id
int64
5.96k
184k
heading
stringlengths
3
163
content
sequence
6,400
ප්‍රභාකරන්ගේ මරණ සහතිකය ඉන්දියාවට
[ "එල්.ටී.ටී.ඊ නායක වී.ප්‍රභාකරන්ගේ මරණ සහතිකය ඉන්දියාවට ලබා දී ඇතැයි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය පී.සිදම්බරම් මහතා පවසයි. හිටපු ඉන්දීය අගමැති රජීව් ඝාන්ධි මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන වේළුපිල්ලේ ප්‍රභාකරන් ගේ අභාවයට අදාල ලියකියවිලි තමන්ට ලබා දෙන ලෙස ඉන්දියා‍ව ශ්‍රීලංකාවෙන් ඉල්ලා තිබිණි.", "ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය පී.සිදම්බරම් මහතා අද ඉන්දියානු මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මෙම කරුණු අනාවරණය කර තිබිණි." ]
6,401
විනය විරෝධීන්ගේ හමුදා සේවයට තිත
[ "පසුගිය මැතිවරණ‍ සමයේදී මෙන්ම මැතිවරණයෙන් පසුවද විනය විරෝධී ලෙස දේශපාලන කටයුතු වල නිරත වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සේවයෙන් විශ්‍රාම ගැන්වීමට කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.", "මෙම මැතිවරණයේදී ආරක්ෂක අංශ සාමාජිකයින් දේශපාලන පක්ෂ සාමාජිකයින් ලෙස ක්‍රියා කළ බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති බවත්,එම කරුණු නිවරදිව තහවුරු කර ගැනීමෙන් පසු එම නිලධාරීන්ගේ තරාතිරම නොතකා හමුදා සේවයෙන් විශ්‍රාම ගැන්වීමට කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියි.", "සිය සේවා කාලය තුළ දේශපාලන කටයුතු වලට අත පොවමින් හමුදා විනයෙන් බැහැරව ක්‍රියා කළ මෙම නිලධාරීන් තව දුරටත් හමුදාසේවය තුළ රඳවා ගැනීමෙන් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෘජු බලපෑමක් එල්ල කරන බැවින් මෙම තීරණය ගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ." ]
6,402
ෆොන්සේකා දියණියෝ රට හැරයති
[ "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ දියණියන් දෙදෙනා වන අප්සරා ෆොන්සේකා සහ අපර්ණා ෆොන්සේකා යන අය ඊයේ උදෑසන යළි ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇති බව ගුවන්තොටුපළ ආරංචිමාර්ග සඳහන් කරයි.", "තමන්ට හෝ තම පවුලේ උදවියට රටින් පිටවීමට නොහැකි ලෙස කටයුතු කරන ලෙස ගුවන්තොටුපළේ බලධාරීන්ට උපදෙස් දී ඇතැයි ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයන් පසුගිය දිනවල ප්‍රවෘත්ති ලෙස පළ විය.", "එහෙත් මෙම දියණියන් දෙදෙනා ට ගුවන්තොටුපළේ දී කිසිදු ආකාරයක බාධා කිරීමක් ඇති වී නැති බව දැනගන්නට ලැබී තිබේ.", "සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතා පිළිබඳ විමසූ කළ මොවුන් සමග ඔහු ගමන් කර නැතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි." ]
6,404
විශ්වාසය රකින්නැයි කැෆේ ඉල්ලයි
[ "ජනාධිපතිවරණ ප්‍රතිඵලවල විශ්වසනීයත්වය උදෙසා සියලු ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ප්‍රතිඵල ලේඛනයන්හි අනුපිටපත් ලබාදෙන ලෙස කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි.", "එම සංවිධානය පවසන්නේ කුමන හෝ කරුණක් හේතුවෙන් ප්‍රතිඵල පිළිබඳ ජනතාව තුළ සැකයක් ඇත්නම් එය තුරන් කිරීම සඳහා මෙම පියවර ඉවහල් වන බවයි.", "ගණන් කිරීමේ මධ්‍යස්ථාන ගණනාවක සිදුවූ පහරදීම් හේතුවෙන් ඇතැම් දේශපාලන නියෝජිතයන්ට ‍ප්‍රතිඵල ලේඛනවල කාබන් පිටපත් ලැබී නොමැති බව කැෆේ සංවිධානය පවසයි.", "ලේඛනවල පිටපත් ලබා දීම ගැටලුවක් නොවන බැවින් එම ක්‍රියාමාර්ගය ගැනීමෙන් ජනතාවගේ අවිශ්වාසය දුරු කළ හැකි බව කැෆේ සංවිධානය වැඩිදුරටත් කියා සිටියි." ]
6,405
යාපනය නව රථ සැලැස්ම ගැටලුකාරීයි
[ "යාපනය අර්ධද්වීපයේ ක්‍රියාත්මක නව රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු රැසක් මතු වී ඇති බව පොලීසිය පවසයි.", "ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව පසුගිය දෙසැම්බර් මාසයේ සිට යාපනය අර්ධද්වීපයේ නව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කළේය. ජනතාව දැනුවත් කර මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කළ ද මේ වන විට ගැටලු මතු වී ඇති බව පොලීසිය සඳහන් කරයි.", "යාපනය අර්ධද්වීපයේ ජනතාව හුරු වී සිටි සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැර නොවීම සහ මාර්ග වල පවතින දුෂ්කරතා බව එයට හේතු ලෙස පොලීසිය දක්වයි.", "මේ හේතුවෙන් නැවත වරක් මෙම රථ වාහන සැලැස්ම පිළිබඳව කඩිනමින් ජනතාව දැනුවත් කිරීම අවශ්‍ය වන බව ද පොලීසිය පවසයි." ]
6,406
මධ්‍යම පළාත් පාසැල් වලට පරිඝනක තාක්ෂණය
[ "මධ්‍යම පළාතේ සියලුම පාසැල් වලට පරිඝනක තාක්ෂණය හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.", "පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත. මෙම වැඩපිළිවෙල යටතේ පළාතේ පාසැල් 59 ක පරිඝනක තාත්ෂණ ඒකක පිහිටුවා තිබේ.", "පළාතේ අනෙකුත් පාසැල් සඳහා ද එක් පරිඝනක යන්ත්‍රය බැගින් හෝ ලබා දීමට කටයුතු කරන බව පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි." ]
6,407
ජලයේ පිරිසිදු බව සොයන වැඩසටහනක්
[ "ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණින් ජලයේ පවිත්‍රතාවය පිළිබඳ සෙ‍ායා බැලීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.", "මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂක පියරත්න පනන්වල මහතා පවසයි.", "ප්‍රාදේශීය මට්ටමින් ජල සාම්පල් ලබා ගෙන එම ජල සාම්පල් රසායනාගාර වලට යවා පරීක්ෂා කිරීම මෙමඟින් සිදු කරනු ලබයි. ඒ අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු ජලය තිබෙන ප්‍රදේශ හඳුනාගෙන ඒ සඳහා පිළියම් යෙදීමට බලාපෙ‍ාරොත්තු වන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.", "මෙරට ජනතාවට වැළදෙන බොහෝමයක් රෝග වලට හේතුව ලෙස අපිරිසිදු ජලය භාවිත‍ා කිරීම බව තහවුරු වී තිබේ." ]
6,408
නිදහස් සන්ධාන නාම යෝජනා සැකසේ
[ "එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා ලැයිස්තු සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.", "ඒ සඳහා අවශ්‍ය මූලික සාකච්ඡා මෙම සති අන්තය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය." ]
6,409
නිදහස් දිනයට වි‍ශේෂ රථ සැලැස්මක්
[ "මහනුවර දී පැවැත්වෙන 62 වන නිදහස් දිනය නිමිත්තෙන් වි‍ෙශ්ෂ රථවාහන සැලැස්මක් මහනුවර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කර තිබේ.", "නිදහස් දිනයේ ආරක්ෂාව සඳහා විසි දෙදහසකින් යුතු පොලිස් කණ්ඩායමක ගේ සහ ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා සඳහන් කළේය.", "එදිනට මහනුවර නගරයේ ක්‍රියාත්මක වන රථවාහන සැලැස්ම සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවක දී නිමල් මැදිවක මහතා මේ බව සඳහන් කළේය." ]
6,410
ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද
[ "ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවනධුර කාලය ආරම්භ වන හා අවසාන වන දිනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද දින ප්‍රකාශ කිරීමට නියමිතය.", "දෙවනධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකර‍ණයේ මතය විමසමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබූ ප්‍රශ්නය ඊයේ ශ්‍රේෂ්ඨිකරණයේ සප්ත පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාගයට ගනු ලැබීය. ඒ අනුව ඒ පිළිබඳ තීන්දුව පැය 24 කින් ප්‍රකාශයට පත් කරන බව එම විනිසුරු මඩුල්ල ඊයේ තීරණය කර තිබේ.", "අග විනිසුරු අශෝක ද සිල්වා ප්‍රමුඛ සප්ත පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම විභාග කිරීම සිදු කරනු ලැබිණි." ]
6,411
දුම්බර අලි මිනිස් ගැටුම් උග්‍ර වේ
[ "දුම්බර මිටියාවතේ ගම්මාන රැසක යළි අලි මිනිස් ගැටුම් උග්‍ර වෙමින් පවතී.", "මිනිපේ සහ වස්ගමුව රක්ෂිත වලින් පැන ගත් වල් අලි ගම් වැදීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි. රක්ෂිත වනාන්තර තුළ වල් අලින් හට ප්‍රමාණවත් ආහාර නොමැති කම වල් අලි ගම්වැදීමට හේතු වී තිබේ.", "ගම් වැදුණු වල් අලි වී සහ ලුණු කෑමට අබ්බැහි වී ඇති බව ද ප්‍රදේශවාසීන් පවසයි. මාතලේ දිස්‍ත්‍රික්ක‍ෙය් පමණක් ග්‍රාමසේවා වසම් 28 කට මෙම වල් අලි තර්ජනය බලපා තිබේ.", "ගම් වැදුනු වල් අලින් පළවා හැරීමට ප්‍රමාණවත් තරම් නිලධාරීන් නොමැති කම , අලි වෙඩි හිඟය සහ වල් අලි ගම් වැදීම වළකා ගැනීම සඳහා ඉදි කළ විදුලි වැට අබලන් වීම මෙම ගැටුම් උග්‍ර වීමට හේතු වී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි." ]
6,412
වැල්ලවායේදී බීඩී තොගයක් අල්ලයි
[ "බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ මෙරට නිෂ්පාදිත බීඩී තොගයක් සමඟ වැල්ලවාය ඇල්ල ප්‍රදේශයේ දී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.", "වැල්ලවාය සිට බණ්ඩාරවෙල දෙසට ධාවනය වූ ලොරි රථයක් පරීක්ෂා කිරීමේ දී මෙම බීඩි තොගය සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.", "සොයා ගත් බීඩි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂය ඉක්මවන බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තිස්සමහාරාමයේ සහ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද වාර්තා වේ.", "සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය." ]
6,413
වව්නියාවෙන් පුපුරණද්‍රව්‍ය තොගයක්
[ "වව්නියාව අලිමංකඩ පුරප්පන් කැළෑ ප්‍රදේශයේ සඟවා තිබූ පුපුරණදුව්‍ය ඇතුළු යුධඋපකරණ තොගයක් සොයා ගෙන තිබේ.", "වව්නියාව විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සිදු කළ වි‍ෙශ්ෂ මෙහෙයුමක දී මෙම යුධ උපකරණ සොයා ‍ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම් කරුණාරත්න මහතා ප්‍රකාශ ක‍ළේය.", "මෙහි දී කිලෝග්‍රෑම් 12 බැගින් බර ක්ලේමෝ බෝම්බ 2 ක් , කිලෝග්‍රෑම් 02 බැගින් බර ක්ලේමෝ බෝම්බ 4 ක් , ජීව අත්බෝම්බ 6 ක් , පුද්ගලනාශක බෝම්බ 120 ක් , ටී 56 ජීව උණ්ඩ 400 ක් , විදුලි ඩෙට‍ෙ‍න්ටර් 82 ක් ඇතුළු යුධ උපකරණ රැසක් සොයා ගෙන ඇති බවට වාර්තා වේ.", "මෙම පුපුරණ ද්‍රව්‍ය සහ යුධ උපකරණ වව්නියාව පොලීසියට භාර දී ඇති අතර වව්නියාව පොලීසිය ‍මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන ආරම්භ කර තිබේ." ]
6,414
රිය අනතුරකින් දෙදෙනෙක් මියයයි
[ "වරකාපොල වාරියගොඩ ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.", "කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වාරියගොඩ හන්දිය අසළ දී කුරුණෑගල සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය පවසයි.", "ඊයේ පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා අලව්ව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වී තිබේ. අනතුරින් මිය ගොස් ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදංචි 36 හැවිරිදි පුද්ගලයෙකු සහ 19 හැවිරිදි පුද්ගලයෙකු බව වරකාපොල පොලීසිය සඳහන් කරයි.", "අනතුර සම්බන්ධයෙන් වරකාපොල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි." ]
6,415
සෝමාලියා කැරලි කණ්ඩායම අල්කයිඩාවට
[ "සෝමාලියාවේ ඉස්ලාමීය කැරලිකාර කණ්ඩායම අල්කයිඩා සංවිධානය සමඟ එක්වීමට තීරණය කර තිබේ.", "එරට කැරලිකාර කණ්ඩායමක් වන අල් ශබාබ් කැරලිකරුවන් මෙසේ අල්කයිඩා සංවිධානය සමඟ එක්වීමට තීරණය කර ඇති බව සඳහන් වේ. මෙම කැරලිකාර කණ්ඩායම සෝමාලියාවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශ වල ක්‍රියාත්මක වන බව ද වාර්තා වේ.", "මොවුන් අල්කයිඩා සංවිධානය සමඟ එක් වන බවට ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි." ]
6,416
20 / 20 නායකයා ෂොයිබ් මලික්
[ "ෂොයිබ් මලික් පකිස්ථානු 20 / 20 කණ්ඩායමේ නායකයා ලෙස නම් කර තිබේ.", "ඒ අනුව ලබන 05 වන දින ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන 20 / 20 තරගය සඳහා ෂොයිබ් මලික් නායකත්වය දරනු ඇත. මීට පෙර 20 / 20 ‍කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කලේ ෂයීඩ් අෆ්රීඩි ය.", "ෂොයිබ් මලික් මීට පෙර අවස්ථාවක දී ද පකිස්ථානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලැබීය.", "ඕස්ට්‍රේලියානු සංචාරයේ නිරත වී සිටින පකිස්ථානු කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමඟ පැවති ටෙස්ට් තරගාවලිය 3 ට බින්දුවක් ලෙස පරාජය වූ අතර එක්දින තරගාවලිය 5 ට බින්දුවක් ලෙස පරාජයට පත්විය." ]
6,417
මොණරාගල ජනතාව රට ගැන සිතා තීන්දු ගත්තා
[ "අතීතයේ සිටම මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව රටේ අනාගතය ගැන සිතා තීන්දු තීරණ ගත් බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.", "ඊයේ මොණරාගල ප්‍රදේශ‍ෙය් පැවති ජනහමුවක් අමතමින් ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.", "පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා දුන් ජනතාව මොණරාගල දිස්ත්‍රික් ජනතාව බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.", "එමෙන්ම විපක්ෂය ගෙන ගිය අසත්‍ය චෝදනා සියල්ල ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බව ද ඔහු පැවසීය." ]
6,418
ගිනි තබාගෙන 4 ක් මරු වැළඳ ගනිති
[ "පිළියන්දළ කහතුඩුව ප්‍රදේශයේ පුද්ගලයින් සිව් දෙනෙකු ගිනි තබාගෙන සිය දිවි හානි කර ගෙන තිබේ. ඊයේ රාත්‍රී මෙසේ ගිනි තබා ගෙන ඇති බව කහතුඩුව පොලීසිය පවසන අතර මෙහි දී ජීවිතක්ෂයට පත් ව ඇත්තේ එකම පවුලේ පියා , දියණියන් දෙදෙ‍නා සහ පුතු වන බව ද සඳහන් වේ.", "ගින්නෙන් තුවාල ලැබූ මව කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ..", "මොවුන් සියලු දෙනාම නිවස තුළ රැඳී සිටිය දී මෙසේ ගිනි තබා ගෙන ඇති බව පොලිසීය සැක පළ කරයි." ]
6,420
වළි කුකුළන්ට තර්ජනයක්
[ "රජයේ රක්ෂිත වනාන්තර වල වළි කුකුළන් වඳවී යෑ‍මේ තර්ජනයකට මුහුණ පා තිබේ.. වස්ගමුව , ඇළහැර , උඩවලවේ වැනි වනාන්තර වල බෙහෝ සෙයින් වලිකුකුළන් වඳවී යමින් පවතින බව පරිසරවේදීන් පවසයි. ‍විදේශීය සහ දේශීය සංචාරකයින් සඳහා වළි කුකුල් මස් ලබා දීමට කුකුළන් දඩයම් කිරීම මෙයට හේතු වී තිබේ. මේ වන විට සංචාරක හෝටල් මඟින් වළි කුකුළු මස් රුපියල් 500 ක් වැනි ඉහළ මිලකට ලබා ගන්නා බව වාර්තා වේ. ජාතික පක්ෂියා වන වළි කුකුළා ආරක්ෂා කර ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස පරිසර වේදීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි." ]
6,421
වන්නියලැ ඇත්තන්ට මරණ තර්ජන නෑ
[ "වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩුව සමථයකට පත් ව තිබේ.", "දඹානේ තැපැල්කරුවෙකු විසින් මෙම මරණීය තර්ජනය එල්ල කළ බවට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබුණි. අද පැවති නඩු විභාගයේ දී සැකකරු විවෘත අධිකරණය හමුවේ සඳහන් කළේ වරද පිළිගන්නා අතර සාමදානය වීමට තමන් කැමති බවයි.", "මෙහි දී පැමිණිලි පාර්ශවය සඳහන් කරනු ලැබුවේ වන්නිල ඇත්තන්ට හෝ ඔහුගේ පවුලේ කිසිම සාමාජිකයෙකුට බිය වැද්දීමක් හෝ තර්ජනය කිරීමක් මින් ඉදිරියට නොකරන බවට විත්තිකරු අධිකරණය හමුවේ ප්‍රතිඥා දිය යුතු බවයි.", "ඒ අනුව විත්තිකරු අදාළ කොන්දේසි වලට එකඟ වීමෙන් අනතුරුව නඩුව සමථයකට පත් කිරීමට මහියංගණ මහේස්ත්‍රාත් රුවන්තිකා මාරපන මහත්මිය තීරණය කළාය." ]
6,422
ඡන්ද ප්‍රතිඵලයේ පරිගණක අක්‍රමිකතා නෑ
[ "ජනාධිපතිවරණ ප්‍රතිඵල පරිගණක ගත කිරීමේ දී අක්‍රමිකතා සිදු වූ බවට එල්ල වන චෝදනා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය තරයේ ප්‍රතික්ෂේප කරයි. .", "එම අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය රුවන් වීරසිංහ මහතා බී.බී.සී සිංහල සේවය සමඟ පැවති සාකච්ඡාවක දී සඳහන් කර ඇත්තේ ප්‍රතිඵල පරිඝනක ගත කිරීම සිදු වූයේ පූර්ණ සනාථ කර ගැනීමකින් පසුව බවයි..", "මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ පරිගණක කටයුතු සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයට සේවා සපයන ලද්දේ කොළඹ විශ්ව විද්‍යා‍ලයේ පරිගණක අංශය විසිනි..", "දැනට මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන චෝදනා පිළිබඳ අදහස් දක්වමින් රුවන් වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ තම ආයතනය විශ්වසනීය පිළිබඳ කීර්තියක් උසුළන ආයතනයක් බවයි. .", "ගණන් කිරීමේ මධ්‍යස්ථාන මඟින් යොමුකළ ප්‍රතිඵල ලේඛන පරිගණක ගත කිරීමට පෙර නැවත වරක් එය තහවුරු කර ගැනීමට කටයුතු කළ බව ද වීරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.." ]
6,423
ආනන්ද සංගරීගෙන් ඉල්ලීමක්
[ "දෙමළ සන්ධානයේ ප්‍රකාශයන් සාමාන්‍ය සිංහල ජනතාව තුළ ද්‍රවිඩ ඊළම බිහිවීම පිළිබඳ සැකයක් මතුවීමට හේතු වී ඇති බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සභාපති ආනන්ද සංගරී මහතා පවසයි. ඊයේ දින‍යේ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.", "එමෙන්ම අහිංසක දෙමළ ජනතාව මුලා නොකරන ලෙස දෙමළ සන්ධානයේ ප්‍රධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ ෆෙඩරල් පක්ෂයේ එස්. සෙනාතිරාජා, ආර්. එම්. ඉමාම්, සෙල්වම් අඩයිකලනාතන්, විනෝතරලිංගම් හා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් ද TELO, EPRLF යන සංවිධාන වලින් ඉල්ලා සිටින බව එම නිවේදනයේ සංගරී මහතා වැඩිදුරටත් දක්වා ඇත." ]
6,424
අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ඉල්ලා අස්වෙයි
[ "විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් වරයා මගින් ජනාධිපතිවරයාට බාර දී තිබේ. මීට ස්වල්ප මොහොතකට පෙර එකී ලිපිය තමාට යොමු කර ඇතිවග ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා අද දෙරණට කියා සිටියේය." ]
6,425
ළමුන්ට එන්නත් දීම විධිමත් කරයි
[ "ජාතික ප්‍රතිශක්තීකරණය වැඩසටහන යටතේ ළමුන්ට එන්නත් ලබාදීම විධිමත් කිරීමට අමාත්‍යාංශය පියවරගෙන තිබේ. මේ යටතේ ප්‍රතිශක්තීකරණ එන්නත් 5ක් එක් එන්නතක් මගින් ලබාදීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත‍ රෝග විද්‍යාඥ සුදත් පීරිස් මහතා පවසයි. ත්‍රිත්ව එන්නත , හිපටයිස් බී එන්නත හා හිබ් එන්නත මේ අනුව ළමුන්ට ලබා දීමට නියමිතය.. වසරක‍‍ට 10,000 ක් පමණ විවිධ සංකූලතාවලට ළමුන් ලක්වන අතර එයින් 500 ක් පමණ මියයන බව වෛද්‍ය සුදත් පිරීස් මහතා අද‍ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේය." ]
6,426
නිදහස් දිනයේ සුරා නිදහස ඇහිරෙයි
[ "ජාතික නිදහස් දිනය වෙනුවෙන් ලබන 4 වනදා දිවයින පුරා සුරාසැල් වසා දැමීමට රජය තීරණය කර තිබේ. සුරාබදු කොමසාරිස් වසන්ත හපුආරච්චි මහතා පවසන පරිදි එදින මත්පැන් අළෙවි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ. නීති විරෝධී ලෙස මත්පැන් අළෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ වැටලීම් කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වන බව ද සුරාබදු අධිකාරිය පවසයි.." ]
6,427
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් රතු එළියක්
[ "ජනාධිපතිවරණයෙන් පසු විපක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු විවිධ සංවිධාන වලට මතුව ඇති පීඩනය නතර කිරිම සදහා වහාම ක්‍රියා කරන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය රජයට දැනුම් දී තිබේ. එම සංවිධානය පෙන්වා දෙන්නේ මාධ්‍ය , මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ විපක්ෂ මත ධාරීන් කෙරෙහි මේ වන විට පීඩනයක් මතු වී ඇති තත්ත්වයක් පෙන්නුම් කරන බවයි. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව පැවති ජනාධිපතිවරණය ඓතිහාසික එකක් විය යුතු වුවත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මේ වන විට බාධා මතු වී ඇති තත්ත්වයක් පෙන්නුම් කරන බව එම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපය බාර නියෝජ්‍ය අධ්‍යක්ෂ මධු මල්හෝත්‍රා මහත්මිය ප්‍රකාශ කරයි.. විපක්ෂ මතධාරීන් හා ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම , මරණ තර්ජන එල්ල වීම ඇතුළු පීඩන රැසක් ගෙවී ගිය කාලය තුළ නීරික්ෂණය කිරීමට හැකි වී ඇති බවද ක්ෂමා සංවිධානය වැඩිදුරටත් පවසයි." ]
6,428
ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
[ "බංගලාදේශයේ පැවැත්වෙන 11 වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේදී මීට සුළු මොහොතකට පෙර පැවති මාර්ග පා පැදි තරඟ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලාංකීය ක්‍රීඩක ජානක හේමන්ත සමත්විය.", "එම පදක්කම මේ දක්වා පැවති තරඟ ඉසව් අතරින් ශ්‍රී ලංකාව දිනාගත් තෙවන රන් පදක්කමය." ]
6,429
එල්.ටි.ටි.ඊ.යට සහය දැක්වූ තිදෙනෙක් වරද පිළිගනී
[ "මුදල් ඇතුලු උපකරණ සපයමින් තමන් එල්.ටි.ටි.ඊ. සංවිධානයට සහය දැක්වු බවට දෙමළ ‍ජාතිකයින් තිදෙ‍නෙකු ඔස්ට්‍රේලියානු අධිකරණයක් හමුවේ වරද පිළිගෙන තිබේ.", "2004 වසරේ සිට 2007 වර්ෂය දක්වා එල්.ටි.ටි.ඊ. සංවිධා‍නයට ඔස්ට්‍රේලියානු ‍ඩොලර් මිලියනයක් ලබාදීමට කටයුතු කළ බව අධිකරණය හමුවේ ඔවුන් අනාවරණය කර ඇත.", "ගුවන් විදුලි සම්ප්‍රේෂණ උපකරණ සහ බෝම්බ ඇතුලු යුදමය කටයුතු සදහා අවශ්‍ය කෙරෙන උපකරණ ද එල්.ටි.ටි.ඊ. සංවිධා‍නයට සැපයු බව ඔවුන් පිළිගෙන තිබේ. මොවුන් තිදෙනා ඔස්ට්‍රේලියාවේ එල්.ටි.ටි.ඊ. ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ලෙස කටයුතු කර ඇති බව ද වාර්තා වේ." ]
6,430
තිස්සමහාරාමයේ මහජන සේවා අර්බුදයක
[ "තිස්සමහාරාම ප්‍රාදේශිය සභාවේ දොරවල් වසා දමා යතුරු පොලිසිය භාරයේ තබා ගැනීම හේතුවෙන් මහජන සේවා බරපතල අර්බුදයකට ලක්වී ඇති බව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසයි.", "මේ සම්බන්ධයෙන් තමන් හම්බන්තොට සහකාර පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව සභාපති එච්.එල්.ජයසිරි මහතා නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි", "තිස්සමහාරාම සහ යෝද කණ්ඩිය අයුර්වේද මධ්‍යස්ථාන පවත්වාගෙන යාම දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී ඇති බව ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පෙන්වා දෙයි.", "කොම්පෝස්ට් පොහොර මධ්‍යස්ථානය , අවමංගල්‍ය සහ දානමය කටයුතු සදහා සුභ සාධන භාණ්ඩ නොමිලේ ලබාදීම , කසල ඉවත් කිරිම , පානීය ජලය බෙදා හැරිම මෙන්ම පෙර පාසල් පවත්වාගෙන යාමද ගැටලු සහගත වී ඇති බව ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සදහන් කළේය." ]
6,431
පොලිස් සැරයන්වරයෙකුට ප්‍රහාරයක්
[ "මාතර කඹුරුගමුව මඩිය ප්‍රදේශයේදී පොලිස් සැරයන්වරයෙකුට කිසියම් පිරිසක් පහර දී තුවාල සිදුකර තිබේ.", "පහර කෑමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරීයා සහ තවත් අයෙකු මාතර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සදහන් කළේය. මුදල් ආරවුලක් මත මෙම පහරදීම සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි මාතර පොලිසිය පවසයි.", "පහරදීමට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු හදුනාගෙන ඇති බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය." ]
6,432
කංසා ළඟ තබා ගත් අයෙක් අත්අඩංගුවට
[ "මාතර කඹුරුගමුව ප්‍රදේශයේදී කංසා තොගයක් ළඟ තබා ගත් පුද්ගලයෙකු මාතර දුෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.", "සැකකරු සතුව කංසා මිලිග්‍රෑම් එක් ලක්ෂ 20,000 ක් තිබු බව පොලිසිය සදහන් කළේය.", "තනමල්විල ප්‍රදේශයෙන් මෙම කංසා තොගය ගෙන විත් ඇති බව ද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන තිබේ." ]
6,433
ජනපති දෙවෙනි නිල කාලය නොවැම්බර් 19 න් ඇරඹෙයි
[ "ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි ධූර කාලය 2010 වසරේ නොවැම්බර් මස 19 වන දින සිට ආරම්භ වන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද තීන්දු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.", "අද සවස සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීරණය ලබා දී තිබේ.", "පසුගිය 26 වන දින පැවති ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙරට 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්විය." ]
6,434
දැයට කිරුළ වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්
[ "හෙට සිට ආරම්භ වීමට නියමිත දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් විශේෂ දුම්රිය සේව‍යක් ආරම්භ කිරීමට පියවරගෙන තිබේ. ‍දුම්රිය දෙපාර්තමේන්තුව පවසන පරිදි කොළඹ කොටුව , නාවලපිටිය , මාතලේ යන ප්‍රදේශවල සිට මෙම විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කෙරේ.", "‍‍හෙට සිට ලබන 11 වනදා දක්වා මෙම දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කෙරෙන බ වත්, ‍දැයට කිරුළ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවගේ ගමන් පහසුව පිළිබඳ සැලකිල්ලට ගනිමින් අදාල විශේෂ දුම්රිය ධාවනයට යොදවන බවත්, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි." ]
6,435
පොලිස් කොල්ලකරුවන් 5 ක් ගෙදර ට
[ "හලාවත පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් පස් දෙනෙකුගේ සේවය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.", "වෙන්නප්පුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් ‍පුද්ගලයෙකු සතුව තිබු මුදල් හා ස්වර්ණාභර්ණ තොගයක් පැහැරගෙන එම පුද්ගලයා මුදා හැරීම සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව සඳහන් වේ.", "මොවුන් මේ වන විට රාජකාරීයට වාර්තා කිරී‍ම පැහැර හැර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.කරුණාරත්න මහතා කියා සිටියි.", "එම පොලිස් නිලධාරීන් පස් දෙනා හලාවත පොලිස් ස්ථාන‍යේ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කර ඇති බවද සඳහන් වේ." ]
6,436
කැබිතිගොල්ලෑව ප්‍රහාරයේ සැකකරුවෙක් මාට්ටු
[ "කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී බස් රථයක් ඉලක්ක කරගනිමින් එල්ල කළ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.", "ඊයේ පස්වරුවේ මෙම සැකකරු සේරුනුවර පොලිසිය විසින් අත්අඩංගුවට‍ ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.කරුණාරත්න මහතා පවසයි.", "සේරුනුවර පදිංචි ද්‍රවිඩ ජාතිකයෙකු වන සැකකරුගෙන් මේ සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව හෙතෙම කියා සිටියි.", "2006 වසරේ ජුනි 15 වනදා සිදුවු මෙම බෝම්බ ප්‍රහාරයෙන් 64 දෙනෙක් මියගොස් 70 දෙනෙක් තුවාල ලැබූවා සේම මියගියවුන් අතර කුඩා ළමුන් 15 දෙනෙක් ද , ගැබිනි මව්වරුන් කිහිපදෙනෙක් ද වූහ." ]
6,437
තවත් 1200 ක් යළි පදිංචි කෙරෙයි
[ "කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අවතැන්වුවන් 1200 ක පිරිසක් යළි පදිංචි කිරීම ආරම්භ කර තිබේ.", "නැවත පදිංචි කරන පුද්ගලයින්ට අවශ්‍ය යටිතළ පහසුකම් සහ ‍අනෙකුත් මුල්‍ය පහසුකම් ලබාදීමට රජය පියවරගෙන ඇති බවද සඳහන් වේ.", "මීට අමතරව එම ප්‍රදේශවල ජිවත් වන ධීවරයින්ට අවශ්‍ය ආම්පන්න ලබාදීමට ද රජය පියවරගෙන තිබේ.", "මාස 6 ක කාලයක් සදහා නැවත පදිංචි කරන පුද්ගලයින් සඳහා මුල්‍යාධාර පහසුකම් සැපයෙන බව වාර්තා වේ. මීට අමතරව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන ය‍ටතේ අමෙරිකානු ඩොලර් මිලියන 28 කට අධික සහනාධාර ප්‍රමාණයක් ද මෙම ජනතාවගේ සුභ සාධන කටයුතු සදහා ලබාදී ඇති බව සඳහන් වේ.." ]
6,438
වතුකරයට හාල් ලාබයි
[ "වතුකරයේ ජනතාව සඳහා සහනදායි මිලට සහල් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.", "සමුපාකාර සමිති හරහා මෙය ක්‍රියාත්මක කෙරෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.පී.ජි.කුමාරසිරි මහතා කියා සිටියි. මේ යටතේ නාඩු සහල් කිලෝවක් රුපියල් 60 කට , සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 55 කට අළෙවි කිරීමට පියවරගෙන ඇති බව සඳහන් වේ.", "සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මගින් මෙම සහල් තොග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම සමුපකාර සමිති වෙත ලබාදීමට කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.", "මුදල් අමාත්‍යාංශය විසින් ගන්නා ලද තීරණයට අනුව මෙය ක්‍රියාත්මක වන බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.." ]
6,439
ජොන් කීල්ස් මෙවරත්"කලා පොළ" ගෙනෙයි
[ "ශ්‍රී ලංකාවේ ජනප්‍රිය එළිමහන් කලාගාරය කලා සල්පිල වන \"කලා පොළ\" 2010 පෙබරවාරි 21 වන දින කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ ජාතික කලාගාරය ඉදිරිපිට පදික වේදිකාවේදී පැවැත්වේ. එය ආරම්භ වන්නේ පෙරවරු 10.00 ටය.", "ජෝර්ජ් කීට් පදනම මගින් ඉදිරිපත් කරන මෙම\"කලා පොළ\"ජෝන් කීල්ස් සමාගමේ අනුග්‍රාහකත්වය මත මෙවර පැවැත්වෙන්නේ 16 වෙනි වරටය.\"කලා පොළ\"ප්‍රංශයේ කීර්තිමත් මොන්ට්මාත්ර් වැනි යුරෝපීය අගනගරයන්හි පැවැත්වෙන එළිමහන් ගිම්හාන කලා පොළවල් ඇසුරින් 1993 දී මුල්වරට ආරම්භ වූවකි.", "මෙම වසරේ\"කලා පොළ\"සඳහා සිත්තරුන් සහ මූර්ති ශිල්පීන් 250කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත අතර ඔවුහු තම නිර්මාණශීලිත්වය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින දේශීය මෙන්ම විදේශීය කලා ලෝලී ගැනුම්කරුවන් වෙත ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙන් සිටිති.", "මීට දශක එකහමාරකට පමණ පෙර ඉතා සුළුවෙන් ඇරඹුණු\"කලා පොළ\" අද ජාතික වශයෙන් ඉතා වැදගත් ඉසව්වක් බවට පත්ව ඇති බවත්, එය කොළඹ සුප්‍රසිද්ධ කලාගාර වල තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව අහිමි උසස් හැකියාවෙන් යුතු කලාකරුවන්ට විශාල වරප්‍රසාදයක් බවත්, ජෝර්ජ් කීට් පදනමේ සභාපති සෙඩ්රික් ද සිල්වා මහතා පවසයි.", "\"කලා පොළ\"වෙනුවෙන් 16 වන වරටත් අනුග්‍රහය දක්වන්නට ලැබීම ‍ගෞරවයක් බවත්, එය කලාකරුවන් සඳහා ආර්ථික අතින් සාර්ථක මාර්ගයක් පෑදීමට හේතුවීම සතුටට කරුණක් බවත් ජෝන් කීල්ස් ආයතනයේ සමාජ වගකීම් අංශ ප්‍රධානී ලලිත් රාමනායක මහතා අදහස් දක්වමින් සඳහන් කළේය." ]
6,440
හමුදාවෙන් පැන්නවුන් 5 න් පසු අල්ලයි
[ "හමුදා සේවයෙන් නීත්‍යානුකූල ලෙස ඉවත් නොවුන්ට සහ අනුමත නිවාඩු ලබානොගෙන දැනට සේවයට වාර්තා නොකර සිටින පිරිස් වෙත හෙට දිනයේ දී ළඟම ඇති හමුදා කදවුර වෙත වාර්තා කරන ලෙස යුද හමුදා මුලස්ථානය දැනුම් දෙයි.", "හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩීයර් උදය නානායක්කාර මහතා පැවසුවේ නිදහස් දිනය වෙනුවෙන් මෙම අවස්ථාව ලබාදී ඇති බවයි.", "එලෙස වාර්තා නොකරන පිරිස් පෙබරවාරි 5 වනදා සිට අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවද නානායක්කාර මහතා කියා සිටියේය." ]
6,441
පොල්ලකින් පහර දී තිදෙනෙක් මරා දමයි
[ "අනුරාධපුර - නෙළුම්කුලම ප්‍රදේශයේ කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කර තිබේ.", "අද අලුයම 5 ට පමණ පුද්ගලයෙකු යකඩ පොල්ලකින් පහරදී සිය බිරිඳ , බිරිඳගේ මව සහ මවගේ සහෝදරියක් මෙසේ ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි..", "පහර කෑමෙන් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අනු‍රාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.", "ඝාතනය සිදුකළ බවට සැකකෙරෙන නලීන් සංජීව නැමති පුද්ගලයා අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීම සදහා උපයෝගි කරගත් යකඩ පොල්ලද පොලිසිය බාරයට ගෙන තිබේ.", "සැකකරු අද ‍අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත." ]
6,442
තොරතුරු දුන්නොත් බලාගෙනයි
[ "ජනමාධ්‍යයන්ට තොරතුරු ලබාදුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.එම්.කරුණාරත්න මහතා පවසයි.", "කිසිදු ‍සිදුවීමක් පිළිබඳව පොලිස් නිලධාරීන්ට ජනමාධ්‍ය වෙත තොරතුරු ‍ලබානොදෙන ලෙස දැනුම් දී ඇති බව ඔහු පවසයි. ඇතැම් පොලිස් නිලධාරීන් එම ‍දැනුම් දීම නොතකා මාධ්‍ය වෙත ඇතැම් සිදුවීම් පිළිබඳ තොරතුරු ලබා දී ඇති බව අයි.එම්.කරුණාරත්න මහතා කියා සිටියි.", "එසේ ලබාගන්නා තොරතුරු නිශ්චිත මුලාශ්‍රයක් සඳහන් නොකරමින් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියි." ]
6,443
මැතිවරණ ප්‍රතිඵල දූෂිත නෑ
[ "ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේදී සිදුවුණා යයි කියනු ලබන අක්‍රමිකතා චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසයි.", "මැතිවරණ ප්‍රතිඵලය අවලංගු කිරීමට තරම් සිදුවීම් වාර්තා නොවූ බව ද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.", "මේ දිනවල විවිධ කටකතා පැතිර යන බවත්,කිසිවෙක් තමන්ගේ හිසට ගිනි අවි තබා තර්ජනය නොකළ බවත් මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේය.", "මීට පෙර තමන් ප්‍රකාශ කළ පරිදි මැතිවරණ කොමසාරිස් ධූරයෙන් ඉල්ලා අස් නොවන බවත්,එළඹෙන මහ මැතිවරණයේ කටයුතු නිමා වෙන තෙක් ධූරයේ රැඳී සිටින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,444
හක්ගෙඩිය බුලත් කොළේ එතෙයි
[ "ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේම තරග කිරිමට ජාතික හෙළ උරුමය තීරණය කර තිබේ.", "ඊයේ රැස්වු පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණයට එළඹි බව එම පක්ෂයේ නීති උපදේශක පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.", "ඒ අනුව කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සදහා අනිවාර්යයෙන් ම අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට එහිදි තීරණය වු බව ගම්මන්පිල මහතා කියා සිටියේය.", "සෙසු දිස්ත්‍රික්ක කෙරෙහි පසුව අවධානය යොමු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය." ]
6,445
ප්‍රතිඵලය අනිවාර්යයෙන් අවලංගු කළ යුතුයි
[ "ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම අවලංගු කළ යුතු බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.", "රත්නපුර ප්‍රදේශයෙන් තමාට ඡන්දය සලකුණු කළ ඡන්ද පත්‍රිකා 64 ක් හමුවී ඇතැයිද එය මෙම මැතිවරණයේ අක්‍රමිකතා සිදුවූ බවට කදිම සාක්ෂියක් බවත් හෙතෙම කියා සිටියේ අද ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කිරීම සඳහා මැතිවරණ මහ ලේකම් කාර්යාලයට ගොස් සිටියදීය.", "රත්නපුර ප්‍රදේශයෙන් හංසයා ලකුණට ඡන්දය ප්‍රකාශ කළ පත්‍රිකා තොගයක් හමුවීම සම්බන්ධයෙන් තමාට පැමිණිල්ලක් ලැබුණු බව මැතිවරණ කොමසාරිස්වරයා ද අද පැවති මාධ්‍ය හමුවේදී සනාථ කරනු ලැබිණි." ]
6,446
තිස්සේ සභාපති පුටුව නීතිය ඉදිරියට
[ "තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නෙරපා හැරීමට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සූදානම් බව ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.", "දේශපාලන පළිගැනීමක් වශයෙන් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නෙරපා හැර ඇති බවත්,මේ වන විට එහි උප සභාපතිවරයාට වැඩ බලන ලෙස උපදෙස් ලබා දී ඇති බවත් හෙතෙම කියා සිටියේය.", "තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාව රටේ හොඳම ප්‍රාදේශීය සභාව ලෙස සම්මාන හා සහතිකපත්‍ර දිනා ඇති බවත්,එකී සහතික වලට අත්සන් තබා ඇති ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් මහතාගේ අත්සනින් ම නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින්ම සභාපතිවරයා නෙරපා හැරීම ඉතා කනගාටුදායක බවද ඔහු පවසා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි." ]
6,447
බහරේන් හි මිය ගිය තිදෙනාගේ දේහයන් මව්බිමට
[ "බහරේන්හිදී මියගිය ශ්‍රී ලාංකිකයින් තිදෙනාගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.", "විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසන පරිදි කුවේට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත අද පස්වරුවේ එම මෘත දේහයන් මෙරටට ගෙන එනු ඇත.", "ඊට අදාල සියලු වියදම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දරන බව ද කිංස්ලි රණවක මහතා සඳහන් කළේය.", "පසුගියදා බහරේන්හි නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකදී පිටවූ විෂ වායු ආග්‍රහණය වීමෙන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය." ]
6,448
සිරකරුවන් දහසකට හෙට ජනපති සමාව
[ "62 වන නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට නිදහස ලබාදීමට අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිර්දේශ කර තිබේ.", "ඒ අනුව ජනාධිපති සමාව යටතේ සිරකරුවන් දහසකට පමණ හෙට දිනයේ නිදහස ලැබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කෙනත් ප්‍රනාන්දු මහතා පවසයි.", "දඩ ගෙවාගත නොහැකිව බන්ධනාගාර ගතව සිටින සුළු වැරදි සඳහා වරදකරුවන් වූවන්ට පමණක් ‍මෙම සමාව හිමිවන බව ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.", "මිනිස් ඝාතන, ස්ත්‍රී දූෂණ සහ හෙරොයින් ආදී වැරදි සම්බන්ධ චූදිතයන්ට මෙම සමාව හිමි නොවන බව කෙනත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කරයි." ]
6,449
ශ්‍රී ලංකාව 4 ට වැටෙයි
[ "11 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පස්වන දිනය අදයි. ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් සටහනේ මේ වන විට සිව්වැනි ස්ථානය දක්වා පසුබැස තිබේ. ඒ මීට පෙර රන් පදක්කම් තුනක් ලබාගෙන සිව්වැනි ස්ථාන‍යේ රැඳී සිටි බංග්ලාදේශ කණ්ඩායම තවත් රන් පදක්කමක් ලබාගනිමින් තුන්වැනි ස්ථානය දක්වා පැමිණීමත් සමගයි. වෙඩි තැබීමේ ඉසව්වේ මීටර් 10 වායු රයිෆල් කණ්ඩායම් තරගය ජයගනිමින් බංග්ලාදේශ කණ්ඩායම මෙම රන් පදක්කම හිමිකරගන්නා ලදී. රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් 9ක් සහ ලෝකඩ පදක්කම් 5ක් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සතු වේ." ]
6,450
ගම්පොළ සිද්ධියේ ප්‍රධාන සැකකරු දැලේ
[ "ජනාධිපතිවරණයට පසුදින ගම්පොළ, තැඹිලිගල විහාරස්ථාන‍යක් ආසන්නයේ දී අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර හිමිනමක් සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.", "පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.කරුණාරත්න මහතා පවසන පරිදි සැකකරු තෙඹුවන, වරකාගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී ගම්පොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.", "සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ." ]
6,451
නිදහස් දින සැමරුමට සියල්ල සූදානම්
[ "62 වන ජාතික නිදහස් උළෙල හෙට අතිඋත්කර්ශවත් ලෙස මහනුවර දී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ. නිදහස් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්‍වයෙන් පෙරවරු 8.30 ට ආරම්භ වේ.", "නිදහස් උත්සවය සදහා අග්‍රාමාත්‍යවරයා, මැති ඇමතිවරුන්, රජයේ ඉහළ නිලධාරීන් සහ විදේශීය තානාපතිවරුන් රැසක් ද සහභාගී වීමට නියමිතව ඇත.", "ජනාධිපතිවරයා වෙනුවෙන් පිරිනැමෙන ත්‍රිවිධ හමුදා උත්තමාචාර පෙළපාලිය දළදා මාළිගාව ඉදිරිපිටින් ගමන් කිරීම මෙවර විශේෂත්වයක් වේ. සිංහල, දෙමළ, මුස්ලිම් සංස්කෘතිකාංග රැසකින් ද මෙවර නිදහස් දින උළෙල අලංකාරවත් කිරීමට සංවිධායකයින් සැලසුම් කර ඇතැයි වාර්තා වේ.", "මේ අතර නිදහස් දින උත්සවය වෙනුවෙන් හෙට අලුයම 4 සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා‍ තැබෙන බව පොලිසිය සඳහන් කරයි.", "දළඳා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, කොටුගොඩැල්ල වීදිය, යටිනුවර වීදිය, වැව රවුම පාර, කොළඹ වීදිය, රජ වීදිය සහ කන්දෙ වීදිය මෙසේ වසා තැබෙන මාර්ග වේ.", "මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මගී ජනතාවගෙන් ඉල්ලා සිටි‍යි. -" ]
6,452
ගුරු - ශිෂ්‍ය අනුපාතය ඉදිරියට
[ "දියුණු රටක ගුරු - ශිෂ්‍ය අනුපාතය ඉක්මවා ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.", "රට මෙතරම් ඉදිරියට ගමන් කිරීමට හැකිවූයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලද ජයග්‍රහණ හේතුවෙන් බව ද අමාත්‍යවරයා සදහන් කළේය. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා මේ බව සදහන් කළේ ඉංග්‍රීසි උපාධිධාරී ගුරු පත්වීම් සහ මවුලවි පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයක් අමතමිනි." ]
6,453
සන්ධානය නාමයෝජනා මණ්ඩල පත්කරයි
[ "එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය‍ වෙනුවෙන් නාමයෝජනා සැකසීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය සිය නාමයෝජනා මණ්ඩල පත්කර තිබේ.", "වයඹ, උතුරු මැද, නැගෙනහිර සහ උතුරු පළාතේ සියලුම දිස්ත්‍රික්කවල නාමයෝජනා සැකසීමේ කමිටුවේ සභාපති ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර ඇත.", "බස්නාහිර, මධ්‍යම හා ඌව පළාතේ සියලුම දිස්ත්‍රික්කවල නාමයෝජනා සැකසීමේ කමිටුවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පත්කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානය නිකුත් කළ නිවේදනයක සදහන් වේ. දකුණු සහ සබරගමු පළාත් වල නාමයෝජනා සැකසීම අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන කමිටුවක් මගින් සිදුකිරීමට නියමිතය.", "අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා, දි.මු. ජයරත්න, මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, බැසිල් රාජපක්ෂ යන මැති ඇමතිවරුන් සහ නීතීඥ ඩබ්ලිව්.කරුණාජීව මහතා නාමයෝජනා සැකසීමේ දී අභියාචනා මණ්ඩලය ලෙස කටයුතු කිරීමට නියමිතය." ]
6,454
නිදහස් දින ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්
[ "මහනුවර දී පැවැත්වෙන ජාතික නිදහස් දින උත්සවය සහ දැයට කිරුළ ප්‍රදර්ශනයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.", "නිදහස් දින උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3,000 ක් පමණ යොදවා ඇති බව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා සදහන් කළේය. ඊට අමතරව ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ද ලබාගන්නා බව ද න‍ියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.", "දැයට කිරුළ ප්‍රදර්ශන භූමියට පුද්ගලයින් ඇතුළ් කිරීමේ දී දැඩි පරීක්ෂාවට ලක්කිරීමට විශේෂ පුහුණුවක් ලද ආරක්ෂක නිලධාරීන් 7,000 ක් යොදවා ඇති බව ද පොලිසිය පවසයි." ]
6,455
රණවිරු සේවාවට නව සභාපතිනියක්
[ "රණවිරු සේවා අධිකාරියේ නව සභාපති ලෙස පත්මා වෑත්තෑව මහත්මිය පත් කර තිබේ.", "ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව රණවිරු සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි. පත්මා වෑත්තෑව මහත්මිය මීට පෙර රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනිය ලෙසත්, වැඩබලන සභාපතිනිය ලෙසත් කටයුතු කළේය.", "ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනිය ලෙස කලක් කටයුතු කළ වෑත්තෑව මහත්මිය කොළඹ විශාඛා, මහනුවර උසස් බාලිකා සහ අලව්ව මධ්‍ය මහා විද්‍යාලය ඇතුළු දිවයිනේ පාසල් කිහිපයක ගුරුවරියක් ලෙස කටයුතු කර තිබේ. පත්මා වෑත්තෑව මහත්මිය ප්‍රවීණ ගායන ශිල්පී බන්දුල විජේවීරගේ භාර්යාවය." ]
6,456
අනුෂ පැල්පිට විදුලි සංදේශ අධ්‍යක්ෂ තනතුරට
[ "රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අනුෂ පැල්පිට මහතා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට යෝජනා වී ඇති බව රජයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග පවසයි.", "තමාට මේ සදහා රජයෙන් ඇරයුමක් ලැබී ඇති බව ද අද දෙරණ කළ විමසුමකදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා සදහන් කළේය. විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා පසුගියදා ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම තනතුර පුරප්පාඩු විය." ]
6,457
පාකිස්තානයේ බෝම්බ පිපිරීමක්
[ "වයඹ දිග පාකිස්තානයේ පාසලක් අසල සිදුවූ‍ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.", "බාලිකා පාසලක පැවති උත්සව අවස්ථාවක් අතරතුර මෙම පිපිරීම සිදුව ඇති බව වාර්තා වේ. ජීවිතක්ෂයට පත්වූවන් අතර පාසල් සිසුන් සිව්දෙනෙකු සහ අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු ද වේ.", "පිපිරීමෙන් පාසල් සිසුන් 63 දෙනෙකු තවත් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ද සදහන් වේ. කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම පාකිස්ථානයේ තලෙයිබාන් සංවිධානය විසින් භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි." ]
6,458
"සාග්" හයවන දිනය අදයි
[ "11 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ හයවන දිනය අදය.", "ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පදක්කම් 20 ක් ලබාගනිමින් පදක්කම් සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවෙයි. ඊට රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 11ක් සහ‍ ලෝකඩ පදක්කම් 6 ක් ඇතුළත් වේ.", "රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් ලබා‍ සිටින ඉන්දියාව මේ වන විට පදක්කම් 34ක් ලබාගනිමින් සටහනේ පෙරමුණ ගෙන සිටියි.", "දෙවන ස්ථානයේ පසුවන පාකිස්ථානය රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 11 ක් සහ ලෝකඩ පදක්කම් 4ක් සමගින් පදක්කම් 21 ක් හිමිකරගෙන තිබේ. බංග්ල‍ාදේශය පදක්කම් 22 ක් හිමිකරගනිමින් තුන්වන ස්ථාන‍ෙය් පසුවෙයි.ඊට රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 13 ක් අයත්ය." ]
6,459
රණවිරුවන්ට සහ ජනතාවට ජනපතිගේ ගෞරවය
[ "ත්‍රස්තවාදය දේශපාලන අවියක් ලෙස යොදාගැනීමට උත්සහ කළ දේශීය හා විදේශීය බලවේග පරාජය කිරීම සදහා කටයුතු කළ රණවිරුවන්ට සහ මෙරට ජනතාවට ජනාධිපතිවරයා සිය ගෞරවය පුද කර සිටී.", "ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 62 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කළේය. ත්‍රස්වාදය පරාජය කිරීම සදහා සුහදතාව දැක්වූ සියලු මිත්‍ර ජාතීන්‍ට ජනාධිපතිවරයා සිය කෘතවේදීත්වය පළ කරයි.", "සාමයේ නව යුගයකට පිවිසීමේ දී අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණ දිය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්ව‍ාදෙයි." ]
6,460
සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට
[ "පුත්තලම, මදුරන්කුලිය පැවති ජනාධිපතිවරයාගේ ප්‍රචාරක රැළියකට යමින් සිටි පිරිසකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවූ සැකකරුවන් සිව්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.", "රහස් පොලිසිය විසින් අදාළ සැකකරුවන් ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුවන් ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පුත්තලම දිසා විනිසුරුවරයා නියෝග කළේය.", "එදින සැකකරුවන් හදුනා‍ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද දිසා විනිසුරුවරයා පොලිසියට නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර පුත්තලම ප්‍ර‍ාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් ද වන බව වාර්තා වේ." ]
6,461
අහිමි වූ සියලු දේ නැවත ලබාදෙනවා
[ "වසර 30 ක යුද්ධයෙන් අහිමි වූ සියලු දේ යළි මව්බිමට උරුම කරදීම සදහා ජනාධිපතිවරණයෙන් ලැබූ ඓතිහාසික ජනවරම යොදාගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.", "ඔහු පවසන්නේ රටේ දියුණුව සදහා සාමය පමණක් ප්‍රමාණවත් නොවන බව ද, රටේ සියලු දෙනා එක්ව ඒ සදහා කාර්යක්ෂම ඉදිරි පියවරක් තැබිය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.", "ඓතිහාසික සෙංකඩගල පුරවරයේ පැවැත්වෙන 62 වන අභිමානවත් ජාතික නිදහස් උළෙලේ දී ජාතිය අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.", "වසර 30ක ත්‍රස්තවාදය අවසන් කිරීමේ සටනේ දී රට වෙනුවෙන් සටන් වැදුණු සියලු පාර්ශව රැකගැනීම සදහා තමා ඉදිරිපත් වූ බව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසීය. එමෙන්ම රට සංවර්ධනය කිරීමේ සටනේ දී ද ඊට දායක වන සියලු පිරිස් වෙනුවෙන් තම‍ා පෙනී සිටින බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය." ]
6,462
රාජ්‍ය සේවකයින් වැටුපට සාධාරණයක් ඉටුකරන්නෙ නෑ
[ "ඇතැම් රාජ්‍ය සේවකයින් ලබාගන්නා වැටුපට සාධාරණයක් ඉටු නොකරන බවට කම්කරු අමාත්‍ය ආතාවුද‍ සෙනෙවිරත්න මහතා චෝදනා කරයි.", "රාජ්‍ය සේවකයින්ගේ කටයුතු අධීක්ෂණයට ලක් කරන ක්‍රමවේදයක් ‍නොමැති වීම මීට හේතුව බව අමාත්‍යවරයා පෙන්වා‍ දෙයි. ඇතැම් රාජ්‍ය සේවකයින් නියමිත වේලාවට සිය රාජකාරී ආරම්භ නොකරන බව නව කම්කරු නිලධාරීන් 200 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් කම්කරු අමාත්‍යාංශයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සදහන් කළේය.", "පරිපාලන නිලධාරීන්ගෙන් ද නිසි පරිදි සේවයක් ඉටු‍ නොවන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. ඵලදායීතාවය දියුණු කිරීම සදහා සියලුදෙනාගේම ආකල්පමය වෙනසක් සිදුවිය යුතු බව ද ආතාවුද සෙනෙවිරත්න අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය." ]
6,463
පුරවැසියන් බලගන්වන දේශපාලන විසඳුමක්
[ "උතුරු නැගෙනහිර ජනතාවට ස්වාධීනව ජීවත් විය හැකි වටපිටාවක් උදාකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.", "ගමට බලය ගෙන යමින් උතුරු හා නැගෙනහිර ජනතාව ඇතුළු මුළු රටේම පුරවැසියන් බලගන්වන දේශපාලනමය විසදුමක් ලබාදෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි. 62 වන නිදහස් උළෙ‍ෙල් දී ජාතිය අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේය.", "දැනටමත් මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ජනතා නියෝජිතයින් සමග සාකච්ඡා කර ඇති බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය." ]
6,464
වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාලයි
[ "පිංදෙනිය, කොටියාකුඹුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.", "ඊයේ පස්වරුවේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.කරුණාරත්න මහතා සඳහන් කළේය. පෞද්ගලික් ආරවුලක් මත සිදුවූ බහින් බස් වීමකදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.", "වෙඩි තැබීම සිදුකළ සැකකරු ද පිංදෙනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වෙඩි තැබීම සදහා ‍උපයෝගී කරගත් බෝර 12 පතරොම් තුවක්කුවක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ." ]
6,465
කඩවත වෙළදසැලක ගින්නක්
[ "කඩවත ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් වෙළදසැලක ගින්නක් හටගෙන ති‍බෙනවා.", "අද පෙරවරුවේ හටගත් මෙම ගින්නෙන් වෙළදසැලට දැඩි හානි සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. පැයකට අධික කාලයක් පුරා ගින්න පැවති අතර ගිනි නිවන හමුදාවේ සහය ඇතිව ගින්න මඩ පවත්වා තිබේ.", "ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බව ද වාර්තා වෙයි." ]
6,466
රටේ ඝාතන සංස්කෘතියක් මතුවෙලා-ජවිපෙ
[ "රට තුළ ඝාතන සංස්කෘතියක් හටගනිමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය.", "ප්‍රාදේශීය මන්ත්‍රීවර‍යෙකු ඝාතනයට ලක්වීම එහි ආසන්නතම සිදුවීම බව ජනතා විමුක්ති පෙරමු‍ණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. අදාළ පාර්ශව මෙම ඝාතන පිළිබදව නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඊට එරෙහිව සිවිල් සමාජය ක්‍රියාත්මක විය යුතු බව ද හෙතෙම පෙන්වාදෙයි." ]
6,467
නැවත පදිංචි කිරීම් සඳහා අමෙරිකාවෙන් ආධාර
[ "නැවත පදිංචි කිරීම් කටයුතු සදහා අමෙරිකාව ඩොලර් මිලියන 3ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබාදී තිබේ. මෙම මුදල් උතුරු පළාතේ නැවත පදිංචි කරන ලද 77,000ක පිරිසකගේ සුභසාධන කටයුතු සදහා යෙදවීමට නියමිතය.", "ඔවුන්ගේ සනීපාරක්ෂක කටයුතු , සෞඛ්‍ය , නිවාස පහසුකම් ආදිය සැලසීම සදහා මෙහිදී ප්‍රමුඛත්වය ලබාදෙන බව ද සදහන් වේ. මෙම මුදල ශ්‍රී ලංකා අමෙරිකානු තානාපතිවරිය විසින් ශ්‍රී ලංකා රජයට ලබාදී ඇති බව වාර්තා වේ." ]
6,468
දැයට කිරුළ අද පස්වරුවේ විවෘත වේ
[ "62 වන ජාතික නිදහස් දින උළෙලට සමගාමීව පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය අද පස්වරුවේ විවෘත වීමට නියමිතය.", "මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර එය හෙට සිට මහජන ප්‍රදර්ශනය සදහා විවෘතව තැබේ. අක්කර 60 ක භූමි භාගයක පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි රැසකින් සමන්විත වේ.", "යුද, ගුවන්, නාවික හමුදා මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ප්‍රදර්ශන කුටි ද ඉතා ආකර්ශනීය ලෙස සකස් කර ඇති බව වාර්තා වේ. විදේශ රටවල් 25 ක නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන කුටි ද දැයට කිරුළ ප්‍රදර්ශනයේ දී ජනතාවට දැකබලා ගත හැකිය." ]
6,469
ලාංකික ධීවර පිරිසක් යළි මවිබිමට
[ "2009 වර්ෂයේ විදෙස් රටවල අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ධීවරයින් 637 දෙනෙක් යළි ගෙන්වා ගැනීමට පියවර ගත් බව ධීවර අමාත්‍යාංශය පවසයි.", "අනවසරයෙන් මසුන් මැරීම, මුහුදු සීමා උල්ලංඝණය කිරීම ආදී ‍චෝදනා යටතේ මෙම පිරිස් මාලදිවයින, ඉන්දියාව, මියන්මාරය වැනි රටවල ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.", "2009 වර්ෂයේ දී එලෙස විදෙස් රටවල ආරක්ෂක අංශ භාරයට ගැනුනු ධීවර යාත්‍රා 118 ක් ද ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් බව ධීවර අමාත්‍යාංශය පවසයි." ]
6,470
ජනාධිපතිවරණය දූෂිත නැතැයි පිළිගන්න බෑ- ජවිපෙ
[ "ජනාධිපතිවරණය දූෂිත නොවන බවට මැතිවරණ කොමසාරිස්වරයා සිදුකරන ප්‍රකාශය පිළිගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.", "මැතිවරණ කොමසාරිස්වරයා ‍එවැනි ප්‍රකාශ සිදුකරන්නේ කිසියම් බලපෑමක් මත බව එම පක්ෂයේ ප්‍රධාන ‍ෙල්කම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ජනාධිපතිවරණය සාධාරණ මැතිවරණයක් නොවන බවට පිළිගත හැකි සාධක පවතින බව ද ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.", "එහෙත් ජනාධිපතිවරණය දූෂිත බවට ඇතැම් පාර්ශව නගන චෝදනා පදනම් විරහිත බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා ඊයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ප්‍රකාශ ක‍ෙළ්ය. මේ පිළිබද යම් කිසි පාර්ශවයකට චෝදනාවක් ඇත්නම් ඒ සදහා අධිකරණය හමුවට යා හැකි බව ද හෙතෙම සඳහන් කළේය." ]
6,471
දැයට කිරුළ දෙවන දිනය අද
[ "මහනුවර, පල්ලෙකැලේ පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය අද දෙවන දිනටත් පැවත්වීමට නියමිතය.", "ඊයේ පස්වරුවේ ආරම්භ වූ දැයට කිරුළ ප්‍රදර්ශනය ලබන 10 වන දා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම ප්‍රදර්ශනය නැරඹීම සදහා පැමිණෙන මගීන්ගේ පහසුව සදහා විශේෂ දුම්රිය සේවාවක් ද ආරම්භ කර ඇත.", "සාමාන්‍ය දුම්රිය ධාවනයට අමරතව මෙලෙස විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ලබන 11 වැනිදා දක්වා මෙම දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වන බව ද දුම්රිය වාණිජ අධිකාරීවරයා සඳහන් කරයි. කොළඹ කොටුව, නාවලපිටිය සහ මාතලේ දුම්රිය ස්ථානවල සිට මහනුවර බලා මෙම විශේෂ දුම්රිය ධාවනය වීමට නියමිතය.", "එසේම මහනුවර සිට පස්වරුවේ දී දුම්රිය කිහිපයක් කොළඹ කොටුව, නාවලපිටිය, සහ මාතලේ දුම්රිය ස්ථාන දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය." ]
6,472
හදිසි නීතිය ගැන එජාප සාකච්ඡාවක්
[ "හදිසි නීතිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.", "පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් ලබන 11 වන දා තීරණය කරන බව ද ඒ මහතා සඳහන් කළේය." ]
6,473
අද පාර්ලිමේන්තුව රැස්වේ
[ "ජනාධිපතිවරණයන් පසුව පළමුවරට අද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.", "6 වන පාර්ලිමේන්තුවේ අවසන් සභාවාරය මෙය විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. අද පාර්ලිමේන්තුව රැස් වන්නේ හදිසි නීතිය මසකින් දීර්ඝ කර ගැනීමේ යෝජනාව සම්මත කර ගැනීම සඳහාය.", "පසුගිය ‍2004 අප්‍රේල් 02 වන දින පැවති මහමැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ 6 වන පාර්ලිමේන්තුව එම වසරේ අප්‍රේල් 22 වන දින රැස්විය. මෙම පාර්ලිමේන්තුවේ සය අවුරුදු නිල කාලය ලබන අප්‍රේල් 02 වන දින අවසන් වීමට නියමිතය." ]
6,474
යුධ උපකරණ තොගයක් සොයාගැනේ
[ "මුලතිව් කරයාමුල්ලිවයික්කාල් සහ වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වල දී යුධ උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.", "උතුරු පළාත් භාර විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ දිනයේ මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.", "එහි දී ජොනි බට්ටන් 7000 ක් , මිලි මීටර 7 දශම හයයි දෙක උණ්ඩ 700 ක් , සී එම් 76 වර්ගයේ යුධ ටැංකි නාශක උණ්ඩයක් , ආර්.පී.ජී ෂෙල් 01 ක් , ගැලුම් 45 වර්ගයේ ඔයිල් බැරල් 8 ක් , ගැලුම් 45 වර්ගයේ ග්‍රීස් බැරල් 3 ක් සොයා ගෙන තිබේ. තවදුරටත් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය." ]
6,475
එච්.ඒ පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
[ "ප්‍රවීන රංගන ශිල්පී එච්.ඒ පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.", "ඊයේ රාත්‍රී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මොහු පිළිකා රෝගයක් හේතුවෙන් මාසයක පමණ කාලයක පමණ සිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.", "1950 මැයි මස 10 වන දින කොළඹ දී උපත ලද එච්.ඒ පෙරේරා මහතා මිය යන විට 59 වන වියෙහි පසුවිය. වේදිකා‍ , ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පියෙක් ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ඔහු ප්‍රේක්ෂක ආදරය දිනා ගත් චරිත ගණනාවක්ම රඟ දක්වනු ලැබීය.", "සුමිත්‍රා පීරිස්ගේ \"සාගර ජලය මදි හැඬුවා\" ඔබ හින්දා චිත්‍රපටයේ එච්.ඒ පෙරේරා මහතා රඟ පෑ චරිතය විශාල ජනාදරයට පාත්‍ර වූ චරිතයකි. ඊට අමතරව දූ දරුවෝ සහ නෑදෑයෝ යන ටෙලි නාට්‍ය වලද ඔහු ප්‍රධාන චරිත නිරූපනය කරමින් ප්‍රේක්ෂකයිනගේ ආදරයට පාත්‍රවිය." ]
6,476
එස්.බීට ආසන සංවිධායක ධූරයක්
[ "එස්.බී දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩුනුවර නව ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබේ.", "ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පූර්ණ නිදහස ලබා දීමෙන් අනතුරුව මෙම තනතුර ලබා දුන් බව එස්.බී දිසානායක මහතා ප්‍රකාශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම හේතුවෙන් එස්.බී දිසානයක මහතාට වසර 02 සිර දඬුවමක් සහ වසර 07 ක ඡන්ද අයිතිය අහෝසි කිරීමට නියෝග කර තිබුණි.", "ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව නිදහස් වූ එස්.බී දිසානායක මහතා අධිකරණයට ගොස් ඡන්ද අයිතිය ලබා ගනු ලැබීය. එහෙත් ඔහුට පූර්ණ නිදහස හිමි වී තිබුණේ නැත. එම නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එස්.බී දිසානායක මහතාට පූර්ණ නිදහස ලබා දෙන ලෙස අධිකරණ අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී ඇති බව ද වාර්තා වේ.", "ඒ අනුව ඉදිරියේ දී තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩුනුවර ආසන සංවාධියකවරයා වශයෙන් කටයුතු කරන බව එස්.බී දිසානායක මහතා සඳහන් කළේය." ]
6,477
අනුරාධපුර රිය අනතුරකින් තිදෙනෙක් මියයයි
[ "අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.", "අනුරාධපුර මහවිලච්චිය ප්‍රධාන මාර්ගයේ මායාමඩුව ප්‍රදදේශයේ දී බවුසරයක් සහ වෑන්රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.", "අනතුරින් මිය ගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි ළමුන් දෙදෙනෙකි. වෑන් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයින් ‍පස් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.", "මොවුන් පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර තන්තිරිමලේ ප්‍රදේශයේ වන්දනා චාරිකාව ගොස් පැමිණෙමින් සිටිය දී මෙසේ අනතුරට පත් ඇති බව පොලීසිය පවසයි. අනතුර සම්බන්ධයෙන් බවුසරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහවිලච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි." ]
6,478
විදේශයට ‍ගොස් එන ලාංකිකයින් ලියාපදිංචි කිරීමට පියවර
[ "විදේශ රැකියාවකට ගොස් යළි මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ලියාපදිංචි කරවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.", "එතෙර ඉපැයූ මුදල් නිසි ලෙස ආයෝජනය කිරීමට යෙදවීම මෙහි අරමුණ බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය. ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ ඒකකයක් පිහිටුවීමට ද කටයුතු කර තිබේ.", "එමඟින් වි‍ෙද්ශ රැකියාවකට ගොස් මෙරටට පැමිණෙන සෑම ශ්‍රී ලාංකිකයෙකුට මෙහි ලියාපදිංචි වීමේ හැකියාව ඇති බව ද රණවක මහතා ප්‍රකාශ කළේය. එසේ ලියාපදිංචි වන පුද්ගලයින්ට මුදල් ආයෝජනය කරන ආකාරය සහ රැකියා අවස්ථා හඳුන්වා දීම සිදු කිරීමට නියමිතයි.", "බොහෝ විදේශ රැකියා වලට ගොස් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ‍ඉපැයූ මුදල් නිසි ලෙස ආයෝජනය නොකිරීමෙන් සිදු වන හානිය වළකා ගැනීම සඳහා මෙම නව වැඩසටහන හඳුන්වා දුන් බව කිංස්ලි රණවක මහතා වැඩිදුරටත් පැවසීය." ]
6,479
අඩවි නිලධාරියෙකුට පහරදෙයි
[ "නෙළුව , කන්නැලිය රක්ෂිත වනාන්තරයේ අඩවි වන නිලධාරියෙකුට කිසියම් පිරිසක් පහර දී තුවාල සිදු කර තිබේ.", "නෙළුව අඩවි වන කාර්යාලය පවසන්නේ තුවාල ලැබූ අඩවි වන නිලධාරීයා උඩුගම රෝහලේ ප්‍රතිකාර ලබන බව නෙළුව අඩවි වන කාර්යාලය පවසයි. රක්ෂිතයේ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් පිරිසකට එය නතර කරන ලෙස දැනුම් දීම හේතුවෙන් මෙම නිලධාරීයාට පහර දී ඇති බව වාර්තා වේ.", "මෙම පහර දීම සම්බන්ධයෙන් උඩුගම පොලීසියට පැමිණිල්ලක් ද සිදු කර තිබේ." ]
6,480
ලෝකයේ ප්‍රමුඛ කුරුඳු සපයන්නා ලංකාවයි
[ "ලෝකයේ කුරුඳු අවශ්‍යතාව‍යෙන් සියයට අසූවක් සපයනු ලබන්නේ ශ්‍රී ලංකාව බව අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජී.එල් පීරීස් මහතා පවසයි.", "ඒ අනුව ලොව අංක එකේ කුරුඳු සපයන්නා ලෙස ශ්‍රී ලංකාව කීර්තිනාමයක් ලබා සිටන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම තත්වය ඉදිරියටත් පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පවසයි.", "පසුගිය දා ගාල්ල දිස්ත්‍රික්ක‍යේ කුරුඳු සැකසුම් මධ්‍යස්ථාන 5 ක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කුරුඳු නිෂ්පාදකයින් සඳහා රුපියල් මිලියන 12 ක මුල්‍යාධාර ලබා දීමට ද කටයුතු කර තිබේ." ]
6,481
ඇෆ්ගනිස්ථානයේ කාර් බෝම්බ පිපිරීමක්
[ "ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ප්‍රදේශයේ සිදු වූ කාර් බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.", "එමෙන්ම තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ. දකුණු දිග ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නගරය ආසන්නයේ පිහිටි හෝටලයක් අසළ මෙම පිපිරීම සිදු වී තිබේ.", "මේ අතර පසුගිය අඟහරුවාදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව ද නේටෝ සංවිධානය පවසයි." ]
6,482
ඉන්දියාවෙන් පකිස්තානයට ආරාධනයක්
[ "ඉන්දියාව සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට පකිස්තාන බලධාරීන්ට ඉන්දීය රජය ආරාධනා කර සිටියි.", "දෙරට විදේශ අමාත්‍යාංශ ලේකම්වරුන් හරහා මෙම සාකච්ඡා ආරම්භ කිරීමට ආරාධනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය 2008 වර්ෂයේ එල්ල වූ මුම්බායි ප්‍රහාරයේ වගකීම පකිස්තානයට පැවරීමත් සමඟ ඉන්දියාව හා පකිස්ථානය අතර පැවති සාකච්ඡා බිඳ වැටුණි.", "ඉන්දියාවේ මුම්බායි ‍වලට එල්ල වූ එම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 174 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබීය. දෙරට අතර පවතින ප්‍රධාන ගැටලු සහ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙසේ ඉන්දීය රජය පකිස්තානයට ආරාධනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි." ]
6,483
රිය අනතුරු තුනක්
[ "බෙන්තොට රොබොල්ලගොඩ ප්‍රදේශයේ බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.", "අනතුරින් තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා බෙන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම් කරුණාරත්න මහතා සඳහන් කළේය. එක් මිය ගිය පුද්ගලයෙකු ළඟ තිබී මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සහ එම උණ්ඩ 2 ක්ද සෙ‍ායා ගෙන තිබේ.", "බෙන්තොට පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.", "මේ අතර තංගල්ල තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයේ වාඩිගල ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. ඊයේ පස්වරුවේ සිදු වූ මෙම අනතුරුන් මිය ගොස් ඇත්තේ 21 හැවිරිදි කහමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෑන් රථයේ රියදුරු සහ යතුරු පැදියේ ගමන් ගත් තවත් පුද්ග‍ලයෙකු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර තිබේ. මීට අමතරව වලස්මුල්ල කටුවන මාර්ගයේ හොරේවෙල ප්‍රදේශයේ දී යතුරු පදියක් හා වෑන් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.", "ඊයේ පස්වරු 6 ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම් කරුණාරත්න මහතා සඳහන් කළේය. අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී ඇති අතර වෑන් රථයේ රියදුරු වලස්මුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ." ]
6,484
අවතැන්වූවන් 1500ක් යළි පදිංචි කෙරේ
[ "උතුරේ තවත් අවතැන් වූ පුද්ගලයින් 1500 දෙනෙකු අද දිනය තුළ යළි පදිංචි කිරීමට පියවර ගෙන ඇති බව නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා අමාත්‍යාංශය පවසයි.", "මෙම පුද්ගලයින් වව්නියාව ප්‍රදේශයේ ඔවුන්ගේ ඥතීන්ගේ නිවාස වල පදිංචි වී සිටි පිරිස් බව සඳහන් වේ. ඔවුන් මුලතිවු දිස්ත්‍රික්කයට අයත් තුනුක්කායි ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමට නියමිතව තිබේ.", "මීට අමතරව ලබන 7 වනදා තවත් පුද්ගලයින් 690 දෙනෙකු මාන්තෙයි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි කිරීමට නියමිත බව ද නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා අමාත්‍යංශයේ ලේකම් යු.එල්.එන් හල්දීන් මහතා ප්‍රකාශ කළේය.", "මේ වසරේ නැවත පදිංචි කිරීමේ කටයුතු පසුගිය 2 වනදා ආරම්භ වූ අතර එදින පුද්ගලයින් 1231 දෙනෙකු කිලිනොච්චි ප්‍රදේශයේ යළි පදිංචි කර වූ බව අමාත්‍යංශ ලේකම් වරයා වැඩිදුරටත් පැවසීය." ]
6,485
අරුල්සාමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි
[ "කඳුරට ජනතා පෙරමුණේ නායක පී.චන්ද්‍රසේකරන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා එම පක්ෂයේ එස්. අරුල්සාමි මහතා දිවුරුම් දී තිබේ.", "අද පෙරවරුවේ කථානායක වි.ජේ.මු ලොකුබණ්ඩාර මහතා ඉදිරියේ අරුල්සාමි මහතා දිව්රුම් දුන් බව පාර්ලිමේන්තුවේ සිටින අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.", "කඳුරට ජනතා පෙරමුණේ නායක පී.චන්ද්‍රසේකරන් මහතා පසුගිය දා හදිසියේ හෘදයාබාධයක් හේතුවෙන් මියගියේය.." ]
6,486
නවසීලන්ත බංග්ලාදේශය පළමු එක්දින තරගය අද
[ "නවසීලන්තය හා බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු එක්දින තරගය අද නවසීලන්තයේ දී පැවැත්වීමට නියමිතය.", "තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන සහ තුන්වන තරග ලබන 8 සහ 11 යන දිනයන් හි දී පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරගාවලියේ දී නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස ඩැනියෙල් විටෝරි කටයුතු කරන අතර බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස ෂකිබ් අල් හසන් කටයුතු කරයි." ]
6,487
ඕස්ට්‍රේලියා පකිස්තාන 20 / 20 තරගය අද
[ "ඕස්ට්‍රේලියාව හා පකිස්තානය අතර පැවැත්වෙන 20 / 20 තරගය අද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.", "ටෙස්ට් තරගාවලිය සහ එක්දින තරගාවලිය පරාජය වූ පකිස්තානය කණ්ඩායමට මෙම තරගය ජය ගැනීම ඉතා වැදගත් වී තිබේ. මෙම තරගයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස මයිකල් ක්ලාක් කටයුතු කරන අතර පකිස්ථානු කණ්ඩායමේ නායකයා ලෙස ෂොයිබ් මලික් කටයුතු කරනු ලබයි." ]
6,488
සාග් මළල ක්‍රීඩා අද ඇරඹේ
[ "11 වන සාග් මළල ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා තරග අද ආරම්භ වීමට නියමිතය.", "ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ වැඩි රන් පදක්කම් සංඛ්‍යාවක් බලා‍ෙපාරොත්තු වන්නේ මළල ක්‍රීඩා තරග වලිනි. පසුගිය 2006 වසරේ ශ්‍රී ලංකාවේ පැවති සාග් ක්‍රීඩා උළලේ දී මළල ක්‍රීඩා තරග වලින් ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 14 ක් ලබා ගැනීමට සමත්විය.", "මෙවර ද මළල ක්‍රීඩා තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 38 දෙනෙකු ඉදිරිපත් වී සිටියි. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 3 ක් , රීදී පදක්කම් 11 ක් සහ ලෝකඩ පදක්කම් 13 ක් ලබා ගනිමින් පදක්කම් සටහ‍ෙන් සිව්වන ස්ථානයේ පසුවෙයි." ]
6,489
වල් අලියෙක් මියගිහින්
[ "සීගිරිය , කායම්වල පෙතම්ගල ප්‍රදේශයේ දී වල් අලියෙකු මිය ගොස් තිබේ.", "විදුලි සැර වැදීමෙන් මෙම වල් අලියා මිය ගොස් ඇති බවට පශු වෛද්‍ය නිලධාරීන් සිදු කළ මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත. කවුරුන් විසින් හෝ මෙම වල් අලියාට විදුලි සැර වද්දවා ඇති බව වනජීවී නිලධාරීන් සැක පළකරයි.", "සීගිරිය පොලීසිය හා සීගිරිය වනජීවි කාර්යාලය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි." ]
6,490
චීනය සමඟ වෙළද ගනුදෙනු පුළුල් කිරීමට අවධානය
[ "චීනය සමග පවතින වෙළද ගනුදෙනු තවදුරටත් පුළුල් කරගැනීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බව අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසයි.", "අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ එරට ඩිමොක්‍රටික් පක්ෂ සෙනට් සභිකයින් හමුවූ අවස්ථාවේදීය. චීනය සහ සෙසු රටවල් සමග පවතින වෙළද ගිවිසුම් අමෙරිකාවට වාසිදායක වන ආකාරයෙන් සකස් කිරීම වැදගත් වන බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැරක් ඔබාමා පවසා ඇත.", "චීනයේ වෙළද පොළ අමෙරිකානු භාණ්ඩ සදහා තවදුරටත් විවෘත කරගැනීම සම්බන්ධයෙන් ද අදාළ පාර්ශව සමග එකගතාවයට පැමිණීමේ අවශ්‍යතාව ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ." ]
6,491
අදත් ලංකාවට බලා‍පොරොත්තු කිහිපයක්
[ "11 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අද දිනය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගී වන ක්‍රීඩා ඉසව් කිහිපයක් පැවැත්වේ.", "ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර 20/20 ක්‍රිකට් තරගයක් අද පැවැත්වීමට නියමිතය. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගී වන වෙඩි තැබීමේ හා වුෂූ තරග ද අද පැවැත්වේ.", "මේ අතර තරගාවලියේ බොහෝ දෙනාගේ අවධානය ‍යොමුවන පිහිනුම් තරග හෙට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ ඊයේ දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් 20 ක් ලබාගනිමින් පදක්කම් සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවෙයි. ඊට රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 11ක් සහ‍ ලෝකඩ පදක්කම් 6 ක් ඇතුළත් වේ.", "රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් ලබා‍ සිටින ඉන්දියාව මේ වන විට පදක්කම් 34ක් ලබාගනිමින් සටහනේ පෙරමුණ ගෙන සිටී. දෙවන ස්ථානයේ පසුවන පාකිස්ථානය රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 11 ක් සහ ලෝකඩ පදක්කම් 4ක් සමගින් පදක්කම් 21 ක් හිමිකරගෙන තිබේ.", "බංග්ලාදේශය පදක්කම් 22 ක් හිමිකරගනිමින් තුන්වන ස්ථාන‍ෙය් පසුවෙයි. ඊට රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 13 ක් අයත් වේ." ]
6,492
රජයේ රෝහල් වලට වෛද්‍ය උපකරණ 80,000 ක්
[ "පසුගිය වසර 4 තුළ රජයේ රෝහල් පද්ධතියට අධි තාක්ෂණික වෛද්‍ය උපකරණ 80,000 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සපයා ඇති බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.", "සෞඛ්‍ය ආරක්ෂණ හා පොෂණ අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉන්‍‍ජිනේරු අංශය විසින් පසුගිය වසර අවසානයේ මෙම සමීක්ෂණය සිදුකර ඇති බව සදහන් වේ. පසුගිය සිව් වසර තුළ මෙරට රෝහල් පද්ධතිය වෙත සපයා ඇති මෙම ‍අධි තාක්ෂණික වෛද්‍ය උපකරණ සදහා රජයේ මුල්‍ය ප්‍රතිපාදන‍ මෙන්ම ජාත්‍යන්තර ආයතනවල මුල්‍යාධාරද හිමිවී තිබේ.", "පසුගිය වසර තුළ සෞඛ්‍ය ‍ක්ෂේත්‍රයට ලබාදෙන මුල්‍ය ප්‍රතිපාදන රුපියල් දස ලක්ෂ 20,000 කින් ඉහළ නැංවීමට පියව‍රගෙන ඇති අතර 2010 වසරේදී ඒ සදහා රුපියල්‍ කෝටි 27,000 ක මුදලක් ලබාදීමට අපේක්ෂිතය." ]
6,493
උපාධිධාරීන් පිරිසකට ගුරු පත්වීම්
[ "රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකට ස්ථීර ගුරු පත්වීම් ලබා දිමට සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ති‍බේ.", "පත්වීම් ලබාදීම පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවිය. ඒ අනුව රැකියා විරහිත උපාධිධාරින් 70 දෙනෙකු මෙසේ ස්ථීර පත්වීම් ලබා ඇති බව සදහන් වේ. සබරගමු පළාතේ දුෂ්කර පාසල්වල පවතින ගුරු හිඟයට පිළියම් වශයෙන් බදවාගත් මෙම උපාධිධාරීන් පිරිස එම පාසල් වලට අනුයුක්ත කිරීමට නියමිතය." ]
6,494
සංචාරක මග පෙන්වන්නන්ට හැඳුනුම්පතක්
[ "සංචාරක මග පෙන්වන්නන් සදහා නිල හැඳුනුම්පතක් ලබාදීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර තිබේ.", "ඊට අමතරව ඔවුන් පුහුණු කිරීමේ වැඩසටහන් ලබාදීමට ද තීරණය කර ඇති බව සංචාරක අමාත්‍ය අචල ජාගොඩ මහතා පවසයි. දැනට අමාත්‍යාංශයේ ‍ලියාපදිංචි මගපෙන්වන්නන් සංඛ්‍යාව 3,477 කි.", "එහෙත් ඊට අමතරව නිසි පුහුණුවීමක් සහ අමාත්‍යාංශයේ ලියාපදිංචි වීමක් නොමැති මග පෙන්වන්නන් විශාල සංඛ්‍යාවක් සිටින බව ද වාර්තා වේ. එමගින් දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් හට සිදුවන අපහසුතා මඟහැරවීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ. මෙහි පළමු අදියර පසුගියදා කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය." ]
6,495
පුතා විසින් පියා ඝාතනය කරයි
[ "පයාගල හල්කදවිල ප්‍රදේශයේදි පුතා විසින් සිය පියාට පොල්ලකින් පහරදී ඝාතනය කළ පුවතක් වාර්තා වේ.", "ඊයේ රාත්‍රි මෙම පහරදිම සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.එම්.කරුණාරත්න මහතා සදහන් කළේය. පහර කෑමෙන් තුවාල ලැබු පියා නා‍ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ඔහු ජිවිතක්ෂයට පත්වි තිබේ.", "පවුල් ආරවුලක් මෙම පහරදීමට හේතුවී ඇති බව වාර්තා වේ. පහරදීම සිදුකළ පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව ‍පොලිසිය පවසයි. පයාගල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි." ]
6,496
ලකුණ තවම තීරණය කරල නෑ
[ "ඉදිරි මහ මැතිවරණය සඳහා අලියා ලකුණ යටතේ තරඟ වදින්නේද නැද්ද යන්න පිළිබඳව තවමත් තීරණය කර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති ගාමිණී ජයවික්‍රම මහතා අද දෙරණට පැවසීය.", "පක්ෂ කිහිපයකින්ම සන්ධානයක් යටතේ තරඟ වැදීම සඳහා ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවත්, නමුත් එසේ තාවකාලික හෝ පොදු සන්ධානයක් යට‍තේ තරඟවැදීම පිළිබඳව තවමත් තීරණයකට එළඹ නොමැති බවත්, ඒ මහතා සඳහන් කළේය.", "එමෙන්ම පෙබරවාරි 11වන දින පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධව තීරණයකට එළඹෙන බව ද ජයවික්‍රම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය." ]
6,497
මුතු‍හෙට්ටිගම බද්දේගම සංවිධායක ධූරයට
[ "දකුණු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත මුතු‍හෙට්ටිගම මහතා බද්දේගම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරයට පත්වී තිබේ." ]
6,498
කිලිනොච්චියෙන් ආයුධ තොගයක් හමුවෙයි
[ "කිලිනොච්චිය ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායමකට ‍ අවි ආයුධ තොගයක් හමුවී තිබේ. ඒ අතර පුද්ගල නාශක බෝම්බ දෙකක් වන බව ජාතික ආරක්ෂාව පිලිබද මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.", "මේ අතර යුධ හමුදා 57 වන ‍ෙස්නාංකයේ භට පිරිස් විශ්වමඩු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මිලිමීටර් 60 වර්ගයේ බෝම්බ 17ක් , ආර්.පී.ජි.බෝම්බ 8ක් සොයාගෙන ඇති බව ද වාර්තා වේ. ඉරණමඩු ප්‍රදේශයෙන් ද අත්බෝම්බයක් සොයාගෙන ඇති බව මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කරයි." ]
6,499
හකීම්ගේ උපකාරය අවශ්‍ය නෑ
[ "ආණ්ඩුව ඉදිරි මැතිවරණ සදහා රවුෆ් හකීම් මහතා‍ගේ උපකාරය බලාපොරොත්තු නොවන බව රිෂාද් බදුයුදීන් අමාත්‍යවරයා පවසයි.", "රවුෆ් හකීම් මහතා ආණ්ඩුවට ද්‍රෝහීව කටයුතු කළ අයෙකු බව අමාත්‍යවරයා පවසයි. රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ හෙතෙම ඔහුගේ පක්ෂයේ තවත් මන්ත්‍රිවරු පිරිසක් සමග තීරණාත්මක අය වැය ඡන්ද වීමසීමක් ආසන්නයේදී රජයට විරුද්ධව කටයුතු කළ බව රිෂාද් බදුයුදීන් අමාත්‍යවරයා පෙන්වාදෙයි.", "අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා‍ දෙන්නේ රවුෆ් හකීම් මහතාගේ පක්ෂයට පැහැදිලි ඡන්ද පදනමක් නොමැති බව පසුගිය ජනාධිපතිවරණයෙන් අනාවරණය වු බවයි." ]
6,500
එච්. ඒ ‍පෙරේරා අවසන් කටයුතු ඉරිදා
[ "අභාවප්‍රාප්ත ප්‍රවීන ටෙලි නාට්‍ය හා සිනමා රංගන ශිල්පී එච්. ඒ ‍පෙරේරා මහතාගේ අවසන් කටයුතු පෙබරවාරි 07වන ඉරු දින සවස 5.00ට මෝදර මාදම්පිටිය පොදු සුසාන භූමියේදී පැවැත්වේ.", "එදින දක්වා දේහය මහජන ‍‍‍ෙගෘරව දැක්වීම සඳහා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත." ]
6,501
ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
[ "දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ අද පැවති මීටර් 50- ළය ආර කාන්තා පිහිනුම් තරඟයේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා නටාෂා කරුණාරත්න සමත්විය.", "එය තරඟාවලිය තුළ ශ්‍රී ලංකාව ලබාගත් සිව්වන රන් පදක්කමයි." ]