id
int64
5.96k
184k
heading
stringlengths
3
163
content
sequence
6,296
ෆොන්සේකා යළි නිවසට
[ "කොළඹ සුපිරි හෝටලයක නවාතැන් ගෙන සිටි හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ වන විට සිය නිවසට ගොස් තිබේ.", "ආරක්ෂක අංශ පවසන්නේ ඊයේ රාත්‍රියේදී ඔහු සිය නිවසට ගිය බවය. සරත් ෆොන්සේකා මහතා මැතිවරණය පරාජය වීමෙන් පසුව කොළඹ සුපිරි හෝටලයක තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇත. ආරක්ෂක අංශ ඔහුට එම හෝටලයෙන් පිටතට පැමිණීමට ඉඩ නොදෙන බව ඔහුගේ සම මාධ්‍ය ප්‍රකාශක අනුර කුමා‍ර දිසානායක මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.", "කෙසේ වෙතත් සරත් ෆොන්සේකා මහතා සිරකරගෙන සිටින බවට ගෙන යන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍යක් බව රජය ප්‍රකාශ කලේය." ]
6,297
ජනතාව කෙළෙහිගුණ ඔප්පු කළා
[ "මෙරට ජනතාව තම කෘතවේදීත්වය සහ කෙළෙහිගුණ ලොවට ඔප්පු කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.", "සිය ජයග්‍රහණය වෙනුවෙන් උරදී කටයුතු කළ සියලු පුරවැසියන්ට තම ගෞරවය පුද කරන බවද, ත්‍රස්තවාදය පරාජය කොට පවත්වන ලද පළමු ජාතික මැතිවරණයේදී උතුරු සහ නැගෙනහිර ජනතාව මැතිවරණයට දායක වු බවද ජනාධිපතිවරයා සදහන් කලේය.", "නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් වඩාත්ම සතුටට පත්වන්නේ තමා සහ තම ආණ්ඩුව බවද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සදහන් වේ. එහෙත්‍ මෙම ජයග්‍රහණයේදී පරාජිතයෙකු නොමැති බැවින් සියලු දෙනාම එක්වී සාමකාමීව මෙම සතුට භුක්ති විදින ලෙස ජනාධිපතිවරයා සියලු පුරවැසියන්ට ආරාධනය කරයි.", "නීති ගරුක , සංවර්ධිත , යහපාලනයෙන් යුත් රටක් සහ සියල්ල සපිරි සුභ අනාගතයක් තම දේශයේ අනාගත පරපුරට උරුම කර දෙන බවද ජනාධිපතිවරයා පවසයි.", "කුමන අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කළද සියලු දෙනාම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට දායක වුවන් ලෙස තමා විශ්වස කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ." ]
6,298
රට පුරා ජය සමරයි
[ "ජනාධිපතිවරයා ලැබු ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් රටපුරා ජනතාව අද දිනයේදී උත්සව රැසක් සංවිධානය කර තිබේ. දකුණු පළාතේ සෑම නගරයකම මෙම උත්සව සංවිධානය කර ඇති බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කරයි. රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවද සිංහ ධජ ඔසවමින් ජයග්‍රහණය සමරමින් සිටින බව අද දෙරණ වාර්තාකරුවන් කියා සිටියි. නැ‍ඟෙනහිර පළාතේ නගර කිහිපයකම මෙවැනි උත්සව සංවිධානය කර ඇති බව ද වාර්තා වේ. කෙසේ වෙතත් ආරක්ෂක අංශ ඉල්ලා සිටින්නේ ජයග්‍රහණයේ සතුට සාමකාමීව භුක්තිවිඳින ලෙසයි. ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ වුවහොත් නීතිය දැඩිව ක්‍රියා කරන බව පොලිසිය සඳහන් කරයි." ]
6,299
බේද අත්හැර එක්විය යුතුයි
[ "වාද භේද අත්හරිමින් රට සංවර්ධනය කරා ගෙන යාමට සියලු පුරවැසියන් මේ මොහොතේ ඒකාරාශි විය යුතු බව අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පවසයි. ජනාධිපතිවරයා ඓතිහාසික වාර්තාවක් තබමින් මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ බව ද හෙතෙම කියා සිටියේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.. එම ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳීම තම පාක්ෂිකයන්ගේ වගකීමක් බවද අන් අය වේදනාවට පත් කිරීමෙන් ජයග්‍රහණයක් සැමරිය නොහැකි බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි." ]
6,300
රිය අනතුරින් අයෙක් මරුට-හයකට තුවාලයි
[ "මාතර වල්ගම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තවත් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.. කොළඹ සිට මාතර බලා ධාවනය වූ වෑන් රථයක් ත්‍රී රෝද රථයකට ඉස්සර කිරීමට යාමේ දී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පුද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව සඳහන් වේ. අනතුරින් වෑන් රථයේ රියදුරු මිය ගොස් ඇති අතර වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් සිව් දෙනෙකු , බස් රථයේ රියදුරු සහ තවත් කාන්තාවක් තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබේ. මාතර පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි." ]
6,301
දියේ ගිලී අතුරුදහන්
[ "තිසා වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන් වී තිබේ. ඊයේ පස්වරුවේ තිසා වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු මෙසේ අතුරුදහන් වී ඇති බව පොලිසිය පවසයි. දියේ ගිලුණු පුද්ගල‍යා මෙතෙක් සෙයා ගෙන නොමැති අතර අනුරාධපුර පොලීසිය දියේ ගිලුණු පුද්ගලයා සෙවීමේ කටයුතු වල නිරත වී සිටියි.." ]
6,302
ෆොන්සේකා ඉන්දියාවෙන් ආරක්ෂාව ඉල්ලයි
[ "ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලැබූ ජයග්‍රහණයත් සමඟ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉන්දීය රජයෙන් ආරක්ෂාව පතා ඇතැයි ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.", "ඔහු රැඳී හුන් හෝටලය හමුදාව විසින් වැටලීමත් සමඟ ඔහු මෙසේ ඉන්දීය සහය පතා ඇති බවත්, ෆොන්සේකා මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලැබූ ජයග්‍රහණය පිළිනොගන්නා අතර තමා ඝාතනය කිරීමට උත්සාහ දරන බවට රජයට චෝදනා කරමින් මෙසේ ඉන්දීය සහය පතා ඇති බවත් සඳහන් වේ..", "එසේ වුවද මෙය රට අභ්‍යන්තර ගැටලුවක් බැවින් සෘජුව මෙම ගැටලුවට මැදිහත්වීමට නව දිල්ලි පාලනය කැමැත්තක් නොදක්වන මුත් ජාත්‍යන්තර බලපෑම මධ්‍යයේ පාලන කටයුතු ප්‍රවේශම්ව ගෙනයාමට රාජපක්ෂ රජයට සිදුවන බවද ඉන්දීය මාධ්‍ය කියා සිටියි.", "නමුත් රාජපක්ෂ මහතා විශාල ජයග්‍රහණයක් ලැබීමත් සමඟ සරත් ෆොන්සේකා මහතා ලැගුම්ගෙන සිටි හෝටලය මෙසේ හමුදාව විසින් වැටලීම සිදුවූ බව පිටතට විද්‍යමාන වන කරුණකි.", "මෙම වැටලීමට කරුණු දක්වමින් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක උදය නානායක්කාර මහතා පැවසුවේ ඒම හෝටලයෙ හමුදාවෙන්‍න් පැනගිය සෙබළු සිටින බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම් සිදුවූ බවය.", "පසුව රජය පැවසුවේ හෝටලයෙන් පිටතට පැමිණීමට ෆොන්සේකා මහතාට අවසර ලැබෙන බවත්, නමුත් මැතිවරණ කාල සීමාව තුළ ඔහුට විරුද්ධව ඒල්ල වූ චෝදනා පිළිබදව කටයුතු කරන බවත්ය. මැතිවරණයෙන් පසුව රාජපක්ෂ මහතා සමඟ තිබු සබඳතා බිදෙනොදමන බව ද, උතුරු, නැඟෙනහිර සංවර්ධන කටයුතු පිළිබඳව විමසිලිමත්වන බව ද ඉන්දියාව පවසයි.", "සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ආරක්ෂාවට ආසියානු රටක මැදිහත් වීමක් ලබා ගැනීමට මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් මහතා පවසයි. ඔහු පවසන්නේ එම මැදිහත් වීම සරත් ෆොන්සේකා මහතා ද ඉල්ලා ඇති බවයි.", "මේ සඳහා ආසියානු රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා කර ඇති බව ද මනෝගනේෂන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ අතර මෙමඟින් බලාපොරොත්තු වන්නේ සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ආරක්ෂාව මිස දේශපාලන ආරක්ෂාවක් නොවන බව ද මන්ත්‍රීවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,303
ෆොන්සේකාගේ ආරක්ෂාව ආපසු ඉල්ලයි
[ "හිටපු හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සැපයූ ආරක්ෂාව යළි පවරා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය ඔහුගෙන් ඉල්ලා ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍ර්ගේඩයර් උදය නානයක්කාර මහතා පවසයි. මේ වන විටත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට 70 ක පිරිස් බලයකින් යුතු ආරක්ෂාවක් සපයා ඇතැයි ද එකී ආරක්ෂාව යළි අමාත්‍යංශයට පවරා දෙන ලෙස ඉල්ලා ඇතැයි අද දෙරණට ප්‍රකාශයක් කරමින් හෙතෙම අවධාරණය කළේය." ]
6,304
මැතිවරණය සාමකාමියි
[ "ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සමස්ත වශයෙන් සාමකාමී අන්දමින් පැවති බවත්, නිල ජන්ද ප්‍රතිඵලය පිළිගන්නා ලෙස සියළුම පක්ෂවල සාමාජිකයන්ගේන් ඉල්ලා සිටින බවත්, එක්සත් ජාතීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් බැංකි මූන් මහතා ඊයේ සදහන් කළේය.", "යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියා පිලිබදව වාර්තා වුව ද සමස්ත මැතිවරණයේ සාමකාමීත්වය පිළිබදව තමන් සෑහීමට පත්වන බව ඒ මහතා මාධ්‍ය ඉදිරියේ පැවසීය. එමෙන්ම මැතිවරණයෙ අවසන් ප්‍රතිඵලය පිළිගැනීම හා සියළු නීතිරීති වලට අනුගතව කටයුතු කළ යුතු බවත්, බුද්ධිමත්ව, වගකීමෙන් යුතුව හා සාමකාමීව කටයුතු කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවත් , එම තත්ත්වය ඉදිරි මැතිවරණ සහ ජාතික ප්‍රගමනය සදහා ඉවහල් විය හැකිබවත් ඒ මහතා ශ්‍රී ලාංකීය දෙශපාලන පක්ෂ සාමාජිකයන් වෙත දන්වා සිටී." ]
6,305
සහය දුන්නොත් සංශෝධනයක්-නොදුන්නොත් මැතිවරණයක්
[ "මේ සතිය ඇතුළත විපක්ෂයේ සහය ලැබෙන්නේ නම් 2/3ක බලයක් සහිතව ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටත්,එසේ නොවන්නේනම් ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බවත් ජනමාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.", "විපක්ෂයේ සහය නොමැතිව ව්‍යවස්ථා සංශෝධනයක් කළ නොහැකි බව ඔහු අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කියා සිටියේය.", "එක්සත් ජාතික පක්ෂයට සිය පාරම්පරික මැතිවරණ බිම් පවා අහිමි වී ඇති බවත්,සෙංකඩගල සහ මහියංගනය මැතිවරණ ආසන වල බලය පවා ජනාධිපතිවරයාට හිමි වූ බව ද ඔහු සිහිපත් කළේය.", "සරත් ෆොන්සේකා මහතාට බලය හිමි වූ ප්‍රදේශ පිළිබඳ සලකා බලන විට ඒවා ඊලාම් සිතියමේ දැක්වුණු ප්‍රදේශ බව කාටත් පැහැදිලිව හඳ්‍රනාගත හැකි බවත්,ද්‍රවිඩ ජාතික සන්ධානය හා සරත් ෆොන්සේකා මහතා අතර ගිවිසුමක් පැවති බවට එය කදිම සාක්ෂියක් බවත් ඇමතිවරයා කියා සිටියේය.", "උතුරු හා නැඟෙනහිර ප්‍රදේශ යළි ඒකාබද්ධ කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ද්‍රවිඩ සන්ධානය විසින් උතුරේ මැතිවරණ ප්‍රචාරණය නිදහස්ව කරගෙන යාම එකී ප්‍රදේශවල ජය විපක්ෂයට තහවුරු කර ගැනීමට හේතු වූ බව ද ඔහු අවධාරණය කළේය.", "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව යළි පවරා ගැනීමට රජය කටයුතු කර නැති බවද තමා සිර කරගෙන සිටි බවට ඒ මහතා විසින් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ද ඇමතිවරයා කියා සිටියේය." ]
6,306
බේගල් ඇද බෑ තිදෙනෙක් දැලේ
[ "අසත්‍ය පුවත් ජංගම දුරකථන වල කෙටි පණිවිඩ සේවය මගින් හා අන්තර්ජාලයේ facebook ඔස්සේ ප්‍රචාරය කිරීමේ චෝදනාව මත පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි." ]
6,307
ප්‍රතිඵලය ගැන සැකය මකන්න බෑ
[ "ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබදව පවතින සැකය මකාදැමීමේ හැකියාව නිදහස් සන්ධානය සතුව නොමැති බව ජනතා විමුක්ති පෙරමුණු නායක සේාමවංශ අමරසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදීය.", "ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුයේ යුද්ධයේදී දිවි පරදුවට තබා කටයුතු කළ පුද්ගලයින්ට කෘතගුණ දක්වන්නෙ මෙසේදැයි තමා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජන්දය ලබාදුන් ජනතාවගෙන් විමසා සිටින බවය.", "ප්‍රකාශයට පත්කරන ලද සියලුම ජන්ද ප්‍රතිඵල ප්‍රතික්ෙෂ්ප කරන බව ද අමරසිංහ මහතා ප්‍රකාශ කළේය." ]
6,308
මහවැලියේ ලොක්කෝ පිටමං කෙරෙයි
[ "ශ්‍රීලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය වහාම විසුරුවා හැරීමට තීරණය කළ බව කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි. අකාර්යක්ෂම හා අවිධිමත් පාලනය හේතුවෙන් මෙම තීරණය ගත්බව අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඒ අනුව මේ වන විටත් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්ට සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දෙන ලෙස දන්වා ඇති බවත්,ඊට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් දිල්ශාන් කීර්තිසර මාන්නප්පෙරුම මහතා ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ." ]
6,309
ආණ්ඩුව මහ මැතිවරණයකට සූදානම්
[ "අද සිට මහ මැතිවරණයකට කටයුතු සූදානම් බවත්,නුදුරු දිනයක පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.", "කොහොමත් අප්‍රේල් මස 22 වන විට පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන බවද එබැවින් අද සිටම මහ මැතිවරණයකට සූදානම් වන ලෙස සංවිධායකවරුන්ට දැනුම් දුන් බව ද ඇමතිවරයා කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.", "2005 දී රනිල් වික්‍රමසිංහ මහතා ලැබූ පමණින් හෝ ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට ජෙනරාල් සරත් ෆොන්සේකා ට නොහැකි වූ බවත්,ඒ පිළිබඳ වඩාත් සතුටු වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව ද හෙතෙම කියා සිටියේය.", "මැතිවරණය සාධාරණ බව මැතිවරණ කොමසාරිස් මෙන්ම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද පිළිගෙන තිබියදී ‍සරත් ෆොන්සේකා මහතා තමන්ගේ රැස්වීම් වලට පැමිණි ජනකාය දෙස බැලීමේදී ජනාධිපතිවරයාගේ මෙම ජයග්‍රහණය පිළිගත නොහැකි බව පැවසීම විහිළු සහගත බවද ඇමතිවරයා කියා සිටියේය.", "මැතිවරණ රැස්වීම් වලට එන ජනයා සියලුදෙනා ඡන්දයේදී ඡන්දය ප්‍රකාශ නොකරන බවත්,ඒ පිළිබඳ නොදැනීමෙන් පෙනී යන්නේ දේශපාලනය පිළිබඳ ෆොන්සේකා මහතාට කිසිදු දැනීමක් නැති බව යයි ද හෙතෙම කියා සිටියේය." ]
6,310
ඉල්ලනවනම් ආරක්ෂාව දෙනවා
[ "ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂාව ලබා දෙන ලෙස දී තිබුණු නියෝගයට අදාල කාලපරිච්ඡේදය නිමා වී ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.", "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි පළ වන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේ සඳහන් කරන ලදී.", "ජනාධිපතිවරණ සමයේ ඒ මහතාට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස ‍ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කරනු ලැබූ බව ද එකී නියෝගයට අනුව එතුමාට ප්‍රමාණවත් ආරක්ෂාවක් සලසා තිබුණු බවත් මේ වන විට ජනාධිපතිවරණයද නිමා වී ඇති බැවින් විශේෂ ආරක්ෂාවක් පිළිබඳ ප්‍රශ්නයක් මතු නොවන බවද හෙතෙම කියා සිටියේය.", "එහෙත් ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් තමන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස යළි ඉල්ලා සිටිනු ලැබුවහොත් ඒ පිළිබඳ සලකා බලන්නට සූදානම් බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,311
දේශපාලනයේ නෑ-පුටුවෙ ඉන්නවා
[ "මෙයින් ඉදිරියට දේශපාලන‍ කටයුතු වලින් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියන් පවසයි. දේශපාලනයෙන් ඉවත් වුවද මෙවර පාර්ලිමේන්තුව විසුරුවන තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන ආරක්ෂා කර ගන්නා බවඋන්වහන්සේ කියා සිටියි. ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි ජනාධිපති කරවීම සඳහා ඡන්ද ලබා දුන් සියලු ජනතාවට තමාගේ ප්‍රශංසාව ලබා දෙන බව ද උඩුවේ ධම්මාලෝක හිමියන් කියා සිටියේ අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි." ]
6,312
හවුල් නම් ෆොන්සේකාත් අත්අඩංගුවට
[ "ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවත්,එකී කුමන්ත්‍රණයට හවුල් බවට සැක කරන හමුදාව හැර ගිය සෙබළුන් 30 ක් පමණ දැනට අත්අඩංගුවේ පසුවන බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.", "දැනට අත් අඩංගුවේ පසුවන්නන්ගෙන් ඒ පිළිබඳ දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බවත්,ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාද එකී කුමන්ත්‍රණයට හවුල් බවට තොරතුරු අනාවරණය වුවහොත් ඔහුද අත්අඩංගුවට ගන්නා බව හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. ." ]
6,313
මංගල නීතියේ පිහිට සොයයි
[ "මෙවර ජනාධිපතිවරණය ලංකා ඉතිහාසයේ දූෂිතම මැතිවරණය බවත්,සාධාරණත්වය වෙනුවෙන් නීතිමය පියවර ගන්නට සූදානම් බවත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතා පවසයි.", "මැතිවරණ කොමසාරිස්ගේ කාර්යය මෙවර ඉෂ්ඨ කරනු ලැබුවේ බැසිල් රාජපක්ෂ මහතා බවත්,කොමසාරිස්වරයා හුදු නාමමාත්‍රිකයෙකු ලෙස පමණක් ක්‍රියා කළ බවත් හෙතෙම අවධාරණය කරයි.", "පවත්වන ලද සමීක්ෂණ වාර්තා සලකා බලද්දී සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය සනාථව පැවති නමුත් සිදුවූ අක්‍රමිකතා නිසා එකී ජයග්‍රහණය යටපත්ව ගිය බවත් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු කියා සිටියේය.", "අද පැවති මාධ්‍ය හමුවකදී ජනමාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා 2/3 ක බලයක් ලබා ගැනීම වෙනුවෙන් විපක්ෂයේ සහය ඉල්ලා සිටිය ද තව දුරටත් ප්‍රජාතන්ත්‍ර විරෝධී පවුල් පාලනයක් සඳහා සහය දීමට විපක්ෂය සූදානම් නැති බව ද මංගල සමරවීර මහතා පැවසීය." ]
6,314
රාජ්‍ය මාධ්‍ය, ඇමතිවරුන්ගේ දෑවැද්දක්
[ "ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ දෑවැද්දක් ලෙස රාජ්‍ය මාධ්‍ය පාවිච්චි වෙමින් පවතින බව කම්කරු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.", "රාජ්‍ය මාධ්‍ය තුළින් ඔළුව දමන්නේ ඇමතිවරුන් කිහිපදෙනෙකුගේ මුහුණු පමණක් බවත්,රජයේ ජන මාධ්‍ය පාලනය ඇමතිවරයෙකුට නොහැකිනම් එය වහාම ජනාධිපතිවරයා විසින් පවරාගත යුතු බවත් ඔහු කියා සිටියි.", "ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය සේවයක් කරනු ලැබුවද ඇතැම් අවස්ථාවල ඒවා හැසිරුණු අන්දම පිළිබඳ කිසිසේත්ම ජනතාව තෘප්තිමත් නොවුණු බවද ඇමතිවරයා කීය.", "අද ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සැමරීම සඳහා කිරිබත්ගොඩ නගරයේ පැවති රැස්වීමක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය." ]
6,315
උතුරු-නැ‍ඟෙනහිර ජනයා ගැන සතුටුයි
[ "උතුරු-නැ‍ඟෙනහිර ප්‍රදේශවල බහුතරයක් ජනයාගේ ඡන්දය තමන්ට ‍නොලැබුණද ඔවුන් මැතිවරණ ක්‍රියාදාමයට සක්‍රීය දායකවීම පිළිබඳ තමා බෙහෙවින් සතුටු වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද සවස අරලියගහ මන්දිරයේ දී මාධ්‍ය ප්‍රධනීන් හමුවී පවත්වන ලද සාකච්ඡාවකදී හෙතෙම මේ බව කියා සිටියේය. පසුගියදා පැවති ජනාධිපතිවරණයෙදී උතුරු-නැඟෙනහිර ප්‍රදේශවල ඡන්දයෙන් බහුතර බලය හිමි වූයේ විපක්ෂයේ අපේක්ෂකයා වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටය." ]
6,316
එල්.ටී.ටී.ඊයට සහය දී 4 ක් මාට්ටු
[ "‍ශ්‍රී ලංකාවෙන් පළා එන හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට රැකවරණ ලබා දුන් පුද්ගලයින් සිව් දෙනෙකු ඉන්දියානු තමිල්නාඩු වෙරළාරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.", "මේ සමඟ තමිල්නාඩු වෙරළ තීරයේ ආරක්ෂාව තර කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව නවදිල්ලි මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වේ.", "මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින සෙල්වකුමාර් හෙවත් ජීවා නැමැත්තා ළඟ තිබී ඉන්දියානු රුපියල් හැටලක්ෂයක මුදලක් සහ හෙරොයින් ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.", "ඔවුන් සතු බෝට්ටුවකින් පසුගිය දෙසැම්බර් මස 24 වනදා පුද්ගලයින් දෙදෙනෙකු තමිල්නාඩුවට රැගෙනවිත් ඇති අතර පසුව මෝටර් රථයකින් රැගෙන ගොස් රහසිගත ස්ථානයක රඳවා තබාගෙන ඇති බවට අනාවරණය වී ඇති බව පැවසේ.", "මෙම පුද්ගලයින් දෙදෙනා එල්.ටී.ටී.ඊ සාමාජිකයින් බවට අනාවරණ වී ඇති අතර මොවුන් සතුව තිබී මිලි මීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 22 ක් , එල්.ටී.ටී.ඊ සංවිධානය භාවිතා කළ ආකාරයේ චන්ද්‍රිකා දුරකථනයක් එරට ආරක්ෂක අංශ විසින් සොයා ගෙන ඇති බවද සඳහන් වේ. මෙම පුද්ගලයින් දෙදෙනා ද තමිල්නාඩු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ." ]
6,317
මහින්දට ඉන්දියාවේ ප්‍රසාදය
[ "පැවති ජනාධිපතිවරණය පිළිබඳව ඉන්දියාව සිය ප්‍රසාදය පළ කර ඇති අතර ජනාධිපතිවරණයෙන් පැහැදිලි ජයග්‍රහණයක් ලබා ගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය රජය සිය සුභ පැතුම් පළ කර සිටියි.", "මහින්ද රාජපක්ෂ රජය සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ඉන්දීය රජය තවදුරටත් නිවේදනය කරයි.", "දීර්ඝ කාලයක් පුරා පැවති යුද්ධය අවසන් කරමින් සියලුම ජනකොටස් වෙත ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ප්‍රසාදය පළ කරයි.", "ශ්‍රී ලංකා රජය පොරොන්දු වී ඇති පරිදි සුළු ජන කොටස් වෙත සිය අයිතිවාසිකම් ලබා දී දේශපාලන විසඳුමක් ලබා දීමට මහින්ද රාජපක්ෂ මහතාට සිය දෙවන ධුර කා‍ලයේ දී හැකි වනු ඇති බවට ඉන්දීය රජය සඳහන් කරයි." ]
6,318
ෆොන්සේකාගේ ජීවිතයට තර්ජනයක්
[ "අධිකරණ තීන්දුවද නොතකා ආණ්ඩුව තම ආරක්ෂාව කප්පාදු කර ඇති බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. මේ හේතුවෙන් තම ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බව හෙතෙම කියා සිටියි.. ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.", "එහෙත් අමාත්‍ය සරත් අමුණුගම මහතා සරත් ෆොන්සේකා මහතා එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරමින් අධිකරණ තීන්දුවේ සඳහන් ආකාරයට ආරක්ෂාව ලබා දිය යුතු කාලය නිමා වී ඇති බවත්,යළි ආරක්ෂාව ඉල්ලා සිටින්නේනම් එය සලකා බැලීමට සූදානම් බවත් කියා සිටියි." ]
6,319
කොම්පඤ්ඤ වීදීයේ ගින්නක්
[ "කොම්පඤ්ඤ වීදීයේ සුපිරි වෙළඳසැලක ගින්නක් හට ගෙන තිබේ.. ඊයේ රාත්‍රියේ මෙම ගින්න හට ගත් බව පොලීසිය පවසයි. පසුව ගිනි නිවන හමුදාව මැදිහත් වී ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ.. සිද්ධයෙන් කිසිවෙකුටත් අනතුරකි සිදු වී නොමැති අතර එක් පුද්ගලයෙකු දුමාරය නිසා හටගත් ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල් ගත කළ බව පොලිසිය කියා සිටියි. ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද පොලීසිය පවසයි." ]
6,320
ෆොන්සේකාට රටින් පිටවෙන්න බැරි නෑ
[ "සරත් ෆොන්සේකා මහතා රටින් පිටවයාම වළක්වාලීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි. එහෙත් එවැනි අවශ්‍යතාවයක් ඇත්නම් පවතින නීතී රාමුව තුළ ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පවසයි. එහෙත් සරත් ෆොන්සේකා මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ තමා රටෙන් පිටවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස කටුනායක ගුවන්තොටුපළ බලධාරීන්ට දන්වා ඇති බවයි." ]
6,321
ඇ‍ෆ්ගනිස්ථානයට අමෙරිකානු ඩොලර් එකසිය හතළිහක්
[ "මෙම වසර අවසානය වන විට ඇෆගනිස්ථානයට එරට ඇතැම් පළාත් වල ආරක්ෂාව සිය හමුදාවන්ටම පාලනය කර ගත හැකි බව විදේශීය රටවල් පෙන්වා දෙයි.", "බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ඇෆ්ගන් සමුළුවට සහභාගී වී සිටින විදෙස් රටවල නියෝජිතයින් විසින් මේ බව සනාථ කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් ඉදිරි පස්වසරක කාලය තුළ ඇෆ්ගනිස්ථානයේ සිදු කරන සාම සාධක කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කළ හැකි බවට විදෙස් රට‍වල නි‍යෝජිතයෝ පවසති..", "මේ අතර ඇ‍ෆ්ගනිස්ථානයේ මෙහෙයුම් කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් එකසිය හතළිහක මුදලක් යෙදවීමට ද මෙම සමුළුවේ දී තීරණය වී ඇති බව සඳහන් වේ." ]
6,322
දැරිය දූෂ්‍ය කළ අනියම් සැමියා අද අධිකරණයට
[ "වයස අවුරුදු 9 ක බාලවයස්කාර දැරියක් අපහරණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල කාන්තා හා ළමා කාර්යංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.", "වසර දෙකක පමණ කාලයක සිට මවගේ අනියම් සැමියා ලෙස සිටි පුද්ගලයෙකු දැරියට අතවර කර ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි..", "අත්අඩංගුවට ගෙන ඇති ‍45 වියැති මෙම පුද්ගලයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි." ]
6,323
ෆොන්සේකා බ්‍ර්තාන්‍යයෙන් ඇමරිකාවෙන් ආරක්ෂාව ඉල්ලයි
[ "සරත් ෆොන්සේකා මහතා බ්‍රිතාන්‍යයෙන් සහ ඇමෙරිකාවෙන් දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බව සඳහන් වේ. ඕස්ට්‍රේලි‍යාවෙන් ද තාවකාලික දේශපාලන රැකවරණ ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව සරත් ෆොන්සේකා මහතා සමඟ පැවති දුරකථන සංවාදයක් උපුටා දක්වමින් `` දි ඕස්ට්‍රේලියන් `` පුවත් පත ප්‍රකාශ කරයි.", "ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය හරහා මෙම ඉල්ලීම කිරීමට තමා බලාපොරොත්තු වන බව සරත් ෆොන්සේකා මහතා එහි දී ප්‍රකාශ කර ඇති බව දැක්වේ.", "තමාගේ ආරක්ෂාව ඉවත් කිරීමත් සමඟ හටගෙන ඇති ජීවිත තර්ජන හේතුවෙන් මෙම තීරණයට එළඹි බව ඔහු තවදුරටත් ``දි ඕස්ට්‍රේලියන් `` පුවත්පතට පවසා ඇත." ]
6,324
"දැයට කිරුළ"පල්ලෙකැලේට
[ "මෙවර දැයට කිරුළ ප්‍රදර්ශනය මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර තිබේ.. රාජ්‍ය ආදායම් සහ නියෝජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන පරිදි ලබන පෙබරවාරී 4 වනදා සිට පෙබරවාරී 10 වනදා දක්වා ප්‍රදර්ශනය පැවැත්වේ.", "දැයට කිරුළ ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ සිව්වන වතාවට වන අතර කොළඹින් පිට පැවැත්වෙන්නේ ප්‍රථම වතාවට බව ද අමාත්‍යවරයා පවසයි..", "ලබන 4 වනදා පස්වරු 4 ට විවෘත කෙරෙන මෙම ප්‍රදර්ශනය පස්වරු 6 සිට මහජන ප්‍රදර්ශනයට විවෘතව තැබෙනු ඇත. විදෙස් තානාපති අංශද මෙවර ප්‍රදර්ශනයට සහභාගී වීම විශේෂත්වයක් බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියි. .", "මෙවර ප්‍රදර්ශනයේ තේමාව වී ඇත්තේ\"පැළඳ එක කිරුළක් නැවුම් හෙට දවසක්\"යන්නයි." ]
6,325
ෆොන්සේකා මහ මැතිවරණයට තරඟකරයි
[ "ජෙනාල් සරත් ෆොන්සේකා මහතා එළඹෙන මහ මැතිවරණයට තරඟකරන බව නිවේදනය කර ඇතැයි හින්දුස්ථාන් ට‍යිම්ස් පුවත්පත උපුටා දක්වයි.", "තමා මහ මැතිවරණයට තරඟ නොකළහොත් එය ජනාධිපතිවරණයේදී තමන්ට ඡන්දය ප්‍රකාශ කරමින් තමා කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව නොතකා හැරීමක් සිදුවන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.", "ශ්‍රීලංකා රජය නුදුරු දිනයකදීම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යන බවත්,අප්‍රේල් 20 වන දිනට පෙර නව පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් එකී පුවත්පතේ වැඩිදුරටත් සඳහන් වේ." ]
6,326
සංක්‍රමණිකයින්ගේ විරෝධතාවය මාරාන්තික උපවාසයක් වෙයි
[ "ක්‍රිස්මස් අයිලන්ඩ් දූපතේ රඳවා තබා ඇති ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් විසින් ගෙන ගිය සාමකාමී විරෝධතා ව්‍යාපාරය මාරාන්තික උපවාසයක් බවට පරිවර්තනය කරගෙන ඇතැයි එරට සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.", "එකසිය තිස්දෙනෙකුගෙන් පමණ සමන්විත ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයින් පිරිසක් බ්‍රහස්ප්‍රතින්දා (28) මධ්‍යහ්නයේ සිට මෙසේ මාරාන්තික උපවාසයකට අවතීර්ණ වී තිබේ.", "තම කාර්ය මණ්ඩලය තත්ත්වය පාලනය කිරීමට හා මෙම උපවාසය නැවැත්වීමට අනුබල දීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව එරට පුරවැසි හා සංක්‍රමණ කටයුතු දෙපාර්තමේන්තු ප්‍රකාශක පවසයි. .", "ඕස්ට්‍රේලියාව ගමන් ගනිමින් සිටි මෙම අනවසර සංක්‍රමණිකයින් පිරිස ඉන්දුනීසියානු මුහුඳු සීමාවේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු එරට බලධාරීන් විසින් ක්‍රිස්මස් අයිලන්ඩ් දූපතේ රඳවා තැබීමට තීරණය කරනු ලැබිණි." ]
6,327
මැදවච්චියේ සිට තලෙයිමන්නාරමට දුම්රිය අධිවේගයෙන්
[ "මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා අධිවේගී දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම දෙපාර්තමේන්තුව පවසන පරිදි ඉදිරි වසර දෙක හමාරක කාලය තුළ මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අවසන් කෙරේ. පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට හැකි ආකාරයෙන් මෙම දුම්රිය මාර්ගය ඉදිකෙරෙන බව දුම්රිය‍ දෙපාර්තමේන්තුව කියා සිටියි. දුම්රිය මාර්ගයේ ඉදිකිරීම්වලට අදාළ ගිවිසුම්වලට දැනටමත් එළඹ ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලද පසුව එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.." ]
6,328
පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 33 යි
[ "ගතවූ කාලය තුළ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 33 ක් වාර්තා වී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.. මෙයින් සිදුවීම් 18 ක් බරපතල සිදුවීම් වන අතර සිදුවීම් 15 ක් සුළු සිදුවීම් බව ද සඳහන් වේ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන පරිදි ගිනි අවි භාවිතා කළ සිදුවීම් 7 ක් ද වාර්තා වේ.", "පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අතර පුද්ගල ඝාතන 2ක්, පහරදීම් 06 ක්, දරුණු තුවාල සිදුකිරීම් 4ක්, තර්ජනය කිරීම් හා‍ බියවැද්දවීම් දෙකක් වන බව එම මධ්‍යස්ථානය කියා සිටියි. මේ අතර ඊයේ රාත්‍රීයේ දඹුල්ල ප්‍රදේශයේ වෙළඳසැල් දෙකකට සහ නිවාස දෙකකට පහරදී ඇති බව කියැවේ." ]
6,329
ෆොන්සේකා ට එරෙහිව විමල් නීති පොත පෙරළයි
[ "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.", "කොළඹ සුපිරි හෝටලයක ලැගුම් ගෙන සිටිමින් සන්නද්ධ බලයෙන් ආණ්ඩු බලය පැහැර ගැනීමට කුමන්ත්‍රණ කරමින් සිටීමත්,හමුදා සෙබළු බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමත් නීති විරෝධී බැවින් ඔහුට එරෙහිව පියවර ගත යුතු බව හෙතෙම අවධාරණය කරයි.", "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉදිරි මහ මැතිවරණයට තරග කරන බවට ප්‍රකාශයක් නිකුත් කර ඇති බවත්,එතුමා ගේ උපන් ගම වුණු අම්බලන්ගොඩ වත් දිනා ගන්නට නොහැකි වූ ඔහුට මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නට හැකි වෙතැයි අපේක්ෂා කළ නොහැකි බව ද වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කරයි.", "එළඹෙන මහ මැතිවරණයේදී\"ජාතික නිදහස් පෙරමුණ\"එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ වදින බව ද හෙතෙම කියා සි‍ටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි." ]
6,330
ප්‍රතිඵලය දූෂිතයි-නීතිය ක්‍රියාත්මකයි
[ "මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දූෂිත බැවින් ඒ වෙනුවෙන් නීතිමය පියවර ගැනීමට සූදානම් බවත්,ඒ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කරන්නට කටයුතු කරන බවත් එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.", "මෙම මැතිවරණයේදී ඉතා සූක්ෂම ලෙස සත්‍යය වසන් කරන්නට ආණ්ඩුව කටයුතු කළ බව ද හෙතෙම කියා සිටියේය. අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී..", "එහෙත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණය නිදහස් හා සාමකාමීව පැවති බවට ප්‍රකාශ කළ බැවින් පක්ෂය තුළ මේ සම්බන්ධයෙන් මත ගැටුමක් පවතින්නේදැයි මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ එවැනි මත ගැටුමක් නොමැති බවය..", "රනිල් වික්‍රමසිංහ මහතා එසේ කියන ලද්දේ සමස්ත ප්‍රතිඵලය ලෙස බලා නොවන බවත්,පක්ෂයේ ඒ පිළිබඳ ගැටුමක් නොමැති බවත් සියලුදෙනා මෙම මැතිවරණයේ ප්‍රතිඵලය දූෂිත බව පිළිගන්නා බවත් හෙතෙම කියා සිටියේය. .", "මෙම මාධ්‍ය හමුවට සහභාගී වෙන්නට ප්‍රථම තමන් සරත් ෆොන්සේකා මහතා සමග කතා බහ කළ බවත්,එතුමා ඉදිරියටත් දේශපාලනයේ නියැළෙන්නට තීරණය කර ඇති බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය." ]
6,331
පැහැරගත් අවියෙන් වෙඩිතබා ගනියි
[ "තඹලගමුව, 94 කණුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ගිනි අවියකින් වෙඩි තබා‍ ගනිමින් දිවි හානිකරගෙන තිබේ. තඹලගමුව පොලිසිය පවසන පරිදි තඹලගමුව ග්‍රාමාරක්ෂක මුරපොළෙන් පැහැරගත් ගිනි අවියක් භාවිත කරගමින් එම පුද්ගලයා දිවි හානිකරගෙන ඇත. සිද්ධියෙන් මියගොස් ඇත්තේ යුද හමුදාවෙන් පැන ගිය පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.. ගිනි අවිය පැහැරගැනීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ‍ඔහු විසින් වෙඩි තබාගෙන ඇති බව සඳහන් වේ.." ]
6,333
ලංකා කර්තෘ සී.අයි.ඩී බාරයට
[ "ප්‍රකාශයක් ලබා ගැනීමට යයි සඳහන් කරමින් අද පෙරවරුවේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රැගෙන ගිය\"ලංකා\" පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා මේ වනතුරුත් මුදා හැර නැතැයි වාර්තා වේ.", "අද උදෑසන 6.45 ට පමණ දෙල්කඳ පිහිටි\"ලංකා\"පුවත්පත් කාර්යාලයට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක වරයෙකු වන පිලපිටිය නැමති අයගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් ප්‍රකාශයක් සටහන් කරගෙන ආපසු එවන බවට පවසා චන්දන සිරිමල්වත්ත සහ ප්‍රියදර්ශන දයාරත්න යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඇත.", "\"ලංකා\"කතුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රඳවා ගෙන ඇති අතර එහි මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන ප්‍රියදර්ශන දයාරත්න තම කතුවරයා ප්‍රකාශය ලබා දී පැමිණෙන තුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ම පිටත රැඳී සිටියදී සවස 4 ට පමණ ආපසු යන ලෙසත්,කතුවරයා රඳවාගෙන දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යා යුතු බවත් පවසා තිබේ.", "පසුගිය ජනවාරි 26 වන දින සති මැද ලංකා පුවත්පතේ පළ වූ කතරගම ප්‍රදේශයේ රක්ෂිතයක ආරක්ෂක ලේකම්වරයාට අයත් නිවසක් ගොඩනැඟෙමින් පවතින බවට පළ වූ ලිපියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් කතුවරයා රැගෙන ගොස් තිබේ." ]
6,334
ෆොන්සේකාගේ ආධාරකරුවන් සී.අයි.ඩීයට
[ "කොළඹ රාජකීය මාවතේ පිහිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ සිටි හමුදා සේවය අතහැර ගිය සෙබළුන් 13 දෙනෙකු අද සවස සී.අයි.ඩී ය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂ කෝට්ටේ සංවිධායක ශිරාල් ලක්තිලක මහතා පවසන පරිදි පොලිස් පරීක්ෂණ කටයුතු වෙනුවෙන් යයි සඳහන් කරමින් පරිගණක සහ පරිගණක උපාංග රැසක් සීල් තබා ඇත." ]
6,335
ශ්‍රි ලංකාවට වේගවත් සංවර්ධනයක්
[ "වේගවත්ව ආර්ථිකය සංවර්ධනය වන රටවල් අතුරින් පළමු දස දෙනා අතරට පැමිණීමට ශ්‍රි ලංකාව සමත්ව තිබේ.", "ඒ අනුව ශ්‍රි ලංකාවට වේගවත්ම ආර්ථිකය සංවර්ධනය වන රට‍වල් අතුරින් 8 වන ස්ථානය හිමිව තිබෙන අතර අමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යාඥයන්ගේ බුද්ධි තොරතුරු ඒකකය මගින් මෙය ප්‍රකාශයට පත් කර ඇති බවද සදහන් වේ.", "ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 6 යි දශම 3 ක් ලෙස වාර්තා වේ. ආසියානු රටක් වශයෙන් එය දෙවැනි වන්නේ චීනයට පමණි. ලෝක ආර්ථික අර්බුදයක් පැවතියද මෙරට අත්කර ගෙන ඇති වර්ධනය සම්බන්ධයෙන් ලෝකයේ අවධානය යොමුව ඇති බවද වාර්තා වේ.", "මේ අතර පසුගිය දින කිහිපය තුළ මෙරට කොටස් වෙළද පොළ ද සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. ශ්‍රි ලංකාවේ පවතින දේශපාලන ස්ථාවරභාවය සහ සාමකාමී පරිසරය මෙම තත්ත්වයට‍ හේතු වන්නට ඇති බව ‍මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පෙන්වා දෙයි." ]
6,336
මහ මැතිවරණයට සූදානම්
[ "ඉදි‍රියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සදහා සුදානමින් පවතින බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.", "ලබන අප්‍රේල් මාසයට පෙර පැවැත්වීමට නියමිත මැතිවරණය සදහා රුපියල් කෝටි 180 ක මුදලක්‍ වෙන් කර ඇති බව ද සදහන් වන අතර වත්මන් පාර්ලිමේන්තු නිල කාලය නිමා වීමට නියමිත ඇත්තේ අප්‍රේල් 22 ‍වන දිනය.", "රජයේ ආරක්ෂක අංශ පවසන්නේ වත්මන් පාර්ලි‍මේන්තුව ලබන මස දෙවන සතියේදී බොහෝ දුරට විසුරුවා හරිනු ඇති බව රජයේ ආරක්ෂක අංශ පවසයි.", "මේ අතර ඉදිරි මහ මැතිවරණය සදහා තරග කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් සමග විශේෂ සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වෙන බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා අවධාරණය කරයි." ]
6,337
කුමන යළි විවෘතයි
[ "ත්‍රස්තවාදී බලපෑම් හේතුවෙන් දිගු කාලයක සිට වසා දමා තිබු කුමන ජාතික වනෝද්‍යානය අද සිට යළි විවෘත කරයි.", "වන ජිවී දෙපාර්තමේන්තුව මගින් වනෝද්‍යානයේ මාර්ග පද්ධති විවේකාංගණ ඇතුලු සංචාරකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු මෙම පියවර ගත් බව එම දෙපාර්තමේන්තු‍වේ මෙහෙයුම් අධ්‍යක්ෂ එච්.ඩී.රත්නායක මහතා පවසයි. ව‍නෝද්‍යානයේ ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවද අධ්‍යක්ෂවරයා සදහන් කරයි.", "හෙක්ටයාර 35,000 ක පමණ භූමියක් පුරා පැතිරුණු කුමන ජාතික ව‍නෝද්‍යානය වසා දැමුණේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙනි." ]
6,338
මී උණ රෝගීන්ගේ අඩුවීමක්
[ "2008 වසර සමග සැසදීමේදි පසුගිය වසරේ වාර්තා වු මී උණ රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.", "2008 වසරට සාපේක්ෂව පසුගිය වසරේ දී මී උණ රෝගීන් වාර්තා වීම සහ මිය යාම සියයට 40කින් පමණ පහළ ගොස් ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. සෑම වසරකම දහසත් දෙසහසත් අතර පිරිසක් මෙම රෝගයට ගොදුරු වන අතර මේ සදහා වැඩිපුර ගොදුරු වන්නේ ගොවීන් වීම විශේෂයකි.", "වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාවක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්ක වලින්ද වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි." ]
6,339
පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා රැසක්
[ "ජනාධිපතිවරණයට අදාල පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබේ.", "සුරියවැව වෙනිවැල් ආර ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුගේ නිවසකට ඊයේ පස්වරුවේ ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර සුරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ බිරිද , අදාල නිවෙස් හිමියාගේ බිරිදට පහරදීම හේතුවෙන් ඇය රෝහල් ගත කර ඇති බවද වාර්තා වේ.", "මේ අතර අරවෙල බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් කොහුමෝලක් නාදුනන පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබේ. එසේම අරවෙල බෙලිඅත්ත වේරගස්හේන පදිංචි කාන්තාවකගේ නිවසකට පසුගියදා පැමිණි නාදුනන මැර පිරිසක් විසින් අලාභ හානී සිදුකොට ඇති බවද සදහන් වේ.", "මීට අමතරව පහළ බෙලිගල්ල , ඉහළ බෙලිගත්ත යන ප්‍රදේශවල නිවාස කිහිපයකට ද කිසියම් පිරිසක් විසින් පහර දී අලාභ හානී සිදුකර ඇති බව පොලිසිය පැවසීය." ]
6,340
දැයට කිරුළ මහනුවරදී
[ "මෙවර දැයට කිරුළ ප්‍රදර්ශනය මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර තිබේ.", "ලබන පෙබරවාරී 4 වනදා සිට පෙබරවාරී 10 වනදා දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙන බව රාජ්‍ය ආදායම් සහ නියෝජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. දැයට කිරුළ ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ සිව්වන වතාවටය.", "දැයට කිරුළ ප්‍රදර්ශනය මෙවර කොළඹින් පිට පැවැත්වෙන්නේ ප්‍රථම වතාවට බවද අමාත්‍යවරයා පවසන අතර ලබන 4 වනදා පස්වරු 4 ට විවෘත කෙරෙන මෙම ප්‍රදර්ශනය පස්වරු 6 සිට මහජන ප්‍රදර්ශනයට විවෘතව තැබෙනු ඇත.", "විදෙස් තානාපති අංශද මෙවර ප්‍රදර්ශනයට සහභාගී වීම විශේෂත්වයක් බවද අමාත්‍යවරයා පවසන අතර මෙවර ප්‍රදර්ශනයේ තේමාව වී ඇත්තේ පැළඳ එක කිරුළක් නැවුම් හෙට දවසක් යන්නය." ]
6,341
රිය අනතුරකින් පුද්ගලයෙක් මියයයි
[ "කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ කොස්ගම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ", "අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක පදිකයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව සඳහන් වන අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලීසිය පවසයි. මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.", "අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ." ]
6,342
දියේ ගිලී දෙදෙනෙක් මියයයි
[ "බණ්ඩාරගම අලුත්ගම වැවේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී තිබේ.", "අලුත්ගම උභයචාරිකා ඉදිරිපිට පන්සල්වැව නමින් හැඳින්වෙන ස්ථානයේ දී මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය පවසයි. පසුගිය 27 වන දා පස්වරුවේ මෙය සිදුව ඇති අතර මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 20 ක් සහ අවුරුදු 16 ක් තරුණයින් ‍ෙදදෙනෙකි.", "මෙ‍ාවුන් බණ්ඩාරගම අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලීසිය පවසයි." ]
6,343
දැරියක් දූෂණය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
[ "වයස අවුරුදු 9 ක බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.", "තංගල්ල කාන්තා හා ළමා කාර්යංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වන අතර වසර දෙකක පමණ කාලයක සිට මවගේ අනියම් සැමියා ලෙසින් දැරියට අතවර කර ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.", "අත්අඩංගුවට ගෙන ඇති ‍45 වියැති මෙම පුද්ගලය‍ා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පවසයි." ]
6,344
ෆොන්සේකා බ්‍රිතාන්‍යය, අමෙරිකා රැකවරණ පතයි
[ "සරත් ෆොන්සේකා මහතා බ්‍රිතාන්‍යයෙන් සහ අමෙරිකාවෙන් දේශපාලන රැකවරණ ඉල්ලා තිබේ.", "ඕස්ට්‍රේලි‍යාවෙන් ද තාවකාලික දේශපාලන රැකවරණ ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව සරත් ෆොන්සේකා මහතා සමඟ පැවති දුරකථන සංවාදයක් උපුටා දක්වමින් `` දි ඕස්ට්‍රේලියන් `` පුවත් පත ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය හරහා මෙම ඉල්ලීම කිරීමට තමා බලාපොරොත්තු වන බව සරත් ෆොන්සේකා මහතා එහි දී ප්‍රකාශ කර ඇති බවද සඳහන් වේ.", "තමාගේ ආරක්ෂාව ඉවත් කිරීමත් සමඟ හටගෙන ඇති ජීවිත තර්ජන හේතුවෙන් මෙම තීරණයට එළඹි බව ඔහු වැඩිදුරටත් ``දි ඕස්ට්‍රේලියන් `` පුවත්පතට පවසා ඇත." ]
6,346
රෝහල් 13කට ගිලන් රථ
[ "දුෂ්කර ප්‍රදේශවල පිහිටි රෝහල් 13කට ගිලන් රථ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.", "වැලිමඩ, කන්දෙකැටිය, ඇටැම්පිටිය, ඌවපරණගම, කොස්ලන්ද, දියතලාව, මැටිගහතැන්න ආදී ප්‍රදේශවල පිහිටි මූලික රෝහල් සදහා මෙම ගිලන් රථ ප්‍රදානය කිරීමට පියවර ගෙන ඇති බව සදහන් වන අතර මෙම එක් ගිලන් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 70 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි", "මෙවැනිම තවත් රෝහල් රැසකට ගිලන්රථ ලබාදීමට අපේක්ෂා කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි." ]
6,347
රුසියාවෙන් අධි තාක්ෂණ ජෙට් යානයක්
[ "රුසියාව අධි තාක්ෂණික ප්‍රහාරක ජෙට් යානයක් නිපදවා තිබේ.", "සුකෝයි ටි පනහ ‍ෙලස නම් කර ඇති මෙම යානය පළමු වරට ඊයේ පරික්ෂා කිරීම සිදුකෙරුණි. මිනිත්තු 47ක කාලයක් ගුවන් ගත කළ මෙම ‍යානය ඉතා සුවපහසු එකක් බව එහි ගුවන් නියමුවා සදහන් කර තිබේ.", "ගුවන් යානා ඉතිහාසයේ පස්වන පරම්පරාවට අයත‍් මෙම ගුවන් යානය අදහාගත නොහැකි ඉතා සියුම් තාක්ෂණයන්ගෙන් යුක්තව නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි." ]
6,348
පාකිස්තානයට අයි.පී.එල් තහනම්
[ "පාකිස්තානු ක්‍රිකට් ක්‍රිඩකයන්ට 2010 අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි විම තහනම් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.", "මේ මොහොතේ පාකිස්තාන් ක්‍රිඩකයන් ඊට සහභාගි නොවිය යුතු බව පාකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඉජාස් බට් සදහන් කර ඇත. පසුගියදා පැවති අයි.පී.එල්. තරගාවලිය සදහා ක්‍රිඩකයන් වෙන්දේසියේ දී කිසිදු පාකිස්තාන් ක්‍රිඩකයෙකුට අවස්ථාව හිමි වුයේ නැත. එය තමන්ට කළ අවමානයක් බව ඉජාස් බට් පෙන්වාදෙයි.", "කෙසේ වුවද ඉදිරියේදී මෙම තරගාවලියට සහභාගි කරවීම සම්බන්ධයෙන් බලධාරින් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද පාකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සදහන් කළේය." ]
6,349
මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
[ "කඳාන හපුගොඩ ප්‍රදේශයේ දී නීතී විරෝධී මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කඳාන පොලීසිය සමත් වී තිබේ.", "ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදු කළ බව පොලීසිය පවසයි. ප්‍රදේශයේ නිවසක් තුළ දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. පොලිස් භාරයට ගත් මත්පැන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට අධික බවද පොලීසිය පවසයි.", "සැකකරු අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය." ]
6,350
යාපනයට කොංසල් කාර්යාලයක්
[ "යාපනය අර්ධද්වී‍පයේ කොංසල් කාර්යාලයක් පිහිටුවීම කෙරෙහි ඉන්දීය රජයේ අවධානය යොමුව තිබේ.", "යුධ ගැටුම් ‍හේතුවෙන් බිඳ වැටුණු ප්‍රදේශ යළි ගොඩනැගීම සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ අරමුණින් නවදිල්ලි පාලනය මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීමෙන් පසු ගොඩනැගී ඇති සාමකාමී පරිසරය තුළ අවතැන් ජනතාව නගා සිටුවීම වේගවත් කිරීමට සහය දැක්වීම ද මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හේතු වී තිබේ.", "මේ පිළිබඳ වූ යෝජනාව ශ්‍රී ලංකා රජය වෙත ඉදිරිපත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මානූෂීය මෙහෙයුමෙන් පසු උතුරු නැගෙනහිර යළි නගා සිටුවීම සඳහා ඉන්දීය රජය විශාල දායකත්වයක් ලබා දුන් අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ජාතික අර්බුදයට දේශපාලන විසඳුමක් ලබා දෙනු ඇතැයි ද ඔවුන් අපේක්ෂා කරයි." ]
6,351
දයා රත්නායක යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට
[ "වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට මේජර් ජනරාල් දයා රත්නායක මහතා පත් කර තිබේ.", "යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරීය මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා පවසයි. දයා රත්නායක මහතා යුද හමුදා මාණ්ඩලික තනතුරට පත් වීමට පෙර එල්.ටී.ටී.ඊ සැකකරුවන් පුනරුත්ථාපනය කිරීමේ අධ්‍යක්ෂ ජන‍රාල් ලෙස කටයුතු කළේය.", "4 වන ඊළාම් යුද්ධය ආරම්භ වීමට පෙර දයා රත්නායක මහතා යුද හමුදා ම‍ාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන්ද කටයුතු කරනු ලැබූ අතර ඉන් අනතුරුව ඒ මහතා නැගෙනහිර පළාත මුදා ගැනීමේ මෙහෙයුමට නායකත්වය දෙනු ලැබුවේ 23 වන බල සේනාංකාධිපතිවරයා ලෙසය.", "නැගෙනහිර පළාත මුදා ගැනීමෙන් අනතරුව බ්‍රිගේඩියර් දයා රත්නායක මහතා මේජර් ජනරාල් තනතරුට උසස් කෙරුනු අතර ඔහු යාපනය ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතු වල නිරත විය." ]
6,352
නැවත පදිංචි කළ ජනතා සුභසාධන වැඩපිළිවෙල රැසක්
[ "මඩකලපුව දිස්‍ත්‍රික්කයේ නැවත පදිංචි කළ ජනතාවගේ සුභසාධනය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩපිළිවෙල රැසක් ආරම්භ කර තිබේ.", "ඒ අනුව බදුල්ල - චෙන්කලඩි මාර්ගය ආසන්න‍යේ පිහිටි ගම්මානවල දෙමළ සහ මුස්ලිම් ජනතාව වෙත භාණ්ඩ බෙදා හැරීමක් පසුගිය දා සිදු කෙරුණි. එහි දී ගම්මානවල පවුල් පන්දහසකට පමණ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා ඇඳුම් තොගයක් ප්‍රදානය කර ඇති බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.", "කෝපාවේලී , මරපාලම , ඉලිපඩිචේනි , පිල්ලුමලේ , රෑගම , කිතුල සහ රාජපුරම් යන ගම්මාන වල පදිංචි ජනතාවට මෙම සහන ලබා දී ඇත්තේ දකුණු පළාතේ ජනතාව ලබා දුන් අධාර මතය." ]
6,353
තේ දලු නිෂ්‍පාදන ඉහළ නැංවීමට වැඩපිළිවෙලක්
[ "තේ දලු නිෂ්‍පාදනය ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.", "මාතලේ , මහනුවර , නුවරඑළිය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වල ‍යෝජිත වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බව සඳහන් වේ. මෙම දිස්‍ත්‍රික්ක වල ග්‍රාම නිලධාරී වසම් 651 ක ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල යටතේ හෙක්ටයාරයකින් තේ ‍දලු කිලෝග්‍රෑම් දෙදහසක් ලබා ගැනීමට අපෙක්ෂා කරයි.", "මේ යටතේ පොහොර සහනාධාරයක්ද ලබා දීමට පියවර ගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය දි.මු ජයරත්න මහතා පවසයි. මේ වන විට අදාළ ප්‍රදේශ වල හෙක්ටයාරයකින් නිෂ්පාදනය වන තේ දලු ප්‍රමාණය ඉතා පහළ අගයක පැවතිම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බව වාර්තා වේ." ]
6,354
‍ මහින්ද චින්තන ඉදිරි දැක්ම කඩිනමින්
[ "මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ යෝජනා කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.", "එම නිලධාරීන් පිරිස සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජීවන වියදම පහත හෙළීමේ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවද සඳහන් වන අතර නිවාස , විදුලිය , ජලය සහ නස්නිවේදන පහසුකම් සියලු දෙනාට ලබා දීමට ගෙන ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබේ.", "මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කරන බව ජනාධිපතිවරයා පසුගිය මැතිවරණයේ දී ප්‍රතිඥා දුන්නේය." ]
6,355
නව ගුරු මාරු ප්‍රතිපත්තියක්
[ "ජාතික ප්‍රතිපත්තියට අනුකූලව නව ගුරු මාරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පළාත් සභාව පියවර ගෙන තිබේ.", "පළාත් සභාවට අයත් පාසැල් වලට අනියුක්ත කර ඇති සෑම ගුරුවරයෙකුටම නියමිත කාල රාමුවක දී ස්ථාන මාරුවීම ලබා දීම යෝජිත ගුරුමාරු වීම් ප්‍රතිපත්තියේ අරමුණ වේ. පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ උපදෙස් මත මෙම ගුරු මාරු ප්‍රතිපත්තිය සකස් කර තිබේ.", "මෙමඟින් මාතලේ , මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල දුෂ්කර පාසැල් වල පවතින ගුරු හිඟය මඟහැරවීමට හැකි වන බව ද පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා වැඩිදුරටත් පවසයි." ]
6,356
ලංගමට නව සේවකයින්
[ "ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව රියදුරන් සහ කොන්දොස්තරවරුන් 750 දෙනෙකු බඳවා ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.", "මේ වන විටත් සම්මුඛ පරීක්ෂණ පවත්වා ඒ සඳහා සුදුස්සන් තෝර‍ා‍ ගෙන ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. මෙම නව පත්වීම් සඳහා කැබිනට් අනුමැතිය ද හිමි වී තිබේ. දිවයින පුරා පවතින පුරප්පාඩු වලට අනුව මෙම නව බඳවාගැනීම් සිදු කිරීමට නියමිතය." ]
6,357
දෙමළ සන්ධාන තීරණය 7 වනදා
[ "ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී තම පක්ෂය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ලබන මස 7 වන දින සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.", "තමන් තනිව තරග කරන්නේ ද එසේත් නැත්නම් වෙනත් පක්ෂයක් සමඟ සන්ධාන ගතව තරග කරන්නේද යන්න එහි දී තීරණය කිරීමට නියමිතය. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ලබන 7 වන දින පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිත බවද වාර්තා වේ.", "පසුගිය ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුවද පක්ෂ‍ෙය් බහුතරය සහය පළ කරනු ලැබුවේ ජනාධිපතිවරණයට තරග කළ සරත් ෆොන්සේකා මහතාටය." ]
6,358
පෞද්ගලික අංශයේ වැ‍ටුප් වැඩිවීම් ඉක්මනින්
[ "ලබන මාසය තුළ පෞද්ගලික අංශයේ වැ‍ටුප් වැඩිවීම් වලට අදාළ සියලු කටයුතු අවසන් කරන බව කම්කරු අමාත්‍යාංශය පවසයි.", "සියයට 15 ක අවමයකින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට තීරණය කර ඇති බව කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මහින්ද මඩියහේවා මහතා පවසයි" ]
6,359
උතුරේ ‍රෝහල් ගැටලු විසඳීමට පියවර
[ "උතුරේ ‍රෝහල් වල පවතින ගැටලු සම්බන්‍ධයෙන් සොයා බලා ඒවා කඩිනමින් විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.", "ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් කිලිනොච්චි රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය." ]
6,360
අද විශේෂ දුම්රිය සේවාවක්
[ "දීර්ඝ සති අන්ත නිවාඩුව නිම කොට රාජකාරී කටයතු සඳහා පැමිණෙන මගීන‍්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.", "ඒ සඳහා අද දිනයේ විශේෂ දුම්රිය ධාවන කිහිපයක් සිදු කරන බව දුම්රිය වානිජ අධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය." ]
6,361
පාසැලක් නොලැබූ ළමුන්ට පාසැලක්
[ "2010 වසරේ පළමු ශ්‍රේණිය සඳහා මෙතෙක් පාසැලක් නොලැබුණු ළමුන් සිටී නම් කලාප අධ්‍යාපන කාර්යාලය තුළින් පාසැලක් ලබා ගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.", "2010 වසරේ පළමු ශ්‍රේණියේ සියලු පාසැල් වල අධ්‍යාපන කටයුතු පසුගිය 28 වන දින ආරම්භ කරනු ලැබීය. එහෙත් මෙතෙක් පාසලක් අහිමි වුණු දරුවන් සිටින බවට අධ්‍යාපන අමාත්‍යා‍ංශයට පැමිණිලි ලැබී තිබේ.", "දැනට පුරප්පාඩු පවතින රජයේ පාසැල්වල තොරතුරු කලාප අධ්‍යාපන කාර්යාල වලට ලබා දී ඇති බැවින් පාසලක් නොමැති සිසුන්ට පාසලක් ලබා ගැනීමේ හැකියාව තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි." ]
6,362
නැවත පදිංචි කිරීම් යළි ඇරඹේ
[ "උතුරේ සහන ගම්මාන වල සිටින අවතැන් ජනතාව ලබන සතියේ සිට යළි නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කරන බව නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා අමාත්‍යාංශය පවසයි.", "මේ වන විට උතුරේ සහන ගම්මාන වල පුද්ගලයින් අනූ අටදාහක් පමණ සිටින බව වාර්තා වේ. එම පිරිසෙන් ද පුද්ගලයින් 25 , 000 ක් පමණ එදිනෙදා සහන ගම්මාන වලින් බැහැරට ගොස් නැවත පැමිණෙන පුද්ගලයින් බව නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා අමාත්‍යාංශ ලේකම් යූ.එල්.එන් හල්දීන් මහතා ප්‍රකාශ කළේය.", "මෙම සහන ගම්මාන වල සිටින සියලු පුද්ගලයින් කඩිනමින් යළි පදිංචි කරවීම සඳහා මේ වන විටත් සැලසුම් සකස් කරමින් ඇති බව ද ලේකම්වරයා පවසයි. මුලතිව් හා කිලිනොච්චි යන ප්‍රදේශ වල එම නැවත පදිංචි කිරීමේ කටයුතු ඉදිරි සතිය තුළ යළි ආරම්භ කරන බව හල්දීන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,363
සහෝදර ආරවුල් නිසා ඝාතන 2ක්
[ "මීගමුව ප්‍රදේශයේ පිහියකින් ඇන මනුෂ්‍ය ඝාතනයක් සිදු කර තිබේ.", "ඊයේ රාත්‍රී 7.30 ට පමණ මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය. එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු මුදල් ආරවුලක් හේතුවෙන් ඇති කර ගත් බහින් බස්වීමකින් පසුව මෙම ඝාතනය සිදු ව ඇති බව සඳහන් වේ.", "මෙම ඝාතනය සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයාගේ වැඩිමහල් ස‍හෝදරයා මීගමුව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.", "මේ අතර මීටි‍යාගොඩ බටපොල ප්‍රදේශයේ දී ගඩොල් කැටයකින් හිසට පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කර තිබේ. මෙම ඝාතනය ද සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සිදු වී ඇති බව පොලීසිය පවසයි.", "ඝාතනය සිදු කළ බවට සැකකරන මියගිය පුද්ගලයාගේ සහෝදරයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මීටියාගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි." ]
6,364
විදුලි පද්ධති සංවර්ධනයට පියවර
[ "දශක 6 කට අධික කාලයක් මුළු‍ල්ලේ ක්‍රියාත්මක වන විදුලි සම්ප්‍රේෂන පද්ධති වර්තමානයට ගැල‍පෙන පරිදි නවීන තාක්ෂණය යටතේ සංවර්ධනය කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.", "කාර්යක්ෂම විදුලි සේවාවක් ලබා දීම සඳහා මෙම තීරණය ගත් බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර ය‍ටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය දිවයිනේ ප්‍රධාන සම්ප්‍රේෂන පද්ධති ඉලක්ක කර ක්‍රියාත්මක කිරීමට නියමිත වන අතර යල් පැනගිය විදුලි සම්ප්‍රේෂන පද්ධතිය ඔස්සේ විදුලිය ජනනය කිරීම තුළින් සිදු වන විදුලිය නාස්තිය අවම කිරීම ද මෙහි අරමුණ වී තිබේ.", "මෙමඟින් විදුලි පාරීභෝගික ජනතාවට අඩු මිලට විදුලිය ලබා දීමට හැකි වන බව විදුලි බල අමාත්‍යාංශය පවසයි. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන දාසය දාහක් වැය වනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ." ]
6,365
ගිනිඅවි තොගයක් සොයාගැනේ
[ "වැලිකන්ද උනාවැව ප්‍රදේශයේ රක්ෂිතයක සඟවා තිබූ ගිනිඅවි ඇතුළු යුධ උප‍කරණ තොගයක් සොයා ගෙන තිබේ.", "වැලිකන්ද පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ සෝදිසි මෙහෙයුමක දී මෙම යුධ උපකරණ සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම් කරුණාරත්න මහතා සඳහන් කළේය. එහි දී ටී 56 ගිනි අවි 3 ක් , ආර්.පී.ජී අවියක් , අර්.පී.ජී උණ්ඩ 02 ක් , ටී 56 මැගසිනයක් සහ ටී 56 ජීව උණ්ඩ 30 ක් සොයා ගෙන ඇත.", "මේ අතර මඩකලපුව ආලම්කුලම් වැව් බැම්මේ සඟවා තිබූ ටී 56 ගිනි අවියක් , මැගසින් 3 ක් සහ එම උණ්ඩ 30 ක් සොයා ගැනීමටද මඩකලපුව පොලීසිය ඊයේ සමත් විය. මීට අමතරව තඹලගමුව පොලීසිය විසින් තඹලගමුව ප්‍රදේශයේ ළඳු කැලෑවක සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබේ." ]
6,366
ජනතාව විපක්ෂයට පිළිතුරු දුන්නා
[ "විපක්ෂයේ සියලු චෝදනා වලට මහජනතාව පිළිතුරු ලබා දී ඇති බව අමාත්‍ය කෙහළිය රඹුක්වැල්ල මහතා පවසයි.", "මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සැමරීම සඳහා මහනුවර නගරයේ සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.", "එමෙන්ම විපක්ෂය රජයට නෙ‍ායෙකුත් අසත්‍ය චෝදනා නැගුවද එම සියලු චෝදනා ‍මෙරට ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බව ද, කලකෝලාහල වලින් තොරව සැම විටම සාමකාමීව මහින්ද රාජපක්ෂ මහතා සිය ජයග්‍රහණය සැමරීම ඉතා වැදගත් කරුණක් බව ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,367
වෙඩිතැබීමකින් පුද්ගලයෙකුට තුවාල
[ "ඇල්පිටිය, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.", "ඇල්පිටිය, යටගල මාර්ගයේ දී ඊයේ රාත්‍රී 7 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය. තුවාලකරු ඇල්පිටිය, යුධපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ප්‍රතිකාර සදහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.", "වෙඩිතැබීම සිදුකළ පුද්ගලය‍ා මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඌරගස්මංහන්දිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි." ]
6,368
ධීවර යාත්‍රා 65 ක් රාජසන්තකයි
[ "ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගත් ශ්‍රී ලංකාවට අයත් ධීවර යාත්‍රා 65 ක් පසුගිය මාස 6 තුළ රාජසන්තක කර තිබේ.", "ඉන්දීය මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීම හේතුවෙන් මෙම ධීවර යාත්‍රා ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් ඔවුන් භාරයට ගනු ලැබීය. මේ මාසය තුළ පමණක් ධීවර යාත්‍රා 4 ක් රාජසන්තක කර ඇති බව ඉන්දීය නැගෙනහිර මුහුදු සීමාව භාර කමාන්ඩර් ඒ. රාජසේකර් මහතා පවසයි.", "පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ද ශ්‍රී ලංකාවට අයත් ධීවර යාත්‍රා දෙකක් රාජසන්තක කළ බව ද ඔහු පවසන අතර මෙම රාජසන්තක කළ යාත්‍රා භාවිතාකරමින් නීති විරෝධී කටයුතු සිදුකර ඇති බවට ද තොරතුරු ලැබී තිබේ.", "මේ අතර 2009 වසරේ පමණක් ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් විදේශීය යාත්‍රා 116 ක් සහ එම යාත්‍රාවල සිටි පුද්ගලයින් 608 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් ද ඉන්දීය යාත්‍රා 29 ක් සහ එම යාත්‍රාවල සිටි පුද්ගලයින් 132 දෙනෙකු අත්අඩංගුවට ගෙන නිදහස් කර ඇති බවයි රාජසේකර් මහතා වැඩිදුරටත් පවසයි." ]
6,369
අධික හිම නිසා ජර්මනියේ ජනයාට පීඩා
[ "අධික හිම පතනය ජර්මනියේ සාමාන්‍ය ජන ජීවිතය අවුල් සහගත තත්වයකට පත් කොට තිබේ.", "ජර්මනියට මේ දින වල බලපා ඇති දැඩි සුළඟත් සමඟ හිම පතනය ද සීඝ්‍රයෙන් වැඩි වී ඇති බව වාර්තා වන අතර මේ හේතුවෙන් ජර්මනියේ පසුගිය සිකුරාදා දින රාත්‍රීයේ පමණක් රිය අනතුරු 300 ක් වාර්තා වී තිබේ.එම අනතුරු වලින් පුද්ගලයින් ‍තිදෙනෙකු ද මිය‍ ගොස් ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.", "හිම පතනය හේතුවෙන් ජර්මන‍ියේ මාර්ග ගණනාවක් වසා දමා ඇති අතර ගුවන් ගමන් කිහිපයක් ද අවලංගු කර ඇති බව සඳහන් වේ.ජර්මනියේ ඇතැම් ප්‍රදේශ වල අඩියක පමණ උසට හිම තට්ටු දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි." ]
6,371
ලංකාවේ මලල ක්‍රීඩාවට උසස් තාක්ෂණය අවශ්‍යයි
[ "ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග ජයගැනීමට නම් උසස් තාක්ෂණය සමඟ ප්‍රබල පුහුණුවක් ලැබිය යුතු බව ජර්මන් මලල ක්‍රීඩා පුහුණුකරු රැල්ෆ් මුඩ්කාන් මහතා පවසයි.", "මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ පුහුණුවක් ලබා දීම සඳහා ඔහු මේ දින වල දිවයිනට පැමිණ සිටින අතර දැනට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අහිමිව සිටින ශ්‍රී ලංකාව නව තාක්ෂණය සහ ශීල්පීය ක්‍රම පිළිබඳව ගැඹුරින් හැදෑරිය යුතු බව රැල්ෆ් මහතා පවසයි.", "ඒ සඳහා මෙරට පුහුණුකරුවන් දැනුවත් වීමද අනිවාර්ය බව රැල්‍ෆ් මහතා වැ‍ඩිදුරටත් පවසයි." ]
6,372
ජාතික කණිෂ්ඨ කැරම් තරඟයට අයදුම්පත් කැඳවයි
[ "ශ්‍රී ලංකා කැරම් සම්මේලන සංවිධානය කරන 6 වන ජාතික කණිෂ්ඨ කැරම් තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.", "මෙවර ද තරගාවලිය අවුරුදු 13 න් පහළ , 15 න් පහළ ,17 න් පහළ ,19 න් පහළ සහ 21 න් පහළ වයස් කාණ්ඩ කිහිපයක් යටතේ පැවැත්වීමට නියමිත අතර මෙම කැරම් තරගාවලිය පෙබරවාරී මස තුළ පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා කැරම් සම්මේලනය පවසයි.", "තරගාවලිය තුළ වැඩි දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුළත් කර ජාතික කණිෂ්ඨ කැරම් සංචිතයක් පිහිටුවීමට ද තීරණය කර තිබේ." ]
6,373
භූකම්පන දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම් කඩිනමින්
[ "භූකම්පන දත්ත කලින් ලබාගැනීමේ මධ්‍යස්ථානවල ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අවධානය ‍ෙයාමු වී තිබේ.", "ඒ සදහා මධ්‍යස්ථාන දෙකක් අනුරාධපුර මහකනදරාව හා හක්මන ප්‍ර‍දේශවල ඉදිකිරීමට නියමිත අතර ජර්මන් රජයේ භූකම්පන මධ්‍යස්ථා‍නය විසින් ‍ෙම් සදහා අනුග්‍රහය දක්වා ඇත. මෙහි ඉදිකිරීම් කටයුතු සදහා රුපියල් මිලියන 200 ක් පමණ වැය කිරීමට ඇස්තමේන්තු කර ඇති බවද වාර්තා වේ.", "ඒ සදහා ජර්මන් ජාතික භූකම්පන විද්‍යාඥයින් පිරිසක් ලබන මස තුළ මෙරටට පැමිණීමට නියමිත අතර පසුගිය දා හයිටි රාජ්‍යයේ ඇතිවූ භූකම්පනයෙන් පසුව මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පියවර ‍‍ෙගන තිබේ." ]
6,374
මේ මැතිවරණය ප්‍රචණ්ඩ ක්‍රියා අවම මැතිවරණයයි
[ "මෙවර ජනාධිපතිවරණය පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම මැතිවරණය බව පෙ‍ාලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පවසයි.", "ඊයේ මහනුවර පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ගාමිණී නවරත්න මහතා මේ අදහස් පළ කළේය. වෙනත් මැතිවරණ හා සලකා බැලීමේ දී ‍ෙ‍මවර සිදුවූ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රමාණය අවම වී ඇති බවද ඔහු පවසයි.", "පශ්චාත් මැතිවරණ කාලසීමාව හෙටින් අවසන් වන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය." ]
6,375
පේරු ගංවතුරෙන් 20ක් මියයයි.
[ "පේරු රාජ්‍යයට බලපා ඇති ගංවතුර හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.", "පසුගිය දින කිහිපය තුළ පේරු රාජ්‍යයේ දකුණු දිග ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාවත් සමග අධික ගංවතුර තත්ත්වයක් හා නායයෑම් හටගෙන ඇති බව වාර්තා වේ. තවත් පුද්ගලයින් පස් දෙනෙකු පමණ අතුරුදන්ව තිබේ.", "නායයෑම් හා ගංවතුර තත්ත්වය හේතුවෙන් පසුගිය සිකුරාදා පමණ වන විට පේරු රාජ්‍යයේ පුද්ගලයින් 4000 ක් පමණ පීඩාවට පත්ව සිටි බව එරට මාධ්‍ය වාර්තා කළ අතර මේ නිසා ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී ඇති බව සඳහන් වේ." ]
6,376
ජනපති ලූලාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්
[ "බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බව ඔහුගේ වෛද්‍යවරුන් පවසයි.", "64 වැනි ‍වියේ පසුවන ජනාධිපතිවරයා අධික රුධිර පීඩන රෝගී තත්ත්වය හේතුවෙන් පසුගිය දා රෝහල් ගත කෙරුණු අතර රෝහල් ගත කිරීමෙන් පසුව සිදුකළ ප්‍රතිකාර හා පරීක්ෂණවලින් අනතුරුව ඔහු සිය නිවස බලා පිටත්ව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට ද ජනාධිපතිවරයාට නොහැකි විය." ]
6,377
ස්විස් මාධ්‍යවේදිනියට තවදුරටත් රැඳීසිටීමට අවසර
[ "වීසා අවලංගු කර තිබූ ස්විස්ටර්ලන්ත මාධ්‍යවේදිනියට තවදුරටත් මෙරට රැඳීසිටීමට අවස්ථාව ලබා දී තිබේ.", "රාජ්‍ය විරෝධී පුවත් පළකිරීම හේතුවෙන් මෙසේ ඇයගේ වීසා අවලංගු කිරීමට පසුගියදා කටයුතු කර තිබුණි. ඒ අනුව හෙට දි‍නයේ ඇය මෙරටින් නික්මයාමට නියමිතව තිබූ බව වාර්තා වේ. එහෙත් මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි තවදුරටත් ඇයට මෙරට රැඳීසිටීමට උපදෙස් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව පවසයි.", "ඒ අනුව ඇයට නීත්‍යානුකූලව වීසා අවලංගු වන තෙක් මෙරට රැඳීසිටීමට උපදෙස් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක අනුෂ පැල්පිට මහතා සඳහන් කළේය." ]
6,378
කොමිෂන් සභා නැතිව මැතිවරණ වැඩක් නෑ
[ "ස්වාධීන කොමිෂන් සභා නොමැතිව තවත් මැතිවරණයක් පැවැත්වීම පලක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.", "එම කොමිෂන් සභා පිහිටුවීම සඳහා ජනතාව පෙළගැස්වීමට ප්‍රජාතන්ත්‍රවාදය සුරකින සියලු පක්ෂ එක්කරගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළක‍ළේය." ]
6,379
මාතලෙන් ක්ලේමෝ බෝම්බ දෙකක්
[ "විශාල ප්‍රමාණයේ ක්ලේමෝ බෝම්බ දෙකක් මාතලේ නගරයේ වල දමා තිබ්යදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.", "මෙම එක් බෝම්බයක් කිලෝ 10ක බරකින් යුක්ත බව මාතලේ කොට්ඨාශ භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි තිලක් අබේසිරිවර්ධන මහතා පැවසීය. අද උදෑසන මෙම බෝම්බ දෙක සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.", "මාතලේ වාරියපොවත්ත ප්‍රදේශයේ පානීය ජල නළ පද්ධතියක් එලීම සඳහා කාණු කපමින් සිටි ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් පිරිසකට පොළව යට තිබී බැරලයක් හමුවී තිබෙන අතර එය සැක සහිත බැවින් පොලීසිය පැමිණ එය පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේදී මෙම ක්ලේමෝ බෝම්බ දෙක සොයාගත් බව මාතලේ කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.", "එමෙන්ම ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම ක්ලේමෝ බෝම්බ දෙක පසුගිය අප්‍රේල් මාසයේදී එම ස්ථානයට ගෙනවිත් ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවය. මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද පොලීසිය පැවසීය." ]
6,380
ජනපති ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගනී
[ "ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තේය.", "දෙවනවර විධායක ජනාධිපති ලෙස තේරීපත්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වේ. ඊයේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව රැවන්වැලි සෑය අභියස පැවති ආගමික වතාවත් සඳහා ද ජනාධිපතිවරයා සහභාගි විය.", "එහිදී ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළකරමින් මහා සංඝරත්නය සඳහන් කළේ ජනාධිපතිවරයා ලද ජයග්‍රහණය සමස්ත රට වැසියන්ගේම ජයග්‍රහණයක් බවය. සමස්ත රටම සංවර්ධනයේ පුරවරයක් බවට පත්කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකියාව ඇති බවද මහා සංඝරත්නය එහිදී වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,381
ප්‍රචාරණයට යොදාගත් පොලිතින් ප්‍රතිචක්‍රීකරණයට
[ "ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කළ පොලිතින් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.", "මධ්‍යම පරිසර අධිකාරිය මගින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව එහි සභාපති ආචාර්ය ඩබ්ලිව්. අබේව්ක්‍රම මහතා සඳහන් කළේය. මෙම වැඩපිළිවෙල යටතේ පොලිතින් ප්‍රතිචක්‍රීකරණය සඳහා මධ්‍යස්ථාන තුනක් පිහිටුවා තිබේ. ජනාධිපතිවරණ කාල සීමාව තුළ ප්‍රචාරක කටයුතු සඳහා පොලිතින් මෙට්‍රික් ටොන් 11000 කට ආසන්න ප්‍රමාණයක් භාවිත කර ඇති බව ද වාර්තා වේ." ]
6,382
තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට මුද්‍රා තබා නෑ
[ "තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට මුද්‍රා තබා ඇති බවට මාධ්‍ය ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යයක් බව දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය පවසයි.", "ප්‍රාදේශීය සභාවේ සිදුව ඇති මූල්‍ය වංචා සම්බන්ධයෙන් පරීක්ෂණයක් මේ වනවිට පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ආරම්භ කර ඇති බවත්, මහ ඇමතිවරයාගේ උපදෙස් පරිදි මෙම පරීක්ෂණය ක්‍රියාත්මක වන බවත් ආණ්ඩුකාරවරිය සඳහන් කළේය.", "මෙම පරීක්ෂණය අවසානයේදී මූල්‍ය වංචා සිදුවී ඇති බව තහවුරු වුවහොත් ප්‍රාදේශීය සභාවේ සියලු කටයුතු නිසි බලධාරියකු යටතට පත්කිරීමට පළාත් පාලන කොමසාරිස්වරයාට බලය ඇති බව කුමාරි බාලසූරිය මහත්මිය පවසයි. එමෙන්ම එවැනි තීරණයක් ගන්නේ නම් එය ගැසට් මගින් නිවේදනය කරන බව ද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් සඳහන් කළේය." ]
6,383
බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
[ "11 වන ආසියානු ක්‍රීඩා උළෙලේ ප්‍රථම රන් පදක්කම හිමිකරගැනීමට ශ්‍රී ලංකාව අද සමත් විය. කිලෝ ග්‍රෑම් 56 බර පන්තිය නියෝජනය කරමින් බර ඉසිලීමේ ඉසව්වට සහභාගී වූ කමල් බණ්ඩාර විසින් එම රන් පදක්කම හිමිකර ගෙන තිබේ. අද හිමිකරගත් රන් පදක්කමට අමතරව මෙම තරඟවෙලියේ දී ශ්‍රී ලංකාව තවත් ලෝකඩ පදක්කමක් හිමිකර ගෙන ඇත." ]
6,384
දෙවෙනි රන් පදක්කමත් හිමිවෙයි
[ "11 වන ආසියානු ක්‍රීඩා උළෙලේ දෙවෙනි රන් පදක්කම හිමිකරගැනීමට ශ්‍රී ලංකාව මීට ස්වල්ප මොහොතකට පෙර සමත් විය. කිලෝ ග්‍රෑම් 69 බර පන්තිය නියෝජනය කරමින් බර ඉසිලීමේ ඉසව්වට සහභාගී වූ චින්තන විදානගේ විසින් එම රන් පදක්කම හිමිකර ගෙන තිබේ.", "බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන 11 වන ආසියානු ක්‍රීඩා උළෙලේ මේ වන විට රන් පදක්කම් දෙකක් සහ තවත් ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රීලංකාව සමත් වී සිටියි." ]
6,385
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වැරදි නෑ
[ "ජනාධිපතිවරණ ප්‍රතිඵලය විකෘති වී ඇති බවට සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වූ පිරිස් එල්ල කරන චෝදනාව මැතිවරණ මහ ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි.", "ඡන්ද විමසීම,ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම,සහ ගණන් කිරීමේ කටයුතු ඉතාම විනිවිදභාවයකින් සිදු වූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ අතිරේක මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්,පී සුමනසිරි මහතා සඳහන් කරයි..", "සෑම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකදීම එහි ප්‍රතිඵල ලේඛනයේ පිටපතක් ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් ගේ නියෝජිතයින්ට ලබා දීමට අදාල දිස්ත්‍රීක් තේරීම්භාර නිලධාරීන් පියවර ගත් බව හෙතෙම කියා සිටියි..", "ගණන් කිරීමේ මධ්‍යස්ථානය නිකුත් කළ ප්‍රතිඵලය හා මැතිවරණ මහ ලේකම් කාර්යාලය ප්‍රකාශයට පත් කළ ප්‍රතිඵලය අතර කිසිදු වෙනසක් නොමැති බව ද ඔහු පවසයි..", "එසේ වුවද ඇතැම් පිරිස් මැතිවරණ කොමසාරිස්වරයා කරන ලද ප්‍රකාශයක් වැරදියට ආර්ථකථනය කරමින් සිටින බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරා වැඩිදුරටත් සඳහන් කරයි." ]
6,386
යළි පදිංචිය යළිත්
[ "ජනාධිපතිවරණය හේතුවෙන් අවතැන් කඳවුරු වල සිටින පිරිස් පදිංචි කිරීමට නොහැකි වූ බව ආපදා සහන සේවා සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය පවසයි.", "තව දුරටත් අවතැන් කඳවුරුවල පුද්ගලයින් 98,000 ක් සිටින බව අමාත්‍යංශ ලේකම් යූ.එල්.එම් හල්දීන් මහතා පවසයි..", "ජනවාරි 31 දා වන විට අවතැන්වූවන් යළි පදිංචි කර අවසන් කිරීමට ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත්,මේ වන විට මැතිවරණ කටයුතු නිමාවී ඇති බැවින් හැකි ඉක්මනින් නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා බව ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය." ]
6,387
පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 64 යි
[ "පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා තත්ත්වය මේ වන විට පහව ගොස් ඇතැයි පැෆරල් සංවිධානය පවසයි. පසු ගිය දින දෙකක කාලය තුළ දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවූ බව හෙතෙම කියා සිටියි.", "පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 64 ක් වාර්තා වූ බවත්,නිවාස ගිනි තැබීම්,පුද්ගල පහරදීම් සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි." ]
6,388
කිලිනොච්චි රෝහල විධිමත් කරයි
[ "කිලිනොච්චි රෝහලේ පවතින අඩුපාඩු සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් පසුගියදා සංචාරයක නිරතවිය. එහිදී කිලිනොච්චි රෝහලේ පවතින වෛද්‍ය උපකරණ හිඟය සහ විශේෂඥ වෛද්‍ය හිඟය මගහැරවීම සඳහා පියවර ගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.", "කාලයක් තිස්සේ නවතා දමා තිබූ නේවාසික ප්‍රතිකාර සහ වෛද්‍ය ප්‍රතිකාර සැපයීම ද මේ වන විට ආරම්භ කර තිබේ.", "මේ වන විට කිලිනොච්චි ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම් කටයුතු ආරම්භ කර ඇති හෙයින් ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා කටයුතු සම්පාදනය කළ බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේය." ]
6,389
ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වන්නැයි තිස්ස ඉල්ලයි
[ "පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වහාම වැළැක්වීමට පියවර ගන්නා ලෙස එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.", "රජයේ පාලනය යටතේ පවතින දෙපාර්තමේන්තු/සංස්ථාපිත මණ්ඩල හා රාජ්‍ය මාධ්‍ය ආයතනවල සේවකයින්ට ප්‍රචණ්ඩත්වය මුදාහැර ඇති බව හෙතෙම පෙන්වාදෙයි.", "විරුද්ධ මතධාරී සේවකයින්ට තම රාජකාරී ස්ථාන වලට වාර්තා කිරීමට ඉඩ ලබා නොදෙමින් ඔවුන් පළවා හරිමින් සිටින බවද අත්තනායක මහතා කියා සිටියි.", "පුද්ගලයින් පීඩාවට පත් කිරීම වළක්වා නිදහස් වාතාවරණයක් රට තුළ ස්ථාපිත කරන ලෙස මහ ලේකම්වරයා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා තිබේ." ]
6,390
අනාගතය සුභ නොවුණොත් මර්වින් සමුගනියි
[ "රට තුළ සුභ අනාගතයක් නිර්මාණය කිරීමට නොහැකි වුවහොත් තමන් දේශපලනයෙන් සමුගන්නා බව ආචාර්ය මර්වින් සිල්වා අමාත්‍යවරයා පවසයි.", "අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි සියලු ‍පුරවැසියන්ට ජලය , විදුලිය , නිවාස ඉඩකඩම් මෙන්ම යටිතලපහසුකම් ලබා දීමට පියවර ‍ගත යුතු ය. 2013 වසර වන විට මෙම කාර්යෙන් සියයට 75 ක් අවසන් කිරිමට නොහැකි වුවහොත් තමන් දේශපාලනය තුළ රැඳී නොසිටින බව මර්වින් සිල්වා අමාත්‍යවරයා සදහන් කරයි.", "දරුවන්ට මෙන්ම තරුණ පරම්පරාවට ද යහපත් හෙට දවසක් නිර්මාණය කළ යුතු බව අමාත්‍යවරයා ඊයේ කැළණිය ශ්‍රී විෂ්ණු දේවාලයේ පැවති පුජාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය." ]
6,392
හේම කුමාර දේශපාලනයෙන් සමුගනී
[ "ඉදිරියේදී ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වන්නට තමන්ට සිදුවන බව කෘෂිකර්ම අමාත්‍ය හේමකුමාර නානයක්කාර මහතා පවසයි. අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා අකමැත්තෙන් වුවද වෛද්‍ය නිර්දේශ මත එම තීරණය ගැනීමට සිදුවන බව අමාත්‍යවරයා මීට ස්වල්ප මොහොතකට පෙර ප්‍රකාශ කරනු ලැබුවේ බද්දේගම නගර ශාලාවේ පක්ෂ ක්‍රියාකාරීන් ගේ රැස්වීමක් අමතමිනි. තම තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇතැයිද හෙතෙම කියා සිටියේය." ]
6,393
"දැයට කිරුළ"වොලිබෝල් තරඟ ඇරඹෙයි
[ "උතුරු පළාත ඇතුළු දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් දැයට කිරුළ වොලිබෝල් තරගාවලිය ඊයේ ආරම්භ විය. මෙම තරගාවලියට කණ්ඩායම් සිය ගණනක් සහභාගි වී සිටින බව වොලිබෝල් සම්මේලනය සදහන් කරයි. වොලිබෝල් පාලක මණ්ඩලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම තරගාවලිය සංවිධානය කර ඇත. වයස අවුරුදු 16 න් පහළ , 18 න් පහළ සහ 20 න් පහළ කණ්ඩායම් තරග මෙහිදි පැවැත්වේ. මෙම වොලිබෝල් තරගාවලියේ අවසන් තරගය දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වෙන දිනයේදී පැවැත්වීමට සංවිධායකයින් සැලසුම් කර තිබේ." ]
6,394
රාත්‍රී සාදයක වෙඩි තැබීමක්
[ "මෙක්සිකෝවේ සියුඩා හුවාරිස් නගරයේ පාසලක රාත්‍රී සාදයකදී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ජිවිතක්ෂයට පත්වුවන් අතර වැඩිහිටියන් දෙදෙනෙකු සහ පාසල් සිසුන් 11 දෙනෙකු සිටී.", "මීට අමතරව ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකුද තුවාල ලබා ඇති ඇතැයිද මෙම වෙඩි තැබීම මත්ද්‍රව්‍ය කල්ලියක් විසින් සිදුකරන ලද්දක් බවට සැක පහළ වී ඇතැයිද අතර මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි ද බව එරට ආරක්ෂක අංශ පවසයි." ]
6,395
සංස්කෘතික පාලමකට කාලය හරි
[ "උතුරු-දකුණ යා කරමින් රටේ සංස්කෘතික පාලමක් ඇති කිරීමට කාලය පැමිණ ඇති බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.", "උතුරේ සංචාරයක නිරත වෙද්දී කිසිවෙකුගේ පිරිත් නූලක් ගැට ගසන්නට ක්‍රියා කළද ඒ වෙනුවෙන් ආගම් භේදයකින් තොරව දෑත් දිගු වන බව ද හින්දු බැතිමතුන් බෞද්ධ භික්ෂූන්ට ඉමහත් ගෞරවයෙන් සලකන බව ද උන්වහන්සේ කියා සිටියේය.", "අතීතයේ සිටම හින්දු ආගමික බැතිමතුන් හා බෞද්ධයින් සහජීවනයෙන් ජීවත් වූ බවද බෞද්ධ පන්සල් තුළ හින්දු දේව ප්‍රතිමා දක්නට ලැබෙන බවද,හින්දු දේවාල තුළ බෞද්ධ ප්‍රතිමා දක්නට ලැබෙන බවද රතන හිමියන් පෙන්වා දුන්නේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි." ]
6,396
ශ්‍රීලංකා රජය සමඟ ඉන්දියානු සාකච්ඡාවක්
[ "උතුරේ අවතැන් දෙමළ ජනතාව යළි පදිංචි කරවීමේ කටයුතු සහ දේශපාලන විසදුමක් සඳහා වන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කරන බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිව ශංකර් මෙනන් මහතා ප්‍රකාශ කර තිබේ.", "ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්.කරුණානිධි මහතා හමුවු අවස්ථාවේ මෙනන් මහතා මෙම කරුණු ප්‍රකාශ කර ඇත. .", "බලය බෙදා හැරීම තුළින් එළඹෙන දේශපාලන එකඟතා ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට සෑමදෙනා පිළිගනු ලබන විසඳුමක් වනු ඇති බව මෙනන් මහතා මෙහිදි ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම සාකච්ඡාවේදී තවත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා වු බව සඳහන් වේ...", "ඉන්දු - ශ්‍රි ලංකා ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු සහ ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේ පවතින අවධානය ද මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබේ." ]
6,397
කොමසාරිස් ගේ අත්සන තිබුණේ නෑ
[ "මෙවර ජනාධිපතිවරණයේදී ජනතාවට නිකුත් කළ මැතිවරණ ප්‍රතිඵලයේ කොමසාරිස්වරයාගේ අත්සන නොතිබුණු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.", "මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ සම්ප්‍රදාය අනුව මැතිවරණයේදී කොමසාරිස් අත්සන් කළ ප්‍රතිඵලය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට නිකුත් කරන බවත් එතනින් ජනතාවට ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් හෙතෙම කියා සිටියේය.", "එහෙත් මෙවර එවැනි කටයුත්තක් සිදු නොවුණු බවත්,ප්‍රතිඵල නිකුත් වූයේ ඊ-මේල් හරහා බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය. තමන්ට ඡන්ද පෙට්ටියක් වත් රැකගන්නට නොලැබුණු බව මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටීමෙන්ම මෙවර මැතිවරණයේදී අක්‍රමිකතා සිදු වූ බවට කදිම සාක්ෂියක් බවද මන්ත්‍රීවරයා සඳහන් කරනු ලැබිණි.", "එක්සත් ජාතික පක්ෂය එළඹෙන මහ මැතිවරණයේදී\"එක්සත් ජාතික පෙරමුණ\"ලෙස අලියා ලකුණෙන් තරඟ කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය." ]
6,398
ජනපති හා සාකච්ඡාවට ටී.එන්.ඒ සූදානම්
[ "නොබෙදුණු රටක පිළිගත හැකි බලය බෙදීමක් වෙනුවෙන් හා පැහැදිලි දේශපාලන විසඳුමක් වෙනුවෙන් ජනාධිපතිවරයා ආරාධනා කරන්නේනම් තමන් සාකච්ඡා කරන්නට සූදානම් බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.", "දෙමළ ජනයාගේ දේශපාලන හා ආර්ථික අනාගතය දෙමළ ජනයාටම තීන්දු කළ හැකි අවස්ථාව උදාවිය යුතු බව හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි." ]
6,399
තහංචිය ඉවතට-ලංකා යළිත් දෝතට
[ "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණ නියෝගයක් පිට සීල් තබනු ලැබූ ලංකා පුවත්පතේ කාර්යාලයේ සීල් තැබීම අත්හිටුවීමටත්,ලංකා පුවත්පත සුපුරුදු ලෙස මුද්‍රණයට හා ප්‍රකාශනයට අවසර ලබා දීමටත් අද අධිකරණය විසින් අවසර ලබා දී ඇතැයි පුවත්පතේ කළමනාකාරිත්වය පවසයි.", "රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන ප්‍රවෘත්ති පළ කරන ලදැයි චෝදනා කොට අධිකරණ නියෝගයක් පිට නුගේගොඩ-දෙල්කඳ පිහිටි ලංකා පුවත්පත් කාර්යාලය සීල් තබනු ලැබුවේ පසුගිය 30 වන සෙනසුරාදාය.", "එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පරීක්ෂණ කටයුතු පවත්වාගෙන යාම සඳහා ඒකපාර්ශවීයව කරුණු සලකා තාවකාලිකව සීල් තැබීමට අවසර ලබා දුන්න ද සඳුදා දිනයේ දෙපාර්ශවයටම ඇහුන්කන් දී අවසාන තීරණයක් ලබා දෙන බවට මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබුණි.", "ඒ අනුව අදාල නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ලංකා පුවත්පතේ කර්තෘ වන චන්දන සිරිමල්වත්ත මහතා මේ වන විටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් දිගටම කරගෙන යාමට අවශ්‍ය බැවින් සීල් තැබීම තව දුරටත් වලංගු කරන ලෙසත් ඉල්ලා ඇත.", "එහෙත් ලංකා පුවත්පත වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පුවත්පත ප්‍රකාශනයට බාධා පැමිණවීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් වන ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය , භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය එමගින් උල්ලංඝණය වන බවටත් කරුණු පෙන්වා දී තිබේ.", "දෙපාර්ශවයටම ඇහුන්කන් දුන් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන පුවත් ලංකා පුවත්පතේ පළ වූ බවට ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෝ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගොනු කිරීමට සමත් වී නැති බැවින් ලංකා පුවත්පතේ කටයුතු ඉදිරියටත් කරගෙන යාමට ඉඩදිය යුතු බවය." ]