id
int64
5.96k
184k
heading
stringlengths
3
163
content
sequence
6,190
27 උදෑසනින් ප්‍රතිඵල අවසන්
[ "මෙවර ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය 27 වන දින උදෑසන වන විට ලබා දිය හැකි වෙතැයි මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසයි. දෙවෙනි මනාපය ගණනය කරන්නට සිදු නොවුණහොත් හා බරපතල තත්ත්වයෙහිලා ගිණිය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුනොවුණහොත් නියත වශයෙන්ම 27 වන දින පෙරවරුවේ සියලු කටයුතු සාර්ථකව නිම කරන්නට හැකි වෙතැයි හෙතෙම පවසා තිබේ." ]
6,191
ජනාධිපතිවරයා අද මහ රෝහලට
[ "ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන කොළඹ ජාතික රෝහ‍‍ලේ ඉදිවන ස්නායු ශල්‍ය ඒකකයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතා පැවසුවේ අති නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත මෙම ස්නායු ශල්‍ය ඒකකයේ ඉදිකිරීම් නොබෝ දිනකින් අවසන් වන බවයි. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2800 කි.. අද උදෑසන එහි පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව ස්නායු ශල්‍ය ඒකකයේ ඉදිකිරීම් කටයුතු සහ එහි නව අංගෝපාංග පිළිබඳව නිරීක්ෂණය කර තිබේ." ]
6,192
බසය පාරෙන් ඉවතට-කොන්දොස්තර මරුට
[ "යාපනය, කරෙයිනගර් මාර්ගයේ සිදුවූ බස්රථ අනතුරකින් එහි කොන්දොස්තරවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ. එම මාර්ගයේ වඩුක්කෝට්ටේ නාගරික ක්‍රීඩා පිටිය අසලදී යාපනය බලා ගමන් ගත් මෙම බස්රථය මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. අනතුරින් තුවාල ලැබූ කොන්දොස්තරවරයා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියා සිටියි.." ]
6,193
කරූගේ බිරිඳගේ නිවසට මහ රෑ සී.අයි.ඩී ඇවිත්
[ "එ.ජා.ප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාගේ බිරිඳගේ මහ ගෙදර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පුමුඛ පොලීසිය විසින් හදිසි සෝදිසි කිරීමක් කර තිබේ. කිරිල්ලවල පිහිටි මෙම නිවසේ අවි ආයුධ සහ මඩ පෝස්ටර් තොගයක් ඇති බවට පොලීසියට ලැබුණු ඔත්තුවක් මත ඊයේ රාත්‍රියේ මෙම සෝදිසි කිරීම කළ බව සඳහන් වේ. \"බොහෝ වේලාවක් සෝදිසි කිරීම් වල නිරත වුවත් කිසිදු නීති විරෝධී දෙයක් මෙම නිවසින් සොයා ගැනීමට නොහැකි වු බවත්,මෙම ක්‍රියා මාර්ග වලින් පැහැදිලි වන්නේ ප්‍රජාතන්ත්‍රීය ලෙස දේශපාලනය කර ගෙන යාමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව\" බවත් කරූ ජයසූරිය මහතා කියා සිටියි. මෙම නිවස සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් වශයෙන් භාවිතා වන බව ද වාර්තා වේ." ]
6,194
2010 පළමු ප්‍රමුඛ පුද්ගල හමුව ගෝල්ෆේස් හෝටලයේදී
[ "ජායාරූප- තිලක් ගමගේ", "දෙදහස් දහය වසර සඳහා පළමුවරට පවත්වනු ලබන ප්‍රමුඛ පුද්ගල හමුව 2010 ජනවාරි 22 වනදා ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්විණි.", "ශ්‍රී ලංකාවේ ‍‍ෙපෘද්ගලික අංශයේ ප්‍රධාන නියෝජිත සංවිධානය වන ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මසකට වරක් තම ප්‍රධාන ‍ෙපළේ ප්‍රතිපත්තිමය හමුව වන ප්‍රමුඛ පුද්ගල හමුව Key Persons Forum ඔබට ඉදිරිපත් කරයි.", "මෙය දෙදහස් දහය වසර සඳහා පැවැත්වෙන පළමු ප්‍රමුඛ පුද්ගල හමුවයි.", "කර්මාන්ත හා වාණිජ මණ්ඩල සම්මේලනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධකයෝ සය ෆෙඩ්රික් නවුමාන් පදනම එක්ව මෙය සංවිධානය කරනු ලැබිණි. මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශ ලේකම් සහ භාණ්ඩාගාරික ලේකම් වන ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ආසියාවේ නැඟීඑන ආර්ථිකය මත ශ්‍රී ලංකාවට ඇතිවන අභියෝගතා යන මාතෘකාව යටතේ මෙවර ප්‍රමුඛ පුද්ගල හමුව අමතන ලදී.", "මාසිකව පවත්වනු ලබන ප්‍රමුඛ පුද්ගල හමුවේ අරමුණ වන්නේ විශිෂ්ඨ පුද්ගලයින් සමඟ මුහුණට මුහුණ සංවාදයක් ලෙස ඔවුන්ගේ අත්දැකීම් සහ ප්‍රතිපත්ති අදහස් හුවමාරු කරගත හැකි ප්‍රසිද්ධ දේශන, වැඩමුළු සහ සාකචිජා සංවිධානය කිරීම වේ. එහිදී සාකච්ජා කෙරෙන කාරණා ‍‍ෙපෘද්ගලික අංශයට වඩාත් වැදගත් සහ අනුකූල ඒවාවේ.", "භූ දේශපාලන විද්‍යාව, ගෝලීයකරණය, ආර්ථික විද්‍යාව, ජාත්‍යන්තර සබඳතා වැනි ‍‍ෙපෘද්ගලික අංශයට බලපෑම් ඇතිකරන ගෝලීය සහ දේශීය ගැටලු වලට අදාළ දෙ‍් ඒ සඳහා මාතෘකා කරගනු ලැබේ.", "මෙම හමුව පවත්වන්නේ ආයතන ප්‍රධානීන්, බැංකුකරුවන්. උපදේශකයන්, පුද්ගලික අංශයේ ක්‍රියාකාරීන්, වෘත්තිකයන්, රාජ්‍ය හා ‍‍පුද්ගලික අධ්‍යාපනවේදීන්, නිමි ඇඳුම් අපනයනකරුවන් වැනි ව්‍යවසායකයින් ඉලක්ක කරගෙන වීම විශේෂත්වයකි.", "ප්‍රමුඛ පුද්ගල හමුවේ සංකල්පය රටේ පවත්නා මෙවැනි බොහෝ ඉසවිවන්ට වඩා වෙනස් වේ. මෙහිදී සහභාගිවන්නන්ට සෘජුව දේශකයා සමඟ අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව ලබාදීම එයට ප්‍රධාන හේතුවයි.", "දේශකයා සිය දේශනය පවත්වන්නේ ‍ඉතා කෙටි කාලයක් පමණක් වන අතර මුළු කාලය තුළම සහභාගිවන්නන්ට ප්‍රශ්ණ ඇසීමට සහ සාකච්ජා කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ." ]
6,195
ප්‍රචණ්ඩ ක්‍රියා 852 යි
[ "ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 852 ක් වාර්තා වන බව මැතිවරණ නිරීක්ෂණ ජාලය පවසයි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 564 ක්, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 125 ක්, රාජ්‍ය සම්පත් අයුතු ලෙස පරිහරණය කිරීම් 95 ක් ඒ අතර වන බව සඳහන් වේ. මැතිවරණ නිරීක්ෂණ ජාලය පවසන පරිදි පුද්ගල ඝාතන 4ක් ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඇතුළත් වේ. පුද්ගල පහරදීම් 137ක්, පැහැරගෙන යාමේ සිද්ධීන් 2ක්, පක්ෂ කාර්යාලවලට පහරදීම් 290 ක් ගතවූ කාලය තුළ වාර්තා වූ බව එම සංවිධානය පෙන්වා දෙයි." ]
6,196
මැතිවරණ පැමිණිලි වෙනුවෙන් විශේෂ මධ්‍යස්ථානයක්
[ "මැතිවරණ දිනයේ ලැබෙන පැමිණිලි වෙනුවෙන් විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසයි.", "එම මධ්‍යස්ථානයට මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන් ද අනුයුක්ත කරන බවද ඊට අමතරව දේශපාලන පක්ෂ නියෝජනය කරන නියෝජිතයින්ට ද එම මධ්‍යස්ථානයේ රැඳී සිටීමට අවස්ථාව හිමිවන බවද මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරයි.", "ජනාධිපතිවරණ දිනයේ පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා ක්‍රියාත්මක මෙම මධ්‍යස්ථානය සඳහා දුරකතන අංක 0112 877629 , 0112 877630, 0112 877631 ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය." ]
6,197
අද මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරණ අවසන්
[ "සියළුම මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රිය වනවිට අවසන් කළ යුතුබව පොලස්පති මහින්ද බාලසූරිය මහතා පවසයි.", "සියළුම ප්‍රචාරණ කටයුතු නවතා දැමිය යුතු බවත්, පොදු ස්ථාන වල ප්‍රදර්ශනය කෙරුණ සියළුම පුචාරක පුවරු ආදී ද්‍රව්‍ය අද මධ්‍යම රාත්‍රිය වනවිට ඉවත්කළ යුතු බව සියළු පක්ෂ ක්‍රියාකාරීන්ට දැනුම් දුන් බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,198
උතුරේ ශක්තිමත්ම පක්ෂය මා සමඟයි
[ "උතුරේ ජනතාවගේ ශක්තිමත්ම දේශපාලන පක්ෂය තමන් සමග සිටින බව ජනාධිපති ධුර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පවසයි.", "අද කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් සරත් ෆොන්සේකා මහතා මේ අදහස් පළ කළේය.", "මේ හේතුව නිසාම තමන්ට උතුරු පළාත ජයග්‍රහණය කළ හැකි බවත්, ආණ්ඩුව‍ට සහය පළ කරමින් සිටින්නේ ඉතා කුඩා පක්ෂ කිහිපයක් බවත් සරත් ෆොන්සේකා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.", "ආරක්ෂක අංශයේ සේවයේ නියුතු වූවන්ගේ තැපැල් ඡන්ද වලින් 90% ක්ම තමාට ලැබී ඇති බව ද ජනවාරි මස 27 වන දින වන විට වත්මන් ජනාධිපතිවරයාට ගෙදර යන්නට සිදුවන බවද හෙතෙම කියා සිටියේය." ]
6,199
ඡන්දය ප්‍රකාශ කිරීමට වැටුප් සහිත නිවාඩු
[ "සේවා නියුක්තිකයන්ට ජනාධිපතිවරණ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා ලබාදී ඇති උ‍‍පදෙස් සියලු සේවා යෝජකයින් පිළිපැදිය යුතු බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.", "ජනාධිපතිවරණ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබා නොදෙන සේවා යෝජකයින්ට එම විධිවිධාන උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වන දඩුවම්වලට යටත් වීමට සිදුවන බවද ඔහු පෙන්වා දෙයි .", "ඒ අනුව පැය 4කට නොඅඩු කාලයක් සෑම සේවා නියුක්තිකයෙක් සඳහාම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වැටුප් සහිත නිවාඩුවක් ලබාදිය යුතු අතර මෙම නිවාඩුව සේවා නියුක්තිකයින්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමට අමතර එකක් විය යුතු බවද කම්ක‍රු කොමසාරිස්වරයා අවධාරණය කරයි." ]
6,200
ඇසෝසියේටඩ් සමාගමේ වාර්ෂික පින්කම
[ "ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගම වාර්ෂිකව පවත්වනු ලබන පිරිත් පින්කම ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන දක්වා පැවැත්විණි. උදෑසන දානය මහා සංඝරත්නයට පිළිගැන්වුණු අතර දහවල් හුණුපිටිය ගංගාරාමයේ සිට හිමිවරුන් වැඩමකරවා මහා සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමෙන් පින්කමේ වැඩකටයුතු අවසන් විය.", "මෙම අවස්ථාවට සමාගමේ සභාපති තිලක් ද සොයිසා , කළමනාකාර අධ්‍යක්ෂක මයිකල් බ්‍රයිඩ් මෝ, සමූහ අධ්‍යක්ෂක රන්ජන් ද සිල්වා, විකුණුම් සහ අලෙවි අධ්‍යක්ෂක ශිවන්ත ද සොයිසා, සුභ සාධන කළමනාකරු ජ‍ානක මලලසේකර යන මහත්වරුන් සහ සමාගමේ සේවක සේවිකාවන් ද එක්ව සිටියහ.", "තිලක් ගමගේ විසිනි" ]
6,201
එල්.ටී.ටී.ඊයට අවි සැපයූ දෙදෙනෙකුට සිර දඬුවම්
[ "එල්.ටී.ටී.ඊ සංවිධානයට ආයුධ සැපයූ බවට චෝදනා එල්ල වූ පුද්ගලයින් දෙදෙනෙකුට අමෙරිකාවේ දී සිර දඬුවම් නියම වී තිබේ.", "විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 30 වැනි වියේ සහ 55 වැනි වියේ පසුවන අදාළ දෙමළ ජාතිකයින් දෙදෙනාට විසිහය වසර බැගින් සහ දාහතර වසර බැගින් සිර දඬුවම් හිමිව ඇති බවය.", "එල්.ටී.ටී.ඊ සංවිධානයට ඩොලර් මිලියනයකට වැඩි වටිනාකමින් යුත් ප්‍රබල අවි සැපයීමට දායක වූ බවට මෙම පුද්ගලයින්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.", "මෙම නඩු තීන්දුව මඟින් අමෙරිකාව ත්‍රස්තවාදයට කිසිඳු ඉඩක් නොදෙන බවට ලෝකය හමුවේ යළිත් වරක් පෙන්නුම් කර ඇති බව වි‍ශ්ලේෂකයින් පවසයි." ]
6,202
ජනාධිපතිට සියයට හැටක ඡන්ද
[ "එළඹෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියයට හැටක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න‍ා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.", "ඔහු මේ බව සඳහන් කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.", "ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ගිය මඩ ප්‍රහාරය මේ වන විට සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවට පත් වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.", "එමෙන්ම සරත් ෆො‍න්සේකා මහතාට එල්ල වූ චෝදනා වලට පිළිතුරු ලබා දීමට ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකයින් අසමත් වී ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,203
දෙරණ රවීට උත්තර බඳියි
[ "රුපියල් මිලියන 1000 ක වන්දියක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් දෙරණ නාලිකාවට එවන ලද එන්තර වාසියේ සඳහන් සියලු චෝදනා අසත්‍ය හා පදනම් විරහිත බව දෙරණ කියා සිටියි.", "ඒ අනුව Capitel Law-Chamber and Coperate Consultent නීතිඥ සමාගම මගින් දෙරණට යොමු කරන ලද එන්තර වාසිය වෙනුවෙන් මෙසේ කරුණු දක්වයි.", "ද්‍රවිඩ ජාතික සන්ධානය හා ජනාධිපති ධූර අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අතර ඇති කර ගත්තේ යයි කියනු ලබන ගිවිසුමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කළ ප්‍රකාශයක් ප්‍රවෘත්තියකට ඇතුළත් කිරීමෙන් තම කීර්ති නාමයට අපහාසයක් වු බවට රවී කරුණානායක මහතා විසින් වන්දියක් ඉල්ලා දෙරණට එන්තර වාසිය එවා තිබිණි.", "මෙකී එන්තරවාසියට අදාලව අධිනීතිඥ එස්.එල් ගුණසේකර මහතා ගේ උපදෙස් පරිදි වැඩිදුර කටයුතු කිරීමට ක්‍රියා කරන බව ද දෙරණ නාලිකාව වැඩිදුරටත් කියා සිටියි." ]
6,204
කැබ් රථයේ ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා නෑ
[ "කුරුණෑගල දී අත්අඩංගුවට ගත් කැබ් රථය තුළ ඡන්ද පෙට්ටි හෝ ඡන්ද පත්‍රිකා නොතිබුණු බව මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති ගාමීණි නවරත්න මහතා පවසයි.", "ඔහු පෙන්වාදෙන්නේ පොලිස්භාරයට ගත් කැබ් රථය තුළ තිබී ‍පෝස්ටර් තොගයක් සොයා ගත් බවය.", "ඊයේ රාත්‍රියේ දී කුරුණෑගල පොලිස් භාරයට ගත් මෙම කැබ් රථය තුළ ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා තිබූ බවට ඇතැම් මාධ්‍ය කළ ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,205
සෝමවංශගේ ඥාතී පිරිසකගේ සහය ජනාධිපතිට
[ "ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ මහතාගේ සෙහොයුරු සිරිපාල අමරසිංහ මහතා සමීපතම ඥාතීන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරාය‍ට සහය පළ කිරීමට තීරණය කර තිබේ.", "ජනතා විමුක්ති‍ පෙරමුණේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙතට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගත් බව ඔවුන් සඳහන් කලේය.", "අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපතිවරයා මුණ ගැසීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ ද්‍රෝහි ක්‍රියා කලාපය තමන් හෙළා දකින බව මෙම පිරිස සඳහන් කලේය." ]
6,206
එල්.ටී.ටී.ඊ සාමාජික පිරිසක් දෙමාපියන් භාරයට
[ "වන්නි මානූෂීය මෙහෙයුමේ දී යුද හමුදා අත්අඩංගුවට පත් වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් තවත් පිරිසක් හෙට දිනයේ ඔවුන්ගේ දෙමාපියන් වෙත භාර කරන බව යුද හමුදා මූලස්ථානය පවසයි.", "56 දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස වැලිකන්ද සේනපුර පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වූවන් බව වාර්තා වේ.", "මෙලෙස පුනරුත්ථාපනය වූ 712 ක පිරිසක් මීට පෙර ද නිදහස් කෙරුණු අතර අධ්‍යාපනය ලබන වයසේ පසු වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට යළි පාසැල් වරම් ලබා දීමට ද රජය කටයුතු කර තිබුණි." ]
6,207
මාතලේ ඩෙංගු උණ අවදානමක්
[ "මාතලේ උකුවෙල ප්‍රදේශයේ ‍මාරන්තික ඩෙංගු උණ රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පවසයි.", "ඉකුත් සතිය තුළ ඩෙංගු රෝගීන් 10 දෙනෙකු පමණ හදුනා ගෙන ඇති බවද ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව ජනතාව දැනුවත් කර ඇති බව ද සෞඛ්‍ය නිලධාරීවරයා සඳහන් කළේය." ]
6,208
වෛරය සහ බලය නිසා යුද ජයග්‍රහණ පාවාදෙනවා
[ "වෛරය සහ බලය පෙරදැරිකරගත් ඇතැම් අය යුද ජයග්‍රහණ පාවා දෙමින් සිටින බවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.", "\"විජයග්‍රහණයේ කතාව \" සහ \" අද සහ හෙට \" යන මැයෙන් පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාවේ පඬුවස්නුවර පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කලේය.", "මිනිස් ඝාතන , බෝම්බ පුපුරන මෙන්ම කඩා වැටුණු ආර්ථිකයක් ඇති රටක් ජනාධිපතිවරයා ‍ 2005 වසරේ දී භාරගත් බවද මනුෂ්‍ය වර්ගයාට පිළිලයක් වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදසය සහමුලින්ම පරාජය කරමින් බියෙන් හා සැකෙන් තොර ජීවිතයක් ගත කිරීමට හැකි පරිසරයක් ජනාධිපතිවරයා නිර්මාණය කළ බවද ආරක්ෂක ලේකම් වරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය." ]
6,209
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවීමක්
[ "මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පසුගිය දින දෙක තුළ කිසියම් අඩු වීමක් දක්නට ‍ලැබෙන බව පැෆරල් සංවිධානය පවසයි.", "තත්වය සඳහා පොලීසිය මැදිහත් වීම වඩාත් හොඳින් සිදු විය යුතු බවද ජනාධිපතිවරණයේ දී පහර දීම් හේතුවෙන් රෝහල් ගත කළ පුද්ගලයි‍න්ගේ සංඛ්‍යාව 150 ක් පමණ වන බවද එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කලේය.", "කෙසේ වෙතත් 1999 සිට 2005 කාලය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වීම් වල අඩුවීමක් දක්නට ලැබුණද මෙවර ජනාධිපතිවරණයේ දී එය වර්ධනය වී ඇති බවද, 2005 ජනාධිපතිවරණයේ දී කිසිදු මනුෂ්‍ය ඝාතනයක් සිදු නොවුනද මෙවර ජනාධිපතිවරණයේ දී මනුෂ්‍ය ඝාතන 4 ක් සිදු වී ඇති බවද පැෆරල් සංවිධානය සඳහන් කළේය." ]
6,210
කිලිනොච්චි නිල ඡන්ද පත්‍රිකා බෙදීම ඡන්ද දිනයේ
[ "කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින්ට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා දීම ඡන්ද දිනයේ දීම සිදු කරන බව තැපැල්පති එම්.කේ ඩී දිසානායක මහතා පවසයි.", "කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් සියයට අසූවකට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා‍ හැරීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවද, විශේෂයෙන්ම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනතාවට අදාළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ දී හදුනා ගැනීමේ ගැටළුක් මතු වූ බවද තැපැල්පතිවරයා සඳහන් කරයි.", "මේ හේතුව නිසා ඡන්දය ප්‍රකාශ කරන දිනයේ දී අදාළ නිල දැන්වීම් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කුටි ඒ ඒ ඡන්ද මධ්‍යස්ථා‍න අශ්‍රිතව ස්ථාපිත කර ඇති බවද දිසානායක මහතා අවධාරණය කරයි", "යාපනය දිස්ත්‍රික් ලේකම්වරයාගේ උප‍දෙස් පරිදි මෙම පියවර ගත් බව ඔහු වැඩි දුරටත් පැවසීය.", "මේ අතර මුලතිව් දිස්ත්‍රික්කයේ ද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 54,000 කින් බෙදාහැරීමට හැකිවූයේ 13,000 කට ආසන්න ප්‍රමාණයක් බවද තැපැල්පති එම්.කේ.ඩී දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,211
ෆොන්සේකාගේ ජය නියතයි
[ "රජය කුමන මඩ ප්‍රචාරයන් ගෙන ගිය ද මෙවර ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතාගේ ජය නියත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.", "ඔහු මේ අදහස් පළකළේ ඊයේ මහනුවර පැවති ජනරැළියක් අමතමිනි.", "මෙරට ජනතාව යුද ජයග්‍රහණයේ සැබෑ වීරයා කවුරුන්ද යන්න මනාව හඳුනන බවත්, ඉරහඳ මෙන් විශ්වාස එම ජයග්‍රහණය කිසිඳු බලවේගයකට පැරදීවීමට ඉඩ නොතබන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.‍" ]
6,212
සත්‍යග්‍රහය තාවකාලිකව අවසන්
[ "ඕමල්ප්පේ කාශ්‍යප හිමි , බෙංගමුවේ නාලක හිමියන් හා උඩුවේ ධම්මාලෝක හිමියන් කළ සත්‍යග්‍රහය ඊයේ මධ්‍යම රාත්‍රී 12 ට තාවකාලිකව අවසන් කර තිබේ.", "ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා කළ ඉල්ලීමකට අනුවය.", "පසුගිය දා මෙම සත්‍යග්‍රහය ආරම්භ කලේ ජනාධිපතිධුර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා ටී.එන්.ඒ සමඟ අත්සන් කළා යැයි කියන ගිවිසුම රටට හෙළි කරන ලෙස ඉල්ලමිනි." ]
6,213
පුනරුත්ථාපන කඳවුරු හැඳුනුම්පත් භාවිතා කළ හැකියි
[ "උතුරේ අවතැන් වූ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුනරුත්ථාපන කඳවුරු මඟින් නිකුත් කරන ලද හැඳුනුම් පත් භාවිතා කළ හැකි බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසයි.", "උතුරු නැගෙනහිර අවතැන් වූ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවද මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.", "එමෙන්ම අවතැන් වූ ජනතාව‍ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය සෑම ක්‍රියා මාර්ගයක්ම ගෙන ඇති බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය" ]
6,215
හයිටියේ සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයෙක් බේරාගැනේ
[ "හයිටි රාජ්‍යයේ භූකම්පනයෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයෙකු බේරා ගැනීමට සහන සේවා කණ්ඩායම් සමත් ව තිබේ.", "භූකම්පනය සිදුවී දින 11 කට පසු මෙසේ සොයාගෙන ඇත්තේ 24 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඊයේ දිනයේදී ද 84 හැවිරිදි කාන්තාවක් නිරුපද්‍රිතව බේරාගැනීමට සහන‍ සේවා කණ්ඩායම් සමත් විය.", "පසුගිය 12 වැනිදා සිදුවූ භූකම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු එක් ලක්ෂ 10,000 ක් පමණ මේ වන විට සොයාගෙන තිබේ.", "භූකම්පනයෙන් සිදුවූ අනතුරු හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව එක් ලක්ෂ 93,000 ක් පමණ වන අතර තවත් අවතැන් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව හය ලක්ෂ 9,000 කි." ]
6,216
අර්ධ අවසන් පූර්ව තරගයේ ජය ශ්‍රී ලංකාවට
[ "අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජයලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.", "ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කරමිනි.", "පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 8ක් පමණක් දැවී ලකුණු 293ක් රැස් කර ගත් අතර විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ ලකුණු 79 ක් ලබා ගැනීමට සමත් විය.", "ලකුණු 294 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 36 යි පන්දු 4 කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 145ක් පමණි.", "පන්දු යැවීමේදී ලකුණු 31 කට කඩුලු 4ක් දවා ගැනීමට චරිත් ජයම්පතිට හැකිවිය." ]
6,217
මැතිවරණ ප්‍රචාරය නැවැත්විය යුතුයි
[ "ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසුව සිදුකළ ජනාධිපතිවරණයට අදාල සියලුම ආකාරයේ මාධ්‍ය සාකච්ඡා , වාද විවාද මෙන්ම වෙළඳ දැන්විම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම අත්හිටුවන ලෙස මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා මාධ්‍ය ආයතන වෙත උපදෙස් දී තිබේ.", "ඡන්ද දායකයින්ට මධ්‍යස්ථව සලකා බැලීමට හැකි වන පරිදි නිහඩ වාතාවරණයක් රට තුළ ඇති කළ යුතු බවද සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන වෙත නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.", "ඊයේ මධ්‍යම රාත්‍රියට පෙර පැවති ප්‍රචාරක රැස්වීම් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළ කිරීම් හා විකාශනය කිරීම හැර කිසිදු ආකාරයක මාධ්‍ය සාකච්ඡාවක් හෝ ප්‍රචාරක කටයුත්තක් නොකළ යුතු බවද මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කරයි.", "1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තොර ගැනිම පිලිබද පනතේ 70 වෙනි වගන්තියට අනුව මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම නිවේදනය නිකුත් කර ඇත." ]
6,218
කිසිදු යන්ත්‍රයක් බාහිරට ලබාදී නෑ
[ "තම දෙපාර්තමේන්තුවට අයත් ජාතික හැදුනුම්පත් මුද්‍රණයට ආදාල යන්ත්‍රයක් හෝ කිසිදු උපකරණයක් බාහිර පාර්ශවයක් වෙත ලබා දී නැතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.ජි.ධර්මදාස මහතා පවසයි.", "එම දෙපාර්තමේන්තුවට අයත් යන්ත්‍රයක් අරලියගහ මන්දිරය වෙත ගෙන ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය මගින් කරුණු අනාවරණය වී තිබු බව අභ්‍යන්තර පරිපාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙයි.", "අදාල වාර්තා අසත්‍ය බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා විසින් තහවුරු කර ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.", "මහජන විශ්වාසය සහ ආරක්ෂාව උපරිම අයුරින් ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද කොමසාරිස්වරයා සදහන් කරයි." ]
6,219
ඇ‍ෆ්ගන් මැතිවරණය කල් යයි
[ "ඇ‍ෆ්ගන් පාර්ලිමේන්තු මැතිවරණය මාස 4ක කාලයක් සදහා කල් තැබීමට එරට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.", "ඇෆ්ගන් ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබ‍ුණේ මැයි මස 22 වන දිනය.", "එහෙත් ආදල මැතිවරණය සැප්තැම්බර් මස 18 වන දින පැවැත්විමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව සදහන් වන අතර ආරක්ෂක හේතුන් සහ මුල්‍යමය තත්ත්වයන් මත මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිසම විදෙස් මාධ්‍ය වෙත සදහන් කලේය." ]
6,220
"සමුදුර" අතරමංවූ යාත්‍රාවක් ගලවාගනී
[ "යාන්ත්‍රික දෝෂයක් නිසා ගමන් මග වෙනස්ව උතුරු ගැඹුරු මුහුදේ අතරමංව තිබූ බහු දින යාත්‍රාවක් ගලවාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ\"සමුදුර\"යාත්‍රාවට සමත්ව තිබේ.", "\"සමගි 5\"ලෙස නම්කර තිබූ මෙම ‍යාත්‍රාව, ධීවරයින් 5දෙනෙකුද සමඟ පසුගිය ජනවාරි 14වන දින නිලාවැල්ල ධීවර වරායෙන් මසුන් මැරීම සඳහා පිටත්ව ගොස් තිබේ.", "ධීවර කටයුතු හා ජලජ සම්පත් අමාත්‍යාංශය විසින් අතරමංව සිටි ධීවරයින් පිළිබඳව නාවික හමුදාවට දැනුම් දී ඇති අතර පසුව සමුදුර ‍‍යාත්‍රාව එම අතරමංවූ ධීවරයන් සහ යාත්‍රාව ගලවාගැනීම සඳහා පිටත්ව ගොස් තිබේ." ]
6,221
රණවිරු පවුල්වල දරුවන්‍ට ශිෂ්‍යත්ව ප්‍රදානයක්
[ "යුද්ධයෙන් ආබාධිත හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල දූ දරුවන්‍ වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක් අද සිදුකෙරුණි.", "ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙය සංවිධානය කර තිබූ අතර ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ආර්යා ශිරන්ති රාජපපක්ෂ මහත්මිය සහභාගි විය.", "එහිදී දරුවන් 50 දෙනෙකු සදහා රුපියල් 10,000 බැගින් ශිෂ්‍යත්ව පිරිනමා තිබේ.", "පුර්ණ අබාධිත තත්ත්වය‍ට පත්වු රණවිරුවන් 4 දෙනෙකුගේ අර්ධ වශයෙන් ඉදිවු නිවාස ඉදිකර ගැනීම සදහා ද මෙහිදි රුපියල් 250,000 බැගින් පිරිනමා ඇති බවද වාර්තා වේ." ]
6,222
යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරග කිහිපයක් අද නිමාවේ
[ "බංග්ලාදේශයේ දී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරග කිහිපයක් අද නිමාවිය.", "එහිදි දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ශ්‍රි ලංකානු කණ්ඩායම ලකුණු 146ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට සමත්ව තිබේ.", "මීට අමතරව පැපුවා නිව්ගිනියා කණ්ඩායම ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරදවමින් ලකුණු 30 ක ජයක් අත්කර ගත් අතර සත්කාරක බංග්ල‍ාදේශ කණ්ඩායම , හොංකොං කණ්ඩායම කඩුලු 4කින් පරාජය කිරීමට සමත් විය.", "ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර තරගයෙන් ජයගැනීම‍ට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හැකිවිය.", "යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරග කිහිපයක් හෙට ‍පැවැත්වේ." ]
6,223
විදෙස් නීරීක්ෂකයන් ඊයේ සිට නීරික්ෂණ කටයුතුවල
[ "ආසියානු මැතිවරණ බලධරයන්ගේ සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය නියෝජනය කරමින් ජනාධිපතිවරණ නීරික්ෂණ කටයුතු සදහා දිවයිනට පැමිණ සිටින නීරීක්ෂකයන් ඊයේ සිට සිය කටයුතු ආරම්භ කර තිබේ.", "දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි එම ‍නීරීක්ෂකයන් යොදවා ඇති බව සදහන් වන අතර මැතිවරණ රාජකාරී සදහා පොලිස් නිලධාරින් 68,000ක් පමණ යොදවා ඇති බව පොලිස්පති මහින්ද බාලසුරිය මහතා ඊයේ සදහන් කළේය.", "මැතිවරණය සම්බන්ධයෙන් අක්‍රමකතා හා ප්‍රචණ්ඩ ක්‍රියා පිලිබදව හදිසි ඇමතුම් අංශයේ දුරකථන අංක 119 ට , ජංගම පොලිස් මුර සේවා කණ්ඩායම් වලට හෝ ලගම ඇති පොලිසිය වෙත දැනුම් දෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී." ]
6,224
ජනාධිපතිවරණයට සියලු කටයුතු සුදානම්
[ "ශ්‍රි ලංකාවේ ඉදිරි පාලන කටයුතු සදහා රාජ්‍ය ‍නායකයෙකු තෝරා ගැනීම වෙනුවෙන් හෙට පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා සියලු කටයුතු සුදානම් බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.", "මේ වන විට ඡන්ද මධ්‍යස්ථාන වෙත නිලධාරින් සහ ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු සුදානම් වෙමින් පවතින බවද එම කාර්යාලය සදහන් කළේය.", "දිස්ත්‍රික් තේරීම්භ‍ාර නිලධාරිවරුන් හරහා මෙම කටයුතු සිදුකෙරෙන අතර හෙට පැවැත්වෙන ඡන්ද‍යේදී අක්‍රමිකතා වැළැක්වීම සදහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් පියවර රැසක් ගෙන තිබේ.", "ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරිම සදහා අනන්‍යතාව තහවුරු කිරීම , විදෙස් ගතව පැමිණි ඡන්ද දායකයන් සිය ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතු වීම , දේශපාලකයන්ට කණ්ඩායම් වශ‍යෙන් ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වීමට ඉඩ නොදීම ඇතුලු පියවර ‍රැසක් ගෙන ඇති බව වාර්තා වේ.", "මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු පුද්ගලයන්ට තැපැල් කාර්යාල හරහා අද දිනයේ ද තමන්ට අදාල එම පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල්පතිවරයා පවසයි.", "එමෙන්ම බෙදා හැරීමට නොහැකි වු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඉතා සුළු ප්‍රමාණයක් ඉතිරිව ඇති බවද ඔහු සදහන් කළේය.", "කෙසේ වුවද නිල ඡන්ද දැන්විම් පත්‍රිකා නොමැති වුවත් තම අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු ඡන්ද දායකයන්ට ඡන්දය භාවිත කිරිමට අවස්ථාව ලැබෙන බවද සදහන් වේ.", "මේ අතර අවතැන් වු ඡන්ද දායකයන් 45,732 දෙනෙකු වෙනත් ප්‍රදේශවලදී ඡන්ද භාවිත කිරීම සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය වැඩිදුරටත් පවසයි.", "කොළඹ , ගම්පහ , කළුතර , යාපනය , වන්නිය , මඩකලපුව , කුරුණෑගල , පුත්තලම , අනුරාධපුරය සහ පොළොන්නරුව ප්‍රදේශවලදී ඔවුන්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව උදා වී තිබේ.", "මේ අතර ඡන්දය ප්‍රකාශ කිරීම සදහා දුර බැහැර ප්‍රදේශවලට ගමන් ගන්නා රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට ඒ සදහා ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතු බව මැතිවරණ මහලලේකම් කාර්යාලය පවසයි.", "සිය ගම්බිම් බලා ගමන් ගන්නා පිරිස් වල පහසුව සදහා විශේෂ බස් රථ හා දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරිමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවරගෙන ඇති අතර දුර ගමන් සේවා සදහා පෞද්ගලික බස් රථ ද ප්‍රමාණවත් තරම් යොදවා ඇති බවද වාර්තා වේ.", "එමෙන්ම මැතිවරණය වෙනුවෙන් අද හෙට සහ අනිද්දා දින වල සියලු පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ." ]
6,225
අද සිට 27 දක්වා රජයේ පාසල් වසා තැබේ
[ "ජනාධිපතිවරණය හේතුවෙන් අද සිට ලබන 27 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි සියලුම රජයේ පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.", "අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නිමල් බණ්ඩාර මහතා පවසන්නේ ජනාධිපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරිමේ මධ්‍යස්ථාන ලෙස දිවයින පුරා පිහිටි පාසල් වලින් සියයට 80 ක පමණ ප්‍රමාණයක් යොදා ගන්නා බවය.", "ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සදහා ගුරුවරුන් විශාල ප්‍රමාණයක් අනුයුක්ත කර ඇති බව ද නිමල් බණ්ඩාර මහතා සදහන් කළේය.", "ඒ අනුව ලබන 28 වැනි බ්‍රහස්පතින්දා නැවත පාසල් විවෘත කිරීමට නියමිතය." ]
6,227
අමෙරිකාවට ප්‍රහාර මාලාවක්
[ "අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩ්න් අමෙරිකාවට ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් යළි හඩ පටයක් නිකුත් කර තිබේ.", "අමෙරිකාවට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බව එමගින් ඔහු සදහන් කර ඇත.", "අල් ජසීරා රූපවාහිනිය ඔස්සේ විකාශය කර ඇති අදාල හඩ පටය ඔස්සේ බින් ලාඩ්න් අවධාරණය කර ඇත්තේ පලස්තීන ජනතාවට සාමය ලැබෙන තුරු අමෙරිකාවට කිසිදා සාමයෙන් කටයුතු කිරිමට ඉඩ නොදෙන බවය.", "ඔසාමගෙන් ඔබාමාට යනුවෙන් සදහන් කර ඇති එම හඩ පටය බින් ලාඩ්න්ගේ බවට තහවුරු කරගෙන ඇති බවද වාර්තා වේ." ]
6,228
ශ්‍රි ලංකා- ඉන්දියා ක්‍රිකට් තරග කිහිපයක්
[ "මේ වසරේදී ශ්‍රි ලංකා කණ්ඩායම සමග යළිත් තරග කිහිපයක් සංවිධානය කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එකග වී තිබේ.", "2010 වසරට අදාලව දෙරටට ලැබී ඇති තරග කාල සටහනේ තරග සීමා වීම මෙම එකගතාවට පැමිණීමට හේතු වී ඇති බවද වාර්තා වේ.", "ශ්‍රි ලංකා කණ්ඩායමට මේ වසරේදී මුහුණ දීමට සිදුව ඇත්තේ ටෙස්ට් තරග දෙකකට පමණි.", "මේ හේතුවෙන් අතිරේක තරගාවලියක් පිලිබද යෝජනාව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කර තිබේ.", "ඉන්දු - ශ්‍රි ලංකා තරගාවලිය සදහා ටෙස්ට් තරග දෙකක් , එක්දින තරග කිහිපයක් සහ පන්දුවාර 20/20 තරග කිහිපයක් ඇතුළත් කිරීමට නියමිතය.", "නවසීලන්ත කණ්ඩායම සහභාගි කරවා ගනිමින් තුන්කොන් තරගාවලියක් ලෙස එක්දින තරග පැවැත්වීමේ සැලසුමක් ද ඉදිරිපත්ව ඇති බවද, කෙසේ වුවත් මේ පිලිබද‍ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වේ." ]
6,229
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇරඹේ
[ "හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාල ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම‍ මේ වන විට ආරම්භ කර ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.", "කොළඹ සිට පිට පළාත්වල රාජකාරී සදහා ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් ඇතුලු නිලධාරීන් 2500ක් පමණ‍ යොමු කර ඇති බව ද වාර්තා වේ.", "මෙවර මැතිවරණ රාජකාරිය සදහා යොදවා ඇති රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව දෙලක්ෂ පනස්දාහක් ඉක්මවන අතර උතුරු නැගෙනහිර ඇතුලු සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ඡන්ද මධ්‍යස්ථාන 11,098 කදි මැතිවරණය පැවැත්වේ." ]
6,230
උතුරෙන් යුධෝපකරණ රැසක් සොයාගැනේ
[ "උතුරේ ප්‍රදේශ කිහිපයක කළ සෝදිසි මෙහෙයුම් වලින් එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් සගවා තිබු යුධෝපකරණ රැසක් සොයාගෙන තිබේ.", "59 වන සේනාංකයේ භට පිරිස් අලම්පිල් ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකින් මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් බෝම්බ තුනක් , මිලිමීටර් 60 වර්ගයේ මෝ‍ටාර් බෝම්බ 2ක් , මිලිමීටර් 120 වර්ගයේ මෝටාර් බෝම්බයක් සහ ආර්.පි.ජි.බෝම්බයක් සොයාගත් බව ජාතික ආරක්ෂාව පිලිබද මාධ්‍ය මධ්‍යස්ථානය සදහන් කලේය.", "අඩම්පන් ප්‍රදේශයේදී මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් බෝම්බ 2ක් ටි-56 ගිනි අවි දෙකක් ඇතුලු යුධෝපකරණ කිහිපයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.", "වෙල්ලමුල්ලවෛක්කාල් , අඩම්පන් සහ සිංහපුර යන ප්‍රදේශවලදි ද ආයුධ තොගයක් සොයා ගත් බව මාධ්‍ය මධ්‍යස්ථානය සදහන් කරයි." ]
6,231
නාඳුනන මළ සිරුරක් සොයාගැනේ
[ "එරාවුර් කුඩිරිප්පු කළපුවේ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.", "මියගිය පුද්ගලයා වයස අවුරුදු 18 පමණ වු කල්කුඩා ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බවට හදුනාගෙන ඇති බව පොලිසිය පවසයි.", "තියුණු ආයුධයකින් පහරදී ගෙල කපා ඝාතනය සිදුකර ඇති බව එරාවර් පොලිසිය සදහන් කල අතර මළසිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ අද පැවැත්වේ.", "සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ." ]
6,232
ආහාර ලබාදීමට හයිටියට ගිය ලාංකිකයින්ට කරදරයක්
[ "ශ්‍රී ලාංකිකයින් 20දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ සාම සාධක කණ්ඩායමක්, හයිටියේ අවතැන් වූ ජනතාව වෙත ආහාර ද්‍රව්‍ය ලබාදීමට ගිය අවස්ථාවේදී 3000ක පමණ පිරිසක් ඔවුන් වටා එක් රොක් වෙමින් ‍ඔවුන් යටකරගත් සිදුවීමක් වාර්තා වේ.", "ශ්‍රී ලංකා සාම සාධක කණ්ඩායම හයිටියේ දේශීය පාපන්දු ක්‍රීඩාංගනයේ කඳවුරු වල රැඳී සිටින භූකම්පනයෙන් විපතට පත් ජනතාව වෙත ආහාර ද්‍රව්‍ය ලබාදීමට ගිය අවස්ථාවේදී මෙම සිදුවීමට මුහුණ පා ඇත.", "හයිටියේ භූකම්පනයෙන් විපතට පත් ජනතාව රැඳීසිටින සෑම ප්‍රදේශයකින්ම පාහේ මෙවැනි සිදුවීම් වාර්තා වන අතර මෙම ජනතාව දැන් දින 12ක් තිස්සේ මෙසේ අවතැන් කඳවුරු වල රැඳී සිටී. ආහාර බෙදාදීම සඳහා ගිය කැනේඩියානු සෙබළුන් කණ්ඩායමකටද මෙවැනි සිදුවීමකට මුහුණපෑමට සිදුවිය.", "සිදුවීමෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් වූ බව වාර්තා නොවේ." ]
6,233
අද දෙරණ උණුසුම් පුවත්"මොබිටෙල්"වෙතින්
[ "\"අද දෙරණ\"උණුසුම් පුවත් දැන් ඔබේ ජංගම දුරකථනයේ විශේෂ තැනක් අත්පත් කරගෙන ඇත.ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන සේවා සපයන්නා වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම මොබිටෙල් සබඳතා සහිත ජංගම දුරකථන මගින්\"අද දෙරණ\"උණුසුම් පුවත් ලබාගැනීම සඳහා සිය පාරිභෝගිකයන්ට දැන් අවස්ථාව උදාකර දී තිබේ.", "මොබිටෙල් සිය පාරිභෝගිකයන් වෙත ලබාදෙන නවතම පහසුකම වන මෙය පසුගියදා නිල වශයෙන් ආරම්භ විය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මොබිටෙල් සමාගම පවසන්නේ තම පාරිභෝගිකයන්ට උපරිම හා ගුණාත්මක සේවාවක් සැලසීමේ අභිප්‍රායෙන් යුතුව මෙම පහසුකම ලබාදීමට තීරණය කළ බවය.", "සත්‍යය ප්‍රථමයෙන් ගෙනඑන\"අද දෙරණ\"මහ ජනතාව වෙත උණුසුම් පුවත් ලබාදීමේ ඉඩහසර තවත් පුළුල් කිරීමේ අරමුණින් මෙන්ම වේගවත්ව සහ නිවැරදිව ජනතාව වෙත තොරතුරු ලබාදීමේ අභිලාෂයෙන් ‍මොබිටෙල් සමාගම සමඟ මෙම ගිවිසුමට එළඹ තිබේ. එමෙන්ම ජනතාව අතර දෙරණ නාලිකාව සත්‍ය පුවත් එසැනින් ගෙන එන්නෙකු ලෙසද විශ්වාසයක් ගොඩනැඟී තිබේ.", "මෙම ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් දෙරණ නාලිකාවේ අධ්‍යක්ෂක හා සාමාන්‍යාධිකාරී මාධව මඩවල මහතා සඳහන් කළේ මෙරට විද්්‍යුත් සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන මොබිටෙල් සමාගම මෙවැනි එකඟතාවයකට පැමිණීම මගින්\"අද දෙරණ\"ප්‍රවෘත්ති විකාශය පිළිබඳව කෙටි කාලයක් තුළදී ලාංකීය ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගී ඇතිබව පැහැදිලි වන බවය.", "ජාතික ජංගම දුරකථන සේවා සපයන්නා වන මොබිටෙල්, නොයෙකුත් බාධක ජයගනිමින් වර්තමානයේ මෙරට විද්්‍යූත් සන්නිවේදන ක්ෂේත්‍රයේ වඩාත් නවීනතම තාක්ෂණයෙන් සුසැඳි ආයතනයක් බවට පත්ව තිබේ. මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සභාපතිනි ලේෂා ද සිල්වා චන්ද්‍රසේන මහත්මිය පැවසුවේ\"අද දෙරණ\"ප්‍රවෘත්ති සේවය ඉතාමත් වේගයෙන් දේශීය ප්‍රවෘත්ති සේවාවන් අතර ප්‍රමුඛස්ථානයට පැමිණෙමින් සිටින බවය. එසේම ජංගම දුරකථන සේවා සපයන්නා ලෙස දේශීය සමාගම් සමඟ අත්වැල් බැඳගනිමින් තම පාරිභෝගිකයන්ට නවමු සේවාවන් ලබාදීමට මොබිටෙල් සමාගම කටයුතු කරන බව ද ඇය පැවසුවාය. මේ වනවිටත් මොබිටෙල් සමාගම දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟය සමඟ එක්වී කටයුතු කරන බවද එහිදී සඳහන් ‍ෙකරිණිග\"අද දෙරණ\"උණුසුම් පුවත් මොබිටෙල් තුළින් ගෙනඒම මගින් දෙරණ නාලිකාවත් සමඟ පවතින සබඳතාවය තවදුරටත් පුළුල් වන බවද සභාපතිනිය පැවසුවාය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ මෙම සේවාව ලබාදීම මොබිටෙල් පාරිභෝගිකයන‍්ගේ ප්‍රසාදයට හේතුවන බවට තමන් විශ්වාස කරන බවය.", "මෙහිදී මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් අමරසේකර මහතා ද අදහස් දැක්වීය. එහිදී ඔහු සඳහන් කළේ වර්තමානයේ ජංගම දුරකථනය තොරතුරු සන්නිවේදනය සඳහා යොදාගත හැකි ඉතා කාර්යක්ෂම මෙවලමක් බවය. එමෙන්ම වර්තමානයේ පවතින අතිශය කාර්යබහුල ජන ජීවිතය හේතුවෙන් ජංගම දුරකථන සේවා මගින් තොරතුරු ලබාගැනීමට ඉහළ ඉල්ලුමක් පවතින බවද හෙතෙම පැවසීය. මේ හේතුව නිසා\"අද දෙරණ\"වැනි නැවුම් මෙන්ම නිවැරදි පුවත් ගෙන එන ප්‍රවෘත්ති සේවයක් සමඟ එක්වීටම හැකිවීම සතුටට කරුණක් බව ද සඳහන් කෙරුණි. මෙම පහසුකම් සියළුම පාරිභෝගිකයන්ට ලබ‍ාගත හැකි බව ද‍ හෙතෙම සඳහන් කළේය. එසේම වීඩියෝ ඇලට් සේවය wap හරහා ලබාදෙන බවත්, එම නිසා 3G පහසුකම අනවශ්‍ය බවත්, වැඩිදුරටත් කරුණු දක්වමින් හෙතෙම පැවසුවේය.", "මෙම ගිවිසුම පිළිබඳ කරුණු දක්වමින් දෙරණ නාලිකාවේ සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා පැවසුවේ මෙහි මූලික හා එකම අරමුණ අපක්ෂපාතී පුවත් සිදුවූ සැනින් මහ ජනතාව වෙත සන්නිවේදනය කිරීම බවය. වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පැවසුවේ මොබිටෙල් සමාගම ජාතික ජංගම දුරකථන සේවා සපයන්නා ලෙස මෙරට ජංගම දුරකථන සේවයේ ප්‍රමුඛස්ථානයට පැමිණ ඇතිබවය.\"අද දෙරණ\"උණුසුම් පුවත් මහ ජනතාවට ලබාදීමට හැකිවීම පිළිබඳව දෙරණ නාලික‍ාව ආඩම්බරයට පත්වන බවද ලක්සිරි වික්‍රමගේ මහතා අවධාරණය කළේය.", "දැන් සියළුම මොබිටෙල් පාරිභෝගිකයන්ට REGAD ටයිප් කර 2299 අංකයට සෙන්ඩ් කිරීමෙන්\"අද දෙරණ\"උණුසුම් පුවත් කෙටි පණිවිඩ මාර්ගයෙන් ලබාගත හැකිය. එසේම REGADV ටයිප් කර 2299 අංකයට සෙන්ඩ් කිරීමෙන්\"අද දෙරණ\"වීඩියෝ පුවත් ලබාගත හැකිය. මෙහිදී වීඩියෝ ප්‍රවෘත්ති wap තාක්ෂණය ඔස්සේ කෙටි පණිවිඩ මාර්ගයෙන් ලබාදෙනු ලැබේ. එමනිසා පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් වීඩියෝ පුවත් නැරඹීමේ හැකියාව ලැබේ. 2010 ජනවාරි 31 දක්වා හඳුන්වාදීමේ කාලය තුළදී මෙම සේවාවන් ද්විත්වයමය අය කිරීමකින් තොරව ලබාදෙනු ලැබේ." ]
6,234
අපේ අයට කරදරයක් නෑ
[ "එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා යටතේ හයිටියේ රැඳී සිටින කිසිදු ශ්‍රි ලාංකික හමුදා සාමාජිකයෙකුට ගැටලුවක් මතුවී නොමැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා පවසයි. හයිටියේ රැඳී සිටින සෑම හමුදා සාමාජිකයෙකුම පිළිබඳවම මෙරට බලධාරීන් නිරන්තර සෝදිසියෙන් සිටින බවඔහු පෙන්වා දෙන්නේ යි. ඒ අනුව ‍මෙරට කිසිදු හමුදා සාමාජිකයෙකුට හයිටියේදී ආපදාවක් සිදුවී නොමැති බවයි නානායක්කාර මහතා අවධාරණය කර සිටියේ. ආහාර බෙදීමේ කටයුතුවල නිරතව සිටියදී ශ්‍රි ලාංකික හමුදා සාමාජිකයින් පිරිසක් වටකරගත් හයිටි වැසියන් පාලනයකින් තොරව ආහාර ලබා ගැනීමට උත්සහ කිරීම හේතුවෙන් ගැටලුවක් මතු වු බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. අප කළ විමසීමකට පිළිතුරු‍ දෙමින් බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා සදහන් කළේ එවැනි තත්ත්වයක් පිළිබඳ වාර්තා නොවු බවයි." ]
6,235
ගණින්නෝ පිටත්ව යති
[ "පිට පළාත් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සදහා කොළඹ දිස්ත්‍රික්කයෙන් අනුයුක්ත‍ කෙරෙන නිලධාරීන් අද ‍එම පළාත් වෙත පිටත් කර හරින බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් කළ ඉල්ලීමකට අනුව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා විශේෂ නිලධාරීන් 2500 දෙනෙකු යෙදවීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබුණි. ඒ අනුව විශේෂ උපදෙස් මාලාවක් සහ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ පසුගිය සතියේදී මෙම පිරිස වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා පවත්වා තිබුණි. මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරිම මධ්‍යස්ථාන 888 කදී සිදුකිරීමට නියමිතව ඇත.." ]
6,236
27 දා රටට ම නිවාඩු
[ "ජනවාරි මස 27 වන දින රජයේ සහ බැංකු නිවාඩු දිනයක් බවට රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් විසින් ඒ පිළිබඳ දැනුම් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි." ]
6,237
පොලිස් මාරුව අවලංගු කරන ලෙස ඉල්ලයි
[ "උතුරු පළාත් ‍නියෝජ්‍ය පොලිස් අධිකාරි නිමල් ලෙව්කේ සහ වව්නියාව පොලීසියේ ස්ථාන භාර නිළධාරී සමන් සිගේරා යන මහත්වරුන්ගේ ස්ථාන මාරුවීම් අවලංගු කරන ලෙස පොලිස්පති මහින්ද බාලසූරිය මහතාට දැනුම් දෙන ලෙස පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා නිවේදනයක් නිකුත්කරමින් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලාසිටී.", "නිමල් ලෙවිකේ මහතා සහ සමන් සිගේරා මහතා මෙසේ කොළඹට මාරු කිරීම මැතිවරණ නීතියට විරුද්ධ බවද ඔහු සඳහන් කරයි.", "එමෙන්ම මෙම තත්ත්වය නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් විය හැකි බවද, මැතිවරණ රාජකාරි වල අපක්ෂපාති බව පිළිබඳව ජනත‍ා විශ්වාසය පළුදුවීමට ද හේතුවක් විය හැකිබව ද එම නිවේදනයේ සඳහන්ය.", "එමනිසා නිමල් ලෙවිකේ මහතා සහ සමන් සිගේරා මහතාගේ ස්ථාන මාරුවීම් වහා අවලංගු කරන ලෙස පොලිස්පතිවරයාට දැනුම්දෙන ලෙස රෝහණ හෙට්ටිආරච්චි මහතා, මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලාසිටී." ]
6,238
පොලිස් නිලධාරීන් 68,000 ක් සීරුවෙන්
[ "මෙවර ජනා‍ධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 68,000 කට වැඩි පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.කරුණාරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන පරිදි අද පෙරවරුවේ සිට එම පිරිස් සිය රාජකාරී කටයුතු ආරම්භ කර ඇති බවයි. ඒ අනුව ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ කටයුතු සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙන බව ද කරුණාරත්න මහතා කියා සිටියි. ඡන්ද විමසීමේ කටයුතු අවසන් වන තුරු අදාළ පිරිස් සිය රාජකාරී කටයුතුවල නියැලිය යුතු බවට උපදෙස් දී ඇති බව ද කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය." ]
6,239
නීතියට පිටින් මාරුව අවලංගුද..? නැද්ද..?
[ "උතුරු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ සහ වව්නියා‍ව පොලිසියේ පොලිස් ස්ථානාධිපති සමන් සිගේරා යන මහත්වරුන්ගේ ස්ථාන මාරුවීම් අවලංගු කිරීමට පියවර ගත් බව පොලිස්පතිවරයා තමන්ට දැනුම් දුන් බව මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටි වග පැෆ්රල් සංවිධානය පවසයි.", "ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ ‍මහතා කොළඹ දිස්ත්‍රික්කයට මාරු කරයැවීමට පියවර ගෙන තිබීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දීමෙන් පසු කොමසාරිස්වරයා එකී ස්ථාන මාරුවීම් අවලංගු කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව සඳහන් වේ.", "මැතිවරණ කොමසාරිස්වරයාගෙන් මේ පිළිබඳ විමසීමට දිගින් දිගටම උත්සාහ කළද එකී උත්සාහය ව්‍යර්ථ විය. එහෙත් මේ පිළිබඳ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් විමසූ කළ අතිරේක කොමසාරිස් ඩබ්.පී සුමනසිරි මහතා කියා සිටියේ ඒ පිළිබඳ කිසිවක් කියා සිටින්නට තමන් නොදන්නා බවයි.", "උතුරේ සහ වව්නියාව පොලිස් ප්‍රධානීන්ගේ මාරුකිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් තමන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිඛිතව කරුණු පැහැදිලි කර ඇති බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් පොලිස්පති මහින්ද බාලසූරිය මහතා කියා සිටියේය.", "උතුරු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා සහ වව්නියා‍ව පොලිසියේ පොලිස් ස්ථානාධිපති සමන් සිගේරා මහතා මාරු කර යැවීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබුණි.", "ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ ‍මහතා කොළඹ දිස්ත්‍රික්කයට මාරු කරයැවීමට පියවර ගෙන ඇති අතර සමන් සිගේරා මහතා පොලිස් මූලස්ථාන සුභසාධන අංශයට මාරු කර යවා ඇති බව පැෆරල් සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.", "ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී මැතිවරණ නීතියට අනුව කිසිදු රාජ්‍ය අයතනයක නිලධාරීන්ට පත්වීම්,සේවයෙන් පහ කිරීම්,ස්ථාන මාරුවීම් ලබා දිය නොහැකිය.", "අප කළ විමසුමකට පිළිතුරු දෙමින් උතුරු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා කියා සිටියේ තමන්ට ලැබුණු ස්ථාන මාරුව අනුව තමන් මේ වන විට කොළඹ රාජකාරී බාර ගෙන ඇති බව හා එකී ස්ථාන මාරුව අවලංගු කළ බවට ෙම් වනතුරුත් දැනුම් දීමක් කර නැති බවය." ]
6,240
ඡන්ද පොළ නියෝජිතයන්ට ත් පැමිණිලි පොත්
[ "මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද පොළ නියෝජිතයින් වෙත ද පැමිණිලි පොතක් ලබාදීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගෙන තිබේ. ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවල සිදුවීම් වාර්තා කිරීම සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින් වෙත මෙම පැමිණිලි පොත ලබාදෙන බව වාර්තා වේ. ඒ අනුව යම් ඡන්ද මධ්‍යස්ථානයක වාර්තා වන සිදුවීමක් දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ පැමිණිලි පොතේ සටහන් වී ඒ පිළිබඳව ඡන්ද ස්ථානාධිපතිවරයාගේ ජර්නලයේ සටහන් නොවේ නම් එවැනි ඡන්ද ස්ථානාධිපතිවරුන් පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමට ද මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබේ. මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ ඡන්ද මධ්‍යස්ථානයක සිදුවන ඕනෑම ආකාරයක සිදුවීමක් වහාම තේරීම්භාර නිලධාරියා වෙත දැනුම් දිය යුතු බවයි." ]
6,241
වරෙන්තු නැතුව අත්අඩංගුවට
[ "ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පවසයි.", "ඡන්ද මධ්‍යස්ථාන තුළ හා ඒ අවට ප්‍ර‍දේශවල ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන ඕනෑම පුද්ගලයෙකු වරෙන්තු නිකුත් කිරී‍මකින් තොරව අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස් නිලධාරීන්ට උ‍පදෙස් දී ඇතැයි පොලිස්පතිවරයා සඳහන් කරයි.", "මැතිවරණ රාජකාරී කටයුතු සඳහා යෙදූ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 68,800 ක් බවද වාර්තා වේ.", "විශේෂයෙන්ම උතුරු නැඟෙනහිර පළාත්වල පිහිටි ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් කැරලි මර්දන ඒකක, ත්‍රිවිධ හමුදා භට පිරිස් මෙන්ම පොලිස් නිලධාරීන් ද යොදවා ඇති බව පොලිස්පතිවරයා සඳහන් කර සිටියේය.", "යම් ස්ථානයක ප්‍රචණ්ඩකාරී සිදුවීමක් ඇති වුවහොත් එය පාලනය කිරීම සඳහා කැරලි මර්දන ඒකකයේ මෙන්ම ත්‍රිවිධ හමුදාවේ ද සහය ලබාගන්නා බව ඔහු පවසයි..", "රට පුරා ඒකාබද්ධ ආරක්ෂක ජංගම රථ 2523 ක් යෙදවීමට සැලසුම් කර ඇති බව ද සඳහන් වේ.", "පොලිස්පතිවරයා පවසන්නේ මෙම එක් රථයක් සඳහා පොලිස් නිලධාරීන් තිදෙනෙකු සහ ත්‍රිවිධ හමුදාවේ දෙදෙනෙකු යොදවා ඇති බවයි.", "බියෙන් හා සැකෙන් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වාතාවරණයක් නිර්මාණය කර ඇති බව පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය." ]
6,242
හමුදාවේ හිටපු පිරිසකට වැඩ වරදී
[ "ගොකරැල්ල ප්‍රදේශයේ දී හිටපු හමුදා නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.කරුණාරත්න මහතා සඳහන් කළේ ඔවුන් ඡන්ද අක්‍රමිකතා සිදුකිරීමේ අරමුණින් ප්‍රදේශයේ රැදී සිට ඇති බවයි." ]
6,243
ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව තහවුරු කෙරේ
[ "ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බව ‍පොලීසිය පවසයි.", "ඡන්ද මධ්‍යස්ථාන තුළ හා ඒ අවට ප්‍ර‍ෙද්ශවල ප්‍රචණ්ඩක‍ාරී ලෙස හැසිරෙන ඕනෑම පුද්ගලයෙකු වරෙන්තු නිකුත් කිරී‍මකින් තොරව අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස් නිලධාරීන්ට උ‍පදෙස් දී ඇති බව මැතිවරණ පොලිස් කාර්යංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමීණි නවරත්න මහතා ප්‍රකාශ කළේය." ]
6,244
මැතිවරණ නිරීක්ෂණයට නිරීක්ෂකයින් රැසක්
[ "ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දෙස් විදෙස් නිරීක්ෂකයින් රැසක් සහභාගී වී සිටී.", "ඔවුන් ස්ථානගත හා ජංගම නිරීක්ෂකයින් වශයෙන් යොදවන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.", "ආසියාතික මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සාමාජිකයින් 40 කට අධික පිරිසක් මේ වන විටත් දිවයිනට පැමිණ සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි පැෆ්රල් සංවිධානය පවසයි", "පැෆ්රල් සංවිධානයට අමතරව දේශීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් 4 කට වැඩි පිරිසක් අද පැවැත්වෙන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා යොදවා ඇති බවද වාර්තා වේ." ]
6,246
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ
[ "ගොකරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් හිටපු හමුදා නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 20 දෙන‍ා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.", "පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම් කරුණාරත්න මහතා සඳහන් කළේ ඊයේ පස්වරුවේ මෙම පිරිස අත්අඩංගුවට ගත් බවය.", "ගොකරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් හිටපු හමුදා නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 20 දෙන‍ා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.", "අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සේවය විශ්‍රාම ගිය හමුදා කමාන්ඩෝ භටයින් සහ සෙබළුන් බවට අනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය.", "මෙම පිරිස ජනාධිපතිවරණ කටයුතු කඩාකප්පල් කිරීමට සහ ජනතාව බිය වැද්දීමට උත්සහ කර ඇති බව ද වාර්තා වන අතර මොවුන් පුද්ගලික බස්රථයකින් ගමන් කරමින් සිටිය දී ගොකරැල්ල තෝරයාය ප්‍රදේශයේ දී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.", "අත්අඩංගුවට ගත් මෙම පිරිස ජනාධිපතිධුර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් පිරිසක් බවද වාර්තා වේ.", "අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ගොකරැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි." ]
6,247
විජිත හේරත් වව්නියාවේදී ප්‍රශ්න කරයි
[ "ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා සහ හිටපු යුද හමුදා සෙබලුන් 40 දෙනෙකුගෙන් වව්නියාව ප්‍රදේශයේදී ප්‍රශ්න කිරීම් සිදුකරන බව යුද හමුදාව පවසයි.", "වව්නියාව පොසියිය හා යුද හමුදාව ඒකාබද්ධව මෙම ප්‍රශ්න කිරීමේ කටයුතු සිදුකරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා ප්‍රකාශ කලේය.", "බස් රථ දෙකකින් මෙම පිරිස ගමන් කරමින් සිටියදී පොලිසිය විසින් මෙසේ ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.", "යම් ඡන්ද දුෂණයක් සිදුකිරීම සදහා මෙම පිරිස වව්නියාව ප්‍රදේශයට පැමිණ ඇති බවට සැකකරන බවට පොලිසිය සැක පල කරයි.", "අද උදෑසන මෙම ප්‍රශ්න කිරීම් කටයුතු ආරම්භ කළ බවයි උදය නානායක්කාර මහතා වැඩිදුරටත් සදහන් කලේය." ]
6,248
සැකකරුවන් නිදහස් කරයි
[ "ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා සහ හිටපු යුද හමුදා සෙබලුන් 40 දෙනා නිදහස් කළ බව පොලිස් මැතිවරණ කාර්යාංශය භාර ‍ෙජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පවසයි" ]
6,249
ජනපති ඡන්දය ප්‍රකාශ කරයි
[ "ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.", "මැදමූලන ඩී.ඒ රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යා‍ලයේ දී උදෑසන 7.30 ට යෙදුන සුභ මෙ‍ාහෙ‍ාතින් ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.", "මහින්ද රාජපක්ෂ මහතා සමඟ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පුතුන් දෙදෙන‍ාද සිය ඡන්දය ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.", "මීට අමතරව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද අද උදෑසන ඡන්දය ප්‍රකාශ කර තිබේ." ]
6,250
ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීයි
[ "ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වන විට දිවයින පුරා සාමකාමීව සිදු වන බව පොලීසිය පවසයි.", "ජනතාව දැඩි උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කීරීමේ කටයුතු සඳහා ඉතා උනන්දුවෙන් එක්ව සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම් කරුණාරත්න මහතා සඳහන් කලේය.", "කිසිඳු ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්ද අක්‍රමිකතාවක් වාර්තා නොවන බවද ඔහු පැවසූ අතර උතුරු සහ නැගෙනහිර පළාත් වල ඡන්දය ප්‍රකාශ කීරීමේ කටයුතු ද සාමාන්‍ය පරිදි සිදු වන බවයි වාර්තා වේ.", "මේ අතර සුළු සිදු වීම් කිහිපයක් තමන්ට වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.", "යාපනය ප්‍රදේශයේ සිදු වූ බෝම්බ ප්‍රහාරය සහ මුල්කිරිගල ඡන්ද පොළ නියෝජිතයින් පිරිසක් පළවා හැරීම යන සිදුවීම් මේ වන විට තහවුරු වී ඇති බව පැෆ්රල් සංවිධානයේ ‍විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.", "දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 11098කදී ඡන්ද ප්‍රකාශ කිරීම අද උදෑසන 7 ට ආරම්භ වූ අතර ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 4 දක්වා සිදුකිරීමට නියමිතය.", "ඡන්ද දායකයින් එක්කෝටි හතලිස් ලක්ෂ 88,500 ක් මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා තිබේ." ]
6,251
බෝම්බ ප්‍රහාරයෙන් කිසිවෙකුට හානියක් නෑ
[ "යාපනය වෙල්අඩිතුරෛයි ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්බන්ධීකාරවරයෙකුගේ නිවසට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත හානියක් හෝ වෙනත් අනතුරක් සිදුවූ බවට වාර්තා වී නොමැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා අද දෙරණට පැවසීය.", "මෙම බෝම්බ ප්‍රහාරයෙන් සම්බන්ධීකාරවරයාගේ නිවසට අලාභහානී සිදුව ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නීරීක්ෂණ මධ්‍යස්ථානය පැවසූවේය.", "අද අලුයම යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති අතර එම ස්ථානයට ප්‍රෙට්‍රල් බෝම්බ දෙකක් එල්ල වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා ප්‍රකාශ කලේය.", "යාපනය පොලීසය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි." ]
6,252
මන්නාරම ජන්ද දායකයින්ට පහසුකම් අඩුයි
[ "මන්නාරම ප්‍රදේශයේ ජන්ද දායකයින්ට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් වල අඩුපාඩු පවතින බව පැෆ්රල් සංවිධානය පවසයි.", "මන්නාරම, වව්නියාව සහ මැදවච්චිය යන මාර්ග වල මෙසේ ගමනාගමනයට අවශ්‍ය පහසුකම් අඩුවක් පවතින බවද වාර්තා වේ.", "සාමාන්‍ය දිනවලදී ධාවනය වූ බස් රථ ද අද දිනයේ ධාවනය නොවන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළ අතර කෙසේවෙතත් එම ජන්ද දායකයින්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් සැපයීමට කටයුතු කරන ලෙස පැෆ්රල් සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී." ]
6,253
බැග්ඩැග් බෝම්බයෙන් 36ක් මරුට
[ "ඉරාකයේ බැග්ඩැග් අගනුවර සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.", "ඊයේ පස්වරුවේ සිදු මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයින් 71 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඉරාක අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.", "ඉරාකයේ බැග්ඩැග් අගනුවර පිහිටි හෝටල් කිහිපයක් මෙම ප්‍රහාරයේ ඉලක්කය වී තිබෙන අතර අවස්ථා තුනක දී පිපිරීම් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි." ]
6,254
ඇමතිවරු රැසක් ඡන්දය ප්‍රකාශ කරයි
[ "පක්ෂ විපක්ෂ නියෝජිතයින් රැසක් අද පෙරවරුවේදී සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.", "විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොල්ලුපිටිය වර්ධනාරාමයේදී ඡන්දය ප්‍රකාශ කල අතර දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා හෙට්ටිපොළ මහ විද්‍යාලයේදී තම ඡන්දය ප්‍රකාශ ‍කළේය.", "රාජිත සේනාරත්න අමාත්‍යවරයා පොතුපිටිය මහ විද්‍යාලයේදීද, හේමකුමාර නානායක්කාර අමාත්‍යවරයා උනවටුන ශ්‍රි සුනන්දාරාමයේදීද සිය ඡන්දය ප්‍රකාශ කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.", "රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා පානදුර පිංවත්ත මහ විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළ අතර රෝහිත බොගොල්ලාගම අමාත්‍යවරයා ඡන්දය ප්‍රකාශ කළේ කොළඹ ටොරින්ටන් ප්‍රජා ශාලාවේදීය." ]
6,255
උතුරු නැගෙනහිර ජන්ද භාවිතය මන්දගාමීයි
[ "දකුණේ ජන්දය ප්‍රකාශ කිරීමට සාපේක්ෂව උතුරු නැගෙනහිර ජන්ද ප්‍රකාශ කිරීම මන්දගාමි තත්ත්වයක පවතින බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.", "එමෙන්ම සුළු සිදුවීම් දෙකක් වාර්තා වී ඇති බවත්, ඒ අතර ගාල්ල කටුමඩ ප්‍රදේශයෙන් වෙඩි තැබීමේ සිද්ධියක්ද වාර්තා වූ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය" ]
6,256
ඉන්දියා බංග්ලාදේශ ටෙස්ට් තරගයේ තෙවන දිනය අද
[ "ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අදය.", "තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුව‍ට පහර දුන් අතර ඔවුන් සියළු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 233 ක් පමණි.", "බංග්ලා‍දේශ කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් මහමදුල්ලා ‍නොදැවී ලකුණු 96 ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී ඉන්දීය කණ්ඩායමේ ඉෂාන්ත් ශර්මා කඩුළු 4 ක් සහ සහීර් ඛාන් කඩුළු 3 ක් දවා ගැනීමට සමත් විය.", "ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සචින් තෙන්ඩුල්කාර් ලකුණු 143 ක් සහ රාහුල් ඩ්‍රාවිඩ් ලකුණූ 111 ක් ලබා ගත්තේය.", "පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඉන්දීය කණ්ඩායම ඊයේ දිනය නිමා වන විට කඩුළු 5 ක් දැවී ලකුණු 459 ක් ලබා සිටියහ." ]
6,257
මැලේරියාවට එන්නතක් වසර තුනකින්
[ "මැලේරියා රෝග මර්දනය සදහා එන්නතක් තවත් වසර තුනක් ඇතුලත බිහි කිරීමට හැකි වනු ඇති බව මයික්‍රෝසොෆ්ට් නිර්මාතෘ බිල් ගේස්ට් පවසයි.", "අදාල එන්නතේ අවසන් අත්හදා බැලීම් කටයුතු දැනට සිදුකෙරන බව මැලේරියා රෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බිල් ගේස්ට් පවසයි.", "ඒ අනුව මැලේරියා මර්දනය සදහා වන එන්නත වැඩි ඈතක නොවන බවට ගේස්ට් විශ්වාසය පල කරයි." ]
6,258
ෆොන්සේකා තවමත් ජන්දය දී නෑ
[ "ජනාධිපති අපේක්ෂක, හිටපු යුධ හමුදා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තවමත් සිය ජන්දය ප්‍රකාශ කර නොමැති බව වාර්තා වේ.", "මේ පිළිබඳව අද දෙරණ කළ විමසීමකදී ඔහුට ජන්දය හිමිබවත්, නමුත් ආරක්ෂක හේතූන් මත ඔහු ජන්දය භාවිත කරන අවස්ථාව පටිගත කර පසුව ෆොන්සේකා මහතාගේ මාධ්‍ය අංශය විසින් එම පටිගත කළ දර්ශන, ජනමාධ්‍ය වෙත ලබාදෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය." ]
6,259
අගමැති ජන්ද ප්‍රකාශය හොරණදී
[ "අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා අද පෙරවරුවේ හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාල පීඨයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.", "ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ 27 වැනිදායින් පසුව සුභ අනාගතයක් උදාවන බවය.", "මුළු මහත් මැතිවරණ ක්‍රමයම වෙනස් කර රට දැවැන්ත සංවර්ධනයක් කරා ගෙන යා හැකි බවට අග්‍රාමාත්‍යවරයා මෙහිදි විශ්වාසය පල කළේය.", "මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා ශ්‍රි පුණ්‍යාරාම විහාරස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය." ]
6,261
දකුණේ ජන්ද ප්‍රකාශය 50% යි
[ "අද මධ්‍යහනය වනවිට දකුණේ ජන්ද දායකයන්ගෙන් 50% ක් පමණ පන්දය ප්‍රකාශ කර ඇතිබව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා අද දෙරණට පැවසීය.", "එමෙන්ම උතුරු- නැගෙනහිර ජන්දප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ආසන්න වශයෙන් 20%ක් පමණ වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,262
පොලිස් මාරුව ගැන කරුණු පැහැදිලි කළා
[ "උතුරේ සහ වව්නියාව පොලිස් ප්‍රධානීන්ගේ මාරුකිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් තමන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිඛිතව කරුණු පැහැදිලි කර ඇති බව පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පවසයි.", "කෙසේ වෙතත් මෙම ස්ථාන මාරුවීම් වහාම අත්හිටුවන ලෙස අද පැෆ්රල් සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.", "උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා සහ වව්නියා‍ව පොලිසියේ පොලිස් ස්ථානාධිපති සමන් සිගේරා මහතා මාරු කර යැවීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.", "පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමසාරිස්වරයා වෙත යැවූ ලිපියේ සඳහන් වන්නේ මැතිවරණ කාල සීමාව තුළ දී පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් නීති විරෝධී බවය." ]
6,263
වන්නියට ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් පිටත්කෙරේ
[ "වන්නි දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් පිටත් කර හැරීම මේ වන විට ආරම්භ කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා පවසයි.", "සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම පොලිසියේ සහ හමුදාවේ ආරක්ෂාව යොදවා ඇති බවද තේරීම්භාර නිලධාරීවරයා සඳහන් කරයි.", "වන්නි දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී ඇති ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 66,915 ක් වන අතර මධ්‍යස්ථාන 257 කදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකෙරෙන බව වාර්තා වේ.", "වසර ගණනාවකට පසුව මන්නාරම, වව්නියාව, මුලතිවු සහ කිලිනෙ‍ාච්චි යන දිස්ත්‍රික්කවල ජනතාවට තම දිස්ත්‍රික්කය තුළම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සැලසී තිබේ." ]
6,264
ෆොන්සේකා ජන්ද ලැයිස්තුවෙ නෑ
[ "ජන්ද හිමි නාම ලේඛනයේ තම නම සඳහන් නොවන බවත්, එමනිසා ජන්දය ප්‍රකාශ කිරීමට තමන්ට අවස්ථාව නොමැති බවත් ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.", "අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.", "නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31-1 වගන්තියට අනුව ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමේ හැකියාව තමන් සතු බවද එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය", "නමුත් අද උදෑසන \"අද දෙරණ\" කළ විමසීමකදී සරත් ෆොන්සේකා මහතාට ජන්දය හිමිබවත්, නමුත් ආරක්ෂක හේතූන් මත ඔහු ජන්දය භාවිත කරන අවස්ථාව පටිගත කර පසුව ෆොන්සේකා මහතාගේ මාධ්‍ය අංශය විසින් එම පටිගත කළ දර්ශන, ජනමාධ්‍ය වෙත ලබාදෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය." ]
6,265
ජන්ද හිමියකු නොවීම අපේක්ෂකත්වයට බාධාවක් නොවේ
[ "ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන ජන්ද විමසීම් නීතිය අනුව අපේක්ෂකත්වය සඳහා ලියාපදිංචි ජන්ද හිමියකු වීම අතවශ්‍ය නොවන බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරයි.", "එමෙන්ම අපේක්ෂකයා ලියාපදිංචි ජන්ද හිමියකු වුව ද ජන්දය භාවිත කිරීම අත්‍යවශව නොවන බව ද, ලියාපදිංචි ජන්ද හිමියකු වීම හෝ නොවීම අපේක්ෂකත්වය හෝ තෝරා පත්කර ගැනීමට බලනොපාන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ" ]
6,266
ඡන්දය 70%-80% ක් ප්‍රකාශිතයි-සර්ව සාධාරණ නෑ
[ "ඡන්දය ප්‍රකාශ කිරීම උද්යෝගිමත්ව පැවත්වුණද සර්ව සාධාරණ මට්ටමක පැවතුණු බවද කිව නොහැකි බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ඩී.එම් දිසානායක මහතා පවසයි. උතුරේ බෝම්බ පිපිරවීම් මෙන්ම දකුණේ වෙඩි තැබීම් හා ඡන්ද පොළ නියෝජිතයින් පළවා හැරීම්ද වාර්තා වූ බව හෙතෙම පවසයි. සමස්තයක් ලෙස රටේ ඡන්දය ප්‍රකාශ කිරීම 70%-80% ක පමණ ප්‍රතිශතයක් පෙන්නුම් කළ බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. එසේ වුව ද උතුරේ ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතිශතයක් ලෙස ගත් කළ 20% තරම් අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කළ බවද කිලිනොච්ච්යේ ඡන්දය ප්‍රකාශ කිරීම 8% ටත් වඩා අඩු බවද කියා සිටියි. නැඟෙනහිර පළාතේ ඡන්ද ප්‍රකාශ කිරීම ද ඉතා අවම මට්ටමක පැවති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වැඩදුරටත් කියා සිටියි." ]
6,267
මැතිවරණය සාමකාමීයි-රනිල් කියයි
[ "සමස්තයක් වශයෙන් ගත් කළ මැතිවරණය සාමකාමීව පැවැත්වුණු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ප්‍රචණ්ඩත්වයට එරෙහිව ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කිරීම කැපී පෙනුණු ලක්ෂණයක් බව ද හෙතෙම කියා සිටියේය. මැතිවරණය සාමකාමීව පැවැත්වීමට සහය දුන් ත්‍රිවිධ හමුදාව සහ පොලීසියට සිය ප්‍රණාමය පුද කරන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,268
නම නැතිවීම දේශපාලන සදාචාරයේ ප්‍රශ්නයක්
[ "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නම ඡන්ද හිමි නාම ලේඛනයේ නොමැති වීම දේශපාලන සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඡන්දයකට ඉදිරිපත් වන්නට ප්‍රථමයෙන් තමන්ගේ නම ලියා පදිංචි කර ඇත්දැයි විමසා බැලීම කළ යුතුව තිබුණු බව ඔහු අද සවස පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය." ]
6,269
ෆොන්සේකාට එරෙහිව නීති පොත පෙරළයි
[ "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජනාධිපති ධූර අපේක්ෂකත්වයේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක් කරමින් අධිකරණ ක්‍රියා මාර්ගයක් ගැනීමට රජය සූදානම් වෙයි.", "ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් නොමැති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම නීත්‍යනුකූල නොවන බව විදෙස් කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අද සවස පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.", "සරත් ෆොන්සේකා මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වීම අද දවසේ විවාද පන්න තේමාවක් වී තිබියදී ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන ජන්ද විමසීම් නීතිය අනුව අපේක්ෂකත්වය සඳහා ලියාපදිංචි ජන්ද හිමියකු වීම අතවශ්‍ය නොවන බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කර තිබිණි.", "එමෙන්ම අපේක්ෂකයා ලියාපදිංචි ජන්ද හිමියකු වුව ද ජන්දය භාවිත කිරීම අත්‍යවශව නොවන බව ද, ලියාපදිංචි ජන්ද හිමියකු වීම හෝ නොවීම අපේක්ෂකත්වය හෝ තෝරා පත්කර ගැනීමට බලනොපාන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.", "එහෙත් විදෙස් කටයුතු අමාත්‍යවරයා අද සවස කියා සිටියේ එය මැතිවරණ කොමසාරිස්වරයාගේ පෞද්ගලික අදහස වන බව හා අවසන් තීරණය කුමක්ද යන්න පිළිබඳ අධිකරණය විසින් තීරණය කරනු ඇති බවය." ]
6,271
ගණින්නෙක් ගැනිල්ල විකෘතිකරයි
[ "හම්බන්තොට සුචී ජාතික පාසලේ 12-සී ශාලාවේ පැවැත්වුණු ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරියේ නියැළි පුද්ගලයෙකු ප්‍රශ්න කිරීම සඳහා පොලිස් බාරයට ගෙන තිබේ. පැන්සලකින් ඡන්ද පත්‍රිකා විකෘති කිරීමේ චෝදනාව මත මෙසේ පොලිස් බාරයට ගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. දිස්ත්‍රීක් තේරීම්භාර නිලධාරී ආර්.එම්.බී මීගස්මුල්ල මහතාගෙන් මේ පිළිබඳ විමසූ කළ එවැනි සිද්ධියක් වාර්තා වී ඇති බවත්,ඒ පිළිබඳ වැඩි විස්තර කිව නොහැකි බවත් කියා සිටියේය." ]
6,272
සිනමන් ලේක් වටා ආරක්ෂාව තර කරයි
[ "ජනාධිපති ධූර අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු ප්‍රබල ආධාරකරුවන් රැසක් එක්වී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ විශේෂ සාකච්ඡාවක නිරත වී ඇතැයි සඳහන් වේ. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ කාමර 70 ක් මෙම ආධාරකරුවන් විසින් වෙන් කර ගෙන ඇති බවද වාර්තා වේ. කඩා කප්පල්කාරී ක්‍රියා වැළැක්වීමේ අරමුණෙන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය වටා යුද හමුදාවේ විශාල පිරිසක් රැකවලේ යෙදී සිටින බවද කියැවේ." ]
6,273
ජනාධිපතිවරණය-2010
[ "බදුල්ල දිස්ත්‍රීක්කය-හාලි ඇළ", "මහින්ද රාජපක්ෂ මහතා-ලැබූ ඡන්ද සංඛ්‍යාව 23,758", "සරත් ෆොන්සේකා මහතා ලැබූ ඡන්ද සංඛ්‍යාව 21,946" ]
6,274
ජනාධිපතිවරණය-2010
[ "මොණරාගල දිස්ත්‍රීක්කය-මොණරාගල", "මහින්ද රාජපක්ෂ මහතා-ලැබූ ඡන්ද සංඛ්‍යාව 46,731", "සරත් ෆොන්සේකා මහතා ලැබූ ඡන්ද සංඛ්‍යාව 19,990" ]
6,275
ජනාධිපතිවරණය-2010
[ "බදුල්ල දිස්ත්‍රීක්කය-බදුල්ල", "මහින්ද රාජපක්ෂ මහතා-ලැබූ ඡන්ද සංඛ්‍යාව 19,799", "සරත් ෆොන්සේකා මහතා ලැබූ ඡන්ද සංඛ්‍යාව 17,917" ]
6,276
ජනාධිපතිවරණය-2010
[ "මාතලේ දිස්ත්‍රීක්කය-රත්තොට", "මහින්ද රාජපක්ෂ මහතා-ලැබූ ඡන්ද සංඛ්‍යාව 32,818", "සරත් ෆොන්සේකා මහතා ලැබූ ඡන්ද සංඛ්‍යාව 25,991" ]
6,277
ජනාධිපතිවරණය-2010
[ "රත්නපුර දිස්ත්‍රීක්කය-කලවාන", "මහින්ද රාජපක්ෂ මහතා-ලැබූ ඡන්ද සංඛ්‍යාව 31,514", "සරත් ෆොන්සේකා මහතා ලැබූ ඡන්ද සංඛ්‍යාව 14,009" ]
6,278
ජනපති තාමත් ඉදිරියෙන්
[ "මේ වන විට ප්‍රකාශයට පත්ව ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටින බව පෙනෙන්නට තිබේ. ඒ අනුව මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල වලින් ජනාධපති මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 723362 ක් ලබා ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 60.18% ක් වේ. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 460725 ක් වන අතර ප්‍රතිශතයක් ලෙස 39.33 කි. වෙනත් ප්‍රකාශකයින් ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 17934 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 1.49% කි. මේ වන විට මැතිවරණය පැවති දිවයිනේ දිස්ත්‍රීක්ක 22 ඇසුරින් දිස්ත්‍රීක්ක 20 තැපැල් ඡන්දය ප්‍රකාශයට පත් කර අවසන්ය. එම දිස්ත්‍රීක්ක 20 අතුරින් 18 ක් ජය ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් වී තිබේ. ඒ ගාල්ල,මාතර,හම්බන්තොට,කළුතර,කොළඹ,පුත්තලම,රත්නපුර,අනුරාධපුර,පොළොන්නරුව,නුවරඑළිය,බදුල්ල,මහනුවර,මාතලේ,කෑගල්ල,මොණරාගල,ත්‍රීකුණාමලය,දිගාමඩුල්ල, සහ වන්නි යන දිස්ත්‍රීක්කයි. සරත් ෆොන්සේකා මහතා යාපනය සහ මඩකළපුව, යන දිස්ත්‍රීක්ක වල තැපැල් ඡන්දය ජයග්‍රහණය කර ඇත. මෙි වන විට ආසන 20 ක නිල ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වී ඇති අතර එයින් ආසන 15 ක ජය හිමිව ඇත්තේ ජනාධිපතිවරයාටයි." ]
6,279
හම්බන්තොටින් ජනපතිට විශිෂ්ට ජයක්
[ "හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ඇත.", "මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 226,887 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 67 . 21% කි.", "එම දිස්ත්‍රික්කයේ දී සරත් ෆොන්සේකා මහතා ලබාගෙන ඇත්තේ ඡන්ද 1 53,036 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 31 . 20% කි.", "ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රක්කය මහින්ද රාජපක්ෂ මහතා වැඩිඡන්ද 121,551 ක් ලබාගනිමින් ජයග්‍රහණය කර ඇත.", "දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ආසන 66ක බලය තහවුරු කරගැනීමට මහින්ද රා‍ජපක්ෂ මහතා සමත් ව ඇති අතර සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කර ඇති ආසන සංඛ්‍යාව 15 කි.", "මහින්ද රාජපක්ෂ මහතා ‍මේ වන විට ලබාගෙන ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 2,503,293 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 60 . 24% කි.", "සරත් ෆොන්සේකා මහතා දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ලබාගෙන ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 1,574,690 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 37 . 90% කි." ]
6,280
ගාල්ල සහ අනුරාධපුරත් ජනපතිට
[ "ගාල්ල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කද මහින්ද රාජපක්ෂ මහතා අති විශිෂ්ට ලෙස ජයග්‍රහණය කර ඇත .", "ගාල්ල දිස්ත්‍රික්කයේ මහින්ද රාජපක්ෂ මහතා ලබාගෙන ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 386,971 කි. එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 63.69% කි.", "ගාල්ල දිස්ත්‍රික්කයේදී සරත් ෆොන්සේකා මහතා ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 211,633 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 34.83%කි.", "ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 175,338 ක් ලබා ගනිමින් ගාල්ල දිස්ත්‍රික්ක ජයග්‍රහණය කර ඇත.", "අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය තහවුරු කිරිමටද මහින්ද රාජපක්ෂ මහතා සමත්ව ඇත. ඒ මුළු ඡන්ද සංඛ්‍යාව ලෙස ඡන්ද 298,448 ක් ලබාගනිමිනි.", "සරත් ෆොන්සේකා මහතා ලබගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 143,761 කි.", "ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා අනුරා‍ධපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර ඇත්තේ වැඩි ඡන්ද 154,687 ක් ලබා ගනිමිනි.", "දැනට ආසන 107ක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ආසන 85ක බලය තහවුරු කරගැනීමට මහින්ද රා‍ජපක්ෂ මහතා සමත් ව ඇති අතර සරත් ෆොන්සේකා මහතා ආසන 22 ක් ජයග්‍රහණය කර ඇත." ]
6,282
සෙබළු 9ක් පොලීසියට බාරදෙයි
[ "ජනාධිපති ධූර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා සමග සිටි යුධ හමුදාවෙන් පැනගිය සෙබළුන් 9 දෙනෙකු කොළඹ හෝටලයක ඔහු සමඟ සිටියදී මීට සුළු ෙමාෙහාතකට පෙර යුධ හමුදා පොලීසියට බාරදී තිබේ.", "යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක උදය නානායක්කාර මහතා පැවසුවේ කොළඹ හෝටලයක සිටියදී මෙසේ ඔවුන්ව බාරකර ඇති බවය." ]
6,283
ජනපතිට විශිෂ්ට ජයක ලකුණු
[ "ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටි.", "මේ වන විට ආසන 38 ක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කර අවසන්ව ඇති අතර එම ඡන්ද ප්‍රතිඵලවලට අනුව මහින්ද රාජපක්ෂ මහතා ආසන 30 ක බලය දිනාගෙන ඇත.", "මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ලබාගෙන ඇති මුළු ඡන්ද සංඛ්‍යාව පහළොස් ලක්ෂ 14,944 කි එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ සියයට‍ 59.57 කි.", "සරත් ෆොන්සේකා මහතා ආසන 8 ක බලය හිමිකරගෙන ඇති අතර ඔහු මේ වන විට ලබාගෙන ඇති මුළු ඡන්ද සංඛ්‍යාව නම ලක්ෂ 83,022කි. එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ සියයට 38.65 ක් වේ.", "මේ අතර මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් දිස්ත්‍රික්ක 19 ක තැපැල් ඡන්දය ජයගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබේ." ]
6,284
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 8ක්
[ "ජනාධිපතිවරණය අවසන් වීමෙන් අනතුරුව මේ දක්වා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 8ක් වාර්තා වන බව පැෆ්රල් සංවිධානය පවසයි.", "පහරදීම් 6ක් ඊට අයත් වන බවත්, හම්බන්තොට සහ මඩකලපුව යන ප්‍රදේශවලින් මෙම පහරදීම් වාර්තා වූ බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.", "මීට අමතරව තර්ජනය කිරීමේ සිද්ධියක් සහ පිහි ඇනුම් සිද්ධියක් ද වාර්තා වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.", "මේ අතර පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලින් වැළකි සිටින ලෙස සියලුම දේශපලන පක්ෂ නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා පවසයි." ]
6,285
ගැටුමක් නිසා පෙදෙස් කිහිපයක ඇදිරි නිතිය
[ "ගම්පොළ , නාවලපිටිය , කුරුදුවත්ත යන ප්‍රදේශවලට පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.", "අද උදෑසන දෙපිරිසක් අතර හටගත් ගැටුමක් හේතුවෙන් එම ඇදිරි නීතිය‍ පැනවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.එම්.කරුණාරත්න මහතා පැවසුවේය.", "අද උදෑසන 8.30 පමණ මෙම ගැටුම හටගෙන ඇති අතර මෙමගින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.", "පොලිස් ඇදිරි නීතිය ඉවත් කරන වේලාව පිලිබද මෙතෙක් තීරණය කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය." ]
6,286
ෆොන්සේකාගෙ මාධ්‍ය හමුවක්
[ "මේ වන විට කොළඹ සිනමන් හෝටලයෙ සරත් ෆොන්සේකා මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වයි.", "නමුත් එහිදී සාකච්ජා කෙරුණු කරුණු පිළිබදව මෙතෙක් කිසිදු ෙතාරතුරක් වාර්තා වී ෙනාමැත. ඊට ෙහ්තුව ඒහිදී අප වාර්තාකරුවන්ට තම ජංගම දුරකථන විසන්ධි කරන ලෙස දන්වා තිබිමය. නමුත් ඒහි ෙතාරතුරු ලද සැනින් අප ඒම ෙතාරතුරු වාර්තා කිරීමට සූදානම්ය." ]
6,287
මහින්දට ජය නියතයි
[ "මේ වන විට නිකුත් වී ඇති ජන්ද ප්‍රතිඵල වලට අනුව මහින්ද රාජපක්ෂ මහතා, සරත් ෆොන්සේකා මහතාට වඩා ජන්ද 1,817,541ක් ලබා ඉදිරියෙන් සිටි.", "ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා නියත ජයග්‍රහණයක් ලබනු ඇත.දැනට ආසන 157ක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කර අවසන්ව ඇති අතර ඉතිරිව ඇත්තෙ ආසන 3ක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත්කිරීම පමණි" ]
6,288
ෆොන්සේකා අත්අඩංගුවට ගන්නෙ නෑ
[ "තමන් හට ජීවිත තර්ජනයක් පවතින බව සරත් ෆොන්සේකා මහතා පැවසුව ද ඔහු අත්අඩංගුවට ගැනිමේ කිසිදු උත්සාහයක් ෙනාමැති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක උදය නානායක්කාර මහතා අද දෙරණට පැවසීය." ]
6,289
සමස්ත ප්‍රතිඵලය තව සුළු වේලාවකින්
[ "2010 -ජනාධිපතිවරණයේ සමස්ත නිල ජන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා විසින් තව ස්වල්ප වේලාවකින් ප්‍රකාශ කිරීමට නියමිතය. ඒම දර්ශනය අද දෙරණ ඔස්සෙ විකාශය වීමට නියමිතය." ]
6,290
මහින්දට විශිෂ්ට ජයක්
[ "6 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ.", "මේ වන විට සියලුම දිස්ත්‍රික්කවල මේ වන විට සියලුම දිස්ත්‍රික්කවල නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන්ය. එම මැතිවරණ ප්‍රතිඵලයට අනුව මහින්ද රාජපක්ෂ මහතා ලබාගෙන ඇති මුළු ඡන්ද සංඛ්‍යාව පනස් නම ලක්ෂ 27,717 කි. එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ සියයට 57 . 89 කි.", "ප්‍රකාශයට පත් කර ඇති ඡන්ද ප්‍රතිඵලය අනුව සරත් ‍ෆොන්සේකා මහතා‍ට ලැබී ඇති මුළු ඡන්ද සංඛ්‍යාව හතලිස් එක් ලක්ෂ 10,176 කි. එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ සියයට 40 . 14 ක් වේ.", "ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා වැඩි ඡන්ද දහ අට ලක්ෂ 17,541 ලබ‍ාගෙන ඉදිරයෙන් සිටි.", "මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ගාල්ල , මාතර , හම්බන්තොට , අනුරාධපුර , පොළොන්නරුව , කොළඹ , ගම්පහ , රත්නපුර , කෑගල්ල , බදුල්ල , මොණරාගල , මහනුවර , මාතලේ , පුත්තලම , කුරුණෑගල යන දිස්ත්‍රික්ක විශිෂ්ට ලෙස ජයග්‍රහණය කර තිබේ.", "මෙම සෑම දිස්ත්‍රික්කයක්ම සියයට 60 ට අදික ඡන්ද ප්‍රතිශතයකින් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර තිබීම විශේෂත්වකි.", "ජනාධිපතිවරණ ඉතිහාසය තුළ ප්‍රධාන අපේක්ෂකයෙකුට ලක්ෂ 59 ඉක්මවා ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් පළමු අවස්ථාව මෙය ලෙස සැළකෙයි.", "තේරි පත්වු 6 වන විධායක ජනාධිපතිවරයා මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශට පත් කිරීමට නියමිතය. ඔහු තව නොබො වෙලාවකින් එය ප්‍රකාශයට පත් ‍කරණු ඇති බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි." ]
6,291
ගෙදර යන්න ඉඩදෙන්න-කොමසාරිස්ගෙන් ආයාචනයක්
[ "ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පවත්වන ලද ජනාධිපතිවරණයෙන් ඡන්ද 601,5934(57.88%)ලැබූ මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ බව මැතිවරණ කොමසාරිස්වරයා විසින් මීට ස්වල්ප මොහොතකට පෙර අවසන් ප්‍රතිඵලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේය.", "විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරඟ වැදුණු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඡන්ද 417,3185 (40.15%) ක් ලබා තිබුණි.", "6 වන ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් හැකි ඉක්මනින් තමන්ට ධූරයෙන් විශ්‍රාම යාම සඳහා ඉඩ කඩ ලබා දෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා සිටියේය.", "තමන් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ විවිධ දේශපාලන පක්ෂ සමග කටයුතු කළ බවත්,මින් ඉදිරියට මෙම ධූරයේ කටයුතු දිගින් දිගටම කරගෙන යාමට කිසිදු අපේක්ෂාවක් නැතැයිද මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය." ]
6,292
ජනපති ආගමික නායකයින්ගෙන් උපදෙස් ලබයි
[ "ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ආගමික නායකයින්ගේ උපදෙස් ලබා ගැනීමට පියවර ගෙන තිබේ.", "මල්වතු අස්ගිරි මහනායක නායකවරු මෙන්ම රාමඤ්ඤ හා අමරපුර නිකායන් වල මහනායක හිමිවරුන් සමග ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ සියලු දෙනාටම නීතිය එක හා සාමානව ක්‍රියාත්මක වන සාමාජයක් බිහිවන කරන බවය.", "කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් පියතුමාන් ඇතුලු සර්ව ආගමික නායකින් සමග ද ජනාධිපතිවරයා විශේෂ සාකච්චාවක් පවත්වා තිබෙන අතර ඒහිදි රටේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වු බව සදහන් වේ.", "මේ අතර රටේ ගෞරවයට හානී කිරීමට කිසිදු පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අයිතියක් නොමැති බවද, රටේ සෑම පුද්ගලයෙකුටම නීතිය එක හා සාමානව ක්‍රියාත්මක විය යුතු බවද, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.", "නීතිය ඉහළින් කටයුතු කරන ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තමා කටයුතු කරන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.", "6 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරිපත්වීමෙන් අනතුරුව මැතිවරණ මහ‍ලේකම් කාර්යාලයෙන් පිටත පැමිණි අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සදහන් කලේය.", "සියලු වාද භේද අමතක කොට රට ගොඩනැගීමේ කාර්යට තමන් සමග එක්වන ලෙස ජනාධිපතිවරයා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටී." ]
6,293
අද පාසල් යළි ආරම්භ වේ
[ "ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා වසා දමා තිබු පාසල් අද යළි ආරම්භ වේ.", "පාසල් කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සදහා විදුහල්පතිවරුන් මෙන්ම ගුරුවන්ද අද දිනයේ පැමිණෙනු ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිමල් බණ්ඩාර මහතා සදහන් කලේය.", "ජනාධිපතිවරණය හේතුවෙන් පසුගිය 25 , 26 , 27 යන දිනවල නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණි." ]
6,294
ප්‍රතිඵල සමාලෝචනයක් ඉදිරි දින දෙක තුළදී
[ "මැතිවරණ ප්‍රතිඵල සමාලෝචනය කිරීම සදහා ඉදිරි දින දෙක තුළ තම පක්ෂ මන්ත්‍රි කණ්ඩායම රැස්වීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිළක මහතා පවසයි.", "ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත්වු ප්‍රතිඵලය සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්චාවට ලක් කරන බවත්, පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ රැස්වීමක් ද මීට සමගාමීව පැවැත්වෙන බවත් මන්ත්‍රිවරයා සදහන් කලේය.", "කෙසේ වෙතත් මැතිවරණ ප්‍රතිඵලය පිලිබදව එතෙක් කිසිදු අදහසක් පල ක‍ළ නොහැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය." ]
6,295
පෙළපාළි යෑම තහනම්
[ "පශ්චාත් මැතිවරණ ප්‍ර්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වන පුද්ගලයින්ට ‍එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය දැඩිව අවධාරණය කරයි.", "පෙල පාලි යෑම සම්පුර්ණයෙන්ම තහනම් බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා සදහන් කලේය." ]