුතු බව කමිටුව නිර්දේශයන්හි සඳහන් ය. සති දෙකත් සති හතරත් අතර කාලයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවය අත්හිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම ස්ථාවර නියෝගයේ ඇතුළත් වේ. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටු වාර්තාවට අනුව මෙම පියවර ගන්නැයි නිර්දේශ කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 55 දෙනෙකුම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර එක්සත් ජාතික පක්ෂයේ 04 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් අයෙකු ඇතුළත් වේ. ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පෙරුම, රන්ජන් රාමනායක, චන්දිම ගමගේ හා තුෂාර ඉදුනිල් අමරසේන යන මන්ත්‍රිවරුන් සිව්දෙනෙකු ද පාර්ලිමේන්තු වරප්‍රසාද පනත උල්ලංඝණය කර ඇත. එහි නම් සඳහන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන්නේ, එස්.බී.දිසානායක ආනන්ද අලුත්ගමගේ ප්‍රසන්න රණවීර පියල් නිශාන්ත පද්ම උදයශාන්ත ඩිලාන් පෙරේරා දිනේෂ් ගුණවර්ධන ලොහාන් රත්වත්තේ ජයන්ත සමරවීර රෝහිත අබේගුණවර්ධන තිලංග සුමතිපාල ජොන්ස්ටන් ප්‍රනාන්දු දිලුම් අමුණුගම ඉන්දික අනුරුද්ධ සිසිර ජයකොඩි කංචන විජේසේකර පියංකර ජයරත්න සුසන්ත පුංචිනිළමේ පවිත්‍රා වන්නිආරච්චි මහින්දානන්ද අලුත්ගමගේ රංජිත් සොයියා එස්.එම්.චන්ද්‍රසේන ඩී.වී.චානක අරුන්දික ප්‍රනාන්දු ඩලස් අලහප්පෙරුම විමලවීර දිසානායක ෂෙහාන් සේමසිංහ තේනුක විදානගමගේ අනුරාධ ජයරත්න සාරතී දුෂ්මන්ත සනත් නිශාන්ත කනක හේරත් උදය ගම්මන්පිළ තාරානාත් බස්නායක විමල් වීරවංශ නිමල් ලංසා සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ ජනක බණ්ඩාර තෙන්නකෝන් රමේෂ් පතිරණ විජිත බේරුගොඩ මොහාන් ද සිල්වා රොෂාන් රණසිංහ නිශාන්ත මුතුහෙට්ටිගම ප්‍රේමලාල් ජයසේකර ඩුලිප් විජේසේකර වාසුදේව නානායක්කාර සී.බී.රත්නායක ටී.බී.ඒකනායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන තාරක බාලසූරිය ලක්ෂ්මන් වසන්ත පෙරේරා ජානක වක්කුඹුර බන්දුල ගුණවර්ධන එස්.ප්‍රේමරත්න සාලින්ද දිසානායක යන මහත්වරුන් ය. පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පිහියක් හා සමාන දෙයක් ළඟ තබා ගෙන සිටි බව වාර්තාවේ සඳහන් විය. එමෙන්ම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිහියක් වැනි දෙයක් ඔහුගේ කලිසම තුළින් පිටතට ගත් බව ද මෙහි දැක්වෙයි. කමිටු නිර්දේශයේ සඳහන් වන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන ස්වාධීන පරීක්ෂණ කඩිනමින් අවසන් කර නීතිපති උපදෙස් මත අධිකරණමය ක්‍රියා මාර්ගයට අවතිර්ණවීම අත්‍යවශ්‍ය බවයි. නියෝජ්‍ය කථානාකවරයාගේ සභාපතිත්වයෙන් යුතු අදාළ කමිටුවේ සෙසු සමාජිකයින් වන්නේ චමල් රාජපක්ෂ, රංජිත් මද්දුමබණ්ඩර, මාවෙයි සේනාධිරාජා, චන්ද්‍රසිරි ගජධීර හා බිමල් රත්නායක යන මහත්වරුන් ය. චමල් රාජපක්ෂ මහතා කමිටු රැස්වීමට සහභාගි නොවීම විශේෂත්වයකි.
2019-02-22T06:00:49.000Z
අනුරුද්ධ පාදෙණියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට අභියාචනාධිකරණය දින නියම කරයි
අනුරුද්ධට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම කෙරේ
COLOMBO (News 1st) - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය මැයි මස 22 වන දා ආරම්භ කිරීමට අභියාචනාධිකරණය අද දින නියම කර තිබේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩුව පවරා ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සමකැඳවුම්කරු ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් ය. නඩුව අද කැඳවූයේ අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේදී යි. නඩුව සම්බන්ධයෙන් පාදෙණිය මහතා ගොනු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට එම නඩුව විභාග කිරීමට අභියාචනාධිකරණය මීට පෙර නියෝග කරනු ලැබුවේය. පසුගිය අප්‍රේල් 7 වන දා සයිටම් ආයතනය අහෝසි කරන ලෙසට පැවති එක් දින වැඩ වර්ජනයෙන් අනතුරුව එදින කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති විරෝධතා රැළියකදී වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණයට අපහාස වන ආකාරයට ප්‍රකාශයක් කර ඇති බවත් එය මාධ්‍ය තුළින් ප්‍රචාරය වී ඇති බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි. නිර්දය ලෙස හා අපහාසාත්මකව ඔහු අභියාචනාධිකරණයේ අධිකාරී බලය හෑල්ලුවට ලක් කර ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය ප්‍රකාරව ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙස පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා සිටිනු ඇත.
2019-02-22T04:27:26.000Z
සාම්ප්‍රදායික රූකඩ ප්‍රදර්ශනයක් 26 වැනි දා අපේගමේදී
සාම්ප්‍රදායික රූකඩ ප්‍රදර්ශනයක් 26 වැනිදා අපේගමේදී
COLOMBO (News 1st) - මෙරට සාම්ප්‍රදායික රූකඩ ප්‍රදර්ශනයක් ලබන 26 වැනි දා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වේ. එහිදී විවිධ රූකඩ සංදර්ශන කිහිපයක් ද පැවැත්වෙනු ඇති. පාසල් සිසුන්ට හා ඒ පිළිබඳ ඇල්මක් දක්වන ඕනෑම පුද්ගලයකුට මෙම ප්‍රදර්ශනය නැරඹීමට හැකි බව සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල මහත්මිය සඳහන් කළා ය.
2019-02-22T03:06:43.000Z
මීගමුවේදී හෙරොයින් තොගයක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට
මීගමුවේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - මීගමුව පෝරතොට ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 04කට අධික ප්‍රමාණයක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මීගමුව කොට්ඨාස දූෂණ මර්දන ඒකකය එම ප්‍රදේශයේ කළ වැටලීමකදී ය. සැකකරු සන්තකයේ තිබී ඈෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03යි ග්‍රැම් 655ක් ද සොයා ගෙන තිබේ. පොලීසිය භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 10කට අධික ය. 29 හැවිරිදි සැකකරු පෝරතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2019-02-22T02:58:56.000Z
දුම්රිය රියැදුරන්ගේ වර්ජනය අත්හිටුවයි
දුම්රිය රියැදුරන්ගේ වර්ජනය අත්හිටුවයි
COLOMBO (News 1st) - මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ දුම්රිය රියැදුරන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබේ. ඒ, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ඇති කර ගත් එකඟතා මතයි. සේවා වාර චක්‍ර සංශෝධනය කිරීමේදී බලධාරීන් විසින් එකඟතාවයන් කඩ කිරීමට විරෝධය පළ කරමින් ඊයේ රාත්‍රියේ සිට දුම්රිය රියැදුරෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූහ. දුම්රිය රියැදුරන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අද උදෑසන දුම්රිය ප්‍රමාදයක් හට ගත්තේ ය.
2019-02-22T01:32:44.000Z
සභා ගැබේ ගැටුම පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට...
සභා ගැබේ ගැටුම පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට...
COLOMBO (News 1st) - පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත් කළ කමිටුවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. මේ, ඉන් අනතුරුව සභාවේ ඇති වූ සංවාදාත්මක තත්ත්වයයි.
2019-02-22T01:04:17.000Z
රන්ජන් මත්ද්‍රව්‍ය ගන්නා මන්ත්‍රීන් ගැන විමසන පරීක්ෂණ කමිටුව හමුවට පැමිණෙයි
රන්ජන් ප්‍රකාශයක් ලබා දෙයි
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය භාවිත කරන බවට චෝදනා එල්ල වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සෙවීම සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. කැබිනට් මණ්ඩලය තුළ කෝකේන් භාවිත කරන අමාත්‍යවරුන් සිටින්නේ යැයි, රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගියදා කියා සිටියේ ය. පසුව ඒ පිළිබඳව සොයා බැලීම සඳහා සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුව අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්විණි. ඉරාන් වික්‍රමරත්න, නිශ්ශංක නානායක්කාර සහ ආශු මාරසිංහ යන මන්ත්‍රීවරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් ය. කමිටුව ඉදිරියේ ප්‍රකාශයක් ලබා දීම සඳහා අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පෙරවරු 9.30ට පැමිණ අතර පැයකට ආසන්න කාලයක් විමර්ශන කටයුතු පැවැත්විණි.
2019-02-21T23:50:11.000Z
රු. ලක්ෂ 8කට අධික ගංජා සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට
ගංජා සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 94ක් මෙරටින් රැගෙන යාමට තැත් කළ කාන්තාවක කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ ,එම ගංජා ඩුබායි වෙත රැගෙන යාමට සූදානම්ව තිබියදී අත්අඩංගුවට ගත් බව ය. එහි වටිනාකම රුපියල් 837,000කි. ඇය සිය ගමන් මළුවල සූක්ෂම ලෙස සඟවා ගංජා මෙරටින් රැගෙන යාමට තැත් කර ඇතැයි විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ ය. සැකකාරිය 48 හැවිරිදි මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචිකාරිණියකි. මේ අතර කේරළ ගංජා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 110ක් සමග සැකකරුවෙකු ගොතටුව මෙගොඩ කොළොන්නාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. 26 හැවිරිදි සැකකරු වැල්ලම්පිටිය මෙගොඩ කොළොන්නාව පදිංචිකරුවෙකි. මේ අතර හෙරොයින් ජාවාරමේ නිරත සැකකරුවන් 04 දෙනෙකු ද දිවයිනේ විවිධ ප්‍රදේශවල කළ වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන තිබේ. ග්‍රැන්ඩ්පාස්, මොරටුව, වැලිකඩ සහ ගල්නෑව පොලිස් බල ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගත් හෙරොයින්වල බර ග්‍රෑම් 34කට අධික ය.
2019-02-21T23:38:55.000Z
තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළෙකු අත්අඩංගුවට
තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන යාමේ සිද්ධිය
COLOMBO (News 1st) - 2008 වසරේදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන යාම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නාවික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඉන් තරුණයින් 03 දෙනෙකු පැහැර ගෙන ගොස් රඳවා තබා ගෙන කෲර වද හිංසා සිදු කොට ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, 33 හැවිරිදි සැකකරු කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන බව ය. මේ අතර කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන බොහෝ දුරට අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ, ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ය. සෙසු විමර්ශන ද කඩිනමින් අවසන් කර, උදෘත නීතිපතිවරයා වෙත යොමු කර නඩුවේ සැකකරුවන් වන කොමදෝරු ඩී.කේ.පී. දසානායක ඇතුළු සැකකරුවන් 12 දෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කර මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.
2019-02-21T23:28:34.000Z
පකිස්ථානයට ගලා යන ගංගා ජලය සීමා කිරීමට ඉන්දීය රජය තීරණය කරයි
පකිස්ථානයට ගලා යන ගංගා ජලය සීමා කිරීමේ තීරණයක්
COLOMBO (News 1st) - ඉන්දියාවේ සිට පකිස්ථානයට ගලා යන ගංගා ජලය සීමා කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. ඒ, පුල්වාමා ප්‍රහාරයට ඉන්දියාව දක්වන නවතම ප්‍රතිචාරය ලෙසයි. ඒ අනුව ඉන්දියාවේ සිට පකිස්ථානයට ජලය ගලා යන ඉන්දු නදිය නව බැම්මක් ආධාරයෙන් වෙනත් දිශාවකට හැරවීමට කටයුතු කරන බව ඉන්දීය ප්‍රවාහන හා ජල සම්පත් අමාත්‍ය නිතින් ගද්කාරී ප්‍රකාශ කළේ ය. මේ අතර ඉන්දියාව ප්‍රහාරයක් එල්ල කළ හොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පසුගියදා අනතුරු අඟවනු ලැබී ය. ඔහු මෙම අනතුරු ඇඟවීම කළේ, තම අසල්වැසියන් ත්‍රස්තවාදයට උපකාර කරන බවත් ඊට ප්‍රතිචාර දැක්විය යුතු බවටත් පසුගිය සිකුරාදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි. ඉකුත් බ්‍රහස්පතින්දා කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේදී ඉන්දීය හමුදා සෙබළුන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ඉන්දු - පකිස්ථාන සබඳතා මෙලෙස පළුදු වෙමින් තිබේ. ඉන්දු, කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේ පසුගිය 14 වන බ්‍රහස්පතින්දා හමුදා ට්‍රක් රථයක් ඉලක්ක කර මොටර් රථයකින් පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවෝ ප්‍රහාරයක් එල්ල කළහ. මෙම ප්‍රහාරයේ වගකීම පකිස්ථානයේ සිට ක්‍රියාත්මක ජායිස් ඊ මොහොමද් නමැති සටන්කාමී සංවිධානයක් භාර ගත්තේ ය.
2019-02-21T23:05:39.000Z
මෛත්‍රී - මහින්ද හමුවක් අද පස්වරුවේ
මෛත්‍රී - මහින්ද හමුවක් අද පස්වරුවේ
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ, සන්ධානය නියෝජනය කරන සියලු ම පක්ෂ නායකයින්ට ද ඒ සඳහා ඇරයුම් කර ඇති බව ය. එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත ය. ඊට අමතරව ගොඩ නැගීමට නියමිත පුළුල් සන්ධානය සහ එළැඹෙන මැයි දින සැමරුම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත ය. කෙසේ වෙතත් හමුව පැවැත්වෙන ස්ථානයක් පිළිබඳව මෙතෙක් දැනුම් දී නොමැති බව වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ ය.
2019-02-21T21:02:12.000Z
ලබන 8 වන දා සිට කාන්තාවන් සඳහා පමණක් වෙනම දුම්රිය මැදිරි
ලබන 8 සිට කාන්තාවන් සඳහා පමණක් වෙනම දුම්රිය මැදිරි
COLOMBO (News 1st) - කාන්තාවන් සඳහා පමණක් වෙනම දුම්රිය මැදිරි වෙන් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ලබන මස 8 වන දාට යෙදෙන ලෝක කාන්තා දිනය දා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ය. පළමු අදියරේදී කාර්යාලයීය දුම්රිය 06ක කාන්තාවන් සඳහා පමණක් මැදිරි වෙන් කෙරෙනු ඇති. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ සමුද්‍රදේවී, සාගරිකා ඇතුළු කාර්යාලීය දුම්රිය 06 මේ සඳහා තෝරා ගෙන ඇති බව ය. මීට පෙර ද කාන්තාවන් සඳහා වෙන් වූ දුම්රිය මැදිරි ක්‍රියාත්මක වුවද විවිධ ගැටලු හේතුවෙන් එය වසර කිහිපයකට පෙර නවතා දැමිණි.
2019-02-21T20:53:01.000Z
සරසවි වරම් අපේක්ෂාවෙන් 76000කගෙන් අයැදුම්පත්
සරසවි වරම් අපේක්ෂාවෙන් 76000කගෙන් අයැදුම්පත්
COLOMBO (News 1st) - 2018 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට මෙවර අයැදුම්පත් 76591ක් ලැබී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. එහි ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා සඳහන් කළේ, පසුගිය 07 වන දායින් අයැදුම්පත් භාර ගැනීම අවසන් වූ බව ය. එහෙත් අයැදුම්පත් ඉදිරිපත් කළ අපේක්ෂකයින්ට ලබන මස 07 වන දා දක්වා තමන් අයැදුම් කළ පාඨමාලාවල අනුපිළිවෙල පමණක් වෙනස් කිරීමේ හැකියාව පවතින බව ඔහු පැවසුවේ ය. ඒ සඳහා ඔන්ලයින් ක්‍රමයෙන් විශේෂ අයැදුම් පත්‍රයක් යොමු කළ යුතු ය. ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා සඳහන් කළේ, අයැදුම් කළ අපේක්ෂකයින්ගෙන් 31654 දෙනෙකු විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව ය. නව උපාධි පාඨමාලා දෙකක් ද මෙවර සිසුන් සඳහා හඳුන්වා දී ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී එම පාඨමාලා ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ ය.
2019-02-21T20:43:48.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) දේශීය පුවත් 1. තමා බිහි කළ 19 වන සංශෝධනය නම් සුජාත දරුවා අපචාරයට ලක්ව ඇති බව ජනපති පවසයි. 2. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය ඊයේ පස්වරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. 3. නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපායන් මෙරට ජනතාවට හඳුන්වා දීමේ අරමුණින් ඊ-හෙල්ත් කාඩ්පත හඳුන්වා දීම ඊයේ සිදු විය. 4. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ. 5. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල්වත්ත දිනුකගේ මාමණ්ඩිය වන රංජිත් තිලකරත්න නොහොත් අල රංජි නමැත්තා ගුණසිංහපුරයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 6. ඔස්ට්‍රේලියානු හිටපු විදේශ අමාත්‍ය ජූලි බිෂොප් දේශපාලනයට සමුදෙන බව ඊයේ නිවේදනය කළා ය. ක්‍රීඩා පුවත් 7. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ පෝට් එලිසබෙත්හිදී ආරම්භ විය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 62ක් අවසානයේදී ලකුණු 222කට දැවී ගියේ ය.
2019-02-21T20:34:57.000Z
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්
දුම්රිය රියැදුරන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක
COLOMBO (News 1st) - මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ දුම්රිය රියැදුරන් ලෙඩ නිවාඩු දමා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. දුම්රිය රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ, සේවා වාර චක්‍ර සංශෝධනය කිරීමේදී බලධාරීන් විසින් එකඟතාවයන් කඩ කිරීම මීට හේතුව බව ය. අද දිනයේ දුම්රිය ධාවනය පිළිබඳ දුම්රිය පාලක මැදිරියෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. එහි නිලධාරියෙකු සඳහන් කළේ, මේ වන විට දුම්රිය ප්‍රමාදයක් පවතින බව ය.
2019-02-21T11:21:25.000Z
ඩී.එස්. සේනානායක ශිෂ්‍ය සන්නාම සම්මාන උළෙලේදී News 1st, සිරස TV හා Y FM සම්මානයට
News 1st, සිරස TV හා Y FM යළිත් සම්මානයට
COLOMBO (News 1st) - කොළඹ ඩී.එස්. සේනානායක ශිෂ්‍ය සන්නාම සම්මාන උළෙල අද පැවැත්විණි. ඒ, බස්නාහිර පළාත් සභා සෞන්දර්ය නිකේතනයේදී ය. මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතායි. හොඳම සමාජ මෙහෙවර සඳහා වූ සම්මානය මෙහිදී ගම්මැද්දට හිමි විය. Y FM නාලිකාව බස්නාහිර පළාතේ පාසල් සිසුන් අතර ජනප්‍රියම ගුවන් විදුලි නාලිකාව ලෙස සම්මානයට පාත්‍ර වීම ද විශේෂත්වයකි. බස්නාහිර පළාතේ සිසුන් 10,000ක් යොදා ගනිමින් කළ සමීක්ෂණයක ප්‍රතිඵල අනුව මෙම සම්මානය හිමි විය. හොඳම අධ්‍යාපනික වැඩසටහන ලෙස සම්මාන දිනා ගත්තේ සිරස ටී.වී. ඔස්සේ විකාශය වූ පෙන්ටතලන් වැඩසටහනයි. ඩී.එස්. සේනානායක විද්‍යාලයේ වාණිජ අංශය මේ සම්මාන උළෙල සංවිධාන කර තිබිණි .
2019-02-21T10:17:08.000Z
ජනතා මුදල් නාස්ති කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය ණය වී ඇති අයුරු...
ශ්‍රීලංකන් ගුවන් සේවය ණය වී ඇති අයුරු...
COLOMBO (News 1st) - නිසි කළමනාකරණයක් නොමැති වීමෙන් සිදු කරන පාඩු අවසානයේ දරන්නට සිදු වන්නේ රටේ ජනතාවටයි. ශ්‍රීලංකන් ගුවන් සේවයේ පසුගිය දෙසැම්බර් මාසය සඳහා වන අභ්‍යන්තර මූල්‍ය වාර්තාවකින් හෙළි නොවුණු එවැනි කරුණු ගණනාවක් අනාවරණය වේ. ඒ, ශ්‍රීලංකන් ආයතනය කෙතරම් රජයේ සහ පුද්ගලික ආයතන සහ බැංකුවලට ණය වී ඇත් ද යන්නයි. ශ්‍රීලංකන් ගුවන් සමාගම 2018 - 2019 මුදල් වර්ෂයේ මුල් මාස 9 තුළ ලබා ඇති පාඩුව රුපියල් බිලියන 24ක් හෙවත් රුපියල් මිලියන 24000කි. මේ වාර්තාව අනුව 2018 දෙසැම්බර් 31 වන විට ශ්‍රීලංකන් ගුවන් සේවය මූල්‍ය ආයතනවලට ඩොලර් මිලියන 461.5ක් ණය වී තිබේ. මේ අතරින් ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු 2කට ණය වී ඇති ප්‍රමාණය ඩොලර් මිලියන 200ක් සහ ඩොලර් මිලියන 198.18කි. ඊට අමතරව තවත් ඩොලර් මිලියන 70ක් බැංකු අයිරා පහසුකමක් ද ලබා ගෙන තිබේ. මෙම ණය මුදලින් පසුගිය වසර අවසානය වන විට ගෙවීමට ඉතිරිව තිබූ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 400ක් හෙවත් රුපියල් මිලියන 71840කි. එනම් කෝටි 7184ක්. මෙහි ඇති තවත් කරුණක් වන්නේ, 2019 වසරේ ජුනි මාසයේදී කල් පිරෙන බැඳුම්කරයක් සඳහා ඩොලර් මිලියන 175ක් හෙවත් රුපියල් මිලියන 31430ක් ගෙවන්නට ශ්‍රීලංකන් ගුවන් සේවයට සිදුව ඇති බව ය. එයට පොළිය ලෙස තවත් ඩොලර් 823000ක් හෙවත් රුපියල් මිලියන 147කට අධික මුදලක් ගෙවන්නට තිබේ. මෙම වාර්තාවට අනුව 2018 දෙසැම්බර් වන විට ගෙවීමට තිබූ ණය ප්‍රමාණය රුපියල් මිලියන 128,484ක් හෙවත් රුපියල් බිලියන 128කි. මීට අමතරව ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා පෙර ලබා ගත් පහසුකමකට ඩොලර් මිලියන 36.53ක් ද ගෙවන්නට ඉතිරිව තිබේ. පසුගිය 2016 ජුනි 27 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සමාගම කියා සිටියේ, දිගින් දිගටම ලබන අලාභයන්හි වගකීම දැරීමට රජය සූදානම් නැති බැවින් ෆ්රැන්ක්වර්ට් සහ පැරිස් ගමනාන්තයන් අත්හිටුවන බව ය. එවන් තර්කයක් මත හිඳිමින් බෙහෙවින් ජනප්‍රිය, යුරෝපයේ ගමනාන්ත කිහිපයක් අත්හිටුවා ඒ වෙනුවට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් කරා ගමන් ආරම්භ කරයි. නමුත් මෙම අභ්‍යන්තර මූල්‍ය වාර්තාව දෙස බලන විට පෙනී යන්නේ, මෙල්බන් ගමනාන්තය ආයතනයට වඩාත්ම පාඩු උපදවන ගමනාන්තය බව ය. රාජ්‍ය බැංකුවලින් ලබා ගත් ණය සහ රජයේ වගකීම සහිත බැඳුම්කර වැනි ක්‍රමවේද ඔස්සේ මෙරට මහජනතාවගේ ධනය කෝටි ගණන් නාස්ති කරමින් නුසුදුස්සන්ට ගුවන් සේවයක් පාලනය කරන්නට ඉඩ දී බලා සිටින්නේ කවුද?
2019-02-21T10:00:49.000Z
මා බිහි කරපු 19 වන සංශෝධනය නම් සුජාත දරුවා අපචාරයට ලක්ව තිබෙනවා - ජනපති
"19 වන සංශෝධනය අපචාරයට ලක්ව තිබෙනවා"
COLOMBO (News 1st) - අද පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිතුමා ව්‍යවස්ථා සභාව හා 19 වන සංශෝධනය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව අදහස් පළ කළේ ය. මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, තමා බිහි කළ 19 වන සංශෝධනය නම් සුජාත දරුවා අපචාරයට ලක්ව ඇති බව ය. මානව හිමිකම් කොමිසම පිළිබඳව විවේචනාත්මකව අදහස් පළ කළ ජනාධිපතිවරයා, මානව හිමිකම් කොමිසම රකින්නේ රටේ ජනතාවගේ මානව හිමිකම් ද නැතිනම් අපරාධකාරයින්ගේ මානව හිමිකම් ද යනුවෙන් ප්‍රශ්න කළේ ය. මේ අතර ව්‍යවස්ථා සභාව මේ වන විට විනිශ්චයකාරවරු 14 දෙනෙකුගේ නම් ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ ය. ජනාධිපතිවරයා පැවසුවේ, ඇතැම් විනිශ්චයකාරවරුන්ගේ නම් තෙවරක් ව්‍යවස්ථා සභාව තමා යොමු කර ඇති බව ය. විනිශ්චයකාරවරුන්ට ලබා ගැනීමට ඇති උසස් වීම් ව්‍යවස්ථා සභාව මගින් ලබා නොදෙන්නේ නම් ඊට හේතු විමසීමට විනිශ්චයකාරවරුන්ට අයිතියක් ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ ය.
2019-02-21T08:32:55.000Z
ශ්‍රී ලංකාවට එරෙහි 2වන ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 222කට දැවී යයි
දකුණු අප්‍රිකාව ලකුණු 222කට දැවී යයි
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පෝට් එලිසබෙත්හිදී ආරම්භ විය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 62ක් අවසානයේදී ලකුණු 222කට දැවී ගියේ ය. දකුණු අප්‍රිකා මුල් පෙළ කඩුලු 3 ලකුණු 15කදී බිඳ වැටිණි. ඩීන් එල්ගා ලකුණු 6කට දැවී ගිය අතර හෂීම් අම්ලාට සහ ටෙම්බා බවුමාට ලකුණු රැස් කිරීමට හැකි නොවීය. ආරම්භක පිතිකරු ඒඩ්‍රන් මාක්‍රම් ලකුණු 60යි. නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 25කට දැවී ගියේ ය. සිය ටෙස්ට් දිවියේ 6 වන අර්ධ ශතකය වාර්තා කළ ඊඩ්න් මාක්රම් ලකුණු 60යි. දකුණු අප්‍රිකා පිතිකරුවන් 6 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි නොවිණි. මේ අතර ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණියට පිටියෙන් ඉවත් වීමට සිදු වූයේ උඩ පන්දුවක් රැක ගැනීමට ගොස් සිදු වූ ආබාධයක් හේතුවෙනි.
2019-02-21T06:38:57.000Z
සරසවි සිසු විරෝධතාවට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර
සරසවි සිසු විරෝධතාවට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස්
COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. ඒ, විරෝධතා පා ගමන පොලිස් අණ නොතකමින් ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි ප්‍රදේශයට ඇතුළු වීමට උත්සහ දැරූ අවස්ථාවේදී ය. අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන්ට පනවා ඇති පන්ති තහනම ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සරසවි සිසූහු මරදාන ටෙක්නිකල් මංසන්ධියෙන් අද දහවල් මෙම විරෝධතාව ආරම්භ කළහ. ජනාධිපති කාර්යාලය දෙසට ඇතුළු වීමට තැත් කළ පිරිසට කොළඹ සෙරමික් මංසන්ධිය අසළදී පොලීසිය ඊට ඉඩ ලබා නොදුන්නේ ය.
2019-02-21T05:54:48.000Z
මෙරට ජනතාවට නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපායන් සමීප කර වීමට අද සිට ඊ-හෙල්ත් කාඩ්පත
ඊ-හෙල්ත් කාඩ්පත හඳුන්වා දීම කළුතරින් ඇරඹේ
COLOMBO (News 1st) - නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපායන් මෙරට ජනතාවට හඳුන්වා දීමේ අරමුණින් ඊ-හෙල්ත් කාඩ්පත හඳුන්වා දීම අද සිදු විය. මෙම වැඩසටහන අද ආරම්භ වූයේ කළුතර දිස්ත්‍රික්කයෙනි. මේ යටතේ පළමු අදියරේදී රෝහල් 200කින් කාඩ්පත් නිකුත් කිරීමට නියමිත ය. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, මේ වන විට දිවයින පුරා සියලු ම රෝහල් පරිගණකගත කිරීම ආරම්භ කර ඇති බව ය. ඒ අනුව මේ වසර අවසන් වන විට රෝහල් 300ක් පමණ පරිගණකගත කිරීමට අපේක්ෂාව වී තිබේ. ඊ-හෙල්ත් කාඩ්පත හඳුන්වා දීමෙන් පසු මාස 06ක් තුළ මිලියන 21ක් වූ ජනතාවට ම මෙම කාඩිපත ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මෙම කාඩ්පත හරහා රෝගීන්ගේ සියලු ම වෛද්‍ය වාර්තා හා දත්ත ගබඩා කර තිබේ. මේ අනුව කිසියම් රෝගියෙකු රෝහල වෙත සිහිසුන්ව පැමිණිය ද ඊ-හෙල්ත් කාඩ්පත භාවිත කරමින් ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි. මේ අතර මෙම වැඩපිළිවෙළට සමගාමීව පවුලේ වෛද්‍යවරයා සංකල්පය ද හඳුන්වා දීමට නියමිතය. එහිදී පුද්ගලයින් 10,000කට එක් වෛද්‍යවරයෙකු පත් කර වසරක් තුළ ඔවුන් පරීක්ෂා කර රෝග හඳුනා ගත යුතුය. ඉන් පසු සෑම පුද්ගලයෙකුම මාස 06කට වරක් පරීක්ෂා කිරීම අනිවාර්ය වන අතර මෙම පරීක්ෂා කිරීම්වල වෛද්‍ය වාර්තා ද ඊ-හෙල්ත් කාඩ්පතට ඇතුළත් කිරීමට නියමිත ය.
2019-02-21T05:11:30.000Z
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය වසා දැමේ
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය වසා දැමේ
COLOMBO (News 1st) - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ. එහි උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, නවක වදය සිද්ධිය මුල් කර ගනිමින් එම පියවර ගත් බව ය. එලෙස කළමනාකරණ පීඨය වසා දමා ඇත්තේ, වාචිකව හිරිහැර කිරීම පදනම් කර ගනිමින් නවක සිසුන් මානසික වශයෙන් පීඩනයට ලක්වීම හේතුවෙනි. ඔවුන් නවක සිසුන්ට අද පැවති දේශනවලට සහභාගී වීමට ද අවස්ථාව ලබා නොදීම ඊට ආසන්නතම හේතුවක් වී තිබේ. මේ හේතුවෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සියලු සිසුන් හෙට උදෑසන 7 ට පෙර නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බව උපකුලපතිවරයා සඳහන් කළේ ය.
2019-02-21T04:45:57.000Z
අල රංජි STF අත්අඩංගුවට
අල රංජි STF අත්අඩංගුවට
COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල්වත්ත දිනුකගේ මාමණ්ඩිය වන රංජිත් තිලකරත්න නොහොත් අල රංජි නමැත්තා ගුණසිංහපුරයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3ක් සහ මන්නා පිහි දෙකක් ද සිය භාරයට ගත් බව ය. මෙම සැකකරු මුදල් බලෙන් ලබා ගැනීමේ සිද්ධි ගණනාවකට සම්බන්ධ අයෙකු බව පොලීසිය සඳහන් කළේ ය. ඔහු 57 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2019-02-21T02:54:11.000Z
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ
ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය අද තෝරා පත්කර ගැණුනි. අද පැවැති ඡන්ද විමසීමේදී සභාපතිවරයා ලෙස පත් වූයේ ඡන්ද 83 ක් හිමිකරගත් ශම්මි සිල්වා මහතායි. උපසභාපති ධූරය ඡන්ද 82 ක් ලබාගත් රවීන් වික්‍රමරත්න මහතාට හිමි විය. ඡන්ද 96 ක් ලබාගත් මොහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ලේකම්වරයායි. උපලේකම්වරයා ලෙස ඡන්ද 94 ක් ලබා ගත් ක්‍රිශාන්ත කපුවත්ත මහතා තේරී පත් ව සිටි. නව භාණ්ඩාගාරිකවරයා ලෙස පත් වූයේ ඡන්ද 100 ක් ලබාගත් ලසන්ත ලියනගේ මහතායි. ඡන්ද 92 ක් ලබාගත් ලලිත් රඹුක්වැල්ල මහතා උපභාණ්ඩාගාරිකවරයා ලෙස පත් විය.
2019-02-21T01:46:30.000Z
ඔස්ට්‍රේලියානු හිටපු විදේශ අමාත්‍ය ජූලි බිෂොප් දේශපාලනයට සමුදෙයි
ජූලි බිෂොප් දේශපාලනයට සමුදෙයි
ඔස්ට්‍රේලියානු හිටපු විදේශ අමාත්‍ය ජූලි බිෂොප් දේශපාලනයට සමුදෙන බව අද නිවේදනය කර තිබේ. ඇය සඳහන් කළේ, තමුන් දේශපාලනයෙන් ඉවත් වන්නේ තව ත් අයෙකුට අවස්ථාව ලබාදීමට බවයි. ඉකුත් අගෝස්තු මාසයේ පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් ඇය පරාජයට පත්වීමෙන් පසු ජූලි බිෂොප්ගේ අනාගතය කුමක් වනු ඇද්දැයි සියලු දෙනා බලා සිටියහ. මහ මැතිවරණ පරාජයෙන් පසු ජූලි බිෂොප් වසර 11 ක කාලයක් කටයුතු කළ ලිබරල් පක්ෂ නියෝජ්‍ය නායක ධූරයට ද සමු දුන්නා ය. ඒ, ලබන මැයි මාසයේ පැවැත්වෙන මැතිවරණයට තරග නොකරන බව ද පවසමිනි. ඇය පවසන්නේ ලිබරල් පක්ෂයේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය නායිකාව ලෙස කටයුතු කිරීමට ලැබීම ගෞරවයක් බවයි. ජූලි බිෂොප් සිය තනතුරු වගකීම් සෑම තනතුරකදීම පිළිඹිඹු කළ ගෞරවනීය භාවය සහ සේවය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඇයට ස්තූතිය පළ කරයි. වසර 5 ක කාලයක් ඔස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍යවරිය ලෙස කටයුතු කළ ජූලි බිෂොප්, තම රාජ්‍ය තාන්ත්‍රිකභාවය ලොවට පෙන්නුම් කළ දේශපාලන චරිතයකි.
2019-02-21T01:22:53.000Z
රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තාව සභාගත කෙරේ
රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තාව සභාගත කෙරේ
COLOMBO (News 1st) - රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ඒ, කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදීයි. ආන්දෝලනයට තුඩුදුන් මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් මෙතෙක් ලැබී නොමැති බව අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම කථානායකවරයා නිවේදනය කළේ ය.
2019-02-21T01:00:36.000Z
ඉන්දීය ධීවරයින් 13 දෙනෙක් උතුරු මුහුදේදී අත්අඩංගුවට
ඉන්දීය ධීවරයින් 13 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - උතුරු මුහුදේ නීති විරෝධිව මසුන් අල්ලමින් සිටි ඉන්දීය ජාතිකයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත්‍රා තුනක් ද සිය භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ පොලීසියට භාරදීමට නියමිත වේ. මේ අනුව මෙරට මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් වසරේ ගත වූ කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවරයින් සංඛ්‍යාව 31 කි. ඔවුන් සමග යාත්‍රා 5 ක් ද සිය භාරයට ගෙන ඇතැයි නාවික හමුදාව සඳහන් කළේ ය.
2019-02-21T00:38:39.000Z
මාවතගමදී කසළ තේ ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට
මාවතගමදී කසළ තේ ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - කුරුණෑගල, මාවතගම පරගහපිටිය ප්‍රදේශයේදී කසළ තේ ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් ලොරි රථ දෙකකින් කොළඹ බලා අදාළ කසළ තේ තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි. සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇති කසළ තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 10,140 ක්. අත්අඩංගුවට ගත් අම්බැක්ක සහ හංදෙස්ස යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් අද පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
2019-02-21T00:25:46.000Z
ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට
ශම්මි සිල්වා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට
COLOMBO (News 1st) - ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස අද තේරී පත් විය. ඒ, ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදීයි. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ප්‍රධාන තනතුරු 7ක් වෙනුවෙන් 25 දෙනෙකු තරග කළහ. එහිදී ප්‍රකාශය කළ ඡන්ද ගණන 142 කි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා අර්ජුන රණතුංග මහතාගේ පාර්ශ්වයෙන් සභාපති ධූරය සඳහා ජයන්ත ධර්මදාස මහතා නාම යෝජනා භාරදුන් අතර තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් නාම යෝජනා භාරදුන්නේ මොහාන් ද සිල්වා මහතායි. උපසභාපති ධූරයට රණතුංග පාර්ශ්වයෙන් අර්ජුන රණතුංග, කේ. මදිවානන් තරග කරන අතර සුමතිපාල පාර්ශ්වයෙන් රවීන් වික්‍රමරත්න සහ ශම්මි සිල්වා නාම යෝජනා භාර දුන්නේ ය. නමුත් සුමතිපාල පාර්ශ්වයේ මොහාන් ද සිල්වාගේ සහ රවීන් වික්‍රමරත්නගේ නාම යෝජනා අභියාචන කමිටුව ප්‍රතික්ෂේප කළ අතර එම තීරණයට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලා මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණය හමුවට ගියේ ඉන් අනතුරුවයි. එම පෙත්සම ඊයේ නැවත සලකා බැලූ අතර උපසභාපති හෝ උපලේකම් ධූරයට රවීන් වික්‍රමරත්න මහතාටත් ලේකම් ධූරයට මොහාන් ද සිල්වා මහතාටත් තරග කිරීමට අවස්ථාව ලබාදීමේ එකඟතාවයට එහිදී දෙපාර්ශ්වය කැමැත්ත පළ කළේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද උදෑසන ආරම්භ වූයේ ඒ අනුවයි.
2019-02-20T22:22:58.000Z
රාජකාරියේ නිරත රුසියානු සෙබළුන්ට Smartphones භාවිතය තහනම් කෙරේ
රුසියානු සෙබළුන්ට Smartphones භාවිතය තහනම්
රාජකාරියේ නිරත සෙබළුන්ට ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම් කිරීමට රුසියාව පියවර ගෙන තිබේ. රුසියානු පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු නව පනතට අනුව ක්‍රියාන්විතයේ යෙදී සිටින රුසියානු සෙබළෙකුට ස්මාර්ට්ෆෝන් භාවිත කර ඡායාරූප ගැනීම, වීඩියෝ පටිගත කිරීම සහ අන්තර්ජාලයට පිවිසීම තහනම් වනු ඇති. හමුදා සෙබළුන්ට හමුදාව ගැන ලිවීම හෝ මාධ්‍යයට අදහස් පළ කිරීම ද මේ යටතේ තහනම් වේ. 450 දෙනෙකුගෙන් සමන්විත රුසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 400 කට වැඩි පිරිසක් අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දී තිබුණි. නව පනත සම්මතවීමත් සමග දුරකතන ඇමතුම් ගැනීමට සහ කෙටි පණිවුඩ යැවීමට පමණක් හැකි ජංගම දුරකතන භාවිත කිරීමට සෙබළුන්ට අවස්ථාව හිමිවුවත්, ටැබ්ලට් හෝ ලැප්ටොප් පරිගණක භාවිතය ද තහනම් වනු ඇති. සෙබළුන්ගේ සමාජ වෙබ් අඩවි ගිණුම් තුළින් රහසිගත හමුදා ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු මාධ්‍යයට යාම වැලැක්වීම මෙවැනි පනත් කෙටුම්පතක් සම්මත කිරීමේ අරමුණ වේ.
2019-02-20T20:46:13.000Z
වේග සීමා උල්ලංඝණය කරන බස් රථවල ධාවන බලපත්‍ර අහෝසි
වේග සීමා උල්ලංඝණය කරන බස් රථ රියැදුරන්ට දඬුවමක්..
COLOMBO (News 1st) - වේග සීමා උල්ලංඝණය කරමින් ධාවනය වන බස් රථවල ධාවන බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජනක මල්ලිමාරච්චි මහතා ප්‍රකාශ කළේ, අධික වේගය හේතුවෙන් සිදු වන අනතුරු අවම කිරීම එම වැඩපිළිවෙළේ අරමුණ බවයි. පසුගිය 18 වැනි දා ද හලාවත මහවැවදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගියහ. වව්නියාව සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් එම අනතුර සිදු වූයේ රියැදුරුට වේගය පාලනය කරගත නොහැකිවීමෙන් බව මේ වන විටත් අනාවරණය වී අවසන්. ඒ අනූව අපරික්ෂාකාරීව අධික වේගයෙන් ධාවනය වන බස් රථ සම්බන්ධයෙන් වන පැමිණිලි 1955 යන අංකයට දැනුම් දිය හැකි බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ ය.
2019-02-20T19:55:20.000Z
පොලිස්පතිගේ හඬ සාම්පල අධිකරණයට
පොලිස්පතිගේ හඬ සාම්පල අධිකරණයට
COLOMBO (News 1st) - පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ කටහඬ සාම්පල වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබේ. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම වාර්තාව මෙම සතිය ආරම්භයේ අධිකරණයට ඉදිරිපත් කළ බවයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනවාරි මස 14 වැනි දා ප්‍රථමවරට රජයේ රස පරීක්ෂකවරයා හමුවේ පෙනී සිටියේ ය. ඒ, ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව පොලිස්පතිවරයාගේ කටහඩ සාම්පල ලබා ගැනීමට අධිකරණය පසුගිය දා අවසර ලබාදීමත් සමගයි. දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ එම චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනගාරගත ව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් දුරකතන සංවාදවල පොලිස්පතිවරයාගේ කටහඬ තිබේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා පොලිස්පතිවරයා එලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ කටහඬ සාම්පල ලබා දුන් බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2019-02-20T19:38:09.000Z
Update : ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද
Update: ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද
COLOMBO (News 1st) Update: 9.55 A.M ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය තව ත් සුළු මොහොතකින් ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඇරඹීමට නියමිත වේ. ----------------------------------------------------------------------------------------------------------------------------------------- ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද පැවැත්වීමට නියමිත වේ. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ප්‍රධාන තනතුරු 7ක් වෙනුවෙන් 25 දෙනෙකුට නිලවරණය සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාව හිමි ව තිබේ. එහිදී ප්‍රකාශය කිරීමට නියමිත ඡන්ද ගණන 143 ක්. අර්ජුන රණතුංග මහතාගේ පාර්ශ්වයෙන් සභාපති ධූරය සඳහා ජයන්ත ධර්මදාස මහතා නාම යෝජනා භාරදුන් අතර තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් නාම යෝජනා භාරදුන්නේ මොහාන් ද සිල්වා මහතායි. උපසභාපති ධූරයට රණතුංග පාර්ශ්වයෙන් අර්ජුන රණතුංග, කේ. මදිවානන් තරග කරන අතර සුමතිපාල පාර්ශ්වයෙන් රවීන් වික්‍රමරත්න සහ ශම්මි ද සිල්වා තරග වැදීමට සූදානම් වේ. නමුත් සුමතිපාල පාර්ශ්වයේ මොහාන් ද සිල්වාගේ සහ රවීන් වික්‍රමරත්නගේ නාම යෝජනා අභියාචන කමිටුව ප්‍රතික්ෂේප කර ඇත. එම තීරණයට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලා මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණය හමුවට ගිය අතර ඔවුන්ගේ පෙත්සම ඊයේ නැවත සලකා බැලුණි. උපසභාපති හෝ උපලේකම් ධූරයට රවීන් වික්‍රමරත්න මහතාටත් ලේකම් ධූරයට මොහාන් ද සිල්වා මහතාටත් තරග කිරීමට අවස්ථාව ලබාදීමේ එකගතාවයට එහිදී දෙපාර්ශ්වය කැමැත්ත පළ කළේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද උදෑසන 10.30 ට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත වේ.
2019-02-20T19:21:06.000Z
රාජ්‍ය ආයතනවල දූෂණ විමර්ශන කොමිසමේ සහයට පොලිස් කණ්ඩායමක්
රාජ්‍ය ආයතනවල දූෂණ විමර්ශනයට පොලිස් කණ්ඩායමක්
COLOMBO (News 1st) - පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම සිදු කරන මූලික විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් අනියුක්ත කරන්නැයි පොලිස්පතිවරයා වෙත දැනුම්දී තිබේ. එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ සඳහා විශේෂ දක්ෂතා සහිත පොලිස් දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් අනියුක්ත කරන්නැයි දැනුම් දුන් බවයි. අදාළ කණ්ඩායම සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ පත් කළ යුතු වනු ඇත. මේ අතර ජනවාරි 29 වැනි දා සිට මේ දක්වා කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 101 ක්. මේ වන විට අදාළ පැමිණිලි සළකා බැලීම සිදු වනු ඇති. කොමිසමට ලැබෙන පැමිණිලිවලින් බහුතරයක් එහි විෂය පථයට අයත් නොවන ඒවා බව ද එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිසමේ කාර්ය වන්නේ, පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනයවල දූෂණ ක්‍රියා, සාපරාධි විශ්වාසය කඩ කිරීම, දේපොළ සාපරාධි පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා පුළුල් විමර්ශනයකට ලක් කිරීමයි. ඒ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන්, ලේකම්, රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිසන් සභාව, කාමර අංක 210, බ්ලොක් 02 දෙවැනි මහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයට යොමු කළ හැකි වේ. 0112 66 53 82 යන දුරකතන අංකය ඇමතීමෙන් ඒ පිළිබඳව වාචික තොරතුරු ඉදිරිපත් කළ හැකියි. කොමිසමට පැමිණිලි භාර ගැනීම ලබන මාර්තු මස 07 වැනි දායින් අවසන් වනු ඇති.
2019-02-20T18:57:28.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. නීතිඥ සංගමයේ සභාපති පුටුව ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්සට: ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමේ නිලවරණයෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා එහි නව සභාපතිවරයා ලෙස පත් විය. 2. තවමත් මතභේදාත්මක තත්ත්වයක පවතින කෙරවලපිටිය විදුලි බලාගාර ටෙන්ඩර් අර්බුදය: කෙරවලපිටියේ ඉදිකිරීමට යෝජනා වූ මෙගාවොට් 300ක විදුලි බලාගාරය සම්බන්ධ ටෙන්ඩරය පිරිනැමීම තවමත් මතභේදාත්මක තත්ත්වයක පවතී. 3. පාර්ලිමේන්තු සංකීර්ණයට නව විදුලි සෝපාන 10ක් සවි කිරීමට තීරණය කෙරේ: පාර්ලිමේන්තු සංකීර්ණයට නව විදුලි සෝපාන සවි කිරීමට තීරණය කර තිබේ. 4. විලච්චියේ කාන්තාවක් කුරුමිට්ටෙකුගේ ප්‍රහාරයකට ලක් වෙයි: අනුරාධපුර විලච්චිය ඇත්දත්කල්ල ප්‍රදේශයේ සැරිසැරූ අඩි 2ක් පමණ උස කුරුමිට්ටන් වැනි අද්භූත මිනිසෙකු සිදු කළ ප්‍රහාරයකින් කාන්තාවක තුවාල ලබා තිබේ. 5. මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන් පිළිබඳ සෙවීමට කමිටුවක්: මත්ද්‍රව්‍ය භාවිත කරන බවට චෝදනා එල්ල වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සෙවීම සඳහා කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරයි. විදෙස් පුවත් 6. පාකිස්ථාන අගමැති චෝදනා ඉවතදමයි: කිසිදු සාක්ෂියකින් තොරව පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයට පාකිස්ථාන රජය සම්බන්ධ බවට ඉන්දියාව කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. දවසේ සිත්තම...
2019-02-20T11:00:48.000Z
නීතිඥ සංගමයේ සභාපති පුටුව ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්සට
නීතිඥ සංගමයේ සභාපති පුටුව කාලිංග ඉන්දතිස්සට
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමේ නිලවරණයෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා එහි නව සභාපතිවරයා ලෙස පත් විය. ලේකම් ධූරයට පත් වූයේ, නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතායි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 25 වන නිලවරණය මෙයයි. දිවයිනේ සෑම අධිකරණයක්ම නියෝජනය කරමින් අද පෙරවරු 8.00ට පමණ ඇරඹි ඡන්ද විමසීම පස්වරු 5.00ට පමණ අවසන් විය. මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති නීතිඥයින් පිරිස 15806කි. ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස සහ නීතිඥ මහින්ද ලොකුගේ යන මහත්වරුන් මෙවර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරයට තරග වැදුණි. ඉන් සභාපතිවරයා ලෙස පත් වූයේ, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතායි. ලේකම් ධූරය සඳහා තරග වැදි නීතිඥ කෞෂල්‍ය නවරත්න සහ නීතිඥ සමන් වැලිඅංග යන මහත්වරුන් අතරින් එම තනතුරට තේරී පත් වූයේ, කෞෂල්‍ය නවරත්න මහතායි.
2019-02-20T09:12:12.000Z
තවමත් මතභේදාත්මක තත්ත්වයක පවතින කෙරවලපිටිය විදුලි බලාගාර ටෙන්ඩර් අර්බුදය
කෙරවලපිටිය විදුලි බලාගාර ටෙන්ඩර් අර්බුදය
COLOMBO (News 1st) - කෙරවලපිටියේ ඉදිකිරීමට යෝජනා වූ මෙගාවොට් 300ක විදුලි බලාගාරය සම්බන්ධ ටෙන්ඩරය පිරිනැමීම තවමත් මතභේදාත්මක තත්ත්වයක පවතී. ඩීසල් හෝ දැවි තෙල් මගින් ක්‍රියාත්මක කර පසුව ස්වභාවික ද්‍රව වායුවලට පරිවර්තනය කිරීමේ පදනම මත මෙම බලාගාරයට අදාළව ටෙන්ඩර් කැඳවීම සිදු විය. මතභේදාත්මක තත්ත්වයන් රැසක් මත විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ලංකා ට්‍රාන්ස්පෝමර් සමාගමට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි ලක්දනවි සහ වින්ඩ් ෆෝස් නමැති සමාගම් දෙක අවසාන අදියරට තෝරා ගෙන තිබිණි. විවිධ කමිටු හා අභියාචනාවලින් පසුව මෙම බලාගාරය වින්ෆෝස් සමාගමට ලබා දීමට තීරණය කෙරුණත් යළි එය ප්‍රශ්නගත වූයේ, පාර්ශවයක් අධිකරණය හමුවට යාම නිසයි. පසුගියදා අමාත්‍ය රවි කරුණානායක මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම සමාගම් දෙකටම මෙගාවොට් 300 බැගින් බලාගාර දෙකක් ඉදිකිරීමට ඉඩ ලබා දීම සඳහා අනුමැතිය ලබා ගෙන තිබිණි. එහෙත් ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමේ සේවක පිරිසක් අද මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, පළමු බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව වින්ෆෝස් සමාගමට ලබා දී දෙවන බලාගාරය ලක්දනවි සමාගමට ලබා දීම නිවැරදි තීරණයක් නොවන බව ය.
2019-02-20T08:02:48.000Z
පාර්ලිමේන්තු සංකීර්ණයට නව විදුලි සෝපාන 10ක් සවි කිරීමට තීරණය කෙරේ
පාර්ලිමේන්තුවට නව විදුලි සෝපාන සවි කිරීමේ තීරණයක්
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු සංකීර්ණයට නව විදුලි සෝපාන සවි කිරීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් කථානායකවරයාගේ නිවේදනය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නියෝජ්‍ය කථානායකවරයායි. මේ අනුව රුපියල් මිලියන 100ක වියදමින් නව විදුලි සෝපාන 10ක් සවි කිරීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා සඳහන් කළේ ය. අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු යැයි දැනෙන්නේ නම් මෙතරම් මුදලක් වැය කර සෝපාන සවි කිරීම ගැන අපි ප්‍රශ්න නොකරන්නෙමු. නමුත් ජනතාව විමසන්නේ, තම ප්‍රශ්න විසඳීමට මේ තරම් හදිස්සියක් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට ඇත්ද යන්නයි. මහල් තුනක් ගමන් කිරීම සඳහා පඩිපෙළ පවා උපයෝගී කර ගත හැකිව තිබියදී ජනතා ප්‍රශ්න විසඳන වේගයට වඩා වැඩි වේගයෙන් මෙවැනි ප්‍රශ්න විසඳීමට උනන්දු වීම ගැන ජනතාව ප්‍රශ්න කරයි.
2019-02-20T06:49:44.000Z
විලච්චියේ කාන්තාවක් කුරුමිට්ටෙකුගේ ප්‍රහාරයකට ලක් වෙයි
කාන්තාවක කුරුමිට්ටෙකුගේ ප්‍රහාරයකට ලක් වෙයි
COLOMBO (News 1st) - අනුරාධපුර විලච්චිය ඇත්දත්කල්ල ප්‍රදේශයේ සැරිසැරූ අඩි 2ක් පමණ උස කුරුමිට්ටන් වැනි අද්භූත මිනිසෙකු සිදු කළ ප්‍රහාරයකින් කාන්තාවක තුවාල ලබා තිබේ. එම කාන්තාව පවසන්නේ අද උදෑසන එලෙස පහර දීමට ලක් වූ බව ය. ශරීරයෙන් ඉතා කුඩා, මුහුණ විකෘතී ස්වරූපයක් ගත් පුද්ගලයෙකු මෙලෙස පහර දීම සිදු කළ බව ඇය පවසයි. මෙවැනිම පහර දීමකට එම ප්‍රදේශයේ තවත් කාන්තාවක ද මුහුණ දී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. සිද්ධියෙන් තුවාල ලැබූ අදාළ කාන්තාව ප්‍රතිකාර සඳහා විලච්චිය රෝහලට ඇතුළත්ව තිබේ.
2019-02-20T06:17:46.000Z
වෙඩිකන්දේ කසුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
වෙඩිකන්දේ කසුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
COLOMBO (News 1st) - මාකදුරේ මධුෂ්ගේ සහයකයෙකු බව කියන කසුන් ධනංජය නොහොත් වෙඩිකන්දේ කසුන් නමැත්තා ලබන මස 06 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. සැකකරු ලබන 06 වන දා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කිරිබත්ගොඩ වෙඩිකන්ද ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී සැකකරු ඊයේ අත්අඩංගුවට ගැනිණි. මොහු 2018 වසරේ නොවැම්බර් 05 වන දින මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ නිවසකට පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වී නිවෙස් හිමියන්ට ගිනිඅවියකින් පහර දී මැණික් සහ දියමන්ති කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ අයෙකු වේ. එම අවස්ථාවේ මැණික් මිලදී ගැනීමට පැමිණ සිටි විදේශිකයෙකුට අත්විලංගු දා පැහැර ගෙන ගොස් මහරගම ප්‍රදේශයේ දමා පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ද සැකකරුට චෝදනා එල්ල වී තිබේ.
2019-02-20T03:59:58.000Z
මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන් පිළිබඳ සෙවීමට කමිටුවක්
මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීන් සෙවීමට කමිටුවක්
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය භාවිත කරන බවට චෝදනා එල්ල වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සෙවීම සඳහා කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. එම කමිටුව පත් කර ඇත්තේ, සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සභාපතිත්වයෙනි. ඉරාන් වික්‍රමරත්න, නිශ්ශංක නානායක්කාර, ආශු මාරසිංහ යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති. පසුගියදා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කියා සිටියේ, කැබිනට් මණ්ඩලය තුළ කෝකේන් භාවිත කරන අමාත්‍යවරුන් සිටින බව ය.
2019-02-20T01:27:33.000Z
දෙපාර්ශවයේ එකඟතාව මත ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට තීරණය වෙයි
ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට දෙපාර්ශවයේ එකඟතාවක්
COLOMBO (News 1st) : දෙපාර්ශවය අතර ඇති කරගත් එකඟතාව මත පදනම්ව හෙට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට පියවර ගන්නා බව අද අභියාචනාධිකරණය හමුවේ අනාවරණය විය. ඒ, මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහ්තවරුන් නිලවරණයට ඉදිරිපත් කළ නාමයෝජනා පිළිගන්නැයි ක්‍රීඩා අමත්‍යවරයාට නියෝග කරන ලෙස ඉල්ලා අභියචාධිකරණය හුමවේ ගොනුකළ රීට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීයි. එහිදී මේ සම්බන්ධයෙන් සමතයක් ඇති බව දෙපාර්ශවය දැනුම් දුන් අතර මොහාන් ද සිල්වා මහතාට ලේකම් ධුරයටත් රවීන් වික්‍රමරත්න මහතාට උප සභාපති හෝ උප ලෙක්ම් ධුරයට තරග කිරීමටත් අවස්ථා ලබාදීම එම එකඟතාවයි. පෙත්සම අද කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු දීපාලී විජේසුන්දර සහ අර්ජුණ ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.
2019-02-20T00:28:15.000Z
බඳින තුවක්කුවක් පත්තුවී පොලිස් නිලධාරියා රෝහලට
බඳින තුවක්කුවක් පත්තුවී පොලිස් නිලධාරියා රෝහලට
COLOMBO (News 1st) : පුත්තලම, පෙරියකුලම ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු බඳින තුවක්කුවක් ක්‍රියාත්මකවීමෙන් තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ නිලධාරියා තවත් පිරිසක් සමග මෙහෙයුමේ නිරතව සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි. ආණමඩුව පොලීසියේ දූෂණ මර්දන අංශය භාරව සිටින ස්ථානාධිපතිවරයා එලෙස තුවාල ලබා තිබේ. පොලීසිය සැක පළ කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් එම බඳින තුවක්කුව අටවන්නට ඇති බවයි. තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබයි.
2019-02-19T23:49:14.000Z
ඇමති කබීර් ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කොමිසම හමුවට
ඇමති කබීර් ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන කොමිසම හමුවට
COLOMBO (News 1st) : අමාත්‍ය කබීර් හෂීම් මහතා ශ්‍රීලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවාවල අක්‍රමිකතා සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ ය. අද පෙරවරුවේ අමාත්‍යවරයා එහි පැමිණියේ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, කළ දැනුම් දීමකට අනුවයි.
2019-02-19T22:22:21.000Z
මිතුරන් අතර වූ බහින්බස්වීම මරණයකින් කෙළවරයි
මිතුරන් අතර වූ බහින්බස්වීම මරණයකින් කෙළවරයි
COLOMBO (News 1st) : පිටිගල - තල්ගස්පේ, මානානහේන ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ මිතුරන් පිරිසක් සමග ඇතිවූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් පහරදීම සිදුව ඇති බවයි. මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකි. පහරදීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ පුද්ගලයින් 6 දෙනෙකු සිට ඇති බව සඳහන් ය. පොලීසිය සඳහන් කළේ, ඔවුන් සියලුදෙනා බීමතින් සිට ඇති බවයි. ප්‍රදේශයෙන් පලා ගොස් ඇති සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
2019-02-19T21:12:19.000Z
පකිස්ථාන අගමැති චෝදනා ඉවතදමයි
පකිස්ථාන අගමැති චෝදනා ඉවතදමයි
කිසිඳු සාක්ෂියකින් තොරව පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයට පකිස්ථාන රජය සම්බන්ධ බවට ඉන්දියාව කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම , පකිස්ථානය පදනම් කරගිනිමින් බිහිවූ ජයීෂ් ඒ මොහොමඩ් ත්‍රස්ත සංවිධානය පිළිගෙන ඇති පසුබිමකදීයි. එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි පිළිගැනීම පකිස්ථාන ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ පුදුමයට පත්නොවන බව ඉන්දියාව ප්‍රකාශ කළේ ය. ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යැවීමෙන් වැළකී පකිස්ථානයේ සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව දැඩි පියවර ගන්නැයි, පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉන්දීය රජය ඉල්ලීමක් ද කර තිබේ. පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් 40 ට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. මේ අතර පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරය ඉතා කුරිරු ක්‍රියාවක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉන් දෙරටේ මිත්‍රත්වයට ද දැඩි බලපෑමක් විය හැකි බව පවසමිනි.
2019-02-19T20:49:13.000Z
'වෙඩිකන්දේ කසුන්' හඳුනා ගැනීමේ පෙරට්ටුවකට
'වෙඩිකන්දේ කසුන්' හඳුනා ගැනීමේ පෙරට්ටුවකට
COLOMBO (News 1st) : අත්අඩංගුවට ගැණුනු මාකඳුරේ මධුෂ්ගේ සහායකයෙකු බව පැවසෙන කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් නමැත්තා අද හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත ය. ඒ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදීයි. සැකකරු ඊයේ අත්අඩංගුවට ගැණුනේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කිරිබත්ගොඩ වෙඩිකන්ද ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදීයි. ඔහු, පොලිස් නිලධාරීන්ගේ වෙස්ගෙන මහරගම පන්නිපිටියේ නිවසකට ඇතුලු වී නිවැසියන්ට ගිනි අවියකින් පහරදී මැණික් සහ දියමන්ති කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවෙක්. පසුගිය වසරේ නොවැම්බර් 5 වැනිදා වාර්තා වූ එම සිද්ධියේදී මැණික් මිලදී ගැනීමට පැමිණි විදේශිකයෙකුට විලංගු දා පැහැරගෙන ගොස් මහරගම ප්‍රදේශයේ දමා, පළා යාම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වේ. සැකකරු, වෙඩිකන්ද ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඊයේ අත්අඩංගුවට ගැනුණේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන්, මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු සහ දුරකතන වාර්තා විශ්ලේෂණයෙන් ලබාගත් තොරතුරු මතයි.
2019-02-19T20:22:10.000Z
පාර්ලිමේන්තුව 1ට රැස්වෙයි
අද ත් පාර්ලිමේන්තුව 1ට රැස්වෙයි
COLOMBO (News 1st) : අද පාර්ලිමේන්තු සභාවාරය පස්වරු 1.00 ට ආරම්භ වීමට නියමිතව ඇත. පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමට පෙර දහවල් 12.00ට ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. අපනයන පාලන පනත යටතේ නියෝග දෙකක් අද පාර්ලිමේතුවේ දී විවාදයට ගැණෙනු ඇති.
2019-02-19T20:12:03.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) දේශීය පුවත් 1. මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතීන් ගැන ලිඛිතව දැනුම් දෙන්න – කථානායක රන්ජන් රාමනායකට දැනුම් දෙයි : මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ ගැන ලිඛිතව දැනුම් දෙන ලෙස කථානායක කරු ජයසූරිය මහතා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට දැනුම් දී තිබේ. 2. මැණික් හා දියමන්ති කොල්ලයට සම්බන්ධ මාකදුරේ මධුෂ්ගේ තවත් සගයෙක් අත්අඩංගුවට : මාකදුරේ මධුෂ්ගේ සහයකයෙකු බව කියන කසුන් ධනංජය නොහොත්, වෙඩිකන්දේ කසුන් නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. 3.රයිනා දින 7ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර : කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන දිසානායක චනිදු චනිල්ක සංකල්ප නොහොත් රයිනා නමැති සැකකරු දින 7ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ. 4. ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ IP කපිල රක්ෂිත බන්ධනාගාරයට: ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මහතා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. විදෙස් පුවත්... 1. ප්‍රහාර එල්ල කළ හොත්, ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට පකිස්ථාන අගමැතිගෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීම්: ඉන්දියාව ප්‍රහාරයක් එල්ල කළ හොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අනතුරු අඟවයි. ක්‍රීඩා පුවත්... 1. තවත් වේගපන්දු යවන්නෙක් ආබාධයට ලක්වෙයි : දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්නට එම තරගාවලිය අහිමි වී තිබේ.
2019-02-19T20:00:32.000Z
නීතිඥ සංගම් නිලවරණය අද
නීතිඥ සංගම් නිලවරණය අද
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අද පැවැත්වේ. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, 2019 - 2020 වසර සඳහා, නීතිඥ සංගමයට නව සභාපතිවරයෙකු සහ ලේකම්වරයෙකු පත් කර ගැනීම මෙවර නිලවරණයේදී සිදුකෙරෙන බවයි. සෑම දිසා අධිකරණයක්ම ආවරණය වන පරිදි පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා, මධ්‍යස්ථාන 84 කදී අද ඡන්ද විමසීම සිදුකෙරේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2019 - 2020 වර්ෂය සඳහා සභාපතිධූරයට මෙවර තරග කරන්නේ, ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ නීතීඥ මහින්ද ලොකුගේ යන මහත්වරුන් ය. නීතිඥ කෞෂල්‍ය නවරත්න සහ නීතිඥ සමන් වැලිඅංග යන මහත්වරු මෙවර ලේකම්ධූරය සඳහා තරග වදිති. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මෙවර නිලවරණයේ ප‍්‍රධාන තේරීම් භාර නිලධාරියා ලෙස සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කටයුතු කරයි. නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ, කොළඹින් පිටස්තර ඡන්ද මධ්‍යස්ථානවල තේරිම් භාර නිලධාරීන් වශයෙන් ඒ ඒ පළාත්වල දිසා විනිසුරුවරුන් කටයුතු කරන බවයි.
2019-02-19T09:48:04.000Z
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මුදල් ඇමති හමුවෙති
IMF නියෝජිතයෝ මුදල් ඇමති හමුවෙති
(News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ඊයේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හමු වී තිබේ. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අවසන් ණය වාරිකය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. සිලෝන් එෆ්.ටී. පුවත්පත අද වාර්තා කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස මුදල් අමාත්‍යංශයේදී මංගල සමරවීර මහතා හමු වූ බව ය. මෙම හමුවට මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය එස්.එස්. සමරතුංග මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්වූ බව ද එහි සඳහන් ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2016දී ශ්‍රී ලංකාවට අනුමත කළ තුන් අවුරුදු ණය වැඩසටහන යටතේ වාරික 04ක් මේ වන විට ශ්‍රී ලංකාවට හිමිව තිබේ. එහි අවසන් වාරිකය පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතව තිබුණත් එය තාවකාලිකව අත්හිටවූයේ ඒ වන විට රට තුළ මතුව තිබූ දේශපාලන අර්බුදය හේතුවෙනි. කෙසේ වෙතත් පසුගිය ජනවාරි මාසයේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිසක් ජාත්‍යන්තර කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ණය වැඩසටහන යළි සක්‍රීය කිරීමට එකඟතාව පළ විය. එහිදී එකඟ වූ කාරණයක් වූයේ මේ සඳහා විමර්ශනයක් වෙනුවෙන් පෙබරවාරි මාසයේ නියෝජිතයින් පිරිසක් මෙරටට එවීමට ය. ඒ අනුව මෙම හමුව ඊයේ සිදුව ඇති බව සිලෝන් එෆ්.ටී. පුවත්පත වාර්තා කළේ ය. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයෙකු වන යුවාන් ෆැබ්ලෝ මහතා උපුටා දක්වමින් ද අයිලන්ඩ් පුවත්පත අද වාර්තා කර තිබුණේ, ලක් රජය දුප්පත් ජනතාව පිළිබඳව අවධානය යොමු නොකරමින් මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාවට නගා ඇති බව ය. එම තීරණය දැඩි ලෙස විවේචනය කරමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මිල සූත්‍රය ග්‍රාමීය කෘෂි ජනතාව, ධීවරයින් ඇතුළු කාණ්ඩ කිහිපයක දුප්පත් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත් කරන්නක් බව ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මේ දිනවල මෙරට සංචාරයක නිරත වෙද්දී, ලෝක බැංකුවේ උප සභාපති හාර්ට් විග් ශේපර් මහතා දින 03ක සංචාරයක් නිම කරමින් පසුගිය සිකුරාදා මෙරටින් පිටව ගියේ ය. ඔහු සිය සංචාරය අතරතුර ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මහ බැංකු අධිපති ඇතුළු පිරිසක් ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ. මේ අතර යුරෝපා සංගමය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීමට තම සංගමය විරෝධය පළ කරන බව ය. ජී.එස්.පී. ප්ලස් සහනය තවදුරටත් ලබා ගැනීමට නම් මානව සහ කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය වැනි විෂයන්වලට අදාළ සම්මුතීන් 27කට ගරු කරමින් කටයුතු කරන ලෙස යුරෝපා සංගමය අදාළ නිවේදනයෙන් දන්වා සිටියේ ය.
2019-02-19T09:24:17.000Z
ප්‍රහාර එල්ල කළ හොත්, ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට පකිස්ථාන අගමැතිගෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීම්
පකිස්ථාන අගමැතිගෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීම්
(News 1st) -ඉන්දියාව ප්‍රහාරයක් එල්ල කළ හොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අනතුරු අඟවයි. ඔහු මෙම අනතුරු ඇඟවීම කළේ, තම අසල්වැසියන් ත්‍රස්තවාදයට උපකාර කරන බවත් ඊට ප්‍රතිචාර දැක්විය යුතු බවටත් පසුගිය සිකුරාදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි. පසුගිය බ්‍රහස්පතින්දා කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේදී ඉන්දීය හමුදා සෙබළුන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ඉන්දු - පකිස්ථාන සබඳතා මෙලෙස පළුදු වෙමින් තිබේ. ඉන්දු, කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේ පසුගිය 14 වන බ්‍රහස්පතින්දා හමුදා ට්‍රක් රථයක් ඉලක්ක කර මොටර් රථයකින් පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවෝ ප්‍රහාරයක් එල්ල කළහ. මෙම ප්‍රහාරයේ වගකීම පකිස්ථානයේ සිට ක්‍රියාත්මක ජායිස් ඊ මොහොමද් නමැති සටන්කාමී සංවිධානයක් භාර ගත්තේ ය. පැය 12ක ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව ඉන්දීය ආරක්ෂක හමුදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන ගාෂි රෂීඩ් නොහොත් කම්රන් නමැත්තෙකු ඝාතනය කළ බව නිවේදනය කළේ ය. පසුගිය සිකුරාදා ජන රැළියක් අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අනතුරු ඇඟවූයේ, ජාත්‍යන්තරයෙන් කොන්වී සිටින තම අසල්වැසියා ත්‍රස්තවාදය යොදා ගනිමින් රට අස්ථාවර කිරීමට උත්සහ දරණ බව ය. 15-02-2019 නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍ය "මෙවැනි ප්‍රහාරවලින් ඉන්දියාව දුර්වල කරන්න ඉඩක් නැහැ. මීට වගකිව යුත්තන්ට විශාල වන්දියක් ගෙවන්න වෙයි. ත්‍රස්තවාදය මර්දනයට ආරක්ෂක හමුදාවට පූර්ණ නිදහස ලබා දෙනවා. ජනතාවගේ ලේ රත් වෙනවා. මේ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින බලවේගයට අනිවාර්යෙන්ම දඬුවම් ලබා දෙනවා. ජාත්‍යන්තරයේ හුදෙකලා වී සිටින අසල්වැසි රට මෙවැනි ත්‍රස්ත ප්‍රහාරවලින් අප අස්ථාවර කළ හැකි යැයි සිතනවා නම් ඔවුන්ගේ සැලසුම් යථාර්ථයක් වන්නේ නැහැ." ඉන්දියාව නගන චෝදනාවලට පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද ලබා දුන්නේ දැඩි පිළිතුරකි. ත්‍රස්තවාදයට උපකාර කරන බවට නගන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළේ ය. 19-02-2019 ඉම්රාන් ඛාන් පකිස්ථාන අග්‍රාමාත්‍ය "අනවශ්‍ය පීඩනයක් ඇති කරන්න අවශ්‍ය නැහැ. තහවුරු කළ හැකි සාධක තිබෙනවා නම් පෙන්වන්න. මම සහතික වෙනවා මා මැදිහත්වී වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා බවට. ත්‍රස්තවාදය කියන්නේ පකිස්ථානයෙත් සතුරෙක්. ඉන්දියාවට ත්‍රස්තවාදය ගැන කථා කරන්න අවශ්‍ය නම් අපිත් සූදානම් ඒ ගැන කථා කරන්න. පකිස්ථානයටත් ත්‍රස්තවාදය දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා. ඉන්දීය දේශපාලනඥයින් පකිස්ථානයට පාඩමක් උගන්වන්න හිතනවා නම් කොහොමද ඒ ගැන ඒකපාර්ශවිකව තීන්දු කරන්නේ. අපි දන්නවා මේ ඉන්දියාවේ මැතිවරණ කාල සීමාව. අපි දන්නවා ඔබට ඡන්ද වැඩි කර ගන්න ඕනේ. පකිස්ථානය ප්‍රතිප්‍රහාර එල්ල කරන්න හිතන්නේ නැහැ. ප්‍රතිප්‍රහාර එල්ල කරනවා." ලබන මැයි මාසයේ ඉන්දීය මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පසුව අගමැති නරේන්ද්‍ර මෝදි දැඩි පීඩනයකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. අගමැතිවරයා ත්‍රස්තවාදයට එරෙහිව ශක්තිමත්ව හා දැඩිව ප්‍රතිචාර දැක්වීමට හමුදාවට පූර්ණ නිදහස ලබා දී ඇත්තේ මේ පීඩනය හමුවේ ය. මේ අතර කාශ්මීරයේ ඉන්දීය හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් කේ.ජේ.එස්. ඩිලෝන් අද අනතුරු අඟවා සිටියේ තම පුතුන් සටන්කාමීන් නම් ඔවුන්ට වහා යටත් වන ලෙස මව්වරුන්ට දන්වන බව ය. එසේ යටත් නොවන්නේ නම් ඔවුන් මිය ගියාසේ සලකන ලෙස ඉන්දීය හමුදා ප්‍රධානියා පවසයි. මේ අතර පකිස්ථානයේ සංචාරය අවසන් කර සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අද ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණියේ ය. ඔහු එහිදී කියා සිටියේ, ඉන්දු - පකිස්ථාන මතභේද සමථයකට පත් කිරීම සඳහා තමන් සහය වන බව ය. සෞදි ආරබි කුමරා පකිස්ථාන සංචාරයේදී අමෙරිකානු ඩොලර් බිලියන 20ක වෙළෙඳ ගිවිසුම්වලට අත්සන් කළේ ය.
2019-02-19T08:59:52.000Z
මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතීන් ගැන ලිඛිතව දැනුම් දෙන්න - කථානායක රන්ජන් රාමනායකට දැනුම් දෙයි
මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමතීන්ගේ නම් කථානායක ඉල්ලයි
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ ගැන ලිඛිතව දැනුම් දෙන ලෙස කථානායක කරු ජයසූරිය මහතා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට දැනුම් දී තිබේ. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, රන්ජන් රාමනායක මහතා මේ බව කථානායකවරයාට ඊයේ දුරකතනයෙන් දැනුම් දී ඇති නමුත් එය දුරකතනයෙන් නොව ලිඛිතව ලබා දෙන්නැයි කථානායකවරයා දැනුම් දී ඇති බව ය. එවැනි ලිඛිත පැමිණිල්ලක් ලැබුණහොත් පක්‍ෂ නායකයින් සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීමට කථානායකවරයා සූදානම් බව ද පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ ය.
2019-02-19T05:58:23.000Z
මැණික් හා දියමන්ති කොල්ලයට සම්බන්ධ මාකදුරේ මධුෂ්ගේ තවත් සගයෙක් අත්අඩංගුවට
මාකදුරේ මධුෂ්ගේ තවත් සගයෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - මාකදුරේ මධුෂ්ගේ සහයකයෙකු බව කියන කසුන් ධනංජය නොහොත්, වෙඩිකන්දේ කසුන් නමැත්තා අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කිරිබත්ගොඩ වෙඩිකන්ද ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ය. පොලීසිය සඳහන් කළේ, මොහු 2018 වසරේ නොවැම්බර් 05 වන දින මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ නිවසකට පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වී නිවෙස් හිමියන්ට ගිනිඅවියකින් පහර දී මැණික් සහ දියමන්ති කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ බව ය. එම අවස්ථාවේ මැණික් මිලදී ගැනීමට පැමිණ සිටි විදේශිකයෙකුට අත්විලංගු දා පැහැරගෙන ගොස් මහරගම ප්‍රදේශයේ දමා පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ද සැකකරුට චෝදනා එල්ල වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි වෙඩිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සිද්ධි සම්බන්ධයෙන් මීට පෙර ද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත හා දුරකතන වාර්තා විශ්ලේෂණය කිරීමෙන් ලබා ගත් තොරතුරු මත වෙඩිකන්දේ කසුන් නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු හෙට හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2019-02-19T05:39:53.000Z
රයිනා දින 7ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර
රයිනා රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර
COLOMBO (News 1st) - කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන දිසානායක චනිදු චනිල්ක සංකල්ප නොහොත් රයිනා නමැති සැකකරු දින 7ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ. ඒ, සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. කෙසෙල්වත්ත වේල්ලවීදිය ප්‍රදේශයේදී පෙරේදා සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට මෙම සැකකරු අත්අඩංගුවට පත් විය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙසෙල්වත්ත දිනුක නමැත්තාගේ ප්‍රධාන සහයකයෙකු බව ය. සැකකරු කෙසෙල්වත්ත දිනුකගේ මූල්‍යමය කටයුතු ආදිය පවත්වාගෙන ගිය ප්‍රධාන සහයකයා බවට ද අනාවරණය වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4ක් පමණ සහ කඩුවක් ද විශේෂ කාර්ය බලකා භාරයට ගැනිණි. 24 හැවිරිදි සැකකරු සූරියමල්පුර කුමාරදොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2019-02-19T01:30:30.000Z
තවත් වේගපන්දු යවන්නෙක් ආබාධයට ලක්වෙයි
තවත් වේගපන්දු යවන්නෙක් ආබාධයට ලක්වෙයි
COLOMBO (News 1st) : දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්නට එම තරගාවලිය අහිමි වී තිබේ. ඒ ඔහු අබාධයකට ලක්වීම හේතුවෙනි. ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් වන ළහිරු කුමාර සහා දුෂ්මන්ත චමීරගේ ආබාධ තත්ත්වය හේතුවෙන් චාමික කරුණාරත්නට ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා අවස්ථාව හිමි විය. කැන්බරාහිදී තම පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළ චාමික කරුණාරත්න එහිදී දවා ගැනීමට හැකිවූයේ එක් කඩුල්ලක් පමණි. කෙසේ හෝ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා අවස්ථාව හිමිකර ගත් චාමික කරුණාරත්නට දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිනොවී ය. දෙවන ටෙස්ට් තරගය සඳහා පුහුණුවීම් අතරතුර චාමික කරුණාරත්නගේ කළව ප්‍රදේශයේ මාංශපේශී ඇදීමකට ලක්වීම හේතුවෙන් ඔහුට පෝර්ට් එළිසබෙත් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වී තිබේ. ඒ හේතුවෙන් ඔහු යළි දිවයිට පැමිණෙන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කළේ ය. චාමික කරුණාරත්න වෙනුවෙට දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ.
2019-02-19T01:21:27.000Z
සුපිරි සඳක් දැකබලා ගැනීමේ අවස්ථාව අද
සුපිරි සඳක් දැකබලා ගැනීමේ අවස්ථාව අද
COLOMBO (News 1st) : අද මෙරට ජනතාවට සුපිරි සඳක් දැකබලා ගැනීමේ අවස්ථාව හිමිවන බව තාරකා විද්‍යාඥයෝ පවසති. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ අද දිනයේ සඳ වෙනත් දිනවලට සාපේක්ෂව 6% ක් විශාලත්වයෙන් හා 14% ක් දීප්තියෙන් දිස්වන බවයි. ලබන 14 වැනිදා ඉතාම කුඩා හඳක් බලා ගැනීමේ අවස්ථාව ද මෙරට ජනතාවට හිමිවන බව මහාචාර්යවරයා පැවසී ය.
2019-02-19T00:44:48.000Z
ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ IP කපිල රක්ෂිත බන්ධනාගාරයට
ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ IP කපිල රිමාන්ඩ්
COLOMBO (News 1st) : ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මහතා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ සැකකාර පොලිස් පරීක්ෂකවරයා ගාල්ල මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. රත්ගම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මහතා අත්අඩංගුවට ගනු ලැබී ය. ඒ, අදාළ පුද්ගලයින් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව මතයි. පොලිස්පතිවරයාගේ නියෝග මත පසුගිය 13 වන දා මෙම පුද්ගලයින් දෙදෙනාගේ අතුරුදන් වීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබී ය.
2019-02-19T00:00:19.000Z
උප්පැන්න සහතිකය අලුත් වෙයි
උප්පැන්න සහතිකය අලුත් වෙයි
COLOMBO (News 1st) : ජාත්‍යන්තර ප්‍රමිතියට යටත්ව භාෂා ත‍්‍රිත්වයම ඇතුළත් වන පරිදි උප්පැන්න සහතික නිකුත් කිරීමට රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. රෙජිස්ට‍්‍රාර් ජනරාල් චතුර විතාන මහතා ප්‍රකාශ කළේ, එම කටයුතු ලබන අප්‍රේල් මාසය තුළ ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවයි. නිකුත් කීරිමට නියමිත නව උප්පැන්න සහතිකය විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව නිකුත් වනු ඇති.
2019-02-18T22:52:41.000Z
තරුණ යුවළක් වැවක ගිලී මියයයි
තරුණ යුවළක් වැවක ගිලී මියයයි
COLOMBO (News 1st) : නවගත්තේගම ප්‍රදේශයේ වැවක ගිලීමෙන් තරුණ යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මරණයට පත්ව ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු සහ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණියකි. ඔවුන් දෙදෙනා දෙමව්පිය විරෝධය මැද විවාහ වී නවගත්තේගම ප්‍රදේශයේ පදිංචියට ගොස් සිට තිබේ. ඊයේ පස්වරුවේ තරුණිය වැවේ වළකට වැටීමේන් පසුව ඇය බේරා ගැනීමට තරුණයා ගිය අවස්ථාවේ දෙදෙනාම දියේ ගිලී මරණයට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

Dataset Card for "news_first_dataset"

More Information needed

Downloads last month
4
Edit dataset card