id
int64
5.96k
184k
heading
stringlengths
3
163
content
sequence
5,956
විමල් ‍ගේ ‍‍කාර්යාලයකට ප්‍රහාර
[ "ගාල්ල, මාගාල්ල ප්‍ර‍ෙද්ශයේ ඉදිකර තිබූ ජාතික නිදහස් පෙරමුණේ දිස්ත්‍රික් කාර්යාලයට ඊයේ රාත්‍රී කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ති‍‍බේ. ප්‍රහාරය එල්ල කළ පිරිස් විසින් එම කාර්යාලයේ තිබූ බැනර් සහ කටවුට්වලට කළුතෙල් දමා ඇති බව වාර්තා ‍වේ. මේ සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ ගාල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මේ අතර විපක්ෂ‍ෙය් පොදු ‍අපේක්ෂකයා සහභාගී වන රැළියක් වෙනුවෙන් මාතලේ ‍ප්‍රදේශ‍ෙය් සැරසිලි කටයුතුවල නිරතවෙමින් සිටි එක්සත් ජාතික පක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණු ආධාරකරුවන් පිරිසකට අද අලුයම කිසියම් පිරිසක් පහර දී ති‍‍බේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූ ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයෙකු ප්‍රතිකාර සඳහා මිහින්තලේ රෝහලට ඇතුළත් කර ඇති බව ද සඳහන් ‍‍‍‍වේ. මේ සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා‍‍වේ." ]
5,957
සෙ‍ෟඛ්‍ය නංවන්න වැඩසටහනක්
[ "මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීමේ අරමුණින් පළාත් රෝහල් සඳහා නවීන වෛද්‍ය උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර තිබේ. එම අමාත්‍යාංශය පවසන පරිදි මේ යටතේ රුපියල් ‍කෝටි 250 ක නව වෛද්‍ය උපකරණ පළාත් රෝහල් වෙත ලබා‍දේ. පළාත් රෝහල්වල දැනට ඇති වෛද්‍ය උපකරණ යල් පැනගිය උපකරණ බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යාංශය නව උපකරණ මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැති බව පවසයි.. ඒ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වැඩපිළිවෙළේ එක් අදියරක් අද කෑගල්ල මහරෝහලේ ක්‍රියාත්මක වූයේ රුපියල් දස ලක්ෂ හාරසිය පනහක වියදමින් එම රෝහල සඳහා හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයක් ස්ථාපනය කරමිනි.." ]
5,958
ද්‍රවිඩ සන්ධානය ‍‍‍‍‍‍‍ ෆොන්‍‍‍ෙස්කාටයි
[ "එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති ධුර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට සහය පළකිරීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධාන‍ය අද නිල වශයෙන් නිවේදනය කරනු ලැබිණි.. එම සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා සඳහන් ක‍‍ළේ මෙරට ජාතික ගැටලුවට ස්ථිරසාර දේශපාලන විසඳුමක් ලබාදීමට වත්මන් ආණ්ඩුව අසමත් වීම මෙම තීරණය ගැනීමට හේතුව බවයි. ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ පිළිබඳ කරුණු අනාවරණය ක‍‍‍ෙළ්ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වඩා දෙමළ ජනතාවගේ ගැටලුව සරත් ෆොන්සේකා මහතා මනාව තේරුම් ගෙන ඇති බව සම්බන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පිළිගත හැකි දිගුකාලීන දේශපාලන විසඳුමක් මෙරට සාමය ඇති කිරීම සඳහා අවශ්‍ය බව සරත් ෆොන්සේකා මහතා පිළිගන්නා ලද බවයි." ]
5,959
වසර 20 ට පසු ඒ-4 ඇ‍‍‍‍රෙයි
[ "වසර 20කට පසු මඩකළපුව - කල්මුණේ ඒ 4 ප්‍රධාන මාර්ගය අද යළි විවෘත කෙරුණි.. ආරක්ෂක හේතූන් මත මෙම මාර්ගය වසා දැමුණේ 1990 වසරේ දීය. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරමින් කිලෝමීටර 2 ක පමණ දුරක් ගමන් කිරීමට ජනතාවට සිදුවූ බවයි වාර්තා ‍‍‍‍‍‍වේ. පවතින සාමකාමී වාතාවරණයත් සමග මෙම මාර්ගය විවෘත කරන ලෙස අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතා පොලිසියෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව අද පෙරවරුවේ එම මාර්ගය විවෘත කෙරුණු බව අප වාර්තාකරු සඳහන් කරයි." ]
5,960
‍‍‍‍‍‍‍‍‍‍‍‍ෙලා්කයත් එක්ක ඉදිරියට
[ "දේශීය ව්‍යාපාරිකයාට ලෝකයත් සමග ඉදිරියට ගමන් කිරීමේ පසුබිම සහ ආර්ථික ශක්තිය වර්ධනය කිරීම සඳහා පියවර ගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද දේශීය ව්‍යාපාරිකයන් පිරිසක් සමග පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් ක‍‍‍ළේය.. දියුණු වන ‍‍‍‍‍‍‍‍ලෝකය සමග ඉදිරියට යා‍‍‍‍‍‍මේදී අනිවාර්ය‍‍ෙයන්ම ‍‍‍දේශීය ව්‍යාපාරිකයාට නිසි තැන ලැබිය යුතු බව ද ‍‍හෙ‍‍‍ෙතම අවධාරණය ක‍‍‍‍‍‍ෙළ්ය." ]
5,961
දියකඩන‍‍‍ෙය් ඉදිකිරීම් 6 න් 1 ක් ඉවරයි
[ "�Y��X {y�x r��z� ���K {��r��x xf�l� S��Y�yp �xYhp�x� S���K{z�p� ��xp� WYY� �K {p �f R{~p� � ܻබි. cp��r� v�o� R�|x r{~න පරිදි W�� Yfx�l� Rn cp��r� v��p�n y�crY�} v�l��[� ��Y�}jxf zY�වී ඇත. p{ �x Yhpx S���v l���p� �Y��X {y��x� {�M}�Y t�ා�K o��l�{ �z�xp 7.5�p� S�� xp t{ ~n�p� ‍‍‍‍ෙවි. �K {p �f {y��x� {�M}�Y t���K o��l�{ �z�xp 3Y� වන අතර ztp {~�M �n~�KtM {p �f nY�j� {y�x r�v� R�x�M S���K R{~p� ��vf �x�l t{ cp��r� v�o� R�|x r{~යි. {��r��x ~q�� {�x��vf �x���l v�nz y�r�xz� �Y��� Rf n�~� rp�~�xxකි." ]
5,962
‍‍ෙ‍‍‍ෆාන්‍‍‍‍‍ෙස්කා යට‍‍‍ෙත් දූෂණය,වංචාව නෑ
[ "දියෙන් කිරි වෙන්කරගන්නාක් මෙන් සරත් ‍ෙෆාන්සේකා මහතා බලයට පැමිණි විගස දූෂිතයන් වංචාකරුවන් ඇතුළු පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රේණුකා හේරත් මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ සරත් ෆොන්සේකා මහතාගේ පාලනය යටතේ දූෂණය සහ වංචාව සම්පූර්ණයෙන් තුරන් කිරීමට පියවර ගන්නා බවයි. මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඇය මේ අදහස් පළ කළාය." ]
5,963
එකඟතා රටට ‍‍‍‍‍‍හෙළිකරන්නැයි අභි‍‍‍ෙයා්ග
[ "දෙමළ ජාතික සන්ධානයේ සහය ලබාගැනීම සඳහා ඇතිකරගත් එකඟතා පිළිබඳ හෙළිකරන ලෙස අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විපක්ෂයට අභියෝග කරයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ දෙමළ සන්ධාන‍ෙය් සහය ලබාගැනීම සඳහා ජනාධිපති ධුර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා කරුණු රැසකට එකඟ වී ඇති බවට වාර්තා වී ඇති බවයි. එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට සමාව දීම, රජයේ බුද්ධි අංශ අඩු කිරීම වැනි කරුණු මෙම එකඟතා අතරට අයත් බව අබේවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාව වෙනුවෙන් සැමදා ‍පෙනී සිටින්නේ වත්මන් රජය බවයි." ]
5,964
ආණ්ඩුව මඩ ‍‍‍ෙද්ශපාලන‍‍‍‍‍ෙය් -ටිල්වින්
[ "ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරය දුර්වල වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රතිපත්තිමය ‍මැතිවරණ ව්‍යාපාරයක නිරත වීමට ආණ්ඩුව අසමත් වී ඇති බවයි. එබැවින් විවිධ චෝදනා එල්ල කරමින් ආණ්ඩුව මඩ දේශපාලන ව්‍යාපාරයක නිරත වී සිටින බව ටිල්වින් සිල්වා මහතා කියා සිටියි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් ක‍‍‍‍‍‍ළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කිරීමේ දී හෝ සරත් ෆොන්සේකා මහතා දූෂණ හෝ වංචා සිදුකර තිබේ ද යන්න සොයා නොබැලීම ගැටලුවක් බවයි." ]
5,965
එම්‍‍‍ෆයස් ආයත.නය පුළුල්‍‍‍‍‍‍‍ව‍‍‍‍වෙයි
[ "ගෝලීය තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර බාහිරකරණ ක්‍රියාවලි සේවා ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛ සේවා සපයන්නෙකු හැටියට ප්‍රචලිත එම්ෆසිස් ආයතනය සිය සේවා ජාලය පුළුල් කරමින් නව සේවා මධ්‍යස්ථානය කොළඹ පිහිටුවීමට සැලසුම් කරයි. මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා ආයෝජන මණ්ඩලීය ශ්‍රවණගාරයේ දී පැවැත්විණි. ඉදිරි වසර 3 ඇතුළත 2000 ක පමණ තරුණ තරුණියන් පිරිසක් මෙම ක්ෂේත්‍රයට බඳවා ගැනීම ඔවුන් ‍‍ෙග් අ‍‍‍‍‍ෙප්ක්ෂාවයි. නව මධ්‍යස්ථානය කොළඹ සිට එම්ෆසීස් ගෝලීය සැපයුම් සේවා ජාලයට එක්වන අතර, ලොව පුරා විසිර සිටින තම සේවා ලාභීන්ගේ සේවා අවශ්‍යතා සපුරාලීමට කටයුතු කෙරෙන බව පැව‍‍‍ෙස්. ශ්‍රී ලංකාවේ එම්ෆසිස් ආරම්භ කරන මධ්‍යස්ථානය ගෝලීය කුසලතා සංවර්ධන සංසදයක් හැටියට පමණක් නොව, සමස්ත එම්ෆසිස් ආයතනයට අවශ්‍ය ඉතා උසස් තත්ත්වයේ පුහුණු ශ්‍රමිකයින් සැපයෙන මධ්‍යස්ථානයක් වශයෙන් ද ක්‍රියා කරනු ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා, 2009 වසර ඉංගී‍්‍රසි භාෂා හා තොරතුරු තාක්ෂණ වසර බවත් එම්ෆසිස් ආයතනය තම ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකාව හවුල්කරුවකු ලෙස තෝරා ගැනීම අපගේ වැඩපිළිවෙළට විශාල උත්තේජකයක් හැටියට සඳහන් කළ හැකිබවත් කියා සිටි‍‍‍‍යේය. ආයෝජන මණ්ඩලයේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා අදහස් දක්වමින් �ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර බාහිරකරණ ක්‍රියාවලි සේවා ක්ෂේත්‍රයෙහි සංවර්ධනය උදෙසා ප්‍රගාමි භූමිකාවකව නිරතව සිටින බව� පැවසීය." ]
5,966
Effie - 2009
[ "Effie - 2009 සම්මාන උලෙළේදී ජනශක්ති රක්ෂණ සමාගම �ආයතනික කීර්තිය / වෘත්තීය සේවා� අංශය සඳහා ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. ඒ සමඟ Effie සම්මානයක් දිනාගත් එකම රක්ෂණ සමාගම බවට ජනශක්ති රක්ෂණ සමාගම පත්විය. ජනශක්ති රක්ෂණ සමාගමේ විකුණුම් හා අලෙවි සාමාන්‍යාධිකාරී රවි ලියනගේ මහතා ඒ පිළිබඳ මෙසේ පැවසීය. අපේ 15 වැනි සංවත්සර වසරේදී ලද මේ ජයග්‍රාහී ධාරාව වෙනුවෙන් ඉතා අභිමානයටත් ඒ වගේම සතුටටත් පත්වෙනවා. අප විසින් දේශීය වශයෙන් සහ ජාත්‍යන්තරව දිනාගත් අනෙකුත් සියලු සම්මාන ද සමඟින් මෙම අවස්ථාව අප දකින්නේ ඉතා පැහැදිලි ලෙස ශ්‍රී ලංකා ජනතාව නැවත වතාවක් අප කෙරෙහි තම අනුමැතිය දැක්වීමක් ලෙසයි.� මීට අමතරව ජනශක්ති රක්ෂණ සමාගම පසුගියදා පැවැති ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය මඟින් සංවිධානය කරන ලද 2009 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උලෙළේදී නොකඩවා දෙවන වසර සඳහා ද රක්ෂණ කාණ්ඩය සඳහා රිදී සම්මානයෙන් පිදුම් ලැබීය." ]
5,967
බෙන්තොට නිවාඩු නි‍‍‍ෙක්තනයට වසර 40 යි
[ "ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික සංචාරක නිවාඩු නිකේතනය වන �බෙන්තොට ජාතික නිවාඩු නිකේතනයට 40 වසරක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවූ අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා සංවත්සර පලකය නිරාවරණය කළ අයුරු. සංචාරක අමාත්‍ය අචල ජාගොඩ, අමාත්‍යාංශ ලේකම් ජෝර්ජ් මයිකල්, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බර්නාඩ් ගුණතිලක මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ." ]
5,968
2009 කොටස්‌ වෙළඳ පොළ ඉතිහාසයේ සාර්ථකයි
[ "කොළඹ කොටස්‌ වෙළඳ පොළ ඉතිහාසයේ වඩාත් සාර්ථකම වසර ලෙස 2009 වසර තමා නම් කරන බව කොළඹ කොටස්‌ වෙළඳ පොළෙහි සභාපති නිහාල් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටි‍‍‍ෙය්ය. කොළඹ කොටස්‌ වෙළඳපොළෙහි ප්‍රධාන මිල දර්ශකය වන සමස්‌ථ මිල දර්ශකය 2009 වසරෙහි මුල් මාස කිහිපය තුළ සුළු විචලනයක්‌ දැක්‌වුවද, යුධමය තත්ත්වය අවසන් වීමත් සමගම එය වාර්තාගත අගයක්‌ දක්‌වා ගමන් කරන ලදි. 2009 වසර අවසානයේ සමස්‌ථ මිල දර්ශකය ඒකක 3,385.6 ක්‌ ලෙස වාර්තා වූ අතර එම අගය කොළඹ කොටස්‌ වෙ‍‍ෙළඳපොළ ඉතිහාසයේ වාර්තා වූ ඉහලම අගයයි. පසුගිය වසරෙහි සමස්‌ථ මිල දර්ශකයෙහි වර්ධනය 125.3% වූ අතර මෙම අගය මෙතෙක්‌ වසරක්‌ තුළ වාර්තාවූ ඉහළම වර්ධන අගයයි. මීට ඉහත පැවති ඉහළම වර්ධන වේගය වූයේ 1991 වසරේ වාර්තා වූ 118% ක වර්ධන වේගයයි. යුධමය තත්ත්වය අවසන් වීමෙන් පසුව සමස්‌ථ මිල දර්ශකයෙහි වර්ධනය 77.7% ක්‌ විය. ලංකා මිල දර්ශකය වසර අවසානයේ ඒකක 3,849.4 ක්‌ වාර්තා කළ අතර එම අගය 2007 වසරේ මැයි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම අගයයි. 2009 වසර තුළ මිලංකා දර්ශකයෙහි වර්ධනය 136% ක්‌ වූ අතර එය මෙතෙක්‌ වසරක්‌ තුළ වාර්තා වූ ඉහළම වර්ධන අගයයි. මෙය 2006 වසරේ පැවති 51.4% ක මිලංක මිල දර්ශකයේ වර්ධනය ඉක්‌මවා යාමකි. මිලංක මිල දර්ශකය වාර්තා කර ඇති ඉහළම අගය 2007 වසරෙහි පෙබරවාරි මස 26 වෙනි දින වාර්තා වූ ඒකක 42148 කි. යුධමය තත්වය අවසන් වීමෙන් පසුව මිලංක මිල දර්ශකයෙහි වර්ධනය 86.1% ක්‌ විය." ]
5,969
හේලීස්‌ යළි යාපනයට යයි
[ "සිය ප්‍රථම වර්ල්ඩ් ඔෆ් හේලීස්‌\" ප්‍රදර්ශණාගාරය යාපනයේ පිහිටුවමින් හේලීස්‌ සමූහය ශ්‍රී ලංකාවේ උතුරු පළාත හා පැවති දශවර්ෂ කිහිපයක සබඳතාව යළි වරක් අලුත් කර ගෙන ඇතැයි සඳහන් ‍‍‍ෙවි. විවිධ ව්‍යාපාර වල නිරත වී සිටින සමූහය සතු නානාප්‍රකාර නිෂ්පාදන හා සේවා එකම වහලක්‌ යටතේ ප්‍රදර්ශනය සහ අලෙවිය සඳහා නිර්මාණය කර ඇති මෙම වර්ල්ඩ් ඔෆ් හේලීස්‌ වෙළඳ ශාඛාවේ නාමය හේලීස්‌ හි වෙ‍‍ෙළඳ ලාංඡනය පසු පස ඇති අදහස නිරූපනය කරයි. මෙම නව ශාඛාව දෙසැම්බර් 28 වනදා යාපනයේ ස්‌ටැන්ලි මාවතේ විවෘත වූ අතර මෙයට සමාන ‍වෙ‍‍ෙළඳ ශාඛාවක්‌ කොළඹද පිහිටුවීමට සමූහය අදහස්‌ කරයි. මෙම ප්‍රථම වර්ල්ඩ් ඔෆ් හේලීන් ශාඛාව ආරාධිත අමුත්තන් හා යාපනයේ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස විවෘත විය. හේලීස්‌ සම්බන්ධ වී ඇති ව්‍යාපාර වල සංඛ්‍යාව හා විෂය පථය ගත් කල මෙලෙස එක්‌ ස්‌ථානයකදී සමූහයේ නිෂ්පාදන හා සේවා ගණනාවක්‌ ලබා දීම අභියෝගාත්මක වූ බව හේලීස්‌ සමූහයේ සභාපති මොහාන් පණ්‌ඩිතගේ මහතා ‍මෙහිදී පැවසුවේය." ]
5,971
විවාදයට සිකුරාදට එන්න-විමල් ‍‍‍ෙගන් ආරාධනාවක්
[ "සරත් ‍ෙෆාන්සේකා මහතාගේ බෑනා වන ධනුන තිලකරත්න මහතා සිදුකළ බව කියන අවි ගනුදෙනු සම්බන්ධයෙන් ඕනෑම අයෙකු සමග විවාදයකට ඒමට තමන් සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ එවැනි අවි ගනුදෙනු සිදු නොකළ බවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයට පිළිතුරු වශ‍යෙනි. එළඹෙන සිකුරාදා දිනයේ පුද්ගලික රූපවාහිනී නාලිකාවක අදාළ සංවාදය පැවැත්වීමට තමන් සූදානම් බව විමල් වීරවංශ මහතා මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් සඳහන් කර සිටි‍යේය." ]
5,972
වාහනය හඳුනයි-අයිතිකරු ‍‍‍නොහඳුනයි
[ "ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයට පහර දීමට මැර කණ්ඩායම් පැමිණි වාහනය හඳුනාගෙන ඇත්නම් එහි අයිතිකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කර ති‍‍බේ. ප්‍රහාරය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන ‍ෙපාලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේ අතිරේක දිසා විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය‍ මෙම නියෝගය කළාය. අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලිසිය කියා සිටියේ මැර ප්‍රහාරය සඳහා පැමිණි ජීප් රථය පිළිබඳව මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් විමසා බැලූ බවයි. එය ඛණිජ තෙල් සංස්ථාවට අයත් රථයක් බව මෝටර් රථ ‍කොමසාරිස්වරයා සනාථ කර ඇති බව පොලිසිය සඳහන් කර සිටි‍යේය. අදාළ වාහනය හඳුනාගෙන ඇත්නම් එහි හිමිකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් පරීක්ෂණවල ප්‍රගතිය ලබන 20 වැනිදාට අධිකරණය හමු‍වට ඉදිරිපත් කරන‍ ලෙසත් මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය." ]
5,973
අද බංග්ලා‍‍‍ෙද්ශය ඉන්දියාව හා ගැ‍‍ටෙයි
[ "බංග්ලාදේශයේ දී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු තරගය අද පැවැත්‍‍ෙවි.. තරගය බංග්ලාදේශයේ දකා නුවර දී දිවා රාත්‍රී තරගයක් ‍ලෙස පැවැත්වීමට නියමිතය. මීට පෙර පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 5කින් පරාජයට පත්විය. බංග්ලාදේශ කණ්ඩායම ද ඔවුන් මුහුණ දුන් පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම විශේෂත්වයකි. මේ වන විට ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි." ]
5,975
වැඩි වැටුප් ‍‍‍ෙහට සිට
[ "රාජ්‍ය සේවකයින් සඳහා වැඩිකරන ලද ජීවන වියදම් දීමනාව හෙට දිනයේ දී ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය මුදල් රාජ්‍ය ආයතන වෙත මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර ඇති බවයි. නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලට අදාළ ජීවන වියදම් දීමනාව ද මේ සමග ගෙවීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ‍‍‍‍‍‍‍ෙව්. ජනවාරි මාසය වන විට රාජ්‍ය සේවකයින්ට හිමි විය යුතු රුපියල් 5,250 ක් වන මුළු ජීවන වියදම් දීමනාව ජනවාරි මාසයේ වැටුප සමග ගෙවීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. මීට අමතරව විශ්‍රාමිකයින් සඳහා වැඩිකරන ලද ජීවන වියදම් දීමනාව ජනවාරි මාසයේ වැටුප සමග හිමිවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ‍වේ." ]
5,976
අභි‍‍‍‍‍‍යෝග ජය ගත හැකි පරපුරක්
[ "පොඩි මිනිසුන් නොසලකා හැරි යුගය අවසන් වී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.. මැද මුලන නිවසේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් ක‍‍‍ෙළ්ය.. ගෙවී ගිය සිව් වසරක කාලය තුළ ධීවර, ගොවි සහ කම්කරු ජනතාව වෙනුවෙන් නව ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළ බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ ය. අභියෝග ජයගත හැකි පරපුරක් බිහිකිරීමට සියලු ශ්‍රී ලාංකිකයන් පෙළ ගැසිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.." ]
5,977
රාජ්‍ය මාධ්‍යයට එ‍රෙහිව ‍‍‍ෙවිවැල අතට
[ "රජයේ මාධ්‍යවල විකාශය කෙරෙන වැඩසටහන් අපක්ෂපාතී ලෙස මෙහෙයවන්නැයි තමා උපදෙස් දී ඇති බව රාජ්‍ය මාධ්‍ය අධීක්ෂණය කිරීම සඳහා පත්කෙ‍රුණු නිසි බලධාරී ජයම්පති හෙට්ටිආරච්චි මහතා පවසයි. ඔහු පවසන්නේ දැනටමත් ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශය කෙරෙන වැඩසටහන් කිහිපයක් පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කර ඇති බවයි. එම වැඩසටහන් අපක්ෂපාතී ලෙස මෙහෙයවන්නැයි ඔවුන්ට දැනුම් දී ඇති බව ද අද දෙරණ කළ විමසීමක දී ජයම්පති‍ හෙට්ටිආරච්චි මහතා කියා සිටි‍‍යේය.. රාජ්‍ය මාධ්‍ය අධීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිසි බලධාරියා ලෙස ජයම්පති හෙට්ටිඅ‍ාරච්චි මහතා පත්කෙ‍රුණි.." ]
5,978
අත් ‍‍බෝම්බයක් එක්ක සැකකරුවකු දැ‍ලේ
[ "ජීව අත්බෝම්බයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අහුංගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ති‍බේ. අහුංගල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සෝදිසි කිරීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.කරුණාරත්න මහතා පවසයි. අත්අඩංගුවට ගත් මෙම සැකකරු අහුංගල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව වාර්තා ‍වේ. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය." ]
5,979
නවීන් ‍‍ ‍නොපනී
[ "ජනාධිපති ධුර අපේක්ෂක සරත් ‍ෙෆාන්සේකා මහතාට සහය දැක්වීමට තමා කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. සරත් ‍ෙෆාන්සේකා‍ මහතාට සහය දැක්වීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිඳු සත්‍යත‍ාවයක් නොමැති බව නවීන් දිසානායක අමාත්‍යවරයා කියා සිටියි. පසුගිය දා ගාමිණී දිසානායක මහතාගේ පුත්‍රයෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අම්පාර දිස්ත්‍රික් සංවිධ‍ායක ලෙස කටයුතු කළ මයන්ත දිසානායක මහතා සරත් ‍ෙෆාන්සේකා මහතාට සහය දැක්වීමට තීරණය කර ඇත." ]
5,980
‍‍‍ෙසල්වසාමි ‍ ෆොන්ස්කාට යි
[ "නි‍‍යෝජ්‍ය තැපැල් ඇමති එම්.‍‍‍ෙසල්වසාමී මහතා සරත් ‍‍‍‍ෙෆාන්‍‍‍ෙස්කා ට සහය දීමට තීරණය කර ඇතැයි වාර්තා ‍වේ. අද ‍මේ මො‍හො‍‍ෙත් පැවැත්‍‍‍ෙවන ‍‍ජෙනරාල් සරත් ‍‍‍‍‍‍‍ෆොන්ස්කා ‍‍‍ෙග් මාධ්‍ය හමුවකදී ‍‍‍‍මේ පිළිබඳ දැනුම් දී ඇත." ]
5,981
ප්‍රභාකරන් ‍‍ගේ පියා මිය යයි
[ "එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පියා අභාවප්‍රාප්ත වී ති‍බේ. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා පවසන පරිදි ඔහු හමුදා භාරයේ සිටියදී ඊයේ රාත්‍රී ‍‍ෙය් මිය ගිය ‍‍ගොස් ඇත. වීරස්වාමි තිරුවෙන්ගඩම් වේළුපිල්ලේ නැමැති මොහු කලක් අංශ භාග රෝගයෙන් පෙළුණු බව බ්‍රි‍ෙග්ඩියර් උදය නානායක්කාර මහතා කියා සිටි‍‍යේය. ඔහු මිය යන විට 86 වැනි වියෙහි පසුවිය. වීරස්වාමි තිරුවෙන්ගඩම් වේළුපිල්ලේ මහතා ප්‍රභාකරන් ඇතුළු දරුවන් 4 දෙනෙකුගේ පියෙකි.. මානුෂීය මෙහෙයුම නිමාවීමෙන් අනතුරුව වව්නියාවේ සුභසාධන කඳවුරක රැඳී සිටියදී ප්‍රභාකරන්ගේ පියා සහ මව ආරක්ෂක අංශ විසින් හඳුනාගනු ලැබිණි." ]
5,982
ගැටුමක් නූ‍‍‍ලෙන් වළකියි
[ ".. ජනාධිපති ධුර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් පිරිසක් අතර ඇතිවීමට ගිය ගැටුමක් පාලනය කිරීමට පොලිසිය පියවර ගෙන ති‍‍බේ. ඊයේ රාත්‍රී හලාවත නගර මධ්‍යයේ සැරසිලි කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු පිරිසකට එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් පිරිසකගෙන් දැඩි බලපෑමක් එල්ල වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. අද පැවැත්වීමට නියමිත සරත් ‍ෙෆාන්සේකා මහතාගේ රැළියේ ප්‍රචාරක කටයුතු සඳහා මෙම සැරසිලි සිදුකළ බව රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටි‍‍යේය. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට උත්සහ දැරීමේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ති‍බේ.. දෙපාර්ශවය අතර ඇතිවීමට ගිය ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා කැරලි මර්දන ඒකකය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවූ බව හලාවත කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය." ]
5,983
ඒ-9 ඇරණත් මාධ්‍ය‍‍වේදීන්ට අවසර නැතිව බෑ
[ "යාපනය, නුවර ඒ 9 මාර්ගය විවෘත කිරීමත් සමග ඕමන්තේ සීමා මුරපොල හරහා ගමන් කරන වාහන සංඛ්‍යාව ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ති‍බේ. සාමාන්‍ය ජනතාව මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යන වාහන ද විශාල වශයෙන් මෙම මාර්ගය ඔස්සේ ගමන් කරන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. ඕමන්තේ සීමා මුරපොළ හරහා ගමන් කරන පුද්ගලික වාහන වව්නියාව තේක්කවත්ත ප්‍රදේශ‍ෙය් දී පරීක්ෂාවට ලක් කෙ‍රේ.. ඒ අනුව ඔවුන් එහිදී ආරක්ෂක අංශ විසින් ලබාදෙන පත්‍රිකාව ද රැගෙන ගමන් කළ යුතු ‍‍වේ. සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඒ 9 මාර්ගය පැය 24 පුර‍ාම විවෘත කෙරුණ ද මාධ්‍යවේදීන්ට හා විදේශිකයින්ට ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයකින් තොරව උතුරට ගමන් කළ නොහැකි බව වාර්තා ‍වේ." ]
5,984
‍ෆොන්‍‍‍‍‍‍‍‍‍‍ෙස්කාට දුන්‍‍‍‍ෙනා්ත් උතුර-නැ‍‍ෙඟනහිර යා‍‍වෙයි
[ "සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම යනු උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීමට සහය ලබාදීමක් බව ජාතික හෙළ උරුමය පවසයි. ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අතුරලියේ රතන හිමියන් පවසන්නේ උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීමට සරත් ‍ෙෆාන්සේකා මහතා දෙමළ ජාතික සන්ධානය සමග එකගතාවක් ඇතිකර ගෙන ඇති බවයි. පරාජය කරන ලද සන්නද්ධ කණ්ඩායම් යළි බිහිකිරීමට සරත් ෆොන්සේකා මහතා කටයුතු කරමින් සිටින බව ද අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් සඳහන් කරයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අතුරලියේ රතන හිමියන් මේ අදහස් පළ ක‍ළේය." ]
5,985
මං ආණ්ඩුවට යන්නෙ නෑ-ලාල්කාන්ත
[ "ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා තමා අ‍ාණ්ඩුවට එක්වන බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසයි. හෙතෙම පවසන්නේ මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරවා හැරීමෙන් ආණ්ඩුවේ බංකොලොත්භාවය ප්‍රදර්ශනය කෙරෙන බවයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මාධ්‍යවේදිනියක් මේ සම්බන්ධයෙන් විමසීමක් කළාය. එහිදී ඔහු ප්‍රකාශ කළේ ලාල්කාන්ත මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට නිරන්ත‍රයෙන් දුරකතන ඇමතුම් ලබාදෙන බවයි." ]
5,986
හෙරොයින් ගුලි 17ක් ගිල පැමිණි පාකිස්ථානුවෙකු පොලිස් දැලේ
[ "හෙරොයින් ජාවාරමකට සම්බන්ධ පකිස්ථාන ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව දෝහා කටාර්වල සිට මෙරටට පැමිණි පාකිස්ථාන ජාතිකයා ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් මෙම සැකකරු රාගම රෝහලට ඇතුළත් කර පරීක්ෂා කිරීමේ දී ඔහුගේ උදරයේ තිබී හෙරොයින් ගුලි 17 ක් සොයාගෙන තිබේ. මෙම පාකිස්ථානු ජාතිකයා රදවා තබාගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.කරුණාරත්න මහතා සදහන් කළේය." ]
5,987
අමිල හිමියන් ට ඇප ලැ‍‍‍‍‍‍බෙයි
[ "රිමාන්ඩ් බාර‍‍‍‍‍‍‍‍යේ පසු වූ පූජ්‍ය දඹර අමිල හිමියන් අද ‍‍‍‍හොරණ ම‍‍හේස්ත්‍රාත් අධිකරණ‍‍‍‍‍‍‍යෙන් ඇප පිට නිදහස් කිරීමට පියවර ‍‍‍‍ගෙන ති‍‍බේ. පුද්ගලයින් වි‍‍‍‍දෙස් ගත කරන බවට මුදල් ලබා ‍‍‍‍ගෙන වංචා කරන ලදැයි උන්වහන්‍‍‍‍‍‍සේ පසු ගිය දා අත්අඩංගුවට ‍‍‍‍‍‍‍‍ගනු ලැබිණි. ‍‍‍‍දේශ හි‍‍‍තෛෂී ජාතික මධ්‍යස්ථාන‍‍‍‍යේ සභාපති ‍‍‍‍‍‍‍ෙලස කටයුතු කළ පූජ්‍ය දඹර අමිල හිමියන් අත්අඩංගුවට ගැනීම ‍‍‍‍දේශපාලන පළිගැනීමක් බවට ජනතා විමුක්ති ‍‍‍‍පෙරමු‍‍ණෙන් ‍ ‍‍චෝදනා එල්ල ‍‍‍‍කෙ‍‍‍‍රෙණි. අද යළි අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථා‍‍‍‍‍‍‍‍‍‍වේ රු.25,000 ක මුදල් ඇපයක් හා ලක්ෂ ‍‍‍‍‍‍දෙකක ශරීර ඇප මත උන්වහන්‍‍‍‍‍‍සේ නිදහස් කර ති‍‍බෙි." ]
5,988
නව ආණ්ඩුවක සුදුස්සාට සුදුසු තැන
[ "රජයට සම්බන්ධ දේශපාලන මත දරන පුද්ගලයන්ට පමණක් මේ රටේ ජීවත් විය හැකි බවට මතයක් ගොඩ නැගී ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විවිධ දේශපාලන මත දරන්නන් එක්ව රටේ යහ පාලනය ගොඩ නැගීම සදහා පෙරමුණ ගෙන කටයුතු කරන බවයි. සුදුස්සාට සුදුසු තැන ලබා දෙමින් යහ පාලනයකට අනුව කටයුතු කිරීමට ඉදිරියේ දී පිහිටුවන නව ආණ්ඩුවක් යටතේ පියවර ගන්නා බව ද කරු ජයසූරිය මහතා සදහන් කරයි.. දිවුලපිටය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ඔහු මේ අදහස් පළ ක‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෙළ්ය.." ]
5,989
ලක්ෂ ‍‍‍‍දෙකකට වි‍‍‍‍දෙස් රැකියා
[ "විභාගය සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් නොලැබූ ලක්ෂ 2ක පමණ තරුණයන්ට වි‍ෙද්ශ රැකියා ලබා දීමට තීරණය කර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.. රජයේ රැකියා සදහා බදවා ගත් උපාධිධාරීන් ජනතා සේවයට ඵලදායි ලෙස යොදා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ එම පිරිස් වඩාත් ඉහළ රැකියා සදහා යෙ‍ාමු කරන බවයි. සෑම වසරක් පාසාම උපාධිධාරීන්ට රැකියා ලබා දීමට පියවර ගත් බව ද ජනාධිපතිවරයා ඊයේ පැවති ජනහමුවක් අමතමින් ප්‍රකාශ ක‍‍ළේය." ]
5,990
මගී ප්‍රවාහනයට ‍‍බෝට්ටු
[ "මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ධීවර අමාත්‍යාංශය පියවර ගෙන ති‍‍බේ.. \"දිය සැරිය\" නිමින් හදුන්වන මෙම බෝට්ටු සේවාව අමාත්‍ය ෆීලික්ස් පෙරේරා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ කෙරුණි. ඒ අනුව ජා-ඇල , සුදුවැල්ල , තුන්මෝදර , දෑලතුර , තාරකුලිය සහ ලීනස් වේල්ල ඇතුළු ප්‍රදේශ වල ධීවර ජනතාවට මෙම බෝට්ටු සේවාව ඔස්සේ මගී ප්‍රවාහන ‍අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වී ති‍‍බේ. රැපියල් 20ක් වැනි සුළු මුදලකට තම ගමන් පහසුව සලසා ගැනීමට හැකි වීම එම ජනතාවට විශාල වාසියක් බව අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා සදහන් කරයි." ]
5,991
මඩකලපුව නගරාධිපතිනි‍යගේ සහය ෆොන්සේකාට
[ "මඩකලපුව, නගරාධිපතිනි ෂිවගීතා ප්‍රභාකරන් මහත්මිය මෙවර ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතාට සහය පළකිරීමට තීරණය කරයි අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව අනාවරණය ක‍ළාය. තමන්ට ඡන්දය දුන් ජනතාවගේ ඉල්ලීම මත මෙම තීරණය ගත් බව ඇය එහිදී පැවසුවාය. කෙසේවුව ද තමා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ නගරාධිපති ධුරයෙන් ඉවත් නොවන බව ෂිවගීතා ප්‍රභාකරන් මහත්මිය එහිදී සඳහන් කළාය. ඇය වැඩිදුරටත් කියා සිටියේ එම තනතුරෙන් තමන් ඉවත් කිරීමට උත්සාහ කළහොත් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි." ]
5,992
සිංහරෙජි‍මේන්තුවෙන් කොටි රෙජිමේන්තුවට
[ "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිංහ රෙජිමේන්තුවෙි සිට කොටි රෙජිමෙින්තුවෙි සේවය කරන තත්ත්වයට පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක,පාර්ලිමෙින්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ද්‍රවිඩ ජාතික සන්ධානයේ බෙදුම්වාදී ඉල්ලීම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර තිබියදී එකී ඉල්ලීම් දිනා දීමට සරත් ෆොන්සේකා මහතා එකග වීමෙන් ඒ බව තහවුරු වන බව ද හෙතෙම කියා සිටියේය. අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත." ]
5,994
ෆොන්සේකා ආණ්ඩුවේ පුවත්පත් මණ්ඩලය කම්මුතුයි - මංගල
[ "සරත‍් ෆොන්සේකා මහතා බලයට පත්වූ පසුව පුවත්පත් මණ්ඩලය අහෝසි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මන්ත්‍රීවරයා පවසයි. ඔහු පවසන්නේ ‍මෙම ආයතනය මගින් ලංකාවේ මාධ්‍ය නිදහසට බලපෑම් එල්ල කර ඇති බවයි. පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීම සඳහා සරත් ‍ෆොන්සේකා මහතාට සහය දක්වන සියලු දේශපාලන පක්ෂ නායකයින් එකගත්වය පළ කර ඇති බව ද මංගල සමරවීර මන්ත්‍රීවරයා කියා සිටියි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේ පැවති උත්සවයට එක්වෙමිනි." ]
5,995
එල්.ටී.ටී.ඊ සැකකරුවන් 712කට නිදහස
[ "එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා පැවසුවේ සුළු චෝදනා එල්ල වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 712 දෙනෙකු අද නිදහස් කරන බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාවේ පැවැත්වෙන උත්සවයකදී මෙම පිරිස නිදහස් කෙරෙන බව උදය නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. මෙම එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිස මෙතෙක් රඳවා තබාගෙන සිට ඇත්තේ වව්නියාව සුභසාධන කඳවුරුවලයි." ]
5,996
උපවාස කළ රැඳවුම්කරුවන් දෙදෙනෙකු රෝහලේ
[ "උපවාසයක නිරත වී සිටින යාපනය බන්ධනාගාර‍ෙය් රැඳවුම්කරුවන්ගෙන් දෙදෙනෙකු රෝහල් ගතකර තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක කෙනත් ප්‍රනාන්දු මහතා පැවසුවේ අදාළ රැඳවුම්කරුවන් දෙදෙනා යාපනය මහරෝහලට‍ ඇතුළත් කර ඇති බවයි. උපවාසය සඳහා රැඳවුම්කරුවන් 12 දෙනෙකු සහභාගී වී සිටින බව ද කෙනත් ප්‍රනාන්දු මහතා පැවසුවේය. තමන්ට එරෙහි නඩු කඩිනම් කරන ලෙස හෝ තමන් නිදහස් කරන ලෙස ඉල්ලා මෙම පිරිස උපවාසය ආරම්භ කළේ පසුගිය 7 වැනිදායි." ]
5,997
පාකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 8ක් මරුට
[ "පාකිස්ථානයේ කරච්චි නගරයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි. කරච්චි නගරයේ වෙළඳ මධ්‍යස්ථානයේ මෙම පිපිරීම සිදුව තිබේ. පිපිරීමෙන් මිය‍ෙගාස් ඇති බහුතරය ආරක්ෂක අංශ සාමාජිකයින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බෝම්බ පිපිරීමෙන් තවත් පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා ඇත. පාකිස්ථාන ආරක්ෂක ප්‍රධානීන් පවසන්නේ මෙම ප්‍රහාරය තලෙයිබාන් සංවිධානය විසින් සිදුකරන්නට ඇති බවයි." ]
5,998
හීත්‍රෝ ගුවන්තොටුපලට හදිසි තත්ත්වයක්
[ "ගුවන් යානයක සැක කටයුතු පුද්ගල‍යෙකු සිටින බවට ලැබුණු තොරතුරකට අනුව එංගලන්තයේ හී‍ත්‍රෝ ගුවන්තොටුපලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඩුබායිහි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයක් සම්බන්ධයෙන් මෙම තොරතුර ලැබී ඇති බව ගුවන්තොටුපළ බලධාරීන් පවසයි. ගුවන් යානය තුළ සිටි පුද්ගලයෙකුගේ සැක කටයුතු හැසිරීම පිළිබඳව ගුවන්යානයේ මගියෙකු විසින් කරන ලද දැනුම්දීමකට අනුව මෙම තත්ත්වයට ප්‍රකාශයට පත් කෙරුණි. මෙම සැකකටයුතු පුද්ගලයා සුදු ජාතිකයෙකු බව ද සඳහන් වෙයි. කෙ‍ෙස්වෙතත් පසුව සිදුකළ සෝදිසියේ දී ගුවන්යානය තුළ තිබී සැක කටයුතු කිසිවක් සොයා නොගත් බව ගුවන්තොටුපල බලධාරීන් කියා සිටියේය." ]
5,999
ආබාධිත රණවිරුවන්ට උසස්වීම් හා වැටුප් වර්ධක
[ "ආබාධිත වූ රණවිරුවන්ට උසස්වීම් හා වැටුප් වර්ධක ලබාදීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා පියවර ගෙන තිබේ. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා සදහන් කළේ ඊට අදාළ නියෝග හමුදා රෙජිමේන්තු‍ වෙත ලබා දී ඇති බවයි. යුද හමුදාවේ අනෙකුත් ශ්‍රේණිවලට සමාන්තරව මෙම වැටුප් වර්ධක හා උසස්වීම් හිමිවන බව උදය නානායක්කාර මහතා අද ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ දී සදහන් කළේය. වැටුප් වර්ධක හා උසස්වීම්වලට අමතරව සේවයේ යෙදිය හැකි ආබාධිත වූ රණවිරුවන්ට අවශ්‍ය නම් වෙනත් ඒකකයක් වෙත මාරු වීමට හෝ වෙනත් මූලස්ථානයක් වෙත මාරුවීමට අවශ්‍ය විධිවිධාන සලසා ඇත. එ‍සේම සේවයේ යෙදිය නොහැකි එහෙත් විශ්‍රාම යාමට අකමැති ආබාධිත රණවිරුවන් තවදුරටත් යුදහමුදාව තුළ රදවාගෙන උසස්වීම් හා වැ‍ටුප් වර්ධක ලබාදෙන ලෙස යුදහමුදාපතිවරයා නියෝග කර තිබේ. මේ අතර සේවයේ යෙදිය නොහැකි විශ්‍රාම යාමට කැමති ආබාධිත රණවිරුවන් සියලුදෙනාටම වැටුප් වර්ධක හා උසස්වීම් ද ලබාදීමට යුදහමුදාපතිවරයා උපදෙස් දී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය." ]
6,000
ශ්‍රී ලංකාව අවසන් තරගයට
[ "බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් බංග්ලාදේශය පරදවා කඩුළු 9ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එම ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකාව ‍තරග‍ාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. බංග්ලාදේශයේ මීර්පූර්හිදී ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාරගේ ආරාධනයෙන් බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසුණි. නියමිත පන්දුවාර 50 අවසානයේ බංග්ලාදේශ කණ්ඩායමට කඩුළු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 249 ක් පමණි. එහිදී සකීබ් උල් හසන් ලකුණු 47ක් සහ රකිබුල් හසන් ලකුණු 43 ක් රැස් කළහ. පන්දු යැවීමේ දී නුවන් කුලසේකර, සුරාජ් රන්දීව් සහ තිසර පෙරේරා කඩුළු 2 බැගින් දවාගත්හ. ලකුණු 250 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 42 යි පන්දු 5ක් අවසානයේ දී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියේය. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ උපුල් තරංග නොදැවී ලකුණු 118 ක් රැස් කළ අතර පසුගිය තරගවලදී ලකුණු අතර නොසිටි මහේල ජයවර්ධන ඊයේ ලකුණු 108 ක් රැස් කළේය. තරගයේ වීරයා සම්මානය උපුල් තරංගට හිමිවුණි. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය ඉන්දීය කණ්ඩායම සමග හෙට පැවැත්වීමට නියමිතව තිබේ." ]
6,001
මැතිවරණ කොමසාරිස් වාර්තාවක් ඉල්ලයි
[ "නීතිවිරෝධී බැනර් සහ කටවුට් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද ලබන 13 වැනිදා වන විට වාර්තාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. මැතිවරණ මහලේකම් කාර්යාලය පවසන්නේ නීතිවිරෝධී බැනර් සහ කටවුට් සම්බන්ධයෙන් දිනෙන් දින පැමිණිලි ඉදිරිපත් වන බවයි. ඒ අනුව අදාළ කටවුට් සහ බැනර් ඇති ස්ථාන පිළිබද තොරතුරු ඉදිරිපත් කර ඒ පිළිබද අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් කරුණු විමසන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. එම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ වාර්තා සහ අදාළ කටවුට් සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග 13 වැනිදා වන විට දැනුම් දෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලිස්පතිවරයාට වැඩිදුරටත් දැනුම් දී තිබේ." ]
6,002
දකුණේ නිදහස උතුරට සහ නැ‍ෙඟනහිරටත්...
[ "දකුණේ ජනතාවට ඇති නිදහස උතුර සහ නැගෙනහිර ඇතුළු සියලු ජනතාවට ලබා දිය යුතු බව තම විශ්වාසය යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙරට සියලු ‍ජනතාවට බියෙන් හා සැකෙන් තොරව ජිවත් වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට තමන්ට හැකි වු බවයි. ඊයේ යාපනය ප්‍රදේශයේ කළ සංචාරයේදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කරන ලදී. ගිවිසුම් මගින් බෙදා වෙන් කිරීමට කටයුතු යොදා තිබූ එට යළි එක්සත් කිරීමට තමන්ට හැකිවූ බවත්,එකී සියලු ජයග්‍රහණ හා නිදහස රටේ සමස්ත ජනතාවට භුක්ති විඳින්ට ඉඩ ලබා දෙන බව හෙතෙම අවධාරණය කළේය." ]
6,003
නිරීක්ෂණයට කණ්ඩායම් දෙකක් ලංකාවට
[ "ජනාධිපතිවරණ නීරීක්ෂණ කටයුතු සදහා විදේශීය නිරික්ෂණ කණ්ඩායම් දෙකක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. එහි ප්‍රකාශ‍කයෙකු සදහන් කරන පරිදි පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාල‍යේ සහ අසියානු මැතිවරණ අධිකාරීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් මීට සහභාගි වේ. මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාගේ ආරාධනයකට අනුව ඔවුන් මෙරටට පැමිණීමට නියමිතය. කෙසේ වුවද ය‍ුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංගමය නියෝජනය කරමින් නීරීක්ෂකයන් නොපැමිණෙන බව පසුගියදා වාර්තා විය. මේ අතර හැදුනුම්පත් නොමැති ඡන්ද දායකයන්ට සිය ඉල්ලුම් පත් භාර දීම සදහා සියලු ග්‍රාම නිලධාරීන් අද හෙට සහ අනිද්දා දිනවල තම කාර්යාලවල රැදි සිටිය යුතු බවට මැතිවරණ ‍ෙකාමසාරිස්වරයා උපදෙස් ලබා දී තිබේ." ]
6,004
වැසූ කර්මාන්ත ශාලා යළි අරිනවා-‍ෙෆාන්සේකා කියයි
[ "මෙරට වසා දමා ඇති කර්මාන්ත ශාලා යළි විවෘත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ධූර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තේ , රබර් , ‍ෙපාල් ඇතුළු බෝග වගාකරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයටද පියවර ගන්නා බවයි. පිටබැද්දර ප්‍ර‍දේශයේ පැවති ජනහමුවක් අමතමින් ෆොන්සේකා මහතා ‍ෙම් අදහස් පළ කරන ලදී. දූෂණය හා වංචාව නිසා මෙරට ආර්ථිකය බිඳ වැටී ඇති බවත්,රටේ ආර්ථිකය ගොඩ නැංවීමට නම් තම පවුල ගැන නොව රට ගැන කැක්කුමක් තියෙන පිරිසකට රට බාර දිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය." ]
6,005
ඉන්දියාවට ජය
[ "බංග්ලාදේශ‍ෙය් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකාව සමග පැවති තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරගය පැවැත්වුණේ බංග්ලාදේශ මිර්පුර් ක්‍රීඩාංගණයේදීය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 46යි එක් පන්දුවක දී සියලු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 213ක් පමණි. කුමාර් සංගක්කාර ලකුණු 68ක් සහ සුරේෂ් රන්දිව් ලකුණු 56ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදි සහීර් ඛාන් සහ අමිත් මිශ්‍රා කඩුලු තුන බැගින් දවා ගත් අතර පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 32 යි පන්දු 4කදී කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පසු කිරිමට සමත් විය. එහිදී දක්ෂ‍ ලෙස පන්දුවට පහර දුන් ‍ගෞතම් ගාම්භීර් සහ විරාජ් කෝලී ලකුණු 71 බැගින් රැස් කර ගැනීමට සමත් වූහ. වේගවත් ඉනිමක් ක්‍රිඩා කළ දිනේෂ් කාර්තික් ලකුණු 48ක් රැස් කර ගන්නා ලදී." ]
6,006
සහල් තොග අද සිට බෙදාහැරෙයි
[ "ආනයනය කළ සහල් තොග අද සිට දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කරන බව වෙ‍ෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.. සමුපාකාර සමිති හරහා මෙම සහල් තොග බෙදා හැරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි. අවශ්‍ය ඕනෑම මොහොතක වෙ‍ෙළඳපළට නිකුත් කිරිමට ප්‍රමාණවත් ආරක්ෂිත සහල් තොග ගබඩා කර ඇති බව අද දෙරණ කළ විමසීමකදී ඔහු කියා සිටියේය. අමාත්‍යවරයා පවසන්නේ ප්‍රමාණවත් සහල් තොග ලැබීම හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ සහල් මිල පහත යනු ඇති බවයි." ]
6,007
අනතුරකින් දෙදෙනෙක් මරුට
[ "මහියංගනය-ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ ගිරාලගොල්ල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. ට්‍රැක්ටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ගිරාදුරුකෝට්ටේ පොලිසිය පවසයි.. අනතුරින් ‍මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ක සහ 21ක තරුණයන් දෙදෙනෙකි.. ඔවුන් නුගේකොටුව සහ මිලැත්තෑව ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ. ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.. මේ අතර ගලේ‍වෙල බිලිගමුව ප්‍රදේශයේ සිදුවු තවත් රිය අනතුරකින් 33න් හැවිරිදි පුද්ගලයෙකු මිය‍ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය සඳහන් කරයි." ]
6,008
හෙට සහ අනිද්දා ට සේවා ස්ථාන වල සිට ඡන්දය
[ "හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිත තැපැල් ඡන්ද සලකුණු කිරීම සදහා අදාල සේවා ස්ථානවල පහසුකම් සලසන ලෙස තේරීම් භාර නිලධාරීන් මගින් සියලු සහතික කිරිමේ නිලධාරීන්ට දන්වා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ජනාධිපතිවරණ තැපැල් ඡන්ද සලකුණු කිරීම නීරීක්ෂණය සදහා ආයතන දෙකකට පමණක් අවසර දී ඇති බව එම කාර්යාලය සඳහන් කරයි. ඒ අනුව පැෆ්රල් සංවිධානය සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නීරීක්ෂණ මධ්‍යස්ථානයට ඒ සඳහා අවසර ලැබී තිබේ. තැපැල් ඡන්ද විමසීම සිදුකරන ස්ථානවල ආරක්ෂාව සදහා අදාල නිලධාරීන් පොලිසියේ සහය ඉල්ලා සිටිය‍ හොත් ඊට සහයෝගය ලබාදෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ. හෙට සහ අනිද්දා දෙදින තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වු පුද්ගලයන්ට ලබන 26 වැනි දින දක්වා එම පහසුකම ලබා ගත හැකි බව ද මැතිවරණ මහලේකම් කාර්යලය නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ." ]
6,012
ලක්ෂ 12 වංචාකරුවෝ මාට්ටු
[ "ගාල්ල ප්‍රදේශයේ බැංකු‍වකින් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙ‍නෙකු ගාල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. බැංකුවේ සවිකර තිබු ආරක්ෂක කැමරා වල සටහන්ව තිබු දර්ශන ඔස්සේ සිදුකළ පර්යේෂණ වලින් අනතුරුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති ‍බව සඳහන් වේ. ලක්ෂ 35 ක මුදලක් මෙසේ වංචා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.එම්.කරුණාරත්න මහතා පවසයි. ගාල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.." ]
6,013
ගණිකා නිවාසයක් වටලා සිව් දෙනෙකු දැලේ
[ "මරදාන ප්‍ර‍ෙද්ශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මරදාන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කොළඹ මධ්‍යම දිසා බුද්ධි ඒකකය සිදුකළ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. එම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු ද එම ගණිකා නිවාසයට යාබද නිවසක සිටියදී අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම දිසා බුද්ධි ඒකකය පවසයි." ]
6,019
ප්‍රවීණතා පරීක්ෂණය 17 දා
[ "ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ වලට සිසුන් ඇතුළත් කිරීමේ ප්‍රවීණතා පරීක්ෂණ මේ මස 17 වන දින පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ පාඨමාලා වල ප්‍රවීණතා පරීක්ෂණ මෙදිනට පැවැත්වීමට නියමිතය. ඒ සඳහා අයදුම්කළ අයදුම්කරුවන්ට විභාග ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේ දී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියි." ]
6,020
යතුරුපැදී සොරෙක් දැලේ
[ "යතුරු පැදි ‍ෙසාරකමේ යෙදුනු පුද්ගලයෙකු අනුරාධපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි අයි.එම් කරුණාරත්න මහතා සඳහන් කරයි. අත්අඩංගුවට ‍ගැනීමෙන් පසු සිදු කළ විමර්ශන වල දී ඔහු විසින් සොරකම් කරන ලද යතුරු පැදි 8 ක් ද සොයා ගෙන තිබේ. මොහු පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන් වේ. අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි." ]
6,027
එට්හාඩ් එයාවේස් යළි කොළඹට.
[ "එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ජාතික ගුවන් සේවය වන එට්හාඩ් එයාවේස් ජනවාරි 01වනදා සිට නැවත ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹා තිබේ. A320 ගුවන් යානා යොදාගනිමින් අබුඩාබි සහ කොළඹ අතර සතියකට සිව් වරක් ගුවන් ගමන් පැවැත්වේ. මෙම ගමන් වේලාවන් සකස් කර ඇත්තේ මොස්කව් සහ උතුරැැ ඇමෙරිකාව ඇතුළු වෙනත් ප්‍රධාන නගරවලින් එට්හාඩ් ගුවන් යානාවල ගමන් කරන මගීන්ට සිය ගමනාන්තය තෙක් පහසුවෙන් ගමන් කළ හැකි ලෙසය. එට්හාඩ් එයාවේස් වාණිජ නිලධාරි පීටර් බව්ම්ගාට්නර් මහතා පැවසූයේ දැනට මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට අබුඩාබි හරහා ඉක්මනින් නැවත ශ්‍රී ලංකාවට යාමේ හැකියාව මින් ලැබෙන බවය. එමෙන්ම ලංකාවේ පැවති අරගල අවසන් වීමත් සමග ඉදිරි මාස කිහිපයේදී මෙහි එන වැඩිවනු ඇතැයි එට්හාඩ් එයාවේස් විශ්වාස කරන බවත්, වෙළද කටයුතු හා සංචාරක කටයුතු වර්ධනය කිරීම සදහා ශ්‍රී ලංකාවට අනගි අවස්ථාවක් එළඹ ඇති බවත්, ඔහු වැඩිදුරටත් පැවසීය. එට්හාඩ් එයාවේස් කොළඹ කාර්යාලය භාරව කුමාර් ද සිල්වා මහතා කටයුතු කරන අතර ඔහු මාලදිවයිනේ එට්හාඩ් සේවා භාරව ද කටයුතු කරයි. අබුඩාබි සහ කොළඹ අතර යළි ඇරඹෙන එට්හාඩ් සේවයත් සමග එහි ගෝලීය ගුවන් ගමනාන්ත සංඛ්‍යාව 58 දක්වා වැඩිවේ." ]
6,030
�ඉංග්‍රීසි ජීවන කුසලතාවක් ලෙස� ව්‍යාපෘතිය දියත් කෙරේ.
[ "සිටි ඇන්ඩ් ගිල්ස් ඉන්ටනැෂනල් ආයතනය සිය ශ්‍රී ලාංකීය සංවිධායකයා වන �ස්කිල්ස් ඉන්ටනැෂනල්� හා එක්ව �ඉංග්‍රීසි ජීවන කුසලතාවක් ලෙස� ව්‍යාපෘතිය යටතේ ජාත්‍යන්තර කීර්තියට පත්ව ඇති �සිටි ඇන්ඩ් ගිල්ස්� ඉංග්‍රීසි භාෂා සහතික සඳහා ශිෂ්‍යයන් සූදානම් කිරීමට පිළිගත් වෘත්තීමය අධ්‍යාපනික ආයතන හඳුන්වාදෙයි.", "මෙම ව්‍යාපෘතිය දිවයින පුරා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා වන ප්‍රාරම්භයක එක් කොටසක් වන අතර �ඉංග්‍රීසි ජීවන කුසලතාවක් ලෙස� යන සන්නිවේදන දුරස්ථ ඉගෙනුම් රෑපවාහිනී වැඩසටහන ද මෙම වසර අගදී දියත් කෙරේ. බස්නාහිර පළාතෙන් ආරම්භ කෙැණු මෙම වැඩසටහන 2010 අග වනවිට දිවයින පුරා ව්‍යාප්ත කෙරෙන අතර, 2010 වසරේදී ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්වූ ඉංග්‍රීසි සහතික හිමික ැවන් 10000ක් බිහිකිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.", "මෙම ව්‍යාපෘතියට මුලපිෑ 2010 ජනවාරි මස 11 වන දින රේණුකා හෝටලයේ පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවේදී, සිටි ඇන්ඩ් ගිල්ස්හි දේශීය කළමනාකරැ වන මුෆ්ති හසීම් මහතා, සිටි ඇන්ඩ් ගිල්ස්හි ඉංග්‍රීසි සුදුසුකම් ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී කටයුතු කරන බස්නාහිර පළාතේ ප්‍රධාන පෙළේ ආයතන 19කට අවබෝධතා ගිවිසුම් ප්‍රදානය කළේය.", "එම අධ්‍යාපනික ආයතන 19 නම් රෝයල් වේ ඉන්ස්ටිටියුට්, ප්‍රගුන මැනේජ්මන්ට් කන්සල්ටන්ස් (විසිබල් එප්), ගුැගෙදර එඩියුකේෂන් ඉන්ස්ටිටියුට්, සරසවි සයන්ස් ෆැකල්ටි, රොටරි හෝල්, ටොප් එඩියුකේෂන් ඉන්ස්ටිටියුට්, තක්ෂිලා හයර් එඩියුකේෂන් ඉන්ස්ටිටියුට්, ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ස්ටඩීස්, ඉම්පීරියල් ඉන්ස්ටිටියුෂන් ඔෆ් හයර් එඩියුකේෂන්, පොත්ගුල හයර් එඩියුකේෂන් ඉන්ස්ටිටියුට්, සක්සස් ඉන්ස්ටිටියුට්, බ්‍රිටිෂ්වේ ඉංග්ලිෂ් ඇකඩමි, ඉංග්ලිෂ් ලයිෆ් ඉන්ටර්නැෂනල්, ෂාප් ඉන්ස්ටිටියුට්, සෙන්ට් මයිකල් ඇකඩමි, එක්සෙල් ලැන්ග්‍ෙජේ ඉන්ස්ටිටියුට්, රමණි ප්‍රනාන්දු ඇකඩමි, ඉන්ස්ටිටියුට් ඔෆ් බ්‍රිටිෂ් ටෙක්නෙ‍ාලජි සහ ලෙක්සිකෝන් ඉංග්ලිෂ් ස්කූල් ය.", "සිටි ඇන්ඩ් ගිල්ස් මගින් ශිෂ්‍යාගේ සිට වෘත්තිකයන් දක්වා ඔවුනට අවශ්‍ය වන ඉංග්‍රීසි නිපුණතාවය ඒ ඒ මට්ටම් වලින් හඳුනාගෙන විවිධ අන්දමේ ඉංග්‍රීසි භාෂා සුදුසුකම් ලබාදේ. රැකියා අධ්‍යාපන සහ විගමන කටයුතු වලට අදාළව මෙම වැඩ සටහන් වලට ජාත්‍යන්තර පිළිගැනීමක් ඇත. වෘත්තිකයන්ගේ රැකියා මට්ටම කුමක් වුවද මෙම ඉංග්‍රීසි භාෂා වැඩසටහන් ඔවුන්ට අවශ්‍ය සෑම අවශ්‍යතාවක්ම සපුරා දෙයි." ]
6,031
ඇඟිලිගැහීම තානාපතිවරුන්ට අයිති නෑ
[ "රටක අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට විදෙස් තානාපතිවරුන්ට අයිතියක් නැති බව විදෙස් කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පවසයි.", "ද්‍රවිඩ සන්ධානය සමග ‍ෙජනරාල් සරත් ෆොන්සේකා ගිවිසුමක් අත්සන් කරන ලදැයි කියනු ලබන අවස්ථාවට විදෙස් තානාපතිවරුන් දෙදෙනෙක් සහභාගී වූ බවට පළ වූ වාර්තා සත්‍යයනම් එය ඉතා වැරදි ආදර්ශයක් බව ඇමතිවරයා කියා සිටියේය.", "උතුරු-නැ‍ෙඟනහිර ඒකාබද්ධ කිරීම ඇතුළු ඉල්ලීම් ෆොන්සේකා මහතා සමග එකඟ වූ කරුණු අතර වන බවට ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පසුගිය දා සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබුණු බව ද හෙතෙම සිහිපත් කළේය.", "ආර්.සම්බන්ධන් මහතා කළ ප්‍රකාශය වැරදි සහගත බව සරත් ෆොන්සේකා මහතා මේ වනතුරුත් ප්‍රකාශ කර නැති බව ද එය වැරදී සහගත නම් නිවරදි කරන ලෙස අදාල පුවත්පත් කතුවරයා දැනුවත් කිරීමට හෝ පියවර ගෙන නැති බවද ඇමතිවරයා කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි." ]
6,032
ප්‍රභාගේ මවට ඉන්දියාවට යන්න අවසර
[ "එල්.ටී.ටී.ඊ නායක වී.ප්‍රභාකරන්ගේ මව ට සහ නැන්දණියට ඉන්දියානු බලධාරීන් කැමැත්ත දක්වන්නේ නම් ඉන්දියාවට යන්නට අවසර ලබා දෙන්නට සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසූ බව ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි. එහෙත් ප්‍රභාකරන් ගේ මව වන පාර්වතී පිල්ලෙයි මහත්මිය හෝ නැන්දණිය වන එරම්බු මහත්මිය හෝ තමන් ඉන්දියාවට හෝ වෙනත් රටකට යාමට සූදානම් බවක් මේ වනතුරුත් ප්‍රසිද්ධියේ පවසා නැ.ත. එසේ වුවද ඉන්දියානු ඩී.එම් .එම් .කේ පක්ෂයේ නායක වයිකෝ පසුගියදා පවසා තිබුණේ තමල්නාඩුවෙි වෙසෙන ර‍ාජේන්ද්‍රන් නැමති ඥාතියෙකු මේ දෙදෙනා තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි." ]
6,033
තොටමුණ නිවාස දෙකකට වෙඩි ප්‍රහාර.
[ "ඊයේ (11) මාතර දිස්ත්‍රික්කයේ තොටමුණ ප්‍රදේශයේ නිවාස 2කට නාඳුනන පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරැවන් විසින් සිදුකරන්නට ඇතැයි නිවැසියන් සැකකරයි. තමන් ජනාධිපතිධූර අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සහයෝගය ලබාදීම නිසා ඊට විරෝධය පෑම මෙම ප්‍රහාරයේ අරමුණ වන්නට ඇතිබව ඔවුන් පවසයි. එම නිවැසියන් මේ පිළිබඳව මාතර පොලීසියට පැමිණිලි කර ඇති අතර පොලීසිය පැමිණ පරීක්ෂණ කටයුතු මෙහෙයවා තිබේ. එම ප්‍රහාර වලින් නිවැසියන්ට කිසිදු හානියක් සිදුවී නොමැත." ]
6,034
ෆොන්සේකාගේ ආධාරකරුවන්ට වෙඩි-අයෙක් මරුට
[ "හුංගමුව-තංගල්ල ප්‍රදේශයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමකින් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සඳහන් වේ. ෆොන්සේකා මහතාගේ ආධාර කරුවන් පිරිසක් රැගත් බස් රියකට වෙඩි තැබීමකින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර පසුව එයින් එක් යෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 60 හැවිරිදි කාන්තාවක් බවද වාර්තා වේ. අද පස්වරුවේ තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති සරත් ෆොන්සේකා මහතාගේ රැළියකට සහභාගී වෙමින් සිටියදී යතුරුපැදිවලින් පැමිණි පිරිසක් මෙසේ වෙඩි තබා ඇතැයි කියැවේ. අද දහවල් 12.00 ට පමණ ෙමම ෙවඩි තැබීම සිදුකර අැත. තුවාල ලැබූවන් තංගල්ල රෝහලට ඇතැළත් කර ඇතැයි වාර්තා වේ." ]
6,035
විසිල් ගසන බොක්සිං විනිසුරු මමයි
[ "ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය ග්ලවුස් දමාගෙන බොක්සිං ක්‍රීඩාවේ නිරත වන විට තමන් විසිල් ගසන විනිසුරු ලෙස ක්‍රියා කරන බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී ජ.වි.පෙ හා එ.ජා.ප ය අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ එකඟතාවයක් නොමැති වීම හේතුවෙන් ගැටුමක් ඇතිවිය හැකි බවත් ,එහිදී ගන්නේ කුමන ක්‍රියා මාර්ගයක්දැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මෙසේ සඳහන් කරන ලදී. තමන් දේශපාලනයේ හතළිස් වසරක් අත්දැකීම් ඇතැයි කියනු ලබන ප්‍රතිවාදියා සමග කරට කර සිටින බව ද ඔහු කියා සිටියේය. ව්‍යාපාරික ප්‍රජාව හමුවී අද පැවති සාකච්ඡාවක් අතරතුර දී හෙතෙම මෙම අදහස් ඉදිරිපත් කර ඇත." ]
6,036
රට පාවා දෙන්නට ඉඩදෙන්නේ නෑ
[ "රහස් ගිවිසුම් මගින් මේ රට කිසිවෙකුට පාවා දීමට ඉඩ නොතබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. රණවිරුවන් දිවිහිමියෙන් මව් බිම ත්‍රස්තවාදයෙන් මුදා ගත්තේ තවත් පාර්ශවයකට පාවා නොදීමට බව හෙතෙම අවධාරණය කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ඇතැම් දුෂ්ඨ බලවේග රට තුළ ප්‍රචණ්ඩකාරී වාතාවරණයක‍්‍ ගොඩ නැඟීමට ක්‍රියාත්මක වෙමින් සිටින බවයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ රත්මලාන ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගි වෙමිනි.." ]
6,037
අදත් තැපැල් ඡන්දය
[ "2010 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම දෙවැනි දිනටත් අද සිදුකෙරේ.. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඊයේ ආරම්භ වු අතර මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය සඳහා හාර ලක්ෂ 58,154 ක් අයදුම් කර තිබුණි.. ඒ අතුරින් අයදුම් පත්‍ර 57,036 ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන ලදී.. මෙවර ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව හාර ලක්ෂ 1,118 කි.. දිවයින පුරා රාජ්‍ය ආයතන පහළොස්දාහක දී පමණ තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.. ඊයේ සහ අද දෙදින තුළ තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන පුද්ගලයින්ට ලබන 26 වැනි දින දක්වා එම අවස්ථාව සලසා ඇති බව ද මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.." ]
6,038
හයිටි කම්පනයෙන් ශ්‍රීලාංකික භටයන්ට හානි නෑ
[ "එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව හයිටියේ සේවයේ නියුතු ශ්‍රීලංකා යුද හමුදාවේ 950 කගෙන් යුතු භට පිරිසට කිසිදු හානියක් නැති වග යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩයර් උදය නානයක්කාර මහතා පවසයි. ඊයේ සන්ධ්‍යාභාගයේ හයිටි රාජ්‍යයේ අග නගරයේ දරුණු භූමි කම්පාවක් හට ගෙන තිබුණු අතර එයින් විශාල ලෙස හානි සිදුව තිබේ. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරන අන්දමට අදාල භූමි කම්පනය සිදු වන අවස්ථාවේදී ශ්‍රීලංකික භට පිරිස් සේවය කරමින් සිට ඇත්තේ නගරයෙන් පිටය." ]
6,039
සනත් ජනපතිට මනාපය ෙදයි
[ "අද ඕනෑම පුද්ගලයෙකුට රටේ ඕනෑම තැනකට නිදහසේ ගමන් කළ හැකි වාතාවරණයක් උද්ගත වී ඇති බව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය මහතා පවසයි. මීට කාලකට පෙර මාතර සිට කොළඹ බලා ගමන් කිරීම අවිනිශ්චිත වුවක් බව හෙතෙම පෙන්වා දෙයි. රටේ පැවති භීෂණකාරී වාතාවරණය මීට හේතු වු බව සනත් ජයසුරිය මහතා පවසයි. එය තමාගේ ක්‍රීඩා දිවියට ද දැඩි ලෙස බලපෑ බව ඔහු කියා සිටියි. හෙතෙම පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරටය පත්වීමෙන් පසුව වසර 30ක කාලයක් පැවති යුද්ධය නිමා කර රටට සාමය උදා කර දුන් බවයි. අද ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඉහළ මානසිකත්වයක් පවතින බව පෙන්වා දෙන ‍සනත් ජයසුරිය මහතා ‍‍ලෝනයේ ඕනෑම ක්‍රිකට් කණ්ඩායමක් මෙරටට ගෙන්වා ගැනීමෙි අවස්ථාව උදාවී ඇති බව ද හෙතෙම කියා සිටියි." ]
6,040
විදෙස් ගත ශ්‍රීලාංකිකයන්ටත් ඡන්ද අයිතිය
[ "වි‍ෙද්ශයන්හි වෙසෙන ශ්‍රි ලාංකිකයින්ට මැතිවරණ වලදී ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ලැබෙන නව ක්‍රමවේදයක් සකස් විය යුතු බව මිලින්ද මොරගොඩ අමාත්‍යවරයා පවසයි. මෙම යෝජනාව විදෙස් ගත ශ්‍රි ලාංකිකයින්ට ඉරිපත් කර ඔවුන්ගේ අදහස් සහිත මහජන පෙත්සමක් සකස් කිරිමට පියවරගෙන ඇති බව අමාත්‍යවරයා කියා සිටියි. විදේශයන්හි පදිංචිව සිටින තාවකාලික රැකියා වල නියුතු ශ්‍රි ලාංකිකයින් දස ලක්ෂයකට අධික පිරිසකට ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව එමගින් හිමිවනු ඇති බව මිලින්ද මොරගොඩ අමාත්‍යවරයා පෙන්වා දෙයි. හෙතෙම පවසන්නේ අන්තර්ජාලය හා ඊ මේල් මගින් මෙම ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව පවතින අතර මේ පිළිබදව ඔවුන්ගේ අදහස් සහිත පෙත්සමක් රජයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවයි." ]
6,041
රටේ ආරක්ෂාව ඉහළට
[ "මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළ රටේ ආරක්ෂාව තවදුරටත් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.", "ඊයේ තංගල්ල ප්‍රදේශයේදී ජනාධිපතිවරණ අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් පිරිසක් රැගත් බස් රථයකට එල්ල වූ ප්‍රහාරය රජයේ මෙම තීරණයට හේතුවී ඇතිබව සඳහන්ය.", "එක් කාන්තාවක් මරණයට පත්කළ හා කිහිපදෙනෙකුට තුවාල සිදුකළ මෙම ප්‍රහාරය රජය දැඩිසේ හෙළාදකින අතර ප්‍රජාත්‍රන්තවාදී මැතිවරණ ක්‍රියාවලිය තුළ නැවත එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමට ඉඩනොදෙන බව ද රජය අවධාරණය කරයි. එමෙන්ම වැඩිදුරටත් කරුණු දක්වන රජය පවසන්නේ මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ බලධාරීන්ට බලය පවරා ඇතිබවත්, මැතිවරණ පැවැත්වෙන දිනයේදී ජනතාවට ආරක්ෂාකාරීව ජන්දය භාවිත කිරීමේ හැකියාව තහවුරු කරන බවය." ]
6,042
2011 සංචාරක වසරයි
[ "2011 වර්ෂය සංචාරක වර්ෂය ලෙස නම් කර ඇති බව සංචාරක කටයුතු අමාත්‍යාංශය පවසයි. එම වසර අර්ථවත් කර ගැනීම සදහා දැනටමත් පියවර ගනිමින් සිටින බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.. සංචාරක හෝටල් කාමර සංඛ්‍යාව ඉහළ නැංවීම , දෙස් විදෙස් සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීම මෙහිදි ප්‍රමුඛත්වය ගෙන ඇති බව සඳහන් වේ. පාසිකුඩා , නිලාවේලි ,කල්පිටිය ආදි ප්‍රදේශවල අලුතින් හෝටල් ඉදිරිකිරිමට ද පියවරගෙන ඇති බව ද සංචාරක අමාත්‍යාංශය පවසයි.." ]
6,043
අදත් නිරීක්ෂකයින් 160 ක්
[ "තැපැල් ඡන්ද නිරීක්ෂණ කටයුතු සඳහා අද දිනයේ පමණක් 160 දෙනෙකුට ආසන්න පිරිසක් යොදවන බව පැෆ්රල් සංවිධානය පවසයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඊයේ දිනයේ දී සියයට 65 කට ආසන්න පිරිසක් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හේතුවෙන් අද දින නිරීක්ෂණ කටයුතු සඳහා අඩු පිරිසක් යෙදවීමට තීරණය කළ බවයි. ඊයේ සිදුකළ නිරීක්ෂණවලදී ඡන්ද මධ්‍යස්ථානවලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයකට නීති විරෝධී ප්‍රචාරණ කටයුතු සිදුවී ඇති බව ද හෙට්ටිආරච්චි මහතා කියා සිටියි. ඊයේ දිනයේ ප්‍රධාන සිද්ධි දෙකක් හැරුණු විට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සාමකාමී බව පැෆ්රල් සංවිධානය පවසයි. මේ අතර ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා පැමිණෙන විදෙස් නිරීක්ෂකයින් ලබන සඳුදා සිට දිවයිනට පැමිණෙන බව හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේය." ]
6,044
කියන ආකාරයේ ගිවිසුමක් නෑ
[ "ද්‍රවිඩ ජාතික සන්ධානය හා ජෙනරාල් සරත් ෆොන්සේකා අතර ආණ්ඩුව පවසන අකාරයේ ගිවිසුමක් නැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. එවැනි ගිවිසුමක් ඇති බවට අාණ්ඩුව විසින් එල්ල කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්,ජෙනරල් සරත් ෆොන්සේකා දුර්වල අපේක්ෂකයෙකු නම් මෙවැනි මඩ ප්‍රහාර එල්ල කළ යුතු නැති බවත් ඔහු පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැරයින් මේ වන විට එ.ජා.ප කාර්යාල 250 ට ප්‍රහාර එල්ල කර ඇතැයිද,පොලීසියට පැමිණිලි 480 ක් ලැබී ඇතැයිද හෙතෙම කියා සිටියේය." ]
6,045
පොළොන්නරුවේ ගැටුමක්-දෙදෙනෙක් රෝහලේ
[ "එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ එක්සත් ජාතික පෙරමුණේ දෙපිරිසක් අතර පොළොන්නරුව නගරයේ ගැටුමක් හට ගෙන ඇතැයි අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. මෙම ගැටුමෙන් වාහන කිහිපයකට අලාභ හානි සහ කිහිපදෙනෙකුට තුවාල සිදුවී ඇතැයිද වාර්තා වේ. පොළොන්නරුව රෝහල් අධිකාරී එම්.ආර්.බෙල්ලන මහතා සඳහන් කරන පරිදි මෙි වන විට ගැටුමෙන් තුවාල ලැබූවන් දෙදෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත." ]
6,046
තිස්සනායගම් අද ගෙදර යයි
[ "මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතා අද බන්ධනාගාරයෙන් නිදහස් ව පිටත්ව ගිය බව බන්ධනාගාර කොමසාරිස් ‍ජනරාල් මේජර් ජනරාල් වී.ආර්.ද සිල්වා මහතා පවසයි.. ඔහු සඳහන් කරන පරිදි අදාල ලිපිලේඛන අත්සන් තැබීමෙන් පසු තිස්සනායගම් මහතා රඳවා සිටි වැලිකඩ බන්ධනාගාරයෙන් පිටත්ව යාමට අද අවසර ලබා තිබේ. තිස්සනායගම් මහතා ඇප මත නිදහස් කිරීමට අධිකරණය පසුගිය සඳුදා නියෝග කිරීමෙන් පසු අද පිටත් ව යෑමට අවසර ලැබිණි. 2008 වසරේ මාර්තු මස 7 වැනිදා ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් ඔහු අත්අඩංගුවට ගැනුණි.." ]
6,047
කැනඩාව පැෆ්රල් ට මිලියන ගණනින් ගෙවයි
[ "පැෆ්රල් සංවිධානයේ නිරීක්ෂණ කටයුතු සඳහා කැනඩා රජය විසින් සිය සහයෝගය පළ කර තිබේ. කොළඹ පිහිටි කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ තම රට පැෆ්රල් සංවිධානයේ නිරීක්ෂණ ව්‍යාපෘතියට මූල්‍යාධාර සපයන බවයි. ඒ අනුව රුපියල් මිලියන 3.3කට වැඩි මුදල් ප්‍රමාණයක් පැෆ්රල් සංවිධානය වෙත ලබාදීමට නියමිතය. ඡන්ද මධ්‍යස්ථාන නියෝජිතයින් දැනුවත් කිරීම, නිරීක්ෂණ කටයුතු සඳහා නියෝජිතයන් පුහුණු කිරීම වැනි කටයුතු සඳහා එම මුදල් යෙදවිය යුතු බව කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි." ]
6,048
පකිස්ථාන් සහල් මෙ.ටො 5000 ක්
[ "පකිස්ථානයෙන් ආනයනය කළ කැකුළු සහල් කිලෝවක් රුපියල් 50 බැගින් මිලදී ගැනීමට පහසුකම් සලසා ඇති බව වෙ‍ෙළඳ හා පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරය‍ා සඳහන් කරන‍්නේ සමූපකාර සහ සතොස අලෙවි සැල් හරහා ජනතාවට එම සහල් මිලදී ගත හැකි බවයි. පකිස්ථානයෙන් සහල් මෙට්‍රික් ටොන් පන් දහසක් ආනයනය කර ඇති බව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා සඳහන් කළේය." ]
6,049
සරත් ට එරෙහිව සරත් නඩු මගට බසී
[ "ජනාධිපති අපේක්ෂක සරත් කෝන්ගහගේ මහතා විසින් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. ඊට හේතු වී ඇත්තේ සරත් ෆොන්සේකා මහතා ඇමරිකාවේ පුරවැසිභාවය ලබා ගත් තැනෙත්තෙකු වීමයි. විදෙස් රටක පුරවැසිභාවය ලබා ගත් තැනැත්තෙකු මෙරට ජනාධිපතිවරණය ට ඉදිරිපත් වීමෙන් තමන්ද ජනාධිපති අපේක්ෂකයෙකු වන නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට හෙතෙම තර්ක කරයි." ]
6,050
ගූගල් චීනයෙන් ඉවත්වෙන්න සූදානම්
[ "අන්තර්ජාල සේවා සපයන ලොව ප්‍රමුඛම ආයතනයක් වන ගූගල්, චීනය තුළ සිය සේවා සැපයීමෙන් ඉවත් වීම පිළිබඳ අවධානය යොමු කර තිබේ. චීන රජයේ ප්‍රතිපත්ති සහ වාරණ සලකා බලා මෙම තීරණය ගැනීමට සූදානම් බව ගූගල් බලධාරීන් ප්‍රකාශ කර ඇත.. කෙසේ වෙතත් තම සේවාදායකයින් වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ චීන රජය සමග සාකච්ඡා කිරීමට තවදුරටත් සූද‍ානම් බව ද ගූගල් බලධාරීන් පවසයි. චීනයෙන් තම සේවා ඉවත් කරගන්නේ නම් එය තම ආයතනයට ගැනීමට සිදුවන ඉතා කටුක තීරණයක් බව ඔවුන් පෙන්වා දෙයි.. දැනට මතුව ඇති තත්ත්වය පිළිබඳ මානව හිමිකම් සංවිධානවල ද අවධානය යොමු වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි." ]
6,052
ඇමරිකාව නිදහස් මැතිවරණයක් ඉල්ලයි
[ "පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණය නිසා වර්ධනය වෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ඇමරිකාව සිය විශේෂ අවධානය යෙ‍ාමුකරන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.", "විශේෂයෙන්ම ඊයේ තංගල්ලේ සිදුවූ මාරාන්තික ප්‍රහාරය මෙම තීරණයට හේතු වූ බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කර ඇත.", "ඊයේ සිදුවූ සිදුවීම මෙන්ම අනෙකුත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳවත් සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසත්, තම කැමැත්ත මත ඕනෑම මැතිවරණ අපේක්ෂකයෙකුට සහය දැක්වීමේ ප්‍රජාතන්ත්‍රව‍ාදී ජනතා අයිතිය සුරක්ෂිත කරන ලෙසත් තානාපති කාර්යාලය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.", "දශක කිහිපයකට පසු එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දීප ව්‍යාප්තව පැවැත්වෙන ප්‍රථම මැතිවරණය මෙය වන බැවින් එම මැතිවරණය ප්‍රචණ්ඩත්වයෙන් තොර නිදහස් හා සාමකාමී මැතිවරණයක් වීම ඇමරිකාවේ අපේක්ෂාව බවද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ." ]
6,053
ගැටුමෙන් බී.බී.සී මාධ්‍යවේදිනියටත් තුවාලයි
[ "පොළොන්නරුවේ ඇති වූ ගැටුමෙන් බී.බී.සී මාධ්‍ය ආයතනයේ සේවයේ නියුතු මාධ්‍යවේදිනියක ද තුවාල ලබා ඇතැයි සඳහන් වේ. බී.බී.සී ලෝක සේවයේ \"සංදේශයේ\" සේවයේ නියුතු තක්ෂිලා දිල්රුක්ෂි ජයසේන ගේ හිසට තුවාල සිදුවීමෙන් දැනට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂ එම්.ආර් බෙල්ලන මහතා පවසයි. අද දහවල් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා එක්සත් ජාතික පෙරමුණේ ආධාරකරුවන් දෙපිරිසක් අතර පොළොන්නරුව නගරයේ දී ඇති වූ ගැටුමෙන් කිහිපදෙනෙකුට තුවාල සිදුවී ඇති අතර රථ වාහන කිහිපයකට ද අලාභ හානි සිදුව ඇතැයි අද දෙරණ වාර්තාකරු කියයි." ]
6,054
නන්නාඳුනන තුවක්කුකරුවන් හඳුනාගැනෙයි
[ "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් රැගත් බස් රියකට තංගල්ල ප්‍රදේශයේදී වෙඩි තැබූ පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති කිංස්ලි ඒකනායක මහතා පවසයි. හුංගමුව-රොටවැව පොල් ඉඩමක සැඟව සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව හෙතෙම සඳහන් කරයි. තිස්සමහාරාමයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ රැළියකට සහභාගී වෙමින් සිටි ආධාරකරුවන් පිරිසකට කිසිවෙකු වෙඩි තැබීමෙන් ඊයේ එක් අයෙකු ජීවිතක්ෂයට පත් වී තවත් තිදෙනෙකුට තුවාල සිදුවිය." ]
6,055
ශ්‍රීලාංකික ධීවරයින් 186 ක් මුදාහැරෙයි
[ "ඉන්දීය වෙරළ ආරක්ෂකයින් බාරයේ සිටි ශ්‍රීලාංකික ධීවරයින් 186 දෙනෙකු නිදහස් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා පවසයි. දැනට මාස 06 ක් පමණ කාලයත් තිස්සේ විටෙන් විට ඉන්දීය මුහුඳු සීමාවේදී අත්අඩංගුවට පත් වූ මෙරට ධීවරයින් පිරිසක් මෙසේ නිදහස් කර ඇත. කන්කසන්තුරෙයි වලට උතුරින් පිහිටි ඉන්දු-ශ්‍රීලංකා මුහුඳු සීමාවේදී යාත්‍රා 35 ක් ද සමගින් මෙම පිරිස ශ්‍රීලංකා නාවික හමුදාවට අද බාර දුන් බව හෙතෙම කියා සිටියේය. මෙම ධීවරයින් පිරිස වෙන්නප්පුව ,දෙවුන්දර,කුඩාවැල්ල,ත්‍රිකුණාමලය,බේරුවල,තංගල්ල,මිරිස්ස යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවත් ,ශ්‍රීලංකා රජය,ධීවර අමාත්‍යංශය සහ නාවික හමුදාව ඒකාිබද්ධව ගෙන ගිය වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිස කඩිනමින් මුදා ගන්නට හැකි වූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය." ]
6,056
ඉන්දියාව ලකුණු 245 යි
[ "ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟයේදී ඉන්දියාව පන්දුවාර 48 යි පන්දු 2 දී ලකුණු 245 ක් රැස්කිරීමට සමත්විය. බංග්ලාදේශයේ පැවැත්වුණු තුන්කොන් තරඟාවලියේ අවසන් තරඟයේදී කඩුලු 3 ක් දවා ගැනීමට නුවන් කුලසේකර සමත්විය." ]
6,057
රැඳවියෝ උපවාසය අත්හරිති
[ "තමන් නිදහස් කරන ලෙස ඉල්ලා උපවාස කළ යාපනය බන්ධනාගාරයේ ඇතුළු දිවයිනේ බන්ධනාගාර කිහිපයක දේශපාලන රැඳවියන් සිය උපවාසය තාවකාලිකව අත්හැරීමට තීරණය කර ඇතැයි කියැවේ. අධිකරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා දින දෙකක් ඇතුළත මොවුන් පිළිබඳ ගනු ලබන තීරණය කියා සිටින බවට නියෝජිතයන් පිරිසක් මගින් දැනුම් දී තිබීම ඊට හේතු වී ඇත. අද සවස් වන විට යාපනය බන්ධනාගාරයේ රැඳවියන් සිය උපවාසය තාවකාලිකව අත්හිටුවා තිබුණු අතර සෙසු බන්ධනාගාර වල රැඳවියන්ද මේ වන විට එකී තීරණය ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. අද දහවල් \"දේශපාලන රැඳවියන් නිදහස් කර ගැනීමෙි ව්‍යාපාරය\" විසින් දේශපාලන රැඳවියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පවත්වන ලදී." ]
6,058
තුන්කොන් තරඟයෙන් ශ්‍රීලංකාවට ජය
[ "බංග්ලාදේශයේ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණය හිමිකර ගැනීමට මීට ස්වල්ප මොහොතකට පෙර ශ්‍රීලංකා කණ්ඩායම සමත්විය. ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර පැවති අවසන් තරඟයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලුදෙනාම දැවී ලබා ගත්තේ ලකුණු 245 ක් පමණි. ඊට පිළිතුරු ලෙස පිටියට පිවිසි ශ්‍රීලංකා කණ්ඩායම ලකුණු 249 ක් රැස් කරමින් තරඟාවලියේ ජය තහවුරු කිරීමට සමත්විය." ]
6,059
තෛපොංගල් වෙනුවෙන් වි‍ෙශ්ෂ දුම්රිය සේවයක්
[ "අදට යෙදී තිබෙන තෛපොංගල් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් ආරම්භ කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දෛනිකව ධාවනය වන දුම්රියට අමතරව කොළඹ කොටුවේ සිට හැටන් දුම්රිය ස්ථානය දක්වා අතිරේක දුම්රිය දෙකක් ධාවනය කෙරෙන බවයි. එහි පළමු දුම්රිය ඊයේ රාත්‍රී 9 ට‍ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ අතර අලුයම 2.30 වන විට හැටන් දුම්රිය ස්ථානය කරා ළගා වුණි. අනෙක් දුම්රිය අද රාත්‍රී 9 ට හැටන් දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන අතර අලුයම 2 පමණ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගා වීමට නියමිතව තිබේ." ]
6,060
හයිටිය සොහොන් බිමක් කළ භූකම්පනය
[ "හයිටි රාජ්‍යයට බලපෑ භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් මියගිය සංඛ්‍යාව නිශ්චිතවම කිව නොහැකි බව එරට ජනාධිපති රෙනේ ප්‍රිවල් සඳහන් කරයි. මියගිය අය අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එරට මූලස්ථාන ප්‍රධානියා සහ තවත් සාමජිකයින් 14 දෙනෙකු ද වන බව ද වාර්තා වෙයි. සියවස් දෙකකට පසු හයිටි රාජ්‍යය මුහුණ පෑ දරුණුතම භූකම්පනය ලෙස වාර්තා වූ මෙම භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 7 ක් ලෙස සටහන් ව තිබුණි. භූකම්පනයෙන් එරට පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධ‍ානයේ මූලස්ථානය, ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තුව, පාසල් සහ රෝහල් ඇතුළු ගොඩනැගිලි විශාල සංඛ්‍යාවකට හානි සිදුව තිබේ. තවත් පුද්ගලයින් විශාල පිරිසක් මෙම ගොඩනැගිලි අතර සිරවී සිටින බව ද වාර්තා වෙයි. හයිටියේ පීඩාවට පත් ජනතාවට ආධාර කිරීමට ලොව පුරා රටවල් ගණනාවක් ඉදිරිපත් වී ඇති අතර අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සඳහන් කළේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් තම උපරිම සහයෝගය ලබාදෙන බවයි." ]
6,061
වාරියපොළ වෙළඳසැලක ගින්නක්
[ "වාරි‍යපොල නගරයේ වෙළඳ සැලක හටගත් ගින්නකින් එම ‍ෙවළඳසැල සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ. අද අලුයම 3 ට පමණ ඇතිවූ මෙම ගින්න පාලනය කිරීම සඳහා ප්‍රාදේශීය ගිනිනිවන ඒකකය මැදිහත් වූ බව කොළඹ ගිනි නිවන ඒකකය සඳහන් ‍කළේය. වාරියපොළ නගරයේ රෙදිපිළි වෙළඳසැලක මෙම ගින්න හටගෙන ඇති බව කොළඹ ගිනි නිවන ඒකකය කියා සිටියේය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බව ගිනි නිවන ඒකකය සඳහන් කළේය." ]
6,062
මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රීලංකාවට රතු එළියක්...!
[ "එක් පුද්ගලයකු මරණයට පත්කරමින් තංගල්ලේදී සිදුවූ ප්‍රහාරය, ජනාධිපතිවරණය ඉතාමත් අයහපත් තත්වයට හැරෙමින් පවතින බවට කෙරෙන සංඥාවක් බව ආසියානු මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරයි.", "විරැද්ධ පාක්ෂික අපේක්ෂිකයකයෙකුගේ ආධාරකරුවන් රැගත් බස් රථයක් ඉලක්ක කර ගනිමින් සිදූවූ මෙම ප්‍රහාරය පූර්ව මැතිවරණ සමය සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වයක් කරා රැගෙන යන බව ෙපන්වා ෙදන්නක් බව අාසියානු මානව හිමිකම් ෙකාම්සම නිකුත් කළ නිෙවිදෙය් සදහන් ෙව්..", "එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.", "ආරක්ෂාව සැපයීමේදී පොලීසිය දක්වන අසමත්කම එවැනි ප්‍රචණ්ඩත්වයක් ඇතිවීමට ප්‍රබල හේතුවකි. ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු පොලීසියේ උසස් නිලධාරීන්ගේ ක්‍රියා පටිපාටිය පෙන්වා දෙන්නේ ඔවුන් මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ විවෘතවම පදවියේ සිටින ජනාධිපතිවරයාට සහය දක්වන බවය. එම තත්වය රටට ඉදිරිපත් කරන්නේ සාධනීය පණිවිඩයක් නොවේ.", "පොලීසියේ ශක්තිමත් මැදිහත් වීමද සමග නිදහස් හා සාමකාමී මැතිවරණයක් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම මැතිවරණ කොමසාරිස් ඇතුළු මැතිවරණ කටයුතු අධීක්ෂණය කරන සියළුම නිලධාරීන්ගේ වගකීමකි.", "ශ්‍රී ලාංකීය ජනතාවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට ආමන්ත්‍රණය කරමින් ආසියානු මානව හිමිකම් කොමිසම, මෙම මිනීමැරුම පිළිබඳ ප්‍රබල අවධානය යොමුකරන ලෙසත්, මැතිවරණ කාල සීමාව තුළ ව්‍යාප්තවෙමින් පවතින මෙම ප්‍රචණ්ඩ ක්‍රියා නවතාලීම සඳහා ගතහැකි සියළුම ක්‍රියා මාර්ග ගන්නා ෙලසත් ඉල්ලා සිටියි." ]
6,063
ජනපති අපේක්ෂක හිමිනමගේ සහය ජනපතිට
[ "ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කරයි. තමා ඇතුළු තම පක්ෂයේ සියලු සහය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන බව උන්වහන්සේ අවධාරණය කළේය. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේය." ]
6,064
යටිනුවරදී නිල ඡන්ද පත්‍රිකා 67 ක් අතුරුදන්
[ "යටි නුවර, ගංතුරේ උපතැපැල් කාර්යාලයේ සේවයේ නිරත තැපැල්කරු සතුව තිබූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 67ක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිසිය ‍පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. කඩුගන්නාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ‍ෙරාහාන් වනිගසේකර මහතා සඳහන් කළේ මෙම ඡන්ද පත්‍රිකා තොගය කිසියම් දේශපාලන පක්ෂයක් අතට පත් වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. මේ වන විට තැපැල්කරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය. ඔහු අද මහනුවර මහේස්ත්‍ර‍ාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ." ]
6,065
දෙමළ සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් ඉන්දියාවේ සංචාරයක
[ "දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඉන්දියාවේ සංචාරයක නිරත වෙයි. එම සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්.සම්බන්ධන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, මාවේ සේනාධිරාජා, සෙල්වන් අ‍ෙඩෙක්කලනාදන්, ගජේන්ද්‍ර පොන්නම්බලම් යන මන්ත්‍රීවරුන් මෙම පිරිසට අයත් වේ. මොවුන් ඊයේ ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වෙයි. ඔවුන් එහිදී ඉන්දීය දේශපාලන නියෝජිතයින් හමුවීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳ එම සාකච්ඡාවන්හිදී අවධානය යොමු වනු ඇති බව ද වාර්තා වෙයි." ]
6,066
තෛපොංගල් සුභ පැතුම්
[ "වටිනා සංස්කෘතික උරුමයකින් බැඳීසිටින හින්දු ජනතාව, දීජ ව්‍යාප්තව තෛපොංගල් සමරන අද වැනි දිනෙක එම උත්සවය වඩාත් ප්‍රීතිජනකව සැමරිය හැකි බව තෛපොංගල් දින පණිවිඩයක් නිකුත්කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.", "එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් දක්වා තිබෙන්නේ අප රටේ හින්දු ජනතාවට සිය අනාගත අපේක්ෂා වෙනුවෙන් කටයුතු කිරීමේ හැකියාව ලැබීම පිළිබඳව සතුටට පත්වන බවත්, දිනාගත් සාමය රැක ගැනීම සහ තම දරුවන් ද ඇතුළු සියළු ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් යහපත් අනාගතයක් සකස්කර දීම සඳහා ඔවුන්ගේ සහයෝගය ද ලබාගත හැකි බවයි.", "ශ්‍රී ලාංකීය හින්දු බැතිමතුන් ලෙස ලොව පුරා විසිරී සිටින අනෙකුත් හින්දු ප්‍රජාව සමග එක්ව තෛපොංගල් සැමරිය හැකි බවත්, දශක තුනකට ආසන්න කාලයක් හින්දු ජනතාවගෙන් බහුතරය අත්නොවිඳි නිදහස සමග අද දින ද්‍රවිඩ ජනතාවට වඩාත් සතුටු විය හැකි බව ද ජනාධිපතිවරයා සිය පණිවිඩයේ දක්වා තිබේ.", "ශ්‍රී ලාංකීය හින්දු බැතිමතුන් වෙත තෛපොංගල් සුභ පැතුම් එක්කරන මහින්ද රාජපක්ෂ මහතා, මව්බිමේ සියළුම ජනතාව අතර නොබිදෙන විශ්වාසය හා අනෙන්‍ය අවබෝධය සහිත නිත්‍ය සාමයක් හා සමෘද්ධිමත් අනාගතයක් සඳහා ද සුබ ප්‍රාර්ථනා කරයි." ]
6,067
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 518 ක්
[ "ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ නීතී උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි‍ මේ වන විට 518 ක් ලැබී ඇති බව පොලිස් මැතිවරණ කාර්යාංශය පවසයි. ඊයේ දිනය තුළ පමණක් පැමිණිලි 31 ක් ලැබී ඇති බව පොලිස් මැතිවරණ කාර්යංශය භාර ‍ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා සදහන් කලේය. එම පැමිණිලි අතරින් සියයට හැත්තෑපහක් පමණ මැතිවරණයට අදාළ පෝස්ටර් සහ කටවුට් කඩා ඉවත් කිරීම සම්බන්ධ පැමිණිලි වන අතර මෙහි දී එක් පුද්ගල ඝාතනයක් ද වාර්තා වී තිබේ. මැතිවරණ නීතී උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 195 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බව ද ගාමිණි නවරත්න මහතා වැඩි දුරටත් සදහන් කලේය." ]
6,068
විරල ගණයේ සූර්යග්‍රහණයක් හෙට
[ "ශ්‍රී ලංකාවාසීන්ට සූර්යග්‍රහණයක් නැරඹීමේ අවස්ථාව හෙට උදාවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. හෙට පෙරවරු 11 . 11 සිට පස්වරු 3 . 12 දක්වා කාලය තුළ මෙය නිරීක්ෂණය කළ හැකි බව හෙතෙම පවසයි. මෙය පූර්ණ සූර්යග්‍රහණ, අර්ධ සූර්යග්‍රහණ හා වලයාකාර සූර්යග්‍රහණ වශයෙන් ආකාර තුනකින් නිරීක්ෂණය කළ හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියා සිටියි. වසර 55 කට පසුව දිස්වන ඉතා විරල ඝනයේ සූර්යග්‍රහණයක් වන මෙය පැහැදිලිවම නිරීක්ෂණය කළ හැකි වන්නේ යාපනය අර්ධද්වීපයට බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය." ]
6,069
සෞඛ්‍යයට පරිපාලනය ගැටලුවක්
[ "සෞඛ්‍ය කේෂ්ත්‍රයේ අඩුපාඩු සකස් කීරීමේ දී පරිපාලන ගැටලු මතු වීම බාධාවක් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. පරිපාලනය තමන්ට අයත් නෙ‍ාවන බව පෙන්ව‍ා දෙන අමාත්‍යවරයා එය වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ද කියා සිටියේය. මහනුවර මහ රෝහලේ නව වාට්ටු සංකීර්ණයක් සදහා මුල් ගල් තැබීමේ උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී." ]
6,070
තාවකාලික හැඳුනුම්පත් අදට පමණයි
[ "ජනාධිපතිවරණයට අදාළ තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා වෙන් කර තිබූ කාලය අදින් අවසන් ‍ෙවි. ජාතික හැඳුනුම්පත හෝ පිළිගත හැකි වෙනත් හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයන්ට මෙතෙක් ඒ සඳහා අවස්ථාව ලබා දී තිබුණි.. මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරන්නේ ග්‍රාමනිලධාරීන් මාර්ගයෙන් අද දිනයේ තුළ පමණක් තාවකාලික හැඳුනුම්පතක් ලබා ගැනීමේ කටයුතු සිදු කළ හැකි බවයි." ]
6,071
පාර්සල් ප්‍රවාහනයේ දී ආරක්ෂක ගාස්තු ඉවතට
[ "දුම්රියෙන් පාර්සල් ප්‍රව‍ාහනය කිරීමේ දී මෙතෙක් අය කළ ආරක්ෂක ගාස්තු අද සිට ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. දුම්රිය වානිජ අධිකාරි විජය සමරසිංහ මහතා පැවසු‍ෙවි රටේ ආරක්ෂක තත්ත්වය යහපත් අතට පත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. දුම්රිය මගින් කිරි මුට්ටි ප්‍රවාහනයේ දී ද මෙම තීරණය ක්‍රියාත්මක වන බව පැවසේ.. දිනකට පාර්සල් දස දහසක් පමණ දුම්රිය මගින් ප්‍රවාහනය කරන බව ඔහු සඳහන් කළේය." ]
6,072
යතුරු පැදිය ගැටී දෙදෙනෙක් මරුට
[ "ගලේවෙල නග‍රයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. ට්‍රක් රථයක් ‍යතුරු පැදියක ගැටීමෙන් අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි. බුලනවැල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ දේවහූව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති බව සඳහන් වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන අයුරින් ගලේවෙල පොලීසිය මගින් ට්‍රක් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත. මේ අතර තංගල්ල මාතර මාර්ගයේ මොරකැටිආර ප්‍රදේශයේ දී ලොරි රථයක් පෙරළීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර තවත් පස් දෙනෙකු තුවාල ලබා තංගල්ල සහ මාතර රෝහලට ඇතුළත් කර තිබේ. කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ට්‍රැක්ටෝ මංසන්ධියේ දී බස් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.." ]
6,073
කුමාර් සංගක්කාර් පෙරමුණට
[ "අයි. සී . සී එක් දින ක්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංක‍ා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර සමත් වී තිබේ. පසුගිය දා නිමාව දුටු බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දී දැක් වූ දස්කම් අනුව ඔහු ශ්‍රේණිගත කිරීම් වල දහවන ස්ථානයට පත් ව ඇති බව සඳහන් වේ. 2009 වසරේ පෙබරවාරි මාසයේ සිට ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන් පසු වූ කුමාර් සංගක්කාර ස්ථාන 6 ක් ඉදිරියට පැමිණ තිබේ.. එම ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානය හිමි ව ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ මහේන්ද්‍ර සිං දෝනිටයි. ශ්‍රී ලංකා කණ්ඩා‍යමේ තිලකරත්න ඩිල්ෂාන් එම සටහනේ 13 වන ස්ථානයට පත් ව ඇත. එක් දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව මුල් දස දෙනා අතර සිටින එකම ක්‍රීඩකයා වන නුවන් කුලසේකරට හිමි ව ඇත්තේ පස්වන ස්ථානයයි." ]
6,074
ද්‍රවිඩ සන්ධානයට බලය ලැබුණේ වෙනම රාජ්‍යයක් සඳහායි
[ "දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ 2004 වසරේ ලැබුණු ජනවරමෙන් බව ජනාධිපති ජේ්‍ය්ෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.. ඔහු පෙන්වා දෙන්නේ එම ජනවරම ඔවුන්ට හිමි වූයේ එල්.ටී.ටීඊ සංවිධානයේ එකම නියෝජිතයා ලෙස පෙනී සිටීම සඳහා බවයි. එල්.ටී.ටීඊ සංවිධානයේ බලපෑම මත දෙමළ ජනතාව නියෝජනය කරමින් වෙනත් දේශපාලන පක්ෂ වලට මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට ඉඩ නොලැබුණු බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.. එබැවින් ඔවුන්ගේ අරමුණ වෙනම රාජ්‍යයක් සදහා පෙනී සිටීම වන බව මන්ත්‍රීවරයා පෙන්ව‍ා දෙයි." ]
6,075
බුලත් කොළේ ජය ජනතාවටයි
[ "බුලත් කොළයේ ජයග්‍රහණය ජනතාවගේ ජයග්‍රහණයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එය ඒකීය රටක් පවත්වා ගෙන යාමට ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා කිරීමට සහ බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට හේතු වන බව ජනාධිපතිවරයා පෙන්ව‍ා දෙයි. අම්පාර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ ක‍රන ලදී. එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ලබන 26 වනදා තමන්ට නියත ජයග්‍රහණයක් ලැබෙන බවයි." ]

Dataset Card for "ada_derana_sinhala"

This dataset includes Ada derana sinhala web site news articles from January 6, 2010 to July 11, 2023. you can visit the original web page by using the "id"

Downloads last month
10
Edit dataset card