date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2019-02-11T02:07:33.000Z
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිද
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්මානය දිනා ගත්තේ සුපිරි පොප් ගායිකා අරියානා ග්‍රාන්ඩේ ය. ස්වීට්නර් නමැති ගීත ඇල්බමය වෙනුවෙන් හිමි වූ මෙය, ඇය දිනාගත් ප්‍රථම ග්‍රැමී සම්මානයයි. මෙවර ග්‍රැමී සම්මාන උළෙලේ රූප මාධ්‍ය වෙනුවෙන් රචිත හොඳම ගීතයට හිමි සම්මානය දිනාගත්තේ සුපිරි පොප් ගායිකා ලේඩි ගාගා ය. ඒ, - අ ස්ටාර් ඉස් බෝර්න් - චිත්‍රපටයේ ඇතුළත් ශැලෝ ගීතය සඳහායි. රූප මාධ්‍ය සඳහා රචිත හොඳම ගීතයට සහ යුවලක් එක්ව ගායනා කළ හොඳම පොප් ගීතයට හිමි සම්මාන දෙකම එම ගීතයට හිමිවීම විශේෂත්වයකි. හොඳම පොප් ගීතයට හිමි සම්මානය දිනාගැනීමට ද ලේඩි ගාගා සමත් වු අතර එය හිමිවූයේ - ජොඈන්- ගීතය වෙනුවෙනි. මෙවර ග්‍රැමී සම්මාන උළෙලේ හොඳ ම ගීත ඇතුළත් රූප මාධ්‍යයට හිමි සම්මානය ද ග්‍රේටස්ට් ශෝ මෑන් චිත්‍රපටයට හිමිවිය. වසරේ ගීතය , හොඳ ම සංගීත වීඩියෝව මෙන්ම හොඳ ම රැප් ගීත ඉදිරිපත් කිරීමට හිමි සම්මාන දිනාගත්තේ - දිස් ඊස් අමෙරිකා - ගීතය වෙනුවෙන් චයිල්ඩිෂ් ගැම්බිනෝ ය. හොඳ ම රොක් ඇල්බමයට හිමි සම්මානය ෆ්‍රොම් ද ෆයර්ස් වෙනුවෙන් ග්‍රේටා වෑන් ෆ්ලීට් දිනාගත්තේ ය. හොඳම රොක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් සම්මානය හිමිවුයේ වෙන් බෑඩ් ඩස් ගුඩ් ගීතය වෙනුවෙන්, අභාවප්‍රාප්ත ක්‍රිස් කෝනෙල්ටයි. හොඳ ම මෙට්ල් සංගීත ඉදිරිපත් කිරීමට හිමි සම්මානය ඉලෙක්ට්‍රික් මෙසියා ඇල්බමය වෙනුවෙන් හයි ඔන් ෆයර් හිමිකරගත්තේ ය. මෙවර ප්‍රථම වරට ග්‍රැමී සම්මානයක් දිනාගැනීමට සුපිරි පොප් ගායිකා දුවා ලීපා සමත් විය. ඒ , හොඳම නර්තන පටිගත කිරීම වෙනුවෙනි. හිටපු අමෙරිකානු ජනාධිපති ආර්යා මිචෙල් ඔබාමා , ග්‍රැමී සම්මාන උළෙලේ කාන්තාවන් සවිබලගැන්වීමේ පණිවුඩයක් ඉදිරිපත් කළේ ය. ඒ සම්මාන උළෙලේ නිවේදන කටයුතු සිදුකළ ඇලීෂියා කීස් , ලේඩි ගාගා , ජෙනිෆර් ලෝපේස් සහ ජාඩා පින්කට් ස්මිත් වැනි සුපිරි තරු සමඟින්. කෙසේ වෙතත්, ටේලර් ස්ෆිට්, වැනි සුපිරි තරු රැසක් මෙවර ග්‍රැමී සම්මාන උළෙලට සහභාගි නොවීම කැපී පෙනිණ.
2019-02-11T00:46:38.000Z
ගෝඨාභයගේ විරෝධතාව විශේෂ මහාධිකරණය ඉවත දමයි
ගෝඨාභයගේ විරෝධතාව විශේෂ මහාධිකරණය ඉවත දමයි
COLOMBO (News 1st) : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කර අවසන් කිරීමට විශේෂ මහාධිකරණයට නීතිමය බලයක් නොමැති බව පෙන්වා දෙමින් ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥයින් ගොනු කළ විරෝධතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය. ඒ, විත්තියේ නීතිඥයින් ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධයෙන් තීන්දුව අද ප්‍රකාශයට පත්කරමිනි. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදී රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. https://www.youtube.com/watch?v=vk7x4iUoFLk
2019-02-10T23:03:11.000Z
'සුදු හකුරු සුමිත්'ගේ ඝාතකයින් තවමත් නිදැල්ලේ
'සුදු හකුරු සුමිත්'ගේ ඝාතකයින් තවමත් නිදැල්ලේ
COLOMBO (News 1st) : තණමල්විල ප්‍රදේශයේදී ඊයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් යොමු කර තිබේ. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීම සිදුකරන ආකාරය දැක්වෙන CCTV දර්ශන උපයෝගී කර ගනිමින් විමර්ශන ක්‍රියාත්මක බවයි. තණමල්විල ප්‍රදේශයේදී ඊයේ දහවල් 12.20 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් 'සුදු හකුරු සුමිත්' හෙවත් වසන්ත නමැති 42 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තවත් 22 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලැබූහ. යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයින් 4 දෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබූ අතර පොලීසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයා මීට මාස 6 කට පමණ පෙර සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් හඳුනා ගෙන සිටි ප්‍රධාන සැකකරුවෙකු බවයි. https://www.youtube.com/watch?v=S_AsXRw9Z7k
2019-02-10T22:35:28.000Z
ට්‍රම්ප්ගේ දේශ සීමා පවුරේ සාකච්ඡා යළි අසාර්ථකයි
ට්‍රම්ප්ගේ දේශ සීමා පවුරේ සාකච්ඡා යළි අසාර්ථකයි
COLOMBO (News 1st) : මෙක්සිකෝව අමෙරිකාවෙන් වෙන්කර ඉදිකිරීමට නියමිත පවුරට අයවැයෙන් ආධාර වෙන්කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ජා යළිත් වරක් අසාර්ථක වී තිබේ. ඒ , ඩිමොක්‍රැටික් සහ රිපබ්ලිකන් පාක්ෂික මන්ත්‍රීවරුන් අතර අනවසර සංක්‍රමණිකයන් රැඳවුම් කඳවුරුවල තබාගැනීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මතගැටුමක් හටගැනීම හමුවේයි. මේ හේතුවෙන් අමෙරිකානු රජය යළිත් වරක් අර්ධ වශයෙන් අක්‍රිය භාවයට පත්වීමේ අවදානමක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් අද දින එකඟතාවයකට පැමිණිය හැකි වනු ඇතැයි අමෙරිකානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපේක්ෂා කර තිබිණ. දින 35 ක් පුරා පැවති දීර්ඝතම රජය අර්ධ වශයෙන් අක්‍රිය වූ කාලසීමාව අවසන් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා සති තුනක කාලයකට ෆෙඩරල් රජයට ආධාර අනුමත කළ අතර එම කාල සීමාව ලබන සිකුරාදායින් අවසන් වීමට නියමිතයි.
2019-02-10T22:05:29.000Z
ලීග් රග්බි තරගාවලියෙන් නාවික හමුදා කණ්ඩායමට තියුණු ජයක්
ලීග් රග්බි තරගාවලියේ ජය නාවික හමුදාවට
COLOMBO (News 1st) : අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදා කණ්ඩායම සමග පැවැති තරගයෙන් නාවික හමුදා කණ්ඩායම තියුණු ජයක් වාර්තා කළේ ය. වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරග ආරම්භයේදී ගුවන් හමුදා කණ්ඩායම ඉදිරියෙන් පසුවිය. ඔවුන් එම අර්ධයේදී ලකුණු 6ක් රැස් කළ අතර නාවික හමුදා කණ්ඩායමට එම අර්ධයේදී රැස් කළ හැකි වූයේ, ලකුණු 5ක් පමණි. කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී නාවික හමුදා ක්‍රීඩකයෝ දක්ෂතා අතරට පිවිසියහ. ඔවුන් එම අර්ධයේදී තවත් ලකුණු 13ක් රැස් කළ අතර ගුවන් හමුදාව රැස් කිරීමට හැකි වූයේ ලකුණු 11ක් පමණි. ඒ අනුව ලකුණු 18ට 17ක් ලෙස නාවික හමුදා කණ්ඩායම තරගය ජය ගත්තේ ය. නාවික හමුදාව රැස් කළ ලකුණු 18ට උත්සාහක දිනුම් 3ක් සහ ප්‍රවර්ථනයක් ඇතුළත් විය.
2019-02-10T20:32:48.000Z
"විදුලි සෝපානය අක්‍රියවීම කඩාකප්පල් ක්‍රියාවක් නොවෙයි"
විදුලි සෝපානය අක්‍රියවීම ගැන තවදුරටත් විමර්ශන
COLOMBO (News 1st) : පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් හදිසියේ අක්‍රීය වීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, විදුලි සෝපානය හදිසියේ අක්‍රීය වීමට සම්බන්ධයෙන්, තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. තව ද විදුලි සෝපානය අක්‍රීය වූ බව දැනුම් දීමට ඇති සීනුව ක්‍රියාත්මක නොවීම ගැන විධිමත් පරීක්ෂණයක් ද, සිදුවන බව ද වේත්‍රධාරී වැඩිදුරටත් පැවසී ය. ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති විදුලි සෝපාන 9 ම ආවරණය වන පරිදි මෙම පරීක්ෂණය ක්‍රියාත්මකයි. අදාළ පරික්ෂණයේ අවසන් වාර්තාව මේ සතිය තුළ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාරදීමට නියමිතයි. පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා සඳහන් කළේ, පරීක්ෂණ අවසන් වනතුරු විදුලි සෝපානය භාවිත කර වරකට යා හැකි පුද්ගලයින් සංඛ්‍යාව 6 දක්වා අඩු කිරීමට, පියවර ගත් බවයි. පසුගිය 7 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී විදුලි සෝපනායක් අක්‍රීය වීමෙන්, මන්ත්‍රීවරු 12 දෙනෙක් එහි සිරවී සිටියහ. පාර්ලිමේන්තු පාලනාධීකාරිය පැවසුවේ, ඒ පිළිබඳ මන්ත්‍රීවරුන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවයි. මෙම විදුලි සෝපාන වසර 35කට අධික කාලයක් පැරණි බව පාර්ලිමේන්තු පාලනාධිකාරිය ප්‍රකාශ කළේ ය.
2019-02-10T20:10:05.000Z
එල්ලුම් ගහේ කටයුතු කඩිනම් වෙයි
එල්ලුම් ගහේ කටයුතු කඩිනම් වෙයි
COLOMBO (News 1st) : එල්ලුම් ගහ සඳහා භාවිත කිරීමට නියමිත කඹය ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය වෙත යොමු කර තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2015 වසරේදී පාකිස්ථානයෙන් ගෙන්වා ඇති එම කඹය මරණ දඬුවම ලබාදීම සඳහා යොදා ගැනීමට සුදුසු ද යන්න පරීක්ෂා කරීම සඳහා එලෙස ප්‍රමිති කාර්යංශයට යොමු කළ බවයි. එම කඹයේ ප්‍රමිතියෙහි කිසියම් ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වුවහොත් සුදුසු තත්ත්වයේ කඹයක් ඉතා කඩිනමින් විදේශීය රටකින් මිලදී ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ය. මේ අතර අලුගෝසු තනතුර සඳහා බඳවා ගැනීමේ අයදුම්පත් අද සිට කැඳවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මරණ දඬුවම නියම වි සිටින දරුණු ගණයේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගන්නා ක්‍රියාමාර්ගවලට පහසුකම් සැලසීම මෙහි අරමුණ බවයි. ඒ අනුව ලබන 25 වනදා තෙක් අලුගෝසු තනතුර සඳහා අයදුම්පත් ඉදිරිපත් යොමු කළ හැකියි. මේ අතර එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට අදාළ වෙනත් උපකරණ ලබා ගැනීමේ කටයුතු ද, මේ වන විට ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට අදාළව අවශ්‍ය පහසුකම් කඩිනමින් සම්පාදනය කරන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය කළ දැනුම් දීමකට අනුව මෙම පියවර ගත් බවයි. මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ රැඳවියන්ගේ නම් ලැයිස්තුව ජනවාරි 25 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දෙනු ලැබී ය. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ, නීතිපතිවරයාගේ නිර්දේශය සහිතව එම ලැයිස්තුව භාරදුන් බවයි. එම ලැයිස්තුවට අනුව මරණ දඬුවම නියම වී ඇති රැඳවියන් සංඛ්‍යාව 17කි.
2019-02-10T19:50:51.000Z
වෙනස් වන තෙල් මිල ගණන් අද ප්‍රකාශට පත් කෙරේ
වෙනස් වන තෙල් මිල ගණන් අද ප්‍රකාශට පත් කෙරේ
COLOMBO (News 1st) : ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සුත්‍රයට අනුව නවතම ඉන්ධන මිල ගණන් අද ප්‍රකාශයට පත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාශය සඳහන් කළේ, මිල සුත්‍රයට අදාළ කමිටුව අද පස්වරුවේ රැස්වන බවයි. ජනවාරි මාසයේ ඉන්ධන මිල පහළ දැමු අවස්ථාව වන විට ද සිංගප්පුරු බ්‍රෙන්ට් වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල ගණන් ඉහළ ගොස් තිබු බව මුදල් අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සදහන් කලේ, ඒ අනුව, ඩොලර් 10ත් 15ත් අතර, ප්‍රමාණයකින් මේ වන විට ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව, බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 62.10ක් ලෙස සටහන් වේ. ඉන්ධන මිල සුත්‍රයට අනුව පසුගිය මාසයේදී ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2 කින් පහළ දැමුණු අතර, ඩිසල් ලීටරයක මිල රු. 2 කින් හා සුපිරි ඩිසල් ලීටරයක් රු. 3 කින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගත්තේ ය.
2019-02-10T19:16:27.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත්... 1. කුඩු සමග ඇල්ලූ ‘සිරිගම්පොළ ඕලූමරා’ රිමාන්ඩ් : හෙරොයින් සමග අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශානක මධුශංක හෙවත් සිරිගම්පොළ ඕලූමරා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 2. මධුෂ්ගේ තවත් ගෝලයෙක් සූරියවැවේදී අත්අඩංගුවට : මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු සූරියවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 3. මධුෂ්ට රට පනින්න සහය දුන් ‘ශිවා’ සොයා විමර්ශන: ඩුබාහිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ට විදේශගත වීමට සහය දුන් බව කියන ‘ශිවා’ නමැති සැකකරුවෙකු සොයා විමර්ශන ආරම්භ කර තිබේ. 4. මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අන්දරේවත්තේ චාමර ග්‍රෑන්ඩ්පාස්වලදී STF අත්අඩංගුවට : මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අන්දරේවත්තේ චාමර නැමැත්තා අද අලුයම ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ. 5. නීති විරෝධි මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්: යම් ප්‍රදේශයක නීති විරෝධි මත්පැන් තිබී හමුවුවහොත් එහි වගකීම අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා සහ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා භාරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි 6. ‘සුදු හකුරු සුමිත්’ වෙඩි තබා ඝාතනය කෙරේ : තණමල්විල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලැබී ය. විදෙස් පුවත්.... 1. එළිසබෙත් වොරන් සිය මැතිවරණ සටන අරඹයි : ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා එළිසබෙත් වොරන්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි සිය මැතිවරණ ව්‍යාපාරය එළිදක්වා තිබේ. ඇය, 2020 අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රබල අපේක්ෂිකාවකි. ක්‍රීඩා පුවත්.... 1. ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන චාරිකාව සාර්ථකව අවසන් : මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම වෙනුවෙන් රූපවාහිනි නාලිකාවක් විසින් සංවිධානය කරනු ලබන ස්පෝර්ට්ස් ෆස්ට් – අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලෙහි ප්‍රවර්ධන චාරිකාව නුගේගොඩ අනුලා විද්‍යාලයේදී අද නිමාවට පත් විය.
2019-02-10T09:40:17.000Z
ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන චාරිකාව සාර්ථකව අවසන්
ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන චාරිකාව සාර්ථකව අවසන්
COLOMBO (News 1st): මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම වෙනුවෙන් රූපවාහිනි නාලිකාවක් විසින් සංවිධානය කරනු ලබන ස්පෝර්ට්ස් ෆස්ට් - අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලෙහි ප්‍රවර්ධන චාරිකාව නුගේගොඩ අනුලා විද්‍යාලයේදී අද නිමාවට පත් විය. 2017 දෙසැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා ස්පොට්ස් ෆස්ට් අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙල පැවැත්වේ. ප්‍රධාන සම්මාන 20 ක් ඇගයීම් පදක්කම් 10 ක් මෙවර පිරිනැමෙන අතර ක්‍රීඩකයෙකුට ජිවීතයේ එක් වරක් පමණක් හිමිවන සුවිශේෂි ප්ලැටිනම් සම්මානය ද සූදානම්ව පවතී. මාර්තු 29 වැනිදා සම්මාන උළෙල පැවැත්වෙන්නේ රත්මලානේ ස්ටයින් මැදිරි සංකීර්ණයේදීයි. ඉකුත් ජනවාරි 16 වැනිදා සිට දින 26 ක් දිස්ත්‍රික්ක 25 ක් ආවරණය වන පරිදි සිදු කෙරුණු ප්‍රවර්ධන චාරිකාව අද පෙරවරුවේ නුගේගොඩ අනුලා විද්‍යාලයට පැමිණියේ ය. විදුහල්පතිනි ජයනි ප්‍රිශංගිකා, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ අතුල විජේවර්ධන , සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් , ආලියාන්ස් ආයතනයේ සහකාර සමාන්‍යාධිකාරි (විකුණුම්) ජයනාත් අල්විස් යන මහත්ම මහත්මීන් මෙන්ම ප්‍රදේශයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. දින 26 ක් මහජනතාව අතර සැරිසැරූ අපේක්ෂාවේ ගිනිසිළුව අද සිමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතාට සහ අලියාන්ස් ආයතනයේ සහකාර සමාන්‍යාධිකාරී ඩිල්ශාන් රොද්‍රිගු මහතාට ලබාදුන්නේ ප්‍රවර්ධන චාරිකාව නිල වශයෙන් අවසන් කරමිනි. වසරේ දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව මෙන්ම වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව වෙනුවෙන්ද ප්ලැටිනම් සම්මාන පිරිනැමීමට නියමිතව තිබේ. වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් ප්ලැටිනම් සම්මානය පිරිනැමෙන්නේ ක්‍රීඩාලෝලින්ගේ එස්.එම්.එස්. මනාපය අනුවයි. තෙවැනි වරට පැවැත්වෙන ස්පෝර්ට්ස් ෆස්ට් - අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලට ඉදිරිපත් වන අයදුම්පත් ඇගයීමට ලක් කරන්නේ කිෂූ ගෝමස්, දමයන්ති දර්ශා, ශ්‍රියාණි කුලවංශ, ජුලියන් බෝලිං, මහාචාර්ය අර්ජුන ද සිල්වා, ඩිල්රෝයි ප්‍රනාන්දු සහ රුවන් කෑරගල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ජූරියක් මගිනි. https://www.youtube.com/watch?v=PaTdlG7MkAg
2019-02-10T07:25:19.000Z
කුඩු සමග ඇල්ලූ 'සිරිගම්පොළ ඕලූමරා' රිමාන්ඩ්
කුඩු සමග ඇල්ලූ 'සිරිගම්පොළ ඕලූමරා' රිමාන්ඩ්
COLOMBO (News 1st) : හෙරොයින් සමග අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශානක මධුශංක හෙවත් සිරිගම්පොළ ඕලූමරා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඔහු සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් 11 දෙනා ඇප මත මුදා හැර තිබේ. හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 300 ක් සමග ඊයේ රාත්‍රී මොවුන් අත්අඩංගුවට ගැනුණේ, වෙන්නප්පුව, කිරිමැටියානවත්ත, ලුණුවිල පිහිටි ඔහුගේ නිවසකදීයි. පොලීසිය වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුගෙන් හෙරොයින් මිලදී ගැනීමට පැමිණ සිටි කාන්තාවක ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු ද අත්අඩංගුවට ගැනිණ.
2019-02-10T06:40:33.000Z
මධුෂ්ගේ තවත් ගෝලයෙක් සූරියවැවේදී අත්අඩංගුවට
මධුෂ්ගේ තවත් ගෝලයෙක් සූරියවැවේදී අත්අඩංගුවට
COLOMBO (News 1st) : මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු සූරියවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ කළ වැටලීමකදීයි. 23 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
2019-02-10T05:21:12.000Z
දුම්වැටි සමග කටුනායකදී 5දෙනෙක් රේගු දැලේ
දුම්වැටි සමග කටුනායකදී 5දෙනෙක් රේගු දැලේ
COLOMBO (News 1st) : එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 5 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපළේදී රේගු භාරයට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, සැකකරුවන් සතුව තිබී රුපියල් 3146000ක් වටිනා දුම්වැටි කාටුන් 286 ක් සොයාගත් බවයි. දුම්වැටි සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ සහ මීරිගම පදිංචිකරුවන් පිරිසකි. රේගු විමර්ශනවලින් පසු සැකකරුවන්ට රුපියල් එක් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කර දුම්වැටි තොගය රාජසන්තක කළ බව සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ ය.
2019-02-10T04:31:33.000Z
මධුෂ්ට රට පනින්න සහය දුන් 'ශිවා' සොයා විමර්ශන
මධුෂ්ට රට පනින්න සහය දුන් 'ශිවා' සොයා විමර්ශන
COLOMBO (News 1st) : ඩුබාහිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ට විදේශගත වීමට සහය දුන් බව කියන 'ශිවා' නමැති සැකකරුවෙකු සොයා විමර්ශන ආරම්භ කර තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, ඊයේ රාත්‍රියේ කොච්චිකඩේ ප්‍රදේශයේ ඔහුට අයත් නිවසක් ද පරීක්ෂාවට ලක්කළ බවයි. කෙසේ වෙතත් එම අවස්ථාවේ සැකකරු එහි සිට නොමැත. මෙම පුද්ගලයා මාකඳුරේ මධුෂ්ට විදෙස්ගත වීමට සහය ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
2019-02-10T04:06:38.000Z
තණමල්විලදී 'සුදු හකුරු සුමිත්' වෙඩි තබා ඝාතනය කෙරේ
තණමල්විලදී 'සුදු හකුරු සුමිත්' වෙඩි තබා ඝාතනය කෙරේ
COLOMBO (News 1st) : තණමල්විල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලැබී ය. පොලීසිය පැවසුවේ, අද දහවල් 12.20 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් සුදු හකුරු සුමිත් හෙවත් වසන්ත නමැති 42 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි. සිද්ධියෙන් තුවාල ලැබූ 22 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලීසිය පැවසී ය. යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් 4 දෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයා මීට මාස 6 කට පමණ පෙර සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් හඳුනා ගෙන සිටි ප්‍රධාන සැකකරුවෙකු බව ද පොලීසිය පැවසී ය. https://www.youtube.com/watch?v=S_AsXRw9Z7k
2019-02-10T01:20:25.000Z
මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් අද ඩුබායි අධිකරණයට
මාකඳුරේ මධුෂ් අද ඩුබායි අධිකරණයට
COLOMBO (News 1st) - ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 40 දෙනෙකු අද ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවේ. පොලීසිය පැවසූවේ, අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් 31 දෙනෙකුගේ රුධිර සම්පලවල මත්ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු වී ඇති බවයි. පසුගිය සතියේ අත්අඩංගුවට පත් මෙම සැකකරුවන් අතරට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 5 දෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කළේ ය. කංචිපානි ඉම්රාන් නැමති ජාවාරම්කරු ද ඒ අතරට අයත් වේ.
2019-02-10T01:08:24.000Z
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අන්දරේවත්තේ චාමර ග්‍රෑන්ඩ්පාස්වලදී STF අත්අඩංගුවට
අන්දරේවත්තේ චාමර ග්‍රෑන්ඩ්පාස්වලදී STF අත්අඩංගුවට
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අන්දරේවත්තේ චාමර නැමැත්තා අද අලුයම ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අත්අංඩගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබි ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 5 ක් සොයාගත් බවයි. සැකකරු බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ චමින්ද සමග එක්වී මත්කුඩු ජාවාරමේ යෙදෙන අයෙකු බවට හඳුනාගෙන තිබේ. ඔහු අංගොඩ ලොක්කා සහ මාකඳුරේ මධුෂ්ගේ සහයකයෙකු ලෙස කටයුතු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බව පොලීසිය සඳහන් කළේ ය. ගිනි අවි පෙන්වා පුද්ගලයින්ට තර්ජනය කිරීම් හා කප්පම් ගැනීම් ඇතුළු සිද්ධි රැසකට සම්බන්ධ ඔහු පොලීසිය මගහරිමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අලුයම අත්අඩංගුවට ගත්තේ ය.
2019-02-10T00:46:53.000Z
කරීනා කපූර් සහ අක්ෂේ කුමාර්ගේ Good News එක
කරීනා කපූර් සහ අක්ෂේ කුමාර්ගේ Good News එක
ජනප්‍රිය ඉන්දීය නළු නිළි යුවළක් වන කරීනා කපූර් සහ අක්ෂේ කුමාර් රිදී තිරයේ පෙම්වතුන්වීමට සූදානම් වෙති. ඒ, දිල්ජිත් ඩොසන්ජිගේ ගුඩ් නිව්ස් සිනමා පටය වෙනුවෙනි. එහි රූගත කිරීම් ලබන ඔක්තෝබර් මාසයේ ආරම්භ කිරීමට නියමිත වේ. ලබන වසරේ සිනමා පටය තිරගත කිරීම තම අපේක්ෂාව බව නිෂ්පාදක කණ්ඩායම පවසයි.
2019-02-09T23:56:02.000Z
ලොකු ලූණු ආනයනය සීමා කිරීමට පියවර
ලොකු ලූණු ආනයනය සීමා කිරීමට පියවර
COLOMBO (News 1st) - ලබන මාර්තු මාසයේ සිට ලොකු ලූණු ආනයනය සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ, දේශීය ලොකු ලූණු නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් සහ අළෙවි පහසුකම් සලසන බවයි. ලොකු ලූණු ආනයනය කරන සමාගම් සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වාදීම කෙරෙහි ද රජයේ අවධානය යොමුවී තිබේ.
2019-02-09T22:37:09.000Z
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඕලුමරා ඇතුළු 11 දෙනෙකු වෙන්නප්පුවේදී අත්අඩංගුවට
ඕලුමරා ඇතුළු 11 දෙනෙක් වෙන්නප්පුවේදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශානක මධුශංක හෙවත් ඕලුමරා හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 300 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුගෙන් හෙරොයින් මිලදී ගැනීමට පැමිණි සිටි සැකකරුවන් 11 දෙනෙක් ද අත්අඩංගුවට ගත් බවයි. ඒ, ඊයේ රාත්‍රී කිරිමැටියානවත්ත, ලුණුවිල ප්‍රදේශයේ නිවසකදී ය. ඕලුමරා නැමති සැකකරු මීට මාස කිහිපයට පෙර අධිකරණයෙන් ඇප මත මුදා හැරි අයෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
2019-02-09T22:08:49.000Z
කොළොන්න සහ පනාමුරේ බිඳ වැටී ඇති විදුලිය සැපයුම යථා තත්ත්වය පත් කිරීම ඇරඹේ
පනාමුරේ විදුලිය සැපයුම යථා තත්ත්වය පත් කිරීම ඇරඹේ
COLOMBO (News 1st) - කොළොන්න සහ පනාමුරේ ප්‍රදේශයේ බිඳ වැටී ඇති විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදා ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, ඊයේ ඇද හැළුණු අධික වර්ෂාවත් සමග අදාළ ප්‍රදේශවල විදුලිය බිඳ වැටීම් වාර්තා වූ බවයි.
2019-02-09T21:07:47.000Z
එළිසබෙත් වොරන් සිය මැතිවරණ සටන අරඹයි
එළිසබෙත් වොරන් සිය මැතිවරණ සටන අරඹයි
ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා එළිසබෙත් වොරන්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි සිය මැතිවරණ ව්‍යාපාරය එළිදක්වා තිබේ. ඇය, 2020 අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රබල අපේක්ෂිකාවකි. එළිසබෙත් වොරන් වේදිකාවට පැමිණීමට පෙර ජනපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විරෝධතාවක ද නිරත විය. කෙසේ වෙතත් සිය මැතිවරණය ව්‍යාපාරය එළිදක්වමින් ඇය සඳහන් කළේ, සෑම පුරවැසියෙකු සඳහාම සේවය කරන අමෙරිකාවක් ගොඩනැගීම තම අරමුණ බවයි. එය, සිය ජීවිත පිළිබඳ සටනක් බව ද ඇය සඳහන් කළා ය. සියලු අමෙරිකානුවන් වෙනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව තමා සටනට අවතීර්ණ වන බව ද ඇය පැවසුවා ය. ධනේෂ්වර සමාජ ක්‍රමය විවේචනය කළ එළිසබෙත් වොරන්, සියලු වැසියන්ට සමාන අයිතිවාසිකම් සහිත අමෙරිකාවක් ගොඩනගන බවට පොරොන්දුවක් ද ලබාදුන්නා ය. මේ වන විට 69 වන වියෙහි පසුවන එළිසබෙත් වොරන්, අමෙරිකානු සෙනට් සභිකයෙකු ලෙස කටයුතු කරනු ඇති. අමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ, 2020 වසරේ නොවැම්බර් 3 වැනිදා යි. 2016 වසරේ අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය දෙවන ධූර කාලය සඳහා මෙවර තරග වදින්නේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමිනි. 2020 ජනාධිපතිවරණයෙන් තේරී පත්වන නව ජනාධිපතිවරයාගේ ධූර කාලය, 2021 වසරේ ජනවාරී 20 වැනි දායින් ආරම්භ වනු ඇති.
2019-02-09T20:44:42.000Z
මන්නාරම ද්‍රෝණියේ ස්වභාවික වායු ගවේෂණය සඳහා ටෙන්ඩර් කැඳවයි
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ ගවේෂණයට ටෙන්ඩර් කැඳවෙයි
COLOMBO (News 1st) - මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ සම්පත් ගවේෂණය සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි ඛනිජ තෙල් සම්පත් ලේකම් කාර්යාලය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් වජිර දසනායක මහතා සඳහන් කළේ, එහි ස්වභාවික වායු නිධි දෙකක් හඳුනාගෙන ඇති බවයි. ඊට අමතරව ලංකා ද්‍රෝණියේ ද ඛනිජ සම්පත් ගවේෂණය සම්බන්ධයෙන් ලබන අප්‍රේල් මාසයේදී දත්ත විශ්ලේෂණය කිරීමට බලාපොරොත්තු වනු ඇත. නොගැඹුරු මුහුදු තීරයේ ඛනිජ සම්පත් ගවේෂණය සඳහා ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ඛනිජ තෙල් සම්පත් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වජිර දසනායක මහතා සඳහන් කළේ ය.
2019-02-09T20:26:14.000Z
විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් නව වාර්තාවක් - සුනිල් හඳුන්නෙත්ති
විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් නව වාර්තාවක්...
COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් නව වාර්තාවක් සකස් කරන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ පස්වරුවේ සිරස FM ඔස්සේ විකාශය වූ රේඩියෝ සටන සජීවි සංවාදයට එක්වෙමිනි. මේ අතර, කෝප් කමිටු වාර්තාවෙන් අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් අදාළ අමාත්‍යංශ ලේකම්වරුන් ගත් ක්‍රියාමාර්ග මාර්තු 24 වැනි දාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ද සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ ය.
2019-02-09T20:16:06.000Z
නීති විරෝධි මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන් තුරන් කිරීමට ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්
මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්
COLOMBO (News 1st) - යම් ප්‍රදේශයක නීති විරෝධි මත්පැන් තිබී හමුවුවහොත් එහි වගකීම අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා සහ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා භාරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පොළොන්නරුව නව නගරයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමා සඳහන් කළේ, ලබන සතියේ ඊට අදාළ චක්‍ර ලේඛයක් ද නිකුත් කරන බවයි.
2019-02-09T20:07:02.000Z
'සේනා' මර්දනය පිළිබඳව කෘෂි බලධාරීන් අද විශේෂ සාකච්ඡාවක
'සේනා' මර්දනය පිළිබඳව කෘෂි බලධාරීන් අද සාකච්ඡාවක
COLOMBO (News 1st) - සේනා දළඹු මර්දනය පිළිබඳ ඉදිරි කටයුතු සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වේ. ඒ, ගන්නෝරුව ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදීයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එම්. ඩබ්ලිව් වීරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාවේදී ප්‍රාදේශීය මට්ටමින් සේනා දළඹුවාගෙන් සිදුවී ඇති හානිය පිළිබඳ ලැබී ඇති දත්ත විශ්ලේෂණය කෙරෙනු ඇති. ඊට අමතරව එහිදී ඉදිරි යල කන්නය ක්‍රමානුකූලව වගා කර හානිය අවම කර ගැනීම සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීමට ද බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේ ය.
2019-02-09T19:42:23.000Z
අද ත් ප්‍රදේශ රැසකට තද වැසි...
අද ත් ප්‍රදේශ රැසකට තද වැසි...
COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසකට අද ත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යා ශානිකා පියුමලී දිසානායක මෙනවිය සඳහන් කළේ, අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසයි. දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉදිරි දින කිහිපයේ ඉහළ යා හැකි බව ද ඇය සඳහන් කළා ය.
2019-02-09T19:28:01.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. කාටවත් බලෙන් ජනාධිපති ඡන්දය තියන්න බැහැ, ඡන්දය තියනවා නම් තියන්න පුළුවන් මට විතරයි – ජනපති: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව පොළොන්නරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. එහිදී කාටවත් බලෙන් ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකි බවත් ඡන්දයක් පවත්වනවා නම් එය තමාට පමණක් කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ය. 2. ඉන්දු – ශ්‍රී ලංකා පළුදු වූ හොඳ හිත වර්ධනයට විපක්ෂ නායක ඉන්දියාවේදී ඉදිරිපත් කළ යෝජනාව: ඉන්දීය සංචාරයක නිරත විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ ද හින්දු පුවත්පත සංවිධාන කළ සමුළුවක් ඇමතුවේ ය. 3. රංගන ශිල්පී රයන් වැන්ගේ මෝටර් රථය පොලිස් භාරයට: පාතාල කල්ලි නායක මකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වැන් රෝවෙන් මහතා භාවිත කළ මෝටර් රථයක් පොලීසිය භාරයට ගෙන තිබේ. 4. මධුෂ්ගේ අනියම් බිරිඳගේ මෝටර් රථය පාදුක්කේදී පොලිස් භාරයට: ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් බව කියන මෝටර් රථයක් පාදුක්ක පෝරේ ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබේ. විදෙස් පුවත් 5. රාජකන්‍යා කුමරිය තායි රජ පවුලෙන් නෙරපීමේ සූදානමක්: සිය සොහොයුරිය මහ මැතිවරණයේ අගමැති අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත්වීම තායිලන්තයේ වජිරාලොන්ග් කෝන් රජු හෙළා දැක තිබේ.
2019-02-09T09:47:33.000Z
කාටවත් බලෙන් ජනාධිපති ඡන්දය තියන්න බැහැ, ඡන්දය තියනවා නම් තියන්න පුළුවන් මට විතරයි - ජනපති
"කාටවත් බලෙන් ජනාධිපති ඡන්දය තියන්න බැහැ"
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අද පොළොන්නරුවේදී පැවැත්විණි. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. කාටවත් බලෙන් ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකි බවත් ඡන්දයක් පවත්වනවා නම් එය තමාට පමණක් කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ය. ජනාධිපතිවරයා එහිදී පැවසුවේ, ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන බව ය.
2019-02-09T09:36:00.000Z
ඉන්දු - ශ්‍රී ලංකා පළුදු වූ හොඳ හිත වර්ධනයට විපක්ෂ නායක ඉන්දියාවේදී ඉදිරිපත් කළ යෝජනාව...
විපක්ෂ නායක ඉන්දියාවේදී ඉදිරිපත් කළ යෝජනාව...
COLOMBO (News 1st) - ඉන්දීය සංචාරයක නිරත විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද ඉන්දියාවේ ද හින්දු පුවත්පත සංවිධාන කළ සමුළුවක් ඇමතුවේ ය. ඒ, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අනාගත සබඳතා මූලික කර ගෙන ය. ඉන්දියාවේ බැංගොලෝර්හිදී අද ආරම්භ වූ සමුළුවේ අවසන් දිනය හෙටයි.
2019-02-09T06:13:34.000Z
දිවයින පුරා ක්‍රියාත්මක කළ පොලිස් විශේෂ මෙහෙයුමකින් 3876ක් අත්අඩංගුවට
පොලිස් විශේෂ මෙහෙයුමකින් 3876ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 950 දෙනෙකු ඇතුළු සැකකරුවන් 3876ක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, බීමත් රියැදුරන් 950 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ය. හෙරොයින් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 1033කි. නීති විරෝධී ගිනිඅවි ළඟ තබා ගෙන සිටි පුද්ගලයින් 5 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.
2019-02-09T06:07:14.000Z
අද රාත්‍රී 9.00 සිට කොළඹ ප්‍රදේශ රැසකට ජලය කැපේ
අද රාත්‍රී 9.00 සිට කොළඹ ප්‍රදේශ රැසකට ජලය කැපේ
COLOMBO (News 1st) - අද රාත්‍රී 9.00 සිට පැය 18ක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ, කොටුව, කොටහේන, ග්‍රෑන්ඩ්පාස් හා මට්ටක්කුලිය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය. එම මණ්ඩලය පැවසුවේ, කොළඹ ජල සම්පාදන ක්‍රමයේ වැඩිදියුණු කිරීමේ ජල නළ එලීමක් හේතුවෙන් අද දිනයේ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ය. මේ අතර මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් හෙට අලුයම 4.00 සිට අනිද්දා අලුයම 4.00 දක්වා රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මොරගස්මුල්ල, රාජගිරිය, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය මෙන්ම ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ගවල අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.
2019-02-09T04:54:53.000Z
රංගන ශිල්පී රයන් වැන්ගේ මෝටර් රථය පොලිස් භාරයට
රංගන ශිල්පී රයන් වැන්ගේ මෝටර් රථය පොලිස් භාරයට
COLOMBO (News 1st) - පාතාල කල්ලි නායක මකදුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වැන් රෝවෙන් මහතා භාවිත කළ මෝටර් රථයක් පොලීසිය භාරයට ගෙන තිබේ. ඒ, වැලිගම පොලීසිය අද පෙරවරුවේ මිරිස්ස, උඩුපිල ප්‍රදේශයේ හෝටලයක කළ වැටලීමකදී ය. මධුෂ් සමග අත්අඩංගුවට පත් වූ අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් සන් ෂයින් සුද්දා නමැත්තාට අයත් අදාළ හෝටලයේ තිබී එම මෝටර් රථය සොයා ගෙන තිබේ. වෙනත් පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කර ඇති මෙම මෝටර් රථය රයන් රෝවෙන් මහතා භාවිත කර ඇති බවට සාක්ෂි ලැබී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. මේ අතර ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් බව කියන මෝටර් රථයක් පාදුක්ක පෝරේ ප්‍රදේශයේදී අද පෙරවරුවේ පොලිස් භාරයට ගැනිණි. පොලීසිය පැවසුවේ, පාදුක්ක පෝරේගෙදර අරලිය මාවතේ නිවසක් ඉදිරිපිට නතර කර තිබියදී එම මෝටර් රථය සොයා ගත් බව ය. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිවසේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 54 හා 26 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි. මාකදුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ වන එම කාන්තාව මීට මසකට පෙර ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබේ. ඇය මහරගම දුම්රියපොළ පටුමගේ පදිංචිකාරියකි. මෙම කාන්තාව පාතාල කල්ලි නායකයෙකුව සිටි කළු තුෂාර නමැත්තාගේ බිරිඳ බව ද පොලීසිය සඳහන් කළේ ය. පාදුක්කේ නිවසේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මීට මාස කිහිපයකට පෙර අදාළ මහරගම නිවසට ගොස් ඇති බව ද විමර්ශනවලදී හෙළිවී තිබේ. පොලීසිය පැවසුවේ, සිය භාරයට ගත් මෝටර් රථය අපරාධ ක්‍රියාවන් සඳහා යොදා ගෙන ඇත් ද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බව ය. මේ අතර ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා අත්අඩංගුවට පත් වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට තහවුරු වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සැකකරුවන්ගේ රුධිර සාම්පල මත කරන ලද පරීක්ෂණවලදී ඒ බව තහවුරු වී ඇතැයි ඩුබායි ආරක්ෂක අංශ දැනුම් දී ඇති බව ය. සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තවදුරටත් සාකච්ඡා සිදු කරමින් ඇති බව ද ඔහු පැවසුවේ ය. මේ අතර මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීමට මෙරට නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි වෙත යැවීමට ද සැලසුම් කර තිබේ. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන මාකදුරේ මධුෂ් නමැත්තා ඇතුළු 31 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග ඩුබායිහි හෝටලයකදී පසුගිය 05 වන දා අත්අඩංගුවට ගනු ලැබී ය. ඒ, ඩුබායි පොලීසිය හා ශ්‍රී ලංකා බලධාරීන් ඒකාබද්ධව කළ මෙහෙයුමකදී ය. අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 5 දෙනෙකු සිටින අතර කන්චිපානි ඉම්රාන්, අංගොඩ චූටි, ඇතුළු ප්‍රබල අපරාධකරුවන් කිහිප දෙනෙකු ද වන බව පොලීසිය තහවුරු කළේ ය. මීට අමතරව අත්අඩංගුවට ගත් පිරිස අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා මහතා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ද වේ. මාකදුරේ මධුෂ්ගේ දරුවෙකුගේ උපන් දින සාදයක් සඳහා මොවුන් සහභාගී වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.
2019-02-09T02:31:59.000Z
අහුංගල්ලේ පාසල් භූමියකින් ජීව අත්බෝම්බයක් මතුවෙයි
අහුංගල්ලේ පාසල් භූමියකින් ජීව අත්බෝම්බයක් මතුවෙයි
COLOMBO (News 1st) - අහුංගල්ල රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රීඩාංගණය ආසන්නයේ වලදමා තිබූ ජීව අත්බෝම්බයක් ඊයේ පස්වරුවේ නිෂ්ක්‍රීය කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, එම විද්‍යාලයේ තාප්පයක් ඉදිකිරීම සඳහා කානුවක් කපමින් සිටි දෙමාපියන් පිරිසකට අදාළ ජීව අත්බෝම්බය හමුව ඇති බවයි. ඔවුන් ඒ පිළිබඳව අහුංගල්ල පොලීසිය දැනුවත් කළේ ය. පසුව එම ස්ථානයට ඇල්පිටිය පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ද කැඳවූ බව අප වාර්තාකරු පැවසුවේ ය. ජීව අත්බෝම්බය නිෂ්ක්‍රීය කෙරුනේ අහුංගල්ල වෙරළ තීරයේ ජන ශුන්‍ය ප්‍රදේශයකදීයි. ඒ කළුතර පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ය.
2019-02-09T02:15:17.000Z
ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැවැන්ත මූල්‍ය අර්බුධයක
ජලපවාහන මණ්ඩලය දැවැන්ත මූල්‍ය අර්බුධයක
COLOMBO (News 1st) - ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය මේ වන විට දැවැන්ත මූල්‍ය අර්බුධයකට මුහුණ පා ඇතැයි වෘත්තිය සමිති චෝදනා කරයි. ජල සම්පාදන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඉංජිනේරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ, වසර ගණනාවක සිට ජල සම්පාදන මණ්ඩල විවිධ ව්‍යාපෘති සඳහා බව පවසමින් ණය ලබා ගැනීම හේතුවෙන් මේ තත්ත්වය මතු ව ඇති බවයි. මේ වන විට ජල සම්පාදන මණ්ඩලයේ ණය ප්‍රමාණය බිලියන 70 ක් පමණ වන බව ද ඔහු පෙන්වා දෙයි. එම ණය පියවීමට විධිමත් ක්‍රමවේදයක් ආණ්ඩුවට නොමැති බවට උපාලි රත්නායක මහතා චෝදනා කර තිබේ. මේ සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙකුගෙන් නිව්ස්ෆස්ට් විමසිමක් කළේ ය. ඔහු සඳහන් කළේ, ණය පියවීම සඳහා ජල ගාස්තු සංශෝදනයක් අවශ්‍ය බවයි. ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ ද විවිධ හේතුමත ඒ සඳහා මෙතෙක් අනුමැතිය ලැබී නොමැති බව එම උසස් නිලධාරියා ප්‍රකාශ කළේ ය.
2019-02-09T01:21:39.000Z
ගිනිඅවි 2 ක් සමග සැකකරුවන් තිදෙනෙකු මාතරදී අත්අඩංගුවට
ගිනිඅවි 2 ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් සමග සැකකරුවන් තිදෙනෙකු මාතරදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, බෙලිඅත්ත, හම්බන්තොට හා පාලටුව ප්‍රදේශයේ පදිංචි 29, 34 හා 83 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
2019-02-09T00:57:53.000Z
මධුෂ්ගේ අනියම් බිරිඳගේ මෝටර් රථය පාදුක්කේදී පොලිස් භාරයට
මධුෂ්ගේ අනියම් බිරිඳගේ මෝටර් රථය පොලිස් භාරයට
COLOMBO (News 1st) - ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් බව කියන මෝටර් රථයක් පාදුක්ක පෝරේ ප්‍රදේශයේදී අද පෙරවරුවේ පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පාදුක්ක පෝරේගෙදර අරලිය මාවතේ නිවසක් ඉදිරිපිට නතර කර තිබියදී එම මෝටර් රථය සොයා ගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිවසේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 54 හා 26 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි. මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ බව එම කාන්තාව මීට මසකට පෙර ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණ විය. ඇය මහරගම දුම්රියපොළ පටුමගේ පදිංචිකාරියකි. මෙම කාන්තාව පාතාල කල්ලි නායකයෙකුව සිටි කළු තුෂාර නැමැත්තාගේ බිරිඳ බව ද පොලීසිය සඳහන් කළේ ය. පාදුක්කේ නිවසේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මීට මාස කිහිපයකට පෙර අදාළ මහරගම නිවසට ගොස් ඇති බව ද විමර්ශනවලදී හෙළිවී තිබේ. පොලීසිය පැවසුවේ, සිය භාරයට ගත් මෝටර් රථය අපරාධ ක්‍රියාවන් සඳහා යොදා ගෙන ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බවයි.
2019-02-08T21:12:51.000Z
රාජකන්‍යා කුමරිය තායි රජ පවුලෙන් නෙරපීමේ සූදානමක්
රාජකන්‍යා කුමරිය තායි රජ පවුලෙන් නෙරපීමේ සූදානමක්
සිය සොහොයුරිය මහ මැතිවරණයේ අගමැති අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත්වීම තායිලන්තයේ වජිරාලොන්ග් කෝන් රජු හෙළා දැක තිබේ. ඔහු පැවසූවේ, එය රජ පවුලට මෙන්ම තායිලන්ත සංස්කෘතියට කළ නිගාවක් බවයි. තායි රජුගේ වැඩිමහල් සොහොයුරිය වන උබොල් රටානා රාජකන්‍යා කුමරිය, තායි රක්ෂා පක්ෂයේ අගමැති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වන බව ඊයේ නිවේදනය කෙරුණි. රාජකන්‍යා කුමරිය එලෙස මැතිවරණ සටනට ඉදිරිපත්ව ඇත්තේ, හිටපු අගමැති තක්ෂීන් ශිනවත්ට සහය පළ කරන පක්ෂයකිනි. තායි රජ පවුල සම්ප්‍රදායිකව දේශපාලන කටයුතුවලින් ඉවත්ව ඇති පසුබිමක සිය වැඩිමහල් සොහොයුරියගේ ක්‍රියා කලාපය කිසිසේත් අනුමත නොකරන බව තායි රජු අවධාරණය කළේ ය. මේ අනූව ඉදිරියේදී ඇය රජ පවුලෙන් නෙරපා දමනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 67 වන වියෙහි පසුවන උබොල් රටානා රාජකන්‍යා කුමරිය තායිලන්ත සිනමා පට කිහිපයකට ද රංගන දායකත්වය ලබාදී ඇත. 1972 වසරේදී අමෙරිකානුවෙකු විවාහ කරගැනීමත් සමග ඇයට රජ පවුලේ සියලු වරප්‍රසාද අහිමි විණි. දික්කසාද වූ උබොල් රටානා රාජකන්‍යා කුමරිය, 1990 වසරේදී යළි සිය රට පැමිණ පසුව රාජකීය කටයුතු හා සම්බන්ධ විය. ප්‍රබල සමාජ ක්‍රියාකාරිනියක වන රාජකන්‍යා කුමරිය පවසන්නේ, අග්‍රාමාත්‍ය ධූරයට ඉදිරිපත් වී සාමාන්‍ය පුරවැසියෙකුට හිමි වරප්‍රසාද ලබාගැනීමට තමාට අවශ්‍ය බවයි. මෙය වසර 5 ක් තිස්සේ හමුදා පාලනයක් යටතේ ක්‍රියාත්මක තායිලන්තය, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක් කරා රැගෙන යාමක් බව දේශපාලන විචාරකයින් පවසති. තායිලන්ත මහ මැතිවරණය ලබන මාර්තු මස 24 වැනි දා පැවැත්වෙනු ඇති. එහිදී ඇගේ ප්‍රබල ප්‍රතිවාදී අපේක්ෂකයා වන්නේ, 2014 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් සිය බලය තහවුරු කරගත් තායිලන්ත වත්මන් අගමැති ප්‍රයුත් චාන් ඕචායි.
2019-02-08T20:53:55.000Z
කොළඹට අද පැය 18 ජල කප්පාදුවක්
කොළඹට අද පැය 18 ජල කප්පාදුවක්
COLOMBO (News 1st) - අද පෙරවරු 9.00 සිට පැය 18 ක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ, කොටුව, කොටහේන, ග්‍රෑන්ඩ්පාස් හා මට්ටක්කුලිය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේ ය. එම මණ්ඩලය පැවසුවේ, කොළඹ ජල සම්පාදන ක්‍රමයේ වැඩිදියුණු කිරීමේ ජලනල එළීමක් හේතුවෙන් අද දිනයේ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
2019-02-08T20:47:44.000Z
දොම්පේ වෙඩි තැබීමකින් විවාහක යුවළක් රෝහලේ
දොම්පේ වෙඩි තැබීමකින් විවාහක යුවළක් රෝහලේ
COLOMBO (News 1st) - දොම්පේ, වනලුවාව උතුර ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් විවාහක යුවළක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පොලීසිය පැවසුවේ, බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ පස්වරුවේ වෙඩි තැබීම සිදු ව ඇති බවයි. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි යුවළකි. සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසුවේ ය.
2019-02-08T20:35:53.000Z
බහුදින ධීවර යාත්‍රා හරහා සිදුවන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මැඩපැවැත්වීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මැඩපැවැත්වීමට වැඩපිළිවෙළක්
COLOMBO (News 1st) - බහුදින යාත්‍රා හරහා සිදුවන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ සහය ඇතිව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ප්‍රධාන වරායවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ද සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.
2019-02-08T20:16:28.000Z
විදේශීය විෂයන් 7 ක් ඉගැනීමට මෙරට සිසුන්ට අවස්ථාවක්
විදේශීය විෂයන් 7 ක් ඉගැනීමට මෙරට සිසුන්ට අවස්ථාවක්
COLOMBO (News 1st) - විෂෝධා නව ජාතික පාසල් ක්‍රමය හරහා විදේශීය විෂයන් 7 ක් ඉගැනීමට මෙරට සිසුන්ට අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකම මෙම පාසල් ආරම්භ කරන බවයි. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2019/02/02-09-AKILA-W.wav"][/audio]
2019-02-08T20:08:28.000Z
රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා පිළිබඳව ජනපති කොමිසමට දිනක් තුළ පැමිණිලි 10 ක්
ජනාධිපති කොමිසමට දිනක් තුළ පැමිණිලි 10 ක්
COLOMBO (News 1st) - පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමට දිනක් තුළ පැමිණිලි 10 ක් ලැබී තිබේ. එම කොමිසමේ පැමිණිලි භාරගැනීම ආරම්භ කෙරුණේ ඊයේ දිනයේදී ය. 2015 ජනවාරි 14 සිට 2018 දෙසැම්බර් 31 වැනි දා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල දූෂණ ක්‍රියා, සාපරාධි විශ්වාසය කඩ කිරීම, දේපොළ සාපරාධි පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිසමේ ප්‍රධාන කාර්යයි. ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි මාර්තු මස 07 වැනි දා දක්වා ඉදිරිපත් කළ හැකි බව ජනාධිපති කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය. ඒ අනුව ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන්, ලේකම්, රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිසන් සභාව, කාමර අංක 210, බ්ලොක් 02 දෙවැනි මහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයට යොමු කළ හැකියි. 011- 2 665 382 යන දුරකතන අංකයට ඒ පිළිබඳව තොරතුරු වාචිකව ඉදිරිපත් කළ හැකි වනු ඇත.
2019-02-08T19:49:17.000Z
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 10 දෙනෙකු නි. පොලිස්පති තනතුරට උසස් කෙරේ
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 10 දෙනෙකුට උසස්වීම්
COLOMBO (News 1st) - තව ත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් කිහිප දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම පියවර ගෙන තිබේ. එහි ලේකම් සමන් දිසානායක මහතා පැවසුවේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 10 දෙනෙකු සඳහා එලෙස උසස්වීම් ලබාදීමට පියවර ගෙන ඇති බවයි. මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම උසස්වීම් ක්‍රියාත්මක බව ලේකම්වරයා පැවසුවේ ය.
2019-02-08T19:38:42.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. ඉන්දියාවේ සංචාරයක් සඳහා විපක්ෂ නායක දිවයිනෙන් පිටත්ව යයි: විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේ ය. ඒ, හින්දු පුවත්පත මගින් බැංගලෝර්හිදී පවත්වනු ලබන සමුළුවක සමාරම්භක දේශනය පැවැත්වීම සඳහායි. 2. “පාතාලයෝ, මත්කුඩුකාරයෝ අල්ල ගත්ත එකට උප්පැන්න දෙන්න කොච්චර අය ඉන්නවද..?” – ජනපති: ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය ඊයේ පොළොන්නරුවෙන් ආරම්භ කෙරුණි. 3. මධුෂ් සමග අත්අඩංගුවට ගත් 6 දෙනෙකුගේ නිවෙස් පොලිස් පරීක්ෂාවට: මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකුගේ නිවාස පොලීසිය පරීක්ෂාවට ලක් කර තිබේ. 4. මහාපරිමාන මත්ද්‍රව්‍ය තොග සමග විදේශිකයින් ඇතුළු සැකකරුවන් 5 ක් අත්අඩංගුවට: ස්ථාන දෙකකදී මහාපරිමාන මත්ද්‍රව්‍ය තොග සොයාගෙන තිබේ. කොකේන් කිලෝග්‍රෑම් එකක් කටුනායකදී සොයාගත් අතර පෑලියගොඩින් සොයාගත් කේරල ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 400 කට අධිකයි. 5. ඔස්ට්‍රේලියාව බලා ගිය ගුවන්යානයක් හදිසියේ කටුනායකට ගොඩබස්වයි: අබුඩාබි සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පියාසර කරමින් තිබූ A- 380 වර්ගයේ ගුවන්යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබස්වා තිබේ. විදෙස් පුවත් 6. වෙනිසුවෙලානු ජනපති යටතේ සිටින නීති නිලධාරීන්ගේ වීසා බලපත්‍ර අමෙරිකාව අත්හිටුවයි: අමෙරිකාව, වෙනිසුවෙලානු ජනපති නිකලස් මධුරෝ යටතේ සේවය කරන සියලු නීති නිලධාරීන්ගේ වීසා බලපත්‍ර අත්හිටුවා තිබේ.
2019-02-08T11:00:53.000Z
ඉන්දියාවේ සංචාරයක් සඳහා විපක්ෂ නායක දිවයිනෙන් පිටත්ව යයි
විපක්ෂ නායක ඉන්දියාවේ සංචාරයක
COLOMBO (News 1st) - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. ඒ, හින්දු පුවත්පත මගින් බැංගලෝර්හිදී පවත්වනු ලබන සමුළුවක සමාරම්භක දේශනය පැවැත්වීම සඳහායි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අනාගත සබඳතා මූලික කරගෙන මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම දේශනය පැවැත්වෙනු ඇති. සමුළුව හෙට සහ අනින්දා පැවැත්වෙනු ඇත. දෙවන දිනයේ සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ඉන්දීය උපජනාධිපති වෙන්කයිආ නායිදු මහතා ය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමුළුවට සහභාගී වන අනෙකුත් ප්‍රභූවරුන් මුණගැසීමට ද නියමිත වේ. ඔහු විපක්ෂ නායක ධූරයට පත්වීමෙන් අනතුරුව විදේශ සංචාරයක නිරත වන පළමු අවස්ථාව ද මෙය වනු ඇත. මාස 6 ක් තුළ මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වන දෙවන අවස්ථාව මෙයයි.
2019-02-08T10:48:21.000Z
රාජ්‍ය සේවකයින්ට යළි ත් තීරුබදු රහිත වාහන බලපත්‍ර
රාජ්‍ය සේවකයින්ට යළි ත් තීරුබදු රහිත වාහන බලපත්‍ර
COLOMBO (News 1st) - රාජ්‍ය සේවකයින්ට ලබාදුන් තීරු බදු රහිත වාහන බලපත්‍රය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න අදහස් දැක්විය. මුදල් රාජ්‍ය අමාත්‍ය, ඉරාන් වික්‍රමරත්න රාජ්‍ය සේවකයන්ට වාහන ගෙන ඒමේ ඒ ආනයන බලපත්‍ර අත්හිටුවීමක් නෑ බලපත්‍ර ලබා දෙනවා. නමුත් වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවලා තියෙනවා. ඒක අත්හිටුවන්න හේතුව ඇවිල්ලා විදේශ සංචිතය ආරක්ෂා කිරීමට ගත් ප්‍රායෝගික පියවරක් කියලා සඳහන් කරන්න අවශ්‍යයි. අපිට හුඟක් ණය මේ ජනවාරි මාසේ ගෙවන්න සිදු වුණා. නමුත් මේක අපි ලබන මාස තුනේදී මේක සම්පූර්ණයෙන්ම විසඳලා හැම කෙනෙකුටම ඒ බලපත්‍රවලින් වාහන ගේන්න පුළුවන් වෙයි කියන ප්‍රකාශය
2019-02-08T10:41:05.000Z
"පාතාලයෝ, මත්කුඩුකාරයෝ අල්ල ගත්ත එකට උප්පැන්න දෙන්න කොච්චර අය ඉන්නවද..?" - ජනපති
'ස්මාර්ට් සිටි' ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
COLOMBO (News 1st) - ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය අද පොළොන්නරුවෙන් ආරම්භ කෙරුණි. විරැකියා ගැටළුවට ස්ථිර විසඳුමක් දෙමින්, රැකියා පුහුණු හා සම්පාදන මධ්‍යස්ථාන හරහා ව්‍යවසායකයින් බිහිකිරීමත් රැකියා පිරිනැමීමත් මෙහි අරමුණයි. පොළොන්නරුව නව නගරයේ ඉදිකළ වෘත්තීය මාර්ගෝපදේශන කාර්යාලය අද පෙරවරුවේ විවෘත කෙරුණේ ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය අරඹමිනි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. පස්වරුවේ පැවැති උත්සවය සංස්කෘතිකාංගවලින් ද විචිත්‍රවත් විය. ජනපති, මෛත්‍රීපාල සිරිසේන, දැන් දවසක් දෙකක් තුනක් යනවා ඔය මාධ්‍යවල හෝ ගාලා ඩුබායිවල අපේ අපරාධකාරයෝ අල්ල ගත්ත එක ගැන. පාතාලයෝ මත්කුඩුකාරයෝ දැන් ඒගොල්ලෝ අල්ල ගත්ත එකට උප්පැන්න දෙන්න කොච්චර අය ඉන්නවද. ඒකට අයිතිකාරයෝ දැන් කොච්චර ඉදිරිපත් වෙලා ඉන්නවද. මං දැක්කා අද පත්තරේ කියලා තියෙනවා එක ඇමතිවරයෙක් ආණ්ඩුවේ මේ එක හැදුවේ අපි පාතාලේ ඔය කට්ටිය ඊයේ පෙරේදා අල්ලපු අය අල්ලන්න ඔය දැල එළුවේ අවුරුදු ගාණකට ඉස්සෙල්ල කියලා. ඒක නෙමේ අල්ලගත්ත තමන් වැඩක් කරලා තමන් සතුටු වෙලා තමන් විසින් තමන් කළ දේ ගැන සතුටුවීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්
2019-02-08T08:38:31.000Z
මහාපරිමාන මත්ද්‍රව්‍ය තොග සමග විදේශිකයින් ඇතුළු සැකකරුවන් 5 ක් අත්අඩංගුවට
පෑලියගොඩ හා කටුනායක මහපරිමාන මත්ද්‍රව්‍ය වැටලීම්
COLOMBO (News 1st) - අදත් ස්ථාන දෙකකදී මහාපරිමාන මත්ද්‍රව්‍ය තොග සොයාගෙන තිබේ. කොකේන් කිලෝග්‍රෑම් එකක් කටුනායකදී සොයාගත් අතර පෑලියගොඩින් සොයාගත් කේරල ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 400 කට අධිකයි. පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය පෑලියගොඩ පරණ පාලම මත අද අලුයම වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී කේරල ගංජා තොගය සොයා ගෙන තිබුණි. ඉන්දියාවේ සිට හලාවත මුහුදු තීරයට රැගෙනවිත් ඇති මෙම මත්ද්‍රව්‍ය තොගය පසුව කුඩා බෝට්ටුවකින් වත්තල ඇලකන්ද ප්‍රදේශයට ගෙනවිත් ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, මෙම කේරල ගංජා තොගයේ වීදියේ වටිනාකම රුපියල් මිලියන 40 ක් පමණ වනු ඇති බවයි. අත්අඩංගුවට ගත් කාන්තාවගේ නිවස පරීක්ෂා කිරීමේදී තව ත් කේරල ගංජා කිලෝග්‍රෑම් 20 ක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. මේ අතර රුපියල් ලක්ෂ 150 කට අධික වීදියේ වටිනාකමකින් යුත් කොකේන් තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අද අලුයම අත්අඩංගුවට ගත්තේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීයි. සැකකරු සන්තකයේ තිබී සොයා ගත් කොකේන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 01 ක්. 34 හැවිරිදි මෙම ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ මෙහෙයුමේදීය. සැකකරුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුළක සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒමට තැත් කර තිබේ. පොලීසිය සැකකරන්නේ, මුම්බායි සිට ඔහු මෙරටට පැමිණ ඇති බවයි. 2018 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 737 ක් සමග සැකකරුවන් හතලිස්දාස් නමසිය අසු හතක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. එම වසරේ අත්අඩංගුවට ගෙන ඇති ගංජා සහ කේරල ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 4084 ක්. සැකකරුවන් පනස් හතරදාස් හයසිය හැත්තපහක් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. කොකේන් කිලෝග්‍රෑම් 18 ක් සමග සැකකරුවන් 17 දෙනෙකු ද 2018 වර්ෂයේ අත්අඩංගුවට ගෙන ඇත. 2019 වසරේ මේ දක්වා කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 113 ක් සමග සැකකරුවන් 4370 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද අනාවරණය කළේ ය. සැකකරුවන් 4447 දෙනෙකු සමග පොලිස් භාරයට ගෙන ඇති ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 976 ක්. කොකේන් කිලෝග්‍රෑම් දෙකක් සහ ඊට අදාළව සැකකරුවන් 16 දෙනෙකු මෙම කාල සීමාවේ අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරුවන් 8 දෙනා අද ලබන 22 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඒ සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. සැකකරුවන් සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ද පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කොට්ඨාසය අද අධිකරණයට ඉදිරිපත් කළේ ය. මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එමින් තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 231 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පසුගිය දෙසැම්බර් මාසයේ අත්අඩංගුවට ගැනුනේ බේරුවල හා බලපිටිය අතර මුහුදු තීරයේදීයි. අනතුරුව සිදුකළ පරීක්ෂණවලින් හෙරොයින් ප්‍රවාහන කළ යාත්‍රාවේ හිමිකරු ඇතුළු තව ත් 6 දෙනෙකු අත්අංඩගුවට ගැනුණි. මේ අතර කොල්ලුපිටිය නිවාස සංකීර්ණයක් තුළ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් ඇතුළු පිරිස අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇෆ්ගනිස්ථාන ජාතිකයා ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
2019-02-08T06:54:29.000Z
මධුෂ් සමග අත්අඩංගුවට ගත් 6 දෙනෙකුගේ නිවෙස් පොලිස් පරීක්ෂාවට
මධුෂ් සමග සිටි 6 දෙනෙකුගේ නිවෙස් පොලිස් පරීක්ෂාවට
COLOMBO (News 1st) - මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකුගේ නිවාස පොලීසිය අද පරීක්ෂාවට ලක් කර තිබේ. පොලීසිය සඳහන් කළේ, මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු වන අනුෂ්ක කවිෂාල් හෙවත් ජංගාගේ, ගන්දර, තලල්ල ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටල 8 ක් සොයා ගත් බවය. ඊට අමතරව ටී 56 ජීව උණ්ඩ 32 ක්, පතරොම් කොපු 38 ක්, යතුරු පැදි 3 ක් සහ තියුණු ආයුධයක් ද එම නිවසේ තිබී සොයා ගැනුණි. පොලීසිය සඳහන් කළේ, එම අවස්ථාවේ නිවසේ සිටි 67 හැවිරිදි ඔහුගේ ඥාතියෙකු අත්අඩංගුවට ගත් බවයි. මාකඳුරේ පිහිටි මධුෂ්ගේ නිවස ද පොලීසිය අද පරීක්ෂාවට ලක් කළ අතර එහි තිබී සැක කටයුතු කිසිවක් හමුවී නැත. මේ අතර ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු රංගන ශිල්පී රයන් රෝවන් මහතාගේ මෝටර් රථයේ තිබී ගංජා ග්‍රෑම් 5 ක් සොයා ගෙන තිබේ. ඒ, වැලිගම මිරිස්ස ප්‍රදේශයේ හෝටලයක් පරීක්ෂා කිරීමේදීයි. ඊට අමතරව ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු බන්ධනාගාර නිලධාරියෙකු යැයි පැවසෙන ලලිත් කුරේ මහතාගේ නිවස ද පොලීසිය අද පරීක්ෂා කළේ ය. කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ කම්කරු යැයි පැවසෙන චරිත් නමැති අයෙකුගේ නිවස සහ මාළු අළෙවිකරුවෙකු වන ලංකා නමැත්තාගේ නිවස ද පොලීසිය අද පරීක්ෂාවට ලක් කර තිබුණි. ඊට අමතරව කුමාර නමැති ව්‍යාපාරිකයෙකුගේ නිවස ද පරීක්ෂා කළ බව පොලීසිය සඳහන් කළේ ය. එහෙත් ඔවුන්ගේ නිවෙස්වල තිබී සැක කටයුතු කිසිවක් හමුවී නැත.
2019-02-08T06:38:05.000Z
සබරගමුව, මධ්‍යම පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවූ වැසි
සබරගමුව, මධ්‍යම පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවූ වැසි
COLOMBO (News 1st) - සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 6 ය තුළ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර, වයඹ, දකුණ සහ ඌව පළාත්වලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි වනු ඇත. සෙසු පළාත්වලට මිලිමීටර් 75 ක පමණ වැසි ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
2019-02-08T06:08:45.000Z
ඔස්ට්‍රේලියාව බලා ගිය ගුවන්යානයක් හදිසියේ කටුනායකට ගොඩබස්වයි
ගුවන්යානයක් හදිසියේ කටුනායකට ගොඩබස්වයි
COLOMBO (News 1st) - අබුඩාබි සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පියාසර කරමින් තිබූ A- 380 වර්ගයේ ගුවන්යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබස්වා තිබේ. එහි කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, ගුවන් මගියෙකුට හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් ගුවන්යානය අද උදෑසන ගොඩබස්වා ඇති බවයි. රෝගාතුර වූ රුමේනියානු ජාතිකයා කටුනායක ගුවන්තොටුපොළ වෛද්‍ය ඒකකයට භාරදීමෙන් අනතුරුව ගිලන් රථයකින් මීගමුව ප්‍රදේශයේ රෝහලකට ඇතුලත් කෙරුණි. පසුව ඔහු ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ ය. ඒ අතරතුර යානයට අවශ්‍ය ඉන්ධන ද මෙරටින් ලබාගෙන තිබේ. එහෙත් ගුවන්යානය කටුනායක ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද විය. එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය ගුවන්තොටුපොළ අවට හෝටල් වෙත යොමු කෙරිණි. කටුනායක ගුවන්තොටුපොළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, එම ගුවන්යානය අද රත්‍රියේ දිවයිනෙන් පිටත්ව යනු ඇති බවයි.
2019-02-08T04:16:02.000Z
ගම්පහ අධිකරණය අවට සැකකටයුතු ලෙස සැරිසැරූ 11 දෙනෙක් අත්අඩංගුවට
ගම්පහ අධිකරණය අවට සැරිසැරූ 11 දෙනෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - ගම්පහ අධිකරණ සංකීර්ණය අවට සැකකටයුතු අන්දමින් සැරිසැරූ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පස් පොඩ්ඩා නැමති පාතාල කල්ලි සාමාජිකයා ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකුට එරෙහිව අද දිනයේ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වීමට නියමිතව තිබූ නඩුවක් හේතුවෙන් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව තර කර තිබියදීයි. අත්අඩංගුවට පත් සැකකරුවන් නඩු විභාගවලට පැමිණි පාතාල ක්‍රියාකරුවන්ගේ ගෝලයින් ද යන්න සම්බන්ධව සහ ඔවුන් අපරාධවලට සම්බන්ධ දැයි පරීක්ෂණ පැවැත්වෙන බවට පොලීසිය පැවසුවේ ය. සැකකරුවන් 11 දෙනාගේම ඇඟිලි සලකුණු ලබාගත් පොලීසිය ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
2019-02-08T02:59:30.000Z
නිවසේ සූදු පිටියක් පවත්වා ගෙන ගිය බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් අත්අඩංගුවට
බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - සිය නිවසේ සූදු පිටියක් පවත්වා ගෙන ගිය බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඒ අතර කාන්තාවන් 10 දෙනෙකු වන බව ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2019-02-08T00:42:48.000Z
වෙනිසුවෙලානු ජනපති යටතේ සිටින නීති නිලධාරීන්ගේ වීසා බලපත්‍ර අමෙරිකාව අත්හිටුවයි
වෙනිසුවෙලානු නීති නිලධාරීන්ගේ වීසා අත්හිටුවයි
(News 1st) - අමෙරිකාව, වෙනිසුවෙලානු ජනපති නිකලස් මධුරෝ යටතේ සේවය කරන සියලු නීති නිලධාරීන්ගේ වීසා බලපත්‍ර අත්හිටුවා තිබේ. ඒ, ජනපතිවරයා දිගින් දිගටම අමෙරිකාව, ලතින් අමෙරිකානු රටවල් මෙන්ම යුරෝපා රටවල් පිළිබඳව කරන දැඩි විවේචන හේතුවෙනි. වෙනිසුවෙලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ එරට අන්තර්වාර ජනපති තමන් බවට පසුගියදා ප්‍රකාශ කළේ ය. ඒ සමගම අමෙරිකාව ඇතුළු අදාළ රටවල් කියා සිටියේ, වෙනිසුවෙලානු නායකයා ලෙස විපක්ෂ නායකවරයා පිළිගන්නා බව ය.
2019-02-08T00:18:38.000Z
ශ්‍රීලංකන් හා මිහින් ලංකා වංචා සේවීමට පත් කළ ජනපති කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ
ශ්‍රීලංකන් වංචා සොයන ජනපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල හා ශ්‍රීලංකන් කේටරින් සමාගමේ දූෂණ හා අක්‍රමිකතා සේවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිල කාලය මැයි 30 වන දා දක්වා දීර්ඝ කර තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරිණි. මෙම කොමිසමේ නිල කාලය අවස්ථා කිහිපයකින් දීර්ඝ කිරීමෙන් අනතුරුව ලබන 15 වන දායින් අවසන් වීමට නියමිතව තිබිණි. පසුගිය වසරේ ජනවාරි 31 වන දා ජනාධිපතිතුමා විසින් පිහිටුවන ලද මෙම කොමිසම මගින් ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල හා ශ්‍රීලංකන් කේටරින් සමාගමේ 2006 ජනාවරි පළමු වන දා සිට 2018 ජනවාරි 31 වන දා දක්වා වූ කාල සීමාව තුළ සිදු වූ වංචා දූෂණ හා අක්‍රමිකතා සේවීමට බලතල පවරා තිබේ.
2019-02-07T20:57:52.000Z
රු. මිලියන 15කට අධික කොකේන් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට
කොකේන් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - රුපියල් මිලියන 15කට අධික වටිනාකමින් යුත් කොකේන් කිලෝග්‍රෑමයක් සමග ඉන්දියානු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 34 හැවිරිදි පුද්ගලයෙකි.
2019-02-07T20:48:26.000Z
මධුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට පත් වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට තහවුරු වේ
මධුෂ් මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට තහවුරු වේ
COLOMBO (News 1st) - ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා අත්අඩංගුවට පත් වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට තහවුරු වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සැකකරුවන්ගේ රුධිර සාම්පල මත කරන ලද පරීක්ෂණවලදී ඒ බව තහවුරු වී ඇතැයි ඩුබායි ආරක්ෂක අංශ දැනුම් දී ඇති බව ය. සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තවදුරටත් සාකච්ඡා සිදු කරමින් ඇති බව ද ඔහු පැවසුවේ ය. මේ අතර මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීමට මෙරට නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි වෙත යැවීමට ද සැලසුම් කර තිබේ. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන මාකදුරේ මධුෂ් නමැත්තා ඇතුළු 31 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග ඩුබායිහි හෝටලයකදී පසුගිය 05 වන දා අත්අඩංගුවට ගනු ලැබී ය. ඒ, ඩුබායි පොලීසිය හා ශ්‍රී ලංකා බලධාරීන් ඒකාබද්ධව කළ මෙහෙයුමකදී ය. අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 5 දෙනෙකු සිටින අතර කන්චිපානි ඉම්රාන්, අංගොඩ චූටි ඇතුළු ප්‍රබල අපරාධකරුවන් කිහිප දෙනෙකු ද වන බව පොලීසිය තහවුරු කළේ ය. මාකදුරේ මධුෂ්ගේ දරුවෙකුගේ උපන් දින සාදයක් සඳහා මොවුන් සහභාගි වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.
2019-02-07T20:34:49.000Z
රු. මිලියන 40කට අධික කේරළ ගංජා සමග දෙදෙනෙක් පෑලියගොඩදී අත්අඩංගුවට
මිලියන 40කට අධික කේරළ ගංජා සමග දෙදෙනෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - රුපියල් මිලියන 40කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පෑලියගොඩ ප්‍රදේශයේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත කළ වැටලීමකදී ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ බර කිලෝග්‍රෑම් 400කට අධික බව ය. සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව ද ඔහු සඳහන් කළේ ය.
2019-02-07T20:28:01.000Z
ග්‍රාම ශක්ති නැගෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් අද රැස්වෙයි
ග්‍රාම ශක්ති නැගෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව රැස්වේ
COLOMBO (News 1st) - ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ නැගෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වේ. ඒ, මඩකලපුව මන්මුනෙයි උතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ය. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ජනතාවට යැපුම් මානසිකත්වයෙන් මිදී ස්වෝත්සහයෙන් නැගී සිටීමට අත්වැල සපයන ව්‍යාපෘතියක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. 2018 වසරේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාම ශක්ති සමිතිවලට දී ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 42කි. අම්පාර දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 66ක් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 33ක් ද ලබා දී ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය. මඩකලපුව දිස්ත්‍රික්කයේ ජීවත් වන 526,567ක ජනතාවගෙන් 11.3%ක් දරිද්‍රතාවයෙන් පීඩා විඳියි. අම්පාර දිස්ත්‍රික්කයේ 649,402ක ජනතාවකගෙන් 2.6%ක් ද ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 379,541ක ජනතාවගෙන් 10%ක් ද දිළිඳුකමින් පීඩා විඳින බව එම නිවේදනයේ සඳහන් ය. එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ග්‍රාම ශක්ති ව්‍යාපාරය හරහා ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන අතර, එම වැඩසටහන්වල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව අද පැවැත්වෙන මෙහෙයුම් කමිටුවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇති.
2019-02-07T20:06:07.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) දේශීය පුවත් 1. මාකදුරේ මධුෂ් සමග අත්අඩංගුවට පත් ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන් රෝයන් යන මහත්වරුන්ගේ නිවෙස්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඊයේ පස්වරුවේ පරීක්ෂාවට ලක් කර තිබේ. 2. පාතාල නායක මාකදුරේ මධුෂ් ඩුබායිහි රැඳී සිට ඇත්තේ ව්‍යාජ නමකින් බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා අනාවරණය කළේ ය. 3. වතු කම්කරුවෙකුගේ වැටුප තවදුරටත් ඉහළ දැමීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වී තිබේ. 4. අල්ලස් චෝදනාවකට වරදකරු වූ කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණ නමැත්තාට කොළඹ මහාධිකරණය ඊයේ වසර 5ක සිර දඬුවමක් නියම කළේ ය. 5. ඊයේ පාර්ලිමේන්තු සභාවට පැමිණෙමින් සිටි මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි සෝපානයක සිර වූහ. 6. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත් වී තිබේ. විදෙස් පුවත් 7. ලබන සතිය වන විට සිරියාවේ සහ ඉරාකයේ අයි.එස් ත්‍රස්ත ග්‍රහණයේ පවතින සියලු බිම් මුදාගත හැකි වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ක්‍රීඩා පුවත් 8. ප්‍රබල ඉන්දීය කණ්ඩායමට අන්තර්ජාතික පන්දුවාර 20 යි 20 පිටියේ දැවැන්තම පරාජය හිමි කර දීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
2019-02-07T19:53:00.000Z
අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවයි
අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවයි
COLOMBO (News 1st) - අලුගෝසු තනතුර සඳහා ලබන සඳුදා සිට අයැදුම්පත් කැඳවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මරණ දඬුවම නියම වී සිටින දරුණු ඝණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් ගන්නා ක්‍රියාමාර්ගවලට පහසුකම් සැලසීම මෙහි අරමුණ බව ය. ඒ අනුව ලබන 25 වන දා තෙක් අලුගෝසු තනතුර සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි ය. මේ අතර එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට අදාළ වෙනත් උපකරණ ලබා ගැනීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
2019-02-07T10:13:59.000Z
Shakthi TV යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වන අසත්‍ය පණිවුඩවලට රැවටෙන්න එපා
අසත්‍ය පණිවුඩවලට රැවටෙන්න එපා
COLOMBO (News 1st) - ශක්ති ටීවී යැයි සඳහන් කරමින් ඒ.ටී.එම්. යන්ත්‍ර මගින් සිදු කරන ගනුදෙනු පිළිබඳව කෙටි පණිවුඩයක් වට්ස්ඇප් හා එස්.එම්.එස්. පණිවුඩයක් ලෙස මේ දිනවල ව්‍යප්ත කරමින් තිබේ. අප අවධාරණය කරන්නේ, බැංකුවල නම් සඳහන් කරමින් ශක්ති ටීවී කිසිදු අවස්ථාවක එවැනි පණිවුඩයක් ප්‍රසිද්ධ කර නොමැති බව ය. ප්‍රසිද්ධ කරන පුද්ගලයෙකුගේ නම් ගම් මුහුණු නොමැතිව මේවා ප්‍රචාරය වීම බරපතළ සමාජ ප්‍රශ්නයක් බව අප ද අවස්ථා ගණනාවකදීම පෙන්වා දී තිබේ. මුහුණු සඟවාගෙන කරන මෙවැනි ප්‍රචාර නිසා සිදු වූ විනාශයක හොඳම උදාහරණය මහනුවර දිගන සිදුවීමයි. මෙම සිදු වීමෙන් පසුව ෆේස්බුක් සමාගම පුද්ගලික ගිණුම්වල තොරතුරු හුවමාරුවේදී නව ආරක්ෂක ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබුවේ ය. වට්ස්ඇප් සමාගම දැනටමත් එකවර යැවිය හැකි පණිවුඩ ප්‍රමාණය සීමා කර තිබේ. නමුත් තවදුරටත් මුහුණු සඟවා ගෙන කරන ප්‍රචාර සමාජයට සිදු කරමින් ඇත්තේ බරපතළ හානියකි. මුහුණ වසාගත් කණ්ඩායම් මාධ්‍ය ආයතන ඉදිරිපිට පසුගිය දිනවල හැසිරුණු ආකාරය ඔබට මතක ද? නොබියව ඉදිරියට පැමිණ ජනතාවට තොරතුරු ලබා දීමට ඇති බිය නිසා සැඟවී සිට බොරුව පතුරුවන්නන් පිටුපස ද මේ පුද්ගලයින් සිටිය නොහැකි ද? පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන්ගේ හිමිකාරිත්වය රටම දන්නේ ය. ඔවුන් ඔවුන්ගේ ස්ථාවරය වෙනුවෙන් වගකීම දරයි. එහෙත් මුහුණු නැති අය කරන කියන දෑ අදාළව වගකීම ගන්නේ කවුද? ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලනඥයින් ඔවුන්ට හිතවත් සමාජ මාධ්‍ය හසුරුවයි. එන්.ජී.ඕ. මුදල්වලට මුවා වී ජනතාවට වින කරන මෙවැනි පුද්ගලයින් හා ඔවුන් මෙහෙයවන සමාජ මාධ්‍ය ජාල ගැන රටේ ජනතාව තීරණයක් ගන්නා දිනය වැඩි ඈතක නොවනු ඇති.
2019-02-07T09:48:43.000Z
මධුෂ් ඇතුළු ලාංකිකයින් 31ක් ඩුබායි අධිකරණය හමුවට
මධුෂ් ඇතුළු ලාංකිකයින් 31ක් ඩුබායි අධිකරණය හමුවට
COLOMBO (News 1st) - පාතාල නායක මාකදුරේ මධුෂ් ඩුබායිහි රැඳී සිට ඇත්තේ ව්‍යාජ නමකින් බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා අනාවරණය කළේ ය. අසාද් සාලි මහතා අනාවරණය කළේ මාකදුරේ මධුෂ්, 'අජිත් අවංක වික්‍රමසූරිය' යන ව්‍යාජ නමකින් පෙනී සිට ඇති බව ය. මේ අතර මධුෂ් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙකු අද ඩුබායි අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අසාද් සාලි මහතා මේ බව සඳහන් කළේ, මීගමුව ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ය.
2019-02-07T08:56:39.000Z
අමල්ගේ සහ රයන්ගේ නිවෙස් පරීක්ෂාවට: එක් අයෙකු අත්අඩංගුවට
අමල්ගේ සහ රයන්ගේ නිවෙස් පරීක්ෂාවට
COLOMBO (News 1st) - මාකදුරේ මධුෂ් සමග අත්අඩංගුවට පත් ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන් රෝයන් යන මහත්වරුන්ගේ නිවෙස්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අද පස්වරුවේ පරීක්ෂාවට ලක් කර තිබේ. පොලීසිය සඳහන් කළේ, අමල් පෙරේරා මහතාගේ නිවසේ තිබී කොකේන් භාවිතය සඳහා උපයෝගී කර ගන්නා උපකරණ කිහිපයක් සොයා ගත් බව ය. අමල් පෙරේරා මහතාගේ සොහොයුරු ජනප්‍රිය ගායන ශිල්පී සොහාන් පෙරේරා මහතාගෙන් නිව්ස්ෆස්ට් මේ සම්බන්ධයෙන් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, අද පස්වරුවේ අදාළ නිලධාරීන් පැමිණ සිය නිවස පරීක්ෂා කර තමාගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව ය. මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගන්නා බවට සැක සහිත ගමන් මල්ලක් සහ මත්ද්‍රව්‍ය මැනීම සඳහා යොදා ගන්නා ඩිජිටල් තරාදියක් රයන් වැන් රෝයන් මහතාගේ නිවසේ තිබී සොයා ගත් බව ද පොලීසිය සඳහන් කළේ ය. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ, එහිදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ය.
2019-02-07T06:20:57.000Z
වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා යළිත් අසාර්ථකයි
වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා අසාර්ථකයි
COLOMBO (News 1st) - වතු කම්කරුවෙකුගේ වැටුප තවදුරටත් ඉහළ දැමීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පස්වරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වී තිබේ. මෙම සාකච්ඡාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, දමිළ ප්‍රගතිශීලි පෙරමුණේ නියෝජිතයින් සහ වතු හාම්පුතුන් එක්ව සිටි බව අප වාර්තාකරු සඳහන් කළේ ය. එම සාකච්ඡාවේදී වතු කම්කරුවෙකුගේ වැටුප තවදුරටත් ඉහළ දැමිය නොහැකි බව වතු හාම්පුතුන් පවසා තිබේ. වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා ඉහළ දමමින් පසුගිය 28 වන දා ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් තැබුවේ ය. ඒ අනුව දීමනා සමග වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 855කි. එහෙත් දමිල ප්‍රගිතිශීලි පෙරමුණේ නියෝජිතයින් පවසන්නේ, වතු කම්කරුවෙකුගේ වැටුප වැඩි වී ඇත්තේ රුපියල් 20කින් පමණක් බව ය. ඔවුන් අග්‍රාමාත්‍යවරයා හමු වී ඒ පිළිබඳව පැහැදිලි කිරීමෙන් අනතුරුව වතු කම්කරු දෛනික මූලික වැටුප රුපියල් 700ක් දක්වා ඉහළ දමමින් නිකුත් කිරීමට නියමිතව තිබූ ගැසට් නිවේදනය අත්හිටවනු ලැබුවේ ය.
2019-02-07T03:15:44.000Z
කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණට වසර 5ක සිර දඬුවමක්
කළුතර හි. ප්‍රාදේශීය සභා සභාපතිට වසර 5ක සිර දඬුවම්
COLOMBO (News 1st) - අල්ලස් චෝදනාවකට වරදකරු වූ කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණ නමැත්තාට කොළඹ මහාධිකරණය අද වසර 5ක සිර දඬුවමක් නියම කළේ ය. ඒ, 2012 වසරේ කළුතර ප්‍රදේශයේ ඉඩමක් මැදින් පිවිසුම් මාර්ගයක් සකස් කිරීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබා ගත් බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේ, සිර දඬුවමට අමතරව අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් ලක්ෂ 30ක මුදල දණ්ඩනයක් ලෙස අය කර ගන්නා ලෙස ය. මීට අමතරව රුපියල් ලක්ෂ 20ක් පැමිණිලිකරුට ගෙවන ලෙස නියෝග කළ විනිසුරුවරයා එක් වරදකට රුපියල් 5000 බැගින් චෝදනා 4ක් සඳහා රුපියල් 20000ක දඩයක් ද විත්තිකරුට පනවනු ලැබුවේ ය.
2019-02-07T01:57:35.000Z
දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිරවෙයි
දිනේෂ් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිරවෙයි
COLOMBO (News 1st) - තමා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් විනාඩි 25 ක පමණ කාලයක් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිරවී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇති විය. එම තත්ත්වය හේතුවෙන් කථානායකවරයා පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් දැමුවේ ය.
2019-02-07T01:34:34.000Z
සරත් එන්. සිල්වාගේ නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත් වෙයි
සරත් එන්.සිල්වාගේ නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත් වෙයි
COLOMBO (News 1st) - හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව මැයි මස 8 වන දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කර තිබේ. ඒ, නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ E.A.G.A. අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීය. පෞද්ගලික හේතුවක් මත මෙම නඩු විභාගයෙන් ඉවත් වන බව විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. එබැවින් මෙම නඩුව වෙනත් දිනයක සලකා බැලීමට අද නියෝග කර තිබේ. මේ අතර සරත් එන්. සිල්වා මහතා සිවිල් ඇඳුමින් සැරසී නීතිඥ අසුනක අසුන් ගැනීම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සිය විරෝධය පළ කළේ ය. 2018 වසරේ දෙසැම්බර් මස 03 වන දා මරදාන හන්දියේදී ජාතික එකමුතුව නැමැති සංවිධානය සංවිධානය කළ රැළියකදී කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කර ඇති බව සරත් එන්. සිල්වා මහතාට මෙම පෙත්සමෙන් චෝදනා කර තිබේ. පෙත්සම මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ඇතුළු තිදෙනකු විසින් ගොනු කර තිබුණි. සරත් නන්ද සිල්වා මහතාගේ නීතිඥ භාවය ඉවත් නොකර සිටීමට හේතු දක්වන ලෙසට ද මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත. පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් දක්වා ඇත්තේ, නැවත එවැනි අපහාසයක් විත්තිකරු විසින් සිදු කිරීම වලකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.
2019-02-07T00:55:32.000Z
පළාත් රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
පළාත් රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
COLOMBO (News 1st) - සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි. මේ අතර ගාල්ල ප්‍රදේශයට ඊයේ පස්වරුවේ සිට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරයේ පහත් බිම් රැසක් ජලයෙන් යට විය.
2019-02-07T01:01:54.000Z
පාතාල නායක මධුෂ්ගේ සහ මංජුගේ සහයකයින් තිදෙනෙක් වත්තලදී අත්අඩංගුවට
මධුෂ්ගේ සහ මංජුගේ සහයකයින් තිදෙනෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - ප්‍රබල පාතාල නායකයින් වන මාකඳුරේ මධුෂ්ගේ සහ ඩී. මංජුගේ සහයකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, වත්තල ප්‍රදේශයේ අද අලුයම කළ මෙහෙයුමකදීයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී අයිස් නැමැති මත්පෙති 20 ක් ද සිය භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් 26, 29, සහ 32 හැවිරිදි වියේ පසුවන්නන් ය. සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශයට භාරදීමට පියවර ගන්නා බව පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ ය. මේ අතර ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ ජාත්‍යන්තර ජාලයට සම්බන්ධ බවට සැකපිට පසුගිය දා බංගලාදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනාගෙන් ප්‍රශ්න කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් මේ සතිය තුළ බංග්ලාදේශය වෙත පිටත්ව යන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඊට අදාළ අනුමැතිය මේ වන විට ලැබී ඇති බවයි. 2018 වසරේ දෙසැම්බර් මාසයේදී මෙරටදී අත්අඩංගුවට ගත් මහා පරිමාණ හෙරොයින් තොගය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සඳහා ඔවුන් සම්බන්ධ වී ඇති බවට සැක කරන බව බංග්ලාදේශ ආරක්ෂක අංශ අනාවරණය කළේ ය.
2019-02-07T00:26:22.000Z
ධීවර යාත්‍රා විකිණීම සහ පැවරීම දිස්ත්‍රික් කාර්යාල හරහා සිදු කිරීම අද සිට තහනම්
දිස්ත්‍රික් කාර්යාල හරහා ධීවර යාත්‍රා විකිණීම නවති
COLOMBO (News 1st) - ධීවර යාත්‍රා විකිණීම සහ පැවරීම දිස්ත්‍රික් කාර්යාල හරහා සිදු කිරීම අද සිට තහනම් කළ බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එහි මෙහෙයුම් අධ්‍යක්ෂ කල්‍යානී හේවාපතිරණ මහත්මිය සඳහන් කළේ, ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදුවන විවිධ අක්‍රමිකතා ඉහළ යාම හේතුවෙන් එම පියවර ගත් බවය. යාත්‍රා විකිණීම හෝ පැවරීමක් සිදු කිරීමට නම් ඒ සඳහා දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන්ගේ නිර්දේශ ලබා ගැනීම ද අද සිට අනිවාර්ය වනු අති. එම නිර්දේශ සමග කොළඹ ප්‍රධාන කාර්යාලයට පැමිණීමෙන් පසු සිදු කෙරෙන දීර්ඝ අධ්‍යනයකින් පසුව පමණක් ඒ සඳහා අවස්ථාව ලබා දෙන බව ද ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මෙහෙයුම් අධ්‍යක්ෂවරිය පැවසුවේ, ඒ සඳහා ප්‍රධාන කාර්යාලයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ද ක්‍රියාත්මක බවයි. මේ සම්බන්ධයෙන් සියලු දිස්ත්‍රික් කාර්යාල වෙත උපදෙස් පත්‍රිකා නිකුත් කළ බව ද කල්‍යානී හේවාපතිරණ මහත්මිය සඳහන් කළේ ය.
2019-02-07T00:07:10.000Z
JUST IN: පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබේ
JUST IN: පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබේ
COLOMBO (News 1st) - සභාවේ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තබා තිබේ.
2019-02-06T21:01:31.000Z
සතියක් තුළ සිරියාවේ සහ ඉරාකයේ IS ත්‍රස්ත ග්‍රහණයේ පවතින සියලු බිම් මුදාගත හැකියි - ඩොනල්ඩ් ට්‍රම්ප්
අමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්...
ලබන සතිය වන විට සිරියාවේ සහ ඉරාකයේ අයි එස් ත්‍රස්ත ග්‍රහණයේ පවතින සියලු බිම් මුදාගත හැකි වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. වොෂින්ටන් නුවරදී අයි එස් ත්‍රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර සන්ධානයේ සාමාජිකයන් ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ, විදේශික ත්‍රස්තවාදීන්ට අමෙරිකාවට ඇතුළුවීමට ඉඩ නොදිය යුතු බවයි. සිරියාවෙන් සිය සෙබළුන් ඉවත් කරගන්නා නමුත් අමෙරිකාව අඛණ්ඩව අයි එස් ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ ප්‍රකාශ කළේ ය. මේ අතර අමෙරිකානු හමුදාව සහ බුද්ධි අංශ නිලධාරීන් පැවසූවේ, තිරසර ත්‍රස්ත මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ නම් අයි එස් ත්‍රස්තවාදීන් යළි නැගීසිටීමේ අවදානමක් ඇති බවයි. අයි එස් ත්‍රස්තවාදීන් පරාජය කර ඇති බවත්, අයි එස් ත්‍රස්ත මර්දන මෙහෙයුමට යෙද වූ අමෙරිකානු සෙබළුන් දින 30 ක් තුළ ඉවත් කරගන්නා බවටත් ජනාධිපති ට්‍රම්ප් ඉකුත් දෙසැම්බර් මාසයේදී කළ ප්‍රකාශයෙන්, අයි එස් ත්‍රස්තවාදීන් මර්දනයට එක් ව සිටින රටවල් විමතියට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අයි එස් ත්‍රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර සන්ධානය දැන් රටවල් 80 කින් සමන්විත අතර එය පිහිටවනු ලැබුවේ 2014 වසරේදීයි.
2019-02-06T20:33:53.000Z
නවසිලන්තය හමුවේ ඉන්දීය කණ්ඩායමට පළමු 20 යි 20 තරගයෙන් දැවැන්ත පරාජයක්
නවසිලන්තය හමුවේ ඉන්දියාවට දැවැන්ත පරාජයක්
ප්‍රබල ඉන්දීය කණ්ඩායමට අන්තර්ජාතික පන්දුවාර 20 යි 20 පිටියේ දැවැන්තම පරාජය හිමිකරදීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ, ඉන්දියාව සමග පැවැත්වෙන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 80 ක ජයක් වාර්තා කිරීමත් සමගයි. වෙලිංටන්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක නවසීලන්තය කඩුලු 6 කට ලකුණු 219 ක් රැස් කළේ ය. ආරම්භක පිතිකරු ටිම් ෂීෆර්ට් ලකුණු 84 යි. පන්දු 43 කින් ඔහු රැස් කළ එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 7 ක් සහ 6 පහර 6 ක් ඇතුලත් ය. නායක කේන් විලියම්සන් සහ කොලින් මුන්රෝ ලකුණු 34 බැගින් රැස් කළේ ය. රොස් ටේලර් ලකුණු 24 යි. හර්දික් පාන්ඩ්‍යා ලකුණු 51ට කඩුලු 2 ක් දවා ගත්තේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ශිකර් ධවාන් ලකුණු 29 යි. විජේ ශංකර් ලකුණු 27ක් රැස් කළේ ය. මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 39යි. ඉන්දීය පිතිකරුවන් සිව්දෙනෙකුම එක් ලකුණකට දැවී ගියහ. ටිම් සවුති ලකුණු 17ට කඩුලු 3යි. ලොකී ෆර්ගසන් සහ මිචෙල් සැන්ට්නර් කඩුලු 2 බැගින් දවා ගත්තේ ය. ඉන්දීය කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේදී ලකුණු 139කට දැවී ගොස් තිබේ.
2019-02-06T19:45:33.000Z
පාතාල නායක මධුෂ් ඇතුළු පිරිසගේ රුධිර සාම්පල විශේෂ පරීක්ෂාවකට
මධුෂ් ඇතුළු පිරිසගේ රුධිර සාම්පල විශේෂ පරීක්ෂාවකට
COLOMBO (News 1st) - ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන්ගේ රුධිර සාම්පල ඩුබායි ආරක්ෂක අංශ විසින් ලබා ගෙන ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර ඇද්ද යන්න තහවුරු කර ගැනීම සඳහා අදාළ රුධිර සාම්පල ලබා ගෙන ඇති බවයි. සැකකරුවන් රඳවා තබා ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව, ඩුබායි ආරක්ෂක අංශ දැනුම්දී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. මේ අතර සැකකරුවන් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය උපදෙස් ලබාදීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. නීතිපති ජයන්ත ජයසුරිය මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ මෙතෙක් නීතිමය උපදෙස් ඉල්ලා නොමැති බවයි. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන මාකදුරේ මධුෂ් නමැත්තා ඇතුළු 25 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග ඩුබායිහි හෝටලයකදී පෙරේදා අත්අඩංගුවට ගැනුණි. ඒ, ඩුබායි පොලීසිය හා ශ්‍රී ලංකා බලධාරීන් ඒකාබද්ධව කළ මෙහෙයුමකදී ය. අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රමුඛපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්දෙනෙකු සිටින අතර කන්චිපානි ඉම්රාන්, අංගොඩ චූටි ඇතුළු ප්‍රබල අපරාධකරුවන් කිහිපදෙනෙකු ද වන බව පොලීසිය තහවුරු කළේ ය. සැකකරුවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා දෙරට බලධාරීන් සාකච්ඡා කරමින් සිටින බව ඩුබායිහී කලීජ් ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබේ. මාකදුරේ මධුෂ්ගේ දරුවෙකුගේ උපන් දින සාදයක් සඳහා මෙම මෙම 25 දෙනා සහභාගීවි ඇතැයි පොලීසිය පැවසීය.
2019-02-06T19:34:25.000Z
පොහොට්ටුව හා නිදහස් සන්ධානය අතර පුළුල් සන්ධානය ගොඩනැගීම ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡා
පුළුල් සන්ධානය ගොඩනැගීම ගැන ජනපති සාකච්ඡාවක...
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් ව පිහිටුවීමට යෝජිත නව පුළුල් දේශපාලනික සන්ධානය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවැත් විය. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ, නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා පොදුජන පෙරමුණ විසින් පත් කරන ලද ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයන් කිහිපදෙනෙකු ද පත්කළ බවයි. ඒ අනුව දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, ඒ.එච්.එම් අතාවුල්ලා ,ඩඩ්ලස් දේවානන්ද යන මහත්වරුන් එම කමිටුවට පත් කර ඇත. නව දේශපාලන සන්ධානය පිහිටුවීම සම්බන්ධයෙන් වන එකඟතාවයන් ඉදිරි සති දෙක තුළ ලබා දෙන්නැයි ද එම කමිටුවට පවරා දුන් බව තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, කමිටුවේ සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සන්ධානයේ පක්ෂ නායකයින් ලබන 16 හෝ 17 යළි රැස්වීමට ද නියමිතව ඇති බවයි.
2019-02-06T19:17:11.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. “මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ස්ථීරයි..”ජනපති යළි ත් අවධාරණය කරයි: කුමන ආකාරයේ විරෝධතා මතුවූවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි ත් අවධාරණය කර තිබේ. 2. මාකදුරේ මධුෂ් සමග රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙකු ද සිටින බවට අනාවරණයක්: ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මාකදුරේ මධුෂ් නැමැත්තා ඇතුළු පිරිස අතර රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙකු ද සිටින බව එරට කලීජ් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ. 3. ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට – අනුර කුමාර දිසානායක: ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. 4. News 1st වාර්තාකරු රුචිර අබේමාන්න මහතා අවසන් ගමන් යයි: රත්නපුර, නව නගරයේදී සිදු වූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත නිව්ස්ෆස්ට් රත්නපුර වාර්තාකරු රුචිර අබේමාන්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණි. විදෙස් පුවත් 5. ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියානු නායකයා අතර පවත්වන 2 වන සමුළුව පිළිබඳව නිවේදනය කරයි: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර දෙවන න්‍යෂ්ටික සමුළුව පිළිබඳව නිවේදනය කර තිබේ.
2019-02-06T18:58:56.000Z
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි...
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව ලබන සතියේ..?
COLOMBO (News 1st) - ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය වූ බවයි. ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ වන යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඊයේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබුණි. විපක්ෂයේ විරෝධතාව නොතකා මෙම තීරණයට එළැඹි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මෙම යෝජනාවට සිය විරෝධය පළ කර තිබේ.
2019-02-06T11:24:54.000Z
News 1st වාර්තාකරු රුචිර අබේමාන්න මහතා අවසන් ගමන් යයි
රුචිර අබේමාන්න මහතා අවසන් ගමන් යයි
COLOMBO (News 1st) - රත්නපුර, නව නගරයේදී සිදු වූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත නිව්ස්ෆස්ට් රත්නපුර වාර්තාකරු රුචිර අබේමාන්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණි. රුචිර අබේමාන්න මහතාගේ අවසන් කටයුතු කිරීමට ප්‍රථම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝක ප්‍රකාශක ඉදිරිපත් කරණු ලැබුණි. අනතුරුව අවසන් කටයුතු සිදු කෙරුණේ ලෙල්ලොපිටිය බැරැන්ඩුව ප්‍රදේශයේ පිහිටි පවුලේ සුසාන භූමියේදී. අභාවප්‍රාප්ත වනවිට 47 වන වියේ පසු වූ රුචිර අබේමාන්න මහතා දෙදරු පියෙකි.
2019-02-06T10:04:31.000Z
මහින්ද රාජපක්ෂ ගොනු කළ අභියාචනය අද සලකා බැලේ
මහින්ද රාජපක්ෂ ගොනු කළ අභියාචනය අද සලකා බැලේ
COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේත්, කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූරවලත් කටයුතු කිරීම වලක්වමින් නිකුත් කළ නියෝගය අවලංගු කරන්නැයි ඉල්ලා රාජපක්ෂ මහතාගේ පාර්ශවය ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද යළි ත් සළකා බැලුණි. අභියාචනය සලකා බැලුවේ බුවනෙක අලුවිහාරේ සහ මුර්දූ ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේය. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට අතුරු නියෝගය ලබාදීමට මුල් වූ අභියාචනාධිකරණ පෙත්සම ඉවත් කර ගැනීමට තමන් සුදානම් බව ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් අද දැනුම් දුන්හ. ඔවුන් දැනුම් දුන්නේ, අභියාචනාධිකරණ පෙත්සම ගොනු කළ මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගත යුතු බැවින් ඒ සඳහා කාලය අවශ්‍ය බවයි. එම පෙත්සම ඉවත් කර ගන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු කැබිනට් මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති අභියාචන පෙත්සම ද ඉවත් කර ගැනීමට සූදානම් බව නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්හ. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට කොටස් ඇතැයි කියන සමාගමක් ආණ්ඩුවේ ආයතන සමග ගනුදෙනු කරමින් ප්‍රතිලාභ ලබා ඇති නිසා මන්ත්‍රී ධූරය දැරීම වලක්වන නියෝගයක් ඉල්ලා මේ වනවිට අභියාචනාධිකරණයේ පෙත්සමක් විභාග වෙමින් තිබේ. එම පෙත්සමේ අනාගත ඉරණම කුමක් වෙයි ද? ජනතාව අවධානයෙන්....
2019-02-06T09:07:19.000Z
ඩඩ්ලි සිරිසේනගේ අනතුරු ඇඟවීම...
ඩඩ්ලි සිරිසේනගේ අනතුරු ඇඟවීම...
COLOMBO (News 1st) - ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. ව්‍යාපාරික, ඩඩ්ලි සිරිසේන මේ මයික්‍රෝ ක්‍රෙඩිට් කියන මේ ණය ක්‍රමය මම වගකීමෙන් කියන්නේ, රටේ පාතාලේ මෙහෙය වන්නේ දේශපාලඥයින්ගේ සම්බන්ධයක් ඇරන් තමයි මේක කරන්නේ. මේ රටේ අහිංසක මිනිස්සු හැම කෙනෙක්ම ඩේලි කලෙක්ෂන් එකට ගත්ත ණයෙන් තමයි දුවන්නේ. සීයට හැත්තෑපහටත් වඩා වෙනවා වැල් පොලී මේ ණය ගෙවාගන්න බැරි වුණාම ලිංගික අල්ලස් ගන්න එක තමයි මේකේ දෙවැනි ක්‍රියාව. රටේ අහිංසකයා මංකොල්ලකන ක්‍රමවේදය. විශේෂයෙන්ම මේ රටේ පොලිස්පතිවරයා රටේ ප්‍රසිද්ධ නළුවෙක් විදිහට, ගායකයෙන් විදිහට, නැට්ටුවෙක් විදිහට. මේ තැන්වග තියෙන වගකීම් ඉෂ්ට කරන්න කරුණාකරලා මේ රටේ ජනතාව ණය ගෙවාගන්න බැරි අය තමන්ට තියෙනව වගකීම් ගැන පොලීසියට පැමිණිල්ලක් කරන්න. මේ තියෙන්නේ මගේ ණය ප්‍රමාණය පොළිය මම එක තත්ත්පරයකට රුපියල් 37 සත 64 ක් ගෙවනවා. මගේ ණය මට ගෙවන්න බැරිකමක් නෑ. නමුත් මගේ සහෝදර ජනතාව තමුන්ගේ නිවස බේරාගන්න මගෙන් උදව් ඉල්ලනවා විශේෂයෙන්ම මම ජනාධිපතිතුමාගේ මල්ලී නිසා. මේ තත්ත්වය පිළිබඳ අතිගරු ජනාධිපතිතුමණි අගමැතිතුමනි, විපක්ෂනායකතුමනි මේ මයික්‍රෝ කෙඩිට් කාරයෝ ගහලා එලවන්න ඕනෑ මේ ප්‍රදේශවලින්. මම ඒකට මූලිකත්වය ගන්නවා. අද දින මම රටින් පිට යනවා දවස් කීපයකට. මම ඒ අයට දිනයක් දෙනවා තමුන්නාන්සේලාගේ ගනුදෙනු ලබන මාර්තු 31 වෙද්දී බේරගන්න. ලංකාවේ ආදර්ශමත් දිස්ත්‍රික්කයක් විදිහට මයික්‍රෝ ක්‍රෙඩිට් කාරයෝ ගහලා එලවන මෙහෙයුම මගේ නායකත්වයෙන් මම මෙහෙයවනවා කියන එක මම වගකීමෙන් කියනවා. විදුලිය වංචා පිළිබඳවත් මෙහිදී අදහස් පළ විය. ව්‍යාපාරික, ඩඩ්ලි සිරිසේන මේ ඊයේ පෙරේදා පටන් අරන් තියෙනවා බිලියන 90 ක් පාඩු පිට එල්එන්ජී විදුලි ටෙන්ඩරය චීනයටදීමට කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමේ සූදානමක්. මම දැක්කා සිරස ප්‍රවෘත්තිවල මේ පිළිබඳ ලස්සන පැහැදිලි කිරීමක් කළා. ඒ කම්පියුටරයේ ටෙන්ඩර් ඩොකියුමන්ට් එක වෙන කොම්පියුටරකට දාපුවම ඔන් වෙනවාලු දාපු එකේ ඔන්වෙන්නේ නෑ කියලා සැම්සුන් සමාගම ඒකෙන් කපා හැරියා. අතිගරු ජනාධිපතිතුමනි මට ඔබතුමා සමග පුද්ගලිකව මේ ගැන කතා කරන්න බැරිකමක් නෑ. ඔබතුමා මට මේක කියන්න කියලා කියලා එව්වෙත් නෑ. නමුත් මේක බලන්න. ලෝකයේ විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා මොන රටේද මේ එල්එන්ජී ක්‍රමය භාවිත කරන්නේ. මේ අභියෝගය.මේ සියලු දේ තියෙන්නේ බයෝ මාෂ්, ගල්අගුරු, පිරිසිදු ගල් අඟුරු, සුළං මේ වගේ ක්‍රමවේදයක් මිසක් මේ එල්එන්ජී ගැස් වියදම් කරලා මේ ටෙන්ඩරයේ පාඩුව බිලියන 90ක් කියනවා මේකේ පාඩුව. මේකේ සම්තින් කොහේට හරි ගෙව්ව ඒවා ඇති. ඊළඟ ගනුදෙනුව මම කියන්නම් පුල්මුඩේ ඉල්මනයිට් එකට දැන් ආණ්ඩුවේ අවසානය වෙන්න යද්දී මේ තකහනියේ මේවා එහේ මෙහේ කරලා බලෙන් හරි අනුමත කරලා පොකට් එක පුරවගන්න යන දේශපාලඥයින්, මම ඉතා වගකීමෙන් කියනවා මගේ අයියා මට අද රෑට හොඳටම බනිනවා කියලා මම දන්නවා. හැබැයි ඔය පාර්ලිමේන්තුවේ වැඩිම කාලයක් ටයි කෝටි ඇඳගෙන ඉන්නේ හොඳම හොරු කියන එක මම වගකීමෙන් කියනවා. එක කොටසක් ජනවාර්ගික ප්‍රශ්නය අවුස්සාගෙන ටයිකෝටි ඇඳන් හොරකම් කරනවා. මොන ආණ්ඩුව පත්වුණත් මොන ජනාධිපති පත්වුණත් ඒ ඇමති ඒ අමාත්‍යංශයේ ඇයි ඒකේ පැණිවදයක් තියෙනවාද. ඒවගේ ජරා දේශපාලනය මේ රටින් තුරන් විය යුතුයි.
2019-02-06T08:21:41.000Z
"මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ස්ථීරයි.."ජනපති යළි ත් අවධාරණය කරයි
ජනපති දැඩි තීරණයක...
COLOMBO (News 1st) - කුමන ආකාරයේ විරෝධතා මතුවූවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද යළි ත් අවධාරණය කර තිබේ. අද පස්වරුවේ පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ය. මෙහිදී විනිශ්චකාරවරුන්ට උසස්වීම් ලබාදීමේදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා අදහස් පළ කළේ ය.
2019-02-06T08:05:45.000Z
මාකදුරේ මධුෂ් සමග රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙකු ද සිටින බවට අනාවරණයක්...
මධුෂ් සමග රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපතක් හිමි අයෙක්
COLOMBO (News 1st) - ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මාකදුරේ මධුෂ් නැමැත්තා ඇතුළු පිරිස අතර රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙකු ද සිටින බව එරට කලීජ් ටයිම්ස් පුවත්පත අද වාර්තා කර තිබේ. අදාළ සැකකරුවන් තම අත්අඩංගුවේ සිටින බව ඩුබායි පොලීසිය තහවුරු කළ බව ද එම වාර්තාවේ සඳහන් විය. ප්‍රබල මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මාකදුරේ මධුෂ් නමැත්තා ඇතුළු 25 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුව ගත් බව පොලීසිය ඊයේ ප්‍රකාශ කර තිබේ. ඩුබායි කලීජ් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ, මේවනවිට අත්අඩංගුවේ පසුවන්නේ සැකකරුවන් 20 දෙනෙකු බවයි. මෙම වැටලීම ඩුබායි පොලීසිය හා ශ්‍රී ලංකා බලධාරීන් සමග ඒකාබද්ධව සිදු කළ බව ද එම පුවත්පත පවසයි. මෙම සැකකරුවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා දෙරට බලධාරීන් සාකච්චා කරමින් සිටින බව ද කලීජ් ටයිම්ස් පුවත්පත් වාර්තාවේ සඳහන් විය. මේ පිරිස මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ආරක්ෂක අමාත්‍යංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය එක් ව සම්බන්ධීකරණය කරන බව පොලීසිය පවසා ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රමුඛපෙළේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් පස්දෙනෙකු සිටින අතර කන්චිපානි ඉම්රාන්, අංගොඩ චූටි, ඇතුළු ප්‍රබල අපරාධකරුවන් කිහිපදෙනෙකු සිටින බව පොලීසිය තහවුරු කළේ ය. මාකදුරේ මධුෂ්ගේ දරුවෙකුගේ උපන් දින සාදයක් සඳහා මෙම මෙම 25 දෙනා සහභාගිවී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.
2019-02-06T07:08:15.000Z
ATM මූල්‍ය වංචාවට සැකපිට විදේශිකයින් තිදෙනෙකු අත්අඩංගුවට
ATM මූල්‍ය වංචාවට සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ATM යන්ත්‍ර හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමට සැකපිට චීන ජාතිකයින් දෙදෙනෙකු සහ රුමේනියා ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ විමර්ශනවලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.
2019-02-06T06:09:08.000Z
ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල ලබන 12 වන දා
ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල ලබන 12 වන දා
COLOMBO (News 1st) - මෙවර ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල ලබන 12 වන දා පස්වරු 6.00 ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිත වේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ගුවන් විදුලි රාජ්‍ය උපදේශක සභාව සමග එක් ව එය සංවිධානය කරන්නේ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවයි.
2019-02-06T04:37:37.000Z
නීති විරෝධි දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා භාරයට
නීති විරෝධිව මසුන් ඇල්ලූ 11 දෙනෙක් කොටුවෙති
COLOMBO (News 1st) - කල්පිටිය, සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් සතුව තිබූ තහනම් දැල් 02 ක්, ඩිංගි යාත්‍රා 04 සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 2487 ක් නාවික හමුදා භාරයට ගත් බවයි. පුද්ගලයින්, තහනම් දැල්, යාත්‍රා, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න, ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන බව නාවික හමුදාව සඳහන් කළේ ය.
2019-02-06T04:22:44.000Z
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට - අනුර කුමාර දිසානායක
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවට?
COLOMBO (News 1st) - ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. විපක්ෂයේ විරෝධතාව නොතකා, මෙම තීරණයට එළැඹි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය. ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක, අද හවස 2.30 පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීම පැවැත්වුනා. එහිදී සියලු පක්ෂ විරුද්ධ වෙද්දි ආණ්ඩු පක්ෂයේ පමණක් එකඟතාවයෙන් හෙට දිනයේ ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අමාත්‍යවරු සංඛ්‍යාව 30 - 48 දක්වාත් අමාත්‍ය ධූර 48 - 18 කින්, ඒවගේම නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40 - 45 දක්වා 5 දෙනෙකුගෙන් වැඩි කිරීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කොට තිබෙනවා. මෙම ජාතික ආණ්ඩුවට එකතු වෙන පක්ෂ කවරේද කියලා අහපුවහම එක පක්ෂයයි මුස්ලිම් කොංග්‍රසය. හැබැයි මුස්ලිම් කොංග්‍රසය මේ වන විටත් ආණ්ඩුව නියෝජනය කරමින් ඉන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාවේ හිල් හොයමින් අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා දරන මේ ප්‍රයත්නය පරාජයට පත් කළ යුතුයි. ජාතික ආණ්ඩුවේ තමන්ගේ ඔළුවේ මනස්ගාතයක් හදාගෙන තමන්ගේ සුරතලුන්ට රටේ මහජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන්න නාස්ති කරන්න මහජනයාගේ ධනයෙන් වරදාන විඳින්න මේ අමාත්‍ය ධූර වැඩි කර ගැනීමේ යෝජනාව මේ රටේ ජනතාව විසින් පරාජයට පත් කළ යුතුව තිබෙනවා. ඒවගේම ජනාධිපතිවරයටත් මේ නිශ්චිත මොහොතේ ඉතා විශේෂ වගකීමක් තිබෙනවා. ඔහු අතින් තමන් මේ අමාත්‍ය ධූර ලබාදිය යුතු වන්නේ ඒ නිසා මේ අත්තනෝමතික හිතුවක්කාරේ රනිල් වික්‍රමසිංහ ව්‍යස්ථාවේ හිල් හොයමින් දරන ප්‍රයත්නයට ජනාධිපතිවරයා ඉඩ ලබාදිය නොදිය යුතුයි කියන යෝජනාව අපේ තිබෙනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මෙම යෝජනාවට විරෝධය පළ කර තිබේ. රාජපක්ෂ මහතා අවධාරණය කළේ, ආණ්ඩු පක්ෂයේ තීරණය මත හෙට එය විවාදයට ගැනීමට තීරණය කිරීම බලය අයුතු ලෙස භාවිත කිරීමක් බවයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, දිනේෂ් ගුණවර්ධන, අපි ප්‍රශ්න කළා මෙහි පදනම. ඒ වගේම අපි විරුද්ධ වුණා වැරදි ප්‍රතිපත්තියක් අනුව යෝජනාවල් උදේ ගෙනල්ලා අත්හිටුවලා එදාම සම්මත කරන ක්‍රියාවලිය වැරදියි. මන්ත්‍රීතුමන්ලට දැනුම්දීලා තියෙන්නේ වෙන දෙයක් හෙට තියෙන්නේ කියලා. ඉතින් පිළිවෙත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු මන්ත්‍රීවරු ප්‍රතික්ෂේප කළා. ඒ වගේම ද්‍රවිඩ සංවිධානයත් ප්‍රකාශ කළා මේක වැරදියි කියලා. ආණ්ඩුවට කවුරුත් නැහැ. ආණ්ඩුවට ඉන්නේ මුස්ලිම් කොංග්‍රස් එක. ඊනියා යෝජනාවක් පිළිබඳ කරන්න හදන විහිලුවක් ගැන මං කිව්වා. කතානායකතුමත් කිව්වා පිළිවෙළකට කල්දීලා පාර්ලිමේන්තුව වැඩ කරන විදිහට වැඩ කරන්න කියලා නමුත් ඒක නොතකා සභානායක කියනවා රජයේ කටයුතු අත්‍යවශ්‍යයි හෙට ඉදිරිපත් කිරීමටත් ඡන්ද විමසීමටත්. සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, අපේ පියවර ස්ථාවර නියෝග අනුව ව්‍යවස්ථාව අනුව හැමවෙලාවෙම අපි ස්ථාවර නියෝග අත්හිටුවන්නේ නැහැ. ඒක කරන්නේ කලාතුරකින් නමුත් හදිසි අවශ්‍යතාවයක් වුනහම අපි ස්ථාවර නියෝගය අත්හිටුවලා ඉදිරිපත් කරන්න ඒ අයිතිය තියෙනවා. පක්ෂ කිහිපයක් විරුද්ධ වුණා නමුත් රජයේ වැඩ කටයුතුවලට ප්‍රමුඛතාව දිය යුතුයි. මාධ්‍යවේදී ප්‍රශ්නය, ආණ්ඩුවට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය තියෙනවද මේ වෙලාවේ? පිළිතුර, පැහැදිලිවම තියෙනවා.
2019-02-06T01:15:40.000Z
ශ්‍රී.ල.නි.ප. නව සංවිධායකවරු ජනපති අතින් පත් වීම් ලබති
නව සංවිධායකවරු ජනපති අතින් පත් වීම් ලබති
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම නව දිස්ත්‍රික් සංවිධායකවරයා හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නව ආසන සංවිධායකවරු ජනාධිපතිතුමා අතින් පත් වීම් ලබා ගත්හ. නව දිස්ත්‍රික් සංවිධායකවරයා හා ආසන සංවිධායකවරු ඊයේ පත් වීම් ලබා ගත්තේ, පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලයේදී ය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නව සංවිධායක ලෙස දයාශ‍්‍රිත තිසේරා මහතා පත් කර තිබේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කලාවැව ආසන සංවිධායක ලෙස දුමින්ද දිසානායක මහතාත්, හොරොව්පතාන ආසන සංවිධායක ලෙස වීරකුමාර දිසානායක මහතාත් පත් වීම් ලබා ගත්හ. මැදවච්චිය ආසන සංවිධායක ලෙස තිස්ස කරලියද්ද මහතාත්, බටහිර අනුරාධපුර ආසන සංවිධායක ලෙස ඩබ්ලිව්.බී. ඒකනායක මහතාත්, මිහින්තලය ආසන සංවිධායක ලෙස ඩබ්ලිව්.කේ. ඉලංගසිංහ මහතාත් පත් කර තිබේ. නැගෙනහිර අනුරාධපුර සංවිධායකවරුන් ලෙස ප්‍රේමසිරි හෙට්ටිආරච්චි, ඩී.පී. බන්දුසේන යන මහත්වරුන් හා කැකිරාව ආසන සංවිධායක ලෙස රොහාන් ජයකොඩි මහතාත් පත් කර තිබේ. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස පී.බී. දිසානායක, එම්. හේරත් බණ්ඩා, එම්.ආර්.බී. ඥානතිලක යන මහත්වරුන් පත් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
2019-02-06T01:53:06.000Z
සිංගප්පූරු ගිවිසුමේදී මලික්ගේ ක්‍රියාකලාපය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට විපක්ෂය සැරසෙයි
මලික්ගේ ක්‍රියාකලාපය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක්
COLOMBO (News 1st) - මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමේදී කටයුතු කර ඇති ආකාරය පිළිබඳව විවාදයට දිනයක් ලබා ගැනීම සඳහා අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට ඉල්ලීමක් ඉදිරිපත් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා පවසයි. ඊයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අවස්ථාවේදී මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවාදයක් ලබා ගැනීමට තීරණය කෙරිණි. ඒ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළේ, විමල් වීරවංශ මන්ත්‍රීවරයායි.
2019-02-06T01:23:26.000Z
ජාතික ආණ්ඩු යෝජනාව ගැන තීරණයක් ගැනීමට පක්ෂ නායකයින් අද රැස්වේ
පක්ෂ නායකයින් අද රැස්වේ
COLOMBO (News 1st) - අධිකරණ අමාත්‍යවරිය ඉදිරිපත් කරන වරදකරුවන් භාර දීමේ හා ණය සහනදායක ආඥා පනත යටතේ නියමයන් දෙකක් අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ය. මේ අතර අද පස්වරු 2.30ට පක්ෂ නායකයින් රැස්වේ. ඒ, එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර තිබෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ යෝජනාව පිළිබඳව තීරණයක් ගැනීමට ය. හෙට දිනයේදී මීට අදාළ විවාදය පැවැත්වෙනු ඇති. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ මෙම යෝජනාවට සහය ලබා නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඊයේ තීරණය කළේ ය. මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු වෙතොත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද ඊයේ තීරණය කෙරිණි.
2019-02-06T01:10:20.000Z
මත්ද්‍රව්‍යවලට අබ්බැහිවූවන් පුනරුත්ථාපනයට ජාතික අධිකාරියක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය
මත්ද්‍රව්‍යවලට ගොදුරුවූවන් පුනරුත්ථාපනයට වැඩසටහනක්
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරියක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. මත්ද්‍රව්‍යවලට අබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරියට අමතරව විෂ මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමේ නව තාක්ෂණික උපකරණ ආනයනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මතින් නිදහස් රටක්, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමාගාමීව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. මේ අතර දූෂණ මැඩලීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව 2019 - 2023 අතර කාල සීමාව තුළ අදාළ සැලැස්ම ක්‍රියාත්මක කෙරෙනු ඇති. රාජ්‍ය ආයතනවල මෙන්ම අනෙකුත් ආයතනවල සිදු වන අල්ලස හා දූෂණය තුරන් කිරීම එහි අරමුණයි.
2019-02-06T00:13:35.000Z
ගිරිදර ඉන්ධන පිරවුම්හළක කොල්ලයක්
ගිරිදර ඉන්ධන පිරවුම්හළක කොල්ලයක්
COLOMBO (News 1st) - යතුරු පැදිවලින් පැමිණි දෙදෙනෙකු දොම්පේ ගිරිදර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළක් කොල්ල කා පළා ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ මුහුණු ආවරණය කර පැමිණි සැකකරුවන් ඉන්ධන පිරවුම්හළේ සේවකයින් බිය ගන්වා මෙම මුදල් කොල්ලය සිදු කර ඇති බව ය. ඔවුන් පැහැර ගත් මුදල රුපියල් 210800කි. මේ අතර කුරුණෑගල බෞද්ධාලෝක මාවතේදී පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් පැහැර ගැනීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරු සතුව තිබී ජීව අත් බෝම්බයක් ද සොයා ගෙන ඇති බව ය. අදාළ පුද්ගලයා බැංකුවෙන් චෙක්පතක් මාරු කර මුදල් ලබා ගෙන පිටතට පැමිණි අවස්ථාවේදී මෙම කොල්ල කෑම සිදු කර ඇති බව පොලීසිය පැවසුවේ ය. ඊට සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධ ඇති අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.
2019-02-05T23:36:37.000Z
ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියානු නායකයා අතර පවත්වන 2 වන සමුළුව පිළිබඳව නිවේදනය කරයි
ට්‍රම්ප් - උන් දෙවන සමුළුව නිවේදනය කරයි
(News 1st) - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරිනානු නායක කිම් ජොන් උන් අතර දෙවන න්‍යෂ්ටික සමුළුව පිළිබඳව නිවේදනය කර තිබේ. විදෙස් වාර්තා පවසන්නේ සිය දෙවන න්‍යෂ්ටික සමුළුව මෙම මාසයේදී පවත්වන බවට අමෙරිකානු ජනාධිපතිවරයා නිවේදනය කළ බව ය. එරට ජාතිය අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. මෙහිදී ඔහු ජාතිය අමතා ඇත්තේ 'ශ්‍රේෂ්ඨත්වය තෝරා ගැනීම' යන්න තේමා කර ගනිමිනි. අමෙරිකාව සහ මෙක්සිකෝව වෙන් කරමින් මායිම් තාප්පය ඉදිකිරීම පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී ප්‍රතිඥා දී තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ වටිනාකම් අත්තනෝමතික ලෙස කඩ කරන බවට ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ චෝදනා කරති. ඔවුන් පවසන්නේ, ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය හමුවේ අමෙරිකානු ආණ්ඩුව අක්‍රීය වීම ඉතිහාසගත වූ බව ය.
2019-02-05T22:55:27.000Z
නව මිසයිල පද්ධතියක් නිර්මාණයට රුසියාව සැරසෙයි
නව මිසයිල පද්ධතියක් නිර්මාණයට රුසියාව සැරසෙයි
(News 1st) - මැදිදුර න්‍යෂ්ටික මිසයිල ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසු නව මිසයිල පද්ධතියක් නිර්මාණය කිරීමට සැලසුම් කරන බව රුසියාව පවසයි. රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ශොයිගු සඳහන් කළේ, ලබන වසර 2ක තුළ මෙම මිසයිල පද්ධතිය නිර්මාණය කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව ය. අමෙරිකාව ඉවත් වීමෙන් අවලංගු වූ මෙම න්‍යෂ්ටික මිසයිල ගිවිසුමට අනුව දෙරටට කෙටි සහ මැදිදුර මිසයිල භාවිතය තහනම් වී තිබිණි. රුසියාව මෙම ගිවිසුම කඩ කර ඇතැයි චෝදනා කළ අමෙරිකානු ජනාධිපතිවරයා ඉන් සිය රට ඉවත් කර ගන්නා බව ඉකුත් සතියේ ප්‍රකාශ කිරීමෙන් පසු රුසියාව ද සිය රට එම ගිවිසුමෙන් ඉවත් කර ගනු ලැබුවේ ය. මෙම තත්ත්වය දෙරට, නව අවි එක් රැස් කර ගැනීමේ තරගයකට යොමු කරනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයෝ මත පළ කළහ. යුරෝපීය රටවල් ආශ්‍රිතව අමෙරිකාව සහ රුසියාව මිසයිල ස්ථානගත කිරීමෙන් හට ගත් අර්බුදය සමනය කිරීමේ අරමුණින් මෙම මැදිදුර න්‍යෂ්ටික මිසයිල ගිවිසුමට දෙරට අත්සන් තැබුවේ 1987 වසරේදී ය.
2019-02-05T22:44:41.000Z
ගලේවෙල සිට පිට පළාත්වලට කුර සහිත සතුන් ප්‍රවාහනය තහනම් කෙරේ
කුර සහිත සතුන් ප්‍රවාහනයට තහනමක්
COLOMBO (News 1st) - ගලේවෙල ප්‍රදේශයේ සිට පිට පළාත්වලට කුර සහිත සතුන් ප්‍රවාහනය නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී. ආරියපාල මහතා සඳහන් කළේ, ප්‍රදේශයේ ගවයින් අතර පැතිර ඇති කුර හා මුඛ රෝගය වෙනත් ප්‍රදේශ කරා පැතිරීම පාලනය කිරීම සඳහා මේ පියවර ගත් බව ය. මේ වන විට ප්‍රදේශයේ ගවයින් 200කට පමණ රෝගය වැළඳී ඇති බව ඔහු සඳහන් කළේ ය. අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, ගලේවෙල හා අවට ප්‍රදේශවල ඇති කරන ගවයින් සඳහා කුර හා මුඛ රෝගයට ප්‍රතිශක්තීකරණ අමතර එන්නතක් ලබා දීමට ද පියවර ගත් බව ය. මීට පෙර මෙම රෝගය වැලිකන්ද, මන්නාරම හා දඹුල්ල යන ප්‍රදේශවලින් ද වාර්තා වූ අතර එම ප්‍රදේශවලින් රෝගය මේ වන විට පාලනය කර ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. කුර හා මුඛ රෝගය යනු ගවයින්, එළුවන් ඇතුළු කුර සහිත සතුන්ට වැළඳෙන වෛරස් රෝගයකි.
2019-02-05T22:25:10.000Z
රේගුවේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිසා කන්ටේනර් 6000ක් ගොඩගැසේ
ගොඩගැසුණු කන්ටේනර් නිශ්කාෂණය ඉදිරි දින 3 ඇතුළත
COLOMBO (News 1st) - වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ගොඩගැසුණු කන්ටේනර් නිශ්කාෂණය ඉදිරි දින 3 ඇතුළත නිම කළ හැකි බව රේගු වෘත්තිය සමිති පවසයි. එම මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, තම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට කන්ටේනර් 6000කට අධික සංඛ්‍යාවක් වරායේ ගොඩ ගැසී ඇති බව ය. තම ඉල්ලීම් සඳහා රජය විසඳුම් ලබා දීමත් සමග ඊයේ රාත්‍රියේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටවූ බව ඔහු සඳහන් කළේ ය.
2019-02-05T20:14:29.000Z
මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම විසුරුවා හැරේ
මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම විසුරුවා හැරේ
COLOMBO (News 1st) - මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර තිබේ. පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කළේ, පසුගිය කාලයේ පළාත් රාජ්‍ය සේවා කොමිසම ගත් තීරණ හේතුවෙන් මේ ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වූ බව ය. මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමට නව සාමාජිකයින් පත් කිරීම සතියක් ඇතුළත සිදු කරන බව ද ආණ්ඩුකාරවරයා0 පැවසුවේ ය.
2019-02-05T20:02:23.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) දේශීය පුවත් 1. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 25 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබේ. 2. හෙරොයින් කිලෝග්‍රෑමයක් සමග සැකකරුවෙකු මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 3. රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි. 4. රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර, එම තනතුරෙන් ඉවත් කෙරුණු පී.එස්.එම්. චාල්ස් මහත්මිය මාස තුනක කාලයක් සඳහා යළි එම තනතුරේ පිහිටුවා තිබේ. 5. මේ වසරේ රජයේ වියදම් ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. 2019 අයවැයට අදාළව ඊයේ ඉදිරිපත් කෙරුණු ඇස්තමේන්තු අනුව මේ වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4450 කි. 6. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ආණ්ඩු යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ ඒකමතිකව තීරණය කළේ ය. 7. පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට වසරක සේවා දිගුවක් ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ. විදෙස් පුවත් 8. අරාබිකරයේ දේව මෙහෙයක් පැවැත්වූ පළමු පාප්තුමන් ලෙස ඉතිහාසයට එක් වෙමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් ඊයේ සිය දේව මෙහෙය පැවැත්වීය. ක්‍රීඩා පුවත් 9. දකුණු අප්‍රිකා තරග සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නායකත්වය දිමුත් කරුණාරත්නට හිමි වී තිබේ.
2019-02-05T19:46:57.000Z
රෝහල්වල හිඟව පැවති ඖෂධ වර්ග 25ක් කඩිනමින් ආනයනයට පියවර
හිඟව පැවති ඖෂධ වර්ග 25ක් කඩිනමින් ආනයනයට පියවර
COLOMBO (News 1st) - රෝහල්වල හිඟව පැවති ඖෂධ වර්ග 25කට අධික සංඛ්‍යාවක් කඩිනමින් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ, ඇතැම් ඖෂධ මේ වන විටත් දිවයිනට ගෙන්වා ඇති බව ය. හිඟව පැවති ජල භීතිකා ප්‍රතිශක්තීකරණ එන්නත් තොගයක් මේ වන විට ගෙන්වා ඇති අතර තවත් තොගයක් ලබන සිකුරාදා ලැබෙන බව ද ඔහු සඳහන් කළේ ය. මීට අමතරව මහරගම අපේක්ෂා රෝහලේ හිඟව පැවති ඖෂධ වර්ග 15ක් අතුරින් 7ක් කඩිනමින් ගෙන්වීම සඳහා පියවර ගෙන තිබේ. වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ, ඉන් ඖෂධ වර්ග 4ක් මේ වන විටත් දිවයිනට ලැබී ඇති බව ය. මේ අතර වකුගඩු බද්ධ කළ රෝගීන් සඳහා ලබා දෙන හිඟව පැවති ඖෂධය ද මේ වන විට දිවයිනට ගෙන්වා ඇති අතර ඒවා රෝහල් වෙත ලබා දීම ද ආරම්භ කර තිබේ. වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ, යම් ඖෂධයක් රජයේ රෝහල්වල හිඟ වුවහොත් ඒවා දේශීය වෙළෙඳපොළෙන් වහාම මිලදී ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දී ඇති බව ය. දින 51ක් පැවති රජය සමයේ ඖෂධ මිලදී ගන්නා ටෙන්ඩර් ක්‍රියාවලිය බිඳ වැටීම ඇතැම් ඖෂධ හිඟ වීමට හේතු වී ඇති බව ද වෛද්‍ය ලාල් පනාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.