text
stringlengths
5.78k
8k
Radio ලමයි --‐-‐-------------------------------------- ඔයා ත් අපේ gen එකේ නම්, අනිවාර්යයෙන්ම ඔයා radio ලමයෙක්.. මුල්ම radio ව මතක ද ගෙදර තිබුණු? අපේ නම් දුඹුරු පාට පුංචි කැබිනට්ටුවක් වගේ එකක්.. ඒක බරසාර නිසා තියා තිබුනෙත් බිමට ආසන්නව. " කෝ මේ ප්‍රවෘත්ති අහන්න මීටරේ පොඩ්ඩක් අල්ලන්න " තාත්තගෙන් උදේම එහෙම ඇනවුම ක් එන්න පුළුවන්. එහෙම උනොත් නම් ඔයා ට බිම වාඩි වෙලා ගුරු ගුරු සද්දෙ නැතිවෙලා " මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යි ' වගේ ඇහෙනකමි radio ව කරකවන්න වෙනවා. ...................... ".........ට පුළුවන් ද මේ රජය පෙරලන්න " වගේ අපේ හිත ට ම ජීරණය උනු ප්‍රවෘත්ති තේමා වාදනයක් වෙන තියනව ද කියන්න.. ඊළඟට අවමංගල්‍ය දැන්වීමි. නිකම් නෑ හිත මිතුරු එහෙම දැන්වීමක් ඇසෙන්න නියමිතයි නම් අම්මා "ෂ් ෂ්" මුහුණ ක් හදා ගෙන අහන්නේ. තරාතිරම කියවුණු එහෙම විසිතුරු දැන්වීම් වල හිමි කරුවන් කොයි තරම් ඉන්නට ඇති ද.. ..................... ඊළඟට "අසන්නන් ගේ ඉල්ලීම්,දිවා ගී ,ගීයෙන් ගීය" මතක ලමයි පොඩිඩක් අත් උස්සන්න බලන්න. "රාජ කුමාරි මල්සර දෝනි සක්මන් මළුවේ ඇවිදිනවා , රාජ කුමාරි ගෙ ලස්සන දැකලා රජ උයනේ මල් හිනෑහෙනවා ." ඒක මට ලස්සන ට ම visualise උනු සින්දුවක්.. හැබැයි ලංකාවේ රාජ කුමාරි ඇඳුම් එක්ක නෙවී. නිකම් සුරංගනා කතාව ක ෆ්රිල් ඇඳුම ක් එක්ක.. ඔයා ට කියන්න කොහොමත් මගේ කියවීම ත් radio වේ ඇසීම ත් හරිය ට සමාන්තර රේඛා වගේ ඒ කාලේ. .............. Tele drama ප්‍රේක්ෂිකාවක් නොවුණු මම, Radio drama අසන්නියක්.. මතක නේ "මුවන් පැළැස්ස, මොණර තෑන්න" එහෙම.. ඒවා ක්ලාසි වගේ නේද ඒ කාලේ දැනුනේ.. අමරදේවයන් ගේ ගැඹුරු හඬින් ගැයුනු, ' 'සබ්බ පාපස්ස අකරණං " නිතරම දැනවූයේ ශෝකී රාවයක්. ඇයි කවුරු හරි ප්‍රභූ අභාවය ක‍ දී මුළු ඉන්දියාවේ ම රාග melodies ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ට රිංග ගන්නවා. එහෙමත් ජාතික ශෝක වීම්..!! ................ පස්සේ අපි ' රුහුණු සේවය ' පිළිගත් හැටි.. ඒත් ' රජරට සේවය' ට ආදරේ කළ හැටි.. ඒ ඇහුණු දැන්වීම්.. 'ජනතාවට වේලාව දක්වන්නෝ.........." " ........නමි මල්.... මල් නම්....." පිබිදෙන ගායක පරපුර.. හිතට වැදුණු නැවුම් ගී සර පහර . ............... ' අතට ගත් විට ඔබෙ රථේ ඉගිලිලා නොයනු. සලකනු මග සලකුණු නීති පිළිපදිනු. රියදුරන් ගේ නොසැලකිල්ලෙන් බිහිසුණු අනතුරු වේ. වියෝ වන්නන් නිසා ඉන්නන් සදහට අසරණ වේ. " සුජාතා අත්තනායක යන් එසේ දැනුවත් කළ හැටි.. ............ දැන් ඉතින් NO STOPPING OR TURNING. දිගින් දිගටම අපි Digital era එකේ... ඒත්, Radio ලමයි උනු අපි දන්නවා , ඒ ගෙවුනේ ජීවිතේ ප්‍රහසන සමය බව.පින් පව් එනවා..අපි පිටිපස්සේ 😔😔😔 කෙලවරක් නොපෙනෙන අඳුරු දිගු උමගක් දිගේ මා ඉතා වේගයෙන් ඇදීයමින් සිටියෙමි සිතට පුදූම සහනයක් මෙන්ම ශරීරය පුලුන් පොදක් මෙන් සැහැල්ලු බවක් දැනින.. ඇත්තටම මට භෞතික ශරීරයක් නොතිබිණි.මම එයින් මිදී ගත්තෙමි..ඔබලාගේ වචනයෙන් නම් මා මීට මොහොතකට පෙර මියගියෙමි.ඉන්පසු මට සිදුවූයේ කුමක්ද..? වේගයෙන් ඇදීයන අඳුරු උමං ගමන නැවතුනේ කොතනකද..? එය දැනගැනීමට පෙරාතුව මීට මොහොතකට පෙර මා මිය ගිය සැටි ඔබ දැනගත යුතුයැයි සිතමි.. මේ සති අන්තයේ යහලුවන් පිරිසක්ද සමග විනෝද වීම සදහා මම පහන්තුඩාව දියඇල්ලට පැමිණියෙමි. උදේ ඉදං පටන්ගත්ත මත්පැන් සාදය දොලහ එක විතර වෙනකොට උච්ච ස්තානයකට පත්වුනා ඔක්කොම හිටියේ මත් උණ ඹඹරු වගේ. ඔන්න එතකොට තමයි තවත් පිරිසක් බොංගෝ ගිටාර් එහෙම අරගෙන අපිට ටිකාක් ඈතින් ස්ථානගත උනේ. එතන ලස්සන කෙල්ලෝ හත් අට දෙනෙකුත් හිටියා . අපි එක්ක හිටපු සිරාං එකපාරටම අර පොඩි කෙල්ලො දැක්කම කුලප්පු වෙන්න ගත්තා. "පොඩ්ඩක් ඉදපල්ලා..පොඩ්ඩක් ඉදපල්ලා මං අල්ලන්නං හොද නම්බර් එකක්" කියපු සිරාං සඳ මිදුලට එනවා සිංදුව ගායනා කරන්න ගත්තා. ඒ ගීතය කොච්චර මිහිරිව ගායනා කලාද කියනවනම් කෙල්ලංගෙ හිනාවෙ සද්දෙත් ගීතයට අනුරූපව වැඩිවෙන්න ගත්තා. සිරාංගෙ ගැයුම ඉවරවෙනකොටම අපිට එහාපැත්තෙ හිටපු කංඩායමත් සිංදුවක් පටන්ගත්තා හරියට අපේ ගීතයට උත්තරයක් දෙන්න වගේ ගිටාර් එකකුත් වයමින්. පිරිස ඒක ලස්සනට ගායනා කලා කෙල්ලො ටිකත් හොද සහයෝගයක් දුන්නා ඒ කොල්ලන්ට. අපි මත්පැන් තොලගාන ගමන් ගීය රසවින්දා.. ඒ ගීතය ඉවර උනාට පස්සෙ උංගෙං එකෙක් අපිට අතින් සන් කරල කතාකලා "මචං උඹල කොහෙද" "අපි කොලඹ බං" "උඹල කොයි පැත්තෙද ?" "අපි මොරටුවෙ මචං වරෙන් සෙට්වෙලා සින්දුවක් අල්ලමු" ඒ කොල්ලොම තමයි අපිට ආරාධනාව කලේ ඊට පස්සෙ ඔන්න අපි එක නඩයක් බවට පත් උනා..බෝතල් හිස්වෙන්න හිස්වෙන්න මගේ යාලුවෝ දෙතුන් දෙනෙක් ඕනවට වඩා අර කංඩායමේ කෙල්ලො එක්ක කතාකරන්නම උත්සාහ කරන බව මම දැක්කා මුලින් මුලින් ඒ කෙල්ලෝ හොදින් කතාකලත් අපේ අය එයාලට කරදරයක් වෙංඩ පටන්ගත්තට පස්සෙ ඒ කෙල්ලො ටික ටික අපේ මනමාලයො දෙතුන් දෙනාව මග අරින්න ගත්තා. මුනුත් උත්සාහය අත අරින්නෙම නෑ වෙරිමරගාතෙ කෙල්ලො පස්සෙම වැටි වැටී උංට කරදරයක් වෙන්න ගත්තා. උංගෙ කංඩායමේ පිරිමි කීප දෙනෙකුටත් මේක තේරිලා විමසිල්ලෙන් ඉන්න බව මට තේරුනා. මම අපේ උං තුංදෙනාට කීප සැරයක් කිව්වා පාඩුවේ ඉදහල්ලා උංට කොල්ලො ඉන්නවා ඇති කියලා. "අනේ පලයං අයියේ යංඩ උබට ඊරිසියාව කොංඩෙ ක්‍රේල් එක මට වැඩකරනව බං.." විශ්ව මල්ලි කිව්වෙ එහෙම කෝම හරි උං තව ලස්සන සිංදුවක් අල්ලන්න ගත්තා. "සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ නෙත් නෙත් නෙත් නෙතු කැල්මක මල් හී සරේ...." අපි ඔක්කොම එකට ඩාන්ස් කලා ඒත් මම හිටියෙ විමසිල්ලෙන් අපේ වැඩිවෙලා හිටපු කීපදෙනා ගැන මොකද මේ ගල් ගොඩ උඩ වැඩිය සෙල්ලං දාන්න බෑ පහලට දෙරි ගැහුනොත් පීනන්න බැරි කෙනෙක්නම් ඉවරෙටම ඉවරයි. සිංදුව යන අතරෙම එකෙක් කෑ ගහනව ඇහුනා.. "අඩෝ බලුවැඩ කරන්න එපා උ...තෝ කියල" ඒ එක්කම සිංදුව නතර උනා එක පොදියට හතර පස් දෙනෙක් පොර අල්ලනව කෙල්ලො කෑගහනව එකම ගෝෂාව මට හිතාගංඩ බැරිවුනා මොකක්ද මේ කියල ඒ එක්කල මම දැක්ක දෙතුන්දෙනෙක් ගුටි හුවමාරු කරගන්නව. මම පුලුවන් උපරිම සද්දෙං කෑ ගැහුවා.. "නවත්තපියව් ඕක..මොකද්ද තොපිට වෙලා තියෙන්නෙ යකෝ ඇයි රංඩුවෙන්නෙ" "අයියේ උඹලගෙ එකෙක් අපේ කෙල්ලෙක්ගෙ පු,ක මිරිකලා වනචර වේ..ගෙ පුතා" අපි පුලුවං විදිහට මැදට පැනල රංඩුව බේරන්න ගත්තා. වටේ හිටපු තව වන්දනා නඩ දෙකතුනක කෙල්ලෝ කොල්ලෝ ෆිල්ම් එකක් ශූට් කරනව වගේ උංගෙ ෆෝන් වලින් මේක වීඩියෝ කරනව මිසක් එකෙක් ආවෙ නෑ බේරන්න. වදෙං පොරෙං දෙගොල්ල දෙපැත්තට කරනකොටම ලස්සනට වැදගත්පාටට හිටපු අර කෙල්ලංගෙ නා දලු දෙතොල් අතරින් තිත්ත කුනුහරප විදින්න ගත්තා. නිවීගෙන ගිය රංඩුව ආයෙම ඇවිලුනා. මම අපේ එකෙක්ව බදාගෙන පැත්තකට අදිනකොට තමයි එකපාරට මම ඇදන් හිටපු ටවල් එක ගැලවිලා කා අතට හරි ගියේ.. දැන් ගෑනු කෙල්ලො අතරේ මම අමු හෙලුවෙන්. අතින් වහගන්න කියලද..? ඒ වගේ ලැජ්ජාවක් මගේ ජීවිතේට දැනිල නෑ වටේ පිටේ ලොකු සෙනගකුත් ඉන්නව මම පල්ලෙහා තියන දිය වලට උඩ ඉදන් දෙපාරක්නොහිතා පැන්නෙ කරන්න තිබ්බ එකම දේ ඒක නිසා. කලබලේට පැන්න නිසා පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න ඇති හරියට වලට පැන්නත් අයිනක තිබ්බ ගලක ඔලුවෙ වම් පැත්ත තදින් වැදුන.ඒ එක්කම තමයි මාව මේ උමගේ ඇදිල යන්න පටන් ගත්තෙ. මට ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් තව කීපදෙනෙක් ඇදිලා එනබව මට දැනුනා.අන්තිමට ඈතින් එලියක් පේනවත් එක්කම අපි ඔක්කොම උමගෙන් එලියට විසිඋනා. ඒක හරීම සැපදායක පරිසරයක් රස්නෙත් නෑ සීතලත් නෑ මම හිතුවෙ මේ දිව්‍යලෝකෙ තමයි කියල මම හිතන්නෙ දෙසීයක් තුන්සීයක් සෙනග හිටිය ගැහැනු පිරිමි තරුණ මහලු ලමා ඔක්කොම. අපි ඔක්කොම හිටියෙ එක දිශාවකට ගමන් කරමින් ගමන අවසන් උනේ ලස්සන ගොඩනැගිලි කීපයක් තිබුණ තැනකින්. ගොඩනැගිලි කිව්වට ඒව ඇතුල්වීමේ දොරටු.ගස් කොලන් කිසිවක් නෑ වලාකුලු උඩ ඉන්නවා වගෙයි දැනුනේ. එක පේලියට දොරටු විශාල ප්‍රමාණයක් තිබ්බා. අපි හිටපු හරියේ දොරටු පහක් විතර තිබ්බා ඒවා හරි අලංකාර දොරටු. එකදොරටුවක මුදුනේ ධර්මචක්‍රය ගහල තිබ්බ ඒක බෞද්ද අයගේ දොරටුව.ඊට එහායින් හිංදූන්ගෙ දොරටුව ඊට යාවෙලා ඉස්ලා*ම් දොරටුව ඊටත් එහා ක්‍රිස්තියානි සහ නිරාගමික දොරටුව.. මම තේරුම්ගත්තා අපේ ආගම් ඇදහීම් අනුව අදාල ස්ථානවලට අපිව යොමුකරන බව. බෞද්ද දොරටුව දැක්කම මට හරි බයක් ඇතිවුනා මොකද මම ජීවත්ව ඉන්නකොට සමහර දුශ්ෂීල භික්ෂූන්ට පලුයංඩ කුනුහරපෙං බැන්නා හොර කහකඩ ඒස ගනයි කියලමයි බැන්නෙ.මගේ නෑදෑයො සමහර යාලුවෝ මට දොස්කිව්වා භික්ෂූන්ට බනින්න එපා ඒක මහා පාපයක් කියල. ඒත් දැං පරක්කු වැඩී. මට ක්‍රිස්තියානි දොරටුවෙන් හොරෙන් ඇතුල්වෙන්නත් හිතුණ. මොකද හොයන්න බලන්න කව්රුත් නෑනෙ.ඒත් ආයෙ පස්සෙ ලෙඩක් වැටෙයි දෝ කියල බය හිතුනා. අපි අපේ ආගම් අනුව ඒ ඒ දොරටු වලින් ඇතුල් උනා හැබැයි දොරටුවෙන් ඇතුල් උනාට පස්සෙ තමයි දැක්කෙ මේව නිකං දොරටු විතරයි ඒ ඒ දොරටු වලින් ඇතුල් උන අය සේරම ඒ ඒ පාරවල් වලින් ඇවිත් ආයෙ වැටුනෙ එක පාරකට .. ඔන්න එතකොට තමා මගේ ලග හිටපු කෙනෙක් මං එක්ක කතාකලේ.. "අයියා මගේ හිතට හරි කනගාටුයි අයියා" "ඒ මොකද මල්ලී" "අයියා මම ස්ලාම්. නරක යාලුවො ඇසුර හිංද මම මත්පැනට ඇබ්බැහි උනා අපේ දෙයියෝ ඉස්සරහට යංඩ මට බය හිතුනා මම ශේප් එකේ ක්‍රිස්තියානි දොරෙන් ඇතුලට අවෙ" ඔහු අදහන දෙවියන්ගේ දඬුවමින් ගැලවීම ගැන සතුටුවන ඔහු ක්‍රිස්තියානි දොරටුවෙන් ඇතුලට පැමිණීමට වීම ගැන විස්සෝප වෙයි.. "මම නම් කිසිමදාක ඔය ආගම් විස්වාස කලේවත් ඒව ඇදහංඩ ගියේවත් නෑ මම නිරාගමිකයි" අනෙක්පස සිටි අනිකා ආඩම්බරයෙන් මෙන් පවසන්නට විය. "කමක් නෑ අපි ඔක්කොම දැන් එකටනෙ යන්නේ" මම ඔහුව අස්වසාලීමි තව ටික දුරක් ගෙවා පැමීනීමෙන් අනතුරුව තව විශාල එක් ගේට්ටුවක් ඉදිරිපස අපට නතරවන්නට සිදුවිය. එතැන රතු හිස්වැස්මක් පැලදි එක පුද්ගලයෙක් පමණක් විය.හේ දෙවියෙක්ද නොඑසේනම් යක්ශයෙක්දැයි නොදනිමි. වරකට එකා බැගින් පෝලිමේ සිටියවුන් ඔහු ඉද(...TRUNCATED)
ිරියට යන්නට විය සියල්ල සිදුවනුයේ කිසිවෙකුගේ විධානයකින් මෙහෙයවීමකින් තොරව ස්‍වයංක්‍රීයව මෙනි. බොහෝ පුද්ගලයින් ඇතුලුවූ පසු මට ඉදිරියෙන් සිටි තුන්වැන්නාගේ වාරය පැමිනුණි. ඔහු අර රතු හිස්වැසුම පැලදි පුද්ගලයා ඉදිරියට යනු මට හොදින් දර්ශනය විය. "මේ පැත්ත යහපත් මිනිසුන්ගේ දිව්‍යලෝකය මේ පැත්ත අයහපත් මිනිසුන්ගේ අපාය." ඔහු එසේ පවසා "නුඹ යා යුත්තේ මේ මාර්ගයේ" යැයි පවසා අපායට යන මාර්ගය දැක්වීය. "ඒක වෙන්න බැහැ.. නුඹට බැහැ මාව විනිශ්චය කරන්න මම හින්දු බැතිමතෙක් මම බොහෝ යහපත් වැඩ කල කෙනෙක්" ඔහුද පරාජය බාරගැනීමට සූදානම් නැති සෙයකි. රතු තොප්පිකරු සංසුන් ස්වරයකින් හින්දු බැතිමතා අමතා "නුඹ ඇතුල්වූයේ හින්දූ ද්වාරයෙන් නොවේද" "හින්දු ද්වාරයෙන් ස්වාමීනී" "හොදයි ඉඩමක් අයිතිකරගැනීමට කුමන්ත්‍රණය කොට ශිවම්ව මැරූ හැටි දැනගන්න අවශ්‍යද" ප්‍රශ්න කල හින්දු බැතිමතා එයට උත්තරයක් නොදී වේගයෙන් අපායේ දොරටුව වෙත පියනගන්නට විය. මෙයනම් ඉතා අසාධාරන විනිශ්චයකි. අප කුමන ආගමේ ද්වාරයකින් ඇතුලුවූවත් සියල්ලෝම විනිශ්චය කරනු ලබන්නේ එක පුද්ගලයෙකු විසිනි. යොමුකරනු ලබන්නේ එකම දිව්‍යලෝකයකට හා අපායකටයි.මෙය සිදුවිය හැකි දෙයක්ද..? ආගමේ නාමයෙන් එතන සිදුවන එකම දෙයනම් තමන්ගේ ආගමට හිමි ද්වාරයක් තිබීම පමණයි වෙනත් කිසිවක් නැත. මට ඉදිරියෙන් සිටි තැනැත්තා රතු හිස්වැසුම්කරු ඉදිරියට පියමැන්නේ මහත් භ්‍රාන්ත ගතියකිනි. "මේ පැත්ත යහපත් මිනිසුන්ගේ දිව්‍යලෝකය මේ පැත්ත අයහපත් මිනිසුන්ගේ අපාය." ඔහු එසේ පවසා "නුඹ යා යුත්තේ මේ මාර්ගයේ" යැයි පවසා ඔහුටද අපායට යන මාර්ගය දැක්වීය. මට ඉදිරියෙන් සිටි හේ වැලපෙන්නට විය. "අහෝ ස්වාමීනී.. මම දිනපතා සත්වරක් නැමැදීම කලෙමි යහපත්ව ජීවිතය ගෙව්වෙමි ඔබට වැරදීමක්.. මා ගැන විනිශ්චය මාගේ සර්වබලධාරී දෙවියා විසින් දිය යුතුය මා දිවිය පුරා සියලු දෙය කලේ ඔහුගේ නාමයෙනි.මෙය ඉතා අසාධාරන විනිශ්චයකි" "නුඹ නුඹගේ දිවිය පුරා වෙලහෙලදාමේදී මිනිසුන්ට කල නොපනත්කම් එකින් එක දැනගන්නට කැමතිද" ඔහු ඇසුවේ එපමනකි.. වෙලෙන්දා කඩිසර ගමනින් අපායට යන මාවතේ පියමනින්නට විය. ඊලගට පැමිණියේ මගේ වාරයයි.මම ඔහු ඉදිරියට පියමැන්නෙමි. මිත්‍රකම නිසා දිවිපිදූ මට හිමි වන්නේ දිව්‍යලෝකය බව මම සක්සුදක් සේ දැනසිටියෙමි. මේ පැත්ත යහපත් මිනිසුන්ගේ දිව්‍යලෝකය මේ පැත්ත අයහපත් මිනිසුන්ගේ අපාය." ඔහු එසේ පවසා "නුඹ යා යුත්තේ මේ මාර්ගයේ" යැයි පවසා මටද අපායට යන මාර්ගයම දැක්වීය. මේ මොන අවනඩුවක්ද...මිතුරන් නිසා දිවිපුදා පැමිණි මම අපායට යා යුතුද..? "ඔබට වැරදීමක් ස්වාමීනී මම මෙතනට ආවෙත් මිතුරන් වෙනුවෙන් ජීවිතය පූජාකරල." ඔහු මද සිනාවක් නගා "නුඹ මෝඩයෙක් ලෙස මියගියේ නුඹගේ වැඩකට නැති නිරුවත ගැහැනුන් දකීවියැයි ඇතිවූ බිය නිසා දියට පැනීමෙන් නොවේද..?එය මිතුරන් වෙනුවෙන් කල දෙයක් නොවේ" "මට සමාවුව මැනව එසේනම් මේ දඩුවම දුශ්ෂීල භික්ෂූන්ට බැනවැදීම නිසාද.අහෝ.." "දුශ්ෂීල භික්ෂූන්ට අවලාද නැගීම ගැන පසුතැවිලි නොවනු ! ඇරත් අව්රුදු විස්සක් තුල දිව්‍යලෝකයට ගොස් ඇත්තේ නුඹලාගේ රටේ භික්ෂූන් දෙදෙනෙක් පමණයි අපායේදී නුබට බොහෝ භික්ෂූන් මුනගැසෙනු ඇත" "නමුත් මා බොහෝ පින් දහම් කල කෙනෙක් පව් නොකල කෙනෙක්..එසේවීත් මෙවැනි දඬුවමක්..?" "නුඹ බිරිඳව රවටා යහන්ගතවූ සියලු අන් ස්ත්‍රීන්ගේ නම් දැන ගනු කැමැත්තේද..?" මම කිසිත් නොදොඩා අපායේ දොරටුව වෙත පියවර ඔසවනු ලැබුයේ යුවතියගේ පු,ක මිරිකූ වලත්තයාට ශාප කරමිණි.....😔 Dhammika Wickramaarachchi 2023/04/19දැන් නම් කවුරුහරි හොයාගෙන ඇති නේද? දිනුක මගෙ මූණට එබිලා ඒ ප්‍රශ්නේ ඇහුවේ මගෙ උත්තරේ කලින්ම දන්නවා වගේ හිනාවෙලා. ම්හ්. නැද්ද? නෑ. කිව්වට තරහ වෙන්න එපා.මට පොඩ්ඩක් සතුටුයි ඒක ඇහුවම. මං දන්නවා.ඔයා ගැනම හිත හිත මම නාකි වෙලා යනවට ඔයා කැමතියි කියලා. එහෙම නෙවේ.මම ඔයාගේ ෆස්ට් ලව් එකනේ,ඉතින් ඔයා මට තාම ආදරෙයි කියලා ඇහුවම මට සතුටුයි. තාම ඔයාට ආදරෙයි කියලා කවුද කිව්වේ? මට පේනවා! කිව්වා කියලා හිතාගන්න. මම හිටියේ දිනුකගේ ඇස් දෙක මඟෑරලා ඈත බලාගෙන.දිනුක වැව දිහා බලාගෙනම සුපුරුදු විදියට හිනාවුණා.අපි ආපහු හම්බ වුණේ අපරාදේ කියලා මේ විනාඩි ගාණට තුන් හතර වතාවක්ම මට හිතුණා. සතියට දෙතුන් වතාවක් නුවර වැව ගාවට ඇවිත් වැව දිහා බලාගෙන ඉන්න එක ටික කාලෙක ඉඳලා මම පුරුද්දක් විදියට කරන දෙයක්.හුඟක් වෙලාවට කැම්පස් එකේ වැඩ වැඩිවෙලා ස්ට්‍රෙස් වුණාම මම එහෙම කරනවා.අද වුණේ මම හීනෙකින්වත් හිතපු නැති දෙයක්.කොටින්ම මගේ ස්ට්‍රෙස් ඩබල් වෙන වැඩක් වුණේ.දිනුක නුවරට කඩා වැටුණේ කවද්ද කොහොමද මොකටද කියලා මම දන්නේ නෑ.කොහොම වුණත් දිනුකව දැකපු ගමන් මට දැනුණේ ළඟම නෑයෙක් අවුරුදු ගාණකට පස්සේ දැක්කා වගේ හැඟීමක්. දිනුකට අත වනන්න ලෑස්ති වෙද්දීම මොළෙන් සිග්නල් එකක් ආවා.අවුරුදු පහකට කලින් මාව දාලා ගිය මනුස්සයට මම මොකට අත වනනවද! දිනුක මගේ ගාවට ඇවිත් කතා කරනකල්ම මම හිටි තැනම ගල් ගැහිලා හිටියේ ප්‍රතිචාර දක්වන්න ඕනේ කොහොමද කියලා හිතාගන්න බැරුව. දිනුක ළඟම තිබ්බ බංකුවේ වාඩි වෙලා අතින් සන් කළේ මටත් වාඩිවෙන්න කියන්න. නපුරි! මට ආදරෙත් නැත්තම් ඇයි කාත් එක්කවත් යාලු වෙන්නැත්තේ? හරියන කවුරුවත් හම්බවුණේ නෑ. කැමැත්ත අහගෙන එන කොල්ලන්ට උඹ බං මචං කියලා කතා කළාම එහෙම වෙනවා ඉතින්. ඔයාට කවුද එහෙම එකක් කිව්වේ? කිව්ව කෙනා වැඩක් නෑ.කතාව ඇත්තනේ.මම අවුරුදු පහක් පොල් ගෑවේ නෑ මැටිස්, ඔයා ගැනත් පොඩ්ඩක් හෙව්වා. හරි විකාරයක්නේ මේක! විකාරයක් නම් තමයි.දැන් හරියට කේන්ති යනවා නේහ්. මම දිනුකට ඔරවලා ආපහු වැව දිහා බලාගත්තා. ඔයා කවද්ද බඳින්නේ? දන්නෑ.උපේක්ෂා කියන දවසක තමයි. හ්ම්.උපේක්ෂා අවුට් වෙන්න ළඟද දැන්? අනේ ප්ලීස් එයා ගැන කතා නොකර ඉමුද! ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේහ්. මට උපේක්ෂාව බඳින්න බෑ සේයා! ඔය දෙන්නා මැචින්! මම ඒ ටික දිනුකට කිව්වේ ඇත්තටම ඒ දෙන්නා ගැලපෙනවා කියලා මට හිතුණු නිසා. ඒක තීරණය කරන්න ඔයා ලෝඩ්ද? දිනුක තනි කෙලින් මගෙ ඇස් දිහා බැලුවා. මං කියන්නේ ඉතින් අඩුම තරමේ මට වඩා එයා ඔයාට ගැලපෙනවනේ? ඔව් කිව්වොත් ද ඔයාට සතුටු? ඔව් කිව්වත් නෑ කිව්වත් මට මොකෝ... බොරු කියන්නෙපා.ඔයාට බෑ මට බොරු කියන්න. ඔයාට නම් පුළුවන්. හින්ට් පාස් කරන්නෙපා.මම සමාව ඉල්ලුවනේ.වැරැද්දක් වුණේ.ඔයාව අහම්බෙන් හරි හම්බ වුණු එක හොඳයි. ඔයා මට කියන්න මම උපේක්ෂාව බඳින්නද එපාද? ඇයි ඉතින් මගෙන් අහන්නේ. ඔයා හා කිව්වොත් මම හිත හදාගෙන බඳිනවා. එපා කිව්වොත්! ඔයාව බඳිනවා. දිනුක මගෙ උරහිසට තට්ටුවක් දාලා යන්තම් හිනාවෙලා බැරෑරුම් මූණක් මවා ගත්තා. අද හම්බවුණේ නැත්තම් කොහොමද අහන්නේ? ඔයාට කතා කරලා අහනවා.පරණ නම්බර් එක තාම වැඩනේ. ඒ වුණාට ඔයාගේ පරණ නම්බර් එක දැන් වැඩ නෑනේ! ඒ කියන්නේ ඔයා කෝල් කරලා බැලුවද ළඟදී? නෑහ්... හරි කමක් නෑ.අහපු එකට උත්තරයක් දෙන්න. එයාව බඳින්න.එයා හොඳ කෙල්ලෙක්. මට ඔයාව මඟ ඇරුණා මැටිස්..! සොරි ! ඒකට නම් මම හැමදාම පසුතැවෙනවා.මට ඔයාව තේරුණේ නෑ ඒ කාලේ! මාව මඟ ඇරුණට කමක් නෑ.උපේක්ෂා මඟ ඇරෙන්න දෙන්න එපා.එයා ඔයාට හරි ආදරෙයි. හ්ම්.ආදරෙයි නම් තමයි.ඒත් ඔයත් මට ආදරෙයිනේ! නෑ.මම ආදරේ නෑ. එහෙනම් පොරොන්දු වෙන්න ගැලපෙන හොඳ කෙනෙක් හම්බවුණොත් බඳිනවා කියලා. ඔයා කියන්න ඕන්නෑ.මම කොහොමත් බඳිනවා. මට ලෝබයි. ඒත් කමක් නෑ, ඔයා කොහෙ හිටියත් සතුටින් ඉන්න ඕනේ සේයා.ඔයාට හැමදාම හරියන්න ඕනේ! කළුවර වැටෙනවා.මම හොස්ටල් එකට යන්න ඕනේ! යං.මම එන්නම් හොස්ටල් එකට දාන්න. එපා! එපා ! මට පුළුවන්... අදට විතරක් මම එන්නද මැටිස්?ඔයා කළුවරට බයයිනේ! දැන් බය නෑ.මම කොහොමත් තනියම යන්නෙ වෙනදට. කවදද ආයේ මෙතනට එන්නේ? එන දවස කිව්වොත් මමත් ඇවිත් ඉන්නම්. ආයේ එන්නෑ මං! ආපහු හැරිලා බලන්නම හිතුණත් මම ආයාසයෙන් නොහැරී හිටියා.දිනුක බර හුස්මක් පිට කරන සද්දෙත් ආපහු හැරිලා යන අඩි සද්දෙත් කළුවර මැදින් මට යන්තමට ඇහුණා. දිනුක ඒ දවස් වල මට තෑගි කරපු පුංචි කොන්ත මුද්ද එක පාරක් ඉඹලා අතේ ගුලි කරගෙන මම බස් එකට නැග්ගා. -SMR-තේ............ ඔයා වැඩියෙන් බොන්න ආස තේ ද කෝපි දැයි අසන තැන් වලදී බිම පහුරු ගාමින් මහත් ආයාසයෙන් යුතුව "කෝපි" යන පිලිතුර හුවා දැක්වීමට මම පුරුදු වී සිටිමි. ඒ මගේ තේ පානය අනෙක් උන් බලාපොරොත්තු වන ගණයේ එකක් නොවන නිසා ය. එනයින් තේකක් බොමුද අසන බොහෝ තැන් වල මම හිස දෙපසට වනා නිහඩ වෙමි. උපන් ගෙයිම මව් කිරි පෙරේතයෙක් වූ මා අවුරුදු 3පසුවන තුරුම මවගෙන් කිරි උරා බීමි. නංගීගේ ආගමනයත් සමග මට වෙන්වූ ඉඩ කඩ ඇහිරී ගොස් මා නිරායාසයෙන් කිරෙන් මිදුනෙකු වන්නට ඇතැයි සිතේ. එතැන් පටන් චොක්ලට් මුසු කිරි, කල් කිරි, ෆලූඩා වැන්නක් හැරුනුකොට නිකම්ම නිකම් ෆ්‍රෙෂ් මිල්ක් මට අපුල වන්නට විය. වැනිලා කිරි පැකට් ප්‍රතික්ෂේප කරන්නේද ඒවායෙනුත් මට අමු රසක් දැන්නෙන්නට ගත් නිසා විය යුතුය. අසල්වැසි නිවසකට ගොඩ වැදී සිදුවන කතාබස් අතරතුර ඔවුන් පිරිනමන සංග්‍රහවලින් අනතුරුව එලබෙන "තේ හදන්නද?" පැනය මා අපහසුතාවට පත් කරන්නකි. මුලදී මට එපා කියන්නැයි අම්මාට සන් කිරීමට සිදුවෙතත් පසුව ඈ විසින්ම එය ඔවුන්ට පහදා දීම මාගේ අස්වැසිල්ලට හේතුවෙයි. "අනේ නංගි ලොකු දුවට තේ හදන්න එපා . එයා කිරි බොන් නෑ!!!" ලංකාවේ තේ වල වැදගත්ම පානය Tea ය. නිවසකට ගොඩවෙන අයෙකුට ටී එකක් පොවා යැවීම ඉතා අගනා සත්කාරයක් සේ ඔවුන් ඉටු කරයි. කිරි පිටි මතට වත්කල තේ කහට එකට කලතා සීනි මුහුකර පීරිසි කෝප්ප වල බහා පිලිගන්වන මෙය පාට අනුව ගත් කලත් රාජකීය පානයක් වැනිය. පදම වැරදී ගිය එවුන් උකුවට හෝ මෙලෝ රසක් නැතැයි කියන දිය රහට සකසා ගතත් නියම විදියට සාදන්නේ නම් එය හොද පානයක් විය යුතුය. සෑම උදයකම tea බොම්න් ප්‍රභෝදවත්වන මිනිසෙකුට ප්‍රේම කරමින් ඔහුගේ තේ කෝප්පයේ සීනි පදම බලා, අනතු(...TRUNCATED)
රුව කට සෝදා දැමීම එතරම් අපහසු කාර්‍යයක් නොවන වග මා දැන් දනිමි. හැන්දෑ වරුවක අම්මා ද අප්පච්චි ද තේකක් බීවානම් හොදයි ලොකූ යැයි සිහි කැදවති. ඔවුන්ගේ තේ යනු පෙර කී Tea නොවන අතර ඒවාට කියන්නේ කහට කියාය. ඔවුන් සීනි භාවිතය සීමා කර ඇති බැවින් එම උනුවතුර මුසු කහට වලට සීනි දමන්නේ නැත. Plain Tea එකක් බොමු කියන නැන්දලාට මම සාදා දෙන්නේ මධ්‍යම කහට වලට සීනි දැමූ පානයකි. වත්තේ වැඩකට කැදවීමක් ලැබ එන අංකල්ලාගේ plain tea ටිකක් අමුතු ආරක විය යුතුය. තද කහට වලට පැණි වෙන්නට සීනි එක්කට තනන ඒවා ලෝදිය මෙන් දුම් දමමින් ඔවුන් බොනු දැක ඇත්තෙමි. ගිනි රස්නියේ එහෙම බොන්නේ කොහොමදැයි තවම සිතාගත නොහැක. බදුල්ලෙන් එන බොහෝ දිනවල එහෙ තාත්තා තේ කොළ මිටි එවන්නේ මා වෙනුවෙන්‍ බව මා දනිමි. ලා කහටට කිරි බොන පුතුට සරිලන පරිදිම ඒ දෙදෙන බොන්නේ ද මද කහටය. උනුවතුරට සීනි දමා බීවානම් මීට හොදයැයි කියමින් මම ලාම ලා තේ සාදා දෙමි. මේ තේ කොළ ලැබීමට පෙර සිටම තේ වල රස පිලිබදව මට මහත් ප්‍රශ්න තිබුනි. වටවල, ලිප්ටන්, ලාඕජී එකී මෙකී නොකී ඒවා ගෙදරට ගෙන අවුත් ටෙස්ටින් කලද අවසානයේ සෙට් වූයේ මැලිබන් තේ නමින් වෙලදපොළට ආ රතු පැකටුවයි. වාසනාවේ මහිමයෙන් එයද ටික කලකින් අතුරුදන් වූයෙන් පසු තාත්තාගේ තේ කොළ තිළින මට මහමෙරක් විය. ගෙදර උන්ට අනුව මා බොන්නේ තේ නොව කසාය විය යුතුය. තේ කහටේ තිත්ත ආසන්නයටම එන තුරු මම තේ කොළ නොපෙරා බලා සිටිමි. තද කහට අඩු සීනි ප්‍රතිපත්තියේ සිටින හෙයින් සීනි හැන්දක් උඩින් ඉස යන්තම් නිවෙන්නට හැර තලුමරමින් තේ කෝප්පය තොලගාමි. තේ කසායෙන් හෙම්බත්ව කහට වැකුනු මග් එක මගේ තේපානයේ ප්‍රබලත්වය විදහා දක්වන සාදකයකි. කෙසේවෙතත් ඔහුගේ උකුසු ඇසට අහුවෙන තේ කෝප්පයේ කහට තට්ටුවට වැඩි ආයුෂ නැත්තේ හෙතෙම විම් දමා සුදු පැහැය එනතුරු කෝප්පය සෝදා දෙන බැවිනි. ඔහුට නොවැලැක්විය හැකි මගේ ප්‍රේමය පරිදිම නැවත නැවතත් කෝප්පයේ ගැටිය මත කහට පැල්ලම් ඇති කරමින් මම මගේ කසාය වඩිය බොමි... ඉතින් තේ යනු මෙලොව සුන්දරම පානය නොවන්නේ කෙසේද?? ©උදාරා ජයසේකර"කිතුල් මල් කවි" සෝලි ගන්නට කාරි නෑ වෙද ආල පිරුවට මං හිතින් දෙපා සැරසුව සිලම්බුවෙ හඬ වාරු නෑ යන්නට අහන් කාරි නෑ මට ආයෙ කියපන් වලව් අකැපයි කියා කී වග කුමාරිහාමී.. පුංචි කුමාරිහාමී.. පිච්ච කැකුළක් වාගෙ හිමිදිරි හීන් හිරිපොද වැටී ඇහැරුන මුවැත්තියකගෙ ලීලෙ පානා හරව හරවා සිඟිති ඇහැ කන ඔහොරි පොට බැඳ රනින් කන කර දේව රූ සිහි උනා වෙද මට කුමාරිහාමී.. පුංචි කුමාරිහාමී.. රෑන කිතුලට උනා වරලස පීර පීරා උන්නු උඹෙ හැඩ වාර ගණනක් දුටුව මුත් ඉඩ දෝර ගැලුවා ආල හිත අද වරේ දුන්නේ අපේ වරිගෙට හීන කුල මට තරහ අවසර කුමාරිහාමී.. පුංචි කුමාරිහාමී.. හකුරු තෙලි දිය කපන පිහි තුඩ පපු කැනැත්තට ඇන්න හේමා ගිනි ගහන අව් ගින්දරට මයෙ දෑස ගිනි කණ වැටුණු හේමා පාත් වී ඉහ නමා අහකට නොවී කොහොමෙයි නම්බු පාලා කුමාරිහාමී.. පුංචි කුමාරිහාමී.. - නදී (2023)අඩයාලමට ලියන පළවෙනි කථාව. නීති රීති වලට අනුකූල නම් ඇපෘව් කරන්න🙏 අඩුපාඩුත් කියාගෙන යන්න💗 පශ්චත්තාපය " අප්පච්චිට මං කියන දේ කවද හරි තේරෙන්නෙ මොකක් හරි ලොකු විනාසයක් වෙච්ච දවසට" විනාඩි තිහ හතලිහක පමණ වාදයකින් අනතුරුව අප්පච්චිගේ අදහස කණපිට පෙරලවන්නට මා සමර්ථ නොවූයෙන් මම තව දුරටත් මේ මාතෘකාව ගැන අප්පච්චි සමඟ වාදයට නොයාමට සිතාගනිමින් අවසාන රතු නිවේදනයද නිකුත් කලෙමි. එහෙත් හිඳ සිටි බංකුවෙන් නැගිට්ටේ හෝ අප්පච්චී නොවේ. මෙය අප්පච්චිත් මාත් අතර සිව් මසක සිට නොකඩවාම සිදු වන සංවාදයකි. මෙයට හේතුව වූයේ පාල මාමා ය. අප්පච්චි ගමේ විශාලම සිල්ලර කඩයේ හිමි කරු ය. සිල්ලර කඩයට යාබදව කුඩා කෑම කඩයක්ද කරගෙන යන්නේ අම්මා විසිනි. පාල මාමා ඔය කෑම කඩයට ඇවිදින් තිබුණේ උදේ කෑමට යමක් ආහාරයට ගෙන තේකක් බීමට ය. ඒ මීට සිව් මසකට පමණ පෙරාතුව දිනක ය. එවේලෙහි ඔහු බොහොම බයාදුව ඔහුට බඩගිනි බවත් එහෙත් කෑම ගැනීමට මුදල් නොමැති බවත් අම්මාට පවසා තිබුණේ. අපේ අම්මා යනු සාමාන්‍ය ගැමි ලඳකගේ භූමිකාවෙන් ඔබ්බට ගිය මනා ඉවසීමක් ඇති අනුන්ගේ දේ නොසොයන, ඉතා කාරුණික හදවතක් ඇති තැනැත්තියකි. පාල මාමා යාචකයෙකු නොවන බවත් ඔහු කියන්නේ සත්‍යයම බවත් කුමක්දෝ කරුමයකට අම්මාට එසැණෙහි වැටහීමට පටන් ගෙන තිබිණ. පාල මාමා පවසා ඇති අන්දමට ඔහු යන එන මං නොමැති අයෙකි. ඔහු තමන්ගේ ගමනාන්තය ලෙස පවසා ඇත්තේ වෙලෙන් එගොඩ අපේ මහ පන්සල ය. " ඔහේට මහන්සි වෙලා වැඩ කරන්ට පුළුවන්ද?" අම්මාට නොදෙවෙනි දුර නොදකින මහා කාරුණික වූ අප්පච්චිගෙ හදවත හරහා ආ ඒ වචන පාල මාමා නම් මේ පුද්ගලයාගෙ සවනට එවෙලෙහි මී පැණි ගුලාවක් බඳු වන්නට ඇත. " අනේ මහත්තයා මට හොඳට මහන්සි වෙන්ඩ පුළුවන්. ඕනම වැඩක් කරන්ඩත් පුළුවන්" අප්පච්චිගේ ප්‍රශ්නයට ඔහු දුන්නා යැයි කිවු අතිශයෝක්ති පිළිතුර වී ඇත්තේ එයයි. ඒ පිළිතුරත් සමඟම කිසිඳු විස්තරයක් හෝ උපන් ගම් බිම් හෝ නොදැන, ධනපාල නම් වූ මේ පුද්ගලයා අප්පච්චිගේ සිල්ලර කඩයේත් අම්මගේ කෑම කඩයේත් අත් උදව්වට ස්ථීරව අනුයුක්ත කරගෙන තිබුණි. හොඳම කාරණය නම් ඔහු සියළු වැඩපල කිරීම සඳහා ගතමනාව ලෙස ඉල්ලා තිබුණේ තුන්වේල කෑමත්, රැයට නිදන්නට තැනකුත් පමණක් වීමය. මමත් නංගීත් ඒ බව දැන ගත්තේ හවස් වරුවේ නිවසේ වසා තිබූ ඉදිරිපස කාමරය අගුලු හැරගෙන සුද්ද පවිත්‍ර කරන අප්පච්චිත් පාල මාමාත් දැකීමෙන් පසුවය. "අම්මලට ඔළුවක් නැද්ද ඇත්තටම?, ඉන්න තැනක් කාගෙ කවුද මෙලෝ මගුලක් දන්නෑ , මෙතන ගෙනත් බින්න බස්සගෙන" අප්පච්චි කාමරය අස් පස් කරන අතරෙ මම අම්මාත් සමඟ බහන්බස් වීමට පටන් ගතිමි. පවුලේ වැඩිමහල් පිරිමි දරුවා විදිහට පවුලේ ආරක්ෂාව හා ගරුත්වය මගේ වගවීමක් ලෙසට මා ස්ව කැමැත්තෙන් මගේ කරපිටට පටවාගෙන සිටියෙමි. නංගී තවමත් උසස් පෙළ පන්තියේ බැවින් ඇයගේ ආරක්ෂාවත් මා වඩාත් සිතිය යුතු විය. ඉතින් මෙවැනි නන්නාඳුනන පුද්ගලයෙකුට නිවසේ නවාතැන් දීම මා හට කිසිසේත්ම අනුමත කල හැකි කාරණයක් නොවීය. " අනේ නිකං හිටපන් ලොකූ. අපෙ ඉහ නිකටෙ පැහුණෙ අකලට කියලද උඹ හිතා ඉන්නෙ? මනුස්සයෙක් දැක්කම කතා බහ කලාම ඒ කොහොම එකෙක්ද කියල අඳුරගන්න උඹලට වඩා අපිට ඉව තියෙනව බං. පැහෙන්නැතුව ගිහින් නාගනිං. " ඛේදජනකය. අම්මාගෙ වචන සැර පරුෂ විය. කුමක්දෝ හේතුවකට අප්පච්චිට වඩා අම්මාට තද බල බයක් මගේ හිතේ විය. එතැනින් ඒ සංවාදය නවතා ඉවත්ව යාමට ඒ බය හේතු භූත වීය. කෙසේ හෝ එතැනින් පටන් ගත් දවස් පාල මාමා නිසා ගැටළුකාරී තත්ත්වයන් වෙනුවට අම්මාටත් අප්පච්චීටත් සැනසිලිදායක දවස් වීය. කෙටිකරම කිවහොත් පාල මාමා යනු මැෂිමකි. සිල්ලර කඩයේවත් කෑම කඩයේවත් මහන්සි වී කිරීමට යමක් අම්මාට හෝ අප්පච්චීට පාල මාමා විසින් ඉතිරි නොකරන බවයි අම්මාත් අප්පච්චීත් ඔහුගේ ගුණ වරුණාවට නිතරම හේතු කරගත්තේ. පාල මාමා නිහඬය. වැඩි කථාබහක් නැත. ඔහුට විවේකය අවශ්‍යම නැත. කොටින්ම රොබෝවෙක් බඳු විය. අම්මාත් අප්පච්චිත් ඔහු නිසා දවස් ගෙව්වේ සැනසීමෙනි , විවේකයෙනි. එහෙත් මටත් නංගීටත් දෙදෙනාටම පාල මාමා නයාට අඳු කොල පඳුරක් ම බඳු විය. " අයියෙ, අර මනුස්සය හවසට ක්ලාස් යනකොට මගෙ පස්සෙ පාරෙ එනවද කොහෙද ඕයි. " නංගි කීප විටක්ම මා හට පැවසීය. හිතට ආවේ මහා ජුගුප්සාජනක සිතිවිලි ය. අප්පච්චිට එය කියූ විට ඔහු කියාසිටියේ හැමදාම හවසට පාල මාමා පන්සලට යන බවත් ඒ යන මඟදී නංගිට මුණගැහෙන්නට ඇති බවත් ය. පාල මාමා සන්සුන් චරිතයකි. තරමක් කළු පැහැයට හුරු , එහෙත් වයසට නොගිය පැහැදිලි හමක් මෙන්ම දුටුවකුට ප්‍රියමනාප වන කුමක්දෝ ගාම්භීර පෙනුමක්ද ඔහු සතු විය. එහෙත් ඔහුගේ ගුප්ත බව මට මහත් භයංකාර හැඟීමක් ගෙන ආයේය. එලෙසම නංගීගේ වචන එය තීව්‍ර කරන්නටද සමත් විය. " අප්පච්චි, මට ඔෆිස් ගමන නවත්තලා චුට්ටි පස්සෙ යන්ඩ බෑනෙ. හවස ක්ලාස් යන එන ටික අප්පච්චිට බැරිද එයා එක්ක යන්ඩ?" දිනක් මා කල යෝජනාවට අප්පච්චි එකඟ වුනත් එය ක්‍රියාත්මක කරන්නට යාමේදී නංගී ගෙදර ගෝරනාඩු කල බව අප්පච්චි පසුව මා සමඟ කීය. ඇය අප්පච්චි ඇගේ තනියට යනවාට තදින්ම විරුද්ධව ඇත. "මේ චුට්ටි උඹ ආයෙ අර මිනිහ පස්සෙන් එනව ගගා මං එක්ක කියාගෙන ආවොත් උඹෙත් හොක්ක තලනව බලාගනිං" මම නංගීට ඒ කාරණාව ගැන තරවටු කලෙමි. කුමක් කරන්නද නිනව්වක් නොවීය. සාමාන්‍ය පරිදි දවස් ගෙවුනත් මාත් අප්පච්චිත් අතර මේ සිව් මස පුරාවට පාල මාමා නිවසින් බැහැර කල යුතු බවට කෙරුණු වාදයන්ගේ නම් අඩුවක් නොවීය. අදත් එවන්ම වූ ගෝරනාඩුවක් පැවති දවසකි. අවසානයේ යලිත් මේ ගැන කතා නොකරන්නට තදින්ම අදිටන් කරගත් සිත් ඇතිව මම අදින්ම ඒ සටන නවතා දැමූවෙමි.අප්පච්චිගේත් මගේත් කථාබහ අවසන අප දෙදෙනාටම පෙනුනේ නංගී කලබලයෙන් හා වේගයෙන් අප දෙසට පැමිණෙන බවයි. මේ ඇය එන්නේ පන්ති අවසන් කර ය. "මොකො බං චුට්ටියෙ මේ හති දාගෙන" අප්පච්චි විමසීය. " අප්පච්චිට කිව්වට අහන්නෑනෙ, අර මිනිහා මොකාටද එන්ඩ හදන්නෙ කියල මං දන්නෑ. අදත් දෙණිය ගාවට වෙලා මං එනකල් බලන් හිටියා. මොකට මගෙ පස්සෙ එලෝනවද මන්දා" නංගි නොනවත්වාම කියාගෙන ගියාය. "උඹට මුකුත් කිව්ව කරාද?" එවර නම් අප්පච්චි මඳක් කලබල විය. " කිව්ව දෙයක් නෑ. හැංගිලා ඉන්නව මං එනකල්. ඒ උනාට මං දැක්කා. නොදැක්ක ගානට ආවා. " එසේ කියාගෙනම නංගි ගෙට යන්නට සැරසුණි. " ඈ බං චුට්ටියෙ, උඹ බස්සෙකෙන් බහින්ඩෝන නාගහකන්ද හෝල්ටෙකෙන්නෙ. අහවල් දේකටද දෙණිය දිහා යන්නෙ. " අප්පච්චිගේ පැනයෙන් නංගි මඳක් තිගැස්සුණ බවක් පෙනුනත් ඇය ඒ බව සඟවාගන්නට සමත් විය. " මේ... බස් එකේ අද සෙනඟ අප්පච්චි. නාගහකන්දෙන් බැහැගන්නඩ බැරි උනා. දෙණියෙන් බැස්සෙ. " නංගි පිළිතුරු දුනි. "එතකොට පාල කොහොමද දන්නෙ අද උඹ දෙණියෙන් බහින විත්තිය. ඕක උඹෙ මනස්ගාතයක් බං චුට්ටියෙ" අප්පච්චි කීය. එතන මටත් සිතන්නට වෙන යම් පටලැවිල්ලක් වූ බැවින් මම නිහඬ වීමි. **** **** **** **** **** **** **** දවස් ඉගිලුනේ වේගෙනි. මේ හැරී මේ බලන විට තවත් මාසයක් ගෙවී අවසන් ය. ගෙදර (...TRUNCATED)
අනෙකුත් දෑ සාමාන්‍ය පරිදි සිදු උනත් මා හා බොහෝ කිට්ටුව සිටි චුට්ටිගේ කුමක් හෝ දුක්මුසු බවක් , හැසිරීමක් අම්මාටත් අප්පච්චීටත් හොරෙන් පසුගිය දින කිහිපයක් පුරාවට මම දරා සිටියේ තරමක් වේදනාවකිනි. ඇගෙන් ඒ බව විමසා සිටියත් ඇය කීවේ එවැනි ප්‍රශ්නයක් නොමැති බවයි. එහෙත් ඒ දින කිහිපයේම ඇය පන්ති නොගිය බවත් අම්මා පැවසීය. මේ කල්පනාවන් සියල්ල මැද එක් ඉරිදාවක් උදා වී තිබුණි. සාමාන්‍යෙන් ඉරිදාට මා අවදි වන්නෙ උදෑසන අටට පමණය. එහෙත් මෙදා නිවස තුලින් ඇසුණු හැඬීම් කෑ ගැසීම් නිසා මා ඇහැරුණේ උඩ ගොසිනි. කුමක් හෝ අවැඩක් සිදුව ඇති සෙයකි. මම කාමරයේ දොර හැර වහා දිව ගියෙමි. අම්මාත් අප්පච්චීත් නංගිගේ කාමරේ දොරට ගසමින් කෑගසා හඬයි. "අනේ මගෙ පුතේ දොර ඇරපන් . මගෙ මැණික දොර ඇරපන් රත්තරනේ අපිට උඹ වැඩි නෑ" " අනේ ලොකූ නංගිව බලපන්කො මේකි දොර අරින්නෑ නෙ ලොකු පුතේ" අප්පච්චිත් අම්මාත් මාරුවෙන් මාරුවට කෑගසන්නට විය. මම කුස්සියට දුව ගොස් අලවංගුව රැගෙන විත් නංගිගේ දෝරේ අගුලට තඩිබාන්නට පටන් ගත්තේ සිදු වූයෙ කුමක්ද කියාවත් නොවිමසාමයි. දෙවියන්ට පින් සිදු වන්නට අගුල කැඩී දොර පියන් දෙක හැරුණි. දුටු දෙයින් මට වචනයක් හෝ කතා කරගන්නට හයියක් නැති විය. චුට්ටි බාල්කයේ සාරියක් දමා එහි තොණ්ඩුවක් සදා එය ගෙලට දමා සිරකර ගන්නට සැරසෙමින් සිටියාය. මුවින් වචනයක් හෝ පිට නොකොට මම ඇය අසලට දිව ගොස් ඇය සිටි පුටුවෙන් බිමට ඇද දැමුවෙමි. අම්මාත් අප්පච්චිත් කෑගාමින් සිටියත් ඒ කිසිත් මගේ කන් නොවැකුණි. මම චුට්ටිගේ කම්මුල් දෙකම හරහා මාරුවෙන් මාරුවට පහර කිහිපයක් ගැසුවේ, ඇය හුස්ම නැතිව හඬමින් සිටි බවවත් නොතකා ය. මවෙත ආ ආවේගය එතරම් ම විය. "තොට මැරෙන්ඩ තරං ප්‍රශ්න මේ ගේ අස්සෙ තිබ්බද යකෝ" ප්‍රශ්නය කුමක්දැයි නොදැන උනත් මම යක්ෂාවේශව කෑගැසුවෙමි. " පුතේ උඹ එලියට පලයං ලොකූ. මං නංගි එක්ක ඉන්නං . " අම්මා කියූ වාක්‍යය අවසාන වන්නටත් මත්තෙන් අප්පච්චි නිහඬවම කාමරයෙන් පිට විය. මමත් කෙන්තියෙන් පුපුරමින් අප්පච්චි පසුපස ගියෙමි. ඔහු දිගටම ගොස් ඇඳි හාන්සි පුටුවේ වාඩිවෙන තෙක් මම සන්සුන් වීමට උත්සහ කලෙමි. "මොකක්ද උනේ අප්පච්චි?" මම ඇසුවේ ඔහු හාන්සි පුටුවේ දිගා වී දෑස් පියාගත් පසුවය. තත්පර කිහිපයක් යනතුරු ඔහු පිළිතුරු නොදුනි. මා මඳක් නොසන්සුන් වූවත් සන්සුන් වන්නට උත්සහ කලෙමි. අප්පච්චි පිළිතුරු නොදෙන නිසා මම නැවත අම්මාගෙන් අසා ගන්නා සිතින් ඒ දෙසට යන්නට හැරුනෙමි. එවර අප්පච්චි හඬ අවදි කලේය. " පුතේ ලොකූ, නංගිට ළමයෙක් හම්බෙන්ඩ" මා ඉන්දවුනි. එතැන පුටුවක් නොවන්නට මා වැටෙන්නෙ බිමටය. ඉන්දවුනා ය කීවාට උනේ මා පණ නැතුව වැටුණ එක ය. කේන්තිය උපරිමයේ තිබියදීත් අවස්තාවට අනුව අවශ්‍ය නම් සන්සුන් වීමේ හැකියාව මා සතු විය. එය අප්පච්චිටත් එලෙසමය. "මොකාගෙන්ද කියල දන්නවද?" මම විමසීමී. "දන්නෑ. ඇහුවට කියන්නෑ" අප්පච්චි කතාකරන්නේ සන්සුන්ව වීම මට පුදුම සහගත විය." අප්පච්චි. පාල මාමට කියන්න මං එක්ක ගමනක් යන්ඩ එන්ඩ කියලා. මට මේ වෙලේ ඩ්‍රයිව් කරන්ඩ බෑ. " මට උවමනා කලේ මගේ හොඳම මිතුරා හමු වීමටය. ඔහුගේ සොහොයුරා ජේලර් වරයෙකි. ඔහු නොදන්නා පොලිස් ලොක්කෙකු නැති තරම් විය. එබැවින් කුමක්ද කියා නොදැන සිටි නමුත් ඔහුගෙන් කුමක් හෝ උදව්වක් ගන්නට හැකි වේයැයි මට සිතුණි. "පාල ගෙදර නෑ" අප්පච්චි කී දෙයින් මම නැවතත් තක්කු මුක්කු වීමි. "කොහෙ ගිහින්ද?" "දන්නෑ... සිද්ධිය උන වෙලේ උන්නා. ඊට පස්සෙ බැලින්නම් කොහෙවත් නෑ. මහත් ජුගුප්සාජනක වූ සිතුවිලි තොගයක් මගේ හිස වසා ගන්නට විය. " මගෙ වචන නාහා අප්පච්චි දැන් කරබාගෙන ඉන්ඩ. ඕකා අහුවුනොත් මං මරනවා. අවලම් බ#ල් $ලා." "උඹ මොනාද පුතේ කියවන්නෙ" අප්පච්චි අසන දෙයට මගේ යක්ෂාරූඨය දෙගුණ වේ. අප්පච්චි දෙස ඔරවා බලනවා හැරෙන්නට මම කිසිවක් නොකීවෙමි. මුණගැහෙන්නට යාම වඩාත් හොඳ වූවත් අවස්ථාවෙ හැටියට මම මගේ මිතුරාට සිද්ධිය කෙටියෙන් කියා සොහොයුරාත් සමඟ පැමිණෙනෙ ලෙස ඉල්ලා දුරකථන ඇමතුමක් දුන්නෙමි. පැය කාලක් විනාඩි විස්සක් ඇතුලත ඔවුන් අපේ නිවසේය. සිද්ධියෙන් පසු නොනවත්වා හැඬූ නිසාම නංගිට අම්මාගේ උකුලේම නින්ද ගොස් තිබුණි. මමත් අප්පච්චිත් මගේ මිතුරාත් ඔහුගේ සොහොයුරාත් එක්ව , කල යුත්තේ කැමක්දැයි කතාබහ කරමින් සිටියෙමු. අවශ්‍ය වූයේ පුද්ගලයා කවුරුන් වුවත් නිදැල්ලේ සිටින්නට ඉඩ නොදීමටයි. මේ අතර වත්තට කවුරුන් හෝ තිදෙනෙක් ඇතුළුවන බව අපට පෙනෙන්නට විය. ඉන් එක් අයෙක් ඔසරියකින් සැරසුණු චාම් කාන්තාවකි. අනෙකා කඩවසම් කොලුගැටයෙකි. ඔවුන් කැඳවාගෙන ආවේ පාල මාමා ය. හදිසියේ සිදු වූ දෙය මට සිතාගන්නට නොහැකි විය. පාල මාමාව ඈත තබා දුටු මගේ මිතුරාගේ සොයුරා කලබලයෙන් මෙන්ම පුදුමයෙන් නැගී සිටියේ යමක් තමාටම කොඳුරාගනිමිනි. මට එය යන්තමට ඇසුණත් එහි අගක් මුලක් මට නොවැටහිණි. ඔහු මිමිණුවේ "පන්සල් මාමා" වැනි නමකි. එසේ කියමින් ඔවුන් ගෙට ගොඩවෙන්නටත් පෙර මගෙ මිතුරාගේ සොයුරා ඉදිරියට පැන පාල මාමාට දණ ගසා වැන්දේය. සියල්ලෝම වික්ෂිප්තව බලා සිටී. පාල මාමාද උඩ බිම බලයි. මිතුරාගෙ සොයුරා පාල මාමා ට මූණට මූණ සිටගෙන සිටී. පාල මාමා ඇස් ලොකු කර කුඩා කර ඔහුව හඳුනා ගැනීමට මෙන් උත්සහ කරයි. "පන්සල් මාමට මාව අඳුනගන්න බැරිද?" ඔහු විමසයි. පාල මාමාගේ ඇස් විසල් වෙයි. ඔහුගේ දෙතොල් වෙව්ලන්නට විය. ඇස් අග්ගිසි වලින් කඳුලු රූරන්නට පටන් ගෙන ය. අනෙක් කාරණාව පසෙක තියෙද්දී මෙතැන කුමක්දෝ අපට නොවැටහෙන රංගනයකි. "දෙයියෝ සාක්කි. ජේලර් මහත්තයා. අනේ දෙවියනේ මට දෙයියො දැක්ක වගේ." පාල මාමා හඬමින් කියයි. ඔහුට කැඳවාගෙන ආ අමුත්තන්වද මතක නැත. "මටත් අම්ම තාත්තා දැක්කා වගේ. මාස හයක් තිස්සෙ කොහෙ කොහෙ හෙව්වද මං පන්සල් මාමාව. " ඔහු එසේ කියමින් පාල මාමාව බදාගත්තේය. හදිසියේ යමක් මතක් වූ ලෙසින් පාල මාමා මගේ මිතුරාගෙ සොයුරාගෙන් ඈත් වී අප දෙසට ආවේ අමුත්තන් දොර අසලම රඳවා තබාය. ඔහු අප්පච්චිගේ ලඟටම විත් පිටුපසට හැරී අමුත්තන් ඇමතීය. " ඇතුලට එන්න නෝනා. " ඔහු කීය. ඒ ආරාධනයෙන් කාන්තාවත් තරුණයාත් ගෙට ගොඩ විය. "මහත්තයා. සමාවෙන්න , සමහර විට මට මේක කලින්ම මහත්තයට කියන්න තිබුණා. මගෙයි වරද. මෙච්චර හරියක් වෙයි කියල හීනෙකිං වත් හිතුවෙ නෑ" අමුත්තන්වත් ලඟ තබාගෙන පන්සල් මාමා මේ රඟ දක්වන්නෙ කිසිදාක මම ඔහුගෙන් දැක නොතිබූ චරිතයකි. ඔහු ඉතා සන්සුන්ව පැහැදිලිව කතා කරයි.අපි සියල්ලෝම සිටි තැන් වලම ගල් ගැසී බලා සිටියෙමු. පාල මාමා කුමක් හෝ දිග කථාවක් කීමට සූදානමිනි. පිරිසගේ හඬ ඇසී අම්මාද කාමරයෙන් එළියට ආවාය. " ඔව් මහත්තයා, චූටි මහත්තයා මං එක්ක නෝක්කඩු හන්ද මට මේව චූටි මහත්තයට වත් කියා ගන්න බැරි උනා. මහත්තයට කිව්වොත් චූටි මැණිකෙට ගහයි තරවටු කරයි කියල බය හිතුණා." " කියන මගුලක් පැහැදිලිව කියනව මනුස්සයො" ඒවර අප්පච්චි කථා කලේ තරමක ආවේගයකිනි. " මං මෙහෙ ආව මුල් කාලෙ හවස පන්සල් යනකොට දවස් කීපයක් දැක්කා චූටි මැණිකෙ බයිසිකලේක ඇවිත් බැහැල ආපිට පයින් නාගහකන්ද දිහාවට ඇවිත් ගෙදර එනවා. ඉතින් මට හිතුණා දරුවගෙ ඒ පිරිමි ලමය එක්ක සම්බන්ධයක් ඇති කියලා. ඒ හින්ද මහත්තයො මහත්තයලට කියන්ඩ තිබ්බ බයත් හින්ද මං මැණිකෙ ගැන ඇහැ ගහන් උන්නා. දවසක් ඔය බයිසිකලේ පස්සෙ පාරෙ ගෙහුං මං ඒ ඉලංදාරියගෙ ගේත් හොයා ගත්තා..." පාල මාමා හති අරී. ඔහුට දිගට කථා කර හුරුවක් නැත. අප්පච්චී කිසිවක් සිතා ගත නොහැකිව බලා සිටී. " දවස් හතර පහකට කලියෙන් දෙන්න රණ්ඩු උනා දෙණිය ලඟ. අපේ මැණිකෙ අර ඉලංදාරියට පාර දෙකක් ගැහුවත් මයෙ හිතේ..." කියමින් අමුත්තන් දැස පාල මාමා හෙළූ බැල්මට අර තරුණයා කර බා ගත්තේය. " ඉතින් අද පාන්දර මේ සිද්ධිය උනාම මං පාන්දරම දිව්වෙ කාරණාව කියල මේ ඉලංදාරියව කනින් හරි ඇදන් එන්ඩ හිතාන. ඒත් හිතුවෙ නැති විදිහට මේ නෝනා... මේ දරුවගෙ අම්මා බොහොම ගුණයහපත්. ඒ නෝනම තමයි මේ දරුවත් එක්ක මෙහෙ ආවෙ. කටයුතු කතා බහ කරල ඉක්මණට පිලිවෙලක් කරන්න ඕනෙත් කිව්වා" පාල මාමා හුස්ම ගත්තේ සියල්ල කියා අවසානයේය. මට කරන්නට හැකිව තිබුණා නම් පොලොව පලාගෙන යන්නට තරම් සිත් විය. අප්පච්චිට කුමක් සිතුණාදැයි නොදනිමි. අම්මා හඬයි. අප්පච්චි පාල මාමා ඉදිරිපිටට විත් දෑත් එකතු කර ඔහුට වැන්දේය. ඒ සැනෙන් අර තරුණයාද විත් අප්පච්චිටත් අම්මාටත් දණගසා වැන්දේ මහත් වූ බයකිනි. එයත් ඔහුගේ මවගේ විධානයට බව දැනුණි. සියල්ල සිදුවිය යුතු හොඳම සහ සුන්දරම ආකාරයට සිදු වෙමින් පවතී. ඇතැම් විට පාල මාමා විසින් මේ සරසා දුන්නේ නංගිගේ අපායක් වන්නට ගිය ජීවිතය නොවේද? සමාවන්නට යැයි කීමද මදි බවක් මට සිතේ. මම එලියේ කොට්ටම්බා ගහ යට තිබූ බංකුවට බර දී සුසුමක් පිට කලෙමි. පාල මාමා නිවසින් පිටතට ආයේ එවෙලෙහිය. " පාල මාමා කොහෙද මේ යන්නෙ " ඒ මම ඔහුට පාල මාමා කියා ඇමතූ පලමු වතාව විය. ඔහු ගමන බාල කර මා අසල නැවතුනි. "මං ගමට ආවෙ වෙන නැවතුමක් හොයාන චූටි මහත්තයා. පව් සමාකරගත්තා වගේ හැඟීමක් දැනෙනව හිතට. ඉතින් දැන් හිත නිදහසේ මට මගෙ ගමන යතෑකි" ඔහු ඒ ටික කීවේ ඉදිරිය බලාගෙන මිස මා දෙස වත් නොබලාය. එසේ කියා ඔහු නැවතත් ගමන ආරම්භ කලේය. "කොහෙද ඒ?" මගෙ පැනයට පිලිතුරු දීමට හෝ නැවතුනේ ඔහු නොවේ. මම කිහිප විටක් කතා කලත් ඔහු යලි නොහැරී ම ගමන් කලේය. "එයා යන්නෙ මහණ වෙන්න මල්ලි..." එසේ කියමින් මගේ මිතුරාගේ සොයුරා මවෙතට එමින් සිටියේය. මම ප්‍රශ්නාර්ථ බැල්මක් ඔහු වෙත හෙළුවෙමි. " පන්සල් මාමාව මං දන්නෙ අවුරුදු දාහතරක ඉඳන්. එයා ඔය බරපතල වැඩ එක්ක දාහතර අවුරුද්දක් සිර දඬුවම් විඳල ඇවිත් ඉන්නෙ." ඔහු කියූ දෙයින් මම උඩ විසි වී බිම වැටුණි. "මොකක්?" " ඔව්. තමන්ගෙ දුවව දූෂණය කරලා එයින් ලැබෙන්න ආ දරුව නැති කරන්න බලහත්කාරෙන් දුව හොර වෙදෙක් ලඟට එක්ක යනවා මේ මනුස්සයා. ඇබෝෂන් එකේදි දුව නැතිවෙනවා. මේ මනුස්සය ඇවිත් බාර වෙනවා. පස්සෙ හොර වෙදාවත් ඇල්ලුවා. මේ මනුස්සය ඒ අවුරුදු දාහතර ගෙව්වෙ හාමුදුරු කෙනෙක් වගේ. න(...TRUNCATED)
ිලධාරීන්ගෙ ඉඳන් රැඳවියන් වෙනකල් පුදුම විදිහට ආදරයක් ගෞරවයක් තිබ්බේ. බණ කියනවා පිරිත් කියනවා. එයා නිතරම කිව්වෙ මහණ වෙන බව. ඔය ගියේ ඒ ගමන" ඔහු කතාව අවසන් කරන විට මට පාල මාමාගෙ අවසන් දසුන වංගුවෙන් හැරී නොපෙනී යන්නට විය. පුදුමාකාරය... හරි හෝ වැරැද්දක් ගැන මම හිතින් වත් තර්ක කරන්නට නොගියෙමි. සියල්ලෝම ප්‍රතග්ජනයෝ ය. අංගුලිමාලත් අවසානයේ රහත් විය... තවත් කුමකටද අටුවාටීකා. ***********නිමි**********___මං තාමත් නැවතුන තැන.... "ඒයි, ආං උඹේ පරණ කෑල්ලත් ඇවිත්…." නිශාන්ත මට වැලමිටෙන් ඇනල අනුරුද්ධිව පෙන්නුවා… එකවරම කෙනෙක් යමක් පෙන්නද්දි ඒ දිහාට හැරෙන එක මනුස්ස ස්වභාවයනේ මාත් හැරිල බැලුවා.. තවත් යාලුවෝ කට්ටියක් එක්ක සිනාාසමින් කතා කරකර හිටපු අනුරුද්ධි එකවරම මාව දැක්කා… ඇගේ මුහුනේ තිබුනු හිනාව සැනෙකින් බොඳව ගියා. ඒත් එක්කම මගෙන් ඇස්දෙක ඉවතට අරගෙන පෙරටත් වඩා ලොකු හිනාවක් මුවට නඟාගෙන යාලුවෝ එක්ක දොඩමළු වෙනව පෙනුනා.. ඒ වුනාට එයාගේ හැම ඉරියව්වක්ම දන්න මට තේරුනා ඒ හිනාව ව්‍යාජ එකක් කියල…යාළුවන්ට කතා කරන අතරේ ඇස්දෙක අපි ඉන්න පැත්තට නොහරවන්ට එයා සෑහෙන මහන්සියක් ගන්නව කියල ටික වෙලාවක් බලා හිටි මට තේරුනා…. "මොකෝ මොකෝ විරහ වේදනාද?" නිශාන්තය ඇහුවේ සිනාසෙමින්… "මොනවා උනත් පරන කෑල්ලනේ බං.. " මාත් හිනාවක් මුවට නගාගෙන කීවා… **** මීටින් එක යන අතරෙත් මගේ ඇස් අනුරුද්ධිගේ රූපය හොයන්ට පටන් අරගෙන… මම හැරි හැරී බලනව එයා දැක්කා.. ඒත් නොදැක්ක ගානට ඉන්නවා.. "උඹ ඒකිට තාම ලව්ද යකෝ…" නිෂාන්තයත් ඉඳල තියෙන්නේ මං ගැන අවධානයෙන්.. "ආදරේ කියන්නේ ලංවුනාම ඇතිවෙලා වෙන්වුනාම නැතිවෙන දෙයක් නෙමෙයිනේ බං…" "හප්පට යකෝ එහෙම බැලුවොත් මගේ නං හිතේ ඉඩ මදිවෙනවා… සිරාවට" "දැං තෝ අනුංගේ ගෑනියක් ටෝක් කරන්න ගිහින් ගුටි කනවා පුතෝ… ඒකි දැං උඹේ පරණ කෑල්ල විතරයිනේ.. තොපි දෙන්නම දැං බැඳල ළමයිත් ඉන්නවා නේද?" "හරි බං.. දැං මං ඒකිත් එක්ක ආයේම සම්බන්ධයක් පටන්ගත්තේ නෑනේ…" "තාම නං නෑ.. ඒ වුනාට ඔය ඇස් කතාකරනව දකිද්දි මගේ පපුව ගැහෙනවා බං… බැඳපු එවුන් ඇස්වලින් කතා කරන ඒවා ඉවර වෙන්නේ මන්නයක් හරි කට පුංචෙක් හරි කතාකරලනේ…ඕවාගේ මඟුල් වලදි වැඩිපුර ගු⁣ටිකන්නේ යාලුවෝ.. ඒ කියන්නේ මේ මං වාගේ අහිංසකයෝ.. " "අනේ මේ… මගෙන් කුණුහරුප නාහා හිටපං…" *** "කෑවද ? " ලන්ච් ටයිම් එකේ මූණට මූණ හස්බවුනාම මම ඇහුවා… "ඔව්.." අනුරුද්ධි කීවේ අහක බලාගෙන… අනුරුද්ධි ටිකක් මහත් වෙලා හැමදාම වගේ නීට් එකට සාරිය ඇඳල පිළවෙලට එදත් හිටියේ.. "කොහොමද?" මම ඇහුවට උගුර වේලිල වගෙ මගේ හඬ හරියට පිටවුනෙ නෑ.. "හොඳින්.. " එවර නම් ඇගේ පුරුදු තියුනු හඬින් කියැවුනේ.. කෙලින්ම මගෙ මුහුණ දිහාත් බැලුවා… "එන්නම් " කියල ඔලුව වැනුවේ ව්‍යාජ හිනාවක් මූනේ තවරගෙන.. ***- "අඩෝ වැඩේ හරිද? රංකෙංදෙං බැද අතැගිලි එක්කල ආදරයයි ද?" "තොට පිස්සුද …ත්තෝ? කෑනොගහ හිටු.. එහෙම මගුලක් නෑ…." "ඒ මචං.. මං මේ සීරියස් අහන්නේ… අදටත් ඇස්වලින් පෙං කරන තොපි දෙන්න ඇයි නොබැන්දේ?" "හ්ම්ම්ම්… ඒකට උත්තරේ මම අදටත් දන්නෑ.. ඒකි දන්නවද කියන්ට මම දන්නෑ බං.." "මගේ තිබුන මොකක් හරි ගතිගුණයකට ඒකි අකැමැති වෙන්න ඇති මයේ හිතේ.. ජීවිත කාලයම එකට ඉන්න මං සුදුසු නෑ කියල හිතන්න ඇති… ගෙදරිනුත් ප්‍රෙෂර් එකක් තිබ්බා ඒකිට.. අනික බං ඒ දවස්වල මාත් සෙට්ල් නෑනේ…මටත් බඳිනවා වගේ තීරණයක් ගන්ට තරම් ශක්තිමත් වටපිටාවක් තිබුනේ නෑ.." "හරි බං අවුරුදු විසි එකේදි සෙටල් වෙන්ඩනං.. එක්කෝ තාත්තා චන්දේ දිනල කවුන්සලේට ගිහින් ඉන්ට ඕනා.. නැත්තං නිධානයක් හාරල තියෙන්ට ඕනා.. තොපිට වයස තිබ්බනේ… දැං මිනිස්සු බඳින්නේ හතලිහෙන් පනහෙන්නේ… ඒ වයසෙන් බැඳල උං මොනා කරනවද දන්නෑ නේ බං…" "එක එකාගේ ජීවිත වෙනස්නේ බං… අපි එක එකාගේ කතා එක එකාට වෙනස්… වෙච්ච හරමදේම අමතක කරන්න හැදුවා මිසක් වුනේ මොකක්ද කියල හොයන්න ගියේ නෑ මම.. ඒ මානසිකත්වයේ ඉන්න ඕනා එකෙක් ⁣කරන්නේ එහෙම වෙන්න ඇති මයේ හිතේ…" "මයේ අප්පා අමතක කරපු ඒවා එහෙමම අමතක වුනදෙං.. ආයෙම පරණ බොඩිස් ගොඩ අරං පෝස්මෝටම් තියන්න ගියොත් නිස්කාරනේ ගඳ ගහනවා ඈ…" "තොට පිස්සුද බං…. උඹ එහෙ ඇවිත් ශොට් එකක් දාපු වෙලාවක මේවා එහෙම කියවනව නෙවේ ඈ.. මං ගෙදරින් බත් කාල හමාරයි…" "ආං ඒ බය තියාගනිං පුතා… හැබැයි මෙහෙමයි.. ශොට් එකක් දැම්මාම එතන ඉන්නේ මම නෙමෙයි.. ඌයි මායි දෙන්නෙක්.. ඒ බේබදු වාචාලය දොඩවන දේවල් වලට මං වගකියනු නොලැබේ…" **** මීටින් එක ඉවර වෙලා අනුරුද්ධි ටිකක් කලබලෙන් වගේ එලියට ගියේ.. සමහරවිට මාව මගහරින්න වෙන්න ඇති… "ඒ මචං… පනු අමාරුවට වගේ පොඩි එකක් අරන් යන්ද කාලෙකන් හම්බවුන එකේ…" නිශාන්ත ඇහුවෙ මං අනුරුද්ධි යන දිහා බලා ඉන්නව දැකල වෙන්න ඇති… "අද බෑ බං.. අපි වෙන වෙලාවක සෙට් වෙමු…" නිශාන්තගෙන් සමුගෙන මම එතැනින් ඉක්මනින් පිටත් වුණා… අනුරුද්ධි බස් හෝල්ට් එකට යනව ඇති.. මම පාර දිගේ ඉක්මන් ගමනින් ඇවිද්දා… පාර එහා.පැත්තේ ටිකක් ඈතින් අනුරුද්ධි ඇවිද යනු මට පෙනුනා… මම පය ඉක්මන් කලා.. අනුරුද්ධි යන්නේ පාරේ අනෙක් පැත්තෙන්… මම වේගයෙන් ඇවිද්ද නිසා නොදැනීම අනුරුද්ධි පහුකරගෙන ඉස්සරහට යැවිලා… මට ඇයව මගහැරුන බව දැනිලා මම නැවතුනා… අනුරුද්ධි මා දිහා නොබලාම ඇවිද ගිහින් බස් එකකට නැංගා… මං තාමත් නැවතුන තැන… අනුරුද්ධි යන්නේ මං යන දිහාවට නෙවෙයි.. වෙනින් දිහාවකට..බස් එක මං පහු කරනකොට මං දිහා නොබලා වෙනතක බලාගෙන ඉන්න දැඩි ආයාසයක් දරන අනුරුද්ධිගෙ ඇස්දෙක මට පෙනුනා… මං ආපහු ගෙදර එන්න හැරුනා… මාව පහුකරගෙන ගිය ත්‍රිවිල් එකක පිටුපස මෙහෙම ලියල තිබුනා… “ ආදරේ නම් ඔහොමම තිබුනදෙං.. අතට ගත්තොත් බිඳිල යයි” ඇත්ත නේන්නං මට හිතුනා… ___නිමි___දැන් ටික දවසක ඉදලා නෝනා කුනු කුනු ගගා හිටියේම කොන්ඩේ පාට කරන්න ඕනය කියලාය. එයැයි වැඩ කරන බැංකුවේ අක්කලා දෙන්නෙක්ම කොන්ඩේ පාට කරාය එක්කෙනෙක් කරේ බැබිලෝනියන් ඕෆ් පර්පල් එකය ඒක කොන්ඩේ ගස් අස්සෙන් අස්සෙන් වගේ ගෑවහම අනේ...ලයිට් එලියට ල්බර්ඩෝර් කෙනෙක්ගේ මයිල් වගේ දිලිසෙනවය කියා කාර් එකේ වැඩට යද්දීත් ආයේ ගෙදර එද්දීත් දහ දොලොස් පාරකට වැඩියෙන් කියන ඇය ගෙදර ආ පසු අනිත් අක්කාගේ කොන්ඩේ ගාපු රෝස්ගෝල්ඩ් පින්ක් එකේ වර්නනාව කියන්නට ගන්නේය. පිරිමි අපිට නම් රතු පාට කිව්වොත් රතුය. ආයේ ඒකේ ලා රතු ලේ රතු වද මල් රතු දයියා මිරිස් රතු කියා වෙනසක් නැත්තේය. ඒකටත් හරියන්න ගෑනුන්ට දෙයියෝ දීලා තියෙන පාට පෙනිමේ හැකියාව හින්දා අමරුවේ වැටෙන්නෙ අහිංසක ස්වාමිපුරුසයන් බව දෙයියෝ දන්නේ නැතිය සතිගානක් තිස්සේ පත අට එකට හිංදූ කසායක් දවසට තුන් සැරය ගානේ පොවන්නාක් වාගේ කොන්ඩ පාට කිරිල්ල ගැන කියවූ කියවිල්ලේ අවසාන ප්‍රතිපලය හැටියට එක එක සෑම්පලේ කොන්ඩ පාට කිරිලි වගයක පොටෝ වගයක් වට්සැප් එකෙන් එවලා තිබුනේ මට එකක් තෝරන්න කියලාය. දැන් කොන්ඩේ පාට කරන්නේ නෝනා උනාට පාට තෝරන්න ඕන මමය. ඒකත් එවලා තියෙන ඒවායින් එකක් වෙන්න ඕනය. ඉස්සර ඉදලාම පංච කල්‍යානයට ආසා කරන මංං වගේ ගං ගොඩැලි වල බෝක්කු කනු අස්සේ රස්තියාදු උන ගං කබර බයියන්ට නම් කලුපාට කොන්ඩෙට එහා ගිය ලස්ස්නක් නැතිබව නෝනාට කියන්නට ගියොත් වෙන්නේ සති දෙක තුනක් තුං වේලම කඩෙන් බත් කන්නය. ඔන්න ඔහේ දහය විස්ස ගනං කර පාටක් තෝර්ලා යවන එක ඊට හොද යැයි දුර දිග කල්පනා කරපු මගේ මොලේට වැටහුන නිසා එක පාටක් තෝරලා යැව්වේ මේක නම් ලස්සන පාටයි කියලා ලියලාය. දැං ඉතින් නෝනාට හරි සංතෝසය සමහර දවස් වල හීනෙනුත් හිනාවෙනවාය. කොන්ඩේ පාට කරන වැඩේට ඇපොයින්මන්ට් දමලා තිබුනේ සෙනසුරාදාය. බදාදා ඉදලාම නෝනා වැඩිමනතක් හිටියේම ගෙදර කන්නාඩිය ගාවය. එහෙට්ට හැරෙමින් මෙහෙට්ට හැරෙමින් නෝනා කොන්ඩේ දිහා බල බල තනියම හිනාවෙනවාය. මං හිතුවේ නෝනාට තනිකං දෝසයක් වත් කියලා නිසා නූලක් වත් මතුරන්නට වේවි කියලා උනාට හැමදාම වගේ මං වැරදිය. ඒ කොන්ඩේ පාට කරන්න කලින් නෝනලා හැසිරෙන හැටි බව මට කිව්වේත් මගේ යාලුවෙක්ය. ඒ යාලුවාගේ නෝනාද කොන්ඩේ පාට කරලා තිබුනේ සති දෙක තුනකට කලින්ය. ඕවා ගනං ගන්න එපා ඒ හැටි කියලා උ මගේ හිත නොහදන්න එක්කෝ මට නූලක් මතුරන්න වෙන තැනට වැඩ සිද්ද වෙලාය. ඉතිං සෙනසුරාදා උදේම නිදාං ඉන්න බල්ලාට ඇල්වතුර ගැහුවා වගේ හීන බලමිං නිදා උන් මාවත් ඊට හපන් නින්දක හිටි කොල්ලාවත් කූද්දවාගෙන උදේ අට වෙන්නත් කලින් ගෙදරින් පිටවුනේ කොන්ඩේ පාට කරන්න සැලුන් යන්නය. පොඩිකාලේ පුටුව උඩ ලෑල්ලක් තියලා මොට්ට කතුරෙන් බෑගිරි ගගහා අඩන මගේ කොන්ඩේ කපපු සාන්ත මාමාගේ සැලුන් එකෙන් ඔබ්බට සැලුන් අත්දැකීමක් නැති මට මේ අපොයින්මට් දමලා යන සැලුන් හරියට බංඩා කොලඹ ගියා වගේ අත්දැකීමක්යය. සැලූන් එකේ මල්ලී නෝනා වැඩ කරන බැංකුවේ කස්ටමර් කෙනෙක්ය. ඒ හිංදා ටිකක් සැලකිල්ල වැඩිය. සෝපා එකේ වාඩිවෙලා හිටපු නෝනා ලගට සැලූන් එකේ මල්ලී ආවේ ලොකු පොතක් උස්සගෙනය. ඊට පස්සේ දෙන්නා පොත පෙරල පෙරලා බර කතාවකය. නෝනාද අත දික් කර කර කොන්ඩේ අල්ල අල්ලා මොනවදෝ කියනවාය අර මල්ලීද ඒකට හූ මිටි තියනවාය. පස්සේ දෙන්නාම හිනා වෙනවාය. කොල්ලාද ඔඩොක්කුවේ තියාගෙන සැලූන් එකේ කැරකෙන පුටුවක රවුමට කැරකී කැරකී ඉදපු මමද පොඩ්ඩ්ක් පොත දිහා එබිකම් කර බැලුවේ නිකමට වගේය. ඒ පොත පුරා එක එක සැම්පලේට පාට කරපු කොන්ඩ ගස් කපලා අරගෙන පොතේ අලවලයා. ඉස්කෝලෙ යන කාලේ දිය සායම් වලිං පාට කරන්න ගත්තු පින්සල් වගේ පාට පාටට තියෙන කොන්ඩ ගස් පොත පුරාය. ඒවා එක එකේ ඉස්සරහින් ඉංග්‍රීසියෙන් නම් ලියලාය. නෝනා මේ කතා වෙන්නේ ඒවා ගැනය. නෝනා දැං කියන හැටියට කොන්ඩේ පාට කරන්නටත් ඕනෑය. හැබැයි පාට පිටට පේන්නටත් බැරිය. මොකද බැංකුවේ ලොකු මහත්තුරු පාට කරපු කොන්ඩ වලට කේස් දානවාය. බැංකුව ඇතුලට ගියාම පේන්නැති වෙනත් එලියට බැස්සට පස්සේ පේන්න ගන්නාත් පාටක් පොතේ නැති හිංදා නෝනා දැං ඉන්නේ සැලුන් එකේ මල්ලී එක්කත් මං එක්කත් කේන්තියෙන්ය. ඒකට ඉතිං මට කරන්නට දෙයක් නැත. ඒ උනාට නෝනලාගේ තරහා යන්(...TRUNCATED)
නේ ස්වාමිපුරුසයන් වුන අපි පිටිං බව බුද්ද දේසනාවෙත් සදහන් වෙන බව පන්සලේ හාමුදුරුවො දවසක් කිව්වා මට මතකය. අවසානයේ කොහොමින් කොහොම හරි නෝනාත් සැලූන් එකේ මල්ලිත් පාට පිලිඹදව එකගතාවයකට ආවේ සාකච්චා වට කීපයකට පසුවය. සැලූන් එකේ මල්ලී මං දිහා අනුකම්පාවෙන් බලා නෝනාගේ කොන්ඩේ පාට කරන වැඩේ පටන් ගත්තේය. නිවාඩු දවසට ගෙදර ඉන්නා වෙලාවට පැය බාගයක් මං ටීවී එක දිහා බලන් ඉන්න කොට දුම්මල වරම අතට ගන්නා නෝනා කොණ්ඩය හෝදා පීරා පින්සලෙන් පාට ගෑවාට පස්සේ ඊයං කොල වල ඔතා පාට කොන්ඩෙට පත්තියන් වෙන තුරු පැය දෙකක් විතර පුටුවක වාඩිවෙලා කේක් ගෙඩියක් වගේ වගේ වගක් නැතුව හිටියේ කිසි හැල හොල්මනක් නැතුවය. කොහොමින් කොහොම හරි අන්තිමේ නෝනාගේ කොන්ඩේ පාට කිරිල්ලේ දොල දුක සංසිදවා ගත්තේ ඒ විදියටය. ඉතිං දැං නෝනා විනාඩි දහයෙන් දහයට කොන්ඩේ ලස්සනයිද අහනවාය. ඒ අහන සැරයක් සැරයක් ගානේ මං ඔව් කියන්නට ඕනය. නෝනා නම් කියන්නේ ඒවා ස්වාමිපුරුසයන්ගේ වගකීම් කියලාය. අවුවට විතරක් පේන්න කියලා කිව්වාට පාට කරපුවා නම් නිකං ඉන්නකොටත් පේනවාය. එහෙමයි කියා මම නම් ඕවා කියන්නට ගියේ නැත මොකද සැලුන් එකේ මල්ලී කියලා තිබුනේ එහෙම ස්පෙසල් පාටක් ගෑව බවය. ඉතින් නෝනාද එහෙම හිතාගෙන ඉන්නවාට මමත් කැමතිය. ජය. 🖤# **--- නැංගුරම-1 ---** (කොටස් දෙකක කතාවකි) අපේ ගමේම කෙල්ලෙක් ගැන, මගේ හිතේ හීණියට ආදරයක් මතු වෙලා තිබුණා. එයත් මම යන එන බස් එකේම ඉස්කෝලේ ආව ගිය කෙනෙක්. හරීම කුලෑටි, කොහොල් ගතිගුණ පිරි, අවිහින්සකාවියක්. එයා පුංචි සන්දියේම, තාත්ත ඩෙංගු උණ හැදිලා ආන්ත්‍රා වුණා, දුකට සැපට දෙකටම එයාට හිටියේ අම්මා විතරමයි. ගමේ ඉස්කෝලෙන් සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වෙලා, කොළඹ කාන්තා විද්‍යාලයකට උසස් පෙළ හදාරන්න යන එයා, කවදා හරි මේස රස්සාවක් කරලා, පරම්පරාවම ගොඩ දාන බවට එයා ලෑ අම්මා විතරක් නොවෙයි, මුළු ගමම බලා පොරාත්තු වුණා. එයාගේ ඇස් දෙකේ සතුටක් මම දැකලාම නැති තරම්, ඒ වගේම දුකකුත් පෙණෙන්නට නැහැ. ඒ පඬු පැහැය මීණ ඇස් දෙක, ලස්සන තරමටම ගුප්තයි, ගුප්ත ඇස්දෙක වටේ පැළඳි කළු පැහැය කණ්නාඩි රාමුව, නුහුරු නුපුරුදු කාමුක පෙමණුමක් එයාගේ මුහුණට එකතු කළා. අවශ්‍ය වෙලාවට, අවශ්‍ය දේට පමණක් උත්තර දෙන, රත්කෑල මල් පැහැය අනුත්තර තොල් පෙති එයාගේ සරාගික බව තවත් වැඩි කළා. රෝස පැහැය මහුණේ තැනින් තැන මතු වුණු පුංචි පුංචි කුරුලෑ බිබිලි, නෙළුම් පෙති උඩට වැටුණු පිණි බින්ඳු හැඩයි. නුග මුල් වාගේ, හිස මුදුනෙන් පටන් ගෙන දණහිසෙන් පහළට කඩා හැළෙනා කළු කෙස් වැටිය, එයාටම අනූප අමුතුම ලස්සනක්. වෙඬරු පැහැය සම, හක්ගෙඩි වාගේ දෙතණ, මුතු ඇට වාගේ පුඩුව, දේදුණු වක ඉඟටිය, රංගෙඩි වාගේ බරණි කටිය. එයාගේ ලස්සනට කිට්ටු කරන්න තරමේ කෙල්ලෙක්, අහල ගම් හතක තවත් නැති තරම්. මොන තරම් තඩි විහිළුවක් කළත්, ඕනවට එපාවට වාගේ කට කොණින් එයා සිනහවෙන කොට, දකුණු කම්මුලේ මතුවෙන ඩිම්පල් වල දකින්නට තියන ආසාව නිසාවෙන්, සිම්පලි මම හිටගත්තෙම එයාගේ දකුණු පැත්තෙන්. අමාවක රැයකට පසු කළුවර අහසේ එබිකම් කරනා හීණි හඳ පළුව වාගේ, ඉඳහිටක එයත් හොරැහින් මා දිහා එබී බැලූ වාර නැතුවාම නොවෙයි. එයාගේ හිත දිනා ගන්නවා කියන එක හිතන තරම් සිල්ලර කාරියක් නොවන විත්තිය, මම කල්තියාම දැනගෙන හිටියා. මොකද එයා ලෑ අම්ම, තවමත් ඇහට කණට පෙණන සුන්දර වැන්දඹුවක්. සිරියාවන්ත මුහුණ, දෙහි කොළ හැඩ අවිහින්සක දෑස්, රතු තොල්, අනුරාගී සිනහව. තදට තදේ හැඳි, අත් නැති හැට්ටය ඉරාගෙන, එළියට පණින්නට මාන බලනා විපුල දෙතන අග රැඳි, දෙහි ගෙඩි තරම් තඩි පුඩුව, වම දකුණ වැණෙමින් සිත් මෝහණය කරනා ඔරලෝසු බට්ටෙක් වැණිය. දුණු කෙළ හැඩ යිඟටිය, බෙර කොට වාගේ කළව මිටිය. හිරට ඇන්ද කොට සායට, යසට ඉලිප්පිලා පෙණෙන සාර පස්සෙ මැද දාරය, පිරිමින්ට සුර ලොව විවර කරනා කළු අඳුණකි. ඉදුණු අඹ ලෙල්ලක් වාගේ කහ පැහැය සමක් තියන එයා ලෑ අම්මව දැක්කම, ගමේ පිරිමි විතරක් නෙවෙයි, අම්මපා අමු දරත් ඇවිළෙන තරම්. එයා ලෑ අම්මත්, හිතේ කිසීම කහටක් නැතිව ගමේ ඕනෑම පිරිමියෙක් එක්ක, අනේ හරීම කුළුපගුව සිනහ වෙලා, කතාබස් කරනවා. ඉතින්, එයා ලෑ අම්මට කිට්ටු කරලා අච්චු කරන්න මාන බලාපු නැති පිරිමි පාරණයක්, අපේ ගම්මණ්ඩියෙන් සොයා ගන්නවා කියන්නෙත් හරියටම කළු ණික හොයනවා වාගේ වැඩක්. ගමේ පිරිමි කොච්චර වලිකාගෙන ට්‍රයි කළත් වැඩක් වුණේ නැහැ, එකෙකුට වත් බැරි වුණා එයා ලෑ අම්මගේ තුම්මුල්ල පණින්ඩ. උඩ පැණලා උඩ පැණලා බැරිම තැන, මිදි තිත්තයි කියාපු නරියො වාගේ, අපේ ගමේ කැරි-යොත් අන්තිමට කිව්වේ, ඒක බඩුව කියලා. මන්දාකිණියම ගිලගන්නා කළු කුහරයක් තරමටම විශ්මිත එයා ලෑ අම්මගේ ලස්සන ඇස්දෙක ට, පිරිමි දපනෙ වැටෙනා හැටි දරාගන්නම බැරි ගමේ පත්තිණි අම්මලා රොත්තත් අන්තිමට කිව්වේ, ඕකි පඳුරු වේසි කියලා. කතා අහල, කතා අහල, හිරිවැටුණු එයාගේ හිතට පිරිමි සංහතියම අඳු කොළ වාගේ. එයාගේ ශෝකී ජීවිත කතාව දැන දැනම, වීදුරු කඩේට පැනපු වානරයා වාගේ කුලප්පුවෙන් ආදරය ඉල්ලන්නට තරම්, මම කවටයෙක් නොවෙයි. ඒ වගේම, එයාව වෙන කවුරු හරි ඩැහැගෙන යනකල් බලාගෙන ඉන්නට තරම්, මම නිවටයෙකුත් නොවෙයි. කවුද වැඩියෙන්ම ලස්සන? එයා ද, නැතිනම් එයා ලෑ අම්ම ද, කියලා ඇහුවොත්, උත්තරයක් නැතිව මම ගොළුවෙන තරම්. මොකද, දියෙන් කිරි වෙන් කරගන්නා තරමට මම රණ හංසයෙකු නොවෙමි, නාඹර කොළු ගැටයෙකු පමණක්ම වෙමි. මම එයාට කිට්ටු කරන්න හදන්නේ එයාට තියන ආදරය නිසාම ද, නැතිනම් මගේ හිතේ එයා ලෑ අම්මා ගැන තියන ආකර්ෂණය නිසා ද කියන ඒ අසම්මත අවණඩුවට තීන්දුවක්, අදටත් නැති තරම්. මොනවා වුනත් මට තියන්නේ ඇස් දෙකයි, ඉන් එකක් පුරාවටම අරක්ගෙන ඉන්නේ එයා ලෑ අම්මා. අනිත් ඇහැ පුරාවටම අරක්ගෙන ඉන්නේ, දෙයියන් පල්ලා ඒත් එයා ලෑ අම්මාම තමයි. ----------------------- අපේ ගමේ හංදියේ තිබුණා ඕසෙට වැඩුණු මැයි මාර ගහක්, අතුපතර විහිදිලා සිහිල් සෙවන සදපු මාර ගහේ මුල්, පොළවෙන් උඩට මතුවෙලා අමුතු සිරි මැව්වා. මල් පිපෙන කාලෙට, රතුම රතු පාට රූස්ස ගහේ මුදුන, පොළොවෙන් මතු වුණු රාස්ස ගිණි කන්දක් වාගේ, හැතැක්ම ගණනාවක් ඈතට දිස්වෙනවා. බිම වැටුණු මැයි මාර මල්, පාර පුරා අතුරපු රතු බුමුතුරුණු වාගේ සෝබාවයි. යෝධ මැයි මාර ගහ අපේ ගම්මණ්ඩියේ අඩයාලම විතරක් නොවෙයි, මුළු ගමම හැඩ කළ ආභරණයක් මැයි. යකඩෙන්, ගඩොලෙන් තැණුනු බස් නැවතුමක් අපේ ගමට තිබුණේ නැහැ, බස් එකත් හරියටම නැවැත්තුවේ ඔය මාර ගහ යටමයි. මාර ගහ කොච්චර ලස්සන වුණුත්, කිරි බාල්දියට වැටුණු ගොම බින්දු වාගේ, මාර ගහේ මුල් උඩ පස්සා ගාත අතුල්ලගෙ හිටපු ගමේ සුකුමාල නාම්බො රොත්ත නිසාවෙන්, මුළු ගමම චොර වුණා. ගැහැ‍ණු පිරිමි බේදයක් නැතිව හංදිය පහු කරන ඕනෑම කෙනෙකුට, තුප්පැහි හරුපෙන් කෝචොක් කිරීම උන්ගේ එකම විනෝදයයි, දුර බැහැරෙන් ඇවිත් බස් එකෙන් බහින උදවියටත් එම ආනිසංසයමයි. මල්ලී ජැක තිබ්බද, කලිසමේ ගියාද, නංගි ජංගි දාලද, ගිනි පුක, මරු කඳ, ගෙඩිය, බඩුව වාගේ වෛවාරන්‍ය හැඩයේ අජූව හරුප අසූ කෙළක්, එක තත්පරේට කියන තරමේ හපන් කමක් පිහිටලා තිබුණු වාචාලයෝ රොත්තක්, හංදිය අරක්ගත්තා. ගමේ හතර මායිමෙන් එපිට කිසිදාක පය තබා නොතිබුණු උන්, කොටු සරම කැහැපට නවා ගත්තු ගං කබරයො. උන් හිතට අරගෙන කරපු එකම කාරිය, ජන සවි බීඩි උරපු එක විතරමයි. සියුම්ව බැලුවහොත් උන්ට තියන්නේ පැහැදිලි ඉරිසියාවක්, උන් අත්-නොවිඳිනා මොකද්දෝ සැපතක් අපි අත් විඳිනවාය කියන කුහක කම. එහෙව් මරි මෝඩයෝ ගංතුලානේ විතරක් නොවෙයි, කෝට් සූට් ඇතුලේ බැහැගෙන රඟනා සින්තටික් සිටි ලයිෆ් ඇතුලෙත් ජීවත් වෙනවා. කොළඹ ඉඳන්ම සෙනග පොක්කරයක් සාඩින් වගේ පැක් කරගෙන, ගම හරයා යන ලංගම බස් රථයේ තෙරපිලා, මිරිකිලා, හප වෙලා ආවත්, ගමේ හංදියෙන් අපි බහින්නේ ඇඳුමේ රැළි ඇරලා, මූහුණේ මලානික ගතිය මකාගෙන, හොඳට හරිබැරි ගැහිලා ෆ්‍රෙෂ් පිටමයි. බස් එකෙන් බැහැපු ගමන්, විදුලි වේගෙන් පාර පැණලා, ගම ඇතුලටම දිවෙන අතුරු පාරදිගේ විළුඹ බෙල්ලේ වදින වේගෙන් අපි ගෙදර දුවනවා. අසූචි ගොඩකට ගල් ගැහුවෙත්, ඒකේ වහලා ඉන්න නිල මැස්සෝ කුලප්පු වෙලා අපේ ඇඟේ වහන්න පටන් ගන්නවා, ඒ නිසා අපි උන්ට අසූචිම කන්නට ඉඩ ඇරලා, පුළුවන් තරම් මග හරිනවා. ඒත්, උන් හිතන්නේ ඒ බයට කියලා, ඇත්තෙන්ම අපි බය නිල මැස්සන්ට නොවෙයි, ගූ ගඳට. ඒ නිසයි අපි නොනැවතී දුවන්නේ. මැයි මාර ගහ යට බින්න බැහැගත්තු ආතුරයෝ අතර හිටියා සම්පත් කියලා සූකරයෙක්, වැලක වේලෙන ගැහැණු රෙද්දක් දැක්කත් ඇති, ඌ ගේ අහවල් එක මුවාත් වෙනවා. වැවු මන්ඩියේ ඕළු අල හාරා කන ඌරො වාගේ, ඌත් හංදිය පහු කරන ඕනෑම ගැහැණියෙකුගේ අධෝ බෙනය මනසින්ම හාරා, අසූචි ගිලින තරමේ සූකරයෙක්. අතමිට සරුව තිබුණු ඌගෙ වයස තිස් පහේ කපොල්ල පැණලා තිබුණත්, තවම තණිකඩකේ. පොකුටු කොණ්ඩෙ, මුඩු රැවුල, පොන්සි පෙණුම, බතික් සරම, දැල් බැණිම, උඩ බොත්තම් විවර වූ සුදුපාට ලිනන් කමිසය, වරපට පරදන කසුන් කරපට මාලය, ජාතරූප අත්පළඳනාව, දුඹුරු පැහැය තැලිසම් සෙරෙප්පු ජෝඩුව, මස් පිරුණු පුස් බොඩිය. වචනයේ පරිසමාප්තියෙන්ම විකෘත්තියක් වුණූ ඌට තිබුණේ, ලොවෙත් නැති මදන කුලප්පුවක්. සම්පතයාගේ හිතෙත්, එයා ලෑ අම්මා ගැන තිබුණේ පුදුම වලිප්පුවක්. සම්පත් එයා ලෑ අම්මත් එක්ක හාදයි කියලා හංදිය පුරාම පූචානම් දොඩෙව්වා. මම ඒ ගෑණිට එහෙම ගැහුවා, මෙහෙම ගැහුවා, කිය කියා කට මැද දොඩෙවන වීරයෙක්, හැම හංදියකම ඉන්නවා. එහෙම එවුන් වැඩිපුරම කරලා තියන්නේ, මතක් කර කර අතේ ගහපු එක විතරමයි. මේකේ ඉන්න ගොඩක් පිරිමින් ගේ ආතල් එක තියන්නේ බඩු ගහන එකේ නෙවෙයි, කැටයම් දදා බඩුව ගහපු හැටි තමන්ගේ යහළුවෙක් එක්ක මහා ලොකු කාරියක් කළා වාගේ දොඩවන එකේ. අන්තිමට බලනකොට, සෙක්ස් කියන්නේ කරන දෙයක් නෙවෙයි, කතා කරන දෙයක්. ඒක නිසයි ගොඩාක් පිරිමි ගැහැණුන්ට දුර කථන ඇමතුම් දිදී වදයක් වෙන්නේ. උන්ට ඕනි කණ් චූන් එකක් මිස, චූ තව්වක් නොවෙයි. සම්පතයා වාගේ අපතයෙකුට අතින් පයින් ගැහුවොත් දවසින් දෙකෙන් නැගිටලා එනවා, ඊට පස්සේ ඒකා මහා වදයක් වෙන්න පටන් ගන්නවා. එහෙම එවුන(...TRUNCATED)
්ට ගහන්න ඕනි මොළෙන්, ආය නැගිටගන්නම බැරිවෙන්න. මැදැඟිල්ලෙන් කිරිපලල්ට තට්ටුවක් දැම්මත් ඇති, කුජබල පරාක්‍රමයෙක් වුණත් යටිබඩ කොර වෙලා, බිම ඇදගෙන වැටෙනවා. මොන තරම් වීරයෙකුට වුණත්, දුරුවල තැනක් තියනවා. ඒ තැන හරියටම හොයාගෙන, පුන්චි තට්ටුවක් දැමමොත් ඇති, අත්තිවාරම් පිටින්ම කඩා වැටෙනවා. සුදට සුඳේ ඇඳගෙන, අතේ කරේ රත්තරණ් බැඳගෙන, වීරයෙක් වාගේ හංදියේ රඟපු සම්පතයාට, මම දැම්මෙ පුංචි තට්ටුවයි, ඌ හතරගාතෙ වැටුණා. ඌ ගමටම පදිරි වුණා, අන්තිමට ගම්මු ඌට හොරිකඩ බල්ලෙකුට වාගේ එළව එළවා ගැහුවා. ------------------- අපේ ගමේ ගොබිලො ලංකාවේ පළවන දෛනික පුවත් පත්වල ප්‍රවෘත්ති, ඉර හඳටත් වාඩා විශ්වාස කරනවා. ඒවගේ ප්‍රසිද්ධ පුවත්පතක වෛද්‍යය ගැටළු තීරුවට මම පුන්චි ලිපියක් තැපැල් කළා; ***දෛවද්‍ය තුමණි,*** *වයස තිස් පහ ඉක්ම වූ මැදිවියේ පුද්ගලයෙකු වන මා, ශක්තිමත් මෙන්ම නීරෝගී සිරුරක් හිමි, කඩවසම් අයෙක් වෙමි. මා ලිංගිකව ඉතා සක්‍රීය පුද්ගලයෙකු වන අතර, අධික කම්සැපට ද ඇබ්බැහි වූවෙක් වෙමි. මා අවිවාහක පුදගලයෙකු වූව ද, පුරුද්දක් වශයෙන් බොහෝ කාන්තාවන් සමග ලිංගික සබඳතා පවත්වාගෙන යමි.* *මෑතක පටන් මාගේ මූත්‍ර මාර්ගය විශාල වශයෙන් ඉදිමීමට ලක් වී ඇති අතර, ඉතා තද දැවිල්ලක් ද සමග මූත්‍රා අඩස්සියක් පවතී. මූත්‍රා පහ කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු අතර, ඉතා තදින් තෙරපා මූත්‍රා පිට කිරීමට උත්සහ කල ද, අවසානයේ ඉවසාගත නොහැකි තරමේ වේදනාවකුත් සමගම, ශීෂ්ණ මුණ්ඩය අගින් සුදුපාට සැරව බින්දු කිහිපයක් පමණක් පිටවේ.* *මෙම මූත්‍රා ආසාධන තත්වය මාගේ ලිංගික දිවියට මහත් බාදාවක් වන අතර, මෙම තත්වය නිට්ටාවටම සුවකර ගැනීම සඳහා ඔබතුමන්ගේ උපදෙස් පතමි.* ***සම්පත් සමරවීර (පහළ තල්ගම)*** දෙවන කොටස (පහළින්) # **--- නැංගුරම-2 ---** ලියුම තැපැල් කරලා සතියක්ම බලාගෙන හිටියා, ඒත් අදාල පත්තරේ පළ වුණේ නැහැ. අන්තිමට මම එම ලිපියම පත්තර කිහිපයකටම තැපැල් කළා. හරියටම සතියයි ගියේ, ලංකාවේ ප්‍රසිද්ධ තරුණ පත්තරේක වෛද්‍ය ගැටළු තීරුවේ, ලිංගාශ්‍රිත රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය වරයෙකු විසින් ඉදිරිපත් කරන ලද පිළිතුරකුත් සමගම, එම ලිපිය පළ වුණා. ලිපිය කිරි ගහට ඇණ්නා වාගේ වැඩ කරන්න පටන් ගත්තා. සම්පතයාගේ චරිතය හරියටම අධ්‍යනය කරලා, ඌගේ තියන ලොකු කමයි මෝඩකමයි එකටම මුහුං කරලා පළ කරපු ඒ ලිපිය, ඌම ලියපු එකක් බවට ගම්මු තදින්ම විශ්වාස කළා. ***සමපත් සමරවීර මහත්මයාණෙනී,*** *ඔබ සඳහන් කර ඇති රෝග ලක්ෂණ සකලා බැලීමේ දී, ඔබට වැළඳී ඇත්තේ මූත්‍රා අසාධනයක් නෙවනා බව මාගේ නිගමනයයි. ඔබ ගොනෝරියා (Gonorrhea) නැතිනම් සුදු බින්දුම යන සමාජ රෝග ලක්ෂණ පෙන්ණුම් කරනා අතර, හැකි ඉක්මණින් ලඟම රෝහලක සමාජ රෝග ඒකකයක් වෙත යෙමු වී, වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවට නිර්දේශ කරමි.* *සංසර්ගය සදහා විශ්වාසවන්ත සහකරුවෙක් පමණක් තෝරා නොගැනීම හේතුවෙන් පැනනැගිය හැකි මෙම ආසාධන තත්වය, විවිධ වූ ලිංගික ක්‍රියාකාරකම් ඔස්සේ සම්ප්‍රේෂණය වීමේ අවධානමක් පවතින බැවින්, උපත් පාලන කොපු භාවිතයකින් තොරව ඔබ සමග අනාරක්ෂිත ලිංගික සබඳතා පැවැත් වූ කාන්තාවන් සිටී නම්, හැකි ඉක්මනින් ඔවුන්ව ද සුදුසු වෛද්‍යවයෙකු වෙත යෙමු කර, උපදෙස් ලබා ගැනීමට කටයුතු කරනාමෙන් දන්වා සිටිමි.* *බැක්ටීරියා රෝගී තත්වයක් වන මෙම රෝගය, ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් සුව කළ හැකිවන අතර, අඛණ්ඩව සහ නිවැරදි ප්‍රතිකාර මගින් බැක්ටීරියා සම්පූර්ණයෙන්ම විනාශවනතුරු ලිංගික ක්‍රියා වල යෙදීම නැවැත්වීම වඩාත් ආරක්ශාකාරී වේ. නමුත් බැක්ටීරියාවේ ප්‍රතිරෝධය කාලයත් සමග වැඩි වෙන බැවින්, රෝගය සුව කිරීමේ අපහසුතා පැණනගීමේ අවධානමක්ද පවතී.* **වෛද්‍යය රොහාන් පිලපිටිය (අහවල් රෝහල)** පත්තරේ කියවපු ගමේ නාම්බන්ට ලිපිය ඇස ගැටුණා, බට කැලේ ගිනි ගත්තා වාගේ කතාව සද්දෙටම ගම පුරා පැතිරුණා. සිද්ධවුණේ මොකද්ද කියලවත් හිතා ගන්ඩ බැරුව පු-ක මූට්ටු වුණු සම්පතයා, ගමට මූණ දීගන්ඩ බැරුව වහං වුණා. දිවට දිව ගාගෙන සම්පතයාව ලඟින්ම ආශ්‍රය කරපු හංදියේ ගොං හැත්ත, තමන්ටත් ගොනෝරියාව වැළඳිලා ඇති කියලා හිතාගෙන, ගොනෝරියාවට ගොඩ වෙදකම් හෙව්වා, සමහරු බය වෙච්ච පාර එකේක විදිහේ අත්බෙහෙත් අහවල් එකේ උලාගත්තා. ආසාධනය වුණු මූත්‍ර මාර්ගය සැරව වලින් පිරිලා, අහවල් එක ඉදිමෙන්න පටන් ගන්නවා. නහර යකා ඇතුලේ සිරවුණු සැරව නිසාවෙන්, නැවත මූත්‍රා කරගන්නම බැරි තරමට මූත්‍ර මාර්ගය අවහිර වෙනවා. ඒකට තියන්නේ එකම පිළියමයි; බයිසිකල් ස්පෝක් කම්බියක් වටේ තුනීයට පුළුන් ඔතලා, ඔතාපු පුළුන් ස්ථරය නැවත ගැලවෙන්නේ නැතිවෙන්න සුදු නූලකින් ගැට ගහලා, පුළුන් උඩට සර්ජිකල් ස්ප්‍රීට් වක්කරලා පෙඟවන්න ඔනි. ඊට පස්සේ එම පුළුන් ඔතාපු කම්බිය අහවල් එක ඇතුලට බස්සලා, ඉස්සරහට පස්සට ඇද ඇද, කරකව කරකව අහවල් එක ඇතුල හොඳට සුද්ද කරන්න ඕනි. විශ්ව ධණ්ඩ ඇතුලේ සිනිඳු බිත්ති සීරිලා, සර්ජිකල් ස්ප්‍රීට් ගෑවි ගෑවි ඇතිවෙන දැවිල්ල, මිහිපිට අපායක් තරම්. සමහරු කලන්තෙ දාලා වැටෙනවා, සමහරු මර ලතෝනි දෙනවා, සමහරු දත කට පූට්ටු කරගෙන ඉවසාගෙන ඉන්නවා. අන්තිමට අහවල් එක ඇතුලේ සැරව බිත්ති සේරම සීරිලාම සුද්ද වෙනවා, ඊට පස්සේ හොඳට තද කරලා මූත්‍රා කළහම, සැරවත් එක්කම ලේත් පිට වෙලා, මූත්‍රා අඩස්සිය යාන්තමට හරියනවා. දවස් තුනක් එක දිගට ඔය ප්‍රථිකර්මය කළහම, මූත්‍ර මාර්ගය සම්පූර්ණම පිරිසිදු වෙනවා. අම්මපා මේක කියවන පිරිමින්ගේ කකුල් හිරි වැටෙනවා සහතිකයි. වහං වෙලාම හිටපු සම්පතයා, සිද්ධියෙන් සතියකට විතර පස්සේ හිමිහිට එළි බැස්සා. ඌත් එක්ක එකටම පානෙ බැඳගෙන හිටපු ගමේ එවුන්, ඌව දැකපු ගමන් පන එපා කියලා දුවන්න පටන් ගත්තේ, මම හීන් නූලෙන් ගම පුරාම පතුරපු, අහවල් එක අස්සට කම්බි දාලා සුද්ධ කරන කාතවත් එක්කමයි. සමහර මිනිස්සු සම්පතයා හිඳ ගත්තු තැන් පවා උණු වතුර ගහලා හෝදන්න පටන් ගත්තා. නොදකිං වේ-සිගේ කොල්ලා, වලත්ත බල්ලා, බැල්ලිගේ පුතා, අර පුතා, මේ පුතා, කියා කියා ගමේ මිනිස්සු සම්පතයව පතුරු ඇරියේ, තමන්ටත් ලෙඩේ බෝ වෙයි කියන බයට විතරක්ම නෙවෙයි, ඌත් එක්ක තිබුණු පරණ ඇරියස් වලටත් එක්කමයි. සම්පතයා හංදියේ රඟපු නිකම්ම නිකම් මැටි වීරයෙක් විතරයි, ඌ අවිහින්සකයින් ගේ චරිත මැරුවට, තමන්ගේම චරිතය මැරෙන එක ඌට දරාගන්න බෑ, ඌට මේ ඩෝස් එක සැර වැඩී. කට මැද පුරාජේරුව දොඩවන ගොඩාක් එවුන්ගේ ඇත්ත තත්වය ඕකයි, උන් ඇතුලාන්තයෙන් අන්ත දුරුවලයි. ඒ වෙන කොටත් මේ සිද්ධිය රිවස් නැති පාරක, බොහා් දුරක් ගිහින් ඉවරයි. දවස් තුනක් විතර අතුරුදහන් වෙලා හිටපු සම්පතයා ගේ මළ කඳ, ලඳු කැලෑවකින් මතු වුණා, ලැජ්ජාව ඉවසා ගන්නම බැරිතැන, ඌ වස බීලා උලව් වෙලා. කුණු වෙලා, පණුවො ගහපු ඒ මළ කඳ දිහා බලන්නත් ගමේ එවුන් බය වුණා. කොල්ලො පිරිවරාගෙන හංදියේ සාටෝප රඟපු සම්පතායා ගේ මිණී පෙට්ටියට කර ගහන්නවත් හතර දෙනක් නැති තරටමට, ඌගේ මළගමත් පාළු වුණා. කිරි කොකා වාගේ බැබළෙන්නම සෝදපු සුදු ඇඳුම, රැල්ලක් වත් නොහිටින්න ඉස්තිරික්ක කරලා, කළු පාට තැළිසම් සපත්තු දෙක දිලිසෙන්නම පලිප්පු දාලා, පොල් තෙල් කාලක්ම ඔලුවට හලාගෙන, කොණ්ඩෙ වම් පැත්තටම පීරලා, පොත් මල්ලක් කරේ එල්ලගෙන, ඔළුව බිමටම පහත් කරගෙන, පාරේ දකුණු පැත්තෙන් ඉස්කෝලේ ආව ගිය මම, මේ වගේ නරුම වැඩක් කරයි කියලා ගමේ එකාලා තියා, තිස්තුන් කොටියේ එකෙක්වත් හිතන්නේ නැති තරම්. හීන් නූලෙන් ගෙමක් දීලා, ඒක සාර්ථක වුණහම ලැබෙන සතුට අත්පුඩි ගහලා සමරන්න බැහැ, ඒක සමරන්න පුළුවන් කට කොණකින් නැගෙන පුන්චි සිනහවකින් විතරමයි. ඒ පුන්චි සිනහවෙන් ලැබෙන සතුට ට, අම්මපා මහ සතුටත් පරාදයි. මම මේ හැම දේම කළේ; තුන්තිස් පැයේම මගේ හදවතේ ගැඹුරුම තැනක මැවි මැවි බොඳවෙමින් යන, ඒ ලස්සනම ලස්සන රූපයට බැඳි අහින්සක ආදරය නිසාමයි. කාට ද වැඩියෙන්ම ආදරේ? එයා ට ද, නැතිනම් එයා ලෑ අම්මට ද කියලා ඇහුවොත්, උත්තරයක් නිතිව මම අසරණ වෙනවා. එයා මගේ ශරීර කූඩුව, එත් එයා ලෑ අම්මා මගේ හුස්ම පොද. මේ දෙකෙන් එකක් නැති වුණත්, මාව මියැදෙන තරම්. සත්තකින්ම, ඉහළ පහළ වැටෙන හැම හුස්මක් පාසාම මම ආදරේ කළේ එයාට නෙවෙයි, එයා ලෑ අම්මට. ------------------ රළු කළු ගලුත් දිය වැද ගෙවී යනවා, ඉර හඳත් දවසක දිය වෙනවා, එතකල් බලාගෙන ඉන්නට ඉවසුම් නැති මම, කුහුඹුවෙක් වෙලා එයාගේ හදවතේ කොමළ තැන් කතාවෙන්, සිනහවෙන් කිති කවන කොට, එයාගේ ගල් හිත උණු තාච්චියට වැටුණු වෙඬරු වාගේ ටික ටික දිය වෙන්න පටන් ගත්තා. බස් රථය ඩීසල් දඬුමොණරයක් වුණා, මම තනි ඔළුවේ රාවණයෙක් වුණා, එයා ලාම්පුතෙල් කාල ඇඟේ හලාගෙන ගිණි කූර පත්තු කරගන්නා තරමේ සීතා දේවියක් වී, සන්දර්ශන පෑවා. අපේ ආදර කතාවට නල දමයන්ති, සිව පාර්වතී, විතරක් නොවෙයි, රෝමියෝ ජූලියට් පවා පදිරි වෙන තරම්. උදේ පාන්දර පිටත් වෙන බස් එකේ පෙම් මුල්ල සින්නක්කරවම ලියාගත්තු අපි දෙන්න, ආදරේ පටන් ගත්තු මුල් කාලේ පන්සල, බෝධිය, පන්සිල් ගැන වද වුණා. කුළුඳුල් ප්‍රේමය එහෙමයි, දෙයියනේ දැළඹුවෙක් තරම් අවිහින්සකයි, බෝධියක් තරම් උත්තරීතරයි. කල් යන කොට ආදරේ මෝරලා ඇට්ටකුණා වෙන්න පටන් ගත්තා, තිරිංඟ තද වී බස් රථය පැද්දෙන හැම වාරයකම, ගිණි ගලයි පිහි තුඩයි වාගේ අපි දෙන්නත් එකාට එකා අත පය උලාගෙන, ඇතිල්ලි ඇතිල්ලී මුවාත් වුණා. කාටත් හොරා එයාගේ කට මම හපා කෑවා, මගේ කට එයා හපා කැවා. එයාගේ සිලිටු තැන් මම කිලුටු කළා, මගේ සිලිටු තැන් එයා බෑම කිව්වා. බස් එකේ මිනිස්සුන්ව අපි දෙන්නට නොපෙණුනාට, සුදු ඇඳුමේ බැහැගත්තු සුහුඹුල් අපි දෙන්නගේ කුළුඳුල් පෙම් කෙළිය, අනේ දෙයියනේ මුලු බස් එකටම නිල් සිනමාවක් තරම් සිරිසරටම පෙනිලා. කවුදෝ පඩත්තලයෙක් ලුණු ඇඹුල් ඇතුවම කතාව අපේ අම්ම අප්පගේ කණෙත් තියලා, ගෙදර එකම ගෝරණාඩුවයි. අප්පගේ ගෙරවිලි මුදුන් පරාලෙ පැළෙන තරම්, අම්මගේ කෙඳිරිලි මගේ කංඅඩි ඉරෙන තරම්. "උඹට වෙන කෙල්ලෙක් හම්බවුණේම නැද්ද අම්මපා, උඹව ඉස්කෝලෙ යවන්නේ ඕකටද......?" තාත්තගේ කෙටි වචන, එතනින් ඉවරයි. ඒත් අම්මා එමෙ නෑ, වැඩිපුරම බැන්නේ මට නෙවෙයි, එයා ලෑ අම්(...TRUNCATED)
මට; "දුව කොළඹ ඉස්කෝලෙ යවනවා කියලා ගම වටේ පම්පෝරි ගැහුවාට, පෙනේ ද දෝණියැන්දැ ගේ කැරැට්ටුව. ගහක් ගලක් වගේ හිටපු මිනිහවත් මරාගෙන, ගම වටේ වේ-ස-කම් කර කර ඇවිදින පඳුරු වේ-සි. එනව මෙතන මගේ කොල්ලව දැලේ දාගන්ඩ. අම්මණ්ඩි වගේම නැතැයි දෝණිත්, ගහේ කටු උල් කරන්ඩ ඕනි ද…..” තමන්ට දකින්නට බැරි වුණු ලෝකය, තමන්ටත් වඩා ඉහළින් තමන්ගේ පුතා දකින්නට ඕනි කියන අවිහින්සක ආසාව, තාත්ත කෙනෙකුගේ හිතේ තිස්සමෙ කැකෑරෙනවා. ඉතින්, තාත්ත කෙනෙක් ලේසියකට පුතාව ඇකයේ තියාගෙන අවිදින්නේ නැහැ, තාත්තලා ඇවිදින්නේම පුතාව කරේ තියාගෙන. ඒත් අම්මලා එමෙ නෙවෙයි, තිස්සෙමෙ දරුවාව ඇකයේ ගහගෙන, කවනවා, පොවනවා, හොටු හූරණවා, පුක හෝදනවා. අම්මලාට දරුවාව පෙණෙන්නේ තමන් ගේ ඇඟේම කොටසක් හැටියට. තමන්ගෙන් දරුවාව වෙන් කරලා දකින්න අම්මා කෙනෙකුට කවරදාකවත් බැරි තරම්. ඉතින්, තමන්ට කවර් කරන්නට බැරි වුණු ඇරියස්, තමන්ගේ දරුවා ලවා හරි කවර් කරවලා, අහවලුන්ට රිදවන්න අම්මලා මාන බලන්නේ, දරුවා මෙවළමක් හැටියට භාවිතා කිරීමේ තුච්ඡ අරමුණින් නෙවෙයි, දරුවත් තමන්ගේම කොටසක් යන අල්පේච්ඡ හැඟීමෙන්. අපේ තාත්තත්, මිදි තිත්තයි කියූ නරියෙක් වෙන්නට ඇති. මගෙයි එයාගෙයි ආදර සම්බන්ධය ගැන තාත්තගේ හිතේ ඇත්තේ, කොමඩිය මුසු වුණු වනචර කිතියක් වෙන්නට ඇති. අපේ අම්මට ඇත්තේ, එයා ලෑ අම්මත් එක්ක පිරිමහගන්නට බැරි වුණු ඇරියස් එකක් වන්නට ඇති. මේ දෙකටම මැදි වෙලා බයිට් වෙන්නේ, මගේ අවිහින්සක ආදරය වෙන්නට ඇති. හීනයක් හීනයක් පාසා මගේ ආත්මයම කුළුණු කළ ඒ කුළුඳුල් ආදරයට, මගේ අම්මයි තාත්තයි තරඟෙට ගරහන කරළු වදන් තවත් ඉවසාගෙන ඉන්නට බැරිම තැන, මම කෑ ගහලා කිව්වා; "මට මෙනවා කිව්වත් කමක් නැහැ, හැබැයි වචනයක් වත් කියන්න එපා, එයා ලෑ අම්මට...." ------------------ සතියක් එක දිගට එයාව ඉස්කෝලෙ එව්වෙ නැහැ. අන්තිමට අවවාද අනුශාසනා සලාකයක් දීපු එයා ළෑ අම්මා, උදේ පාන්දර එයත් එක්කම හංදියට ඇවිල්ලා, පස්සෙ දොරින් බස් එකට ගොඩ වෙනවා දැක්කා. අඳුරන්නෙම නෑ වාගේ හිටපු මමත්, හුඹහට රිංගන තලගොයා වාගේ හිමීන් සීරුවේ බස් එකට ගොඩ වුණා. ඇඟිල්ලක් ගහන්ඩ බැරි තරමට බස් එකේ සෙනග පිරිලා. මම ඈත ඉඳන් ඇහැ ගහගෙනමයි හිටියේ, බස් එකේ යන වලත්තයින් ගේ විල්ලෝඩි ඇස්, එයා ලෑ අම්මා දිහාමයි. කුපාඩි හැත්ත එයා ලෑ අම්මට ජැ-ක තියන්ඩ දත කනවා. ටික දුරක් ඔහොම තෙරපි තෙරපි යන අතරේ එයා ලෑ අම්ම මා දිහා බලලා, ලඟට එන්ඩ කියලා ඔළුවෙන් සංඤා කළා. සෙනග පීරගෙනම මම එයා ලෑ අම්ම ලඟට කිට්ටු කළාට, පුංචි පරතරයක් නඩත්තු කරගෙනම; "ඇයි නැන්දේ..." කියලා ඇහුවා.... "අද ඉඳන් මමත් නංගිව ඉස්කෝලේ ඇරලවන්න එනවා පුතේ. දන්නැද් ද ඉතින්, ගමේ එකාලා එකේක විදිහේ කයි කතන්දර හදවා මගේ කෙල්ලට....." අනේ එයා ලෑ අම්මා හිතේ කිසීම කහටක් නැතිව, හරීම කුළුපගු කටහඬකින් එහෙම කිව්වා. මුහුණ තාපසයෙක් වගේ හද ගත්තු මම; "අනේ ඔව් නැන්දේ, මටත් ආරන්චි වුණා....." "කටු අත්ත උඩට රෙද්ද වැටුණත්, රෙද්ද උඩට කටු අත්ත වැටුණත්, ඉරෙන්නේ රෙද්දමනේ මයෙ පුතේ, අපි දැනගන්න ඕනි පරිස්සම් වෙන්න....." "අනේ ඒක නම් ඇත්ත නැද්දේ......" එයා ලෑ අම්මයි මමයි සුහද කතා බහකට වැටුණා. මම ගමේ එවුන්ගේ නොගුණ පතුරු ඇරියා, එයා ලෑ අම්මත් ඒවට හූමිටි තිබ්බේ හරීම ආසාවෙන්. මෙච්චර ඉක්මනට එයා ලෑ අම්ම මට ලං වෙයි කියලා, මම හීනෙකින් වත් හුතුවේ නැහැ. මේ ආත්මෙදි එකතු වෙන්නම බැහැ කියලා කළකිරුණු නිල මැස්සෙක්, නහය තද කරලා වහගෙන, වලකට පැන්නලු. අනේ ඒක පාළුවට ගිය කක්කුස්සි වලක්ලු. මගේ කතාවත් අන්න එහෙම එකක් කියලා මට හිතුණා.... එදයින් පස්සේ මම ඉස්කෝලේ ආවෙ ගියේ හරීම උනන්දුවෙන්. දැන් මට එයා ගැන වගේ වගක් නැහැ, මගේ කතාබහ එයා ලෑ අම්මත් එක්ක විතරමයි. සමහර දාට, එයා ලෑ අම්ම මටත් එක්කම කෙසෙල් කොලේ බත් ඔතාගෙන එනවා. මමත් පුළු පුළුවන් දවසට එයා ලෑ අම්මටත් එක්කම ටිකට් ගන්නවා. වදින වදින බ්රෙක් පාරක් පාසා, එයා ලෑ අම්මගේ ඇඟේ ඇතිල්ලි ඇතිල්ලී මම ගිණියම් වෙනවා, එයා ලෑ අම්මත් මොකුත් නොවු ගානට සද්ද නැතුව ඉන්නවා. නිවුටන් පණ පිටින් හිටියොත්, අම්මපා මෙහෙම නියමයකුත් ලියනවා සහතිකයි; ***"ලෝකයේ සෑම සැපක්ම විඳීමට, බස් රියේ හිටගෙන යා යුතුය...."*** ඉඳලා හිටලා මූනිච්චවාට එයත් එක්කත් වචනයක් දෙකක් කතාබස් කරනවා, ඒත් මම ඉස්සර තරම් එයාට දැන් කුළුපගු නැහැ. කොටින්ම කියනවා නම්, එයා දැන් මගේ හිතේ අහලකවත් නැති තරම්. දන්නෙම නැතව අවුරුදු දෙකක්ම ගෙවිලා ගිය තැන, අපි දෙන්නම විභාගයට හිඳගත්තා. ඊට පස්සේ ඉස්කෝලෙ ගමන නතර වුණා. අපි දෙන්නටත් නොදැනීම, අපේ හිත් වලින් ආදර දියාරු වෙලාම ගිහින්. ඉස්කෝලෙ ගමන නතර වුණාට පස්සේ එයා ලෑ අම්මව ඇහැට දකින්න ලැබුනෙත් කලාතුරකින්. එහෙම දැක්කත්, කට කොණකින් යාන්තමට හිනා වෙලා යන එක විතරමයි එයා ලෑ අම්මා කළේ. සියුම්ව කල්පනා කරලා බලන කොට මට තේරුම් ගියා, එයා ලෑ අම්මා හීන් ණූලෙන් අපේ ආදර සම්බන්ධය බිඳලා විත්තිය. දැන් මාව දකින දකින වාරයක් පාසා එයා ලෑ අම්මට කට කොණින් නෙවෙයි, දෙකොණින්ම හිනා යනවා ඇති. ඇත්තටම මම මෙච්චර කල් හිතාගෙන හිටියේ, මම මහා ලොකු ගේම් කාරයෙක් කියලා. අන්තිමට බලනකොට, එයා ලෑ අම්මා ඉස්සරහා මම නික්ම්ම නිකම් ලාමක ටින් ටින් කෙනෙක් විතරයි. පිරිමි කියන්නේ නැව්, ගැහැණු කියන්නේ නැංගුරම්. මහා විශාල නැවක් ඇදලා, බැඳලා තියාගන්න, පුන්චි නැංගුරමකට පුළුවන්. මහා තඩි පිරිමි පුන්චි ගැහැණුන් ගේ කකුල් දෙක මැද නංගුරම් දාගෙන, සංසාරෙ පුරාවටම නවතිනවා. ආදරයේ නටඹුන් පවා ඩෝසර් වී හිරි වැටුණු මුඩු සිතක, උයන් සිරි මවන්නට තවත් ලඳක් ආවත් ඉන් පළක් නොවෙනා තරමට ම, මගේ හිත පුරාම නැංගුරම් දාගෙන ඉන්නේ කවුද? එයා ද, නැතිනම් එයා ලෑ අම්ම ද කියලා අද ඇහුවත්, මම මොහොතකට නිරුත්තර වෙනවා. මොකද; ගැහැණියෙකු පිරිමියෙකු සමග අඳුරු කුටියක සිර කරන්න, කුටියේ කොණ් සරත මත අගුලෙහි යතුරු සඟවන්න, ඔහු මිය යන තාක් සොයනුයේ, ගැහැණියගේ අහවල් එක පමණි. අන්තිමට බලනකොට, ඉස්කෝලෙ ගිය අවුරුදු දෙක පුරාවටම මමත් අත ගගා හෙයලා තියන්නේ, එයා ලෑ අම්ම ගේ........ *(සමාප්ති)* **A short story by: Epic Writer Duo**එහෙත් අම්මලා මෙහෙ වගේමද දන්නේ නෑ 😁 . 2015 වසරේ මගේ මුලික උපාධි නිබන්ධනයට අදාළ පර්යේෂණය සඳහා පරිසරය වුයේ කිලිනොච්චියයි. එහිදී මුහුණ දුන් සංවේදී අත්දැකීමක් පදනම් කරගෙන, “මම සිංහල ළමයට තැඹිලි ගෙනාවා” නමින් ලිපියක් මෙයට පෙර මම බුකියේ සටහන් කළෙමි. මේකත් ඒ වගේම කිලිනොච්චි අත්දැකීමක්...හැබැයි ටිකක් වෙනස් . යුද්ධය නිසා මියගිය හෝ ආබාධිත වූ ගොවියන්ගේ, බිරින්දෑවරුන්ගේ වත්මන් ජීවනෝපාය පිලිබඳ මා විසින් සිදු කරන ලද පර්යේෂණය සඳහා අවශ්‍ය දත්ත ලබා ගැනීමට එකී කාන්තාවන්ව මෙන්ම, රජයේ ඇතැම් නිලධාරීන්, හමුදා නිලධාරීන්, රාජ්‍ය නොවන සහ පෞද්ගලික ආයතන වල නිලධාරීන් හමු වීමට මට සිදු විය. . එකල, එම ප්‍රදේශවල සිවිල් ජනතාව සමග සුහදතාවය වර්ධනය කර ගැනීම සදහා යුධ හමුදාව මගින් විවිධ සමාජ සේවා වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. එකී වැඩසටහන් පිලිබද දත්ත රැස් කර ගැනීම සදහා විනයාගපුරම් ප්‍රදේශයේ යුධ හමුදා කදවුරක සම්බන්ධීකාරක නිලධාරියා සහ ඔවුන්ගේ සේවය ලැබූ සිවිල් වැසියන් කිහිප දෙනෙකුගෙන් තොරතුරු රැස් කර ගැනීම සදහා අදාල කදවුරේ සිවිල් සම්බන්ධීකරණ මධ්‍යස්තානයකට යාමට මට සිදුවිය. විනයාගපුරම් මාර්ගයේ එක් පසක යුධ හමුදා කදවුර පිහිටා තිබුනු අතර, එයට කෙලින්ම අනෙක් පස සිවිල් සම්බන්ධීකරණ මධ්‍යස්තානය පිහිටා තිබුනි. තොරතුරු ලබා දීම සදහා කැමැත්ත ලබා දුන් සිවිල් වැසියන් පැමිනෙන තුරු මම මධ්‍යස්තානය තුළ රැදී සිටියේ, අදාල සම්බන්ධීකරන නිලධාරියා සමග ඔවුන්ගේ වැඩසටහන් පිලිබද විමසමිනි. . අප සිටි තැනට, කඳවුරේ ප්‍රධාන ගේට්ටුව මනාව දර්ශනය වූ අතර.... එය පාසල් ඇරී දරුවන් නිවසට යන වෙලාව විය. එක්වරම කඳවුරේ ගේට්ටුව දෙසින් කුඩා දරුවන්ගේ ශබ්දයක් ඇසුණු නිසා මා සමග සිටි හමුදා නිලධාරියා ඒ පිළිබඳ විමසිලිමත් විය. . කඳවුරේ ගේට්ටුවෙන් එළියට පැමිනි, හුරුබුහුටි බලු පැටවෙකු සුරතල් කිරීම සදහා කුඩා දමිල පිරිමි දරුවන් තිදෙනෙක් ඒ අසල පොදිකමින් සිටිනු අපි දුටුවෙමු . එය දුටු නිලධාරියා දරුවන්ට කතා කොට "කොන්ඩු පෝ" යයි පැවසීය. එහි සින්හල අරුත අරන් යන්න විය....ඉහේ මලක් පිපුනු එක් කොලුවෙකු වහා බලු පැටවා වඩා ගැනීමට උත්සහ කල අතර....බිය වූ බලු පැටවා වහා කඳවුර තුළට රිංගීමට උත්සහ දැරුවේය.... බලු පැටවා පසුපස දරුවන් කඳවුරට ඇතුල් වීම නුසුදුසු බැවින්...සම්බන්ධීකරන නිලධාරියා ගේට්ටුවේ මුරට සිටි සොල්දාදුවා හට බලු පැටවා අල්ලා ගෙනවිත් කොලුවන්ට බාර දෙන ලෙස නියෝග කළේය. . ඇතුලට ගිය සෙබලා බලු පැටවා බෙල්ලෙන් අල්ලා ගෙන එනවා දුටු එක් කොලුවෙක්, වහා ඉදිරියට පැන ඉමහත් ස්නේහයෙන් බලු පැටවා වඩාගත්තේය... ඉන්පසු ඔවුන් තොර තෝංචියක් නොමැතිව දමිල බාසාවෙන් දොඩවමින් බලු පැටවා සමග නිවෙස් බලා යෑමට පිටත් විය. ඔවුන් නොපෙනී යනතුරු බලා සිටි මගේ මුවගට සිනහවක් නැගුනි... . බලු පැටවාගේ නව අයිතිකරුට, බලු පැටවෙක් ගෙදර ගෙන ඒම පිලිබදව ඔහුගේ ආදරණීය මෑනියන් කුමන ආකාරයේ ප්‍රතිචාරයක් දක්වනු ඇත්ද? . මගේ මෑනියන්ගේ ප්‍රතිචාරය නම් මෙසේ වනු ඇත.... "කොහෙන්ද මූව ගෙනාවේ? කාගෙන් අහලද ගෙනාවේ? කවුද මේකට කන්න දෙන්නෙ? කවුද නාවන්නේ? මාව යකා අවුස්සගන්නේ නැතුව ගෙනාපු තැනකට ගිහින් දාපම්...නැත්නම් උබත් ගෙදරින් පලයම්" . නමුත් බලු පැටවා ලොකුවන විට කතන්දරය වෙනස් වනු ඇත... මම බල්ලා, සහ බල්ලා පුතා වනු ඇත.... . -දොරියාන් ගුණසේකර- (කතෘ අයිතිය සුරකින්න)ඉස්සර තල මලක් පිපෙනව කියන්නෙ ගමකට වෙනමම කථාවක්.අහල ගම්වල අයත් එනව තලමල බලන්න.තල් ගහේ අන්තිම කාලෙට තමයි තලමල පිපෙන්නෙ.තලමල බලන්න ආවම ඔතන කවි කොළ එහෙමත් ලියැවෙනවා.. තමන්ගෙ ගමේ පිපිච්ච තලමල තමයි පංකාදු කියල,කාටත් කියාගන්න උවමනාව..තලමලක් පිපුනම අහල ගං හතක් පාළු වෙනව කියල කථාවට කියනව.හේතුව තමයි තලමල විශාල නිසා,කාලයක් පවතින නිසත් විශාල කෘමි පිරිස(...TRUNCATED)
ක් ඇදී එනව මේකට.ඇවිත් වාසස්තානය කරගෙන ඉන්නකොට කාලෙකදි මල මැරුනම උං ළඟම තියෙන භවබෝගවලට තමයි ඇදිල ගිහිං ඒවගෙ සාරෙ උරා බොන්නෙ.ඉතිං ඒ ගංවල මිනිස්සුන්ට සෑහෙන පාඩුවක් ඒක.ඒකයි අරම කථාවක් කියන්නෙ. කියන්න කවි කර අම්මෙනි අවසර මහතුන් නැති රට ඇයි උන් අවසර දෙවියෙක් නිදිනම් ඇහැරී වර වර බිම හෙලලා අර දෙනගම තලමල... සභාවක මුලින් අවසර ගන්නව මහත්වරුන්ගෙන්,මහත්වරු නැති රටේ ඇයි උංගෙන් අවසර ගන්නෙ?අම්මේ,කියන්න අවසරයි කවියෙන් මේ ඛේදවාචකය.දෙවියො නිදිනං ඇහැරිල වරෙල්ල.. "බිම හෙලලා අර දෙනගම තලමල". දෙනගම ඥාණවතී,දූෂණය කරල මරල දාලා.ගමේ තලමලක් වගේ හිටපු කෙල්ල.. කැකුළු සුභාවට පිපිලා වැඩුනේ කඳුළු වසාගෙන රුවකඳ දිලුනේ නැඹුළු යකෙකු කෙරුවද මේ වෙසනේ ලකල නිමල තලමල බිම දැමුනේ... 😥 ජීවිතේ කොච්චර කටුක උනත් ඒවට දහිරියෙන් මූණ දීලා ජීවිතේ ගෙනියපු ලස්සන කෙල්ල.නැඹුළු යකෙකු(කුස ජාතකය - කුස රජතුමා පභාවතියගෙ අතිං අල්ලනව පොකුණෙ හැංගිල ඉඳල.ඒකය භය උනු පභාවතිය මේ වචනෙ භාවිතා කරනව,නොදන්නා යකෙක් කියල) කෙරුවද මේ ව්‍යසනය.තලමලක් වගේ හිටි දැරිවිට කරපු අසාධාරණය.. දළඳා සසදා මුව දෙව්දා නැණ කුසදා කියවා වනපොත් කොට දැන දහදිය ගිණිමග ඇස් ලැබ ගත් දින රංකොත පාමුල තලමල කෙළෙසින දහම් පාසල් ගුරැවරියක් වෙච්ච ඇය දලදා වත,සසදා වත,මුව දෙව්දා වත,කුසදා වත ආදිය කට පාඩමින් කියන්න පුළුවනි.ගමට හිටපු උපාධි ධාරිණිය.පංසලේ චෛත්‍යය මුල තියං කෙලෙසපු හැටි...😥 සාර ඵලය උරමින් රස කරමින වීර බිමේ පිං වත මිරිකාගෙන මාර සෙනඟ අපෙ පැදුරේ ලැගගෙන වීර බලැති මව් පදවිත් බිලිගෙන ගුගුරා සත් දවසක් ඉර හඳ තරු උතුරා යන ගඟ යවු උඩු යටි කුරු කරනා තුරු අපි දිවිමග ගරු සරු සුවපත් වෙත්වා දුක් දැරු මව්වරු... රත්න ශ්‍රී විජේසිංහයන් පදරචනය. නන්දා මාලනී මහත්මිය සහ ගුණදාස කපුගේ මහතා ගායනය... (ප්‍රසාද් මහතාට)......මොන දිල්ලියක ගිහින්ද මන්දා ...... " සලීම් භාඊ " චණ්ඩ හිරු ගේ ග්‍රහණයට නතුව තිබූ දිල්ලිය කෙමෙන් යථා තත්වයට හැරෙමින් පවතී...සිරුරට දැඩි පීඩා ගෙනදුන් අධික උණුසුම පහ කරමින් සෞම්‍ය මඳ සුළඟක සුවදායි ස්පර්ශය දිල්ලියේ මං මාවත් වැළඳ ගෙන ඇත...අගෝස්තුවේ මැද වන විට සත්‍ය නිකේතන් හි සිසු සිසුවියෝ තම අධ්‍යන කටයුතු අපහසුවකින් තොරව කරගෙන යති...විද්‍යාලයේ දැක පුරුදු මුහුණු බොහොමයක් සත්‍ය නිකේතන් හිදී ද මුණගැසීම සතුටකි...ඔවුන් සියල්ල මිත්‍රශීලි සිනහවකින් සංග්‍රහ කරයි...අසල්වැසි ගොඩනැගිල්ලේද ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිරිසක් රැඳී සිටී...ඔවුහු සියල්ල දෙවන හා තෙවන වසර වලට අයත් වූවෝ වෙති. ..දිල්ලි අත්දැකීම් වලින් අපට වඩා මුහුකුරා ගොස් ඇත්තෝ වූහ...උදේ සවස මං මාවත් වල මුණ ගැසෙමින් ඔවුන් සමග කෙටි කතාබස් වල නිරත වීම දැන් පුරුද්දක් වී ඇත... "ඉතිං කොහොමද ?? තාමත් හෝම් සික්ද?? ටික දවසක් යනකොට ඕක ඇරිලා යයි...ඊට පස්සේ ඔයාලා මේ නිදහසට පුරුදු වෙයි... ආයෙත් ලංකාවට යනකොට දුක හිතෙන තරමටම !!! සුහද ලෙස ඔවුන් පවසයි.... ඉතාම නිදහස්, විනෝදකාමී, මිත්‍රශීලි දිල්ලි සිසු දිවිය අපූරු අත්දැකීමක් බව දැනටමත් මට හැඟෙන්නට පටන් ගෙන ඇත...කිසි දිනෙක දෙමව්පියන් නොවිමසා තීරණ අරන් පුරුදු නැති මට යලි ඉපදුනාක් මෙන් හැඟෙයි...ජීවිතය යනු සම්පූර්ණයෙන්ම මා සතු මාහැඟි අවස්ථාවක් බවත්, මා එය භාවිතා කරන ආකාරය අනුව එහි ප්‍රතිඵල තීරණය වන බවත් මගේ ඇට්ටර සිත මටම පවසයි. ලංකාවේදී මගේ මවගේ අධික පරෙස්සමට භාජනය වූ මට එය නම් මහත් වදයක් වූ බව නොරහසකි...කුඩා කල සිටම මා තුල ජීවත් වූ නිදහස් අදහස් දැරූ ඇට්ටර ජීවියා කෙසේ හෝ කිරිල්ලියක් වී දිල්ලියටම පියඹා ආවාය... නිදහස්, නිදහස් කිව්වාට ගුප්තා ජී ගේ නිවහනේ නීති තදය! එය කාන්තා නේවාසිකාගාරයක් බඳුය...පිරිමි ළමුන් ඇතුල් වීම සපුරා තහනම්! රෑ අට වන විට ගේට්ටුව වැසේ! ඉන්පසු යාම් ඊම් බැරිය...විශේෂ හේතුවක් සඳහා පමා වෙයි නම් අවසර ගත යුතුය...මාසයේ පලමු සතිය ඇතුලත තමාට අදාල කුලිය සහ විදුලි බිලෙන් තමාට අදාල මුදල ගෙවිය යුතුය ...එහෙත් එම නීති මාලාව මට නම් කිසිසේත්ම අපහසුවක් ගෙන දුන්නේ නැත ...මම මගේ පුද්ගලිකත්වයට දැඩිව ඇලුම් කරන, ගරු කරන කෙනෙක් වීමි...එය ආරක්ෂා වීමට ගුප්තා ජී ගේ නීතිමාලාව මහත් පිටුවහලකි! "අයි ප්‍රිෆර් ටු කුක්" යනුවෙන් පණ්ඩිත වදන් පැවසුවාට ආරම්භයේදී එය එතරම්ම සුන්දර වූයේ නැත! දේශන සඳහා සහභාගි වී ගෙදර ඇවිත් නැවත උයන්න වස කම්මැලිය...ලංකාවේ රස කෑම මතක් වෙන්නේ දැන්‍ ය! අම්මා ගේ කහබත් කන්න තිබුණා නම් මරුය! තව හවස තේ වෙලාවට ඇය හදන රසකැවිලි!! හපොයි ඉතින් ඒවා කවදා කන්නද?? කොත්තුවක් වත් නෑ!! මොන සාගත සමයක්ද මන්දා!! ඇට්ටර හිත මැසිවිලි නඟයි!! "චුරු චුරු ගාන්නේ නැතිව හිටු! දැන් ආවේ උඩ දාගෙන මම හැමදේම කර ගන්නම්, උයාගෙන කන්නම් වගේ උදාන වාක්‍ය කිය කිය! දැන් ඉතින් උයපං!!" ඇට්ටර හිත තරවටු කරයි !! උයන්න බෑමයි වගේ නම් ඔය නවත්තලා තියෙන්නේ ඕනෙ තරම් පලතුරු කරත්ත!! ඔය ගිරිදඹේ බඩගාලා පහලට බහින්න විතරයි තියෙන්නේ!! අපරාදෙ කියන්න බෑ, ඇට්ටර හිතටත් ඉඳලා හිටලා හොඳ අදහස් පහල වෙයි ! ඒක නම් ඇත්තය, උයන දේ පමණක් බඩට දාගත යුතු යැයි නීතියක් නොමැත..... ඉතා දර්ශනීය ලෙස තම අත්කරත්තය පුරා පලතුරු අතුරා ගෙන් වෙළඳාම් කරන පලතුරු වෙළෙඳුන් දිල්ලියේ සුලභ දසුනකි. ඒ ඒ ඍතුවලට සුලභ වන පලතුරු වලින් ඔවුන්ගේ අත්කරත්ත පිරී පවතී...ග්‍රීෂ්ම ඍතුවේ කොමඩු, අඹ,දෙලුම්.. වස්සානයේ පේර, නාරං, කෙසෙල්...ශීත ඍතුවේ ඇපල් මිදි වැනි වෛවර්ණ පලතුරු වලින් පිරුණු කරත්ත නෙතට රසඳුනකි! අපේ නිවස ඉදිරිපසද එවැනි වෙළෙන්දන් කිහිප දෙනෙකු තම කරත්ත නවතා ගෙන ගිමන්හරියි... "සිස්ටර්, යෙහ් දේඛෝ ...! (නංගි මේ බලන්නකො) යේ අමෲද් ඒක් දම් බඩියා! අච්චේ සේ පඛේ හුඒ හෛ!! (මේ පේර නියමයි! හොඳට පැහිලා) සස්තා හෛ ජී! චාර්ලිස් රුපෛ කිලෝ (හරි ලාභයි, කිලෝවම රුපියල් හතළිහයි!) යේහ් අනාර් භි දේඛෝ, කිත්නේ බඩේ ඖර් ලාල් සා හෛ! වෝහ් පචාස් රුපෛ කිලෝ!(මේ දෙලුම් දිහාත් බලන්නකෝ, කොච්චර ලොකුද? ඒවා වල රතු පාට බලන්නකෝ! කිලෝ එකම රුපියල් පණහයි) දේඛ්තේ හෛ ජී, ලේකින් මුජේ සිර්ෆ් දෝ අමෲද් ඖර් ඒක් අනාර් චාහියේ...(ඔව් මට පේනවා ඒත් මට ඕනෙ පේර ගෙඩි දෙකකුයි, එක දෙලුම් ගෙඩියකුයි විතරයි) ටීක් හෛ, ෆිර් ඒක් ඖර් අනාර් ලේලො, තෝ හෝගා ආධා කිලෝ..(හරි එහෙනම් තව දෙලුම් ගෙඩියක් ගන්න, එතකොට හරියටම කිලෝ බාගයයි) ඔහු දක්ෂ වෙළෙන්දෙකි, නංගි ලෙස මා ඇමතුවාට මගේ පියාට වඩා ඔහු බාල වනුයේ වසර කිහිපයකට යැයි මට හැඟේ...පලතුරු කිරන ගමන් ඔහු මගේ ආගිය තතු විමසයි. මා අලුත් මුහුණක් බවත්, එවැනි අලුත් පාරිභෝගිකයෙකු ඔහුට දිගු කාලීන ආයෝජනයක් බවත් ඔහු අත්දැකීමෙන් දනී...සුදු පැහැති දූවිලි ගැසුණු කුර්තාවක් පැළැඳි ඔහු, කහට බැඳුනු දසන් විදහා සිනාසෙයි... ආප් නයේ ස්ටුඩන්ට් හෛ ක්‍යා? පෙහෙලේ කභි දේඛා නහී යහා පේ..(ඔබ අලුත් සිසුවියක් ද? මීට කලින් මෙහේදි දැකලා නැහැනේ...) හා ජී(මම ඔව් යැයි කෙටියෙන් පිලිතුරු දුන්නෙමි) දිල්ලි සේ බාහර් හුආ හෝගා...නහී තෝ පී.ජී මේ නහී රෙහෙතා...දූර් සේ ආයා හෛ ක්‍යා?(දිල්ලියෙන් පිටත වෙන්න ඇති, නැත්නම් පී.ජී වල ඉන්නේ නෑනේ, දුර ඉඳලද ආවේ) මට හිනා යයි...හා ජී දිල්ලී සේ බාහර්, ඖර් බොහොත් දූර්! ශ්‍රී ලංකා සේ ආයී හූන්..(ඔව් දිල්ලියෙන් පිට, ගොඩක් දුර, ලංකාවෙ ඉඳලා ආවේ) අරේ වාහ්!! ආප් බිල්කුල් යහාන් කී ජෛසී හෛ!! ආප් කේ ජබාන් භි හමාරේ ජෛසේ හෛ! සිරි ලංකා කේ ලෝග් හින්දි බෝල්තේ හෛ ක්‍යා?? (ෂා! ඔබ හරියට මෙහේ කෙල්ලෙක් වගේමයි, ඔබ හින්දි කතා කරන්නෙත් අපි වගේමයි! ලංකාවෙත් මිනිස්සු හින්දි බාසාව කතා කරනවද? ) . නහී, ලංකා කේ ලෝග් හින්දි නහී බෝල්තේ හෛ ජී, ලේකින් මෛනේ සීඛ් ලී...(නැහැ ලංකාවේ මිනිස්සු හින්දි කතා කරන්නේ නැහැ ..ඒ උනාට මම ඉගෙන ගත්තා..) වාහ්,වාහ් ක්‍යා බාත් හෛ! හම් සලීම් හෛ ජී.. යේ ලේලෝ ආප් කේ ඵල්, පූරා ඒක් කිලෝ, ආධා කිලෝ කී ප්‍රයිස් මේ, හමාරේ තරෆ් සේ...! (ෂා කොච්චර අපූරුද? මම සලීම්! මෙන්න ඔබේ පලතුරු..කිලෝවක්ම! කිලෝ බාගෙක මිලට! මගෙන් ඔබට!) බොහොත් ශුක්රියා සලීම් භෛයියා! (බොහොම ස්තූතියි සලීම් අයියා) සත්‍ය නිකේතන්, බඩගින්න, පලතුරු සහ සලීම් භාඊ සමග අපූරු මිතුදමක් ගොඩනැගුනේ එලෙසිනි...ඔහු මුසල්මානුවෙකි, ශූර වෙලෙන්දෙකි, වෙළඳාමටත් වඩා කතාබහට දක්ෂයෙකි...අදටත් පිටකොටුවේ පලතුරු කරත්ත දුටු විට හිත දිල්ලියට දිව යයි...සලීම් භෛයියා ගේ පලතුරු කරත්තය සිහිපත් වෙයි .........🖊️උදාරි රත්නපාල ..... (සේයාරූ අන්තර්ජාලයෙනි)2007 වෙත්දි මම හිටියෙ ඉස්කෝලෙ 11 වසරෙ. ඔය කාලෙ මන් ප්‍රසිද්ධ වෙලා හිටියෙ ගොඩක් යාලුවන්ගෙ ලව් අෆෙයාස් වලට ගොට්ට අල්ලන එකා විදිහට. සමහර විට මන් ඒකාලෙ ගොඩක් කෙල්ලො එක්ක හොඳ යාලුවෙක් විදිහට ෆිට් වෙන්න දැනන් හිටිය නිසා වෙන්න පුළුවන්. ගොඩක් කොල්ලො උන්ගෙ පණිවිඩ යවන්න, කැමති කෙල්ලන්ට කොල්ල ගැන ගුණ වර්ණනා කරවන්න, කෙල්ලො බලන්න යත්දි තනියට එක්ක එන්න වගේ බ්‍රෝකර් සීන් වලට මාවම තමා එක්ක යන්නෙ. ඔය කාලෙ මගෙ යාලුවෙක් අවුරුදු තුනක් පස්සෙන් ගියා කෙල්ලෙක්ගෙ. උන් දෙන්නම මට වඩා වැඩිමල්. කොල්ල මගෙ යාලුව. ඌ මාත් එක්ක අක්කව බලන්න ගිහින්ම මාත් එක්ක පට්ට ෆිට් අක්කත්. හැබැයි මූට කැමති වුනේම නෑ ඒ අක්ක. පස්සෙන් ගිහින් ගිහින් අවුරුදු තුනම ගිහින් 2007 එක දවසක අක්ක මට රෑ මැසේජ් එකක් දැම්ම “මල්ලි, මන් අරයට කැමතී එයා එක්ක හෙට නොලිමිට් එක ලඟට එන්න. මන් කැමතී කියන්නම්” කියලා. මටත් හෙණ හැපී දැන් සීන් එක. මූට කියන්න එපා කිව්ව නිසා මන් මූට කිව්ව හෙට යමන් අක්කව බලන්න, හවස ලෑස්ති වෙයන් කියල. අවුලක් නෑ. කොහොමත් අවුරුදු තුනක් තිස්සෙ වුණ දේ නිසා මූටත් ගාණක් නෑ.. යන් කියල සෙට්වුණා.. (...TRUNCATED)
"පහුවදා හවස අපි දෙන්න එක්ක කැස්බෑවෙන් (...TRUNCATED)
README.md exists but content is empty. Use the Edit dataset card button to edit it.
Downloads last month
0
Edit dataset card