date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2019-01-25T20:12:34.000Z
වෙඩි තැබීම්වලට සම්බන්ධ සැකකරුවන්ගෙන් 90% ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස්පති කියයි
වෙඩි තැබීම්වලට සම්බන්ධ 90% ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - පසුගිය වසර තුළදී වෙඩි තබා පුද්ගලයින් ඝාතනය කිරීමේ සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන්ගෙන් 90% ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. පොලිස්පතිවරයා පැවසුවේ, එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි. පොලිස් නිලධාරීන්ගේ ගමන් දීමනා දෙගුණයක් කිරීමට පියවර ගෙන ඇතැයි ද පොලිස්පතිවරයා පැවසුවේ ය. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2019/01/01-25-POLISPATHI-01.wav"][/audio] [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2019/01/01-25-POLISPATHI-02.wav"][/audio]
2019-01-25T20:00:49.000Z
ගාලු මුවදොර ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්
ගාලු මුවදොර ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්
COLOMBO (News 1st) - 71 වන ජාතික දින සැමරුම් උළෙලේ පෙරහුරු හේතුවෙන් කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අද හෙට, ජනවාරි 31, පෙබරවාරි 01, 02 සහ 03 වන දා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි. මෙම රථවාහන සැලැස්ම අද සහ හෙට දිනයේ පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා කොල්ලුපිටියේ සිට ගාලු මුවදොර දක්වා ක්‍රියාත්මක වේ. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2019/01/01-26-AJITH-ROHANA.wav"][/audio]
2019-01-25T19:42:10.000Z
සිංගප්පූරු සංචාරය නිම කරමින් ජනපති දිවයිනට
ජනපති යළි දිවයිනට
COLOMBO (News 1st) - සිංගප්පූරු සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණ ඇත. කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, ජනාධිපතිතුමා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි බවයි. එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා පසුගිය බදාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගියේ ය.
2019-01-25T19:26:41.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. ව්‍යවස්ථාව වෙනස් කිරීමට පෙර ජනතාවගේ ප්‍රශ්න විසඳන්න, අස්ගිරි මහ නාහිමිගෙන් යළි ත් ප්‍රකාශයක්!: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට වඩා රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳිය යුතුව ඇතැයි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන් යළි ත් අවධාරණය කර ඇත. 2. මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නියුතු හමුදා සාමාජිකයින් දෙදෙනෙක් මරුට: මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරිවල නියුතු ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පිපිරීමකින් මියගොස් තිබේ. 3. ඝණ පූර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව කල් තැබේ: ඝණ පූර්ණය නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව පෙබරවාරි 05 වැනි දා දක්වා කල් තබා තිබේ. 4. සිංගප්පූරු ගිවිසුමේ ලංකාව පැත්තෙන් අඩුපාඩු කිහිපයක් සිදු ව ඇති බව ජනපති කියයි: ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළෙඳ ගිවිසුමේ ශ්‍රී ලංකා පාර්ශවයෙන් අඩුපාඩු කිහිපයක් සිදු ව තිබෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. විදෙස් පුවත් 5. වෙනිසුවෙලානු ජනපතිගේ සියලු ම ආදායම් මාර්ග කපා හැරීමට ට්‍රම්ප් පරිපාලනය දැඩි තීරණයක: වෙනිසුවෙලානු ජනාධිපති නිකලස් මධුරෝගේ සියලු ම ආදායම් මාර්ග කපා හැරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.
2019-01-25T11:00:49.000Z
ව්‍යවස්ථාව වෙනස් කිරීමට පෙර ජනතාවගේ ප්‍රශ්න විසඳන්න, අස්ගිරි මහ නාහිමිගෙන් යළි ත් ප්‍රකාශයක්!
ව්‍යවස්ථා වෙනස් කරන්න පෙර ජනතාවගේ ප්‍රශ්න විසඳන්න
COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට වඩා රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳිය යුතුව ඇතැයි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන් අද යළි ත් අවධාරණය කර ඇත. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක, අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමි, ව්‍යවස්ථා අවශ්‍ය නෑ. බොරු කතා. ව්‍යවස්ථා මේවා කර කර ඉඳලා තේරුමක් නෑ වැඩ කරන්නයි ඕනෑ. පහුගිය කාලේ අපි යාපනයේ ගිය වෙලාවේත් ඒ මිනිස්සු කිව්වේත් ඒකයි අපිට නිදහසේ ලංකාව ඇතුලේ ජීවත් වෙන්නයි ඕනෑ. අපිට රටක් අල්ලගන්න ඕනෑ නෑ කියන කතාව කිව්වා. සාමාන්‍ය මිනිස්සු එහෙමයි ඒත් අනිත් අයගේ ඒ අසහස් නෑ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය අද මහ නාහිමියන් බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ මේ අදහස් පළ කළේ ය. පිරිස අනතුරුව සියම් මනා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනාහිමියන් ද බැහැදුටුවේ ය. සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමි, ඛාණ්ඩ දෙකකට බෙදිලා කට්ටියක් කියනවා නෑ ව්‍යවස්ථාවක් ගේන්නේ නෑ. තව කට්ටියක් කියනවා ගේනවා ව්‍යවස්ථාවක්. ඒකේ තියෙන්නේ මෙව්වා කියලා. තාම හරියට එළියට දාලා නෑ. ඒත් සමහර පොත්වල නම් තියෙනවා. මේක තවම හරියට කියන්න බෑ. ඔය කට්ටිය කොහොම හරි නැටුම් නටන්නා ගේ ඇතුලේ ඇඳලා එයා එන්න එපැයි එළියට නටන්න. මේ දේ ගැනත් අපි කල්පනා වෙන්න ඕනෑ. ඉක්මන් වෙන්නත් හොඳයි ඉක්මන් නොවිත් බෑ. අපිට බයක් සැකක් තියෙනවා මොකද ඒවා හදන අය පක්ෂග්‍රාහිවයි හදන්නේ
2019-01-25T10:44:59.000Z
නව නිපැයුම්කරුවන්ට දොරටු විවර වන ජ'පුර සරසවියේ දැවැන්ත ප්‍රදර්ශනය අප්‍රේල් මාසයේදී
ජ'පුර සරසවියේ දැවැන්ත ප්‍රදර්ශනය අප්‍රේල් 2 වන දා
COLOMBO (News 1st) - 60 වසරක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මේ වන විට වෛද්‍ය විද්‍යා, ව්‍යවහාරික විද්‍යා, කළමනාකරණ, වාණිජ විද්‍යා, කලා, ඉංජිනේරු සහ තාක්ෂණ විද්‍යා ක්ෂේත්‍ර තුළින් කීර්තියක් අත්කරගෙන සිටි. විවිධ ක්ෂේත්‍රයන්හි නවෝත්පාදන සහ නව පර්යේෂණයන් සිදු කිරීම මෙන්ම වැඩි දියුණු කිරීම කෙරෙහි විශ්වවිද්‍යාලය ප්‍රතිපත්මය වශයෙන් සක්‍රීය දායකත්වයක් ලබාදෙමින් සිටි. ඒ අනුව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නවෝත්පාදන හා නව නිර්මාණ ඒකරාශී කරමින් දැවැන්ත ප්‍රදර්ශනයක් පැවැත්වීමට විශ්වවිද්‍යාලය මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටි. එළඹෙන අප්‍රේල් 2 වන දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන මෙම දැවැන්ත ප්‍රදර්ශනයේදී නව නිපැයුම් හා නවෝත්පාදන එළිදැක්වීමට නියමිතය. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පදනම් ආයතනයේදී පැවැත් විණි.
2019-01-25T07:31:15.000Z
වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 24 ක් අත්අඩංගුවට
වීසා නොමැතිව මෙරට රැඳී සිටි 24 ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - නීති විරෝධි ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 24 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. එහි විමර්ශන අංශයේ නියෝජ්‍ය පාලක එම්. ජි. වී කාරියවසම් මහතා සඳහන් කළේ, ඔවුන් ඉංගිරිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන්ගේ වීසා කල් ඉකුත් වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය. විමර්ශන අවසන් වන තෙක් අත්අඩංගුවට ගත් එම ඉන්දීය ජාතිකයින් 24 දෙනා මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා තබනු ඇති.
2019-01-25T07:17:03.000Z
වතු කම්කරු දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා ඉහළට
වතු කම්කරු දෛනික මූලික වැටුප රු. 700 දක්වා ඉහළට
COLOMBO (News 1st) - වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 700 ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ. ඒ, වතු හාම්පුතුන්ගේ සංගමය, වතු කම්කරු වෘත්තීය සමිති, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සහ කම්කරු අමාත්‍යවරයා අතර අද පැවති සාකච්ඡාවකදීයි. ලබන 28 වැනි දා ඊට අදාළ ගිවිසුමට අත්සන් තබන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කළේ ය. නව ගිවිසුම අත්සන් කිරීමත් සමග වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 855 ක් දක්වා ඉහළ යනු ඇති. මීට අමතරව දිනකට නෙළන තේ දළු කිලෝග්‍රෑම් 18 ට අමතර සෑම කිලෝග්‍රෑමයක් සඳහාම රුපියල් 40 බැගින් ගෙවීමටත් නව ගිවිසුම යටතේ ප්‍රතිපාදන සැකසෙන බව නවීන් දිසානායක මහතා සඳහන් කළේ ය.
2019-01-25T06:59:48.000Z
ඝණ පූර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව කල් තැබේ
ඝණ පූර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව කල් තැබේ
COLOMBO (News 1st) - ඝණ පූර්ණය නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව කල් තබා තිබේ. ඒ, පෙබරවාරි 05 වැනි දා පස්වරු 1.00 දක්වායි.
2019-01-25T06:21:03.000Z
මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නියුතු හමුදා සාමාජිකයින් දෙදෙනෙක් මරුට
මාලි රාජ්‍යයේදී හමුදා සාමාජිකයින් දෙදෙනෙක් මරුට
COLOMBO (News 1st) - මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරිවල නියුතු ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පිපිරීමකින් මියගොස් තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේ, ඉන් තව ත් හමුදා සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි. අදාළ හමුදා සාමාජිකයින් පිරිස ගමන් ගත් WMZ වර්ගයේ සන්නද්ධ රථය, මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක් ව තිබුණි. මියගිය දෙදෙනා අතර හමුදා කපිතාන්වරයෙකු ද වේ. ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ WMZ සංග්‍රාමික රථයට සහ ඊට පිටුපසින් පැමිණි අනෙකුත් සංග්‍රාමික රථයකට ද හානි සිදු විය.
2019-01-25T06:04:27.000Z
ලාහුගල ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්
ලාහුගල ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්
COLOMBO (News 1st) - ලාහුගල ප්‍රාදේශීය සභාව අද රැස් වූ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. ලාහුගල ප්‍රාදේශීය සභාවේ බලය හිමිකරගෙන සිටින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. එහි රැස්වීම අද පැවැත්වූයේ, සභාපති එස්.ඒ. ස්ටැන්ලි මහතාගේ ප්‍රධානත්වයෙනි. හුලංනුගේ ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ගයක විදුලි බුබුළු සවිකිරීමේදී අක්‍රමිකතාවක් සිදු ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී ඩබ්ලිව්. එම්. එච් මහින්ද මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ටී. ඒ. සූරසිංහ මහතා ඊට දුන් පිළිතුරත් සමග සභාවේ ඇති වූයේ උණුසුම් තත්ත්වයකි. අප වාර්තාකරු පැවසුවේ, ටී. ඒ. සූරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාට අපහස වන ආකාරයට කතා කිරීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වූ බවයි. පසුව නැවතත් සභාවේ කටයුතු ආරම්භ කෙරුණි.
2019-01-25T05:33:19.000Z
සිංගප්පූරු ගිවිසුමේ ලංකාව පැත්තෙන් අඩුපාඩු කිහිපයක් සිදු ව ඇති බව ජනපති කියයි
සිංගප්පූරු ගිවිසුමේ අඩුපාඩු ඇතිබව හෙළිවෙයි
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළෙඳ ගිවිසුමේ ශ්‍රී ලංකා පාර්ශවයෙන් අඩුපාඩු කිහිපයක් සිදු ව තිබෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කර ඇත්තේ, සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලුන්ග් මහතා අද දහවල් හමු වූ අවස්ථාවේදී ය. ගිවිසුම සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන කිහිපයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා එහිදී පැවසුවේ ය. ඉදිරියේදී ඒ පිළිබඳව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙම හමුවේදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ. දෙරට අතර පවතින වෙළෙඳ සංචාරක හා කර්මාන්ත ක්ෂේත්‍රයේ සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයින්ගේ විශේෂ සාකච්ඡාවට බඳුන් විය. එමෙන්ම ලෝකයටම තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීම සඳහා එක් ව කටයුතු කිරීම පිළිබඳව ද නායකයින් දෙපළගේ අවධානයට යොමු වී ඇති අතර මත්උවදුර මැඩලීම සඳහා ජනාධිපතිතුමා ඇතුළු රජය ගෙන යන වැඩපිළිවෙළට උපරිම සහාය ලබාදෙන බව ද සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයා මෙහිදී සහතික වී තිබේ. මේ අතර එක්සත් ජාතින්ගේ පරිසර කමිටුවේ සිව්වැනි සැසිවාරයේ සභාපතිවරයා වන ඇස්ටෝනියාවේ පරිසර අමාත්‍යවරයා ද අද ජනාධිපතිතුමා හමුවිය. පරිසරය ආරක්ෂා කර ගනිමින් තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ලක් රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී ඇස්ටෝනියා පරිසර අමාත්‍යවරයාගේ පැසසුමට ලක් ව තිබේ. ඔහු මෙම හමුවේදී ලබන මාර්තු මාසයේදී නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර සැසියේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වන ලෙස ජනාධිපතිතුමාට ඇරයුම් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
2019-01-25T02:31:51.000Z
පතල් හා භූ විද්‍යා කාර්යංශයේ සභාපතිවරයාට විශේෂ මහාධිකරණයෙන් තරයේ අවවාද
පතල් හා භූ විද්‍යා කාර්යංශයේ සභාපතිට තරයේ අවවාද
COLOMBO (News 1st) - වෘත්තියේ ගරුත්වය රැක ගනිමින් අධිකරණය තුළදී කටයුතු කිරීමට වගබලා ගන්නා ලෙස පතල් හා භූ විද්‍යා කාර්යංශයේ සභාපති ඩබ්ලිව්.එම්.ඒ.එස්. ඉද්දවෙල මහතාට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද තරයේ අවවාද කළේ ය. ඉද්දවෙල මහතා, හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ 67 වන සාක්ෂිකරු ය. පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මඩුල්ල එලෙස අවවාද කළේ, එම නිලධාරියා අධිකරණයට කැඳවා ඇත්තේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස, සාක්ෂි ලබා දීමට මිස, විත්තිකරුවන්ට අධිකරණය තුළදී ආචාර සමාචාර පවත්වා සතුටු සාමිච්චියේ යෙදීමට නොවන බව පෙන්වා දෙමිනි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ, ඉද්දවෙල මහතා පසුගිය 22 වන දා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණ ශාලාව තුළට ඇතුළු වන අවස්ථාවේදී ඔහු අසළට දිව ගොස් අතට අත දී ආචාර සමාචාර පවත්වා ඇති බැවින් එලෙස අධිකරණ ශාලාව තුළ හැසිරීම ස්වාධීන සාක්ෂිකරුවෙකුගෙන් අපේක්ෂා නොකරන බව ය. පැමිණිල්ල කටයුතු කරනුයේ පුද්ගලයින්ගේ තරාතිරම හෝ ඔවුන් දරණ තනතුරු අනුව නොවන බව එහිදී දිලීප පිරීස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය. එම සාක්ෂිකරුට ලබන 2 වන දා සිට 4 වන දා දක්වා පුද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවට යාමට විනිසුරු මඩුල්ල අද අවසර ලබා දුන්නේ ය. මේ අතර පැමිණිල්ලේ 53 වන සාක්ෂිකරු ලෙස නම් කර ඇති ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන සුරේෂ් බණ්ඩාර අතපත්තු මහතාට ද විදේශගත වීමට අවසර ලබා දුන්නේ, රුපියල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප 2ක් මත ය. එමෙන් ම නඩුවේ පැමිණිල්ලේ 3 වන සාක්ෂිකරු ලෙස නම් කර ඇති විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රොහාන් ප්‍රණීත සෙනවිරත්න මහතාට පෙබරවාරි 16 වන දින සිට 23 වන දා දක්වා ජපානයට යාමට ද අධිකරණය අනුමැතිය ලබා දුන්නේ ය. නඩුව ලබන 31 වන දා යළි කැඳවීමට නියමිත ය.
2019-01-25T00:57:45.000Z
සේනා ඇඹිලිපිටියටත් යයි
සේනා ඇඹිලිපිටියටත් යයි
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපා ඇති සේනා දළඹු උවදුර පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ දළඹු උවදුර කළමනාකරණය පිළිබඳව දැනුවත් වීම, මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය කරුණක් බව ය. සේනා දළඹුවා පිළිබඳව පසුබිම් තොරතුරු සහ සියලු දත්ත මෙරට කෘෂිකර්ම අමාත්‍යංශයට දැනටමත් ලබා දී ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි. එම සංවිධානය පෙන්වා දෙන්නේ, දර්දනය සඳහා ඒකාබද්ධ කෘමි කළමනාකරණ ව්‍යාපෘතියක් ඉතා වැදගත් බව ය. සේනා දළඹු උවදුර අවසන් වන තෙක් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට කටයුතු කරන බව ද අදාළ නිවේදනයේ සඳහන් ය. මේ අතර සේනා දළඹු උවදුර ඇඹිලිපිටියේ ගොවි බිම් වෙතත් පැතිර ගොස් තිබේ. ඇඹිලිපිටිය කොළඹගේආර මන්චිවත්ත ප්‍රදේශයේ බඩ ඉරිඟු වගා බිම් රැසක් පුරා මේ වන විටත් සේනා දළඹුවන් ව්‍යාප්ත වී අවසන් ය. සේනා දළඹුවන් ව්‍යාප්ත වූ ගොවි බිම් නිරීක්ෂණ කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇඹිලිපිටිය කාර්යාලයේ කෘෂි නිලධාරීහු ඊයේ සංචාරයක ද නිරත වූහ. එහිදී සේනා දළඹු උවදුරෙන් මුළුමනින්ම විනාශ වූ අක්කර එකහමාරක පමණ බඩ ඉරිඟු හේනක් ද කෘෂි නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් විය. කෘෂි නිලධාරීන් එහිදී උපදෙස් ලබා දී ඇත්තේ, සේනා දළඹු වසංගතයට ගොදුරු වූ හේන් කඩිනමින් ගිනි තබා විනාශ කරන ලෙස ය.
2019-01-25T00:42:50.000Z
වෙනස් වූ එ.ජා.ප.යේ තනතුරු කිහිපයකට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය
එ.ජා.ප.යේ නව තනතුරුවලට අනුමැතිය හිමි වෙයි
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු කිහිපයක් ඇතුළු ප්‍රධාන තනතුරු සඳහා පත් කළ සාමාජිකයින්ගේ නම් අනුමත වී තිබේ. ඒ, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස් වූ අවස්ථාවේදී ය. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පැවසුවේ, පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ධූරය සඳහා අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ නම එහිදී අනුමත වූ බව ය. පක්ෂයේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පත් කර තිබේ. නියෝජ්‍ය සංවිධායකවරුන් ලෙස පත් කර ඇත්තේ, අජිත් පී. පෙරේරා හා ජේ. සී. අලවතුවල යන පාර්ලිමේන්තු මන්තීවරුන් ය. අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස ජෝන් අමරතුංග, රංජිත් මද්දුම බණ්ඩාර හා ලක්ෂ්මන් කිරිඇල්ල යන අමාත්‍යවරුන්ගේ නම් සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ය.
2019-01-25T00:32:43.000Z
මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට ජලය කැපේ
මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට ජලය කැපේ
COLOMBO (News 1st) - හෙට පෙරවරු 8.00 සිට පැය 24ක් මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ හා පාදුක්ක ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බව ය. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
2019-01-25T00:18:44.000Z
රටින් පළා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24ක් හඳුනා ගැනේ
රටින් පළා ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හඳුනා ගැනේ
COLOMBO (News 1st) - රටින් පළා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ඔහු පැවසුවේ, ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව ය. මේ අතර මෙම මාසය තුළ පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 107යි ග්‍රෑම් 351ක් සමග සැකකරුවන් 2895 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
2019-01-24T22:24:40.000Z
වෙනිසුවෙලානු ජනපතිගේ සියලු ම ආදායම් මාර්ග කපා හැරීමට ට්‍රම්ප් පරිපාලනය දැඩි තීරණයක
ට්‍රම්ප් පරිපාලනය දැඩි තීරණයක
(News 1st) - වෙනිසුවෙලානු ජනාධිපති නිකලස් මධුරෝගේ සියලු ම ආදායම් මාර්ග කපා හැරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ. ඒ, අමෙරිකාව සමග සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ දමන බවට වෙනිසුවෙලානු ජනාධිපති නිකලස් මධුරෝ කළ ප්‍රකාශය හේතුවෙනි. අමෙරිකාව වෙනිසුවෙලාවේ විපක්ෂය සමග එක්ව තමන්ට එරෙහිව කුමන්ත්‍රණ කිරීමට සැලසුම් කරන බවට චෝදනා කළ වෙනිසුවෙලානු ජනාධිපතිවරයා, එරට අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට වෙනිසුවෙලාවෙන් පිටවීමට පැය 72ක කාලයක් ලබා දුන්නේ ය. වෙනිසුවෙලානු විපක්ෂ නායක මෙන්ම එරට කොංග්‍රස් මණ්ඩලයේ ප්‍රධානියා වන ජුවාන් ගුවයිඩෝ තමන් වෙනිසුවෙලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා බවට කළ ප්‍රකාශය අමෙරිකානු ජනාධිපතිවරයා පිළිගැනීමෙන් පසු නිකලස් මධුරෝ මෙම පියවර ගනු ලැබී ය. ජුවාන් ගුවයිඩෝ තමන් වෙනිසුවෙලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා බව පැවසුවේ, අමෙරිකාව සහ ලතින් අමෙරිකානු රටවල් රැසක මෙන්ම යුරෝපා සංගමයේ ද සහයෝගය හිමි කර ගනිමිනි. සියලු යුරෝපා රටවලට වෙනිසුවෙලාවේ නව අන්තර්වාර ජනාධිපතිවරයාට සහය පළ කරන ලෙස පවසමින් යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් සඳහන් කළේ, නිකලස් මධුරෝ මෙන් නොව ජුවාන් ගුවයිඩෝට වෙනිසුවෙලානු ජනතාවගෙන් ප්‍රජාතන්ත්‍රවාදී වරමක් ලැබී ඇති බව ය. තමන් වෙනිසුවෙලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා බවට ගුවයිඩෝ කළ ප්‍රකාශයෙන් පසු ඔහුව නිල වශයෙන් පිළිගත් අමෙරිකානු ජනාධිපතිවරයා, කඩිනමින් මැතිවරණ පැවැත්වීමේ ගුවයිඩෝගේ සැලසුම් අගය කර තිබේ.
2019-01-24T20:32:18.000Z
පොලීසියට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව අද සිට
පොලීසියට එරෙහිව පැමිණිලි කිරීමේ හැකියාව අද සිට
COLOMBO (News 1st) - පොලීසියට එරෙහිව අද සිට අන්තර්ජාලය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාතික පොලිස් කොමිසම පවසයි. එහි සභාපති ජී.එච්. මනතුංග මහතා සඳහන් කළේ, යොමු කරන පැමිණිලි සම්බන්ධයෙන් පසුවිපරම් කිරීමට ද අන්තර්ජාලය මගින් අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ය. ඒ අනුව ජාතික පොලිස් කොමිසමේ නිල වෙබ් අඩවිය වන www.npc.gov.lk වෙබ් අඩවියෙන් මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකි ය. ජාතික පොලිස් කොමිසමේ සභාපති ජී.එච්. මනතුංග මහතා ප්‍රකාශ කළේ, මහජනතාව විසින් පොලීසියට ඉදිරිපත් කරන පැමිණිලි සම්බන්ධයෙන් ඇතැම් පොලිස් නිලධාරීන් පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට සහ පැමිණිලි විමර්ශන කටයුතු ප්‍රමාද වන බවට සිය කොමිසමට ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බව ය. වාර්ෂිකව එවැනි පැමිණිලි 500කට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. සභාපතිවරයා සඳහන් කළේ, පොලීසියට එරෙහිව පැමිණිලි භාර ගැනීම සඳහා පළාත් මට්ටමින් විශේෂ නියෝජිතයින් ද පත් කර ඇති බව ය. ඒ අනුව එම නිලධාරීන්ට සිය පැමිණිලි ඉදිරිපත් කිරීමට ද මහජනතාවට හැකියාව පවතී.
2019-01-24T20:16:50.000Z
ජනපති අද පරිසර සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වයි
ජනපති අද පරිසර සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වයි
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතව තිබේ. සමුළුව පැවැත්වෙන්නේ, සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඩ්ස් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී ය. ඒ සඳහා ආසියානු ශාන්තිකර කලාපීය රටවල් 40ක් නියෝජනය කරමින් පරිසර අමාත්‍යවරු හා නියෝජිතයෝ සහභාගී වෙති. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සිංගප්පූරු ජනාධිපතිනී හලීමා යේකුබ් මහත්මිය අතර හමුව ඊයේ පැවැත්විණි. ඒ, සිංගප්පූරුවේ ඉස්තානා මන්දිරයේදී ය. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී නායකයින්ගේ අවධානය යොමු විය.
2019-01-24T20:10:02.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) දේශීය පුවත් 1. මුදල් උපදේශක කාරක සභාව ඇතුළු උපදේශක කාරක සභා 31කට ඊයේ පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය. 2. අමෙරිකානු නාවික හමුදාව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ යානා අතර භණ්ඩ හුවමාරු කිරීමේ මෙහෙයුමක් දියත් කරන බව අමෙරිකානු තානාපති කාර්යාලය උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත්පත ඊයේ වාර්තා කළේ ය. 3. ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ අභියාචනා පෙත්සමක් ගොනු කළේ ය. 4. ඓතිහාසික කිරලාගල දාගැබ මත සිට ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හැරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ලබන මස 5 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 5. සේනා දළඹු වසංගතයෙන් වගා බිම්වලට සිදු වූ හානිය තක්සේරු කිරීම ඊයේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය. 6. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියෙකුට සහ විශ්‍රාමික නිලධාරියෙකුට එරෙහිව මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නඩු පවරන්නැයි ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කෙරිණි. විදෙස් පුවත් 7. වෙනිසුවෙලාවේ විපක්ෂ නායක 35 හැවිරිදි ජුවාන් ගුවයිඩෝ තමන් එරට අන්තර්වාර ජනාධිපතිවරයා බව ප්‍රකාශයට පත් කර තිබේ.
2019-01-24T19:56:43.000Z
දෙහිවලදී හසු වූ මත්ද්‍රව්‍ය ජාවාරම බංග්ලාදේශයේ සිට මෙහෙයවා ඇති බවට තොරතුරු
දෙහිවල මත්ද්‍රව්‍ය ජාවාරම: තවත් තොරතුරු ‍හෙළිවෙයි
COLOMBO (News 1st) - පසුගියදා දෙහිවලදී නීතියේ රැහැනට හසු කර ගත් මත්ද්‍රව්‍ය ජාවාරම බංග්ලාදේශයේ සිට මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. පොලීසිය සඳහන් කළේ, ජාවාරමට සම්බන්ධ බංග්ලාදේශ සැකකාරියට අමතරව මෙම ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරුවෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ය. මේ වන විට බංග්ලාදේශයේ සැඟ වී සිටින සැකකාර කාන්තාව මෙහෙයවා ඇත්තේ ද මෙම සැකකරු බව මූලික විමර්ශනවලදී තහවුරු වූ බව පොලීසිය ප්‍රකාශ කළේ ය. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සොයා බැලීමට මෙරටට පැමිණි බංග්ලාදේශ විශේෂ විමර්ශන කණ්ඩායම මෙරට රැඳවුම් භාරයේ සිටින සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු මෙම තොරතුරු අනාවරණය කර ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා බංග්ලාදේශයට පළා ගොස් සිටින සැකකාරිය සහ බංග්ලාදේශයේ සිට ජාවාරම මෙහෙයවූ සැකකරු අත්අඩංගුවට ගැනීමට එම විමර්ශන කණ්ඩායම මෙහෙයුම් ආරම්භ කර ඇති බව ය. මේ අතර පසුගිය අඟහරුවාදා කොල්ලුපිටිය නිවාස සංකීර්ණයක් තුළ පවත්වා ගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇෆ්ගන් ජාතිකයා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට තහවුරු වී තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරු සන්තකයේ තවත් විශාල මත්ද්‍රව්‍ය තොග පැවතිය හැකි බවට සැක කරන බව ය. ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු වන බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. මේ අතර පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ජනවාරි 20 වන දා තෙක් මෙරටින් සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණයේ බර කිලෝග්‍රෑම් 800කට අධික ය. එම කාල සීමාවේ මත්ද්‍රව්‍ය සිදු වීම් සම්බන්ධයෙන් සැකකරුවන් 5000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 10 දෙනෙකු පමණ විදෙස් ජාතිකයින් බව ද පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, මුහුදු මගින් මෙරටට වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරෙන අතර, එම තත්ත්වය පාලනයට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ය.
2019-01-24T11:13:27.000Z
අමෙරිකානු නාවික හමුදාව මෙරටදී භාණ්ඩ හුවමාරු මෙහෙයුමක
අමෙරිකානු නාවික හමුදාව භාණ්ඩ හුවමාරු මෙහෙයුමක
COLOMBO (News 1st) : අමෙරිකානු නාවික හමුදාව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුළ යානා අතර භණ්ඩ හුවමාරු කිරීමේ මෙහෙයුමක් දියත් කරන බව අමෙරිකානු තානාපති කාර්යාලය උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත්පත අද වාර්තා කළේ ය. එම පුවත්පත් වාර්තාවේ දැක්වුණේ, ලබන 29 දා දක්වා එම කටයුතු ක්‍රියාත්මක බවයි. මහා පරිමාණ නමුත් තාවකාලික භණ්ඩ හුවමාරු කිරීමේ මෙහෙයුමක කොටසක් ලෙස මෙය දියත් කරන බව ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශකර ඇතැයි ඩේලී මිරර් වාර්තාවේ දැක්වේ. එහි සඳහන් වන්නේ, ශ්‍රී ලංකාව, වානිජ කටයුතු සඳහා කලාපීය කේද්‍රස්ථානයක් බවට පත්කිරීමේ අරමුණින් මෙම කටයුතු සිදුකරන බවයි. පසුගිය වසරේ අගෝස්තු මාසසේ ත්‍රිකුණාමලයේ සහ කටුනායක ගුවන් තොටුපොළවලත් දෙසැම්බර් මාසයේ කටුනායක ගුවන් තොටුපෙළේදීත් මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි එම වාර්තාවේ සඳහන් ය. මෙම මෙහෙයුම යටතේ අමෙරිකානු නාවික ගුවන් යානා මෙරට වානිජ ගුවන්තොටුපොළට යාම සහ පිටව යාම් සිදුකරන අතර මාරාන්තික නොවන සැපයුම් ප්‍රවාහනය කෙරෙනු ඇති. මෙම සැපයුම් කටුනායක ගුවන්තොටුපොළේදී යානා අතර හුවමරු කර පසුව යූ.එස්.එස්. ජෝන්ස් සී ස්ටෙනිස් නමැති න්‍යෂ්ටික යාත්‍රාවට රැගෙන යාම සිදුවේ. අමෙරිකාව සමග සිදුකෙරන හමුදාමය කටයුතු සම්බන්ධයෙන් පසුගිය 18 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ද ප්‍රශ්න කළේ ය.
2019-01-24T09:52:05.000Z
ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද 9වන දිනටත්
ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන 9වන දිනටත්
COLOMBO (News 1st) : 2018 ස්පෝර්ට්ස් ෆස්ට් අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද 9 වන දිනටත් පැවැත්විණ. 2018 ස්පෝර්ට්ස් ෆස්ට් - අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද 9 වැනි දිනට පුදුකුඩිඉරිප්පු ජාතික පාසලෙන් ආරම්භ විය. ඊට පුදුකුඩිඉරිප්පු ජාතික පාසලෙ විදුහල්පති , උතුරු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ආර් රාජසීලන් , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ උමානිදි උවනරාජා මහත්මිය , මුලතිව් සහකාර පොලිස් අධිකාරී පර්සි මයිකල් , පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපති එම් ජි චන්ද්‍රපාල, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සහ අලායන්ස් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය . ප්‍රදේශයේ පාසල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ඊට එක් වූ අතර සමාරම්භක උත්සවයට විචිත්‍රාංග රැසක් ද එක් කර තිබිණ. 2017 වසරේ දෙසැම්බර් සිට 2018 වසරේ දෙසැම්බර් මාසය දක්වා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දේශීය හා ජාත්‍යන්තර දක්ෂතා ඇගයීම උදෙසා මෙවර ප්ලැටිනම් සම්මාන උළෙල එළඹෙන මාර්තු 29 වැනිදා රත්මලාන ස්ටයින් මැදිරි සංකිර්ණයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතයි. අද පැවැති මුලතිව් දිස්ත්‍රික් ප්‍රවර්ධන වැඩසටහනේදී එම ප්‍රදේශයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාපන්දු, රග්බි සහ බේස් බෝල් ක්‍රීඩා හඳුන්වා දුන්නේ ය. මේ අතර අද දිනයේ මුලතිව් දිස්ත්‍රික්කයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ප්ලැටිනම් රන් පදක්කම දිනා ගත්තේ පාඩියම්කුලම් මහා විද්‍යාලයේ බර ඉසීලීමේ ක්‍රීඩිකා ටී තර්ෂිකායි. පිළිවෙළින් පාලිගනර් මහා විද්‍යාලයේ ජූඩෝ ක්‍රීඩක ටී කපිල් රාජ් එහි රීදී පදක්කම දිනා ගත් අතර මුත්තු අයියන්කම්බු මිශ්‍ර පාසලේ එස් බිමල්ශන් තුන්වන ස්ථානය හිමිකර ගත්තේ ය. අනතුරුව ප්ලැටිනම් සම්මාන උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව ත්‍රිකුණාමලයට පැමිණි අතර එහීදී ප්‍රදර්ශනාත්මක ක්‍රීඩා තරග, සංගීත සංදර්ශන ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්විණ. https://www.youtube.com/watch?v=iCOYJ3tvLgk
2019-01-24T07:58:03.000Z
විමල් වීරවංශගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්
වීරවංශගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්
COLOMBO (News 1st) : ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද අභියාචනා පෙත්සමක් ගොනු කළේ ය. ඒ - නැත්ත වෙනුවට ඇත්ත - ග්‍රන්ථය සම්බන්ධයෙන් තමාට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණ විසින් ලබාදුන් තීන්දුව අවලංගු කරන ලෙස ඉල්ලමිනි. එම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම සඳහා විත්තිකාර මන්ත්‍රිවරයාගේ නීතිඥවරුන් අද එය කොළඹ වාණිජ මහාධිකරණයට භාරදුන්නේ ය. 2008 වසරේ ජුනි මස 24 වන දා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් ගොනුකර තිබු නඩුවක් විභාග කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ෆර්ඩිනැන්ඩු මහතා විසින් පසුගිය 11 වන දා තීන්දු කළේ විත්තිකාර විමල් වීරවංශ මහතා පැමිණිලිකාර ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ පනත යටතේ ගැනෙන අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවටයි. ඒ අනුව බුද්ධිමය දේපළ උල්ලංඝනය කිරීමේ වරදට රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ගෙවන ලෙස විමල් වීරවංශ මහතාට නියෝග කළේ ය. එම කෘතිය මුද්‍රණය කර අලෙවි කිරීමෙන් උපයන ලද මුදල ගණනය කර ව්‍යවස්ථාපිත අලාභ මුදලක් ගෙවන ලෙසත්, මුද්‍රණය කර ඇති කෘති විනාශ කරන ලෙසත් නඩු ගාස්තු ගෙවන ලෙසත් විමල් වීරවංශ මහතාට නියෝග කර තිබිණ.
2019-01-24T07:45:31.000Z
කිරලාගල දාගැබ මත සිට ඡායාරූප ගත් සරසවි සිසුන් රිමාන්ඩ්
කිරලාගල දාගැබ මත සිට ඡායාරූප ගත් සිසුන් රිමාන්ඩ්
COLOMBO (News 1st) : ඓතිහාසික කිරලාගල දාගැබ මත සිට ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හැරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ලබන මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් කැබිතිගොල්ලෑව දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් හර්ෂණ අල්විස් මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. සැකකරුවන් 7 දෙනා අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි. ඔවුන් අවසන් වසරේ විභාගයකට පෙනී සිටීමට නියමිත නිසා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස නීතිඥයින් කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා තරයේම ප්‍ර‍තික්ෂේප කළේ ය. මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ සැකකරුවන් විභාගයට පෙනී සිටින්නේ නම් ඔවුන් බන්ධනාගාර බස් රථයකින් අදාළ විභාග මධ්‍යස්ථානයට සහභාගී කරවන ලෙසයි. ඵෙතිහාසික කිරලාගල දාගැබ පිහිටා ඇත්තේ මැදවච්චිය, හොරොව්පතාන ප්‍රදේශයේයි.
2019-01-24T07:36:04.000Z
සේනා වැනසූ වගා බිම්වල හානි තක්සේරුව ඇරඹේ
සේනා වැනසූ වගා බිම්වල හානි තක්සේරුව ඇරඹේ
COLOMBO (News 1st) : සේනා දළඹු වසංගතයෙන් වගා බිම්වලට සිදුවු හානිය තක්සේරු කිරීම අද අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සේනා දළඹු මර්දන විශේෂ ඒකකයේ ප්‍රධානී අනුර විජේතුංග මහතා සඳහන් කළේ, ඒ සඳහා ග්‍රාම සේවා මට්ටමින් නිලධාරී කණ්ඩායම් පත් කර ඇති බවයි. මේ අතර සේනා දළඹු වසංගතය පාලනය කළ නොහැකි පරිදි ව්‍යාප්ත වෙමින් ඇති වගාබිම් වෙත කෘෂි රාසායන යෙදීම සඳහා සහනාධාර ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා සඳහන් කළේ, එවැනි වගාබිම් සම්බන්ධයෙන් කඩිනමින්, ප්‍රදේශය භාර කෘෂි නිලධාරීන්ට දැනුම් දිය යුතු බවයි. මේ අතර මහවැලි සී කලාපයේ සේනා දළඹූවා හේතුවෙන් විනාශ වූ ගොවි බිම් නිරීක්ෂණය කිරීමේ හා සංගණනය කිරීමේ කටයුතු ද අද සිදුකෙරිණ. මේ අතර නුවරඑළිය අඹගමුව ප්‍රදේශයේ බඩ ඉරිඟු වගාවකින් සේනා දළඹුවන් සොයාගෙන තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, කෘෂිකර්ම නිලධාරීන් පැමිණ ඒ පිළිබඳව විමර්ශන සිදුකළ බවයි.
2019-01-24T07:11:00.000Z
අර්ජුන් ඇලෝසියස්ගෙන් අධිකරණයට ඉල්ලීමක්..
අර්ජුන් ඇලෝසියස්ගෙන් අධිකරණයට ඉල්ලීමක්..
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියෙකුට සහ විශ්‍රාමික නිලධාරියෙකුට එරෙහිව මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නඩු පවරන්නැයි අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කෙරිණ. මෝසමක් ගොනු කර නඩුව කැඳවා එම ඉල්ලීම කළේ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් අලෝසියස් මහතාගේ නීතිඥ සජිත ජයවර්ධන මහතායි. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් නිර්දේශ කර ඇති බැවින් අදාළ පුද්ගලයින් දෙදෙනා නඩුවේ සැකකරුවන් ලෙස නම් කරන ලෙස ජයවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඔහු එම ඉල්ලීම කළේ, මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ සහ විශ්‍රාමික නියෝජ්‍ය මහබැංකු අධිපති ආනන්ද සිල්වා යන මහත්වරුන් සම්බන්ධයෙන් කරුණු දක්වමිනි. ජයවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙම නිලධාරීන් දෙදෙනා අතරින් එක් අයෙකුට මේ වනවිට උසස්වීමක් ද ලබා දී ඇති බවයි. එමෙන්ම එම නිලධාරීන් දෙදෙනාගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර නොගැනීම සාධාරණ යුක්තිය ඉටු කිරීම පැහැර හැරීමක් බව ද ඔහු අධිකරණයට පෙන්වා දුන්නේ ය. ජයවර්ධන මහතාගේ කරුණු දැක්වීම විමර්ශනවලට අදාළ වන බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයේ පෙනී සිටින අවස්ථාවක එම කරුණු දැක්වීම සිදුකරන ලෙසට අධිකරණය ඔහුට දැනුම් දුන්නේ ය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ, පෙබරවාරි 25 වනදා එම කරුණු දැක්වීම සිදුකරන ලෙසටයි.
2019-01-24T05:46:30.000Z
ජනපති මෛත්‍රී සිංගප්පුරු ජනපතිනිය හමුවෙයි
ජනපති මෛත්‍රී සිංගප්පුරු ජනපතිනිය හමුවෙයි
COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ සිංගප්පුරුවේ ඉස්තානා මන්දිරයේදී එරට ජනාධිපතිනි හලීමා යේකුබ් මහත්මිය හමුවිය. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමක් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී නායකයින්ගේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජ සහ ආර්ථික වශයෙන් මේ වනවිට ඉදිරියට තබා ඇති වැදගත් පියවර පිළිබව ද හලීමා යේකුබ් මහත්මිය ජනාධිපතිවරයා වෙත ප්‍රසංශාව පළ කර ඇත. එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා සිංගප්පුරුව බලා පිටත්ව ගියේ ය.
2019-01-24T04:12:29.000Z
ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 5ක් යළි භාරදෙයි
ඉන්දීය ධීවරයින්ට අයත් යාත්‍රා 5ක් යළි භාරදෙයි
COLOMBO (News 1st) : මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 05 ක් යළි එරටට භාර දී තිබේ. මෙම ට්‍රෝලර් යාත්‍රා කරෛයිනගර ප්‍රදේශයේ නැංගුරම් ලා තිබු අතර, එම ධීවර යාත්‍රා අලුත්වැඩියා කිරීම සඳහා ඉන්දියාවට අයත් ඉංජිනේරුවන් පිරිසක් පසුගියදා මෙරටට පැමිණි බව ද නාවික හමුදාව ප්‍රකාශ කළේ ය. ට්‍රෝලර් ධීවර යාත්‍රා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවක් මගින් කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායට භාරදුන් බව ද නාවික හමුදාව සඳහන් කළේ ය
2019-01-24T01:11:16.000Z
අමාත්‍යංශ උපදේශක කාරක සභා 31 ක් සඳහා අද පාර්ලිමේන්තුවේ අනුමැතිය
උපදේශක කාරක සභා 31 කට පාර්ලිමේන්තුවේ අනුමැතිය
COLOMBO (News 1st) - මුදල් උපදේශක කාරක සභාව ඇතුළු උපදේශක කාරක සභා 31 කට අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. ඒ සම්බන්ධයෙන් වූ යෝජනාව ඉදිරිපත් කළේ, සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි. පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30 ට රැස්වූයේ නියෝජ්‍ය කථානයක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ය. එහිදී අදහස් දක්වමින් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඉල්ලා සිටියේ, කෝප් කමිටු රැස්වීම් මාධ්‍යයට විවෘත කරන ලෙසයි.
2019-01-24T00:52:36.000Z
ලිංගික උත්තේජන ඖෂධ තොගයක් ගුවන්තොටුපොළේදී රේගු භාරයට
ලිංගික උත්තේජන ඖෂධ තොගයක් රේගු භාරයට
COLOMBO (News 1st) - ලිංගික උත්තේජන ඖෂධ තොගයක් ඇතුළු තව ත් සිරුරු ආලේපන තොගයක් නීති විරෝධි ලෙස මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. ඔහු ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. එම ඖෂධවල වටිනාකම රුපියල් ලක්ෂ 05 ක පමණ වනු ඇත. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, එම ලිංගික උත්තේජන සහ රාත්‍රී ආලේපන තොගය රාජසන්තක කර ව්‍යාපාරිකයාට රුපියල් 10,000 ක දඩයක් නියම කළ බවයි.
2019-01-24T00:25:50.000Z
විද්‍යා පීඨ සිසුන් බඳවා ගැනීම සඳහා වන ගැසට් නිවේදනය හෙට නිකුත් කෙරේ
විද්‍යා පීඨ සඳහා වන ගැසට් නිවේදනය හෙට නිකුත් කෙරේ
COLOMBO (News 1st) - විද්‍යා පීඨ සඳහා සිසුන් බඳවා ගැනීමට වන ගැසට් නිවේදනය හෙට නිකුත් කෙරේ. විද්‍යා පීඨ කොමසාරිස් ජනරාල් කේ. එම්. එච් බණ්ඩාර මහතා සඳහන් කළේ, 2016 සහ 2017 වර්ෂවල උසස් පෙළ ප්‍රතිඵල මත එම සිසුන් බඳවා ගැනීමට නියමිත බවයි. ඒ අනුව මේ වර්ෂය සඳහා විද්‍යා පීඨ සිසුන් 8000 කට අධික පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.
2019-01-24T00:07:15.000Z
මහ කන්නයේ වී මිලදී ගැනීමට රු. මිලියන 6100 ක මුදලක් වෙන් කෙරේ
මහ කන්නයේ වී මිලදී ගැනීමට රු. මි 6100 ක් වෙන් කෙරේ
COLOMBO (News 1st) - මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රු. මිලියන 6100 ක මුදලක් වෙන් කිරීමට රජය තීරණ කර තිබේ. රජයේ නිල පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ, මේ යටතේ එක් ගොවියෙකුගෙන් වී කිලෝග්‍රෑම් 2000 ක් පමණ මිලදී ගැනීමට‍ රජය අපේක්ෂා කරන බවයි. රජය විසින් ගොවීන්ගෙන් නාඩු වී කිලෝග්‍රෑම් එකක් රු. 38 කට ද සම්බා වී කිලෝග්‍රෑම් එකක් රු. 41 කට ද මිලදී ගැනීමට තීරණය කර ඇතැයි සඳහන් වේ. කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා සඳහන් කළේ, ගොවීන්ගේ පහසුව උදෙසා ඉදිරියේදී ගොවිජන මධ්‍යස්ථාන හරහා වී වේලීම සඳහා විදුලියෙන් ක්‍රියාත්මක වී වේලන යන්ත්‍ර ස්ථාපනය කිරීමට අපේක්ෂා කරන බවයි.
2019-01-23T23:20:08.000Z
පිළිස්සුණු මළ සිරුරක් මොරටුවේ ලී මඩුවකින් හමුවෙයි
ලී මඩුවකින් පිළිස්සුණු මළ සිරුරක් හමුවෙයි
COLOMBO (News 1st) - මොරටුව, එගොඩඋයන රංවැලි මාවත ප්‍රදේශයේ ලී මඩුවක තිබී පිළිස්සුණු මළ සිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අද අලුයම පොලීසියට ලද තොරතුරකට අනුව මළ සිරුර සොයා ගත් බවයි. අවුරුදු 30 - 35 ත් අතර වයසේ පසුවන බවට සැකකෙරෙන මියගිය පුද්ගලයා කළු පැහැයට හුරු කලිසමක් ඇඳ සිටි බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර ගෙන නොමැත.
2019-01-23T21:03:48.000Z
තමන් අන්තර්වාර ජනපති බව වෙනිසුවෙලානු විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක්..!
තමන් අන්තර්වාර ජනාධිපති බවට ගුවයිඩෝගෙන් ප්‍රකාශයක්
වෙනිසුවෙලාවේ විපක්ෂ නායක 35 හැවිරිදි ජුවාන් ගුවයිඩෝ තමන් එරට අන්තර්වාර ජනාධිපතිවරයා බව ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, අමෙරිකාව සහ ලතින් අමෙරිකානු රටවල් රැසක මෙන් ම යුරෝපා සංගමයේ ද සහයෝගය හිමි කර ගනිමිනි. සියලු යුරෝපා රටවලට වෙනිසුවෙලාවේ නව අන්තර්වාර ජනාධිපතිවරයාට සහය පළ කරන ලෙස පවසමින් යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් සඳහන් කළේ, නිකලස් මධූරෝ මෙන් නොව ජුවාන් ගුවයිඩෝට වෙනිසුවෙලානු ජනතාවගෙන් ප්‍රජාතන්ත්‍රවාදී වරමක් ලැබි ඇති බවයි. තමන් වෙනිසුවෙලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා බවට ගුවයිඩෝ කළ ප්‍රකාශයෙන් පසු ඔහුව නිල වශයෙන් පිළිගත් අමෙරිකානු ජනාධිපතිවරයා කඩිනමින් මැතිවරණ පැවැත්වීමේ ගුවයිඩෝගේ සැලසුම් අගය කළේ ය. ඉන් පසු කැනඩාව, බ්‍රසීලය, කොලොම්බියාව, චිලී, පේරු, ඉක්වදෝරය, ආජන්ටිනාව සහ පැරගුවේ යන රටවල් ද ජුවාන් ගුවයිඩෝ ට සහය පළ කර තිබුණි. නිකලස් මධූරෝ මේ මස මුලදී දෙවන වරටත් වෙනිසුවෙලාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් පසු එරට අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උත්සන්න විය. ඡන්ද විමසීමේදී අක්‍රමිකතා සිදුවනු ඇතැයි පවසමින් වෙනිසුවෙලා විපක්ෂය මෙම මැතිවරණය වර්ජනය කළ අතර විදේශික රටවල් මෙම මැතිවරණය සැලකුවේ දූෂිත ඡන්ද විමසීමක් ලෙසයි. ජනාධිපති නිකලස් මධුරෝගේ පාලනයට එරෙහිව ඊයේ පසුවරුවේ එරට කැරකස් අගනුවරට රැස් වූ පුද්ගලයන් දහස් ගණනක් විරෝධතාවල නිරත විය. එහිදී ජුවාන් ගුවයිඩෝ කියා සිටියේ, වෙනිසුවෙලාවේ විනිවිද පෙනෙන රජයක් නිර්මාණය කර එරට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට කැපවන බවයි. මේ අතර රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ නිකල්ස් මධූරෝ කියා සිටියේ, අමෙරිකාව සමග එක් ව විපක්ෂය තමන්ට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවයි. වොෂින්ටනයේ සිට වෙනිසුවෙලාව පාලනය කිරීමට අමෙරිකාව ප්‍රයත්න දරන බවට ද ඔහු වැඩිදුරටත් චෝදනා කළේ ය. කෙසේ වෙතත් වෙනිසුවෙලාවේ රාජ්‍ය පාලනයේ සිදු කෙරෙන වෙනස්කම් රඳා පවතින්නේ එරට ආරක්ෂක අංශ සහය පළ කරන පාර්ශවය මතයි. විදෙස් මාධ්‍ය වාර්තා කාළේ, එරට හමුදාව නිකලස් මධූරෝට සහය පළ කර ඇති බවයි. වෙනිසුවෙලාවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූරය හිස්වුවහොත් දින 30 ක් තුළ නව මැතිවරණයක් කැඳවීමට සිදුවන අතර එතෙක් කොංග්‍රස් මණ්ඩල ප්‍රධානියා එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.
2019-01-23T20:38:31.000Z
ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි
ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය අද ඇරඹේ
COLOMBO (News 1st) - තරග දෙකකින් සමන්විත සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ හා ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ. දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සුප්‍රසිද්ධ ගැබා ක්‍රීඩාංගණයේදී අද ආරම්භවීමට නියමිතය. 1982 වසරේ සිට ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ මේ දක්වා අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 29 කදී ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව එකිනෙකා මුණගැසී තිබේ. ඉන් තරග 14 ක ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව හිමිකරගෙන ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇති තරග ගණන 4 කි. තව ත් ටෙස්ට් තරග 8 ක් ජය පරාජයෙන් තොරව අවසන් විය. ඔස්ට්‍රේලියානු බිමේ දී ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලි 6 ක් පවත්වා ඇති අතර එම තරගාවලි 6 ම ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියානුවන් සමත්වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව තුළ දී ශ්‍රී ලංකාව එකඳු ටෙස්ට් තරගයක් හෝ ජය ගැනීමට සමත් වී නොමැත. 2012 - 2013 වසරේදී ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැති අතර එම තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජය ගත්තේ ඔස්ට්‍රේලියාවයි. අවසන් වරට 2016 වසරේදී වෝන්- මුරලිදරන් කුසලානය වෙනුවෙන් පැවැති තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජය ගත්තේ ඔස්ට්‍රේලියාවයි. ප්‍රේක්ෂකයින් 37,000 කට පමණ අසුන්ගත හැකි අද තරගය පැවැත්වෙන සුප්‍රසිද්ධ ගැබා ක්‍රීඩාංගණයේදී 2017 වර්ෂයේ නොවැම්බර් මාසයට පසුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව වන්නේ මෙයයි. මෙම තණතීරු මත ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් පවත්වා තිබෙන අතර එම තරග දෙකෙන් එක් තරගයක් ශ්‍රී ලංකාව පරාජය වී ඇති අතර අනෙක් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. දිවා රාත්‍රී තරගයක් වන මෙය අද උදෑසන 8. 30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මාධ්‍ය හමුවේ පැවසුවේ, මෙම තරගය ජය ගැනීම සඳහා කණ්ඩායමේ ක්‍රීඩකයින් උපරිම කැපවීමෙන් කටයුතු කරන බවටයි. මේ අතර ආබාධයකට ලක් වූ නුවන් ප්‍රදීප් මෙම තරගයට එක් නොවන අතර අද තරගයේදී ලහිරු තිරිමාන්න සහ දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරනු ඇති බවට වාර්තා වේ. ඔස්ට්‍රේලියා කණ්ඩායමෙන් ලැබෙන වාර්තා පැවසූවේ, මාකස් හැරිස් සහ ජෝ බර්න්ස් එම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරනු ඇති බවයි. නවක ක්‍රීඩකයින් වන කර්ටිස් පැටර්සන් සහ ජායි රිචර්ඩ්සන් ද ඔස්ට්‍රේලියා සංචිතයට කැඳවා තිබේ.
2019-01-23T20:09:35.000Z
'සේනා' ගෙන් වගා බිම්වලට සිදුවූ හානිය තක්සේරු කිරීම ඇරඹේ
'සේනා'ගෙන් වගා බිම්වලට වූ හානිය තක්සේරු කිරීම ඇරඹේ
COLOMBO (News 1st) - සේනා දළඹු හානියෙන් වගා බිම්වලට සිදුවූ හානිය තක්සේරු කිරීමේ කටයුතු අද ආරම්භ කෙරේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සේනා දළඹු මර්දන විශේෂ ඒකකයේ ප්‍රධානී අනුර විජේතුංග මහතා සඳහන් කළේ, ඒ සඳහා ග්‍රාමසේවා මට්ටමින් නිලධාරී කණ්ඩායම් පත් කර ඇති බවයි. මේ අතර, සේනා දළඹු වසංගතය පාලනය කළ නොහැකි පරිදි ව්‍යාප්ත වෙමින් ඇති වගාබිම් වෙත කෘෂි රාසායන යෙදීම සඳහා සහනාධාර ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා සඳහන් කළේ, එවැනි වගාබිම් සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රදේශය භාර කෘෂි නිලධාරීන්ට දැනුම් දිය යුතු බවයි. මේ අතර ගම්පොළ, දොළුව මැදපිටිය ගොවිජන සේවා බල ප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක වගාවන් ද සේනා දළඹු උවදුර හේතුවෙන් විනාශවීමේ අවදානමකට මුහුණ දී ඇත. අප වාර්තාකරු පැවසුවේ, කළුගමුව, ගනේගොඩ, දොළුව, නාරංවිට ආදී ප්‍රදේශවල වගාවන් මෙලෙස සේනා උවදුරින් හානි වී ඇති බවයි. මැදපිටිය ගොවිජන සේවා බල ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරයා සේනා දළඹු උවදුරින් හානි වූ වගාවන් ගිනි තබන ලෙස මෙම ගොවීන්ට උපදෙස් දී ඇති අතර ඔවුන් ඒ අනුව වගාවන් ගිනි තබා ඇත.
2019-01-23T19:56:57.000Z
අඟුණුකොළපැලැස්ස රැඳවියන්ට පහරදීම සම්බන්ධයෙන් පත්කළ කමිටු වාර්තාව විෂය භාර ඇමතිවරියට
රැඳවියන්ට පහරදීම සම්බන්ධයෙන් පත් කළ කමිටු වාර්තාව
COLOMBO (News 1st) - අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට එහි නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ බන්ධනාගාර දෙපාර්තමේන්තු කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍යවරිය වෙත භාර දී තිබේ. බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවට සමාජිකයින් තිදෙනෙකු ඇතුළත් ය. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ වාර්තාව සිද්ධිය සම්බන්ධ නිලධාරීන් හා රැඳවියන් 40 දෙනෙකුට අධික පිරිසකගේ ප්‍රකාශ පදනම් කරගනිමින් සකස් කර ඇති බවයි. පහරදීම සිදුවන දර්ශන ඇතුළත CCTV වීඩියෝ පට මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් පොලීසිය මගින් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස එම වාර්තාවෙන් ඔවුන් පෙන්වා දුන්හ. පහරදීමට සම්බන්ධ පුද්ගලයින්ට ආයතනික පටිපාටිය යටතේ, දඬුවම් ලබා දිය යුතු බව ද වාර්තාව මගින් නිර්දේශ කර තිබේ. මේ අතර අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ දෙවන පරීක්ෂණ කමිටුව ද මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ. එහි වාර්තාව ලබන සතිය ඇතුළත විෂයභාර අමාත්‍යවරියට ලැබීමට නියමිතයි. අදාළ කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහ බන්ධනාගාර අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විතයි.
2019-01-23T19:34:29.000Z
අමාත්‍යංශ උපදේශක කාරක සභා 31 ක් අනුමැතිය සඳහා අද පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වෙයි
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30 ට රැස්වීමට නියමිත වේ. ඒ, කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී අමාත්‍යංශ උපදේශක කාරක සභා 31 ක් අනුමැතිය සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2019-01-23T19:21:39.000Z
කොල්ලුපිටියේදී කොටු වූ හෙරොයින් ජාවාරම ටර්ක්මෙනිස්ථානයේ සිට මෙහෙයවා ඇති බවට අනාවරණයක්
කොල්ලුපිටියේ කොටු වූ හෙරොයින් ජාවාරම ගැන අනාවරණයක්
COLOMBO (News 1st) - කොල්ලුපිටිය්දී නීතියේ රැහැනට හසුකරගත් හෙරොයින් ජාවාරම ටර්ක්මෙනිස්ථානයේ සිට මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ ජවාරමේ ප්‍රධානයින් ලෙස කටයුතු කළ ටර්ක්මෙනිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි. කිලෝග්‍රෑම් 90 කට අධික හෙරොයින් සමග පෙරේදා (22) පස්වරුවේ කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයකදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම කරුණු අනාවරණය විය. අදාළ හෙරොයින් නීති විරෝධිව බෝට්ටු මගින් මෙරටට ගෙන එන්නට ඇතැයි සැකකරන බව ද පරීක්ෂණ මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, මෙම ජාවාරම 2016 වසරේ සිට ඉතා සූක්ෂම ලෙස සිදුකර ඇති බවයි. මේ අතර ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා ලබන 29 වැනි දා තෙක් රඳවා ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ අවසර ලබා දුන්නේ ය. අත්අඩංගුවට ගත් අය අතර අමෙරිකානු ජාතිකයින් දෙදෙනෙකු සහ ඇෆ්ගන් ජාතිකයෙකු ද වනු ඇත. විමර්ශන නිලධාරීන් ඊයේ අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කිරීමට අවශ්‍ය බවයි.
2019-01-23T18:57:32.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. ආපදාවකදී ජනතාව මුදා ගන්නේ කෙසේ ද?: පුත්තලම එළුවන්කුලමේදී පැවති අපදාවකදී මහජනතාව මුදා ගැනීම පිළිබඳ මෙරට නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන අවසන් විය. 2. තරුණයින් දෙදෙනෙක් මහවැලි ගඟේ ගිලී මරුට: ගම්පොළදී, මහවැලි ගඟේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලි මිය ගොස් තිබේ. 3. මන්ත්‍රී නාමල් CIDය හමුවට: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. 4. කොල්ලුපිටියේ හෙරොයින් ජාවාරම මෙහෙයවූ සැකකරුවන් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර: රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුත් හොරායින් සමග කොල්ලුපිටිය්දී අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා ලබන 29 වන දා තෙක් රඳවා ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දුන්නේ ය. විදෙස් පුවත් 5. ලිංග විපර්යාසයට ලක් වූ අමෙරිකානු හමුදා නිලධාරීන්ට සේවය අහිමි වන ලකුණු: ලිංග විපර්යාසයට ලක් වූ ඇතැම් නිලධාරීන්ට හමුදාව තහනම් කිරීමේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය බලාත්මක කිරීමට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ.
2019-01-23T11:35:10.000Z
ආපදාවකදී ජනතාව මුදා ගන්නේ කෙසේ ද?
ආපදාවකදී ජනතාව මුදා ගන්නේ කෙසේ ද?
COLOMBO (News 1st) : පුත්තලම එළුවන්කුලමේදී පැවති අපදාවකදී මහජනතාව මුදා ගැනීම පිළිබඳ මෙරට නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන අද අවසන් විය. එම වැඩසටහනේ සමාප්ති උලෙළ අද පැවැත්වුණේ, නාවික හමුදාපති වයිස් අද්මිරල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි. අපදාවකදී මහජනතාව මුදවා ගැනීම පිළිබඳ මෙම පුහුණුව පැවැත්වුණේ, තායිවාන සහ ජපාන පුහුණුකරුවන් සහ ශේෂඥයින්ගේ මෙහෙයවීමෙනි. පුහුණුව සාර්ථකව නිමාකළ නිලධාරීන් සඳහා ජාත්‍යන්තර මටට්ටමේ මුදා ගැනීමේ පිළිබඳ සහතිකයක් අද පිරිනැමිණ. නාවික හමුදාපතිවරයා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ ඉහළ නිලධාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. පසුගිය දින කිහිපය පුරා වැඩසහනට සහභාගීවූ නිලධාරීන් වෙත ලබාදුන් මුදවා ගැනීමේ ක්‍රමවේදයන් අද ප්‍රදර්ශනය කෙරුණේ මෙලෙසිනි... ඒපෑඩ් හෙවත් ආපදා කළමනාකරණය පිළිබද ආසියා පැසිෆික් සහයෝගීතාව සහ ජපාන විදේශ අමාත්‍යංශය එක්ව මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර තිබිණ.
2019-01-23T10:05:08.000Z
ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේදී
ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන 8 වන දිනටත්
COLOMBO (News 1st) : 2018 ස්පෝර්ට්ස් ෆස්ට් - අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද 8 වැනි දිනටත් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණ. 2017 - 2018 වසරේ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා ස්පෝර්ට්ස් ෆස්ට් සහ අලියාන්ස් ආයතනය එක්ව මෙවර ප්ලැටිනම් සම්මාන උළෙල සංවිධානය කෙරෙයි. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කිරීමට ක්‍රියාත්මක ප්‍රවර්ධන චාරිකාව 8 වැනි දිනය සදහා අද ආරම්භ වූයේ කිලිනොච්චි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන්, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සහ අලායන්ස් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි. එම ප්‍රවර්ධන වැඩසටහනේදී එම ප්‍රදේශයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාපන්දු, රග්බි සහ බේස් බෝල් ක්‍රීඩා හඳුන්වා දුන්නේ ය. රාමනාදන් දෙමළ මිශ්‍ර විද්‍යාලයේ බර ඉසිලීමේ ක්‍රීඩක එස්. දුර්ගා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ප්ලැටිනම් රන් පදක්කම අද දිනා ගත්තේ ය. https://www.youtube.com/watch?v=Z0SBzOwLmGc
2019-01-23T05:30:38.000Z
තරුණයින් දෙදෙනෙක් මහවැලි ගඟේ ගිලී මරුට
තරුණයින් දෙදෙනෙක් මහවැලි ගඟේ ගිලී මරුට
COLOMBO (News 1st) : ගම්පොළදී, මහවැලි ගඟේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලි මිය ගොස් තිබේ. මිය ගොස් ඇත්තේ ,අවුරුදු 16 සහ 20 ක් පමණ වයසැති ගම්පොල ඇත්ගාල පදිංචි තරුණයින් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කළේ ය. අද පස්වරුවේ තවත් පිරිසක් සමග ඔවුන් දිය නෑමට පැමිණ ඇති අතර එහිදි මෙම අනතුරට ලක්ව තිබේ. තරුණයින් දෙදෙනාගේ මෘත ශරීර ගම්පොල මූලික රෝහලේ තැන්පත් කර ඇතැයි පොලීසිය පැවසී ය.
2019-01-23T04:51:03.000Z
මන්ත්‍රී නාමල් CIDය හමුවට
මන්ත්‍රී නාමල් CIDය හමුවට
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. එම දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අද කැඳවා ඇති බවයි. ඒ අනුව ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම මේ වන විට ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ය. අද පස්වරු 2.10 ට පමණ නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි බව අප වාර්තාකරු පැවසී ය.
2019-01-23T03:57:29.000Z
පාතාලේ 'ආමි නාලක' පෑලියගොඩදී අත්අඩංගුවට
පාතාලේ 'ආමි නාලක' පෑලියගොඩදී අත්අඩංගුවට
COLOMBO (News 1st) : පුද්ගල ඝාතන සහ කොල්ලකෑම් කිහිපයකට අවශ්‍ය කර සිටි ආමි නාලක නමැති සංවිධානාත්මක අපරාධකරුවෙකු පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ මෙහෙයුමකදී සැකකරු සමග බිරිඳ ද අත්අඩංගුවට ගත් බවයි. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 220 ක් සොයාගෙන තිබේ. සැකකරු, ගිනි අවියකින් වෙඩි තබා ජා-ඇළ ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සැලක් කොල්ලකෑම සහ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ භූමිය ඉදිරිපිටදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම යන චෝදනා එල්ලවූවෙකි. ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊට ආධාර අනුබල දීමේ චෝදනා මතයි. අදාළ සැකකරු දරුණු ගණයේ අපරාධකරුවෙකු වන වැල්ලේ සුරංග නමැත්තාගේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධානතම ගෝලයා බව ද පොලීසිය සඳහන් කළේ ය. ඔවුන් අවුරුදු 29 සහ 26 යන වයස්වල පසුවන හැඳල ප්‍රීතිපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2019-01-23T03:29:05.000Z
කොල්ලුපිටියේ හෙරොයින් ජාවාරම මෙහෙයවූ සැකකරුවන් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර
කොල්ලුපිටියේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම
COLOMBO (News 1st) - රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුත් හොරායින් සමග කොල්ලුපිටිය්දී අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා ලබන 29 වන දා තෙක් රඳවා ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නේ ය. ඒ, සැකකරුවන් කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් ඊයේ මෙම පිරිස අත්අඩංගුවට ගත්තේ ය. එහිදී සොයා ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 95කට ආසන්නයි. ඒ අතර අමෙරිකානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු විදේශිකයින් තිදෙනෙක් ද වෙති. විමර්ශන නිලධාරීන් අද අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය බව ය. ඒ සඳහා සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ යුතු බව ඔවුන් අධිකරණයට පැවසීමෙන් පසු මෙම රඳවා තබා ගැනීමේ නියෝගය නිකුත් කළේ ය.
2019-01-23T03:17:13.000Z
පුද්ගල ඝාතන සහ කොල්ල කෑම් කිහිපයකට අවශ්‍ය කර සිටි ආමි නාලක අත්අඩංගුවට
ආමි නාලක පෑලියගොඩදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - පුද්ගල ඝාතන සහ කොල්ල කෑම් කිහිපයකට අවශ්‍ය කර සිටි ආමි නාලක නමැති සංවිධානාත්මක අපරාධකරුවෙකු පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ මෙහෙයුමකදී සැකකරු සමග බිරිඳ ද අත්අඩංගුවට ගත් බව ය. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 220 ක් සොයා ගෙන තිබේ. සැකකරු ගිනිඅවියකින් වෙඩි තබා ජා-ඇළ ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සලක් කොල්ල කෑම සහ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ භූමිය ඉදිරිපිටදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම යන චෝදනා එල්ල වූවෙකි. ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඊට ආධාර අනුබල දීමේ චෝදනා මත ය. අදාළ සැකකරු දරුණු ඝණයේ අපරාධකරුවෙකු වන වැල්ලේ සුරංග නමැත්තාගේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බෙදා හරින ප්‍රධානතම ගෝලයා බව ද පොලීසිය සඳහන් කළේ ය. ඔවුන් අවුරුදු 29 සහ 26 යන වයස්වල පසුවන හැඳල ප්‍රීතිපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2019-01-22T23:00:28.000Z
ගිනිඅවි සඳහා නිකුත් කළ බලපත්‍ර පරීක්ෂා කිරීම අද හා හෙට
ගිනිඅවි බලපත්‍ර පරීක්ෂා කිරීම අද හා හෙට
COLOMBO (News 1st) - පිස්තෝල හා රිවෝල්වර සඳහා නිකුත් කළ බලපත්‍ර පරීක්ෂා කිරීම අද හා හෙට ආරක්ෂක අමාත්‍යංශයේදී සිදු කෙරේ. ඒ, පිස්තෝල හා රිවෝල්වර සඳහා නිකුත් කර ඇති ගිනිඅවි බලපත්‍ර තාවකාලිකව අහෝසි කිරීමට ආරක්ෂක අමාත්‍යංශය ගත් තීරණයෙන් පසුව ය. අනන්‍යතාව තහවුරු වූ පසු වසරක් සඳහා නැවත ගිනිඅවි බලපත්‍රය දීර්ඝ කිරීම සිදු කරන බව හමුදා ප්‍රකාශක සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ය. බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, බලපත්‍ර නොමැති ගිනිඅවි ළඟම ඇති පොලීසියට භාර දිය හැකි බව ය.
2019-01-23T01:40:58.000Z
සේනා මර්දනයට පර්යේෂණ සාර්ථකයි - බතලගොඩ වී පර්යේෂණ ආයතනය කියයි
"සේනා මර්දනයට පර්යේෂණ සාර්ථකයි"
COLOMBO (News 1st) - සේනා දළඹුවා මර්දනය සඳහා බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පර්යේෂණයක් කර තිබේ. ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පැවැත්විණි. සේනා දළඹුවා බඩ ඉරුඟු හා එළවළු වගාවන්ට පමණක් නොව මෙරට ප්‍ර‍ධාන කෘෂි භෝගය වන වී වගාවට ද හානි කරන බව කීට විද්‍යාඥයෝ සොයා ගත්හ. ඒ, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙනි. කීට විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, මෙම දළඹුවා බඩ ඉරිඟු වගාව තුළ එක් ආකාරයකටත් වී වගාව තුළ තවත් ආකාරයකටත් ක්‍රියාත්මක වන බව ය. ඒ අනුව වී වගාව තුළ මෙම දළඹුවා මර්දනය කිරීම පිළිබඳව බලතගොඩ වී පර්යේෂණ ආයතනය කළ පරීක්ෂණ සාර්ථක වී තිබේ.
2019-01-23T01:07:03.000Z
හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි
සරත් එන්. සිල්වාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි
COLOMBO (News 1st) - අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල වී ඇති හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට ලබන 7 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් 2018 දෙසැම්බර් 3 වන දා මරදානේ පැවති රැළියකදී අධිකරණයට අපහාස කර ඇති බව පවසමින් ඔහුට එරෙහිව නඩුවක් ගොනු කොට තිබිණි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය හේවාවඩුගේ සිරිල්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන යන තිදෙනා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා තිබූ නඩුව අද කැඳවනු ලැබුවේ ය. විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරේ රාජා යන විනිසුරු මඩුල්ල හමුවේ අද නඩුව කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර සරත් එන්. සිල්වා මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. කෙසේ වෙතත් ඔහු අධිකරණයට පැමිණ ඇත්තේ, මාධ්‍ය මගින් දැන ගත් තොරතුරු අනුව මිස නොතීසි ලැබීමෙන් නොවන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා මහතා ප්‍ර‍කාශ කළේ ය. එම කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ, සරත් එන්. සිල්වා මහතාට ලබන 7 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ය.
2019-01-23T00:55:26.000Z
සෑම පාසලකම සුරක්ෂණ කමිටු පිහිටු වීම අද ඇරඹේ
සෑම පාසලකම සුරක්ෂණ කමිටු පිහිටු වීම අද ඇරඹේ
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කිරීම සඳහා සෑම පාසලකම සුරක්ෂණ කමිටු පිහිටු වීම අද ආරම්භ වේ. ඒ, පාසල්වල ක්‍රියාත්මක ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ 3 වන දිනයට සමගාමීව ය. අද දිනයේ ආරක්ෂක අමාත්‍යංශයේ දැනුවත් කිරීම් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙන් කර ඇතැයි ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා සඳහන් කළේ ය.
2019-01-23T00:38:00.000Z
පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවියක් ක්‍රියාත්මක වීමෙන් සැකකරුවෙකු තුවාල ලබයි
ගිනිඅවියක් ක්‍රියාත්මක වීමෙන් සැකකරුවෙකුට තුවාල
COLOMBO (News 1st) - කටාන හරිස්චන්ද්‍රපුරදී මෙහෙයුමක් අතරතුර පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවියක් ක්‍රියාත්මක වීමෙන් සැකකරුවෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, ස්ත්‍රී දූෂණයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ ඥාතියෙකු බීමත්ව කළහකාරීව හැසිරුණු බව ය. ඔහු එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙකුට පොල්ලකින් පහර දී ගිනිඅවිය උදුරා ගැනීමට තැත් කර තිබේ. එම අවස්ථාවේ අදාළ නිලධාරියා සතු ගිනිඅවිය ක්‍රියාත්මක වීමෙන් සැකකරුගේ දකුණු අතට වෙඩි වැදී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරු සහ පොලිස් කොස්තාපල්වරයෙක් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබති. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක ය.
2019-01-23T00:01:31.000Z
මොරගල්ල මුහුදේ ගිලීමෙන් විදේශිකයෙකු මරුට
මොරගල්ල මුහුදේ ගිලීමෙන් විදේශිකයෙකු මරුට
COLOMBO (News 1st) - අලුත්ගම මොරගල්ල මුහුදේ දිය නෑමට ගිය විදේශිකයෙකු දියේ ගිලී මිය ගොස් තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ, 58 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙකි. මිය ගිය පුද්ගලයාගේ සිරුර කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත ය.
2019-01-22T22:29:29.000Z
ලිංග විපර්යාසයට ලක් වූ අමෙරිකානු හමුදා නිලධාරීන්ට සේවය අහිමි වන ලකුණු
අමෙරිකානු හමුදාවේ ඇතැම් නිලධාරීන්ට සේවය අහිමි වේ
(News 1st) - ලිංග විපර්යාසයට ලක් වූ ඇතැම් නිලධාරීන්ට හමුදාව තහනම් කිරීමේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය බලාත්මක කිරීමට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ ලිබරල් විනිසුරුවරුන් සිව් දෙනා ඊට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමත් සමග අදාළ නීතිය බලාත්මක කෙරුණේ ජන්ද 5ට 4ක් ලෙස ය. මෙම නව නීතියට අනුව ලිංග විපර්යාසයට ලක් වූවන් හෝ ලිංගිකත්වය වෙනස් කර ගැනීමේ සැත්කමකට භාජනය වූ පුද්ගලයින්ට හමුදාවේ සේවය කිරීමේ අවස්ථාව ගිලිහෙනු ඇති. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුව අදාළ නීතිය බලාත්මක කිරීමට අමෙරිකානු හමුදාවට විකල්පයක් සපයනු ඇති . ලිංග විපර්යාසයට ලක් වූවන් හමුදාවේ සේවය කිරීම වියදම් අධික ක්‍රියාවක් බැවින් ඊට ඉඩ නොදෙන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ 2017 වසරේදී ය.
2019-01-22T20:25:01.000Z
සේනා මර්දනයට සොයා ගත් ප්‍රතිකර්ම 15ක් ක්ෂේත්‍රයට හඳුන්වා දීමට පර්යේෂණ
සේනා මර්දනයට සොයා ගත් ප්‍රතිකර්ම 15 පිළිබඳ පර්යේෂණ
COLOMBO (News 1st) - සේනා දළඹු වසංගතය මර්දනය සඳහා විවිධ පුද්ගලයින් විසින් සොයා ගෙන ඇති ප්‍රතිකර්ම 15ක් පමණ මේ වන විට වගා ක්ෂේත්‍රයට හඳුන්වා දීමට පර්යේෂණ ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. එහි සේනා දළඹු මර්දන විශේෂ ඒකකයේ ප්‍රධානී අනුර විජේතුංග මහතා සඳහන් කළේ, දේශීය ක්‍රමයක් මගින් මෙම වසංගතය මර්දනයට හැකි වුවහොත් එය විශාල ජයග්‍රහණයක් බව ය. සේනා දළඹුවා මර්දනය කළ හැකි නව ක්‍රමවේදයන් තිබේ නම් වහාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස ද ඔහු ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සේනා දළඹු වසංගතය පාලනය සඳහා මේ වන විට කෘමි නාශක වර්ග 05ක් හඳුන්වා දී ඇති අතර එමගින් දළඹුවන් බෝවීම පාලනය වී ඇති බව ද අනුර විජේතුංග මහතා සඳහන් කළේ ය. මේ අතර අම්පාර නාමල්තලාව 8බී සහ 9බී යන ජනපදවල අක්කර 400ක පමණ බඩ ඉරිඟු වගාවන්හි අස්වනු නෙළා ගත නොහැකිව ගොවීන් අපහසුතාවට පත්ව තිබේ. ගොවීන් පෙන්වා දෙන්නේ, ඔවුන් බඩ ඉරිඟු වගාව සේනා දළඹු උවදුර පැමිණීමට පෙර සිදු කළ බව ය. ඒ අනුව ඔවුන්ගේ අස්වැන්න සුළු වශයෙන් සේනා දළඹු ග්‍රහණයට ලක්ව තිබේ. එහෙත් ගොවීන් ප්‍රකාශ කළේ, මේ වන විට හොඳ තත්ත්වයේ ඇති අස්වැන්න ද අලෙවි කර ගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ය.
2019-01-22T20:13:06.000Z
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නව සභාපතිවරයා පත් කර ගැනීම අද
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නව සභාපති පත් කර ගැනීම අද
COLOMBO (News 1st) - අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වේ. එහිදී රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නව සභාපතිවරයා පත් කර ගැනීම සිදු කෙරේ. මේ අතර අද පාර්ලිමේන්තුවේදී ණය සහනදායක සංශෝධන කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත ය.
2019-01-22T19:59:41.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව දිස්ත්‍රික් නායකයින් පත් කර තිබේ. 2. ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයෙකු ඇතුළත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තාක්ෂණ නිලධාරියෙකු තමන්ට රුපියල් මිලියනයක අල්ලස් මුදලක් ලබා දීමට යෝජනා කළ බවට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. 3. පාර්ලිමේන්තු සභාවේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටුවේ වාර්තාව ඊයේ කථානායක කරු ජයසූරිය මහතාට භාර දුන්නේ ය. 4. රජය පොරොන්දු වූ පරිදි තම අස්වැන්න මිලදී ගන්නේ නැතැයි පවසමින් වට්ටක්කා ගොවීහු ඊයේ අනුරාධපුර නොච්චියාගමදී විරෝධතාවක නිරත වූහ. 5. කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයකදී හෙරොයින් කිලෝග්‍රෑම් 95කට අධික තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. 6. කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා තෝරා පත් කර ගැනිණි. විදෙස් පුවත් 7. ඉන්දුනීසියාවේ සුම්බාවා දූපතේ ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ.
2019-01-22T19:49:58.000Z
මෙරට අල්ලස් කොමිසමේ නිලධාරීන් පුහුණුවට හොංකොං හා මැලේසියානු සහය
අල්ලස් කොමිසමේ නිලධාරීන් පුහුණුවට රටවල් 2ක සහය
COLOMBO (News 1st) - අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පුහුණු කිරීමට හොංකොං රාජ්‍ය හා මැලේසියාව එකඟ වී තිබේ. ඒ, ඔස්ට්‍රියාවේ වියානා නුවර මේ දිනවල පැවැත්වෙන අල්ලස් හා දූෂණය තුරන් කිරීමේ ලෝක සමුළුවට සමගාමීව පැවති සාකච්ඡාවලදී ය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ, තමන් මෙම සමුළුව අතරතුර හොංකොං රාජ්‍යයේ අල්ලස් කොමිසමේ සභාපතිවරයා සමග කළ සාකච්ඡාවකදී අල්ලස් කොමිසමේ විමර්ශකයින් පුහුණු කිරීමට සිය දායකත්වය ලබා දීමට එකඟ වූ බව ය. ඒ පිළිබඳ සැලසුම් සකස් කිරීම සඳහා ඉදිරි මාස 2 ඇතුළත හොංකොං නිලධාරීන් කණ්ඩායමක් මෙරටට පැමිණීමට ද නියමිත බව නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ ය. මැලේසියානු අල්ලස් කොමිසමේ සභාපතිවරයා සමග කළ සාකච්ඡාවේදී මෙරට දූෂණ නිවාරණ නිලධාරීන් පුහුණු කිරීමට සහය ලබා දෙන බව ප්‍රකාශ කළ බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. රටවල් 75ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ලෝක සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වා ඇත්තේ, මැලේසියානු අග්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් මොහොමඩ් මහතා විසිනි.
2019-01-22T10:45:04.000Z
ක්‍රීඩකයෙකු සංචිතයට ඇතුළත් කිරීමට ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දීමේ උත්සහයක්
ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දීමේ උත්සහයක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයෙකු ඇතුළත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තාක්ෂණ නිලධාරියෙකු තමන්ට රුපියල් මිලියනයක අල්ලස් මුදලක් ලබා දීමට යෝජනා කළ බවට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පැවති උත්සවයකදී ය.
2019-01-22T10:31:34.000Z
ශ්‍රී.ල.නි.ප.යට නව දිස්ත්‍රික් නායකයින් පත් කෙරේ
ශ්‍රී.ල.නි.ප.යට නව දිස්ත්‍රික් නායකයින් පත් කෙරේ
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව දිස්ත්‍රික් නායකයින් පත් කර තිබේ. අද රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේදී මෙම පත්වීම් ලබා දුන් අතර, පත්වීම් ලබා දීමෙන් පසු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් මාධ්‍ය හමුවේ අදහස් පළ කළහ. නව දිස්ත්‍රික් නායකයින් පිළිබඳව TV 1හි විකාශය වූ මායිම වැඩසටහනේදී පළවූ අදහස් මේ...
2019-01-22T09:50:32.000Z
ගෝඨාභය ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට අධිචෝදනා කියවා දෙනු ලබයි
ගෝඨාභයට අධිචෝදනා කියවා දෙනු ලබයි
COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටියේ ය. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුව අද සිට විභාගයට ගැනීමට විශේෂ මහාධිකරණය පසුගිය 17 වන දා නියෝග කළේ ය. මේ අනුව විත්තිකරුවන්ට විවෘත අධිකරණය හමුවේ අධිචෝදනා කියවා දෙනු ලැබුවේ ය. එහිදී අධිකරණ බලය සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් නගමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ, අධිකරණ සංවිධාන පනත යටතේ ස්ථාපිත කළ විශේෂ මහාධිකරණයට විභාග කළ හැක්කේ විශේෂ මූල්‍යමය හා ආර්ථිකමය වංචා සම්බන්ධයෙන් පවරණ නඩු පමණක් බව ය. මෙම නඩුව රුපියල් මිලියන 33ක මුදලක් සපරාධී සාවද්‍ය පරිහරණය වන බැවින් නඩුව විභාග කිරීමේ නීතිමය අයිතියික් විශේෂ මහාධිකරණයට නැතැයි නීතිඥවරයා තර්ක කළේ ය. පැය 2කට ආසන්න කාලයක් මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දැක්වූ අතර ඊට පිළිතුරු ලබා දීමට කාලය අවශ්‍ය බව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා දැනුම් දුන්නේ ය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ, නිල හා නිල නොවන ආරක්ෂක නිලධාරීන් ඩිෆෙන්ඩර් රථ පිරිවරාගෙන අධිකරණයට පැමිණෙන විත්තිකරුවන් පවත්වන මාධ්‍ය සංදර්ශන නිසා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් තැති ගැන්වීමකට ලක්වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් අපේක්ෂා කරන බව ය. නඩු විභාගය ලබන 31 වන දා දක්වා කල් තැබිණි.
2019-01-22T09:30:48.000Z
පාර්ලිමේන්තු ගැටුමේ පරීක්ෂණ වාර්තාව කථානායක අතට
පාර්ලිමේන්තු ගැටුමේ පරීක්ෂණ වාර්තාව කථානායක අතට
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු සභාවේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටුවේ වාර්තාව අද කථානායක කරු ජයසූරිය මහතාට භාර දුන්නේ ය. කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළේ, විමර්ශන වාර්තාව කථානායකවරයා විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ඇති බව ය. විමර්ශන වාර්තාවෙන් චෝදනා එල්ල වී ඇති මන්ත්‍රීවරුන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීම එහි අරමුණ වී තිබේ. අදාළ වාර්තාව මගින් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට ද චෝදනා එල්ල වී ඇති බව සඳහන් ය. පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පසුගිය නොවැම්බර් මස 15,16 සහ 17 යන දිනවල ඇති වූ කළහකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ අරමුණින් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කිරීමට කථානායකවරයා පසුගියදා පියවර ගත්තේ ය. පසුගිය වසරේ නොවැම්බර් 14 වන දා මේ ගැටුම්කාරී තත්ත්වය ආරම්භ වූයේ, දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවත් සමග ය. ගැටුම්වලට මුල් වූ මේ සිදුවීම් පිළිබඳව අද කථානායකවරයාට භාර දුන් විමර්ශන වාර්තාවේ කරුණු ඇතුළත් වී තිබේ ද? කථානායකවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව එල්ල වන විවේචන සම්බන්ධයෙන් ද කමිටු වාර්තාවේ කරුණු ඇතුළත්ව ඇත්දැයි ජනතාව විමසිල්ලෙන්. කෙසේ වෙතත් බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට යවා තොරතුරු ප්‍රසිද්ධ වීමට බාධා ඇති කළ අයුරින් මේ වාර්තාව ද යටපත් වීමට ඉඩ හරියි දැයි ජනතාව තුළ ඇත්තේ සැකයකි. ජනතා ඡන්දයෙන් තේරී පත්වී ජනතා මුදලින් නඩත්තු වන මැති ඇමතිවරුන්ගේ විනය විරෝධී ක්‍රියා ගැන මැති ඇමතිවරුන්ම ක්‍රියාමාර්ග ගනියි ද?
2019-01-22T09:05:40.000Z
අනුරාධපුරයේ වට්ටක්කා ගොවීන් මහ මගට
අනුරාධපුරයේ වට්ටක්කා ගොවීන් මහ මගට
COLOMBO (News 1st) - රජය පොරොන්දු වූ පරිදි තම අස්වැන්න මිලදී ගන්නේ නැතැයි පවසමින් වට්ටක්කා ගොවීහු අද අනුරාධපුර නොච්චියාගමදී විරෝධතාවක නිරත වූහ. මෙවර අපේක්ෂිත ප්‍රමාණයට වඩා වට්ටක්කා අස්වැන්න ලැබීමත් සමග රජය මැදිහත්ව ඒවා මිලදී ගැනීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් පසුගියදා ආරම්භ කළේ ය. ඒ අනුව තම අස්වැන්න අලෙවි කර ගැනීම සඳහා පැමිණි ගොවීන් පිරිසක් දින තුනක සිට නොච්චියාගම වී ගබඩාව අසළ රැදී සිටිති. ගොවීන් ගබඩා සංකීර්ණය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාව දක්වන අතරතුරු පොලීසිය ඊට මැදිහත් විය. මේ අතර විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් චෝදනා කරන්නේ, දේශපාලන අවශ්‍යතා මත වට්ටක්කා මිලදී ගැනීම ද සිදු වන බව ය.
2019-01-22T06:39:30.000Z
සේනා මැඩලීමට ජාතික වැඩපිළිවෙළක් සකසන්නැයි ජනපතිගෙන් උපදෙස්
සේනා මැඩලීමට වැඩපිළිවෙළක් සකසන්නැයි උපදෙස්
COLOMBO (News 1st) - සේනා දළඹුවා මැඩලීම සඳහා දැඩි කැපවීමකින් හා කාර්යක්ෂමව කටයුතු කරන්නැයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. යම් කාල රාමුවක් නිර්ණය කර ගනිමින් ජාතික වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙසත්, රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සහය ඇතිව ඒකාබද්ධ පළිබෝධ නාශක ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමටත්, ජනාධිපතිතුමා එහිදී උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ජනාධිපතිතුමා මේ උපදෙස් ලබා දුන්නේ, සේනා දළඹු විශේෂය ව්‍යාප්ත වීම හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ල වී ඇති තර්ජනයට මුහුණ දීම සඳහා ගත යුතු හදිසි පියවර පිළිබඳ සොයා බැලීමට අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. සේනා දළඹු මර්දනය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ද පිහිටුවමින් අවශය පියවර ක්‍රියාත්මක කරමින් සිටින අතර, එම බලකාය නිතිපතා රැස්වෙමින් මෙම හදිසි උවදුර මැඩලීමට කඩිනම් තීන්දු තීරණවලට එළැඹීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේ ය.
2019-01-22T06:25:34.000Z
කොල්ලුපිටියේ හෙරොයින් ජාවාරම මෙහෙයවූ සැකකරුවන් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට පියවර
කොල්ලුපිටියේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම
COLOMBO (News 1st) - කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයකදී හෙරොයින් කිලෝග්‍රෑම් 95කට අධික තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ඒකාබද්ධව කළ වැටලීමකිනි. කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක පළමු මහලේ පිහිටි නිවසකින් සොයා ගත් මෙම හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 95යි ග්‍රෑම් 88ක් වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 1141කට අධික වන බව පොලීසිය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා අතරින් දෙදෙනෙකු අමෙරිකානු ජාතිකයින් වන අතර ඔවුන් 29 හැවිරිදි සහ 43 හැවිරිදි පුද්ගලයින් ය. 45 හැවිරිදි ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු ද ඒ අතර වේ. හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අමෙරිකානු ජාතිකයෙකු මෙරටදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, 1994 වසරට පසුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. සෙසු සැකකරුවන් දෙදෙනා ලාංකිකයින් දෙදෙනෙකු වන අතර ඔවුන් හික්කඩුව ප්‍රදේශයේ පදිංචි සංචාරක කර්මාන්තයේ නිරත වන්නන් ය. ලද තොරතුරක් මත අද පෙරවරු 10.00ට පමණ ලිබටි ප්ලාසා ගොඩනැගිල්ල ආශ්‍රිතව අවේක්ෂණ රාජකාරීවල යෙදී සිටි පොලිස් නිලධාරීන් අමෙරිකානු ජාතිකයෙකු විසින් ලාංකිකයින් දෙදෙනාට හෙරොයින් අඩංගු පාර්සලයක් ලබා දීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව කළ විමර්ශනවලදී සෙසු සැකකරුවන් හා මත්ද්‍රව්‍ය තොගය අදාළ නිවාස සංකීර්ණයේ පිහිටි නිවසෙන් සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය. 2015 ජනවාරි 8 වන දා සිදු වූ බල පෙරළියෙන් පසුව පසුගිය වසරේ ඔක්තෝබර් 26 වන දා දක්වා පොලිස් දෙපාර්තමේන්තුව අයත් වූ නීතිය හා සාමය විෂයට අදාළ ඇමති ධූර දැරුවේ එක්සත් ජාතික පක්ෂයයි. බලයට පත් වීමට පෙර හා බලයට පත් වීමෙන් පසුවත් වංචා, දූෂණ සහ අපරාධ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඔවුහු පුන පුනා ප්‍රකාශ කළහ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වැනි නව ආයතන පවා බිහි කළේ මේ අනුව ය. එහෙත් මහා පරිමාණ වංචා දූෂණ නැතහොත් අපරාධ සම්බන්ධයෙන් ගත වූ වසර 4ක පමණ කාල සීමාව තුළ නිසි ක්‍රියාමාර්ග ගත්තේ ද යන්න රටේ ජනතාව තුළ ඇත්තේ සැකයකි. වංචා කළ මුදල් තැන්පත් කළ බැංකු ගිණුම් පවා දන්නා බවට එකල ඇමතිවරුන් ප්‍රකාශ කළත් අවසානයේ සිදු වූයේ, චෝදනා එල්ල වූ ඇතැම් පුද්ගලයින් සමග ආණ්ඩුවේ ඇමතිවරුන් ව්‍යාපාර ආරම්භ කිරීමයි. දැන් පොලීසිය වේගවත්ව නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. මහා පරිමාණයෙන් මත්කුඩු වටලන අතරම අපරාධ මර්දනයට ද කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. වසර ගණනක් ගත වන තෙක් ක්‍රියාමක නොවූ බැඳුම්කර වංචාව ගැන විමර්ශන දැන් සිදු වන බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේ ය. 2016 වසරේ ජනවාරි 8 වන දා බැඳුම්කර ගනුදෙනු නිසා සේවක අර්ථ සාධක අරමුදලට අයත් රුපියල් බිලියන 8කට අධික මුදලක් පාඩු වී ඇතැයි තොරතුරු ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කියා සිටියේ ය. කාලයේ වැලි තලයෙන් වැසී යාමට ඉඩ තිබූ බොහෝ අපරාධ දැන් අනාවරණය වී අපරාධ කරුවන් නීතියේ රැහැනට හසුවනු ඇතැයි ජනතා අපේක්ෂාවයි.
2019-01-22T03:48:43.000Z
මහින්ද රාජපක්ෂ සිය රාජකාරී නිල වශයෙන් අරඹයි
මහින්ද රාජපක්ෂ සිය රාජකාරී නිල වශයෙන් අරඹයි
COLOMBO (News 1st) - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද සිය රාජකාරී නිල වශයෙන් ආරම්භ කළේ ය. ඒ, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී ය.
2019-01-22T05:23:43.000Z
LTTE හිටපු සාමාජිකයින් දෙදෙනෙකුට උතුරු මැද පළාත්බද මහාධිකරණයෙන් වසර 25ක සිර දඬුවමක්
LTTE සාමාජිකයින් දෙදෙනෙකුට වසර 25ක සිර දඬුවමක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව සිටි කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු 8 දෙනෙකු විල්පත්තුව ජාතික වනෝද්‍යානයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් දෙදෙනාට උතුරු මැද පළාත්බද මහාධිකරණය වසර 25 බැගින් වෙන් වෙන්ව බරපතළ වැඩ සහිත සිර දඬුවම් අද නියම කළේ ය. මෙලෙස බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූයේ, සූරියකාන්තන් ජෙයචන්ද්‍රන් නොහොත් උදයන් නොහොත් අයියන් සහ ශිව ප්‍රකාශන් ශිවශීලන් නොහොත් ඉලෙයියන් යන කොටි සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙකුට ය. උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා මෙම නියෝගය කළේ, අදාළ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා අනුරාධපුර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් ගොනු කර තිබූ අධි චෝදනා 9න් 5කට ඔවුන් වරද පිළිගැනීමෙන් අනතුරුව ය. ඒ අනුව එක් චෝදනාවකට වසර 5 බැගින් නියම කෙරුණු විසි පස් වසරක සිර දඬුවම, වසර 5කින් ගෙවී යන ලෙස නියම කෙරිණි. විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබූ 6, 7, 8 සහ 9 වන අධි චෝදනා විකල්ප චෝදනා ලෙස සලකා එම චෝදනා 4 න් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා එහිදී නියෝග කළේ ය. ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව සිටි කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු 8 දෙනෙකු විල්පත්තුව ජාතික වනෝද්‍යානයේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ, 2007 වසරේ මාර්තු මස 9 වන දා ය.
2019-01-22T04:04:22.000Z
සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටුවේ නව සභාපති ලෙස යළිත් තෝරා පත් කර ගැනේ
සුනිල් හඳුන්නෙත්ති කෝප් නව සභාපති ධූරයට
COLOMBO (News 1st) - කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා තෝරා පත් කර ගැනිණි. ඒ, එම කමිටුවේ සාමාජිකයින්ගේ ඒකඡන්දයෙනි. කෝප් කමිටුවේ සාමාජිකයින් පසුගිය 11 වන දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කෙරිණි. සාමාජිකයින් 16 දෙනෙකුගෙන් කමිටුව සමන්විත වේ. කමිටුවේ සාමාජිකයින් වන්නේ රවුෆ් හකීම්, සුජීව සේනසිංහ, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, වසන්ත අලුවිහාරේ, රන්ජන් රාමනායක, අශෝක් අබේසිංහ, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, චන්ද්‍රසිරි ගජධීර, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, රවීන්ද්‍ර සමරවීර, සුනිල් හඳුන්නෙත්ති, මාවෙයි සේනාධිරාජා සහ ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ය.
2019-01-22T03:07:40.000Z
සේනා මර්දනයට විදෙස් සහය ‍ලබා ගැනීමට පියවර
සේනා මර්දනයට විදෙස් සහය ‍ලබා ගැනීමට පියවර
COLOMBO (News 1st) : විමර්ශන සඳහා සේනා දළඹුවාගේ සාම්පල අමෙරිකානු විශ්වවිද්‍යාල වෙත යොමුකර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා සේනා දළඹු මර්දන විශේෂ ඒකකයේ ප්‍රධානී අනුර විජේතුංග මහතා සඳහන් කළේ, සේනා දළඹුවා සම්බන්ධ ජාන විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සඳහා අමෙරිකානු විශ්වවිද්‍යාල වෙත යොමු කළ බවයි. මේ වන විට සේනා දළඹුවා බෝග 100 කට පමණ පැතිරීමේ අවදානමක් පවතින බව ද විජේතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ අතර සේනා දළඹු වසංගතය මර්දනය කිරීම සඳහා විදේශ රටවල සහය ලබා ගන්නා බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. සේනා දළඹු වසංගතය මර්දනය කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී සේනා දළඹුවන් මර්ධනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කළ බව අමාත්‍ය පී. හැරිසන් මහතා නිව්ස් ෆස්ට් කළ විමසුමකදී සඳහන් කළේ ය. හාලිඇළ හැතැක්ම ප්‍රදේශයේ බඩ ඉරිඟු වගාවක් හා කවුපි වගාවක් සේනා දළඹුවන් විනාශ කර ඇති බවට ගොවීහු පවසති. එම ප්‍රදේශයේ දළඹු ව්‍යාප්තිය ආරම්භක අවස්ථාවේ පවතින අතර ගොවීන් ඉල්ලා සිටින්නේ එය ව්‍යාප්ත වීම වළක්වා දෙන ලෙසයි. මේ දක්වා දළඹු මර්දනය සඳහා තමන්ට උපදෙස් දීමට කිසිදු බලධාරියෙක් නොපැමිණි බව ද ගොවීහු පවසති.
2019-01-22T02:39:29.000Z
ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන වේම්බඩි උසස් බාළිකා විද්‍යාලයේදී
ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහනක් අදත්
COLOMBO (News 1st) : 2018 ස්පෝර්ට්ස් ෆස්ට් - අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද 7 වැනි දිනට ක්‍රියාත්මක වේ. අද වැඩසටහන ක්‍රියාත්මක වුණේ, යාපනය වේම්බඩි උසස් බාළිකා විද්‍යාලයෙනි. ප්ලැටිනම් සම්මාන උළෙල පළමු වරට 2014 වසරේදී අභිමානවත් ලෙස පැවැත්වීමට සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය පියවර ගත්තේ ය. 2017 වසරේ දෙසැම්බර් සිට 2018 වසරේ දෙසැම්බර් මාසය දක්වා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දේශීය හා ජාත්‍යන්තර දක්ෂතා ඇගයීම උදෙසා මෙවර ප්ලැටිනම් සම්මාන උළෙල එළඹෙන මාර්තු 29 වන දා රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ සේවාව වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන සුවිශේෂි ප්ලැටිනම් සම්මානය මෙවරද පිරිනැමෙනු ඇති. අද මෙම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ වුණේ, යාපනය වේම්බඩි උසස් බාළිකා විද්‍යාලයෙනි. උතුරු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්. රාජසීලන් යාපනය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ස එස්. දේවකුමාර් යාපනය වේම්බඩි උසස් බාළිකා විද්‍යාලයේ විදුහල්පති වර්ලුක චම්පුකරත්නම් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ. ඊට අලියාන්ස් ආයතනයේ සහ සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ප්ලැටිනම් ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව ප්‍රදේශයේ පාසල්වලට බේස්බොල්, රග්බි සහ පාපන්දු ක්‍රීඩාව හඳුන්වාදීම ද සිදු කළේ ය. සුන්ඩිකුලි කාන්තා විද්‍යාලයේ විජයබාස්කර් ආශිකා යාපනය දිස්ත්‍රික්කයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ප්ලැටිනම් රන් පදකක්කම දිනා ගත්තා ය. යාපනය හාට්ලි විද්‍යාලයේ සිවකුමාර් ප්‍රකාශ් රාජ් එහි රීදී පදක්කම දිනා ගත් අතර ලෝකඩ පදක්කම වේම්බඩි උසස් බාළිකා විද්‍යාලයේ ඩිලෝජනි ප්‍රදාබන් ය.
2019-01-22T02:06:59.000Z
කොල්ලුපිටියෙන් මහා පරිමාණ හෙරොයින් ජාවාරමක් වටලයි
කොල්ලුපිටියෙන් මහා පරිමාණ හෙරොයින් ජාවාරමක් වටලයි
COLOMBO (News 1st) : පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව කළ වැටලීමකින් කොල්ලුපිටිය සුපිරි නිවාස සංකිර්ණයක පළමු මහලේ පිහිටි නිවසකින් හෙරොයින් කිලෝග්‍රෑම් 90 ක පමණ තොගයක් සොයා ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රපියල් මිලියන 1080 කට අධික බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් 29 හා 43 හැවිරිදි අමරිකානු ජාතිකයින් දෙදෙනෙක් සහ 45 හැවිරිදි ඇෆ්ගනිස්තාන ජාතිකයෙක් ද වෙති. සෙසු සැකකරුවන් දෙදෙනා ලාංකිකයින් දෙදෙනෙකු වන අතර හික්කඩුව ප්‍රදේශයේ පදිංචි සංචාරක කර්මාන්තයේ නිරතවන්නන් ය.
2019-01-22T01:03:06.000Z
ගෝඨාභය ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවට
ගෝඨාභය ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවට
COLOMBO (News 1st) : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණියේ ය. ඒ, වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදී රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට පෙනී සිටිම සඳහායි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුව අද සිට විභාගයට ගැනීමට විශේෂ මහාධිකරණය පසුගිය 17 වන දා නියෝග කළේ ය.
2019-01-21T23:52:42.000Z
තලංගමදී මත්පෙති සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
තලංගමදී මත්පෙති සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) : තලංගම - පැලවත්ත ප්‍රදේශයේදී මත්පෙති 1695 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, 34 හැවිරිදි සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බාලකාය කල මෙහෙයුමකදී ය. සැකකරු අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. මේ අතර , මත්ගුලි 2925 ක් සමග තවත් සැකකරුවෙකු ඊයේ බද්දේගමදී අත්අඩංගුවට ගනු ලැබී ය. ඒ , දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසිනි. එම මත්ගුලි තොගයේ බර කිලෝග්‍රෑම් 25 කට අධික බව පොලීසිය පැවසී ය.
2019-01-21T21:38:33.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත්... 1. ගිනිඅවි බලපත්‍ර තාවකාලිකව අහෝසි කෙරේ : ගිනිඅවි බලපත්‍ර තාවකාලිකව අහෝසි කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ, නැවත බලපත්‍ර ලබා ගැනීම සඳහා සියලුම ගිනිඅවි ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යුතු බවයි. 2. හමුදා ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් හමුදා සමාජිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට : මුලතිව්, නැදුන්කනී ප්‍රදේශයේ අද පස්වරු 1.30 ට පමණ සිදුවූ ජීප් රථ අනතුරකින් හමුදා සමාජිකයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. 3. මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන දැනුම් දීමට අංකයක් : මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා 1984 ක්ෂණික දුරකතන අංකය ඊයේ සිට ක්‍රියාත්මකවේ. 4. කුඩාවැල්ලේ වෙඩි තැබීම: තවත් සැකකරුවෙක් දැලේ : පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවූ තංගල්ල කුඩාවැල්ල ධීවර වරාය තුළ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. විදේශීය පුවත්... 1. සිරියාවේ ඉරාන ඉලක්ක වෙත ඊශ්‍රායාල ගුවන් ප්‍රහාර : සිරියාවේ ඉරාන ඉලක්ක වෙත රැය පුරා ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායාල හමුදාව ප්‍රකාශ කළේ ය. ක්‍රීඩා පුවත්... 1. හතුරුසිංහ වැටුපට කරන සේවය සාධාරණ ද? : හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ පාලන සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුට අතිවිශාල වැටුප් සහ දීමනා ලබාදීමට ඇතිකරගත් එකඟතා දැන් අනාවරණය වෙමින් පවති.
2019-01-21T20:36:39.000Z
ඉන්දුනීසියානු සුම්බාවා දූපතේ ප්‍රබල භූ කම්පනයක්
ඉන්දුනීසියානු සුම්බාවා දූපතේ ප්‍රබල භූ කම්පනයක්
COLOMBO (News 1st) : ඉන්දුනීසියාවේ සුම්බාවා දූපතේ ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවස්නේ, එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.1 ක් ලෙස සටහන්ව ඇති බවයි. සුන්ඩා දූපත් මාලාව ආශ්‍රිතව පිහිටි සුම්බාවා දිවයිනේ ජනගහණය ලක්ෂ 14කි. කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් සිදුවු ජීවිත හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කෙළ්, මින් සුනාමි රල ඇතිවීමේ අවදානමක් නොමැති බවයි .
2019-01-21T20:13:57.000Z
බලංගොඩ දැඩි සාත්කාර ඒකකය වසා දැමේ
බලංගොඩ දැඩි සාත්කාර ඒකකය වසා දැමේ
COLOMBO (News 1st) : වෛද්‍ය හිඟය හේතුවෙන් බලංගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමා තිබේ. එහි වෛද්‍ය අධිකාරි ඩී.එම්.සී.දසනායක මහතා සඳහන් ක‍ළේ, වෛද්‍යවරු 9 දෙනෙකු රාජකාරියේ නිරතවූ නමුත් ඉන් තිදෙනෙකු මේ වන විට නිවාඩු ලබා ගෙන ඇති බවයි. ශල්‍යාගාරයේ සහ දැඩි සත්කාර ඒකකයේ කටයුතු සඳහා වෛද්‍යවරුන් 6 දෙනෙකු ප්‍රමාණවත් නොවන බව ද වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේ ය. වෛද්‍ය අධිකාරි ඩී.එම්.සී. දසනායක මහතා පැවසුවේ, දැඩි සත්කාර ඒකකය සඳහා දැනට රෝගීන් භාර නොගන්නා අතර එවැනි රෝගීන් රත්නපුර රෝහල වෙත මාරුකර යවන බවයි.
2019-01-21T19:44:14.000Z
ඉංගිරියේ ඇළක පුද්ගල මළ සිරුරක්...
ඉංගිරියේ ඇළක පුද්ගල මළ සිරුරක්...
COLOMBO (News 1st) : ඉංගිරිය, හඳපාන්ගොඩ කැකුලදොල ප්‍රදේශයේ ඇළක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, එම මළ සිරුර හඳපාන්ගොඩ ජනඋදාන ගම්මානයේ පදිංචි පුද්ගලයෙකුගේ බවයි. ඔහු වෘත්තියෙන් රියැදුරෙකු වන අතර තිදරු පියෙකු ද වේ. ඊයේ සවස හොරණ වැඩබලන මහසේත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා ඉදිරිපිට මළ සිරුර ගොඩගැනිණ. මරණයට හේතුව ඝාතනයක් ද යන්න පිළිබඳව තවමත් තහවුරු වී නොමැත.
2019-01-21T19:38:18.000Z
"පොලීසිය උගතුන්ගෙන් සේවයක් කරනවා" - ජනපති
"පොලීසිය උගතුන්ගෙන් සේවයක් කරනවා" - ජනපති
COLOMBO (News 1st) : පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයින්ගේ සේවාවක් බවට පත්කිරීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පැවසුවේ ජාතික පොලිස් ඇකඩමිය උපාධි මට්ටමට ගෙන ආ යුතු අතර ඊට යම් බාධාවක් තිබේ නම්, ඒ සියලු බාධා ඉවත් කිරීමට කටයුතු කරන බවයි. ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ පස්වරුවේ පැවැති ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. - ප්‍රඥාව තුළින් වෘත්තිකත්වය - යන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වන ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ප්‍රථම ඩිප්ලෝමා ප්‍රදානය ලෙස මෙය පැවැත්විණ. එහිදී පාඨමාලාව සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකා පොලිසියේ සාමාජිකයන් 264 දෙනෙකුට ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා ප්‍රධානය කෙරිණ. පොලිස්පති ,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හා මහාචාර්යවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
2019-01-21T09:58:19.000Z
'සේනා' පාලනය කිරීමට කළ හැක්කේ කුමක් ද?
'සේනා' පාලනය කිරීමට කළ හැක්කේ කුමක් ද?
COLOMBO (News 1st) - සේනා දළඹු වසංගතය ඉන්දියාවෙත් ඇතැම් ප්‍රදේශවල ව්‍යාප්තවී තිබුණි. මේ දළඹුවා මර්දනයට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග මොනවා ද? ඒ සම්න්ධයෙන් අප ඉන්දීය කෘෂි විද්‍යාඥයෙකුගෙන් විමසුවෙමු. ඉන්දීය කෘෂි විද්‍යාඥ අමිත් ශේකර්, ඕනෑම පලිබෝධකයෙක් පාලනය කර ගැනීමට ක්‍රම තුනක් තියනවා. ඒ යාන්ත්‍රිකව, රසායනිකව සහ ජීව විද්‍යාත්මකව. යාන්ත්‍රිකව මෙය පාලනය කිරීමට අවශ්‍ය නම් ඔවුන්ගේ බිත්තර විනාශ කළ යුතුයි. මේ සඳහා පැළයේ කොළයේ යට පැත්තේ දමන මෙම බිත්තර හඳුනාගෙන ඒවා විනාශ කළ යුතුයි. රසායනික ආකාරය සලකා බැලීමේදී ලොව වටා භාවිතා කළ විශාල ක්‍රම සංඛ්‍යාවක් තිබෙනවා. තෙවැනි ආකාරය ජීව විද්‍යාත්මක ක්‍රමවේදයයි. ඕනෑම පලිබෝධකයෙක් සලකා බැලීමේදී ඔවුන්ගේ වර්ධනයවීම වැඩීමෙන් පසු නැවතත් අඩුවෙනවා. මොකද ඕනෑම පලිබෝධකයෙකුට විවිධ විලෝපිකයින් සිටින නිසා. ඉතිං මේ දළඹුවාටත් එවැනි විලෝපිකයින් පරිසර තුළ සිටිනවා ඇති. ඉන්දියාවේ මෙම දළඹුවන්ගේ ව්‍යාප්තවීමේ වේගය අඩුකරන දිලීර වර්ගයක් හඳුනාගෙන තිබෙනවා. මෙවැනි දේවල් රජයන් අතර සාකච්ඡා කර බෙදා හදා ගත හැකියි. මෙම උවදුර මැඩලීමට සියලු දෙනාම එක් ව කටයුතු කළ යුතුයි. සියලු ගොවීන් ද අදාළ තොරතුරුවලින් දැනුවත් පියවර ගත යුතුයි. මෙය කිසිම ලෙසකින් සම්පුර්ණයෙන් ඉවත් කළ නොහැකි නමුත් එය ආර්ථිකමය හානියක් නොවන ලෙස පාලනය කළ හැකියි. මෙයට අවධානය යොමු නොකොලොත් නිකම්ම අවසන් වෙන ප්‍රශ්නයක් නොවෙයි.
2019-01-21T09:41:41.000Z
හතුරුසිංහගේ වැටුපට කරන සේවය සාධාරණ ද?
හතුරුසිංහගේ වැටුපට කරන සේවය සාධාරණ ද?
COLOMBO (News 1st) - හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ පාලන සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුට අතිවිශාල වැටුප් සහ දීමනා ලබාදීමට ඇතිකරගත් එකඟතා දැන් අනාවරණය වෙමින් පවති. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුම 2018 ජනවාරි මස පළමු වන දා සිට 2020 වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා බලපැවැත්වේ. ගිවිසුමට අනුව ඔහුට ලැබෙන මාසික මූලික වැටුප අමෙරිකානු ඩොලර් 20000 කි. ජීවන වියදම් දීමනාවක් ලෙස තව ත් ඩොලර් 10000 ක්ද 16% ඉක්මවා යන විට බදු මුදල් ද ක්‍රිකට් ආයතනය ගෙවිය යුතුයි. පසුගිය දිනක ක්‍රිකට් එජ් වෙබ් අඩවිය වාර්තා කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත ප්‍රතිසංස්කරණය කිරීම උපාය මාර්ගික සැලසුම් හා උපදේශන වෙනුවෙන් සකස් කරන වාර්තා දෙකකට ඩොලර් 120000 ක් ගෙවීමට ද එකඟවී ඇති බවයි. ගෙවීම් ප්‍රමාද වන අවස්ථාවල 2% ක අමතර ගාස්තුවක් ද ගෙවිය යුතු අතර ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට හිමි ප්‍රසාද දීමනා ද ජාතික පුහුණුකරුට ගෙවීමට සිදුවනු ඇති. පුහුණුකරුගේ පවුලේ සියලු සමාජිකයින් ඇතුළත් ව ඩොලර් 20000 ක සංචාරක දීමනාවක් ද ඔහුට හිමියි. මේ අනුව දළ වශයෙන් වසරකට රුපියල් ලක්ෂ 900 ක පමණ වැටුප් හා දීමනාවලට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු හිමිකම් ලබන අතර මාසිකව මෙම මුදල දළ වශයෙන් රුපියල් ලක්ෂ 75 ක්. පසුගිය දා අප අනාවරණය කළ පරිදි ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට ද ගෙවා තිබුනේ මාසකට රුපියල් ලක්ෂ 32 ක මුදලක් පමණි. මෙතරම් විශාල මුදලක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ පසුගිය කාලසීමාවේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා සිදුකළ සේවාව කුමක් ද? මේ අතර වාරයේ හිටපු ක්‍රීඩා අමාත්‍ය ජනාධිපති නිතීඥ ෆයිසර් මුස්තාපා මහතා ක්‍රිකට් පාලක මන්ඩලයට නිසි බලධාරීයා ලෙස පත්කළ කමල් පද්මසිරි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාගේ හා ප්‍රධාන විධායක නිලධාරියාගේ ගිවිසුම් 2021 දෙසැම්බර් 31 වන දා දක්වා වසර 2 කින් දීර්ඝ කර තිබේ. රජයේ නිලධාරියෙකු ලෙස කමල් පද්මසිරි මහතා මෙම පත්වීම් ලිපි ලබාදී තිබෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ඡන්දයකින් පත් වූ විධායක කමිටුවක් ක්‍රියාත්මක නොවන පසුබිමකයි. අමාත්‍යංශ ලේකම්වරයෙකුට නිසි බලධාරියා ලෙස කටයුතු කරමින් එවැනි සේවා දිගුවක් ලබාදීම සඳහා ක්‍රියා කිරීමට නීතියෙන් ඉඩක් ඇත්දැයි ප්‍රශ්නයක්. හිටපු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ සමයේ ක්‍රීඩාවට සිදුවූ මෙවැනි අකටයුතුකම් සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන් ද? හිටපු ක්‍රීඩා අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ මෙහෙය මෙයද ? අතිවිශාල මුදල් ප්‍රමාණයක් රටට ඵලදායී නොවන අයුරින් වැය කිරීමට බැඳීම් ඇතිකරගත් පුද්ගලයින්ම එම වියදම් ද දැරිය යුතු නොවේ ද?
2019-01-21T06:20:25.000Z
ගිනිඅවි බලපත්‍ර තාවකාලිකව අහෝසි කෙරේ
ගිනිඅවි බලපත්‍ර තාවකාලිකව අහෝසි කෙරේ
COLOMBO (News 1st) - ගිනිඅවි බලපත්‍ර තාවකාලිකව අහෝසි කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ, නැවත බලපත්‍ර ලබා ගැනීම සඳහා සියලුම ගිනිඅවි ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යුතු බවයි. කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් අද එම විද්‍යාලයේ පැවත්වූ උපහාර උත්සවයක් අමතමින් ලේකම්වරයා මේ අදහස් පළ කළේ ය. මෙම අවස්ථාවට විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා ද එක් ව සිටියේ ය.
2019-01-21T06:06:03.000Z
විලච්චියේ ඇළකට වැටී දරුවෙකු මියයයි
විලච්චියේ ඇළකට වැටී දරුවෙකු මියයයි
COLOMBO (News 1st) - විලච්චිය, යායතුන ගල්කොරිය ප්‍රදේශයේදී ඇළකට වැටීමෙන් අවුරුදු එකයි මාස 03 ක් වයසැති දැරියක් මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ නිවස ඉදිරිපිටින් ගලා බසිනා ඇළකට වැටීමෙන් දැරිය මිය ගොස් ඇති බවයි. දැරිය ඇළට වැටී ගසාගෙන යන අවස්ථාවේ අසල්වැසියෙකු විසින් දැරිය බේරා ගෙන ඇත. පසුව රෝහල්ගත කිරීමේදී දැරිය මිය ගොස් ඇතැයි පොලීසිය පැවසුවේ ය.
2019-01-21T05:17:34.000Z
හමුදා ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් හමුදා සමාජිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
ජීප් රථ අනතුරකින් හමුදා සමාජිකයින් දෙදෙනෙකු මරුට
COLOMBO (News 1st) - මුලතිව්, නැදුන්කනී ප්‍රදේශයේ අද පස්වරු 1.30 ට පමණ සිදුවූ ජීප් රථ අනතුරකින් හමුදා සමාජිකයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. අනතුරින් මිය ගොස් ඇත්තේ, හමුදා මේජර්වරයෙකු සහ කෝප්‍රල්වරයෙකි. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, අනතුරින් තව ත් 04 දෙනෙකු තුවාල ලැබූ බවයි. හමුදා ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදු ව තිබේ.
2019-01-21T03:25:06.000Z
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ්
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) : ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ ඉන්දීය ජාතික මර්සිලි තෝමස් නමැත්තා ලබන 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් අද කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. රෝගි තත්ත්වයෙන් පසුවන නාලක ද සිල්වා මහතාගේ රෝගී තත්ත්වයන්ට බන්ධනාගාර රෝහලේදී ප්‍රතිකාර ලබා දිය හැකි බව අද දිනයේදී බන්ධනාගාර අධිකාරිවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය. එහිදි අධිකරණය නියෝග කළේ, වෛද්‍ය නිර්දේශය අනුව ඔහුට වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නම් , ජාතික රෝහලට ඇතුළත් කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසයි.
2019-01-21T03:19:51.000Z
වැලිගම වෙඩි තැබීමක්
වැලිගම වෙඩි තැබීමක්
COLOMBO (News 1st) : වැලිගම - පොල්වත්ත ප්‍රදේශයේ පාලමක් ආසන්නයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් තිබේ. වෙඩි වැදුණු පුද්ගලයා ද එම අවස්ථාවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිට ඇති බව පොලීසිය පැවසී ය. වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 38 හැවිරිදි වැලිගම පදිංචිකරුවෙකි.
2019-01-21T01:14:41.000Z
මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන දැනුම් දීමට අංකයක්...
මත්ද්‍රව්‍ය ජාවාරම් ජාවාරම් ගැන දැන්වීමට අංකයක්
COLOMBO (News 1st) : මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා 1984 ක්ෂණික දුරකතන අංකය අද සිට ක්‍රියාත්මකවේ. මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මෙතෙක් ගෙන ගිය සටන ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් ක්‍රියාත්මක කරන බව අද මුලතිව්හි පැවැති උත්සවයකදී එම දුරකතන අංකය හඳුන්වා දෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ය. මත්ද්‍රව්‍ය නිවරණ ජාතික සතිය ප්‍රකාශයට පත් කරමින් අද පෙරවරුවේ මුලතිව්, මුල්ලියාවලෙයිහි විද්‍යානන්දන් මහා විද්‍යාලයේ පැවැති වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි. මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය අද සිට ලබන 28 වැනි දා දක්වාත් මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය අද සිට 25 වැනි දා දක්වාත් ක්‍රියාත්මක වනු ඇති. පාසල් සතියේ සමාරම්භය මුලතිව් විද්‍යානන්දන් විදුහලේදී සනිටුහන් කෙරුණේ යාපනය දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් එක් ලක්ෂ පනස් දහසක් උදෑසන ශිෂ්‍ය රැස්වීමේදී ප්‍රතිඥාවක් ලබාදීමෙනි. අද හඳුන්වා දුන් 1984 දුරකතනය අමතා ඕනෑම අයෙකුට මත්ද්‍රව්‍ය ජාවාරම් හා ඊට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ තොරතුරු ලබාදිය හැකි අතර ඒ සඳහා කිසිදු මුදලක් වැය කළ යුතු නැත. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා අවධාරණය කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කිසිසේත් වෙනස් නොකරන බවයි. මේ අතර යාපනය, මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම් දිස්ත්‍රික්කවල හමුදාව යටතේ තිබු රජයේ හා පෞද්ගලික ඉඩම් අක්කර 1201 ක් ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම අද සිදු කෙරුණි.
2019-01-21T01:04:58.000Z
කුඩාවැල්ලේ වෙඩි තැබීම: තවත් සැකකරුවෙක් දැලේ..
කුඩාවැල්ලේ වෙඩි තැබීම: තවත් සැකකරුවෙක් දැලේ..
COLOMBO (News 1st) : පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවූ තංගල්ල කුඩාවැල්ල ධීවර වරාය තුළ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, තංගල්ල අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් බෙලිඅත්ත ගලගම ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් 31 හැවිරිදි සැකකරු නාකුළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෙම අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ කරුණු අනුව වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය බෙලිඅත්ත ප්‍රදේශයේ පොල්වත්තක කාණුවක් තුළ සඟවා තිබියදී සොයා ගෙන තිබේ. යතුරුපැදිකරුවන් භාවිත කළ ආරක්ෂක හිස්වැසුම් දෙකක් ද පුළුස්සා තිබියදී සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, අපරාධ පරීක්ෂණ නිලධාරීන් මගින් එම ආරක්ෂිත හිස් වැසුම් රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිත බවයි.
2019-01-20T22:28:50.000Z
සිරියාවේ ඉරාන ඉලක්ක වෙත ඊශ්‍රායාල ගුවන් ප්‍රහාර
සිරියාවේ ඉරාන ඉලක්ක වෙත ඊශ්‍රායාල ගුවන් ප්‍රහාර
COLOMBO (News 1st) : සිරියාවේ ඉරාන ඉලක්ක වෙත රැය පුරා ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායාල හමුදාව ප්‍රකාශ කළේ ය. සිරියානු මාධ්‍ය වාර්තා කළේ, ඩැමස්කස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ඊශ්‍රායාලයෙන් එල්ල වූ සතුරු මිසයිල 7ක් ගුවනේදී ප්‍රහාර එල්ල කර බිම හෙලූ බවයි. සිරියාවේ,ඉරාන කුද් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇති බවත් ඊශ්‍රායාල හමුදාව හෝ භූමියට හානි කිරීමට ප්‍රයත්න දැරීමෙන් වළකින ලෙසත් ඊශ්‍රායාලය සිරියානු හමුදාව අනතුරු අඟවා තිබේ. ඊශ්‍රායාලයෙන් එල්ල වූ ගුවන් ප්‍රහාරයක් ඊයේ ද වැළැක්වූ බව සිරියාව ප්‍රකාශ කිරීමෙන් පසු ඊශ්‍රායාලය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේ ය. කුද් බලකාය ,ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ විදේශික මෙහෙයුම් භාරව සිටින අතර ඉරානය, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ප්‍රධාන ආධාරකරුවකු වේ.
2019-01-20T22:16:08.000Z
මාරක අනතුරු 3කින් තිදෙනක් මරුට
මාරක අනතුරු 3කින් තිදෙනක් මරුට
COLOMBO (News 1st) : කුරුණෑගල, නාරම්මල සහ පිළියන්දල ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, මහරගම - බෝකුන්දර මාර්ගයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් 15 හැවිරිදි දරුවෙකු මිය ගොස් ඇති බවයි. නාරම්මල කඩපොළ පහමුනේ ප්‍රදේශයේදී ද ,මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක යතුරුපැදියක ගැටීමෙන් මිය ගොස් තිබේ. මිය ගොස් ඇත්තේ 84 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකාරිණියකි. කුරුණෑගල ගොනාගම මිංහෙටිය මංසන්ධියේදී සිදුවූ රිය අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසී ය. මිය ගොස් ඇත්තේ, 32 හැවිරිදි මාස්පොත ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.
2019-01-20T20:23:21.000Z
ජම්පටාවීදියේ වෙඩික්කරුවන් තවමත් නිදැල්ලේ...
ජම්පටාවීදියේ වෙඩික්කරුවන් තවමත් නිදැල්ලේ...
COLOMBO (News 1st) : කොළඹ, ජම්පටාවීදිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 4 ක් යොදවා තිබේ. ඊයේ පස්වරු 6.45 ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු, ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් තිබිණ. වෙඩි තැබීමෙන් කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබූ අතර පොලීසිය සඳහන් කළේ, ඔහු මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. තුවාල ලැබූ පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය පැවසී ය.
2019-01-20T20:17:18.000Z
පාසල් ආශ්‍රීත මත්ද්‍රව්‍ය නිවාරණය උතුරෙන් ඇරඹේ
පාසල් ආශ්‍රීත මත්ද්‍රව්‍ය නිවාරණය උතුරෙන් ඇරඹේ
COLOMBO (News 1st) : පාසල් ආශ්‍රීත මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය අද ආරම්භ වේ. එහි ප්‍රධාන උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ,මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේදී ආරම්භ වීමට නියමිතයි. මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා සඳහන් කළේ, එම සතිය තුළ මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව සම්බන්ධයෙන්, පාසල් දරුවන් දැනුම්වත් කිරිමට සැලසුම් කර ඇති බවයි. අද සිට ලබන 28 වනදා දක්වා එම සතිය ක්‍රියාත්මකයි.ෙ පාසල් ළමුන් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවලට ඇබ්බැහිවීමේ නැඹුරුතාවක් ඇතැයි ද සමන්ත කිතලවආරච්චි මහතා පැවසී ය.
2019-01-20T19:35:33.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත්... 1. වෙන්නප්පුවේමාරක අනතුර සිදුවූ ස්ථානයෙන් පිස්තෝලයක් හමුවෙයි: පුද්ගලයින් 06 දෙනෙකුට මරු කැදවමින් , වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේ ඊයේ අනතුරට ලක්වූ මෝටර් රථය අසල තිබී විදේශිය රටක නිෂ්පාදිත පිස්තෝලයක් පොලිසිය භාරයට ගෙන තිබේ. 2. අත් පා ගැට ගසා පුළුස්සා දැමූ මළ සිරුරක් කොල්ලුපිටියෙන් හමුවෙයි :අත් පා ගැට ගසා පුළුස්සා දැමූ මළ සිරුරක් කොල්ලුපිටියෙන් හමුවෙයි 3.දිවයින පුරා මෙහෙයුමකින් සැකකරුවන් 3808ක් පොලිස් අත්අඩංගුවට: දිවයින පුරා ක්‍රයාත්මක කළ විශේෂ මෙහෙයුමකදී විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 3808 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 4.හෙරොයින් කිලෝ 1.5 ක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට : පන්නිපිටිය, කලල්ගොඩ සහ තලවතුගොඩ ප්‍රදේශවලදී හෙරොයින් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 5.කොළඹ, ජම්පටාවීදියේ වෙඩි තැබීමක්.. : කොළඹ, ජම්පටාවීදිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් ඇති බවයි. 6.අමාත්‍ය කාර්යභාරයන් සංශෝධනය කරමින් ගැසට් පත්‍ර 2ක්: කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍ය ධුර කිහිපයකට අදාළව රාජ්‍ය ආයතන හා කාර්ය භාරයන් සංශෝධනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිවිශේෂ ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර තිබේ. විදේශීය පුවත්... 1. සංක්‍රමණිකයින්ට වසර තුනක සේවා වරම්: නීතිවිරෝධි සංක්‍රමණිකයින්ට තව ත් වසර 3 ක් සඳහා සේවා බලපත්‍ර ලබාදෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ක්‍රීඩා පුවත්... 1.හිටපු ක්‍රිකට් ක්‍රීඩක මිත්‍ර වෙත්තමුණි මහතා අභාවප්‍රාප්තවෙයි : හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මිත්‍ර වෙත්තමුණි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. ඔහු හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සිදත් වෙත්තමුනි මහතාගේ සොහොයුරෙකි.
2019-01-20T09:54:01.000Z
හෙරොයින් කිලෝ 1.5 ක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට
හෙරොයින් කිලෝ 1.5 ක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : පන්නිපිටිය, කලල්ගොඩ සහ තලවතුගොඩ ප්‍රදේශවලදී හෙරොයින් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරී කණ්ඩායමක් කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් සතුව තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 518ක් වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 18 කට ආසන්න වේ.
2019-01-20T09:52:46.000Z
කොළඹ, ජම්පටාවීදියේ වෙඩි තැබීමක්..
කොළඹ, ජම්පටාවීදියේ වෙඩි තැබීමක්..
COLOMBO (News 1st) : කොළඹ, ජම්පටාවීදිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් ඇති බවයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.
2019-01-20T08:57:45.000Z
හිටපු ක්‍රිකට් ක්‍රීඩක මිත්‍ර වෙත්තමුණි මහතා අභාවප්‍රාප්තවෙයි
මිත්‍ර වෙත්තමුණි මහතා අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News 1st) : හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මිත්‍ර වෙත්තමුණි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. ඔහු හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සිදත් වෙත්තමුනි මහතාගේ සොහොයුරෙකි. වෙත්තමුනි සොහොයුරන් තිදෙනා ශ්‍රී ලාංකීය ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන වාර්තා කිහිපයක් සනිටුහන් කිරීමට සමත්වූවන් ය. සුනිල්, මිත්‍ර සහ සිදත් සොයුරන් තිදෙනා ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළහ. මිත්‍ර වෙත්තමුණි මහතා කොළඹදී උපත ලැබුවේ 1951 වසරේ ජූලි මස 11 වැනිදායි. ඔහු 1983 වසරේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසුණේ ය. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම පළමු වරට ඉන්දීය කණ්ඩායම පරාජය කළ තරගයේ කණ්ඩායමට නායකත්වය දුන්නේ මිත්‍ර වෙත්තමුණි මහතායි. වෙත්තමුණි මහතා අද පෙරවරු 11.00 ට පමණ කොළඹ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ වයස අවුරුදු 67කි.
2019-01-20T07:25:16.000Z
අමාත්‍ය කාර්යභාරයන් සංශෝධනය කරමින් ගැසට් පත්‍ර 2ක්
අමාත්‍ය කාර්යභාරයන් සංශෝධනය කරමින් ගැසට් පත්‍ර 2ක්
COLOMBO (News 1st) : කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍ය ධුර කිහිපයකට අදාළව රාජ්‍ය ආයතන හා කාර්ය භාරයන් සංශෝධනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිවිශේෂ ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර තිබේ. කම්කරු හා වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු රවීන්ද්‍ර සමරවීර මහතාට අදාළ රාජ්‍ය ආයතන එම ගැසට් පත්‍රයේ සඳහන්ව ඇත. ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුව, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය, සේවක අර්ථ සාධක අරමුදල, කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය, ශ්‍රම වාසනා අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු ආයතන 9 ක්, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය ධූරය යටතට පත් කර තිබේ. එම ආයතන පෙර පැවතියේ කම්කරු, වෘත්තීය සබඳතා සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යවරයා වූ දයා ගමගේ මහතා යටතේයි. පසුව එය ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය කෙරුණු අතර ප්‍රාථමික කර්මාන්ත විෂයට අදාළව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයත් දයා ගමගේ මහතා යටතට පත් කර තිබේ. මේ අතර ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ධූරය දරන හර්ෂ ද සිල්වා මහතාට අදාළව තවත් ආයතන කිහිපයක් නව ගැසට් පත්‍රයෙන් නිවේදනය කර තිබේ. ඒ අනුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පැවති ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවත්, පී. හැරිසන් මහතා යටතේ පැවති ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවත් හර්ෂ ද සිල්වා මහතා යටතට පත් කර තිබේ. 1990 සුවසැරිය පදනම, පවුල් ආර්ථික ඒකකය, දත්ත විශ්ලේෂණ ඒකකය සහ මහජන සැපයීම් කාර්ය සාධක බලකාය, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම්, කැබිනට් නොවන අමාත්‍ය ධූරය යටතට පත් කෙරුණු අනෙක් නව ආයතනයි.
2019-01-20T05:26:07.000Z
වව්නියාවේදී ගිනිඅවි සමග සැකකරුවෙකු අත්අඩංගුවට
වව්නියාවේදී ගිනිඅවි සමග සැකකරුවෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) : වව්නියාවේදී ගිනිඅවි සමග සැකකරුවෙකු ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය පැවසුවේ, ඔහු සතුව තිබී පතුරොමි තුවක්කුවක්, බෙහෙත් කොටන ගිනි අවියක් විදේශීය රටක නිෂ්පාදිත පිස්තොලයක්, කඩු දෙකක් සහ ටී - 56 ගිනි අවිවලට යොදන උණ්ඩ 135 ක් සොයාගත් බවයි. සැකකරු පුනරුත්ථාපනය වූ බව පැවසෙන LTTE සාමාජිකයෙකි.
2019-01-20T05:20:34.000Z
මත්ස්‍යයින් සමග කටුනායකදී ලාංකිකයෙක් කොටු
මත්ස්‍යයින් සමග කටුනායකදී ලාංකිකයෙක් කොටු
COLOMBO (News 1st) : ජීවි මත්ස්‍යයින් 1022 දෙදෙනෙකු අනවසරයෙන් දිවයිනට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු භාරයට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අවසරයකින් හා සත්ත්ව නිරෝධායන සහතිකයක් නොමැතිව එම මසුන් දිවයිනට රැගෙවිත් ඇති බවයි. අදාළ මත්ස්‍ය තොගයේ වටිනාකම රුපියල් 6 ලක්ෂයකට අධික වේ. මෙම මසුන් තොගය යළි සිංගප්පූරුවට යැවීමට පියවර ගෙන ඇතැයි, රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.