date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2019-02-05T10:53:00.000Z
රු. කෝටියකට අධික හෙරොයින් සමග සැකකරුවෙකු මොරටුවේදී අත්අඩංගුවට
හෙරොයින් සමග සැකකරුවෙකු මොරටුවේදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - හෙරොයින් කිලෝග්‍රෑමයක් සමග සැකකරුවෙකු මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකිනි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කොටියකට අධික බව ය. අද පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාර දී තිබේ.
2019-02-05T10:24:16.000Z
රේගු නිලධාරීන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කෙරේ
රේගු නිලධාරීන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කෙරේ
COLOMBO (News 1st) - රේගු නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ. ඔවුන් මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වුණේ, රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය එම ධූරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමිනි. සාධාරණ හේතු නොදක්වා ඇය එම තනතුරෙන් ඉවත් කර ඇති බවට වෘත්තීය සමිති චෝදනා කරයි. කෙසේ වෙතත් පී.එස්.එම්. චාල්ස් මහත්මිය මාස තුනක කාලයක් සඳහා යළි එම තනතුරේ පිහිටුවා තිබේ. ඒ, අද පස්වරුවේ පැවති කැබිනට් හමුවේ එකඟතාව මතයි. මේ අතර, කැබිනට් මණ්ඩලයේ තීරණය නිල වශයෙන් දැනුම් දීමත් සමග සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටවූ බව රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි ලේකම් විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව සිය රාජකාරී සමාන්‍ය පරිදි ආරම්භ කරන බව ය.
2019-02-05T10:11:29.000Z
2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට: රජයේ වියදම රුපියල් බිලියන 4450ක්
2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
COLOMBO (News 1st) - මේ වසරේ රජයේ වියදම් ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. 2019 අයවැයට අදාළව අද ඉදිරිපත් කෙරුණු ඇස්තමේන්තු අනුව මේ වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4450 කි. ඉන් රුපියල් බිලියන 2232ක් ණය හා පොළී ගෙවීම් සඳහා වෙන් කර තිබේ. මෙවරත් වැඩිම මුදල වන රුපියල් බිලියන 392ක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයටයි. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 291කි. රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යංශය සඳහා රුපියල් බිලියන 216ක් ද සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් බිලියන 186ක් ද වෙන් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් මෙවර වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 104කි. අද ඉදිරිපත් කෙරුණු වැය ඇත්තමේන්තුවට අදාළ ආදායම් උපයා ගන්නා මාර්ග ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව ලබන මස 05 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2019-02-05T09:30:54.000Z
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට මාලදිවයින් ජනපති එකඟතාව පළ කරයි
ජනපති හා මාලදිවයින් ජනපති අතර හමුවක්
COLOMBO (News 1st) - නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී වඩා පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා - මාලදිවයින් ජනාධිපතිවරුන් අද එකඟතාව පළ කර තිබේ. ජාතික දින උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට පැමිණි මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව පෙරවරුවේ පැවැත්විණි. ජනාධිපති කාර්යාලයේදී මාලදිවයින් ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරක් ද පිරිනැමිණි. අනතුරුව පැවති ද්විපාර්ශවික සාකච්ඡාවේදී නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන විශේෂ වැඩපිළිවෙළ මාලදිවයින් ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, දීර්ඝ කාලීන මිත්‍ර රාජ්‍යයන් වන ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට නායකයින් දෙපළ මෙහිදී තීරණය කළ බව ය. වෙළෙඳ, සෞඛ්‍ය, ආරක්ෂක, අධ්‍යාපන සහ නාවික ක්ෂේත්‍රවලට අදාළව දෙරට අතර ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ එම ක්ෂේත්‍රවලට අදාළව නව ගිවිසුම් ඇති කර ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ. මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා වෙනුවෙන් ජනාධිපති මන්දිරයේදී දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.
2019-02-05T07:04:09.000Z
අරාබිකරයේ දේව මෙහෙයක් පැවැත්වූ පළමු පාප්තුමන් ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් ඉතිහාසයට එක්වෙයි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් ඉතිහාසයට එක්වෙයි
(News 1st) - අරාබිකරයේ දේව මෙහෙයක් පැවැත්වූ පළමු පාප්තුමන් ලෙස ඉතිහාසයට එක් වෙමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් අද සිය දේව මෙහෙය පැවැත්වීය. ඒ, අබුඩාබිහි සයිඩ් ක්‍රිඩාංගණයේ ස්ථාපිත කර තිබූ විශේෂ පීඨිකාවේදී ය. එම දේව මෙහෙය සඳහා බැතිමතුන් 135000කට අධික පිරිසක් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. දින තුනක සංචාරයක් සඳහා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් අරාබිකරයට පැමිණයේ පසුගිය ඉරිදා දිනයේයි. ඒ, අරාබිකරයේ සංචාරයක නිරත පළමු පාප්තුමන් ලෙස ඉතිහාසයට එක් වෙමිනි. උන්වහන්සේගේ ගල්ෆ් සංචාරයේදී මුස්ලිම් නායකයින් මෙන්ම මුස්ලිම් ප්‍රජාව ද හමුවී සාකච්ඡා කර තිබේ. විශේෂයෙන්ම උන්වහස්සේ ලෝක ආගමික නායකයින්ගෙන් ඉල්ලා ඇත්තේ යේමනය, සිරියාව, ඉරාකය සහ ඉරානය තුළ පවතින යුද ගැටුම් සමනය කිරීමට එක්ව කටයුතු කළ යුතු බව ය.
2019-02-05T06:44:50.000Z
එ.ජා.ප.යේ ජාතික ආණ්ඩු යෝජනාව ගැන නිදහස් සන්ධානය තීරණයකට එළැඹෙයි
ජාතික ආණ්ඩු යෝජනාව ගැන සන්ධානය තීරණයකට එළැඹෙයි
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ ජාතික ආණ්ඩු යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද ඒකමතිකව තීරණය කළේ ය. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ජාතික ආණ්ඩු යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කරන බව මෙම සාකච්ඡාවේදී මන්ත්‍රීවරුන් සඳහන් කර තිබේ. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජාතික ආණ්ඩුවක් බිහි කර අමාත්‍ය ධූර වැඩි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමේ යෝජනාවක් කථානායකවරයා වෙත පසුගියදා භාර දුන්නේ ය. ලබන 07 වන දා ඊට අදාළ විවාදයක් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව ද එදින කිරිඇල්ල මහතා සඳහන් කළේ ය.
2019-02-05T06:12:51.000Z
එම්.ආර්. ලතීෆ්ට වසරක සේවා දිගුවක්
එම්.ආර්. ලතීෆ්ට වසරක සේවා දිගුවක්
COLOMBO (News 1st) - පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට වසරක සේවා දිගුවක් ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ. ඒ, ජනාධිපතිතුමාගේ යෝජනාවක් අනුවයි. මෙරට විශාලතම හොරොයින් ජාවාරම කොටුකර ගැනීම සඳහා නායකත්වය සැපයූ පොලිස් විශේෂ කාර්ය බලකාය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා අද විශ්‍රාම යාමට නියමිතව තිබිණි. 1979 වසරේ ජනවාරි මස 15 වන දා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලීසියට එක්වූ ලතීෆ් මහතා සිය 40 වසරක පොලිස් සේවය තුළ විශේෂ කාර්ය බලකාය, ජාතික බුද්ධි සේවාව, අභ්‍යන්තර බුද්ධි ආරක්ෂක මණ්ඩලය ඇතුළු අංශ රැසකට සිය සේවාව ලබා දී තිබේ. 2016 වසරේ අප්‍රේල් මස 20 වන දා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් වූ ඔහු එම වසරේ අගෝස්තු මස 19 වන දා සිට පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයවීම සඳහා එහි සේනා විධායක ලෙස පත්වීම් ලැබුවේ ය. 2017 වසරේදී අතිරේක වගකීමක් ලෙස මත්ද්‍රව්‍ය නාශක දිසාව හා සංවිධානාත්මක අපරාධ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරය ද පිරි නැමෙන්නේ ඔහු රට වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙනි. ඔහුගේ නායකත්වය යටතේ ගෙවුණු අවසන් මාස 10 තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1000කට අධික ය.
2019-02-05T06:05:42.000Z
පී.එස්.එම්. චාල්ස් මහත්මිය යළි රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ පිහිටුවයි
පී.එස්.එම්. චාල්ස් යළි රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට
COLOMBO (News 1st) - රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර, එම තනතුරෙන් ඉවත් කෙරුණු පී.එස්.එම්. චාල්ස් මහත්මිය මාස තුනක කාලයක් සඳහා යළි එම තනතුරේ පිහිටුවා තිබේ. ඒ, අද පස්වරුවේ පැවති කැබිනට් හමුවේ එකඟතාව මතයි. පී.එස්.එම්. චාල්ස් මහත්මිය අදාළ තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රේගු වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක ද නිරත විය. ඒ, සාධාරණ හේතු නොදක්වා ඇය එම තනතුරෙන් ඉවත් කර ඇතැයි පවසමිනි.
2019-02-05T05:32:51.000Z
දකුණු අප්‍රිකා තරග සංචාරයේ ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය දිමුත් කරුණාරත්නට
ද. අප්‍රිකා සංචාරයේ ශ්‍රී ලංකා නායකත්වය දිමුත්ට
COLOMBO (News 1st) - දකුණු අප්‍රිකා තරග සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නායකත්වය දිමුත් කරුණාරත්නට හිමි වී තිබේ. එහි උප නායකත්වය හිමිව ඇත්තේ නිරෝෂන් දික්වැල්ලටයි. මේ අනුව මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් නායක ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල්ට කන්ඩායමේ නායකත්වය මෙන්ම පිතිකරණ ස්ථානය ද අහිමි වී තිබේ. ඒ, නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට කැඳවා තිබීම හේතුවෙනි. එම නවක ක්‍රීඩකයින් වන්නේ ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය, මොහොමඩ් සිරාස් හා මිලින්ද සිරිවර්ධන. ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් සංචිතයට එක්ව සිටි සදීර සමරවික්‍රම, රොෂේන් සිල්වා හා දිල්රුවන් පෙරේරාට ද කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබේ. දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය ලබන 13 වන දා ඩර්බන්හිදී ආරම්භ වීමට නියමිත ය.
2019-02-05T05:03:35.000Z
කිරලාගල දාගැබ මත සිට ඡායාරූප ගත් සිසුන්ට ඇප
කිරලාගල දාගැබ මත සිට ඡායාරූප ගත් සිසුන්ට ඇප
COLOMBO (News 1st) - ඵෛතිහාසික කිරලාගල දාගැබ මත සිට ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හැරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා රුපියල් 50000 බැගින් වූ දඩ මත මුදා හැරිණි. ඒ, සැකකරුවන් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. සැකකරුවන් 8 දෙනා අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් ය. චෝදනා තුනක් යටතේ හොරොව්පතාන පොලීසිය සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි. එහිදී චෝදනා තුනෙන් දෙකකට රුපියල් දහස බැගින් රජයේ ගාස්තු ගෙවන ලෙසට සැකකරුවන්ට නියම කෙරිණි. සෙසු චෝදනාවන්ට රුපියල් 5000 බැගින් දඩ නියම කරමින් සැකකරුවන් මුදා හැරීමට අධිකරණය නියෝග කළේ ය. ඵෙතිහාසික කිරලාගල දාගැබ පිහිටා ඇත්තේ මැදවච්චිය, හොරොව්පතාන ප්‍රදේශයේයි.
2019-02-05T03:02:14.000Z
අද පස්වරුවේ ත් ප්‍රදේශ රැසකට වැසි
අද පස්වරුවේ ප්‍රදේශ රැසකට වැසි
COLOMBO (News 1st) : දැනට පවතින වැසි තත්ත්වය අද දිනයේ තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව , බස්නාහිර, මධ්‍යම, උතුරුමැද සම නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි. ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර වයඹ, උතුරු සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40ක් දක්වා තරමක තද සුළං ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
2019-02-05T02:30:25.000Z
මාකදුරේ මධුෂ් ජනප්‍රිය ගායකයෙකු ද සමග ඩුබායිහිදී අත්අඩංගුවට
මාකදුරේ මධුෂ් ඩුබායි හෝටලයකදී අත්අඩංගුවට
COLOMBO (News 1st) : ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 25 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ, අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 5 දෙනෙකු ද සිටින බවයි. ඉන් සිව් දෙනෙකු හඳුනාගෙන ඇතැයි ද පොලීසිය පැවසී ය. අත්අඩංගුවට ගත් පිරිස අතර, කන්චිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක ඇතුළු පිරිසක් සිටින බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. අත්අඩංගුවට ගත් සෙසු පිරිස අතර මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන අමල් පෙරේරා මහතා සහ ඔහුගේ පුත්‍රයා සහ තවත් රංගන ශිල්පියෙකු ද වේ. මාකදුරේ මධුෂ්ගේ දරුවෙකුගේ උපන් දින සාදයක් සඳහා මෙම 25 දෙනා සහභාගී වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.
2019-02-05T02:27:21.000Z
චන්දිමාල්ට ටෙස්ට් නායකත්වය අහිමිවන ලකුණු
චන්දිමාල්ට ටෙස්ට් නායකත්වය අහිමිවන ලකුණු
COLOMBO (News 1st) : පසුගිය මාස කිහිපයේ ලබා ගත් පරාජයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල්ට එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයේ දී යම් විවේකයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. කෙසේ වෙතත් මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නිවේදනයක් නිකුත් කර නොමැත. ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් අවසන් ටෙස්ට් ඉනිම් 10 දී ඔහු ලබාගෙන ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණක් වීම හේතුවෙන් චන්දිමාල් හට එළඹෙන දකුණු අප්‍රිකානු තරග සංචාරයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ යම් විවේක‍යක් ලබා දීමට නව ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවට තරග 2 ට 0ක පරාජයක් හිමිකර දෙමින් නිමාව දුටු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය තුළදී ද ඉනිම් 4ක් පුරාවට පිතිකරණයේ නිරත වූ නායක චන්දිමාල්ට රැස් කර ගැනීඹට හැකි වූයේ ලකුණු 15 ක් පමණි. නායක චන්දිමාල් අවසන් වරට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කලේ නිමා වූ නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ දෙවන ඉනිමේ දී ය. කෙසේ වෙතත් මේ මස 13 වැනිදා දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හිදී ආරම්භ වන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට වත්මන් ටෙස්ට් ක්‍රිකට් නයක දිනේෂ් චන්දිමාල් ටෙස්ට් සංචිතයට ඇතුළත් නොකළ හොත් එහි නායකත්ව වගකීම වත්මන් උපනායකයා වන දිමුත් කරුණාරත්න හට හිමි වන බව වාර්තා වේ. ලබන 13 වනදා ආරම්භ වන තරග 2කින් යුත් දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ වේ. ඊට අදාළ ශ්‍රී ලංකා සංචිතය සඳහා අවිශ්ක ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, උපුල් තරංග, ඇන්ජෙලෝ පෙරේරා යන ක්‍රීඩකයින් නම් කිරීමට නියමිත බව සඳහන් ය. අයර්ලන්ත ඒ කණ්ඩායමට එරෙහිව නිමා වූ එක්දින තරගාවලියේ දී ඔවුන් දැක් වූ දක්ෂතා ඊට හේතු වී තිබේ. එමෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශිරාස් ද එක්දින සංචිතය සදහා නම් කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.
2019-02-05T01:49:09.000Z
ලිට්රෝ හිටපු සභාපති පෙත්සම ඉල්ලා අස්කරගනී
ලිට්රෝ හිටපු සභාපති පෙත්සම ඉල්ලා අස්කරගනී
COLOMBO (News 1st) : ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ගාමිණි සෙනරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ඉල්ලා අස්කර ගත්තේ ය. ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණේ, තමාට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ විභාග වන නඩුව,විභාග කිරීම සඳහා එම අධිකරණයට බලයක් නොමැති බවට නියෝගයක් නිකුත් කරන්නැයි, ඉල්ලමිනි. ගාමිණි සෙනරත් මහතාගේ නීතිඥවරුන් මෙම ඉල්ලීම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ද ඉල්ලා තිබිණ. ඒ අනුව මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර නඩුව විභාගයට ගැනීමට විශේෂ මහාධිකරණය තීරණය කළේ ය. ගාමිණි සෙනරත් මහතාගේ නීතිඥවරුන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ, ඉදිරි අවශ්‍යතාව මත යළි නඩු පැවරීමේ අයිතිය රඳවා ගනිමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවයි. සිසිර ද අබෲ, බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී. බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ, අද දින මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවනු ලැබී ය. ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500කට මුදලක් අවභාවිත කිරීම ඇතුළු අධිචෝදනා යටතේ ගාමිණි සෙනරත් ඇතුළු 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් විශේෂ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබේ.
2019-02-05T01:13:30.000Z
ජනපති මධූරෝ අනතුරු ඇඟවීම ඉවත දමයි
ජනපති මධූරෝ අනතුරු ඇඟවීම ඉවත දමයි
වෙනිසුවෙලා විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ සිවිල් යුද්ධයකට යොමුවීමේ හැකියාව සම්බන්ධයෙන් ජනාධිපති නිකලස් මධූරෝ කළ අනතුරු ඇඟවීම් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ , එම අදහස සිය දේශපාලන ප්‍රතිවාදියා වන නිකලස් මධූරෝගේ සොයාගැනීමක් බව පවසමිනි. නිකලස් මධූරෝ ඊයේ සඳහන් කළේ, වෙනිසුවෙලාවේ දේශපාලන අර්බුදයට අමෙරිකාව ඇතුළු බටහිර රටවල් බලපෑම් කළහොත් සිවිල් යුද්ධයක් කරා යොමුවීමේ අවදානමක් ඇති බවයි. යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලද රටවලින් අඩක්ම,ජුවාන් ගුවයිඩෝ වෙනිසුවෙලාවේ නව නායකයා ලෙස හඳුනාගැනීමත් සමඟ නිකලස් මධූරෝ ට එරෙහි ගෝලීය විරෝධය තවදුරටත් උත්සන්න විය.
2019-02-05T00:24:17.000Z
නයිවල කතුරු ඔංචිල්ලා අනතුරින් තුවාල ලැබූ දැරිය ත් මියයයි
කතුරු ඔංචිල්ලා අනතුරින් තුවාල ලැබූ දැරිය ත් මියයයි
COLOMBO (News 1st) : වේයන්ගොඩ, නයිවල ළමා උද්‍යානයක කතුරු ඔංචිල්ලාවක කොටසක් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබා සිටි දැරිය මියගොස් තිබේ. ගම්පහ රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ, අද පෙරවරුවේ දැරිය මිය ගොස් ඇති බවයි. ඇය 13 හැවිරිදි ගම්පහ නැඳුන්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ළමා උද්‍යානය පවත්වාගෙන ගිය පුද්ගලයින් 6 දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වේයන්ගොඩ, නයිවල ළමා උද්‍යානයක කතුරු ඔංචිල්ලාවක කොටසක් කඩා වැටීමෙන් ඊයේ සිදුවූ එම අනතුරින් මෙම දැරියගේ 47 හැවිරිදි මව ද ජීවිතක්ෂයට පත්වූවා ය.
2019-02-05T00:19:34.000Z
ජෙෆ්රී ඇලෝසියස්ට රට යන්න අවසරයි
ජෙෆ්රී ඇලෝසියස්ට රට යන්න අවසරයි
COLOMBO (News 1st) : පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රී ජෝසෆ් ඇලෝසියස්ට ලබන 13 වනදා සිට සතියක කාලයක් සඳහා ඉන්දියාව බලා යාමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද අවසර ලබා දුන්නා ය. ජෙෆ්රි ජොසප් ඇලෝසියස් මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාස දෙකක කාලයක් සඳහා ඉන්දියාව බලා යාමට අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණ. කෙසේ වෙතත් ඒ සඳහා වන වෛද්‍ය නිර්දේශ ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නොතිබිණ. ඒ අනුව ඔහුට ලබන 13 වනදා සිට 20 වනදා තෙක් පමණක් විදෙස්ගත වීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නා ය. ........................................................................................................................................................................... මේ අතර W.M මෙන්ඩිස් සමාගමේ ගෙවීම් පද්ධතියේ ඩිජිටල් පිටපතක්, ලබාගැනීම සඳහා කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලවල පරිගණක විශේෂඥයින්ගේ සහය ලබා ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ විමර්ශන සඳහා W.M මෙන්ඩිස් සමාගමේ ගෙවීම් පද්ධතිය ක්ලෝනීකරණය කිරීමට අවශ්‍ය බවයි. ඒ, PTL සමාගම මහ බැංකු බැඳුම්කර ගනුදෙනු තුළින් අයථා ලෙස උපයා ගත් බව කියන මුදල් W.M මෙන්ඩිස් සමාගම හරහා තුන්වන පාර්ශවයකට ගෙවීම් කිරිම සඳහා උපයෝගී කරගත්තේ දැයි, පැවැත්වෙන විමර්ශනවලට අදාළවයි. ඒ අනුව, කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලවල පරිගණක විශේෂඥයින්ගේ සහය ලබා ගෙන ලබන 25 වනදාට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.
2019-02-04T20:46:06.000Z
විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
COLOMBO (News 1st) : 2019 වර්ෂයේ අයවැයට පදනම් වන විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව වූ ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව මේ සතියේ විවාදයට ගන්නා දිනය පිළිබඳව ද අද පක්ෂ නායකයින් රැස්වීම් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
2019-02-04T20:15:21.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත්... 1. මාලි රාජ්‍යයේදී බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් දිවයිනට : මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත වූ මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් අද පස්වරුවේ දිවයිනට රැගෙනවිත් තිබේ. 2. අතුරුදන් වූ සිසුවියගේ මළ සිරුර මාවුස්සාකැලේ ජලාශයෙන් හමුවෙයි : මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ පාවෙමින් තිබූ පැසල් සිසුවියකගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ. 3. 71 වැනි ජාතික දිනය මහත් අභිමානයෙන් සැමරේ : 71 වැනි ජාතික දින සැමරුම් උළෙල ඊයේ පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව සමරනු ලැබී ය. 4. පුත්තලමේ අතුරුදන් දැරියගේ මව අත්අඩංගුවට : පුත්තලම කරුවලගස්වැව, සෙනුරි තිසාරා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇගේ මව අත්අඩංගුවට ගෙන තිබේ. 5. 71 වැනි ජාතික දිනය වෙනුවෙන් රැඳවියන් 545කට නිදහස : 71 වැනි ජාතික දිනය වෙනුවෙන් රැඳවියන් 545 දෙනෙකුට නිදහස ලබාදීමට පිවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. විදෙස් පුවත්.... 1. වෙනිසුවෙලාව ගොඩ ගැනීමේ විකල්පය යුදමය මැදිහත්වීමක් බව ජනපති ට්‍රම්ප් කියයි : වෙනිසුවෙලාවේ යුදමය මැදිහත්වීමක් සිදුකිරීම එරට මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මුදා ගැනීමේ එක් විකල්පයක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ක්‍රීඩා පුවත්... 1. දෙවැනි ටෙස්ට් ජයත් ඔස්ට්‍රේලියාවට : ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස සත්කාරක ඔස්ට්‍රේලියාව ජය ගත්තේ ය. ඒ දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 366කින් ජය ගනිමිනි.
2019-02-04T20:06:20.000Z
මවකට මරු කැඳවූ කතුරු ඔංචිල්ලා අනතුර: 5 දෙනෙක් අත්අඩංගුවට
නයිවල ඔංචිල්ලා අනතුර:5දෙනෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : වේයන්ගොඩ, නයිවල ළමා උද්‍යානයක කතුරු ඔංචිල්ලාවක කොටසක් කඩා වැටීමෙන් කාන්තාවක් මියගොස් ඇගේ දියණිය තුවාල ලැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ අදාළ ළමා උද්‍යානය පවත්වාගෙන ගිය පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඊයේ සිදුවූ එම අනතුරින් 47 හැවිරිදි මවක් මියගොස් ඇයගේ 13 හැවිරිදි දියණිය තුවාල ලැබී ය. පොලීසිය පැවසුවේ, ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරුකර එවා ඇති බවයි.
2019-02-04T19:51:38.000Z
පාතාලේ 'මන්න රොෂාන්' හංවැල්ලේදී අත්අඩංගුවට
පාතාලේ 'මන්න රොෂාන්' හංවැල්ලේදී අත්අඩංගුවට
COLOMBO (News 1st) : හංවැල්ල ප්‍රදේශයේදී 'මන්න රොෂාන්' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ අතුකෝරලගේ රෝහාන් ඉන්දික නමැති පාතාල සාමාජිකයා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ ඔහු සන්තකයේ තිබි ජීව අත්බෝම්බයක් හා හෙරොයින් ද සිය භාරයට ගත් බවයි. ඔහු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරු අද අධිකරණය හමුවට ඉදිරීපත් කිරිමට නියමිත අතර රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසරය ලබා ගන්නා බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.
2019-02-04T19:46:26.000Z
රේගුවේ අකුරට වැඩ, වර්ජනයක් දක්වා දුරදිග යන ලකුණු
රේගුවේ අකුරට වැඩ, වර්ජනයක් දක්වා දුරදිග යන ලකුණු
COLOMBO (News 1st) : අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරු කිරීමට ගනු ලැබූ කැබිනට් තීරණය අද දිනය තුළ නිවැරදි නොකළ හොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරන බව රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සහකාර ලේකම් සුදත් ද සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව දැනට ක්‍රියාත්මක අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වැඩ වර්ජනයක් දක්වා දැඩි කිරීමට පියවර ගන්නා බවයි. සිය වැඩ වර්ජනය හේතුවෙන් රජයේ අදායම පහළ යමින් ඇතැයි ද ඔහු පැවසී ය. රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සුදත් ද සිල්වා මහතා පැවසුවේ , සිය වැඩ වර්ජනයට සහය පළ කරමින් බහාලුම් ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීමට ප්‍රවාහන සංගම් පියවර ගෙන ඇති බවයි. මේ අතර කොළඹ සියලු තොග වෙළඳසල් අද දිනයේ වසා දමා තිබේ. ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජී. රජේන්ද්‍රන් මහතා සඳහන් කළේ, ක්‍රියාත්මක රේගු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙම පියවර ගත් බවයි. ඔහු පැවසුවේ, වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ආනයනික භාණ්ඩ නිශ්කාෂණ කටයුතු ඇනහිට ඇති බවයි. ඒ හේතුවෙන්, ආනයනකරුවන් සහ තොග වෙළඳුන් දැඩි පීඩාවකට පත්ව ඇතැයි ද, සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමයේ උපදේශක සී.එම්. අබේසේකර මහතා පැවසුවේ, නිශ්කාශනය කරගත නොහැකිව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් බහාලුම් දහසකට අධික ප්‍රමාණයක් මේ වන විට රේගුවේ සිරවී පවතින බවයි.
2019-02-04T09:55:14.000Z
ජාතික දින සැමරුමට එළිසබෙත් මහ රැජිණ ඇතුළු ලොව පුරා රාජ්‍ය නායකයින්ගෙන් සුබ පැතුම්..!
ජාතික දිනයට ලොව රාජ්‍ය නායකයින්ගෙන් සුබ පැතුම්..!
COLOMBO (News 1st) - මෙරට 71 වැනි අභිමානවත් ජාතික දිනය වෙනුවෙන් ලොව පුරා රාජ්‍ය නායකයින් රැසක් සුබ පැතුම් එක් කර තිබේ. සුබ පැතුම් පණිවුඩයක් එක් කරමින් දෙවැනි එළිසබෙත් මහ රැජිණ පවසා ඇත්තේ, 71 වැනි ජාතික දිනය සමරන සියලුම ශ්‍රී ලාංකිකයන්ට වාසනාව, සතුට හා සෞභාග්‍ය ප්‍රාර්ථනා කරන බවයි. මෙවන් අවස්ථාවක ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව තමන් සතුටුවන බව ද සිය සුබ පැතුම් පණිවුඩයෙන් ඇය පැවසුවා ය. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා ද 71 වැනි ජාතික දින සැමරුම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබේ. රුසියාව හා ශ්‍රී ලංකාව අතර පවත්නා අනෝන්‍ය ගෞරවය සහ හෘදයාංගම මිත්‍රශීලි බව ඉදිරියටත් නොසැලී පවතින බව සඳහන් කරන රුසියානු ජනාධිපතිවරයා ජනතා අභිලාෂයන් මල්ඵල ගැන්වීම වෙනුවෙන් දෙරට අතර ගොඩනගාගෙන තිබෙන ද්වීපාර්ශ්වික සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය වනු ඇති බවට සිය සුබ පැතුම් පණිවුඩයෙන් විශ්වාසය පළ කර තිබේ. 71 වැනි ජාතික දිනය වෙනුවෙන් ඉන්දියානු ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුබ පැතුම් එක් කළේ ය. අසල්වැසි රාජ්‍යයක් ලෙස ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින නොබිදෙන සබඳතාව ඉදිරියේදීත් තව ත් ශක්තිමත් වනු ඇති බව ද ඉන්දීය ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් විය.
2019-02-04T10:03:55.000Z
News 1st වාර්තාකරු රුචිර අබේමාන්නගේ අවසන් කටයුතු ලබන බදාදා
News 1st වාර්තාකරු රුචිර අබේමාන්න ඔබට නිවන් සුව..!
COLOMBO (News 1st) - News 1st රත්නපුර වාර්තාකරු අභාවප්‍රාප්ත රුචිර අබේමාන්න මහතාගේ අවසන් කටයුතු ලබන බදාදා රත්නපුරයේදී සිදු කිරීමට නියමිත වේ. ඊයේ රාත්‍රි රත්නපුර, නව නගරයේදී සිදු වූ රිය අනතුරකින් අබේමාන්න මහතා ජීවිතක්ෂයට පත් විය. රුචිර අබේමාන්න මහතා අනතුරට ලක් වූයේ ඊයේ රාත්‍රි සිය යතුරුපැදියෙන් රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ යමින් සිටියදීයි. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව අසළදී යතුරුපැදිය ජීප් රථයක හා ලොරියක ගැටී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය. අනතුරෙන් පසු පොලීසිය ඊයේ රාත්‍රි එම ස්ථානයට පැමිණ ජීප් රථය රැගෙන යාමට උත්සහ කිරීමේදී රැස් ව සිටි පිරිස නොසන්සුන් විණි. පොලීසිය පැවසූවේ, මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තමා එම ජීප් රථයේ රියැදුරු යැයි ඔහු ප්‍රකාශ කර ඇති බවයි. එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 6 වෙනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අභාවප්‍රාප්ත වන විට 47 වැනි වියෙහි පසු වූ රුචිර රොහාන් අබේමාන්න මහතා දරුවන් දෙදෙනෙකු සෙනෙහෙබර පියෙකි. කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වූ ඔහු රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු ලෙස ද සේවය කරමින් සිටියේ ය. දිගු කලක සිට නිව්ස්ෆස්ට් කණ්ඩායමේ ක්‍රියාශීලි සගයෙකු වූ අබේමාන්න මහතා ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනා සිටි මාධ්‍යවේදියෙකි. ඔහු රත්නපුර දිස්ත්‍රික්කයේ ගම් දනව්වල සැරිසරමින් ජනතාව වෙනුවෙන් පුවත් වාර්තාකරණයේ නියැලුණු අතර පොදු ගැටලු හා අඩුපාඩු රැසක් බලධාරීන්ගේ අවධානයට යොමු කරන්නට ද සමත් විණි. අබේමාන්න මහතාගේ දේහය ලෙල්ලොපිටිය බැරැන්ඩුව පිහිටි නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු ලබන බදාදා සිදු කිරීමට නියමිත යි.
2019-02-04T06:08:34.000Z
මාලි රාජ්‍යයේදී බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් දිවයිනට
හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් දිවයිනට
COLOMBO (News 1st) - මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත වූ මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් අද පස්වරුවේ දිවයිනට රැගෙනවිත් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් හා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ප්‍රධානීන් දේහයන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී භාර දෙනු ලැබුවේ, යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා වෙතයි. එම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය එම්.පී.රුවන් විජයවර්ධන මහතා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියේ ය. ඉකුත් 25 වැනි දා උදෑසන එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත මෙරට හමුදා සාමාජිකයින් පිරිස ගමන් ගත් WMZ වර්ගයේ සන්නද්ධ රථයක් මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී දුරස්ත පාලකයකින් ක්‍රියාත්මක අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක්විය. එම පිපිරීමෙන් මිය ගියේ කපිතාන් එච්.ඩබ්ලිව්.ඩී ජයවික්‍රම සහ කෝප්‍රල් එස්.එස්. විජයකුමාර යන මහත්වරුන් ය. පිපිරීමෙන් තව ත් මෙරට හමුදා සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලැබූහ.
2019-02-04T05:56:34.000Z
අතුරුදන් වූ සිසුවියගේ මළ සිරුර මාවුස්සාකැලේ ජලාශයෙන් හමුවෙයි
සිසුවිකගේ මළ සිරුරක් මාවුස්සාකැලේ ජලාශයෙන් හමුවෙයි
COLOMBO (News 1st) - මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ පාවෙමින් තිබූ පැසැල් සිසුවියකගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ. එම මළ සිරුර මස්කෙළිය, ග්ලැන්ටින් වතුයායේ පදිංචි 16 හැවිරිදි සිසුවියකගේ බව පොලීසිය සඳහන් කළේ ය. ඇය දින තුනක පමණ සිට නිවසින් අතුරුදන්ව ඇති බවට පවුලේ ඥාතීන් විසින් පොලීසියට පැමිණිල්ලක් ද කර ඇත. මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
2019-02-04T05:40:02.000Z
විනෝදාස්වාදය ඛේදාන්තයකින් නිම වූ වේයන්ගොඩ හදිසි අනතුර...
විනෝදාස්වාදය ඛේදාන්තයකින් නිම වූ හදිසි අනතුර
COLOMBO (News 1st) - වේයන්ගොඩ, නයිවල පිහිටි ළමා උද්‍යානයක කතුරු ඔංචිල්ලාවක කොටසක් කඩා වැටීමෙන් කාන්තාවක් මිය ගොස් දැරියක් බරපතළ ලෙස තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, මව සහ දියණිය අද පෙරවරුවේ අනතුරට මුහුණ පා ඇති බවයි. අනතුරින් මිය ගියේ 47 හැවිරිදි කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිණියකි. තුවාල ලැබූ ඇයගේ 13 හැවිරිදි දැරිය ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර යැවූ බව පොලීසිය සඳහන් කළේ ය.
2019-02-04T01:08:09.000Z
දෙවැනි ටෙස්ට් ජයත් ඔස්ට්‍රේලියාවට
දෙවැනි ටෙස්ට් ජයත් ඔස්ට්‍රේලියාවට
ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස සත්කාරක ඔස්ට්‍රේලියාව අද ජය ගත්තේ ය. ඒ දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 366කින් ජය ගනිමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව පරාජය වූ තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙයයි. කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය වූ මෙහි පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු 534ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවේ සියලු දෙනා ලකුණු 215ට දැවී ගියේ ය. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලකුණු 196ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුයේ ශ්‍රී ලංකාවට ලකුණු 516ක ඉලක්කයක් ලබා දෙමිනි. අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 17ක් ලබා සිටියේ ය. දිනයේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 8කට දැවී ගිය අතර ලහිරු තිරිමාන්න ලකුණු 30ක් රැස් කළහ. දික්වැල්ල ලකුණු 27ක් රැස් කළේ ය. චාමික කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් හත්වැනි කඩුල්ලට ලකුණු 46ක සබදතාවක් ගොඩනැගූහ. කරුණාරත්න ලකුණු 22ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් රැසකළ ලකුණු සංඛ්‍යාව 42කි. ශ්‍රී ලංකා පිතිකරුවන් 7 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට මිචෙල් ස්ටාර්ක් ප්‍රමුඛ ඔස්ට්‍රේලියා පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ. ස්ටාර්ක් ලකුණු 46ට කඩුලු 5ක් දවා ගත් අතර පැට් කමින්ස් ලකුණු 15ට කඩුලු 3ක් දවා ගත්හ. දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 51කදී ලකුණු 149කට දැවී ගියහ.
2019-02-04T01:27:35.000Z
ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද කෑගල්ලේ
ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද කෑගල්ලේ
COLOMBO (News 1st) : ස්පෝර්ට්ස් ෆස්ට් - අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයේදී අද පැවැත්විණ. කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ අද පැවති ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ වූයේ 71 වැනි ජාතික නිදහස් සංවත්සරය සැමරීම සදහා පැවැති විශේෂ උත්සවයකින් අනතුරුවයි. ස්පෝර්ට්ස් ෆස්ට් සහ අලියාන්ස් ආයතන සංවිධානය කරන ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහනට ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සහයෝගය ලබා දෙයි. 2017 සහ 2018 වර්ෂවල දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා ඇගයීමේ අරමුණෙන් සංවිධානය කෙරන ප්ලැටිනම් සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන 20ක් ලබා දීමට නියමිතයි. ඊට ජනප්‍රියතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සඳහා වන සම්මාන මෙන්නම ජීවිතයට එක් වරක් හිමිවන සම්මානයද ඇතුළත් ය. අද පැවති ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහනට කෑගල්ල අතිරේක දිසාපති නාලිකා පියසේන, ශාන්ත ජෝසප් බාලිකාවේ විදුහල්පති මල්ලිකා රණසිංහ මහත්මිය සමග සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සහ අලියාන්ස් ආයතනයේ නිලධාරීන් සහභාගී විය. කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද පැවති ප්‍රවර්ධන වැඩසටහනේදී බේස්බෝල්, පාපන්දු සහ රග්බි වැඩමුළු ද ඇතුළත් විය. අද දිනයේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ප්ලැටිනම් රන් පදක්කම දිනා ගත්තේ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ කරාතේ ක්‍රීඩිකා නෙත්මා මේධානි ය. ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයේ නිමේෂිකා සෙව්වන්දි එහි රිදී පදක්කම දිනා ගත් අතර ලෝකඩ පදක්කම හිමි වූයේ එම විද්‍යාලයේම දිලුෂ්කා හර්ෂනීටයි. අනතුරුව අපේක්ෂාවේ ගිනි සිළුව රැගත් පිරිස රත්නපුර බලා ගමන් ආරම්භ කළේ ය.
2019-02-04T01:51:49.000Z
71 වැනි ජාතික දිනය මහත් අභිමානයෙන් සැමරේ
71 වැනි ජාතික දිනය මහත් අභිමානයෙන් සැමරේ
COLOMBO (News 1st) : 71 වැනි ජාතික දින සැමරුම් උළෙල අද පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව සමරනු ලැබී ය. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙවර ජාතික දින උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ මාලදිවයින් ජනාධිපති ඒබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතායි. උළෙලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, මැති ඇමතිවරුන්, තානාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. ජාතික දින සැමරුම් උළෙල ආරම්භ වූයේ ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියත් සමගයි. රට වෙනුවෙන් දිවි පිදු විරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ජනාධිපති උත්තමාචාර පෙළපාලිය පැවැත්වීය. ජනාධිපති උත්තමාචාර වෙඩි මුර 21 ක් පිරිනැමුණේ, ඉන් අනතුරුවයි . අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය ඇමතීය. 71 වැනි ජාතික දින උළෙල ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පෙලපාලියකින් වර්ණවත් විය. පෙළපාලියේ යුද හමුදාවේ යුද්ධෝපකරණ රැගත් රථ ගමන් කරද්දී ඊට සමගාමිව ගාලු මුවදොර මුහුදේ නාවික හමුදාවේ බලය විදහා දක්වමින් යාත්‍රා පෙළක් ගමන් කළේ ය. ලකඹර ජයගත් ගුවන් හමුදාවේ ශක්තිය විදහා පෑවේ ගාලු මුවදොර අහසේ පියාසර කළ ප්‍රහාරක යානාවලිනි.
2019-02-04T00:18:05.000Z
පුත්තලමේ අතුරුදන් දැරියගේ මව අත්අඩංගුවට
පුත්තලමේ අතුරුදන් දැරියගේ මව අත්අඩංගුවට
COLOMBO (News 1st) : පුත්තලම කරුවලගස්වැව, සෙනුරි තිසාරා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇගේ මව අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකාරිය අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. පුත්තලම කරුවලගස්වැව නිලබැම්ම ප්‍රදේශයේ පදිංචි සිවු හැවිරිදි සෙනුරි තිසාරා අතුරුදන් වුයේ පසුගිය 29 වැනිදායි. ඒ සම්බන්ධයෙන් ඇයගේ මව පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත්කර තිබූ අතර මව විසින්ම දැරිය කලා ඔයට දමා ඇති බවට පසුව තොරතුරු අනාවරණය විය.
2019-02-03T23:29:12.000Z
වෙනිසුවෙලාව ගොඩ ගැනීමේ විකල්පය යුදමය මැදිහත්වීමක් බව ජනපති ට්‍රම්ප් කියයි
මැතිවරණයක් කැඳවීමට වෙනිසුවේලා ජනපතිගෙන් යෝජනාවක්
COLOMBO (News 1st) : වෙනිසුවෙලාවේ යුදමය මැදිහත්වීමක් සිදුකිරීම එරට මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මුදා ගැනීමේ එක් විකල්පයක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ, වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මධූරෝට ධූරයෙන් ඉවත්වන ලෙස බටහිර රටවල් කළ බලපෑම් උත්සන්න වන පසුබිමකදීයි. කෙසේ වෙතත් අමෙරිකාව ඇතුළු බටහිර රටවල මෙම බලපෑම්, විනාශකාරී මැදිහත්වීමක් යැයි මධුරෝ හිතවාදී රුසියාව ප්‍රකාශ කළේ ය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ මේ අනුව වෙනිසුවෙලාවේ යුදමය මැදිහත්වීමක් සිදුකිරීම සම්බන්ධයෙන් සලකා බැලෙමින් පවතින බවයි. මේ අතර උග්‍ර අර්බුදයකට මුහුණ පා සිටින වෙනිසුවෙලාවට ආධාර යැවීමට සූදානම් බව ද අමෙරිකාව ප්‍රකාශ කළේ ය. ඒ, වෙනිසුවෙලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා තමන් යැයි ප්‍රකාශයට පත් කළ එරට විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ ගේ ඉල්ලීමක් අනුවයි. අන්තර්වාර ජනාධිපතිවරයා බවට ප්‍රකාශයට පත්කිරීමෙන් පසු අමෙරිකාව , ඕස්ට්‍රේලියාව සහ ලතින් අමෙරිකානු රටවලින් ජුවාන් ගුවයිඩෝ ට සහය ලැබීම වෙනිසුවෙලාවේ දේශපාලන අර්බුදය උග්‍ර කිරීමට හේතුවිය. කෙසේ වෙතත් අමෙරිකාවේ ආධාර ප්‍රතික්ෂේප කළ වෙනිසුවෙලානු ජනාධිපති නිකලස් මධුරෝ සඳහන් කලේ , ආධාර ලබාදීමේ මුවාවෙන් වෙනිසුවෙලාවේ යුදමය මැදිහත්වීමක් සිදුකිරීමට අමෙරිකාව පසුබිම සකස්කරන බවයි.
2019-02-03T20:47:33.000Z
රේගු නිලධාරීන් තවදුරටත් අකුරට වැඩ
රේගු නිලධාරීන් තවදුරටත් අකුරට වැඩ
COLOMBO (News 1st) : හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය තනතුරෙන් ඉවත් කිරීම මුල්කරගනිමින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක බව රේගු වෘත්තීය සමිති පවසයි. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී. එස්. එම්. චාල්ස් මහත්මිය ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අකුරට වැඩකිරීම ඇරඹුවේ පසුගිය 29 වැනිදායි. අදාළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට මේ වනවිට රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය ,රේගු අධිකාරී සංගමය ,රේගු නිලධාරීන්ගේ සංගමය ,බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය සහ රේගු නිශ්කාශනය කරන්නන්ගේ සංගමය ඇතුළු සංගම් රැසක් එක්ව සිටී. රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, රටට අවශ්‍ය ද්‍රව්‍ය ලැබීමේ ප්‍රමාදයක් නිර්මාණය විය හැකි බවයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මුදල් අමාත්‍යාංශය පැවසුවේ, රේගු දෙපාර්තමේන්තුව සඳහා ස්ථීර අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරිමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවයි. අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තීරණයක් අනුව, විශ්‍රාමික හමුදා නිලධාරියෙකු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කළ බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
2019-02-03T20:32:41.000Z
71 වැනි ජාතික දිනය වෙනුවෙන් රැඳවියන් 545කට නිදහස
71 වැනි ජාතික දිනය වෙනුවෙන් රැඳවියන් 545කට නිදහස
COLOMBO (News 1st) : 71 වැනි ජාතික දිනය වෙනුවෙන් රැඳවියන් 545 දෙනෙකුට නිදහස ලබාදීමට පිවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ රැඳවියන් පිරිසකට එලෙස නිදහස ලබාදෙන බවයි. මරණ දඬුවම ඇතුළු බරපතළ ගණයේ අපරාධ වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා එලෙස සමාව ලබාදී නොමැති බව ද ඔහු පැවසී ය. මේ අතර අද උදෑසන 9 සිට සිරකරුවන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව ලබා දී තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, ඥාතීන් විසින් ගෙන එන පිසු ආහාර ලබා ගැනීමට ද සිරකරුවන්ට අද අවස්ථාව හිමිවන බවයි.
2019-02-03T19:45:41.000Z
71 වන ජාතික දින සැමරුමට සියල්ල සූදානම්
71 වන ජාතික දින සැමරුමට සියල්ල සූදානම්
COLOMBO (News 1st) : 71 වැනි ජාතික දිනය අදයි. ජාතික දින ප්‍රධාන සැමරුම් උළෙල අද පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව සැමරීමට සියලු කටයුතු මේ වන විට සුදානම්ව පවතී. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 71 වැනි ජාතික දින ප්‍රධාන සැමරුම් උළෙල පැවැත්වෙන අතර මෙවර ජාතික දින උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන්නේ, මාලදිවයින් ජනාධිපති ඒබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතායි. මේ අතර ගාලුමුවදොර පිටියේදී අද පැවැත්වෙන 71 වන ජාතික දින උළෙල හේතුවෙන්, කොළඹ නගරය ආශ්‍රීතව විශේෂ රථවාහන සැලැස්මක ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව නිදහස් උත්සවයේ කටයුතු අවසන් වන තුරු අද අලුයම 5 සිට කොල්ලුපිටිය හන්දියත් ,ලෝටස් වට රවුමත් අතර මාර්ගය වසා තැබෙනු ඇති. ජාතික පුනර්ජීවනය ඇති කිරිමෙහි ලා අත්‍යවශය වන ප්‍රගතියට එරෙහි ව සිටින පොදු සතුරා වන දූගීභාවය සහ දූෂණය වහා මුලිනුපුටා දැමීමට අප සියල්ලන් එක්සිත්ව කටයුතු කළ යුතුව ඇති බව ජාතික දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මේ මොහොතේ අප සියල්ලන්ගේ ඒකායන අරමුණ විය යුත්තේ, ලැබූ නිදහසේ උපරිම අර්ථය සාක්ෂාත් කර ගැනීම පිණිස නව දැක්මකින් අභිනව ජවයකින් සාමූහිකව කැපවීම බව ජනාධිපතිවරයා එම පණිවුඩයෙන් පෙන්වා දෙයි. ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ දැක්වෙන්නේ, අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් ලැබීමෙන් දේශයක්, ජාතියක් ලෙස අප අපේක්ෂා කළේ, සියලු ආකාරවලින් ඔවුන්ගේ වියගසින් මිදුණු, ස්වදේශ අනන්‍යතාවකින් හෙබි ආර්ථික දේශපාලනික හා සමාජ සංස්කෘතික පෙරගමනක් බවයි. එහෙයින් අනාගත අභිවෘද්ධිය උදෙසා අපට අවශ්‍ය වනුයේ ස්වදේශීකත්වයෙන්ම පණ පෙවුණු අධ්‍යාත්මයන්ගෙන් යුතු ජනකායක් බව ජනාධිපතිවරයාමා පෙන්වා දෙයි. මේ අතර 71 වැනි ජාතික දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, නිදහස වඩාත් අර්ථවත් වීමට නම් යම් දේශයක, ජන සමාජයක මනුෂ්‍යයා මෙන්ම සමස්ත පරිසරය ආර්ථික, සමාජ දේශපාලන මෙන්ම අධ්‍යාත්මික සංහිඳීම අයත් කරගත යුතු බවයි. එය හුදෙක් සැමරුමකින් පමණක් දිනා ගත හැක්කක් නොවන බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා ක්‍රමවත් සැලැස්මක් සහ සාමූහික කැපකිරිමක් අත්‍යවශ්‍ය බව පවසයි. දියුණු සමාජ, දේශපාලන අවකාශයක සැබෑ නිදහස අත්දකින පුරවැසියන් ලෙස දිවි ගෙවීම සඳහා ශක්තිමත් ආර්ථිකයක්, ස්ථාවර රාජ්‍යයක්, සමෘද්ධිමත් දේශයක් සඳහා එක්ව වැඩකිරීමට ඔබ සැමට ඇරයුම් කරන බව ද අග්‍රාමාත්‍යවරයා නිකුල් කළ නිවේදනයේ සඳහන් ය. මේ අතර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීම නිදහස් දිනයෙන් කියාපෑවත් සැබැවින්ම ඉන් පිළිබිඹු වන්නේ, අප එක් ධජයක් යට එක් ජාතික ලෙස විවිධත්වය සවියක් කරගෙන නිදහස ලත් අභීත මිනිසුන් බව යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායකවරයා ඒ බව පැවසුවේ 71 වැනි ජාතික දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනි.
2019-02-03T10:50:39.000Z
News 1st රත්නපුර වාර්තාකරු රිය අනතුරකින් මියයයි
News 1st රත්නපුර වාර්තාකරු රිය අනතුරකින් මියයයි
COLOMBO (News 1st) : නිව්ස්ෆස්ට් රත්නපුර වාර්තාකරු රුචිර අබේමාන්න මහතා අද රාත්‍රීයේ සිදුවූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත විය. රත්නපුර පොලීසිය පැවසුවේ, රත්නපුර නව නගරයේදී එම අනතුර සිදුව ඇති බවයි. අධික වේගයෙන් වැරදි මංතීරුවේ පැමිණි ජීප් රථයක් රුචිර අබේමාන්න මහතා ගමන් ගත් යතුරු පැදියේ ගැටී ඇති අතර පසුව යතුරු පැදිය මද දුරක් ඉදිරියට ඇදී ගොස් කුරුවිට දෙසින් පැමිණි ලොරි රථයක ද ගැටී නැවතී තිබේ. අනතුර සිදුකළ ජීප් රථයේ රියැදුරු පලා ගොස් ඇති අතර සැකකරු අත්ඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. දීර්ඝ කාලයක සිට නිව්ස්ෆස්ට් කණ්ඩායමේ ක්‍රියාශිලි සගයෙකු වූ රුචිර අබේමාන්න මහතා ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනා සිටි මාධ්‍යවේදියෙකු ද වේ.
2019-02-03T10:40:37.000Z
මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි ගෞරව නාමයෙන් පිදුම් ලබයි
ශ්‍රීපාල් වන්නිආරච්චි ගෞරව නාමයෙන් පිදුම් ලබයි
COLOMBO (News 1st) : 71 වැනි ජාතික දිනයට සමගාමීව 33 වැනි වරට සංවිධානය කෙරෙන ජාතික ,සංස්කෘතික,අධ්‍යාපනික, මාධ්‍ය හා ව්‍යාපාරික සමුළුව අද පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. ජාතික සමගි සංගමයේ මෙහෙයවීමෙන් පැවැති මෙම සමුළුවට සර්ව ආගමික නායකයින් ඇතුළු විවිධ පාර්ශ්වවල ආරාධිත සම්භාවනීයයන් පිරිසක් සහභාගි වූහ. මෙහිදී ගෞරව සම්මාන ප්‍රදානයක් ද සිදු කෙරිණ. ගෞරව නාම සහ සම්මාන 65 ක් පිරිනැමුණේ ජාතික , ආගමික, සංස්කෘතික ,වෛද්‍ය, සාහිත්‍ය, කලා, අධ්‍යාපන, ව්‍යාපාරික, සමාජ සේවා අංශ තුළින් ජාතික පුනරුදයට දායක වූ විශිෂ්ටයින් පිරිසක් සඳහායි . ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා ද මෙහිදී ගෞරව නාමයකින් පිදුම් ලැබී ය. ජනමාධ්‍යවේදියෙකු ලෙස වසර 24 ක අත්දැකීම් ඇති නිවුස් ෆස්ට් මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතාට ද මෙහිදී ගෞරව නාමයක් පිරිනැමිණ. මාධ්‍ය ක්ෂේත්‍රය තුළින් ඔහු සිදු කරන ජනතා හා සමාජ මෙහෙවර උදෙසා මෙලෙස පිරිනැමුණේ කීර්ති ශ්‍රී දේශබන්දු ජනමාධ්‍යශූරී යන ගෞරව නාමයයි.
2019-02-03T10:32:42.000Z
ATM හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක්
ATM හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක්
COLOMBO (News 1st) : රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ATM යන්ත්‍ර හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. අදාළ සංවිධානාත්මක පිරිස් විසින් මෙරට බැංකු වල ස්ථාපනය කර ඇති, ATM යන්ත්‍රවල වෙනත් බාහිර උපකරණයක් සවිකර ඒ ඔස්සේ පාරිභෝගිකයන්ගේ දත්ත සොරා ගැනීම පළමු සිදු කරයි. අනතුරුව එම දත්ත උපයෝගි කරගනිමින් ව්‍යාජ කාඩ්පත් සකසා මුදල් ලබා ගන්නා බවට මේ වනවිට පැමිණිලි කිහිපයක් ම ලැබී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ මෙහෙයවයි. මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුබද්ධ ආයතනයක් වන ලංකා ක්ලියර් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ATM යන්ත්‍ර භාවිත කරන මෙරට ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ATM යන්ත්‍ර හරහා ගනුදෙනු කිරිමේදී විමසිලිමත් වන ලෙසයි. ගනුදෙනුකරුවන්ගේ අවධානය යොමු විය යුතු කරුණු කිහිපයක්ද අදාළ නිවේදනයේ සඳහන් ය. *මුදල් ගනුදෙනුවලදී තමන් භාවිත කරන ATM යන්ත්‍රවල අනවශ්‍ය උපාංග සවිකර ඇද්ද යන්න ගනුදෙනු කිරීමට පෙර පරීක්ෂා කරන්න. * ATM යන්ත්‍ර හරහා ගනුදෙනු කරන විට තමා අවට සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. *යම් හෙයකින් සැකකටයුතු යමක් හෝ පුද්ගලයකු වේ නම් ඒ පිළිබදව බැංකුවේ ආරක්ෂක අංශ හෝ පොලිසිය දැනුවත් කරන්න. *සෑම ගනුදෙනුකරුවෙක්ම, සිය ATM කාඩ්පතට අදාළව බැංකුව මගින් ක්‍රියාත්මක කරන කෙටි පණිවිඩ සේවාව සක්‍රිය කර ගන්න.
2019-02-03T10:26:32.000Z
අතුරුදන් දැරිය ගැන මවගෙන් විශේෂ ප්‍රකාශයක්
අතුරුදන් දැරිය ගැන මවගෙන් විශේෂ ප්‍රකාශයක්
COLOMBO (News 1st) : දින 5 ක සිට අතුරුදන්ව සිටින කරුවලගස්වැව සෙනුරි තිසාරා දැරිය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොකළ කරුණු කිහිපයක් ඇගේ මව ඊයේ පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබේ. ඒ මත පදනම්ව පොලිස් හා නාවික හමුදා කිමිදුම්කරුවන් අද පස් වැනි දිනටත් සෙනුරි සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළේ ය. පුත්තලම කරුවලගස්වැල නීලබැම්ම ප්‍රදේශයේ පදිංචිව සිටි සෙනුරි තිසාරා සිව් හැවිරිදි දැරිය අතුරුදන්ව ඇති බවට ඉකුත් 29 වන දා දැරියගේ මව සාලියවැව පොලීසියට පැමිණිල්ලක් කර තිබිණ. ඒ අනුව ඇය සොයා දින කිහිපයක් සෝදිසි මෙහෙයුම් කළ ද ඇය පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි විය. පසුව සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව, මිත්තණිය සහ මිත්තණියගේ දෙවැනි ස්වාමි පුරුෂයා ඇතුළු සිව්දෙනෙකු පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකළේ ය. එහිදි අනාවරණය කරගත් කරුණු මත පදනම්ව දැරිය පිළිබද හෝඩුවාවක් සොයා කලා ඔය ඕලු මඩුව ප්‍රදේශයේ කිලෝමීටර තුනක පමණ දුරක් අද දිනයේ ද පරීක්ෂා කෙරිණ. https://www.youtube.com/watch?v=E6Fy2B7qIqI
2019-02-03T10:20:15.000Z
Facebook සාදයේදී අත්අඩංගුවට ගත් 85 දෙනාට ඇප
Facebook සාදයේදී අත්අඩංගුවට ගත් 85 දෙනාට ඇප
COLOMBO (News 1st) : විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමග ඊයේ රාත්‍රී හිඟුරක්ගොඩ හෝටලයකදී අත්අඩංගුවට පත් තරුණ තරුණියන් 85 දෙනෙකු ඇප මත මුදා හැරිණ. හිඟුරක්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ශිරාන්ති වැරැල්ලගම මහත්මිය වැඩිදුරටත් නියෝග කළේ, අදාළ හොටල් කළමනාකරු හා තවත් 04 දෙනෙකු ලබන 06 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. Facebook සමාජ ජාලය හරහා ඊයේ රාත්‍රියේ මින්නේරිය ප්‍රදේශයේ හෝටලයක සාදයක් සංවිධානය කර තිබිණ. ඒ අනුව ඊයේ පස්වරුවේ ගාල්ල, මාතර, කොළඹ, නුවරඑළිය, මහනුවර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක තරුණ තරුණියන් 200කට අධික පිරිසක් මින්නේරියට පැමිණියේ අදාළ සාදය සඳහා රුපියල් 2500ක් ටිකට් පතක් ද මිලදී ගෙනයි. අදාළ හෝටලයට පැමිණි පසු සංවිධායකයින් ඔවුන්ව සාදය සඳහා හිඟුරක්ගොඩ වෙනත් හෝටලයකට යොමු කර තිබේ. එම හෝටලයේදී අදාළ සාදය ආරම්භ වූයේ ඊයේ රාත්‍රි 10ට පමණි. සාදය ආරම්භ වී පැයක් පමණ ගතවද්දී, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් 43 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස හෝටලය වැටලීමට පියවර ගත්තේ, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය අධික ලෙස භාවිත වන බවට ලද තොරතුරක් අනුවයි. මධ්‍යම රාත්‍රිය ළඟාවනවාත් සමගම පොලිස් කණ්ඩායම් සාදය පැවැත්වෙන ශාලාවට ඇතුලු වූ අතර, එහි එක්ව සිටි පිරිස් පරික්ෂා කිරීමේදී විවිධ මත්ද්‍රව්‍ය වර්ග සන්තකයේ තිබූ 89 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය. ඒ අතර තරුණියෝ 6 දෙනෙක් ද වෙති. අත්අඩංගුවට ගත් පිරිස සතුව අබිං,හෙරොයින්, ගංජා, ඇපල් වර්ගයේ මත්පෙති ඇතුළු විවිධ වර්ගවල නීතිවිරෝධි මත්ද්‍රව්‍ය වර්ග රැසක් තිබූ බව පොලීසිය පැවසී ය. ඉන් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබී ඇත්තේ අත්අඩංගුවට පත් වු තරුණියන් 6 දෙනා සතුව වීම විශේෂත්වයකි. https://www.youtube.com/watch?v=aMXWB2g4y5Q
2019-02-03T07:36:33.000Z
ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන කුරුණෑගලදී
ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන කුරුණෑගලදී
COLOMBO (News 1st) : ස්පෝර්ට්ස් ෆස්ට් - අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහනේ 19 වැනි දිනය අදයි. මෙම උළෙල සංවිධානය කරන්නේ, පසුගිය වසර දෙක තුළ දෙස් විදෙස් කෙළි බිමේ ඉහළ දක්ෂතා දැක්වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහායි. කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයේදී මෙම ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ගේ මෙන්ම සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සහ අලියාන්ස් සමාගමේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙනි. ප්‍රදේශයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් වැඩසටහනට එක්ව සිටි අතර රග්බි, පා පන්දු සහ බේස්බෝල් පුහුණු වැඩසහටන් ද ඊට ඇතුළත් විය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ පාරමි වසන්ති මාරිස්ටෙලායි. මෙම ප්‍රවර්ධන වැඩසටහනට සමගාමිව, අපේක්ෂාවේ ගිනි සිළුව රැගත් පිරිස කුරුණෑගල සිට කෑගල්ල දක්වා ගමන් ආරම්භ කළහ. මග දෙපස රැස්ව සිටි ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යෙය් මේ චාරිකාව, පුවක්පිටිය හා පොල්ගහවෙල පසුකරමින් ළඟා වුණේ කෑගල්ලටයි. හෙට ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන කෑගල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
2019-02-03T05:53:25.000Z
රටකජු, බඩඉරිඟු ආනයන බලපත්‍ර දීම අත්හිටුවයි
රටකජු, බඩඉරිඟු ආනයන බලපත්‍ර දීම අත්හිටුවයි
COLOMBO (News 1st) : රටකජු සහ බඩඉරිඟු ආනයනය කිරීමේ බලපත්‍ර ලබා දීම අත්හිටුවා තිබේ. කෘෂිකර්ම අමාත්‍ය පී .හැරිසන් මහතා සඳහන් කළේ, රටකජු සහ බඩඉරිඟු දේශීය වෙළඳපොළ තුළ ප්‍රමාණවත් පැවතීම සහ දේශීය ගොවීන් දිරි ගැන්වීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි. මේ අතර ආනයනය කරන බඩඉරිඟු සඳහා පනවා තිබූ රුපියල් 10 බද්ද රුපියල් 20 කින් ඉහළ දමා තිබේ. මුංඇට සහ තවත් ධාන්‍ය වර්ග කිහිපයක් ආනයනය කිරීමට අදාළව බලපත්‍ර ලබා දීම අත්හිටුවීම සම්බන්ධයෙන් ද ඉදිරියේදී තීරණයක් ගන්නා බව අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසී ය. මේ වන විට මුංඇට ආනයනය කිරීමට අදාළව බදු රුපියල් 200 ක් දක්වා ඉහළ දමා තිබේ.
2019-02-03T05:48:40.000Z
පළාත් කිහිපයකට වැසි, කාලගුණෙන් අනාවැකි..
පළාත් කිහිපයකට වැසි, කාලගුණෙන් අනාවැකි..
COLOMBO (News 1st) : උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව, උතුරුමැද සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ඇති විය හැකි බවයි. උතුර, උතුරුමැද, මධ්‍යම, බස්නාහිර, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.
2019-02-03T04:52:16.000Z
ජාතික දින සැමරුම වෙනුවෙන් රැඳවියන් 545කට නිදහස
ජාතික දින සැමරුම වෙනුවෙන් රැඳවියන් 545කට නිදහස
COLOMBO (News 1st) : 71 වන ජාතික දිනය වෙනුවෙන් රැඳවියන් 545 දෙනෙකුට නිදහස ලබාදීමට පිවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ රැඳවියන් පිරිසකට එලෙස නිදහස ලබාදෙන බවයි. මරණ දඬුවම ඇතුළු බරපතළ ගණයේ අපරාධ වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා එලෙස සමාව ලබාදී නොමැති බව ද ඔහු පැවසී ය
2019-02-03T01:35:03.000Z
පකිස්තානයට චීනෙන් ඩොලර් බි. 2.5ක ණයක්
පකිස්තානයට චීනෙන් ඩොලර් බි. 2.5ක ණයක්
COLOMBO (News 1st) : පකිස්තානයට අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය මුදලක් ලබාදීමට චීනය එකඟතාව පළ කර තිබේ. ඒ, සිය විදේශ සංචිත වැඩි කිරීමේ අරමුණිනි. පකිස්ථානයට ණය ලබාදීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව නතර කිරීමත් සමග එරට ආණ්ඩුව විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටී. එම මූල්‍ය අර්බුදයෙන් මිදීම සඳහා සෞදිය මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍ය ද පකිස්ථානයට ණය ලබාදීමට එකඟතාව පළ කළේ, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ඉල්ලීමකට අනුවයි.
2019-02-03T00:53:10.000Z
මාලදිවයින් ජනපති මොහොමඩ් සෝලි දිවයිනට
මාලදිවයින් ජනපති මොහොමඩ් සෝලි දිවයිනට
COLOMBO (News 1st) : මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහීම් මොහොමඩ් සෝලි මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියේ ය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී මාලදිවයින් ජනපතිවරයා පිළිගනු ලැබුවේ, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ඔහු මෙරටට පැමිණියේ හෙට ගාලුමුවදොර පැවැත්වෙන 71 වන ජාතික දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීම සඳහායි.
2019-02-03T00:36:54.000Z
පුත්තලමේ අතුරුදන් දැරිය සොයා කලා ඔයේ මෙහෙයුමක්
පුත්තලමේ දැරිය සොයා කලා ඔයේ මෙහෙයුමක්
COLOMBO (News 1st) : පුත්තලම, කරුවලගස්වැව ප්‍රදේශයේදී පසුගිය දා අතුරුදන් වූ දැරිය සොයා පොලීසිය හා නාවික හමුදා කිමිඳුම්කරුවන් කලා ඔයේ ඕළුමඩුව ප්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ දැරිය අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇයගේ මව විසින් කරන ලද ප්‍රකාශයකට අනුවයි. ඇය විසින් දැරිය දමන ලදැයි කියන ස්ථානය මෙලෙස සෝදිසි කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. පුත්තලම කරුවලගස්වැල නීලබැම්ම ප්‍රදේශයේ පදිංචිව සිටි එම සිව් හැවිරිදි දැරිය අතුරුදන්ව ඇති බවට පසුගිය මස 29 වන දා සාලියවැව පොලීසියට දැරියගේ මව පැමිණිල්ලක් කර තිබිණ. ඒ අනුව ඇය සොයා ගැනීම සඳහා පසුගිය දින 4 පුරාම සෝදිසි කිරීම් සිදුකළ ද ඇය පිළිබඳ තොරතුරක් ලැබී නොතිබිණ. පදිංචි සෙනුරි තිසාරා දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබූ අතර දැරියගේ මව, මිත්තණිය සහ සීයාගෙන් ද අඛණ්ඩව ප්‍රකශ ලබාගනිමින් සිටි බව පොලීසිය මීට පෙර පැවසී ය. දැරිය සෙවීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 200කි.
2019-02-03T00:15:01.000Z
පින්දෙණියේ වෙඩි තැබීමක්
පින්දෙණියේ වෙඩි තැබීමක්
COLOMBO (News 1st) : පින්දෙණිය, කොටියාකුඹුර ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු වෙඩි තබා පලාගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඉන් තුවාල ලැබූ කාන්තාව කරවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි. ඊයේ පස්වරුවේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ 64 හැවිරිදි කොටියාකුඹුර පදිංචිකාකරියකි. සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.
2019-02-02T23:29:36.000Z
ඩ්‍රෝන කැමරාවකින් ගුවන්තොටුපොළ වීඩියෝ කළ 4ක් අත්අඩංගුවට
ඩ්‍රෝන කැමරාවකින් ගුවන්තොටුපොළ වීඩියෝ කළ 4ක් දැලේ
COLOMBO (News 1st) : ඩ්‍රෝන කැමරාවකින් ගුවන්තොටුපොළ වීඩියෝ කළ විදේශිකයින් 4ක් අත්අඩංගුවට අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරාවක් මගින් කටුනායක අධිආරක්ෂිත කලාපයේ පිහිටි ගුවන් තොටුපොළ වීඩියෝ කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් ජාතිකයින් ජාතිකයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී 8 ට පමණ මෙම වීඩියෝ ගත කිරීම සිදුකර ඇති බවයි. සැකකරුවන් 19, 22, 23 වයස්වල පසුවන්නන් වන අතර සැකකරුවන් අතර කාන්තාවක ද සිටී. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2019-02-02T22:49:42.000Z
නීතිවිරෝධීව රට තුළ රැඳී සිටින්නන් ගැන දැනුම්දීමට අංකයක්
නීතිවිරෝධීව රට තුළ රැඳී සිටින්නන් ගැන දැනුම් දෙන්න
COLOMBO (News 1st) : නීතිවිරෝධීව මෙරට රැඳී සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් දැනුම්දීමට නව දුරකථන අංකයක් හඳුන්වාදීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එහි විමර්ශන අංශයේ නියෝජ්‍ය පාලක එම්.ජී.වී. කාරියවසම් මහතා සඳහන් කළේ, ලබන අඟහරුවාදා සිට නව දුරකථන අංකය ක්‍රියාත්මක වන බවයි. 011-574 99 99 යන එම දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් ක‍ළේ ය.
2019-02-02T22:27:58.000Z
පලතුරු ඉදවීමට රසායනික ද්‍රව්‍ය භාවිතය තහනම් කනර බව විෂයභාර ඇමති කියයි
"පලතුරු ඉදවීමට රසායනික ද්‍රව්‍ය භාවිතය තහනම්"
COLOMBO (News 1st) : පලතුරු ඉදවීම සඳහා රසායන ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන් ම තහනම් කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ කෘතිමව ලෙස පලතුරු ඉදවීම අවම කර වස විෂෙන් තොර සෞඛ්‍ය සම්පන්න පළතුරු පාරිභෝගිකයා වෙත ලබා දීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි. ස්වභාවික සහ පර්යේෂණ අංශ පිළිගත් ක්‍රමවේද යටතේ පමණක් මින් ඉදිරියට පළතුරු ඉදවීම සිදුකළ යුතු බව ද අමාත්‍යවරයා පැවසී ය.
2019-02-02T22:10:14.000Z
අමාන් අභ්‍යාසය වෙනුවෙන් සයුරළ පිටත්ව යයි
අමාන් අභ්‍යාසය වෙනුවෙන් සයුරළ පිටත්ව යයි
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සයුරළ නෞකාව පකිස්ථානය බලා පිටත්ව ගොස් තිබේ. ඒ පකිස්ථානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගිවීම සඳහායි. කාර්ය මණ්ඩල සාමාජිකයින් 170 දෙනෙකුගෙන් සමන්විත නෞකාවේ රාජකාරියේ නියුතු නිලධාරින් සංඛ්‍යාව 28 දෙනෙකි. නෞකාව පෙබරවාරි 07 වන දින පකිස්ථානයේ කරච්චි වෙත ළඟා වීමට නියමිතයි. බහුපාර්ශවික අමාන් පුහුණු අභ්‍යාසය පෙබරවාරි 08 වන දා සිට 14 වන දින දක්වා පකිස්ථානයේ කරච්චිහිදී පැවැත්වේ. එහිදී තොරතුරු හුවමාරුකර ගැනීම, අන්‍යෝන්‍ය අවබෝධය සහ සහභාගීත්ව, නාවික කටයුතු සඳහා පොදු අවශ්‍යතා හඳුනාගැනීම, සාගර ආරක්ෂක මෙහෙයුම්, ත්‍රස්ත විරෝධී මෙහෙයුම්, සෙවීම් සහ මුදා ගැනීමේ මෙහෙයුම් මෙන්ම මානුෂීය ආධාර මෙහෙයුම් ආදි වූ අභ්‍යසවල නිරතවීමට නියමිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ ය. ඕස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, ජර්මනිය, ඉන්දුනීසියාව, ඉතාලිය, ජපානය, මලයාසියාව, මාලදිවයින, නයිජීරියාව, පිලිපීනය, කටාර්, රුසියාව ඇතුළුව රටවල් 44 ක නාවික හමුදා නිලධාරීන් ඊට සහභාගීවීමට නියමිතයි.
2019-02-02T21:59:10.000Z
කරුවලගස්වැව දැරිය තවමත් අතුරුදන්
කරුවලගස්වැව දැරිය තවමත් අතුරුදන්
COLOMBO (News 1st) : පුත්තලම, කරුවලගස්වැව පදිංචි සෙනුරි තිසාරා දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර තිබේ. පොලීසිය සඳහන් කළේ, දැරියගේ මව, මිත්තණිය සහ සීයාගෙන් ද අඛණ්ඩව ප්‍රකශ ලබාගනිමින් සිටින බවයි. මෙම මෙහෙයුම් සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 200කි. පුත්තලම කරුවලගස්වැව නිලබැම්ම ප්‍රදේශයේ පදිංචි සිවු හැවිරිදි සෙනුරි තිසාරා අතුරුදන් වූයේ පසුගිය 29 වැනිදායි. https://www.youtube.com/watch?v=TyPp5T7XbZE
2019-02-02T11:15:22.000Z
සතුන් දහස් ගණනක් සමග සිංහරාජයෙන් පිටවීමට තැත් කළ විදේශිකයින් 5ක් අත්අඩංගුවට
සිංහරාජයේ සතුන් සොරකම
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ සතුන් දහස් ගණනක් සමග සිංහරාජයෙන් පිටවීමට උත්සහ කළ ස්ලෝවැකියානු ජාතිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වඳවී යන සතුන් වර්ග ඇතුළුව කෘමී සතුන් සිය ගණනක් හා ශාක කොටස් රැසක් සිංහරාජ වනාන්තරයෙන් පිටතට ගෙන යාමට තැත් කළ ස්ලෝවැකියානු ජාතිකයින් 5 දෙනෙකු වන සංරක්ෂණ නිලධාරීන් විසින් අද පෙරවරුවේ සිංහරාජ කුඩව පිවිසුමේදී අත්අඩංගුවට ගත්තේ ය. මොවුන් දින තුනක කාලයක් සිංහරාජ වනාන්තරයට පිවිසෙන ප්‍රධාන ද්වාරය අසළ පුද්ගලික ලැගුම්හළක නැවතී සිටිමින්, රාත්‍රී කාලයේ සිංහරාජ රක්ෂිතයට ඇතුළු වී මෙම ජාවාරම සිදු කර ඇතැයි අනාවරණය වී තිබේ. ඔවුන් සන්තකයේ තිබී සොයා ගත් සත්ත්ව විශේෂ අතර, මේ වන විටත් තර්ජනයට ලක්ව ඇති දුර්ලභ සමනලුන් විශේෂ 3ක්, ගෝනුස්සන්, හැකරැල්ලන්, බඹරුන්, දෙබරුන්, කණාමැදිරියන් වැනි සතුන් දහස් ගණනක් සිටි බව වන සංරක්ෂණ නිලධාරීහු සඳහන් කළහ. එමෙන් ම විවිධ බීජ වර්ග හා ශාක කොටස් විශාල ප්‍රමාණයක් ද ඔවුන් සතුව තිබී ඇති අතර ජීවී සතුන් මෙන්ම මිය ගිය සතුන් ද සිටි බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ. සැකකරුවන් සතුව තිබී අධි තාක්ෂණික කැමරා උපකරණ, අධි තාක්ෂණික ද්‍රෝන යන්ත්‍ර මෙන්ම සත්ත්ව මෙන්ම ශාක බහලුම්, සතුන් නිර්වින්දන රසායනික ද්‍රව්‍ය ඇතුළු උපකරණ රැසක් පොලීස් භාරයට ගත්තේ ය.
2019-02-02T10:07:22.000Z
දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතළ නොවන බවට වාර්තා
දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතළ නොවන බවට වාර්තා
(News 1st) - ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය අදයි. කැන්බරාහිදී පැවැත්වෙන මේ තරගයේදී ආබාධයකට ලක්ව රෝහල්ගත කළ දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ. කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගය අද ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 384ක් රැස් කර ගෙන සිටියේ ය. කර්ටිස් පැටර්සන් මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ අතර නායක ටිම් පෙයින් නොදැවී ලකුණු 45යි. කඩුලු 5ක් දැවී ලකුණු 534ක් රැස් කර ගෙන සිටියදී ඔස්ට්‍රේලියාව පළමු ඉනිම අත්හිටුවූවේ ය. ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ලට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න සමත් විය. අනපේක්ෂිත ලෙස කරුණාරත්නට පිටියෙන් ඉවත් වීමට සිදු වූයේ, පැට් කමින්ස් යොමු කළ පන්දුවක් ගෙලෙහි වැදීම හේතුවෙනි. ඒ වන විට ඔහු ලකුණු 46ක් රැස් කර ගෙන සිටියේ ය. ලහිරු තිරිමාන්න ලකුණු 41යි. අද දිනය අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 123කි.
2019-02-02T09:58:21.000Z
රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇති වීමේ අවදානමක්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇතිවීමේ අවදානමක්
COLOMBO (News 1st) - රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇති විය හැකි බව එම ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ වෙළෙඳුන්ගේ සංගමය පවසයි. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අකුරට වැඩ කිරීම ඇරඹුවේ පසුගිය 29 වන දා ය. එක් දිනක් තුළ සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් 400ක් පමණ වරායෙන් නිදහස් කෙරෙන නමුත්, මේ දිනවල එම සංඛ්‍යාව 50-75ත් අතර ප්‍රමාණයකට අඩු වී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ වෙළෙඳුන්ගේ සංගමය පවසයි. රේගු වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ, නව පත් කිරීමට අදාළ කැබිනට් ප්‍රතිකාව ඉවත් කර ගන්නා තෙක් අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව ය. රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරී සංගමය, රේගු නිලධාරීන්ගේ සංගමය, බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය සහ රේගු නිශ්කාශනය කරන්නන්ගේ සංගමය මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටියි.
2019-02-02T09:27:58.000Z
ජාතික ආණ්ඩුව යන්නෙහි පාර්ලිමේන්තුවේ සම්මත වූ නිර්වචනයට පරස්පර යෙදුමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළේ කවුද?
ජාතික ආණ්ඩු නිර්වචනය විකෘති කළේ කවුද?
COLOMBO (News 1st) - ජාතික ආණ්ඩුව යන්න සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙන්නේ පාර්ලිමේන්තුව අනුමත කරන ලද කාරණය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. නිව්ස්ෆස්ට් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, මේ අනුව දැවැන්ත වංචාවක් සිතාමතාම සිදු කර ඇතැයි පෙනී යන බව ය. ආචාර්ය විජයදාස රාජපක්ෂ - පා.ම. එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුව කියන එක පිළිබඳව නිර්වචනයක් අවශ්‍යයි කියලා පාර්ලිමේන්තුවේදී මතු කළේ චන්ද්‍රසිරි ගජධීර මන්ත්‍රීතුමා. ඒ අනුව තමයි "මම එම අවස්ථාවේදී නිර්වචනයක් ලබා දුන්නේ. ජාතික ආණ්ඩුව පිළිබඳව මම ලබා දුන්න නිර්වචනය තමයි ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමෙන් අනතුරුව එම මැතිවරණයේ ප්‍රතිඵල අනුව වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා දේශපාලන පක්ෂය සහ දෙවනුව වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා දේශපාලන පක්ෂය ඇතුළුව නිර්මාණය කරන ආණ්ඩුවක්, ජාතික ආණ්ඩුවක් විය යුතුයි කියන නිර්වචනය. නමුත් හැන්සාඩ් වාර්තාවේ ඒ ආකාරයට වාර්තා වෙලා තිබියදී 19 වෙනි සංශෝධනය කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරපු සංශෝධන එක සකස් කරලා කථානායකට අත්සනට ඉදිරිපත් කරලා තිබුණේ වෙනත් ආකාරයට. අපි සම්මත කරපු දේට පටහැනි දෙයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45/6 අනු ව්‍යවස්ථාවට ඇතුළත් වෙලා තියෙනවා. ඒ අනුව ජාතික ආණ්ඩුවේ නිර්වචනය ලෙස තිබෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව දිනා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවන ආණ්ඩුවක් වන්නේ ය. එක සම්පූර්ණයෙන්ම වැරදියි. අපේ රටේ උත්තරීතරයි කියලා කියන පාර්ලිමේන්තුවේ සම්මත කරපු නැති දෙයක්. ඒ වගේම රට පාලනය කරන කවුරුත් සලකන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වංචනික ලෙස විකෘතියට පත් කිරීමක් මේ තුළින් සිද්ධ වෙලා තියෙනවා." එක්සත් ජාතික පක්ෂය යනු මෙරට ප්‍රථම දේශපාලන පක්ෂයයි. රටේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායකයන් බිහි කළ කීර්තිමත් පක්ෂයයි. එහෙත් එම පක්ෂයට අද අත්ව ඇති ඉරණම ඛේදනීය බව පක්ෂයට ආදරය කරන සියල්ලන් පවසන කරුණකි. පළාත් පාලන මැතිවරණයට අදාළව පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් යෝජනා හොර රහසේ විකෘති කර, ඇති කළ අර්බුදය කිසිවෙකුට රහසක් නොවේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව පාර්ලිමේන්තුවේ සම්මත වූ කරුණු රටේ උත්තරීතර ලියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කෙරෙන්නේ විකෘතීන් සහිතවයි. මෙවන් තක්කඩි අවස්ථාවාදී ක්‍රියාවක් මෙරට දේශපාලන ඉතිහාසයේ කිසි කලෙක වාර්තා වී නොමැත. රටේ සිදු වූ විශාලතම මුදල් වංචාව වන බැඳුම්කර ගනුදෙනුව, අධිවේගී මාර්ග සම්බන්ධ වංචා, හිත මිතුරන් තනතුරුවලට පත් කරමින් ජාතික ගුවන් සේවයට බිලියන ගණන් පාඩු සිදු කිරීම ආදිය සිදු වන්නේ මේ කීර්තිමත් දේශපාලන පක්ෂය බලයේ සිටින අවස්ථාවකයි. කොටින්ම පක්ෂ නායකයාට එරෙහිව ද මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බවට අධිකරණය හමුවේ නඩුවක් ද ගොනු කර තිබේ. බැඳුම්කර හොරු රකිනවා වෙනුවට හොරු අල්ලන්න... විදෙස් හමුදාවලට රටට අතපොවන්නට ඉඩ නොදී රට සුරක්ෂිත කරන්න... සියලු දෙනාගේ විශ්වාසය දිනාගත හැකි පරිදි විනිවිද පෙනෙන ලෙස යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කරන්න... ජනතාවට නැවතත් විශ්වාසය තැබිය හැකි පක්ෂයක් හා ආණ්ඩුවක් බවට පත් නොවන්නේ නම් ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වීම වළක්වන්නට නොහැකියි. එක්සත් ජාතික පක්ෂය, ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි කියන යෝජනාවක් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ඊයේ භාර දී තිබෙන බව අපි ඊයේ වාර්තා කළෙමු. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සභානායක "ව්‍යවස්ථාවේ තියෙන්නේ ජාතික ආණ්ඩුව හදන කොට පාර්ලිමේන්තුවේ අනුමැතිය ඒකට ගන්න ඕනෑ කියලා. එච්චරයි තියෙන්නේ. කව්ද කින්ද මන්ද කියලා හෙළිදරව් කරන්න ඕනෑ නෑ. අපි හදන කොට ඒක බලාගන්න පුළුවන්."
2019-02-02T05:23:28.000Z
අද රාත්‍රියේ සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්
අද රාත්‍රියේ සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්
COLOMBO (News 1st) - අද රාත්‍රියේ සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එය ලබන 04 දක්වා පැවතිය හැකි බව ය. නැගෙනහිර, උතුරුමැද, උතුර, මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ වැසි ඇති විය හැකි ය. සෙසු පළාත්වලට මිලිමීටර් 75ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2019-02-02T04:24:37.000Z
මුහුදු මගින් රත්‍රං ප්‍රවාහනය කිරීමට තැත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
රත්‍රං තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - කල්පිටිය, කුඩාව වෙරළ තීරයේදී රත්‍රං කිලෝග්‍රෑම් 11.6 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද පෙරවරුවේ නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියේ, මුහුදු මාර්ගයෙන් රත්‍රං තොගය ප්‍රවාහනය කිරීමට තැත් කළ අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ය. සැකකරුවන් යාත්‍රා කිරීමට සූදානම් කර තිබූ ඩිංගි බෝට්ටුවක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
2019-02-02T02:48:21.000Z
සෙවනගලදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
සෙවනගලදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
COLOMBO (News 1st) - සෙවනගල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, කාන්තාවක් විසින් ඝාතනය සිදු කර ඇති බවයි. ඝාතනයට ලක් ව ඇත්තේ, 34 හැවිරිදි පුද්ගලයෙකි. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුකර ඇතැයි පොලීසිය පැවසුවේ ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
2019-02-02T01:55:34.000Z
වීසා නොමැතිව මෙරට රැඳි සිටි ඉන්දීය ජාතිකයින් 49 දෙනෙකු මතුගමදී අත්අඩංගුවට
සංචාරක වීසා මත මෙරට රැඳි සිටි 49 දෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - නීති විරෝධි ලෙස මෙරට රැඳී සිටි තව ත් ඉන්දීය ජාතිකයින් 49 දෙනෙකු මතුගමදී ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. එහි විමර්ශන අංශයේ නියෝජ්‍ය පාලක එම්. ජී. වී කාරියවසම් මහතා සඳහන් කළේ, පසුගිය 25 වැනි දා හොරණ ඉංගිරිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් 24 දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් එම ඉන්දීය ජාතිකයින් 49 දෙනා සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඇති අතර ඔවුන්ගේ වීසා කාලය ඉකුත් වී තිබුණි. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා මිරිහාන රැඳවුම් කඳවුරට රැගෙන එමින් සිටින බව ද එම්. ජී. වී කාරියවසම් මහතා සඳහන් කළේ ය.
2019-02-02T01:36:09.000Z
මාලි රටේ මිය ගිය හමුදා සාමාජිකයින්ගේ සිරුරු මෙරටට ගෙන ඒම ප්‍රමාදයි
හමුදා සාමාජිකයින්ගේ සිරුරු මෙරටට ගෙන ඒම කල් යයි
COLOMBO (News 1st) - මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත වූ මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනාගේ සිරුරු මෙරටට ගෙන ඒම තව ත් දින කිහිපයකින් ප්‍රමාද වන බව වාර්තා වේ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, දේහයන් මෙරටට ගෙන්වීම සඳහා ගුවන් ගමන් සැලසුම් කිරීමේදී ඇති වූ ගැටලුවක් ඊට හේතුවී ඇති බවයි. මීට පෙර එම හමුදා සමාජිකයින් දෙදෙනාගේ මළ සිරුරු අද පස්වරුවේ මෙරටට ගෙන ඒමට සැලසුම් කර තිබුණි. දේහයන් භාරදීමට නියමිතව තිබුණේ, එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ අණදෙන නිලධාරීයෙකු විසින් ය. ඉකුත් 25 වැනි දා උදෑසන එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත මෙරට හමුදා සාමාජිකයින් පිරිස ගමන් ගත් WMZ වර්ගයේ සන්නද්ධ රථයක් මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී දුරස්ත පාලකයකින් ක්‍රියාත්මක අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක් විය. එම පිපිරීමෙන් මියගියේ කපිතාන් එච්. ඩබ්ලිව්. ඩී ජයවික්‍රම සහ ක්‍රෝපල් එස්. එස්. විජයකුමාර යන අයයි. පිපිරීමෙන් තව ත් මෙරට හමුදා සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලැබූහ.
2019-02-02T01:04:55.000Z
වල්ලපට්ටා කිලෝ 27 ක් සමග සැකකරුවෙක් ගුවන්තොටේදී රේගු භාරයට
වල්ලපට්ටා සමග සැකකරුවෙක් ගුවන්තොටේදී රේගු භාරයට
COLOMBO (News 1st) - වල්ලපට්ටා කිලෝග්‍රෑම් 27 ක් මෙරටින් රැගෙන යෑමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු අත්අඩංගුවට පත් ව තිබේ. එහි වටිනාකම රුපියල් ලක්ෂ 12 කි. ඔහු මුම්බායි හරහා ඩුබායි බලා පිටත්ව යෑමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු 21 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වල්පපට්ටා තොගය රාජසන්තක කර ඇති අතර සැකකරු රුපියල් ලක්ෂයක දඩයක් මත මුදා හැරුණු බව රේගුව ප්‍රකාශ කළේ ය.
2019-02-02T00:14:46.000Z
අනිල් කපූර් සහ ජුහී චවුලා යළි රිදී තිරයේ පෙම්වතුන් වෙති
අනිල් කපූර් සහ ජුහී චවුලාගේ අලුත් ප්‍රේම කතාව
වසර ගණනාවකට පසු අනිල් කපූර් සහ ජුහී චවුලා රිදී තිරය වර්ණවත් කරන 'ඒක ලඩ්කී කෝ දේකාතෝ ඒසා ලගා' සිනමා පටය ලොවපුරා තිරගතවීම් ආරම්භ කර තිබේ. මෙම සිනමා පටය, අනිල් කපූර්ගේ සිනමා දිවියේ සුවිශේෂී සටහනක් වන්නේ ඔහුගේ දියණිය සෝනම් කපූර් සමග පියා සහ දියණිය යන චරිත සිනමා තිරයේදී ද රූපණය කරන්නට ඉන් අවස්ථාව උදාවීමත් සමගයි. 'ඒක ලඩ්කී කෝ දේකාතෝ ඒසා ලගා' සිනමා පටය ෂෙලි චොප්රා දාල්ගේ අධ්‍යක්ෂණයකි. සිනමා විචාරකයින් පවසන්නේ, එය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ලොවපුරා සිනමා ශාලාවල තිරගත වනු ඇති බවයි.
2019-02-01T22:05:35.000Z
හෙට සිට වැසි වැඩිවෙන ලකුණු...
හෙට සිට වැසි වැඩිවෙන ලකුණු...
COLOMBO (News 1st) - දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ‍හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලි දිසානායක පැවසුවේ, නැගෙනහිර, ඌව, උතුර සහ උතුරු මැද වැසි වාර ඇතිවිය හැකි බවයි. තව ද සබරගමුව, මධ්‍යම, දකුණ හා බස්නාහිර පළාත්වල පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ඇය පැවසුවාය.
2019-02-01T21:03:03.000Z
2019 ආසියානු පාපන්දු කිරුළ කටාර් රාජ්‍යයට
2019 ආසියානු පාපන්දු කිරුළ කටාර් රාජ්‍යයට
කටාර් රාජ්‍ය 2019 ආසියානු කුසලාන පාපන්දු කිරුළ හිමිකර ගෙන තිබේ. ඒ, අවසන් මහා තරගයේදී ජපාන කණ්ඩායම පරාජය කරමිනි. ආසියාවේ ප්‍රබල කණ්ඩායම් 24 කගේ සහභාගීත්වයෙන් මෙවර 2019 ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය පැවැත් විණි.. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදී කටාර් රාජ්‍ය සමග තරග වැදුණේ ජපානයයි. තරගයේ ආරම්භයේ සිටම කටාර් ක්‍රීඩකයින්ගෙන් ප්‍රතිවාදී ජපාන ක්‍රීඩකයින් දැඩි අභියෝගයක් එල්ල විය. කටාර් ක්‍රීඩකයින් සිය කණ්ඩායමට පළමු ගෝලය එක්කර ගත්තේ තරගයේ 12 වන මිනිත්තුවේදීයි. නැවතත් ක්‍රියාත්මක වූ ඔවුන් තරගයේ 27 වන මිනිත්තුවේදී දෙවන ගෝලය වාර්තා කළේ ය. ප්‍රතිවාදී ජපාන ක්‍රීඩකයින්ට තරගයේ පළමු අර්ධයේදී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමිවුනේ නැත. ඒ අනුව තරගයේ පළමු අර්ධය අවසන් වූයේ ගෝල 2 ට 0 ක් ලෙස කටාර් කණ්ඩායමට පෙරමුණ හිමිකර දෙමිනි. තරගයේ දෙවන අර්ධය ද උණුසුම් මුහුණුවරක් ගත් අතර ජපාන ක්‍රීඩකයින් තරගයේ 69 වන මිනිත්තුවේදී සිය පළමු ගෝලය වාර්තා කළේ ය. කටාර් ක්‍රීඩකයින් දඬුවම් පහරක් මගින් සිය කන්ඩායමට තුන්වන ගෝලය එක්කර ගත්තේ තරගයේ 83 වන මිනිත්තුවේදීයි. ඒ අනුව ගෝල 3 ට 1 ක් ලෙස ජපාන ක්‍රීඩනයින්ව පරාජය කරමින් කටාර් රාජ්‍ය 2019 ආසියානු කුසලාන පාපන්දු කිරුළ හිමිකර ගත්තේ ය.
2019-02-01T20:46:19.000Z
විද්‍යා පීඨ සඳහා මෙවර අයැදුම්පත් ලබා ගැනීම Online ක්‍රමයට
විද්‍යා පීඨවලට අයැදුම්පත් ලබා ගැනීම Online ක්‍රමයට
COLOMBO (News 1st) - ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා මෙවර අයැදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ද භාර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. විද්‍යා පීඨ ප්‍රධාන කොමසාරිස් කේ.එන්.එච්. බණ්ඩාර මහතා සඳහන් කළේ, නියමු ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාත්මක කරන බවයි. ප්‍රාථමික අධ්‍යාපනය, ගණිතය, විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා මෙවර වැඩි පිරිසක් බඳවා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2019-02-01T20:36:02.000Z
මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්
මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්
මෙක්සිකෝවේ චියාපස් ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබේ. එහි ප්‍රබලත්වය සටහන් වූයේ, මැග්නිටියුට් ඒකක 6.6 ක් ලෙසය. පොළොව මතුපිට සිට කිලෝමීටර 68 ක් අභ්‍යන්තරයට වන්නට හටගත් භූ කම්පනයෙන් සිදු වූ හානි මෙතෙක් වාර්තා වී නොමැත.
2019-02-01T20:22:10.000Z
පලස්තීනයට ලබා දෙන සියලු ආධාර අමෙරිකාව අත්හිටුවයි
පලස්තීනයට ලබා දෙන සියලු ආධාර අමෙරිකාව අත්හිටුවයි
පලස්තීනයට ලබාදෙන සියලු ආධාර නතර කර ඇතැයි අමෙරිකාව තහවුරු කර තිබේ. පලස්තීනයට අමෙරිකාව ලබාදෙන වාර්ෂික ආධාර ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 60 ක්. මේ අනුව ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන්ට ලබාදෙන සියලු ආධාර නතර කෙරෙනු ඇති. අමෙරිකාව පවසන්නේ, නව ත්‍රස්ත විරෝධි පනතට අනුව මෙම පියවර ගත් බවයි.
2019-02-01T20:08:08.000Z
අකුරැස්ස නගරයේ වෙළෙඳසැලක ගින්නක්
අකුරැස්ස නගරයේ වෙළෙඳසැලක ගින්නක්
COLOMBO (News 1st) - අකුරැස්ස නගරයේ පොදු වෙළෙඳ සංකීර්ණය ආසන්නයේ පිහිටි වෙළෙඳසැලක අද අලුයම ගින්නක් හට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ගින්න නිවීම සඳහා මාතර නගර සභාවේ ගිනි නිවීම් ඒකකය කැඳවූ බවයි. ගින්න නිවීම මේ වන විට සිදු කෙරෙමින් පවතින බව පොලීසිය සඳහන් කළේ ය.
2019-02-01T20:03:52.000Z
'රම්බා' වෛරසයෙන් පරිගණක පද්ධති ආරක්ෂා කර ගන්නැයි උපදෙස්...!
'රම්බා' වෛරසයෙන් පරිගණක ආරක්ෂා කර ගන්නැයි උපදෙස්
COLOMBO (News 1st) - පරිගණක ආශ්‍රිතව පැතිර යන රම්බා නැමැති වෛරසය හේතුවෙන් වින්ඩෝස් 7, වින්ඩෝස් 8.1 සහ වින්ඩෝස් 10 යන මෙහෙයුම් පද්ධතිවලට බලපෑම් එල්ලවිය හැකි බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රවිදු මීගස්මුල්ල මහතා සඳහන් කළේ, නොමිලේ භාගත කිරීමට හැකි මෘදුකාංග හරහා මෙම වෛරසය ව්‍යාප්ත වන බවය. මෙම වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා නොමිලේ භාගත කළ මෘදුකාංග යාවත්කාලින කරන ලෙස ද ඔහු දැනුම් දෙයි.
2019-02-01T19:50:23.000Z
රේගු වර්ජනයෙන් ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යන ලකුණු
රේගු වර්ජනයෙන් ආනයනික ආහාරවල මිල ඉහළ යන ලකුණු
COLOMBO (News 1st) - මුහුදු මාර්ගයෙන් ආනයනය කෙරෙන සියලු භාණ්ඩ සඳහා සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් බලපෑම් එල්ලවී ඇතැයි රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ, අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සමස්ත රේගු කාර්ය මණ්ඩලයම එක් ව සිටින බවය. මේ අතර වහාම සේවයට වාර්තා කරන ලෙස මුදල් අමාත්‍යවරයා රේගු නිලධාරීන්ට දැනුම් දී තිබේ. එහිදී අමාත්‍යවරයා රේගු නිලධාරීන්ට දැනුම්දී ඇත්තේ, අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරු කිරීම අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් බවයි. කෙසේ වෙතත් රේගු නිලධාරීන් අවධාරණය කරන්නේ සිය ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුම් ලැබෙන තෙක් තමන් අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි. රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගු නිලධාරීන් පසුගිය බදාදා පස්වරුවේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබූහ. මේ අතර රේගු නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් මේ වන විට රේගුවේ ගොඩගැසී ඇති බවය.
2019-02-01T19:36:30.000Z
වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න... ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලීමක්
වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න...
COLOMBO (News 1st) - පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ආණ්ඩුකාරවරුන් අවධාරණය කරති. ඒ, ඊයේ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමග බත්තරමුල්ලේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුවය. අප වාර්තාකරු පැවසුවේ, අදාළ සාකච්ඡාවට පළාත් 6 ක් නියෝජනය කරමින් ආණ්ඩුකාරවරන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් මීට එක් ව සිටි බවයි.
2019-02-01T19:26:15.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. ශ්‍රී ලංකා නාවික හමුදාව නිෂ්පාදන කළ වෙරළ මුර යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍යයට: ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදන කරන ලද වෙරළ මුර යාත්‍රා දෙකක් ජනපති විසින් සීෂෙල්ස් රාජ්‍ය වෙත නිල වශයෙන් භාරදී තිබේ. 2. නව අධ්‍යක්ෂ ජෙනරාල් පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ඉවත් කරගන්නා තෙක් රේගු නිලධාරීන් අකුරට වැඩ: රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු පත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉවත් කරගන්නා තෙක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්නොහරින බවට රේගු නිලධාරීන් අනතුරු අඟවති. 3. ඇමති මණ්ඩලය 48 දක්වා වැඩි කරන්නැයි එජාපයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්: එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි කියන යෝජනාවක් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ. 4. ශ්‍රී.ල.නි.ප යේ මීළඟ ජනාධිපති අපේක්ෂක ධූරයත් ජනපතිට: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් යෝජනා කර තිබේ. 5. රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගය ලබන 12 වන දාට කල් යයි: අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම විභාග කිරීම ලබන 12 වන දාට කල් තබා තිබේ. 6. සිසුවෙකුට පහර දුන් ගුරුවරියකට වසර 02 ක සිර දඬුවම්: පාසල් සිසුවෙකුට පහරදීමට වරදකරු වූ පාසල් ගුරුවරියකට කුරුණෑගල මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කර තිබේ. විදෙස් පුවත් 7. අමෙරිකානු ජනපති චීන ජනපති හමුවීමේ අපේක්ෂාවෙන්: හැකි ඉක්මනින් චීන ජනාධිපතිවරයා හමුවීමට තමා අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
2019-02-01T10:57:04.000Z
දෙමාපිය අවධානය ගිලිහුණු දෙහැවිරිදි දැරියට අත් වූ ඉරණම
දෙහැවිරිදි දැරියක් ළිඳකට වැටී මරුට
COLOMBO (News 1st) - දෙමාපිය අවධානය ගිලිහුණු ක්ෂණයකින් ජීවිතයක් අහිමි වූ කුඩා දැරියක් පිළිබඳව කැකිරාව, මාවතවැව ප්‍රදේශයෙන් වාර්තා විය. ඇය වයස අවුරුදු 2 හමාරක් වන නෙතුලි ගිහන්සා ය. ඇය දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයායි. නෙතුලි සිය මව සමග නිවසේ සිටින අතරතුර නිවස සමීපයේ පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටී තිබුනේ අද පෙරවරු 10.00 ට පමණයි. ඇය මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ දුන් බව ඇයගේ මව දැනගෙන ඇත්තේ දැරිය ළිඳට වැටී පැයකටත් වඩා වැඩි කාලයක් ගතවීමෙන් පසුව ය. නෙතුලි දැරිය ළිඳෙන් ගොඩ ගෙන කැකිරාව ප්‍රාදේශීය රෝහල වෙත ගෙන යන විටත් ඇය මෙලොව හැරගොස් සිටියා ය. සිගිති නෙතුලිගේ දේහය මේ වනවිට කැකිරාව ප්‍රාදේශිය රෝහලේ තැම්පත් කර ඇති අතර කැකිරාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කෙරෙණු ඇති.
2019-02-01T10:43:15.000Z
ශ්‍රී ලංකා නාවික හමුදාව නිෂ්පාදන කළ වෙරළ මුර යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍යයට
වෙරළ මුර යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍යයට
COLOMBO (News 1st ) - ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදන කරන ලද වෙරළ මුර යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍ය වෙත නිල වශයෙන් භාරදීම අද සිදු කෙරුණි. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ය. කොළඹ වරාය පරිශ්‍රයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ දී මෙම යාත්‍රා දෙක භාරදීම සිදු විය. සීෂෙල්ස් උපජනාධිපති වින්ස්ට් මෙරිටන් මහතා වෙත යාත්‍රා භාරදීමට අදාළ ලිපි ලේඛන නිල වශයෙන් පිළිගන්වනු ලැබුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි. ඉකුත් ඔක්තෝබර් මාසයේදී සීෂෙල් රාජ්‍ය සංචාරයේ ද ජනාධිපතිතුමා ලබා දුන් පොරොන්දුවක් අනුව මෙම යාත්‍රා සීෂෙල්ස් රාජ්‍ය වෙත පිරිනැමුණි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙවන් තව ත් යාත්‍රාවක් මුදල් ගෙවා ලබා ගැනීමට ද සීෂෙල්ස් රාජ්‍ය කැමැත්ත පළ කළ බවයි. මෙහිදී සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරුණි.
2019-02-01T10:29:54.000Z
නව අධ්‍යක්ෂ ජෙනරාල් පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ඉවත් කරගන්නා තෙක් රේගු නිලධාරීන් අකුරට වැඩ
රේගු නිලධාරීන් අකුරට වැඩ
COLOMBO (News 1st) - රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු පත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉවත් කරගන්නා තෙක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්නොහරින බවට රේගු නිලධාරීන් අනතුරු අඟවති. ගැටලුව නිරාකරණය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා මෙතෙක් සාර්ථකවී නොමැත. රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම් චාල්ස් මහත්මිය මුදල් අමාත්‍යාංශයේ ආදායම් අධීක්ෂණ අංශයට මාරුකර නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ශමල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට පසුගිය දා මුදල් අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ ය. ඊට එරෙහිව රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ඇරඹු අතර අද යළි ත් සාකච්ඡාවක් පවත්වා තිබේ. මුදල් අමාත්‍යාංශය පැවසුවේ, අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට අයෙකු පත් කිරීම අමාත්‍ය මණ්ඩලයේ කාර්යයක් බවයි. යළි සේවයට වාර්තා කරන ලෙස ද අමාත්‍යාංශය ඉල්ලීමක් කර ඇත. එහෙත් රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය පැවසූවේ, ගැටලුවට නිසි විසඳුමක් නොලැබුන නිසා සිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි. මේ අතර රේගු දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ධූරයට මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ජී. සුමනසිංහ මහතා පත් කෙරුණේ ඊයේ ය.
2019-02-01T10:09:17.000Z
'සේනා' උවදුරෙන් පීඩා විඳින ගොවීන්ගේ රක්ෂණයට සිදු වූයේ කුමක් ද?
ගොවීන්ගේ රක්ෂණයට සිදු වූයේ කුමක් ද?
COLOMBO (News 1st) - අම්පාර දිස්ත්‍රික්කයේ බඩ ඉරිඟු වගා කළ ගොවීන්ගේ කෘෂි රක්ෂණ අරමුදල් අක්‍රමිකතාවක් පිළිබඳව අප අනාවරණයක් කළෙමු. සේනා දළඹු උවදුරු පිළිබඳව කෘෂි නිලධාරීන් සමග ගම්මැද්ද මේ දිනවල සිදු කරන දැනුවත් කිරීමේ වැඩසටහනේදී මේ අක්‍රමිකතාව අනාවරණය විය. මෙවර අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 12000 ක පමණ බඩ ඉරිඟු වගා කර තිබේ. ගොවීන් බොහොමයක් බඩ ඉරිඟු වගාකර තිබුනේ රාජ්‍ය බැංකුවලින් ලබාදුන් ණය පහසුකම් උපයෝගී කර ගනිමිනි. බැංකු මගින් අදාළ ණය මුදල් ලබාදීමට පෙර මුළු ණය මුදලේ වටිනාකමින් 5% ක පමණ මුදලක් කෘෂි රක්ෂණය සඳහා රඳවා ගත් බව ගොවීන් පවසති.
2019-02-01T07:39:07.000Z
ඇමති මණ්ඩලය 48 දක්වා වැඩි කරන්නැයි එජාපයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්
එජාපයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි කියන යෝජනාවක් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද භාරදී තිබේ. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ, යෝජනාව ලබන 7 වන දා විවාදයට ගන්නා බවයි. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මාධ්‍ය ඒකකය අද පස්වරුවේ නිවේදනය කළේ, පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි අද භාරදුන් යෝජනාවේ සඳහන් වන බව ය. ඒ මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (4) ව්‍යවස්ථාවට අනුව කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 48 ක් දක්වා වැඩි කිරීමටත් කැබිනට් නොවන හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ගණන 45 ක් දක්වා වැඩි කිරීමටත් යෝජනා කර තිබේ. 46 (4) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණනක් ලබාගන්නා පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේ කැබිනට්, කැබිනට් නොවන හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ගණන පාර්ලිමේන්තුව තීරණය කළ යුතු බවයි. පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණනක් ලබාගන්නා පක්ෂය හෝ ස්වාධීන කණ්ඩාම පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් ලෙස ව්‍යවස්ථාවේ 46 (5) ව්‍යවස්ථාවේ සඳහන් වේ. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේ, යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වන අවස්ථාවේ තම ස්ථාවරය ප්‍රකාශ කරන බවයි. මේ අවස්ථාවේ ඒ පිළිබඳව අදහස් නොදක්වන බව ඔහු කියා සිටියේ ය.
2019-02-01T06:25:07.000Z
රාජ්‍ය තාන්ත්‍රිකයින් 12 දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාරදෙති
රාජ්‍ය තාන්ත්‍රිකයින් 12 දෙනෙකු අක්තපත්‍ර භාරදෙති
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් ව ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 12 දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. ඒ, ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයකදීයි. ඒ අනුව ස්ලෝවැකියා, බෙලරූස්, මාලි, ආමේනියා, එල් සැල්වදෝරය, කාම්බෝජය, මාලදිවයින, ඊශ්‍රායලය හා අයිස්ලන්තය යන රටවලින් පැමිණි නව තානාපතිවරුන් අක්තපත්‍ර භාර දුන්හ. ගයනා, උගන්ඩා සහ සයිප්‍රස් යන රටවලින් පත් ව ආ මහකොමසාරිස්වරුන් ද ජනාධිපතිතුමා වෙත අක්තපත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර වේ.
2019-02-01T05:51:00.000Z
සිසුවෙකුට පහර දුන් ගුරුවරියකට වසර 02 ක සිර දඬුවම්
පාසල් ගුරුවරියකට වසර 02 ක සිර දඬුවම්
COLOMBO (News 1st) - පාසල් සිසුවෙකුට පහරදීමට වරදකරු වූ පාසල් ගුරුවරියකට කුරුණෑගල මහාධිකරණය අද බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කර තිබේ. එලෙස දඬුවම් නියම වූයේ, කුරුණෑගල නගරාසන්න විද්‍යාලයක සේවය කළ 55 හැවිරිදි ගුරුවරියකටයි. දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝග කළේ, අගතියට පත් සිසුවාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ය. එය නොගෙවන්නේ නම් තව ත් මාස තුනක සිර දඬුවමක් ද නියම කළ විනිසුරුවරිය රුපියල් 10,000 ක දඩයක් ද නියම කළා ය. 2011 වසරේදී මෙම පහරදීම සිදු කර තිබේ.
2019-02-01T04:13:02.000Z
ශ්‍රී.ල.නි.ප යේ මීළඟ ජනාධිපති අපේක්ෂක ධූරයත් ජනපතිට
ශ්‍රී.ල.නි.ප යේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ජනපති
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම අද රැස් වූ එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුවේදී ‍යෝජනා ස්ථිර වී තිබේ. ජනාධිපතිතුමාගේ නම ඒ සඳහා යෝජනා කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසිනි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කරලියැද්ද මහතා එය ස්ථිර කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පැවති පළමු සමුළුව මෙයයි.
2019-02-01T02:27:52.000Z
ජාතික ආණ්ඩුවක් බිහි කර ඇමති ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා යෝජනාවක් කථානායකට භාර දෙයි
ජාතික ආණ්ඩුවක් බිහි කිරීම සඳහා යෝජනාවක් කථානායකට
COLOMBO (News 1st) - ජාතික ආණ්ඩුවක් බිහි කර අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට යෝජනාවක් කථානායකවරයා වෙත භාර දී තිබේ. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ, අද උදෑසන එම යෝජනාව කථානායකවරයා වෙත භාර දුන් බව ය. එවැනි යෝජනාවක් ලැබුණු බව කථානායක කාර්යාලය ද අප කළ විමසීමකදී තහවුරු කළේ ය.
2019-02-01T00:52:07.000Z
රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගය ලබන 12 වන දාට කල් යයි
රනිල්ට එරෙහි පෙත්සම් විභාගය ලබන 12 වන දාට කල් යයි
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම විභාග කිරීම ලබන 12 වන දාට කල් තැබිණි. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රිනී ෂර්මිලා ගෝනවල මහත්මිය ගොනු කළ එම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය. හිරාන් අනිල් ගුණරත්න හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් පෙත්සම් විභාගයේ විනිසුරුවරු ලෙස අද පෙනී සිටියහ. ඒ, පෞද්ගලික හේතුවක් මත අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය එම පෙත්සම විභාග කිරීමෙන් ඊයේ ඉවත්වීම හේතුවෙනි. රාජ්‍ය ආයතනවලට සේවාවන් සපයා මුදල් උපයන සීමා සහිත ලේක්හවුස් ප්‍රින්ටින් ඇන්ඩ් පබ්ලිෂස් පුද්ගලික සමාගමේ වික්‍රමසිංහ මහතා ප්‍රධාන කොටස්කරුවෙකු වන බැවින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොහැකි යැයි පවසමින් අදාළ පෙත්සම ගොනු කර තිබේ. ඉන් ඉල්ලා සිටින්නේ, වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුසු අයෙකු බවට නිගමනය කර ඔහු එම මන්ත්‍රී ධූරය දැරීම වළක්වන කෝ වොරෙන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ය.
2019-02-01T00:43:17.000Z
ගාලු මුවදොර ප්‍රදේශයේදී මුහුදේ ගිලීමෙන් අයෙක් මරුට
ගාලු මුවදොර ප්‍රදේශයේදී මුහුදේ ගිලීමෙන් අයෙක් මරුට
COLOMBO (News 1st) - කොටුව ගාලු මුවදොර ප්‍රදේශයේදී මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අවුරුදු 60-65ත් අතර වයසේ පසු වන පුද්ගලයෙකු එලෙස මිය ගොස් ඇති බව ය. ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත. මෘත ශරීරය ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.
2019-01-31T23:04:32.000Z
වෙහෙරගොඩවත්තේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කෙරේ
වෙහෙරගොඩවත්තේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
COLOMBO (News 1st) - වීරකැටිය,වෙහෙරගොඩවත්ත ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ, 47 හැවිරිදි කෝන්ගහවත්ත පදිංචිකරුවෙකි. ඝාතනය සිදු කළ පුද්ගලයින් සොයා විමර්ශන ක්‍රියාත්මක ය.
2019-01-31T21:35:23.000Z
රු. මිලියන 20ක නීති විරෝධී දුම්වැටි තොගයක් පිටකොටුවේදී අත්අඩංගුවට
නීති විරෝධී දුම්වැටි තොගයක් පිටකොටුවේදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - පිටකොටුව, ඔරලෝසු කණුව අසළදී කුඩා කන්ටේනර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ නීති විරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ,එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් මිලියන 20ක් පමණ වන බව ය. මෙම දුම්වැටි කන්ටේනරය ඩුබායි සිට මෙරටට නැව් අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් ආනයනය කර තිබේ. එහි තිබී සොයා ගෙන ඇති දුම්වැටි ප්‍රමාණය ලක්ෂ 04කි. රේගු පරීක්ෂාවෙන් අනතුරුව පිටතට රැගෙන යාමෙන් පසු මෙය අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේ ය. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක ය.
2019-01-31T21:16:18.000Z
අමෙරිකානු ජනපති චීන ජනපති හමු වීමේ අපේක්ෂාවෙන්
අමෙරිකානු ජනපති චීන ජනපති හමු වීමේ අපේක්ෂාවෙන්
(News 1st) - හැකි ඉක්මනින් චීන ජනාධිපතිවරයා හමු වීමට තමා අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ධවල මන්දිරයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන උප අග්‍රාමාත්‍ය ලියුහි අතර පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කර ඇති බව ය. චීනය සහ අමෙරිකාව අතර උද්ගතව ඇති වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති. මෙම සාකච්ඡාවලදී දෙරට අතර ප්‍රධාන පෙළේ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කළේ ය. මේ අතර උතුරු කොරියානු - අමෙරිකානු නායකයින් අතර දෙවන හමුව පැවැත්වීම සම්බන්ධ සියලු තොරතුරු ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා නිවේදනය කර තිබේ. ධවල මන්දිරයේදී මාධ්‍ය අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව කියා සිටියේ ය. තමන් සහ උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් අතර මෙම දෙවන හමුව දෙරටේම අනාගතයට අතිශය වැදගත් වනු ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පළමු හමුව පසුගිය ජුනි මාසයේදී සිංගප්පූරුවේදී පැවැත්විණි.
2019-01-31T20:47:30.000Z
අද සිට ජාතික ධජය ඔසවා තබන්න - රජය මහජනතාවගෙන් ඉල්ලයි
අද සිට ජාතික ධජය ඔසවා තබන්න-රජය මහජනතාවගෙන් ඉල්ලයි
COLOMBO (News 1st) - අද සිට සතියක කාලයක් ජාතික ධජය ඔසවා තබන්නැයි රජය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 71 වන ජාතික දිනය වෙනුවෙන් සියලු ම නිවෙස්වල, වෙළෙඳ ව්‍යාපාරික ස්ථානවල, රජයේ හා පෞද්ගලික කාර්යාලවල සහ රථ වාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ජාතික දින උළෙල ලබන 4 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත ය.
2019-01-31T20:23:23.000Z
උපාධි පාඨමාලාවල ගුණාත්මක තත්ත්වය නියාමනය කිරීමට කොමිසමක්
උපාධිවල ගුණාත්මක තත්ත්වය නියාමනය කිරීමට කොමිසමක්
COLOMBO (News 1st) - මෙරට ක්‍රියාත්මක උපාධි පාඨමාලාවල ගුණාත්මක තත්ත්වය නියාමනය කිරීමේ අරමුණින් නියාමන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට අදාළ පනත් කෙටුම්පත මේ වන විට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ති‍බේ. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙම නව නියාමන කොමිෂන් සභාව මගින් මෙරට රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතුලු උපාධි පිරි නැමීමට බලය හිමි සියලු ආයතනවල පාඨමාලාවල ගුණාත්මක තත්ත්වය සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් නියාමනය කිරීමට අපේක්ෂිත බව ය. සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විතව මෙම නව කොමිෂන් සභාව ස්ථාපිත කිරීමට යෝජිත බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ ය. රාජ්‍ය, ‍රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන මගින් ක්‍රියාත්මක උපාධි පාඨමාලාවන්හි ප්‍රමිතිය, අන්තර්ගතය,භෞතික සම්පත්, මානව සම්පත් ආදී කරුණු සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමේ බලය මෙම නියාමන කොමිසමට පැවරෙනු ඇති. මීට අදාළ පනත් කෙටුම්පත මාර්තු මුල් සතිය වන විට පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බව උසස් අධාපන අමාත්‍යංශයේ ප්‍රකාශකයා සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, මෙරට ක්‍රියාත්මක උපාධි පාඨමාලාවන්ගේ ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් දිගින් දිගටම එල්ල වූ චෝදනා හේතුවෙන් මෙම නව නියාමන කොමිසම පිහිටු වීමට පියවර ගත් බව ය.
2019-01-31T19:59:59.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) දේශීය පුවත් 1. දකින දකින පුද්ගලයින්ට ෆීල්ඩ් මාර්ෂල් ධූරය ලබා දීම විහිලුවට කරුණක් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. 2. මේ වසර නව ආණ්ඩුවක් බිහි වන වසරක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ කොළඹදී ප්‍රකාශ කළේ ය. 3. ඒකීය රාජ්‍ය පිළිගත නොහැකි බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. 4. හෙරොයින් ග්‍රෑම් 24.89ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන අධි චෝදනා දෙකට වරදකරු කරනු ලැබූ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය ඊයේ මරණ දඬුවම නියම කළේ ය. 5. වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරෝයින් රැගෙන යාමට උත්සහ කළ බන්ධනාගාර සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 6. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ වැඩ බලන සභාපති විනිසුරු දීපානි විජේසුන්දර මහත්මිය ඉවත්ව තිබේ. විදෙස් පුවත් 7. කලාතුරකින් අත්විඳීමට සිදු වන දරුණු ශීත කාලගුණ තත්ත්වයක් හේතුවෙන් අමෙරිකාවේ මධ්‍යම බටහිර දිග ප්‍රදේශයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ක්‍රීඩා පුවත් 8. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ජාත්‍යන්තර තරග බිමේදී පන්දු යැවීම තහනම් කෙරුණු අකිල ධනංජය අද දිනයේදී සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත පරීක්ෂණය සඳහා ඉන්දියාව බලා පිටත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ය.
2019-01-31T19:46:48.000Z
වැලිකඩට හෙරොයින් රැගෙන යාමට තැත් කළ බන්ධනාගාර සැරයන්වරයාගේ සේවය අත්හිටුවයි
වැලිකඩ බන්ධනාගාර සැරයන්වරයාගේ සේවය අත්හිටුවයි
COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරොයින් රැගෙන යාමට උත්සහ කළ බන්ධනාගාර සැරයන්වරයාගේ සේවය අත්හිටුවා තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ය. ඒ, සිදු කරන මූලික පරීක්ෂණවලට අමතරව ය. වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරොයින් රැගෙන යාමට උත්සහ කළ බන්ධනාගාර සැරයන්වරයෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තේ ය. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේ, සැකකරු සන්තකයේ තිබී හමු වී ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 20ක් පමණ වන බව ය.
2019-01-31T11:20:41.000Z
අකිල ධනංජය සිය නව පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂණය සඳහා හෙට ඉන්දියාවට
අකිල, නව පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂණයට ඉන්දියාවට
Colombo (News 1st) - අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ජාත්‍යන්තර තරග බිමේදී පන්දු යැවීම තහනම් කෙරුණු අකිල ධනංජය හෙට දිනයේදී සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත පරීක්ෂණය සඳහා ඉන්දියාව බලා පිටත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ය. හෙට උදෑසන අකිල ධනංජය මෙම පරීක්ෂණය සඳහා ඉන්දියාව බලා පිටත් වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ය. අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණය ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි ශ්‍රී රාමචන්ද්‍රන් ක්‍රීඩා වෛද්‍ය හා උසස් අධ්‍යාපන විද්‍යායතනයේදී පැවැත්වීමට නියමිත ය. මෙම පරීක්ෂණය සඳහා අකිල සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු පියල් විජේතුංග මහතා ද ඉන්දියාව බලා ගමන් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. පරීක්ෂණයෙන් පසු අකිල නැවත එළැඹෙන 2 වන දා මෙරටට පැමිණීමට නියමිත ය.
2019-01-31T11:23:19.000Z
ෆීල්ඩ් මාර්ෂල් ධූරය ප්‍රභාකරන්ටත් දෙන්න ඕන - සරත් ෆොන්සේකා
"ෆීල්ඩ් මාර්ෂල් ධූරය ප්‍රභාකරන්ටත් දෙන්න ඕන"
COLOMBO (News 1st) - දකින දකින පුද්ගලයින්ට ෆීල්ඩ් මාර්ෂල් ධූරය ලබා දීම විහිලුවට කරුණක් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ, කැලණිය ප්‍රදේශයේ පාසලක පැවති ක්‍රීඩා උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. මෙහිදී සරත් ෆොන්සේකා මහතා අවධාරණය කළේ, අනෙකුත් රටවල්වල ෆීල්ඩ් මාර්ෂල් තනතුරු ගුවන් සහ නාවික හමුදාපතිවරුන්ට ලබා දී නොමැති බව ය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා - පා.ම. "සුදුස්සෝ ඉන්නවා නම් දුන්නාට කමක් නැහැ. මගේ තනතුර බාල කරන්න දකින දකින මිනිහාට ඒක දෙනවා නම් විහිලුවක් වෙයි. ගුවන් හමුදාව කියන්නේ ප්‍රහාරක ගුවන් යානා 8ක් එක්ක යුද්ධයට ගියපු හමුදාවක්. ඉන්දියානු ගුවන් හමුදාව ගත්තොත් ප්‍රහාරක ගුවන් යානා 3000 ක් තියෙනවා. ඊශ්‍රායල ගුවන් හමුදාව ගත්තොත් ප්‍රහාරක ගුවන් යානා 5000ක් තියෙනවා. ඒ වුණත් ඒගොල්ලොවත් ඒ නිලයට හමුදාපතිවරයෙක් පත් කරන්නේ නැහැ. අපේ නාවික හමුදාවට තියෙන්නේ වෙරළ සංචාරය කරන යාත්‍රා දෙකක් පමණයි. ඉන්දියාවේ තියනවා ප්‍රහාරක ගුවන් යානා ගෙනියන්න පුළුවන් නෞකා 2ක්. ඊශ්‍රායලයේත් තියෙනවා. අමෙරිකාවේ එහෙමත් තියෙනවා ඒ වගේ ප්‍රහාරක යානා ගෙනියන්න පුළුවන් නැව් 20ක් විතර. ඒත් අමෙරිකාවෙවත් ඒ තනතුර දෙන්නේ නැහැ නාවික හමුදාපතිවරයෙකුට. අපිට බොට්ටු ටිකක් එකතු කර ගෙන ඒ තනතුරුවලට අදින්න පුළුවන් නම් එහෙනම් මං හිතන්නේ ඉස්සෙල්ලාම ප්‍රභාකරන්ට දෙන්න ඕනේ. ප්‍රභාකරන්නට ඔය හැම එකම තිබුණානේ. "
2019-01-31T10:30:05.000Z
ගෝඨාභයට එරෙහි නඩුව විශේෂ මහාධිකරණයේ විභාග කර අවසන් කිරීමට නීතිමය බලයක් තිබේ ද?
ගෝඨාභයට එරෙහි නඩුව:විශේෂ මහාධිකරණයට බලයක් තිබේ ද?
COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කර අවසන් කිරීමට විශේෂ මහාධිකරණයට නීතිමය බලයක් නොමැති බව පෙන්වා දෙමින් විත්තියේ නීතිඥයින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් තීන්දුව ලබන 11 වන දා නිකුත් කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේ ය. නඩුව අද කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් විත්ති පාර්ශවය මෙලෙස විවිධ විරෝධතා ඉදිරිපත් කරමින් උත්සහ කරනුයේ එම නඩුව අඛණ්ඩව විභාග කිරීමට බාධා කිරීම බව පෙන්වා දුන්නේ ය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ, එවැනි මූලික විරෝධතාවක් තිබුණේ නම් නඩුව ගොනු කළ මුල් අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම විත්තියේ යුතුකමක්ව තිබූ බව ය. රජය රුපියල් ලක්ෂ ගණනක් වැය කර මේ වන විට විත්තියට ලේඛන දහස් ගණනක් යවා ඇති බව ද ඔහු අධිකරණයට පෙන්වා දුන්නේ ය. එබැවින් විත්තියේ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කර නඩු විභාගය අඛණ්ඩව පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. දිනයේ කටයුතු අවසන් වීමෙන් පසුව විත්ති පාර්ශවය නියෝජනය නොකරන නීතිඥවරුන් මාධ්‍ය හමුවේදී නඩුව සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වමින් කැපී පෙනීමට උත්සාහ දරණ බව එහිදී පෙන්වා දුන් පීරිස් මහතා, එවැනි ක්‍රියා වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එවැනි ක්‍රියා නිසා සාක්ෂිකරුවන්ට නිරවුල්ව අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීමට යම් කිසි බලපෑමක් වන බව තම අධිකරණය ද පිළිගන්නා බව සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා එහිදී ප්‍රකාශ කළේ ය. විනිසුරුවරයා සඳහන් කළේ, තම අධිකරණයට ගරු කර සියලු දෙනා කටයුතු කරනු ඇතැයි තම අධිකරණය සිතන බවත්, එලෙස කටයුතු නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමේ හැකියාව අධිකරණයට පවතින බවත් ය.
2019-01-31T09:19:12.000Z
ඒකීය රාජ්‍ය පිළිගන්න බැහැ - විග්නේෂ්වරන්ගෙන් යළිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
"ඒකීය රාජ්‍ය පිළිගන්න බැහැ"
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු 3 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන 13 වන දා ලබා දීමට අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා අද තීරණය කළේ ය. උතුරු පළාත් හිටපු අමාත්‍ය වී. ඩැනීෂ්වරන් මහතා යළි අමාත්‍ය ධූරයේ පිහිටු වන ලෙසට අභියාචනාධිකරණය විසින් 2018 ජුනි 29 වන දා නිකුත් කළ නියෝගය අනුව කටයුතු නොකිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව පෙන්වා දෙමින් මෙම නඩුව ගොනු කර තිබිණි. ඒ, සී.වී. විග්නේෂ්වරන්, පී. සිවනේෂන් සහ අනන්දි ශෂිදරන් යන මහත්ම මහත්මීන් වගඋත්තරකරුවන් ලෙස නම් කරමිනි. මේ අතර මාධ්‍යවේදීන් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගෙන් ඒකීය රාජ්‍ය පිළිගැනීමට කැමති ද යනුවෙන් යොමු කළ ප්‍රශ්නයකට සී.වී. විග්නේෂ්වරන් මහතා පිළිතුරු දුන්නේ එය පිළිගත නොහැකි බව ය.
2019-01-31T08:59:36.000Z
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධූරය පත් කිරීම ප්‍රමාද කරන්නේ කවුද?
අභියාචනාධිකරණ ස. විනිසුරු පත් කිරීම පමා වන හේතුව
COLOMBO (News 1st) - අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධූරය පත් කිරීමේ ප්‍රමාදය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අදහස් පළ කළේ ය. විමල් වීරවංශ - පා.ම. එක්සත් ජනතා නිදහස් සන්ධානය "ජනාධිපති යවනවා ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන්ගේ නම්. කරු ජයසූරිය මහත්තයා, අගමැතිතුමා ඇතුළු ගෝල බාලයෝ ඉන්න ව්‍යවස්ථාදායක සභාවෙන් ඒගොල්ලන්ට හරියන එන්.ජී.ඕ. පප්පෙක් නෙවෙයි නම් හරවලා යවනවා. ආයි යවනවා. ආයි හරවලා යවනවා. දැන් මේ දවස්වල අභියාචනාධිකරණ විනිශ්චය සභාපති ඒ සභාපතිතුමිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරිය පත් කරලා යවනවා. දැන් දෙපාරක් ව්‍යවස්ථාදායක සභාව හරවලා එවනවා." කථානායක කරු ජයසූරිය මහතා නිල බලයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිත්වය දරණ අතර අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සභාවට පත් වන්නේ නිල බලයෙනි. ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මහින්ද සමරසිංහ මහතාත් විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස චමල් රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස තලතා අතුකෝරළ මහත්මියත් කටයුතු කරති. සුළු පක්ෂ නියෝජිතයා ලෙස පත් කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ය. ආචාර්ය ජයන්ත ධනපාල, අහමඩ් ජාවිඩ් යූසුෆ් සහ නාගනාදන් සෙල්වක්කුමරන් යන මහත්වරු සිවිල් ක්‍රියාකාරීන් නියෝජනය කරති.
2019-01-31T08:36:22.000Z
මේ වසර අලුත් ආණ්ඩුවක් හදන වසරක් - ජනපති
මේ වසර අලුත් ආණ්ඩුවක් හදන වසරක් - ජනපති
Colombo (News 1st) - මේ වසර නව ආණ්ඩුවක් බිහි වන වසරක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ කොළඹදී ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය පුංචි බොරැල්ලේදී අද පස්වරුවේ විවෘත කෙරුණේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි. නව බලවේගයක අවශ්‍යතාව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ ය.
2019-01-31T05:52:36.000Z
හෙරොයින් ජාවාරම් කළ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කරයි
හෙරොයින් ජාවාරම් කළ විත්තිකරුවෙකුට මරණ දඬුවම
Colombo (News 1st) - හෙරොයින් ග්‍රෑම් 24.89ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන අධි චෝදනා දෙකට වරදකරු කරනු ලැබූ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය. ඒ, මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. එම විත්තිකරු නඩු විභාගය අවසන් කර දේශන පවත්වන අවස්ථාවේදී අධිකරණය මගහැර ගිය පුද්ගලයෙකු බව අනාවරණය වීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට ද එහිදී නියෝග කළේ ය. විත්තිකරුගේ ඇපකරුවන්ගේ ඇප මුදල් රාජසන්තක නොකිරීම සම්බන්ධයෙන් හේතු දක්වන ලෙස ඇපකරුවන්ගේ නීතිඥවරුන්ට ද විනිසුරුවරයා නියෝග කළේ ය.
2019-01-31T05:39:35.000Z
සරසවි ප්‍රවේශය සඳහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කෙරේ
සරසවි ප්‍රවේශ ඉල්ලුමට දුන් කාලය දීර්ඝ කෙරේ
COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය ලබන මස 08 වන දා දක්වා දීර්ඝ කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. එම කොමිසම සඳහන් කළේ, ඒ සඳහා දී තිබූ කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබූ බව ය. පසුගිය වර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 167,907 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.