date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2019-02-17T04:01:39.000Z
සහල් සඳහා උපරිම සිල්ලර මිලක්
සහල් සඳහා උපරිම සිල්ලර මිලක්
COLOMBO (News 1st): සහල් සඳහා උපරිම සිල්ලර මිලක් ලබන අප්‍රේල් පළමු වන දා සිට ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ අනුරාධපුරයේ පැවති රැස්වීමකදීයි. ඒ අනුව නඩු සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 80 උපරිම සිල්ලර මිලකුත්, සම්බා සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 85 ක උපරිම සිල්ලර මිලක් නියම කරන බව අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේ ය.
2019-02-16T22:56:29.000Z
රු. ලක්ෂ 4ක හොර නෝට්ටු බියගමදී අත්අඩංගුවට
රු. ලක්ෂ 4ක හොර නෝට්ටු බියගමදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 4කට අධික වටිනා කමකින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවෙකු බියගම, පේරගස් හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු සන්තකයේ තිබී ව්‍යජ රුපියල් 5000 නෝට්ටු 38, රුපියල් 1000 නෝට්ටු 300ක් සහ රුපියල් 500 නෝට්ටු 165ක් සොයා ගත් බව ය. සැකකරු 40 හැවිරිදි මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරු අද මහර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2019-02-16T20:13:15.000Z
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා අමාත්‍ය මංගල සමරවීර අතර සාකච්ඡාවක් අද
IMF නියෝජිතයින් හා මංගල සමරවීර අතර සාකච්ඡාවක් අද
COLOMBO (News 1st) - දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, එහිදී මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් දැනුවත් කෙරෙනු ඇති බව ය. සති 2ක සංචාරයක් සඳහා පසුගිය බ්‍රහස්පතින්දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණියහ. එම නියෝජිත කණ්ඩායමේ ප්‍රධානත්වය දරන්නේ මැනුවෙලා ගොරෙට්ටි මහත්මියයි.
2019-02-16T20:07:07.000Z
කිරුළපන, කුඹිකැළේ වත්ත ප්‍රදේශයේ නිවසක ගින්නක්
කිරුළපන, කුඹිකැළේ වත්ත ප්‍රදේශයේ නිවසක ගින්නක්
COLOMBO (News 1st) - කිරුළපන, කුඹිකැළේ වත්ත ප්‍රදේශයේ නිවසක ගින්නක් හට ගෙන තිබේ. කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ ගින්න හට ගත් බව ය. ගිනි නිවීම් රථ 3ක් භාවිත කරමින් ගින්න මැඩපවත්වා තිබේ. ගින්නෙන් නිවසට දැඩි අලාභ හානි සිදුව ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය සඳහන් කළේ, විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇති බවට සැක කරන බව ය.
2019-02-16T20:02:32.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) දේශීය පුවත් 1. රංගන ශිල්පියෙකු, ගායන ශිල්පියෙකු සහ මානව හිතවාදී දේශපාලනඥයෙකු ලෙස ජනාදරය දිනූ විජය කුමාරතුංග මහතා ඝාතනය කර ඊයේ දිනට වසර 31ක් සපිරේ. 2. හැටන් කොටගල ස්ටෝනකිල්ප් වතු යායේ ඉහළ කොටසේදී උගුලකට හසුව කොටියෙකු මිය ගොස් තිබේ. 3. රත්නපුර, කිරිඇල්ල, කරඳන ප්‍රදේශයේදී රසායන ද්‍රව්‍යයක් ශරීරගත වීමෙන් කුඩා දරුවෙකු මිය ගොස් තිබේ. 4. ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගතව සිටින අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා යන ගායන ශිල්පීන්ගේ මූලික පරීක්ෂණ වාර්තාව ඩුබායි නීතිපතිවරයා වෙත යොමු කර ඇතැයි නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා පවසයි. 5. දිවුලපිටියේ මහ රෑ සිදු වන හරක් හොරකම නිසා එම ප්‍රදේශයේ කිරි ගොවීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. විදෙස් පුවත් 6. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ක්‍රීඩා පුවත් 7. වසර 8කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ඊයේ ජය ගත්තේ ය.
2019-02-16T19:47:10.000Z
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ තැපැල් දීමනාව දෙගුණයකින් ඉහළට
මන්ත්‍රීවරුන්ගේ තැපැල් දීමනාව දෙගුණයකින් ඉහළට
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නිදහස් තැපැල් පහසුකම් දීමනාව ඉහළ නංවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතාගේ අත්සනින් යුතුවයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වසරකට ලබා දුන් රුපියල් 175000ක නිදහස් තැපැල් පහසුකම රුපියල් 350000ක් දක්වා ඉහළ නංවා තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිදහස් තැපැල් පහසුකම ඉහළ නංවා ඇත්තේ, රුපියල් 175000කිනි. පළාත් සභා මන්ත්‍රීවරයෙකුට මෙතෙක් වසරකට ලබා දුන් නිදහස් තැපැල් පහසුකම රුපියල් 24000කි. නව ගැසට් නිවේදනය මගින් එය රුපියල් 48000ක් දක්වා දෙගුණයකින් ඉහළ නංවා තිබේ.
2019-02-16T11:32:16.000Z
ගෝලීය නායකත්ව සමුළුව 2019
ගෝලීය නායකත්ව සමුළුව 2019
COLOMBO (News 1st) - ගෝලීය නායකත්ව සමුළුව 2019 ශ්‍රී ලංකා අදියර අද කොළඹදී පැවැත්විණි. නායකත්වය පිළිබඳව උනන්දුවක් දක්වන විවිධ ක්ෂේත්‍රවලට අයත් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. නායකත්ව පුහුණුව සම්බන්ධයෙන් ලොව ප්‍රධාන පෙළේ කථිකයින් කිහිප දෙනෙකු චිකාගෝ නුවර පැවැති නායකත්ව වැඩමුළුවකදී පැවැත්වූ දේශන කිහිපයකට සවන් දීමට ද ඔවුන්ට අවස්ථාව උදා විය. ඒ අතරට ප්‍රකට ඇපල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇන්ජලා ඇරන්ට්ස් සහ ලොව ප්‍රචලිත මෝගන් ස්ටැන්ලි සමාගමේ උප සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ කාලා හැරිස්ගේ දේශන ද ඇතුළත් විය. සීමා සහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතා ද මෙහිදී දේශනයක් පැවැත්විය. ඔහු, ගෝලීය නායකත්ව සමුළු වැඩසටහන් යටතේ ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති සමුළුවල සජීවීව දේශනයක් පැවැත්වූ පළමුවැන්නායි.
2019-02-16T11:05:03.000Z
දිවුලපිටියේ මහ රෑ සිදු වන හරක් හොරකම
දිවුලපිටියේ මහ රෑ සිදු වන හරක් හොරකම
COLOMBO (News 1st) - දිවුලපිටියේ ගම්මාන රැසක කිරි ගොවීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. ඒ, සංවිධානාත්මක කණ්ඩායම් කිරි ගවයින් පැහැරගෙන යාම හේතුවෙනි. දිවුලපිටියේ බොහෝ දෙනෙකුගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ගොවිතැන හා කිරි ගවයින් ඇති කිරීමයි. මෑතක සිට මැදියම් රැයේ දිවුලපිටිය උඩුගොඩගෙදර, වෙලගාන, මුද්දරගම, කුඩගම්මන ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව සිටින්නේ විපිළිසරව යි. රාත්‍රියේ පැමිණෙන පිරිස් කිරි ගවයින් පැහැර ගෙන යාම නිසා ගම්වැසියන්ට නිදි වර්ජිතව සිටීමට සිදුව තිබේ. මෙය වසර ගණනාවක සිට සිදු වන්නක් බවත්, පසුගිය සතිය තුළ පමණක් කිරි ගවයින් 12 දෙනෙකු සොරකම් කර ඇති බවත් ගම්වාසීහු ප්‍රකාශ කළහ.
2019-02-16T10:55:11.000Z
විජය ඝාතනය කර අදට වසර 31ක්
විජය ඝාතනය කර අදට වසර 31ක්
COLOMBO (News 1st) - රංගන ශිල්පියෙකු, ගායන ශිල්පියෙකු සහ මානව හිතවාදී දේශපාලනඥයෙකු ලෙස ජනාදරය දිනූ විජය කුමාරතුංග මහතා ඝාතනය කර අදට වසර 31කි. ඔහුගේ ගුණ සැමරීමේ උත්සවයක් අද පැවැත්විණි. 31 වන ගුණ සමරුව වෙනුවෙන් පැවැති සැමරුම් උත්සවයේදී කටුනායක පිහිටි ස්මාරකයට පුෂ්පෝපහාර පුද කෙරිණි. ඒ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙනි. පවුලේ සාමාජිකයින්, හිතවතුන්, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග 1945 වසරේ ඔක්තෝබර් 9 වන දා උපත ලැබුවේ ජා-ඇළදී ය. 1969 වසරේ හන්තානේ කතාව තුළින් හෙළ සිනමාවට පිවිසුණු ඔහු චිත්‍රපට 114 කට රංගනයෙන් දායක වී තිබේ. විජය කුමාරතුංග මහතා කලාවෙන් ජන හදවත් රස ගැන්වුවා පමණක් නොව, දේශපාලනය තුළින් ද බොහෝ දෙනෙකුගේ ප්‍රසාදය දිනා සිටියේ ය. එල්.ටී.ටී.ඊ. සංවිධානය වරක් 6 වන සිංහ රෙජිමේන්තුවේ සෙබලුන් සිව් දෙනෙකු සිර කර ගෙන සිටි අතර ඔවුන් නිදහස් කර ගැනීමට දායක වූයේ ද විජය කුමාරතුංග මහතායි. දූෂිත දේශපාලනඥයින් නිසා රටේ බොහෝ ක්ෂේත්‍රවලට දැඩි හානි සිදුව ඇති මෙවැනි වකවානුවක විජය කුමාරතුංග මහතා වැනි චරිත සදානුස්මරණීයයි.
2019-02-16T10:34:27.000Z
මෙරට ආර්ථිකය ක්ෂේත්‍ර කිහිපයකින් පසුගාමී තත්ත්වයක
මෙරට ආර්ථිකය ක්ෂේත්‍ර කිහිපයකින් පසුගාමී තත්ත්වයක
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්ෂේත්‍ර කිහිපයකින් පසුගාමී තත්ත්වයක් පෙන්නුම් කරන බව ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වේ. විනිමය අනුපාතය අනුව රුපියල නැවත අවප්‍රමාණය වී ඇති අතර එය මේ වන විට පවතින්නේ රුපියල් 178ක් පමණ අගයක ය. එමෙන් ම කොටස් වෙළෙඳපොළ කැපී පෙනෙන පහළ යාමක් ද වාර්තා විය. විශේෂයෙන් අප පවා වරින් වර වාර්තා කළ එම්.ටී.ඩී. වෝකර්ස් සමාගමේ සහ තවත් ආයතන කිහිපයක ක්‍රියාකාරීත්වය මීට බල පා තිබෙන බව පුවත්පත් වාර්තා කරයි. ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවන් තේ වෙළෙඳපොළ ද මේ වන විට පවතින්නේ අර්බුදකාරී තත්ත්වයක ය. රට තුළ සැබෑ ආර්ථික යහපාලනයක් ඇති කිරීමට අවශ්‍ය නම් උවමනා වන්නේ රටක් වශයෙන් ඒ පිළිබඳව වන අවංක කැපවීම පමණක් බව ජාත්‍යන්තර මූල්‍ය වංචා වැළැක්වීමේ ක්‍රියාදාම දෙස බලන විට පැහැදිලි වේ. මැලේසියාවේ වන් එම්.ඩී.බී. නම් රජයේ අරමුදලින් විවිධ අක්‍රමිකතා සහ වංචා සිදු කළ පුද්ගලයෙකු වැඩිදුර පරීක්ෂණ සඳහා අමෙරිකාවට පිටුවහල් කිරීමට දෙරට එකඟ වී තිබේ. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ යැයි නම කියවුණු මෙරටින් පළා ගොස් අදටත් විදෙස් රටවල සුව පහසුව දිවි ගෙවන වංචාකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අප රජය දරා ඇත්තේ කවර උත්සහයක් ද?
2019-02-16T07:55:00.000Z
දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට තියුණු ජයක්
දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට තියුණු ජයක්
COLOMBO (News 1st) - වසර 8කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජය ගත්තේ ය. අද තියුණු තරගයකින් පසු ඩර්බන්හි පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේ එක් කඩුල්ලකිනි. තරගය අද සිව් වැනි දිනයට ආරම්භ කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 304ක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 83ක් රැස් කර ගෙන සිටියේ ය. ජයග්‍රහණයේ බලාපොරොත්තු සමගින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් එල්ල කළේ දැඩි පීඩනයකි. ක්‍රීඩකයින් 5 දෙනෙකුටම ලකුණු 5 සීමාව පසු කරන්නට නොහැකි විය. එම අසීරු අවස්ථාවේ හුදෙකලා සටනක නිරත වූයේ කුසල් ජනිත් පෙරේරායි. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකය ද වාර්තා කළේ ය. ඔහුගේ විශිෂ්ට පිති හරඹයේ ප්‍රතිඵලය වූයේ අගනා වටිනා ලකුණු 153කි. කුසල් ඒ සඳහා 6 පහර 5 ක් සහ හතරේ පහර 12 ක් එල්ල කළේ ය. කුසල් ජනිත් සහ විශ්ව ප්‍රනාන්දු අවසන් කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 78කි. එය ක්‍රිකට් ඉතිහාසයට එක් වුණේ, ටෙස්ට් තරගයක සිව් වැනි ඉනිමේ අවසන් කඩුල්ලට පිතිකරුවන් දෙදෙනෙකු ගොඩනැගූ ඉහළ ම ලකුණු සබඳතාව ලෙසයි.
2019-02-16T06:18:48.000Z
හදට හදක් භාරකාර අරමුදලේ වෙබ් අඩවිය එළිදැක්වේ
හදට හදක් භාරකාර අරමුදලේ වෙබ් අඩවිය එළිදැක්වේ
COLOMBO (News 1st) - හදට හදක් භාරකාර අරමුදලේ වෙබ් අඩවිය නිල වශයෙන් එළිදැක්වීම අද පෙරවරුවේ සිදු කෙරිණි. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම උත්සවය පැවැත්වුණේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද පුහුණු ශ්‍රවණාගාරයේදී ය. හදට හදක් භාරකාර අරමුදල සම්බන්ධයෙන් තොරතුරු පහසුවෙන් දැන ගැනීමට නව වෙබ් අඩවිය හරහා අවස්ථාව උදාවෙන අතර අරමුදලේ ආධාර හෘද රෝගීන්ට ලබා ගැනීම සඳහා අයැදුම් කිරීමේ පහසුකම ඉදිරියේදී මෙම නිල වෙබ් අඩවිය හරහා සැපයීමට නියමිත ය. හදට හදක් භාරකාර අරමුදල වෙනුවෙන් පරිත්‍යාගශීලීන්ගේ පරිත්‍යාග භාර ගැනීම ද මෙහිදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
2019-02-16T05:29:54.000Z
හැටන් කොටගලදී උගුලකට හසු වීමෙන් කොටියෙකු මරුට
හැටන් කොටගලදී උගුලකට හසු වීමෙන් කොටියෙකු මරුට
COLOMBO (News 1st) - හැටන් කොටගල ස්ටෝනකිල්ප් වතුයායේ ඉහළ කොටසේදී උගුලකට හසුව කොටියෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ උගුලකට කොටියා පැටලීමෙන් මෙලෙස මිය ගොස් ඇති බව ය. අඩි 5ක් පමණ දිගකින් යුතු මෙම කොටියාගේ මළ සිරුර අද උදෑසන වතු කම්කරුවන් දැක පොලීසියට දැනුම් දී තිබේ. කොටියාගේ මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා සිරුර නුවරඑළිය වනජීවී කාර්යාලයට භාර දුන් බව පොලීසිය පැවසුවේ ය.
2019-02-16T02:55:50.000Z
රසායන ද්‍රව්‍යයක් ශරීරගත වීමෙන් රත්නපුරේ දරුවෙකු මරුට
රසායන ද්‍රව්‍යයක් ශරීරගත වීමෙන් දරුවෙකු මරුට
COLOMBO (News 1st) - රත්නපුර, කිරිඇල්ල, කරඳන ප්‍රදේශයේදී රසායන ද්‍රව්‍යයක් ශරීරගත වීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ එම රසායන ද්‍රව්‍ය ශරීරගත වීමෙන් පසු දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ බවයි. අද පෙරවරුවේ එම දරුවා මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු එක හමාරක් වයසැති දරුවෙකි. දරුවා මියගොස් ඇත්තේ බැට්ට්‍රිකය තිබූ රසායන දියරයක් ශරීරගත වීමෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
2019-02-16T00:46:15.000Z
වරින් වර ජල සැපයුම අඩාලවීමෙන් පන්නිපිටියේ ජනතාව දැඩි පීඩාවට
ජල සැපයුම අඩාලවීමෙන් පන්නිපිටියේ ජනතාව දැඩි පීඩාවට
COLOMBO (News 1st) - වරින් වර ජල සැපයුම අඩාලවීම හේතුවෙන් පන්නිපිටිය ප්‍රදේශ කිහිපයක ජනතාව දැඩි පීඩාවට පත් ව සිටි. ඔවුන් පවසන්නේ, මේ හේතුවෙන් තම දෛනික කටයුතුවලට දැඩි බාධා මතුව ඇති බවයි. මෙම තත්ත්වයට දැඩි ලෙස මුහුණදී ඇත්තේ පන්නිපිටිය දේවාල පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. එම ප්‍රදේශයේ පවුල් 400 කට අධික පිරිසක් ජීවත් වන අතර තමන්ට දින කිහිපයක සිට අඛණ්ඩ ජල සැපුයමක් නොලැබෙන බවට ඔවුන් චෝදනා කරති. මේ සම්බන්ධයෙන් පන්නිපිටිය ජල සම්පාදන කාර්යාලයේ කාර්යභාර නිලධාරී මිහිරි ජයසිංහ මහත්මියගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඇය සඳහන් කළේ, කලටුවාව සිට ජලය පොම්ප කරන නලයක කාන්දුවක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි. එය යථා තත්ත්වයට පත් කර ඇති බව ද මිහිරි ජයසිංහ මහත්මිය පැවසුවා ය.
2019-02-15T23:55:48.000Z
නීති විරෝධි වැලි ජාවාරම් ගැන 1921 අංකයට දැනුම් දෙන්න...!
නීති විරෝධි වැලි ජාවාරම් ගැන 1921 අංකයට කියන්න...
COLOMBO (News 1st) - නීති විරෝධි වැලි ජාවාරම් මැඩලීම සඳහා දීපව්‍යාප්ත මෙහෙයුම් ආරම්භ කර ඇති බව භූ විද්‍යා හා කැනීම් කාර්යාංශය පවසයි. එහි සභාපති අසේල ඉද්දවෙල මහතා සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ද ඒ සඳහා ලබා ගන්නා බවයි. නීති විරෝධි වැලි ජාවාරම් පිළිබඳව 1921 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ද ඔහු ඉල්ලීමක් කර ඇත. සභාපතිවරයා පැවසුවේ, සෑම දිනකට එම දුරකතන අංකයට පැමිණිලි 10 ක් පමණ ලැබෙන බවයි.
2019-02-15T22:19:34.000Z
තණමල්විල පුද්ගලයෙකු ඝාතනය කළ තිදෙනෙක් අත්අඩංගුවට
තණමල්විල ඝාතනයට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - තණමල්විල නගරයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු තණමල්විල කුමාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරුවන් සන්තකයේ තිබි යතුරු පැදි දෙකක් සහ වෙඩි තැබීම සඳහා උපයෝගී කරගත් ගිනිඅවි තුනක් ද අද අලුයම සිය භාරයට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, තණමල්විල ගගේයාය හා සූරියආර ප්‍රදේශයේ පදිංචි 25, 27 සහ 28 හැවිරිදි සැකකරුවන් තිදෙනෙකි. පසුගිය 10 වැනි දා යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයින් 4 දෙනෙකු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තව ත් අයෙකු තුවාල ලැබුවේ ය.
2019-02-15T21:58:53.000Z
මන්නාරම මිනී වළේ අමෙරිකානු කාල නිර්ණ වාර්තාව නිකුත් වෙයි
මන්නාරම මිනී වළේ කාල නිර්ණ වාර්තාව නිකුත් වෙයි
COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනී වළේ කාලය තහවුරු කර ගැනීම සඳහා අමෙරිකාවේ බීටා ඇනලියිසිස් ආයතනයට ලබා දුන් සාම්පලවල වාර්තාව ඊයේ රාත්‍රි ලැබුණු බව කැනීම් සඳහා උපදේශකත්වය ලබා දෙන මන්නාරම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, කාල නිර්ණය සඳහා ලබාදුන් සම්පල 6 න් 5 ක වාර්තා එලෙස ලැබී ඇති බවයි. එම වාර්තාව ලබන බදාදා මන්නාරම අධිකරණයට ඉදිරිපත් කරන බව ද වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය. පසුගිය මස 25 වැනි දා බීටා ඇනලයිසිස් ආයතනයට අදාළ සාම්පල ලබා දුන්නේ මෙරටින් ගිය කණ්ඩායමක් විසිනි. මේ අතර 146 වැනි දිනටත් සමූහ මිනී වළේ කැනීම් ඊයේ දිනයේ ක්‍රියාත්මක විණි. වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, මේ වනවිට සමූහ මිනී වළෙන් මිනිස් ඇටසැකිලි 323 ක් සොයා ගෙන ඇති බවයි. ඉන් ඇටසැකිලි 314 ක් එම ස්ථානයෙන් ඉවත් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය. මේ වනවිට සොයා ගෙන ඇති ළමයින්ට අයත් බවට සැකකෙරෙන ඇටසැකිලි සංඛ්‍යාව 28 ක්.
2019-02-15T20:48:20.000Z
රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා විමර්ශනයට පත්කළ ජනපති කොමිසමට සතියක් තුළ පැමිණිලි 70 ක්
ජනපති කොමිසමට සතියක් තුළ පැමිණිලි 70 ක්
COLOMBO (News 1st) - පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමට සතියක් තුළ පැමිණිලි 70 ක් ලැබී තිබේ. එම කොමිසමේ පැමිණිලි භාරගැනීම ආරම්භ කෙරුණේ පසුගිය සිකුරාදායි. ලැබුණු පැමිණිලි අතුරින් දෙකක් පළමු අදියරේ විමර්ශනය සඳහා තොරා ගත් බව එම කොමිසම සඳහන් කළේ ය. එලෙස විමර්ශන සඳහා තෝරාගෙන ඇත්තේ, විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය විදුලි ධාරිතාව ඉහළ නැංවීම සඳහා පසුගිය කාලයේ විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් හා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිදු ව ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිල්ලකි. 2015 ජනවාරි 14 සිට 2018 දෙසැම්බර් 31 වැනි දා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල දූෂණ ක්‍රියා, සාපරාධි විශ්වාසය කඩ කිරීම, දේපොළ සාපරාධි පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිසමේ ප්‍රධාන කාර්යයයි. ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි මාර්තු මස 07 වැනි දා දක්වා ඉදිරිපත් කළ හැකි බව ජනාධිපති කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය. ඒ අනුව ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන්, ලේකම්, රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිසන් සභාව කාමර අංක 210, බ්ලොක් 02 දෙවැනි මහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයට යොමු කළ හැකියි. 011- 2 665 382 යන දුරකතන අංකයට ඒ පිළිබඳව තොරතුරු වාචිකව ඉදිරිපත් කළ හැකි වනු ඇත.
2019-02-15T20:33:57.000Z
අමෙරිකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි..!
අමෙරිකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි..!
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, මෙක්සිකෝ දේශසීමා පවුර ඉදිකිරීම සඳහා අවශ්‍ය ඩොලර් බිලියන 7.5 ක අරමුදල් සම්පාදනය කරගැනීම වෙනුවෙනි. ධවල මන්දිරයේ රෝස උද්‍යානයේදී මාධ්‍ය අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව නිල වශයෙන් නිවේදනය කළේ ය. එහිදී ඔහු සඳහන් කළේ, මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම්කරුවන් ඇතුළු විවිධ ගණයේ අපරාධකරුවන් සිය රට ආක්‍රමණය කර ඇති බවයි. එවැනි පුද්ගලයින් රට තුළට පැමිණීම වැළැක්වීමේ අරමුණින් මෙක්සිකෝ දේශසීමාව වටා පවුරක් ඉදිකිරීම අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. ජනපති ට්‍රම්ප් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රකාශ කර තිබුණි. එහෙත් ආණ්ඩු බලය හිමි රිපබ්ලිකන් පාක්ෂිකයින් පවසන්නේ ඕනෑම තත්ත්වයකට මුහුණදීමේ සූදානමින් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇති බවයි.
2019-02-15T20:23:38.000Z
අමල් සහ නදීමාල්ගේ මූලික පරීක්ෂණ වාර්තාව එරට නීතිපති වෙතට
අමල් සහ නදීමාල්ගේ මූලික පරීක්ෂණ වාර්තාව නීතිපතිට
COLOMBO (News 1st) - ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගතව සිටින අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා යන ගායන ශීල්පීන්ගේ මූලික පරීක්ෂණ වාර්තාව ඩුබායි නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා පවසයි. ඩුබායි සිට නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඩුබායි පොලීසිය ඔවුන් සම්බන්ධයෙන් චෝදනා ගොනුකිරීම සඳහා ඔවුන්ගේ මුත්‍රා සහ රුධිර සාම්පලවල වැඩිදුර පරීක්ෂණයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින බවයි. මේ අතර නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පැවසුවේ, ඩුබායි අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගෙන් 16 දෙනෙකුම මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට තොරතුරු අනාවරණවී ඇති බවය. පසුගිය 04 වැනි දා රාත්‍රියේ කොකේන් මත්ද්‍රව්‍ය ද සමගින් මෙම පිරිස තරු පන්තියේ හෝටලයකදී අත්අඩංගුවට පත්වුණේ එරට පොලීසිය කළ මෙහෙයුමකදීයි.
2019-02-15T20:13:55.000Z
දුගී භාවය පිටුදැකීමේ ජනපති වැඩපිළිවෙළ ලෝක බැංකුවේ ඇගයීමට
දුගී භාවය පිටුදැකීමේ වැඩපිළිවෙළ ලෝක බැංකුවේ ඇගයීමට
COLOMBO (News 1st) - දුගී භාවය පිටුදැකීම සඳහා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව අතර දුගී භාවය සාධනීය ලෙස පහළ අගයක් ගනිමින් ඇතැයි ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය සඳහා වූ උපසභාපති ආචාර්ය හාට්වින්ග් ෂාෆර් මහතා පවසයි. දිවයිනට පැමිණ සිටින ආචාර්ය හාට්වින්ග් ෂාෆර් මහතා ඒ බව පැවසුවේ, ජනාධිපති නිල නිවසේදී ඊයේ පස්වරුවේ ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේදීයි. ශ්‍රී ලංකාව ක්‍රමවත් ලෙස දියුණුව කරා පියමනින රටක් ලෙස ලෝක බැංකුව හඳුනාගෙන තිබෙන බව සඳහන් කළ ඒ මහතා ඒකපුද්ගල ආදායම මේ වන විට ඩොලර් 4000 ක් බවට පත් ව තිබීම ඉතා සතුටුදායක තත්ත්වයක් බව ද පැවසුවේ ය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ග්‍රාමීය වශයෙන් දිළිඳු බව තුරන් කරමින් ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට ක්‍රියාත්මක කර ඇති විශේෂ ව්‍යාපෘති ඒ සඳහා මහැගි පිටිවහලක් වී තිබෙන බව ඒ මහතා සඳහන් කළ බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ වැව් ප්‍රතිසංස්කරණ සහ පුළුල් වාරිමාර්ග සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා සහාය ලබා දෙන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට ද මෙහිදී ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය සඳහා වූ උපසභාපතිවරයා එකඟතාව පළ කර ති‍බේ. වැව් දස දහසක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැව් 2400 ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට රජය අරඹා ඇතැයි ජනාධිපතිතුමා පවසා ඇත. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, එමෙන්ම දේශගුණික හා කාලගුණික විපර්යාස හේතුවෙන් වන බලපෑම් අවම කර ගැනීමේ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහායට ද ජනාධිපතිතුමා සිය ස්තූතිය පිරිනැමූ බවයි. ජල ගැලීමට ගොදුරුවන ප්‍රදේශවල සිට නිකරුනේ මුහුදට ගලා යන එම ජල කඳ නල මාර්ගයෙන් වියලි කලාපය වෙත රැගෙන යාමේ ව්‍යාපෘතියක් සඳහා සහාය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා කල ඉල්ලීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු කළ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය සඳහා වූ උපසභාපතිවරයා එම ඉල්ලීම ඉටුකිරීමේ හැකියාව පිළිබඳව කඩිනමින් සොයා බලන බවට ජනාධිපතිතුමා වෙත සහතික වී තිබේ.
2019-02-15T19:42:19.000Z
අද හා හෙට ප්‍රදේශ රැසකට වැසි...
අද හා හෙට ප්‍රදේශ රැසකට වැසි...
COLOMBO (News 1st) - අද හා හෙට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වැසි සමග ප්‍රබල අකුණු හා තද සුළං ද ඇතිවිය හැකි බවයි.
2019-02-15T19:23:24.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. කසිප්පු මැඩලීමට ජනපතිගෙන් දැඩි පියවරක්....: මත්ද්‍රව්‍ය හා මත්පැන් පාලනය කිරීමේ වැඩපිළිවෙලේ තව ත් අදියරක් ලබන සතියේ ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. 2. බන්ධනාගාරගතව සිටින අමල් සහ නදීමාල් වෙනුවෙන් ඇප අයැදුම්පතක් යොමු කිරීමට සැලසුම්: ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගායන ශිල්පි අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් කඩිනමින් ඇප අයැදුම්පතක් ඉදිරිපත් කරන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා පවසයි. 3. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමයේ නැවතත් සිය විරෝධය: ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමය නැවතත් සිය විරෝධත්වය පළ කර තිබේ. 4. මැල්වත්තේදී වෙඩි තැබූ ‘කුඩු චූටි’ගේ වගතුග හෙළිවෙයි: ග්‍රෑන්ඩ්පාස්, මැල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකට වෙඩි තැබූ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි. විදෙස් පුවත් 5. කාෂ්මීරයේදී පොලිස් බස් පෙළකට මරාගෙන මැරනෙ බෝම්බ ප්‍රහාරයක්: ඉන්දු කාෂ්මීරයේ පොලිස් නිලධාරීන් පිරිසක් රැගත් බස් රථ පෙළක් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
2019-02-15T11:07:05.000Z
රන්ජන් පවසන කොකේන් ගන්නා ඇමතිවරු හෙළි කරන්න - විපක්ෂය බලකරයි
කොකේන් බොන කැබිනට් ඇමතිවරු කවු ද?
COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද ස්ථාන කිහිපයකදී ප්‍රතිචාර පළවිය. මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් රාජ්‍ය අමාත්‍ය, රන්ජන් රාමනායක, කොටින්ම කිව්වොත් කොකේන් බොන කැබිනට් ඇමතිවරු පවා ඉන්න බව මම මේ අවස්ථාවේ කියනවා. කොකේන්වලට සම්බන්ධ කැබිනට් ඇමතිවරු පවා ඉන්නවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, ඩලස් අලහප්පෙරුම, මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙක් ඉන්නවා කොකේන් ගහන ඇමතිවරු. දෙවි හාමුදුරුවනේ කොකේන් ගහන ඇමතිවරු කැබිනට් එකේ ඉඳන් රටේ අනාගතය ගැන තීන්දු ගන්නවා නම් මගේ දරුවාට යන කලදසාව මොකක් ද? එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, පියල් නිශාන්ත කොකේන් පාවිච්චි කරන ඇමතිවරු නම් ඉන්නේ අපේ තරුණයන්ට දෙයියන්ගේම පිහිටයි රනිල් වික්‍රමසිංහ මේ ආණ්ඩුවේ ප්‍රධානියා විදිහිට මේ පිළිබඳව හොයලා බලලා මේ කැබ්නට් ඇමතිවරු රටට අදුන්වලා දෙන්න ඔනි. මේ අය ඉතා ඉක්මනිතක් කැබිනට් ආමාත්‍යවලින් විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවෙන්ම ඉවත් කරන්න මේ දේශපාලන භූමිකාවෙන්ම ඉවත් කරන වැඩපිළිවෙළ කරන්න ඕනි
2019-02-15T10:54:20.000Z
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමයේ නැවතත් සිය විරෝධය
මරණ දඬුවමට යළි ත් යුරෝපා සංගමයේ විරෝධය
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමය නැවතත් සිය විරෝධත්වය පළ කර තිබේ. ඊයේ බෙල්ජීයමේ බ්‍රසල්ස්හිදී පැවැත්වුණු යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ කොමිසමේ හමුවෙන් පසුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ මේ බව සඳහන් විය. ජී.එස්.පී ප්ලස් සහනය තවදුරටත් ලබා ගැනීමට නම් මානව සහ කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය වැනි විෂයන්වලට අදාළ සම්මුතීන් 27 කට ගරු කරමින් කටයුතු කරන ලෙස යුරෝපා සංගමය දන්වා සිටි. ඔවුන් පවසන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ජාත්‍යන්තර සම්මුතීන්වලට අනුකූලව සකස් කළ යුතු බවයි. 2020 වසරේ කොළඹදී පැවැත්වෙන මීළඟ සැසි වාරයට පෙර අදාළ ක්‍රියාමාර්ග රැසක් ගන්නා බවට ශ්‍රී ලංකාව මෙහිදී එකඟ වූ බව ද ඒකාබද්ධ නිවේදනයේ සඳහන් විය.
2019-02-15T10:40:14.000Z
බන්ධනාගාරගතව සිටින අමල් සහ නදීමාල් වෙනුවෙන් ඇප අයැදුම්පතක් යොමු කිරීමට සැලසුම්
අමල් සහ නදීමාල් වෙනුවෙන් ඇප අයැදුම්පතක්
COLOMBO (News 1st) - ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගායන ශිල්පි අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් කඩිනමින් ඇප අයැදුම්පතක් ඉදිරිපත් කරන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා පවසයි. ඩුබායි සිට නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ලබන 28 වන දා දක්වා ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි. මාකදුරේ මධුෂ් නමැත්තා ඇතුළු 29 දෙනා ද රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ. ඔවුන් පිළිබඳ සිදුවන නීතිමය කටයුතු පිළිබඳව ද අප නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතාගෙන් විමසීමක් කළේ ය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ඩුබායි කොන්සර්ජනරාල් කාර්යාලය සහ අබුඩාබිහි පිහිටි තානාපති කාර්යාලය මගින් නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබේ. පසුගිය 04 වැනි දා රාත්‍රියේ කොකේන් මත්ද්‍රව්‍ය ද සමගින් මෙම පිරිස තරු පංතියේ හෝටලයකදී අත්අඩංගුවට පත්වුණේ එරට පොලීසිය කළ මෙහෙයුමකදී යි. මේ අතර ඊයේ ග්‍රෑන්ඩ්පාස් මැල්වත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව ආශා ෆාරි හෙවත් කුඩු චූටි ලෙසින් හැඳින්වෙන කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ බව පොලීසිය පවසයි. ඊයේ රාත්‍රි 9.00 ට පමණ මෙම ඇගේ නිවසට ඇතුළු වූ පුද්ගලයෙක් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණි. පොලීසිය පැවසුවේ ප්‍රහාරය එල්ලකළ පුද්ගලයා තව ත් අයෙකු සමග යතුරුපැදියකින් පළා ගොස් තිබූ බවයි. තුවාල ලැබූ කාන්තාව මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනු ඇති.
2019-02-15T07:46:10.000Z
කසිප්පු මැඩලීමට ජනපතිගෙන් දැඩි පියවරක්....
කසිප්පු මැඩලීමට ජනපතිගෙන් දැඩි පියවරක්...
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය හා මත්පැන් පාලනය කිරීමේ වැඩපිළිවෙලේ තව ත් අදියරක් ලබන සතියේ ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කර තිබේ. ජනපති, මම තව සතියකින් දෙකකින් පටන් ගන්නවා මේ රටේ කසිප්පු සංහාරයක්. සම්පූර්ණයෙන්ම කසිප්පු ගම්වලින් නිදහස් කිරීම, කසිප්පු නොමැති රටක් හදන්න මම විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ගෙදර බිරිඳට අල්ලගෙන තළනවා, බඩු පොළොවේ ගහනවා, ලෙඩෙක් වෙනවා, ආර්ථිකය කඩා වැටෙනවා, යාචකයෙක් වෙනවා, හිඟන්නෙක් වෙනවා. තමන්ම දන්නවා මේක වැරදියි කියලා. නමුත් වැරදි වැඩේ කර කර විනාශ වෙනවා. මතින් නිදහස් ගම්මාන හදන්න ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් හදන්න කියලා මම අමාත්‍යංශයේ ලේකම්තුමාටත් අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. මහවැලි ඉඩම් ඔප්පු 10,000 ක් පිරිනැමීම සහ 2018 මහවැලි ගොවි අභිශේක ත්‍යාග හා සම්මාන ප්‍ර‍දානෝත්සවය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය. ඒ, මහවැලී සී කලාපයේ දිඹුලාගල නුවරගල මහා විද්‍යාලයීය ක්‍රීඩාගංණයේදීයි. නුවරගල මහා විද්‍යාලයේ ද්විතියික විද්‍යාගාර දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ මෙම උත්සවයට සමගාවීමවයි. කසළ කළමනාකරණයේදී මුහුණදෙන ගැටලු පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළ කළේ ය.
2019-02-15T07:07:07.000Z
ස්පාඤ්ඤය අගමැති හදිසි මැතිවරණයක් කැඳවයි
හදිසි මැතිවරණයක් අප්‍රේල් මස 28 වැනි දා කැඳවයි
ස්පාඤ්ඤය අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චෙස් හදිසි මැතිවරණයක් කැඳවා තිබේ. ඒ, 2019 වසර සඳහා වන අයවැය පරාජයට පත්වීමත් සමගය. ඒ අනුව ලබන අප්‍රේල් මස 28 වැනි දා ස්පාඤ්ඤය ජාතික මැතිවරණය පැවැත්වෙනු ඇති. හිටපු අගමැති මරියානෝ රාජෝයි විශ්වාසභංගයකින් පරාජයට පත් කළ, පේඩ්‍රෝ සැන්චේස්, ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූයේ ගිය වසරේ ජුනි මාසයේදී ය.
2019-02-15T06:57:06.000Z
තායිලන්ත රජුගේ අභිෂේක මංගල්‍යයට ජනපතිගෙන් තිළිණයක්
තායිලන්ත රජුගේ අභිෂේක මංගල්‍යයට ජනපතිගෙන් තිළිණයක්
COLOMBO (News 1st) - තායිලන්තයේ අභිනව රජතුමා වන මහා වජිරලංකෝන් රජුගේ අභිෂේක මංගල්‍යයට සුබ පැතුම් එක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝධි අංකුරයක් තිළිණ කර තිබේ. එම බෝධි අංකුරය ලබන 19 වැනි දාට යෙදෙන නවම් පෝහෝ දින බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා විසින් තායිලන්තයේ අභිනව රජු වෙත පිළිගැන්වීමට නියමිතයි. තායිලන්තයේ අයෝද්‍යා නුවර වජිර ධර්මාරාම විහාරස්ථානයේදී එම බෝධින්වහන්සේ රෝපණය කිරීමට සැලසුම් කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කළේ ය. තායිලන්තයේ වත්මන් රජ පරම්පරාවේ දස වන රජතුමාගේ අභිෂේක මෞලි මංගල්‍යය ලබන මැයි මාසයේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇත.
2019-02-15T06:27:21.000Z
ලංකා ගුරු සේවා සංගමය විරෝධතාවක
ලංකා ගුරු සේවා සංගමය විරෝධතාවක
COLOMBO (News 1st) - ලංකා ගුරු සේවා සංගමය අද දීපව්‍යාප්ත විරෝධතා මාලාවක් සංවිධානය කර තිබුණි. ඒ, කුරුණෑගල ප්‍රදේශයේ ගුරුවරියකට සිර දඬුවම් නියම කිරීමට එරෙහිව සහ ගුරුවරුන්ගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්නැයි රජයට බල කරමිනි. තෙල්දෙණිය, ගම්පොළ, වලස්මුල්ල, දඹුල්ල, බදුල්ල, මතුගම, පදියතලාව, මැදවච්චිය, නොච්චියාගම ඇතුළු නගර රැසක් කේන්ද්‍ර කර ගනිමින් අද එම විරෝධතා ක්‍රියාත්මක විය.
2019-02-15T05:54:49.000Z
හැටන් ප්‍රදේශයේ ෆයිනස් රක්ෂිතයක ගින්නක්
හැටන් ප්‍රදේශයේ ෆයිනස් රක්ෂිතයක ගින්නක්
COLOMBO (News 1st) - හැටන් ඉහළ වටවල ප්‍රදේශයේ ෆයිනස් වන වගා රක්ෂිතයක ගින්නක් හටගෙන තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, ගින්නෙන් මේ වනවිට රක්ෂිතයේ අක්කර 10 ක පමණ ප්‍රදේශයකට හානි වී ඇති බවයි. එය පාලනය කිරීම සඳහා ප්‍රදේශවාසීන් සමග එක් ව වන සංරක්ෂණ නිලධාරීන් කටයුතු කරමින් සිටි බව ඔහු සඳහන් කළේ ය. කිසියම් පිරිසක් විසින් මෙම ෆයිනස් වන වගා රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
2019-02-15T05:40:23.000Z
ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශකයකු දිවයිනට
ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශකයකු දිවයිනට
COLOMBO (News 1st) - ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ විශේෂ උපදේශකයකු වන කෙන්ටාරෝ ෂොනුරා මහතා නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත වේ. ඔහු දින දෙකක් මෙරට රැඳිසිටිනු ඇති. කෙන්ටාරෝ මහතා දෙරට අතර ද්වී පාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා කිහිපයක් ද පැවැත්වීමට නියමිතය. නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයේ සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ඇතුළුව වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සාකච්ඡාවලදී අවධානයට යොමු කරනු ඇති බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේ ය.
2019-02-15T00:27:50.000Z
පාතාලේ මධුෂ් ඇතුළු 31දෙනා රක්ෂිත බන්ධනාගාරයට
පාතාලේ මධුෂ් ඇතුළු 31දෙනා රක්ෂිත බන්ධනාගාරයට
COLOMBO (News 1st) : ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ගායන ශිල්පි අමල් පෙරේරා සහ ඔහුගේ පුත් ගායන ශිල්පි නදීමාල් පෙරේරා වෙනුවෙන් කඩිනමින් ඇප අයැදුම්පතක් ඉදිරිපත් කරන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා පවසයි. ඩුබායි සිට නිව්ස් ෆස්ට් වෙත අදහස් දක්වමින් ,ඔහු සඳහන් කළේ, ලබන 28 වනදා දක්වා ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි. ඔවුන්ට එරෙහිව එරට මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිය යටතේ පරීක්ෂණ ක්‍රියාත්මක බව ද වෙල්ලප්පිලි මහතා පැවසී ය. ඔහු සඳහන් කළේ, අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට එරට පොලීසියේ අවසන් වාර්තාව මෙතෙක් නිකුත් කර නොමැති බවයි. මේ අතර ඩුබායි ආරංචි මාර්ග පැවසුවේ, පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු අනෙක් සැකකරුවන් 29 දෙනා ද රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි. අදාළ පිරිස සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඩුබායි කොන්සර්ජනරාල් කාර්යාලය සහ අබුඩාබිහි පිහිටි තානාපති කාර්යාලය මගින් නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය. පසුගිය 4 වැනිදා රාත්‍රියේ කොකේන් මත්ද්‍රව්‍ය ද සමග මෙම පිරිස තරු පංතියේ හෝටලයකදී අත්අඩංගුවට පත්වුණේ ,එරට පොලීසිය කළ මෙහෙයුමකදීයි.
2019-02-14T23:47:03.000Z
සබරගමු සරසවි සිසුන් 54කට පන්ති තහනමක්
සබරගමු සරසවි සිසුන් 54කට පන්ති තහනමක්
COLOMBO (News 1st) : සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 54 දෙනෙකුට සතියක පන්ති තහනමක් පනවා තිබේ. එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා සඳහන් කළේ, පීඨයේ නවක සිසුන්ට නවක වධය ලබා දීමේ සිදුවීම්වලට සම්බන්ධ බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන්ට මෙම පන්ති තහනම පැනවූ බවයි. ඒ අතර සිසුවියන් පිරිසක් ද වන බව උපකුලපතිවරයා සඳහන් කළේ ය. අදාළ සිසුන් සම්බන්ධයෙන් පීඨාධිපතිවරයා වෙත ලැබුණු පැමිණිලි රැසක් සලකා බැලීමෙන් අනතුරුව කළ විමර්ශනයකදී ඔවුන් නවක වධය ලබා දීමට සම්බන්ධ බවට ඒ සම්බන්ධ විමර්ශනයට ලක්කළ කමිටුවකදී අනවරණය වූ බව ද මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැවසී ය. සබරගමුව විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති නිශ්ශංක ගමගේ මහතා සඳහන් කළේ, සිසුන්ගේ පන්ති තහනම් කරමින් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සිසුන් මර්දනය කරන බවයි.
2019-02-14T23:11:56.000Z
සැමියාගේ ඇසිඩ් ප්‍රහාරයෙන් බිරිඳ මරුට, දියණිය ත් රෝහලේ
සැමියාගේ ඇසිඩ් ප්‍රහාරයෙන් බිරිඳ මරුට
COLOMBO (News 1st) : කඹුරුපිටිය, රත්කැකුලාව බෝලෙගෙවත්ත ප්‍රදේශයේදී එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් ඇයගේ දියණිය තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් ඊයේ රාත්‍රියේ නිවසේ නිදා සිටිමින් සිටියදී මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලවී ඇති බවයි. ඉන් මිය ගොස් ඇත්තේ 39 හැවිරිදි කාන්තාවකි. තුවාල ලැබූ දැරිය කඹුරුපිටිය ආදාපාන රෝහලට ඇතුළත් කර තිබේ. ඇසිඩ් ප්‍රහාරය ආදාළ කාන්තාවගේ සැමියා සහ තවත් පුද්ගලයෙකු විසින් සිදු කර ඇති බව දැරියගේ ප්‍රකාශවලින් අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, සැකකරු දැනට මාස 5කට පමණ සිට අදාළ කාන්තාවගෙන් වෙන්වී සිටින බවයි.
2019-02-14T20:27:07.000Z
මැල්වත්තේදී වෙඩි තැබූ 'කුඩු චූටි'ගේ වගතුග හෙළිවෙයි
මැල්වත්තේදී වෙඩි තැබූ 'කුඩු චූටි'ගේ වගතුග හෙළිවෙයි
COLOMBO (News 1st) : ග්‍රෑන්ඩ්පාස්, මැල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකට වෙඩි තැබූ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි. ඊයේ රාත්‍රි 9 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූවේ දැනට මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහි අත්අඩංගුවේ පසුවන කංජිපානි ඉම්රාන් නමැති පාතාල සාමාජිකයාගේ අනියම් බිරිඳයි. ඇය ආශා ෆාරි හෙවත් කුඩු චූටි යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන ඇය 39 හැවිරිදි කාන්තාවකි. පොලීසිය සඳහන් කළේ, අදාළ කාන්තාව හෙරෝයින් ජාවාරමේ නිරත කාන්තාවක බවයි. ඇය නිවසේ රැඳී සිටියදී , යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ. තුවාල ලැබූ කාන්තාව මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින්නී ය. https://www.youtube.com/watch?v=48Z160mSBTo
2019-02-14T20:14:08.000Z
උ/පෙළ විභාගයට අයදුම්පත් භාර ගන්නා දිනයේ කිසිදු වෙනසක් නැහැ
උ/පෙළ විභාග අයදුම්පත් භාර ගන්නා කාලය දීර්ඝ නොකෙරේ
COLOMBO (News 1st) : 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගන්නා දින කිසිදු හේතුවක් මත දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් භාර ගැනීම මේ මස 25 වැනිදායින් අවසන් වන බවයි. ඒ සඳහා වන අයදුම්පත් මේ වනවිටත් පාසල් වෙත යෙමු කර ඇති බව එම නිවේදනයේ සඳහන් ය. මේ අතර පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් ලබන මස පළමුවැනිදාට පෙර යොමු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එම අයදුම්පත් www.doenets.lk වෙබ් අඩවියෙන් භාගත කර ගත හැකියි. මෙවර, උසස් පෙළ විභාගය නව හා පැරණ නිර්දේශ දෙක යටතේ ම පවත්න බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
2019-02-14T20:06:22.000Z
අතිරික්ත ඉංග්‍රීසි ගුරුවරු වහාම කළුතරට යොමු කරන්නැයි, නියෝග
කළුතර දිස්ත්‍රික්කයේ ඉංගීසි ගුරු හිඟයක්
COLOMBO (News 1st) : පළාතේ 457ක ඉංග්‍රීසි ගුරු අතිරික්තයක් පවතින පසුබිමකදී කළුතර දිස්ත්‍රික්කයේ ඉංග්‍රීසි ගුරු හිඟය ක් පවතින බව වාර්තා වේ. පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව කළුතර දිස්ත්‍රික්කයේ පමණක් ඉංග්‍රීසි ගුරුවරුන් 140 ක හිඟයක් පවති. දෙමව්පියන් පවසන්නේ, පළමුවැනි ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා පෙළ පොත් පවා නිකුත් කර තිබීයදී ළමයින්ට අධ්‍යාපනය ලබා දීමට ගුරුවරුන් නොමැති බවයි. මේ අතර ගුරු සංගම් චෝදනා කරන්නේ පළාත තුළ ගුරුවරුන් බෙදීයාමේ නිසි තුළනයක් නොමැති වීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුව බවයි. විවිධ දේශපාලන අතපෙවීම් හේතුවෙන් මෙම තත්වය උදාවී ඇති බව ලංකා ගුරු සගමයේ ප්‍රධාන ලේකම් ජෝෂෆ් ස්ටාලිං මහතා සඳහන් කළේ ය. මේ පිළිබඳව කළ විමසීමකදී බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා පැවසුවේ, පසුගිය පාලන සමය තුළ ගත් ඇතැම් තීරණ හේතුවෙන් මෙලෙස ඉංග්‍රිසි ගුරු හිඟයක් හටගෙන ඇති බවයි. ඊට විසඳුමක් ලෙස ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට අවසර ඉල්ලා ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. මේ අතර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ප්‍රකාශ කළේ, පළාතේ සියලු අතිරික්ත ගුරුවරුන් පුරප්පාඩු පවතින පාසල් වෙත වහා ම යොමු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.
2019-02-14T19:42:34.000Z
කාෂ්මීරයේදී පොලිස් බස් පෙළකට මරාගෙන මැරනෙ බෝම්බ ප්‍රහාරයක්
කාෂ්මීරයේ පොලිස් බස් පෙළකට බෝම්බ ප්‍රහාරයක්
COLOMBO (News 1st) : ඉන්දු කාෂ්මීරයේ පොලිස් නිලධාරීන් පිරිසක් රැගත් බස් රථ පෙළක් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ප්‍රහාරයෙන් ඉන්දීය මධ්‍යම ආරක්ෂක පොලිස් බලකා නිලධාරීන් 40 දෙනෙකු මියගොස් ඇති බවයි. පොලිස් නිලධාරීන් 2500 ක් රැගත් රථ 78 ක් ඉලක්ක කර ප්‍රහාරය එල්ල වී තිබේ. ප්‍රහාරය එල්ල කර ඇත්තේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350 ක් පැටවූ මොටර් රථයක් අදාළ රථ පෙළ සමග ගැටීමට සැලැස්වීමෙනි. පාකිස්ථානයේ ජායිශ් ඊ මොහොමඩ් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ. මේ අතර ප්‍රහාරය දැඩිසේ හෙළා දකිමින් ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ පාකිස්ථානය ත්‍රස්ත සංවිධානවලට සහය දැක්වීම වහා නැවැත්විය යුතු බවයි. ජායිෂ් ඊ මොහොමඩ් ත්‍රස්ත සංවිධානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සම්බාධක පැනවිය යුතු ලැයිස්තුවට ඇතුළත් කරන ලෙසද ඉන්දියාව එම නිවේදනය මගින් පාකිස්ථානයෙන් ඉල්ලීමක් කරයි. මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි ප්‍රහාරය දැඩි සේ හෙලා දකිමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කළේ ය. එහි දැක්වුණේ මිය ගිය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් සමග සමස්ත ඉන්දියානුවන්ම උරෙන්උර සිට මේ මොහොතේ ඔවුන්ට ශක්තියක් විය යුතු බවයි.
2019-02-14T10:50:59.000Z
ග්‍රෑන්ඩ්පාස්, මැල්වත්තේදී 'කුඩු චූටි'ට වෙඩි තියයි
ග්‍රෑන්ඩ්පාස්, මැල්වත්තේදී 'කුඩු චූටි'ට වෙඩි තියයි
COLOMBO (News 1st) : ග්‍රෑන්ඩ්පාස්, මැල්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මීට ටික වේලාවකට පෙර වෙඩි තැබීම කර ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක්වූ 39 හැවිරිදි කාන්තාව ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. වෙඩි ප්‍රහාරයෙන් මෙලෙස තුවාල ලබා ඇත්තේ, ආශා ෆාරි හෙවත් කුඩු චූටි නමැති කාන්තාවක බව පොලීසිය පැවසී ය.
2019-02-14T10:16:15.000Z
අංගම් හටන වාර්තාමය චිත්‍රපටය එළිදකී
අංගම් හටන වාර්තාමය චිත්‍රපටය එළිදකී
COLOMBO (News 1st) : වෙනස් ආරක තේමාවක් රැගත් අංගම් හටන වාර්තාමය චිත්‍රපටය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ඊයේ එළිදැක්විණ. ආක්‍රමණිකයන්ගෙන් දේශය සුරකින්නට පෙරමුණගත් අංගම් ශිල්පය සමග දේශීය අන්‍යයතාවය ජාත්‍යන්තරයට රැගෙන යෑම සඳහා මේ චිත්‍රපටය නිර්මාණය කර තිබේ. එය අධ්‍යක්ෂණය කලේ අරුණ ජයවර්ධන මහතායි. සිරස ගොට් ටැලන්ට් ශුරතාව දිනාගත් අජන්ත මහන්ත ආරච්චි මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ අංගම් සටන් කණ්ඩායම රංගනයෙන් දායකත්වය සපයයි. අජනත් මහන්ත ආරච්චි මහතා අංගම්පොර ශිල්පයෙන් ඉදිරියට පැමිණි ආකාරය වටා මේ චිත්‍රපටයේ කතාව ගෙතී තිබේ. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවූයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතායි . https://www.youtube.com/watch?v=QVgCJq2XPN0
2019-02-14T10:05:45.000Z
හොර පාරෙන් කරළියට එන මාධ්‍ය මර්දන වැඩපිළිවෙළ
හොර පාරෙන් කරළියට එන මාධ්‍ය මර්දන වැඩපිළිවෙළ
COLOMBO (News 1st) : මාධ්‍ය පාලනය කිරීමට දේශපාලන අධිකාරිය දරණ උත්සාහය අත්හැර ඇති බවක් තවමත් පෙනෙන්නට නොමැත. 2017 ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත නමින් ලියවිල්ලක් සකස්කර මාධ්‍ය පාලනය නීතිගත කිරීමට උත්සාහ කළ කණ්ඩායම එය වෙනස් මුහුණුවරකින් ඉටුකර ගැනීමට උත්සාහ දරමින් සිටී. රාජ්‍ය මාධ්‍ය, මහජන සේවා මාධ්‍ය ආයතන බවට පත්කිරීමට යැයි පවසමින් පසුගිය ජනවාරි 31 වනදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කමිටුවක් පත් කළේ ය. මෙම කමිටුවට සාමාජිකයින් පත්කරමින් මංගල සමරවීර ඇමතිවරයා දැනුම් දී තිබුණේ, පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට පෙර රාජ්‍ය මාධ්‍ය ආයතන සැබෑ මහජන සේවා මාධ්‍ය බවට පත්කළ යුතු බවයි. විජයානන්ද ජයවීර මහතා මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. ආචාර්ය ප්‍රදීප් වීරසිංහ, නාලක ගුනවර්ධන, කෞෂල්‍යා ප්‍රනාන්දු, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, අනෝමා රාජකරුණානායක සහ නීතිඥ සුදර්ශන ගුනවර්ධන මංගල සමරවීර අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ සෙසු සාමාජිකයින් ය. මංගල සමරවීර මහතා ජනමාධ්‍ය විෂයය භාර ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසුව ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගත කරණය සඳහා වන ජාතික ලේකම් කාර්යාලය නමින් රාජ්‍ය නොවන සංවිධානයක් ආරම්භ කෙරිණ. ජනමාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට දඩ ගැසීමටත් දඩුවම් දීමටත් හැකි නීති ඇතුළත් කළ යුතු බවට යෝජනා කරමින් ස්වාධීන මණ්ඩල පනත නමැති ලියවිල්ල සකස්කලේ මේ රාජ්‍ය නොවන සංවිධානයයි. රාජ්‍ය මාධ්‍ය ගැන සොයා බැලීමට පත්කළ කමිටුවේ සභාපති විජයානන්ද ජයවීර මහතා මේ රාජ්‍ය නොවන සංවිධානය මුල් වූ ලියවිල්ල සකස් කළ පුද්ගලයායි. ආචාර්ය ප්‍රදීප් වීරසිංහ සහ නාලක ගුණවර්ධන නමැති පුද්ගයින් දෙදෙනාද මෙම රාජ්‍ය නොවන සංවිධානයේ ඉදිරි පෙළ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරයි. මේ රාජ්‍ය නොවන සංවිධානය හුදෙකලාව කටයුතු නොකරන අතර ඔවුන් ක්‍රියා කරන්නේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය කිහිපයක් ද හවුල්කරුවන් ලෙස සම්බන්ධ කර ගනිමිනි. පසුගියදා මාධ්‍ය ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව බලපෑම් කරමින් මාධ්‍ය ආයතන ඉදිරිපිට මුහුණු වසාගෙන තර්ජන කළ එන්.ජී.ඕ. කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටි කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මියද මංගල සමරවීර මහතා රාජ්‍ය මාධ්‍ය ගැන සෙවීමට පත්කළ කමිටුවට ඇතුළත් ය. මෙම කණ්ඩායම මෙහෙවන්නේ එන්.ජී.ඕ. ඩොලර් කාක්කන් බව අප එදා කළ අනාවරණය අද තහවුරුවී ඇති අතර ඔවුන් පිටුපස සිටින්නේ කවුරුන් ද යන්නත් දැන් හෙළි වෙමින් තිබේ. මාධ්‍ය මර්දනයට යෝජනා ඇතුළත් කරමින් සකස් කළ ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනතට බලවත් විරෝධය මතුවෙද්දී දැන් වෙනත් මුහුණුවරකින් එහි ඇතුළත් කරුණු නීතිගත කිරීමට මේ කල්ලිය උත්සාහ දරමින් සිටී. මාධ්‍ය ආයතන ඉදිරිපිට මුහුණු වසාගන සිදුකළ තර්ජන, රජ්‍ය මාධ්‍ය ගැන සෙවීමට පත්කරන කමිටු හුදෙකලා සිදුවීම් නොවන අතර මේවා සංවිධානාත්මක ක්‍රියාවළියකට සම්බන්ධ සැලසුම් සහගත ක්‍රියාමාර්ගයි. මේවා පිටුපස මහා පරිමාණ ඩොලර් ගනුදෙනු සිදුවනවා ද ? ඒවාට සම්බන්ධ වූවන්ට වෙනත් ප්‍රතිලාභ ලැබෙනවා ද ? රංග කලන්සූරිය නමැත්තා කලක් කරළියට පැමිණ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පෙනී සිටිමින් විවිධ උපාය යොදා මාධ්‍ය මර්දනයට උත්සාහ කළ අතර එය එම අවස්ථාවේ අසාර්ථකවිය. පසුව තනතුරින් ඉවත්වූ බවක් පෙන්වීමට උත්සාහ කළ ද ඔහු තිරෙන් පිටුපසටවී විවිධ මුහුණුවරින් අරමුණ ඉටු කරගැනීමට උත්සාහ දරමින් සිටී. මේ සියල්ල අවසානයේ මොවුන් වෑයම් කරමින් සිටින්නේ දූෂණයට වංචාවට එරෙහිව හඬ නගන මාධ්‍ය නිහඬ කිරීම හෝ අවනත කර ගැනීමටයි. බලයට පත්ව සති කිහිපයක් යන්නටත් පෙර මහ බැංකුව කොල්ලකෑ මේ කල්ලිය වසරක් ගතවෙද්දී යළි ත් මහබැංකුව කොල්ල කෑවේ ජනතාව ගැන කිසිදු හැඟීමකින් තොරවයි. රටේ වැඩකරන ජනතාවට ඇති එකම අරමුදල වූ සේවක අර්ථ සාධක අරමුදලද එමගින් කොල්ල කෑ මේ කල්ලිය අවුරුදු 30 ක් පුරා රටේ ජනතාවට දුක් විදින්නට අවස්ථාව සලසා තිබේ. බැඳුම්කර හොරුන්ට ඉදිරි මැතිවරණයකදී මුහුණදීමට ඇති ප්‍රබලතම අභියෝගය මේ හොරකම් හෙළිකරන මාධ්‍යයි. විවිධ මුහුණුවරින් මාධ්‍ය මර්දනය කරන්නට මේ කල්ලිය උත්සාහ කරන්නේ හොරකම් වසන් කර ගැනීමට ද? https://www.youtube.com/watch?v=W5KBYYikPgw
2019-02-14T06:53:26.000Z
කුඩු ජාවාරම්කරුවෙකු සමග පොරබැදූ පොලිස් නිලධාරියෙකුට වෙඩිවදී...
කුඩු ජාවාරම්කරුවෙකු සමග පොරබැදූ සැරයන්ට වෙඩි වදී
COLOMBO (News 1st) : කඩවතදී අද පස්වරුවේ සිදුවූ වෙඩි වැදීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබේ. කඩවත නගරයේ ත්‍රිරෝද රථයක පුද්ගලයකු හෙරොයින් ළඟ තබාගෙන සිටින බවට ලද තොරතුරක් මත පොලීසිය වැටලීමක් සිදුකර තිබේ. පොලීසිය පැවසුවේ, එහිදී ත්‍රිරෝද රථය සමග සැකකරු අත්අඩංගුවට ගෙන කඩවත පොලිස්ථානයට රැගෙන ඒමට සුදානම් වූ අවස්ථාවේදී පොර බැදීමක් සිදුවූ බවයි. එහිදී පොලිස් නිලධාරියා සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මකවී ඔහුගේම අතට වෙඩි වැදී තිබේ. පොලීසිය පැවසුවේ, තුවාල ලැබූ පොලිස් නිලධාරියා රාගම රෝහලට ඇතුළත් කළ බවයි. සැකකරු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 10 ක්ද සොයාගෙන තිබේ. ත්‍රිරෝද රථයේ සිටි සැකකරුගේ මව, බිරිඳ සහ දරුවෙකු ද පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=6gSGna4EuqM
2019-02-14T06:37:41.000Z
මුහුදෙන් රීයුනියන් ගොස් සිහින බොඳ කරගත් 64 ක් ගුවනින් යළි දිවයිනට
මුහුදෙන් රීයුනියන් ගිය 64 ක් ගුවනින් යළි දිවයිනට
COLOMBO (News 1st) : නීතිවිරෝධීව ප්‍රංශයට අයත් රීයුනියන් දුපතට ගොස් එරට ආරක්ෂක අංශ භාරයට පත් ශ්‍රී ලාංකිකයින් 64 දෙනා ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ. ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, ඔවුන් ප්‍රංශයේ සිට විශේෂ ගුවන් යානයකින් අද පස්වරුවේ මෙරටට පැමිණි බවයි. එම ශ්‍රී ලාංකිකයින්ගෙන් රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන්, මෙරට පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයේ නිලධාරීන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගත් බව ගුවන් තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ ය. 'ප්‍රංශසා' නමැති මෙරට බහුදින ධීවර යාත්‍රාවක් මගින් මෙම පිරිස ප්‍රංශයේ රීයුනියන් දුපතට නීතිවිරෝධිව සංක්‍රමණය වී ඇත්තේ පසුගිය 5 වැනිදායි. ඒ සඳහා යාත්‍රාවේ නියමුවා ලෙස කටයුතු කළ පුද්ගලයා රුපියල් ලක්ෂය සිට ලක්ෂ 10 ක් දක්වා මුදලක් අය කරගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
2019-02-14T05:36:48.000Z
අල්ලස් ගත් ගාල්ලේ විදුහල්පතිනිය රක්ෂිත බන්ධනාගාරයට
අල්ලස් ගත් ගාල්ලේ විදුහල්පතිනිය රක්ෂිත බන්ධනාගාරයට
COLOMBO (News 1st) : රුපියල් ලක්ෂයක අල්ලසක් ලබාගත් ගාල්ල ප්‍රදේශයේ ජනප්‍රිය බාලික පාසලක විදුහල්පතිනිය ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ සැකකාර විදුහල්පතිනිය අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ, පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් කිරීම සඳහා ඇය මෙම අල්ලස ලබාගෙන ඇති බවයි. විදුහල්පති නිල කාමරයේදී අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ ඇය අත්අඩංගුවට ගැනිණ.
2019-02-14T04:51:59.000Z
හොර පාරෙන් රට පනින්න හැදූ 22ක් සියඹලාණ්ඩුවේදී අත්අඩංගුවට
හොර පාරෙන් රට පනින්න හැදූ 22ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : නීතිවිරෝධීව විදේශගත වීමට සූදානමින් සිටි පුද්ගලයින් 22 කු සියඹලාණ්ඩුව ප්‍රදේශයේ නවතැන්පොළකදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ජාවාරම මෙහෙය වූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, තිස්සමහරාම , පන්නේගමුවේ ප්‍රදේශයේදීයි. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව ඒකාබද්ධව මෙහෙයුම ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
2019-02-14T01:25:47.000Z
මුහුදේ සුළං වේගය අඩුවන ලකුණු...
මුහුදේ සුළං වේගය අඩුවන ලකුණු...
COLOMBO (News 1st) - දිවයින සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්‍රමයෙන් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතින බවය. මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊශාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 30 - 40 අතර විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, මන්නාරම සිට කොළඹ හරහා බලපිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින විට පැයට කිලෝමීටර් 50 - 55ක් දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි. ඒ පිළිබඳ ධීවර සහ නාවුක ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
2019-02-14T00:43:38.000Z
සීගිරියේ නැරඹුම් වේලාවන් වෙනස් කෙරේ
සීගිරියේ නැරඹුම් වේලාවන් වෙනස් කෙරේ
COLOMBO (News 1st) - හෙට සිට සීගිරියේ නැරඹුම් වේලාවන් සංශෝධනය කිරීමට පියවර ගත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව උදෑසන 06.30 සිට සීගිරිය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාව ලබාදීමට පියවර ගෙන ඇති බවයි.
2019-02-14T00:28:04.000Z
‍මරදානේ මගී ගුවන් පාලමේ ගැටුණු ජීප් රථයකින් කේරල ගංජා තොගයක් මතුවෙයි...
මරදානේ ජීප් රථයක කේරල ගංජා කිලෝ 68 හමුවෙයි
COLOMBO (News 1st) - කේරල ගංජා සමග මරදාන මගී ගුවන් පාලම ආසන්නයේදී අනතුරකට ලක් වූ ජීප් රථයේ හිමිකාරියගේ සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ ජීප් රථයේ හිමිකාරිය මැදපෙරදිග සේවය කරන බවට තොරතුරු ලැබී ඇති බවයි. ඇයට අයත් මෙම වාහනය කුලී පදනම මත බම්බලපිටිය හෝටලයකට ලබා දී ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත. අදාළ වාහනයේ හිමිකාරිණිය විදෙස් ගතව ඇති බැවින්, එහි භාරකරු ලෙස කටයුතු කරන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයායි. පොලීසිය ප්‍රකාශ කළේ, කුලී පදනම මත අදාළ ජීප් රථය ලබා ගෙන ඇති පුද්ගලයින් එය කේරල ගංජා ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති බවට සැකකරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන්, විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වේ. අද අලුයම මරදාන මගී ගුවන් පාලමේ ගැටුණු ජීප් රථයේ තිබී සොයාගත් කේරල ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 68 කට අධිකයි. එම කේරල ගංජා තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිත බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලීසිය පැවසුවේ, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කර ගනිමින් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවයි.
2019-02-14T00:08:13.000Z
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැනීම තාවකාලිකව අත්හිටුවයි
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැනීම අත්හිටුවයි
COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැනීම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට තාවකාලිකව අත්හිටුවන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියලුම වැලි කැනීම් බලපත්‍ර හෙට සිට ලබන 28 වැනි දා දක්වා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවය. අවිධිමත් වැලි කැනීම් හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ආශ්‍රිතව සිදුවන පාරිසරික විනාශයන් හා අනවසර වැලි කැනීම් පිළිබඳ ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, දිස්ත්‍රික්කය තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් ද පත් කර ඇති බවයි. එම කණ්ඩයම පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විතයි.
2019-02-13T22:29:57.000Z
ඉරානයේ බෝම්බ ප්‍රහාරයකින් 27 දෙනෙකු මරුට
ඉරානයේ බෝම්බ ප්‍රහාරයකින් 27 දෙනෙකු මරුට
දකුණු දිග ඉරානයේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ සාමාජිකයින් 27 දෙනකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉරාන - පාකිස්ථානය දේශ සිමා ආසන්නයේ පිහිටි සිස්ටාන් - බලුචිස්තාන් ප්‍රාන්තය ආසන්නයේදී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි. සුන්නි මුස්ලිම් සටන්කාමී කණ්ඩායම වන ජේෂ් අල්-ඇඩ්ල් නම් කණ්ඩායම විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට එරට ආරක්ෂක අංශ සැක පළ කරනු ඇත. 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසුව පිහිටුවන ලද ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය ඉරානයේ ප්‍රධාන මිලිටරි, දේශපාලනික හා ආර්ථික බලවේගයක් ලෙස සැලකෙයි.
2019-02-13T20:56:34.000Z
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පාකිස්ථාන ගෞරව පදක්කමකින් පිදුම් ලබයි...!
ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ගෞරව පදක්කමින් පිදුම් ලබයි
COLOMBO (News 1st) - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට පාකිස්ථාන නිෂාන් ඊ ඉමිටියාස් මිලිටරි නැමැති ගෞරවාන්විත හමුදාමය පදක්කම ඊයේ පිරිනමා තිබේ. ඒ, පාකිස්ථාන ජනාධිපති අරිෆ් අල්වි මහතා අතිනි. ඉස්ලාමාබාද් අගනුවර පැවති විශේෂ උත්සවයකදී මෙම පදක්කම පිරිනමා ඇත. මෙම සම්මානය සුවිශේෂි ජයග්‍රහණයන් උදෙසා එරට සිවිල් පුද්ගලයන්ට සහ හමුදා සමාජිකයින්ට පිරිනමනු ලබන ඉහළම ඇගයීම් සම්මානය ලෙස හැඳින්වෙනු ඇති. අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා 1995 දී පාකිස්ථානයේ කරච්චි විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියක් ලබා ගෙන තිබේ.
2019-02-13T20:39:38.000Z
හදිසියේ වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය අක්‍රීය වී ඇතැයි හෙළිවෙයි
විදුලි සෝපානය අක්‍රීයවීමට හේතුව කාර්මික දෝෂයක් ?
COLOMBO (News 1st) - හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය අක්‍රීය වී ඇති බවට මේ වන විට තහවුරු වී ඇතැයි පාර්ලිමේන්තු පාලනාධිකාරිය පවසයි. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ, විදුලි සෝපානවල තත්ත්වය පිළිබඳ සොයා බලන විදුලි සෝපාන සවිකළ පුද්ගලික සමාගමේ නිලධාරීන් ඒ බව තහවුරු කළ බවයි. මගී ධාරිතාව ඉක්මවා යාම සමග ඇති වූ දෝෂයක් හේතුවෙන් එම විදුලි සෝපානය හදිසියේ අක්‍රීය වී ඇති බව මේ වන විට තහවුරු වී ඇතැයි ද පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, පවතින තත්ත්වය හමුවේ දැනට ක්‍රියාත්මක විදුලි සෝපාන වෙනුවට නව විදුලි සෝපාන සවි කළ යුතු බවට ද අදාළ සමාගමේ නිලධාරීන් දැනුම් දුන් බවය. පාර්ලිමේන්තුවේ දැනට ඇති විදුලි සෝපාන වසර 36 කට අධික කාලයක් පැරණි ඒවා බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. ධම්මික දසනායක මහතා සඳහන් කළේ, නව විදුලි සෝපාන සවි කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන ඇති බවයි. එම අනුමැතිය ලද විගස අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන බව ද ඔහු පැවසුවේ ය. මේ අතර ඊයේ භාරදීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විදුලි සෝපානවල තත්ත්ව පරීක්ෂණ වාර්තාව අද කථාතනාකවරයා වෙත භාරදීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ, එම වාර්තාවේ අතුරු වාර්තාවක් පමණක් ඊයේ භාරදුන් බවයි. ඒ අනුව විදුලි සෝපාන සම්බන්ධයෙන් කළ සම්පුර්ණ පරීක්ෂණයේ වාර්තාව අද නිකුත්වීමට නියමිතයි. මේ වන විට පාර්ලිමේන්තුවේ සවිකර ඇති විදුලි සෝපාන සංඛ්‍යාව 10 ක්. ඉන් දෙකක් මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන්කර තිබේ. පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ඉන් එක් විදුලි සෝපානයක සිරවීමත් සමග එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලුවක් හටගත්තේ ය. මේ අතර ආරක්ෂිත පියවරක් ලෙස මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන්කර ඇති විදුලි සෝපානවල වරකට 6 දෙනෙකු පමණක් ගමන් ගන්නා ලෙසට දැනුම්දීමට හා විදුලි සෝපාන ක්‍රියාකරුවෙකු ඒ සඳහා යෙදවීමට ද පසුගිය දා පාර්ලිමේන්තු පාලනාධිකාරිය තීරණය කළේ ය.
2019-02-13T20:22:33.000Z
එල්ලුම් ගස සඳහා නව කඹයක් ලබා ගැනීමට පියවර
එල්ලුම් ගස සඳහා නව කඹයක් ලබා ගැනීමට පියවර
COLOMBO (News 1st) - එල්ලුම් ගස සඳහා විදෙස් රටකින් නව කඹයක් ලබා ගැනීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ, දැනට පවතින කඹය ඒ සඳහා සුදුසු නොවන බව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මීට පෙර කළ දැනුම්දීමක් අනුව මෙම පියවර ගත් බවයි. ඒ අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කඹය සිංගප්පුරුව, මැලේසියාව, පකිස්ථානය, බංගලාදේශය සහ ඉන්දියාව යන රටවලින් ගෙන්වීමට අවශ්‍ය කටයුතු කරන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දී ඇති බව ද බන්ධනාගාර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, මීට පෙර මෙරටට ලැබී ඇති කඹය ද පරිත්‍යාගයක් ලෙස ලැබී ඇති බවයි. මෙරට දැනට පවතින කඹය 2015 වසරේ පකිස්ථානයෙන් මෙරටට ලැබී ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේ ය. මේ අතර අලුගෝසු තනතුරට දෙදෙනෙකු බඳවා ගැනීම සඳහා අයැදුම්පත් භාර ගැනීම පසුගිය සඳුදා ආරම්භ කෙරිණි. අයැදුම්පත් කැඳවීම ලබන 25 වන දායි අවසන්වීමට නියමිත වේ. මේ අතර එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට අදාළ වෙනත් උපකරණ ලබා ගැනීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මරණ දඬුවම නියම වි සිටින දරුණු ගණයේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් ගන්නා ක්‍රියාමාර්ගවලට පහසුකම් සැලසීම මෙහි අරමුණ බවයි. මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ රැඳවියන්ගේ නම් ලැයිස්තුව ජනවාරි 25 වන දා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දෙනු ලැබුවේ ය. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ, නීතිපතිවරයාගේ නිර්දේශය සහිතව එම ලැයිස්තුව භාරදුන් බවයි. එම ලැයිස්තුවට අනුව මරණ දඬුවම නියම වී ඇති රැඳවියන් සංඛ්‍යාව 17 කි. ශ්‍රී ලංකාව තුළ අවසන් වරට මරණ දඬුවම ක්‍රියාත්මක වී ඇත්තේ 1976 වසරේ ය. ඒ, වැලිකඩ බන්ධනාගාරයේදී යි. එහිදී චන්ද්‍රදාස නැමැත්තෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.
2019-02-13T20:07:41.000Z
රීයුනියන් දූපත් වෙත සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් යළි දිවයිනට
රීයුනියන් දූපත් වෙත ගිය ශ්‍රී ලාංකිකයින් දිවයිනට
COLOMBO (News 1st) - නීති විරෝධිව ප්‍රංශයට අයත් රීයුනියන් දුපතට ගොස් එරට ආරක්ෂක අංශ භාරයට පත් ශ්‍රී ලාංකිකයින් 70 දෙනා අද මෙරටට යළි හරවා එවීමට ප්‍රංශ බලධාරීන් පියවර ගෙන තිබේ. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර විමර්ශන අධ්‍යක්ෂ ජනක රත්නායක මහතා සඳහන් කළේ, එම සංක්‍රමණිකයින් පිරිස රැගත් ගුවන් යානය අද පෙරවරුවේ මෙරටට ළඟාවීමට නියමිතව ඇති බවයි. ප්‍රංශයට අයත් ගුවන් යානයකින් එම පිරිස මෙරටට එවන බවට දැනුම් දී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. ඉකුත් ජනවාරි 9 වැනි දා මීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය යාත්‍රාවක් අතුරුදන්ව ඇති බවට ධීවර යාත්‍රාවේ හිමිකරු ඉකුත් ජනවාරි 26 වන දා මීගමුව පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි. එලෙස අතුරුදන්ව තිබුනේ 'වේ ප්‍රශංසා' නැමැති බහු දින ධීවර යාත්‍රාවයි. පැමිණිල්ල අනුව කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ යාත්‍රාවේ නියමුවා ලෙස කටයුතු කළ පුද්ගලයා රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 10 දක්වා මුදලක් අයකර ගනිමින් පුද්ගලයින් 70 දෙනෙකු ප්‍රංශයට අයත් රීයුනියන් දුපත වෙත ගෙන ගොස් ඇති බවයි. අදාළ පිරිස රීයුනියෙන් දුපත වෙත ළඟා වී තිබුනේ පෙබරවාරි 05 වැනි දාය. මේ අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 160 දෙනෙකු ප්‍රංශයට අයත් රීයුනියන් දූපත් වෙත සංක්‍රමණය වී තිබේ. ධීවර දෙපාර්තමේන්තුව පැවසුවේ, එම පිරිස් අතුරින් 14 කට අධික පිරිසක් යළි මෙරටට හරවා ඒවා ඇති බවයි. සංවිධානාත්මක කල්ලියක් විසින් මෙම මිනිස් ජාවාරම සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2019-02-13T19:34:59.000Z
අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන්
අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව අද යි
COLOMBO (News 1st) - පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන මගින් සංවිධානය කරන අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව අද පැවැත්වීමට නියමිතවේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම සමුළුවේදී දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදී සිටින පරිසර ගැටලු පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදෙන වන අලි ගැටලුව සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති. මේ අතර මෙරට ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇති කසළ කළමනාකරණය ජල ප්‍රභවයන් ආරක්ෂා කර ගැනීම වන සංරක්ෂණය යන කරුණු පිළිබඳව ද පුළුල් අවධානයක් මෙහිදී යොමු කිරීමට නියමිත වේ. පරිසර අමාත්‍යාංශය තමා යටතට පවරාගැනීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතියට හඳුන්වාදුන් පුළුල් වූ පරිසර සංරක්ෂණ ජාතික වැඩපිළිවෙළ වන්නේ නීල - හරිත යුගයක් අනාගත ශ්‍රී ලංකාවේ බිහි කරලීම උදෙසා වන ක්‍රියාදාමයයි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සියල්ලම ඒකාබද්ධ කර ගනිමින් මෙම පුළුල් වැඩසටහන මේ වන විට ශක්තිමත්ව ක්‍රියාවට නංවා ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට පළතුරු පැළ බෙදාදීම සහ පළතුරු වගා ව්‍යාපෘති සඳහා මූල්‍යාධාර ලබාදීම දිස්ත්‍රික්කයේ මී පැළ දහසක් සිටුවීමේ ව්‍යාපෘතියකට මූල්‍යාධාර ලබාදීම, පූජා නගරයේ අවිධිමත් කසළ කළමනාකරණය වැළැක්වීමේ නව ව්‍යාපෘතියකට ප්‍රතිපාදන ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් අද ජනාධිපතිතුමාගේ ප්‍රධනත්වයෙන් සිදු කිරීමට නියමිතව වේ.
2019-02-13T19:10:31.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. අගමැතිට හා අධ්‍යාපන ඇමතිට කුරුණෑගලදී මහජන විරෝධය: ළඟම පාසල හොඳම පාසල යටතේ ඉදිවූ කුරුණෑගල විශ්වෝදා ජාතික පාසල අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කෙරිණි. එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආරාධිතයින්ට උත්සව භූමියට පැමිණීමට ද බාධා එල්ල වූ අතර ආරාධිතයින්ට මාර්ගය විවෘත කර දීමට පොලීසියට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය. 2. පළාත් සභා මැතිවරණය ගැන තීන්දුවක් ගැනීමට පක්ෂ නායක රැස්වීමක්: සියලු පළාත් සභාවල මැතිවරණය මැයි මස 31 වන දාට පෙර පැවැත්වීමට ජනාධිපතිතුමා කළ යෝජනාව පිළිබඳව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පවත්වා තීන්දුවක් ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 3. නාලක ද සිල්වා, අමල් පෙරේරා හා මාකඳුරේ මධුෂ් සමග සබඳතා පවත්වා ඇත්දැයි පරීක්ෂණ: හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ගායන ශිල්පී අමල් පෙරේරා යන මහත්වරුන් සහ මාකඳුරේ මධුෂ් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වා ඇති බවට වන තොරතුරු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ. 4. අතිරේක විදුලිය මිලදී ගැනීම්වලට අදාළව අමාත්‍ය මණ්ඩලයෙන් විදුලිබල අමාත්‍යංශ ලේකම්ට නියෝගයක්: කෙටි කාලීන පදනම මත අතිරේක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමට අදාළව ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව යමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියට යටත්ව ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍ය මණ්ඩලය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කර තිබේ. 5. පොලිස් නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් අධිකරණයට භාර වූ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප: පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇප මත මුදා හැරිණි. විදෙස් පුවත් 6. බෙල්ජියමේ ගුවන් ගමන් නවතී: වැඩවර්ජනයක් හේතුවෙන් බෙල්ජියමේ සියලු ගුවන් ගමන් පැය 24 කට අවලංගු කෙරෙන බව එරට ගුවන් ගමන් පාලන ඒකකය නිවේදනය කළේ ය.
2019-02-13T11:03:11.000Z
මාස 8කට පසු SSC රථ ගාලට ආ සුඛෝපභෝගී වාහනය කාගේ ද?
මාස 8කට පසු SSC රථ ගාලට ආ සුඛෝපභෝගී වාහනය කාගේ ද?
COLOMBO (News 1st) - පසුගිය වසරේ ජුනි මස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙන් වූ සුඛෝපභෝගී රථයක් මාස 8කට පමණ පසුව එස්.එස්.සී රථ ගාලට ගෙනවිත් තිබෙන බවට තොරතුරු වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් වෙනුවෙන් මිලදී ගත් සුඛෝපභෝගී ජිප් රථ කිහිපයක් පසුගිය දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයේ ගාල් කර තිබිණි. පසුගිය පරිපාලනය සමයේ මෙවැනි සුඛෝපභෝගී ජිප් රථ 08ක් මිලදී ගැනීමට අනුමැතිය හිමිව තිබූ අතර, ඒ අනුව මිලදී ගත් වාහන අතර මෙතෙක් දක්නට නොලැබුණු ජීප් රථයක් ඊයේ එස්.එස්.සී රථ ගාලට ගෙනවිත් ඇතැයි ස්පෝර්ට්ස් ෆස්ට් වෙත වාර්තා විය. ඒ අනුව අප කළ සොයා බැලීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයේ පිටුපස පිවිසුම් දොරටුවෙන් එස්.එස්.සී. රථ ගාලට ඇතුළු වන ස්ථානයේ අදාළ සුඛෝපභෝගී ජීප් රථය නවතා තිබිණි. මෙතෙක් කල් මෙම ජීප් රථය භාවිත කළේ කවුරුන් ද යන්න පිළිබඳව නිසි තොරතුරු වාර්තා නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ය.
2019-02-13T10:01:09.000Z
අගමැතිට හා අධ්‍යාපන ඇමතිට කුරුණෑගලදී මහජන විරෝධය
අගමැතිට හා අධ්‍යාපන ඇමතිට කුරුණෑගලදී මහජන විරෝධය
COLOMBO (News 1st) - ළඟම පාසල හොඳම පාසල යටතේ ඉදිවූ කුරුණෑගල විශ්වෝදා ජාතික පාසල අද සිසු අයිතියට පත් කෙරිණි. ඒ, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. අග්‍රාමාත්‍යවරයා උත්සවයට සහභාගී වීම සඳහා පැමිණෙන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීහු විරෝධතාවක නිරත වූහ. ඒ, අද ආරම්භ වන නව පාසලට ඒ අවට ප්‍රදේශවල සිසුන් ඇතුළත් කර නොගන්නා බවට චෝදනා කරමිනි. මේ හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආරාධිතයින්ට උත්සව භූමියට පැමිණීමට ද බාධා එල්ල වූ අතර ආරාධිතයින්ට මාර්ගය විවෘත කර දීමට පොලීසියට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය. දැඩි පරිශ්‍රමයකින් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසට උත්සව භූමියට යාම සඳහා මාර්ගය විවෘත වූ අතර, උද්ඝෝෂකයින් විසිර ගියේ අකිල විරාජ් කාරියවසම් මහතා පැමිණ ලබා දුන් පොරොන්දුවක් මත ය.
2019-02-13T09:51:36.000Z
පළාත් සභා මැතිවරණය ගැන තීන්දුවක් ගැනීමට පක්ෂ නායක රැස්වීමක්
පළාත් සභා මැතිවරණය ගැන සති 2ක් තුළ තීන්දුවක්
COLOMBO (News 1st) - සියලු පළාත් සභාවල මැතිවරණය මැයි මස 31 වන දාට පෙර පැවැත්වීමට ජනාධිපතිතුමා කළ යෝජනාව පිළිබඳව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පවත්වා තීන්දුවක් ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. සති දෙකක් ඇතුළත එම රැස්වීම කැඳවීමට නියමිත ය. ජනාධිපතිතුමා මීට දෙසතියකට පෙර සියලු පළාත් සභාවල මැතිවරණය ලබන මැයි මස 31 වන දාට පෙර මනාප ඡන්ද ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවට යෝජනා කරමින් විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ ය. ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිතුමා කළ යෝජනාව පිළිබඳව විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සිය නිරීක්ෂණ ඉදිරිපත් කර තිබේ. පළාත් සභා සියල්ලේම මැතිවරණ එකම දිනයකදී පවත්වන්නේ නම් දැනට නිල කාලය අවසන් වී නොමැති පළාත් සභා විසුරුවා හැරීමට මහ ඇමැතිවරුන්ගේ කැමැත්ත ගැනීමට ලිපි ලබා ගත යුතු බවත් පැවැති ක්‍රමයට මැතිවරණය පැවැත්වීම සඳහා පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කළ යුතු බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සිය නිරීක්ෂණ මගින් පෙන්වා ඇතැයි සඳහන් ය.
2019-02-13T09:36:25.000Z
නාලක ද සිල්වා , අමල් පෙරේරා හා මාකදුරේ මධුෂ් සමග සබඳතා පවත්වා ඇත්දැයි පරීක්ෂණ
නාලක සිල්වා මධුෂ් සමග සබඳතා පවත්වා ඇත්දැයි පරීක්ෂණ
COLOMBO (News 1st) - හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ගායන ශිල්පී අමල් පෙරේරා යන මහත්වරුන් සහ මාකදුරේ මධුෂ් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වා ඇති බවට වන තොරතුරු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ගායන ශිල්පී අමල් පෙරේරා මහතා සහ මාකදුරේ මධුෂ් යන අයගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බව ය. ඊට ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගන්නා බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේදී කියා සිටියේ ය. එම දෙපාර්තමේන්තුව අධිකරණයේදී අනාවරණය කළේ, 2016 වසරේ ජුලි මස 21 වන දා ගායන ශිල්පී අමල් පෙරේරා මහතා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා හමු වීමට ඔහුගේ කාර්යාලයට පැමිණ ඇති බව ය. ඒ තුළින් ඔවුන්ගේ සබඳතාව පිළිබඳව පැහැදිලි වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අමල් පෙරේරා මහතා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලයට පැමිණි අවස්ථාවේ එහි රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකු කුමන කාරණයකට පැමිණියේ දැයි අමල් පෙරෙරා මහතාගෙන් විමසීමක් කර ඇති බව ය. නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා එම අවස්ථාවේ කෝපයට පත්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේදී ප්‍රකාශ කළේ ය. එමෙන් ම අදාළ පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කර ඔහු පුහුණුවකට අනුයුක්ත කර ගල්කිස්ස පොලිස් ස්ථානයට මාරු කිරීම ඇතුළු දඬුවම් 3ක් ලබා දී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. මේ අතර මෙම කරුණු අනාවරණය වූයේ ජනාධිපතිතුමා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේදී ය. ඊට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ ඉන්දීය ජාතික මර්සිලි තෝමස් නමැත්තා මේ මස 27 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළේ ය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පොලීසියට නියෝග කළේ, අදාළ ඉන්දීය ජාතිකයා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව මීළඟ නඩු දිනයේදී කරුණු දක්වන ලෙස ය. මේ අතර ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින මාකදුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් සපුගස්කන්ද ප්‍රදේශයේ නිවසක් අද පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවට ලක් කෙරිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, එම කාන්තාවගේ ඥාතිවරියකට අයත් බව කියන නවීන වෑන් රථයක් සහ ඥාතිවරයෙකුට අයත් බව කියන ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් මෙහිදී පොලිස් භාරයට ගත් බව ය. මාකදුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගැනුණු කංචිපානි ඉම්රාන්ගේ සගයෙකු බවට සැක කරන මොහොමඩ් නියාස් මොහොමඩ් අස්වර් නමැති 37 හැවිරිදි පුද්ගලයෙකු ද අද අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් මිලදී ගත් බවට සැක කෙරෙන මාලිගාවත්ත ප්‍රදේශයේ කංචිපානි ඉම්රාන්ට අයත් ගොඩනැගිල්ලක් භාරව සිට තිබේ.
2019-02-13T07:03:51.000Z
අතිරේක විදුලිය මිලදී ගැනීම්වලට අදාළව අමාත්‍ය මණ්ඩලයෙන් විදුලිබල අමාත්‍යංශ ලේකම්ට නියෝගයක්
අමාත්‍ය මණ්ඩලයෙන් විදුලිබල අමාත්‍යංශ ලේකම්ට නියෝග
COLOMBO (News 1st) - කෙටි කාලීන පදනම මත අතිරේක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමට අදාළව ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව යමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියට යටත්ව ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍ය මණ්ඩලය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කර තිබේ. අමාත්‍ය මණ්ඩලය අදාළ නියෝගය කර තිබෙන්නේ, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉකුත් ජනවාරි 28 වන දා කැබිනට් ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයා වෙත යොමු කළ ලිපියේ කරුණු සැලකිල්ලට ගනිමිනි. කෙටි කාලීන පදනම මත අතිරේක විදුලිය මිලදී ගැනීමට අනුමැතිය ඉල්ලා විෂය භාර අමාත්‍යවරයා ඉදිරිපත් කළ සංදේශයකට ඉකුත් ජනවාරි මස 11 වන දා අනුමැතිය හිමි විය. එම සංදේශයෙන් විෂය භාර අමාත්‍යවරයා ඉල්ලා තිබුණේ, හදිසි අවශ්‍යතාවක් මත අදාළ විදුලිය ධාරිතාව මිලදී ගත යුතු බැවින් එය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ බලය විෂය භාර අමාත්‍යංශ ලේකම්වරයාට ලබා දෙන ලෙස ය. එහෙත් ජනවාරි මස 28 වන දා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ස්ථාවර කැබිනට් ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයා වෙත යොමු කළ ලිපියෙන් අවධාරණය කර තිබුණේ, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ටෙන්ඩර් කැඳවා විදුලිය මිලදී ගැනීමට යාමේදී තම කොමිසමේ පූර්ව අනුමැතිය ලබා ගත යුතුව තිබෙන බව ය. මෙම කරුණු පිළිබඳව පසුගිය ජනවාරි මස 26 වන දා විමර්ශන තුළින් අපි අනාවරණය කළෙමු.
2019-02-13T05:36:27.000Z
බලංගොඩ, නවනැලිය ඔයේ තිබී සොයා ගත් තරුණියගේ මරණයට හේතුව ඝාතනයක් බවට හෙළි වෙයි
නවනැලිය ඔයෙන් සොයා ගත් තරුණියගේ මරණය ඝාතනයක්
COLOMBO (News 1st) - බලංගොඩ, නවනැලිය ඔයේ තිබී සොයා ගත් තරුණිය ගෙළ සිර කර ඝාතනය කර ඇතැයි අනාවරණය වී තිබේ. ඒ, බලංගොඩ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එල්.කේ.සී.ටී. ආරියරත්න මහතා සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණියගේ ඥාතියෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. පෙරේදා පස්වරුවේ නිවස ආසන්න ප්‍රදේශයකදී අතුරුදන් වූ 20 හැවිරිදි තරුණියගේ මළ සිරුර ඊයේ උදෑසන සොයා ගැනුණේ නවනැලිය ඔයේ තිබියදී ය.
2019-02-13T05:20:12.000Z
පොලිස් නිලධාරියෙකුට පහර දීම සම්බන්ධයෙන් අධිකරණයට භාර වූ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
COLOMBO (News 1st) - පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද ඇප මත මුදා හැරිණි. ඒ, ඔහු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාර වීමෙන් අනතුරුව ය. එහිදී රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප සහ රුපියල් 10,000ක මුදල් ඇප මත ඔහු මුදා හරින්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. ඊට අමතරව සෑම සතියකම ඉරු දින බණ්ඩාරවෙල පොලීසියට පැමිණෙන ලෙස ද චමින්ද විජේසිරි මහතාට නියෝග කර තිබේ. ඔහුගේ ආරක්ෂක නිලධාරියා ද රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප සහ රුපියල් 10,000ක මුදල් ඇප මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම ඉරු දිනකම බණ්ඩාරවෙල පොලීසියේ පෙනී සිටින ලෙස ද නියෝග කළේ ය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ රියැදුරු අතර ගැටුමක් ඇති වූයේ පසුගිය ඉරිදායි. එහිදී තුවාල ලැබූ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කෙරිණි. තමාට ද පහර දීමක් සිදු වූ බව පවසමින් චමින්ද විජේසිරි මහතාගේ රියැදුරු ද දියතලාව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා අත්අඩංගුවට ගත්තේ ය.
2019-02-13T05:01:01.000Z
කාල නීර්ණය සඳහා අමෙරිකාවට යැවූ මන්නාරම සමූහ මිනී වළේ අස්ථි කොටස්වල වාර්තාව හෙට
මන්නාරම සමූහ මිනී වළ: කාල නීර්ණ වාර්තාව හෙට
COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනී වළෙන් ලබා ගත් අස්ථි කොටස් සාම්පලවල කාල නීර්ණ වාර්තාව හෙට ලැබෙනු ඇතැයි වාර්තා වේ. අදාළ සාම්පල කාල නීර්ණය සඳහා අමෙරිකාවේ බීටා ඇනලයිසිස් ආයතනය වෙත යැවුණේ ඉකුත් 25 වන දා ය. මේ වන විට මිනී වළෙන් හමු වී ඇති ඇටසැකිළි සංඛ්‍යාව 316ක් වන අතර ඉන් 307ක් ගොඩගෙන ඇතැයි කැණීම් භාර මන්නාරම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, ඉන් 26ක් ළමයින්ගේ ඇටසැකිළි බව ය. මිනී වළෙන් ලබා ගත් සාම්පල කාල නීර්ණය සඳහා අමෙරිකාවට යැවීමේ කටයුතු හේතුවෙන් එහි කැණීම් පසුගිය 21 වන දා සිට තාවකාලිකව නතර කෙරුණු අතර ඉකුත් 30 වන දා එම කැණීම් යළි ආරම්භ විය.
2019-02-13T02:47:32.000Z
මන්ත්‍රී චමින්ද විජේසිරි අධිකරණය හමුවට
මන්ත්‍රී චමින්ද විජේසිරි අධිකරණය හමුවට
COLOMBO (News 1st) : පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදුන් බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා භාරවීම සඳහා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා , ඔහුගේ ආරක්ෂක නිලධාරීයා සහ රියදුරු අතර ගැටුමක් ඇතිවූයේ පසුගිය ඉරිදායි. එහිදී තුවාල ලැබූ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් කොස්තාපල්වරයකු බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කෙරිණ. තමාට ද පහරදීමක් සිදු වූ බව පවසමින් චමින්ද විජේසිරි මහතාගේ රියදුරු ද දියතලාව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා අත්අඩංගුවට ගැනිණ.
2019-02-13T02:25:20.000Z
රැකියා විරහිත උපාධිධාරී විරෝධතාවට පොලීසියෙන් කඳුළුගෑස්
රැකියා විරහිත උපාධිධාරී විරෝධතාවට කඳුළුගෑස්
COLOMBO (News 1st) : රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේ ය. විරෝධතාව පැවැත්වෙන්නේ කොළඹ ලෝටස් පාර අවහිර කරමිනි. මේ හේතුවෙන් සෙරමික් හන්දිය සහ එන්. එස්. ඒ. වටරවුම ප්‍රදේශය වසා දමා ඇතැයි පොලීසිය පවසයි. එම මාර්ග භාවිත කරන රියැදුරන්ට පොලීසිය දැනුම් දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
2019-02-13T02:09:46.000Z
විග්නේශ්වරන්ගේ විරෝධතා අභියාචනාධිකරණය ඉවතදමයි
විග්නේශ්වරන්ගේ විරෝධතා අභියාචනාධිකරණය ඉවතදමයි
COLOMBO (News 1st) : අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුළු තිදෙනෙකු ගොනු කළ මූලික විරෝධතා අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය. ජනක් ද සිල්වා සහ කුමුදුනි වික්‍රමසිංහ යන විනිසුරුවරුන් එහිදී නියෝග කළේ උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන්, ආනන්දි සසිදරන් සහ කේ. සිවනේශන් යන අයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යාමටයි. ඒ අනුව අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කිරීමට අභියාචනාධිකරණයට බලයක් ඇති ඇතැයි ද විනිසුරුවරු අවධාරණය කළහ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කටයුතු කිරීමට අභියාචනාධිකරණයට බලයක් නැතැයි පවසමින් විග්නේශ්වරන් මහතා ඇතුළු තිදෙනා විසින් මීට පෙර මූලික විරොධතා ඉදිරිපත් කර තිබිණ. විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය අදාළ නඩු කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇති බැවින් නව විනිසුරු මඩුල්ලක් තීරණය කිරීම සඳහා නඩුව පෙබරවාරි 15 දා කැඳවීමට නියමිතයි. උතුරු පළාත් සභාවේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ බි. ඩෙනීෂ්වරන් මහතා හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව අදාළ නඩුව ගොනු කළේ ය. ඒ උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී. ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහත ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවට වන පැමිණිල්ලකට අනුවයි.
2019-02-13T01:01:37.000Z
විදුලි සෝපාන තත්ත්ව පරීක්ෂණ වාර්තාව අද කථානායකට
විදුලි සෝපාන තත්ත්ව පරීක්ෂණ වාර්තාව අද කථානායකට
COLOMBO (News 1st) : පාර්ලිමේන්තුවේ විදුලි සෝපානවල තත්ත්ව පරීක්ෂණ වාර්තාවක් අද කථානාකවරයා වෙත භාරදීමට නියමිතයි. ඒ, අදාළ විදුලි සෝපාන සැපයු සමාගම් විසිනි. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, දින කිහිපයක සිට අදාළ සමාගමේ නිලධාරීන් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානවල තත්ත්වය හා ක්‍රියාකාරීත්ව පිළිබඳ පුළුල් විමර්ශනයක යෙදුණු බවයි. මේ වන විට පාර්ලිමේන්තුවේ ස්ථාපනව කර ඇති විදුලි සෝපාන සංඛ්‍යාව 10කි. ඉන් දෙකක් මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන්කර තිබේ. පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ඉන් එක් විදුලි සෝපානයක, සිරවීමත් සමඟ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු මතුවිය. ඒ අනුව කතානායකවරයා තීරණය කළේ, එම විදුලි සෝපාන මිලදී ගත් සමාගමෙන් ඒ පිළිබද තත්ත්ව පරීක්ෂණ වාර්තාවක් කැඳවීමටයි. මේ අතර ආරක්ෂිත පියවරක් ලෙස මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන්කර ඇති විදුලි සෝපානවල වරකට 6 දෙනෙකු පමණක්, ගමන් ගන්නා ලෙසට දැනුම් දීමට හා විදුලි සෝපාන ක්‍රියාකරුවෙකු ඒ සඳහා යෙදවීමට තීරණය කර ඇතැයි, වේත්‍රධාරීවරයා සඳහන් කළේ ය.
2019-02-12T22:29:23.000Z
බෙල්ජියමේ ගුවන් ගමන් නවතී
බෙල්ජියමේ ගුවන් ගමන් නවතී
COLOMBO (News 1st) : වැඩවර්ජනයක් හේතුවෙන් බෙල්ජියමේ සියලු ගුවන් ගමන් පැය 24කට අවලංගු කෙරෙන බව එරට ගුවන් ගමන් පාලන ඒකකය නිවේදනය කළේ ය. ඒ අනුව අද දිනය පුරා එලෙස ගුවන් ගමන් අත්හිටුවනු ඇති. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බෙල්ජියමේ ප්‍රවාහන කේෂත්‍රයට සම්බන්ධ ප්‍රධාන වෘත්තිය සමිති තුනක් වර්ජනය කැඳවා ඇති බවයි. වැටුප් වර්ධක ලබාගැනීම, ප්‍රතිලාභ සහ විශ්‍රාම වැටුප් වැඩිකරගැනීම අරමුණු කරගනිමින් වැඩවර්ජනය ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත් බෙල්ජියම් රජයේ සහ හමුදාවේ ගුවන්යානාවල ගුවන් ගමන්වලට ඉන් බලපෑමක් සිදුව නොමැත.
2019-02-12T22:15:21.000Z
නොච්චියාගමදී ගංජා කිලෝ 5ක් අල්ලයි
නොච්චියාගමදී ගංජා කිලෝ 5ක් අල්ලයි
COLOMBO (News 1st) : නොච්චියාගම, හල්මිල්ලකුලම ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් සතුව තිබී සොයාගත් ගංජා ප්‍රමාණය කිලෝග්රෑම් 5.240 කි. සැකකරුවන් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අත්අඩංගුවට විශේෂ කාර්ය බලකා නිලධාරියා රාජගිරිය කඳවුරට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු වන අතර අනෙක් සැකකරු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයෙකි. සැකකරුවන් අද තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2019-02-12T21:59:59.000Z
තවත් තරගාවලියක් අද ඇරඹෙයි
තවත් තරගාවලියක් අද ඇරඹෙයි
COLOMBO (News 1st) : මසක් පුරා පැවැත්වෙන සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ඩර්බන්හිදී ආරම්භ වේ. 1993 සිට ආරම්භ වූ දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග 27ක් පවත්වා ඇති අතර ඉන් තරග 14ක් ජය දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයගෙන තිබේ. තරග 7ක් පමණක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර තවත් තරග 6ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. දෙරට අතර පවත්වා ඇති ටෙස්ට් තරගාවලි 11න් තරගාවලි 7ක ජය තමන් සතුකර ගැනීමට දකුණු අප්‍රිකා කන්ඩායම සමත් වී ඇති අතර තවත් එක තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. කෙසේ නමුත් පසුගිය වසරේදී මෙරටදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමත් සමග දිමුත් කරුණාරත්නට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව තිබේ. නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ම මෙවර අවස්ථාව හිමිව ඇති අතර ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය, මොහොමඩ් ශිරාස් හා මිලින් ද සිරිවර්ධනද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වෙති. ඔස්ට්‍රේලියා සංචාරයට ඇතුළත් නොවූ කෞෂාල් සිල්වාට ද ස්ථානයක් හිමිව තිබේ. මේ අතර තරගයට පෙර මාධය හමුවට එක්වෙමින් දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායක ෆෆ් ඩූ ප්ලෙසිස් සඳහන් කර ඇත්තේ ලෝක කුසලාන තරගාවලිය පවත්වන මෙම වර්ෂයේදී නැවත වරක් මෙම තරගාවලිය ජයග්‍රහණය කරමින් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණිමට බලාපොරොත්තු වන බවයි. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ඩර්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණය ලොව ඇති දර්ශනීය ක්‍රීඩාංගණවලින් එකක් ලෙස සැලකෙන අතර මෙම තණ තීරුව වේගපන්දු යවන්නන් හට උචිත ලෙස හැඩගැසී තිබේ. ඩර්බන් පිටියේදී ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරගයක් ජයග්‍රහණය කර ඇති අතර අනෙක් තරගය ජය පරාජයෙන් තොරව නිමා වී තිබේ. අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.
2019-02-12T20:15:26.000Z
රාජ්‍ය ආයතන වංචා සෙවීමට පත්කළ කොමිසමට පැමිණිලි 27ක්
රාජ්‍ය ආයතන වංචා සොයන ජනපති කොමිසමට පැමිණිලි 27ක්
COLOMBO (News 1st) : පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගය ලබන 28 වන දා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මේ වනවිට කොමිසමට පැමිණිලි 27 ක් ලැබී ඇති බවයි. එම පැමිණිලි සිදුව ඇති අක්‍රමිකාතාවයේ පාඩුව අනු පෙළ ගස්වා විමර්ශනය කිරීම ආරම්භ කර ඇති බව ද එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, විමර්ශන කටයුතු සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ලබා දෙන්නැයි පොලිස්පතිවරයාගෙන් ද ඉල්ලීමක් කළ බවයි. ඒ අනුව මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ පුහුණුවක් ලත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක මෙහෙයවීමෙන් විමර්ශන සිදුකිරීමට සැලසුම් කර තිබේ. 2015 ජනවාරි 14 සිට 2018 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල දූෂණ ක්‍රියා, සාපරාධි විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධි පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිසමේ ප්‍රධාන කාර්යයයි. ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි මාර්තු මස 7 වැනිදා දක්වා ඉදිරිපත් කළ හැකියි. ඒ අනුව ලිඛිත පැමිණිලි සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන්, ලේකම්, රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිසන් සභාව, කාමර අංක 210, බ්ලොක් 02 දෙවැනි මහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයට යොමු කළ හැකි බව කොමිසම සඳහන් කළේ ය. 011- 2665382 යන දුරකථන අංකයට ඒ පිළිබඳව තොරතුරු වාචිකව ද ඉදිරිපත් කළ හැකි වේ.
2019-02-12T19:44:50.000Z
රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙලේදී News 1st, Shakthi FM සම්මාන රැසකින් පිදුම් ලබයි
News 1st, Shakthi FM සම්මාන රැසකින් පිදුම්ලබයි
COLOMBO (News 1st) : 2019 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී හොඳම ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය ඇතුළු සම්මාන රැසක් දිනාගැනීමට නිව්ස් ෆස්ට් හා ශක්ති එෆ් නාලිකා සමත් විය. සම්මාන උළෙල ඊයේ රාත්‍රියේ නෙළුම් පොකුණ රඟහලේදීයි. ඒ, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී වසරේ හොඳම ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය හිමි සම්මානය නිව්ස් ෆස්ට්හි සුරේන් සංජය පෙරේරා දිනාගත්තේ ය. දෙමළ මාධ්‍ය හොඳ ම ප්‍රවෘත්ති සංස්කරණයට හිමි සම්මානය, නිව්ස් ෆස්ට්හි රාසලිංගම් රවිරගුට හිමිවිය. වසරේ හොඳ ම ගුවන්විදුලි වාර්තාමය වැඩසටහනට හිමි සම්මානය මෙන්ම වසරේ හොඳ ම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනට හිමි සම්මානය මෙවර හිමිවූයේ ශක්ති ගුවන් විදුලි නාලිකාවේ ඥානකුමාරන් ගනාදීපන්ටයි. වසරේ හොඳම ගුවන් විදුලි පුර්ව ප්‍රචාරක පටයට හිමි සම්මානය ශක්ති ගුවන් විදුලි නාලිකාවේ කනගරාසා මයුරන්ට හිමි විය. වසරේ හොඳම දෙමළ මාධ්‍ය ගුවන් විදුලි නිවේදිකා සම්මානය සහ ගුවන් විදුලි වාර්තාමය වැඩසටහ සදහා වු ජුරියේ විශේෂ සම්මානය මෙවර දිනාගත්තේ ශක්ති ගුවන් විදුලි නාලිකාවේ වනිතා පරමේප්ෂවරන් ය. වසරේ හොඳ ම දෙමළ මාධ්‍ය ගුවන් විදුලි නාට්‍ය පිටපතට හිමි සම්මානය, ශක්ති ගුවන්විදුලි නාලිකාවේ නාලිකා ප්‍රධානී ආර්. පී. අබර්නාසුදන්ට හිමිවු අතර හොඳම දෙමළ මාධ්‍ය ගුවන් විදුලි රංගන ශිල්පියාට හිමි සම්මානය ශක්ති ගුවන් විදුලි නාලිකාවේ පී කීර්තිනන් දිනාගත්තා. දෙමළ මාධ්‍ය හොඳ ම වැඩසටහන් නිෂ්පාදකට හිමි සම්මානය ශක්ති එෆ් එම්හි ආරනී පරමසාමිට හිමිවිය. දෙමළ මාධ්‍ය හොඳම නාට්‍ය නිෂ්පාදකට හිමි සම්මානය ශක්ති එෆ් එම්හි වර්ල් ප්‍රජීව් දිනාගත්තේ ය. මේ අතර සිරස එෆ් එම්හි නිහාල් වික්‍රම එදිරිසූරිය, හොඳ ම සාකච්ඡාමය වැඩසටහන සඳහා වූ සම්මානයට නිර්දේශ වී සිටි අතර නිව්ස් ෆස්ට්හි තිලක්ෂණී මධුවන්ති ද හොඳ ම ප්‍රවෘත්ති සංස්කරණය සඳහා වූ සම්මානයට නිර්දේශ වී සිටියා ය. https://www.youtube.com/watch?v=YLLcmUxxl-g
2019-02-12T19:32:45.000Z
මහරගම, බොරලැස්ගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 21ක ජල කප්පාදුවක්
මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 21ක ජල කප්පාදුවක්
COLOMBO (News 1st) : මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 8 සිට හෙට අලුයම 5.00 දක්වා පැය 21 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය පවසයි. ඒ අනුව එම කාල සීමාව තුළ මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය සහ රුක්මල්ගම ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව පැලැන්වත්ත , මත්තේගොඩ , හෝමාගම , මීපේ සහ පාදුක්ක ප්‍රදේශවලට ද අදාළ කාලය තුළ ජල සැලයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය පැවසී ය. අත්‍යවශ්‍ය හදිසි නවීකරණ කටයුත්තක්, ජල සැපයුම අත්හිටුවීමට හේතුවයි.
2019-02-12T09:40:07.000Z
ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී ශක්ති ගුවන් විදුලි නාලිකාව සම්මානයෙන් පිදුම් ලබයි...!
ශක්ති ගුවන් විදුලි නාලිකාව සම්මානයෙන් පිදුම් ලබයි
COLOMBO (News 1st) - නෙළුම්පොකුණ රඟහලේදී මේ වනවිට පැවැත්වෙන 2019 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී ශක්ති ගුවන් විදුලි නාලිකාව මේ වනවිට සම්මාන 4 කින් පිදුම් ලබා තිබේ. ඒ අනුව වසරේ හොඳම ගුවන් විදුලි වාර්තාමය වැඩසටහනට හිමි සම්මානය මෙන්ම වසරේ හොඳම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනට හිමි සම්මානය මෙවර හිමිවූයේ ශක්ති ගුවන් විදුලි නාලිකාවේ ඥානකුමාරන් ගනාදීපන් මහතාටයි. වසරේ හොඳම ගුවන් විදුලි පූර්ව ප්‍රචාරක පටයට හිමි සම්මානය ශක්ති ගුවන්විදුලි නාලිකාවේ කනගරාසා මයුරන් මහතාට හිමි විය. වසරේ හොඳම ගුවන් විදුලි වාර්තාමය වැඩසටහනය සඳහා වූ ජුරියේ විශේෂ සම්මානය ශක්ති ගුවන් විදුලි නාලිකාවේ වනිතා පරමේප්ෂවරන්හට හිමි විණි. සම්මාන උළෙල මේ වනවිටත් පැවැත්වෙන්නේ නෙළුම්පොකුණ රඟහලේදියි.
2019-02-12T10:21:13.000Z
රනිල්ට එරෙහි පෙත්සම්කාර පාර්ශවයේ පිළිතුරු ගොනු කිරීම ලබන 26 වන දා
රනිල්ට එරෙහි පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද කැඳවයි
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද කැඳවා තිබේ. මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝනවල මහත්මිය විසිනි. රනිල් වික්‍රමසිංහ මහතා සිය පවුලේ සමාගමක් වන ලේක් හවුස් ප්‍රින්ටර්ස් සහ පබ්ලිසර්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරුවෙකු බවත් එම ආයතනය පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් සමග ගිවිසුම්වලට එළඹ ඇති බවත් පෙත්සමෙන් දක්වා ඇත. පෙත්සම්කාරිය පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජය සමග ව්‍යාපාරික ගිවිසුම්වලට එළැඹීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වලක්වා ඇති බවයි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසට කටයුතු කිරීම වලක්වමින් කෝ වොරොන්ටෝ රිට් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබේ. අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද පෙත්සම කැඳවූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මූලික විරෝධතා ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ පෙත්සම මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලෙසය. පෙත්සම ගොනු කිරීමේදී පෙත්සම්කාරිය සහතික නොකරන ලද ඡායා පිටපත් සහිත ලේඛන පදනම් කර ගෙන ඇති බව ජනාධිපති නීතිඥ කේ. කනගීස්වරන් මහතා කියා සිටියේ ය. ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවල තුන්වන වගන්තිය අනුව මුල් පිටපත් නොමැති ලේඛන සලකා බැලිය නොහැකි බැවින් මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙසයි. රනිල් වික්‍රමසිංහ මහතා එළැඹ ඇතැයි කියන ගිවිසුමට අදාළ ලේඛනය ඉදිරිපත් කිරීමට ද පෙත්සම්කාරිය අපොහොසත් වී ඇති බව ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ ය. පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පැවසුවේ, සිද්ධියට අදාළ චෙක්පත්වල මුල් පිටපත් පෙත්සමට අමුණා ඇති බවයි. පෙත්සම්කාර පාර්ශවයේ පිළිතුරු ගොනු කිරීමට ලබන 26 වන දා දක්වා කල් ලබා දුන්නේ ය.
2019-02-12T06:39:22.000Z
හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 21 ක ජල කප්පාදුවක්
හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 21 ක ජල කප්පාදුවක්
COLOMBO (News 1st) - හෙට උදෑසන 8.00 සිට පසුදින පෙරවරු 5.00 දක්වා පැය 21 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව එම කාල සීමාව තුළ මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය සහ රුක්මල්ගම ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේ ය. අත්‍යවශ්‍ය හදිසි නවීකරණ කටයුත්තක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයි ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
2019-02-12T05:29:39.000Z
අර්ජුන් අලෝසියස් අල්ලස් කොමිසම හමුවට...
අර්ජුන් අලෝසියස් අල්ලස් කොමිසම හමුවට
COLOMBO (News 1st) - පර්පෙෂුවල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝසියස් මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනි සිටියේ ය. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවූ බවයි. අද පෙරවරු 11.40 ට පමණ අල්ලස් කොමිසම හමුවට පැමිණි අර්ජුන ඇලෝසියස් මහතාගෙන් පැය 03 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව එම නිලධාරියා සඳහන් කළේ ය. ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඔහු පස්වරු 1.50 ට පමණ එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
2019-02-12T05:13:55.000Z
ඩුබායි සිට දුම්වැටි ගෙනා ලාංකිකයෙකු ගුවන්තොටේදී අත්අඩංගුවට
ඩුබායි සිට දුම්වැටි ගෙනා ලාංකිකයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, එහි වටිනාකම රුපියල් දහසය ලක්ෂ විසි අට දහසක් බවයි. ඩුබායි සිට අද උදෑසන ඔහු මෙරටට පැමිණ ඇත. 41 හැවිරිදි සැකකරු මිනුවන්ගොඩ පදිංචිකරුවෙකි. අදාළ දුම්වැටි තොගය රාජසන්තක කර ඇති අතර සැකකරු රුපියල් ලක්ෂයක දඩ මත මුදා හැරි බව විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේ ය.
2019-02-12T04:24:15.000Z
දෙහිවල - බත්තරමුල්ල පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක
මාර්ග අංක 163 බස් සේවකයින් වැඩ වර්ජනයක
COLOMBO (News 1st) - මාර්ග අංක 163 දෙහිවල - බත්තරමුල්ල පෞද්ගලික බස් රථ සේවකයින් මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සේවකයින්ට ලබාදී ඇති නිදහස් ගමන් බලපත්‍රවලට විරෝධය පළ කරමින් වර්ජනය ආරම්භ කළ බවයි.
2019-02-12T03:00:11.000Z
තිස්ස එරෙහි නඩුව අවසන් කර ගැනීමට එකඟතාවක්
තිස්ස එරෙහි නඩුව අවසන් කර ගැනීමට එකඟතාවක්
COLOMBO ( NEWS 1ST): එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට දෙපාර්ශවයම මේ වන විට එකඟතාව පළ කර ඇති බව අද කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේ ය. නඩුව ගොනු කර ඇත්තේ, වත්මන් ජනාධිපති වරයාගේ සහ වත්මන් අගමැතිවරයාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා, පසුගිය ජනාධිපතිවරනය සමයේදී කූඨ ලේඛනයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමෙන් ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට චෝදනා නගමිනි. නඩුව මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේ මෙම අධිචෝදනා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් විත්ති පාර්ශවය නීතිපතිවරයා වෙත ලිපියක් එවා ඇති බවයි. තවද මෙම නඩුව සමථයකින් අවසන් කර ගැනීමට නඩුවේ පළමු සාක්ෂිකරු වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්ත පළකර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය. කෙසේ වෙතත් නඩු කටයුතු අවසන් කර ගැනීම සමාව අයැදීමකින් ද සිදුවේ ද වෙනත් ක්‍රමයකින් සිදුවේ ද යන්න දැන ගැනීමට තම සේවාදායකයා අපේක්ෂා කරන බව රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝශන් පෙරේරා මහතා සඳහන් කළේ ය. නඩුවේ දෙවැනි සාක්ෂිකරු වන ජනාධිපතිවරයාගේ ස්ථාවරය දැන ගැනීමට , ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා දැනුම් දුන්නේ ය. නඩුව කෙටි ක්‍රමයකින් සමාව අයැදීමකින් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බව තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මෙහිදී කියා සිටියේ ය. මෙම සමතවීම සම්බන්ධයෙන් ප්‍රගතිය දැන ගැනීමට නඩුව මාර්තු මස 25 කැඳවීමට නියමිතයි. . කූට ලේඛනයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කරීමෙන්, ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට වන කරුණට අමතරව විත්තිකරු, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට බලපෑමක් වන ආකාරයට කටයුතු කර ඇති බවට නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබේ. තිස්ස අත්තනායක මහතා ජනාධිපතිවරණ පනත, දණ්ඩ නීතිසංග්‍රහය සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර් ජාතික සම්මුති පනතේ වැරදි සිදුකර ඇති බවට වන අධිචෝදනා තුනක් ඊට අයත් ය. පසුගිය ජනාධිපතිවරණය සමයට අයත් දිනක එනම් 2014 දෙසැම්බර් මස 22 දින මෙලෙස ගිවිසුමක් ඇති බවට ව‍්‍යාජ ලේඛනයක් තිස්ස අත්තනායක මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කර ඇති බවට නීතිපතිවරයා චෝදනා නගා තිබේ.
2019-02-12T01:49:14.000Z
කන්ටේනරයක් පෙරළී වැලිකඩ අවට රථවාහන තදබදයක්
කන්ටේනරයක් පෙරළී වැලිකඩ අවට රථවාහන තදබදයක්
COLOMBO (News 1st) : වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය හරහා කන්ටේනර් රථයක් පෙරළීයාමෙන්, එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, බොරැල්ල සිට ඔරුගොඩවත්ත දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි. ඒ හේතුවෙන් කොළඹින් පිටවීමේ මං තීරුව සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව වාර්තා වේ. මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.
2019-02-12T01:13:54.000Z
නදීමාල් මත්ද්‍රව්‍ය භාවිත කර නැතැයි, තහවුරු වෙයි
නදීමාල් මත්ද්‍රව්‍ය භාවිත කර නැතැයි, තහවුරු වෙයි
COLOMBO (News 1st) : මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර සිට නොමැති බවට රුධිර පරීක්ෂණලින් තහවුරු වී තිබේ. ඩුබායිහි සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ ඩුබායි පොලිස් නිලධාරීන් හමුවූ අවස්ථාවේ ඒ බව දැනුම් දුන් බවයි. අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් තම කණ්ඩායම අද ඩුබායි පොලීසිය හමුවේ, කරුණු ඉදිරිපත් කළ බව ද නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. "අද අපි ඩුබායි පොලීසියේ නිලධාරීන්ව ගිහිල්ලා හමු වුණා සහ අමල් සහ නදිමාල් සම්බන්ධව කරුණු ඉදිරිපත් කළා. විශේෂයෙන්ම ඔවුන්ගේ යූ ටියුබ් හා දුරකතනවලින් ඔවුන් පෙන්නා හිටියා ඔවුන් දෙදෙනාගේම ගායන කරන ආකාරය සහ ඔවුන්ට ඒවායින් ලෝකය පුරා තියෙන ජනප්‍රියත්වය ඒවා කොච්චර පිරිස බලලා තියෙනවද කියන කාරණා ඉදිරිපත් කරලා ඔවුන් ලංකාවේ සහ පිටරටවල ජනප්‍රිය ගායකයින් බව, අපි අද කරුණු ඉදිරිපත් කළා" මේ අතර ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් තවදුරටත් ඩුබායි පොලීසියේ රඳවා තිබේ. පසුගිය 4 වැනිදා රාත්‍රී ඩුබායිහි හෝටලයක පැවති සාදයක් අතරතුර අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් ඇතුළු කණ්ඩායම සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය සිදුකළ පරීක්ෂණ මේ වන විට අවසන් කර තිබේ. නමුත් ඔවුන් එරට අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
2019-02-11T23:03:55.000Z
BTS තවත් වාර්තාවක් පිහිටුවයි
BTS තවත් වාර්තාවක් පිහිටුවයි
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී සම්මාන උළෙලට සහභාගී වූ ප්‍රථම දකුණු කොරියානු පොප් කණ්ඩායම වෙමිනි. ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලැබූවකුට සම්මානයක් ප්‍රදානය කිරීමේ ගෞරවය හිමිකරගත් ප්‍රථම දකුණු කොරියානු පොප් කණ්ඩායම වීමට ද බී. ටී. එස්. කණ්ඩායමට හැකිවිය. ඒ අනුව බී.ටී.එස්. කණ්ඩායම එලෙස සම්මානයක් ප්‍රදානය කළේ, හොඳම ආර්. ඇන්ඩ් බී. ඇල්බමයට හිමි සම්මානය දිනාගත් ගේබ්‍රියල් විල්සන්ටයි.
2019-02-11T22:57:00.000Z
කෘමි ගහණය පහළයාමෙන් ලෝකය පළිබෝධ උවදුරට ලක්වීමේ අවදානමක
ලෝකය පළිබෝධ උවදුරට ලක්වීමේ අවදානමක
කෘමි ගහණය ශීඝ්‍රයෙන් පහතවැටීම හමුවේ ලොව දැඩ පළිබෝධ උවදුරකට ලක්වීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති. නවතම වාර්තාවක් අනාවරණය කළේ, ලොව පුරා සිටින කෘමි විශේෂවලින් 40% කම ගහණය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බවයි. ඒ අනුව ක්ෂීරපායී සතුන්, කුරුල්ලන් හෝ උරගයන්ට සාපේක්ෂව මී මැස්සන්, කූඹින් සහ කුරුමිණියන්ගේ ගහණය පහතවැටීම අට ගුණයකින් වේගවත් බව ද සඳහන් ය. කෙසේවෙතත් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ඊට සාපේක්ෂව මැස්සන් , කැරපොත්තන් වැනි කෘමි වර්ග ගහණය ඉහළයමින් පවතින බවයි. මෙලෙස කෘමි ගහණය පහත වැටීමට දේශගුණ විපර්යාසය පමණ ඉක්මවා කෘෂිකාර්මික කටයුතුවල නිරතවීම සහ පළිබෝධ හේතුවන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. කෘමීන්ගෙන් බහුතරයක් පොළොව මත දිවිගෙවන අතර ඔවුන් මිනිසුන් ඇතුළු සෙසු ජීවින්ට වාසි රැසක් සැලසේ. කුරුල්ලන්, වවුලන් සහ කුඩා ක්ෂීරපායීන්ට ආහාර සපයන්නේ කෘමීන් වන අතර ලොව පුරා අස්වනුවලිනන් 75% ක්ම පරාගනය කර පස සාරවත් කරමින් පළිබෝධ පාලනය කරන්නේ ද කෘමීන් ය. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙලෙස කෘමි ගහණය පහතවැටීම ඉතා අවදානම් තත්ත්වයක් බවයි.
2019-02-11T21:32:59.000Z
විද්‍යාපීඨ අයැදුමට ලියාපදිංචි තැපෑල ත් විවෘතයි
විද්‍යාපීඨ අයැදුමට ලියාපදිංචි තැපෑල ත් විවෘතයි
COLOMBO (News 1st) : විද්‍යාපීඨ සඳහා ලියාපදිංචි තැපෑල හරහා ද අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව ලබා දී ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. විද්‍යාපීඨ කොමසාරිස් ජනරාල් කේ. එම්. එච්. බණ්ඩාර මහතා පැවසුවේ, Online ක්‍රමයට අයදුම්පත් යොමු කිරිම අනිවාර්ය කෙරුණ ද, සිසුන්ට පවතින අපහසුතා සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි. Online ක්‍රමයට අයදුම්පත් යොමු කළ නොහැකි සිසුන් සඳහා පමණක් ඒ සඳහා අවස්ථාව ලබාදෙන බව ද, ඔහු අවධාරණය කළේ ය. ඨ
2019-02-11T20:59:38.000Z
අමල් හා නදීමාල් වෙනුවෙන් උදුල් කරුණු දැක්වීමට යයි
අමල් හා නදීමාල් වෙනුවෙන් උදුල් කරුණු දැක්වීමට යයි
COLOMBO (News 1st) : ඩුබායිහිදී අත්අඩංගුවට පත් ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන්, ඩුබායි පොලීසිය හමුවේ අද කරුණු දැක්වීමට නියමිතව බව නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඩුබායි නීතිඥයින්ගේ ද සහය ලබාගනිමින් අද පෙරවරුවේ කරුණු දැක්වීමට කටයුතු කරන බවයි. මේ අතර ඩුබායිහීදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය සිදුකළ පරීක්ෂණ මේ වන විට අවසන් කර ඇති බවට වාර්තා වේ. මෙම පිරිස ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කර දිනයක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත. මාකඳුරේ මධුෂ් සමග ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ඔහුගේ පුත් නදිමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන්ග් රෝයන් ඇතුළු පිරිසක් ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් වූයේ, පසුගිය 5 වෙනිදා ය.
2019-02-11T20:44:58.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත්.... 1. ඉන්ධන මිල යළි ත් ඉහළට : අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 123.00 ක් ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6.00 කින් ඉහළ දමා ඇත. 2. මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය සිදුකළ පරීක්ෂණ අවසන් : ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය සිදුකළ පරීක්ෂණ මේ වන විට අවසන් කර ඇති බවට වාර්තා වේ. 3. අනුරාධපුරේ දියණිය ඝාතනය කළ පියාට මරණ දඬුවම : අනුරාධපුරේ දියණිය ඝාතනය කළ පියාට මරණ දඬුවම වද හිංසා පමුණුවා සිය දියණිය ඝාතනය කළ පියෙකුට අනුරාධපුර මහාධිකරණය අද මරණ දඬුවම ලබාදී තිබේ. ඒ, අවුරුදු තුනහමාරක සිය දියණියට වද හිංසා පමණුවා ගසක හප්පා ඇය ඝාතනය කළ බවට වූ චෝදනාවට වරදකරුවීම හේතුවෙනි. 4. අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් මාදිවෙලදී අත්අඩංගුවට : ප්‍රබල පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු බවට සැකකෙරෙන පුද්ගලයෙකු මාදිවෙල ප්‍රදේශයේදී වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 5. ගස් කැපීමට භාවිත කරන චේන්සෝ යන්ත්‍රවලට බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කෙරේ : ගස් කැපීමට භාවිත කරන චේන්සෝ යන්ත්‍රවලට බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මේ යටතේ, ලබන 15 වැනි දා සිට මාර්තු 01 වැනි දා දක්වා කාලය තුළ සියලුම චේන්සෝ යන්ත්‍ර ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු වේ. 6. එ.ජා.ප යට නව ආසන සංවිධායකවරු 6 දෙනෙක් පත් කෙරේ : එක්සත් ජාතික පක්ෂ නව ආසන සංවිධායකවරුන් 6 දෙනෙක් පත් කර තිබේ. මෙම පත්වීම් ලබා ගැණුනේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතිනි. 7. ගෝඨාභයගේ විරෝධතාව විශේෂ මහාධිකරණය ඉවත දමයි : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කර අවසන් කිරීමට විශේෂ මහාධිකරණයට නීතිමය බලයක් නොමැති බව පෙන්වා දෙමින් ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥයින් ගොනු කළ විරෝධතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය. 8. මිනුවන්ගොඩදී අනතුරකින් පසුව පිරිසකට පහරදුන් පොලිස් නිලධාරියා අත්අඩඅංගුවට : මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප්‍රදේශයේදී අනතුරකින් පසුව පුද්ගලයින් තිදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත්... 1. ට්‍රම්ප්ගේ දේශ සීමා පවුරේ සාකච්ඡා යළි අසාර්ථකයි : මෙක්සිකෝව අමෙරිකාවෙන් වෙන්කර ඉදිකිරීමට නියමිත පවුරට අයවැයෙන් ආධාර වෙන්කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ජා යළිත් වරක් අසාර්ථක වී තිබේ.
2019-02-11T19:53:53.000Z
IOC ත් තෙල් මිල ඉහළ දමයි
IOC ත් තෙල් මිල ඉහළ දමයි
COLOMBO (News 1st) : ඊයේ මධ්‍යම රාත්‍රීයේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ලංකා IOC සමාගමත් ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ද සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8කින් ඉහළ දමා ඇත. කෙසේ වෙතත් ඔක්ටේන් 92 පෙට්‍රල් මිලෙහි වෙනසක් සිදුව නොමැති බව IOC සමාගම නිවේදනය කර තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දැමූ අතර ඒ අනුව රුපියල් 123.00 ක් ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6.00 කින් ඉහළ දැමී ය. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 129.00 කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 152.00 ක් වනු ඇත. රුපියල් 99.00 ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 103.00 ක් දක්වා ඉහළ දමා තිබේ. සුපිරි ඩීසල් ලීටරයක නව මිල සටහන් වන්නේ, රුපියල් 126.00 ක් ලෙසයි. එය රුපියල් 8.00 කින් ඉහළ දැමිණ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, ඉන්ධන මිල සුත්‍රය හඳුන්වාදීමෙන් පසුව ජාත්‍යන්තර මිලට අනුව සිව්වරක් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇති අතර 5 වරක් මිල අඩු කිරීමට හැකි වූ බවයි. පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ ගිය ද බස්, ත්‍රිරෝද රථ සහ අනෙකුත් සේවා ගාස්තු ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.
2019-02-11T19:37:43.000Z
මහ කන්නයේ වී මිලදී ගැනීම ඇරඹේ
මහ කන්නයේ වී මිලදී ගැනීම ඇරඹේ
COLOMBO (News 1st) : මහ කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කර තිබේ. වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ කස්තුරි අනුරාධනායක මහතා සඳහන් කළේ, අස්වනු නෙලීම ආරම්භ කර ඇති ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින්, වී මිලදී ගැනීම සිදුවන බවයි. මෙවර නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 38ක මිලකට සහ සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 41 ක මිලකට මිලදී ගන්නා බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.
2019-02-11T10:31:54.000Z
ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරිත්වය විජේදාස රාජපක්ෂගේ විවේචනයට...
ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරිත්වය විජේදාසගේ විවේචනයට
COLOMBO (News 1st) - උපරිමාධිකරණ විනිසුරුවන් සහ රජයේ උසස් නිලධාරීන් පත් කිරීමේ ක්‍රියාවලියේදී ව්‍යවස්ථා සභාව අදූරදර්ශී හා පක්ෂග්‍රාහි ලෙස කටයුතු කරන බව හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ඔහු මේ බව පෙන්වා දී ඇත්තේ, ජනාධිපතිතුමා හා කථානාකවරයා වෙත යොමු කළ ලිපියකිනි. ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසූවේ, ව්‍යවස්ථා සභාවේ අසාධාරණ හා අයුක්ති සහගත ක්‍රියා කලාපය තුළින් රාජ්‍ය පරිපාලනයට අනර්ථකාරි ප්‍රතිවිපාක අත්කර දෙන බවයි. ඔහු සිය ලිපියේ අවස්ථා කිහියක් උදාහරණ ලෙස දක්වා තිබීම විශේෂත්වයකි. රාජපක්ෂ මහතා පැවසූවේ, ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් මහතා පසුගිය රජය සමයේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාවීම නිසා සියලු සුදුසුකම් සපුරා තිබියදීත් නීතිපති තනතුරුට පත් නොකළ බවය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාවීම නිසා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාට පොලිස්පති ධූරය අහිමි වූ බව ඔහු පවසා ඇත. සුදු කොඩි නඩුවේදී දුන් තීන්දුව මුල්කර ගනිමින් දීපාලි විජේසුන්දර මහත්මිය අභියාචනාධිකරණ සභාපති ලෙස පත් නොකළ බවත් ලලිත් වීරතුංග මහතාට ඇප ලබාදීමක් මුල් කරගෙන කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අභියාචනාධිකරණයට පත් නොකළ බවත් විජේදාස රාජපක්ෂ මහතාගේ ලිපියේ සඳහන් විය. ඒ.ඒ.හෙයියන්තුඩුව, මහිලාල් වෛද්‍යතිලක හා අරුණ රණසිංහ යන මහාධිකරණ විනිසුරුවන් අභියාචනාධිකරණයට උසස්වීම් ලැබීමට සියලු සුදුසුකම් සපුරා තිබුන ද ඔවුන්ට එම උසස්වීම් ලබා නොදුන්නේ කිසිදු හේතුවක් පවා නොදක්වමින් බව විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කරන්නේ ව්‍යවස්ථා සභාව අධූරදර්ශී හා නීති විරෝධිව කටයුතු කළ අකාරය හා දේශපාලනික වශයෙන් පළිගැනීමේ ක්‍රියාදාමයකට නැඹුරු වූ ආයතනයක් බව මෙයින් පෙනී යන බවය. මෙම කරුණු සලකා බලා අවශ්‍ය නම් විද්වත් කමිටුවකින් උපදෙස් ලබාගෙන මෙම අහිතකර තත්ත්වය ඉවත් කිරීමට ව්‍යවස්ථා සභාව අනුගමනය කළ යුතු නිර්නායකයන් තීරණය කර ගැසට් කිරීමට පියවර ගන්නැයි ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඉල්ලා සිටි.
2019-02-11T10:17:41.000Z
ඉන්ධන මිල යළි ත් ඉහළට
ඉන්ධන මිල යළි ත් ඉහළට
COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 123.00 ක් ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6.00 කින් ඉහළ දමා ඇත. එහි නව මිල වන්නේ රුපියල් 129.00 කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 152.00 ක් වනු ඇත. රුපියල් 99.00 ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 103.00 ක් දක්වා ඉහළ දමා තිබේ. සුපිරි ඩීසල් ලීටරයක නව මිල සටහන් වන්නේ, රුපියල් 126.00 ක් ලෙසයි. එය රුපියල් 8.00 කින් ඉහළ දැමුණි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, ඉන්ධන මිල සුත්‍රය හඳුන්වාදීමෙන් පසුව ජාත්‍යන්තර මිලට අනුව සිව්වරක් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇති අතර පස්වරක් මිල අඩු කිරීමට හැකි වූ බවයි. අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ ගිය ද බස්, ත්‍රිරෝද රථ සහ අනෙකුත් සේවා ගාස්තු ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.
2019-02-11T07:58:37.000Z
මිනුවන්ගොඩදී අනතුරකින් පසුව පිරිසකට පහරදුන් පොලිස් නිලධාරියා අත්අඩඅංගුවට
පොලීසිය අපකීර්තිමත් කරන්නේ මෙවන් නිලධාරීන් නොවේ ද?
COLOMBO (News 1st) - මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප්‍රදේශයේදී අනතුරකින් පසුව පුද්ගලයින් තිදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්‍රී 9.00 ට පමණ මිනුවන්ගොඩ, දූනගහපාර, නිල්පනාගොඩ ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ගැටී අනතුරක් සිදුවිය. පසුව අනතුරට පත් යතුරුපැදියක ගමන් කළ අයෙකු පැමිණ ගිනි අවියක් පෙන්වමින් කලහකරී‍ ලෙස හැසිරුණු අයුරු CCTV කැමරාවක සටහන්වී තිබුණි. ගිනි අවිය රැගත් පුද්ගලයා අවට සිටි කිහිප දෙනෙකුටම පහරදී පසුව අසළ පිහිටි වාහන සේවා ස්ථානකට ද කඩාවැදී එහි සිටි පුද්ගලයින්ට ද පහරදී තිබේ. 119 අංකයට ලැබුණු තොරතුරක් මත මිනුවන්ගොඩ පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට ළඟා වනවිටත් මෙම පුද්ගලයා එම ස්ථානයෙන් පිටව ගොස් තිබු අතර පසුව අසළ නිවසක සිටියදී සොයා ගැනුණි. මෙලෙස කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයා කටුනායක පොලීසියට අනුයුක්ත නිලධාරියෙකු බව පසුව අනාවරණයවී ඇත. සැකකරු අත්අඩංගුවට ගැනුණ ද ගිනිඅවිය පොලීසිය භාරයට ගෙන නැතැයි පවසමින් ඊයේ රාත්‍රියේ පිරිසක් මිනුවන්ගොඩ පොලීසියට රැස්විය. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, කටුනායක පොලීසියට අනුයුක්තව සේවය කරන මෙම නිලධාරියා අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර ඇති බවයි. අප්‍රේල් 3 වන දා යළි අධිකරණයේ පෙනී සිටින ලෙස ද සැකකරුට නියෝග කර තිබේ. පොලීසිය අපකීර්තියට පත් කරන්නේ මෙවැනි නිලධාරීන් නොවේ ද?
2019-02-11T07:20:43.000Z
මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය සිදුකළ පරීක්ෂණ අවසන්
මධුෂ් සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය කළ පරීක්ෂණ අවසන්
COLOMBO (News 1st) - ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය සිදුකළ පරීක්ෂණ මේ වන විට අවසන් කර ඇති බවට වාර්තා වේ. එම පිරිස ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කරන දිනයක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත. මාකඳුරේ මධුෂ් සමග ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ඔහුගේ පුත් නදිමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන්ග් රෝයන් ඇතුළු පිරිසක් පසුගිය 5 වන දා ඩුබාහිදී එරට පොලිස් අත්අඩංගුවට පත් විය. අදාළ සැකකරුවන් අතර සිටින ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ඔහුගේ පුත් නදිමාල් පෙරේරා වෙනුවෙන් ඩුබායි පොලීසිය හමුවේ කරුණු දැක්වීමට මේ වන විටත් නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ඇතුළු පිරිසක් ඩුබායි වෙත ගොස් සිටි. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පැවසුවේ, සිද්ධියට අදාළව ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් ගණන සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට නිශ්චිතව තොරතුරු වාර්තා නොවුන ද අත්අඩංගුවේ සිටින පිරිසෙන් පුද්ගලයින් 18 දෙනෙකුට විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට මේ වනවිට මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි. මේ අතර තමන් මාකඳුරේ මධුෂ් වෙනුවෙන් පෙනී සිටීමට ඩුබායි වෙත පැමිණි බවට පළ වන වාර්තා පදනම් විරහිත බව ද නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා නිව්ස්ෆස්ට් වෙත සඳහන් කළේ ය.
2019-02-11T06:54:34.000Z
අනුරාධපුරේ දියණිය ඝාතනය කළ පියාට මරණ දඬුවම
දියණිය ඝාතනය කළ පියාට මරණ දඬුවම
COLOMBO (News 1st) - වද හිංසා පමුණුවා සිය දියණිය ඝාතනය කළ පියෙකුට අනුරාධපුර මහාධිකරණය අද මරණ දඬුවම ලබාදී තිබේ. ඒ, අවුරුදු තුනහමාරක සිය දියණියට වද හිංසා පමණුවා ගසක හප්පා ඇය ඝාතනය කළ බවට වූ චෝදනාවට වරදකරුවීම හේතුවෙනි. නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලිකාර පාර්ශවය සමත් ව ඇති බවයි. ඒ අනුව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරදට දඬුවම් ලෙස විත්තිකරුට මරණ දඬුවම නියම කරන බව ද මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය. මරණ දඬුවම නියම වූයේ, තඹුත්තේගම, හුරීගස්වැව, සම්පත්ගම පදිංචි ඉඟුරුවත්ත ගෙදර සේනාරත්න රණතුංග හෙවත් ගාමිණි නැමැත්තෙකුටය. 2005 වසරේ ජූනි මස 21 වන දින හෝ ඊට ආසන්න දිනයක හුරීගස්වැව සුදර්ශනගම සම්පත්ගමදී සදුනිකා උපේකා ලක්මාලි නැමති දියණියට විවිධ වද හිංසා පමණුවා ඇය ඝාතනය කළේ යැයි විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.
2019-02-11T06:39:11.000Z
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් මාදිවෙලදී අත්අඩංගුවට
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් මාදිවෙලදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - ප්‍රබල පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු බවට සැකකෙරෙන පුද්ගලයෙකු මාදිවෙල ප්‍රදේශයේදී වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 40 කට ආසන්න ප්‍රමාණයක් සිය භාරයට ගත් බවයි. මෝටර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 39 හැවිරිදි සැකකරු අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු මිරිහාන පොලීසිට භාරදුන් බව වලාන දූෂණ මර්දන ඒකකයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ ය.
2019-02-11T06:17:11.000Z
ගස් කැපීමට භාවිත කරන චේන්සෝ යන්ත්‍රවලට බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කෙරේ
චේන්සෝ යන්ත්‍රවලට බලපත්‍ර ලබා ගැනීම අනිවාර්යයි..!
COLOMBO (News 1st) - ගස් කැපීමට භාවිත කරන චේන්සෝ යන්ත්‍රවලට බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මේ යටතේ, ලබන 15 වැනි දා සිට මාර්තු 01 වැනි දා දක්වා කාලය තුළ සියලුම චේන්සෝ යන්ත්‍ර ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු වේ. සෑම පොලිස් ස්ථානයකම සිය බලප්‍රදේශය තුළ චේන්සෝ යන්ත්‍ර ළඟ තබා ගෙන සිටින පුද්ගලයින් පිළිබඳව නාමලේඛනයක් පවත්වා ගෙන යා යුතු අතර ඒ අනුව එම යන්ත්‍ර සඳහා බලපත්‍ර නිකුත් කෙරෙනු ඇති. බලපත්‍රයක් නොමැතිව එම යන්ත්‍ර පරිහරණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ය. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පෙරවරුවේ පැවති විශේෂ සම්මන්ත්‍රණයක් අමතමිනි. මෙම සියලු තීන්දු තීරණ රටේත් මතු පරපුරේත් යහපත වෙනුවෙන් බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ ය.
2019-02-11T05:46:22.000Z
එ.ජා.ප යට නව ආසන සංවිධායකවරු 6 දෙනෙක් පත් කෙරේ
එ.ජා.ප යට නව ආසන සංවිධායකවරු 6 දෙනෙක්
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ නව ආසන සංවිධායකවරුන් 6 දෙනෙක් පත් කර තිබේ. මෙම පත්වීම් ලබා ගැණුනේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතිනි. එක්සත් ජාතික පක්ෂ දඹදෙණිය ආසන සංවිධායකවරයා ලෙස රූකාන්ත ගුණතිලක මහතා පත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මීගමුව නව ආසන සංවිධායකවරයා ලෙස පත් කළ අතර අරණායක ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ලලිත් දිසානායක මහතායි. මහනුවර, පාතදුම්බර ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතාය. මීට අමතරව වාරියපොළ නව ආසන සංවිධායකවරයා ලෙස මංජුල බණ්ඩාර මහතා හා උදය විජේනායක මහතා හිරියාල නව ආසන සංවිධායකවරයා ලෙසත් පත් කෙරිණි.