id
int64
5.96k
184k
heading
stringlengths
3
163
content
sequence
6,076
මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට දඬුවම්
[ "මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලට සම්බන්ධ බවට වරදකරුවන් වූ සැකකරුවන් 11 දෙනෙකුට ඉරාක අධිකරණයක් මගින් මරණ දඩුවම නියම කර තිබේ. පසුගිය අගෝස්තු මාසයේ එල්ල වූ මෙම බෝම්බ ප්‍රහාර වලින් පුද්ගලයන් සියයකට අධික පිරිසක් මිය ගිය ගොස් ඇත.. මෙම ද��ඬුවම ලැබූ සැකකරුවන් ත්‍රස්ත සංවිධාන කිහිපයකට අයත් බව විදෙස් වාර්තා සඳහන් කරයි. මේ අතර බැග්ඩෑඩ් නගරයට තවත් ත්‍රස්ත ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමේ උත්සාහයක් පිළිබඳව එරට ආරක්ෂක අංශ අනාවරණය කර ගෙන තිබේ." ]
6,077
සරණාගතයින් යළි මව්බිමට
[ "ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි නම්කරනු ලැබ ක්‍රිස්මස් දූපතේ රැඳී සිටි ද්‍රවිඩ සරණාගතයින් පස්දෙනාහට මරණ බියක් හෝ වෙනත් කිසිදු ආකාරයක හිංසාවකින් තොරව නැවත මව්බිම කරා පැමිණීමේ අවසරය ලබාදීමට ශ්‍රී ලංකා රජය ප්‍රතිඥා දී තිබේ.", "රජ‍ෙය් මෙම තීරණයට හේතු වී තිබෙන්නේ එම සරණාගතයින් වෙත වීසා ලබාදීම ඕස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය විසින් ප්‍රතික්ෂේප කිරීමයි.", "මෙම සරණාගයහින් සිවිදෙනා නැවත ඔවුන්ගේ මව්බිම කරා පැමිණීම ඔවුන්ට අවධ‍ානමක් විය හැකිය යන බිය ඕස්ට්‍රේලියාව සතුව පවතින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ලේකම් රමේෂ් ජයසිංහ මහතා ප්‍රකාශ ක‍ෙළ්ය. නමුත් දැන් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත්, එහි තීරණ නීතියට අනුව ක්‍රියාත්මක වන බවත්, ඒ පිළිබඳ කිසියම් සැකයක් පවතී නම් ඒ පිළිබඳ අපක්ෂපාති ක්‍රියා මාර්ගයක් ඔවුනට ගතහැකි බවත් ඒ මහතා ඊයේ පෙන්වා දුන්නේය.", "ශ්‍රී ලංකා රජය ද්‍රවිඩ සුළුතරය ‍වෙත දක්වන අයහපත් සැලකීම මෙසේ මෙම සරණාගතයින්ට පසුගිය වසර කිහිපය තුළ ඕස්ට්‍රේලියාවේ තනිව ගතකිරීමට හේතුවක් වූ බවට සරණාගතයින් වෙනුවෙන් පෙනීසිටින නීතිඥයන් කරන ප්‍රකාශය රමේෂ් ජයසිංහ මහතා ප්‍රති‍ෙක්‍ෂ්ප කරයි.", "මෙම සරණාගතයින් ත්‍රස්තවාදීන් වන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව සංචාරක අමාත්‍ය ක්‍රිස් එවන්ස් පසුගිය බදාදා ප්‍රකාශ කළ අතර සරණාගතයින් පස්දෙනාහට වීසා ලබානොදීමට හේතු පැහැදිලි කරන ලෙස සරණාගත කවුන්සලයේ සභාපති ජෝන් ගිබ්සන් මහතා ඕස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය වෙත දන්වා තිබේ." ]
6,078
තොරතුරු තාක්ෂණයට ශ්‍රී ලංකාවට අන්තර්ජාතික සම්මාන පහක්
[ "ඩිජිටල් මාධ්‍යයෙන් තොරතුරු එක් රැස් කිරීම හා ගොඩනැගීම වෙනුවෙන් වාර්ෂිකව ඉන්දියාවේ පැවැත්වෙන \"මන්තන්\" සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවට සම්මාන පහක් හිමිවේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) මගින් ක්‍රියාත්මක ප්‍රජා සහන අරමුදලෙන් සවිබල ගැන්වු ප්‍රජා සංවිධාන ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති පහක් වෙනුවෙන් මෙසේ සම්මාන හිමිවී තිබේ. ශ්‍රී ලංකාව ,ඉන්දියාව,ඇප්ගනිස්ථානය, බංග්ලාදේශය, භුතානය,නේපාලය සහ පකිස්ථානය යන රටවල් වලින් ව්‍යාපෘති 380ක් පමණ සම්මාන ප්‍රදානය සදහා ඉදිරිපත් කර තිබිණි. ඒ අතරිත් ව්‍යාපෘති 45 ක් පමණ අවසන් වටය සදහා නිර්දේශ වී තිබේ. ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති පහකටම මෙසේ සම්මාන හිමිවීම මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් ලබා තිබෙන ප්‍රගතිය පිළිබද කදිම සහතිකයක් බව නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා සදහන් කරයි. විදුසුව,විදුණැන ඉගෙනුම් පද්ධතිය,සංඥා මාධ්‍ය වීඩියෝ ශබ්ද කෝෂය සහ විකි ගොවියා යන ව්‍යාපෘතීන් සදහා මෙම සම්මාන හිමීවී ඇත. * විදුසුව: රජයේ රෝහල් වල ක්‍රියාත්මක විශේෂඥ වෛද්‍ය සේවාවන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ආධාරයෙන් ග්‍රාමීය ප්‍රදේශ වල රෝහල් වලට පැමිණෙන ජනතාවට ලබා දීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුකෙරේ.www.vidusuwa.com වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබද වැඩි විස්තර දැන ගත හැක. *විදුනැණ ඉගැනුම් පද්ධතිය:උසස් පෙළ විද්‍යා විෂය ධාරාව හදාරන ශිෂ්‍ය ප්‍රජාවට අත්වැලක් වන ආකාරයෙන් මෙය සකස් කර තිබේ. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වල ඉහත විෂය ධාරාව ඉගැන්වීම සදහා පවතින ගුරු හිගයට මෙය යම් විසදුමක් වනු ඇත. අන්තර් ක්‍රියාකාරී අධ්‍යාපන මෙහෙයුම් පද්ධතියක් ,රූප සටහන්,ත්‍රිමාන නිදර්ශන,ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය සහ අන්තර් ක්‍රියාකාරී වැඩසටහන් මෙන්ම තම කුසලතාවය උරගා බැලීම සදහා ප්‍රශ්නාවලි වැඩසටහන්ද මෙම අධ්‍යාපන පද්ධතියට ඇතුළත් වේ." ]
6,079
සෙයිගු ඉසඩීන්, ෆොන්සේකාට සහයදෙයි
[ "අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය සෙයිගු ඉසඩීන් මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කිරීමට තීරණය කළ බව අද දෙරණට කියා සිටියේය. තමා අද උදෑසන ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් වූ බවත් අද දහවල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවත් අප කළ වමසීමකදී වැඩිදුරටත් පැවසීය." ]
6,080
තැපැල් ජන්දෙන් ජනපති ඉදිරියෙන්
[ "ප්‍රකාශිත තැපැල් ජන්ද ප්‍රතිඵල මත මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියෙන් සිටින බව දැනගැනීමට ලැබීඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.. ඔහු මේ බව පැවසූයේ අද කොළඹදී ප‍ැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ දෙමළ පනතාව වෙත ස්වයං පාලනයක් සඳහා කිසිදු ඉඩක් ලබානොදෙන බවත්, යුද්ධයෙන් ලද ජයග්‍රහණය කිසිදු අවස්ථාවක පාවා නොදෙන බවත් ඔහු වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළේය." ]
6,081
මං යන්නේ නෑ-උම්මා කියයි
[ "ජාතික නිදහස් පෙරමු‍ෙණ න් පාර්ලිමේන්තු ව නියෙ‍ා්ජනය කරන අන්ජාන් උම්මා මහත්මිය හා පාර්ලිමෙින්තු මන්ත්‍රී ඒ.ජේ.එම් .මුසම්මිල් මහතා විපක්ෂයට එක්වන බවට පැතිර යන ආරංචියෙහි කිසිදු සත්‍යතාවයක් නැති බව පාර්ලිමෙින්තු මන්ත්‍රීනී අන්ජාන් උම්මා මහත්මිය අද දෙරණය පැවසීය. තමන් විපක්ෂයට එක්වීමට කිසිදු අපේක්ෂාවක් නැති බවත් ,තමා මෙන්ම මුසම්මිල් මන්ත්‍රීවරයාද විපක්ෂයට එක් නොවන බව තමන්ට විශ්වාස බව ද ඇය කියා සිටි‍යාය. තමන් දිගින් දිගටම ජනාධිපතිවරයාට සහය දෙන බව ද ඇය කියා සිටියාය." ]
6,082
මිලියන 30 ක් දුන්නත් මුසම්මිල් ,ෆොන්සේකා ට නෑ
[ "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කිරීම වෙනුවෙන් තමා ට මිලියන 30 ක මුදලක් ලබා දෙන බව ත් ,එහි අත්තිකාරම් මුදලක් ජනාධිපතිධූර අපේක්ෂක මයිඕන් මොහොමඩ් මුස්තාෆා මහතා විසින් තමාට ලබා දුන් බවත් පාර්ලිමෙින්තු මන්ත්‍රී ඒ.ජේ.එම් .මුසම්මිල් මහතා පවසයි.", "අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කරුණු දක්වමින් සරත් ෆොන්සේකා මහතා ට සහය පළ කරන අය මුදලට වහ වැටී සහය දෙන්නන් බවට ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා තමන් ෆොන්සේකා ට සහය පළ කරන බව ට කලින් පැවසූ බවද හෙතෙම කියා සිටියේය.", "ඒ අනුව කලින් සැලසුම් කරන ක්‍රියා මාර්ගයක් තුළින් ජනතා නියෝජිතයන් මුදලට බා ගැනීමේ විපක්ෂයේ වැඩ පිළිවෙළ අනාවරණය කර ගැනීමට අද හැකි වූ බවත් ,එය රටට ම කියා පාන්නට මෙය අවස්ථාවක් කර ගත් බවත් පාර්ලිමෙින්තු මන්ත්‍රී ඒ.ජේ.එම් .මුසම්මිල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.", "තමන් කිසි විටෙකත් මුදලට බා ගන්නට විපක්ෂයට හැකියාවක් නැති බව ද හෙතෙම අවධාරණය කළේය." ]
6,083
රජ හොර වැඩක් මාට්ටු වී වසර 10 ක් හිරේ
[ "ශ්‍රී ලාංකිකයෙකුට එංගලන්තයේදී වසර 10ක සිර දඬුවමක් නියම වී තිබේ. රේණුකාන්ත් සුබ්‍රමනියම් නැමැති මෙම ශ්‍රි ලාංකිකයා සිදුකරන ලැදැයි පැවසෙන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙම දඬුවම නියම වී ඇති බව සඳහන් වේ. පීසා අළෙවිකරුවෙකු වු මෙම පුද්ගලයා පරිගණක අධාරයෙන් මෙම මුල්‍ය වංචාව සිදුකර ඇත. ඔහු සේවය කළ අදාල සමාගමේ පරිගණක තොරුතුරුද විකෘති කර ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය. ඔහු සමග අදාල චෝදනාව සම්බන්ධයෙන් එම සමාගමේ සේවය කළ දෙදෙනෙකුට ‍එරෙහිව චෝදනා එල්ල වු බව වාර්තා වේ." ]
6,084
තාවකාලික හැඳුනුම්පත් ලබාගැනීමට තවත් කාලයක්
[ "ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීම සඳහා පිළිගත් අනන්‍යතාවයක් නොමැති ඡන්දදායකයින්ට තාවකාලික හැඳුනුම්පත් ලබාගැනීමට දී තිබූ කාලය දීර්ඝ කරයි. ඒ අනුව ලබන 21 වැනිදා දක්වා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හරහා ඡන්දදායකයින්හට තාවකාලික හැඳුනුම්පත් ලබාගත හැකියාව ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය. මේ අතර ජනාධිපතිවරණයට අදාළ පූර්ණ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ඒ මහතා සඳහන් කළේය." ]
6,085
කැනඩා අත්අඩංගුවේ සිටි පිරිසකට නිදහස
[ "කැනඩාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික අනවසර සංක්‍රමණිකයන්ගෙන් පිරිසක් නිදහස් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. කැනේඩියානු දේශසීමා ඒජන්සිය පවසන්නේ මොවුන් ‍ දැඩි ‍ෙකාන්දේසිවලට යටත්ව නිදහස් කරන බවයි. කැනේඩියානු මුහුදු සීමාව උල්ලංඝණය කිරී‍ම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් 76 දෙනෙකු අත්අඩංගුවට පත්වූයේ පසුගිය ඔක්තෝබර් මාසයේ දීයි. ඔවුන් පිළිබඳ සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වූයේ ඔවුන් අතරින් එක් ‍අයෙක් ජාත්‍යන්තර පොලිසිය මගින් සොයන එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදියෙකු බවයි. ඒ අනුව මෙම පිරිස අතර තවත් එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ද සිටිය හැකි බවට කැනේඩියානු රජය පසුව සැක පළ කළේය. ‍කෙසේ වෙතත් මෙම පිරිසෙන් 50 දෙනෙකු නිදහස් කිරීමට නියෝග කර ඇති අතර ඉන් 18 දෙනෙකු මේ වන විටත් මුදාහැර අවසන් බව වාර්තා වෙයි." ]
6,086
විදෙස් නිරීක්ෂකයින් ලබන සතියේ වැඩ අරඹයි
[ "තම සංවිධානයේ ආරාධනයෙන් දිවයිනට පැමිණ සිටින විදේශ නිරීක්ෂකයින් ලබන සඳුදා සිට සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ඩී.එම්.දිසානායක මහතා පැවසුවේ මේ වන විට 18 දෙනෙකුගෙන් සමන්විත විදේශ නිරීක්ෂකයින් පිරිසක් දිවයිනට පැමිණ සිටින බවයි. එම පිරිස් සඳුදා සිට විවිධ ප්‍රදේශ වෙත අනුයුක්ත කිරීමට සැලසුම් කර ඇති බව දිසානායක මහතා පවසයි. මේ අතර මේ වන විටත් 170 දෙනෙකුගෙන් සමන්විත දේශීය නිරීක්ෂකයින් පිරිසක් පූර්ව මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා තම සංවිධානය විසින් යොදවා ඇති බව ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේය. ඉදිරි ජනාධිපතිවරණයේ දී මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිරීක්ෂණ කටයුතු සඳහා නිල වශයෙන් පිළිගත් සංවිධාන දෙක වන්නේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ පැෆ්රල් සංවිධානයයි." ]
6,090
ඔරුවක් පෙරලී දෙදෙනෙකු මරුට
[ "මාරවිල මහවැව ප්‍රදේශයේ ඔයක ඔරුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත් වෙති. ඊයේ පස්වරුවේ මහවැව ලුණුඔයේ එකම පවුලේ සාමාජිකයින් පිරිසක් විනෝදය සදහා ඔරු පැදීමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම් කරුණාරත්න මහතා සදහන් ක‍ළේය. අනතුරින් අවුරුදු 15 ක් සහ 60 ක් වයසැති පුද්ගලයින් දෙ‍දෙනෙකු දියේ ගිලී මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත. මොවුන් මහවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසීය පවසයි." ]
6,099
ෆොන්සේකා දිනුවොත් දෙමළ සරණාගතයන්ට හොඳ කලක්
[ "සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරනු ලැබුවහොත් ඉන්දියාවේ සරණාගත කඳවුරු වල වාසය කරන ශ්‍රීලාංකික දෙමළ ජනයාට යළි සිය රට පැමිණ අභිමානවත් අයුරින් ජීවත්වන්නට අවස්ථාව සලසා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා පවසයි. ඉන්දියාවේ දී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙසේ කරුණු දක්වා තිබේ. මෙම ශ්‍රීලාංකික දෙමළ ජනයා රැක බලා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියානු රජයටත් ,ප්‍රාන්ත ආණ්ඩුවටත් සිය ප්‍රසාදය පළ කළ මන්ත්‍රීවරයා මොවුන් යළි සිය රට පැමිණීමට ඉල්ලීම් කරනු ලැබුවහොත් එය ඉටු කරන බවද කියා තිබේ.", "රජය ලක්ෂ 3ක පමණ පිරිසක් වත් නැවත පදිංචි කිරීම සඳහා කටයුතු කරන බවට ෙපාෙරාන්දුවී තිබුනත්, අභ්‍යන්තර සරණාගත කඳවුරු වල සිටින ජනතාව නැවත පදිංචි කිරීෙම් කටයුතු තවමත් අයහපත් තත්වයක පවතින බව, ඒ මහතා ප්‍රකාශ කෙළ්ය.", "ෙමම සරණාගත කඳවුරු ශ්‍රී ලංකා ව්‍යවස්ථාවට හා ජාත්‍යන්තර නීතියට අනුව නීතිවිෙරා්ධී බවද පැවසූ ජයලත් මහතා, තමිල්නාඩු පාර්ලිෙම්න්තු මන්ත්‍රී කණ්ඩායම් වලට ෙමම කඳවුරු වල නිරීක්ෂණ චාරිකා වල නිරතෙවමින් ඒම ජනතාව පිළිබඳ විමසාබැලීටම ඉඩෙනාෙදන්ෙන් මන්දැයි ශ්‍රී ලංකා රජෙයන් විමසා සිටී." ]
6,100
මුසම්මිල්ට එරෙහිව නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
[ "ශ්‍රෙෂ්ඨාධිකරණ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා තමාට අල්ලසක් ලබා දුන් බවට පවසමින් තැන තැන මාධ්‍ය හමුවලට වීඩියෝ පටයක් පෙන්වමින් යන බවත් ,කළ යුත්තේ මාධ්‍යයට ඉදිරිපත් කිරීම නොව එම නඩු භාණ්ඩ කොමිසම බාරයට ගෙන විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම බව ද හෙතෙම අවධාරණය කළේය. මුසම්මිල් මහතා තමාට අල්ලසක් ලබා දුන් බව දැනටමත් පිළිගෙන ඇති බැවින් ද,අල්ලස් හෝ දූෂණ චෝදනා නීතියට අනුව අල්ලස් දීම මෙන්ම අල්ලස් ගැනීමත් වරදක් හෙයින් ද මේ පිළිබඳ නිසි පරීක්ෂණයක් කළ යුතු බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය. ඔහු මේ බව කියා සිටියේ අද අල්ලස් කොමිසම හමුවේ අදාල පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කරුණු දක්වමිනි." ]
6,101
ජ.වි.පෙ ට හෙම්බිරිස්සාව හැදිලා-ඩලස්
[ "ආයුධ සන්නද්ධ එල්.ටී.ටී.ඊ ය පරාජය කරන්නට ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතා බොහෝ වෙහෙසක් දැරූ මුත් අද ඔහු අ‍ායුධ රහිත එල්.ටී.ටී.ඊ සංවිධානයේ ගොදුරක්ව සිටින බව ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ද්‍රවිඩ සන්ධානය බලයට පත් කරන්නට හොර ඡන්ද පෙට්ටි පිටින් දැම්මේ එල්.ටී.ටී.ඊ සංවිධානය බවත්,යුද්ධය නවත්වන ලෙස ජාත්‍යන්තරයට බලපෑම් කරනු ලැබුවේද ද්‍රවිඩ සන්ධානය බව ද ඇමතිවරයා සිහිපත් කළේය. ඒ නිසාම ද්‍රවිඩ සන්ධානයේ පිරිස් ලඟ කොටි ගඳ ‍ඇතත් නොදැනෙන්නේ ජ.වි.පෙ ට හෙම්බිරිස්සාව සෑදී ඇති නිසා යයි ද ඇමතිවරයා කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි." ]
6,102
කිරිබත්ගොඩ ත් මිනිස් ඝාතනයක්
[ "කිරිබත්ගොඩ, වේවැල්දූව මාර්ගයේ පෞද්ගලික ආයතනයක් ආසන්නයේ දී පුද්ගලයෙකු ඝාතනයට ලක්වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.කරුණාරත්න මහතා පවසන පරිදි මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ත්‍රිරෝද රථ රිය‍දුරෙකි. මියගිය පුද්ගලයා වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ. සැකකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතකයින් සොයා කිරිබත්ගොඩ පොලිසිය‍ මෙහෙයුම් ආරම්භ කර තිබේ.." ]
6,103
ශ්‍රීලාංකිකයෙකු ඕස්ට්‍රේලියවේදී අතුරුදහන්
[ "සති තුනකට ඉහතදී ඔස්ට්‍රේලියාව බලා ගමන් ගත් ශ්‍රි ලාංකික සරණාගතයෙකු අතුරුදන් වී තිබේ. ඔහු සන්නිවේදන අපහසුතා පෙන්නුම් කරන රෝග තත්ත්වයක් වන ඔටිසම් නැමැති රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකු බව වාර්තා වේ. සිය ඥාතියෙකු සමග ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අදාල සරණාගත තරුණයා ඔහු රැඳී සිටි නිවසින් ඊයේ පිටව ගොස් ඇති අතර රෝග තත්ත්වය හේතුවෙන් ඔහුට යළිත් සිය නිවස සොයා ගැනීමට‍ නොහැකි තත්ත්වයක් මතුවන්නට ඇති බවට ‍ඕස්ට්‍රේලියානු සහන සේවකයින් සැක පළ කරයි. කෙසේ වෙතත් අදාල තරුණයා සෙවිමේ කටයුතු තවදුරටත් සිදුකරන බව එරට සහන සේවකයින් පවසයි." ]
6,104
ප්‍රතිපත්ති ගෙනියන්න තැපෑල සූදානම්
[ "ජනාධිපතිවරණ අපේක්ෂකයින‍්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපැලෙන් බෙදා හැරීම සදහා සියලු කටයුතු සුදානම් කර ඇති බව තැපැල්පති එම්.කේ.බී.දිසානායක මහතා පවසයි. දිසානායක මහතා පෙන්වා දෙන්නේ මේ වන විටත් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙ‍නාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපැල් දෙපාර්තමේන්තුව වෙත බාරදී ඇති බවයි. එම ප්‍රතිපත්ති ප්‍රකාශ බෙදා හැරීමේ පහසුව සඳහා ආසන මට්ටමින් තැපැල් කාර්යාල වෙත ‍බාරදෙන ලෙස අදාල අපේක්ෂකයින්‍ වෙත දැනුම් දී ඇති බවද දිසානායක මහතා සඳහන් කරයි. ඒ අනුව ඒ ඒ තැපැල් කර්යාල මගින් බාරගත යුතු ප්‍රතිපත්ති ප්‍රකාශ සංඛ්‍යාව පිළිබද තැපැල් කාර්යාල දැනුවත් කර ඇති බවද තැපැල්පතිවරයා සඳහන් කර සිටියේය. ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශ තම ඡන්ද දායකයින් වෙත නොමිලේ තැපැල් දෙපාර්තමේන්තුව හරහා බෙදාහැරීමට නීත්‍යනූකූල හිමිකමක් ඇති අතර ඊට අදාල වියදම් මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් තැපැල් දෙපාර්තමේන්තුව වෙත පසුව ලබාදීමට නියමිතය." ]
6,105
ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු දෙදෙනෙක් ජනපතිට
[ "දෙමළ ජාතික සන්ධානයේ කල්මුණේ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදීමට තීරණය කර තිබේ. කාත්තමුත්තු ගනේෂ් සහ වඩිවෙල් කෝපාලපිල්ලේ මෙලෙස ජනාධිපතිවරයාට සහය පළ කර ඇති බව සඳහන් වේ. ඔලුවිල්හි පිහිටි ජනාධිපතිවරණ‍ මෙහෙ‍යුම් මධ්‍යස්ථානයේදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුහු මේ බව අනාවරණය කළහ. එහිදි ඔවුන් පෙන්වා දුන‍්නේ ප්‍රදේශයේ ජනතා ගැටලු වලට විසදුම් ලබා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි." ]
6,106
ඡන්ද පත්‍රිකා බෙදීම අදින් අවසන්
[ "ඉදිරි ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අදින් අවසන් වේ. මැතිවරණ මහලේකම් කාර්යාලය පවසන පරිදි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයෙක් ‍වෙතොත් තමන්ට අදාල වන තැපැල් කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබාගැනීමේ හැකියාව ඇත. මැතිවරණ දිනය දක්වාම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගැනීමේ හැකියාව ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ‍ෙබදාහැරීමේ කාලය තුළ ඒවා පැහැරගැනීමේ සිද්ධීන් දෙකක් වාර්තා වූ බව තැපැල්පති එම්.කේ.බී.දිසානායක මහතා පැවසීය. ඔහු සඳහන් කළේ කඹුරුපිටිය සහ කොටහේන යන ප්‍රදේශවලින් එම සිද්ධීන් වාර්තා වූ බවයි." ]
6,107
ඡන්ද පත්‍රිකා-හැඳුනුම්පත් එකතු කෙරෙයි
[ "මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්දදායකයින්ගේ හැඳුනුම්පත් එකතු කිරීමේ කුමන්ත්‍රණයක විපක්ෂය නිරතව සිටින බවට ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාංශය පවසයි. ගල්ගමුව, එප්පාවල යන ප්‍රදේශවල ඡන්ද පත්‍රිකා හා හැඳුනුම්පත රුපියල් පන් දහසක් ලබාදී විපක්ෂය බාරයට ගෙන ඡන්දයෙන් පසුව නැවත එම හැඳුනුම්පත් නිදහස් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාංශය කියා සිටියි. මීට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නිත්‍යානුකූලව කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර ඇති බවද එම කාර්යාංශය පෙන්වාදෙයි." ]
6,108
මැතිවරණ කොමසාරිස් ෙහට පක්ෂ ලේකම්වරු හමුෙව්
[ "ඉදිරි ජනාධිපතිවරණයට තරග වදින දේශපාලන පක්ෂවල ලේකම්වරුන් හා මැතිවරණ කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්ෙවන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.", "ඒ සඳහා ස්වාධීන අපේක්ෂකයින්ගේ නියෝජිතයින් ද සහභාගීවීමට නියමිත බවයි වාර්තා වන අතර මැතිවරණ ප්‍රචාරක කටයුතු, මාධ්‍ය හැසිරීම ඇතුලු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද සඳහන්ය.", "ඒෙමන්ම මාධ්‍ය අධීක්ෂණ කටයුතු සඳහා පත්කළ විශේෂ බලධාරියා වන ජයම්පති හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලබාදී තිබෙන වාර්තා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ෙමහිදී යොමුවන බවද වාර්තා ෙව්." ]
6,109
නිවාස ණය ඉල්ලන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග
[ "නිවාස ණය ඉල්ලා අසරණ ජනතාවට කරදර කරන රජයේ නිලධාරීන්ට එරෙහිව ලබන 26 වැනිදාට පසුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.", "මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.", "හිටපු ජනාධිපති අ‍ාර්.ප්‍රේමදාස මහතාගේ පාලන කාලය තුළ ලබාදුන් නිවාස ණය මුදල් කපා හැරීමට පියවර ගෙන තිබුණ ද ඇතැම් නිලධාරීන් එම ණය මුදල් යළි අයකර ගැනීමේ උත්සහයක නිරතව සිටින බවද ඒ මහතා පැවසීය." ]
6,110
නැවත භීෂණ ඇතිකිරීමට ඉඩ නෑ
[ "රට තුළ නැවත භීෂණයක් ඇතිකිරීමට කිසිවෙකුටත් ඉඩ ‍ෙනාතබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.", "ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ පැවති බස්නාහිර පළාත් කාන්තා නියෝජිත හමුවක් අමතමිනි.", "එහෙත් ඇතමුන් භීෂණකාරී වාතාවරණයක් ඇතිකිරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බවත්, පසුගිය දින කිහිපය තුළ තංගල්ලේ සහ මදුරන්කුලිය ප්‍රදේශයේ ඇති වූ සිද්ධීන් ඊට උදාහරණයක් බවත් ජනාධිපතිවරයා ඒහිදී වැඩිදුරටත් පැවසීය." ]
6,111
යුද සෙබළු පාවාෙදයි නම් ඒය ගැටලුවක්
[ "ජනාධිපති ධුර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා තමන්ගේ දේශපාලනික ජයග්‍රහණය වෙනුවෙන් ‍යුද සෙබළු පාවා දෙන්නේ නම් ඔහුගේ විශ්වාසනීයත්වය පිළිබඳ ගැටලුවක් මතු වන බව ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.", "අමාත්‍යවරයා මේ බව පැවසුෙව් අද කෙ‍ාළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.", "පසුගියදා සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය හේතුවෙන් ශ්‍රී ලංකා‍වට ජාත්‍යන්තරයෙන් විවිධ බලපෑම් එල්ල වෙමින් පවතින බවද, සරත් ෆොන්සේකා මහතා මෙන්ම විපක්ෂයේ නි‍යෝජිතයින් මැතිවරණ වේදිකාවලදී රළු වචන භාවිතා කරමින් වෛරී දේශපාලනයක නියැලෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය." ]
6,112
මුසම්මිල්ෙගන් අපරාධ පරීක්ෂණ දෙප‍ාර්තමේන්තුවට පැමිණිල්ලක්
[ "මුදල්වලට මන්ත්‍රීවරු මිලදී ගැනීමට විපක්ෂය දරන උත්සහයට ‍එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙප‍ාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිෙබ්.", "මෙවැනි දූෂිත පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත්, යහපාලනය නිර්මාණය කිරීමට නම් මෙවැනි ක්‍රියාමාර්ග වහාම වැළැක්වීමට පියවර ගත යුතු බවත් පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මා‍ධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා පැවසීය.", "ලක්ෂ 300 ක් ලබාදී තමන්ව සරත් ෆොන්සේකා මහතාට සහය පළ කිරීම සඳහා එක්කර ගැනීමට විපක්ෂය උත්සහ කළ බව පසුගියදා මො‍ෙහාමඩ් මුසම්මිල් මහතා මාධ්‍ය හමුවකදී අනාවරණය කෙෙළ්ය." ]
6,113
පිට පළාත් ඡන්ද ගණනයට කෙ‍ාළඹින් විශේෂ පිරිසක්
[ "ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී පිට පළාත් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා කෙ‍ාළඹ දිස්ත්‍රික්කයෙන් නිලධාරීන් පිරිසක් යොමු කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර අැති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ ය.", "නිලධාරීන් 2500 ක් මෙලෙස පිටපළාත් සඳහා පිටත් කෙරෙන බවත්, තේරීම් භාර නිලධාරීවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම පිරිස ලබාදීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර ඇති බවත් කාර්යාලය වැඩිදුරටත් දක්වයි.", "ඒෙමන්ම ගණන් කිරීමේ මධ්‍යස්ථානවලදී ක්‍රියාත්මක විය යුතු ආකාරය හා අනුගමනය කළ යුතු කරුණු සම්බන්ධයෙන් මේ දිනවල විශේෂ සම්මන්ත්‍රණ මැතිවරණ කොමසාරිස්වරයා විසින් පවත්වන බව ද වාර්තා ෙව්." ]
6,114
ඇමති නිවසට ග්‍රෙනේඩ්-අයෙක් මරුට
[ "සෞඛ්‍ය ප්‍රවර්ධන හා ව්‍යාධි නිවාරණ අමාත්‍ය ජයරත්න හේරත් මහතාගේ කුරුණෑගල පිහිටි නිවසට එල්ල කරන ලද අත් බෝම්බ ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව අැති බව පොලීසිය කියයි. තවත් සිව් දෙනෙකු ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවද පොලිසිය පවසන අතර මෙම ඝාතනයත් සමග පූර්ව මැතිවරණ සමයේ සිදු වූ ‍ මිනිස් ‍ඝාතන සංඛ්‍යාව හතර දක්වා ඉහළ යයි.", "ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණයට අදාළව සිදු වූ මුල්ම පුද්ගල ඝාතනය ලෙස සැලකෙන්නේ පසුගිය 12 වනදා ජනාධිපතිධුර අපේක්ෂක සරත් ‍ෆොන්සේකා මහතාගේ ජනරැළියකට සහභාගි වීම සදහා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයකට තංගල්ල හුංගම ප්‍රදේශයේ දී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වීමය.", "මැතිවරණයට අදාළ දෙවන මිනිස් ඝාතනය පසුගිය 16 වන දා වාර්තා වූ අතර ඒ පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගි වීම සදහා යමින් සිටි පිරිසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වීමය.", "පසුගිය 17වන දිනවාරියපොළ කනත්තවැව ප්‍රදේශයේ දී ජනාධිපතිධුර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයෙකු පහර කෑමකින් ජීවිතක්ෂයට පත් විය.", "එම මිනිස් ඝාතනය වාර්තා වූයේ ජනාධිපතිවරණයට අදාළ පූර්ව මැතිවරණ සමයේ තෙවන මිනිස් බිල්ල ලෙසය." ]
6,115
ප්‍රහාරයේ කිසිවෙකුත් අත්අඩංග්‍රවට ගෙන නෑ
[ "ඊයේ පස්වරුවේ ජයරත්න හේරත් අමාත්‍යවරය‍ාගේ නිවසට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසි‍වෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලීසිය පවසයි. මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම සදහා පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම් කරුණාරත්න මහතා කියා සිටියි. ඊයේ පස්වරු 6.45 ට පමණ එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයෙන් පළාත් සෞඛ්‍ය කාර්යාලයේ රියදුරෙකු වූ සුරංග ඉන්ද්‍රජිත් නැමැත්තා ජීවිතක්ෂයට පත් විය. ඔහු දික්වැල්ල කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි." ]
6,116
වෙඩි වැදී සෙබළෙක් මරුට
[ "නාවික හමුදා සෙබළෙකු වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම් කරුණාරත්න මහතා පවසන පරිදි ඊයේ දහවල් කයිට්ස් නාවික හමුදා කදවුරේ සේවයේ සිටියදී මෙම වෙඩි තැබීම සිදු වී ඇත. මේ පිළිබඳව සිදු කළ මූලික පරීක්ෂණ වලින් මෙය සිය දිවි නසා ගැනීමක් බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි.. නාවික හමුදා සෙබළා පදිංචිව සිටි නාවික හමුදා කඳවු‍ෙර් නිවස්නය අසළ දී මෙම වෙඩි තබා ගැනීම සිදු වී ඇති බව සඳහන් වේ." ]
6,117
පිපිරීමකින් කුඩා දරුවෙකුට තුවාලයි
[ "පුලියන්කුලම ප්‍රදේශයේ සිදු වූ පිපිරීමකින් වයස අවුරුදු 10 ළමයෙකු තුවාල ලබා තිබේ. පුලියන්කුලම පලේවාඩි වැව අසළ දී මෙම පිපිරීම සිදු වී ඇති අතර එමගින් ඔහුගේ පාදයක වළළුකරට ඉහළින් වෙන්ව ගොස් ඇති බව පොලිසිය පවසයි. තුවාල ලැබූ ළමයා මේ වන විට වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබයි. තම පියා සමග ලී දඩු කැපීමට ගිය අවස්ථාවේ මෙම අනතුරට ගොදුරු වී ඇති බව පොලිසිය කියා සිටියි. පුද්ගලනාශක බෝම්බයකට හසු වීමෙන් මොහු තුවාල ලබන්නට ඇතැයි පොලීසිය විශ්වාසය පළ කරයි.." ]
6,118
ක්‍රෙඩෙට් හොරෙක් කොටුවෙදී කොටු
[ "ක්‍රෙඩිටිකාඩ් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අමෙරිකානු ජාතිකයෙකුට අයත් ක්‍රෙඩිට්කාඩ් පතක් ව්‍යාජ ලෙස භාවිත කර රුපියල් එක් ලක්ෂ අනූහත්දහසකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. කොළඹ කොටුව දුම්රිය‍ෙපාළ අසළ දී මොහුව අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වේ. පෞද්ගලික බැංකුවක් මගින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මොහුව අත්අඩංගුවට ගැනුණි.. අදාළ සැකකරු කන්තලේ ප්‍රදේශයේ පදිංචි දෙමළ ජාතිකයෙකු බව වාර්තා වන අතර මොහු ව්‍යාජ හැදුනුම්පතක් භාවිතා කරමින් , සිංහල නමකින් පෙනී සිට මෙම අපරාධය සිදු කර ඇති බවට මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි." ]
6,119
සංක්‍රමණිකයින් පිරිසකට නවසීලන්තයේ ඉඩ
[ "ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පිරිසකට නවසීලන්තයට ඇතුළු වීමට අවසර ලබා දීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.", "පසුගිය දා ඕස්ට්‍රේලියා‍ව බලා ගමන් ගත් නීති විරෝධී සංක්‍රමණිකයින් 78 දෙන‍ාගෙන් 13 දෙනෙකුට මේ යටතේ නවසීලන්තයේ සරණාගතභාවය ලබා දීමට නියමිතව ඇති අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සහ සරණාගතයින් පිළිබද සංවිධානය සමග පැවති සාකච්ඡාවක් මත මෙම තීරණය ගත් බව නවසීලන්තය පවසයි.", "මේ අනුව වසරක කාලයක් තුළ දී සරණාගතයින් 750 දෙනෙකුට නවසීලන්තයට ඇතුළු වීමට එරට රජය අවසර ලබා දී තිබේ." ]
6,120
මඩ ප්‍රචාරය අහම්බයක් නොවේ
[ "විපක්ෂ වේදිකාවේ ප්‍රධාන කරුණු දෙකක් පිළිබදව සංවාදයට ලක් කරන බව ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයා පවසයි.", "විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම සහ මඩ ප්‍රචාර එම කරුණු වන බවත්, සෙසු අපේක්ෂකයින්ට මඩ ප්‍රචාරය කිරීම අහම්බයක් නොවන බවත් අමාත්‍යවරයා අනාවරණය කරයි.", "ප්‍රතිපත්තිමය පදනමක් නොමැති වූ විට මඩ ප්‍රචාරය කිරීම නිරායා‍සයෙන් සිදු වන්නක් බවද ඔහු පවසයි.", "එමෙන්ම අමාත්‍යවරයා තවදුරටත් පෙන්වාදෙන්නේ විධායක ජනාධිපතික්‍රමය ‍අහෝසි කිරීමට අමතරව කිසිදු තාත්වික පදනමක් විපක්ෂ වේදික‍ාවේ නොමැති බවය." ]
6,121
වව්නියාවෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවේ
[ "එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ වල දමා තිබූ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුධ උපකරණ රැසක් වව්නියාව පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකය මගින් සොයා ගෙන තිබේ.", "සොයා ගත් යුද උපකරණ අතර විදේශ රටකින් ගෙන්වන ලද වයර් රහිත ඩෙටනේටර් 517 ක් සහ වයර් සහිත ඩෙටනේටර් 253 ක් වූ බව පොලිසිය පවසයි.", "සී 4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 160 ක් ඇතුළු තවත් යුදඋපකරණ රැසක් එහි දී ආරක්ෂ අංශ සොයා ගෙන තිබෙන අතර වව්නියාව ‍පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම උපකරණ තොගය සෙ‍ාය‍ා ගත් බව වන්නි බටහිර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය." ]
6,122
වෙඩි තැබීමකින් තරුණයෙකුට බරපතල තුවාල
[ "අක්කරෛයිපත්තුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තරුණයෙකු බරපතල ‍ෙලස තුවාල ලබා රෝහල් ගත කර තිබේ.", "තුවාල ලැබූ තරුණයා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස‍යේ තරුණයෙකු බව වාර්තා වේ.", "ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව අක්කරෛයි පත්තුව පොලීසිය පැවසූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බව ද සඳහන් කළේය." ]
6,123
මව්බිම විකිණීමට සූදානම් නෑ
[ "ඡන්දයක් වෙනුවෙන් මව්බිම විකිණීමට තමන් කිසි‍විටෙක සූදානම් නැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කලේ දඹුල්ල ගම්උදා ක්‍රිඩාංගණයේ පැවති ජනරැළියක් අමතමිනි.", "ජනාධිපතිවරයා පෙන්ව‍ා දෙන්නේ දුන් පොරොන්දු ඉටු කළ නායකයෙකු වශයෙන් තමන් ජනතාව අතරට පැමිණ සිටන බවත්, තමන් කියන දේ කරන මෙන්ම කරන දේ කියන නියකයෙකු බව ජනාධිපතිවරයා එහිදී ‍සදහන් කළේය." ]
6,124
ඉවත්වන බවට කිසිවකු දැනුම් දී නෑ
[ "ජනාධිපතිවරණ සටනින් ඉවත් වන බවට කිසිදු අපේක්ෂකයෙකු මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිඛිත දැනුම් දීමක් සිදු කර නොමැති බව මැතිවරණ මහ ලෙක්ම් කාර්යාලය පවසයි.", "විවිධ අපේක්ෂකයින් ජනාධිපතිවරණ තරග බිමෙන් ඉවත් වන බවට ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කර තිබුණ ද කිසිවෙකුත් එය ලිඛිතව දන්වා නොමැති බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.", "ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනාට සහය පල කරමින් ජනාධිපතිවරණ සටනින් ඉවත් වන බව පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් සහ මයෝන් මුස්තාෆා මහතා‍ මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර ඒ අනුව එවැනි ඉවත් වන අපේක්ෂකයින‍්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබුණි.", "කෙසේ වෙතත් ඔවුන්ගේ නම් ඡන්ද පත්‍රිකාවෙන් ඉවත් නොකෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි." ]
6,125
පාලම් 5ක් ප්‍රතිසංස්කරණයට අනුමැතිය
[ "නැගෙනහිර පළාතේ පාලම් 5ක් ප්‍රතිසංස්කරණය කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.", "ඒ අනුව අදාළ පාලම් ප්‍රතිසංස්කරණය සදහා ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය සමග ගිවිසුමකට එළඹීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.", "පාලම් ප්‍රතිසංස්කරණයට වැයවෙතැයි අපේක්ෂිත මුදල ජපාන යෙන් මිලියන 29ක් වන අතර උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉන්දීය ආනයන අපනයන බැංකුව සමග ණය ගිවිසුමකට එළඹීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.", "ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 425 ක මුදලක් සදහා එම ගිවිසුම ක්‍රියාත්මක වනු ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙප‍ාර්තමේන්තුව සඳහන් කරයි." ]
6,126
පාප් වහන්සේ ඝාතනයට තැත් කළ පුද්ගලයා නිදහස්
[ "ශුද්ධෝත්තම දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ 1981 වසරේ දී ඝාතනය කිරීමට තැත් කළ පුද්ගලයා තිස් වසරක සිර දඩුවමකින් පසු නිදහස ලැබීය.", "විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තුර්කි බන්ධනාගාරයක රදවා සිටි මෙහෙමත් අලී නැමති අදාළ පුද්ගලයා ඊයේ බන්ධනාගාරයෙන් පිටත්ව ගිය බවය.", "කෙසේ වෙතත් ඔහුගේ මානසික තත්වය පරීක්ෂා කිරීම සදහා යළිත් වරක් ඔහු හමුදා රෝහලකට භාර දීමට නියමිත බව මෙහෙමත් අලීගේ නීතීඥයින් පවසයි.", "කෙසේ වෙතත් මෙහෙමත් අලී සිරගතව සිටින අවස්ථාවේ එහි ගිය ශුද්ධෝත්තම දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ මෙහෙ‍මත් අලී වෙත සමාව ලබා දුන්බව වාර්තා වන අතර මෙහෙමත් අලී පාප් වහන්සේට අදාළ ප්‍රහාරය එල්ල කිරීමට හේතුව කුමක්ද යන්න තවමත් අභිරහසක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි." ]
6,127
මට ගැහුවෙ නෑ
[ "බැසිල් රාජපක්ෂ මහතා තමාට අතුල් පහරක් දුන් බවටත්, ගෝඨාභය රාජපක්ෂ මහතා අසනීපව ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇතිබවටත්, පැතිරයන දූෂමාන ආරංචියේ කිසිදු සත්‍යතාවයක් නොමැතිබව එස්. බී. දිසානායක මහතා පවසයි.", "ඔහු මේ බව පැවසූයේ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.", "එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා සහ තමන් තවමත් සුහද මිතුරන් බවත්, මෙය ද්වේෂ සහගත දූෂමාන ආරංචියක් පමණක් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,128
ඉන්දු බංග්ල‍ා‍දේශ ටෙස්ට් තරගයේ සිව් වැනි දිනය අද
[ "බංග්ලාදේශයේ පැවැත්වෙන ඉන්දු බංග්ල‍ා‍දේශ ප්‍රථම ටෙස්ට් තරගයේ සිව් වැනි දිනය අදය.", "ඊයේ දිනය නිමා කරන විට සිය ප්‍රථම ඉනිම ක්‍රිඩා කරන බංග්ලාදේශය කඩුලු තුනක් දැවී ලකුණු 59ක් රැස්කරගෙන සිටි අතර ප්‍රථම ඉනිම ක්‍රිඩා කළ ඉන්දියාව සියල්ල දැවී ලකුණු 243ක් රැස් කළේය.", "එහිදි සචින් තෙන්ඩුල්කාර් නොදැවී ලකුණු 105ක් ලබාගත්තේය." ]
6,129
තක්ෂින්ගේ ගමන ගැන සෝමවංශට සැකයි
[ "හිටපු තායි අගමැති තක්ෂින් ෂිනවට්රා 2009 දෙසැම්බර් 12වන දින ශ්‍රී ලංකාවට පැමිණි බවටත්, දැනට අත්අඩංගුවේ පසුවන ‍KP හෙවත් කුමාරන් පද්මනාදන්ගේ සහ අගමැති තක්ෂින්ගේ අරමුදල් රජය සිය මැතිවරණ කටයුතු සඳහා යොදාගන්නා බවට තමන්හට සැකයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.", "අගමැති තක්ෂින් තම පෙෘද්ගලික ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්, ඔහු ගුවන් තොටුප‍ෙලහි ප්‍රභූන් සඳහා වෙන්වූ පර්යන්තය භාවිතකර ඇතිබවටත් තොරතුරු ලැබී ඇතිබව ජනතා විමුක්ති පෙරමු‍ෙණ් නායක සෝමවංශ අමරසිංහ මහතා මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් පැවසීය.", "රාජ්‍ය තාන්ත්‍රික වීසා අහෝසි කරන ලද පුද්ගලයෙකු එසේ ප්‍රභූන් සඳහා වෙන්වූ පර්යන්තය භාවිතකරමින් රටට ඇතුළුවූයේ කෙසේදැයි සෝමවංශ මහතා එහිදී ප්‍රශ්න කළේය." ]
6,130
පෞද්ගලික අංශයේ වැටුප් ඉහළට
[ "පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට මාසිකව රු.2500 ක වැටුප් වැඩි කිරීමක් සිදු කර ඇති බව කම්කරු හා මිනිස් බල අමාත්‍යංශය පවසයි. රාජ්‍ය සේවකයින්ට වැඩි කළ වැටුප් වැඩිවීමට සමගාමීව මෙම වැටුප් වැඩි කිරීම කළ යුතු බවට කම්කරු හා මිනිස් බල අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා ,කම්කරු කොමසාරිස් ජනරාල්ට අද නියෝග කළ බව අමාත්‍යංශය විසින් නකුත් කළ නිවේදනයක දැක්වේ. මෙම වැටුප් වැඩිවීම ආයෝජන මණ්ඩලයට අදාල සියලුම කර්මාන්ත ශාලා සේවකයින්ට ද ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කර ඇත. තවද තේ සහ රබර් වැවිලි අංශයේ වෘත්තීය සමිති සහ ලංකා සේව්‍ය සම්මේලනය අතර ඇති කරගත් සාමූහික ගිවිසුමේ දිනකට රු.405 ක වැටුප් වැඩිවීම 2010 ජනවාරි මස 15 දා සිට අනෙකුත් සියලුම වතු වල සේවකයින්ට ද බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කළ යුතු බවට අදාල ගැසට් නිවේදනය දැනටමත් නිකුත් කර ඇත." ]
6,131
ජනාධිපතිවරණයට පාසල් වැසෙයි
[ "එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් මේ මස 25, 26 , 27 යන තෙදින දිවයින‍ පුරා සියලුම රජයේ පාසල් තාවකාලිකව වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව යළි පාසල් ලබන 28 වන බ්‍රහස්පතින්දා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිමල් බණ්ඩාර මහතා සඳහන් කරයි.. මැතිවරණ කොමසාරිස්වරයාගේ ‍උපදෙස් මත‍ මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,132
ශ්‍රීලාංකිකයින් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට
[ "ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් ලඟ තබාගත් බවට එල්ල වු චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ අදාල ශ්‍රි ලාංකිකයින් දෙදෙනා සතුව රුපියල් ලක්ෂ 120කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 660ක් තිබු බව සඳහන් වේ. අදාල මත්ද්‍රව්‍ය ඉන්දියාවේ සිට ශ්‍රි ලංකාවට ගෙන ඒමට සැලසුම් කර තිබු බව මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත." ]
6,133
නිසිබලධාරියා ඉවතට-ඡන්දෙන් පසු කොමසාරිස් අස්වෙයි?
[ "ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය පාලනය කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් විසින් පත් කරන ලද නිසි බලධාරියාගේ සේවය අත්හිටවූ බව මැතිවරණ කොමසාරිස්වරයා විසින් දැනුම් දුන් බව ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.", "අද පක්ෂ ලේකම්වරුන් සහ ස්වාධීන අපේක්ෂකයින්ගේ නියෝජිතයින් හා පවත්වන ලද සාකච්ඡාවේදී මේ බව දැනුම් දුන් බව හෙතෙම සඳහන් කරනු ලැබුවේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති සාකච්ඡාව අතරතුර කාර්යාලයෙන් එළියට පැමිණ රැස්ව සිටි මාධ්‍යවේදීන් හමුවේ කරුණු දක්වමිනි.", "නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා විධිවිධාන සැලසීම වෙනුවෙන් නිසි බලධාරියෙකු පත් කරන ලැබුවද එකී කටයුතු නිසියාකාරව කරගෙන යාමට ඉඩක් නොවන නිසා ඊයේ රාත්‍රියේ සිට නිසි බලධාරියාගේ පත්කිරීම අවලංගු කළ බව කොමසාරිස්වරයා දැන්වූ බව හෙතෙම කියා සිටියේය.", "මෙම ජනාධිපතිවැණය පැවැත්වීමෙන් පසු තමන් ඉල්ලා අස්වන බව ද මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පැවසූ බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය." ]
6,134
ද.ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රීඩකයින් නම්කරයි
[ "11 වන දකුණු ආසියානු ක්‍රීඩා උ‍ෙළල සඳහා සහභාගී වන ශ්‍රීලංකා කණ්ඩායම අද නම්කර ඇති බව ශ්‍රීලංකා ක්‍රිකට් මාධ්‍ය කළමනාකාර බ්‍රැන් තෝමස් දන්වා තිබේ. මෙම තරඟාවලියේ ශ්‍රීලංකා පිළෙහි නායකත්වය දරනු ලබන්නේ අශාන් ප්‍රියංජනයි. ඒ අනුව කණ්ඩායම පහත පරිදි වේ. අශාන් ප්‍රියංජන(නායක),දිනේශ් චන්දිමාල්,ඩිල්ෂාන් මුණවීර,ළහිරු තිරිමාන්න,එන්.නෂාර්,ඇන්ජලෝ පෙරේරා, කුෂාන් පෙරේරා,සචිත් පතිරණ,තිසර පෙරේරා,ඉෂාන් ජයරත්න,හසිත ඉලංගකෝන්,ඉරේෂ් උදයංග,විමංග පෙරේරා,නවීන් කවිකාර. මීට අමතරව අතිරේක ක්‍රීඩකයකු ලෙස චතුරංග ද සිල්වා නම් කර ඇත." ]
6,135
රට ගොඩ නැඟීමේ මෙහෙයුමට එක්වන්න
[ "අනාගත පරපුර වෙනුවෙන් රට ගොඩනැඟීමේ දැවැන්ත මෙහෙයුමට එක්වෙන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ නැවත කරළියට පැමිණ ඇති රට බෙදීමේ හොර ගිවිසුම උපන්ගෙයිම මරා දැමීමට 26 වැනිදා ජනතාව කටයුතු කරන බවයි. පොළොන්නරුව තෝපාවැව පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජන රැලියක් අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බෙදී වෙන් වී තිබුණු දේශය යළි එක් කිරීමට කටයුතු කළ බවත්,දැන් උදාවී ඇත්තේ රට ගොඩනැඟීමේ අවස්ථාව බවත් පෙන්වා දුන්නේය." ]
6,136
මඩකළපුවට කිරි පට්ටි පාලනයක්
[ "මඩකළපුව දිස්ත්‍රික්කයේ කිරිපට්ටි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවරගෙන තිබේ. අන්තර්ජාතික සංවර්ධනය සදහා වු එක්සත් ජනපද ආයතනය විසින් මේ සදහා මුල්‍ය අධාර සපයා ඇති බව සඳහන් වේ. ගොවීන්ගේ අදායම වැඩිකිරීමත් කිරි නිෂ්පාදනය වැඩිකිරීමත් මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ. මෙම ව්‍යාපෘතියේ පළමු අදියරට ගොවි පවුල් 1200ක් අතුළත් වන බව වාර්තා වේ ." ]
6,137
ළමා අපචාර හා දූෂණ වලට තිත
[ "ළමයින්ට සිදුවන නොයෙකුත් අපචාර හා දුෂණ , තමා බලයට පත්වු විගස නතර කරන බව ජනාධිපති ධුර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ සදහා පිහිටුවා ඇති ළමා කාර්යාංශවල කටයුතු විධිමත් කිරිමට පියවර ගන්නා බවයි. හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කරන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සරත් ෆොන්සේකා මහතා රටේ අනාගතය දරු පරපුර වුවද වත්මන්හි ඔවුන් නොසලකා කටයුතු කරන තත්ත්වයක් දක්නට ලැබෙන බවයි." ]
6,138
එල්.ටී.ටී.ඊ යේ වත්කම් ගන්න සූදානම්
[ "එල්.ටි.ටි.ඊ. සංවිධානය සතු සියලු වත්කම් ලබා ගැනීමට අවශ්‍ය පියවර රජය මේ වන විටත් සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බොගොල්ලාගම මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමෙන් එල්.ටි.ටි.ඊ. සංවිධානය සතු වත්කම්වල තොරතුරු මේ වන විට රජයට ලැබී ඇති බවයි. අද දෙරණට විශේෂ ප්‍රකාශයක් කරමින් රෝහිත බොගොල්ලාගම මහතා මේ අදහස් පළ කරන ලදී." ]
6,139
හෙරොයින් එක්ක දෙදෙනෙක් දැලේ
[ "කිලෝ ග්‍රෑම් 9කට අධික හෙරොයින් සමග මාලදිවයින් ජාතිකයෙකු සහ තවත් පුද්ගලයෙකු දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් කළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ‍ පොලිස් අධිකාරි අයි.එම්.කරුණාරත්න මහතා සදහන් කළේය. දෙහිවල , කරගම්පිටිය , එස්.ද.එස්.ජයසිංහ ක්‍රීඩා පිටිය ඉදිරිපිටදි ‍ඊයේ රාත්‍රීයේ මොවුන් අත්අඩංගුවට ‍ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් ලඟ තිබී හොරොයින් කිලෝ ග්‍රෑම් 9 යි 474 සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.." ]
6,141
නයිජීරියාවේ ගැටුම් වලින් 149 ක් මරුට
[ "නයිජීරියාවේ ‍ජෝස් නුවර ආගමික කණ්ඩායම් දෙකක් අතර ඇතිවු ගැටුම් හේතුවෙන් ජිවිතක්ෂයට පත්වු පුද්ගලයින් සංඛ්‍යාව 149 දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය දින‍ දෙකක කාලය තුළ ඇති වු ගැටුම් වලින් මෙම පිරිස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගැටුම් පාලනය කිරීම සදහා අදාල ප්‍රදේශයට පැ‍ය 24ක් පුරා ඇදිරි නීතිය ද පනවා තිබුණි. ගැටුම් වලට සම්බන්ධ 60 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බව ද නයිජීරියානු බලධාරීහු පවසති. ගැටුම් ආරම්භ වීමත් සමග 3,000කට ආසන්න පිරිසක් සිය නිවාස අතහැර පළාගොස් ඇති බව වාර්තා වේ. ජෝස් නුවර නිවාස , ආගමික දේවස්ථාන ගණනාවකට අන්තවාදී පිරිස් පහරදී අලාභ හානී සිදුකර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‍2008 වර්ෂයේදී ද ගැටුම් වලින් නයිජීරියාවේ පුද්ගලයින් 200කට අධික පිරිසක් මියගොස් ඇති බව කියැවේ." ]
6,142
කොල්ලය වරදියි-දෙදෙනෙක් රෝහලේ
[ "මුදල් කොල්ලයකට පැමිණි කොල්ලකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් වත්තල ප්‍රදේශයේදී පුද්ගලයින් දෙ‍දෙනෙකු තුවාල ලබා‍ තිබේ. ඊයේ පස්වරුවේ වත්තල නගරයේ බැංකුවකට මුදල් තැන්පත් කිරීමට පැමිණි පුද්ගලයෙකු සතුව තිබු රුපියල් අට ලක්ෂ 42,000ක මුදලක් මෙසේ කොල්ලකෑමට උත්සහ දරා ඇති බව වාර්තා වේ. එහිදී අසල සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු එම කොල්ලකරු සමග පොර බදා ඇති අතර එහිදී කොල්ලකරු සිදුකළ වෙඩි තැබීමකින් අසල සිටි පුද්ගලයන් දෙදෙනෙකු ‍තුවාල ලබා තිබේ. ඔවුන් ප්‍රතිකාර සදහා රාගම රෝහලට ඇතුළත් කර ඇති බවද සඳහන් වේ. කොල්ලකරු පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා වත්තල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.කරුණාරත්න මහතා සදහන් කළේය. ‍" ]
6,143
ෆොන්සේකා ගේ බෑණනුවන් සී.අයි.ඩී යට යන්නේ නෑ
[ "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද(20)පෙනී සිටින ලෙස ලිඛිත දැනම් දීමක් ලැබී ඇති බව පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකය සඳහන් කරයි.", "එසේ වුව ද ධනුන තිලකරත්න මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් නොවන බවත්,එකී දැනුම් දීම සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කිරීම සඳහා නීතිඥවරුන් පියවර ගනු ඇතැයි ද පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකයේ ප්‍රකාශකයෙකු අද දෙරණට කියා සිටියේය.", "පරාජය හමුවේ වියරු වැටී සිටින ආණ්ඩුව අතට හසුවන ඕනෑම දෙයකින් පහර දෙන තත්ත්වයට පත්වී ඇති බවත්,මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයට එරෙහිව බිය නොවී කටයුතු කරන බවත් ෙහෙතම කියා සිටියි.", "තමන්ගේ පවුලේ උදවියට අභූත චෝදනා එල්ල කරමින් සී.අයි.ඩී. ය මගින් අත්අඩංගුවට ගැනීමට සැලසුම් දියත් වන බව ජෙනරාල් සරත් ෆොන්සේකා ඊයේ වලස්මුල්ල ප්‍රදේශයේ පැවති රැළියකදී පැවසීය." ]
6,144
සමෘද්ධිලාභීන්ගේ හැඳුනුම්පත් එකතුකරයි
[ "ආණ්ඩුවේ ප්‍රබලයින් ණය සහනාධාර සහ විශේෂ වරප්‍රසාද ලබා දෙන බව පවසමින් සමෘද්ධිලාභීන් ගේ ජාතික හැඳුනුම්පත් එකතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලෙකම් තිස්ස අත්තනායක මහතා පවසයි. එවැනි පැමණිලි ගණනාවක් මේ වන විට ලැබී ඇති බැවින් ජනතාවට නොරැවටෙන ලෙස හෙතෙම කියා සිටියි. තමන්ගේ ජාතික හැඳුනුම්පත කිසිදු බාහිර පුද්ගලයෙකුට කිසිදු හේතුවක් නිසා ලබා නොදෙන ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම කියා සි‍ටියේය. පරාජය හමුවේ වියරු වැටී සිටින ආණ්ඩුව නීති විරෝධී ලෙස මැතිවරණය කොල්ලකෑම සඳහා මේ වන විට සැලසුම් කරමින් සිටින බවත්,හැඳුනුම්පත් එකතු කිරීමේ වැඩ සටහන මෙහි එක් පියවරක් පමණක් නොවන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය." ]
6,145
ජනාධිපතිවරණයේ පැමිණිලි 771 යි
[ "ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වලට සමගාමීව සිදුවන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 771 ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි..", "පොලිස් මැතිවරණ කාර්යාංශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා සදහන් කරන පරිදි ඊයේ දිනය තුළ පමණක් පැමිණිලි 34ක් වාර්තා වී තිබේ.", "මේ වන විට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 250කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට ‍ පියවරගෙන ඇති බවත් , ගාමිණි නවරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.", "මේ අතර ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට සමගාමීව පැමිණිලි 457 ක් මේ වන විට ලැබී ඇතැයි පැෆ්රල් සංවිධානය පවසයි.", "එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන පරිදි පුද්ගල ඝාතන 4ක් සහ පහරදීම් 80ක් පිළිබඳ පැමිණිලි ඒ අතර වන වේ.", "ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ලබන 23 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත බැවින් පාක්ෂිකයන් අතර තරගකාරීත්වය ඉහළ ගොස් ඇති බව රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි." ]
6,146
විපක්ෂයෙන් අනුකම්පාවට සැලසුම්
[ "අනුකම්පාව ලබාගැනීමේ අරමුණින් විවිධ සිදුවීම් නිර්මාණය කිරීමට එක්සත් ජාතික පෙරමුණ කටයුතු යොදමින් සිටින බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇතැයි ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ විපක්ෂ‍ සන්ධානයේ පිරිස් වෙත කුමන හෝ සිදුවීමක් ඇති කර එය රජය වෙත පැටවීමේ සැලසුමක් පවතින බවයි. ඒ හරහා දේශපාලන වාසි ලබාගැනීමට විපක්ෂ සන්ධානය සැලසුම් කරමින් සිටින බව ද ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය වැඩිදුරටත් පවසයි." ]
6,147
මෙවර ඡන්දය සජීවී නෑ
[ "මෙවර ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය සජීවීව ලබා නොදෙන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා මීට ස්වල්ප මොහොතකට පෙර කියා සිටියේය. මාධ්‍ය නාලිකාවන් බොහොමයක් එකම ස්ථානයක තරගකාරී ලෙස හැසිරෙන හෙයින් සියලුදෙනාට අදාල පහසුකම් සැපයීමට අපහසු බැවින් මෙම තීරණය ගත් බව කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේය. ජනාධිපතිවරණය ජනවාරි මස 26 වන දින පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම්ව පවතී." ]
6,148
තමන්ටම බෝම්බ ගසා ගැනීමක්
[ "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තමන්ගේම රැළියකට හෝ මාධ්‍ය සාකච්ඡාවකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ගැනීමේ සැලසුමක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. මාරාන්තික හෝ අසාධ්‍ය තුවාල සිදු නොවන නමුත් සුළු තුවාල සිදු වන ආකාරයේ ප්‍රහාරයක් එල්ල කර ගැනීමෙන් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට අනුකම්පාවක් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම ක්‍රියා මාර්ගය ක්‍රියාවට නංවන ඇති බව හෙතෙම කියා සිටියි. හමුදාවෙන් විශ්‍රාම ගිය හා පැන ගිය සෙබළුන් එකතු කර ගනිමින් ෆොන්සේකා මහතා සිය මැතිවරණ ව්‍යාපාරය දැනටමත් දියත් කර ඇති බැවින් ඉදිරියේදී මෙබඳු කුමන්තුණ බලාපොරොත්තු විය හැකි බව ද වීරවංශ මහතා වැඩි දුරටත් පැවසීය. අද කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී. එසේ වුවද ජනතා විමුක්ති පෙරමුණ මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ." ]
6,149
අමාත්‍යංශ ලේකම්වරුන් පඹයන් වෙලා
[ "රට හැදිය යුත්තේ උඩ සිට පහළට මිස පහල සිට ඉහළට නොවන බව ජනාධිපති ධූර අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. තමා හමුදාවේ සිටියදී අනුගමනය කළ ක්‍රියා මාර්ගය වූයේද එය බවත්,ඒ තුළින් හමුදිවේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට තමන් සමත් වූ බවත් හෙතෙම කියා සිටියේ අද කොළඹ නව නගරශාලාවේ පැවති සෞඛ්‍ය වෘත්තිකයින්ගේ හමුවකට එක්වෙමිනි.. රටේ ඉහළම වගකිව යුත්තන් වැරදි කළත් කිසිදු දඬුවමක් හිමි නොවන නමුත් රු.50 ක් පික්පොකට් ගැහුවන් ,අරක්කු වීදුරුවක් බීපු අයවළුන් හිරේ දමන්නට කටයුතු කරන බවද ඔහු සිහිපත් කළේය. පාලකයින් තමන්ගේ හිතු මනාපෙට වැඩ කරන බව ද, ආරක්ෂක ලේකම්වරයා හැර සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් පඹයින් ලෙස සේවය කරමින් සිටින බවද ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේය." ]
6,150
තාවකාලික හැඳුනුම්පත් ඉල්ලීම හෙටින් ඉවරයි
[ "ඉදිරි ජනාධිපතිවරණයට අදාළ තාවකාලික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා අයදුම් කිරීමේ කාලසීමාව හෙටින් අවසන් වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත් සඳහා අයදුම් කිරීමේ කාලසීමාව ද හෙටින් අවසන් වීමට නියමිතය. මේ නිසා පිළිගත් හැඳුනුම්පතක් නොමැති පුද්ගලයින් අදාළ තාවකාලික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා හෙට දිනයේ දී හෝ ග්‍රාම නිලධාරීන් මගින් අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස මැතිවරණ ‍මහලේකම් කාර්යාලය ජනතාවට දැනුම් දෙයි.." ]
6,151
හොරාට කලින් කෙසෙල් කැන වැට පනිනවා
[ "ආණ්ඩුවේ ඇතැම් ප්‍රකාශ වලින් හොරාටත් කලින් කෙසෙල් කැන වැට පැනීමක් දකින්නට පුළුවන් බව ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සම මාධ්‍ය ප්‍රකාශක,ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඡන්දය කොල්ල කෑම සඳහා හැඳුනුම්පත් එකතු කිරීම සීරු මාරුවට කරගෙන යන බවත්,වරාය,තෙල් සංස්ථාව ආදී සේවා ස්ථාන වලින් ඒ පිළිබඳ උදාහරණ වාර්තා වන බවත් හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය. විපක්ෂය මැතිවරණ නීති උල්ලංඝනය කරන බවට චෝදනා කළද සැබවින්ම එය සිදුකරන්නේ ආණ්ඩුවෙන් බව ද හෙතෙම අවධාරණය කළේය. ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් තමන්ගේම රැළි වලදී බෝම්බ ප්‍රහාර එල්ල කර ගැනීමට සැලසුම් කර ඇති බවට ගෙන යන චෝදනා අසත්‍ය වනවා සේම සුළු කොට තැකිය නොහැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියේය. එවැනි අසත්‍ය ප්‍රචාර දියත් කිරීම මගින් පොදු අපේක්ෂකයාගේ රැළි වලට සහභාගී වන අති විශාල ජනතාව බිය ගන්වා සහභාගී වීම වැළැක්වීමට කටයුතු කරනවා සේම අනෙක් අතට යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් කිරීමට කිසිවෙකුට උල්පන්දම්දීමක් සිදු විය හැකි බවද ඔහු කියා සිටියේය. එබැවින් මෙවැනි අභූත චෝදනා එල්ල නොකොට යම් ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇත්නම් වහාම ඒ පිළිබඳ සත්‍ය හෙළිදරව් කරන ලෙසත්,ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය." ]
6,152
බස් රියක් පෙරළී අයෙක් මරුට-30 ට තුවාලයි
[ "එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කරමින් හා තවත් 30 දෙනෙකුට බර පතල තුවාල සිදු කරමින් දියගම හා තලවකැලේ අතර ලිඳුල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබේ. මේ අයුරින් අනතුරට ලක්වී ඇත්තේ පුද්ගලික බස් රථයක් බවත්,තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි." ]
6,154
ජනාධිපතිවරයා ධූරය අහෝසි කළ යුතුව තිබුණා
[ "යුද්ධය අවසන් කිරීමට අණ දුන් නායකයා වශයෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවස්ථාවක් උදාවී තිබූ බව ජනතා විමුක්ති පෙරමු‍ණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජාතා අලහකෝන් මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එය ඉටු කිරීමට හැකියාව තිබූ බවයි. ඉතිහාසයේ කිසිදු නාය‍කයෙකුට නොලැබුණු එම අවස්ථාව ජනාධිපතිවරයා විසින් මග හැරිය බව මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් සුජාතා අලහ‍කෝන් මහත්මිය සඳහන් කළාය." ]
6,155
මඩ පෝස්ටර් දැලේ
[ "ජනාධිපතිවරයාට සහ ඇමතිවරු කිහිප දෙනෙකුගේ ප්‍රතිරූපයට හානි වන ලෙස සකස් කළ මඩ පෝස්ටර් පැටවූ ලොරි රථයක් පොලිස් බාරයට ගෙන ඇතැයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. මෙම ලොරි රථය තුළ මඩ පෝස්ටර් 50,000 ක් පමණ තිබූ බව සඳහන් වේ. ලොරි රථය පොලීසිය බාරයට ‍ගැනීමට උත්සහ කළ අවස්ථාවේ දී එය අම්පාර නගරයේ කර්මාන්තශාලා භුමියක් තුළට ගෙන ගොස් ගිනි තබා විනාශ කරමින් සිටිය දී පොලිසීය විසින් එය සොයා ගෙන ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සදහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ." ]
6,156
රණ විරුවන්ට- දරුවන්ට ශිෂ්‍යාධාර
[ "රණවිරුවන්ට සහ ඔවුන්ගේ දරුවන්ට ණය සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදු කෙ‍රුණි.. මෙය සංවිධානය කර තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය මගිනි.. යුද්ධයේ දී අබාධිත වූ රණවිරුවන්ට සහ මිය ගිය පවුල් වල සාමාජිකයින්ට නිවාස තනා ගැනීම සදහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කිරීම මෙහි දී සිදුවිය. එසේම රණවිරු පවුල් වල සිසු දරුවන් 83 දෙනෙකු සඳහා ශිෂ්‍යාධාර පිරිනැමීමට ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය පියවර ගෙන තිබුණි." ]
6,157
ඖෂධ 59 ක් නිෂ්පාදනයට පියවර
[ "ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ 59 ක් රට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට සහ ගොඩනැගිලි ඉදිකිරීමට වැය කළ මුදල රුපියල් දස ලක්ෂ 72 ක් යයි සඳහන් වේ. රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතීගත සංස්ථාවේ නිෂ්පාදන ඇසුරුම් සහ ගබඩා කිරීමේ නව ගොඩනැගිල්ල ඊයේ විවෘත කෙරුණු අතර එකී අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කර ඇත.." ]
6,158
ලංකාව මැදි ආදායම් ලබන රටක්
[]
6,159
මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය විවෘතයි
[ "රුපියල් මිලියන 118 ක වියදමින් ඉදිකෙරුණු හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද මීට ස්වල්ප මොහොතකට පෙර විවෘත විය. අක්කර 126 ක භූමි භාගයක් පුරා මෙම ක්‍රීඩාංගණය ඉදිවී තිබේ.. මෙම ක්‍රීඩා සංකීර්ණය තුළ මලල ක්‍රීඩා, පාපන්දු, රගර් වැනි එළිමහන් ක්‍රීඩා සඳහා විශාල ක්‍රීඩාංගණයක් ද ඉදිවී ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් ක‍රයි. වොලිබෝල්, නෙට්බෝල්, පැසිපන්දු, මේස පන්දු, බැඩ්මින්ටන් වැනි ගෘහස්ථ ක්‍රීඩා සඳහා ක්‍රීඩාංගණයක් ද ඉදිකර තිබේ.. මීට අමතරව පිහිනුම් තටාකාංගණයක්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 දෙනෙකුට නවාතැන් පහසුකම් ලබාදිය හැකි විශාල නේවාසිකාගාරයක් ද හෝමාගම ඉදිවූ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට ඇතුළත් වේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ 7 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව මගින් ඉදි කළ මෙම ක්‍රීඩාංගණය පරිසර හිතකාමී ‍අයුරින් සකස් කර තිබීම විශේෂත්වයකි." ]
6,160
අල්කයිඩා දකුණු ආසියාවට තර්ජනයක්
[ "සමස්ත දකුණු ආසියාවම යුද්ධයකට තල්ලු කිරීමට අල් කයිඩා ත්‍රස්ත සංවිධානය උත්සහ දරන බවට අමෙරිකාව චෝදනා කරයි. අමෙරිකානු ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස් ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින් මේ බව සඳහන් ක‍ළාය. ඉන්දියාව සහ පකිස්ථානය අතර යුධමය තත්ත්වයක් නිර්මාණය කිරීම අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ අරමුණු වී ඇතැයි අමෙරිකානු ආරක්ෂක ලේකම් වරයා පෙන්වා දෙයි. ඉන්දීය ආරක්ෂක ලේකම් කේ.කේ ඇන්තනී හමු වූ අවස්ථා‍වේ දී අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා ඇත්තේ දකුණු ආසියාව බේරා ගැනීම සදහා ඉන්දියාව සහ පකිස්ථානය එක්ව කටයුතු කළ යුතු බවයි. ඉන්දීය අග්‍රාමත්‍ය ආචාර්ය මන් මෝහන් සිං මහතා හමු වූ අවස්ථාවේ අමෙරිකානු ආරක්ෂක ලේකම් වරයා සඳහන් කර ඇත්තේ දෙරට අතර ආරක්ෂක ගිවිසුම් ස්ථාවර කර ගැනීමට පියවර ගත යුතු බවයි." ]
6,161
ලොරියක් පෙරළී දෙදෙනෙක් මරුට
[ "කන්දකැටිය ගලඋඩ මාර්ගයේ දික්කුඹුර ප්‍රදේශයේ දී ලොරි රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. ලොරි රථය පාලමක් උඩින් ගමන් කිරීමේ දී එහි කොන්ක්‍රීට් කඩා වැටී‍මෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිසීය පවසයි. ලොරි රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය පැදවීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව කන්දකැටිය ‍පොලිසීය සදහන් කරයි." ]
6,162
බාල වයස්කාරියකට මාමාගෙන් අතවර
[ "මෝදර මට්ටක්කුලිය ප්‍රදේශයේ දී බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෝදර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෝදර පොලීසිය සදහන් කරන පරදි ඥාතී ‍නිවසක කාමරයක නිදා සිටිය දී මෙම බාල වයස්කාර දැරිය අපයෝජනයට ලක් කර ඇත. දැරියගේ මාමා කෙනෙකු විසින් මෙම අපරාධය සිදු කර ඇති බව මෝදර පොලීසිය සදහන් කරයි. දැරිය බොරැල්ල කාසල් රෝහලට ඇතුළත් කර ඇති අතර මෝදර පොලීසිය සිද්ධිය සම්බන්ධව වැඩි දුර පරීක්ෂණ පවත්වයි." ]
6,163
ඡන්දෙට නිවාඩු නොදුන්නොත් දඬුවම්
[ "ජනාධිපතිවරණ‍යේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ප්‍රමාණවත් නිවාඩු කාලයක් ලබා නොදෙන පුද්ගලික අංශයේ ‍සේවා‍යෝජකයින්ගේ තොරතුරු වහාම ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් නීතීඥ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විධි විධාන වලට අනුව ප්‍රමාණවත් නිවාඩුවක් ලබා නොදීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. මේ පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත ලබා දෙන ලෙස සුසිල් ප්‍රේමජයන්ත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි." ]
6,164
සාමකාමී මැතිවරණයක් අවශ්‍යයි
[ "මැතිවරණ කාල සීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවක නොයෙදෙන ලෙසත්, මැතිවරණ නීතින්ට අනුව කටයුතු කරන ලෙසත්, අතර මැතිවරණ කාල සීමාව තුළ හා මැතිවරණයෙන් පසුවත් ප්‍රකෝපකාරී හැසීරීම් වල නිරතනොවන ලෙසත් අපේක්ෂකයින් හා ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනබව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ‍ප්‍රධාන ලේකම් බැන්කි මූන් මහතා අද දින නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කරසිටී.", "ශ්‍රී ලංකාව තුළ ඉහළ යමින් පවතින මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව තම අවධානය යොමුකරමින් ඒ මහතා මේ බව අවධාරණය කරයි.", "එමෙන්ම පශ්චාත් යුධ කාල සීමාව තුළ සාමකාමී වාතාවරණයක ප‍ැවැත්වෙන ප්‍රථම මැතිවරණය මෙය වන බැවින් දීර්ඝකාලීන සාමයක් හා ප්‍රති සංවිධානය සඳහා මෙම මැතිවරණය ඉතා වැදගත් වන බවද, බැන්කි මූන් මහතා අවධාරණය කර සීටී." ]
6,165
කුමන යළි ඇරේ
[ "ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් දිගු කාලයක් වසා දමා තිබූ කුමන වන උද්‍යානය යළි විවෘත කිරීමට පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමගම රටේ ඇති වී ඇති යහපත් වාතාවරණය හේතුවෙන් මෙම වන උද්‍යානය යළි විවෘත කරන බව පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ අනුව ලබන ජනවාරී 30 වන දින කුමන වනෝද්‍යානය යළි විවෘත කිරීමට නියමිතය. මෙයට සමගාමීව පානම වනජීවී කාර්යාලයද විවෘත කරන බව පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය පවසයි." ]
6,166
හමුදා කුමන්ත්‍රණයක් විය හැකියි..
[ "තමන් කැමති අපේක්ෂකයා බලයට පත් නොවුණහොත් රට තුළ හමුදා කුමන්ත්‍රණයක් සිදුකිරීමේ අවදානමක් අණ්ඩුවේ ක්‍රියා මාර්ග තුළින් පැහැදිලි වන බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක,ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. හමුදා ප්‍රධානීන් විද්‍යුත් මාධ්‍ය හමුවට කැඳවා බලයේ සිටින අපේක්ෂකයාට වාසි සහගත අන්දමින් ඔවුන් ලවා ප්‍රකාශ නිකුත් කරවා ගැනීමෙන් මෙම තත්ත්වය පෙන්නුම් කරන බව හෙතෙම කියා සිටියේය. මෙහි අවසාන ප්‍රතිඵලය විය හැක්කේ රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින හමුදාව දේශපාලනීකරණය වීම බවත් ,එවිට එම තත්ත්වය හමුදා කුමන්ත්‍රණයක් දක්වා වර්ධනය විය හැකි බවත් හෙතෙම අවධාරණය කළේය." ]
6,167
ඒකීයභාවයත්,‍ස්වෛරීයත්වයත් රැකිය යුතුයි
[ "රටේ ඒකීයභාවය හා සෛවරීත්වය ආරක්ෂා කරගැනීම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයින්ගේ යුතුකම හා වගකීම බව ත්‍රෛනිකායික මහාසංඝරත්නය අවධාරණය කරයි. ගෞරවනීය තනතුරකට සුදුස්සෙකු තෝරාගැනීමෙහිලා පැවැත්වෙන මෙම තීරණාත්මක මැතිවරණයේ දී රටේ සාමය හා සමගිය සුරක්ෂිත කරගැනීම අප සතු පරම යුතුකමක් බව උන්වහන්සේලා පෙන්වා‍ දෙයි. මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන්, අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්, රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය වේවැල්දෙනියේ ධම්මාලංකාර හිමියන් සහ අමරපුර මහානිකායේ අතිපූජ්‍ය දවුල්දෙන ඤාණීස්වර යන හිමිවරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ ‍නිවේදනයේ මේ බව සඳහන් වේ." ]
6,168
හමුදා නිලධාරීන් ඡන්දෙදි පක්ෂ නෑ
[ "ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ජනාධිපතිවරණයේ දී මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඈඳා ගැනීමක් සිදු නොවන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍ර්ගේඩයර් උදය නානයක්කාර මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදී ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමිනි. හමුදා ප්‍රධානීන් විද්‍යුත් මාධ්‍ය හමුවට කැඳවා බලයේ සිටින අපේක්ෂකයාට වාසි සහගත අන්දමින් ඔවුන් ලවා ප්‍රකාශ නිකුත් කරවා ගැනීමක් සිදුවන බවට අනුර කුමාර දිසානායක මහතා අද පැවසීය." ]
6,169
විපක්ෂයෙන් භීෂණකාරී තත්ත්වයක්
[ "රජයේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමේ අරමුණින් භීෂණකාරී තත්ත්වයක් ඇතිකිරීමට විපක්ෂය උත්සාහ දරමින් සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ඔහු පවසන්නේ තම පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ නිවෙස්වලට සහ එම ක්‍රියාකාරීන්ට පහරදෙමින් මෙම තත්ත්වය ඇතිකරමින් සිටින බවයි. මාතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙම අදහස් පළ කරන ලදී. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ ජනතා කැමැත්ත වැඩිවීම හේතුවෙන් විපක්ෂයේ සාමාජිකයින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,170
අපේක්ෂකයින් දෙන්නම ජාතිවාදීයි
[ "ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන්ම දෙමළ ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බව ජනාධිපති ධුර අපේක්ෂක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ මෙම අපේක්ෂකයින් ‍දෙදෙනාගෙන් කවුරු බලයට පැමිණිය ද ජාතිවාදය සහ යුදවාදයෙන් මිදිය නොහැකි බවයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ගාල්ල නගරශාලාවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට සහභාගී වෙමිනි.. එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමබාහු කරුණාරත්න මහතා පැවසුවේ ප්‍රධාන අපේක්ෂකයින්ට සහය දක්වන දේශපාලන පක්ෂද ජාතිවාදී පක්ෂ බවයි." ]
6,171
ආණ්ඩුවත් දූෂිතයි-ගම්මන්පිල කියයි
[ "දූෂණයෙන් තොර කිසිදු ආණ්ඩුවක් ලෝක ඉතිහාසයේ බිහි වී නොමැති බව ජාතික හෙළ උරුමයේ නීති උපදේශක, බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.. එහෙයින් වත්මන් ආණ්ඩුව ද දූෂණයෙන් තො‍ර බව කියා සිටන්නට තරම් තමා බොළඳ නොවන බව හෙතෙම අවධාරණය කරයි. වත්මන් ආණ්ඩුවේ දූෂකයින් සිටී නම් ඔවුන්ට ද අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදිය යුතු බව උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙයි. එහෙත් පදනම් විරහිත දූෂණ‍ චෝදනා ඉදිරිපත් කරමින් ආණ්ඩුව ඇතැම් පුද්ගලයින්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම අනුමත නොකරන බව ද හෙතෙම අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් කියා සිටියේය." ]
6,172
ටිරාන් අලස්ගේ නිවසට ප්‍රහාරයක්
[ "ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ ප්‍රධාන ලේකම් ටිරාන් අලස් මහතාගේ නිවසට අද අලුයම බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක‍ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.කරුණාරත්න මහතා සඳහන් කළේ නාවල, ගල්පොත්ත පාරේ පිහිටි ඒ මහතාගේ නිවසට අද අලුයම මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. ඔහු සඳහන් කළේ මේ වන විට පොලිස් කණ්ඩායමක් අදාළ පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි. ප්‍රහාරයෙන් නිවසට සහ නිවසේ නවතා තිබූ රථවාහන කිහිපයකට හානි සිදුව ඇති බව ටිරාන් අලස් මහතාගේ පවුලේ ප්‍රකාශකයෙකු අද දෙරණට සඳහන් කළේය." ]
6,173
දේශද්‍රෝහී කුමන්ත්‍රණ පරදවනවා-ජනපති
[ "ප්‍රභාකරන් සමග මියැදුණු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයේ අරමුණ ජයග්‍රහණය කරවීම සඳහා ඇතැම් පුද්ගලයන්ට මෙරට පාවාදීම එතරම් අපහසු කරුණක් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සියලු දේශද්‍රෝහී කුමන්ත්‍රණ පරාජය කරමින් රජය රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවයි. කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේ ඊයේ පස්වරුවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.‍‍ මේ අතර ඊයේ පස්වරුවේ නිට්ටඹුව ප්‍රදේශයේ පැවති ජනරැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ විපක්ෂයට ලබාදෙන සෑම ඡන්දයකින්ම රට බෙදීමට පක්ෂව සිටින පිරිස පිළිබඳව පණිවුඩයක් ලබාදෙන බවයි." ]
6,174
නොලැබුණු නිදහස ලබා දෙනවා-ෆොන්සේකා
[ "නිදහස ලැබුණු දින‍යේ සිට නොලැබුණු සැබෑ නිදහස ලබන 26 වන දිනෙන් පසු ජනතාවට ලබාදෙන බව ජනාධිපති ධුර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු සඳහන් කරන්නේ ජනතාව අපේක්ෂා කරන විශ්වසනීය වෙනස නියත වශයෙන්ම රටට උදාකර දෙන බවයි. යුද ජයග්‍රහණයේ සැබෑ ජයග්‍රහණය රණවිරුවන්ට සහ ඊට කැපවූ ජනතාවට හිමිවිය යුතු බව ඊයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කළේය." ]
6,175
ඉන්දීය ගුවන් යානයක් පැහැරගැනීමේ උත්සහයක්
[ "ඉන්දීය ගුවන් යානයක් පැහැරගැනීමේ උත්සහයක් පිළිබඳව ‍තොරතුරු අනාවරණය වීමත් සමග එරට ගුවන් යානා සඳහා වි‍ශේෂ ආරක්ෂාවක් සැලසීමට තීරණය කර තිබේ. ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කර ඇත්තේ අල්කයිඩා හෝ ලක්ෂාර් ඊ ‍ටොයිබා සංවිධානය විසින් මීට අදාළ සැලසුම් සකස් කර ඇති බවයි. සාර්ක් රටවලට අයත් රටකින් පැමිණෙන හෝ පිටත්වන ගුවන් යානයක් පැහැරගැනීමට ඔවුන් සැලසුම් කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අදාළ ආරක්ෂක පියවර ගැනීමට උපදෙස් ලබාදී තිබේ." ]
6,176
ගිනි සිළුව අද කොළඹට
[ "11 වැනි දකුණු අසියානු ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව රැගත් රිය පෙරහැර අද කොළඹට ළඟා වීමට නියමිතව තිබේ.. බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන 11 වැනි දකුණු අසියානු ක්‍රීඩා උළෙලට අදාළ ගිනි සිළුව මේ වන විට සංචාරය කරන අතර අද පෙරවරුවේ ශ්‍රී පාදස්ථානයේ දොළොස්මහේ පහනින් එම ගිනිසිළුව දැල්වීම සිදුකෙරුණි.. එය රිය පෙරහැරකින් අද කොළඹ දක්වා රැගෙන එන අතර ස්ථාන කිහිපයකදී පැවැත්වෙන උත්සව කිහිපයකින් අනතුරුව අද පස්වරුවේ දී එය බංග්ලාදේශ කරා රැගෙන යාම සඳහා එරට ඔලිම්පික් කමිටුව වෙත භාරදීමට නියමිතය." ]
6,177
නොලැබුණු පත්‍රිකා තැපැල් කන්තෝරුවෙන්
[ "ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්දදායකයන්ට ආසන්නතම තැපැල් කාර්යාලය මගින් ලබන 26 වැනි දිනට පෙර ඒවා ලබා ගත හැකි බව තැපැල්පති එම්.කේ.බී. දිසානායක මහතා පවසයි. ඔහු සඳහන් කරන්නේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් සියයට 3ක පමණ ප්‍රතිශතයක් මෙතෙක් බෙදාහැරීමට නොහැකි වී ඇති බවයි. මෙවර මැතිවරණය සඳහා ඡන්ද දායකයින් එක් කෝටි හතළිස් ලක්ෂ 88,500 ක් සුදුසුකම් ලබා තිබේ. එයින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා එක් කෝටි විසි හය ලක්ෂ 20,795 ක් බෙදාහැර ඇති බව දිසානායක මහතා සඳහන් කරයි.. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගියදා අවසන් වුව ද අවතැන්වූවන් සඳහා එම ඡන්ද පත්‍රිකා බෙදාහැරීම හෙට දිනය දක්වා සිදුකිරීමට නියමිතය. . මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ දී ප්‍රදේශ කිහිපයක සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව සහ පොලිසිය පරීක්ෂණ සිදුකරන බව ද තැපැල්පතිවරය‍ා වැඩිදුරටත් සඳහන් කළා." ]
6,178
විදෙස් නියෝජිතයින් 40ක් මැතිවරණ නිරීක්ෂණයට
[ "ජාත්‍යන්තර නියෝජිතයන් විසින් මාධ්‍යවේදීන් ඇමතූ අවස්ථාව", "ජායාරූපය- ඩී. බන්දුවර්ධන", "රටවල් 13ක නියෝජිතයින් 40දෙනෙකු ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණ සිටින බවත්, ඔවුන් දිස්ත්‍රික්ක 25 ආවරණය කරමින් නිරීක්ෂණ කටයුතුවල යෙදීමට බලාපොරොත්තු වන බවත් මධ්‍යම මැතිවරණ කොමිසමේ, කොමසාරිස් වෙයි ටා-පෑන් මහතා පැවසීය.", "ඒ මහතා මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.", "ලංකාව පුරා මැතිවරණ කොට්ඨාශ 41000ක පමණ ජන්ද විමසීම් සිදුකෙරුනත් ඒ සියළු මධ්‍යස්ථාන ආවරණය කිරීමේ හැකියාව තම කණ්ඩායමට නොමැති වුවත්, හැකි පරිදි නිරීක්ෂණ කටයුතු මෙහෙයවන බවත්, ඒ මහතා වැඩිදුරටත් සඳහන් ක‍ළේය. කොමිසමේ වාර්තාව ජනවාරි 28වන දින නිකුත් කිරීමට නියමිතය." ]
6,179
ප්‍රහාරය සම්බන්ධව කිසිවෙකු අත්අඩංගුවට ගෙන නෑ
[ "ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ ප්‍රධාන ලේකම් ටිරාන් අලස් මහතාගේ නිවසට එල්ල වු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැතැයි පොලිසිය පවසයි.", "වැලිකඩ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක‍ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.කරුණාරත්න මහතා සඳහන් කරයි." ]
6,180
අපි කුණු ගාගන්නේ නෑ
[ "තම පක්ෂයේ ජයග්‍රහණය ස්ථිර බවත්, කිසිදු විටෙක එම ජයග්‍රහණය අපවිත්‍රකර ගැනීමට කටයුතු නොකරන බවත් ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.", "ඔහු මේ බව පැවසූවේ ටිරාන් අලස් මහතාගේ නිවසට එල්ල වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ අදහස් දැක්වීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකදීය.", "විපක්ෂයේ අපේක්ෂකයාගේ පයග්‍රහණය අස්ථිර බැවින් ඔවුන් දූෂිත මැතිවරණයක නිරතවීමට උත්සාහ දරන බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,181
26 සහ 27 මතට තිත
[ "ජනාධිපතිවරණය වෙනුවෙන් ජනවාරි 26 සහ 27යන දෙදින තුළ සියළුම මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තුමේන්තුව නිවේදනය කළ බව ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව පවසයි.", "මෙම නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව පොලීසිය කටයුතු කරන බව ද තොරතුරු දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් දක්වයි." ]
6,182
කඳවුරු තාමත් මාධ්‍යවේදීන්ට තහනම්
[ "උතුරේ සරණාගත කඳවුරු වලට යාමට ඒමට කිසිදු බාධාවක් නැතැයි රජය පුන පුනා ප්‍රකාශ කළද එකී ප්‍රකාශ වල සත්‍යතාවයක් නැතැයි එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා පවසයි.", "වි‍ශේෂයෙන්ම උතුරේ සරණාගත කඳවුරු තාමත් මාධ්‍යවේදීන්ට තහනම් කලාපයක් බවට පත් වී ඇතැයි හෙතෙම අද දෙරණට කියා සිටියේය..", "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කිරීම වෙනුවෙන් සරණාගත කඳවුරු වල වෙසෙන ජනයා දැනුවත් කිරීම උදෙසා අද ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකර්,ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්,එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන යන මහත්වරුන් අද උතුරේ සංචාරයක නිරතවූහ.", "එහෙත් තමන් සමග මෙම අවස්ථාවට සහභාගී වූ කිසිදු මාධ්‍යවේදියෙකුට කඳවුරු තුළට ඇතුළු වීමට අවස්ථාව ලබා නොදුන් බවත්,එයි න් අවතැන් කඳවුරු ජීවිතය පිළිබඳ සැබෑ තතු දැනගැනීමට ජනතාවට ඇති ඉඩ කඩ අහුරා ඇති බවත්,එය මාධ්‍ය නිදහසට අමු අමුවේ මර්දනය කිරීමක් බවත් දොස්තර ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය." ]
6,183
මංගලගෙන් මිලියන 1000 ක් වන්දි ඉල්ලයි
[ "ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතාගෙන් රු.මිලියන 1000 ක වන්දියක් ඉල්ලා උපුල් ඉලංගම්ගේ මහතා විසින් එන්තර වාසියක් යවා ඇතැයි වාර්තා වේ.", "පසුගිය ජනවාරි මස 13 වන දින පැවති මාධ්‍ය හමුවකදී මංගල සමරවීර මහතා කළ ප්‍රකාශයකින් තම කීර්ති නාමයට හානි සිදුවී ඇති බව කියමින් එකී හානිය වෙනුවෙන් මෙම වන්දි මුදල ඉල්ලා තිබේ.", "සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතාගේ හිමිකාරිත්වය යටතේ පවතින \"හයිකෝප් ඉන්ටර්නැෂනල්\"සමාගම මගින් අවි ගනුදෙනු සිදුවීම සම්බන්ධයෙන් ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ සිටින උපුල් ඉලංගම්ගේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වී කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මංගල සමරවීර මහතා එහිදී අදහස් ප්‍රකාශ කර තිබිණි.", "උපුල් ඉලංගම්ගේ නැමති අයට ෆොන්සේකා මහතාට එරෙහිව කරුණු දැක්වීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් ගෙවා ඇති බවත්,ඔහු ශ්‍රීලංකාවට ගෙන්වීම සඳහා වොෂිංටනයේ පිහිටි ශ්‍රීලංකා තානාපති කාර්යාලයෙන් ගුවන් ටිකට්පත් සඳහා මුදල් ගෙවා ඇති බවත් මංගල සමරවීර මහතා එදින මාධ්‍ය හමුවේදී කියා ඇතැයි සඳහන් වේ.", "උපුල් ඉලංගම්ගේ මහතාගේ නීතිඥ අතුල ප්‍රියදර්ශන ද සිල්වා විසින් තම සේවාදායකයාගේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් මෙම එන්තරවාසිය යවා තිබේ." ]
6,185
මිනිසුන් බල්ලන්ගේ හපන්නේ නෑ
[ "මැතිවරණ කොට්ඨාස 127 කට සංවිධායකවරුන් පත් කරගන්නට හැකියාවක් නැති එක්සත් ජාතික පක්ෂය මෙවර ජනාධිපතිවරණයේදී ජය තහවුරු කර ගන්නේ කෙසේදැයි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්,අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.", "මේ වනතුරුත් සංවිධායකවරුන් නැති මැතිවරණ කොට්ඨාස වලට සංවිධායකවරුන් පත් කර ගැනීම පළමුවෙන් කළ යුතුව තිබුණු බව හෙතෙම අවධාරණය කරනු ලැබුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.", "මේ වන විට කරන ලද සමීක්ෂණ වාර්තා වලින් ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බව ප්‍රත්‍යක්ෂ වී ඇතැයිද ඇමතිවරයා කියා සිටියේය.", "ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරමින් ආණ්ඩුව ඡන්ද මංකොල්ලයකට සැරසෙන බවට විපක්ෂය චෝදනා කරමින් යන බවත්,එ.ජා.ප ආණ්ඩු සමයේ මැතිවරණ කොල්ල කෑ සැටි ජනතාවට අමතකව ගොස් නැති බව ද ඔහු කියා සිටියේය.", "බල්ලන් මිනිසුන්ගේ හපා කෑවද මිනිසුන් බල්ලන්ගේ හපා නොකන බව සිහිපත් කළ ඇමතිවරයා එ.ජා.පය එදා ඡන්ද කොල්ල කෑ නමුත් වත්මන් රජය කිසිසේත්ම එසේ නොකරන බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,186
ප්‍රහාරයේ වගකීම ආණ්ඩුවටයි
[ "ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවයේ ප්‍රධාන ලේකම් ටිරාන් අලස් මහතාගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ කිසිවෙක් කිසිදු දිනක හෙළි නොවන බව තමන්ට ඉඳුරාම ප්‍රකාශ කළ හැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය පැවසීය.", "කුමන හෝ හේතුවක් නිසා මෙකල අපරාධ කරන කිසිවෙකු ත් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාවක් නැතැයි ඇය කියා සිටියේ අද පස්වරුවේ ටිරාන් අලස් මහතාගේ නිවසට සහභාගී වූ අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් අමතමිනි.", "තමා ජනාධිපතිධූරය හෙබවූ කාලයේ මෙවන් අපරාධ සිදු වූ විට පුද්ගලිකවම පොලිසීය කැඳවීමට,සී.අයි.ඩීය කැඳවීමට ක්‍රියා කළ බව ද හිටපු ජනාධිපතිනිය කියා සිටියාය. ටිරාන් අලස් මහතාගේ නිවසට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ වගකීම ආණ්ඩුව බාරගත යතු බව ද ඇය අවධාරණය කළාය." ]
6,187
ජනපතිවරණ ප්‍රචාරක කටයුතු අදින් අවසන්
[ "ජනාධිපතිවරණයට අදාල ප්‍රචාරක කටයුතු අද මධ්‍ය රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව ඇත. ප්‍රධාන අපේක්ෂකයින් වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ සරත් ෆොන්සේකා මහතා සහභාගි වන අවසන් ප්‍රචාරක රැලි කිහිපක් අද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන අවසන් මැතිවරණ ප්‍රචාරක රැලිය කැස්බෑවේදි පැවැත්වෙයි. මීට අමතරව දෙබරවැව සහ ගාල්ල හිනිදුම ප්‍රදේශයේ ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වෙන මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සරත් ෆොන්සේකා මහතා සහභාගි වන අවසන් මැතිවරණ ප්‍රචාරක රැලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ මාළිගාවත්ත ප්‍රදේශ‍යේදීයි. මීට අමතරව ගාල්ල හා මීගමුව ප්‍රදේශවලද අද දිනය තුළ සරත් ෆොනේසේකා මහතා සහභාගි වන මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වීමට නියමිතව තිබේ." ]
6,188
මී ළඟ අභිප්‍රාය රට ගොඩනැඟීමයි
[ "ජනාධිපතිවරයාගේ මීළඟ අභිප්‍රාය යුද්ධය හමුවේ විනාශ වූ මව්බිම යළි ‍ෙගාඩනැඟීම බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු කිසි‍විටෙක රට පාවාදීමට ඉඩ නොතබන බව ආරක්ෂක ලේකම්වරයා කියා සිටියි. ගම්බද ජනතාවට මෙන්ම මුළු මහත් රටේ ජනතාවට තිස් වසරක් මුළුල්ලේ අහිමි වූ සංවර්ධන ප්‍රතිලාභ යළි ලබාදීම සඳහා දැනටමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත‍ා මෙවර මැතිවරණයෙන් ලබන විජයග්‍රහණයත් සමග රට දැවැන්ත සංවර්ධනයක් කරා මෙහෙයවීම ස්ථිර බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.." ]
6,189
වඩා සුදුසු ෆොන්සේකායි
[ "පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාව එයින් මුදාගැනීම සඳහා සුදුසුම අපේක්ෂකයා සරත් ෆොන්සේකා මහතා බව දිවංගත අගමැතිවරයෙකු වන ඩී.එස්.සේනානායක මහතාගේ මුණුබුරෙකු වන රොහාන් අජිත් සේනානායක මහතා පවසයි.. ඔහු පවසන්නේ එදා සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජාතිකයෙකුම ඩී.එස්.සේනානායක මහතා වටා රැඳී සිටි ආකාරයෙන්ම අද සරත් ෆොන්සේකා මහතා වටා සෑම ජාතියක්ම එක්වී සිටින බවයි. එමෙන්ම ආර්ථික, සමාජීය ප්‍රශ්නවලින් පීඩාවට පත්ව සිටින ජනතාව එයින් මුදා ගැනීම සඳහා ෆොන්සේකා මහතාට හැකියාව ඇති බව අජිත් සේනාන‍ායක මහතා කියා සිටියි.." ]