text
stringlengths
5.78k
8k
ගේ කෙහෙවල්ලෙන් අල්ලා ගත්තේය. යාන්තමට නිදි දෙව්දුව ට තුරුළු වෙමින් සිටි සුන්දරහාමි ගැස්සී ඇහැරුණේය. මේ මොන කරුමයක් දැයි ඔහුට සිතුණි. "අද අයියණ්ඩි ගාවට යන්නෙ තොපි දෙන්නගෙං එකෙක් වත් නෙවෙයි මම.. " අක්කලා රණ්ඩු වෙන අතර පැනපු ගමන් කාමරයේ දොර අගුළු ලාගත් හීං එතනා අඩවන් බැල්මක් සුන්දරහාමිට පා කළේය. --------*--------*-------*---------*------*---------*------- උදෑසන පටන් ඔට්ටු වී සෑදූ පොල් ඉඩමක ගණන් වැරදී ඇත. විවේකයක් නොමැති වැඩ කන්දරාව නිසා හෙම්බත් වී සිටි සුන්දරහාමි අතින් මේ වරද සිදුවී ඇත. තමන්ට මහන්සියැයි කීමට කිසිවෙකු නැත. කීවද ඒ ඇසීමටද කිසිවෙකු නැත. වැරදුණු ගණන් පළහිලව්ව නිසා මාමණ්ඩිය සුන්දරහාමිට ඇති තරම් දෙහි කැපුවේය. "මෙච්චර පොඩි ගාණක්වත් හදාගන්න බැරිදැ....?" යි මුදලාලි ඇසුවේය. "හහ්... හොඳ පොඩි.." සුන්දරහාමි සිතුවේය. අතිශයින් වෙහෙසකර, හිත් රිදීම් බහුල වූ දිනයක් ගතකොට නිවෙසට ආ සුන්දර හාමි අත පය සෝදාගත්තේ ඇඳට වැටුන ගමන් නින්ද යෑමේ බලාපොරොත්තුවෙනි. මොන.... අදත් එළියේ ගෝරනාඩුවකි. සැමියා බෙදාගත නොහැකි වූ බිරින්දෑවරු තිදෙනා අදත් කෙහෙවලු පටලවාගෙන සිටිති. "තෝ දැං දවස් දෙකක්ම රිංගුවා. අ.ව.ල.මී.... ඈ ය කෝ මි.නිහා බොගේ විතරයැ....?" "අපරාදෙ.. අයියණ්ඩි බොගෙ කෙරු.වාව නොදැන.... දන්නවානම් උඹැහැ දිහා ඇහැක් ඇරලා බලන් නෑ." "ඒ මිනිහා ඇහැකින් බැයිනම් දෑහින්ම බැලුවත් තො.පිට මොකදැ..?" සුන්දරහාමි ට දිගු සුසුමක් හෙළුනේය. මේ මාර දූවරු තිදෙනාගේ රා ගිනි නිවීම සුන්දරහාමිට දැන් කොහෙත්ම කළ හැක්කක් නොවේය. කොපමණ කළත් මේ ගැහැණුන් ගෙන් නම් බේරෙන්නට බැරිය. එතරම් දැඩි ගින්නකින් ඔවුන් පෙළෙති. අපහසුවෙන් ඇඳෙන් නැගිට ගත් සුන්දරහාමි දොර අගුළු ලා, ඇඳි පුටුවක්ද හේත්තු කොට ගොරව ගොරවා නිදාගත්තේය. මද වේලාවකින් දොරට ගසනු ඇසිණ. බොහෝ වේලාවක් දොරට තඩි බෑ බිරින්දෑවෝ වෙහෙසට පත්ව එකිනෙකා වෙත කඩා පනිමින් පිට වූවෝය. රාත්‍රිය පහන් විය. දරන්නට අපහසු වැඩ කන්දරාවටත් වඩා, අක්ක නඟාලා ගේ රා ගින්න නිවීමට අපොහොසත් වීම නිසා, පහන් කළුව වැටෙන්නටත් පෙරම, රෙදි පෙරෙදි පෙට්ටගමත් රැගෙන සුන්දරහාමි පැදුරටත් නොකියාම නික්ම ගොස් තිබුණි. ❤️❤️ ආදරෙයි ඔයාලගෙ ප්‍රතිචාර වලට වගේම, පිටුවේ ඉඩ ලබාදෙන ආදරණීය සමූහයටත්. ❤️ ✍️ අමන්දා හර්ෂණී ජයසුන්දර කතෘ අයිතිය සුරකින්න ආදරණීය ප්‍රතිචාර වලට ස්තුතියි ❤️කල්ලඩි අන්දරය - 12 වර්ෂා සූදානම් වී කාමරයෙන් එළියට ආවේ ද දේව් පිළිබඳ සිතුවිලි වලින් සිත පුරවා ගෙන නිසා සිතිජ මල්ලි කාමරේ පසු කරනු ඇය දුටුවේ නැත. ඔහු රශ්මි අක්කාගේ එකම සහෝදරයාය. වර්ෂා හා එකට ගැටෙන්නට ගොස් අන්තිම මොහොතේ ඉද්ද ගැසුවාක් මෙන් නතරවූ සිතිජ දැස් දල්වා වර්ෂා දෙස බැලුවේය. "අප්පද බොල, මේ කවුද මේ? දමිළ සිනමාවේ නිළියක්වත් මෙහාට පාත් වුණාද?" "අනේ හරි නරකයි මල්ලි. යනවා යන්න" වර්ෂා බොරු තරහක් මවා ගත්තාය. නමුත් ඉන් සිතිජ මෙල්ල වූයේ නැත. "නැන්දේ... වෙඩින් එකට දෙමළ කොල්ලො කාටවත් ආරාධනා නැද්ද? එහෙම වුණා නම් මෙයාගෙ වෙඩිමත් අදම ගන්න තිබුණා" "ඇයි නැත්තේ? රාජන්ලා මනෝහරන්ලා එනවා" සිනාසුණු වර්ෂාගේ අම්මා සිතිජගේ කන ආදරයෙන් මිරිකුවේ, "මේකගෙ කට තමයි කට" කියමිනි. වර්ෂා සිතිජ දෙස රවා බැලුවාය. ඒ තමාගේ සුන්දර දැහැන කඩා බිඳ දැමුවාටත් කළ ඕනෙනැති විහිළුවටත්ය. "ඔහොම ඔරවන්න එපා හලෝ. ඔය ලස්සන මූණ කැතවෙයි. ඔන්න බලනවකො මං කියන්නේ බොරුද කියලා. අද කොල්ලෙක් පස්සෙන් නාවොත් මම මේ කන කපා ගන්නවා. කන" සිතිජ සිය දකුණු කන පෙන්වා සරදම් කරද්දී වර්ෂා ගස්සාගෙන ඉවතට ගියාය. .... .... .... මංගල උත්සවයේ දී බොහෝ දෙනාගේ අවධානයට ලක් වූයේ වර්ෂාය. ඒ අතරින් ඇස් හතරක් වර්ෂා පසුපස ලුහුබඳින බව ඇය දැන සිටියේ නැත. නමුත් එය සිතිජගේ දෑස් වලින් වසන් කළ නොහැකි විය. අක්කාට කළ අභියෝගය සිහිවී ඔහුට සිනා පහළ විය. "බොරුද මං කිව්වෙ. එකෙක් නෙවෙයි දෙන්නෙක්ම" ඔහු එසේ සිතුවා විනා එය මෙවෙලේ ප්‍රකාශයට පත් කිරීමට ගොස් අක්කා අවුස්සා ගැනීමට සිතුවේ නැත. කුඩා කල පටන් වර්ෂාගේ තනි නොතනියට, ආරක්ෂාවට ඇය පසුපස දැවටෙමින් සිටියේ ඔහුය. අදටත් ඔහු හිතන්නේ මාමාගෙ දුව චූටි අක්කාගේ ආරක්ෂාව තමාගේ වගකීමක් ලෙසය. වර්ෂා ලුහුබඳින ඇස් හතරෙන් දෙකක අයිතිකරු කුඩා කල පටන් වර්ෂාගේ හොඳම යහළුවකු වූ රජීවය. අනෙකා මනාලයාගේ සොහොයුරෙකි. රජීව වර්ෂා සමඟ සාමාන්‍ය පරිදි කතා කළත් ඔහුගේ පූර්ණ අවධානය යොමුව තිබුණේ වර්ෂා වෙත බව දැනගෙන සිටියේ සිතිජ පමණි. මනාලයාගේ සොයුරා දෙවන මනමාලයා වූ අතර කඩවසම් ප්‍රියමනාප පෙනුමකින් යුත් ඔහු තමා සමග නර්තනයේ යෙදෙන්නට වර්ෂාට කළ ආරාධනය ඇය ඔහුගේ හිත නොරිදෙන පරිදි ප්‍රතික්ෂේප කරනු ද සිතිජ බලාගෙනය. රශ්මි අක්කාගේ විවාහ උත්සවයත්, දෙවෙනි ගමනත් නිමවී වර්ෂා යළි කොළඹ ගියේ තුරුණු හදවත් දෙකක සිතිවිලි කලම්බනය කොට බව ඇය නොදත්තාය. .... .... .... සාමාන්‍යයෙන් උදේ හවස ගෙදරට කෝල් කරන්නෙ වර්ෂාය. අම්මා ඇමතුමක් ගන්නේ හදිසි අවශ්‍යතාවකදීය. මෙවර කොළඹ පැමිණ දින දෙකකට පසු අවේලාවේ අම්මාගෙන් ඇමතුමක් තිබෙනු දැක ඇය කලබල වූයේ එහෙයිනි. "අම්මේ, ඇයි හදිස්සියෙම? මොකක් හරි ප්‍රශ්නයක්ද?" "නෑ නෑ. ප්‍රශ්ණයක් නෙවෙයි පුතේ. මේ සති අන්තෙ ඔයාට මේ පැත්තෙ ඇවිල්ල යන්න පුලුවන්ද?" අනේ අම්මෙ, දැන් මේ ගෙදර ඇවිත් ගියා විතරයිනෙ. මොකක්ද කියන්නකො හදිස්සිය" අම්මා මොහොතක් කල්පනා කළාය. ඒ තත්පර කිහිපය වර්ෂාට දැණුනේ මහා බරක් ලෙසය. "මේ... නෑ... මේ... ඔයාට මංගල යෝජනාවක් ඇවිත් තියෙනවා. මං බැලුවේ මේ සති අන්තෙ ඒ දරුවට ගෙදරට එන්න කියන්න. ඔයාට එන්න පුළුවන් නේද පුතේ?" "මංගල යෝජනාවක්? මේ මට? කාගෙන්ද?" "රශ්මි දුවගේ මහත්තයාගෙ මල්ලි. අර දෙවෙනි මනමාලයට හිටියෙ" "අනේ මේ, විකාර කතා කරන්න එපා අම්මෙ. මට දැන්ම බඳින්න ඕනෙ නෑ" "නෑ දැන්ම බන්දන්න නෙවෙයි පුතේ. කතා ක.." අම්මට කතාව අවසන් කිරීමට ඉඩ නොතබා වර්ෂා දුරකථන ඇමතුම විසන්ධි කළාය. එහෙත් අම්මා උත්සාහය අතහැරියේ නැත. නැවතත් සවස කතා කොට ඒ ගැන විමසුවාය. "මම කියන්නේ නෑ දැන්ම බඳින්න කියලා. ඔයා ඇවිත් බලලා යන්න. කැමති නම් ඒ ගැන පස්සේ බලමු" "අනේ අම්මෙ මට නිවාඩු නෑ. අනික මට දැන්ම මඟුල් ඕනෙත් නෑ" වර්ෂා තරයේම කියා සිටින විට අම්මාගේ ඉවසීමේ සීමා පවුරු බිඳ වැටුණාය. "පුතේ මේ, මට කියන්න ඔයාට කවුරුහරි ඉන්නවද? නැත්තං ඇයි මේ ළමයා බලන්න එනවටවත් අකමැති" අම්මගේ ඒ ප්‍රකාශනයෙන් වර්ෂා තරමක් දුරට මෙල්ල විය. "හදිසියක් නෑ නේ අම්මෙ. මෙහෙ වැඩ ගොඩයි. එයාට කියන්න මං ඊළඟ මාසෙ නිවාඩුවට ආවම එන්න කියලා" අම්මගෙන් බේරෙන්න බැරිම තැන වර්ෂා එසේ කියා තාවකාලිකව ගැලවුණාය. රාත්‍රියේ මේ සියලු විස්තර අකුරක් නෑර දේව් හමුවේ තැබූ ඈ අනතුරු ඇඟවීමක් ද කළාය. "දේව්, අපි ගැන ගෙදරට කියන්න කාලේ හරි වගේ. තව ගොඩක් කල් අම්මගෙ යෝජනා මෙහෙම මගාරින්න බෑ. ඊට කලින් ඔයාගෙ රස්සාවක් ගැන හරි තීරණය ගන්න පුළුවන් නම්..." දේව් හා ගගන කේරළයේ ප්‍රසිද්ධ පෞද්ගලික ආයුර්වේද රෝහලක සම්මුඛ පරීක්ෂණයට ගියේ පසුගිය සතියේය. එහිදී සම්මුඛ පරීක්ෂණයට අමතරව කුඩා විභාගයකටද මුහුණ දුන් ඔවුන් දෙදෙනා, රැකියාව ලැබේය යන බලාපොරොත්තුවෙන් බලා සිටින මුත් තවමත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයෙන් සුබ හෝ අසුබ කිසිදු තොරතුරක් ලැබුනේ නැත. ඒ ගැන ගගනට වඩා දේව් සිටියේ කනස්සල්ලෙනි. වර්ෂා හා තමා අතර නොගැලපීම් බොහෝය. ඔවුන් දෙන්නා අදහස් හා ගතිගුණ අතින් ගසට පොත්ත මෙන් ගැළපුණද ප්‍රධාන වශයෙන් පරහකට ඇත්තේ ජාතියත් ආගමත් ය. වෙනත් රැකියාවක් සොයා ගතහොත් ඒ නොගැළපීම තරමක් දුරට හෝ සමනය වන්නේය. රෝහලෙන් තොරතුරක් එනතුරු කල් මරමින් නොසිට ගගන සමග කතා කොට වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමට ඔහු තරයේ සිතට ගත්තේය. පසුදා දිවා ආහාර විවේකය අවසාන වී නැවත රාජකාරිය ආරම්භ කරන විටම ජංගම දුරකථනය නාද වනු ඇසුණු වර්ෂා සිතුවේම ඇමතුම දේව්ගෙන් කියාය. රැකියාව පිළිබඳව සුබ ආරංචියක් රැගත් ඔහුගේ ඇමතුමක් එන තුරු ඇය සිටියේ මග බලාගෙනය. නමුත් නොදන්නා අංකයකින් ආ ඇමතුම ඇය ක්‍රියාත්මක කළේ කුතුහලයෙනි. "හලෝ වර්ෂා... අඳුනන්න පුළුවන්ද?" "කරුණාකරලා නම කියනවද?" "අනේ අනේ... ඔහොමත් අමතක වෙනවද? පොඩ්ඩක් මතක් කරලා බලන්නකෝ. මේ ළඟදිත් අපි හම්බවුණා" වර්ෂාට යකා තදවිය. මේ විහිළු කිරීමට කාලය නොවේ. ඒ නිසා ඊළඟ මොහොතේ ඇයගේ ස්වරයට නොරිස්සුම් ස්වභාවයක් එකතුව තිබිණි. "කරුණාකරලා කවුද කියන්න. මට වැඩ තියෙනවා" "අම්මෝ... මෙයාට ඩෝං යන තරම්. වර්ෂා මම රජීව" "අනේ සොරි රජීව. මං මේ දැන් ලන්ච් ඉවරවෙලා ආපහු වැඩ පටන්ගන්න හදන්නේ" නමුත් වර්ෂා විනාඩි කිහිපයක් බාල වියේ මිතුරා සමග සුහදව කතාබහ කළාය. අනතුරුව සවස යළි කතා කරන පොරොන්දුව පිට රජීවගෙන් සමුගත්තාය. .... .... .... සම්මුඛ පරීක්ෂණය සඳහා ගිය රෝහලෙන් තවදුරටත් කිසිඳු ආරංචියක් නැති තැන දේව් කළකිරීමට පත් විය. ඒ ගැන අදහස අත්හැර ගත් ඔහු වෙනත් රැකියා සඳහා අයැදුම්පත් යොමු කරන්නට උත්සාහ ගත්තේය. නමුත් ගගන කීවේ නම් තව ටික දවසක් ඉවසන ලෙසය. වෙනදා ඕනෑම දෙයක් දෙස කලබලයෙන් තොරව ඉවසීමෙන් බලන දේව්ගේ මේ හැසිරීම ගගනට පුදුමයකි. "මොකද දේව් මේ? අපි තව ටිකක් ඉවසලා බලමු" "ඒක හරියන එකක් නෙවෙයි ගගන. එහෙනම් මේ වෙනකොට උත්තරයක් දෙන්න එපැයි" "අපිට තියෙන හදිස්සිය උන්ට නෑනෙ බං. ඔන්න ඔහේ පොඩ්ඩක් ඉවසපන්. මොකක්ද මේ කලබලේ?" දේව් වෙනත් රැකියාවක අවශ්‍යතාවය ගගනට පැහැදිලි කළේය. දෙදෙනා ඒ ගැන බොහෝ වේලාවක් සාකච්ඡා කළහ. "වර්ෂගෙ ගෙදරින් එයාට මනමාලයො හොයනවා. එයා එක එක ඒවා කිය කිය ෂේප් වෙවී ඉන්නෙ. ඒත් වැඩි කල් එහෙම ඉන්න බෑනෙ" "ඒකද මේ කලබලේ? ඉතින් වර්ෂාට පුළුවන්නෙ උඹ ගැන ගෙදරට කියන්න" "අපි අතරෙ ගැළපීම් වලට වඩා තියෙන්නෙ නොගැළපීම්නෙ ගගන. ඒ අස්සෙ මගෙ
රස්සාවත් ප්‍රශ්ණයක් වුණොත්?" දේව්ගේ මුහුණ දෙස බැලීමට පවා ගගනට අපහසු විය. ඒ මුහුණ දුක, කළකිරීම, බලාපොරොත්තු කඩවීම ආදී හැඟීම් රැසක සම්මිශ්‍රණයක් වැනිය. මිතුරා මෙසේ කඩා වැටී සිටිනවා ගගන කවදාවත් දැක නැත. "ඇයි නොගැළපෙනවා කියන්නෙ? උඹලා දෙන්නා කොච්චර හොඳට ගැළැපෙනවද?" "අපි අපිට ගැළැපෙනවා තමයි මචං. ඒත් ගොඩක් දෙමව්පියෝ විවාහයකදි ගළපන්නෙ ගතිගුණ, අදහස් විතරක් නෙවෙයි ජාතිය, ආගම, කුලය, දේපළ, රස්සාව... ඔය හැමදේම ගළපනවා. එහෙම බැලුවොත් මමයි වර්ෂයි?" ඔහුගේ මුහුණ යළිත් මැළවී ගියේය. මේ දේව්ගේ කුළුඳුල් ආදරයයි. එය තමා සතු කරගත නොහැකි වේ යැයි සිතමින් ඔහු තැවෙයි. ගගනටද ඔහුගේ බිඳ වැටුණු ප්‍රේමය සිහිවිය. ඔහු සෙව්වන්දිගේ රුව අසල මොහොතක් සිතින් නතර වී ගැඹුරු සුසුමක් හෙළා ලය සැහැල්ලු කර ගත්තේය. "ඒක ඇත්ත මචං. සෙව්වන්දිගෙයි මගෙයි සම්බන්ධෙට වුණෙත් ඒකමනෙ. එයාගෙ අම්මට මගෙ රස්සාව මදි වුණා. ඒ ආපු කළකිරීමත් එක්ක අන්තිමේ රස්සාවක් හොයාගෙන මං නතර වුණේ ඉන්දියාවෙ" ජාතීන් දෙකක ආගම් දෙකක දෙමිතුරන් එකම කරුණක් අරබයා දුක බෙදා ගනිමින් සිටියදී සැඳෑ අඳුර තමන් දෙදෙනා වෙළාගන්නා බව දෙදෙනාටම වැටහුණේ නැත. මතු සම්බන්ධයි. සිතුවම අන්තර්ජාලයෙනි.🌹වැලේ වැල් නැති ටයිම්🌹💗 මගේ පලවෙනි පෙම්වතා හිටියේ මම ඉස්කෝලේ යන කාලේ. උස, කලු, කෙට්ටු කොලුවෙක්. මට වඩා මාස දහයයි වැඩිමල්. ඒත් නoගා කියලා මට කිවුවෙත්. එයා කොමර්ස් කලේ. මම ආර්ට්ස්. ඉතින් දෙන්නා එකම ඉස්කෝලේ උනාට පන්ති ගියේ වෙන වෙනම. ඉස්කෝලේ පන්තියේ නෙවෙයි පුද්ගලික පන්තියේ හැමෝටම වගේ පෙම්වතෙක් හිටියා. ඔය පෙම්වතුන්ගේ දිනේට කට්ටියම එකතු වෙලා යනවා තෑගී ගන්න. අනේ ඉතින් මහ ලොකු තෑගි නෙවෙයි. කාඩ් එකක්, පොඩි සෙන්ට් බෝතලයක්, ඔය මැටි වලින් හදල පාට කරපු පොඩි පොඩි කෑලි. ඕවා තමයි අපේ පන්තියේ ගෑනු ලමයි ගන්නේ. ඒත් ඉතින් මගේ හිතට හරි නෑ. ඕවා දෙන්න පුලුවන්ද ආදරවන්තයාට. අඩුම ගානේ ටී ශර්ට් එකක්, ඔරලෝසුවක්වත් දෙන්න එපැයි. මට හිතුනේ එහෙම. අපේ අම්මා පන්තියට දෙන සල්ලි වලින් ඉතිරි කරගෙන මමත් ඉතින් මගේ පලවෙනි ප්‍රේමවන්තයාට තෑග්ගක් ගත්තා. ටී ශර්ට් එකකුයි, ඔරලෝසුවකුයි, සෙන්ට් බෝතලයකුයි. දැන් වගේ එච්චර ගනන් නෑ. ඔයා සේරටම 1000 ක් වගේ යන්න ඇති. තව මම ගෙදර හිටවපු ලස්සනම ලස්සන රතු පාට බේබි රෝස පැලේකුත් ගත්තා. ආදරේ පාටනේ. මල් පිපෙන පිපෙන සැරේට මාව මතක් වෙයි කියලා. මගේ යාලුවෝ හිනා උනා අතින් කටින් එල්ලන් යන විදියටම ආයේ එන්න වෙයි කියලා. එයත් ඒ තරම්ම තෑගි ගේනෙයි කියලා. ඔන්න ඉතින් ඉස්කෝලේ ඇරලා රේල් පාර දිගේ ඇවිත් බණ්ඩාරවෙල ස්ටේෂන් එක ලගට එයා එනවා කිවුවා. දැන් වගේ ෆෝනුත් නෑනේ ඉස්සර. අනේ ඉතින් මම අතින් කටින් ඕව මේවා ටිකත් එල්ලන් ඉන්නවා මගේ පලමු පෙම්වතා එනකම්. මීදුම මැදින් අගුරු කකා, වතුර බිබී, කොළඹ දුවන යකඩ යකා වගේ ඔන්න එනවා මගේ පලමු පෙම්වතා. පේන්න නම් අතේ මුකුත් තිබ්බේ නෑ. පිටේ එල්ලන් ඉන්න පොත් බෑග් එකේවත් ඇති කියලා මගේ හිත කිවුවා. මෙන්න මෙයා ආවා. "නoගා මට රිවිෂන් ක්ලාස් එක, අද පේපර් එකක් දෙනවා කිවුවා. ඉක්මනට යන්න ඕන" පට පට ගාලා කියවගෙන කියවගෙන ගියා. "මොනාද අතින් කටින් එල්ලගෙන?" "ආහ් අද වැලන්ටයින් ඩේ නේද" "මටද ඔය සේරම" කියලා මගේ අතේ තිබ්බ සේරම මනුස්සයා අර ගත්තා. "අනේ තෑන්කිවු. මම එහෙනම් යන්නම්. දැනටමත් සර් ඇවිත් ඈති" කියලා "ආපසු හැරෙන්" කියනවාටත් වඩා වේගෙන් ගියා. අනේ ඉතින් අහිoසක මම, තෑගි හම්බ වෙනකම් බලන් හිටපු මම, අත් දෙක වන වනා හිස් අතින් වැස්සෙම ගෙදර ආවා. හිතලම වැස්සට මූන ඇල්ලුවා වැටුන කදුලූ සේදිලා යන්න. පලවෙනි පාරට තෑග්ගක් නෑ කියලා එදා දුකට මම ඇඩුවා. නෑ ඇඩුණා. ඊට පස්සේ පලමු පෙම්වතා වෙන අතක් බලගත්තා. ඒක හරි පුදුම පෙමක්. අතින්වත් අල්ලලා නැති මාස දෙකක පෙම් කතාවක්. ඊට පස්සේ ආයේ පෙම් කතා ලිවුවේ නෑ කැම්පස් එකට එනකම්. කැම්පස් එකේදී හිටපු පෙම්වතානම් ටිකක් පෙනුම තියෙන උස මහත කොලුවෙක්. පවුල් පසුබිමත් නරකම නෑ. ඔන්න ඒ අවුරුද්දේ පෙම්වතුන්ගේ දිනෙත් ආවා. කලින් දවසත් මට මතක් උනා. ඉතින් මේ පාරත් ගෙදරින් දාපු සල්ලි වලින් මම ගත්තා ටී ශර්ට් එකයි බෙල්ට් එකයි. එදත් බෝඩිමේ යාලුවෝ විහිලු කලා මට මොනවා හම්බ වෙයිද දන්නේ නෑ කියලා. ඕක දෙන්න යන්නේ හෙටයි කියලා මම අපේ ගෙදරට කිවුවා මෙහෙම සම්බන්ධයක් තියෙනවා කියලා. අප්පච්චි කිවුවා ඇවිත් කෙලින් කතා කරන්න කියලා. පහුවදා ඉතින් උදේම ලස්සනට ලෑස්ති වෙලා ගියා දෙවෙනි පෙම්වතා හම්බ වෙන්න. කැම්පස් එකේ බැම්මක වාඩි වෙලා එයා එනකම් බලන් හිටියා. ඔන්න මල් පාර දිගේ මෙයා එනවා එරබදු මලෙන් උපන් මල් කුමාරයා වගේ. රතු පාට කමිසයක් ඇදලා කලු කලිසමක් ඇදලා. බොරු කියන්න නෑ බොරු ලියන්න ඕන නෑ ඉතින් කොල්ලා හැන්ඩියා. දෙපාරක් බලන්න හිතෙනවා. චුට්ටක් බකල්ද මන්දා. දුරටම දැක්කා එක සාක්කුවකට අතක් දාගෙන අනෙක් අතෙන් කොන්ඩේ හද හදා එනවා. දන්නේ නැතුවම බර හුස්මක් ගියා මට. "බබී, ගොඩක් වෙලාද ඇවිල්ලා" "නෑ අය්යේ දැන් ආවේ" ඇවිල්ලා පැය බාගෙකටත් වැඩි උනත් මම බොරු කිවුවා. ඒ හිත රිද්දන්න බැරි නිසා. රිදෙනවද නැද්ද දන්නේ නෑ. ඒත් මම එහෙම කිවුවා. "මොනාද ඔය අතේ..." මගේ ඔඩොක්කුවේ තිබ්බා බෑග් මලු ටික දැකලා එයා ඇහුවා. " මේ ඔයාට. අද වැලන්ටයින් ඩේ නේ" "ආහ්..අය්යෝ මට අමතක උනානේ, සොරි බබී" "මට මුකුත් ගන්නත් බැරි උනා ඔයාට" "කමක් නෑ අය්යේ." එහෙම කිවුවේ මගේ හිත නෙවෙයි. ඒත් එහෙම කියවුනා. කලින් සැරේ වගේම මේ පාරත් මට මුකුත් නෑ. හිත හීල්ලුවා. "අය්යේ, මම අපි ගැන අපේ ගෙදරට කිවුවා. අප්පච්චි ඇවිත් කතා කරන්න කිවුවා" ඒක කිවුවා විතරයි මෙන්න මෙයාට යකා වැහිලා. "බබා අපි තාම ඉගෙන ගන්නවනේ. ටිකක් ඉදලා කියන්න එපැයි. මේ කලබලේ ගෙදර එන්න කිවුවට එහෙම යන්නත් බෑනේ. අනෙක මම තාම අපේ ගෙදරට කියලත් නෑ" "අය්යෝ ගෙදර එන්න කිවුවට මේ අද හෙටම බන්දන්න නෙවෙයි අනේ.." "කතා කරලා තියන්න විතරයි" "මේ ගෙදරින් කතා කරලා මොනා කරන්නද අප්පා. කවුද දන්නේ මේවා වෙයිද නැද්ද කියලා. ඒ නිසා ගෙදරට කියනවා ඒක හරියන එකක් නෙවෙයි කියලා" "මොකක්ද අය්යේ, ඇයි එහෙම කියන්නේ, ඔයා දන්නවද මම ඔයාට කොච්චර ආදරේද කියලා" "අනේ මේ..ආදරේ..බම්බුව තමයි. තියාගන්නවා මහ ලොකු ආදරේ" "මම යනවා යන්න, මට ලෙක්චර් එකක් දැන්" මගේ අතේ තිබ්බ බැග් මලු ටිකත් අරන් දෙවෙනි පෙම්වතා ඉගිල්ලිලා ගියා. එදත් වැස්ස දවසක්. මගේ ලුනු රස වතුර බින්දු කාටවත් පෙනුනේ නෑ. බෝඩිමට එනකොට යාලුවෝ හිනා වෙවී එයාලට හම්බ උන තෑගී බලනවා. මම හෙමීට නාගෙන ඇදට නැග්ගා. හොරෙන්ම ඇඩුවා. මතක ඇති කාලෙක ආයේ වැලන්ටයින් එකකට තෑගි ගන්නේ නෑ කියලා හිතුවා. එහෙම්ම දෙවෙනි පෙම්වතත් අතුරුදන් උනා. ඊට පස්සේ කාලේ පියාඹලා ගියා. ආදරේ ඉල්ලපු අය හිටියේ නැතුවා නෙවෙයි. ඒත් හිත හෙල්ලුවේ නෑ මම. ඊට අවුරුදු හතරකට පස්සේ මම වැඩ කරන තැනදී මට තුන්වෙනි පෙම්වතා හම්බ උනා. මට වඩා අවුරුදු දහයක්ම වැඩිමල් කෙනෙක්. උසයි, මහතයි, ලස්සනයි ඒ වගේම උගත්. හරිම ආදරණීය, ආකර්ෂණීය චරිතයක්. ඒ අවුරුද්දේ වැලන්ටයින් දිනෙත් ආවා. එයා අදින ජාතියේ ශර්ට් දෙකයි ඒකට මැට්ච් කරලා ටයි දෙකයි මම ගත්තා. රස්සාවක් කරපු නිසා ඇති වෙන්න සල්ලිත් තිබ්බා. පහුවදා උදේම ලස්සනට ඇද පැළදගෙන මම ගියා තෑගි ටිකත් අරගෙන වැලන්ටයින් සමරන්න. තුන්වෙනි පෙම්වතා එක්ක. මගේ අනාගත සහකරු එක්ක.මම එහෙමයි හිතාගෙන හිටියේ. ඔෆිස් එකට යනකොටම කලබලේ. කට්ටිය එහේ දුවනවා මෙහේ දුවනවා. තැන තැන කුටු කුටු ගානවා. "මේ අද විතරලු මාර්කටින්ග් එකේ බොස් එන්නේ.." ඒ මොන කතාවක්ද කියලා මන් කල්පනා කලා. සමහරවිට එයාගේ රට යන වැඩේ හරි යන්න ඇති.මම හිතුවා. "බොස්ගේ වයිෆුත් ඇවිත්. හෙට රට යනවලු. පදිoචියටම. අද කට්ටියටම එයාලා ගානේ ලන්ච් එක" මාව එතන තිබුන පුටුවට වැටුනා. තෑගි මලු ටිකත් බිම වැටුනා. ලොකූ තරු කැට දෙකක් කම්මුලට වැටුනා. ආයේත් මම රැවටුනා...එහෙම්ම බිම වැටුන තෑගි ටිකත් එකතු කරගෙන ඔෆිස් එකේ පඩිපෙල බැස්සා. ගත්ත ශර්ට් දෙක සිකුරිටි එකේ අන්කල්ට දුන්නා. එතනම තිබ්බ කුණු බාල්දියට අනෙක් ටික දැම්මා. ත්‍රීවීල් එකකට අත දාලා මුහුද අයිනට ගියා. මුහුදේ පනින්න නෙවෙයි මුහුද දිහා බලන් ඉන්න. ඈත දියඹ දිහා බලන් ඉන්න. වැටෙන කදුලු වලට ඔහේ වැටෙන්න දෙන්න. එදා මට ඇඩුනේ නෑ. මම හිත හිතා ඇඩුවා. අනේ මටත් වැලන්ටයින් තෑග්ගක් හම්බ උනානම් කියලා. රන් රිදී දියමන්ති නෙවෙයි. හදවතින්ම දෙන එක උණුම උණු හාදුවක් තිබ්බානම් කියලා. රතු රෝස මල් පොකුරු නෙවෙයි එකම එක පිච්ච මලක් හම්බ උනානම් කියලා. වරු ගනන් හෝටල් කාමර වලදී නෙවෙයි පාරෙදී උනත් කමක් නෑ එකම එක ආදර වැලද ගැනීමක් තිබ්බානම් කියලා. ඔය මුකුත්ම නෑ මට. අඩුම ආදරේ කරන්න කෙනෙක්වත් නෑ. අනේ... කියලා එදා මම ඇඩුවා. ඔය සිදුවීම වෙලා අදට අවුරුදු තුනක්. ඒ පහු උන හැම අවුරුද්දකම මට වැලන්ටයින් දවසට අත පිරෙන්න වගේම හිත පිරෙන්නත් තෑගි තිබ්බා. කවුරුත් අරන් දුන්න ඒවා නෙවෙයි. මමම මට ගත්ත ඒවා. මල්ද, කේක්ද, චොකලට්ද, ඇදුම්ද, ආභරණද හැමදේම. මට ඕන මම ආස දේවල් මමම ගත්තා. කවුරුත් දෙනකම් බලන් ඉන්නේ නෑ. අද වෙඩින්ග් එකෙන් පස්සේ එන මගේ පලවෙනි වැලන්ටයින් දිනේ.එයා ව්‍යාපාරිකයෙක්, යෝජිත විවාහයක්. මම අදත් තෑගි ගත්තා හැම ජාතියෙන්ම. මම කැමතිම ඒවා. එයාට නෙවෙයි වැඩියෙන්ම ගත්තේ මට. එයා තෑගි ගෙනාවත් නැතත් මට සතුටු හිතෙන සේරම මම ගත්තා. අනෙක අදට විතරක් මොකටද තෑගි. අවුරුද්දේ අනෙක් දවස් වලට එයා දෙයක් මට දෙන්නේ ආදරේ නිසානේ. කියලා හිත රවට්ට ගත්තා. ඒත් පුoචිම පුoචි ආසාවක් තිබ්බා වැලන්ටයින් දිනේට තෑග්ගක් හම්බ වෙනවානම් කියලා. වැලේ වැල් නැති කාලේ ඉදන් තියෙන ආසාවක්...බලමුකො අද හවසට..... E.M.C.K.එදිරිසූරිය 2024.02.10 ප.ලි. මේක ගොතපු කතාවක් ය. මට ඉස්කෝලේ කාලේ පෙම්වතෙක් සිටියේ ද නැත. අපේ අම්මා අප්පච්චිලා වැලන්ටයින් දන්නේ ද නැත. එදාට විතරක් තෑගි දුන්නේ ද නැත. එයාලාට අවුරුද්දේ දවස් තුන්සිය හැටපස්
දවසම තෑගී නොදුන්නාට වැලන්ටයින් දවස් ය. ආදරය ඉතිරුණු දවස් ය. මේ ඊයේ මට හම්බ උන එකම එක රෝස මල ය. මල දුන්න කෙනා අඩයාලමේත් සිටිනවා ය."4G" A SHORT STORY මම හිටියේ පොළව මට්ටමින් ටිකක් උඩ...ටිකක් කිව්වට අඩි තිහ හතලිහක්....පැය විසිහතරෙන් අඩුම ගානේ පැය දහයක්වත් මම ඉන්නේ එතන...එතන මටම වෙන්උන මගෙම ලෝකයක්.....ලෝකෙට ගමන් කරන දොරටුවක්...ස්වර්ගයක්.....ඒ වෙන කොහෙවත් නෙවේ....මගෙ සිග්නල් ප්ලේස් එක...මගෙ සියඹලා ගහ..... අපි හිටියේ ගමක...ලස්සනයි...සුන්දරයි....නිස්කලංකයි...ඒත් එකම එක හිස්තැනක් ඒ හැමදේටම වඩා මුල්තැන ගත්තා..."සිග්නල්"...කිව්වට විශ්වාස කරන්න ඉන්ටනෙට් ලොග් වෙන්න 4G සිග්නල් තිබුණේ ඔතනට විතරමයි....කෝල් එකක් ගන්න පවා නෝමල් සිග්නල් නෝ සර්විස් වෙනකොට මම ම හොයාගත්ත සියඹලා ගහ මිහිපිට දිවිය ලෝකයක් උනා මට......ඉතින් එහෙව් තැනකට මම ආදරේ කරන එක අහන්නත් දෙයක්ද... පොඩි කාලේ ඕව මට ගානක් නැතත් ටික ටික ලොකු වෙනකොට ලෝකෙ තාක්ෂණය එක්ක ජීවත් වෙනකොට මටත් ඒකට සමාන්තරව තාක්ෂණය උවමනයි කියල මටම දැනුනා....විශේෂයෙන් ඒ ලෙවල් කරන්න පටන් ගන්නකොටම පුදනකොටම කාපි යකා කියල බෝම්බ පිපිරෙනකොටයි ඒ උණුහුම යනකොට කොරෝනා ඇවිත් ඉගෙනීම ඉදල හැමදේම ඔන්ලයින් වෙනකොට උදේ අටට ගහට නැගගත්ත මම බැස්සෙ හැන්දැවේ පහමාරට හයට....කන්න බොන්න වතුර බෝතල් එකී මෙකී නොකී සියල්ල උස්සන් ගහට නැගල එතන ඉදල ගහන මනෝ පාරට මම ගොඩක් ආසා කලා...ආදරේ කලා... සියඹලා ගහ.....වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මගෙ ඉෂ්ට දේවතාවා...එයා හිටියෙත් හරි ලස්සන ලොකේෂන් එකක......වැවට අල්ලලම වැව් ඉස්මත්තේ පාර අයිනේ තමයි මගෙ රාජධානිය තිබුණේ....පාර අයිනෙ උනත් ගහ උඩට නැග්ගට උඩ බැලුවේ නැත්තම් කිසි කෙනෙක්ට පේන්න නැ....ඒකටම හරියන්න හොදට වාඩිවෙන්න හේත්තුවක් දාන්න හොද හයිය ගස් දෙබලෙකුත් මටම හයි කරල වගේ තිබුණා.... වෙනද වගේම ගහ උඩ ඇලට් එකක් දාගෙන මම හිටියේ බර මනෝ පාරක...ක්ලාස් එකත් කලින් ඉවර උන එකේ මම යූ නලේ පැත්තට ගිහින් මෙතනම ඉදගෙන හොටු කඳුළු පෙරන් අඬ අඬ බලපු "the untamed"drama එකේ "wuji" තීම් සෝන්ග් එක අහන ගමන් මගෙම ලෝකේ තනිඋනා...ඒකටම ගැලපෙන්න වැව දිහායින් එන සනීප හුලගයි ගහේ පැහීගෙන එන සීනි සියඹලයි එක්ක මගෙ පියවි ලෝකෙ මගෙන් ටිකක් එහාට ගියා... එකපාරම මගෙ හීන ලෝකෙ බිදුනේ කන් අඩි පැලෙන සින්දු සද්දෙ එක්ක එන වාහන සද්දෙකට.....සින්දු අහන එක පැත්තක දාල මම වෙන දේ බලන් ගහ උඩම උන්නා....ජීප් එකක්...අවුරුදු 19-25 විතර කොල්ලො සෙට් එකක්..එකයි...දෙකයි..තුනයි...අර දෙන්නයි පහයි ...දහයයි ඔක්කොම දහ දෙනෙක්.....උන් බොන්න සෙට් වෙන්නදත් මංද...ගැන්සියම වාහනෙන් බැහැල පැදුරු එලන් වාඩි උනේ මගෙ ගහ යට හරියටම....ඒ මදිවට කන්න බොන්න එක එක ජාතිත් මහ ගොඩක් ගෙනත් දැම්මා.... අනේහ්....මගෙ මුලු ඇගම සීතල වෙලා ගියා....උන් නිකමටවත් උඩ බැලුවොත්....කියාගන්න බැරි ලොකූ අසරණකමක් එක්ක මට ඇඬුම් ආවා....මේ බීපු කොල්ලො සෙට් එකකට අහුඋනොත් දෙයියනේ මට මොනව නොකරාවිද....ගහෙන් බැස්සොත් මාව අහුවෙනව...හොඳම තීරණේ ගහ උඩට වෙලා මීක් නැතුව ඉන්න එක....මගෙ මොලෙත් සිංහල අච්චාරුවක් වෙනකොට මට හොදටම දාඩිය දාල බයට....හිතට හයිය අරගෙන මම තවත් ගහට මුවා උනා....දෙයියනේ....උඩ නං බලන්න එපා.... උඩ ඉදල බලන මට කාගෙවත් මූණු හරියට පේන්නැ....ඔළුගෙඩි ටික විතරයි පේන්නේ...එතන මට හුරු කෙනෙක් කියල කිසිම කෙනෙක් මට දැනුන්නැ..සුවර් එකට උන් මේ පළාතේ උන් නෙවේ....ඔය අස්සේ එකෙක් ගිහින් නිකං ස්ටැන්ඩ් එකක තියන පෙට්ටියක් වගේ එකකුයි අගුරු ගොඩකුයි ජීප් එකෙන් උස්සන් ආවා.... බාබකියු..!!!! මුං මෙතන බාබකියු පාටියක් දාන්නද යන්නේ.... බයට තවත් මාව ගැහෙනකොට කෙළ තලියකුත් ගිලුනා....නැ ඉතින්...මොනව උනත් බාබකියු නේ..... මම වැඩි හොඳට ෆෝන් එක මියුට් කරල ඈනුමක සද්දයක්වත් ඇහෙන්නැති වෙන්න වග බලාගත්ත....මාව දැක්කොත් අම්මෝහ්....වෙලාවත් හවස හතරයි කීයට මේක ඉවර වෙයිද මංද......මම ප්‍රාර්ථනා කලේම ඉක්මනට ඔය චිකන් ටික ඉවර වෙන්න කියල..එතකොට පාටිය ඉවරයිනේ.... ඒ සෙට් එකේ හිටියා අපිට වඩා අවුරුද්දක් විතර වයස කියන්න පුළුවන් බෝයි කෙනෙක්....අනේ මන්ද ඌ ඉන්න දිහාවටම ඔටෝම මගෙ ඇස් කැරකුනා....එයාව දකිනකොට මගෙ ඇග පුරාම කරන්ට් එකක් දුවන්න ගත්තා...එයා ගොඩක් උසයි...මට හරියට මූණ පේන්නැ ඒත් හරි සිරියාවන්ත පාටක් මට පෙනුනා...කූරු කොන්ඩයක් තිබුණේ....කොන්ඩෙ උස්සලා සයිඩ් පීරලා...එයාගෙ කොන්ඩ කැරැල්ලක් හැමවෙලේම මූණට වැටෙනකොට එයා කලේ කොන්ඩේ අතින් හදපු එක..පස්සට කරපු එක..විනාඩියට සිය පාරක් ඕක කරන්න ඇති...උරහිස් පලල්..ඒ වගේම ඉස්සරහට ආපු උගුරු දණ්ඩත්....රැව්ලත් එක්ක හොද ජෙන්ට්ල්මන් ලුක් එකක් මම එයාගෙන් දැක්කා.... මට හරියට නොපෙනෙන පිරිපුන් මූණත් එක්ක එයාව දකිනකොට මට මතක්ම උනේ ටයිටැනික් ජැක්ව....ෆිල්ම් එකෙ රැව්ල නැතත් මෙතන ඉන්නෙ රැව්ල තියෙන ජැක් කෙනෙක්... සෙට් එකම බාබකියු පාටිය පටන් ගත්තෙ බියර් ටින් එකකින් සව්දිය පුරල....කෙහෙම්මල....බාබකියු සුවදේ බැ...කෙලත් උනනවා අප්පා.... ජැක්....ඔව් මම එයාට හදාගත්ත නම..ජැක්.... ජැක් ජීප් එකට ගිහින් මොකක් හරි ගත්තා.....ධෙයියනේ...ගිනිගින්දර ගිටාර් එකක්.....මටත් ගිටාර් පිස්සුව ඉහට ගහල තිබුණේ තදේටම...එයා ගිටාර් එක අරන් ඉන්නව දැක්කා විතරයි මට අර කලින් වැදුන කරන්ට් එක හයිටේෂන් ලයින් එකක් උනා....පපුව දිහායින් එන ඇවිලිල්ලක් ඇගේ අස්සක් මුල්ලක් අස්සෙම යනකොට හදවත පොපියන්න පටන් ගත්තා...කන් දෙකෙන් දුම් පිටවෙන්න වගේ දැනිල ඇග ඇතුලෙ සත්තු නටනවා වගෙ දැනෙන්න ගත්තා... "ජීවිතේ....තරුණ කාලේ... එක සේ....නොරැඳේ....." එයා ගිටාර් එක ප්ලේ කරපු විදියට නං මට ගහෙන් බැහැල ලගට දුවන්න ....හරිම මිහිරි කටහඬක්.....ගානට ගිටාර් එකේ කෝඩ්ස් අල්ලලා තාලෙට පැද්දි පැද්දි මූණට වැටෙන කූරු කොන්ඩෙත් ගස්ස ගස්ස සින්දු කියන එයා දිහා මම බලන් උන්නේ වශී වෙලා....කවදාවත් දැනිල නැති හැඟීමකින් මගෙ තුන්හිතම පිරෙනකොට අර කලින් දැනුන බය හෙමීට හෙමීට නැතිවෙලා ගියේ ඉබේටම..... "ඕ...ඕ...ඕ...ආ...ආ...." සින්දුවේ තාලෙටම ඔලුවත් උස්සල එයා සිංදු කියනකොට මමත් හොදට ගහේ වාඩිවෙලා පාතට මූණ දාගෙන අහගෙන හිටියා...එකපාරම හයි පිච් එකක් සින්ග් කරන ගමන් උඩ බලපු එයාව දකිනකොටම සනික ඇක්ටිව් උන මගෙ ස්නායු පද්ධතියට පිං සිද්ධ වෙන්න මම ඇහි පිල්ලම ගහන සැනින් ගහට මුවා උනා.... මලකෙලියයි...දැක්කද දන්නෙත් නැ....නැ.....මේ හවස් අතේ කෙල්ලක් ගහ උඩ ඉන්නකොට දැක්කනං සද්ද නැතුව ඉදීයැ.... "මම ගන්නෙමී කරකාර බන්දාලා.. පුංචි හාමිනේ වලව්වෙන් දැන්.." මට ඒ සිංදුව ඇහෙනකොට නිකං මට කියනව වගේ හැඟීමක් දැනිලා ලොවෙත් නැති ලැජ්ජාවක් මෝදු වෙන්න ගත්තා....අඩේහ්...මොන මඟුලක්ද මේ මට වෙන්නේ....මාව රතු වෙනවත් ඒ අස්සේ....... මෙච්චර කල් ලෝකෙ පුරා celebrities ලට වශී වෙලා crush කරගෙන හිටියත් මට කවදාවත්ම Love කියන දේ අත්විදල නැ...මම මේ කියන්නේ අම්මා තාත්තට දැනෙන ආදරේ නෙවේ....තරුණ වයසට දැනෙන ආදරේ ගැන...මට ඒ feeling එක ගැන තිබුණේ වෙනමම අයිඩියා එකක්...මොකද මගේ වටේ ඉන්න යාලුවො පතරංග බූට් කාලා උන්ගෙ දුක මමම අහල ලව් එපා වගේ මතයක්....ඒත් මම දන්නවා ..යාලුවෙන්න අහපු කොල්ලන්ටත් මම කිව්වේ "ඇයි දත් නැතුව බත් කන්න ආසද "කියල...ඒත් මම දන්නවා...මගෙ හිතත් ආදරයක් හොයනවා.... කවදාවත් නැතුව මූණත් හරියට නොපෙනෙන අදුරන්නෙවත් නැති කොටින්ම නම වත් නොදන්න මේ ජැක්ට මගේ හිතේ මේ පැලපදියම් වෙන්නේ ආදරයද....කැමැත්තද...කියන්නවත් මට තේරෙන්නැ...මම දන්නෙ නැ.....මම දන්නේ මෙච්චරයි එයාව දකිනකොට මාව දියවෙනවා.....මුලු හිතයි හදවතයි පිරිල යනවා.... " සිරිකුසා සිසිලියා... ඈ නීල වරල පීරලා..... Smooth like butter... " හරිම මිහිරි ඒ කටහඩයි...ගිටාර් වාදනෙයි...බාබකියු සුවඳයි...මගෙ පිරුණු හිතයි එකට මුසු උනාම අද මේ වැව් තාවුල්ල..මේ සියඹලා ගහ හරිම ආදරණීයයි.... එයාව යනකොට හවස හයත් පහුවෙලා....මුලින් එයාලා ආවට හැඬුම් ආව මට දැන් එයාල යනකොට හැඬුම් ආවා....ඒ හැගීම....මම එක දෙයක් හූන කීව වගේ කියන්නද....මම අනාගතේදි කසාදයක් කරන්න වෙනකොට මට උරුම සහකාරයා ඇතුළෙත් මගේත් ජැක්ව හොයයි...බාබකියු සුවඳ ඉවකරයි....නැත්නම් තනිකඩවම ඉදී....ඒ තරම් මගෙ හිත පිරෙව්වා ජැක්... අන්තිමට එයාලා ගියා...මමත් ගහෙන් බැහැල ගෙදර ගියේ හිස් උන හදවතකින්..මනසකින්...ලෝකෙකින්...ඒ නිසාමද මංද පරක්කු උනාට ගෙදරින් තිබ්බ දේශනාවත් මට කිසි ගානක් නැ...... 5 years later... "අනේ ළමයො ඔහොම ඉදල හරියනවද..යන්න..ඉක්මනින් රෙඩි වෙන්න..ඒ මිනිස්සු ලග පාත එනවත් ඇති...." "අනේ මට ඕන මගුලක් නැ අම්මේ....මෙහෙම ඉන්න දෙන්නකො...ඇයි වදේ.." "අනේ මංද මේ ලමයට මොනව වෙලාද කියලා...නරකක් කරන්නද මේ හදන්නේ ආ....ඒ ලමයත් ඩොක්ටර් කෙනෙක්....පවුල් පසුබිමත් හොදයි....අනේ මංද මේ ළමයා කැම්පස් යද්දිත් තනිකඩයි....ඉවර වෙලා එද්දිත් තනිකඩයි..." ඔය මාව බලන්න එන පස්වෙනි මනමාලයා..කලින් හතරම මට කැමති උනත් මගේ අකමැත්ත මත ඒව සිද්ධ උනේ නැ.....මූට කියලත් වැඩි වෙනසක් වෙයි කියල මම හිතන්නැ.... කොහොමින් හරි එයාලා ආවා...මමත් හෙප්පුව උස්සන් සාලෙට ගියා....මනමාලයා ලගට යනකොට මට මීට අවුරුදු පහකට කලින් දැනුන හැගීම ආය දැනෙන්න ගත්තා...එදා මූණ දැකල නැතුව මම ආදරෙ කරපු ජැක්ගෙ වගේම කොන්ඩයක් මම මේ මනමාලයා ගෙන් දකිනකොට එදා වැදුන කරන්ට් එක මට ආයේ වැදිලා ඇග ඇතුලේ සත්තු නටන්න ගත්තා....ඒ ඇස් එක එල්ලෙ මගෙ ඇස් ඉලක්ක කරගන්නකොට මමත් ඒ ඇස් අස්සෙ හිටපු මාවම හෙව්වා.... එයා ලගට මම ගියා...ගිහින් හෙප්පුව මම එයාට දෙනකොටම වටේ අයට නොදැනෙන්න එයා මගෙ කන ගාවට පාත් උනා..... "එදා ගහේ හිටියට වඩා දැන් හුඟක් ලස්සන වෙලානේ...." අපේ
ගේ පුරාම බාබකියු සුවඳ පැතිරුනා.. වැව් ඉස්මත්තේ ඉදල ආව හුලගකින් මුලු ගේම වෙලාගත්තා..... "දෙයියනේ....මගෙ ජැක්......" After 5 months... අද වැව් තාවුල්ල හරි ලස්සනයි.....මගෙ සියඹලා ගහත් හරි ආඩම්බරෙන් අතුපතර විහිදාගෙන හිටියා.....වැවේ නෙලුම් මල් පිපිලා තියනකොට ඈතින් එන සුළඟට වැව් වතුර හීනි රැලි නැගුවා.......වැව් බන්ට් එකේ කෙලවරට වෙන්න තිබුන බාබකියු ඒරියා එක නිසා මුළු තාවුල්ලම සුවඳ දුන්නා....හිනා....ආගිය තොරතුරු......මගුල් බෙර.....මංගල අෂ්ඨක මැද මගෙ සියඹලා ගහ යට හරි ලස්සන මගුල් පෝරුවක් තිබුණා........ The end....මදුවිත තොල ගාමින් සිටි රාජු ඇතුලු කල්ලියේ මාතෘකාව වූයේ පොලිසිය විසින් පාතාලය මැඩලීමට දියත්කර ඇති මෙහෙයුම පිලිබදවයි. රාජුගේ දකුනු අත බඳු වූ නේවි සජීට අමතරව ලොක්කා සහ ගුනාද එම සාකච්ඡාවේ කොටස් කරුවෝ වූහ. නේවි සජී යනු රාජුගේ විස්වාස වන්තම ගෝලයා වූ අතර ඔහු හැදින්වූයේ රාජුගේ කල්ලියේ දෙවෙනියා ලෙසය. සූක්ෂම බුද්ධියක් සතු වූ සජි දක්ශ වෙඩික් කරුවෙක්ද වීය. " බොස් ක්‍රයිම් බ්‍රාන්ච් එකට ආව අලුත් OIC නම් හරියන්නේ නෑ, දැම්ම මොනවහරි කරන්න වෙයි" " නෑ නෑ පොලිසියත් එක්ක ප්‍රශ්න දාගන්න එපා" ලොක්කාගේ අදහසට සජී විරුද්ධ වූ අතර රාජුද එම යෝජනාව ප්‍රතික්ෂේප කලේය. "ඔව් ඔව් දැම්ම එහෙම මොකුත් කරන්න ඕනේ නෑ ටිකක් බලලා කන්ට්‍රෝල් කරන්න බැරිම උනොත් මොනවහරි කරමු" රාජුගේ ප්‍රතිපත්තිය වූයේ පොලිසිය අමනාප නොකරගෙන ඔවුන්ගේ කටයුතු කරගෙන යාමයි. තමන්ගේ සීමාව ඉක්මවා යන බව හැගුනු පාතාල නායකයා නැගිට ගිය අතර ටික වෙලාවකින් පසු අනෙක් තිදෙනාද නැගිට ගියේය. උදේම අවදි වූ රාජු සූදානම් වූයේ පෙරදා කතිකාකරගත් පරිදි දේවාලය වෙත යාමටය. නින්දේ පසුවූ තම බිරිඳට කතා නොකරම පිටත් වීමට ඔහු අදහස් කලේ ඇතිවූ හිසේ කැක්කුමක් නිසා පාන්දර වන තුරුම ඈ අවදියෙන් සිටි නිසාය. " ඔයා ලෑස්තිත් වෙලා නේද, කතාකරන්න එපැයි ඉතිං " " නෑ නෑ ඔයා එන්නෙපා , තව ටිකකින් ගිහින් බෙහෙත් අරන් එන්න, මම ගිහින් සාමිව හම්බෙලා එන්නම්" " නෑ නෑ මාත් එන්නම්, දැන් හොඳයි මට" " එක පාරක් කිව්වනේ, කරුනඅම්මා එක්ක ගිහින් බෙහෙත් ගන්නවා" රාජු පිටත්වීමට සැරසෙද්දීම දිස්නා අවදි වුවද රාජු ඈව ගමනට එක්ක නොගියේ. කුඩා කලසිටම ආදරය අහිමි වූ රාජුට දිස්නාගේ ආදරය මහත් අස්වැසිල්ලක් වූ අතර අනෙක් සියලු දෙනා ඔහුව පිලිකුල් කරද්දි මෙතරම් ආදරේ කල ඇය ගැන ඔහු සොයා බැලුවේ ඉමහත් සෙනෙහසිනි . ඔහුගේ ජීවිතේට ඈ එකතු වූයේ මීට අවුරුද්දකට පමන පෙරය. ඔවුන් හදුනාගෙන මාස කීපයකින් දිස්නාගේ දෙමව්පියන් ඔවුන්ගේ සම්බන්ධය පිලිබද දැනගෙන දැඩි විරෝධයක් පෑ අතර දිස්නා ඔවුන් අතහැර රාජු සමගින් ආවේ රාජුගෙන් ඇගේ ගෙදර අයට හානියක් වේයැයි බියෙනි. සාමාන්‍ය ප්‍රේමවන්තයන් මෙන් රාජු ආදරය නොපෙන්නුවද තමන්ට ඔහු ආදරේ බව දිස්නා දැනසිටියාය. තමන්ගේ විස්වාස වන්තම රියදුරු වූ සමන්ත සමගින් රාජු යමින් සිටියේ දේවාලය කරාය. මාර්ගයේ පාලු හරියක දී දෙදෙනෙක් රන්ඩුවෙමින් සිටි අතර පාර හරස් වනසේ ඔවුන්ගේ ත්‍රීවීල් රතය හා බයික් එක නවතා තිබිනි. ඈත තියාම මෙය දුටු රාජු ප්‍රියස් වර්ගයේ මෝටර් රතය නවත්වන ලෙසට රියදුරුට අනකොට පිස්තෝලය අතට ගෙන වටපිටාව දෙස විපරම් කර බැලුවේ සැක කටයුතු යමක් ඇත්දැයි කියාය. එවැනි යමක් නොවුන හෙයින් සමන්ත ඔවුන් වෙත යැවූ රාජු සියල්ල බලා සිටි අතර පාරේ සිටි පුද්ගලයන් දෙදෙනා එකිනෙකාට චොදනා කරමින් සිටියේය. කාන්තාවන් දෙදෙනෙක් සහ කුඩා දරුවකු සිද්දිය දෙස බලා සිටියේ එක තරුනයෙකුට රන්ඩුව නවත්වන ලෙසට බලකරමිනි. තම ඉනෙහිවූ පිස්තෝලය අතට ගත් සමන්ත ඔවුන් දෙදෙනාට වහාම පාරෙන් අයින් වන ලෙස විදාන කලේය. පනගැන්වූ යතුරු පැදිය වේගයෙන් ඉදිරියට ගිය අතර ත්‍රීරෝද රතයේ පැමිනි තරුනයා එය මාර්ගයේ අයිනට ගත්තේ එහි පැමිනි වුන් නංවා ගැනීමටය. ගතවූයේ තප්පර කීපයකි විරුද්ධ දෙසින් පැමිනි යතුරු පැදියක් සමන්ත පහුකර ගොස් කාර් රතය ලග නවත්වා එම රතයට වෙඩි පාරවල් කීපයක් එල්ල කර වේගයෙන් යන්නට ගියේය. එම යතුරු පැදිය දෙසට සමන්ත වෙඩි කීපයක් එල්ල කලද ඉන් යතුරුපැදි කරුට හානියක් නොවීය. වහා ක්‍රියාත්මක වූ සමන්ත කාර් රතය තුල වූ සිය ස්වාමියා වෙත ගිය අතර ඔහු යන විට ඔහු සිටියේ ලේ පෙරමිනි. වෙඩික් කරුගේ එක උන්ඩයක් ඔහුගේ හිස හරහා හා තවත් උන්ඩ දෙකක් ඔහුගේ පපුව සිදුරු කරමින් ගොස් තිබිනි. ප්‍රබල පාතාල කල්ලි නායක රාජුට වෙඩි තැබූ පුවත ප්‍රදේශය පුරා ඇවිල ගියේ ලැව් ගින්නක් මෙනි. රියදුරා විසින් ඔහුව රෝහල් ගත කරන විට අවසන් හුස්ම වාතලයට මුසුවී විනාඩි කීපයක් ගතව තිබිනි. රාජුගේ ප්‍රදාන ප්‍රතිවාදියා වූ ගජාගේ කල්ලිය විසින් මෙම ගාතනය සිදු කරන්නට ඇතැයි සියලු දෙනා අනුමාන කලේ කාලයක් තිස්සේ දෙපිරිස අතර ඇති වූ ගැටුම් නිසාවෙනි. ප්‍රදේශය පාලනය කල ප්‍රදාන කල මෙම පාතාල කන්ඩායම් දෙක බලය තහවුරු කරගැනීම වෙනුවෙන් එකිනෙකා මරාගැනීම සාමාන්‍ය දෙයක් වී තිබුනු අතර පොලිසියට එය මහත් හිසරදයක් වි තිබිනි. රාජු මිය ගිය පුවත සතුටු විය හැකි එකක් වුවත් ඒත් සමග ඊලගට සිදුවීමට නියමිත පලිගැනීම් නිසා සිදුවීමට ඉඩ ඇති මනුස්සගාතන ගැන පොලිසිය අවදානයෙන් පසු වූ අතර DIG විසින් ප්‍රදේශයේ ඉහල නිලදාරින් කැදවූයේ මේ පිලිබදව සාකච්ඡා කිරීමටයි. රාජු ගාතනයේ පරීක්ෂණ බාරව තිබුනේ IP සමරනායක වෙතයි. " පරීක්ෂණ වල තත්වෙ මොකද සමරනායක" " ඩ්‍රයිවර්ගෙන් ස්ටේට්මන්ට් ගන්න ගමන් සර්. උදේම රාජු දේවාලෙට යද්දි තමයි පාරේදි සිද්ධිය වෙලා තියෙන්නේ. ඉස්සරහ වීල් කාරයකුයි බයික් කාරයෙකුයිගෙයි රන්ඩුවක් වෙලා. පාර පටු හින්දා බයික් එකයි වීල් එකයි නවත්තලා තිබ්බ විදියට කාර් එකට යන්න ඉඩ මදිවෙලා පස්සෙ ඩ්‍රයිවර් බැහැලා අර දෙන්න එලවලා ඒ අතරේ තමයි බයික් එකකින් ඇවිත් වෙඩි තියලා තියෙන්නේ" " ඒ කියන්නේ ප්ලෑන් කරලා කරපු දෙයක්" " ඔව් ඒ වගේ තමයි " " ඒ බයික් එකයි වීල් එකයි අල්ලගන්න ඕනේ මුලින්ම" " වීල් එක පාරෙ ගියපු එකක් සර් , ඒකේ ඩ්‍රයිවර් එක්ක තමයි රාජුගේ ඩ්‍රයිවර් රාජුව හොස්පිටල් අරන් ගිහින් තියෙන්නේ. වීල් එකේ තව ගෑනු දෙන්නෙකුයි ලමෙකුයි ඉදලා එයාලගෙනුත් ස්ටේට්මන්ට්ස් ගත්තා. එයාලා මේකට සම්බන්ධ නෑ වගේ, බයික් කාරයා තමයි පාරහරස් කරලා වීල් එකේ ඩ්‍රයිවර්ට කේස් එක දාලා තියෙන්නේ පාරේ ඉඩ නොදුන්නා කියල ඒත් වීල් එකෙ ඩ්‍රයිවර්නන් කියන්නේ එහෙම කලේ නෑ කියල" "එහෙනම්ඒ බයික් කාරයයි වෙඩි තියපු එකයි තමයි එහෙනම් වැඩේ කරලා තියෙන්නෙ " " ස්ටේට්මන්ට් අරන් වීල් එක රිලීස් කරන්නද සර්" " Ok ඩීටෙල්ස් ඕක්කොම අරන් යවනවා, අර රන්ඩුවට ආව මනුස්සය ආයේ දැක්කොත් විල් එකේ අයට අදුරගන්න පුළුවන් ද කියන්නේ" " මිනිහා මාස්ක් එකක් දාලා ඉදලා තියෙන්නේ " " ඒකත් එහෙමද, සමරසිංහ මේක පුංචි යුද්දෙක අරම්බෙ වෙන්න පුළුවන් ඉක්මනට මිනීමැරුව අල්ලගන්න ඕනේ. අනික නේවි සජී නිකන් ඉන්න එකක් නෑ මිනිහා ගැන ඇහැගහගෙන ඉන්න වෙයි දන්නවනේ මිනිහගේ හැටි රාජුගේ පලිය ඌ ගන්නවමයි" රාජුගේ අවමගුල මගුල් ගෙයක් මෙන් ඉතා ඉහලින් සංවිධානය කරතිබූ අතර විශාල පිරිසක් ඒ සඳහා සහබාගි විය.දේහය ආදාහනය කරනු ලැබුවේ තුන්වන දිනයේය. සජී දිස්නාව හමුවීමට උඩුමහල පැමිනියේ කරුනම්මා ගෙනා පනිවිඩය අනුවයි. "කතා කලාද අක්කේ" " සජි අර ගජා කියන බල්ලා ඉක්මනට මැරෙන්න ඕනේ ඕකා තමයි මගෙ රාජුව මරා ගත්තේ , ඌව මැරුනට පස්සේ තමයි අය්යට දානේ දෙන්නේ. " ඒත් මේ වෙලාවේ..." "ඇයි බයද ? උඹට බැරිනම් කියපන් මම මේක වෙන කාටහරි කියල කරන්නම්" " නෑ මම කොහොමත් ඕකව ඉවරකරනවා" "හරි පරිස්සමට " සජීට පුදුම සිතුනේ රාජුට අපරාධ නවත්වන ලෙසට නිතර නිතර බලකල ඔහුගේ බිරිඳමද මේ කියාය. ගජා ගැන ඔත්තු බැලීමට ගෝලයෙක් යෙදවූ සජී අවස්ථාවක් පැමිනෙන තුරු සිටියෙ නොයිවසිල්ලෙනි. බලාපොරොත්තුවෙන් සිටි ඔත්තුව ලැබුනේ රාජුගේ මරනයේ පස්වෙනි දින රාත්‍රියේදීය, ගජාගේ හොඳම ගෝලයකු වූ චුට්ටේගේ මව මියගොස් තිබූ අතර මලගෙදර තිබුනේ කිරිබත් ගොඩ නගරයෙන් මදක් ඇතුලට වන්නට වූ වත්තකය. ආරක්ෂක හේතුමත ගජා එහිගියේ මැදියම් රැයේදීය. මල ගෙදර ගොස් ගජා ඇතුලු පිරිස එනතුරු සජී රැක සිටියේ තම සහෝදරයා බඳුවූ තම ස්වාමියාගේ ගාතනයේ පලිය ගැනීමටය. පාන්දර 1ට පමන කිරිබත්ගොඩ පොලිසියට ඇමතුමක් ලැබුනේ වෙඩි තැබීමක් සිදුකල පිරිසක් සුදු පැහැති ඩොල්ෆින් වර්ගයේ වෑන් රතයකින් නුවර කොලඹ මාර්ගය දෙසට පැමිනෙමින් සිටින බවටයි. ඇමතුම ලද විගස වහා ක්‍රියාත්මක වූ කිරිබත්ගොඩ පොලිසිය කන්ඩායම් දෙකක් යැවූ අතර මුර සංචාරයේ ගිය රතයද ඔත්තුවේ පරිදි වෙඩි තැබූ පිරිස පැමිනෙමින් සිටි මාර්ගය දෙසට යැවූයේ OIC ගේ අන පරිදිය. කන්ඩායම් තුනම රැකවලා සිටියේ මාර්ගය අවහිර කොට රතය නවත්වා ගැනීමේ සූදානමිනි. ඔත්තුව ලැබී විනාඩි කීපයකින් හදිසි ඇමතුම් අංශයට ගලා ආ දුරකතන ඇමතුම් වල සඳහන් වූයේ පිරිසකට වෙඩිතබා මරා දමා ඇති බවයි. පිටත්කර යැවූ කන්ඩායම් වලට කිරිබත්ගොඩ පොලිසියේ OIC ගෙන් අන ලැබුනේ කෙසේ හෝ ගාතකයන් අතඩංගුවට ගන්නා ලෙසටයි. සජී ඇතුලු පිරිස පැමිනෙමින් සිටි වෑන් රතය නුවර කොලඹ නුවර මාර්ගයට ඇතුලු වීමට තිබුනේ කිලෝමීටර් 02ක් පමනි. එක්වරම රියදුරු විසින් වෑන්රතය නැවැතූවේ පාර අවහිර කර තිබෙනයුරු දැකීමෙනි. ලොකු වංගුවක් පහුවනවාත් සමගම මාර්ගය හරස්කර තිබූ බැවින් ලගට පැමිනෙන තුරුම එය දැකගැනීමට නොහැකිය. තිරිංග තද කොට රතය නවත්වන විට වෑන් රතයත් මාර්ග බාදකයත් අතර දුර මීටර් 10ටත් අඩු විය. වහා ක්‍රියාත්මක වූ වෑන් රතයේ උන් පිරිස මාර්ග බාදකය දෙසට වෙඩි තැබූ අතර රියදුරු වෑන් රතය ආපස්සට දාවනය කිරීමට උත්සාහ කලද ඒ වන විටත් සැගව සිටි පොලිස් නිලදාරින් වෑන් රතය වටකොට හමාරය. පොලිසිය දෙසට වෙඩි තබනවාත් සමග පොලිසියද ප්‍රතිප්‍රහාර එල්ල කලේය. වෑන්‍ රතය පිටුපසින් එල්ල වුන අනපේක්ෂිත වෙඩි ප්‍රහාර වලින් බේරීමට කිසිවෙකුට නොහැකු වූ අතර කීප දෙනෙක් එම ස්තානයෙදීම මරනයට පත්වූ අතර කීප දෙනෙක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මරනයට පත්විය. පසු දින උදෑස
න මුලු රටේම පුවත්පත්වල ප්‍රදාන පුවත් වූයේ පාතාල කන්ඩායම් දෙකේ ගැටුම පිලිබදවයි. කිරිබත්ගොඩ පොලිසිය වෙත ප්‍රසංසා හිමි වූ අතර ප්‍රබල පාතාල කන්ඩායම් දෙකක ඉරනම එසේ විසදුනි. පාතාල කන්ඩායම් දෙකේ අවසානය එසේ නිම වුවද IP සමරසිංහ පරීක්ෂණ දිගටම සිදුකලේ රාජුගේ ගාතනයේ වෙඩික්කරු හදුනාගැනිමට නොහැකිවීම නිසාවෙනි. CCTV ආදාරයෙන් වෙඩික්කරු යැයි සැකකෙරෙන පුද්ගලයා හා මාර්ගය අවහිර කරමින් ඔහුට උදව් කලා යැයි සැකකරන පුද්ගලයාගේ වීඩියෝ දර්ශන ලබා ගත්තද ඔවුන්ව හඳුනා ගැනීමට හැකියාවක් නොවුයේ මූනු ආවරනය කරගෙන සිටි නිසාය. බයික් දෙකේ නම්බර් දෙක ඔස්සේ පරීක්ෂණ සිදු කලද ඒවා ව්‍යාජ ඒවා වූ බැවින් ඒ උත්සාහයද ව්‍යාර්ත විය. මේ අතර සජි ඇතුලු පිරිස ගජාගේ කල්ලියට වෙඩිතබන දර්ශන හා ගාතනයෙන් පසු පලායන අයුරු දැක්වෙන දර්ශන ඇතුලත් CCTV වීඩියෝ කිරිබත්ගොඩ පොලිසිය විසින් පරීක්ෂණ කටයුතු සඳහා සමරසිංහ වෙත එවා තිබුනි. අවදානයෙන් බැලූ විට වෙඩි තබා පැනයන සජී ඇතුලු පිරිස හබායන යතුරු පැදියක් දර්ශනය විය. එම යතුරු පැදිය පෙර දැක ඇති බවක් හැගුන නිසා නැවත පරික්ශා කර බැලීමේදී සිහි වූයේ රාජු ගාතනය කලා යැයි සෑක කෙරෙන පුද්ගලයා පැමිනි යතුරු පැදියත් එකත් මේ ‍යතුරු පැදියත් එකක් බවය. පසු දිනම සජී අතුලු පිරිස ලුහුබැඳි යතුරු පැදිය ගැන සෙවීමට සමරසිංහ කන්ඩායමක් පිටත්කර යැවූ අතර කිරිබත්ගොඩ පොලිසියේද සහාය ඇතිව ඔවුන් විසින් තවත් තැන් කීපයක CCTV දර්ශන ලබාගත්තේය. එක් තැනකදී යතුරු පැදිකරු විසින් දුරකතන ඇමතුමක් ලබාගන්නා අයුරු දුටු සමරසිංහ වහාම ගාතනය සිදුවූ දින කිරිබත්ගොඩ පොලිසියට වෙඩි තැබීම පිලිබඳ ඔත්තුව ලැබුන වෙලාව පරික්ශාකර බැලූ අතර සිදුවීම් දෙකම එකම වෙලාවක සිදුව ඇති බැවින් අනුමානය වූයේ ඔහු විසින් ඔත්තුව ලබාදුන් බවයි. වෙනත් පුද්ගලයෙකුගේ නමකට රෙජිස්ටර් කර තිබූ එම දුර කතන අංකය හා එම සිම් පත පාවිච්චි කල දුරකතනය ඔස්සේ කල දීර්ග පරීක්ෂණ අවසානයේ පුද්ගලයකු අතඅඩංගුවට ගත් අතර ඔහු යුද හමුදා සෙබලෙක් විය. " තමුන් ඇත්ත කියනවද , නෑනවත් අරන් එන්නද" මෙතෙක් වෙලා සියලු චෝදනා ප්‍රතික්ෂේප කල හමුදා සෙබලා සියල්ල පාපොච්චාරනය කරන්නට විය. “ මීට අවුරුදු දෙක හමාරකට කලින් මොරටුවෙදි රාජු කියන එකාගේ කල්ලියයි අර ගජා කියන එකාගේ කල්ලියයි අතර වෙඩි හුවමාරුවක් වුනා. ඒකෙදි පාරෙ යමින් හිටපු කෙනෙක් වෙඩි වැදිලා මැරුනා මතකද සර්ට. සතෙක්ටවත් කරදරයක් නොකරපු මගෙ අය්යයි එහෙම බල්ලෙක් වගේ පාරෙ මැරිලා ගියේ. පොලිසියෙන් මගෙ අය්යට සාදාරනයක් වෙයි කියල අපි සෑහෙන කාලයක් බලන් හිටියා ඒත් උන් දෙන්නගේ කල්ලියෙන් උනා කියල දැන දැනත් අඩුගානේ එකෙක් වත් අතඩංගුවට ගත්තෙ නෑ. ඉතිං ඒකට මම පලිගත්තා. මේකට කවුරුත් සම්බන්ධයක් නැ" " එතකොට රාජුගේ ගෙදරින් එදා උදේ තමුන්ට ඇවිත් තිබ්බ කොල් එක, රාජුගේ පිස්තෝලේ උන්ඩ අයින් කරලා තිබ්බ එක" " ප්ලිස් සර් අක්කව මේකට ගාවගන්න එපා, අය්ය නැතිවෙද්දි දෙන්නගෙ වෙඩින් එකට සති දෙකයි තිබ්බේ. එයා ඒ හින්දා ඕනෙවටත් වඩා දුක් වින්දා,මේක ආරන්චි උනොත් රාජුගේ කල්ලියෙ ඉතුරු වෙලා ඉන්න උන් එයාට ඉන්න දෙන එකක් නෑ"“ඇයි ටීචර් මොකක් හරි ප්‍රශ්නයක්ද?.” “සිතුමිගේ පුංචි එන්නකෝ. ඉස්කොලේට ඇවිල්ලම අපි කතා කරමු.” “හරි ටීචර් මම තියන්නම්.” බිරිඳ ඇගේ භාහිර උපාධියේ වැඩකටයුක්තක් සඳහා නිවාඩුවත් ලබාගෙන නිවසින් පිටත් වෙන්න උත්සහ කළත් සිතුමිගේ ගුරුතුමිය දුන් ඇමතුමට පස්සේ ඇගෙන් දකින්න පුළුවන් වුණේ කලබල ගතියකි. තරමක් දුකෙන් ඇය කාමරයට පැමිණි නිසා මමත් ඇය සමඟ පාසලට යන්න තීරණ කළෙමි. සිතුමිගේ පාසල් වේලාව අවසන් වෙලා තිබුණ නිසා සාමාන්‍යෙයන් ඇය ගේට්ටුව අසළ දැකගත හැකි වුවත් එදින ඇය දැක ගැනීමට සිටියේ නැත. මම පාසල් ගේට්ටුව අසළ නතර වෙද්දි බිරිඳ පාසල දෙසට ගමන් කළාය. බිරිඳ සිතුමිගේ පන්තිය අසළට යද්දි සිතුමි ගුරුතුමිය අසළින්ම සිටගෙන සිටියත් තමාගේ පුංචි දැකගත් විගස ඇය බිම බලාගත්තාය. ගුරුතුමිය හිනාවකින් බිරිද පිළිගත්තත් එහි සුහඳශීලි බලක් පැවතියේ නැත. බිරිඳ බිම බලාගෙන ඉන්න සිතුමි දිහා බැලුවාත් ඇය සෙළවුණේ හෝ නැත. “සිතුමිගේ පුංචි දන්නවද මොකද වෙලා තියෙන්නෙ කියලා.” “මොකක්ද මෙයා කරලා තියෙන්නෙ.” “කියන්නවත් පුළුවන් දෙයක්ද මෙයා කරලා තියෙන්නෙ.” “ඇයි ටීචර්.” “ඉස්කොලේ ඇරුණම මෙයා ගේටුටව ළඟ ඉඳලා තියනවා. මනුස්සයෙක් ඇවිත් ටොයිලට් කොහේද කියලා අහලා. මේ ළමයා ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක පෙන්නලා. ඒ මනුස්සයට වෙන්න ඕන හැමදේම ඔෆිස් එක ළඟදිම වෙලා. ටොයිලට් තියෙන පැත්තට ඈතම පැත්තනෙ මේ ළමයා ඒ මනුස්සයව යවලා තියෙන්නෙ.” “සිතුමි...කියනවා ඇයි එහෙම කළේ.” “මෙයාට කතා කරන්න බෑ. ප්‍රින්සල් ළඟට ගියත් කතා කළේ නෑ. එයා නිතර ආවේ නැති වුනාට මේ ඉස්කෝලේම ළමයෙක්ගේ තාත්තා කෙනෙක්. පුදුම මුරංඩුකමක් සිතුමිගේ තියෙන්නෙ. මම මේ බැරිම තැන කතා කළේ. මේ එකක් නෙමෙයිනෙ.” “ඇයි ටීචර් වෙන මොනවාද මෙයා කරලා තියෙන්නෙ.” “පන්තියේ ළමයෙක් හැමදාම අතුගාන්න තියන දවසට පරක්කු වෙලා එනවා කියලා හවස ගෙදර යද්දි මුළු ඩස්බින් එකම ඒ ළමයාගේ බෑග් එකට දාලා. ඒ ළමයාගේ අම්මා ඇවිත් මෙතන ඩෙගා නැටුවා. මම ශේප් කරලා යවලා ඔයාටවත් කතා කළේ නෑ.ආ...මේ ළඟදි මෙයයි තව ළමයි ගෑණු ළමයි දෙන්නෙක් එකතු වෙලා කණ්නාඩි දාන පන්තියේ අහිංසකම පිරිමි ළමයෙක්ට හොඳ වැඩක් කරලා තිබ්බා. ” “ඒ මොකක්ද චීටර්.” “මෙයා මැජික් කාරයෙක්නෙ ඉතිං එක එක දේවල් මවනවා.” “මට පැහැදිලි නෑ ටීචර්.” “ඒ ළමයාට කියලා අතන සුදු පූසෙක් ඉන්නවා හරි ලස්සනයි නේද කිය කිය තුන්දෙනාම පූසාගේ විස්තර කියලා. අන්න පැන්න මෙන්න පැන්නා කිය කිය. දවස් දෙක තුනක්ම ඔය වැඩේ කරලා. අර ළමයා ගෙදර ගිහින් එළිවෙනකම් අඬලා මට ඇස් පෙන්නෙ නෑ කියලා. ඒ ළමයාගේ අම්මා ඇවිත් කිව්වම මම හොයලා බැලුවා. එහෙම පූසෙක් ඉඳලා නෑ. මෙයා තමයි අනිත් දෙන්නාටත් කියලා දීලා පූසාව මවලා තියෙන්නෙ.” “අනේ සිතුමි මොනවද මේ කරන්නෙ ඔළුව නරක් වෙලාද?.” “ඔයාල ටිකක් බලන්න මෙයා ගැන තවම දෙක වසරේනෙ. මෙනාව කරයිද මන්දා ඉස්සරහට.” ගුරුතුමියගේ අවසරය මත සිතුමිගේ අතින් ඇඳගෙන මෙන් බිරිඳ ගේට්ටුවෙන් පිටත පැමිණියේ කේන්තියෙනි. රෝස පාට බෑග් එකක් කරේ දාගෙන රෝස පාට බෝතලක් අතැතිව තමාගේ පුංචි අසළ සිතුමි බිම බලාගෙන සිටියේ ලොව සිටින අහිංසකම ළමයාට හොඳින්ම ආරූඨ වෙමිනි. බිරිඳ තරහින් සිතුමිට බැන බැන සිදුව ඇති සියල්ල මා සමඟ පැවසුවාය. “ඔයා හිනාවෙනවද?” “නෑ නෑ හිනාගියා.” “ඔයත් හරියන්නෙ මෙයාටම තමයි. කාටහරි මොනවා හරි කරදරයක් වුනොත් තමයි හිනාවෙන්නෙ.” “හිනාගියා...හිනාවුනේ නෑ. හරි හරි දැන් ඔයා ගිහින් වැඩේ කරගෙන එන්න.” “සිතුමි යමුකෝ අද ගෙදර. මම ඇවිත් බලාගන්නම් ඔයා ගැන.” බිරිඳ කේන්තියෙන්ම පාර බැනලා ගමන් කළේ බස් නැවතුම දෙසටයි. ඇය පිටත් වෙනකම් රැදුණු මම සිතුමිගෙන් කිසිම ප්‍රශ්නයක් අහන්නෙ නැතුව පාර දිගේ ඇවිදගෙන ගියෙමි. අසළ කඩයකින් අයිස් පලම් දෙකක් මිලදී ගෙන ඉදිරියේ තිබූ ගාඩ් කණුවක් මත ඉඳගත් ඇයටත් ඒ අසළ ඇති ගාඩ් කණුවේ ඉඳගන්නා ලෙස සංඥා කළෙමි. “බාප්පත් මට බනින්න ඉතිං.” “අයිස් ක්‍රීම් එක කාලා යන්න ඉඳගන්න කිව්වේ. අනික මාත් ඔය වගේ වැඩ කරලා තියනවා පොඩි කාලේ.” “ඇත්තමද බාප්පේ.” “හැබැයි ඒවා වැරදියි තේරෙනවද? මම කළා කියලා ඒවා හරි වෙන්නෙ නෑ. අපි විනෝද වෙන්න ඕන තව කෙනෙක් සතුටු වෙන විදිහට. අඩුම කෙනෙක් රිද්දන අරමුණෙන් සතුටු වෙන්න එපා.” “ම්...මට තේරුණා.” “මම කියන්නෙ නෑ මෙහෙම කරන්න අරහෙම කරන්න කියලා. ඔයාට ඕන නම් සතුටු වෙන දේවල් කරන්න. හැබැයි ලැබෙන ප්‍රතිපල භාර ගන්න ලැහැස්තියෙන්. ඒවා භාර ගන්න බෑ අරවා මේවා කතා බෑ.” “ඒක මට තේරෙන්නෙ නෑ.” “දැන් මාව ටිකක් ශේප් කරගත්තම ඔයා කියන්න නේද හදන්නෙ පුංචිට බනින්න දෙන්න එපා කියලා.” “ඔ....ඔයා කොහොම බාප්පේ ඒක දැනගත්තේ.” “මොකද මම ඔයාගේ වයස පහුකරලා අපි හින්දා. කරනවා නම් ඒවා දඩුවම් භාරගන්න ඕන. නැත්තම් නොකර ඉන්න ඕන තීරණය ඔයාගේ. තේරුණාද?” “ඔව් මට තේරුණා.” නැවත නැවත වෙනවා කියලා දැන දැනත් පාවිච්චි කරන වචන ගඟට කැපූ ඉනි වගේ වෙනවා කියලා දැනගෙනත් බණ දේශනා කිරීම මං අතිනුත් සිදුවුණේ තරමක් හෝ පාලයක් වේයැයි සීතූ නිසාවෙනි. සිතුමිටගේ අයිස් පලම ඉවර වුණාම දෙන්නම නැවතත් ගමන් කරන්න වූයේ නිවස දෙසටයි. “මේ...ඇත්තටම ඇයි ඔයා අර මනුස්සයට එහෙම කළේ.” “මේකනෙ බාප්පේ වුණේ.” “මොකක්ද?” “ඉන්නකෝ කියනකම්.” “හරි..” “ඒ මාමාගේ අතේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට ලොකූ...ටැටූ එකක් තිබ්බා. මූණ පුරා රැවුල වවාගෙන හිටියේ. ඉතිං මම හිතුවේ එයා ළමයා අල්ලාගෙන යන කෙනෙක් කියලා.” “ඉතිං..” “ඉතිං මම එයාව දුරම තැනට යැව්වා. එතකොට මට පැනලා යන්න පුළුවන්නෙ. හැබැයි එයා අපේ ඉස්කොලේම ළමයෙක්ගේ තාත්තා කෙනෙක්. මට වැරදිලා.” “ළමයි අල්ලාගෙන යන කතාව කවුද කිව්වේ.” “ආච්චි තමයි කිව්වේ. කවුරුත් දුන්නට එක එක ඒවා කන්න එපා එන්න කිව්වට එන්න එපා කියලා. එයාලා ළමයි අල්ලාගෙන ගිහින් ලොකු අවයව කපලා විකුණනවා. ඊට පස්සේ ළමයින්ව නුග ගහක් යට වල දානවා.” “නුග ගහක්...!!” “ඔව්, නුග ගහ ලොකුයිනෙ. ඉතිං වටේටම ළමයි ගොඩක් වලදාන්න පුළුවන්. අනික ළමයි මැරුණාම හොල්මන් කරන හින්දා කවුරුත් නුග ගස් යටට එන්නෙ නෑ. මමත් දැකලා තියනවා රෑ වෙද්දි නුග ගස් හරිම කළුවරයි. වගේම බය හිතෙනවා.” “මොන විකාර කතාවක්ද ඒක. ඒකත් මොකක් හරි කාටුන් එකකද තිබ්බේ. ” “නෑ නෑ බාප්පා කියන්නෙ ළමයි අල්ලන අය නෑ කියලද?” “ඉන්නවා ඉන්නවා නැත්තේ නෑ. හැබැයි නුග ගස් කතාව බොරු.” “බාප්පේ මම කොහොමද නරක අයව දැක්ක ගමන් අඳුරාගන්නෙ.” “හහ් හහ් එහෙම කරන්න බෑ. අපි මේක කලිනුත් කතා කරලා තියනවානෙ. පෙනුමෙන් කෙනෙක් නරකයිවත් හොඳයිවත් කියන්න බෑ. රැවුල් වවාගෙන ටැටූ ගහගෙන හොඳ අය ඉන්නත් පුළුවන්. ටයි කෝට් ඇඳගෙන සුදුපාට ඇඳුම් ඇඳගෙන නරක අය ඉන්නත් පුළුවන්.” “අර ටීවි එකේ මයික් ඉස්සරහා කතා සුදුපාට ඇඳගෙන කතා කරන මාමාලා වගේද? බාප්පා ඒක හින්දා තමයි නේද එයාලට බනින්නෙ.” “අ...ඔව්, එයාලාගෙත් හොඳ අය ඉන්න පුළුවන්. හැබැයි වෙන්න අමාරුයි ඒත් සමහර විට ඇති.”
“ඉතිං බාප්පේ මම කොහොමද ළමයි අල්ලන අයව අඳුරාගන්නෙ.” “ඒක ලේසි නෑ. මොකද සමහරු හරි කපටියි. ලස්සනට කතා කරනවා. සමහර වෙලාවට අපි වුණත් රැවටෙනවා. ඉතිං හැම තිස්සේම ඔයා පරිස්සම් වෙන්න එතකොට හරි.” “ආ....එයාලට මාව අල්ලාගන්න බැරිවෙන්න නේද?” “ඔව්.” “අපේ පන්තියේ බතලයාව කවුරු හරි උස්සාගෙන ගියොත් නම් මම දැක්කේ නෑ වගේ ඉන්නවා.” “සිතුමි..” “සොරි සොරි ඉතිං..” මුහුණට සිනාවක් නඟාගත් මම විවිධ කතාවලින් ඇහුණ දේවල් වගේම විය ඉදිරියට විය හැකි උපක්‍රම පැහැදිලි කරමින් ඇගේ ආරක්ෂාව ගැන පැහැදිලි කරමින් ගියත් මට හිනා නැගුණේ විදුහල්පති කුටිය අසළට ගිය පුද්ගලයා නැවත නැවත මතක් වීම නිසයි. “එහෙනම් මගේ හොඳ බාප්පා පුංචිට කියනවා නේද? සිතුමිට බනින්න එපා සිතුමි පව් කියලා.” “හහ් හහ් නයිම් ට්‍රයි...ඒත් නෑ.” “මම සතියක් කෑ ගහන්නෙ නැතුව ඉන්නම්. අක්කත් එක්ක රංඩුවෙන්නෙත් නෑ.පොත්වල වැඩත් කරනවා” “නෑ...ඔයාගේ තියෙන්නෙ පොලිටික්ස් පොරොන්දු. කවදාවත් වෙන්නෙ නැති දේවල්. සොරි.” “අනේ මට ඕන නෑ මුකුත්..බනිනවා නම් බැනපුදෙන්. මම යනවා යන්න. මට තනියෙන් යන්න පුළුවන්.” නිවස අසළට පැමිණි නිසා සිතුමි රවාගෙන ඉඳලා ගෙදර දෙසට හයියෙන් ඇවිදින්නගෙන ගියාය. මම ඇය දෙස බලාගෙන හිටියේ සිනහාවෙමින් වුවත් ඒ එක්කම සිතට බියක් එක් වුණේ ඉදිරියේදී කුමක් වේදැයි සිතූ නිසයි. ......................... ඉවරයි..Aussi අයිශා - 21 කොටස "කියන්න ඉර්සා...මොකක්ද වැඩේ..." "හොඳයි මං කෙලින්ම අහන්නම්කෝ...ඔයා කැමතිද මගෙ බිස්නස් පාට්නර් වෙන්න?.." "මොකක්ද?.." "මගෙ බිස්නස් පාට්නර් වෙන්න. මං මේ බිස්නස් එක පටන් ගද්දි හිතුවේ තනියමම කරගෙන යන්න. ඒත් දැන් වැඩ වැඩියි අයිශා. ඔයාට කියන්න දවසකට එනවා ඕඩර්ස් හිතාගන්න බැරි තරමක්. ඒ ඕඩර්ස් ටික තනි මට කරලා ඉවර කරන්න අමාරුයි. නසීර්ගෙන් ලොකු උදව්වක් ගන්න විදියක් නෑනේ...එයත් ඉතින් වැඩනේ. අනිත් එක පොඩි ළමයි දෙන්නෙකුත් බලාගෙනනේ මේ වැඩ කරන්න වෙලා තියෙන්නේ..." "ඒක තමයි නේද..?" වෙන කියන්න දෙයක් නැති කමට මං කිව්වා. මගෙ බිස්නස් එක පටන් ගත්තට පස්සෙනම් ඉතින් ඉර්සාට එන ඕඩර්ස් අඩුවෙයි. එතකොට ඉතින් බිස්නස් පාට්නස්ලා හොයන්න ඕනි වෙන්නෑ. අනිත් එක බිස්නස් පාට්නර් කෙනෙක් හොයන්නෙ නැතුව මෙයාගෙ උදව්වට කවුරු හරි කෙනෙක් ගත්තනම් ඉවරයිනේ. මේ කියන තරමට මෙයාට ඕඩර්ස් එනවද දන්නෙත් නෑ. ඒවා බොරු පුරාජේරුවට කියන කතා වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් බිස්නස් පාට්නර් කෙනෙක් හොයන්නෙ නිකමට වෙන්නත් බෑ. මහ ලොකුවට ඕඩර්ස් එන්නෙ නැති බිස්නස් එකකට ආයෙ අමුතුවෙන් බිස්නස් පාට්නර් කෙනෙක් හොයන්න ඕනි නෑනේ. හැබැයි ඉතින් ගෑනි එයාගෙ උදව්වට එන්න කියලා කියන්නෙ නැතුව බිස්නස් පාට්නර් වෙන්න කැමතිද කියලා අහපු එකේ පොඩි මෙව්වා එකකුත් තියෙනවා. ඒත් ඉතින් මසර්ගෙන් අහන්නෙ නැතුව මොනාත් කියන්නත් බෑ. අනික තව ටික දවසකින් මගෙම බිස්නස් එකක් පටන් ගන්නත් ඉන්නේ.. ඒ කතාව කියලා මෙයාගෙ බිස්නස් පාට්නර් වෙන්න බෑ කියනවද. ම්ම්ම් මොකද කරන්නේ...එක්කෝ මං බිස්නස් එකක් පටන් ගන්නවා කියලා දැන්ම මෙයාට කියන්න ඕනි නෑ. "මට අදම උත්තරයක් ඕනි නෑ අයිශා..ඔයා හිමීට හිතලා බලලා උත්තරයක් දෙන්නකෝ...මට මේක අහන්න තව ගොඩක් අය ඉන්නවා. ඒත් එදා රංගිගේ දුවගේ බර්ත්ඩේ පාටියට ඔයා හදලා තිබුණ බර්ෆි ටික දැක්කම මට හිතුනා ඔයා මේ වැඩේට පර්ෆෙක්ට් කියලා. අනික ඉතින් අලුත් අයට අපි උදව් කරන්න ඕනිනේ. ඒවා අපේ යුතුකම්නේ...ඔයා වට්සැප් ඉන්නවා නේද අයිශා..." "ආ...ඔව්" මේ මනුස්සයා ඕඩර්ස් වැඩිකරගන්නෙත් මෙහෙම චාටු කතා වලින් වෙන්නැති. "හරි මං ඒකට මගෙ බිස්නස් පේජ් එකේ ලින්ක් එක එවන්නම්. ගිහින් බලන්නකෝ. එතකොට ඔයාටම තේරෙයිනේ ඔයා ජොයින් වෙන්න යන්නේ කොච්චර සාර්ථක බිස්නස් එකකටද කියලා.... එහෙනම් මං තියන්නම්. දෙවි පිහිටයි..." "හොඳයි මං බලන්නම්කෝ...දෙවි පිහිටයි ඉර්සා...” හරිනම් ඒවගේ යෝජනාවක් ගෙනාවම ඒක පිළිගත්තත් නැතත් මං තැන්ක්‍යූ කියලවත් කියන්න ඕනිනේ නේද. ශිට් මට ඒ වෙලාවේ ඒක ඔළුවට ආවේ නෑනේ. මගෙ ලොකුකම කියලා ගෑනිට හිතෙන්න ඇති. කවුද හිතුවේ ඉර්සා මෙහෙම දෙයක් අහාවි කියලා. ඉර්සාගේ පණ්ඩිතකම් පුරාජේරු කතා අහගෙන ඉන්න බැරි බව හැබෑව. ඒත් ඉතින් ඒ මනුස්සයා ගෙනාපු යෝජනාවනම් නරක නෑ. මසර් මොනාකියයිද දන්නෙ නෑ. එක අතකට එයා මොනා කියන්නද. මසර් මට බිස්නස් එකක් කරන්න අවසර දීලා තියෙන එකේ මං කොයි විදියට බිස්නස් එක පටන් ගත්තත් එයාට ඒකේ ප්‍රශ්නයක් තියෙන්න විදියක් නෑනේ. දැන් තව ටිකකින් බ්‍රේක් එකට ඒවිනේ. එතකොට අහලා බලමුකෝ. ඉර්සා කිව්වා වගේම මගෙ වට්සැප් එකට එයාගෙ බිස්නස් පේජ් එකේ ලින්ක් එක එව්වා. උදේ මසර් කිව්වත් එක්කනේ ඉර්සාගේ බිස්නස් එකේ නම මොකක්ද කියලා හොයාගන්න තිබුණොත් හොඳයි කියලා. ම්ම්ම් දැන් බලමුකෝ නම මොකක්ද කියලා. 'Taste of pakistan' ශාහ් ඒ නමෙත් අමුතු ගතියක් තියෙනවා. පේජ් එකේ දාලා තියෙන පෝස්ට් බලද්දිනම් ඉර්සාට ඕඩර්ස් ගොඩක් එනවා වගේ. මේ උදේ දාපු පෝස්ට් එකේ තියෙන්නේ අද හැදුවා කියපු කෑම ටික වෙන්න ඕනි. ගෑනිගේ පුරාජේරුව වගේම වැඩත් ලස්සනයි. මාත් නිකන් ස්වීට් ජාති හදලා වැඩක් නෑ. කරන දෙයක් අලුත් විදියකට කරන්න ඕනි. දවල් කෑම ටික හදලා මේසෙට අරිද්දිම මසරුත් ආවා. ගෙට ගොඩවුණේම මහන්සියි බඩගිනියි කියාගෙන. කිචන් එකේ රස්නෙ මදිවට සමර් එකේ රස්නෙත් ඉවසගන්න බෑ කියලා ආපු ගමන්ම ගියා වොශ් එකක් දාගන්න. මේ දවස් වල රස්නෙත් එක්ක එයා කොහොමත් බ්‍රේක් එකට ගෙදර ආවම ගොඩක් වෙලාවට වොෂ් එකක් දාලා අලුත් යුනිෆෝම් එකක් එහෙම ඇඳගෙන තමයි ආපහු හවස වැඩට යන්නේ. මහන්සියෙන් බඩගින්නෙන් ඉන්න මනුස්සයනේ. ඒ නිසා මං හිතුවා කෑම කන වෙලාවේ මොනාත් කියන්න හොඳ නෑ කියලා. කෑම කාලා ඉවර වෙලා විස්තරේ කියන්න හැදුවත් කාපු ගමන්ම මසර්, ටැක්ස් ෆයිල් නම්බර් (TFN ) එකට ඇප්ලයි කරන්න ලෑස්ති වුණා. ඔන්න ඔහේ මේ වැඩෙත් ඉවර වුණාම කියනවා. මේවනේ හදිස්සි වැඩ. ඉර්සා කතා කරා කියලා ඒ විස්තරේ රෑට හරි කියන්න පුළුවන්නේ. හදිස්සියක් නෑනේ. මසර් මගෙ ෆෝන් එක අරගෙන TFN එකට ඇප්ලයි කළා. ඒ වැඩේටනම් මහ ලොකු වෙලාවක් ගියෙ නෑ. "දැන් අර බිස්නස් නම්බර් එක ගන්න වැඩේ කරන්නේ කවද්ද?.." මං ඇහුවා. "මොකක්ද ABN එකද? ආ...ඒ වැඩේට ඔයාට ටැක්ස් ෆයිල් නම්බර් එක එන්න ඕනි. තව සතියකින් දෙකකින් වගේ ටැක්ස් නම්බර් එක දාලා ලෙටර් එකක් එයි. ඔයාට මතකනේ. අර මටත් ආවේ. මගෙ එකනම් සති එකහමාරෙන් වගේ ආවනේ. මේකත් ඉක්මනින් එයි. මේ මං පොඩි නින්දක් දාගන්නවා. හතරට දහයක් වගේ තියලා ඇහැරවන්න හරිද?..." "ම්ම්ම් හා..." දැන් ඉතින් නිදාගන්න යන අස්සෙ ඉර්සාගේ විස්තරේ කියන්න බෑනේ. රෑටම කියනවා. "මේ...අද මොනාද රෑට හදන්න හිතන් ඉන්නේ?..." හවස වැඩට යන්න ලෑස්ති වෙන ගමන් මසර් ඇහුවා. "තාම මොනාත් හිතුවෙනම් නෑ...ඇයි එහෙම ඇහුවේ?.." "නෑ දැන් අපිට ඕනිනම් පේ කරලා හොටෙල් එකෙන් කෑම අරගෙන එන්න පුළුවන්. අපේ කට්ටිය ඉඳලා හිටලා එහෙම අරගෙන යනවා. ඩොලර් විසි අටට තිහට යන ක්‍රීමි චිකන් මෂ්රූම් පැස්ටා එකකට එහෙම ඩොලර් හයයි අපි ගෙවන්නේ..." "ශා එහෙනම් සෑහෙන්න වාසිනේ...පැස්ටා විතරද ගේන්න පුළුවන්?.." "නෑ...තව නූඩ්ල්ස්, සැලඩ් වගේ එවත් පුළුවන් ඉතින්..මොකද කියන්නේ ගේන්නද?.." "පැස්ටා හොඳයි වගේ..ඔයානේ හදන්නේ...සැරට හදන් එන්න හරිද" "නැතුව ඉතින් මං තමයි හදන්නේ...සැර වෙන්න ඉතින් චිලි ෆ්ලේක්ස් තමයි දාන්න තියෙන්නේ..ඔයා පුළුවන්නම් චිලි ඔයිල් ටිකක් හදලා තියන්න. පැස්ටා එක්ක මික්ස් කරලා කෑවහැකිනේ. හැබැයි ඉතින් ඔතෙන්ටික් ක්‍රීමි පැස්ටා හූස් හූස් ගගා සැරට කන්නෙ නෑ අයිශා..." "කෑම වලට නීති නෑ මසර්. මිනිස්සුන්ට කැමති විදියට වෙනස් කරගන්න පුළුවන්" "හා හරි හරි ඔයා ඉතින් ගෙදර හෙඩ් ශෙෆ්නේ..මේ මං යනවා. පරක්කු වෙලා තියෙන්නේ... පරිස්සමින් ඉන්න" රෑට මසර් කෑම ගේනවා කියපු නිසා, මං ගේ පොඩ්ඩක් අස් කරලා වොශ් එකක් එහෙම දාගෙන තේ එකකුත් හදාගෙන ඇවිත් ටීවි එක ඉස්සරහින් වාඩි වුණා. වාඩි වුණේ ටීවී බලන්න නෙමෙයි වුණත් ටීවි එක ඔන් කරා. තනියෙන් ඉන්න වෙලාවට ටීවි එක දාගෙන ඉන්න එක මට පුරුද්දට ගිහින් තිබුණේ. ඉස්සර කරච්චි වල ඉද්දිනම් ඒ පුරුද්ද තිබුණේ නෑ. ඒක පුරුදු වුණේ මෙහෙ ආවට පස්සේ. සමහරවිට හුරුම නැති පරිසරයක් නිසා වෙන්න ඇති. මං ගොඩක් වෙලාවට දාගෙන ඉන්නේ යූ ටියුබ් එකේ තියෙන අපේ රටේ අයගේ චැනල්ස් වල වීඩියෝ තමයි. තමන්ගේ රටින් ඈත ඉන්නකොට තමන්ගේ රටේ දේවල් අහන එක වෙනම සතුටක්නේ. හැබැයි ඉතින් දැන්නම් ගොඩක් වෙලාවට 'Friends' හරි 'The big bang theory’ හරි තමයි දාගෙන ඉන්නේ. ඒකට හේතුව අපේ ඉංග්ලිෂ් ක්ලාස් එකේ මිස් ලෝරා. ලෝරා කියලා තියෙන්නේ පුළුවන් හැමවෙලේම ඉංග්‍රීසි අහන්න කියලා. ඉතින් ටීවි එකත් දාගෙනම මං සෝෆා එකෙන් වාඩිවුණේ ඉර්සාගේ පේජ් එකේ විස්තර බලන්න. ඉර්සා ස්වීට් ජාති විතරක් නෙමෙයි බිරියානි සමෝසා එහෙමත් හදනවා වගේ. ඒ පේජ් එක අස්සේ මං සෑහෙන වෙලාවක් එහෙට මෙහෙට වෙවී හිටියා. වෙලාව යනවා දැණුනෙවත් නෑ. මසර්ගේ වාහනේ සද්දෙ ඇහෙනකොට තමයි මං ෆෝන් එක පැත්තකින් තිබ්බේ. බාගෙට බීපු තේ කෝප්පෙ කිචන් එකෙන් තියලා දොර අරින්න මං ඉස්සරහට ගියා. මසර් වොෂ් දාගෙන එනකම්, මං එයා හදාගෙන ආපු පැස්ටා අපේ ප්ලේට් වලට බෙදුවා. හොටෙල් රූම් එකේ ඉන්න කාලේනම් මේ පැස්ටා කාලා කාලම මට එපාම වෙලා තිබුණේ. හැබැයි ඉතින් අද කාලෙකින් නිසා රස බලන්න ආසාවෙන් හිටියේ. "කෝ ඔයා චිලි ඔයිල් හැදුවද?.." පැස්ටා කෑලිවලට ගෑරුප්පුවෙන් අනින ගමන් මසර් ඇහුවා. "ම්හ් හැදුවේ නෑ..ඔයා ඉතින් හවස කිව්වනේ ඔතෙන්ටික් විදියට පැස්ටා කන්නෙ අරහෙමයි මෙහෙමයි කියලා..." මෂ්රූම් කෑල්ලකුයි චිකන් කෑල්ලකුයි එක සැරේ කටට දාගන්න ගමන් මං කිව්වා. කාලෙකින් කන නිසාද මන්දා හරිම රසයි. ක්‍රීමි ගතිය හොඳටම තියෙනවා. කොහොමත් මසර්ට ඉතාලි කෑම සුපිරියටම හදන්න පුළුවන්. කිව්වා වගේ චිලි ෆ්ලේක්ස් ටිකක් වැඩියෙන් දාලා නිසා ක්‍රීමි ගතිය අස්සෙන් පොඩි සැරකුත් දිවට දැණුනා. "කොහොමද හොඳයිද?..." මසර් ඇහු
වා. "ම්ම්ම් හරිම රසයි...මේ ඒක නෙමෙයි මං දවල් ඉඳලා ඔයාට පොඩි විස්තරයක් කියන්න හිටියේ.." "ඒ මොකක්ද?..." "අද ඉර්සා කතා කළානේ...." "ඔයාගේ නම්බර් එක කොහෙන්ද එයාට. ආ....රංගිගෙන් ඉල්ලා ගන්න ඇති." "නෑ නෑ...එදා ඕෂිගේ බර්ත්ඩේ පාටිය වෙලාවේ එයා මගෙන් නම්බර් එක ඉල්ලලා මට මිස් කෝල් එකකුත් දුන්නා. මට ඒක ඒ වෙලාවේ සේව් කරගන්න බැරි වෙලා. අද බැංකු ගිහින් ඇවිත් මං අම්මටයි තාත්තාටයි කෝල් කළානේ...ඉතින්" "ආ...පටන්ගන්නත් කලින් බිස්නස් එක ගැන අම්මටයි තාත්තටයි කිව්වද?.." "ඔව් ඉතින්...ඒ මගෙ අම්මයි තාත්තයිනේ මසර්. මොකෝ වෙන්නේ... එයාලට ගොඩක් සතුටුයි අනේ.." "ඒ වුණාට ඔයාට තිබ්බේ දැන්ම නොකියා ඉන්න..." "එයාලා ඕවා කාටවත් කියන්නේ නෑ. අර කඩේ වැඩට ඉන්න අසාම්ටවත් ඇහෙන්නෙ නැතිවෙන්න තාත්තව පැත්තකට එක්කගෙන ඇවිල්ලයි අම්මායි තාත්තයි කතා කරේ. ඒ තියා අක්කලා දෙන්නටවත් දැන්ම කියන්නෙ නෑ කිව්වා...හරි හරි මං කියන්න ගියේ ඒක නෙමෙයිනේ. ඉතින් අම්මලට කතා කරලා ටික වෙලාවක් යද්දි මෙන්න දන්නෙ නැති නම්බර් එකකින් කෝල් එකක් එනවා. ඔයා මට කලින් කියලනේ තිබ්බේ ඕවා ආන්සර් කරන්නේ පරිස්සමින් කියලා. ඒක නිසා මං ආන්සර් කළේ නෑ. ඊටපස්සේ කෝල් එක කට් වුණා. ඒත් එක්කම වගේ මැසේජ් එකක් ආවා. බැලින්නම් ඒ ඉර්සා. එතකොටයි මට මතක් වුණේ එදා මං එයාගේ නම්බර් එක සේව් කරගත්තේ නෑ නේද කියලා...ඒ පාර මං එවෙලෙම කෝල් එකක් ගත්තා..." "මොකටද දැන් ඉර්සා කෝල් කරලා තියෙන්නේ?..." "මට පොඩි යෝජනාවක් කරන්න..." "යෝජනාවක්?..." "හ්ම්ම්...ඉර්සා අහනවා එයාගෙ බිස්නස් එකට ජොයින් වෙන්න කැමතිද කියලා. එයාගෙ බිස්නස් පාට්නර් විදියට..." "විකාර...ඔයා හා කියලා එහෙම කිව්වේ නෑනේ..." "නෑ මං මොනාත් කියන්න ගියේ නෑ...එයා කිව්වා හිමින් සැරේ කල්පනා කරලා බලලා උත්තරයක් දෙන්න කියලා..." "ආයෙ ඉතින් තව මොනා කල්පනා කරන්නද. එවෙලෙම බෑ කියන්න තිබුණේ. දැන් ඉතින් කමක් නෑ හෙට අනිද්දා දිහාවට කෝල් එකක් දීලා කියන්න." "එයා මට එයාගේ බිස්නස් පේජ් එකේ ලින්ක් එකත් එව්වා. මේ තියෙන්නේ..." මං ඉර්සා එවලා තිබුණ ලින්ක් එක ඕපන් කරලා මසර්ට ෆෝන් එක දුන්නා. "ම්ම්...'Taste of Pakistan' ඉර්සාගේ බිස්නස් එකේ නම දන්න නිසා ඔයාට දැන් නමක් දාගන්න ලේසියිනේ. හොඳ යුනික් නමක් දාමු.." ටික වෙලාවක් ෆෝන් එක දිහා බලාගෙන ඉඳලා මගෙ අතට ෆෝන් එක දුන්න මසර් ආපහු කෑම කන්න පටන් ගත්තා. "එයාගෙ පේජ් එක සෑහෙන්න ෆේමස් වගේ. හොඳට ඕඩර්සුත් එනවා..." ගෑරුප්පුවෙන් ප්ලේට් එකට අනින ගමන් මං කිව්වා. "ඉතින්..." "නෑ... මං හිතුවේ මාත් එයත් එක්ක එකතු වෙලා ටික කාලයක් වැඩ කරලා ඕඩර්ස් ටිකක් එහෙම මගෙ පැත්තට හදාගෙන හිමින් සැරේ මගෙම බිස්නස් එකක් පටන් ගන්න." "ඔයත් කපටිම නෑ නේද" "කොහොමද ඒ අදහස නියමයි නේහ්" "කෝ මට කියලා ඉවර කරන්න දුන්නෙ නෑනේ. මං කියන්න ගියේ ඔයත් කපටිම නෑ නේද....හැබැයි ඔයාගේ මෝඩකම ඔක්කොටම යටයි කියලා..." "මොකක්...ඒක කොහොමද මෝඩ වැඩක් වෙන්නේ...බිස්නස් පාට්නර් කිව්වම ඉර්සාගේ බිස්නස් එකට මටත් සීයට පනහක අයිතියක් තියෙනවා. එහෙම බලපුවම ඉර්සා තමයි මෝඩ. එයා මහන්සියෙන් බිස්නස් එක දියුණු කරලා අන්තිමට සීයට පනහක අයිතිය මට දෙනවා වගේනේ..." මං කිව්වා. "අනේ...මේ අයිශා...නසීර්ගේ හැටි මං දන්නවනේ. ඉර්සා ඔයාගෙන් ඕක අහන්න ඇත්තේ නසීරුත් දැනුවත්ව වෙන්න ඇති. මිනිහා වගේම නැතෑ උගෙ ගෑනිත්..." "එතකොට ඔයා කියන්නේ මෙතන වෙන මොකක් හරි ඇති කියලද?.." "නැතුව. ඔයාට ඔය උඩින් බිස්නස් පාට්නර් කියලා ලස්සනට සරසපු සීනි බෝල පට්ටමක් පෙන්නුවට යටින් උන් කරන්න හදන්නේ වෙනම සෙල්ලමක්.." "ඒ මොකක්ද.." "ඇයි ඔයාම නේද එදා බර්ත්ඩේ පාටියට ගිහින් එනකොට කිව්වේ ඉර්සා බයේ ඇත්තේ ඔයා බිස්නස් එකක් පටන් ගනී කියලා... ඒ කිව්වා වගේ ඉර්සා ඇත්තටම බය වුණාද දන්නෑනේ ඔයා තනියම බිස්නස් එකක් පටන් ගනී කියලා. ඒ නිසා තරඟකාරයෙක් හදාගන්නවට වඩා ඔයාව හවුල්කාරයෙක් කරගන්න හිතන්න ඇති... අනිත් එක කොහොමත් ඔය හවුලෙ වැඩ ඕනිම නෑ.ඔයාට තේරෙනවනේ. බිස්නස් එකක් කරන්න ඕනිනම් තනියම කරමු. නැත්නම් මේ ඉන්නවා වගේ ඉමු. එච්චරයි." "හ්ම්ම් ඒකත් ඇත්ත. මං දැන් කොහොමද ඉර්සාට බෑ කියන්නේ?..." මගෙයි මසර්ගෙයි හිස් පිඟන් දෙක හෝදන්න සින්ක් එක ළඟට අරගෙන යන ගමන් මං ඇහුවා. "කොහොමද කියන්නෙ අහන්නේ...කෙලින්ම කියන්න බෑ කියලා. තව ඕන්නම් කියන්න ඔයා සන්ඩේ මාකට් එකේ කඩයක් දාන්න ඉන්නෙ කියලා.." "ඔයාට පිස්සුද..එයාට ඒවා දැන්ම කියන්න ඕනි නෑ. ඔයත් මාර කෙනෙක්නේ අනේ...ටිකකට කලින් ඔයාම ඇහුවා පටන් ගන්නත් කලින් අම්මටයි තාත්තටයි කිව්වේ මොකද කියලා. දැන් ඔයා කියනවා මේ කොහෙවත් ඉන්න පිට ගෑනියෙක්ට කඩේ දාන කතාව කියන්න කියලා.." "නෑ ඉතින් ඔයාගෙන් හේතුවක් ඇහුවොත් කියන්න දෙයක් තියෙන්න එපැයි. ඒකයි මං එහෙම කිව්වේ..." "හේතු ඇහුවා කියලා හේතු කියන්න මං බැඳිලා නෑනේ. මොකක් හරි බොරුවක් කියනවා...මට මෝඩයි කිව්වට වෙලාවකට ඔයා මටත් වඩා මෝඩයි මසර්..." "හරි හරි දැන් පුපුරන්න එපා. යමුද නිදාගන්න. නැත්නම් නෙට්ෆ්ලික්ස් එකේ මොනාහරි බලමුද..." මසර් මං ළඟට ඇවිත් හිනාවෙලා ඇහුවා. "හ්ම්ම් නිදිමත නෑ..මොනාහරි බලමු..." "හරි එහෙනම් ඔයා ගිහින් වාඩි වෙන්න. මං චිප්ස් පැකට් එකකුයි බොන්න මොනාහරියි අරන් එන්නම්..." මතු සම්බන්ධයි. බුද්ධි ජයවීර. ( කතාව කියවලා අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති. පිළිතුරු නොලියනවට සමාවෙන්න. කතාව දවසක් ඇර දවසක් දානවා )අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ -8 (පාසල් සංවර්ධනය කල හැටි) සේකර සර් ගෙ ජීවිතේම ඉතින් ඔය ඉස්කෝලෙ නෙ. ඉස්කෝලේ සමහර ගොඩ නැගිලි පරනයි සෑහෙන ඉඩ කඩ අඩුපාඩු තිබ්බා. ඉඩකඩ මදි පාඩුව නිසා පන්ති කීපයක් රැස්වීම් ශාලාවෙත් පැවැත්තුවා. ඒක පිරිමි ඉස්කෝලයක් නිසා .දන්නවනෙ ඒවයෙ කොල්ලන්ගෙ තරම. දශකයේ වෙනසක් නෑ කොල්ලො කොල්ලො මයි. කෑ ගහනව පෑන් පැන්සල් මකන කෑලි උඩින් පාවෙනව. ඉතින් ගුරුවරියක් හදිසියෙවත් එක පන්තියකට නාවොත් අනිත් පන්ති කරල හමාරයි. තට්ටු තුනක ගොඩ නැගිල්ලක් හදලා තිබුනා ඒකට වහලෙ ගහන්න මුදල් මදිවෙලා හිටියෙ. පාසල් සංවර්දන සමිතියෙන් පොඩි මුදලක් එකතු කරල තිබ්බත් වහලෙට ලී ගන්න සල්ලි මදි. ඔන්න ඉතින් සේකර මහත්තයගෙ හදවත උනුවෙනව. මතක තිබ්බ ගමේ තමන්ගෙ ඉඩමක නා ගස් වගයක් තිබ්බ බව. හරි ලී මම දෙන්නම් වැඩේ කරමු..මේ ගැන පාසල් සංවර්ධන සමිතියෙ රැස්වීම වෙලාවෙ සේකර මහත්තයා ආයෙ නෑ කේසර සින්හයෙක් වගේ පොරොන්දු වෙනව. කොහෙන්ද සර් ලී ගන්නෙ අඩුවට ගන්න ඇහැකිද..... අඩුවට නෙමේ නොමිලේ... ප්‍රවාහනේටයි ලී ඉරන්නයි පොඩි ගානක් වෙන් කරාම ඇති. කට්ටිය ට නිකන් සේකර මහත්තය දෙවියෙක් වගෙ පේන්න ඇති නේද. අද කාලෙ නම් අහන්න ලැබෙනව ඉස්කෝලෙට ළමයි ඇතුලත් කරන්න මුදල් අරන් තමන්ගෙ ගෙවල් හදන විදිහල්පතිල ගැනත්. හැමෝම නෙමි සමහරු. ඔන්න පොරොන්දු උන විදියට ගමෙන් නා ගස් කපල ලී ඉරල ගෙනත් තට්ටු තුනේ ගොඩ නැගිල්ලෙ වහලෙ ගැහුව .ඉක්මනටම විවුර්ත කරන උත්සවෙත් ගත්ත . ඒකට ආවෙ නගරාධිපති තුමියක්. සේකර මහත්තයා සින්දු ලියන්නත් දක්ශයි කියල මම කිව්වනෙ. නගරාධිපති පිලිගන්න ලස්සන ගීතෙකුත් ලිව්වා. ඒක හරියට රජකාලේ ප්‍රශස්ති ගායනයක් වගේ. සංගීත සර් මන පිනවන තනුවකුත් දැම්ම ගායක කන්ඩායමත් හොඳට පුහුණු කලා. කොලු පැටව් ටිකත් නියමෙටම වැඩේ දුන්න. නගරාධිපති තුමිය පස්වනක් ප්‍රීතියෙන් පිනාගියා. කොච්චරද කියනවනම් මේ ඉස්කෝලෙට අලුත් තට්ටු හයක ගොඩැනැගිල්ලක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමත කරල දෙන්නත් පොරොන්දු උනා. සභා තෙමෝ සතුටින් විසිර ගියා කියලද හිතුවෙ. නෑ නෑ තව තියෙනව. ඒ කාලෙ දැන් වගේ එසැනින් නිව්ස් ආරංචි වෙන්නෙ නෑනේ. එහෙම උනා නම් අර තට්ටු තුනේ ගොඩනැගිල්ලෙ වහලෙ ගහන්න වෙන්නෙ නෑ ඉතින්. සේකර මහත්තය පහු ගිය ටිකේම හිටිගමන් දවස් දෙක තුන කොහෙට හරි අන්තර්සධානවෙලා හිටි බව නම් සේකර මහත්තයගෙ ප්‍රියම්බිකාව දන්නව. ඒව ඉතින් සාමාන්‍ය දේවල් නෙ මේ ජෝඩුව අතරෙ. ඒ නිසා එයා ඒ ගැන වැඩිය හිතුවෙ නෑ. මාසෙකින් දෙකකින් ගමේ ගිහින් අම්ම තාත්ත බලල එන්නත් බැරි උනානේ. සුධර්ම කිව්ව ලබන සතියෙ ගමේ ගිහින් එන්න ඕනි කියල. හොඳයි... සේකරගෙ පිළිතුර එච්චරයි. මේ වෙද්දි දරැව බලාගන්න වයසක ආච්චි කෙනෙක් හිටිය. ඒක නම් ලොකු පහසුවක්. ඒ නිසා දරැව දාල යන එක ලොකු ප්‍රශ්නයක් උනෙ නෑ. සේකර ගෙදර ඉන්න එක දරැවගෙ ආරක්ශාවටත් හොඳයි නෙ හිතල සුධර්මා මැසිවිලි නගන්නෙ නැතුව තනියම ගමේ ගියා. ඔන්න බොලේ ගින්න පටන් ගන්නෙ දැන්. සුධර්ම ගමේ ආව විතරයි අම්ම කිව්වෙ නැතැයි සේකර මහත්තය නම් පහුගිය ටිකේම ගමේ ඇවිත් ගියා කියලා. ඒ දෙන්න එක ගමේ බව කලින් කතා කියෙව්ව කට්ටිය නම් දන්නවනෙ. මොනව ගමේ ආව ගියා ...මේ මනුස්සය මට නිකමටවත් කිව්වෙ නෑනේ. සුධර්මට ලැජ්ජාවයි තරහයි දෙකම. ඔව් ඔය ගමේ මිනිස්සු කියන්නෙ. සේකර මහත්තයගෙ ඉඩමෙ නාගස් කපල ලොරි වල පැටෙව්ව කියල. ගමේ නම් කතාවෙන්නෙ සුධර්ම ට හරි ගියා ගෑනිගෙ පින කුනු මුල්ලෙ කියන්නෙ ඕක නෙ කියල. සුධර්ම තක්බීර් වෙලා. මොකද්ද ඒ කතාව මේ මනුස්සය ලී බිස්නස් එකකටවත් අතගහලද. ඒත් ඔය මනුස්සය දන්න බිස්නස්. ඒ ගිනියපු ලී වල හැටියට නම් සේකර මහත්තය කොළඹ මාලිගාවක් වගෙ ගෙයක් හදනව කියලයි මිනිස්සු කතාවෙන්නෙ. ඒත් අපි කතා උනා උඹ අපිට ලියමනකින් වත් එහෙම දෙයක් නොකිව්වෙ මොකද කියල. අනේ අම්මෙ එයය් මායි හදන ගෙවල් සුධර්මට ඌරු ජුවල්. ඕකනෙ ලමයිනේ කියන්නෙ ඉස්කෝලෙ යන වයසෙ ආදරේ කරන කොට අන්ධයි. දෙමාපියන් කියන දෙයක්වත් අහන්නෙ නෑ . එකට ජීවත්වෙන්න ගියාමයි ඒකේ අරැමෙ තේරෙන්නෙ... ඒක නම් කිව්වෙ සුධර්මගෙ අම්ම නෙමී කතාව ලියන මම. දැන් තේරෙනවනෙ අපි ඕකට විරැද්ධ උනේ ඇයි කියල. උඹටත් ඕකම නෙ ඕනි උනේ. සුධර්මගෙ අම්ම කිව්ව. එක අතකින් කමක් නෑ වෙන වරදක් නෑනේ .බීල කරල තඩිබාන්නෙ නෑනේ. අම්ම හිත හැදුවෙ දැන් සුධර්ම ගෙදර ගිහින් මොන විජ්ජුම්බරයක් නටයිද දන්නෙ නැති නිසා. ඇත්තටම සුධර්ම ගෙදර ආවෙ යකා වැහිල. මේ මනුස
්සය මොනා කරනවද මන්ද . එදා ඉරිද දවසක් නිසා සුධර්ම ගෙදර එද්දි සේකර ගෙදර හිටිය. මිසයිල ප්‍රහාරයක් එල්ල වෙන්න ළඟ බව සේකර ට සුධර්මගෙ මූන දැක්කම ඉවෙන් වගේ දැනුණා. මොනවටද මනුස්සයො ගමෙන් නා ගස් ඇද්ද කියන්නෙ.. ආ මේ ඉස්කෝලේ වහලෙකට.. අනේ මෙහෙම මනුස්සයෙක් ඒ ගමන් නරකද අපිට කියල ගෙයක් හදන්න ලී ටිකක් ගෙනාව නම්. සුධර්ම පුපුරනව. කුලී ගෙවල් වල හිටිය ඇති කියල කට කැඩෙන කන් කියන අතරෙ නෙ මේ සේකර ඉස්කෝල ගොඩනැගිලි හදල තියෙන්නෙ. බීරි අලින්ට වීනා වයල වැඩක් නැති නිසා සුධර්ම පොඩි කාලේ අම්ම තාත්ත පොත් වල දාල තුබුනු සල්ලියි කොහොම කොහොම හරි මූලික ගෙවීම ට මුදල් හොයාගෙන නිවාස යෝජනා ක්‍රමයකින් ගෙවීමේ පදනම මත නිවසක් මිලදී ගන්නව. යන්තම් දැන් සේකර මහත්තය ඒ කන්කරච්චලයෙන් නිදහස්.හැබැයි සේකර මහත්තයගෙ පඩියෙන් වාරික ගෙවන්න පොරොන්දු කරගෙන. ඒකට නම් පඩි දාට පොරොන්දු උන විදියට වාරික මුදල ගෙවනව. නැත්තම් ඉතින් බේරිල ඉන්න යෑ. අපරාදෙ කියන්න බෑ දැන් වගේ බොරු පොරොන්දු දෙන දේශපාලකොයො වගේ නගරාධිපතිතිනියක් නෙමී ඒ කාලේ ඉඳල තියෙන්නෙ. පොරොන්දු උන විදියටම ඊළඟ අව්‍රැරැද්දෙ තට්ටු හයේ නව ගොඩනැගිල්ලක් හදන්න මුදල් අනුමත වෙලා ආවා. ලහි ලහියේ ගොඩනැගිල්ලත් උඩටම නැගුනා. ඉස්කෝලෙත් දැන් දියුනු වේගෙන එනව. ඔය අතරේ සේකර මහත්තයට විදුහල් පති වරයෙක් වශයෙන් උසස් වීමක් එක්ක වෙන පාසලකට මාරැවීමක් ලැබෙනව. නැත්තන් ඉතින් ඔය ගොඩනැගිල්ලෙ වහලෙට ගමේ ඉතුරු නාගස් ටික කැපෙනව. පාසලේ කට්ටියට නම් හරිම දුකයි. ඒත් ඉතින් රජයේ සේවය එහෙමනෙ. රටේ ඕනි තැනක සේවය කරන්න බැඳිල ඉන්නව. මේ පාර සේකර මහත්තයට ලැබෙන්නෙ ගෙදර ටිකක් කිට්ටු පාසලක්. මාස කීපයක් ගතවෙනව. දවසක් ගෙවල් පැත්තෙ බාස් කෙනෙක් සේකර මහත්තය හොයාගෙන එනව. සුධර්ම හිටියෙ රෑ වැඩට යන්න ලෑස්ති වෙන ගමන් . සේකර මහත්තය ඉන්නවද නෝනා... ගෙදර වැඩකටවත් හදිසියකට බාසුන්නැහැ කෙනෙක් ගේන්නෙ නැති මනුස්සය ව මොකටද බාසුන්නැහැ හොයන්නෙ කියල හිතල.... දැන් එන්න නම් ඕනි බාසුන්නැහැ ..මොකටද හදිසියෙ මහත්තය ව හොයන්නේ. ඉස්කෝලෙ තාප්පයක් ගහන්න ඕනි කතාවක් කිව්ව නෝනා. හ්ම් එහෙමද ...ඒ පාර මේ මනුස්සය තාප්ප කොන්ත්‍රාත් දෙනව..සුධර්ම තරහින් හිතුව. වැඩට යන්න පරක්කු වෙන නිසා වැඩි විස්තර අහ අහ ඉන්න වෙලාවක් තිබ්බෙත් නෑ සුධර්ම වැඩට ගියා අල්ල ගන්නම් කො කියල හිතින් හිතාගෙන. දවස් දෙක තුනකට පස්සෙ තමා සුධර්ම ට සේකරව අල්ලගන්න ලැබුනෙ. මොකටද අර රතු බාස් හොයාහෙන ඇවිත් තියෙන්නෙ ? ආ ඒ මේ ඉස්කෝලෙ තාප්පයක් ගහන්න. මේ කොල්ලො කම්බි වැටෙන් පැනල ගෙදර යනවනෙ... අපොයි දෙය්යනේ ..ඇයි ඒ ඉස්කෝලෙ ගොඩ නැගිලි හදල ඉවරද. ... අධ්‍යාපන දෙපාර්ත්මෙන්තුවෙන් අඩුපාඩු තියෙන ඉස්කෝල හොය හොයා මේ මනුස්සයව මාරු කරල යවනවද කොහෙද. . මේ ගේ ටිකක් ලොකු කරගමු කිව්වට වගක් නෑ. ඉස්කෝල වලටම කඹුර කඹුර ඉන්නව... කාලෙකට පස්සෙ මේඝ ගර්ජනා වැස්සක් ඇද හැලුන.වෙනදටත් වහිනව ඒත් අද නම් හෙනත් ගැහුව. ඔය මොන හෙනේකටවත් සේකර මහතා සැලුනද නෑ... තාප්පෙත් බැඳලයි නතර උනේ. ඔය විදියටම සේකර මහත්තයා කලේ විශ්‍රාම යනකන් ම දරැවන්ගෙ ඇස් පාදන එකයි පාසල් සංවර්ධනය කරන එකයි මිසක් තමන්ට කියල දෙයක් කරගත්තෙ නෑ. හැබැයි අද ඒ දරැවො ලොකු ලොකු තැන් වල පාරෙදි දැක්කත් වැඳල යන්නෙ.ඒ තරමට ආදරෙයි. සේකර මහත්තය දැන් විශ්‍රාම සුවයෙන් පසුවෙන්නෙ. නිතර තමන් රාජකාරි කාලෙ කල කී දේවල් මතක් කරල සතුටු වෙනව. මම අසරන දරැවන්ගෙ ඇල්පෙනෙත්තක දෙයක් වත් ගෙදර ගෙනත් නෑ සේකර පවසන්නෙ ලොකු අභිමානයකින්. නිතරම ඉස්කෝලෙ මතක් වෙනව. සේකර සර්ට ආස හිතෙනව තමන් හදපු ඉස්කෝලෙ ගොඩනැගිලි බලන්න යන්න. සේකරගෙ දරැව ,අර හැත්තෑවෙ අග ඉපදුනු පුන්චි පැටිය දැන් දරැවො ඉන්න තාත්ත කෙනෙක්. ඒයත් ඒ පාසලේම ඉගෙනගත්ත කෙනෙක් නිසා පුතා සේකර මහත්තයව එක්ක යනව පරන ඉස්කෝලේ බලන්න. ඉස්කෝලේ පුදුම විදියට වෙනස්වෙලා. පුදුමයක් යෑ දැන් අව්රුදු හතලිහකටත් වැඩිනෙ. මේ අපේ ඉස්කෝලෙද පුතේ..සේකරට විශ්වාශ කරන්නත් අමාරුයි. නැතුව ඉතින් මම ඉගෙන ගත්ත ඉස්කෝලෙ මට වැරදෙනවද තාත්තෙ... සේකර සර් වට පිට බැලුවෙ එයා හදපු ගොඩ නැගිලි කෝ කියල.. අලුතින් සාඩම්බරව ගොඩ නැගෙන අලුත් ගොඩ නැගිල්ලක් පිටිපස්සෙ බාගෙට කඩා දාලා තියෙන පරන ගොඩ නැගිල්ලලක් තිබ්බ ගොඩ නැගිල්ල හදපු තැන සේකර සර් ට මතකයි බුදුමැදුරට පිටිපස්සෙ බව. වැඩි වෙලාවක් ගියෙ නෑ සේකරට ගොඩනැගිල්ල අඳුන ගන්න. අනේ පුතේ මම ගමෙන් නා ලී කපල වහල ගහපු ගොඩ නැගිල්ල කඩා දාලනේ . සේකර සර් ගෙ ඇස් වලට කඳුලු පිරුනා.. ඇයි තාත්තෙ අව්‍රැදු හතලිහකටත් වඩා වැඩිනෙ. ඔව්ව දිරාපත් වෙලා ඇති දැන් . පරන ගොඩනැගිලි වල ලමයි තියන එක භයානකයි නෙ පුතා සේකර සර් සනසවන්න කියනව. අනික තාත්තමනෙ කියන්නෙ හැමදේම අනිත්‍යයි කියල.. සුධර්ම හිටියනම් අනිවාර්‍යෙන් කියන පද පේලිය සේකර හොඳාකාරවම දන්නව . මහ ලොකුවට මටවත් ගෙයක් හදල නොදී ගමෙන් නා ලී ගෙනත් හදපු බිල්ඩිමේ කෑලිත් නෑ. ඇයි මනුස්සයො අපිට කියල ගෙයක් හැදුවනම් අද ඒ ගේ හරි ඉතුරුයි. සුධර්ම කොහෙදෝ ඉඳන් කනට මුමුනනව වගේ සේකරට ඇහෙනව. ඒත් එහෙම ගෙයක් හදල තිබ්බත් අද ඒ ගෙදර ඉන්න සුධර්මත් නෑ. සේකරගෙ මේ සමාජසේවා වැඩ හින්දම ජීවිතේ බර නොසෑහෙන්න තනියම ඇද්ද සුධර්ම ඕනිවට වඩා වෙහෙස උන හින්දමද මන්ද මීට අව්‍රැදු කීපෙකට කලින් යන්නම ගිහින්. ජීවිතේ කොතරම් අනිත්‍යද. ඒ උනාට පුතා මම මේ හදපු ගොඩ නැගිල්ලෙන් දහස් ගනන් දරැවො ප්‍රයෝජනයක් ගන්න ඇති. උන්ගෙ ඇස් පාදන්න තැනක් හදපු පින මට ඇති. උන් දැන් හොඳ තැන්වල ඇති. සේකර සර් ඇස්වලට නැගුනු කඳුලු පටල පිහිදාන ගමන් කිව්ව. ඒව සතුටට උනපු කඳුලු .මොකද කව්‍රැ මොනව කිව්වත් සේකර කවම දාවත් තමන් කල කිසිම දේකින් පසුතැවෙන කෙනෙක් නෙමී. තාත්තෙ පොඩි වැඩක් නම් තියෙනව කරනවනම්. පුතා ආදි ශිෂ්‍ය සංගමේ ඉන්න නිසා ඉස්කෝලෙ අඩුපාඩු දන්නව. පොඩි ඉස්කෝලෙ ලමයිට පොඩි බුදුමැදුරක අවශ්‍යතාවය තියෙනව. ලොකු වියදමක් යන වැඩක් නෙමේ. අනේ පුතේ අපි කරමු. සේකර මහත්තය පස්වනක් ප්‍රීතියෙන පිනා ගියා.. තත්තයි පුතයි එයාලගෙ යාලුවොයි එකතුවෙලා පොඩි ඉස්කෝලෙ පුන්චි බුදුමැදුරක් ඉදිකරල දුන්න. ඒකෙ විවුර්ත කිරීමේ උත්සවයට සේකර මහත්තය ගියේ එදා නගරාධිපති ආවටත් වඩා සතුටින් අහින්සක ආඩම්බරයකින්. දැන් සේකර මහත්තය පුදුම සතුටකින් ඉන්නෙ. ඉස්කෝලෙ මතක ආයෙත් අලුත් උනාට වගේම ..තමන් ගැන මතකය ආයෙ ඉස්කෝලෙට දෙන්න පුලුවන් උන එකට . සේකර මහත්තය තාමත් හැමදාම හදවතින් ඉස්කෝලෙ යනව. අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ නිමි පසුව ලියමි : අපෙ ගුරුතුමා ජීවමාන චරිතයක්. නම් ගම් මනංකල්පිතයි.. සත්‍යවශයෙන් සිදුවුණු ප්‍රධාන සිද්දි කිහිපයක් වස්තුබීජය ලෙස ගෙන ඒ වටා ආදර්ශයත් හාස්‍ය රසයත් ගෙනෙන පරිදි මෙම කතා පෙල ගොඩ නැගුවෙමි. මේ කතා පෙලත් ඔබගෙ ආදරනීය ප්‍රතිචාරත් අපෙ ගුරුතුමා බොහොම සතුටින් රස වින්දා. ඔබ සැමටත් කතා පල කල ඇඩ්මින් මඩුල්ලටත් එතුමාගේත් මගේත් ස්තූතිය පුදකරනව. අද අපෙ ගුරුතුමාගේ ජන්ම දිනයයි. ඒ සඳහා උපන්දින ත්‍යාගයක් ලෙස එතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ පතා මෙම කතා පෙල ලියා අදින් අවසන් කළෙමි. .(හැබැයි අර දරැව නම් මම නෙමී... ) තවත් මෙවැනි චරිතයකක් රැගෙන දිනෙක යලි හමුවෙන්නම්. (පින්තූරය අන්තර්ජාලයෙන් )🤍__පැස්කුලීටා__🤍 "හොද හිතින් මාව අතෑරපං..! ඔහේලට මේවට වන්දි ගෙවන්න සිද්ධවෙයි.. ඒකි මායාකාරියක්..ඒකි මාව වශී කරගත්තා..!" "සමාවෙන්න රෙච්මන් මහත්මයා.. ඔබ දැන් ඉන්නෙ හොඳ මානසිකත්වයක නෙමෙයි" "මං පිස්සෙක් නෙමෙයි.. ඒකි තමයි මාව වශී කරගත්තේ.. මාව අතෑරපං..! " වාහනය ඇතුලේ නිදහසේ සුරුට්ටුවක් බොමින් මං චුට්ටකට දෑස් පියාගත්තා විතරයි මට ඇහුණේ නාදුනන මනුස්සයෙක් ගේ වියරු කෑගැසීමක්.. එක මනුස්සයෙක්ව බලහත්කාරෙන්ම තවත් මිනිසුන් දෙදෙනෙක් දෙපැත්තෙන් වාත්තු කරගනිමින් රැගෙන යන්නේ "ද ඒන්ජල්" සුප්‍රසිද්ධ සාප්පුවෙන් එළියට බව මං දැක්කේ තුනී පොදයක් වැටෙමින් තිබුණු කවුළුවෙන්.. ද ඒන්ජල් යනු මෙක්සිකෝවේ තිබෙනා සුප්‍රසිද්ධ මනාලියන් හැඩ ගැන්වීමේ ආයතනයක් බව මම දැනගත්තේ මෙම නගරයට ආපු මුල්ම දවසෙයි. මම චිහුවාගුලා නගරයට පදිංචියට පැමිණ අදට හරියටම දවස් තුනක්. එහෙත් මෙහි පවත්නා ශීත දේශගුණයට මං තාම හුරුවෙලා නැති බවනම් පුදුමයක්.. මම මෙහි පදිංචියට ආ හේතුව නම් මාගේ විවාහය.. මං හැරල්ඩ් ෆ්‍රැන්සිස්කන්.. "ඔහ් හැරල්ඩ්..! ඔයාට මොනවාද ඔච්චරටම අර ප්‍රසිද්ධ සාප්පුවේ බලන්න තියෙන්නේ..? මේ අහන්නකෝ.. ඇත්තටම ඔයා අපේ විවාහය වෙනුවෙන් මෙහේ එන්න කැමති වුණ එකම මට ලොකු සතුටක්.මොකද ඩයමන්ඩ්හිල් වගේ ගම්බද තැන්වලට වඩා මේ නගරෙ කොච්චර ආකර්ෂණීය ද..?" සාප්පුවේ සිදුවීම වෙතට නෙත් යොමා සිටි මම පියවි සිහියට පැමිණියේ එම කටහඬින්. ඒ ඇනා රේන්ජල්.. මාගේ ආදරණීය පෙම්වතිය. ඇය ගම්බද ගොවිපළක හිටපු අහිංසක තරුණියක්.. ඇයගේ අහස් නිල් පාට දෑස් වල තිබුණු ආකර්ෂණීය බව නිසාම මගේ සිතේ ඇය පිළිබඳ ආදරයක් හටගත්තා.. අපි දෙදෙනාගේ මුල්ම හමුවීම සිද්ධවුණේ ඩයමන්ඩ්හිල් ගම්මානයේ. ඇය සෑමවිටම ආශා කළේ අපගේ විවාහ මංගල්‍යය සඳහා චිහුවාගුලා නගරයට පැමිණීමයි. එහි මුල්ම කාරණාව වූයේ මාගේ පියාගෙන් මට ලැබුණු දායාදය වන තෙමහල් නිවෙස පිහිටා තිබුණෙත් මෙම නගරයේම බැවින්.. "මගේ කෙල්ලගේ ආසාවට මට පිටුපාන්න පුළුවන් ද..? විවාහයෙන් පස්සෙ අපි දෙන්නට කොච්චර දේවල් තියෙනවද..?" මං කිව්වේ ඇයගේ කම්මුලක් තදින් මිරිකමින්.. "ඔයා ඔය කියන්නෙ බබාලා ගැන නේද.. ?" "නෑ මං කිව්වෙ හිම ක්‍රීඩා ගැන.." "ඔයා හරිම විහිලුකාරයෙක් හැරල්ඩ් " ඇය කිව්වේ මගේ උරහිසට පහරක් ගසමිනි. "මං ආදරෙයි හැරල්ඩ්.. " "මාත් ඇනා.." ඊළඟ මොහොතේ ඇය මාගේ ගෙල පිටුපසට දෑත් තබා තදකර බදාගනිමින් මාත් සමඟ උණුසුම් දෙතොල් හාදුවක රස වින්දේ මුලු කාරයම සීතල මීදුම් පටලයකින් වැසී යද්දි..විනාඩි කිහිපයක හාදුවලින් පසුව
ඈ මගෙන් මෑත් වී නැවත කාරයේ අසුනෙන් හිඳගත්තා. "හැරල්ඩ්..! බලන්නකෝ.. අර ඈත තියෙන සාප්පුවත් පේන්නේ නැති තරමටම මීදුම වැඩිවෙලා වගේ..!" වාහනය තුල ඉඳන් මහා මාර්ගයෙන් එහා විශාල භූමියක තරමක් හුදකලාවේ තිබෙන ඝන මිහිදුම් පටල වලින් හා අඳුරෙන් වැසුණු තරමක් ගුප්ත ගතියක් පෙන්නුම් කරන සාප්පු සංකීර්ණයක් දිහාවට අත දිගුකොට ඈන් පැවසුවා. "ම්ම්.. මීදුම වැඩිකමට සාප්පුවත් පේන්නෙම නැතුව ගිහින්.. මේකේ නම "ද ඒන්ජල්" නේද..?" "ඔව් අපේ මංගල දිනයට මං හැඩගැහෙන්න හිතන් ඉන්නේ මේකෙන් තමයි.. ඔයා දන්නවද මෙක්සිකෝවේ තියෙන හොඳම ලොකුම සාප්පු වලින් එකක් තමයි ඕක.." "ම්ම්ම් නරකම නෑ.." "ඉතිං අපි යමුද ඒකට පොඩ්ඩක්..? අනේ හැරල්ඩ් බෑ කියන්නනම් එපා. මොකද එකේ තියනවා ලස්සන ලස්සන විලාසිතා.. මට ඒ දේවල් වලින් එකක් සිලෙක්ට් කරගන්න ඕනි." ඇය තොල් උල් කොට සුරතල් අන්දමින් පවසද්දී මට සිනා ගියා.. "හරි ඩාලිං.. මට බෑ කියන්න බෑනෙ ඔයාගෙ දේවල් වලට." හිතට මොකක්දෝ අමුත්තක් දැණුනත් මම ඇනාව එක්කගෙන සාප්පුවට ගියේ දැඩි කනස්සල්ලකින්.. ඒත් සාප්පුවට ඇතුල්වද්දිම තිබෙනා පියගැටපෙළ වම්පස තීරුවේ වීදුරුවලින් වටකොට ප්‍රදර්ශනය කර තිබූ මනාලියකගේ ඩමියක් දැක මා එතනම නතර වුණේ මොකක්දෝ හේතුවකට.. දෙවියනේ ඒ ඩමියේ ඇස් දෙක..! ඉර එළිය තීරුවක් පමණ මොහොතකට වැටුණු ඒ මොහොතේ ඒ අළු පාට වීශුරු ඇස් දිලිසෙන්න ගත්තේ ජීවමාන විදියට.. "ඔහ්.. හැරල්ඩ් අනේ බලන්නකෝ මේ ඩමියේ තියෙන විලාසිතාව.. මේක ගොඩක් පරණ විලාසිතාවක්නේ.. මං හිතන්නේ මේක වික්ටෝරියා යුගයේ තිබුණ අමුතුම විලාසිතාවක්.. බලන්න මේ ඇඳුම කොයිතරම් ලස්සනයිද කියලා.. ඇතුලෙත් මීටවඩා ලස්සන මෝස්තර ඇති.. අපි ගිහිල්ලම බලමු..!" "ඔව්.." ඩමිය දිහා බලාගෙන සිටි ඇනා මගේ අතත් අතෑරගෙනම සාප්පුව ඇතුළට දිවගියේ උද්දාමයෙන් වුණත් මට ඒ ඩමියෙන් ඇස් අහකට ගන්නම බැරිවුණා.ඇත්තටම ඇය අමුතුම මායාවක් වටා ජීවමානව ඉන්න මනාලියක් වගෙයි මට පෙණුනේ. මනාලියගේ දෙපතුල් යට ලෑලි පුවරුවේ "පැස්කුලිටා" නමින් ගසා තිබුණු අතර මට සිතුණේ ඒ ඇයටම ගැලපෙන නමක් කියලා.. ඒ ඇස්,දෙතොල්, දෑත් ඇතුළු මුලු සිරුරම ශ්වේත පැහැති මනාල ගවොමෙන් ජීවමාන මනාලියක් වගේ ලස්සනට පෙණුනා.. ඇත්තටම මං ඒ ඩමියට වශී වුණා වගෙයි.. මොහොතකට පසු මට දැණුනේ ඒ මනාලිය මම දිහාම බලා සිටින බවයි. .ඒ වගේම ඇය ආදරණීය හැඟීමකින් මම දිහා බලාගෙන ඉන්නවා යැයි මට හැඟුණා.. ඊළඟ තප්පරයේ වුණු අද්භූත සිදුවීමෙන් මාව එතනම ගල් ගැහුණා.. ඒ ඩමී මනාලියගෙ ඇස් සෙලවීමක් එක්ක සිහින් හිනාවක් මම දුටුවේ අහම්බයෙන්.. ඒක ඇත්තටම මට හිතාගන්න බැරි අද්භූත සිදුවීමක්.මා සිතුවේ ඒක මගේ මවාගැනීමක් කියලා. .ඒ නිසා මං මදක් දෑස් පිස දමා ආයෙමත් ඒ සුරූපී ඩමිය දෙස බැලුවා. නමුත් ඒක කලින් තිබුණු විදියටම තිබුණා.. මං එහෙම බලාගෙන කොච්චර වෙලා හිටියද කියලා මං දන්නෙ නෑ.. ඊළඟ මොහොතේ මම පියවි සිහියට ආවේ ඇනාගෙ කටහඬින්.. "හැරල්ඩ්..!" "ඇනා..ඔ..ඔයා තාම ඇතුළට ගියේ නැද්ද..?" "ඔයාට මොනවද වෙලා තියෙන්නෙ හැරල්ඩ්..? මං දැන් ඇතුලට ගිහින් ඇවිත් විනාඩි පහළවකටත් ඇති..ඒත් ඔයා තාම මේ ඩමිය දිහාම බලාගෙන. මං ඔයාට කී පාරක් කතා කළාද කියලා ඔයා දන්නවද..?" "ඔහ්..! දෙවියනේ මෙච්චර වෙලාවක්.. ෂිට්..! ඇනා මට සමාවෙන්න.. මං හිටියේ කල්පනා ලෝකෙක.. මං හිතන්නේ අපි දැන් ගෙදර ගියොත් හොඳයි කියලා.." ඇනාගේ කේන්තිය අඩුවෙලා ඇය චුට්ටක් විතර සංසුන් වුණා කියලා මට එවෙලෙ තේරුණා.. එතකොටම මං දැක්කේ රණ්ඩු වීගෙන සාප්පුවෙන් එලියට බහින මිනිසුන් දෙන්නෙක්ව. "මං ඔබට දැන් එකපාරකුත් කිව්වා පීටර් මහත්තයා.. අපි කීයටවත් මේ ඩමිය විකුණන්නේ නෑ.. ඒ වගේම මට පුළුවන් ඔබව පිස්සෙක් කියලා පොලීසියට අහු කරලා දෙන්නත්.." "මම ඔබට ඉල්ලන ඕනිම ගාණක් දෙන්නම්.. මට ඩමිය ඕනි." "ඔබ දැන් මෙතනින් වහාම ගියොත් හොඳයි. .නැත්නම් මට සිද්ධවෙනවා මිස්ටර් රෙච්මන්ට කතා කරන්න.." "මට ඩමිය ඕනි..මට ඒක ඕනිමයි. මට ඒක හම්බුනේ නැතිවුණොත් තමුසෙලා අපායටම යයි..!" ඔහු වාහනයට නැග වේගයෙන් පිටවූයේ සාප්පුවේ කළමනාකරු යැයි කිවහැකි පුද්ගලයෙක්ට ද තර්ජනය කරමින්. ඇනාත් සමඟ ආපසු නිවෙසට ගියත් මගේ සිතේ තාමත් හොල්මන් කරන්නේ ඒ ඩමිය බව මට දැණුනා.ඇය මාව වශීකරගත්තාද යැයි හැඟීමකුත් මට සිතුණා.ඇත්තටම මාත් සමඟ ඈ සිණාසුනා ද..? ඒ වගේම ඇගේ දෑස් සෙළවුණේ කිනම් මායාවකටද.. .ඒක මිත්‍යාවක් නොවේ කියා දන්නේද මා පමණි.මා මේ සිදුවීම ඇනා සමඟද නොපැවසූවේ ඇය කීයටවත් මා විශ්වාස නොකරන බැවින්. .සමහරවිට ඈ මා උන්මන්තකයෙක් කියා ද සලකනු ඇත. පෙරදින වූ එම සිදුවීම මගේ සිතට තදින්ම කා වැදී තිබුණේ යලි අමතක කළ නොහැකි තරමට.. එසේම ඒ මනාලිය ගැන මට ඇතිවුණේ ප්‍රහේලිකාවක්. මෙතරම් මිනිසුන් මේ මනාලියට වශීවුණාදැයි මට සිතුණා. ඒ වගේම මේ ඩමියේ කුමක් හෝ අද්භූත සිද්දියක් ඇති බව මට වැටහුණා.. දහවල සිදුවූ සිදුවීම පිළිබඳ මා නැවත පියවි සිහියට පැමිණියා.මාගේ ඇඳේ සිටි ඇනා ඒ වනවිටත් තද නින්දේ පසුවුණා. පුදුමයක් ලෙස වේලාව රාත්‍රී එකොළහ පසුවී තිබුණා. එක්වරම කවුදෝ මා හට කතාකරන හඬක් ඇසුණේ අද්භූත ලෙස. ඉන්පසු අහේතුකවම පැමිණි සිතුවිල්ලකට හසුවී නිවසින් එළියට බැස කාරයේ හිඳගත්තේ මායාවකට හසුවූවකු මෙන්. මකර වේගයෙන් කාරය පදවාගෙන ගිය මා අනතුරුව වාහනය නතර කළේ එම අද්භූත සාප්පු සංකීර්ණය ඉදිරිපිටම.. කාරයේ ඇතුලේ සිටම මම නැවතත් බැලුවේ අඩ අඳුරේ විදුලි අකුණේ එලියෙන් පෙනෙනා සාප්පු සංකීර්ණයක දෙස.. මම කාරයෙන් බැස ඇවිදගෙන ඒ සාප්පු සංකීර්ණයට ගියේ මෙහි සිදුවන අද්භූත සිදුවීම පිළිබඳව තොරතුරු සෙවීමට මගේ සිතේ තිබුණ දැඩි ඇල්ම නිසාදෝ කියාවත් තේරුම්ගත නොහැකිව මම ලතැවුණා. රාත්‍රිය කෙමෙන් කෙමෙන් මධ්‍යම යාමයට ලංවුණේ දැඩි මීදුමෙන් මා සලිත කරවමින්.. සාප්පු සංකීර්ණයද මේ වෙලාවේ වසා තිබූ බැවින් වටපිටාවේ කිසිදු හැලහොල්මනක් නැත. එනමුත් ඩමී සුරූපිනිය පමණක් අඩ අඳුරේ දීප්තිමත්ව මා දෙස බලා සිටින බවක් මා ඈත තියාම දුටුවා.. සෙමෙන් සෙමෙන් ඩමිය අසලට ළං වුණු මම එම සුරූපී ඩමි මනාලිය දෙස දෑස් පියන් නොහෙලා බලාගෙනම හිටියා. ඒත් මෙවර මා කොපමණ බලා සිටියත් දහවල් කලයේ මෙන් ඈ මාත් සමඟ සිනාසුණේවත් ඇස් පියන් සැලුවේවත් නැත. ඒ පිළිබඳව මට දැණුනේ විශාල කණගාටුවක්.. මෙවන් අප්‍රාණික වස්තුවක් නරඹමින් මා මෙලෙස උමතුවූවකු ලෙස හැසිරෙන්නේ කිමඳැයි කියාවත් එම මොහොතේ මට තේරුණේ නෑ.. "ඔබ මැදියම් රැයෙන් පස්සේ මෙතනට ආවා නම් මේ සුරූපිනියගේ විස්කම් බලාගන්න පුළුවන්.." මම එක්වරම ගැස්සී ගියේ ඒ නන්නාඳුනන කටහඬින්.. මට පිටුපසින් යෝධයකු සේ සිටගෙන සිටියේ අඩි හයකට වඩා උසැති පුද්ගලයෙක්.. ඒ සාප්පුවේ මුරකරු බව හඳුනාගැනීමට මට වැඩි වෙලාවක් ගියේ නෑ.. ඔහු ඉතාමත් වයස්ගත පුද්ගලයෙක් වුණත් එම හැඩිදැඩි ශරීරයේ තිබුණේ දැඩි ජවසම්පන්න බවක්.. "සමාවෙන්න..මං හිතුවේ මේ සාප්පුව වහලා කියලා..ඒත් ඔබ තවමත් මෙහෙ මුරකරනවද..?" "මට මේ දවස්වල විශේෂ මුරයක් යටතේ වැඩ කරන්න වෙලා තියෙන්නෙ මහත්මයා.. ඒ මේ ඩමිය නිසා" "මේ ඩමිය? ඒත් ඇයි? මොකක්ද මේකට හේතුව ?" "මේ ඩමියට තමයි දැන් සාප්පුව විශේෂ ආරක්ෂාවක් යොදලා තියෙන්නෙ." "ඒකත් එහෙමද? ම්ම් මට ඒක හිතුණා මිනිස්සු මෙහෙම ප්‍රචණ්ඩකාරීව හැසිරෙද්දි.. ඇත්තටම කිව්වොත් මට මේ ඩමිය දකිද්දී මොකක්දෝ අමුත්තක් දැනෙනවා.. ඊයේ මේ කාන්තාව මාත් සමඟ හිනාවුණා. ඒක බොරුවක් නෙමෙයි බව මට හොඳටම විශ්වාසයයි.. ඒත් දැන් ඇය සාමකාමිව මා දෙස බලා සිටිනවා.. ඇත්තටම මට මේක ලොකු මානසික වදයක්.. මට මේක කියන්න වෙන කෙනෙක් නැති නිසා මම ඔබට කිව්වෙ පළවෙනි වතාවට.. ." "මේක ඔබට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මහත්මයා.. ගොඩක් අයට තියෙන දෙයක්.. මැය අද්භූත වගේම ජීවමාන ඩමියක්.. මේ පැස්කුලීටා ඩමිය ගැන තියෙන්නෙ ගොඩක් පරණ අතීත කතාවක්." මුරකරුගේ කතාවෙන් මගේ ඇස් උඩ ගියේ මට වගේම අනිත් අයටත් මේ වෙනස දැණුන බව ඔහු කියපු නිසා.. "ඇත්තටම මට දැනගන්න පුළුවන්ද මේ ඩමිය ගැන ඔබ දන්නා දේවල්..?" "මම කැමතියි මහත්මයා මම දන්න දේවල් ඔබත් සමඟ බෙදාගන්න.. මහත්මයාට කියනවනම් මේ පැස්කුලීටා මේ සාප්පුවෙ ඉඳන් ඔහොම බලාගත්තු අතේ ඉන්නෙ හරියටම අවුරුදු අසූවක කාලයක් තිස්සෙ. .ඔය පැස්කුලීටාව කාටවත් අල්ලන්න බැරිවෙන්න හතර පැත්තටම වීදුරු ආවරණයක් යොදලා තියෙන්නෙ ඇයව දකින මිනිස්සු ඈට වශීවෙන නිසයි.. මං මේ සාප්පුවේ වැඩ කරන්න ඇවිල්ලත් දැන් හරියටම අවුරුදු හතලිහක් වෙනවා.. පුරාවෘත වල තියෙන හැටියට මේ පැස්කුලීටගෙ රූපය ඒ කියන්නෙ මේ ඩමියෙ ඉන්නෙ මේ "ද ඒන්ජල් "සාප්පුවේ අයිතිකාරියාගෙ එකම දුවලු. .පැසකුලා එක්ස්පාර්සා තමයි මේ සාප්පුවේ මුල් අයිතිකාරිය.. පැස්කුලීටා කියන එකේ තේරුම තමයි පැසකුලා එක්ස්පාර්සාගේ දුව කියන එක.නැත්නම් පුංචි පැස්කුලා කියන එක.. පුරාවෘත වල තියෙන හැටියට මැරුණු පැස්කුලාගෙ එකම දුවගේ එම්බාම් මිනියේ යම් යම් කොටස් තමයි ඔය විදියට ඩමියක් විදියට තියෙන්නෙ කියලයි කියන්නෙ.. මොකද පැසකුලාගෙ දුව කිරිගරුඬ ඉටි බෝනික්කියක් වගේ රූමත් කියලා තමයි ජනප්‍රවාදයේ තියෙන්නෙ." "එතකොට පැසකුලාගෙ දුව මැරුණෙ කොහොමද..?" "ආරංචි වල හැටියට පැසකුලාගෙ දුව ඇගේ විවාහය නියමවෙලා තිබ්බ දවසේම උග්‍ර විෂ ඇති කළු වැන්දඹු මකුළුවෙක් කාලා ඒ දවසේම මිය ගිහින් තියනවා.මේ සිදුවීම දරාගන්න බැරුව පැසකුලා තමන්ගෙ දුවව එම්බාම් කරල මෙහෙම ඩමියක් විදියට තිබ්බා කියලා තමයි සඳහන් වෙන්නෙ.. ඇත්තටම ඒක මිත්‍යා කථාවක් වෙන්න බෑ මහත්මයා.මොකද මං මෙහෙ සේවය කරන හැම දවසකම මේ සුරූපිනිය දිහා බලාගෙන ඉන්නෙ..ඇය ඇත්තටම ජීවමාන තරුණියක් වගේ." "ඇත්තටම ඔබ හරි.. ඇය තවමත් ජීවමානයි. මේකෙ තියෙන සියුම් අංශු වලින් වගේම මෝස්තර වලින් වුණත් මේකේ තියෙන විශ්මිත නිර්මාණය අපිට බලාගන්න පුළුවන්." "ඔව් මහත්මයා.ඒත් ඔබ පැස්කුලීටාගේ නොදන්න කාරණාවක් තියනවා.." "ඒ මොකක්ද..?" "මේ පැස්කුලීටාගේ ඉරියව් හිටිගමන් වෙනස් වෙනවා. ඒක මිත්‍යාවක් නෙමෙයි.මේ අමුතු නගරයේ බොහෝ දෙනෙක් මැය ගැන දන්නවා.ම
ං හිතන්නෙ ඔබ මේ නගරයට අලුත් හාදයෙක්..!" "ඔව් ඇත්තටම මම ආවෙ ඩයමන්ඩ්හිල්වල ඉඳන්.. මටත් මැයගේ ලොකු වෙනසක් දැණුනා." "මහත්මයා මැය විජ්ජාකාරියක්..!.රාත්‍රී දොලහෙන් පස්සෙ මැය හිටිගමන් ඉරියව් වෙනස් කරනවා.ඒ වගේම දවල් කාලයේ සාප්පුවට එන මිනිස්සුන්ගේ ඇස් දිහා බලං ඉන්නවාලු.. ඒවගේම මැයගෙ මනාල ගවුමෙන් එක එක කාලවලට වෙන වෙන පාට මතුවෙලත් තියෙනවා.. .එදා පැසකුලාට අන්දපු මනාල ගවුමමයි අදටත් ඇය මේ හැඳ සිටින්නේ. .මේ අවුරුදු හතලිහක සේවා කාලයේ පලපුරුද්දෙන් මම කියන්නෙ.. ගොඩක් අය ඒකට සාක්ෂි දරනවා මහත්මයා. .සමහර මිනිස්සු මේ ඩමියට වශී වෙලා වගේ බලං ඉන්නවා. ඒ විතරක් නෙමෙයි සමහරුන්ට පිස්සු හැදුණා..! කවදාවත් සුව කරගන්න බැරි විදියට..සමහර මිනිස්සු මේ ඩමිය විකුණනවද කියලා අහගෙන ආවා.. එයාලා මේ ඩමියට ඕනි ගාණක් දෙන්න කැමතිවෙලා හිටියා.. ඒ වගේම තමයි සමහර මිනිස්සු මෙ ඩමිය මිලට ගන්න ආවෙ තමන්ගේ ලිංගික කටයුතු වලට.මැයත් එක්ක ලිංගිකව හැසිරෙන්න පවා සමහර ව්කෘති මනසක් තිබුණු මිනිස්සු කැමති වෙලා හිටියා.." ඔහුගේ කතාවෙන් මට සිතුණේ අප විශ්වාස නොකරනා දේවල් වුණත් යම් දිනෙක සත්‍යක් වන බවයි..ඒ සිදුවීමෙන් සතියකට පසු මා කාරයෙන් ඇය දෙසම බලා යද්දි පවා ඇගේ දෑස් යොමුවී තිබුණේ මා වෙත බව මං පැහැදිලිවම දැක්කා.පැස්කුලීටා මනාලිය අවුරුදු හාරසියයක් ගියත් එතැනට වී අප දිහාම බලා සිටින බව මං දන්නවා. සමාප්තයි. සත්‍ය_#මූලාශ්‍ර_අඩංගු_කර_තැනූ_නිර්මාණයක් බවත් කවර් පික් එකේ සිටින්නෙ සත්‍ය පැස්කුලීටා ඩමිය බවත් කරුණාවෙන් සලකන්න රිෂාදි සිත්තරා.. 🤍ෂිම්ලා හරහා මනාලී සොයා.... 1. සූදානම් වීම සති කිහිපයක් තිස්සේ සැලසුම් කරපු ගමනක්. 30 දෙනෙක් එක්ක ෂිම්ලා මනාලි ගමනක් සාලසුම් කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි කියන එක තේරුණේ වැඩේට අතගැහුවට පස්සේ. අපේ මිත්‍රයා සුමිත් ජානක Siemens Cimputers එකේ බෙදාහැරුම් ජාලයේ අයත් එක්ක ඒ කියන්නේ X Printers , ECO Toners ලංකාව පුරාම බෙදාහරින ව්‍යාපාරික ජාලයත් එක්ක මේ වාගේ ගමනක් යන්න ඕනෑ කියන අදහස ආවේ මාස කිහිපයකටත් කලින්. " අයියෙ මනාලි කොහොමද ? සීමන්ස් එකේ බුද්ධික මගෙන් ඇහුවේ මම කාර්‍ය බහුල වෙලා හිටිය දවසක. " හොඳයි මල්ලි නංගිටයි ඔයාටයි යන්න මරු. මමයි අක්කයි ගිය අප්‍රේල් මුල ගිහින් ආවා " " එහෙම නෙමෙයි අයියේ අපේ බිස්නස් පාට්නර්ස්ලා ටික එක්කන් යන්න. හැමෝම බැංකොක්, සිංගප්පූර්, මැලේසියා , ජකර්තා යනවනේ . සුමිත් අයියට ඕනෑ වෙනස්ම අත්දැකීමක් දෙන්න .අද හෙටම එයා ඔයා හම්බුවෙන්න එයි " " හරි අපි කොහෙන් හරි ටුවර් එකක් බුක් කරමු. මම ගයිඩ් ලයින් ටික දෙන්නම් . " " නැහැ එහෙම නෙමෙයි. ඔයා අපිත් එක්ක එන්න ඕනෑ. අජිත් අයියා තමයි ඔය අදහස දැම්මේ " හදිසියේම දවසක බොරැල්ලට ආ බුද්ධික සහ සුමිත් මාවත් වාහනයට නංවාගෙන ප්‍රහසන නළු සමරේ වත් කැටුව වැල්ලවත්තේ වෙරළබඩ අවන්හලකට ගියේ ඉදිරි වැඩපිළිවෙල සාකච්ඡා කරන්නට සහ ඒ සම්භන්ධයෙන් කෙටි වීඩියෝවක් කරන්නටයි. ඒ හොඳවෑයින් විස්කි බෝතලයක් හිස් කරන අතරතුරයි. අපේ මූලික සැලැස්ම වූයේ දෙසැම්බර් මුල් කාලයේ නැවුම් හිම මනාලි කඳුකරයට වැටෙන අහු අස්සේ මනාලි වලට යන්නටයි. ඔය අදහස මගේ ඔලුවට දැම්මේ මගේ ඉන්දියානු ෆේස්බුක් මිත්‍රයා සංජීව් විසිනි. ඔහුගේ ප්‍රියතම ගමනාන්ත වූයේ මනාලි සහ ඉන් ඔබ්බේ ඇති ලාහුල් සහ ස්පිටි නිම්නයත්, ලඩාක් ඇතුළු හිමාලයානු කඳුකරයයි. ඔහු ඒ වෙතට යන්නේ ජීප් සහ මෝටර් රථ වලිනි. කලක් ඔහු විසින් මනාලි වල හෝටලයක්ද පවත්වාගෙන ගොස් තිබුණි. 2023 අප්‍රේල් මාසයේ යෙදුනු ෂිම්ලා සහ මනාලි සාවාරියත් සංවිධානය කොට තිබුණේ ඔහු විසිනි. නමුත් ඔහු මගේ ෆේස්බුක් මිතුරෙක් විනා මා ඔහුව හැබැහින් දැක නොතිබිණි. මේ හිමාලයානු කඳුකර සවාරිය සංවිධානය කරන්නට මා දන්නා එකම පුද්ගලයා මේ සංජීව්‍ ය. ඔහුව විශ්වාස කරන්නට මට තිබුණු හේතුව මගේ පළවැනි සවාරිය අඩුපාඩුවකින් තොරව සංවිධානය කර තිබීමත් ඔහු හොඳින් අධ්‍යාපනය ලැබූ කෙනෙක් වීමත් ය. සංජීව් පංජාබි ජාතිකයෙක් මුත් ඔහු වැඩිහරියක් වාසය කරන්නේ කල්කටා හිය. මේ කතාබහ ඇතිවූයේ ගිය ජූනි මාසයේදීය. මුලින්ම අපි කතාවුනේ සම්පූර්ණ දින හතරක්ම මනාලි හෝ අවට ගත කරන්නටත් ෂොපිං සඳහා දිල්ලියේ දවසක් ගත කරන්නටත් ය. ඒ දින කිහිපයට මනාලි නගර සංචාරයක්, සෝලං නිම්නයේ ත්‍රාසජනක ක්‍රීඩා වල යෙදෙන්නටත්, අටාල් ටනල් හරහා රෝටං දුර්ගය වෙත හෝ මර්හි පොයින්ට් වෙත යන්නටත් ,සිසු ගම්මානය වෙත යන්නටත් ය. ඒ අතරතුර හිම ක්‍රීඩා, පැරාග්ලයිඩිං සහ වයිට් වෝටර් රාෆ්ටිං සහ කෙටි කඳු නැගීමක්ද එකතු කර තිබිණි. ඊළඟ මාස කිහිපය වෙළඳ ඉලක්ක සම්පූර්ණ කිරීමට නියමිතව තිබූ අතර හෙමි හිමිහිට වැඩ කටයුතු කෙරෙන්නට විය. මේ අතර තුර බුද්ධික සහෝදරයාට හදිසියේම විදෙස් ගතවෙන්නට යෙදී තිබුණු නිසා ඒ බර සහමුලින්ම කරට ගන්නට සිදු වූයේ අශේන්ට සහ දන්තටය. ඊළඟට අසීරු කරුණ වූයේ කොළඹ සිට දිල්ලියට යන්නට එකම ගුවන් යානයකින් යන්නට ප්‍රවේශපත්‍ර 30 හොයා ගැනීමයි. ඒ අසීරු කාර්‍යය කරන්නට බාර වූයේ දුලාජ් බංඩාරටයි. සිය දරුවන්ගේ පාසල් නිවාඩු සහ වෙනත් කටයුතු සහ තවත් විදෙස් සවාරි යෙදී තිබීම නිසා සවාරිය පෙබරවාරි මුල් සතියට කල් දමන්නට සිදුව තිබිණි. " මචන් ඔය කියන දවස් වල හිම තියෙයි නේද ? හිම නැතිවුනොත් ගිහින් වැඩකුත් නෑ " විටින් විට කතා කර ඇසුවේ සමීර විසිනි. ඔය ප්‍රශ්ණ වලට පිළිතුරු තිබුණේ මා සතුව නොව සන්ජීව් සතුවය. ඔය කාලයේ මා විසින් ෂිම්ලා සහ මනාලි ගැන විස්තර ඇතුලත් ෆේස්බුක් සමූහ කිහිපයක්ම එකතු කරගෙන තිබිණි. ඒ වායේ හිම ගැන කිසිම කතාවක් නොවීය. ඒවායේ ෂෙයාර් වූයේ 2023 වර්ෂයේ හෝ ඊටත් එපිට වර්ෂවල හිම වැටෙන වීඩියෝ ය. " වැඩේ දෙල් වුනා වත්ද ?" මම කල්පනා කරමින් විස්සෝපයෙන් සිටිනු දුටු මගේ බිරින්දෑ " හිම කියන්නේ ඔයාට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එක්කෝ හිම වැටෙයි නැත්නම් නොවැටෙයි. කොහොම උනත් අටාල් බිංගෙන් එහා හිම තියෙයි. ගිය අප්‍රේල් වලත් හිම තිබ්බානේ. එහෙම නැත්නම් සිසූ හරි රෝටං ලා වලට හරි ගිහින් බලන්න " දැන් මා නිසාම මගේ බිරින්දෑත් මනාලි ගැන දැනුමෙන් සන්නද්ධය. දින ගණනාවක් ඔට්ටු වුන දුලාජ් ට අවසානයේ එකම ගුවන් යානයකින් දිල්ලි යන්නට ප්‍රවේශපත්‍ර 30ක් සොයාගන්නට දින ලබා ගත හැකිව තිබුණේ පෙබරවාරි 6 වෙනිදාටයි. වීසා ලබාගැනීමේ බරත් දුලාජ් විසින්ම බාරගත් අතර මා දිගින් දිගටම සංජීව් සමග කතාබහ කරමින් කාළගුණ වාර්තා සහ මනාලි පිළිබඳ ෆේස්බුක් අප්ඩේට් බලමින් කාලය ගතකරන්නට වූයේ දෙගිඩියාවෙනි. කිසිදෙයකින් කලබල නොවන සංජීව් " සංජේ භායි බයවෙන්න එපා ඔය කියන දවස් වෙනකොට මනාලි විතරක් නෙමෙයි ෂිම්ලා වලටත් හිම වැටිලා තියේවි " කීයේ මගේ හිතේ තිබූ බර මදක් සැහැල්ලු කරමිනි. ෂිම්ලා වල ශීතල මම බලාපොරොත්තු වුනත් ෂිම්ලා වල හිම තිබේවි යැයි මම කොහෙත්ම අපේක්ෂා නොකලෙමි. ටිකක් හෝ හිම තියේවි යැයි මා අපේක්ෂා කලේ අටාල් බිම්ගෙයින් එපිටට වන්නටය. " අයියෙ හිම සෙට් වෙයි නේ . මම ඔක්කොටම මැසේජ් කලා හිම කබා අරන් එන්න කියලා " ඉඳහිට අශේන්ද මාව කලබලයට පත් කරමින් ප්‍රශ්ණ අසන්නට විය. " ඔක්කොම බලාගෙන ඉන්නේ හිම වලට යන්න " " කිසි දෙයකට බයවෙන්න එපා. අපි මේ ඔක්කොම කරන්නේ හිත හොඳින් අපට වරදින්න විදිහක් නෑ. පෙබරවාරි 3, 4 වෙනකොට හිම වැටෙනව කියල ඇකියුවෙදර් වගේ වගේ වෙබ්සයිට් වල තියනවා " " එහෙනම් ෂේප් .අයියා ඔය වැඩ ටික බලල කරන්නකෝ. මම කොම්පැනිය පැත්තෙන් වෙන්න තියන වැඩ ටික බලන්නම්. " ගමන යන්නට තියන අයගේ නම් ලයිස්තුව ලැබුණු අතර ඉන් 80% මා දන්නා අය වීම සතුටට හේතුවක් විය. අනෙක් අයත් කුමන අකාරයකින් හෝ තරමක් හෝ දන්නා අයයි. විවිධාකාර ව්‍යාපාරික හමු වලදී එකතු වී මීවිත තොලගාන අයයි. මා සියවතාවකට වඩා රටින් පිට ගොස් තිබුණත් මෙවන් සංචාරයක් සංවිධානය කරන්නට සහභාගි වී තිබුණේ මීටත් වසර 30 ත් පෙර 1994 වර්ෂයේදීය. ඒ අපේ 7 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමග නේපාලයේ හිමාලය කඳුකරය තරණය කරන්නට ගිය ගමන සංවිධානය කරන්නට සහබාගි වීමය. ඒ යුගයේ අන්තර්ජාලය කෙසේ වෙතත් , වින්ඩෝස් සහිත පරිගණක වත් නොතිබිණි. " පේන විදිහට ෂිම්ලා මානාලි දෙකම සෘන උෂ්ණත්වයේ තියෙන්නේ. හැමෝම හොඳ ඝනකම හිම කබා ලෑස්ති කර ගන්න. අත් දිග ටී ෂර්ට්, ඝනකම ටීෂර්ට්. ශීතලෙන් බේරෙන්න ඕනෑ කරන ඕනෑම දෙයක් ලෑස්ති කරගන්න . තව බෙහෙත් මොනවහරි පාවිච්චි කරනව නම් ඒවා. ගෙනියන්න ඕනෑ මුදල් ඒ හැම දෙයක්ම ලෑස්ති කරගන්න " මේ අදහස් අපි බෙදාගත්තෙමු. "' දැනට ඩෙක් සපත්තු දාගෙන අපි පහසුවෙන් යමු. හිමේ යන්න සපත්තු අපි කුලියට ගමු. " " මුදල් නම් ලොකු ගානක් ගෙනියන්න අවශ්‍ය නෑ. ඔක්කොම කොම්පැනිය ගානේ. සල්ලි ඕනෑ වෙන්නේ පෞද්ගලික මිලදී ගැනීම් වලට " මේ සියළු තොරතුරු අප විසින් අටවාගත් වටසප් සමූහයක් මගින් බෙදා හදාගන්නට වීමු. " මෙන්න මම අද ගත්තු හිම කබා " " මනාලි වල හොඳම නයිට් ක්ලබ් එක මොකක් ද ?" " එහේ සමහර පැලෑටි නිකන් පාරවල් අයිනෙත් වැවෙනවලු " "' අර හින්දි සෝප් කතාවල ඉන්නව වගේ ලස්සන කෙල්ලො එහෙ ඉන්න්වාද " අපේ වට්සප් සමූහය විටෙක රස ගුලාවකි. කවුදෝ කෙනෙක් විසින් ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තයේ කිසිදු මත්පැන් වර්ගයක් පානය කරන්න ඉඩ නොදෙන බව කියා තිබීම නිසා සමහරු විසින් විස්කි බීමේ අදහස සම්පූර්ණයෙන්ම අතැර දමා තිබිණි. " අයියේ ඇත්තද ඒ කතාව " ඉඳහිට කෙනෙක් කතා කර අසයි. " ඒක බොරුවක් ම කියන්න බෑ. බැරිම වුනොත් එහෙ ලෝකල් ඒවා හොයාගම්මු . සමහරුන්ගේ මුහුණවල් දෙල් වී ගොසිනි. මේ ඔක්කොම කුමන්ත්‍රණ සුමිත් ගේ හා සමීරගේය. බෑග් පැක් කරගෙන එයාර්පෝර්ට් ඇවිත් චෙන්නයි ගිය හැටි ඊළඟට සංජය දොළමුල්ල❤️ Valentine Special ❤️ දඩාස්...!!! හිරන්‍යා ගෙදර දොර වැහුවේ මහා හයියෙන්... එහෙමම සාලෙ ලයිට් ටිකත් දාගෙනම ගිහින් හිරන්‍යා නතර වුනේ කෑම කාමරේ මේසෙ උඩ.. කඩෙන් ගෙනාපු රයිස් පැකට් දෙක මේසෙ උඩට දැම්මෙ හිතේ තියෙන දුකත් ඒකටම තියල බැදලා
.... "දරු ඵල නම් හොදට පිහිටලා තියෙනවා.. හැබැයි ආවට ගියාට ඔය නෝනගෙ බඩට දරුවෙක් එන්නෙ නෑ... එන්න ඉන්න කෙනාත් ආදරේ තමා හොයන්නේ... නෝනා ලග නැත්තෙත් ඒකම තමා..." පූජාගෙන් බේරෙන්න බැරි තැන තමා පිල්ලෑව පන්සල ලග හිටිය සාස්තර ගෑනිට හිරන්‍යා අත දික් කරේ... පූජාට ඕනෙ වුනේ හිරන්‍යාට දරුවෙක් කවදා ලැබෙයිද කියලා දැනගන්නයි... "ඒ ගෑනි ටක්කෙටම කියනවා බං... අපේ අක්කට කීවනේ පපුවෙ ලෙඩක් තියෙනවා, ඉක්මනට බෙහෙත් කරේ නැත්තම් ජීවිත හානි වෙයි කියලා.. අපිත් බයටම ඩොක්ටර් කෙනෙක් චැනල් කරල බැලුවා...හරියටම හරි කියහන්කෝ, පපුවේ බ්ලොක්ස් තුනක්ම තිබිලා වෑල්ව්ස් දාන්නත් වුණා... උඹ මං කියනවට අහපන්කො..." "ගෙදර කලඑළියට තිබුනට ජීවිතේම අදුරු වෙලා... ආදරේ කරල බැන්දට දැන් ඒ ආදරේ හොරු අරන් ගිහින් ගාණයි.. නෝනා විතරක් නෙවේ මාත්තියත් අතරමං වෙලා ඉන්නේ..." සාස්තරකාරි එහෙම කියනකොට නම් හිරන්‍යාට පොලොව පලන් යන්න හිතුනා... හැබැයි පූජා නම් ඒ දේවල් ඇහුනෙ නැති ගානට තමා කතා කරේ... "මැරි කරලා තවම අවුරුදු 2යිනේහ් බං... අනික දරු ඵල හොදට තියෙනවා කියලත් කීවනේ... උඹලා දෙන්නට දැන් තියෙන්නේ හිමීට ට්‍රයි කරන එක විතරයි..." කොච්චර වුනත් පූජාට සාස්තරකාරි කියපු දේවල් ඔක්කොම හොදට ඇහුණු බව හිරන්‍යා දන්නවා... දරාගැනීමට අපහසුත් ඒකමයි... දැන් ගෙදර ප්‍රශ්න ඔක්කොම පූජාත් දන්නවා නේද කියලා දැනෙනකොට නම් ඉවසුම් නෑ... කොච්චර ප්‍රශ්න තිබුණත් හිරන්‍යා ඒ කිසි දෙයක් පිටට පෙන්නපු ගෑනියෙක් නෙමෙයි... අඩුම ගානේ තමන්ගේ දෙමාපියන්වත් මේ කිසි දෙයක් දන්නෙ නෑ නේද කියලා මතක් වෙනකොට හිරන්‍යාට හරියට දුක හිතුණා... . ඇගපත සෝදගෙන කෑම කාමරේට ඇවිත් කෑම එක දිග ඇරගත්තට කන්න පිරියක් හිරන්‍යාට තිබුණෙම නෑ... බොරුවට බත් එක පහුරු ගාලා ගාලා, අන්තිමට එක කටක් කාලා අතසෝදගෙන හිරන්‍යා ආපහු ආවේ නිදන කාමරේට... ඔරලෝසුවේ වෙලාව රෑ දහයයි... සනුක තවමත් නෑ.... හිරන්‍යා ගත්තා සනුකට කෝල් එකක්... "තවම වැඩද ?" "නෑ...එන ගමන්... මේ ලග ඉන්නේ..." හරිම සරල ඇමතුමක්... ෆෝන් එක දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය හිරන්‍යා හැරිලා බැලුවේ ඇදට උඩින් තියෙන බිත්තිය දිහා... නෑ නෑ...බිත්තියේ එල්ලලා තිබුනු රාමු කල පින්තූරය දිහා... හරියටම අවුරුදු දෙකකට කලින් අද වගේ දවසක සනුකයි හිරන්‍යායි තමා ඒ පින්තූරයේ ලස්සනට තුරුළු වෙලා ඉන්නේ... ඔව්... ඒ අපි දෙන්නගේ හෝම් කමින් ෆොටෝ ඇල්බම් එකේ තිබුණු ලස්සනම ෆොටෝ එක...හිරන්‍යාගේ ඇස් තෙත් වුණේ තප්පර ගානක් ඇතුලත.... පෙරේදා.. ඔව්... පෙරේදා තමා අපේ දෙවැනි විවාහ සංවත්සරය යෙදිලා තිබුනේ... උදේ ඉදන් විශ් කරලා කෝල්, මැසෙජ් කීයක් ආවද ?... "කෝ බං සනුකයා... ඌටත් ෆෝන් එක දියන්කෝ මෙහෙමම විශ් කරන්න..." "අනේ බං එයා ඊයේ නුවර ගියා... අද හවස් වෙනවා එනකොට..." "අප්පා...එහෙමද..ආව් ආව්... එහෙනම් අද රෑට ආපහු හනීමූන් ගියා වගේ තියෙයි..." යාලුවෝ එහෙම විහිලු කරනකොට හිරන්‍යාගේ හිතේ බලාපොරොත්තුවක් ඇති නොවුණාම නෙමෙයි... නමුත් දවසම බලන් හිටියත් සනුකගෙන් කිසිම ආදරණීය කෝල් එකක් ලැබුණේ නෑ... ඒත්..... "මං එන ගමන් ඉන්නේ..රෑට කෑම අරන් එන්නම්..උයන්න එපා..." ඒ වචන ටික ඇහෙනකොට තැවි තැවී හිටිය හිරන්‍යාගේ හිත පුරාම හීං හුලගක් හමලා ඒ දුක හිමීට අයින් කරලා දැම්මා.... දැන් ඉතින් මග බලාගෙන ඉන්න ඇස් දෙක... සනුක ආවේ හවස 7ත් පහු වෙලා... "අම්මෝ පුදුම ට්‍රැෆික් එකක් අප්පා..එපා වෙනවා කාර් එක පැදගෙන ගිහින්ම... ආයෙ නම් කැබ් එකක් හයර් කරගෙන යනවා...." හිරන්‍යා සනුකට ඉක්මනටම උණු උණු කිරි කෝපි එකක් හදලා දුන්නා...සනුක ආසම දේ තමා ඒ...කෝපි එකත් අතට අරන් සනුක කෙලින්ම ගියේ එයාගේ ඔෆිස් රූම් එකට... "මං මගදි බඩගිනි වෙලා කෑවා...ඔයාට කොත්තුවක් ගෙනාවා... පට්ට රහයි.. බලන්නකෝ කාලා..." එතකොට හිරන්‍යාගේ බලාපොරොත්තු....??? ඒ ඔක්කොම එකතු කරගෙන අරන් ගිහින් ඩස්ට්බින් එකට දාලා, හිරන්‍යා මේසෙන් වාඩි වෙලා කොත්තුව කෑවා... "ඇත්තටම රහයි... කමක් නෑ..එයා මට මේක හරි අද අරන් ආවනේහ්..." හිරන්‍යා හැමදාම සතුටු වුණේ මේ වගේ පුංචි පුංචි දේවල් එයාගෙ හිත ඇතුලින්ම ගොඩ නගාගෙනයි... සනුක වෛද්‍යවරයෙක්... උදේ ඉදලා හවස් වෙනකම් හොස්පිට්ල් එකේ වැඩ කරල, හවසට pp එකත් කරලා එනකොට ඉතින් හොද පණ ගිහින්... හැමදාම වගේ රෑ 9ට 10ට ගෙදර එන්නේ, සමහර දවස්වලට රෑ වැඩ වැටුනම එන්නේ පහුවදා උදේට.... "ඔච්චර මහන්සි වෙන්න එපා... මමත් හම්බ කරනවනේහ්..." හිරන්‍යා එහෙම කියනකොට සනුක හැමවෙලාවෙම කීවේ, "අතපය හතර පණ තියෙන කාලේ පුලුවන් තරම් වැඩ කරන්න ඕනේ..බැරි කාලෙක එතකොට නිවීසැනසිල්ලේ ඉන්න පුලුවන්...අනික දරුවෙක් ලැබෙන්න කලින් පුලුවන් උපරිමයෙන් හම්බ කරන්න ඕනේ හිරූ...දරුවෝ ලැබුනට පස්සෙ දරුවෝ ගැන බලන්න ඕනෙනෙහ්... එතකොට මෙච්චර නහින්න බෑනේ..." . අවුරුදු 4ක්ම ආදරේ කරලයි සනුකයි හිරන්‍යායි විවාහ වෙන්නේ... ඒ අවුරුදු 4 ඇත්තෙන්ම දෙන්නට දෙන්නා ආදරේ කරා... සනුක එතකොට මෙහෙම බිසී වෙලා හිටියෙ නෑ... කොච්චරවත් හිරන්‍යා ගැන හෙව්වා බැලුවා, හිරන්‍යාට වඩා සනුකයි හිරන්‍යාට ආදරෙන් හිටියේ... ආදරේ කරපු දවස් වල රංඩු වුනාම හිරන්‍යාට වඩා ඇඩුවේ සනුක... "මං මැරිලා යයි හිරූ... ඔහොම කරන්න එපා මට..." සනුක එහෙම ඇඩුවේ ඉකිගගහා... සනුක අඩන හැටි දැක්කම හිරන්‍යාට වාවන්නෙ නෑ ඉතින්.. ඔන්න එතකොට ප්‍රශ්න විසදෙනවා ඉබේටම... ඒත් දැන්....???? දෙන්නම රංඩු කරන්නෙ නැති, අඩන්නෙ නැති හරිම සරල කතාවක හිමිකාරයෝ වෙලා ඉවරයි... "නෝනා විතරක් නෙමෙයි මාත්තියත් අතරමං වෙලා ඉන්නේ..." සාස්තරකාරි කියපු ඒ වචන ටික...!!! කොහෙදිද අපි අතරමං වුණේ...? ඇයි අපි අතරමං වුණේ..? ට්‍රීං...!!! ගෙදර බෙල් එක හයියෙන් වැදුනා... සනුකගේ හෙම්බත්වෙච්ච මුහුණ... "අද නම් මාර පරිප්පුවක් කෑවේ...අපේ වෝඩ් එක තියෙන බිල්ඩින් එකේ ලිෆ්ට් එක කැඩිලා...තට්ටු 5ක් එහාටයි මෙහාටයි පඩිපෙල් නගිනවා කියන්නේ තනිකරම පිස්සුවක්...එපා වුණා අද නම්..." සනුක ගෙට ඇවිත් කෙලින්ම ගියේ වොශ් රූම්... ඉතුරු අනිත් රයිස් එක පිගානට බෙදලා හිරන්‍යා මේසෙ කොනක වාඩි වෙලා බලාගෙන හිටියා... සනුක ආවේ අතින් කොන්ඩේ පිහිද පිහිදා... "අදත් නෑවද...අනේ මන්දා රෑට නාන්න එපා කියලා කොච්චර කියනවද..? " ඉස්සර නම් මේ වචන හිරන්‍යාගේ කටින් එලියට ආවේ හුරතල් බැනුමක් විදිහටයි... ඒත් දැන් ඒ වචන හිත ඇතුලේ අගුල් දාපු පෙට්ටගමක හිර වෙලා... හිරන්‍යා බලන් හිටියේ සනුක දිහාමයි... තද නිල් පාට ඉරි වැටුනු කලු සරමත්, කලු අත්නැති බැනියමත් ඇදගෙන කෑම මේසෙන් වාඩි වෙලා කෑම කන සනුක දිහා හිරන්‍යා බලන් හිටියේ හරිම ලෝබකමකින්... "බලන්නකෝ මේ ජෝඩුව... හරියට හින්දි නාට්‍යයක ඉන්න කපල් එකක් වගේ... මං නම් මෙච්චර මැචින් කපල් එකක් මේ දැක්කමයි..." සනුකගේ පියාගේ යාලුවෙක් විවාහ උත්සවයේදී මනමාල යුවලට සුභ පතනවිට සිනාමුසුව කියූ දේ හිරන්‍යාට මතක් වුණා... ඇත්තටම ඒ කියූ දේ සැබෑවකි... ඔවුන් දෙදෙනා සැබවින්ම ඒ තරමටම ගැලපෙනා යුවලක් බව බැලූ බැල්මට ඕනෑ කෙනෙක්ට කිව හැකිය... සනුක කලාතුරකින් කොල්ලෙකුට පිහිටන ආකර්ෂණීය කඩවසම්භාවයක් හිමි වූ තරුණයෙක් වූ අතර, හිරන්‍යා ද ඊට නොදෙවෙනි සුන්දරත්වයෙන් පරිපූර්ණ යුවතියක් වූවාය... "ලස්සනයිද කියන්නකෝ අනේ...මේ සාරි එක හරියන්නෙ නැද්ද මට...මොනවාහරි කියන්නකෝ, ඔහොම කටබලියාගෙන ඉන්නෙ නැතිව..." සනුක තමා දෙස බලන් ඉන්නේ අනුරාගී බැල්මකින් බව දැන දැනත් හිරන්‍යා මුකුත් නොදන්න තාලෙට හුරතල් වුණා...මුකුත්ම නොකියූ සනුක හිරන්‍යා දෙස බලාගෙනම ඈ ලගට ඇවිත් ඇයව කණ්ණාඩිය දෙසට හරවා ඈට පිටුපා සිටගෙන ඈව තුරුළු කරගත්තා... "දැන් තමා ලස්සනම...!!! මේහ් මං නැතිව මේ සාරි ඇදගෙන කොහෙවත් ගිහින් අහුවෙන්න එපා... ඔයාව මෙහෙම දැක්කම ඕනෙම මිනිහෙක්ට උස්සගෙන යන්න හිතෙනවා... ඒ නිසා සාරි අදින්න පුලුවන් මාත් එක්ක යන ගමන් වලට විතරයි.." සනුකගේ ඒ ආදරණීය තරවටු කිරීම් වලට තමා හිරන්‍යා ගොඩාක්ම කැමති... අද නම් ඔහු සමග කතා කරනවාමයි... ඔහුට කුමක් කිවයුතුද ? කොතනින් කතාව පටන්ගන්නද ? ආදී ප්‍රශ්න ගොඩක් අතරේ සිර වෙලා සිටි හිරන්‍යා පියවි සිහියට ආවේ සනුකගේ කටහඩින්... "මට සෑහෙන්න නිදිමතයි හිරූ...හෙට උදේ 6ට මාව නැගිට්ටවන්න හොදේ..." එහෙම කියාගෙන සනුක කෙලින්ම ගියේ නිදන කාමරයට... අනේ...!!! හිරන්‍යාට ඇඩෙන්නට ආවා... බෑ බෑ...අද කොහොමහරි කතා කරනවා... හිරන්‍යා දුවගෙන වගේ නිදන කාමරේට ගියා.. ඒ වනවිටත් ඇදේ පෙරලී ඉන්නා සනුකට නින්ද ගොස් නැතිබව නම් නිසැකය... "සනුක...සනුක..." නැත...ඔහු අවදිවන්නේ නැත... හිරන්‍යාට තවත් ඉවසා සිටීමට හැකියාවක් තිබුනේ නැත...කාලයක් තිස්සේ කැකෑරෙමින් තිබූ, අද හවස්වරුවේ සිට උඩුදුවා දෝංකාර දුන් ඒ වේදනාව ඈ ක්ෂණිකව පිට කළාය.... "සනුක.........!!!!!!!..." තමාට හැකි උපරිමයෙන් යටිගිරියෙන්ම හිරන්‍යා කෑගැසුවේ අහල පහල නිවෙස් වලටද ඇසෙනා තරම් මහ හඩකිනි... ඒ හඩට සනුක ඇහැරුණේ උඩ විසිවී ගොසිනි... මුලින්ම ඔහුට වුණු දේ සිතාගන්නට නොහැකි විය... නමුත් ඇද අසල දණගසාගෙන, කොන්ඩයත් කඩාගෙන මහා හඩකින් කෑ ගසමින් හඩනා හිරන්‍යා දුටු විට ඔහුගේ නිදිමත ක්ෂණයකින් නැතිවී ගියේය... "හිරූ...!!! මොකද මේ..??...." දණගසාගෙන සිටි හිරන්‍යාව වහා ඇද උඩට ගත් සනුක ඇයගේ කරවටා අතක් යවා ඇගේ කම්මුල් පිසිමින් ඇසුවේය... "ඔ.යා..ඔ..යා...ඇයි..ම.ට..මෙහෙ.ම කර..න්නේ..." ඉකිගසමින්ම හිරන්‍යා ඇසුවාය... මං මොකක්ද ඔයාට කරේ.." ඇයි ඉස්සර වගේ මට ආදරේ කරන්න බැරි ඔයාට...? මං තාමත් ඉස්සර වගේම ඔයාට ආදරෙයි හිරූ..." බොරු... මට දැනෙන්නේ නෑ එහෙම...දැන් ඔයාගෙ ජීවිතේම වෙලා තියෙන්නෙ රස්සාව... මං මේ ගෙදර තනිවෙලා ඉන්නේ..." මාත් තනිවෙලා තමා ඉන්නේ.." සනුක එහෙම කීවේ බිම බලාගෙන... එවර හිරන්‍යා පුදුමයෙන් සනුක දෙස බැලුවාය.. "ඇයි ඒ ? " " එදා ඔයා මාව තල්ලු කරලා මට බැන්නේ...අන්න එදා ඉදලා මට ඔයාව අල්ලන්නවත් හිත දුන්නෙ නෑ..."
එදා..!!! ඔව් ඒ දිනය හිරන්‍යාටද අමතක නොවන දිනයකි... එදා මහා ධාරාණිපාත වර්ෂාවක් පතිත වූ සීතල රැයකි... එවැනි දවස් වලට ආලිංගන, ප්‍රේමාන්විත හැගීම් නිරතුරුවම උද්දීපනය වන බව සැවොම දන්නා කරුණකි... ඉතින් ඒ රැයේදීත් සනුක හිරන්‍යාට තුරුළු වූයේ ඒ සියලු හැගීම් වලින් ඔහු මුසපත් වී සිටි නිසාවෙනි... "අහකට යන්න සනුක.... ප්ලීස්...මට පාඩුවේ ඉන්න දෙන්න..." හිරන්‍යා විගසින් ඔහුව තල්ලු කර දැමුවේ එසේ කියමිනි... " ඔයාට ඕනෙ වෙලාවට තුරුළු කරගන්නයි, එපා වෙලාවට අයින් කරන්නයි මං සෙල්ලම් බඩුවක් නෙමෙයි..." හිරන්‍යාගේ ඒ කිණිස්සක් වැනි වචන ටික ගොස් නතර වූයේ සනුකගේ පපුවේ හරි මැදය... මට ඔයාව කවදද එපා වුණේ.? යැයි අසන්නට සිතුනද සනුක නිහඩ වූවේය... පෙර දිනයේදී වැඩ අධික අවස්තාවක හිරන්‍යාගෙන් ලද ආදරණීය හාදු නිසා ඒකාග්‍රතාවය නැතිවන බැවින් සනුක හිරන්‍යාට සැර කළේය.. " මොකද මේ වෙලා තියෙන්නෙ... යනවා යන්න මෙතනින්...වැඩක් කරගන්න දෙන්නෙ නෑ වද දෙනවා..." ඒ බැනුමට ඇය පළිගත්තේ මෙලෙසය... ඉතින් එදා සිට සනුක, හිරන්‍යාගේ ඇගට අතක් නොතිබ්බේය... ඇය ලග සිටින විට ඇතිවන හැගීම් මැඩපැවැත්වීමට ඔහු නොයෙක් දෑ සිදු කළේය.. අවසානයේ ඔහු සාර්ථක විය... නිවසට පැමිණි මොහොතේ සිට අනවශ්‍ය කාර්යබහුලත්වයක් ආරූඪ කරගෙන හැසිරෙන්නට ඔහු පුරුදු විය... එදා පටන් හිරන්‍යා දුටුවේ සල්ලි පස්සේ දුවන තම සැමියා මිස හිත පෑරී කරකියගන්නට දෙයක් නොමැතිව අසරණ වී සිටි තම ආදරවන්තයාව නොවේ.... ඉතින් අද මේ හිරිගඩු පිපෙන සීතල මැදියමේ, ආදරණීය සැමියෙක් තමා අතින් සිදුවූ වරද පාපොච්චාරණය කළේය... ඔහුගේ දයාබර භාර්යාව එය අසා සිටියේ කදුළු පුරවාගත් දෙනෙතිනි.... සනුකගේ ඇස්වලද කදුළු පොකුරු පිටින් පිරුණි... " මට සමාවෙන්න හිරූ...!!! " හිරන්‍යාගේ අත් දෙකින්ම තදින් අල්ලා එසේ කියන විට සනුකට ඇඩිණි... හිරන්‍යාගේ අත් වල ඔලුව ගසාගෙන සනුක දුක තුනී කරගත්තේය... "ඇයි ඔයා නිශ්ශබ්ද ? මට සමාව දෙන්න බැරිද ? " හිරන්‍යාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති තැන සනුක ඔලුව උස්සා ඇසුවේය... " ඔයා නෙමෙයි මමයි සමාව ඉල්ලන්න ඕනේ... පිරිමියෙක් ආදරේ කරන්නේ වචන වලින්, හැසිරීමෙන් නෙමෙයි පපුවෙන් කියලා තේරුම් ගන්න මට බැරිවුණා..." හිරන්‍යාගේ ඒ කදුළු පිරුණු මුහුණ එහෙමම සනුකගේ පපුවට තුරුළු විය... ඉතින් ඒ සුන්දර රාත්‍රිය...!!! ඔවුන් දෙදෙනාට පමණක්ම අයිති වූ එකක් විය... ~~~ නිමි ~~~ හුග කාලෙකට කලින් ලියපු කතාවක්... අද තමා මේක පළ කරන්න හොදම දවස කියල හිතුනා..❤️ © Kavindra Devappriya ( Photo credit goes to the original owner )අද හෙටවත් වැස්සක් වැහැපන් දෙයියෝ! ( ජනකවි) වැස්ස ජීවිතයට නැතුවම බැරි දෙයක්. ඇළදොළ ගංගා පිරිල,ජීවිතයට ගේන සතුට කියාගන්න බැරිතරම්. වැස්ස වැඩිවුණාම නම් ඉතින් මහම කරදරයක් තමා. 'දෙහිලෙල්ලට හිඟාකෑවත් පායන එක නම් දාහෙන් සම්පතයි' කියල නරියත් කිව්ව බව මිනිස්සුන්ට මතක්වෙන්නෙ එතකොට. එහෙම වහින කාලෙට නම්, හිටගෙන මොකක්ද හෝදන්න පුලුවන් බවත් කියනව. ඒ මොකක් වුනත් කලට වැස්ස නැතිවුණාම, බඩකට වේලෙන්න ගන්නව. මේ කාලෙට තමයි වැස්ස වලාහක දෙවියන්ට වැහි පිරිත කියන්නෙ, නොයෙකුත් ජනක්‍රීඩා, ශාන්තිකර්ම කරන්නෙ. ඒ අතරෙ ජනකවියා වහින්න කියල, වැහි දෙවියන්ට කවියෙන් ආයාචනා කළා. අද මන් කියන්නෙ එහෙම කිව්ව ජනකවි ටිකක්. අහසට කවුද අනවින කරපූ ගොයියෝ පොළොවට දැමූ බෝගේ දනවා දෙයියෝ යායක රුව බලන් වැඩකරලා ගොයියෝ අදහෙටවත් වැස්සක් වැහැපන් දෙයියෝ හිරුදෙවි කෝපවී නියඟය දරුණු කළා ගොඩමඩ දෙකම යල කන්නය පාලුකළා වැස්ස වලාහක දෙවියනි දිවැස් හෙලා නියඟය මකනු මැන වැව් අමුණු පුරවලා පොරපොල් ගසා අං ඇද කන්නලව් කරන් පෙරහැර ගොස් ගම්මඩු යාගයද කරන් පින්බර වලාහක දෙවි නමද සිහිකරන් අපි කළ පින් දෙමු දෙවියනි වැස්ස දියන් වැස්ස වලාහක දෙවියන්හට නැමැද නිස්ස කියමි වැසිපල දෙන ලෙස අයැද තොස්ස වඩන පින්දෙමි මුනිඳුන් නමැද ලස්ස නොමව වැස්සක් දෙනු මැනවි තද අකුරු කාරයෙක් කළ විනදෝ නොදැනේ නපුරු ගිරහයෙක් උඩ බැලුවාද අනේ අතුරු සිදුරුවැව් ගං කුඹුරු නැතිවුනේ යතුරු ලාපි වැහිදොර සතර දිවයිනේ වැස්සක් වැස්සොත් දෙවියන්ට දෙනව කියපු දේවල් ගැන, අහිංසක ගැමියාගේ කියමන් ඇහුවම හිතෙන්නෙ, දෙවියොත් මිනිස්සු වගේම කුඹුරු හාගෙන, අටුකොටු පුරවන්, බුලත් විඩක් කාගෙන ඉන්න අය කියල, ඒ අය හිතන් හිටිය බව. වැහැපන් දෙයියා කහපැන් දෙඤ්ඤයි දොරකඩ පොල්ගහ නින්දම දෙඤ්ඤයි අටු ඇට මල්ලක් පුරහම දෙඤ්ඤයි කොවුලක බුලතුත් තනිවම. දෙඤ්ඤයි හානට මී ගොන් බානක් දෙඤ්ඤයි වැහැපන් දෙයියා වැහපන් දෙයියා // වැස්ස අවශ්‍ය වන්නේ ගහකොළවලට පණ ඒමට පමණක් නෙවෙයි. නාඹර තරුණ ගතට සිතට නවපණක් ඒමටත් වැස්ස ඕනෑවෙයි. එවැන්නෙක් වැස්ස ඉල්ලුවේ මෙසේයි. දාහෙ නිවී සිසිලස ඇඟ වෙළනවිට කොමලඟනගෙ අගය වැටහෙනවා එවිට වැස්ස හොඳයි අඟනක ළඟ සිටිනවිට වැස්ස දෙන්න දෙවියනි නාඹර හදට එහෙම ඉල්ලපු කෙනෙකුට වැස්සක් වහින වෙලාවක, පාරෙ යන කෙනෙක් දැකල මෙහෙම කියවුණා! වැස්සෙ තෙමිතෙමී කොහි යනවාද නඟෝ රෙද්ද තෙමී නිතඹේ රඟ පෙනෙයි නඟෝ හංස පැටව් තෙත බරිවී නටයි නඟෝ වැස්සෙ තුරුලුවී ඉඳ මෙහි යමුද නඟෝ අහම්බෙන් කඩාවැටුණු වැස්සකින්, පරණ පිනකුත් කඩන් වැටුණු තරුණයකුට ඇති වුන සුන්දර සිතුවිල්ලක්, කොළඹ යුගයේ කවියකුගේ පෑනෙන්, වැස්ස ගැන කියවුණු පැරණි ජනකවියක හැඩේ වෙනස්වෙලා ලියවුණේ මෙහෙමයි. 'මැණිකෙගෙ පැල ළඟින් මා යන වෙලාවේ මල්වැස්සක් ආවයි වැහි වලාවේ ඒකයි පැලට ආවේ සිහිමුළාවේ හෙටත් වැස්ස වැහැපන් මේ වෙලාවේ' Channa Withana 2024.02.14ආදරණීය තරහකාරයෝ එහා පැත්තේ ගෙදරයි, අපියි අතරේ අවුරුදු ගාණක ඉඳන් අමුඩෙයි, පු@යි වගේ සමීප සම්බන්ධතාවයක් තිබුනා. කොහේ හරි යනකොට යතුර පාපිස්ස යට, මීටර් පෙට්ටිය උඩ, මල් පෝච්චිය යට වගේ අජීවී තැන් වල තියලා යනවට වඩා ඒ ගෙදරින් තියලා යන්න තරම් අපිට ඒ මිනිස්සු විස්වාසවන්ත උනා. කොහොමත් මම ඇරෙන්න අපේ ගෙදර උස්සන් යන්න තරම් වෙන වටින කියන දේවලුත් නම් නෑ. කනප්පු, කවිච්චි, බුලත් හෙප්පු, කෑම මේස පුටු, කන්නාඩි මේස උස්සන් යන්න හරි; දොරවල්, ජනෙල්, උළුවහු ගලවන් යන්න තරම් හරි දැන් ඉන්න හොරුන්ට පිස්සු ඇති කියලා මම හිතන්නෑ. අනික ඉස්සරහා දොරට පන්සලේ බණ සාලාවේ දොරට දාන තරම් විසාල යතුරක් තියෙන අගුලක් දාලා තිබුනට ඕන වෙලාවක පිටිපස්සේ දොරට උඩින් අත දාලා අගුල ඇරලා ගෙදර තියෙන ඕනම දෙයක් උස්සන් යන්න පුළුවන් පහසුකම අපි හොරුන්ට සලසලා දීලා තිබුනා. ඒ කොහොම උනත් අසල්වැසියාව අපි දැඩිව විස්වාස කරන බව පෙන්වන සංකේතයක් විදියට ඕක පුරුද්දක් විදියට කරගෙන ආවා. ඒ ලෙංගතු, සමීප, විස්වාසවන්ත බව බිඳගෙන හැම සමීප ගෙවල් දෙකකටම බොහෝ දුරට උරුම සාම්ප්‍රදායික ප්‍රශ්ණය අපි අතරටත් ආවා. අපෙන් අවසර අරන් ඒ ගෙදරට කරන්ට් එක ගන්න, අපේ ඉඩමේ හිටවපු ලයිට් කනුවත් එක්ක තියෙන බිම් කොටස එයාලගේ ඉඩමට අයිති විදියට මේ අසල්වැසියෝ අයිතිවාසිකම් කියන්න පටන්ගන්නකොට මට තරහා යන්න කලින් හිනා ගියා. “පොඩි කෑල්ලක්නේ, ඔන්න ඔහේ ගත්ත දෙන්” කියලා අතෑරලා දානවා කියලා මුලින් හිතුවත්, මේක ආදර්ශයට අරගෙන ඉස්සරහට මම ඇඳන් ඉන්න කලිසමටත් අයිතිවාසිකම් කියලා ඇඳන් ඉද්දිම ගලවගෙන යෑමේ අවධානමක් තියෙන නිසා “දෙන්නෙම නෑ” කියන තිර අධිෂ්ඨානයෙන් ගේමට බැස්සා. ⁣ගේමට බැස්සා කිව්වට එහෙම ගේමකුත් නෑ. සාමකාමීව පොලිසි ගියා. සාමකාමීව කතා කලා. සාමකාමීව විසඳගන්න බැරුව ගියා. ඉඩම මනින්න කතා උනා. එක පාරක් මැනලා මඟ දී ඒකත් නතර උනා. දැන් ඔහේ ඉන්නවා. දැන් අපි දෙගොල්ල තරහයි. ඒත් වෛරයක් නෑ. ඒ ගෙදර පොඩි උන් අපේ ගෙදර ඇවිත් අක්කගේ පොඩි උන් එක්ක සෙල්ලම් කරනවා. කනවා, බොනවා යනවා. අපි එන්න එපා කියන්නෙත් නෑ. ඒ ගෙදර මිනිස්සු අපේ ගෙදර එන්න එපා කියන්නෙත් නෑ. දවසක් ඒ ගෙදරට නයෙක් ඇවිත් ඌ එලෙව්වම ඒ නයා අපේ ගේ පැත්තට ඇවිත්. ඒ ගෑණු කෙනා අම්මට කතා කරලා කියනවා “ඔන්න නයා ඔයාලගේ පැත්තට ආවා” කියලා. නැතුව “තො පිව නයෙක් හරි කා පිය” කියලා ඉන්නෙත් නෑ. අපිත් නයාව වෙන පැත්තකට එළවලා නයා හුඹහට රිංගුවා ව⁣ගේ පාඩුවේ ගෙට යනවා. ඒ ගෙදර මනුස්සයගේ අම්මා නැති උන වෙලාවේ, ඒ මලගෙදර ගියාම මාව දැක්ක ගමන් මේ මනුස්සයා අනිත් පැත්ත හැරිලා යන්න ගියා. ටිකක් දුර ගිහින් ආපහු හැරිලා ඇවිත් “එන්න හෝම්ස්, තේ එකක් බොමු” කියලා මට අඬගැහුවා. මම හිතන්නේ මාව එකපාරට දැකපු ගමන් මොකද කරන්නේ කියන එක පොරටත් හිතාගන්න බැරි උනා. මලගෙදරට එන අමුත්තන්ට තේ දෙන කාමරේට ගිහින් මමත් බිස්කට් එකක් කාලා, තේ එකක් බීලා ආවා. ඒ නැති උන අම්මගේ අවුරුද්දේ දානේ දවසේ ගෙදර පොඩි ළමයා අතේ අපේ අමමගෙන් අහලා එවලා තිබුනා “කෑම එකක් එවන්නද” කියලා. අම්මා “හා” කියලා තිබුනා. රහට තිබුන ඒ කෑම එක ගෙදර අපි හැමෝම කෑවා. වැස්සත් එක්ක හේදී හේදී මේ ඉඩම් කෑල්ල දැන් අපේ ගේ පැත්තටම කිට්ටු වෙනවා. මේ මිනිස්සු දවස ගානේ අපිට හොරෙන් කම්මුලට අත තියාන ඒ දිහා බලන් කම්පා වෙන හැටි මම දැකලා තියෙනවා. ඉඩම් කෑල්ල මගේ කියලා නීතියෙන් ඔප්පු උන දවසට මම ඒ ඉඩම් කෑල්ලම ඒ මනුස්සයගේ නමට ලියලා දෙනවා. හැබැයි ඊට කලින් ලක්ෂ ගාණක් උනත් වියදම් කරලා මම සමාජය ඉදිරියේ නිර්දෝශී වෙනවා. පොඩි කාලේ ඉඳන් අහිමි වීම කියන දේ කරපින්නන් ආපු මට මගේ දෙයක් තව මනුස්සයෙකුට දෙන එක එච්චර අමාරු නෑ. හැබැයි ඒ දෙන්නේ මගේ දෙයක් කියන එක එතන තියෙන්න ඕන. ඒක හැම වේලේම කියවන්න ඕන නෑ. ඒත් ගණුදෙනුව වෙන තැනදී, මගේ දේ දෙන්නේ, මං කියන එක තියෙන්න ඕන. ඒකට කැමති නැත්නම් නොගෙන ඉන්න ඕන. එහෙමවත් දෙයක් නැතුව දෙන්න නම් මට “කෝමා" වෙන්න ඕන. Sherlock Holms"එගොඩත් මෙගොඩත් ගම් යා කරලා... පාලම සාදා බලා සිටින්නේ..." ප්‍රියා සූරියසේනයන්ගේ ගීතය සෑම උදයකම නවගමුව සහ මාපිටිගම දෙගොඩ යාකරන මගී පාලමෙන් යනවිට මට සිහිපත් වේ. ඔහ්... වැරදුනා නොවැ. ඒක ගයන්නේ ප්‍රියා සූරියස
ේන මහත්තයා නෙවෙයිනේ, පුන්සිරි සොයිසා මහත්තයානේ. මට නම් දෙක පැටලුනානේ. මා විවාහව මාපිටිගම ට ආපු අළුත (2008), නවගමුව හෝ රණාලේ සිට පාරුවෙන් එගොඩවී මගේ ප්‍රිය බිරිඳ සමග නිවසට ගමන් කල සොඳුරු අවස්ථා කිහිපයක් මතක්වේ. නවගමුව දේවාලය අසලින් ගඟ දෙසට යෑමේදී හමුවන පල්ලියේ තොටුපළ (නවගමුව තොටුපල), අද පාලමත් සමග අභාවයට ගොස් ඇත. පාලමට ආසන්න ඊලඟ තොටුපළ වන උස්වත්තේ තොටුපළ ද දැනට ක්‍රියාත්මක නොවේ. එහෙත් ඊට ඈතින් ඇති කපාපු තොටුපළ අදටත් හොඳින් ක්‍රියාත්මක වේ. යලට මහට බස් දුවන 237 "හංවැල්ල- කඩුවෙල" මාර්ගයේ ගමන් කරන ජනතාව කාලයක් තිස්සේ ආණ්ඩුවෙන් කල ඉල්ලීම් නිසා මුල්ගල් කිහිපයක් සිටවින. එහෙත් දිගු කලක් මෙම පාලම ගොඩ නැංවීම ප්‍රමාද වෙමින් පැවතින. මා මේ ගමට පැමිණ වසර දෙකකට පසුව 2010.08.17 හෝ 18 යන දින දෙකකදී පාලම ජනතා අයිතියට පත් වූ බව සමරු ඵලක දෙකක සඳහන් වේ. එකම පාලම ආසන්න දින දෙකක දී විවෘත වීම මෙහි විශේෂත්වය යි. එහෙම වුනේ කොහොමද? කඩුවෙල ප්‍රාදේශීය සභාවෙන් ලක්ෂ 61 ක ප්‍රතිපාදන යොදවා ආරම්භ කිරීම හේතුවෙන්, ඊට මූලිකව කටයුතු කල දේශපාලනඥයා විසින් "විධිමත් විවෘත කිරීමේ දිනට පෙර දින" වන 2010.08.17 දින පාලම විවෘත කලේය. ඊට පසු දින (2010.08.18) ලක්ෂ 425 ක් වැයකර පාලම නිමකල දේශපාලනඥයින් විසින් විධිමත් ව පාලම විවෘත කරනු ලැබින. පාලම සෑදූ සැමට තුති. ඉහත මා දැක්වූ "එගොඩ ත් මෙගොඩ ත් ගම් යා කරලා.." ගීතය ගැයුවේ පුන්සිරි සොයිසා ද ප්‍රියා සූරියසේන ද යන්න ගැන වද නොවී අපි ඒ මියුරු ගීතයෙන් සිත පිනවා ගන්නෙමු. එලෙසටම පාලම කවුරු තැනුවත්, එය තැනීමට එක්වූ සැමට ගරුත්වය දෙමින් අපි පාලමේ එදිනෙදා ගමන් කරන්නෙමු. මගී (පදික) පාලමක් ලෙස සැකසුන මෙම පාලම අද කුඩා ලොරි (ඩිමෝ බට්ටා) පවා "අපහසුවෙන්" ගමන් කරන පාලමක් ව ඇත. ඒ කඩුවෙලත් නවගමුව ත් අතර ගඟෙන් එගොඩව ගම්පහ දිස්ත්‍රික්කය වෙත ඇතුළු වීමට ඇති කෙටි මාර්ගයක් වීමයි. කුඩා ලොරියක් පාලමෙන් ගමන් කිරීමේදී පදිකයෝ තම දිවි රැක ගැනීමට පාලමේ ඇන්දේ එල්ලී සිටිය යුතුය. මෙසේ වාහන ධාවනයේදී මගියා සහ පාලම් ඇන්ද අතර පරතරය අඩියක් වත් නැත. පාලම් ඇන්දේ එල්ලීම නිසා පාලමෙන් කැළණි ගඟට ඇද වැටී මියගියවුන් ගැන ආරංචි පවතී. ඒ අයගෙන් බොහෝමයක් හොර තිප්පලකින් ඇඟ රත්කරගෙන පාලමේ එන්නා වූ අයය. කෙසේ වුවද, පාලමේ ගමන පදිකයාට මරු සිහිවන ඇඩ්වෙන්චරයකි. වාහනයේ ආරක්ෂාව පමණක්ම සිතන සමහර රියදුරන්, පදිකයාගේ ජීවිතයේ වටිනාකම ගැන තඹ සතයක් පමණවත් නොසිතා පාලම මැදට වාහනය කරගෙන, "වෙවුලමින්" වාහන ධාවනය කිරීම දැකිය හැක. තවත් සමහරු අධික වේගයෙන් පාලමේ ධාවනය කරති. තාර කට්ට කැඩී මතුවූ වලවල් වල වැටෙමින් බකල ගසමින් වාහන ධාවනය කරන දෙපාර්ශවය නිසා පදිකයින් දැඩි අපහසුතාවට පත් වේ. මේ හේතුවෙන් පාලම තැනුවන්ට ලොකුවට පාලම නොසෑදීම ගැන දොස් කියන්නන් බොහෝය. එසේ ලොකුවට පාලම තැනුවේ නම් ටෙන්වීලර් ඉන් රිංගනු නොඅනුමානය. එහෙත්, දිස්ත්‍රික්ක දෙකක් යාකරන මෙම පාලම සුවහසක් ජනතාවට දෛනිකව මහෝපකාරී වේ. එය රැක ගත යුතුය. බයෙන් බයෙන් පාලමට වාහනය ඔබාගෙන සෙමෙන් රිය පදවා සැමගේ කාලය කාදමන බොහෝ රියදුරු මහතුන්ගේ දෙමාපියන් හට පුණ්‍යානුමෝදනා කරන්නෝ ද එමටය. මක් නිසාද යත් උදෑසන රැකියා හෝ පාසල් වලට යන ඉමහත් පිරිසගේ ගමන ඉන් ප්‍රමාද වීමයි. සාමාන්‍යයෙන් එක් පසකට යන වාහන යෑමෙන් පසු අනෙක් පසෙන් එන වාහන වලට අවස්ථාව ලබා දෙයි. දෙපස ට්‍රැෆික් ලයිට් සවිකලද, ඒවා පිස්සු කෙලීමෙන් රථවාහන තදබදයක් නිර්මාණය විය. මෙනිසා ඒවා දැන් අක්‍රිය කර ඇත. පටු පාලමක වාහන ධාවනය ස්වයං විනය මගින් සිදුවිය යුත්තකි. එහෙත්, කඩි කුලප්පුකාරීන් තම වාහන පාලම මැද හිර කරගෙන කලහකාරීව හැසිරෙන අවස්ථාද එමටය. ඒ අපේ ජානමය ගතියයි. එහෙත් ඉවසීම සහ සිහිකල්පනාව සහිතව බුද්ධිමත්ව පාලමේ ගමන් කිරීම වැදගත් වේ. එසේත් නැතිනම් මෙම පාලම නිසා අප දිවිගමන ඉක්මනින්ම අවසන් කරගත හැක. මම දිනෙත් සමරවික්‍රමකවුරුත් එහෙට මෙහෙට වෙනකම් ඉඳල අත්තම්ම මගේ අතින් අැදගෙන කාමරේට අාවා. බාගෙට වහල තිබුණු ජනේලෙ දිහා අායෙත් පාරක් බැලුවෙ හරියට ලොකු හොරකමක් කරන්න ලෑස්ති වෙනව වගේ. ඊළඟට හැට්ටෙ අස්සට අත දාල මොකද්දෝ අරගෙන අතේ ගුලි කර ගත්ත. "මගෙ දෝණි" අත්තම්ම මගේ අත අරගෙන එ්ක මගේ අතේ මිට මෙලෙව්ව. රුපියල් පන්සීයක්. "මේ මොකද අත්තම්මෙ" මං එ්ක ගත්තෙ නෑ. "මට වෙන දෙන්න දෙයක් නෑ මයෙ පුතේ" අත්තම්මගෙ අැස් වල කඳුලු පිරිල. "අනේ එපා අත්තම්මෙ මට සල්ලි මොකටද" මටත් කඳුලු බෝවෙන්න කලින් මම කිව්ව. "තියාගන්න පුතේ මේකෙන් පුතාට පොත් ගන්න" අත්තම්ම පන්සීය මේසෙ උඩින් තියල හනිකට කාමරෙන් එලියට ගියා. මං සාමාන්ය පෙළ පාස් වෙච්ච දවසෙත් අත්තම්ම මට සල්ලි දුන්න. එ් රුපියල් දාහක්. ලොකු ළමයෙක් වෙච්ච වෙලාවෙ නම් කරාබු ජෝඩුවක් අරන් දුන්නෙ. එ් කාලෙ අත්තම්මට සල්ලි තිබුණ. දැන් ගේ ලඟ තේ කෑල්ලත් බාප්පට දීල නිසා අත්තම්මට සල්ලි නෑ. ඒත් දූල පුතාල බෙහෙත් ගන්න එහෙම දෙන සල්ලි අත්තම්ම එකතු කරල තියා ගන්නව. කොයි වෙලේ බැලුවත් අත්තම්මගෙ බෑග් එකේ දාහක් දෙදාහක් වරදින්නෙ නෑ කියල තමයි සුදු නැන්ද කියන්නෙ. එහෙම තිබිලත් බෙහෙත් ගෙන්න ගන්න නිකන්ම බෙහෙත් කාඩ් එක විතරක් දෙනවලු. අත්තම්ම මට සල්ලි දෙනව දැක්ක නම් සුදු නැන්ද එ්කටත් අාඬපාලි කියාවි. ඒක තමයි හොරෙන්ම සල්ලි දෙන්න අැත්තෙ. අත්තම්ම ගාව හැදිච්ච එකම මිනිබිරී මම නිසාද කොහෙද අත්තම්ම අනිත් හැමෝටම වඩා මට අාදරෙයි. අනිත් අයට චූටි, සුදූ ,මලිති වගේ නම කියල කතා කරත් අත්තම්ම මට කියන්නෙ මගෙ දෝණි කියල. නැන්දලගෙ ගෙවල් වල දානයක් මඟුල් ගෙදරක් එහෙම තිබ්බොත් අත්තම්ම හාමුදුරු දානෙට විතරක් තියන කැවිලි පෙවිලි පළතුරු එහෙම කොටහක් මට දෙන්න හංගල තියනව. නෑදෑ අයියල අක්කල නංගිල මල්ලිල එක්ක නට නට ඉන්න මට පැත්තකට අඬ ගහල දෙනව. සෙල්ලම් කරන්න තියෙන කලබලේට මං දොදොල් කෑල්ලක් හරි කැවුමක් හරි විතරක් අරගෙන දුවනව. බත් කනකොට මස් මාලු කට්ලට්ස් ගෙන ගෙනත් බෙදනව. සේරටම වැඩිය කාල ඉවර උනාට පස්සෙ මගේ පිඟානත් හෝදන්න ගෙනියන්න හදනව. මට ඉතින් ලැජ්ජාවෙ බෑ. මං හිතෙන් බැණ බැණ පිඟාන උදුරගෙන අරන් යනව. අපේ නෑදෑ සහෝදර සහෝදරියො මට නමකුත් පටබැඳල තිබ්බෙ මේක නිසා. අාච්චිගෙත් අාච්චි කියල. වතාවක් සුදු නැන්ද මට කරන මේ වැඩි සැලකිලි නිසා අත්තම්මට එරෙහිව යුද්ධ ප්රකාශ කරත් එක්ක. මං චුට්ටි කාලෙ බාප්ප මාව අවුස්සන්න ඔ්න උනාම අත්තම්මව බදාගෙන ඉඹිනව. ඉතින් මට හරි තරහයි. මං බාප්පට බැණ බැණ අඬනව. "අත්තම්ම මැරුණම අඬන්නෙ මම විතරයි. ඔයාල කවුරුවත් අඬන්න එපා" කියල ලොකු සීයගෙ මළ ගෙදර ගිහින් අාවම මම කිව්ව කියල බාප්ප තාම හිනා වෙනව. මං අත්තම්ම තියල ගියපු සල්ලි කොළේ මේස රෙද්ද යටින් පරිස්සමට අරන් තිබ්බ. මං විශ්ව විද්යාලෙට තේරුනාට අත්තම්මට තමයි වැඩියෙන්ම සතුටු. අත්තම්මගෙ මුනුබුරු මිනිපිරියන්ගෙන් මුලින්ම කැම්පස් යන්නෙ මමනෙ. "අපේ දෝනි විස්ස විද්යාලෙට තේරිලා" අත්තම්ම හරි උජාරුවට දයා නැන්දත් එක්ක කියනව මම අහගෙන. දැක්කෙ නැතත් එ්ක කියද්දි අත්තම්මගෙ හිනා කට මට මවා ගන්න පුලුවන්. අත්තම්ම ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ හතර වසරට විතරයි. ඒ උනාට කවි ගාථා ජාතක කතා එහෙම අපූරුවට කට පාඩමින් කියන්න පුලුවන්. අම්ම කියන්නෙ අත්තම්මට පුලුවන්ලු කාටත් වඩා හොඳට මනෝමයෙන් ගණන් හදන්න. එ්ක අැත්ත කියල මට හිතුනෙ එදා බුලත් ගන්න සිරිදාස මාම අාපු වෙලාවෙ එයා එක එක සයිස් බුලත් මිටි වල ගණන් කැල්කියුලේටරෙන් එකතු කරද්දි ඊට කලින් අත්තම්ම ගාණ හරියටම හදල කියපු වෙලාවෙ. පෑනක් පැන්සලක් අහු උනාම අත්තම්ම පත්තර වල යට දාරෙ එයාට මතක කවි ලියනව. "ඔන්න මලේ ඔය නා මල නෙලා වරෙන් අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්" එහෙම විතරයි මං අත්තම්මගෙ අත් අකුරු දැකල තියෙන්නෙ. අත්තම්මගෙන් අැහුවම එයාද ලිව්වෙ කියල ලැජ්ජාවෙන් නෑ කියල කියනව. අත්තම්ම හරි අාසයි අපි ඉගෙන ගන්නවට. ටීවී එක බලන්න ගත්තොත් දාපු වෙලාවෙ ඉඳන් කෑ ගහනව. "දෝනි ඔය අැති දැන් පාඩම් කරන්න" කියල. "අත්තම්මට ඔ්න නම් අත්තම්ම පාඩම් කරන්න" මං සැර දානව. කැම්පස් අාවට පස්සෙ අත්තම්මව එක පාරක් කැම්පස් එකට එක්කගෙන අාවා. මල් පාර දිගේ, අාර්ට් එක පැත්තෙ, අක්බාර් පාලම උඩින් අත්තම්මගෙ අතින් අල්ලගෙන යනකොට තරම් අාදරයක් උණුසුමක් මට දැනිල නෑ කවදාවත්. "මේක හරියට ගමක් වගේනෙ" අත්තම්ම කිව්වෙ තැන් තැන් වල හදල තියෙන ගොඩනැගිලි දැකල. වළ දැක්කම නම් අත්තම්මට හරි හිනහයි. එ්කෙ මොකද කරන්නෙ කියල එයාට හරි ප්රශ්නයක්. අමාරුවෙන් වාරු අරගෙන අත්තම්ම නාදන් හොස්ටල් එකේ උඩ තට්ටුවටම ගියා. අපේ කාමරේට ගිහින් මගේ අැඳ උඩ අත්තම්මව වාඩි කරවල මේසෙ උඩ දිග අැරල තිබ්බ ලාස්ට්ගෙ අැනටමි පොත අරගෙන අත්තම්මගෙ උකුල උඩින් තිබ්බ. "අත්තම්ම දීපු සල්ලි වලින් ගත්තෙ" අත්තම්මගෙ රැලි වැටිච්ච අැඟිලි තුඩු පොත් කවරෙ උඩින් දිව්ව. "මේක විතරද ගත්තෙ" අත්තම්මගෙ හිතට හරි මදි. "නෑ අත්තම්මෙ තව පොත් දෙකක් ගන්න ඉන්නෙ" ඔන්න එතකොට තමයි මූණෙ හිනාවක් අැඳුනෙ. දැන් අත්තම්මට හුඟක් වයසයි. දියවැඩියාව අත්තම්මව ගොඩක් දුර්වල කරල. අත්තම්ම බයේ ඉන්නෙ එයාට ඉක්මනට යන්න වෙයි කියල"දෝනිගෙ මඟුල කෑවට පස්සෙ නම් මං මළත් කමක් නෑ" අත්තම්ම මම ගියහම මගේ මූණ අතගාල අඬනව. අත්තම්ම ගොඩක් අාසාවෙන් හිටියෙ ගමටම මඟුල් කියල සුදු අක්කව බන්දල දෙන්න. ඒ අපේ පවුලෙ ලොකුම අක්ක. එයා කසාද බැන්දෙ ගෙදර අයගෙ අකමැත්තෙන්. ටිකක් ලොකුවට මඟුල් ගෙදර ගත්තත් කාගෙවත් හිතේ එදා සතුටක් තිබ්බෙ නම් නෑ. ඊළඟට මලිති. එයා පැනල ගියා ඒ ලෙවල් කරන්නෙවත් නැතුව. එදා අත්තම්ම සුදු නැන්දව බදාගෙන හොඳටම අැඬුව. පපුවෙ අමාරුව හැදිල දවස් තුනක් ඉස්පිරිතාලෙත් හිටිය. ලොකු අයියගෙ මංගල්ලෙ ජයට ගත්තට එ්ක දුවෙක් දීග දෙනව වගේ නෙවෙයිනෙ. දැන් අත්තම්මගෙ එකම බලාපොරොත්තුව මම. දැම්ම කසාදයක් බඳින්න තුන් හිතකවත් නැති උනාට අත්තම්ම නිසාම දැන් එ්කත් මගෙ හීන අතරට එකතු
වෙලා. මගේ මඟුල් ගෙදරට අඳින්න අත්තම්මව එක්කරගෙන ගිහින් අත්තම්ම කැමතිම විදියෙ ලා නිල් පාට ලස්සන ඔසරියක් අරන් දෙන්න, එ්කටම කැපෙන මාල වළලු අරන් දෙන්න, හීනියට මේකප් එකක් එහෙම දම්මල අත්තම්මව අතින් අල්ලගෙන අාඩම්බරෙන් අලුත් නෑදෑයන්ට අඳුන්වල දෙන්න මට හීනයක් තියෙනව. මේ යන විදිහට නම් එ්කට තව හුඟක් කල් යාවි. එතකල් යන්න එපා අත්තම්මෙ. මට බෑ අඬන්න. (පින්තූරය අන්තර්ජාලයෙනි. ගුණසිරි කොළඹගේ මහතාගේ තෙල් සායම් සිතුවමක් බව සඳහන් විය.) පසුව ලියමි- මීට වසර කීපයකට පෙර මා අඩයාලමේ පළකල මෙම ලිපිය නැවත පළ කිරීමට පෙර එක් වරක් හෝ කියවීමට පවා මට සිත හදාගැනීමට නොහැකිය. මා පළමු රැකියාවට ගොස් මාසයකට පසු මාගේ විවාහ මංගල උත්සවයෙන් සතියකට පසු ලෙඩ ඇඳේ සිටි නිසා ඒ කිසිවක් නොදැකම අත්තම්මා මෙලොවින් සමු ගත්තාය.මැශින් එක. දරුවො දෙන්නම අප්පච්චිත් එක්කම ඉස්කෝලෙ ගියාම මම විතරයි තනියම ගෙදර . පොඩ්ඩ 3 වසර පහු කරනකල් ඒක එච්චර ගානක් උනේ නැත්තෙ එයා වේලාසනින් ගෙදර ආව නිසා. ඒත් ශිෂ්‍යත්ව පංති පටන්ගත්තට පස්සෙ එයත් හවස්වෙනකල්ම ගෙදර ආවෙ නෑ. " මට එපා වෙනව විදුර මෙහෙම ඉද්දි , අනේ මට ජොබ් එකක් වත් හොයල දෙන්නකෝ" මම එයාට ඒ විදියට දහස් වතාවකට වඩා කන්නලව් කරන්න ඇති . එයා ඒ ගැන සාධාරණව කල්පනා කරනව පෙනුනත් එයාගෙ හිතට හරියන තැනක් හොයාගන්න එයාටත් අමාරු වෙන්න ඇති . ඒ නිසාම මමත් මට කරන්න පුළුවන් රැකියාවක් හොයන්න පටන්ගත්තා . කිට්ටුව ගාමන්ට් එකකට මහන්න අය ගන්නව කියලා ආරංචි උනේ ඒ අතරෙදි. මම මහත්තයට කියල කියලම ගොඩක් අමාරුවෙන් එයාව කැමති කරවගත්තෙ මට යන්න එන්න , දරුවො ගැන බලන්න තියෙන පහසු කමත්, දැනට තියෙන ආදායමට තව කීයක් හරි ලැබෙනව නම් අපිට තියෙන ආර්ථික පීඩනයෙන් ටිකක් හරි මිදෙන්න පුළුවන් කියන එකත් එයාට ඒත්තු ගන්වලා කන්නලව් කරලමයි. කොහොම හරි එයා මුල්ම දවසෙ මාව එතනට එක්කගෙන ගිහින් එයාලත් එක්ක කතා කරල එද්දී මට කිව්ව කරන්න බෑ කියලා හිතෙන පළවෙනි මොහොතෙම අයින්වෙලා එන්න, අමාරුවෙන් දුක් විඳගෙන වැඩ කරන්න නම් එපා කියලා ... වැඩට ගියපු පළවෙනි දවසෙම මට මහන්න ලැබුනෙ එදා වැඩට ආවෙ නැති කෙනෙක්ගෙ මැශින් එකක්. එදා මම දැක්ක අපේ ලයින් එකේ තුන්වෙනි මැශින් එක රෙදි ආවරණයකින් වහල තියෙනවා . ඒ මැශින් එක කවුරුවත් පාවිච්චි කලේ නෑ. ඒත් හොඳට පිහදාල තෙල් දාල තිබුනා. තේ වෙලාවෙදි මම එතනට ගිහින් බැළුවෙ නිකමට වගේ.. ඒ වෙලාවෙ එතනට ආව ශානි මට කිව්ව "ඔයා මෙහේ වැඩ කරපු රෝසි වගේමයි . ඔයාගෙ හැසිරීම කතාව ඒවත් එයාගෙ වගේමයි" කියලා.. වැඩපලේ අයට මගේ නම අහන්න ඕන උනේ නෑ. එයාල මට රෝසි කියල කතා කරන්න ගත්තා. වැඩට ගියපු දෙවෙනි දවසෙ මම කලින් දවසෙ මහපු මැශින් එකට ගියත් වෙනද ඒ මැශින් එකේ මහපු කෙනා එතනට ආව නිසා මට එතනින් අයින් වෙන්න උනා.. "රෝසිට මැශින් එකක් නෑ" ප්‍රශ්නෙ ඉහලට ගියා.. ලයින් එක බලන මිස් එතනට ඇවිත් බැළුවත් තුන්වෙනි වහල දාල තියෙන මැශින් එක විතරයි තිබුනෙ. එහෙනම් අපි මෙයාට රෝසිගෙ මැශින් එක වත් දෙමු. මිස් පේමක්කට කිව්ව ඒ මැශින් එක මට සුද්ද කරල දෙන්න කියලා . පේමක්ක බයෙන් බයෙන් හරිම සීරුවෙන් මැශින් එක සුද්ද කරල දුන්නා , ඇත්තටම ඒකෙ සුද්ද කරන්න දෙයක් තිබුනෙ නෑ. " අනේ මිස් පරිස්සමෙන් වැඩ කරන්න. මේ මැශින් එක ටිකක් බයයි" පේමක්ක හෙමින් එහෙම කියල ගියා. මම මැශින් එකට වැඳල වැඩ පටන්ගත්ත. එදා වැඩපල හරිම නිශ්ශබ්දයි. තේ වෙලාවෙදි, කෑම වෙලාවෙදි මට දැණුනෙ හැමෝම මං දිහා අනුකම්පාවෙන් බලනව වගේ.. එදා මම ගෙදර එද්දී මගේ පස්සෙන් පූසෙක් ආව පාරෙ ඉදන්. මම ඌව ගනන්ගත්තෙ නැති උනාට මගේ දූ ඌව හුරතල් කරල කන්න දීල ආදරෙන් බාරගත්තා. ඌ කිසිම අවසරයක් නැතිවම අපේ ගෙදර පදිංචි උනා.. එදා ඉදන් ඌ මම වැඩට යද්දී පස්සෙන් යන්නත්, මම වැඩ ඇරිල එද්දී කොහේ හරි ඉඳල ආයෙත් මාත් එක්කම එන්නත් පුරුදු උනා. පාරෙදි ඌට කරදරයක් උනොත් කියල බය නිසා මම ඌව ගෙට දාල දොර වහල ආවත් මොන විදියකින් හරි ඌ මගෙත් එක්ක යන්න ආවා.. මේ විදියට පූසයි මමයි සති තුනක් විතර වැඩට ගියා.. වැඩපලේ අය මගේ ගැන අනුකම්පාවෙන් හරි සැකෙන් හරි හැසිරෙනව කියලා තේරුනත් මට ඒ හැසිරීම තේරුම්ගන්න පුළුවන් උනේ නෑ. ඒ නිසාම මම එයාලත් එක්ක පුළුවන් තරම් හොඳින් ඉන්න උත්සාහ කලා. ඒ අතර හිටපු දිලා මාත් එක්ක තරහකින් හැසිරෙනව කියල තේරුනත් ඒ ඇයි කියන්න මට හේතුවක් හිතාගන්න බැරි උනා . හදිසියේම මට අසනීප උන නිසා දවස් දෙකක නිවාඩුවක් ගන්න උනේ ඒ අතරෙදි. දවස් දෙකකට පස්සෙ මම ආයෙත් වැඩට යද්දී හැමෝම මම දිහා බයෙන් බලනව කියල මට තේරුණා. ලයින් එක හරිම නිහඬයි . මගේ (රෝසිගෙ) මැශින් එකේ කවුරු හරි වැඩ කරල කියලා මට උදේම තේරුනා. මට ශානිව කතා කරන්න හමු උනේ තේ වෙලාවෙදි. "පෙරෙයිද ඔයාගෙ මැශින් එකේ මහන්න ගිහින් දිලාගෙ කොණ්ඩෙ අහුවෙලා බෙල්ට් එකට. බෙල්ලට ගොඩක් අමාරුයි ලු. මෙහෙන් කරාපිටියෙ යවල, පරිස්සමෙන් වැඩ කරන්න ඔයත්" ශානි කිව්වෙ බයෙන් මගේ මූණ දිහා බලාගෙන. එහෙම උනේ කොහොම ද කියල මටත් හිතාගන්න බැරි උනා. රතුපාට ටී ශර්ට් එකක් ඇඳපු මනමාල පිරිමි ඇස් දෙකකින් මාව නිරීක්ෂණය වෙනව මම දැක්කෙ මේ වෙලාවෙදි . " ඒ කවුද බං" " ඔය බොස්ගෙ මල්ලි, මිලින්ද, ඕක තමයි රෝසිව නැතිම කලේ..... ඔයත් රෝසි වගේ නිසා බලනව ඇත්තෙ, පරිස්සමෙන් ඔයත්" තේ වෙලාව ඉවර නිසා මට ඉන් එහා කතාකරන්න උනේ නෑ. හවස මිලින්ද බොස් ලයින් එකේ වැඩ බලන්න ආවා. රෝසිගෙ මැශින් එකේ වැඩ කරන මම දිහා පුදුමෙන් වගේ බලන් ඉන්නව මට තේරුනත් මම ඔළුව උස්සලා බලන්න ගියේ නෑ.. " දැන් රෝසිගෙ මැශින් එකේ ප්‍රශ්නෙ ඉවරයි ද" මිලින්ද බොස් අපේ මිස්ගෙන් අහනව ඇහුනා.. "අලුත් රෝසිට විතරයි ප්‍රශ්ණයක් නැත්තෙ, පෙරේදා දිලා මහන්න ගිහින් කොණ්ඩෙ අහුවෙලා කරාපිටියෙ. අයි, සී, යූ තාම. බෙල්ලට ඩැමේජ් ලු." මිස් කියනව ඇහුනා. ඒ කියන්නෙ මේ මැශින් එකේ මම ඇරෙන්න කවුරුවත් මහන්නෙ නෑ ද? අන්තිම සතියෙත් ප්‍රශ්නයක් නැතිව පූසයි මමයි වැඩට ගියා.. එදා සිකුරාදා දවසක්. උදේ මිලින්ද බොසුත් ඇවිත් හිටියා..එයා මම යද්දී මගේ මැශින් එකේ වාඩිවෙලා ඉඳලා මගේ දිහා අමුතුවට බලලා නැගිටලා ගියා.. "හදිසි ඕඩරයක් නිසා අද හැමෝම ටාගට් කවර් කරන්නෙ නැතිව ගෙවල් වල යන්න එපා ඉක්මනින් වැඩ ඉවර කරන්න" කියල මිලින්ද බොස් ලයින් එකටම කිව්වා. කාගෙත්ම මූණු ඇඹුල් වෙලා ගියත් මොනවත්ම නොකියා හැමෝම වැඩ කළා.. එදා හරිම නිහඬ කාර්‍ය බහුල දවසක් උනා. හැමෝම වගේම මමත් හවස පහට කලින් ටාගට් කවර් කලා. හවස පහට විනාඩි දහයක් වගේ තියෙද්දී මිලින්ද බොස් පේමක්කට බැන බැන මගේ ලඟට තව රෙදි කට්ටයක් අරගෙන ආවා. "තමුසෙට මොළයක් නැද්ද පේමා, මේ ළමයට ටාගට් ටික හරියට දෙන්න බැරිද තමුසෙට" තවත් ගොඩක් දේවල් කියලා පේමක්කට බැන්නා. අන්තිමට "ඕන නම් විනාඩි දහයක් යාවි. රෝසි මේ ටික ඉවර කරල යන්න, ගෙවල් කිට්ටුයි නෙ ඔයාගෙ, බස්වල යන අය යන්න. කමක් නෑ" කියලා අනිත් අයව පිටත් කලා.. අන්තිමට ඉතිරි උනේ මිසුයි, පේමක්කයි,මමයි මිලින්ද බොසුයි විතරයි. "මෙයාට තනිවට පේමක්ක ඉන්නවනේ, උදාරි යන්න. රෑ වෙනවනේ" මිලින්ද බොස් එහෙම කියලා මිසුත් යැව්වා. මම ඉක්මනින් ඉක්මනින් වැඩ ඉවර කරන්න ගත්තා. තව විනාඩි දහයකින් පුළුවන් . " හවස තේ බිව්වට හරිගියේ නෑ පේමක්කේ,ගිහින් මේ සල්ලි වලින් පරාටයි මස් හොඳියි අරගෙන එන්න " මිලින්ද බොස් පේමක්කට දාහෙ කොළයක් දික් කලාම පේමක්ක ඒකත් අරන් ඉක්මනින් කඩේ ගියා . එක පාරම කරන්ට් යනවත් එක්කම ඔෆිස් රූම් එකෙන් රෝසියෝ කියල මිලින්ද බොස් කෑ ගහනව ඇහුනා. දෙසරයක් නොහිතාම මම ඔෆිස් එකට ගියේ බොස්ට කරදරයක් වෙලාද බලන්න. ඒත් සිද්ධ උනේ වෙන දෙයක්. මම ඇතුළට යනවත් එක්කම බොස් ඔෆිස් රූම්එකේ දොර වහගත්තා. මම උගෙන් බේරෙන්න මගේ මුළු ශක්තියම වැය කලා. අවසානයේ ඒ ශක්තිමත් පිරිමි අතෙන් වැඳුන කම්මුල් පාරත් එක්කම මම විසිවෙලා ගිහින් සෝපා එකට වැටුනා. ඒ එක්කම ලයින් එක පැත්තෙන් හෙනයක් වැදුන වගේ මහ සද්දයක් එක්ක පළාතම දෙදරලා ගියා. බොස් ඒකට අන්දමන්ද වෙනව වගේ මම දැක්කා. ඒ එක්කම මම බොස්ව තල්ලු කරල දොර ඇරගෙන පාරටම දිව්වා. මම අල්ලගන්න ඔන්නමෙන්න වගේ බොසුත් පස්සෙන් පැන්නුවා.. මම පාර පැන්නත් බොස් පාර මැදදි වාහනයක් ආවා. බොස් පාර මාරුවෙන්න දුවද්දි අර පූසා කොහෙදෝ ඉදල බොස්ගෙ ඇඟට පැනපු නිසා ඒ දෙන්නම වාහනේට යට උනා..ලා නිල්පාටට ලේ පාටත් බොඳවෙලා ලෝකෙම කැරකෙනවත් එක්කම ඈතින් මගේ මහත්තය එනව මම හීනෙන් වගේ දැක්කා....ඉඟුරු තේ මේකත් සෞන්දරී නෝනා ඇමරිකාවට ආ අලුත වෙච්ච කතාවක්! කටකාර​, හැඩකාර සෞන්දරී නෝනාට කවදාවත් යාලුවන්ගෙන් නම් අඩුවක් වෙලා නෑ. ඇමරිකාවට ඇවිත් මාස කීපයක් යනකොට සෞන්දරී නෝනාට ඇමරිකාවෙත් යාලුවෝ ඇති පදම්! අහල පහල කට්ටිය​, මහත්තයාගේ ඔපීසියේ නෝනලා, ඔපීසියේ මහත්තුරුන් ගේ නෝනලා......නානාප්‍රකාර යාලුවෝ. ඇත්තම කීවොත් ගෙදර දාලා නන්නාදුනන රටකට ආවා කියලා සෞන්දරී නෝනාට එහෙමට පාලුවක් දැනුනේ නෑ. නිවාඩු පාඩු වෙලාවට මේ නෝනලා එකතුවෙලා නොයෙක් දේ කලා. කෑම හැදුවා. ෂොපින් ගියා. චිත්තරපටි බලන්න ගියා. හැන්දෑවට ඇවිදින්න ගියා. ට්‍රිප් ගියා! කරන්න දේවල්ද නැත්තේ? ඒ ඇරෙන්න මේ කට්ටියේ හැමදෙනාම වගේ ස්වේච්ඡා සේවයත් කලා. ඒ කියන්නේ අනුන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් තම කාලය වැය කලා. කට්ටියක් සති අන්තේ ඇනිමල් ෂෙල්ටර් එකේ වැඩකලා. කට්ටියක් පුස්තකාලෙ වැඩකලා. සමහරු ඉස්පිරිතාලවල වැඩ කලා. තවත් අය 'හෝම්ලස්' ආහාර බැංකුවට උදව් කලා. ඔහොම ඉන්න අතරේ යාලුවෙක් සෞන්දරී නෝනාටත් ස්වේච්ඡා සේවයට එකතු වෙන්න ආරාධනා කලා. මොකටද? 'හෝම්ලස්' ආහාර බැංකුවට උදව් කරන්න. සෞන්දරී නෝනාත් සතුටින් මේ ආරාධනාව බාර ගත්තා. 'හෝම්ලස්' ආහාර බැංකුවට උදව් කරනවා කියන්නේ මොකක්ද? කැමති අයට මේ 'හෝම්ලස්' ආහාර බැංකුවට කීප ආකාරයකටම උදව් කරන්න පුලුවන්. ආහාර වර්ග කිරීම සහ ඇසුරුම් කිරීම,ආහාර පිසීම සහ ආහාර පිළියෙල කිරීම,
ආහාර බැංකුවට හෝ ආහාර පැන්ට්‍රියට පැමිණෙන පවුල්වලට උපකාර කිරීම,ආහාර බෙදාහැරීම​...... මේ වගේ අටෝරාසියක් වැඩ තියනවා. සෞන්දරී නෝනාගේ යාලුවා කලේ ආහාර වර්ග කිරීම සහ ඇසුරුම් කිරීම. ඒ නෝනගේ ගෙදර පෑන්ට්‍රියේ තමා මේ වැඩේ කලේ.නෝනා කට්ටියක්ම වැඩේට එකතු කරගෙන තිබුණා. වැඩේ එහෙමට ලේසි නැති වුනාට කට්ටිය එක්ක කතා කර කර කරනකොට වැඩේ එහෙමට අමාරුත් නෑ. දැන් කට්ටිය ගජරාමෙට වැඩ. ඔය අතරතුරේ කන්න බොන්නත් ලැබෙනවා. ඩෝනට්, චොකොලට් චිප්ස් කුකීස්, කෝපි, සෝඩා...... තේකකුත් තිබුනනං කොච්චර හොඳද​?සෞන්දරී නෝනාට හිතෙනවා. අනේ මන් දා සෞන්දරී නෝනාට හිතුණ දේ අර නෝනාට තේරිලා වගේ අර නෝනා ඒකම ඇහුවා නොවැ! "ජින්ජර් ටී හදන්නද​?" ඇත්තම කීවොත් සෞන්දරී නෝනාගේ කණට මී පැණි වක්කරන්නා වගේ දැනුනේ. "බොමු බොමු!" මුලින්ම කීවේ සෞන්දරී නෝනා. මේ වෙලාවට ඉඟුරු තේකක් ලැබෙනවා කියන්නේ නිකං අමෘතය ලැබෙනවා වගේනේ. "ෂුගර්?"අර නෝනා තේ හදන ගමන් ඇහුවා. "යර්ස්!"සෞන්දරී නෝනා කාටත් කලින් උත්තර දුන්නා. ඉඟුරු තේකට සීනි නොදා කොහොමද? වැඩි වෙලාවක් යන්න කලින් ඒ නෝනා තේ කෝප්ප කීපයක් බන්දේසියක තියාගෙන ආවා. උනු වතුරට තේ පැකට් එකක් දාලා. පාට නං මදි. ඇත්තම කීවොත් පාටක් ඇත්තෙම නැති ගානයි.ටිකක් තැම්බෙන්න ඇරිය නං හරි!සෞන්දරී නෝනා ටික වෙලාවක් බලා හිටියා. ම්හු! හරියන පාටක් නෑ. පෙනුම නිකං පොල්පලා වතුර වගේ. අනිත් කට්ටිය නං රස කර කර අර නෝනගේ 'ජින්ජර් ටී' එක බොනවා. "වාව්!" "ග්‍රේට්!" "ගුඩ් ටී!" බාග වෙලාවට පාට නැතුවට කහට රහට ඇති! සෞන්දරී නෝනා තේ උගුරක් කටට ගත්තා. මගෙ අම්මේ!ඒ තේකෙ සැර! නහයෙන් ආව සැර මොලේටම යන්නා වගේ සෞන්දරී නෝනාට දැනුනා.ඒ එක්කම කැස්සකුත් ආවා.කැස්සත් එක්ක ඇස් වලින් කඳුලුත් ආවා. ඇමරිකාවෙ'ජින්ජර් ටී' කියන්නේ අපේ ඉඟුරු තේ වලට නෙමේ කියලා සෞන්දරී නෝනා දැනගත්තේ ඒ වෙලාවේ. ඒ අය 'ජින්ජර් ටී' කියන්නේ අපි වගේ තේ වලට ඉඟුරු දාලා නෙමේ, තනිකර ඉඟුරු. මින්ට් ටී කියන්නේ තනිකර මින්චි. සිනමන් ටී කියන්නේ තනිකර කුරුඳු. අනේ කවුදෑ ඕවා දන්නේ! -ශ්‍රීපාලි පින්තූරය අන්තර්ජාලයෙන්! මේ කතාවත් එක්කම සතුටු හිතෙන, ආඩම්බර හිතෙන දේකුත් කියන්න තියනවා. ලෝකයේ වැඩිම ස්වේච්ඡාවෙන් සේවය කරන පිරිසක් සිටින රට කුමක්ද? ශ්‍රී ලංකාව! සෞන්දරී නෝනාට 'ජින්ජර් ටී' වල සැරට ඇස් වලින් කඳුලු ආවට​, මගේ ඇස් වලින් කඳුලු ආවෙ මේ ප්‍රවෘත්තිය දැකලා. ශ්‍රී ලංකාව ස්වේච්ඡා සේවය කරන ලැයිස්තුවේ රටවල් අතරින් පෙරමුණ ගෙන සිටින අතර, ජනගහනයෙන් සියයට 46 ක් ස්වේච්ඡාවෙන් තම කාලය කැප කරනවලු. මං කීවට විශ්වාස කරන්න එපා. නිකමට ගූගල් කරලා බලන්න. 2024 පෙබරවාරි 2 දා වාර්තාවක තිබ්බේ!ඩාර්ලිං (කෙටි කතාව) මං ඒ කොරියානු අවන්හලට ගියේ අහම්බෙන්. හැමදාම යන පාරේ එක හන්දියක “පපාස් කෝර්නර්” කියලා බොහොම හුරුබුහුටියට තියෙනවා ඕන තරම් දැකලා තිබ්බත් මගේ බස් එක නැවැත්තුවේ ඊට බොහොම ඈතින් තියෙන හෝල්ට් වල. වැඩ ඉවර වෙලා එද්දි ඉක්මනට ගෙදර එන්න මිසක් මඟ බැහැ බැහැ කකා එන්න ඕන කමක් තිබුණේ නෑ. දවසක් හිම වැටෙන්න පටන් ගත්තේ හදිසියේ. මෙහෙ ඇවිත් පළවෙනියට හිම වැටුණු දවසේ එළියට පැනලා හිමේ නටලා, හිම කාලා, හිම ගොඩේ ඉඳලා නඳුනිට, යාලුවන්ට වීඩියෝ කෝල් අරගත්තට දැන් නම් හිම කිව්වත් මළ පනිනවා. වැඩියම පාරේ යාගන්න බැරි නිසා. තදට හිම වැටුණම අයින් කරන කං බස් යන්නේ නෑ. ඌබර්, පික් මී වැඩ නෑ. කොරවක්කා නෙළුම් කොලේ යනව වගේ අඩියෙන් අඩිය එරි එරී යන්න ගියාම එපා වෙනවා. එදා උදේ කාලගුණ ඇප් එක බලද්දි හිම කියලා තිබුණෙත් නෑ. දවසින් බාගයක් යද්දි තදට හිම වැටෙන්න පටන් ගත්තම “දන්නවනේ අපේ වෙදර් මෑන්ගෙ හැටි, කවදාවත් විස්වාස කරන්න බෑ” කියලා මගේ ලොක්කා රොබ්, අපිට ඉක්මනට යන්න කිව්වා. සීතලට අඳින ඇඳුම් ඇඳගෙන ලෑස්ති වෙලා වළහෙක් වගේ එළියට බහින්න කලින් මම ට්‍රාන්ස්පෝර්ට් ඇප් එක බැලුවා. අම්මට සිරි. බස් එක අද එන්නේ හැතැම්ම දෙකක් එහා තැනකට විතරයි. දැන් පලයංකො පයින්. මං අත් දෙකත් ජැකට් එකේ සාක්කුවට දාගෙන ඇස් දෙක විතරක් ඇරෙන විදිහට මූණ වහගෙන ගමන පටන් ගත්ත. ලංකාවේ අපේ සල්ලි හොරා කාපු කාලකණ්ණි හැතිකරේගෙ හත්මුතු පරම්පරාවටම බැන බැන පාර දිගේ ඇවිදගෙන ගියා. උන් හින්දනෙ අපිට මේ වෙව්ල වෙව්ල ඉන්න මෙහෙ එන්න උනේ. ටිකක් දුර ඇවිත් ආයෙ බලද්දි තමයි දැක්කෙ ඒ බස් එක කැන්සල් වෙලා කියල. ඒ පැත්තට යන බස් එකක් එන්නේ ආයෙ පැය එක හමාරකින්. එතකොට තමයි ටිකක් ඉස්සරහ පපාස් කෝර්නර් එක දැක්කේ. දැන් මෙහෙමයි. මම ලේසියෙන් එළියෙන් කන කෙනෙක් නෙවෙයි. එකක් මට උදේ දවල් වේල් වැඩ කරන තැනින් හොඳට කෑම හම්බ වෙනවා. එතකොට රෑට රෑ වෙලා ගිහින් බිත්තරයක්, පාන් කෑල්ලක් කෑවම ඇති. අනික වියදම. රට ආවම මගේ හිත වැඩ කරේ දෙපැත්තක. එක පැත්තක් කිව්වේ “සතයක් වත් නාස්ති කරන්නේ නැතුව ඉතුරු කරපං. ඉක්මනට දියුණු වෙයං. ලොකු කම් දාපු උන්ට පේන්න ඉහළටම පලයං. තත්පරයක් වත් ඩොලර් එකක් විත් නාස්ති කරන්නෙ නැතුව හිටපං” කියල. අනිත් පැත්ත කිව්වේ “අනේ මොන මගුලක්ද බං. උඹ ලංකාවෙත් වැඩ කරේ ඔහොමනේ. ඉතිං ඒ ඉතුරු කරල උඹ කොළාද? ඔන්න ඔහෙ ඉන්න ටිකේ කාල බීල හිටපං. ඔය ඩොලර් විස්සක් තිහක් ඉතුරු කරලා උඹ හඳට යන්නද කියල” එදා දෙවනි පැත්ත රජ කරපු දවසක්. ඒ හින්දා මං ගියා ඇතුළට. මේ හිම කුණාටුවේ එළියට වෙලා නිකං නහිනවට වැඩිය හොඳයි නෙ මොනව හරි කාල ඔය පැය එක හමාර ඉන්න එක. එදා හිම නිසා ඒකෙ ඉස්සරහ වැඩ කරපු පොඩි ඉන්දියන්, කොරියන් කෙල්ලොත් ඉක්මනට ඉක්මනට වැඩ කරනවා පෙනුණා. “දැන්ම වහනවද?” මං ඇහුවේ වැඩිය කට්ටිය හිටියෙත් නැති නිසා. “නෑ නෑ, අපි නවය වෙනකම් ඇරලා” කෙල්ලෙක් මේස පිහින ගමන්ම කියා ගෙන ගියා. නවයට තව පැය හතක් තියෙනවා. එහෙම නම් බය වෙන්න දෙයක් නෑ. ඇතුළට ගියාම පෙනුණ විශේෂම දේ තමයි අවන්හලේ මැද හරියේ සම්පූර්ණයෙන් කොට බිත්තියකින් වෙන් වෙලා කුස්සිය පෙනුණ එක. සමහර කෑම කන අය හිටියේ ඒ කොට බිත්තියේ හයි කරපු මේසෙක වාඩි වෙලා උයන අය එක්ක කතා කර කර. මරුනෙ. හරියට ගෙදර වගේ. ඈතට වෙලා කන්න ඕන අයට මේස තිබුණේ වෙනම. හැබැයි එවලේ හිටිය කොරියන් කාරයෝ තුන් හතර දෙනාම හිටියේ කුස්සියට ළඟ. මාත් මෙනූ එක බලලා කිම්චි විත් පෝක් කියලා තිබුණ බත් එකක් හොඳ සැරට හදන්න කියලා කොකා කෝලා එකකුත් අරන් අර කොට බිත්තිය ළඟ ඉඳගත්තා. ඒ වෙලාවෙ උය උය හිටියේ හැටක විතර උස මහත කොරියන් කුක් කෙනෙක්. මිනිහා හොඳට කයිය ගගහා උයනවා. කෙල්ලෝ ටික කොට බිත්තියේ තියෙන පොඩි ලී දොරක් ඇරගෙන ගිහින් කුස්සියේ ඉඳලා ඉස්සරහට කෑම ගේනවා. “ඉන්දියාවෙද?” කුක් මහත්තයා අපෙන් හැමෝම අහන පොදු ප්‍රශ්නේ අහලා “නෑ මං ශ්‍රී ලංකාවෙන්” කියන පොදු උත්තරේ දීලා මාත් ඉස්සරහින් මැටි වළඳක වගේ දාලා ගෙනාපු කෑම එක දුම් දදා කන්න පටන් ගත්තා. ටික වෙලාවකින් අනිත් අය ගියා. වැඩ කරපු කෙල්ලොත් ගියා. කවුන්ටරේ හිටියේ මැදි වියේ කොරියන් ගෑණියෙක්. ගිනි කසයා වගේ එහෙට මෙහෙට දුවලා මේස අස් කරලා කුක් ටත් චර බර ගාලා මොනවද කියලා ගෑණි පිටිපස්සට ගියා. “ඒ මගේ නෝනා, අපි ඉන්නේ මෙතන උඩ තට්ටුවේ.”. පෙනුමෙන් නම් දෙන්නගේ ගැළපීමක් නෑ. වලස් මාමා කාටුන් එකේ වලස් මාමයි නැන්දයි වගේ. මෙයා බොහොම ජොලි පොරක් වගේ පෙනුණට නෝනා නීතිකාරියෙක් වගේ. හැබැයි ඒ වයසට උනත් ගෑණි සෑහෙන ලස්සනයි. කෑම ඕර්ඩර් නැති නිසා කෝක් කෑන් එකක් අරන් කුක් මහත්තයත් ඉස්සරහින් ඇවිත් වාඩි උනා. “උයන නිසා කන්න බෑ” බොන්න පටන් ගත්තේ එහෙම කියාගෙන. ඊට පස්සේ මිනිහයි මායි පැය ගාණක් කයිය ගැහුවා. මගේ කෑම එක ඉවර උනාම වෙන සෙනඟ ආවෙත් නැති නිසා මං යන්න නැගිට්ටට මිනිහා, ජෝජ් කිව්වේ කවුරු හරි අතරමං වෙලා එන්න තියෙන නිසා නවය වෙනකම්ම ඇරලා තියෙන බව. මෙහෙ කොරියන් ජපන් අය ඉංග්‍රිසි නම් දාගන්න එක සිරිතනේ. බස් එක තවත් පරක්කු නිසා මාත් ඉඳගෙන හිටියා. කොරියාවෙ ඉඳන් කැනඩාවට ඇවිත් අවුරුදු දහයක් විතර බවත් මේක දාලා දැන් අවුරුදු දෙකක් වගේ බවයි ජෝර්ජ් කිව්වේ. “මෙහේ ඉන්න ගොඩක් අයගේ පපාලා ඉන්නේ එයාලගේ රටවල. මෙහෙ වැඩ කරන ගෑණු ළමයි එහෙම හැමෝම ඇවිත් පවුලේ කවුරුත් නැතිව තනියම ඉන්නේ. මගේ පපා දැන් ඉන්නේ අහසේ. ඉතින් මට හිතුණා කාටත් නිකම් තමන්ගේ පපා ළඟට ගියා වගේ දැනෙන්න තැනක් හදන්න. මගේ කුස්සිය ළඟ මේසෙ හින්දා තමයි කට්ටිය වැඩිපුරම මෙතනට එන්නේ” ජෝර්ජ් ස්වභාවයෙන්ම මිත්‍රශීලී, හරිම හොඳ හිතක් තියෙන කෙනෙක් බව පළවෙනි පැයේදිම තේරුම් ගන්න පුලුවන් කෙනෙක්. ඔය මේසෙට වඩා මිනිහා එක්ක කතා කරලා හිත සැහැල්ලු කරගෙන යන්න ගොඩක් අය එනවා ඇති කියලයි මට හිතුණේ. “මං කැමති නෑ ගොඩක් මේස දාලා මෙනු එක වෙනස් කරලා මෙතන නිකම් මැක්ඩොනල්ඩ්, කේ එෆ් සී වගේ කරන්න. මිනිස්සුන්ට ඉඳගෙන හිමීට කාලා යන්න තියෙන්න එපැයි” ටිකකින් නෝනා ආව. එහෙමම දාලා ඇවිත් තියෙන කුස්සිය දිහා බලලා ආයෙ චර බර ගාලා ජෝර්ජ්ට මොනවද කිව්වා. “මං කුස්සිය අස් කරලා එන්නම්” මිනිහා කම්මැලිකමෙන් නැගිට්ටා. ගෑණි බනින්න ඇති වැඩ මඟ දාලා ඇවිත් කයිය ගහනවට. ටිකකින් නෝනා මොප් බකට් එකක් එළියේ ඉඳන් ඇදගෙන ඇවිත් මගෙන් කමක් නැද්ද අහලා මොප් කරන්න පටන් ගත්තා. ඒක දැක්ක විතරයි ජෝර්ජ් ආව දුවගෙන. ඇවිත් උදුරගෙන මොප් කරන්න පටන් ගත්ත. “ඔය අපේ ඩාර්ලිංට එච්චර මහන්සි වෙන්න හොඳ නෑ. එයාගෙ ලේ හොඳ නෑනෙ. වෙනදට ගෑණු ළමයි කවුරු හරි තමයි මොප් කරන්නේ” ඩාර්ලිං ටිකක් බලා ඉඳලා කැෂියර් පෙට්ටියේ සල්ලි ගණං කරලා මොන මොනවද ලියලා ආයෙ උඩට ගියා. ටිකකින් මගෙත් බස් එක ආව නිසා මාත් ආව. හැබැයි ආයෙ මෙතනට එනව කියන එක හිතේ තියාගෙන. එකක් කෑමවල රහ. අනික ජෝර්ජ්. ----------------- හිතුවා වගේම මාසෙකට පාරක්වත් සෙනසුරාදා දෙකට වැඩ ඉවර උනාම මං පපාස් කෝර්නර් යන්න පුරුදු උනා. ගිහින් කයියක් ගහලා, කුස්සියේ උයන, කපන කොටන ඒව බලං ඉඳලා ආවම නිකම් ගෙදර ගියා වගේ දැනුණා. හැබැයි ජෝර්ජුයි පොඩි කෙල්ලොයි කෑ ගගහ හිනාවෙවී වැඩ කළාට, අපි එක්ක විහිළු තහළු කළාට ඩාර්ලිං, නැත්නම් මරියා ඒවට එකතු උනේ නෑ. එයා පාඩුවේ
වැඩ කරගෙන හිටියා. දවසක්දා කාලා මං පිටත් වෙලා ටිකකින් මගේ පස්සෙන් දුවගෙන ආවෙ එතන වැඩ කරන කෙල්ලෙක්. මං ඉහ ඉණ අත පත ගෑවෙ මොකද්ද අමතක කරලා ආවෙ කියලා. බලද්දි කෙල්ල ආවෙ පොඩි කාර්ඩ් එකක් දෙන්න. “බොක්සිං ඩේ එක දවසේ අපි මේ ඩිස්කවුන්ට් කාර්ඩ් එක දුන්නා එදා ආව කස්ටර්මර්ස්ලට. මේක ජෝර්ජ් තියාගෙන ඉඳලා ඔයාට දෙන්න කියලා. මරියාට පේන නිසා මට දුවලා දීලා එන්න කිව්වා” 20% කියලා ගහලා තිබුණ කාර්ඩ් එක මගේ අතේ තියලා එයා ආයෙ දුවලා ගියා. ඒ කියන්නේ ඉස්සරහට මෙතනින් ගන්න හැම කෑම එකෙන්ම 20% ක් අඩුවෙනවා කියන එක. ඒක ලොකු වාසියක්. මාව මතක් කරගෙන ජෝර්ජ් කාර්ඩ් එකක් මෙච්චර දවසක් තියාගෙන හිටියා කිව්වම මගේ හිතත් නිකම් මොකද්ද‌ උනා. මෙහෙ ඉතින් අපිට එහෙම විශේෂ සැළකිළි කරන අය නෑනෙ. ----------- කාර්ඩ් එක නිසා මගේ පපාස් කෝර්නර් ගමන් වැඩි උනා. දවසක් මං යද්දි ඈත තියාමෙ ජෝර්ජ්ගේ මූණෙ අමුත්තක් පෙනුණා. මූණ මස් පිඬු තද වෙලා වගේ. වෙනදා මූණෙන් එකක් පිරිලා තියෙන හිනාව නෑ. මටත් යන්තම් අත උස්සලා හලෝ කියලා මිනිහා ලොකු සාස් පානක තිබිච්ච දෙයක් හැඳි ගාගෙන ගාගෙන ගියා. මං හැරිලා බැලුවේ කවුදෝ මහා හයියෙන් හිනා වෙන සද්දයක් නිසා. පැත්තක තිබුණ ගබඩාව වගේ කෑල්ලෙන් කතා කර කර හිනා වෙවී එළියට ආවෙ මරියායි තව කොරියන් මනුස්සයෙකුයි. ඒ මනුස්සයා නම් අපේ නඳුනි එහෙම බලන කේ ඩ්‍රාමා වල වගේ තද නිල් පාට කලිසම් කෝට් ඇන්ද නියම හැන්ඩ්සම් කොරියෙක්. මැදි වයසේ කියලා තේරුණාට එහෙමට වයසක් කියන්න පුලුවන් උනේ නෑ. මං බැලුවේ යකෝ මෙච්චර දවසක් මූණෙ හිනාවක් දකින්න තිබුණෙ නැති මරියට ගිහින් තිබුණ ජොලිය කියල. ඒක වෙන්න ඇති ජෝර්ජ් බුකවගෙන ඉන්නෙ. තද වෙන එක අහන්න දෙයක් යැ. තමන් එක්ක ඉන්නකම් හොස්ස දික් කරගෙන ඉන්න ගෑනි පිට මිනිහෙක් ආව ගමන් මෙහෙම කැකිරි පලද්දි. “ඒ අපේ ඉන්වෙස්ටර්. මිස්ටර් කිම්. මෙහෙ පාඩුයි කියලා තරහ ගිහින්. අපිවත් ෆයර් කරයි වගේ.” මගෙ කෑම එක අරන් ආව ඉන්දියන් කෙල්ල අමන්ප්‍රීත් කසුකුසුවෙන් කිව්වා. “මගේ සල්ලි මේකට දානව දානව විතරයි. කිසිම ලාබයක් නෑ. කට්ටිය අඩු කරන්න, මෙනු එක අප්ඩේට් කරන්න. ජෝර්ජ් මං කොච්චර කාලෙක ඉඳලද කියන්නේ. ලාබෙ වැඩි උනාම මට වගේම ඔයාලටත් හොඳයි” මිනිහ ඉංග්‍රීසියෙන්ම කිව්වේ ඉන්දියන් කාණ්ඩෙටත් තේරෙන්න වෙන්න ඇති. ජෝර්ජ් උත්තර නොදී අහක බලාගෙන වැඩ කරගෙන ගියා. ලොක්කා තව ටිකක් වෙලා එහෙට මෙහෙට වෙලා බිල් පොත්, බඩු ගෙනාපුවා බලලා මරියා එක්ක කටු කුටු ගාලා යන්න ගියා. ජෝර්ජ්ගෙ මූඩ් එක රිකවර් වෙන පාටක් නැති නිසා ටිකකින් බිල ගෙවලා මාත් එන්න ආව. ------------------------------ මං ඒ මාසෙ අග යද්දිත් කිම් එතන. මිනිහා නිකම් ඔක්කොම මොනිටර් කරනවා වගේ. මෙනූ එකෙත් වෙනදා තිබුණෙ නැති අයිටම් කීපයක් තිබුණා. ලොක්කා මරියා එකක් කතා කරාට ජෝර්ජ් එක්ක කතා කරන්නෙ නැති බවයි පෙනුණේ. මිනිහා හොඳ මනමාලයෙක් කියලා පෙනුණේ මරියාටයි අනිත් කෙල්ලන්ටයි කියන කතා වලින්. “අද මගේ යාලුවෙක් ආව මෙහෙ කෑම කන්න. මං මරියාව පෙන්නලා ඇහුවා අර මරියාගේ වයස හිතලා කියපං කියලා මිනිහා කිව්වනෙ තිස් දෙකක් විතර ඇති කියල” එහෙනං ඒ යාලුවා හෙන්රි කල්දේරගේ නෑයෙක් වෙන්න ඇති. පනහත් පැනලා හිටපු මරියා ඒකට නැමි නැමී හිනා වෙච්ච හැටි තමයි බලන්න වටින්නේ. අනේ මෙහෙම ගොං ගෑණු. මේ ගෑණිට මෙච්චර වයස ගිහිනුත් ඔය බොරු චාටු තේරෙන්නෙ නැද්ද මන්දා. ඊළඟ දවසේ යද්දි කොට බිත්තිය සම්පූර්ණ ලී බිත්තියක් කරලා කුස්සිය පේන්නෙ නැති වෙන්න හදලා තිබුණා. මෙනූ එක අරන් ආව කෙල්ල කිව්වේ කුස්සියේ රස්නෙ එනවා කියලා කස්ටමර්ස්ලගෙන් ආව පැමිණිලි නිසා එහෙම කරපු බව. ඒත් මට හිතුණේ ඒක කිම් ලොක්කගෙ ගැටයක් වෙන්න ඇති කියල. මං කුස්සිය ළඟට ගියා ජෝර්ජ්ට හලෝ කියලා එන්න. ‘ජෝර්ජ් දැන් වැඩ කරන්නේ නෑ. සතියක් විතර” කුස්සියේ ඉඳලා කෑම ට්‍රේ එකක් උස්සගෙන ආව කෙල්ලෙක් මට කියාගෙන ගියා. වෙනදට හිටිය කෙල්ලෝ රංචුව වෙනුවට අද ඉස්සරහ පැත්තෙත් හිටියේ දෙන්නයි. මරියා නම් සුපුරුදු පරිදි නොකර සිනා කවුන්ටර් එකේ හිටියා. ටිකකින් කිම් ලොක්කා පිටිපස්සේ පඩිපෙළ බැහැගෙන ආව. ‍එදා පොඩි එකෙකුත් එකක් අම්මලා තාත්තලා කන්න ඇවිත් ඌ මර හඬ දෙනවා බේබි සීට් එකේ ගැට ගැහුව වෙලේ ඉඳලා. කනක් ඇහෙන්න නෑ. මං කෑම එක පොඩ්ඩක් කාලා ටේක් අවුට් බොක්ස් එකකට දාගෙන පිටත් උනා. ජෝර්ජුත් නැතිව ආයෙ අහවල් එකකට ඔතන තපිනවද? ---------------------- එදායින් පස්සේ මට පපාස් කෝර්නර් යන්න හිතුණේ නෑ. එක දවසක් මට පස්සේ වැඩ කරන කෙනාට හදිසියේ එන්න බැරි වෙලා මට ෂිෆ්ට් දෙකක් අදින්න උනා. එදා මං එළියට බහිද්දි රෑ නවයයි. ඒ වෙලාවට එතන බස් එක නැති නිසා මං ඇවිදගෙන පපාස් කෝර්නර් තියෙන හන්දියට ගියා එතනින් නගින්න. එතන ඉස්සරහ කවුද ඉන්න බව මං දැක්කේ ඈතදිමයි. බලනකොට ඩාර්ලිං. ඉස්සරහ බිම මොප් කරනවා. ගෑණි ඇදිලා ගිහින් බව ඈතටත් පෙනුණා. මං කතා නොකර යනවා කියලා හිතාගෙන එතනින් යද්දිම ගෑණි ඔලුව ඉස්සුවා. මාත් නැවතුණා. “ඔයා කාලෙකින් ආවෙ නෑ නේද? ජෝර්ජ් ගියාට පස්සෙම ආවෙ නෑ නේද?” ඒ කියන්නේ මරියාට ඒක පෙනිලා. “ඔව්. ඇයි මරියා මොප් කරන්නේ අද අනිත් ගෑණු ළමයි නැද්ද?” මං ඇහුවා අහන්න දෙයක් නැති කමට. “අටෙන් පස්සේ වැඩිය කට්ටිය එන්නෙ නෑ කියලා අනිත් ස්ටාෆ් එක යවන්න කියලා මිස්ටර් කිම් කිව්වා. මං මෙතන උඩ නිසා ඊට පස්සේ ටික මං ඉවර කරලා දානවා” ඒකයි එහෙනම් ගෑණි ඇදිලා ගිහින් තියෙන්නේ. මදැයි. වැඩි ලාබ ගන්න ගිහින් වෙලා තියෙන වැඩේ. “ජෝර්ජ්ට බිස්නස් කරන්න තේරෙන්නෙ නෑ. එයා හොඳ වැඩියි. සී වී එකක් උස්සගෙන කවුරු හරි ළමයෙක් ආවොත් එයා මෙහෙ වැඩට ගන්නවා. ඉන්දියන් ළමයි කපටියි. වැඩ පටන් ගන්න ඇතුළට එන්නෙ කොෆී එක හදාගෙන. මෙහෙන් කාලා රෑට කෑමත් මොනවහරි හදාගෙන යනවා. ජෝර්ජ් මුකුත් කියන්නේ නෑ. මෙනූ එකේ වියදම් වැඩි ඒව අයින් කරලා වෙන අලුත් කෑම දාන්න එයා කැමති උනෙත් නෑ. එතකොට හරි කොරියන් කෑම වෙන්නෙ නෑ කියලා. අන්තිමට මිස්ටර් කිම් එක්ක හොඳටම කෑ ගහගෙන තමයි අයින් වෙලා ගියෙ.” “හ්ම්” “එයාට කිසි දේක බරක් පතලක් නෑ. මෙච්චර කාලයක් ගිහිනුත් අපිට පොඩි ගෙයක්වත් ගන්න බැරි උනේ එයාගේ නාස්තිය හින්දා. ඉල්ලන හැමෝටම ණයට දෙනවා. වෙලාවකට මං රෙස්ටුරන්ට් එක වහන දවසක ඌබර් ඊට්ස් වල කෑම ඩිලිවරි කරන්න යනවා මෙතන රෙන්ට් එක ගෙවාගන්න සල්ලි මදිවෙනවට. ජෝර්ජ් නිවාඩුවක් ඇත්නම් කෝපි බිබී සිගරැට් බිබී ඉන්නවා. එයාට ගානක් නෑ.” එච්චර කල් මරියා එක්ක තරහෙන් හිටපු මට එයාගෙ පැත්ත පෙනුණේ එදා. ඇත්තටම ඉස්සර ජෝර්ජ් කයිය ගගහා ඉද්දි කස්ටමර්ස්ලා කෑම පරක්කු වෙලා නොරිස්සුම් වෙනකොට, ගොඩක් සෙනඟ ඉන්න වෙලාවටත් ජෝර්ජ් සිගරැට් එකක් බීලා එන්න එළියට යන කොට මරියාගේ මූණ කලු වෙනවා මට මතක් උනා. කොයි කතාවෙත් දෙපැත්තක් තියෙනවනෙ. අපිත් ඉතින් ඒක හිතන්නෙ නැතිව අපි කැමති කෙනාගෙ පැත්තනෙ ගන්නෙ. “ගෙදර ඉන්නවනෙ?” මං අහන්න දෙයක් නැති හින්දා ඇහුවා. මරියා මං දිහා පුදුමෙන් වගේ බැලුවා. ඉස්සර නිළිය වගේ හිටපු ගෑණිගෙ ඇස් යට කලු වෙලා මූණ වයසට ගිහින් වගේ පෙනුණා. “නෑ. එදා මං වැඩ ඉවරවෙලා යද්දිත් ගෙදරින් ගිහින් තිබුණා. ෆෝන් එකට කතා කළාට ගන්නෙත් නෑ” ------------- මරියාගෙන් ඉල්ලගෙන ජෝර්ජ්ගෙ නම්බරේට මාත් කතා කළාට වොයිස් මේල් එකකට ගියා මිසක් කවුරුත් උත්තර දුන්නේ නෑ. ඔහොම අවුරුද්දක් විතර ගියා. ඔය අස්සේ නඳුනිත් ආව. අපි ගෙදරකට ගියා. එයාට රස්සා හෙව්වා. මගෙ රස්සාව මාරු කළා. අපේ පොඩි කැනේඩියන් සිටිසන් පැටියා මේ ලෝකෙට ආව. ඕව මේව එක්ක මට ජෝර්ජ් ගැන හෙවිල්ල මඟ ඇරුණා කිව්වොත් හරි. බබාට මාස කීපයක් වෙද්දි නඳුනි ආයෙ රස්සාවකට යන්න ගත්තා. එයා පිටත් උනේ මං ගෙදර ගියපු ගමන්. ඒ නිසා වැඩ ඇරිය ගමන් මං කෙළින්ම ගෙදර ගියා. දවසක් එහෙම යද්දි එක අතුරු පාරකින් ජෝර්ජ් මතුවෙනවා මං දැක්කා. රෝද හයිකරපු බඩු දාන මල්ලකුත් ඇදගෙන. එතන අඩු ආදායම් තියෙන අයට බඩු දෙන ෆුඩ් බෑන්ක් එකක් තියෙන බව මං දැනගෙන හිටියා. එහෙමනම් අනිවාර්යෙන් ඒකට ගිහින් වෙන්න ඇති. ඒත් මට නවත්තලා කතා කරන්න වෙලාවක් උනේ නෑ. ඊළඟ සතියේ මං පැයක් කලින් ඇවිත් එතනට වෙලා හිටියා. එදා ෆුඩ් බෑන්ක් එකේ බඩු දෙන දවසක් හින්දා වෙන්න ඇති පොඩි ළමයි වඩා ගත්තු අම්මලා, වයසක අය සෑහෙන්න ඒ පාරෙන් උඩට ගියා. ජෝර්ජ් මතු උනේ මං ආපහු එන්න ඕන වෙලාවත් ළං වෙද්දි. “ආ යාලුවා කාලෙකින්” මිනිහා සෑහෙන්න වයසට ගිහින්, ඇදිලා ගිහින් බව පෙනුණා. ඉස්සරට වඩා කොන්දත් ඉස්සරහට නැමිලා. ඒත් මං දැක්ක ගමන් දාපු හිනාව නං වෙනස් වෙලා නෑ. “මං ඔයා හම්බ වෙන්න මෙතනට වෙලා හිටියේ. ගිය සතියේ දැක්කා මෙතනින් යනවා” “කොච්චර හොඳයිද හම්බ උන එක. මං බඩු ගන්න එන්න පරක්කු උනා. ඩාර්ලිංට ආයෙ අසනීපයිනෙ. අපේ කොරියන් මිදි මිරිකලා බිව්වම ලේ වැඩෙනවා. ඒව ගේන්න මං කොරියන් මාර්කට් ගිහින් එන්න ගිය නිසා පරක්කු උනා. දවසට සැරයක් මිදි බිව්වම ටිකක් කල් ගියාම හරියනවා” ඒ හරිය පපාස් කෝර්නර් එකට සෑහෙන්න ඈතයි. “ඇයි දැන් මරියා ලේක්වුඩ් ඇවනිව් නෙවෙයිද ඉන්නේ?” “නෑ අපි දැන් මේ එහා පාරෙ ඉන්නෙ. මං දැන් මෙහේ රෙස්ටුරන්ට් එකක රෑට උයන්න යනවා.” දිලිසෙන මිදි කවරෙ දාපු අත උස්සලා ජෝර්ජ් ඈතට අත දික් කලා. ඒ කියන්නෙ දෙන්නා ආයෙ එකට. ආදරේ කියන්න හොඳ කාලෙ විතරක් එකට ඉන්නවා වගේ සිල්ලර දෙයක් නෙවෙයිනෙ. කාලෙත් එක්ක, එන එන ප්‍රශ්න එක්ක ඈත් උනත්, ඒත් ඈතින් ඉන්න බැරිව ආයෙ ළං වෙන එකනෙ. මට උනත් රට ඇවිත් පොඩි එකා එකක් වැඩ කරගද්දි බැඳපු මෝඩ කම කියලා හිතිච්ච, නඳුනිත් එපා උන වෙලාවල් නැතුවා නෙවෙයිනෙ. “මට ලොකේෂන් එක දාන්න, ලබන වීක් එන්ඩ් එකේ මරියා බලන්නත් එක්ක එන්නම්” අද රෑට නඳුනිට මහන්සි වෙලා ඇවිත් උයන්න එපා කියලා, කෑම ඕර්ඩර් කරන්න කියලා හිතාගෙන මං ආයෙ වාහනේට නැග්ගා. ජෝර්ජ් මිදි මල්ලත් අරන්, බෑග් එකත් ඇදගෙන හිමීට කන්ද නගිනවා මට කණ්ණාඩියෙන් පෙනුණා. පවිත්‍රා අභයවර්ධනකාශ්‍යපලා එක්ක රූම් ගියාට කමක් නැ බිතුසිතුවම් (වීඩියෝ) අද
ින්න එපා කාශ්‍යපද නුබට වින් නැහිය කල මල්සරා කැදවු කල සලු පොටක් නොමැති තැන අප්සරා අදින්නට නුබේ රුව අන ලද්ද සිත්තරා ඇත්තටම මොනව හිත- නව ඇද්ද පෙම්බරා _________________________________________ දෙනෝදස් ඇස් වලට දූෂණය නුබ වෙලා යනෙන උන් විදින්නෙත් නරබලයි ගල් තලා බැලුවාද ලැමට නොව හදට නුබෙ ලං වෙලා ඒ..සුර ලදුන් අද ඇත වෙස ගනක් වෙලා _________________________________________ අන්තප්පුරයෙ මැද කිමි දෙන්න පෙම් හෙලා වරු ගනන් පැය ගනන් රජුට ලැම පුද කලා කාශ්‍යපත් ආදරය කෙරුවනං ලං වෙලා කිමද බං ගල් ලෙනක සැමට නිරුවත් වෙලා _________________________________________ කුරුටු ගී කී දෙනෙක් ලිවාද නම්දරා බලන උන් යටි හිතින් මවා ගයි සිත්තරා සිහි කරත් වින්නැහිය කලින් සිට කල් මරා දෙන්න කියපන් හොයල උබට උබෙ පෙම්බරා (කවි කාරයා) Cmt එකක් දාගෙනම යන්නසුපුරුදු දිනය පසුවී දින තුනක් ඉක්ම යද්දී අනුරුද්ධගේ සිත ටිකෙන් ටික නොසන්සුන් වන්නට විය.මොහොතින් මොහොත සිතේ තිබූ ලොකුම බලාපොරොත්තුවක් කැබලි වලට බිඳී යන බවක් ඔහුට දැනෙයි. "අම්මා.. මට මොකක් හරි ලියුමක් ආවද.." මේ ප්‍රශ්නය ඔහු මේ අසන්නේ සිව්වෙනි දිනටය. "නෑ පුතා..ආවේ නම් නෑ..මොකක්ද ඔය දවස් ගානක ඉඳන් එයි කියලා මග බලාගෙන ඉන්න ලියුම." අම්මා ඇසුවේ පහුගිය දවස් කීපයේම වැඩ ඇරී නිවසට එන අනුරුද්ධ ගෙට ගොඩවෙන්නේ මේ ප්‍රශ්නය අසාගෙන වූ බැවිනි.ඔහු එය දින දෙකක් අසද්දී ඊලඟ දිනයේ සිට අම්මාද මග බලාගෙන සිටියේ ලිපියක් එන තුරුය.දවසකට කීප වතාවක් බැලුවත් ලියුම් පෙට්ටියට ලිපියක් වැටී තිබුණේවත් , තැපැල්කරු නිවසට පැමිණියේවත් නැත. "නෑ අම්මා..බැංකුවෙන් ලියුමක් එන්න තියෙනවා.ඒක බැලුවේ." අනුරුද්ධ එසේ කියා කාමරයට වැදුනේය. "ඔය ලියුම එනකම් ගෙදරට වෙලා බලන් ඉන්න එකේ බැංකුවට ගිහින් අහලා බැලුවනම් ඉවරනෙ." එසේ කියාගෙන අම්මා ගේ ඇතුළට ගියේ තමාට තේ එකක් හදන්නට විය යුතුයැයි ඔහුට සිතිණි. අවුරුද්දට එක බැගින් අවුරුදු හයක් පුරාවට නොවරදවාම තමාට ලැබුණු ඒ ලිපිය මෙවර නොපැමිණියේ ඇයි දැයි අනුරුද්ධට සිතා ගත නොහැකිය.ඒ අවුරුදු හය පුරාවටම ඒ ලිපිය ඔහුට වැදගත් වූයේ නැත.ඔහු ඒ වෙනුවෙන් මග බලා සිටියේද නැත. එහෙත් මෙවර.. ඒ දිනය එන තෙක් ඔහුට ඒ ගැන ලොකු හැඟීමක් තිබුණේ නැත.මන්ද ..එය ලැබෙන බව ඔහු දැන සිටි බැවිණි.නියමිත දිනයේ වෙනදා මෙන්ම වැඩ ඇරී ගෙට ගොඩ වෙන විට ලිපිය මේසය මත තිබෙනු ඇතැයි ඔහු සිතා සිටියේය.එහෙත් ඒ සියල්ල වෙනස් වූයේ මේසය මත කිසිවක් නොතිබූ නිසාය.ඔහු ඔහුගේ කාමරයට ඇතුළු වූයේ එහි මේසය මත අනිවාර්යයෙන්ම තමා බලාපොරොත්තු වූ දෙය තිබෙනු ඇතැයි යන සිතිවිල්ලෙනි.එහෙත්..එතැනද එය නොමැත.ඔහුගේ සිත මඳක් නොඉවසිලිමත් වන්නට විය.කමිසයේ බොත්තම් ගලවමින් ඔහු ගේ පුරා ඇවිද ගියේ කොතැනක හෝ එය ඇතැයි සිතාගෙනය. නැත.. එය දකින්නට තිබුණේ නැත. "අම්මේ මට ලියුමක් ආවේ නැද්ද.." බැරිම තැන ඔහු අම්මාගෙන් ඇසුවේය.ඇගේ පිළිතුර වූයේ නැත යන්නය.තාත්තාගෙන්ද ඇසුවේය.ඔහුගේ පිළිතුරත් එයමය.අනුරුද්ධගේ සිත කඩා වැටෙන්නට වූවේ ඇයිදැයි ඔහුටම තේරුම් ගන්නට නොහැකිය. "ඇයි මං ඒක ගැන එච්චර හිතන්නේ.." එහෙත් එයට පිළිතුරක් ඔහුටම සොයාගත නොහැකිය. "තැපැල් පරක්කුවක් වෙන්න ඇති..හෙට එයි.." අවසානයේදී ඔහු හිත හදාගත්තේ එසේ සිතාගෙනය.මේ ගෙවෙන්නේ ඒ හෙට ඒයැයි සිතාගෙන ගෙවෙන හතරවෙනි දවසය.ඒ දවස් හතර පුරාවටම ඔහු බලා සිටියේ නිවසට යන වෙලාව එන තෙක්ය.කාර්යාලයේ කටයුතු නිම වෙන තෙක් ඔහු බලා සිටියේ නොඉවසිල්ලෙනි. "මොකද බං උඹ අමුතු වෙලා ඉන්නෙ.නර්මදාගෙ ප්‍රශ්නෙ හින්දද.." මිතුරන් එසේ ඇසුවේ ඔහුගේ වෙනසට හේතුව ලෙස ඔවුන්ට සිතුණ එකම කරුණ ගැනය. "මගෙ ඇති අමුත්තක් නෑ බං.අනික නර්මදාගෙ ප්‍රශ්නෙකුත් නෑ දැන්.." අනුරුද්ධ එසේ කීවත් මිතුරන් තමාගේ වෙනස ගැන අසන්නේ නිකමට නොවන බව ඔහු දනී.ඒ නිසාම කාර්යාලයේදී වෙනසක් නොපෙන්වා සිටින්නට ඔහු ගත්තේ සුළු පටු උත්සාහයක් නොවේ. අනුරුද්ධ පුටු ඇන්දට හිස තබාගෙන දෑස් පියා ගත්තේ විසිරෙන සිතිවිලි එක් තැනකට ගැනීමේ උත්සාහයෙනි. ඔයාට... ආදරෙන්... නෙතූගෙන්.. රෝස පැහැ කඩදාසියක ලියවෙන ඒ බෝල අකුරු ඔහුට මැවී මැවී පෙනෙන්නට විය. නෙතූ.. ඇය දොළහ ශ්‍රේණියේ තමාගේ පන්තියේ සිටි අහිංසකම කෙල්ලය.ස්වාභාවයෙන්ම වැඩි කතා බහක් නොමැති වූ ඇය තමන්ට විතරක් වැඩිපුර හිතවත් වූවේ මොන හේතුවකට දැයි අනුරුද්ධට සිතා ගත නොහැකිය.එහෙත් එය එසේ සිදුවී තිබුණි.තමාගේ මිතුරන් සමඟ පවා වැඩි කතා බහක් නොකළ ඈ තමා සමග හේතුවක් ඇතුවත් නැතුවත් කතා කළ බව ඔහුට මතකය. පාසල් කාලයේ තරමක දඩබ්බරයෙකු වූ අනුරුද්ධට ඉගෙනීමේ කටයුතු ගැන එතරම් උනන්දුවක් තිබුණේ නැත.ඔහු ප්‍රිය කළේ ක්‍රීඩාවටය.එහෙත් ක්‍රිඩාවේද සුවිශේෂී මට්ටමේ දක්ෂතා දැක්වීමට ඔහු සමත් නොවීය. "පන්ති කට් කරන්න එපා අනුරුද්ධ.. ක්‍රීඩා වගේම ඉගෙනීමේ වැඩ ටිකත් උනන්දුවෙන් කරන්න.කවදාහරි ජොබ් එකක් කරන්න යනකොට ක්‍රීඩා සුදුසුකම් වගේම අධ්‍යාපන සුදුසුකමුත් ඕනෑ වෙනවා." නෙතුලි අනුරුද්ධට කීවේ වරක් දෙවරක් නොවේ.එහෙත් ඔහු එය කනකට ගත්තේ නැත.නමුත් නෙතුලි උත්සාහය අත් නොහැරියාය. මිතුරන්ටත් හොරෙන් අනුරුද්ධගේ පොත් පත් ටික ඉල්ලාගත් නෙතුලි අනුරුද්ධට මඟ හැරුණු සියළුම සටහන් ඒවායේ ලිව්වේ තමාගේ පාඩම් වැඩද මඟ හරවා ගනිමිනි.ඇතැම් දිනෙක ගුරුවරුන් දෙන ගෙදර වැඩ කරන්නට පවා ඇයට වේලාවක් තිබුණේ නැත.ගුරුවරුන් ඒ ගැන දොස් පවරද්දී ඇය කළේ පිළිතුරක් නොදී බිම බලාගෙන සිටීමය. "මට බණ කිව්වට ඔයා හරියට පාඩම් වැඩ කරන්නෙත් නෑනෙ." අනුරුද්ධ ඇසුවේ ගුරුවරියක් නෙතුලිට දොස් පැවරූ එවන් දිනකය. නෙතුලි අහිංසක ලෙස සිනාසුණාය. "මං වෙන කෙනෙක්ගෙ සටහන් වගයක් ලිව්වනෙ.ඉතින් මට වෙලාවක් තිබුණෙ නෑ කරන්න." අනුරුද්ධට කාරණය වැටහුණේ එවිටය.තමාව බේරා ඇය බැණුම් අසාගෙන.ඔහුගේ සිතට කණගාටුවක් දැනෙන්නට විය. "නෙතූ, ආයෙ එහෙම කරන්න එපා.." "එහෙනම් ඔයා හරියට ඒ වැඩ ටික කරන්න." අනුරුද්ධ අකමැත්තෙන් වුණත් පන්තියේ රැඳෙන්නට පාඩම් වැඩ කරන්නට පටන් ගත්තේ ඒ අනුවය.නෙතුලි ඒ ගැන සොයා බලන්නට , අතපසු වන දේවල් සකස් කරන්නට අමතක නොකළාය. අනුරුද්ධට නර්මදා මුණ ගැසුණේ මේ කාලයේදීය.ඇය දොළහ ශ්‍රේණියේම වෙනත් පන්තියක ඉගෙනගත් ක්‍රීඩාවලට ලැදි තරුණියක් වූවාය.ක්‍රීඩා පිටියෙදී මුණ ගැසී නිකමට කරන ලද කතා බහ ටිකෙන් ටික වැදගත් වන්නට වැඩි කලක් ගියේ නැත.අවසානයේ මාසයක් දෙකක් යද්දී ඔවුන් පෙම්වතුන් බවට පත් වී තිබුණේ ඔවුන් දෙදෙනාටද නොදැනීය. ආයෙමත් අනුරුද්ධගේ පාඩම් වැඩ අතපසු වන්නට පටන් ගත්තේ මේ ප්‍රේමයද එක් හේතුවක් කරගෙනය..නෙතුලි ඒ ගැන කතා කරන විට ඔහුට දැනුණේ නොරිස්සුමකි..ඔහුට වුවමනා වී තිබුණේ හැකි හැම විටම නර්මදා සමගින් කල් ගෙවන්නටය.ඇගේ රුවට මෙන්ම කතාවටද ඔහුගේ සිත දැඩි ලෙස ඇදී ගොස් තිබ්ණි. කාලය වේගයෙන් ඉගිල ගියේය.අනුරුද්ධ නර්මදා හා කාලය ගෙවන්නට වෑයම් කරද්දී තමාව වදයක් ලෙස ඔහුට දැනෙන බව දැනුණත් නෙතුලි ඔහුට බල කරමින් ඔහුගේ පාඩම් වැඩ කරවන්නට මහන්සි ගත්තාය.ඔවුන් උසස් පෙළ ව්භාගයට මුහුණ දෙන වර්ෂය ආරම්භ වෙද්දී නෙතුලිගේ බල කිරීම තව තවත් වැඩි විය. දිනක් පාසල ඇරෙන්නට ඔන්න මෙන්න තිබියදී නෙතුලි අනුරුද්ධට කවරයක දැමූ යමක් ගෙනත් දුන්නාය. "මේ මොකක්ද.." "ගෙදර ගිහින් බලන්නකො.." අනුරුද්ධ නිවසට පැමිණ බලද්දී කවරය තුළ තිබුණේ උසස් පෙළ විභාගය සඳහා වූ අනුමාන ප්‍රශ්න පත්‍ර පොතකි.ඒත් සමගම පොත මැද රෝස පැහැති ලොකු ලියුම් කවරයක් තිබෙනු ඔහු දුටුවේ පොත නිකමට මෙන් පෙරළා බලද්දීය. "ඔයාට.. ආදරෙන්.." නෙතූගෙන්... නෙතුලිගේ පැහැදිලි බෝල අකුරු , පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් නිර්මාණය කරන ලද කාඩ්පතක එසේ ලියවී තිබෙද්දී අනුරුද්ධ පත්වූයේ කිසිවක්ම සිතා ගත නොහැකි තත්වයකටය. පෙම්වතුන්ගේ දිනය... තමාගේත් නර්මදාගේත් සම්බන්ධය දැන දැනම අද නෙතූ මෙහෙම දෙයක් කළේ. ඇයි...තමා ඇයට කැමති බව ඇත්තය.එහෙත් ඒ සාමාන්‍ය හැඟීමකි.තමා ආදරය කරන්නේ නර්මදාටය .ඒත්..මේක...නෙතූගෙ අහිංසක සුන්දර මුහුණත් , නර්මදාගේ දඟකාර සුන්දර මුහුණත් මාරුවෙන් මාරුවට මැවී පෙනෙද්දී අනුරුද්ධ පත් වූයේ දැඩි අපහසුතාවයකටය. පසුදා උදේ ඔහු පාසලට ගියේ නෙතුලිට මුහුණ දෙන්නේ කෙසේදැයි සිතමිනි. නෙතුලි වෙනසක් නොපෙන්වා වෙනදා පරිදිම ඔහු හා කතා කළාය.එහෙත් තමාගේ වෙනසක් ඇයට දැනෙන්නට ඇතැයි ඔහුට කිහිප වරක්ම සිතුණේය.. "මාත් එක්ක තරහා වෙන්න එපා අනුරුද්ධ.ඉස්කෝලෙන් අයින් වෙන්න කලින් ආයෙ මෙහෙම දවසක් එන්නෙ නෑ.ඒ නිසා මගේ හිතට දැනුණ දේ කීවේ.හිත නිදහස් කරගන්න ඕන නිසා.ඒත් මම ඔයාගෙ ආදරේ ඉල්ලන්නෙ නෑ.ඔයා එයා එක්ක සතුටින් ඉන්න.ආයෙ මං මේ ගැන කතා කරන්නෙ නෑ.." ඒ කී පරිදිම නෙතුලි යළි කිසිදු දිනයක ඔහු හා ඒ ගැන කතා නොකළාය.එහෙත් පෙර පරිදිම ඔහුව පාඩම් වැඩවලට දිරිමත් කළාය. "පුතා..මෙන්න තේ එක..." අනුරුද්ධ කල්පනාවෙන් මිදුණේ අම්මාගේ කටහඬිනි.තේ එක අනුරුද්ධගේ අතේ තබා අම්මා නික්ම යද්දී ඔහුගේ සිතේ නැවතත් ඉතිරි වූවේ නෙතුලිය. ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ ආයෙ නෙතුලිව හම්බවුණේම නෑ නේදැයි ඔහ
ු සිතුවේ තේ කෝප්පය තොල ගාන ගමන්ය.ඔහු ලඟ රැඳුණේ නර්මදාය.. නර්මදා.. පාසල් ජීවිතය හමාර වුවද ඔවුන්ගේ සම්බන්ධය අවසන් නොවීය.අනුරුද්ධ ඇයට දැඩි සේ ආදරය කළේය..සෑම මොහොතකම ඇය ලඟින් ඉන්නට ඔහු උත්සාහ කළේ එබැවිනි.නර්මදා ගැන නිතරම සොයා බැලූ ඔහු හැකි තරම් ඇයව පරිස්සම් කරන්නට උත්සාහ කළේය. "මගේ අම්මා තාත්තාවත් ඔයා තරම් මං ගැන හොයන් නෑ.." නර්මදා කිවේ ඒ නිසා විය යුතුය. "ඉතින් ඒක හොඳ නැද්ද." "හොඳයි.." ඊලඟ පෙම්වතුන්ගේ දිනය දා අනුරුද්ධ නර්මදා හමුවී පැමිණියේ උණුසුම් මතකයක් හිත පුරා තබාගෙනය.ඒ දඟ කෙල්ලට, ඒ දඟකම්වලට ඔහු බෙහෙවින්ම ආදරය කළේය. නිවසට පැමිණි ඔහු කාමරයට එද්දී මේසය මත රෝස පැහැයට හුරු ලොකු ලියුම් කවරයක් විය. ඔහු එය කඩා බැලුවේ කුතුහලයෙනි. "ඔයාට.. ආදරෙන්.." නෙතූගෙන්.. අනුරුද්ධගේ සිතිවිලි විසිරී ගියේ කිසිවක් හරි හැටි සිතාගන්නට නොහැකිවය.එදා පටන් හැම අවුරුද්දකම පෙම්වතුන්ගේ දිනයට ඒ සුභ පැතුම් කාඩ්පත නොවරදවාම ලැබුණේය.දිනයට නොහැකි නම් එය ඊට පෙර ලැබුණේය.අනුරුද්ධගේ බැල්මට පමණක් හසුවූ ඒ සියල්ල ඔහුගේ මේස ලාච්චුවක තැන්පත් වූයේ වැඩි විශේෂයකින් තොරවය. තේ එක බොන ගමන් ඔහු කල්පනා කරන්නට පටන් ගත්තේ නර්මදා වෙනස් වන්නට පටන් ගත්තේ කවදා සිටද යන්නය.ඒ රැකියාවට යන්නට පටන් ගත්තාට පසුව බව ඔහුට මතකය. ඒ වෙද්දී ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධයට වසර හතරක් ගතවී තිබිණි.නර්මදාට රැකියාවකට යාමට වුවමනා බව ඇය අනුරුද්ධ සමඟ පැවසුවාය..ඊට ඔහුගේ වැඩි කැමැත්තක් තිබුණේ නැත.ඇයව ජීවත් කරවන්නට තමාට පුළුවන් බව ඔහු කීවේ රැකියාවෙන් මෙන්ම ඉඩ කඩම්වලින් ලැබෙන ආදායමක්ද ඔවුන්ගේ පවුලට තිබූ නිසාය.එහෙත් නර්මදාගේ දැඩි ඉල්ලීම හමුවේ අනුරුද්ධට තරමක් පසු බෑවේය. "හරි එහෙනම් ටික කාලයකට යන්න.. මැරි කරනකම්..." රැකියාවට ගොස් ටික කාලයක් ගෙවෙද්දී නර්මදා ටිකෙන් ටික වෙනස් වන්නට වූවාය.මුලදී ඔවුන් අතර නිතර නිතර දුරකථන ඇමතුම්,කෙටි පණිවිඩ හුවමාරු වුවත් ඒවා ටිකෙන් ටික අඩුවී ගියේ ඔහු බලා සිටිද්දීමය. "ටිකක් බිසී වුණා අනේ..." නර්මදා කීවේ අනුරුද්ධ ඒ ගැන විමසද්දීය.අනුරුද්ධ නිහඬ වූවේ ඒවා පිළිගෙන නොවේ.කොතරම් කාර්යබහුල වුවත් වැදගත් දෙයකට සුළු වේලාවක් වෙන් කරන්නට නොහැකියාවක් නොමැති බව ඔහු දැන සිටියේය.ටිකෙන් ටික නර්මදා නිවසේදීද කාර්ය බහුල වන්නට පටන් ගෙන ඇති බව ඔහුට දැනුණේ තවත් ටික කලක් ගෙවෙද්දී ය. "ගෙදර වැඩ ටිකක් තියෙනවා..මං පස්සෙ කතා කරන්නම්.." නර්මදා එසේ කියා ගිය පසු හදිසියේ හෝ ඔහු ඇමතුමක් ගතහොත් නර්මදා සිටියේ වෙනත් ඇමතුමකය. නර්මදාට ටිකෙන් ටික වැඩ වැඩිවන්නට , ගමන් බිමන් වැඩිවන්නට වූවේ ඒ අතරය.තවත් ටික කලක් ගෙවෙද්දී උත්සවවලින් ,ගමන් බිමන්වලින් , රාත්‍රී සාදවලින් අඩුවක් නොවූ ඇය නිශාචර දිවියකට ආරම්භය ගෙන තිබුණාය.ඒ දිවියේ වැඩිපුර සිටියේ මිතුරියන් නොව මිතුරන්ය. අනුරුද්ධගේ ඉවසීමේ සිමාව පනින්නට මේ කාලය ,මේ හැසිරීම් හොඳටම ප්‍රමාණවත් විය.මුලින් මුලින් ඔහු ඇයට හොඳින් පහදා දුන්නේය. "ඔයා දන්නවා නර්මදා..මමත් කන ,බොන, විනෝද වෙන මිනිහෙක්..අපි විනෝද වෙන්න ඕන..සතුටු වෙන්න ඕන..ඒත් ඒ හැමදේකම සීමාවක් තියාගන්න.." "මං සීමාවේ තමයි ඉන්නෙ අනුරුද්ධ..මට යාළුවො ඉන්නවා..මං විනෝද වෙනවා..ඒ මගේ හැටි..ඔයා මුල ඉඳන්මත් ඒක දන්නවනෙ..." "ඔව් දන්නවා.. විනෝද වුණාට කමක් නෑ..මං ඒකට එපා කිව්වෙ නෑනෙ.මං කියන්නෙ ඒ හැම දේකම ලිමිටි එකක් තියාගන්න කියන එක.ඔයා ගෑණියෙක්නෙ." "ඔයාට මාව සැකයි නේද.." සැකයක් මගුලක් නෙවෙයි නර්මදා..අපේ රටේ ගෑණියෙක් දිහා බලන විදිහක් තියෙනවා..ඒක තේරුම් අරන් ජීවත් වෙන්න..විනෝද වෙනවා ,ආශ්‍රය කරනවා ,කිය කියා එක එකාව කරේ දාගෙන දඟලන්න ගත්තම නැති ප්‍රශ්න තමයි ඇති වෙන්නෙ" අනුරුද්ධ එදා කීවේ කේන්තියෙනි.ඔහුට වුවමනා වූයේ ඇයව කොටු කරන්නට හිර කරන්නට නොව ඇයව ගෑණුකම තියෙන ගැහැණියක් ලෙස තමා ලඟ තියාගන්නටය. "ගෑණියෙක් සුන්දර වෙන්න නම් ගෑණුකම තියෙන්න ඕන.." අනුරුද්ධ ප්‍රිය කළේ ඒ ගැහැණුකමටය.දරදඬු ගැහැණුන් ඔහුගේ මිතුරියන් වූවා මිස ආදරයට සුදුසු වූයේ නැත. ඒ කතාවෙන් පසුද නර්මදා තමා කරන කිසිවක් නතර කළේ නැත.ඇය සියල්ල අනුරුද්ධට හොරෙන් කරන්නට පටන් ගත්තාය.සඟවන්නට උත්සාහ කළත් අනුරුද්ධට ඒ සියල්ල ආරංචි විය.කටේ දිවේ නොගෑවී බොරු කියමින් නර්මදා කරන මේ වැඩත් සමග ඔහුගේ සිතෙහි ඇය ගැන උපන්නේ අප්‍රසාදයකි.පිළිකුලකි.කොහොමත් අනුරුද්ධට බොරුව, වංචාව පිළිකුල්ය. එතැන් පටන් ඔවුන් අතර ගෙවුණේ තර්ක විතර්ක , රණ්ඩු,සරුවල් පිරි කාලයකි. "ඕක හෙන බඩුවක් බං..දැන් අපේ බොසාව අල්ලගෙන ඉන්නෙ." දවසක් නර්මදා රැගෙන යන්නට ඇගේ සේවා ස්ථානය අසල රැඳී සිටියදී ඒ සේවා ස්ථානයේම අයෙකු තවකෙකු සමඟ නර්මදා ගැන කී කතාව අනුරුද්ධගේත් නර්මදාගේත් සම්බන්ධය අවසන් කරන්නට ගසන ලද අන්තිම ගල බවට පත් විය.නර්මදාටත් නොඅඟවා ඒ ගැන සොයා බැලූ ඔහුට ඒ කතාව අසත්‍යයක් නොවන බව තහවුරු විය.මෑතකදී ලැබූ උසස්වීමට නර්මදා පාව්ච්චි කර තිබුණේ ඇගේ ගැහැණුකමය. "නර්මදා, මිනිස්සු හැමදේම මනින්නෙ අපිට ඇහෙන පේන දේත් එක්ක.මිනිස්සුන්ට ඕන විදිහට අපිට ජිවත් වෙන්න බැරි වුණත් අපිත් දැනගන්න ඕන යම් සීමාවක් තියන් ජීවත් වෙන්න.ඔයා වැරදි කළා කියලා මං කියන්නෙ නෑ.ඔයා වැරදී නැතුව ඇති.ඒත් මේ මං කැමති විදිහ නෙවෙයි.මං ඔයාට මුල ඉඳන්ම හොඳින් වගේම නරකිනුත් කියලා උත්සාහ කළේ මේ බැඳීම ගලපගන්න.ඒත් ඒකට උත්සාහ කරන එකේ තේරුමක් නෑ කියලා මට තේරෙනවා.ඔයාගෙ විදිහට ජිවත් වෙන , ඔයාගෙ විදිහට කැමති, ඔයාට ගැලපෙන පිරිමි ඕන තරම් ඉන්නවා.මං කැමති විදිහෙ ගෑණු අයත් ඇති.අපි ඒ වගේ තැන් දෙකක නතර වෙමු.නිකම් බැඳීම් හදාගෙන, කසාදත් බැඳගෙන හැමදාම අවුල් වෙවී ඉන්නවට වඩා ඒක හොඳයි..මෙතනදි ඔයාවත් මමවත් වැරදි නෑ.අපේ කැමැත්ත වෙනස් එකයි ප්‍රශ්නෙ. තමා සොයාගත් කිසිවක් ඇය සමග නොකියා ඔහු එසේ පැවසුවේ නර්මදා කෙදිනකවත් වැරැද්දක් පිළිගන්නා ජාතියේ ගැහැණියක නොවන බව හොඳින්ම දැන සිටි නිසාය. ඒ වෙද්දීත් අනුරුද්ධ ඒ බැඳීම අවසන් කරන්නට ස්ථිරවම හිත හදාගෙන සිටියේය.නර්මදාද අනුරුද්ධගේ කතාව පිළිගත්තේ තමාට කියාගන්නට බැරි වූ දෙයක් අනුරුද්ධ කීවා යන සතුටෙන්ය. "ඔව්.මටත් එහෙම හිතෙනවා.ඔයාත් එක්ක මගේ ලයිෆ් එක එන්ජෝයි කරන්න මට බැරි වෙයි.මෙච්චරකල් ඔයාත් එක්ක ඉඳලා මට නැති වුණේ ඒ සතුටින් ඉන්න තිබුණු කාලෙ.අපි මේ සම්බන්ධෙ නතර කරමු." අවුරුදු හයක් පුරා ඇදී ගිය අනුරුද්ධ ,නර්මදා පෙම් කතාව නිම වූවේ එලෙසය. ********************************************** හිස් තේ කෝප්පයත් අතේ තියාගෙන අනුරුද්ධ නැගී සිටියේ ඒ අමිහිරි මතකයන් සිත තුළින් ඉවත් කරන්නට වෑයමක් දරමින්ය.රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීමෙන් පසුව රාත්‍රි ආහාරය ගෙන ඉක්මනින්ම ඇඳට ආ අනුරුද්ධට යළි යළිත් සිහිවන්නට වූවේ නෙතූලිවය. නර්මදාගෙන් හිත රිදුන හැම වෙලේම තමාට නෙතූ සිහිවූ බව ඔහුට මතකය.එදා කෙසේ සිතුවත්, නර්මදාට ආකර්ෂණයක් ඇති වුවත් තමාගේ සිත සොයන්නේ නෙතූ වැනි ගතිගුණ ඇති තරුණියක් නේදැයි අනුරුද්ධට දැන් සිතෙයි.නර්මදා මෙච්චරටම වෙනස් නොවුණානම්..නර්මදා තමාගෙන් වෙන්ව ගොස් මාස තුනකුත් ගෙවෙමින් තිබේ.එහෙත් ඇය නිකමට හෝ තමාට කතා නොකළ වග ඔහු සිහිකළේ හිස් හැඟීමකිනි. එදා රාත්‍රිය පුරාම ඔහුට හරි හැටි නින්දක් නොවීය.තමාගේ සිත නෙතූ ගැන මෙපමණ වද වෙතැයි ඔහු කෙදිනකවත් සිතුවේ නැත.මීට පෙර එසේ වූවේද නැත..නමුත් මේ රාත්‍රියේ නම් ඔහුට හුඟක් දේ සිතට නැඟෙයි.. නෙතූ එදා කළ කැපකිරීම්, තමා වෙත කරන ලද පෙළඹවීම් නොවන්නට තමා උසස් පෙළවත් සමත් නැති අයෙකු වන්නට බොහෝ ඉඩ කඩ තිබූ බවත් එසේ වූවානම් අද කරන රැකියාවට වුවද යාමට තමාට නොහැකි වන බවත් ඔහුට සිතෙයි.එහෙත් පාසලෙන් ඉවත් වූ පසු තමා ඇය ගැන කිසිම අවස්ථාවක සොයා නොබැලූ බව ඔහු සිහි කළේ කණගාටුවෙනි. නෙතූ.. ඇය දැන් කොහේ ඇතිද.. තාමත් ඇගේ නිවසේමද..නැතිනම් විවාහ වී වෙනත් කොහේ හෝ යන්නට ඇතිද.. නෙතූගේ නිවසට ගොස් ඇය ගැන තොරතුරු විමසා බැලිය යුතුයැයි හදිසි සිතිව්ල්ලක් අනුරුද්ධගේ සිතට නැඟුණේය..මොහොතකින් එය අනිවාර්යයෙන්ම කළ යුතු යැයි සිතට තදින් දැනෙන සිතිවිල්ලක් බවට පත් විය.තවත් සෑහෙන වේලාවක් සිතිවිලි සයුරේ පැද්දෙමින් සිටි ඔහු එදා රාත්‍රියේ නින්ද එන විට යම් තීරණයකට එළඹ සිටියේය. පසුදා උදේ ආයතනයට කතා කර නිවාඩුවක් ඉල්ලා ගත් ඔහු නෙතූගේ නිවසට යාමේ අදහසින් වාහනයට නැඟුණේ උදෑසන දහය පසුවෙද්දීය..නෙතූගේ නිවසට එක්වරක්වත් ගොස් නොතිබුණත් ඇයගේ නිවස පිහිටි ස්ථානය ගැන ඔහුට යම් අදහසක් විය..ඔවුන් පදිංචිය වෙනස් කර නොතිබේවා යැයි ඔහු සිතින් ප්‍රාර්ථනා කළේ වාහනය පදවන අතරතුරේදීය. කිලෝ මීටර් තිස් ගණනක් පැමිණ නෙතූ කලින් කියා ඇති තොරතුරු අනුව ඇගේ නිවස පිහිටි අතුරු මාර්ගයට වාහනය හරවා ගන්නට ඔහුට පැයකට ආසන්න කාලයක් ගතවී තිබුණේය.ඒ කිට්ටුවෙන්ම තිබුණු වෙළඳසැලකින් තොරතුරු විමසූ ඔහුට ඇගේ නිවස පිහිටි ස්ථානය දැනගන්නට හැකි විය. අනතුරුව සීරුවෙන් වාහනය පැදවූ ඔහු නෙතූගේ නිවස යැයි සැක කළ හැකි නිවසේ ගේට්ටුව අසල වාහනය නතර කළේය.ඔහුගේ පපුවේ ගැස්ම ටිකෙන් ටික වැඩිවන්නට විය.මේක නෙතූගේ ගෙදර නම් ..මේ පැමිණීම ගැන තමා කියන්නේ මොනවාද... මොහොතක් වාහනය තුළට වී සිත දිරිමත් කරගත් අනුරුද්ධ වාහනයෙන් බැස ගේට්ටුවට සවි කර තිබූ සීනුව නාද කළේය.අනතුරුව ඔහු පිළිතුරක් ලැබෙන තෙක් බලා සිටියේ නොසන්සුන් සිතිවිලි පාලනය කරගන්නට උත්සාහ දරමිනි. ගේට්ටුවේ කොටසක් විවෘත වී තරුණියකගේ මුහුණක් දිස් විය.නෙතූද..හැඩ හුරුකමනම් ඒ වගේමය.තරුණියද ඔහු දෙස විමසිල්ලෙන් බැලුවාය.අනතුරුව ඇගේ මුවට මඳ සිනහවක් එකතු විය.නෙතූගේ හැඩ හුරුකම තිබුණාට මේ නෙතූ විය නොහැකි යැයි අනුරුද්ධ තේරුම් ගත්තේය.මේ ඇගේ අක්කා විය යුතුය. "මේ..මං..නෙතුලිගෙ ඉස්කෝලෙ කාලෙ යාළුවෙක්.. ලඟට ආපු ගමන් මෙහෙට ඇවිත් යන්න ආවේ.. නෙතුලි දැන් මෙහෙ ඉන්නවද.." අමාරුවෙන් මුවඟට සිනාවක් නගා ගත් අනුරුද්ධ එසේ විමසුවේ ලොකු අපහසු ගතිය
ක් සිතට දැනෙනා අතරය. "ආ ඉන්නවා.. හැබැයි දැන් නම් එයා බබාව අරන් එන්න නර්සරි එකට ගිහින්.." "බබාව අරන් එන්න.." අනුරුද්ධගේ සිත කඩා වැටුණේ ඒ වචන පෙළ අවසන් වෙනවාත් සමඟමය.ඔහුට දැනුණේ ඔහුවත් බලාපොරොත්තු නොවූ තරමේ වේදනාවකි.දැන් ඉතින් තවත් මෙතන සිටින්නේ කුමකටදැයි ඔහු සිතුවේ හිතට දැනුණ රිදීම ඇස් දෙකටද ඒ යැයි බියක් දැනෙද්දීය.එහෙත් ඔහු ආයාසයෙන් තම හැඟීම් සිර කර ගත්තේය. "ආ එහෙමද..කමක් නෑ..එහෙනම් මං ආයෙ දවසක එන්නම්..මට ටිකක් පරක්කුත් වෙලා තියෙන්නෙ...කියන්නකො අනුරුද්ධ ඇවිත් ගියා කියලා.." "අනුරුද්ධ..." තරුණියගේ මුවින් නැඟුණේ තරමක පුදුමයක් ද සමඟිනි..අනුරුද්ධ හොඳින් ඇය දෙස බැලුවේය. "මං නෙතුලිගෙ අක්කා..නංගි ඔයා ගැන කියලා තියෙනවා මාත් එක්ක..එන්න මල්ලි ඇතුළට..නංගි දැන් එනවා ඇති." "නෑ කමක් නෑ අක්කෙ .. මං වෙන දවසක එන්නම්.." "මේ පිස්සු නැතුව එන්න..නංගි මටත් බනියි ඔයා ගේට්ටුව ගාවින් හැරිලා ගියොත්.." එසේ කී තරුණිය ගේට්ටුව සම්පූර්ණයෙන්ම විවර කළාය.අකමැත්තෙන් අපහසුවෙන් නමුත් අනුරුද්ධ ගෙට ගොඩ වූයේ මේ ගමන නාවා නම් හොඳයි යැයි සිතමිනි. "අම්මයි තාත්තායි ගමනක් ගිහින් මල්ලි..ඔයා වාඩිවෙන්නකො.." තරුණිය අසුනක් දැක්වූවාය. සැප පහසු පුටුවක වාඩිගත් අනුරුද්ධ සාලය පුරා නෙත් යැවූයේ කුමක් කියන්නේද යන්න සිතාගන්නට නොහැකිවය.මේ ගමන නාවා නම් හොඳ යැයි ඔහුට නැවත නැවතත් සිතුණේය. "මල්ලි කොහෙ ආපු ගමන්ද මේ.." එසේ කතාව පටන් ගත් තරුණිය ඔහු ගැන විස්තර සියල්ල විමසුවේ දිගු කලක සිට දන්නා හඳුනන අයෙකු පරිදිය.හිතේ තිබූ අවුල නොපෙන්වමින් කතා කරන්නට තරමක මහන්සියක් ගත් අනුරුද්ධ ඇය ඇසූ සියල්ලට ප්‍රවේශමෙන් උත්තර බැන්දේය. "නෙතූ මැරි කරලා ගොඩක් කල්ද.." අවස්ථාව ආ පසු අනුරුද්ධ අසීරුම ප්‍රශ්නය ඇසුවේ පපුව ඇතුලේ කුමක් හෝ හිරවුණා මෙන් දැනෙද්දීය.. "ඔව්..දැන් අවුරුදු පහක් විතර ඇති." "ඒ කියන්නෙ ඉස්කෝලෙන් අවුට් වුණ ගමන්ම වගේනෙ." කලින් බබා ගැන කියද්දී දැනුණ පුදුමය ආයෙමත් හිතට එද්දී අනුරුද්ධ අපහසුවෙන් වචන ගැට ගැහුවේය. "ඔව්.කොල්ලගෙ පැත්තෙන් ටිකක් හදිස්සි කළා.ඒ නිසා අම්මලත් කැමැත්ත දුන්නා.." තරුණිය කතා කරන්නේ සුහදශීලි සිනහවක් මුවෙහි තබාගෙනය. එහෙනම් මට කාඩ් එවුවෙ මොන මඟුලටද... අනුරුද්ධගේ කටට ආවත් ඔහු එය පිට කළේ නැත. "එතකොට එයාගෙ..." අනුරුද්ධට වාක්‍යය අවසන් කර ගන්නට නොහැකි විය ගේ අසලටම පැමිණ නැවැත්වූ ත්‍රීවිලරයකින් බැස ගත්තේ තමා දකින්නට මග බලා බලා සිටි ඒ රුවය.ඇය දැන් ඉස්සරටත් වඩා සුන්දරය..ඒත් සමගම ත්‍රීවීලරයෙන් බිමට පැන ගත් කූඩා දරුවෙක් නිවස තුළට දිව විත් අනුරුද්ධ දැක දොර අසල නතර වී ආපසු හැරී .".අම්මී.." යැයි කිවේය.ඒ දරුවා තමාව නොහඳුනන නිසා බව අනුරුද්ධ තේරුම් ගත්තේය. නෙතුලි නිවසට ඇතුළු වූවේ දරුවාගේ බෑග් වතුර බෝතල් අත් දෙකෙන්ම එල්ලාගෙනය. අනුරුද්ධ පත් වූවේ දැඩි අපහසුවකටය.දැන් නෙතුලි කුමක් කියයිද..තමා දුටු සැණින් නෙතුලිගේ දෑස් පුදුමයෙන් විශාල වනු අනුරුද්ධ හොඳින්ම දුටුවේය.ඇගේ ඉහළට ගත් හුස්ම පහළට දමන්නට ඇයට අමතක වේ දැයි ඔහුට සිතුණේ ඇය ඒ තරම්ම පුදුමයෙන් බලා සිටින බව දකින විටය.අනතුරුව ඇගේ සුපුරුදු සුන්දර අහිංසක සිනහව මුව මත පිපිණි. "අනුරුද්ධ.. ඔයා මෙහෙ..හිතාගන්නවත් බෑ මට.." ඇය ඔහු ආසන්නයට ආවේ දුවගෙන මෙනි.අනුරුද්ධට පුටුවෙන් නැගිට්ටුණේය. "ඉඳගන්න ,ඉඳගන්න.." නෙතූ කීවේ ඔහු අසලින්ම වාඩි ගැනීමට සූදානමිනි. "එහෙනම් ඔන්න යාළුවා එක්ක කතා කරන්න..මං බොන්නවත් මොකුත් හැදුවෙ නෑ කතා කර කර ඉන්නවත් කවුරුත් නැති නිසා.." අක්කා නැගිට්ටේ නෙතූ අසල දැවටෙමින් සිටි දරුවාද අතකින් අල්ලාගනිමිනි. "ඉතින්.. " නෙතූ කතා කලේ නොඉවසිල්ලෙනි.. ඒ මුහුණ දකිද්දී අනුරුද්ධට දැනෙන්නේ දැඩි වේදනාවකි.ඇය තමාට කොතරම් ආදරය කරන්නට ඇතිද.එහෙත් ඒ ආදරය තේරුම් ගන්නා විට තමා බොහෝ ප්‍රමාදය.නෙතූ විවාහ වන්නට පෙර තමා ඇයව තේරුම් ගත්තානම්.. අනුරුද්ධත් නෙතුලිත් ආ ගිය තොරතුරු,පාසල් කාලය ගැන බොහෝ දෑ කතා කළේ අක්කා සකස් කරගෙන පැමිණි බීම වීදුරුවක්ද තොල ගාන අතරේය.එහෙත් දෙදෙනාගෙන් කිසිවෙක් ආදරය හෝ විවාහය ගැන කතා නොකරන්නට ප්‍රවේශම් වූවේ ඒ ගැන කල් තියා තීරණය කරගෙන සිටියාක් මෙන්ය. සෑහෙන වේලාවකට පසු අනුරුද්ධ ඔවුන්ගෙන් සමුගන්නට සූදානම් වූවේ නැවත මේ කිට්ටුවට පැමිණියහොත් නිවසට පැමිණෙන බවට පොරොන්දුවක්ද ලබා දෙමිනි.යන්නට පෙර දුරකථන අංක හුවමාරු කර ගන්නටද ඔහු අමතක නොකළේය.දරා ගන්නට අපහසු සිතේ වේදනාවත් ගුලි කරගෙනම අනුරුද්ධ නෙතූට සමුදුන්නේ තමා රැගෙන ආ බලාපොරොත්තු සියල්ල ඇගේ නිවසේ ගේට්ටුව ලඟ සදහටම අත හැර දමාය. ********************************************* එදා දවස ගෙවුණේ අන් කවරදාටත් වඩා සෙමින්ය.තමා විහින්ම තමාගේ ජිවිතය විනාශ කර ගත්තාක් වැනි හැඟීමකින් අනුරුද්ධ පෙලුණේය.තමා එදා නිවැරදි තෝරා ගැනීමක් කළානම්...දහස්වෙනි වතාවටත් අනුරුද්ධට එසේ සිතිණි. රාත්‍රි ආහාරයද එහෙන් මෙහෙන් ගිල දැමූ අනුරුද්ධ ඇඳට වැටුණේ වෙන කිසිවක් කරන්නට තරම් මානසික සුවයක් ඔහුට නොදැනුණු නිසාය.තවත් ටික වේලාවකින් දුරකථනය නාද වූවේ ඔහු කල්පනා සයුරේ කිමිදෙමින් සිටියදීය. නෙතූ.. දුරකථන තිරයේ සඳහන් නම දකිද්දී අනුරුද්ධට අදහා ගත නොහැකි විය.ඔහුට දැනුණේ සතුටකි..එහෙත් ඊලඟ මොහොතේ එය දුකක් බවට පත් විය.නෙතූ ..ඇය දැන් අන් සතුය.එහෙත් ඔහු ඇමතුම සක්‍රීය කළේය. "අනුරුද්ධ.. " ඇගේ හඬ දුරකථනය දිගේ ගලා එයි.විනාඩි කීපයක ආ ගිය විස්තරයකින් පසු අනුරුද්ධට පිළිතුරු දීමට අපහසුම ප්‍රශ්නය ඇගේ මුවින් පිටවිය. "ඇත්තටම ඔයාට අද අපේ ගෙදර එන්න හිතුණේ ඇයි.." අනුරුද්ධ තප්පර කීපයක නිහඬ කාලයක් ගත වෙන්නට ඉඩ හැරියේ කුමක් කිව යුතු දැයි තීරණය කරන්නට අවස්ථාව ද ලබා ගනිමිනි.අවසානයේ ඔහු තීරණය කළේ ඇයට ඇත්තම කියන්නටය.ඇත්තම කියා තමාගේ හිත නිදහස් කර ගන්නටය.ඒ අනුව තමා නර්මදාගෙන් වෙන්වූ බවත් නෙතූගේ සුභ පැතුම් පත එනතෙක් බලා සිටි අයුරුත් , ඇත්තටම තමාගේ සිතේ ඇය කෙරෙහි ආදරයක් ඇති වී තිබෙන බවත්, තමා අද පැමිණියේ ඒ නිසා බවත් ඔහු ඇයට නොසඟවා පැවසීය. "මං දන්නවා නෙතූ දැන් මං පරක්කු වැඩියි කියලා..කමක් නෑ ..මට ඔයාව දකින්න හරි පුළුවන් වුණානෙ.ඒ ගැන මට සතූටුයි..ඔයා මං කියපුවා අමතක කරලා සතුටින් ඉන්න.." වසර හතකට පෙර නෙතූ තමාට කී කතාවම අද තමාට ඇයට කියන්නට වීම කොතරම් පුදුම සහගතදැයි අනුරුද්ධ තනිවම සිතුවේය. "අනුරුද්ධ... නෙතූගේ හඬ පහත්ය.. ආදරණීය ය. "ම්.." "ඔයාට දෙයක් කියන්නද.." "කියන්න.." "ඇත්තටම මං මැරි කරලා නෑ අනුරුද්ධ.." "මොකක්.." අනුරුද්ධ උඩ ගොස් බිම වැටුණේය..නෙතූ මේ කියන්නේ මොනවාද.. එතකොට අර දරුවා..අක්කා කියපුවා.. "මේ සේරම අපේ අක්කගේ වැඩ." නෙතූගෙ සිනහවේ මිහිර අනුරුද්ධට දුරකථනය දිගේද දැනෙයි. ඒ සිනහවෙන් හිතම පිරීගෙන එද්දී අනුරුද්ධ බලා සිටියේ ඇය කතාව කියනා තුරුය. "මොකක්ද මන්දා හේතුවකට මං ඔයාට ගොඩාක් ආදරේ කළා අනුරුද්ධ.අදටත් මට කියන්න බැරි තරම්.ඔයා නර්මදාට ආදරේ කරන බව දැනගත්තම මට ඒක උහුලගන්න බැරි දුකක් වුණා.ඒත් ඒ ඔයාගෙ සතුට කියලා හිතලා මං නොදැනුණා වගේ දරාගෙන හිටියා. " දැන් ඇගේ හඬ හැඬුම්බරය. "මං ඒ හැමදේම කිව්වෙ අක්කා එක්ක.එයා මට යාළුවෙක් වගේ..අක්කා තමයි මගේ හිත හැදුවේ.ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සෙත් මට ඔයාව අමතක කරන්න බැරි වුණා.ඒත් ඔයාව අයිති කරගන්න බෑ. ඔයාට වදයක් වෙන්නත් බෑ.ඒකයි මං හැම අවුරුද්දෙම වැලන්ටයින් ඩේ එකට ඔයාට කාඩ් එකක් එවලා සද්ද නැතුව හිටියේ..ගෙදරින් මනමාලයො හොයනවා.ඒත් මගේ හිතේ වෙන කාටවත් ඉඩක් නෑ අනුරුද්ධ.අදටත් නෑ." අනුරුද්ධගේ පපුවට දැනෙන්නේ දරාගත නොහැකි හැඟීමකි.මේ වගේ ආදරයක්.. "මේ සැරෙත් මං අක්කාට කාඩ් එක දුන්නා පෝස්ට් කරන්න.ඒත් එයා ඒක හංගලා.තේරුමක් නැති වැඩක් කියලා.ඔයා අද ආවම ,ඔයා කතා කළාම, අක්කට තේරිලා තියෙනවා ඔයා එන්න ඇත්තෙ නිකමට නෙවෙයි කියලා.ඒකයි අක්කා ඔයාට අර විදිහට කියලා තියෙන්නෙ.ඔයාටත් ටිකක් රිද්දන්න හිතුණළු.මං ඒ දවස්වල අඬපු තරම් එයා දන්නවා.." අනුරුද්ධගේ සිතේ අක්කා ගැන තරහක් ඉපදුණේ නැත. "මට සමාවෙන්න නෙතූ.." අනුරුද්ධ උගුරෙන් මෙන් කියාගත්තේය. "අර මට අම්මි කියන්නේ අක්කගේ බබා.එයා වැඩි පුරම ඉන්නෙ මං එක්ක.හරි ආදරෙයි මට..එයා අක්කටයි මටයි දෙන්නටම කතා කරන්නෙ අම්මි කියලා.." මතක ඇති කාලයකට අනුරුද්ධගේ ඇස්වලට කඳුලක් නැඟුණේ අදය.ඒ සතුටටද, දුකටද, නෙතූගේ ආදරයටද කියා වෙන් කර හඳුනාගැනීමට ඔහුට අවශ්‍ය නොවීය. "නෙතූ....මං හිතුවෙම ඔයා මට නැති වුණා කියලා.." "නෑ අනුරුද්ධ..මං කවදාවත් ඔයාට නැති වෙන් නෑ..මං හිතන් හිටියෙ අක්කගෙ බබාවත් බලාගෙන තනියම ඉන්නවා කියලා..වෙන කෙනෙක් එක්ක ගිහින් මට ජීවත් වෙන්න බෑ කියලා මං දන්න හින්දා" අනුරුද්ධට දැනෙන්නේ උහුලාගත නොහැකි බවකි..ඒ කැපකිරීම... ඇත්තම ආදරේ කියන්නෙ මේක නෙවේද.. තමා මෙච්චර කල් කර ඇත්තේ කුමක්ද.. "ආයෙ ඔයාට කවදාවත් තනියෙන් ඉන්න වෙන්නෙ නෑ නෙතූ .අද ඉඳන් ඔයා ඉන්න ඕන මාත් එක්ක..මගේ වෙලා..හැමදාටම.." නෙතූගේ ඉකිබිඳුම දුරකථනය දිගේ අනුරුද්ධට ඇසෙන්නේ ඔහුගේද ඇස් බොඳ කරමිනි. "මට කියාගන්න බැරි තරම් සතුටුයි අනුරුද්ධ.මං මෙච්චර කල් විඳපු දුක් ..මං බලාගෙන හිටපු තරම්.." "ඒ සේරම ඉවරයි දැන්..අද ඉඳන් මම ඔයාව මටත් වඩා ආදරෙන් බලාගන්නවා..අපි ඉක්මනට මැරි කරමු..මට ඔයාව මගෙ ලඟින්ම තියාගන්න ඕන.." "ඉක්මනට නම් බෑ.." "ඇයි.." "මට විශේෂ දවසක් තියෙනවා.අපේ වෙඩින් එක ගන්න ඕන එදාට." "කවදද.. " "ඊලඟ පෙබරවාරි 14..පෙම්වතුන්ගේ දිනය දවසට..මං ඔයාට ඉස්සරෝම ආදරේ කිව්වෙත් ඒ වගේ දවසක..ඔයාට කාඩ් එව්වෙත් ඒ දවසට.." "පෙබරවාරිවල වෙඩින් ගන්නවද.." "කවුරු නොගත්තත් කමක් නෑ.." අපි ගමු.. අනිත් හැමදේටම වඩා මගේ ආදරේ මට විශ්වාසයි..කවද මැරි කළත් මට ඔයා ලඟ සතුටින් ඉන්න පුළුවන්.." "මැණික.." අනුරුද්ධ කතා කළේ ආදරයෙනි. දරාගත නොහැකි ආදරයෙනි.අද පටන් එය තමාගේ මුවින් වැඩිපුරම පිටවන වචනය වන බවත්
ජීවිතයේ සුන්දරම දවස් අදින් ඇරඹෙන බවත් ඔහු දැන සිටියේය. නිමි.. ❤️❤️වචනයෙන් නොව ක්‍රියාවෙන් ආදරය ඔප්පු කළ සැමට ආදරයෙන් ..ඔබේ පැතුමද ඉටු වේවා❤️❤️ ✍️ සමන් අතපත්තුකොටස් සියල්ල එකවර එව්වොත් සලකලා බලන්න පුලුවන්(සපත්තු ජෝඩුව) අද කොපමණ නම්බුනාම,තනතුරු දැරුවත් කාලෙකින් ගමට ගියාම ජැන්ඩි පහට අදින අක්කාගේ පුතා විසින් "මාමා මේක ගොඩක් වටිනවා .වැඩිය ඇදල නෑ මාමා කැමති නම් ගන්න ",කියමින් වටිනා ඩෙනිම් ,කොට කලිසම් ,ටී ෂට් තෑගි කරනු ලැබේ.ඒක හරියට අඩු ආදයම්ලාභියෙකුට අස්වැසුම හම්බ උනා වගේ සතුටක් හිතට ගෙනදේ .ඒ ආකාරයට පසුගිය දවසක ගමේ ගිය විට ඉතා වටිනා ලෙදර් දුඹුරු පාට සපත්තු දෙකක හිමිකාරත්වය ද මාහට ලැබුණි. ඔප දැමූවිට එහි පෙනුම හරි ගාම්භීරය.අපූරුය.මාස් පඩිකාර රජයේ සේවකයෙක් වෙච්ච මට පුත්‍රයා ඉහළ මිලකට ගෙවා ගත් එම සපත්තු දෙක මිලදී ගැනීම සිදු කලොත් ගෙදර සතියක ආහාර සලාකය සීමාකරන්නට සිදුවේ. පොලිෂ් කරපු මේ අපූරු සපත්තු යුවල පැළදගෙන දුඹුරු පාට කලිසමට දුඹුරු පාට ඉනපටිය දමා හැඩවූ කල "ෂ..ඔය ඉන්නෙ කාලෙකින් පිලිවලකට "කියා බිරින්දෑ ඇනුම් පදයක් ද කියමින් රාජකාරි ගමනේ අදින ඇදුම වෙනුවෙන් නිර්දේශය ලබාදෙන ලදි.. අවාසනාවක තරම සපත්තු ජෝඩුවට කකුල් ඇතුළු කලත් එය මට ටිකක් හිර නිසා මහා චිත්ත සන්තාපයක් හිතේ ඇති විය .මහා ලෝභයක් ඇතිවිය .ඒ නිසා ම සපත්තු ජෝඩුවට අපහසුවෙන් හෝ බැස ගේ සාලේ බරට අඩිය තබමින් උදේ පාන්දර සපත්තු දෙක කකුලට ගැලපෙන්න පදනම් කරන්නට වීය .ඒ කෙසේ හෝ එය අමාරුවෙන් පැලද ගෙන රාජකාරියට යාමේ තෘෂ්ණාව සිතේ පහල විම නිසාවෙන්වේ . කාලෙකින් මේ ආකාරයට සපත්තු යුවලක් විසින් දෙකකුල් තෙරපන පීඩාව අතීතයේ පුංචිම ළමාවියේ සුන්දර මතකය පීරන්න තරම් බලවත් වීය . ගමේ පාසල මෙන්ම ගෙදර ,කුඹුරු ,වැව් පිට්ටනිය හා අසල්වැසි නිවාස වටා සීමාවේ ගොඩනැගී තිබූ අපේ කෙලිලොල් ළමාවියේ සපත්තු ,සෙරෙප්පු යනු බොහෝ නුහුරු අත්‍යාවශ්‍ය නොවන පැළදුමක් වීය .නමුත් අතීතයේ එක් දවසක අම්මා සමග ස්ප්‍රිංවැලි ගමේ යාමට කාගේ හෝ සපත්තු දෙකකට මාගේ කකුල් බස්සන්න අම්මාට අවශ්‍ය වීය .කාගෙන් හෝ හොයා ගත් ලොකු මේස් යුවලක් මුලින්ම පළදවා එය ඇගිලි ඉදිරියෙන් දෙකට නවා පුටුවේ වාඩිකර සපත්තු දෙක කකුලට ඇතුළු කරන්න උත්සාහ දැරුව ද එය පහසු නොවීය .බොහෝ අපහසුවෙන් කකුල් ඇතුළු කලද කකුලේ ඇගිලි එකාමත එකා නගමින් 138 මාර්ගයේ පුද්ගලික බස් එකක තෙරපීගෙන උදේ වැඩට ආකාරයේ හැගීමක් හිතට ගෙන එන්නට විය . මේ නිසා සපත්තු පැලද ඇවිදින විට බොහෝ වේදනාවක් දෙපයට දැනුනි. සපත්තු පැලද පහසුවෙන් ගමන් කරන්නෝ වීරයන් ලෙස මට සිතුනි .පාවහන් ,සෙරෙප්පු හුරු නැති දෙකකුලේ ඇගිලි පිලිවලකට ගොනුකර තබා ගැනීම බොහෝ නුහුරු අත්දැකීමක් වීය . "එහෙම නම් ඔයාට දාගෙන යන්න සෙරෙප්පු දෙකක් ඇත්තෙත් නෑ .මේක දාගෙන යන්නත් බෑනෙ .අයියා ගෙන්නගෙන යනව ඔයා ගෙදර ඉන්න" අම්මාගේ මේ හදිසි තීරණය නිසා මගේ සිහින ලෝකය මට ආගන්තුක සපත්තු දෙක උඩ කඩා වැටුනි . දින ගණනාවක් බස් එකක නැග ගමේ යන්න පෙරුම්පුරාගෙන හිටි මගේ හිත මේ නිසා කම්පා වීය . "නෑ නෑ මේක අමාරු නෑ මං මේක කොහොම හරි දාගෙන යන්නම්" අම්මා නිහඩව ඒ සදහා අනුමැතිය ලබා දුන්නාය.මගේ අපහසුව අයියා නිරීක්ෂණය කරන්නේ ඇසිල්ලෙන් එම අවස්ථාව ඔහුට ලබා ගැනීම ටවේ.ඒ අනුව ජීවිතයේ පළවෙනි වරට චීත්ත රෙද්දකින් මැසූ යට කලිසමකින් ජුංකුණ්ඩා වසාගෙන අවුරුදු වෙනුවෙන් තෑගි ලැබුණු කොට කලිසම ඇද ගත්තේය . උඩුකයට අයියාගේ පරණ කමිසයක් පොඩියට ඉදිකටුවෙන් මැහුම් ගසා සැකසා දුන්නේ ලොකු අක්කාය. මේ "ලස්සන "ඇදුම ගැන මහා සතුටක් හිතට නැගුනි.සියල්ල සූදානම්ය. අම්මා බෑග් ,මලු රැගෙන මල්ලී ද වඩාගෙන ගෙමිදුලට බැස්සාය.ආච්චි වෙනුවෙන් වත්තෙන් ගැලවූ මඥ්ඥොක්කා ,බඩ ඉරිගු පෙට්ටියක් මාගේ හිස මතය.සැතපුම් හතරක් ගුරුපාරෙ මේ පෙට්ටිය හිසමත තබාගෙන ඉතා අපහසුවෙන් සපත්තු පැලදගෙන බස් පාරට ගමන් කිරීමේ අභියෝගය මං බාර ගතිමි .හිසේ බරට වඩා කකුල් වේදනාව තදින් දැනේ.ඇද ගාමින් ගෙදර නොපෙනෙන තුරු අම්මා සමග පිටුපසින් හරි හරියට ගමන් කලෙම් .නමුත් තවදුරටත් එසේ ගමන් කිරීමට තරම් හිතේ හෝ ගතේ සවියක් මා තුල නොවීය . "අම්ම ." "ඇයි ඉක්මන් කරන්න උදේ නවේට මැදයායට එන බදුල්ල බස් එකට යන්න ඕනැ "අම්මා පසුපස නොබලමින් උත්තර දෙන්නීය.ටික දුරක් ආපහු ගමන් කලෙම් .නැවතත් ටික වෙලාවකින් "අම්ම මං බස් එක ළගට යනකම් සපත්තු දෙක ගලවගෙන ගිහින් එතැන ඉදල දාගෙන යන්නද ?" අම්මා හැරී බලයි.ඇයට මට අනුකම්පා කරන්න වේලාවක් නැත .මාගේ සපත්තු ගලවන්න නවතින්න නොහැකිය . "ඕක තමයි මං කිව්වෙ අයියාට එන්න දුන්නේ නෑ .දැන් එනව කෙදිරි ගාන්න.ඉක්මන් කරනවා ඕක පාරට ගිහින් දා ගන්නවා "අම්මාගේ අවසරය ලත් ඇසිල්ලෙන් හිස තිබූ කාඩිබෝඩ් පෙට්ටිය පාර අයිනක තබා සපත්තු දෙක ගලවා ගත්තේ බොහෝ සතුටින්‍ ය.මේස් දෙක සපත්තු දෙක ඇතුලට දමා නූල් දෙකෙන් සපත්තු දෙක ගැට ගසාගෙන මාලයක් මෙන් එය කරවටා දමා ගත්තේය .ඉන් පසුව පෙටිටිය ද බොහෝ අමාරුවෙන් නැවත තනියෙන් හිසමත තබාගෙන අම්මා පසුපසින් බදුල්ල බසය අල්ලා ගන්න ගමන් කලෙමි . (ආර් එම් සුබසිංහ )පාරෙ මිනිස්සු.... මම දසක තුනක වගේ කාලයක් රියැදුරෙක් විදියට ඉඳලා තියෙනවා. රැකියාව විදියට මෙරට පිටරට වාහන එලෙව්වා. පස්සෙදි මගෙ වැඩට පහසුවෙන්න වාහන කට්ටක් ගත්තනෙ. කොහොමහරි හැමදාම කි.මී. 10 ක් වත් වාහනේ එලවනව. එහෙම යද්දි පාරෙදි දැකපු දේවල් තමයි මේ ලියන්නෙ. තමන්ගෙ වාහනේ නවත්තලා හෝ ස්ලෝ කරල තවත් කෙනෙකුට ඉඩ දෙන අය මම දැක්කෙ හරිම අඩුවෙන්. හැබැයි මැදපෙරදිග දි එහෙම මිනිස්සු ලංකාවට වඩා වැඩියෙන් හමු උනා කියලනම් කියන්නම ඕන. ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට වාහනයක් අතට ගත්තම මොනව වෙනවද කියල මට තේරෙන්නෙ නෑ. තමන් විතරක් යන්න, තමන් එක වෙන්න තමයි ඔළුවෙ තියෙන්නෙ. තමන්ට.අවස්ථාව ලැබුණොත් ඔක්කොම හරි, තමන්ගෙ ගමනම ගිහින් ඉවරයි වගේ තමයි හැසිරෙන්නෙ. පාරෙ සමහර තැන්වල තියනව බොට්ල් නෙක්ස්. ඔය බෝක්කු හදන තැන්වලදි ගොඩක් වෙලාවට හම්බෙනව. එක ලයින් එකක විතරයි යන්න පුළුවන්. අනිත් පැත්තෙන් එන අය නතරවෙලා ඉඩදෙන්න ඕන. ඔන්න ඉතින් යන ලයින් එක යනව. අනිත් පැත්තෙ අය නතර කරගෙන ඉන්නව. හසුරුවන්නෙක් හෝ නිලධාරියෙක් නැත්නම්, අර යන පැත්තෙ වාහන කීයක් හරි ගිහින් ඉවර වෙනකම් අනිත් අය ඉන්න ඕන. තමන් යන පැත්තෙ වාහන ඇදෙනවනම් මීටර් දෙසීයක් ඈත ඉන්න එකත් පිඹගෙන ඇවිත් දාගන්නව. කොහොමහරි ඒ පේලියෙ වාහන ගිහින් ඉවර උනා කියමුකො.. අනිත් පැත්තෙ උනුත් අර සෙල්ලමම පටන් ගන්නව. " ංආ, දැන් මේ පැත්තෙ වාහන පහක් විතර ගියානෙ, මං නැවතිලා අනිත් පැත්තට ඉඩ දෙන්න ඕන " කියල ඉඩ දීපු එකෙක්වත් මං මගෙ ජීවිතේට දැකල නෑ. මම එහෙම නවත්තල තියනව. ඉතිං එතන එකම කෙළියයි, පිටිපස්සෙ උන් හෝන් උඩ නැගගෙන. උන් හිතන්නෙ මං මහා බයගුල්ලෙක්, නිවටයෙක් කියල, මං නවත්තපු එකෙන් උන්ට ආයෙ හදන්න බැරි පාඩුවක් අසාධාරණයක් උනා කියල. සමහර තැන් වලදි කවුළුවෙන් ඔළුව දාලත්, තවත් තැන් වලදි බැහැල ගිහිල්ලත් උන්ගෙන් ගේම ඉල්ලන්න මට සිද්ධ වෙලා තියනව. උන්ගෙන් ගොඩක් හිතාගෙන ඉඳල තියෙන්නෙ එහෙම අනිත් පැත්තෙ අයට ඉඩදෙන එක ඕන නැති වැඩක් කියල. මම අදටත්, බොට්ල් නෙක් එකකදි මං ඉන්නෙ තුන් වෙනියගෙන් පස්සෙනම් මගෙ වාරය ආපුගමන් වාහනේ නවත්තනව. හැබැයි හොඳට කණ්ණාඩියෙන් පිටිපස්ස බලල තමයි බ්‍රේක් කරන්නෙ. ඈත ඉන්න එකෙක් එන්න පුළුවන් නවත්තන්න කිසිම සිතිවිල්ලක්වත් නැතිව. මං නවත්වපුවම යන්න පටන් ගන්න අනිත් ලයින් එකේ මං වගේ එකෙක් නැතිවෙන්න පුළුවන්. ඒත් මං මගේ විදිය දිගටම මේන්ටේන් කරගෙන යනව. ටවුමෙ ඉඳන් අපේ පැත්‍තට යන පාර අඩි නවයක පටු පාරක්. පොඩි වාහන දෙකක් උනත් මාරුවෙද්දි වමේ රෝද කාපට් එකෙන් පිටට දාන්න ඕන. මං අනිත් පැත්තෙන් එන වාහනයක් කිට්ටූ උනාම පිටට දාගන්නව. මට හම්බෙන ගොඩක් උන් හදන්නෙ උන්ගෙ රෝද දෙකම කාපට් එකේම තියාගෙන යන්න. ඇයි අනිත් පැත්තෙ බයගුල්ලා කලින්ම ඉඩ දුන්නනෙ. ටිකක් ළං වෙනකොට ඌ තව ටිකක් එළියට ගනියි කියල උද්දච්ච මොලේට (? ) හිතෙන්නැති. මට මෙතෙක් මුලිච්චි වුනු ගොඩක් උන් එහෙම නිසා මං පාඩුවේ ගිය වාර ගණන වැඩියි. කීප වතාවක් මගෙ ගානට තියාගෙන ගිහින් තියනව. දෙතුන් සැරයක් වාහනේ නවත්තල ගේම ඉල්ලලත් තියනව. ඔක්කොගෙන්ම ගේම ඉල්ලන්න ගියොත් මට වෙන වැඩක් කොරන්න වෙන්නෙ නෑ. අපේ පාර දෙපැත්තෙම අර ලොකු මානා වැවිලා. සමහර තැන් වල ඕව නැවිල පාරෙ කාලක් විතර වැහිල. ඔය කිරිටොයියො වාහනයක් එද්දි මට කල්පනා වෙනව අම්මේ ඉතිං මානා ගහකටවත් වද්දන්නෙ නැතිවනෙ ඕව පරිස්සං කොරන්නෙ , ඒ හින්ද උන්දැ පාරෙ ගියාවෙ - ආයෙ සීරෙන්න දෙයක් නැති මගෙ භාණ්ඩෙ මානා ගස් වල ඇතිල්ලුනාවයි කියල මං ටිකක් වැඩියෙන් අයින් කර ගන්නව. ඒත් ඒ කිරිටොයියන්ගෙ නැගල එන පකීර්ලා හිතන්නෙ මගෙ වාහනේ දිස්නෙට බය වෙලා ආං අරුන්දැ අයින් උනා කියල වෙන්නැති. මං එහෙම හිතුවෙ ඒ වගෙ තැනකදි තැන්ක් යූ හෝන් එකක් ගහගෙන ගියපු එකෙක් නැති හින්ද. තව ගොඩක් දේවල් තියනව ඉතිං... ආයෙ වෙලාවක ලියන්නම්. අමරසිරි .____දෙව්ලොව ගිය ගමයා____ වැඳ සරසවි දේවිය තිසරණ වැඳ පේවිය විරඳු කියන්නට දෙනුමැන අවසර ඔය උදවිය… දෙව්ලෝකෙන් පැමිණුන ඇත් වලිගයේ එල්ලුන දිවියලෝකේ ගියෙලු සබඳ ගමයෙක් ඉස්සර දින..… බණපොත් වල ඇති නියා දෙසූ පරිදි බුදුපියා දෙව්ලොව එක දිනක් සමලු මෙලොව සියවසක් කියා… පසුදින දෙව්ලෝකෙනි ගමයා මෙහි පැමිණුනී සියක් වසක් ගෙවී ගොසින් මනුලෝකෙට පැමිණුනී… කුඹුරු තිබුනු තැන්වල ඇත මන්දිර විසාල අමුතු අමුතු යානාවන් යනවා වෙලා කලබල… අන්දොස් වී කැරකෙනා වික්සිප්තව දඟලනා ගමයාදුටු අයෙක් සෙමින් ගමයා ලඟට ලංවුනා… අංකල් මෙහෙ නෙමෙයිද මෙහෙට ආවේ කොයින්ද ඕනේ තැනක් මම පෙන්නම් මම ත්‍රිවිල් චමින්ද….. මං මහදෙනියේ ඇතී ගමගෙදරට ගෘහපතී ලෙසට හෙමින් සිය කතාව ගමය ඔහුට පවසතී….. අංකල් මගේ මුත්තෙකී මාත්
දෙණියේ කොල්ලෙකී එක්කො සිරා සීන් එකකි නැතොත් ඔහේ පිස්සෙකී…… එහෙ කොහොමද සුපිරිද සුර අඟනෝ දැක්කද මෙහෙන් ගියපු ඩයල් එහෙම ඒ දෙව් ලොව හිටියද…… මම හිටියේ දවසකී බැලුවේ හරි ඩිංගකී මෙහෙන් ගියපු දේව පුතෙක් මාව නෙරපුවා සකි…… අලිය බලපු දෙවි ගොව්වා අපායටම නෙරපවුවා දිවිය විමන් ඇත්ගාලට විදුලි වැටක් පිහිටව්වා…… සක්‍රබවන කප්රුක අමෘත එන ටැප් එක අධිආරක්සිතය කියල දෙවිවරු ඉන්නව රැක….. දේව විමන් සිව්කොනේ දැන්වීමක් සැලවුනේ ලංකාවෙන් නරයෙක් මෙහි අනවසරෙන් පැමිණුනේ….. දවස් දෙසිය පනහකින් නෑ නරයින් පැමිණිලා… අපායෙ ඉඳලා පැන්නද කසුකුසුවක් පැතිරිලා… අපායටයි චුත කලේ බේරුවේ පෙර පින් බලේ නරලෝකෙට මම ආවෙමි පිනෙන් කරපු පෙර කලේ…. අංකල් හට වැරදිලා පවට මෙහෙට චුත වෙලා හම්බකරල බදුගෙවලම මෙහෙ පොරවල් දියවෙලා….. පව් වැඩිනම් මෙහාට පවු අඩු නම් නිරයට දැන් සෙට්වෙන්නේ එහෙමයි තේරුනාද ඔබ හට….. ශාකාවකි අපාය සුළු වරදට යවයි ය… දරුණු ගනයේ පොරවල් එන හෙඩ් ඔපිසිය මේකය…..iiකල්ලඩි අන්දරය - 11 "කේරළ මනමාලයා හොඳින් ඉන්නවා ඉතින්" හසිතාත් මයුමිත් දේව් ගැන බොහෝ විස්තර වර්ෂාගෙන් අසා දැන ගත්හ. එසේම අතරින් පතර අවවාදයක් දෙකක්ද දීමට අමතක කළේ නැත. එදින ඉරු දිනයක් බැවින් වර්ෂා වීඩියෝ ඇමතුමකින් දේව් සම්බන්ධ කර ගත්තාය. පැය භාගයක් පමණ මිතුරියන් තිදෙනා දේව් හා කතා කරමින් විහිළු තහළු කරමින් ගතකළ අතර දුරකථන සංවාදය නිමා වූයේ හසිතා හා මයුමි තුළ දේව් පිළිබඳව වූ නොපහන් හැඟීම පහව ගොස් සිව් දෙනාම හොඳ මිතුරන් වීමෙනි. "වර්ෂා, මුකුත් හිතන්න එපා මං මෙහෙම ඇහුවට. දේව්ගෙ ජොබ් එක ඔයාලගෙ ගෙදරට ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයිද? මං මේ ගැන මයුමි එක්කත් කතා කළා" "මටත් පොඩි බයක් තියෙනවා හසිතා ඒ ගැන. මගේ හිතේ පොඩි ප්ලෑන් එකක් නම් තියෙනවා. ඒත් තාම දේව් එක්ක ඒ ගැන කතා කළේ නෑ" "ඒ මොකක්ද?" "අපේ ඩොක්ටර්ට හොස්පිට්ල් එක්ක කන්ටැක්ස් තියෙනවනේ. මට හිතයි ඇත්තම කියලා දේව්ට වෙන ජොබ් එකක් හොයා දෙන්න" "ඔයා හදන්නේ ඒ කොල්ලා මෙහෙ නවත්ත ගන්නද?" "නැහැ නැහැ. එහෙ හොස්පිට්ල් එකක තෙරපිස්ට් ජොබ් එකක් වගේ..." "ඒක නම් හොඳයි. වැඩි කල් අරින්න එපා. දේව් එක්ක මේ ගැන කතා කරලා ඉක්මනින් මොකක් හරි කරන්න" වර්ෂා මේ ගැන අද රාත්‍රී කතා කරන්නට සිතුවත් දේව් ගමනක් යන බව කී නිසා ඒ අදහස හෙටට කල් දැමීය. .... .... .... රාත්‍රි ආහාරයෙන් පසු වර්ෂා අන්තර්ජාලයේ සැරිසරමින් සිටියේ හසිතා විසින් ඇයට බාර දුන් කර්තව්‍යයක් වෙනුවෙනි. හසිතාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් ආරාධනා පත්‍ර සහ කේක් පෙට්ටි සෑදීමට භාර වූයේ වර්ෂාටය. ඇය මේ අන්තර්ජාලයේ හොයන්නේ ඒ සඳහා සුදුසු නවතම මෝස්තර පිළිබඳවය. දේව් මිතුරෙකු සමග බැහැර යන බව කී නිසා ඔහුගේ රාත්‍රී ඇමතුම ඇය බලාපොරොත්තු වූයේ නැත. හදිස්සියේම දුරකථන තිරය මත දේව්ගේ නම සටහන් වනු දැක ඇය කලබල වූයේ ඒ නිසාය. "ඇයි දේවි හදිසියක්ද? අවුලක් නෑ නේද?" "නෑ නෑ. කලබල වෙන්න දෙයක් නෙවෙයි. අද හවස මාර වැඩක් වුණානෙ" "මාර වැඩක්? ඒ මොකක්ද?" "නංගිට ඔයා ගැන කියන්න වුණානෙ" දේව් වීඩියෝ ඇමතුමකින් කෙල්ලන් තිදෙනෙකු හා කතා කරන ආකාරය දැක, ඒ අතරින් එක් අයෙක් අයියාගේ පෙම්වතිය බවට අනුමාන කළ දේව්ගේ නැගණිය ලක්ෂ්මිගේ බලවත් පෙරැත්තය මත වර්ෂා ගැන කියන්නට සිදුවූ බවත් එපමණකින් නොනැවතී ඔහුගේ දුරකථනයේ වූ වර්ෂාගේ චායාරූප පෙන්වන්නට ද සිදුවූ බවත් දේව් වර්ෂාට පැහැදිලි කළේය. " මාර වැඩේනෙ. එයා අපි ගැන ගෙදරට කියයිද දන්නෑ නේද?" "බයවෙන්න එපා. එයා කියන්නේ නෑ. මං එයාව පොරොන්දු කරව ගත්තා' "ඉතින් නංගි මොකද කිව්වේ? අයියා කැත කළු කෙල්ලෙක් හොයාගෙන කිව්ව?" "දන්නවද එයා මොකක්ද කිව්වේ කියලා? එයා කියනවා ඔයා හැඩයිලු. පින් පාටයිලු. ලංකාවේ කෙනෙක් කියල පේන්නෙ නැහැලු. අපේ කෙනෙක් වගේලු" "බොරු... එහෙම කිව්වද?" දේව්ගේ ප්‍රකාශයෙන් වර්ෂා ගේ හිතට සැහැල්ලුවක් දැනුණි. "ඒක නෙමෙයි දේව්, වැදගත් දෙයක් කියන්න තියෙනවා. මං හෙට උදේම ගන්නම්" දේව් කොතරම් ඇවිටිදි කළද ඔහුගේ රැකියාව පිළිබඳ ප්‍රශ්ණය කතා කිරීම වර්ෂා පසුදා උදේට කල් තැබුවාය. .... .... .... සෑහෙන කලෙක සිට හිතට වද දුන් දේව්ගේ රැකියාව පිළිබඳ ප්‍රශ්නය වර්ෂා ඉතා සීරුවට ඔහුගෙන් විමසා සිටියාය. ඉන් වර්ෂාගේ හිතේ තිබූ බර ඉවත් වූ නමුත්, දේව්ගේ සිත රිදුණිදැයි, ඔහු වරදවා වටහා ගත්තාදැයි අනියත බියකින් ඇගේ සිත පීඩාවට පත් විය. "දේව්, මං මෙහෙම කිව්වට මොනවත් හිතන්න එපා හොඳේ" "පිස්සුද වර්ෂා, මට තේරෙනවා. කවදහරි දවසක මං ගැන ගෙදරට කියන්න වෙන කාලෙක මගේ රස්සාව එයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්" දේව් මේ ප්‍රශ්නය දෙස බැලූ සාධාරණ ආකාරය වර්ෂාගේ අපමණ සැනසිල්ලට හේතු විය. ඔහුගේ විශේෂ ඉල්ලීමක් වූයේ තමාට මෙන්ම ගගනටද සුදුසු රැකියාවක් සොයා දෙන ලෙසය. එදින දිවා විවේකයේදී වර්ෂා පවිත්‍රි ද මඟහැර වෛද්‍ය දෙපළ මුණගැසීමට විවේකාගාරයට පිවිසියේ දේව්ගේ රැකියාව පිළිබඳව කතා කිරීමටය. වර්ෂා දොරෙන් එබිකම් කර බලා නැවත සැඟවෙනු දුටු වෛද්‍ය නෙලූෂා ඇය ඇමතූයේ සිනාසෙමිනි. "වර්ෂා, මොකද මේ හොර ගල් අහුලන්නෙ? කෝ එන්න එන්න බලන්න" "පොඩි දෙයක් කතා කරගන්න ආවෙ. මැඩම්ලා වැඩකද?" "අනේ නෑ වර්ෂා. කාලා පොඩ්ඩක් රෙස්ට් කළා. අද පේෂන්ට්ස්ලත් වැඩියිනෙ. හරිම මහන්සියි. මොකක්ද ප්‍රශ්ණෙ?" මේ අපූරු වෛද්‍ය දෙපළ කොතරම් වෙහෙස වී සිටියද කාර්‍ය මණ්ඩලයේ ගැටළු වලට සවන් දීම කෙසේවත් පැහැර හරින්නේ නැත. එසේම, ඕනෑම අවස්ථාවක සේවකයන්ගේ පෞද්ගලික ප්‍රශ්ණ පවා තමාගේ කරගෙන විසඳුම් ලබා දීමට මැළි නොවේ. "නෑ මැඩම් ප්‍රශ්නයක් නෙවෙයි. මං මේ බැලුවෙ පිරිමි ළමයි දෙන්නෙකුට ඉන්දියාවෙන් තෙරපිස්ට් ජොබ් එකක් හොයා ගන්න පුළුවන් වෙයිද කියලා" "පිරිමි ළමයි දෙන්නෙකුට? ඉන්දියාවෙන්? කාටද වර්ෂා?" වර්ෂා ඇත්තම පැවසුවාය. නම් ගම් හෙළි නොකර තමා පුහුණුව සඳහා ගිය සරසවියේ අනුරුවක් මෙන් පෙනී සිටි තරුණයෙකු හා සබඳකමක් ඇති බවත් ඒ ගැන ගෙදරට පැවසීමට පෙර ඔහුට වෙනත් රැකියාවක් සොයා දිය යුතුව ඇති බවත් වෛද්‍ය දෙපළ හමුවේ ඇය පැහැදිලි කළාය. සම්බාහක තනතුරක් නොවේ නම් වෙනත් සුදුසු රැකියාවක් වුවද කම් නැති බවත්, ආයුර්වේද රෝහලක නම් වඩා හොඳ බවත් ඇය වැඩිදුරටත් පැවසීය. "කැම්පස් එකේ ඩමි වලට ඉන්න ළමයෙක් නම් මම දන්නවත් ඇතිනේ. කවුද වර්ෂා?" "සර්, මේ... මේ... දේව්" වර්ෂා පිළිතුරු දුන්නේ තතනමිනි. "අප්පටසිරි, දේව් එක්කද යාළු වෙලා ඉන්නේ?" වෛද්‍ය නෙලූෂා ඇසුවේ ඉතාම සතුටිනි. වර්ෂාගේ මුහුණ විළියෙන් රතු විය. ඇය බිම බලාගෙන ඇඟිලි තුඩින් මේසය කොනහන්නට විය. "මොනව වුණත් නෙලූ, එතන හිටපු හැන්ඩ්සම්ම කොල්ලා තමයි වර්ෂා තෝරගෙන තියෙන්නේ. කමක් නෑ කමක් නෑ. අපිටත් බැරියැ හෝම් කමින් එකට කේරළය පැත්තෙ රවුමක් දලා එන්න යන්න" ඔහු හඬ නගා සිනසෙමින් පැවසීය. "හරි වර්ෂා මං උත්සාහ කරන්නම්. මට සතියක් දෙකක් කල් දෙන්නකො" සර්ගේ පොරොන්දුව වර්ෂාගේ සිත සතුටින් පුරවාලීය. ඔහු යමක් පොරොන්දු වුණොත් එය කෙසේ හෝ ඉටුකරන බව කාර්‍ය මණ්ඩලයම දන්නා කරුණකි. .... .... .... සිතූ පරිදිම වෛද්‍ය අනූපම පොරොන්දුව ඉටු කළේය. කේරළයේ ප්‍රධාන පෞද්ගලික ආයුර්වේද රෝහලක සම්භාහක තනතුරු දෙකක් සඳහා දේව්ටත් මිතුරාටත් අයදුම්පත් යොමු කරන මෙන් ඔහු උපදෙස් දුන්නේ රෝහලේ ලිපිනය හා දුරකථන අංකය ද වර්ෂාට ලබා දෙමිනි. ඇය ඒ මොහොතේම දුරකථන ඇමතුමක් ගෙන දේව්ට ඒ බව දැනුම් දුන්නේ හැකි ඉක්මනින් ගගන සමග ගොස් රෝහලේ අධ්‍යක්ෂකවරයා හමුවන ලෙස ඉල්ලා සිටිමිනි. වර්ෂා සිය නැන්දණියගේ දියණිය රශ්මි අක්කාගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් ගමේ ගියේ මේ අතරතුරය. ඇය ඒ සඳහා සූදානම් වූයේ මේ වෙනුවෙන්ම කේරළයෙන් මිළට ගත් රන්වන් බෝඩරය සහිත සුදු පැහැ චෝලි ඇඳුමෙන් සැරසෙමිනි. මේ ඇඳුම ඇගේ සිතේ සොඳුරු මතක රැසක් ඉතිරි කළ එකකි. සුදු චෝලියෙන් සැරසී කොණ්ඩය තනි කරලකට ගොතා ගත් ඇය කඩුල්ල අයිනේ සරුවට වැඩී තිබුණු සමන් පිච්ච පඳුරෙන් හිමිදිරියේම නෙළා ගත් මලින් සෑදූ මල් වැල ගෙන හිස සරසා ගත්තාය. දේව් පිළිබඳ මතක වගේම ආදරණීය හැඟීම් වලින් හිතම පිරී තිබුණු නිසාදෝ ඇගේ මුහුණ හිමිදිරියේ පිපි මලක් මෙන් ප්‍රබෝධමත් විය. වර්ෂාගේ රුව ඔප් නැංවූ දෙතොලතරින් නැගෙන හීන් සිනාව නැන්දාගෙන් වසන් කිරීම පහසු වූයේ නැත. "අනේ මන්දා. කවුරුහරි මතක් කර කර අඳිනවද කියලා. බලන්නකො නංගියෙ කෙල්ලගෙ මූණෙ තියෙන පෙම් පාට..." "නැන්දා... මොකක්ද අනේ...?" වර්ෂා බොරු තරහවක් පෙන්වා ඇසුවාය. දේව් තිළිණ කල නාසයට පළඳින සුදු ගල් ඇල්ලූ කරාබුව අතට ගත් ඇගේ සිත අද්දරට අනාරාධිතව පැමිණි ඔහු නිසා බොරු තරහවද වියැකී ගොස් නැවත වරක් ආදරණීය සිනාවක් දෙතොල් සරසන්නට විය. "ඔන්න බලන්න ආයෙත්... මං බොරුද කියන්නෙ කියල" "පෙම් පාට නෙවෙයි අක්කෙ ඔය පින් පාට. මගෙ කෙල්ල කොහොමත් පින්වන්තයි" අම්මා පැවසුවේ දෑසට නැගි කඳුළක් සාරි පොටෙන් මාත්තු කර ගනිමිනි. "නැතුව නැතුව. අපේ කෙල්ල කොහොමත් සිරියාවන්තයිනේ. දැන් රශ්මිගෙ මගුල් ගෙදර වැඩ වලින් පස්සෙ අපි මේකිටත් කටයුත්තක් කරලා දෙන්න එපැයි" ඇය වර්ෂාගේ පියා උපසේනගේ එකම අක්කාය. වර්ෂාට දැඬිසේ ආදරය කරන නැන්දණියට සිය දියණිය රශ්මිත් වර්ෂාත් අතර වෙනසක් නැත. අම්මා කිසිවක් පැවසුවේ නැත. වර්ෂා සමීපයට පැමිණ ඇගේ හිස ආදරයෙන් සිපගත්තාය. මෑතක් වෙනතුරු තමාට තුරුළුව නිදාගත් පුංචි සුරතලිය සුදුසු වෙනත් තුරුළකට යැවීමට කාලය එළඹ ඇති බව ඇයට පසක් වන්නට ඇත. මතු සම්බන්ධයි. සිතුවම අන්තර්ජාලයෙනි.උඹව හැර මම බුදියගත්තේ එකෙක් එක්කල විතරයි... දරුව ඉපදී තුන් මසක් ඇති යද්දි උඹ බංඩේ හිරේ ඒත් තනිවම දරාගත්තා පපුව මගෙ රිදෙනා වරේ ගමේ උන් පද හැදුව එක හරි කලින් කාලෙට නෙක සැරේ කටුව නැති මල් පඳුරු තැලෙනා බවක් ඇයි අමතක කරේ? කොයි තරම් නම් බැලුම් වැටුනද ඒත් හිත මගෙ මෙල්ලයි
මමයි බංඩගෙ ගෑනි කියලා පපුව නිතරම කියවයි හැටක් එක්කල නිදිවැදී නෑ ඒත් කරුමේ දගලයි උඹව හැර මම බුදියගත්තේ එකෙක් එක්කල විතරයි ඉදහිටල හොරැහින් බැලූවත් යනෙන මග ගෙයි පිටට රැක්ක මම මගෙ දුන් පොරොන්දුව තියන් පපුවේ එකට පොඩි එකාගේ බෙල්ල මිරිකන් මාව බය කල කලට බැරිය දරු කැක්කුම වහන්නට හැට්ටෙ යට තන් දෙකට "පොලිසියේ ලොකු මහත්තය මං, දන්නවද නෑ ඩියුටි සන්ඩේ" ඔන්න ඔහොමයි උගෙ නිවාඩුව ඉනට පහලින් තිබුනෙ දන්ඩේ දරුව නාමෙන් කලත් වරදක් වහන්නයැ මම ගහල අංඩේ මාව අමතක කරත් පව් නෑ ඒත් මේ අපෙ පුතා බංඩේ වත්සලා බාලසූරියඅපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ -7 (අපේ තාත්තා චන්ඩියාය) දවසක් සේකර් සර් ,පුතා කොහෙද බලද්දි සංගීත කාමරේ දොර ගාවට වෙලා ඉන්නව පේනවලු.පොඩි ඉස්කෝලෙ ඇරිල එක හමාර වෙනකන් කොල්ලා ට එපා වෙනවත් ඇති. පොඩි ඉස්කෝලෙ ඇරුනම චූටි මල්ලිලව කහ ඉර හරහ පාර පන්වන්නයි රථවාහන නවත්වන්නයි පුරුදු පුහුනු කල රථවාහන නියාමක කන්ඩායමක් දහය එකොලහ පන්ති වලින් දාලා තිබ්බ. ඒ නිසා දරැව පරිස්සමෙන් ලොකු ඉස්කෝලෙට එනබව සේකර සර් දන්නව. ඒ උනත් කොලුව ඉස්කෝලෙට ආවද කියල සේකර් සර් අමතක නොකර හොයල බැලුව. මොකෝ පුතේ මෙතන සර් පුතාගෙන් ඇහුව. තාත්තෙ අය්යල සින්දු පුරුදු වෙනව අහන් ඉන්නව. පුතා ආසද සිංදු කියන්න. දරැව ගෙදර සිංදු තාල අල්ලනව සේකර් සර්ට ඇහිල තිබ්බට සංගීතෙ ගැන ලොකු දැනුමක් තිබ්බෙ නෑ. හැබැයි සංගීත සරුයි සේකර සරැයිත් ගජ මිතුරො. සර් පුතාව ඇතුලට එක්ක ගියා. මෙන්න මෙයාත් සිංදුකියන්න ආසාවෙන් ඉන්නව, සංගීත මහත්තය, හොඳයි නම් මෙයාවත් ගන්න කො. ඉස්කෝලෙ උත්සවේකට පිලිගැනීමේ ගීයක් පුරුදු පුහුනු කරමින් සිටි සංගීත සර් මිහිරගෙ හිසේ සිට දෙපා දක්වා බැලුව. සේකර සර් නිසා බෑ කියන්නත් බෑ.. හැබැයි මේකා ශෘතියෙන් පිට කිව්වොත් මගෙ සායමත් ඉවරයි සංගීත සර් එහෙම හිතුව.. කෝ එහෙනම් කියමු බලන්න ස්වප්තකය.. මම කිව්වට පස්සෙ සා...රී...ගා....මා ස... රී...ගා....මා..... ආයෙත් සර්.....පා ධා.... නී ස.. ... පා... ධ... නී...සා මිහිරත් ඒ විදියටම කිව්ව. තාත්තගෙ ඉස්කෝලෙ ඇරෙනකන් සංගීත පාඩම් වලට ජනේලයෙන් කන්දීගෙන හිටි මිහිර සප්තකය කිව්වෙ පුරුදු කාරයෙක් වගේ.. සංගීත සර් ගෙ මුහුනෙ මලක් පිපුනා බොහොම ....හොඳයිනේ.... සේකර සර් පුතා හොඳට සින්දු කියනවනෙ සේකර සර් ට සින්දු ලියන්න පුලුවන් උනාට සිංදු කියන්න පුලුවන් ද කියල මම දැනන් හිටියෙ නෑනෙ සංගීත සර් කිව්වෙ මද සිනහවකුත් නගා ගෙනයි. මොකද කොල්ලට සිංදු කියන්න බැරි උනා නම් සංගීත් සර් ලොකු අමාරැවක වැටෙනව. යාලුව නිසා සේකර සර් ගෙ හිත රිද්දන්නත් බෑ.. ඒ උනාට සිංදුකියන්න බැරි ලමයි අරන් අවුට් කිව්වොත් යන්නෙ තමන්ගෙ සායමනෙ . අපොයි සංගීත සර් මට නම් සිංදුකියන්න බෑ..මෙයාලගෙ අම්ම නම් ඉස්කෝලෙ යන කාලෙ සිංදු එහෙම කියනව මම අහගෙන... සේකර් සර් ඔන්න අවන්කවම නෝනාට ඒ නම්බුව දුන්න. එහෙනම් සර් ට ඒ කාලෙ ඉඳලම හිත වැටිල තියෙන්න ඇත්තෙ ගීත හැකියාවට වෙන්ටැ කියල සංගීත සර් කියද්දි දෙන්නම කොක් හඬලා හිනා උනා.. එහෙම කිව්වට මොකද සේකර් සරැයි නෝනයි ඉස්කෝලේ යන සන්දියෙ පන්සලේ සල්පිල් වෙන්දේසියෙයි හිටිවන කවි මඩුවලයි තරඟෙට කවි කිව්ව හැටි ගමේ එයාලගෙ සම වයසෙ කට්ටිය තාමත් ගමේ ගියාම දෙන්නට මතක් කරල හිනාවෙනව. ඔන්න ඔහොම කොහොමින් කොහොම හරි මිහිරට පිලිගැනීමෙ ගීතය කියන කන්ඩායමට ඇතුලත් වෙන්න ලැබුන. මේ උත්සවය පැවැත්තුවෙ වසර අවසාන වාර විභාගෙන් වැඩිම ලකුනු ගත්ත අයටයි අන්තර් පාඨශාලා ච්ත්‍ර, රචනා වගේ තරඟවලින් මේ පාසලට කීර්තියක් ගෙන ආ ලමුන්ව අගයන්නයි. ලමයි ගෙ නිර්මාන කුසලතා වර්ධනය කරන්න පාසලේ බිත්ති පුවත්පතකුත් කලොත් හොඳයි කියල විදුහල් පති තුමා යෝජනා කලා ලමයිට ඒ ගැන තිබ්බෙ ලොකු උනන්දුවකුයි ආසාවකුයි. මිහිරගෙ පන්තියෙ ගුරුතුමීත් ලමයින්ටත් රචනාවක් ලියන් එන්න පැවැරැව. හොඳම රචනාව ඉස්කෝලෙ බිත්ති සඟරාවට තෝරගන්නව කියලත් ගුරුතුමී කිව්ව. මාතෘකාව මගේ ලෝකයේ වීරයා. පොඩි එකාගෙ වීරය ඉතින් තාත්තනේ. හිතුව තාත්ත ගැන රචනාව ලියන්න. වෙනද නම් මිහිර පාසලේ දෙන වැඩ වලට තාත්තගෙන් උපදෙස් ගන්නවා.. දැන් තාත්ත ගැන ලියන එක තාත්තගෙන් ම අහල ලියන එක හරි නෑ වගේ නෙ ,තාත්තවත් පුදුම කරන්න ඕනි කියල කොල්ල තනියම රචනාව ලියනව කියල හිතුව. ඒ කාලෙ තියෙන්නෙ රෑපවාහිනියයි ස්වාධීන රෑපවාහිනි සේවයයි විතරයි. ඒකත් කලු සුදු රෑපවාහිනියක් හරියට රෑපත් පේන්නෙ නෑ ඩොට් වැටෙනව. ඒත් මිහිර පොඩි උනාට හරිම ආසයි විනෝද සමය බලන්න..ඇන්ස්ලි ඩයස්, සැමුවෙල් රොඩ්‍රිගෝ, බර්ටි ගුණතිලක ,මර්සි එදිරිසිංහ. හරියට තේරැමක් නොතිබ්බට කොල්ල ඕක බලන්නෙ උඩ පැන පැන හිනාවෙවී. ගොඩක් ම ගෙදර අම්මල තාත්තල පුතාලගෙ කතා සම්බන්ධ ජවනිකා මිහිර රඟපාලත් පෙන්නන්නව අම්ම තාත්තට බනිනව වගේ ඒව. පොඩි උන්ට හරි ඉක්මනට හිතට වදිනවනෙ තමන්ගෙ අවට තිබෙන සමීප දේවල් විනොද සමය බල බල හිටියට කොල්ල රචනාව ලියන්න අතපසු කලේ නෑ.. පහුවෙනිද පන්තියේ ලමයිගෙ රචනාවල් බල බල ඒවා පන්තියේ අනිත් අයටත් ඇහෙන්න කියවන්න කියල ටීචර් කිව්වා. මිහිරත් ලස්සන රචනාවක් ලියන් ඇවිත් තිබ්බා.. රචනාවෙ අන්තිම වැකිය දැක්ක ගමන් ගුරුවරියගෙ ඇස් උඩ ගියා හිනාත් ගියා. හා පුතා රචනාව ලස්සනයි පන්තියට ඇහෙන්න කියවන්න කො. මිහිර රචනාවෙ බාගයක් කියවද්දි වාඩිවෙන්න කියපු ගුරතුමී රචනා පොත ඉල්ල ගත්තා. පොඩි ඉස්කෝලෙ ඇරිල ටීචර් ල අත්සන් කරන්න ලොකු ඉස්කෝලෙට කොහොමත් යනව. සේකර සර්... සේකර සර්....මිහිරගෙ පන්තිභාර ගුරුතුමී කලබලෙන් පස්සෙන් දුවන් එනව දැක්ක සේකර් සර් නැවතුණා. ඇයි සපුමලී මිස් කොල්ල මොකක් වත්.... මේ බලන්නකො සර් මිහිරගෙ රචනාව... මිහිරගෙ ගුරුතුමී හිනාවෙවේ පොත සේකර සර් අත තැබුව. ඒකෙ බෝල රවුම් අකුරුවලින් මෙහෙම ලියල තිබ්බ. මගේ වීරයා මගේ තාත්තායි.. තාත්තා අපේ පාසලේ උප විදුහල් පති තුමායි.. තාත්තා අඳින්නේ සුදු පාටය.. තාත්තා මට කෑම ඇදුම් පොත් සෙල්ලම් බඩු අරන් දෙන්නේය... තාත්තා මට ආදරේය..මාත් තාත්තාට ගොඩක් ආදරේය …..අපේ තාත්තා චන්ඩියාය..... …. ..එහෙත් අම්මාට බයය..... ඊයේ රෑ විනෝද සමයෙ ඔය වගේ දෙබසක් යනව ඇහුන බව සේකර් සර්ට යන්තම් වගේ මතකයි... .. දෙය්යෝ සාක්කී මේකා මාව කෑවා... ඔලුවේ අතගහගත්ත සේකර සරැත් මෙතෙක් වෙලා හිනා වෙවී හිටිය ගුරුතුමියගෙ හිනාවට හවුල් උනා. කොහොමද රචනාව බිත්ති පුවත් පතට දැම්මා නම්. එහෙනම් සේකර සර් ට සප්‍රයිස් හම්බෙන්නෙ ඔහොම නෙවී.... ඉවර වෙන්න ලඟයි.- මතු සම්භන්ධයි (පින්තූරය අන්තර්ජාලයෙන් )පත්තරේ පළවෙලා මං ලියූ කවියක් —-------------------------------------------- වාඩිවෙලා මම හාන්සි පුටුවේ කවි පිටුවයි බැලුවේ මෙන්න බලන් සකි මං ලියු කවියක් පත්තරයේ ඇත්තේ හැම සති අන්තෙම උදේම අරගෙන ඉරු දින පත්තරයක් මුල සිට අග තෙක් අග සිට මුල තෙක් සෙව්වේ මගෙ කවියක් පත්තරේට මම ලියලා ලියලා එපා වෙලයි හිටියේ පළවෙයි කියලා හිතුවත් සැම දින කවදාවත් නැත්තේ හිතලා මතලා කපලා කොටලා මේ කව මම ලීවේ කියලා නිමකර ගන්නටත් බැරි සතුටකි මට දැනුණේ අපේ සනුහරේ කිසිම කෙනෙක් නැහැ පත්තරේට ලියලා ගමේ කඩ පිළේ කියාවි ඒ ගැන ඉරිසියාව හැදිලා කිවිසුරු කිවියර කාව්‍ය විභූෂණ මටත් ලැබෙයි පස්සේ කළියුගයේ නව කවියෙකි මම දැන් සතුටු සිනා වැස්සේ නැවතත් බැලුවෙමි මගේ කවිය දෙස අනිමිසලෝචනයෙන් හත්තිලව්වෙ දැන් ඒක එතන නැහැ හීනයක්නෙ ඒකත් ශාන්ත විදාන පතිරණමට නැත්නම් වැලන්ටයින් කිසිම පෙම්වතියකට ලැබෙන්න එපා කොහොම හරි දා හතර වැසි බරව තිබීයං පොල් වගේ වැහි බින්දු නිතර ඇද වැටීයං පන්ති නැති බවට සැක අම්මාට වැටීයං අපිට නොලැබෙන දිනක් කාටවත් නොවීයං __________________________________________ අලුත ගත් මල් ගව්ම කලින් දින තෙමීයං රුප සුන්දරි උනත් වස කැතට පෙනීයං ශෙඩ්, රූම්, ෆිල්ම් හෝල් ,හව්ස් ෆුල් තිබීයං ඇගේ මල් සර හීය තව උන්ට වැදීයං __________________________________________ දැම්ම මෙකප් එකත් වැස්සටම තෙමීයං ලොක් ඩවුන් ආයෙමත් දාන්නට සිතීයං බඩ බුරුල් වී දවස නිතර බඩ රිදීයං පොලිසියත් කිසිතැනක් නැතුවරොද බැදීයං __________________________________________ අම්මාට ඒ දවස ලොකුවටම පෙනීයං පෙම් කෙලින බවට සැක අම්මාට සිතීයං ගෙටලගින්නත් කලින් කොස්සෙ මිට කැඩීයං අපිට නොලැබෙන දිනක් කාටවත් නොවීයං (කවි කාරයා...) Cmt නැතුවට කමක් නැ 🙈🙈හිත් ගත් නෙත් ________ හයවන කොටස නවත්තල තිබුණ සුඛෝපභෝගී රථ කීපයක් අතරේ තේව්ගෙ වාහනේ ළඟින්ම මගේ කුඩා කැමී රථය නවත්තල බෑග් එකයි ෆෝන් එකයි අතට ගන්නකොට රියදුරු අසුනේ දොර ඇරගෙන තේව් මට වාහනෙන් බහින්න අත දුන්නෙ " මං කිවුවනෙ යන්නෙ දිව්‍ය ලෝකෙ කියල" කියන ගමන්. මහල් කීපයකින් සමන්විත " හෙවන් " තේව්ගේම ව්‍යාපාරික ගොඩනැඟිල්ලක් වුනත් ඒක බොහෝ දෙනෙක් නොදන්න කාරණාවක් කියලයි තේව් කිවුවෙ. නවීන ගොඩනැඟිලි ඉදිකිරීම් ශිල්පීය ක්‍රම භාවිතා කරල හදල තිබුණ "හෙවන් " වඩාත් ගැලපෙන්නෙ නිවර්තන කලාපයේ දේශගුණික තත්වයන්ට අනුගතව නවීන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම භාවිතා කරන ට්‍රොපිකල් මොඩර්නිසම් ( Tropical Modernism ) සංකල්පයට කියල මට හිතුන. පිටතට අඩුවෙන් විවෘත කරල ඉදිකරල තිබුණ ගොඩනැඟිල්ලට ආලෝකය හා වාතාශ්‍රය ලබාගන්න අහසට විවෘත කෙරුනු ස්භාවික ගස් කොළන් සහිත මැද මිදුල් වැඩිපුර ඉදිකරල තිබුණ. " හෙවන් " කියන නමටම ගැලපෙන්න ගතටත් සිතටත් සුවදායී පරිසරයක් වගේම බොහොම නිහඬ ගාම්භීර ගතියකුත් එහි තිබුණ. බිම් මහලේ පිළිගැනීමේ කවුන්ටරයට දකුණු පසින් එක ළඟ පිහිටලා තිබුණ විදුලි සෝපාන තුනෙන් තුන්වෙනි එකට තේව් ගොඩවුනේ මගේ අතින් ඇදගෙන වගේ. ලිෆ්ට් එකට ඇ
තුල්වුන ගමන් ඉස්සරහ වීදුරුවෙන් පෙනුනෙ පොකුණක් සහිත මැද මිදුලක්. ලිෆ්ට් එකේ දෙපැත්තෙ වීදුරු දෙකෙන් අපිට අපිවම පෙනුන.එතකොට නම් මම සෑහෙන අපහසුතාවයට පත්වුණා. තේව් කලිසම් සාක්කු දෙකේ අත් දෙක ඔබාගෙන දකුණු පැත්තෙ වීදුරුවට හේත්තු වෙලා මගේ අපහසුතාවය මන්දස්මිතයකින් විඳිමින් ඉන්නව වගෙයි මට දැනුනෙ. මං හෙමිහිට ලිෆ්ට් එකේ දොර පැත්තට හැරෙද්දිම " කෝ එන්න " කියල මගේ වම් අත පැත්තෙන් පපුව හරහා ඔහුගෙ වම් අත දාල මගේ දකුණු අත් බාහුව තදට අල්ලන් ඔහුගෙ මූණ මගේ දකුණු උරහිසට බර කරල දුරකථනයෙන් ඡායාරූපයක් ගන්න ලෑස්ති වුනේ ඔහුගේ ප්‍රේමනීය බැල්මවල් මඟහරින මගේ විදිහ වටහාගෙන වගේ. ඉදිරිපස වීදුරුවෙන් ඡායාරූපය ගන්න අපි දෙන්නගෙන් තේව්ගෙ මූණ පමණක් පේන්න ඔහුගේ දුකථනයෙන් මගේ මූණ මුවා කරල වගේම පිටුපස වීදුරුවෙන් දුරකථනයේ ප්‍රතිබිම්බය හරහා අපි දෙන්නගෙම මූණවල් පැහැදිලිව පේන්නත් ඡායාරූප ගත්ත තේව් ඊළඟට මගේ වම් අත ඔහුගේ පපුවට තද කරගෙන ඡායාරූපය ගන්නා ඔහුව හා ඔහුට පිටුපසින් හිටපු මගේ වම් ඇහැ පමණක් ඉදිරිපස වීදුරුවෙන් පැහැදිලිව පේන්නත් ඡායාරූප ගත්ත.තේව්ට සාපේක්ෂව ඔහුගෙ උරහිස මට්ටමට පමණ උස කුඩා ශරීරයක් හිමි මගේ ඇහැ පමණක් පේන්න ඡායාරූපය ගන්න ඔහු ඔහුගේ උරහිස පහත් කරල හිස මගේ හිසට හේත්තු කරගත්ත.ක්ෂණිකව විවිධ ඉරියව්වලට මාරුවෙමින් ආකර්ෂණීය විදිහට ඡායාරූප ගැනීම ඔහුගේ හැකියාවද... අත්දැකීම් බහුලත්වයද..... කියන ප්‍රශ්නාර්ථය හිතේ ඇඳුනත්, ඒ එක්කම " ලිෆ්ට් වල නම් අරගෙන නෑ ඇඳන් උඩ ගත්තට " වගේ කට කැඩිච්ච කතාවක් අහන්න ඕනයැ ඕව අහන්න ගිහින් ගිහින් කියල හිතුන. පින්තූර කීපය අරගෙන ඉවරවෙලත් මගේ උරහිසට පාත්වෙලා තදට මාව අල්ලගෙන ඉදිරිපස වීදුරුවෙන් මගේ දිහා බලාගෙන හිටපු ඔහුගේ ඇස් දිළිසුනා. ඔහුගේ උණුසුම් සුසුමක් ගෙල පාමුලට දැනෙද්දි මං ඔහුගෙන් ඉවත්වුණේ ඔහුගේ මූණෙ සරදම් සහිත දඟකාර හිනා රැල්ලක් ඇඳෙනව ඉදිරිපස වීදුරුවෙන් මගේ ඇස් දෙකට අහුවෙද්දිමයි. ඇත්තටම නම් තේව්ගෙ පෙනුමට,කතා බහට, බැල්මට , හිතුවක්කාර ගතිවලට පවා හදවතේ එක අර්ධයක් වශී වෙලා තිබුණා. ලිෆ්ට් එකේ දොර ඇරුණේ ආලින්දයක් වගේ කොටසකට. එතන සෝෆා කීපයක් තියල තිබුණා. ඒවයේ කීපදෙනෙක් වාඩිවෙලා හිටියා. ආලින්ද කොටස ආවරණය වුන උස වීදුරු ජනෙල් වලින් ඈතට විහිදී ගිය පරිසරය පැහැදිලිව පෙනුනේ අපි හිටියේ හෙවන් ගොඩනැඟිල්ලේ උඩම තට්ටුවේ නිසයි. තේව් මගේ අත අල්ලගෙන ආලින්දයේ දකුණු පස තිබුණ විශාල දොරකින් ඇතුල් වුනේ සුඛෝපභෝගී ආපනශාලාවකට ඒ වනවිටත් එහි තරමක කාර්ය්‍යබහුල ගතියක් තිබුණා. ඒ හරහා ඉස්සරහට ඇවිඳගෙන ගිහින් තවත් විශාල වීදුරු දොරක් ඇරගෙන අපි පිවිසුනේ විවෘත අවකාශයකට.දෙන්නෙකුට වගේම හතරදෙනෙකුට ඉඳගන්න පුලුවන් පුටු සහිත බංකු කීපයකින් සමන්විත වටේ කෙටි බැම්මකින් ආවරණය වූ කෘතිමව සකසන ලද උද්‍යානයක සිරිගත්ත එහි සිසිල් , සහනදායි බවක් තිබුණා. එහි කෙලවරේම පුටු හතරක් සහිත මේසයක තේව් වාඩිවුනේ ඉස්සෙල්ල මට ඉඳගන්න ඉඩ ලබා දීල.බොහෝ වෙලාවට තේව් තුල දකින්න ලැබෙන ඒ මහත්මා ගතිය ඔහුගේ මා හිත් ගත් කාරණාවක්. " හරි ලස්සනයි මෙතන " අතේ තිබුණ හෑන්ඩ් බෑග් එකයි,ෆෝන් එකයි මේසෙ කෙලවරක තියල පුටුවෙ හරි බරි ගැහිල වාඩිවෙලා වට පිටාව හොඳට බලන ගමන් මම කිවුවා. මගේ දකුණු අත පැත්තෙ වාඩිවෙලා එයාගෙ දකුණු අත අනෙක් පුටුවෙ ඇන්ඳට බර කරන් මේසෙ උඩ තියාගෙන හිටපු වමතින් ෆෝන් එක කරකව කරකව තේව් මගේ දිහා බලාගෙන හිටිය. ආශාව , රාගය මුහුවෙච්ච තේව්ගෙ දඟකාර ඇස්දෙක දකින හැම වෙලාවෙම මම නොසන්සුන් වුණා. තේව්ට ලංවෙලා ඒ ඇස් ඇතුලෙ කැකෑරෙන දේ හොයන්න, ඒ ඇස් දිහා බලාගෙන අනන්තයටම කිමිඳෙන්න ආසාවක් හිත ඇතුලෙ පෙරලි කලත් ඒ වෙලාවට කොහෙන්දෝ මතුවෙන වියළි හේබෑව හැඟීමක් මගේ ආසාව මරල , " උඹ දඟකාර දඩබ්බරයෙක් ළඟ අතරමංවෙන වයසක නෙවේ ඉන්නෙ උමා " කියල මට තරවටු කලා. දිග සුසුමක් පිට කරපු තේව් මෙච්චර වෙලා පුටු ඇන්ඳට හේත්තු කරගෙන හිටපු ශරීරය කෙලින් කරගෙන අත්දෙක මේසෙට බර කරගත්තා.ඊළඟට සැහැල්ලුවෙන් වටපිට බලල " ලස්සන කියන්නෙ සාපේක්‍ෂ දෙයක් කියල ඔයාමනෙ මට කිවුවෙ....... මම නම් මෙතන දකින්නෙ කමර්ෂල් වටිනාකමක්......එහෙම බැලුවම මට මෙතන ලස්සනයි කියන්න තියෙන එකම දේ තමා දැන් මගේ ඇස් ඉස්සරහ තියෙන්නෙ " කියල මගේ දිහා බලාගෙනම හිටියා. අපහසුවෙන් කෙල පිඩක් ගිලගත්ත මම වටපිට බැලුවේ ඇස් පිහාටු මගේ පාලනයෙන් ගිලිහිලා වැඩ කරන්න ගත්ත නිසා. දුකක්, තරහක් වගේම හැඟීමක් නොතේරෙන අපහසුතාවයකට පත්වුනහම මගේ ඇහිපිය ගැහෙන වේගය ස්භාවයෙන්ම වැඩිවුණා. ඒ නිසා ද මන්ද ලේසියෙන් ඇස් දෙකට කඳුළු නැඟෙන්නෙ නෑ. ඒක නොදන්න නිරූ අප්පච්චි නැතිවුන වෙලාවෙ " තාර අපි හිතුවට වඩා ශක්තිමත්..... ඒකි අඬන්නෙවත් නෑ බං " කියල දුලාට කියල තිබුණ. ඒත් අම්ම කියන්නෙ පොඩි කාලෙ මගේ බඩගින්න, තරහ, දුක අම්ම තේරුම්ගත්තෙ ඇහිපිය ගහන වෙනසෙන් කියලයි. ටිකක් සද්දෙන් හිනාවුන තේව් පුටුව මගේ ළඟට ඇදගෙන ඇගේ ගෑවි නොගෑවී වාඩිවුණා.ඊළඟට වම් අත පුටු ඇන්ඳට බර කරල මගේ මූණට එබුණා. " ඔයා දන්නවද...මං ආසම...මම මොනව හරි ඉමෝෂනල් දෙයක් කියද්දි, ඔයා රිඇක්ට් කරන විදිහ බලන්න....ඒක මං කවදාවත් වෙන කිසි කෙනෙක්ගෙන් දැකල නෑ උමා. " ඉස්සෙල්ලම මං ඔයාට ආදරෙයි කියපු දවසෙ ඔයා ඒකට රෙස්පොන්ඩ් කරපු හැටි දැක්කම මට පුදුම හිතුන........ඔයාගෙ වයසෙ , සමාජෙ ගැවසෙන ගෑණියෙක් එහෙම කුලෑටි විදිහට හැසිරෙයි කියල මම කොහොමවත් හිතුවෙ නෑ." "මං හුඟක් වෙලාවට හිතට එන දේ කියල දාන්නෙ ඔයාගෙ ඒ හැසිරීම දකින්නමයි.ඒ වෙලාවට මට ඉන්න හිටින තැන අමතක වෙලා යනව.පැනල ඉඹගෙන, ඉඹගෙන යන්න හිතෙනව " කියල ඔහුගේ දකුණු අතින් අල්ලගෙන හිටිය මගේ වම් කම්මුල තදින් මිරිකුව. ක්ෂණිකව ඇතිවුණ වේදනාවට මම තේව්ගෙ අත අල්ලල තල්ලු කරල දැම්මට " ෂ්....රිදුනද ?" අහගෙන තේව් හැදුවෙ කම්මුල අතගාන්න. මං හිනාවෙන්ම ඔහුව වැලැක්වුවත් කම්මුලේ වේදනාවත් එක්ක වේගවත් වුන ඇහිපිය ඔස්සේ මගේ මූණට බරවුන තේව් ඔහුගේ දකුණතේ ඇඟිලි තුඩුවලින් කම්මුල ලතාවකට පිරිමදින්න වුණා.ඒ ස්පර්ශය කම්මුලින් නොනැවතී මුළු ගතම ආක්‍රමණය කරද්දි මං බැලුවෙ තේව්ගෙ ඇස් දිහා. දිලිසෙන ඒ ඇස් මගේ ඇස් අල්ලගෙන තව මොහොතකින් දෙතොල් වෙත යොමු වුනෙත් ඔහුගේ දකුණතේ මහපටැඟිල්ලෙන් දෙතොල් වටේ රටා අඳින්න ගත්තෙත් එකම මොහොතෙ. තේව්ගෙ උණුසුම් සුසුම් මගේ මූණෙ ඇවිත් වදිනකොට මගෙම හෘද ස්පන්දනය මටම දරාගන්න අපහසුවෙලා ක්ෂණිකව මං තේව්ගෙන් ඈත්වුණා. තවත් මොහොතක් ඒ ඉරියව්වෙන්ම මං දිහා බලාගෙන හිටපු ඔහු හිස කෙස් වමතින් පිටුපසට කරමින් පුටු ඇන්ඳට හේත්තු වුණා. ඊළඟ මොහොතේ මම දැක්කෙ ඇස් පියාගෙන ඉන්න තේව්ව. අපි මුණගැහුනට පස්සෙ ඔහු මාව සිපගන්න හදපු කීප අවස්ථාවකම මම දැක්වුවේ එකම ප්‍රතිචාරය. ඔහු වෙනුවෙන් හදවතේ එක අර්ධයක් උණුසුම් වෙද්දි අනිත් අර්ධය සීතල හැඟීම් විරහිත ස්භාවයකට ක්ෂණිකවම පත්වුණා. වර්ජින් වෝටර් මෙලන් කොක්ටේල් එකක් මං වෙනුවෙනුත් වොඩ්කා වෝටර් මෙලන් කොක්ටේල් එකක් එක්ක ෆින්ගර් ෆූඩ් කීපයක් ඔහු වෙනුවෙනුත් තේව් ඕඩර් කරල තිබුණ. සාමාන්‍යයෙන් ඔෆීස් එකේදි ගන්න දවල් ආහාරයට අමතරව හවස ගෙදර ගිහින් ගන්න රාත්‍රී ආහාරය අතරතුර කිසිම අමතර දෙයක් ආහාරයට ගන්න පුරුද්දක් මට තිබුණෙ නෑ. ඒ නිසා මුල් දවස්වල තේව් එක්ක ආහාර ගැනීම මං ප්‍රතික්ශේප කිරීම ඔහු දැක්කේ මගේ අහංකාරකම හැටියට. බොහෝ වාද විවාද වලින් පසුව මාව තේරුම්ගැනීම කෙසේ වෙතත් මට පෙරැත්ත කිරීමෙන් පලක් නැති බව ඔහු තේරුම් අරගෙන තිබුණා. " උමා මට ඕනෙ තාත්තිට ඔයාව ඉන්ට්‍රඩියුස් කරන්න......තාත්ති කැමැත්තෙන් ඉන්නෙ ඔයාව දැකල කතා බහ කරන්න." සිතුවිල්ලෙන් ස්ට්‍රෝ එකේ තොල් පටලව පටලව හිටිය මට කූල් වෝටර් මෙලන් උගුර පපුව ඇතුලෙන් උණුවට ගලනව වගේ දැනුන තේව්ගෙ ඒ වචන ඇහෙද්දි " දැම්ම අම්මිට ඔයාව ඉන්ට්‍රඩියුස් කරල දෙන එක තේරුමක් නෑ.... යූෂුවර්ලි අම්මි මගේ දේවල්වලට බලපෑම් කරන්නෙ නෑ......ඒත් ඉතිං මගේ හුස්මක් වැදුනත් වෙව්ලන ඔයාට, අපේ අම්මිගෙ වචන ඔරොත්තු දෙයි කියල මම හිතන්නෙ නෑ " තේව් එහෙම කිවුවට, ඔහුගේ නිළි පෙම්වතියක් ගැන කතාවක් කරළියට ආ වෙලාවක " තමුන් ඕන නැටුමක් නටනව......හැබැයි වෙස් බඳින්න ඕන අම්ම කියන විදියට " කියල අම්මි අවධාරණය කරල තියෙන්නෙ කියල අපි හමුවුණ මුල් දවස්වලම තේව් මං එක්ක කියල තිබුණ. " තේව් තාත්තට, අම්මට කතා කරන්න කලින් අපි අපි එක්ක කතා කරන්න ඔනෙ.අපිට අපි ගැනම දැනගන්න තව කොච්චර දේවල් තියෙනවද..? අනික ඔයාට තරම් ලේසියෙන් සැහැල්ලුවෙන් මට තීරණ ගන්න බෑ." මගේ ඒ වචනත් එක්ක තේව්ගෙ ඇස් හීනි වුනා. වැලමිටි දෙකෙන් මේසෙට බරවෙලා මගේ පැත්තට පහත් වුණා. " මට ප්‍රශ්නක් නෑ.......මට කිසි ප්‍රශ්නයක් නෑ.. අපි මේ විදියට තව අවුරුද්දක්... දෙකක් හරි කතා කරමු..... කතා කරල ඔයාගෙ ඔය හිතේ මං ගැන තියෙන ප්‍රශ්න ටිකට විසඳුමක් ලැබෙනව නම් කතා කරමු......මට ඒකට කාලෙ තියෙනව ඕන තරම්..... කාලෙ නැත්තෙ ඔයාටයි උමා." කියල තේව් වහෙං ඔරෝ කිවුවෙ "උඹ වයසට යනව ගෑණියෙ " කියල කෙලින් කියන්න බැරි වචන ටික කියලයි මට හිතුනෙ. " උමා මං මීට කලින් දවසකත් කිවුවා.......මේ ඔයා දකින්නෙ ඔයා වෙනුවෙන් වෙනස් වුන කෙනෙක්.........මට තව තියෙනව නම් වෙනස් කරගන්න දේවල් ඕන දෙයක් කියන්න උමා......මං ලෑස්තියි ඔයා වෙනුවෙන් අජස්ට් වෙන්න........ඒ වගේම ඔයාට මාව නොගැලපෙන සාධාරණ හේතුවක් තියෙනව නම් මං කවදාවත් ඔයාට බලපෑම් කරන්න එන්නෙත් නෑ........හැබැයි උමා ඒක සාධාරණ හේතුවක් වෙන්න ඕන......මගේ වයසවත්....මගේ අම්මගෙ දේශපාලනේවත්...අපි දෙන්නට ලංවෙන්න බැරි හේතු විදිහට මම දකින්නෙ නෑ......ඒව මට වෙනස් කරන්නත් බෑ...... මම කියන්නෙ ඔයා ඒව ප්‍රශ්නයක් කරගන්නත් එපා......." කියල එක හුස්මට
කියපු තේව්, " වයස අඩු මිනිහෙක් බඳින මේ ලෝකෙ ඉන්න එකම ගෑණි ඔයා උනත්...ඒක හේතුවක් කරගෙන නම් මාව රිජෙක්ට් කරන්න හිතන්න එපා " කියල තරවටුවක ස්වරූපයෙන් කියල ආපහු පුටු ඇන්ඳට උඩුකය හේත්තු කරගත්ත. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ උමන්දි ඉඳුතරා සූරියබණ්ඩාර ✍️Aussi අයිශා - 20 කොටස මසර්නම් ඇඳට වැටුන ගමන්ම නිදි. හොඳටම ගොරවනවත් එක්ක. සතුට වැඩි කමට මටනම් නින්ද අහලකටවත් ආවේ නෑ. මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙන ඉක්මන. ඊයේ රෑ නිදාගන්න ඇඳට ආවේ කොච්චර අවුලෙන්ද. ඒකට අද, අද සතුට වැඩිකමට මට නින්ද යන්නෙත් නෑ. මේ රෑම කතා කරලා අම්මටයි තාත්තටයි විස්තරේ කියන්නත් හිතුණා. එක්කෝ හෙටම කියනවා. දැන් එතකොට මං මොකක්ද මගෙ බිස්නස් එකට දාන නම. තාත්තා දාලා තියෙන්නේ Saleem's Sweet House කියලනේ. මාත් ඒවගේම Aisha's Sweet House කියලා දැම්මොත් මොකද. ම්ම්ම් ඒ නම දිග වැඩියි වගේ. එහෙට හරිගියාට මෙහෙට හරියයිද දන්නෑනේ. ඇඳේ හාන්සි වෙලා උඩ බලාගෙන පාන්දර එක දෙක විතර වෙනකම් මං නමක් කල්පනා කළා. මෙහෙට හරියන නමක් වෙන්නත් ඕනිනේ. මං ඉන්ටර්නෙට් එකෙත් සර්ච් කරලා බැලුවා. ඒ කරලා මට හොඳයි කියලා හිතුන නම් ටිකක් මගේ විදියට හදාගෙන ඒ නම් ඔක්කොම ටික මං මසර්ට එවලෙම වට්සැප් කළා. එයා රෑට ෆෝන් එක සයිලන්ට් දාන නිසාම හොඳයි. නැත්නම් ඉතින් මෙතන බූම් බූම් සද්දෙට ඇහැරුනොත් ඉවරයි. උදේ නමය වෙද්දි බෑන්ක් එකට යන්න ඕනි කියලා මසර් කියපු නිසා මං උදෙන්ම නැඟිටලා අල පරාටා හදලා ඒකත් එක්ක කන්න ස්පයිසි යෝගට් සෝස් හැදුවා. ඊයේ ඉතුරු වුණ දාල් චාවල් ටිකත් තියෙනවනේ. ඒ ටිකත් රත් කරලා මේසෙට ඇරියා. උදේ කෑම ලෑස්ති කරලා ඉවරවෙලා මාත් ගිහින් ඉක්මනට ලෑස්ති වුණා. ඒවෙලේ තමයි මසර් ඇහැරුණේ. "උදේ කෑම ලෑස්තියි. ඉක්මනට නැඟිටලා ලෑස්ති වෙන්න. ඔයා ඊයේ කිව්වානේ අද මට එකවුන්ට් එකක් ඕපන් කරන්න බෑන්ක් එකට යන්න ඕනි කියලා..." "ම්ම්ම්..ඔව් නේහ්...මොනාද උදේට හැදුවේ..." මසර් නිදිමතේම ඇහුවා. "අල පරාටා හැදුවා...ස්පයිසි යෝගට් සෝස් එකකුත් හැදුවා..තව ඊයේ හදපු දාල් චාවලුත් තියෙනවා..." කොණ්ඩේ පීරන ගමන් මං කිව්වා. "ශාහ්...නියමයිනේ...මං ඉක්මනට ලෑස්ති වෙලා එන්නම්. ආ...මේ.. අයිශා..මතක් කරලා ඔයාගේ පාස්පෝට් එක ගන්න හරිද.." මං කෑම මේසෙට වෙලා මසර් ලෑස්ති වෙලා එනකම් මගෙ බිස්නස් එකට දාන්න හොඳ නම් මොනාද කියලා හිත හිතා තව ඉන්ටර්නෙට් එකෙත් සර්ච් කරන ගමන් හිටියේ. ඊටපස්සේ හොඳයි කියලා හිතෙන හැම නමක්ම අමතක වෙයි කියලා එවෙලෙම මසර්ට වට්සැප් කළා. "මොනාද අයිශා මේ ඊයේ රෑ ඉඳන් එවලා තියෙන්නේ.... ඕහ් මේ බිස්නස් එකට දාන්න නම් නේද..." මසර් කෑමට වාඩි වෙන ගමන් කිව්වා. නම් ටික බලලා මොනාවා කියයිද කියලා මාත් ඉතින් බලාගෙන හිටියා. "කන්න පටන්ගන්න අයිශා...දැනටම අටහමාරයි. මං මේ නම් ටික කන ගමන් බලන්නම්..." මසර් එක අතකින් ෆෝන් එක බල බල අනිත් අතෙන් කෑම කන්න පටන් ගත්තා. මටනම් ලොකු බඩගින්නක් තිබුණෙත් නෑ. මං මසර් දිහා බලාගෙන අල රොටියක් හපන්න ගත්තා. "ම්ම්ම් Aisha's sweet house ඒකනම් තාත්තගෙන් කොපි කරලා...ඊළඟ එක මොකක්ද..ආ...Barfi break ඒකත් හොඳයි. හැබැයි මට මේ break කියන කෑල්ල කොහෙ හරි කඩේක තිබ්බා වගේ පොඩි මතකයක් තියෙනවනේ... ආ...හරි Muffin break...ඒ මේ අර අපි එදා ඇපල් මෆින් ගත්ත ශොප් එකනේ...ඔයත් මාරයි ඈ... මෆින් කෑල්ල අයින් කරලා එතෙන්ට බර්ෆි කියලා දාලා. ඒ නමෙත් හැබැයි අමුතුම ගතියක් තියෙනවා.." "එහෙනම් ඒක දාමුද. මං හිතන් ඉන්නේ එක එක ජාතියේ බර්ෆි හදන්න. මං කිව්වේ අපි සාමාන්‍යයෙන් කන ට්‍රැඩිශනල් බර්ෆි වලට අමතරව බර්ෆි චීස් කේක්, බර්ෆි කප් කේක් වගේ ඒවා..." "හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න. මෙතන තව නම් තියෙනවනේ..අපි හිමින් සැරේ හොඳ එකක් බලමු... ඔයා බර්ෆි විතරක් නෙමෙයිනේ හදන්න හිතන් ඉන්නේ එහෙම නේද?.." "නෑ නෑ...බර්ෆි විතරක් නෙමෙයි තාත්තගේ කඩේ හදන හැම ස්වීට් ජාතියක්ම හදනවා. තව අමතර ඒවා ටිකකුත් හදන්න හිතන් ඉන්නේ..." "මේ....අර නසීර්ගේ වයිෆ් කරන ඔන්ලයින් බිස්නස් එකේ නම දන්නවද...ඒකත් ස්වීට් බිස්නස් එකක් නේද?..." "ඔව් එහෙම තමයි කිව්වේ...හැබැයි ඉර්සා කිව්වා එයා ස්වීට් ජාති විතරක් නෙමෙයි තව එක එක කෑම ජාතිත් හදනවා කියලා. බිස්නස් එකේ නමනම් කිව්වේ නෑ. එයාගෙ ලොකුකම වැඩි නිසා මං අහන්න ගියෙත් නෑ අනේ...දැන් මෙතෙන්‍ට මොකටද එයාගෙ බිස්නස් එකේ නම?.." "නෑ එයාගෙ බිස්නස් එකේ නම දැනගත්තොත් අපිට ඊට වඩා වෙනස් නමක් දැම්මහැකිනේ. නැත්නම් අහම්බෙන් හරි එයාගේ බිස්නස් එකට සමාන නමක් අපි දැම්මොත් නිකන් හරි නෑ වගේනේ... බලමුකෝ..දැන්ම නමක් දාන්න හදිස්සි වෙන්න ඕනි නෑ...ඉස්සෙල්ලාම එකවුන්ට් එකේ වැඩේ කරගෙන ඉමු. දැන් යමු නැත්නම් පරක්කු වෙයි." මසර් කෑම කාලා ඉවරවෙලා නැඟිටින ගමන් කිව්වා. මුලින් අකමැති වුණාට මොකද දැන් බිස්නස් එකට නම දාන එකත් මසර් කරන්න හදන්නේ සෑහෙන්න හිතලා වෙලාව එහෙම අරගෙන. පොඩි කාලේ ඉඳලා තාත්තගේ කඩේ වැඩ කරාට මං දන්නේ රසට කෑම හදන්න විතරනේ. ඒ ඇරෙන්න මට බිස්නස් වලට හරියන මොළයක් තිබිලා නෑ. ඒකට මසර්, එයා කතා කරන විදියෙන්ම තේරෙනවා හොඳ බිස්නස් මොළයක් තියෙනවා කියලා. බැංකුවේ වැඩේට ලොකුවට රස්තියාදු වෙන්න උනේ නෑ. එතෙන්ට ගියේ පැය භාගයක් වගේ. ඒ නිසා මසර් මාව ගෙදරටම ඇරලවලා ආපහු වැඩට ගියා. මූණ කට හෝදගෙන ඇඳුම් මාරු කරලා තේ එකකුත් එහෙම හදාගෙනම මං සෝෆා එකෙන් වාඩිවුණේ අම්මට කෝල් එකක් අරගෙන විස්තරේ කියන්න. දැන් එහෙට උදේ හයට විතර ඇති. අම්මයි තාත්තයි කොහොමත් උදෙන්ම නැඟිටිනවනේ. තාත්තානම් මේ වෙලාවට කඩේට ගෙනියන්න බඩු ලෑස්ති කරන ගමන් ඉන්නවා ඇත්තේ. අම්මානම් කුස්සියේ වෙන්න ඇති. මසර් උදේ වැඩට ගියාම මං සාමාන්‍යයෙන් අම්මට කෝල් කරන නිසා කොහොමත් අම්මා මේ වෙලාවට ෆෝන් එක අහල පහල තැනක තියාගෙන ඉන්නේ. දෙපාරක් තුන්පාරක් රින්ග්ස් ගියපු ගමන් අම්මා ෆෝන් එක ආන්සර් කළා. "අම්මේ..." "ආ...අයිශා...අදනම් මොකකට හරි සතුටෙන් වගේ...මං හරි නේහ්" "ම්ම්ම්...අර වැඩේ හරි" "මොන වැඩේද?..." "මසර් අකමැතිවුණ වැඩේ...ස්වීට් බිස්නස් වැඩේ...එයා කැමති වුණා..." "උඹ තමයි දවසකටවත් ගෑනි. අන්තිමේදි කොහොමහරි තමුන්ගේ මනුස්සයව කැමති කරවගත්තා නේහ්. දැන් කවද්ද ඉතින් ඔය වැඩේ පටන් ගන්න හිතන් ඉන්නේ?..." "ඉක්මනට පටන් ගන්න ඕනි අම්මේ...ඔහෙ වගේ නෙමෙයි මෙහෙ අපිට හිතුන ගමන් කෑම ජාති විකුණන්න පටන් ගන්න බෑ. ඉස්සෙල්ලම කරන්න ඕනි වැඩ ටිකක් තියෙනවා. ඒ ටික ඉවර වුණාට පස්සේ තමයි බිස්නස් එක පටන් ගන්න පුළුවන් වෙන්නේ..." "හ්ම්ම් කොහොමහරි කමක් නෑ ප්‍රශ්නේ ඉවර වුණානේ. පෙරේදා රෑ කෝල් එකෙන් පස්සේ මං හිටියේ සෑහෙන්න බයෙන්. දැන් තමයි හිතට සැනසීමක් දැණුනේ...ඔක්කොමත් හොඳ විදියට වෙලා හොඳ රටකට ගියාට පස්සේ අන්තිමේදී මේ කොහෙවත් නැති කෑම බිස්නස් ප්‍රශ්නයක් නිසා උඹලගේ පවුල් ජීවිතේට ප්‍රශ්නයක් වුණොත් මෙහෙ ඉඳන් අපි මොනා කරන්නද. පෙරේදා රෑ ඉඳන්ම මගෙ ඔළුවේ වැඩ කළේ ඕක." "මට කියන්න එපා කිව්වට අම්මා අන්තිමට තාත්තටත් කිව්වා නේහ්" මං හිනාවෙවී ඇහුවා. "නැතුව ඉතින්. උඹටනම් හිනා. පිරිමි දරුවෙක් වගේ නෙමෙයි ගෑනු දරුවෙක් දීග ගියාම. උන් මේ ලෝකේ කොයි කොනේ හිටියත් දෙමව්පියෝ ඉන්නේ බයෙන්. උඹලා මේ නොදන්න රටකට වෙලා ප්‍රශ්න ඇති කරගනිද්දි මට පුළුවන්ද ඒ මනුස්සයට මේ දේවල් නොකියා ඉන්න. අඩු තරමේ උඹ එක්ක බැරිනම් මසර් එක්ක කතා කරලා හරි මේකට මොකක් හරි විසඳුමක් තාත්තා හොයාගනී කියලා මං හිතුවා..." "මසර්ට මේ ස්වීට් බිස්නස් එකට අකමැති වෙන්න හේතුවක් තියෙනවා කියලා තාත්තා කිව්වනේ. අම්මාත් දන්නවා ඇති ඒ හේතුව. තාත්තා මට ඊයේ තමයි ඒ විස්තරේ කිව්වේ..." "හ්ම්ම් තාත්තා ඊයේ ඕක කියනකම් මටත් ඔය සිද්ධිය නිසා තමයි මසර් මේ බිස්නස් එකට අකමැති වෙන්නේ කියලා නිකමටවත් හිතුනේ නෑ...දැන් ඉතින් අන්තිමට මසර් ඒ හැමදේම අමතක කරලා දාලනේ..ඒකනේ දැන් ඔය වැඩේට කැමැත්ත දීලා තියෙන්නේ..." "ඒත් අම්මේ...මං මසර්ගෙන් අකමැති වෙන්න හේතුව අහද්දි මසර් ඒ ගැන නිකමටවත් කිව්වේ නෑ. එයා කිව්වේ එයා අකමැති වුණේ අපේ වීසා එකට ප්‍රශ්නයක් වෙයි කියලා හිතුන නිසාලු. එහෙනම් කරච්චි වලදි අකමැති වුණේ ඇයි කියලා අහද්දි ඒකට උත්තරයක් දෙන්නෙ නැතුව මඟ ඇරියා..." "ඕවා ආයෙ ආයෙ හාරා අවුස්සන්න යන්න එපා අයිශා...එයා ඒ ගැන ඔයාට නොකියනවා ඇත්තේ ආයෙ ඒවා මතක් කරන්න අකමැති නිසා වෙන්න ඇති..." "හ්ම්ම්...ඒක නෙමෙයි අම්මේ...තාත්තා ඉන්නවද?.." "ඔව් අසාම් එක්ක කඩේට ගෙනියන්න බඩු පැක් කරන ගමන් ඉන්නේ..." "ආ මං එහෙනම් තාත්තගේ ෆෝන් එකට ගන්නම්..." "එපා එපා...එතන අසාම් ඉන්නවනේ...ඒ අය දැන්ම ඕවා දැනගන්න ඕනි නෑ. අපි දන්නෑනේ මිනිස්සුන්ගේ හිත් වල තියෙන ඉරිසියාවල්. පොඩ්ඩක් ඔහොම ලයින් එකේ ඉන්න මං තාත්තව එක්කගෙන එන්නම්." අපෙ අම්මනම් පොඩ්ඩක්වත් වෙනස්වෙලා නෑ. මිනිස්සුන්ගේ ඉරිසියාවල් ඇවිල්ලා අපේ ඇඟේ වදිනවයැ. තාත්තා එන්න විනාඩි පහක් දහයක් විතර ගියා. "අයිශා..." "තාත්තේ...මසර් අන්තිමට කැමති වුණා...ටික දවසකින් ස්වීට් බිස්නස් එක පටන් ගන්න හිතන් ඉන්නේ..." තාත්තා ඉතින් කිසිම දෙයක් ගැන ලොකුවට සතුට වෙන කෙනෙක් නෙමෙයිනේ. හැබැයි ඉතින් වචන වලින් නොපෙන්නුවට තාත්තා ඉන්නේ සතුටින් කියලා මට තේරුණා. මං හිතන්නේ බිස්නස් එක පටන් ගන්නවටත් වඩා මසරුයි මායි ප්‍රශ්නයක් ඇති නොකර ගත්ත එක තාත්තට ලොකු සැනසීමක් වෙන්න ඇති. "ම්ම්ම් හොඳයි අයිශා...දැන් ඔය වැඩේ කොහොමද කරන්න හිතන් ඉන්නේ?..." "මං හිතුවේ ඔන්ලයින් ස්වීට් බිස්නස් එකක් විදියට වැඩේ පටන් ගන්න තාත්තේ... හැබැයි මසර් කියනවා ඒකත් කරන ගමන් මෙහේ සන්ඩේ මාකට් එක තියෙන දවසට පොඩි හට් එකක් දාගෙන කෑම විකුණන්න පටන් ගමු කියලා..." "මටත් හිතෙනවා මසර්ගේ අදහස හොඳයි කියලා. ඔයා ඉන්නේ මෙහෙ නෙමෙයිනේ...අලුත් රටක් අලුත් මිනිස්සු. දන්න කියන කට්ටිය අඩු නිසා ඔන්ලයින් ඕඩර්ස් හදාගන්න සෑහෙන කාලයක් යයි. හැබැයි මසර් කියනවා වගේ මාකට් එකේ විකුණනකොට එතනින් එහෙ
මෙහෙ යන මිනිස්සු ඔයාගේ කෑම දැකලා ඒවා ගන්න තියෙන ඉඩ වැඩියිනේ...දැන් මොනාද හදන්න හිතන් ඉන්නේ අයිශා?..." "තාත්තගේ කඩේ විකුණන හැමදේම හදන්න ඉන්නේ...තව ඔය බර්ෆි කේක් රස්මලායි කේක් වගේ ඒවත් හදන්න හිතන් ඉන්නවා..." "මෙහෙමයි අයිශා...කෑම හදනකොට ඔය රටේ ඉන්න මිනිස්සුන්ටත් ගැලපෙන විදියට හදන්න බලන්න. අපේ සමහර පැණිරස කෑම පිටරටවල් වල ඉන්න මිනිස්සුන්ට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඔක්කොම ජාති හදන්න යන්නෙ නැතුව ඔය බර්ෆි, ගුලාබ් ජාමුන් වගේ ඒවා හදන්න බලන්න. ඔයා දන්නවනේ පේශාවර් බලන්න එන ෆොරිනස්ලා අපේ කඩෙන් වැඩිපුරම ගන්න ස්වීට් ජාති මොනාද කියලා. අන්න ඒවා ඉස්සෙල්ලම හදන්න." "මට තේරෙනවා තාත්තේ..ඒ විදිය හොඳයි. මං ලිස්ට් එකක් එහෙම හදාගෙන තාත්තට කෝල් එකක් ගන්නම්කෝ..." අම්මටයි තාත්තටයි කතා කරලා ඉවර වෙද්දි දවල් දොලහත් පහුවෙලා. දවල්ට උයන්න කියලා කුස්සියට යන්න හදද්දි මට කෝල් එකක් ආවා. ම්ම්ම් මෙහෙ නම්බර් එකක්. කවුරු කතා කරනවද මන්දා. මෙහෙට ආපු දවස්වලම මසර් මට කියලා තිබ්බේ එක එක නම්බර්ස් වලින් කෝල්ස් මැසේජ් එයි. ඒ ගොඩක් ඒවා ස්කෑම්. ඒ නිසාම මං දන්නෙ නැති නම්බර්ස් වලින් එන කෝල්ස් වලටනම් ආන්සර් කරන්නෙම නෑ. මැසේජ් වල වුණත් ඒවයේ තියෙන ලින්ක් ඕපන් කරන්න යන්න එපා කියලා මසර් කියලා තියෙන්නේ. මං ආන්සර් කරේ නැති පාර කෝල් එක කට් වුණා. ඒත් එක්කම වගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා. 'හායි අයිශා...මං ඉර්සා. නසීර්ගේ වයිෆ්. ඉරිදා රංගිගේ දුවගේ බර්ත්ඩේ පාටි එකේදී හම්බුණේ.' හරිනේ දැන්නේ මතක් වුණේ. එදා ඉර්සා මගෙ නම්බර් එක ඉල්ලගෙන මට මිස් කෝල් එකක් දුන්නත් එක්ක. ඒත් ඒ වෙලාවේ මට නම්බර් එක සේව් කරගන්න මතක් වුණේ නෑ. එකපාරටම මොකද දන්නෑ කතා කරන්නේ. කෝකටත් අරගෙන බලමුකෝ. "හායි අයිශා...ඔයා මේ වෙලාවේ බිසීද?.." "හායි ඉර්සා..නෑ අනේ මං මේ උයන ගමන් හිටියේ..." "එහෙමද. මටනම් අද උදේ ඉඳලා ඉවරයක් නෑ අනේ..අද හවස තියෙන එන්ගේජ්මන්ට් එකකට ස්වීට් ජාති හදලා දැන් මේ ඉවර වුණා විතරයි..." "ආ ඇත්තද..." දැන් ඉතින් මේ ගෑනිගේ පුරාජේරු කතා අහගෙන ඉන්න එපැයි. "ආ...මේ මං ඔයාට ගත්තේ පොඩි වැඩක් ගැන කතා කරගන්න." මතු සම්බන්ධයි. බුද්ධි ජයවීර. (කතාව කියවලා අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති. පිළිතුරු නොලියනවට සමාවෙන්න)සැනසුම (කෙටි කතාව) සමිතගේ වචන වලින් හිත රිදවා ගත්ත සමදරා ආයේමත් කුස්සියේ වැඩ වලට ගියේ කරමින් සිටිය වැඩ අවසන් කරන්න. හැමදාම පාන්දර තුන හමාරට අවදිවන සමදරා , සමිතට උදේ, දවල් කෑම වෙන වෙනම හදන්නේ සමිත උදේට කාපුවා අායේ දවල්ට කන්න අකමැති නිසා. උයලා කරලා සමිතගේ ඇදුම් මැදලා ඔක්කොම සුදානම් කරලා දුන්නත් චුටි අඩුපාඩුවක් වුන ගමන් සමිත කෑ ගහන්නේ යකෙක් වගේ. අද උදෙත් සමිත කෑ ගැහුවේ මේස් එකක් අඩු නිසා. අවුරුදු ගාණක් ආදරය කරලා කසාද බැන්දේ සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන වුනත් එහෙම ඉන්නේ සමිත විතරයි නේද කියලා හිතෙන සමදරා අයේම හිතුවා ආදරේ කරන කාලේත් සමිත මෙහෙමයි නේද කියලා. ඇය හිතුවේ කසාද බැන්දම සමිත වෙනස් වෙයි කියලයි. "සුබ උපන් දිනයක් සමිත, මං ඔයාට චුටි තෑග්ගක් ගත්තා" හ්ම් කියලා විතරක් කිව්ව සමිත මං දුන්න තෑග්ග දිහාවත් හැරිලා නොබලා ගියා.වෙනදා වගේ නෙවේ හරි ලස්සනට ඇදලා යද්දි මං දන්නවා අද වැඩට නෙවේ යනවා ඇත්තේ. "සමිත අද වැඩට යන්නේ නැද්ද? මං කෑමත් හැදුවා. ඔයා අද කලින් එනවා නම් ඔයාගේ උපන් දිනේ සමරන්නත් එක්ක අපි දෙන්නා එළියට යමුද?" "පිස්සුද? මං එද්දි රෑ වෙනවා. තියන දෙයක් කලා නිදාගන්නවා. මං එනකල් බොරුවට ඇහැ⁣රගෙන ඉන්නෙ නැතිව. එළියට ගිහින් කන්න කොහේ තියන සල්ලිද? ඇයි තමුන් දෑවැද්දට ගෙනපුවා තියනවද?" සමදරා හරිම කැමති සමිත එක්ක ඇවිදින්න යන්න,කඩචොරු කන්න. ඒත් ඒ ආසාවල් කිසිමදාක හැබෑ වුනේ නැත්තේ සමදරගේ කුලය,දෑවැද්ද ගැන කියලා ඇයට අපහාස කරද්දි.එතකොට ඇගේ සියලුම ආසාවල් යටපත් වෙලා හිත් රිදුමක් මතු වෙනවා. අද ඉරිදා නිවාඩු දවසේ සමිතගේ අම්මායි අක්කලයි එනවා. ඉරි⁣දා තමයි සමදරාට වැඩ වැඩිම. ඒ අස්සේ තමන්ගේ නැන්දම්මාටයි නෑනයි එනවා. සමදරා උදේ ඉඳන් ලෑස්ති වුනා ඔවුන් පිළිගන්න. තේ වේලාවට වෙනම කෑම හදුවා. "සමි, අපි අද කෑම පිටින් ඕඩර් කරමුද?අම්මලටත් එක්ක. මගේ අතේ කැක්කුමක් තියනවා. මං හිටියේ ඔයා එක්ක දවල් වෙලා බෙහෙත් ගන්න යන්න" "මොකක්ද සමදරා මේක, හැමදාම කන්කෙදිරි ගානවා. උයන්න බැයිනම් බෑ කියනවා.මං අම්මලාට කියන්නම් තමුන් කැමති නෑ කියලා එයාලා එනවට. බොරු ලෙඩ ගන්නේ නැතිව. නිකම් ගෙදරට වෙලා කකා බිබී ඉද්ද තමයි අතේ අමාරුයි අරකයි මේකයි." "අනේ නෑ සමිත බොරු නොවේ. ඊයේ ඉඳන් අත රිදෙන්නේ,මං හිතුවේ උදේ වෙද්දි අඩු වෙයි කියලා." "යනවා ඕයි යන්න කියවිල්ල ඉවරයක් නෑ" ඇස් වල කඳුළු පුරවන් කුස්සියට ගාටපු සමදරාගේ හිතේ කැක්කුම අතේ කැක්කුමට වඩා දැනුණා. සමිතට සමදරා ගැන වගක්වත් නෑ.ඒ ඇයි කියන්න සමදරා දැනගෙන සිටියත් ඒ ගැන හිතන්නවත් ඇය අකමැති වුනේ සමිතට ගොඩක් ආදරය කරපු නිසාමයි. අම්මයි, අක්කයි ළමයි දෙන්නයි,අක්කාගේ මහත්තයයි ⁣ගෙදරට ආවේ උදේ තේ වේලාවට.සමිතගේ අම්මයි අක්කයි ආව වේලාවේ ඉඳන් කාමර වලට එබී එබි සමදරාට අඩු පාඩු කීවා. කෑම කන ගමනුත් කෑම වල දාහක් අඩුපාඩු. ඒ අඩුපාඩු කියන හැම වේලේම සමිත සමදරාට රැව්වා. හැමෝම කෑම කාලා වාඩි වුනේ කතා කරන්න. අක්කා නම් තමන්ගෙයි මහත්තයාගෙයි වරුනාව. " මොකද සමදරා ඇගේ හැටි, හරියට කන්නේ නැද්ද?" " එයාට කෑමෙන් බීමෙන් අඩුවක් තියනවායැ,පුතා අතටම ඔක්කොම දෙනවනේ,නිකම් ගෙට වෙලා කලා ඉන්නනේ තියෙන්නේ" අක්කා අහපු ප්‍රශ්නේ සමදරාට වුණාට උත්තර දුන්නේ නැන්දම්මා. "⁣මේ අපේ මහත්තයා ගිය මාසේ උපන් දිනේට මට අරන් දුන්නේ" කියලා අක්කා අායේම දාගෙන හිටිය මාලේ පෙන්නුවා. මට ඉබේම සමිත දිහා බැලුනා. සමිත මට තෑග්ගක් තියා මගේ උපන්දිනය වත් මතක නැතිව අැති. "ඔව් ඉතිං,දුවට ඔවා වටිනවා. හැම සතියෙම ගමන් යද්දී දාගෙන යන්න එපැයැ. අනික මේ ගේ අස්සේ ඉන්න අඩු කුලේ ගැණු වගේද මගේ කෙල්ල. නිතරම වැදගත් විදිහට ඉන්න එපැයැ. පුතා දෑවැද්ද ඉල්ලුවටත් වඩා අපි දුවට දෑවැද්ද දුන්නේ යන තැනක සැපට ඉන්න තමයි" එහෙම කියද්ද මස්සිනාගේ මුණ ඇද වුනත් නැන්දම්මා සමදරාට ඇනුම් පද කියන එක නැවැත්තුවේ නම් නැහැ. " සමදරා කො⁣හෙවත් යන එකක්යැ රත්තරන්,ඇදුම් ඔනියැ. අපේ පුතාගේ හොඳට කර ගැහුවා මිසක් වෙන නම් කවුද ගන්නේ ඔහොම." සමදරා තව දුරටත් එතන ඉන්න බැරි වුනා. සියලුම කතා අහගෙනත් ඇය හිටියේ සමිතවත් ඇය වෙනුවෙන් ඉදිරිපත් වෙයි කියන බලාපොරොත්තුව ඇතිව.සමිතත් අක්කා , අම්මා එක්ක එවාට උල්පන්දම් දුන්නා මිසක් සමදරා වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. " ඇයි සමි පරක්කු වුනේ, මං හොඳටම බය වුනා" සමිත වැඩට ගිහින් එන්න පරක්කු වෙද්දී සමදරා මඟ බලන් ඉන්නවා ඔහු එනකම්. සමිත ගාවින් දැනුණ ගැහැනු විලවුන් සුවඳ ඇයට දැන් හුරු පුරුදුයි. හැමදාම නැතත් ඔහු ප්‍රමාද වෙන හැමදාම මේ සුවඳින් ඇය හැමදේම තේරුම් ගන්නවා වුනත් සමිතගෙන් ඒ ගැන අහන්න පරක්කු කලේ තාමත් ඇය සමිතට ආ⁣දරය කරන නිසයි. ඒ වගේම ඇය විස්වාස කළා මොන වෙනස්කම කරත් සමිත තමන්ගේ විස්වාසය රකිනවා කියලා.ඒ හින්දා සමිත කෙරෙහි ඇති දැඩි ආදරය නිසාම සියලුම වෙනස්කම්, හිත් රිදීම් ඉවසුවා. සමදරා සමිත වෙනුවෙන් හැමදාම සැදී පැහැදි හිටියත් ඔහුට ඇය ඉන්නවද නැත්ද කියලාවත් හොයන්න අවශ්‍ය වුනේ නැ.සමදරා හරියට ජීවත් වුනේ සමිතගෙන් වැටුපක් නොලබන දාසියක් වගේ. ඒත් සමදරා තවත් සමිතට ආදරය කළා. ඇයට සමිතගේ ආදරණීය වචනයක්,බැල්මක් වෙනුවෙන් ඔහු වෙනුවෙන් සියලු දේ කළා. සමිතට කිසි අඩුවක් කළේ නැහැ. "මං ඔයා ආසම විදිහට කෑම ගොඩක් හැදුවා,කිරි කෝෆීත් හදන්න ඉන්නේ. ඒවා කන ගමන් ෆිල්ම් එකක් බලමුද ගෙදර ඉඳන් ඔයයි මායි. කෑමත් ටිකක් වැඩි පුර හැදුවා. අපේ ගෙදර ගියෙත් නැනේ කාලෙකින් හවස දෙන්නම ගිහින් එමු නේද?" "මට ගෙවල් ගානේ යන්න ඔනිකමක් නැ. නිවාඩු දවසේවත් පාඩුවේ ඉන්න දෙනවා" එහෙම කියලා සමද⁣රා හැදුව කෑම වලින් ටිකක් අරන් ඔහු තනියම චිත්‍රපටය බලන්න ගත්තේ ඇය ගැන වගක්වත් නැතිව. සමදරාට චිත්‍රපටය බලන්න තිබුණ ආසවත් නැති වුනා. සමදරාගේ අතේ කැක්කුමට ගොඩ වෙදකම් කළත් කිසි අඩුවක් වුනේ නැති නිසා ඇය සමිතට කතා කලා බෙහෙත් ගන්න යන්න. " මට ⁣ඔව්වට වෙලාවක් නැ.ඕනි නම් බස් එකේ හොස්පිට්ල් එකට ගිහින් ගන්නවා. මට ගමනක් යන්න තියනවා" සමදරා මුකුත් කියන්න ගියේ නැ.ඇයට හරිම අසරණ හැඟිමක් දැනුණා. සමිත අසනීප වුනාම අැය හැසිරුණේ සමිතට ලෝකයේ අමාරුම අසනීපය හැදුනා වගෙයි. සමිත පිටත් වුණාට පස්සේ ඇය ලෑස්ති වෙලා බෙහෙත් ගන්න ගියා. ගිහින් එන ගමන් ඇය ලාවට සමිතගේ වාහනය දැකලා නැවතුණා. වාහනයෙන් සමිත එක්ක ලස්සන තරුණියක් බැහැලා ගියා.සමිත හරිම ආදරණීය විදිහට ඇයට සලකන විදිහ සමදරා දැක්කා.ඇයට ඇය ගැනම විශාල දුකක් දැනෙන්න ගත්තා. නොලැබෙන ආදරයක් ගෞරවයක් වෙනුවෙන් තව දුරටත් එල්ලිලා ඉන්න තමන් මෝඩ වෙන්නේ නැති වෙන්න තමන්ගේ හිත එවෙලෙම වෙනස් කර ගත්තේ සමිත කෙරෙහි ඇති වුන කලකිරිම වැඩි වෙද්දී. ගෙදර ඇවිත් ඇය මෙතෙක් කල් සමිත වෙනුවෙන් නේද ජීවත් වුනේ තමන් වෙනුවෙන් අද ඉඳන් ජීවත් වෙන්න හිතා ගත්තා. තමන් කෙරෙහි හැඟිමක් නැති කෙනෙක්ගේ ඇඟේ බලෙන් එල්ලිලා නේද මෙතෙක් කල් අපහාස විදගෙන මෝඩ විදිහට හිටියේ කියලා තව දුරටත් හිතද්දි මෙච්චර කල් නොපෙනුණ ඇත්ත තේරුම් ගත්තා. ඒ වෙද්දී ඇය සමිත කෙරෙහි තිබු විස්වාසය අඩු වෙලා කළකිරීම වැඩි වෙද්දි ඔහු ගැන තිබුණ බැදීමත් ඇගෙන් ඉවත් වුනා. සමිත වෙනුවෙන් ජීවත් වුන සමදරා තමන් වෙනුවෙන් ජීවත් වෙන්න ගත්තා. තමන් කැමති කෑම හදලා රස විදින්න, කැමති ඇදුම් අදින්න,යාලුවෝ හම්බෙන්න, කැමති සිංදු අහන්න,පොත් කියවන්න, ඉස්සර ඉඳන්ම ආස වුන දමිළ ,හින්දි චිත්‍රපට බලන්න, ලස්සන වෙන්න පටන් ගත්තා. සමදරාගේ හිත කැමති හැම දේම කළා. ඒ ඔක්කොම එක්ක මෙතෙක් කල් නොලැබුණු හිතේ සැනසිල්ල ඇයට දැනුණා. තමාව දුහුවිල්ලක් තරම්වත් නොවටිනා කෙනෙන් වෙනුවෙන් ජීවත් වුන කාලය ගැන සිතන්
නත් අකමැති වුනා. ඇයට සමිත මොහොතකින් එපා වුනේ ඔහු කෙරේ දැඩි ආදරය පවා විසි කරලා. සමිත , අම්මා, අක්කා ඇයගේ මේ වෙනසට විවිධ දේ කිව්වත් ඇයට ඒ දෙවල් නැසූණ තරම්.නොගැලපෙන වටිනාකමක් නැති තැන් වල ඉඳලා තමන්ගේ හිත රිද්දගන්නවට වඩා තමන් ආදරය කළ පිරිමියා වෙනුවට ඇගේ හිතේ සැනසිල්ල ලඟා කරගත්තේ අනුන් වෙනුවෙන් ජීවත් වෙලා දුක් වෙනවට වඩා තමන් සතුටින් ඉන්න එක වැදගත් බව තේරුම් අරගෙනයි. Hirunika Dayananda.අම්මාගේ කෙටි නිවාඩුව (කෙටි කතාව) " අපි ඉක්මනට දවසක මුණගැහෙමු" " කොහොම කරන්නද අනේ බබාලා එක්ක?" " බලමු, නිවාඩු දෙයිද දන්නෙත් නෑනේ" " යමු අනේ කොහොම හරි... මට නම් වෙනසක් ඕනේ..." " යමු යමු, පාර අයිනේ වාහනේ නවත්තලා මුරුක්කු පැකට් එකක් කාලා වාහන ගණන් කරලා එන්න හරි යමු..." " අම්මී, I am hungry... snack please..." ජංගම දුරකතනය දිහා බලාගෙන හිනා වෙවී යාලුවෝ දෙන්නා එක්ක චැට් කර කර හිටිය ඡායා ආයෙත් පියවි සිහියට ආවෙ පුතාගේ හඬ ඇහිලා. " මං යනෝ... බබාට බඩගිනි ලු...catch u later" ඡායා රණසිංහ, අවුරුදු තිස්පහක් වුණ, රජයේ ආයතනයක රැකියාවක් කරන මවක්. පොතේ විදියට, සම්මත විදියට වයස අවුරුදු තිහ සම්පූර්ණ වෙනකල්ම ජීවත් වුණ ඡායා ටිකින් ටික තමන් කවුද කියලා තේරුම් ගන්න පටන් අරන් ඒ වෙද්දි අවුරුද්දක් ගත වෙලා... මවක් විදියට, බිරිඳක් විදියට ජීවත් වෙන අතරෙ තමන් වෙනුවෙන් වෙලාවක් වෙන කර නොගැනීම නිසා තමන්ට තමන්ව අමතක වෙනවා නේද කියලා ඡායාට මතක් වුණේ හිසේ කෙස් ගස් එකින් එක අකලට අළු පැහැ වෙන්න පටන් ගනිද්දි. උදේ පහට අවදි වෙලා, වයස අවුරුදු අටක් වුණ පුතාගේ පාසලට යවන කෑම, හවස ක්‍රීඩා පුහුණුට කලින් කන්න කෑම වගේම ගෙදර උදේ සහ දිවා ආහාර පිළියෙල කරන්නෙ ඡායා. දරන තනතුරු නාමිකව ලොකු වුණත්, පාරම්පරික උරුමයෙන් හිමිවුණ වත්කමක් නැති නිසාම ලබන මාසික වේතනයෙන් ඡායාට වගේම ඡායාගේ හස්බන්ඩ්ටත් වියදමට අත ඉතිරිය විදියට ශේෂ වුණේ ඉතාම සුළු මුදලක්. නිවසක් ගොඩනගා ගන්න ගත්ත පර්චස් දහයක ඉඩමටම හස්බන්ඩ් ගෙ මාස් පඩිය යට වෙද්දි, ගමන් බිමන් පහසුවෙන් කරගන්න ගත්ත වාහනේ වෙනුවෙන් ණය වාරික ගෙව්වේ ඡායා. දරුවගේ අධ්‍යාපන කටයුතු, මාසය අවසානයේ බිල්පත්, ආහාර පාන, ඖෂධ වියදම් පියෙව්වම, helper කෙනෙක් වෙනුවෙන් තවත් මුදලක් වැය කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් නිවසේ සියලුම කටයුතු කෙරුනේ ඡායා අතින්, සේවා මුර ක්‍රමයට රැකියාව කළ නිසා පාසලෙන් පසු දරුවා බලාගැනීම ඡායා හෝ ඡායාගේ හස්බන්ඩ් අතින් මාරුවෙන් මාරුවට සිද්ධ වුණා. හැමදේම පිළිවෙලට , ලස්සනට, ගානට කරන්න කාලයක් ඡායා උත්සහ කළා. ඒත් කුලී නිවසේ තමන්ට තමන්ගෙ කියන හැඟීම නැති නිසා මකුළු දැලක් කඩන්නවත් හිතෙන්නේ නැති බව කියපු එයාගෙ හස්බන්ඩ් ඒ උත්සහය දිය කර හැරියා. නිවස හැමදාම අතුගාලා, රෙදි ලස්සනට නවලා, පිළිවෙලට අල්මාරියට දාලා, සමබල ආහාර වේලක් උයලා, මිදුල අතු ගාලා, ගෙවත්තේ එළවලු වගා කරලා පරිපූර්ණ ජීවිතයක් ගෙවන්න ඡායා ගොඩක් උත්සහ කළා. ඒත් ඒ ඉලක්ක සියල්ල හඹා යද්දි ඊට හස්බන්ඩ් ගෙන් වගේම දරුවාගෙන් ලැබෙන සහයෝගය අඩු නිසා අවසාන ප්‍රතිඵලය වුණේ ඡායාගේ කෝපය ඇවිස්සීම විතරයි. කෝපය අවසාන වෙන්නෙ එපා වීමකින්... මේ අතරෙ ඡායාට පරණ යාලුවෝ දෙන්නෙක් එක්ක පරණ යාලුකම් අලුත් කරගන්න අවස්තාවක් ලැබෙනවා. විවාහ වෙලා ඡායා වගේම රැකියාව එක්ක දරුවෝ එක්ක ගැටෙන එයාලා එක්ක ආගිය තොරතුරු කතා කරන්න හදා ගත්ත ගෲප් චැට් එක අන්තිමට ඕනෙම ප්‍රශ්නයක් කතාකරන්න පුලුවන් උපදේශන සේවාව බවට පත් වෙනවා. ඒ එක්කම ඡායා දකින්න ගන්නවා තමන් දා ගත්ත හොඳම අම්මා , හොඳම වයිෆ් ඉලක්ක තමන්ව පීඩනයට පත් කරන වග. "පුළුවන් වෙලාවට, පුළුවන් විදියට" ඇතැම් කටයුතු කරන එක පවුලේම මානසික සෞඛ්‍යට හොඳ බව එයා යාලුවෝ දෙන්නා එක්කත් කතා වෙනවා. ඒත් ඒකෙන් වැඩවල අඩුවක් හෝ වැඩට සහයෝගයක් අලුතින් කාගෙන්වත් නොලැබුණත් , පුලුවන් වෙලාවට කරන එකෙයි, හදිසියේ තරහින් කරන එකෙයි වෙනසක් තියෙනවා කියලා පේන්න ගන්නවා. මේ අතරෙ තමයි "අපි හම්බවෙමු" කියන මාතෘකාව ගෲප් චැට් එකට එන්නෙ. කොහොමද කවදද කියලා මුලින් අදහසක් තුන්දෙනාටම තිබුණේ නෑ. විශේෂයෙන් රාජකාරියට හැර නිවසින් බැහැර වීමම හිතාගන්බ බැරි තරම් අභියෝගයක් වුණා. " මම පොඩ්ඩක් යාලුවො එක්ක එළියට යන්නද මගෙ ඕෆ් එකේ?" " ඒ මොකටද?" කොහොම හරි වෙලාවක් හදාගෙන යාලුවෝ එක්ක සෙට් වෙන හස්බන්ඩ් එහෙම ඇහුවා. " මටත් ආසයි අනේ එයාලා එක්ක ගිහින් නිදහසේ කතා කරලා අලුත් කෑම ජාතියක් එහෙම කාලා එන්න" "අපිත් ඕනෙ තරම් පිටින් ගෙනල්ලා කන්නෙ, ඒක යාලුවෝ එක්කම කන්න ඕනෙද" " ගෙදර කනවා වගේ නෙවෙයිනේ අනේ" " ඉතින් අපි තුන්දෙනා යන්නෙ රෙස්ටුරන්ට් වලටත්, සති දෙකකට කලිනුත් ගියේ පුතාගෙ tournament එක ඉවර වෙලා එද්දි" " එහෙම නෙවෙයි අනේ... මම කිව්වේ වෙනස් අය එක්ක, වෙනස් පරිසරයක" " ගෙදර වැඩයි බබාගෙ වැඩයි පාඩු නොකර, රෑ වෙන්න කලින් ඕනෙ දිහාවක ගිහින් එන්න" අන්තිමට අවසර ලැබුණේ එහෙම. ඒ මට්ටමින් හරි අවසර ලැබීමම ලොකු සහනයක් වුණා. යාලුවෙක් එක්ක හරි අඩුම ගානෙ තනියෙන් හරි කැෆේ එකකට ගිහින්, නිදහසේ හුස්මක් ගන්න තමන්ට මේ තරම් අකැපද කියලා ඡායා කල්පනා කළා. යාලුවෝ දෙන්නත් විවිධ උපක්‍රම පාවිච්චි කරලා අවසානයේ ගමනට අනුමැතිය ලබාගෙන තිබුණේ විවිධ සම්මුතිවලට එළඹීමෙන් පස්සෙ කියලා චැට් කරන තිරය මත වැටෙද්දි තුන්දෙනාටම හිනා... " මේ දවසෙ නම් shift එකට ඔයා ඉන්නම ඕනෙ, ලීව් නම් approve කරන්න බෑ. " " සර්, මම පහුගිය අවුරුද්දටම ලීව් ගත්තේ කීයද? මේ ලීව් එක නම් මට කොහොම හරි ඕනෙ." " එහෙම බැහැ. " " හරි සර්" ඡායා එහෙම කිව්වේ අනියම් නිවාඩු බැරි නම් අසනීප නිවාඩු කියන උපකාරක අවස්තාව මතක් වුණ නිසා. නිවාඩු... මේ තරම් කාලෙකට තමන් වෙනුවෙන් ගත්ත නිවාඩුවක් තිබුණද කියලා ඡායා ආපසු හැරිලා බැලුවේ එදා. දරුවාගේ අසනීප, නෑදෑයන්ගේ අවශ්‍යතා, පවුලේ උත්සව වගේ දේවල්වලට ගත් නිවාඩු වලින් පමණක් දින සටහන් පොත පිරී තිබුණා. ඒත් තමන් වෙනුවෙන් වෛද්‍ය සහතික ඉදිරිපත් කරලා ගත්ත නිවාඩුවෙත් ගෙදර රාජකාරියට ඒ සහතිකය වලංගු නොවුන බව ඡායාට මතක් වුණා. " එහෙනම් හරිනේ... උදේ එකොළහට The Grand එකේදි..." " ඔව් ඔව්, හමුවෙමු ඈ..." අන්තිමට ඒ දවසට කලින් දවසේ රෑ චැට් එක නිම වුණේ එහෙම. වෙනදා උදේ පහට අවදි වුණත්, ඒ දවසේ උදේ හතරට අවදි වෙලා ඉවුම් පිහුම් කටයුතු කලේ ප්‍රමාද වුණොත් කෝච්චිය මග ඇරෙන්න පුලුවන් නිසා. තුන්දෙනාගෙම කාලය එක වගේ වටින නිසාම අනෙක් යාලුවන්ගෙ කාලය අපතේ යවන කෙනා වෙන්න ඡායා අකමැති වුණා. ආහාර පිසීම අවසාන කරලා ගමන පිටත් වෙන්න කලින් කලින් දවසෙ හේදිලා සේදුම් යන්ත්‍රයේම තැම්බුණ රෙදි වේලෙන්න දැම්මේ අව්ව වැටෙන වෙලාවට හරි වේලෙයි කියන බලාපොරොත්තුවෙන්. අන්තිමට නගරාන්තර කෝච්චියට නැගලා තමන් කලින් වෙන්කරගත් ආසනයේ වාඩි වෙලා හෙඩ් සෙට් එක කනේ ගහගෙන සිංදුවක් දාගත්ත ඡායාට දැනුනේ වෙනස්ම නිදහසක්... වෙනස්ම සතුටක්... වෙන කවුරුත් නෙවෙයි මේ සතුට තමන්ට තමන්ම තෑගි කරගත්ත සතුටක්. පැය තුනක් ගත වෙලා දුම්රියෙන් බහිද්දි, ඡායාට දැනුනේ දීර්ඝ කාලීන රෝගයකින් තමන් සුවය ලැබුවා වගේ හැඟීමක්. ඒ එක්කම දුරකතනය නාද වුණා. " බබාගෙ වතුර බෝතලේ දාලා ගිහින් නේ... මම ගෙදර ඇවිත් ආයි වැඩට යද්දි ගේට්ටුවට දුන්නා." ඒ හස්බන්ඩ් " ආ මේ shirt එකට දාන ටයි එක දාපු තැන මතක නෑ අනේ... අද ඒ නිසා ටයි එක නැතුවම ආවා.." ඇමතුම අවසාන වුණේ එහෙම. මම නැතත් එයාලා වැඩ කරගෙනනේ... ඒ එක්කම තමන්ගෙ ආයතනයට කතා කරලා ලෙඩ නිවාඩුව දැනුම් දෙන්නත් ඡායා අමතක කළේ නෑ. " මේ ඔයා අර ගෙන්නන්න කිව්ව ඒවා ඕඩර් කළාද? ඒක හොයාගන්න බෑනෙ.." යාලුවෝ එක්ක එකතු වෙලා මග දුරක් යද්දි ආයෙත් කෝල්... " ඔව් මම ඕඩර් එක දැම්මා. ආයි ඒ පොත චෙක් කරන්න." මේ විදියට යාලුවෝ තුන්දෙනා මුණ ගැහුනට විටින් විට ආව දුරකතන ඇමතුම්වල නම් අඩුවක් තිබුණේ නෑ. ඒත් ඒ බාධා අමතක කළාම ඇත්තටම ඒක හොඳම වෙනසක්. හෝටලේකින් කන කෑම පිඟානක් මේ විදියට නිදහසේ රස වින්දේ කවදද කියලා ඡායා කල්පනා කළේ යාලුවෝ දෙන්නා එක්ක හිනා වෙවී පරණ මතක අලුත් කරන ගමන්. පාසල් ඇරෙන වෙලාවෙන් පසුව පුතාගෙ ගෙදර වැඩ, ලියන්න ඕනෙ නෝට් සියල්ල රැගෙන එන වට්ස්ඇප් පණිවිඩවල ටිං ටිං නාදය අතුරුපසට බාධා කළත්, ඡායා ඒ ගැන වැඩිය තැකුවේ නැහැ. යාලුවෝ දෙන්නා එක්ක ෆොටෝ ගන්න අතරෙම පාසලෙන් ආව පණිවිඩ සියල්ල හස්බන්ඩ්ට ෆෝවඩ් කළේ දරුවා අදවත් තාත්තා එක්ක වැඩ කරයි කියන අහිංසක බලාපොරොත්තුවෙන්. " බබාගෙ ගෙදර වැඩ එව්වා, බලලා කරවන්න." තමාට කරදර නිසාම ගුරුතුමීගේ වට්ස්ඇප් ගෲප් එකේ නැති හස්බන්ඩ්ට කෝල් කරලම මතක් කළේ වැඩි හොඳට. " අද නම් මාර දවසක්, කාලෙ ගියා දැනුනෙත් නෑ." " අපේ එක්කෙනා දන්නවානම් ක්‍රෙඩිට් කාඩ් එකෙන් කරන වැඩ..., කමක් නෑ හොඳට කෑවනේ... හා නැද්ද..." " අනේ මේ ගහ යටත් ෆොටෝ එකක් ගම්මුකෝ..." " ඔහොම බඩගාන්න එපා බං ෆොටෝ ගන්න, අර වේටර් මල්ලිලා අපිට හිනා වෙනවා" " හිටු පොඩ්ඩක් ගානට capture කරලා දෙන්න.. මේවා DP දානකොට මට ගානක් ගෙවන්න ඕනෙ" " ආයි හම්බවෙමු අනේ..." " ඔව් අප්පා, දැන් ගෙදරනම් බෝම්බ ගහලා වගේ ඇති... ඒත් කමක් නෑ මේ පැයගාන හරි වෙනසක් ලැබුණානෙ..." අන්තිමට ඡායා කෝච්චියට නගිද්දි හවස පහටත් කිට්ටු වෙලා. කළුවරේ ගෙදර එද්දි ඡායාට හොඳටම මහන්සියි. ඒත් එකතු කරගත්ත මතක නිසා මහන්සිය හිතට දැනුනේ නැහැ. ගෙට ගොඩ වෙනකොටම, පුතාගේ පාසල් බෑගය ගෙනත් අත ඇරිය විදියටම එතැනම, කෑම පෙට්ටියවත් පොත්වත් බෑගයෙන් එළියට ඇවිත් නැහැ. කෑම හිස් වුණ වළං එලෙසම තබාගිය තැන්වලම. පුතාගෙ සෙල්ලම් බඩු වෙන්දටත් වඩා ගේ පුරාම විසිරිලා. එළියේ වේලෙන්න දලා ගිය ඇදුම් වේලිලා , හීතලත් වෙලා. " පුතා හෝම්වර්ක් කළාද?" " නෑ අම්මා, මම මෝටර් කාර් එකක් ඩිසයින් කරනවා... මේ බලන්නකෝ" " පුතාට වැඩ ටික කිව්වේ නැද්ද?" " මම කිව්වා, එයා කළේ නෑ." දිග සුසුමක් එක්ක ඡායා ඔරලෝසුව දිහා බලද්දි රෑ අටහ
මාරයි. "නිවාඩුව අවසානයි" කියන්න වගේ ඔරලෝසුව තමන්ට ඔරොප්පුවට හිනා වෙනවා වගේ පෙනුනත් ඒ අතරින් යාලුවෝ දෙන්නත් එක්ක එකතු කරගත්ත මතක් ඇවිත් ඒ ඔරොප්පු හිනාව මකලා දැම්මා.... ✒️ මධුෂිකා රාමනායක A/n ඇත්තටම අම්මලාට සැබෑ නිවාඩුවක් ලැබෙන්න අවසන් හුස්ම හෙලන්න ඕනෙද... 😫 (අඩයාලමට එකතු කරන මගෙ පළවෙනි ලියමන, සහ ලියන නමින් නැතිව මගෙ නමින්ම මගෙ ලියවිල්ලක් පල කරන පළමු අවස්තාව )"එයා හරි නපුරු කෙල්ලෙක්.." ගේ ඉස්සරහ වෑන් එකක් නවත්තපු සද්දෙට පුංචි සදුමි දොර ගාවට දුව ගෙන ගියා. හරියටම දවස් තුනාමාරකින් සදුමි අම්මව දැකලා තිබුණේ නෑ. ඉතින් ඒ ඇස් වල තිබුණේ ලොකුම ලොකු නොඉවසිල්ලක්. " කෝ.. කෝ අයින් වෙන්න ළමයෝ.. " වෑන් එකෙන් බැස්ස ආච්චි මොකක්දෝ පොට්ටනියක් ආදරෙන් තුරුල් කරන් ගේ ඇතුළට ගියා. ඊට පස්සේ තමයි සදුමි අම්මව දැක්කේ. චීත්තයක් ඇදලා, කොණ්ඩෙත් බාගෙට ගැට ගහන් හිටපු අම්මා දිහා සදුමි ටිකක් බලන් හිටියා. " මොකද මේ බය වෙලා වගේ.." ඇඟිල්ල කටේ ගහන් තාමත් දොරකඩ හිටපු සදුමිගේ ඔලුවත් අත ගාගෙන බඩු මලු ගොඩක් උස්සන් තාත්තාත් ගෙට ආවා. " අම්මා.. " නැන්දට වාරු වෙලා ගේ දිහාවට ඇවිදන් එන අම්මගේ ඇඟේ පුංචි සදුමි එල්ලුණා. "සදුමී.. කෝ අයින් වෙන්න.. " නැන්දා ටිකක් සැරෙන් එහෙම කියන ගමන් සදුමිව අම්මගෙන් ඈත් කරා. අන්තිමට සදුමි මූණත් බර කරන් ගෙට ගියා. ඊලගට සදුමිට ඕන කරේ එයාගේ අලුත් මල්ලිව බලන්න. ඉතින් සදුමි හෙමින් සැරේ කාමරේට ගියා. අම්මා සදුමිලාගේ ලොකු ඇඳේ හාන්සි වෙලා චූටි මල්ලි තුරුල් කරන් කිරි දෙනවා. ඇස් ලොකු කරන් බලන් හිටපු සදුමි ඇඳ ගාවට ගිහින් සුදු පාට පුංචි කකුලක් ඇල්ලුවා. " වොශ් දාලත් නෑ දෝණී. යන්න යන්න මල්ලිට විස බීජ හොඳ නෑ.. " අම්මා එහෙම කිව්වම සදුමි මූණ දෙකක් කරන් සාලෙට ආවා. "ඇත්ද මෙතන ගියා සුදු මල්ලිගේ ඇඟේ කලු ගාන්න.. " තාත්තාට වඩා අවුරුදු දහයක් බාල නැන්දා පුංචි සඳුමිට විහිලු කරන්න පටන් ගත්තා. හොඳටම හිත රිදිලා හිටපු සදුමිගේ මූණ දැං අඬන්න ඔන්න මෙන්න තියෙන අහසක් වගේ. නැන්දගේ විහිලුවට ඔන්න මාමාත් එකතු වුණා. " අපි නම් ආදරේ සුදු මල්ලිට. කලු කෙල්ලොන්ට නම් කවුරුත් ආදරේ නෑ.." තව තව කතා කිය කිය වැඩිහිටියෝ හිනා වෙද්දී සදුමිගේ ඇස් වලින් කඳුලු වැටෙන්න ගත්තා. ඇත්තටම සදුමි කලු නෑ. එයා තලෙලුයි. හරියටම කිව්වොත් සදුමි එයාගේ තාත්තගේ පාට. හැබැයි සදුමිගේ අම්මා නම් සුදුම සුදුයි. ඉතින් කලු පාට අහසේ රන් පාට හද දිලිසෙනවා වගේ සුදු පාට කැපිලා පෙනුණා. එදයින් පස්සේ මල්ලි බලන්න සදුමිගේ ගෙදරට නෑදෑයෝ, අම්මගේ තාත්තගේ යාලුවෝ විතරක් නෙවෙයි අහළ පහල අයත් ආවා. වෙනදාට මේ හැමෝම ගෙදරට එද්දි සදුමිට තමයි තෑගි ගෙනාවේ. අඩුම සදුමිට චොකලට් එකක් හරි හම්බෙනවා. ඒත් මේ පාර ඔක්කොම තෑගි මල්ලිට. සදුමිගේ හිත රස්නෙට දිය වෙන චොකලට් එකක් වගේ දිය වෙලා ගියා. ඒ විතරක් නෙවෙයි. ගෙදරට එන හැමෝම වගේ සදුමිගෙන් එක එක ප්‍රශ්න ඇහුවා. " දැන් ඉතින් අම්මා වැඩිපුර ආදරෙ මල්ලිට නේද..?" " සදුමි කලු වෙලා මල්ලි සුදු වුණේ කොහොමද..??" "මල්ලිට උම්මා දීලා මල්ලිගේ මූණේ කලු ගානවා නෙවෙයි ඔන්න.. " " සදුමි.. ඔයා මල්ලිට කැමති නෑනේ. අපිට ගෙනියන්න මල්ලි දෙනවද.. ?" ඔය හැම වෙලාවෙම සදුමිගේ රතු වෙන මූණ දිහා බලන් විහිලුවෙ අයිතිකාරයෝ හයියෙන් හිනා වුණා. සමහර වෙලාවට ඒ හිනාවට අම්මා, තාත්තාත් එකතු වුණා. වෙනදට තමන්ට විතරක් ආදරේ කරපු හැමෝම මල්ලිටත් ආදරේ කරන්න ගත්තම ඒ හැඟීම තේරුම් ගන්න පුංචි සදුමිට බැරි වුණා. ඉතින් එයාටත් ඉස්සර වගේම ආදරේ ඕනි වුණා. අම්මාගෙයි, තාත්තාගෙයි උණුසුම මැද්දේ සැපට නිදා ගත්තු සදුමිට ආච්චි එක්ක නිදා ගන්න එහා කාමරයට යන්න වුණා. රෑ තිස්සේ මල්ලි ඇහැරෙද්දි අම්මා නැඟිටිනවා. ඉතින් සදුමිට නින්ද යන්නේ නැති නිසා තාත්තා බලෙන්ම වගේ ආච්චි ගාවට සදුමි නිදා ගන්න යැව්වා. හවසට අම්මා එක්ක කෝලම් කර කර ඇඟ සෝදපු සදුමිට වුණේ වැඩ ඇරිලා මහන්සි වෙලා ගෙදර එන තාත්තගේ ඇනුම් බැනුම් වලට බයේ තනියම ඇඟට වතුර දා ගන්න. වෙනදා වගේ පෙර පාසලේ වැඩ කරන්න, අකුරු ලියන්න අම්මා ආවේ නෑ. තාත්තා එක්ක අකුරු ලියන්න වුණාම ඇද වුණේ අකුරු විතරක් නෙවෙයි පුංචි සදුමිගේ මූණත් ඇද වුණා. මල්ලි ගාවට ළං වෙලා මල්ලි හුරතල් කරන්න සදුමි හරි ආසයි. හැබැයි මල්ලි ඉක්මනටම අඬනවා. හැබැයි මල්ලි බෝනික්කෙක් වගේ නිදා ගෙන ඉද්දි සදුමිට හරියට ආදරේ හිතෙනවා. ඉතින් සදුමි මල්ලිගේ බෝල කම්බුල් ආදරෙන් අත ගානවා. මල්ලි නින්දෙන් ඇහැරිලා හයියෙන් අඬනවා.. තවත් වෙලාවක ඒ පුංචි රෝස පාට කකුල් දිලිසෙනවා. ඉතින් පුංචි සදුමි හෙමීට ළං වෙලා ඒ රෝස කකුලක් අල්ලනවා. මල්ලි නින්දෙන් ඇහැරිලා හයියෙන් අඬනවා. " මෙයාගේ වැඩේම මල්ලිට කරදර කරන එකමයි. යනවා යන්න සාලෙට. ගිහින් බෝනික්කෙක් එක්ක සෙල්ලම් කරන්න.. " අම්මා සදුමිට කෑ ගහනවා. මලක් වගේ පුංචි හිතක් තිබ්බ සදුමි එන්න එන්නම තනි වෙනවා. එයාගෙන් ගිලිහුණ ආදරේ ඉල්ලලා එයා හිතුවක්කාර වෙනවා. බත් අතින් නොකා අම්මට කියලා කවා ගන්න ඕනි කියනවා. "මළ කෝලම්. මේ පොඩි එකාගේ වැඩ කර ගන්න බැරුව ඉද්දි මෙයා හුරතල් කරන්න පුළුවන් ද..? මං වේ වැල ගන්න කලින් ඔය බත් ටික කනවා දෝණි.." මුලින් මුලින් සැර කරන්න පටන් ගත්තත් වේ වැල් පාරක් කනකම්ම සදුමි හිතුවක්කාර වුණා. ඉදලා ඉදලා ගෙදර එන නැන්දා සාලේ සදුමි හිටියොත් සුපුරුදු විහිලුව පටන් ගන්නවා. " අම්මට හොරෙන් මල්ලිට උම්මා දුන්නා නේ. අන්න මල්ලිගේ කම්බුලකුත් කලු වෙලා. " වැඩිහිටි හිනාවට පොඩිහිටි හිත සෑහෙන්න රිදෙනවා. ඉතින් සදුමි තව තවත් දඟ වුණා. සමහර දවස් වලට තාත්තා ගෙදර එද්දි අම්මා ගාව තාත්තාට කියන්න පැමිණිලි ගොඩක් තිබ්බා. " දැන් මේ ළමයා හොදටම නරක් වෙලා ජයේ. මං පොඩි එකාට කිරි ටිකක් දීලා අමාරුවෙන් නිදි කරද්දී අම්මා කියලා කෑ ගහගෙන කාමරේට දුවන් එනවා. නැත්නම් මල්ලි නිදා ගන්න කම් ඉදලා අම්මේ ගාලා මහ හයියෙන් කෑ ගහනවා. කොච්චර කිව්වත් පොතක පතක වැඩක් කරන්නේ නෑ.. එක්කෝ ටීවී එකේ. නැත්නම් බෝනික්කෙක් අරන් සෙල්ලමේ. අරන් දෙන්න එපා අලුත් බෝනික්කෝ. දවස තිස්සෙම වද දීලා පේනවද මූණ දෙක කරන් ඉන්න හැටි. " ඔහොම ගෙවෙන සමහර රෑක සදුමිට තාත්තගෙනුත් වේ වැල් පාරක් හම්බෙනවා. ඇත්තටම පුංචි සදුමි දැන ගෙන උන්නේ නෑ එයා අක්කෙක් වෙද්දී එයත් වැඩිහිටියෙක් වෙනවා කියලා. මොනවා කරන්නද.. සදුමි අක්කෙක් වුණත් එයත් තාම පුංචි දරුවෙක්. පවුල මැද්දෙම හැමෝගෙම ආදරේ අඩු වෙද්දී කලු පාට දියමන්ති දෙකක් වගේ තිබ්බ ඒ ඇස් වල කාන්තිය ටික ටික අඩු වෙනවා කාටවත් පෙනුණේ නෑ. එයා හැමෝගෙන්ම හෙමීට ඈත් වුණා. පුංචි සදුමිගේ තිබ්බ හුරතල් ගතිය හෙමින් සීරුවේ නැති වෙලා ගියා. ඒත් කවුරුත් දැක්කේ නෑ. අවුරුදු ගාණක් ගෙවිලා ගියේ තවත් නපුරු, හිතුවක්කාර කියලා ලේබල් වැදිච්ච කෙල්ලෙක් අපේ ලැයිස්තුවට එකතු වෙලා. ඊලග අලුත් අවුරුද්දට සදුමිගේ නැන්දා, ඔයාලට මතක නම් අර සදුමිට පුංචි කාලේ විහිලු කරපු නැන්දා එයාගේ ලොකු දුවයි, මාස හතරක පුතයි එක්ක සදුමිලාගේ ගෙදර ආවා. " අක්කට කියන්න අක්කේ.. අපේ ලොකු දුවත් සදුමි පොඩි කාලේ වගේමයි. හරිම නපුරුයි. හරිම හිතුවක්කාරයි. බැලුවොත් ඇත්නම් මේ පොඩි එකාට ඇඟිල්ලෙන් හරි අනිනවා." " ඔව් ඔව්. සදුමිත් පොඩි කාලේ මල්ලි හම්බුණාම සෑහෙන්න නපුරු වුණා. හැමදාම මගෙන් ගුටි කනවා.. " සදුමිගේ ඇස් නතර වුණේ සැටියේ කොණක වාඩි වෙලා ඇඟිල්ලක් කටේ ගහන් බිම බලන් ඉන්න පුංචි අනුකි දිහාවට. හැබැයි සදුමි දැක්කේ තවත් එක සදුමි කෙනෙක්. අනිත් කෙල්ලෝ වගේ ළඳ බොළඳත් නැති, පැද්දි පැද්දි හුරතල් කතාවකුත් නැති, ලේ බිංදුවක් දැක්කත් ගිරිය යටින් කෑ ගහන්නේ නැති, වචනයක් මිස් වුණ ගමන් අඬන්න පටන් ගන්නේ නැති, සරල සිතුම් පැතුම් නැති සදුමි වගේම නපුරු කෙල්ලෙක්. කවුරුත් තමන්ට දෙයක් කරලා දෙනකම් බලන් ඉන්නේ නැති, අනිත් අය ගැන නිතරම හිතන, තමන්ගේ වැඩ තමන්ම කර ගන්න, කාටවත් කරදර නොකරන, හැමෝටම උදව් කරන, සංකීර්ණව ලෝකේ දිහා බලන සදුමි වගේම නපුරු කෙල්ලෙක්. සමහරුන්ට පණ්ඩිත කෙල්ලෙක්.. නැහැ... සමාවෙන්න.. හැමෝම එයාව නපුරු කෙල්ලෙක් කරා. නපුරු කෙල්ලෙක් විදියට දකින්න පටන් ගත්තා. ඇත්තටම සදුමිලා අපිට මොකක්ද කරේ... එයාලට නපුරු කෙල්ල කියන ලේබල් එක ගහන්න.. මමත් සදුමි දිහා බලන් එහෙම හිතුවා. මාධවි ජයසිංහකෙටි කතාවකි. "ට්‍රිං ට්‍රිං.....ට්‍රිං ට්‍රිං..." පියුම් මහත්තයා කඩුල්ල ලග බයිසිකලේ තියාගෙන බෙල් කරනවා. කමලා ගෙයි දොරෙන් එළියට ඇවිත් බැලුවෙ ඒ සද්දෙට. මූණේ හිනාවක් පුරවගෙන බාගෙට ලිහිලා තිබුණු කොණ්ඩෙත් බැද බැද කමලා මිදුලට බැස්සා. "ලියුමක් තියෙනවා කමලක්කෙ" කමලා උඩින්ම තිබුණු උණ බටේ අයින් කරලා කඩුල්ල පැන්නා. " ලොකු කෙළීගෙන් වෙන්න ඇති.." "දැන් සදා නඟාට සරු ඇති නේද කමලක්කෙ." " හ්ම්..ඔව් මල්ලියේ.." ලියුම අතට ගත්තු කමලා පියුම් මහත්තයට සමුදීලා ඇවිත් ගෙයි පිළේ ඉදගෙන ලියුම දිග හැරියා. "මගෙ අම්මේ...සනීපෙන් නේද?මේත් එක්ක එවන මනි ඕඩරේ තැපල් කන්තෝරුවෙන් මාරු කර ගන්න.මම හොදින්.උක්කුවයි රතුයි හොදින් බලාගන්න.තාත්තා සනීපෙන් ඇති නේද?මගෙ අම්මට දළදා සමිඳු පිහිටයි.. සදා.." "මගෙ දුවේ උඹත් පරිස්සමින් ඉදපන්" කමලා පහත්වෙලා වැටෙන කදුළු රෙදි පොටෙන් පිහිදගත්තා. ඈතින් එන වැහි මන්දාරම නිසා කමලා ගෙයි පිළිකන්නට දිව්වෙ වේළෙන්න දාලා තිබුණු පොල් අතු ටික එකතු කරන්න හිතාගෙන. කෙල්ල ගිහිල්ලත් දැන් අවුරුදු දෙකකට කිට්ටුයි.මාසෙකට ලියුම් කඩදහි දෙකක්වත් එවනවා.ඒ හැම මාසෙම මනිඕඩරේකුත් එක්ක. ඒත් එක ලියුම් කඩදහියකවත් කෙල්ල ඉන්න තැනක් දන්වලා එවන් නැති හැටියක්. "ඒ තරමටම අපි එපා වුනාද මයෙ පුතේ උඔට." සුරුස් ගාලා ගලන හොටු දියර නහයෙන් ඉහළට ඇද්ද කමලා පිල් කණ්ඩිය උඩින් පොල් අතු ටික ඇහිරුවේ තෙමෙන්නෙ නැතිවෙන්න. "කමලෝ....කමලෝ....මෙහෙ වරෙන්." "ඕන්න අදත් කටගොන්නක් බීගෙන." කමලා බත් හැළිය බිම තියලා කුස්සියෙන් එළියට ආවා. "ඉදා
...අද සතයක්වත් ඉතුරු නැ..කොහෙද අර මහ එකී ...ඒකිනෙ උදැහැනැක්කෙම මට මුලිච්චි වුනේ." අතේ තිබුණු පන් මල්ල කමලට දික් කරගෙන ගුණපාල කිව්වෙ හිටගෙන ඉන්නවත් පණ නැතිව වැනි වැනී. "ඉතිරු වෙයිද හැමදාම ඔහොම එනකොට." "මොකක්ද උඹ කිව්වෙ...තොට මම කියන ඒවා අරහං..එතකොට අරකී හොදයි උඹට." "උඹත් පල ඒකිත් එක්කම.." එකපාරටම කමලා ඉස්සරහට පැන්න ගුණපාලට අහුවුනෙ කමලගෙ කෙස් වැටිය. "අනේ තාත්තෙ..අතඅරින්න තාත්තෙ.අම්..මේ..." "තෝ පල අහකට ..එන්න එපා මගෙ ඉස්සරහට මූසලී.." කෙල්ලව තල්ලු කරලා දැම්ම ගුණපාල කමලගෙ කෙස් වැටිය බුරුල් කරලා දාලා එහෙමම ඉස්තෝප්පුවෙ තිබුණු බූරූ ඇඳට වැටුනා. "අම්මේ...යමු ඇතුළට..අම්මා ඉන්න මම උයන්නම්." කමලවත් වත්තම් කරගෙන සදා ගේ ඇතුළට ගියේ බිම වැටිලා තිබුණු පන් මල්ලත් ඇහිදගෙනම. "මයෙ අම්මා ඕවා හිතන්න එපා දෙයියෝ..ඒ මිනිහට මොන යක්ෂයෙක් වැහෙනවද කියලා දෙයියෝ තමා දන්නෙ." කමලා කෙල්ලව බදාගෙන හඬා වැළපුනේ ගතින් දැනෙන වේදනාවට වඩා හිතට දැනෙන වේදනාව ඉවස ගන්න බැරි නිසා. සදා ගෙදර වැඩිමලා.එයාට ඉන්නෙ නංගියෙකුයි.මල්ලියෙකුයි.පවුලේ බඩ පිස්සී තමා නංගී.ආදරේට හැමෝම කිව්වෙ රතු කියලා.පුංචි එකීට තාම වයස අවුරුදු තුනයි. උක්කුවා නම් දැන් ලොකුයි.කෙල්ලටත් දැන් අවුරුදු දහසයක්. අගහිගකම්වලින් හෙම්බත් වෙච්ච කටුක ජීවිතයක් තමා සදාලා ගෙව්වෙ.ගුණපාලටත් හරි හමන් රස්සාවක් තිබුණෙ නැ.එක එක දවසට අතට අහුවෙන මොනවා හරි දෙයක් කරලා ඒකෙනුත් ගුණපාල කළේ බොන එක.ඒ දවසට ඉතින් ගුණපාල හැමදාම වගේ තරහ පිරිමහා ගත්තේ සදාගේ පිටින්ම⁣තමා. අන්තිමේ ඒක නතරවෙන්නෙ කමලට ලැබෙන ගුටි බැට වලින්.කෙල්ල ට දැන් මේ දේවල් හොදට හුරුයි.තාත්තගෙ වෙනස්කම් උහුලන්න බැරි වුනත් ඒ හැම දෙයක්ම හිතේ දරාගෙන පුංචි උන් ඉස්සරහ නාඩා ඉන්න එක තමා සදා කළේ. කෙල්ල ට හිතාගන්න බැ ඇයි තාත්තා නංගිටයි මල්ලිටයි තියෙන ආදරේ තමන්ට නොදෙන්නෙ කියලා. අඳුරු රැයක් ගෙවිලා අළුත් දවසක් උදා වුනා.වෙනද වගේම කමලා තියෙන දෙයක් රත් කරන්න කියලා හිතාගෙන කුස්සියට ගොඩවුනා.නැත්තම් ඉතින් ගුණපාලගේ දෝස් මුරේ අහන්න වෙනවා උදේ පාන්දරම. "මගෙ දුව නැගිට්ටද?මට ටිකක් එළිය වැටෙනකම්ම ඇහැ පියවුනා." නටන කේතලෙන් ජොග්ගුවට තේ පෙරන කෙල්ල දිහා බලාගෙනම කමලා ඇවිත් කොළොම්බු කොටේ උඩ වාඩිවුනේ නිකටට අතක් තියාගෙන. "ඔව් අම්මා.මම අම්මව කූද්දන්න ගියේ නැ." බෙලෙක් කෝප්පෙට වක් කරපු තේ එක කමලා අතේ තියන ගමන් කෙල්ල අනිත් තේ එක ලී පෙට්ටිය උඩින් තිබ්බා. කමලා කෙල්ල දිහා අසරණව බලලා තේ එක අරන් ගියේ ගුණපාල හොයාගෙන. හැමදාම තාත්තගෙ උදේ තේ කෝප්පෙ අරන් යන්නෙ අම්මා.මොකද කෙල්ල ගුණපාල ඉස්සරහට එනවට ගුණපාල කැමති නැහැනෙ. එහෙන් මෙහෙන් ඉර අව්ව පොල්අතු වහලෙන් ගොම මැටි පොළවට වැටිලා අමුතු රටාවක් මැවිලා.සදා මැටි කළෙත් අරන් කුස්සි යාලත්තෙන් එළියට බැස්සෙ වත්ත පහළ තියෙන ළිදට යන්න. "මම යනවා කමලෝ .ලී වගයක් ඉරන්න සියාතු එනවා කිව්වා අද.ඒකෙන්වත් ගතමනාවක් ලැබුනොත් හොදයි." ගුණපාල පන් මල්ලත් අරන් එළියට බැස්සෙ බුලත් විටකුත් කටේ ඔබාගෙන. ඒත් එක්කම කඩුුල්ල පැනලා මිදුලට ගොඩවුනේ සදා. "තුක් නොදකින්..මේකිට දැන්මම ඔය කළේ උස්සගෙන මයෙ මූණටම මුලිච්චි වෙන්න ඕන වුනාද?" කෙල්ල වෙව්ලලා ගියා ඒ කෑගැහිල්ලට . "ඉතින් මක් වෙනවද අද ඔහේට වෙනදටත් වඩා සරුවෙයි.මොකද වතුර කළයක් නොවැ මුලිච්චි වුනේ" කමලා කිව්වෙ හිනාවෙවී ගෙයින් එළියට බහින ගමන්. "කට වහගනින් උඹ.මේකිට කොච්චර කිවුවත් අහන් නැ.මට මේකී පෙනෙන්ට බෑ.ඒක උඹත් දන්නවා.අදත් දවසම කාළකන්නී ඉතින්. මේ පව්කාරී නිසා." "දැන් යන ගමන යන්න.කෑ නොගහ.කොයි වෙලේත් ඒකිගෙ ඇගට ගොඩවෙනවා.මොකක්ද ඒකී ඔහේට කළ වැරැද්ද?" "වැරැද්ද...වැරැද්ද උඹ නොදන්නවා වගේ කතා කරන්න එපා ගෑණියේ.ඒකී ඒකී .මං....." "ඇති ඇති දැන්වත් ඕක නවත්තනවා මනුස්සයෝ." තරහෙන් පුපුර පුපුර ගුණපාල කෙල්ල ලගට ගිහින් උකුලේ තිබුණු වතුර කළේ උදුරලා අරන් කෙල්ල හිතුවෙවත් නැති විදිහට පොළොවෙ ගැහුවා. එසැනින් ඒ ගොරෝසු අත නතරවුනේ සදාගේ කම්මුලේ.එකපාර දෑස් නිලංකාර වෙනවා වගේ දැනුනා.අම්මගෙ කෑ ගැහිල්ලත් ඒ අතරේ කෙල්ලට ඇහුනා.ඒ හැම දේටම වඩා කෙල්ලගෙ හිතට තදින් දැනුනෙ ගුණපාල තමන්ට කරපු අවසාන අනතුරු ඇඟවීම. "තෝ මේ ගෙදරින් පලයන්.මම එන්න කලින්.හිටයොත් ඒ උඹේ අවසානේ.උඹ හින්දා මගෙ දවස හැමදාම කාළකන්නි වුනා.අනිත් උන් දෙන්නගෙ ජීවිතත් කාළකන්නි නොකර අදම මේ ගෙදරින් චුත වෙලා පල කරුමක්කාරී ." කළේ වතුරෙන් තෙමිලා ඇගටම ඇළිලා තිබුනු ගව්ම අතින් හද හදම සදා ගෙට දිව්වා. මුළු ගෙදරටම කියලා තිබුණු පුංචි කාමරේ ලෑලී ඇඳ උඩ ඉදගෙන ඉකි ගගහ ඇඩුවෙ මෙච්චර කාලයක් හිතේ හිරකරගෙන හිටපු හැම දුකක්ම පිට කරලා දාන ගමන්. එදා තමයි සදා ඒ හැමදේටම ආයුබෝවන් කියලා ගෙදරින් ගියේ.අම්මට පුංචි ලියුම් කඩදහියක් ලියලා තියලා තමන් සනතකේටම තිබුණු ගවුම් කෑළි තුන පන් මල්ලට ඔබාගෙන කෙල්ල එළියට බැස්සෙ හිත ගලක් කරගෙන. " කමලක්කේ.....කමලක්කේ...ඩිංගිත්තක් මේන් මෙහෙට වරෙන්." "ආන් අර ලයිසා බෙරිහන් දෙනවා කමලෝ් ගිහින් බලපන්." උදළු තලේට මිටක් රැහැ රැහැ මිදුලේ බංකුවේ වාඩිවෙලා හිටපු ගුණපාල ගේ පැත්තට හැරිලා කියද්දිම කමලා වැට ලඟට දිව්වා. දෙන්නත් එක්ක බර කතාවක්. ටිකකින් ලයිසා යන්න ගියා.ගමේ ගෑණුන්ගෙන් කමලා ලඟින්ම ඇසුරු කළේ ලයිසා විතරයි.සදා ගියදා ඉදන් කමලගෙ හිතේ දුක නිව්වෙ ලයිසා.ගුණපාල නම් ඔය එක එකා එක්ක කමලා වැඩි බජනෙට යනවට කැමති නැ. " මොනවද දෙන්නා කුටු කුටු ගෑවේ ඔයහැටි." " මේ නැ මොනුත් නැ මේ....දැන් කළුවරත් වැටීගෙන එනවා.පොඩි වුන් දෙන්නට කන්න දෙන්නත් එපැයි.මං යනවා උයන්න." "හ්ම්...අර මාළු කූරි ටික මිරිසට හදපන්.දෙයියනේ කියලා දැන් හොදට කනවා මේ ගෙදර." කමලා චීත්ත පොටින් කඳුළු පිහිදැම්මේ ගුණපාල ගේ කතාවෙන් හිතට දැනුනු දුක නිසා.ඇය දන්නවා ගුණපාල මේ නොකියා කියන කතාව. රෑ කෑමෙන් පස්සෙ සුරුට්ටුවක් පත්තු කරගෙන උර උරා හිටපු ගුණපාල ලගට කමලා ආවේ කෝපි කෝප්පයකුත් වක් කරගෙනම.නිදා ගන්න කලින් ගුණපාලට කෝපි බොන එක දැන් පුරුද්දට ගිහින්. " ආ මෙන්න.." කමලා කෝපි කෝප්පෙ ගුණපාල අතේ තියලා උළුවස්සට හේත්තු වෙලා අත් දෙක බැදගත්තා. "මේ....හෙට ගෙදර ඉන්නවද මොනුත් වැඩක් නැත්තම්." "ඒ මොකටද?හෙට මොනවත් වැඩක් නම් නැ තමයි." "පොඩි ඈයෝ දෙන්නා ගෙදර තනියම.ඒකයි." " ඇයි ඔහේ කොහෙද යන්නෙ.?" " මේ ....ලයිසා කොන්දේ අමාරුවට බෙහෙත් ගන්න වෙද මහත්තයෙක් හම්බ වෙන්න යන්න එනවද ඇහුවා..බෑ කියන්නත් බෑනේ.ඒකයි." " ඒකද දෙන්නා කුටු කුටු ගෑවේ හැන්දෑවේ..දැන් කොහෙද ඉන්නේ ඔය වෙදා?" " මේ කටුකැළේ පැත්තේ කියලා තමයි කිව්වෙ නම්." "එච්චර දුර ...හ්ම්...උදෑනැක්කෙම ගිහින් හවස් වෙන්න කලින් එනවා එහෙනම්." "හ්ම්...මම උයලා යන්නම් පොඩි උන්ට කෑම ටික දෙන්න." " කෝ දැන් නිදිද පොඩිවුන්." "හ්ම්.." ගුණපාල නැගිටලා කුස්සි කෑල්ලට ගියේ ගෙයි ඇතුළට ත් එබීගෙනම. කමලත් ඒ පස්සෙම කුස්සියට ගිහින් ලෑලී දොර වහලා දාලා ගුණපාල ලඟින්ම ඇල වුනේ කුප්පි ලාම්පුවත් නිවලා දැමමින්ම. අව් රැල්ල කපාගෙන එන හුළඟ ඇඟේ ගලන දාඩිය බිංදු වේලලා දානවා.මහා රූස්ස ගස් අතරින් වැටිලා තිබුන පුංචි අඩි පාර දිගෙ ලයිසයි කමලයි දැන් සෑහෙන දුරක් ඇවිත් ඉන්නෙ. "තව දුරයිද ලයිසො.දැන්නම් හරිම තෙහෙට්ටුයි." කමලා ඔසරි පොටෙන් දාඩිය පිහිද පිහිද පාර අයිනෙම තිබුණු ගල් කුළක් උඩ ඉදගත්තෙ කකුල් දෙකත් දිගඇරගෙන. "පණිවිඩෙ දුන්න කෙනානම් කිව්ව මග විස්තර අනුව තව ටිකයි කමලක්කෙ..යමු සුනංගු නොවී.හැන්දෑ වෙන්න කලින් යන්නත් එපැයි." "උඹට ඔය පණිවඩෙ විශ්වාස ද ලයිසෝ" "අවිශ්වාස කරන්න තරම් හේතු නැනෙ කමලක්කො.." කමලා හයියෙන්ම හුස්මක් පිට කරලා නැගිට්ටා. තව ටිකක් ඇතුළට⁣ගියාම ගල් පර්වතයක් එක්ක එළිකරපු බිමක් හම්බුනා.ගස් කොළන් වලින් දැනෙන සිසිල කියන්න බැරි තරම්.කුරුළු කොබෙයියන්ගෙ කන්කරච්චලේ විතරයි හැම තැනින්ම ඇහෙන්නෙ. ගල් පොත්තක් උඩ කොටලා තිබුණු පියගැටපෙළ දිගෙ උඩට නැගපු මේ දෙන්නා වටපිට බැලුවෙ පුදුමයෙන්. ඒත් එක්කම ඇහුනෙ පනිට්ටුවක් පෙරළෙන සද්දෙ.දෙන්නගෙම ඇස් නතර වුනේ ලොකු නා ගහක් පාමුල.පුංචි මුව පැටියෙක් ඒ ළඟට වෙලා වතුර බොනවා.. ගල් පොත්ත උඩ එලලා තිබුණු පන් පැදුර උඩ වාඩි වෙලා කමලා හොදටම අඬනවා.ලයිසා එතනින් නැඟිටලා ඈතින් තිබුණු කොට්ටම්බා ගහ යටට ගියෙ බලාගෙන ඉන්න බැරි කමට. "මට සමාවෙන්න...පුළුවන්නම් තාත්තටත් සමාවෙන්න...ඒ මනුස්සයා මගෙ තරහ තමා ඒ විදිහට ඔය පිරිමහගත්තෙ..අද මම හැමදේම කියන්නම්.අනේ මට සමාවෙන්න. හිතට සැනසීමක් දැනෙයි මට එතකොට. කමලා වැටෙන කඳුළු ඔසරි පොටට ගුලි කරගෙන ලොකු හුස්මක් ගත්තා. ගුණපාල කරකාර බැදගන්න කලින් මම වෙන කසාදයක් කර ගත්තු ගෑණියෙක් . ඒ මනුස්සයා කළේ රා මදින එක.බැඳලා මාස දෙකක්වත් යන්න කලින් මගෙ කරුමෙට ඒ මිනිහා කිතුල් ගහෙන් පල්ල වැටිලා බිම තිබුණු ගලක ඔළුව වැදිලා මළා. මට වුනේ ගමේ වුන්ගෙන් කයි කතන්දර අහගෙන ආයෙත් අපෙ අම්මලා ගාවට එන්න.ඒ ඇවිත් ටික දවසකින් තමයි මට ගුණපාල මුණගැහුනෙ.ඒ කාලෙ එයා අපෙ ගමේ වෙළදාමෙ ආවා.මං ගැන විස්තර දැනගෙනම තමයි එයා මාව කසාද බැදගත්තෙ. ගුණපාල ගාවට ඇවිදින් සතියක් යන්න වුන් නැ දුව බඩට ඇවිත්.එදා ඉදන් තමයි මේ හැම නස්පැත්තියක්ම සිද්ද වුනේ... අනේ මට සමාවෙන්න...ඒ ...ඒ....දුවගෙ තාත්තා නෙමෙයි...මම ගුණපාල එක්ක එනකොට ඒක දැනගෙන හිටියෙ නැ..ඒක නිසා තමයි දුවේ හැම තිස්සෙම ගුණපාල තරහින් පිපුරුවේ. ඒ හැම දේම හංගගෙන හිටියෙ මයෙ දරුවට ගමේ උන්ගෙ කයි කතන්දර අහන්න වෙයි කියලා හිතලා.ඒත් අන්තිමේ මට මගෙ දරුවව නැතිවුනා... අහගෙන ඉන්න බැරි තරම් දේවල් කිය කියා ඒ මනුස්සයා කරගත්තේ ගෙවාගන්න බැරි තරම් පව් රැස් කර ගත්තු එක.ඒකට මේ අම්මත් වග කියන්න ඕන. අනේ මට සමාවෙන්න. ගුණපාලටත් බොරුවක් කියලා මේ ගමන ආවේ ලයිසට ලැබුණු පයිංඩයකට.මම ජීවත් වුනේ පිච්චි පිච්චි.අම්මෙක්ට දරු දුක දරාගන්න අමාරුයි. ඒත් මම කවදාවත් මෙ
හෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැ." කමලා තවමත් ඉකිගහනවා.ඇගේ ළමැද ඒ දුකින් හෙළ පහළ යන රිද්මය දුරින් ඉන්න ලයිසට වුනත් පැහැදිලිවම පෙනුනා. "සමාව ඉල්ලන්න එපා අම්මේ..මම සතුටු වෙනවා අම්මගෙ බඩේ මම ඉපදුනාට.ඒ වගේම තාත්තා ගැනත් මගෙ⁣ හිතෙ තියෙන්නෙ අප්‍රමාණ ආදරක්..ඒ ලේ මගෙ නොවුනත් ඒ මගේ තාත්තම තමයි.දැන් නාඩා ඉන්න." "ගෙදරින් කිසිම අරමුණ ක් නැතිව ආවත් දැන් මට අරමුණක් තියෙනවා.ජීවිතේ හැම දෙයක්ම සිද්ද වෙන්නෙ පෙර කුසල් අකුසල් නිසාම තමයි." "ඒ විදපු හැම දෙයක්ම මම ගෙනාපු පිං පව් නිසා තමයි.ඉතින් ඒ හැම දෙයක්ම සිද්ද වුනේ හොදට මිසක් නරකට නෙමෙයි.දුක් වෙන්න එපා." " දැන් එහෙනම් දෙන්නත් එක්ක මෙහෙන් පිටත් වුනොත් හොදයි නේද?.රෑ බෝ වෙන්න කලින් මේ වනාන්තරෙන් එළියට යා ගන්න පුළුවන් එතකොට.අපිට වගේ මේ වන සත්තු පිටින් එන අයට හුරු නැ" කමලා ඉද හුන් තැනින් නැගිටලා දෑත නළලෙ තියලා ඒ පය පාමුල වැද වැටුනෙ තව තවත් ඇගේ කඳුළින් ඒ පය දෝවනය කරමින්. "සුවපත් වේවා !!! " නිමි.______________________________________ කිචි බිචි ගාමින් කුඩා කටවල් ඇරගෙන අම්මා කවනා තුරු ඉවසීමක් නැතිව කසිලි බිසිලි කරනා කුරුලු පොඩිති රෑනේ ඝෝෂාව අසමින් මොහොතක් හිදි මම තවත් බත් අහුරක් ඔවුන් වෙත විසි කර අවසාන බත් අහුර ඇලට විසිකර දැමුවෙමි.මාලු රංචුවක් පොරකමින් වතුරෙන් උඩට විත් ඇසිල්ලකින් බත් ඇටයක් ඩැහැගෙන ඇල පතුලේ අතුරුදන් වෙයි.මේවා මගේ එදිනෙදා ජීවිතයේ නියත රාජකාරි බවට පත් වුනේ කවදා ඉදන් දැයි නිනව්වක් නැත.නමුදු ආරච්චි ගෙදර බාලයා වූ විහාර මහත්තයා ශිෂ්‍යත්ව විභාගය පාස් වුනු නිසා සිදාදියෙන් ගෙනත් ඔහුට තෑගිකල අහල ගම් හතකවත් නැති අපූරු බයිසිකලයේ නැගී හවස්‍ යාමේ කොලු රංචුව හා කරක් ගැසීමට මෙතනින් යාම පටන්ගත්ත කාලයේ පටන් මමත් මෙහි එන්නට හුරු වූවාදැයි කියා යම් නොපැහැදිලි මතකයක් හිත අස්සේ නැතුවාම නොවේ. "හිච්චි කෙල්ලේ..උබ අදත් ඔය බත් ඩිංග ඇලට විසි කොරනවයි හත්දෙයියනේ.යකෝ ඕකුන්ට බත් නැතුවට කන්න ඇති පදන් කෑමජාති නැතෑ.අපිට කන්න තියන බත් ඩිංග උන්ට දීලා හරියනවයෑ යෝදියේ.බොලාට පොතේපතේ නැති කිසි එකක් ගැන වග විභහයක් නෑ නෙව අම්මපා" "අනේ කෑ ගහන්නෙපා අම්මේ.මගේ පංගුවෙන් දුන්නෙ.මට රෑට බත් ඕන නෑ" "අනේ මගෙ කට.හැමදාම කියවන බයිලාවනේ ඕක.මොකෝ එහෙමයි කියලා තෝ එක දවසක් හිටියද සාගතේ. ඇහැක් නම් ගොහින් ආරච්චි ගෙදර මායිමේ කොහිල ගාලෙන් කොහිල අලයක් කපන් වරෙන්.හෙට දිහාට මාලුවක් හදන්න දෙයක් ගේ හරියෙ නෑ" මහා විසාලෙට අක්කර බර ගානක්ම තිබුන ආරච්චි වත්ත මායිමෙන් ගලා යන්නේද අපේ හිච්චි මැටි ගේ මායිමෙන් ගලාගෙන යන ඇලම නමුත් ඒ හරියේ මෙන් සරුසාරෙට කොහිල අලයක්වත් මේ හරියේ හැදෙන්නෙ නැති වීම ගැන මම අනන්තවත් කල්පනා කර ඇත.වාඩිවෙලා ඉදපු කඩා වැටෙන්න ඕන්න මෙන්න ලෑලි බංකුවෙන් නැගිට ලෑලි කෑලි දෙකකින් යා කර තිබූ,ඇලෙන් වෙන් වී ඇති ගෙදර ඉඩමත් ගුරුපාරත් අතර දුර තරනය කරනා අතරතුර අද තාමත් විහාර මහත්තයා සෙල්ලම් පිටිය පැත්තෙ නොගියෙ ඇයි දැයි සිතන්නට වුනෙමි ඇල අයින දිගේ ගුරුපාර දෙපැත්තෙම සරුවට වල් බිහිවී තිබෙනු දැක බොහොම කාලෙකින් සුද්ද කරන්න අමතකව ගියේ ඇයි දැයි සිතුවෙමි.වතුසුද්ද ගස් පේලිය නොපෙනෙන්නටම වල් ගස් උස්මහත් වී ඇත.වෙනදා නම් පුන් පොහෝ දිනට ගුරුපාර සුද්ද කිරීම පුරුද්දක් වශයෙන් කලද පහුගිය මාස කීපයක් තිස්සෙම හුරු පුරුදු ජීවන රටාව මග හැරෙමින් තිබෙන වග දැනී ගියද ඒ පිලිබද කල්පනා කිරීම පවා හිසරදයකි.කොහේ හෝ මුල්ලකට වී ඉබාගාතේ දුවනා සිතුවිලි අස්සේ රිංගනා විහාර මහත්තයාගේ හිනාවම මව මවා හිදීම තරම් සැපතක් නැතිව ගියේ ඔහු පංසලේ කඨින පිංකම දවසේ'ඔයා පින්න මලක් වගේ හංසනා'කියා කියූ දවසේ පටන් වගනම් තක්කෙටම මතකයේ ඇත.එදා පටන් මගේ ප්‍රියතම මල පින්න මල විය. අවසිහියෙන් පිහියක් ගෙන ඒම අමතකව ඇත.' දැන් ඉතින් කාපන්කො කොහිල කටු පිටින්'කියමින් යටි සිත සමච්චලේට හිනාවෙයි.අමතකවීම් මිනිසුන්ට සිදුවෙන සාමාන්‍ය දේවල් වග කියමින් යටි සිතට තරවටු කලද අමතක වීමයි ඔය දැන් දැන් එන අවසිහි ගතියයි දෙකක් යැයි කියමින් නැවත යටි සිත සිනාසෙයි.දැන් කොහොමත් හෙට එලිවෙනතුරැ අම්මාගේ අවලාද ඇසීමට නියත වග දනිමි.කුඩා මොලය ඉක්මනින් ක්‍රියාත්මක වී අල වෙනුවට දලු කාපන් යැයි කීව නිසාවෙන් සිරුවට පල්ලම් බැස්සෙමි.බාටා කෑලි දෙකේම විලුබේ ඇති තඩි හිල් දෙක මතක් වී ප්‍රවේසම් වන්නට මොලට සංඥා කලේ නැතහොත් කොහිල කටු ඇණගෙන විදවන්නට ගත් කල පාසල් ගමන ඇණ හිටියහොත් එහි පාඩුවත් තමාටම බව දැනුන නිසා විය යුතුය. කොහිල දලු මිටක් කඩාගෙන ප්‍රවේසමෙන් ගොඩවෙත්දී පාර අයිනේ තිබුණු කුඩා ගල් කැටයක එක් කකුලක කුඩා ඇගිල්ල වැදී ගියේ කොහිල කටු ඇනුනාට හපන් වේදනාවක් දෙමිනි.දෛවය මෙතරම් නීච අන්දමින් සරදම් කරන්නේ මන්දැයි සිතමින් රුහිරු ගලනා ඇගිල්ල දෙස බලා උන්නේ හිතේ උපන් කෝපයෙනි.ඒ කුමක් කෙරේදැයි ඇසුවහොත් දීමට උත්තර නම් නැත.එකෙනෙහිම කණ වැකුණු විහාර මහත්තයාගේ බයිසිකල් සීනු හඩ වේදනාව සුන්නද්දූලි කර දැමුවේ එය එතරම් මිහිරි හඩක් නිසා විය යුතුය.ගමේ කොල්ලන්න්ගේ ලදරම් බයිසිකල් වල මෙන් මලකඩ හඩක් නොව එය පාසලේ සංගීත කාමරය දෙසින් එන හඩක් මෙන් කන්කලු එකකි. "ආ.. හංසනා.කකුල තුවාල වෙලා නේද? " "ඔව් විහාර මහත්තයා.ගලක වැදුනා" "ගොඩක් ලේ එනවා නේද?" "නෑ මේක එච්චර දෙයක් නෙමෙයි" "නැත්තෙ මොකෝ ළමයො.ඔය ලේ එනවා" ඔහු බයිසිකලයෙන් බැස අසල වූ ගසකින් කොල අහුරක් උදුරාගෙන මා වෙත පා යන්න ගියේ පරිස්සමින් යන්න යැයි කියමිනි.කොල අහුර තුවාලයට තබා ලේ ගැලීම වලකාලීම අපරාදේ යැයි සිතී එයින් මැල්ලුමක් සදා කන්නට තරම් පස්වනක් ප්‍රීතියකින් සිත පිනා ගියාය.කොහිල දලු මිට බිම අතහැරී තිබුනු දැක ඇසිල්ලකින් අම්මාගේ මුහුණු මැවෙන්නට විය.වැරදී හෝ කොහිල දලු මිටිය වෙනුවට වල්පැල මිට රැගෙන ගියා නම් නිවන් යෑම යෙහෙකැයි සිතෙන්නට තිබුණි. පාසලේදී වෙනදාට වඩා වැඩිපුර පෙනෙනා විහාර මහත්තයාගේ සිනාව වෙනදා මෙන් නොව හරිම ආදරණීය යැයි සිතුනි.එනිසාම උදේ වරුවේ එලෙස දකිමිනුත් හවහට ගේ ඉදිරිපස ඇල අයිනේ ඇති ලෑලි බංකුවේ වාඩි වී කුරුලු කොබෙයියන්නටත් ඇලේ මාලුන්ටත් බත් ඇට විසිකරමින් සිටිනා විටත් නොවරදවාම ඔහුව දකිමින් කාලය හැල්මේ දිව ගොස් තිබුණි.දිනපතා පාසල් යාමේ අති මහත් උනන්දුව පසුපස ඔහු සිටි වග අවබෝධ වන්නට මට දෑ අවුරුද්දක්ම ගත විය.උසස්පෙල සමත්ව විශ්ව විද්‍යාලයට තේරී පත් වුනු ඔහු ගම් පියසට සමුදුන් පසු පාසල් නොයා හිදීමට හේතු සොයා වෙහෙසෙන්නට සිදුවුනි.සාමාන්‍ය පෙල විභාගය ඕනෑවට එපාවට ලියා දැමුවද ප්‍රථිපල ලෙස එස් අකුරු හතරක්ම ඇවිත් තිබුනි.අම්මා සති දෙකක් යනතුරු බැන වැදුනේ ඇලේ මාලුන්ටත් කුරුලු කොබෙයියන්නටත් බත් කවමින් හිටි නිසා විභාගේ පේල් වුනා යැයි කියමිනි. "කොහොමද හංසනා.?" "වරදක් නෑ විහාර මහත්තයා.ඉන්නවා" "පාඩම් වැඩ කරනවද?" "ඔව්" "ඒ වුනාට ඇලේ මාලුන්ට බත් කවන ගමන් නෙ දැක්කොත් ඇත්තන් ඉන්නෙ" "ඒක දැන් පුරුද්දට ගිහින්" "අපි පුරුදු වෙන්න ඕන අපිට වැඩකට ඇති දෙයක් හංසනා" "මට ඒකෙ වැඩක් තියනවා විහාර මහත්තයා" "මම ඒක දන්නවා හංසනා..ඒත් ඒක වැඩක් ඇති දෙයක් නෙමෙයි කියලා ඔයා කවද්ද තේරුම් ගන්නෙ.අනාගතේ ගැන හිතලා හොදට ඉගනගන්න" "අපි ඉගන ගත්තයි කියලා අපිට බෑනෙ මහත්තයා ලෝකෙ වෙනස් කරන්න.ලැබෙන්නෙ නැති දේවල් ඉගනගත්තත් එකයි නැතත් එකයි ලැබෙන්නෙ නෑම තමයි ඉතින් " "ලෝකෙ වෙනස් කරන්න පුලුවන් වෙන්න හරි බැරි වෙන්න හරි අපි ලෝකෙ දකින්න ඕනනේ හංසනා.දේවල් ඉගනගන්න ඕන.ලෝකෙ වෙනස් නොකරත් තමන්ගෙ ලෝකෙ හරි වෙනස් කරගන්න පුලුවන් එතකොට.ඉගනගන්න.මේ ගමෙන් එලියට යන්න.එහේ ලස්සන ලෝකයක් තියනවා.සමහරවිට ඔයා ඔය නොලැබෙන නිසා දුක්වෙන දේවල් වලට වඩා හොද දේවල් ඒ ලෝකෙදි හම්බවෙන්න පුලුවන්” "මට මේ ගමේ හුලගත් සැපයි මහත්තයා.ඔය නොදන්න දේශ දීපංකර වලට වැඩිය" "හ්ම්ම්. මම හෙට යනවා හංසනා..කැම්පස් පටන්ගන්නවා අනිත්දා ඉදන්" "දෙයියන්ගෙ පිහිටයි විහාර මහත්තයා.පරිස්සමට ඉන්න" "හිත ගමේ දාලා යන්නෙ හංසනා.කරන්න දෙයක් නෑ.යන්නම වෙනවා.නවතින්න බැරි තැන් වල නවතින එක කාටවත් යහපතක් වෙන දෙයක් නෙමෙයිනෙ" "පොඩි හාමුදුරුවෝ මේ පැත්තට වඩිනවා.විහාර මහත්තයා යන්න එහෙනන්" ගමේ පංසලේ ගරා වැටුණු බණ මඩුව පිලිසකර කර ලග එන වෙසක් පෝයට පෙර හුණු පිරියම් කරන්නට ගමේ තරුණ නඩය විසින් කරන ලද ශ්‍රමදානය දා හැන්දෑවේ විහාර ගේ අසල බුදු කුටිය සෝදමින් ඉන්නා වෙලේ විහාර මහත්තයා කියා ගිය වචන පන්සල් වත්තේ පිහිටි මහ කලුගල් තලාව පපුව උඩ තබා ඉන්නාක් මෙන් පපුකුකර අස්සේ වේදනා දෙමින් බොහෝ කලක් යනතුරුම රැදි තිබුනි. "ඔය ඇලේ මාලුන්ට බත් ගිල්ලවන එක දැන්වත් නවත්තහන් හිච්චි කෙල්ලෙ.බොට යන කලදසාවක් ගැන හිතහන්.අකුරු සාස්තරේ හරිහමන් විදියට කොරගත්තෙත් නැතිඑකේ දෑතෙ කර්මාන්තයක්වත් හුරු වෙයන්" අපේ ගෙදර මිදුලෙන් හැන්දෑ වරුවට අම්මාගේ එම වාක්‍ය කණ්ඩය දිනපතා වාදනය වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පුවත් විකාශනය පටන්ගන්නට පෙර කියවනා වැකිය මෙනි.එය බීරි අලින්ට වයනා වීණා මෙන් මගේ දෙසවනට හොදින් වාච්චි වී ඇත. ලෝකය බෝලය කැරකීම නවතා දමා ගිමන් හරිනවා දැයි මට විටෙක සිතෙයි. අම්මාගේ අවලාද ඉවසා සිටිය නොහැකි තැන එහා ගමේ බතික් වැඩපොලේ රස්සාවක් හොයා ගන්නා විට අවසන්වරට වරට විහාර මහත්තයාව දැක පෝය හයක්ම ඉක්ම ගොස් තිබුණි. වෙසක් පෝයට ගමේ තරුණ නඩය සමග බොහෝ පිංකම් සංවිධානය කරන්නේ ධම්මේස්සර පොඩි හාමුදුරුවෝ විසිනි.දිනපතා රස්සාව හමාර කර ගෙදර ඇවිදින් කඩිමුඩියේ පංසල වෙත රැස්වෙනා ගම් වැසියෝ වෙසක් සැරසිලි කරන්නේ අති උත්කර්ෂවත් අන්දමිනි.අවසන පෝය දා හැන්දෑ යාමය වනවිට මුලු ගමම ඒකාලෝක කරමින් පංසලේ දැල්වෙනා කූඩු දහස් ගණනින් පහන් ආලෝක,බකට්,තොරණ් දැල්වෙන්නට ගන්නේ මුලු ගමටම නිරාමිස ප්‍රීතිය බෙදමිනි.ආරච්චි ගෙදර ඉබ්බා කාරයෙන් එම නිවසේ ඇත්තෝ බැස ගනිත්දී විහාර මහත්තයා දුටු විට පංසල් වත්ත පුරාවටම ඇති ආලෝකයටත් වඩා ආලෝකයක් මගේ සිත තුල විය.නමුදු ඔහු
ගේ බැල්මක් හෝ මවෙත වැටුනේ නම් නැත.ගමේ සිටිය විහාර මහත්තයා මෙන් නොව ඔහු බොහෝ වෙනස් වී තිබුණි. නිවසෙන් වැඩපලටත් වැඩපලෙන් නිවසටත් යාම ඒම අතරමගම කාලය ඔහේ ගෙවී යමින් සතර අවුරුද්දක්ම ගත වී තිබුණි.බොහෝ කලාතුරකින් ගමේ ඇවිත් යන විහාර මහත්තයා එම සතර අවුරුද්දටම දැක තිබුනේ හය වතාවක් පමණි.හිනාවක් පමණක් මවෙත පා යන්නට යන ඔහු කෙරේ කිසිදු සුවිශේෂ හැගීමක් දැනුනේ නැත. විහාර මහත්තයා ලොකු මහත්තයෙක් වී සිදාදියේ ලොකු නෝනා කෙනෙක් කැන්දාගෙන එන නිසාවෙන් අම්මාද ආරච්චි නිවසේ වැඩපල සදහා ගොසිනි.උදෑසන සිටම ඩක ඩක ගාමින් තිබුන හදවත මත යක්කු ඩෙගා නටන්නට ගත්තේ මගුල් පෙර හැරේ වැයෙනා මගුල්බෙර හඩ ඇසීය.හෙමි හෙමින් ලං වුන මගුල් පෙරහැරේ ඉදිරියෙන්ම ගමන්ගත් කාරයේ පසුපස අසුනේ සිට ඇල අයිනේ ලෑලි බංකුව තිබුණ ඉසව්වට නෙත් යොමනා විහාර මහත්තයාව අඩවන් කල කවුලු පියන අතරින් දුටුවෙමි.ඔහු එය නොපෙනී යන තුරාම ඒ මතින් දෑස් නොගත්තේ මන්දැයි සිතමින් සීරුවට ගලා ගිය කදුලු පේලි දෙකක් පිටි අල්ලෙන් පිහාගත් මා සුසුමක් හෙලා මුවට සිනාවක් නගා ගත්තෙමි.අම්මා කීව වදන් සිහිනයෙකින් මෙන් ඇසෙන්නට විය "ආරච්චි හාමිනේ ලේලිගේ වරුණාව කියවන්නෙ හරි තන්තෝසෙන් හිච්චි කෙල්ලෙ.බොහොම දුප්පත් තැනක කෙල්ලෙක්ලු.ඒ වුනාට මොකෝ අකුරු සාස්තරේට හරි හපනිලු.ඔය විහාර මහත්තයමලු උපකාර කරේ විස්සවිද්දාලෙ ඉන්න කාලෙ.වත්පොහොසත් කම් වලට වඩා දැන උගත්කම් බොහොම වටිනවනෙ හීන්මැනිකො කියලා හරි ආඩම්බරේට හිනා වුනා ආරච්චි හාමිනේ"අඟුරු කබල සබන්පොඩි සීයා අපේ සීයා හමුවට පැමිණෙන කුඩා අපගේත් මිතුරෙකි. සබන් පොඩි මහත්තයා යනුවෙන් ගමේ හඳුන්වන ඔහු බටේමුල්ලේ (ඉමදුව නගරය) යන එන ගමන් අපේ නිවසට ගොඩවැදෙයි. තේකක් කාරිය බීලා නැවත ගමන් අරඹයි. අපේ සීයාට ගෙන්වා ගැනීමට අවශ්‍ය දෙයක් ඔහු බටේමුල්ලෙන් ගෙන එයි. ඉස්සර මනිබඩු වෙළඳාමේ යෙදීම හේතුවෙන් "සබන්" යන විශේෂණ පදය යෙදුනු "පොඩි මහත්තයා" කලකට පසු "සබන්පොඩි මහත්තයා" ලෙසින් ගැමියෝ විසින් හැඳින්වින. දිගු සරමක් සහ අත් දිග කමීසයක් ඇඳි ඔහු, කෙසඟ එහෙත් දිගු අතපය හිමි අයෙකි. දත් නැති මුව හෙයින් ඔහුගේ නාසය දිගට පෙනුනේ ජම්බු කොට්ටෝරුවකුගේ මුහුණක් ලෙසිනි. දිලිසෙන තීක්ෂණ දෑසක් ඔහු සතු විය. ඔහු දුටු විට අප කුඩා කල ආත්තම්මලා අප නැළවීමට ගැයූ මේ කවිය මතකයට නැගේ. "ජම්බු කොට්ටෝරුවා බයවෙලා ලෙඩ වුනා... අසනීපය සුව වෙන්නට, තොවිලයක් පළ කලා... දෙහි කපා මැතිරුවේ, මෛනහාමිගේ පුතා, ඩෙන් ඩෙනා ඩෙන් ඩෙනා... මහ හඬින් මැතිරුවා..." කුඩා දරුවන් ගේ එවකට සුලභවූ ඇස්වහ කටවහ දොස් ඇරීමට ගමේ සිටි ප්‍රසිද්ධම "අත්තගහ මතුරන්නා" ඔහු විය. අඹ අත්තක් ගෙන ආතුරයාගේ හිසේ සිට දෙපතුල දක්වා මතුරන ඔහු සටපට ගා කොඳුරන හඬ අදටත් මාගේ සවනත දැනේ. පෙති ගැසූ අමු කහ දැමූ පොල්තෙල් පීරිසියක් දබර ඇඟිල්ලෙන් කලතමින් ඔහු මතුරා ආතුරයාගේ නළලේ තවරා ආශිර්වාද කිරීමෙන් සියළු දොස් නිවාරණය වේ. හිසේ සිට දෙපතුල දක්වා අඹ අත්‍ත ගෙන ගොස් අසුරක් ගැසීමෙන් දොස් දුරැලීම එකල සාමාන්‍ය ක්‍රමයයි. සබන්පොඩි සීයා තේ බීවාට පසු කුඩා අපි මෙසේ කීම නිරන්තරයෙන්ම සිදුවින. "අනේ, සබන්පොඩි සීයේ අඩව්වක් අල්ලලා පෙන්නන්නකෝ" "ඕං බලන්නකෝ" අත පය දිගහැර විනාඩි කිහිපයක් නටා පෙන්වීම ඔහු එකල සිදු කලේය. මැන්ඩියට සිටීමේ සිට නැටුම අවසන් වනතෙක් පුප්...පුහ් හඬින් "අදෝවා පෙලක්" සමගින් ඔහුගේ නැටුම මැනවින් නාදවත් වේ. දිනක් බටේමුළු ගොස් පැමිණි සබන්පොඩි සීයා "අඟුරු කබලක්" අපේ සීයාට ගෙන ආවේය. "ඉස්කෝල මහත්තයා, ඕං නියම අඟුරු කබලක් ගෙනාවා. කමලා එකෙනුත් බලලා, වෙලේකඩෙන් තමයි මේක ගෙනාවේ" සීයා පුදුමයෙන් සබන්පොඩි සීයා දෙස බලා මෙසේ කීය. "මම ඔහේට අඟුරු කබලක් ගේන්න කිව්වේ නෑනේ" ..... ..... "එහෙනම්, මක්කැයි ගේන්න කිව්වේ" .... .... "අඟුළු කරවල" සීයා හිනැහෙමින් කීය. ...... උපුලගෙයි සඳුනගෙයි කථා වගේ පරණ රසාංග මතක් වෙනකොට ආයෙත් ලියනවා ඕං. පරණ කථා අඩයාලමේ තවමත් සුරැකිව තියෙනවා. ස්තූතියි අඩයාලම!!! මම දිනෙත් සමරවික්‍රමඑයා 🍁🍁🍁🍁🍁🍁 එයාව මට හම්බෙනකොට යන්තමට මගෙ විවාහ ජීවිතේට අවුරුදු හතක් පිරුනා විතරයි.හරියටම කියනවනම් අවුරුදු හතයි මාස දෙකයි දවස් හතරයි.කසාදෙට පස්සෙ මව් පාර්ශවයෙන් මට ලැබුණු ඉඩමෙ ගේ හදාගෙන පදිංචි වෙලා හරියටම මාසයයි දවස් හතරක් එතකොට ගෙවිලා ගිහිල්ලා තිබුනා.අලුත්ම පරිසරයක අලුත්ම ගෙදරකට මම අනුගත වෙමිනුයි හිටියෙ.අසල්වාසී සම්බන්ධතා ඇති කරගනිමින් ඉන්න කාලෙක අසල්වාසියෙක්ගෙන් ලැබුණු අලුත් සබඳතාවයට මම ඒ තරම් කැමති වුනේ නෑ.ඒත් ප්‍රතික්ෂේප කරන්න බැරි මොකද්දෝ හැඟීමකින් මම වෙලිලා හිටියා.ඒක නිසාම එයාව දැක්ක මුල්ම වතාවෙම බැඳීමක් නැතත් එයා දකින මානෙකම ඉන්න එක මට ලොකු සතුටක් ගෙනාවා.පස්සෙ පස්සෙ මම ඒ බැඳීමට හුරු වෙන්න ගත්තා.මහත්තයත් අපි දෙන්නගෙ බැඳීම ඒ තරම් දුර ගිහින් වග දැනන් හිටියෙ නෑ. දන්නෙම නැතුව එයාට මාත් මට එයාත් නැතිවම බැරිව ගිහින් තිබුනා.කන්න ගියත් මට එයාව මතක් වෙනවා.ඒ වෙලාවට මම එයාටත් කන්න මොනාහරි ඉක්මනටම හදලා දෙනවා.මහත්තයා එයාට ටිකක් අකමැති ගතියක් පෙන්නන්න ගත්තෙ ඔය කාලෙදි.පස්සෙ මම මහත්තයට හොරෙන් එයාව ගෙට ගත්තා.ඔහොම කාලයක් ගෙවිලා ගියා. ටික කාලයක් යනකොට එයාට මා එක්ක ගෙට වෙලා මං කියන දේවල් අහන් ඉන්න එක එපා වෙන්න ඇති කියලා මට හිතුනෙ එයා හොරෙන් හොරෙන් ඉස්සරහ ගෙදරට යනකොට.මුල් කාලෙ මට හොරෙන් එහෙ ආවා ගියාට පස්සෙන් පහු එයා එළිපිටම ඉස්සරහ ගෙදර නවාතැන් ගත්තා.එහෙ ගෑනු ළමයි දෙන්නෙක්ම ඉන්න නිසා මම හිත හදාගත්තා එයාට ගැළපෙන සම්බන්ධතාවයක් පටන් ගත්තට කමක් නෑ කියලා.ඒත් මට දුකයි වෙලාවකට හරිම පාළුයි.ඔහොම ටික දවසක් ගෙවිලා ගියා.එයා ඉස්සරහ ගෙදර ගෑනු ළමයි දෙන්නවම එක පාර දැලේ දාගෙන කියලා මට ආරංචි වුනා.පස්සෙ පස්සෙ එයා නරක අතට යනව මිස හොඳ මගකට එනවා නම් මට දකින්න හම්බුනේ නෑ.එයාගෙ අම්මගෙ වයසටත් වැඩි වයසක අය එක්කත් එයා සම්බන්ධතා පැවැත්තුවා. මට පුලුවන්කම තිබ්බා එයාව නවත්තන්න.ඒත් මට හිතුනා හිර කරලා තියාගත්තා කියලා එයාව හදන්නත් බෑ කියලා.පුදුම කළකිරීමකින් මම එයා කරන දේවල් දිහා බලන් හිටියෙ.අතරින් පතර මාව මතක් වුනාමදෝ එයා ඇවිත් ගියා.ඒ වෙලාවට එයාගෙ හිනාව හරිම අහිංසක පාටට මට පෙනුනා.ගොනා වගේ මාත් ඒ හිනාවට රැවටිලා එයාට අනුකම්පා කලා.සතියක් දෙකක් යන්න ඇති එයා කකුල කඩා ගත්තා.මම දන්නෑ ඒක එයාට කොහොමද වුනේ කියලා.කකුල නොන්ඩි ගහ ගහ වැරැන්ඩා එකේ සීතල බිම එයා ඇවිත් වැටුනා.මට හිතාගන්න බැරි වුනා එයාට මොනාද වුනේ කියලා.මං කෑ ගහගෙන අඬාගෙන ඉස්සරහට දුවගෙන ගියා මතකයි.මම එයාව තුරුළු කරන් ගොඩක් වෙලා ඇඬුවා.එයාට වෙච්ච දේ මට දරාගන්න අමාරු තරමට මම එයාට ඒ වෙනකොට ආදරේ කරන්න පටන් අරන්. මගෙ අතින්ම එක එක තෙල් බේත් ජාති ගාලත් බැරි තැන මම එයාට බේත් අරන් දුන්නා.මේ හැම දෙයක්ම මහත්තයට හොරෙන් කරන්න මම වගබලා ගත්තා.මොකද මහත්තයා ඒ වෙනකොට එයාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තිබුණෙ.මහත්තයා මට කියලමයි තිබ්බෙ කෑම ටිකක් දෙන්න වත් ආයෙම එයාව ගෙට ගන්න එපා කියලා. එයා ටික ටික සනීප වුනා.සනීප වෙනකල්ම එක තැනකට වෙලා මගෙ සාත්තු සප්පායම් මැද්දෙ සැනසීමෙන් හිටියද මම දන්නෑ.කකුල හොඳ වුනු ගමන් එයා ආයෙම පරණ පුරුදු තත්වෙටම වැටිලා හිටියා.මහත්තයා ඒ වෙනකොට දැනන් හිටියා එයාගෙ කකුල හොඳ වෙන්න මම බේත් හෙම ගානවා කියලා.මහත්තයාගෙ නිශ්ෂබ්දතාවය මට ඒ දවස් ටිකේ සැනසීමක් වුනත් "අන්න අරූ ආයෙම පහළ ගෙදර ගිහින්.ත මු සෙ ට හොඳ වැඩේ කරේ තියාගත්තට" කියලා සැර බැල්මකින් බලනකොට මම හොඳටම බය වුනා.ඒත් මගෙ හිත ඔය වගේ දේවලින් සැලෙන්නෙ නැති තරමට ඒ වෙනකොට පරිණත වෙලා තිබුණෙ.මම එයා ආයෙම මාව බලන්න එයි කියලා බලාගෙන හිටියා. ඔහොම මාසයක් විතර යනකොට එයා ආයෙම මාව බලන්න ආවා.හොඳටම කෙට්ටු වෙලා බලන්න දුකේ බෑ.හිටිය තැනකින් කන්න බොන්න වත් ගාණක් තිබුණෙ නැද්ද අහ අහ මම එයාට හොඳටම බැන්නා.එයත් හිනා වෙවී අහන් හිටියා ඇරෙන්න පොඩියටවත් සද්ද කලෙත් නෑ.මහත්තයා ඔෆිස් ගිය වෙලාවක ආව එක හොඳට ගියා කියලා මට හිතුනා.ඉක්මනට කෑම ටිකක් හදලා එයාට නාන්න ලෑස්ති කරලා මම ඉස්සරහ පැත්තට ඇවිදගෙන ගියා.වැරැන්ඩා එකට වෙලා පාර බලාගෙන එයා ලොකු කල්පනාවක.මට දුකත් හිතුනා. "කන්න යමු" එහෙම කිව්වම එයා මගෙ පස්සෙන් වැටිලා කුස්සියටම ආවා.මාස ගාණකින් බත් අහුරක් දැකලා නෑ වගේ එයා බත් එක කාගෙන කාගෙන ගියා.ඇත්තනෙ මේ ටිකේ කන්න බොන්න තරම්වත් වෙලාවක් එයාට නැති වෙන්න ඇති කියලා මට හිතුනා.වෙලාවට මම කෑම එක ටිකක් නිවලා තිබ්බෙ කියලා හිතුනම මගෙ පපුවටත් සැනසීමයි. ඔය අල්ල පනල්ලෙ මහත්තයගෙ වාහනේ සද්දෙ ඇහෙනකොට මගෙ පපුව ඇතුලෙ විදිල්ලක් කෙටුවා වගේ හැඟීමක් ආවෙ.මම ඉක්මනට පිටිපස්සෙ දොර ඇරලා එයාට එළියට යන්න කිව්වා.එයා මගෙ මූණ දිහාම බලන් හිටියා මිසක එළියට යන්න අදහසක් හිතේ නෑ කියලා හිතුන වෙලාවක මම එයාව එළියට අත් දෙකෙන්ම තල්ලු කලා.ඊටත් පස්සෙ දොර වේගෙන් වහලා හයියෙන් ගැහෙන පපුවෙ අත තියාගෙන ටිකක් වෙලා හොඳ හුස්මක් ගත්තා . "මේ මොකද මේ" මහත්තයා කුස්සියටම ඇවිත් තිබුණා කවදාවත් නැතුව. "නෑ අනේ මේ කැරපොත්තෙක් හිටියා.මම ඌව අයින් කලා" කොහෙන් කටට ආව බොරුවක්ද මන්දන්නෑ විශ්වාස කලත් එකයි නොකලත් එකයි හිතලා කියලා දැම්මා.සැකය පිරුණු බැල්මක් මගෙ ලඟ තියලා කමිසෙ බොත්තම් පන්න පන්න මහත්තයා කුස්සියෙන් ආපිට හැරිලා ආලින්දය දිහාට ඇවිදන් ගියා. "තේ එකක් හදන්නද?මොකද අද කලින්" සැකයක් නොහිතෙන්න මම එයාගෙන් ඇහුවෙත්. "අද අර බල්ලා මෙහෙ ආවද?" මහත්තයට ඉව තියෙනවද කියලා මට හිතුනා. "මොන බල්ලද අනේ පිස්සුද මන්දන්නෑ" "මම නැති අතරෙ ඌව ගෙට දාගන්නවා කියලා මම දන්නෑ කියලා හිතන්න එපා." "මොනාද අනේ ඔයා මේ කියවන්නෙ" මම එහෙම කියාගෙන ආලින්දය දිහාවට ඇවිදගෙන ගියෙත්.ඒ යනකොට එයා ප්‍රධාන දොර උළුවස්ස ලඟ බලාගෙන ඉන්නවා.බලෙන්ම අල්ලලා එළියට දාලත් එයා නොගියෙ ඇයි කියලා හිතිලා මට පුදුම කේන්තියක් ආවෙත්.මගෙ බැල්ම එයයි මහත්තයයි අතර
ෙ එහා මෙහා වුනා. "මේ හොරි බල්ලව ගෙට දාගෙන ලෙඩක් හැදිලා මැරිලා යන්නද ඕන ගෑ නි යෙ.බේත් කරත් වැඩක් යෑ ගෙදර ඉන්න එකෙක් ද?බැඳලා තියන්න කිව්වට කියන එකක් අහන්නෙත් නෑ.එක්කෝ කොටුවට දාන්න ඕන.ඔහේ ඉබාගාතෙ යන්න ඇරලා තියලා ආයෙ ගෙටත් ගන්නවා.මෙහෙම බල්ලො හදන්න පුළුවන්ද එක්කෝ ඔපරේෂන් කරන්න ඉඩ දෙන්න ඕන.කියන දේ නාහන ගුරු උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි.ඕන එකක් කරගන්න එකයි ඇත්තෙ" මහත්තයා එහෙම බනිනකොටත් එයා මහත්තයා දිහාට හැරිලා නැට්ට වනනවා.මට හිනාත් ගියා එතකොට නම්.පුදුම කපටි බල්ලෙක් තමයි.මාව යාළු කරගන්න ඉක්මනට මහත්තයව යාළු කරගන්න අමාරුවග ඌත් දන්නවා ඇති. මගෙයි එයාගෙයි බැඳීම බිඳින්න අමාරු විත්තිය මහත්තයත් දැනගත්තු එක හොඳයි කියලා මට හිතුනා. අවසානය... © උමේෂිකා සෙව්වන්දිඅපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ -6 (කෑම හොරු ඇල්ලීම) අද වැඩිහරියක් කතාවලට අර හැත්තාව දශකය අග උපන්න පොඩි සේකරත් සම්බන්ධයි. දැරැවට වයස හතරක් පහක් ඇති. ඔය කියන කාලේ තාම කොටි කලබල එහෙම පටන් අරන් නැ මිනිසුන් නිදහසේ ජීවත් උනා. පිරිමි පාසල් වලින් ලොකු පන්තිවල ලමයි දවස් දෙක තුන විනෝද චාරිකා එක්ක ගියා. අපිට කොහෙද එහෙම පිනක් අපෙ හාන්දුරැවනේ... ඔය ගමන් වලට විදුහල්පති තුමා අනිවාර්‍යෙන් සේකර සර් ව සහභාගි කරගන්නව.. බස් හතරක් පහක ගෙනියන කොලු ගැටව් දෙතුන් සීයක් කොහෙ ආම්බාන් කරන්නද නැත්තම්. දරැව බලා ගන්න දවල් වරැවට නම් ගෑනු කෙනෙක් ආව ගියා. ඒත් සුදර්ම රෑ වැඩ දවසට සේකර් සර් ඉතින් නිවාස අඩස්සියෙ තමයි. සර් හරි වැඩේනෙ නෝන ර රෑ වැඩ වැටිල තියෙන්නෙ චාරිකාව දවස්වලමනෙ, දරැව තමයි ප්‍රශ්නෙ...සේකර් සර් ප්‍රින්සිපල්ගෙ කාමරේට කලබලෙන් ඇවිත් කිව්ව. ඉතින් එක්ක එනව පොඩි එකාවත්..ප්‍රශ්නෙ ඉවරනෙ.. ප්‍රින්සිපල් තීරනේ දුන්න. ඔය කිව්වට සුධර්ම කැමති වෙයි ද දන්නෙ නෑ පොඩි දරැව එයා නැතුව යවන්න කියල හිත හිත දෙගිඩියාවෙන් නෝනගේ මූඩ් හොඳ වෙලාවක් බලල සේකර සර් කිව්ව මේ පාර චාරිකාව අනිවාර්‍යෙන් යන්නම වෙනව කියල. සුධර්ම ගත්ත කටටම කියපි ..මට රෑ වැඩට යන්න තියේ... තමුසෙ යන දිහාක තමුසෙගෙ වස්තුවත් අරන් යන එකයි තියෙන්නෙ කියල... මොකද්ද බොලේ ඒ උනේ... ඉබ්බ දියට දාන්න හදද්දි දැන් නෑවේ කිව්ව ලු.. දරැව එක්ක යන්න දෙයි කියල සේකර සර් කොහොමටත් හිතුවෙ නෑ.... එක්කො දරැව අරන් යන්න කිව්වම ගමන නොයා ඉඳී කියල නෝනා හිතන්න ඇති...මොන පිස්සුද සුධර්ම දන්නෙ නෑනේ ප්‍රින්සිපලුයි දෙන්න එක්ක දරැව අරන් යන්න ප්ලෑන් ගහපු බව. .එහෙනම් ඉතින් එහෙමවත් කරමු සේකර සර් බැරෑරුම් කමක් මවාගෙන කියල ඇහක බලන් හිනා උනා... ගැහැනු කට්ටියට හැට හතර මායම් තියේ කිව්වට මොකද පිරිමින්ගෙ සම්‍යප්‍රයෝග වලට අහුවෙනව. ඉතින් කිසිම කරදරයක් නැතුව චාරිකාව ගිහින් ආව..දරැවත් ලස්සනට ලොකු අය්යලගෙ ඔක්කෙ වාඩි වෙලා වට පිට සිරි බල බල ගමන ගිහින් ආවා.. පොඩි එකාට හරිම ජොලි. ආයේ ඇඩුවෙ එහෙමවත් නෑ පොඩ්ඩක්. අම්මෙක් ව මතක් උනාදත් මන්ද. ආයේ ඉතින් චාරිකාවක් යන්න සුධර්ම රෑ වැඩ කියල ප්‍රශ්නයක් උනේ නෑ.. ඒත් ඉතින් ඒ සුන්දර කාලෙ නම් කොටි කලබල පටන්ගත්තට පස්සෙ ආයෙ ලැබුනෙ නෑ. තත්වය සමතයකට පත් උනාට පස්සෙ චාරිකා නොගියට පාසැල් සාමාන්‍ය පරිදි පවත්වන් ගියා. සේකර සර් ගෙ දරැව දැන් පාසල් යනව. හොඳවෙලාවට දරැව පිරිමි දරැවෙක් උන නිසා සේකර සර් ගෙ ඉස්කෝලෙටම ඇතුලත් කරගන්න ලැබුන උන එක ට සුධර්ම නම් හිටියෙ ප්‍රීතියෙන් පිනා ගිහිල්ල. ඉතින් සේකර පුතාත් දැන් අතේ එල්ලිලා ඉස්කෝලෙ යනව. අපි එයාට මිහිර කියමු. පොඩි කාලෙ ඉඳලම මිහිරත් පොඩි පොඩි දක්ශකම් පෙන්නුව .සේකර සර් ගෙ පුතා වෙච්චි අහන්න දෙයක් තියෙනවයෑ ගුරුවර ගුරුවරියො මුනු මුනු ගෑවා. සේකර් සර් කවදාවත් තමන්ගෙ පුතා කියල විශේශයක් කලේ නෑ. අනිත් දරැවන්ට වගේම තමයි සැලකුවෙ. දරැවා ඉස්කෝලෙ කැපී පෙනෙන චරිතයක් උනේ එයාගෙ හැකියාවෙන් ම තමයි. දවසක් ප්‍රින්සිපල් ආවා ප්‍රාථමික අංශයට. හොඳ පුරුදු ගැන පොඩි කතාවක් පැවැත්තුවා. දැන් පුතාලා හොඳට අහන් හිටියද මම කියපුවා... .....ඕඕඔව් ... පැටව් ටික මහ හය්යෙන් උත්තර දුන්න. හරි එහෙනම් කාටද පුලුවන් මම කිව්ව කතාව ආයෙත් කියන්න... ලමයි ටික එක පාරට මීයට පිම්බා වගේ නිශ්ශබ්ද උනා. එක පැටියෙක් අත උස්සනව... ඔව් පුතා... පුලුවන්ද කතාව කියන්න... පැටියා ඉස්සරහට ආවා.. විදුහල්පති තුමාගෙ කතාව ඒ විදියටම එයාගෙ වචනවලින් කියාගෙන කියාගෙන ගියා... විදුහල් පති තුමාට හරිම සතුටුයි.. කතාව ඉවරවෙලා අත්පුඩියකුත් ගැහුව.. ලමෝ ටිකත් විදුහල්පති තුමා අනුගමනය කලා.. හරිම හොඳයි නෙ... බලන්න මේ පුතා වගේ ඔයාලත් ගුරැවරැන් කියන එක හොඳින් අහගෙන ඉන්න ඕනි.. මේ වගේ බය නැතුව ඉදිරිපත් වෙන්න ඕනි කියල ප්‍රශන්ශා කලා.. පුතා කීයෙ පන්තියෙද... තුනේ පන්තියෙ... බොහොම හොඳයි..හොඳට ඉගෙන ගන්න ඕනි. කොලු පැටිය හිනාවෙලා ඔලුව වැනුව.. හිනාව නම් හොඳට පුරැදුයි ... ඔය සේකර සර් ගෙ පුතානේ... විදුහල්පති අසලින් වාඩිවෙල හිටිය ප්‍රාථමික අන්ශයෙ උප විදුහල්පති තුමිය කුසු කුසුවෙන් කිව්ව.. හැබෑට ඒක තමා ..මට එක පාරට අඳුනගන්න බැරි උනානේ..ප්‍රින්සිපල් ට හරි සතුටුයි.. තාත්තගේ නම ගිනියයි... ප්‍රින්සිපල් උපවිදුහල්පතිනියට කිව්ව. එතුමියත් ඔලුව වනල අනුමත කලා. ප්‍රින්සිපල්ගෙ කතාව කිව්ව ලමය විදියට ළමයි අතරත් දැන් මිහිර ජනප්‍රියයි. එකේ දෙකේ පන්තිවල පොඩි පැටව් ගෙ හිතෙත් පොඩි පිළිගැනීමක් තියෙනව. දවසක් පොඩි පැටව් ටිකක් ආවා විවේක කාලය වෙලාවෙ. අය්යේ අපේ කෑම කාලා ලොකු අය්යලා… ඔයාලා කොහෙද හිටියෙ.. අපි උදේ අම්මල ගියාම සෙල්ලම් කර කරනෙ හිටියෙ පිට්ටනියෙ එවෙලෙ කාලා... පොඩි උන් අඬ අඬ කියනව.. ඊයෙ මගෙ එකත් කාලා... ගිය සතියෙත් දවසක් ඔහොම උනා.. දැන් මිහිර වට කරගෙන ළමයි පැමිණිලි කරනව. ඉතින් මල්ලිලා ටීච්ර් ට කිව්වෙ නෑ? මිහිරත් පන්ඩිත කමට අහනව.. ටීචර්ට කිව්වොත් ලොකු අය්යල අපිට ගහයි පොඩි උන් අඬනව.. හා ඔයාල පන්තියට යන්න කො. එහෙම කියල මිහිර ගියා පන්තිභාර ගුරුතුමිය මුන ගැහෙන්න. ඇයි පුතේ... විවේක කාලයෙ දකින්නවත් නැති කොලු පැටියා ගුරු කාමරේ දෙසට එබෙනව දැක්ක පන්ති භාර ටීච්‍ එලියට ආව. ටීච් ලොකු ඉස්කෝලෙ අය්යල එකේ පන්තියෙ චූටි මල්ලිලගෙ කෑම හොරෙන් කාලලු. ටීචර් එකේ පන්තියෙ ටීචර්ලටත් කතා කලා. දවසක් කෑම නැතිවෙලා කියල ලමෙක් ඇඬුවලු. ගේන්න අමතක වෙලා ඇති කියල ටීච්ර් වැඩිය ගනන් අරගෙන නෑ.. පොඩි උන්ට හරියට කියාගන්නත් බෑනේ. ටීචර් ඒ බබාට තමන් ගෙනා පාන් පෙති දෙකක් දුන්නලු එදා. අපේ පන්තියෙත් ගිය සතියෙ ලමෙක් ඔහොම කතාවක් කිව්ව. එයාගෙ කෑම එක නෑ කියල පන්තියෙ අනිත් ළමයි එයාලගෙ කෑම බෙදාගත්ත නිසා එදත් ලොකුවට හෙව්වෙ නෑලු. ඔහොම හොයන් යද්දි සෑහෙන දෙනෙක් ගෙ කෑම අතුරුදහන් වෙලාලු සති කීපයක් තිස්සෙ. වැඩේ හිතුවට වඩා බරපතලයි.. මේක ලොකු ඉස්කෝලෙ අය්යලගෙ වැඩක් කියල පොඩි ළමයි කිව්ව නිසා ලොකු ඉස්කෝලෙ ප්‍රින්සිපල් ගාවටත් කතාව ගියා. ප්‍රින්සිපල් හවස හදිසි ගුරු රැස්වීමක් කැඳෙව්වා. ප්‍රාථමික අංගෙ එකොළහට ඇරෙනවනෙ. මිහිර එතකොට ලොකු ඉස්කෝලෙට ගිහින් සෙල්ලම් කර කර ඉන්නව තාත්ත ගෙ ඉස්කෝලෙ ඉවරවෙනකම්. එහෙම සෙට් උන ගුරැවැරැන්ගෙ ළමයි කීපදෙනෙක්ම හිටිය. මිහිරට ඉතින් ඉවසිල්ලක් තිබ්බෙ නෑ පොඩි මල්ලිලට වෙලා තියෙන අවනඩුව තාත්තට කියනකන්. ඉස්කෝලෙට ගිය ගමන් තාත්ත හොයාගෙන ගිහින් සිද්දිය සැලකර හිටියා. සේකර සර් ගෙත් නලල රැලි ගැහුනා... සිද්දිය සුලුවට තකන්න බෑ වගේ..මොකොද එක්කෙනෙක් ට දෙන්නෙක්ට නෙමිනෙ...දවසක් දෙකකුත් නෙමිනේ. හවස්වරැවෙ විදුහල්පති තුමාගෙ කාමරේ සාකච්චාවක්. නැතුවම බැරි සේකර මහත්තයයි ප්‍රාථමික අංශයෙ උප විදුහල්පති තුමියයි එකේ පන්‍තියෙ ටීචර්ලයි කීපදෙනෙක් ඒකෙ හිටිය. දැන් වගේ ළමයි ගෙ අම්මල තාත්තලට පන්ති සුද්ධ කරන්න එන්න කිව්වෙ නෑ ඒ කාලෙ. ඒව කලේ ළමයි ම තමා. ඒත් ප්‍රාථමික අංශෙ පොඩි ලමයිට ඒව කරගන්න බැරි නිසා. ලොකු පන්තිවල ළමයි කණ්ඩායම් ඒවට යොදවලයි තිබ්බෙ දවසකට කන්ඩායම ගානෙ සතියෙ දවස් පහට.. ඒ කණ්ඩායම් වලට අයිති නැති ළමයි උනත් ඒ වෙලාවට පොඩි ඉස්කෝලෙට ගියාට කව්‍රැත් සැක හිතන්නෙ නෑ. ඔය අස්සෙ තමයි සමහරැ ගිහින් කෑම හොරකම් කරන්න ඇත්තෙ කියල කට්ටිය අදහස් පල කලා. ඒත් සර් අපි බලන්න ඕනි මුලින්ම ඒ ළමයි එහෙම කලෙ ඇයි කියල සේකර සර් කිව්ව. ඔව් මොකද්ද මේකට හේතුව කියල හොයල බලල අපි මේක වලක්කන්නෙ කොහොමද බලමු. විදුහල්පති තුමාගෙ යෝජනාවට හැමෝම එකඟ උනා. එකේ පන්තියෙ ටීචරලත් උදෙන් ඇවිත් අවධානෙන් ඉන්න පොරොන්දු උනා.. දවසක් දෙකක් කෑම හොරු කෑවෙ නෑ. ඊලඟ සතියෙ ඔන්න කෑම හොරු අතටම අහූ උනා.. සේකර සර් උපදෙස් දීල තිබ්බ විදියට වැඩි ප්‍රසිද්දීයක් නොකර ඒ ලමයි ව සේකර සර් ගාවට ගෙනාව. හොයල බලද්දි මේ ළමයි දෙතුන් දෙනාගෙ එක එක ප්‍රශ්න . එක්කො අම්ම රට,. ආච්චි තමා බලා ගන්නෙ ආච්චිට උදේ සනීප නෑ කෑම හදන්නෙ අම්ම රෑ නගර සභාවෙ වැඩට ගිහින් ලමය ඉස්කෝලෙ එනකන් තාම ගෙදර ඇවිත් නෑ.. තාත්ත රෑ බීල ඇවිත් රන්ඩු අල්ලල අද උයන්න තිබ්බ හාල් මල්ල පොලවෙ ගහල... ඔය වගේ සංවේදී සිද්ධි. මේවට කොහොමද දඬුවම් දෙන්නෙ. මීට පස්සෙ කෑම ගෙනාවෙ නැත්තම් පන්ති භාර ටීච්ර් ට හරි කැන්ටිමේ අන්කල් ට හරි දැනුම් දෙන්න ඕනි. පුතාලට කෑම ලැබෙන්න විදියක් අපි සලස්වන්නම් . එහෙම කියල සොරකම් කිරීමේ ආදිනව ගැන බන කතාවකුත් කියල දීලා..අර චූටි මල්ලිලගෙ කෑම කෑවම එයාලටත් ඔයාලට වගේම බඩ ගින්න දැනෙනව නෙ කියල තේරැම් කරල දීල ආයෙ එහෙම නොකරන්න පොරොන්දු කරන් පිටත් කරල යවල. ඒ විතරක් නෙමි කෑම ගේන්න බැරි උන ළමුන්ට කෑම දෙන්න පොඩි වැඩ පිලිවෙලකුත් ගුරුදෙගුරැ සමතිය එක්ක කතාකරල සකස් කරල. මාසෙකට පාරක් හරි වැඩිපුර කෑම එකක් ගෙදරින් එවන්න පුලුවන් අය ලය්ස්තුවක් හැදුව. ඒ ගේන කෑම කැන්ටිමේ වෙනම් තියල තිබ්බ. දැරුවෙක්ට කෑම ගේන්න බැරි උනදාට ගුරුතුමියට කියල පොඩි තුන්ඩුවක් ලියන් ගිහින
් කැන්ටිමේ අන්කල්ට දුන්නම නමයි පන්තියයි ලියාගෙන අන්කල් ලමයට කෑම එක දෙනව. ගෙවල් වලින් ආපු කෑම ඉවර වෙල තිබ්බොත් කැන්ටිමෙන් ලමයට කන්න දෙයක් දීල ඒව වෙනම ලියල තියන්න අන්කල්ට උපදෙස් දීල තිබ්බෙ. සමහර ගුරැවරැත් කැන්ටිමෙන් පොතට කාලා පඩි දවසට තමයි ගෙව්වෙ. ඒ වගේ ඉතින් අන්කල් නොම්ලෙ දුන්න කෑම වියදම මාසෙ අන්තිමට පාසැල් සංවර්ධන සම්තියෙන් ගෙවන්නත් පොරොන්දු උනා. දැන් කාලේ කොම්ස් මුදලාලි ල වගෙ කැන්ටිමෙ අන්කල් හොර බිල්නම් දැම්මෙ නෑ. ආයෙ ඉස්කෝලෙ කෑමහොරු අහු උනෙත් නෑ. ගෙදර ගිහින් පොඩි එකා ඉස්කෝලෙ සමහර දේවල් අම්මට කියනව. හැබැයි බාගෙට...පොඩි එකාට තේරෙන තරමනෙ ඉතින් කියන්නෙ. අම්මේ තාත්ත කිව්ව පුලුවන් දවසට වැඩිපුර කෑම එකක් ඉස්කෝලෙ ගිනියන්න කියල.... ඒ කාටද?... විනය භාර ටීච ට දෙන්න කියල තාත්ත කිව්වා.. සුධර්ම සේකර දිහා රවල බලපු රැවිල්ලට,අයේ ඉතින් කෑම හොරුන්ගෙ කතන්තරේ තාත්තයි පුතයි දෙන්නම එක්ක මුල ඉඳලම අම්මට පැහැදිලි නොකර නම් එදා රෑට තවපොඩ්ඩෙන් බඩගින්නෙ තමා ඉන්න වෙන්නෙ අනුන්ගෙ කෑම ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා.... තව ඉවර නෑ- මතු සම්භන්ධයි (පින්තූරය අන්තර්ජාලයෙන් )ලංකාවෙ අපිට හිමෙන් වැහුණු ප්‍රදේශයක අත්දැකීමක් ලබාගන්න තියෙන පහසුම සහ ලාබම ක්‍රමය ගැනයි මේ. මේ උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ "මනාලි" ගැන ලියවෙන පළමු ලිපිය ~~~~~~~~~~~~ සංචාරකයන්ට මනාලි වල සීසන් දෙකයි. ඉස්සරවෙලා පළවෙනි සීසන් එක ගැන කතා කරමු. ඒක එන්නෙ මෙහේට හිම වැටෙන කාලෙට. ඒ කියන්නෙ ඔක්තෝබර් ඉඳලා පෙබරවාරි වෙනකල්. හිම නොදකින අපි වගේ රටවල උදවියට මේකාලෙ ආවොත් නැවුම් අත්දැකීම් ගොඩක් ගන්න පුලුවන්. ඒ වගේම හිම සම්බන්ද විනෝද ඉසවු බොහොමයකට සහභාගිවෙන්නත් පුලුවන්. ඒ අතරෙ පැරා ග්ලයිඩින් (Paragliding), අයිස් ස්කීයින් (Ice Sking) , බැලුන් රයිඩ් (hot balloon rides) , ATV Rides, සිප් ලයිනින් (zip lining) වගේ දේවල් අන්තර්ගතයි. නේරු කුන්ඩ් (Nehru Kund) තමා ක්‍රීඩා ඉසව් කරන්න පුලුවන් මනාලි නගරයට ආසන්නම තැන. ඒත් පැරා ග්ලයිඩින් වගේ දේවල් වලට නේරු කුන්ඩ් වලින් කිලෝමීටර් පහක් විතර දුරින් තියෙන 'සෝලන් වැලි' කියන ප්‍රදේශයට යන්න වෙනවා. හිම පතනය වැඩි නම් සාමාන්‍ය වාහන වලට සෝලං වැලි (Solang Valley) යන්න අවසර නෑ ..එහෙම වෙලාවට මනාලි වල 4 x 4 ජීප් වලට කරල පැහෙන්නෙ ඉබේමයි. සති අන්ත නිවාඩුවට අධික වාහන තදබදයක් මේ ක්‍රීඩා ඉසවු ආශ්‍රිත ප්‍රදේශ ඇතිවෙන නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. වැදගත්ම දේ මේ පළාතෙ මිනිස්සු ඉන්දියාවෙ අනෙකුත් ප්‍රදේශ වලට 'සාපේක්ෂව' විනීත වගේම 'තරමක්' අහිංසකයි. ඒ නිසා ඉන්දියාවෙ සංචාරය කරන බොහොමයක් දෙනාට ඇතිවෙන මානසික පීඩනය මෙහේදි ඇතිවෙන්නෙ නෑ. හිම ප්‍රදේශවලට සුදුසු ඇඳුම් කුලියට දීම, ක්‍රීඩා ඉසවු වෙනුවෙන් මිලගණන් ඉදිරිපත් කිරීම වගේ දේවල් හරහා සාමාන්‍ය ආසියානු රටක වගේම මෙහේදිත් තැරවු කාරයන් මේ ප්‍රදේශ වල එයාලගෙ ව්‍යාපාරය කරගෙන යනවා. ඒත් යුරෝපා රටකට වඩා අයකරන මිල ගණන් බොහොම පහල මට්ටමක තියෙන නිසා ඒක සංචාරකයන්ට ලොකු පාඩුවක් නෙමෙයි. ඒත් විස්තර හරි හැටි කතා කරගැනීම ඉතා වැදගත්. අපි උදාහරණයක් ගමු.. Zip lines කියන්නෙ ශක්තිමත් කේබල් එකක් දිගේ එල්ලිලා ගමන් කරන ක්‍රීඩාවක්. Zip line එකේ උස, සහ දුර වැඩි වෙද්දි ලැබෙන අත්දැකීමේ වටිනාකමත් වැඩියි. නමුත් නේරු කුන්ඩ් ප්‍රදේශයේ ගඟ හරහා විවිධ උසින් සහ විවිධ දුරින් යුක්ත Zip line ගණනාවක් සවි කරලා තියෙනවා. සමහර ඒවා ඉතා අඩු උසකින් සහ ඉතා කෙටි දුරකින් සමන්විතයි. ATV කියන්නේ රෝද හතරකින් යුක්ත 4 x 4 කුඩා මෝටර් බයිසිකලයක් මනාලි වලදී ATV පදවන්න ලැබෙන්නේ සීමිත දුරක් විතරයි. කලින් අත්දැකීමක් නැති අයට ඒක හොඳ උනත්, අත්දැකීම් තියෙන අයට ඒ දුර ප්‍රමාණවත් නැහැ. නමුත් මනාලි වලදී ලංකාවත් ඇතුළු ලෝකයේ බොහේ රටවලට වඩා අඩු මිල ගණන් අය කෙරෙන නිසා රැවටීමකට ලක් උනත් සිදුවෙන මූල්‍යමය හානිය අඩුයි. සාමාන්‍යයෙන් සීතල කාලෙදි මනාලි උෂ්ණත්වය +2 ඉඳලා -15 වගේ අතරෙ උඩ පහල යනවා. ඒත් සීතලට සුදුසු ඇඳුම් ලංකාවට වඩා අඩු මිලට මෙහේ මිලදීගන්න හැකියාව තියෙන නිසා මුල් දිනය හෝ දෙක වෙනුවෙන් විනා ලොකුවට සීත ඇඳුම් මිලට අරගෙන එන්න හිතන්න එපා. සති අන්තවල සංචාරකයන්ගේ පැමිණීම වැඩිවීම හේතුවෙන් මනාලි වල "නේරු කුන්ඩ්" ප්‍රදේශයේ අධික තදබදයක් ඇතිවෙනවා. ඒක මතක තියාගෙන ගමන සැලසුම් කලොත් පහසුයි. ඒ වගේම මේ ගමන සඳහා යනවියදම මීට පෙර ලිපිවලදී බොහෝදෙනෙක් ප්‍රශ්න කල කාරණයක්. ඒකට නිශ්චිතව පිළිතුරක් දෙන්න අපහසුයි. ඒත් මම ඔයාලට වැදගත්වෙයි කියල හිතෙන ඉඟි කීපයක් දෙන්නම්. මනාලි පිහිටලා තියෙන්නේ ඉන්දියාවෙ ඉහලම කොටසේ නිසා ඔයාට ඉන්දියාවෙ මනාලි වලට ආසන්න ගුවන් තොටුපළක් ගමනාන්ත තොටුපොළ විදියට තෝරාගන්න හෝ දිල්ලි වගේ තරමක් පහලින් තියෙන තොටුපළක ඉඳලා ගොඩබිමින් මනාලිවලට යන්න හැකියාව තියෙනවා. ඒත් ඒක සෑහෙන දුරක්. මනාලි වලට අමතරව ෂිම්ලා යනවා නම් ඒ දෙක අතර දුර කිලෝමීටර් 240 විතර වෙනවා. සාපේක්ෂව හෝටල් වල නවාතැන් ගාස්තු අඩුයි. ආහාර සඳහා වියදම් පාලනය කරගන්න පුලුවන්. යන පිරිස අනුවත් වියදම් වල වෙනස්කම් වෙන්න පුලුවන්. හිම ක්‍රීඩා වලට අමතරව කලාගාර, පන්සල්, කෝවිල්, කුඩා බලකොටුවක් වගේ ඓතිහාසික වටිනාකමින් යුත් දේවල් නරඹන්න වගේම, කාන්තාවන්ගෙ රූපලාවණ්‍ය වෙනුවෙන් පාවිච්චි වෙන කුංකුම (Saffron) වගේ දේවල් උනත් පහසුවෙන් සොයාගන්න පුලුවන්. නමුත් Saffron ගනිද්දි කූට වෙලෙන්දන්ට අහු නොවී ඉන්න උත්සාහ කරන්න. බොහෝ වෙලාවට කාශ්මීර වෙළෙන්දන්ට අයිති කඩ වල Original Saffron සොයාගන්න පහසුයි. ඔයාලා එක්ස්ට්‍රීම් ලෙවල් අත්දැකීම් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මෝටර් බයිසිකලයක්, ජීප් එකක් කුලියට අරගෙන ඇවිදින්න, විවිධාකාර අත්දැකීම් ලබන්න ඕනෑ තරම් අවස්ථා තියෙනවා. අවසාන වශයෙන්... වීදි ආහාර වලින් පරිස්සම් වෙන්න කියල කියන ගමන් පළවෙනි ලිපිය අවසන් කරනවා. කාලය මිඩංගු කරලා මේ වගේ ලිපියක් සකස් කරන්නෙ මගේ අත්දැකීම් අනිත් අයට උදව්වක් වෙයි කියල හිතන නිසා. Like, Comment එකකින් දිරිගැන්වීමක් කරන අතරේ Share එකකින් ඔයාලගෙ හිතවතුන් අතර මේ විස්තරය බෙදා ගන්න. දෙවෙනි ලිපියෙන් නුදුරේදීම හමුවෙමු. ~~සමීර බෝපගේ~~මුල්ම වතාවට දකින මනුස්සයෙක් ගැන අපේ හිතේ ඇතිවන හැඟීමට කියන නම මොකක්ද කියලා මම දන්නෙ නැහැ. මම එහෙම හැඟීමක් තියෙනවා කියලා දැන ගත්තෙත් සංජුව මුලින්ම දැක්ක දවසේ. ඒ හැඟීම පුදුමාකාරයි වගේම මටත් මං ගැන පුදුමයක් දැනුනා ජිවිතේ කිසිම දවසක කෙනෙක් වෙනුවෙන් ඇති නොවුන හැඟීමක් නිසා. ඒ දැනුන මොහොතේ පටන් මං ඒ හැඟීමට ආදරේ කරන්න පටන් ගත්තේ ඒ නැවුම් හැඟීම නැති කරගන්න ලෝබ කමක් දැනුන නිසයි. සංජුව මම එහෙම දකින්නේ සංජු එයාගේ පවුලේ අය එක්ක මාව බලන්න ආපු දවසේ. සංජු නෙවෙයි මාව බලන්න ආවේ, සංජුගෙ අයියා තමයි මාව බලන්න ආපු දොළොස් වෙනි මනමාලයා, එදා තමයි මගේ හිතේ මීට පෙර මට නොදැනුන නැවුම් හැඟීමක් ඇති කරපු සංජුව මම මුලින්ම දැක්කේ. මාව බලන්න ආපු මනමාලයෝ එකොළොස් දෙනෙක්ව මම ප්‍රතික්ෂේප කරලා මම සංජුගේ අයියා කසුන්ව බඳින්න කැමති වුනේ ඇයි කියලා මම කල්පනා කරහම ඒ කල්පනාව ඇතුලෙන් මතුවෙන දෙයක් තමයි "සංජු" කියන නම ඒ නම ඇතුලේ ඉන්න කෙනා කොහම වුනත් මට එළියෙන් පේන සංජු කියන කෙනාගෙන් මගෙ හිත ඒ වෙනකොටත් පිරිලා ගිහින් තිබුණා. අවුරුදු තිස් හතරක් වෙන මට ගෙවුන කාලය පුරාවට ප්‍රේම සම්බන්ධතා තුනක් තිබිලා තියෙනවා. ඒ සම්බන්ධතා කාලයක් ගත වෙද්දි ඉස්සරහට අරගෙන යන්න බැහැ කියලා හිතුනහම අපි ඒ සම්බන්ධතා වලට නැවතීමේ තිත තියලා සම්බන්ධතා වලින් ඈත් වුනා. මේ ගෙවීගෙන යන්නෙ කිසිම ප්‍රේම සම්බන්ධයක් නැතුව ගෙවෙන පස් වෙනි අවුරුද්ද මේ ගෙවුන අවුරුදු පහ ඇතුලේ තමයි මට ගෙදරින් බරබරේ වැඩිපුර දැම්මේ. ඉස්සර සම්බන්ධයක් තියෙන කාලේ සම්බන්ධය පිටින් දාලා මොනවම හරි හේතුවක් කියලා කසාඳය පස්සට දැම්මත් සම්බන්ධයක් නැතුව ඉන්න කාලේදි ඒක එහෙම කරන්න බැරි වුන නිසා තමයි මාත් ගෙදරින් හොයලා දෙන එකකට කැමති වෙනවා කියලා හිතා ගත්තේ. මනුස්සයෙක්ට කසාඳයක් ඕනද කියලා කවුරු හරි මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මම දෙන උත්තරය වෙන්නේ "නැහැ" කියලා. හැබැයි ඒ එක්කම මම මෙහෙම කියනවා "මනුස්සයෙක්ට කසාඳයක් තියෙන්න ඕන නැහැ නමුත් මනුස්සයෙක්ට ප්‍රේමයක් තියෙන්න ඕන මතක් වුනත් නැවුම් හැගීමකින් හිතේ මල් පිපෙනවා වගේ දැනෙන." ඒ හැඟීම දැනෙන්න අපේ හිතේ ඉන්න කෙනා අපිට ආදරේ කරනවද නැද්ද කියන කාරණාව අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. මගෙ හදවතෙත් මල් පිපෙනවා කියන නැවුම් හැඟීම දැනුනේ සංජුව මුණගැහුනට පස්සෙ. හදවතේ මල් පිපෙනවා කියලා දැනෙන හැඟීම ප්‍රේමයේ මැජික් එකක් සමහරවිට ඒක මනුස්සයෙක්ට දැනෙන්නෙ එක වතාවක් විතරයි වෙන්නත් පුළුවන්. _______________ ඇයි මම කසුන්ව කසාඳ බඳින්නෙ කියන ප්‍රශ්නය මම මගෙන් අහන එක තහනම් කරලා මම කසුන්ව කසාඳ බැන්ඳා. කසුන්ගෙ පවුලේ අයත් එක්ක අපි හිටියේ එක ගෙදර. මගෙයි කසුන්ගෙයි කාමරෙයි, අම්මලාගෙ කාමරෙයි තිබුණේ පහළ තට්ටුවේ, සංජු හිටියේ උඩ තට්ටුවේ. ඉතාම සාමාන්‍ය පරිදි ජිවන රටාව අරගෙන යන්න මට පුළුවන් වුනා කසුන්ගේ ගෙදර අයත් එක්ක. කසුන් කියන්නෙත් ලස්සන මනුස්සයෙක් කියන්න කිසිම වැරද්දක් නැති හරිම සැහැල්ලුවෙන් ජිවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්. කසුන්ලගෙ අම්මලා වුනත් මට තමන්ගෙ දරුවෙක්ට වගේ හරි ආදරෙන් සැලකුවේ. ඒ ගෙදර අපිට එකට ඉන්න ඒක මටත් හරි සැහැල්ලුවක් වුනා. කාලය සාමාන්‍ය පරිදි ගෙවීගෙන යද්දි පිටින් පේන සංජුව ටිකෙන් ටික මම ඇතුලෙන් කියවගන්න උත්සාහ කරා. ඒ කියව ගන්න උත්සාහ කරපු එකේ ඵලයක් විදියට අපිට නෑකමට එහා ගිය හොඳ සමීප යාළුවෝ වෙන්න පුළුවන් වුනා. නෑ කමක් ඇතුලේ එකිනෙකාට තියෙන ගෞරවයට වඩා යාළුකමක් තුළින් ඇති වුන ඒ ලෙංගතු කම නිසා මගේ හිත සංජුගෙන් තව තවත් පිරෙන්න ගත්තා. ඇත්තටම හදවත ප්‍රේමයෙන් පිරෙද්දි බර නැහැ කියලා මං විශ්වාස
කරන්න පටන් ගත්තේ එතකොට. සංජු ගැන එහෙම හිතේ මල් පිපෙන නැවුම් හැඟීමක් තියාගෙන මම කසුන්ව මං ළඟින් තියාගෙන ඉන්න එක ගැන මට මගෙන් ප්‍රශ්න කරන්න හිතුන වාර අනන්තවත් තිබුණත් මං ඒ ප්‍රශ්න මඟහැරලා දැම්මේ සංජු ගැන දැනෙන හැඟීම කවදාවත් එලියට එන්න දෙන්නෙ නැහැ කියන පොරොන්දුව මම මට ම දීලා. වෙලාවකට හිතෙනවා කසුන් හරහා මම සංජුට ආදරේ කරනවද කියලත්, සමහරවිට වෙන්නත් ඇති. ඒත් සංජු ළඟින් හරි මෙහෙම ඉන්න නම් කසුන් කියන චරිතය ඉස්සරහින් ඉන්නම ඕන. ________________ කසුන්, මම, සංජු අපි තුන්දෙනාම වැඩට ගියේ කසුන්ගේ වාහනේ. කසුන් හවසට අපිව ගන්න පරක්කු වෙන දාට මායි සංජුයි කොහේ හරි රවුමක් දාලා ගෙදර එන පුරුද්දක් අපි දෙන්නට තිබුණා. ඔය රස්තියාදුව එන්නේ සංජුගේ යෝජනාවක් විදියට වුනත් ඒක හරි සැහැල්ලු රස්තියාදුවක්. ඔන්න ඔය රස්තියාදුව කසුන්ටත් තියෙන පුරුද්දක්. එකම ලේ නිසා වෙන්න ඇති. කසුන් මාව එහෙම රස්තියාදුවේ එක්කගෙන ගිහින් තියෙනවා වුනත් මට සංජු එක්ක අහම්බෙන් එහෙම යන රස්තියාදුව තරම් දැනෙන්නෙ නැහැ. ඒ ඇයි කියලා මං දැං හේතු හොයන්නෙ නැහැ. පවතින තත්වෙන් සතුටු වෙනවා විතරයි. ගෙදර වුනත් අපි කට්ටිය එකට පුංචි පුංචි බියර් පාටි එහෙම දාලා හරි විනෝදකාමි විදියට සැහැල්ලුවෙන් ජිවත් වෙන්න පුළුවන් වටපිටාවක් ගොඩනගා ගෙන තිබුණේ. එහෙම වටපිටාවක් ඒ ගෙදර ඇතුලේ මම ගෙදරට එන්න කලින් ඉඳලම තිබුණු නිසා මට තිබුණේ ඒ ජිවිත රටාවට එකතු වෙන්න විතරයි. දවසක් රෑක ඔන්න ඔහම අපි පස් දෙනා ඉන්න වෙලාවක අම්මා කිව්වා "සංජු මොනවා හරි සම්බන්ධයක් තියෙනවනම් කියන්න දැං බඳින්න කාලෙත් හරිනේ එහෙම සම්බන්ධයක් නැත්තම් කියන්න අපි කෙනෙක්ව හොයන්නම්" කියලා. අම්මා කිව්ව ඒ කතාවත් එක්ක මට මම ගැන මොකක්දෝ තනිවීමක ඉඟියක් දැනුනා. අම්මා කියපු දේට සංජු කිව්වේ "අම්මලා කැමති දෙයක් කරන්න" කියලා. ඒ වෙලාවෙම කසුන් මට ඉඟි කරලා කිව්වා මට අහලා බලන්න කියලා ඒ ගැන සංජුගෙන්. එදා රෑ මං සංජු එක්ක කයියක් දාගෙන සංජුගේ කාමරේ හිටියේ අම්මා කියපු දේ ගැනත් සංජුගෙන් විස්තර කරලා අහන්න ඕන නිසයි. සංජුගෙ තීරණය වුනේ අම්මලා හොයලා දෙන කෙනෙක්ට කැමති වෙනවා කියලා. මං සංජුට කිව්වා "හිතේ කවුරු හරි ඉන්නවනම් කියනවා" කියලා. ඒත් එහෙම කෙනෙක් සංජුගේ හිතේ නැහැ කියලා සංජු මට පොරොන්දු වෙලත් කිව්වා. එතනින් එහා මම සංජුගෙන් ඒ ගැන අහන්න ගියේ නැහැ. මං සංජුගෙ කාමරෙන් එලියට ආවේ සංජුට නින්ද ගියහමයි. කාමරෙන් එලියට එන්න දොර ගාවට ආවට පස්සෙ මට ආයෙත් සංජු ගාවට ගිහින් සංජුව තද කරලා බදාගන්න හිතුනත් මම සංජු ලඟට ගිහින් නළලට හාදුවක් තියලා ආවා එයාටත් නොදැනෙන්න. ඒ තමයි මම සංජුට හදවතෙ හංගලා තියෙන ආදරෙන් දුන්න පළවෙනි සහ අන්තිම හාදුව. _______________ ලොකු කාලයක් ගත නොවි මාසයක් විතර ඇතුලත ගෙදරින් ගෙනාපු පළවෙනි යෝජනාවට ම සංජු කැමති වුනා. සංජුව බලන්න ආපු ඒ කොල්ලා හරි ලස්සන හොඳ ආර්ථිකයක් තියෙන කොල්ලෙක්. ගෙවල් දෙකෙන්මත් කැමති වුන නිසා ඒ යෝජනාව ස්ථීර වුනා. සංජුව බලන්න ඒ කොල්ලා ආපු මුල්ම දවසේ ඇවිල්ලා ගියාට පස්සෙ සංජු මට ඇවිල්ලා මෙහෙම කිව්වා. "අක්කේ ඔයාට දැනිලා තියෙනවද පළවෙනි වතාවට දකින මනුස්සයෙක් ගැන කවදාවත් නොදැනුන නැවුම් හැඟීමක් ? මට ඒ කොල්ලා ගැන එහෙම නැවුම් හැඟීමක් ඇති වුනානේ එයාව දැක්ක වෙලාවේ. අක්කට එහෙම දෙයක් කවදාවත් දැනිලා නැද්ද ? "නැහැ සංජු " Pubudu Udatiyawala 2024/02/11"නංගිට දරුවොත් නැති එකේ දැන් තියෙන්නේ මේ තියන දෙයක් අපේ දරුවෙකුටවත් ලියන්න.තවත් වයසට ගිහිල්ලා කොහේ කියල කසාද බඳින්නද?තණ්නාසෙකට කියනවා නෙවේ අම්මේ නැත්නම් ඕවා කාට කියලා අයිති වෙනවද.අම්මටවත් කියලා තියෙනවද මේවා කාටද දෙන්නේ කියලා" "මේ ඔක්කොම ඒකි දුක් මහන්සියෙන් හම්බ කරපුවා. ඒකි කැමති දෙයක් කරාවි . උඹව අරකිද උසි ගන්නලා එව්වේ.උඹටත් ලැජ්ජ නෑ" " පිස්සු ද අම්මේ එයා මේ හාන්කවිසියක්වත් දන්නේ නෑ. එයාට ඔය ඇති තරම් දේපළ තියෙන්නේ මං කිව්වේ ඕවා අන්තිමට කාට හරි අයිති වෙයිනේ ඒ හින්දා." "කාට අයිති වුනත් මොකෝ ඒව නංගිගෙ දේවල් නේ. උඹ ඒවට වද වෙන්න එපා" "අම්මා එහෙම කිව්වට නංගිට උගන්නන්න අම්මලා කොච්චර වියදම් කරාද අපිට එහෙම වියදම් කරාද.මමත් අන්තිමට දුක් විඳ විඳ ඒකිට උගන්නපු එකනේ කළේ" "අනේ අම්මපා උඹගේ කට.උඹම නේද කිව්වේ නංගි ඉගෙන ගන්න දස්ස හින්දා නංගිට උගන්නන්න වියදම් කරලා කියලා. උඹලට මතක නැද්ද දැන් ඒවා.උඹ දැන් කාලෙකට පස්සේ ගෙදරට ආවේ නංගි දේපල ඉඩකඩම් බෙදෙන්නේ කොහොමද කියලා දැන ගන්නද.උඹ මෙහෙට එන්නේ ඒව බලාගෙන නං උඹ ආයෙ මෙහෙ නෑවිදින් හිටපං.මේ මුරේ කඩපු පොල් ටිකයි. වී ටිකයි ඉස්සරහා කාමරේ ගොඩ ගහලා තියෙනවා. උඹ ඒව ටික පටවන් යමන්.උඹේ කොට හා හැමදාම අපි වෙන් කරලා තියන්නම්. උඹ අපේ දුක සැප බලන්න ආවේ නැති වුණාට කාරි නෑ පුතේ.මට හරි ලැජ්ජයි. මගේ කුසින් වදපු එකෙක් වෙලා මේ තරම් තණ්නාසකම් කරනවට.ඒකිගේ ජීවිතේට හෙන ගැහුවත් කමක් නෑ උඹලට ලැබෙන්න ඕන දේවල් ටික ලැබුනනම්." "අම්මට ඔය තරම් තරහ මොකටද මම මේ නිකමට ඇහුවේ?නංගිට කසාදයක් හරියන්නැති එකට මට කරන්න දෙයක් නෑ අම්මේ. ඒක එයාගේ ලැබීමනේ.එහෙමයි කියලා කියලා මේ අහපු එකට අම්මා ඔච්චර පරල වෙන්න ඕනේ නෑ.නංගිට එහෙම ඕවා දැනගන්න තියන්න එපා අපේ ළමයින්ට කරන එකත් කරන්නැති වෙයි ඊට පස්සේ." "නංගි කාමරේ ඉන්නවා දැන්ද මතක් උනේ?" "අම්මා කියන්න එපැයි කාමරේ ඉන්නවා කියලා" "උඹ නංගී ගෙදර ඉන්නවද කියලවත් ඇහුවද?" "අම්මගේ සද්දෙ හරියට ගණ්ඨාරේ වගේ.හිමින් කතා කරන්න." " අයියා අයියගේ දරුවෝ කිය කියා නැහීගෙන උඹලට කරනවට ඕකීටත් හොඳ වැඩේ.මං කොච්චරවත් කියනව අපි ගැන හිතන්නේ නැතුව කසාදයක් ගැන හිතන්න කියලා. අහන් නෑ නේ.දැන් ඇහුනනම් හොඳට ම හොඳයි. අයියගේ කටින්මනේ ඇහුනේ. එතකොටවත් එයා තේරුම් ගනීවි තමන්ට කියලත් මේ ලෝකෙ කවුරුහරි ඕන කියලා" "අම්මෝ අම්මෙ අම්මගේ කට මං යනවා.දැන් නංගිට මුණ දෙන්නෙවත් කොහොමද ලැජ්ජාවෙ බෑ." "අනේ බං උඹලා නං ලැජ්ජ නෑ" . ටික වෙලාවකට පස්සේ අයියගෙ කාර් එක යන සද්දෙ ඇහුනා.ඇස්වලට කඳුළු පිරුණේ නෑ කිව්වොත් බොරු ඇත්තමයි මගේ ඇස් දෙකම කඳුළු වලින් පිරිලා ගියා.මං ගැන දුකටද නැත්නම් අයියා කියපු දේවල් ගැන දුකටද කියලා මට හිතාගන්න බෑ. දෙකටම වෙන්න ඇති. පුංචි කාලෙ අයියයි මායි ගෙවපු හැටි හරියට හීනයක් වගේ මට මතක් වුණා. "එන්න ලුණු කරේ යමු" එහෙම කියලා අයියා මාව කරේ තියාගෙන ගේ වටේ දුවනවා. "ඔය කෙල්ල වට්ටන්නද හදන්නේ? පුතේ කෙල්ලව බිමින් තියපන්."අම්මා එහෙම කියද්දි අයියයි මායි හිනා වෙවී දුවනවා.අම්මා ඉනට අත් දෙකක් තියාගෙන කෝට්ටත් අතේ තියාගෙන වෙව්ල වෙවුල ඉද්දි අපි දෙන්න හිමිට මාරු වෙලා යනවා. මට හිටියේ අයියා විතරයි අපේ ගෙදර එකම පුතා අයියා එකම දුව මම. ඒත් අම්මයි එයාට කිව්වේ ලොකු පුතා කියලා. මං සුදු දෝනි මොකද මං සුදු හින්දා.අයියත් මට නංගි කියනවට වඩා සුදු දෝනි කියලා කතා කළේ. මං ආසයි ඒකට.අපේ තාත්තා කුඹුරු වැඩ කළා. ගොවිතැන් කලා. අපිට දෙයියනේ කියලා කරදරයක් නෑ. අප්පච්චිගේ හයි හක්තියෙන් අපේ අටුකොටු පිරිලා තිබ්බේ. අම්මා ඔහොරිය ඇඳලා ළමා තැනී වගේ හිටියේ අපි වලව්වක නොවුනට.අපේ ගෙදර වැඩට සීලම්මා තමා ආවේ. සීලම්මාගෙ දූ හරියට පින්න මලක් වගේ එයා සමදරා.එයා මා එක්ක හරිම යාලුයි. අපි දෙන්න සෙල්ලං කරනව සෙල්ලම් බත් උයනව ටීචර් සෙල්ලම කරනවා.අයියත් අපි දෙන්නට ටුක්කගෙන යනවා.සමදරා එද්දී අයියා එන්නෑ අපිත් එක්ක සෙල්ලම් කරන්න. මං ශිෂ්‍යත්ව පාස් හින්දා තාත්තා මාව කුරුණෑගල බාලිකාවට දැම්මා .ගෙදර ඉඳලා යන්න එන්න කරදර හින්දා ඉස්කෝලේ බෝඩිමේම මාව නැවැත්තුවා. අම්මා තාත්තා අයියවයි දාලා මං ගියේ හරිම දුකෙන්. මගේ පුංචි ලෝකෙ මට හිටියේ අම්මයි තාත්තයි අයියයි විතරයි.එයාල නැතුව බෝඩින් ජීවිතයකට හුරු වෙන එක මට හරිම නුහුරු අත් දැකීමක් වුණා.ඒත් කාලයක් එක්ක මං ඒකට හුරු වුණා. මම සාමාන්‍ය පෙළ ලියන අවුරුද්දෙදි තමයි හිටි හදිස්සියේ තාත්තා නැති වුණේ. තාත්ත නැති වෙච්ච එක මට දරාගන්න හරි අමාරු උනා.තාත්ත නැති වෙද්දි අයියට යන්තම් අවුරුදු විසි එකක් උනා විතරයි.මුළු ගෙදරම බර එයාගේ උර මත වැටුණා.හැබැයි එයා හිතුවටත් වඩා ගෙදර වැඩ සේරම කරට ගත්තා.මට හොඳට උගන්නන්න ඕන කියලා කියලා ඒ කාලේ ඉඳන්ම කිව්වේ අයියා තමා. "නංගිගෙ වියදම් ගැන අම්මා කලබල වෙන්න එපා ඒ ඔක්කොම මං කරනවා" "උඹට මේ දේවල් ඔක්කොම කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් පුතේ" "තාත්තාගේ දේවල් වල ආදායමෙන් නංගිට හොඳට උගන්වන්න පුළුවන් අම්මේ අපි ඒක කරමු" එදා අයියා මට උගන්වන්න කැමති වුණේ ඔන්න ඔහොමයි. මළ ගෙදර ඉවර වෙලා ටික දවසකට පස්සේ මම දැක්කා. වත්ත පල්ලෙහා අයියා සමදරාගේ අතින් අල්ලගෙන කතා කර කර ඉන්නවා.සමදරා එක්කනම් පටලිල්ලක් හදාගත්තට අම්මා නම් කීයටවත් කැමති වෙන්නේ නෑ කියලා මම දැනගෙන හිටියා. "ඈ අයියේ, ඔයා මොකක්ද මේ සමදරත් එක්ක හදාගත්ත පටලැවිල්ල" " පිස්සුද බං ජොලියට කරන්නේ උන්ව කසාද බඳින්න පුළුවන්ද?" "ඒ උනාට සමදරා පව් අයියේ ඔහොම ගෑනු ළමයි එක සෙල්ලම් කරන්න එපා" "සමදරාල දැනගන්න ඕන එයාලට පෑහෙන්නේ කවුද නැත්තේ කවුද කියලා.අපි වගේ අය එක්ක යාළුවෙද්දි දෙසැරයක් හිතන්න ඕනනේ උන්ගේ මෝඩකම" "අයියේ ඔයා නම් මට හරි ලැජ්ජයි ගෑනු ළමයි සෙල්ලමකට ගන්න එපා" මං එහෙම්මම දුවගෙන ගිහින් කාමරේට වෙලා හයියෙන් ඇඬුවා.සමදරා වගේ අසරණ ගෑනු ළමයි වෙනුවෙන්..ඇයි මේ ගෑණු ළමයි මෙච්චර මෝඩ.ආදරේදී ඇස් අන්ධ වෙනවා කියන්නේ ඕකට තමා.සමඳරත් හිතනවා ඇති අයියා එයාව කසාද බඳියි කියලා.පව් මේ ගම්වල හැදෙන අහිංසක කෙල්ලෝ. "සමදරා..." "ඇයි චූටි බබා" "මොකක්ද මේ අයියත් එක්ක නටන නාඩගම" සමදරා බිම බලාගෙන අඬන්න ගත්තා. "අඬන එක නවත්තල කියනවා මොකක්ද මේ තියෙන සම්බන්දෙ කියලා" "මං දන්නවා පුංචි මහත්තයා කවදාවත් මාව කසාද බඳින්නේ නෑ කියලා.. මට තේරෙන්නේ නෑ මට වෙච්චි දේ.අනේ ලොකු නෝනට නං කියන්න එපා චූටි බබා." " දැන් මගුල් දෙක තුනක්ම කතා කරල තියෙන්නේ.තව ටික දවසකින් හොඳ කෙනෙක් හොයල
ා අයියව කසාද බන්දලා දෙනවා අම්මා.ඔයා ඔච්චර මෝඩ තීරණයක් ගත්තේ ඇයි?" " මං පුංචි මහත්තයාට කිව්වා.ඒත් පුංචි මහත්තයා ඇහුවෙ නෑ." "දැන්වත් ඈත් වෙලා ඉන්න" "ඒ උනාට දැන් නම් ඈත්වෙලා වැඩක් නෑ චූටි බබා" "ඒ කිව්වේ" " පුංචි මහත්තයා හින්ද මං අම්මෙක් වෙන්න යනවා වගේ...." "දෙයිහාමුදුරුවනේ ඔයා ඔය තරම් මෝඩද?" "මට පුංචි මහත්තයව නවත්තගන්න බැරි උනා චූටි බබා" මං සමදරා ව බදා ගත්තා.ඒත් මං කියලා මොනවා කරන්නද මං කියන දෙයක් කවුරුවත් පිළිගනීවිද.එහෙමයි කියලා අයියා කවදාවත් සමදරා ව කසාද බඳින්නේ නෑ.අම්මත් ඒකට එකතු වෙන එකක් නෑ.දෙයියනේ මේ කෙල්ල මොන තරම් මෝඩද.පින්න මලක් වගේ ලස්සනට හිටපු කෙල්ල. ඊට ටික කාලෙකට පස්සේ හුඟක් දේපල තියෙන තැනකින් අයිය කසාද බැන්දා. ඒ වෙද්දි දන්නෙම නැතුව සමදරා අම්මත් එක්ක ගමින් ගිහිල්ලා.එයාගේ මගුල් ගෙදරට කලින් අයියාඒ හැමදේම ඉවර කරලා.සමදරා ගේ ළඟින්වත් තියන්න බැරි තරම් රූපයෙන් අඩු ගෑනු කෙනෙක් අයියා කසාද බැන්දේ දේපල වලටම කෑදරකමින් කියලා මං නම් දන්නවා.අයිය ඒ කාලේ ඉඳලම දේපල වලට හරි තන්නාසයි. මට කවදාවත් පිරිමියෙක් ගැන ආදරයක් ඇතිවුණේ නෑ.ඒක මොන හේතුවක් නිසා සිද්ධ වුණාද කියලා මට තේරෙන්නෑ.මං හිතින් ආදරේ කරපු කීපදෙනෙක්ම ඉන්නවා.ඒත් ඒගොල්ලෝ කවදාවත් මගෙන් යාළුවෙන්න ඇහුවෙ නෑ. මගේ යාළුවෙන්න අහපු පිරිමි ළමයින්ට මට ආදරේ හිතුන්නෑ. අයියගේ පොඩි දරුවෝ දෙන්නට මට පුළුවන් විදිහකට මං සලකනවා.ඒ දෙන්නත් එක්ක ඉද්දි මට හැම දෙයක්ම අමතක වෙලා යනවා.ජීවිතය බෙදා ගන්න කෙනෙක් හිටියනම් හොඳයි කියලා මටත් ගොඩක් වෙලාවට හිතෙනවා. ඒත් අම්මා හොයන කසාද වලට මගේ හිත නැමෙන්නෙම නෑ.ආසාවෙන් හැම දෙයක්ම පොදි බැඳගෙන බැඳීම් එක්ක හිර කරගෙන දුක් විඳින්නේ මොකටද කියලත් වෙලාවකට මට හිතෙනවා.ඒත් සමහර වෙලාවට ජීවිතේ දුක සතුට බෙදාගන්න කවුරු හරි හිටියනම් කියලාහිතෙනව වාර ඕන තරම් තියෙනවා.දැන් මට අවුරුදු තිස් පහක්. මටත් කාට හරි ආදරේ හිතුනොත් එයා මට හොඳයි කියලා හිතුනොත් මාත් කසාද බඳිනවා..ඒත් ගෑනියෙක් බඳින්න ඕනි කියන තැන ඉඳලා කසාදයක් බඳින්න මම කැමති නෑ.ඒත් මට අද දැනුනා සහෝදරයෝ වුණත් අපිව ආශ්‍රය කරන්නේ වාසියට විතරයි කියලා.මටත් ඉන්නවා මට ආදරේ කරන කෙනෙක් .ඒත් අපේ සම්බන්දෙ තාම ගැඹුරු නෑ කියලා මට හිතෙනවා . "අද පාන්දරින්ම කොහේ යන්නද.නිවාඩු දවසේ" "කුරුණෑගලට ගිහින් එන්නම් අම්මේ වැඩ වගයක් තියෙනවා" "උඹ ඔය අයියා කියපු දේවල් එච්චර ගණන් ගන්න එපා පුතේ" " මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන් උනා.ඒ වුනාට මං ඒවා ගැන හිතන්නෑ." "රෑ වෙන්න කලින් එන්න.අර මේ පාර කපු මහත්තයා ගෙනාව යෝජනාවට මොකද කියන්නේ?" "බලමුකෝ අම්මේ ලැබන සතියෙනේ එනවා කිව්වේ "එන්න කියන්නද එහෙනම්" "කියන්න අම්මේ" මං කුරුණෑගලගේ කිසිම හේතුවක් නැතුව.මගේ හිතට දැනිච්ච බර නිදහස් කරගන්න මට ගෙදරින් එළියට යන්නම ඕන වුණා.වැව රවුමේ බංකුවකට වෙලා මේ වැවේ දියරැල් නැගෙන දිහා බලාගෙන හිටියා.මේ වගේ තැනක ඉද්දි හිතට මොනතරම් නිස්කාන්සුවක්වත් දැනෙනවද "චූටි බබා..."ඒ හඬට මාව ගැස්සිලා ගියා.දෙයියනේ සමදරා මං සමදරා ව බදා ගත්තා. මොකක්දෝ කියන්න බැරි දුකක් මගේ හිතින් නිදහස් වෙලා ගියා. "ඔයාට කොහොමද කසාද බැන්දද?" " මං ආයෙ කසාදයක් ගැන හිතුවේ නෑ.මේ ඉන්නේ මගේ පන"එහෙම කියලා සමදරා චූටි දුවක් පෙන්නුවා.ඒ ඇස් අපේ අයියගේ වගේමයි. "පුතා ඉස්කෝලේ යනවාද" "ඔව්" "සමදරා ඔයා කොහොමද මේ හැමදේම කරගත්තේ" " කසාදෙට කලින් ඔයාලගේ අයිය මට ගමෙන් යන්න කියලා කිව්වා.අයියා දුන්න සල්ලි වලින් මං ජීවිතේ පරිස්සමට පටන් ගත්තා.මෙච්චර ලස්සන දුවෙක් ඉද්දි මට කසාදයක් ගැන හිතන්න බය හිතුනා.පුංචි මහත්තයා මට පිරිමි එපා කළා.ඒ හින්දා මං කසාදයක් ගැන කවදාවත් හිතුවේ නෑ චූටි බබා. ඔයා දන්නවද මං අද ගොඩක් අසරණ වෙලා ඉන්නේ." "ඇයි සමදරා කියන්නකෝ?" "මම මේ හොස්පිටල් එකට ආව ගමන්.මට කැන්සර් එකක්ලු" මං සමදරා බදාගෙන හයියෙන් ඇඬුවා.ඇත්තටම අඩනවා ඇර මට වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද.මේ කෙල්ලට මොන අසාධාරණයක්ද මේ සිද්ධ වුණේ. "මට මගේ දරුවා හරි බරක් චූටි බබා.මේ දරුවා තාත්තාගේ ආදරයක් වින්දෙනෑ.දැන් එයාට අම්මවත් නැතිවෙයි" "අනේ එහෙම කියන්න එපා සමදරා.මොනාම හරි දෙයක් තියෙයි අපිට කරන්න පුළුවන්" "කල් ගිහින් වැඩී චූටි බබා...." ............... "මිතුලී......." "ඇයි නැන්දා.." "හෙට පේරන්ටස්මීටින් එක කීයටද තියෙන්නේ" " ඔයා එන්නම ඕනා නැන්දා දන්නවනේ මං පන්තියේ පළවෙනියා." "අනිවාර්යෙන් මම එතන ඉන්නවා පැටියෝ" " අපි අද හවස අම්ම ඉන්න තැනට ගිහින් එන්න යමුද . "ඔව් අපි අම්මව බලලා එමු.එයා ඔයා වෙනුවෙන් හුගක් කැපකිරීම් කරපු අම්මෙක්.ඒකයි මං අම්මා වෙනුවෙන් ඔයා බාර ගත්තේ පුතේ "මං එහෙම කියද්දී දුව මාව බදා ගෙන ඇඩුවා.එයාට අඩන්න දීලා මං එයාගෙ හිස පිරිමැද්දා.දැන් මගේ ලෝකෙ දුව විතරයි . මිතුලි දුවගේ පන්ති රැස්වීම ඉවරවෙලා මං ආවේ ගොඩාක් සතුටින්.අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම රැකවරණය එයාට නැති වුණාට.ුව එයාගේ ජීවිතය ජය ගන්නවා.දැන් එයා හුඟක් ලොකුයි හුඟක් දේවල් තේරෙනවා.මං එයා එක්ක වැව රවුම ගාවට ආවේ ටිකක් නිස්කලංකව ඉඳලා යන්න ඕන හින්දා. "නැන්දේ මං දෙයක් අහන්නම් මට ඇත්තම කියනවද?" "අහන්න පුතේ" " අපි අතර කිසිම සම්බන්ධයක් නැතුවත් අම්මා නැති උනයින් පස්සේ ඔයා මාව බාර ගත්තා. ඔයා කසාදයක් ගැන හිතුවෙවත් නැතුව මං වෙනුවෙන් ඔයාගේ ජීවිතේ කැප කළා.ඇත්තටම ඇයි නැන්දේ මෙච්චර ලොකු කැපකිරීමක් මං වෙනුවෙන් කලේ" "මේ සේරම හිතුවෙවත් නැති වෙලාවක සිද්ධ වෙච්ච දේවල් පුතේ. ඇත්තටම කෙනෙක්ට මං ආදරය කළා. ඒ උනාට ඔයාගේ අම්මා හම්බුනයින් පස්සේ ,අම්මගේ අසනීපෙ දැන ගත්තයින් පස්සේ මගේ ජීවිතය හුඟක් දේවල් වෙනස් වුණා මං එයාට හුඟක් ආදරේ කරා ඒක ඇත්ත. දරුවෙක් එක්ක එයා මාව භාරගන්නේ නැති වෙයි කියලා මට හිතුනා.සමහරවිට එහෙම නොවෙන්නත් තිබ්බා. මට මොකක්දෝ බයක් දැනුනා එයාගේ හිත එහෙම රිද්දවන්න. අපි අතර තියෙන මේ සම්බන්ධතාවය එයා කොහොම පිළිගනීද කියලා මං දන්නෑනේ පුතේ.අන්තිමට මං හිතුව පුතේ එයාට මොකුත් නොකියාම එයාගෙන් ඈත් වෙන්න. මට වෛර කරලා හරි මාව අමතක කරලා දායි. එහෙම නැතුව මං එයාට කිව්වනම් මට ඔයා ඕනා කියලා එයා සමහරවිට කිව්වොත් ඔයාව අතාරින්න කියලා අපි දෙන්නා රණ්ඩු වෙලා මේ සම්බන්දෙ ඉවර වෙන්න තිබ්බා. මං ඒක එහෙම ඉවර කරන්න කැමැති වුණේ නෑ පුතේ.ඒ වෙලාවේ මට එයාට වඩා ඔයාව වටිනවා. කවුරුවත් අහන ප්‍රශ්න වලට මං උත්තර දුන්නෑ පුතේ.ඒ හැම ප්‍රශ්නෙකටම මං නිහඩව හිටියා.ඒ හැමදේටම වඩා මට ඔයාව වටින හින්දා. මං දන්නෑ ලේ බැඳීමක් නිසා එහෙම වුණාද කියලා ගෑණියෙක් දුක් විඳිනවා මට බලන් ඉන්න බැරි වුනා පුතේ .ආයි අපි මේ ගැන කතා නොකර ඉමු. ඔයා තමයි මගේ හැමදේම ඒක විතරක් ඔයා මතක තියාගන්න" "නැන්දේ මං ඔයාට ගොඩක් ආදරෙයි.මට මුකුත් දැනගන්න ඕන නෑ." එහෙම කියලා මිතුලි මාව බදාගෙන හුඟාක් වෙලා හිටියා.කුසින් නොවැදුවට මිතුලි මගේම දුව තමා. සමාප්තයිගන්ධබ්බ ප්‍රාණ 02 (අවසානය) මිනාර ටයිල් ඇල්ලූ සීතල පොලවේ අත පය දිගෑරගෙන වහල දෙස බලා උන්නේය. කිසිදා වියා ඇති දැලක් හොයාගත නොහැකි මකුලුවකු සිවිලිම දිග බඩ ගා ගොස් කොහෙටදෝ අන්තර්දාන වනු බලා උන් ඔහු තද කර දෑස් පියාගත්තේය. මිනාර උන්නේ නිරුවතිනි. සිය යටි කයට අයිතිය කියා පෑ හෙල්ලය මුලින්ම කපා දැමීමට ගත් මස් කපන පිහිය ඔහුගේ කුඩා මේසය මත හිරවී තිබුනේ ඔච්චමට මෙන් 'කෝ උඹ කැපුවදැ' යි අසන්නට මෙනි. "මේ ජීවිතේ මට හරි මහන්සියි. " මිනාර දිගු හුස්මක් ගෙන කොදුරන්නට වූයේ තමාටමය "මට මම විදිහට ජීවත් වෙන්න බැරි මගේ මේ ගන්ධබ්බ ජීවිතේ හරි මහන්සියක් මට. ඔහේ පාවෙවී, මෙලෝ හසරක් නැතුව ඉන්න මේ ජීවිතේ අල්ලලා පැත්තකට විසි කරල මැරිල යන්නවත් ඇයි මට හයියක් නැත්තේ? " මිනාර කලකිරීමෙන් තව දුරටත් සිවිලිම දෙසම බලා උන්නේය. ඔහුට උවමනා වූයේ මැරෙන්නටය. ඒත් ඊට බොහෝමයක් බය ආත්මයක අයිතිකාරයකු වූ මිනාරට එය පහසු කටයුත්තක් වූයේ නැත. "එකාතකට මැරෙනවට වඩා කොච්චර අමාරුද ජීවත් වෙන එක. එච්චර අමාරු දෙයක් නෙමෙයිද මම මෙච්චර කාලයක් කරේ? එහෙනම්..." මිනාර අනෙක් අතට සිතන්නට ගත්තේය. තවත් තත්පරයකට පසු පසෙක විසි කල කලිසම හැදගත් ඔහු යලිත් එය හැදගත්තේය. "ඩිග්‍රිය අරගෙන මම යනව යන්න මේ රටෙන්. මොකටද මේක අස්සෙ තව දුක් විදින්නෙ? " කොහෙදෝ නැති හදිසියක් හිසට ආරූඪ කරගනිමින් සිය ගමන් මල්ල අස් කරනා අතර මිනාර තමාටම දොඩවාගත්තේය "මිනිස්සුන්ට අමාරුම දේ ජීවත් වෙන එක නෙමේ ජීවිතේ අමාරුම දවස් බෙදාගන්න පුලුවන් මනුස්සයෙක් නැතිවෙන එක" මිනාරට ලෝබ හිතුනි. ඔහුට හොදම මිතුරෙක් කියා අයෙක් උන්නේ නැත. එවන් බැදීම් තමාට බොහෝ දුර වග ඔහුට හිතුනි. විශ්වවිද්‍යාලයේ වුවද කිසිවෙකුත් තමාට එලිපිට කිසිත් නොකීවද ඔවුන්ගේ වචන වල විහිලුවත් අපහාසයත් තැවරෙන්නේ තමා නොපෙනී ඉන්නා තැන් වල වග මිනාර හොදටම දනී. එහෙව් තැනක පෑගෙන්නට මිනාර අකමැතිත් ඒකමය. ඊට වඩා තනියෙන් ඉදීම සැපය. හොද නින්දක් නිදාගෙන ඇහැරුන පසු සියල්ලම හරියන බව සිතා පසෙකට විසිකල කාන්තා ඇදුමද යලි හැද, බොරු කොණ්ඩය දමාගත් මිනාර කෙටි නින්දකට යන්නට පෙර කණ්නාඩිය ඉදිරියේ යලිත් එහි මෙහි හැරී හැඩ බැලීය. මිනාරට තමන්ව වෙන කවදාටත් වඩා ලස්සනට පෙනෙන්නට විය "තමන්ට තමන්ම විදිහට හුස්ම ගන්න ලැබෙද්දි මිනිස්සු ලස්සන වෙනව. ඇත්තටම ලස්සන වෙනව" මිනාර සිනහවක් සමගම උන් ඇදුමින්ම ඇදට පැන කොට්ටයක් බදාගත්තේය. ගැඹුරු නින්දට අවතීර්ණ වන තුරුම ඔහුගේ මුහුණේ එම සිනහව තිබුනි. ________________________________________ හවස් වරුවේ හැලප කිහිපයක් තම්බාගෙන ආ බණ්ඩාර මැනිකේ කෙතරම් බය වීද යත් අඩිය උස්සාගෙන උන් තැනම ඇය බිම ඉන්දවුණි. හැලප සීසී අත විසිවුනි. තමන්ගේ මුණුබුරාට කුමක් වීද යන්න අදහාගත නොහී පුදුමයෙන් සහ කුමක්දෝ නොදත් නියගලා අලයකට සම හැගීමකින් බිදී ගිය බණ්ඩාර මැණිකේට උවමනා වූයේ තමා සිහිනයක පතුලේම හිරවී දගලනා බව සිතාගන්නට වුව
ත් බිම පතබෑවී ඉන්දවූවායින් රිදුම් දෙන්නා වූ පශ්චාත්භාගය ඇයට යමක් ඉගි කරන්නට විය. ඒ උන්දෑ හොද සිහියකින් අවදිව සිටින වගයි. "පු...පුතේ..." අවසිහියෙන් මෙන් වදන් අහුලාගත් ඈ මේ සිය මුණුබුරාමදැයි නිච්චි නැතුවාක් මෙන් ඇගටම හිර වූ කාන්තා ඇදුමක් හැද බොරු කොණ්ඩයක් පැලද ඉන්නා මිනාර දෙස දෑස් දොඩම් ගෙඩි දෙකක ප්‍රමාණයට විසල් කොටගෙන බලා උන්නාය. කෙටි නින්දක් ගනිමියි සිතා නින්දට ගොස් දිගු නින්දකින් අවදිව උන් මිනාරද අනපේක්ෂිතව මේ දුටු දෙයින් එක්වරම තිගැස්සී ගියද එවගක් නොපෙන්වා සිය ආච්චි අම්මා අසල දන ඔබාගත්තේය. "ආච්චි අම්මා... කලබල වෙන්නෙපා. අහන්නකො පොඩ්ඩක්. මම..." "උඹට .... උඹට හොදටෝම අසනීපයිද මයෙ පුතේ?" බණ්ඩාර මැණිකේ මාරුවෙන් මාරුවට සිය දෑතේම පිට අත්ල මිනාරගේ නළලත් ගෙලත් අතර තබමින් තෙපලුවේ ඇගේ හඩට වෙව්ලීමක්ද එක් වන විටය "මට ඇති ලෙඩක් නෑ ආච්...." "කට වහපන් . උඹ දන්න මගුලක් නෑ. ඔය වගෙ දිෂ්ටි දෝෂ එනකොට ඔය වගෙ විකාර කරන්ඩ හිතෙනව. දැන්ම ලෑස්ති වෙයන් තුන්බැද්දෙ ජිනවංශ හාමුදුරුවො ළගට යන්ඩ. මම විගහට ගිහින් උඹෙ වේලපත්කඩේ අරන් එන්නම්" දනිපනි ගා උන් තැනින් නැගිටගත් බණ්ඩාර මැනිකේ පයේ කොන්දේ අමාරුද නොතකා තකහනියක් කඩාබිදගෙන මහගෙදර දිහාට්ට දුවන්නට ගත්තාය. සිය හිතේ ආසාව නිසාවෙන් නිවාඩුවට ආ දිනෙක ගවුමක් හැද බැලූවෙන් උදාවන්නට යන මෙහෙව් මොහොතක් පෙරදී බලාපොරොත්තු නොවූවද දිගු හුස්මක් පා කර පපුව මොහොතක් සැහැල්ලු කරගත් මිනාර ආච්චි අම්මා හා ජිනවංශ හාමුදුරුවන් මුණගැහෙන්නට යන්නට තීරණය කලේ අන් කරන්නට යමක් නොතිබූ නිසා නොවේ. ආච්චි අම්මාව සන්සුන් කරගැනීමට උවමනා වූ නිසාවෙනි. "කෝ ලෑස්තිවුනාද? ඉක්මන් කරපන් ඉක්මන් කරපන්. හවස් වෙන්න කලින් ගිහින් එමු." බණ්ඩාර මැණිකේ පුංචි එකෙකුගේ අතින් අල්ලාගන්නාක් මෙන් හිර කර මිනාරගේ අතකින් ද ඇදගෙනම ගෙන් එලියට බැස්සාය. "හරි හරි ආච්චි අම්මෙ එන්නම් මම. ඇදගෙන යන්න ඕනයැ" "කට වහගෙන වරෙන් මෙන්න මෙහෙ." බණ්ඩාර මැනිකේට තිබුනේ මිනාර දැන් දැන් තමාටද හොරා පලායතැයි වැනි වූ බියකි. "හාමුදුරුවො මොනා කියයිද දන්නෑ. දෙයියන්ගෙ පිහිටෙන් මගෙ කොල්ලට නපුරක් වෙන එකක් නෑ" බණ්ඩාර මැණිකේගේ හදවත යකාගේ කම්මල මෙනි. හිතුවක්කාරවත් තිගැස්සීමෙනුත් වෙහෙසට පත් උන්දෑට ගල් බැම්මක් උඩ හෝ ඇනතියාගන්නට උවමනා වුවද ගතේ හයිය බල්ලට දමා හිතේ හයියෙන්ම උන්දෑ මිනාරවද ඇදගෙන පන්සලට ආවාය. "බණ්ඩාර මැණිකේ උපාසක අම්මා අර බෝධින් වහන්සේ ළගට ගිහින් පඩුරක් ගැටගහලා නිවීහැනහිල්ලේ පැන් කලයක් වත් කොරලා ආවනම් හොදා. මම මේ ඉලන්දාරියා එක්ක ඩිංගිත්තක් කතා බහ කොරනකන් ඔය කලබලේ සන්සිදවගමුකො" හොද පදම් දහඩිය දමා වෙව්ලන ස්වරයෙන්ම ආ කාරනාවද දොඩා නිමකල බණ්ඩාර මැණිකේගේ අවිනිශ්චිත බැල්මක් තවරාගත් මුහුණ දෙස බැලූ ජිනවංශ ලොකු හාමුදුරුවෝ පැවසූහ. උන්වහන්සේට උවමනා වූයේ මෙම කලබලකාරී වයස්ගත ගැහැණියගේ කලබලය මදක් සන්සිදවීමටය. දරන්නට බැරි මට්ටමේ එව්වාත් දරාගන්නා වයස්ගත පපු කුහරවලට සැනසිල්ල උවමනා වග හමුදුරුවෝ නොදන්නවා නොවේ. "හාමුදුරුවොත් මාව පන්නගන්ට නෙව හදන්නෙ. " බණ්ඩාර මැණිකේගේ හිත නෝක්කාඩුවෙනි. හාමුදුරුවන්ගේ මුහුණට ම එවදන් කියාගන්නට නොහැකිව, තමාටද වෙන්නේ කුමක්දැයි බලන්නටද උවමනාව තිබෙනා බව කියාගන්නට ද නොහැකිව තතනමින් උන් බණ්ඩාර මැණිකේ අමනාපයෙන් මොහොතක් තතනමින් ඇඹරී සිය බෑගයේ වූ වේලපත්කඩය හාමුදුරුවන් අතට දී බෝධිය දිහාට්ට ගෑටුවාය. "නම මොකක්ද කීවෙ ඔය දරුවගෙ?" ආවාස ගෙයි කුඩා මේසයක් අසල හිදගනිමින් සිය නහය මත කණ්නාඩි කුට්ටම රදවාගත් හාමුදුරුවෝ සිය අතෙහි වූ වේලපත්කඩය දෙස බලා ඇහි බැමි උස්සාගත්තහ. "මම මිනාර අපෙ හාමුදුරුවනෙ " "ඉදගත්තනම් ඔය පුටුවෙන්" ඉදිරිපසින් වූ අසුනක් පෙන්වා හාමුදුරුවන් පවසනා විට මිනාර එසේ සම අසුනක හිදගැනීම සුදුසුදැයි යන දෙගිඩියාවෙන් යුතුව හමුදුරුවන්ගේ මුහුණ දෙස බලා උන්නේය. "ඉදගන්නවා කොල්ලො ඔන්න ඔහෙන්.මොකද මේ බයවෙලා" මිනාර දෙගිඩියාවෙන් හිදගන්නා අතරතුර විනාඩි පහලොවක් පමන ගෙන වේලපත්කඩය දෙස බලාන උන් හාමුදුරුවෝ මිනාරගේ මුහුන දෙස බැලීය. "ඔය දරුවට මොනාද මට කියන්න තියෙන්නෙ?" මිනාර මොහොතක් බිම බලාගෙන කල්පනා කලේය. "මට මම විදිහට ජීවත් වෙන්න විතරයි ඕනෙ අපෙ හාමුදුරුවනෙ. එච්චරයි මට ඕනෙ" "ඒ කියන්නෙ , කාන්තාවක් විදිහට ජීවත් වෙන්නයි ඔය දරුවට ඕනෑ කරන්නෙ? ඒ ව්දිහට අදින්න පලදින්න ? " "අදින්න පලදින්න විතරක් නෙමේ හාමුදුරුවනෙ. මාව මේ රටේ ලෝකෙ උන් ඒ විදිහටම පිලිගන්නත් ඕනෑ. එච්චරයි මට ඕන" "ඉතින් ඔය දරුවා හිතනවද ඒක වෙයි කියල?" "මේ වගෙ රටකට නම් ඒ වගෙ දෙයක් වෙන්න තව කල්ප කාලාන්තරයක් යයි අපෙ හාමුදුරුවනෙ. " හාමුදුරුවෝ දිග හුස්මක් ගෙන කණ්ණාඩ් කුට්ටම ගලවා මේසය මත තැබූහ. " රටේ ලෝකෙ මිනිස්සු හිතන එක ගැන හිතන එක නතර කරනකන් මිනිස්සුන්ට ජීවිතේ හරියටම ජීවත් වෙන්න පටන් ගන්න බෑ දරුවො. අපට කියන්න බෑ මිනිස්සු අපිව පිලිගනිවි කියල. ඒක හරියට පිපෙන්න කලින් කඩුපුල් මලක් කඩල අරන් ඒක උදේට පිපෙයි කියලා බලන් ඉන්නවා වගෙ වැඩක්. පිපෙන්නෑ දරුවො. ඒව එහෙම පිපෙන්නෑ" "මට හිතෙන්නෙ මම කලින් ආත්මෙක ලොකූ පවක් කරල ඇති කියල අපෙ හාමුදුරුවනෙ. මම මේ ගෙවන්නෙ මහා ගන්ධබ්බ ජීවිතයක්. කොයි අතට හැරෙන්නද , කොයි අතක කොතනක කොහොම ඉපදෙන්නද හිතාගන්න බැරුව මම තාම ජීවිතේ ඇතුලෙ පාවි පාවි ඉන්නවා. මට මාව තේරෙන මනුස්සයෙක් හම්බුනා නම් කියල මට අනේක වාරයක් හිතෙනව" එක හුස්මට පවසා මිනාර දිගු හුස්මක් ගත්තේය.මෙලෙස ඔහුට තමාව දිගහැරගන්නට තැනක් මිනාරට හමුවුනේ අහම්බයකිනි. ඔහුගෙන් වචන වක්කඩ කැඩුවාක් මෙන් පනින්නේ ඒකය. "ජීවිතේ ඇතුලෙ තමන්ට තමන්ව හොයාගන්න බැරිවෙන එක තරම් මනුස්සයෙක් අසරන වෙන තැනක් තවත් නෑ . තමන්ට තමන් ගැන ම දුක හිතෙන තරම් දුකක් මනුස්සයෙක්ට තවත් නෑ. " මිනාරගේ ඇස් වලින් කදුලු පනින්නට ඔන්න මෙන්න ගානය. වෑයමෙන් කදුලු බදා අල්ලා ඉන්නා මේ කොලුවාට හිතු සේ කතා කරන්නට ඉඩ හැර හාමුදුරුවෝ නිහඩව බලා උන්හ. "මම පෙර ආත්මෙ මහ විශාල පවක් කරලා වෙන්න බැරිද අපෙ හාමුදුරුවනෙ? " තමන්ට තමන්ව හොයාගන්න තියෙන උවමනාව පවක් කියලා මොන ධර්මයෙද දේශනා කරන්නෙ දරුවො? ඔය ළමයගෙ ජීවිතේ ඔය හරස්කඩ පවක් නෙමේ. ඒත් සංසාරෙ පුරාවට තමන්ට තමන්ව හොයාගන්න බැරි තරමට මුලා වෙන්න , මේ වගෙ වේදනා විදින්න මුල් වෙච්ච කර්මයක් ඇති ඔය දරුවගෙ සංසාරගත කතන්දරේ ඇතුලෙ. " "ඒ කිව්වෙ අපෙ හාමුදුරුවනෙ?" "ඔය දරුවා සමහර වීට මීට කාලෙකට කලින් එක ආත්ම භාවයක ගැහැණියක් විදිහටත් ඉපදිලා ඇති. එහෙම නැත්තන් මේ වගෙම පිරිමියෙක් විදිහට ඉපදිලා ඇති. සතෙක් විදිහට ඉපදිලා ඇති. විවිධාකාර වේශයන්ගෙන් මේ මනුස්ස ලෝකෙ ඉපදිලා ඇති. දරුවෝ පිරිමියෙක් ගැහැණියක් වෙන්නවත් ගැහැණියෙක් පිරිමියෙක් වෙන්නවත් හදන එක හරි එහෙම වෙන්න ආසාවෙන් ඉන්න එක හරි මහා අමුතු දෙයක් නෙමේ. ඈත අතීත කාලෙක ඉදන්ම ඒ වගෙ මනුස්ස පරාන මේ රටේ ලෝකෙ ජීවත් වෙලා ඉදලා තියෙනවා. වැදගත් වෙන්නෙ මේ ලෝකෙ ඉස්සරහ තමුන් ගෑණියෙක් වෙනවද පිරිමියෙක් වෙනවද කියන එකේ නෙමෙයි. අපි මේ ජීවිතේ ඇතුලෙ මොනවද හිතන්නෙ , මොනවද කියන්නෙ , මොනවද කරන්නෙ කියන එක. අපි මේ මනුස්ස ආත්මෙ ඇතුලෙ අපි එකතු කරගන්න කර්මයන් මොනවද කියන එක. ඊට එහා මහා ලොකු පාඩම් මේ ජිවීතේ ඇතුලෙ නෑ දරුවො. මේ ජීවිතේ ඇතුලෙ නෑ." -------------------------.............................---------------- ඉන් පහු සති අන්තයට පයින් ගසා එලඹුන සදුදා දින උදෑසනින්ම විශ්වවිද්‍යාලය වෙත යාමට මිනාර සූදානම් වූයේ එතරම් කැමැත්තකින් නොවේ. කිසිවෙක් නැති හුදෙකලා බව පිරි කොහේ හෝ කොල පාට ලෝකයක අතරමං වන්නට දැඩි උවමනාවක් තිබුනද සියල්ලටම පෙර හරහට සිටගත් උපාධිය කෙසේ හෝ ගත යුතු වූ බැවින් මිනාර උන්නේ ඉවසිය හැකි අන්තයටම ඉවසමිනි. විශ්වවිද්‍යාලයට පිවිසෙන හන්දිය ලගින් බසයෙන් බැසගත් මිනාර දහවල් දේශනය සදහා යන්නට ඉටාගනිමින් සිය බෝඩිම් කාමරය දෙසට අඩිය තැබුවද මිනාරට කල්පනා වූයේ තමා බර කල්පනාවෙන්ම බැස ඇත්තේ බෝඩිමට බොහෝ මෙහායින් වග ය. පෙරදා හමුවන්නට ගිය ජිනවංශ හාමුදුරුවොන්ගේ වදන් ආයෙ ආයෙමත් කන් දෙක අස්සෙන් එහෙ මෙහෙ දුවන අතරතුර ඔහුට බෝඩිම තව බොහෝ දුර වග අමතකව ගිය සේය. "ශික්. දැන් ආය පයින් යමන්කො. දෙලෝ විකාරෙන්නෙ බස් එකෙන් බැස්සෙ" මිනාර තමාටම බැනගනිමින් එක් බෑගයක් කරේ දමාගෙන ගාටන්නට විය. "අනේ ඒ ලමයනම් හෙන අහිංසකයි මිස් දාබරේ. ගෑණු ළමයා වගෙ. මේ ලමිස්සියක් ඉන්න ගෙදර මම ඔය ළමයව බය නැතුව නවත්ත ගත්තෙත් ඒකනෙ. " බෝඩිමේ අයිතිකාරිය වූ සිල්වා මහත්මිය වරක් අසල්වැසි කාන්තාවක හා කියනු මිනාරට ඇසුනි. එක් වරම අමුතු සතුටක් පපුවෙන් මතු වුවද මිනාරගේ මුහුනේ ඊළග මොහොතේ ඇදුනේ සමච්චල් සිනාවකි. "නොදන්නා දේවල් ටිකත් දැනගත්තනම් ඒ මනුස්සයා මට පයින් ගහලා දොට්ට දාන්නෙ" මිනාර කෙතරම් වේගයෙන් පය උස්සාගන්නට තැනුවද දෙපය උන්නේම හිමින් යන්නට ඕනා කියන මතයේ බැවින් ඔහු උන්නේ මද වෙහෙසකිනි. දහවල් දේශනයට නොයා ඉන්නත් හිතෙනා අතරතුරදී 'මෙච්චරම උදෙන් ආවේ ලෙක්චර්ස් යන්න නෙවෙයිද බොල?' යැයි මොලයේ දකුණු පසින් නෝක්කාඩුවක් නැගුනි. "මිනාර? මොකද මේ හතිදාගෙන?" දාහක් දෑ සිතමින් ගැටගසමින් ආ මිනාර එම හඩ ඇසී එක්වරම තිගැස්සිනි. සිය මෝටර් රතයේ ෂටරය පහලට කර බලා ඉන්නා කැමීලියා මැඩම් නොහොත් කථිකාචාර්ය කැමීලියා ද සිල්වා ය. "ආහ් මැඩම්... මම මේ බෝඩිමට යන ගමන්" "තව දුරයිනෙ ළමයො. එන්න මම ඩ්‍රොප් කරන්නම්. " "අනේ තෑන්ක්ස් මැඩම්. මැඩම්ගෙ ගෙවල් ලගින් මාව දාන්නකො. එතන ඉදන් ළගයිනෙ කොහොමත්" "ආ කොහොම හරි බැරියැ. එන්න එන්න නගින්න ඉස්සරහින්" මිනාර නගින්න සූදානම් වූයේ පිටුපසිනි. නමුත් කැමීලියා මැඩම් ඉදිරිපසින්ම වාඩි වන්නට කියූ බැවින් ඔහුට එසේ නොකර ඉන්නට බැරි විය. "ඔයාලට හොස්ටල් හම්බුනේ නැද්ද මිනාර මේ පාර?" "හම්බුනා මැඩම්. මට ඒත් බෝඩිම පුරුදු තැනනෙ . " "ඔව් ඉතින් හොස්ටල්
වල ඉන්නවට වඩා නිදහස් බෝඩිමක ඉන්න එකනම්. තනියෙන්ද ඉන්නෙ මිනාර?" 'අපට කොහෙන්ද යාලුවොවත් හවුල්කාරයෝවත් මැඩම්' යැයි කියන්නට මිනාරගේ කටට ආවද ඔහු කට පියාගත්තේය. "ඔව් මැඩම්. පහල තට්ටුවෙ බෝඩිමේ අයිතිකාරයෝ. උඩ තට්ටුවෙ මම විතරයි. " "ආ එහෙනම් කොච්චර හොදද? නිදහස්නෙ" "ඔව් මැඩම්" එතැන් සිට විනාඩි කීපයක් යන තුරු ඔවුන'තර කිසිවක් කියවුනේ නැත. නමුත් මිනාරට මෙම අමුතු ගැහැණිය දෙස නොබලා ඉන්නට හැකි වූයේ නැත. ඉතාමත් සුන්දර නමුත් රළු හඩක් හිමි ඇයව බලන්නට ම දේශන වලට එන බොහෝ සිසුන් විවේක කාලයන් වල කතා බස් කරනා දේ ඔහුගේ කනට නොවැටී තියෙන්නට මිනාර කොහොමටත් පෙනේරයක් නොවේ. "අම්මෝ බන් අද මැඩම් ඇදන් ආපු සාරිය පට්ට නේ? හැමදාම ඔහොම ඇදන් එනවනම්..." "අපටත් පොඩ්ඩක් ඉනක් බඩක් බලල සැනසෙන්න තිබුනා" කැන්ටිමේ එම සංවාදය ඇදී යන කල එකෙකු ඉතිරිය සම්පූර්ණ කලේ අනෙක් උන් මහ හඩින් සිනාසෙන අතරය. මිනාරට දැනුනේ අපුලකි. "හැබැයි ඉතින් ගෑණිගෙ තන් දෙක නම් චූටි වැඩී අඩුම තිහවත් අදිනවද දන්නෑ" "කමක් නෑ බන් සුදුයිනෙ" යලිත් වරක් උන් මහ හඩින් සිනාසෙන විට ඔවුන්ගේ සංවාදට ඇසුනු සිසුවියන් කිහිපදෙනෙකු එතැනින් ඔරවාගෙන පිටව ගියේ මූහුණු මත පිළිකුලක් ඇදගනිමිනි. තමාට උගන්වන අයෙකු පිලිබද මෙලෙස ප්‍රසිද්ධියේ කතා කරහැකිදැයි යන විශ්මයත් ජුගුප්සාවත් සගවාගනිමින් එදින මිනාර ඉන් නැගිට ආවේ කමින් උන් වඩේ කෑල්ලද කුනු බක්කියට විසි කරය. "මොකද මිනාර ? මොනවද කල්පනා කරන්නෙ?" මිනාර උඩ විසිවිස. ලැජ්ජාවට මූණ රතු විය. බීට් රූල් පෙත්තක් කපා මූණෙ ඉලුවාක් මෙන් රත් පැහැ ගැන්වෙන මෙම කොලුවා දෙස බලා කැමීලියා සිනාසුනාය. "මොකද මිනාර? මොනවද කල්පනා කලේ? අර අනිත් කොල්ලො වගෙ ශා ශෝක් සුදු කෑල්ල කියල හිතුනද?" මිනාර දෑස් උලුප්පා කැමීලියා දෙස බැලීය. මෙතෙක් සිර කර උන් සිනහව බකස් ගා එලියට පනිනා කල කැමීලියා බඩ අල්ලාගෙන සිනාසුනාය. "මැ... මැඩම්... ඇයි එහෙම අහන්නෙ?" "නෑ ඉතින් මටත් ඕව ආරංචි වෙනව ඔය කොලු ගැටව් කියන කතන්දර. හැබැයි මම එක දෙයක් දන්නව...." කැමීලියා මිනාර දෙසට සීතලව ගිය බැල්මක් හෙලා ඉදිරිය බැලුවාය "මිනාර කවදාවත් මම ගැන එහෙම කියන්නෑ කියල." මිනාර අපහසුවෙන් කෙල පොදක් ගිලගත්තේය. තවත් මොහොතකින් ඔවුන් උන්නේ කැමීලියාගේ හුරුබුහුටි දෙමහල් නිවස ඉදිරිපිට ගේට්ටුවෙන් එපිටය. ස්වයංක්‍රීයව ගේට්ටුව විවර කල කැමීලියා වාහනය ඇතුලට දැමීය. මිනාර උන්නේ ඉක්මනින් යාමේ උවමනාවකිනි. කැමීලියා අසල එක්වරම ඔහුට අපහසුවක් දැනෙන්නට විය. "මිනාර මට මේ පොත් ටික ගේ ඇතුලට ගන්න උදව්වක් දෙන්නකො . අද උදේම ගියේ බුක් ෆෙයාර් එකට. " පසු පස අසුනේ වූ පොත් තිහ හතලිහක් පමන දුටු මිනාරගේ ඇස් උඩ විසිවිය. "අම්මෝ මැඩම්" ඔහුට කියවුනේ ඉබේටමය. "ඇයි මිනාර පොත් කියවන්නෑද?" "කියවනව මැඩම්. ඒත් මෙච්චර එකපාර අරන් නෑ පොත් ගොඩක්" රතයෙන් බැස මිනාර අතට එක් පොත් මිටියක් දී අනෙක තමා අතට ගෙන ගේට්ටුවත් වාහනයත් වැසූ කැමීලියා පසු පසින්ම මිනාර එම විසල් නිවසට ඇතුල් වූවේ පෙර එක්වරම හිස මත පතිත වූ අපහසුව කොහෙදෝ දුරකට සුන්නද්දූලි වී යන විටය. "අනේ මිනාර ඔන්න ඔය මේසෙ උඩින් ඔය ටික තියමුද? ඉන්න මම බොන්න මොනා හරි අරන් එන්න" "අනේ ඕන්නෑ මැඩම්.මම මෙහෙමම යන්නම්" "ඔන්න ඔහොම ඉදගන්නව ළමයෝ. අපි සීතල මොනා හරි බොමු. රස්නෙත් වැඩි එකේ" මිනාර සැපපහසු සෝෆාවේ හිදගෙන වටපිට බැලීය. නිවස හුරුබුහුටිය. නමුත් අන් මිනිස් පුලුටක් හෝ නැත. විසල් බිත්තිය මත වයස්ගත කාන්තාවකගේ හා පිරිමියෙකුගේ විසල් පින්තූරයක් එල්ලා එයට මල් මාලයක් දමා තිබුනි. මිනාර ඒ මතම ඇස් අලවා ඉන්න විට කැමීලියා යලිත් එහි ප්‍රාදුර්භූත වූයේ සීතල බීම වීදුරු දෙකක්ද අතැතිවය. "ඔය මගේ අම්මියි තාත්තියි මිනාර. " එවිටම මිනාරට සිහිපත් වූයේ කැමීලියා මැඩම්ගේ පියා මෑතකදී මියගිය වග ආරංචි වූවා නොවේද යන්නයි. "මැඩම් තනියෙන්ද ඉන්නෙ එතකොට?" "ඔව් මිනාර. ඒක පහසුයි" ඇයි බදින්නැද්දැයි අහන්නට කටට ආවද මිනාර එය පිටතට නොදමා ශීතල බීම උගුරක් කටට හලාගත්තේය. "බදින්නෙත් නෑ" එක්වරම කැමීලියා පැවසූ දෙයින් මිනාරට ඉස්පොල්ලේ ගියේය. කැමීලියා යලිත් සිනාසෙන්නට වූවාය. "මනෝවිද්‍යාව දන්න මනුස්සයෙක් ළග හරි පරිස්සමෙන් ඉන්න ඕන මිනාර. අපිට පුලුවන් ඇස් බලල හිත කියවන්න" කැමීලියා සිනාසෙමින් මිනාරගේ පිට අතගෑවාය. මිනාර අපහසුවෙන් කහිමින්ම සිනහසෙන අයුරු දුටු කැමීලියාගේ මුහුණේ ඇදුනේ එක්වරම බැරෑරුම් බැල්මකි. "එදා හොටෙල් එකේදි මොකද වුනේ?" මිනාර ක්ෂනිකවම කැමීලියා දෙස බෙල්ල හරවා බැලුවේ භීතියෙනි. ඇගේ මුහුන මත පෙර වූ සිනහව දැන් නැත. ඇත්තේ ශීතල වූත් බැරෑරුම් වූත් බැල්මක් පමනි. "මැ...මැඩම්ම්ම්?" "මිනාර දන්නවද එදා මමත් එතන හිටියා කියල?" මිනාර භීතියෙන් කෙල පොදක් ගිලගත්තේය. ඔහුගේ අත වෙව්ලයි . බීම වීදුරුව පවා වෑයමෙන් අල්ලාගෙන උන් මිනාරට අවැසි වූයේ එතැනින් කොහෙට හෝ දුව ගොස් හැංගෙන්නටය. "ආ මිනාර? ඔයා දන්නවද එදා මමත් එතන හිටියා කියලා?" කැමීලියා මදින් මද මිනාර වෙත සිය මුහුණ ලං කලාය. සිය මුහුණ පසුපසට පසුපසට ගනිමින් ගොස් මිනාරගේ හිස සෝෆාවේ වැදී නතර වූයේ කැමීලියාගේ හුස්ම ඔහුගේ මුහුණේ වැදෙන පමණට සමීප වීය. "ගෑණියෙක් වෙන්න ආසයිද මිනාර? ගෑණියෙක් වගෙ අදින්න ? ගෑණියෙක් වගෙ හැසිරෙන්න?" මිනාරට සිය මුව විවර කරගන්නට පවා අපහසුව ගියාක් මෙන් ඇය දෙස බලා උන්නේය. සුපර් ග්ලූ ගා ඇලෙව්වාටද වඩා තදට තම දෙතොල් එකට ඇලවී ඇතැයි සිතී උන් මිනාර වෙව්ලමින් ඔව් යැයි පවසන්නට හිස උඩට පහලට වැනීය. "ඒ කියන්නෙ මිනාරටත් ඕන මේ ලෝකෙ පොදු ජීව විද්‍යාත්මක ධර්මතාවයන්ට බම්බු ගහගන්න කියලා තමන්ගෙ ඇතුලෙ ඉන්න එකාව එලියට ගන්න? මට වගේම?" එවර නම් ඇලවී තිබූ මිනාරගේ මුව විවර විය . ඒ වචන වලින් නම් නොව , පුදුමයෙනි. අඩියක් දෙකක් මිනාරගෙන් ඉවතට අඩිය තැබූ කැමීලියාගේ තරමක් දිගු කොණ්ඩය ගැලවී සුදු පැහැ ටයිල් පොලව මත වැටුනි. මිනාරගේ දෑස් පෙරටත් වඩා විසල් විය. තව තවත් තොල කට වියැලී ගියේය. මුන්දෑ මේ කුමන නාඩගමක් නටන්නට තනනවාදැයි හිතාගන්නට බැරුව උන් මිනාරගේ මුවේ කෙල සිදී ගොස් තිබුනේ සහරා කාන්තාරයට දැමූ වතුර බිංදුවක් සේය. ඊළග මොහොතේ ඇද උන් සාරියද බිම ගැලවී වැටුනි. නිරුවතින් තමා ඉදිරියේ සිටින්නා වූ මේ තිස් පස් වියැති කාන්තාවගේ උවමනාව කුමක්දැයි නොතේරුන මිගාරගේ අතකින්ද අල්ලා ගත් කැමීලියා ඔහුව සිය කාමරය තුලට එක්කාගෙන ගියාය. බලෙන්ම මෙන් යාන්ත්‍රික රොබෝවකු ආකාරයෙන් උරහිසෙන් අල්ලා ඇගේ සයනය මත ඉන්දවා ඔහු බලා සිටියදීම අල්මාරිය හැර ඇදුම් කිහිපයක් ගත් කැමීලියා එය නිහඩවම අදින්නට වූවාය. තද නිලට හුරු අත් දිග ජර්සියත් කොල්ලන් හදිනා අකාරයේ කලිසමකුත් හැද කැප් එකකුත් දැමූපසු එහි උන්නේ කථිකාචාර්ය කැමීලියාද සිල්වා නොවේ. කොහෙදෝ සිට අල්මාරිය අස්සෙන් ප්‍රාදුර්භූත වූ සුදු කෙට්ටු කොල්ලෙකි. වෙනස් වීමේ අවශ්‍යතාවයෙන් නිරන්තරයෙන් කලබන ගැහැණු යටිකයක් වසා ගත් දිගු කලිසමත් , සිය අනන්‍යතාවයේ ලක්ෂණ පෙන්වීමට වෙර දරන කොටට කැපූ කොණ්ඩය වසා ගත් කැප් එකත් මිනාරට පහදා දුන්නේ අන් යමක් නොවේ. මේද තමා වැනිම ජීවිතයෙන් මිරිකී සිටින මනුස්ස ආත්මයක් බවයි. "මිනාර..." කැමීලියා මිනාර වෙත ළංව ඔහුගේ උරහිස් මත දෑතම තබා ඔහුගේ මුහුණට සිය මුහුණ ළං කලාය. "මම මේ ලෝකෙට ගෑණියක් , ඔයා මේ ලෝකෙට පිරිමියෙක්. ඒත් අපට බැරිවෙයිද අපේ මේ ගෑණු පිරිමි කියන ලේබල් දෙක පැත්තකට කරලා මනුස්ස ආත්ම දෙකක් විදිහට ළං වෙන්න? " එය කැමීලියා විසින් මිනාරට එල්ල කරන ලද සෘජු ප්‍රශ්නාර්තයකි. වමට පනින්නට නොහැක. දකුණටද පනින්නට නොහැක. ඉතිරිව ඇත්තේ සෘජුව පිලිතුරු දීමකි. පුලුවන්ද බැරිද යන්න පැවසීමක් පමනි. "පුලුවන්" මිනාර කීවේ දෙවරක් සිතා බලන්නට කල් ගෙන නොවේ. කැමීලියා ආසා එහෙම මනුස්ස ආත්ම වලටය. බැරිවීමකින් හෝ 'පුලුවන් , ඒත්...' යැයි කියා දිවේ බ්‍රේක් එක පෑගුවේනම් කැමීලියාද දෙවරක් නොසිතා මිනාරට ඇගේ නිවසින් පිටව යන දොර වමත දිගු කර පෙන්වනු ඇත. "ඔයා දන්නවද? වචන වල තියෙනව තියරියක්. මිනිස්සුන්ව විශ්වාස කරන්නත් තේරුම්ගන්නත් ලේසි කරන විදිහෙ තියරියක්" මිනාර කුතුහලයෙන් කැමීලියා දෙස බැලුවේය. ඇගේ මුවග පැහැදිලි සිනහවක් සමග දෑසේ විනිවිද යන බැල්මක් තිබුනි. "කවුරුමහරි ,කවදමහරි 'පුලුවන් ඒත්... කැමතියි ඒත්... කරන්නම් ඒත්... දෙන්නම් ඒත්... විතරක් නෙමේ ආදරෙයි ඒත්...' කියල කිව්වොත් දෙපාරක් නොහිතම ඔයාගෙ ජීවිතෙන් එලියට යන දොර එයාලට පෙන්නන්න. මොකද ඒ අපේ ජීවිත වල නවතින්න ආපු මිනිස්සු නෙමේ. ඉදලා යන්න ආපු මිනිස්සු. කවුරු කොහොම මොන පණ්ඩිත කතා කීවත් , එහෙම මිනිස්සු තියාගෙන බම්බු ගහන්නද මිනාර?" මිනාරට මේ ගැහැණිය ගැන පුදුමය. සාරි පොටට යටින් පිරිමියෙකුගේ ආත්මයක් ගත් ගැහැණියක්,ජීවිතයේ බැදීම් දෙස රාමුවෙන් එහා බලා සිටින ගැහැණියක්, තේරුම් ගැනීමට අපහසු ගැහැණියක්.... "එතකොට මැඩම් හිතනවද මම මැඩම්ගෙ ජීවිතේ නවතින්න ආපු කෙනෙක් කියලා?" "ඔව්" "මැඩම්ට ඒක විශ්වාසද?" "ඔව්" "ඇයි මැඩම් ඒක විශ්වාස කරන්නෙ? මැඩම් කොහොමද ඒක ඔය තරම් තදින් විශ්වාස කරන්නෙ?" "මොකද මම කවදාවත් යන්න බලාගෙන එන මිනිස්සුන්ට මට ලං වෙන්න නොදෙන හින්දා" කැමීලියාගේ වචන එඩිතරය. සෘජුය. ඇය නැවත නැවතත් මිනාරව පුදුම කරවමින් උන්නාය. සිය දෑතින්ම තම ඇදිවත එකින් එක උනා දමමින් ම කැමීලියා සිය දීර්ඝ හාදුවකින් මිනාරව තමා සන්තක කරගනිනින් උන්නේය. කැමීලියාගේ සුරතින්ම ඔහු නිරුවත් වන තුරුත් මිනාර උන්නේ වෙනම ලොවකය . කැමීලියාගේ වමත ඔහුගේ හිස පිටුපස තදව හිස කෙස් අතරින් දිව යන විට ඇගේ දකුණත ඔහුගේ පපුව පුරා දිවයන්නට විය. සිය දෙතොල් මිනාරගේ දෙතොලින් මුදාගත් කැමීලියාගේ දෙතොල ගොස් ඔහුගේ කනක් අසල නතර විය. "මාව ගෑණියෙක් විදිහට විදින්නෙපා මිනාර....ප්ලීස්... හිතන්න .... අපි... අපි දෙන්නා නිකන්ම නිකන්... මනුස්ස ආත්ම දෙකක් විතර
ක් කියලා. සෙක්ෂුවල් බැරියර්ස් නැති හුස්ම වැටෙන මනුස්සයො දෙන්නෙක් කියල" මිනාර දෑස් පියාගත්තේය. ඇගේ දෙතොල් ඔහුගේ සිරුර පුරා දුව යනු ඔහුට දැනුනි. ඔහු ඇයට අවනත වන වගද ඔහුට දැනුනි. පිරිමියා කවුරුන්ද , ගැහැණිය කවුරුන්ද යන්න පසෙක තමා රමණයේත් ප්‍රේමයේත් ජීවිතයේත් එක් මොහොතක ගැඹුරු ආශ්වාදයක පැටලී උන් කැමීලියාත් මිනාරත් හෝරාවකට දෙකකට පසු වේගයෙන් හුස්ම පිට කරමින් සිය ආශාවේ මූලයන් විහිදුවාලූහ. ඉනික්බිතිද තවත් දිගු තත්පර කිහිපයකට පසු මිනාර උන්නේ ඇද විට්ටමට හේත්තුව සිගරට්ටුවක් උරමින් ඉන්නා කැමීලියාගේ පපුව මත හිස තබාගෙනය. "මේ කැලල මොකක්ද?" මිනාරගේ පිට පුරා සිය වමත දුවවමින් උන් කැමීලියාගේ අතක් ඔහුගේ දකුණු උරහිසෙහි කම්බියකින් ගැඹුරට සීරී ගියාක් බදු වූ දිගු කැලල මත නතර විය. "මතක ඇති කාලෙක ඉදන් ඕක ඔහොම තමා. මම දන්නෙත් නෑ. අම්මා දන්නව ඇති" කැමීලියාගේ නතර වූ වමත යලිත් මිනාරගේ පිට පුරා දුවන්නට විය. "දිගම දිග කාලෙකට පස්සෙ මම නිදහස් මනුස්සයෙක් වගෙ කියල මට හිතෙනවා මිනාර" සිය පපුව මත හිස තබාගෙන දෑස් පියා සිටිනා මිනාරගේ හිස කෙස් අතරින් සිය ඇගිලි තුඩු යවනා අතර කැමීලියා කෙදිරුවාය. "මැඩම් ඇයි මෙච්චර කාලයක් මේ හැගීම් හිරකරගෙන හිටියේ? මැඩම් උගත්, මැඩම්ට බැරියර්ස් නැහැ. මැඩම් හරි සරලව ජීවිතේ විදින දකින මනුස්සයෙක්. මැඩම් ඇයි හිරවෙලා උන්නෙ" කැමීලියා සිගරට්ටුවේ අවසාන අර්ධයද ඇද එය ඉවතට දැමීය. පාවී යන අවසන් සිගරට් දුම් රොටුව දෙසත් බලා උන් ඇය එක්වරම මිනාරව යලිත් ඇද මත පෙරලා ඔහු මත පෙරලී ගත්තාය. ඔහුගේ දෑතම සිය දෑතේ ඇගිලි කරු අතරින් යවා සිර කර අගුලු ලා ගත් කැමීලියා මිනාර දෙස විනිවිද යන ශීතල බැල්මකින් හෙලා උන්නාය. "මනුස්සයෙක්ට ආදරයක් ඕනෙයි කියන එකෙන් අදහස් කරන්නෙ අහවල් එක දික් කරගන්න හරි තෙත් කරගන්න හරි එන අමාරුවක් විතරක් නෙවෙයි කියල මිනිස්සුන්ට තේරෙන්නෝන. එතන ඊට එහා ගිය දෙයක් තියෙනව මිනාර. මම දන්නෑ ඒක මෙහෙමයි කියල කියන්න . ඒත් එහෙම එකක් තියෙනවා. මනුස්සයෙක්ට මනුස්සයෙක්ගෙ ජීවිතේ අමාරු තත්පර බෙදාගන්න පුලුවන් , විනිශ්චයකින් හෝ සීමාවකින් තොරව අපිව දරාගන්න පුලුවන් , මාව මාව විදිහටම පිලිගන්න මනුස්ස ප්‍රාණියෙක් අපේ පැත්තකින් අපට ඉන්න ඕනා. මට ඕන වුනේ එහෙම කෙනෙක්. ඉතින් මට එහෙම මනුස්සයෙක්ව හොයාගන්න ටිකක් කල් ගියා මිනාර. ටිකකට ටිකක් වැඩියෙන් කල් ගියා... " මිනාරගේ මුහුනේ සුන්දර සිනහවක් නැගෙන විට ඔහුගේ මුහුණත් ගෙලත් පපුවත් එක දිගට සිපගනිමින් කැමීලියාගේ දඩබ්බර දෙතොල් පෙරදා කපා දමන්නට ගොස් ඉතිරි කරගත් මිනාරගේ ප්‍රේම දණ්ඩනය තම ග්‍රහනයට නතු කරගන්නා විට කැමීලියාගේ කැමැත්තක් ඉටු කරගන්නට ඉඩ හැර ඔහු දෑස් අඩවන් කරගත්තේ අතොරක් නැතිවම තම දෙසවන් තුල ජිනවංශ හාමුදුරුවන්ගේ වදන් කිහිපයක් මහා හඬින් මොර දෙන්නට පටන් ගත් අතරතුර ය. "වැදගත් වෙන්නෙ මේ ලෝකෙ ඉස්සරහ තමුන් ගෑණියෙක් වෙනවද පිරිමියෙක් වෙනවද කියන එකේ නෙමෙයි. අපි මේ ජීවිතේ ඇතුලෙ මොනවද හිතන්නෙ , මොනවද කියන්නෙ , මොනවද කරන්නෙ කියන එක. අපි මේ මනුස්ස ආත්මෙ ඇතුලෙ අපි එකතු කරගන්න කර්මයන් මොනවද කියන එක. ඊට එහා මහා ලොකු පාඩම් මේ ජිවීතේ ඇතුලෙ නෑ දරුවො. මේ ජීවිතේ ඇතුලෙ නෑ." -නිමි-Aussi අයිශා - 19 කොටස ඇත්තමයි මගෙ කටනම්. කියන්න දෙයක් කල්පනා කරන්න වෙලාව අරගන්න ඕනි නිසා මං ඉක්මනට පිට්සා කෑල්ලක් කටේ ඔබාගත්තා. මගෙන් උත්තරයක් එනකම්ද කොහෙද මසර් තාමත් මං දිහා බලාගෙන. පිට්සා කෑල්ල හපන ගමන් මං මසර් දිහා බලාගෙන ඇස් පුංචි කරලා හිනාවුණා. "උම්පා ලුම්පා කෙනෙක් ඕනි කිව්වේ ඔයාගෙ ස්වීට් කඩේ වැඩට ගන්නද?..." "මොන ස්වීට් කඩද අනේ...මට මේ ඉන්න විදිය හොඳයි." තාත්තා කියපු දේවල් වලින් පස්සේ ස්වීට් බිස්නස් එකක් අල්ලගෙන තවත් මසර් එක්ක රණ්ඩු කරන්න ඕනි නෑ කියලා මං හිතුවා. මසර් ඒකට මොනාත් කිව්වේ නෑ. මං දිහා බලලා හිනාවුණා විතරයි. දවල්ට හරියකට කාලා නැති නිසා වෙන්නැති, මං කෑලි දෙක තුනක් කද්දි මසර් පිට්සා පෙට්ටි දෙකම හිස් කරලා දැම්මා. අපි වාඩි වෙලා හිටපු හරියේ බින් එකක් තිබුණේ නැති හින්දා මසර්, පිට්සා පෙට්ටි දෙක වාහනේට දාලා ආපහු ඇවිත් බෙන්ච් එකෙන් වාඩි වුණා. මං හිතුවේ කාලා ඉවරවෙලා ගෙදර යයි කියලා. ආපහු ඇවිත් වාඩිවුණේනම් නිකන් වෙන්න බෑ. ඊයේ සිද්ධිය ආයේ ඇඳලා අරගෙන මට දේශනාවක් දෙන්නද දන්නෑ හදන්නේ. "දැන් කොහොමද ඔය වැඩේ පටන් ගන්න හිතන් ඉන්නේ?..." "මොන වැඩේද?..." "ඔයාගේ ස්වීට් බිස්නස් වැඩේ..." මේ මනුස්සයාත් වෙලාවකට කටුස්සෙක් වගේනේ. ස්වීට් බිස්නස් ගැන ආයෙත් කතා කරන්න එපා කියලා පැය විසිහතරක් ගෙවෙන්නත් කලින් මේ මොනාද මේ කියවන්නේ. මං මොනාත් නොකියා මසර් දිහා බලාගෙන හිටියා. "මොකද මේ පුදුම වෙලා වගේ...කෝ මං අහපු දේට උත්තර දෙන්නෙ නැද්ද?.." "ඒ පාර ඔයා මාව විහිළුවට ගත්තද. දැන් ඊයේ වෙනකම්ම ඔයා හිටියේ මං ස්වීට් බිස්නස් වචනෙ කිව්වත් තරහ යන ගානට නේද?... අද මොකද මේ වෙලා තියෙන්නේ?..." බෙන්ච් එකට හේත්තු වෙලා අත් දෙකත් බැඳගෙන පාර දිහා බලාගෙන මං ඇහුවා. "එහෙම තමයි මිනිස්සු වෙනස් වෙනවනේ..." මසර් මගෙ කරට අත දාන ගමන් හිනාවෙලා කිව්වා. "එහෙනම් ඉතින් තව ටික දවසකින් ඔයා ආයෙම වෙනස් වෙලා කියයි ස්වීට් බිස්නස් වලට කැමති නෑ කියලා..." "නෑ...නෑ...එහෙම වෙන්නෙ නෑ..." "හරි එහෙනම් ඔක්කොටම කලින් කියන්න ඔයා කලින් මේ වැඩේට අකමැති වුණේ ඇයි කියලා?..." තාත්තා මේක තමයි හේතුව කියලා කිව්වට, මට ඒක මසර්ගේ කටින්ම දැනගන්න ඕනි වුණා. පරණ දේවල් මතක් කරන එක මසර්ට වේදනාවක් වෙන්න පුළුවන්. ඒත් මට ඒ දේ මසර්ගෙන්ම දැන ගන්න ඕනි. "ඇයි මං ඔයාට ඊයේ රෑ කිව්වේ...ඒක තමයි හේතුව..." "මොකක්ද අර අපේ වීසා එකට බිස්නස් කරන්න බෑ කියපු එකද?.. හරි ඒක එහෙමයි කියමුකෝ...එතකොට ඔයා අපි කරච්චි ඉන්න කාලෙදි මං ස්වීට් බිස්නස් කරනවට අකමැති වුණේ ඇයි?... එතකොට වීසා ප්‍රශ්න තිබුණේ නෑනේ..." "ඇත්තමයි මේ ගෑනුන්ට හොඳක් කරන්න ගියාමත් දාහක් ප්‍රශ්නනේ....මෙච්චර දවසක් නාහෙන් අඬ අඬා හිටියා ස්වීට් බිස්නස් එකක් පටන් ගන්න ඕනි කියලා. අන්තිමට ඒක පටන් ගන්න ලෑස්ති වෙනකොට රටේ නැති ප්‍රශ්න අහලා විකාර කරනවා..." මසර් මෙච්චර වෙලා මගෙ කරට දාගෙන හිටපු අත අයින් කරලා දැම්මා. ඊටපස්සේ අත් දෙක බැදගෙන ඉස්සරහ බලාගෙන බුම්මගෙන හිටියා. එයා ඉතින් කොහොමත් දක්ෂයිනේ පැත්තක් බලාගෙන බුම්මගෙන ඉන්න. ලොකු තරහක් ආවත් පොඩි තරහක් ආවත් මසර් දන්නේ පාඩුවේ පැත්තකට වෙලා බුම්මගෙන ඉන්න විතරයි. එක අතකට තරහ ගියාම ගෑනුන්ට ගහන බනින සමහර පිරිමි අස්සේ මේ විදියට බුම්මගෙන ඉන්න එකත් හොඳයි. එක්කෝ පරණ දේවල් ආයෙත් හාරා අවුස්සන්න ඕනි නෑ. දැන් ඉතින් මසර් කැමැත්ත දීලනේ තියෙන්නේ. ඔය අනම් මනම් අහන්න ගිහින් කැමැත්ත ආයෙමත් අකමැත්තකට පෙරළුනොත් අපරාදේ. "හරි හරි මං අහන්නෙ නෑ. ඒක අමතක කරලා දාමු. දැන් ඉතින් අපිට පුළුවන්ද මෙහෙ ස්වීට් බිස්නස් එකක් පටන් ගන්න. වීසා ප්‍රශ්න නැද්ද එතකොට?..." "මට බෑ...හැබැයි ඔයාට පුළුවන්" "ඒ කිව්වේ..." "ඒ කිව්වේ මමනේ මේන් ඇප්ලිකන්ට්. එතකොට මාව මෙහෙට ස්පොන්සර් කරලා ගෙන්නපු කම්පැණි එකේ විතරයි මට වැඩ කරන්න පුළුවන්. හැබැයි ඔයා ඩිපෙන්ඩන්ට් නිසා ඔයාට එහෙම ප්‍රශ්නයක් නෑ..." "ඒත්...මං බිස්නස් එකක්නේ කරන්න හදන්නේ..කොහෙවත් වැඩට යනවා නෙමෙයිනේ..." "ඒ ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ..." "ඔයාට හොඳටම ශුවර් නේද?.." මං ඇහුවා. නැත්නම් මගෙ ආසාවට බිස්නස් එකක් පටන් අරගෙන අන්තිමේදී වීසා එකට ප්‍රශ්නයක් වුණොත් ඔක්කොම ඉවරයි. "මුකුත් ප්‍රශ්නයක් වෙන්නෑ. මං ඒ ගැන හොයලා බැලුවා. මං යසිරුගෙන් ඇහුවා. මිනිහා විශ්වාසවන්තයිනේ. තැන තැන කියව කියව යන එකෙක් නෙමෙයිනේ. යසිරුගේ යාළුවෙක් ඉන්නවලු මෙල්බර්න් වල. එයාගේ වයිෆුත් ඔසී ආපු මුල් කාලෙදිම වගේ හෝම් මේඩ් කේක් බිස්නස් එකක් පටන් අරන් තියෙනවා. එයාලා එතකොට ඉඳලා තියෙන්නෙ අපි දැන් මේ ඉන්න වීසා එකේමයි. මට නම්බර් එක දුන්නා කෝල් එකක් දීලා විස්තර අහගන්න කියලා..." "ඉතින් ඔයා ගත්තද?..." "ම්ම්ම් ඔව් අද බ්‍රේක් එක වෙලාවෙදි ගත්තා. කන්නවත් මොනාත් ගෙනිච්චේ නෑනේ. ඉතින් කතා කරන්න හොඳට වෙලාව තිබුණා.." මසර් හිනාවෙවී කිව්වා. මං අද කෑම යවපු නැති එකට තමයි ඔය කිව්වේ. මගෙනෙ වැරැද්ද. මං ඉතින් සද්ද නැතුව හිටියා. හැබැයි ඉතින් අද පහට ඕෆ් වෙන දවස කියලා මතක් වුණානම් මං අනිවාර්යයෙන් අද උදේ නැඟිටලා කෑම හදනවා. ඒත් දැන් ඕක අමතක වුණා කියලා කියනවට වඩා හොඳයි සද්ද නැතුව ඉන්නවා. "හරි ඉතින් ඒක මගෙ වැරැද්ද. සොරි. දැන්වත් විස්තරේ කියන්නකෝ..." "තමන්‍ට වාසියක් වෙනවනම් වෙනදට නොකියවෙන සොරිත් කියවෙනවා නේහ්... හරි හරි ඉතින් මං බ්‍රේක් එක වෙලාවේ යසිරුගේ යාළුවා අකිලට ගත්තා. යසිරු කලින්ම එයාට පණිවිඩේ කියලා. ඒක නිසා මට ලොකුවට විස්තර කරන්න දෙයක් තිබ්බේ නෑ...දැන් ඔන්න වීසා වලට ප්‍රශ්නයක් නෑ. ඔයාට වැඩේ පටන් ගන්න තියෙන්නේ..." "මට වැඩේ පටන් ගන්න කියන්නේ...මට මේ නොදන්න රටක තනියම ඕවා කරන්න පුළුවන්ද. ඔයා තමයි ඉතින් හැමදේටම උදව් කරන්න ඕනි..." "හරි දැන් මොකක්ද ඔයාගේ ප්ලෑන් එක?..." "එහෙම ප්ලෑන් එකක් තාම නෑ..." "එතකොට මෙච්චර දවසක් තිස්සේ ස්වීට් බිස්නස් පටන් ගන්න ඕනි කියලා කිව්වේ කිසිම ප්ලෑන් එකක් නැතිවද?..." "අර ඉර්සා කරනවා වගේ ඔන්ලයින් බිස්නස් එකක් කරොත් කොහොමද?..." "ම්ම්ම් ඒකත් හොඳයි. හැබැයි ඉතින් ඒ වැඩේ හිතන තරම් ලේසි නෑ. ඕඩර් එකක් එනකම් දවස් ගානක් බලන් ඉන්න වෙයි. සමහර විට සති ගාණක් මාස ගාණක් වුණත් යන්න බැරි නෑ..." "අපෝ....ඔයානම් පටන් ගන්නත් කලින් ඔහොම කියන්න එපා අනේ...මේ අපි මෙහෙම වැඩක් කරමුද. අපි මාකට් ප්ලේස් එකේ පොඩි විස්තරයක් දාමු. මං දැකලා තියෙනවා කට්ටිය එහෙම එක එක කෑම විකුණන්න දාලා තියෙනවා...හදන හැම කෑම එකේම ෆොටෝ ගන්න නිසා මං ළඟ ස්වීට් ජාති කීපයක ෆොටෝ වගයක් තියෙනවා. ඒවා හරි නැත්නම් තාත්තට හරි කියන්න පුළුවන්නේ ෆොටෝ ටිකක් ගහලා එවන්න කියලා.
.." "ඒ අයිඩියා එකනම් හොඳයි වගේ. තව ඕන්නම් මෙහෙම වැඩකුත් කරන්න පුළුවන්" "ඒ මොකක්ද?.." "අපිට පුළුවන්නේ සන්ඩේ මාකට් එකේ කෑම විකුණන්න. හට් එකක් එහෙම ගහලා පොඩියට වැඩේ පටන් ගමු." "ශා...ඒකනම් නියම අදහස...අනේ ඔයානම්..." මුලින් මේ වැඩේට අකමැති වෙලා හිටපු මසර්ම මෙහෙම සුපිරි අයිඩියා එකක් දෙද්දි මට පුදුම විදියට සතුටු හිතුනා. සතුට වැඩිකමටම මං මසර්ව හයියෙන් බදාගත්තා. "හරි හරි බොරු චාටු ඕනි නෑ...මේ...දැන් ගෙදර යමු නේ. සීතලත් එන්න එන්න වැඩි වෙනවා..." මසර් නැඟිටින ගමන් කිව්වා. හොඳටම රෑ වෙලා. කතා කර කර හිටපු නිසා වෙලාව යනවා දැනුනෙවත් නෑ. ගෙදර ඇවිත් වොශ් දාගත්තට පස්සේ මං අපි දෙන්නටම බොන්න 'කැරක් කොෆි / Karak coffee' හැදුවා. රෑට එළියේ සීතලේ ඉඳලා ඇවිත් නෑවට පස්සේ මේ වෙලාවට බොන්න ගැළපෙනම කෝපි එක. අමුතු නමක් තිබ්බට මේකට මහලොකු දේවල් දාන්නේ නෑ. අපි සාමාන්‍යයෙන් හදන කිරි කෝපි එකටම එනසාල් ටිකක් තමයි අමතරව දාන්න ඕනි. ඕක ඉතින් එක එක අය එක එක විදියට හදනවා. මසර් කැමති නිසා මං එනසාල් එක්ක කුරුඳු කෑල්ලකුයි, ඉඟුරු ටිකකුයි තව කරාබු නැටි එකක් දෙකක් එහෙමත් දානවා. එතකොට ඉතින් රස වැඩියි. "ශා...නාන ගමනුත් මට හිතුනා කැරක් කොෆි එකක් තිබුණනම් මරු කියලා..." මසර් මගෙ අතින් කෝපි කෝප්පේ ගන්න ගමන් කිව්වා. "මේ ලබන ඉරිදට අපේ වැඩේ පටන් ගන්න පුළුවන් වෙයිද?..." "එහෙම අපිට හිතුන ගමන් කෑම ටිකක් හදාගෙන ගිහින් විකුණන්න බෑ අයිශා...මෙහෙ ඒවට වෙනම නීති තියෙනවා. ඔක්කොටම කලින් ඔයා TFN එකකුයි ABN එකකුයි හදාගන්න ඕනි...තව බෑන්ක් එකවුන්ට් එකක් හදාගන්නත් ඕනි." "TFN ABN...ඒ මොනවද ඒ?..." "TFN කියන්නේ Tax file number. ඔයාට මතකද මං මෙහෙට ආපු මුල්ම දවස්වල හැදුවේ. මෙහෙ අපි වැඩ කරලා ගන්න සැලරි එක තියෙනවානේ. ඒකෙන් කොටසක් ටැක්ස් විදියට කැපෙනවා. අන්න ඒකට අපිට TFN එකක් තියෙන්න ඕනි. ඒක අනිවාර්යයි. අනිත් එක තමයි ABN. ඒ කියන්නේ Australian business number. ABN එක මොකක්ද කියලා සරලවම කිව්වොත් ඒක තමයි ඔයාගෙ බිස්නස් එකේ identity number එක." "මටනම් ඔයා කියපු ඒවා ග්‍රීක් වගේ..." "ඒවා එච්චර හිතන්න එපා. වැඩේ කරගෙන යනකොට ඔයාට තේරෙයි." "ඔයා ඔය කියපු ඒවා ගන්න දවස් කීයක් විතර යයිද?..." "සතියක් එකහමාරක් යයි. හෙට මං දහය හමාරට වැඩ. පැයක් තියෙනවනේ. අපි හෙට උදේ බෑන්ක් එකට ගිහින් එකවුන්ට් එකක් ඕපන් කරමු. TFN එකෙයි ABN එකෙයි වැඩේ හරිගියාට පස්සේ කවුන්සිල් එකෙන් ෆුඩ් බිස්නස් ලයිසන් එක ගමු." "හ්ම්ම්...එහෙම කරමු.." "මොකෝ මේ...මූණ බෙරි කරන්?..." "නෑ ඉතින් මං හිතුවෙ නෑ බිස්නස් එක පටන් ගන්නත් කලින් මෙච්චර දේවල් තොගයක් කරන්න ඕනි කියලා..." "මෙහෙ විතරක් නෙමෙයි පකිස්ථානෙත් ඉතින් කෑම විකුණන්න කලින් කොච්චර නීති තියෙනවද. මං ඔයාට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඔයා දන්නවනේ..." "ඒක හරි...මෙහෙ ඉතින් භාශාව එක්කත් හැප්පෙන්න වෙලානේ. වෙලාවකට බයත් හිතෙනවා. මගෙ නමින් බිස්නස් එක පටන් ගත්තට ඔයාට මට උදව් කරන්න තහනමක් නෑනේ නේද?..." "හැම දේටම ලැන්ග්වේජ් එක ඉස්සරහට දාන්න ලෑස්ති වෙන්න එපා අයිශා...දැන් ඉංග්ලිෂ් ක්ලාසුත් යනවනේ. අනික ඔයා ඔය හිතන තරම් ඔයා දුර්වල නෑ. ඔයාට කන්ෆිඩන්ස් මදි. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ...ඒක නෙමෙයි දැන් හිමින් සැරේ බිස්නස් එකට දාන්න හොඳ නමක් එහෙම කල්පනා කරන්න." "හ්ම්ම් නමක් නේද?... ඒකනම් ඉතින් වෙලාව අරගෙන හිමින් සැරේ හිතන්න ඕනි..." "හරි එහෙනම් හිමින් සැරේ හිතලා මටත් කියන්නකෝ..මේ....දැන් නිදාගන්න යමුද?...හොඳටම නිදිමතයි." මතු සම්බන්ධයි. බුද්ධි ජයවීර. ( කතාව කියවලා අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති. පිළිතුරු නොලියනවට සමාවෙන්න)මේ දවස්වල valentine ළඟ නිසා පිනක් කරගන්න මගක් දැක්කා. valentine එකට කවියක් එහෙම ලියාගන්න බැරුව ඉන්න කාටත් හොඳ motivation එකක් දෙන්න හිතුනා. ඕනි කෙනෙක්ට පුළුවන් හිත ඇත්නම් පත කුඩාද කියල කවි ලියන්න. වැඩිය හිතන්න හොඳ නෑ. ඕනිම වචනයක් දාලා අනලා ගත්තම කවියක් තමයි. මම උදව් කරන්නම්. මුල්ම සරල උදාහරණය පෙම්වතියකගෙන් පෙම්වතාට. මේක ගැලපෙන්නේ පුංචි හුරුබුහුටි පෙම්වතෙක්ට. වටුවා පොඩි කුරුල්ලෙක්නේ. ඒකයි, හදවත ගලක් කර එහි ඔබේ නම කෙටුවා ආයෙත් මලක් කළ හද ඔබටම පිදුවා නැතිවට මගේ පෙම ගැන ටීකා අටුවා ඔබමයි රත්තරන් මගෙ ආදර වටුවා දැන් බලමු fashionable modern පෙම්වතෙක් තමන්ගේ අලුත්ම නංගියට (තන්ගච්චි ට) ලියන්න පුළුවන් විදියේ එකක්. you are there in මේ මගෙ new පච්චේ සිහිවනවිටත් you ගැන හදවත පිච්චේ තවමත් තියෙනමුත් ex ගැන කෙටු පච්චේ My පණ you තමයි latest තන්ගච්චේ මේක හොඳ ලගකදී ඉදන් පෙම්වතා පොඩ්ඩක් හොයාගන්න අමාරු වගේ තියන පෙම්වතියකට. ඇය අතීත මතක එක්ක ඔහුව අමතනවා. ඔහුව නොදක ඇගේ නාඩි වැටෙනවත් අඩු වෙලා . Galle face බංකුව උඩ කුඩ අස්සේ නුබ හා උන්නු හැටි සිහිවී හිත ගැස්සේ සති දෙකකට උඩදී ඔබ දුටුවට පස්සේ මුණ නොගැහුණු නිසයි හද කම්පන බැස්සේ මගෙ ජීවිතය විද හයිවුණු සොඳුරු ඇණේ නුබ නැති සොවින් පැසවන හද වැනිය වනේ කල්පයකට දැනේ නුබ නොදුටුවම දිනේ valentine දවසටවත් එන්න පනේ මේක නම් මේ ගමේ ලස්සන හැබැයි මොළේ කල්පනා කරන කෙල්ලෙක් කියන කවියක්. එයා හොයන්නේ අගහිග නැති තැනක්. හේනේ කුඹුරේ නුබ දුටුවම මඩ ගෑවී දාඩිය පොකුරු මැද වෙහෙසෙන හැටි පේවී මගෙ හද පිරුණු පෙම තව තව මෝරාවී අටු කොටු පිරෙන දා මම නුබේ සඳ සාවී මේ කවිය ලියන්නේ korea වල ඉන්න පෙම්වතාට. වලහා කියන්නේ teddy bear ට හොඳේ. රතු ගවුමක් අරන් මගෙ දිග පළල මැන රතු වලහෙකුත් එක්කලා එය දවට ගෙන Korea ඉදන් මට chocolate එවනු මැන ඒ ටික කළොත් විතරයි නුබ මගේ පණ ඒ අතර ඉන්න පුළුවන් එක එක ප්‍රශ්න නිසා තමන්ගේ පෙම්වතා එක්කම වයසට ගිය තාමත් බදින්න බලන් ඉන්න පෙම්වතියන්. මේක එයාලට. දුටුදා පටන් වැලි කෙලියේ සිට බාලේ නැත තව සැබෑ වුයේ අපි බැඳී ආලේ කළු කෙස් මැකී සුදු කෙස් මතුවන කාලේ valentine දා වත් බදිමුද රාළේ ඔය ඔක්කොමත් හරි තාම දෙමව්පියන්ගේ සල්ලි වලින් යැපෙන ගමන් ප්‍රේම කරන තරුණ කොල්ලෝ ඉන්නවනේ. මේක ඒ වගේ එකෙක්ට . හොරෙන් ගිහින් train එකේ අව්රුද්දක් එකතු කරපු මුදලින් අරගෙන මුද්දක් cut කර class වස්සන්නට පෙම් වැස්සක් මම ready නුබත් ready නම් නෑ කිසි කොස්සක් තමන්ගේ පෙම්වතිය රකින දෙන්නම දහමට ලැදි අය උනාම ලියවෙන්නේ මෙහෙම කවි. වෙහෙරක් වගේමයි මගෙ හිත ඔබ දුටුවේ බණ පදයක් වගෙයි ලියු පෙම හිත් පිටුවේ අවිහිංසක මලේ නැළවෙන මල් නටුවේ පෙම්වත් දිනේ පන්සල් යමු සිත තුටුවේ කොහොම පෙම් කවි ලිව්වා උනත් රවට්ටලා පැනලා ගිය පෙම්වතාට වස් කවියක් ලියන්නත් හිතෙන පැරදුනු පෙම්වතියොත් ඉන්නවනේ . මේ එයාලට . මගේ සේසතම උබටයි මම පිදුවේ බොලන් උබ පැන ගියා කළුවර ගෙයි බිඳලා වළන් උල ලේනිය වෙලා අරගන හතර වරන් සත්තයි ගන්නවා මම උබේ බොටුව කඩන් අන්තිමට එකසැරේ game තුනක run කරන එකෙක්ට valentine දවසට කාවවත් බලන්න යන්නේ නැතුව ඉන්න හිතුනම. තුන් දෙනාටම එකම කවිය ලියල යවලා. (ඒ තුන්දෙනා සුනිලා, නිමලා සහ කමලා උනාම.) මගේ හිත සසල කළ රන්වන් නෙත් සුනිලා සිහිනෙන් පවා පෙනෙනා සුදු මුව කමලා දිවියට සුවය එක්කල ඔබේ පෙම නිමලා පෙම්වත් දිනේ අය්යෝ මට වැඩ යෙදිලා අදට ඔච්චරයිපන්සලට සවස ගිලන්පස පුජා කල මල්ලිකා කළුවර නොවැටේ නම් පන්සල් මළුවේ පසුදා උදාවන තුරු හෝ බණ පොතක නෙත් යොමාගෙන සිටීමට කිසිදු අකමැත්තක් නැත.පන්සලේ යම් පිංකමක් සිදුවේ නම් ඈ එතැනය.ඈ සෑමවිටම පිංකම් කටයුතු වලට තම පුද්ගලික ජීවිතයට වඩා වැඩි තැනක් දුන්නාය.ඈට අවශ්‍ය වූයේ පන්සලේ සිටීමටත් වඩා නිවස තුළ ගෙවන ඒකාකාරී ජීවිතයෙන් මිදී තරමක් හෝ නිදහස් වීමටය. මල්ලිකා නිවසට පැමිණෙන විට ඉර අවරට යන්නටත් ආසන්නය.ඇය නිවසට ඇතුළු වූ විගස ,ගෙනා භාජන හා අනෙකුත් දෑ පසෙකින් තබා තම ජංගම දුරකතනය පරීක්ෂා කිරීමට පටන් ගත්තාය. හෙට දින පන්සලේ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දහවල් දානය දීමට පැවරී තිබුනේ ඇයටය.ඒ සඳහා ඇය අවශ්‍ය දෑ සකසා ගත්තේ දින කීපයකට පෙර සිටමය.ඇය එය ඉහටත් උඩින් කිරීමට සෑමවිටම වගබලාගත්තාය.අතපසුවීම් ඇයට දැඩි හිත් වේදනාවකි. විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු වල නිරතව සිටි තම දියණිය නවාතැන් ගෙන සිටියේ ඊට ආසන්න බෝඩිමකය.මාස හයකට පමණ පෙර විවාහ වූ තම පුතා ඔහුගේ බිරිඳ සමග රැකියා අවශ්‍යතා හේතුවෙන් වෙනම දුර බැහැර නිවසක පදිංචි වී සිටි අතර ඒ නිසා නිවසේ සිටියේ ඇය සහ ඇගේ සැමියාය.ඇගේ සැමියා වූ උපාලිද තවමත් රැකියාවක නිරත වූ අයෙක් නිසා ඇය දිවා කාලයේ නිවසේ සිටියේ තනිවමය. ඇගේ තනියට නිවසේ තිබුනේ රෑපවාහිනි යන්ත්‍රය. ජංගම දුරකතනය හා බණ පොත් කිහිපයක් පමණි.ඒ හැරුණු කොට ඇයට ඉඩ ලැබුණු සෑම අවස්ථාවකදීම දවසේ වැඩි කාලයක් ගෙව්වේ පන්සලේ බෝ මළුවේය.ඒ තරමට ඈ පන්සලට හා දහමට ලැදිය.ඊට වැටකඩුළු බඳින්නෙකු දුටු විට ඈ දුම්මල වරම අතට ගන්නේ දහමට ගැරහීමේ ආදීනව මතක් කර දෙමිනි. ජංගම දුරකතනයේ මගහැරුණු දුරකතන ඇමතුම් කීපයකි.ඒ ඇගේ පුතාගෙන්ය.ඔහු හා ඇගේ ලේලිය විවාහයෙන් පසු ගෙදර සිටි දවස් දෙකතුනෙන් පසු නැවත නොපැමිණීම නිසා මල්ලිකා සිටියේ තරමක් කනස්සල්ලෙනි.විටින් විට ඔහු මල්ලිකා සමග දුරකථනයෙන් කතා කලද මේ දුරකතන ඇමතුමකත් ලැබුනේ සති තුනකට පමණ පසුවය.ඒ නිසා ඇය තත්පරයක්වත් අපතේ නොයවා පුතාට දුරකතන ඇමතුමක් ගත්තේ දැඩි උවමනාවෙනි. "ඇයි පුතේ කෝල් එකක් ගත්තේ.....හදිසියක්වත්ද?"ඇය ඇසුවාය. "නෑ නෑ එහෙම නෑ.අම්මලා හෙට ගෙදර ඉන්නවද කියලා බලන්න ගත්තේ.හෙට ඉරිදානේ.මං බැලුවේ ගෙදර පැත්තේ ඇවිත් යන්න.ගොඩ දවසකින් ආවේ නැති නිසා." "කොච්චර දෙයක්ද දරුවෝ ඒක.හෙට දවස ඉඳලා යන්නද එන්නේ?"ඔහුගේ වචන ඇගේ ඉහේ මලක් පිපුණා හා සමානය. "අනේ බැහැ අම්මේ.අනිද්දා වැඩ.ඒක නිසා ආපහු යන්නත් බලාගෙන තමයි එන්නේ." "එහෙමද.කමක් නෑ එන එකම ලොකු දෙයක්නේ ඔච්චර දුර ඉඳන්."ඈ කනස්සල්ලෙන් පැවසුවත් ඔහු පැමිණෙන බව දැනෙන සිතිවිල්
ලෙන් එය යටපත් විය. "මං එහෙනම් තියන්නම් අම්මේ...තාත්තාටත් කියන්න එහෙනම්." "හොඳයි රත්තරනේ බුදු සරණයි... පරිස්සමෙන් එන්න දුවත් එක්ක.." යැයි කියූ ඇය හැකි ඉක්මනින් ඇමතුමක් ගත්තේ ඇගේ සැමියාටය. "මේ... ඔහේ තාම ටවුන් එකෙන් ආවේ නෑ නේද.හෙට පුතාලා එනවා කියලා කෝල් එකක් දුන්නා.කුකුල් මස් ටිකක් අරන් එනවද?..කිරි හට්ටියකුත් ගේන්න.හරිද. එළවළු නම් දානෙට ගෙනාපු ඒවත් තියනවා....කේක් ටිකකුත් ගේන්න.තේ වෙලාවට මුකුත් නැහැ නැත්නම්.."ඇය පැවසුවේ කාලෙකින් දකින තම දරුවාට ඉස්තරම් ලෙස සැලකීමේ අදහසිනි. "එතකොට හෙට ඔහේට පන්සලේ දවල් දානේ දෙන්න තියනවා නේද.ඒක මොකද කරන්නේ?වෙලාවක් තියෙයිද?"උපාලි ඇසුවේ මොනම හේතුවක් නිසාවත් ඇය පන්සලේ කටයුතු අත් නොහරින බව දන්නා නිසාය. "ම්හ්....ඒකත් එහෙම තමයි.මං පල්ලෙහා ගෙදර නංගිලාට කියන්නමි හෙට දවල් දානේ අපි වෙනුවට දෙන්න කියලා.එයාලා කොහොමත් හෙට හීල් දානෙත් භාරගෙනනේ තියෙන්නේ." " එහෙම හොඳද?ඔහේ කොහොමද ඔය විදිහට හිත හදාගෙන කතාකරන්නේ.වෙනදටනම් ඔහොම දෙයක් උනොත් නහින්න හදයි" ඔහු කීවේ ඇගේ හිත කියවා ගැනීමට අපහසු වූ නිසාය. "මං කීවොත් නොකර ඉන්න එකක් නැහැ.ඒක මං බලාගන්නම්කෝ.ඔහේ ඇවිත් මේ භාජන ටික එහෙට දීලා ඇවිත් ලොකු හාමුදුරුවොන්ට කෝල් එකක් දීලා මතක් කලානම් හරි." "හාමුදුරුවෝ මොනවාහරි හිතයිද?" ඔහු ඇසුවේ හාමුදුරුවන්ට කුමක් කියන්නදැයි සිතා ගත නොහැකිවය. "උන්නාන්සේලා ඔහේලා වගේ නෙවෙයි.සිල්වත්.නරකක් හිතන්නේ නෑ.අනික අපි කවදාහරි දානයක් වරද්දලා තියනවද?.අනික තවත් ඔය රස්තියාදු නොවී කියපු දේවල් ටික අරන් රෑ වෙන්න කලින් ගෙදර එන්න.මට ගේ දොර අස්පස් කරගන්නත් තියනවා.."එලෙස පවසමින් ඒ දුරකථන ඇමතුම විසන්ධි කලේ හෙට දවස ගැන සිතමිනි. පසුදා උදෑසනම අවදි වූ ඈ ගෙමිදුල පිරිසිදු කොට කිරිබතක් සෑදුවේ අද සුභ දවසක් බව සිත කියන නිසාය. "කෝ තාම නෑනේ මේ දරුවෝ කියමින් වැඩ නිම වූ ඇය ඉදිරිපස දොර උළුවස්සට හේත්තුවෙමින් පැවසුවාය.ඔවුන් දකිනතුරු ඇයට ඉවසීමක් නැත. "දුර ඉඳන් එන්නත් එපැයි.ඔහේට ඕන විදිහට පාරවල් වල එන්න බැහැනේ.අනික මං දැන් කෝල් එකකුත් දුන්නා.ළඟ කියලා කිව්වේ..."උපාලි පැවසුවේ වාග් සංග්‍රාමයට මුල පුරමිනි. "එහෙම කොහොමද.දවසක්වත් ඉන්නේ නැති එකේ දවල් වෙලා ආවම හරියනවද"ඇය කීවේ ඉවසාගත නොහැකි වූ තැනය. අමුත්තන් පැමිණෙන විට උදෑසන දහයටත් ආසන්නය.ඔවුන් පැමිණි විගස ඈ ඔවුන්ව පිළිගත්තේ හිතේ කැකෑරෙන සෙනෙහස පිට කරමිනි.වතුර උගුරේ සිට ඔවුන්ට සත්කාර කල ඈ තම පුතා අසලින් නොසෙල්වුනාය. "අම්මේ අපි යමුද ඇඳුම් ටිකක් ගන්න?" ඔහු ඇසුවේ දවල් ආහාරය ගන්නා ගමන්ය. ඇඳුම්.. ඇඳුම්... ඇඳුම්... ඒ වචන ඇගේ කනට මී පැණි වක්කරන සේ ඇයට දැනිණි.හැකි ඉක්මනින් ලැහැස්ති වූ ඈ දවල් කෑම වේලෙන් පසුව පුතා සමග සාප්පු සවාරියේ ගියේ කිසිම සිහියක්පතක් නොමැතිවය.උපාලිටද යාමට ආරාධනා ලැබුනත් ඔහු නොගියේ ඔහුට රස්තියාදු වීමට සිදුවන බව දන්නා නිසාය. තමාගේ පුතා අරන් දෙන ඇල්පෙනෙත්තකින් පවා සතුටු වූ ඇයට මෙය මහමෙරකි.මාස තුන හතරකට වතාවක් තම සැමියාගේ වැටුපෙන් මිලට ගන්නා ඇඳුම්වලට වඩා මෙහි වටිනාකමක් ඇයට දැනෙන්නට විය.හිතේ හැටියට ඇඳුම් ගත් ඇය ,පුතා හා ලේලිය සමග නැවත නිවසට පැමිණෙන විට සවස පහත් පසුවී තිබිණි. ඒ පැමිණි තැන සිට ඇය වෙහෙසුනේ ඔවුන්ගේ රාත්‍රි ආහාරය වෙනුවෙනි.ඔවුන්ව කුසගින්නේ පිටත්කර හැරීම ඇයගේ හිතට මදිකමකි.දවස පුතා සමග ගතකරන්නට ලැබීම ඇයට සතුට ඉහවහා ගිය කරුණකි.ඔවුන් නැවත යනවිට රාත්‍රී නවයත් පසුවී තිබූ අතර ඔවුන් ගිය විගස ඇය කලේ මිලදී ගත් ඇඳුම් වල හැඩ බැලීමයි.ඇයට ඒ තරම් සතුටක් නොවීය.ලැබෙන ඇඳුම් නැවත ගොස් මාරු කරගන්නවාට වඩා හරි මිම්මට ඇඳුම් ගැනීමට හැකිවීම ගැන ඇය සිටියේ සතුටිනි. "ආ ...මේ.. දුවගෙන් කෝල් එකක්." උපාලි මල්ලිකාට දුරකථනය ලබා දුන්නේ කණ්ණාඩිය ඉදිරියේ හැඩ බලමින් සිටි ඇගේ අවධානය බිඳිමිනි. "අද උදෙත් කතා කලානේ"මල්ලිකා දුරකතනය අතට ගත්තේ තමා කල කාර්යයට බාධා වීම ගැන නොරුස්නා ස්වරයකින් ඇසීමෙනි. "අම්මේ අනිද්දා නිවාඩුනේ..මං හෙට හවස ගෙදර එනවා."ඒ පැවසුවේ සති අන්තයේ පැමිණීම අපහසු බව දන්නා නිසාය. "ආ එහෙමද ...අද මේ අයියලත් ඇවිත් ගියා...ඇයි මොකෝ සතිය මැද නිවාඩු?"මල්ලිකා පැවසුවේ මිලට ගත් ඇඳුම් ටික අසුරමිනි. "ඇයි පෝය නිවාඩුවනේ සතිය මැද.අමතක උනාද අම්මට?" "ආ...එහෙනම් ඇවිත් තාත්තටයි දුවටයි තමයි ගෙදර ඉන්න වෙන්නේ... ඒකත් හොඳයි ඔයා එන එක.උදේම නැගිටලා කෑම හදන්න ඕනත් නෑ තාත්තට.සිල් ගන්න යන්න පුළුවන් උදේම මට.දෙන්නට කැමති දෙයක් හදාගන්න පුළුවන්නේ...." ඇය කීවේ ඇඳුම් කිහිපය ගෙනා බෑගයේම දමා අල්මාරියේ ඉහළම තට්ටුවේ අසුරමිනි. ------------------------------------------------------------------- සේයාරුව අන්තර්ජාලයෙනිහෙමින් සැරේ පියා විදා| ඒ වර්ෂ 1980 යි. ලෝක සිනමාව විචාරීමේ ආශ්වාදයෙන් උද්දීපනය වූ නිර්මාණ කෞෂල්‍යයකින් යුත් තරුණ නිර්මාණකරුවෙක් සිය කුළුදුල් සිනමාගමනය 'හංස විලක්' නමින් සනිටුහන් කරනු ලබන්නෙ, ලාංකේය සිනමා වංශකතාවේ 450 වන චිත්‍රපටය ලෙසිනි. තත්කාලීන සමාජ භාවිතාව තුළ කුටුම්භගත ජීවිතය සහ ලිංගිකත්වය පිළිබඳ විප්ලවීය නවමු කියවීමක් අරඹන මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය මතු නො ව කතාව, තිර රචනය හා ප්‍රධාන චරිතය වන නිශ්ශංක වීරසිංහගේ චරිතයට පණ පොවනු ලබන්නේත් මේ නිර්මාණ කරුවා විසින් ම ය. ඔහු නමින් ධර්මසිරි බණ්ඩාරනායක ය. එහිලා ම මේ විප්ලවීය සිනමාගමනය අති සාර්ථක කරගනු වස් නිර්මාණ දායකත්වය සැපයූ, ප්‍රධාන ස්ත්‍රී භූමිකාවට මිරැන්ඩා රණවීර නමින් පණ පෙවූ ස්වර්ණා මල්ලවාආරච්චිගේ රංගනය පැසසුම් සහගත බව පැවසිය යුතු ම කරුණකි. මීට අමතර ව හෙන්රි ජයසේන වසන්ති චතුරාණි ආදි නළු නිළියන් රැසක් රංගන දායකත්වය සැපයී ය. අදට ද රසික සිත් අමන්දානන්දයට පත් කරන අමයුරු සංගීතය නිර්මාණය කරනු ලැබූයේ, සංගීත අධ්‍යක්ෂකවරයා වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසිනි. ගීත ගායනයෙන් නන්දා මාලිනිය, 'හෙමින් සැරේ' ගීතය ගායනා කරන, ටී.එම් ජයරත්න, සුනිලා අබේසේකර සිය නිර්මාණ දායකත්වය සැපයී ය. ධර්මසේන පතිරාජයන් ගීත රචකයෙකු ලෙසින්, 'හංස විලක්' සමඟ එකතු විය. චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලැබූයේ ඇල්බට් ජයසිංහයන් ය. ගීතය පිළිබඳ ව විමසීමට මත්තෙන්, 'හෙමින් සැරේ පියා විදා' ගීතය ඇතුලත් වූ, 'හංස විලක්' පිළිබඳ මේ කෙටි හැඳින්වීමේ දි චිත්‍රපටයේ පසුබිම් කතාව පිළිබඳ සැකවින් පැවසුවහොත්, මිරැන්ඩා යනු එක්දරු විවාහක කාන්තාවකි. නිශ්ශංක දරුවන් දෙදෙනෙකු ලද විවාහක පුරුෂයෙකි. කතාව දිවෙන්නෙ මොවුන් දෙදෙනා අතර සිය විවාහයන්ට අනියමින් ඇති වන සම්බන්ධක් චිත්‍රපටය ආරම්භයේ දී ම ලැඟුම්හලක් තුළ දි පොලීසියට ග්‍රහණය වීම නිසාවෙන් අවසන ඛේදාන්තයක් දක්වා දිවෙන පවුල් පරිසරයක් වටා ය. ගීතය පිළිබඳ ව විමසීමේ දි චිත්‍රපටයේ යම් උද්වේගකර අවස්ථාවක, ඇතිවන දෙබසක් මෙහි උපුටා දැක්වීමට මා කැමති ය. ඒ මක් නිසා ද යත්, මා ගීතය පිළිබඳ විමසීමට බලාපොරොත්තු වන්නෙ ඒ මත පදනම් ව ය. මිරැන්ඩා:-"ආදරේ ! තමුසෙට මගෙ ආදරයක් තිබුනෙ නෑ. මට තිබුනෙ තනිකම විතරයි. ඒ තනිකම නැති කරගන්න විතරයි, මට තමුසෙ එක්ක එන්න සිද්ධ වුණේ. තමුසෙ එක්ක තිබ්බ ආදරේ නැතිවුණේ එදා පොලිසියට අහුවෙච්ච වෙලාවෙ. තමුසෙ එක්ක පවුල් කන්න මට ඕනැ වුණේ නෑ." නිශ්ශංක:-"ලස්සනට තිබ්බ මගෙ පවුල කාපු බැ ල් ලි! තෝව ම ර ලා මම එතන හදනවා ප්‍රතිමාවක්.ප ර බැ ල් ලි!" මෙවැනි දෙබසක් ඇති වීමට හේතු වූයේ, මා යට කී චිත්‍රපටයේ ආරම්භයේ ඇතිවූ ගැටුම නිසාවෙන් ඇතිවූ පරිසරයයි. නමුදු 'හෙමින් සැරේ' ගීතය පුරා ම දිවෙන්නෙ, ඒ ගැටුමට මත්තෙන් මිරැන්ඩාගේ සහ නිශ්ශංකගේ ආත්මයන් තුළ සමාජ නියමයට අනුව අනියම් වුවත්, තමන් ව සැනසූ ඒ බැඳීම තුළින් ලබන ප්‍රහර්ෂවත් හැඟීමයි. 'හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පළා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්' දෙදෙනාම විවාහක ය. දරුවන් ද සිටියි. බැඳීම් එමට ය. ඒ බැඳීම්වලින් වියුක්ත වන නිමේෂයක ඔවුන්‍ට ඔවුන්ගේ ම ලෝකයක් තනා ගැනීමට වරම් හිමිවේ.ඇසිල්ලකින් එතෙක් සිය විවාහක සහකරුවන් හා යහන මත බෙදාගත් හැඟීම් තටු ලද කුරුල්ලන් මෙන් නිදහසේ පියාඹාවිත් නවතින්නෙ මුදු සුමුදු හැඟීම්වලින් සිත සන්තෘප්ත කරන ප්‍රේමණීය යහනක් මත ය. එවැනි යහනක සැතපෙන සුයාමයක ලොව ම නිසල ව නැවතී, එකී සුන්දරත්වය විඳීමට ඉඩදිය යුතු යැයි හැඟී යාම සාමාන්‍යය ය. 'මලක් නම් එය මලක් වුව මැන සිනිඳු සුකොමල රුවෙන් සරසන විලක් නම් එය විලක් වුව මැන නීල ඉඳුවර දියෙන් උපදින' මේ සම්පූර්ණ පදවැල ම තුළ ගැබ්වන්නේ ඒ හැඟීම ය. මලක් නම් එය එයට හිමි සුන්දරත්වය නො නසා පවත්වා ගත යුතු ය. පරවී ගිලිහී යාමක් ගැන නො සිතිය යුතු ය. විලක් නම් එය සුන්දර සුපුෂ්පිත නිල් මානෙලින් හැඩ විය යුතු ය. එකී සුන්දරත්වය විඳීමේ දී විලෙහි ගැඹුර ගැන සිතීමට කාලයක් කොයින් ද? මේ ප්‍රේමණීය සුයාමයේ දී ද ඔවුන්ට යතා ලෝකය ගැන වද වීමට කිසිඳු උවමනාවක් නැති සෙයක් ය. ඔවුන් රිසි සේ ප්‍රේමාලිංගනයෙහි ගිලෙයි. 'නැවුම් වත්සුණු රොනින් මත්වී සිහින නිම්නය සුපුෂ්පිත වෙයි සිහින් හඬකින් මහද අමතයි මුදා හැරදා පවුරු සිරි යහනේ' මලක් වන් ඇය සිපගැනීමේ දි මුව තැවරෙන වත්සුණු නැවුම් ය. එවිට දැනෙන හැඟීම ද ඒ තරම් ම නැවුම් ය. මක් නිසා ද යත් ඔහු ඇය සමග මීට පෙර රාගී හැඟීම් බෙදාගෙන නොමැත. ඒ හැඟීම් සිහින් හඬකින් අමතන්නෙ ඔවුන්ගේ හදවත්වල ගැඹුරු ම ඉසව්වලට ය. එයින් ඔවුන්ගේ ආත්මයන් හි රහස් සැඟවගත් සිහින නිම්නයන් සුපුෂ්පිත වී සුවඳ විහිදුවයි. ඉදින් නීරස විවාහ ජීවිතය සංකේතවත් කරන සිරි යහන මත බැඳි, බැඳීම් පවුරු බිඳ හෙලීමට ඔවුන් දෙවරක් සිතිය යුතුද? පසු කියවීම:- එක් නිමේෂයක මුනිවර හැඟීමක හැරෙන්න, මොන යම් හෝ බැඳීමක රාගයෙන් තොර වූ ප්‍රේමයක් පවතිනවා යැයි මා විශ්වාස කරන්නෙ නැත. යම් හැඟීමකින් තෘප්තිමත් වන මනුෂ්‍යය සිත පෙරළා ඊ ළඟ නිමේෂයේ අතෘප්තියට පත්වෙමින්, නැවුම් වූ හැඟීමක
පහස පැතීමට තරම් කුහුලකින් යුක්ත වූවකි. හැර ද මනුෂ්‍ය සිතක ඇතිවන හැඟීමක ප්‍රහර්ෂය යුතුකම් වගකීම්වලින් පිරුනු බැඳීමක සෙවීම ඵල රහිත ය. ඉදින් මනුෂ්‍ය සිත නැවුම් වූ හැඟීම් උපද්දන බැඳීම් සොයා යෑම අතිශය සාමාන්‍යය ය. නමුත් අපගේ වැනි සංස්කෘතික සමාජයක සම්මත බැඳීමක සිටින්නවුන්ට මෙන් ම අසම්මතයෙහි වෙලෙන තමන්ට ද අනේක වේදනාවන් ගෙනෙන අසම්මත බැඳීමක් මොනයම් හෝ ආකාරයකින් උත්කර්ෂයට නැගීමට මට අවශ්‍ය නැත. මක් නිසා ද යත්, විටෙක සුන්දර එවැනි හැඟීමක් තවත් විටෙක මරාන්තික වේදනාවන් ගෙන එන බැවිනි. යට දැක්වූ දෙබසට අනුව මිරැන්ඩාට හා නිශ්ශංකට අවශ්‍ය වූයේ තමාගෙ හැඟීම් සන්තර්පණය කරගැනීමෙන් පසුව නැවතත් සුපුරුදු පවුල් ජීවිතය තුළ ජීවත් වීමට ය. නමුදු ඒ බැඳීම අවසන් වූයේ ඛේදාන්තයකිනි. යතාර්ථය එයයි. නමුදු අප වටහා නොගන්නේ ද එයයි. විය යුත්තේ එවැනි යතාර්ථයන් සමාජය ඉදිරියේ විවෘත ව කතා කිරීම ය.ඉදින් මෙවැනි ගැටුම් රූපණය කිරීමට 'හංස විලක්' වැනි සාර්වත්‍රික වූ නිර්මාණයන් තව තවත් බිහිවිය යුතු බව මගෙ හැඟීමයි. -යොමාල්දෙකඩ වුණු කසාදයෙ රස්නෙවත් ගියේ නෑ ආවේම උන් ගන්න මලෙන් පැණි රිද්දමින් යන්තමින් පීදුනට හයිය ළඟ තිබුණෙ නෑ ඒ නිසයි මුළු ගැහුණෙ බයට මං ඉකිලමින් හැමදාම එක ආරෙ නළුවොමයි හම්බුණේ ඒ නිසා කල් යද්දි තැලුණු යකඩය වුණේ රහ හොයන් ආපු උන් යකඩයෙන් රත් වුණේ වරක් දෙවරක් නෙවෙයි පොලිස් පොතෙ නම ගියේ දරන්නට බැරි රුදා ඇඟ පෙළුව හීතලේ මුදලාලි ගෙට ආවෙ රත් වෙන්න ගොම්මනේ මෝල් ගහ විතරමයි තිබුණෙ අත මානයේ බේරෙන්න හැදුවෙ මං ඌ ගියේ අපායේ පෙර පිනට ලද රූපෙ හින්දාම විඳෙව්ව ඒත් තුන් සිල්පදය නොකඩාම මං රැක්ක "ලස්සනම යස්සනී" ගමේ උන් පටබැන්ඳ පතිනියමි පෝරකය ළඟ නිවන් සුව හෙව්ව..!! ✍🏼චාපා~# **පුංචි රොබෝ කොලුවා** (එක් කොටසක කතාවක්) "ඔන්න එකමත් එක රටක පැටියෝ, කොලු පැංචෙක් හිටියා. එයා එයාගෙ යාලුවන්ට වඩා ගොඩාක් පුංචියි. ඉතින් එයාට එයාගෙ පංතියෙ යාළුවො හැමතිස්සෙම හිනාවෙනවා, දොඩම් ගෙඩි දෙකක් තරම්වත් උස නෑ කියලා. එසෙම්බ්ලි වෙලාවටත් ඉස්සරහින්ම හිටවනවා කොටා කියලා. ටීච උගන්නනකොට පේන්නෙ නැත්නම් ඩෙස්ක් එකට නගින්න කියලා හිනාවෙනවා. එයාව හැම තිස්සෙම ටීස් කලා" "අනේ අපචී, එයා පව්නෙ. ඉතින් එයා එයාගෙ අපචිට කිව්වෙ නැද්ද? අපචිට කිව්ව නම් ටීචට කියලා නෝටි ළමයින්ට ගුටි ඉල්ලලා දෙයිනෙ?" "එයාගෙ අප්පච්චි එහෙම නෑ පුතේ. එයා අප්පච්චිට කිව්වම, ඉතින් ඇත්තනෙ කියලා අප්පච්චිත් කලේ එයාට හිනාවෙන එක" "එතකොට එයාටත් බබාට වගේ අම්මෙක් හිටියෙ නැද්ද? ඒ බබාගෙ අම්මත් සුරංගනා බබාලව බලන්න ගිහිල්ලද එයාලා පව් හින්දා?" "නෑ පුතේ. ඒ පැංචගෙ අම්මට වැඩ ගොඩයි. ගෙදර එන්නෙ නෑ වෙලා. පැංචා ළඟට ආවමත් එයාට තරහා යනවා." "අනේ අපචි. ඒ බබා පව්. I am so lucky to have you අපචි. අපචි කොච්චර වැඩ තිබ්බත් බබා එක්ක ඉන්නවනෙ" ඒ පාර පොඩ්ඩා කියන්නෙ අපචිගෙ බෙල්ල බදාගෙන. "ඔව් මගෙ පැංචො. අප්පච්චි මගෙ පැංචා එක්ක හැමදාම ඉන්නවා" හර්ශන පුංචි පුතාව තුරුලු කරගත්තෙ හැමදාම වගේ. ................................. "අම්මා... අම්මා came early today. I am so happy amma" පුංචි කොලු පැංචා සන්තෝසෙන් ගේට්ටුව ගාවට දුවගෙන ගිහින් වාහනෙන් බහින අම්මගෙ ඇඟේ එල්ලුනෙ, වෙනදටත් කලින් අම්මා එනවා දැකලා. "මේ මොන විකාරයක්ද? ඔෆිස් එකේ හැමදාම මැරිලා මැරිලා ඉඳලා ඉඳලා දවසක ගෙදර එනවා පොඩ්ඩක් රෙස්ට් කරන්න. මෙතන ගෙට එන්නත් කලින් ඉඳන් මල වදේ" අම්මා හැමදාම මෙහෙමයි. ඒත් පැංචා ලෑස්ති නෑ අත අරින්න. අම්මට පේන්න එහෙට මෙහෙට යනවා, අම්මට පොඩ්ඩක් එහායින් ඉඳන් පොතක් බලනවා, අම්මට ඇහෙන්න පොඩි සද්දයක් දානවා, මොකක් හරි බඩුවක් වට්ටනවා අම්මගෙ අවධානෙ ගන්න වැඩ ගොඩයි. "අම්මෙ" "ම්ම්ම්ම්ම්..." අම්මා කියන්නෙ ටීවි එකට අලවගත්තු ඇස් අහකට ගන්නෙ නැතිවම. " කුක්කුවක්" පැංචා කියන්නෙ හෙමීට. "ඇයි නන්දා කෝ? නන්දා මේ බබාට කිරි එකක් දුන්නෙ නැද්ද හවස?" අම්මා අහන්නෙ ඔලුව වත් හරවන්නෙ නැතිව. "නන්දා කුක්කු රහ නෑ අම්මි. අම්මි කුක්කු එකක්, චොකෝ කුක්කු" පැංචා කියන්නෙ හුරතලේට බලන ගමන්. "මොන වදයක්ද ළමයො. ඔය නන්දට කියලා ඕනෙ එකක් හදා ගන්න. මට නම් බෑ කිචන් එකට යන්න. මේ වොශ් එකක් දාගෙන පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න වාඩි වුනා විතරයි. නන්දා?" "කුක්කු එපා අම්මි. නන්දා කුක්කු රහ නෑ. බබා දොයියන්න යනවා" පැංචා හෙමීට කාමරේට යනවා. "යන්තම් ඇති. මල වදේ. ගෙදර ඇවිල්ලා ඩිංගක් නිදහසේ ඉන්න නෑ" අම්මා කියන එක ඇහෙන්නත් කලින්ම පැංචා ඇඳට වෙලා මූණ ගාවට යනකල්ම බෙඩ් ශීට් එකක් පොරෝගන්නවා. එතකොට ඇස්වලින් එන කඳුලුයි, හීල්ලෙන සද්දෙයි වහගන්න ලේසියි කියලා පැංචා මතක කාලෙ ඉඳන්ම දන්නවා. "අනේ තමුසෙගෙ මහ ලොකු මැඩම්කම තියාගන්නවා ඔෆිස් එකට" ලාවට ඇස් වැහීගෙන එනකොටම අදත් පටන් අරගෙන. " ඉරිසියාව. තමුසෙ වගේ අට පාස් නැති ගොබ්බ මිනිහෙක් එක්ක ආපු එක මගෙ මෝඩකම. තමුසෙගෙ වගේ කොලිෆිකේශන් තියෙන මිනිස්සු අපේ ඔෆිස්වල කරන්නෙ පියන් වැඩේ." "අනේ මේ නිර්මා. මගෙ කට අවුස්ස ගන්න එපා. මතක තියාගන්නවා මම නැත්නම් තමුසෙට වෙන්නෙ අර ගුබ්බෑයමට වෙලා කසිප්පු බෙදන්න මහ ජෝඩුව එක්ක. මගෙම සල්ලි වලින් ඉගෙනගෙන..." "අපෝ මහ ලොකු සල්ලියෙ වරුණෙ පටන්ගත්තද අදත්? කෝ එහෙනම් සල්ලි තිබ්බා තමුසෙත් ඉගෙන ගන්න එපැයි. අම්මා අප්පා හම්බු කරපුවා තිබ්බ හින්දා හොඳයි ඉතින්. ඒවම කාබාසිනියා කර කර ඉන්නවා තාම" "මේ නිර්මා..." ඊ ළගට ඇහෙන දඩි බිඩි සද්දයි, අම්මාගෙ සාප කරන සද්දයි නෑහෙන්න පැංචා බෙඩ් ශීට් එකෙන් ඔලුවම වහගන්නවා. එහෙමම නින්දත් යනවා. පහුවෙනිදා උදේ පැංචා ඇහැරෙනකොටත් අම්මා ලෑස්ති වෙනවා ඔෆිස් යන්න. කම්මුලේ රතු වෙච්ච තැන් මේකප් උලලා මකාගෙන, කට රතු කරගෙන ලෑස්‍ති වෙනවා. "අම්මා ලස්සන සාරියක්…"පැංචා අම්මගෙ සාරි පොටේ එතෙනවා. "අහකට යන්න ළමයො. උදේම එල්ලෙන්න එනවා මල වදේ. මගෙ සාරියත් පොඩි වෙනවා" අම්මා පැංචව අහකට තල්ලු කරනවා. "අම්මා... යන්න කලින් කුක්කුවක්...." බයෙන් බයෙන් වුනත් පැංචා හෙමීට අහනවා. අම්මට වැරදිලා හරි හදලා දෙන්න හිතුනොත් එහෙම. "මොන වදයක්ද මේ. දැන් ඩ්‍රයිවර් ඇවිල්ලත් ඇති. නන්දට කියලා හදාගෙන බීලා ලෑස්ති වෙන්න ඉස්කෝලෙ යන්න. කොහෙද මෙයත් එනවා මෙතන එල්ලෙන්න" අම්මා ටකුස් ටුකුස් ගාගෙන දොර දිහාට යනවා. ......................... "අපචි අපි කොෆී බොමු." "මගෙ මැණිකට බ්ලැක් කොෆීද, කුක්කු කොෆීද?" "කුක්කු කොෆී..." කොල්ලා හුරතල් වෙනවා. "චොකෝ පොඩ්ඩකුත් දාමුද?" කොල්ලා කියුට් හිනාවක් දානවා. ඉතින් දෙන්නම චොකෝ කුක්කු දෙකකුත් බොන ගමන් වැරැන්ඩා එකේ ඉඳන් තරු බලනවා. "එතකොට අපචී. ඒ බබාට අම්මා කුක්කු දුන්නෙ නෑ?" "ඒ පැංචට අම්මගෙන් කුක්කුවක් හම්බෙන්නෙ එහෙමත් දවසක. ඒ වුනාට පැංචගෙ අම්මා හදන කුක්කුව දිව්‍යලෝක රහයි. ඒකනෙ පැංචා අම්මා බැන්නත් ඉල්ලන්නෙ." "එයා පව් නේද අපචී. අපේ අපචි නම් කුක්කු දෙනවා බබාට ඉල්ලපු ගමන්ම. රසම රස කුක්කු. I have the best apachi in the world." පැටියා කුක්කුව පැත්තක තියලා අප්පච්චිට තුරුලුවෙනවා. ............................... "කෝ බේබි ලෑස්ති වෙන්නකො ඉතින්. මේ කිරි එක බීලත් නෑනෙ තාම. දැන් මහත්තයා ලෑස්ති වෙලත් ඇති. මට තමයි බැණුම් අහන්න වෙන්නෙ" නන්දා කෑ ගහන්නෙ ඉස්කෝලෙ ගෙනියන්න කෑම බෙදන ගමන්. "කුක්කු බොන්න බෑ." පැංචා තුවායත් ඇඳගෙන දුවනවා. "අනේ බේබි එන්න ලෑස්ති වෙන්න. මහත්තයා බනී" නන්දා යාප්පු වෙනවා. "කෝ තාම ලෑස්ති නැද්ද? මම එනකොට ඇඳගෙන හිටියෙ නැත්නම් යනවා දාලා" පැංචා ඇඳුම් අතට ගන්නෙ හැමදාම වගේ අප්පච්චිගෙ ගෝරනාඩුව කාමරෙන් ඇහෙනකොට. අපරාදෙ කියන්න බෑ නන්දත් පැංචට හරි හිතයි. "බේබි ලෑස්ති වෙනවා මහත්තයා" කියලා කියන සද්දෙන් ඇහෙන්න කියන ගමන් විදුලි වේගෙන් පැංචව අන්දන්නෙ. අප්පච්චි කාමරෙන් එළියට එනකොටම අප්පච්චි පස්සෙන් දුවගෙන යන පැංචා කාර් එකට නගින්නෙ අප්පච්චිටත් කලින්. ඒ පිටිපස්සෙන් නන්දා දුවගෙන එන්නෙ පැංචගෙ බෑග් එකයි, අප්පච්චිගෙ කෑම බෑග් එකයි අරගෙන. ඩ්‍රයිවර් රෝහණ වාහනේ ස්ටාට් කරනකොටම වත්ත බලාගන්න සිරිපාල සීයා සීරුවෙන් ඇරපු ගේට්ටුව ගාව. "බායි නන්දම්මා, බායි සිරිසීයා" හැමදාමත් වගේ පිටවෙන වාහනේ ජනේලෙන් ඔලුව දාගෙන පැංචා කෑ ගහනවා. "ඇතුලට එනවා බෙල්ල ගලෝගන්නෙ නැතුව." හැමදාම වගේ අප්පච්චි කෑ ගහනවා. පැංචා සීට් එකේ අහිංසක තාලෙට වාඩි වෙලා පොත් බෑග් එක තුරුලු කර ගන්නවා. ඉස්කෝලෙ ගාව පැංචා බස්සගෙන අප්පච්චි ෆැක්ටරියට යනවා. දවල්ට රෝහණ එනවා පැංචව ෆැක්ටරියට එක්ක යන්න. ඒ වෙලාවට අප්පච්චි ඔෆිස් කාමරේට වෙලා මීටින්. එහෙම නැත්නම් ලොකුම ලොකු ෆයිල් මිටියකුයි, කැල්කියුලේටරේකුයි තියාගෙන මොනවාදෝ ගණන් වගයක් හදනවා. තව පැයක් දෙකක් විතර එහෙම්ම ෆැක්ටරියෙ ඉඳලා දෙන්නම පිටත් වෙනවා ගෙදර. "අප්පච්චි දන්නවද?" පැංචගෙ දවසේ කතා පෙට්ටිය ඇරෙන්නෙ ඔන්න ඔය වෙලාවට. "අප්පච්චි අද අපි මැග්නට්ස් ගැන ඉගෙන ගත්තා. අප්පච්චි දන්නවද මැග්නට්වල එන්ඩ්ස් දෙකක් තියෙනවා. ඝෘණ, ධන. "හ්ම්ම්." ගොඩක් වෙලාවට ඒක තමා අප්පච්චිගෙ උත්තරේ. "අහන්නකො අප්පච්චි. මැග්නට්වල එන්ඩ්ස් මැච් වෙනවනම් තමයි ඇලෙන්නෙ. අද තමයි මට තේරුනේ අපේ චෙස් බෝඩ් එකේ බ්ලැක් ක්වීන් ඇන්ඩ් කින්ග් ඇලවෙන්නෙ නැත්තෙ ඇයි කියලා. අප්පච්චි ටීච කිව්වා ඒකට කියන්නෙ විකර්ශනය කියලා." පැංචා දිගටම කියවනවා. "හ්ම්ම්ම්. ක්වීන් ඇන්ඩ් කින්ග් විකර්ශනය වෙනවා තමයි" අප්පච්චිත් ඇඟට නොදැනී කියලා දානවා. දවල්ට බත් කාලා, වොශ් දාලා පැංචා නිදා ගන්න ඕනෙ පැය දෙකක්. ඊට පස්සෙ හෝම් වර්ක් පැය දෙක. ඒ වෙලාවට තමයි අප්පච්චි ටෙනිස් කෝට් යන්නෙ. ඒ වුනාට ගොඩක් දාට පැය දෙක, තුන හතරක් වෙලා පැංචා ඇහැරෙද්දි හවස් වෙලා හොඳටම. අප්පච්චිත් ආපහු ගෙදර ඇවිත් ක්ලබ් නොයන දාට. ඉතින් එහෙම තමයි හැමදාම. .............................. "ඉතින් අපචී ඒ බබාටත් තිබ්බද කැබින් එකක් බබාට වගේ ප්ලේ කරන්න, දොයියන්න ඒ අපචිගෙ ඔ
ෆිස් එකේ?" "නෑ පැටියො. පැංචා අප්පච්චිගෙ කාමරේ ඉස්සරහා පුටුවේ වාඩි වෙලා තමයි ඉන්නෙ අප්පච්චි වැඩ ඉවර වෙනකල්." "අනේ එයාට දොයි මත වුනොත්." "එයා එතකොට පුටුවෙම දොයියනවා" "පවුනෙ අපචී. එයා වැටෙයිනෙ එතකොට පුටුවෙන්. එයාගෙ අපචිට තිබුනනෙ එයාට දොයියන්න සෝෆා එකක් ගන්න. අපචී හරිම නරකයි. මට හිනාවෙනවා." "නෑ පැටියො. ඔයාට හිනා වුනේ නෑ. ඒ පැංචගෙ අප්පච්චිගෙ ඔෆිස් එකේ කොහෙද සෝෆා. කසි කබල් ඔෆිස් කාමරයක් ඒක. එයාගෙ අප්පච්චිට තිබ්බෙ පොල් තෙල් මෝලක්නෙ." "පොල් තෙල් මෝලක් කියන්නෙ මොකද්ද අපචී?" "පොල් තෙල් මෝලක් කියන්නෙ පැටියෝ පොල් වේලලා හදනවනෙ කොප්පරා, ඒවා මිරිකලා පොල් තෙල් හදන තැනක්." "එතකොට එයාගෙ අපචිට ඔෆිස් රූම් එකක් තිබ්බෙ නැද්ද අපචිට වගේ?" "පැංචාගෙ අප්පච්චිට තිබුනෙ පොඩි කාමරයක්, මේසයක් තිබ්බ. ඒකෙම තමා ඔක්කොම ඩොකියුමන්ට්ස් ගොඩ ගහලා තිබ්බෙත්. කවුරු හරි කස්ටමර්ස්ලා ආවම කතා කලෙත් ඒකෙම ඉඳන් තමයි" "ඉතින් අපචී ඒ බබා කොහොමද එතන හිටියෙ. ලිස්සලා වැටුනෙ නැද්ද පොල් තෙල් ගෑවිලා. අපචිට මතකද දවසක් බබා සාදු පන්සලේ පහන් පත්තු කරන්න ගිහින් ඩෲම් ගාලා වැටෙන්න ගියෙ, අපචි අල්ලගත්තෙ?" "පොල් තෙල් තියෙන්නෙ එතන නෙමෙයිනෙ පැටියො. ෆැක්ටරියෙනෙ. ඔෆිස් එක තියෙන්නෙ වෙනමනෙ." "ෆැක්ටරිය කියන්නෙ මොකද්ද අපචි? ලොකූ පොල් තෙල් බෝතලයක්ද?" "නෑ පුතේ. පුතා දන්නවනෙ පොල්. ඒවා වේලලා, මිරිකනවා තෙල් ගන්න. එහෙම තමයි තෙල් හදන්නෙ. ඊට පස්සෙ ඒවා බෝතල් වලට දාලා විකුණනවා." "එතකොට ඒ බබා අපචි වැඩ කරනකොට මොකද කලේ. ඒ බබාට බබාට වගේ ටෝයිස් තිබ්බද අපචි. එතකොට බුක්ස්" "ඒ බබාට හිටියා පුතේ යාලුවෙක්" "ඒ කවුද අපචී." "එයා පුතේ විශේෂ යාලුවෙක්. හැමෝටම හම්බෙන්නෙ නෑ එහෙම යාලුවො" .............................. "රෝහණ මාමෙ, අර මොකද්ද අර ඩිකියෙ තිබ්බෙ?"පැංචා රෝහණගෙන් ඇහුවෙ වාහනේට නගින ගමන්. එදා අප්පච්චි පරක්කු දවසක්. පැංචට ඉස්කෝලෙ යන්න වුනේ රෝහණ එක්ක තනියම. "ඔය අපේ කොල්ල ඉස්කෝලෙ ප්‍රදර්ශනේකට ගෙනියන්න ඕනෙ කියලා බේබි ඕක හැදුවෙ. දවස් ගානක් තිස්සෙ මහන්සි වුනා කොල්ලා, ටින් බෙලෙක්ක හොයාගෙන ගෙවල් ගානෙ ගිහින්, ඒවා කපාගෙන, අත පයත් කපාගෙන, පව්. ටීච කිව්වලු හරි නෑ, කැතයි කියලා. ටින් බෙලෙක්ක වලින් හදලා කියලා පන්තියම හිනා වුනාලු කොල්ලට. ඉතින් බේබි අපි ඉස්කෝලෙ යද්දි නම් අහක යන ඒවගෙන් තමා ඕවා හැදුවෙ. අපේ ටීචර්ලා නම් බොහොම මනාප වුනා. ඊයෙ රෑම ඇඬුවා. උදේ එලියට බහිද්දි වැට මුල්ලට විසි කරලා. හිත දුන්නෙ නෑ බේබි අහක දාන්ඩ. එහෙම්ම අරන් ආවා එද්දි ඩ්‍රයිවර් කාමරෙන්වත් තියාගන්න." "අනේ රෝහණ මාමෙ. ඒක මට දෙන්නකො." "අනේ බේබි. බේබිට මොකටද ඕවා. ඔය පරණ ටින් බෙලෙක්ක" "අනේ මාමෙ. මට දෙන්නකො. ප්ලීස්..." පැංචා එහෙම කියනකොට කොහොමත් සිරිදාසට බෑ නැහැ බැහැ කියන්න. "එහෙනම් බේබි මම අපේ කොල්ලට කියලා මේකෙ තැලිච්ච අත හදාගෙන එන්නම්. වීසි කරද්දි අතක් තැලිලා ගිහින්" "ඒකට කමක් නෑ මාමෙ. අනේ මෙයා මට හොඳේ" පැංචා කිව්වෙ පිටිපස්සෙ සීට් එකේ සිදුර ඇරලා ඩිකියෙ තිබ්බ රොබෝ අනුරුව ගන්න ගමන්. "මේක සඳුන් අය්යද මාමෙ ඇත්තටම හැදුවෙ? අනේ මාමෙ මෙයා හරි ලස්සනයිනෙ. මම මෙයාව ගෙනියනවා හොඳේ. අත තැලුනට කමක් නෑ." පැංචා ටින් බෙලෙක්ක සකසුරුවමට නමලා හදලා තිබුනු ඒ පුංචි රොබෝව අයිති කර ගත්තෙ එහෙම. ....................... "ඒ කවුද අපචී" "පැටියෝ එයා රොබෝ කෙනෙක්" "රොබෝ කෙනෙක්. ශෝයිනෙ අපචි. ඉතින් අපචි ඒ බබාගෙ රොබෝට ඇවිදින්න පුලුවන්ද? අර අපචි බබාට අරන් දීපු රොබෝ වගේ එයත් කතා කරනවද? සින්ග් කරනවද?" "එයා එහෙම එක්කෙනෙක් නෙමෙයි පැටියෝ. එයා ටින් කපලා හදපු චූටි රොබෝ කෙනෙක්. එයා පුතාගෙ අත උඩ තියාගන්න පුලුවන් තරම් චුට්ටෙක්. චූටි අයියා කෙනෙක් පරණ ටින් වලින් හදපු රොබෝ කෙනෙක්" "චූටි අයියා කෙනෙක්. අයියලට පුලුවන්ද අපචී රොබෝලව හදන්න? බබාටත් පුලුවන්ද අයියෙක් උනාම රොබෝකෙනෙක් හදන්න?" "පුලුවන් පැටියෝ පුලුවන්. මගෙ පැටියට පුලුවන්" අප්පච්චී එහෙම කියනකොට පැටියා හරිම ආසයි අප්පච්චිට තුරුලු වෙන්න. ................................. "ආ කොටා... මොකද අද පරක්කු වෙලා." "ඒකනෙ කොටා පරක්කු වුනාම කවුද පන්තිය අතුගාන්නෙ?" "කොටාට අද නින්ද ගිහින් වගේ" "නෑ නෑ මිනිහගෙ එලාම් එක කැඩිලා" "නෑ නෑ. මිනිහා කොටානෙ. එලාම් එක තියන්න ක්ලොක් එක ගන්න උස මදිවෙලා" හැමදාම වගේ කට්ටිය පටන් ගත්තා පැංචා පන්තියට එනකොටම. "මම... කොටා... නෙමෙයි... මම... රොබෝ... කොලුවා... ඊනෝ... මීනෝ..." හැමදාම කට්ටියව මග ඇරලා හැංගෙන පැංචා එදා උත්තර දුන්නෙ එහෙම. රොබෝ කටහඬින්, රොබෝ කෙනෙක් වගේ අතපය හොලවමින්. "මූට පිස්සුද?" "රොබෝ.....?" "මට... පිස්සු... නෑ... මම... ජීනියස්... රොබෝ... කොලුවා... මම... කොට... වුනාට... බ්‍රයිට්... එන්න... මාත්... එක්ක... චෙස්... ගහන්න... එන්න... මාත්... එක්ක... ගණන්... හදන්න... එන්න... මාත්... එක්ක... අයි.කිවු. ක්විසස්... කරන්න... අපි... එහෙම... ෆයිට්... කරමු..." "මූට මොනා වෙලාද මේ?" වෙනදට පැංචට කරදර කරන පන්තියෙ ළමයි කාණ්ඩෙ පුදුම වෙලා හොඳටම. "ඔයාලා... බයයි... ඔයාලා... පැරදෙනවා... කියලා... දන්නවා... මම... මීට... පස්සෙ... ඔයාලට... බය... නෑ... මම... ජීනියස්... රොබෝ... කොලුවා..." පැංචගෙ බය නැති වෙලා. හැමෝටම පුදුමයි. ....................... "ඉතින් අපචී, ඒ බබා රොබෝ එක්ක කොහොමද ප්ලේ කලේ. ඒ රොබෝට ඇවිදින්නත් බෑනෙ" "ඒ බබාගෙ කාලෙයි, පැටියගෙ කාලෙයි වෙනස් පැටියෝ. ඒ කාලෙ ලී කෑල්ලක් තිබ්බත් ඇති සෙල්ලම් කරන්න. දැන් වගේ එහෙම සෙල්ලම් බඩු නැහැනෙ ඒ කාලෙ හැම තැනම ගන්න. අනික ඒ කාලෙ අම්මලා තාත්තලා එහෙම ළමයින්ට වැඩිය සෙල්ලම් බඩු අරන් දෙන්නෙත් නෑ, පොතක් පතක් මිස" "ඉතින් අපචී බබාටත් පොත් ගොඩාක් ගෙනත් දෙනවනෙ. ටෝයිසුත් ගෙනත් දෙනවනෙ" "ඔව් පුතේ. ඒත් ඒ බබා ආසම වුනේ එයාට" .................... "මේ කන්නෙ නැද්ද?" "මේ රෑ වෙලා" "මේ අන්න තාත්තා ක්‍ලබ් ගිහින් ආවා. කන්න යන්න. කතා කලා ඔයාට" "නැගිටින්නකො අනේ. කන්න යන්නකො. පව් අර මනුස්සයා ඔයා කන්න ආසා හින්දම රොටි හදලා ඔයාට වෙනම" "යන්නකො අනේ. ඔහොම කන්නැතුව ඉඳලා ලොකු වෙන්නෙ කොහොමද?" "කොටෝ නැගිටින්ඩෝ..." පැංචා ඉද්ද ගැහුවා වගේ නැගිට්ටෙ ඒක ඇහිලා. කවුද මේ කන ගාව ඉඳන් කියවන්නෙ. ඒ මදිවට කොටාලු. "මේ මම කොටා නෙමෙයි හරිද?" පැංචා කිව්වෙ කාට වුනත් කියපු කෙනාට ඇහෙන්න. "අපෝ එච්චර තරහ යනවද කොටා කිව්වම. එහෙනම් ඉස්කෝලෙ ළමයින්ටත් කෑ ගහන්නකො ඔහොම. මම දැක්කනෙ බයගුල්ලෙක් වගේ හිටපු හැටි" "කවුද ඔයා?" පැංචා ඒ පාර ඇහුවෙ අඩියට දෙකට කාමරේ දොර ගාවට පනින ගමන්. "මම රොබෝ පැංචා. මම දැක්කනෙ ඉස්කෝලෙදි බයේ ගැහි ගැහි ඉන්නවා. ලැජ්ජා නැද්ද ඔයාට?" "රොබෝ පැංචා...?" "ඔව්. රොබෝ පැංචා. ඇයි ඔයා මාව බෑග් එකේ දාගෙන ගියෙ ඉස්කෝලෙ. මම ඔක්කොම බලාගෙන හිටියෙ." "මම බය නෑ. මම ඔක්කොටම වඩා බ්‍රයිට්. ජීනියස්" "එහෙනම් ඒක කියන්න එයාලට. දැන් යන්න කාලා එන්න. අප්පච්චි කතා කලා ඔයාට. අපි ආවම කතා කරමු." "මේ මට අමතක වුනා කියන්න. ඔයා ජීනියස් තමා. මගෙ අත හදලා දුන්නට තැන්ක් යූ හොඳේ. ඔයා ඒක සඳුන් අය්යට වඩා හොඳට කලා" "ඔන්න ඔහොමයි පුතේ රොබෝ පැංචා, පුංචි කොලු පැංචගෙ යාලුවා වුනේ. ඉතින් ඊට පස්සෙ එයාට තනියක් තිබ්බෙම නෑ. එයා කොහෙ ගියත් එයාගෙ පුංචි රොබෝ පැංචත් එක්ක තමයි ගියෙ." "ඉතින් අපචී ඒ රොබෝ පැංචා ඒ බබා එක්ක ඇත්තටම කතා කලාද?" "ඔව් පුතේ. එයා ඒ බබා එක්ක හැම වෙලාවෙම කතා කලා. ඒ බබා පොඩියි, මිටියි කියලා යාලුවො විහිලු කරද්දි, පොඩි උනාට එයා ඒ හැමෝටම වඩා දක්ශයි කියලා රොබෝ පැංචා එයාට මතක් කරලා දුන්නා. ඉස්කෝලෙ චෙස් ක්ලබ් එකට, ටේබල් ටෙනිස් ටීම් එකට, ස්විමින් ටීම් එකට යන්න ආසා වුනාට අනිත් අය හිනාවෙයි කියලා බයේ යන්නැතිව හිටපු කොලු පැංචට, රොබෝ පැංචගෙ වදේ හින්දම ඒවට යන්න වුනා. ඔහොම අවුරුද්දක් දෙකක් ගත වෙනකොට ඉස්කෝලෙ එසෙම්බ්ලි වලට, ස්පෝර්ට්ස් මීට් වලට, එක එක කම්පෙටිශන් වලට මේ කොලු පැංචා නැතිවම බැරි කෙනෙක් වුනා." "එතකොට රොබෝ පැංචා" "එයා හිටියා පුතේ. හැමදාම කොලු පැංචා ගාවම හිටියා. වෙලාවකට මල වදයක් වෙන තරමට එයා කොලු පැංචට කරදර කලා දේවල් වලට ඉදිරිපත් වෙන්න. තරහා වුනා. හර්තාල් දැම්මා. එහෙම තමා පුතේ හොඳ යාලුවෝ" "එතකොට රොබෝ පැංචා හැමදාම ඉස්කෝලෙ ගියාද අපචී" "ඔව් පුතේ. එයාට යන්න බෑග් එකේ වෙනම පුංචි පොකට් එකක් කොලු පැංචා හදාගෙන තිබුනා, වෙන කාටවත් නොපෙනෙන්න. පුතා දන්නවද? දවසක් හරිම වැඩක් වුනානෙ?" ....................................... "සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා.... හේතු..." වසර අවසාන විවිධ ප්‍රසංගයට පුහුණු වෙමින් සිටි කොලුවාගේ දැහැන් එක වර බිඳ වැටුනේ එක වරම හඬගා වැටුනු පන්තේරු පෙලකිනි. වැරදි කරුවා උන්නේ සංගීත කාමරයේ කබඩයට මුවාවීය. "මොන වදයක්ද..." "බනින්නෙ එහෙම නෑ. එයා ආවෙ මා එක්ක සිංදු කියනවා අහන්න" පැංචාගේ කෝපයට උඩින් නැගුනේ රොබෝ පැංචාගේ හඬය. ඇගේ සාක්කුවේ උන්නේ රොබෝ පැංචාය. ඇය පැංචාගේ පංතියේ උන් අහිංසකම සිසුවියයි. "මොකටද මගෙ රොබෝ පැංචා ගත්තේ?" පැංචා සැරසුනේ රොබෝ පැංචා ඇගෙන් උදුරා ගන්නටය. "ගත්තෙ නෑ. බේර ගත්තා. අර ජරා කොලුවො ටික මාව කාණුවට දැම්මා. මෙයා තමයි මාව බේරගත්තෙ" රොබෝ පැංචා සැර දැම්මේ කොලු පැංචාටය. "සොරි" ඉතින් ඒ මිතුරු දම ඇරඹුනේ එහෙමය. කොලු පැංචාට මෙන්ම රොබෝ පැංචාට තම ජීවිතයේ හොඳම මිතුරිය ලැබුනේ එහෙමය. ඉන්පසු මිතුරු හවුල දෙදෙනාගෙන් තුන්දෙනෙක් බවට පත් විය. පැංචා සහ පැංචී ඉගෙනීමෙන් මෙන්ම බාහිර ක්‍රියාකාරකම් වලින්ද ඉහලටම යද්දී රොබෝ පැංචා නොසැලී ඔවුන් සමගම උන්නේ ඔවුන් දිරිමත් කරමිනි. පාසලින් ඉංජිනේරු පීඨයටත්, ඉන්පසු උසස් අධ්‍යාපනයට ඇමරිකාවටත් දිගුවූ ඔවුන්ගේ
මිතුදම, පැංචා තම යෙහෙලියව තම ජීවිතයේ පංගුකාරිය කරගන්නා විටත්, ඔවුන්ගේ දිවියට තවත් පුංචි පංගුකාරයෙකු එක්වන විටත් එසේම පැවතිනි. ...................... "අනේ අපචි. ඉතින් ඊට පස්සෙ මොකද උනේ. එයාලගෙ බබත් රොබෝ පැංචා එක්ක යාලු වුනාද?" "පොඩ්ඩක් ඉන්නකො පුතේ" හර්ශන කොලු පැංචා අතේ තැබුවේ කුඩා පෙට්ටියකි. "ඔන්න ඔයාට" "අනේ...." පෙට්ටිය තුල වුයේ කුඩා රොබෝවෙකි. "අප්පච්චි මේ..." "ඔව් පුතේ මේ රොබෝ පැංචා. එයාගෙ නම ආයුශ්. ඒ නම දැම්මෙ ඔයාගෙ අම්මා. ඒක එයා එයාගෙ බබාට දාන්න ආසාවෙන් හිටපු නම." "එතකොට අපචී. කවුද මගෙ නම දැම්මෙ ආයුශ් මිහිසර කියලා" "ඒක දැම්මෙ මම. මගෙ හොඳම මිතුරී එයාගෙ පුතාට දාන්න හිටපු නමයි, මගෙ යාළු පැංචා එයාගෙ පුතාට දාන්න හිටපු නමයි එකතු කරලා" ඒ පාර උත්තර දුන්නෙ එයා. "අපචී... එයා ඇත්තටම කතා කරනවා..." "ඔව් බබෝ. මට පණ දුන්නෙ ඔයාගෙ ජීනියස් අම්මයි තාත්තයි" "මගෙ රොබෝ පැංචා" කොලුවා රොබෝ පැංචාව තුරුලට ගත්තේ අප්පච්චීට තුරුළු වෙමිනි. "මම පැංචා නෙමෙයි මාමා" "ඔයා පොඩියිනෙ" "ඔයත් පොඩියිනෙ ඉතින්" "මම පොඩි වුනාට බ්‍රයිට්. ජීනියස්" "අය්යෝ ආයෙමත්. අප්පච්චි වගේමයි පුතත්....." රොබෝ මාමාගේ හිනාවට අප්පච්චිත් මමත් එකතු වීමු. අම්මාද බිත්තියේවූ පින්තූරයේ හිඳ හිනාවෙමින් උන්නාය.සුදුහාමිනේ ! "ඉතිං මගෙ නම මදූ, එකේ පන්තියේ තමා ඉගෙන ගන්නේ. ඔය දෙන්නගේ නම් කොහොමද ?" සාලෙ දිහායින් එන දරුවන් ගෙ කථාබහ ට ලොකු මැණිකේ සීරුමාරුවට කන් දුන්නා. ඒ ප්‍රශ්න අහන්නෙ අල්ලපු ගෙදර පදිංචි සාමා ටීචර් ගෙ නෑදෑවෙන දරුවෙක්. මේ දවස්වල ඉස්කෝලෙ නිවාඩු කාලෙ ගත කරන්න කියලා උඩරට හැටන් පළාතේ ඉඳන් මොනරාගල ආපු නෑදෑ දරුවෝ කීප දෙනෙක් ඉන්නවා ඒ ගෙදර. මේ ප්‍රශ්න අහන දැරිවි සුදු හාමිනේගෙම පලේ වගේම හරිම කටකාරි. මේ අහන ප්‍රශ්න වලට තමන්ගේ මිණිපිරීත් මුණුපුරා ත් වෙච්ච් සුදු හාමිනේ ත් සුදු මහත්තයා යාත් මීට දෙන උත්තර මොනවද කියලා හොඳට කන්දුන්නා. "මම සුරංගනී වීරමාලා විජේකෝන් "මල්ලි සුරංග වීරකුමාර විජේකෝන්" ඒ ගෑනු ලමයාගේ ඊගාව ප්‍රශ්ණෙට ලොකු මැණිකේ ගේ ඇඟේ හී ගඩු පිපුණා. "ඉතින් ඕගොල්ලෝගේ අම්මා කෝ? හැම ගෙදරකම අම්මා කෙනෙක් ඉන්නවානේ? මෙහේ විතරක් නැත්තේ ඇයි?? එහෙම වෙන්න බෑනේ? මෙහේ ඉන්නේ අත්‍තම්මා කෙනෙක් විතර නේ. "ආආආආ මදූ, අපෙ අම්මා බදුල්ලේ , අප්පච්චි ගේ ගමට ගිහින් නේ මේ දවස්වල " "නේද මල්ලී" කියලා සුදු හාමිනේ කියද්දී සුදු මහත්තයාත් " ඔව් ඔව් මදූ අක්කේ මේ අදම වුණත් එයි" කියලා තප්පරේට කීවා. මේ දරුවෝ දෙන්නා හරිම පව්. ලොකු මැණිකේ ගේ හිත වාවගන්න බැරුව හිටියේ පහුගිය දවස් ටිකේම සුදු හාමිනෙයි සුදු මහත්තයයි හරියකට කන්නේ බොන්නේ නැතුව , සෙල්ලම් කලේ වත්, කථා බහවත් නැතුව හේ බාලා හිටි නිසා. ඇත්තටම මේ නොදරුවන් ට දරාගන්න පුළුවන් කාරණා නෙවේ නේ පහුගිය දවස්වල මේ ගෙදර සිද්ධ වුණෙ. තමුන්ගේ අම්මා හොරු ගෙනිච්චා හේ අන්තරස්දාන වුණාම අවුරුදු 6 හා 3 දරුවෝ දෙන්නෙක් කොහොම දරා ගන්නද? තමන්ගේම දූ වුණත් සුදර්මා මැණිකේ ගේ නොස. න්ඩාල අව කල්කිරියාව මතක් වෙද්දීත් ලොකු මැණිකේ ට දත්මිටි කැවුණා. ලොකු මැණිකෙලාගෙ නිවන්න වෙච්චි මේ ගංඇති වලව්ව නොදන්නා කෙනෙක් මොනරාගල කුඹුක්කන ගම් පළාතෙම නෙවේ ඒ දිස්ත්‍රික්කේවත් නෑ. ඒ වැයික්කියේ කුඹුරුද වතුපිටි ඉඩකඩම් ද , මදුරුකැටියේ හේන් යායක් ඔක්කොම අයිති ලොකු මැණිකේ ගෙ සුවාමියා වෙච්චි ගංඇති නිලමෙට. උන්නැහේ ගේ අප්පුච්චා තමා හිටපු ගම්මුලෑදෑනි තැන. උන්දෑ රටේ ලෝකේ නමක් තියාගෙන හිටියත් ගංඇති නිලමෙ ගෙ නම් කල්කිරියාව කොහොමදැයි කියනවා නම් ගං ගොඩේ හැම ඇහැට කනට පේන ලමිස්සියොන්ටම බැල්ම හෙලලා විතරක් නොඉඳ හැම අගුපිලකම රිංගලා සෑම ජෝගියක්ම නටලා අන්තිමට බොහොම තැන්පත් රූමතියක් වෙච්චි ලොකු මැණිකේ තමා නීත්‍යානුකූල බිරින්දෑ විදිහට බිබිලේ දිහෑයින් කැන්දාගෙන ආවේ. ලොකු මැණිකේ ලාට උපන් එකම දූ සිඟිත්ත සුධර්මා මැණිකේ . හොඳ ලස්සන ජපන් බෝනික්කී වගේ අම්මගේම කපාපු පළුව. ඒත් අම්මගේ තැන්පත් සංවර ගතිගුණ වෙනුවට අප්පාගේ සල්ලාල ගතිගුණ කොහොම ආවද කියන්න දන්නේ උඩ ඉන්න දෙවියෝම තමා. 8 පන්තියට එනකල් කුඹුකන ඉස්කෝලෙ ටම යැව්වේ දුර යවන්න බැරිකමට වුණත් ගහේ කටු උල් කරන්න. ඕනෑ නෑ කියනැහේ කොල්ලෝ කීප දෙනෙක් එක්කම හුටපට ඇති කරගත්තා විතරක් නෙවේ වතාවක් ඇලට නාන්න ගිය ගමන් ඔය විජේපාල කියන ඉලන්දාරියා එක්ක ලන්දක රිංගල අහුවෙලා ගමේ නමත් කැත කරගත්තා. කොටින්ම කුඹුකන ඉස්කෝල පින්සිබල් ගංඇති නිළමෙගේ මිත්‍රයා නොවෙන්න සුදර්මා මැණිකෙට චරිත සහතිකේවත් ගන්න වෙන්නේ නෑ පන්නලා දානවා ඉස්කෝලෙන් දොට්ට. ඊට පස්සේ ඔය සල්ලි බලපුළුවන්කාරකම් වගේම තිබුණ සම්බන්ධකම් වලින් කොහොම හරි බන්ඩාරවෙල කොන්වන්ට් එකෙ බෝඩ් කරලා ඉගැන්නුවේ වැඩිපුරම පරණ කුණු හෝදලා හික්මවා ගන්න. අන්තිමට කලා අංසෙන් උසස් පෙල පාස් වුණත් රස්සාවකට යන්න ඕනෑ කියලා රණ්ඩු කලත් ඉඩ දුන්නෙම නෑ ලොකු මැණිකේ ලා. ඒ වෙනුවට දිගටම කසාද යෝජනා ගෙනාවේ ඉක්මනින්ම ඒ බරින් නිදහස් වෙන්න. ඒ ආපු බහුතරයක් යෝජනා හරි නොගියේ නම් ගමේ සුදර්මා ට තිබිච්ච නරක නාමෙ ඒ ඒ තැන්වලට ආරංචි විච්ච් නිසා. ඒත් අන්තිමට සුදර්මා ව බාර ගත්තු ඉරණං කාරයා තමා විජේකෝන්. උන්නැහේ බදුල්ලේ හොඳ වංසවත් පවුලක බොහෝම තැන්පත්, කණට ඇහෙන්න කථා නොකරන යස හීන්දෑරි තරුණයා . හොඳට ඉගෙනගෙන රාජකාරි කලේ බිබිලේ කච්චේරියේ ලොකු නිළයක. මුලින්ම සුදර්මා සෑහෙන්න යකා නැටුවා මේ මගුල කරන්න බෑ කියලා. "ඈක්කා, කොහෙන්ද මේ මිනිහා අම්මලා හොයා ගත්තේ? හරියට හීරළුවෙක් වගේ. මූ හොඳා පන්සලක මහණ කරන්න . කථා කරන හැටි විතරක්? බණ ම තමා කියන්නේ." "මේ මට නං එපා." " හරි බොට ඕනෑ හැටියට කුමාරවරු මවන්න පුළුවන් ඒ විදිහට කල්කිරියාවෙන් හිටියා නං. අපිට බෑ මිනිස්සු හොයන්න මුළු ගමම ගඳ ගස්සවලා ඉන්දැද්දි . මේන්න මේකට කැමති වෙ. යං. කොහොම කොහොම හරි කටින් ගහලා කසාදේ කරලා විජේකෝන් පුතාව ගංඇති වලව්වෙම බින්න බස්සවා ගත්තේ දූගේ කසාදේ හරියන්න තමන් අහලක ඉන්න ඕන කියලා ලොකු මැණිකේ තදින්ම විස්වාස කළ නිසා. විජේකෝන් ගේ තැන්පත් කම පැත්තක තියලා කසාදෙන් අවුරුද්දක් යන්න කලින් සුදුහාමිනේ ඉපදුනා වගේම ඈට අවුරුදු 3 වෙද්දී තමා සුදු මහත්තයා උපන්නේ. ඔන්න ඒ වෙද්දී සුදර්මාට ආපහු ට විජේකෝන් ගෙ සෝමාරි කං, ඇදකුද පේන්න පටන්ගෙන තිබුණා. කොයි වෙලේත් බල්. ලට වගේ තමා සැලකිල්ල, කථාබහ. ඒ කාරණා ගැන ලොකු මැණිකේ බොහොම සැලකිලිමත් වුණේ දූගේ නොම්මරේ දන්න නිසා. " දුවේ බොගෙ ඔයා කථා විලාසේ ටිකක් හොඳ කරගත්තොත් හොඳා. විජේකෝන් පුතාගේ හොඳ බෝ නරක් කරගන්න එපා. මිනිස්සු හොඳට හොඳයි. ආන්න ඒක දැන .ගං. ඔය අතරේ ලොකු මැණිකේ ලෑ වලව්වේ අවුරුදු ගණනාවක් බැලමෙහෙවර කරන හීන් එතනා තමා මුලින්ම සිරිල් ඩැයිවර් ගැන ලොකු මැණිකේ ට අනතුරු ඇඟෙව්වේ. හීන් එතනා වලව්වේ මෙහෙ කරාට ලොකු මැණිකෙට සහෝදරියක් ගානයි. " ලොකු මැණිකේ, අවසර තරහා නොගන්න මේ කාරණාව ගැන. සුදර්මා මැණිකේ ටිකක් සිරිලා එක්ක ටිකක් කථාබහ වැඩියි. ඒවා අඩුකොලොත් හරි නැති නම් වයසක පහේ ඩයිවර කෙනෙක් ගත්තොත් හොඳා කියලා මට හිතෙන්නෙ " " උ. ම්ඹට කියන්න එතනෝ මමත් කල්පනා කරන කාරණාවක් තමා ඔය" සිරිල් කියන්නේ විජේකෝන් පුතාගේ කාරෙකේ අළුත් ඩයිවර . උදේ හවස මොරිස් මයිනර් එක එලවාගෙන බිබිලේ කච්චේරි යන්න එන්න පහසුවට තමා විජේකෝන් ඩයිවර කෙනෙක් තියාගෙන හිටියේ. ඒවගේම සති අන්තවල සුදර්මා ලාට බඩුමුට්ටු රෙදිපිළි ගන්න මොනරාගල එහෙම යන වැඩත් ඩයිවර ට බාරවෙලා තිබුණේ . මීට කලින් වැඩකල වයසක සිරිදාස ලෙඩවෙලා නතර වෙච්චි නිසා ඔය මිනිහා ව ගත්තේ. ඔය විජේකෝන් ලාගේම දිහා ඈත ගමක හාදයෙක්. සිරිල් ඇවිල්ලා හයයි හතරේ පුරුශයා. කළුවට හිටියට හොඳ සිරියාවන්ත මූණ, බොකරැටි කොම්ඩෙ , හිනාවෙච්ච් ගමන්මයි. නතරවෙලා හිටියේ වලව්වේම පිටිපස්සේ පිටට වෙන්න හදලා තිබුණ කාඹරේ. ලොකු මැණිකේ ඒ කථාව කොහොමත් ඔළුවට අරන් තිබුණේ තමන්ගේ දෑහැටම පෙනිච්චි සමහරක් කාරණා නිසා. හවස තේ වෙලාවට කැවුම් කෙසෙල්ගෙඩි කවන්න, අතුරු පසට කිරිපැණි පුරොලා බෙදන්න, බත්පතට ගංඇති නිලමෙට, විජේකෝන් පුතාට විතරක් පිහින දඩමස් වැංජන පුරවන්න දඟලද්දී ලොකු මැණිකේ හොඳ කල්පනාවෙන් බලා හිටියේ. හීන් එතනා නම් ඊට වඩා කාරණා දැකලා තිබුණා. ඒත් අන්තිමට හොඳම ජංජාලේ වෙලා එක පැය 24 ක් යන්න කලින් සුදර්මා ගමෙන් අන්තරස්දාන වුණා. එදා විජේකෝන් පුතා බස් එකේ බදුල්ලේ ගියේ සුදර්මා ලාට මගුල් ගෙදරක යන්න වාහනේ තියලා. ගමේ ගිහින් නවතිනවා කීවාට හදිසියේම කවුරුත් නොදැන ආපහු ආවේ මහ රාත්තිරියේ කලින් තීරණය කරලා ප්ලෑනක් හදලා තිබ්බ පිලිවෙලකට. ගෙදර වැඩ කරන හීං බන්ඩා විජේකෝන් ට වලව්වේ දොර අරිද්දී ගෙදර ඔක්කොම මර නින්දේ. තමන්ගේ නිදන කාමරේ නිදන්නේ දරුවෝ දෙන්නා විතරක් කියලා. දැක්ක විජේකෝන් කෙලින් ම ගියේ සිරිල්ගේ කාමරේට. බොහොම තැන්පත් විජේකෝන් මිනීම. ර් රුවෙ.ක් නොවුණෙ දරුවන් ගේ වාසනාවට. ඒත් අන්තිමේ එළිවෙද්දී කාගෙ කාගෙත් මූණේ දැළි ගාමින් සුදර්මා අන්තරස්දාන වෙලා තිබුණා සිරිල් එක්කම. මද. න විසේ ගහලා සුදර්මා දාලා ගියේ බෝනික්කියෙක් වගෙ ලස්සන හය අවුරුදු සුදුහාමිනේ ත් එතකොටත් බෝතලෙන් කිරි බිබී හිටපු තුන් අවුරුදු සුදු මහත්තයාත්. තමන්ගෙම දුව වුණත් සුධර්මා මලා කියලා හිත හදාගත්තත් ලොකු මැණිකේ හැම වෙලේම කල්පනා කලේ මොනවා තිබුණත් අන්තිමට හිතේ සැනසිල්ලේ මැරෙන්න නැති වුණා නේ කියලා . බෝධිසත්වයෙක් වගේ වෙච්චි විජේකෝන් පුතා දරුදෙන්නා ලං කරගෙන හොඳ ධෛර්‍යක් හිතට අරං ලොකු මැණිකේට කථා කලා. "අම්මා, ගිය දේ ගියා. අම්මා මට උදව් කරන්න මේ කිරිසප්පයෝ දෙන්නා දැඩි කරගන්න. උගන්නන්න. මට පුළුවන් . " මයෙ පුතා, ඒ. කි මගේම දුව වුණත් මම හිතාගත්තා මලා කියලා. රත්නත්තරේ පිහිටාරස්සාවයි. අපිට පුළුවන් . මේ ගං ගොඩේ ලෙහෙසි වෙන්නෑ. මේ දරුවන්ට ආ කැළල මකන්න. දරුවෝ අරන් ඈත
පලාතකට යමු අපි" සාලෙ මහ ගෝසාවකින් සෙල්ලං කරපු දරුවෝ කට්ටියම එක පොරේට කුස්සි පිල පැත්තට දුවගෙන ආවේ එතැන බිම ගෝණිවල අතුරලා තිබිබ මොර, අඹ , කජු පුහුලං ජම්බු ගෙඩි හීන් එතනාට කියලා කප්පවා ගන්න. "අම්මෝ පලතුරු ගොඩ. එකේක ජාති. අපේ හැටන් දිහා නම් මේවා ගස් නෑ. තේ විතරයි. ගමෙන් තමා මේවා ගේන්නේ. එහෙම කීවෙ අර මදූ කියපු දැරිවි . සුදු හාමිනේ උත්තර දුන්නා " මදූ අපිටත් ඕවා ගොඩක් කල් කන්න වෙන්නේ නෑ. අපෙ අප්පච්චී කොලඹ ට ටාන්සර්. මම නුගේගොඩ බාලිකාවට දාන්න යන්නේ මල්ලිත් මරදානෙ ඉස්කෝලේ බෝඩ් කරලා. මහා කාලෙක ට පස්සේ- මම මදූ, රාජකාරි කරන්නේ කැම්පස් එකේ. අද සෙනසුරාදා නිවාඩු දවස. ඒත් නිවාඩු කියලා නෑ අපේ සුවිමල් රාජකාරි කරන්නේ රජයට අනුබද්ධ ආයතනයක නේ එනිසා ම අපේ ගෙදර කොයි වෙලාවෙත් අමුත්තෝ එනවා.. අපේ සුවිමල් ගේ සිරිත කවදාවත් අමුත්තෝ එනවා කියලා හරියකට කලින් කියන්නේ නෑ. ඔන්න කන වෙලාවක අමුත්තෝ හතර පස් දෙනෙක් ආවත් කවදාවත් අහන්නේ නෑ කන්න බොන්න තියේද කියලා. " හා යං කන්න." කියනවා. එක්කෝ දවල් 12 වෙද්දී කියනවා " මදූ අද දවල් කෑමට අමුත්තො දෙන්නෙක් එනවා" කියලා. ඔන්න ඕවට ය. ක්. කා වැහුණාට කරන්න දෙයක් නෑනෙ. එනිසා කෑම ටිකක් වැඩිපුර හදනවා මම. ඔන්න අදත් කියපි "අනේ මදූ අපේ මොනරාගල රීජිනල් ඔෆිස් එකේ ලොක්කා ඊයේ වැඩ වගේකට කොලඹ ඇවිත් අද මේ පැත්තේ එන්න අහනවා. මම හිතන්නේ ඒ පැත්තේ පලතුරු වගයක් ගෙනල්ලා වගේ. එපා කියන්නත් බෑනේ. ඔන්න ඔහේ කෑම ටිකක් දාන්න හොඳේ" අද කෑම ටික හොඳයි, කොස් තම්බලා , කරෝල බැදලා, කිරිහොදි, කරවිල සම්බෝල, හීන් මාළු පපඩම් බැදලා මේසේ ලස්සනයි. අපෙ සුවිමල් මට කථා කරද්දී ඉස්සරහට ගියේ අමුත්තා පිලිගන්න. ඒ හිටියේ ජනක. අපේ වයසෙම වගේ කඩවසම් මහත්තයෙක් . මූලික හැඳින්වීම් වලින් පස්සේ අපේ සුවිමල් කිව්වා "මේ අපේ මදූ ලාටත් මොනරාගල නෑයෝ ඉන්නවා ජනක. ඔන්න විස්තර කියන්න කෝ" මම කියාගෙන ගියා ඉතිං කච කච ගාලා. ජනක ඉස්සරහට පැනලා මාව නැවැත්තුවා " මදූ මදූ මම ඔයාව අහලා තියෙනවා දෙයියනේ. මම හිතන්නේ ඔයා මගේ වයිෆ් ගේ පුංචි කාලෙ යාළුවෙක්" " ඉන්න ඉන්න මම වයිෆ් ට කෝල් එකක් ගන්නකං තත්පරයක් . " මම දැක්කා ජනක් ගේ ඇඟිලි වෙව්ලනවා නොම්මරේ ඔබද්දී. " සුදු හාමිනේ , සුදු හාමිනේ මම ඉන්නෙ අර කියාපු හෙඩ් ඔෆිස් එකේ සුවිමාල් ගෙ ගෙදර. අර ඔයා කියන පරණ කතාන්තර වල චරිතයක් මේ මා ඉස්සරහා ඉන්නවා. ඔයාගේ පුංචි කාලෙ යාළුවෙක්. " මම ගැහෙන අත්වලින් ෆෝන් එක කනෙ තියන් " අනේ. ඔයාගෙ නම කියන්න ප්ලිස්" කිව්වාම " හලෝ මම-සුරංගනී වීරමාලා විජේකෝන් " එයා උත්තර දෙද්දී මගෙ හුස්ම හිරවුණා. නිමි.**අරුමැසි පෝලන්ත වරුණ I ** ***ජල සටනෙන් නැහැවෙන පෝලන්ත පාස්කු සඳුදාව *** ***Śmigus-dyngus (Wet Monday) ෂ්මිගුස් - දින්ගුස් *** ඔබ පෝලන්ත විදියක පාස්කු සඳුදා පියමනින්නේ නම් පරෙස්සම් වන්න! පරෙස්සම් වුවාට ඔබට ජාල ප්‍රහාරයක් එල්ල නොවේ යැයි මිත්‍රශීලි පොලන්තානුවන් පාස්කු සඳුදා නම් සහතික නොවනු ඇත. මේ උපදෙස පිළිනොපදින ඔබ තෙමි දියබත් වීම නම් නිරනුමානවම සිදුවනු ඇත. ජලයෙන් ගිල්වූ පෝලන්ත විදි සහ දියබත් වූ සුන්දර පොල්තානුවන් ෂ්මිගුස් - දින්ගුස් අසිරිය මොනවට විදහා පායි. Śmigus-Dyngus (තෙත් සඳුදා) ලෙසද හැඳින්වෙන, පෝලන්ත පාස්කු සඳුදා සම්ප්‍රදායක් වන අතර, මිනිසුන් එකිනෙකාට ජල ප්‍රහාර එල්ල කිරීම මෙහි දී සිදු කර ගනිති. මෙම සම්ප්‍රදාය 14 වන සියවස දක්වා දිව යයි. ජලය ජීවයේ සහ අලුත් වීමේ සංකේතයක් වන හෙයින් මෙය වසන්ත සෘතුවෙ පැමිණීම ද සංකේතවත් කරයි. යුක්රේනය, චෙක්, ස්ලෝවැකියාව, හංගේරියාව වැනි මධ්‍යම සහ නැගෙනහිර යුරෝපානු රාජ්‍ය වල ද මෙයට සමාන සම්ප්‍රදායන් දැකිය හැකි ය. පෝලන්තයෙන් පිටත වෙසෙන පෝලන්ත ප්‍රජාව මෙම දිනය 'ඩිංගස් දිනය' ලෙසද හැඳින්වේ. Smigus-Dyngus හි නිශ්චිත මූලාරම්භය තවමත් තහවුරු වී නැතත්, පාස්කු සඳුදා, ගම්බද පිරිමි ළමයින්ට ගැහැණු ළමයින් වතුරෙන් ගිල්වා විලෝ අතු වලින් පහර දීමට ඉඩ දීම පිලිබඳ ජනප්‍රවාදයක් ප්‍රචලිතව ඇත. එය භයානක ක්‍රියාවක් ලෙස පෙනුනද, එමඟින් සාමාන්‍යයෙන් ඔවුන්ගේ සෙනෙහස පෙන්වීම සිදු කර ඇති බව දක්වයි. (පසුව සමහර විවාහයන් ද මේ හරහා ඇති වී ඇත). Smigus-Dyngus මුලින් වෙනම චාරිත්‍ර දෙකක් ලෙස පැවත ඇත. ජනප්‍රවාද අනුව Śmigus තල් අතු හෝ විලෝ වලින් සංකේතාත්මකව මිනිසුන්ගේ කකුල් වලට පහර දී ඒවා සීතල වතුරේ ගිල්වීම පිළිබඳව සඳහන් වන අතර එමඟින් ඔවුන්ව රෝගවලින් පිරිසිදු කිරීමත්, පාපයෙන් මුදා ගැනීමත් අදහස් කරන බව ද සඳහන් වේ. කෙසේ වෙතත්, දින්ගුස්, යනු සරසන ලද බිත්තරයක් දීමෙන් දෙවන වරටත් තෙමීමෙන් ගලවා ගැනීමට අවස්ථාවක් ලබා දිම බව ද සඳහන් වේ. එසේම ෂ්මිගුස් යනු විලෝ වලට පහර දීමේ කාලය වන අතර දින්ගුස් ජලය විසි කිරීමේ කාලය බවට ද ජනප්‍රවාද ඇත. මෙම චාරිත්‍රය පෝලන්තයේ බව්තීස්මය හා සම්බන්ධ බව විශ්වාස කරන අතර, අනාගත පෝලන්ත රාජ්‍යයේ පළමු පාලකයා වන මීස්කෝ I ගේ පුද්ගලික බව්තීස්මය සහ ඔහුගේ රාජසභාවේ බොහෝමයක් මිට අනුගත වූ බවට ප්‍රවාද ඇත. වත්මනේ දී Smigus-Dyngus යනු පෝලන්තයේ පාස්කු උත්සවවලම කොටසකි. එසේම වත්මනේ දී පාස්කු සඳුදා දිනය පෝලන්ත ජාතික නිවාඩු දිනයකි. පෝලන්තයේ මෙම චාරිත්‍රය පිළිබඳ පළමු සඳහන 1420 දී පමණ ඇති අතර, Poznań හි අගරදගුරු පදවිය විසින් 'Dingus Prohibetur' නම් ආඥාවක් නිකුත් කිරීමෙන් Śmigus-Dyngus සඳහා සහභාගී වීමෙන් සිදු වන පාපකාරී ක්‍රියාවන් පිළිබඳව මිනිසුන්ට අනතුරු අඟවා ඇත. අද, Śmigus-Dyngus චාරිත්‍ර සාපේක්ෂ වශයෙන් හානිකර නොවන චාරිත්‍ර මාලාවක් ලෙස පත් වී ඇති අතර එය සම්පූර්ණ වශයෙන්ම ජාතික ජල සටනක් බවට පත්ව ඇත. එය තවදුරටත් තරුණ පිරිමි ළමයින් හා ගැහැණු ළමයින් පමණක් සම්බන්ධ නොවන අතර එයට ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය හැකිය. ඔබ Śmigus-Dyngus ගැන හාංකවිස්සියක්වත් නොදන්නා අහිංසක සංචාරකයකු වුව ද පාස්කු සඳුදා ඔබ පෝලන්ත විදියකට පැමිණියේ නම් ඔබේ හිස සිට දෙපතුල දක්වා නොමිලේම කිසිඳු වග විභාගයකින් තොරව පොඟවා ගත හැකි ය. කාගෙන් කෙසේ ලැබෙන්නේදැයි නොදැන Śmigus-Dyngus සඳහා සියල්ලන්ටම නොමිලේ වතුර තුවක්කු, වතුර බෝතල්, වතුර බැලූන් ලැබෙන අතර සමහර අවස්ථාවලදී ගිනි නිවන රථ පවා මිට සම්බන්ධ වේ. එබැවින්, පාස්කු සඳුදා පෝලන්ත විදියක සැරිසැරීමට අදහස් කරන්නේ නම්, කැමරා, ලැප්ටොප් හෝ විදේශ ගමන් බලපත්‍ර වැනි තෙත් වූ විට හානියට පත්වන වටිනා කිසිවක් ඔබේ ළඟ තබා නොගන්න. අනපේක්ෂිත ජාල ප්‍රහාර ඔබේ සන්තකය මොහොතකින් දියබත් කරනු ඇත. එදිනට ඔබට විකල්ප දෙකක් ඇත. එක්කෝ ඔබ වැහි කබායක් සහ කුඩයක් සමඟ හොඳින් සූදානම් වන්න, එසේ නැතහොත් අධි ක්‍රියාකාරී ජල තුවක්කුවකින් සන්නද්ධ වන්න. ***පාස්කු සඳුදාවක පෝලන්ත විදියක තෙතබරිත වීමට සුහද ඇරයුම්...*** ***Chintha Dissanayake*** ***සේයා රූ අන්තර්ජාලයෙනි***මනාලි මාල් වීදියේ.. මනාලි වල මාල් බසාරයත් වැසී ඇත්තේ හිම වලිනි. හිරුගේ රැස් වැටෙන විට ඒවා හෙමි හෙමිහිට දියවී පහලට ගලා එයි. හවස් ජාමය වනවිට අපහු හෙමි හෙමිහිට හිම බවට පත් වෙයි. බසාරයේ කඩවල වහලවල් මත සිරවී තිබෙන හිම කැටි කෙනෙකු විසින් බිමට කඩා දමන්නේ එතරම් අර පරිස්සමකින් නම් නොවේ. විටෙක බිමට කඩා දමන හිම කුට්ටි බිමට වැටී ඉසිරී යයි. විටෙක ඒ හිම කුඩු පාරේ ගමන් කරන්නවුන්ගේ ඇඟමතටද ඉසිරී යයි. පහුගිය අප්‍රේල් මාසයේ මා මනාලියට එන විට මනාලි මාල් බසාරයේ හිම ලකුණක් හෝ නොතිබිණි. මෙවර තත්වය සහමුලින්ම වෙනස් එකක් බවට පත්ව තිබිණි . මනාලි නගරය කිට්ටු කරන විටම හිම කඩාහැලී ඇති අයුරු දක්නට තිබිණි. නගරය දෙසට යන්නට යන්නට දක්නට ඇති හිම ප්‍රමාණය කෙමෙන් කෙමෙන් වැඩි වන බව පෙනෙන්නට තිබිණි. නිවාස මත .කඩවල් සහ හෝටල් මත හිම කුට්ටි පෙනෙන්නට තිබිණි. මනාලි වාසිහු පවා හොඳ ඝනකම් ජැකට්ටු ඇඟලාගෙන , අත්මේස් දමාගෙන වීදිවල ගමන් කරනු දක්නට ලැබිණි. " මේක හදිසි තත්වයක්. හිම වැටෙන එක පහුවෙලා තිබ්බේ. පහුගිය සති කිහිපය පුරාම මෙහෙ හිම තිබ්බේ නෑ. හිම වැටෙන්න ගත්තා විතරයි හැමෝම මනාලි එන්න අරන් . ඒකයි මේ වාහන තදබදේ " " අපි හරියටම හිම වැටෙන වෙලාව බලලා ආවා වගේ ? " " ඔයාලා හැමෝම වාසනාවන්තයි. කලින් මෙහෙ ආපු ඉන්දියන් අයට පවා මේ වාසනාව ලැබුණේ නැහැ " ෂිම්ලා මනාලි එන්නට සති කිහිපයක් පෙරාතුව පටන්ම මම සිටියේ තරමක් නොසන්සුන් වය. මනාලි හා සම්බන්ධ ෆේස්බුක් පිටු කිහිපයකටම සම්බන්ධ වී සිටි මම එහි හිම තත්වය පිළිබඳව සිටියේ විමසිල්ලෙනි. දවස පුරාවටම සිටියේ ඒ ගැන අවධානයෙනි. මා නිරන්තරයෙන් හිමාචල් ප්‍රදේශ් කාළගුණ අනාවැකි බලමින් අසහනයෙන් මෙන් සිටිනු දුටු මගේ බිරින්දෑ " හිම වැටෙනව කියන එක ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් නෙවේනේ. එහෙ අනෙක් ඇක්ටිවිටීස් ටික කරන්න. " " ඔව් ඉතින් හිම නැතිවුනොත් වස ලැජ්ජාවනේ " " මනාලි වල හිම නැත්නම් අටාල් ටනල් යන්න . එහෙ නැත්නම් රෝටං ලා හරි සිසු හරි යන්න " ඇයත් දැන් මනාලි ගැන ටිකක් දනී. දැන් අපට මනාලි එන්නත් කලින් ෂිම්ලා වලදීම හිම දකින්නටත් හිම ක්‍රීඩා වල නියැලෙන්නටත් වාසනාව ලැබී තිබිණි. දහවල් වද්දී දියවෙන හිම හවස් ජාමය වනවිට ආපහු මිදේ. මනාලි කඩවීදියේ සියළුම අතුරුවීදි හිමෙන් වැසී ඇත. හිමට සරිලන සපත්තු නොපැළඳි අය ඒ මත ගමන් කරන්නේ අසීරුවෙනි. කඩ හිමියන් කිහිප දෙනෙක් පෞද්ගලිකවම හිම කඩා ඉවත්කරයි. සීතලෙන් මිදෙන්නට අපි කරන්නේ විටෙන් විට චායි බීමෙනි. නැත්නම් ආමන්ඩ් කිරි බීමෙනි. සංජය දොළමුල්ල Photo Credot Dilshan Fernando(බදුලු ඔයේ කදුලු ) මෙතෙක් හැලහොල්මනකින් තොරව මහියංගණයේ සිට බදුල්ල බලා ගමන් කරමින් තිබූ සීටීබී බසය දුම්හිද කදුපංතිය තරණය කරන්න තල්දෙන වංගුවේදී මහ හුස්මක් ගන්න හඩ සේතන් මාමගේ දුබල දෙසවනේ දැවටී ගියද උන්දෑගේ ගැඹුරු කල්පනා දැහැනට එය බාධාවක් නොවීය .වැටි මාර දර දරාගෙන හිරි ගල් පිලිස්සෙන හු
ණු පෝරණුවේ දුම සේතන් මාමාගේ වැහැරී ගිය සිරුර මෙන්ම අවට පරිසරය වසාගෙන පැතිර සිටී. ඒත් උන්දෑ තාම හිස් අහස දෙස බලාගෙන රූස්ස සියඹලා ගහයට නවතා ඇති ගොන්කරත්තය උඩ නිසොල්මනේ බලා සිටී.දෙමට පොතු එක්ක හැපූ බුලත්විටේ කෙල නොකැපු පැසුනු රුවුල් ගස් අතර වියළී, විකාර සිතුවම් රළු මුහුණේ මවා තිබේ .පෝරණුවේ කිරිපාට අලුහුණු උන්දෑගේ පාන්ඩු පැහ දත්වහල්ලට ඔච්චම් කරන්නාසේ උදාහිරු කිරණ සමග සිනාසේ. ඊළඟ වතාවේ සේතන් මාමාගේ කරත්තයේ නැග බදුලු යන්න බලාසිට් පැලූ දර ටික වියලී හැකිලී උඩුකුරුව මිදුලේ කෙලවරක වැතිර සිටී. පහුගිය දවසක වෙහෙසකර බදුල්ල ගමනක් අවසන් කර ගොම්මනේ සේතන් මාමා හිස් කරත්තය ‍රැගෙන ගෙදර පැමිණියේය .ඉන්පසුව හදයාත්,රත්තාත් තන්ඩලේ අදින පුල්ලියාත් කරත්තයෙන් ලිහා තල තෙල්වලින් ඔවුන්ගේ කර පිරිමැද්දේය. තම බිරින්දෑ වූ ඇසිලින් නැන්දා කපා ගෙනවිත් තිබූ තණකොළ ගෝනිය හලා හරකුන්ට කන්න දී උන් ගාලේ දිගීලි කලේය .ඉන්පසුව කලුවරේ ම සේතන් මාමා බදුලු ඔයට ගොස් සීතල දිය අතර බදුලු ගමනේ දින ගණනාවක වෙහෙස දියකර හැරියේය . ඉන්පසුව ඇසිලින් නැන්දා සකස් කරතිබූ කොල්ලු වැංජනය එක්ක ඉරිගුපිටි තලපයක් ගිල දමා කුස ගින්න නිවා ගත්තේය . "අද නම් හරි මහංසියි බං .මට මෙහෙම නම් අර සත්තු තුන්දෙනාට කොච්චර මහන්සි ඇද්ද ? " කොට්ට පිලේ උඩ ඉදගෙන ම දකුණු අතේ වෙදගිල්ල හා මැදගිල්ල දෙතොල් අතර තබා හැපූවිටේ කෙලපාර මිදුලේ ඈතට යොමුකරමින් සේතන් මාමා හඩ අවදිකලේය.ඇසිලින් නැන්දා මලානික කුප්පි ලාම්පු එළියේ උපකාරෙන් ගොමපොලවේ බිම රාත්‍රි නින්ද වෙනුවෙන් සේතන් මාමට පැදුර එලා සූදානම් කර දුන්නාය.. " දැන් ඔය සත්තුන්ගේ ලාඩම් ගෙවිලත් කිව්ව නේද ? කවද්ද ? ඒව ගහන්නෙ" "මේ පාර බදුල්ලේ ගමනින් පස්සෙ ඒ වැඩේ අලි ඩිංගිරිබන්ඩෙට කියල කර ගන්න ඕනෑ .සෙන්ට්‍රල් හෝටලේ මහත්තයාට ඊළඟ දර කරත්තෙම ඕනැ කිව්ව .මේ අවුරුද්දේ බදුලු කතරගම දේවාලේ පෙරහැරත් ළගයිනෙ " සේතන් මාමා මෙන්ම තල්දෙන බොහෝ ගම්මුන් බදුලු ඔය වටා ලදු කැලෑවලින් හොයා ගන්න දර කදන් පලා සීරුවට කරත්තයේ අඩුක්කු කර දින දෙක තුනක් දුම්හිද කදුපංතිය තරණය කර එම දර බදුල්ලේ නගර වැස්සන්ට අලෙවි කර ලබාගන්න සුලු මුදලකින් ජීවිත ගැට ගසා ගත්තේය . දර මෙන් කෑලි කැපිය හැකි රාත්‍රියේ තල්දෙන ගමපුරා බල්ලන් එක විදිහට ම බුරන්නට වීය . .සියලු ගම්මුන් මෙන්ම සේතන් මාමා ද වෙහෙසකර බදුලු ගමනින් පසුව සුව නින්දකට වැටුනි .වෙහෙස නිසා උන්දෑට ඇහ ඇරුණේ පසුදා හිමිදිරියේය.හිමිදිරියේ මිදුලට ඇවිත් ගාල දෙස බලනවිට හරකුන් තුන්දෙනාගෙන් දෙන්නෙක් ගාලේ නොසිටි බව දැකීමෙන් උන්දෑ බොහෝ කලබලයට පත්වීය. "බුදු හාමිනේ අපේ දරුවො දෙන්නෙක් නෑ.ඉක්මනට වරෙන් " හිමිදිරි පාන්දර සේතන් මාමාගේ විලාප හඩින් ඇසිලින් නැන්දා පමණක් නොව මුලු ගමේම වැසියන් සේතන් මාමාගේ මිදුලට එකතු වීය . "ඊයේ රෑ දෙගොඩ හරියේ අපේ කඩියත් සෑහෙන්න බිරුව බං කවුද ? දන්නෙ ඒ මොනාටද ?කියල " අල්ලපු ගෙදර ජෝන් නැන්දා එසේ කියමින් හරකුන් දෙදෙනා හොරුන් විසින් රැගෙන යන්න ඇතැයි නිගමනය කලාය . "එහෙම කියල හරියන්නේ නෑ බං .අපි ටිකක් හොයමු.උන් ලණු කඩාගෙන වනේ වදුනද කියල කවුද ? දන්නෙ" හේරත් මාමා එසේ කියමින් සේතන් මාමාගේ ශෝකි හිතේ ගවයන් දෙදෙනා ගැන තවදුරටත් බලාපොරොත්තු .ඇති කරලන්න උත්සාහ ගත්තේය .ඒ අනුව සතියක් පමණ මුලු ගමේම තරුණ ගැටව් ඈත ප්‍රදේශවලත් වැඩිහිටියෝ ගම අවට ලදුකැලෑවල ,කදුවලලුවලත් සේතන් මාමාගේ හරක් දෙන්නා පිලිබදව තොරතුරු සොයා බැලුවෝය.ඒත් ඒ කිසිදු දවසක අවසානයේ කිසිදු බලාපොරොත්තුවක් ඇතිවන ආකාරයේ සුබවාදී ප්‍රවෘත්තියක් සේතන් මාමාට අසන්නට නොවීය . බොහෝ ආදරෙන් දරුවන් මෙන් ඇති දැඩිකල හරකුන් දෙන්නා නොමැතිවීම නිසා සේතන් මාමාගේ පවුලේ ජීවිකාවට බොහෝ පීඩා ඇති කලේය .ගොනුන් නැති කරත්තය සියඹලා ගහයට නතර කොට බොහෝ දවසක් ගතවී තිබෙන්නේය .මේ නිසා සේතන් මාමා හරි හමක් කෑමක්වත් නොකා කල්පනා කරමින් විකාරෙන් දොඩවන්න වීය.විටෙක මහා විලාප තියමින් හඩන්නට විය .හරකුන් නැතිවීම නිසා හිතේ අමාරුවෙන් සේතන් මාමට පිස්සු හැදී ඇතැයි ගම්වැසියන් කතා හදන්නට වීය . සේතන් මාමාගේ දින චර්‍යාව බොහෝ වෙනසකට බදුන් වීය . හිමිදිරියේ නින්දෙන් අවදිවී නවතා ඇති කරත්තය අසලට සේතන් මාමා පැමිණේ .ඉන් පසුව කරත්තය වටා කරත්තය අතගාමින් රවුමක් ගොස් කරත්තයට ගොඩවේ.ගොනුන් බැද ඇතැයි සිතමින් පොඩිළමුන් සෙල්ලම් කරන ආකාරයට කරත්තය දක්කයි.හරකුන්ට කතා කරන ආකාරයට කතා කරයි.ඊට පසු කරත්තය උඩ ඉදගෙන කල්පනා කරයි.සුලු මොහොතකට පසුව විලාප තියමින් පොඩි ළමයෙකු මෙන් හඩා වැටෙයි. .ඇසිලින් නැන්දා පැමිණ උන්දෑ වත්තම් කරගෙන ගොස් ගෙදර කොට්ටපිලේ තබා කෑමක් කවනා තුරු එසේ හැසිරෙන්නේය. කාලය සෙමින් ගෙවී යයි.සේතන් මාමාගේ කදුලු කඩා හැලෙන්නාසේ මහා වැස්සක් රාත්‍රියක ඇද හැලෙන්නට වීය. "හාමිනේ අපේ දරුවො දෙන්න වෙලේ තෙමෙනවා ඇති නේද ?මං ගිහින් අරගෙන එන්නම්" සේතන් මාමා විකාරෙන් දොඩවන්න වීය . "ඒ ගැන තවත් හිත හිතා සන්තාප ඇති කරගන්න එපා මය දෙයියො අපි හරක් පැටව් දෙන්නෙක් හොයා ගමු .දැන් බුදිය ගන්න " ඇසිලින් නැන්දා පැදුරු කඩමල්ලක සේතන් මාමාට නිදාගන්න සලස්වා සීතලට උන්දෑගේ චීත්ත කඩමල්ලක් ඇගට පෙරෙව්වාය. පසුදා පාන්දර ඇසිලින් නැන්දා ඇහ ඇරී බලන විට සේතන් මාමා නිදිපැදුරේ නොසිටියේය .නමුත් නිවසේ දොර ඇර තිබූණි.උන්දෑ බොහෝ කලබලයෙන් මිදුලට බැස සේතන් මාමා පිලිබදව සොයා බැලුවේය.ඒත් සේතන් මාමා පෙනෙන මායිමේ නොසිටි බැවින් කරත්තය නවතා ඇති සියඹලා ගහ ළගට ඉක්මනින් දිව යන්නට වීය .ඒ යනවිටත් ගම්මුන් පිරිසක් මුවට අත තියාගෙන සියඹලා ගහේ උඩ අත්ත දිහා බලාසිටින ආකාරය ඇසලින් නැන්දා දුර සිටම දුටුවේය . " බුදු අප්පේ මය දෙයියො මොනාද;? කර ගත්තේ" ඇසිලින් නැන්දාගේ විලාප හඩේ දෝංකාරය දුම්හිද කදුපංතිය පුරා නින්නාද දෙන්නට වීය . (ආර් එම් සුබසිංහ )අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ -5 (ගමේ මල ගෙදර ගිය හැටි) මේ කතාවෙ ඉස්කෝලෙ කට්ටියයි සේකර මහත්තගෙ නෝනයි දෙන්නම සම්භන්දයි .එතකොට සේකර මහත්තයගෙ නෝනට දරැව ලැබෙන්න මාස කීපයක් තිබුන කාලෙ. අනේ සේකර මහත්තයගෙ තාත්ත තව කල් ජීවත් වෙන්න තියෙද්දි අකාලයේ නැති වෙලා. ඒ කාලේ චන්දෙන් පස්සෙ රටේ පොඩ්ඩක් කලබල ඇතිවෙලා තිබ්බ. විරැද්ධ පාක්ශිකයන්ගෙ ගෙවල් කඩල බිදල දාලා එහෙම. පක්ශෙ මොකක් උනත් ගමක ඉන්නෙ තමන්ගෙ උන්. පිටින් ආපූ කට්ටියක් තමයි ඕව කරන්නෙ කොහොමත්. සේකර මහත්තයගෙ තාත්තටත් ආරන්චි උනා කඩ මන්ඩියෙ හරි කලබල කියල. උන්දෑ එතකොට හැට ගානක් වගේ වයස. අනේ ඉතින් අහින්සක ගම්මුන්ට හිත උනු වෙනවනනෙ කාට හරි කරදරයක් උනාම. සේකර මහත්තයගෙ තාත්තත් කඩි මුඩියෙ පල්ලන් බැස්ස ගෙදරට හිටි අඳුම පිටින්ම. කඩ මන්ඩියට ආව විතරයි කඩ ගෙවල් කුඩු කරල දාල. අනේ අපොයි මේ මොන අපරාදයක්ද කියල පපුව අල්ලගෙන බිම වාඩි උනා උනා මයි ලු. හර්දයාබාධයකින් එතුමා මිය පරලොව ගිහින්. රටට ලෝකයට වැඩදායක පුතෙක් බිහි කල එතුමට නිවන් සුව ලැබෙන්න ඕනි. ඒකාලේ දුරකතන නැති නිසා වුන අලකලන්චි දන්නවනෙ. සේකර මහත්තය ගෙ අය්ය විදුලි පනිවිඩයක් ගැහුව තාත්තට අසාද්‍යයි වහාම එන්න කියල. එහෙම තමයි ඒ කාලෙ විදුලි පනිවිඩ යැව්ව කියන්නෙ. මැරුන කියලම දාන්නෙ නැලු එක පාරට දරාගන්න බැරිවෙන නිසා. විදුලි පනිවිඩේ එද්දි හවස්වෙලා . ඇති හවස හරි ආව. විස්තරයක් දැනගන්න ක්‍රමයකුත් නෑ. අය්යල නෑදෑයො සේරම ඉන්නෙ ඒ අහල පහල නිසා සේකර මහත්තය දන්නව ඒ අය තාත්ත ගැන බලා ගන්න බව. මේ මහ රෑ යන්න බසුත් නෑ අනික රටේ තත්වෙත් පොඩ්ඩක් හොඳ මදි. ඔක්කොටම හපන් ඉස්කෝලේ . අම්ම තාත්ත කිව්වත් ඒක එහෙම දාල යන්න පුලුවන්ද . විදුලි පනිවිඩේ විදියට තත්වය බරපතලයි කියල තේරුම්ගත්ත සුධර්මා ඇහුවලු එයත් එන්නද කියල. දරැව ලැබෙන්න ඉන්න නිසා ඔයා කරදර වෙන්න ඔනි නෑ මම හිහින් තත්වෙ බලල ඉස්පිරිතාලෙ ට කෝල් එකක් දෙන්නම් කියල පොරොන්දු උන සේකර මහත්තය පහුවෙනිද උදේම ඇඳුම් දෙක තුනකුත් දාගෙන සේකර මහත්තය මුලින්ම ඉස්කෝලෙට ගියාලු. විදුහල්පති තුමත් උදේම ඉස්කෝලෙට එනවනෙ. සේකර මහත්තය උදේම ඉස්කෝලෙට ගිහින් විදුලි පනිවිඩේ පෙන්වල දවස් දෙක තුනකට නිවාඩුත් දාලා ගමේ යන්න පිටත් උනා. අනේ ඉතින් සේකර මහත්තය ගමේ යනකොට ගෙදරට යන පාරෙ ගොක්කොල ඇදල. සේකර මහත්තයට දරා ගන්න බෑ. එතනමයි මල්ලියෙ ඉස්පිරිතාලෙ ගෙනියද්දිත් නැති වෙලා කියල දොස්තර මහත්තුරු කීවා. ලෙඩා ඉස්පිරිතාලෙට බාර දුන්න ගමන් මයි මම පනිවිඩේ දුන්නෙ. එතකොටත් නැතිවෙලා බව අපි දන්නෙ නෑ මල්ලියෙ අය්ය සමාව අයදින්න වගේ කිව්ව. ඒ වෙලාවෙ ඉස්කෝලෙත් වහලනෙ ඒකයි මම ටෙලිග්‍රෑම් එකක් ගැහුවෙ . දැන් මොනව කරන්නද පුලුවන් නම් ඉස්කෝලෙට පනිවිඩේ දෙන්න කො කියල සේකර මහත්තය ශෝකයෙන් පියාගෙ දේහය බලන්න නිවස දෙසට පිය මැන්න. සේකර මහත්තය ගෙ අය්ය හදිසි උවමනා වලට ඉස්කෝලෙ දුරකතනයෙන් සේකර මහත්තයව අමතල තියෙන නිසා නොම්මරේ දන්නව ඉතින් ඉස්කෝලෙට නම් පනිවිඩේ දීගත්ත. නන්ගිට පනිවිඩේ දුන්නැදැයි මතක් කලේ සේකර මහත්තයගෙ ලොකු නෑනා. එයා කොහෙ එන්නද අර බඩකුත් උස්සන්. ආව කියලත් දැන් මක් කොරන්නද ඔන්න සේකර මහත්තයගෙ උත්තරේ.. ආයෙ ඉතින් එතනින් එහාට හරස් ප්‍රශ්න අහ අහ ඉන්නවට වඩා ලොකු නෑනටත් මල ගෙදර වැඩ තිබ්බනෙ. ඇත්තටම සේකර හිටියෙ ගොඩක් දුකින්. තාත්තට මැරෙන්න වයසක් යෑ. ඒත් වෙලාව ආවම කාට උනත් යන්න වෙනව. මේ ශෝකී අවස්තාවෙ සුධර්මව මතක් උනේ වත් නැතුව ඇති. මල ගෙදර වැඩ කටයුතු අහල පහල නෑදයො බලා ගත්තා ඒවයෙ අඩු පාඩුවක් තිබ්බෙ නෑ. මේ අතර සේකර මහත්තයගෙ අය්ය දුන්න පනිවිඩේ අනුව ඉස්කෝලේ සුභසාධක සංගමේ ලහි ලහියෙ මල ගෙදර යන්න ලෑස්ති වෙනව. කාගෙත් මරනයක් මගුලක් වරද්දන්නෙ නැති සේකර මහත්තයගෙ තාත්‍තගෙ මලගෙදර නොයා කොහොමද හැමෝම කතා උනේ එහෙමයි. ඒ අස්සෙ ටීචර්ල ත් සුදු සාරි හොයනව අඩුගානේ ලාපාට සාරියක් හරි ඕනි නේ. ඉස්කෝලෙ කලබ
ල එහෙම වෙත්දි මේ මොකුත් නොදන්න සුධර්ම පහුවෙනිද වැඩට යනව. සේකර උදේ ගියා ගියාමයි කිසි ආරන්චියක් නෑ. සුධර්ම වැඩට ගිය ගමන්මත් රෑ වැඩ මුරයෙ හිටි හෙදියන්ගෙන් ඇහුවෙ තමන්ට රෑ දුරකතන පනිවිඩයක් ආවද කියලයි. එහෙම පනිවිඩයක් ආවෙ නැති නිසා කිව්ව තරම් අමාරුවක් නැතුව ඇති එක්කො කියල හිත හදාගත්ත. වාට්ටුවේ හෙදියන් ඔෆ් වෙලා යන්න කලින් රෑ ගෙනාපු ලෙඩ්ඩුන්ගෙ විස්තර දැනගන්න ඕනි නෙ. සුධර්ම ඒ විස්තර අහන වෙලේ සේකරගෙ ඉස්කෝලෙ ටීචර් අක්කෙක් ඉන්න නර්ස් නගා එනව. සුධර්ම ව දැක්ක ටීචර්ගෙ නර්ස් නන්ගි හොල්මනක් දැක්ක වගේ බයවෙලා ..... සුධර්ම මිස් වැඩට ආවද මළගෙදර ගියෙ නැද්ද. මොන මළගෙදරද? සුධර්ම තක්කු මුක්කු වෙලා. .... එක පාරට සේකරගෙ තාත්ත ව ඔලුවට ආවත් හිත ඒක පිලිගන්න කැමති උනෙත් නෑ.අනික සේකර පනිවිඩයක් නොදුන්න නිසා තාත්තට අමාරැවක් නැතුව ඇති කියල හිත හදන් හිටියෙ. ඇයි දෙය්යනෙ සේකර මහත්තයගෙ තාත්ත නැතිවෙලා ඉස්කෝලෙන් අද මල ගෙදර යනව කියල අපේ අක්ක ඊයේ රෑ ඇවිත් මගෙන් සුදුසාරියක් ඉල්ලන් ගියානේ. මම මේ ආවෙ මෙහෙ වාට්ටුවෙ මිස් ලත් යනවද බලන්න... ටීචර්ගෙ නගා ත් එකසිය ගානට පුදුම වෙලා අහනව. සුධර්ම ට දැනුනෙ කලාන්ත වේගෙන එනව වගේ. එයා එතන තිබ්බ පුටුවක වාඩි උනා. මොනව උනත් එක ගමේනේ පොඩි කාලෙ ඉඳලම දන්න කියන කෙනෙක් නෙ දෙය්යනේ මාමන්ඩිය. ඊටත් වඩා තමන්ගෙ මනුස්සයගෙ තාත්ත ගෙ මල ගෙදර ආරන්චි වෙන්නෙ පිට ගෑනුන්ගෙන්. දුක අස්සෙත් යක්ශ කේන්ති සුධර්මට සේකර එක්ක. ඒත් එක්කම මැවිල පෙනුන සේකරගෙ දුක්බර මුහුන . බිමට බරකරගෙන බුකවගෙන ඇති කියල හිතුනම පොඩි දුකකුත් ආවා. රෑ වැඩ ඉවරවෙලා ඔෆ් වෙන්න බලන් හිටි නර්ස් නෝනලටත් ජරමරේ ඇහුන. සුධර්ම මිස් යන්න. මම මිස්ගෙ ශිෆ්ට් එක කරන්නම් වැඩි වයසක් නැති යමුන මිස් කිව්වම සුධර්ම ට දැනුනෙ සහනයක්. ලහි ලහියෙ මේට්‍රන් ඔෆිස් ගිය සුධර්ම කාරනය කෙටියෙන් කියල නිවාඩුත් අනුමත කරගෙන ඉස්පිරිතාලෙ ගාව තිබ්බ කුලී රතයක් කතා කරල දෙන්න කියල පිරිමි ඇටෙන්ඩන් කෙනෙක්ට කිව්ව. ලෙඩ්ඩු එහෙම ටිකට් කපාගෙන ගෙදර යද්දි කතාකරගන්න කුලීරථ දෙක තුනක් ඉස්පිරිතාලෙ ගේට්ටුව එහාපැත්තෙ ගාල් කරල තිබුන. නිතර දකින කියන මිනිස්සු නිසා සුධර්ම ට බයවෙන්න දෙයක් නෑ කියලයි හිතුනෙ. හදිසියෙ නිසා අපිට එකපාරට මොකුත් කරන්න අමාරුයි මේ වෙලෙ.දානෙට හරි මොනව හරි කරන්නම්කො සුධර්ම ට තනියම යන්න පුලුවන්ද මේට්‍රන් ඇහුවෙ සුධර්ම ඉන්න තත්වෙත් ගැන හිතල. පුලුවන් මේට්‍රන් මිස් ගමටනෙ යන්නෙ බයවෙන්න දෙයක් නෑ කියල සුධර්ම ලිහි ලිහියෙ නිල ඇඳුම මාරැකරල රතයට නැග්ග. ඒ කාලෙ දැන් වගේ පාරවල් කාපට් නෑ හැමතැනම වලවල් ගමට යන්න පැය හතරක් පහක් යනව. අනික බඩදරැ අම්ම කෙනෙක් අරගෙන වලවල් වල දාන්නත් බෑ ගැස්සෙන එක හොඳ නෑනේ. ඉස්පිරිතාලෙ ගාවම ඉන්න නිසා ලෙඩ්ඩු ඇදල හොඳට පුරුදු රියදුරැ මහත්තයත් බොහොම සීරුවෙන් රිය පදවනව. අවසාන කටයුතු කරන්නෙ කවදද කියල ටීචර්ගෙ නර්ස් නන්ගිත් දැනගෙන හිටියෙ නෑ. ඒත් මීට වඩා වේගෙන් යන්න බැරි බව සුධර්මටත් තේරෙනව. කොහොමින් කොහොමින් හරි ගමට ලඟාවෙනකොට දෙකටත් කිට්ටුයි. සුධර්ම කඩමන්ඩියෙ වාහනේ නවත්තන්න කියල බස්ස විතරයි කඩ මන්ඩියෙ එවෙලෙ හිටි කොලු ගැටව් දෙතුන් දෙනා විපරමින් බැලුව. මේ හදිසියෙ ගමට කාර් එකකින් එන්නෙ මල ගෙදරට එන ඇත්තෙක් වෙන්න ඕනි බව ගම්මු දන්නව. දෙයි හාමුදුරුවනේ මිසී නෝනා .....ගමේ ගොඩ දෙනෙක් සුධර්මව හෑඳින්නුවෙ එහෙමයි. අරහෙ අවසාන කටයුතු කරනගමන්. හැමෝම මල ගෙදර ගිහින්. කොල්ලෝ දුවල පලයන් ගිහින් පෙට්ටිය වලදාන්න එපා කියපන් ..මිසී නෝනා එනව කියපන්... යමක් කමක් තේරෙන මල ගෙදර ගිහින් ගෙදර යන්න කඩමන්ඩියට ආපු ගැමියෙක් කෑගහන පරක්කුවෙන් කොල්ලො දෙන්නෙක් සුරූස් ගාලා ඉගිලුනා.. හරි නෝනේ පරිස්සමින් යන්න්. කොල්ලො නෝනගෙ තනියට පලයන්. රියදුරැ මහත්තයත් රථය ගාල් කරල සුධර්මල පස්සෙ වැටුනා. අතේ තිබ්බ පොඩි වතුර බෝතලෙත් බිබී පරිස්සමට අඩිය තිය තිය සුධර්මත් පුලුවන් ඉක්මනින් යනව ඒ පාරේ වාහන යන්න බෑ. බය්සිකලයකට වගේ නම් ගියහැකි. මග දිගට ගොක් කොල තොරන් ඇදල. සුධර්ම ගෙ ඇස්වල කදුලුත් පිරිල. .තමන් දාල සේකර ආපු එකටයි මාමන්ඩිය මිය ගිය ශෝකෙටයි දෙකටම. ගඟකිනුත් එහොඩ වෙලා යන්න තියෙනව. හොඳ හය්ය පාලමක් තියෙන නිසා ඒක නම් බය නෑ. සේකරයි සුධර්ම මයි ඉස්සර මේ පාලම උඩ මුනගැහෙනව.. ඒ අස්සෙ ඒවත් මතක් වෙනව. පෙට්ටිය වලේ තැන්පත් කරන්න වහලත් ඉවරවෙද්දි තමා සුධර්ම එනව කියල කොල්ලො පනිවිඩේ ගෙනාවෙ. වහාම වැඩ කටයුතු පොඩ්ඩකට නැවතුනා. තව විනාඩියක් දෙකක් පරක්කු උනා නම් පෙට්ටිය වලට දාලා පසුත් දාලා. සුධර්ම ආව විතරයි වැඩිහිටි ගැහැනු දෙන්නෙක් එයාව අල්ලගෙන ගියා පෙට්ටිය ගාවට. සේකර හැඩුම් මුහුනෙනෙ පෙට්ටිය ඇරල තාත්තගෙ මුහුන අවසාන වතාවට පෙන්නුව. සුධර්මගෙ ඇස්වලින් වැටුන කඳුලක් කම්මුල දිගේ ගලා ගියේ භැබෑම සන්වේගයෙන්. දේහයට ආචාර කරල සුධර්ම ඉතුරු වැඩ කටයුතු කරගෙන යන්න ඉඩදීලා පසෙකට උනා. මම ඒත් ඇහුව නංගි ට පනිවිඩේ දුන්නද කියල. සේකර මල්ලි නෙවැ කිව්වෙ නන්ගිට එන්න අමාරුයි කියල ලොකු නෑනැ සමාව අයදින්න වගේ මොනවදෝ කියවනව. යමු යමු කාලත් නැතුව ඇති.ඔය කාලෙට නොකා ඉන්න නාකයි. පල්ලෙහ ගෙදර නැන්ද සුධර්ම එක්ක ගියා.මල ගෙදර අවසාන කටයුත් දවසෙ කෑම ලෑස්ති කරල තිබ්බෙ සේකරගෙ නැන්දලගෙ දිහා. අනේ නැන්දෙ අර ඩ්‍රය්වර් මහත්තයව පොඩ්ඩක් හොයල කන්න දෙන්න මගදි තේ බොන්න කියද්දිත් අවසාන කටයුතු ඉවර උනොත් කියල මගදි තේකක්වත් බිව්වෙ නෑ. නැන්දගෙ ගෙදර යද්දි බුදු අම්මෝ එතන එකම කාන්තා විමානයයි. සේකර පුතාගෙ ඉස්කෝලෙ කට්ටියනෙ නැන්ද කිව්ව. සුධර්ම ට ඉතින් ගැහැනු ඉර්‍ර්ශ්‍යාව මතු උනා. මම පරක්කු උනාට මොකද මේ මනුස්සයගෙ අන්තං පුරයම මෙතනනෙ සුධර්ම ඉරිසියාවෙන් හිතුව. සුධර්මගෙ ඇසුත් තිබුනෙ කාන්තා පාර්ශවේ පැත්තට චැනල් එක දාගෙන මල ගෙදර ගිය කතාව එසේ නිමාවට පත් උනත් ආයෙ කාලයක් යනතුරැ තව බනින්න සිද්දියක් එනකම්ම ම මල ගෙදර නොකිව්වට සේකර බැනුම් ඇහුව. නෑයො,යාලුවො අහනව නෝනා බනින හැටියට මහත්තයට තරහ නොයන්නෙ ඇයි කියල. එයා බැන්නම මගෙ අපල දුරුවෙනව. පිරිමියෙක්ගෙ අපල දුරුවෙන්න නම් නෝනට කියල බන්නව ගන්න ඕනි කියල සේකර මහත්තය සුපුරැදු හිනාවෙන්ම පිළිතුරැ දෙනව. තව ඉවර නෑ - මතු සම්භන්දයි (පින්තූරය අන්තර්ජාලයෙන්)කල්ලඩි අන්දරය - 10 "එක අතකට මං බොරුවට නේද බය වෙන්නේ? මේ මනුස්සයා සමහරවිට ඇත්තටම රඝූගෙ යාලුවෙක් වෙන්න ඇති. මං කොරහෙ කිඹුල්ලු දකිනවා" එක් මොහොතකට වර්ෂා එසේ සිතුවද ඇගේ ගැහැණු සිත ඒ සිතුවිල්ල තත්පරයකින් බිඳ දැමීය. මහා අනතුරක සේයාවන් ඇගේ හිතේ හොල්මන් කරන්නට විය. හිතට දැණුනේ මහත් අසරණ කමකි. ඇයට අම්මා සිහිවිය. දේව් සිහිවිය. අවසානයෙහි වෙන දෙයක් වෙන්නට ඉඩ හැර බුදුන් වහන්සේගේ රුව සිහියට නගා ගනිමින් ඇය දෑස් පියා ගත්තාය. නෙත් කෙවෙනි අග සිරවී තිබූ සීතල කඳුළු බිඳු ඇගේ අවසරයකින් තොරව කම්මුල් සිප ගනිද්දී, රථයේ වේගය මදක් අඩුවනු ඇයට දැනෙන්නට විය. ගමනාන්තයට තව වේලාව තිබුණත් ගමනාන්තයට ළඟාවී ඇත්දැයි යන සිතිවිලි මාත්‍රයක් ඇයට මොහොතක සැනසීමක් ලබා දුන්නාය. ඇය සෙමෙන් සෙමෙන් දෑස් විවර කළාය. නැත. එය ගමනාන්තය නොවේ. රඝූ දුරකථන ඇමතුමකය. ඒ නිසා ඔහු රථයේ වේගය අඩු කරන්නට ඇත. ඇය යළි දෑස් පියාගෙන බුදු රුව සිහියට නගා ගැනීමට උත්සාහ කළාය. නමුත් ඇගේ සවන් පත් තනිකරම යොමුව තිබුණේ දුරකථන සංවාදයටය. වැස්ස තුරල් වී තිබුණත් රඝූ කතා කළේ ඉතා පහත් හඬින් බැවින් වර්ෂාට අසා ගත හැකි වූයේ කඩින් කඩ වචන කිහිපයක් පමණි. "හරි හරි" "ඔව්. අපි ගාව" "ලෑස්ති වෙලා ඉන්න" "විනාඩි පහෙන් ඔතන" "බය වෙලා" "ඌත් ඉන්නවා" රඝූ කිසිවෙකු සමග කතා කරන්නේ තමා ගැන බව ඇයට හොඳටම පැහැදිලිය. ආගන්තුකයා නිහඬය. "මේ මිනිහා මාව අරන් කොහේට හරි යන්න හදන්නෙ. උන්ට ලෑස්ති වෙලා ඉන්නත් කිව්වෙ. ඌත් ඉන්නවා කියන්න ඇත්තෙ මේ අනිත් මිනිහා ගැන වෙන්නැති" ළඟා වෙමින් තියෙන්නේ ගමනාන්තයට නොව තම ජීවිතාන්තයට බව වටහා ගැනීමට ඇයට අටුවා ටීකා අවශ්‍ය නොවීය. වේගය අඩු කළ රථයෙන් බිමට පැනීමට ඇයට සිතුණි. ක්ෂණිකව ඇයට අපූරු සිතිවිල්ලක් පහළ විය. කුඩා කල අංගම්පොර සටන් ජවනිකා ඇතුළත් චිත්‍රපටයක් නරඹා නෑදෑ වෙන සහෝදරයින් දෙදෙනෙකු සමග ඒවා පුහුණු වූ අයුරුද ගමේ වැඩිහිටියෙකු හරහා දින දෙක තුනක් පුහුණු වූ අයුරුද ඇයට සිහිවිය. එකල සොයුරන් දෙදෙනාට වඩා දස්කම් දැක්වුවත් මේ වන විට තමා තුළ ඒ හැකියාවන් කොතෙක් දුරට පවතින්නේදැයි ඇය නොදත්තාය. නමුත් හදිසි අවස්ථාවක් උද්ගත වුවහොත් උපරිම වීරිය යොදා එය අත් හදා බැලීමට ඇය තරයේ සිතට ගත්තාය. එකවර රථය නතර විය. කොපමණ හිතට දිරි ගත්තද දෙනෙතින් ගලන කඳුළු වැල් වියළීමට එය ප්‍රමාණවත් වූයේ නැත. ඇය තව තවත් දෑස් පියන් තදකර ගත්තාය. නිහඬ තත්පර කිහිපයකට පසු ඇසුණු හුරුපුරුදු කටහඬක් සවන් පත් සැනසූයේ ඉඩෝරයට පොද වැස්සක් මෙනි. "වර්ෂා, මම දේව්. ඔයා බය වුණාද?" "දේව්, අනේ ඔයා...? මං බය වුණ තරමක්. ඔයා මට කිව්වේවත් නෑනෙ" "කිව්ව නං ඔයා සප්‍රයිස් වෙන්නෙත් නෑනෙ..." "සප්‍රයිස් තමයි. තව පොඩ්ඩෙන් මට හාට් ඇටෑක් හැදෙනවා" හිතට දැණුනු තරහටත් ලැජ්ජාවටත් එක්ක වර්ෂා හඬමින්ම අතමිට මොළවා දේව්ගේ පිටට පහර කීපයක් ගැසුවාය. වාහනය නතර විය. ඉදිරිපස අසුනේ සිටි දේව් පිටුපසට පැමිණ වර්ෂාට යාබදව අසුන්ගෙන ඇගේ උරහිස් වටා අත යවා ඇය ළඟට කර ගත්තේය. වර්ෂාගේ හැඬීම අළුත් විය. දැන් ඇය හඬන්නේ ලැජ්ජාවටත් වඩා මේ සෙනෙහස අතැර යාමට හිත හදාගත නොහැකිවය. ඇය හඬමින්ම දේව්ගේ පුළුල් උර තලයේ හිස තබා ගත්තාය. දේව් කිසිවක් කතා කළේ නැත. ගමනාන්තය තෙක් ඔහු සිය උර තලයේ වූ වර්ෂාගේ හිස මහත් සෙනෙහසින් පිරිමැද්දේය. .... .... .... ගුවන් තොටුපලේ ලියකියවිලි වැඩ කටයුතු අවසන් වනතුරු වර්ෂා සමගම රැඳුණු දේව්ට ඇගෙන් සමුගැනීමේ අපහසුම මොහොත එළඹිනි. ගමන් මල්ලේ සුරැකිව තබා හුන් තරමක් ලොකු සුදු ලියුම් කවරයක් අතට ගත් ඔ
හු එය වර්ෂා අතට දුන්නේය. "මොකක්ද මේ? ඔයාගේ වෙඩින් කාඩ් එක වත් ද?" වර්ෂා ඇසුවේ සිනාසෙමිනි. "ඒකත් කියන්න බෑ තමයි. මේක මේ ගමන මතක් වෙන්න පුංචි දෙයක් වර්ෂා" "මං මේක දැන් බලන්නද?" "බෑ... බෑ... දැන් නෙවෙයි. ඔයා ලංකාවෙ ඔයාගේ බෝඩිමට ගිහිල්ලා ඕක බලල මට කෝල් එකක් දෙන්න" "එච්චර වෙලා කොහොමද මම බලාගෙන ඉන්නේ?" "එහෙම තමයි. ගොඩක් ඉවසන්න පුරුදු වෙන්න වෙයි වර්ෂා" ඔහු එසේ කීවේ කුමක් හිතේ තියාගෙන දැයි ඇයට සිතාගත නොහැකිවිය. ඔහුට දීමට මතක සටහනක්, තෑග්ගක් තමා සතුව නොමැතිවීම ගැන ඇය ලතැවුණාය. "මගෙ ළඟ ඔයාට දෙන්න මුකුත්ම තෑග්ගක් නෑනෙ දේව්" "ඔයත් එක්ක ගතකරපු ඒ මුළු කාලයම මට තෑග්ගක්" ආදරෙන් වර්ෂාගේ හිස අතගා නළලත හාදුවක් තැබූ දේව් තවත් කිසිවක් නොකීවේය. ඒත් ඒ ඇස් වල බොහෝ දේ ලියැවී තිබුණු බව වර්ෂා දුටුවාය. කඳුළු වලින් දෑස් බොඳවෙද්දී සති තුනකුත් දින කිහිපයක සුන්දර මතකයන් හිත් පතුලේ සඟවා ගනිමින් වර්ෂා සහ දේව් එකිනෙකාගෙන් වෙන් වූහ. .... .... .... වර්ෂා රැගෙන යාමට ආයතනයේ වාහනය එවා තිබූ අතර ඇය බෝඩිමට යන විට රාත්‍රි එකයි තිහත් පසුවී තිබුණි. කාමරයට වැදී ගමන් මළු පසෙක තැබූ ඇය මුලින්ම කළේ අත් බෑගයේ පරෙස්සමට තබා තිබූ දේව් දුන් සුදු කවරය කුමක්දැයි බැලීමයි. ගමනක් ගොස් පැමිණි පසු ඇඳගෙන සිටින ඇඳුම් පිටින්ම යහනේ හාන්සි වීම හෝ වාඩිවීම කවදත් වර්ෂා අප්‍රිය කළ දෙයකි. ඇය සුදු කවරයත් රැගෙන මේසයේ පුටුවකට බරදී කවරය දිග හැරියාය. "දෙයියනේ... මේ ෆොටෝ එක කොහොමද ගත්තෙ මං දන්නෙවත් නැතිව?" එහි වූයේ තරමක් විශාල කරන ලද වර්ෂාගේ සේයාරුවකි. අතිරප්පිලි දිය ඇල්ල නැරඹීමට ගියදා එහි පාළමට වැළමිට තබා කම්මුල සුරතේ රඳවා දිය ඇල්ල දෙස වශීකෘතව බලා සිටියදී ගත්තකි. නොදන්වා ගත් බැවින් එහි අපූරු ස්වාභාවික සුන්දරත්වයක් ගැබ්වී තිබුණි. සේයාරුව දෙස මොහොතක් බලා සිටි වර්ෂා කවරය තුළ වෙනත් කිසිවකු නොවූයෙන් නිකමට මෙන් ඡායාරූප‍ය අනෙක් පස හරවා බැලීය. එහි මැදට වන්නට පැහැදිලි ලොකු අකුරෙන් ලියා තිබුණේ, "මං ආදරෙයි වර්ෂා..." යන්න පමණකි. වර්ෂාගේ හදවත මොහොතකට නතර විය. පපුවේ සහ යටි උදරයේ දැවිල්ලක් එකවර පැමිණ තත්පර කිහිපයකින් යළි ශමනය විය. මුහුණ උණුසුම් රුධිරයෙන් පිරී යන්නාක් මෙන් දැනෙන්නට විය. දෑසට කඳුළු උනද්දී ඇය ජංගම දුරකථනය අතට ගත්තාය. "දේව් දැන් නිදි ඇති. පරෙස්සමට ආවා කියලා මැසේජ් එකක් දාල උදේට කතා කරනවා" ජංගම දුරකථනයට දේව්ගෙන් කෙටි පණිවිඩයක් ලැබී තිබෙන බව ඇය දුටුවේ එවිටය. එහි තිබුනේ ද සේයාරුව පිටුපස ලියා තිබූ වැකියමය. "මං ආදරෙයි වර්ෂා..." "මමත්..." ඇය ඊට පිළිතුරු යැව්වාය. හැරෙන තැපෑලෙන් දේව් ඇය ඇමතීය. "දේව්" වර්ෂා ඇසුවේ පුදුමයෙනි. "වර්ෂා..." ඔහු ආදරණීය ලෙස ඇය ඇමතුවේය. "ඔයා තාම නිදි නැද්ද? දැන් දෙකත් පහුවෙලා" "ඔයා පරෙස්සමට ගිහින් කෝල් කරනකල් බලන් හිටියෙ" "අනේ..." "ඔයා කාලද?" "මං කාල ඉන්නේ දේව්. මං ඔයාගෙ මැසේජ් එක දැක්කා" "මමත්..." දෙදෙනා අතර විනාඩි කිහිපයක නිහඩතාවයක් ඇතිවිය. ඒ මුළු කාලය පුරාවට දෙදෙනාගේ සිත් තුල සිතුවිලි ඇති වෙමින් නැති වෙමින් ගියේ ඊ ගහක වේගයෙනි. අවසානයේ නිහඬතාවය බිඳ දමමින් දේව් කටහඬ අවදි කළේය. "ඔයා හෙට වැඩද වර්ෂා?" "ඔව්. හෙට අනිවාර්යෙන් යන්න එපැයි" "එහෙනම් ඔයා වොෂ් එකක් දාගෙන නිදාගන්න. අපි හෙට හවසට කතා කරමු" '"හරි දේව්. ගුඩ් නයිට්!" "ගුඩ් නයිට්! පරෙස්සමෙන් ඉන්න. දෙවිපිහිටයි!" "බුදු සරණයි! දෙවි පිහිටයි!" .... .... .... දින, සති, මාස ගෙවී යද්දී වර්ෂාගෙත් දේව්ගෙත් ඉන්දු ලංකා ආදර අන්දරය ලෝකයාට රහසක් වෙමින් ජංගම දුරකථනය ඔස්සේ අතු ඉති ලා වැඩෙන්නට විය. ඒ බව දැන සිටියේ මයුමි, හසිතා සහ ගගන හැරුණුකොට වර්ෂාගේ සේවා ස්ථානයේ හොඳම මිතුරිය වූ පවිත්‍රි පමණි. පවිත්‍රි විටින් විට දේව්ගේ නම ඈඳා වර්ෂාට විහිළු කරමින් ඊට පූර්ණ එකඟතාවය පළ කළද, හසිතාත් මයුමිත් දේව් ව එතරම් විශ්වාස නොකළහ. දේව් හා සම්බන්ධය දැනගත් මිතුරියන් දෙදෙනාම ඊට වැඩි කැමැත්තක් පළ කළේ නැත. "අනේ මන්දා වර්ෂා. දේව් කළු වුණාට හැන්ඩ්සම් තමයි. ඒත් ඔයාට එයාව විශ්වාස කරන්න පුළුවන්ද?" "මයුමිගෙ කතාව ඇත්ත වර්ෂා. අපි දන්නෙ නෑනෙ එයා මොන චේතනාවෙන්ද ඔයාව ආශ්‍රය කරන්නෙ කියලා. අනික ජාතිය, ආගමේ ඉඳන් හැමදේම ගැළපෙන්නෙ නෑනෙ" දේව් ගැන කිසිවකු වරදක් කියනු ඇසීමට වර්ෂා කැමති නොවීය. ඇගේ මුහුණ අඳුරු වී ගියේ එහෙයිනි. "ඔයාලා ඔහොම කියන්නෙ මගෙ හොඳට කියලා මං දන්නවා. ඒත් දේව් නරක කෙනෙක් නෙවෙයි. එයාට එහෙදි ඕනෙ තරම් අවස්ථා තිබුණා. ඒත් මාව නංගි කෙනෙක් වගේ බලාගත්තා. අඩු තරමේ එයා මට ආදරෙයි කිව්වෙත් මං ලංකාවට ආවට පස්සෙ. අනික ජාතියෙන් ආගමෙන් නොගැළපුනත් අපි අදහස් වලින් ගැළැපෙනවා" "මන්දා. ඔයාට හොඳ විදිහක්. මොනවා වුණත් පරෙස්සමෙන්" වර්ෂා ලංකාවට පැමිණ මසකින් පමණ මයුමිලාගේ විභාග කටයුතු ආරම්භ වූ බැවින් ඔවුන්ට මුණගැසීමේ අවස්ථාවක් නොවීය. නමුත් දින කිහිපයකට වරක් දුරකථනය ඔස්සේ දුක සැප සොයා බැලීමට ඔවුන් අමතක කළේ නැත. එසේම ඒ හැම විටකම මිතුරියට අවවාදයක් දීමට ද ඔවුන් අමතක කළේ නැත. දේව්ගෙත් වර්ෂාගේත් ආදරය බොහොම නිවී සැනසිල්ලේ ගලාගෙන ගියේ ඉතාම ආදරණීය විලාසයෙනි. ඔවුන් දවසට දෙවරක් කතා කළහ. දේව් විශේෂ ස්ථානයක් හෝ සුන්දර ස්ථානයක් නැරඹීමට ගියහොත් වීඩියෝ ඇමතුමකින් ඒ සුන්දරත්වය වර්ෂා හා බෙදා ගැනීමට කිසිසේත් අමතක කළේ නැත. බොළඳ පෙම් බස් වෙනුවට ඔවුන් අතර වැඩිපුර හුවමාරු වූයේ හරවත් කතා, අත්දැකීම් ආදියයි. ඔවුන් දෙදෙනා අතර ආදරයට එහා ගිය ආධ්‍යාත්මික බැඳීමක් ඇති වීමට වැඩි කලක් ගත වූයේ නැත. .... .... .... "අම්මේ.... කොහොමද ඉතින්? මං පරක්කු වුණාද?" "නෑ. අපි දෙන්නා ටිකක් කලින් ආවා. මාස කීයකින්ද දැක්කෙ?" "ඒකනේ... එහෙන් ආවට පස්සෙම හම්බවුණේ නෑනෙ" මේ කතා බහ සිදුවූයේ තෙමසකට පමණ පසු දියත උයනේදී හමුවූ මිතුරියන් තිදෙනා අතරය. "මේ බලන්නකො හසිතා, වර්ෂා දිහා. ලස්සන වෙලා... මහත් වෙලා..." "ඔව් ඔව් මේ... මූණෙ පෙම් පාට බේරෙනවා.." "නිකං ඉන්න අනේ... ඔයාලා හරි නරකයි" කලෙකින් මුණගැසුණු මිතුරියන් තිදෙනා බොහෝ වේලාවක් ආ ගිය තොරතුරු හුවමාරු කර ගත්හ. එසේම, හසිතාගෙන් වර්ෂාට ආරාධනාවක් ද ලැබුණි. "මං හම්බවෙන්න ඕනෙ කිව්වෙ වර්ෂා ඔයාට පොඩි ආරාධනාවක් කරන්නත් එක්ක" "ආරාධනාවක්, මේ මට? ඒ මොකක්ද අප්පා?" ලබන ජනවාරි අග මගේ වෙඩින් එක තියෙනවා. මගේ බ්‍රයිඩ්ස්මේට් ට ඔයාට එන්න පුළුවන් නේද? මයුමිත් එනවා" "මං වගේ කළු කෙල්ලෙක් ෆොටෝ එකට අරන් ඒකත් කැතවෙයිද දන්නෑ" "අපෝ... මෙයා මේ ලස්සනයි කියවගන්න හදන්නෙ. ඕවට අහුවෙන්න එපා හසිතා" "මං කියලත් ඉතින් කිරි සුදු යැ... මට නංගිලත් නෑනෙ වර්ෂා. නෑඳෑ නංගිලත් ඔක්කොම බැඳලා. ඔයා එනවා නේද? ප්ලීස්..." "ඔව් අනේ. ෂුවර්" අනතුරුව තිදෙනා හසිතාගේ පෙම්වතා පිළිබඳවත්, විවාහයේ වැඩ කටයුතු ගැනත් කතා බහ කළ අතර මයුමි ගැනද කතා කරන්නට විය. "දැන් එතකොට මයුමිගෙ තත්වෙ කොහොමද? මොකද ගෙදරින් ගෙනාපු යෝජනාවට වුණේ?" "ඒක හරියන්නෙ නෑ වර්ෂා. ඒ මනුස්සයා මහ නීති කාරයා" "වර්ෂා, අපි දෙන්නත් හොයමුද මයුමිට මනමාලයෙක්?" කතාව දුර දිග යන බව තේරුම් ගත් මයුමි බෝලය වර්ෂා වෙත එල්ල කළාය. "හරි හරි. මං ගැන පස්සෙ බලමුකෝ. කොහොමද මෙයා අපේ කේරළ මනමාලයා එහෙම...?" මයුමි එය ඇඳ පැද ඇසූ ආකාරයට වර්ෂාටත් හසිතාටත් සිනාව නවත්වාගත නොහැකි විය. මතු සම්බන්ධයි. සිතුවම අන්තර්ජාලයෙනි.අහපං මචං..👇👇👇 දෙතුන් දවසක් ඉදන් ලිව්වෙ මේ ලියුම නොදැන සිටියම නෙමෙයි බන් උබේ තරම බින්දුවේ ඉදලාම විදවන්න උරුම සමහරක් ගැහැනු බං . ගෙව්වේ..ම කරුම __________________________________________ හැම රැයම ඇය උන්නෙ එනකන්ම මග බලං ඒත් උබ පය තිබ්බෙ බී ගත්ත වෙස් අරං උබට බැරි උනා ඇ රැකගන්න කල් මරං තිබුන බං ආදරය උබට මහ මෙර තරං __________________________________________ ඉරි ඇදපු කඩතොලුයි රන් මුදුත් බිදුන උබේ හිත කලු ගලක් වෙන්න ඇති මැරුන අවලමේ ගිය එකී කියා බැන වැදුන ඒකි මහ දුකක් බන් ජීවිතය විදින __________________________________________ ඉන්න විට ඇය ලගින් සෙනෙහසින් මොහොතක් සිබින විට ඇගෙ නලල මුහුනෙ හරි රහසක් හොයන් ඇයි මන් ලගම උබෙන් නැති පහසක් දන් නැද්ද ගැහැනුන්ට ආදරය බෙහෙතක් __________________________________________ මදු මලක් වගේ ඇය වැලි කතරෙ වැටුනු හුරතලේ නොදැක්කද හදවතේ පිපුනු වැට බැදල පලක් නෑ මතකයන් මැකුනු රජු මමයි ඇගෙ පපුවෙ නැතුවාට ඔටුනු (කවි කාරයා) Cmt එකක් දාගෙනම යන්නප්‍රේමය. ******** ඔයා හෙට එන්නෙ කීයටද? උදේම එන්නම්. හ්ම්. මාව ගන්නෙ කොහෙන්ද? වෙනද තැනදිම. හා. මම බත් එකකුත් අරන් එන්නම්.
හ්ම්. පොල් සම්බෝලයි, මයියොක්කයි, කරවල හොදියි අරන් එන්න බත් එපා. හරි මම අද හවස මයියොක්කා ගන්නම්. අපි කොහෙද යන්නෙ? මං දන්නෙ නෑ අනේ. ඔයා ලගට ආවම මගෙ ගමන ඉවරනෙ. හෙට රෑ අපි නවතිනවද? ඔව්. මට ඕනෙ රෑ ඔයාට තුරුලු වෙලා අහස දිහා බලන් ඉන්න. මට කෝපි ඕනෙ රෑට. මං ආසයි තිත්ත කෝපි වලට. ඔව් මං දන්නවා. හදල දෙන්නම් රත්තරං. නිදා ගන්න බෑ ඔන්න කලින්. මට ඔයාට තුරුල් වුනාම නින්ද යනවා. ඔයා උණුසුමයි. ඔයත් උණුසුම්. ඒක නෙමෙයි මොනවද ඔයා හෙට ඇදගෙන එන්නෙ? අර මල් ගවුම අදින්නම්. ඔයා ආසනෙ. හා. ඔයා අර ඉරි ශර්ට් එක ඇදගෙන එන්න. ඔයා ලස්සනයි ඒකට. හ්ම්. මේ රෑ හරි දිගයි මට. හෙට රෑත් එහෙම වෙයිද? ඔවු අපි කාලෙකට ආයෙ හම්බෙන්නෙ නැති වේවි. හ්ම්. අම්මයි තාත්තයි ඔයාව ආයෙ මෙහෙ එවන්නෙ නැති වෙයි නේද? අනේ මන්ද රත්තරං. එයාල කියන්නෙම ඕස්ට්‍රේලියාවේ සෙට්ල් වෙන්න කියල. මට ඔයා නැතුව බෑ ඒත්. ඔයාගෙ අම්මලා තාත්තලා කවදාවත් මට කැමති වෙන්නෙ නෑ නිලූ. හ්ම්. ඉන්පසු දිගු නිහැඩියාවක් අතරමග ඇසුනේ අපේ සුසුම් හඩත් ඉකිබිදුම් හඩත් පමණමය. ජීවිත පිටුව පරිච්ඡේද ලියමින් තිබේ. එහි ඇතැම් පරිච්ඡේද උණුසුම්‍ ය. ඇතැම් පරිච්ඡේද හරිම සීතලය. ගිම්හානයේ පිපෙන මල් වඩාත් සුවදවත්‍ ය. ඇගේ කෝපි පාට ඇස් මා එනතුරු බලා සිටී. සෑම හමුවීමක්ම වෙන් වීමකින් අවසන් වේ. ඒත් සෑම වෙන්වීමක්ම හමුවීමක ආරම්භයක් නොවේ. රත්තරනෙ නිදා ගන්න. උදේම පරිස්සමින් එන්න. ඒ sms එක හැමදාමත් මගේ සිත උණුසුම් කරන්නේය. ආදරය ලේ සමග මුසුව සිරුර තුල ගලා යනු දැනේ. තරු කැට දිලිසේ. ඒ ඇගේ දෙනෙත්‍ ය. හිරි පොද වැටේ. ඒ ඇගේ කදුලුය. සීතල දැනේ. ඒ ඇගේ සිසිලය. ඔබේ හිත් විලේ පිපුනු අරවින්ද කුසුම මමය. ©අරවින්ද හබක්කලඒ 2015 වගේ අපි දෙන්න ක්ලාස් යන කාලේ.. මම පළවෙනියටම ඒලෙවල් ක්ලාස් ගියේ ඒ කාලේ ඒ වගේම එයා දෙවනි පාරට කලා අංශයෙන් ඒලෙවල් කරන්න ගත්ත මෝඩ තීරණයක් හින්දා මුල ඉදන් පන්ති යන්න හිතන් අපේ ක්ලාස් එකට ආව අලුත.. එයා සිංදු කියන්න හරි දක්ශයි හීනි දිලිසෙන ඇස් තියෙන උස සුදු හීන්දෑරි කොල්ලෙක්ට සින්දුත් කියන්න පුලුවන් වුනාම ලේසියෙන්ම හැමෝගෙම ආකර්ශනය දිනාගන්න පුලුවන් ඒ කාලේ.. එයාට කට්ටිය කිව්වේ ජීහු කියලා.. Bof එකේ ජීහු වගේ එයාගේ හැසිරීම ඒ තරම් සාමකාමි පෙනුමක් ඒත් තරහ ගියාම දෙතුන් දෙනෙක්ව වුනත් එක පාර බිමට දාල දත් ටිකක් ගලවලා දෙන්න පුලුවන් හයිය කෙනෙක් ඒ... එයාට කෙල්ලෙක් නැද්ද... නෑ ඇයි? දන් නෑ සමහල්ලට එයා ආස අය මේ ලෝකේ නැතුවැති... ඒ වගේ කතා බස් කෙල්ලෝ අතර නිතර හුවමාරු වෙනවා මට ඇහිලා තියෙනවා.. එකම එක දවසක් එයා මගේ ලඟ ඉදගත්තා. කිසිම කෙනෙක්ගේ ආකර්ශනයක් නොලබන මගේ ලග.. කිසිම වචනයක් නොකියා.. ඊලග දවස. මම පන්ති ඉවර වෙලා කිසිම යාලුවෙක් මට නැති හින්දා තනියම ගෙවල් පාරේ ඇවිදන් යද්දි එයත් හයියෙන් ඇවිදන් ඇවිත් මං ගාවින් හිමින් අඩිය තිබ්බා.... ඒත් වචනයක්වත් නොකියා.. දවස් ගානක් තිස්සේ ඔහොම එයා මාත් එක්ක ගෙදර ගියා.. මං දිහා නොබල අහස මල්.. ගස්.. දිහා බලන්.. සමහර විට මං දිහා බලන වෙලාවලුත් තියෙන්න ඇති.. එක ග්‍රීස්ම දවසක එයා සුදු ලිනන් කමිසයක් ඇඳන් පන්තියට ආවේ.. රෙබේකා ලී ඕඩිකොලොන් සුවඳක් එක්ක.. පන්ති ඇරිලා යන්න හැමෝම කලඹලයෙන් ඉද්දි එයා මගේ ලග හිස් බංකුවේ සුදු පත්තරේකින් ඔතපු දෙයක් කාටවත් නොපෙනෙන්න තිබ්බා... මම එයා දිහා එදා පලවෙනිම පාරට කෙලින් බැලුවා.. "මොකක්ද?" උත්තරයක් වෙනුවට එයාගෙන් හිනාවක්. "මටද මේක?" මම ආයෙමත් ඇහුවා. "නෑ" එයා කිව්වා.. "එහෙනම්" " පරිස්සම් කරලා තියාගන්න දවසක ආයෙමත් මටම දෙන්න" මම උත්තර දෙන්න කලින් ප්‍රශ්නයක් අහන්න කලින් එයා නැගිටලා ගියා... ඒ මට හම්බුන හොඳම කෙනා... අපි ඊට පස්සේ ආදරේ කරා හරි හිමින් හරි ලස්සනට.. අද එයා මගේ ලඟ නැතත් මම වෙන කෙනෙක්ගේ වුනත් එයා කාගෙද තියා එයා දැන් කවුද කියලවත් මම නොදන්නා කෙනෙක් වුනත් ඒ වලලු ටික හරි පරිස්සමට මං ගාව තියෙනවා.. වෙන් වුනාට පස්සේ වුන හැම හමුවීමකදිම මම ඒක නොදී හිටියා මේ අවසාන හමුවීම නොවේවියි හිතලා.. දැනට අපි අවසානවතාවට හම්බෙලා අවුරුදු 5ක්. මගේ ලග ඒ වලලු ටික තියෙනකන් තවත් එක් අවසාන හමුවීමක බලාපොරොත්තුවක් මට තනි රකිනවා පරනම ඕඩිකොලොන් සුවඳක් එක්ක.රෝසා. නායකකන්ද වලව්වේ ⁣මද්දු හාමුගෙ ලස්සනම ලස්සන රෝස පාට නෝනාව මහ දවාලේ මරා දාලා කියන ආරංචිය ගම පුරාම ලැව් ගින්නක් වගෙ පැතිරිලා ගියා. ජීවිතේට මෙහෙම විනාසයක් විපත්තියක් ගැන ගමම අහලා තිවුණේ නෑ. " මට නම් මද්දු හාමුව විස්වාසම නෑ ඕන්..." " මොකෑ බං සිරිතේරිස් ඒ..? " " මට හිතෙන්නෙම නෝනා හාමුව මරා දැම්මේ මද්දු හාමු කියලා..." සිරිතේරිස් අමු මෝඩයා. හෙනම ගොබ්බයා. මිනිහා නායක්කන්ද වලව්වෙ පිරිසිදු කිරීම් වැඩ කරා. එහෙව් ගොබ්බ හටනක් මෙහෙම බරපතල කතාවක් කිව් එකට කඩේ අයිති ලුසි නෝනාට හොඳටෝම කේන්ති ගියා. " ඈ බං සිරිතේරිස් තෝ හදන්නෙ මහ උළු ගෙයි තපින්නට ද..? නැත්තම් අඩි හයක් යටට යන්ට ද..? උඹ තවම දන්නෙ නෑ ඔය කතාන්දර වල බරපතලකම ගැන..නිකා කටහවහෙන හිටු..." ලුසි නෝනාගෙ ඒ කතාවට ජයසිරියාට යකා ආවේස වුණා. " ආහ් හා උඹ නිකා මහදැනමුත්තා නොවි ඉඳින්.. නිකා මෙතන මහ ලොකු අම්මණ්ඩි වෙන්න හදන්නෙ නැතිව... ඈ බං සිරිතේරිස් උඹ ඔහොම නිකා කියන්නෙ නැති බව මම දන්නවා.. ම⁣ට කියහං ඇත්තටම උඹ ඔහොම කියන හේතුව මොකක්ද..? " ජයසිරියා අහපු ඒ ප්‍රශ්නයට සිරිතේරිසා උත්තර දෙන්න හරි බරි ගැහෙද්දි කඩේ උන් අනිත් ඈයො සේරම කටවල් ඇරගෙන ඌ දිහාම බලාගෙන හිටියා. " දාසක් මම මයෙ මේ දෑස් දෙකින්ම දැක්කා මද්දු හාමු රෝසා නෝනා හාමුගෙ කට කනවා... පව් අප්පා.." සිරිතේරිස් ඒ කියපු කතාවට සේරෝම හිනා වෙන්ට ගත්තා. මද්දු හාමුගෙ බිරිඳගෙ නම ජයන්ති වුණාට ඒ බවලතිගෙ හමේ පාටත් සුන්දරත්වයත් නිසා ගම්මු කීවේ රෝසා කියලා. " අනේ බම් ගොනෝ... ඒ තරහවට කොරන කාරි නෙමේ.. තෝ දන්න ල බ්බ..." " හාහ්... ආහ් එහෙනම් ඇයි ද කියාපම් මද්දු හාමු රෝසා නෝනා ඇඳගෙන හිටි ගවුම උස්සලා පු කට සටස් පටස් ගාලා තඩි ගැහුවේ...? " ඒ කතාවට නම් කඩේ එවුන් හැමෝම නිරුත්තර වුණා. සමහර බවලතියෝ අත් දෙකින්ම කට වහගෙන දිව්වා. ලුසි හාමි නම් සෑහෙන විස්සෝප වුණා. " හනේ දෙයිහාංදුරුනෙ එහෙමත් කොරාද..? පව් දෙයියනෙ. ඒ හමට කෝම ඔරොත්තු දෙයි ද එහෙම වේදනාවන්..." " මේ ඒක නෙමේ බං.. රෝසා නෝනාගෙ පු ක සුදු ද..? " ක⁣ඩේ එවුන් අච්චර දුක් වෙද්දි සිමියොන්ට පැන නැගුණු එකම ප්‍රස්නය ඌ සභාවට අතෑරියේ කටේ කෙළත් බේරිගෙනමයි. "නෙද්දකිං තෝ වායේ අසමජ්ජාතියෙක්.. තුහ්..." ලුසි තරහින් බනිද්දි සිරිතේරිස් ඒ ප්‍රස්නයටත් උත්තර දුන්නා. " සුදුදත් අහනවා... යකෝ කිරිගරුඬ වායේ.. මම ඉතින් බලා ඉන්ඩ හොඳ නැති කමට ආවා එන්ට..." " අපරාධෙ බං... කොච්චර සුදු වුණත් දැන් ඉතින් පස් යටට නෙ.. සෑහ් සෑහ්..." සිමියොන්ට පුදුම වේදනාවක් ආවා. මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ වෙද්දිම පොලිසියට තව පැමිණිල්ලක් ආවා. සුපුන් කියලා අවුරුදු දාහතක කොලු ගැටයෙක් අතුරුදහන් වෙලා. හරියටම රෝසා නෝනා මැරුණු දවසෙමයි. උන්ගෙ දෙමාපියො පිස්සෝ වාගෙ ගම පුරාම හොයා බැලුවත් හෝඩුවාවක් වත් හම්බුණේ නැහැ. ඌ අන්තිමට වලව්ව පැත්තට හොර පාරකින් යනවා දැකපු එකෙක් ඒ බව පොලිසියට කිව්වා. " අම්මපා අලි මදිවට කොටි නෙ සිරිලො.. කොච්චර නිස්කලංකව තිබුණ ගමක් ද..මොන විනාසයක්ද අප්පා මේ වු⁣ණෙ..? " මෙච්චර කාලයක් බෝම සැපට සනීපයට හිටි පොලිස් රාළහාමිලාට යකා නැග්ගා. ඇයි ද බං... දැන් මෙව්වා හොයන්ඩත් එපැයෑ.. පොලිසියෙන් වලව්වේ ඉන්න හැම එකාවම ප්‍රශ්න කරා. " අනේ නෝනා හාමුලා කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ මහත්තයො , ඉඳ හිටක කාමරේ පැත්තෙන් ස⁣ටාස් පටාස් ගාලා සද්ද එනවා.. නෝනා ඒත් අඬන්නෙ නෑ..පක් පක් ඕ මයි ගෝ... පක් කියලා විතරක් කෑගහනවා... අපිට ඉතින් ගෑණු මිනිස්සුන්ගෙ පස්න වලට හොට දාන්ට බෑනෙ මහත්තයො.. හරිම පව් ඒ නෝනා නම්.. ඇත්තටම අම්මපා හාමු නිකමටවත් එහෙම අතක් ඉස්සුවේ මොන හිතකින් ද මන්දා.. අපි ඉතින් වැඩකාරයෝ වෙච්චි...අපිට බෑ නෙවැ ඔව්වා අහන්ඩ..." හැම එකාම දීපූ උත්තර වල සාරංශය තමයි ඕක. පොලිස් මහත්තුරුත් හරිම උභතෝකෝටියකට මුහුණ දුන්නා. " ඈ බං සරිල්...ඇත්තටම ඇයි අර මිනිහා අච්චර ලස්සන අහිංසක ගෑණියකට ගැහුවේ එහෙම...? " " කවුද සෑර් දන්නෙ..? ලෝකෙට හොඳට හිටියා වගෙ පෙන්නුවට ඇතුළේ නොසෑහෙන්න ප්‍රස්න ඇති...ඕකාව හැකයි මට නම්..." පොලිසිය මොන තරම් සැක කරත් මද්දු හාමුගෙ කටින් නම් මොනම විදියකවත් හෝඩුවාවක් ගන්න බැරි වුණා. උන්දැ අඬාගත්ත ගමන්මයි. පිස්සෙක් වගෙ හැසිරුණෙත්. මරණ පරීක්සන කටයුතු කරලා ප්‍රථිපල එනකම් රෝසා නෝනාව බෝම ගරුසරු ඇතිව සෑහෙන දුක් අඳෝනා සෝ සුසුම් සහ හැඬුම් මැද වල දැම්මා. ඒ අල්ල පනලලේ මුළු ගමම සුපුන් ව හොයනවා. වෛද්‍ය වාර්තා අනුව රෝසා නෝනගෙ හුස්ම යනකම් ගෙල හිර කරලා තිබුණා. නමුත් ඊට පෙර කිසිම ආකාරයක ලිංගික ප්‍රවේශයක් තිබුණේ නැහැ. පොලිස් පරීක්ෂණ වලට අනුව හතුරු ප්‍රශ්න කරදර හෝ අනියම් සබඳතා ගැන ආරංචියකුත් නෑ. ඔය අතරේ දවසක් සිමියොන් හිතුවා රෝසා නෝනාගෙ පු ක සුදු ද බලන්ට ඕනිය කියලා. දැනට වළලත් දවස් ⁣දෙකයි. තාම ලොකුවට කුණු වෙලත් නැතිව ඇති. එහෙම හිතපු සිමියොන් මහ රෑ වෙනතුරු ඉඳලා වලව්වේ කනත්ත පැත්තට ගියා. හෙමි හෙමින් කනත්තට බඩ ගාද්දි ඈත තියාම සිමියොන්ට කෙඳිරිල්ලක් ඇහුණා. කරේ තිවුණ උදැල්ල පැත්තකින් තියලා හැංගි හැංගි ඉස්සරහටම ඇදුණු සිමියොන්ට දුටු දසුනින් තව පොඩ්ඩෙන් මල මුත්තරාත් පහ වෙනවා. ⁣යකො මෙන්න සිරිතේරිස් රෝසා නෝනගෙ වල හාරනවා. එහෙව් ගොබ්බයෙක්ට මෙච්චර හරියක් කරගන්ට කෝම පණක් ආවාද..? සිමියොන් සද්ද බද්ද නැතිව දඩ බඩ ගාලා දුවගෙන ඇවිත් පොලිසියට මේ ගැන දැනුම් දුන්නා. " රාළහාමි.. රාළහාමි මම මම ගෙදර යද්දි සද්දයක් ඇහිලා බලනකොට සිරිතේරිස් රෝසා හාමුගෙ වල හාරනවා.." පොලිසිය වහාම ක්‍රියාත්මක වුණා. පොලිසිය හොරෙන්ම එතනට යද්දිත
් සිරිතේරිස් වල සෑහෙන හාරලා. කන පැලෙන්ඩ දීලා ජීප් එකට පටවගද්දි සිරිතේරිස් මහ හයියෙන් හිනා වෙන්ඩ ගත්තා. මුළු ගමම ඇහැරුණා. මද්දු හාමු ඔළුවෙ අතගහගෙන හූ තිය තිය ඇඬුවා. සිරිතේරිස්ට දෙක දෙද්දි කට ඇරියා. " මම හැමදාම හොරෙන් හොරෙන් හාමුලාගෙ කා⁣මරේ දොර අගුලින් සේරම බලාගෙන හිටියෙ. මටත් ආසාවක් ආවා රෝසා නෝනට. ඉතින් දවසක් වලව්වේ කවුරුත් නැති වෙලාවකට මම පට්ට හෙළුවෙන් රෝසා නෝනා ගාවට ගියා. මේ බැල්ලි කෑගහලා කුණුහරප කියන්න පටන් ගත්තා. මට බය හිතුණා. මම පැනපු ගමන් බෙල්ල හිර කරා. ඒකි මළා.. එතකොටම මොකෙක්ද එකෙක් හූ තියලා කෑගැහුවා. බලද්දි බංඩෙගෙ කොලුවා. ඌ අහවල් එකකට එදා එතනට ආවද මම දන්නෙ නෑ. හැබැයි කාමරෙන් එහා පැත්තෙ ජනේල පඩිය උඩ හෙළුවෙන් හැංගිලා හිටියෙ.. මට පස්සෙයි තේරුණෙ මුන් දෙන්නා හොඳ නාඩගමක් නට නට තමයි මෙච්චර දවසක් ඉඳලා තියෙන්නෙ කියලා. එදා කෙළියට ලෑස්ති වෙද්දිම මම එන අඩි සද්දෙට ඒකා පනින්න ඇති ජනේලයෙන් එළියට. මම ඒකාව පල්ලටම තල්ලු කරා. ඊටපස්සෙ ඒකාව බාගෙට පණ පිටින් වත්ත පහළ වැළලුවා..." සිරිතේරිස්ව උසාවි අරගෙන යද්දි ඌ පොලිසියෙන් බේරිලා ගිහින් ගඟට පැනලා මළා. මිනිය හොයාගන්ඩ පොලිසියට සෑහෙන වෙහෙසක් දරන්ඩ වුණා. " ඒත් සර් රෝසා හාමුගේ මිනියේ බෙල්ලේ ඇඟිලි සළකුණු තිබ්බෙ නැත්තෙ කෝමද..? " " ඇයි බං සිරිල් රෝසා නෝනා ඒ වෙලාවෙ ඇඳගෙන හිටිය ඇඳුම අමතක ද..? බෙල්ල ළඟටම තිබුණු කොලර් එකක් එක්ක බලවුස් එකක්නෙ..." " ඒත් සෑර්...මට මොකක්ද අමුත්තක් දැනෙනවා.." " අනේ උඹේ අමුත්ත.. ඔය කරුමේ ඉවර වෙච්ච එකම කොච්චර දෙයක් ද...! අනේ නිකා හිටු සිරිල්.." මද්දු හාමු වලව්ව විකුණන්න දැම්මා. රෝසා නෝනාගෙ මතකයන් හිතට වධ දෙන නිසා ගමින්ම යන්න තීරණය කරා. හැබැයි සිරිල්ට තිබ්බ තද බල සැකයට සිරිල් කොළඹ ඇවිත් පොලිසියේ ලොකුම තැනට මේ කතාව කිව්වා. උන්දැටත් මොකක්ද මන්දා අමුතු සැකයක් ආවා. ඒ සැකය මත වහාම මද්දු හාමුව අත්අඩංගුවට ගත්තා. අරගෙන හොඳටෝම සැළකුවා. " නෑ ස' මම වැරදි නෑ... මේ බැ ල්ලි අර සුපුන් කියන පොඩි එකා එක්ක නාඩගම් නට නට ඉඳලා තිබුණෙ.. දවසක් මගෙ අතටම අහුවුණා. මම සිරිතේරිස්ට කිව්වා මේකිව ඉවරයක් කරමු කියලා. ඌත් ඒකට කැමති වුණා. ඌ මම කිව්වොත් ගඟක මුහුදක හරි පනිනවා. දවසක් ඌ සුපුන් කාමරේ⁣ට එනකම් රැකගෙන හිටියා. ඌ අඹ ගහ දිගෙ බඩ ගාලා අඹ අත්තකින් තමයි කාමරයට රිංගන්නෙ. ඌ කාමරේට අඩිය තියද්දිම හැංගිලා හිටි සිරිතේරිස් ඌව පහළට තල්ලු කරලා තිබ්බා. එතකොටම අරකි කෑගහගෙන ඇවිත් සිරිතේරිස්ට ගහන්න. සිරිතේරිස් මම දීපූ ග්ලවුස් දාගෙන තමයි හිටියෙ. හැමදේම හොඳින් වුණා. නමුත් මොන කරුමයකට අර කාළකණ්නියා මේකිගෙ වල හාරන්ඩ ගියා ද මම දන්නෙ නෑ. මම ඌට කලින්ම කියලා තිබ්බා මේකෙදි අහු වුණොත් මැරියන් කියලා. උගෙ තිබ්බ පක්සපාතීත්වය කොච්චර ද කියනවා නම් ඌ මම වෙනුවෙන් මම හදලා දීපූ බොරු කතාවත් පොලිසියට කියලා ගඟටත් පැන්නා...." මද්දු හාමු එල්ලුම් ගහට ගියා. ජයසිරිට කල්පනාවට ආවේම සිරි⁣තේරිස් මුලදිම කඩේ ඉඳලා හාමුව සැකයි කියපු කතාව. ඒකත් නාඩගමක් ද , විකල් වෙලා කිව්ව ද කියලා හිතාගන්න බැරි වුණා. කෝම නමුත් ඊටපස්සෙ මුළු ගමම ඒ වලව්ව පැත්ත පළාතක නොයා ඉන්ඩ තීරණය කරා. සම්පූර්ණ මනකල්පිතයි. පූර්ණිමා චාරුණි බණ්ඩාර.**පෝලන්ත පා සටහන් X** 👣👣 මහ බ්‍රහස්පතින්දා සමඟ පෝලන්ත ඩෝනට්ස් පෝලන්තය ඩෝනට් (Pączki ප'ච්කි) සඳහා සෑම වසරකම පෙබරවාරි මාසය සුවිශේෂී වේ. මින් මහ බ්‍රහස්පතින්දා (Fat Thursday) යනු, අළු බදාදාට පෙර අවසන් බ්‍රහස්පතින්දා සහ කිතුණු චතාරික කාලය ආරම්භ දිනය වන අතර එදින පෝලන්ත වැසියන්ට වඩාත් වැදගත් නිවාඩු දිනයකි. ඔවුන් වාසනාව උදාකර ගැනීමේ අරමුණින් හැකි තරම් ඩෝනට්ස් අනුභව කිරීම අනාදිමත් කාලයක සිට එදිනට සිදු කරයි. පෝලන්ත හදවත්වල සුවිශේෂී ස්ථානයක් මෙම පෝලන්ත ඩෝනට්ස් අත්පත් කරගෙන තිබෙන අතර මහ බ්‍රහස්පතින්දා දින පෝලන්ත ඩෝනට්ස් අනුභව නොකරන අයගේ ධාන්‍යාගාර හිස් වන බවත් ඔවුන්ගේ අස්වැන්න මීයන් විසින් විනාශ කරන බවටත් ජනප්‍රවාදයේ ඇත. තව ද ඩෝනට්ස් සතුට ගෙන දෙන බව විශ්වාස කරන අතර, ඒවා අනුභව කිරීම ප්රතික්ෂේප කිරීම නිර්දය ලෙස සලකන අතර එමඟින් අවාසනාව උදාවන බව ද විශ්වාස කෙරේ. පෝලන්ත ඩෝනට් සඳහා වඩාත් ප්‍රසිද්ධ පේස්ට්‍රි සාප්පු වන වෝර්සෝහි Zagoździński මෙන්ම Kraków හි Dobra Pączkarnia හි ද සාම්ප්‍රදායිකව රෝස ජෑම් හෝ ප්ලම් යොදන ලද මෙම බැදපු පිටි ගුලිය මිලදී ගැනීමට මහ බ්‍රහස්පතින්දා දින මිනිසුන් පෝලිම් ගැසී සිටින අයුරු සෑම වසරකම සුපුරුදු දසුනකි. සෙසු දින වල ද පෝලන්ත ඩෝනට් සුවඳ විහිදුවන ස්ට්‍රාඩොම්ස්කා විදියේ Dobra Pączkarnia පේස්ට්‍රි සාප්පුව අසල මිනිස් පෝලිම් නම් අඩුවක් නොමැත. මෙම වසරේ පෝලන්ත Fat Thursday, පෙබරවාරි 8 වැනි බ්‍රහස්පතින්දාට යෙදී තිබිණි. පෝලන්ත සම්ප්‍රදායට අනුව එදිනට අවම වශයෙන් පෝලන්ත ඩෝනට් එකක්වත් අනුභව කල යුතු බව සඳහන් වුව ද, සමහරු අවම වශයෙන් තුනක්වත් අනුභව කළ යුතු බව පවසයි! මහ බ්‍රහස්පතින්දා පෝලන්ත ඩෝනට් සැණකෙළියේ අවසානය මෙන්ම පෝලන්තයේ චතාරික කාලයේ ආරම්භය සනිටුහන් කරන අතර නානාප්‍රකාර රසැති මෙම බැඳපු පිටිගුලි පෝලන්තය කෙතෙක් දුරට ආක්‍රමණය කර ඇත්දැයි යන්න සෑම මහ බ්‍රහස්පතින්දාකම පෝලන්තානුවන් මිලියන 100 ක පමණ ඩෝනට් කන්දක් පරිභෝජනය කරන බව සඳහන් වීමෙන්ම වටහා ගත හැකි ය. ඇමෙරිකානු ඩෝනට් වලට කිසිදා අතික්‍රමණය කල නොහැකි වූ පෝලන්ත ඩෝනට් තවත් අනාදිමත් කාලයක් පෝලන්තයේ ආවේනිකත්වය සමඟම විරාජමාන වනු ඇත. Kraków හි ස්ට්‍රාඩොම්ස්කා විදියට ගිය දිනයක පෝලන්ත ඩෝනට්ටුවක සුවඳ දිගේ ඇවිද ගොස් Dobra Pączkarnia කවුළුව අසල රැදෙමින් පෝලන්ත ඩෝනට් රස විඳීමට අමතක නොකරන්න. ***Chintha Dissanayake*** ***සේයා රූ අන්තර්ජාලයෙනි ***හිත් ගත් නෙත් __________ පස්වන කොටස බත්තරමුල්ලෙ ඉඳල මම එමින් හිටියෙ කඩුවෙල පාරේ. මේ පාරෙ මාළඹේ හරහා ගෙදර යන එක දැන් මට ගෙදර සාලෙන් කුස්සියට යන තරමට පුරුදුයි. සිංදුවකුත් අහගෙන මගේම හීන අතර අතරමං වෙවී ගෙදර යන මට ගෙදරින් හරි යාළුවෙකුගෙන් හරි ලැබෙන දුරකථන ඇමතුමක් හැර බාදාවක් තිබුණෙ නෑ. ඒත් ඒ සුන්දර සාමකාමීත්වය අතුරුදහන් වෙලා දැනට මාස කීපෙක ඉඳල මම ගෙදර යන්නෙ ත්‍රාසය, භීතිය, කුතුහලය, විස්මය, සුන්දරත්වය, ශෘංගාරය ආදී එකී මෙකී නොකී හැඟීම් ගොන්නක පැටලිලා. එකවරම මගේ වාහනය පහුකරන් ගෑවී නොගෑවී ඉස්සර කරපු Range Rover රථයක් මගේ මනෝපාර හරස් කරමින් ඉදිරියෙන් ධාවනය වෙන්න වුනා. හිතේ ඇතිවුණ ක්ෂණික සැකය තහවුරු කරමින් ඊළඟ මොහොතේ මගේ දුරකථනය නාද වෙන්න වුනේ " මේ අනඟ රැඟුමේ අවසනදි මා වේද ගොදුරක් " කියල කියපු ශෂිකා නිසංසලාව නිහඬ කරලා. දුරකථනය වාහනයේ Audio පද්ධතියට සම්බන්ධ කරල තිබුණ නිසා අපහසුවකින් තොරවම මං " Hello " කිවුවට , ඒ කතා කරන්නෙ තේව් විත්තිය ඔහුගෙන් ඇමතුමක් එනකොට දුරකථන තීරයේ සටහන් වන "යුගාන්ත වාසලමුදලි " නාමය නොදැක වුනත් ඒ වනවිටත් මම තේරුම් අරගෙන තිබුණා. " සද්ද නැතුවම යනව නේද ? මැණික " තේව්ගෙ හඬ ඇහුනෙ සරදම් හිනාවකුත් එක්ක " සද්ද නැතුව නෙවේ සිංදුවක් අහගෙන යන්නෙ" ඔහුගේ හිනාවෙන් නොසංසුන් වූ හිත යටපත් කරගෙන මං කිවුවා. " ආ.....එහෙමද ? , එහෙනම් සිංදුවත් අහගෙනම මගේ පස්සෙන් එන්නකො මැඩම්" " පස්සෙන්" කියල මං විශේෂයෙන් ඇහුවෙ ඒ වෙනකොට හිතේ ඇතිවෙලා තිබුණ සැකය තහවුරු කරගන්න. " ඔව් මං ඉන්නෙ ඔයාගෙ ඉස්සරහ වාහනේ " " මං හිතුව අස්සෙන් දානකොටම" මං කිවුව නෙවේ කියවුණා. ඒ එක්කම තේව්ගෙ උස් හඬින් නැගෙන චාරයක් නැති හිනාවත් එක්කම, " ඒක තමයි මැඩම් පාරෙ යද්දි පොඩ්ඩක් ඉඩක් ඉල්ලුවහම දෙන්න පුරුදු වෙන්න. එතකොට බලහත්කාරෙන් අස්සෙ දාන්න ඕනෙ නෑනෙ. මොකද බලෙන් දාන්න ගිහිල්ල වැදුනොත් එහෙම ඔය පොඩි වාහන තැලෙන්න පුලුවන් " තේව්ගෙ වචනත් මට ඇහුනා. ක්ෂණිකව කෝපයට පත්වෙලා යුද්ධ ප්‍රකාශ කරන්න දෙපාරක් නොහිතන තේව් පහු බහිනව වගේ පෙන්නල අවස්ථාව ලැබුණම පලිගන්න විදිහේ වගේම, තම තනි මතයේම එල්ලිලා ක්‍රියාකරන ඒකාධිපති පාලකයෙක් වගේ මනුස්සෙක් කියලයි මට හිතුනේ.යටපත් කරගෙන හිටියට සමහර වෙලාවට මතුවෙන උද්ධච්ච ගති ලක්ෂණ නම් ලාංකීය බලවත්, ධනවත් පවුල් පසුබිමෙන් ඔහු ලද දායදයක්. අඩි හයකුත් අඟල් දෙකක් උස ශරීරය,පළල් නළල් තලය , ඝන ඇහිබැමි යට ගිලුණ දිගටි දෙඇස් , දිගු සෘජු නාසය , හකු මතම ඇලවී ඇති නොපිරුන කම්මුල් , උගුරු ඇටය කැපී පෙනෙන දිගු ගෙල සහ පළල් උරතලය සහිතව යුගාන්ත වාසලමුදලි සියයට සීයක්ම යුගන්ධර වාසලමුදලිගෙ ජාන සහිතව උපන් බව කියා පෑව. උසට සරිලන ලෙස මනාව පවත්වාගෙන යන ශරීරයත් , තරමක් කෙටිව කපා පිටුපසට පීරන ලද කොණ්ඩයත් , තරමක ඝන උඩු රැවුලට සාපේක්ෂව හකු මතින් යන්තම් පෙනෙන ලෙස මට්ටම් කර ඇති යටි රැවුලත් ඔහුගේ උපතින් හිමි කඩවසම් බව ඔපමට්ටම් කරල තිබුණ. නිතරම නළල රැලි කරගෙන හිනාවකින් තොරව හිටියට, ඇස් හීනිවෙලා ,දෙකම්මුල් වල ගැහිල , මුව විහිදල නැගෙන මගේ හිත ඇදී ගිය තේව් සතු වූ සුන්දර අවංක හිනාව නම් දකින්න ලැබෙන්නෙ කණ කැස්බෑව විය සිදුරෙන් අහස දකිනව වගේ කලාතුරකින්. සපත්තු සෙරප්පු පවා ගලපල ඉතාම පිළිවෙලට අඳින තේව් ඉතා මිල අධික විවිධ මාදිලියේ ඔරලෝසු පැළදුවා. මුදු , කරාබු , වළලු ආදිය ප්‍රිය නොකරන ඔහු දෙකෙලවර මකර මූණු දෙකකින් සම්බන්ධ වුනු පිහාටු දෙකක් සහිත කඩුවක් පෙන්ඩන්ට් එකක් ලෙස එල්ලෙන තරමක රන් දම්වැලක් නිතරම පැළඳගෙන හිටියා. ටැටූ විලාසිතා වලට ඉතාම කැමති වුනත් ටැටූ එකක් නොකරන්නෙ හීනි කටු ඇඟේ ඇනෙන එක දරාගන්න බැරි නිසා කිවුවම නම් මට හිතුනේ ඔහු පිටට පෙන්වන තරම් ඇතුලතින් ශක්තිමත් නෑ කියලයි.අලි උනත් හෙණ්ඩුවට බයනෙ. මීට අවුරුදු අටකට නවයකට පෙර බොහෝ නොහික්මුණ, පාලක පන්තියේ දරුවෙක් විදිහට සමාජය කලබවන පුවත් නිර්මාණය කල තරුණයෙක් වුන යුගාන්ත වාසලමුදලි ගැන දැන් නම්
සමාජ මාධ්‍යවල පලවන්නේ ඔහුගේ සමාජ සේවා සහ සමාජ ශුභ සාධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු පමණයි.අවුරුදු අටක, නවයක ඉතිහාසය නොදන්නා කෙනෙක් තේව් පිළිබඳ නිගමනයකට ආවොත් කඩවසම් තරුණ ව්‍යවසායකයෙක් වගේම මවගේ බඩගෝස්තරවාදී දේශපාලනට ප්‍රතිලෝමව ක්‍රියාකරන සමාජ හිතවාදී පියාගේම පුත්‍ර රත්නයක් ලෙස හඳුන්වනවාට සැකයක් නෑ. කලකට පෙර ඔහුගේම සමාගමක් විසින් වෙළඳපොලට නිකුත්කරන ලද පිරිමි සුවඳ විලවුන් වර්ගයක් සඳහා වූ දැන්වීමකට ඔහුම නිරූපණයෙන් දායක වූ පසු කෙරුන පුවත්පත් සාකච්ඡාවක් මං කියෙව්වෙ නිරූගෙන් හම්බෙලා. පරණ පත්තර ගොඩකින් ඒ පත්තර අතිරේකය ඇය මං වෙනුවෙන්ම හෙව්ව කිවුවට මගේ හිතේ නැති ඇල්මක් තේව් සම්බන්ධව නිරූගෙ හිතේ තේව් දුටු දිනයේම ඇතිවෙලා තිබුණා. ඉතා සරාගී ඉරියව් සහිත පින්තූර කීපයක් සමඟ පළවූ , "යුගාන්ත වාසලමුදලි අනාගතයේ රංගනයටද...?දේශපාලනයටද...?" ලෙස ලොකු අකුරින් නම්කරල තිබුණ සම්මුඛ සාකච්ඡාවෙ " ඔබ පෙම්වතෙක් ද...? " කියල අහල තිබුණ ප්‍රශ්නෙට, " මම කවදාවත් පෙම්වතෙක් වෙලා ඉඳල නෑ හැබැයි මට ගෑණු ළමයි හිඟ නෑ " කියල තේව් උත්තර දීල තිබුණා. පොඩි අහංකාර ගතියක් තිබුණ ඒ පිළිතුර නිසා තේව් බොරු ප්‍රතිබිම්බ හදාගන්න දඟලන්නෙ නැති කෙලින් කතා කරන පුද්ගලයෙක් කියල මට හිතුනට, තේව් මුණගැහුනට පස්සෙ ඇතිවෙලා තිබුණ ඉහළ ආකාසෙ පාවෙන හැඟීමෙන් මිදිල මගේ හිත පොළව මට්ටමට පාත්වුනේ ඒක කියෙව්වට පස්සෙ කිවුවොත් හරි. පෙම්වතියක් නොවන ඔහුගේ කෙල්ලෙක් වෙන්න පුළුවන්කමක් වත් එහෙම සමාජ වටපිටාවක්වත් මට නෑ කියල හිත කිවුවෙ " වයසෙ හැටියට වැඩ කරපන් උමා " කියන තරවටුවත් එක්ක " අනාගතයේ ඔබ රංගනයට පිවිසෙයි ද ...? දේශපාලනයට පිවිසෙයි ද ....? " කියල අහල තිබුණ ප්‍රශ්නෙට, " රංගනයත් එක්තරා දේශපාලනක් තමා " කියල තේව් කෙටි උත්තරයක් දීල තිබුණ. ඒ උත්තර බැඳල තිබුණෙ අවන්තිකා වික්‍රමනායක ගෙ පුතා නෙවේ යුගන්ධර වාසලමුදලිගෙ පුතා කියල මට හිතුනෙ යුගන්ධර වාසලමුදලිගෙ කෙටි සහ සෘජු පිළිතුරු සැපයීම් මම ඊට පෙර දැකල තිබුණ නිසයි. මං පියවි ලෝකෙට ආවෙ Range Rover රථය දකුණු පස මං තීරුවෙන් ආපහු බත්තරමුල්ල පැත්තට හරවද්දියි. මෙහෙම පස්සෙන් ගිහින් මේ මනුස්සය එක්ක මොන තූත්තුකුඩියක රිංගන්න වෙයිද කියල ඇතිවුන ක්ෂණික තිගැස්ම නිසා ඒ වෙනකොටත් දුරකථනයේ රැඳී හිටිය තේව්ගෙන් " මේ කොහෙද යන්නෙ" කියල මං ඇහුවෙ කුතුහලයෙන් යුතුව. " දිව්‍ය ලෝකෙ....ඇයි.... බයද...? " " Range Rover යක එල්ලිලා දිව්‍ය ලෝකෙ ගිය පළවෙනි කෙනා මං වෙයි එහෙනම්" ඊට පිළිතුරක් වෙනුවට ඔහු සතු චාරයක් නැති හිනාව මහ හඬින් ඇහිල මොහොතකට පස්සෙ " මේවෑ එල්ලිලා දිව්‍ය ලෝකෙ යන්න අය ඕන තරම් ඉන්නව උමා ඔයා පස්ස ගැහුවට " කියල " හැබැයි මං දවසක ඔයාව දිව්‍ය ලෝකෙ ගෙනියනව ආපහු එන්න බෑ කියන්නම " කියල කටහඬ බරකරල රහසින් වගේ කිවුවෙ ඔහුට ඇති දෙපැත්ත කැපෙන කතා කීමේ හැකියාව පෙන්වමින්. ඒ කතා විලාසය නම් ඔහුට මව් උරුමයෙන් ලැබිල කියල මට හිතුනෙ පිරිමියෙකුගේ වැනි බර කටහඬක් තියෙන අවන්තිකා වික්‍රමනායක ගෙ ශීලාචාර නොවන නොහික්මුණ කතා විලාසයන් විවිධ මාධ්‍ය තුලින් මම දැකල තිබුණ නිසා. ඩෙන්සිල් කොබ්බෑකඩුව පාරේ සෑහෙන දුරක් ගිය රථය අතුරු පාරක පිහිටා තිබුණ තුරුලතා වලින් හෙවන සැදි පරිශ්‍රයකට ඇතුල් වුණා.පරිසරයේ සුන්දරත්වයෙන් වශීවෙලා වටපිට බලනකොට දැක්කෙ නම " THE HEAVEN " ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ උමන්දි ඉඳුතරා සූරියබණ්ඩාර ✍️ආයෙ නම් නාවට කම්නෑ මමත් පත්තිනි සලුව ලිහුවා පිටු ටිකක් ඇති පරණ පොතකට කැලැන්ඩර් කොළ දවටලා පොඩි පුතාටත් හතර පැන්නා අකුරු කරනට ලං වෙලා හාල් තුනපහ ඉහල යනවා සංතකේ දුක හංගලා කෝවිලේ උන් දෙවියෝ නිහඬයි පුදසුනේ මල් පරවෙලා _________________________________________ ගොඩවෙලා ගෙට ග්‍රාමයා මෙහෙ සමෘධිය ගැන ඇහැවුවෙි හැට්ටෙ අස්සෙම තිබුනෙ උගෙ ඇස් අහකනම් නෑ බලැවුවෙි උගේ උන්දැගෙ අඩුපාඩු ගැන මොන මොනාදෝ කියෙවුවෙි දන්න හින්දයි උගේ හැටි මං දරුවො මිදුලට නොයැවුවෙි _________________________________________ තවම වසරයි වුනේ එතෙරට සුමනසිරි නුඹ ගිහිල්ලා ලියුම් කඩදැහි මුකුත් තව නැ කඩෙ නය යයි ඉගිල්ලා සමෘධියවත් නැති උනොත් මගෙ පැටව් හාමතෙ ගිහිල්ලා තිබ්බ තුත්තිරි ගසා දාලා දුන්න බහ උට නොයිල්ලා _________________________________________ ඌ ගෙනා ආ හාල් වෙනුවට හැට්ට කටු බිම වැටෙන්නේ පාන් ගෙනෙනා ෂොපිං කවරෙට හොරෙන් විලවුන් වැටෙන්නේ වලාකුලකින් වසා හිටියට දියෙන් තිසරැන් තෙමෙන්නේ කීරි සම්බා උනත් හාලින් පිලී ගඳ මයි දැනෙන්නේ _________________________________________ පැනල මායිම උබත් ගොස් දැන් වසරකුත් මාසයක් ගෙවුනා ආයෙ නම් හිරු නොපායන ලොව මල් කැකුලු බඩ ගින්නෙ උන්නා උබේ මංගල මුදුව විකුනා කෑ දවස් බඩගින්න මැකුනා ආයෙ නම් නාවමත් කම්නෑ මමත් පත්තිනි සලුව ලිහුවාAussi අයිශා - 18 කොටස මසර්ට හේතුවක් තියෙනවා. තාත්තා මේ මොනාද කියවන්නේ. "අයිශා..." මගෙ පැත්තෙන් කිසිම සද්දයක් නැති පාර තාත්තා ආපහු කතා කළා. "මට තාත්තා කියපු දේ තේරුණේ නෑ. මසර්ට මොකක්ද තියෙන හේතුව?.." "මං දන්නෑ ඇත්තටම ඒකද හේතුව කියලා. ඒ වුණාට මං සෑහෙන කාලයක් මසර් හැසිරෙන විදිය දැක්කනේ. මේ සැරේ ඔයාලා ආපු වෙලෙත් මං මේ බිස්නස් එක ඔය දෙන්නා කරයි කියලා හිතුවා කිව්වම මිනිහගේ මූණ අමුතු වුණා. ඒ වෙලාවේ මට හිතුනා මං කිව්වේ අනවශ්‍ය දෙයක් නේද කියලා. පස්සේ මසර් කතාව වෙන පැත්තකට හරවපු නිසා මටත් ඒක එහෙම්මම අමතක වෙලා ගියා. ඊයේ රෑ මං ගෙදර ආවම අම්මා මට ඔයාගෙ විස්තරේ කියද්දි, අන්න එතකොට තමයි මට තේරුණේ මසර් ඔච්චරටම මේකට අකමැති ඇයි කියලා..." තාත්තට මොනාත් කියන්න එපා කිව්වට, අම්මා තාත්තාට ඔක්කොම කියලනේ. සමහරවිට වෙච්චි දේවල් මං එක දෙක කරලා තාත්තට කියයි කියලා හිතලා අම්මා ඉස්සර වුණාද දන්නෙ නෑ. ඒත් දැන් මේ තාත්තා මොනාද කියවන්නේ. මීට කලින් තාත්තා මට මොනාත් කියලා නෑනේ. අනිත් එක මං දන්නැති තාත්තා දන්න හේතුව මොකක්ද. "මට තාමත් තේරෙන්නේ නෑ තාත්තා මොනා ගැනද කියන්නේ කියලා..." "මසර්ගේ අම්මයි තාත්තයි නැතිවුණ විදිය ඔයාට මතකනේ..." "ඔව්...ඇක්සිඩන්ට් එකකින්නේ..." තාත්තා මොකටද මේ වෙලාවේ මෙතෙන්ට මසර්ගේ අම්මගෙයි තාත්තගෙයි ඇක්සිඩන්ට් එක ඇඳලා ගත්තේ. "එතකොට ඔයාට අවුරුදු නමයයි, මසර්ට දහයයි. පොඩි කාලේ ඔයාලා දෙන්නා දැනගෙන හිටියේ එයාලා ඇක්සිඩන්ට් එකකින් නැතිවුණා කියලා විතරනේ. ඒත් එතන ඊට වඩා ලොකු කතාවක් තියෙනවා අයිශා...” තාත්තා ලොකු හුස්මක් පිට කරන සද්දෙ මට ඇහුණා. "අයිශා..." "මං අහගෙන ඉන්නෙ තාත්තේ..." "ඒ දවස්වල මං ස්වීට් ජාති කඩේ තියාගෙන විකුණුවේ. දැන් වගේ ඩිලිවරි කරන්න පටන් අරගෙන තිබුණේ නෑ. ඩිලිවරි පටන් ගන්න ලොකු උවමනාවක් තිබුණත් වාහනයක් තිබුණේ නැති නිසා දවසින් දවස ඒ වැඩේ කල් ගියා. ඇත්තටම වාහනයක් ගන්න ලොකු සල්ලියක් මගෙ අතේ තිබුණෙත් නෑ. හැබැයි මං එතකොටත් පොඩි පොඩි බිස්නස් කරන අපි වගේ අයට බැංකුවෙන් දෙන ලෝන් එකකට ඉල්ලුම් කරලයි තිබුණේ. මගෙ කඩේ මිනිස්සු අතරට යද්දි ඩිලිවරි ඕඩර්සුත් සැරෙන් සැරේ ආවා. ඒත් වාහනයක් තිබුණේ නැති නිසා මං ඒවා මඟ ඇරියා. ඒකට මගෙ යාළුවා ඔමාර්, ඒ කියන්නේ මසර්ගේ තාත්තා කැමති වුණේ නෑ. සෙනසුරාදා ඉරිදා දවස්වල, තව හවස වැඩ ඇරිලා ආවම මිනිහා කැමැත්තෙන්ම කිසිම ගාණක් ගන්නෙ නැතුව මගෙ කෑම ඩිලිවරි කරලා දුන්නා. ඒ නිසා හිතුවටත් වඩා මගෙ කඩේ මිනිස්සු අතරෙ සෑහෙන්න ප්‍රසිද්ධ වුණා... ඔහොම ඉන්නකොට දවසක් පේශාවර් ටවුන් එක පැත්තෙ තියෙන ගෙදරක විවාහ ගිවිස ගැනීමේ උත්සවේකට මට ගුලාබ් ජාමුන් ඕඩර් එකක් ආවා. සෙනසුරාදා උදේ නිසා මං ඕඩර් එක භාරගත්තා. ඔමාර් කොහොමත් සෙනසුරාදා දවසම නිවාඩුනේ. හැබැයි එදා මසර්ගේ අම්මගේ යාළුවෙක්ගේ දිහා යන්න ඔමාර් සෙනසුරාදා දවස වෙන් කරගෙන තිබුණේ. ඒ වැඩේ හදිස්සියේ දාගත්ත එකක් නිසා මට ඒ ගැන කියන්න ඔමාර්ට අමතක වෙලා. ඒක දැනගත්ත ගමන්ම මං ඕඩර් එක කැන්සල් කරන්න හැදුවත් ඔමාර් ඒකට කැමති වුණේ නෑ. මසර්ගේ අම්මගේ යාළුවාගේ ගෙවල් තියෙන්නෙ පේශාවර් ටවුන් එක පහු කරලා නිසා ඒ යන ගමන් මගෙ ඕඩර් එකත් දීගෙන යන්න ඔමාර් කැමති වුණා....විවාහ ගිවිස ගැනීම තිබුණ ගෙදරට යන්න ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් දෙක තුනක් ඇතුලට යන්න තිබිලා තියෙනවා. ඒ යන ගමනෙදි තමයි මසර්ගෙ අම්මයි තාත්තයි ඇක්සිඩන්ට් වුණේ... ඒ සිද්ධියෙන් පස්සේ මට මේ ස්වීට් බිස්නස් කෙරුවාවත් එපා වුණා. සති ගාණක් කඩේ වහලා වෙන තැන්වල රස්සා හොයන්න මං සෑහෙන්න මහන්සි වුණා. ඒ වුණාට ගෑනු දරුවෝ තුන්දෙනෙක් ඉන්න මගෙ පවුල නඩත්තු කරන්න මට ආයෙත් මගෙ ස්වීට් බිස්නස් පටන් ගන්න වුණා. ඒ විතරක් නෙමෙයි මසර්ගේ අනාගතේ ගැනත් මං බලන්න ඕනි කියන එක මගෙ ඔළුවේ තිබුණා...ඔයාව බඳින්න කැමතියි කියලා මසර් මට කියපු දවසේ මං මසර්ට ඇක්සිඩන්ට් එකේ ඇත්ත සිද්ධිය කිව්වා අයිශා...එදා තමයි මගෙ හිත සැහැල්ලු වුණේ. ඒත් මසර් මං කියපු දේවල් අහගෙන හිටියා විතරයි මොනාත් කියන්න ගියේ නෑ...කාලෙත් එක්ක මසර් ඒ දේවල් අමතක කරන්න ඇති කියලා මාත් හිත හදාගත්තා. ඒත් තාමත් මසර්ගේ හිතේ කොණක ඒ දේවල් තියෙනවා කියලා මට හිතෙනවා අයිශා..." "මසර් කවද
ාවත් මට මේවා කියලා නෑනේ...එතකොට තාත්තා කියන්නේ මසර් මේ තරම් ස්වීට් බිස්නස් වලට අකමැති මේ නිසා කියලද?..." "හ්ම්ම්ම් ඔව් අයිශා...මට හිතෙන්නේ එහෙම" "ඒත් අපේ කඩේ වැඩ වලට මසර් සෑහෙන්න උදව් කරලා තියෙනවනේ... තාත්තට මතකද ස්වීට් ජාති හදනකොට, ඒවා පැකට් කරනකොට එහෙම ග්ලවුස් දාන්න කියලා මසර්නේ තාත්තට පුරුදු කළේ. අනික කඩේ වැඩ කරගෙන යන්න තව කොච්චර අයිඩියාස් දීලා තියෙනවද. ඔය කියන විදියට එයා මේකට අකමැතිනම් කඩේ පැත්තවත් බලන්නෙ නෑනේ තාත්තේ..." "මසර්ට තියෙන්නෙත් එයාගෙ තාත්තාගේ ගතිගුණම තමයි. ඔමාරුත් ඒ දවස්වල මගෙ කඩේ වැඩ වලට කොච්චර උදව් වෙලා තියෙනවද...මට ඔයාට කියන්න ඕනි මේකයි දුවේ...ඔයාගෙ හිතේ තියෙන ඔය ස්වීට් බිස්නස් වැඩේ අතෑරලා දාන්න. මසර් වුණත් ඔයාට ඇක්සිඩන්ට් එකේ විස්තරේ කියන්න නැතුව ඇත්තේ ආයෙ පරණ දේවල් මතක් කරන්න තියෙන අකමැත්තට වෙන්න ඇති. ඔයාලා දෙන්නා අවුරුදු ගාණක් සතුටින් පවුල් කෑවානේ. මේ ස්වීට් බිස්නස් ප්‍රශ්නෙ අන්තිමට ඔයාලගේ පවුල් ජීවිතේටත් බලපායි කියලා මට බයයි. එහෙම වුණොත් මං හින්දනේ මේ දේ වුණේ කියලා එදා මසර්ගේ අම්මයි තාත්තයි නැති වුණාටත් වඩා වේදනාවක් මට දැනෙයි...ඔයාට මං කියනදේ තේරෙනවා නේද අයිශා..." "හ්ම්ම්...ඔව් තාත්තේ..." "එහෙනම් මං තියන්නම්. පරිස්සමෙන් ඉන්න දරුවෝ... දෙවි පිහිටයි" "දෙවි පිහිටයි තාත්තේ..." එහෙනම් ඒකද මසර්ට තියෙන ප්‍රශ්නේ. ඒත් ඒ තාත්තා කියන විදියටනේ. ඇත්තටම ඒකද නැත්නම් වෙන දෙයක්ද කියලා දන්නෙ ඉතින් මසර්ම තමයි. එයාගෙ අම්මයි තාත්තයි ඇක්සිඩන්ට් වුණේ අපේ තාත්තගේ ස්වීට් කඩේ ඩිලිවරියකට ගිහින්නම් එයාට ප්‍රශ්නෙ තියෙන්න ඕනි අපේ තාත්තගේ කඩේ එක්කනේ. මං මෙහෙ ඇවිත් බිස්නස් එකක් පටන් ගන්න හදන එකත් එක්ක කොහොමද ඔය පරණ දේවල් සම්බන්ධ වෙන්නේ. අනේ මන්දා වෙලාවකට මාත් හරිම ආත්මාර්ථකාමි ගෑනියෙක්. ස්වීට් බිස්නස් කරන්න තියෙන ආසාවයි උවමනාවයි නිසා මසර්ට තියෙන්නේ වෙන හේතුවක් කියලා මං මටම හිතන්න බල කරන්නයි මේ හදන්නේ. ඒත් ඇත්තටම මසර්ගේ හේතුව තාත්තා කියපු දේ නම් මගෙ ස්වීට් බිස්නස් පටන් ගැනිල්ලට වඩා මං හිතන්න ඕනි අවුරුදු ගාණක් මාත් එක්ක ඉන්න මං ආදරේ කරන මනුස්සයා ගැනනේ නේද. ඔන්න ඔහේ මෙච්චර කාලයක් හිටියා වගේ ඉස්සරහටත් ඉන්නවා. ලොකු ලොකු දේවල් කරන්න ගිහින් තියෙන දේත් නැති කරගන්න මට ඕනි නෑ. ඔය මගේ අක්කලා දෙන්නා ගෙදරට වෙලා සැපට පාඩුවේ වැඩක් කරගෙන ඉන්නේ. ඒ වගේ මටත් ඉන්න බැරි කමක් නෑනේ. හිතුනොත් ෆේස් බුක් එකේ හරි නැත්නම් ටික් ටොක් හදාගෙන ඒකේ හරි මගෙ කෑම වීඩියෝස් දානවා. කවුද දන්නේ මේ පාර වැහෙන්නේ ඒ පැත්තෙන් අලුත් පාරක් හැදෙන්නද කියලා. මසර් දවල්ට බ්‍රේක් එකට ගෙදර එන වෙලාව බලලා මං කෑම ටික ලෑස්ති කළා. වෙනදටනම් දවල් දෙක හමාර වගේ වෙද්දි ගෙදර එනවනේ. ඒත් තුනත් පහුවෙලා මසර් ගෙදර ආවේ නෑ. දැන්නම් මටත් හොඳටම බඩගිනියි. මෙච්චර වෙලා මොනවා කරනවද මන්දා. මාත් එක්ක තරහට බ්‍රේක් එකට ගෙදර නෑවිදින් හොටෙල් එකට වෙලා ඉන්නවද දන්නෑ. එහෙමට මනුස්සයානේ. තුන හමාරත් පහුවෙලා. දැන්නම් මට බඩගින්නටම තරහත් වැඩිවෙලා තියෙන්නේ. මසර් ඔහෙ ඕන එකක් කරගත්තදෙන් කියලා මං ලොකු බත් පිඟානක් බෙදාගෙන කාගෙන කාගෙන ගියා. හතර හමාරටත් කිට්ටුයි. තව විනාඩි පහකින් දහයකින් එයාගෙ බ්‍රේක් එක ඉවරයි. මොකද කරන්නේ කෝල් එකක් අරගෙන බලනවද. ෆෝන් එක අතේ තියාගෙන මසර්ගේ නම්බර් එක දිහා බල බලා මං ටික වෙලාවක් කල්පනා කළා. තමන්ගේ මනුස්සයාට ගෙදර එන්න වෙනදා එන වෙලාවට වඩා වෙලාවක් ගිහින්නම්, ඒ වෙලාවට ඕනිම ගෑනියෙක් කලබල වෙනවා වගේ මාත් කලබල වුණා. පොඩි බයකුත් නොදැණුනාම නෙමෙයි. සමහර විට එයා හොටෙල් එකේ රෙස්ට් රූම් එකට වෙලා බ්‍රේක් එක ගන්නවද දන්නෙත් නෑ. කෝකටත් කියලා ලොකුකම පැත්තකට දාලා මං කෝල් එකක් ගත්තා. "හෙලෝ...මං වැඩ. ඉක්මනට කියන්න අයිශා..." "වැඩ?... බ්‍රේක් නැද්ද අද?.." "අද මං පහට ඕෆ්නේ. මේ වෙලාවට මොන බ්‍රේක්ද, මං තව ටිකකින් ඕෆ් වෙනවා...ඇයි ඔයා ගත්තේ..හදිස්සියක්ද?..." හරිනේ. මට කලින් කියලනේ තිබ්බේ අද පහට ඕෆ් වෙන දවසක් කියලා. දැන් ඉතින් මට අමතක වුණා කියලා මෙයාට කියන්නද. "නෑ...නෑ...ඔයා පහට ඕෆ් වෙනකොට පැය භාගෙක බ්‍රේක් එකක් ගන්නවනේ. දැන් බ්‍රේක් ටයිම් එක වෙන්න ඇති කියලා හිතලයි මං ගත්තේ..." "පහට ඕෆ් වෙන්න තියෙද්දි හතර පහුවෙලා බ්‍රේක් ගන්නවද අයිශා...දෙක හමාරටනේ ගන්නේ..ආ..මේ..දැන් ගත්ත නිසා මෙහෙම්ම කියන්නම්. අද අපි පොඩි ගමනක් යනවා. මං එනකොට ලෑස්ති වෙලා ඉන්න. නැත්නම් ඔයාට ලෑස්ති වෙන්න පැයක් විතර යනවනේ..." "ගමනක්? කොහෙද?.." "ෆිල්ම් එකක් බලන්න..මං එහෙනම් තියනවා.." පුදුමයි. මසර් කතා කළේ කිසි දෙයක් මතක නැති විදියට. මං හිතුවේ එයා ගෙදර ආවම ඊයේ මං ඉරිසියාකාරයා කියපු එකට හොඳ දේවල් ටිකක් අහගන්න වෙයි කියලයි. ඒකට මෙයා, ෆිල්ම් එකක් බලන්න යන්නත් දාගෙන. එයත් ඊයේ ඒවයි අද උදේ ඒවයි ඔක්කොම අමතක කරලා ඉන්න එකේ මාත් ඕවා අමතක කරලා දානවා. පව්, අද බඩගින්නේ ඉන්න ඇත්තේ. මසර් ඔච්චර කියලත් මට නිකමටවත් මතක් වුණේ නෑනේ අද එයා පහට ඕෆ් වෙන දවසක් කියලා. එහෙමනම් මං උදේට පාන් පෙත්තක් කාලා යන්න දෙන්නෑනේ. වෙනදට මසර් පහට ඕෆ් වෙන දවස් වලට මං, එයාට උදේට කන්න අනිවාර්යයෙන් රොටි හරි බත් හරි හදනවමයි. ඒ කරලා පැය භාගේ බ්‍රේක් එකට කන්න සැන්ඩ්විච් එකකුත් හදලා යවනවා. අද ඒ මොනාත් නෑ. දැන් ඉතින් මොනා කරන්නද. දවල්ට කන්න කියලා හදපු දාල් චාවල් ඉතුරු ටික භාජන වලට දාලා ෆ්‍රිජ් එකට දැම්මේ හෙට උදේට හරි දවල්ට හරි කන්න හිතාගෙන. අද හවසට ෆිල්ම් එකක් බලන්න එළියට යනවා කියන්නේ ඉතින් රෑ කෑමත් එළියෙන් කියන එකනේ. මසර් එන්න කළින් මං වොශ් එකක් දාගෙන ලෑස්ති වෙන්න පටන් ගත්තා. මසර්ටත් ඇඳන් යන්න ඇඳුමක් එළියෙන් තිබ්බා. මං ලෑස්ති වෙලා ඉවරවෙනකොටම වගේ මසර් ගෙදර ආවා. "ආ...ඔයා ලෑස්ති වෙලා ඉවරයි නේ.. මං ඉක්මනට ලෑස්ති වෙලා එන්නම්. හය හමාරට ෆිල්ම් එක" "මං ඔයාට ස්ට්‍රෝබෙරි මිල්ක් ශේක් එකක් හදන්නද?.." මේ දවස් වල රස්නෙ නිසා කූල් මොනාහරි බොන්න මසර් ගොඩක් කැමතියි. අනික හරියට කෑමකුත් නැතුවනේ ඉන්නේ. "ශා...මේ වෙලාවට නියමයි" කියාගෙන මසර් වොශ් එකක් දාගන්න ගියා. මං මිල්ක් ශේක් එක හදලා ඉවර වෙනකොට මසර් වොශ් එකක් දාගෙන ලෑස්ති වෙලත් ඉවරයි. "කෝ ඔයා බොන්නෙ නැද්ද?.." මං දුන්න මිල්ක් ශේක් එක බොන ගමන් මසර් ඇහුවා. දවල් මසර් පරක්කු වුණු එකේ තරහටත් එක්ක ලොකු බත් එකක් බෙදාගෙන කාලා ඉස්මුරුත්තාවටත් ඇවිල්ලා ඉන්නකොට තව මොන මිල්ක් ශේක්ද. "මට දැන් බොන්න බෑ අනේ...මං කූල් වතුර එකක් බිව්වා. මේ....අපි දැන් බලන්න යන ෆිල්ම් එක මොකක්ද?.." "වොන්කා..." "වොන්කා?... වොන්කා කිව්වේ අර චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ට්‍රි එක නේහ්..ඒක පරණ එකක්නේ..අපි කීපාරක් බලලා තියෙනවද..." "ඒක නෙමෙයි අයියෝ..පරණ ඒවා ආයෙ ආයෙ පෙන්නනවද ෆිල්ම් හෝල් වල. මේකෙ විලී වොන්කාගේ තරුණ කාලේ ගැන යන්නේ... ඔයා කලින් ෆිල්ම් එකට ගොඩක් කැමති නිසා මේකටත් කැමති වෙයි කියලා හිතුණා.. ඒකයි බුක් කළේ...යමු යමු පරක්කු වෙනවා..." කරච්චි ඉද්දිනම් අපි දෙන්නා මාසෙකට සැරයක් අනිවාර්යයෙන් ෆිල්ම් එකක් බලන්න යනවමයි. මෙහෙ ආවට පස්සේ මේ ෆිල්ම් එකක් බලන්න යන පළවෙනි සැරේ. ෆිල්ම් එක නිසා අපි දෙන්නගෙම මුඩ් ෆික්ස් වුණා කිව්වොත් හරි. හැබැයි ඉතින් තරුණ විලී වොන්කායි එයාගෙ චොක්ලට් හැදිල්ලයි බලාගෙන ඉද්දි මට මාවයි කවදාවත් හැබෑ වෙන්නෙ නැති මගෙ ස්වීට් බිස්නස් එකයිත් සැරින් සැරේ මතක් වුණා. ෆිල්ම් එක ඉවර වෙලා අපි රෑට කන්න ඩොමිනෝස් එකෙන් පිට්සා අරගත්තා. ඒවත් අරගෙන ගෙදර එන ගමන් අපේ ගෙදර ළඟම පාක් එකත් එක්ක තියෙන වෝකින් ඒරියා එක හරියට එද්දි මසර් කාර් එක පාර අයිනට කරලා නැවැත්තුවා. "අද ලොකු සීතලකුත් නැති එකේ මෙතෙන්ට වෙලා ඩිනර් එක ගමුද?.." වෝකින් ඒරියා එකේ අයිනට වෙන්න තියෙන බෙන්චස් පෙන්නලා මසර් කිව්වා. "මෙතන...මේ පාර අයිනේ?..අනික රෑ..." "මොකෝ වෙන්නේ...එන්න යමු" පිට්සා පෙට්ටි දෙකයි, වතුර බෝතලෙයි අරගෙන මසර් වාහනෙන් බැස්සා. මසර් කිව්වා හරි. වෙනදටනම් මේ වෙලාවට සීතල වැඩියි. ඒත් අද හරිම සෞම්‍ය සීතලක් තියෙන්නේ. පිට්සා පෙට්ටි මැද්දෙන් තියාගෙන අපි දෙන්නා මූණට මූණ බලාගෙන දෙපැත්තෙන් වාඩි වුණා. "ඉතින්, ෆිල්ම් එක කොහොමද?.." පිට්සා කෑල්ලක් කටේ ඔබාගන්න ගමන් මසර් ඇහුවා. "මටත් උම්පා ලුම්පා කෙනෙක් හිටියනම් කියලා හිතුනා.." මං කිව්වා නෙමෙයි මට ඒක නිකන්ම කියවුණා. "මොකක්?..." පිට්සා කෑල්ල කටේ තියෙද්දි කටත් පුම්බගෙන මසර් ඇහුවා. මතු සම්බන්ධයි. බුද්ධි ජයවීර. ( කතාව කියවලා අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති. පිළිතුරු නොලියනවට සමාවෙන්න )#එතන_ලා.. මං ඉපදුනේ වන්නි හත්පත්තුවේ හද්ද ඩොටක ය. ඩොටේ තරම කියනවානම් ඒ ඩොට වටේටත් තිබුනේ එක එක ඩොට් ය.... ඩොටේ ඉදං ටවුමට යන්නට ඉටිපන්දං ලොරියකුත් මදිය. තවත් දෙක තුනක් තිබුනානම් යන්තම් ටවුම පේන මානයට යන්නට පුලුවන් ය. ඒත් ටවුමටම බෑ ය. ලොරියක් බැලීමටත් ටවුමටම යන්න ඕනෑ ය. ලොරි කියනකොට මතක් වෙන්නේ සේකර මාමාගේ ලොරිය ය.... සේකර මාමා ගමට ලොරියක් ගෙනාපු පලවෙනියා නොවේය. තප්පදෝරුම ලොරිය ගෙනාවේ උන්දා ය. ඒ ලොරිය ගමට ගෙනාවේ පෙරහැරින් ය. එදා ගමටම මගුල් ය. ලොරිය පරණ උනාට ප්ලේන්ට් එක අලුත් ය. තට්ටුව දිගය. බොනට් එක ලොකු ය. ඇන්ජිමේ විසාල සද්දයක් තිබුනා ය. ගෙනාපු අලුත නම් ලොරි බාගේත් පටවාගෙන සේකර මාමා "පාගල්" එකේ ගම වටේ ඇවිද්දා ය. ලොරියේ බරට පාගල් එකේ ටෑර් ගෙවෙන්නේ ඕසෙට ය. පාගල් එක කීවේ බයිසිකලයට ය. ඒ පාගන හින්දා ය. බයිසිකලයට පාගල් එක කියන්නට ඉගැන්නුවේ සුනිල් ය. සුනිලා කලු නෑ ය. ඌ දැකුම් කලු ය. උගේ දත් නම් කිරි සුදුය. රෑක දැක්කොත් යකා පොල් කනවා වාගේ ය. සුනිලා හිටියේ සේකර මාමලාගේ අල්ලපු ඉඩමේ ය. අපේ ගමේ නම් සේකර මාමාට ලමයි හිටියේ නෑ ය. පිට ගම් වල හිටියාද දන්නේත් නෑ ය. ගෙනාපු ලොරි බාගයට සේකර මාමාගේ ඉටිපන්දම මදි ය. ලමයි හිටින්නට නැත්තේ ඒක ය. මට කීව
ේ සුනිලා ය. ............................... සුනිල්ලාගේ තාත්තා හීං බංඩාය. හීං බංඩලාට ඉස්සර කියා ඇත්තේ "චූලෝදර" කියලා ය. හීං නම් චූල ය. උදර නම් බඩ ය. එබැවින් එදා චූලෝදරලා අද හීං බංඩලා ය. එදා මහෝදරලා අද ලොකු බංඩලා ය. නමුත් පයෝදර යන්නට ලොප් වූ තැනක් මා දන්නේ නෑ ය. ඒක හොයන්නට ගියොත් නතර වන්නේ කුණුහරුපයකින් ය. ඒක ඕන්නෑ ය. හීං බංඩා මාමා තනි යූඇම්පී කාරයා ය. ජේ ආර් මහත්තයාටත් වඩා පක්සේ ගැන දන්නේ උන්දා ය. කැඩුවේ පොල් ය. කකුලට දාන පොල් වලල්ලත් කොල පාට ය. මලගෙදරකටත් ඇන්දේ කොල පාටය. කෑමට ආසාත් කොල ජාති ය. බීමට ආසා කලේත් කොළ කැද ය. ඒත් ලමයින්ගේ උප්පැන්නෙට නම් තිබ්බේ නිල් පාටින් ය. ලොකු එකා සුනිල් ය. අනිකා ඉදුනිල් ය. උන්ට නිල් පාටට වඩා ගැලපෙන්නේ කළු පාටය. දෙකම කට්ට කලු ය. හීං බංඩා මාමාගේ අච්චුවම ය. හීං බංඩ මාමා මැරුණේත් අලියෙක් ගහලා ය. ඒ දවස් දෙකක් ඉස්පිරිතාලේ පණ ඇදලා ය. අවසාන කැමත්තත් කීවා ය. ඒ විදියටම අවමගුලත් කෙරුවා ය. මිණියට සුදු ඇන්දුවාට මල ගේ සැරසුවේ කොල පාටින් ය. .................................. සුනිල් ලාගේ අම්මාගේ නම නම් කිරි පාටය. උන්දා කිරිඑතනා ය. අපේ අම්මලා කිරිඑතනා නැන්දාට කීවේ එතනක්කා කියලාය. හීංඑතනා හා රංඑතනා ගමේ හිටි තවත් එතනලා ය. කොයි එතනාටත් අම්මා කීවේ "එතනක්කා" කියලා ය. ඉද හිට දෙහිගෙඩියක් කඩාගෙන එන්නට "එතනක්කලෑ" දිහාට මා දක්කන්නේ අම්මා ය. අම්මා එතන්නක්කා කීවේ කොතන එතනක්කාට දැයි මා දන්නේ නෑය. ත්‍රී පේස් ලයින් එකක වැදුනු වවුලෙක් වාගේ මං තුස්නිම්බූත වන්නේ ඒ වෙලාවට ය. ඉස්සරලාම යන්නේ ලගම එතනක්කලෑ ගෙදර ය. ඒ එතනක්කලෑ දිහා දෙහි තිබුනොත් අම්මගේ වාසනාව ය. නොතිබුනොත් මගේ අවාසනාව ය. අනික් එතනක්කලාගේ ගෙවල් දුරය. දවල් අඹරන සම්බෝලයට දෙහි මිරිකන්න වෙන්නේ රෑට ය. අම්මා දෙහි මිරිකන්නට කලින් මිරිකන්නේ මගේ කණ ය. දෙහි කපන්නේ ඊට පස්සේ ය. දෙහි කඩන්නට ගිය මා තේරුම් ගත් එක් දෙයක් තිබුනා ය. නම කිරිඑතනා උනත් හීංඑතනා උනත් රංඑතනා උනත් කිරි නම් තිබුනේ එකම තැනම ය. හීං එතනා නැන්දාගේ නම් ඇත්තටම එතන හීං ය.... මා තේරුම් ගත්තේ ඒකය. .............................. රං එතනා නැන්දාගේ මිනිහා තේවිස් ය. හොර මිනිහා හීරළුවා ය. අම්මලා අප්පලා දාපු නමට උපරිම සාධාරණය කෙරුවේ තේවිස් මාමා ය. නම තේවිස් උනාට දවසකට තේ විස්සකට වඩා බීවා ය. රංඑතනා නැන්දාගේ එතන රත්තරං ද කියා මා දන්නේ නෑ ය. අසා දැනගන්නට හිටපු එකම එකාත් ගමෙන් එලෙව්වා ය. තේවිස් මාමා කඩුව අරං පැන්නුවා ය. උඩකොරටුවේ සීලවංස වෙල දිගේ දිව්වා ය.... ඒ වැඩපු වැඩිල්ලට සිවුර තාමත් වෙලේ කුඹුක් ගහ යට ය.... .................ජනිදු..............වංගිව මං මුලින්ම දැක්කෙ නවය වසරෙදි.. ඒ අපි නවයෙ පන්තියෙ ඉන්නකොට ඉස්කෝලෙ තිබුන චිත්‍ර තරගයක් අතරතුරේදි.. වංගි හිටියෙ මට වඩා අවුරුද්දක් බාල පන්තියක නිසා ඒ වෙනකොට මට වංගිව මුණගැහිල තිබුනෙ නෑ.. චිත්‍ර ප්‍රදර්ශනේට අපි හැමෝම චිත්‍ර ඇඳල තිබුනත් ඉස්කෝලෙ හැමෝගෙම වගේ කතාබහට ලක්වුන චිත්‍රය ඇඳල තිබුනෙ වංගි.. වංගි තමන් ඇඳපු ඒ චිත්‍රය නම් කරල තිබුනෙත් "වංගි" කියලා.. මමත් වංගි ඇඳපු ඒ චිත්‍රය මොනවගේද කියල බලන්න හිතාගෙන අට වසරෙ ළමයි ඇඳපු චිත්‍ර ටික ප්‍රදර්ශනයට තියල තිබුන ශාලාව පැත්තට ගියෙ අපේ පන්තිවල කාටවත් පේන්නෙ නැතිවෙන්න.. මම එතැනට යනකොට වංගි හිටියෙ එයා ඇඳපු චිත්‍රය ළඟින් හිටගෙන චිත්‍ර මැඩම් එක්ක බර කතා බහක.. ඒ නිසා එයා මාව දැක්කෙ නෑ.. මම හෙමිහිට ඒ කිට්ටුවට ගිහින් මැඩම්ගෙ එහා පැත්තෙන් හිටගෙන චිත්‍රය දිහා බැලුවා.. චිත්‍රයෙ උඩින්ම බෝල අකුරින් ලොකුවට "වංගි" කියල ලියල තිබුනා.. පහලට එල්ලෙන කරාබු දෙකක් දාල, සාරියක් ඇඳගෙන ඉන්න ලස්සන ගැහැණු ළමයෙක්ගෙ රූපයක් චිත්‍රයේ තිබුනා.. "එතකොට මේ සාරියත් වංගිගෙ ද?" මං මැඩම් ළඟින් හිටගන්නකොටම තමයි මැඩම් වංගිගෙන් ඒ ප්‍රශ්නය ඇහුවෙ.. ඒ වෙලාවෙ තමයි මං ජීවිතේ මුල්ම වතාවට වංගිව පැහැදිලිව දැක්කෙ.. වංගිට තිබුනෙ තද කලුපාට දීප්තිමත් බෝල ඇස් දෙකක්.. රෝස පාට කම්මුල් දෙකයි, රෝස පාටට හුරු තොල් පෙති දෙකයි, හුරුබුහුටි පුංචි නහයයි එයාගෙ මුහුණට ගෙනාවෙ අමුතුම ලස්සනක්.. මැඩම් අහපු ප්‍රශ්නෙට වංගි උත්තර දෙනව වෙනුවට එයාගෙ ලොකු බෝල ඇස් දෙක මැඩම්ට එහා පැත්තෙන් හිටගෙන හිටපු මං දිහාවට යොමු කරා.. ඒ තමයි අපේ ඇස් මුණගැහුන පළවෙනි වතාව.. මං දිහාවට හැරුන ඒ ඇස් මගෙ ඇස් උඩම නතරවෙලා ටිකවෙලාවක් ඉද්දි ඒ බෝල ඇස් දෙක දිලිසෙනවා මං දැක්කා.. "ලස්සනයි.." මං හිනාවෙන ගමන් එහෙම කිව්වෙ ඒ ඇස් දිහා බලාගෙනමයි.. මං ඒ කිව්වෙ චිත්‍රෙ ගැනද, නැත්නම් වංගි ගැනද කියල මටවත් හරියට තේරුනේ නෑ.. කිසිම දවසක කිසිම කෙනෙක් ගැන දැනුනෙ නැති අමුතු හැඟීමක් මට වංගිව දැකපු මොහොතෙ ඉඳන් වංගි ගැන දැනෙන්න පටන් අරන් කියල මට දැනුනා.. වංගිටත් ඒක එහෙමම වෙන්න ඇති කියල මට හිතුනෙ මම සුබ පතන්න දික්කරපු අත එයා දැක්කෙ තත්පර ගානකට පස්සෙ නිසා.. එයාගෙ රෝස පාට කම්මුල් තවත් රෝස පාට වෙලා, එයාගෙ බෝල ඇස් දෙක තවත් ලොකුවෙලා, ඒ රෝස කම්මුල් ලැජ්ජාවෙන් රතුවෙන අතරෙ වංගි හිනාවෙලා එයාගෙ අතත් දික් කරල මට අතට අත දුන්නා.. "Thank you!” වංගිගෙ ඇඟිලි තුඩු මගෙ අතේ ඇඟිලි තුඩු වල ගැවෙනකොට මගෙ යටිපතුල් කෙළවරෙන් මතුවුන හිරියක් කකුල් දෙක දිගේ ඇවිත් පිට කොන්ද දිගේ ඉහළට ඇදිල එනව මට දැනුනා.. ඊට කලින් කවමදාකවත් මට එහෙම දැනිලා නෑ.. එදා ඒ හමුවීමෙන් පස්සෙ විවේකයක් ලැබුන හැම වෙලාවකම වගේ මම වංගිව හොයාගෙන එයාගෙ පන්තිය පැත්තට ගියා.. ටික දවසක් එහෙම යනකොට වංගිත් මම එනකල් බලන් ඉන්නව කියන එක මට ටිකෙන් ටික දැනෙන්න පටන් ගත්තා.. හැබැයි අපි දෙන්නම ඒ බවක් පිට අය කාටවත් දැනෙන්න හැරියෙ නෑ.. වංගිගෙ ඇත්තම නම මොකක්ද කියන එක මම දැනගෙන හිටියෙ නෑ.. මම ඒක එයාගෙන් අහලත් නෑ.. හැමෝම එයාට කතා කරේ වංගි කියල නිසා මමත් එයාට ඒ නමින්ම කතා කරා.. චිත්‍ර ප්‍රදර්ශනයෙන් පස්සෙ ඉන්ටවල් එකේ අපි දෙන්න මුණ ගැහිල කතාබහ කරන්න පටන් ගත්තට පස්සෙ ටිකෙන් ටික අපි දෙන්නට දෙන්න සමීප වෙන්න පටන් ගත්ත.. එහෙම මුණ ගැහුන මුල්ම දවස්වල වංගි මට එයා ඇඳපු චිත්‍ර ගෙනත් පෙන්නුවා.. එහෙම චිත්‍ර බලන අතරවාරයෙ එයාගෙ ඇඟිලි තුඩු මගෙ අතේ ගෑවෙන වෙලාවට මට අර එදා මුල්ම දවසෙදි යටිපතුල් වලින් මතුවුන දැනීමම ආයෙ ආයෙත් දැනෙද්දි මගෙ ඇඟ හිරිවැටිල යනව වගේ කියල මට දැනුනා.. ඒ ස්පර්ශය මට හොඳටම දැනුනෙ එක්තරා හවස් වරුවක මම ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස් වලට ඉස්කෝලෙ නතරවුන දවසක.. එදා මම ප්‍රැක්ටිස් වලට යන්න ඇඳුම් මාරු කරගන්න හිතාගෙන ග්‍රවුන්ඩ් එක කිට්ටුව තියෙන හය වසරෙ පන්ති කාමරයක් ඇතුලට යනකොට ඒ පන්ති කාමරයට ඇතුල්වෙන තැනම පුටුවට වෙලා වංගි ඉන්නව මං දැක්කා.. වංගි එදා නැවතිලා හිටියෙ හවස් වරුවෙ තිබුන චිත්‍ර වැඩමුළුවකට සහභාගී වෙන්න හිතාගෙන.. වංගි එහෙම ඉන්න අතරෙ මම ඒ පන්ති කාමරයට එහා පන්ති කාමරයට ගිහින්, වංගිත් එක්ක පුරුදු විදිහටම කතාබහ කරන අතරෙ සුදු කමිසයයි, බැනියමයි ගලවලා බෑග් එකට දාල ටවල් එක ඇඳගෙන මගෙ කලිසමත් ගලවලා බෑග් එකට දැම්මෙ බොටම් එක ඇඳගන්න හිතාගෙන.. මම බොටම් එක අතට අරන් ආපහු හැරෙනකොට එච්චර වෙලාවක් අනිත් පන්ති කාමරේ හිටපු වංගි ඒ වෙනකොට මගෙ ළඟට ඇවිත් මං ළඟින්ම හිටගෙන ඉන්නව මං දැක්කා.. මාව එහෙමම ගල් ගැහුනෙ මම ඒක කිසිම විදිහකින් බලාපොරොත්තු නොවුන දෙයක් නිසා.. වංගිත් මමත් අතරෙ අඩි දෙකකවත් පරතරයක් තිබුනෙ නෑ.. වංගිගෙ කම්මුල් දෙක කවමදාවත් නැති තරමට රෝස පාට වෙලා තියෙනව මං ඒ මොහොතෙදි දැක්කා.. ඒ වගේම වංගිගෙ රෝස පාට තොල් පෙති වෙව්ලන විදිහත් මං දැක්කා.. වංගිගෙ මුහුණ ටිකෙන් ටික මං දිහාවට ලං වෙද්දි වෙන දෙයක් වෙන්න කියලා මං ඇස් පියන් තද කරලා වහගත්තා.. ඒ තමයි මගෙ ජීවිතේ පළවෙනි කිස් එක.. හැබැයි ඒක මටවත්, වංගිටවත් ඒ තරම් මිහිරි අත්දැකීමක් වුනේ නෑ.. අපි දෙන්න කිස් කරපු එක ඉස්කෝලෙ මැඩම්ල දෙන්නෙක් දැකල, ඒ ගැන ඉහළ තැන්වලට පැමිණිලි කරල අන්තිමේදි ඒ ප්‍රශ්නය අවසාන වුනේ වංගිගෙ දෙමාපියො එයාව ඉස්කෝලෙන් අස් කරගෙන ගියාටත් පස්සෙ.. ඒ සිදුවීමෙන් වුන කම්පනය අවුරුදු ගානක් යනකල් මගෙ හිතේ තිබුනත් කාලයත් එක්ක හෙමින් මටත්, අනිත් අයටත් ඒක අමතක වෙලා ගියා.. ඒ විදිහට කාලය ගතවෙලා ගිහින් කැම්පස් එකේ ගත කරපු දෙවෙනි අවුරුද්දෙදි තමයි මට හිමායා ව මුණගැහුනෙ.. ඒ වෙද්දි වංගි ගැන මතකයක්වත් මගෙ හිතේ ඉතිරිවෙලා තිබුනෙ නෑ.. අවුරුදු ගානක ආදර සම්බන්ධයකින් පස්සෙ මමත් හිමායා ත් විවාහ වුනා.. ඔහොම කාලයක් ගතවුනාට පස්සෙ උදාවුන එක්තරා දවසක මම එයාපෝට් එකේ මගෙ ඔෆිස් එකේ ඉන්න වෙලාවක මට පහළ නිළධාරියෙක් පාස්පෝට් එකකුත් අරගෙන මාව හොයාගෙන ආවා.. "සර් මෙයාගෙ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.." එහෙම කියාගෙන මං ළඟට ආපු ඒ නිළධාරියා එයාගෙ අතේ තිබුන පාස්පෝට් එක මගෙ අතට දෙනකොට මගෙ ඇහැ මුලින්ම ගියෙ පාස්පෝට් එකේ තිබුන පින්තූරයට.. "වංගි..." අවුරුදු ගානක් ගතවෙලා තිබුනත් මට ඒ ඇස් දෙක අඳුරගන්න අමාරු වුනේ නෑ.. මං ඔළුව උස්සලා බලනකොට රූම් එකේ දොර ළඟ හිටගෙන හිටියෙ වංගි.. මාව දැකපු ගමන් එයා පුදුමයෙන් වගේ ඇස් දෙක ලොකු කරගනිද්දි ඒ ඇස් තවමත් එදා විදිහමයි කියල මට හිතුනා.. වංගි හිටියෙ රතු පාට සාරි ජැකට් එකට උඩින් අළු පාටට හුරු සාරියක් ඇඳගෙන.. තද රතු පාටට හුරු ලිප්ස්ටික් එකකින් තොල්පෙති සරසගෙන හිටපු එයා දාගෙන හිටියෙ එදා එයා චිත්‍රයෙ ඇඳල තිබුන විදිහෙ කරාබු දෙකක් කියල මං දැක්කා.. ඒ චිත්‍රයෙ හිටපු වංගිත්, අද මම ඉස්සරහ ඉන්න වංගිත් අතරෙ ගොඩක් සමානකම් තියෙනව කියලත් මං දැක්කා.. එයත් මාව අඳුරගත්තා කියල මං දැනගත්තෙ පුදුමයත් එක්කම එයාගෙ මූණට ආපු හිනාවෙන්.. අපේ ඇස් එදා වගේම එකිනෙකාව මුණගැහුනත් එදා තිබුන හැඟීම් අද වෙනකොට සෑහෙන්න වෙනස් වෙලා කියල ඒ මොහොතෙදි අපි දෙන්නටම දැනුනා.. හිනාවෙන් පස්සෙ වංගිගෙ ඇස් මගෙ ඇස් වලින් ගැලවිලා මගෙ මේසය කෙළවරකට වෙන්න තිබුන මගෙයි හිමායා ගෙයි
ෆොටෝ එක උඩට යනවා මං දැක්කා.. ඒත් එක්කම මගෙ ඇස් දෙක ආපහු ගියෙ මගෙ අතේ තිබුන වංගිගෙ පාස්පෝට් එකට.. පාස්පෝට් එකේ කළුපාට අකුරින් ප්‍රින්ට් වෙලා තිබුන මං මෙච්චර කල් නොදැන හිටපු වංගිගෙ සම්පූර්ණ නමත්, ඊට පහළින් ලියල තිබුන දේත් මම හෙමින් සැරේ කියවගෙන ගියා.. Name - Wangeesha Anupama Wickramasinghe Sex - M - පුලස්ති දොඹවෙලතේවානි. සුධර්මාගෙ මිනිහා ඒ මිනිහගෙම ලේකම් කෙල්ල එක්ක අනියම් සම්බන්ධයක් පටන් අරගෙන සුධර්මාව දික්කසාද කරපු කාලෙ මමත් දවසක සුධර්මා එක්ක උසාවි ගියා. දෙයියංගෙ නාමෙට මට නම් සසරම එපා වුණා. ඇත්තටම දික්කසාද වෙන්න මෙහෙම කරුමයක් විඳින්න ඕනි ද..? ඒකට සරල ක්‍රියාදාමයක් තිබ්බා නම් කොච්චර හොඳ ද ? මට එදා උසාවි ගිහින් ආවට පස්සෙ ආපු හිස කැක්කුම දවස් දෙකක් යනකම්ම අඩු වුණෙ නෑ. සුධර්මා ඒවා කොහොම දරාගත්ත ද මන්දා. මට මතකයි සුධර්මා ඔය සිද්ධිය කියන්න මට කෝල් කරපු පළවෙනිම දවසේ මම ඒකිට දීපූ උපදෙස් ටික. " අනේ යන එකාට යන්න දියන් බං..මොන එහෙකටද..? මිනිහලා නැතුවද ? උඹ හොඳ වන්දියක් අරන් පැත්තකට වෙයන්.. ඊටපස්සෙ අපි හොඳ එකෙක් හොයා ගමු..." ඒත් සුධර්මා හැමදාම පන්සේලමයි. බෝධි පූජා කරා. සාස්තර පොළවල් ගානෙ , දේවාල ගානෙ ගියා..කේන්දර බැලෙව්වා. සුධර්මා ගෙ මිනිහාගෙ කකුල් දෙක අල්ලලත් වැන්ඳා. මට ඇත්තටම ඒ දවස් වල ඒකි එක්ක තරහත් ගියා. මොන එහෙකට මෙහෙම සවුත්තු වෙනවද කියලා. කෝම නමුත් දික්කසාදයෙන් පස්සේ සුධර්මා රට ගියා. අද තමයි ම⁣ට තේරෙන්නෙ එදා සුධර්මා විඳපු දුක් ගින්න ගැන. දේවා එයාගෙ හිටපු පෙම්වතියක් එක්ක ආයෙම සම්බන්ධයක් පටන් අරගෙන කියන ආරංචිය මට ගෙනාවේ කැම්පස් කාලේ මගෙත් එක්ක නයි වෛරයෙන් හිටි මුදිතා. අද වෙද්දි ඒකි මගෙ හොඳම යාළුවා. ඒ කතාව මට අදහාගන්න බැරි වුණත් සාක්ෂි සාධක එක්කම ඔප්පු වෙද්දි මට තව දුරටත් මාව රවට්ටගන්න බැරි වුණා. මම එදා සුධර්මා ට දීපූ උපදෙස් ටික මතක් වුණා. ඇත්තටම ඒවා කියන තරම්ම කරන්නත් ලේසි ද..? මට ඒ වෙලාවෙම සුධර්මාව හොයාගෙන ගිහින් බදාගෙන අඬන්න හිතුණා. මම සුධර්මාට කෝල් කරලා දුක කිව්වා. සුධර්මා මට කිව්වා මම කළ යුතු පිළියම් ගැන. මමත් ඉතින් පන්සල් , පල්ලි , කෝවිල් , දේවාල ගානෙ ගියා. දේවාගේ පෙම්වතියව හම්බවෙලා හොම්බට ඇනගෙන ඇනගෙන යන්න තරම් කේන්ති ආවා. මම දේවා එක්ක රණ්ඩු කරා. කෑගැහුවා. අපේ ගෙදර එකම ගිනි ජාලාවක් වුණා. ගෙදර පිස්සන් කොටුවක් වුණා. ගෙදර බතක් ඉදෙන්නෙම නැතිව ගියා. දේවා ගෙදර එන එක සෑහෙන අඩු කරා.. අන්තිමට ගෙදර එන එක සම්පූර්ණ නැවැත්තුවා. මිනිහා හතර පැත්තේ කියලා තිබ්බා මට පිස්සු කියලා. මම මහ අපිරිසිදු පේරේත ගෑණියෙක් කියලා. ඇත්තටම මම එහෙම හිටපු ගෑණියෙක් නොවන බව දන්න සමහර මිනිස්සු ඒක විශ්වාස කරලා තිබුණේ නැහැ. නමුත් ඔවුන් ගෙදර ආවම දැක්ක දසුනින් දේවාව විශ්වාස කරා. දේවා පව් කියලා ඔවුන් කිව්වා. ඔවුන් ගත්තෙත් දේවාගෙ පැත්ත. ඒ කවුරුත් මට ඇයි එහෙම වුණේ කියලා හොයලවත් බැලුවේ නෑ. ඉතින් මම දවසක් පිස්සියක් වගෙ පාර දිගේ ඇවිදගෙන ගියා. එහෙම යද්දි මගදි හම්බුණ පන්සලකට ගොඩ වෙලා බෝධිය ගාව වාඩිවෙලා ඇති තරම් ඇඬුවා. එකපාරටම කවුදෝ ඇවිත් මගෙ ඔළුව අතගෑවා. බලද්දි ඒ සාස්තර කියන දෙමළ අම්මා කෙනෙක්. මම ඒ මනුස්සයාව බදාගෙන ඇඬුවා. ඒ අම්මා මට ඇති හිතෙන තුරු අඬන්න දීලා මගෙ ඔළුව අතගෑවා. මගෙ ඇඬිල්ල ඉකියක් එක්ක ඉවර වුණාම මට වතුර බෝතලයකින් වතුර ටිකක් පෙව්ව ඒ අම්මා හරි බරි ගැහිලා මගෙ ළඟ වාඩි වුණා. " පුතේ මේ ⁣ලෝකේ ඉන්න බහුතරයක් පිරිමි එක ගෑණිට වඩා ඇසුරු කරනවාමයි.. ඒක සොබාදහම එක්ක යන දෙයක්. උන්ගෙ ඇ⁣ඟෙ නිපදවෙන සමහර දේවල් ගෑණු අපට වඩා වැඩියි. උන් ඒවා පිට කරන්ඩම ඕනි.. සොබාදහම මවාපු සමහර දේවල් ගැන අපිට හරියටම උත්තර දෙන්ඩ බැහැ.. ඇයි එහෙම ? මොකද එහෙම කියලා.. පිරිමි වෙන ගෑණු එක්ක යන්නෙ බුදියගන්ඩම නෙමේ.. සමහරවිට උන් හොයන සැනසීම වෙන ගෑණියෙක් ළඟ තියෙන නිසා වෙන්ඩ පුළුවන්.. ඉතින් ගෙදර ගෑණි කරන්ඩ ඕනි තව තවත් ඒ සැනසීම නැති කරන එක නෙමෙයි. එතනට වඩා මගෙ ළඟ සැනසීම ඇති බව පෙන්වන එක.. හරියට තේවානි අම්මා වගෙ..." මාව පුදුමයෙන් පුදුමයට පත් කරමින් ඒ දෙමළ අම්මා බොහොම ලස්සනට , හොඳ පැහැදිලි උච්චාරණය සහිත සිංහලෙන් කතා කරන්ඩ පටන් ගත්තා. ඇය කියපු සමහර කාරණා කොහෙන් ඉගෙන ගත්තා ද කියලා හිතාගන්නවත් මට බැරි වුණා. පුදුමයට පෙරළුණු මගෙ දුකත් එක්ක මම මොහොතකට ගල් වුණා. මට ඕනි වුණා ඇය කියන සම්පූර්ණ කතාව අහගන්න. ඒත් ඇය කොහොමද මගෙ ප්‍රශ්නය දැනගත්තෙ..? ඇය ඒකට හිනාවකින් උත්තර දීලා අපූරු කතාවක් පටන් ගත්තා. " ස්කන්ධ කුමරු මුළු දිව්‍ය⁣ලෝකයේම හිටි දක්ෂතම කඩවසම් හටන් ශිල්පියා නිසා ඔහුට ⁣අති විශාල ස්ත්‍රීන් සංඛ්‍යාවක් වශී වෙලා හිටියා. නමුත් ඔහු විවාහ වුණේ තේවානිය එක්ක. ඇය ඇගෙ මහගෙදර පහන. ඇගේ මහගෙදර ඕනෑම යහපත් , වැදගත් වැඩ කටයුත්තක දී තේවානිව මුල් කරගෙන ඇයට ප්‍රධානත්වය දීලා තමයි සිද්ධ කරේ. මොකද ඇය එතරම්ම සුන්දර වාසනාවන්ත දිව්‍යාංගනාවක්. සුන්දර තේවානිය ළමයෙක් වගේ බෝම හුරතලේට හැදුනෙ. ලොකු ප්‍රශ්ණ , වගකීම් ගැන ඇයට අවබෝධයක් තිබ්බෙම නෑ. එහෙව් ඇයගෙ දඟකාර කෙළිලොල් ජීවිතයට තිත වැටුණෙ ස්කන්ධයන් සමඟ විවාහයෙන් පස්සෙ. විවාහයට කිසිම වුවමනාවක් සූදානමක් නොතිබුණු තේවානියට ස්කන්ධ වැනි බරපතල චරිතයක් එක්ක විවාහ වෙන එක මනසට දරාගන්න බැරි කාරණාවක් වුණා. ඒත් ඇය ඒකට හුරු වුණා. දිව්‍යලෝකයේ දක්ෂතම හටන් ශිල්පියා එක්ක පවුල් ජීවිතයක් ගත කරන එක ලේසි පහසු නෑ. ඒ වගේම ස්කන්ධයන්ට හිටි පරිවාර ස්ත්‍රීන් ගණනින් අති විශාලයි. යුධයට අධිපති දෙවියෙක් නිසා තේවානිය ඒ කිසිවකට විරුද්ධ වුණෙත් නෑ.. ඇය ඇගෙ සැහැල්ලු ජීවිතයෙන් බොහොම වගකීම් සහගත ජීවිතයකයට ආවා. නමුත් ඇය වගෙ ගැහැණියකට ඔරොත්තු නැති ඒ ජීවිතය ඇය කිසිදු පැමිණිල්ලකින් , චෝදනාවකින් තොරව භාරගත්තා. ස්කන්ධයන් කෙරෙහි ඇය තුළ ගෞරවය මුසු බියක් තිබුණා. ටික කලක් යද්දි ස්කන්ධයන්ගේ ප්‍රියතම ස්‍ත්‍රීය වුණෙත් තේවානිය. ඔහුට ඇයව නැතිවම බැරි වුණා. ඔහොම ඉන්නකොට තමයි ස්කන්ධයන්ට වල්ලියව මුණගැහෙන්නෙ. ස්කන්ධයන් , වල්ලියගෙ දර්ශනයෙන් කොතරම් කලබල වුණාද කියනවා නම් ඔහුට ඔහුගේ දේවත්වය පවා අමතක වුණා. තේවානියට මේ වෙනස දැණුනා. ඔබ හිතනවාද දරුවා ඇයට එය දරාගන්න පුළුවන් සිදුවීමක් කියලා..? ගෙදරක බොහොම කෙළිලොල්ව හුරතලේට හැදිලා ආපු , තමන්ගෙ මනුස්සයාගෙ ආද⁣රය දිනාගන හිටපු ගැහැණියකට ඒ ආදරේ බෙදිලා යන බව දැණුනාම දරාගන්න පුළුවන් ද..? " ඇය එහෙම අහද්දි මට ආපහුත් ඇඬුණා. ඇත්තටම කොහොම දරා ගන්න ද..? මගෙ හිත කෑගැහුවා. ඇය ආපහුත් කතාව පටන් ගත්තා. " තේවානියට පැහැදිලිවම ස්කන්ධගෙ වෙනස දැණුනා. ස්කන්ධ හැම නිතරම අතුරුදහන් වුණා. සමහර අවස්ථාවන් තිබුණා ඔහුව දකින්නවත් නොලැබුණු. වල්ලි ස්කන්ධ ආදර අන්දරය ගැන දිව්‍යලෝකය පුරා ජයටම කතා වුණා. සමහරු ඒ කතාව රස කර කර තේවානිය එක්කම කිව්වා. ස්කන්ධ සහ වල්ලි ගැළපෙනම ජෝඩුව බව කිව්වා. තේවානි ඒ සියල්ල උපේක්ෂාවෙන් විඳ දරාගත්තා. නමුත් ඇය කවුරුත් නැති තැන් වල දී හිත සැහැල්ලු වෙනකම්ම ඇඬුවා. හැබැයි ඇය ඒ ගැන කාටවත්ම චෝදනා කරේ නෑ. ස්කන්ධයන් ඉඳ හිටක හෝ තමන්ව බලන්න ආවම ඔහුට කිසිම වෙනසක් නැතිව උපරිම සැළකුවා. නමුත් ස්කන්ධයන් ඒ මොහොතවල් වල මනසින් හිටියෙත් වල්ලිය සමඟ. තේවානිය ඒ හැම දුකක්ම තනියම විඳ දරාගත්තා. ඇය ඇතුළේ දැල්වෙන ගින්න පිටට දුන්නේ නැහැ. ඇය මොකද කරේ දන්නවා ද..? දුක් වෙවි අඬන කාලය සටන් ක්‍රම පුරුදු පුහුණු වෙන්න යොදා ගත්තා. විවිධාකාර වේද ග්‍රන්ථයන් අධ්‍යනය කරා. තමන්ගෙ රූපය වර්ධනය වන භාවනාවන් වල නිරත වුණා. තමන්ගෙ බලය යොදාගෙන අහිංසකයින්ට පිහිට වෙන්න පටන් ගත්තා. ඇය එහෙම හිත හදාගෙන තමන්ව ඔපවත් කරගෙන ඉද්දි දවසක් ස්කන්ධයන් ඇය ළඟට ආවා. ඇවිත් " තේවානිය , වල්ලි අද තමයි දැනගත්තෙ මම විවාහක බව.. මට ඇයව විවාහ කරගන්න ඕනි. නමුත් වල්ලිය කියනවා එයට ඔබෙන් අවසර අරගෙන එන්න කියලා..ඔබ මට අවසර දෙනවා ද...? " කියලා ඇහුවා. තේවානි⁣යගෙ හැඟීම් ගැන මොහොතක් හෝ නොසිතු ස්කන්ධයන් තරමක චකිතයකින් අහපු ඒ ප්‍රශ්නයට තේවානිගෙ මුළු සිරුරම ගිනි ගත්තා. නමුත් ඇය ඒ වෙද්දි කඳුළු සඟවාගන්න පුරුදු වෙලා හිටියා. ඇය උපේක්ෂා සහගත සිනහවකින් ස්කන්ධයන්ට " ඔව් ස්වාමීණි , මම අවසර දෙනවා. ඔබේ සතුට එය නම් අනිවාර්යයෙන්ම ඇයව විවාහ කර ගන්න. එයට මගෙන් බාධාවක් නෑ " කියලා කිව්වා. දැන් මොකද ස්කන්ධයන්ට වුණෙ..? ⁣උන්නාන්සේ මොන යුද්ධයට අධිපති වුණත් මේ ගැහැණියගෙ හිතේ හයියට බය වුණා. ඇත්තටම ගැස්මක් ආවා. ඒ බය ගැන ස්කන්ධයන්ටත් අදහා ගන්න බැරි වුණා. ස්කන්ධ හිතුවෙත් නෑ තමන්ගෙ හිත එහෙමටම කලබල වෙයි කියලා. ස්කන්ධට තේවානිය ගැන මහා ගෞරවාන්විත ආදරයක් ඇති වුණා. ස්කන්ධයන් ඇයට ආචාර කොට පිටත් වුණා. තේවානිය ඔහු යනකම් ඉඳලා ලොකු හුස්මක් පහත හෙළලා ඔවුන් දෙදනාටම හිතින් සුබ පැතුවා..." සුබ පැතුවා..? ඇය එහෙම කියද්දි මට අදහාගන්න බැරි වුණා. ආහ් ඒ අය දෙවිවරුනෙ... මම එහෙම හිතලා හිත හදාගෙන ආයෙම කතාව අහන්න පටන් ගත්තා. " වල්ලිය හා විවාහයෙන් පස්සේ ස්කන්ධයන්ව හොයා ගන්නම නැති වුණා. තේවානිය ඒ කාලය තුළ ඇයව වඩ වඩාත් ඔප මට්ටම් කරගත්තා. හටනින් , බාහිර රූපයෙන් ඇය එන්න එන්නම ඔපමට්ටම් වුණා. ඇයගෙ මේ දරාගැනීමේ ශක්තිය සහ කාරුණිකත්වය දුටු මුළු දිව්‍ය සභාවම ඇයට ගරු කරන්නට පටන් ගත්තා. ඔවුන් ඇත්තටම ඒ ශක්තියට බිය වුණා. තමන්ගෙ හිතේ මොන තරම් ගින්දරක් තිබ්බත් ඒ ගින්නෙන් කාවවත් පුච්චන්න තබා හිතන්නෙවත් නැති තේවානිය ගැන දේව මණ්ඩලය තුළම පැහැදීමක් සහ ආදරයක් ඇති වුණා. ඇය දේවමණ්ඩලය තුළ විශේෂ චරිතයක් වුණා. ඉතින් වල්ලිය එක්ක ආදරණීය කාල පරිච්ඡේදයක් ගත කරපු ස්කන්ධයන් දවසක් තේවානියව හොයාගෙන ආවා. උන්නාන්සේට තේවානියව දැක්කම අදහා ගන්ඩ බැරි වුණා. ඇය එන්නම රූමත් වෙන බවත් , ඇයට දිව්‍යලෝකය තුළ ඇති පිළිගැනීමත් ගැන ස්කන්ධයන් පුදුම වුණා. නමුත් තේවානිය ස්කන්ධයන්ව සුපුරුද
ු ආදර සෙනෙහසින් පිළිගත්තා. තේවානිය ඉදිරියේ ඉද්දි ස්කන්ධයන්ට දැනුනෙ තමන්ව කුඩා අංශුවක් වගෙ හැඟීමක්. ස්කන්ධයන්ටම ⁣තේරුම් ගන්න බැරි වුණා ඒ ඇයි කියලා. තේවානිය ස්කන්ධයන්ට කොතරම් සැළකුවත් ආලය කරත් උන්වහන්සේ සමඟ රති කෙළිය ප්‍රතික්ෂේප කරාම ස්කන්ධයන්ට තමන් දිනුවා වගේ හැඟීමක් ආවා.. ඇයි ඒ ? මොකද ස්කන්ධයන් හිතුවා ඇය කොච්චර රඟපෑවත් හිතේ ඉරිසියාව තියෙනවා කියලා. නමුත් ඇත්තටම ඒක එහෙම නෙමෙයි... තේවානි අම්මා ඒ වන විටත් නිර්වාණයේ බව පසුව උන්වහන්සේට දැණුනා. උන්වහන්සේ පවා ඉන් පසු ඇයට ගරු කළා. ඉතින් ඇය ඇගේ මුළු ජීවිතයම ජයගත්තා පුතා..! එහෙම ජයගත්තේ ඉවසීමෙන් සහ තමන්ට ආදරය කිරීමෙන්. මොන හේතුව නිසාවත් තමන්ට තමන්ව අහිමි කරගන්න එපා පුතා.!!! " නන්නාඳුනන ඒ දෙමළ මව කියපු කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මගෙ හිතට මහ අමුතුම පණක් ආවා. මම ඇයට සිය දහස් වාරයක් පිං දීලා ගෙදරට ගියා. ඊළඟ සතිය ඇතුළත මම මගෙ නිවස යථා තත්වයට පත් කරගත්තා. විවාහය නිසා අතරමග නැවතුණ අධ්‍යාපන කටයුතු ආපහු පටන් ගත්තා. ඒත් සමහර වෙලාවල් වලදි හිතට පසුබෑමක් දැනෙන නිසා මනෝවෛද්‍ය උපදේශකයකු හම්⁣බ වෙන්නත් ගියා. මම මට ආදරය කරන්න පටන් ගත්තා. එහෙම මාස පහක් වගෙ ගත වෙද්දි දේවා මාව හොයාගෙන ආපහුත් ආවා. අඳුරගන්න බැරි තරමට ඒ මනුස්සයා වෙනස් වෙලා හිටියා. දියවැඩියාව හැදිලා වගෙ වැහැරිලා , රැවුල් වවාගෙන , බීගත්ත මිනිහෙක් ගෙට ගොඩ වුණාම ඇත්තටම මම හිතුවේ හිඟන්නෙක් කියලා. නමුත් මට තේවානි අම්මට වගෙ හිතේ දැඩි ශක්තියක් තිබුණේ නැහැ ඔහුට කරුණාවන්ත වෙන්න තරම්. මම ඔහුගෙන් දික්කසාද වුණේ ඔහු මගෙ දෙපා මුල වැඳ වැටිලා අඬද්දිමයි. ඇත්තටම මට ඒ ගැන කිසිම සතුටක් ආවෙත් නෑ. වෛරයක් දැණුනෙත් නෑ. ඔහුගෙන් ඉක්මණින් දික්කසාද වුණ මම අද වෙද්දි ගොඩක් හොඳ ජීවිතයක් ගත කරනවා. ඇත්තටම සමහර අවස්ථාවන් වල දී කළ යුතු හොඳම දේත් අත්හැරීම සහ තමන්ට තමන් ආදරය කිරීම නොවේ ද කියලා මට හිතුණේ ඒ සිද්ධිය නිසාමයි. මම අදටත් පිං දෙනවා ඒ නන්නාඳුනන ⁣මවට. මට නිවැරදි පාර පෙන්නුවට. දහසකුත් තේවානිලා වෙත ආදරයෙන්... සම්පූර්ණ මනකල්පිතයකි. පූර්ණිමා චාරුණි බණ්ඩාර.ජුවානිස් මුත්තගෙ වැට පැනිල්ල. අපේ ගමේ අදට අවුරුදු පණහකට විතර කලින් වුණ සිද්දියක් මේ. මේකෙ කියවෙන හුඟක් දෙනෙක් අද ජීවතුන් අතරත් නෑ. මේ කතාවෙන් ඒ අයට අපහාසයක්, උපහාසයක් නොවෙන විදියට මන් නම් ගම් ටිකක් වෙනස්කළා. ඒත් ඉතින් ඒ ඇත්තො ජීවත්වෙලා ඉන්න කාලෙත්, මේක එයාලගෙම කටින්ම කියල හැමෝම එක්ක බෙදාගත්ත, රසවත් අත්දැකීමක්. ඒකාලෙ ගම්බදව ඉඳහිට හෝ දිනපතාම හෝ කරගෙන යන සූදුපිටියක් නැතිවෙන්නෙ නෑ. බූරුවාපොළ කියල හඳුන්වපු මෙතන කෙරෙන්නෙ, ඔට්ටුවට බූරුව ගහන එක. පොළ කරගෙන යන්න පහසුකම් සපයන කෙනාට ටෝන් කියල එයාගෙ කොටස ලැබෙනව. බූරුව කූට්ටම අතේ තියන් ඉන්න කෙනයි කොළේ ඉල්ලන කෙනයි අතරෙ ක්‍රීඩාව කෙරෙනව. අනිත් අය එක්කො තමන්ගෙ වාරය එනකම් ඉන්නව, නැත්නම් පිට ඔට්ටු අල්ලනව. මේ වගේ තැන්වල සමහරවිට බරපතළ අපරාධ පවා වෙන නිසා, පොලීසියට ඔත්තුවක් ලැබුණොත් වටලනවමයි. ඒ උනාට මන් මේ කියන සූදුපොළට එහෙම බාධාවක් තිබ්බෙ නෑ. ඒකට හේතුව ඒ සූදුපොළට ආපු අයගෙ තරාතිරම තමයි! ගමේ හිටිය වැදගත් මහත්වරු කියල හඳුන්වපු අයගෙන් කොටසක් මේ සූදුව කළේ. ග්‍රාමසේවක මහත්තයා , තැපැල් මහත්තයා , ඉස්කෝලෙ මහත්වරු කීපදෙනෙක්, තව ඔය වගේ ගමේ අය. පොලීසියෙ අයත් මේ අයගෙ හිතවතුන් නෙ. ඉතින් එයාල යාළුවන්ව අල්ලන්න එයිද? මේක මෙහෙම නිදහසේ කරන් යනකොට, පොලීසියට අලුතින් ස්ථානාධිපතිවරයෙක් ආව. සාමාන්‍යයෙන් ඔය පොලීසියට එහෙම කෙනෙක් අලුතින් ආවම, එදා ඉඳලම පුරුද්දක් හැටියට , සූදුපිටි, කසිප්පු පොළවල්, හොරකම් අල්ලනවනෙ. මාස දෙකතුනක් යනකම් ඒක කෙරිල, ආයෙම කලින් තත්ත්වයට වැටෙනව. මෙයත් ඉතින් මේ කියපු සූදුපොළ දවසක් වැටලුව. එදා තමයි මන් මේ කියන්න යන, ජුවානිස් මුත්ත වැට පනින්න ගියේ. සූදුපිටිය තිබ්බෙ අපේ ගෙවල්වලට බොහොම කිට්ටුවෙන්. බස්පාරෙ ඉඳල ටිකදුරක් ඇතුළට යන්න ඕන. ජීප් එක අපේ ගෙවල් ළඟ මහපාරෙ නතරකරල, පොලීසියෙ කට්ටිය ඉඩම් උඩින් පැනල ගියෙ, සූදුකාරයො පැනල යන බව දන්න නිසා. එහෙම කළාට වටලන්න ගිය අයගෙන් කෙනෙක්ගෙන්ම ලැබුණ සංඥාවක් නිසා කට්ටිය පැනගත්ත. ඒ උනත් දෙතුන්දෙනෙක් අහුවුණා. අහුවුණ අය අල්ලන් ඇවිත්, ජීප් එකේ පිටිපස්සෙන් නග්ගනව මට තාම මතකයි. මට එතකොට අවුරුදු හතක් අටක් ඇති. දැන් ඉතින් විසිරගිය සභිකයින්ට මොකද වුණේ කියන්නත් එපැයි! නෑකමට අපේ මාම වෙන ඉස්කෝලෙ මහත්තයෙක් වෙලට පැනල, මඩත් ගාගෙන ගෙදර යන්න හිතන් මහපාරට ගොඩවුණා. මොකක්ද වුණේ කියල පසු විපරමක් කරන්න ඕන කියල හිතිල, ආයෙම කඩේ ගාවට ඇවිත් පිළිකන්නට වෙලා ජීප් එක දිහා බලන් ඉන්නවලු, කවුද අල්ලගෙන තියෙන්නෙ කියල බලන්න. ඒක දැක්ක පොලිස් රාළහාමි කෙනෙක් ' තමුසෙ මොකද ඔතන කරන්නෙ?' ඇහුවම, ' මන් මේ කඩේට ආව!' ' කොහේද ගෙවල්?' ' මේ තාරපාර දිගේ පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕන!' ' තාර පාරෙ ආව නම්, කකුල්වල දණක් වෙනකම්ම මඩ බේරෙන්නෙ කොහොමද? නගිනව තමුසෙත්!' දාගත්ත ජීප් එකට. අනිත් අය පැත්තකට කරල අපේ කතානායකය ගැන කියන්න ඕනනෙ! ජුවානිස් මුත්තත්, පිටියෙ හිටිය වැදගත් සාමාජිකයෙක්. දුවගෙන යනකොට තරමක් උස කම්බි වැටක් හම්බවුණා. මේක උඩින් පනින්න තරම් හයියක් නැති බව දන්න නිසා, අස්සෙන් රිංගන්න කියල හිතන් නැවිල කම්බි පහත් කරන්න හැදුව විතරයි හෙන පාරක් පිට මැදට වැදුණ වගේ දැනුණ. උනේ මොකක්ද බලන්න නැගිටින්න හදනකොටම, ඒ වගේම තව එකක් වැදිල, ජුවානිස් මුත්ත පොළොවටම පත බෑවුණා. පොලීසියෙන් නෙළනව කියල හිතන් උඩ බැලුවට මොකෙක්වත් නෑ. ටික වෙලාවකින් පොලීසියෙන් දෙන්නෙක් ඇවිත් ජුවානිස් මුත්තව එක්කන් ගිහින් ජීප් එකට දැම්ම. අල්ලන ගිය අය ඔක්කොම වගේ එක්කො රජයේ රැකියා කරන, නැත්නම් ගමේ ප්‍රභූවරු කියල පොලීසියෙන්ම හඳුන්වපු අය නිසා, ස්ථානාධිපතිවරයා අවවාද කරල ඒ අයව නිදහස් කරල එවල තිබ්බ. සූදුපිටියක් කියන්න මුදල් තිබිලත් නෑ. මුදල් වෙනුවට මේ අය පාවිච්චි කරන්නෙ කැට වර්ගයක්. ඒව හුවමාරු කළේ සූදුපිටිය කරන කෙනා. ජුවානිස් මුත්තට නම් දවස් ගාණක් කොන්දට තෙල් බෙහෙත් ගාන්න වුණාලු. කම්බිවැට පනින්න ජුවානිස් මුත්ත පහත්වෙනකොට, පිටිපස්සෙන් දුවගෙන ආපු දෙන්නෙක්, පහත්වෙලා හිටිය මුත්තගෙ පිටට කකුලක් තියල, කම්බිවැටට උඩින් පැනල! Channa Withana 2024.02.10හැරයාමට පෙර බිරිඳක් ලියයි දෙමාපිය මගෙ බල කිරිල්ලට නුඔත් සමගින් දෑත බැදුණා නොදැන පැටලුන උබත් සමගින් කඩුල්ලක් නැති වැටක් බැදුණා සුරා මතයෙන් ඇවිත් නිතරම නුඹ මගේ හදවතෙම දැවුණා සමාවෙනු මැන උබේ ප්‍රේමයෙ මහත්තයො තව හිඩැස් තිබුණා _________________________________________ හැමදාම උබෙ වචන කඩු වගෙ මගෙ පපුවෙ එය ඇනිල තිබුනා හිතේ ගින්නට කියූව හැම දේ ඇස් වහන් ඔහේ අහන් උන්ණා ආදරේ මට කරන වග නම් මතක නැහැ නුබ දොඩා තිබුණා නියගයෙන් පසු වැටෙන වැස්සට තෙමෙන්නට මට හීන තිබුනා _________________________________________ පිරිමි පපුවක් නුහුරු නුපුරුදු මට සිලුටු බව හුගක් දැනුණා රෑන තුන් පත් වෙන්න හැගුමක් දින බලාගෙන ලියා තිබුණා වසත් සමයේ පල දරන් නැති රුකක් ගැන නුබෙ සුසුම් හෙලුණා කිරි මව්න් දානෙට වඩිද්දිත් මටත් පස්සෙන් යන්න හිතුණා _________________________________________ හිඩැස් නැති ප්‍රේමයක් ලබනට නුඹට කල හැකි දෙයක් තිබුණා උඹෙන් නොලැබුණු ගොඩක් දේවල් උගෙන් හරි ලස්සනට ලැබුණා වැරැද්දක් බව හිතට දැනුනත් මගේ හිත උගෙ ලගින්‍ රැදුණා රැගෙන යනකොට වසන්තය වෙත ඉඩෝරය වෙත තිතක් තිබුණා _________________________________________ ලොවට රහසින් වුණත් හීනෙන් හරිම ලස්සන පාට කෙරුණා වැරැද්දක් බව හිතට දැනුනත් මගේ හිත උගෙ ලගින්‍ රැදුණා උගේ සතුටට ලැබුන සෙනෙහෙට මගේ දෙතනට කිරිත් එරුණා උබේ පොකුනෙම උබේ නොවුනට උබේ සුවදට නෙලුම් පිපුණා Cmt එකක් දාගෙනම යන්නලොකු පුතා (අහම්බෙන් හමුවුනු අයකුගේ සත්‍ය කතාවක් ඇසුරිනි.) '.. කන්දෙ හේනට හමුදාවෙන් පැනල වෙඩි තියලලු. කොල්ලො ටික කැලේ පැන්නයි කියල කියන්නෙ. මොකාට වැදුනද මොනා උනාද දන්නෙ නෑ දෙයියනේ.වත්තෙ තැන් දෙක තුනකම වැටිලා තිබ්බු ලේ පාරවල් ......' ආරන්චිය අරන් ආවෙ පහල කුඹුරෙ පාලයා. උදේම වත්තෙ කිරිකපන්න යන පාලට වෙඩි සද්දෙ ඇහෙද්දි උදේ ඉර එලිය වටින් ගොඩින් වැටීගෙන එන්න පටන් අරන් විතරයි. ආරන්චිය අහපු ගමන්ම සුදු පුන්චි බිම ඇදගෙන වැටෙනව මට මතකයි. අම්මා ඔලුව බදාගෙන බිම ඉදගත්තා. මට යන්තම් අවුරුදු නවය පිරිලා. අයියට දාසයක්ලු. දහයෙ විබාගෙ ලියල හිටපු කාලෙ. ඌ ඒ කාලෙ ඉදන්ම නාහෙට අහන්නෙ නැති දඩබ්බරයා. අම්මා රට ඉන්න කාලෙ හැදුනෙ ආච්චි අම්මයි සීයයි ළග. ගමේ කල්ලියට එකතු වෙන නිසාම සීයා අයියව බලෙන්ම වගේ හේනට අරන් ගියෙ දැන් මාස ගානකට කලින්. දවස් දෙක තුනකට සැරයක් කන්ද පහලට එලවලු අරන් එනව. ඒ ගමන් ගෙදරට ඕනි බඩුත් අරන් ආයෙත් යනව. කොහොමත් ගෙදරට හොරෙන් රෑට යන ගමන් ඉස්සර අයියට වැඩිවෙලා තිබුනෙ. අයියට තියෙන බයට මම ගෙදරට කියන්න ගියෙත් නෑ. මේ ඉන්න කාලෙයි හේනට වෙඩි තිබ්බ කියල ආරන්චිය ආවෙ. උනේ මොකද්ද වෙන්නෙ මොකද්ද ලොකු අදහසක් මට තිබුනෙ නෑ. අම්මලා, ගමේ උන් කියපු හැටියට මට තේරුනේ එක පාරටම එන හමුදාවෙ මිනිස්සු කොල්ලො අල්ලන් ගිහින් ප්‍රශ්න කරනවා කියන එක. ඒ ගෙනියපු සමහරු ආයෙ ආවෙත් නෑ. මට තේරුන විදියට මොනා නමුත් ල
ොකු දෙයක් වෙලා. සීයා තාත්තා ගෙදර දුවන් ආවෙ තව පැයක් දෙකක් යද්දි. 'ලොකු කෙල්ලේ..... කොල්ලා ආවද..ලොකු කොල්ලා නෑ මගෙ එකෝ. අනේ කෙල්ලේ.. මගෙ ලොකු කොල්ලා නෑ..' සීයා අයියට කිව්වෙ ලොකු කොල්ලා කියල. මොනා උනත් සීයා කෑගහන එක අහන් ඉන්න බැරි තරම් වෙද්දි මාත් හයියෙන් අඩන්න පටන් ගත්තා. අඩල අඩල හෙම්බත් උනු සීයා එක පාරටම නැගිටල ආවෙ සරම ගසා දාගෙන. 'ගෙනෙම් මගෙ කමිසෙ. මං යනව කොල්ලා හොයන්න' ' අනේ තාත්තේ යන්න එපා... තාත්තා කොහෙ හොයන්නද.. මගෙ ලොකු එකා පවු. අනේ ඒත් මේ වෙලාවෙ තාත්තත් ගියොත්.මට දෙන්නාම නැතිකරගන්න බෑ තාත්තේ'...අම්මා හඩාවැටෙන්න ගත්තෙ සීයගෙ කකුල බදාගෙන. ' වහගනිම් මූසල කට. කොල්ලට මොකුත් වෙන්නෙ නෑ. මං එන්නෙ ඌව හොයාගෙනම...' සුදු කෙල්ලේ ගෙනත් දියන් ඕක. සල්ලි කීයක් හරි තියෙ නම් ඒකත් දියම්. සුදු පුන්චි ගෙට දුවගෙන ගියෙ සීයගෙ කමිසෙ අරන් එන්න... 'සීයෙ මමත් එන්නද...' මං ඇහුවෙ යන්න පුලුවන් කමට නොවුනත් ගෙදර ඉන්න තව බය නිසයි.. ' උබ කොහෙ යන්නද හිච්චා... පල ගෙට. අම්මයි පුන්චියි බලන් ගෙට වෙලා හිටු. නාහෙන් අඩන්නෙ නැතුව. රෑට දොරවල් වහල දාපල්ලා...' සීයා එලියට බැස්සෙ ඇදන් හිටපු පරන ඉරි සරමට ගෙයින් දුන්නු කමිස කඩමාල්ල පටලගෙන. මොනා උනත් සීයගෙ හිත හයියයි. තාත්තා නැතිඋනු දායින් පස්සෙම අපිට තාත්තා උනේ සීයා. ගෙදර හිටියෙ අම්මයි මමයි අයියයි, සීයයි සුදු පුන්චියි. උදේ පාන්දර අහන්න ලැබුනු දෙයින් පස්සෙ ගෙදර ගින්දරක් පත්තු උනේ නෑ. බතක් මාලුවක් රත් උනෙත් නෑ. බඩගින්න දරාගන්න බැරුවම රෑ වලන් හූරල දන්කුඩේ කාපු මං ගෙයි මුල්ලට උනේ අම්මලා දොරකඩ වැටිල අඩ අඩා ඉද්දි. සීයා ආයෙ ගෙදර එනකොට රෑ නවයත් පැනලා. අම්මලා කෙසේ වෙතත් මං හිටියෙ හාමත් වෙලා.. 'අනේ තාත්තේ ලොකු එකා දැක්කද තාත්තේ... හම්බුනාද කොල්ලා ගැන ආරන්චියක්...' සීයා දැක්ක ගමන් අම්මයි පුන්චියි වැට අයිනට දුවගෙන ගියා.. ' යමන්කො ගෙට කෑගහන්නෙ නැතුව' සීයා ඇවිත් ඉස්තෝප්පුවෙ ඇදි පුටුවට වැටුනෙ දාඩියෙන් පෙගුනු කමිසෙ ගලවල දාන ගමන්. ' හිච්චා ගෙනෙම් වතුර එකක් බොන්න. දිව ගිලෙන්න වගේ..' මං කුස්සියට දුවගෙන ගියෙ වතුර ජෝග්ගුවක් අරන් එන්න. 'කොල්ලා පැනල ලොකු කෙල්ලේ.. සුමනය අල්ලන්න පොලීසියෙන් පැනල තියෙන්නෙ. සුමනයයි, කොල්ලයි දෙන්නම වාඩියෙ ඉදල තියෙන්නෙ. රබර් කෑල්ලෙන් පැන්න පාර කොහෙ ගියාද දන්නෙ නෑලු. සුමනයගෙ කකුලට වෙඩි වැදිලයි කියල ආරන්චි... බය වෙන්න දෙයක් නෑ. කොල්ලා ඒවි. බතක් මාලුවක් හදපන් හොදට, මට බඩගිනි..' ' තාත්තේ...' ' ඇහුනෙ නැද්දෙ උබට. බඩගිනි. මොනා හරි හදල ගනිම්. බතක් මාලුවක් වැඩිපුර හදහන්...' අම්මට සැර උනු සීයා ගේ පිටිපස්සෙට ගියෙ නාගෙන එන්න වෙන්න ඕනි. මමත් නැගිටල අම්මා පස්සෙ පෑගුවෙ පොල් ගාන්න. කාලා බීලා පැදුරට වැටුනට අම්මා අඩන සද්දෙයි පුන්චි හූල්ලන සද්දෙයි නිසා කවුරිත් නිදි නෑ කියල තේරුනා. උගුර පාදන සද්දෙට සීයත් නිදි නෑ. රෑ එකොලහ දොලහ වෙලා ඇති. මට යන්තම් ඇස් පියවීගෙන ආව වෙලාව. සීයා අම්මව කූද්දන සද්දෙට මාත් ඇස් ඇරල බැලුවා. ' ලොකු කෙල්ලේ... නැගිටපන් පොඩ්ඩකට.. කෑනොගහා ඉදින් දෙයියන්ගෙ නාමෙන්..ලොකු කොල්ලා ඇවිත්. කන්න මොකුත් බෙදලා දීපන්.' සීයා මුමුනන්න උනා.. ' තාත්තේ... මේ එනවා.' අම්මගෙ ඇස්වල කදුලු දිලිසෙනවා දැක්කෙ කුප්පි ලාම්පු එලියට. ඉන පල්ලෙන් වැටෙන කලිසම් කොටෙත් එක අතින් අල්ලන් මාත් නැගිට්ටා. මං නිදිගැට කඩ කඩා යද්දි අයියා සාලෙ කෑල්ලෙ බත් කනව. කනවා නෙවෙයි ගිලිනවා බැලුවම. අම්මායි පුන්චියි අයියගෙ කකුල දෙපැත්තෙ ඉදගෙන අඩා වැටෙනවා. අයියගෙ මූන බලන්න බෑ.. මූන පුරා වැවුනු රැවුල් කොට කෑලි. කොන්ඩෙ වැවිලා මූනට වැටිලා. එකම එක පාරක් මන් දිහා බලපු ඇස් ආයෙත් පිගාන දිහා බලා ගත්තා. අයියා ඇවිත් විනාඩි දහයක් විතරවත් යන්න නැතුව ඇති, ' ලොකු කොල්ලෝ පැනපා...න්.' සීයගෙ ලතෝනිය ඉවර වෙන්නත් කලින්ම ගේ දෙදරන් ඇහුනු වෙඩි සද්දෙට මං කෑගහගෙන බිම ඉදගත්තා. අම්මා පුන්චි බිම වැටුනු ගම්න්ම. අයියගෙ බෙලෙක් පිගාන බතුත් එක්කම පොලොව බදන් තිබුනා. සීයේ... මං කෑගහන්න උත්සහ කරා.. ඒත් මගෙ කං අගුල් වැටිලා.. ගේ මැටි බිත්ති හිල් කරන් වෙඩි උන්ඩ බහිද්දි වරිච්චි කඩන් වැටුනා. වෙඩි උන්ඩවලට බිදිලා ගියපු චිමිනි ලාම්පුව කාමරේම අදුරු කරල. එක දිගට තිබ්බ වෙඩි වරුසාවට පස්සෙ ඉදිකට්ටක්වත් වැටුනත් ඇහෙන ගානට නිශ්ශබ්ද වෙලා.. ' බේරුනා කියල හිතන්න එපා. තොපේ එකා අද බාවනවා.. හැමදාම මේ සෙල්ලන් නෑ..' ගුගුරපු කටහඩකට පස්සෙ ගෙදර මිදුල පැත්තෙ ඉතුරු වෙලා හිටපු ඔක්කොම කැලෙ පැත්තට දුවන්න ගත්තා. අද දෙකෙන් එකක් වෙන්න ඇති. අයියා ගෙයි හිටියෙ නෑ. ඇරල දාලා තිබ්බ ජනේලෙන් යන්තම් හද එලියක් වැටිලා. ඒත් දුමාරෙට එකා එකා පේන්නෙ නැති ගානයි. අම්මගෙයි පුන්චිගෙයි සද්දයක් නෑ. සීයා ඉකි ගහන සද්දෙට මං ඒ පැත්තට ගාටන්න ගත්තෙ බයටම. ' අනේ තාත්තේ මගෙ එකා ...' අම්මා කෑගහන්න ගත්තෙ තවත් ටිකකට පස්සෙ. අල්ලපු ගෙදර මිනිස්සු දුවන් ආවෙ ඔක්කොම වෙලා ගියාටත් පස්සෙ.ඒකට වැරැද්දක් කියන්නත් බෑ. නිකන් වෙඩි කන්න එන්නෙ කවුද. යසෝ නැන්දා පත්තු කරන් ආපු ලාම්පුවට මං ඉස්ස්ල්ලම දැක්කෙ හිල් වෙච්ච දොර පලුව.. බිම පුරාම බත්. තැනින් තැන මැටු ගැලවිලා බිම වැටිලා. ලේ... අයියා ඉදන් හිටපු තැන ලේ විලක්. ' සුදු කෙල්ලේ... ' සීයා කෑගහගෙන පැන්නා. පුන්චි බිම වැටිලා හිටියෙ ඇස් ඇරගෙනම. බලා ඉද්දි තවමත් බඩ මැද්දෙ ලේ උතුරනවා. ගොම මැටි ගාපු බිම ලේ විලක්. මං තද කරල ඇස් දෙක පියාගත්තෙ සුදු පුන්චිව තවත් බලන්න බැරිකමට. දවස් දෙක තුනක් යන්න ඇති.දින ගැන අදහසක් මට නෑ. පුන්චිව වත්තෙ පල්ලෙහා මල් වැට ගාව වලදැම්මා. අම්මාගෙවත් සීයගෙවත් ඇහේ කදුලක් තිබුනෙ නෑ. ඒත් සුදු පුන්චි ආයෙ නෑ කියල මතක් වෙද්දි මං හොරෙන් හොරෙන් ඇඩුවා. අම්මා හිටියෙ ලෝකෙම නැතිඋනු ගානට.අයියා ගැන ආරන්චියක් ආවෙ ඊටත් පස්සෙන් පහුවෙලා. අයියව එදා රෑ හමුදාවෙන් අල්ලගෙන.ජීප් එකේ දාන් යනව හන්දියෙ කඩේ මුදලාලි දැක්කලු. මූනෙ ලේ එකක් වෙන්නම අයියට ගහල තිබුනලු. පුන්චිගෙ හත්දවසක් දුන්නෙ නෑ. පන්සලකට දීපු දානෙන් පින් අනුමෝදන් කරල අපි තුන් දෙනා ගෙදර එන්න ආවෙ පිස්සුවෙන් වගේ . තව දුරටත් අයියා ගැන බලාපොරොත්තුවක් අපිට තිබ්බෙ නෑ. සීය පුලුවන් තරම් පොලීසි ගානෙ හෙව්වා. ඒත් හම්බවුනේ නෑ. මාසයක් විතර දවස් ගෙවීගෙන යද්දි අයියා ඉන්නවයි කියලා ආරන්චිය ගෙනාවෙ පාලයා. ඒ කාලෙ එක්තරා ප්‍රසිද්ධ හමුදා කදවුරක අයියව හිරකරල තියනවලු. දැකපු කෙනෙක් ආරන්චිය දුන්නට ඒකෙ ඇත්තක් නැත්තක් අපි දැනන් හිටියෙත් නෑ. මැරිලා කියල හිතන් හිටපු එකා ජීවත් වෙනවා කිව්වම සීයා ආයෙම උනන්දු උනා. මාස ගානකින් හේනක් කරන් නැතුව අතේ සතයක් තිබුන් නෑ සීයගෙ.කෑවට වඩා තිබුනෙ නොකා හිටපු දවස්. ගේ ඉස්සරහ තිබ්බ මහ කොස් ගහ තනි මනුස්සයෙක්ට බදන්න බැරි තරන් ලොකුයි ඒ කාලෙ. කීයයි කිව්වත් කපන් නෑ කියපු කොස් ගහ ලී මඩුවට ගියෙ කොල්ලො දහ පහලොස් දෙනෙක්ගෙ කර උඩින්. කොස් ගහ සල්ලි කරගනිද්දි සීයා ලෑස්ති උනේ අයියව හොයන්න යන්න. කොහෙන් හරි කොල්ලව අරන් එනවයි කියල සීයා නම් කිව්වෙ. පස්සෙ කාලෙක අපි දැනගත්ත විදියට අයියාව මුලින්ම ගෙනිහින් තියෙන්නෙත් අර කියාපු කදවුරටම තමයි. මාස ගානක් දස වද දීලා මොනව බලාපොරොත්තු උනාද කියන්න මට තේරුමක් නෑ. ඒ කාලෙම තමයි අයියත් එක්කම හිටපු සුමනෙ අයියගෙ මිනිය ගගේ පාවුනේ. කදවුර ඇතුලට සීයා ගිහින් තිබුනෙ දන්න මහත්තයෙක්ගෙ උදව්වෙන්ලු. අයියට ගහනව බලා ඉන්න බැරි තැන සීයා යකඩ කූරු වල ඔලුව ගහගත්තලු පැලෙනකම්ම. ගහල ගහල ඉවර වෙලා බිමට ඇදල දැන්මම අයියා මැරුනු ගානයිලු. සීයා කිව්වෙ හුස්ම ගන්නවත් බෑ හරියට කියලයි. මැරෙන්න ඉන්න මිනිහව තියාගත්තත් වැඩක් නැති නිසා සීයට දීලා තිබුනා. ' අරන් පලයන් ඕකව. කොහොමත් යන ගමන් වලට තමයි..' එතන හිටපු උන් සීයට අයියව දීලා තිබ්බෙ එහෙම කියලා. ඇග පුරා තිබුනි තැලුම් පාරවල්, කැපුම් පාරවල්, අස්ති බිදීම් එක්ක ජීවත් කරවන්න බෑ කියලයි වෙද මහත්තයා කියල තිබ්බෙ. සීයා කෙලින්ම අයියව අරන් ගිහින් තිබුනෙ ලොකු සීයලගෙ ගෙදරට ( සීයගෙ අයියා). පස්සෙන් පහු අයියට බෙහෙත් කරනකන් සීයා ගමේ ආවෙ අපිව එක්ක යන්න. ඔව් අපි ගම ඇතෑරියා. තවත් ඒ මූසල ගෙදර ඉන්න අපිට බැරි උනා. සුදු පුන්චිගෙ මතක, අයියයි මමයි සෙල්ලම් කරපු කාලෙ... හැමදේම අතෑරල අපි ලොකු සීයලගෙ ගමේ ගියා. මැරෙනවයි කියපු අයියා අවුරුද්දක් යද්දි තුවාල හොද උනා. තව මාස හය හතක් යද්දි පය ගහල ඇවිදින්න කරන්න ගත්තා. අයියා ආයෙම ජීවත් වෙන්න ගත්තා සීයට පින්සිද්ද වෙන්න.. දවස් වෙනස් උනා. අයියා හැමදේම අතඇරල ලොකු සීයා එක්ක පතල් කරන්න ගත්තා. ඒ කාලෙ මං ආයෙම ඉස්කෝලෙ යන්න ගත්තා. ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තෙ එතන ඉදන්. **** ගමේ ගෙදර කඩා වැටිලා යද්දි අලුතෙන් හදපු ගේ කෑල්ලකට සීයයි අපෙ අම්මයි පදින්චියට ආවෙ අර සිද්දිය වෙලා සෑහෙන කාලෙකින්. ඒ එයාලගෙ පුරුදු තැනට කැමත්තෙන්. අවුරුදු ගානකට පස්සෙ මම ආයෙමත් ගම ආවා. මේ වෙද්දි මං ගුරුවරයෙක්. අයියා මැනික් බිස්නස් කරන ලංකාවෙ නමක් දිනපු මනුස්සයෙක්. අම්මා නම් තවම අපි ළග. ඒත් සීයා... සීයා නැති වෙලා අවුරුදු පහ හයක්.. සීයගෙ සොහොන හැදුනෙත් සුදු පුන්චිට ළගින්ම. පවු එයාගෙ තනියට සීයා හරි ඉදීවි. අද වෙද්දි එහෙ ඉන්නෙ අම්මා විතරයි. යන එන හැමදාම මට මතක් උනේ හිච්චා කාලෙ සීයායි, අයියයි,අම්මයි ,සුදු පුන්චියි එක්ක ගෙවපු අමාරුම දවස් වගේම පොඩි කාලෙ අපි ගෙවපු සුන්දරම දවස්...... U.S 🖤#හැමෝම_කීවේ_එහෙමය... ලොකු අත්තම්මාට ලමයි දොලහක් ය. වැඩිමල් පිලිවෙලින් තුන්වෙනියා සොපිනා නැන්දම්මා ය. අපේ අප්පච්චි හතර වෙනියා ය. බාලම බාප්පා මටත් දවස් ගානකට බාල ය. ඒ කාලේ ලොකු අත්තම්මාත්, අපේ අම්මාත් කිලිනික් යන්නට ඇත්තේ එකට ය. දොලහෙන් හතරක් ගමේම පවුල් කෑවා ය. අටක් පිට ගියා ය... සොපිනා නැන්දම්මාගේ දුව මගේ ඇවැස්ස නෑනා ය. ඒකිගේ නම මදුවන්ති ය. මට වඩා තුන් අවුරුද්දක් වැඩිමල් හින්දා
මං කීවේ මදූ අක්කා කියලා ය. මදු කියන්නේ "පැණි" වලට ය. ඒක ඇත්ත ය. මදූ අක්කා පැණි "කොම්පැණියක්" ය..... සොපිනා නැන්දම්මා මදූ අක්කාව නාන්ඩ දැක්කුවේ "මදූ නා" කියලා ය... කෑමට ඉන්දුවේ "මදූ කා" කියලා ය.. අපේ අම්මානම් මදූ අක්කාට කීවේ "සුද්දි" කියලා ය. ඇත්තටම ඒකි කිරි සුදු ය. අප්පච්චිගේ හරක් පට්ටියේ නාඹරම එල වැස්සිගේ නමත් "සුද්දී" ය. ඒකිත් සුදු ය. මටනම් හිතුනේම මදූ අක්කාට "සුද්දි" කියනවාට වඩා සුද්දී ට "මදුවන්ති" කීවානම් ගැලපෙනවා කියලා ය.... සුද්දීත් මදූ අක්කා තරමටම පැණි ය. පට්ටියේ හිටපු හැම වස්සෙකුගේ පාටින් ම "සුද්දී" පැටව් බෑවා ය. ඒ අතින් නම් ලොකු අත්තම්මාත් කැලේ ය..... සොපිනා නැන්දම්මා මට කීවේත් "සුද්දා" කියලා ය. පූරුවේ පිනකට අපේ එල හරක් පට්ටියේ මොල්ලියා, වයිරමා, බැලයා අතර "සුද්දා" ලෙස උප්පැන්න සහතිකයක් තිබූ එකෙක් නොවී ය........ සොපිනා නැන්දම්මලාට හිටියේ මී හරක් ය. ඒ පට්ටියේ නම් සුද්දෙක් කොහොමටක් වත් නෑ ය... අපේ "සුද්දි" මී හරක් පට්ටියත් එක්ක දිගේලි කර බැන්දානම් සමහරක් විට සුදු මී නාම්බෙකු හදාගන්නටත් තිබුනා ය........ එක්කො, එහෙම නොකල එකත් හොදය. ඒ කතා ගෙවල් වල කේලම් වලට ගියොත් අප්පච්චිටත් හරි නෑ ය..... ................................. මදූ අක්කාත් මාත් ඉස්කෝලෙ ගියේ එකට ය. ඉස්කෝලෙ ගුරුවරුන් පැනයක් ඇසූ කලට ඉදුරාම එලියට පනින්නේ ඒකිගේ දිව ය.... කොච්චරවත් දිව එලියට පනින හින්දා ඒකිට ඉස්කෝලෙ උන් කීවේ "කබරී" කියලා ය..... මාත් ඉස්කෝලෙ ඇදුමෙන් ඉන්නකොට ඒකිට කීවේ එහෙම ය... "කබරී" ට ලියුම් දෙන්නට, ටොපි චොකලට් දෙන්නට ලොකු පන්තිවල "පැණියෝ" පොර කෑවා ය. උන් ඒකට හවුල් කරගත්තේ මා ය. උන් කබරී ට දෙන්නට කියා මට දුන් ලියුම් මම දුන්නේ සොපිනා නැන්දම්මාට ය. ඒකි ඉස්කෝලෙ ගිය කාලයට අඩකටත් වඩා වැඩි කලක් සොපිනා නැන්දම්මත් ඒ ඉස්කෝලෙට ගියා ය. ඒ කබරි ගේ පෙම් හබ විසදාගැනීමට ය........ මා වැඩිපුරම කඩසෝරු කෑවේත් කබරී නමයෙ දහයෙ ඉන්න කාලයේ ය. ඒවා ලොකු පන්තිවල අයියලා කබරීට දෙන්නට කියා අරන් දුන් ඒවා ය. කලාතුරකින් ඒකිටත් එකක් දුන්නා ය. ඒ මට අප්පිරියා වූ ජාතියක් ය. අපරාදේ ය... ඒ කාලේ මාත් මොකියක් හරි දිහා බලන වයසක උන්නානම් ඒ ටිකත් කබරී ට නොදී ඉන්නට තිබුනා ය. ...................................... නිවාඩු කාලයටත්, ගඩා ගෙඩි වාරයටත් කැලෑ පීරන්නට මදූ අක්කා අඩ ගසන්නේ මට ය. ගහට නග්ගන්නේ මා ය. බිම ඉදං අහුලලා වැඩි පංගුව ගන්නේ ඒකි ය. කෑදර ම ඇබුල් ජාති කන්නට ය. ගමේ කෝං ගස්, දං ගස් තියන සිතියමක් අදින්නට කීවානම් ඒකි පරදන්නට විදානෙ මාමාටත් බෑ ය. ඒත් ඉස්කෝලෙ සිතියම් පාඩමක ඉන්දියාව සලකුණු කරන්නට කීවොත් ඒකි ඊතලය දාන්නේ ඇන්ටාටිකාවේත් කොනකටය.......... දිනක් කොටුවේ මා දං ගහේ උඩ දෙබලේ සිටි මට "සොපිනා" නැන්දම්මා මතක් උනාය. ඒක උනේ මෙහෙම ය. මදූ අක්කාත් මාත් මා දං කඩන්නට ගියෝ ය. මං ගහට නැග්ගා ය. පහල අත්තේ දං ගෙඩි මදූ අක්කා අතින් කඩමින් පොල්කට්ටකට එකතු කෙරුවා ය. ගහට නැගි මට කොහේවත් නැති චූ බරක් ආවේ එක පාරටම ය. උඩ දෙබල් කරුවේ හිටගත් මා බිමට චූ දැම්මා ය. වෙල් හුලගට පා වෙච්ච චූ දාරාව පාත් උනේ මදූ අක්කා දං කැඩූ පහල අත්තට ය. පොල්කට්ටේ තිබූ මා දං ගෙඩිත් චූ වලින් පෙගුණා ය. ඒකි අතේ තිබුණ පොල්කට්ටෙන් මා වෙත දමලා ඇරියා ය. ක්ශණයකින් පා වී ආ පොල්කට්ට වැදුනේ කුණ්ඩලාභරණයේ ය. ඒ පාරට මට දෙබල් කරුවේම ඉන්ද උනා ය. "සොපිනා" නැන්දම්මා මතක් උනේ ඒ වෙලාවේ ය. මදූ අක්කා ගෙදර දිව්වා ය...... තව ඩිංගක් පාර සැර උනානම් මට ගෙදර යන්නට වෙන්නේ ගැලවුණු කුණ්ඩලාභරණයක් පොල්කට්ටටේ දමාගෙන ය. මගේ මා දං පොකුරත් ඇත්තටම දම් පාට උනේ එදා ය........ ................................. එකොලහේ විභාගේ ඉංගිරීසි ප්‍රස්න පත්තරේ ලියූ දවසේ මදූ අක්කා ගෙදර ආවේ නෑ ය. හරියටම අපේ "සුද්දි"ත් මැරුණේ එදා ය. කෙල්ල උස්සලා කියමින් විලාප දුන් සොපිනා නැන්දම්මා නතර උනේ පොලීසියේ ය...... පොලිස් ඇන්ට්‍රියක් දමා ගෙදර ආ සොපිනා නැන්දම්මා කීවේ "මයෙ කෙල්ල උස්සපු එකා මොකා උනත් එල්ලන්ට ඕනෑ" කියලා ය. අපේ අප්පච්චි නම් කීවේ "ඕකි පැනල යන්‍ට ඇති" කියලා ය. ඒ දවස් දෙක සොපිනා නැන්දම්මා ගතකලේ හැඩූ කදුලින් ය. පොලීසියෙන් පණිවිඩයක් ආවේ දවස් දෙකකට පස්සේ ය. ඒ පරක්කුවට පවුලක එවුන් පොලීසිය ඇතුලේ ය. මදූ අක්කා පොලිස් බංකුවේ උජාරුවෙන් ඉදගෙන ය. එහා ගමේ මේසන් වැඩ කරපු ඉංදික යා කූඩුව ඇතුලේ ය. පොලීසියේ ලොකු මහත්තයා උන් දෙන්නාටම සැර කෙරුවා ය. සොපිනා නැන්දම්මා පොලීසියේ ලොකු මහහ්තයාට නොසෑහෙන්ට පින් දුන්නා ය. ඒ කෙල්ල හොයලා දුන්නාටත් වඩා කෙල්ල උස්සපු එකා හොයා ගත්තාට ය. අවසානයේ ඒ දුන් පින් වලින් පලක් උනේ නෑ ය....... මදූ අක්කා ඉන්දිකයා එක්ක පැනලා ගිය බව පිලිගත්තා ය. සොපිනා නැන්දම්මා පොලීසිය මිදුලේ පස්වලින් බාගයක් විතර කෑවා ය. රෙජිස්ටාර් උන්නැහැ පොලීසියටම ගෙන්වා උන් දෙන්නා බන්දලා දුන්නේ ලොකු මහත්තයා ය. ඒකටනම් මාත් පින් දුන්නා ය..... ඉන්දිකයා බින්න බැස්සා ය. කල් යත්ම සොපිනා නැන්දම්මාට ඌගේ ඒ හැටි වරදක් පෙනුනේ නෑ ය. "බීඩියක් නම් ඉතිං බීවට මක් වෙනවා ද, ඔය අපේ මිනිහත් බොන්නෙ" පස්සෙ පස්සෙ උන්දා කීවේ එහෙම ය. .............................. දැන් මදූ අක්කාට ලමයි පහක් ය. ඒ අතින් අපේ ගෑනු පන්නන්න ඕනෑ ය... සමුර්දියත්, අස්වැසුමත් දෙගුණ තෙගුණ කර දිය යුත්තේ ඉන්දික අයියා වැනි උන්ට ය. එකෙක් උකුලේ ය.. එකෙක් තොටිල්ලේ ය. එකෙක් මිදුලේ ය. තව එකෙක් ඉස්කෝලේ ය. ලොකු එකී දැන් පහේ ය...... තව ටික දවසකින් තවත් එකෙක් බඩේ ය.... ලොකු එකීගේ පොත් මිටියටත් වඩා බර, ගෙදර ත්‍රිපෝස කාඩ් මිටිය ය. දවසක ලොකු අත්තම්මාගේ රෙකෝඩ් එක කඩන්නේ අපේ මදූ අක්කා ය. හැමෝම කීවේ එහෙම ය ..................ජනිදු................# **අවන්හලේදී** ## 2020 වසරේදී නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද ඇමෙරිකානු ජාතික Louise Gluck කිවිඳිය ලියූ ‘In the Cafe’ නම් කවියේ සිංහල අදහස මේ කවිය මට හම්බුණේ Louise Gluck ගේ ‘A Village Life’ කියන කවි පොතෙන්. මට නම් Louise Gluck ලියන සමහර කවි තේරුම්ගන්න එච්චර ලේසි නෑ. ඒත් ඇයගේ කවීත්වය, කාව්‍ය ඥාණය ගැන නම් විවාද කරන්න දෙයක් නැති තරම් ඇය දක්ෂයි. ඇගේම සමකාලීන ඇමෙරිකානු ජාතික කිවිඳියක් වෙන Mary Oliver ගෙ කවි නම් ඇයගේ කවි වලට වඩා සරලයි නමුත් ඒ වගේම ලස්සනයි. මේ දෙන්නම එක වගේම දක්ෂයි. මේ දෙන්නම මගේ ප්‍රියතම කිවිඳියො අතර ඉන්නව. ඒ වගේම Louise Gluck සුප්‍රකට Yale සහ Stanford සරසවිවලත් උගන්නනව. ඇය මේ කවිය පටන්ගන්නෙ වෙනස්ම තැනකින්. ඇත්තටම ඇය එහෙම මේ කවිය පටන්ගන්නෙ ඇයි කියල අපට තේරෙන්නෙ මේ කවිය අවසානය දක්වාම කියෙව්වට පස්සෙ. ඇය මෙහෙම ලියනව. It's natural to be tired of earth. When you've been dead this long, you'll probably be tired of heaven. You do what you can do in a place but after awhile you exhaust that place, so you long for rescue. මහ පොළොව ඔබට එපාවෙලා නම් ඒක ස්වාභාවිකයි. ඔබ මෙච්චර කල් මැරිල හිටියොත් ඔබට දිව්‍ය ලෝකෙ වුණත් එපා වෙනව. ඔබ යම් තැනක ඉඳන් ඔබට කරන්න පුළුවන් දේ කරනව. නමුත්, කාලෙකට පස්සෙ ඔබට එතන එපා වෙනව. ඊටපස්සෙ ඔබව එතනින් මුදවගන්න එකට ඔබ ආශාකරනව. ඊට පස්සෙ ඇය ලියනව. My friend falls in love a little too easily. Every year or so a new girl— If they have children he doesn't mind— he can fall in love with children also. මගේ මිත්‍රය හරිම ලේසියෙන් ප්‍රේමයෙන් බැඳෙනව. ඔහුට හැම අවුරුද්දකටම සැරයක් වගේ අළුත් පෙම්වතියක් ඉන්නව. ඇයට දරුවො ඉන්න එක ඔහුට ප්‍රශ්නයක් නෙවෙයි. ඔහු ඒ දරුවන්ටත් ආදරය කරනව. කිවිඳිය ලියන විදිහට ඔහු හරිම අපූරු ප්‍රේමවන්තයෙක්. හරිම සොඳුරු මනුස්සයෙක්. So the rest of us get sour and he stays the same, full of adventure, always making new discoveries. But he hates moving, so the women have to come from here, or near here. අපිට ජිවිතේ තිත්ත වෙද්දි, ඔහු එහෙමම සතුටින් ඉන්නව. ඔහුගේ ජිවිතය හැමතිස්සෙම adventures වලින්, අළුත් සොයාගැනීම් වලින් පිරිල තියෙනව. ඒත් ඔහු වෙනත් නගරයකට යන්න අකමැතියි. ඒ හින්ද හැමවෙලාවෙම වගේ ඔහුගෙ පෙම්වතියන් වෙන්නෙ මෙහෙන් හෝ මේ කිට්ටුවෙන් ඉන්න ගැහැණුන්. ඇයගේ මිත්‍රය බොහොම පහසුවෙන්, ඉක්මණින් ප්‍රේමයෙන් බැඳෙන, නමුත් ඒ ප්‍රේමය නැතිවෙද්දි ඒ සම්බන්ධය දෙපාරක් හිතන්නෙ නැතුව අත්හරින කෙනෙක්. Albert Camus එක තැනක ලියනව: Blessed are the hearts that bend, for they shall never break - නැවෙන හදවත් ආශිර්වාදලත් ඒවාය. ඒ එවැනි හදවත් කිසිදු දිනෙක නොබිඳෙන බැවිනි. එහෙම නැවෙන්නෙ නැති හිතක් තියෙන මමත් විශ්වාස කරනව ඇත්තටම අපේ හිත් එහෙම නැවෙනව නම්, ජීවිතේදි අපිට මොන ප්‍රශ්න, මොන කරදර ආවත්, අපිට හැමවෙලාවෙම සතුටින් ජීවත්වෙන්න පුළුවන් කියල. ඊළඟට Gluck ලියනව. Every month or so, we meet for coffee. In summer, we'll walk around the meadow, sometimes as far as the mountain. Even when he suffers, he's thriving, happy in his body. It's partly the women, of course, but not that only. හැම මාසෙකම වගේ අපි එක අවන්හලකදි හම්බෙනව. ගිම්හානයෙදි අපි කන්ද ළඟටම යනකල් තණබිම වටේම ඇවිදිනව. ඔහුට ප්‍රශ්න තියෙද්දිත් ඔහු හරිම සතුටින් ඉන්නව. ඒකට එක හේතුවක් ඔහුගේ අළුත් පෙම්වතිය. නමුත් ඔහු එහෙම සතුටින් ඉන්න එකම හේතුව ඇය විතරක් නම් නෙවෙයි. මේ කියන විදිහට ඔවුන් හැමදාම හම්බෙන්නෙ එකම අවන්හලකදි. ඔවුන් ඇවිදින්නෙ එකම තණබිමක් දිගේ. සමහරවිට ඔවුන් එකම පැත්තක ජීවත්වෙන අය. ඇයගේ මිත්‍රයට හරිම ඉක්මණට හරිම පහසුවෙන් අළුත් ජීවිතයකට හුරුවෙන්න පුළුවන් වුණත්, ඔවුන්ගේ මිත්‍රත්වය තුළ, ඔහු කොහෙත්ම වෙනස් වෙන්නෙ නැති කෙනෙක් බව මේ කොටසින් පේනව. මේ කොටසින් ඇය අපිට පෙන්වන්න හදන්නෙ ඔහු මිත්‍රත්වය
ේදි කොච්චර ස්ථාවර, කොච්චර විශ්වාසනීය කෙනෙක්ද කියන එක. මට හිතෙන්නෙ ඔහු ප්‍රේමයෙදීත්, ඒ ප්‍රේමය පවතින තාක් කල්, ඒ වගේම විශ්වාසනීය ආදරණීය කෙනෙක් වෙන්න ඇති කියලයි. ඊළඟට ඇය මෙහෙම ලියනව. He moves into their houses, learns to like the movies they like. It's not an act—he really does learn, the way someone goes to cooking school and learns to cook. ඔහු ඔවුන්ගේ නිවෙස්වල ජීවත්වෙන්න පටන්ගන්නව. ඒ අය කැමති චිත්‍රපටි වලට කැමතිවෙන්න ඉගෙනගන්නව. නමුත් ඒක රඟපෑමක් නෙවෙයි, ඔහු ඇත්තටම ඒක ඉගෙනගන්නව. ඒක හරියට නිකන් කෙනෙක් [තමන්ගෙම කැමැත්තට, තමන්ගෙම උවමනාවට] cooking school එකකට ගිහින් උයන්න ඉගෙනගන්නව වගේ. මේ අදහස හරි විශේෂයි. ඒ වගේම හරිම ප්‍රබලයි. ගොඩක් වෙලාවට අපි බහුතරයක් දෙනා විරුද්ධ ලිංගිකයෙක්ව ආකර්ෂණය කරගන්න ඔවුන් කැමති නමුත් අපි අකමැති දේවල් වලටත් කැමතියි වගේ පෙන්වනව. එහෙම රඟපානව. හැබැයි ඔහු එහෙම කෙනෙක් නෙවෙයි. ඔහු ඔහුගේ අළුත් පෙම්වතිය කැමති චිත්‍රපටි බලන්න පටන්ගන්නෙ ඔහුගෙම ස්ව කැමැත්තෙන්. ඔහුට ඇය ගැන තියෙන කැමැත්ත, ප්‍රේමය හරිම ස්වාභාවිකයි. ඒක සැලමුතු ප්‍රේමයක්. ඒ හින්ද ඔහුගේ හැසිරීම වංචාවෙන් තොරයි. ඊළඟට කිවිඳිය ඔහුගේ සැලමුතු ප්‍රේමය සහ සහකම්පනය ගැන තවදුරටත් විස්තරකරනව. He sees everything with their eyes. He becomes not what they are but what they could be if they weren't trapped in their characters. For him, this new self of his is liberating because it's invented— he absorbs the fundamental needs in which their souls are rooted, he experiences as his own the rituals and preferences these give rise to— but as he lives with each woman, he inhabits each version of himself fully, because it isn't compromised by the normal shame and anxiety. ඔහු හැමදෙයක්ම ඔවුන්ගේ ඇස්වලින් දකිනව. ඔවුන් ඔවුන්ගේ චරිතවල හිරවෙලා නොසිටියොත් ඔවුන්ට වෙන්න පුළුවන් හොඳම තැන ඔහු ඉන්නව. ඔහුට මේ අළුත් ආත්මය හරිම නිදහසක්. ඒ ඒක අළුත් නිමැවුමක් හින්ද. ඔහු හරියට තේරුම්ගන්නව ඔවුන්ගේ ආත්ම මුල් ඇදල තියෙන මූලික අවශ්‍යතා මොනවද කියල. ඒවගේම ඒ මූලික අවශ්‍යතා සහ මූලික වටිනාකම් නිසා මතුවෙන ඇයගේ රුචිකත්වය සහ ගතිපැවතුම් ඔහු ඔහුගේම කරගෙන ඔහුගේම දේවල් විදිහට අත්දකිනව. එහෙම හැම පෙම්වතියක් එක්කම, ඔහු තමන්ගේ සැබෑ චරිතය සම්පූර්ණයෙන්ම ජීවත්වෙනව. මොකද ඒක ලැජ්ජාව හින්දවත් කාංසාව හින්දවත් compromise වෙන්නෙ නැති හින්ද. ඇත්තම මෙහෙම මනුස්සයෙක් ප්‍රබන්ධයකදි ඇරෙන්න හැබෑ ජීවිතේදී හම්බවෙන්න පුළුවන්ද? ඔහු චරිතයක් පමණක් වුණත් මට හිතෙනව ඔහු ආදරයේ, ජීවිතයේ සැබෑ අර්ථය, සැබෑ ස්වරූපය දන්න තමන්ට වගේම ඔහුගේ ආදරණීයයන්ටත් අවංක දෙබිඩි චරිතයක් රඟ නොපාන කෙනෙක්. ඇත්තටම අපි අපිට ආදරය කරනව විතරයි අපිට තවත් කෙනෙකුට ආදරය කරන්න පුළුවන් වෙන්නෙ. අපි අපිට සමාව දෙනවනම් විතරයි අපිට අනිත් අයට සමාව දෙන්න පුළුවන් වෙන්නෙ. ඊට පස්සෙ කිවිඳිය ලියනව. When he leaves, the women are devastated. Finally they met a man who answered all their needs— there was nothing they couldn't tell him. When they meet him now, he's a cipher— the person they knew didn't exist anymore. He came into existence when they met, he vanished when it ended, when he walked away. ඔහු මේ සම්බන්ධය අවසානයේ ගියාට පස්සෙ ඔහුගේ පෙම්වතියන් බොහොම අසරණ වෙනව. අන්තිමට ඔවුන්ට ඒ හම්බෙලා හිටියෙ ඔවුන්ගෙ හැම අවශ්‍යතාවයකදිම උදව්වෙන ඔවුන්ට ඕනැම දෙයක් කියන්න පුළුවන් කෙනෙක්. හැබැයි දැන් ඔවුන්ට ඔහුව හම්බෙද්දි ඔහු බිංදුවක්. එහෙම කෙනෙක් මේ ලෝකෙ දැන් නෑ. ඔවුන්ව මුලින්ම මුණගැහෙද්දි ඔහු එනව. ඒ සම්බන්ධෙ කැඩුණම, ඔහු දුරස් වෙලා නොපෙනී යනව. After a few years, they get over him. They tell their new boyfriends how amazing it was, like living with another woman, but without the spite, the envy, and with a man's strength, a man's clarity of mind. අවුරුදු කිහිපයකට ඔවුන්ට ඔහුගෙ ප්‍රේමයෙන්, ඔහුගෙ මතකයෙන් මිදෙන්න පුළුවන් වුණාම, ඔවුන් ඔවුන්ගෙ අළුත් ප්‍රේමවන්තයන්ට කියනව ඒ කාලෙ කොච්චර සොඳුරුද කියල. ඒක් හරියට තවත් ගැහැණියක් එක්කම ජීවත්වුණා වගේ, හැබැයි වෛරය, ඊර්ෂ්‍යාව නැතුව සහ පිරිමියෙකුගෙ ශක්තියත් එක්ක, පිරිමියෙකුගෙ මනසේ පැහැදිලි බවත් එක්ක. And the men tolerate this, they even smile. They stroke the woman's hair— they know this man doesn't exist; it's hard for them to feel competitive. ඔවුන්ගේ ආදරවන්තයන් මේක ඉවසනව, ඔවුන් හිනහ වෙනවත් එක්ක. ඔවුන් මේ ගැහැණුන්ගෙ හිස් හරිම ආදරෙන් අතගානව (ඔවුන් එහෙම කියද්දි ) ඔවුන් දන්නව එහෙම පිරිමියෙක් මේ ලෝකෙ ජීවත්වෙන්නෙ නැති බව. ඒ හින්ද ඔහු ගැන ඔවුන්ට තරඟකාරී බවක් ඊර්ෂ්‍යාවක් දැනෙන්නෙ නෑ . ඊට පස්සෙ ඇය ලියනව. You couldn't ask, though, for a better friend, a more subtle observer. When we talk, he's candid and open, he's kept the intensity we all had when we were young. He talks openly of fear, of the qualities he detests in himself. And he's generous—he knows how I am just by looking. If I'm frustrated or angry, he'll listen for hours, not because he's forcing himself, because he's interested. හැබැයි ඔබට ඔහුට වැඩිය හොඳ යාළුවෙක්, ඔහුට වැඩිය සියුම් නිරීක්ෂකයෙක් හම්බෙන්න විදිහක් නෑ. අපි කතාකරද්දි ඔහු හරිම අවංකයි, විවෘතයි. අපි තරුණ කාලෙ තිබ්බ ජීවය, ජවය ඔහු ළඟ තාමත් තියෙනව, ඔහු බය ගැන, ඔහු තුළ තියෙන ඔහු අකමැති ගතිගුණ ගැන හරිම විවෘතව කතාකරනව. ඔහු හරිම පරිත්‍යාගශීලියි. ඔහු දන්නව මම හොඳින්ද නැද්ද කියල මං දිහා බලපු හැටියෙ. මම තරහෙන් අපේක්ෂාභංගත්වයෙන් නම් ඉන්නෙ, ඔහු පැය ගාණක් මට ඇහුම්කන් දෙනව. ඔහු එහෙම ඇහුම්කන්දෙන්න ඔහුටම බලකරනව නෙවෙයි, ඔහු ඇත්තටම කැමතියි එහෙම මං කියන දේ අහන් ඉන්න. I guess that's how he is with the women. But the friends he never leaves— With them, he's trying to stand outside his life, to see it clearly— මම හිතන්නෙ ඔහු ඔහොමම වෙන්න ඇති ඔහුගෙ පෙම්වතියන් එක්කත්. ඒත් ඔහු කවදාවත් යාළුවො නම් දාලා යන්නෙ නෑ. යාළුවො එක්ක, ඔහු උත්සාහ කරනව ඔහුගෙ ජීවිතයෙන් එලියෙ ඉඳන්, ඔවුන්ව වඩා පැහැදිලිව දකින්න. Today he wants to sit; there's a lot to say, too much for the meadow. He wants to be face to face, talking to someone he's known forever. අද ඔහුට වාඩි වෙලා ඉන්න ඕනෙ. ඔහුට ඇවිදින ගමන් කියන්න බැරි තරම් ගොඩක් දේවල් තියෙනව. ඒ හින්ද ඔහුට අද මූණට මූණ බලාගෙන වාඩිවෙලා කතාකරන්න ඕනෙ ජීවිතකාලයක් තිස්සෙම ඔහුව දන්න කෙනෙකුට. He's on the verge of a new life. His eyes glow, he isn't interested in the coffee. Even though it's sunset, for him the sun is rising again, and the fields are flushed with dawn light, rose colored and tentative. ඔහු අළුත් ජිවිතයක් පටන්ගන්නයි හදන්නෙ. ඔහුගෙ ඇස් දිළිසෙනව, ඔහුට කෝපි එක ගැන ගාණක් නෑ. ඒක ඉර බහින හැන්දෑව වුණත්, ඔහුගෙ ජීවිතේට ආයෙත් හිරු උදාවක් වෙන්නයි යන්නෙ. ඔහුට ඔහුගෙ වටපිටාව ඉර උදාවෙ රෝස පාටින් වර්ණවත් වෙලා තියෙන්නෙ ඒ බොහොම ටික කාලෙකට වුණත්. මෙතන ඇය ලියන ‘rose colored and tentative’ කියන යෙදුමට මම හරිම කැමතියි. මේ සොඳුරු නමුත් අවිනිශ්චිත මොහොත විස්තර කරන්න ඊට වඩා හොඳ යෙදුමක් මට නම් හිතාගන්න බෑ ඇත්තටම. He's himself in these moments, not pieces of the women he's slept with. He enters their lives as you enter a dream, without volition, and he lives there as you live in a dream, however long it lasts. And in the morning, you remember nothing of the dream at all, nothing at all. මේ වෙලාවට ඔහු ඔහුමයි, ඔහු ආශ්‍රය කරපු ගැහැණුන්ගේ ගතිගුණ ඔහුගෙන් මතුවෙන්නෙ නෑ. ඔහු ඔවුන්ගෙ ජිවිතවලට ඇතුළු වෙනව, එහෙම කරන්න අදහසක් නැතුව, හරියටම ඔබ සිහිනයකට ඇතුළු වෙනව වගේ. හරියටම සිහිනයක වගේ ඔහු ඔවුන්ගේ ජීවිතවල ඉන්නව, ඒ කෙටි කාලෙකට වුණත් දිගු කාලෙකට වුණත්. (හැබැයි ) උදේට නැගිටිද්දි ඔබට ඒ හීනෙ අමතකයි, සම්පූර්ණයෙන්ම අමතකයි. මම මේ කවිය අවසානයෙ තියෙන සිහිනයේ උපමාවෙ දිගුවට හරිම කැමතියි. ඒක සරල නමුත් හරිම ප්‍රබල කාව්‍යාත්මක අවසානයක්. මේ කවිය අපේ රටේ තියෙන සංස්කෘතික වටිනාකම්, විශ්වාස එක්ක ඔබට විවෘත මනසකින් රසවිඳින්න පුළුවන්ද කියල මම දන්නෙ නෑ. ඒත් මම පෞද්ගලිකව විශ්වාස කරනව උසස් කලා නිර්මාණ රසවිඳින්න සංස්කෘතික වටිනාකම් හරස්නොවිය යුතුයි කියල. මේ කතාව ටිකක් දිගට ආවත් රසවත් වෙයි කියල මම හිතනව. ඒක අවසාන කරන්න යද්දි මට මම කැමතිම අදහස් දෙකක් මතක්වෙනව සාහිත්‍යයෙන්. Isabel Allende එක තැනක මෙහෙම ලියනව. මට මේක මුලින්ම හම්බුණේ නම් අඩයාලමට පසන් ගණේගම ලියපු කතාවකින්. Perhaps we are in this world to search for love, find it and lose it, again and again. With each love, we are born anew, and with each love that ends we collect a new wound. I am covered with proud scars - සමහරවිට අපි මේ ලෝකෙ ඉන්නෙ ආදරය හොයන්න, එහෙම හොයාගෙන ආයෙ ආයෙත් ඒ ආදරය නැතිකරගන්න. ඒ හැම අළුත් ආදරයක් එක්කම අපි අළුතින් උපදිනව. ඒවගේම එහෙම නිමාවෙන හැම ආදරයක් එක්කම අපිට අළුත් තුවාලයක් එකතුවෙනව. එහෙම ආඩම්බර කැළැල් වලින් මගේ ජීවිතය පිරිල තියෙනව. අනිත් එක අනුරාධා නිල්මිණි කිවිඳිය ඇයගේ ‘මදහසක මැදියම’ කියන කවි පොතේ ලියපු එක කවියක්. ඇස තෙමන්නට නොවෙයි මුහුණ මගහරින්නේ හිත පෙළන්නට නොවෙයි සක්මනට නොඑන්නේ මතකය ම මී විතකි එයිනි දිවි ග
ෙවෙන්නේ අතහැරීමට තමයි ආදරේ කියන්නේ මම කැමතියි මේ ගැන ඔබට හිතෙන අදහසත් දැනගන්න. ## In the Cafe *by Louise Gluck* It's natural to be tired of earth. When you've been dead this long, you'll probably be tired of heaven. You do what you can do in a place but after awhile you exhaust that place, so you long for rescue. *** My friend falls in love a little too easily. Every year or so a new girl— If they have children he doesn't mind— he can fall in love with children also. *** So the rest of us get sour and he stays the same, full of adventure, always making new discoveries. But he hates moving, so the women have to come from here, or near here. *** Every month or so, we meet for coffee. In summer, we'll walk around the meadow, sometimes as far as the mountain. Even when he suffers, he's thriving, happy in his body. It's partly the women, of course, but not that only. *** He moves into their houses, learns to like the movies they like. It's not an act—he really does learn, the way someone goes to cooking school and learns to cook. *** He sees everything with their eyes. He becomes not what they are but what they could be if they weren't trapped in their characters. For him, this new self of his is liberating because it's invented— *** he absorbs the fundamental needs in which their souls are rooted, he experiences as his own the rituals and preferences these give rise to— but as he lives with each woman, he inhabits each version of himself fully, because it isn't compromised by the normal shame and anxiety. *** When he leaves, the women are devastated. Finally they met a man who answered all their needs— there was nothing they couldn't tell him. When they meet him now, he's a cipher— the person they knew didn't exist anymore. He came into existence when they met, he vanished when it ended, when he walked away. *** After a few years, they get over him. They tell their new boyfriends how amazing it was, like living with another woman, but without the spite, the envy, and with a man's strength, a man's clarity of mind. *** And the men tolerate this, they even smile. They stroke the woman's hair— they know this man doesn't exist; it's hard for them to feel competitive. *** You couldn't ask, though, for a better friend, a more subtle observer. When we talk, he's candid and open, he's kept the intensity we all had when we were young. He talks openly of fear, of the qualities he detests in himself. And he's generous—he knows how I am just by looking. If I'm frustrated or angry, he'll listen for hours, not because he's forcing himself, because he's interested. *** I guess that's how he is with the women. But the friends he never leaves— With them, he's trying to stand outside his life, to see it clearly— *** Today he wants to sit; there's a lot to say, too much for the meadow. He wants to be face to face, talking to someone he's known forever. *** He's on the verge of a new life. His eyes glow, he isn't interested in the coffee. Even though it's sunset, for him the sun is rising again, and the fields are flushed with dawn light, rose colored and tentative. *** He's himself in these moments, not pieces of the women he's slept with. He enters their lives as you enter a dream, without volition, and he lives there as you live in a dream, however long it lasts. And in the morning, you remember nothing of the dream at all, nothing at all.නිමිත්ත = ඊර්ෂ්‍යාව නම් කඩතුරාවෙන් දෑස් වසාගත් මිතුරියන් විසින් ස්වෝත්සාහයෙන් ගොඩනගාගත් තම කිතුගොස, කටකතා විශ යෙදූ හී පහරින් පලුදු කල වේදනාව දරාගනු නොහී ඉකිබිදින නව යොවුන් දැරියකගේ හැගුම් සනසනු වස් ගෙතුනු ඇගේ ජීවන කාව්‍යය කඩුපුලියක වෙසින්... කඩුපුල් විලාපය🖤 දන්නවද කාලෙකට කලින් රෑ මැදියමක දුර ඈත දෙව්ලොවක උන්නු දෙව්ලියො රැසක් සුවද පැහැ රුවෙන් සරු පියුම් පොකුරුත් ඇරන් ආවාලු මෙහෙත් සිරි අසිරි විදගෙන යන්න ඇවිත් යන අතරමග තමයි එකියක් දුටුවෙ ඇගේ මල් පොකුරෙ උන් මල් රැජිණි නොමැති බව මග ඇරිල ඈ ඉතින් දැන් කුමක් කරන්නද අතැර මල් සුන්දරිය උන් ගියා යලි එලොව රන් රතුයි ඇගේ වත පෙති දහක් පමණ වෙත සුවද මල් මකරන්ද ඇගේ ගත වසා ඇත මුදු රේණු රිදී පැහැ, වීය රන් පැහැය අග දෙව්ලියන් අතැර ගිය මල් රැජින කඩුපුල්ය දැක ඇගේ සොදුරු වත මෙලෝ මල් විය වසඟ කුමර මල් දස අතින් එයි පතා ඇගේ අත සොදුරු වත මෙන්ම සුන්දර ගුණම වපුරගෙන ඈ මෙහිත් වැජඹුණා අනෙක් මල් අරා හිද නැතිය උපමා කිසිත් ඇයට සම කෙරිය හැකි තිබුණෙ නෑ වරදකුත් ඈ හැමට එකම වැනි දිනෙන් දින මෙලොව මල් ලොවේ හිත් හොරා ගති ඈට උන් සතුරනුත් බොහෝ විය නිමක් නැති තද සුළං අකුණු මහ වැසිද ඇදි හැලි රැයක උනේ මහ විනාසෙකි දෙවියනේ කොහිද ඔබ සැම සිතම වශී කල පියුම් රැජිණියගෙ වත විශ හලා පිලිස්සුවෙ මිතුරු පසමිතුරු කැල දිවිය බේරුනත් ඇගෙ නැතිය තිබු පැහැය පෙර මුළු ගතම ධවල පරවියකගේ සිරිය ගත දුදන මිතුරතින් තැලි අහිංසක කඩුපුලිය පිපීයන් මහරෑට ලොවෙන් සැගවිලා නුඹචූටියාගේ කතාවට තව කොටහක් .. " හාමිනෝ.. උදෙන්ම වී ටික තම්බ ගන්ට සූජානං වෙමු නේද ? හෙට කෙල්ලත් ගෙදර ඉන්න එකේ . හොඳට අව්ව ටිකත් වැටෙනවනෙ. ආකහේ විස්වාස නෑ බොලව් දැන් කාලෙ .හිටපු ගමන් නේ වහින්නෙත්. අබුද්දස්ස කාලෙ වෙච්චි . වහින්න තියා ගත්තොත් වී ටික වේලලා හාල් කරගන්න වෙන්නේ නෑ නොවැ . කඩේ හාල් නම් කන්න බෑ බොලව් .සමහර වෙලාවට කෑවට. කනවා තමා සමහර වෙලාවට .ඒත් ගෙදර වී ටික තම්බලා ගන්න හාල් ටිකෙන් උයන බත් ටික වගේ නෑ මටනං කඩේ හාල ." ආච්චම්මා අම්මට කියනවා ඇහුනේ ඊයේ රෑ . අපොයි මම හිතුවේ ඒක හීනයක් කියලා වුනාට ඒක හීනයක් නෙමෙයි නෙ අප්පා .ඔය ඇහෙන්නේ උදේම මං දැක්ක හීනේ හැබෑ කරන්ට අම්මයි , ආච්චම්මයි ලෑස්ති වෙනවා . වී තම්බන්න යන්නේ. අද හරි මට . ඔක්කොම සෙල්ලං නතර කරන්න වෙනවා. අපොයි මටනං ආසම නෑ .වී තම්බනවට නම් නෙමෙයි .මමයෑ වී තම්බන්නෙ. ඒ වුණාට මමනේ වී වේලෙනකං බලාගෙන ඉන්න ඕනි. ඇයි අප්පා ආච්චම්මා ඉන්නවා නිකං . එයාට බලාගන්න පුලුවනි නේ .වෙලාවකට එයත් මහ කරදරයක් අප්පා . එයාටත් ඉතින් මේ මාවම ඕනි වෙනවනේ මේ වැඩේට . මම නිකං ඉන්න කෙනෙක්ද . කොච්චර නම් මට වැඩ තියෙනවද කරන්න . මට තියෙන්නේත් ඉස්කෝලේ නිවාඩු දවස් දෙකයි . ඔන්න අඩුගානේ දවස් හතරක් වත් ඉස්කෝලෙ නිවාඩු තිබුනනං ආච්චම්මා ගේ වැඩ වලට උදවි කරන්න තිබුණා එක දවසක් . කොහෙද ඉතින් නිවාඩු දවස් දෙකයි මනේ තියෙන්නේ අප්පා. ඒ දවස් දෙකේම තමයි ආච්චම්මාත් මොනාහරි කරන්නේ . එක්කෝ පොල් කපලා අව්වට දායි . නැත්තං සියඹලා පොතු අරින්න කතා කරයි. . ඊයා ...පේන්න බෑ මට . එහෙමත් නැතිනම් වී තම්බනවා .මේ අදත් ඉතින් පටන් ගත්තෙ . අම්මා ට අද කියන්න තිබුනනෙ ඔය වී තැම්බිල්ල අද නෙමෙයි හෙට කරමු කියලා . අම්මට ආච්චම්මා එක්ක කියන්න බයයි නම් මට කිව්ව නං සමදරා අක්කාට කියලා ලස්සන ට ලියලා ගෙනත් දෙනවනේ "වී තැම්බිල්ල අද නෙමෙයි හෙට කියලා ." එහෙම නැත්නං මටත් ලියන්න තිබුනා පොල් ගෙඩියක සයිස් අකුරෙන් . අම්මට තියෙන්නේ ඒක ආච්චම්මාට පේන්න වී ගෝනි උඩින් තියන එක විතරයි නේ . කොහෙදිද මම දැක්කෙ ඒ විදියට ලියලා දොරේ ගහලා තියෙනවා. ම්...ආ..ලාලනී නැන්දලාගේ ගෙදර දොරේනෙ එහෙම ගහලා තිබුනේ . මම දැක්කෙ එදා අම්මත් එක්ක ලාලනී නැන්දාගේ චූටි මල්ලියා බලන්න ගිය වෙලේ .මම ඇහැව්වත් එක්ක ලාලනී නැන්දගෙන් ඇයි එහෙම ලියලා තියෙන්නේ කියලා . බාල ගිරියද,ලොකූ ගිරියද ,යටි ගිරියද මං දන්නෑ එන්න එහෙම කවුද එන එකටලු එහෙම ලියලා දොරේ ගහන්නේ .ඒ එන මොන ගිරියද මන්දා ගෙදර ලඟට ඇවිල්ලා ගෙදර දොර ලඟ ගහලා තියෙන අද නෙමෙයි හෙට කියන එක දැකලා ආපහු යනවලු හෙට එන්න . හැමදාම තියෙන්නේ ඒකනෙ ඉතින් . අනේ මන්දා .ඒ ගිරියත් හදිස්සියකට එනවද දන්නේත් නෑ .ඒ ගිරියටත් පිස්සුනේ. ආපු එකේ ලාලනී නැන්දලාව හම්බ වෙලාම ගියානං අහවරයි නේ . ඉතින් අපිත් ඔය ගියේ .අපිනං ආපහු ආවේ නෑ. පහුවදාට යන්න . ගිය එකේ එදාම මල්ලියාව බලලමයි ආවේ . වී ගෝනි ළඟ ඇත්තටම ඒ විදියට ලිව්වනං හරි අප්පා . එතකොට වී තැම්බිල්ලත් අද නෙමෙයි හෙට වෙනවා . ආච්චම්මාත් ආපහු හැරිලා එයිනෙ එතකොට . අනිත් කෙනා බාල බාප්පුච්චා. එයාටත් ඕන්නැත් දෙයක් නෑ නොවැ .උස්සගෙන එනවා වී ගෝනි දෙක තුනක් ම. මෙන්න මේං අයියන්ඩිගේ වී කොටහ කියාගෙන . ගේනවනං තම්බලා වේලලම ගේන්න එපෑ. මම එපෑයෑ ඕක තම්බපුවාම ඔහේ ඉඳගෙන බලාන ඉන්න ඕනි. " චූටියෝ. පැටික්කියේ..අදනං කොහෙවත් යන්න එපා මයෙ අම්මා .. "නැගිටහං නැගිටහං හොර නින්ද නැති ව". අම්මා ඇවිත් පස්සා පැත්තට තට්ටුවක් දාලා කතා කලා උදේම . මොන හොර නින්දක්ද..මම ඇහැරලා .හොර නින්ද තියා ඇත්තට වත් බුදියන්නෙ කොහොමෙයි. අප්පොච්චා හචිං අරිනකොට . ඒවත් හච්ංම තමා . සද්දේ . අම්මා කියන්නැහේ ගං හතටම ඇහෙනවා ."උඹලයැ ඔය සද්දෙ ගං හතටම ඇහෙනවා ඇති . ටිකක් හිමීට ඇරපල්ලකෝ අරින කිඹුහුමක්." අම්මා කියන්නේ ඔහොම තමයි හැමදාම. අනිත් කෙනා අර තඩි කුකුලා . උදෙන්ම බෙරිහන් දෙන්නේ ටික
ක් දවල් වෙනකං නිදා ගන්න බැරිද .ඌ නිදා ගන්නෙත් නෑ මට නිදා ගන්න දෙන්නෙත් නැ . අම්මා සමහරක් වෙලාවට මට කියනවා වගේ මටත් හිතෙනවා කුකුලගේ කට තලන්න . " මූණ හෝදං ඇවිත් අන්න කිරිබත් හදලා තියෙන්නේ කන්න. අද කොහෙවත් එහෙම යන්නෑ. වී ටික බලාගන්න තියෙනවා .අර අල්ලපු ගෙදර යක්ස කිකිළි නෑම්බියො ටික කොයි වෙලෙත් මෙහෙනෙ. ඕකුන් ටික එලවන්න ඕනි අදනං ඇහූනද.. ආච්චම්මා ට බෑ ඔය සත්තු පස්සේ එලවන්න. " ඔන්න හරි නෙ . අද මගේ වැඩ ටික ඔක්කොම පැත්තක තියන්න වෙනවා . "අනේ අම්මේ. අද මං දෝනිත් එක්ක පොඩි ගමනක් යන්න දාගන්න නේ ඉන්නේ ." "කොහෙ යන්න...රස්තියාදුවේ ." "අද මමයි , දෝනියි අතරමං වෙන්න යන්න තියෙනවා ." "මොකක් කිව්වා " ඒ පාර අම්මා ඇහැව්වේත් අතරමං වෙලා වගේ නෙ .නිකං අතරමං වෙන්න යන එක කවදාවත්ම අහලා නැති ගානටනේ . ඇයි අප්පා. ඔය කතා පොතක තිබුනේ. සමදරා අක්කා තමයි කියලා දුන්නේ . මමනං එවෙලේම හිතා ගත්තා මාත් දෝනිත් එක්ක අතරමං වෙන්න යනෝ කියලා . හරි ෂෝක් අප්පා . පලතුරු ගොඩක් කෑවහැකි . එතකොට හොරුන්වත් බලන්න පුළුවන් වෙයි . හොරු ලඟ තියෙන නිධානෙත් ගන්න පුළුවන් වෙයි. අර කතාවේ ළමයි ට වගේ . අම්මා ඒ කතාව දන්නේ නෑ නේ . ඒකනෙ මේ පුදුම වෙලා බලං ඉන්නේ .දෝනි දන්නෙත් නෑ තාම අද අතරමං වෙන්න යන්න හිතාගෙන ඉන්නවා කියලත් . දැන් ඉතින් කියලා වැඩකුත් නෑ .. කොහෙද ඉතින් මේ..වී තැම්බිල්ලක් දාගෙන නේ . ආ..දෝනි කියන්නේ නම් මගේ යාළුවා. එයාට ගෙදරට කියන්නේ දෝනි කියලා. එයාගේ නම මට තියා එයාගේ අම්මටවත් කියා ගන්න බැරිව ඇති . අපේ අම්මා නං කිව්වේ ඒ කෙලීට දාලා තියෙන්නේ දිව උළුක්කු වෙන නමක්ය කියලා . ඉතින් මාත් ඇහැව්වත් එක්ක නෝනි නැන්දාගෙන් ඇයි දෝනිට දිව උළුක්කු වෙන නමක් දැම්මේ කියලා . නෝනි නැන්දා නම් නෙමෙයි අපේ අම්මා නම් ඒ වෙලාවෙ ඇන්නා මට ටොක්කක් දවල් තරු පේන්නම . ( ඒ නම කියා ගන්න පුළුවන් අපේ ඉස්කොලේ හාමිනේට විතරමයි .) මගේ නම නං ඕන කෙනෙකුට කියන්න පුළුවන් . මගේ නම තුසාරිනෙ . " ඔන්න ඉතින් මුල් ඇදිලා . එන්න නේද කිව්වේ ඉක්මනින් මූණ කට හෝදං . යන යන තැන මුල් අදිනවා ." මෙන්න කිව්වා අම්මා කතාවක්. මුල් අදින්න මම ගහක්යෑ. අනික ගස් ඇවිදිනවයෑ. ඔන්න මම යන තැන මොනාහරි කාලා ඇටයක් දැම්මොත් නං පැලවෙයි . ඔය ඕන තරම් පැල වෙන්නේ කුරුල්ලෝ කාලා දාපුවත්. ඒකනං කියලා දුන්නේ ඉස්කෝලෙ හාමිනේ . " අම්මේ.." "ඒ පාර මොකෝ ..," "අද ගෙදර හිටියොත් මට අද උණ ගැනෙයි ද දන්නෙත් නෑ හැබැයි . එහෙම නැත්නං බඩේ රුජාවක් හැදෙයි වගේ . එතකොට ඉතින් කොහොමෙයි වී පැදුර බලා ගන්නේ .ඒ හන්දා මං අද ටිකක් අතරමං වෙලා එන්නං ඔන්න ඔහේ." අම්මා බැලුවා බැලිල්ලක් ..හරි යන්නේ නෑ . මොනා කිව්වත් අද නං හරියන්නෑ වගේ . "මේ චූටියෝ දෙනවා දෙකක් බොට දැන්.. අනේ අම්මපා ..උණ හැදුනොත් හරි බඩේ රුජාවක් හැදුනොත් හරි ඒක එවෙලෙට මං බලා ගන්නං. වෙනිවැල් ගැට හොඳ යහමින් දාලා තම්බලා බීපුවහම හරියයි ඔය හැදෙනවයි කියපු රුජා ටික . ඉක්මනින් වරෙං " අම්මා ගෙට ගියා . මං වගේ මෝඩියෙක් . වෙනිවැල් ගැට... බොන්න .. අපොයි තිත්ත .. ඇත්තටම හදයිද මන්දා අම්මා .. එහෙම වුනොත් බොයි මං . අනේ මන්දා අප්පා .අද නං හරියන්නෑ මොනා කිව්වත් .උණ හැදෙන්නත් බෑනේ . වෙනිවැල් බොන්න වෙනවනං.මොනා කරන්න ද ඉතින් . ගවුමෙන්ම මූණ පිහද පිහද මම ගියා ගේ ඇතුලට . දිගම දිග පැදුරේ අම්මයි , ආච්චම්මයි වී ටික වනනවා .මං ඔහේ කම්මැලි කමේ පිලට වෙලා ඉඳගෙන ඉන්නවා . ආච්චම්මා නිදි කිරා වැටි වැටී ඉන්න හැටි දැක්කාම මටත් නිදි මතයි වගේ . කම්මැලි කමේ බැරුවා . අපරාදේ . පලතුරු ගස් පලතුරු පුරෝගෙන අපි එනකං බලාගෙන ඇති . පලතුරු කන්නත් නෑ . අර නිදානෙ ,ඒක ගන්නත් නෑ . හවස් වෙනකන්ම මම වී පැදුරක් දිහා බලාගෙන හිටියා . ඒක විතරයි අද වුනේ . හවහ අම්මා හැලප තම්බලා . හොඳ චූටියා කියලා හැලප හතරක් ම පිඟානක තියලා මට දුන්නා . හැලප කන්න නං මම ගොඩක් ආසයි . ඒත් හැලප හතරක් ම මට දුන්නෙ හෙටත් වී පැදුර දිහා බලාන ඉන්න ඕනි ද දන්නෑ . " හෙටනං මං ඉන්නෑ ඔන්න ." කිව්වා මං . "හා හා ඒක හෙටනේ. දැන් කාහංකෝ හොඳ එකී වගේ ." අපොයි හෙටත් මට කොහේවත් යන්න වෙන්නේ නැති වෙයි වගේ . තුන්වෙනි හැලපෙ කනකොට තමයි හාමිනා අක්කේ කියාගෙන ආවේ කුසුමෙ නැන්දා . කුසුමෙ නැන්දා ඇවිත් කොහොමෙයි චූටියෝ කියාගෙන පිලේ තිබුණු පුටුවේ ඉඳගත්තා . අපොයි අප්පොච්චා ඉඳගන්න පුටුව . ජරබරාස් ගෑවා . කුසුමෙ නැන්දා එක්ක බිමට කඩා වැටෙයි ද මන්දා . වැටුනොත් මම ඉතින් අල්ලගන්න කියලයෑ. අම්මෝ කුසුමෙ නැන්දා ගේ මහත . හෙන ලොකු බඩක් තියෙන්නේ . අපේ අම්මටවත් ආච්චම්මාටවත් එහෙම ලොකු බඩක් නෑ නේ. ඇයි මට . .. මටත් නෑනේ.කුසුමෙ නැන්දා ආපුවම යන්නෑ . අම්මගෙ යාලුවනේ එයා. ආච්චම්මා නං කියන්නෙ නල්ලමලේ යාළුවෙක් නේ හාමිනාට ඉන්නේ කියලා .තව කියනවා කට නිකං කතුර වගේලු .ඒක නං ඇත්ත තමා . කියවනවා කියවනවා ඉවරයක් නෑ .කට රිදෙන්නෙ නැතිද මන්දා අප්පා . මගේ නං කන් දෙකත් රිදෙනවා . ආච්චම්මගේත් කන් දෙක රිදෙනවලු .කටේ සද්දේ ඊට හපන් . ආච්චම්මා නං කිව්වේ ගිය ආත්මේ ඝණ්ඨාර පූජා කලාමලු ඝන්ඨාරෙ වගේ සද්දේ කියලා . අම්මානං මුකුත් කියන්නේ නෑ. ඒත් යන්තං හිනා වෙනවා විතරයි . අම්මා ගේ යාළුවා නිසා වෙන්න ඇති . අම්මත් ඇවිත් කතාව . කතාව කිව්වට අම්මට නං කතා කරන්න වෙන්නේ නෑ .දිගටම කියවන්නේ කුසුමෙ නැන්දා තමයි ඉතින් .මට මතක් වුනා අර උපාලියා කියපු දෙයක් . ඒක අහන්න ඕනි කුසුමෙ නැන්දගෙන්. ඒකට හරියනම කෙනා කුසුමෙ නැන්දා තමයි. එහෙම හිතලා නැගිටලා ගිහින් මම කුසුමෙ නැන්දා ලඟින් හිටගත්තා . " නැන්දේ ..මේ අහන්නකෝ .." "ඇයි චූටියෝ ." "සෝමෙ මාමද හුලං පිම්බුවේ." " මොනාටද චූටියෝ ..බැලුං වලටද " " නෑ ..නැන්දට . ඔච්චර පිම්බුවේ පුම්බලා උඩ අරින්න ද." ඔච්චර යි කියන්න හම්බුනේ .. මේකිගේ කට තලනවයි කියලා අම්මා මට දුන්නා පස්ස පැත්තට පාරක් ඩෝං ගාලා දූං පිටවෙන්න . ඇයි අප්පා අම්මා මට කට තලනවයි කියලා පස්සා පැත්තට ගැහැව්වේ . මම අඬන ගමන් හිතන්න තියා ගත්තේ ඒක . ඇත්තටම ඇයි ඒ ... නිමාලි ප්‍රනාන්දු..=== දයාබර වැලන්ටයින් === අපි හිටියේ එකම ෆ්ලැට් එකක. එයා තුන්වෙනි තට්ටුවේ.. මම පහළ තට්ටුවේ බිම් මහළේ. එයාට නම් හොඳ ගෙයක් තිබුණා. මගේ නවාතැන වුණේ මුර කුටිය. උදේ, දවල්, රෑ නැතුව සිය ගාණක් එහා මෙහා යන කලබල ටවුන් එකක, මැදට වෙන්න තිබුණ ෆ්ලැට් එක තරමක් ප්‍රසිද්ධයි. ඒකෙ නානාප්‍රකාර මිනිස්සු ජීවත් වුණා. සමහරු නම් මාසෙකට දවසක් විතරයි දැක්කේ. ඒත් ගොඩක් අය හැමදාම කලබලෙන් ගෙදරින් පිට වෙලා, ඒ වගේම කලබලේකින් හවසට ගෙදර ආවා. හැබැයි මොන කලබලේ ආවා ගියත් ඒ හැමෝම මට වචනෙකින් හරි කතා කරන්න අමතක කළේ නෑ. පංගුවක් වෙලාවට ඒගොල්ලන්ගේ ගෙවල් වල පාටි තියෙනවා. එදාට ඉතින් මටත් ගජ වාසියි. වේල් දෙකක් විතර පිරිමැහෙන්න ලොකු කෑම එකක් මටත් ඒගොල්ලො දෙනවා. තමන්ගේ ෆ්ලැට් එකේ ආරක්ෂාවට ඉන්න කෙනෙකුට නොසලකන ජාතියක් නෑ කියල මම තේරුම් ගත්තේ මෙහෙන් තමයි. බොහොම තනිකඩ නිදහස් ජීවිතයක් මම ගෙව්වා. ඒත් එක දවසක් ඒක වෙනස් වුණේ, ඒ ලා දුඹුරු පාට ඇස් දෙක අහම්බෙන් ඇහැ ගැහුණ වෙලේ. ඒ ඇස්... මට අමතක කරන්න බැරි වුණා. හරිම අහිංසක, රවුම් ඇස්. මුලින්ම මම එයා එනවා දැක්කේ නෑ. ඒත්, එක දවසක් උඩ තට්ටුවේ කවුදෝ කතා කරන සද්දෙට මම උඩ බලද්දී ඒ ඇස් මගේ දිහා බලාගෙන ඉන්නවා දැක්කා. උඩ තට්ටුවේ යකඩ වැට ගාවට වෙලා එයා පහළ බලන් හිටියා. සමහර විට මගේ දිහා බලන්නේ නැතුවත් ඇති. ඒත් මම එයාව දැක්ක බව ඉව වැටුණම ගස්සලා යන්න ගියා. ගෑ.ණු ළමයින්ගේ හැටිමද කොහේද.. මට එදා රෑත් ඒ ඇස් මතක් වුණා. පහුවදා උදේම මම ගේට්ටුව ළඟින් හෙල්ලෙන්නේ නැතුවම හිටියේ එයා වැරදිලා හරි පහළට එයි කියලා හිතලා. ආවේ නෑ. මම බලන් හිටියා.. වරුවක් බලන් හිටියා. ඒත් එයා ආවේ නෑ. එයා ඉන්නේ මොන ගෙදරද කියලා වත් මම දන්නේ නෑ. හොයල බලන්න උඩට යන්නත් බෑ. කවුරු හරි දැක්කොත්? දවස් කීපයක් එයා ගැනම හිත හිතා මම හිටියේ. මට කෑමක් වත් පිරියක් නෑ. දෙවෙනි තට්ටුවේ මැද ගෙදර බබාගේ උපන්දිනයක්. මට ලොකු බත් එකක් ගෙනත් දුන්නා. වෙනදා නම් එලෝ මෙලෝ නැතුව මම ඒක කාලා දානවා. ඒත් අද මට ඒ දිහා බලන්න වත් හිතක් නෑ. ---------------------------------------------- ඇති යන්තම්.. එයාගේ ගෙදර මම හොයාගත්තා. ඒක තුන් වෙනි තට්ටුවේ කොනේම ගෙදර. එදා උදේම එයා ලැසි ගමනින් පහළට බැහැලා එනවා මම බලාගෙන. මම වගේ වගක් නෑ වගේ හිටියට මගේ හිත පිනුම් ගහනවා. එක පාරටම කතා කරන්න ගියොත් වැඩේ අවුල් වෙනවා. ගණන් නොගෙන ඉන්න ඕනේ. මුර කුටිය ගාවින් යද්දී එයා එක පාරටම නතර වුණා. මගේ දිහා හැරිලා බලාගෙන හිටියේ මොනවා හරි කියන්නද? ඒ ඇස් වලින් ආවේ ඊතල වගේ රශ්මියක්. මට ඒ දිහා බලන් ඉන්න අමාරුයි. මම අහක බලාගත්තා. ටිකකින් එයා යනවා මම දැක්කා. කමක් නෑ. අඩුම තරමේ මම දැන් එයා ඉන්න ගෙදර දන්නවා. ------------------------------------------ පොඩි කෙල්ලෙක් කියල හිතාගෙන හිටියට එයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. තාම හොඳටම පොඩි නිවුන් දරුවෝ. ඒ තුන් දෙනා විතරමයි මම හැම වෙලාවෙම දැක්කේ. දරුවන්ට තාත්තා නැද්ද? මම දන්නේ නෑ. අහන්න කියලයෑ? ඒත් ඒ ලා දුඹුරු ඇස් හැමදාම උදේට මට කතා කළා. අපි ගොඩක් වෙලාවට කතා කළේ ඇස් වලින්. අපි දෙන්නා ජාති දෙකක. භාෂා දෙකක් තේරෙන දෙන්නෙක්. මගේ භාෂාව එයාට බෑ. එයාගේ ඉඟි බිඟි ඇරෙන්න ඒ භාෂාව මට තේරෙන්නේ නෑ. ඒත් අපි දෙන්නටම පොදු එක භාෂාවකින් අපි අදහස් හුවමාරු කර ගත්තා.. ඒ තමයි ආදරේ භාෂාව. ඒ වෙද්දි එයාට හවුල්කාරයෙක් නෑ කියලා මම ස්ථීරවම දැනගෙන හිටියා. දරුවෝ දෙන්නා ගොඩක් වෙලාවට මාත් එක්ක සෙල්ලම් කළා. හවස් වරුවේ ඒ දෙන්නා මගේ වටේම කැරකෙන්න පුරුදු වුණා. සමහර වෙලාවට ඒගොල්ලන්ගේ අම්මට සෑහෙන්න කෑගහන්න සිද්ධ වුණා බබාලා දෙන්නව ගෙදර එක්කං යන්න. ඒත් මම දන්නවා එයා හොරෙන් මට ඉඟි කරනවා දරුවන්ට නොපෙනී. මගේ නින්ද ලස්සන හීන වලින් පිරෙන්න ඒ එක ඉඟියක් ඇති.. --------------------------------------------
- අපි ආදරේ කළා. වචන වලින් නෙවෙයි. පුළුවන් හැම වෙලේම අපි ආදරේ කළා. මම එයාගේ දරුවෝ දෙන්නට තාත්තෙක් නැති අඩුව පුරවන්න උදව් කළා. මගෙන් ඒක හරියට සිද්ධ වුණාද කියලා දන්නේ නෑ. ඒත් උන් දෙන්නා මගේ ගාවට වෙලා හුරතල් වෙද්දී මම ඒගොල්ලන්ගේ අම්මට වගේම ඒ දරුවන්ටත් පුදුම විදිහට ආදරේ කළා. කොටින්ම මට ඒ දෙන්නා නොදැක එක දවසක් හිටියොත් කන්න වත් බැරි තරම් වගේ වුණා. අපි ජාති දෙකක වුණත් කවුරුත් අපිට බාධා කළේ නෑ. කාගෙන් බාධා එන්නද? අපි නිදහස් අය. --------------------------------------- එයාව අන්තිමට දකිනකොට මම හිටියේ පස් වෙනි තට්ටුවේ මහත්තයෙක් එක්ක කතාවක. ඒ මහත්තයා හැමදාම උදේට මට ගුඩ් මෝනිං කියලා නොවරදවාම කියන අයගෙන් කෙනෙක්. එයා යද්දිම තමයි මගේ ආදරී පහළට ආවේ. අර මහත්තයා මගේ ගාව ඉන්නවා දැක්ක නිසා වෙන්නැති මට කතා නොකරම එයා ගේට්ටුවෙන් එළියට යනවා මම දැක්කා. ආවදෙන්කෝ... මම අල්ලගන්නම්. ----------------------------------------------- මොකක් වුණාද කියලා මට හිතාගන්නවත් බෑ. මගේ දිහා නෝක්කඩුවෙන් බලලා ගියා ඒ ඇස් සදහටම පියවිලා බව මම කොහොමද විස්වාස කරන්නේ? ආයෙත් ඒ ලස්සන දුඹුරු පාට ඇස් වලින් මගේ දිහා එයා බලන එකක් නැද්ද? දෙවියනේ... එයාව වාහනේක වැදෙනවා දකින්න තරම් මගේ ඇස් පවුකාර වුණේ ඇයි...!!!?? මට ඉවසන්න බෑ. මම කොහොමද ඉවසන්නේ? මම මුළු හිතින්ම ආදරේ කළේ එයාට විතරයි. මට මේක තාම අදහාගන්න බෑ. ඇත්තටම එයා යන්නම ගිහින්ද? හැමෝම දුක් වෙනවා. ෆ්ලැට් එකේ හිටපු ලස්සනම කෙල්ල.. මගේ ජීවිතේ එළිය කරපු මගේ ආදරී.. නැගිටින්න මගේ මැණික.. දරුවෝ දෙන්නට මම මොකද්ද කියන්නේ? -------------------------------------------- "අනේ පවු.. අර කිටියා මැ.රුණ වෙලේ ඉඳන් අපේ සිකුරිටිගේ බ¦ලු හාමි ඒ පූසිගේ පැටව් ගාවින් හෙල්ලෙන්නේ නෑ. එයාගේ කෑම එකෙන් තමයි ඒ පැටව් දෙන්නට කන්න දෙන්නෙත්. හරියට තාත්තෙක් තමන්ගේ දරුවෝ රකිනවා වගේ. මනුස්සයෙක් වත් නොකරන දෙයක්. ඒ සතාට කිරි එරෙන්නේ නැති ටික විතරයි" කවුදෝ නෝනා කෙනෙක් කාත් එක්කදෝ කියනවා මට ඇහුණා. ====== නිමි ===== ©️චරන්තා දාස්වත්තAussi අයිශා - 17 කොටස නැත්නම් ඉතින් මේක ගිහින් කොහෙහරි හප්පගත්තොත් ඒකේ වැරැද්දත් මගෙ පිටටනේ එන්නේ. ගෙදරට එනකම් අපි වචනයක්වත් කතා කළේ නෑ. "මට ඔයත් එක්ක කතා කරන්න ඕනි." ගෙට ඇතුල්වෙද්දිම මං මසර්ට කිව්වා. "ස්වීට් බිස්නස් ගැන ඇරෙන්න වෙන ඕනි දෙයක් කතා කරන්න. මොකද මට ආයෙ ඕකට කියන්න දෙයක් නෑ. ඔක්කොටම කලින් මං වොශ් එකක් දාගෙන එන්න ඕනි. මට හොඳටම මහන්සියි" බාතෲම් එකට යන ගමන් මසර් කිව්වා. එයා කියවලා ඉවර වුණාට මං තාම කියලා ඉවර නෑනේ. ගෙදර එනකම් මං පුදුම ඉවසීමකින් මගෙ කට වහගෙන ආවේ. මසර් වොශ් දාගෙන ආපු ගමන් මං කතා කරන්න පටන් ගත්තා. "කෝ ඔයා වොශ් දාන්නේ නෑ?.." සෝෆා එකෙන් වාඩි වෙන ගමන් මසර් ඇහුවා. "නෑ...මට ඊට කලින් කියන්න දේවල් ටිකක් තියෙනවා. මේ අහන්න මසර් මටත් අයිතියක් තියෙනවා මං කැමති දේවල් කරන්න. අනික මං කරන්න හදන්නේ නරක වැඩක් නෙමෙයිනේ. මං කරන දේවල් වලින් කාටවත් ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. මට තේරෙන්නේ නෑ ඔයා මේ වැඩේට ඔච්චරටම අකමැති ඇයි කියලා." "ඔයාට මං කියන දේ තේරෙන්නේ නැද්ද අයිශා...අපි ඉන්න වීසා එකට ඔය බිස්නස් කරන්න පුළුවන්ද කියලා මං දන්නෑ...නිකන් බොරු ලෙඩ දාගන්නෙ නැතුව පාඩුවේ ඉන්න." "හරි ඉතින් අපි පොඩ්ඩක් ඒ ගැන හොයලා බලමුකෝ...." "මට ඕවා කරන්න වෙලාවක් නෑ. ඔයාට රස්සාවක් කරන්න ඕනිමනම් ඔය ස්වීට් බිස්නස් නෙමෙයි මෙහෙ කෝස් එකක් කරලා රස්සාවක් හොයාගමු. ප්ලීස් අයිශා ආයෙත් ඔය ස්වීට් බිස්නස් කතා කියලා මගෙ ඔළුව විකාර කරන්න ලෑස්ති වෙන්න එපා..." "ඔයාට තියෙන්නේ ඉරිසියාව..." "මොකක්ද කිව්වේ?..." "ඇහුන දේ තමයි කිව්වේེ..." එහෙම කියාගෙන මං වොෂ් එකක් දාගන්න ගියා. වෙනදටත් වඩා වෙලාවක් මං බාතෲම් එකේ හිටියා. මං හිතන්නේ පැයකටත් වැඩිය ඉන්න ඇති. මං එනකොට මසර්ට නින්ද ගිහිල්ලා, බොරුවට නෙමෙයි ඇත්තටම. හොඳටම ගොරවනවා. ඇඳේ එහෙට මෙහෙට පෙරලි පෙරලි හිටියට මට නින්ද ගියේම නෑ. වෙනදටනම් මෙහෙම තරහ පිටින් අපි කවදාවත් නිදාගන්නෙ නෑ. මසර් නිදාගන්න හැදුවත් මං එයාට නිදාගන්න දෙන්නෙ නෑ. ඒත් දැන් මට මසර්ට කතාකරන එකත් වදයක් වගෙයි හිතෙන්නේ. ඇඳට වෙලා හිටියට නින්ද යන්නෙත් නැති නිසා මං ෆෝන් එකත් අරගෙන කාමරෙන් එළියට ගියා. මේ වෙලාවට ඉතින් මතක් වෙන එකම කෙනා අම්මා. ඒත් ඉතින් දැන් මේ වෙලාවේ ගත්තොත් අනිවාර්යයෙන් හිතයි මොකක් හරි ප්‍රශ්නයක් කියලා. කමක් නෑ ඔන්න ඔහේ එක පාරක් අරගෙන බලනවා. "හෙලෝ....අයිශා..මොකෝ මේ මහ රෑ?.." "නිකන් ගත්තේ අම්මේ...අම්මලාට ඉතින් තාම හවසනේ..." "ඒකනම් වෙන්න බෑ....ඔයා කවදාවත් මේ වෙලාවට ගන්නෙ නෑනේ..." "මං බර්ෆි වගයක් හැදුවනේ අපි මෙහෙ අඳුනන ෆැමිලි එකක ඒ දුවගේ බර්ත්ඩේ පාටියට" "ආ....ඔව් අදනේ නේද පාටිය තියෙනවා කිව්වේ...කොහොමද එයාලා කැමති වුණාද බර්ෆි වලට?..." "එයාලා විතරක් නෙමෙයි අම්මේ අද පාටියේ හැමෝම කතා වුණේ මගෙ බර්ෆි ගැන තමයි. මං මෙහෙ ස්වීට් බිස්නස් එකක් පටන් ගත්තොත් ඕඩර්ස් එහෙමත් එයි අනිවාර්යයෙන්. කොහෙද මේ මසර්ගේ පුදුම බයක්නේ තියෙන්නේ බිස්නස් වලට" "හරිනේ...මට හිතුනා මොකක් හරි ප්‍රශ්නයක් තමයි කියලා වෙනදට කවදාවත් මේ වෙලාවට කෝල් ගන්නෙ නැති එක්කෙනා කෝල් ගද්දි, අනික වීඩියෝ කෝල් එකකුත් නෙමෙයිනේ ගත්තේ... දැන් ඉතින් දෙන්නා ඒකට කියවගත්තා නේද?..." අම්මා වෙච්චි දේවල් බලාගෙන හිටියා වගේ ඇහුවා. "මටත් ඉතින් තරහ ගියා අම්මේ...කරච්චි වල ඉද්දිත් එපා කිව්වා. මෙහෙ ආවට පස්සෙත් එපාලු. රස්සාවක් කරන්න ඕනිනම් මෙහෙ කෝස් එකක් කරලා රස්සාවක් හොයාගමුලු." "අනේ මන්දා අයිශා...අලුත් රටකට පය තිබ්බා විතරයි උඹලා රණ්ඩු වෙන්නත් පටන් අරගෙන. ඒකත් මේ මෙලෝ වැඩකට නැති දේකටනේ. තමුන්ගේ මනුස්සයා අකමැති දේවල් කරලා අන්තිමට නොදන්න රටක තමුන්ට තනිවෙන්න වෙයි අයිශා..." "පොඩ්ඩක් තරහ ගියාට මසර් එහෙම නෑ අම්මේ...." "මසරුත් පිරිමියෙක් අයිශා...උඹලා දෙන්නට දරුවොත් නෑ. එහෙව් එකේ මේ වැඩකට නැති දේවල් වලට රණ්ඩු වෙන්න ගිහින් ඕවා කොහෙන් නතරවෙයිද කියලා කවුද දන්නේ..." "ළමයෙක් නෑ කියලා අම්මා දැන් මට කියන්නේ හැමදේටම කටවහගෙන ඉන්න කියලද?..." මදැයි ප්‍රශ්නයක් කියන්න තමන්ගෙ අම්මට කෝල් එකක් ගත්තා. අම්මා ගන්නෙත් දුවගෙ පැත්ත නෙමෙයි බෑණාගෙ පැත්ත. "හැමදේටම කටවහගෙන ඉන්න කියලා මං කියන්නෙ නෑ දරුවෝ...ඒත් නිකන් බොරු දේවල් වලට රණ්ඩු වෙන්න යන්න එපා. මසර් රස්සාවක් කරනවා. ඔයාට රස්සාවක් කරන්න කියලා එයා බල කරන්නෙත් නෑ. ඔයා කැමති හැමදේමත් පුළුවන් විදියට අරගෙන දෙනවා කියලා ඔයාමනේ මට කිව්වේ. ඉතින් ගෑනියෙක්ට තව මොනාද අඩු" කන්න බොන්න විතරක් තිබුණම ගෑනියෙක්ට ඇතිද. කසාද බැන්ඳා කියලා අපිට කැමති දෙයක් කරලා දියුණු වෙන්න අපිට බැරිද. මගේ හැමදේම තීරණේ කරන්න ඕන මගේ කසාද මනුස්සයාද. අම්මා එක්ක මේවා කතා කරලා තේරුමක් නෑ. ඒ නිසා මං කතාව වෙන පැත්තකට හැරෙව්වා. "හ්ම්ම්...තාත්තා කෝ අම්මේ...." "තාත්තා ඉතින් කඩේනේ දරුවෝ...තාත්තට එහෙම ඔය විකාර කියනවා නෙමෙයි හරිද?..ඔයාලා රණ්ඩු වෙනවා කියලා දැනගත්තොත් ඒ මනුස්සයාගේ හිත රිදෙයි. ඒ පාර මසර්ට අරගෙන මොනාහරි කිව්වොත් මෙතන තව ප්‍රශ්නයක්." "මං ඕවා කියන්න යන්නෑ අම්මේ...මං එහෙනම් තියන්නම්. දෙවි පිහිටයි." "හ්ම්ම් දෙවි පිහිටයි. මොළේ කල්පනා කරලා වැඩ කරන්න අයිශා.. හැම ගෑණිටම ඔහොම වාසනාවක් ලැබෙන්නෙ නෑ... හොඳ රටකට ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් තමන්ගේ මනුස්සයා එක්ක සතුටින් ඉන්න බලන්න විකාර කරන්න හදන්නෙ නැතුව." හිත හදාගන්න කියලා අම්මට කතා කරාට ඒකෙන් වුණේ මාව තවත් අවුල් වුණු එක විතරයි. තාත්තට කතා කරානම් තාත්තා කවදාවත් ඔය විදියට මට කතා කරන්නෙ නෑ. එක අතකට මසර් කියනවා වගේ අපේ වීසා එකට ප්‍රශ්නයක් නම් මං මේක ගැන හිතන එකේ තේරුමක් නෑ. ඒත් වීසා එකට ප්‍රශ්නයක් නැත්නම් මගේ හැකියාව අපරාදේ. එහෙනම් මටත් ඉර්සා වගේ හොඳට හම්බකරන්න පුළුවන්නේ. බලන් යද්දි ඉර්සා තමයි හැමදේටම මුල. කරච්චි ඉද්දි ස්වීට් බිස්නස් කරන්න ඕනි වුණාට මෙහෙ ඇවිත් මට ඕවා කරන්න උවමනාවක් තිබුණේ නෑනේ. අඩු තරමේ රංගි ඕඩර් එක දෙද්දිවත් ස්වීට් බිස්නස් කරන්න ඕනි කියලා අදහසක් මගෙ ඔළුවෙ තිබුණේ නෑනේ. එහෙම බලන් යද්දි ඉර්සාගේ කතා අහගෙන ඉඳලා තමයි ස්වීට් බිස්නස් කෙරුවාව මගෙ ඔළුවට ආවේ. ඇත්තටම මට ඕනි ස්වීට් බිස්නස් කරන්නද නැත්නම් මට තියෙන්නේ ඉර්සා එක්ක ඉරිසියාවක්ද. එයාට තරඟකාරයෙක් වෙන්නද මට ඕනි වෙලා තියෙන්නේ. ඕවා ගැන හිත හිතාම මං සෝෆා එකට වෙලා නිදි කිර කිර හිටියා. උදේට නැඟිටිද්දි මසර්ට පේන්නත් එක්කම ඇඳට නොයා ඔන්න ඔහේ උදේ වෙනකම්ම සෝෆා එකටම වෙලා ඉන්නවා. එහෙම හිතලා මං සෝෆා එකේ හාන්සි වුණා. ගේ පුරාම ලයිට් දාලා. ඒ පාර හතර වටේම ලයිට් දාගෙන හිටියා කියලා බැණුම් අහගන්නත් වෙයිද දන්නෙ නෑ. කට්ට කළුවරේ මෙතන නිදාගන්නත් බෑ. පැය බාගයක් විතර සෝෆා එකට වෙලා ඉඳලා ලොකුකම පැත්තකට දාලා මං කාමරේට ගිහින් නිදාගත්තා. උදේ මං ඇහෙරෙද්දිත් මසර් හොඳටම නිදි. එයා නැඟිටිනකම් මටත් හිතුනා බොරුවට නිදි වගේ ඇඳට වෙලා ඉන්න. ඒත් ඉතින් මසර් නැඟිටින්නේ නමයට විතරනේ. ඊටපස්සේ දඩි බිඩි ගාලා ලෑස්ති වෙලා වැඩට යයි. මාත් ඒ වෙලාවට නැඟිටලා, උදේට කෑම හදලා දෙන්න පරක්කු වුණොත් මේ මනුස්සයා නොකාම වැඩට යයි. එක්කෝ ඔන්න ඔහේ මං නැඟිටින්නෙ නැතුව ඉන්නවා. එයාට ඕනිනම් මොනාහරි හදාගෙන කයි නැත්නම් බඩගින්නෙම වැඩට යයි. එක දවසක් උදේට කෑවේ නෑ කියලා මනුස්සයෙක් මැරෙන්නේ නෑනේ. මං ඇඳේ අනිත් පැත්තට හැරිලා ඇස් පියාගෙන හිටියා. ඒ අස්සේ සැරින් සැරේ ඇස් ඇරලා මගෙ පැත්තේ බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තියෙන පුංචි ඔරලෝසුව දිහාත් බැලුවා. නමයට විනාඩි දහයක් විතර තියෙද්දි මසර්ගේ ෆෝන් එකේ එලාම් එක වැදෙන්න පටන් ගත්තා. එතකොටම මං ඇස් දෙක තද කරලා වහගත්තා. ශුවර් එකට දැන් නැඟිටලා මගෙ දිහා බලාගෙන ඉන්නවා ඇති. ටික වෙලාවක් යද්දි මසර් කාමරෙන් එළි
යට යනවා වගේ මට දැණුනා. බාතෲම් එකට යන්න ඇති. මට නැඟිටින්න හිතුනෙම නෑ. මට නිකම් මසර්ට මූණ දෙන්න බෑ වගේ. මසර් කාමරේට ඇවිත් ලෑස්ති වෙලා කුස්සියට ගියා. කුස්සියේ සද්ද ඇහෙද්දි එයා මොනාහරි හදාගන්නවා ඇති කියලා මට හිතුනා. එක අතකට ඒක හොඳයි. නැත්නම් බඩගින්නේ ගියොත් මගෙ හිතටත් හරි නෑනේ. ටික වෙලාවකින් ඉස්සරහ දොර වහගෙන මසර් එළියට ගියා. මට ඒත් නැඟිටින්න හිතුනේ නෑ. මං ඇස් දෙකත් ඇරගෙන ඔහේ උඩ බලාගෙන හිටියා. ටිකකින් වාහනේ සද්දෙ ඇහුණා. ඊටපස්සේ මං නැඟිටලා කෙලින්ම ගියේ කුස්සියට. කුස්සියට ගියපු මං මුලින්ම දැක්කේ කෑම මේසේ උඩ තියෙන වහපු පිඟාන. ඒකේ තිබුණේ මසාලා බ්‍රෙඩ් ටෝස්ට්. මටත් උදේට කන්න කෑම හදලා ගිහින්. පිඟාන උඩ ස්ටිකි නෝට් එකකුත් තිබුණා. 'ස්මූති එක ෆ්‍රිජ් එක ඇතුලේ'. ස්මූතිත් හදලා ගිහින්. වෙනදට කෑම හදපු භාජන ඔහේ දාලා යන මනුස්සයා අද ඔක්කොම හෝදලා සින්ක් එකත් මැදලම ගිහින්. පුදුමයි. මාත් එක්ක තියෙන තරහටම ඔක්කොම කරලා යන්න ඇති. උදේට මසර් හදලා ගියපු කෑම කාපු ගමන් මං දවල්ට උයන්න ලෑස්ති කළා. නැත්නම් එක එක ඒවා හිත හිත ඉඳලා මං දවල්ට උයන්නෙත් නැති වෙයි. අද ලොකු දේවල් හදන්න හිතකුත් නෑ. ඒ නිසා මං දාල් චාවල් හදන්න ලෑස්ති කළා. මසරුත් ආසයිනේ. සරලවම කිව්වොත් දාල් චාවල් කියන්නේ පකිස්ථානේ අපේ ක්‍රමේට හදන තෙම්පරාදු පරිප්පුවයි, බතුයි, ළූණු පිපිඤ්ඤා තක්කාලි සලාදෙයි එකතුවට තමයි. තව ඉතින් කැමතිනම් පපඩමුත් එකතු කරගන්න පුළුවන්. මං ඒකට ඕනි සලාදෙ විතරක් හදලා ෆ්‍රිජ් එකට දැම්මා. පරිප්පුයි, බතුයි මසර් එන්න පැය භාගයක් තියලා හදනවා. කොහොමත් රස්නෙන් කන තරමටනේ රස වැඩි. වැඩ ටික ඉවර වෙලා ටීවි එක බල බල ඉන්නකොට තාත්තගෙන් වට්සැප් කෝල් එකක් ආවා. වෙලාව දොලහටත් කිට්ටුයි. මං ගත්තොත් ඇරෙන්න තාත්තා සාමාන්‍යයෙන් මට කතා කරන්නේ නෑනේ. මොකක් හරි හදිස්සියක්වත්ද. "තාත්තේ..." "කොහොමද අයිශා..." "හොඳින් ඉන්නවා තාත්තේ..." "ම්ම්ම් ඊයේ නේද අර බර්ෆි හදනවා කිව්වේ?...කොහොමද හොඳට තිබුණනේ නේද?.." "ඔව් තාත්තේ...හැමෝම රසයි කිව්වා.." ඊයේ රෑ අම්මා කියපු ඒවා ඔළුවේ තිබුණ නිසා වෙන මොකුත් මං තාත්තට කියන්න ගියේ නෑ. "ඔයා ඉතින් කොහොමත් බර්ෆි හදන්න දක්ෂයිනේ...මට මතකනේ ඉස්සර පොඩි කාලේ ඉඳන්මනේ ඔයා කඩේට බර්ෆි හැදුවේ. වෙලාවකට මං හදන ඒවටත් වඩා රසයි." තාත්තා හිනාවෙවී කිව්වා. "මෙහෙත් මං ස්වීට් ජාති හැදුවොත් ඕඩර්ස් දෙන්න ඕනිතරම් කට්ටිය ඉන්නවා තාත්තේ...කොහෙද මසර් කැමති නෑනේ....මං ස්වීට් බිස්නස් පටන්ගන්නවට එයාගෙ පුදුම බයක් තියෙන්නේ තාත්තේ...." තාත්තා ඉස්සර මගෙ බර්ෆි හැදිල්ල ගැන කියපු නිසා මට නිකන්ම ඒක කියවුණා. තාත්තට මොනාත් කියන්නේ නෑ කියලා හිතුනට අපේ තාත්තා හරි දක්ෂයි මගෙ හිතේ තියෙන දේවල් අවුස්සලා උඩට ගන්න. "මසර්ට ඒකට හේතුවක් තියෙනවනේ අයිශා..." මතු සම්බන්ධයි. බුද්ධි ජයවීර. ( කතාව කියවලා අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති. පිළිතුරු නොලියනවට සමාවෙන්න )මල් වඩම් අනවශ්‍යයි මල් අවශ්‍යයි🌸🌸🌸 ඔයාට කවදාහරි, කාගෙන් හරි මල් පොකුරක් හම්බ වෙලා තියෙනවාද? අඩුම එක මලක්. එහෙම හම්බ වෙලා තියෙනවානම් ඔයා හරිම වාසනාවන්තයි. ඇයි දන්නවාද.... සමහර අයට මල් ලැබෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලෙ නෙවෙයි, ලස්සනම මල් හම්බ වෙන්නෙම මිය ගියාට පස්සේ. ඒවා දැක්කම අමතක වෙනවා ඒ මල් පොකුරු නෙවෙයි මල් වඩම් කියලා. ඒවා හම්බ වෙන කෙනාට කවදාවත් ඒ මල් පෙති වල සිනිදු බව, මල් සුවද විදින්න වෙන්නේ නෑ. අඩුම ගානේ ඒවා දුන්නේ කවුද කියලාවත් එයා දන්නේ නෑ. ඒ නිසා ඉඩ ලැබුනු හැම වෙලාවකම ජිවත් වෙලා ඉන්න ඔයාගෙ ආදරණීයයන්ට මලක් දෙන්න.ඒ එක මල අවසානේ ලැබෙන මල් සීයට වඩා හිත ආදරෙන් පුරවනවා.💐🌻🌸🌼💮🌷🏵️🌹🌺 E.M.C.K.එදිරිසූරිය 2024.02.09__ප්‍රෝග්‍රස් මීටිං මසකට වාරයක් මැනාට අඬගහලා කළ වැඩ කොටස කොච්චරදැයි විමසාලා කළ යුතු වැඩ ටිකත් ඔහු හට පෙන්නාලා මීටිං තියයි උඩ ඇත්තොත් ගෙන්නාලා.... දින නියමව ලියමන ලැබුනට පසුව වැඩි වැඩියෙන් ගැහෙනවා මැණාගේ පපුව සැරිසරනවා එක තැන ඉන්නේ නැතිව මූනත් කලුවෙලා හරි නින්දක් නැතුව.... මාසෙම වාර්තා අරගෙන මේසයට පෙන්ඩින් සොයා දෙනවා හැම දෙනා හට ප්‍රගතිය ලැබිලනම් පෙන්වා සිනා කට ඉන්නේ සිංහයෙක් කේසර විලාසෙට.... කෙළ වී ඇති දාට ටාගට් වැදී හත වෙනදා පෑ සිනා ඔහුගේ මුවේ නැත පුම්බං ඉන්නේ ගෙම්බෙක් විලසටයි පත එදාට කාත් සමඟින්වත් කතා නැත... සීනි ද ප්‍රෙෂර් සමඟින් අට අනූවම වැඩි වී ගිලී ටැබ්ලට් පාමසියකම බඩ කෑ ගානව ද මන්දා නිතර හැම වැඩිපුර වෙලා ඉන්නේ වැසිකිලියේම.. මාසේ ඉලක්කය නම් අඩු වෙන්න එපා තෙල් බත් එකට නිදිමත නම් එන්න එපා ගොරවන එකෙක් ළඟ අසුනක් ලැබෙනු එපා මැනාට අපේ බැනුමක් සෙට් වෙන්න එපා....ප්‍රේමය හිතම සුවඳින් පිරෙන ගැටපිච්ච යායක් සුවඳ නහරෙත් දුවන අධිවේගි පාරක් කුසුම නටුවෙන් හැලුන දා කිනිසි පාරක් සුව වුවද කැළැල් යළි පාරවන පීරක් හද සයුර කළඹවන මහ පුදුම සුළියක් නිවී නොනිමී දිලෙන හරි අමුතු එළියක් පෙනී නොපෙනී හමන සිහිල දෙන සුළඟක් දැනී නොදැනී දැනෙන ප්‍රේමයත් කවියක් වැටී යළි නැග එන්න ඉනිමගක් පාරක් ගැටී පෙරටම යන්න දිරිය දෙන ගීයක් නිමාවක් නැති සසර බැඳ තබන හීයක් වදේ බැඳ බැඳ පුදන ප්‍රේමයත් මීයක් තරංගා බඹරදෙණියවාරුවක් නැති නුබේ හයියට මන් නුබේ ලග ඉන්නවා මූසලක් හිත පුරෝගෙන එන හැගීමක් හිත පෙලනවා නුබේ ඇස් දොර දිහා බල බල පුතාගේ රුව හොයනවා දරුසෙනේ උතුරන උබේ ලග මමත් මුනිවත රකිනවා............... දන්නවා ඔය හිතේ අස්සේ එකම පැතුමක් තියෙනවා වසර ගානක් නොදුටු කොල්ලගෙ රූපෙ හැඩ උබ මවනවා හිතේ දුක් ගොඩ පැසව පැසවා උබ හුස්ම පොද යදිනවා මහන්සී නම් යන්න මැණිකේ තනිය මන් හුරු කරනවා........ ඉන්න කියලා නවත්තන්නට නොහැකි බව මම දන්නවා නුබත් නොමැතිව ඉන්නෙ කොහොමද හිතන්නත් බය හිතෙනවා වාරු නැති මගේ හිතේ අස්සේ රිදුම් ඉකිබිද හඩනවා සැනසිල්ලෙ නිදියන්න මැනිකේ දුක් ගොඩෙන් උබ මිදෙනවා........ සමුදි ජයසිංහ ✍️අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ -4 ( බහිරව නිධානය ) සේකර සර් උප විදුහල් පති තුමෙක්උනාට මොකද සමහර දාට ගුරැ හිඟයක් ඇති පන්තිවලට ඉගැන්වීමත් කරනව. සින්හලයි බුද්ධාගමයි කියන්නෙ එහෙම විශයන් දෙකක්. හැබැයි විභාග ප්‍රශ්න පත්‍ර බලන වෙලාවට තමයි හිතෙන්නෙ මුන්ට උගන්වනවට වඩා ගමේ ගිහින් කිරි හරක් පට්ටියක් හැදුව නම් හොඳයි කියල. මේත් එහෙම කතාවක්. ඔන්න සේකර සර් බුද්ධාගම ප්‍රශ්න පත්‍ර බල බල ඉන්නව. ඒවයේ ලියල තියෙන උත්තර දැක්කම මේ ලමයි බුද්ධාගමේදත් හිතෙනව කියල සේකර් සර් ගුරුවරියකටත් කියනව. අපොයි සර් ඒ හරිය නම් කියල වැඩක් නෑ ..ගුරැවරියත් පිලිතුරැ දෙනව. ඒත් ඒ කාලෙ ගුරුවරැ එහෙම ලමයි එක්ක තරහක් ඇති කරගත්තෙ නෑ. එක උත්තර පත්තරයක ෆුල්ස් කැප් පිටු දෙකක් පිරෙන්නම උත්තර ලියල තිබ්බ. ඇති යන්තම් එකෙක් හරි ධම්ම පද ගාථාවෙ නිධාන කතාව මතක තියා ගෙන කියල සේකර් සර් උත්තරය කියවන්න ගත්ත. පේලියක් දෙකක් කියවන්න ගත්තමයි සර් ට තරැ පෙනුනෙ. බුද්ධාගම ප්‍රශ්න පත්‍රයේ තුබුනෙ ධම්ම පදයේ ගාතාවක් සම්පූරන කරල නිධාන කතාව ලියන්න අපොයි දෙය්යනේ කොල්ල නිධාන කතාව කියල ලියල තියෙන්නෙ ඒ කාලෙ සින්හල පොතේ තිබ්බ බහිරව නිධානය කතාව. අසූව දශකයෙ ඉස්කෝලෙ හතේ අටේ පන්තිවල හිටපු අයට නම් මතක ඇති සින්හල පොතේ තිබ්බ බහිරව නිධානය කතාව. ගමේ ගැහැනු කට්ටිය දර කඩන්න ගිහින් ගඟ ඉස්මත්තෙ තිබ්බ නිදන් ගල කියන ගල උඩ බහිරවය නිර්වස්ත්‍රව ඉන්නව දැකල ගමේ ගෑගැනු කට්ටිය බය උනාලු. කවෘත් ඒ පලාතෙ ගියෙ නෑලු. සේකර සර් ගෙ ඉස්කෝලේ ඉන්නව වගේ ගමේ නසරානි කොලු පැටව් තුන්දෙනෙක් බහිරවයව හොයන්න ගියාම දැනගන්නව ගමේ ඉන්න හිචිචි ජෙමා කියල දුප්පත් මනුස්සයෙක් නාන්න ගිහින් තියෙන එකම අමුඩ කෙටිය හෝදල වේලෙනකන් ගල්තලාව උඩ දිගාඇදිල ඉන්න කොටයි බවලත්තු බයවෙලා තියෙන්නෙ කියල. ඕක තමයි බහිරව නිධානය.මම සාරාන්ශය දැම්මෙ. බුද්ධාගම පේපෙර් එකේ නිධාන කතාව ලියන්න කිව්වම කොල්ල මේක ලියල කියන්න කො ඉතින්. මේක හරියන්නෙ නෑ කියල හිතපු සේකර සර් උත්තර පත්‍ර බලන එක පැත්තක තියල ගියා අටේ පන්තියට. විභාගෙත් ඉවර නිසා පන්තියෙ ටීචර් කෙනෙක් නෑ. එයාල ගුරු කාමරයෙ ඉඳන් උත්තර පත්තර බලනව. කොල්ලොන්ටත් රජ මගුල් ඩෙස් වලට ගහනව කඩදසි රොකට් යවනව එක සැනකෙලියයි. සර් ආව විතරයි පන්තිය මීයට පිම්බ වගේ නිශ්ශබ්ද උනා සර් අපේ පේපර්ස් බලල ඉවරද. කටකාර කොලුවෙක් ඇහුව.. බලන්න උත්තර ලියල තියෙන්න එපායැ. දැන් හැමෝම ගන්න බුද්ධාගම පොත්. කියන්න බලන්න ධම්ම පදයෙ අහවල් ගාතාව. එක්කෙනෙක්ටවත් හරියට ගාතාව මතක නෑ. මොකද යන්තම් උත්තරේ ලියපු අයත් මේස් අස්සෙ කමිස අත් අස්සෙ හන්ගන් ආපු පුන්චි කොල තීරුවල ලියන් ඇවිත් නෙ විභාගෙ ලිව්වෙ. සේකර සර් පන්තියටම ගතාව හය්යෙන් කියන්න කිව්ව නිධාන කතාවත් ආපහු කියල දුන්න.හෙට මම සේරගෙන්ම ගාතාවයි නිධාන කතාවයි කට පාඩම් ගන්නව. බැරි උන කට්ටිය අල්ලපු ඉස්කෝලේ ගෑනු ලමයිට පේන්න අඹ ගහ යට දනගස්සල තියනව විභාගෙත් ඉවර නිසා වෙන වැඩකුත් නෑනේ සේකර ස්ර් ඇඟට පතට නොදැනෙන්නෙ කිව්ව. මේ ඉස්කෝලෙ ගැහැනු පිරිමි ඉස්කෝල තිබ්බෙ වෙන වෙනම. හැබැයි ගැහැනු ඉස්කෝලෙ තට්ටු තුනේ බිල්ඩිමට අඹගහ තියෙන හරිය හොඳට පේනව. සේකර් සර් දන්නව කොලු ගැටව් ටික ශිල්ප දක්වන්න විවේක කාලයේ අඹගහට පොලු ගහන විත්තිය. පාඩම් බැරිව හිටන් ඉන්නව කෙල්ලො දැක්කොත් මොන නව නිංන්ගිරාවක්ද ඒ හින්ද කොල්ලො ටික පාඩම් කරන බව දන්න නිසා සේකර සරුත් හරියටම අඹගෙඩියට වැදෙන්නම ගහපි. පහුවෙනිද ගාතාව පාඩම් කරන් නාපු කොල්ලන්ට බඩේ ගාය කියල සික් රෑම් ගිහින් ලු. අටේ පන්තියෙ කොල්ලො රන්චුවක්ම සික් රෑම් ආවෙ කොල්ලො සේරම ගෙදර යන ගමන් නරල කෑමක් කාලද කියල හිතල සික් රෑම් බාර මිස් සේකර සර්ට පනිවිඩයක් යැව්ව. සේකර සර් ඔහොම හිටියට ඕනි ලෙඩකට අත් බෙහෙත් දන්නව ඉස්කෝලෙ ගුරුවරියො ඕනි හිසේ ඇම්මකට උපදෙස් ගන්නෙත් ස
ේකර මහත්තයගෙන්. ඉස්කෝලෙ ගුරුවරියක් ගෙ නැදෑ නන්ගි කෙනෙක් ඉන්නව සේකර මහත්තයගෙ නෝනා සුධර්ම වැඩ කරන ඉස්පිරිතාලෙ .එයා දවසක් නෝනට කියල ඉස්කෝලෙ අක්ක හරි හොඳ කිව්ව කියල සේකර මහත්තය ගැන. ඉවරයි ඉතින්...ඊට පස්සෙ ඉස්කෝල ඇරිල එන්න පරක්කු උනාම සුධර්ම බනින්නෙ ඉස්කෝලෙ හමිනේල ටික එක්ක සිරික්කිය දාගෙන ඉන්නව මිසක් ගෙයක් මතක තියේ යෑ කියල. සිරික්කිය කියන වචනෙ තේරුම හිනාවෙවී ඉන්නව කියන එක කියල මම ඔයාල වෙනුවෙන්ම හොයල ලිව්ව ඔන්න. දැන් අපි කතාවෙ කිය කිය හිටියෙ කොල්ලො ටික සික් රෑම් එකේ කියල . සේකර මහත්තය පනිවිඩේ කන වැටෙනකොටම දන්නව කාරනාව. හදිසියට ඕනි වෙන අත බෙහෙත් කීපයක් නිතරම තියෙනව සර් ගෙ බෑග් මල්ලෙ. සේකර සර් ඒ ටිකත් අරන් සික් රෑම් ගියා. මොකෝ පුතාලා අසනීපයි කියන්නෙ සේකර මහත්තය නොදන්න ගානට අහනව. දන්නෙ නෑ සර් බඩ රිදෙනව... හරි හරි ඕනි ලෙඩක් මේ බෙහෙතින් විනාඩි පහෙන් හොඳ වෙනව.. එහෙම කිව්ව සේකර මහත්තයා බෙහෙත් හැන්ද හැන්ද කොල්ලන්ගෙ කටට දැම්ම. හොර ලෙඩ ගත්ත කොල්ලො ඔක්කොටම ටිකකින් හොඳයි. හොඳ වෙන්න ලෙඩක් තියෙන්න එපැයි. කොහොම උනත් සේකර මහත්තය කොල්ලන්ට පෙව්වෙ ශරීරයට කිසිම අගුනයක් නැති ඇඟ නිවන අරිශ්ටයකින් හැන්දක් සනීප උන කොල්ලො දැන් පන්තියට යනව. දැන් කොල්ලන්ගෙන් කවිපාඩම් අරන් වැඩක් නැති බව සේකර මහත්තය දන්නව.. පුතාලා මම අද ප්‍රින්සිපල් සර් එක්ක රැස්වීමකට යනව..ඒ නිසා අපි හෙට උදේම කවි පාඩම් ගමු යාලුවන්ටත් කියන්න. එකම හොර ලෙඩේ හැමදාම ගන්න බෑනේ.අනික සේකර මහත්තයගෙන් බේරෙනව බොරු. ආයෙ කවදාවත් කොල්ලන්ට බඩේ අමාරැ හැදුනෙත් නෑ කව් පාඩම් නොකර ඉස්කෝලෙ ආවෙත් නෑ. හැබැයි ඉතින් ඇත්තටම හිසේ ඇම්මක් ,කොන්ද කැක්කුමක් ,බඩේ දැවිල්ලක් අල්ලපු කෙනෙකුට සේකර මහත්තය ගාව කවදාවත් බෙහෙත් හිඟ උනෙත් නෑ දීපු බෙහෙතක් කවදාවත් වැරදුනෙත් නෑ. ඒකට හේතුව වැඩිය ප්‍රසිද්ධ නොකලට සේකර මහත්තයට පාරම්පරක වෙද පරම්පරාවකට නෑ කමක් තිබෙන බව ප්‍රින්සිපල් දැනගෙන හිටිය නිසාත් පරම්පරා වෙදකමෙන් ඉගෙන ගෙන තිබුනු බෙහෙතක් දීලා දවසක් ප්‍රින්සිපල්ටත් කාලයක් තිස්සෙ තිබ්බ ලෙඩක් හොඳ කල නිසා ආයේ ප්‍රින්සිපල් ටත් සේකර මහත්තයගෙ මේ වැඩ ගැන කිසිම අවිශ්වාසයක් බියක් සැකක් නොතිබ්බ නිසා. තව ඉවර නෑ- මතු සම්භන්ධයි (චිත්‍රය අන්තර්ජාලයෙන්)අපතයා෴ උසසි. සත්ත්ව ලෝකයේ නරැමයා හෙවත් අපතයා කවුද කියලා ඇහුවොත් කිඹුලා, හයිනා, සිංහයා වගේ ලයිස්තුවක් ඔබ කියාගෙන යාවී. කිඹුලා ගත්තොත් පරිණාමයෙන් හැම අතින් සන්නද්ධවුනු මරණීය මැෂිමක්. සිංහයෝ, කොටි එහෙම නැත්තම් නයි පොලොංගු ආදී මේ ආහාර දාමයේ ඉහල පුරැක් සියල්ල ජානමය වශයෙන් මංශ භක්ෂණයට විලෝපිකයන් ගොදුරැ කරගනිමට ඉහල අනුවර්තනයක් සහිත සත්ත්වයන්. එහෙත් මේ සතුන් සියල්ලම මේ අපත වැඩ කරන්නේ ජීවත්වෙන්න, ආහාර සඳහා.ඒත් හිපෝ.. ඌ අපි කවුරැත් දන්න විදිහට ශාඛ භක්ෂකයෙක් . ඒත් ඒ කුලයේ මුවා හාවා වගේ නෙමෙයි අහිංසකයෙක් නෙමෙයි මූ. මේ හිපාටුවා, මෝඩකමට හරි නොදැනුවත් කමට හරි උගේ අඩවියට ලංවෙන ඕනෑම සතෙක් කීතු වලට ඉරලා දානවා. බැලු බැල්මට ලස්සන හුරතලෙක් වගේ පෙනුනත් මේ පිස්සු මිලෙච්චයා ටොන් එකහාමාරක් විතර බරයි. විශාල ඇත් දලවන් දත් කට්ටලයක් හා වර්ග අගලකට රාත්තල් 1500 බලයක් සහිත හැපුම් බලයක් හා බතල ශරිරයට නොගැලපෙන පැයට කිලෝමීටර් 45ක වේගයක් සතුයි. හැපුම් බලය කෙතරම්ද කියා සංසන්දනයෙන් තේරෙනවා. සිංහයෙක්ගේ හැපුම් බලය වර්ග අගලකට රාත්තල් 650- 1000, පුරැෂයෙන්ගේ 280 හා ස්ත්‍රියකගේ මේ බලය 300 ( වෙනම කතා කරන්න ඕනෑ කතාවක් 😁 ) මේ හනුවල මේ දැවන්ත හයිඩෝ‍රලික් පීඩනයෙන් අන්දුන් කුන්දුන් වු සතෙක් දෙකට ඉරා චප්ප කර දමන්න අසුරැ සැනක් ප්‍රමානවත්. මේ නොසන්ඩාල වැඩ මේ අපත හිපෝ කරන්නේ විනෝදයටමයි. මරපු මල කූණ ආහාරයට ගැනීම තබා හැරිලාත් නොබලා අතහැර දමනවා. මූ පීනන්නත් අති දක්ෂයෙක්. ඉහත ඡායාරෑප බැලුවම සත්වලෝකේ රජවරැත් හිපෝ නිසා බලුවෙලා යනහැටි බලාගන්න පුළුවනි. ගංගාවක් තරණය කරපු සිංහ ත්‍රිත්වයක් පසු පස හඹාගොස් පසුව තනිවුන සිංහයෙකුට කුරැමාණම් අල්ලන අයුරැ දැක්වෙන පහල ඡායරෑපය හිපෝගේ බලපරක්‍රමය මොනවට විදහා පානවා .මූට වඩා වෙන අපතයෙක් ඉන්නවනම් අපේ ලංකාවේ කෝට්ටේ සත්තුවත්තේ එකෙක් වෙන්නම ඕනෑ.😁මී පැණි ඇස් දෙවියනේ ඒ ඇස්! ඒක කෝපි පාට නෙවෙයි. චොකලට් පාටත් නෙවෙයි. නැවුම් පස් වල තියෙන ගැ‍‍ඹුරු තද දුඹුරු පාටත් නෙවෙයි. ඒවා මී පැණි පාටයි. ඉර එළිය තීරුවක් වැටුනම ඒ ඇස් පිරිසුදු අලුත් මී පැණි වගේ දිලිසෙනව. මං මේ තරම් කාලයක් ඒ ඇස් දෙකේ ලස්සන නොදැක්කෙ කොහොමද? ගම්බද ගොවිපොලක හිටපු අහිංසක මාර්තාගෙ අහස් නිල් පාට ඇස්වල වත්, නගරෙ අවන්හලක සේවිකාවක් උන සරාගී අමේලියාගෙ තදම තද කලු ඇස් වල වත්, මගේ කාර්‍යාලයෙ ලඟම මිතුරෙක් උන හැඩිදැඩි ජේසන්ගෙ අලු පාට බළල් ඇස් වල වත්, සුදු හම ඇති කළු ජාතික හුරුබුහුටි පාසල් දැරිය හෙවන්ලිගෙ රතු මැණික් ඇස් වල වත්, ඒ විතරක් නෙවෙයි මගේ පාසල් පෙම්වතිය උන ලෝකෙ ලස්සනම කෙල්ල එමාගෙ හරිත පැහැ ඇස්වල වත් නොතිබුනු අමුතුම මායාවක් මේ මී පැණි ඇස් දෙකේ තිබුනා. සුමාලි මගේ ගෙදරට ආවෙ අසනීපෙන් හිටපු මගේ මමාව රැක බලා ගන්න. මමාව සාත්තු නිවාසයක නවත්තන්න පුලුවන් කම තිබුනත් තනිකඩයෙක් උන මට හිටිය එකම පවුල ඈ විතරක් නිසා මමා මිය යන තුරු මාත් එක්කම තියාගන්න මට ඕන උනා. සුමාලි ලංකාවෙන් ආපු තරුණියක්. ලංකාව කියන්නෙ කුඩා දූපතක්. ඉන්දියන් සාගරයේ මුතු ඇටය. මේ විස්තර මට කිව්වෙ මමා. රැකියා ඒජන්සියක් හරහා සාත්තු සේවිකාවක් විදියට සුමාලි අපේ ගෙදර ආපු දවසෙ ඉදන් අම්මට හවසට ල‍ංකාව ගැන කියන්න ගොඩක් විස්තර තිබුනා. ඉඳහිට කලින් ගෙදර ආපු දවසට මට මමාගෙයි සුමාලිගෙයි හිනා හඬ මමාගෙ කාමරෙන් ඇහිල තියෙනවා. සුමාලි උදේ ඇවිත් හවසට යන නිසා මට ඇයව මුණ ගැහුනෙ කලාතුරකින්. සුමාලි හීන්දෑරි තරුණියක්. අපේ හමේ පාටට වඩා කලු ඒත් කලු ජාතිකයන්ගෙ හමේ පාටට වඩා පැහැපත් අමුතුම දුඹුරු පැහැ සමක් ඇයට තිබුනා. එයාගෙ ඇස් තද දුඹුරු පාටයි. හැමෝම දකුණු ආසියාතිකයන්ට තියෙන කිසිම විශේෂයක් නැති දුඹුරු ඇස්. සුදු ඉංගිරියාව බොර පාටයි. වෙනසකට තිබ්බෙ මහන්සි ගතියයි ඇස් වටේ ඇඳුනු කලු රවුමයි විතරයි. සුමාලි මමාව හරිම කරුණාවන්තව බලා ගත්ත විතරක් නෙවෙයි අපි බලාපොරොත්තු නොවුනත් ගෙදර දොර පිරිසුදු කරන කටයුතුත් කළා. ඒ නිසා වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් මට තිබුනෙ කෑම හදා ගන්න වැඩේ විතරයි. පිලිපීන සේවිකාවකගෙනුත් ඉන්දියානු සාත්තු සේවිකාවො දෙන්නෙක්ගෙනුත් හෙම්බත් වෙලා හිටපු මටත් මමාටත් සුමාලි ගැන තිබුනෙ ලොකු පැහැදීමක්. කාලෙක ඉඳන් හදවත් රෝගියෙක් උන මමා හදිසියෙ හැදුනු පපුවෙ අමාරුවක් නිසා මිය ගියේ ඔය අතරෙ. මමාව ක්ශනිකව රෝහලකට ගෙනියන්න සුමාලි කටයුතු කරල තිබුණත් ඇයව බේරගන්න බැරි උනා. අවුරුදු හැත්තෑ හතක් සතුටින් ජීවත් උන මමා වැඩිය දුක් විඳින්නෙ නැතුව දෙවියන් වහන්සේ ලඟට ගිය එක වාසනාවක් බව වයිද්‍යවරු පවා කිව්වා. මමාගෙ මරණින් පස්සෙ සාත්තු සේවිකාවකගෙ අවශ්‍යතාවය නැති වෙලා ගියත් අලුත් රැකියාවක් සොයා ගන්නා තුරු මගේ ගෙදර වැඩපල කරල දෙන්න එන්න කියල මම සුමාලිට කිව්වා. සුමාලි ඒකට මට ගොඩක් ස්තුතිවන්ත උනා. ඇත්තටම නෑදෑයො යාලුවො නැති මට ගෙදර තනිකම මැකෙන්න සුමාලි එන එක ලොකු උදව්වක් උනා. ගෙදර වැඩ පල බාර දුන්නට පස්සෙ සුමාලි වෙනදටත් වඩා උදේ පාන්දරින් ආවා. මම නැගිටිනකොට උදේ කෝපි එක ඇඳ ලගින් ගෙනත් තියලත් ඉවරයි. මට තිබ්බෙ සෝදලා මැදල තිබුනු කාර්‍යාල ඇඳුම ඇඳගෙන මේසෙ උඩ ලෑස්ති කරල තිබුන උදේ කෑම වේල අරගෙන වැඩට යන එක විතරයි. රෑටත් මම එනකොට ගෙදර පිලිවෙලට අස් කරල රෑ කෑම මේසෙට ඇරලා තිබුනා. මාර්තා තරම්ම රසට බිත්තර ටෝස්ට් හදන්න මේ ආසියානු කෙල්ලට පුලුවන් උන එක ගැන මට පුදුමත් හිතුනා. එදා එක්කො සුමාලි එන්න පරක්කු උනා. එක්කො මම වෙනදාට වඩා පාන්දරින් අවදි උනා. මම පිරිසුදු වෙලා කෑම කාමරේට ගිහින් කෑම මේසෙ පුටුවකින් වාඩි වෙලා හිටියෙ වෙනද නැති සැහැල්ලුවකින්. මේසෙට පුටු හතරක් තිබුනත් වාඩි වෙන්න හිටියෙ මං විතරයි. මගේ හිත අපේ සීයගෙන් උරුම උන ගම්බද නිවසට දිව්වා. මාර්තා නිල් ඇස් වලින් හිනා වෙවී උදේ පාන්දර කිරි බෝතල් අරන් ආපු හැටි, එමාගෙ අතින් අල්ලගෙන ඒ ඇස් තරම්ම කොල පාට ගිම්හාන තණ පිටියෙ සැහැල්ලුවෙන් පා නගපු හැටි, නිවාඩුවට ඇවිත් අපේ ගම්බද නිවසෙ නැවතුනු ජේසන් එක්ක අසල වන රොදේ දඩයමේ ගියපු හැටි, ඊට කාලෙකට පස්සෙ අමේලියාගෙ කලු පාට ඇස් වල ගිලුණු නිදි නැති රාත්‍රිය, ගම්බද ගෙදර හදපු නත්තල් ගහ වටේ රතු මැණික් ඇස් වලින් බල බල හුරතල් හෙවන්ලි දුවපු හැටි මගේ මතකයෙ මැවුනෙ අද ඊයෙ උන දේවල් වගේ. ගම්බද ගෙදර යන්න අවුරුදු ගානකින් බැරි උනා. දැන් ඒ ගෙදර උන දේවල් හැමෝටම අමතකත් ඇති. සුමාලි කලබලෙන් දොර ඇරගෙන ආවෙ පරක්කු උනාට සමාව ඉල්ලමින්. ආපු ගමන් කේතලය විදුලියට ගහල කෑම හදන්න ගත්තා. පිගන් මේසෙ උඩින් තියල සුමාලි ජනෙල් රෙද්ද අයින් කරාම තමා මට මතක් උනේ ගිම්හානය ඇවිත් කියල. ඒ මොහොතෙ තමයි ඒ හාස්කම උනේ. ජනෙල් වීදුරුවෙන් පෙරිලා ආපු ගිම්හානෙ පලවෙනි හිරු කිරණින් බිඳක් සුමාලිගෙ මූණෙ තැවරුනා. රත්තරන් පාටට හුරු දුඹුරු පාට මූණටම ගැලපෙන්න ඒ දුඹුරු ඇස් හිරු එලිය වැදිල මැජික් බලේකින් වගේ මී පැණි පාටට දිලිසෙන්න ගත්තා. දෙවියනේ ඒ තරම් ලස්සනක්. ඒ මොහොතෙ ඉඳන් මට ඕන උනේ ඒ මී පැණි ඇස් දෙක මගේම කරගන්න. එළඹෙන පලවෙනි සති අන්තෙම අපේ ගම්බද නිවසට යන්න එන්න මම සුමාලිට ආරාධනා කලා. මුලදි එයා අදිමදි කරත් පස්සෙ මම ගම්බද නිවස පිරිසුදු කරන්න ඕන කිව්වම කැමති උනා. වත්ත ටිකක් වල් බිහි වෙලා තිබුණට කැලෑ මල් වලින් හැම පඳුරක්ම වගේ වැහිල තිබුනු නිසා තිබුනෙ අමුතුම ලස්සනක්. ලී දොර ඇරන් ඇතුලට යද්දි සුමාලි කුතුහලයෙනුයි ආසාවෙනුයි වට පිට බලනව මම දැක්කා. අපි දෙන්නා ටිකක් විවේක අරගෙන ගෙදර පිරිසුදු කරන්න පටන් ගත්තා. සුමාලි ගෙයි ප්‍ර‍ධාන කොටස අස් කරද්දි මම සොල්දර කාමරේ
පිරිසුදු කරන්න ගියේ වටින කියන දේවල් තිබුනෙ ඒ කාමරේ නිසා. හවස් වෙද්දි සේරම පිරිසුදු කරල ඉස්සර වගේම ලස්සනට සකස් කරන්න අපි දෙන්නට පුලුවන් උනා. සුමාලිට අමුත්තන්ගෙ කාමරේ ඉන්න කියල මම ප්‍ර‍‍ධාන නිදන කාමරේට නිදාගන්න ගියේ පහුවදා උදේම ඇහැරෙන්න ඕන නිසා. මම උදේම අවදි උනා. කලින් දවසෙ මහන්සි උන නිසා වෙන්න ඇති සුමාලි තවම නිදි. මටත් ඕන උනේ ඒකම තමයි. එතකොට හැම දේම ලෑස්ති කරන්න වෙලාව තියෙනවා. විසිත්ත කාමරේ උදෑසන හිරු එලිය හොඳටම වැටෙන ජනේලෙ ගාවට පොඩි මේසෙයි පුටු දෙකයි ලං කරලා මේසෙට ලා දුඹුරු පාට ලිනන් රෙද්දක් දැම්මා. පාන් ටෝස්ට් කරල ඊයෙ ගොව්පොලකින් ගත්තු ස්ටෝබෙරි ජෑම් ගාල අලුත් බිත්තර දෙකක් බැදල තසිමකින් තිබ්බා. පෑන්කේකුයි මී පැණියි තව නැවුම් කිරි දාල කෝපි කෝප්ප දෙකකුත් ලෑස්ති කලා. අන්තිමට මිදුලට ගිහින් සුදු ඩේසි මල් පොකුරකුයි පුන්චි රතු රෝස මල් දෙකකුයි කඩන් ඇවිත් මල් පෝච්චියට දැම්මා. මම සූදානම් කරපු කෑම මේසෙ දැකල සුමාලි ගොඩක් පුදුම උනා. මුලින් මේසෙට වාඩි වෙන්න අකමැති උනත් මම අතින් අල්ලල ජනේලෙන් එලිය වැටෙන පැත්තෙ පුටුවෙන් වාඩි කරාම එයා ගොඩක් සතුටු උනා. "මං සුරන්ගනා කතාවක් ඇතුලට ආව කියල හිතෙනව සර්" සුමාලි කියද්දි ඒ මී පැණි ඇස් ලෝකෙ තියෙන දිලිසෙනම දේටත් වැඩිය බැබලුණා. නිල් පාට ඇස් ලස්සනම කඳුලු පිරුණාම, කලු පාට ඇස් ලස්සනම රහසක් හංගගෙන ඉන්නකොට, අලු පාට ඇස් ලස්සනම අනතුරක ඉව වැටුනාම, රතු පාට ඇස් ලස්සනම කුතුහලයක් ඇති උනාම, කොල පාට ඇස් ලස්සනම පුදුමෙන් මහත් උනාම, ඒත් මී පැණි පාට ඇස් ලස්සනම සතුටින් පිරුණාම. ................ මම සුමාලිගෙ මී පැණි පාට ඇස් දෙක රසායනික ද්‍රව්‍යයෙන් පුරවපු බෝතලේ ගිල්ලල අමේලියාගෙ රතු මැණික් ඇස් දෙක ළඟින් තිබ්බා. ඒත් මේ කලුවරට ඒවා දිලිසෙන්නෙ නෑ. මේ බෝතලේ සොල්දර ජනේලෙ ගාවින් තියන්න ඕන. "ඒත් කෝ දෙවියනේ ඒ මී පැණි පාට දිලිසුම! ඉර එලිය වැටිලත් ඒව දිලිසෙන්නෙ නැත්තෙ ඇයි" සලා...‍ං පොලිස් රථයක සයිරන් නලා හඬට අත ගැස්සිලා ඒ ඇස් දාපු බෝතලය බිම වැටිල කෑලි කෑලි වලට කැඩිල ගියා.මේ ගෙදර තාප්පෙ බදින්න පටන් අරන් තියෙන්නෙ ....ගෙදර අය පදිංචියට එන්න වෙන්න ඇති නේද " අපේ නිවස ඉදිරිපිට ඉදි කර ඇති නව නිවස ඉදිකර බොහෝ කාලයක් ගත වුවත් නිවස වටා තාප්පය ඉදි කරන්න පටන් ගත්තේ මීට දින කීපයකට පෙරය...තේ කෝප්ප දෙක අරන් එලියට පැමිණි මා ඕපාදූපයක රස බැලීමට සැරසුනා පමණි... "වෙන්න ඇති...මං දන්නෙ නෑ"....ඒ පිළිතුරෙහි වූයේ අපිට මොකටද අනුන්ගෙ ඒවා ...මං දන්නෙ කොහොමද ..ඕනි නැති එකක් නෑනෙ ඉතින්........😄😄😄😄 හනී ඉතින් ආසාවකට ඕපදූපයක් කියවන්න කෙනෙක් නැතිඋනානෙ මට මේ ගෙදර 😄😄😄 විසල් නිවස දෙස මා නැවතත් බැලුවෙමි..මේ නිවස ඉදිකරන කාලයේ මා බලන්නට අපේ ගෙදරට පැමිණි ඇමරිකාවේ පදිංචි ඥාති දියණිය මට සිහිපත් විය. "මේ තනි ගෙයක්ද එපාර්ට්මන්ට්ස් ද පුංචි" " තනි ගෙයක්"" .................එකේ කෙනෙක්ගෙ ගෙයක්ලු...මා දන්නා ඕපදූපය මා ඇයට කීමි. "මිනිස්සු ඇයි පුංච් මෙච්චර ලොකු ගෙවල් හදන්නෙ".......ගෙවල් නොසාදන්නෙ ඇයිදැයි විමසුවේ නම් ලංකාවෙ මිනිසුන් ගෙ ආර්ථික දුශ්කරතා පිළිබදව මට ඇයට පැහැදිලි කළහැකිව තිබිණි......ගෙවල් හදන්නේ....🤔🤔 මගේ අන්ද මන්ද ස්වරූපය දුටු ඈ පැහැදිලි කරයි "නෑ...මං කියන්නෙ දැන් ෆැමිලි එකක තුන් හතර දෙනෙකුට වඩා නැහැනෙ...ඉතින් මෙච්චර ලොකු ගෙවල් මොකටද ඕවා maintain කරන්න කොච්චර අමාරුද" සැහැල්ලු ලෙස පවසන සුන්දර තරුණිය දෙස මම බලා සිටිමි..ඈ ධනවත් තරුණියකි.තොල් ආලේපන නිය ආලේපන වත්සුනු කිසිත් නැති ඈ කොහොමත් සුන්දර තරුණියකි ...පාට ගල්වා වද දී නැති කොන්ඩය තමන්ට පහසු ප්‍රමානයට කපා ඇත...සැහැල්ලු ටී ශර්ටය ඩෙනිම් කලිසම ඇගේ හිතේ සැහැල්ලු ස්වභාවය පිටතටත් පෙන්වන සාධක සේ මට හැගිනි..... මම තවතේ උගුරක රස බැලීමි..ප්‍රමාණය කොහොම වුනත් නිවසක් ආදරෙන් සතුටින් පිරී ඉතිරී ගියවිටයි රසවත් .... තේ කෝප්පයත් හරියට ඒවගේ නොවේද රසවත් තේ එකට වඩා අපිවෙහෙසෙන්නෙ තේ බොන කෝප්පයේ වටිනාකම නවීනබව මතුපිට අලංකරණය ගැනම නොවේද.....එහෙත් සැබැවින්ම රසවිදිය යුත්තේ රසවත් කරගත යුත්තේ තේ පානය නොවේද ....... ඔබත් අලංකාර තේ බදුනක් සොයන්න..එය අගනේමයි..ඒත් විසිතුරු බදුනක් නොමැති නිසා මිහිරි තේකක රසය විදීම මග හරින්න එපා...... ✍️ නිරංගිකා හපුආරච්චි"ෂා.. ඒක මරු ලස්සනයි හිරුන්..කොහෙන්ද ඒක...? ඉස්කෝලෙ පටන් බෙල් එක ගහනකම් පිට්ටනියේ අඹ ගහ යටට වෙලා සෙල්ලම් කරන එක අපේ පුරුද්දක්. උණ කෝටු වලින් හදන තුවක්කු ,දිවුල් ගෙඩියෙන් හදන වැලි බඹර,කුරුම්බැට්ටි මැශින් වගේ දේවල් තමා අපේ සෙල්ලම් බඩු උනේ.එහෙම සෙල්ලම් කරපු එක දවසක මගෙ හොඳම යාළුවා හිරුන් ලස්සනම ලස්සන සෙල්ලම් තුවක්කුවක් ගෙනෑවිත් තිබුනා.දැක්ක ගමන් මටත් ඒ වගේ එකක් තිබුනනම් කියල මට හිතුන.චිත්‍රපටි වල වෙඩි තියා ගන්න මාමලා ලඟ තියෙන ඒවගෙ වගේ,කොකා ඇදපු ගමන් ඩෝං කියල ස්ද්දෙකුත් එක්ක,එලියක් පත්තු වෙන ඒක ඇත්තටම ලස්සන තුවක්කුවක්. "තාත්තා ඊයේ හවස ගෙනත් දුන්නේ. මේක විතරක් නෙවේ.තව ගොඩක් තියනවා. පංතියට යන්කො පෙන්නන්න.." "හා.." මං හිරුන්ගෙ පස්සෙන් ආවෙ හරියට මුදලාලි මාමගෙ ගොනා පස්සෙන් පාට ලී පටි ගහපු කරත්තේ එනවා වගේ.පංතියට ගොඩ වුන හිරුන් මල්ලෙන් එලියට ගත්තෙ තවත් ලස්සන එක එක පාට කාර් වෑන් පෝලිමක්.ඒවා සමහරක් ඒවගේ පිටිපස්සෙ තියන නූල ඇදල බිමින් තිබ්බම ඒක ලයිට් දාගෙන ඉස්සරහට යන්නෙ පුදුම වේගෙකින්.මං ඒ දිහා බලාගෙන හිටියෙ පුදුම ආසාවකින්. "තාත්තට ඊයෙ ලොකූ වැලි ඕඩරයක් ඇවිත්. ටවුමෙ ලොකු මුදලාලි කෙනෙක්ටලු.අද හොද ලාභයක් තිබ්බා කියලා අම්ම අතින් කියනව මං අහගෙන.." හිරුන්ගෙ තාත්තා තමයි අපේ ගමේ වැලි මුදලාලි.එයාලගෙ වත්ත පහළ ලොකූ පතහක් තියනවා .ඈත තැන් වලින් ලොරි වල පුරවාගෙන එක පස් හෝදලා වැලි බේර ගන්නෙ ඒ පතහෙන් තමයි.අපේ තාත්තත් දවසේ කුලියට වැඩ කලේ හිරුන්ලගෙ තාත්තගේ වැලි වැඩපලේ.අම්මමගෙ බෙහෙත් වලටයි මගෙ පොත් පත් ටික ගන්නයි හන්දියේ කඩෙන් බඩු ටික ගන්නයි ඇරෙන්න සෙල්ලම් බඩු ගන්න කියල සල්ලියක් තාත්ත ලඟ තියෙනවා මං දැකල නෑ.ඒත් හිරුන්ගෙ සෙල්ලම් බඩු ටික දැක්කට පස්සෙ මාත් හිතාගත්ත තාත්තගෙන් ඒ ඇන අහන්න. එදා වැහැල වැහැල පායපු දවසක්.කළුවරත් වැටිල ඒත් තාත්තා තව නෑ.තාත්ත එනවද කියල සැරෙන් සැරේ මිදුලට එබිල බලන්න මං දොරකඩ ගාවම ඉඳගත්ත.යන්තමට පායපු පොද අතරින් කණාමැදිරි එලියක් එහෙ මෙහෙ යනව පේනවා.මට හිතුව හරි .ඒ තාත්තගෙ හුළුඅතු එලිය .ඒක ටිකෙන් ට්ක ගේ දිහාවට ලං වෙද්දි මං නැඟිට්ටා. "ආ සූකිරියෝ.... මොකද මේ..?? හිරිකඩත් වදිනවා. කෝ අම්මා යමංකො කුස්සියටම.මං උඹට උළුඳු වඩයක් ගෙනාවා..." කියාගෙනම තාත්තා ගියේ කුස්සියට. "අද නම් සුමනො, දවසම පාඩුයි.වැඩක් කරගන්න දුන්නෙම නෑනෙ මේ වැස්ස.. එ හින්ද මුදලාලි සල්ලි දුන්නෙත් නෑ බං.මට තේරෙන්නෙ නෑ මොනා කරන්නද කියල..." මං යද්දිම ඒ කතාව නැවතුනා.මං කෙලින්ම ගියේ ඉඳගෙන හිටපු තාත්තගේ ඔක්කට. "අනේ තාත්තේ...මට සෙල්ලම් තුවක්කුවක් ඕනෑ... නත්තලුත් ලඟයි.හිරුන්ට නම් සෙල්ලම් බඩු ගොඩායි.. මටත් හෙට සෙල්ලම් බඩු ඕනේ.එතකොට මට පුළුවන් යාළුවොත් එක්ක නත්තලට සෙල්ලම් කරන්නේ ඒවාගෙන්..." අම්ම හයියෙන් හුස්මක් ගන්නව මට ඇහුන.තාත්ත කරගැට පිරුණ අත් දෙකෙන් මගෙ ඔළුව අතගානවත් දැනුන.හරියට වේලිච්ච තේක්ක කොලයක් ඔළුවෙ අතුල්ලනවා වගේ... "හ්ම්ම්...උඹ හෙට ඉස්කෝලෙ පලයන්කෝ.හෙට මං ගෙනත් දෙන්නම්.. දැන් පලයං ගිහින් නිදියගනිං..." ඉස්කෝලෙ ඇරිල මං ගෙදර ආව නෙමෙයි ඉගිලුනා.වෙනදා හම්බවෙන බෝක්කු වෙල් නියරවල් වෑකඳු එදා තිබුනද කියලවත් මතක නෑ මට. බුදු අම්මෝ ඉස්තෝප්පුව මැන්දෙ සෙල්ලම් බඩු කන්න්දක්.හීනයක්ද කියලා මං මගෙ අතම හපාගෙන බැලුව.නෑ හ් මේක ඇත්තක්. එතකොටම තමයි දැක්කේ අම්මයි තාත්තයි මට පිටිපස්සෙ හිටගෙන කියලා.මට දැනුණු සතුටට මං පැනපු ගමන් තාත්තව බදා ගත්තා.තාත්තත් එකපාරම මං උස්සලා වඩා ගත්තා.එතකොට තමයි මං තාත්තගේ කරට උඩින් අම්මව දැක්කේ.අම්මා හරි ලස්සනට හිනා උනා.ඒ හිනාවත් එක්ක මට නිකං ලොකු අඩුවක් දැනෙන්න ගත්තා.අම්මා හරි ලස්සනට හිනාවෙනවා තමයි.ඒත් මූනේ මොකක් හරි අඩුවක් තියෙනවා. හරි නේ.අර සුදු පාට ගල් අල්ලලා තිබුණු මල්මල් කරාබු දෙක අම්මගේ කනේ නෑ. ඒ වුනාට අමුතුම ආඩම්බරයක් අම්මගේ ඇස් දෙකේ තිබ්බා.ආයෙ පාරම් මගේ ඔලුව අත ගාලා අම්මා අර විදියටම හිනා වුණා.ලස්සනට.... - දයානි -කල්ලඩි අන්දරය - 09 වර්ෂා සහ දේව් එක පෙළට මණ්ඩපය වෙත පැමිණෙන විට බොහෝ දෙනාගේ, විශේෂයෙන් තරුණියන්ගේ දෑස් ඔවුන් දෙසට යොමුවනු ද එකිනෙකාට කොඳුරා ගනු ද දුටු දෙදෙනාට පිටුපසින් ආ ගගන, "අර බලපන් දේව්, කෙල්ලන්ගෙ ඇස් ඉරිසියාවෙ නළියනවා. උන් හිතනවා ඇති උඹලා දෙන්නා කපල් එකක් කියල" යි කියමින් ඇස් නටවන විට දේව් ඔහු දෙස රවා බැලුවේය. "ගගන දැන් ඇති විහිළු" නේක වර්ණ මලින් සරසන ලද මණ්ඩපයේ පනවා ඇති අසුනක හිඳගත් වර්ෂාගේ දෑස් උත්සවශ්‍රීයෙන් දිළිසෙන්නට විය. මෙහිදී ඇයට දේව් විසින් එන ගමනේදී විස්තර කළ වෙට්ටුක්කෝරුමාකන් දැකගත හැකි විය. වර්ණ ගැන්වූ පොල් කුඩු හා විවිධ වර්ණ මල් වලින් සකස් කොට ඇති දේව රුව ස්වරූපයෙන් දෙවියෙකුට වඩා සමාන වන්නේ දඩයක්කරුවකුට බව වර්ෂාගේ හැඟීම විය. නිල් පැහැ ශරීරයත්, ඝන රැවුලකින් මුහුණ වැසී තිබීමත් රළු නෙත් යුවළත් නිසා එවන් පෙනුමක් එන්නට ඇතැයි ඇය සිතුවාය. "දේව් එයා දෙවියෙක් වගේ නෙවේනෙ. මට නම් පේන්නෙ හරියට දඩයක්කාරයෙක් වගේනෙ" "හරියට හරි වර්ෂා. එයාගෙ පෙනුම දඩයක්කාරයෙක්ගෙ වගේ තමයි. එයා එක අතකින් දුන්නකුයි ඊතලයකුයි තියාගෙන අනිත් අතේ කෙටි කඩුවක් වගේ ආයුධයක් තියාගෙන තමයි ඉන්නෙ. ඒකට කියන්නෙ චූරිකා කියල. සම්ප්‍රදායික කේරළ ආයුධයක්" සාම්ප්‍රදායික බෙර වාදන, නර්තන ඇතුළත් සංස්කෘතික උත්සවය පටන් ගත්තේ මේ අතරෙදීය. දේව්ට ‍එහි එතරම් විශේෂත්වයක් නොවූවත් ගගනත් වර්ෂාත් ඒ දෙස බලා සිටියේ ඉතාමත් ආසාව
ෙනි. නැටුම් ගැයුම් අතරේම රාත්‍රි ආහාරය සූදානම් වූ අතර උත්සවයේ විශේෂ අවස්ථාව එළඹියේ ඉන් පසුවය. පැමිණි සිටි සියළු දෙනා එක මණ්ඩපයක අසුන් ගෙන සිටි අතර ඉදිරියේ වූ තවත් මණ්ඩපයක තුළ පොල් ගෙඩි දහස් ගණනක් ගොඩගසා තිබුණි. පොල් ගොඩ ඉදිරියේ සුදු වේට්ටියකින් සැරසුණු උඩුකය නිරාවරණය වූ එක්තරා පුද්ගලයෙක් මිටි අසුනක වාඩිවී සිටියේය. ඔහු ඉදිරියේ තරමක කළු ගලක් විය. ඔහුගේ දෙපස සිටින තවත් පුද්ගලයින් දෙදෙනෙක් විසින් මාරුවෙන් මාරුවට ඔහුගේ වමතට හා දකුණතට ලබා දෙන පොල්ගෙඩි ගන්නා වේගයෙන්ම ඔහු විසින් ඉදිරියේ ඇති කළු ගලේ ගසා බිඳ දමයි. මේ සියල්ලක්ම සිදු වන්නේ බෙර වාදනයේ රිද්මයටය. වර්ෂාත් ගගනත් ඒ දෙස දෑස් විසල් කරගෙන බලා සිටිනු දුටු දේව් කටහඬ අවදි කළේය. "මේ පොල් කැඩීම දෙවියන්ට කරන විශේෂ පූජාවක්. මේකෙදි පොල් ගෙඩි දාහකට වැඩි ගාණක් බිඳිනවා. ඒ කිසිම අවස්ථාවක වේගය අඩු වෙන්නෙවත් වැඩි වෙන්නෙවත් නෑ. එකම රිද්මයකට තමයි කරගෙන යන්නෙ. මේ හැම දේටම පැයකට වැඩි කාලයක් යනවා" "අනේ පව් දේව්. එතකොට ඒ මනුස්සයගෙ අත රිදෙන්නෙ නැද්ද?" වර්ෂාගේ දෑස් මුල කඳුළු මතුවී ඇත. කටහඬ බිඳී ඇත. කෙනෙකුගේ දුකකදි, අපහසුවකදි උණුවෙන ඒ ගැහැණු හිතට දේව් ප්‍රිය කළේය. "එයාල පේ වෙලා ලොකු විශ්වාසෙකින්නෙ ඒ පූජාවන් කරන්නෙ. ඒ නිසා එයාලට ලොකු අමාරුවක් දැනෙන්නේ නැතුව ඇති" ඔහු යන්ත්‍රානුසාරයෙන් මෙන් පොල් බිඳීමේ නිරතව සිටී. නමුත් ඔහු තුළ කිසිම අපහසුවක් හෝ වේදනාවක ලකුණු පෙනෙන්නට නැත. "හෙට උදේ වෙද්දි මේ අත් දෙක හොලව ගන්නවත් බැරි වෙයි ද දන්නෑ" වර්ෂා ඔහු ගැන අනුකම්පාවෙන් සිතුවාය. මොහොතක විරාමයකින් පවා තොරව එක දිගට පොල් ගෙඩි දහසකට වැඩි ප්‍රමාණයක් බිඳ දැමූ ඔහු, අවසානයේ ඔහුගේ දෙවියන් වන්දනා කොට කිසිම අපහසුවකින් තොර නැගිට ඉවතට ගියේය. "ඒක නම් මාරම පුදුමයක් මචං" ගගනට කතා කරගත හැකි වූයේ එවිටය. "එතකොට දේව් මේ බිඳපු පොල් වලට මොකද වෙන්නේ?" වර්ෂාත් ගගනත් ඇසුවේ එකටමය. "මේ පොල් මෝලට දීලා තෙල් හිඳිනවා" සියල්ල අවසානයේ වර්ෂාගේත් ගගනගේත් සතුටු මුහුණු දකින දේවි ද ඉමහත් සතුටට පත්විය. "ඇත්තටම වර්ෂා, මේ ආපු ගමන ගැන ඔයාට සතුටුද?" "අනේ ඇයි නැත්තෙ? ඔයා අපිව එක්ක ආවෙ නැත්නම් මේ වගේ පූජාවක් කොහන් බලාගන්නද අපි. නේද ගගන?" "ආයෙත් අහල. ඇත්තටම මරු මචං. මේ, ඒක නෙමෙයි. අපි දහයහමාරට කලින් වර්ෂා ව බස්සන්න ඕනෙ නේද හොටේල් එකට?" "ඔව්. අපි තව විනාඩි දහයකින් මෙහෙන් පිටත් වෙනවා" දේව් පොරොන්දු විය. පොරොන්දු වූ ආකාරයටම ඔහු ඒ පොරොන්දුව රැක්කේය. දහයයි විසි තුනට එලයිට් හෝටලය අසලට ඔහු වර්ෂා ව ගෙනැත් ඇරලුවේය. වර්ෂා සමගම මිතුරන් දෙදෙනාත් වාහනයෙන් බැස හෝටලයේ දොරටුව අභියසට ආවෝය. තමා හෙට දින දෙමිතුරන් හැරදා මව් රට බලා යන බව සිහිවී වර්ෂාගේ දෑස් බොඳ විය. "දේව්, මං හෙට යනවා. ඔයාට ගොඩක් පින් මාව බලාගත්තට, හැමතැනම එක්ක ගියාට. ගගන මං යනවා" නෙත් මුල පොරබදිමින් හුන් සිහින් කඳුළු ධාරාවක් කම්මුල තෙත් කරමින් ගලා ගියේය. එය පිස දැමීමට වර්ෂා ඉක්මන් නොවූවාය. පියවරක් ඉදිරියට තැබූ දේව් වර්ෂාගේ හිස ආදරයෙන් අතගෑවේය. ගගන සිය ජංගම දුරකථනය කනේ තබාගෙන මදක් එහාට ගියේය. "මාව හැමදාම මතක තියාගන්නවා නේද?" දේව් ඇසුවේ ද හඬන්නට ආසන්න හඬකිනි. "ඔව්. හැමදාම" තම හිස මත වූ දේව්ගේ සුරත වර්ෂා පරෙස්සමෙන් දෝතට ගත්තාය. "පරෙස්සමෙන් ගිහින් එන්න" "ගිහින් එන්න?" "ඔව්. ගිහින් එන්න. ගිහින් එනකල් මං බලාගෙන ඉන්නවා" වර්ෂා හඬමින්ම හෝටලය තුළට දිව ගියාය. .... .... .... වර්ෂා උදේ අවදි වූයේ අටට පමණය. ඇය යහනේ සිටම දවස සංවිධානය කළාය. එදින උදේ වරුවේ කළ යුතු විශේෂ කටයුත්තක් නොවූයෙන් තවත් ටිකක් ඇඳටම වී ගතකළාය. දුරකථන හරහා කෙටි පණිවිඩයක් ලැබුණේ ඒ මොහොතේදීය. "ගුඩ් මෝනිං වර්ෂා. තාම නිදිද? ඇහැරුණාම කෝල් එකක් දෙන්න" දේව්ගෙන් කෙටි පණිවිඩයට පෙර තවත් ඇමතුම් තුනක් වූ බව ඇය දුටුවේ එවිටය. "මට ඇහුනෙවත් නෑනෙ" ඇය දේව්ට ඇමතුමක් ගනිමින් සිතුවාය. "වර්ෂා, දැන්ද නැගිට්ටෙ? ගුඩ් මෝනිං" "ගුඩ් මෝනිං දේව්. අද උදේ විශේෂ වැඩකුත් නෑනෙ. රෑ නින්ද ගියේ නෑ. පාන්දර තමයි නින්ද ගියේ" "ඒ මොකෝ? ගෙදර යන සතුටට මං හිතුවෙ හොඳට නින්ද යයි කියලා. අනික මෙහෙ දාල යන්න බැරි දේකුත් නෑනෙ. නේද?" ඊට පිළිතුරු ලෙස යමක් කීමට වර්ෂා අපොහොසත් විය. ඇගේ හදවත දුකින් බර විය. ඈ තුළ වූ වෙනස්කම දේව් අනුමාන කළේය. ඔහු ඇගේ හිත සැනසීම පිණිස කතාව වෙනතක යොමු කළේ එහෙයිනි. "හරි හරි. ඒක නෙමෙයි වර්ෂා. එයාර්පෝර්ට් එකට යන්න ක්‍රමයක් හදා ගත්තද?" "ටැක්සි එකක් දාගෙන යනව දේව්" "මං මේ ඔයාට කියන්න කතා කරේ ඒ ගැන තමයි. එයාර්පෝට් එකට යද්දී රෑ වෙන නිසා නොදන්න ටැක්සි එකක යන එක හොඳ මදි නේද? මං දන්න කෙනෙක්ගෙ ටැක්සියකට කතා කළා. අවුලක් නෑ නේද?" "අනේ තැන්ක්‍යු දේව්. කොච්චර ලොකු දෙයක්ද..." "මිනිහගේ නම රඝු. ටිකක් නපුරු පාටයි. හැබැයි හොඳ එකා. වැඩිය ප්‍රශ්න අහන්න එහෙම යන්න එපා හැබැයි. ඌට පොඩ්ඩ ඇත්නම් තදවෙනවා" "අනේ හරි දේව්. ඔයාට ගොඩක් පින්" "ඔයා හරියට පහට එළියට ඇවිත් ඉන්න" "ඕකේ" "මට එන්න වෙන්නෙ නෑ වර්ෂා. එයාර්පෝර්ට් එකට ගිහින් මට කෝල් එකක් දෙන්නකෝ" .... .... .... ඇය ටවුමට ගියේ ලංකාවේ මිතුරන් වෙනුවෙන් පොඩි පොඩි තෑගි ටිකක් මිළදී ගැනීමටය. පොඩි පොඩි රස කැවිලි කිහිපයක්, පෑන්, කී ටැග්ස් කිහිපයක් මිළට ගත් ඇය අම්මා වෙනුවෙන් තව සාරියක් මිලට ගත්තාය. වෙනදා මෙන් සාප්පු සවාරිය අද ඇයට සතුටක් දැනවූයේ නැත. මයුමිලා හා කෙළිදෙලෙන් සාප්පු සවාරි ගිය හැටි ඇයට මතක් විය. දේව් සමග කේරළයේ සුන්දර තැන් නැරඹූ ආකාරය මතක් විය. හදවත මහත් පාළුවකින් පිරී යද්දි සාප්පු සවාරිය අමතක කළ ඇය දිවා ආහාරය ද රැගෙන හෝටලයට පැමිණියාය. උදේටත් හරිහමන් ආහාරයක් නොගත් නිසා ඇය ඉක්මනින් දිවා ආහාරය ගෙන අවසන් කළාය. අත්‍යවශ්‍ය දේවල් පමණක් මිළට ගත් බැවින්, බෑග් වල බර පිළිබඳව ඇගේ සිතේ සැකයක් නොවීය. බෑග් දෙක පිළියෙල කොට කාමරයද අස්කර දැමූ ඇය නා පිරිසුදු වී අලුත් ඇඳුමකින් සැරසුණේ සිය මව් බිම බලා යාමටය. හරියට හවස පහට එලයිට් හෝටලයෙන් එළියට පැමිණි ඇය, නැවත වරක් හැරී සති තුනක් සෙවණ දුන් හෝටලය දෙස බැලුවාය. සුදු පැහැ ටැක්සි රථය ඇය අභියස නතර කළේ මෙවිටමය. දේව් කිව්ව ආකාරයටම සුදු පැහැ කමිසයකින් සැරසුණු මුහුණ පුරා රැවුල වැවූ රළු පෙනුමක් සහිත තරුණයෙකු ඉදිරිපස වීදුරුවෙන් හිස එළියට දමා කට කොනකින් සිනාසුණේය. "කොචින් එයාර්පෝර්ට් එකට" ගමනාන්තය සඳහන් කළ වර්ෂා වෙනත් යමක් නොවිමසාම ටැක්සියට නැගුණාය. කිසිඳු කතාබහක් නැතිව තරුණයා තරමක් වේගයෙන් රථය පැදවීය. පැයක් පමණ ගතවන විට වචනයකුදු කතා නොකර මේ යන ගමන වර්ෂාට නීරස විය. දේව්ගේ කීම නොතකා ඇය ඔහුව කතාවට අල්ලා ගැනීමට උත්සාහ කළේ එහෙයිනි. ඇය දමිළ බසින් ඔහු ඇමතුවේ එය දෙදෙනාටම පහසුවක් වේ යැයි සිතූ බැවිනි. "රඝු මේ පළාතේමද?" "රඝු...?" "ඔව්. ඇයි ඔයා රඝු නෙමේද?" "රඝු කියලා කෑල්ලක් තියෙනවා. ඒත් හැමෝම කතා කරන්න නාදන් කියලා" "ඒත් මට දේව් කිව්වේ රඝු කියල" "දේව්, ඒ කවුද?" "ඇයි ඔයාට මේ හයර් එක බාර දුන්නේ දේව් නෙවෙයිද?" "මම ටැක්සි එක අරන් ආවා. මිස් ලගේජ් තියාගෙන පහළ ඉන්නවා දැක්කා. මං හිතුවෙ මිස් ටැක්සියක් හොයනවා කියලා. මං නතර කළා. මිස් නැග්ගා. එච්චරයි" ඔහු ඇඟට පතට නොදැනී කී විලාශයට වර්ෂාට උන්හිටි තැන් අමතක විය. "එක අතකට මගේ මෝඩකම, හොයල බලන්නෙ නැතුව නැග්ගට. දෙයියනේ... මේ මිනිහා කොහාට මාව එක්ක යයිද මන්දා" වර්ෂා සිතිවිලි වචන වලට පෙරළුවේ නැත. "කරන්න දෙයක් නෑ. හොඳ සිහියෙන් ඉන්න ඕන. අනේ මං මේ පාරවල් දන්නෙත් නෑ. ඒ මදිවට වැස්සකුත් එන්න හදන්නෙ" වර්ෂාගේ හදවත තවත් බියට පත් කරමින් සැඳෑ අඳුර අතරින් වැහි පොද වැටෙන්නටද විය. රථයේ වේගය තවත් වැඩි විය. පැය භාගයක් පමණ කිසිඳු විශේෂත්වයකින් තොරව රථය ඉදිරියට ධාවනය විය. සියුම් වැහිපොද තරමක් විශාල වැහිපොද බවට ප‍රිවර්තනය වෙද්දී පාළු පාරක් අද්දර රඝු එකවර රථය නතර කළේය. අනතුරුව ඉදිරිපස කණ්ණාඩියෙන් වර්ෂා දෙස බලා සරදම් සිනහවක් පෑවේය. "මොකද මෙතන නතර කළේ? එයාර්පෝර්ට් එකට තව දුර තියෙනවනේ" වර්ෂා තරහින් ඇසුවාය. "සොරි මිස්. මගේ යාළුවෙක් ඉන්නවා. එයත් යන්නේ අපි යන පැත්තටම තමයි. ඉතින් පොඩි ලිෆ්ට් එකක් දෙන්න හිතුවා" වර්ෂාට ඊට විරුද්ධ වීමට අවකාශයක් නොවීය. නවතා තිබූ වාහනයේ ඉදිරිපස අසුනට යමෙකු හදිස්සියෙන් මෙන් නැග ගත්තේය. ඔහු වැස්සෙන් බේරීමට මෙන් දිගු වැසි කබායක් ඇඳ මුහුණ නොපෙනෙන තරමටම පහතට කර හිස් වැසුමක් පැළඳ සිටියේය. අමුත්තාත් රඝුත් මුහුණින් මුහුණ බලා මහපටැඟිලි ඔසවා එකඟතාවය පල කළහ. "මිස්, අපි පොඩ්ඩක් ඉස්සරහින් නතර කරනවා" රඝූ පැවසූ විට වර්ෂාගේ හදවත වේගයෙන් සැලෙන්නට විය. අයිස් බෝලයක් වේගයෙන් හිස් මුදුනේ සිට ශරීරය දිගේ පහලට ගමන් කරන්නාක් මෙන් ඇයට දැනෙන්නට විය. දෑස් කඳුළින් බොඳ වී යද්දී, අත් බෑගය තුළ වූ ජංගම දුරකථන අතට ගත් වර්ෂා දේව්ට දුරකථන ඇමතුමක් ගත්තාය. "ඔබ ඇමතූ දුරකථනය ක්‍රියා විරහිත කර හෝ ආවරණ කලාපයෙන් බැහැරව ඇත. කරුණාකර පසුව අමතන්න. මතු සම්බන්ධයි. සිතුවම අන්තර්ජාලයෙනි.නාඬන් සුරතල් කොමලී ( ජනකවි) මල් නොපිපී ගෙඩි හැදෙන බවට ගැමියන් විශ්වාස කරනා, ගස් වර්ග කීපයක් ඇත. මෙයින් ඉදිරියෙන්ම සිටින්නේ දිඹුල් ( දිවුල් නොවේ) හෙවත් අට්ටික්කා නමැති ගස් වර්ගයයි. ඇත්ත කතාව නම්, මේ ගස්වල හැදෙනා මල් පිටට පැහැදිලිව නොපෙනීමයි. එය පෙනෙන්නේත් ගෙඩියක් සෑදෙන අයුරින්මයි.  මේ මල් නැති ගස්වලින් මල් ගෙනත් දෙන ලෙස ඉල්ලා,පෙම්වතියක් තම පෙම්වතාට කරදර කරන විට, මල් පිපුණු දාක ගෙනත් දෙන්නම් යයි පෙම්වතා ඈ සැනසුවේ මෙසේය. එ බෝ මල් සහ එ නුග මල් ද ඇහැටු මල් ද දිඹුල් මලී මේ මල් නැත කවදාවත් ගෙඩිම මිසක් ලදළු කලී මේ මල් ගෙන දෙන්න කියා එ
ළඳ අඬයි බිම පෙරලී මෙමල් පිපී ගෙන දෙනකං නාඬන් සුරතල් කොමලී ( ජනකවි) Channa Withana 2024.02.08ගන්ධබ්බ ප්‍රාණ ඌගේ කට එසේ මෙසේ කටක් නොවේ. කොහෙදෝ සිට කුස්සියට දුව ආ ඇබිත්තන් කොලුවා අම්මා ළඟට ගොස් සිටගත්තේය. "අම්මෙ පො__යා කියන්නෙ මාලු ජාතියක්ද? " පොඩි එකා ඇහූ ප්‍රෂ්ණයෙන් ලලිතා බිබී උන් වතුර ජෝගුව පුරුස් ගා ඉස්පොල්ලේ ගියේය. ලලිතා අපහසුවෙන් සිය පපුව අතගාගත්තේ එක්වරම ඉස්පොල්ලේ මතු වූ උගුරේත් පපුවේත් අමුතු දැවිල්ල අකා මකා දමන අටියෙනි. මොහොතක් ගත වන තුරු වචනයක් දෙකක් හෝ ගැටගහනු බැරිව කහිමින් උන් උන්දෑට තව ඩිංගෙන් පෙනෙන්නේ එක්කෝ යම පල්ලෙකි, නැතිනම් දේවදූතයෙකි. යම පල්ලෙකු පෙනෙන්නට තරම් උන්දෑ පව් කලාද නැද්දැයි ලලිතාටම නිච්චි නැත. කොයි කිල්ලෝටවලත් හුනු ඇත. ලලිතාට එබැවින් අමුතුවෙන් කියා බයකුත් නැත. නමුත් වතුර ඉස්පොල්ලේ ගොස් මියගිය වග ප්‍රවෘත්ති වලද පල වුවහොත් ලැජ්ජාව වැඩිය. මැරුණත් මැරෙන්නට ඕනෑ වැදගත් විදිහට වැදගත් ලෙඩකිනි. පපුවෙ අමාරුව වඩා හොදය. එව්වා මෙව්වා කල්පනා වන අතරතුරදී ලලිතාගේ කනට යලිත් වරක් පොඩි එකාගේ එම ප්‍රෂ්ණයම ඇසිනි. "අම්මෙ කියන්ඩකො පො/_|යා කියන්නෙ මාලු ජාතියක්ද? " "මොන මොකා?" ලලිතා සිය අට හැවිරිදි පොඩි එකා දෙස බැලුවේ තමා උප්පැන්නයක් හදවා ගෙදරට උස්සන් ආ පොඩි එකාම තමා ඉදිරියේම ඉන්නවාදැයි හිතා ගන්නට බැරුවය. මේකා කොහෙන් මේ නොහොබිනා වචනය අහුලාගත්තාදැයි හිතනවාට ද වැඩියෙන් ලලිතාට සැක හැර දැනගන්නට උවමනා වූ කාරනා දෙකක් හිසේ නලියන්නට විය. එනම්, පොඩි එකා මෙය දැන දැනම කොලොප්පමට ඇහුවාද? නැතිනම් මෙලෝ හසරක් නොදන්නා කමට ඇහුවාද යන්නයි. කෙසේ වුවත් ලලිතාගේත් කියා අමුතු වේසයක් ඇත්තේම නැත. උන්දෑද 'ඇත්ත කියපන් ගහන්නෑ' කියනා සෑම්පලෙම අම්මෙකු වූ බැවින් කිසිවක් අහන්නටද පෙර දකුණත උස්සා 'තටස්' හඩින් පොඩි එකාගේ පිට මැද්දට පහරක් අතෑරියාය. පොඩි එකා බෑගිරි තලමින් අඩන්නට පටන් ගත්තේය. "කොහෙන්ද බොල උඹ ඔය වචනෙ අහුලගත්තෙ ඈ?" "ඉතිං කිරි අත්තානෙ කීවෙ. මම හිතුවෙ ඌත් ඔය පෙතියා, කනයා, බලයා වගෙ පො_ _යා කියල මාලු ජාතියක් ය කියල. මට ගැව්වෙ මොකොටද? " ලලිතා දෑතම ඉනට තබා ගත්තාය. පොඩි එකාට තලා පලක් නැත. ගෑණියක නොවන්නට ඔවැනි වචනයක් තාත්තාගේ මුවින් පිටවන්නට හේතු වන එකා කවුරුන්දැයි ලලිතා හොද හැටිම දනී. ලලිතාට මේ ගමේම පොඩි උන් ගැන බය ය. ඌට හැදී ඇති ලෙඩේ කෙදිනක හෝ මේ ගමේ අනික් පොඩි එකාලටද වැලදෙන්නට බැරි නැත. එව්වා ඇත්තෙන්ම ලෙඩය. ඇතැම් ගැහැණුන්ට පිරිමින්ට වැලදෙන ලෙඩය. ලලිතාට හැකි වූවානම් , දහිරිය තිබුනානම් මෙලහකටත් උන්දෑගේ බොටුව කපා දමා බොහෝ කල් ය. නමුත් ලලිතා ඔව්වාට පරාණ බය ය. ඊටද වැඩියෙන් අපායටත් යම පල්ලන්ටත් බය ය. 'පාණාතිපාතා වේරමණී සික්ඛාපදන් සමාධියාමීඊඊඊඊ' පංසලේ ලොකු හාමුදුරුවන්ගේ හඩ ලලිතාගේ කන්බෙර අස්සෙන් ඒ අව්වස්සේ ඇසෙන්නට වන. "අර මිනාරයවත් පාරෙ යන්න ඇති ශුවර් එකටම. නැත්තන් ඔහොම එව්ව තාත්තා කියන්නෑනෙ. අනෙ අම්මපා මේ වගෙ කඩප්පුලියෙක් මේ ගමේ අස්සෙ තියාගෙන අපට සැනසිල්ලෙ ඉන්ඩ නැති හැටියක්" සිහි එලවාගත් ලලිතා කෝපයෙන් මුමුණමින් දඩස් බඩස් හඩින් පිගන් කෝප්ප සෝදන්නට වූයේ තමා ඉදිරියේ වූ සින්ක් එක පිටින් හෝ සිය කෝපය යවනු අටියෙනි. කඳුළු පාරක් හා මුසු වූ හොටු ඩිංගිත්තක්ද කුඩා ඉන්නෙකුගෙන් අරක්ගත් උඩුතොල තෙමා යන විට දකුණතින් එය පිසදා කලිසමේ අත පිසදමා ගත් පොඩි එකාගේ ඇඩිල්ල නැවතී උගේ ඉහට යලිත් කුතුහලයේ දූතයා වැහෙන්නට ගත්තේය. යලිත් හොර පූස් පැටියෙකු මෙන් ලලිල්තා වෙත ලං වී බෙල්ල දිගු කර සින්ක් එක දෙස බලා සිය මවගේ ඔරවාගත් මුහුණ දෙසද බැලූ පොඩි එකා දෙමාරුවට සින්ක් එකත් ලලිතාගේ මුහුණත් දෙස මද වෙලාවක් බලා උන්නේය. "ඇත්තටම අම්මෙ ඌ මාලු....." "පල යන්ඩ මෙතනින්" ලලිතාගේ හඩින් පොඩි එකා අඩියක් දෙකක් ඔඅස්සට විසි වී ගියේ බයටමය. අම්මාට මක් වූවාදැයි නිනව් නොවූ පොඩි එකාට තවත් පහරක් පිට මැදට පතබෑවෙනු දරන්නට තරම් මහත් වූ ආසාවක් නොතිබූ හෙයින් සුරුස් ගා එතැනින් මිදුලට පැනගත්තේය. "හෙට ඉස්කෝලේ ගියාම කාගෙන්හරි අහන්නෝන. තාත්තට කියල ඒ මාලුවෙක් ගෙන්න ගත්තොත් ටැංකියට දැම්මෑකි. ඌ ඇතිකරන ජාතියෙ එකෙක්ද දන්නෑ. අම්මෝ අම්මා බැන්නොත් තමා වැඩේ. " ______________________________________ මිනාර උන්නේ දුකින් හෝ වේදනාවෙන් නොවේ යැයි කිව හැකි දෙවියෙක් භූතයෙක් හෝ කුම්භාණ්ඩයෙක් පවා තව දුරටත් මෙලොව උන්නේ නැත. විශ්වවිද්‍යාලයේ කටුක මාසයකට තිතක් වෙනුවට කොමාවක් තබා ගෙදර අමාරුවෙන් හෝ බඩගෑම මිනාර සිරිතක් කරගෙන උන්නද සතියක් සතියක් ගානේ විත් වැඩි බස් වියදමක් දරන්නට තරම් සිය පොකැට්ටුව පෝසත් නොවූ බැවින් ඔහු මාසයක්ම අපහසුවෙන් ඉවසා උන්නේ බැරිම තැනය. පැය හතකටත් වඩා දිගු ඔරලෝසු කටු ආධිපත්‍යකට පසු ගමේ ලදරම් වූ පන අදිනා ලංගමයෙන් ගමට පයගහනවා වැනි අන් සැපක් මිනාරට තිබුනේ නැත. එහෙව් දවසක හිමි හිමින් ගෙදර දිහාට්ට අඩිය තබනා මිනාරව දුටු ජයතිස්ස මහත්තයාගේ කටින් බකස් ගා එලියට පැන කෙල පිඩක් හා බිම බදාගත් ඔහුගේ වචනය ඔහුගේ පපුවේ නහර වැල් තොගයක් එක සැනෙකින් චුරුස් ගා කපා දැමීය. "කොහේ ගියත් සැනසිල්ලක් නැති හැටි " තමාටම මුමුණා ගන්නවා විනා ඒ ගැන කියන්නට මිනාරගේ ගෙදර අන් අයෙක් උන්නේ නැත. ඉදහිට සිවිලිමේ දුවනා මකුලුවෙක් හෝ පාරේ එහෙ මෙහෙ ගොස් කැරකී එලිපත්තට ම බඩගානා බල්ලෙක් හැරුනු කොට එම නිවසේ අන් අයෙක් වී නම් ඒ මිනාර ම පමනි. ඉදහිටක පැමිනෙනා මිනාරගේ ආච්චි අම්මා වූ බණ්ඩාර මැනිකේ අහුමුලු අතුගා දූවිලි ගසා යන බැවින් මසකට පසු පැමිනුනා කියා මහ විසාල මට්ටමේ ආපදාවක් අත් නොවේ. "මේ සංසාර චක්කරේ කොච්චර නම් කියල ඇවිදපු මිනිස්සුද අපි? එක එක ආත්මේ මගෙ දරුවො වෙච්ච, මගෙ අම්මා අප්පා වෙච්ච මිනිස්සු අස්සෙ ජයතිස්ස මහත්තයටත් මොකක් හරි සංසාර නෑ කමක් මාත් එක්කත් ඇති" මිනාර අවසානයේදී හිතා ගත්තේ එහෙමය. හැමදාමත් පාහේ හිත හදාගත්තේද ඔහොමය. ඉස්සරහටත් හිත ................... "ඔන්න මම ගේ ඩිංගිත්තක් අස්පස් කොරල දැම්ම. කොහොමත් වැඩි දෙයක් තිබ්බෙ නෑ උඹ මාසයක් ගානෙ හරි එන හින්ද වෙන්ටැ" කිසිදාස ඔසරියකින් තොරව පාරට බැස නොගත් බණ්ඩාර මැණිකේ දකුණු කකුලෙන් මදක් නොන්ඩි ගසමින් විත් පුටුවක් මත පතබෑවුනාය. උන්දෑ උන්නේ මේ සතියේ මිනාර එනතුරු ඇගිලි ගනිමිනි. තමන්ටයි කියා උන් එකම පුතාගේ මරණයෙන් පහු උන්දෑට ඉතුරු වූ එකම ලේ ඥාතියා , සිය මුණුබුරා වූ මේ කැහැටු ඉලන්දාරියා දෙස බණ්ඩාර මැනිකේ බලා උන්නේ බිත්තිය වෑයමෙන් බදා අල්ලාගෙන උන් කණ්නාඩියෙනි. "ආච්චි අම්මා කාලා එහෙමද?" එක්කෝටි විසිපන් ලක්ෂ හතලිස්දාස් නවසිය අනූ අට වෙනි වතාවටද උන්දෑගෙ පපුව පිච්චී ගියේ වෙනදා වාගෙමය. මිනාර කට අරින හැම මොහොතකම පාහේ මේකාගේ කටෙන් එලියට පනිනා වචන වල ඇති ළද බොල තොදොල් ගෑණු ගතිය බණ්ඩාර මැණිකේගේ කනටත් වඩා පපුවටම විත් වදින්නේ දෙහි කටු වලටත් වඩා හීනියට ය, සැරට ය. මෙතෙක් වේලා තඩි බෑගයට ඔලුව ඔබාගෙන උන් මිනාර හිස ඔසවා බැලුවේ බණ්ඩාර මැණිකේට හීල්ලෙන හඩ ඇසීමෙනි. "ඇයි ආච්චි?මක් වුනාද ඔච්චර හූල්ලන්නෙ?" බණ්ඩාර මැණිකේ එකවරම මුකුත් කියන්නට ගියේ නැත. කොහොම කොතනින් පටන් ගන්නටදැයි නිච්චි නොමැතිවම ඇය මොහොතක් සෙල් පිලිමයක් මෙන් මිනාර දෙස බලා උන්නාය. "උඹ හැමදාමත් ඔය විදිහටම ඉන්ඩද හදන්නෙ?" වෑයමෙන් ආරම්භක වීරිය ගත් බණ්ඩාර මැණිකේ අසන විට ඒ ගැන මහා වැඩි වගක් නොවූ මිනාර සිය රෙදි පෙරෙදි අස් කිරීමෙහි යෙදුනේය. "ඒ කීවෙ? " "මම අහන්නෙ බොගෙන් හැමදාම ඔය වගෙ පැද්දි පැද්දි කතා කොරන්ඩද හිත හිතා ඉන්නෙ කියල" මිනර කිසිත් නොකියා හිනාවුනේය. ඊට පිලිතුර ලෙස ආවේ නැවතත් ප්‍රෂ්ණයකි "ඉතිං ආච්චි ඒ මගෙ හැටි කියලා ආච්චි දන්නැතුවද?" බංඩාර මැණිකේ නුරුස්නා බැල්මක් පටලවාගෙන දෑතම පපුව මතින් බැද ඉවත බලාගත්තාය "හැචි? හැචි තමා. ගමේ උන් කියන දහ පදුරු කතා අහන් කොහොමද බන් ඔහොම ඉන්නෙ? අර මහ ගෑණි උඹව කිරිසප්පයා කාලෙම දාල ගියායින් තමා උඹට ඔය ලෙඩේ හැදුනෙ" බණ්ඩාර මැණිකේගේ ඉහට මල යක්සයා ආරූඪ වෙන්නේ සිය ලේලිය සිහිපත් වීමෙනි. දරුවා ලැබී මාසයක් යන්නටද මත්තෙන් මදන විසය ගැසූ ඒකිට දරුවා ගැන වගක් වූයේ නම් මෙච්චර අපරාදයක් මේ හීනි කොලු පැටියාට නොවන වග කියමින් බණ්ඩාර මැණිකේගේ පපුව නිතර දෙවේලේ දොස් මුර තියයි. "මොන ලෙඩක් ගැනද ආච්චි ඔය දොඩවන්නෙ?" "උඹට... ඔය..." මොහොතකට බණ්ඩාර මැණිකේ වචන දෙක තුන ජබුක් ගා ගිල ගත්තාය. නැත. මෙව්වා එහෙව් ආකාරයෙන්හංගාගෙන ඉන්නට තරම් කාලයක් නොවේ. බණ්ඩාර මැණිකේ තැටමිල්ල පසෙකට දමා මිනාරගේ මූණටම කිව යුත්ත කියා දැම්මාය. "ඔය... ඔය ගෑණියෙක් වගෙ දගලන ලෙඩේ" මිනාර මුකුත් කියන්නට ගියේ නැත. කට පියන් උන්නා පමණි. ආච්චි අම්මාට ඔව්වා පහදන්නට යෑම කිරි සප්පයෙකුට වීජ ගණිතය උගන්වනවාට වඩා අමාරු බව මිනාර දන්නා බැවින්ම ඔහු කට පියාගත්තේය. ආච්චි අම්මාට කෙසේ වෙතත් මේ සිරි ලක් දීපයේ බොහොමයක් උන්දැලාට ඒ අමුතු විෂය නිර්දේශය උගැන්වීම උගහට වග මිනාර ඉන්තේරුවෙන්ම තේරුම් ගෙන උන්නේය. ඊට සතියකට දෙක්කට පෙර සිදු වූ යම් සිදුවීමක් කොහෙදෝ මුල්ලකින් මතු වූ මකුලුවෙකු මෙන් ඔහුගේ මතකයට ගලා ආවේ සිය බෑගය අස්සෙන් සුදු පැහැ බෑගයක් ඇදගන්නා විටය. බණ්ඩාර මැනිකේට එය නොපෙනෙන්නට මේසය මතින් තබා පසෙක වූ කමිසයක් ඊට උඩින් දැමූ මිනාර බිත්තියේ කොනක වූ ඇණයේ සිය බෑගය එල්ලා තැබීය. "මම යනව යන්ඩ . හවස දිහාට හැලප ඩිංගක් තම්බන් එන්නම්කො මම. පරිස්සමෙන් ඉදින් එහෙනම්" බණ්ඩාර මැනිකේ මිනාර පිලිතුරක් දෙනවා හෝ අසා නොසිට ගෙයින් දොට්ට බැස්සාය. උන්දෑට මේකාව අතෑරගන්න බැරි එකම හේතුව උපන් දා පටන් දරුවටත් වඩා ආදරෙන් හැදූ මුනුබුරා වීම වනු මිසක්කා උන්දෑ මිනාර අතහැර මේ වන විටත් බෝ කල් ය. ඇතැම් කිරිඅම්මලා මුණුබුරු මිණිබිරියන්ට තම දරුවන්ටත් වඩා සෙනේවන්තය. ඒ දරුකැක්කුම නොවේ. එහෙව් එකකට නමක් තිබිය යුතු වුවත්
එහෙව් හසරක් නොදත් බණ්ඩාර මැණිකේ ඊට කීවේ මුණුබුරු කැක්කුම කියාය. "එකාතකට මේ ලෝකෙ මැව්ව මහ බඹාටත් නියපොත්තෙ ඉදන් සමයං. උන්දැට තිබුනෙ ඔය පිරිමින්ට තියෙන ඊතලෙයි ගෑණුන්ට තියෙන පඩික්කමයි නැතුව මවන්ඩ. ඔය දෙක හින්දා නෙව මේ සේරම සමයං." විටෙක බණ්ඩාර මැණිකේ මලාට දැක නැති මහ බඹුගේ පලු අරියි. තවත් විටෙක ඊට අහුවෙන්නේ මිනාරගේ මවයි. "දරුවො වැදුව පලියට මේකෙ එකීලට අම්මල වෙන්ඩ පුලුවනෑ. පෙති දෙක කහනවට දරුවො වැදුවම ඕවගෙ පව් දරුවො පිටිනුත් එක්ක යනව. තූ විතරක් සක්කිලි ගෑණු" බණ්ඩාර මැණිකේ තනිවම මුමුණමින් බනිමින් පාර දිග ගාටන අතරතුර මූණට මුලිච්චි වූ හින්නි හාමිනේ දැකත් නොදැක්කා මෙන් යන්නට තැනුවද ඊට පෙර ඉක්මන් වූ හින්නි හාමිනේ පාරේ එහා මුල්ලේ සිට විදුලි වේගෙන් මෙහා කොනට ආවේ බණ්ඩාර මැණිකේ වෙත අමුතු හිනාවකින් දමා ගසමිනි. "මැනිකෙ අක්කා කොහෙ යනවදෑ මේ? අපිව දැක්කෙ නෑ වගෙ යනවනෙ" "අනෙ නෑ බන් මම මේ වෙන කල්පනාවක ආවෙ. පොඩි එකාව බලන්ඩ ගියා" තඩි බුලත් කෙල පහරකින් බොරලු පාරට ඔච්චමක් කල බණ්ඩාර මැණිකේ හිතේ වූ නොසතුට නොපෙන්වා අපහසුවෙන් සිනහවක ඉරක් මූණේ තවරගත්තාය. "ආ මට සමදරාව හම්බවුනානෙ බන් අක්කෙ ටවුන් එකේදි . පෙරේදා හවස" බණ්ඩාර මැනිකේගේ හිත තිගැස්සී ගියද ඇය එවගක් නොපෙන්වූවාය. කිරි සප්ප අවධියේම ලෙයින් උපන් දරුවා දමා ගිය ගෑණු ගැන අහන්නට උවමනාවක් නැතැයි කියා කියන්නට සිත් වුනද බණ්ඩාර මැනිකේ වැරෙන් සිය මුවේ බ්‍රේක් එක පාගා ගත්තාය. "ලස්සන කෙලි පැටික්කියෙකුත් ඉන්නව ආන්. ඕන්නම් ඇති යාන්තන් දහතුනක් විතර" බණ්ඩාර මැනිකේ කිසිත් නොකී තැන හින්නි හාමිනේ යලිත් දොඩවන්නට වූවාය. දත්මිටි කමින් කෝපයෙන් පැහෙමින් උන් බණ්ඩාර මැණිකේගේ ව්‍යාජ සිනහව එරවීමක් දක්වා උඩු දුවනු හින්නි හාමිනේ බලා උන්නේ හිත යට දගලනා සතුටකිනි. "අනේ ඉතින් මට අර කොලුවව මතක් වුනා. දාලා ගිහිල්ලා අලුතෙන් පවුල් පංසල් වෙලා උන් හිටි හැටි අමතක කරලා දාන්ඩ තරම් ගල් හිතක් අම්මෙක්ට තියෙන්න පුලුවන් යැ බන්. " හොද හැටි ලුණු ඇඹුල් නොදා කියනා ලතා වල රස බාල වග හින්නි හාමිනේ දන්නේ අත්දැකීමෙනි. ඉතින් ලද අවස්තාවේදී සිය ප්‍රතිභාපූර්ණ රංගන කුසලතාවයන් සහ ව්‍යුත්පන්න හැකියාවන් එක මිටට ගෙන සන්නද්ධ වූ ඇය බණ්ඩාර මැනිකේගේ ඇස් තුලට අනායාසයෙන් රිංගාගත් කෝපයේ එරවුම වැඩි වන දෙස බලා උන්නේ පුදුමාකාර සතුටකිනි. පංසලට ආධාරයක් කලායින් පසු උන්දෑගේ නම ලවුඩ්ස්පීකරෙන් කියවන විට දැනුනා මෙන් සිය ගුණයක සතුටක් හින්නි හාමිනේගේ ඇස් වල ඇදෙනු බලන්නට අහල පහල උන්දෙකු නොවීම අපරාදේ ය. ජීවිතේ ඔහොමය. හොදම කවි බණ රැගත් තොරණක ලයිට් ගියා වැනිය. "හින්නි හාමිනේ උඹ අහල තියේද මේ කාරණේ?" තවත් වරක් විට කෙල පොදක් බොරලු පාරට චුරුස් ගා අතහැරි බණ්ඩාර මැනිකේ හින්නි හාමිනේ දෙසට හෙලුවේ යක්ස බැල්මකි. හැකියාවක් තිබුනානම් ඒ වන විටත් හින්නි හාමිනේගේ දත් ඇදි දෙක බොරලු පාර ඉඹගෙනය . නමුත් එහෙම නරක වග බණ්ඩාර මැණිකේ අනෙක් අතට සිතුවාය. 'නහී වේරේණ වේරාණී- සම්මන්තීද මොකක්දෝ එකකි' කියා මතක තිබුනා මිස ඔය මහ පාලි ඉස්සර මෙන් උන්දෑට දැන් මතක හිටින්නේ නැත "මොකක්ද අක්කෙ?" "අනුන්ගෙ රෙදි ඕනවට වඩා අපුල්ලන්න ගියාම තම තමන්ගෙ අත් වලත් හම යනවැයි කියල?" හින්නි හාමිනේගේ රැස් චූස් ගා බැස ගියේ හුලං ගිය බැලුමයක් ඉදිකට්ටකින් හදිසියේම ඉඹගත්තාක් මෙනි . යස අපූරුවට ඔලුව අතගා තට්ටෙ හිල්වෙන්නටම තමා ටොක්ක ඇන්න බව බණ්ඩාර මැනිකේට පැහැදිලි වූයේ දීප්තිමත් සිනහවකින් සැරසී උන් හින්නි හාමිනේගේ මුහුන කලු වැහි වලාවකින් වැහෙනා විටය. "නෑ මං මේ නරකක් කියන්න ආවා නෙමේ අක්කේ... ඒ වුනාට..." "අද හවස ශාන්ති ඉස්කෝලෙ හාමිනේ හම්බෙන්නත් ඕනා. ඕං වැස්සකුත් එන්ඩ යන පාටයි. මම විගහට දුවන්නම් එහෙනම්" හින්නි හාමිනේ එතැනින් එහා දොඩන්නට මත්තෙන් බණ්ඩාර මැනිකේ කට්ට අව්ව පොළවට පතබානා අහස දෙස ඇස් හීන් කර බලා කියා හනි හනික ගේ පැත්තට අඩිය උස්සා ගත්තාය. හින්නි හාමිනේ ගස්සාගෙන පිටව ගියේ අහසටත් ,බණ්ඩාර මැනිකේටත් දෙන්නාටම ඔරවාගෙනය. "ගෑණුන්ට ගෑණු විදිහට ඉපදෙන එකම කොයි තරම් නම් අමාරු ඇතිද? හැම තැනම, වැඩිපුරම ඉන්නෙ උන්ගෙ රෙද්ද අස්සට ඔලුව දාගන්න දත කන පිරිමි. ගෑණුන්ට ජීවත් වෙන එක අමාරු ඇති. ඔව්, හොදටම අමාරු ඇති" බණ්ඩාර මැනිකේ පිටව යන තුරු ඉවසා උන් මිනාර උන්නේ එම කල්පනාවේය. හොදින් එබී බලනා කාට වුව ඔහුගේ දෑතට මිරිකී මෙලවී ගිය කාන්තා වස්ත්‍ර දකින්නට අපහසු නැත. ඔහුට ඒ දවස මතකය. තමන්ගේ ජීවිතයේ භයානකම සහ පීඩිතම මොහොත ඔහුගේ මනසේ පැරණි චිත්‍රපටයක සේයා රූ මෙන් ඇදෙන්නට විය. වෙනසකට වූයේ එහි උඩට පහලට දුවනා ති.නා අකුරු දෙක නොවීම පමණි. මිනිස්සුන්ගේ පපු කුහර වල විලම්භීතව අරක් ගෙන ඉන්නා මතක එහෙමය. උන් එලියට කඩා පනින වේලාව මෙලෝ යකෙකුට අනුමාන කල නොහැක. ඒවට මතකයන් යැයි කියන්නේ ඒකය. රිදුම් දෙන එව්වා වුවද සනීපයක් දැනෙනා එව්වා වුවද දෙකොටහින් මොන කොටහ හෝ පපුවෙන් පිටතට පපු කැවුතු හූරාගෙන පනින්නේ උන්ට උන්ට ඕනා වේලාවටය. ඔව්, මතක වලට මතක කියන්නේ ඒකය... ඒකමය... "ඒ වුනාට... එදා... එදා..." සිය ඉදිරියේ වූ කණ්නාඩිය දෙසට ඇස් උලුප්පාගෙන උන් මිනාරගේ පිරිමියෙකුට නොසරිලන රෝස පැහැ ගැන්වුනු සිහින් දෙතොල වෙව්ලන්නට වන. ඒ රාත්‍රිය ඔහුට අමතක කල නොහැක. අමතක වන්නේද නැත. "ඒ කවුද බන්?" "කෝ? මොන?" "අර අර අතන , කොනේම එකේ" ඇස් පොට්ට කර දැමිය හැකි තරමේ නා නා විධ වර්ණ ගිල ගත් ආලෝකයන් මිනිසුන්ගේ ගත මතට කඩාවැටෙන විට එම ප්‍රසිද්ධ , විසල් හෝටලයේ වේටර්වරයකු පසෙක හිදගෙන නිදහසේ කෝපි කෝප්පයක් බොමින් පසෙකින් පෙනෙන ගග දෙස බලා ඉන්නා තරුණියව පෙන්වා ඇසීය. ඔහු මුලින්ම දුටුවේ තරුණියගේ කිරි පැහැ දෙකකුල් දෙකය. මහ පෙරේතකමක් ඉහට ගහනා විට ඔහුගේ සගයා එයට බාදා කලේය. "කෝ දැක්කද?" "මොන?" "අර බන් අර ඉන්නෙ සුදු කකුල් දෙක එලියට දාගෙන. උඹ දැකල තියෙනවද කලින්?" " ම්හු... නිච්චියක් නෑ බන් . ක්ලබ් එකට ආපු කෙල්ලක් වෙන්නැති බන්. හැබැයි මරු ක...." "නෑ බොල බලපන් හොදට. ඒ කොල්ලෙක් නේද? ගෑණියෙක් විදිහට ඇදන් ඉන්නෙ? අර අර බලහන්කො... මූණෙන් පේනව ඒක ටිකක්" කටද විවර කොට බලා එසේ මිමිණූ වේටර්වරයාට වැරදී තිබුනේ නැත. කකුල් වලටම හිරවූ තරමක් කෙටි සායකින් සහ ඇගටම හිරවූ බලවුසයකින් සැරසී එහි හිදගෙන උන්නේ අන් අයෙක් නොව මිනාර මංචනායක නම් බණ්ඩාර මැණිකේගේ එකම මුනුඹුරාය. නමුත් දමාගෙන උන් බොරු කොන්ඩයත් මුහුණේ වූ ලාමක පෙනුම නිසාත් මිනාර , මිනාර ම ලෙස හදුන ගන්නට වේටර්වරුන්ට තබා කුඩා කල පටන් බලාගත් බණ්ඩාර මැනිකේටවත් බැරිය. තරමක් කෙසග කොලුවෙකු වූ මිනාරට ඕනෑම ඇදුමක් ඔට්ටුය. මේ ඒ හිත ආසා කල විදිහය. මේ ඒ හිතට උවමනා වූ දෙය ය. ඔව්, ගැහැණියක ලෙස හැඩ වී ලෝකයාට හොරෙන් හෝ ජීවිතයේ එක් දවසක් විදීමට මිනාර එම විසල් හෝටලයට ආවේ ජීවිතයේ විවිධාකාර නැවුම් දේ අත්විද බලන්න ආශාවෙන් දතකන්නා වූ මනුස්ස ආත්මයක් ලෙස මිස පිරිමි කයක් තුල සිරව ආයාසයෙන් හුස්ම ගන්නා ගැහැණු හිතක් ලෙස නොවේ. "කිව්වත් වාගෙ ඔව්නෙ බන්. අඩෙ එච්චර හැඩ ක..." "කද නෙමේ බොල මොකද කරන්නෙ?" "ඇයි උඹ තව මොනා හරි ටේබල් එකට අරන් යන්නද යන්නෙ? මොනා නැතත් ශෝඕඕඕඕක් ක..." "පිස්සුද බොල උඹට?" "ඇයි මොකෑ?" " මොකෑ නෙමේ. මොකද කරන්නේ? මූව එලියට දානවද?" අනෙකා විමසුවේ කලබලයෙනි. යම් හිරකිතක් ඔහුගේ පපුවේ සදාචාරාත්මක ලේ පැසවාගෙන යන අතරතුරදී අනිකා සිය ආශාවේ සමචතුරස්‍රාකාර කාමරයට දොරගුලු ලා ඔහුට අනතුරු ඇගවීය. "කටවහන් ඉදපන්. කවුරු හරි ලොක්කෙක් දැකල ඌම ඕකට අත තියනකන් ඉවසපන්. නැත්තන් මොකක් හරි වුනෝතින් එහෙම ඒකටත් ඔලුවෙ කෙස් ටික ගහෙන් ගහට ගැලවෙන්න බනින්නෙත් අපටමනෙ. දැක්කෙ නෑ වගෙ ඉදින්. මේ ලෝකෙ පොඩි මිනිස්සු කියන්නෙ හරියට පාන් පෙත්තක් වගෙ බන්. ඒක සැන්විච් එකක් හදනවද නිකන්ම පරිප්පු හොද්දක් එක්ක කාලා දානවද කියන එක අපට තීරණේ කරන්ඩ බැරි බව විතරක් මේක අස්සෙ වැඩ කරනකන් ඔලුවෙ තියාගනින්. තේරුනාද?" සිය සගයා කියූ දේට හිස වනා අනෙකාද ඉවත බලාගෙන සිය වැඩ වල නිරත වන විට කෙටි රත් පැහැ සාය මදක් පහලට අදිමින් බ්ලවුසයද සකාගන්නා අතර තරුණියක සේ ඇද පැලගත් මිනාර උන් තැනින් හෙමි හෙමින් නැගිට සෝපානය වෙත අඩිය තැබූවේ දැඩි කරගත් මුහුණෙනි. ඔහුගේ මූණේ වූයේ වැරෙන් පිටතට පනින්නට ඉඩ නොතියා යම් තීරණයක් සිය ඔලුවට ඔබා ගත් තැනැත්තෙකුගේ නාරී පෙනුමකි . මූණේ ඇතැම් ඉරියව් නොවන්නට මිනාර තණිකරම තරුණියකි. දෙවරක් නොසිතාම මෙම තරු පහේ හෝටලයේ එක් පසෙක වූ රාත්‍රී සමාජ ශාලාව වෙත රිංගා ගත් මිනාර නා නා විධ ආලෝකයන් දෙස ඔරවා බැලීය. "පාට පාට ලෝක හදන එකත් මිනිස්සුන්ගෙ වැඩක්. ඒවාට මුලු ආත්මයම පූජා නොකර ඉන්න එකත් මිනිස්සුන්ගෙ වැඩක්. මගෙ අම්මා, උඹ මාව දාල ගියෙ මෙහෙම පාට පාට ලෝකෙක හම්බෙච්ච මිනිහෙක් වෙනුවෙන් කියල හිතද්දි මේ සේරම බිමට සමතලා කරල දාන්ඩ හිතුනත් මම ඉවසනව අම්මා. උඹට මේක අස්සෙ මාව දාල යන්ඩ තරම් පෙනුනෙ මොකක්ද කියල මම හොයාගන්නම් " පසෙක වූ විස්කි වීදුරුවක් අතට ගත් මිනාර නිසොල්මනේම බිත්තියක් අසලට හේත්තු විය. 'මමවත් උබට බරක් නොවී ඉන්නම්' යැයි කියන්නට මෙන් ශීතල බිත්තිය මිනාරගේ උනුසුම් සිරුරේ හේත්තුව දරාගන්නා අතර මෙම පාට පාට ලෝකය අතර දෑස් මං මුලා කරගත් මිනාරට විටෙක මැවී පෙනෙන්නේ ඔහුගේ අම්මාවය. මෙවිසල් ලෝකයට ආසක්ත වූ අම්මාට සරල ජීවිතයකට ලොබ බැදි අප්පච්චිව නිකමෙකු මෙන් පෙනෙන්නට ඇත. විසල් මහ ගෙදර අතහැර තමන්ගෙම සිහිනය වූ කුඩා හුරුබුහුටි නිවසක් තනාගත් මිනාරගේ පියා හා නිරන්තරයෙන් රණ්ඩු වන්නට අම්මාට හේතු සැපයූ කාරනා දෙකක් විය. එකක් නම් එම නිවස කුඩා වැඩිය යන්නයි. අනෙක නම් දැන්ම දරුවෙකු හදන්නට බෑ යැයි ඇගේ මනසේ වූ දෝංකාරයයි. අප්පච්චිටද හොරෙන් දාහක් ජාති වල පෙති බී හසුවූ අම්මා ගැන ආච්චි කියනා කතා අදටත් මිනාරට ඉදහිට බණ්ඩාර මැණිකේගෙන් ඇසේ. "දැන් ඉතින් මගෙ එකම පුතාට අයිති හැම ද
ෙයක්ම අයිති වෙන්නෙ කොහොමත් මයෙ පුතාට තමා. යසයි සේරෝටම කලියෙන් අර ගෑණිට දික්කසාදෙ උවමනා වෙච්චි එකත්. ඒත් දෙයියනෙ පොඩි මහත්තයත් උන්නනම්... එතෙකින් එහා කිසිත් නොදොඩාම බණ්ඩාර මැණිකේ අකාලේ මියගිය සිය එකම දරුවා සිහි කරමින් හඩා වැටෙයි උන්දෑගේ වයසක පපුවට මේ සිදුවනා බොහොමයක් දේ උවමනාවටත් වඩා බර වග මිනාර දනිතත් කිසිවක් කරගත නොහී හූල්ලනවා ඇර මිනාරටද කරන්නට දෙයක් නැත. කෙසේ වුවත් ඉතිරි වූ ධනස්කන්ධයේ හැම අගලක්ම , අස් කොන් වල සිට මිනාරට අයිති වීම බණ්ඩාර මැණිකේට සැහැල්ලුවක් ගෙන දුන්නද මිනාරගේ චරියාව බණ්ඩාර මැණිකේගේ පපුවේ මහා වණයක් බවට පත් වී තිබුනි. උන්දෑට වැඩිපුරම තිබුනේ බයකි. මේ සියල්ලම නාස්ති වී යාදෝයි යන බයත් , මිනාර ඔලුව හැරුනු අතක යාවිදෝ යන බයත් ඇරෙන්න බණ්ඩාර මැනිකේට මාරයා විත් තට්ටු කලද බයක් නැත. "මට ඔය දේපල වලින් වැඩක් නෑ ආච්චි අම්මෙ" මිනාර එසේ කියනා කල බය පරයා බණ්ඩාර මැනිකේට මල යකා ආවේශ වෙයි. "එහෙම කියල කොහොමද බන් මේ පරම්පරා බූදලේ බල්ලට දාන්නයැ." "ඉතින් මට ඕවට ආසාවක් නෑනෙ" "අනෙ මේ විකාර දොඩවල මට පපුවෙ අමාරුව හදවන්නැතුව ඉදපන් " එපමනය. ඒ එතෙකින් එහාට කතා කරන්නට තහංචි වගට මිනාරට කල අනතුරු ඇගවීමකි.මෙයාකාර කල්පනාවක ගිලී උන් මිනාරට දැනුනේ තමාට පිටුපසින් විත් හේත්තු වූ යමෙකුගේ රළු අතක ස්පර්ෂයකි. නාගයෙකු මෙන් ඔහුගේ උරහිස් දිග විත් ඉන අසල නතර වූ එම රළු දෑත පිරිමියෙකුගේ වග හදුනාගන්නට මිනාරට අමුතු ජීව විද්‍යා පාඩම් අවැසි වූයේ නැත. "හේයි..." ඔහුගේ රළු හඩ මිමිණුමක්න් විත් මිනාරගේ කන් පෙත්ත අස්සෙන් දුව යන විට ඔහුගේ මුවින් එලියට පැනගත් අමුතු කුයිලකින් මිනාරට දැනුවත් කරන ලද්දේ 'මම නාගසලං වන්නට ගසා සිටිමි' යන්නයි. මිනාර කෙතරම් අපහසුතාවයට සහ බියට පත් වී උන්නේද යත් උන් තැනම මුල් ඇද්දාක් මෙන් නොසෙල්වී දත්මිටි කාගෙන උන්නා මිස අඩියක් හෝ ඉදිරියට තබන්නට දහිරියක් ඔහු තුල වූයේ නැත. "යූ ලුක් සෙක්සි හාහ්" ඔහු යලි යලිත් වරින් වර කොදුරයි. තම අතේ වූ වයින් වීදුරුව උදලු මිටකටත් වැඩි තදින් මිරිකාගත් මිනාර කුමනාකාර ඉලව්වක් වන්නට යනවාදැයි සිතාගත නොහී පාෂාණිභූතව සිටියදී මුහුණක් හෝ නොපෙනෙන මෙම නාදුනන්නාගේ වමත තඩි කුරුමිණියෙකු මෙන් මිනාර හැද උන් කෙටි සායේ ඉන අසලින් සාය තුලටම ගමන් කලේය. තවත් තත්පර කීපයක ප්‍රමාදයකට පසු මිනාරගේ යටි කය සිය වමතේ ගෑවුනු වහාම එම වමතේ හිමිකරු කෑ ගසාගෙන ඉවතට පැනගත්තේ විසල් සර්පයකු අතගෑවුනාක් මෙනි. ඔහු කෙතරම් බියෙන් කෑ ගැසීද යත් සමාජ ශාලාවේ සියල්ලෝම තක්බීරි වී උන් මිනාරත් වමතේ හිමිකරුත් දෙස බලා සිටියදී සිය ලැජ්ජාව මොකකින් හෝ වසාගන්නට උත්සාහ කරමින් වැටුනු තැනින් දනිපනි ගා නැගිටගත් වයස හතලිහක පමන වූ එම මිනිසා කෝපයෙන් වෙව්ලමින් මිනාර දෙසට දකුණතේ දබරැගිල්ල උරුක් කර කෑ ගැසීය. "තෝ... තෝ... පො///යා ... මෙන්න මූව මේකෙන් එලියට දාපල්ලා. මූ මගෙ... මගෙ ඇගේ ඇලෙන්න එනවා.ඕ ශිට්... ජරා බ/ල්/ලා. මුන්ව මොකාද අයිසෙ මේක ඇතුලට ගත්තෙ?" පන්සලේ ඝන්ඨාරය ළගට රිංගාගත් විට එම හඩ දෝංකාර දෙන්නාක් මෙන් එම මිනිසාගේ වදන් සිය කන පතුලේ බෑගිරි තලන්නට විය. "මේ හැම ඉලව්වක්ම පිරිමි ඇගක් එක්ක ඉපදිච්ච හින්දනම් මට මේ ලබ්බ තියාගෙන මක් කරන්ඩද? මම මක් කරන්ඩද යකෝ? මම ඉපදෙද්දිම මගෙන් 'උඹට මේක දෙන්නදැ" අහල දුන්න එකක්ද මේක? උත්තර දීපල්ලා මට" මිනාර බෙරිහන් දුන්නේය. ඇද උන් කලිසමේ ඉදිරිපසින් වූ සිය පිරිමි ඇග මිරිකාගනිමින් කෑ ගැසීය. එවිටම මහා වේගයකින් හුස්ම ගනිමින් මිනාර කුස්සිය වෙත දුව ගොස් දිගු මස් කපන පිහියක් අතට ගත්තේය. ඇද උන් කලිසම ගලවා විසිකර සිය යටිකය වමතට ගත් මිනාරට යලි යලිත් එවදන් ඇසෙන්නට විය. ඔහුව රාත්‍රී සමාජ ශාලාවෙන් පිටතට ඇද දැමූ අයුරු සිහිවිය. මග එන විට ඇසුණු ජයතිස්සගේ අතුල් පහරක් බදු වදන් ද වේදනාවේත් ලැජ්ජාවේත් රාක්ෂයන්ව පෝෂණය කරන විටදී ඉහලට එසවූ පිහිය ඉතා වේගයෙන් පහලට පහත් විය. දෙවන කොටසට... (කොටස් තුනකින් යුතු කතාවකි)අහස් නිල් පාට ස්ලීම් ෂර්ට් එකේ එක ඉරක් පේන්න නෑ. අඩුත් නැති වෙන්න වැඩිත් නැති වෙන්න ෂේප් කරපු රැවුල මුහුණට ගෙනත් තිබුණෙ හරි අපූරු පෙනුමක්. තනුරිත් ඉඳලා ඉඳලා අල්ල ගත්තු කොල්ලා මරු මනමාලයා ආවා කියලා ආපු ආරංචියට තකහනියෙ වැඩ පැත්තක දාලා සාලෙට එබිලා යන ගමන් මට හිතුනා. "අඩේ මේහ් ඌ හෙන හැන්ඩියා ඈ...." හා.. හා.... පුරා කියලා මනමාලයාට බුලත් හෙප්පුව අරන් යන්න ලෑස්ති වෙන තනුරිට මම කිව්වේ එක ඇහැක් වහන ගමන්. ඒක කිව්වාම ඇස් වපර කරලා කට පොඩ්ඩක් ඇද කරලා මං දිහා බලපු තනුරි සාලෙට ගියෙ නම් අහිංසක නම්බර් වන් මුහුණ දාගෙන. තනුගෙ නංගිගෙ කර උඩින් නිකට තියාගෙන මම උන්නෙ ඊළගට දෙන්නාගේ කොමලේ කොහොම වෙයිද කියලා හිත හිත . තනු කියපු විදිහට මේ ලව් හුටපටයට තවම හරියට මාසයක් නෑ .ඇත්තම කියනවා නම් මම දැනගෙනත් තවම සතියක් වගෙ. එන්න කිව්වාම මාත් තකහනියෙ ආවේ මනමාලයාව දකින්නත් එක්ක. හැබැයි ඉතින් මුන්ට ඒකවත් හරියට කරගන්න බැරි වෙලා ගෙදරට මාට්ටු වෙලා . එක දැනගත්තු ගමන් තාත්තා කියලා අතන මෙතන කතා කර කර ඉන්න ඔයලා පුංචි ළමයි නොවන නිසා අම්මා තාත්තා එක්ක ගෙදර එන්න කියන්න කියලා. ඒ අස්සේ තනුරි ගිහින් එතන ඉඳන් හිටපු සම්පූර්ණයෙන් රැවුල ෂේව් කරපු අහිංසක කොල්ලාට හෙප්පුව දුන්නා. තනුරිගෙ තාත්තා එක්ක ලොකුවට කතා කර කර හිටපු අර නිල් ෂර්ට් කාරයා උන් දෙන්නා දිහා බලාගෙන ඇස් පුංචි කරලා හිනා වුනා . අඩේහ් මම හිතුවෙ අර අහස් නිල් ෂර්ට් එක මනමාලයයි කියලා. මුකුත් හිතාගන්න බැරුව අන්දුන් කුන්දුන් වෙලා හිටපු මම තනුරිගෙ නංගිට කිව්වා. මගේ හැටි දැකලා ද මන්දා ඒකි බක බක ගාල හිනා වුනෙ සාලෙටත් ඇහෙන තරම් සද්දෙට "ඔහොම හිනා වෙන්ඩ එපා හලෝ අර මිනිස්සු බය වෙයි" මම එහෙම කිව්වේ පැනලා මධුමිගෙ කටත් වහගෙන. කොහොම හරි ඉතින් තනුගෙයි සදිෂ් අයියාගෙයි මංගල්‍යය තීන්දු වුනා. මම මනමාලයා කියලා රැවටිලා තිබුනෙ සදිෂ්ගෙ යාළුවා වුන සපුනකට. ඕක කිය කිය සමහර දවස් වලට තනු මට වදේ ගැහුවා. ඇත්තටම ඊට පස්සේ මොන හේතුවක් නිසා හරි මට ඒ අහස් නිල් ෂර්ට් එක අමතක කරන්න බැරි වුනා. කසාදයක් ඕනේම නෑ කියන අදහසකින් හිටිය මම නොදැනුවත්වම දකින දකින හැම පිරිමි ළමයාගෙන්ම අහස් නිල් ෂර්ට් එකව හොයන්න ගත්තා. ගත වුන අවුරුදු දෙකක විතර කාලේ පුරාම මම කොහෙ හරි දකින මොනම පිරිමි ළමයෙක් දිහා වුණත් හොරාට හොරාට බැලුවෙ එයා අහස් නිල් ෂර්ට් එක වගේද කියලා. හැබැයි මගෙ හිතේ තිබුණ ඒ හැඟීම කාටවත්ම අඟවන්නෙ නැති වෙන්න මං පරිස්සම් වුනා. අඩු ගානේ තනුරිටවත් ඒ ගැන විශේෂ සඳහනක් නොකර හිටියෙ මගෙ තියන ලොකු කමට වෙන්න ඇති. හැබැයි ඒ කාලේ නිකමට හරි එයා කා එකක් හරි සම්බන්ධයක් තියනවා කිව්වා නම් මගෙ හැසිරීම කොහොම වෙයිද කියලා පස්සේ කාලෙකදි හිතුන වාර අනන්තයි. "ඒයි මේ අපි සැප්තැම්බර් බඳිනවා තවුසේ තමයි මගෙ බ්‍රයිර්ස්මේඩ් හරිද ? ඔන්න දැම්ම කිව්වා. ලෑස්ති වෙන්ඩ වෙයි." හදිසියේ දවසක කෝල් කරපු තනු එහෙම කියන ගමන් කිව්වේ උඹෙ අහස් නිල් ෂර්ට් එක තමයි දෙවනි මනමාලයා කියලා. ඇත්තම කතාව නම් ඒ වෙලාවේ ඒ ගැන මහ ලොකු අමුත්තක් මගෙ හිතේ ඇති නොවුන එක. සප්‍රයිස් ඩාන්ස් එහෙම පුරුදු වෙලා කරන්න පුඵවන් තරම් ඔක්කොම මගුල් නටලා අපිත් ඉතින් තනු ඇන්ඩ් සදිෂ් ගෙ වෙඩිමට සූදානම් වුනා. තනුගෙ අනිත් දෙවනි මනමාලිට හිටියේ තනුගෙ නංගි. දෙවනි මනමාලය එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්. ඒක නිසා එතන කපල් දෙකක් හිටියා. මායි සපුනකයි විතරයි එහෙම නොවුනෙ . මාර ඩිසන්ට් පෙනුමක් තිබුන සපුනක කියන්නේ යාළු වුණාම තනිකර පිස්සෙක්. ඒකා ඉන්න තැනක හිනා සාගරයක් මැවෙනවා. පොඩ්ඩක්වත් පාළුවක් නම් නෑ . ඔය කාලය අතරතුරදී අපි දෙන්නාත් එහෙම සාමාන්‍ය යාළුවෝ වෙලා ඉවරයි. අන්තිමට ඉතින් මඟුල් දවස උදා වුණා. ෆොටෝ ගන්න ගිය වෙලේ ඉඳන් කැමරමන්ගෙ ඈන්ගල් වලට ඉන්න වුණේ කපල් එකට විතරක් නෙමෙයි. ඇදේට ඉන්න, රුයිතෙට ඉන්න කියන කියන හැටියට අපිටත් එක එක ඈන්ගල් වලට ඉන්න වුණා. එක කකුලක් උස්සන් බාගෙට වැටෙන්න වගේ ඉන්න ගිහින් තව පොඩ්ඩෙන් දොන්ත පතොන් ගාලා වැටෙන්න ගිය එක බේරුනෙ සපුනක මාව පැනලා අල්ලගත්තු නිසා. ඒක අතකට ඒක තමයි මේ හැම දේටම මුල වුණේ. හම්මෝහ් මෙයාගෙ බර කියලා මාව කෙලින් කරපු සපුනක දිහා මං බැලුවෙ ලැජ්ජාවෙන් . ඔක්කොම වැඩ කටයුතු ඉවර වුණාට පස්සේ තනිවුනු වෙලාවක් බලලා සපුනක ආවා මං හිටපු තැනට. "මේ විදු....මම කිව්වාට ඔයා එච්චර බර නෑ. මට පුළුවන් ඉතින් ඉදිරි ජීවිත කාලේ ම ඒ බර දාරාගන්න." "පිස්සුද අනේ" මම කිව්වේ හිනාවක් එක්ක, ඒක විහිලුවක් කියලා හිතාගෙන. "පිස්සුයි කියන්නේ ඇයි, යකෝ වැටෙන්න නොදි අල්ල ගත්තාටද?? හරි නම් ස්තූතියි කියන්න ඕනේ, ඒ වෙලෙ ඒක කිව්වෙත් නෑ. හැබෑට ඔයාට ඒවා උගන්නලා නැද්ද??" ඩිසන්ට් පෙනුමයි පිළිවෙලයි හිනාවෙන ඇස් දෙකයි එක්ක මොකට මෙහෙම කටක් පිහිටියාද මන්දා. සපුනක ගැන මට එහෙම හිතුනෙ ප්‍රථම වතාවට. "හරි දැන් ස්තූතියිනෙ කියන්න ඕනේ ඔන්න ස්තූතියි කිව්වා" කට ටිකක් ඇද කරලා මම එහෙම කිව්වේ කේන්තියෙනුත් එක්ක. "ෂික්....ඒ ස්තූතියෙ කැත. නරකද ටිකක් ෆීලින් එකක් එන විදිහට ඕක කිව්වා නම්" "ඒ කිව්වේ" " ස්තූතියි ඔයාට සපු, ඒ වෙලාවෙ ඔයා නොහිටියා නම් මම බිම වැටෙනවා සුදු, වගෙ ඩයලොග් එකක්" "විකාර ද අනේ මොනවද ඔය කියවන්නෙ" මම ඇහුවෙ කේන්ති මුහුණක් මවා ගන්න ගමන්මයි. "මේ වගේ තැනක විකාර කරන්නෑ මැණිකෙ ඒවා ඉතින් පස්සේ හෙමිහිට ...ඔයායි මායි විතරක් තනි වුණ වෙලාවක බැරියෑ." ඒකා එහෙම කිව්වේ මහා මගඩි හිනාවකුත් දාගෙන. මොන යකෙක් ද මන්දා මූ, මේ කියන කතා වලට කොහොමද ඉතින් උත්තර " දෙන්නෙ. ඒ වෙනකොට නම් මගේ සීමාව අගිස්සටම ගිහින් හිටියෙ මම හිටියෙ රවා ගත්තු ගමන්. "ඒ ගමන මේක කෝලමක් වුනානෙ" කිසිම හිනාවක් නැතුව මම කිව්වේ රාවාගෙන. "එහෙම නෙමෙයි මැණිකේ ඔය වම් අත මට දෙන්න. බලන්න ඒකෙ වෙදැඟිල්ල. ඒක පාලුවට ගිහින් තියන වි
දිහ. මං දාන්නම් ඕකට රත්තරන් වලින් කැරට් 24ක මුද්දක්." "දැන් නම් ඇති සපුනක. මේ විකාර වලට සීමාවක් තියෙන්න ඕනේ. මම එහෙම කිව්වේ ඇත්තටම කේන්තියෙන්." "හරි ඉතින් දැන් ඇති. මාත් කියන්නේ ඇති කියලා තමයි. අපි බඳිමු. හෙට මං ඔයලගෙ ගෙදර එන්නම්. මොකද කියන්නෙ?" කිසිම කලබලයක් නැතුව සපුනක ඒක කිව්වේ ඇස් වල හිනාවක් පුරවගෙන ස්ථිර කටහඬකින්. කිව්වත් වගේ ඊට පහුවදා මේ යකා ඔෆිස් ඇරෙන ටයිම් එකට බස් හෝල්ට් එකේ. මම ඇස් කරකවලා බැලුවෙ දඬුමොණරේ කොයිද කියලා. "ආ බයික් එක ගැන හිතන්න එපා සුදු, මම අද ආවේ ඒකෙ නෙමෙයි. මොකද නගින්න කිව්වාට ඔයා කවදාවත් ඒකට නගින්නෙ නෑනේ. ඒක දන්න නිසා මම අද පොදු ප්‍රවාහන සේවය භාවිතා කරා" යකෝ මූව කන්න එපෑනේ. මාව විහිලුවකට අරගෙන තියන හැටියක් හැබෑට. එහෙම හිත හිත මම සපුනකට කට ඇද කරා. "හරි හරි කොහොමත් තව ටික දවසකින් ඔයා මාව අනුභව කරනවා කියලා දැනගෙන ඒකට හිත හදාගන්න තමයි ඉන්නෙ. ඉතින් ඇයි හදිසි ඒකට" ඒ පාර මූ මගේ හිත කියවන්නත් පටන් අරන්. "අනේ සපුනක විහිළු කරන එකේ සීමාවක් තියනවා" මම එහෙම කිව්වේ මහා කරදයක් කියලා ඇස්වලින් පෙන්නන ගමන්. "ඔයා ඔහොම කිව්වාට මේවා විහිලුත් නෙමෙයි. ඔයා මේවාට අකමැතිත් නෑ කියලා මං දන්නවා" සපුනක කිව්වේ මගෙ කතාවයි බැල්මයි සත පහකට මායිම් නොකර හිනා වෙවි. ඊට පස්සේ ආපු බස් එකෙ නැගලා මටත් එක්ක ටිකට් ගත්තු සපුනක මම බහින තැනින් බැස්සාම නම් මට ටිකක් බය හිතුනා. " දැන් ඔයා අපෙ ගෙදර එන්නද හදන්නේ" මම එහෙම ඇහුවේ ගෙදර එයි කියලා බයටමයි. "නෑ නෑ මැණිකේ මම දැන් යනවා. මේ ආවේ ගේ බලාගන්නනෙ. සුදුසු විදිහට සෙනසුරාදා හවසට මම ගෙදර එන්නම්" ඒ සිද්ධිය වෙලා අවුරුද්දකුයි මාස තුනකුයි ගෙවිලා ගිහින්. අද මම නැකතට ඒ එපා කරපු කටකාර නිල් ෂර්ට් එක එක්ක පෝරුවේ නගිනවා. අනේ හැබෑට ඒ වගේ මගෝඩිස් කෙනෙකුට මොකට හිත ගියාද මන්දා මගෙත්... ෆොටෝ ෂූට් එකට යන්න කාර් එකට ගොඩ වෙන අතරතුරෙදිත් මට කල්පනා වුනෙ ඒක. රසිකා නවරතForce Traveller මෙහේ මිනිස්සු මේකට කියන්නෙ Tempo car කියල. ඊයෙ හවස අපි පැය දහයක් පුරා ෂිම්ලා ඉඳල මනාලි වලට ආවෙ කිලෝමීටර් 250 ක දුරක් ගෙවාගෙන. කඳුකර පාරක අති විශාල බිංගෙවල් පහු කරගෙන විවේක ගනිමින් එද්දි ඊට වඩා වේගයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. අපි ගමනට තෝරගත්තු සංචාරක බස් රථය ඉන්දියාවෙ සංස්කෘතික ලක්ෂණ වල මූණතක් වගේ කියලයි මට හිතුනෙ. ඒක පුරාම නිල් පාට කහපාට විවිධාකාර විදුලි එළිවලින් ආලෝක කරලා TV සවිකරලා, විශාල තිරයක් තියෙන bluetooth setup සහ Speakers සවිකරලා තිබ්බා. ඒවා නිශ්පාදකයා විසින්ම මිස පසුව සවිකරපුවා නෙමෙයි. තියෙන්නෙ රියදුරු අසුනට විරුද්ධ පැත්තෙ එකම එක දොරක් විතරයි. ඒ දොරෙන් ඇතුලට එන තැන තියෙන්නෙත් අකුලන සීට් එකක්. පිටුපස බෑග් අසුරන කොටසෙ තියෙන්නෙ බෑග් අඩු වෙලාවට මිනිස්සුන්ට වාඩිවෙන්න හදපු අකුලන දිග සීට් එකක්. හදිසියකදි වාහනේ මූණත කොටස අනතුරකට ලක් වුනොත් පිටවෙන්න ක්‍රමයක් නැතිම තරම්. වැදගත්ම දේ මේකෙ ඉන්ධන ටැංකි දෙකක් තියෙනවා, එකකට දාන්නෙ CNG (Composed Natural Gas), අනිකට ඩීසල්. දවස් කීපයක කඳුකර පළාත්වල පැය විස්සක විතර ගමනක් පුරාවට ඉන්ධන පිරෙව්වෙ එකම එක වතාවක් විතරයි. රටේ අවශ්‍යතාවයසම්පත් වලින් උපරිම පරිභෝජනය ගැනීම විනා (Maximum Consummation) පුද්ගල ආරක්ෂාව (Safety) නොවෙන රටකට මේ වාහනය ඉස්තරම් කියලයි මට හිතුනෙ. සමීර බෝපගේකෙටි කතාවක්.... අඩකුඹු මල් ------------ ස්වර්ණමය වූ සූරිය කදම්බ, උඩුබැද්දේ වෙල් යායට අනවසරයෙන් වැදී මැදි විය පහුකොරන ගොයම තිරිහන් කොරන අපූරුව හිටිහාමි හරි අසාවෙන් බලා සිටියේය.හීන් මීදුම කපාන හරි ආඩම්බර කොමකින් තම ආදිපත්‍ය පතුරන ඉර එළිය කාටවත් පාච්චල් වෙන්නේ නැති හැටි සිහි කොරමින් ඔහු හිනැහේ.. ඒ හිනාව අස්සේ ඇත්තේනම් ආඩම්බර කොමක් නෙමෙයි.. අසරණ කොමක්.. මේ මිනිස්සු කාටවත් නැති අන්දමේ ආඩම්බර කොමක් ඉරට තියෙනවායැයි ඒ හිනාවේ කොහෙ හරි තැනක සිත්තම් වී ඇත... ස්වේත මීදුම වෙල් යායෙන් හෙමින් හෙමින් පල්ලම් බහිද්දී රන්වන් එළි කදම්බ අස්සක් මුල්ලක් නෑර රිංග රිංගා තම රාජකාරී කොරන්ඩ සැරසෙයි..උඩ හනුවේ දත් යටි හනුවේ වැදි වැදි උඩැක්කි ගහන තරමේ හීතල තඹේකට මායිං නැති ආරච්චි තැන කළු කබායත් නැතුවම බස්තම ඇන ඇන නියර දිගේ සක්මන.. "අපේ ආරච්චිත් හරියට ඉර වායේ...ඉරට නොයන්ඩ හැකි තැනක් නෑ වායේ ආරච්චිටත් මේ තුලානේ යන්ඩ එන්ඩ බැරි තැනක් නෑ..කබායවත් තුවායවත් නැතුව මේ ගාටන්නේ කොහෙන් නමුත් රත් වෙන්ඩ තමයි මයේ හිතේ..." තනියම කල්පනා කොරන හිටිහාමි පිට දී සිටි ලෝලු ගහෙන් ගෙඩියක් කඩාන ඈතට විසි කළේය.. වෙල මැද්දේ ගලන ඇළ පාරට වැටි එහි දිය බිඳිති කීපයක් ඉහළට එසවෙන හැටි ඔහු දුටුවේය.. ඒත් එක්කම එතැන හැංගිලා හිටි කොක්කු කාණ්ඩයක් හනි හනිකට ස්ථාන මාරු කලේ උන්ගේ බාසාවෙන් අසභ්‍ය වචන හෙමත් කියාගෙන යැයි හිතමින් හිටිහාමි අයෙත් හිනැහෙයි.. අකුරු සාස්තරේ ඉගෙනගන්ඩයි කියලා අන්දරවැවේ ඉස්කෝලේට වරුෂ දෙකක් ඉතර ආව ගියායින් ගමේ අනික් උන්ට එහා යමක් ලියන්ඩ කොරන්ඩ හිටි හාමිට හැකියි..ඒත් ඉතින් ඒ හැකියාවෙන් කොරන්ඩ දෙයක් තමයි මේ තුලානේ නැත්තේ.. "කුරුණෑගල උසාවිය අද්දර මේසයක් පුටුවක් තියාගත්තනං උඹට ඔය අකුරු සාස්තරෙන් වැඩක් ගන්ඩැහැකි..දොහකට පෙස්සම් දෙකක් ලියා ගත්තත් මොකෑ.." කඩමන්ඩියට ගියපු වෙලාවට හිටිහාමිට නොවරදවා අහන්ඩ වෙන දෙබස.. බෝයිලෙරුවට වතුර දමමින් හැමදාම ඔහොම කියන කරුණෙ මුදලාලි උන්දැට ඕනෑ ලියුං,පෙස්සම් හෙම හිටිහාමි ලව්වා ලියාගනියි.. "මට ඔය පෙස්සම් කෙරුවාව ඒ හැටි යාදෙන්නෑ මුදලාලි.." "අර මොකෑ...." "හොඳක් කොරන්ඩ හිතාන ලියන පෙස්සම් හෙමත් නැතුව නෙමෙයි.. ඒත් වැඩිමනක් ඇත්තේ කාට නමුත් අංචියක් අඳින්ඩ බලාන ලියන එව්වා නොවැ.." "සත්ත කරුණාව ඉහේ තියන් අද කාලේ හරියට වසන්ඩ බෑ කොල්ලෝ.. එක එකා ගැන හිතන්ඩ බැරියෑ මුලින්ම තමුන් ගැන බලාගන්ඩ එපැයි. " කැරුණේ මුදලාලි නමින් කැරුණේ වුණාට මොකෝ ඔහොම තමයි වැඩ.. කොහොමින් හරි අන්තිමට හිටිහාමි කොහෙත් නොගිහින් ගමේ ඇති උන්ගේම කුඹුරු කොරන්ඩ ගත්ත.. ලියන්ඩ කොරන්ඩ වගේම කැත්ත උදැල්ලත් හුරු හන්දා කෝක කළත් වැඩේ පංකාදුවට කොරන්ඩ උන්දැට පුළුවන් වුණා.. ඔය අල්ල පනල්ලේ තමයි හිටිහාමිගේ හඳුන්පොතේ ආලවන්ත අදාස් පීදෙන්ඩ වුනෙත්.. මතක් කොරද්දී කට කන ලඟට ඇදෙන හිනාව හිටිහාමිගේ මුණ හැඩ කළේය. මනමාල කොමකින් මුළු මුණම පිරී ඉතිරී යයි.. පෑලිස්ගේ බාල කෙල්ල පේමවතී හැබෑටම හැඩ කෙල්ල. හැඩ ඉතරක්ම නෙමෙයි ගති සිරිත් වුණත් වරදක් කියන්ඩ බැරි පදමට තිබ්බ. එව්වා ඔක්කොමත් එක්ක පෑහුණු හිටිහාමිගේ ගති මේ දෙන්නව බැල්මෙන් දෙකෙන් එක්කාසු කොරන්ඩ සමත් වුණා.. "ආලවන්තකං හිත් පල්ලේ තියාන දෙන්න දෙපැත්තේ නහින්ඩ ඕනයෑ.. දොහක් බලලා එක වහලක් යටට යමව්." පේමවතිගේ අප්පොච්චා නිතරම එහෙම කියනවා.. "ඒ වුණත් ඉතින් හිතුමනාපෙට එව්වා කොරන්ඩ ඇහැකයි.මෙදා අස්වැන්න ගෙට ඇන්න ඊළඟට පුළුවන් ඒක කොරන්ඩ..ඇරත් මං කුරුණෑගල පෙරකැ්දෝරු තැනකට ලියුමක් දැම්මා ලියන රස්සාවකට. පත්තරේ ප්‍රවෘත්තියක් දැකල. දන්න අකුරු සාස්තරෙන් මොකක්නමුත් කොරන්ඩ එපැයි අර කැරුණෙ මුදලාලි කියන්නැහේ.. "අස්වැන්න කොහෙවත් යනවැයි හිටිහාමි ළමයා.. රස්සාවක් කොරන්ඩ කුරුණෑගල යන එකනම් පංකාදුයි.. මේවායේ එකාලාට පේන්ඩත් එක්ක..එව්වා වෙලාව ආ හැටියේ සිද්ද වෙයි...එහෙමයි කියලා මෙව්වා එහෙම පරක්කු කොරන්ඩ එපා.වැරදුනොත් හෙම අපිට‍ දොස් පරොස් තියන්ඩත් එපා.." "එහෙම කොහොමෙයි කතිකා කොරගෙන තියන එව්වා වරදින්නේ.." "වරදිනවට කියනවා නෙමෙයි ළමය..වෙන්ඩ පුළුවන් දේවල් මං මේ කියන්නේ.. දැන් දොහක් දෙකක් කෙල්ල එහා මෙහා යද්දීන් ආරච්චිලා කෝනිත්තමක් දෙකක් කොරලා තියෙනවා කෙල්ලට..දන්නවනේ උන්දැගේ කැරැට්ටුව.." "ඕවට ආවොත් තමයි ආරච්චිලා මේ හිටිහාමිව අඳුරගන්නේ.." "මෙතන උරුම්පුට්ටු වෙන්ඩ එපා හිටිහාමි.. අපිට‍ පුළුවන් හරියක් තියෙනවා නොවැ. ආං ඒ ගානට තමයි අපි උඩ පයින්ඩ ඕනෑ.. කෝකටත් පරිස්සම වටිනවා. ඔය ආරච්චියාගේ ඇස් බවලතුන්ට නිතර වැටෙන්ඩ තියන්ඩ නාකයි.ඕකා හිච්චි සන්දියේ හිට නෙවෙද අප දන්නෙ අඳුරන්නේ... මේ තුලානේ ඕකගෙන් ගැලවෙච්ච ඇහැට කනට පේන ගෑණු හරි හිඟයි ළමයා." එව්වා මට කාරී නෑ.. හැබැයි මගෙ පේමවතී දිහාවේ එහෙව් නාක විදියට බලන්ඩ ආවෝත් එදා තමයි මේ හිටිහාමි....." "හා හා..... දැන් ඇති දැන් ඇති.. කොරන්ඩ ඇහැකි හොඳම දේ තමයි මං ඔය කීවේ.." පෑලිස් අමුඩේ ඇද ඇද වෙල දිහාට ගියායින් ඒ කතාව අහවර විය.. "මොකෑ නගා ආරච්චිලා කෝනිත්තමක් කොලැයි කියන්නේ.. අප්පොච්චා කියනකම් මං හාන්කවිසියක් දන්නෑ නොවැ.." "මං ඉතින් අයියණ්ඩිට එව්වා කියන්ඩ ගියේ නෑ.. ආරෝවට යයි කියලා බයට.." "අරෝවට යන නොයන එක මයේ වැඩක්.. හැබැව් මින් මනත එහෙව් ඒවා මට කියන්ඩ ඕන.. නැත්තම් මං දන්නෑනේ මේකේ වෙන දේවල්.." හිටිහාමිගේ සැර වචන කීපයට පේමවතී ගල් ගැසුනාය.. ඇගේ අතේ තිබූ තේ කෝප්පය වේගයෙන් ගත් හිටිහාමි එය බීගෙන බීගෙන ගියේය... "මං යනවා..." "ඔය මං එක්ක අමනාපෙන්ද.." කිසිවක් නොකී හිටිහාමි පෑලිස් ගිය මගේම ගෙහුං වෙලට බැස්සේය.. පිලේ හිටගෙන ඒ දෙස බලා හිටි පේමවතීගේ ඇස් රත් පැහැ ගැන්වී තිබිණි.. ඒත් එක්කම කවුදෝ කාරන හඬක් ඇසී ගැස්සී ගිය පේමවතී අනෙක් පසට හැරුණාය... "දෙයියෝ..... ආරච්චි තැන...." ඇයට කියවිනි... "මොකෑ කෙල්ල කොටි හැපුවෙක් දැක්කහේ මයේ දිහා බලන්නේ.." ආරච්චිගේ මනමාල හිනාව සහ පෙරේත බැල්ම දෙස බලාහිටින්නට තරං හයියක් පේමවතීට නොවිණි.. ඇය බිම බලාගත්තාය.. "කෝ උඹලෑ මහ එකා.." "අප්පච්චි වෙලට ගියා.." සිහින් හඬින් අසිණි.. "වෙන කවුද ඉන්නේ මේක අස්සේ.." ආරච්චි ගේ දිහාට තම බස්තම දික් කොරමින් ඇසුවේය.. "කවුරුත් නෑ ආරච්චි මහත්තයෝ.." "උඹ තනියමද එහෙනං..." ආරච්චි මදක් ඉදිරියට ඇවිද එමින් ඇසුවේය.. එවරනං පේමවතී හිටියටත් වඩා වෙව
්ලන්න විය.. "කෝ උඹලෑ මහ එකී එතකොට.." "අම්මා පල්ලෙහා.. පොල් අතු ඇහිඳින්ද ගෙහුං.." "ඕකි කොයි වෙලේ හරි මට මුලිච්චි වෙද්දෙන්කෝ... කොච්චර කිව්වත් රිංගන්නේ වලව් වත්තටමයි..මගෙනම් කාරියක් නෑ ලොකු මැණිකේ දැක්කොත් ඕකි කම්මුතුයි.." "නෑ ආරච්චි මහත්තය.. අම්මා ගියේ පන්සල් වත්තට.. ලොකු උන්නාන්සේ අවසර දීලා අම්මාට පන්සල් වත්තෙන් පොල් අතු ඇහිඳින්ඩ.." "එහෙනං දැන් ඒකිට පන්සල් බත් ලොකු ඇති.. ඒවායේත් තියෙන්නේ අපේ හැලි වල ඉදෙන බත්ම තමයි කියලා ඒකිට අමතක ඇති හෙනං.." "ඉන්ඩ ආරච්චි මහත්තය මං අප්පච්චිට කතා කරන්නං.." "එපා එපා.. ඒ මිනිහා වැඩක් කොරපුවාවේ... උඹ මට ගෙනෙන් බොන්ඩ වතුර ඩිංගක්.." අයෙත් වෙල දිහාවේ බැලු පේමවතී ගේ ඇතුළට නොයා එළිය පැත්තෙන් කුස්සියට ගියාය.. වේව්‍ල වෙව්‍ලා වතුර කොතලය අතට ගද්දීම ඇගේ ඉඟ දෙස සීතල වී ගියාය..තිගැස්සුන පේමවතී අතේ වූ කොතලය බිමට වැටී කැඩී බිඳී විසිරී ගියේ නිමේෂයකිනි.. "මේ මොකෑ ආරච්චි මහත්තය... පිස්සුද..." "මට පිස්සු නෑ බොන්ඩියේ.. මාව අවුස්සගන්ඩ තනන බොටයි පිස්සු.." "ආරච්චි මහත්තය දැන් නොගියොත් මං කෑ ගහනවා.." "මොකෑ උඹ කෑ ගහන්නේ ආණ්ඩුකාර තැනට ඇහෙන්ඩද.. බොල මේ තුලානේ මට හයිරම් පාන්ඩ එකෙක් ඉන්නවද.. තෝ දැනගිය මට විරුද්ධ වෙච්ච එකියක් මේ තුලානේ යහතින් ඉන්නේ නෑ. ඉඳලත් නෑ.. තෝ මොකීද..." "පල්ලෙහා ලියද්දේ හිටිහාමි අයියණ්ඩි ඉන්නවා.. මං කෑ ගහනව දැන් ආරච්චි මහත්තය නොගියොත්.." පස්සෙන් පස්සට ගිය පේමවතී කුස්සියේ මැටි වරිච්චි බිත්තියට හේත්තු විය.. බොල තෝ කෑ ගහල ගෙන්නුවයි කියලා ඌ මට මක්ක කොරන්ඩද.. කෑ ගහල ගෙන්නපිය හෙනං. ඕකව මං මිනී මරුමකට ඇහුකෝරල ජිවිතේටම බෝගම්බර යවලයි පස්ස බලන්නේ... ආං එක දැනගං.." "අනේ ආරච්චි මහත්තය මට යන්ඩ අරින්ඩ.." ඒක තමයි බොල මේ කියන්නේ.. මං ලඟට වර.. ඩිංගකින් බොට යන්ඩ දෙන්නං.. මේ බලාපිය මගෙ මොනවද අඩු කියලා තෝ පිං කොරන්ඩ ඕන ආරච්චි තැනක් එක්ක මෙහෙව් හරි යමක් කොරගන්ඩ..." "අනේ ආරච්චි මගෙ තාත්තා වගේ.. මං ලඟදි හිටිහාමි අයියණ්ඩි එක්කල යන්ඩ ඉන්නේ.. අනේ මට නාකක් කොරන්ඩ එපා..." "මොකක් බොල... තාත්තා වගේ.. හිටු තොට මං පෙන්නන්ඩ ඒ ගෙරිය වගේද කියලා මම..." ආරච්චි තව ඩිංගක් ඉදිරියට විත් පේමවතීගේ අතකින් අල්ලා ගෙන ඇයට ලං විය. බිම බලාගෙන දඟලන පේමවතීගේ මුහුණ බලනේ සිපගන්නවාත් සමගම හේ ආපසු ඇදී ගොහින් කුස්සියේ දොරකඩ පත බෑවිනි.. බය බිරාන්තයෙන් දෑස් වසාගෙන හිටි පේමවතී හීන් සැරේ ඇස් ඇර බලනකොට යසවතී මන්න පිහියත් දෝතින්ම අල්ලන් හති ලයි... "අම්මේ...මේ මොකෑ කෝලේ..."දෑස් විසාල කොරගෙන වෙව්ලමින් ආරච්චි ලඟට ගිය පේමවතී ආරච්චිව අනෙක් පස හරවා බැලුවේ අම්මා උන්දැගේ කොතනට මන්නා පාර දුන්නේදැයි බැලීමටය.. එහෙව් ප්‍රහාරයක් එල්ල වී නැත.. ඇය අයෙත් අම්මා ලඟට පැන්නාය.. හීන් සැරේ ඇස් හැර වට පිට බැලු ආරච්චි කුස්සි උළුවස්ස අල්ලාගෙන නැගිට්ටේය.. "එහෙනං උඹ මට එහෙම කරා යසවතී..." "ඈ බොල තෝ හිතුවේ තොට මේ හා පැටියා නහන්ඩ දීලා නොදැක්ක ගානට ඉන්ඩයි කියලාද.. ඇරත් තෝ මිනිහෙක්ද.." "කට වහපිය පරට්ටි.. මං මිනිහෙක්ද නැද්ද තෝ නොදන්නවයි.. ඇයි තෝ මැරිලා ඉපදුනාද..." "ඒ හන්ද තමයි ආරච්චියෝ මං මේ කියන්නේ.. තෝ මේ අහිංසකී එක්කල බුදියෑවත් එකයි වලව්වේ පොඩි මැණිකේ එක්ක බුදියෑවත් එකයි.." "මොකක්ද වල් බැල්ලි තෝ ඒ කියෙව්වේ.." "වරෙන් වැලි පිල්ලේ ලියල තේරුම් කොරන්ඩ බොට... තවත් නොතේරුනනං..." යසවතී වෙව්ලයි..ඇගේ බැල්ම දෙස මොහොතක් බලා හිටි ආරච්චි එකවරම බිම බලාගත්තේය.. අයෙත් හීන් සැරේ ඉහ උස්සා පේමවතී දෙස බැලුවේය.. "එතකොට තෝ කියන්නේ..." "ඔව්.. තෝ හරකෙක් නෙමෙයිනම් තොට තේරෙන්ඩ එපැයි.. තෝ නොදන්නවා වුණාට මේ වගේ දස කඩප්පුලි වැඩ තෝ කොතෙක් කරලා තියනවද බල්ලෝ.. ගුරුත්තේගෙදර සොබනිටත් තෝ දරුවෙක් දුන්නා නොවෙද.. සොබනි කාගේද තෝ දන්නවද... පර බල්ලා.." "සොබනි........" ආරච්චි වෙව්ලයි... "ඒත් තොගෙම ලේ.. වල් ආරච්චිය අදත් තෝ ඒකම නෙවේද කරන්ඩ තැනුවේ.." "අපුච්චේ..." ආරච්චිගේ දෑස් බොඳව ගියේය.තද දුඹුරු පැහැති කම්මුල් දිගේ ඒ කඳුළු කඩා හැලෙන්ඩ විය.. වහාම බස්තම අහුලාගත් ඔහු ඇහි පිය ගහන පමාවෙන් නොපෙනී ගියේය..හිටි තැනම බිම හිඳගත් පේමවතී හඬන්නට විය.. "උඹ මං එක්කල අමනාප වෙන්ඩ එපා දුවේ.. අද උඹ වෙනුවෙන් මං ආවට එදා මං වෙනුවෙන් කවුරුත් ආවේ නෑ.. යසවතී පේමවතී ලඟින් හිඳගත්තාය.. පේමවතී පැන තම මෑණියන් බදාගෙන හඬන්නට විය.. "මෙව්වා කාටවත් කියන්ඩ යන්ඩ ඕන නෑ කෙල්ලෙ.. එකෙන් උන්ට නෙමෙයි අපිටයි අවැඩක් වෙන්නේ.. දැන් ඕවා අමතක කරලා වැඩක් පලක් කරගනින්... " තරමක් දිග හුස්මක් හෙළු යසවතී නැගිට එළියට ගියාය.. ## "වෙලට ගිය මාමයි බෑනයි තාමත් නෑ නොවැ.. වෙනද එනවනේ කුසගින්දරයි කියලා... කෙල්ල බලාපං වෙල දිහාට ගෙහුං ඩිංගක්..." "යන්ඩ ඕන නෑ.. ආං හිටිහාමි අයියණ්ඩි එනවා.." "මොකෑ බලාපං ඒ කොලුවා අච්චර කලබලේ.." යසවතී සහ පේමවතී මිදුලට පැන්නේ හිටිහාමිගේ වේගය වෙනද නොවන තරම් නිසාවෙනි.. "මොකෑ මේ...." "ආං ආරච්චි ගඟේ ගෙහුං... කටුකුරුන්දෙන් මිනිය හම්බෙලා තියෙන්නේ.. ඒ හැටි වෙලාවක් නෑලු පණ ගෙහුං... " "ඒක ඒ මිනිහගේ වෙලාව..එව්වා අපට කාරී නෑ.. මේ ළමයට ආව ලියුං කඩදාහිය දීපන් දුවේ... යසවතී අයෙත් හැරෙමින් කීවාය.. "මෙහෙට මොකෑ මට ලියුං එන්නේ.." හිටිහාමි හිනැහෙමින් ඇසුවේය.. "පියුං ගුණේ අයියා මෙතනින් යන ගමං මං දැකල මට දීගෙන ගියා අයියණ්ඩිට ලියුමක් තියෙනවයි කියලා.." "මොකක්ද අයියණ්ඩි.." "කුරුණෑගල උසාවියෙ පෙරකැ්දෝරු මහත්තයෙක් උන්දැ ලඟ ලියන වැඩේට මට එන්ඩයි කියලා.. ඉන්ඩ ගෙදරකුත් යන්ඩ කරන්ඩ බයිසිකලේකුත් දෙන්නං කියලා.. නගා මනාපනං යං..." ලියුම අයෙත් නවා කවරේට දාන ගමන් හිටිහාමි කීවේය.. පේමවතී හිනැහුනාය.. පිළෙ හිටි යසවතී ඊටත් වැඩියෙන් හිනැහුනාය.... ..නිමි.. සූරී..Aussi අයිශා - 16 කොටස "ආනේ එහෙමද?.." "ඔව්.....මේ දවස්වල ගොඩක් බිසී..අද උදෙත් ඕඩර් එකක් ඉවර කරලා ආවේ....කිසි නිදහසක් නෑ අනේ..." "ඔයා ඔය ස්වීට් බිස්නස් එක පටන් අරගෙන දැන් ගොඩක් කල් වෙනවද?..." "ම්ම්ම්...දැන් අවුරුදු තුනකටත් වැඩියි. මට කලින් පටන් ගත්ත අය, මට පස්සේ පටන් ගත්ත අය ගොඩක් හිටියා. ඒත් දැන් මේ ස්වීට් බිස්නස් වැඩේ කරන්නේ මායි තව දෙතුන් දෙනෙකුයි විතරයි. එයාලටත් ඉතින් ගොඩක් වෙලාවට යන්නේ, වෙලාවක් නැතිව මං අත අරින ඕඩර්ස් තමයි. මං ස්වීට් ජාති විතරක් නෙමෙයි අනිත් කෑමත් හදලා දෙනවානේ. ඉතින් වැඩ වැඩියි." ආයෙ කතා දෙකක් නෑ ශුවර් එකටම මේ මනුස්සයා දැන් ඉරිසියාවෙන් පුපුරන ගමන් ඉන්නේ. උඩින් ලස්සනට හිනාවෙවී හිටියට හිතින් මට බනිනවත් ඇති. මේ පාටි එකට බර්ෆි හැදුවට දිගටම මේ වැඩේ කරන්න තියාගන්න එපා කියලයි ඔය මට නොකියා කියන්න හදන්නේ. මෙයා හිතනවා ඇති මං මේ පුරුදු වෙන්න බර්ෆි හදනවා කියලා. අපෙ තාත්තගේ ස්වීට් කඩේ ගැන මට කියන්නත් හිතුනා. ඒක තමයි පේශාවර්වලටම තියෙන හොඳම ස්වීට් කඩේ. ඒත් ඉතින් ඇහුවොත් කියනවා ඇරෙන්න බලෙන් ඕවා කියන්න මට පුරුද්දක් නෑනේ. ඉර්සාගේ පම්පෝරි කතා වලට මූනිච්චාවට හිනාවෙවී ඉන්න එක මට හොඳටම එපා වෙලයි තිබුණේ. මේ මනුස්සයාව මෙතන දාලා වෙන තැනකට යන්නත් බෑ. ඇවිල්ල ඉන්න අනිත් අයව මං අඳුනන්නෙත් නෑනේ. මොකද කරන්නේ කියලා හිත හිතා ඉන්නකොට මගෙ වෙලාවට එතෙන්ට රංගි ආවා. "ආ....අයිශාට යාළුවෙක් හම්බෙලා තියෙන්නේ...අයිශා එන්න කලින් ඉර්සා හදපු පකිස්ථාන් කෑම තමයි මං ට්‍රයි කරලා තිබුණේ. ඉර්සා දන්නවද අයිශාත් ඔයා වගේ නියම ශෙෆ්. ඔයාලා දෙන්නා පකිස්ථානෙ එකම පැත්තෙද?.." කොහෙද ඒවා අහන්නවත් හම්බුණේ නෑනේ. හම්බුණ වෙලාවේ ඉඳලා ඉර්සා එයාගේ බිස්නස් එකේ පම්පෝරි ගහ ගහනේ හිටියේ. "මං ලාහෝර් වල, අයිශා කොහෙද?" ඒ පාර ඉර්සා මගෙන් ඇහුවා. "මං පොඩි කාලේ හිටියේ පේශාවර් වල. හරියටම කිව්වොත් පේශාවර් වල ඉඳලා පොඩි දුරක් ඇතුලට යන්න ඕනි. මැරි කරාට පස්සේ කරච්චි වලට ආවා.." "ආ....පේශාවර් කියද්දි මතක් වුණේ...ඉර්සා දන්නවද අයිශාගේ තාත්තාට එහෙ ස්වීට් කඩයක් තියෙනවලු. පේශාවර් වල ෆේමස් කඩයක්ලු. අයිශාට ගිහින් තියෙන්නෙත් තාත්තගේ අත්ගුණේ වෙන්න ඇති." රංගි හිනාවෙලා කිව්වා. "ඔයා කොහොමද දන්නේ?..." මං ඇහුවා. "බර්ත්ඩේ ටේබල් එකේ තියෙන ඔයාගේ බර්ෆි ටික දැකලා යසිරු තමයි මට කිව්වේ...මසර් එයාට කියලා තියෙනවලු...ආ...ඔන්න මගෙ මතකෙ. මං මේ ආවේ ඔයාලා දෙන්නට සාලෙට එන්න කියන්න. යමු ඔක්කොම ඇවිල්ල ඉන්නේ. කේක් එක කපන්න වෙලාව හරි." රංගි මගෙ අතින් අල්ලගෙන මාව එක්කගෙන ගියා. ඉර්සාත් අපිත් එක්කම ආවා. මසර් තාත්තගේ කඩේ ගැනත් කියලා. පුදුමයි. මාත් එක්කනම් කවදාවත් තාත්තගේ කඩේ ගැන කිසිදෙයක් කතා කරන්නේ නෑ. ඒකට විකාර වැඩ කියන්න ගිහින් එක සැරයක් මගෙන් බැණුමුත් අහගත්තනේ. ඒ වුණාට පිට මිනිස්සු එක්කනම් කඩේ ගැන හරි ලොකු කතා කියලා තියෙන්නේ. පේශාවර් වල ෆේමස් කඩයක් කියලත් කියලා. අනෙ අම්මේ මේ මනුස්සයගෙ වැඩනම් වෙලාවකට මට හිතාගන්නත් බෑ. කේක් එක කපන වෙලාවෙත් මං හිතුවේ මසර් ගැන. මාත් ඉර්සා වගේ මෙහෙ බිස්නස් එකක් පටන් ගත්තොත් මසර් කැමති වෙයිද. කරච්චි වලදිනම් ඕවා අහන්න ගිහින් එයාගෙන් හොඳටම බැණුම් අහගත්තා. ඒත් ඉතින් මේ පකිස්ථානේ නෙමෙයිනේ. මසර් කැමති වුණේ නැත්තේ තමන්ගේ ගෑනිගෙන් කන්න බෑ කියලනේ. දැන් එහෙනම් ඔය නසීර්ගේ වයිෆ් ඉර්සාත් යස අගේට හම්බකරන්නේ. මුලදි පොඩ්ඩක් කෑගැහුවට පස්සේ මසර් කැමති වෙයි. පාටියට ආපු අය බර්ත්ඩේ කේක් එකටත් වඩා ආසාවෙන් කෑවේ මං හදපු බර්ෆි. කේක් එකට වඩා කැපිලා පේන්නේ බර්ෆි කියලා රංගි කිව්වා. පොඩි අය විතරක්නම් බැරියැ ලොකු අයගේ ප්ලේට් වලත් මගෙ බර්ෆි කෑල්ලකට වැඩියෙන් අනිවාර්යයෙන් තිබුණා. කෝකටත් මං බර්ෆි කෑලි පනහකට කිට්ටු වෙන්න හදාගෙන ආපු එක හොඳයි. නැත්නම් රංගි කියපු ගාණ එහෙම හදන් ආවනම් මදි වෙනවා. කට්ටිය පිඟන් වලට බර්ෆි බෙදාගන්න දිහා බලාගෙන ඉඳලා රංගිත් මට ඒක කිව්වා. "අනේ මේවා පුදු
ම රහයි...කිරිම කිරි රහයි" "මේවගේ ලස්සන...කන්න හිතෙන්නෙත් නෑ....රෝස පෙතිත් දාලා.." "මං දැකලා තියෙන්නෙම කොටු හැඩේට වගේ කපපු බර්ෆි. මේ විදියට කටර් වලින් බර්ෆි හදලා තියෙනවා දැකලම නෑ.. හරිම රසයි..." එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් හැමෝම හරියට මගෙ බර්ෆි වර්ණනා කලා. එක්කෙනා දෙන්නා කවුද කියලා මං අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඔව් ඔව් නසීරුයි ඉර්සායි තමයි. දෙන්නා හොඳටම බය වෙලා ඇත්තේ මං නිසා එයාලගේ බිස්නස් එකට ප්‍රශ්නයක් වෙයි කියලා. හැබැයි ඉතින් අපරාදේ කියන්න බෑ නසීර්ගෙයි ඉර්සාගෙයි පොඩි කොලු පැටව් දෙන්නානම් හරිම ආසාවෙන් බර්ෆි කෑවා. පුංචි ඕෂිත් එක්ක මං ළඟට ඇවිත් බර්ෆි වලට තැන්ක්‍යූ කියලත් කිව්වා. පොඩි උන් මහ උන් වගේ නෙමෙයිනේ. පොඩි උන්ගේ හිත් හරි ලස්සනයි අවංකයි. හිතේ තියෙන දේ එහෙම්ම කියලා දානවා. එහෙදිවත් මං හදපු කෑමකට මෙච්චර ප්‍රශංසා ලැබිලා නෑ. ගෙදර ගිහින් තාත්තාට කෝල් කරලා කියන්න ඕනි විස්තරේ. තාත්තට හරියට සතුටු හිතෙයි. මේ වෙලාවේ කට්ටිය මගෙ බර්ෆි වලට කියන දේවල් අහන්න මසරුත් මෙතන ඉන්න තිබුණේ. අට හමාර විතර වෙද්දි රෑ කෑම ලෑස්ති කරලා තිබුණට මසරුයි හොටෙල් එකේ තව දෙතුන් දෙනෙකුයි එන්නෙ නමයෙන් පස්සේ නිසා එයාලා ආවම කමු කියලා හැමෝම කිව්වා. මසර් එද්දි නමයයි විස්සයි. ඒත් එක්කම වගේ ඉතුරු අයත් ආවා. ඔක්කොම ඩියුටි ඕෆ් වෙලා ඇවිත් තියෙන්නේ. "මොකුත් අවුලක් වුණේ නෑ නේද?.." මසර් මගේ ළඟින් වාඩි වෙන ගමන් මගෙ කණට කරලා ඇහුවා. මං මොනාත් නොකියා මසර් දිහා බලලා හිනාවුණා. ටික වෙලාවකින් යසිරු ඇවිත් මසර්ව එක්කගෙන ගියා එයාලගේ පිරිමි යාළුවෝ ළඟට. මං වාඩිවෙලා හිටියේ රංගියි එයාගේ යාළුවොයි එක්ක. ලංකාවේ අය තමයි වැඩිපුර හිටියේ. තව ඔසී කෙනෙකුත් හිටියා. එයාගෙ නම චාලට්. චාලට් තමයි මසර් වැඩ කරන හොටෙල් එකේ හෙඩ් ශෙෆ්ගේ වයිෆ්. ඉර්සාත් හිටියා. එයා ඉතින් මං එක්ක කතා කරනවට වඩා අනිත් අයත් එක්ක තමයි කතා කළේ. එයාලා ඉතින් දන්න කියන අයනේ. මමනේ මෙහෙට අලුත් කෙනා. හැබැයි ඉතින් රංගියි අනිත් අයයිනම් හැම කතාවකටම වගේ මාවත් හවුල් කරගත්තා. එයාලා කතා කරන වේගෙට සමහර දේවල් මට තේරුණෙත් නෑ. හැබැයි ඉතින් මං කොහොමහරි එහෙන් මෙහෙන් කතා කරන ගමන් හිනාවෙවී හිටියා. මසර් කෑම කෑවේ හොටෙල් එකේ එයාගේ යාළුවෝ එක්ක. ‍හැබැයි ඉතින් සැරින් සැරේ මං දිහාත් බැලුවා. රංගිගෙයි එයාගේ යාළුවොන්ගෙයි කතා අහගෙන එයාලත් එක්ක හිටපු නිසා මසර් ළඟට වෙලා හිටියේ නෑ කියලා මට ගාණක් ගියේ නෑ. ශ්‍රී ලංකන් කෑම වේලක් තමයි රංගියි යසිරුයි හදලා තිබුණේ. මං පළවෙනි වතාවට මේ වගේ කෑම ටිකක් කෑවේ. මෙතන ඉන්න අනිත් අයනම් ඒවා කලින් කාලා තියෙනවා කියලා එයාලා කියන දේවල් වලින් මට තේරුණා. මේ කෑම මට අලුත් නිසා රංගි මං කෑම බෙදාගන්නකොට ළඟට වෙලා මේසේ තියෙන කෑම ගැන එකින් එක කිව්වා. "මේ තියෙන්නේ කොත්තු... ඔයා පරාටා දන්නවනේ අයිශා...අන්න ඒවා හීනියට කපලා කැරට්, ලීක්ස්, කැබේජ්, චිකන් එහෙම දාලා තමයි හදලා තියෙන්නේ." රංගි පෙන්නපු කොත්තු එක දැක්කමනම් මට ආස හිතුනා. ඒක හරිම රස පාටයි. තව ශ්‍රී ලංකන් ටේස්ට් එකට හදපු පාස්තා එකකුත් තිබුණා. මං ඒ දෙකෙන්ම බෙදාගත්තා. එතන චිකන් කරි දෙකක් හදලා තිබුණා එකක් ටිකක් සැර අඩුවෙන් අනික සැරට කියලා රංගි කිව්වා. සැර අඩු චිකන් කරිය හදන්න ඇත්තේ ඔසී අයටයි පොඩි අයටයි වෙන්න ඇති. මං නම් ඉතින් සැර එකෙන් බෙදාගත්තා. මොකෝ අපි සැර කාලා පුරුදු නැති අයද නෑනේ. හැබැයි ඉතින් ඉර්සානම් සැර අඩු චිකන් කරිය තමයි බෙදාගත්තේ. මට ඉස්සරහින් හිටියේ ඉර්සා නිසා එයා බෙදාගන්න ඒවා මට පෙණුනා. මෙහෙට හුරු වෙලා දැන් අපේ විදියට සැරට කන්නත් බැරිද කොහෙද. ඒකට මට හිතින් හිනාත් ගියා. කෑම ටිකනම් හරිම රසට තිබුණා. ඉර්සා සැර අඩු චිකන් කරි එක බෙදාගත්ත හේතුව මට තේරුණේ පස්සේ. අපි උයන කෑම වලටත් වඩා ශ්‍රී ලංකන් අයගේ කෑම සැරයිනේ. අපිට වඩා එයාලා සැර කනවා කියලා මසර් කියපු කතාවත් මට මේ අස්සේ මතක් වුණා. හැබැයි සැර වුණත් ඒ සැර චිකන් එකම තමයි කොත්තුවට නියමෙටම ගියේ. "එහෙ ඉද්දි ඔයත් තාත්තගේ කඩේ වැඩ වලට උදව් වෙන්න ඇති නේද?.." ඩෙසර්ට් කන වෙලේ, ඉර්සා ඇවිත් මගෙ ළඟින් වාඩි වුණා. "බඳින්න කලින් ඉතින් කඩේ වැඩ වලම තමයි හිටියේ. පස්සේ ඉතින් මායි මසරුයි කරච්චි වලට ආවනේ. ඊටපස්සේ ඉතින් ඒවා මඟ ඇරුනා.." මේ ගෑනි මොකාටද මේ එන්න හදන්නේ කියලා හිත හිතා මං උත්තර දුන්නා. "මොකක්ද තාත්තගේ කඩේ නම කිව්වේ?.." "Saleem’s Sweet House තමයි නම. හැබැයි ඉතින් ඒ පැත්තේ හැමෝම කියන්නේ සලීම්ගේ ගෝල් ගප්පෙ කඩේ කියලා.." “ආ... එහෙමද..මගෙත් අම්මගේ පැත්තේ නෑදෑයෝ ඉන්නවා පේශාවර්වල. මං අහලා බලන්නම්කෝ..." ඉර්සා දත් ටික පෙන්නලා හිනාවෙලා කිව්වා. මාත් හිනාවුණා. මොනාත් කියන්න ගියෙ නෑ. "ඔයාට පාටි එකේදි අලුත් යාළුවෝ හම්බෙලා මාව මතකවත් තිබ්බේ නෑ නේද?..." පාටිය ඉවර වෙලා ආපහු ගෙදර එනකොට මසර් කිව්වා. "ඔයාට විකාර..." "කොහොමද ඉස්සෙල්ලා කිව්වේ...අනේ මටනම් ඔය පාටි වලට ඔයා නැතුව යන්න බෑ...ඒකට අද බලන්න එපැයි....මූණ බෙරි කරගෙන පැත්තකට වෙලා ඇති කියලා හිත හිතා මං බයේ ආවේ. මෙයා හොඳට හිනා වෙවී කට්ටිය එක්ක බරටම කතාව. හොඳයි හොඳයි එහෙම තමයි ඉන්න ඕනි අයිශා. අපිට ඉතින් මෙහෙ කවුරුත් නෑනේ. ඔය දන්න කියන මිනිස්සු ටික තමයි මොන දේටත් අපිට ඉන්නේ..." "මේ ඒක නෙමෙයි...අර දෙන්නා ඇරෙන්න අනික් කට්ටිය හැමෝම වගේ මං හදපු බර්ෆි රසයි කිව්වා. කොහෙද ඔයා එද්දි බර්ෆි ඔක්කොම ඉවර වෙලානේ තිබුණේ..." "මං ගෙදරදි කෑවනේ. ඒවා රසයි තමයි. මටත් කට්ටිය කිව්වා වයිෆ් හදලා තිබුණු බර්ෆි රසයි කියලා. කොහොමත් බර්ෆි කියන්නේ ඔයාට හදලා පුරුදු නැති කමක් නෙමෙයිනේ...කවුද දැන් අර රසයි කිව්වෙ නැති දෙන්නා?..." "වෙන කවුද ඉතින් අර නසීරුයි එයාගෙ වයිෆ් ඉර්සායි තමයි. ඒ ඉර්සා මෙහෙ ස්වීට් බිස්නස්ලුනේ කරන්නේ...එයාට ඉරිසියා හිතෙන්න ඇති. ඔක්කොටම වඩා බය හිතෙන්න ඇති මං නිසා එයාගේ බිස්නස් වලට පාඩු වෙයි කියලා. මේ ඔයා යසිරුට කිව්වද අපේ තාත්තගේ ස්වීට් කඩේ ගැන. රංගි ඒවා කියනකොට ඉර්සා සද්ද නෑ. ගෑනිට ඉරිසියා හිතෙන්න ඇති." "ආ...ඔව් දවසක් මොකක් හරි කතාවක් ඇදිලා ඇවිත් තාත්තගේ කඩේ ගැන මං කිව්වා. අර කට්ටියට ඉතින් බය වෙන්න දෙයක් නෑනේ...ඔයා හිතවත්කමට යසිරුලාට බර්ෆි හදලා දුන්නා මිසක් බිස්නස් එකක් කළේ නෑනේ..." "නෑ ඉතින් ඉර්සාට හිතුනද දන්නෑනේ මමත් ස්වීට් බිස්නස් පටන් ගනියි කියලා..." "එයාට එහෙම හිතුනට ඔයා ඕවා කරන්න යන්නෙ නෑනේ..." මසර් කිව්වා. මං මොනාත් කියන්න ගියේ නෑ. ඇයි මට පටන් ගන්න බැරි. ඉර්සා ස්වීට් බිස්නස් කරන එක නසීර්ට ප්‍රශ්නයක් නැත්නම් මං කරන එක මසර්ට ප්‍රශ්නයක් වෙන්නත් බෑනේ. "මොකෝ ඒ පාර සද්ද නැතුව ඉන්නේ..." මසර් ඇහුවා. "මටත් ආසයි ඉර්සා වගේ ස්වීට් බිස්නස් කරන්න. මං පටන් ගත්තොත් ඕඩර්ස් දෙන්න ඕනි තරම් අය ඉන්නවා. පාටි එකේ කට්ටියත් ඇහුවා මං ඕඩර්ස් ගන්නවද කියලා." හිත හිතා ඉන්නෙ නැතුව කියන්න ඕනි ටික මං කෙලින්ම මසර්ට කියලා දැම්මා. හැබැයි අර අන්තිම වාක්‍යයනම් මං අතින් දැම්මේ. ඇත්තටම මගෙන් කවුරුත් ඇහුවේ නෑ. ඒත් ඉතින් මං බිස්නස් එකක් පටන් ගත්තොත් ඕඩර්ස් ඒවි. රංගි වුණත් උදව් නොකර ඉන්නෙ නෑනේ. "ඒ පාර ආයෙත් ඕක පටන් ගත්තද. මේ අයිශා..ඔයාට රස්සාවක් කරන්න ඕනිමනම් මෙහෙ මොකක් හරි කෝස් එකක් කරලා රස්සාවක් හොයා ගමු. ඔය බිස්නස් කෙරුවාවල් මාත් එක්ක කියවන්න එන්න එපා...හරිද..." "ඔයා හොඳටම දන්නවා මට හොඳටම කරන්න පුළුවන් උයන එක විතරයි කියලා. ඒ කාලේ ඉඳලම මං ඉගෙනගන්න දක්ෂ කෙනෙක් නෙමෙයිනේ මසර්. ඉර්සා ස්වීට් බිස්නස් කරන එක නසීර්ට ප්‍රශ්නයක් නැත්නම් මං කරන එක ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද?.." "නසීරුයි මායි එක්කෙනෙක්ද..නසීර් වෙනයි මං වෙනයි. ඔයාගෙ මිනිහා මං මිසක් නසීර් නෙමෙයිනේ. අනික ඔය බිස්නස් අපේ වීසා එකට කරන්න පුළුවන්ද කියලත් මං දන්නෑ...ඉඳලා ඉඳලා රටකට ඇවිත් නැති ප්‍රශ්න ඇති කරගෙන මගෙ ඔළුව විකාර කරන්න හදන්න එපා...එච්චරයි" මටත් ඉතින් ඕන්නම් තව කියවගෙන යන්න තිබුණා. ඒත් වාහනේ එළවන මනුස්සයනේ. තරහ අරන් කොහෙහරි ගිහින් හප්පගත්තොත් කියලා මං කටපියාගෙන ඉස්සරහ බලන් හිටියා. මතු සම්බන්ධයි. බුද්ධි ජයවීර. ( කතාව කියවා අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති. පිළිතුරු නොලියනවට සමාවෙන්න )රෑ මැද හරියෙ විතර දැකපු ඒ හීනය රංගනගේ හිතට අමුත්තක් එකතු කරලා තිබුණා. “ඇයි මම එහෙම එකක් දැක්කෙ?” බලන්න තිබුණ පේපර් සේරම ටික බලලා ඉවර කරලා රංගන ඇඳට ආවේ නිදාගන්න. එතකොට රෑ දහයට විතර ඇති. රංගන එනකොට ජානකී රංගන එනකම් ඇඳට වෙලා පොතක් කියව කියවා හිටියා. මේ දවස්වල රංගන ටිකක් කාර්ය බහුලයි. ඉස්කෝලවල වාර විභාගෙ නිසා දරුවන්ට දෙන ප්‍රශ්න පත්‍ර හැම එකක්ම බලලා ලකුණු දාන්න තිබුණා. ඉස්කෝලෙ නිවාඩු දෙන්නත් තිබුණෙ දවස් හතරක්. ඒ වෙද්දි සේරම ඉවර කරන්න ඕන. “ඔයාට අර ජොබ් එකේම හිටියනම් හොඳයි කියලා හිතෙනවාද?” ජානකී ඇහුවෙ ඇඳට ගොඩවුණු රංගනගෙ තුරුලට එන ගමන්. “එහෙමමත් නෑ. හැබැයි ඒකෙ ගෙදර වැඩ නෑ. ඔෆිස් එකෙන් එද්දි වැඩ ඉවර කරලා එන්නෙ. මේක එහෙම නෑ.ඒත් මම කැමතියි මේ රස්සාවට.” පුද්ගලික අංශයේ රැකියාවක් කර කර හිටපු රංගන ගුරුවරයෙක් විදිහට රැකියාව ලැබිලා මේ දුෂ්කර පැත්තට ආවේ ලොකු කැමැත්තකිනුත් නෙවෙයි. ඒත් කරන්න දෙයක් තිබුණෙ නෑ. ටික කාලයක් මෙහෙ ඉඳලා පුළුවන් වුණ ගමන් මාරුවක් හදාගෙන ආපහු යන්න බලාගෙන ඔහු මේ ගමේ ඉස්කෝලෙ පත්වීම භාරගත්තා. මුල් ටිකේ ඉස්කෝලේ ගුරු නිවාසෙ නැවතුණ රංගන මේ ගේ කුලියට අරන් මෙහෙට ආවේ දවස් කීපෙකට කලින්. ම්.. තවත් ටික වෙලාවක් කතා කර කර හිටපු දෙන්නා ඉන්පස්සෙ එකිනෙකාගේ උණුසුමින් සැනසෙන්න පටන් අරන් තිබුණා. රංගන ප්‍රිය කරපු ජානකීගේ මුදු පහසත් , ජානකී ප්‍රිය කරපු රංගනගේ තුරුණු ජවයත් ඔවුන් දෙදෙනාව වෙනම ලෝකෙකට අරන් ගිහින් තිබුණා. තෘප්තිමත් වෙහෙසක් සමඟින් රංගන නින්දට ගියේ තවත් සෑහෙන වෙලාවකින් පස්සෙ. නින්දට ගියපු රංගනට කොයි වෙලාව
ක හරි ආයෙ ඇහැරුණා. තමන් එහෙම ඇහැරුණේ ඇයි කියලා මුලින් හිතාගන්න බැරි වුණත් ඔහුට පස්සෙ හේතුව තේරුණා. ජානකී තමන්ව සිප ගනිමින් ඉන්නවා. කළුවරේම වුණත් ඔහු ඇයව ආයෙමත් තුරුල් කරගත්තෙ තරමක පුදුමෙකුත් එක්ක.බැඳලා අවුරුදු තුනක් විතර ගතවෙලා තිබුණත් රෑ මැද ජානකී ඔහුව මෙහෙම ඇහැරවලා තිබුණෙ නෑ. ටිකෙන් ටික ජානකීගේ සිප ගැනීම් වේගවත් වුණා. ඒ සමඟම ඇය හුස්ම ගන්නා හඬ පවා වේගවත් වෙමින් තියෙනවා ඔහුට දැනෙනවා. ඇයට ඕනෙ මොනවාද කියන එක ඔහු තේරුම් ගත්තෙ ඇයගේ සිප ගැනීම් සමඟම ඇගේ දෑත්ද ඔහුගේ සිරුරේ එහා මෙහා ගමන් ගන්නවාත් සමඟම. ඇගේ ඒ හැසිරීමත් සමඟම ඔහුගේ සිතිවිලිද වේගවත් වන්නට වුණා. සියල්ල අවසන් වූවේ තවත් සෑහෙන වේලාවකට පසුව. රංගන කලින්ට වඩා පොඩි වෙහෙසක් දැනෙද්දිම නින්දට වැටුණා. එලාම් එක වැදිලා රංගන උදේ ඇහැරෙනකොටත් ජානකී නිදි. හැබැයි එලාම් එකේ සද්දෙට ජානකීත් එවෙලෙම ඇහැරුණා. “අද නම් හොඳටම නින්ද ගියා. වෙනදට ඔය එලාම් එකට කලින් මම ඇහැරෙනවනෙ.” ජානකී කීවේ ඇඳෙන් බහින ගමන්. “රෑ තිස්සෙ ඇහැරිලා මට වද දුන්නම නින්ද යනවා තමයි. “ රංගන කිවුවෙ අමුතු හිනාවක් මූණට ගන්න ගමන්. ඒ ඊයෙ සතුටත් මතකෙට අරගෙනම. කාමරේ ලයිට් එකත් දාලා රංගන දිහා හැරිලා බලපු ජානකීගේ මූණේ තියෙන්නෙ පොඩි ලැජ්ජා ගතියක්. “අනේ යන්න..රෑ තිස්සෙ කොහෙද? ඔයාටත් කලින් මට නින්ද ගියා. වෙනදා වෙලාවමනෙ.” “ඒ ඉස්සරවෙලානෙ. ඊට පස්සෙත් ආයෙ මාව ඇහැරෙව්වනෙ.” රංගනගෙ හිනාවෙ වෙනසක් වුණේ නෑ. කෙල්ල ඉන්නෙ ලැජ්ජාවෙන්. රංගන ඒ ලැජ්ජාව වගේ පිරෙන මූණට ආදරෙයි. “ඔයාට පිස්සුද ? ආයෙ මොකටද මම ඔයාව ඇහැරවන්නෙ. ඔයාට හීන පේනවාද?” ජානකී ඒක කිවුව විදිහට රංගනගෙ මූණෙ හිනාව මැකිලා ගියා. මොකද ජානකී ඒක කිවුවෙ ලැජ්ජාවකින් නෙවෙයි. ‍බොරුවක් කියන විදිහටත් නෙවෙයි. රංගනගෙ හිනාව සම්පූර්ණයෙන් මැකිලා යද්දී ජානකී කුස්සිය පැත්තට ගියා. රංගන පුදුමෙන් වගේ එහෙමම බලන් හිටියා. එතකොට ඒක හීනයක්ද? මම මොකටද එහෙම හීනයක් දැක්කෙ? ******************************************** දවල් වෙද්දී රංගනට ඒ හීනෙ අමතක වෙලා ගියා. ඊට පස්සෙ දවස ගෙවුණෙ සුපුරුදු විදිහටම. ඒ පුරුදු විදිහටම රෑ කෑමෙන් පස්සෙ තියෙන වැඩ ටිකත් කරලා ජානකීගේ උණුසුමත් විඳගෙන රංගන සැහැල්ලුවෙන් නින්දට ගියා. හැබැයි රෑ මැද්දෙදි රංගනගේ සැහැල්ලුව බිඳුණා. ජානකී අදත් ඊයෙ දවසෙ වගේම යමකට සූදනමින් හිටියා.ඔහු රෑ මැද්දෙ ආයෙමත් ඇහැරුණා.. උණුසුම් හැඟුම් රැසක අවසානයේ රංගනට ඊයේ රාත්‍රිය ආයෙත් මතක් වුණා. . ඔහු නැගිටලා නාන කාමරයට ගියේම මේක හීනයක් නෙවෙයි කියලා ඒත්තු ගන්නගන්න. හැබැයි ජානකී නින්දට වැටිලා හිටියා. රංගන හිටියෙත් අකමැත්තකින් නෙවෙයි. ඒත් ජානකී මීට කලින් එහෙම වෙලා තිබුණෙ නැති එක තමයි ඔහුට අමුත්තක් ගෙනත් තිබුණෙ. පහුවදා උදේ රංගන ජානකීට විහිලු කළා. අවුල්ම දේ වුණේ ඊට පස්සෙ. ජානකීගේ මූණ වෙනස් වුණේ රංගන හිතුවෙවත් නැති විදිහට. “ඔයා ඇයි ඔය වගේ විහිළු කරන්නෙ? ඊයෙත් ඔහොම එකක් කිව්වා.” ඇය ඇසුවේ ලොකු අකමැත්තක හඬකින්. “ඔයා දන්නවනෙ මම එහෙම අසහනේකින් ඉන්න කෙනෙක් නෙවෙයි කියලා. ඔයාට ඕන වෙලාවක ඕන දේකට ඉඩ දුන්නාට මට එහෙම ඕවා මත්තෙම ඉන්න ඕනෙ නෑ.” රංගනට දැනුණෙ ලොකු පුදුමයක්. පෙරේදා කොහොම වුණත් ඊයේ රෑ නම් තමන් දැක්කෙ හීනයක් නෙවෙයි කියන එක ඔහුට හොඳටම විශ්වාසයි. ‘එහෙනම් ජානකී ඇයි බොරු කියන්නේ?’එහෙම හිතනකොට ඔහුට හිරවීමක් දැනුණා. ජානකී කියන්නෙ කවදාවත් බොරු කියන කෙනෙක් නෙවෙයි. එතකොට.. එහෙනම් ඇත්තටම තමන් දැක්කෙ හීනයක්ද? රංගන ආපහු කාමරේට දිහාට ගියේ මොනවත්ම හිතාගන්න බැරුව. ජානකීත් නිහඬවම හිටියා. රංගන ලෑස්ති වෙලා ගෙදරින් එළියට බහිද්දිත් ජානකී හිටියේ වෙනදා වගේ සැහැල්ලුවෙන් නෙවෙයි. ඒත් රංගන අවුලක් නොදැනෙන්න වෙනදා වගේම ඇයව තුරුලට අරන් මුහුණ සිපගෙන එළියට බැස්සා.ඒත් ඔහුගේ ඔළුව නම් විකාර හැඟීම් ගොඩකින් පිරිලා අවුල් වෙලා තිබුණා. එදා ඉඳලා හැම රාත්‍රියක්ම ගෙවුණෙ එහෙම. ජානකීගේ වුවමනාවට රංගනට රෑ කොයි වෙලාවක හරි නැවතත් ඇහැරෙන්න වුණා. වතාවක් දෙකක් ඒ ගැන කතා කරන්න හදනකොට ජානකීගෙන් මතු වුණ විරෝධයත් එක්ක රංගන හැමදේම හිත ඇතුළෙ තියාගත්තා. මේ දකින්නෙ හීනයක් නෙවෙයි කියන එකත් රංගන තහවුරු කරගෙන තිබුණා.පුදුම සහගතම දේ වුණේ රංගන ඉක්මවා නොගිය ජානකී දවසින් දවස නිදි යහනේදී පහසුවෙන් සනසාලිය නොහැකි තත්වයකට පත්වීම. ඇගේ පැහැදිලි දැඩි වෙනස රංගනට ගෙන ආවේ සැකයක්. මේ ජානකීගේ සැබෑ තත්වයද? ඇය දැඩි ලෙස ආශාවන් පසුපස දැවෙන කාන්තාවක්ද? ඇය මෙපමණ කල් බොහෝ තැන්පත් , ලැජ්ජාශීලි තරුණියක් ලෙස තමා ඉදිරිපිට කරන ලද්දේ රඟපෑමක්ද? රංගනගේ සියළු වැඩ කටයුතු අවුල් වෙමින් තිබුණා. ඔහුට තිබුණෙම කල්පනා කරන්න දේවල්. ඔහු තනිවම කල්පනා කළා. ඒත් ජානකීට වෙනසක් නොපෙන්වා ඉන්න උත්සාහ ගත්තා. ‘මේක කාටවත් කියන්න පුළුවන් දේකුත් නෙවෙයිනේ. ඒක ජානකීටත් හොඳ නෑ. නැත්නම් කවුරුහරි එක්ක කතා කරන්න හරි තිබුණා. හොඳ වෙලාවට ඉස්කෝලේ නිවාඩු දුන්නේ.’ ඔහු තනියම කල්පනා කළා. ‘නැත්නම් මට උගන්නන එකවත් කරගන්න වෙන්නෙ නෑ.’ තවත් දින දෙක තුනක් ගතවුණා. “රංගන අපි ළිඳක් කපමු.” ජානකී පැවසුවේ එක රාත්‍රියක. ඒ දෙවෙනි වතාවටත් ඔහු සමඟ එකතු වෙමින් ඉන්න වෙලාවක. රංගන පුදුමයට පත් වුණා. එකක් ජානකී ඒ වනවිට දක්වමින් තිබූ ආක්‍රමණශීලී හැසිරීම. දෙක එවැනි වේලාවක එවැනි අදහසක් පැමිණීම.. තුන මෙහි ඔවුන් ඉන්නෙ කුලියට වීම. “ඒ මොකටද ළිඳක් කපන්නෙ.” රංතන ජානකීගෙන් ලැබෙන ආශ්වාදය අතරින්ම කියාගත්තා. “අපි ගොඩක් කල් මෙහෙ ඉන්නෙ නෑනෙ.” “අපි දිගටම මෙහෙ ඉමු.” රංගන ආයෙමත් පුදුම වුණා. ඒ වගේම ඔහුට සැකයක් දැනෙන්න ගත්තා. ජානකීගේ මේ වෙනසට හේතුව මෙහේ ඉන්න කවුරුහරි පිරිමියෙක්ද? ඇය දිගටම මෙහේ ඉමු කියන්නෙ ඒ හි්න්දද? ජීවිතයේ ප්‍රථම වතාවට රංගනගේ සිතට ජානකී ගැන සැකයක් ඇති වුණා. ජානකී කවුරුන් හෝ සමඟ සබඳකමක් ඇති කරගෙන ඔහු හා ලැබූ සතුටක් නිසා මෙසේ තමන් සමඟත් හැසිරෙනවාද? රංගනගේ ඇඟම වෙව්ලලා ගියා. “මොනවද අනේ ඔච්චර කල්පනා කරන්නේ? ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?” ජානකී ආවේ දිවුල් කිරි වීදුරුවකුත් අරගෙන. “නෑ නෑ මොකුත් නෑ.” රංගන දිවුල් කිරි වීදුරුව අතට ගත්තෙ හිනාවකුත් මූණෙ ඇඳගෙන. “දිවුල් කොහෙන්ද?” “අර එහා පැත්තෙ ගෙදර ඉන්න නැන්දා දුන්නෙ.” “ම්..ඔයා මෙහෙට කැමතියි වගේ නේද?යාළුවොත් ඉන්නෙ දැන් ඔය” “අනේ ඔව් රංගන. ටිකක් දුෂ්කර පැත්තක් වුණත් මේ පැත්ත හොඳයි. හරි නිස්කලංකයි. මිනිස්සු වුණත් හොඳයි වගේ. පාඩුවේ ඉන්න පුළුවන්. අනික ඔයාට ඉස්කෝලෙ මහත්තයෙක් කියලා සැලකීමකුත් තියෙනවා.” “කවුද කීවේ?” රංගන ඇහුවෙ දෙයක් හිතේ තියාගෙන. “නෑ මාත් එක්ක මේ ළඟ ගෙවල් දෙක තුනකම අය කතා කළා මෙතන පාරෙන් යන ගමන්.” රංගනගේ හිතට ආයෙමත් සැකයක් ආවා. ඒත් ජානකී දිහා දැන් බලද්දීී කවදාවත් ඇය ගැන එහෙම හිතන්න බෑ. ඇය කලාතුරකින් හමුවෙන විදිහෙ හරි ආදරණීය හිංසක බිරිඳක්. ‘අනේ මන්දා..’ රංගනගේ ඔළුව ආයෙමත් විකාර වුණා. ‘ඇත්තටම මට පිස්සු හැදීගෙන එනවාවත්ද?’ ඔහුගේ සැකය ඔහු දෙසටම යොමු වුණා. ‘මම මේ හිතන දකින දේවල් ඇත්තටම වෙන දේවල් නෙවෙයිද? ඒවා මගේ හිතේ මැවෙන මොනවා හරිද?’එහෙම දේවල් තියෙන චිත්‍රපට කීපයක්ම ඔහු නරඹලා තිබුණා. “අර ළිඳට මොකෙක්ද සතෙක් වැටිලලු. අද ළිඳ ඉහිනවලු. එතනට කවුරුත් වැඩිය යන්නෙ නෑනෙ. නිතරම එහෙම වෙනවාද දන්නෙ නෑ.” මේ නිවසට වතුර අරන් තිබුණෙ යාබද ඉඩමක තියෙන පොදු ළිඳකින්. ජානකී මේ කියන්නෙ ඒ ගැන.ජානකීගේ මූණෙ තිබුණෙ අප්පිරියාවක් වගේ හැඟීමක්. ඒත් එක්කම රංගනට ඊයෙ රෑ ජානකී කියපු කතාව මතක් වුණා. එහෙනම් ජානකී එහෙම කියන්න ඇත්තෙ ඒ නිසා.. “එහෙනම් අපි පොඩිවට ළිඳක් කපමු. කොහොමත් අවුරුදු පහක්වත් මෙහෙ ඉන්න වෙයිනෙ. අනික ඔයා දිගටම ඉන්නත් කැමතිනෙ.” රංගන අන්තිම ටික කීවේ මූණට හිනාවකුත් අරගෙන. ජානකීගේ මූණටත් ලස්සන හිනාවක් ආවා. “අනේ අන්න ඒක නම් හොඳයි. කවුද දන්නෙ ඔය ළිඳට මොන ජරාව වැටෙනවාද කියලා.” ********************************************** රංගන හිටියෙ හොඳටම බය වෙලා. ජානකීත් හිටියෙ ලොකු කැලඹීමකින්.. “අනේ අපිටත් පොලීසියට යන්න වෙයිද?” සියල්ල අවසන් වෙලා එකතු වෙලා හිටිය මිනිස්සුත් එහෙට මෙහෙට ගියාට පස්සෙ ජානකී රංගනට තුරුල් වුණා. ඇගේ මුහුණෙ තියෙන බය ගතිය වගේම ඇඟේ වෙව්ලීමත් රංගනට හොඳටම පේනවා දැනෙනවා. “නෑ නෑ අපි පොලීසියට යන්න ඕන නෑ. අපි මෙහෙට ආවේ ඊයේ පෙරේදනෙ. ඒවා ගොඩක් පරණ ඇටකටු වගයක්.” “දෙයියනේ කාගෙද දන්නෙ නෑ.. මට නම් හරි බයයි රංගන.. අනේ මට මෙහෙ ඉන්න ඕනෙ නෑ. අපි වෙන ගෙදරකට යමු.” රංගන ළිඳක් කපන්න හාරපු තැනින් ඇටකටු වගයක් හමුවෙලා තිබුණා. මුුලින් එච්චර ගානක් නැති වුණත් මිනිස් හිස් කබලක ඇට සැකිල්ල එතන පස් එක්ක මුහු වෙලා උඩට ආවම බැකෝ යන්ත්‍රයේ රියදුරා වාහනෙන් එළියට පැන්නෙ භීතියෙන්. ඊළඟ මොහොතේ ඒ භීතියම රංගනට වගේම ජානකීටත් දැනුණා. “අපිට මේක පොලීසියට කියන්න වෙනවා.” වැඩි වේලාවක් ගියේ නෑ. පොලීසියයි වට පිටාවෙ මිනිස්සුන්ගෙනුයි එතන පිරිලා ගියා. ************************************** පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. හමුවුණු ඇටකටු කාන්තාවකගේ බවත් ඇය අවුරුදු විසි ගණන්වල තැනැත්තියක බවත් ඇතුළු තවත් විස්තර ප්‍රමාණයක් අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාගේ නිගමන ලෙස ලබා දී තිබුණා. පොලීසිය පරීක්ෂණ පැවැත්වූවේ ඒ ඔස්සේ. ඒ සඳහා දක්ෂ පොලිස් නිලධාරියෙකු පත් කරලා තිබුණා. වැඩි දවසක් ගියේ නෑ. මේ නිවසේම පදිංචිව සිටි සාධනී නමැති තරුණිය තරුණයෙකු සමඟ හොරෙන් පැන ගොස් ඇති බවත් ඉන් පසු කිසිදු දිනයක ගමේ කිසිවෙකු ඇයව දැක නොමැති බවත් නිලධාරීයාට දැනගන්නට ලැබුණා. ඔහුගේ සැකය ඒ දෙසට යොමුවන්නට ඒ තොරතුරු ප්‍රමාණවත් වුණා. අළුතෙන් ළිඳ කපන්නට සූදානම් වූ ස්ථානයේම මීට පෙර ළිඳක් තිබූ බවත් මේ නිවසේ සිටි සාරිකා නමැති තරුණිය එම ළිඳට වැට
ී මියයාම නිසා ඇගේ මව සහ සැමියා විසින් එම ළිඳ වසා දැමූ බවත් , පසුව සාරිකාගේ නැගණිය වූ සාධනීද තරුණයෙකු සමඟ පැන යාම නිසා අවුරුදු ගණනකට පෙර සාරිකාගේ සැමියා සාරිකාගේ මවද සමඟ ඔහුගේ ගමට ගිය බවත් නිලධාරියා ගම්වාසීන් ඇසුරෙන් සොයා ගත්තා. ඒ මනුස්සයාගේ ගම කොහේද? සාරිකාගේ සැමියා මේ ගමේදී ළඟින්ම මිතුරෙකු ලෙස ඇසුරු කළ වීරසේකර නමැති පුද්ගලයෙකු හමුවීමෙන් පසු නිලධාරියාට සියළු තොරතුරු දැනගන්නට ලැබුණා. “එහෙනම් අපි ඔය ලලන්ත කියන මනුස්සයාව අල්ලගෙන ප්‍රශ්න කරමු. ගොඩක් වෙලාවට මේ සිද්ධිය පිටිපස්සේ මිනිහා ඉන්න පුළුවන්..” නිලධාරියා තමන්ගෙ සහායකයාට කිව්වෙ ඔහුගේ පළපුරුද්දෙන්. මේ වෙද්දීත් ඔහුගේ හිතට යමක් දැනෙමින් තිබුණා. පොලීසිය ලලන්ත සොයා ගියා. තොරතුරු සොයා බැලුවා. ලලන්ත තනිවම ජීවත්වන අයෙකු බවත් සුරා සූදුවෙන් පවා තොර ඉතාම යහපත් මිනිසෙකු බවත් ඔහුගේ මියගිය බිරිඳගේ මව පිළිකා රෝගයෙන් දැනට මාස කිහිපයකට පෙර මිය යන තෙක්ම ඇයව දරුවෙකුටත් වඩා හොඳින් රැකබලාගත්තේ ලලන්ත විසින් බව ගම්වාසීන්ගෙන් කියවෙද්දී පොලීසිය පවා දෙගිඩියාවට පත් වුණා. එහෙත්… “මම කොහොමත් පොලීසියට එන්න හිටියෙ සර්.. අම්මගෙ තුන් මාසෙ දානෙ ඉවරවෙනකම් තමයි පරක්කු වුණේ. සාධනීව මැරුවෙ මම සර්.” ගෙදරට ගියපු වෙලාවෙ ලලන්ත කලබලයක් නැතුවම පොලීසියට භාර වුණා. ****************************** රංගන පුවත්පත කියෙව්වෙ විමතියෙන්. මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද කියලා ඔහුට හිතාගන්න බැරි වුණා. “සේරම වුණේ මගේ ඇබ්බැහිය නිසා..” ලලන්තගේ කට උත්තරය පටන් අරන් තිබුණෙ එහෙම. තමා අරක්කු සහ ගංජා භාවිතයට ඇබ්බැහි වූ බවත් තම බිරිඳ වූ සාරිකාගෙන් තමාට අවශ්‍ය වූ කායික තෘප්තිය නොලැබුණු නිසා ඇගේ නැගණිය වූ සාධනී වෙත ගිය බවත් ඇයද තමාට කැමැත්තෙන් ඉඩ දුන් බවත් පසු කාලයේ තමාටත් වඩා එය අවශ්‍ය වූවේ සාධනීට බවත් ඒ නිසාම තමා සමඟ එක් වීමට සාධනී විසින් සාරිකාව ලිඳට තල්ලු කර මරා දැමූ බවත්, තමා එය කිහිප ආකාරයකින්ම තහවුරු කරගත් බවත් ලලන්ත කියා තිබුණා. “බීපු වෙලාවට එහෙම වුණා තමයි. ගෑනි නිදාගත්තම රෑ මැද්දෙ මම එයාගෙ නංගි ගාවට ගියා තමයි. මම වැරදියි. ඒත් ටික දවසක් ගියාම එයාටයි මාව නැතුවම බැරි වුණේ. ඒ වෙලාවට එයාට මාව ඕනෙම වුණා. මම ගියෙ නැත්නම් එයා මහ රෑ අපේ කාමරේ දොර ළඟට එනවා. අන්තිමට එයාත් ඇබ්බැහි වෙලා වගේ හිටියෙ. “ “මොකක්දෝ කරුමෙකට එහෙම වුණත් මම මගේ ගෑනිට ආදරෙයි සර්. අදටත් ආදරෙයි. ඒ ගෑනි හරි අහිංසකයි. මම එයාට වැරැද්දක් කළත් ඒ ගෑනි මරපු එක මට ඉවසගන්න බැරි වුණා. මම සාධනීව මැරුවෙ ඒ නිසා. වීරසේකරගෙ කසිප්පු වාඩියට ගිනි තිබ්බෙත් මම. ඒ ගැන ඔත්තු දුන්නෙත් මම. මේ සේරම වුණේ උගේ අරක්කුයි ගංජයි හින්දා නිසා. ඒවා බිව්වම මට මාවම පාලනය කරගන්න අමාරුයි.” “එදා අන්තිම දවසෙ සාධනි ටවුමට යනවා කිව්වම මම කරන්න ඕන දේ තීරණය කළා .සාරිකා මැරුණෙ ළිඳට වැටිලා නිසා ළිඳ වහමු කියලා මම අම්මාට කිවුවා. එයත් කැමති වුණ එක මට ලේසි වුණා.” “සාධනී පාරට ඇරලවන්න යන අතරෙ අපේ ඉඩමට පොඩ්ඩක් එහා පැත්තෙ තියෙන අලුතෙන් හදන ගෙදරට මම එයාව එක්ක ගියා.ඒකෙ එතකොට කවුරුත් පදිංචි වෙලා හිටියෙ නෑ. ඉඩමත් පාලුයි. සාධනීත් කැමති වුණා.එයාටත් මාව ඕනවෙලා ඉන්න ඇති. එයාව අරන් ගිහින් අර ගේ පිටිපස්සෙදි මම එයාව බදාගත්තා. එයත් මාව බදාගත්තා. එයාගෙ බෙල්ල මිරිකලා මම එයාව මැරුවෙ එතනදි. පස්සෙ මම මිනිය එතනම හංගලා ගෙදර ආවා. සාධනීගේ අකුරුවල හැඩේට පොඩි ලියුම් කෑල්ලක් ලිව්වා අම්මට ලියන විදිහට. කොල්ලෙක් එක්ක යනවා. ආයෙ හොයන්න එපා කියලා. ඒක මම සාධනීගේ මේසෙ උඩින් තිබ්බා. අම්මාට ඒක හම්බවුණාම. සාධනීට තිබුණ දැඟලිල්ල නිසාම අම්මාත් ඒක විශ්වාස කළා. පස්සෙ එදා මම ළිඳට ටිකක් පස් දැම්මා. රෑ ගිහින් මිනිය අරන් ඇවිත් ළිඳට දාලා පහුවදා සම්පූර්ණයෙන්ම ළිඳට පස් දාලා වහලා දාලා එතන උඩින් තැඹිලි පැළයක් හිටෙව්වා.” පත්තරේ කියවගෙන යනකොට රංගනට ඒක මතක් වුණා. ඒ ළිඳ කපපු තැන තිබුණු කහ වෙලා ගියපු කිසිම සරුවක් නොතිබුණ පොල් පැලේ. ඒක මැරිලා වගේ තිබුණෙ. ඒත් එක්කම ඔහුට විශ්මයක් දැනුණා. “අර පහළ මැරිලා තියෙන පොල් පැලේ තියෙන්නෙ. එතන වතුර තියෙනවා. ඒක ගලවලා එතන ළිඳ කපන්න.” ජානකී මහ රෑ තමන්ගෙ වෙලීගෙන කියපු හැටි ඔහුට මතක් වුණා. ආයෙ ඒ ගැන කතා නොකළත් එතන තමයි ළිඳ කපන්න ඕන කියන හැඟීම තමන්ගෙ ඔළුවට වැටුණෙ ඒකෙන්.ඔහු ජානකී හොයාගෙන කුස්සියට ගියේ වේගයෙන්. “ඔයා කොහොමද කීවේ අර පොල් පැළේ තියෙන තැන වතුර තියෙනවා කියලා.එතන ළිඳ කපන්න කියලා.” ජානකී කර කර හිටපු වැඩෙත් නවත්තලා රංගන දිහා හැරිලා බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන. ඇය තප්පර කීපයක් ඒ විදිහටම ඔහු දිහා බලාගෙන හිටියා. “ළඟකදි ඉඳන් ඔයාට පිස්සුවත් හැදීගෙන එනවද රංගන? මම කොයි වෙලාවෙද ඔයාට එහෙම කිවුවෙ. මම ඒත් ඔයාගෙන් අහන්න හිතුවෙ කොහොමද එතනම ළිඳ කපන්න හිතුණෙ කියලා.” රංගන මොකුත්ම කීවේ නෑ. ඔහු නිහඬවම එළියට ආවා. ජානකී තවත් මොනවාහරි කියනවා ඔහුට ඇහුණා. ඒත් ඔහු හිටියෙ වෙනමම ලෝකෙක. මෙතන මොකක් හරි අවුලක් තියෙනවා. රංගන පත්තරේ ඉතිරි ටික කියෙව්වෙ ඒ අවුල අතරින්මයි. “මම එදාම පොලීසියට භාර වෙනවා. ඒත් සාරිකාගේ අම්මා බලාගන්න කෙනෙක් නෑනෙ. සාරිකා අම්මාට හරි ආදරෙයි. එයා වෙනුවෙන් මට කරන්න පුළුවන් එකම දේ අම්මාව හොඳින් බලාගන්න එක කියලා මම හිතුවා. ඉතින් ඔය වෙච්ච දේවල් එක්ක ඒ ගෙදර ඉන්න හිත දුන්නෙ නැති නිසා මම ඒ ගෙවල් විකුණලා අම්මාව මෙහෙට මගේ ගෙදරට එක්කරගෙන ඇවිත් එයාව බලාගත්තා. අම්මා පිළිකාවක් හැදිලා මැරෙනකම්ම හැමදේම කළේ මම. එයාගෙ තුන්මාසෙ දානෙත් දීලා ඉවර කළා.දැන් ඉතින් මට මොනවා වුණත් කමක් නෑ. සාධනීගේ ආත්මෙන් නැතත් සාරිකාගේ ආත්මෙන් මට පොඩි හරි ගැලවීමක් තියෙයි.” රංගන පත්තරේ පැත්තකින් දාලා පුටුවෙ හාන්සි වෙලා ඇස් දෙක පියාගත්තා. පත්තරේ තිබුණු විස්තරය ඔහුට මැවිලා පේනවා වගේ..ඒ සිදුවීම් ඔහු එකින් එක මවාගත්තෙ ඒ පත්තරෙත් එක්ක. ඒකෙ ඒ මුද්‍රිත අකුරු ඔහුගෙ ඇස් ඉස්සරහ පා වෙනවා වගේ.. එහෙම පාවෙලා ගියපු අකුරු අතරින් … “රෑ මැද්දෙ මම නංගි ගාවට ගියා.. එයාට ඒ වෙලාවට මාව නැතුවම බැරි වුණා. එයා මාව හොයාගෙන ආවා. එයා ඒකට ඇබ්බැහි වෙලා හිටියේ.” කවදාවත් නැතුව ජානකී රෑ මැද්දෙදි තමන්ව ඇහැරවගන්න හැටි රංගනගෙ ඔළුවට ආවා. ජානකීගෙන් නුපුරුදු ඒ හැසිරීම ඔහුට මතක් වුණා. ඇත්තටම ඇය එහෙම වුණේ මෙහෙට ආවට පස්සෙ. සාධනීගේ ආත්මෙන් නැතත් සාරිකාගෙ ආත්මෙන් මට සැනසීමක් තියෙයි.. සාධනීගේ ආත්මෙන්… රංගනගේ ඇඟ සීතල වෙලා ගියා.. “අපි ළිඳක් කපමු.. අර පොල් පැළේ තියෙන තැන වතුර තියෙනවා..” උණුසුම් සුසුම් අතරින් ජානකී මුමුණපු හැටි.. ඇටකටු හම්බවුණේ එතන හාරපු නිසා. සාධනීව මරපු එක හොයාගත්තෙ ලලන්තව අල්ලා ගත්තෙ ඇටකටු හම්බවුණ නිසා. ජානකී එහෙම කිවුවෙ.. දෙව්යනේ එතකොට… කොඳු නාරටිය දිගේ සීතලක් දුවගෙන යනවා වගේ දැනෙද්දි රංගන කුස්සියට දුවගෙන ගියේ වෙව්ලමින් වගේ. “ජානකී.. අපි මෙහෙන් යන්න ඕනෙ.. ඉක්මනින් බඩු ටික ලෑස්ති කරමු.” —--------සමාප්තයි—------ සාරිකා සාධනී ගැන කතාව කලින් ලිව්වා. ඒක කියෙව්වත් නැතත් මේක කියවන්න පුළුවන්. ඔයාලා හැමෝටම සහ අඩයාලම සමූහයට ස්තූතියි. ✍️ සමන් අතපත්තුමගේ වීරයා මට ඕන මගේ වීරයා ගැන හැමෝටම කියන්න.මනුස්සයෙක් වීරයෙක් වෙන්නේ ඒ මනුස්සයට දෙවියන්ගෙන් ලැබෙන ශක්තියකින් හරි වෙන මොකක් හරි බලයකින් හරි කියලා තමයි ඉස්සර මං හිතං හිටියේ.එලියට පෙන්න ජංගිය ඇඳපු සුපර් මෑන් වගේ නැති උනාට ස්පයිඩර් මෑන් වගේ කුළුණු වල බිත්ති වල හරස් අතට යන්න බැරි උනාට සොනික් වගේ හිතා ගන්න බැරි වේගයක් නැති උනාට කේන්ති ගියාම හල්ක් වගේ යෝධයෙක් වෙන්න බැරි උනාට කොටින්ම කියනවා නං ඔය කියන කිසිම බලයක් නැති , නිකංම නිකං සාමාන්‍ය මිනිස්සු ගොඩක් එක්ක හිටියොත් වැඩිය කැපිලා පේන්නේවත් නැති ක්‍රේල් කොණ්ඩයක් තියෙන කලු කෙට්ටු මනුස්සයෙක් මං කලින් කියපු සේරටම වඩා ලොකු වීරයෙක් කියලා මං හිතන් ඉන්න එක වැරදි නෑ කියලා ඔයාලා මේක කියවලා මට කියයි. මං ඉපදිලා හරියටම මාස තුනයි දවස් දෙකයි පැය එකහමාරක් වෙද්දි මගේ අම්මා මාව තවදුරටත් එයාගේ ගමනට බාධාවක් කර ගන්න බෑ කියලා මගේ තාත්තාට පැහැදිලි කරලා දීලා දෑවැද්දට ගෙනාපු කණ්නාඩි මේසෙයි අල්මාරියයි කෑම මේසයයි පුටු හයයි කැබිනට් එකයි ලොරි බාගෙක පටව ගෙන එයා දාගෙන හිටපු සෙරෙප්පු දෙකේ දූවිලි ටිකත් ඉස්සර පාපිස්සේ පිහිදලා දාලා ඇඳුං කැඩුං ටික දා ගත්තු සූට් කේස් එකක් බිම දිගේ ඇදගෙන එකම එක වතාවක්වත් ආපහු පස්ස හැරිලා නොබලාම යන්න ගිහින්.ඔය වග විස්තර ටික මං සහසුද්දෙන්ම දැන ගත්තේ අපේ බාප්පා බැඳපු පුංචි අම්මා ගෙදරට එන හැමෝ එක්කම මං අහලක පහලක ඉන්නවා ද කිය කිය උරිස්සට උඩින් කණ්ණාඩි කුට්ටමට පහලින් බල බලා කියනවා අහං ඉඳලා. "අපෝ....උපන්තේකට දැකලම නෑ ඒ වගේ ඉස්තිරියාවක්....අනේ අර කිරි සප්පයා චෑ....ස්....චෑ...ස් ගාලා අඬනවා අහ අහමලුනේ ගෙයින් දොට්ට බැස්සේ." අත්තම්මවත් තාත්තාවත් නැති තැන හ...රී...ම දුකක් මූණේ තියාගෙන කම්මුලේ අත තියා ගෙන පුංචි අම්මා ඒ කියන කථා ටී වී එකේ මාමා කෙනෙක් දැක්කොත් නං එක්කං යනවා ටී.වී එක ඇතුලට කියලා මට කීප වාරයක් ම හිතුණා. "උපන් වෙලාවේ කිරි ටික වත් පොවලා නෑලු අයියා බලන්න ගිහින් කෑ කොස්සන් ගැහැවුමලු කිරි දුන්නෙත්.අනේ ඉතින් ගෙදෙට්ට ගෙනා වෙලේ ඉඳන් රෑ නිදි මර මර පොඩි දරුවත් බලාගෙන ඇගේ සකලමනා වැඩ සේරම කර දීලත්.... තුන්මාසයක් වෙනකං ඒ තේ උඩිච්චිව ගෙට කරං ඉඳලා තියෙන්නෙ බො...හෝ....ම අමාරුවෙන් කියනවනේ." ඒ ටික කියද්දී කම්මුලට තියං ඉන්න අත මාරු වෙනවා කියලා මට දැන් නං පුංචි අම්මා නොපෙනෙන තැනක හිටියත් කියන්න පුළුවන්. "දරුවෝ හදන්න කැමති වෙලා නෑලුනේ.කරන්න තියෙන සේරම දහංගැට කරලත් තියෙද්දි තමයි අසරණයා බඩට ඇවිත් තියෙන්නෙ....අනේ ඉතින් දරුවෝ නැති අම්මලා කොච්චර නං ඉන්නවද මේ රටේ එහෙව් එකේ දරුවෝ එපා කියපු මෑ බඩ ගැබ්බර උනේ මො
න කරුමෙටදෝ මන්ද." "අරක්කු සිගරට් තියා බුලත් විටක්කත් කටේ තියන් නැති බෝධිසත්තයෙක් වගේ මේ අයියව දාලා ගිහින් හැබෑට නින්ද යනවද දන්නෑ ඔය හෝන්තුවට" ආපු කෙනා අහං ඉන්නවා ද නැද්ද කියලා පුංචි අම්මාට වැඩක් නෑ එයාට ඕන තොර තෝංචියක් නැතුව අම්මට බනින්න.හැබැයි අත්තම්මාට හරි තාත්තාට හරි ඇහුනොත් නං පුංචි අම්මා හොඳටම බැනුම් අහනවා.දවසක් තාත්තට හොඳටම කේන්ති ගිහින් "මං වල දාපු කුණු කන්දල් අවුස්සන්න නං නංගි මෙහේ එන්නේ., ආයේ මෙහෙ නාවට කමක් නෑ" කියලත් කිව්වා.පුංචි අම්මා ඒ පාර ගෙදර ගිහින් ආයේ හුඟ කාලෙකට ආවෙත් නෑ මහගෙදර පැත්තේ.කොයි හැටි වෙතත් පුංචි අම්මා හරි හොඳයි.මහ ගෙදර ඉන්න වෙලාවට මාව නාවලා පියරු දාලා කොලෝන් දාලා වත්ත වටේ ඇවිද ඇවිද ලේන්නු කුරුල්ලෝ පෙන්න පෙන්න බත් කවලා හොඳට බඩ පිරුණම කකුල් දෙකේ දාලා සිංදු කිය කියා නලෝනවා මට නින්ද යනකම්ම ඒ දවස් වල. මහගෙදර ඉන්නෙ මායි තාත්තයි අත්තම්මයි නැන්දයි.බාප්පයි පුංචි අම්මයි බබී අක්කයි සුදු අයියයි ඉන්නේ වෙනම ගේක.ඒක ටිකක් දුර බස් එහෙක නැගලා යන්නත් ඕන එහෙට යන්න.ඉස්සර මායි තාත්තයි අම්මයි ඉඳලා තියෙන්නෙ වෙනම ගේක.ඒත් අම්මා කෙනෙක් නැතුව මාස තුනක දරුවෙක් බලා ගන්න පිරිමියෙකුට තනියම බැරි නිසා තාත්තා ආපහු මහ ගෙදර පදිංචියට ආ වග ඔය පුංචි අම්මා ගේ කථා වලින් ම මං දැන උන්නා.නැන්දවත් අත්තම්මාවත් තාත්තාවත් අම්මා ගැන වචනයක් වත් මගේ කන් දෙකට ඇහෙන්න කථා කරන්නේ නෑ.කොහොමත් මට එහෙමටයි කියලා ආදරෙන් අඩු පාඩුවක් දැනිලත් නෑ.තාත්තා හැම වෙලාවෙම මගේ හෙවනැල්ල වගේ හිටියා.නැන්ද කසාදයක් බැඳලා වෙන ගේකට යන්න අදි මදි කරෙත් මං හින්දලු.තාත්තා වැඩට ගිහින් එනකං මං ඉන්නෙ අත්තම්මගේ දිග සායේ කෙලවර හයියෙන් අල්ල ගෙන.මොකද මට සමහර දාට ඇහෙනවා. "මටත් දැන් යන්න කාලේ හරි.මේ පොඩි එකා දාලා යන්නයි හිත හදා ගන්න බැරි" කියලා අත්තම්මා තනියම කොඳුරනවා.එයත් යන්න ගියොත් තාත්තා වැඩට යන්නේ මාව කොහේ තියලද කියන ප්‍රශ්නේ මට නිතර තිබුනා.අනික් අතට අත්තම්මා ළඟ දැනෙන බෙහෙත් තෙල් සුවඳට මං හරි ආසයි.එයාගේ ඇඳුම් වල එන්නේ කපුරු සුවඳක්.රෑ කලුවර ගෙට ගාටන හැන්දෑ වරුවල අත්තම්මා තාත්තයි නැන්දයි ගෙදර එනකං මට හප හප ඉන්න සීනි උණු කරලා දාපු බැදපු දෙල් තීරු දෙන අතරේ හත් පෙති මලේ කථාව,හිම කුමාරිගෙ කථාව,රතු හැට්ටකාරිගේ කථාව එහෙම කියලා දෙනවා.හැබැයි මට ශේන්යාට වගේ හත් පෙති මලක් ලැබුණොත් නං ඉල්ලන්න දේවල් ගොඩක් තිබුනා.නැන්දට ගැලපෙන මනුස්සයෙක් හොයලා දෙන්න කසාද බඳින්න කියන එක තමයි මුලිං ඉල්ලන්නේ.මොකද අත්තම්මා හරී...ම දුකින් ඉන්නෙ ඒ ගැන.මට කීප වතාවක් ඇහිලා තියෙනවා "මේ දරුවා ගැලපෙන කෙනෙක් හොයලා කසාද බැන්දේ නැත්තං කොහොමද මං සැනසිල්ලේ ඇස් දෙක පියා ගන්නේ" කියලා.ඇත්තටම නින්ද යන්නේ නැති එක නං හරි අමාරු තත්වයක්.දවසක් මට ඔලුවේ කැක්කුමක් හැදිලා නින්ද ගියේම නෑ.ඒ නිසා මං දන්නවා නින්ද නැති උනොත් කොච්චර අමාරුද කියලා.ඒ හින්ද අත්තම්මට නිදා ගන්න නං නැන්දා කසාද බඳින්න ඕන. දෙවනි එක තමයි අපේ තාත්තාගේ රස්සාව ලේසි කරලා දෙන්න කියලා.එයා හැම නිතරම කියනවා ඇහෙනවා මේ රස්සාව නං කරගෙන යන්න අමාරුයි කියලා.මාසේ අන්තිම දවස් වලට එයා එන්නේ මහා රෑ වෙලා.මං නැන්දගේ හරි අත්තම්මගේ හරි ඔඩොක්කුවේ ඉඳං නිදා වැටි වැටී බලං ඉන්නවා තාත්තා එනකං.මං එයා එනකම් කොහොම හරි ඇහැරිලා ඉන්නෙ මං එයාගේ එකම සැනසීම කියලා යාලුවෝ කෝල් කරන කොට කියනවා ඇහිලා තියෙන නිසා විතරක් නෙවෙයි තාත්තගේ බඩ උඩට කකුලක් දා ගන්නේ නැතුව මට සනීපෙට නිදා ගන්න බැරි නිසා. තාත්තා කීයට ආවත් ඒ එනකන් මං ඉන්නෙ බාගෙට නිදාගෙන.මං චූටි කාලේ කිරි බෝතලෙකුත් හදා ගෙන යන යන තැන මාව එක්ක යනවලු.මගේ කක්කා චූ රෙදි පවා අත්තම්මටවත් හෝදන්න දුන්නෙ නැතිලු.මාව පපුවට තුරුලු කරගෙන රෑ එලි වෙනකං ඉන්නවලු ලෙඩක් අසනීපයක් හැදුනොත්. අත්තම්මගේ අත පය හන්දි කැක්කුම් සනීප කරලා දෙන්න කියලත් මල් පෙත්තක් උඩ දාලා කියන්න ඕන.අනේ පව් එයා මහ රෑටත් ඇහැරිලා කෙඳිරි ගානවා , බෙහෙත් තෙල් ගානවා මට ඇහෙනවා, පේනවා.දවල් දවසෙම ගෙදර වැඩයි මගේ වැඩයි වත්තේ පිටියේ වැඩයි සේරෝම කරනවා. ඉතිරි පෙති වලින් ඉල්ලන්න ඕන මොනවද කියලා හිතලා මතලා බලන අතරේ තමයි වාහනේක ලයිට් එලියක් ඉස්තෝප්පුවේ මහ කණු අතරෙන් ගෙට ආවේ.එක පාරට නැගිට ගන්න බැරි අත්තම්මා කොන්දට අත ගහගෙන හෙමින් හෙමින් නැගිටින කොට තාත්තා යාලුවෝ දෙන්නෙකුට වාරු වෙලා වැනි වැනී ගෙට ඇවිත් ඇඳි පුටුවක වාඩි ගත්තා. "ගෙටම යං අපි ඇඳෙන් දාන්නං" ඒ ආපු යාලුවො කියද්දී මට තාත්තාව පෙනුනේ බොඳ වෙලා.තාත්තා මං දිහා බලලා අත වනනවා මං යාන්තමට දැක්කා උනත් මට තාත්තා ගාවට දුවගෙන යන්න බෑ වගේ හිතුනේ.මං කවමදාවත් දැකලා නෑ තාත්තා එහෙම ඉන්නවා. "අම්මේ මේනක පොඩ්ඩක් අසනීප උනා ඔෆිස් එකේදි අපි බෙහෙත් අරං දුන්නා.හොස්පිට්ල් එකේ ඇඩ්මිට් වෙන්න කියද්දී බෑ කියලා බෙහෙත් අරං ඔය ආවේ පුතා නොබලා බෑ කියලා.මොකක් හරි අමාරුවක් තිබුනොත් කෝල් එකක් දෙන්න ඕන රෑක.මං එන්නං කරදරයක් කියලා හිතන්න එපා." ඒ ආව මාමලා කියද්දී මායි අත්තම්මයි හොල්මන් දැකලා බය උන ගානට හිටියේ.මගේ තාත්තා කවමදාවත් ලෙඩක් අසනීපයක් නිසා මේ තරං අමාරුවෙන් ඉන්නවා මං දැකලා නෑ.මං දුවලා ගියේ බුදු පාන ළඟට. "අනේ බුදු සාදු මගේ තාත්තා ව සනීප කරලා දෙන්න " මං ඇස් වහගෙන එක දිගට ඉල්ලුවා.තාත්තා එන්න එන්නම අසනීප උනා.එක එක පරීක්ෂණ වලට සමහර දාට ඉස්පිරිතාලේ නතර වෙලත් හිටියා.එහෙම තාත්තා ඉස්පිරිතාලේ ඉන්න දාක නැන්දා අවේලාවේ ගෙට ගොඩ උනේ මාවත් බදා ගෙන විලාප තියාගෙන. "අම්මා අයියාට පිළිකාවක් ලු" එච්චරයි කිව්වෙ අත්තම්මා පපුව අල්ලගෙන බිම වාඩි උනා.ටික වෙලාවකට පස්සේ බාප්පත් ආවා.මට තේරුණා පිළිකාව කියන්නේ එච්චර හොඳ ලෙඩක් නෙවේ කියලා.බබී අක්කයි සුදු අයියායි මාව සෙල්ලං කරන් එලියට ගෙනියන්න හැදුවත් මං අත්තම්මගේ සාය කොණ අත ඇරියේ නෑ. "අනේ ඉතින් දැන් අහවල් දෙයක් කරන්න ද අයියට මරණ සහතිකේ අතට ලැබුණ ගානයිනේ" පුංචි අම්මා කිව්ව කථාවට නැන්ද රවලා බලපු විදිය නං මට කවදාවත් අමතක වෙන්නෙ නැති වෙයි.මරණය කියන්නේ එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා ලොකු අයගේ කථා විටින් විට කණේ වැටිච්ච නිසා මං දැනං උන්නා.ඒ නිසා මටත් හොඳටම ඇඬුනා.තාත්තා ඉස්පිරිතාලේ හිටිය දවස් වලත් කොච්චර දුක හිතුනත් අඬන්නේ නැතුව මං හිටියේ ඉක්මනට සනීප වෙලා එයිනේ කියන බලාපොරොත්තුවෙන්.මං අඬන්න ගත්තම අඬ අඬ හිටපු සේරම අය එකතු වෙලා මාව නලවන්න ගත්තා.රෑ වෙනකොට තාත්තාගේ යාලුවෝ ආවා. "බය වෙන්න එපා අම්මා දැන් තාක්ෂණය දියුණුයි අපිට මේනකව බේර ගන්න පුළුවන්." ඒ මාමාගේ කථාවට මට හරි සතුටු හිතුනා.දවාලේ ඉඳන් ගෙදර අය ඇඬුවේ නිකං තාත්තා ආයේ කවදාවත් ගෙදර ගේන්න බැරි ගානට.මං දුවලා ගිහින් ඒ මාමාව බදා ගත්තා. "මාමේ හෙට මාව තාත්තා ගාවට එක්ක යන්න. මාව දැක්කාම එයාට නිකම්ම සනීප වෙයි." මං එහෙම කියන කොට එක්කෙනාට එක්කෙනා හොරෙන් ඇස් වල කඳුළු පිහ ගන්නවා මං දැක්කා. "හෙට පුතාගෙ තාත්තා මහරගම ගෙනියනවා.පුතාට එහේ යන්න හොඳ නෑ තාම චූටි නිසා.හැබැයි මං ඔයාගේ පණිවිඩේ නොවරදවාම කියන්නං." ඒ මාමලා එහෙම කියලා යන්න ගියා.ඊට පස්සේ නැන්දයි බාප්පයි පුංචි මාරුවෙන් මාරුවට මහරගම ගියා.හැම හැන්දෑවකම මං අත්තම්මා එක්ක පන්සල් ගියා.බෝධි පූජා තිබ්බා.සෙත් කවි කිව්වා.ටික දවසකින් තාත්තා ගෙදර ගෙනාවා.ඒ එනකොට තාත්තාගේ කොන්ඩෙ ගහක් වත් ඔලුවේ තිබුනේ නෑ.කලු වෙලා කෙට්ටු වෙලා හිටියේ.ඒ මොක උනත් මොන දේ නැති උනත් තාත්තගේ දිලිසෙන ඇස් ඇතුලේ හිටපු මං වෙනස් වෙලා හිටියේ නෑ.මං දුවලා ගිහින් තාත්තාව තුරුල් කර ගත්තා.තාත්තාගේ මූණ වේදනාවෙන් ඇඹරෙනවා දැක්කා උනත් මට තාත්තාගේ රස්නේ තියෙන පපුවෙන් අයින් වෙන්න හිතුනේ නෑ. ගෙදර ගෙනත් ටික දවසකින් තාත්තා හෙමින් හෙමින් නැගිටලා ඇවිද්දා.මං තාත්තා ව වාරු කර ගත්තා මට පුළුවන් හැටියට. "නංගී මං කියපු දේ කරේ නැද්ද " තාත්තා නැන්දාගෙන් ඇහුවේ මං අත්තම්මා එක්ක බුදුන් වඳින වෙලාවක. "අනේ වැඩක් නෑ අයියේ කථා කරලා.මං ගිහින් කිව්වා.සත පහකට මාව ගණන් ගත්තේ නෑ." "අපි හෙට දරුවා අරං ගිහින් බලමු.එතකොට වත් උණුවේවිද කියලා" එදා තමයි මං ඉස්සර වෙලාම අම්මව දැක්කේ.ඉරටු මිටියක් වගේ කොණ්ඩෙ කඩා දාලා පිට මැදට වෙන්න.සුදුම සුදු බෝල මූණ.මට දැනුණා මං එයා වගේ කියලා පුංචි අම්මා කියලා තියෙන්නෙ බොරුවට නෙවෙයි කියලා. "මධූ මට තියෙන්නෙ ස්ටේජ් ෆෝ බ්ලඩ් කැන්සර් එකක්.මට තව හුඟාක් කල් නැති වෙයි.පින් අයිති වෙයි මේ දරු පැටියා භාර ගන්න." මං බලා හිටියේ අම්මා දිහා උනාට අම්මා බලා හිටියේ පැත්තක තිබුන මාලු ටැංකිය දිහා. "අම්මා වයසයි.නංගි කසාද බඳින වයසේ...මං ඔයාට ඇර වෙන කාට මේ දරු පැටියා බාර දෙන්නද.?තමුන්ගේ කුසෙන් වදාපු මේ දරුවා ගැන අබ මල් රේණුවක කැක්කුමක් නැද්ද මධු" තාත්තා අත් එකතු කරලා වැඳලා වගේ අම්මට කිව්වා.පුංචි අම්මා හිටියා නං කියයි දරු හැවිකාරයක් නැති අඟනක් ළඟ අයියා "මොකට බාල්දු උනාද "කියලා. "මේනක හොඳටම දන්නවනේ මට ඒ වෙලාවේ දරුවෙක් හදන්න ඕන කමක් තිබුනේ නෑ.මං හිටියේ මගේ කැරියර් එකේ හොඳම හරියේ.අද මේ වෙලාවේ උනත් දරුවෙක් නිසා මට මගේ ගමන නවත්න්න බෑ.මං හෙට අනිද්දම ෆ්ලයි කරන්න ඉන්නෙ." නැන්දා මාව හයියෙන් තුරුල් කර ගත්තා.අම්මා තාත්තගේ මූණ ඉස්සරහටම දොර වැහුවා.මං ඇඬුවේ නෑ. "දැන් තේරෙනවනේ තාත්තා මං වෙනුවෙන් ජීවත් වෙන්න ම ඕනේ." මහ පණ්ඩිත කථාවක් කියලා අහන අයට හිතුනත් මං තාත්තට කිව්වේ ඇත්තටම මට හිතුණ දේ. එදා ඉඳන් කාලේ හුඟාක් වේගයෙන් ගෙවුණා.තාත්තා එයාගේ ලෙඩෙත් එක්ක හොඳටම ෆයිට් කරා.තාත්තා හුඟාක් ධෛර්යමත් කෙනෙක්. තාත්තා ගේ යාලුවෝ කවදාවත් අපිව තනි කරේ නෑ.බෙහෙත් හේත් හොයලා දුන්නා සල්ලි වලින් උදව් කරා තාත්තා ළඟටම වෙලා සුව දුක් හෙව්වා.මාව ඉස්කෝලෙ දැම්මා ඉගැන්නුවා.අත්තම්මව පවා බලා ගත්තා.අම්මා ඇරෙන්න අපේ වටේ හිටපු හැම කෙනෙක්ම අපිට උදව් කරා.ගමේ අය අහල පහල අය තැඹිලි ගෙනාව.කටුපිල හොයා දුන්නා.මයියොක්කා දවස ගානේ කන්න තර
ං ගෙයි ගොඩ ගහලා තිබුනා.කන්න බොන්න හොඳයි කියලා හිතෙන හැමදේම හිතන පමාවට තාත්තාට ලැබුණා.ඒ වගේම එකම බේත් වේලක් වත් තාත්තා වැරැද්දුවේ නෑ.හරියටම කියන දිනේට ඉස්පිරිතාලේ නතර උනා.කන්න බොන්න මොන තරං අමාරු උනත් වමනේ දදා හරි එයා කෑවා.කෙස් ගහක් වත් නැති තට්ටේ ගැන උනත් එයා බැලුවේ සර්ව සුභවාදී විදියට.බෙහෙත් වලට කොච්චර ඇඟට අමාරු උනත් එයා පුදුම හයියකින් ජීවිතේ ට මූණ දුන්නා.මං හැමදාම දැක්කේ තාත්තාගේ ඇස් වල තිබුන බලාපොරොත්තුව.කවදාවත් එයා හරි ලේසියට කිසිම දෙයක් අත අරින්න ලෑස්ති කෙනෙක් නෙවෙයි කියලා මට දැනුණා.හරියටම සායන දිනේට ඉස්පිරිතාලේ ගියා.පස්සේ පස්සේ මාත් තාත්තා එක්ක යන්න පුරුදු උනා.ඒ වෙලාවක තමයි ලොකු දොස්තර මහත්තයා කිව්වේ "පුතාගේ තාත්තා ට තිබුනේ මාර හයියක් " කියලා.මං එහෙමම කිව්වා "ඔව් එයා වීරයෙක් " කියලා.මං වෙනුවෙන් එයා හිතට ගත්ත හයිය සාමාන්‍ය මනුස්ස හිතකට වඩා වැඩී.මං හිතන්නේ දැන් එයා ඉන්නේ දිනලා......ඒ වගේ හයිය තාත්තා කෙනෙක් ගේ පුතා වෙච්ච මං කොහොමත් දිනලා....හරි ඉක්මනටම ඉස්සර පුංචි කාලේ දවසක ලුණු ගෙනියන්න කරේ තියා ගත්තා වගේ,මාව කරේ තියාගෙන රවුමක් යයි එයා. වීරයෙක් කියන්නේ හැම තිස්සෙම අනුන් වෙනුවෙන් මැරෙන්න ඉදිරිපත් වෙන කෙනකුටම නෙවෙයි. තව කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න සටන් කරන කෙනෙක් උනත් වීරයෙක් වෙන්න පුළුවන්.අන්න එහෙම කෙනෙක් තමයි මගේ තාත්තා. නිමි. (සේයාරුව අන්තර්ජාලයෙන්)නොනැවතී ඉදිරියට වසර කීපයක් ගුවන් තොටුපල ටැක්සි සේවයේ යෙදුන සිරිල්ට මේ වෙද්දී එක ම බැල්මකින් තමන්ගේ රථයට නගින කෙනාගේ තරාතිරම,සමාජ තත්ත්වය ගැන බොහෝ දුරට නිවැරදි තක්සේරුවකට පැමිණිය හැක.එසේ තරාතිරම සෙවීම වැදගත් වන්නේ ටිප් එකේ වාසිය සැලකීමේදීය. අදත් හොඳ වාසියක් සැලසෙන හැඩකි.රථයට ගොඩ වී සිටින්නේ ඉහළ තරාතිරමක මහතෙකි.සිරිල් සීරුවෙන් රථය පාරට දැම්මේය.මහතා කතාවකින් තොර ව ටැබ් එකේ වැඩකි.ඒ අතර දුරකථනයට ද උත්තර දෙයි. "ඔව් නිර්මල හිතුවටත් වඩා අඩු ගාණකට මැෂින් ටික ගන්න පුළුවන් වුණා. අපිට ලිස්ට් එකේ ඊළඟට ඉන්න 10 දෙනෙකුට විතර දෙන්න පුළුවන් වෙයි" සිරිල්ගේ නිගමනය නිවැරදිය.ඔහු රට ගොස් ඇත්තේ ව්‍යාපාරයට මැෂින් ගෙන ඒමට නම් හොඳ බර ඇති ව්‍යාපාරිකයෙක් විය යුතුය. කොල්ලගෙ පන්ති ගාස්තු දෙන්නත් ඕන. ගිය මාසෙ ලයිට් බිල ගෙව්වෙත් නෑ.....සිරිල් ගෙවන්නට ඇති වියදම් කල්පනා කළේය. තරු පහේ ආපන ශාලා කීපයක් ඉදිරි පාරේ ඇති බව සිරිල් ට සිහි විය. "සර් තේ බීල ම යනව ද?" "ආ.....මං දන්න තැනක් තියනවා.....තව ඉස්සරහ.මං කියන්නම්..." "ආ.....ඔන්න ඔතන" සිරිල් රිය නවතා වටපිට බැලුවේය.තරු පහේ හෝටල් සියල්ල පසු විය.පෙනෙන තෙක් මානයේ ඇත්තේ පුංචි අතු පැලක් වන් කඩයක් පමණි. "අනේ.....සමරසිරි මහත්තයා නේ....." කාන්තාවක් හිනා කටක් පුරවාගෙන එළියට දුව ආවාය. "කොහොම ද සාමා.....මහත්තයාට හොඳ ද දැන්....ආ..... සිරිල් නේද නම.....බැහැලා එන්න....." "නෑ සර් මං ඉන්නම්‍"උදේ පාන්දර ම සුපිරි අවන්හලකින් උගුර ළඟට එන්නට ෆුල් ඩයට් එකක් දාන්නට පෙරුම් පිරූ සිරිල් නොසතුට වසාගෙන කීවේය. "අනේ එන්න....වාහනේ පරිස්සම් මෙතන..." කාන්තාව පෙරැත්ත කරද්දී සිරිල් අකමැත්තෙන් වාහනයෙන් බැස්සේය. පිටින් කුඩාවට පෙනුනත් ඇතුලතින් ඉතා පිරිසිදුය.කවුන්ටරයේ සිටින්නේ කාන්තාවගේ සැමියා විය යුතුය.සැමියාගේ කකුල් වල ආබාධයක් ඇති බවට බිත්තියට හේත්තු කර ඇති කිහිලි කරුව සාක්ෂි සපයයි. ඒ දෙදෙනා ම සමරසිරි මහතාගේ හිතවතුන් වාගේය.කෙතරම් හොඳ පිරිසිදු ආහාර වේලක් ලැබුණත් සිරිල් නැවත වාහනයට නැග්ගේ පහ නොවූ නොරිස්සුමිනි. නොසිතූ ලෙස උදේ පාන්දර ම වාහන තදබදයකි.සිරිල්ට තවත් තරහ ය. "කොහෙ යනවද මන්දා කකුලත් නැතුව" වාහන පෝළිම් අතරින් ඇදෙන රුවක් දැක සිරිල් ආවේගයෙන් කීවේය. සමරසිරි මහතා හිස ඔසවා බැලුවේය. "ඉස්සර පේමන්ට් එකේ බිස්නස් කරපු මනුස්සයෙක් සර්.ඇක්සිඩන්ට් එකක් වෙලා කකුල කැපුවා.තවත් මට්ටු වෙලා නෑ" සමරසිරි මහතා ෂටරය පහත් කළේය. කිහිලි කරුවට වාරු වෙමින් වාහන වලට හඳුන්කූරු විකිණීමේ අසීරු තැතක යෙදී සිටි පුද්ගලයා වහා ළඟට ආවේය. "කීය ද හඳුන් කූරු?" "පැකට් එකක් 50 යි සර්...." "පැකට් දෙකක් දෙන්න....බිස්නස් එක දියුණු කර ගන්න අදහසක් තියෙනවා නම් මේ එඩ්‍රස් එකට එන්න." මුදල් සමග නේම්කාඩ් පතක් ද වෙළෙන්දා අත පත් විය. ඒ ක්‍රියාව දුටු තවත් ආබාධිත හිඟන්නන් දෙදෙනෙක් තරඟකාරීව වාහනය අසලට කිට්ටු කළත් සමරසිරි මහතා ෂටරය වසා නැවත ටැබ් එකට එබීමත් වාහනය ඉදිරියට ධාවනය වීමත් එක විට ම සිදු විය. "සර් හරි අනුකම්පායි නේද ආබාධිත අයට" සිරිල් නිහඬතාවය බිඳිමින් ඇසුවේය. " ඕන කෙනෙක්ට ඕන වෙලාවක ඔහොම වෙන්න පුළුවන්. අතක් පයක් නැති වුණාට ජීවිතේ ම ඉවරයි හිතන්න නරකයි. උත්සාහයයි දහිරියයි තියෙනවා නම් කොහොම හරි නැගිටින්න පුළුවන්" සිරිල් කල්පනාවට වැටුනේය.හදිසියේවත් අනතුරකින් තමන්ගේ අත පයක් නැති වුනොත්... ඔහුගේ ඇඟ හීතල විය.ඔහු තවත් ඒ ගැන නොසිතා රිය ධාවනය කළේය. මහ ගේට්ටුවකින් ඇතුල් ව වත්තක් මැදින් ගොස් මන්දිරයක් ඉදිරිපිට වාහනය නැවතුනේය. ඔහු පිළි ගන්නට මහා රංචුවකි.ඒ අතර කැමරාකරුවන් පත්තර වාර්තාකරුවන් කීප දෙනෙක් ද වීම සිරිල්ව විස්මයට පත් කළේය.තමන් සිතා සිටියාට වඩා වෙනස් පාරිභෝගිකයෙක් මුණ ගැසීමෙන් කුතුහලයට පත් වූ ඔහු අහල පහල තේ කඩයකට ගොඩ වුනේය. "කවුද අර ගෙදර ඉන්නෙ?" ඔහු වේටර් සමග සුහද බවක් ගොඩ නගාගෙන ඇසුවේය. "හයියෝ අඳුරන්න බැරි වුණාද? හරි ප්‍රසිද්ධ කෙනෙක්නේ.ඒ මහත්තයා ඉස්සරත් හොඳ මලල ක්‍රීඩකයෙක්ලු.නම කිව්වොත් නොදන්න කෙනෙක් නෑ. කාලෙකට කලින් වාහනේ පෙරළිලා කකුලක් කපන්න වුණාලු. සෑහෙන අමාරුවෙන් තමයි ගොඩ ඇවිත් තියෙන්නෙ.කලින් වගේ ක්‍රීඩා කරන්න බැරි වුණාට දැන් අර ආබාධිත අයට පිටරට තියෙන තරඟ වලට ලංකාවෙන් යන කෙනෙක් ඔය. මේ ළඟදි රටවල් ගණනාවකින් දිනලා පදක්කමකුත් ගත්තා. සමාජ සේවේත් හරියට. ආබාධිත අයට රස්සා කරන්න එහෙම හුඟක් උදව් කරනවා. අතක් පයක් නැති කරල මොළයක් තියෙන මිනිහෙක් ව වට්ටන්න බෑ කියල තමා ඒ මහත්තයා කියන්නෙ" -----------------Shanika Tennakoon--------------- මේ වගේ ම කතා ගොඩක් එක්ක මගේ ෆීනික්ස් කිරිල්ලී පොත රුපියල් 780යි, තැපැල් ගාස්තු 210යි. වැඩි විස්තර අහන්න ඉන්බොක්ස් කරන්න.හිත් ගත් නෙත් -------------- හතරවන කොටස යුගාන්ත වාසලමුදලි නමින් ප්‍රසිද්ධ තේව් යුගාන්ත අග්‍රසර වාසලමුදලි මීට මාස කීපයකට කලින් තිබුණ දුලාගෙ උපන්දින සාදයේදි ඇස් වලින් ගැටිල මගේ ජීවිතේ ආක්‍රමණය කිරීම, මුල් දවස්වල අවුරුදු දාසයක දාහතක කෙල්ලකුගෙ හිතේ කුළුඳුල් ප්‍රේමය වෙනුවෙන් ඇතිවුණා වගේ අහසේ පාවෙන හැඟීමක් ගෙනාවත් දැන් ඒ හැඟීම තියෙන්නෙ අහසෙ රඳවන්නවත් පොළවට ඇඳගන්නත් බැරි මෙලෝ දෙයක් නොපෙනෙන හිස් අවකාශයක් වගේ තැනක. යුගාන්ත වාසලමුදලි, ඇමතිනී අවන්තිකා වික්‍රමනායකගෙත් කලකට පෙර සාමාන්‍ය ජනතාව අතර ඉතා ජනප්‍රිය චිත්‍රපට නළුවකු වූ දැනට පර්යේෂණාත්මක වගාව හා ආහාර නිෂ්පාදනය සම්බන්ධ ගොවිබිමක් පවත්වාගෙන යන ආරක්ෂිත කෘෂිකර්මය , කාබනික කෘෂිකර්මය, සංරක්ෂණ කෘෂිකර්මය , කෘෂිකර්මය සඳහා තාක්ෂණික භාවිතය යන විෂයන්හී කථිකාචාර්යවරයෙකු වගේම ධනවත් ව්‍යාපාරිකයෙක් වෙන යුගන්ධර වාසලමුදලිගෙත් එකම පුතා දේශපාලනිකව වගේම සමාජීය වශයෙන් ඇතිවුන පෞද්ගලික ගැටළු මත තේව්ගෙ තාත්ත වැඩිමහල් සොහොයුරියව අරගෙන නිවසින් පිටවෙනකොට තේව් වයස අවුරුදු හතරක පමණ කුඩා දරුවෙක් ලු මීට අවුරුදු නවයකට පමණ පෙර අවන්තිකා වික්‍රමනායක සංස්කෘතික කටයුතු පිළිබඳව ඇමති ධූරය දරන කාලයේ එවකට ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වුන තේව්ගේ පෙම්වතියක්ව අඩ නිරුවත් කරමින් සමාජ ශාලාවකදී තේව්කල පහරදීම අතකොලුවක් කරගත්ත රාජ්‍ය විරෝධී මාධ්‍ය ආයතනයක් ඒ සිදුවීම ප්‍රචාරය කරල තිබුණෙ අවන්තිකාගෙයි යුගන්ධරගෙයි අතීත සම්බන්ධතා පවා හුවා දක්වමින්. පාර්ලිමේන්තුව තුල පවා කතාබහට ලක්වුන එම සිදුවීම නිසා විරුද්ධ මත දරන දේශපාලන කණ්ඩායම් විසින් නිරන්තර පහර දීමෙන් තම ඇමති ධූරය පවා දෙදරීමකට ලක්වෙද්දි එතෙක් තේව් පිළිබඳව අවන්තිකා වික්‍රමනායක ගෙ දෘෂ්ටිය වෙනස් කිරීමත්, සදාචාරවත් මාධ්‍ය මඟින් නිතර නිතර ඒ සිද්දිය මූලික කරගෙන තම පවුලම නිරුවත් කර පහරදීම නිසා තේව් තුලම හටගත් මානසික වියවුලත් හේතුවෙන් අවුරුදු විස්සෙදි තේව්ගෙ ජීවිතේ ක්ෂණික වෙනසකට ලක්වෙලා තිබුණෙ ඔහු අද ඉන්න තරුණ වයසේ බොහෝ දෙනෙකුට ඉක්මනින් ලඟාවිය නොහැකි මාවතට දොරටු විවර කරමින්. එයට මූලික එළි පෙහෙළි කිරීම් සිදුකර ඇත්තේ තේව්ගෙ පියායි. අවුරුදු හතරෙදි තමන් අතින් ගිලිහුණු තම පාරම්පරික නාමයේ අනාගත ලේ උරුමක්කරුවාව අවුරුදු විස්සෙදි සියතට ගත්ත යුගන්ධර වාසලමුදලි එතෙක් බොහොම කුළෑටි නමුත් ප්‍රකෝපකාරී, සෙල්ලක්කාර,දඩබ්බර චරිතය අවුරුදු විසි අට වෙද්දී වයස් බේදයකින් තොරව ගෞරවයට, ආදරයට, පිළිගැනීමට ලක්වෙන පුද්ගලයෙක් බවට පත්කරල තිබුණ. උපක්‍රමශීලී කූඨ බුද්ධිය ජාන වලින්ම හිමිවෙලා තිබුණ යුගාන්ත වාසලමුදලි වසර හත ,අටක් ඇතුළත ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයින් හා උරෙන් උර ගැටෙමින් එතරම් කලක් ඔහුව හැඳින්වීමේදී ප්‍රමුඛස්ථානයට පැමිණි මවගේ පෙළපත් නාමය වන වික්‍රමනායක නම වෙනුවට වාසලමුදලි නාමය ඉදිරියට ගෙනත් තිබුණේ පියාගේ ව්‍යාපාරයන් විදේශයන් හී පවා ප්‍රචලිත කරමින්. ඒ හේතුවෙන් අදවන විට බොහෝ දේශපාලනික, අධ්‍යාපනික, කලා මෙන්ම ආගමික වැඩසටහන්වල පවා ආරාධිතයෙක් ලෙස මූලාසනයක ඉඳගන්න යුගාන්ත වාසලමුදලිට වැඩි මහන්සියකින් තොරව හැකිවෙලා තියෙනව. මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල කීපයකින් ක්ෂේත්‍ර කීපයක් යටතේ උසස් අධ්‍යාපනය ලබල තියෙන තේව් තේ එක සාදාගැනීමේ සිට තම කෑම එක පිළියෙල කරගැනීම දක්වා අත්දැකීම් ලබල තියෙන්නෙ පියා යටතෙදීයි.කුඩාකල සිටම martial arts හදාරල තිබුණට තුවක්කුවක් අල්ලල ඉලක්කයකට වෙඩි තියන්න වගේම ඉස්සෙල්ලම උදැල්ලක් අතින් ඇල්ලුවෙත් තාත්ත එක්ක ජීවත්වෙන්න පටන්ගත්තට පස්සෙයි කියල තේව් මා එක්ක කියල තියෙනව. කලාවට සක්‍
රීයව දායක නොවන යුගයක වුනත් යුගන්ධර සතු කුසලතා හේතුවෙන් තරුණ පරපුර පවා ඔහු වටා රැස්ව සිටීම නිසා , දිනපතා හතර පස්දෙනෙකුවත් එක්ව සංගීත භාණ්ඩ වාදනය කරමින් ගී ගයන හැන්දෑවල් නිසා තේව් සතු ගායන , වාදන හැකියාවන් වර්ධනය වෙලා තිබුණේ සංගීතය කෙරෙහි විශාල ඇල්මකුත් ඇතිකරමින්. අවුරුදු හතරෙදි පියා ඇසුරෙන් මිදීමත්, මවගේ අවදානය නොලැබීමත් නිසා මානසික පසුබෑමකට වගේම පීඩනයකට ලක්වෙලා හිටිය තේව්ට විටින්විට ඉන්දියාවට ගොස් ආධ්‍යාත්මික පුහුණුවක් ලබල දුන්න කිවුවට ඔහු සතුව දුරට පේන මනා සංයමය ඒ පෞරුෂය ඉතා පුංචි දේටත් කේන්ති අරගෙන හැසිරෙන ඔහු සතුව මම දැක්කෙ නෑ. කෘෂිකර්මාන්තය, කලාව, ව්‍යාපාර ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තමා තුල ඇති සියලු හැකියාවන්ගෙන් පෝෂණය කරමින් පියා විසින් තේව්ව ගොඩනැඟුවයි කියන වසර කීපය ඔහුට අනුව ඉතා දුෂ්කර සමයක් වුනත් ඒ දුෂ්කර කාලයේත් ඔහුගේ උයනේ නානාප්‍රකාර මල් නම් අඩුවක් නැතුව පිපුණලු. ඒ අතීතය ගැන කතා කරද්දි , "කෑවෙ බිව්වෙ නැතත් කෙල්ලෙක් නම් නෑ කියන්නෙ නෑ කියල " මම කිවුවම " ඉරිසියාකරන්න එපා ළමයො ඒකට කියන්නෙ පින කියලා...... " කියමින් තේව් හිනාවුනා. උදේ office යන්න වාහනේට ගොඩවුන වෙලාවෙ ඉඳල හවස office එකෙන් පිටවෙන්න පැය භාගයක් තියෙද්දිත් විටින් විට මම තේව්ට call ගත්තට ඒ කිසිවකට ඔහු ප්‍රතිචාර නොදැක්වුවේ, කලින් දින රෑ ඔහුගේ දුරකථන ඇමතුම් වලට මම ප්‍රතිචාර නොදැක්වීම වෙනුවෙන් පලිගන්න චේතනාවෙන් වෙන්න ඇති කියල මට හිතුනම හිත් screen එකේ අපි දෙන්නගෙ නොගැලපීම් ලැයිස්තුවට ලකුණක් එකතු වුණා. හවස මගේ කැබින් එකෙන් එළියට ආව මම නිළධාරීන්ගේ රථගාල දක්වා ආවෙ වෙනද වගේ අතරමඟ මුණගැහෙන කිසිවෙකුත් සමඟ කතා බහකින් තොරව මගේම සිතුවිලි අතරේ සැරිසරමින් මතක ඇති කාලෙ ඉඳල අම්මගෙයි අප්පච්චිගෙයි ආදර කතාව අහල තිබුණ මම අප්පච්චි වගේ ප්‍රේමය වෙනුවෙන් කැපවෙන පෙම්වතෙක් ගැන හීන දැක්කේ සාමාන්‍ය පෙළ ලියන කාලෙ ඉඳලමයි පෙනුමෙන් සෙත් මගේ හිතට සමීප වුනත් ප්‍රේමාන්විත බව අතින් නම් සෙත් හිටියෙ මගේ හදවතේ ගොඩනැඟිල හිටිය චරිතයට හාත්පසින්ම වෙනස් තලයක. ලද ප්‍රේම ආරාධනා ප්‍රතික්ශේප කරමින් ප්‍රේමය විෂයේ ලබන බොහෝ සුන්දර ප්‍රාථමික අත්දැකීමකින්වත් තොරව සෙත් වෙනුවෙන් බලාගෙන හිටිය කාලය ගැන පසුතැවීමක් දැනුනත් අද මං ඉන්න තත්වයට එන්න සාර්ථකත්වයම හඹාගෙන ගිය සෙත් හේතුවක් වුණා. සෙත් වගේ ඉවසිලිවන්ත, සංයමයක් සහිත පුද්ගලයෙක් නොවුනට කඩවසම් බවයි ප්‍රේමාන්විත බවයි අතින් අවුරුදු පහළොවේදි විතර මගේ හිතේ ඇඳගත්ත රූපෙට වඩා බොහෝ ඉදිරියෙන් තේව් ඉන්නව.ඔහුගේ වයසේ හැටියට සම්බන්ධතා සම්බන්ධව ඔහු ලබල තියෙන අත්දැකීම් ඕනවටත් වැඩි වුනාට ප්‍රේමය විෂයේ ඔහු දක්වන බොළඳ, හිතුවක්කාර,දඩබ්බර ගති එක්ක ඔට්ටු වෙන්න මට වයස වැඩියි කියලයි හිත කිවුවේ.අප්පච්චි ජීවත්වෙලා හිටිය නම් තේව් ගැන ධනාත්මකව හිතන්න මට හයියක් ලැබෙනවා.ඒත් අනෙක් අතට හිතනකොට අප්පච්චි ජීවත්වෙලා හිටිය නම් මේ වෙනකොට මම විවාහ වෙලා ඉන්න තිබුණ කියල හිතෙන්නෙ අප්පච්චිට මගේ ජීවිතේ ගැන දැක්මක් තිබුණ නිසා. හදවතට ගැලපෙන ප්‍රේමයක් කියන්නෙ ඇවිදිනකොට කකුලෙ හැපෙන ගල් කැටයක් වගේ දෙයක් නෙවේ, බොහෝ කැණීම් කරල ගරල හොයාගන්න ඕන මැණිකක් වගේ දෙයක් කියල දැනෙද්දි මගේ වයස තිස් දෙකකුත් වෙලා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ලියන්න දෙගිඩියාවෙන් හිටපු කලකට පෙර හිතේ ඇඳුන අදහසට ලස්සනයි,දිගටම ලියන්න වගේ අදහස් වගේම මල් මිටක් හරි එකතු කරල අදහස් දක්වන , කැමැත්ත හඟවන හැම ආදරණීය හිතකටම හදවතින්ම ස්තුතියි.....🙏 උමන්දි ඉඳුතරා සූරියබණ්ඩාර ------✍️***ආදරෙයි කිව්වාම ඇති සබඳ හොඳටෝම*** සීත පතනයක පෙද පාසි වෙලාගත් තිරුවාන තණ පතක සැඟව හිඳ කූඩැල්ලො ලේ උරන ආහ්ලාදයකි දුර නිසාවෙන් දියපාර තනිව යමි සිරි විඳිමි මලකි මම ගඳපාන උණුසුම්ය ගත වෙලන බැල්මකින් මඟ හරින මධු විතකි දෙතොලතර රහසින්ම දොස් නඟන මුණු මුණුව මත් නයන තිගැස්සෙන හිත කෝළ තව ටිකක් ලඟට ගෙන තුරුළු වෙමු සඳපාන මගෙ නොවෙන ඔය සුවඳ ඔබෙ නොවෙන මා ලයට බර කරන් විඳින්නට ඉඩ නොමැති හෝරාව ප්‍රේමයේ හැවිල්ලකි තහනම් රසින් හාද ඇසිල්ලක් අරන් රළු කොපුල් මත දඟ පාන නිදොස් කොට නිදහස්ව අත හරින්නට නුඹව ආදරෙයි කිව්වාම ඇති සබඳ හොදටෝම... හැරගිය මතක Shamikaතායිලන්ත අත්දැකීම් තායිලන්තය නැතිනම් ඉස්සර සියම ලෙස හැඳින්වුව රාඡ්‍යය තාවකාලික මහණ කමට ප‍්‍රසිද්ධයි. ඒක ඒ රටේ සම්ප‍්‍රදායක්. තායි වැසියන් ආදරය කරන වඩාත් ගෙෘරව කරන රඡුතුමාත් තාවකාලික මහණ දම් පුරනවා. මේ වනවිට තායිවැසියන්ගේ වැඩිම ගෞරවයට ආදරයට පාත‍්‍රවුන තායිලන්තයේ බූමිපෝල් රඡුතුමා මියගිහින් වසර ගනනාවක් වෙනවා. ආසියානු තාක්ෂණ ආයතනය Asian Institute of Technology සරසවියේ ඉගෙනුම ලබද්දි අවස්තාවක් ලැබුන තායිලන්තයේ ඈත ගම්බද ප‍්‍රදේශයක තිබුන පන්සලක් බලන්න යන්න. ඒකට අවස්තාවක් ලැබුණ හැටිත් කිව්වොත් හොඳයි. සරසවියේ ඉගෙනගන්න ශිෂ්‍යයෙක් එක්ක බොහොම හිතවත් කමක් තිබුන එක් තායිලන්ත තරුනියක් තමයි අපව රැගෙන ගියේ. ඒ ලංකාවේ ශිෂ්‍යයා මම හිටිය කාලෙම සරසවියේ හිටියත් ඔහු ඉගෙනගත්තෙ මම ඉගෙනගත්ත විෂය නොවෙයි. ඔහු ඉගෙනගත්ත පාඨමාලාවේ සිටිය විවිධ රටවල්වලින් විශේශයෙන් ආසියානු රටවලින් ආව සිසුන් අතර ඔහු ටිකක් ඡුනප්‍රියයි. මේ කියන තායිලන්ත ශිෂ්‍යාවත් ඔහු සමග හිතවත්. ලාංකිකයන් වන අපත් බුද්ධාගමේ නිසා ඇය මේගමන යන්න අපට කතාකලා. තායි ශිෂ්‍යාව වෘත්තියෙන් ගෘහනිර්මාණ ශිල්පය සහ ඉන්ýනේරු විද්‍යාව පිලිබඳව වෘත්තියක නිරතවු අයෙක්. ඇගේ තනි වියදමින් අප බලන්න ගිය පන්සලේ ආවස ගෙයක් ඇය හදමින් හිටියේ. එහි සැලසුමක් ඇයගෙමයි. ඇගේ කාරයේ නැගි පැය ගනනක ගමනකින් පසු අප පන්සලට ල`ගාවුනා. අප යනවිට පන්සලේ ලොකුහාමුදුරුවොයි තවත් එක් හාමුදුරුනමක් පමණයි හිටියෙ මතක විදිහට. අප ලංකාවේ බව දැනගත් ලොකුහාමුදුරුවො අපත් සමගසුහද කතාබහක යෙදුනා පමණක් නොවෙයි බුදුදහම පිළිබඳව ප‍්‍රශ්ණ කිහිපයකුත් අපෙන් ඇසුව. ලොකු හාමුදුරුවන් සමග සාමිචියෙන් පසු අප පන්සල නරඹන්න වුනා. පන්සලේ තවත් හාමුදුරුවො ඉන්නවද කියන අපේ හිතේ තිබුණ ප‍්‍රශ්ණයට පිළිතුර ලැබුනේ පිණ්ඩපාතය වැඩල ආපසුපන්සලට වඩින කුඩා තරුන වයසක ස්වාමින්වහන්සේලා පිරිස දැක්කමයි. එතන තාවකාලික මහණ කම ලබපු අයත් ස්ථිර ස්වාමින්වහන්සේලා ලෙස වැඩවසන අයත් සිටියා. පින්ඩපාතයෙන්පසු දානය වලඳා යම් වෙලාවක් බන භාවනා කිරිමෙන් පසු ස්වාමින්වහන්සේලා පන්සලේ වැඩකටයුතු කරන්න පටන්ගත්තා. කුඩා ස්වාමින්වහන්සේලා අදන කඩය පිටින්ම වැඩ. පන්සලේ තැන්තැන් වල ගොඩගසා තිබු ගල් සහ වැලිගොඩවල්වලින් විල්බැරෝවලට ගල් වැලි පටවගනිමින් ඒවා පන්සලේ අලූතෙන් ඉදිකරන ගොඩනැගිල්ල දෙසට ගෙනියනවා. පන්සල සුද්දකරනවා. අතු ගානවා. තාවකාලික මහනකම ලැබු අය මේවාට වැඩිවශයෙන් සහභාගිවුනා. තාවකාලික මහනකම ලැබු මැදි වයසේ ස්වාමින්වහන්සේ නමක් සමගකතා කරන්න අවස්තාවක් ලැබුනා. උන්වහන්සේ රඡුයේ සේවකයෙක්. විවාහකයෙක්. මාස කිහිපයකට පැවදිවෙලා තියෙන්නෙ. ඒ සඳහා රඡුයෙන් නිවාඩු ලැබිලා. පවුලේ සියලූ දෙනාගේ කැමැත්ත ඇතුවයි තාවකාලික මහණ දම් පුරන්නෙ. පන්සලේ වැඩකටයුතු බලාගෙන සිටි අපට දක්නට ලැබුණු තවත් දෙයක් කිවයුතුයැයි සිතනවා. අප දැක්කා එක් තායි ගැහැණියක් බුදු පිලිමයකට ටිකක් ඈතට වෙන්නට දුම්පානය කරමින් සිටිනවා. සමහර තායිලඳුන් එහෙමයි. ඔවුනට එය එතරම් ගානක් නැ. දුම් පානය අහවර කල ඇය එතන තිබු බුදුපිලිමය තිබු ආසනයට නැග ගත්තා. වෙන්නෙ කුමක්දැයි අප කුහුලෙන් බලාසිටියා. ඇය කලාකාරියක්. බුදුපිලිමයේ රන් ආලේපකරනවා. ඇය ඉතා දක්ෂ ලෙස එය කළා. සමහරවිට මතුපිටින් නොපෙනුනාට බුදුරඡුානන්වහන්සේ පිලිබඳව භක්තිය ඇගේ සිතතුල තිබෙන්නට ඇති කියා මට හිතුනා. තාවකාලික පැවදිඅයගේ චර්යාව පිලිබඳව ග‍්‍රාමිය තායිපන්සලක පරිසරය පිලිබඳව අත්දැකිමත් සමගඅප නැවතත් සරසවියට පැමිණියා.කිත්තගේ කතාව (දෙක) "මම හිතුවේ ඔයා දැන් ලංකාවේ නෑ කියල.." එයාගේ ඉල්ලීමට වැව රවුමේ බංකුවක ඉඳගෙන රාස්සිගේ අව්ව එක්ක දිලිහෙන නුවර වැවේ වතුරේ මැවෙන රටාව දිහා බල බල මම කිව්වා..හැමදාම වගේ එක එක විදියේ පෙම්වතුන්, ගෑනු, මිනිස්සු, පොඩි එවුන්, සමහරු හරිම සතුටින්, තවත් සමහරු දුකෙන්, තවත් සමහරු කේන්තියෙන් අපිව පහුකරල ගියා..ඇත්තටම නුවර කියන්නේ පුදුමාකාර නගරයක්..ඒ තරම් මිනිස්සු මුණගැහෙන, වෙන්වෙන නගරයක් ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති කියල මට හිතුන..කාලාන්තරයක් තිස්සේ මිනිස්සුන්ගේ හිනාව කඳුල දැකපු විසාල මාර ගස් හැමදාම වගේ කිසි වෙනසක් නැතිව හැමෝටම එකම දයාවෙන් සෙවන දුන්න.. "මම ලංකාවට ඇවිත් දැන් අවුරුදු දහයකට වැඩි කීර්ති.." වලාකුළු බැම්මට හේත්තු වෙලා වැව පේන විදියට සෙල්ෆියක් ගන්න හදන පුංචි පෙම්වතුන් යුවළක් දිහා බලාගෙන එයා මට කිව්ව.. "එතකොට මහත්තය.." මම ආයෙමත් ඇහුව.. "එයා එහෙ.." එයා ලොකු හුස්මක් අරං කිව්ව..තව දුරටත් එයාගෙන් ඒ ගැන අහන්න ඕන නෑ කියල මට හිතුන.. මගේ හිත මොහොතකට අතීතෙට ගියා "අපිට මොනවහරි කරන්න වෙනව කීර්ති..පොඩි අයියට කවුද කියල මම කොල්ලෙක් එක්ක රස්තියාදු ගහනව කියල.. එයා අම්මලට කියල..දැන් සුමානයක් විතර තිස්සේ මට බැනුම් විතරයි..ආයෙ පන්ති එවන්නෙත් නෑ කිව්ව..අද හරිම අමාරුවෙන් ආවෙ පොත් වගයක් දෙන්න තියනව කියල..දැනුත් කව්රුහරි පස්සෙන් ඇවිත්ද කියල හිතෙනව මට..මාව ඉක්මනට බන්දල දෙන්නොන කියල අප්පච්චි ඊයේ ලොකු අයියට කිව්ව..මට මනමාලයෝ හොයන්න කියල අම්ම දන්න හැමෝටම කියල.." එක්තරා සෙනසුරාදාවක හදිසියේ විනාඩි දහයකට හම්බ වෙලා එයා මට කිව්ව.. "ඔයා මොනවහරි කරන්න කීර්ති..ඔයා ගන්න ඕන තීරණේකට මම කැමති..මම ඔයාට ආදරෙයි..මට ඔයා විතරමයි ඕන.." "මං ඔයාලගේ ගෙදර ඇවිත් කතා කරන්නං සකුන්තලා..මම ගුරුවරයෙක්..එයාල එක්ක කතා කරන්න බැරිකමක් නෑනේ මට..කාටවත් හොරා මේ දේවල් කරන්න මට කවදාවත් ඕනෑකමක් තිබ්බේ නෑ සකුන්තලා.. අපි දෙන්නම් දැන් ඉන්නෙ කසාද බඳින වයසේ.." "ඔයා ඇවිත් වැඩක් ව
ෙන්නෙ නෑ කීර්ති..අම්මල ඔයාට කැමති නෑ..එක කවදාවත් වෙනස් වෙන්නේ නෑ..ඔයා මොනාහරි කරන්න.මම බඳින්නේ ඔයාව විතරයි..ඒක ස්ථිරයි.." "අපිට නුවර ගෑණු දෙන්නේ නෑ බං.." කාලෙකට කලින් ඇන්ටනි කියපු හැටි මට අයෙමත් මතක් උනා "ගුරුවරු හැටියට අපිට ලොකු වගකීමක් තියනව කීර්ති මහත්තය.රාජකාරි ජීවිතේ වගේම පෞද්ගලික ජීවිතෙත් අනිත් අයට ආදර්ශමත් විදියට ජීවත් වීමේ වගකීම අපිට තියනව..ඒත් ජීවිතේ සමහර වැදගත් තීරණ වලදී අපිට අපි ගැන හිතන්න වෙනව..මොකද ඒ තීරණ ගන්නේ තමන්ගේ සතුට වෙනුවෙන් හින්ද..කොහොම උනත් දෙමව්පිය අකමැත්තෙන් කෙරෙන ඔය වගේ විවාහයක් මම අනුමත කරන්නේ නෑ.. ඒක ලොකු වැරද්දක් මහත්තය..දරුවෙක් හදන්න අම්ම තාත්ත විඳින දුක දන්නේ ඒ මනුස්සයෝ විතරයි..ඒව දරුවන්ට තේරෙන්නේ නෑ..ඒත් ආදරේ වගේ සංවේදී මාතෘකාවක ගන්න තීරණ වෙනස් කරන්න අපි කාටවත් බෑ..කොහොම උනත් දෙන්න ලොකු වගකීමක් අරන් ගන්න තීරණයක් හින්ද බොහොම කල්පනාවෙන් ඉදිරි ගමන යන්නොන..ඒ වගේම මොන ප්‍රශ්නේ ආවත් ඒ හැමදේම බොහොම යහපත් විදියට විසඳ ගන්නව කියල හිතට ගන්නොන..මහත්තයගේ ගමට මාරුවක් හදල දෙන වැඩේ මම කොහොම හරි කරල දෙන්නම්..මොනා වුනත් කසාද බැන්දට පස්සේ දෙන්න දෙමාල්ලෝ එකට ඉන්නොන.." අපි දෙන්න තනි තීරණේට කසාද බඳින බව කිව්වම අපේ ලොකු ඉස්කෝලේ මහත්තය මට කිව්වෙ ඔය ටික.. ඊට සති දෙකකට පස්සෙ අපි කසාද බැන්ද .මහා දිග පෙළපත් නාමයක් තියන උදානි සකුන්තලා කුමාරිහාමි රාජකරුණා සෙනෙවිරත්න සහ වර්ණකුලගේ කිත්සිරි මර්වින් එක්ක කසාදෙ රෙජිස්ටර් කරපු නෝනා කීප වතාවක් සකුන්තලා දිහා බැලුව..එයාගේ පැත්තෙන් කව්රුත් නැති හින්ද ඇන්ටනි මගේ පැත්තෙනුත්, එයාගේ නෝනා ෆිලිෂිය සකුන්තලගේ පැත්තටත් සාක්ෂි වලට අත්සන් කළා... කසාද බැඳලා අපි දෙන්න ඇන්ටනිගේ ඩබල් කැබ් එකේ නුවරඑළි ගියා..නුවරඑළියේ සීතලට වඩා අපේ ජීවිත වල උණුසුම ඒ දවස් ටිකේ අපිට දැනුණ.. "අප්පච්චි මං මැරුණ කියල දානයක් දෙන්න ලෑස්ති කරල..අම්ම තාමත් ඇඩු කඳුළෙන් ලු..ලොකු අයිය නම් මොකුත් කිව්වෙ නැතිලු.." විවාහයෙන් දින දෙකකට පස්සේ එයාගේ හොඳම යාළුවා ශාලිකාගේ ගෙදරට කෝල් කරලා විස්තර අහගත්ත සකුන්තලා ඉකි ගහ ගහ කිව්ව.."අපිට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑනේ.. ඒත් කවදාහරි මම ඒ දෙන්නගෙන් සමාව ඉල්ලනව..මාව ගහල එලෙව්වත් මම සමාව ගන්නවා..අනේ මගේ රත්තරන් අප්පච්චි.. මගේ අහිංසක අම්ම.." එයා විස්සෝප උනා.. දවස් තුනකට පස්සේ කිත්තගේත් නුවර නෝනගේත් හෝම් කමින් එක තිබ්බ..මුහුදු ගම්මානේ හැමෝටම ආරාධනා කරල..ඇන්ටනි හැමදේම අඩුවක් නැතිව ලෑස්ති කරල තිබ්බ..ගෑණු, මිනිස්සු, ළමයි තමන්ට තියන ඉස්තරම්ම ඇඳුං ඇඳල මගුල් ගෙදර ඇවිත් හිටිය..ෆිලිෂිය ලෑස්ති කරලා තිබ්බ විදියට රත්තරං පාට නූලෙන් වැඩ දාපු රතු ඔසරිය ඇඳල රතු මල් පොකුරක් අරං සුරංගනාවියක් වගේ උන්න සකුන්තලා දිහා සමහරු කට ඇරගෙන බලා හිටිය.. "මේවා මෙහෙම කරන්න මං හිතාගෙන හිටියෙ නෑ.." හැමදාම මගේ පස්සෙ වැටිල මට උගන්නන්න දහ දුක් විඳපු අම්ම මොකක්දෝ දුකකුත් එක්ක පුදුමාකාර සතුටකින් සූස් ගාල සකුන්තලගේ සුදු මූණ ඉම්බේ එයාගේ කරේ හැමදාම තිබ්බ පවුම් තුනක රත්තරං මාලෙත් පෙන්ඩන්ට් එකත් සකුන්තලාගේ කරට දාල..මේ හැමදේම රෝද පුටුවට වෙලා ඒ හැටි කල්පනාවක් නැතිව උනත් තාත්ත බලා හිටිය..වෙනද දකින්න නැති සතුටු පෙනුමක් ඒ මූනේ එදා තිබ්බ..මීට අවුරුදු විස්සකට විතර කලින් මාළු බෝට්ටුව පෙරළිලා දවස් ගානකට පස්සේ හම්බ වෙනකොට කිසි කතාවක් බහක් නැතිව, ඉනෙන් පහල පණ නැතිව උන්න තාත්ත අදත් ඒ විදියටම හිටිය.. "ඔක්කොටම කලින් ඔය ගෙදර ටිකක් පිළිවෙල කරගනිං කිත්ත..මං සල්ලි ටිකක් දෙන්නං..අඩුපාඩුවක් තිබ්බොත් කියපං..එතකං උඹල දෙන්න අපේ උඩ තට්ටුවේ පදිංචි වෙයල්ල..ඉස්සහරහ කාමරේ පොඩ්ඩක් ලොකු කරල අලුතින් සිමෙන්ති ටිකක් එහෙම දාල ඇතුලට බාත්රූම් එකක් එක්කම හදා ගත්තොත් හොඳයි..අපිට වගේ ළිං වලින් ඇදල නාන්නයි වතුර බූලි අරන් කක්කුස්සි යන්නයි පුළුවන්ද ඒ කෙල්ලට.." උත්සවයෙන් පස්සේ දිග ලියුම් කවරයක් බරට මගේ අතේ තියන ගමන් ඇන්ටනි මට කිව්ව..මං ඌව බදා ගත්ත.. "මගේ ගුරු පඩියෙන් මේක උඹට දැන්ම ගෙවන්න බැරිවෙයි මට.. ඒත් කවදාහරි මං උඹට මේක ගෙවනව.. "හරි හරි එතකොට මම පොළිය එක්ක හදල කියන්නම්කො උඹට.." ඌ හක හක ගාල හිනා උනා..ජීවිතේ මගේ හැමදේටම උන්න මගේ සහෝදරයා නොවන සහෝදරයා.. මට ඌ ගැන මහා ආදරයක් දැනුන.. මුල් දවස් ටිකේ සකුන්තලා හිටියේ තෝන්තුවෙන් වගේ..මගේ ආදරේ එක්ක එයා මලක් වගේ පිපුනට හැමවෙලේම හේබාල ගිහින් වගේ හිටිය..අපේ පළාතේ තිබ්බ රස්නෙත් මුහුදු හුළඟත් එක්ක එයාගේ සියුමැලි හම ඉරිතැලුන..රෝස පාට යටි පතුල් ගොරෝසු උනා..කිවුල් වතුරට දිග කොන්ඩේ ගැට ගැහුන.. ටික දවසකින් හැමදේම පිළිවෙල උනා..අපේ පුංචි ගෙදර ඉස්සර කාමර දෙකම එකතු කරලා ලොකු කාමරයක් කළා ඇන්ටනි කියපු විදියට බාත්රූම් එකකුත් එක්ක..එයාට හැන්දෑවට වාඩිවෙලා මුහුද දිහා බලා ඉන්න පුළුවන් විදියට පොඩි ඉස්තෝප්පු කෑල්ලකුත් එකතු කළේ එයාගෙම අදහසකට..එයා ආස හින්ද වියන් ඇඳකුත් කැටයම් අල්මාරියකුත් ගත්ත ගෙවීමේ ක්‍රමයට..අපි දෙන්නට මේ හොඳයි කියල අම්ම තාත්තවත් අරං කුස්සියට අල්ලපු කාමරේ පදිංචියට ගියා..ඉතුරු වෙච්ච සල්ලි වලින් මං ඒ කාමරේ පිළිවෙල කරල තාත්තව නාවන්න පිරිසිදු කරන්න ලේසි වෙන විදියට තැනකුත් හදල දුන්න." අපිට ඕව ඕන නෑ පුතේ,, මම දැන් අවුරුදු විස්සක් තිස්සේ කරපු දේවල් මට ඕව පුරුදුයි.. අන්න අර කෙල්ලට පහසුවට ඉන්න හදල දීපං.. මව් දෙමව්පියෝ දාල දේපල දාල උඹ එක්ක ඇවිත් ඉන්නේ මේවයේ දුක් විඳින්න නෙමේ නේ.." අම්ම කිව්ව.. එයා ආවට පස්සේ .මුළු ගෙදරම මොකක්දෝ පින් පාටකින් පිරිල තිබුන.. අම්ම එක්ක කිසිම අඬදබරයක් නැතිව හැමදේම කරගත්ත..පාළුවට ගිහින් තිබ්බ මිදුලේ මල් හිටෙව්ව..තිබ්බ බඩුමුට්ටු ටික පිළිවෙළට තියල දොර ජනෙල් රෙදි අළුතින් දාල ලස්සන කළා..කුස්සියේ පුරෝල තිබ්බ පරණ ටිං කබල්, දැලි වලං අයින් කරලා අතු පතු ගාල සාලේ වගේම ලස්සනට තිබ්බ..අම්ම එක්ක එකතුවෙලා එක එක විදියට මාළු උයන්න ඉගෙන ගත්ත.. අහල පහල හැමෝටම දෙන්නත් එක්ක උඩ බැලුම්, පැණි වළලු වගේ රසකැවිලි හැදුව.. ජීවිතේ ගෙවිල ගියා..සතුටත් ආදරෙත් උපරිම දැනුන අවුරුදු හයක් දන්නෙම නැතිව ගෙවිල ගියා..ගෙදරට ටෙලිෆෝන් ගත්තට පස්සේ එයා අයියලට, යාළුවන්ට එහෙම කතා කළා..අම්ම අප්පච්චි උනත් ඉස්සර තරං එයා එක්ක තරහක් නෑ කියල පොඩි අයියගේ නෝන එයා එක්ක කියල තිබ්බ.. දරුවෙක් ගැන බලාපොරොත්තු තියාගෙන හිටියත් මොකක්දෝ හේතුවකට අපේ කිරි හීනේ දවසින් දවස පරක්කු උනා.."අපිට මෙහෙම වෙන්නේ දෙමව්පියන්ගේ හිත් රිද්දපු හින්ද වෙන්න ඇති.." එයා මහා දුකකින් කිව්වා.."තව කල් තියනවනේ සකුන්තලා.. අපි බලමු.." ඒ වෙලාවට මම එයාගේ හිත හැදුව.. අපේ බැඳීම් වෙනස් වෙනව කියල මට තේරුනේ කසාද බැඳලා අවුරුදු අටක් විතර යනකොට.. ඒ එනකොට එයා ගෙදර අය එක්ක බොහොම හොඳට කතාබහ කරලා හිටිය..නිතර නිතර නුවරත් ගියා.. " අයිය කිව්වා නුවර ඇවිත් ට්‍රීට්මන්ට් ගන්න කියල" "පොඩි අයියට මේ පාර නිවුන්නු ලු..අපේ පරම්පරාවල දරුවෝ ඕන තරම් නේ.." "කේතකි නංගි බැඳල ඕස්ට්‍රේලියාවේ යනවලු.. එයාගේ මහත්තය ඉන්ජිනේරුවෙක්නේ.. ලොකු පඩියක් හම්බ වෙනව කියන්නේ.." "මගුල් ගෙදර හැමෝම අළුත්ම කාර් වල.. කොහේ තියන සල්ලිද මන්ද.. අපිට තමා තාමත් බයිසිකල් කට්ටක් වත් ගන්න බැරිඋනේ..කොහෙද ඔයාට කිසි උනන්දුවක් නෑනේ ටියුෂන් ටිකක් වත් කරන්න..කළත් කරන්නේ පිනට..අනේ මන්ද.." එයා ටික ටික වෙනස් උනා.. ඔව් ටිකෙන් ටික..එයාගේ වෙනස් වීම තේරුම් ගන්න බැරිව මම ලතවුනා.. එයාට ඕන ජීවිතේ දෙන්න බැරිවීම ගැන මට දුක හිතුන.."අපි පොඩ්ඩක් ඉවසල ඉමු සකුන්තලා" මම එයාට කිව්ව.."මට දැන් මේ පිළි ගඳ ඉවසල එපා වෙලා තියෙන්නේ.." එයා මගේ මූණටම කියල දැම්ම.. මුලින් මාසෙකට දෙකකට වතාවක් නුවර ගිය එයා පස්සෙන් පහු සති දෙක තුන එහෙටම වෙලා හිටිය..බැරිම තැන මම කෝල් කලාම අයියලාගේ දරුවො බලාගන්න හරිහමන් කෙනෙක් නැති බවත් අම්ම අප්පච්චිත් දැන් ඉන්නේ අයියලා එක්ක බවත් කිව්ව.. "නංගි මට කියපු හැටියට එයා ඔයාගෙන් වෙන වෙන්න කැමති කීර්ති..ඔය නොදන්න කාලේ වෙච්ච දේවල් යමක් කමක් තේරෙනකොට වෙනස් වෙනව..ඔයාලට දරුවොත් නැති හින්ද මේක ඒ තරම් ප්‍රශ්නෙකුත් නෙමේ නේ..කොහොම උනත් අන්තිමට සිද්දවෙන්න ඕන කව්රුත් සතුටින් ඉන්න එකනේ..බැඳීමක් නැතිව එකට ජීවත් වෙලා වැඩක් නෑ..ඔයා උගත් කෙනෙක් හින්ද මේක තේරුම් ගනී කියල මට හිතෙනව..නොගැළපෙන දෙන්නෙක්ට කොහොම උනත් දිග ගමනක් යන්න අමාරුයි නේ කීර්ති.." එයාගේ ලොකු අයිය මට දවසක් කතා කරල කිව්ව.. අපි නොගැළපෙන දෙන්නෙක් උනේ කොහොමද කියල දහස් වාරයක් මට හිතුනත් පස්සේ එයාගේ සතුට වෙනුවෙන් හැමදේම දරා ගන්න මම තීරණේ කළා..මුහුදු ගම්මානේ හැදුනු අපි වගේ මිනිස්සුනට එහෙම ඕන දුකක් දරා ගන්න පුළුවන්කම තිබ්බ.. ඊට මාස ගානකට පස්සේ අපේ දික්කසාදේ තීන්දුව ලැබුන..අන්තිම වතාවට එයා තාත්තයි අයියයි එක්ක බෙන්ස් කාර් එකේ නැගල උසාවියෙන් පිටත් වෙනව බලා හිටපු මම දළදා වැඳල ගෙදර ආව..හරියටම ඊට මාස හයකට විතර පස්සේ එයා දොස්තර කෙනෙක් බැඳලා එංගලන්තේ පදිංචියට ගියා කියල අපිට මුල ඉඳලම උදව් කරපු එයාගේ යාළුවා මට කෝල් කරලා කිව්ව.. හැමදේම හිතපු නැති විදියට වෙනස් උනත් මහ මුහුද වෙනද වගේම වෙනස් නොවී තිබුන..මුහුදු ගම්මානේ මිනිස්සුත් වෙනස් වෙවී එයාලගේ ජීවන අරගලයේ යෙදිල හිටිය.. වෙච්ච හැමදේම හැම කෙනෙක්ම දැනගෙන හිටියත් කව්රුත් ඒ ගැන මගෙන් ඇහුවෙ නෑ..ලෙඩ ඇඳේ ඔත්පලව හිටපු තාත්ත අන්තරා උනා..අම්මයි මමයි ගෙදර තනි උනා.."හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට පුතේ..කවදාහරි අපිට හොඳක් වෙයි.." අම්ම මගේ හිත හැදුව.. එයාට කොහොම උනත් මට එයා එක්ක හිටපු කාලේ ගලේ කොටපු අකුරක් වගේ මතක තිබුන..ඉඳල හිටලා ඇහැට කනට පේන කෙල්ලන්ගේ ඇලුම් බැළුම් දැනුන වෙලාවටත්, "ඔන්න කිත්තය්ය අද ෂෝක් කොස් මැල්ලුමක් හදල පරා ඔළුවක් මිරිසට උයල තියනව..බත් ටිකක් කන්න එනවනම් පපඩමක් මිරිස් කරලක් බැදල තියන්න
ම්" කියල මහ දවාලේ නාල අලුත් චීත්ත ගවුමක් ඇඟේ හැඩ පේන්න ඇඳල එහෙම වැට ලඟට ඇවිත් සීදේවි නංගි කතා කරනකොටත් මට එයා මතක් උනා.."ඔහොම වේලි වේලි ඉඳල මැරිලා යන්න ඕනද බං..ඒකි හොඳට සංතෝසෙන් ඉන්නව..උඹ මෙහෙ නිකං කරවෙනව..ගොන් මී හරක.." කියල උඩුහිත මට දෙස් දෙවොල් තියනකොට.."එයා මොනවා කළත් උඹ එයාට වැරද්දක් කරන්න එපා..ගියා වගේම කවදාහරි ආවොත් උඹ නිරවුල් මිනිහෙක් හැටියට ඉන්නොන" කියල සිල් රකින්න කිව්වේ මගේ යටිහිත.. කොහොමින් හරි අන්තිමට මම ගමේ සමාජ සේවකය උනා.."අපිට නැති වෙච්ච දේවල් අපේ දරුවන්ට දෙන්නොන..මේ ගමේ ඉන්න එකම උගත් මිනිහ උඹ..උඹ මේක අපි වෙනුවෙන් කරන්නෝන කිත්ත" කියල ඇන්ටනි මුදලාලි, නිරෝෂන් මුදලාලි වගේ මුහුදු රස්සාවෙන් ගොඩ ගිය ගමේ දානපතින් ප්‍රජා ශාලාවක් පුස්තකාලයක් හැදුව ඉස් ඉස්සෙල්ලම ..ඒ එක්කම වැඩිහිටි සමිතියක්, යොවුන් හවුලක්, ළමා සමාජයක් එක්ක මරණාධාර සමිතියකුත් ගමට එකතු උනා..හවසට වැල්ලේ බීච් වොලිබෝල් ගහන කොල්ලෝ ටික එකතු කරගෙන ක්‍රීඩා සමාජෙකුත්, ගොඩක් දවස්වලට ගමේ තැනින් තැන ඇහෙන ගීත සාද වල ඉන්න දක්ෂ කොල්ලො ටිකක් එකතු කරලා Breeze සංගීත කණ්ඩායම හැදුව අපි..ගමේ කොල්ලෝ කෙල්ලෝ පේරාදෙණියෙත් මොරටුවෙත් රුහුනෙත්, කැළණියෙත් උපාධිය සම්පුර්ණ කරන අතරේ තවත් අය ඉතාලියේත්, ප්‍රංශෙත්, ජර්මනියේත්, ස්විස්ටර්ලන්තෙත් රස්සා කරන්න පටන් ගත්ත..ලෑලි ගහල පොල් අතු හෙවිලි කරපු ගෙවල් වෙනුවට තට්ටු ගෙවල් හැදුන..පළාතේම පලවෙනි ටූන මාළු රට යවන ෆැක්ටරිය ඇන්ටනිගේ ලොකු පුතා පටන් ගත්ත,,මේ හැමදේම මැද්දේ අතීතය අමතක කරගෙන මම සතුටින් හිටිය..මට ගෑනු හොයන එක අන්තිමටම නවත්තල දාපු අම්ම පින් දහම් කරගෙන සැනසිල්ලේ මා එක්ක අන්තිම මොහොත වෙනකං හිටිය.. කොරෝන කාලේ පටං ගත්ත ඔන්ලයින් පන්ති කෙරුවාව හින්ද ස්මාර්ට් ෆෝන් ගැනත්, සමාජ මාද්‍ය ගැනත් ඉගෙන ගත්ත මම.."අපි යූ ටියුබ් චැනල් එකක් පටං ගමු කිත්ත මාමේ.." කොල්ලො ටික මට කිව්වා..Breeze සංගීත කණ්ඩායමේ ලස්සන සින්දු එක්ක වැල්ලේ ජීවිත ගැන රසවත් කතා අපි අන්තර්ජාලගත කළා..අපිට ලෝකේ හැමතැනම ෆලොවර්ස්ල හිටිය. අපි දාන වීඩියෝ වලට " වීඩියෝ එක දානකම් බලාගෙන හිටියේ හරිම ආසාවෙන්" කියල වගේම..පොඩ්ඩක් පරක්කු උනාම "කෝ පරයො අළුත් වීඩියෝ" කියල බැනපු අයත් හිටිය..ඒ හැම දෙයක්ම මැද්දේ අපිට හැමදාම කොමෙන්ට් එකක් ලියන සකු වර්ණකුල කියල කෙනෙකුත් හිටිය.. තවත් කාලෙකට පස්සේ එයා මගේ කිත්තගේ කොළම ෆේස්බුක් එක ෆලෝ කරන්න ගත්ත..එයා කව්ද කියල මම දැනගෙන හිටියත් එයාම මට මැසේජ් එකකින් ඒ බව කිව්ව ටෙලිෆෝන් නොම්මරේ එක්ක..නුවර ආවොත් කෝල් එකක් දෙන්නත් කියල.. ඔහොම ටික ටික කතා කරන්න අරං ආයේ ඇතිවෙච්ච හිතවත්කම හින්ද අන්තිමට අපි නුවරදී හම්බ උනා..ඒ මාව මුණගැහිල කතා කරන්න ඕන කියල එයා මට කීප වතාවක් කියල තිබ්බ හින්ද.. "මට සමාවෙන්න කීර්ති..අපි වෙන්වෙන දවසේවත් මම ඔයාට යන්නම් කියල නොගියට..මං එහෙම කළේ ඇයි කියල අදටත් මම හිතනව..ඒ තරම් එපා වෙන්න ඔයා මට මොනවද කලේ කියලත් මට අද හිතෙනව..ඔයා කොයි තරං හොඳ මනුස්සයෙක්ද කීර්ති..දාල යන බව දැන දැනත් කිසිම දෙයක් නොකිය හිටියේ කොහොමද කීර්ති..මට ඔයාට ආදරේ කරපු කාලේ මතක් වෙනව..ඔයා එදා වගේමයි..මම වෙනස් වෙලා..අපිට එහෙම උනේ ඇයි කීර්ති.."එයා මගේ අතින් අල්ල ගත්ත. "එතකොට දැන් ඔයා මහත්තයගෙන් වෙන් වෙලාද.." එයා කියන සෙන්ටිමෙන්ටල් කතා පොඩ්ඩක් වෙනස් කරන්න ඕන හින්ද මං එහෙම ඇහුවට පස්සේ ඇහුවේ අපරාදේ කියල මට හිතුන.. "මම ජයන්තව කසාද බැඳලා මාස තුනක් විතර හොඳින් ඉන්න ඇති..එයා ටිකක් වෙනස් කෙනෙක්..මට ඕන හැමදේම දුන්න.. ආදරේ, විශ්වාසෙ ඇරෙන්න.." "එතකොට ඔයා ලංකාවට ආවේ? "අප්පච්චි ඔත්පල උනා..ඒ වෙනකොට අයියල දෙන්නම ඇමෙරිකාවේ පදිංචිය..අම්මත් ලෙඩ ගානේ උන්නේ..මගෙන් වෙච්ච වැරැද්දට ණය ගෙවන්න ඕන කියල හිතාගෙන අන්තිම මොහොත වෙනකං ඒ දෙන්නව බලා ගත්ත මම.. ඒ වෙනකොටත් ජයන්ත එයාගේ ජුනියර් ඩොක්ටර් කෙනෙක් එකට ජීවත් උනා..ආයේ මොකට එයා ලඟට යන්නද කියල මම ලංකාවේම හිටිය කීර්ති.." "අප්පච්චි මැරෙන්න ටික දවසකට කළින් ඔයාව මතක් කළා..අපි හැමෝම ඔයාට සලකපු විදිය ගැන එයා දුක් උනා..ආයේ කවදාහරි දවසක හම්බ උනොත් හිටපු ටික කාලේ මාව සතුටින් තිබ්බට ඔයාට පින් දුන්න කියල කියන්නත් කිව්ව.." එයා දිගටම කියෙව්ව.. මම අහගෙන හිටිය.. "එතකොට දැන් ඔයා ඉන්නේ තනියමද..?" ඔව්..අපේ මහගෙදර..ගමේ මිනිස්සු අපි එක්ක හරි හොඳයි..ඕන වෙලාවක උදව්වට ඉන්නව..අයියල කියන්නෙම මට එහෙ එන්න කියල.. මට තනියක් නෑ කීර්ති..මේ දවස්වල නම් අපේ නෑදෑ නංගි කෙනෙක් ඇවිත් ඉන්නව.. තව ටික කාලයක් ගිහිං මම කොහේ හරි නිවාසෙකට යනව..කාටවත් කරදරයක් වෙන්න ඕන නෑ මට.." "දන්නෙම නැතුව රෑ උනා සකුන්තලා..ඔයා යන්නේ කොහොමද..එලිය තිබ්බ උනාට දැන් හයාමාරත් පහුවෙලා..යමු ඉක්මනට ඔයාව බස් එකට දාන්නම්" "දැන් ඉස්සර වගේ නෙමේ අනේ..විනාඩි පහෙන් පහට බස් තියනව..ඒ නැතත් ඕන තරං ටැක්සි තියනව.." "බස් ටැක්සි තිබ්බට ඉස්සර වගේ හොඳ මිනිස්සු දැන් හරි හිඟයි සකුන්තලා..ඔයා නෙමේ වළ පයයි ගොඩ පයයි ඉන්න ගෑනියෙක් උනත් පරිස්සම් වෙන්න ඕන කාලයක් මේක.." මම එයාගේ අතින් අල්ල ගත්ත..එක ඉබේටම උන දෙයක්.. එයා ඒකට අකැමති නැති බව මට දැනුන.."යමු ඉක්මනට..මොනවහරි කන්නත් අරගමු..දැන් ගිහින් උයන්න වෙලාවක් නෑ නේ.." "කෑම ඕන නෑ.." එයා පොඩි කෙල්ලෙක් වගේ නැවතිලා කිව්ව "කෑම ඕන නැත්නං ඉක්මනට යමං මෙතන රගපාන්නේ නැතිව.." ඉස්සර වගේ මං එයාට කිව්ව.."අනේ ආයෙමත් එහෙම කියන්නකෝ කීර්ති.." එයා හුරතල් විදියට කිව්ව අපොයි මිනිස්සුත් බලනව..මොනව වෙලාද මන්ද..නාකි විසේ කියල හිතනව ඇති.. "මොකුත් වෙලා නෑ මට.." "එහෙනං.." "කෑම ඕන නෑ.." මොකක් කියනවද මන්ද..රට රටවල් වල සංචාරේ කරල පිස්සුවක් වත් හැදිලද.. "මම නංගිට කෝල් එකක් දුන්න..අපි දෙන්නටත් එක්ක රෑට උයන්න කියල.." එයා මගේ ඇස් වලට එබුන..මොනව කියන්නද කියල හිතාගන්න බැරි උනත්..මම එයාගේ ඇත ඉස්සෙල්ලට වඩා තදින් අල්ල ගත්ත.. ඉවරයි ප.ලි. තරුණ කාලේ මොන විදියට ජීවත් උනත් ජීවිතේ අන්තිම කාලේ තමන් එක්ක එකට ඉන්න කෙනෙක් ඕන කියල මම තරයේ විශ්වාස කරනව..මොන විදියට වෙන් උනත් කිත්තට ආයෙමත් සකුන්තලා ලැබෙයි කියල මට හිතෙනව..ඒ දෙන්න ආයේ කසාද නොබැන්දත් සතුටින් ඉඳි..සතුට ඇරෙන්න වෙන මොනවා ඕනෙද ජීවත් වෙන්න..කිත්ත වගේ මිනිස්සු ඉඳල හිටලා මේ සමාජේ අපිට හමුවෙනව.. හම්බෙමු.. රොෂානිසද#පිටුව_පෙරලුවට_රාමා #අකුරු_දන්නැති_සීතා...... මොණර කොල ඇදවල්........ අස්සෙ හිරවෙච්ච සමහරක් කපල්........ සිඹිමින් සියුම් කම්මුල්........ වික විකා නෑඹුල්ම තොල්........ බෙදුම් කටු කකුල්....... සින්නක්කරට වී පලල්....... මැන්නලු ගැඹුරු වලවල්....... ප්‍රේමය නමින් නිකැලැල්......... එහෙව්, ඉලංදාරින් "අහවල්"........ පැදුරටත් නොකිය හැංගුන කල්........ අනේ, යුවතියන් කෙලිලොල්......... ඔක්කාරෙටත් එනකල්....... වගුරවපු උණු කදුලැල්....... ගිණිගත්තු ගෙවල්....... අම්මලා නිදිවරපු රැයවල්...... නැත්තං, වෙන්න තිබුනා මලගෙවල්....... ලෝකෙන් හංගන්නද? මෝරන බඩවල්...... තලන්නද? අරං කොහු ඉදල්....... මරන්නද? වදපු කණුමුල්....... කට්ලට්, පුඩිම් කැරමල්...... දොලදුකට රස බිම්මල්....... කතා නැතුවම හොයං එනකල්...... අප්පච්චිලා විදි ගැහැටවල්...... ඇතිතරං දුක කියයි සරම් පොටවල්...... ...................................................................... අඩන බස්වල දොර ජනෙල්....... බෙරිවෙච්ච මූණු දෙහි ඇබුල්..... මගඇරුණු බත්මුල්....... සතියකට නොකෑ වේල්....... දවටලා වැරහැලි කසිකබල්...... හිනාවෙන්, කතාවෙන් තොදොල්...... අප්ප නැති පොඩිත්තෙක් හුරතල්....... වඩාගෙන ගෑණියක් යදිනවා මුදල්...... හෙටත් ඉර පායනකල්....... ලමයිටත් ඇත, අනාථ මඩමවල්....... එකියක් පාට කරගෙන තොල්....... උරමින් දුමක් "ඩන්හිල්"...... ඇහැගැටෙන යන එන පොරවල්...... මුඩුක්කු ගද එන පාරවල්...... රකිනවලු "වැරදිකාර ලදවල්"...... තවත්, පවුකාරයෙක් එනකල්........ .............................................................. "පරිසරයට, ගහ කොලට ප්‍රේම කරනවා මිස, ගස් බෙන තුල කුඩ ඉහලන් ප්‍රේම නොකරන්න.." රාම ලා එහෙම ය...... රාමා පිටුවෙන් පිටුව පෙරලනවා විය හැකිය........ සීතා අකුරු දැනගත යුතුය......... ඉතින්, රාමාත්, සීතාත් "රමණය" ලිවීමට පෙර, "රාමායණය" කියවා බැලිය යුතු ය...... ..............ජනිදු.............මම දන්නෙ නෑ මම කොච්චර ශක්තිමත්ද කියල. හැබැයි ස්භාවදහම වරින් වර මගේ ජීවිතයත් එක්ක සෙල්ලම් කරනවා. ගොඩක් තැන්වලදී හිත ගලක් කරගෙන හිටියට. අපේ හදවතත් හරිම සංවේදීයී. අදටත් වීර් සාරා, දෙව්දාස් මට බලන්න බෑ. පාරෝට වඩා මට දුක චන්ද්‍රමුඛී ගැන, සාරාට වඩා මට දුක වීර් ප්‍රථාප් සිං ගැන. වයසට ගිය ඒ මනුෂ්‍යයා ප්‍රේමය වෙනුවෙන් අඬනකොට මම අඬපු වාර අනන්තයි, පාරෝ එනකොට දෑස් පිය වෙන අහිංසකයා දැකලා මං අඬපු වාර අනන්තයි. සන්නස්ගල සර්ගෙ වත්සාන සිහිනය කියවල චාපා ගංගාදරි අබේනායක ට ආදරය කරපු කසුන් වෙනුවෙන් හලපු කඳුළු අනේ මන්දා, දිනේෂ් කොළඹ ගේ ලියපු සුළඟ වගේ ඇවිදින් අත්පොතක් වගේ භාවිතා කරලා අඬපු වාරගණන් දන්නෙත් නැහැ. අරුණි අක්කාගෙ ඇස් පිය වෙනකොට මගේත් මුළු ජීවිතයම අඳුරු උනා වගේ දැනුණු වාර අනන්තයි.. අනන්තය පැත්තක තියෙද්දි, ජීවිතය බිංදුවටම වැටෙද්දිත් නැගී සිටින්න පුළුවන් නම් ඒක තමයි මනුෂ්‍යයෙකුට ලබන්න පුළුවන් උපරිම ජයග්‍රහණය. මෙච්චර දවස් මම ලිව්වේ වකුගඩු රෝගය ගැන වකුගඩු රෝගීන් ගැන ඒ සම්බන්ධව ප්‍රශ්න. හැබැයි පසුගිය හයවෙනිදා ඉඳලා. හදවත් රෝග ගැනත් පොතක් ලියන්න වෙයිද කියලා මට හිතෙනවා. අවංකවම ගතහොත් වකුගඩු රෝගය සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරයෙකුට හා සමාන දැනුමක් දැන් මට තියෙනවා ඒක බය නැතුව කියන්න පුළුවන්. මොකද ඒ රෝගයත් එක්කම වසර 15ක් 16 ඉන්න කෙනෙකුට ඒ රෝගය ගැන ආයි අමුතුවෙන් කියන්
න දෙයක් නෑනේ. හැබැයි හදවත් රෝග ගැන නම් මට කිසි දැනුමක් නෑ. දැන් මේක කියවන අය බලනවා ඇති. මොකද මේ හදවත් රෝග ගැන කියවන්නේ කියලා. එයට පිළිතුරු ඉහළ ඡායාරූප වලින් ඔබට පෙනෙවී. මගේ බඩේ අතපයවල කපන්න ඉඩක් නැති තරමට දැන් ශල්‍යකර්ම සිදු කරලා අවසානයි, මම හිතුවා ආයේ ශල්‍යකර්ම නැති වෙයි කියලා.දෛවය හරි සුන්දරයිනෙ අපි හිතන්නැති දේවල් හරි ලස්සනට සිදු කරනවා . දීර්ඝ කාලීනව ඩයලසීස් ප්‍රතිකාරය කරන රෝගීයෙක් හැටියට මම අනිවාර්යයෙන්ම වසරකට වරක් එකෝ පරීක්ෂණයක් කරලා මාගේ හදවතේ තත්ත්වය බලනවාමයි. මෙවරත් එම පරීක්ෂණය කරන්න මම බොරැල්ලේ පිහිටි වින්සෙත රෝහලට ගියා. ඇත්තටම චාරිකා ගොඩක් ගිය නිසා මෙම පරීක්ෂණය සඳහා ඒ වෙලාවේ මං ළඟ මුදල් තිබුණේ නෑ. ඒත් මම මුදල් අරගෙන ගියා මගේ මිතුරා අමල් රණසිංහ එම ආයතනයේ මානව සම්පත් කළමනාකර ඔහු තමයි මගේ පර්යේෂණයට අවශ්‍ය සම්පූර්ණ මුදල ගෙව්වේ. ඔන්න දැන් හවස හයට වින්සෙත රෝහලට ගිහිල්ලා මගේ එකෝ පරීක්ෂණයට ඇතුලට ගත්තා. මාව වම් ඇලයට (වමට) හරවා වෛද්‍යවරයා. ජෙල් ගාල ප්‍රොබ් එක තිය තිය මගේ හදවතේ ගැස්ම, හදවතේ වේගය වගේ දේවල් දැන් බලනවා. මට දැනෙනවා වෙනදට වඩා වැඩි වෙලාවක් මේ පරීක්ෂණයට යනවා කියලා. ටිකක් වෙලාවක් ඉඳපු වෛද්‍යතුමා කතා කරනවා. mr fernando ඔයාගෙ HB කීයද. හිමොග්ලබින් මට්ටම 10.5 පහක් තියෙනවා ඩොක්ටර්. බොහොම හොඳයි. ඔයාට පඩිපෙළක් එහෙම නගිද්දී හතිද? පොඩි හති ගතියක් නම් තියෙනවා. හැබැයි මට පඩිපෙල් දෙකක් විතර එක සැරේ නගින්න පුළුවන්. හා එහෙමද? ඇයි ඩොක්ටර් මොකක් හරි ප්‍රශ්නයක්ද? නම් මේ කල්පනා කලේ ඔයාට කියනවද ,නැද්ද කියලා. කිසි ප්‍රශ්නයක් නෑ ඩොක්ට ඕන දෙයක් කියන්න මට දරාගන්න පුළුවන්. මට 100% මෙහෙම කරන්න වෙයිද කියන්න බැහැ. හැබැයි සමහරවිට ඔයාට බයි පාස් ශල්‍යකර්මයකට යන්න වෙයිද දන්නෑ. ඇයි ඩොක්ටර් මොකක්ද ප්‍රශ්නය. නැහැ ඔයාගේ හදවතේ වෑල් එකකින් බ්ලඩ් ලීක වෙනවා. වැල් ලීක් එකක් තියෙන්නෙ .හැබැයි ඒකෙ අගය කොච්චරද කියලා මට මේකෙන් පේන්නේ නෑ හරියට. ඔයාට පුළුවන් නම් කටින් කැමරාවක් දාලා කරන තව පරීක්ෂණයක් තියෙනවා ඒක කරන්න. ඒකේන් හරියටම යමක දැනගන්න පුළුවන් මේ හොස්පිට්ල් ඒකේ ඒක නැහැ .මං ජයවර්ධනපුරට ලිපියක් ලියලා දෙන්නම් ඔයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලින් ඒක කරගන්න. හරි ඩොක්ටr කිසි ප්‍රශ්නයක් නෑ බලමු ඕක බය වෙන්න දෙයක් නෑ ඩොක්ට. මම ගොඩක් ඔපරේෂන් කරලා තියෙනවා. පරීක්ෂණය කරාම කියයි ඒක නිකං එකක් කියලා. මට කරපු පරීක්ෂණ වලදී ගොඩක් දේවල් කියපුවා. එහෙම්මම උනේ නැහැ. ඒ නිසා මං දන්නවා මේකත් එහෙම වෙන්නේ නෑ කියලා. ඩොක්ට බය වෙන්න එපා. ඔයා මර මනුස්සයෙක් වෙන මිනිසුන්ට අපි කියන්න ඕනේ බය වෙන්න එපා කියලා. ඔයා අපිට කියනවා බය වෙන්න එපා කියලා. එහෙම තමයි ඩොක්ටර් අත්දැකීම් වැඩිවුනාම වෛද්‍යවරයට සමුදීලා මගේ බයිසිකලේම අමල් සහෝදරයවත් නිවසට ඇරලවලා ආ.අමතක උනා යන ගමන් දෙන්න එක්ක කොත්තුවකුත් කාගෙන ගියා. ඌ විස්තරය දැනගෙන ඌ මට වඩා බය වෙලා ඌව සනසන්න උනෙත් මට. සඳුදා උදේම ගියා .ජයවර්ධනපුර රෝහලට දිනයක් ලබාගන්න. අදාළ පරීක්ෂණය කරන්නේ 13 අඟහරුවාදා. උදේ පහේ ඉඳලා මොකුත් නොකා නොබි යන්න ඕනේ. ඒක මං කලින් නොකරපු පරීක්ෂණයක් නිසා කලාට පස්සේ විස්තර ලියන්නම් . මේ සම්බන්ධයෙන් දන්න වෛද්‍යවරයෙක් වේ නම් දැනුවත් කරන්න. තෙරුවන් සරණයි . මම ඉන්දුකකුල්හාර් කෝප්පේ චායි මේ දවල් කෑමෙන් පස්සෙ චායි බොන තුන්වැනි පාර.මෙහෙ සීතල නම් අපිට උහුලන්න අමාරුයි.යුරෝපේ කැනඩාවේ එහෙම ඉන්න අය නම් හිනා වෙයි.රුසියාවෙ ඉන්න අය ඊටත් වඩා හිනාවෙයි. නමුත් මේ අපි හිමාලය කඳුකරයේ ඉන්න දෙවැනි දවස. ශරීරය ශිතලට හුරුවෙන්න දවස් කීපයක් යාවි. ඇඳුම් කිහිපයක් ඇඳලා හිම කබා දාලා, ලොම් ආවරණ වලින් බෙල්ල මුහුණ ආවරනය කරන් හිටියත් අපි සීතලෙන් වෙවුලන්න ගත්තා. ෂිම්ලා කියන්නේ කඳුකරය අස්සේ තියන වසර පුරාවටම සීතල දේශගුණයක් තියන නගරයක්. මෙදා පාර අපි බලාපොරොත්තු නොවුන විදිහට ෂිම්ලා වල කුෆ්‍රි අවට කඳුකරයට හිම වැටෙන්න අරන්. ෂිම්ලා ඉඳන් කුෆ්‍රි යන පාරේ ගෙවල් වල වහලවල් මත.වාහන මත හිම පතිත වෙලා තිබ්බා. කුෆ්‍රි වල මේ හිම පතනය ෂිම්ලා වල හිමාචල් මිනිස්සුන්ට නම් වෙස් වලාගත්තු ආශීර්වාදයක්. මේ පලාතට වැල නොකැඩී එන ඉන්දියානුවන් ට ඔවුන් විවිධ ත්‍රාසජනක ක්‍රීඩා විකුණනවා. සෙවා සපයනවා. යැක් හවයෙක්ගේ පිටේ නැගලා පොටෝ ගන්න ගන්නේ රුපියල් 50/- ( 180/- ) යි. වරහන් ඇතුලේ තියෙන්නේ ලංකා රුපියල් ගාන. කුෆ්‍රි වල එක්තරා තැනකට පස්සේ ඉන් එහාට පුද්ගලික වාහන වලට යන්න දෙන්නේ නෑ. එතැන සිටින සංචාර සංවිධානය කරන අය සංචාරකයින් ට විවිධ පැකේජ යෝජනා කරනවා. හිම කන්දට ජීප් එකෙන් ගිහින් එතැන් ඉඳන් අශ්වයා පිට යන්න සහ හිම සපත්තු වලට රුපියල් 700/- ( 2700) .යි. තව විව්ධාකාර ක්‍රීඩා රාශියක් තියනවා. හිම නුහුරු නුපුරුදු අපිට හිම දැකිමත් ප්‍රීතියක්. නමුත් වැඩ් දෙනා කුල්මත් වෙලා හිටියේ ඒ මොකකටවත් නෙමෙයි. කිරි සුදු පාට රූමත් හිමාචලී කෙල්ලන් දැකීමෙන් අමන්දානන්දයට පත් වෙලා හිටියේ. " අපි කසාද බඳින්න ඉක්මන් වුනා වැඩියි " " නෝනාගේ උදව්වට මෙහෙන් හිමචලී කෙල්ලක් එක්කන් යන්න බැරිද?නෝනටත් උදව් කරගෙන හිඳීවි " " බලාපල්ලකෝ උන්ගේ කටේ සද්දේ. උන්ව හරියන්නෙ නෑ " ඔන්න ඔය වගේ කතා අහන්නට ලැබුණා. මේ අපි කට්ටිය මේ කෑමෙන් පස්සෙ තුන්වෙනි වතාවටත් චායි බොන්නේ පෙරේතකමට නෙමෙයි. හීතලෙන් බේරෙන්න. # චෝටා අක්ෂර් #මනාලි යන ගමන් #පාරදිගේපොඩිකතා සංජය දොළමුල්ලඅවසාන වයිකිංවරයාගේ ධ්‍රැව තරණය (සටහනකි) ‌ විසි වන සියවසේ මුල කාලේ, ලෝකයේ මිනිස්සු සෑහෙන උද්‍යොගයකින් හිටපු කාරණාවක් තමයි දක්ෂිණ ධ්‍රැවයට ළගාවීම. වාර්තාගත මිනිස් ඉතිහාසය තුළ කිසි කෙනෙක් ඒ වෙනකම් දක්ෂිණ ධ්‍රැවයට ගිහින් තිබුණේ නෑ. ක්‍රිස්තු පූර්ව 320 දි ධ්‍රැව තරණය කරපු පළවෙනි දේශ ගවේෂකයා පයිතියස්වත් දක්ෂිණ ධ්‍රැවයට ළගා වෙලා නෑ. තවත් අවුරුදු දාහකට විතර පස්සේ මුහුදු හොල්ලගෙන හිටපු වයිකිංවරු ඒ දස්කම කරලත් නෑ. වෙන එකක් තියා ලෝකෙ රටවල් සෑහෙන ගාණක් යටත් කරගෙන, හිරු නොබසින අධිරාජ්‍යය ගොඩනංවන්න මූලික උන මහා බලසම්පන්න බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවටවත් දක්ෂිණ ධ්‍රැවයට යන්න හැකි වුණේ නෑ. ඒකෙන්ම තේරෙනවා ඒක කොයිතරම් අසීරු ගමනක්ද කියන එක. නමුත් එක ළඟ කාලවලදී, රටවල් දෙකක නිර්භීත මිනිස්සු දෙන්නෙක් මේ ගමනට යන්න ලෑස්ති වෙනවා. එක්කෙනෙක් මහා බ්‍රිතාන්‍යයේ කැප්ටන් රොබර්ට් ෆැල්කන් ස්කොට්. අනිත් කෙනා, “අවසාන වයිකිංවරයා” ලෙස හැඳින්වුණු නෝර්වේ රටේ රෝල්ඩ් අමුන්සන්. දවස් කිහිපයක පරතරය ඇතිව මේ දෙන්නා තමන්ගේ කණ්ඩායම් එක්ක දක්ෂිණ ධ්‍රැවයට පිටත් වෙනවා. තවත් කණ්ඩායමක් මේ ගමන යනවා කියලා දන්න නිසා ගමන තරඟකාරීයි. ගමන බිහිසුණුයි. මාරාන්තිකයි. ඒ වගේම මුලු ලෝකෙම මේ දෙන්නාගේ කණ්ඩායම් දිහා බලන් ඉන්නවා. සාමාන්‍යයෙන් මේ දේශ ගවේෂකයෝ තමන්ගේ ගමන් ගැන බොහොම සවිස්තර “ජර්නල්” ලියනවනේ. පසු කාලෙක මේ දෙන්නාගේ ජර්නල් කියවද්දි පේන්නේ මේ දෙන්නා ඉතාම සමාන තත්වයන් යටතේ, ඉතාම සමාන ගමනක යෙදුණු බව. කාලගුණය හොඳ දවසට ස්කොට් තමන්ගෙ කණ්ඩායම පුලුවන් තරම් දුර අරන් යනවා. කාලගුණය ගමන් කරන්න තරම් හොඳ නැති වෙද්දි ඔහු තමන්ගේ කූඩාරමට වෙලා තමන්ගේ ජර්නලයේ තමන්ගේ පැමිණිලි ලියනවා. එක දවසක ඔහු ලියනවා. “කාලගුණය සම්බන්ධයෙන් නම් අපි හරිම අවාසනාවන්තයි”. තවත් දවසක ජර්නලයේ සටහන් වෙන්නේ “කිසිම කණ්ඩායමක් මේ වගේ කාලගුණයක් තියෙද්දී ගමන් කරයිද කියලා මට සැකයි” හැබැයි ඔහු වැරදියි. එක කණ්ඩායමක් හිටියා එහෙම තියෙද්දිත් ගමන් කරන. එහෙම නරක කාලගුණයක් තියන දවසක අමුන්සන් තමන්ගේ ජර්නලයේ ලියලා තියෙනවා “එපා කරපු දවසක්. හිම කුණාටුවක්. ඒත් අපි තව හැතැම්ම 13 කින් අපේ ඉලක්කයට ළගා උනා” ඔහොම ගිහින් 1911 අවුරුද්දේ දෙසැම්බර් දොළොස්වෙනිදා අමුන්සන් තමන්ගේ කණ්ඩායම එක්ක දක්ෂිණ ධ්‍රැවයට සැතපුම් 45 ක් දුරකට ළගා වෙනවා. මේ ගමන ආපු කිසිම කෙනෙක් නොආපු තරම් දුර. ඉලක්කයට තව පොඩි දුරයි. හොඳම දේ කියන්නේ එදා කාලගුණය හොඳටම හොඳයි. අමුන්සන් එදා ලියනවා. “කාලගුණයි විශිෂ්ටයි. අද සන්සුන් දවසක්, හොඳට ඉර එළියත් වැටිලා” ඒ වෙලාවේ එයාලට දක්ෂිණ ධ්‍රැවයට යන්න හොඳටම හැකියාව තියෙනවා. උත්සාහ කළා නම් කෙලින්ම ධ්‍රැවය දක්වා එක දවසින් යන්න පුලුවන් දුරක ඉන්නේ. ඒත් එයාල ඒ දුර යන්න දවස් තුනක් ගන්නවා. ඒ ඇයි? ලෝකෙ කිසි කෙනෙක් ළගා නොවුණු විශිෂ්ට, අසීරු ඉලක්කයකට දවසක දුරින් ඉද්දි, තමන් වගේම දක්ෂ කණ්ඩායමක් ළඟ ළඟ එනවා කියලා දැනගෙනත් ඔවුන් එහෙම හිමින් ගමන් කළේ ඇයි? තමන්ගේ ගමන ආරම්භයේ ඉඳලා අමුන්සන් තමන්ගේ කණ්ඩායමට දාපු එක නීතියක් තියෙනවා. ඒ තමන් දවසක ගමන් කරන්නේ සැතපුම් 15 ක් බව. ඊට වැඩිත් නෑ අඩුත් නෑ. ස්කොට් තමන්ගේ කණ්ඩායම හොඳ දවස් වල මැරෙන්න ඔන්න මෙන්න කියන තරම් මහන්සි කරවලා, නරක දවස්වල විවේක ගන්න දෙද්දි අමුන්සන් කළේ හොඳට විවේක අරගෙන සමාන දුරක් හැමදාම යන එක. අන්තිම ටිකටත් ඒක වෙනස් කරන්න ඔහු කැමති උනේ නෑ. (මං කල්පනා කළේ අපි වගේ සාමාන්‍ය මනුස්සයෙක් හිටියා නම් ඔතන, විශේෂයෙන්ම අර පිටිපස්සෙන් එන කණ්ඩායම මතක් වෙද්දි, ආයෙ ආත බූත නැතුව ඔරේ රන් කියලා කෙලින්ම දක්ෂිණ ධ්‍රැවයටම රන් එක දෙයි නේද කියලා.) තවත් දවස් තුනකට පස්සේ, දෙසැම්බර් 14 වෙනිදා, අමුන්සන් හා කණ්ඩායම වාර්තාගත මිනිස් ඉතිහාසයේ පෘථිවියේ දක්ෂිණ ධ්‍රැවයට ළගා වූ පළමු කණ්ඩායම ලෙස ඉතිහාසගත වෙනවා. ඊළඟට ඔවුන් ඒ බිහිසුණු ගමනේ සැතපුම් එක් දාස් හයසීයක් සම්පූර්ණ කරලා සුවසේ තමන්ගේ රටටත් ආපහු යනවා. එයාලට පස්සේ ස්කොට් හා කණ්ඩායමත් දක්ෂිණ ධ්‍රැවයට ළගා වෙනවා. ඒත් ඒ කණ්ඩායම දවස් තිස් හතරක් පහුවෙලා. ස්කොට් ආපහු එන්නේ දැඩිව වෙහෙසට පත් වුණු, මානසිකව බිඳ වැටුණු කණ්ඩායමක් අරගෙන. ඒත් ඒ කණ්ඩායම අර තරම් වාසනාවන්ත වෙන්නේ නෑ. ආපහු එන ගමනේදී ස්කොට් ඇතුළු කණ්ඩායමේ පස්දෙනාම අධික ශීතලට හසුවී මරණයට පත් ව
ෙනවා. මේ දෙන්නාගේ ජය හා පරාජයට හේතු වූ කරුණු ගැන විවිධ මත තියෙනවා. දෙන්නා භාවිතා කරපු ක්‍රම, ගෙනගිය සත්තු ඒ වගේ විවිධ දේවල්. හැබැයි මම මේ කතාව කියවපු Effortlessකියන පොතේ උළුප්පලා දක්වන්නේ අර සැතපුම් පහළවේ නීතිය මේ වෙනසට දැඩි ලෙස හේතු උනා කියලා. ඒ පොතේ මේ කතාව එක්ක කියනවා අපි යම් ඉලක්කයක් වෙනුවෙන් ඕනවට වඩා මහන්සි වෙද්දි, අපි පොඩ්ඩක් විවේක ගන්නවා, එතකොට ආයෙ අපි පහුවෙනවද කියලා මතක් වෙලා, ආයෙ මහන්සි වෙනවා. ඒ වගේ විෂම චක්‍රයකට වැටුණු ගමන් අපි ඉලක්කයට යන්නෙත් නෑ. දැඩි වෙහෙසකින් මඟ නැවතිලා, ආයෙ වේගෙන් ගිහින් ආයෙ නැවතිලා, මඟම ඉන්න වෙන ඉඩ වැඩියි. අනික එහෙම මහන්සි උනා කියලා වැඩේ හොඳට වෙන්නෙත් නෑනෙ. පිළිම හදන මනුස්සයෙක් ගමු. එයාට දවසකට පහසුවෙන් හදන්න පුලුවන් පිළිම පහයි නම්, එයා ඉක්මනින් පොහොසත් වෙන්න හිතාගෙන එක දවසට දහයක් හැදුවොත්, අන්තිම පහේ අඩුපාඩු තියෙන්නත් පුලුවන්. අනික ඊළඟ දවසේ වැඩක් කරගන්නම බැරි වෙන්න මනුස්සයා මහන්සියෙන් ඉන්නත් පුලුවන්. කෙටියෙන්ම කිව්වොත් පොතේ තියෙන්නේ පුලුවන් කම තිබුණත්, ඕනිවට වඩා වැඩ කරන්න එපා කියලා. අපි කරන වැඩවලට ඉහළ හා පහළ සීමාවන් දීලා ඒ අතරේ විතරක් වැඩ කරන්න කියලා. තව වැඩ කරන්න පුලුවන් උනත්. (පැය දෙකකට වඩා වැඩ කරනවා, හැබැයි, පැය හතර ඉක්මවලා වැඩ කරන්නේ නෑ, ඒ වගේ) “හෙට කළ යුතු දේත් හැකි නම් අද කරන්න”, “පායනා කාලෙදී රෑ දවල් වෙහෙස වී කන්න දේ රැස් කරයි කූඹියෝ” වගේ පාඨ අහමින් වැඩුණු අපිට මේක විකාරයක් වගේ. නමුත් මේක ඇත්තම ඇත්ත කතාවක්. අපි මෝටිවේට් වෙන දවසට පණ යනකම් වැඩ කරලා, ව්‍යායාම කරලා, ලියලා, වතු කොටලා, මහලා ඊළඟට දවස් ගාණක් මුකුත්ම කරන්න බැරි උන දවස් අපිට ඕන තරම් ඇති. සමහර වෙලාවට ආයෙ ඒ වැඩේ කරන්න තියා, ඒ පැත්ත බලන්නවත් අප්පිරියා වෙන්නත් පුලුවන්. අර කිව්ව වගේ පරාසයක් තියාගෙන ඒ ඇතුළේ වැඩ කරද්දි, හැමදාම පොඩි හරි ප්‍රගතියක් තියෙන නිසා අපිව ආයෙ ඒක කරන්නත් පෙළඹෙනවා. පහළ සීමාව නිසා, අනපේක්ෂිත කරදරයක් උන දවසක උනත් ඒක පහුවෙනකම් හරි වැඩ කරන්න අපිට හිතෙනවා. ඉතින් මේ කතාවේ සාරාංශය මේකයි. අද වැඩ කරන්න. හැබැයි, හෙට වැඩක් කරගන්න බැරි වෙන තරම් අද වැඩ කරන්න එපා. පවිත්‍රා අභයවර්ධනලොක් ඩවුන් —------------- කොවිඩ් නිසා රටම ලොක් ඩවුන් කාලේ හැමෝම හිටියේ ගෙදර.මේ කාලෙ ලොකු වැඩ කොටසක් ඉටු කළේ හෑන්ඩ් පෝන්.ගමන් බිමන් යන්න එන්න බැරි නිසා සම්බන්ධතා පැවැත්වුණේ ටෙලිපෝන් වලින්.අලි මදිවට හරක් කිව්වා වගේ නරක වෙලාවට මගේ පෝන් එකත් ලොක් වෙලා.මෙහෙම කෝල් එකක්වත් ගන්න විදිහක් නැතිව ඉන්නකොට මට මතක් වුනේ සුරේෂ් . ඔහුත් මා සමගම දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය ස්ථානාධිපතිවරයෙක් ලෙස බැඳුණ අයෙක්.ඒ දවස්වල අපි රේඩියෝවක් ඔරලෝසුවක් නැත්නම් ටෙක්නිකල් සයිඩ් එකේ මොනවා හරි දේකට උපදෙස් ගන්නේ, හදා ගන්නේ සුරේෂ් ගෙන්.ඔහු ඒ වාගේ වැඩවලට හරිම දක්ෂයි.මම බිරිඳගේ පෝන් එකෙන් කතා කළා සුරේෂ්ට.ඔහු දුන් උපදෙස් අනුව පෝන් එක හදා ගන්න අපහසුවක් වුනේ නැහැ. ‘සුරේෂ් කළේ ලොකු උදව්වක්’ ‘ඕවා මොනවද ඔයිට වඩා ලොක් අරින්න මම උදව් වෙලා තියනවා’ සුරේෂ් කිව්වේ සිනාසෙමින්. ‘ඒ මොනවද ඉන්ටර්ලොක්ද එහෙම නැත්නං පැඩ්ලොක්ද ‘ මම කතා කළේ රේල්වේට සම්බන්ධ වචන වලින්. ‘ඒකත් ඉන්ටර්ලොක් එකක් තමයි …හම්බ වුන වෙලාවක කියන්නංකො විස්තරේ’ ඊට පස්සේ දවසක සුරේෂ් මුණගැහුන වෙලාවක මම ඇහුවා ඔය ඉන්ටර්ලොක් කතාව. ‘ඒක මරු කතාවක්..අදටවත් විශ්වාස කරන්න බැරි වුනත් මේක ඇත්ත කතාවක්’ අනූව දශකයේ මුල් කාලේ සුරේෂ් වැඩ කළේ දකුණු පළාතේ රේල්වේ ස්ටේෂන් එකක.ඒ මෙහෙයුම් පුහුණුවට ගිහින්.ඒ කාලේ අද වගේ හෑන්ඩ් පෝන් තිබුණේ නැහැ.ඒ විතරක් නෙවෙයි ලෑන්ඩ් පෝන් එකක් තිබුණෙත් කළාතුරකින් .එහෙම තිබුණත් තිබුණේ පොලීසියක,පෝස්ට් ඔෆිස් එකක, ස්ටේෂන් එකක,හෝටලයක එහෙම නැත්නම් රජයේ කාර්යාලයක. ගෙදරක ටෙලිපෝන් එකක් තිබුණේ ලොකුම ලොකු සල්ලිකාරයෙක් ළඟ විතරයි.උදාහරණයක් විදිහට කිව්වොත් 1989 මම වැඩ කළේ වග රේල්වේ ස්ටේෂන් එකේ.එදා හරියටම 1989 මහ මැතිවරණයට පසු දිනය. හරියටම උදේ පහට විතර ආවා කෝල් එකක්. ‘මම මේ කතා කරන්නේ ……….’ එහෙම කියලා නම කිව්වා.එතුමා අදටත් වැජඹෙන ප්‍රබල දේශපාලඥයෙක්. ‘එස් එම් පොඩි උදව්වක් කරන්න පුලුවන්ද’ මම ඇහුවා මොකක්ද කියලා. ‘මම ඡන්දෙන් දිනුම්…අපේ අක්කට පණිවිඩේ දෙන්න පුලුවන්ද’ ‘දෙන්නම් මන්ත්‍රීතුමා’ එතුමාගේ අක්කාගේ නිවස තිබුණේ ස්ටේෂන් එක කිට්ටුව.ළඟපාත ටෙලිපෝන් එකක් තිබුණේ ස්ටේෂන් එකේ විතරයි.සමහර විට එතුමාට මුළින්ම මන්ත්‍රීතුමා කියලා කතා කරන්න ඇත්තෙත් මම වෙන්න ඇති. ඒ ටෙලිපෝන් සම්බන්ධව. දැන් ආයෙත් සුරේෂ්ගේ කතාව.මේ කියන දවසේ ඔහු සේවය කළ ස්ටේෂන් එක පිටිපස්සේ ගෙදරක විවාහ මංගල උත්සවයකට සැරසෙනවා.ඊට පසුවදා අලුත බැඳපු මනමාල ජෝඩුව ගෙදරට එනවලු.මගුල් ගෙදර හෙට උනාට අදම ෆුල් සවුන්ඩ් දාලා කැසට්එක වැඩකරන සද්දේ ස්ටේෂන් එකටත් ඇහෙනවා.කොළඹ ඉඳලා ගාල්ලට යන මේල් කෝච්චිය එහෙම නැත්නම් අංක 775 ගියාට පස්සේ ආයෙත් තියෙන්නේ රාත්‍රී තෙල් කෝච්චිය.ඒක එන්නේ දෙකට විතර.තෙල් කෝච්චිය එනතුරු හාන්සි පුටුවේ වාඩිවෙලා රෙස්ට් එකක් ගන්න පුළුවන්.එදා මේ මගුල් ගෙදර සද්ද බද්ද හින්දා ඒ රෙස්ට් එකත් නැතිව ඉන්නකොට මහ රෑ එකට විතර එනවා කෝල් එකක්. ‘ප්‍රේමචන්ද්‍ර ඔන්න ඔය කෝල් එක බලන්න’ සුරේෂ් ගෝලයාට කිව්වා හාන්සි පුටුවේ ඉඳගෙනම. ‘මේ රෑ කවුද කතා කරන්නෙ ‘ ‘එක එක පිස්සෝ ඉන්නවනෙ ඔය එක්ස්චේන්ජ්වල එහෙම ..ඒ ගොල්ලන්ට නිදාගන්න විදිහක් නැති හින්දා ඒ අය අනිත් අයටත් නිදාගන්න දෙන්නෙ නෑ’ සුරේෂ් කියන අතරේ ප්‍රේමචන්ද්‍ර රිසිවරය අතට ගත්තා. ‘හලෝ කවුද කතා කරන්නේ’ ඉන්පසු ප්‍රේමචන්ද්‍ර හැරුණේ සුරේෂ් දෙසට. ‘මහත්තයට කතා කරන්නේ …මේ ළඟ පාත කෙනෙක්ලු’ සුරේෂ් ටෙලිපෝනය අතට ගත්තා. ‘කවුද කතා කරන්නේ ‘ ‘සර් මම ඔය ස්ටේෂන් එකට පිටිපස්සේ ගෙදර විජිත …ඔය හෙට මගුල් ගෙදර තියෙන්නේ…අන්න ඒ ගෙදර’ ‘මමනං ඔයා කවුද කියලා දන්නෙ නෑ …ඇයි මොකක්ද කෙරෙන්න ඕනි’ ‘සර් පොඩ්ඩක් තාත්තට කතා කරන්න ඕනි …අපිට පොඩි කරදරයක්…සර්ට පුළුවන්නං ලොකු උදව්වක්’ ‘කවුද අපි කිව්වේ’ සුරේෂ් ඇහුවා. ‘මම තමයි බැන්දේ..තාත්තට කියන්න පුලුවන්ද’ මේ රෑ ගෙවල්වලට ගිහින් කතා කරන්නෙ කොහොමද හේතුවක් නැතිව ..සුරේෂ්ට සිතුණේ ඒ විදිහට. ‘කියන්න මං දැන් එයාට මොකද කියන්න ඕනි..විස්තරයක් මොනවත් දන්නැතිව කොහොමද කතා කරන්නෙ..කියන්න සිද්ධිය ..මම මොකක්ද කියන්න ඕනි’ ‘විශාල කරදරයක් සර්.. දැන් අපි ඉන්නෙ ……..හෝටලේ …අනේ සර් ප්ලීස් තාත්තට කතා කරන්න’ ඔහු කිව්වේ ප්‍රසිද්ධ හෝටලයක නමක්. ‘ඒකනේ මම කිව්වේ මට හරියට කියන්න හේතුව…මම ඔය කවුරුවත් අඳුරන්නෙත් නැහැ’ ‘අනේ සර් ලොකු කරදරයක් …මට නැගිටගන්න බෑ තාත්තට කියන්න…අපි ඉන්නේ ඇඳේ’ ඔහුගේ කටහඬේ තිබුණේ හරිම අසරණ බවක්.කියාගන්න බැරි ප්‍රශ්නයක් වගේ.සුරේෂ්ට හිතුණේ ඒ විදිහට. ‘නැගිටගන්න බැරි නම් කොහොමද ටෙලිපෝන් එක ළඟට ආවේ’ ඒ සුරේෂ්ට තිබුණු ඊළඟ ප්‍රශ්නය. ‘ඒක මේ ඇඳ ළඟ තියෙන්නේ…සීරෝ ඩයල් කරාම එක්ස්චේන්ජ් එකෙන් ගන්න පුළුවන්..බොහොම අමාරුවෙන් ඒ ගොල්ලෝ ස්ටේෂන් එකේ නම්බරෙත් හොයා ගත්තේ..අනේ සර් මේ උදව්ව කරන්න .. තාත්තට කියාලා මොනවා හරි කරන්න කියන්න’ සුරේෂ්ට එක පාරටම හිතට ආවා යම් ප්‍රමාණයක අදහසක් මේ ගැන. ‘ ඒ කියන්නේ දෙන්නටම නැගිටින්න බෑ ..නිකං ලොක් වෙලා වාගෙද’ ‘ඔව් සර් තාත්තට කියන්න’ ‘හරි මම කියන්නං’ සුරේෂ් රිසිවරය තිව්වා. ‘ඇයි මහත්තයා මොකද වෙලා තියෙන්නේ’ ඒ ප්‍රේමචන්ද්‍ර. ‘එයාට කරදරයක් වෙලා මේ මගුල් ගෙදර මනමාලයාට…යමුද එයාගේ තාත්තට කියන්න’ ඔවුන් විදුලි පන්දමත් රැගෙන මගුල් ගෙදරට යන ගමන් සුරේෂ් ගෝලයට කිව්වා විස්තරය.ඔහුත් දකුණේ හාදයෙක්. ‘ආයෙත් අහන්න දෙයක් නෑ සර් මේ පැත්තේ ඔය වාගේ දේවල් වෙනවා..දන්නවනේ දකුණේ ගුරුකම් ගැන’ ගෙදරට යනකොට සද්දේ තිබුණේ කැසට් රෙකෝඩරේ විතරයි.හැමෝම නිදි . ‘ප්‍රේමචන්ද්‍ර කතා කරලා බලන්න’ තුන් හතර වාරයක් කතා කළාම සරම ඇඳ ඇඳ අයෙක් නැගිටලා ආවේ හොඳ කුනුහරුපයක්ද කියමින්.ඒක ඒ පැත්තේ සාමාන්‍ය භාෂාව. ඒත් සුරේෂ් දැකපු ගමන් මිනිහා හිස කසමින් කතා කළේ අහිංසකව.ඒ අතර තවත් කීප දෙනෙක් නැගිටලා ආවා. ‘ඔය කුණුහරපයක් කියාගෙන ආවේ මනමාලයාගේ තාත්තා’ ප්‍රේමචන්ද්‍ර කිව්වා හෙමින්. ‘ආ මේ ඉස්ටේෂන් මහත්තයානේ …මම බැලුවේ කවුදැයි කියාලා … ඇයි මේ මහ රෑ …මොකක්වත් කරදරයක්ද’ ඔහු කතා කළේ ඒ පැත්තට පුරුදු වාග් ශෛලියෙන්. ‘ඔව් කරදරයක් නං තමයි..හැබැයි මට නෙවෙයි පුතාට..පොඩ්ඩක් එන්නකෝ මෙහාට..මේ මනමාල මහත්තයාගේ තාත්තා නේද’ ‘ඔව් ඉස්ටේෂන් මහත්තයා..ඇයි මොකක්ද වෙලා තියෙන්නේ’ සුරේෂ් කිව්වා විස්තරය. ‘හු* ..මේක කළවා බන්ධනයක්… කවුද කළේ කියාලා හිතාලා බලන්න ඕනි…අම්මපා සර් ඕක කරාපු කැ* හු****පුතා හොයාලා දෙනවා රිටන් එක..එහෙම නොකළොත් මම ගෝමස් නෙවෙයි…ඕකුන් දන්නෑ මේ ගෝමස්ගේ හැටි’ ඊට පස්සේ ආයෙත් අර දකුණේ වචන සෙට් එක ෆුල් වොලියම් එකෙන්.සුරේෂ් රහසෙන් එයාට විතරක් කිව්වට වැඩක් නැහැ දැන් ගෙදර බවලත් උදවියත් ඔක්කොම නැගිටලා ඇවිත් මේ මනුස්සයාගේ හඬට. ‘දැන් ඔක්කොටම ඉස්සරවෙලා මේකට මොනවා හරි කරන්න වෙයි..පුතා කිව්වේ ඉක්මණටම එන්න කියලා’ සුරේෂ් කිව්වට පස්සෙයි එයාට කළ යුතුදේ මතක් වුණේ. ‘සමාවෙන්න සර්..මේ දැන්ම මම යනවා….කට්ටඩියෙක් හොයාගෙන’ සුරේෂ් ඉක්මණින්ම ආපසු ස්ටේෂන් එකට ආවේ තෙල් කෝච්චියට වෙලාව කිට්ටු නිසා. ‘මාර වැඩක්නේ එතකොට මේ ගුරුකම් ඇත්තමද’ සුරේෂ් ඇහුවේ ප්‍රේමචන්ද්‍රගෙන්. ‘ඔව් සර් මේ පැත්තේ ඕවට හරිම ප්‍රසිද්ධයි’ ‘ඒ කියන්නේ ඇයි එහෙම කරන්නෙ’ ‘ඕකට කියන්නේ කළවා බන්ධනය..…හැබැයි ගොඩාක් වෙලාවට මේවා කරන්නේ මනමාල ජෝඩුවගෙන් පළිගන්න..එක්කෝ කෙල්ල ඉස්සර වෙලා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා අත් අරින්න ඇති..එහෙම වුනාම ඒ කොල්ලා කට්ටඩියෙක් ලවා මේක කරන්න ඇති…එහෙම නැත්නං කොල්ල වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳලා උ
න්ගෙ පාර්ශවයෙන් කරන්න ඇති’ ‘කොහොමද මේක කරන්නෙ ..ප්‍රේමචන්ද්‍ර දන්නවද’ ‘දැකලා නෑ ..ඒ වුනාට මම අහලා තියෙනවා…මනමාල ජෝඩුව නිදාගන්න කාමරේ කිට්ටුව මල් පැලක් හදලා නූලක් මතුරලා ..ඒ නූල මනමාල ජෝඩුවට පන්නන්න ඕනි ..ඊට පස්සේ එක්කෝ මනමාලිගේ කළවා ලොක් වෙනවා…එහෙම නැත්නං ආපහු ගන්න බෑ’ ‘මට මතකයි මේ වාගේ දෙයක් ගැන ෆිල්ම් එකකුත් තිබුණා වගේ’ සුරේෂ්ට හිතා ගන්න බැරි වුනාට මේ කතාව සිද්ධ වුනේ ඒ විදිහට.පසුවදා උදේම ආවා ගෝමස් සුරේෂ් හම්බ වෙන්න. ‘අනේ සර් බෝම ස්තුතියි කරපු උදව්වට..මං යනකොටත් උං පූට්ටු වෙලා…කට්ටඩියා නූලක් බැන්දට පස්සෙයි ගැලවුණේ’ ‘ඇත්තටම මොකද වෙලා තියෙන්නේ’ සුරේෂ් ඇහුවා. ‘ඔය පහුගිය දොහේ එකෙක් කියාලා තියෙනවලු අපේ උන්ට හනිමූන් යන්න දෙන්නෑ කියාලා ..අද උදෙයි මට ඕක ආරංචි වුණේ ..ඌ තමයි ඕක කරලා තියෙන්නේ..මගුල් ගෙදර ඉවර වුන ගමන්ම මම ඕකව හම්බ වෙනවා….මම ඊයේ හෝටලේ මැනේජර්ටත් හොඳවයින් දෙකක් කියාලා ආවේ’ ‘ඇයි ඒ ගොල්ලො මොනවා කළාටද’ ‘මේකනේ ස්ටේෂන් මහත්තයා මේ වැඩේට හෝටලේ එකෙක් දෙන්නෙක් සම්බන්ධ නැත්නං කොහොමද කාමරේට ඇතුලුවෙන තැන තියන පාපිස්ස යටට මේ බන්ධන නූල ගියේ..පාපිස්ස යටනේ ඒක තිබුණේ ..කට්ටඩි උන්නැහැ ගිය ගමන් ගත්තේ ඒක ..ඒකට හෝටලේ උන් සම්බන්ධනේ අනිවාර්යයෙන්ම… තටුව තියන්න ඇත්තෙත් හෝටලේම වෙන්න ඕනි’ ‘හරි පුදුමයි..එතකොට ඔය යාතිකා කරන සද්ද එහෙමත් ඇහිලා තියෙනවද ජෝඩුවට’ සුරේෂ් ඇහුවේ ප්‍රේමචන්ද්‍ර කී කතාව අනුවයි. ‘ඔව්නේ ස්ටේෂන් මහත්තයා මේ අපේ කොල්ලා හිතාලා තියෙන්නේ හෝටලේ පිරිත් දාලා කියාලා ’ ‘මටනං හිතා ගන්නත් බෑ’ ‘මෙහෙ ඕවට පුදුම වෙන්න දෙයක් නෑ ..ඒක නෙවෙයි සර් ඔබතුමා එන්න ඕනි අද දවල් අපේ ගෙදර කෑමට’ ඔහු කීවේ අහිංසක ලෙස හිස කසමින්. ‘මම උදේ ඕෆ් වෙලා යන්න ඉන්නේ’ ‘එහෙම බෑනේ .. ස්ටේසන් මහත්තයා නැත්නං හනිමූනිනුත් ඉවරයි මගුලුත් ඉවරයි …හොඳ වෙලාවට පණිවිඩේ දුන්නේ ‘’ ‘හරි හරි බලමුකෝ’ සුරේෂ් කිව්වේ සිනාසෙමින්. ******************************* නම් ගම් මනඃකල්පිතයි. අද මෙවන් දේ නැත්තේ මිත්‍යාවට වඩා විද්‍යාවෙන් ඊට හේතු සොයාගෙන ඇති නිසා විය හැකියි.#කෝවිල්_දානය මේක හරි ලස්සන චාරිත්‍රයක් . ඇත්තටම දන්න තරමින් සහ මම දැකපු තරමින් මේ වෙනකල්ම මට #කෝවිල්_දානය කියන චාරිත්‍රය දකින්න පුළුවන් වෙන්නේ අපේ ගංගොඩේ දිහාවෙ විතරයි . ඒ කියන්නෙ මේ අනුරාධපුර හතර වටේ... දැන් මේ නම ඇහුවම නුහුරක් දැනෙනවා සමහර පැති වල මේ නමින් කියන්නෙ ඝණ දෙවියන්ට අපේ විදියට කිව්වොත් පුල්‍යාර දෙයියන්ගෙ දාන වලට කියලා .ඇත්තටම එන්නකො කියලා දෙන්න මේ #කෝවිල්_දානය ගැන... මේ කියන චාරිත්‍රය කෙරෙන්න මේ එන්න තියෙන මාර්තුවෙ අග අලුත් කන්නෙන් හාල් ටික ගෙට ගන්නකොට . හරියටම කිව්වොත් අලුත් හාල් ටික ගෙනල්ලා අප්‍රේල් 10 - 13 කියන කාලය ඇතුළෙ තමා මේක වෙන්නේ... අලුත් හාල් ටික කොටාගෙන ගෙදෙට්ට ගෙනා ගමන් අපි මේ දාන මාන ටිකට වෙනිං හාල් කෑල්ලක් අයින් කරනවා. ඒකෙන් පහු අපි පාවිච්චියට ගන්න හාල් වලින් හැමෝම තම තමන්ගේ අලුත් හාල් මැටි කෝප්පයක් ගානේ ගෙවල් වලින් හුවමාරු කරගන්නවා... පස්සෙ අර දාන මාන වලට අරන් තිබ්බ හාල් වලින් එක කොටසක් අපි ගන්නවා කෝවිල් දානයට. ඒක මෙහෙමයි වෙන්නෙ , අපි අපේ ගෙදරින් අතුල්පතකට පිරිසිදු සුදු රෙද්දක් දාලා කහ වතුරින් සෝදපු කොහොඹ ඉත්තක් ඇරන් ඒකටම දාලා ඒකට අපි කලින් අවුරුද්දෙ උඩ තියාපු හාල් මිට ඇරන් දාගන්නවා... ආ ඒක මොකක්ද දන්නවද, අපි හැම අවුරුද්දෙම ඒ විදියට හාල් මිටක් උඩ තියලා අපේ භාර හාර අලුත් කරගන්නවා... ඒක ආය ලෙහලා ගන්නේ අර කියන දානය වෙලාවට . ඒ විදියට ගත්ත අතුල් පත අපි ඇරන් ගමේ ගෙවල් 07 ( හතකට ) යනවා.. ගිහින් ඒක අතින් අරන් ගෙදර අයට කතා කරාම අපේ අතේ තියෙන අතුල්පත දැක්ක ගමන් ' එන්න පුතේ! කියලා ඒ ගෙදෙර අලුත් හාල් මිටක් අපේ අතුල්පතට දානවා... ඉතින් ඒ විදියට එක එක ගෙදරින් එක එක හාලෙන් හාල් මිට හතක් අපිට ලැබෙනවා... ඒක අවුරුදු කාලෙ වෙනකොට හරිම සුලබ දර්ශනයක් අපේ ගංගොඩේ ගෙවල් වල.. ඔන්න ඉතින් ඒ ටික ඇරන් ඇවිල්ලා අපි දාන වලට ඇරන් තිබ්බ හාල් වලින් ඉතිරිය දාලා බත් එක උයාගන්නවා... හරිම පිරිසිදුවට වගේම පුදුමාකාර භක්තියක් ඇතුව කරන දෙයක්. අනික් දේ අපි පුල්‍යාර දානෙදි පිරිමි පාර්ශ්වය ඉදිරියට ඇවිල්ලා අපිට එන්න නොදෙන්නා වගේ තමා කෝවිල් දානෙදිත් මම දැක්ක දේ ඒ හැමදේම වෙන්නෙ ගෙදර අම්මා , කිරියම්මා අතින්... ඉතින් ඔන්න ඔය විදියට බත උයාගෙන අපි ඒකට කන්න හදන්නේ එළවලු දෙකයි. 💛මඤ්ඤොක්කාකොළ මැල්ලුම 💛පරිප්පු 💛කිරි හොදි 💛ගස්ලබු මැල්ලුම ඔය කියන හතරෙන් දෙකක් තමා... මම දන්නෙ නෑ පුදුමාකාර රසක් තියෙන්නේ ඉතින් . ඔන්න උයලා ඉවර වුණාම අපි වටේම ගෙවල් වල ඉන්න ළමයි සේරටම අඬගහනවා. ඒ ආවම සාලේ හොඳට පිරිසිදු කරලා කළාලයක් එළලා කහ වතුර ඉහිනවා.. ඒ ඉහලා අර එන අයගෙන් පුංචි ළමයි ( සාමාන්‍යයෙන් අවුරුදු 12 ට අඩු) අය හත් දෙනෙක් (07) අපි අර පැදුරු වල වාඩි කරවනවා... ඒකෙන් පස්සේ අපි හොඳට සෝදලා පිරිසිදු කරපු කෙසෙල් කොළ ටිකත් කහ වතුරෙන් සෝදලා අර දරුවො ටිකට බෙදනවා. පස්සේ ඉතින් හරිම පිරිසිදුවට හදාගත්ත දානය පිළිවෙලට බෙදලා ඉවර කරනවා... හැමෝටම බෙදලා ඉවර කරනකල් කාටවත් කෑම කන්න බෑ . මුලින්ම අපි වතාවත් කරලා #පත්තිනි මෑණියන්ට පහන් පූජා කරලා ඒ අවුරුද්ද සශ්‍රීක කරාට දරු මුණුබුරෝ පරවේසම් කළාට #පත්තිනි මෑණියන්ට පිං දෙනවා... ඒ ඉවර කරලා කෑම බෙදන්න ගන්නව. ඒ ටික බෙදලා ඉවර වෙනකොට තව පිරිසිදු අතුල් පතකට කෙසෙල් කොළයක් දාලා අර හැමෝගෙම පළවෙනි බත් පිඬ ඒකට දාගන්නවා... ඉතින් ඒක එහෙම්ම අනලා සාමාන්‍යයෙන් නම් ගෙදර දරුවෝ ටිකට මුල් දෙකට කවලා අනික් අයටත් පුංචි කටක් දෙනවා.. ඒකෙන් පහු හැමෝම කෑම ගන්නවා... අන්තිම කෙනත් කාලා ඉවර වෙනකල් මුලින් කාපු අයට නැඟිටින්න බෑ . ඒ හැමෝටම අත සෝදන්න පවා වතුර එක ළඟට දෙනවා... ඔන්න කාලා ඉවර වෙනකොට හැමෝටම #පරහද නළලේ ගානවා... #පරහද හදාගන්නේ මෙහෙම. 💛 කහ ඇබින්දක් 💛 තුඹස් මැටි ටිකක් 💛 පොල් තෙල් ඇබින්දක් 💛 වතුර ඩිංගක් මේ සේරම එකට දාලා තුඹස් මැට්ටෙ පාටට තමා මේ පරහදේ හදාගන්නේ. දානය ඇරන් ඉවර වුණ හැමෝගෙම නළලේ මේ පරහද ටික ගෙදර ඉන්න අම්මා නළලේ ගාන්නෙ මහපටගිල්ලෙන් . ඉතින් අපි පුදුම ආසයි ඔය පරහදේ නළලේ ගාගන්න... ඔන්න ඔය ටික ඉවර කළාම අපිට නැඟිටලා ගෙවල් වලට යන්න පුළුවන් . එතකොට ඉතින් පිඟානෙට දාලා ගෙවල් වලට බත් යවනවා. මේ කාලෙට කිසිම ගෙදෙරක පිලී පිළිහුඬු ඉදෙන්නෙ නැති තරම්.මොකද කෝවිල් දානේ නිසා . ඉතින් සාමාන්‍යයෙන් ගෙදරක උදේ වරුව #කෝවිල් දානය දුන්නොත් හවස් වරුව පුල්‍යාර කිරිඋතුරනවා... ඒක අපේ ගංගොඩේ එකට බැඳුණු චාරිත්‍රයක් . සාමාන්‍යයෙන් අපේ පවුලට නම් පරම්පරාවට පුරුදු වෙලා තියෙන්නෙ පරණ අවුරුදු දවසට ( 13 ) ඔය දාන දෙක දෙන්න... අනික් දේ අනිවාර්යයෙන් අප්‍රේල් 13 හවස් වෙනකොට මේ දාන ටික ඉවර කරන්න ඕනෙ .මොකද 14 වෙනිදට අපි කිරිබත අලුත් හාලෙන් උයන්නෙ පරණ අවුරුද්දෙන් භාර හාර නිදහස් කරලා... ඉතින් ඔන්න ඔය විදියට තමා අපි #කෝවිල් දානය කියන චාරිත්‍රය කරන්නේ...අවුරුද්දට වතාවක් ඒ විදියට දෙනවා වගේම සාමාන්‍යයෙන් අපි ගංගොඩේ ගෙදෙරෙක දරුවෙක් අසනීප වුණත් , වෙන යම් අතුරු අන්තරාවක ඉවක් වැටුණත් හාල් මිටක් උඩ තියලා අපි භාර වෙනවා... ඒ ගැන වගේම තව තව චාරිත්‍ර ගැන , විශේෂයෙන් හැංඟිලා යන ගොඩක් දේවල් ගැන ඉස්සරහට ලිපි අරන් එන්න්ම් 😍 අනිවාර්යයෙන් ඔයාලගෙ මතකය කමෙන්ට් එක්කින් අලුත් කරගෙන යන්න අමතක කරන්න එපා 😍 මතුවට .... කාවින්ද්‍යා හේමචන්ද්‍ර 🍂 #Kavy_D- හොඳටම (අ)මතක කතාවක් - මට හොඳටම මතකයි. ඒ වෙනකොට හරිඅඩක් පිලිස්සුනු සිගරට්ටුවක් තවදුරටත් ක්ශය වෙමිනුයි තිබුනෙ මගේ ඇඟිලි කරු අතර. මගෙ ඇස් වලට අහුවෙන මානෙක තිබුන තරු දෙකක් එල්ලෙමින් වලාකුලක. එකක් බොහොම රදල පාටටයි පෙනුනෙ මට දුරට. අනෙක නම් එලිය අඩු එකක් බැලූ බැල්මට. අහෝ එය පුදුමයක් නොවේනම්!... එලිය අඩු පුංචි තරුව ලං වෙමින් හිටිය අනෙකට. එලියෙන් පොහොසත් එක එකම තැන. මට පෙනුන විදිය හරි නම්, හරිම ලස්සන නිරාමිස හිනාවක් ඇඳිල තිබුන අර පුංචි තරුව උඩ. මොන තරම් ආදරණීය යාමයක්ද. අනේ පුලුවන්නම් හෙමින් ගලපන් කාලය. මට හොඳටම මතකයි. ඒ වෙනකොට අඩකට වඩා පිලිස්සුනු සිගරට්ටුවක් මිරිකෙමින් තිබුන මගේ ඇඟිලි කරු අතර. හොඳටම ලං වුනානොවැ පුංචි තරුව ලොකු එකට. මහ විසාල එලියක් ඒක. සද්දයක් නම් නෑහුනාද කියල මතක නෑ මට. ඇරත් ඒ සිදුවීම නිහඬවම සිද්ධවුනු එක හොඳයි එක අතකට. අහෝ ! දුප්පත් පුංචි තරුව. ලංවුනු සැනින් අනිකට, මහ විසාල ගින්නකින් වහගත්‍ත විතරයි දැක්කෙ මම මොහොතකට. ගින්න ඇවිලුනා බොහොම සාරෙට. ගිනි අරන් පිලිස්සෙමින් තිබුන එලිය අඩු පුංචි තරුව. එලිය වැඩි එක තාමත් එතනමයි එහෙමම. මට හොඳටම මතකයි. ඒ වෙනකොට මියැදෙන්න ලං වෙමින් තිබුනු සිගරට්ටුවක් දැල් වෙමින් තිබුන මගේ ඇඟිලි කරු අතර. ගිනිගෙන දැවෙමින් තිබුනු පුංචි තරුව කඩන් වැටුන බොහොම වේගෙන් පහලට. ඇඟේ හැපුනු හුලඟට නිවෙමින් දැල්වෙමින් තරුව කඩන් වැටුන තව තවත් පහලට. ඒක ඛේදවාචකයක් වුනත්, ලස්සන උල්කාවක් වගෙයි පෙනුනෙ මට හරියට. හොඳටම කුදු ගැහිච්ච වයෝවෘද්ධ උණ පඳුරක් සතර සතිපට්ඨානය කොඳුරනව මං අහගෙන. ඇලේ දිය වැලකින් ඉහලට එසවුනු බුලත් හපයෙක් පිංතූරයක් ගන්න සද්දෙ නම් හොඳාකාරවම ඇහුන මට. මතක විදියට ඌ වාර්ථාකාරයෙක් මොකක්දෝ කංතෝරු පත්තරේක. ඒ අතරෙ මට මඟ හැරුනු පුංචි තරුව කොහෙද කියල සෝදිසි කරල බැලුව මම. අතරුදන් වෙලා තිබුන නොවැ ඒක. මට හොඳටම මතකයි ඒ වෙනකොටත් සම්පූර්ණයෙන්ම දැවුනු සිගරට්ටුවක සිරුරක් වැටිල තිබුන මගේ කකුල් දෙක පාමුල. හැමතැනම තිබුන පිලිස්සුම් තුවාල. පන අදිමිනුයි තිබුනෙ ඒ පිච්චුනු අසරණ සිරුර. සිරුරේ ශේෂ වුනු අවසාන කොටස් පවා තවදුරටත් දැල්වෙමින් තිබුන රතුපාටට. මියැදේවි තව ටිකකින් ඒක. මම හැරුන නින්දට. නිකමට ආපහු හැරිල බැලුවමයි මම දැක්කෙ. කොහෙන්දෝ විසිරුනු දි
ය බිඳිත්තක් කඩාගෙන වැටුන දැල්වෙමින් තිබුනු සිගරට්ටුවේ පිලිස්සුම් මතට. විශ්වයම නිහඩ වුනා මොහොතකට. කඳුලු සුවඳයි හැමතැනම. මට ඇහෙනව, වයෝවෘද්ධ උන පැඳුර තාමත් කොඳුරනවා සතිපට්ඨානය. - නීරා -Amrik Sukhdev දිල්ලි - කාෂ්මීර් අතරෙ තියෙන කෑම හොඳම හෝටලය කියලයි කියන්නෙ. ලංකාවෙ ලොකු නගරයක සේරම ආපනශාලා වලින් දවසකට කන සෙනඟ දවසකදි ඒ හෝටලේට එනව ඇති කියලයි මට හිතුනෙ. මේ ලිපිය එක්ක මම අමුණන්නෙ ඒකෙ ආහාර පිළිගන්වන ශාලාවලින් වලින් මම හිටපු එකේ photo එකක් විතරයි. මේ හෝටලය මේ වගේ ලොකු ශාලා කිහිපයකින් සමන්විතයි. සමස්ථයක් විදියට ඉන්දියාවෙ මිනිස්සුන්ගෙන් කොටසක් බොහොම අපිරිසිදු බව කවුරුත් දන්න කාරණයක්. එහෙවු එකේ මේ තරම් කාර්‍යබහුල හෝටලයක් පිරිසිදුවට තියාගන්න හෝටල් කළමනාකාරීත්වය සෑහෙන තරමට කාර්යක්ෂම වෙන්නම ඕන. ඒ කාර්යක්ෂම බව වගේම සුහදශීලී සේවය ආදර්ශයට ගන්න තරමට වටිනවා. ඉඳුල් ටිකක් බිම වැටුනම ඉක්මනින් ඒක සුද්ද කරලා දාන්න මොන වෙලෙත් වෙනමම කණ්ඩායමක් සූදානමින්. වොෂ් රූම් හොඳටම පිරිසිදු තත්වයේ තියෙනවා. උතුරු ඉන්දියානු, දකුණු ඉන්දියානු, හිමාචලී, මලයාසියනු, ඉන්දුනීසියානු, චීන කෑම වගේම කවදාවත් නොදැකපු ස්වීට් වර්ග බොහොමයක් මෙතනදි ලබාගන්න පුලුවන්, ඒ උනත් හෝටලය සියළු කෑම වෙජිටේරියන් නිසා. මස් මාලු විතරක් නෙමේ බිත්තරයක් වත් මේකෙදි කෑමට ගන්න බෑ. ඒ උනාට කෑම වල රසය උපරිමයි. අනිත් කාරණය දිල්ලි නගරයෙන් එළියට යද්දි නගරයට වඩා ලොකු වෙනසක් මිනිස්සුන්ගෙ පෙනුම, ගොඩනැලි වල පෙනුම අතරෙ උනත් දකින්න පුලුවන්. මේක පෝස්ට් කරන වෙලාවෙ මම ඉන්නෙ උතුරු ඉන්දියාවෙ හිමාචල් ප්‍රදේශ් (ප්‍රදේශයේ) නේපාලයට ලඟින්, හිමෙන් පිරුණු හිමාලය පේන තරමෙ දුරින් තියෙන ෂිම්ලා වල. මෙහේ මිනිස්සු ගොඩක් ලස්සනයි.පොලිස් කාන්තාවන් මිනිස්සුන්ව වැරදි වලට පොළඹවලා අත්ඩංගුවට පත්වෙන්න තරමටම හැඩයි. 😀 සමීර බෝපගේමිදි කිලෝ එකක් 100/- දොඩම් කිලෝ එකක් 50/- දෙළුම් 140/- "ෂිම්ලා" උතුරු ඉන්දියාවෙ හිමාචල් ප්‍රදේශයේ අගනුවර. සංචාරක ක්ෂේත්‍රයේ නිතර කියවෙන "ෂිම්ලා" සංචාරක ක්‍රියාකාරකම් වලට බොහොම ප්‍රසිද්ධ කඳුකර ගමනාන්තයක්. ෂිම්ලා නගරයට කිලෝමීටර් කීපයක් දුරින් තියෙන Kyfri (කුෆ්රි) නගරයේ කඳු ආශ්‍රිතව සංචාරකයන් වෙනුවෙන් කෙරෙන බොහොමයක් ක්‍රියාකාරකම් දකින්න පුලුවන්. Shimla කියල ඉන්ටර්නෙට් එකේ බැලුවම හිමෙන් පිරුණු ප්‍රදේශ දකින්න ලැබුනට මෙහේට හිම වැටෙන්නෙ අවුරුදෙ කෙටිම කාලයකට. ඒ වගේම සමහර අවුරුදු වල හිම වැටෙන්නෙම නෑ. මෙදා වතාවෙ යද්දි හිම වැටිලා තිබ්බ නිසා අපට ෂිම්ලා වල හොඳට විනෝද වෙන්න අවස්ථාව ලැබුනා. අශ්වයෝ, පෝනියෝ, යැක් ලගෙ පිට යන පින්තූර දැකලා සත්ව අවිහිංසාව වෙනුවෙන් කලබල වෙන්න එපා. මෙහේ සමහර කඳු මුදුන් වලට යන්න විකල්ප නෑ. පයින් යන්න ගියොත් අශ්ව වසුරු පිරුණු පාරවල් දිගේ අඩියක් දෙකක් එරි එරී යන්න වෙන නිසා කණගාටුවෙන් උනත් අපටත් තෝර ගන්න උනේ අශ්වයන්ම තමයි. ෂිම්ලා වලට වඩා කිලෝමීටර් දෙසීයක් විතර දුරින් තියෙන 'මනාලි' වල නොවැම්බර් වල අවසානයේ ඉඳලා පෙබරවාරි අවසන් වෙනකල් හිම දකින්න ලැබෙන නිසා ඒ අත්දැකීම ගන්න මනාලි යන බොහොමයක් දෙනා අගනුවර වෙච්චි ෂිම්ලා වලටත් එන්න අමතක කරන්නෙ නෑ. ඒ වගේම මේක සුද්දො හදපු නගරයක්. එයාල මේකට කිව්වෙ 'ගිම්හාන අගනුවර' කියලා. ඒ නිසා බ්‍රිතාන්‍ය කාලයේ කල නිර්මාණ බොහොමයක් මෙහේදි බලන්න දකින්න තියෙනවා. ඒ වගේම shopping වලටත් ෂිම්ලා ප්‍රසිද්ධයි. නගරයේ පහල වීදිවල ඉඳලා ඉහල වීදිවලට යන්න විදුලි සෝපානයක් භාවිතා කරන මම දැකපු එකම නගරයත් මේක. ඒකට අයකරන ගාස්තුව ඉන්දියන් රුපියල් විස්සක්. නගරයේ ඒ ප්‍රධාන කොටසට කිසිම වාහනයකට ඇතුළු වෙන්න දෙන්නෙ නෑ. ඒ වගේම අතිශය සීතල නගරයක් උනත් දුම්පානය සම්පූර්ණයෙන්ම තහනම්. තැන තැන කුණුවිසි කලොත් එවෙලෙම දඩ ගෙවන්න වෙනවා. පොලිතින් භාවිතා කලොත් ඉන්දියන් රුපියල් 5000 ලංකාවෙ මුදලින් නම් ආසන්න වශයෙන් 20000 ක දඩයක්. ඒ හේතුව නිසාම නගරයේ විශාල ප්‍රදේශයක් යුරෝපීය නගරයක මට්ටමටම පිරිසිදුයි. හිම එක්ක අත්දැකීමක් ගන්න කැමති කෙනෙක්ට යුරෝපයට නැත්නම් හිම තියෙන බොහෝ රටවලට වඩා අඩු වියදමකින් මෙහේට එන්න පුලුවන්. ඒත් හිම වැටෙන කාලය ගැන හරි අවබෝධයක් නැතිව ආවොත් ගමන සම්පුර්ණ වෙන්නෙ නෑ. හිංදි සිනමාවෙ දර්ශනතල බොහොමයක හිමිකාරීත්වය දරන ෂිම්ලා වල 'හිම' වලට එයාලහෙ බාශාවෙන් කියන නම "බරෆ්". ඉන්දියාව අපිරිසිදු කමට ප්‍රසිද්ධයි තමයි. ඒත් කවරෙ බලලා කතාව සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න යන්න එපා. ලෝකෙ ගැන අපි හිතන හැමදේම නිවැරදි නෑ .. ආ එක ෆොටෝ එකක අමුතු නිළ ඇඳුමක් ඇඳන් ඉන්නෙ පොලිස් නිළධාරියෙක්. අර කලින් ලිපියෙ ලියපු ලාස්සන නිළධාරිනියන් හැම තැනම හිටියත් එයාලා එක්ක ෆොටෝ ගහන්න ගියේ නෑ 😄 සමීර බෝපගේදෝදු කෙළියට පෙර •••••••••••••••••••••••••••• මයාකාරී දිනයක සුබ ලකුණු පහළ කරමින් බෝග්වාර්ඩ් මායා විශ්‍වවිද්‍යාලයේ භෝජනාගාරය අසල සිටි කුකුල් නාම්බා බෙරිහන් දෙන්නට වූයේ " පස්සට අව්ව වැටෙන කල් නිදියන්නෙ නැතිව නැගිටපියව් කාලකන්නියනේ" කියන්නාක් මෙනි. භෝජනාගාරයේ ඉහළ මාලයේ සුවබර යහනක නිදි සුව විඳිමින් සිටි ලැරී, කුකුල් නාම්බාගේ බෙරිහන් දීමේ ප්‍රථිපලයක් ලෙස උඩ විසිවී ගොස් ඇහැරිනි. " ගෙරි කුකුලගෙ ආච්චිට .........." බෝල කණ්නාඩි කුට්ටම නහය උඩ ස්ථානගත කර ජනේලයෙන් පහළ බැලූ ලැරීට සිය වාක්‍ය අවසන් කරගැනීමට නොහැකි වූයේ අනායාසයෙන්ම මුවට පැමිණි කුණුහරුප තොගයද ගිල දැමීමට සිදුවන අතරය. දුටු දසුනින් ඔහු කළබලයට පත්වී එක තැනම ගල් ගැසුනේ ලොකප්‍රකට නිරුවත් ඩේවිඩ්ගේ පිළිමය විංකල් බාස් කෙනෙකු විසින් කෙහෙල් බඩයකින් නෙලුවාක් වැනි හැඩයකිනි. කොටින්ම කියතොත් ඉලාස්ටික් එක ඇදී තිබුණු ලැරීගේ හම්පඩ පිජාමා කලිසම දණහිසත් පසු කරගෙන වළලුකර දක්වා හීන්සීරුවේ ලිස්සා ගිය වග වත් ඔහු නොදත්තේය. පෙර දින මායා පාසලේ ප්‍රායෝගික වැඩමුළුවකදී සජීවි සතුන් මැවීම පාඩමේ පළමු අදියර වන ගෘහාශ්‍රිත සතුන් මැවීමේ පාඩම කරන ලදී. එහිදී මායා සතුන් මැවීමේ මන්තරය වන " බට් වැද්ද නග්ගහං " යන්න සිය දහස් වාරයක් කියවවා සිසුන් වෙත පත්තියං කිරීමේ කාරීය ලූකස් බාබෙද්දෝ නම් මහාචාර්ය වරයා විසින් කරවන ලද අතර ප්‍රායෝගික සැසියද පැවැත්වූයේ ඔහුගේ නිරීක්ෂණය යටතේය. මොන වැඩ්ඩා යටතේ සැසිය පැවතුනත් අවසනාව ලැරී වෙත ලඟාවීම වැලැක්විය නොහැකි බව සුපුරුදු ලෙස එදින ද ඔප්පු විය. එය සිදුවූයේ මෙසේය. ප්‍රායෝගික සැසියේ ලැරීගේ වාරයට පෙර එම අවස්ථාවට මුහුණ දුන්නේ ලැරීගේ අතිජාත, පාපමිත්‍ර බොන් මල්වෙයිනා නම් හාදයාය. ඔහුගේ ඒ හා සම්බන්ධ ක්‍රමවේදයේ එහා මෙහා වීමක් නිසා ඔහු අතින් මැවුන සත්වයා විකල් විය. මන්තර මතුරන විට මැජික් යශ්ටිය මැවුම් කරුගේ පස්සා පැත්ත වටා වට දෙකක් කරකවා, මැවීමට අවැසි සත්වයා හිතෙන් මවාගෙන, මන්තර ජප කරනවාත් සමඟම යශ්ටිය ඉදිරියට එල්ල කිරීම නියම ක්‍රියා පටිපාටිය යැයි මහාචාර්ය ලූකස්ගේ හකු ඇටයට ග්‍රීස් ගහන තත්වයට එනතුරු කීවද බොන් මල්වෙයිනා කළේ අනෙකකි. මැජික් යශ්ටිය පස්සා පැත්‍ත වටා කරකනු වෙනුවට බොන් එයින් පස්සා පැත්ත කසා, ඉතිරි පියවර සියල්ල නූලටම කළේය. එහි ප්‍රථිපලයක් ලෙස මැවුනේ බෙල්ල ගහලා ගිය හෝතඹුවෙකි. ඌ ද 205 ප්‍රයිවට් බස් එකකට යටවුන එකෙකු මෙන් පැතලිව මැවුන හෙයින් බොන් එම කඩයිමෙන් අසමත් විය. " අඩුමගානේ මේකට පන ඩිංගක් වත් තිබ්බ නම් තමුසෙට ලකුණක් දෙකක් දෙන්න තිබ්බා." ලූකස් ගිගිරුවේ ශාලාවේ සිටි අනෙක් එවුන්ටද බඩ බුරුල්වන තරමේ කෝපයකිනි. " මම ෆේල් වෙච්චි එක ලැරියා පාස් වෙන්නෙ මොන එහෙකටද. හිටු හොඳ වැඩක් කරන්ඩ." යයි සිතූ බොන් ප්‍රායෝගික සැසිය පැවැත්වුන කුටියේ කල් මරන්නට විය. ලැරීගේ අවස්ථාව උදාවිය. ඔහු නියමිත ක්‍රමයට අනුව යශ්ටිය කරකවා මන්තර ජප කරන්නට පටන් ගත්තේය. " බට් වැද්ද &%$#@" ලැරීගේ මන්තරය අවසානයට වඳුරු කුණුහරුපයක් එකතු වූයේ ඔහුගේ පිටුපස රැකගෙන සිටි බොන් ඔහුට කිචි කැවූ නිසාය. ලැරීට යමෙක් කිචි කවයිද, ඒ හැම අවස්ථාවකම ඔහුගේ මුවෙන් ගිලිහෙන්නෙ එකම කුණුහරුපයකි. එම මැවිල්ලේ ප්‍රථිපලය බොන්ගේ මැවිල්ලට වඩා සෝචනීය විය. නමුත් පන තිබින. ඔහු අතින් මැවුනේ කරමල සහිත හිසක් ඇති, කිකිලියකගේ මෙන් පස්සා පෙදෙස් දහයක් ඇති, එම සෑම පස්සා පෙදෙසකම ලැරීගේ මුවෙන් ගිළිහුන කුණුහරුපයේ ඇති අවයවය සහිත අමුතුම ජාතියක සතෙකි. ඌ කුකුලෙකුත් නොවන කිකිළියකත් නොවන එකෙකි. ලැරීද එතැනදී අසමත් විය. කෙසේ වෙතත් ලැරී සහ බොන්ගේ විනය කඩ කිරීම් හේතුවෙන් ඔවුන්ට පන්ති තහනමක්ද, පසු දින පැවැත්වෙන අන්තර් නිවාස දෝදු කෙළියේ ලදරං නිවාසයේ ඔවුන් දෙදෙනාගේ නියොජනයද අත්හිටුවීමට පරිපාලනය තීරණය කරන ලදී. මේ පිළිඹඳව ලැරීගේ සිහින කුමරිය වුන සාරාහ් ඇමලී දෙදෙනාටම දෙහි කැපුවේ ලැරීගේ සියලු සිහින ගොම්බෙට්ටට බෝම්බයක් ගැහුවාක් මෙන් සුනු විසුනු කර දමමිනි. දෝදු කෙළිය නම් පා පන්දු ක්‍රීඩාව මෙන් ක්‍රීඩාවකි. නමුත් එම ක්‍රීඩාව කරන්නේ මැජික් කොස්සක නැග ගුවනේ පියාඹන අතරය. කෙසේ වෙතත් දැන් තත්වය ඊටත් භයානකය. ලැරී අතින් මැවුන විකල කුකුල් කිකිළිය විසින් භෝජනාගාරයේ සුරතලයට හැදුන කුකුල් නාම්බාට ලයින් එක දමයි. පිරිමි සතෙකුගේ මුහුණත්, විකාර පස්සත් දැක භෝජනාගාරයේ කුකුල් නාම්බාට මර බෙටි පිටවී ඇත. උදාවුන දිනයේත් බෝග්වාර්ඩ් විශ්වවිද්‍යාලයේ දවසේ විහිලුව වීමට අකැමැති වුන ලැරී භෝජනාගාරයේ කුකුල් නාම්බා බේරා ගැනීමට සිතුවේය. හැබැවින්ම කුකුල් නාම්බා බේරා ගැනීමේ සත්ව කරුණාවකට වඩා ඔහුගේ ඉතිරිව ඇති නම්බුවේ අංශු මාත්‍රය බේරා ගැනීම ඔහුගේ නියම අරමුණ විය. " දඩාස්....." වළලු කරට රූටාගිය කලිසම නිසාවෙන් පය පැටලුන ලැරී එතැන වැදහොත්තේය. ඇඳ විට්ටමේ වැදී හක්ක ෆෝල් අවුට් නොවී බේරීමට තරම් වාසනාවක් ලැරී වෙත තිබුණද හොම්බ බිම ඇනී නැගුන වේදනාව සුළුපටු නොවීය. එකවරම ඔහු තවත් කළබල වූයේ සිය මැජික් යශ්ටිය බිම ඇණුනේද යන සැකය පහළවුන නිසාය. නමුත් මැජික් යශ්ටිය
එම අවස්ථාවේ ඔහු අත නොතිබුන බව යලිත් සිහියට නැගුන නිසා ඔහුට සැනසුම් සුසුමන් පා කරන්නට අවස්ථාව උදාවිය. යම් හෙයකින් මැජික් යශ්ටියට කෙලවුනි නම් අලුත් එකක් ගන්නවා බොරුය. මැජික් යශ්ටි අළෙවිකර්න සදූඑස්කාගේ බාල කෙලී සම්බන්ධ හුටපටයක් නිසා ලැරී ඇයගෙන් වහන් වී වාසය කරන්නට විය. " ඇරඹුම ම කඳුලක් වෙලා........" ලැරිගේ හිස වටා නෙක පැහැති තරු රඟන්නට වූයේ ඈතින් දෝංකාර දෙන ගීයක් ගැයෙන හඬක් ඇසෙන අතරය. මොහොතක් පමා නොවුන ලැරී වේදනාව අමතකර, හිස දෙපසට වනා පියවි සිහියට පැමිණියේ වැටී සිටි තැනින් නැගිට හම්පඩ පිජාමා කලිසම බුරියටත් වඩා ඉහළට ඇද ගනිමිනි. ඔහු වටපිට බැලුවේය. උඩු කය නිරුවතින් පහළට යාම සම්පූර්ණයෙන්ම නිරුවතින් යාම හා සමාන කරුණකි. නමුත් ලෙදර් ජකට්ටුව හා ලදරං නිවාසයේ සාටකය හැරුනකොට වෙනත් කිසිම ඇඳුමක් කාමරයේ නොවීය. " හුටා....ඊයේ හොදපු රෙදි ටික තවම බකට් එකේ. කොහෙද ලව් මාන්දමෙන් හිටිය නිසා ඒකත් අමතක වුනානේ." ඒ ලැරීගේ හද පතුලෙන්ම නැග ආ ස්වයං ආත්ම විවේචනයයි. මේ දියව යන්නේ කාලය නොව ලැරීගේ නම්බුවේ අවසන් අංශු මාත්‍රයයි. තවත් කාලය නාස්ති නොකළ ලැරී ජකට්ටුව හැඳ, සාටකය බෙල්ල වටේ පටලවා ගත්තේ පහළට දිවීමටය. නමුත් එක් මොහොතක් නැවතුන ඔහු කණ්නාඩියෙන් ඔහුගේ රුව බැලුවේ "අපායට ගියත් ලස්සනට ඉන්ඩ ඕන" යන ආදර්ශ පාඨයට ගරු කිරීමක් වශයෙනි. ජැකට්ටුවේ පෙනුම අවුලක්ම නැත. සාටකය සහ බිම වැදී ඥොක්කං වුන මුහුණ ඔහු වෙත ගෙන ආවේ නාකි මයිනෙකුගේ පෙනුමය. " මොන රෙද්දක්ද." ඔහු තමාටම කියාගත්තේ කණ්නාඩියේ තම රුවටම ඔරවමිනි. ඔහු තවත් අඩි දෙකක් පස්සට තැබුවේ කණ්නාඩියෙන් සම්පූර්ණ සිරුරේ රුව බලාගැනීමටය. එම පෙනුම පෙරටත් වඩා ශෝචනීයය. ඔලුව ජපන් කඳ ජර්මන් පෙනුමක් ඔහුට ලැබී ඇත. මීට වඩා සතුටුදායක පෙනුමක් ඔහු අතින් මැවුන කුකුල් කිකිළියට ඇත. හම්පඩ පිජාමා කලිසමට උඩින් වටිනා ලෙදර් ජැක්ට්ටුවක් හා සාටකයක් යනු ජිල් බෝලයි නිල් අහසයි මෙන් එකකට එකක් නොගැලපෙන පෙනුමකි. නමුත් මේ මොහොතේ වෙනත් විකල්ප නැත. පහළට දුවන්නට හිතාගෙන කාමරයේ දොර අසලට දිව්වද කොරිඩොවේ ඕපදූප කියවන කෙල්ලන් පිරිසකගේ හඬ නිසා ලැරී දොර අසල නැවතුනේ සිය දෛවයට සිතෙන් ශාප කරමිනි. " මුන් මොන මගුලක් කරනවද මෙච්චර උදේ නැගිටගෙන. ඕපෙ කියවන්ඩ ගියාම ගෑනුන්ට තැනක්, වෙලාවක් නෑනෙ. චික් විතරක්...." ලැරී කෙල්ලන් වෙත බැන වැදුනේ කනට නෑසෙන ගානටය. " කෑක්..කුක් කුක් කෑහ්ක්....." භෝජනාගාර කුකුල් නාම්බා නැවතත් මරහඬ දෙන්නට විය. " පොඩ්ඩක් ඉවසපං කුකුල් රජෝ....මම ඇවිත් මොනවහරි කරලා ඕක බැලන්ස් කරල දෙන්නම්. කෑගහන්න නම් එපා මයෙ දෙයියෝ...." ජනේලයෙන් හිස එළියට දමාගෙන් කුකුලාට වැඳගත් හුන්නේ බේරෙ වැවට ඇද දැමීට යන එකෙකු එසේ නොකරන ලෙස යදින්නාක් මෙන් පෙනුමකිනි. " දැන් මොකද කරන්නේ. ජනේලෙන් වත් පනින්න තමයි වෙන්නේ........ම්....මැජික් කොස්සෙන් ශේප් එකේ පහළට ගියොත්...." ලැරීගේ මුහුණේ බලාපොරොත්තුවක සේයාවක් ඇඳී අනෙක් අතට මැකී ගියේය. " කෙලියනෙ තාප්පෙටම. මැජික් කොස්සත් නෑනේ." ලැරීට කියවුනේ ඇස් අග කඳුලින් තෙත්ව යද්දීය. දෛවය ඔහුට බරපතල ලෙස දඬුවම් කිරීමට තීන්දු කළ සෙයකි. පෙර දින දෝදු කෙළියේ ලදරං නිවාසයේ ක්‍රීඩක ලයිස්තුවෙන් නම කැපෙනවාත් සමඟම තම කාමරයේ දොරටුව අභියස සිටගෙන සිටි ෆස්ට් ඉයර් කොල්ලා ලැරීට සිහි විය. " ලැරී අයියේ. මගේ මැජික් කොස්සේ කල්ච් ප්ලේට් ගිහින්. තත්වය අන්තිමයි. ඔයා හෙට දෝදු කෙළින්නෙ නැති නිසා කොස්ස පොඩ්ඩක් දෙනවද මට?" කොල්ලා එසේ කියුවේ කින්ඩියට ද යන්න වත් තේරුම් නොගත් ලැරී එම මොහොතේම සිය මැජික් කොස්ස කොල්ලා වෙත දුන්නේ ඌව එතනින් පිටත් කර යැවීමේ අරමුණෙනි. එම මොහොතේ ලැරීට උවමනා වූයේ ඇඳ අසල වාඩි වී හොඳටෝම හැඬීමටය. හොටු පිහදා ගැනිමට සුපුරුදු ඇඳ රෙද්ද තිබෙන බැවින් ඔහුට අවැසි වූයේ තනි වීම පමණි. ඒ වේලාවේ ගත් අනුවන තීරණය නිසා ලැරීට පහළට යාමට කොස්සක් නැත. කොටින්ම ඔහුගේ කොස්ස පරවී තිබේ. කරන්නේ කුමක් දැයි සිතා ගැනීමට නොහැකි ලැරී කාමරය පුරා ඇස් යැවුවේ වෙනත් විකල්පයක් සොයාගන්නා අටියෙනි. එවිට ඔහුගේ නෙත ගැටුනේ උඩරට කුඩයකි. " හම්මේ...මේ තියෙන්නෙ මගෙ නම්බුව බේරන දෙයියා." කුඩයට වැඳගෙන ලැරි පැවසුවේ හතරමහ නිධානය පහළ වුන එකකු මෙන් සතුටෙනි. ඒ සමඟම කුඩය ඩැහැගෙන ජනේලය අසලට දිවගිය ලැරී එය ඉහලාගෙන පහළට පනින්නට සැරසුනේය. ඒත් මොකද්දෝ හේතුවකට ඔහු එසේ නොකර නැවතුනි. " අඩේ මේක ලංකාවේ බඩ්ඩක් නේද. මේක ඉහලගෙන පැන්න නම් ලොවෙත් කොන්ද කැඩෙනවා." කුඩය දෙස බලාගෙන ලැරී කල්පනා කරන්නට විය. ඊටත් ඒ අයුරින් පහළට ගියද නැවත කාමරයට එන්නට වන්නේ පඩි පෙළ හරහාය. එයද ගැටලුවකි. "ආහා.....පාවෙන මන්තරයෙන් වැඩ ගන්න මේක තමයි වෙලාව." ලැරී උද්දාමයට පත්විය. ලැරී සිය මැජික් යශ්ටිය ඇඳ මෙට්ටය යටින් ඇදගෙන හිස වටා වටයක් කරකන අතර " රුපියලස් කුඩයටෝ" යයි කියා කුඩයට යශ්ටිය එල්ල කළේය. සුපුරුදු පරිදිම ලැරීට දැනුනේ බුලක් කෙලියා දැයි සැකයකි. " මන්තරේ ටිකක් කලින් කියවුනාද ත් මන්දා." ඔහු සිතන්නට විය. නමුත් මන්තරය වැඩ කළේය. කුඩය දිගඇරී ගුවනේ පාවෙන්නට විය. එය ලැරීගේ හෝ භෝජනාගාරයේ කුකුලාගේ වාසනාව විය යුතු යැයි මොහොතක් ලැරී සිතුවේ එයට නැග ගන්නා අතරය. ජනේලයෙන් හෙමීට පාවී පැමිණි ලැරී කුඩය හෙමින් සීරුවේ පහළට මෙහෙයවන්නට විය. මන්තරයේ නියම ප්‍රථිපල පෙනෙන්නට වූයේ එම අවස්ථාවේදීය. අවට තිබූ නේවාසිකාගාර වල තිබූ සිය ගණනක් වූ කුඩ ජනේල බිඳගෙන එළියට පැන අහසේ පාවෙන්නට විය. රතු පසු බිමේ සුදු ඩොට්, දම් පාට පසු බිමේ රෝස පාට මල් වැටුන, වාටියේ මල් රෙන්ද ඇල්ලූ යනාදී වශයෙන් විවිධ වර්ග වල කුඩ රාශියක් අහසේ පාවන්නට යෙදුනේ තැන තැන ප්ලේන් කළු පැහැති කුඩ කීපයක්ද තිබෙන අතරය. ඇතිවූ කළබැගෑනියෙන් තක්බීර් වුන නේවාසික කොල්ලන් මෙන්ම කෙල්ලන්ද ජනේල වලින් හිස එළියට දමාගෙන පාවෙන කුඩ ජවනිකාව රස විඳින්නෝය. මොහොතකින් ලැරී දෙසට සියල්ලෝගේම දෑස නාභිගතවූයේ ඔහුගේ ඉතිරි වුනා යැයි සිතාගෙන සිටි අවසන් නම්බු අංශු මාත්‍රය ද විලි ලැජ්ජාවෙන් සුන් කර දමන අතරය. " හයියෝ.........දැන් ඉතිං බේරගන්න නම්බුවක් නෑ. අඩුම ගානේ කුකුලගෙ ජීවිතේ වත් බේරගන්න ඕන." ඉහේ අත ගහගත් ලැරී පරාජිත මුහුණෙන් යුතුව සිතන්නට විය. කුඩය සෙමෙන් පහළට ඇදුනේය. ලැරීගේ එක් පසෙක භෝජනාගාරයේ කුකුලා මරහඬ දෙයි. අනෙක් පස විකල කුකුල් කිකිළිය කෙකර ගායි. උන් දෙදෙනාට මැදින් පාවෙන කුඩයක නැගගත් ලැරී සිටියි. " අනෙ අම්මේ...ලැරී. තමුසෙ විසාල කරදරයක් වුනානේ ඕයි." හුරුපුරුදු කටහඬ ඇසුනේ භෝජනාගාරය දෙසිනි. ඒ දෙසට නෙත් හැරවූ ලැරීගේ නෙතින් දෑස පලාගෙන කඳුලු පැන්නේය. නාස් පුඩු දෙකෙන් හොටු නූල් දෙකක් ඇදුනේය. භෝජනාගාරයේ ජනේලය අසල රක්ත වූ දෑසින් බලා සිටින්නේ මහාචාර්ය ලූකස් ය. " අපි මේ තමුසෙ අතින් වෙච්ච වැරැද්දෙන් ප්‍රයෝජනවත් දෙයක් කරන්න හදනකොට ඒක මැද්දටත් තමුසෙ ඇවිත් අවුල් කරන්නෙ ඇයි බොල." මහාචාර්ය ලූකස් ගොරවන්නට විය. එම වදන් හමුවේ ලැරීගේ මුත්‍රාශය ලිහිල් වන්නට යෙදුනි. ලැරී සිටියේ කුඩය තුළ නිසා ඒවගක් පිටට නොපෙනුනේ ඔහුගේ වාසනාවටය. " මේ අහනවා ලැරී. අපි මේ උත්සහ කරන්නේ මේ සතාගෙන් ස්වාභාවිකව බිත්තර ගන්න පුලුවන්ද කියන එක බලන්න. හැබැයි තමුසෙ ඒ වැඩේ මැද්දට පැනලා අවුල් කළොත්.....තමුසෙව කිකිළියෙක් කරලා බිත්තර ගන්නවා..හරිද.." ලූකස් සිය මැජික් යශ්ටිය ලෙළවා තර්ජනය කරන්නට වූයේ ඔහු අසල සිටි පේසා නම් අරක්කැමියාගේ ඇස්ගෙඩි ද නළලට නග්ගවමිනි. එවදන් කණ වැකුන ලැරිගේ දෙවන ශරීර කෘත්‍ය ක්‍රියාවලියද ස්වයංක්‍රීයවම සිදුවුන බව නහයට දැනුනේ කඳුලු පිරි මුහුණ ඇදව යන අතරය. සියල්ල සිදු වී හමාරය. දැන් ඉහළට යෑමට මන්තරයක් ලැරීගේ ඔලුවට එන්නේ ද නැත. එසේ මන්තරයක් මතක් වුනද එය මුවෙන් පිටට එනවිට මොන කුණුහරුපයකට පෙරලේ දැයි ලැරී වත් නොදත්තේය. එනිසා කළ හැකි එකම දෙය කුඩයෙන් පැන දිවීමය. දෙවරක් සිතීමට නොසිටි ලැරී පොළොවට අඩි කීපයක් ඉහළින් පාවුන කුඩයෙන් පැන්නේ එතැනින් දිව යාමටය. දෛවය ලැරී වෙත තවමත් කුරිරු ලෙස පහර දෙයි. එක වරම ජනෙල් වලින් හිස දමා ගත් කොල්ලන් හා කෙල්ලන් එක සීරුවට හූ කියන්නට පටන් ගත්තේ ලැරීගේ මුවෙන් " අයියෝ " යන වචනය පිටවෙද්දීමය. ඇදී ගිය ඉලාස්ටික් කලිසම නැවතත් ගුරුත්වජ ත්වරනයෙන් වළලු කරේ රැඳුන ලැරී එතැනින් දිවීම පසෙක ලා ලූකස් ගේ මායා යස්ටියේ බලයෙන් කිකිලියක වීමට තීරණය කළේය. නමුත් එතැන සිදුවන්නට යන්නේ අනෙකකි. භෝජනාගාරයේ කුකුල් නාම්බා පැනගොසිනි. විකල් කුකුල් කිකිළිය ලැරී දෙස බැලුවේ නොමනා බැල්මකි. --- නිමි ---ආයෙමත් හමු වුණොත් නදිනි,ශාමනී,නේමාලි හා සංදිකා විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවන්ය.රටේ හතර පැත්තකින් ආවත් විවිධ ගති ලක්ෂණ දැරුවත් සම්පූර්ණයෙන් වෙනස් විෂයන් හැදෑරුවත් දුක සැප හොඳ නරක බෙදා හදාගෙන ඉන්නේ නේවාසිකාගාරයේ එකම කාමරයකය. එදා හවස කාමරයට ආ වේලාවේ සිට නදිනි බුම්මාගෙනය, හූල්ලමින්‍ ය. කතාබහක් නැත.ප්‍රේම වලියක් යයි හිතූ නිසා අනෙක් තිදෙනා වැඩිපුර අහන්න ගියේ නැත.නදිනිගේ පෙම්වතා ඔවුන්ගේ සුපර් සීනියර් අයියෙක් වූ නිමන්ත මේ වෙද්දී උපාධිය අවසන් ව රැකියාවකට ගිය අළුතමය. කලින් මෙන් නිතර නිතර මුණ ගැහෙන්න,කතා කරන්න විදියක් නැති වීම නදිනිට සිත් වේදනාවක් ව ඇති බව රූමෝ දනිති. නදිනිගේ දුරකථනය වැදුනේය.නිමන්ත අයියාය.වෙනදා මෙන් සැණින් එයට උත්තර නොදුන් ඇය නොරිස්සුම් හඬක් නගා එය නිහඬ කළාය. "මොකද නදියො,අයියා එක්ක වලියක්ද?" නේමාලි ඇසුවේ බැරිම තැනය. "අද ඉශාන් හම්බ වුණා"නදිනි කීවේ කොහෙත්ම සම්බන්ධ නැති කතාවකි. "මොන ඉශාන්ද ?" සංදිකා එහෙම නමක් දන්නේ නැත. "උඹේ පාසල් පෙම්වතා නේද? එයා කොහෙද මෙහෙ?" නේමාලිට නදිනි ඒ කතාව කියා ඇත. "අපේ උපුලි මැඩම් රට යනවනෙ.එයාට ගිෆ්ට් එකක් හොයන්න අපි මැලෝන් හවුස් එකට ගියා.ඉෂාන් හිටියා යාළුවෝ කට්ටියකට පාටියක් දෙන්න ඇවිත් ඒකෙ රෙස්ටුරන්ට් එකේ." "අම්මෝ මැලෝන් හවුස් එකේ පාටියක් දාන්න හොඳ ගානක් යනවා ඇති." "ඉෂාන් ඒ ලෙවල් ඉව
ර වුණ ගමන් ටෙක් එකේ කෝස් එකක් කරන්න ගියා. ඒකෙන් කොළඹ කම්පැනි එකක හොඳ ජොබ් එකක් හම්බ වුණාලු. තව මාස දෙකකින් කම්පැනි එකෙනුත් අයින් වෙලා ජැපෑන් යන්න සෙට් වෙලාලු ඉන්නෙ.ඒකට යාළුවන්ට දෙන පාටිය අද." "ශහ්.......ජපන් ගියා නම් ගොඩ තමා...... අපේ නැන්දගෙ පුතෙකුත් ගියා. දැන් එයා තමා ගමේ ම පෝසතා" නේමාලි කීවාය. නදිනි මූණ ඇද කරගත් ගමන්ය. "උඹට ඉතිං ඉරිසියාව නේද?" සංදිකා විහිළු කළාය. "ඉරිසියා කරන්නෙ මොකටද? අර ඉන්නෙ ගෙවල් දොරවල් යාන වාහන දේපල තියෙන ශෝක් ග්‍රැජුවේටඩ් කොල්ලෙක්" ශාමනී කීවාය. "අපෝ නිමන්ත අයියගෙ මහ ලොකු දේපල......... තාත්තාද සීයාද මන්දා හදෝපු පරණ ගෙයක් තියෙනවා මහ පාරෙන් සෑහෙන ඈත කන්දක් උඩ කණාටු පොල් ගස් ගොන්නක් මැද්දෙ. යන්න එන්න ගියාම හොඳ පණ ගිහින්. ඔය තියෙන බයික් එකෙන් එහා වාහනේකට යන්න එයාට කිසි වුවමනාවක් නෑ. ඕන වුණත් ඔය සොච්චම් පඩියෙන් කොහොම ගන්නද? අර තරම් ලේසියෙන් හොඳ ජොබ් ලැබෙනවා හොඳ රටකට යන්නත් පුළුවන් නම් මොකටද අපි මේ නැහීගෙන ඩිග්‍රි කරන්නෙ හිතෙනවා" නදිනි කළකිරීමෙන් කීවාය. "තරඟ විභාගෙකින් ඉහළම ලකුණක් අරන් රජයේ කැම්පස් එකක ඩිග්‍රි එකක් කරන්න එන්න ලැබෙන්නෙ නෑ බං හැමෝටම. ඒක පාච්චල් කරන්න එපා......ඉෂාන්ට කැම්පස් නොයාම හොඳ ජොබ් එකක් ලැබිලා තියෙන්නෙ ඉස්සර වගේ ඉස්කෝලෙ විභාග මත ම රැඳෙන්නෙ නැතුව දැන් ළමයින්ට දියුණු වෙන්න ඕන තරම් වෙනස් වෙනස් මාර්ග තියෙන නිසා"ශාමනී කීවාය. "ඔය කෝස් කරන එකත් ලේසි වැඩක් නෙවේ බං.අපේ ගෙවල් කිට්ටුව බෝඩ් වෙලා ඉන්නවා ඔහොම ප්‍රයිවට් කෝස් කරන ළමයි .අපි වගේම නිදි මරාගෙන පාඩම් කරනවා, එසයින්මන්ට් රිපෝට් හදනවා, විභාග ලියනවා, ප්‍රැක්ටිකල් කරනවා එයාලත්" "ඉශාන්ලට නම් දැනටත් හොඳ සැලරි එකක් හම්බ වෙනවා ඇති.මං දැක්කා කට්ටියම ඇවිත් හිටියෙ හොඳ වාහන වලින්." "ඒ කොල්ලා හොඳ කම්පැනියක වැඩ කරනවා,ජපන් යනවා ඒකට යාළුවන්ට පාටි දෙනවා කියල දැන ගන්න සෑහෙන වෙලාවක් එයා එක්ක කතා කරල තියෙනවානෙ" ශාමනීට උත්තර දෙන්න පෙර නැවත නදිනිගේ දුරකථනය නාද විය. නොදන්නා අංකයක් වුවත් කනේ තියාගත් ඇගේ මුහුණේ මල් පිපුණේය. "ආ..........ඔව් නදී තමා......ආනේ....... ඉතිං කොහොමද? නම්බර් එක ඉල්ල ගත්තාට මං හිතුවෙ නෑ කතා කරයි කියලා........." යෙහෙළියන් දෙස හදිසි බැල්මක් හෙළා ඇය කාමරයෙන් එළියට ආවාය.ඉතිරි තිදෙනා මුහුණින් මුහුණ බලා ගත්හ. ඊළඟ දවස් කීපයේ නදිනි හිටියේ අහසේ ද පොළවේද කියා ඇයවත් දැන සිටියේ නැත.දවල් දවසේ වෙනසක් නොපෙන්වා දේශන වලට සහභාගි වුණත් කාමරයේ දී හැම වේලාවකම ඇය හිටියේ දුරකථනයේය. "මොකද බං අන්ලිමිටඩ් කෝල් පැකේජ් එකට සාධාරණයක් ඉෂ්ඨ කරනවද?" "අයියා ජොබ් එක කරන්නෙ දැන් ටෙලිෆෝන් කම්පැනියකද?" "මේ කොටන විදි‍යට ටයිප් සෙටින් වැඩක් සෙට් කර ගත්තා නම් හොඳ ගානක් හොයා ගන්න තිබුණා" එහෙන් මෙහෙන් කියන කතා කිසිවක් ඇගේ කනට නම් ගියේ නැත.රෑ කීය වනතුරු ඇය චැට් කරනවාදැයි යෙහෙළියෝ පවා නොදනිති.ඒ වෙලාවට ඔවුන් කියන දේවල් ගැන පවා ඇයට අවධානයක් නැත. "මෙයා අපිටත් හොරෙන් වෙන ග්‍රහයෙක් සෙට් කරගෙන වගේ...." "පව් අර නිමන්ත අයියා.මේ මෝඩිට මා.ර ලව්" "මෙහෙම මල් කඩලා මෙයා ඩිග්‍රි එකත් අනා ගත්තොත් තමා ම.රු" ඔවුහු තිදෙනා කතා වූහ. "නදිනි මේ......." අවුරුද්දකින් වැඩිහිටි වූ බැවින් සාමාන්‍යයෙන් කාමරයේ අයට අවවාද අනුශාසනා කරන ශාමනී අවසානයේ නදිනි ඇමතුවාය. "උඹ ඔය දිවා රෑ නැතුව පැල් බැඳගෙන චැට් කරන්නෙ ඉෂාන් එක්කද?" "ආ.......එහෙම පැල් බැඳගෙන...... චැට් කරන්නෙ නෑ....... මං" නදිනි ඇද පැද කීවාය. "අපොයි ඔව්,අපිටනෙ පේන්නෙ ඒක" "දැන් එතකොට නිමන්ත අයියගෙ එෆෙයාර් එක ඉවරද?" "දන්න අඳුනන කෙනෙක් එක්ක කතා කළාම කෑල්ලක් ගෙවෙනවද?" "ගෙවෙන්නෙ නෑ ඒ වුණාට කොල්ලෙක් ඉන්න කෙල්ලක් තව කොල්ලෙක් එක්ක ඔහොම චැට් කරද්දි මි.නී ම.ර.න වැඩක් තමා වෙන්නෙ." "ඇත්තටම ඇයි ඒ කාලේ ඉෂාන්ගෙ එෆෙයාර් එක නතර වුණේ?"නේමාලි ඇසුවාය. "අපේ ගෙදරින් ඉෂාන්ට කැමති වුණේ නෑ" සංදිකාට මහා හිනාවක් කටින් පැන්නේය. "දූලා හොයා ගන්න මනමාලයන්ට කවදද ගෙවල් වලින් එක පාරට කැමති වුණේ.....අනික තාම ඉස්කෝලේ යන දුව කොල්ලෙක් එක්ක යාළුයි කියල දැන ගත්තාම අම්මලා අනේ හොඳයි දුවේ කියල ආශිර්වාද යි" "නදිනිට ඒ දෙකයි බී එකයි. අරූට එස් තුනයි බූට් එකයි" නේමාලිගේ පෙම්වතාගේ මිතුරෙක් වූ නදිනිගේ පාසලේම සිසුවෙක් කියූ ආරංචියක් නේමාලිට මතක් විය. "එහෙනම් දැන් ආයෙ කතා කරන්නෙ. එදා අකමැති වෙච්ච අම්මලා දැන් කැමති වෙයිද?" "අයි අයියෝ මං ඉශාන් එක්ක කතා කරන්නෙ නිකං යාළුවෙක් විදියට විතරයි" නදිනි නොසැලකිල්ලෙන් කීවාය. "හා.......අදනෙ අපි දන්නෙ නිකං පිරිමි යාළුවො එක්කත් රෑ එළි වෙනකල් දවස ගානෙ චැට් කරනවා කියල.නදී උඹ ඔය රවට්ටන්නෙ අපිව නෙවේ" ශාමනී එවර තදින් කීවාය. "හා.......මේක කියපල්ලා එහෙනම්....... නදිනි ද එවර ඒ හා සමාන හඬකින් කියන්න පටන් ගත්තාය. .......... උඹලා ආසා නැද්ද දැන් ඉන්නවට වඩා හොඳ තැනකට එන්න.හොඳ ගෙයක්, වාහනයක් තියෙනවට. කැමති ඕනම දෙයක් ගන්න තරම් සල්ලි තියෙනවාට" "මොකද නැත්තෙ අපිත් ආසයි ඒකටනෙ මේ නැහීගෙන ඉගෙනගන්නෙ" "එච්චර නහින්නෙ නැතුව ඒකට ලේසි විදියක් තියෙනවා නම් ඇයි ඒක නොකරන්නෙ" "ඔය පැන්නෙ බළලා මල්ලෙන් එළියට ......අපි ඒ වගේ දේවල් නොකරන්නෙ ඒක ලේසි වුණාට කොල්ලො දෙන්නෙක්ට එක පාර ලව් කරන එක මහ අශීලාචාර වැඩක් නිසා" "මං කිසිම අශීලාචාර දෙයක් කරල නෑ. කෙනෙක් අනාගතය ගැන හිතන්න ඕන තමන්ගෙ දියුණුවට උදව්වක් වෙන කෙනෙක් එක්ක.නිමන්ත අයියා පොඩි කාර් එකක්වත් ගන්න තව අවුරුදු කීයක් යයිද?ඊට පස්සෙ අවුරුදු ගානක් පඩියෙන් ඒකෙ ලීසිං ගෙවන්න වෙයි. ගමේ පරණ ගේ දාලා එයා කවදාවත් ටවුමක් කිට්ටුවට එන්නෙත් නෑ. අලුතෙන් ගෙයක් හදන්නෙත් නෑ. ජැපෑන් නෙවේ ඉන්දියාවෙ ටුවර් එකක් ගිහින් එන්නත් රුපියලෙන් රුපියල එකතු කර කර පෙරුම් පුරන්න වෙයි. එයා බැඳල මට හැමදාම ආස දේවල් ගැන හිතල විඳෝ විඳෝ ඉන්න බෑ" වේගයෙන් කියාගෙන ගිය නදිනි ඇඳේ අනෙක් පසට හැරී ඇස් පියා ගත්තාය. "මි.නී වලවල් තුනක් කපන්න මෙයා හදන්නෙ.ඕවට අපිටත් සාක්කි දෙන්න වුණොත් තමා වැඩේ" එයින් පසු ඒ ගැන කිසිවක් නොඅසා තමන්ගේ පාඩුවේ වැඩක් බලා ගන්න රූමෝ තීරණය කළහ. කාලය වේගයෙන් ඉගිළී යද්දී සෙමෙස්ටර් විභාගය ළං වූයේය.සියලු දෙනා කඩියන් මෙන් වැඩය. ඊළඟ අවුරුද්දේ තෝරා ගත හැකි අංශය තීරණය වන්නට මේ විභාගයේ ලකුණු බෙහෙවින් වැදගත් වෙයි. ශාමනීට හොස්ටල් පාඩම් කිරිල්ල හරි නොයයි.ඒ නිසා ස්ටඩි ලීව් දුන් සැණින් ඇය නිවසට යයි. ආයේ එන්නේ විභාගයට දිනක් දෙකක් තිබියදීය. අනෙක් තිදෙනාගෙන් නේමාලී පුස්තකාලයේය. සංදිකා ස්ටඩි රූම්‍ එකේය.නදිනි හොස්ටල්ය.නදිනි නම් මෙවර වෙනදා තරම් පාඩම් කළා දැයි නොදනී. විභාගයේ පළමු දින අවසන්ව නේවාසිකාගාරයට ආ සියල්ලෝ විභාග මහන්සියට වැටුණ වැටුණ තැන සිටිති. නදිනි කළබලයෙන් අනෙක් අය ඇමතුවාය. "අනේ මේ වට්ස්ඇප් එක වැඩ කරනවද?" "මේ විභාග අස්සෙ මොන වට්ස්ඇප්ද බං.ඇයි මොකක් වෙලාද" "ඉෂාන් අද ජපන් යනවා.එයාගෙ වට්ස්ඇප් වැඩ කරන්නෙ නෑ." "මේ වැඩ කරන්නෙ.......අපේ රෙපාත් ගෲප් එකේ විශ් කරල දාලා තියෙන්නෙ විභාගෙට" නේමාලි උදාසීන ලෙස කීවාය.නදිනි මූණ ඇඹුල් කරගෙන වටපිට බැලුවාය. සංදිකාට ඇගේ වෙනසක් පෙනුනේය. "ඇයි මොකක් වෙලාද?" "ඉ....ඉ....ඉශාන් මාව...... බ්ලොක් කරලා!!"නදිනිට ඇඬෙන තරම්ය. "වට්ස්ඇප් එකෙන්?" "ඔක්කොගෙන් ම.ඒත්......ඒත් ඇයි ඒ?" ඇය හැඬුම්බර ව කීවාය. "ඉශාන් විතරද ඔයාව බ්ලොක් කරල තියෙන්නෙ?" ශාමනී නොසැලකිල්ලෙන් අහද්දී නදිනි හදිසියේ මතක් වූවාක් මෙන් නැවත දුරකථනය දෙස බැලුවාය.ඇයට කෑ ගැස්සුනේය. "නිමන්ත අයියා...........!!!" අනෙක් දෙදෙනා මාරුවෙන් මාරුවට ශාමනී දෙසත් නදිනි දෙසත් බැලූහ. "උඹේ ඔය ඉශාන් තැන් තැන් වලින් ටින්ට් කරලා කෙලින් හිටෝපු ඉත්තෑ කූරු කොන්ඩයක් තියෙන බ්‍රාහ්මණ රැවුලක් වවපු සුදු කොල්ලෙක්ද?" ශාමනී ඇසුවාය. "ඔ...ඔව්" "හ්ම්......පෙරේදා මං ගෙදර ඉඳන් ඇවිල්ලා බස් එකෙන් බහිද්දි ම සෙරෙප්පුව කැඩුණා. නොන්ඩි ගගග ගිහින් මාර ගහ ගාව අංකල්ට දුන්නා හදන්න.ඒක හදනකල් වටපිට බල බල ඉන්දැද්දි පාරෙන් එහා පැත්තෙ කූල්ස්පොට් එකේ ඔය ටයිප් කොල්ලෙක් එක්ක චැටක් දාගෙන හිටියා නිමන්ත අයියා!" "නිමන්ත අය්යා?? එයා කො.....කොහෙද මෙහෙ......එයා ගෙදර ගියානෙ මේ වීකෙන්ඩ් එකේ?" "උඹ එයාට බොරු කියනවා වගේ එයාටත් උඹට බොරු කියන්න බැරුවයැ" සංදිකා සරදමින් කීවාය. "ඒ.....ඒත් ඒ දෙන්නා.......අඳුනන්නෙ කොහොමද?" "කොල්ලො දෙන්නෙක්ට අඳුර ගන්න මහ ලොකු දේවල් ඕන නෑ බං.බස් එකේ එක ළඟ හිටගෙන හෝල්ට් දෙකක දුර ගියත් ඇති" නදිනි යෙහෙළියන් තිදෙනාගේම මුහුණු මාරුවෙන් මාරුවට බැලුවාය.ඇගේ ඇස් වල බිමට පනින්න ඔන්න මෙන්න කඳුළු ගුලි දෙකකි. "උඹේ දියුණුවට අපි අකුල් හෙළනවා කියල උඹ හිතන නිසායි මේවා මෙච්චර කල් නොකියා හිටියෙ.උඹ හිටියෙත් ඒවා අහන්න තරම් ලෑස්තියක නෙවේනෙ. ......උඹ ඉශාන්‍ට කිට්ටු වුණේ ලේසියෙන් පෝසත් වෙන්න. ඒත් එක පාරක් උඹෙන් ප්‍රතික්ෂේප වුණ ඉශාන් ආයෙ ලේසියෙන් ම කිට්ටු වුණේ ඇයි කියල උඹට නිකමටවත් හිතුණද?" "එක පාරක් තමන්ව අත් ඇරල දාපු කෙල්ලක් ගැන උගෙ හිතේ විතරක් සදාකාලික නොවෙනස් ප්‍රේමයක් රැඳිලා තිබුණ නිසා තමා මෙච්චර කල් මල් කඩලා විභාගෙ පටන් ගනිද්දිම උඹව බ්ලොක් කරල තියෙන්නෙ" "හරියටම උඹ මැලෝන් හවුස් යන දවසෙම ඌත් පාටි එකක් එතනම සෙට් කර ගත්තේ සාංසරික අහම්බයක් ම වෙන්න පුළුවන්ද නදී?" තුන් දෙනාම එක වර තමන්ට චෝදනා කරද්දී අසරණ ව වටපිට බලන නදිනිට හැඟුණේ ඉතා ඉහළ අතු අග්ගිස්සක සිට පතුලක් නැති පාතාලයකට ඇද වැටෙන බවකි. -----------------Shanika Tennakoon--------------- මේ වගේ ම කතා ගොඩක් එක්ක මගේ ෆීනික්ස් කිරිල්ලී පොත රුපියල් 780යි, තැපැල් ගාස්තු 210යි. වැඩි විස්තර අහන්න ඉන්බොක්ස් කරන්න.Aussi අයිශා - 15 කොටස ළමයි කිව්වට ඉතින් ළමයි නෙමෙයි අපි වගේ මහ මිනිස්සු තමයි හිටියේ. මං ගිහින් තුන්වෙනි පේළියේ බිත්තිය කෙළවරේම තිබුණු පුටුවෙන් වාඩි වුණා. මාත් එ
ක්ක කාමරේ පස් හය දෙනෙක් විතර හිටියා. එයාලා තැනින් තැන වාඩිවෙලා ෆෝන් එකට මූණ ඔබාගෙනයි හිටියේ. දැනට මෙතන ඒශියන් කෙනෙක්ට හිටියේ මං විතරයි. කට්ට කළු කොල්ලො දෙන්නෙක් හිටියා. අප්‍රිකා වලින් වෙන්න ඇති. අනිත් අය නම් මේ රටේ වගේ සුදු කට්ටිය. ඔය යුරෝපේ එහෙම තියෙනවනෙ ඉංග්‍රීසි කතා කරන්නැති රටවල්. සමහර විට ඒ රටවල් වලින් මෙහෙට ආපු අය වෙන්න ඇති. මං ගිහින් වාඩිවුණාට පස්සෙනම් ඒශියන් අය ආවා. කොහොමහරි ක්ලාස් එක පටන් ගද්දි මුළු පන්තියම පිරිලා තිබුණා. අපිට උගන්නන්න ආවේ අවුරුදු විස්සෙ විසිපහේ විතර පොඩි කෙල්ලෙක් වගේ ටීචර් කෙනෙක්. එයාගෙ නම ලෝරා වෙල්ස්. එයාට ලෝරා කියලා කතා කරන්න කියලා කිව්වා. ලෝරා වේගෙන් වේගෙන් කතා කරගෙන ගියේ නැති නිසාද මන්දා එයා කියන දේවල්නම් මට හොඳට තේරුනා. ක්ලාස් එක පටන්ගන්න කලින් ලෝරා අපිට කිව්වා තමන් ගැන පොඩි හඳුන්වාදීමක් කරන්න කියලා. තමන්ගේ නමයි, මොන රටෙන්ද ආවේ කියන එකයි, තමන් කැමතිම සුරතල් සතා කවුද කියලත් කියන්න කිව්වා. වෙලාවට ඉස්සරහ පෝලිමේ පුටුවක වාඩි වුණේ නැත්තේ. මගෙ වාරෙ එනකොට අනිත් අය කියන ඒවා අහගෙන ඉඳලාම කියන්න ඕනි ටික මං හිතෙන් හදාගෙනයි හිටියේ. කැමතිම සුරතල් සතා කවුද කියන එකට නම් අන්තිම වෙනකම්ම කියන්න දෙයක් මට හිතාගන්න බැරිවුණා. එක්කෝ කියනවා මං සුරතල් සත්තුන්ට කැමති නෑ කියලා. ඇත්තටම ඉතින් මං කැමති නෑනේ. ඒත් බැරිවෙලාවත් ඒකට හේතුව ඇහුවොත් ඊටපස්සේ ඒකට කියන්නත් දෙයක් හදාගෙන ඉන්න ඕනිනේ. ඒ නිසා ඔන්න ඔහේ මොකෙක් හරි සතෙක්ගේ නමක් කියනවා. ඒ වෙලාවේ තමයි මට මතක් වුණේ අපේ ගෙදරට එහා ගෙදර ඉන්න හස්කි සෙට් එක. වෙලාවේ හැටියට මගෙ නමයි රටයි කියලා ඊටපස්සේ හස්කි තමයි කැමතිම සුරතල් සතා කියලා මං වාඩි වුණා. විස්තර කියද්දි අර කළු කොල්ලො දෙන්නාගේ රට සිම්බාබ්වේ කියලායි කිව්වේ. සිම්බාබ්වේ කියද්දි ඉස්සෙල්ලම මගෙ ඔළුවට ආවේ ක්‍රිකට්. මසර් ඉතින් ක්‍රිකට් පිස්සා නිසා මං ආස නැතත් මටත් ඔය එහෙන් මෙහෙන් මැච් බැලිලා තියෙනවානේ. බ්‍රසීලේ, ප්‍රංශේ, තුර්කි වල කට්ටියත් හිටියා. තව ජපන් එක්කෙනෙකුයි, පිලිපීන් හතර පස් දෙනෙකුත් හිටියා. අපේ රටෙන්නම් හිටියේ මං විතරයි. තව ඉන්දියාවෙන් කෙල්ලො තුන් දෙනෙකුත් හිටියා. එයාලනම් කේරළ වලින් වෙන්න ඕනි. එයාලගේ පෙනුම නිසයි මට එහෙම හිතුනේ. මූණට මූණ බැලුනම අපි හිනාවුණා විතරයි. කතා කරන්න ගියේ නෑ. බයෙන් බයෙන් මෙතෙන්ට ආවට මොකද මෙතන සමහර අයට මට තරම්වත් ඉංග්‍රීසි බෑ කියලා තේරුනම මගෙ බය නැත්තටම නැතිවුණා. ක්ලාස් එක ඇරෙද්දි දවල් දොලහමාරයි. මසර් මැසේජ් එකක් එවලා තිබුණා එයා කාර් පාක් එකේ ඉන්නේ කියලා. මං හිටියේ පුදුම බඩගින්නකින්. කාර් එකේ වාඩි වුණු ගමන්ම මං කළේ බෑග් එක ඇරලා කෑම පෙට්ටිය එළියට අරගෙන ගෙනාපු ශවර්මා දෙක කන්න පටන් ගත්ත එක. "ඔයා ඉන්ටවල් එකේදි කෑවේ නැද්ද අයිශා?.." "විනාඩි පහලොවක් වගේ ඉන්ටවල් එක දුන්නේ. කවුරුත් කෑවේ නෑ අනේ. මටත් ඉතින් තනියම කෑම පෙට්ටි දිග ඇරගෙන කන්න මොකක්ද වගේ හිතුනා..." "හෙට එහෙනම් උදේට පොඩි දෙයක් ගෙදරින් කාලා යන්න. කොහොමද ක්ලාස් එක? හොඳයිද?.." "ම්ම්ම් හොඳයි. එතන හිටපු සමහර අයගෙ ඉංග්‍රීසි එක්ක බලද්දිනම් මගෙ ඒවා හොඳයි. ඉන්දියන් කෙල්ලො තුන්දෙනෙකුත් හිටියා. එයාලා කේරළ වලින් වෙන්න ඕනි." "කතා කරේ නැද්ද ඉතින්?" "නෑ හිනා වුණා විතරයි. එයාල හිටියේ මං වාඩිවෙලා හිටපු තැනට ගොඩක් එහායින්. මේ....ඔයාට අමතක වෙයි, බර්ෆි හදන්න බඩු ගන්න යන්න තියෙනවා..." "මතකයි මතකයි...මේ ගමන්ම ලබන සතියට ඕනි බඩුත් අරගෙනම එමු..." අපි ඉස්සෙල්ලම ගියේ පුංචි ඕෂිට තෑග්ගක් ගන්න. පැය භාගයක් විතර තෝරලා තෝරලා අන්තිමට බාබි ඩ්‍රීම් හවුස් එකක් ගත්තා. ඒත් එක්කම චොක්ලට් වගේකුත් ගත්තා. අනිත් ඕනි කරන දේවලුත් ඔක්කොම වගේ ගන්න පුළුවන් වුණාට ඩ්‍රයිඩ් රෝසස් නම් කොහෙන්වත් හොයාගන්න බැරිවුණා. බලපු හැමතැනම අවුට් ඔෆ් ස්ටොක්. ඕඩර් කරලනම් ගෙන්නගන්න තැන් ඕනි තරම් තිබුණා. ඒත් ඉතින් ඒකට දැන් වෙලා මදිනේ. මසර්නම් කිව්වේ පිස්ටාචියෝ, ආමන්ඩ් උඩට දාලා රෝස් බර්ෆි ටික හදලා දෙන්න කියලා. ඒත් ඉතින් මං රංගිට පෙන්නපු ෆොටෝ වල තිබුණේ එහෙම නෙමෙයිනේ. ඩ්‍රයිඩ් රෝසස් හොයාගන්න බැරිවුණා කියලා මසර් කියපු විදියට නට්ස් ටිකක් විතරක් උඩින් දාලා දෙන්න පුළුවන්. රංගි නම් මොනවත් හිතන්නේ නැති වෙයි. ඒත් මගෙ හිතට ඒක හරි මදි වගේ. තාත්තගෙන් ඇහුවොත් නම් මොනාහරි කරගන්න පුළුවන් වෙයි කියලා හිතුන නිසා මං මේ ගමන්ම තාත්තාට කෝල් කළා. පොඩි ප්‍රමාණයක් බර්ෆි හදන නිසා රෝස මල් ටිකක් අරගෙන වේලලා ගන්න එක ලේසියි කියලා තාත්තා කිව්වා. "තාත්‍තා කියනවා රෝස මල් ටිකක් අරගෙන වේලලා ගන්න කියලා.." "මෙහෙ මෙමෝරියල් පාර්ක් එකේනම් සුදුයි රතුයි වර්ග දෙකෙන්ම රෝස මල් තියෙනවා. ඕන්නම් එතනින් මල් දෙක තුනක් කඩන් එමු.." මසර්ට ඉතින් හැම එකම විහිළු. "ඔයාට විකාරද අනේ...දඩ කන්න වෙයි ඕවා කරන්න ගිහින්. ෆෝන් එකෙන් බලන්නකෝ රතු රෝස පොකුරු ගන්න තියෙන්නේ කොහෙන්ද කියලා..." "ඔය කඩේ තියෙන මල් වලට මොනාහරි කෙමිකල් ස්ප්‍රේ කරනවද දන්නෑ අයිශා..එහෙම වුණොත් හරි නෑනේ.." "අයියෝ...එහෙමද..දැන් ඉතින් මොකද කරන්නේ?..මදැයි ඉඳලා ඉඳලා වැඩක් කරන්න ගියා. මං මොනාහරි පටන් ගත්තොත් මොකක්ම හරි දෙයක් වෙනවනේ..." "හරි හරි ඔහොම නාහෙන් අඬන්නෙ නැතුව ඉන්නකෝ...ආ... මේ...අපේ එහා ගෙදර රෝස මල් තියෙනවා නේද?...මොකද කියන්නේ...ඉල්ලලා බලමුද?.." "අර බලු ගෙදරද...දෙයිද දන්නෑ නේහ්" "ඔහොම බලු ගෙදර කියනවා කියලා දන්නවනම් මූණක්වත් බලන එකක් නෑ...බල්ලො නොකියා හස්කි කිව්වනම් තව කමකුත් නෑ..." "නෑ..ඉතින් ඒ ගෙදර ඉන්නේ මිනිස්සු දෙන්නයි ඒ වුණාට බල්ලොම ඉන්නවනේ හතර දෙනෙක්...ඒකයි මට එහෙම කියවුණේ..." අපේ එහා ගෙදර හිටියේ ටිකක් වයසක ජෝඩුවක්. උදේටයි හවසටයි හස්කිලාව ඇවිද්දවන්න එක්කන් යන එකයි වත්තේ මල් හදන එකයි තමයි එයාලට තිබුණ ලොකුම වැඩේ. එළියෙ ඉන්න වෙලාවට හායි කියලා කිව්වට මං නම් ඉතින් ලොකුවට කතා කරන්න යන්නේ නෑ. මසර්නම් ඉතින් ඔය හම්බුණාම කතා බහ කරනවා. "එයාලා හවසට හස්කිලා ටික ඇවිද්දන්න එළියට එනවනේ. එතකොට මං අහලා බලන්නම්කෝ..." මසර් කිව්වා. වෙනදට නිවාඩු දවස් වලට හවස හතරේ ඉඳන් හය විතර වෙනකම් නිදාගන්න මසර් අද හවස හතර හමාරේ විතර ඉඳන් එළියට වෙලා වාඩිවෙලා ෆෝන් එක ඔබ ඔබා හිටියා. ඒ වෙන මොකටවත් නෙමෙයි එහා ගෙදර සුදු ජෝඩුව අල්ලගන්න. මට මසර් පව් කියලත් හිතුනා. හවස පහට විතර එළියේ මසර් කතා කරන සද්දෙ ඇහිලා මං එබිකම් කරලා බලනකොට, එයා අර සුදු ජෝඩුව එක්ක බරටම කතාව. මං හිතන්නේ විනාඩි දහයක් පහළොවක් විතර කතා කර කර හිටියා. මසර් ගේ ඇතුලට ආවේ රතු පාට ලොකු රෝස මල් දෙකකුත් අරගෙන. "ඔන්න වැඩේ හරි.මල් දෙකක් ඇතිනේ නේද?.." මසර් මට මල් දෙක දෙන ගමන් ඇහුවා. "අපෝ හොඳටම ඇති. මේ..... ඒ දෙන්නා ඇහුවද මේ මල් මොකටද කියලා?..." "නෑ එයාලා ඇහුවේ නෑ...පොඩි වැඩකට කියලා ඉල්ලුවේ.." මසර් කිව්වා. තාත්තානම් කිව්වේ අව්වේ වේලලා ගන්න කියලා. ඒත් හෙට උදෙත් ක්ලාස් නිසා ඒ වැඩේ හරියන්නේ නෑ. ඒ නිසා පෙති ටික හෝදලා අරගෙන මයික්‍රොවේව් එකේම වේලගත්තා. ඒක ලේසියි. අව්වේ වේලනවා වගේ වැඩි වැඩ නෑනේ. අදනම් ක්ලාස් යන්න කලින් උදේට ඕට්ස් පොරිජ් ටිකක් කෑවා. නැත්නම් ඉතින් දොලහමාර විතර වෙනකම් බඩගින්නෙනේ ඉන්න වෙන්නේ. අද ක්ලාස් එකට යද්දි ඊයේ වගේ බයක් දැණුනේ නෑ. අර ඉන්දියන් ගෑනු ළමයි තුන්දෙනා අද මට එහාපැත්තෙන් වාඩි වෙලා හිටියේ. මං හිතුවා හරි. එයාලා කේළරෙන් තමයි ඇවිත් තිබුණේ. සෙනසුරාදා බර්ෆි හදන්න හිතන් හිටියත් ෆ්‍රෙශ් පිට තිබ්බම රස වැඩි නිසා ඉරිදා උදේම බර්ෆි ටික හදලා ඉවරයක් කලා. තාත්තා හැදුවා වගේ හාට් ශේප් කටර් එකක් අරගෙන බර්ෆි හදන්න හිතන් හිටියත් බ්‍රහස්පතින්දා බඩු ගන්න ගියපු වෙලේ අහම්බෙන් දැකලා ගත්ත මැලේශියන් කටර් සෙට් එක මගෙ වැඩේට හිතුවටත් වඩා හොඳට ගැලපුණා. පොඩි බබෙක්ගේ බර්ත්ඩේ පාටි එකක් නිසා මල් හැඩෙයි කොළ හැඩෙයි කටර්ස් දෙකෙන් තමයි මං බර්ෆි ටික හැදුවේ. මල් හැඩේ බර්ෆි වලට උඩින් ඩ්‍රයිඩ් රෝසස්, ආමන්ඩ් කෑලි දාලා කොළ හැඩේ බර්ෆි වලට උඩින් පිස්ටාචියෝ දැම්මා. මසර් දවල් බ්‍රේක් එකට එන ගමන් බර්ෆි දාන්න බොක්ස් දෙකකුත් ගෙනාවා. මං ඒ එකකට මල් හැඩේ බර්ෆියි අනිත් එකට කොළ හැඩේ බර්ෆියි දාලා පිළිවෙලට අහුර ගත්තා. මසර් හවස වැඩට යන ගමන් මාව රංගිලාගේ දිහාවෙන් ඇරලගෙන ගියා. ඒ වෙලේ ගෙදර හිටියේ රංගියි පුංචි ඕෂියි විතරයි. යසිරු බඩු වගයක් ගේන්න එළියට ගිහින් හිටියේ. "අනේ ඔයා සෑහෙන්න මහන්සි වෙලා අයිශා...මං මෙච්චර දෙයක් බලාපොරොත්තු වුණෙත් නෑ..." මං හදාගෙන ආපු බර්ෆි ටික දිහා බලාගෙන රංගි කිව්වා. මං ඉතින් මොනාත් නොකියා හිනාවුණා. ඇත්තටම මට රංගිට කියන්න ඕනි වුණේ අයියෝ ඕක සුළු දෙයක්නේ මං හරිම ආසාවෙන් මේ බර්ෆි ටික හැදුවේ කියලයි. හැබැයි තාමත් හිතට එන දේ එහෙම්මම ඉංග්‍රීසියෙන් කියන්න මට දැනෙන්නේ නෑ. ඒ වෙලාවට මං කරන්නේ හරි ලස්සනට හිනා වෙන එක. කටින් කියන්නෙ නැති ගොඩක් දේවල් හිනාවෙන් කියන්න පුළුවන් කියනවනේ. රංගි හදපු තේ එකක් බිබී අපි දෙන්නා ටික වෙලාවක් ඕෂි එක්ක සෙල්ලම් කළා. ඊටපස්සේ රංගියි මායි දෙන්නා එකතු වෙලා බර්ත්ඩේ ටේබල් එක ඇරේන්ජ් කරන්න පටන් ගත්තා. බර්ෆි ටික මේසෙන් තියෙන වැඩේ පැවරුනේ මට. මල් හැඩේ බර්ෆි එකයි ඒකටම අල්ලලා ඊට ටිකක් පහළට වෙන්න කොළ හැඩේ බර්ෆි එකයි විදිහට, මං බර්ෆි ටික තියාගෙන ගියා. රංගි දුන්න සුදු පාට දිග හැඩේ ප්ලේට් ටික මගෙ වැඩේට නියමෙටම ගැලපුණා. හවස හය හමාර වගේ වෙද්දි පාටියට කට්ටිය එන්න ගත්තා. කවුරුත් මං අඳුනන අය නෙමෙයි හිටියේ. දැන් තමයි හිතෙන්නේ මසර් එක්කම ආවනම් හොඳයි කියලා. හැබැයි ඉතින් රංගි මාව එයා ළඟින්ම තියාගෙන හිටිය නිසා ලොකු අවුලක් වුණේ නෑ. නසීර් එයාගේ වයිෆුයි බබාලා දෙන්නයි එක්ක ඇවිත් හිටියා. අනේ හුරුබුහුටි කොල්ලො දෙන්නෙක්. ඒ දෙන්නනම් ආපු වෙලේ ඉඳන්ම ඕෂි එක්ක සෙල්ලමේ හිටියේ. "හායි අයිශා....කොහොමද?..මේ ඉන්නේ මගේ
වයිෆ් ඉර්සා. ඉර්සා...මේ මසර්ගේ වයිෆ් අයිශා...." නසීර් ඇවිත් එයාගේ වයිෆ්ව අඳුන්නලා දෙද්දී මං හිටියේ කිචන් එකට වෙලා පේපර් සර්වියට් වගයක් නමන ගමන්. ඉංග්‍රීසි කටහඬවල් අස්සේ අපේ කටහඬක් ඇහෙද්දි මට දැණුනේ පුදුම සහනයක්. ගෑනු කෙනෙක් ගෑනු කෙනෙක් දිහා ඉස්සෙල්ලම බලනකොට ඉතින් ඇහැ යන්නේ ඇඳගෙන පැළඳගෙන ඉන්න ඒවා දිහාවටනේ. ඉර්සා ඇඳගෙන ඉන්න විදිය දැක්කම මගෙ ඇඳුම මොකක්ද කියලා මට හිතුනා. මං විතරක් නෙමෙයි පාටි එකේ හිටපු අනිත් හැම ගෑනිම ඉර්සාට පරාදයි... ඉර්සා හරියට දිලිසෙන රත්තරන් බඩු කඩයක් වගේ. ඇඳුමට වඩා පෙණුනේ කනෙයි කරෙයි අත් වලයි දාගෙන හිටපු රත්තරන් බඩු තොගේ. ඇත්තටම රත්තරන්ද දන්නෙ නෑ...හැබැයි ඉතින් හරි ලස්සනට දිලිසුණා. පොඩි දරුවෙක්ගේ බර්ත්ඩේ පාටි එකකට ඉර්සා සැරසිලා හිටපු විදිය වැඩියි වගෙයි මට හිතුනේ. ඉර්සා මං වගේ තළෙළු නෑ එයාට තිබුණේ නියම පකිස්ථාන් ගෑනියෙක්ගෙ ලස්සන. ඉර්සා ඇඳන් ඉන්න ලා කොළ පාට ෂල්වාර් එක එයාට හරි ලස්සනට තිබුණා. ඉර්සාව මට අඳුන්නලා දුන්නට පස්සේ නසීර් යන්න ගියා. "ඔයාලා මේ ළඟදි නේද ආවේ?.." ඉර්සා කතාව පටන් ගත්තා. " ඔව්...ඔයාලනම් ගොඩක් කල් නේද?.." "හ්ම්ම්...‍අර බර්ත්ඩේ ටේබල් එකේ තියෙන බර්ෆි ඔයාද හැදුවේ?..." "ඔව්...ඕෂි හරි ආසයි මං හදන බර්ෆි වලට. ඒ නිසාම රංගි ඇහුවා හදලා දෙන්න පුළුවන්ද කියලා." "ආ....එහෙමද...ඉතින් ඔයා දැන් ජොබ් එකක් එහෙම හොයාගත්තද නැත්නම් ජොබ් එකක් කරන්න අදහසක් නැද්ද?..." "තාම නෑ...මේ දවස්වල ඉතින් ගෙදරට වෙලා ඉන්නවා. ඔයා මොකද කරන්නේ?..." "ආ...මං ස්වීට්ස් බිස්නස් කරන්නේ. ටූම්බා වල අපේ අයගේ තව ඉන්දියන් නේපාල් බංග්ලාදේශ් ඔය හැමෝගෙම උත්සව වලට ස්වීට්ස් හදන්නේ මං තමයි." ඉර්සා මං දිහා බලාගෙන හරි ආඩම්බරෙන් කිව්වා. මතු සම්බන්ධයි. බුද්ධි ජයවීර. ( කතාව කියවා අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති. පිළිතුරු නොලියනවට සමාවෙන්න. )මිනිසාගෙ හො‍ඳම මිතුරා බල්ලාය රන්සිරියගෙ හොඳම මිතුරා මාය. උගේ බල්ලගේ පරම සතුරාද මාය. ඒනං රන්සිරියගෙ අම්මගෙම ආරෙට ගිහිං හින්ද වෙන්ඩ ඕනය. දවසක් උංගෙ ගෙදරට යන කොට රන්සිරියගෙ අම්මා තාත්තත් එක්ක කාටදෝ දෙහි ගෝනියක්ම කප කපා හිටි වග මට ඇහුනාය. මාව දැක්ක ගමන්ම හිටිය තැනින් නැගිට්ට රන්සිරියගෙ අම්මා "ඔය ආවේ.." යි කියලා ගස්සං ගියාය. උගෙ බල්ලත් දකුණු පැත්තේ දත් ටික විතරක් පේන්ඩ මට ගොරවලා අම්මා පස්සෙං ගියාය.. අම්මගෙම ටොමියාය.. ඔහොව් අස්සේ රන්සිරියගෙ බල්ලා නැති වෙලාලුය. මට වස්සැප් එකේ මැසේජ් එක දැක්ක ගමන් පට්ට සතුටක් ආවාය. ඒ කුරිරු සතුට වැඩි කර ගන්ඩ නම් රංසිරියගෙ අම්මගෙ මූණත් බලන්ඩම ඕනය. පුටාර් එකේ රංසිරියගෙ ගෙදරට යන්ඩ මට මහ වෙලාවක් ගියෙත් නෑය.. මූණ හතරස්වෙලා තිබ්බ එක මං දැක්ක ගමන් අෂ්ඨ තලයක් වගේ උණාය.. "බලපංකො බං..මේකා ගිය අතක් නෑනේ.." ඒ රංසිරියාය. "ගිය දිහාකිං එයි බං.." අනේ ඕකා එන්ඩම එපායැයි මගේ හිත කිව්වට අරූගෙ මූණට අරහම කිව්වාය.. "ඊයෙ ඉඳංනෙ බං. අනික ඕකා කොහෙ ගියත් එනවා.." "මේ... ඔය පිට රටවල් වලනම් බල්ලො එහෙම නැති වුණාම පෝස්ටර් ගහනවා ගම රට පුරාම. " මට රංසිරියා ගැන දුකත් හිතුණාය. "උබ කියන්නේ පෝස්ටර් ගහන්න කියලද.." "ගහලා බලපං..හරි යයි.." රස්සාවේ තිබ්බ ඊස් මීස් එක ඉවර වෙනකං රංසිරියා බලන්ඩ යන්ඩත් බැරි උන හිංදා දවස් දෙක තුනකට පස්සේ ආපහු උංගෙ ගෙවල් පැත්තට ඔලුව දාන්ඩ ගියාය. "මොකෝ...ටොමියා හම්බුනාද.." "නෑ බං..පෝස්ටර් දාහක් ගැහුවා වටේම.." "දාහක්.... ඒනං අනිවා හම්බෙන්ඩ ඕන..." "කෝ ඉතිං..වැඩක් වුනායැ.." "පෝස්ටරයක් බලන්ඩත් බැරි වුනා... මං දැක්කෙ නෑනේ.." "වලේ කඩේ දෙකක් ගහලා තියෙනවා. ඉස්සරහිනුයි පිටිපස්සෙනුයි..යන ගමන් බලං පලයං.." වලේ කඩේ නැවත්තුවේ පෝස්ටරේ බලංඩම නෙමේය. පෝසටරේ ගහලා තියෙන්නේ රාණි නැන්දගේ පුතා රංසිරියම තමාය. "ටොමී..ටොමී..ටොමී...ටොමී... ඉජුඃ... ඉජුඃ..ඉජුඃ..." ඕං පෝස්ටරේ.. උගෙ හොඳම යාලුවා ටොමියාය.. මංනං වෙන්ඩ බෑය.****************************************** සම්බන්ධකම් අතර බැඳීම් සහ රිඳීම් එකට අල්ලන් ඉන්නෙ "වචන". ඒ වචන වල ප්‍රතිවාදී හතුරා "දැනීම්" .වචන හැම වෙලේම පහර දෙන්නෙ අන්න ඒ ප්‍රතිවාදී දැනීම් වලට. වචනෙකින් හිත හදන මිනිස්සු අතරෙ සමහරුන්‍ට පුලුවන් වචනයක් අල්ලගෙන හිත් රිද්දන්න. එතන තියෙන බැඳීම සහෝදරකමක්, යාලුකමක් ,නෑදෑකමක් හෝ වෙන මොනයම් ප්‍රේම සම්බන්දයක් වෙන්න පුලුවන් .මගේ කියන මානුෂීය සැනසීම ඇතුලේ ඉහත කියපු බැඳීම් වල වටිනාකම් ඒක පාර්ශවීය වෙලා බාල්දු වෙන අවස්ථාවක සිද්ද වෙන මේ හිත් රිඳීම් බිඳ වැටීම් ජීවිතේට පාඩම් කියලා දෙනවා කියලා හිතනවා නම් ඒක වැරදියි. පාඩමක් කියලා දෙනවා නම් එහෙම තැනක අපි දරාගෙන ඉඳලා තියෙන්න ඕනෙ.අපි අපිව අමුතුවෙන් නුහුරු වෙනස්වීමකට ලක් නොකර තියෙන්න ඕනෙ.නැවත එවැනිම මොහොතක් පැමිණීම වලක්වා ගන්න ඒ බැඳීම් ඇතුලෙ හික්මීමක් ඇති කර ගන්න පුලුවන් වුණා නම් ඒක පාඩමක් වෙයි.ඒත් එවැනි බොහෝ අවථාවන් වල ඒ හිත් රිඳීම් ගොඩක් වෙලාවට නිර්මාණය කරන්නෙ "නාඩගම් හුදකලාවක්". ඔව්.."හුදකලාව" සහ "නාඩගම් හුදකලාව" කියන්නෙ මට අනුව දෙකක්. "හුදකලාවට" ඇලුම් කරන්න රිදෙන්නම ඕනෙ නෑ.බිඳෙන්නම ඕනෙ නෑ.අමුතුවෙන් නඩත්තු වෙන්න ඕනෙ නෑ.සතුටුවීමේ කලාවක් හුදකලාව.රසවිඳින්නන්ට හුදකලාව ඇබ්බැහියක් වුණාම කර්කෂක මොහොතවල් ගෙවාදැමීම හරි පහසුයි. ඒත් අර කියපු "නාඩගම් හුදකලාව" ඇතුලෙ විඳින්නට කියලා ඇති රෙද්දක් නෑ.ඒත් සෑහෙන ගේමක් දෙනවා අපි ඒක ඇතුලෙ ජීවත් වෙන්න.ජීවත් වීමටත් වඩා නඩත්තු වෙන්න.නොකරන දෙයක් නැති වෙන්න පුලුවන් එහෙම වෙලාවට. උපන්තේකට නොකරපු නුහුරු නුපුරුදු දේවල් වලට අපි හුරු වෙනවා මේ වෙලාවට.තනියම ගමන් බිමන් යන්න ,අඩුවෙන් කතා කරන්න, ඉවරයක් නැතුව වැඩ එක්ක කාර්‍යබහුල වෙන්න ,හැමෝගෙන්ම ඈත් වෙන්න .මේ වගේ සීමාවන් ඔන්න ඔය නාඩගම් හුදකලාව ඇතුලෙ මෙහෙයවීමකින් තොරව සිද්ද වෙනවා .සමහර වෙලාවට ක්‍රම හොය හොය තනි වෙනවා.වචන නිසා රිද්දගෙන අඬනවට වඩා භයානකයි වචන නිසා රිද්දගෙන අර කියපු නාඩගම් හුදකලාවේ ප්‍රතිනිර්මාණය වන ඇතුලාන්තය. ඇත්තටම ප්‍රශ්නෙ තියෙන්නෙ මේ "හුදකලාව" හෝ "නාඩගම් හුදකලාව" තුල නෙමෙයි . ප්‍රශ්නෙ තියෙන්නෙ ආදරණීයයි,මගෙයි කියලා හිතන් ඉන්න සම්බන්ධකම් ඇතුලෙ වටිනාකම් ගිලිහෙන්න යන වචන අස්සෙයි. එහෙම වචන ඉවසන්න නොදන්නකම සහ අමතක කරන්න බැරි විදිහට හිතට කාවද්ද ගන්න ඇති උනන්දුව අස්සෙයි. සමහර වචන සම්මුඛව ඉඳිද්දී දැනෙන ප්‍රකාශනය සහ කෙටි පණිවිඩ මාර්ගයෙන් ප්‍රකාශනය වීමේදී දැනෙන විදිහ හාත්පසින්ම වෙනස්.එවැනි මොහොතවල් වල වචන අල්ලන් හිත් රිඳවන්නට හෝ හිත් රිඳව ගන්නට කලින් අනෙකාගෙ නැතත් තම තමන්ගේ හෝ වටිනාකම් තේරුම් අරන් මොහොතකට හරි නිහඬවීම වටිනවා කාගෙවත් ජීවිතයක "නාඩගම් හුදකලාවක්" නිර්මාණය නොක‍ර සහ නාඩගම් හුදකලාවක අතකොළුවක් නොවී. පරිස්සම්ම නොවුනත් "වචන " බැඳීම් සහ රිඳීම් පරිස්සම් කර ගන්න "දැනීම්" වලින්. හැරගිය මතක Shamikaකැරලිකාර සෙබලා....🤗 එක්දාස් නමසිය අසූඅට අසූනමය.. ඒක ලංකාවෙ අව්චාර සමය කියල හඳුන්වන්න මම කැමතියි හැමෝටම ඒ කාලේ ගැන කියන්න මොකක් හෝ කතාවක් තියනවා. හැබැයි අපි අහන්න ආස අපි කැමති කතා විතරයි. හැමෝටම ලියන්න පුලුවන් උනානම් ඒ කාලෙ ගැන මගේ මේ කතාව වැදගැම්මකට නැති එකක් බව මම කැට තියල කියනවා. එදවස ලංකාව තිබ්බේ දෙකොන ගිනිගත්ත විලක්කුවක් වගේ උතුරේ සටන්කාමීන් දකුණේ විප්ලවකාමීන්. ලංකාවේ ප්‍රධාන මහාමාර්ගය වෙච්චි A1 නොහොත් කොළඹ නුවර පාරේ විසිඅටවෙනි සැතපුම් කනුව තිබ්බෙ අපේ ගමේ.ලංකාවේ පාරවල් හදපු තෝමස් ස්කිනර් එයාගෙ (Fifty years in ceylon ) ලංකාවේ පනස් වසරක් කියන පොතේ කියනවා කොලඹ ඉදන් සැතපුම් විසිපහක් යනකොට අලි ඉන්නව හම්බවෙනවලු.ඒ කාලෙ අපේ ගමෙත් අලි ඉංඩ ඇති. අන්න ඒ ගමේ හිටපු අපි ධනපති පංතියේ නෙමේ කියල දැනගෙන හිටියත් මද්‍යම පංතියේද කම්කරු පංතියේද පීඩිත පංතියේද කියල අපි ටක්කෙටම දැනගෙන හිටියෙ නෑ. මේ කාලේ බහුතර ජනයා ජීවත්වෙන විදිහටම ඔහේ මොනවා හරි බඩට දාගෙන පොල් අතු හෙවිල්ලපු ගේක ඉදගෙන එක ඇදුමක් ඉරෙනකොට තව එකක් අරගෙන අපි ඔහේ උන්නාට උන්නා. ඒ කාලේ දේසපාලන වටපිටාව කිව්වොත් ඔය රාජපස්ස පාලනේ වගේම තමයි හැමදේම මෙහෙයවනු ලැබුවේ එක්සත් ජාතික පක්ශය විසින්. ලාංකීය දේසපාලනයට අමු කුපාඩිකම කැන්දාගෙන ආවෙ ජේ ආර් කියල මම විශ්වාස කරනව.මිනිස්සු හැම අතින්ම අසරණ වෙලා හිටපු යුගයක් ඒක. එක පැත්තකින් උතුරේ බෙදුම්වාදී ප්‍රශ්නය ඒ මදිවට ඉන්දියන් හමුදාව මෙහේ පැලපදියං වෙලා අපි ඉන්දියාව ඉදිරියේ හෑල්ලුවෙලා.. තහනම් දේසපාලන පක්ෂයක් බවට පත්වෙලා තිබ්බ ජවිපෙට යාන්තං අව්රුදු දාසයක් දාහතක් වෙච්චි අපේ හිත ඇඳිල යන්නෙ ඔන්න ඔය කාලෙදි. සමාජවාදය කියන එක ඒ කාලෙ මට තේරුනේ නෑ.. අදනං ඒකට කැමති නෑ. කොහොම උනත් එකල ආංඩුවේ දහදුරා පාලනයට විරුද්ධව මට එකගවිය හැකි සටන් පෙරමුණ ලෙස මම ජවිපෙය තෝරාගත්තා. ඉතිං මම ජවිපෙ වෙනුවෙන් වැඩකරන්න ගත්තා.මම කරපු ලොකුම කාර්‍ය තමයි පෝස්ටර් අදින එක. ජීවිතේ පරදුවට තියල "ජේ ආර් මරමු" කියල මම පෝස්ටර් දාස් ගානක් අඳින්න ඇති. ඒත් ජේ ආර් අව්රුදු අනූගානක් ඉදල ස්වභාවිකව මියගියා. අපේ ගම් පලාතේ ජවිපෙ පෝස්ටර් ඇලෙව්වෙත් අපි. ඔය මොන චන්ඩිත් එලියට බහින්න පට්ට බයවෙලා හිටපු කාලේ අපි ප්‍රා,කලු බලල්ලු,කහ බලල්ලු,එස්ටීඑෆ් ආර්ඩීඑෆ් මෙකී නොකී සේනාවන්ට කලුවර රාත්‍රීවල මූණ දුන්නෙ පෝස්ටර් මිටියයි පාප්ප බාල්දියයි හිතේ හයියයි විතරක් තියාගෙන. අපි දැනගෙන හිටියා අපි කරන්නෙ භයානක සෙල්ලමක් බව නමුත් අහු උනොත් මැරුම් කංඩ වෙන එක ගැන අපිට ඒ හැටි බරපතලව හිතුනෙ නැත්තෙ අපිට ඒ කාලෙ නැතිවෙංඩ කියල දෙයක් තිබුනෙ නැතිනිසා වෙංඩ ඇති. ජේ ආර් මහත්තය විධායක ජනාධිපති වේදිකාවෙන් බැහැල යනකොට ප්‍රේමදාස මහත්තය ඒ වේදිකාවට ගොඩවුනා. ඔහු ගැන මම ස
්වාදීනව හිතන්න ගත්තෙ පහුකාලෙකදී,මුල් කාලෙ මම පිලිගත්තෙ ජවිපෙ මතය.ප්‍රේමදාස මහත්තය ජවිපෙට ආරාධනා කලා කතා කරල ප්‍රශ්නෙ විසදුමක් කරා අරගෙන එන්න මම මහා දේසපාලන විශ්ලේශකයෙක් නෙමේ නමුත් පසුව ප්‍රේමදාස චරිතය ගැන විපරම් කරනකොට හිතුනා ජවිපෙට හොද අවස්ථාවක් මග ඇරුනා කියල.එල්ටීටීඊ සංවිධානෙටත් ඒකම උනා.අධිතක්සේරුව හැම වෙලේම හරියන්නෙ නෑ. අම්මව රවට්ටන්න මම නිදාගෙන ඉන්නව වගේ පේන විදිහට ඇඳේ කොට්ට තියල පොරවන්න ගන්න අම්මගෙ චීත්තෙ ඊට උඩින් දාල රෑ දොලහට ජනේලෙං පැනල මාරයත් එක්ක සෙල්ලං කරන්න ගියේ පීඩිත පංතිය වෙනුවෙන් ලස්සන රටක් හදන්න. දේසපාලන ගැටුම දරුණුවෙනකොට දවස ගානෙ පාර දිගේ ටයර් දාල පිච්චුනු මල සිරුරු වැඩි වැඩියෙන් දකින්න ලැබුනා. ගංගා වල මලමිනී පාවුනා හිටපු ගමන් අපේ කොල්ලෝ අතුරුදහන් වෙන්න ගත්තා. ඉතිං විප්ලවේ ඉවරවෙන පාටකුත් නෑ ගෙදර අර්ථික ප්‍රශ්න ඉවරවෙන පාටකුත් නෑ .. මේ ඔක්කොම මැද තමා මගේ ප්‍රථම ප්‍රේමය පැලවෙලා දලුදාන්න ගත්තෙත්. කිසි දෙයක් නොතිබුන මට ඒ ආදරේ දියමන්තියක් වගේ උනා.කිසිම රහක් නැතුව ගෙවපු ජීවිතේට රසයත් බලාපොරොත්තුවත් ගෙනාවෙ එයා. මේව ඔක්කොම ඔලුවට පිරුනම මට මේ අවිනිශ්චිත ජීවිතේ ගැන බයක් දැනෙන්න ගත්තා.මං තීරණයක් ගත්තා හමුදාවට බැඳෙන්න ඒක තමයි ඒ කාලෙ අපිවගේ උංට අතලග තිබ්බ රස්සාව. ඒ වෙනකොට ජවිපෙ හෝ වෙන කිසිවෙකු විසින් හෝ හමුදා භටයන්ට අස්වෙන්න කියල ලිපි යවමින් තිබ්බ කාලෙ. මගේ තීරණය යාලුවන්ට කිව්වම ඔවුන් කිව්වෙ ඒක එච්චර නුවනට හුරු වැඩක් නෙමේ කියල.මට ඕනෙ උනා මං ජීවත්වුන පොල් අතු හෙවිල්ලපු ගෙට උලු වහන්න අම්මට තාත්තට සලකන්න මගේ කුලුඳුල් ආදරේ රැකගන්න. මම ජවිපෙ පූර්ණකාලීන සාමාජිකයෙක් නොවුන නිසා මට අවශ්‍ය දේ කරන්න මට නිදහස තියනව කියල මම හිතුවා. මම ජවිපෙට වැඩ කරනගමන් ආමි කොමාන්ඩෝ රෙජිමේන්තුවට අයදුම් කලා ගනේමුල්ලෙ ඉන්ටවීව් ගියා ටික කාලයක් ගියාම මට කැඳවීම ලැබුන හැබැයි කොමාන්ඩෝ රෙජිමේන්තුවට නෙමේ. තව ටික දවසකට පස්සෙ හමුදාවෙන් ලිපියක් ලැබුන පොලිස් සහතිකයත් සමග හමුදා මූලස්ථානයට එන්න කියල. එතන ඉදන් තමයි නාට්‍ය පටන් ගන්නෙ. මමත් ගොනා වගේ පාරදිගේ පිච්චෙන මිනී පහුකරගෙන නිට්ටඹුව පොලීසියට ගියේ ආමි එකට යන්න හිතාන පොලිස් සහතිකේ ගන්න. ඒ කාලේ පොලීසිය කියන්නෙ මාරක ස්ථානයක් නිට්ටඹුව පොලීසිය ඉස්සරහ තම දරුවන්ට සිද්දවෙච්චි දේ හොයාගන්න ඇවිත් හිටපු දෙමාපියන්ගේ බලාපොරොත්තු කඩවෙච්චි වෙහෙසකාරී මුහුණු දැක්කම පොලීසිය ඇතුලට යන්න මට බයක් නොදැනුනාම නෙමෙයි.. මගෙ නම විස්තර ඒව මේව ලියාගත්ත සාං මහත්තය මගෙ දිහා අමුතු විදිහට බලල පොලීසිය ඇතුලට ගියා. ආපහු ආපු සාං මහත්තය මගේ දෑස් දිහා එක එල්ලේ බලමින් මට කිව්වෙ "උඹම පොලීසියට ආපු එක හොදයි අපි කොහොමත් උඹව මෙහාට ගේන්න තමයි හිටියෙ" කියල මගේ සරුවාංගෙම සීතල වෙලා ගියා උගුර කට වේලුනා කකුල් වෙව්ලන්න ගත්තා.මම කොටුවෙලා වෙලා බව සක් සුදක් සේ පැහැදිලි උනා.මම සන්සුන්ව ඉන්න උත්සාහ කලා. "තොපි දාන සෙල්ලම් ඔක්කොම අපි දන්නවා තොගේ ගේ තියෙන්නෙ පාර අයිනෙ අතන වංගුවෙ නේද" "ඔව් සර්" තෝ මුංව දන්නව නේද කියමින් ඔහු මට ඉදිරිපත් කලේ මහ රෑ පෝස්ටර් ගසන්නට මා සමග යන මිතුරන් පිරිසගේ නම් ලයිස්තුවයි. "ඔව් සර් දන්නවා මේ මගේ යාලුවෝ" "එහෙමද හිටපංකෝ htpp ටිකට හැ,මන්නල ගන්නකං...යවන්නං තෝව හමුදාවටම" එවක නිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂක වසයෙන් සේවය කලේ ඉතා පැහැපත්, කරුණාවන්ත මිනිසෙකු ලෙස මට පෙනුනු ...... නැමැති නිලධාරියෙක්. මා ඔහු වෙත යොමු කරන ලදුව දින දෙකකින් නැවතත් පොලීසියට පැමිනෙන්නැයි ඔහු මා හට දන්වා සිටිනු ලැබුවා. මම මරු කටින් එලියට පැමිනියෙමි. නිදහස යනු කුමක්දැයි ඒ මොහොතේ මා අවබෝධ කොටගත්තෙමි. සිදුවූ දෙය තේරුම් ගැනීමට උත්සාහ කලෙමි.මගේ සහ යහලුවන්ගේ විස්‍තර පොලීසිය දන්නේ කෙසේද.මාව යහතින් එව්වේ ඇයි.. අපි මහ රෑ නටන නාඩගම කිසිවෙකු නොදන්නා බව එතෙක් මා සිතා සිටියෙමි. අපි පොලීසියට මොනව කිව්වත් පොලිසියේ ඉන්නෙ හොද මහත්තුරු යැයි මට සිතිනි. ව්‍යාකූල සිතින් නිවසට පැමිණි මට ඒ රාත්‍රීයේ විප්ලවය වෙනුවෙන් කිරීමට රාජකාරියක්ද යෙදී නොතිබිණි. එදින රාත්‍රී නිවසේ දොරට කිසිවෙකු තඩිබාන හඩින් අපි අවදිවීමු වේලාව මැදියම් රාත්‍රිය යැයි මා අනුමාන කලෙමි. එනපොට භයානක බව ක්ෂනිකව අවබෝධ විය.කුප්පි ලාම්පුව දල්වාගත් අම්මා බිරාන්තව මා දෙස බලන්නට විය.. "දොර ඇරපං" අපි නිහඬ වීමු ඒ සමගම කිසිවෙකුගේ වේගවත් පා පහරකින් නිහැඩියාව බිඳිමින් ලෑලි දොර ගැලවී විසිවුන අතර ආයුධ සන්නද්ද පිරිසක් ක්ශනිකව ගෙතුලට පැන මා දැඩිව අල්ලාගන්නා ලදී. මුහුනු වසා සිටි ඔව්න් සන්නද්ධ වී සිටියේ එකල ඉන්දියන් හමුදාව බහුලව පාවිච්චිකල එස් එල් ආර් නැමැති අවි වලින් බව මතකයි. මගේ අම්මාගේ සහ සහෝදරියන්ගේ විලාප මැද මාගේ දෑස් බැද ලෑන්ඩ් කෲසර් ජීප් රථයට පටවද්දීවත් කිසිවෙකු අපගේ සහයට පැමිණියේ නැත.එකල කිසිවකු එසේ පැමිනෙන්නට තරම් එඩිතරවන්නේද නැත. "තෝ දන්නව නේද සනත්" "ඔව් සර්" "උගේ ගේ දන්නව නේද" මේ වගේ අවස්ථාවක එකම ගමේ එකට ඉන්න යාලුවාගේ ගේ නොදන්නා බව භයානක මිනීමරු කල්ලියකට පවසා ඔවුන් රැවටිය හැකිද.? "දන්නව සර්" "පෙන්නපිය උගේ ගේ" ඔහුගේ නිවස මා විසින් පෙන්වන ලද අතර ටික වේලාවකින් සනත් අයියා සමග ඔහුගේ සහෝදරයාද දෑස් බැද රැගෙන එනු ලැබිණි. තව දෙදෙනෙකුගේ නම් පෙන්වමින් ඔවුන්ගේද නිවෙස් පෙන්වන මෙන් තර්ජනය කල අතර. එයාල ඉන්නෙ වෙලෙන් එගොඩ යැයි මා උත්තර දුන් විට ඔව්නතර සිදුවූ කසු කුසුවෙන් මට තේරුම් ගියේ මේ පිරිස ගම ඇතුලට යාමට මැලිකමක් දක්වන බවයි. නැවත මගෙන් ඔවුන්ගේ ගෙවල් ගැන මිමසූවිට වෙලෙන් එගොඩ වාහනේ යන්න බැහැ යැයි මා තව ටිකක් බරකොට පැවසූ පසු ඔවුන් එම ගොදුරු ඉවත දමා අප තිදෙනා පමණක් නිට්ටඹුව පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබුවා. මම බොහෝ අමිහිරි මතක අකුරු නොකරමි කිසිවෙකු පිලිබද වෛරයක් ඇතිකිරීම මගේ අරමුණ නොවේ. මෙය දේසපාලන විවරණයක්ද නොවේ මේ ජීවිතය විසින් මට ලබාදුන් අත්දැකීම් සමුදායක් පමණි. එතැන් සිට ඒ අදුරු රාත්‍රියේ සිදුවූ දේ සිතාගැනීම ඔබට බාර කරමි. බලය සහ ආරක්ෂාව ලබාදෙන්නේනම් පහරදීම් වධදීම් වලට අපේ මිනිසුන් තරම් දස්සයින් ලොවෙත් නොමැතිබව අවබෝදකොට ගතිමි.(ධම්මේ භවෝ රක්ඛති ධම්මචාරී) පසුදා මා සොයා පොලීසියට පැමිනුණු දෙමාපියන්ට පොලීසිය විසින් පවසන ලද්දේ එහෙම කට්ටියක් මෙහේ ගෙනාවේ නෑ ගම්පහ බලන්න ආමි කෑම්ප් එකේ බලන්න එස්ටීඑෆ් එකේ බලන්න යනුවෙනි. අවසන අපේ පව්ලේ ඉහලම සිවිල් බලයක් තිබූ පුද්ගලයා වූ එවක විදුලිබල මංඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානියා වූ පසු කලෙක විදුලිබල මංඩලයේ අධ්‍යක්ෂක බවටත් සිරිසේන ජනාදිපතිතුමාගේ කාලයේ ජනාධිපති විමර්ශන අංශයේ අධ්‍යක්ෂක බවටත් පත්වූ කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු ලෙස ප්‍රසිද්ද මගේ මාමාටමේ සිද්දිය පවසා උදව් ඉල්ලා සිටින ලදී. මාමාගේ කල්‍යාණ මිතුරකු වූ එවකට කොළඹ ප්‍රදේශය බාර ජේස්ථ පොලිස් අදිකාරීවරයෙකුගේ මැදිහත්වීමෙන් නව ලෝකයක් තනන්නට පෝස්ටර් ගසා ටයර් චිතකයක දැවෙන්නට නියමව සිටි මට අභය දානය ලැබිණි. ඊට පස්සෙ එලියට ආපු මට ඒ ඉහලම නිලධාරීතුමාගෙන් කැදවීමක් ලැබුන සී අයි ඩී එකේ හතරවෙනි තට්ටුවට ඇවිත් එතුමව හම්බවෙන්න කියල එතුමා එකල රාජකාරි කලේ මම හිතන විදිහට එතන. එහිදී මගෙන් ජේවීපී එක සමග මගේ සම්බන්ධය පිලිබද එතුමාම දීර්ඝ ලෙස ප්‍රශ්න කලා. මං කිව්වා පෝස්ටර් ඇන්දා පාප්ප හැදුවා පෝස්ටර් ඇලෙව්වා කියල. "එතකොට තමුන්ගේ යාලුවෝ" එයාල කලෙත් ඒවමයි කියල මම කිව්වා. අවි ආයුධ පාවිච්චි කලාද කියල අහපු ප්‍රශ්නෙට මට දෙන්න තිබුන අවංක උත්තරේ නෑ කියන එක. අන්න එදා තමයි මගේ කේස් එක ඉවර කරල දැම්මෙ .දැන් පොලීසියට ගිහින් පොලිස් රිපෝට් එක ගන්න කියල එතුමා කිව්ව. ඒක ගන්න නැවත නිට්ටඹුව පොලීසියට ගියාම පොලීසියෙ එස් අයි කෙනෙක් මට පොඩ්ඩක් හිතවත්ව කතාකලාඅර ඉහල නිලධාරී මහත්තගෙ ඇඳුනුම්කම නිසා වෙන්නැති. ධම්මික මෙන්න මේක බලන්න කියල එස් අයි කෙනෙක් පෙත්සම් හතරක් මගේ අතට දුන්නා ඒකෙ අපි ඔක්කොගෙම නම් තිබුනා මම හොදට අදුරනවා ඒ අත් අකුරු. මට ලොකු කලකිරීමක් වේදනාවක් දැනුනා. ඒ කාලේ මෙවැනි පෙත්සමක් පොලීසියට යොමුකරනවා කියන්නෙ අදාල අයට නියත මරණයක් උරුමකර දීමක්. මම පොලීසියෙන් එලියට එනකොටත් විශාල තරුණ පිරිසක් ඒ තුල ගාල්වෙලා හිටිය ඔව්න් පිලිබඳව මගේ හිත හඬාවැටුනා...මම සිතින් ඔවුන්ට ජය පැතුවා. තවත් අලුත් උදෑසනක මාත් ඇතුලු දෙසීයක විතර ජවසම්පන්න තරුණ පිරිසක් කොළඹ කොටුවේ ඉදන් දුම්රිය ගමනක් ආරම්භ කලා ගමනාන්තය උනේ මින්නේරිය යුධ හමුදා පාබල පුහුණු පාසල. ඒ වෙනකොට රෝහණ විජේවීර මහතා සහ හැටදහසකට අධික තරුණ තරුණියන් පිරිසක් මියගිහින් ජවිපෙ කැරැල්ල පරාජය වෙමින් තිබ්බෙ. දුම්රිය වේගයෙන් ඉදිරියට ඇදෙනකොට ගත සිත වෙලාගත්ත සීතල සුලං රැල්ලට දෑස් පියවෙනකොට පුදූම නිදහස් බවක් හිතට කාන්දුවෙලා සිද්ධවෙච්චි හැමදේම චිත්‍රපටියක් වගේ හිතේ මැවෙන්න ගත්තා. දකුනේ සමාජයට දැන් සියලු විනාශයන් සිදුවී අවසන්. මින් පසුවවත් තරුණ තරුණියන් තවදුරටත් වධ බන්ධනවලට ලක්ව මිය නොයනු ඇති බවත් තවදුරටත් අම්මලා පොලීසි ඉදිරිපිට විලාප තබමින් දරුවන් සොයන යුගය අවසන් වනු ඇතිබවත් දේසපාලකයන් බලය වෙනුවෙන් ජනයා කෙටවීමේ හා මිනීමැරීමේ ක්‍රියාදාමයෙන් ඔබ්බට ගොස් යහපත් වනු ඇති බවටත් සාමාන්‍ය ජනයාද ශීලාචාර මිනිසුන් ලෙස සිතන්නට පටන්ගනු ඇතිබවටත්, මේ භීම සමයේ කාගෙ කාගෙත් සිත්තුල ඇතිවූ තුවාල කාලයත් සමග වියැකී යනු ඇතිබවත් මම විශ්වාස කලා. මගේ ජීවිතයේත් අද පටන් උදාවන ඒ යහපත් යුගයේදී පොල් අතු හෙවිල්ලපු නිවස උලු හෙවිල්ලපු ගෙයක් වනසැටිත් ඒ ගෙදරට මගේ ආදරය කැන්දාගෙන එන හැටිත් හිතේ මැවෙනකොට නිරාමිස සුවයක් හදවතට දැනෙන්න ගත්තා. මින්නේරිය යුධ හමුදා කදවුරෙහි විශාල ශාලාවකට ගාල්කරපු අපිට එහි අණදෙන නිලධාරීතුමා දැඩි ස්වරයෙන් දේසනයක් පවත්වනු ලැබුවා එතුමා දේසනය අවසන්කරනු ලැබූයේ මේ වි
දිහට. තමන්ලගෙ පුහුණුව හෙට සිට ආරම්භ වෙනවා.මෙතන ජේවීපී කරපු එකෙක් හරි කරන්න බලාපොරොත්තු වෙන එකෙක් හරි ඉන්නවනං හෙට එලිවෙනකොට පැනල පලයව් නැත්තං වෙඩි තියල මරල දානව.... මං හිත දැඩිකරගත්තා... අපේ අම්මා නිට්ටඹුව පොලීසිය ඉස්සරහ කඳුලු පෙරාගෙන මගේ ජීවිතය වෙනුවෙන් වැලපුනා වගේම ඊට බොහෝම ටික කාලෙකට පස්සෙ ද්‍රවිඩ අම්මලා අඬාවැලපීගෙන තමන්ගේ දරුවන් හොයන්න ඇවිත් කදවුරු ඉස්සරහ දෙවියන් යදිමින් පොලොවෙ පස් කනකොට ගිනි අවියක් අතැතිව හිතක් පපුවක් නැත්තෙක් ලෙස ඒ විලාප අහගෙන ඉන්න තරං මං අවාසනාවන්ත උනා. 😔 © Dhammika Wickramaarachchiමරදානේ ස්පා.... ගෙදර ආවෙම නැතත් දරුවන්ගෙ අප්පා ගමේ උන් කීවෙ උට ගංජ කුඩු පප්පා නැයො අදුරන්නෙ නෑ යන්නෙ උන් පුප්පා ආවෙ වැඩපල හොයන් මරදානෙ ස්පා _________________________________________ මොකද්දෝ අමුත්තක් හිත පුරා එති එතී පපු කැනැති දවනවා කරන දෑ හිති හිතී ගොඩක් උන් ලග තිබ්බෙ වල් වැදූනු පල් ගතී දුන්න ඒ ලංසුවට තවම අරිනව හතී _________________________________________ තාම කිරි එරෙන තන් කකියද්දි දරාගෙන ඌට දුන් පතිනි හිත තොල් පටක විකාගෙන ජීවිතේ රිදුනු තැන් ගුලි කරල ඔතාගෙන ආවෙ නෑ මං කොලඹ රජවෙන්න හිතාගෙන _________________________________________ වල් වැදුණු පාදමේ බිත්ති ටික බැඳගන්න හිල් හැදුනු තාත්තගෙ වකු ගඩුව පුරවන්න කෙල්ල තව ලොකු වෙද්දි තෝඩුවක් අමුනන්න මං හිතුවෙ අද නැතත් හෙට ඇහැකි හිනැහෙන්න Cmt එකක් දාගෙනම යන්නකිත්තගේ කතාව "වෙන මොනවද ඩොක්ටර් කිව්වේ.." රත්තරං පාට දාරයක් තියන සුදු පාට කෝප්පෙට කිරි ටිකක් සීනි හැන්දක් පරිස්සමට එකතු කරන ගමං එයා මගෙන් අහනව.. "මොනවද ඉතිං.. ඕන පෙන්ෂන් කාරයෙකුට කියන කතාව තමා.. සතුටින් සැහැල්ලුවෙන් ඉන්න.. පෝෂ්‍යදායි ආහාර ගන්න..ව්‍යායාම කරන්න.. අරව.. මෙව්ව.. "ඉතින් දැන් ඔය කියන එව්ව කෙරෙනවද..? ආයේ ප්‍රශ්නයක්.. එයා හැමදාම කලේ ඔය විදියට මගෙන් ප්‍රශ්න අහපු එක..මට තිබුනේ උත්තර දෙන්න.. "මෙහෙමයි..අපි ඉන්නේ මූදුකරේ හින්ද මාළු තියනව..පෝෂණ ගුණය එතනින් ලැබෙනව.. උදේම වැල්ලට ඇවිදගෙන ගිහිං හොඳ මූදු හුළං ටිකක් වැදෙනකොට ලෙඩ ටික ඉබේම හොඳ වෙනව..සතුට සැනසීම කවදත් මට අඩු වැඩියෙන් තිබ්බ හින්ද ඒව අව්ලක් නෑ...මං කියල දැම්ම..ආයේ හිත රිදෙයිද,තරහ වෙයිද කියල හිතන්න දෙයක් නැති හින්ද.. ඉතිං..මේ මගේ කතාවේ අළුත්ම කොටස..මම කිත්සිරි..කිත්ත කියන්නෙත් මට..එයා සකුන්තලා..අවුරුදු පහක් විතර මගේ ප්‍රේමවන්ති..තවත් අවරුදු දහයක් අපි කසාද බැඳලා උන්න..ඉතුරු අවුරුදු විස්ස උන්න මළා බලන්නැතිව හිටිය..එහෙම ඉන්නොන කියල තීරණේ ගත්තෙ නං එයා..මට දැන් හැට එකයි..එයාට පනස් හයක් වෙන්ඩෝන..ඔය ඔක්කොම අලකලංචි උනාට පස්සේ අපි ආයේ හම්බවෙලා..ඉතිං මේ කතාබහ ඒ හමුවීමේදී.. මං නං පාංකඩේ වගේ උන්නට එයා නං ඉස්සර වගේමයි..ඇත්දළ පාට, පොඩ්ඩක් රැලි වැටිලා තිබ්බ උනත් නිකට ළගින් දෙකට බෙදුන රවුම් මූණ, හිනාවෙනකොට වල ගැහෙන වම් කම්මුල, බෙල්ලේ පැත්තකට වෙන්න තිබ්බ ලස්සන උපන් ලපේ, හීනි දිග ඇඟිලි..ඒ මදිවට සුදුපාට කුර්ත කමිසේ දුහුල් ගතිය අතරින් යන්තම් පෙනුන පපුව..දිය ඇල්ලක් වගේ කඩාගෙන වැටුන කොන්ඩෙ නම් කොටවෙලා තිබ්බ..තැනින් තැන සුදුකෙස් එක්ක..සමහර ගෑනු මැරෙනකං ලස්සනට ඉන්නව අප්ප..ඒකටත් එක්ක අපේ පැත්තේ අම්මණ්ඩිල..නෙදකින්.. "මොනවද බලන්නේ..?" එයා මගේ මූණ දිහා හරි කෙලින් බලාගෙන ඇහුව..මට ලැජ්ජ හිතුන..හැමදාම මම අහුඋනේ ඔය අමුතු බැල්මට.. "නෑ..මං හිතුවෙ..ඔයා වෙනස් වෙලා නෑ..ඉස්සර වගේමයි.." අවන්හලේ බිත්තියක් පිරෙන්න එල්ලලා තිබ්බ දළදා පෙරහරේ පින්තූරේ දිහා බලන් මම එයාට කිව්ව.. "ඉතින් ඒක මගේ මූණ දිහා බලාගෙන කියන්න බැරිද.." එයා ආයෙමත් අහනව.. අනේ මන්ද..මට නිකං මෙව්ව හිතාගන්න බෑ අප්ප..අන්තිම දවසේ උසාවියේ ඉඳල එලියට ඇවිත් යන්නං කියල වත් කිව්වෙ නැති ගෑනි දැන් තොදොල් වෙනව..ගෑණු මායම් පොත වත් බලල එන්න අමතක උනානේ මට.. මීට අවුරුදු තිස් පහකට විතර කලින් අපි දෙන්න ඉස් ඉස්සෙල්ලම හම්බ උනෙත් නුවරදී..මගේ පලවෙනි පත්වීම.. නුවරින් ටිකක් ඈත පුංචි ඉස්කෝලෙකට..එදා ඉරිදාවක්..පරණ සී ටී බී බස් ලඩියක දොර ගාවම සීට් එකේ මම ඉඳගෙන හිටිය..ගමේ ගිහින් එන ගමං..පුරුදු විදියට අපේ අම්ම හදල දෙන සිංහල අච්චාරුව, ඇඹුල් තියල් බෝතලේ එක්ක තව පොල් සම්බෝල තෙම්පරාදු කරල, පොලොස් උයල, කෙසෙල් කොලේ ලොකු ඉස්කෝලේ මහත්තයටත් මටත් ඇතිවෙන්න බැඳපු බත් එකෙන් එන සුවදට ඉව කර කර..යන්න ඕන කමක් නැතිව ගොර ගොර ගගා ඇන්ජිම ස්ටාර්ට් කරල නිස්කාන්සුවේ බුලත් විටක් ඒදන වයසක ඩ්‍රයිවර් මහත්තයාගේ අසරණ දෙමව්පියෝ දෙන්න මතක් කර කර..වටපිට බල බල.. රටකජු ගොට්ටක් ඉවර කර කර.. ඒ එක්කම මෙලෝ විචාරයක් නැතිව බකස් ගාල මගේ ලඟින් ඉඳ ගත්තේ කව්ද කියල මට ඉබේටම බැලුනේ ඉදගත්ත රටාවේ තිබ්බ කලබලේ හින්ද..ඒ වගේම දැනිච්ච තෙරපිල්ලේ තිබ්බ සනීප ගතිය හින්ද.. සොරි..! හීන් කටහඬින් එයා මට කිව්ව.. ඊට පස්සෙ ආයෙමත් නැගිටලා ගවුම පිළිවෙලට හදල එහෙම මගේ ඇඟේ නොගෑවෙන්න ඉඳගත්ත..ඊට පස්සේ බස් එකේ ඉස්සහරහ බලාගෙනම හිටිය.. එයා අහක බලාගෙන හිටියට මගේ රබර් ඇහැ එයා පැත්තටම හැරිලා තිබ්බ..එයා ඇඳල හිටියෙ සුදුපාට මල් වැටිච්ච ලා නිල් පාට ගවුමක්.. ඒ මල් මැද්දේ කහපාට තිතක් වගේ මෝස්තරයක් තිබ්බ..දිග කොන්ඩෙ ගොතල දාල පපුව හරහට වැටෙන්න දාල තිබ්බ..වම් අතේ රිදී පාට ඔරලෝසුවක් බැඳල..මැදගිල්ලේ නිල්පාට ගලක් අල්ලපු පුංචි රත්තරං මුද්දක් දාල, ලොකු බතික් බෑග් එකක් ඔඩොක්කුවේ තියාගන..තව පොත් කීපෙකුත් එක්ක.. කොහොම උනත් එයා හිටියේ ටිකක් කලබලෙන්..නිතරම වටපිට බැලුව..ඊට පස්සේ බෑග් එක ඇරල මොනවද හෙව්ව..පොත් අස්සේ බැලුව..විඩෙන් විඩේ මූනේ තිබ්බ දාඩිය තෙතමාත්තු කළා..කව්රු හරි පස්සෙන් ඇවිත් බයට මගේ ලඟින් ඉඳ ගත්ත වත්ද..තව පොඩ්ඩකින් උස මහත නුවර කොල්ලෙක් ඇවිත් මාව කනෙන් අල්ලලා ජනේලෙන් එලියට දාල එයා ළඟ ඉඳගනී වත් ද..මට එලොකෝටියක් ප්‍රශ්න..ඔය ඔක්කොම ප්‍රශ්න හිතේ තියාගෙන මම එයා දිහා බැලුව එක පාරටම..ඒ වෙලාවේ නම් අපි දෙන්නගේ ඇස දෙක පැටලුනා කලබලේට..එයාට කෙසේ වෙතත් මගේ හිතේ නම් නම් විදුලි කෙටුව දැනෙන්නම.. එදා මෙදාතුර දැක්ක ලස්සනම ගෑනු රූපේ මම දැක්ක..මැවුම්කාරය නිවාඩු ගිහින් ඇවිත් බොහොම නිස්කාංසුවේ මවල තිබ්බ ඒ රූපේ..කාලයක් තිස්සේ හිතේ පැලපදියම් වෙච්ච රූපේ.. කවදාවත් හම්බ වෙයි කියල හීනෙන් වත් නොහිතපු රූපේ.. කබල් බස් එකක ඩීසල් ගඳ මැද්දේ හම්බ උනාම..එහෙම නොවී තියේද මං අහන්නේ.. "මං කවදාහරි බඳින්නේ නුවර කෙල්ලෙක්.." නිවාඩුවට ගෙදර ගියාම යාලුවෝ එක්ක බෝතල් මූඩියක් දෙකෙක් පෑගුනාම මට ඉබේටම කියවෙනව..හීනියට සිංදුවක් කියන ගමං මගේ අනාගත බලාපොරොත්තුවට ලුණු ඇඹුල් යහමින් එකතු කරල තිත්ත කුණුහරුප එක්ක කාල් ගාලා මම නොදන්න එව්වත් කියල දෙනවා උං ඒ වෙලාවට..නුවර ගෑනු මෙහෙමයි, එතකොට මාතලේ අනුරාධපුර පැත්තේ, කොළඹ ගෑණු ඔය වගේ එක එක කතන්දර..අපේ පළාත් වල ඉතිං කුණුහරුප බොහොම සාමාන්‍ය දෙයක් හින්ද කාටවත් ඕවයේ ගානක් නෑ.. ගෑනුත්, පිරිමිත්, පොඩි එවුනුත් දුකටත් සතුටටත් කුණුහරප කියනව..උන්ගේ ඇඟවල් වලින් ගොඩක් වෙලාවට එන්නේ පිළි ගඳ උනාට හිත් වලින් සමන් පිච්ච මල් සුවඳ විහිදෙනව.. "අපිට නුවර ගෑනු දෙන්නේ නෑ බං..උඹ ගුරා තියා ජනාධිපති උනත් උං අපිට ගෑනු දෙන්නේ නෑ..ඒ හින්ද මෙන්න මෙහෙන් කෙල්ලෙක් බලමු බං..ඕන සම්පලෙකට ගෑනු ඉන්නවනේ බං මේ මූදු කරේ.." එහෙම කියන්නේ මගේ අතිජාත මිත්‍රය ඇන්ටනි.. දෙකේ පන්තියට විතරක් ඉගෙන ගත්තට ඌට ලොකු බෝට්ටු පහ හයක් තියනව..තට්ටු දෙකෙක් ගේකුත් එක්ක..යන්තම් අවුරුදු දහඅට වෙනකොට කසාද බැඳලා කොල්ලො තුන් දෙනෙකුත් ඉන්නව.. කව්රු කොහොම කිව්වත් මගේ නුවර හීනේ නැති උනේ නම් නෑ..නුවර ඉස්කෝලෙකට පත්වීම හම්බ උනෙත් ඒ හින්ද කියල තමයි මට නම් හිතුනේ..කවදම හරි මට ඕන කෙනා නුවරදී හම්බ වෙයි කියල මගේ යටි හිත කිව්ව.. "අයියා.." හරි මිහිරි හීනි කටහඬින් එයා මට කතා කළා ආයෙමත්..මගේ උගුර හිරවුණා..ස්වර තන්ත්‍ර බ්ලොක් උනා.. "අනේ අයිය බලන්නකෝ මගේ පර්ස් එක නෑනේ..බෑග් එකේ හැමතැනම බැලුව..ආයේ පංතියට ගිහිනුත් බැලුව..එන ගමන් පාරෙත් බැලුව.." එයා එක දිගටම කියෙව්ව.. "වැදගත් ලියකියවිලි එහෙම තිබ්බද නංගි..දැන් හරියට පොකට් කාරයො.." මගේ උගුරේ හිර ගතිය අඩු උනාට පස්සෙ මම එයාගෙන් ඇහුව.. "අයිඩෙන්ටිය තිබ්බ..මගේ පන්ති කාර්ඩ් එකත් එක්ක.." එයා අඬන්න ඔන්න මෙන්න වගේ කිව්ව.. අයිඩෙන්ටිය නම් ප්‍රශ්ණයක් හැබැයි ඕක ගත්ත කෙනා තැපෑලට දාල දවස් දෙක තුනකින් ගෙදරට එන්නත් බැරි නෑ..බලන්නකෝ..නැත්නම් අයිඩෙන්ටියක් අළුතෙන් හදාගන්න වෙනව..මොනවා කරන්නද.. ඕව ඔහොම තමා..බොහොම වැදගත් විදියට මම එයාට කිව්ව.. කොහොම කොහොම හරි මං එයටත් එක්ක ටිකට් ගත්ත එදා..එයා අහිංසක විදියට ස්තුති කළා..වෙනදාටත් ඉඳල හිටල නුවර මැණිකෙල මගේ ළඟ ඉඳගෙන තියනව..හැබැයි උන් කාගෙවත් පර්ස් නම් නැතිවෙලා තිබ්බේ නෑ..ඒ හින්ද එයාල බොහොම ආඩම්බරෙන් අහක බලාගෙන තමා ගමනාන්තය දක්වා ගියේ..මෙයා උනත් එහෙම තමා යන්න හැදුවේ..ඒත් ඉතිං ටිකට් අරන් දුන්නේ මම නේ. ඒ හින්ද කතා කරන්නම උනා එයාට..දෙයියෝ ම
ගේ දුක අහල මට පිහිට වෙලා තිබුණ.. අපි පොඩි පොඩි විස්තර කතා කළා..දෙමව්පියන් ගැනත්, මෙඩිකල් ෆැකල්ටියේ අන්තිම අන්තිම අවුරුද්දේ ඉන්න ලොකු අයිය ගැනත්, මහවැලියේ වැඩ කරන පොඩි අයිය ගැනත්..දැනට කරගෙන යන බාහිර උපාධියේ කටයුතුත් එයා ටික ටික මට කිව්ව.. අයියල දෙන්නෙක් ඉන්න ගෙදරක එකම නංගි, පව්ලේ එකම කෙල්ල, ඒ මදිවට නුවර.. ඔය ඔක්කොම එක්ක උඹට මේක ලේසි වෙන්නේ නෑ කියල උඩුහිත කිව්ව..උඹට හම්බ වෙලා ඉන්නේ උඹේ අනාගත සහකාරී..ආයේ මොන සක්කරයා ආවත් ඒකී උඹේ තමා..මගේ යටිහිත කිව්ව.. මගේ පවුල ගැන එහෙමට දෙයක් මම එයාට කිව්වෙ නෑ.. අපේ පව්ලේ එකම ළමය මම කියල විතරක් කිව්ව..ගම් පළාත්වල විස්තර ඇහුවත් අපි ඉන්නේ මුහුද පේන මානේ කියල විතරක් මම එයාට කිව්වා.."අනේ මම හරි ආසයි මුහුදට.." එයා දිලිසෙන ඇස් වලින් මගේ දිහා බලල කිව්ව..මට අමුතු සතුටක් දැනුන.. "බැහැල ගොඩක් දුර යන්නොනද නංගි.." "නෑ අයිය.. පාරට ලඟයි..අප්පච්චි ඇවිත් ඇති මගට.." කෝකටත් මොනවහරි හදිසියේ උවමනාවක් උනොත් කියල බලෙන්ම රුපියල් විස්සක් එයාගේ අතේ තිබ්බ මම..එයා එපාම කිව්ව..අන්තිමට ගත්ත..ඒත් සල්ලි ආයේ එවන්න ඕන කියල එයා මගෙ ඉස්කෝලේ ඇඩ්රස් එක ඉල්ල ගත්ත..හදිසියේවත් ලැබුනේ නැත්තම් මතක් කරන්න ඕන හින්ද මම එයාගේ ලිපිනයත් ගෙදර ටෙලිෆෝන් නොම්මරෙත් ඉල්ල ගත්ත.. එයා බස් එකෙන් බැස්සේ මගේ දිහා තුන් පාරක් විතර බලල..ඊට පස්සේ බැහැලත් ආයේ හැරිලා බලල.. බස් එක සැර දාල අදිනකොට මම පින් දුන්න ඩ්‍රයිවර් මහත්තයට..මැරෙනකං බුලත් විට වලින් නං අඩුපාඩුවක් නොවේව කියල..උන්දැ දඩි බිඩි ගාල ගමන පිටත් උනා නම් නුවර මැණිකේ මට මිස් වෙනව..මගේ අවස්ථාව වෙන එකෙකුට ලැබෙනව "මොකෝ කීර්ති මහත්තය මූණ වෙනස් වෙලා..මනමාලියෙක් වත් බලන්න ගියාද නිවාඩු කාලේ.." බස් එකෙන් බහිනකොට හැමදාම වගේ ලොකු ඉස්කෝලේ මහත්තය කෑලි හතරේ ටෝච් එකත් අරන් පාරට ඇවිත් හිටිය..මම හිනාවුණා.."නෑ මහත්තය මේ පොඩි දෙයක් උනා.."යන ගමං උඩින් පල්ලෙන් වෙච්ච විස්තරේ මං කිව්වා.. "අපිට ජීවිතේ හම්බ වෙන සමහර මිනිස්සු එන්නේ හරි පුදුම විදියට..සමහරවිට කීර්ති මහත්තයට උනත් අද අත්දකින්න ලැබුනේ ඒ පුදුම හමුවීම වෙන්නත් පුළුවන්..කොයි හැටි වෙතත් ඉවසීමෙන් බලා ඉමුකො නේද..දැන් කල වයසත් හරි නෙව.." කවදත් දුර දකින, හරි මග කියන ලොකු ඉස්කෝලේ මහත්තය මට කිව්ව.. සතියකින් විතර මට ලියුමක් ආව..ටිකක් පරණ මොස්තරේ අත් අකුරු වලින්.."කීර්ති මහතා වෙතටයි.. ඔබ විසින් මගේ දියණියට කරන ලද උපකාරයට ගවුරව පූර්වක ස්තුතිය මෙයින් පුදකරමි..මේ සමග රුපියල් තිහක මනි ඕඩරයක් අමුණා එවමි. ඔබ කල උදව්වට නැවතත් ස්තුතිය පිරිනමමි..ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි.."මෙයට පුංචි බණ්ඩාර රාජකරුණා සෙනෙවිරත්න ඔන්න ඉතින් අපිට වෙන ඒව. අරකි හැරෙන තැපෑලෙන් මගේ ඇඩ්රස් එක තාත්තට දීල..උන්දැ මම සල්ලි හොයාගෙන ගෙදරට එයි කියල සල්ලි ටික ඉක්මනට එවල..හොරෙන් බල බල ගිය හැටියට මට හිතුනේ ආයේ හම්බවෙන්න කැමති කියල ලියුමක් එවයි කියල.මගේ හීන මාලිගා ඔක්කොම කුඩුපට්ටම් වෙලා ලියුමට උත්තර ලියම්දෝ නොලියම්දෝ කියල ඉන්නකොට දෙවෙනි ලියුමකුත් ආව..ඒක එවල තිබුනේ සකුන්තලා කුමාරිහාමි.. දයාබර කීර්ති අයිය වෙත ලියමි කියල පටන් අරන් තිබ්බ ලියුම පිටු දෙකක විතර එකක්..එයාගේ නුවර පංතිය ගැන විස්තරත් ගෙදරට ලියුම් නොඑවන ලෙසත්..හැකි විටක අන්තිමට ලියා ඇති මිතුරියගේ ගෙදරට ලිපි එවන ලෙසත්..සෙනසුරාදා සහ ඉරිදා පන්ති යන බවත්..උදේ දහයේ සිට හවස හතර වෙනකන් පන්ති පැවැත්වෙන බවත් සමහරවිට අහම්බෙන් හෝ නැවත මුණගැසිය හැකි බවත් ලියල අන්තිමට දයාබර සකුන්තලා නංගි කියල ඉවර කරල තිබ්බ.. ඒ ලියුමෙන් ගාඩ්නිය මල් සුවඳ ආව.. ලියුම් ගනුදෙනු බොහොමයකට පස්සේ එක සෙනසුරාදාවක අපි දෙන්න හම්බ උනා..අද වගේම බේක් හවුස් එකේ අයිනේ තිබ්බ මේසෙක ඉඳගෙන උණු උණු පැටිස් කාල කිරි තේ බිව්ව අපි..එයා මගේ මූණ දිහා කෙළින් බැලුව..මම එයාගේ අතින් ඇල්ලුව..එයාගේ කම්මුල් වල ගැහෙන බවත්..බෙල්ලේ තිබ්බ උපන් ලපෙත් ඉස් ඉස්සෙල්ලම දැක්ක මම..එදා අපි දෙන්න දළදා වැන්ද..වැව රවුමේ ඇවිද්ද..අද වගේම රෝස පාට රොබරෝසිය මල් පාවඩයක් වාගේ එදත් වැටිල තිබ්බ..එයා ඇඳල හිටපු රෝස පාට සායටත්, එයාගේ කම්මුල් වල පාටටත් ඒ මල් ගැලපුනා.. ඔය විදියට අපි ගොඩක් සෙනසුරාදවල් වල හම්බ උනා..මුලින් වැව රවුමේ ගියාට පස්සෙන් පහු පේරාදෙණියේ මල් වත්තේ ටිකක් ඇතුලට වෙන්න වනවදුලු පිරුණු තැන්වල.. නුවර වටේම තියන ලස්සන පාරවල් වල වගේම ඉඳල හිටල රීගල් එකේ හරි වෙම්බ්ලි එකේ හරි අහුවෙච්ච පිච්චර් එකකුත් බැලුව..ඒ හැමවෙලේම එයා හිටියේ පුදුමාකාර සතුටකින්..ඒකට හේතුව අදටත් මම දන්නේ නෑ..බොහොම සාමාන්‍ය පෙනුමක් තිබ්බ..පවුලේ වගතුග උනත් හරියට නොදන්න..පුහුණු ගුරුවරයෙකු වීම පමණක් එකම සුදුසුකම වෙච්ච මට එයා ඒ තරම් කැමති උනේ ඇයි හැමදාම මට ප්‍රශ්නයක් උනත් මම කවදාවත් එයාගෙන් ඒ ගැන ඇහුවෙ නෑ.. " මම හරි ආසයි අමරසිරි කලන්සූරියට..ඔයා එයා වගේ." එකම එක දවසක් එයා කිව්වා මට මතකයි..එද ඉඳල කලන් මගේ ප්‍රියතම නළුවා උනා.. "මොකෝ කල්පනාව..පරණ දේවල් මතක් උනාද.." මම පියවි ලෝකෙට ආවේ එතකොට.."තේක නිවෙනවා..කොහේ ගිහින් හිටියද මන්ද..ගමේ කෙල්ලවත් මතක් උනාද..කව්ද අර අල්ලපු ගෙදර කළු කෙල්ල..සීදේවි..තාම ඉන්නවද..දැන් කසාද කීයක් විතර බැඳලද.." අනේ මන්ද තාමත් අර පරණ විදියට මෝඩ ප්‍රශ්න අහනව..ගෑනියෙක්ට තවත් ගෑනියෙක් ගැන කතාවක් කියන්න තියනවනම් ඊට වඩා දෙයක් නෑ...ඇත්තටම.. "සීදේවි ඉන්නවා..තුන් වෙනි කසදෙනුත් අයින් වෙලා..පුතාලම හතර දෙනෙක් ඉන්නව..තාත්ත කව්රු උනත් උන් ඔක්කොම කිසිම අවුලක් නැතිව සතුටින් ඉන්නව..අපිට වඩා ගොඩක් සතුටින්..වීදුරු ගෙවල් වල ඉඳල ගල් ගහනකොට පරිස්සම් වෙන්නෝන.." මම කියනකොට එයා සද්ද නැතිව තේ එක බිව්වා..එයාව පොඩ්ඩක් රිදෙව්ව කියල මොකක්දෝ සතුටක් මට දැනුන..ඒ එක්කම මහා දුකකුත් දැනුන..පව් අප්ප.. "පරණ දේවල් අමතක වෙන්නේ කොහොමද සකුන්තලා මට..ඔයාට අමතක උනාට.." මම එයාගේ මූණ දිහා බලල කිව්වා..ඒ ඇස් වල කඳුළු තියනව මට යන්තම් පෙනුන.. මතු සම්බන්දයි ප.ලි. මේක කොටස් දෙකක විතර පොඩි කතාවක්.. කිත්තගේ කතාවත් සූකිරි වගේම හිට් වේවා කියල පතනව..හම්බෙමු.. චායාරූපය අන්තර්ජාලයෙනි රොෂානිසදකල්ලඩි අන්දරය - 08 "ඔයා හෙටත් නිවාඩුද?" වර්ෂා ඇසුවේ දිවා ආහාරයෙන් පසු ආපසු හෝටලය වෙත යන ගමනේදීය. "අනේ නෑ වර්ෂා. මං හෙට වැඩට යන්නම ඕනෙ. හෙට ප්‍රකාශ් නිවාඩු. මමයි නිවාඩුවට අත්සන් කළේ" "ඒ කියන්නෙ ආයෙ අපි හම්බවෙන්නෙ නෑ?" වර්ෂා පැවසුවේ දුක්මුසු ස්වරයෙනි. ඇගේ මුහුණ පරවී යනු ඔහු හොරැහින් බලා සිටියේය. "ඇයි අද හවස පූජාවට ඔයා එන්නෙ නැද්ද?" "ආ... තව එකක් තියෙනවද? මං හිතුව ඔතනින් ඉවරයි කියලා" දේව් මොහොතක් කල්පනා කළේය. ඈ හා රාත්‍රි පූජාවට සහභාගී වීමට ඔහු පුල පුලා බලා සිටියද ඇගේ ඒම සැක සහිතය. ඕනෙවට වඩා බල කරන්නත් නොහැක්කේ ඇය ඔහු ගැන වැරදි වැටහීමක් ඇතිකර ගනිතැයි බියෙනි. "වර්ෂා, පූජාව තියෙන්නෙ රෑට. හවස හයේ ඉඳලා රෑ දහය විතර වෙනකල්. හැබැයි හරිම ලස්සනයි. ඔයා දැක්කොත් පුදුම වෙයි" වර්ෂා නිහඬය. ඇය කුමක් කරන්නේදැයි කල්පනා කරනවා විය යුතුය. නිහඬ විනාඩි කිහිපයකට පසු ඇය කටහඬ අවදි කළාය. "රෑ දහයහමාරට කලින් හොටෙල් එකට එන්න කියලා තියෙන්නෙ. පූජාව බලන්නම් ආසයි ඉතින්" දේව් මොහොතක් කල්පනා කළේය. කෙසේ හෝ වර්ෂා සමග පූජාවට සහභාගි වීමේ බොළඳ ආසාවක් ඔහුගේ සිත තුළ ජනිත විය. "ඔයාගෙ ප්‍රශ්ණෙ ඒක විතරක්ම නම් මං පොරොන්දු වෙන්නම් දහයහමාරට විනාඩියක් තියා හරි ඔයාව හොටෙල් එකට ගෙනත් බස්සනවා කියලා" "ඇයි ඒක විතරක්ම නම් කිව්වෙ?" වර්ෂා ඇසුවේ කුතුහලයෙනි. "නෑ ඉතින්, රෑ වෙලා මාත් එක්ක යන්න ඔයාට බයද දන්නෙ නෑනෙ" ඊට වර්ෂා කිසිවක් නොකීවාය. ඉන්පසු ගතවූ විනාඩි කිහිපය දෙදෙනා අතර කිසිඳු කතා බහක් සිදු නොවීය. නමුත් දෙදෙනා තම තමන්ගේ සිතුවිලි සමග වෙන් වෙන්ව රහස් සාකච්ඡා පැවැත්වූහ. "මොකද කරන්නෙ? එක්කො ඔන්න ඔහේ යනවා" "හැබැයි පරෙස්සමෙන්. දවස් දෙක තුනක් ආශ්‍රය කරපු පළියට ඔහොම රෑ පානෙ කොල්ලොත් එක්ක රවුම් ගහනවද හැදිච්ච ගෑණු ළමයි?" "එයා නරක කෙනෙක් නම් නෙවෙයි" "ඕවා කියන්න බෑ. අපි කාලා බලලද? මිනිස්සුන්ගෙ සිතිවිලි වෙනස් වෙන්න යන්නෙ එක මොහොතයි" "එහෙනම් නොගිහින් ඉන්නම්" "හැබැයි ඉතින් ඔය පූජාව බලන්න තියෙන අවස්ථාව නම් ආයෙ එන්නෙ නෑ" "අනේ මන්දා... මං මොකක්ද කරන්නේ?" වර්ෂා සිය සිතුවිලි සමග දොඩමළු වෙද්දී දේව් සිටියේ ද සිතුවිලි අතර අතරමංවය. "වර්ෂා මොනව හිතුවද දන්නෙ නෑ මං කීප සැරයක්ම අඬගහනකොට" "හරි වැඩක්නෙ. මොනව හිතන්නද? ඔයා නරකක් කරන්න හැදුවෙ නෑනෙ" "මට ඕනෙ වුණේ එයාට පූජාව පෙන්නන්න විතරයි" "හැබැයි එයත් එක්ක ජෝඩු දාලා රෑ වෙලා පොඩ්ඩක් ඇවිදින්නත් ආසාවක් තිබුණා. නේ?" "මං ආයෙ එන්න කියන්නෙ නෑ. එනවනම් ආපුවාවෙ" සිතිවිල්ලේම දේව් එලයිට් හෝටලය දෙසට කාරය හැරෙව්වේය. වර්ෂා නිහඬවම රථයෙන් බැස මොහොතක් කල්පනා කළාය. "දේව්, මං තව ටිකක් හිතලා ඔයාට කෝල් කරන්නම්. හැබැයි බැරි වෙලාවත් මං නාවොත් ඔන්න තරහ වෙන්න බෑ හොඳේ" "හරි. ඒකට කමක් නෑ. ඔයා කැමතිනම් එන්නකෝ. ගගනත් අපි එක්ක යනවා" සිත මදක් චංචල වී ගියද ඇගේ තීරණයට ඔහු යටි සිතින් කැමති විය. ගරු කළේය. "අහපු ගමන් පැනගෙන එන කෙල්ලන්ට වැඩිය හිතලා මතලා තීරණ ගන්න කෙල්ලන්ට මං කැමතියි" ඔහු තනිවම සිතුවේය. .... .... .... වර්ෂා දස අතේ කල්පනා කළාය. ඇයට දේව් ගැන අවිශ්වාසයක් නොවීය. නමුත් පොඩි බියක්ද නොතිබුණේ නොවේ. ඇයට අම්මා සිහිවිය. මයුමිගේ ඔවදන් සිහිවිය. නමුත් ඒ සියල්ල පරයා පූජාව බැලීමේ ආසාව ඉස්මතු විය. පැය භාගයක් පමණ කල්පනා කොට ඇය තීරණයක් ගත්තාය. දේව්ගේ දුරකථන අංකය අංකනය කළාය. ඔහු ඇමතුම හා සම්බන්ධ වූයේ දෙවන වාරයේදීය. "දේව් මං එනවා පූජාව බලන්න " .... ....
.... පූජාවට කුමක් අඳින්නේදැයි සිතමින් වර්ෂා තවත් විනාඩි කිහිපයක් වැය කළාය. අවසානයේ මයුමිලා සමග සාප්පු සවාරි ගිය දවසක තව මාස දෙකකින් එළඹෙන නැන්දගෙ දුව රශ්මි අක්කාගේ විවාහය සඳහා මිළට ගත් රන් පැහැයෙන් වැඩ දැමූ සුදු චෝලි ඇඳුම තෝරා ගත්තාය. හෝටලය ඉදිරියේ වූ පෙට්ටි කඩය අසල මල් විකුණන මල් අම්මාගෙන් පිච්ච මල් වැලක් මිළට ගත් ඇය ඉන තෙක් දිගු කෙස් කළඹ තනි කරලකට ගොතා පිච්ච මලින් සරසා ගත්තාය. කැඩපතෙන් පෙණුන තමාගේ රුව හා ඇය සිණාසුනාය. ඇඳුමත් තළෙළු පැහැයත් නිසා දමිළ තරුණියක හා තමා අතර ලොකු වෙනසක් ඇය නුදුටුවාය. නමුත් කුමක්දෝ අඩුවක් දැණුනෙන් මදක් කල්පනා කළ ඇය තොල් ආලේපන කූර ගෙන නළලත තිලකයක් තබා ගත්තාය. තවත් කුමක් හෝ අඩුවක් දැණුනද ඇය ඒ ගැන වැඩිපුර නොසිතුවාය. තමාගේ මේ හැසිරීම ඇයටම පුදුමය. "ඇත්තටම මට මේ විදිහට අඳින්න හිතුණෙ ඇයි?" ඇය සිත හා තර්ක කළාය. "වෙන මොකටද ඉතින්, දේව්ට පේන්නනේ" "විකාර. පූජාවට අඳින්න සුදුසු වෙන ඇඳුමක් මට තිබුණෙ නෑනෙ" "එහෙම කියමු ඉතින්. කොහොම වුණත් අද නම් මොකක් හරි වෙයි වගෙ" දේව්ගේ ඇමතුම ඇගේ සිතිවිලි දහරාව නවතාලීය. රථය වර්ෂා ඉදිරියේ නතර කළ දේව් ඇගේ පෙනුමෙන් බෙහෙවින් සතුටට පත් විය. ඔහුගේ දෑස් දිළිසෙන්නට විය. "අම්මෝ... මං බැලුවා දකුණු ඉන්දියානු නිළියක්වත් ආවද කියලා" වර්ෂා විළියෙන් බිම බලා ගත්තාය. "දැන් නම් මචං නියමෙටම ගැළැපෙනවා" ඉදිරිපස අසුනේ සිටි ගගන එය වර්ෂාට ලබා දී පිටුපස අසුනට ගියේ එසේ කියමිනි. නගරය පහු වන විට රථය නවතා කුඩා සාප්පුවක් තුළට ගිය දේව් මද වේලාවකින් කුඩා කඩදාසි බෑගයක් රැගෙන පැමිණියේය. එය වර්ෂා වෙත දිගු කළ ඔහු රථය හරවා පාරට ගත්තේය. කඩදාසි බෑගය තුළ වූයේ නාසයට දමා තද කරන වර්ගයේ කුඩා කරාබුවකි. කැඩපතෙන් මුහුණ බැලූ විට දැණුනු අඩුපාඩුව මේ යැයි සිහි කළ වර්ෂා සුදු ගලක් ඇල්ලූ කුඩා කරාබුව නාසයට දමා ගත්තාය. පුංචි දේත් විහිළුවට ගන්නා ගගනගේ මුවින් වදන් වැල් පිටවූයේ දේව් රවා බලද්දීය. "අප්පා... දැන් නම් මරු මචං. නියම දෙමළ කෙල්ල. උඹට සෑහෙන්න මහන්සි වෙන්න වෙයි අද පූජාවට එන කොල්ලන්ගෙ ඇස් වලින් මෙයාව බේරගන්න" විළියෙන් රතු වූ වර්ෂා වටපිට බලද්දී කතාව වෙනතක හැරවීමට සුදුසු දෙයක් දෑසට හසුකර ගැනීමට සමත් විය. වීදිය දිගේ නගරය දෙසට ඇදෙන මහා සෙනග කන්දරාවකි. ඔවුන් අලංකාර මලින්, විදුලි ආලෝකයෙන් සරසන ලද දෝලාවක තබාගත් වර්ණ ගන්වන ලද විශාල ප්‍රමාණයේ ගණ දෙවි ප්‍රතිමාවක් රැගෙන එමින් සිටියහ. ගණ දෙවි ප්‍රතිමාවේ ගෙල ප්‍රදේශය මලින් කරන ලද විශාල මල් මාලා වලින් වැසී ඇත. දෙපස ජනයා රිද්මයානුකූලව යම් කිසිවක් ගායනා කරති. වර්ෂාගේ නෙත් සිත් තදින් පැහැර ගැනීමට එම දසුන හේතු වූවා පමණක් නොව, ගගනගේ අනවශ්‍ය විහිළු තහළු වලින් මිදීමේ මගක් සොයමින් සිටි ඇයට එය මහත් අස්වැසිල්ලක් විය. "දේව් අර, මොකක්ද අර පූජාව?" වර්ෂා ඇසුවේ වෙනදා දකින හැමදේම කියාදෙන, එහෙත් අද කතා නැතිව සිහින් හඬින් ගීතයක් මුමුණමින් බොහෝ සතුටින් තමාගේම ලෝකයක තනිවී සිටින දේව්ගෙනි. "පේන්නෙ නැද්ද? මූට උන් හිටි තැනුත් අමතක වෙලා ඔයාව දැකලා" ගගනට වචන එන්නේ වක්කඩ කැඩුණාක් මෙනි. "ගගන දැන් ඇති" දේව් තරමක් සැරෙන් පැවසූ විට සරදම් සිනාවක් පෑ ගගන විහිළුව නවතා නිශ්ශබ්ද විය. "වර්ෂා, ඒ ගනේෂ් චතුර්ති පූජාව. ගණ දෙවියන් වෙනුවෙන් කරන ඒ පූජාවත් දවස් දහයක් පුරාම පවත්වනවා" ඔහු ඉතාම කෙටියෙන් වර්ෂාට තේරුම් කර දුන්නේය. රථය නගරය පහු කරමින් තරමක් වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය. ටිකෙන් ටික හාත්පස සැඳෑ අඳුරෙන් වෙළා ගනිද්දී වර්ෂාට හදිසියේ යමක් මතක් විය. "එතකොට අපි මේ බලන්න යන පූජාව මොකක්ද?" ගගන ද වර්ෂාගේ ඉල්ලීමට සහය දැක්විය. "ඇත්තටම දේව් මොකක්ද මේ පූජාව?" "ඇයි ගගන මීට කලින් බලලා නැද්ද? ඔයා මෙහෙට ඇවිත් දැන් කාලයක් වෙනවා නේද?" වර්ෂා විමසුවේ පුදුමයෙනි. "මං මෙහෙට ඇවිත් අවුරුදු දෙකකට වැඩියි. මුලින්ම පාර රස්සාවක් හොය හොය හිටපු මට ඕවා ඒ තරම් ගාණක් වුණේ නෑ. ගිය අවුරුද්දෙ දේව් එක්ක යන්න ඉන්නකොට මට උණ හැදිලා ගොඩක් අමාරු වුණා. ඉතින් මාත් අද තමයි මේ දකින්නෙ" "ඒ පූජාවට කියන්නෙ වෙට්ටයිකරන් පට්ටු කියලා. ඒකට ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. වෙට්ටක්කෝරුමාකන් කියන්නෙ ශිව දෙවියන්ගෙත් පාර්වතී දේවියගෙත් පුතා කියලා විශ්වාසයක් තියෙනවා. වැඩි විස්තර පූජාවට ගිහින්ම බලාගමු" කතාවෙන් කතාව තුන් යහළුවෝ පූජාව පැවැත්වෙන ස්ථානයට ළඟා වූහ. මතු සම්බන්ධයි... සිතුවම අන්තර්ජාලයෙනි.කෙටි කතා අංක 05 #අප්පච්චී 🤍 පිල් කණ්ඩිය මත නිදාසිටි සේන උඩ ගොස් ඇහැරුණේ පිඹින ශබ්දයකටය. පූස් පූස් ගා පිඹින්නේ මොකාදැයි බැලීමට සේන හිස එසෙව්වේය. "හත්වලාමේ.... නාග තඩියා..." සුදු පාට, කළු වයිරම් වැටුණු නාග රාජයෙක් සේන දෙසට පෙන ගොබය පුප්පාගෙන සිටී. සේන පිල් කණ්ඩියෙන් බිමට පැන්නා නොව වැටුණි. "මොකදෝයි මේ ගිනි දවාලෙ බෙරිහන් දෙන්නෙ..." ඒ සේන ගේ ඇඹේණිය කාන්ති ය. "නෙද්ද...කින්.... මේ නයාටද ඔහෙ බය වුණේ.... අනේ අම්මාපල්ලා මෙහෙම නෝන්ජල් මිනිහෙක්.. ඔන්න ඕකා කැලේට එලවල දානවා..." කාන්ති බැණ වදිමින් ගෙට ගියාය. සේනට යමක් මතක් විය. පෙරෙයිදා දහවලේ නියරෙන් ගොඩවෙන විට, හබරල ගාල අස්සට ඇදුනු සුදු පැහැ වල්ගය ඔහුට සිහි විය. එ් මේ නයි පැහැයට සමානය. "අනේ නාගයෝ .... ආපු අතකට පලයන් මයෙ අප්පා.... අපි උඹට වරදක් කොරලා නෑ නෙවෙ.." සේන බැගෑපත් විය. වරක් පෙනය බිම තැබූ සුදු නාගයා කැලය දෙසට ඇදුනේය. --------'--------'-------'--------'------'------'--------- "මොකදැ කුමාරියේ..... අහස පොළොව ගැටලන්නෙහේ කල්පනා කොරන්නේ....? උඹ ආපු වෙලාවෙ ඉඳල මං බලාන." කුමාරි දිගු සුසුමක් හෙළුවාය. "අපෙ මනුස්සයට කවදා නැගිට ගන්ඩ ඇහැක් වෙයිද දන්නෑ නැන්දෙ.. අනේ ඒ මනුස්සය කෙලින් කටින් උන්නනම්.." "දෙයි හාන්දුරුවන්ගෙ පිහිටෙන් ඌට ඉක්මනට සනීප වෙයි බං.. උඹල කාටවත් නපුරක් කොරලා නෑ නෙව." "හ්ම්.... ඒක හැබෑව වුණාට අපිටමනේ මේ කරු.ම සේරම වෙන්නේ.. මේව කවදා ඉවරයක් වේද දන්නෑ.. එහෙන් ලොකු එකී, අනේ ඒ අහිංසකයට යමක් කර කියා ගන්ඩ ඇහැක් වුණානං මට මෙච්චර බරක් නෑ නැන්දෙ... කරු.මෙට ඒකිත් ලෙඩා දුකා නෙ." "පොඩි උන් දෙන්න ඌව කවදාවත් අත් අරින එකක් නෑ බං. උඹ දුක් නොවී ඉඳහන්." මැණිකා කුමාරිගේ හිස අත ගෑවාය. "පොඩි උන් දෙන්නයි, අ.බ්බ.ගාත ළමයයි, අර ලෙඩ මනුස්සයා ගාව දාලා හිතකින් ආවා නෙවෙයි නැන්දෙ.. කොරන්ඩ දෙයක් නැති කොමට ආවෙ." කුමාරි හැට්ට කරෙන් කඳුළු පිස දා ගත්තාය. "මං දන්නව නෙවැ බං.. දැං ඔය වී ටික කොටහන්කො. හාමිනේ ආවොත් බැනුං අහන්ඩ වෙයි, ඕපාදූප කියෝනව කියලා.." -------'-------'--------'-------'---------'-------'-------- සේන හා කුමාරි සොහොයුරන්ය. සේන කුමාරිට වඩා පස් වසකින් පමණ වැඩිමාලුය. වැලි කෙළියේ පටන් දැඩි සෝයුරු බැඳීමක් තිබුණද, කාලයත් සමඟ සියල්ල වෙනස් විය. සැබවින්ම සියල්ල වෙනස් කළේ කාලයද..? නැත. සේන කාන්ති ව නිවෙසට කැන්දාන ආවේ හිටිහැටියේමය. ඒ වනවිට ඔවුන්ගේ මව් ලෙඩ ඇඳේය. කාන්ති කට හැකර ගැහැණියකි. ඇගේ පරම්පරාවේ ගතිගුණ මොනවට කියාපාමින්, ඈ ද දුෂ්.ට මූ....සල ගැහැණියක වූවාය. ලෙඩින් හුන් මවට ඈ සැලකුවේ නැත. ඒ වෙනුවට නිතර දෙවේලේ දොස් තැබුවාය. "මොන කරුමයක් ද....? මැරි. ලා වත් යන්නෑනෙ මේ නා.කි. හෝ..න්තුව.." මව් ඇඳේ සිට කෙඳිරි ගාන සෑම වරකම කාන්ති එසේ කීවාය. වයසක මව අසරණව කඳුළු සලයි. සේන වරක් දෙවරක් ඈට අවවාද කළ ද, පසුව ඇගේ කටට බිය වී ඔහු ද කට පියාගන්නේය. සේන ගේ පියා අහිංසකයෙකි. ඔහු නමින් සීටිං විය. ලේලියට කිහිප වරක් අවවාද කළද, ඈ තමා කියන කිසිවක් පයිසෙකට ගණන් නොගන්නා හෙයින් ඔහු අවවාද කිරීම අත්හැර දැමුවේය. නමුත් සිය බිරිඳට දොස් නැගීම ඔහුට උසුලාගත නොහැකිය. ඈ තමන්ගේ මවුපියන්ට සලකන අයුරින් කුපිත වූ කුමාරි, කාන්ති සමග කෙහෙවලු පටලවා ගත්තාය. "ඈ බොල බො.ණ්.ඩියේ.... තෝ කාටද ඔය කතා කොරන්නෙ....?" "ඇයි උඹ බීරි වෙලාද..? නා.කිච්චිට නා.කිච්චි නොකියා කුමාරිහාමි කියන්නද..?" "ඔහොමද බොල අම්මට කතා කොරන්නෙ..?" "තො.පෙ අම්මා උනාට අපේ අම්ම නෙවෙයි නේ.." "තො.ට ඉහමොළ හූර.ගෙන ක.න්න මිනිහෙක් වැදුවේ ඒ ගෑනි. ඒ නම්බුව වත් තියා.පිය.." "අ..නේ.. මහ ලොකු නල්ලමලේ මිනිහා.. මේක නොවද හිටියා නම් මීට හොඳයි.." "එහෙනම් අහවල් එහෙකටද baල්liයේ මෙහෙට රිංගුවේ..?" "තෝ කාටද යකෝ baල්li කිව්වේ...?" සීටිං මැදිහත් වී රණ්ඩුව නවතා දැමුවේය. දිනෙන් දින කාන්ති නිවසේ පාලනය සියතට ගත්තාය. සීටිං බොහෝ ඉවසීමෙන් සියල්ල දරා හුන්නේය. සීටිං ගේ බිරිය දුක්ම විඳ, දිනක් එළිවෙන ජාමයේ නිදි පැදුරේම මියෑ. දී සිටියාය. ම.ර.ණය දුටු කාන්ති බොහෝ සතුටු වුවත් අවසන් කටයුතු කරන අවස්ථාවේදී බෙරිහන් දී හැඬුවාය. බිරිඳගේ වියෝව සිටිං බොහෝ මානසික ව බිඳ වට්ටන්නට සමත් වීය. කාන්ති ගේ නපුරුකම් එන්න එන්නම වැඩි වූවා මිස අඩුවක් නොවීය. දුකත් කාන්සියත් හේතුවෙන් සීටිං බොහෝ වේලාවට නිවෙසින් බැහැරව උන්නේය. මේ අතර කාන්ති ගැබ්බර වූවාය. ලේලිය කෙලෙස වූවත් කුළුඳුල් මුණුපුරා හේතුවෙන් සීටිං කාන්ති ට ගුණදායක කෑම ගෙනැවිත් දුන්නේය. නමුත් කාන්ති නොවේය ඇසක් හැර හෝ එදෙස බැලුවේ. ඇගේ සියළු ආවතේවකම් කිරීමට කූමාරිට සිදුවිය. ඈ සිය බෑනා හෝ ලේලිය වෙනුවෙන් ඒ යුතුකම් ඉටු කළාය. කාන්ති ට කුළුදුලේ උපන්නේ පුතෙකි. දරුවා කුමාරිට කිට්ටු වීම නොරිස්සූ කාන්ති නිතරම සිය පුතුට තැ.ළුවාය. නෑණන්ඩියගේ හැසිරීම නිසා කුමාරි එකම සොහොයුරා සමඟද අමනාපව හුන්නාය. සීටිං ද ලෙඩ ඇඳට වැටුණේ කුමාරිව කබලෙන් ලිපට වට්ට.වමිනි. "මයෙ දුවේ.... මාත් කොයි වෙලේක හරි හොස් ගාලා මැ රිල ගියොත් උඹ තනිවෙනවා පුතේ.." "අප්පච්චි මොනවද මේ දොඩවන්නේ? මයෙ අප්පච්චි ට මොකුත් වෙන්නෑ.." "අපිට හැමදාම මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ මගෙ පුතේ.. උඹත් පිළිවෙලක් වෙන්න ඕන, මයෙ මේ දෑහ පියවෙන්න කලියෙන්." "අප්පච්චි මොකද්දැ මට කොරන්න කියන්නෙ..?" "උඹලැයි
අම්මා ඉන්නකනුත් උන්දැ විස්සෝප වුණේ උඹ ගැන.. මට ඇහැ පියාගන්න කලියෙන් උඹව පිළිවෙලක් කොරලා දෙන්න බැරි වුණොත් උන්දැ ඒ ලෝකෙට ගියාමත් මට සෝලි තියයි." සීටිං මද සිනාවක් රන්ඳාගෙන කීවේය. ".... අර වෙලේ කඩේ, සෝමසිරි ඉලන්දාරියා උඹ ගැන කීප වංගියක් මයෙන් ඇහුවා. ඌ උඹට මනාපයි.. උඹ මොකෑ කියන්නෙ..?" "සෝමසිරි අයියණ්ඩි මයෙනුත් කීප සැරයක් ම ඇහුවා. මං කියව්වා අප්පච්චි ගෙන් අහන්නය කියලා.." කුමාරි පා ඇඟිල්ලෙන් බිම කොනහමින් ලැජ්ජාවෙන් කීවාය. "හ්ම්.. ඒ කියන්නෙ උඹ මනාපයි.. කාරි නෑ. ඌ හොඳ ඉලන්දාරියා දුවේ. සෝමාරි කමට නොයිද මහන්සි වෙලා වැඩ කොරන යස කොලු පැටියා.. ඌ උඹට අවැඩක් නොකරන බව මට විස්සාසයි...." සෝමාරි කමට නොයිද යන කොටස ශබ්ද නඟා කීවේ සේන ට ඇහෙන්නටය. එය හරියටම වද්දාගත් සේන නැඟිට යන්නට ගියේ බිමට රවමිනි. කුමාරි දීග ගිය පසු සීටිංට දැනුණේ තව තවත් තමා තනිවූ බවකි. නමුත් ජීවිත යථාර්ථය ට මුහුණ දිය යුතු බව මුහුකුරා ගිය වැඩිහිටියෙකු වූ සීටිං දැන සිටියේය. -------'---------'-------'--------'------'--------'------- "මේ... ඔහොම සෝමාරිකමට නොඉඳ, මේ ඉඩකඩම් ටික ලියෝ ගන්නවා.. නැත්තං මේ මිනිහා සේරෝම ඔහෙගෙ මහලොකු නඟාටම ලියලා දායි." "කෑ නොගහ හිටිං ගෑනියෙ.. තාත්තට ඇහෙයි.." "ඇයි ඇහුනා කියලා මොකෝ මට ගහන්නද..?" "මේව මේ රණ්ඩු සරුවල් වෙලා කොරන්න පුළුවන් වැඩ නෙවෙයි.. යාප්පුවෙන් කොරගන්න ඕන දේවල්.. අනික නඟාටත් මේවයේ අයිතියක් තියෙනවනේ.." "අයිතිය....? අයිතිය, අනේ මගෙ කට.. ගිය එකීට අහවල් එහෙකටද මේ දේපළ..? ඔහේ තාත්තව රවට්.ටගෙන හරි මේ සේරෝම ලියාගන්නවා.. නැත්තං අපිට පාරට බහින්න තමයි වෙන්නේ.." "හරි හරි තමුසෙ ඉන්නවකෝ.... මං ඒ ගැන බලාගන්නංකො.." "බලා....ගනී...හුහ්.." මේ සියල්ල සීටිං අසා සිටි බවක් වත්, ඒ අනුව ඔහුගේ දෑසට ඉනූ කඳුළු රහසේම පිසලාගත් වග වත් කිසිවෙකු දුටුවේ නැත. දිනෙන් දින තමාට රෝගය උත්සන්න වන බව සීටිං දැන සිටියේය. මේ අතර දේපොල තමාට ලියා දෙන ලෙසත්, ඉන්පසු තමා නැඟණියට ද සලකන බවත් සේන පැවසුවේ යාප්පුවෙනි. හිටිහැටියේම කාන්තිගේ අමුතු වෙස් පෙරළිය සීටිංට පුදුමයක් ගෙන ආවේ නැත. ඈ දැන් පෙරට වඩා හොඳින් තමාට සලකයි. ඔහු මීට හේතුව දැන උන්නේය. මේ සියල්ල දේපල සියල්ල ලියවා ගැනීමට බව සීටීන්ට අමුතුවෙන් කිව යුතු නැත නමුත් කුමාරි කවදත් නොවෙනස්ව පියාට සැලකුවාය. සිය කුළුඳුල් දරුවා ලැබීමට ආසන්නව සිටියත් ඈ නිතර නිවෙසට පැමිණ, පියාගේ කටයුතු කර දී ගියාය. නමුත් කුළුඳුලේ ලැබූ දියණිය ආබාධිත වූවාය. සීටිංගේ පපුව පැලෙන්න ට තරම් වේදනා ගෙන දෙන්නට විය. කුළුඳුලේ උපන් දරුවා ආබාධිත වූ පසු කුමාරි එම නිවෙසට පැමිණෙනවාට කාන්ති විරුද්ධ විය. "මට ඊළඟට ඉපදෙන ළමයත් අබ්.බ.ගාත වෙයි මේ මළ හෝන්.තුව දැක්කොත්." ඈ සේන සමඟ දබර කළාය. කෙමෙන් කුමාරිගේ පැමිණීම අඩු වන්නට එය හේතු විය. ------'------'------'-----'-----'------'--------'---------- "ලොකු එකෝ.. මෙහෙට ආවනං.." "මොකෑ අප්පච්චි..?" "හෙට නංගිට එන්නය කියලා පයිණ්ඩයක් යවාපං." "අ..ර.. අහවල් එහෙකටදැ..?" ගෙතුළට කර පොවා බැලූ සේන ඇසුවේය. "උඹටයි නංගිටයි තියෙන දේවල් බෙදලා අහවරයක් කොරලා දාන්ඩ.. සුමනසේකර නොතාරිස් මහත්තයවත් එක්කාසු කොරාන වරෙන්.." "හොඳා අප්පච්චි.." සේන ගේ මුහුණේ හීන් හසරැල්ලක් ඇඳුණේය. උදෑසන අවදි වූ මොහොතේ පටන් කුමාරි එනතෙක් සීටිං මඟ බලා සිටියේය. "කීයටද පුතේ නොතාරිස් මහත්තය එන්නෙ..?" "දහයට විතර ඒවි." "හ්ම්.." බුලත් කොළයක් හතරට නවා කටේ ඔබා ගත් සීටිං හුණු ටිකක් මහලටැඟිල්ලෙන් ගෙන දතක දවටා ගත්තේය. හදිසියේ ම දුටු යමක් සීටිංව කලබල කරවීය. මහලටැඟිල්ලේ වියළුණු දම් පැහැ තීන්ත පැල්ලමකි. රවුමට පිහිටා තිබූ මෙය ගෑවුණේ කිනම් වේලාවක දැයි, ඔහුට නිච්චි නොවීය. යම්කිසි සැකයක සේයාවක් මතු වුවද දියණිය හා බෑණනුවන් එනු දුටුවෙන් අවධානය එදෙසට යොමු විය. කලකින් දුටු දයාබර දියණිය නැවත වරක් ගැබ්බරව හුන්නාය. නොතාරිස් මහතා කැඳවාගෙන ඒමට ගිය, සේන ත් පැමිණි අතර, එතෙක් ගෙට රිංගාන හුන් කාන්ති එලියට බැස්සේ සියල්ල සූදානම් වූ පසුවය. "සීටිං ගොයියා ඊයෙ රෑම මේකට ඇඟිලි අත්සන තිබ්බය කියලා සේන කිව්වා.." නොතාරිස් වරයා සේන රැගෙන එන ලිපිගොනු මිටිය දෙස බලමින් කීවේය. "ඒ කියව්වෙ මහත්තයො....? මට තේරුන් නෑ නෙව.." "ඒ කියව්වෙ අප්පච්චි මේක ඊයෙ රෑම ඇඟිලි අත්සන තියාපු එක.." "මක් කිව්වා..?" කුමාරි ත් සෝමසිරි ත් මුහුණට මුහුණ බලා ගත්හ. "ඇයි අප්පච්චි සියළු දේපල මට පවරනවා කියලා අත්සන් කොළේ.." "මං කොයි වෙලේද බොල අත්සන ගැහැව්වේ..?" "මේ තියෙන්නෙ අප්පොච්චි අත්සන් කොරාපු එක.." සේන, සීටිංගේ තින්ත මුද්‍රාව සහිත මහපටැඟිල්ල උඩට ඔසවා පෙන්නුවේ ය. "මේකෙ තියෙන සේරම හරි සීටිං උන්නැහේ.. සියළු නිශ්චල චංචල දේපල, පිටගහහේන ඉඩම, ගෝනකුඹුර යාය කුඹුරු කෑලි දෙක, ගොඩහේන ඉඩම මේ සියල්ල රන්හේවා පටබැඳිගේ සිරිසේන ට මේකෙන් පවරලා තියෙනවා.." සීටිං හිසේ අත ගසා ගත්තේය. "දෙයි හාන්දුරුවනේ මේ මොන අවනඩුවක් දෑ.... මං ඔහොම ලියවිල්ලකට කණ අත්සන ගැහැව්වෙ නෑ බුදු මහත්තො.." සීටිං බැගෑපත් විය. "මේ ඉන්න ඉඩමයි, කුඹුරකුයි, කොල්ලටයි, අනිත් ඉඩමයි කුඹුරයි කෙල්ලටයි එන විදිහට සමානව බෙදන්න උන්නෙ මං.. මේක බොරුවක් මහත්තයෝ.." "මේකෙ ඔප්පු, පිඹුරු සේරම හරි. මේ සීටිංගෙ ඇඟිලි අත්සන.." වෙව්ලන සුරතින් කඩදාසි මිටිය අතට ගත් සීටිං බොඳවී යන දෑස් අතරින් දුටුවේ දම්පැහැයෙන් සලකුණු වූ සිය මහපටැඟිලි අත්සනයි. "අනේ බුදු මහත්තයො, මාව රවට්ටලා. මං ඊයෙ රාත්තිරි බුදියාන ඉද්දි මුං මයෙ අත්සන ගහගන්න ඇති. මේක බොරුවක් මහත්තයෝ.... අනේ මයෙ දුවේ මං උඹට එහෙව් අවනඩුවක් කොරනවයැ.." ජීවිතයේ කිසි දිනෙක කඳුලක් නොසෙල් වූ සීටිං ඉකි ගසා හැඬුවේ පොඩි දරුවෙකු පරිද්දෙනි. නොතාරිස් වරයාටද සත්‍ය වැටහුණු නමුදු කළ හැක්කක් නොවීය. "කරලා තියෙන්නේ වංචාවක් කියලා මේ ඇත්තන්ට හිතෙනවා නම් මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලක් දාන්න හොඳයි. එයිට කලියෙන් කතා බහ කරලා ගොඩින් බේරුමක් කර ගන්න." "ඇයි අයියෙ උඹ මට මෙහෙම කරේ..?" සිදුවී ඇති සියල්ල වටහා ගත් කුමාරි හඬා වැටුණාය. "මේ මිනිහා වැටිලා ඉන්නෙ මෙතන.. තුන්වේල ගිලින එකේ ඉඳන් හැම පහිනිපතම අපි කොරන්න ඕනැ. වතුර ඩිංගක් උණු කොරලා දෙන්ඩ එන් නැති උන්ට මොකට ඉඩම්..?" දොර උළුවස්සට හේත්තු වී සිටි කාන්ති ඇසුවාය. "මේ හැ.තිරි තමයි සේරම කොරන්නෙ. තෝ මයෙ අහිංසක කෙල්ලට කට කැඩිච්ච කතා කියලා මිනිහා ලව්වා එන්න එපාය කියව්වම මං එන්නෙ කොහොමද බො.ණ් ඩියේ..?" "අනේ මයෙ ලොකු පුතේ.. මීට වැඩිය හොඳා උඹ මට අත්තන ඇට අහුරක් ම බත් පතට දාල කන්න දුන්නානම්. ඇයි උඹගෙ ම නංගිට මෙහෙම කරේ.. බලාපං මේකිගේ කුළුදුල් එකා ලෙඩා. උඹ අයියා විදිහට කොරන්න ඕනැ මේකද..?" කුමාරි පියාව බදාගෙන බොහෝ වේලා හැඬුවාය. "අපි උඹ එක්කලා අමනාප නෑ මාමණ්ඩියෙ. මට පුළුවන් හැටියට මේකිටයි දරුවන්ටයි අඩුවක් නොකර කන්න අඳින්න දෙනවා. උඹ හිත හොඳ මිනිහා. උඹ විස්සෝප ගන්න කාරි නෑ." "අපි යං කුමාරියෙ ගෙදර.." හිස් අතින් හැඬූ කඳුළින් ම පිටව යන දියණිය දෙස සීටිං හූල්ලමින් බලා හුන්නේය. හූල්ලමින් ම තව තවත් ලෙඩ වූ සීටිං විස්සෝපයෙන් ම මිය ගියේය. පොල් ගස් දෙකක් අතර අතුරෙ යාමට බැඳ තිබූ ලණුවක් දිරා යාමෙන් බිම ඇද වැටී කකුලක් කැඩීම නිසා සෝමසිරි එක්තැන් වනවිට දෙවනුව උපන් නිවුන්නන් තුන් හැවිරිදි ය. ඔහුගේ බේත් හේත් සඳහා සන්තකයම වියදම් කළ කුමාරි අන්ත අසරණ වූවාය. කන්නට පවා යමක් නිවෙසේ නැති විට ඈ සොයුරා සොයා ගියේ මෙවන් අවස්ථාවකදී හෝ ඔහුගේ ලේ කකියනු ඇතැයි සිතාය. නමුත් සිදු වූයේ අනිකකි. බැණ වැදුණු කාන්ති නිවසේ දොර වසා දැම්මාය. සේන නැඟණියව මඟ හැර පිළිකන්නට වූවේය. "කොයි මේ නික මා.. ආ.. මේ ඉන්නෙ.. ඕයි බලියවගෙන ඉන් නැතුව කුඹුරු කෑලි දෙක අඳේට දීලා ගොඩහේන වත්තෙ වැඩ ටික පටන් ගනින්. හැමදේම මංම කියන්න ඕන ඇන ඇන." [2/3, 3:04 PM] ❤️❤️Ãmàá♥️♥️: නිවෙස ඉදිරිපස වූ මල් පඳුරක් සර සර හඬින් සෙලවෙනු කිසිවෙකු දුටුවේ නැත. කඳුළින් ම ආපසු ආ කුමාරි දුටු සෝමසිරි ට හීල්ලුණි. තමාට නැඟිට ගන්නට හෝ හැකි වූවා නම් මෙලෙස අසරණ නොවනු ඇත. කුමාරි කළ යුත්තේ කුමක්දැයි කල්පනා කළාය. තමාට අමතර ව බඩගිනි කටවල් හතරක් පිරවිය යුතුය. ඈ කුලී වැඩක් සොයා ගත්තාය. "මං කෙළින් කටින් උන්නනම් උඹට මෙහෙව් දුක් විඳින්න ඉඩ තියන්නෑ කුමාරියෙ. " බිරිඳ වෙහෙසෙන තරම දුටු සෝමසිරි බිඳුණු හඬින් කියයි. "උඹල මට පුළුවන් හැටියට සැලකුවා නෙව. ඉතින් මට ඔහේව අතාරින්නද කියන්නෙ.. මට පුළුවන් හැටියට සේරම කොරන්නම්.." උදේ රැයින් උයා පිහා දරුවන්ගේ සහ සැමියාගේ සියළු කටයුතු කර දරුවන් සැමියා ළඟට ළං කොට නිවෙස් වසා දමා ඈ කඩිමුඩියේ කුලී වැඩට පිටත් වෙයි. දහවල් වරුවේ මද වේලාවකට හෝ නිවසට දුව එන ඇය සියළු කටයුතු කර නැවතත් යයි. නැවත රෑ බෝවී නිවසට එන කුමාරි පසුදිනය සඳහා සැරසෙයි. කුලී වැඩක් නොලැබුණු දාක ඈ රහසේම කහට උගුරකින් පමණක් තොලකට තෙමා ගත්තාය. ----------'---------'-------'--------'--------'---------- හිස තබාගෙන ආ දර මිටිය බිම දැමූ කුමාරි ආපසු හැරෙද්දී දුටු දසුනෙන් ත්‍රස්ත වූවාය. විශාල සුදු නාගයෙකි. ලොකු බුලත් කොළයක තරම් පෙන ගොබය විදහාගෙන තමා දෙස බලා සිටියි. කුමක්දෝ නොතේරෙන හේතුවකට කුමාරිට බියක් දැනුණේ නැත. ඒ වෙනුවට දැනුණේ ආරක්ෂාකාරී හැඟීමකි. "අනේ නයි හාමියේ, මට කරදර කරන්න එපා. උඹ මට කෑවොත් ගෙදර ඉන්න අහිංසකයන්ගෙ බඩවල් පුරවලා උන්ව බලාකියාගන්නෙ කවුදැ..?" ආපසු හැරුණ නාග රාජයා හිමි හිමින් කැලය පැත්තට ඇදෙන්නට විය ---------'---------'--------'---------'---------'---------- සීටිං ඇඳි පුටුවක වාඩිගෙන සිටියේය. සුදු සරමක් හා මේස් බැනියමක් ඇඳ හුන්නේය. රැවුල උඩු අතට කරකවා සිටියේය. මුහුණ බලන්නට බැරිය. නපුරු පාටය. ලේ නහර ඉලිප්පී, මුහුණ රතු වී කේන්තියෙන් මස්පිඬු නලියයි. තමා දෙස රවාගෙන බලා සිටී. මෙලෙස
සීටිංව කිසිදාක දැක නැත. "සේන.." ඔහු ගිගිරුවේය. "උඹ මහ ගුණ.මකුවෙක්. අම්මයි මායි ජීවත්ව ඉන්න තාක් උඹයි උඹෙ ගෑනියි කොරාපු වෙනස්කං උඹට මතකද..? මතකද බොට..?" සීටිංගේ හඬ ගිගුරුම් දෙයි. "උඹගෙ අහිංසක නංගි දුක් විඳිනවා. උඹට පේනවද..?" "උඹ..උඹ... ඒකිටයි මටයි වංචා කොරා..." "අ...අප්..පච්චී..." සේන බෙරිහන් දීගෙන නැගී සිටියේය. "මොකෑ මිනිහො මේ මහ රෑ බෙරිහන් දෙන්න තියා ගත්තෙ.... ඔල්මාදෙද..? මේ ළමයිනුත් ඇහැරෙනවා.." සේනගේ වතින් දහදිය වතුර සේ ගලයි. මේ සේන තාත්තාව සිහිනෙන් දුටු දෙවන වතාවය. ඒ දෙවරම ඔහු බියට පත්වුණේය. "ගුණමකුවා....වංචාකාරයා...." සේන ගේ හිසේ මේ වචන රැව් පිළිරැව් දෙන්නට විය. -------'--------'--------'---------'--------'----------- ඉහින් කනින් දහදිය දමාගෙන දුවගෙන මෙන් එන සේන දුටු කාන්ති කලබලයට පත්වූවාය. "මොකද මිනිහො මේ මහදවාලෙ යකෙක් දැක්කද..?" උදැල්ල බිම තබන්නටත් පෙරම කාන්ති සේනගේ ඇඟට කඩා පැන්නාය. "අර සුදු නයා අදත් මගේ පස්සෙන් පැන්නුවා ඕයි.." "නෙද්ද..කින් නයෙකුට බයේද මේ..?" "ඒකා එසේ මෙසේ නයෙක් නෙවෙයි නාග රාජයෙක්." "ඔය උදැල්ලක් අතේ තියාගෙන නිකං ඉනනෙ කොට.න්න එපැයි දෙපළු වෙන්න." "නයි ම.රන්න හොඳ නෑ යෝදියේ." අනේ ඔහෙලගෙ සමයං. නියර ඉස්මත්තෙදි මටත් ඕකා හම්බවෙලා දෙපාරක් පෙනේ පිප්පුවා. හැබැයි ආයෙ වංගියක් මට මුලිච්චි වුණොත් කොට.නවා අම්මපා.." මේ ගෑනි සමග වාද කර පළක් නැති හෙයින් සේන ගෙයි පිළිකන්නට ඇදුනේය. -------'------'------'------'------'-----'-----'-----'------- "සේනයියේ.... සේනයියේ.... මෙහාට වරෝ...." "මොකෑ බොල බෙරිහන් දෙන්නෙ....?" කමින් සිටි බත් පිඟාන අතට ගත් සේන කඩුල්ල ළඟ හත්ති අරින පාලගෙන් විමසුවේය. "ක... කාන්ති අක්කට..... කාන්ති අක්කට...." "ඉතිං....?" "නයා ගහලා.." "මොනවා...?" -------'--------'--------'--------'--------'----------- කාන්ති ගේ හත් දොහේ දානය තිබුණේ ඊයේය. කාන්ති නයා දුටු වනම පොල්ලක් අහුලාගෙන ඌට ප.හර දුන් බවත්, ප.හර වළක්වා ගත් නාගයා එලව එලවා කාන්තිට ද.ෂ්ට කළ බවත් ඇසින් දුටුවෙකු කියා තිබුණි. "ඒ නාග රාජයා නම් කාන්ති එක්ක ජම්මාන්තර වෛර.යක් තිබිලද කොහෙද.." අසල්වැසියෙකු කීය. කාන්ති ගේ ම..රණයේ වැඩ කටයුතු වලට අහිතක් නොමැතිවම කුමාරි දායක වූවාය. යන්තම් බිම පය ගසන්නට හැකිව තිබූ සෝමසිරි ත් හැකි පමණ උදව් පදව් කළේය. ම.රණ ගෙදර වැඩ කටයුතු වලට වෙහෙසෙන නැඟණිය සහ මස්සිනා දුටු සේනට ඇතිවුණේ තමා ගැනම කල.කිරීමකි. තමා නැගණියට අවැඩක් කළේ යැයි ඔහුගේ සිත මොර දුන්නේය. එදා රාත්‍රී සේනට සිය පියා නැවත සිහිනෙන් පෙනුණේය. "උඹට මං මේ කියන අවසාන වතාව. උඹෙ ගෑනි කරපු දුෂ්ට.කම්වලට ඒකිට දඬුවම් හම්බවුණා. උඹේ නඟාට වෙන්න ඕනි යුතුකම් ටික හරියට කරේ නැත්තං උඹටත් දිට්ඨ ධම්මේ පල දේවී.." වියැකී යන පියාගේ රුව අතරින් සුදු පැහැ නාගයෙක් පෙනේ පුප්පාගෙන සේනගේ හිසටම ද.ෂ්ට කළේය. දහඩිය පෙරාගෙන අවදි වූ සේන හිස අතගා බැලුවේය. සැබවින්ම හිස රිදුම් දෙන්නට විය. තකහනියේම නොතාරිස්වරයා හමුවන්නට ගිය සේන ලියකියවිලි සකස් කොට කුමාරිට පණිවිඩයක් යැවීය. ඒ අනුව මහ ගෙදරත්, කුඹුරු කෑල්ලකුත් හැරුණු කොට අනිත් සියල්ලම ඔහු සිය නැගණියට පැවරීය. එතෙකින් නොනැවතුණු ඔහු සිදුවූ සියල්ල ට සමාව අයැද සිටියේය. --------'---------'----------'---------'----------- උදැල්ල කරමතින් තබාගෙන නියර දිගේ ඇදෙන සේනගේ ඉදිරියෙන් පෙනේ පුප්පාන සිටියේ සුදු නාගයාය. සේන අඩි දෙකක් පමණ පස්සට විසි විය. තෙවරක් පෙනෙන බිම තබා සේනට තමන්ගේම ක්‍රමයකට ආචාර කළ සුදු නාගයා ඉපනැල්ල දිගේ ඇදී ගොස් නොපෙනී ගියේය. ස්තුතියි 🤍 ✍️ අමන්දා හර්ෂණී ජයසුන්දර අදහස් දක්වන ඔයාලට ගොඩක් ස්තුතියි 🥰. ඒ වගේම අපේ වචන වලට ඉඩ ලබාදෙන ඇඩ්මින් මඩුල්ලටත් ❤️ ඉතින් ඔයාලගෙ ආදරණීය අදහස් මේ කතාවටත් අරගෙන එන්න කියලා ආදරෙන් ඉල්ලනවා ❤️🥰 අවසරයකින් තොරව උපුටා නොගන්නකට්ටයයි වෙට්ටපිත්තලයයි ( ජනකතා) මීට කලින් පළ කරපු ජනකතාවක් කියවපු අය, තවත් ඒ වගේ පැරණි ජනකතා දාන්න කියල ඉල්ලීම් කරල තිබ්බ.මෙන්න තවත් ඒ වගේ එකක්. රයිගමයයි ගම්පලයයි ගැන නොදන්නා කෙනෙක් නෑනෙ. කට්ටයයි වෙට්ටපිත්තලයයි කියන්නෙත් ඒ වගේ කපටියො දෙන්නෙක්. එක ගමක හිටිය යාළුවො දෙන්නෙක්ගෙ කපටි වැඩ නිසා, ගමේ අය ඒ දෙන්නට කිව්වෙ, කට්ටයයි වෙට්ටපිත්තලයයි කියලයි. ජීවිතය ගැටගහගන්න නොයෙක් දහංගැට දැම්මට, ඒවයින් එච්චර දෙයක් කරගන්න එයාලට බැරිවුණා. ' මේ වැඩේ හරියන්නෙ නෑ! වෙන මොකක්හරිම කරන්න වෙනව!' කට්ටයා කිව්ව. ' ඉතින් අපි දෙන්න කිසිම දෑතෙ වැඩක් දන්නෙ නෑනෙ! ' ඒ වෙට්ටපිත්තලය. ' අපි සාත්තර කියන්න පටන්ගමු!' කට්ටයගෙ අදහසට වෙට්ටපිත්තලය කැමති වුණේ, කපටින්ට පහසුවෙන් කරන්න කරන්න පුලුවන් වැඩක් බව දන්න නිසා. තමන්ගෙ ගමේ මේක කරන්න බැරි නිසා,දෙන්නම වෙන ගමකට ගිහින්, එහේ අම්බලමෙ නැවතිලා, ප්‍රචාරයක් ඇරිය සාත්තරකාරයෙක් ගමට ඇවිත් කියල. කට්ටය තමයි අත් උදව්කාරය. කට්ටය එදාම මහරෑ ,එහේ ගමගෙදරක ගහක බැඳල හිටිය හරක හොරෙන් අරන් ගිහින්, ඈත පාලු තැනක බැන්ද! උදේ පාන්දරම තමන්ගෙ හරක හොයාගෙන යන අයිතිකාරය, අලුතින් ආපු සාත්තරකාරය හම්බවෙන්න අම්බලමට ඇවිත් තිබ්බ, හරක ගැන ආරංචියක් දැනගන්න. දැන් වෙට්ටපිත්තලය සාත්තරේට හරක ඉන්න තැන කියල, අයිතිකාරයව යැව්ව අරන් එන්න. හරක ලැබුණු අයිතිකාරය බොහොම සතුටුවෙලා, මේ දෙන්නට කෑම බීමවලින් සංග්‍රහ කළා. මේ සාත්තර කතාව ආරංචි වුණ ගමේ මුලාදෑනියාටත් ඕන වුණා සාත්තරයක් අහන්න. ඒ තමන්ගෙ නැතිවුණ ඉලත්තට්ටුවක් ගැන. පහුවදා සාත්තරේ කියන්න දෙන්නම එකඟවෙලා අම්බලමට ආව. එදා රෑ දෙන්න මේ ගැන කල්පනා කළා. අනිත් අයට වගේ ගම්මුලාදෑනියාට බොරු කරන්නත් බෑ. ' අපේ කරුමෙ තමයි ඉතින්!' වෙට්ටපිත්තලයට හයියෙන් කියවුණා. මේ ඉලත්තට්ටුව හොරකම් කරල තිබ්බෙ, කරුණෙ කියල ඒ ගමේම හාදයෙක්. එයා මේ සාත්තරකාරයො තමන්ව හොයාගනීද කියල බලන්න, එදා රෑ අම්බලමෙ හැංගිල හිටියෙ. කරුමෙ තමයි කිව්ව එක ඇහුණේ, කරුණෙ තමයි කියනව වගේ. තමන් අහුවෙලා බව හිතුව කරුණෙ දුවගෙන ඇවිත් දෙන්නටම වැඳල කිව්ව, ' අනේ මාව අල්ලල දෙන්න නම් එපා. ගම්මුලාදෑනියා මාව හමගහවි! ඉලත්තට්ටුව තියෙන තැන මන් කියන්නම්! ' දැන් සාත්තරකාරයො දෙන්නට තේරුණා වැඩේ. ' හා හරි හරි අපි උඹ අල්ලල දෙන්නෙ නෑ! ඉලත්තට්ටුව එතනම තියෙන්න ඇරපන්!' පහුවදා දෙන්නම ගිහින් ඉලත්තට්ටුව තියෙන තැන ටක්කෙටම කිව්ව. ඒත් හොරා අල්ලල දෙන්න නම් කැමති වුණේ නෑ. මේ විදියට දෙන්න කපටිකමින් මිනිස්සු රවට්ටගෙන කාලයක් ඉන්නකොට, ඒ රටේ නැව්තොටට ආපු නැවක හිටිය කෙනෙක්, රජතුමාට අභියෝගයක් කරල තිබ්බ, තමන් ළඟ තියෙන පෙට්ටියක් ඇතුළෙ තියෙන දේවල් ඒ රටේ කෙනෙකුට කියන්න පුලුවන් නම්, නැවේ තියෙන සියලුම වස්තුව රජතුමාට දෙන බවට. බැරිවුණොත් රටේ රජකම බාරදෙන්න ඕන. දවස් හතක් ඇතුළත කියන්න ඕන. මේක මොකක්ද අපේ සාත්තරකාරයන්ට කියල කල්පනා කළ රජතුමා, අභියෝගය බාරගත්ත. ඊටපස්සෙ රජතුමා අඬබෙරයක් ගැහුව, මේ ගැන කියන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් ඉදිරිපත් වෙන්න කියල. කවුරුත් ආවෙ නෑ. අර ජෝඩුව හිටිය ගමේ ගම්මුලාදෑනියාට මේ අඬබෙරය ගැන ආරංචිවෙලා ගිහින් ඒක නවත්තල, තමන්ගෙ ගමේ ඉන්න සාත්තරකාරයො ගැන කිව්වම, රාජපුරුෂයින් ඇවිත් ඒ දෙන්නව රජතුමා ළඟට එක්කන් ගියා. රජතුමා මේ දෙන්නට කෑම බීම එහෙම දෙන්න නියෝග කරල, ඉන්න තැනකුත් දුන්න, හත්වෙනි දවසෙ ඇවිත් සාත්තර කියන්න පහසුවෙන්න. දැන් මේ දෙන්නට කරන්න දෙයක් නෑ. දවස් හයක් කකා බිබී ඉඳල, අන්තිම දවසෙ රෑ, දෙන්නම සියදිවි නසාගන්න විදියක් ගැන හිතුව. මොකද රජතුමාගෙ මරණ දඬුවම විඳින්න ඒ තරම් පහසු වෙන්නෙ නැති බව දන්නවනෙ! අන්තිමට තීරණය වුණේ, මූදට පැනල පුලුවන් තරම් පීනන්න. අතපය වාරු නැතිවුණාම ගිලිල මැරෙයිනෙ! ඔන්න දෙන්නම මූදට පනින්න ගියා. දැන් අර නැව ගාවින් තමයි පනින්න යන්නෙ. දෙන්නට ඇහෙනව කතාවක්. ' සීයෙ! සීයෙ! අර පෙට්ටියෙ තියෙන දේ කියනකම් මන් නිදාගන්නෙ නෑ! මන් දැන් කොච්චර දවස් ගාණක් තිස්සෙ ඒක අහනවද? ' ' ඕක හෙට දැනගන්න පුලුවන්නෙ! ' ' බෑ බෑ මට දැන්මම දැනගන්න ඕන! අද නම් කියන්නම ඕන! හැමදාම හෙට කියන්නම් කියල රවට්ටනවනෙ! ' ' හරි! ඒ පෙට්ටිය ඇතුළෙ තව පෙට්ටි හයක් තියෙනව. අන්තිමට තියෙන හත්වෙනි පෙට්ටිය ඇතුළෙ ඉස්තරම් සුවඳ කුප්පියක් තියෙන්නෙ!' මේක ඇහුණම ආයෙ ඉතින් මැරෙන්නෙ මොකටද? දෙන්නම ආපහු ආව. පහුවදා රජ මාලිගාවට ගිය වෙට්ටපිත්තලය, හැමෝම ඉදිරියේ කැටයම් ටිකක් එහෙම දාල, අන්තිමට මෙහෙම කිව්ව. ' මේ පෙට්ටිය ඇරියම තව පෙට්ටියක් තියෙනව. ඒක ඇරියම තව පෙට්ටියක්. ඔය විදියට හත්වෙනි පෙට්ටිය ඇරියම ඒක ඇතුළෙ සුවඳ කුප්පියක් තියෙනව. ' රජතුමා ඉදිරියේම පෙට්ටිය විවෘත කළා. සාත්තරය හරියටම හරි! මේ අතරෙ කට්ටය හොරෙන්ම එයාල හිටිය ගෙදරට ගිහින්, ගෙට ගිනිතිබ්බ. ගේ ගිනිගන්නකොට අත්දෙකත් ගින්දරට පොඩ්ඩක් අල්ලල, ටිකක් පිච්චෙන්න ඇරිය. එහෙම කරල රජමාලිගාවට දුවගෙන ගියා. ගිහින් වෙට්ටපිත්තලයව බදාගෙන, විලාප තියල අඬන්න ගත්ත. ' අනේ අපේ ගේ ගිනිගත්ත. මන් අපේ සාත්තර පොත් ටික බේරගන්න බැලුවට ඒක හරිගියේ නෑ. මගේ අත්දෙකත් පිච්චුණා. මීටපස්සෙ ඉතින් අපි සාත්තර කියල ඉවරයි! ' රජතුමාට මේක ආරංචිවෙලා දෙන්නටම එන්න කිව්ව. කට්ටයගෙ අත්දෙකත් බලපු රජතුමා, බොහොම විස්සෝප වුණා. ' මීටපස්සෙ සාත්තර නොකිව්වට කමක් නෑ! මට හම්බවුණ ධනයෙන් තොපට ජීවත්වීමට ප්‍රමාණවත් කොටසක් දෙනවා! ඒවායින් සැපසේ ජීවත්වෙයල්ලා!' තමන්ට ලැබුණ ධනයෙන් ගෙවල් දොරවල් හදාගෙන, කපටියො දෙන්න සතුටින් ජීවත්වුණා. (මේ ජනකතාව අපි පහේ පන්තියේ ඉන්න කාලෙ, සිංහල පාඩම් පොතෙත් තිබ්බ) Channa Withana 2024.2.6 ( ඡායාරූපය අන්තර්ජාලයෙන්, හිමිකරුවන්ට ස්තුතියි! )ගෑනුන්ව තේරුම් ගන්න කොට ගොඩක් පිරිමින්ට හිටපු හොදම ගෑනිව මගඇරෙනවා. ඉතිහාසෙ ඉදන් ගෑනු කියන්නෙම ආදරේ ඉස්සරහ ඕනිම ද
ෙයක් කැපකරන , ආදරේ වෙනුවෙන් ලෝකෙත් එක්කම යුද්ධ කරන්න යන තේරුම් කරන්න පුලුවන් ජීවී කොටසක් නෙමේ..කුවේනිගෙ ඉදන් පත්තිනි වෙනකම්ම හැමගෑනියෙක්ම ආදරේ ඉස්සරහ උමතුයි. කාලිත් ශිවගෙ ආදරේ ඉස්සරහ විතරයි නම් නිවුනෙ ,දැන් ඉන්න ගෑනු ගැනත් කවර කතාද.. ආදරනීය බැල්මකින් , ආදරනීය හාදුවකින් වැලදගැනීමකින් ගෑනු නිවෙන හැටි පිරිමි දන්නෙ නෑ.. ගොඩක් පිරිමින්ට ගෑනු පේන්නෙ උන්ගෙ අමාරු සනීප කරගන්න මහබඹා එවපු සෙල්ලම් බඩුවක් විදිහට.. අනුරාගීම මොහොතවල් වල පවා ගෑනු හොයන්නෙම ආදරේ.. ගෑනු ඒ තරමටම ආදරේට පෙරේතයි.. පිරිමි කවද්ද ඕක දැනගත්තෙ.. ඇදට වැටුන වෙලාවක තමුන්ගෙ කර්තව්‍ය ඉශ්ට කරගෙන හාදුවක් දීලා නිදාගන්නවා ඇරෙන්න ගෑනු පතන මිනිහෙක් වෙන්න පිරිමි දන්නෙ නෑ.. අන්තිමට ගෑනුන්ට ඇදත් අපායක් වෙනවා... ගෑනු හරි ලෝබයි ආදරේට...උන් රන්ඩු කරන්නෙම ආදරේ බෙදාගන්න වෙයි කියන බයට.. පිරිමින්ට ඕවා සුරංගනා කතා හින්දම මල් පෙති වගේ ගෑනු පොරෝ තල වගේ ගෑනු වෙන්න හුගක් කල් යන්නෙ නෑ. තමුන්ගෙ මිනිහට හුස්මත් දෙන්න හිටපු තවත් ගෑනියෙක් තමයි මනමේ කුමාරයව මරන්න වැද්දට කඩුව දුන්නෙ එදා... ගෑනුන්ව රවට්ටගෙන හරි ආදරෙන් ඉදල බලපන් කියනවට..උන් තරම් ජාතියක් නෑ පන දෙන.. ළඟ තියාගෙන රිද්දපන්..උන් තරම් ජාතියක් නෑ උබෙ ජීවිතේ එපා කරවනපද අප්පච්චි යුගල පද දහයක ලියාගෙන යන්ට තියනවා… දෝණි පාන්දර එකයි හතලිස් පහට ඇහැරලා කදුලු පුරෝගෙන මාව පහුරුගාමින් කිව්වා… මං ඉතිං පඩි අරන් සතියකින් සල්ලිවලට වුනේ මොකද කියල කල්පනා කරණ රාජ්ජ සේවකයා වගේ වික්සිප්ත වුනා… සිංගප්පූරුවෙන් බෙත් ගෙනත් දෙනකල් බලා ඉන්න ඇමතිතුමා වගේ කෙල්ල බලා ඉන්නවා… ඒ අස්සේ කියනවා අම්මා ඇහැරුනොත් බනියි සද්ද කරන්න එපා ලු.. කෙල්ලත් මං වගේ තමයි අපි දෙන්නම උනදැට බයයි… හරකා-බාන, වතු-පිටි,කැවලි-පෙවිලි, ආදි වසයෙන් යුගල පද ටිකක් හොයල පොතේ ලියල කෙල්ලව නිදිකරල වතුර එකක් බීලා ඇඳලඟට යද්දි එලාම් එක කෑගහපි, මට බෑ සාන්ත කියල ඇඳේ ඉඳගත්තා විතරයි.. මොකද අනේ ඔයා තාම නිදිද, අර එලාම් එක වදිනවා චූටිපුතා ඇහැරුනොත් කන්ට මොනාවත් හදාගන්ට වෙනනෑ… සද්දෙට ගාන්ටාරේ වැදුනා.. හරිි එවැයිං වැඩක් නෑ කතාවට එමු… බැංකුවේ විවිධ අංස වල නිතර භාවිතාවන විවිධ පද තියනවා.. අද කියන්නේ ඒවා ගැන… මේ දවස්වල කවුන්ටරේට වැඩපුරම ඇහෙන්නේ “අස්වැසුම දාලද? නැද්ද” කියල.. ඒවගේම කියන එකක් තමයි කණ්නාඩිය ගෙනාවේ නෑ.. කොලේ පුරවලදෙන්න කියන එක කැෂියර් නෝනල අහන්නේ දාන්නද? ගන්නද කියල? රිකවරි ඔෆිසර්ගේ කටේ තියෙන්නේ දැම්මද? කවදද දාන්නේ කියල.. උකස් අංසේ ඈයෝ අහන්නෙ තියන්ටද? බේරන්ටද කියල? මැනේජර් නිතර අහන්නේ කරාද ? නැද්ද කියල? රීජනල් මැනේජර් අහනවා රිපෝට් එව්වද නැද්ද කියල? හෙඩ් ඔෆිස් එකේ ලොකු ලොක්කෝ අහන්නේ ප්‍රොෆිට්ද නැද්ද? කියල ආ… එතෝට මානව සමපත් එකේ අය.. එයාල අහන්නේ උඹල මේකේ ඉන්නවද නැද්ද කියල….? හැම ඔෆීස් එකේම වගේ ඇහෙන පදයක්නේ මොනවා හරි කමුද කියල.. ඒකනම් මේ ආර්ථික අරබුදේ නිසා අාව යෙදුමක්.. ඉස්සර ඒක අැහුවේ හවසට මොනවාහරි කරමුද ? කියල.. මොන ඔපිස් එකේ වුනත් පද හදන අය වෙනම ඉන්නවා… ඒක වෙනම කතාවක්…සෙස්ස පස්සට…'නයි බොයිද තේ කිව්වලු' ලඟදි බලපු ‘යූ ටියුබ්’ වීඩියෝ එකක තියෙනවා කුඹුරක වැඩ කර කර ඉන්න තාත්තාට පොඩි එකෙක් උණුවතුර බෝතලයක තේ අරන් යන දර්ශණයක්. ඒකෙ කොලුවා තාත්තාට තේ බොන්න කියලා, අම්ම දීපු තේ ප්ලාස්ක් එකයි, කෝප්පයකුයි කුඹුරට අරන් යනවා. තේ කෝප්පය අඬුවකින් අල්ලන් වන වන යන්නේ. තාත්තා ලඟට යනකොට කෝප්පය නෑ. පොඩි එකාගෙ අතේ කෝපයේ අඬුව විතරයි ඉතුරු. මේක බලද්දි මම අහපු අපේ දන්න අඳුනන නංගී කෙනෙක් කළැයි කියන අපූරු සිද්දියක කතාවක් මතක් වුනා. ඒ පවුලේ බාලයා වුනු මේ නංගී පොඩි කාලේ තමා මේ සිද්දිය නැත්නම් කතාව. ඒ වෙද්දි මේ නංගිත් අම්මගෙ ගෙදර දොරේ වැඩ වලට ඔය පොඩි පොඩියට හරි උදව් වෙනවත් ඇතිනේ. ළමයින්ව ගෙදර වැඩ වලට උදවු කරව ගන්න එක ඉස්සර වැඩිහිටියෝ කරන්නේ, අනාගතයේදී ඒ දරුවන්ට තනියම වැඩ කර ගන්න පුරුද්දක්, පුහුණුවක් ලබා දෙන්නත් උවමනා නිසා වෙන්න ඇති. ඒ නංගිලගෙ තාත්තා ඒ දවස් වල ඒ ගොල්ලන්ගෙ ගෙවල් කිට්ටුව පාරට යාබදව බේකරියක් කරනවලු. තාත්තටයි බේකරියේ වැඩ කරපු තව එක්කෙනෙකුටයි, අම්මා තේ හදලා අරන් යන්න ලෑස්ති වෙලා තියෙනවා. තේ පෝච්චිය හැන්ඩ්ල් එකෙන් උස්සන් යන එක එච්චර අමාරුත් නැති නිසා ඒ වැඩේ මේ නංගිට පවරන්න අම්මා හිතන්න ඇති. නැත්නම් එයාගෙම පෙරැත්තයට අම්මා ඒ අවසරය දුන්නාද කියලත් ඒ අම්මයි දුවයිම තමා හරියටම දන්නේ. මේ බේකරියට ගෙදර ඉඳලා තරමක පොඩි දුරක් තමා තියෙන්නේ. ගෙදර ඉඳන් කන්දෙන් පහලට බැස්සා. වැලි පාරෙන්, බෝධිය ගාවින් ගුරු පාරට ගොඩ වුනහම ප්‍රධාන පාර පේන මානයේ තමා බේකරිය. ඉතිං ඒ අම්මා, කොහොම හරි මේ නංගිට ඉඩ දීලා, තාත්තලට තේ පෝච්චිය බේකරියට ගිනිහින් දෙන්න කියලා. ඉතිං මේ නංගීත් තේ පෝච්චිය බේකරියට අරන් යන්න ඉදිරිපත් වෙලා. හැබැයි ඒ දවස් වල ඒ නංගිලගෙ ගෙදරයි ඔය කිව්ව බේකරියයි අතර, බෝධියට කිට්ටුව වැලි පාරේ දෙපස ටිකක් කැලේ වගේ ගස් ගොන්න. එක පැත්තකින් කුරුඳු වත්තක්. ඒ පැත්තේ පාරේ වැට මායිමට එනකල් ඝනව වැවුණු වල් ගොන්න. වැලි පාරේ අනෙක් පැත්තෙන් බෝධිය පිටි පස්සට වෙන්න ‘මාන’ වගේ වල් පැල වැවුනු තරමක කැලෑ රොදක්. ඔය කැලෑ රොදට යන්තම් වැහිලා පරණ වේ තුඹසක් තිබිල තියෙනවා. බෝධිය පිටිපස වූ ඔය තුඹසට නයෙක් ඇදුන බවක් දැක්කා කියල හරි, එහෙම නයෙක් ඉන්ඩ පුලුවන් බවක් හරි වැඩිහිටි අය, කොයි වෙලේක හෝ කතාබහක් වෙන්න ඇතිනේ. මේ පොඩි ළමයට කොහොම හරි ඕකත් මීටර් වෙලා තියෙන්න ඇතිනේ. තාත්තට තේ පෝච්චිය ගිනියන භාර දූර වගකීම භාර ගත්තට මොකද, දැන් ඔය නයි කතන්දරය කියැවෙන හරියෙන් යනකොට මේ පොඩි කෙලීගෙ, පොඩි මනසට බයක් චකිතයක් ඇතිවෙන්න ඇතිනේ. ඉතිං බයෙන් බයෙන් හරි, පුරුදු විදිහට තනියම කියව කියව, ඒ පොඩි දැරීවි, තමන්ට පැවරූ හෝ ඉල්ලලම පවරගත්ත්ත භාරදූර රාජකාරිය ඉටු කරන්න හිත දහිරිය කරන් යන්න ඇති. කොහොම කොහොම හරි මේ පොඩි දූ, දැන් තාත්තාට තේ පෝච්චිය ගිනිච්චත් කියමුකෝ. දැන් තාත්තා බේකරියෙ වැඩ කළ අනිත් කෙනාවත් අඬගහගෙන, බේකරියේ තියන් ඉන්න අඬු කෝප්ප දෙකක් හෝදල අරන් තේ වක්කරන්න ගත්තලු. කෝ තේ? තේ පෝච්චිය හිස්ලු. ඒ පාර තාත්තා ඇහුවලු... "කෝ පොඩි දුවේ මේකෙ තේ නෑනෙ. මොකද වුනේ?" කියලා. ඒකට වගේ වගක් නැතුව ඒ නංගී උත්තර දීල.... "නයා බිව්වා" කියලා. ඒ වෙලාවේ ඇත්තටම ඒ තාත්තට මොනවා හිතෙන්න ඇද්ද? නයි කතාවට බය හිති හිති, එතනින් එහෙම යද්දී තේ පෝච්චියේ කෙමිය පහලට හැරිලා තේ වතුර, ටික ටික පොඩි එකී දන්නෙත් නැතිව හැලෙන්න ඇතිනේ. ඔය නයි කතාවත් දන්න තාත්තා හිනා වෙලා පොඩි දූගෙ ඔලුව අතගාලා කියන්න ඇති... "මොනව කරන්නද එහෙනම් අපි ගෙදර ගිහින්ම තේ බොමු" කියලා. ගෙදර ඇවිත් තාත්තා හිනහ වෙවී පොඩි දූගෙ කෙරුවාව අම්මත් එක්ක කිව්වලු. ඒ නංගිගෙ අක්කල අයියලටත් හිනහලු කතාව අහලා. ආනන්ද රණසිංහමේ දවස් වල මගේ ග්‍රහලෝකය සුවදයි. ඒ සුවද මට පෘතුවියේ දේවල් වලින් විස්තර කරන්න අමාරුයි. මොකද පෘතුවියට වඩා ආලෝක වර්ශ දාහක් දුරින් ඉන්නවා කියන්නේ වෙනම තාක්ශනයක් එක්ක ජීවත් වීමක්. මගේ ග්‍රහලෝකේට පාන්දර 5 වෙනකොට ඉර පායනවා. හවස 5 වෙනකොට ඉර බහිනවා. පාන්දර ඉර පායනකොටම කොන්කැනේබියා (concanebia) මල් එක දෙක පිපෙන්න ගන්නවා. ඉර පායලා පැයක් විතර ගියාම කොන්කැනේබොයා යායවල් මල් වලින් පිරිලා යනවා. ඒක අමුතුම සුන්දරක්. කොන්කැනේබියා ලා දම් පාටයි. පෘතුවියේ සමන් පිච්ච එක්ක රෝස පෙති මික්ස් උනාම එන සුවදට සමාන සුවදක් තමා ඒවගේ තියෙන්නේ. ඒත් ඒක ඊට වඩා ටිකක් වෙනස් සුවදක්. ඒ සුවදින් මුලු ග්‍රහලෝකෙම පිරිලා යනවා. මගේ ග්‍රහලෝකේ ඕන තැනක මේවා හැදෙනවා. පෘතුවියේ වගේ එක එක තැන් වල එක එක පාංශු තත්වයන් මගේ ග්‍රහලෝකේ නෑ. මුලු ග්‍රහලෝකෙටම තියෙන්නේ එකම පාංශු තත්වයක්. ඉතින් ගහලෝකේ ඕන තැනක එකම විදිහට පැල වැවෙනවා. මේ ලගදි මම පෘතිවියෙන් අරගෙන ආවා ඉන්ඩිකා කැනබීසි ( indika canabeesi) කියලා ගහක ඇට ටිකක්. කොන්කැනේබියා මල් යායවල් වල තැනින් තැන ඒ ඇට මම ඉස්සා. මාර පුදුමයක් කියන්නේ. ඒ ඇට දැන් සරුවට පැල වෙලා. ලස්සන ලා කොල පාටින් දිලිසෙනවා. කොන්කැනේබියා මල් එක්කම අමුතුම සුවදක් ඒ ගස් වලින් විහිදවනවා. මගේ ග්‍රහලෝකේ වටේට තියනවා ජීවී දූවිලි වලල්ලක්. හරියට පෘතිවිය තියන ග්‍රහ මන්ඩලයේ සෙනසුරු ග්‍රහයාගේ වලල්ල වගේ. ඒත් අපේ ග්‍රහලෝකේ තියන වලල්ල සෙනසුරුගේ වලල්ල තරම් අහිතකර නෑ. කොටින්ම අපේ ග්‍රහලෝකේ වටේට තියන ඒ වලල්ලේත් ලොකු පාශාන කොටස් වල ගස් වැවෙනවා. ඒ කියන්නේ ජීවය හටගන්නවා. මම කැමතිම ජීවියෙක් ඔය වලල්ලේ ජීවත් වෙනවා. ඒ තමයි වින්ඩියානා සමනල්ලු (Vindiyena butterfly ) ඒ ගොල්ලො පෘතිවියේ සමනල්ලුන්ට වඩා ලොකුයි. එකෙක් අඩියක් විතර ලොකුවට වැඩෙනවා. කහ පාට බෝඩරයක් ගියපු නිල් පාටයි රතු පාටයි මිශ්‍ර උන තටු දෙකක් තමා ඒ සමනල්ලුන්ට තියෙන්නේ. ඒ තටු දෙක පෘතිවියේ තියෙන මයිල ගස් වල කොල වලට සමාන හැඩයක් ගන්නේ. පෘතිවියෙන් ගෙනියපු කැනබීසි ගස් වල මල් පිපෙනකොට වින්ඩියානා සමනල්ලු රන්චු පිටින් ග්‍රහ ලෝකේ ඇතුලට පියාබාගෙන එනවා. ඉස්සර ඒ සමනල්ලු දූවිලි වලල්ලෙන් පිටට ගියේ නෑ. කොටින්ම ග්‍රහලෝකේ පැත්ත පලාතක ආවේ නෑ. ඒත් දැන් දැන් එයාලා ලක්ශ ගානක් ග්‍රහලෝකෙට එනවා කැනබීසි මල් වල රොන් ගන්න. පෘතිවියේ මෙච්චර විශ්වකර්ම ශාක තියනවා කියලා මම දැනන් හිටියේ නෑ. හොද වෙලාවට මගේ ග්‍රහලෝකෙත් ජීව වායුව ඔක්සිජන් උනේ. නැත්තම් පෘතිවියේ ජීවී පද්දති මගේ ග්‍රහලෝකේ බෝ කරගන්න බැරි වෙනවනේ. තව දෙයක් කියන්න ඕන. මගේ ග්‍රහලෝකේත් ප්‍රේමය කියන සංකල්පය තියනවා. මම සංචාරය කරපු ග්‍රහලෝකේ 6 ම එක එක ග්‍රහලෝකෙට ආවේනි
ක එක එක විදි වලට ප්‍රේමය තිබුනා. ඒකෙන් මම තේරුම් ගත්තේ ප්‍රේමය කියන එක විශ්වීය සංකල්පයක් කියලා. මම හිතන විදිහට මේ මුලු මන්දාකිනියේ හැම ග්‍රහලෝකෙකම ප්‍රේමය ඇති. පුදුමය කියන්නේ මගේ ග්‍රහලෝකේත් තියෙන්නේ පෘතිවියට සමානම ක්‍රම වලට ප්‍රේම කිරීමක්. ඒක මෙන්න මෙහෙමයි. ඉර බැහැගෙන යන වෙලාවක කොන් කැනෙබියා මල් යායක ඉදගෙන එයාගේ රෝස පාට තොල් දෙකට සීතල තෙත්බර හාදුවක් දෙන්න. දූවිලි වලල්ලට ඉර එලිය වැටුන රෑක මොනාසා (mounasa) තෘන යායක එයා එක්ක නිදියාගෙන බොලද කතා කියව කියවා දූවිලි වලල්ලට ඇගිල්ල දික් කරගෙන පාශාන ගනන් කරන්න. පෘතිවි කැනබීසි වවපු උද්‍යානයක කැනබීසි මල් සුවද විද විද එයාගේ උකුලු වටේට අත යවලා ආදරනීයව ලං කරගෙන කැනබීසි දුමක් උරන ගමන් නලලට හාදුවක් තියලා ආදරනීය කයියක් ගහන්න. සීතල රෑක උනුසුම් පුලුන් යහනක රතියෙන් මත් වෙලා රාගයෙන් උමතු වෙලා එයා එක්ක ප්‍රේමයේ ඉද්‍රජාලික මවමින් නැවුම් සංසර්ගීය හැගීමක රහ බලන්න. ඒත් එක්කම එයාගේ ගෙල වටේට මගේ හුස්ම පොදක සුලං රැල්ලකින් ආදරනීයව සිබින්න. ආදරෙන් අත් අල්ලාගෙන පාලු ලුස්ටන් (lustion) (මගේ ග්‍රහලෝකේ ඇති කේතු හැඩ ශාක ප්‍රබේදයක්,) වත්තක් මැදින් සද්ද නැතිව චංචලව ඇවිදගෙන යන ගමන් ආදරේ තියෙන පුදුම සහගත දේවල් ගැන මනෝ පාරක් ගහන්න. මේ උඩ කියපු හැම දෙයක්ම මගේ ග්‍රහලෝකේ ප්‍රේම කරන උදවිය කරනවා. මම දැකලා තියනවා පෘතිවියෙත් මේ දේවල් වලට සමානම ප්‍රේමනීය දේවල් සිද්දවෙනවා. මම අන්න ඒකයි කීවේ ප්‍රේමය මුලු මන්දාකිනියටම සමානව දැනෙන හැගීමක්. මම ඒ හැගීම හොයාගෙන ලගදිම දවසක ආයෙත් පෘතිවියට එනවා. මේ දවස් වල මගේ අභාවකාශ යානයට ආලෝකයේ වේගයට වඩා දෙගුනයක වේගයක් ගන්න පුලුවන් අපේ ග්‍රහලෝකේ අය අලුතින්ම හොයාගත්තු 1000000000000000 kk එන්ජින් එක හයිකරන ගමන් තියෙන්නේ. ඒක හයිකරගත්ත ගමන් මම පෘතිවියට එනවා. වෙනදට වඩා වේගෙන්. එහෙනම් අදට මම රේඩියෝ තරංගය අවසන් කරන්නම්. මම පෘතුවියේ සුන්දරත්වයටයි ප්‍රේමයටයි පට්ටම ආසයි. ඒත් මට හිතාගන්න බෑ. එච්චර ප්‍රේමනීය පෘතිවියේ සමහර තැන් වල කැනබීසි තහනම් උනේ ඇයි කියලා. 3045 / 23 / 50 දින පෘතුවි ප්‍රේමී අභාවකාශ සංචාරකයා ( කෝසකා) N2.35 ග්‍රහලෝකයේ සිට. __________________________________________ මාස්ටර් ආදි ❤️🍃සුභා ----- හලෝ... සුභා කොහොමද ඉතිං ? කාලෙකින් මෙසේජ් එකක්වත් එව්වෙ නැත්තෙ මාව අමතක කලාද? අනේ නැහැ මයන්ති ප්‍රශ්න ගොඩායි, ලබන සතියෙ මම ලංකාවට එනවා. ඒවා ලෑස්ති කරගන්නත් තියනවා. ආ... ඇත්තද එහෙම නම් ලංකාවට ආවම මට කියන්න සුභා අපි හම්බවෙමු. ඔව් ඔව් මටත් ඔයාව හම්බවෙන්න ඕන කොහොමත්. මම කියන්නම්කො. -------------- මයන්ති පාසැල් යන කාලෙ මගේ හොඳම මිතුරිය. ඒ යාළුකම හැමදාම තිබුනා විටින් විට ඇසුරින් ඈත් වෙලා වගේ හිටියත් අවශ්‍ය වෙලාවට තොරතුරු හුවමාරු කරගත්තා. පාසැල් යන කාලෙ දවසක් අපි දෙන්නා තරහා උනා හරියටම නිවාඩු දෙන දවසෙ. දවස් තුනකට පස්සෙ ඊලඟ සතියෙම මයන්ති ආවා එයාගෙ තාත්තා එක්ක අපේ ගෙදර මාව හොයාගෙන. අන්තිම දවසෙ තරහා උන නිසා මාසයක් බලන් ඉන්න බැහැ ඒකයි ආවෙ කියලා මයන්ති කිව්වා. එච්චර යාළු කමක් තිබුනෙ අපි දෙන්නා අතරෙ. මයන්ති විවාහ වෙලා එංගලන්තයට ගියා. ඒ කාලෙ ජංගම දුරකථන, සමාජ මාධ්‍ය තිබුනෙ නැති නිසා එයාගෙ විවාහයත් සමඟ අපි ටිකක් දුරස් උනා. ඉඳල හිටලා ලිපියක් ලැබුනා. එයා විවාහ වෙලා වසර තුනකට විතර පස්සෙ තමයි මම විවාහ උනේ. --------- දයාබර මයන්ති, මම ලබන මාසෙ විවාහ වෙනවා. තාත්තලා ගෙනාව යෝජනාවකට මට කැමති වෙන්න සිද්ද උනා. ඔහු කැනඩාවෙ ඉපදුන විජාතිකයෙක්. මට සුරාජ්ව අමතක කරන්න අමාරුයි. නමුත් මම කැමති කෙනෙක් ඉන්නවද කියලවත් තාත්තලා ඇහුවෙ නැහැ. අඩුම ගානෙ මේ මනුස්සයට මම කැමති ද කියලවත් ඇහුවෙ නැහැ. අපි එයාව දැක්කෙ ඡායාරූපයකින් විතරයි. අපේ නැන්දාලා එයාව හොඳට දන්න එක විතරයි සුදුසුකමකට තිබුනෙ. මට දුකට වඩා හරි පුදුමයි මයන්ති තාත්තා කොහොමද කවදාවත් දැකලවත් නැති නන්නාදුනන රටක ඉන්න නොදන්න මිනිහෙක්ට තමන්ගෙ දුවව දෙන්නෙ කියලා. ඔයා දන්නවනෙ මගෙ හැටි. මට එහෙම විරුද්ධ වෙන්න ශක්තියක් ති⁣බුනෙ නැහැ. මට මේවා කියන්න වෙන කෙනෙකුන් නැහැ. ඔයාට පුළුවන් නම් එදාට එන්න. මේ සමඟ තියනවා ඇරයුම්පතකුත්. තෙරුවන් සරණයි ! දයාබර සුභා. ------------ ජනේලයෙන් එළිය බැලුවට මුකුත් පේන්නෙ නැහැ. සුදුම සුදු පාටයි. හැමතැනම හිමවලින් වැහිලා. මම විවාහ වෙලා සතියකට පස්සෙ මගේ කියන හැමදෙනාවම හැමදේම අතහැරලා ගවුගානක් දුරකට ගියා. කැනඩාවට ආව අලුත හරිම අමාරුවෙන් රටට හුරු උනේ. ඒ සීතල මට උහුලන්න බැහැ. කවදාවත් අත් විඳපු නැති සමාජ සිරිත් විරිත්, ජීවන රටාව, කෑම බීම මට ගෙනාවෙ දුකයි, වේදනාවයි, තනිකමයි විතරමයි. මොන තරම් රස කෑම තිබුනත් සැප සම්පත් තිබුනත් තමන්ගෙ කියලා කෙනෙක් නැති, තමන්ගෙ භාෂාව කතා කරන්න බැරි හැමදේම අහිමි උන ජීවිතේ මොකටද කියලා හිතුන වාර අනන්තයි. හොර රහසේ අඬපු රාත්‍රීන් ගනන වැඩි ඇති හිනා උන දවස්වලට වඩා. ගෙදරින් මාසෙකට සැරයක් ලැබෙන ලිපිය විතරයි සැනසීමකට තිබුනෙ. නමුත් මගේ දුක කියන්න කෙනෙක් හිටියෙ නැහැ. නංගියි මල්ලියිත් මට වඩා හුඟක් බාල වයසෙ හිටිය නිසා එයාලටත් ඒ ගැන අවබෝධයක් තිබුනෙ නැහැ. විවාහ උන අලුත වසරකට දෙකකට සැරයක් අපි ලංකාවට ගියා. මගේ දරුවො දෙන්නා ලොකු වෙද්දි ඒකත් මට අහිමි උනා ටිකින් ටික. ලබන සතියෙ මම ලංකාවට යන්නෙ වසර පහලවකට විතර පස්සෙ. ----------- සුභා ඔයා කෙහේද ඉන්නෙ ? කවදද ආවෙ? මම නංගිගෙ ගෙදර ඉන්නෙ මයන්ති ඇයි? පෙරේදා ආවෙ. ඔයාට අපේ ගෙදර ඉන්න පුළුවන් කැමති නම් ආපහු යනකල්. නංගිගෙ ගෙදර ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ, මම දවස් දෙක තුනකට එන්නම්කො ටිකක් කතා කරන්නත් එක්ක. ----------- සුභා නම් තාමත් තරුණ පාටයි. වෙනස් වෙලා නැති තරම්. ඉතිං ඉතිං කො⁣හොමද? මට ජීවිතේ එච්චරයි ලැබිලා තියෙන්නෙ මයන්ති. හරි හරි අපි තේ එකක් බොන ගමන්ම කතා කරමුකො. වාඩි වෙයන්කො ඉස්සෙල්ලාම. මයන්තිගෙ ගෙදරත් හරිම ලස්සනට හදලා තිබුනා. කාලයක් එංගලන්තෙ හිට්ය නිසා හැමදේම තිබුනෙ එහෙ විදිහට. කෑම බීම පිළියෙල කලේ පිලිගැන්නුවෙ මේ හැමදේම එහෙ ව්දහට. අපේ අම්මා නැති උන දවසෙ ඉඳලා මට ලමා කාලෙ අහිම් උනා. තරුණියකගෙ සිතුම් පැතුම් සහ හැමදේම අහිමි උනා විවාහයත් එක්ක. ඇත්තටම මයන්ති, මම ඉක්මනින්ම අම්මා කෙනෙක් උනේ නොදැනුවත්කම නිසා. හැබැයි ඒ නිසාම මට ජීවත්වෙන්න බලාපොරොත්තුවක් ඇති උනා. ලංකාවෙ මිනිස්සුන්ගෙ තිබුන ආවේනික ගතිගුණ ගොඩක් දේවල් මගෙන් ඈතට ගියා. ජීවත් වෙන්න ඕන නිසා මම ජීවත් උනා. මගේ දරුවො දෙන්නෙක් වගේ හදාගත්ත නංගිගෙයි මල්ලිගෙයි ව්වාහ වලටවත් මට එන්න බැරි උනා. ඒ දෙන්නා ඒ ගැන වැඩිය හිතුවෙ නැති උනාට මට දැනුන වේදනාව කාටවත් තේරෙන්නෙ නැහැ. මගේ නංගි මට හැමදාම කියනවා අක්කා අපිට කරලා තියන දේවල් ඇති අක්කට දුකක් කරදරයක් නොවෙන්න, උපදින හැම ආත්මෙකම ඒ පින් ලැබේවි අක්කට කියලා. ඒ හැමදේටම වඩා මම පෙර කරලා තියන පව් වැඩියි. මට වඩා ගොඩක් වයස වැඩි මනුස්සයෙක් යන්තම් අවුරුදු විස්ස වෙද්දිම කසාද බැන්ද නිසා මගේ හොඳ කාලෙ එද්දි ගෑනියෙක්ගෙ හැඟීම් සේරම අමතක කරන්න උනා මට. මොනවා නැතත් අතපය දිග ඇරලා වියදම් කරන්න සල්ලි තිබුන නම් එහෙම හරි සතුටින් ඉන්න තිබුනා. ඇත්තටම නම් මම සතුට කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැහැ. අවුරුදු 16 ඉඳලා වින්දෙ දුක් කරදර විතරයි. අඬන්න එපා සුභා. මොනවා කරන්න ද අපි ගෙනාපු දේවල් තමයි අපිට විඳින්න ලැබෙන්නෙ. ඇයි කියපන් උඹ හදිස්සියෙ ලංකාවට ආවෙ. ප්‍රශ්නයක් ද? මගේ ලමයි දැන් කසාද බැඳලනෙ. ඒගොල්ලො අපේ රටේ ළමයි වගේ දෙමාපියන්ව බලාගන්නෙ නැහැනෙ, ඔයා දන්නවනෙ ඒවා. මං ආවෙ ටික දවසක් ඉඳලා බලන්න කවදා හරි මට මගේ නංගි හරි මල්ලි හරි ලඟ ඉන්න පුළුවන් ද කියලා. බැරි නම් මම මොකද කරන්නෙ කියලා හිතන්න වෙනවා. පිස්සු ද බන් එයාලා උඹව අහක දාන්නෙ නැහැ. එහෙම උනත් උඹට ඕන තරම් කාලයක් මාත් එක්ක ඉන්න පුළුවන්. උඹට ගොඩක් පින් එහෙම හිතුන එකටත්. මම කැමති මේ ජීවිතේ ඉක්මනින් ඉවර වෙනව නම්. කාටවත් කරදරයක් නැතිව. මගේ හිත දැන් ගොඩක් සැහැල්ලු උනා හැමදේම කියන්න පුළුවන් උන නිසා. ඒක නෙවී අපි ගමනක් යමු ද? කොහෙද ? උඹ එනවද නැත්නම් මම යන්නම්. හිටපන් ඉතිං ඇඳුමක් දා⁣ගෙන එන්නම්. ඒයි උඹට පිස්සු ද සුරාජ් දැන් මෙහෙ ඉන්නවද දන්නෙත් නැහැ. බලමුකො ප්ලීස් අනේ මන්දා සුභා ඒ මිනිස්සු මොනවා කියයිද කවුද දන්නෙ. හොඳ වෙලාවට මම ආවෙ. සුරාජ්ගෙ වයිෆ් අපිව ගහලා පන්නයිද දන්නෙත් නැහැ. කමක් නැහැ මොනවා කිව්වත්. මට ඕන හිත නිදහස් කරගන්න. බෙල් එක ගහන්න කො ට්‍රීං ට්‍රීං කාව හම්බවෙන්න ද? ම්.. ම්.. සුරාජ් ඉන්නවද? ආ.. ඉන්නවා ඉන්න මම කතා කරන්නම් එහෙම කියාගෙන ඇය ඇතුලට ගියා. සුරාජ්ගෙ වයිෆ් වෙන්න ඇති. ඒයි මට නම් බයත් එක්ක සුභා. සුරාජ් ....! සුභා ...! ඔයා එහෙම නම් මාව අදුරගත්තා. ඔයා වැඩිය වෙනස් වෙලා නැහැ. ඒ නැතත් මට ඔයාව අදුරන්න බැරි වෙන්නෙ නැහැ සුභා. ඔයා මාව අමතක කලාට මම ඔයාව අමතක කලේ නැහැ එක මොහොතකටවත්. කෑගහන්න එපා සුරාජ් වයිෆ්ට ඇහෙයි. මාව බැනලා එලවයි. වයිෆ් මොන වයිෆ් ද? ඒ මගේ වයිෆ් නෙවෙයි මල්ලිගෙ වයිෆ්. මම ආදරේ කලේ ඔයාට විතරයි සුභා මම ඒක හැමදාම රැක ගත්තා. සුරාජ් ... අඬන්න එපා සුභා ඔයා සතුටින් නම් එච්චරයි මට ඕන උනේ. මම කවදාවත් සතුටින් හිටියෙ නැහැ සුරාජ්. ඔයාට දුන්න ගින්දර නිසා හැමදාම මම පිච්චුනා. මට සමාවෙන්න මගේ උවමනාවට නෙවි කිසිම දෙයක් සිද්ද උනේ. මම දන්නවා සුභා. මට සතුටුයි ඔයාව මැරෙන්න කලින් මට එක පාරක් හරි දකින්න ලැබුන එකට. ඉතිං ඉතිං... කියන්නකො විස්තර.
------------ නංගි.. මම තාත්තගෙ සොහොන ලඟට ගිහින් එන්නම් ටිකක්. තනියම යන්න එපා අක්කෙ, ඉන්න තව ටිකකින් මාත් එන්නම්. මොන තනියක්ද අනේ ඔයා ඉන්න මම ගිහින් එන්නම්. මම එළියට අඩිය තියද්දිම මට කලින් නංගිගෙ බලු පැටියා ඉස්සර උනා. ආ.. මේ ඉන්නෙ තනියට කෙනෙක් අපි යමු රෙක්ස්. තාත්තා නැති වෙලා දැන් අවුරුදු පහක් විතර උනා. තාත්තම කල දේවල් නිසා මට තාත්තව අවසන් මොහොතෙවත් දැක ගන්න ලැබුනෙ නැහැ. තාත්තට තේරුනේ නැහැ තාත්තෙ කවදාවත් ඒ අසරණ හැඟීමෙ දරුණුකම. හැමදාම වගේ මම තනියම හඬා වැටුනා. මම දන්නෙ නැහැ ඇයි කියලා අද මම මෙතනට ආවෙ. සුරාජ් කැමතියි අන්තිම කාලෙ හරි මම සතුටින් ඉන්නව නම්. එයා දන්නවා මම වරදක් නොකල බව. මගේ ළමයිනුත් දැන් කසාද බැඳලා. විලියම් නැති උනාට පස්සෙ මම තනියම ජීවත් උනේ හරිම අමාරුවෙන්. ඒකයි මම ලංකාවට එන්න තීරණය කලෙත්. නංගි හරි මල්ලි හරි එක්ක ඉන්න. මම ගිහින් දරුවොත් එක්ක කතා කරලා ආපහු එනවා තාත්තෙ. මෙච්චර වයසට ගිහින් මෙහෙම තීරණයක් ගත්තෙ සුරාජ් තාමත් මට ආදරේ නිසා. එයා මං වෙනුවෙන් තනියම හිටපු නිසා. දැන් හරි මට තනියම තීරණයක් ගන්න පුළුවන් වීම ගැන මට සතුටක් දැනෙනවා. එදා මම එහෙම කලා නම් මගේ කතාව මීට වඩා වෙනස් එකක්. මම ගිහින් එන්නම් තාත්තෙ. ----------- දයාබර මයන්ති, මම කනඩාවට කරදරයක් නැතුව ආවා. මම සුරාජ් ගැන මගේ ළමයින්ට කිව්වා. එයාලට මං ගැන හරියට දුක හිතුනා හැමදේම දැනගත්තට පස්සෙ. එයාලා කිව්වා මට කැමති තීරණයක් ගන්න කියලා. මෙහෙ ඔය වගේ දේවල් ඒ තරම් ප්‍රශ්න නෙවිනෙ. සුරාජ් කැමතියි ඉක්මනින්ම මම එනවනම්. මගේ දේවල් පිලිවෙලක් කරගන්න තව මාස කීපයක් යයි. එන ඕන දේකට මූන දෙන්න බලාගෙන මම සුරාජ් ලඟට යන්න තීරණය කලා. අවුරුදු පනහක් විතර ආපස්සට ගියා වගේ මට දැනෙන්නෙ. ඒක සතුටක්ද, දුකක්ද, සැනසීමක්ද, වේදනාවක් ද මට තේරෙන්නෙ නැහැ. සුරාජ් කිව්වා එයා හැමදාම තනියෙන් හිටියෙ මං නිසයි ජීවිතේ අවසන් කාලෙ හරි මාත් එක්ක ඉන්න කැමතියි කියලා. මම කල වරදකින් නොවුනත් මගෙන් උන වරදට මම සුරාජ්ව බලාගන්නවා ඇස් දෙක වගේ. එතකොට සැනසීමෙන් මැරෙන්නවත් පුළුවන් වෙයි මට. නංගි හැමදාම කියනවා වගේ මම පෙර කරපු පව් දැන් ඉවරවේගන යනවා ඇති. ඉදිරි ටික කාලෙවත් මට මේ ජීවිතේ අහිමි උන දේවල් ලැබේවි. සතුට කියන්නෙ මොකක්ද කියලා මම වටහාගන්න උත්සහ කරනවා. ඉක්මනින් අපි හම්බවෙමු. අදට නවතින්නම්. මම -සුභා. - ප්‍රියංගා තුෂාරි -අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ -3 (පාසලට ආ කිනිස්ස) විදුහල්පති තුමාට ගනදෙවි නුවණ පහල උන හැටි විස්තර කරල ඒ වැඩෙත් ගොඩ කියල හිතල සේකර සර් ගියා පොඩ්ඩක් පන්ති වටේ රවුමක් දාලා තත්වෙ බලාගෙන එන්න. පොඩි පන්ති ගැන වැඩිය කරදර වෙන්න දෙයක් නැති නිසා සේකර් සර් ගියා දහය එකොලහ දොළහ පන්ති පැත්තෙ. ඒවයේ ඉන්නෙ හයේ හතරෙ උස මහත කොලු ගැටව් .ලේසි නෑ රන්ඩුවකට එහෙම පැටලුනොත්. සේකර සර් පන්ති කාමර වලට ඔලුව දාගෙන යනව. නෑ මේ මං බැලුවෙ පුතාල ටික හොඳින්ද කියල ප්‍රශ්නාර්තයක් ඇස්වල රඳවගෙන තමන් දිහා බලන කොලු පැටව් ගෙ ඔලුවත් අතගාලා සෙකර සර් එහෙම කියනව. ඔහොම යද්දි එක පන්තියක කොලු ගැටව් ටිකක් වටවෙලා බොහොම උනන්දුවෙන් මොකද්දෝ බලනව. සේකර සර් පොඩ්ඩක් ලන්වුනා. සර් ලඟට එනකම්ම කොලු ගැටව් ටික දැක්කෙ නෑ. ඒ නිසා බල බල හිටිය එක හන්ග ගන්න පුලුවන් උනේ නෑ. සේකර සර් ට කලන්තෙ දැම්මෙ නැති ටික විතරයි . දෙය්යෝ සාක්කි කිනිස්සක් ගෙනත් ඉස්කෝලෙට. සේකර සර් ට දෙය්යන් බුදුන් සිහි උනා. හා හා පුතාලා මෙහෙ දෙන්න ඕක මට. තුවාල කරගන්නෙ නැතුව. සේකර සර් යාප්පුවෙන් කිනිස්ස අතට ගත්තා. කාගෙද පුතා මේක... කොලු පැටව් ටික මීක් නෑ. පන්තියම ගුටි කෑවත් කොල්ලො එහෙම පාවා දෙන්න නැති බව සේකර දන්නව. ළමයි මීයට පිම්බ වගේ නිශ්ශබ්දයි. එක දරැවෙක් ඉස්සරහට ආවා මමයි ගෙනාවෙ සර්.. පුතාට කොහෙන්ද මේක. සේකරට කොලුවගෙ මූන මතකයි. එක දවසකුත් මේ ලමය රන්ඩුවකට පැටලිල අම්ම තාත්ත ගෙනත් තමයි සමථයකට පත් කරන්න උනේ. ඒදා ආවෙ ලමයගෙ තාත්ත. සේකරට ලාවට මතකයි කන්දවත්ත පැත්තෙ මුදලාලි කෙනෙක් ගෙ පුතෙක් කියල. සේකර සර් කිනිස්ස අතට ගත්තා. පුතා මේව භයානක ආයුධ. ඉස්කෝලේ ළමයි ගාව තියාගන්න හොඳනෑ.. ඒ නිසා මම ගාව තියාගන්නම් .පුතා ඉස්කෝලෙ ඇරිල යද්දි ඇවිත් ඉල්ලන් යන්නකො. සේකර සර් හෙමීට කිනිස්ස තමන් අතට ගත්තා. ඉස්කෝලෙ ඇරිල ලමයි ටික කෝච්චියෙන් බැහැල වෙලාවට අත්සන් කරන්න දුවන රජයේ සේවකයො ටික වගේ පන කඩාගෙන දුවනව. කිනිස්ස ගෙනාව කොලු පැටිය ගුරු කාමරේ ජනේලයෙන් එබි එබි බලනව. ආ එන්න පුතා.. පුතාගෙ ගෙදර තියෙන්නෙ කොයි හරියෙද. කොල්ල බයෙන් බයේ වගේ ගෙදරට යන පාර කිව්ව. කන්දවත්තෙ හතරමන් හන්දියෙන් දකුණට යද්දි කඩයක් තියෙනව. එතනින් තියෙන පාරෙ දෙවෙනි ගෙදර. අල්විස් මුදලාලිගෙ ගේ කෝකද කියල ඇහුවාම ඕනි කෙනෙක් දන්නව සර්. හරි මම පුතාගෙ තාත්තවත් හම්බෙලා තියෙනවනෙ. දැන් පුතා ගෙදරද යන්නෙ. නෑ සර් අද ඉංග්‍රීසි පන්ති යනව. එහෙම නම් පුතා භයානක ආයුධ ළඟ තියාගන්න එක නරකයි. පොලිසියටවත් අහු උනොත් එහෙම පුතා අද ක්ලාස් යන්න කො. එහෙම කියළ සේකර සර් යාප්පුවෙන් කොලු ගැටයව පිටත් කලා ඉස්කෝලෙ වැඩ ටික ඉවරකරල සේකර සර් එලියට බැස්ස. ඒත් ගෙදර යන්න නෙමී. කන්දවත්තෙ යන්න. එහෙම යනවද සර් ලා???? කන්දවත්ත කියන නම ඇහුවමත් බය වෙනව.මොකද ඒකාලෙ නම් දරාපු මැරයො ඉන්න පලාතක්.ඒ පැත්තෙ යනව තියා හිතන්නවත් බයයි. දැන් එහෙම නැතුව ඇති. වෙන සර් ලා යන්නෙ නැතිවෙන්න පුලුවන් ඒත් සේකර සර් කොලුව කිව්ව් මං සලකුණු ඔස්සෙ ගිය සෙකර සර්ට ගේ හොයාගන්න එක එච්චර අමාරැ උනේ නෑ. සේකර සර් බෙල් එක එබුව.ලස්සන කාන්තාවක් ඇවිත් දොර ඇරිය. අල්විස් මුදලාලි ඉන්නවද.. ඔව් මේ මහත්තයා.....මට නිච්චි නෑ කාන්තාව පොඩ්ඩක් කලපනා කරන විලාසයක් පෙන්නුව. මම අල්විස් මුදලාලිගෙ පුතාගෙ ඉස්කෝලෙන්.. අනේ එහෙමද එන්න මහත්තයෝ ඇතුලට..මම මුදලාලිට කියන්නම්. කාන්තාව ගේ ඇතුලට ගිහින් මද වෙලාවකින් මුදලාලි එලියට ආව. සේකර මහත්තය තකහනියක් මේ පැත්තෙ..අල්විස් මුදලාලි පුදුමයෙන් වගෙ ඇහුව. සර් කාලත් නැතුව ඇති..අපිට කන්න දේකුයි තේ ටිකකුයි ගේන්න මාග්‍රට්. මහත්තයො ඒ තමයි කොලුවගෙ අම්ම මහත්තයා තකහනියක් මේ පැත්තෙ ආවෙ අපේ කොල්ලගෙ හොඳක් කියන්න නෙමි කියල මට ඉවෙන් වගේ තේරෙනව. සේකර සර් පරිස්සමට ඔතාගෙන ඇවිත් තිබ්බ කිනිස්ස මුදලාලි අතේ තිබ්බ. දෙය්යෝ සාක්කි කොහෙන්ද මේක. .... අද ඉස්කෝල වල වර්ජනයක් තිබ්බනෙ.. මුදලාලිගෙ පුතා ඒකට ද කොහෙද අද ඕක ඉස්කෝලෙ අරන් ඇවිත්. මුදලාලි ඔලුවෙ අත ගහගත්ත..... ඒත් එක්කම කෑම ටොලියක් තල්ලු කරන් එන මාග්‍රට් දැක්ක මුදලාලි කිනිස්ස පුටු කුශන් එක අස්සෙ හන්ගනව සේකර මහත්තය බලාගෙන. කන්දවත්ත හොල්ලන් ඉන්න අල්විස් මුදලාලිත් නෝනට බය එකේ මම පොඩ්ඩක් සුධර්මා ට බය උනාම මක් වෙනවදැයි ඒ අස්සෙ සේකර සර් ට හිතෙනව. සුධර්ම කියන්නෙ සේකර සර්ගෙ නෝනා. සර් ව මට හම්බෙල තියෙනවනෙ අපේ ලමයගෙ වැඩ වලට ඉස්කෝලෙ ගියාම. මම මේ පැත්තෙ ආවොත් සර්ට අපේ ගෙදරත් එන්න කිව්ව් ඒකයි ඇවිත් තියෙන්නෙ මුදලාලි වයිෆ් ට චාටුවක් දැම්ම. කාලා ඉන්න කො සර්..බඩගිනිත් ඇති ඉස්කෝලෙ ඇරිල යනගමං වෙන්න ඇති ආවෙ. කෑම වලින් සප්පායම් උනාට පස්සෙ මාග්‍රට් ආපහු කුස්සිය පැත්තට යනකන් ඉඳල අල්විස් මුදලාලි සේකර සර් ට තමන්ගෙ පස්සෙන් එන්න කියල කිනිස්සත් අරන් පඩිපෙලක් බැස්ස. ඒක හරියට භූගත මන්දිරයක් වගේ එකක් මේක හදල තියෙන්නෙ පොලව යට වෙන්න ඕනි කියල සේකර සර් ට හිතුනා. අල්විස් මුදලාලි එක දොරක් ඇරගෙන කාමරයකට ගියා . ඒකෙන් තව දොරක් ඇරගෙන තව කාමරයකට ගියා. ඒකෙ තිබ්බ ලොකු අල්මාරියක්. අල්විස් මුදලාලි අල්මාරියෙ දොර ඇරියා. සේකර සර්ට කලන්තෙ නොදැම්ම විතරයි. ඒ අල්මාරියෙ ලස්සනට අහුරල තිබ්බෙ කඩු කිනිසි. මම කරන්නෙ ආයුධ බිස්නස් මහත්තය. පේනව නේද මෙතන තියෙන ඒව... මම සතුටු වෙනව කොල්ල මෙයින් එකක් නැතුව අච්චර පොඩි කිනිස්සක් ඉස්කෝලේ ගිනියපු එකට. මේ මොකක් හරි ගිනිච්ච නම් කාට කියන්නද මහත්තය.. සේකර මහත්තයගෙ උගුර කට වේලිලා මොනව කියනවද හිතාගන්නත් බෑ.වචන පිට වෙන්නෙත් නෑ.. කොල්ලගෙ අම්ම පොඩ්ඩක් වත් කැමති නෑ ඒත් ඉගෙන ගත්තෙ නැති අපි මොනව කියල කරන්නද මහත්තයො.. අපේ කොල්ලගෙ ඇස් පාදල දෙන්න මහත්තයො මුදලාලි බොහොම බැගෑපත්ව ඉල්ලුව. මැරයෙක්ද තක්කඩියෙක්ද කියල නෑ පිය සෙනෙහස කාටත් පොදුයි. අල්විස් මුදලාලි පිටිපස්සෙන් ඉහල මහලට ආවමයි සේකරට හුස්ම වැටුනෙ . ඒ උනාට ආයෙ ලමයට අහුවෙන්න ඕව තියන්න එපා මුදලාලි සේකර යන්තම් කියාගත්ත. හොඳයි මහත්තය, මටත් හිතාගන්න බෑ මෙච්චර ආරක්ශාවක් දාල තියෙද්දි මේකා කොහොම මේක හොයාගත්තද කියල. බොහොම ස්තූතියි සර් මේ විත්තිය මට ගෙදරටම ඇවිත් කිව්වට . හොඳයි එහෙනම් මම ගිහින් එන්නම්. සේකරට ඕනි උනේ පුලුවන් තරම් ඉක්මනින් එතනින් පිටවෙන්න. සුධර්ම මේක දැනගත්ත නම් කියන දේ සේකර හොඳටම දන්නව. කොයි ලෝකෙ යනවද මනුස්සයො ඉස්කෝලෙ ඇරුන නම් ගෙදර එන්නෙ නැතුව... යසයි මරල හන්ගලවත් දැම්ම නම් කාට කියන්නද දෙය්යනේ මේවා.. . චූටියා අපේ සර් ව ගිහින් ඇරලන්න. අල්විස් මුදලාලි වාහනේ එලවන රියදුරාට යතුර දෙන ගමන් කීවා.. මට යතහැකි කරදර වෙන්න එපා මුදලාලි. එහෙම කොහොමද අපේ කොල්ල ගැන මෙච්චර වද වෙද්දි. චූටියා මහත්තයා ගෙදරටම ගිහින් දාන්න. රෑ වැඩට යන්න ලෑස්තිවෙලා සේකර එනකන් පාර බලා හිටිය සුධර්ම දැක්ක වෑන් එකකින් ඇවිත් බහිනව..සුධර්මගෙ ඇස් උඩ ගියේ වාහනේ පිටිපස්සෙ ගහල තිබ්බ ඡන්ද පෝස්ටරය දැකල.. කන්දවත්ත.. කොන්ද තියෙන නායකත්වය¡ ඔබේ වටිනා මනාපය අමනාපයක් නැතුවම දෙන්න....පුලුවන් එකම ජනතා සේවකයයා අල්විස් මුදලාලි! හිනාවෙලා ආයුබෝවන් කියන අල්විස් මුදලාලිගෙ කනගාවට ඇදුනු කට තමන්ට හිනාවෙනව වගේ සුධර්මට පෙනුණේ.. දෙය්යෝ සාක්කි මේ මනුස්සය ඒ පාර මැර දේශපාලකයොත් එක්කද ආස්‍රේ කරන්නෙ... සුධර්ම ගෙ ගර
්ජනාව අස්සෙ හෙමීට සේකර ගෙට රින්ගුවෙ අද උන දේ දන්නවනම් තමන්ට ආයෙ අව්රැදු ගානකට කන ඇහිල ඉන්න වෙන්නෙ නැති බව දන්න හින්ද.. කොහොම උනත් ආයෙ එහෙම හිතුමතේට ප්‍රින්සිපල්ටවත් නොකියා ලමයිගෙ ගෙවල් වල නොයා ඉන්න සේකර මහත්තය ඒ වෙනකොටත් තීරණය කරලයි තිබ්බෙ. හැබැයි අල්විස් මුදලාලි කල ඉල්ලීමටම නෙමි කොහොම උනත් දරැවගෙ ඉගෙනීම ගැන හොයල බලන්න ඕනි කියල සේකර මහත්තය හිතුවෙ කාගෙ උනත් දරැවෙක් නෙ. අප්ප ගිය අඩිපාරෙ නොයා දරැව හරි යහමගට යවන්න ඕනි කියල සද්භාවයෙන්...... පසුව ලියමි : ( නම් ගම් මනංකල්පිතයි... බැරි වෙලාවත් කන්දවත්ත කියල දිහාක අල්විස් මුදලාලි කියල කෙනෙක් එහෙම හිටියොත් මේ එයා නෙමී... මේ අල්විස් මුදලාලිව හැදුවෙ මම ) ඉවර නෑ තව තියේ - මතු සම්බන්ධයි .ලොක්කී .. දෙවන කොටස. "ලොක්කී අක්කේ දාමු බලන්න හොද කහට එකක්.මොනවද කන්න තියෙන්නෙ." "තව චුට්ටක් හිටින් මල්ලියේ උණුවෙන් පොල් රොටියක් පුච්චලා දෙනකල්." "ලොකු අක්කා දෙන ඕන දෙයක් ඉතින් පංකාදුයි" රොටී ගෙඩි දෙක තුනක් ඉක්මනින් පුච්චලා කරෝලිස් මලයා ලඟින් තිබ්බ මම ආයෙත් ලිප ලගට ආවේ බාගෙට හදලා තිබුණු වංඩු ටික ඉක්මනට තම්බා ගන්නටය. අම්මාට පිංසිද්ධ වෙන්නට මටත් ඒ අත්ගුණේ එහෙමම පිහිටා තිබීම කෙතරම් වාසනාවක්ද කියා මා තේරුම් ගත්තේ මේ කාස්ටක පොළවට පය ගහපු මුල්ම දවසේය. එදා මා මල්ලීගේ නිවසින් පිට වී අරමුණක් නැති ගමනක පැමිණ නතර වු තැන අද මා අරමුණක් ඇති එකියක වී හමාරය. තමන්ගේ කියා කිසිවකු නැති මේ හද්දා පිටිසර ගමේ මට පිහිට වු එකම තැනැත්තිය ගුණවතී නැන්දාය.ඇයද ලෙඩ ඇදේ සිටි කාත් කවුරුත් නැති මැහැල්ලක් වූවාය. ඇගේ පොල් අතු පැළේ යලිත් ජීවිතය පටන් ගත් මා අද මගේම කියා පුංචි කඩ කෑල්ලක අයිතිකාරියකි. මේ වැලි පාර දිගේ වැලි පටවගෙන යන ලොරි වල රියදුරු මහත්වරු වගේම ගමේ බාල මහළු කොයි කාටත් දැන් මගේ කඩය හුරු පුරුදු තැනකි. ඔවුන්ටද මා ලොකු අක්කා වූවාය.මට මල්ලීව සිහිනොවුනු දිනක් නොමැති තරම්ය.ඔහු වෙනුවෙන් මගේ ඇස් වලින් ගැලූ කඳුළු වැවක් පිරෙන තරමට විශාලය. නමුත් ඔවුන් ඔවුන්ගෙ ලෝකයේ සතුටින් සිටිනවා විය හැකිය..ඒ ලෝකයට මේ ලොක්කී අයිති නැත. ⁣"අක්කේ දවල් කෑමට අද වාහන තුන හතරක් තියේවී..වැලි විතරක් නෙමෙයි අද ගල් ලොරිත් එන දවස.පරක්කු නොවී කෑම ටික හැදුවොත් හොදයි." කහට ⁣කෝප්පයේ අන්තිම උගුර කොට්ටම්බා ගහ පාමුලට දමපු කරෝලිස් බෙලෙක් කෝප්පය ලී බංකුව උඩින් තිබ්බේ පාර දිහා බලාගෙනම. "ඔව් මල්ලී දැන්මම උයන්නත් පටන් ගන්න ඕන." මම ඔහුගෙන් ලැබුණු කාසි කිහිපය ලාංචුවට දමා ආපසු හැරුනේ කුස්සියට යන්නටය. ලොක්කීට මේ ජීවිතේ දැන් හුරු පුරුදුය.සන්තකේටම තිබුණු මුදල් සියල්ලම එදා මල්ලීට දී මා නිවසින් පැමිණියේ කනේ තිබුණු කරාබු දෙක පමණක් රැගෙනය. උකස් මුදලාලිට එය විකුණා ලබා ගත් තුට්ටු දෙකෙන් මා පැමිණ ඇති දුර බොහෝය..මට දැනුනේ අම්මාත් අප්පච්චීත් මා අසල නිතරම සිටිනවා කියාය.එ නිසාම ඔවුන් ලොක්කීව ආරක්ෂා කරනවා විය හැකිය. නොදන්නා පළාතකට පැමිණ ජීවිතේ ගැට ගහගන්න පොර කාපු මට ගුණවතී නැන්දාගේ මරණයත් සමඟ විදින්නට සිදු වු දෑ බොහෝය. "මේ ගෙදර කවුද?" මිදුලේ කොනක වේලෙන්න දමා තිබුණු සියඹලා කරල් ටික එහෙට මෙහෙට කරමින් උන්නු මම ඉස්සරහ මිදුලට ආවේ ඒ කටහඩිනි. "මේ... කාව හම්බවෙන්නද?" පැමිණ සිටියේ මා මේ ගමට පය තැබූ දා සිට අද වෙනතුරු කිසිදාක දැක නොතිබුණු අයෙකි. "ආ....නංගී මට මේ... වතුර ටිකක් දෙනවද?" "මම මේ වැලි ගේන්න යන ගමන්.පිපාසෙට ආවේ." '' හා ඉන්න මම ගෙනත් දෙන්නම්.." " ඉස්තෝප්පුව හරහා කුස්සි කෑල්ලට ගිය මම වීදුරුවකට වතුර වක් කරගෙන නැගිට්ටා පමණි. ආගන්තුකයා මා ඉස්සරහ සිටගෙනය.ඒ ඇස් රාගයෙන් මත් වී ඇත.හිතන්නටවත් ඉඩ නොතබා මගේ අත රැදී වතුර වීදුරුව ගොම මැටි ගෑ ගෙබිමට අතහැරිණි.ඒ ගොරහැඩි අත් අතර සිරවුනු මට කලයුතු කුමක්දැයි මතක් වූයේද නැත. හැකි වෙර යොදා කෑ ගැසුවද මිනිස් පුළුටක් නැති මේ පිටිසර ගම් පියසේ ඇති අනෙක් නිවසකට මගෙ හඬ ඇහෙන්නෙ නැත.එතරම්ම දුරකින් නිවාස පිහිටා තිබීම එයට හේතුවය. නමුත් අවසන ලොක්කීගෙ අතට අසුවූයේ දොර පොල්ලය.හැකි වෙර යොදා දොර පොල්ලෙන් ඒ මිනිහට තඩිබෑව මම මිදුලට පැන ගත්තේ කකුල් දෙකට පිංසිදු වන්නටය. මොහොතකින් කුස්සිය පිටුපස ලදුකෑළෑවට නොන්ඩි ගගහා දුවන මිනිස් ජායාව දුටු විට මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේය. මෙවැනි දෑ සිදුවූයේ වරක් දෙවරක් නොව කිහිප වරක්මය.. නමුත් මා කිසි විටකත් මාගේ ආත්මය පාවා දුන්නේ නැත.ලොක්කීගේ සිතට ඒ සවිය ඕනවටත් වඩා පිහිටා තිබිණි. තනිව ජීවත් වන ගැහැණියක් පතා පැමිණෙන සළෙලුන්ගෙන් මේ ගමටත් අඩුවක් නැත.ලොක්කීද ඒ කරදර වින්දාය.. දුක් කම්කටොළු මැද ගෙවුනු ජීවිතේ ලොක්කීට ඉගැන්වූ පාඩම් බොහෝය.කෙදිනකවත් ඇය ඒ හමුවේ සැලුනේ නැත. තවත් වසර දහයක් ගෙවී තිබිණි..දැන් මා සාර්ථක ව්‍යාපාරිකාවකි.පොල් අතු පැළෙන් පටත් ගත් පුංචි ව්‍යාපාරය නතර වූයේ මා අවන්හල් හිමිකාරියක් බවට පත් කරමිනි. සේවක සේවිකාවන් බොහෝමයක් අද මගේ අවන්හලේ වැඩ කරති .අතට පයට දැසි දස්සන් අද මට සිටිති. හැම මොහොතකම අම්මාටත් අප්පච්චීටත් ගූණවතී නැන්දාටත් ⁣පිං පතා මා බොහෝ දානමය කටයුතු කළෙමි..සොයා යා හැකි වුවත් මා කෙදිනකවත්ම මල්ලී සොයා නොගියෙමි.නමුත් මගේ හදවතේ උණුසුම්ම තැනක අම්මා.. අප්පච්චී.. මෙන්ම මල්ලීද සැමදා රැදී ඇත්තේය. " අම්මී අද මට මේවා එපා..හැමදාම මේවා කන්න බෑ..අර මස් ගොඩක් දාලා තියෙන කහ පාට බත් ඕනී". පුංචි කෙල්ල මේසය මත ඇති නුඩ්ල්ස් පිඟාන දෑතින් මේසයේ කෙළවරට තල්ලු කර දැමූයේ නොරිස්සුමෙනි. " අනේ දුවේ වෙන දවසක අරන් දෙන්නම් .අදට මේවා කන්න." "අම්මි හැමදාම ඕක කියනවා.ඒත් කවදාවත් අරන් දෙන්නෙ නැ.." " අද අම්මි ගාව සල්ලි නැනේ. දුව කන්නකෝ මේක. අපි ගෙදර ගිහින් බත් කමු.තාත්ති එනකල් මෙහෙම ඉමු." මට පිටුපා සිටි නිසා මුහුණු නොපෙනුනත් ඔවුන් කී දේ නම් මට හොදාකාරවම ඇසිණි.අනුකම්පා සිතුනේ දැරිවිටය. සේවකයෙකු අත පණිවිඩයක් තැබූ මා නැවතත් මාගේ ඔෆිස් කාමරයට ඇතුල් වූයේ ඒ දෙසම බලාගෙනය.මා සිටිනා කාමරයට අවන්හලේ ඉදිරිපස හොදාකාරවම පෙනේ.. ටික වේලාවකින් දුම් දමන ආහාර බන්දේසියත් රැගෙන ඒ දෙසට ගිය සේවකයා එය මේසය මත තබනවාත් ඉදහුන් ගැහැණියක කුමක් හෝ පවසනවාත් මම දුටිමි. නමුත් මොහොතකින් ඇගේ ඉරියව් වෙනස් විනි.පොඩි එකාගේ මුහුණේ ඇත්තේ ජයග්‍රාහී සිනාවකි..ඒ දුටු මාගේ මුවේද මද සිනහවක් නැඟිනි. මොහොතකින් අවන්හලේ දොරටුවෙන් ඇතුල් වූ පුද්ගලයා නාම පුවරුව දෙස ටික වේලාවක් බලා ඉද ඔවුන්ගේ මේසයේම වාඩි වූයේය. "ලොක්කී ගේ අවන්හල" මේ මා තැබූ නමය. මා ඇසිල්ලකින් කාමරයෙන් එළියට ආවෙමි. "මේ කෑම ....ඒත්....බිල් කරන්න සල්ලී.." ඔහු වික්ෂිප්තව ඇති බවක් ඒ මුහුණ දුටු ඕනෑම අයෙකුට දැකිය හැකිය. "ඒක හිතන්න එපා.අද මෙහෙන් ස්පෙෂල් ට්‍රීට් එකක් තියනවලු ළමයිට ෆ්‍රී.." කෙසේ නමුත් මාගේ සේවකයා අකුරටම මා කී දේ ඉටු කර ඇත. "හ්ම්...ගිය වැඩේ අදත් හරි ගියේ නැ..කරුමෙට මගේ ජොබ් එකත් නැති වුනානේ.." ඔහු කීවේ පරාජිත මුහුණෙනි. " ණය ගෙවාගන්න බැරි වුනොත් මේ මාසෙත් පොළී එකතුවෙයි.දැන් මොකද කරන්නේ අපි " "මටනම් හිතාගන්න බැ දුවගේ අම්මේ මොනවත්." ඇදී ගිය කෙසඟ සිරුර....දවස් ගානකින් නොකපා ඇති කොණ්ඩය...පොඩිවී ගිය කමීසය... සියල්ල මා සිතා සිටියාට වඩා වෙනස් වී ගොසින්ය. තවත් පියවරක් ඉදිරියට තබන්නට කකුල එසවූවා පමණි... "ඔයාගේ අක්කා ගෙදරින් ගිය දවසේ ඉදන් අපේ හැම දේම නැතිවුනා.එයා අපට සාප කරලා ගියා වගෙයි හරියට" " හ්ම් මටත් හිතා ගන්න බෑ තවමත්" ඉදිරියට තැබූ පය පසුපසට ඇදී ආවේ ක්ෂනිකවය.නෙතින් හෝ ගා කඳුළු බිදු වැටේ...දුවගෙන ඔෆිස් කාමරයට පැමිණ දොර වසා ගත්තෙ අවන්හලේ සිටිනා මිනිසුන් දකීවි යැයි බියෙන්ය. මල්ලී ...උඹ තාමත් වෙනස් වී නැත.එදා මා ගෙදරින් ආ දවසේ සිට අදවන තුරුත් ඔබට ඇත්තෙ මා ගැන පිළිකුලක් නොවෙද? අප්පච්චට මා මෙන්ම උඹටත් ඇත්තේ දියණියකි.ඇයද කෙදිනක හෝ මා වැනිම ලොක්කියකි .එහෙත් කෙදිනකවත්ම මා විදි දෑ ඈ නොවිදිය යුතුමය. මල්ලියේ... මේ ලොක්කීට උඹ දුටු විට දැනුනු සතුට කියා නිම කල නොහැකිය..එහෙත් මියෙන තුරු මා උඹලාගෙ ඉදිරියට යලිදු කිසි දිනක පැමිණෙන්නේද නැත. උඹට මෙන්ම උඹේ දියණියටත් මේ හිතේ පිරී ඇත්තෙ නිමා නොවන සෙනෙහසකි.දුක ...මා සැප විදිනා විට උඹ දුක් විදින එක ගැනය..ඒත් උඹේ දියණියට තවත් එක් ලොක්කියක් වීමට මා ඉඩ තබන්නේ නැත.එය උඹේ ලොක්කීගෙ පොරොන්දුවකි කෙසේ හෝ තොරතුරු සොයා ගෙන මා මල්ලීගේ දියණිය වෙනුවෙන් ඇගේ පාසලේ විදුහල්පතිතුමිය මාර්ගයෙන් ඉගෙනීම සඳහා ශිෂ්‍යත්වයක් ලබා දුනිමි.මල්ලී ණය ලබා ගැනීමට උත්සහ කළ මුදලාලි මාර්ගයෙන් ඔහුට අවශ්‍යය ණය මුදල ලබා ගැනීමට සලස්වා ඒ සියලු මුදල් මා පියවා දැමූවෙමි. මා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට කෙනෙකු නොමැති වුවත් මා මගේම උන් වෙනුවෙන් යුතුකම් ඉටු කළෙමි.අවන්හලේ අයිතියද ජීවිත බුක්තිය පිට මල්ලීගේ දියණියට පැවරූ මා ඒ ලියකියවිලි නීතිඥ මහතකුට බාර දුන්නේ කෙදිනක හෝ මා මිය ගිය පසු ඔවුන්ට ලැබෙන්නට සැලස්වීමේ පොරොන්දුවෙනි.දැන් මට ඇත්තේ අපමණ සතුටකි.ලොක්කී ජීවිතේ ජය ගත්තාය..නැවත ලබා ගන්නට මට කිසිවක් නොමැත. නිමි. චමී...වැස්සි පැටික්කි...(කෙටිකතාව) "අන්න කුමාරිහාමි වැවපහල ගෙදර පදිංචියට ඇවිත් ලු.කලින් තිබුනු ඇගෙන් බාගයක්වත් නෑ.ඕකිට ඔහොම වෙලා මදි.මන් නම් දැනගත්ත කලින් ම.ඕකිට තිබ්බෙ එසෙ මෙසේ ගායක් නෙවෙ.මිනිහවත් දික්කසාද කරලය කියන්නෙ.දැන් අන්න ඉන්නව මහඑකීල එක්ක ගෙදර.අර නොදරුව මලේ හොද වෙලාවට.නැත්තම් ඕකිලගෙ ආරෙම යනව අහිංසක පැටික්කිත්." ගෙදර වැඩට ඉන්න සුනන්ද තරහෙන් කියවගෙන ගියා. මාස තුනකට විතර ඉස්සර වෙලා ළමයට අසනීපයි,සල්ලි කීයක් හරි දෙන්න පුළුවන් ද කියල අහල එවපු ලියුමට තවම උත්තරයක් නොදී මේසෙ උඩම තියෙනවා නේද කියල මට මතක් උනා. ඒත් අම්ම මාව එපා කියල හිර කරේ නැත්තම් මම ඒ මෝඩ වැඩෙත් කරල කියල මට මතක් උනා. කරපු වරද
ට පලිගත්තා වගෙ හැගීමකින් හිත පිරිල තිබුනත් කොනක පොඩි දුකක් තියෙනවා කියල මටම තේරුනා.ඒත් අපෙ කතාව මෙහෙම නොවෙන්න තිබුනා.වෙලාවකට මට හිතෙන දෙයක් තියෙනවා.මන් හරි ආත්මාර්ථකාමී කියල.අහිංසක දරුපැටිය මොනව කරන්න ද.ඒත් ඒක දැන් වෙලා ඉවරයි.පිරිමි එහෙමයි අයිති නෑ කියල දැනුනම අතෑරියත්,තරහව හිතේ තිබ්බත් ඒ ආදරේ හිතේ කොනකින් එබිල බලල හිනා වෙනවා. කවුළුවෙන් පිට වහිද්දී ඇස්වලින් විතරක් තෙමි තෙමී. පරන කවියක මතකයන් තුල නැවත මං නුඹ හමුවෙමී. දුරින් ඉඳ හිනැහිලා සමුදුන් හිතින් අත්නෑරුනු බැමී. රිදුම් නෑ නුඹ වෙනත් හිතකට අනේ නොවුනා නම් හිමී. ------------------------------------------------------------------- උපාද්‍යා අපෙ ගෙදර වැඩට ආපු කෙල්ලෙක් නෙවෙයි.උපාද්‍යාගෙ අම්ම අපෙ අම්මගෙ යාලුවෙක්.ඒ ඇදුරුම්කමට අපෙ ගෙදර නතර වෙලා හැම ඕනේ එපාකමක්ම බලල කරපු නිසා ටික කාලෙකින් උපාද්‍යා අපෙ පව්ලෙ කෙනෙක් උනා. උපාද්‍යට මම දීපු පලවෙනි තෑග්ග රත්ති.දුබුරු පාට කිරි වැස්සි.ඒකිට උපාද්‍යා මාර විදියට ආදරෙන් හිටිය.දරුවෙක් වගේ බලාගත්ත මට මතකයි. උපන්ගෙයි ඉදන්ම අවලස්සන පෙනුමක් තිබුනු මට බලන බලන හැම කෙල්ලම අකමැති වෙද්දි,යාලුකම නමින් ලග ඉතුරු උනේ උපාද්‍යා විතරයි.ගින්දරයි පුලුනුයි එකට තිබ්බම ඇවිලෙනව වගේ,උපාද්‍යා ගැන මගෙ හිතෙ කැමැත්තක් ඇතිවෙන්න මහලොකු කාලයක් ඕනෙ උනෙ නැ.උපාද්‍යා දැකපු දවසෙම මම උපාද්‍යාට කැමතී උනා කියල කිව්වොත් හරි.ඒක මගෙ පැත්තෙන් ගත්තොත් රූපය මූලික කරගත් ගනුදෙනුවක්.මොකද උපාද්‍යා එච්චර ලස්සන කෙල්ලෙක්. ඒත් අපෙ ගෙදර වැඩට හිටි සෝමපාලගෙ කොල්ල එක්ක උපාද්‍යාගෙ ඇයි හොදැයිය මට එච්චර ඇල්ලුවෙ නැ.දර පෝරනුව ලග හිනා කතා,ලිද ලග ඉගි බිගි මට උපාද්‍යා ගැන තරහක් එකතු කරල තිබ්බ. මෝරන එකෙත් අන්‍තෙටම ගිහිල්ලා හිටපු මට හැගීම් නාමෙන් තවත් ඉවසගෙන ඉන්න පුළුවන් කමක් තිබුනෙ නැ. අම්මට මගෙ හිතේ උපාද්‍යා ගැන තිබුනු කැමැත්ත මන් කිව්වෙ ඒකෙන් හොද විදියට මෙ ප්‍රශ්න විසදෙයි කියල පුංචි බලාපොරොත්තුවක් හිතේ තිබුනු නිසා.ඒත් ඒකෙන් උනෙ බලාපොරොත්තු නොවුනු දෙයක්. "යාලුවො කියල ලන් කරගත්තට ඕ-කුන් බඩහැලයො,මන් ගෙදර නවත්තගෙන බූදලෙත් ලියල දෙන්න තියාගත්ත කියල හිතුවද. යකෝ! ගෙදර වැඩ ටික කරගන්න සල්ලි දෙන්න ඕනෙ වෙන් නෑ ඕකුන් වගෙ මිනිස්සු හිටියම." අම්ම එහෙම කියද්දි උපාද්‍යා ගැන මට ඇතිවුනෙ දුකක්.මන් කවදාවත් හිතුවෙ නැ අම්ම ඒ විදියට හිතනව කියල. කොහොමින් කොහොම හරි අම්මගෙ වචන වලිනුත් උනෙ අනුකම්පාව නාමෙන් උපාද්‍යාට මගෙ හිත තව ටිකක් නැඹුරු උනු එක. මන් මගෙ අදහස උපාද්‍යට කිව්වම උපාද්‍යා කරෙ "අනේ! හර්ශ අයියෙ,ඔයාට මාව ගැලපෙන්නෙ නෑ." කියල ඒක විහිලුවට අරන් එතනින් යන්න ගියපු එක.ඒත් මගෙ පිරිමි හිතට තේරුනා ඒ ඇස් වලත් මන් ගැන පුංචි කැමැත්තක සේයාවක් තියෙන විත්තිය. අම්ම නුවර ලොකු නැන්දගෙ ගෙදර ගිහිල්ලා ආව විතරයි .දවස් ගානක් මහ මොරසූරන වැස්ස.එදත් හරිම අදුරු වෙච්ච දවසක්.උදේ ඉදන් චිරි චිරිය.මම හිටිය කාමරේට වෙලා හොදට පොරවගෙන.උපාද්‍යා කෝපි එකකුත් හදාගෙන කාමරේට ආවෙ මම ඉල්ලපු නිසාමයි.කෝපි එක තියල ඔයාට යන්න තිබ්බ උපාද්‍යා.මගෙ ඔලුව අතගාල සනීප නැද්ද කියල ඔයා ඇහුවෙ මොකටද කියල මන් අදටත් පසුතැවෙනව. ඔයාගෙ ඔය ආඩම්බරකම මන් ඉස්සරහ මොකට නැතිකරගත්තද උපාද්‍යා.කොහොම හරි වෙන්න තියෙන දේවල් නවත්තන්න බෑ.දැන් ඉතින් කොහොම හරි ඔයාව මට අයිතිකරගන්නම වෙනව.අම්මට උනත් දැන් අකමැති වෙන්න බැරි වෙයි.මන් හිතුවෙ එහෙම. අපි මාසයක් විතර ආදරෙන් ඉන්න ඇති.අම්මත් පස්සෙ අපිට කැමතී උනෙ වෙන කරන්න දෙයක් නැති හින්ද. ඒත් හිතුවෙවත් නැති විදිහට ඔයා ගෙදරින් ගිහිල්ලා තිබුන. "සෝමපාලයගෙ කො-ල්ල එක්ක උපාද්‍යා පැනල ගිහිල්ලා" හැමොම කිව්වෙ එහෙම. මන් දවසක් සෝමපාලගෙ කො-ල්ල ගැන කියද්දි, "මිනිස්සුන්ට බැරිද කතා හදන්න,මට එයා මගෙ සහෝදරයෙක් වගෙ" කියල උබ කිව්ව. මට උබ ගැන ආවෙ දරාගන්න බැරි තරහක්.අකමැත්තෙන් මාත් එක්ක හිටිය නෙවෙයිනෙ උපාද්‍යා. මන් උබ නිසා පි-ස්සෙක් උනා උපාද්‍යා.මට උබව අමතක කරගන්න බැරි උනා.කතාවක් තියෙනවා නෙ බං, පුරා සව්දිය අපුල මීවිත උරා යටිහිත හිනැස්සූ දරා කඳුලැලි හිතේ හිරකොට මතක අමුවෙන් පිලිස්සූ විඩාවක් මිස හිනාවක් නැති තැනදි තුන්හිත ඇවිස්සූ විරාගයෙ රස හෙව්වේම රා-ගයට පන දුන් මිනිස්සූ කියල,ආයෙ ඇවිත් මගෙ හිතට වද දෙන්නෙ මොකද උපාද්‍යා. උබ මෙහෙන් ගියාට පස්සෙ උබේ රත්තිට පැටියෙක් හම්බුනා බං.මට ආරංචී උබටත් දැන් ළමයෙක් හම්බෙලා කියල. ආයෙ උබ මෙහෙ වැවපහල ගෙදරට එන්න සති දෙක්කට විතර කලින් රත්තිගෙ පැටිය මැරුනා.උබේ ළමයත් අසනීප වෙලා නැති උනාලු.මිනිහත් උබව දාල ගිහිල්ලා කියල තමයි ගමේ කතා වෙනව කියල අම්ම කිව්වෙ. උ-බේ අරලිය මල් ගහ යටමයි මගෙ රත්ති පැටික්කි වල දැම්මෙ.උබ මාව දාල ගිය තනිය මැකුවෙ ඒ වැස්සි පැටික්කි බන්.උබ මාව දාල ගියාට වඩා මට දුකයි ඒකට. ඒත් ඒකටත් එහා අදටත් උ-බව මට මතක් උනාම එතෙන්ට ඇවිත් ඇඩුවම කවුරුත් සැක කරන්නෙ නෑ බං. " මහත්තය ....මහත්තය ... අන්න අරකි බෙල්ලෙ වැල දාගෙන ලූ..." සුනන්ද කලබලෙන් දුවගෙන ඇවිත් කිව්වම මම රත් උනා. "ක..ක..ක.කව්ද..." "වෙන කවුද ඉතින්,අර කුමාරිහාමි තමයි.ඕ-කුන් රටට ලෝකෙටත් බරක්." සුනන්ද ඒක කියල ඉවර කරන්නත් කලින් මම දිව්වෙ පාර දිගේ වැව පහලට යන්න. "පුතා ඔය ගමන යන්න එපා..." අම්ම තව මොනව හරිත් කිව්ව.මට කිසිම දෙයක් ඇහුනෙ නැ.මට ඕනෙ උනේ ඉක්මනට උපාද්‍යා ගාවට යන්න.ඒත් මම යනකොටත් මි-නිය ගෙනිහිල්ල.අවසානේට ලියුම් කෑල්ලක් විතරක් හර්ශට දෙන්න කියල ඉතුරු කරල ඒ බොරු-කාරි යන්න ම ගිහිල්ලා. ඒත්,ඒ ලියුම කියවපු හැටියෙම මට උන්නු හිටි තැන් අමතක වෙලා ගියා.ඇත්තටම මන් මොකක්ද මේ කරේ. හර්ෂ , හැමදාම ගිහිල්ලා කදුලු හලනව නේද ,මගෙ අරලිය ගහ ගාව.වැස්සි පැටික්කි විතරයි එතන ඉන්නෙ කියල හිතුවට උබෙ ලේ වලින් ආපු ඒ අසරනීත් එතන තමයි හර්ශ නිදාගෙන ඉන්නෙ.පොඩ්ඩක් මතක් කරල බලනව,තමුනුයි තමුන්ගෙ අම්මයි එකතු වෙලා මරාගත්තු මගෙ අසරනී එතෙන්ට වෙලාවත් සැනසීමෙ ඉන්නවද කියල.මේවට කවදහරි තමුන්ට වන්දි ගෙවන්න වෙයි හර්ශ.තමුන්ගෙ ලේ ඩිංග බේරගන්න රුපියලක් වියදම් කරන්න බැරි උනු ත-මුන්ට මන් සා-ප කරනව.ජීවිතේ තියෙන කම් දරුවෙක්වත් දකින්න බැරි වෙන්න කියල.ජා-ති ජා-තිත් තමුන් වගෙ පි-රිමියෙක් මගෙ ජීවිතේට එන්න එපා.දැන්වත් සැනසීමෙ පවුලෙ නම්බුව බේරගෙන ඉන්නව.අම්මටයි පුතාටයි දැන් හොදට නින්ද යාවී." ලියුම සම්පූර්ණ ඉවර කරන්නත් කලින් මට කිසිම දෙයක් හිතාගන්න බැරි උනේ කකුල් දෙක පන නැති වෙලා මාව බිමට ඇදගෙන වැටුන නිසා.මට තේරුනා මොකක හරි මගෙ ඔලුව වැදෙනව.මගෙ ඇස් දෙක නිල් පාට වෙලා පියවුනා. "උපාද්‍යා........" (Vidu de silva ✍️ ) ඔයාලගෙ අදහසත් ලියාගෙන යන්න පහලින්.විවාහ සහතිකය____ මහත්තයො , පුතාලගේ අප්පච්චි මිය ගියා පනස් හත් වසරකට පසුව මා තනි වුණා වයසටම මිය ගියා වෙදැදුරන් පැවසුවා මං දිහා බලාගෙන ඔහු හුස්ම පිට කළා... කරමාලේ උකස් කර කොල්ල පිටරට ගියා අප්පගේ මළගමට ඌට එනු බැරි වුණා සින්නවෙන්නට යන්නේ ලියමනෙන් පැවසුනා රත්තරං නම් කුමට රන් කඳම නැති වුණා... කවදාක හරි පුතා ආවොතින් මා සොයා දෙන්ට අති එකම දේ සින්න වෙයිදෝ කියා මියෙන්නට පෙර දිනක හිස් අහස දෙස බලා අරුන්දෑ බෝ දුකින් සුසුම් වැල් පිට කළා... මැරුණ මිනිහට එහේ සැනසිල්ලේ නෙතු පියා ඉන්ට හැකි වනු පිණිස කීර මිටි විකුණලා හනිහනික මම ආවේ බේරගන්නට කියා උනදැගේ නමින් ඇති මාලේ උකසට තියා... අම්මෙ අප හට දෙන්න ලියැවිල්ලකින් ලියා මරණ සහතික⁣ය සහ දිවුරුමකිනුත් ලියා මේ තියෙන කඩදාසි ලියා අතසන් තබා විවා සහතිකයකුත් දෙන්න පිටපත් ගසා.... දිවරුමක් දෙන්නට හැකි ඕනා විදියට ලියා ඒත් නෑ අපි පොතක කසාදය නම් ලියා හුස්ම පොද තියන තෙක් නැතුව අඩුවක් තියා නෑ කවමදාවත් උඹ බොලං වත් කියා.... එකම හිතකින් ඉන්න අපි අපට දිවරුවා මියගියත් සෙනෙහෙ ගඟ නෑ අපේ වියැලිලා කුරුටුගාමින් ලියන බොළඳ පෙමකට වඩා එක හිතින් පැල් ගැහුන බැම්ම හත්තිය හොඳා.... අප්පගේ මරණෙටත් අාපු නැති අපෙ පුතා ආයේ නම් නොඑනු ඇත මාලේ අයිතිය පතා සොයාගත් මුදල් ටික අරුන්දැට පින් තකා දානයක් පිරිනමමි නිවන් යන්නට පතා....අවසන් රිදුම 💔 දින සති ගෙවී යද්දී පාරින්දී තමා අතරමග නවතා දැමූ මෝස්තර නිරූපණ ශිල්පය පිළිබඳ උපාධිය නැවත ආරම්භ කළ හැකිදැයි සොයා බැලුවාය. එසේම, මුහුණු පොත හරහා හමුවූ තමාගෙන් නිර්මාණ මිලදී ගත් කාන්තාවන් ඇය නැවත සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළාය. "ඔයාගේ ඩිසයින්ස් හොඳයි. ඒක මම පිලිගන්නවා. ඒත් ඔයාට වැඩ හැදීගෙන එන කාලෙ තමයි ඔයා එකපාරට අයින් වුනේ. ඒකෙන් අපිත් අමාරුවේ වැටුණා. ආපහු ඔයත් එක්ක එකතු වෙලා, ඔයා ආපහු අයින් වුනොත් අපිත් අමාරුවේ වැටෙනවා." "ආයි එහෙම වෙන්නේ නැහැ අක්කේ. මහත්තයාගේ අම්මා අසනීප වුන නිසයි මට වැඩ කර ගන්න බැරි වුනේ. දැන් එයාට හොදයි." "සොරි නංගී. වෙන කාව හරි බලන්න." ඇයගෙන් පෙර නිර්මාණ ලබාගත් සියල්ලන්ගේම ප්‍රතිචාරය එසේ වෙද්දී, තමාට පෙර සේම නැවත ආරම්භ කල හැකි මඟක් ඇයට නොපෙනුනේය. "මට ටිකක් කතා කරන්න ඕනි සසංක" "කියන්න." "මට මහන්න පටන් ගන්න ඕනේ. ඔයා කලින් කැමති වුනේ නෑ තමයි. ඒත් දැන් ඔයත් ස්ටඩීස් එක්ක බිසී නිසා මට ගෙදර නිකන් ඉන්න බැහැ." "මම ඔයාට කලිනුත් කිව්වනේ. ගෙදර වැඩ වලට බාධා වෙන්නෙත් නම්, ඔයා ඕක කරන්න. හැබැයි, කුලියට ඇඳුම් මහන්න පටන් අරන් මෙතන මිනිස්සු පුරෝගන්න එපා. මිනිස්සු මට හිනා වෙයි." "නැහැ. මම ඔන්ලයින් සේල් කරන්නේ. මැශින් එකයි රෙදියි ගන්න ඕනේ. මට සල්ලි ටිකක් දෙන්න." "මම ලග සල්ලි නෑ පාරී. ඩිග්‍රී එකට බැන්දානේ. ඔයාට පුළුවන් නම් මොනවාහරි කරගන්න. බැරිනම්, ඔය ඉන්න විදිහටම ලෝකෙට ණය නොවී ඉන්න. ඔය මහන ඒවා විකිනෙයිද කව්ද දන්නේ." තවත් කිසිවක් නොකියා නිහඩ වූ පාරින්දී පසුදා උදෑසනින් තම ආභරණ රැගෙන බැංකුවේ උකස් අංශය අසල පෙනී සිටියාය. උකස් අත්තිකාරම් මුදලින් අවශ්‍ය සියලු දේ මිලදීගත් ඇය දෙදිනක් ගතවන විට තම
පළමු ගවුම නිමකර මුහුණ පොත හරහා මුදා හැරියාය. කිසිදු ඇණවුමක් නොලැබුනද ලද ප්‍රතිචාර ඔස්සේ දිරිමත් වූ ඇය තවත් මාසයක් පමණ ගත වන විට තවත් නව නිර්මාණය හතරක් මුහුණු පොත හරහා ඉදිරිපත් කලාය. "කොහොමද ඔයාගේ බිස්නස්? ඕඩර්ස් මුකුත් නෑ නේද?" "තවම නෑ." "දැන් මාසෙකටත් වැඩියිනේ, උකස් කරපු බඩු ටික බේරෙ ගන්නේ කොහොමද?" "මම බලන්නම්." "ඇයි පාරී ඔයා ඔච්චර හිතුවක්කාර? බඩු ටිකත් නැති කරගෙන, මේ විකාරයක් පටන් ගන්නකල් ඔයාට නින්ද ගියේ නෑනේ. කතා කලේ නම් මෙයාගේ ඇදුම් ගන්න මිනිස්සු මග බලාගෙන ඉන්න තාලෙට" සසංක අවඥාවෙන් කියා දැම්මේය. "සංසක ප්ලීස්. මම තාම පටන් ගත්තා විතරයි. මේක දියුණු කරගන්න පුළුවන් මට" "මට පුළුවන් හැම දේම මම ඔයාට දෙනවා පාරී. මේ ගෙදර කිසිම අඩුවක් කරලා නෑ මම. ඒ නිසා බොරුවට සද්දේ දාන්න එපා" "ඒක ඇත්ත. හැබැයි සසංක අපි කෙනෙක්ට අපිට පුළුවන් උපරිම දේ දෙනවාට වඩා, අනිත් කෙනාට ඕන අවම දේ හරි දෙන එක වටිනවා." "තමුසේ කතා කරන්නේ මම තමුසේ වෙනුවෙන් මුකුත්ම කරලා නෑ වගේනේ" "ඔයා මන් වෙනුවෙනුත්, මම ඔයා වෙනුවෙනුත් දේවල් කලා. ඒත්, මම මාව වැඩියෙන්ම අගය කරයි කියලා බලාපොරොත්තු වෙන කෙනාම, මාව පහත් කරනකොට මට දරා ගන්න අමාරුයි. ඔයා දැන්වත් මට සමච්චල් නොකර ඉන්න. එච්චරමයි ඕනේ." තවත් කතාව දුර ගෙනයාමට අකමැති වූ පාරින්දී නැගිට ඉවතට ගියාය. ඉතින් ජීවිතය තව දුරටත් සොදුරුව ගෙවී ගියේ නැත. සසංකට පාරින්දිව නොරුස්සනා තරම වැඩි වූ අතර, ඔහුගේ ඇනුම්පදවලින් බේරීමට හැකි සෑම විටම පාරින්දි ඔහුව මගහැර සිටියාය. "ඔෆිස් එකේ රවීන්ගේ වෙඩින් එක. අපි දෙන්නාටම ඉන්වයිට් කලා. දෙන්නාටම ඇදුම් හදන්න." තවත් මාසයක් අවසානවන විට සසංක පැවසුවේය. "මම ඇවිත් ඔයාට ලැජ්ජවෙයිනේ." "දොඩවන්නේ නැතුව ලෑස්ති වෙනවා. මට ගෑණි මැරුණ මිනිහා වගේ තනියම යන්න බෑනේ." තමාම නිර්මාණය කල ගවුමකින් සැරසී රූපලාවණ්‍යගාරයෙන් ඉවතට පැමිණෙන පාරින්දී සැබෑවටම සොදුරුව සිටි නමුදු සසංක ඇයව වර්ණනා කලේ නැත. ඔහු තුල කුමක් හෝ කරුණක් නිසා නොරිස්සුමක් ඇතිවී තිබිණි. තමා තේරූ වර්ණයෙන් සැරසී සිටින සසංකද සැබෑවටම කඩවසම්ව බව දුටු පාරින්දී බෙහෙවින් සතුටු වූ නමුත්, ඔහු කුමක් හෝ කියා තම සිත රිදවාවී යැයි සිතූ නිසා ඔහුව වර්ණනා කිරීමට පාරින්දී ගේ මුව විවර වූයේ ද නැත. එකම වර්ණ තේමාවකින් සැරසී සිටි යුවළ මංගල උත්සවයේ කාගේත් අවධානයට ලක් වූ අතර, පාරින්දි ඇඳ සිටි ගවුම බොහෝ යුවතියන්ගේ අවධානය දිනා ගත්තේය. "මේක හරි ලස්සනයි. කොහෙන්ද ගත්තේ?" " මගේ ඩිසයින් එකක්. මමමයි මැහුවේ." ආයතනයේ අංශ ප්‍රධානියකුගේ තරුණ බිරිඳක් විමසන විට පාරින්දී නිහතමානීව පිළිතුරු දුන්නාය. "ඇත්තටම! ඔයා මාර දක්ෂයි නේ. මටත් ඇඳුමක් හදාගන්න ඕනේ" "මම කරපු ගොඩක් ඩිසයින් මගේ 'පාරින්දී ෆැශන්ස්' පේජ් එකේ තියෙනවා. සර්ච් කරලා බලන්න. ඕන විදිහ කියන්න මම කරලා දෙන්නම්" සසංක තම මිතුරන් සමඟ එක්වී සිටි නිසා පාරින්දි නිදහසේ තමන් සමග කතා කළ යුවතියට සියලු විස්තර ලබා දුන්නාය. පාරින්දිගේ නිර්මාණ දැක සතුටු ඇය අසල සිටින කාන්තාවන්ද ඒ පිළිබඳව දැනුවත් කල නිසා, සසංක මිතුරන්ගෙන් මිදී ඇය හා නැවත එක්වෙන විට පාරින්දී ට ඇනවුම් දහයක් පමණ ලැබීතිබිණි. "කට්ටිය බර සාකච්ඡාවක් වගේ." "සසංක සර්ගේ වයිෆ් ෆැශන් ඩිසයිනිනර් කෙනෙක් කියලා අපි දන්නේ නැහැනේ. එයාගේ ඩිසයින් හරිම ලස්සනයි. හරිම යුනික්." "ඒක කියන්න මට අවස්ථාවක් ආවෙත් නැහැනේ" විමසූ තැනැත්තියට සසංක සිනහවකින් පිළිතුරු දුන්නේය. "ඒකනේ අපිට වැඩ ගොඩක් තියෙනවා මැඩම්ට කියලා කර ගන්න." "හ්ම්ම්. කර ගන්න. හැබැයි ඕවට මාව සම්බන්ධ කරගන්න එපා." "අපෝ නෑ සර්. මේවා ලේඩීස් ඔන්ලි මැටර්ස්." කාලයකට පසු සසංක සැහැල්ලුවෙන් කතාබහ කරන හෙයින් පාරින්දීද සතුටට පත් වී සිටියාය. නමුත් සැහැල්ලුවෙන් කතා කරමින් සිටි සසංකගේ මුහුණ එක්වරම වෙනස් වූ නිසා පාරීන්දීද ඔහුගේ දෑස යොමු වී ඇති දෙසට දෑස් යොමු කලාය. අඩි කිහිපයක් ඈත සිට තම මේසය වෙතට පැමිණෙන නැටලි දුටු පාරින්දිට සසංකගේ වෙනස වටහා ගැනීමට අපහසු නොවීය. "හායි ගායිස්." යුරෝපීය ඇදුමකින් සැරසුනු නැටලි ඔවුන් අසලට කඩා වැදුනාය. විදේශයකින් පැමිණි තරුණියක්සේ සෑම විටම ඉංග්‍රීසියෙන් ම කතා කරන නැටලි හමුවේ පෙර කිහිප අවස්තාවකම තමා අපහසුතාවයට ලක් වූ අයුරු පාරින්දිට සිහි විය. "පාරී අපි අර පැත්තට ගිහින් එමුද? අශේන්ලා ඔයාව ඇහුවා." " නැටලි ආවා විතරනේ ටිකක් කතා කරලා යමු." පාරින්දී පවසද්දී සසංක ඇය දෙස රවා බැලුවේය. "මිසිස් පාරින්දී ගොඩක් කාලෙකින්." "ඔව් නැටලි පහුගිය දවස් ටිකේ වැඩත් එක්ක බිසී වෙලා හිටියේ. ඒ නිසා පාටියකටවත් එන්න වුනේ නැහැ. කොහොමද ඉතිං ඔයාට?" "මම හොඳින්. ඔයා බිසී උනේ මොනවත් එක්කද?" "මගේ ඩිසයින් වැඩත් එක්ක. දැන් මේ කට්ටිය බල බල හිටියෙත් මගේ ඩිසයින්." "ඇත්තද? කෝ මටත් පෙන්නන්නකෝ." "මෙන්න බලන්න." "වාව් මාර ලස්සනයි. සසංකගේ වයිෆ් මාර ටැලන්ටඩ්නේ." නැටලි පැවසූ විට එයට සිනහවකින් පිළිතුරු දීමටවත් සිහියක් සසංකට නොවීය. තමා කිසිදා බලාපොරොත්තු නොවූ ලෙස, පාරින්දී ඉතාමත් චතුර ලෙස නැටලි හා ඉංග්‍රීසියෙන් කතා කිරීම ම ඔහුව පුදුම කර තිබුණි. "මේ හැමදේම සසංක නිසා තමයි මිස් නැටලි. මට මගේ හස්බන්ඩ්ගේ සපෝර්ට් එක නොලැබුණා නම්, මේ කිසි දෙයක් කර ගන්න වෙන්නේ නෑ. එයා තමයි මගේ ටැලන්ට් එක අදුරගෙන ආයෙත් මාව ස්ටඩීස්වලටත් යවන්නේ. මමනම් එච්චර ආස වුනෙත් නෑ. ඒත් මෙයාම තමයි මට කිව්වේ මැරි කරද්දී බාගෙට කරලා තිබුන ඩිග්‍රී එක ආයේ පටන් ගන්න කියලා. ඒ අතින් මම මාර වාසනාවන්තයි." "ඇත්තටම පාරින්දී" "ඔයා ග්‍රේට් හස්බන්ඩ් කෙනෙක් සර්" "පාරින්දී මැඩම්ගේ පින තමා." "අපේ ශේන්ටත් කියන්න ඕනේ සසංක දිහා බලලාවත් හැදෙන්න කියලා. වයිෆ් මෙච්චර ආදරෙන් වර්ණනා කරන එකෙන්ම පේනවානේ සසංක කොච්චර හොද කෙනෙක්ද කියලා." තවත් විනාඩි කිහිපයක් ගතවන විට පාරින්දිගේ වදන් හමුවේ සියලු දෙනා ඔහු අගය කරන විට සසංක පුදුමයෙන් පුදුමයටත් පත්වී සිටියේය. "ගෑණුන්ගෙන් හොදක් අහගත්තා කියන්නෙම උබ නියම පොරක් සසා. වෙල් ඩන් මචන්." මදුවිතෙන් සප්පායම් වෙමින් සිටි මිතුරන්ද සසංක වෙත පැමිණ පවසද්දී සසංක පාරින්දිගේ අතින් තදකර අල්ලා ගත්තේය. පසුදින සවස සසංක කාර්යාලය අවසන් වී පැමිණෙන විට පාරින්දි සාලයේ රැදී සිටියාය. උදෑසනින් කෑම පිළියෙල කර දී සසංක පිටවී ගිය පසු නිවසේ සියලු වැඩ කටයුතු අවසන් කර, සවස හතර පමණ වන තෙක් තම ව්‍යාපාර කටයුතුවල නිරතව, සසංක පැමිණීමට පෙර රාත්‍රී ආහාරය සූදානම් කර අවසන් කිරීම පාරින්දී සෑම විටම තම පුරුද්දක් කරගෙන සිටියාය. සසංක තම අත තිබූ පාර්සලය පාරින්දී අත තබන විට ඇය පුදුම වූයේ බොහෝ කලකින් සසංක නිවසට එන විට කිසිවක් රැගෙන නොආ නිසාය. "මෙතන ලක්ශ තුනක් තියෙනවා. ඔයාගේ ඩිග්‍රී එක රිනීව් කරලා සෙකන්ඩ් ඉයර් එකේ ඉදන් ආයේ පටන් ගන්න. මම ඉන්ස්ටිටියුට් එකට කතා කලා. ලබන ඉරිදා ලෙක්චර්ස් පටන් ගන්නවා. හෙට ගිහින් මේ සල්ලි බදින්න. ඔයත් කතා කරලා විස්තර ගන්න ඇතිනේ." "ඔව් මමත් කතා කලා" "ඇයි මේ මැඩම් පුදුම වෙලා ම් ? ඊයේ වෙඩින් එකේදී කතා කරපු විදිහට මම ඔයිට වඩා පුදුම වුනා. වෙලාවට මට ප්‍රෙශර් තිබුනේ නැත්තේ" "සසංක මම මේ.. තැන්ක් යූ සෝ මච්. මට මේ සල්ලී ගොඩක් වටිනවා" "තාත්තාගෙන් සල්ලී ඉල්ලලා නේද තිබුනේ. මට ඇහුනා රෑ තාත්තාට කතා කරනවා. දැන් කතා කරලා කියන්න ඒ සල්ලී ඕනේ නෑ කියලා. මම මේ එෆ් ඩී එකෙන් සල්ලි ටික ගත්තා. මේක බදින්න දැන්. ඊලග ඉයර් එක වෙනකොට අයේ සල්ලි එකතු කරගන්න පුළුවන් නේ." පවසමින් සසංක කාමරයට වැදුනේය. " මට සසංකව එක පාරටම අත් ඇරලාම දාන්න ඕනේ වුනේ නෑ. ඒක නිසා තමයි මම මේ අන්තිම උත්සහායත් ගත්තේ අම්මේ. මම දන්නවා එයා වර්ණනාවට ගොඩක් ලෝභයි. මම එයාව අනිත් අය ඉස්සරහා ඉහලින් තිබ්බහම, හැමෝම එයාව මාර සපෝර්ටිව් කෙනෙක් විදිහට වර්ණනා කලහම, එයා කොහොමත් ඒ තත්වේ රැක ගන්න හදනවා. අනිත් අයට පේන්න හරි එයා මට සපෝර්ට් කරනවා. එතකොට මට මගේ ගමන නිදහසේ යන්න පුළුවන් වෙයි කියලා මට හිතුනා." "හ්ම්ම්. සමහර ප්‍රශ්න විසදන්න ඕනේ මොළෙන්. ඔය සල්ලී ඔයා ගත්ත එක හොදයි. ඒකෙන් එයාගේ හිත තවත් හැදෙන්න ඇති, ඔයාට සල්ලී දුන්නේ එයානේ කියලා. ඔයා සල්ලි එකතු කරලා එයාට ඕන වෙනකොට හෙමිහිට දෙන්න. එයාට වුනත් ණය තියා ගන්න හිතන්න එපා. හැබැයි එහෙම හිතනවා කියලා පෙන්නන්නත් එපා. එයා කැමති ඔයා හැමදේටම එයාගෙන් යැපෙනවාට නම්, ඒක එහෙමයි කියලා ම පෙන්නන්න. හැබැයි ඇත්තටම ඔයා ස්වාධීන වෙලා ඉන්න." "හ්ම්ම්" "මිනිස්සු වෙනස් වෙනවා දූ. අපි පිටට නොපෙන්නුවට, කවදාවත් කාගෙවත් මත යැපෙන්නවත්, අපේ සතුට කාගෙවත් මත තියන්නවත් හොද නෑ. එළියෙන් මෘදු වෙන්න, යැපෙන්න. හැබැයි ඇතුලෙන් හයිය වෙන්න. එතකොටයි දූ ඔයාට ඇත්තටම නිදහසේ, සතුටින් ඉන්න පුළුවන්." ( ........ සසංක අබේවර්ධනගේ සටහන..........) ඉතින් වයස අවුරුදු විසි හයක් සම්පූර්ණ වන විට ජීවිතය බොහෝ සොඳුරුව ගලා යමින් තිබිණි. පසෙකින් උපාධිය සම්පූර්ණ වෙමින් පැවැති අතර, අනෙක් පසෙන් නිවසේ ඉදිකිරීම් සම්පූර්ණ වෙමින් පැවතිණි. මාගේ සිත් ගත් යහපත් පවුල් පරිසරයක් තිබූ යුවතිය සමග එක්වීමට තවත් කල් නොගත යුතු යැයි මා තීරණය කලේ එබැවිනි. පාරින්දී විජේනායක මාගේ ජීවිතයට සම්බන්ධ වූයේ එසේය. ඒ වන විට ඇය හදාරමින් සිටි නිර්මාණකරණය පිළිබඳ උපාධි පාඨමාලාව නවතා දැමීමට මට කිසිසේත් අවශ්‍ය වූයේ නැත. නමුත් විවාහ වී ගෙවී යන මුල් අවදියේදී ඇය සමග ඇලී ගැලී ජීවත් වීමට, හැකි සෑම විටම රෝමාන්තික වීමට අවශ්‍ය හෙයින්, ඇය නොමැතිව ඉරිදා දවස තනිව නිවසට වී සිටීම මට රුචි නොවීය. මාගේ එකම වදනකට නතුව ඇය උපාධිය අතහැර දමද්දී යම් ශෝකයක් දැනුනමුත්, අපට එක්ව ගතකල හැකි කාලය පිළිබඳව සිතා සතුටු වුනෙමි. ඇයද ඒ පිළිබඳව දුක් නොවන නිසා පසුව මා ද එය අමතක කරම දැමුවෙමි. මා යනු කුමන හේතුවක් නිසා හෝ බිරිද මුදල් ඉපයිය යුතු නැතැයි තරයේ විශ්වාස කල පිරිමියෙක්මි. 'අපි කොච්චර හම්බකලත්,
ගෑණු සල්ලී හම්බකරන්න ගත්තහම අපිට වෙන්නේ නිකන්ම යටත් වෙන්න'. විවහා වීමට තබා පාරින්දීව හදුනා ගැනීමටත් පෙර මිතුරෙකු සමග යෙදුණු සංවාදයේදී ඔහු පැවසූ එම වදන් ගලේ කෙටු අකුරක් ලෙස මාගේ හිතේ තැන්පත් වී තිබිණි. ඉතින් කිසිවිටෙකත් පාරින්දීව රැකියාවකට යොමු කිරීමට මා අදහස් නොකලේ එබැවිනි. රැකියාවෙන් ඉහළට යාම සහ සමාජයේ ගරු සැලකිලි ලබාගැනීම මාගේ සිහින අතර ඉහළින්ම විය. මා එම සිහින හඹා ගිය නමුත් පාරින්දිගේ සිහින මොනවාදැයි කිසිවිටෙකත් නොවිමසුවෙමි. ඇයටද මා මත ම ඇලීගැලී සිටිනවා විනා වෙනත් කිසිදු අවශ්‍යතාවයක් මුලින් නොතිබුණේ ය. නමුත් මා තවත් උපාධියක් හැදෑරීමට පටන් ගත් විට තත්වය වෙනස් විය. පාරින්දි ඇඳුම් නිර්මාණය කර විකිණීමට විමසුවාය. නමුත් එය මිනිසුන්ගේ සමච්චලයට ලක්විය හැකි යැයි සිතූ නිසා මා එය ප්‍රතික්ෂේප කලෙමි. ඉන්පසු ඇය ඇගේ නිර්මාණ පමණක් අලෙවි කිරීමට පටන් ගත්තාය. දින හතම නිවසේ තනිව කල් ගෙවීම ඇයටද අපහසු වනු ඇති බව සිතුනු නිසා, මා එයට අකමැත්තෙන් නමුත් කොන්දේසි සහිතව එකග වුනෙමි. මවගේ අසනීපයත් සමග ඇය අප සමඟ පදිංචි වූ නිසා පාරින්දිගේ වැඩ කටයුතු සියල්ල අවහිර වන විට, මුවින් නොපැවසුවද මම බෙහෙවින් සතුටු වුනෙමි. රැකියා ස්ථානය මාරු වී වෙනත් සමාජ මට්ටමක පිරිසක් ආශ්‍රය කරන්න සිදු වූ විට නැවතත් සියල්ල වෙනස් විය. මාගේ නව සමාජය හා ගැටීමට තරම් ඉංග්‍රීසි භාෂා දැනුමක්, සමාජ අවබෝධයක් හෝ ඉහළ රැකියා තත්ත්වයක් පාරින්දී සතු නොවීය. නැටලි සහ ඇය වැනි විවිධ පුද්ගලයන් ඉදිරියේ පාරින්දී නිහඩව සිටීම ඔවුන්ගේ සමච්චලයට ලක්වන විට මට මහා නොරිස්සුමක් ඇතිවිය. සැබෑවටම මා නොරිස්සුම ඇති කර ගත යුත්තේ පාරින්දි සමඟ නොව, ඇයට උගත්කමක් හා රැකියා තත්ත්වයක් ලබා ගැනීමට අවස්ථාව නොදුන් මා පිළිබඳව ම බව යම් අවස්ථාවලදී මාගේ යටි සිත මට මතක් කළේය. නමුදු මා තුල සිටි මාන්නයෙන් ඉදිමුණු ඒ පිරිමියා, ගැහැණිය රැකියාවක් නොකල යුතුය සහ ඒ නිසා ඇයට උපාධියක් නොතිබුණාට කම් නැතැයි යන මතයේ ම සිටියේය. ඉතින් පාරීව මගේ සමාජයට මදිවන විට ඇයව එම සමාජයට යොමු කිරීමට කටයුතු කල යුතුම යැයි සිතුන නමුත්, එසේ කල හොත් මා හට තත්වයක් නැතිවේයැයි සිතුන නිසා, මා වරින් වර පීඩාවට පත්වුණිමි. එම පීඩාව නොරිස්සුමක් වූ අතර, මට මාගේ සිතුවිලි පිළිබඳවම වූ නොරිස්සුම, පාරින්දි ඔස්සේ පිටවිය. කල් යත්ම ඇයද හිතුවක්කාර වී ඇඳුම් මැසීම ආරම්භ කළාය. ඒ හා සමානවම මාගේ නොරිස්සුම වැඩිවූ අතර අප විවාහය දෙදරා යාමට ආසන්නව තිබුණි. රවීන්ගේ විවාහ උත්සවයට පාරින්දී රැගෙන යාමට සිතුවේ තනිව යාම සුදුසු නොවන බැවිනි. තමාම මසා නිමකරගත් ගව්මට, ඇය බොහෝ සොඳුරුව පෙනුන නමුත් මාගේ සිතේ වැඩ කළේ තවත් ටික වේලාවකින් ඇය නැටලි සහ අන් අය ඉදිරියේ අපහසුතාවයට පත්වන අයුරුය. එම සිතුවිල්ල නිසාම ඇයව වර්ණනා කිරීම මා හිතා මතාම අත්හැර දැමුවෙමි. නමුත් ඉතාම චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරුවමින් ඇය නැටලි සමග කතා කරන විට, ඇගේ නිර්මාණ සියලු දෙනා ඉදිරියේ ප්‍රශංසාවට ලක්වන විට, විශේෂයෙන්ම ඒ සියල්ලේම ගෞරවය ඇය මා හට ලබා දෙන විට, මම පුදුමයෙන් පුදුමයට පත්වුනෙමි. සිතේ තිබූ සියලු නොරිසුම් පහව ගොස්, ඇයව තද කර වැළඳ ගැනීමේ දැඩි අවශ්‍යතාවයකින් මා පෙළුනෙමි. පසුදින උදෑසන මා නිවසින් පිටව ගිය නමුදු, රැකියාවට නොගියෙමි. මා මුහුදු වෙරළ අසලට වී දවස පුරාවට කල්පනා කලෙමි. පෙරදින සියල්ලන්ගේ වර්ණනාවට ලක් වූ පරමාදර්ශී සැමියා වීමට නම්, මා තුළ සිටින මාන්නාධික පිරිමියා මරා දැමිය යුතුම විය. ඉතින් අවසානයේ මා මාත් සමඟ කළ සියලු තර්ක විතර්ක හමුවේ පරමාදර්ශී සැමියා ජයගත්තේය. ඉතින් පාරින්දීට නැවත වරක් උපාධිය ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් ලබාගත් මා නිවස වෙත පිටව ගියෙමි. යම් හෙයකින් ඇය එම අවස්ථාවේ මුදල් ප්‍රතික්ෂේප කළේ නම්, නැවතත් පරමාදර්ශී සැමියා වෙනුවට මාන්නාධික පිරිමියා ඉස්මතු වීමට ඉඩ තිබිණි. නමුත් ඇය ඉතා ගෞරවයෙන් එම මුදල් ලබාගත් නිසා මේ වන විටද පරමාදර්ශී සැමියා ජය ගෙන ඇත. ඉදිරියේදී එළඹෙන අවස්ථාවන්හීදී ද මාගේ මාන්නාධික පිරිමියා නැවත නැගී නොසිටිවායයි ප්‍රාර්ථනා කිරීම හැර මට දැන් වෙනත් විකල්පයක් නැත.) බාලිකා හේවගේ National Diploma in Psychological Counsellingහඳක් කියූ කතාවක් . මේක පොඩි කතාවක්. මම එදා හිටියේ උතුරු පළාතේ මුහුදු වෙරළක.. වෙලාව හවස හතට විතර ඇති. මගෙ යාළුවෝ සේරම මට මීටර් සියයක් වගේ වෙන්න ඈතකින් ගිනි මැළයක් ගහගෙන ලොකු සාජ්ජයක්. මම එතනින් එහාට ආවේ හඳ එළිය වැටුණු මුහුද දිහා නිහඬවම බලන් ඉන්න ඕනි නිසා. ගිනි මැළයෙන් ඈත් වුණ නිසා මුහුදු හුළගෙ සීතල තරමක් දැණුනත් , ඒ මනස්කාන්ත දසුන මාව උණුසුම් කළා. හඳ... හඳ මේ ලෝකේ මොනතරම් සුන්දර ප්‍රේම කතා දන්නවා ඇති ද ? මට නිකමට හිතුණා. මම ඒ වෙලාවේ හිටිය ගැඹුරු කල්පනාවට බාධා කරමින් කවුරුහරි මට පිටිපස්සෙන් උගුරු පෑදුවා. " ආහ් ⁣තෙවාකරන්...! " " ඒකනෙ මාත්තයා.. මාත්තයා ඇයි තනියම මෙතන.. අරහේ යාළුවො හොඳට ජොලි කරනවා..." මැදි වයසක විසූ අහිංසක තෙවාකරන් මගේ යාළුවෝ ඉන්න දිහාවට අත දික් කරලා කිව්වා. " නෑ මට ටිකක් තනි වෙන්න ඕනි වුණා තෙවාකරන්.. මේ හඳ කොච්චර ලස්සන ද බලන්න..! මේ හඳ මොනතරම් ලස්සන කතා දන්නවා ඇති ද ? " මම ඒ හඳත් , හඳ ආලෝකය වැටුණු කරිජ්ජ දියත් දෙස බලමින් කිව්වා. ඇත්තටම ඒක වෙනම ලෝකයක්. " මම මාත්තයාට ලස්සන කතාවක් කියන්ඩ ද..? " තෙවාකරන් හරිම අහිංසක විදියට ඇහුවා. " අනේ ප්ලීස් තෙවාකරන්.. ඔව් මට කියන්න.. ඇත්තටම මට ඕනිත් කතාවක් අහන්ඩ.." මට ඒ වෙලාවේ අවශ්‍ය වෙලාම තිබුණු දෙයක් තෙවාකරන් යෝජනා කරද්දි දැණුන සතුට එක්ක මම තෙවාකරන්ව තවත් උනන්දු කරා. තෙවාකරන් වහාම අප ඉදිරියෙන් කුඩා ගිනිමැලයක් ගහලා , හරි බරි ගැහිලා මගෙ ළඟින්ම වාඩි වුණා. මම ඒ විනාඩි දහයක කාලය දැඩි ඉවසීමෙන් බලාගෙන හිටියා. ගිනි මැලයේ උණුසුමත් , සීත මුහුදු සුළඟත් , මා ඉදිරියෙ ඇති සුන්දර හඳත් තෙවාකරන් පටන් ගන්න යන , මම නොදන්නා ඒ කතාව⁣ට අපූරු පසුබිමක් සපයන බවක් මට දැණුනා. " මගෙ ගෙවල් මෙහේ නෙමේ මාත්තයා..මම හැදුණෙ කතරගම පැත්තෙ. මයෙ අම්මලා රොඩි මිනිස්සු , දෙමළ.. මගෙ තාත්තා සිංහල...තාත්තා නැති වුණා.. ඊටපස්සෙ අම්මා රස්සාවකට ගියා. ආච්චි තමයි මාව බලාගත්තෙ..ඉතින් ඉස්සර ආච්චි මට ලස්සන කතා කියනවා.. ඒ කතාවක් තමයි මේ..." එහෙම කියපු තෙවාකරන් කොහෙන්ද හොයාගෙන ආපු දර කෝ⁣ටු වගයක් ගිනිමැළයට දාලා ගිනිමැළේ තව ඇවිළුවා. මම මගෙ සාක්කුවෙන් සිගරැට්ටුවක් අරගෙන ඒක තෙවාකරන්ට දුන්නා. ඊටපස්සෙ අපි දෙන්නම සිගරැට් දෙකක් පත්තු කරගෙන කතාව ඇතුළට යන්න පටන් ගත්තා. " ආච්චිට මේ කතාව කියලා තිබුණේ එයාගෙ ආච්චි.. ඒ ආච්චිට එයාගෙත් ආච්චි..මගෙ ආච්චි මට ඒ කතාව කියන්ඩ කලින් දෙවියන්ගෙන් හරියට සමාව ඉල්ලුවා..මාත්තයා විස්වාස කරන්ඩ ආච්චි ඒ කතාව කියන්ඩ පටන් ගත්තෙ නාලා , පහනක් තියලා අවසර අරගෙන.. එයාලා එච්චරටම ඒ කතාව විස්වාස කරනවා... " තෙවාකරන් එහෙම කියද්දි මගෙ කුතුහලය මට දරාගන්න බැරි වුණෙ හරියට හඳට එයාගෙ ආලෝකය දරාගන්න බැරි ගාණටමයි.! ඒ ආලෝකය හතරාත පිටාර ගැලුවා. " කතරගම පැත්තෙ දැන් වගෙ නෙමේ.. මේ කියන කාලේ ඝන කැලෑව..එතකොට වැදි මිනිස්සු තමා ඒවායේ රජවරු.. ඉතින් මේ වැදි නායකයාට පුතෙක් හම්බුණාලු. නමුත් උපන් වෙලාවට කිව්වලු මේ පුතාට දරු ඵල නැහැ කියලා. ඒ කාලේ නීතිය අනුව නායකයාගේ පුතා වුණත් දරු ඵල නැත්තම් නායකත්වය අහිමියිලු. වැදි නායක මේ ගැන හරිම දුකෙන් එයා දන්න කියන සේරම දෙවිවරුන්ට කන්නලව් කරාලු.. ඔය කියන කාල වකවානුව ලෝක ප්‍රසිද්ධ මැසිඩෝනියාවේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා මිය ගිය කාල වකවානුලු.. එතුමාගෙ වග තුග ඉතාම ඉක්මණින් දකුණු ආසියානු රටවලටත් පැතිරෙනවලු. ඉන්දියාව වෙනකම්ම ආක්‍රමණය කරපු මේ අධිරාජ්‍යා අපේ රටට ආ බවත් , අපේ රටේ සුන්දරත්වයට වශී වුණ බවත් කියනවා. ඉතින් ඒ වෙද්දි කට කතා තිබුණාලු එතුමා මිය ගොහින් දෙවියෙක්ව උපන්නා කියලා. ඒ වගේම එතුමාගෙ ඒ දේව ආත්මය අපේ රටේ මිනිස්සුන්ට නොසෑහෙන්න පිහිට වෙනවා කියලාත්... මේ ආරංචිය ආරංචි වෙච්ච වැදි නායකයා මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යාට කන්නලව් කරාලු තමන්ගෙ පිරිමි පුතාව සරු කරවන්ඩ කියලා. ඉතින් තම වැදි නායකයාත් මේ පිටදේසක්කාර දෙවියන්ට වඳින්න ගත්තම ඔහුගෙ යටත් පිරිසත් මේ නොදන්න දෙවියන්ට වඳින්න පටන් ගත්තලු.. ඉතින් නායකයාගේ පුතා නිසි වයසට ආවම බෝම ලස්සන කෙල්ලකට විවාහ කරවලා දුන්නලු. විවාහ කරවලා මාස තුන යද්දි ඒ කෙල්ල ගැබ් ගත්තලු. ඉතින් නායකයා දවස් දහයක් පුරාවට ඇලෙක්සැන්ඩර් දෙවියා වෙනුවෙන් උත්සව පවත්වලා , පූජා තියලා ඒ සතුට සැමරුවලු..." එහෙම කියපු තෙවාකරන් ආපහු වටයක් කැරකිලා නිවෙන්ඩ යන මැළයට දර කෝටු හොයන් එද්දි මම තව සිගරැට්ටුවක් පත්තු කරා. දෙවනි වර මා පිළිගැන්වු සිගරැට්ටුව තෙවාකරන් ප්‍රතික්ෂේප කරලා මැළය අවුලලා ආයෙම කතාව පටන් ගත්තා. " ඉතින් කල් ගත වෙද්දි මේ පුතාට හම්බුණාලු හඳක් වාගේ ලස්සන දුවක්..! එදාත් නායකයො මේ සතුට නොසෑහෙන්න ජය පහට සැමරුවලු.. මේ ගෑණු දරුවා බලන් ඉද්දි හැඩ වෙනවලු.. හම කිරිගරුඬ වගේලු.. කොණ්ඩය රත්තරන් පාටලු.. උගන්වන හැම ශිල්පයක්ම ඉක්මණින් ඉගෙන ගන්නවලු. ඒ වගේම මේ ගෑණු ළමයා පුරුදු වෙලා හිටියලු හඳ පායන හැම රැයකම හඳ එක්ක කතා කරන්න... එයා හැමදාම හඳට කියනවලු මේ ලෝකෙ ඉන්න කඩවසම්ම, දක්ෂතම හටන් ශිල්පියාට ඇයව විවාහ කරවලා දෙන්නය කියලා.. මේ රූමත් දැරිය හැම හඳ ඇති රැයකම ගල් තලාවකට ගිහින් හඳ එළියේ හටන් පුරුදු වෙනවලු.. හඳ මේ හැඩකාරියවත් , ඇගේ දක්ෂකමුත් බලන්න හැමදාම මේ ගල් තලාවට එනවලු.. ඇය සමහර දවසට අපූරු නර්තනයක යෙදෙනවලු.. සමහර දවසට හටන් පුහුණුවීම් කරනවලු.. ඒ හැමදෙයක් අවසානයේම ඇය හඳට ඇගේ ඉල්ලීම මතක් කරවනවලු...! ඉතින් හඳත් හැමදාම ඇයව බලන්ඩ එනවලු.. ඒ නිසා ඒ කාලයේ කතරගමට හඳ නොපෑයු දවසක් නැහැයි කියනවා. ඔහොම ඉද්දි එකපාරටම දවස් හතරක් ඇය ආවේ නෑලු ගල් තලාවට.. හඳ නොසෑහෙන්න කල
බල වුණාලු.! දවස් හත අටකටම පස්සේ මේ රූමතිය ගල් තලාවට ආවලු. එදා ඇය වෙනදාටත් වඩා පැහැපත් වෙලාලු.. හම දිලිසෙනවලු.. ඒ ලස්සනට හඳත් වශී වුණාලු. හඳ හිතුවලු ඇය දැන් විවාහ වෙන්න සුදුසුයි කියලා. ඒ නිසා ඇගේ ඉල්ලීම ඉටු කරන්න හිතපු හඳ ඇලෙක්සැන්ඩර් , එහෙමත් නැති නම් ස්කන්දර් දෙවියන්ගෙ උයන පැත්තට බැල්ම හෙළුවලු. ඒ වෙද්දිත් ස්කන්දර් විශාල සුර අසුර යුද්ධයක් අහවර කරලා ජය සමරන ගමන්ලු හිටියේ. අතිශය රූමත් ස්ත්‍රීන් නිල්වන් පොකුණු වලත් , උයනේ තැන තැනත් නටනවලු.. මුළු උයනම සූර්යා පෑව්වා වාගෙ ආලෝකමත් ලු.. දිව්‍ය භෝජන , අපූරු නර්ථන මැද ලොව කඩවසම්ම තරුණ දේව පිරිමිය වූ ස්කන්දර් යමක් පානය කරමින් එතැන තිබුණු ලස්සනම විලක් දිහා බලාගෙන භාවනාවක වගෙ හරිම සතුටින් ඉන්නවලු.. ඉතින් හඳ මොකද කරේ දන්නවද..? " එහෙම කියපු තෙවාකරන් මගෙ දිහා බැලුවා. මම තෙවාකරන් ගෙ දීප්තිමත් ඇස් දිහා බලාගෙනම හිටියා. මට ඒ කතාවට හූමිටි තබාවත් බාධා කරන්නට වුවමනාවක් වුණේ නැහැ. තෙවාකරන් එය තේරුම් ගත්තා. " හඳ අර රූමත් තරුණිය ගල් තලාව මත නර්තනයේ යෙදෙන අයුරු විල් දිය මත සටහන් කරා..ඒ මනස්කාන්ත දර්ශනයෙන් කැළඹුණු ස්කන්දර් දෙවි ගැහෙන හදවතින් වහාම විල වෙත ආවා. විල් දිය මත හඳ සනිටුහන් කළ ඒ දෙවඟනගේ රුවෙන් වශීකෘත වූ ස්කන්දර් වහාම තමා උන් තැනින් අතුරුදහන්ව අර රූමතිය නටමින් සිටි ගල්තාලාවේ ප්‍රාදූර්භූත වුණාලු... මේ පුංච් කෙල්ල ඒ අනපේක්ෂිත දර්ශනයෙන් බය වෙලා ක්ලාන්ත වෙලා ගල් තලාවේ වැටෙන්න යද්දිම ස්කන්දර් දෙවි වහාම ඇය වෙත පැනලා ඇයව දෑතින්ම ඔසවා ගත්තලු...ඊටපස්සෙ මේ දැරියට සිහිය ආවලු. ඇයට සිහිව එද්දි ස්කන්දර් වයසක සීයා කෙනෙකුගේ වෙස් අරගෙන ඇය මත වාඩි වෙලා හිටියලු... ' කවුද ඔබ..? ' තරුණ දැරිය මහල්ලාගෙන් ඇහුවලු. ' මම නුඹේ පියාගේ මිත්‍රයෙක්.. ඔහුව මුණගැහෙන්න කන්ද උඩරට ඉඳලා එනගමන් ඔබව දැක්කා.. ඔව් මේ ගල්තලාව මත ක්ලාන්ත වෙලා ඉන්නවා දැක්කා...' මහල්ලා උත්තර දුන්නලු. ස්කන්දර් මේ දැරියගේ රූපයට කෙතරම් වශී වෙලා හිටියද කිව්වා නම් රූපය වෙනස් කරාට ඒ ගැඹුරු හඬ වෙනස් කරගන්ඩ බැරි වුණාලු. දැරියට ඒ ගැන සැක හිතුණත් ඇය මහල්ලාව විශ්වාස කරාලු. ' ඔව්.. මම මෙතන වෙනදා වාගේ නට නට ඉද්දි කවුදො මෙතනට ආවා.. මම හරියටම දැක්කෙ නෑ...ගොඩක් උස මහත කෙනෙක්... මට බය හිතුණා.. මූණක් දැක්කේ නෑ...' දැරිය බයෙන් වෙව්ල වෙව්ල කිව්වලු. ස්කන්දර් ට හිතුණා ලු ඇයව පරීක්ෂා කරන්ඩ. ' ඒ මායාවක් වෙන්ඩ ඇති, හඳ හිටි ගමන් මායවන් කරනවා..දුව බය වෙන්ඩ එපා..දුවේ පුළුවන් නම් මාව ඔබේ පියාගේ නිවසට එක්කරගෙන යන්න..' මහල්ලා මේ අතිශය රූමත් දැරියට කිව්වලු. දැරිය වහාම ඔහුව පරෙස්සමට එක්කාසු කරගෙන තම නිවසට ආවලු. ඔන්න ඔතන දි තමයි මාත්තයො කතාව ගොඩක් වෙනස් වෙන්නෙ. ඒ ජන කො⁣ට්ටාසයේ ගොඩක් අමුතු නීති තිබුණාලු. වැඩිවියට පැමිණි ගෑණු දැරිවියක් මහ රෑක පිරිමියෙක් එක්ක හිටියොත් ඒ ජන කොට්ටාසය ඒ ගෑණු ළමයව අදාල පිරිමියාට විවාහ කරවනලු. අනේ ඉතින් මේ අසරණ කෙල්ලට ඇත්තටම ඒ වෙලාවේ ඒක අමතක වුණාලු. ආච්චිලා නම් කියන්නේ ස්කන්දර් තම මායාවෙන් ඒක දැරියට අමතක කෙරෙව්වා කියලා. මොකද ස්කන්දර් මේ නීතිය ගැන දැනගෙන හිටියාලු. තමන්ගෙ එකම දැරිය , මුළු ප්‍රදේශටම හිටි අති දක්ෂ , රූමත් දැරිය මහ රෑ මහල්ලෙක් එක්ක එනවා දැක්ක නායකයාට තරහව දරාගන්න බැරි වුණාලු. ඔහු වහාම ඔහුගේ දුන්න අරගෙන මහල්ලාට විදින්න හැදුවලු. මේ රූමත් දැරිය වහාම තම පියාව වළක්වාගෙන මහල්ලාව බේර ගත්තලු. ' ඇයි තාත්තා , තාත්තාගෙ යාළුවාව මරා දාන්න හදන්නෙ..? ' දැරිය පුදුමයෙන් , බයෙන් ඇහුවලු. ' මගේ යාළුවා... මගේ යාළුවෙක් නෙමේ මේ.. උඹට කොයින් ද මේ මහල්ලාව මුණ ගැහුණෙ..? උඹට මූ හදි කොළාද..? ' බයෙනුත් , දුකෙනුත් , තරහෙනුත් තමන්ගෙ හිත පුරවගත්ත නායකයා අඬ අඬම කෑගහන්න ගත්තලු. කෙල්ලට එතකොටලු මතක් වුණේ තම සනුහරේ නීතිය. ' ඇයි ඔබ මට බොරු කරේ..? ' කියලා මේ රූමත් කෙල්ල මහල්ලා ළඟට ගිහින් අඬ අඬ ඇහුවලු. මහල්ලා නිහඬවම හිටියලු. නීතිය නම් ඒ කාලේ කාටත් එකයි. අද කාලේ වගේ නායකයාට වෙනම , නායකයාගෙ ළමයිට වෙනම නෑ. ඉතින් මුළු සනුහරේම බලා ඉද්දි එදා රෑම නායකයත් , මුළු සනුහරෙත් අඬ අඬාම මේ රූමත් දැරියව අර මහල්ලාට භාර කරාලු. එදා රෑ ගත කරන්ට කියලා ඉන්ඩ තැනකුත් දුන්නලු. " මාත්තයට මොකද හිතෙන්නෙ..? ජීවිතයට දැකපු නැති , කතා කරපු නැති , නොදන්න මිනිහෙක් එක්ක පුංචි තරුණ කෙල්ලක⁣ට දීග යන්ඩ වීම ගැන..? ඒකත් මහල්ලෙක් එක්ක..? " තෙවාකරන් කතාව නවත්තලා ඇහුවා. " මට හිතාගන්නවත් බෑ තෙවාකරන් ඒ ගැන.. ඇත්තටම එහෙම මොන තරම් වෙලා ඇත් ද ? වෙනවා ඇත් ද ? ඉතින් ඊටපස්සෙ ? " මට ඕනි වුණේ ඉක්මණින් කතාව අහගන්න. තෙවාකරන්ටත් මගෙ හදිසිය තේරුණා. " ඔව් ඉතින් මේ අතිදක්ෂ ඇඹුවාක් වාගෙ අතිශය රූමත් කෙල්ල අර මහල්ලා එක්ක ගියා. නමුත් මහල්ලා ඇයට අතක්වත් තිබ්බේ නෑ. උදේ බලද්දි මහල්ලා ගෙදරත් නෑ. එළි වෙද්දිම මේ රූමතියගෙ නෑදැ සනුහරේම කද මලු බැඳගෙන කෙල්ලව බලන්ඩ ආවාලු. ඇය ඇති තරම් හැඬුවාලු.. නායක පියාට ඒ දුක දරාගන්ඩ බැරිවුණාලු.. ලෝබ හිතුණාලු... ' අපි යමන්..මම නායකකමත් අත් හරින්නම්.. අපි සනුහරෙන්ම ඈතකට යමු..' කියලා දරු දුක දරාගන්න බැරි වුණ පියා දෝණිට කීවලු. ' බෑ තාත්තා.. පොරොන්දු පොරොන්දු විදියටම රකිමු.. මම හිත හදාගන්නම්..' කියලා දෝණි අඬ අඬම කීව්වලු. ඒත් එක්කම මහල්ලා කොයිද ඉඳලා ආවලු. මේ මහල්ලාව මරන්ඩ තරම් තරහවක් ආවත් ඒක යටපත් කරගත්ත නායක පියා මහල්ලාගෙන් ආයාචනා කරාලු ඒ ප්‍රදේශයේම ඉන්ඩ කියලා , දුවව කොහෙවත් ගෙනියන්ඩ එපා කියලා. මහල්ලා එයට එකඟ වුණාලු. ඉතින් එදා දවසත් මහල්ලා නිහඬවම බලා හිටියා මිස වචනයක්වත් කතා කරේ නෑලු. ඉඳ හිට මතු වෙන , දවස් දෙක තුන අතුරුදහන් වෙන මේ මහල්ලා සමඟ අමුතුම ජීවිතයක් පටන් ගත්තු මේ රූමතිය හිත හදාගෙන ඒ ජීවිතය ගත කරන්න හිතා ගෙන ඉද්දිම , එක දවසක් මේ ගෙදර ඉස්සරහට පුදුම තරම් ලස්සන තරුණ පිරිමියෙක් ආවලු. ඒ වෙලාවේ මහල්ලා ගෙදර නෑලු..." එහෙම කියපු තෙවාකරන් ආපහුත් නිවෙන්ඩ යන ගිනි මැළයට දර කෝටු ඇහිදන් ඇවිත් දැම්මා. මට කෙළින් මා දිහාම බලා උන්නු හඳ ඒ වෙද්දි අහස මුදුනට කිට්ටු කරලා හිටියා. මුහුද තරමක් නිහඬ වෙලා. මම හිතන්නෙ ඒ වෙලාවේ මුහුදත් තෙවාකරන්ගේ මේ කතාව අහගෙනයි හිටියේ. " ඉතින් අර තරුණයා මේ රූමතියව දැකලා ඇය ළඟටම ආවලු.. මේ රූමතිය වහාම පිටිපස්සට පැන්නලු. ' තමුන් කවුද..? ' රූමතිය ඇහුවලු. ' මම වෙළෙන්ඳෙක්.. වෙළඳාමේ යන ගමන්.. ඔබ ගැන ආරංචියක් ආවා. මහළු මිනිහෙක්ට ඔබව විවාහ කරවලා දුන්නලු නේද..? ඒත් මම කැමතියි ඔබව සරණපාවා ගන්ඩ..' අර කඩවසම් පිරිමියා කිව්වලු. ඒ වෙද්දි තරුණිය මහල්ලා සමඟ දීග ඇවිත් මාස හතරක්ලු. මොන තරම් හිත සළිත වුණත් මේ තරුණිය මේ මිනිහට හොඳටම බැනලා පන්න ගත්තලු. එදා රෑ තරුණිය සෑහෙන කාලෙකට පස්සේ අර ගල් තලාව මතට ගහින් හඳ දිහා බලාගෙන හොඳටම ඇඬුවලු.. ' මම ඔබෙන් ඉල්ලුවේ කඩවසම්ම මිනිහාව.. දක්ෂම හටන් ශිල්පියාව.. ඔබ මොකක්ද මට මේ කරේ..? ' කිය කිය ඇය හොඳටම ඇඬුවලු. ඊට පහුවදා ඒ ගමේ ලොකු උත්සවයක්ලු. ඒ උත්සවයට සියළුම විවාහක පිරිමින් තමන්ගේ හටන් ශිල්ප පෙන්වන්න ඕනිලු. හරියකට ඇවිද ගන්නවත් බැරි තමන්ගේ මහළු ස්වාමි පුරුෂයාව රැගෙන උත්සව භූමියට ගිය රූමතිය දිහාව හැමෝම බෝම අවඥාසහගතව බැලුවලු. මහල්ලා තමන්ගේ වාරයේදි ගමේ ශක්තිමත්ම තරුණ හටන් කාරයා එක්ක හටන් වදින්න යන්න හැදුවලු. තරුණිය ආයචනා කරාලු යන්ට එපාය කියලා..' ඔබ මහළු වැඩියි.. ඔහු ගමේම දක්ෂතම හටන් කාරයා..ඔබට මොකුත් වුණොත් මම තනි වෙනවා..' කියලා මේ අහිංසක රූමතිය මහල්ලාට කිව්වලු. මහල්ලා නොහොත් ස්කන්දර්ට ඒ මොහොතේ ඇයගේ අහිංසක කාරුණික හදවත ගැන දැඩි ආලයක් උපන්නාලු. මහල්ලා ඇයගෙ හිස අත ගාලා සටන් භූමිය⁣ට ආවම මේ කවුද කියලවත් නොදන්න ගම්මු ටික හොඳටෝම හිනා වුණාලු. රූමතිය හිත හයිය කරගෙන ඔහුට ආශිර්වාද කරාලු. මහල්ලා හටන් බිමේ පෑ දස්කම් වලට රූමතියත් , නායක පියත් , ගම්මුත් හොඳටම පුදුම වුණාලු. එදා මුළු ගමම මහල්ලාට හිස බිම තියා වැන්ඳලු. තත්පරයක් කොටස් සියයකට බෙදු කාල සීමාවක් තුළ ස්කන්දර් අර තරුණයාව සිහිවිසඥ කොට බිම හෙලුවලු. ඒ දුටු තවත් තරුණයන් විස්සකට වඩා ඔහුට එරෙහිව අවි අමෝරාගෙන සටන් බිමට ආවලු.. ඒ සියල්ලමත් ඇහි පිය හෙළන්නට කලින් සිහිවිසඥව හතරාතලු...එදා හවස තරුණිය මහල්ලාගෙ අත පය උණු දියෙන් සෝදා තැව්වලු. ඊටපස්සෙ ඔහුට කෑම බීම සපයලා අහවර , අර ගල් තලාවට ගියාලු. ගිහින් හඳ දිහා බලාගෙන හිනා වෙලා ' කඩවසම් නැතත් දක්ෂම හටන් ශිල්පියාට මාව සරණ පාවා දුන්නට පිං " කියලා හඳට කිව්වලු. ඇය එහෙම හඳ එක්ක කතා කර කර ඉද්දි මහල්ලා එතනට ඇවිත් ඔහුගෙ ගැඹුරු හඬින් ඇයට ස්තුති කරලා මෙහෙම කිව්වලු.. ' නුඹ කැමති නම් නුඹ කැමති ඕනිම තරුණ ශක්තිමත් මිනිහෙක් එක්ක යන්ට පුළුවන්. මම ඒකට අවසර දෙනවා.. නුඹට තවමත් වෙනත් පිරිමියෙක් එක්ක යන්ට පුළුවන්..මම කැමති නෑ නුඹ වගේ අහිංසක ගැහැණියකට දුක් දෙන්ඩ..'. ' මට එහෙම යන්ඩ අවශ්‍යතාවයක් නෑ. දැන් ඔබ සමඟ දීග ඇවිත් මාස හතක්..මේ මාස හතට මම මේ ජීවිතයට පුරුදු වෙලා ඉන්නෙ.. අනික මම ඔබේ හටන් කිරීමේ දක්ෂතාවයට කැමතියි.. ඔබගෙ වයසට සහ දුර්වල සිරුරට කිසිසේත් නොගැළපෙන හටන් කලාවක් සහ දස්සතාවයක් ඔබට තියෙන්නෙ.. මට ඔබේ බිරිඳ වීම ගරුත්වයක්..' තරුණිය එහෙම කිව්වම මහල්ලා කිව්වලු ' නමුත් ඔබට පිරිමි පහස අවශ්‍යයි, ඒ ආදරය අවශ්‍යයි. එය නුඹට මගෙන් ලැබෙන්නෙ නෑ..අපරාධයක් නුඹේ ඔය තරුණ ලස්සන ශරීරය...' කියලා. ' නැහැ.. කිසි අපරාධයක් නැහැ.. මට එහෙම පහසක් අවශ්‍ය නමුත් හිත හදාගන්න තරම් ශක්තියක් මගේ හිතේ තියෙනවා. මම මේ භවයේ දි ඔබේ බිරිඳම විතරයි..' ' නමුත් මම කඩවසම් නැහැ , ඔබ හඳෙන් ඉල්ලුවේ කඩවසම්ම මිනිහව..' කියලා මහල්ලා කීවම තරුණිය ගැස්සුනාලු. ඇය හඳ සමඟ පමණක් කතා කළ දේ මහල්ලා දැනගත්තෙ කොහොමද කියන පුදුමයෙන් ඇය ඔහු දෙස බැලුවලු. ' ඔ.. ඔ.
..ඔබ කොහොමද ඒක දන්නෙ..? හොරෙන් අහගෙන හිටියා ද.? ' ' නෑ... මට ඇහුණා..' මහල්ලා බුද්ධිමත් උත්තරයක් දුන්නලු. ' මට දැන් කඩවසම් මිනිස්සු එපා. ඔබට පුළුවන් ද මට හටන් උගන්වන්න..? ' තරුණිය ඇහුවලු. ' හටන් ඉගෙන ගත්තම මාව දාලා යනවද..? ' මහල්ලා එහෙම අහලා ඇය දිහාම බලාගෙන හිටියලු. ඇය ඇස් වල කඳුළු පුරවගෙන ඇහුවලු ' ඔබට මාව මෙතරම් අවිශ්වාස නම් මම කොහොමද ඔබට විශ්වාසයක් ගොඩනගා දෙන්නෙ..? ඇයි ඔබ මාව මෙතරම් අවිශ්වාස කරන්නෙ..? ' කියලා.." " තෙවාකරන් දෙවිවරු වුණත් පිරිමි කියන්නෙ හරිම ආත්මාර්ථකාමි කොට්ඨාසයකට නේද..? "මම ඇහුවා. මට ඇත්තටම ඒ වෙද්දි අර කෙල්ල ගැන දුක හිතිලා තිබුණේ. " ඔව් එකාතකට ඒක ඇත්ත..උන්වහන්සේත් ඇයව පරීක්ෂා කරන්ට , ඔහු⁣ට විශ්වාසවන්ත ද බලන්ඩ මොන තරම් ඇගේ හිත රිදවන්න ඇති ද.. ? " තෙවාකරන් ලොකු හුස්මක් පිට කරලා කිව්වා. " හරි ඊටපස්සෙ...? " මගේ කුතුහලය මාව ඇවිස්සුවා. " ආහ් ඊටපස්සෙ ස්කන්දර් ඇයව තවත් පරීක්ෂාවකට ලක් කරා. ඇයව අත් හැරලා මාස තුනක් අතුරුදහන් වුණාලු. නමුත් ඔහු ඇය දෙසම තමා බලාගෙන ඉඳලා තිබුණෙ. අර එක වතාවක් වෙළෙන්ඳෙක් වෙලා වෙස් අරගෙන ආවා වගේ විවිධාකාර පිරිමි වෙස් අරන් ඇයව බලන්ඩ ආවලු. යෝජනා ගෙනාවලු. නමුත් තමන්ට යන තැනක්වත් නොකියා අතුරුදහන් වුණ මිනිහා වෙනුවෙන් ඇය ඒ සියලු දෙනාවම සහ සියළුම යෝජනා ප්‍රතික්ෂේප කරාලු. ස්කන්දර් ඉගැන්වූයේ නැති වුණත් , එදා හටන් බිමේ දුටු ඔහුගේ හටන් ශෛලියන් මතකයෙන් ඇය පුරුදු වුණාලු. සකන්දර්ට හිතුණලු ඇයව පරීක්ෂාවට ලක් කරා ඇති කියලා. වසරක් පුරාවටම ඇගෙ පහස විඳීමේ දැඩි පිපාසයෙන් ඒ ආසාව දැඩිව හිරකරගෙන දරාගෙන හිටි ස්කන්දර් ආපහුත් මහළු වෙස් අරගෙන තරුණියව හොයාගෙන ගියාලු. ඇය එදා ගල් තලාව මත වාඩි වෙලා හඳ දිහා බලාගෙන හිටියේ ඇස් වල කඳුළු පුරවගෙනලු. ' නුඹට මාව අමතක ද ?' එකපාරටම කොහෙන් ද ආපු මහල්ලා එහෙම ඇහුවම තරුණිය ගැස්සිලා ගියාලු. ඇය තරමක් වෙලාවක් අරගෙන තමන්ගෙ විසිරුණු හිත එක්කාසු කරගෙන වහාම මහල්ලාව බදාගත්තලු. ඊටපස්සෙ හොඳටම හැඬුවලු.. ' ආයෙම යන තැනක මාවත් අරගෙන යන්න...' කියලා අයාචනා කරාලු. ඇය තුළ වූ අතිශය අහිංසකකමට හිත උණු වූ ස්කන්දර්ගෙ මහළු වේසය ක්ෂණිකව පහව ගියාලු. තරුණියට මොකක්ද වෙනසක් දැනිලා ඔළුව උස්සලා බලද්දි ඇය මෙතෙක් දුටු , වචනයෙන් විස්තර කරන්ඩ බැරි අතිශය සුන්දරම මිනිහා ඇය දෙස බලා ඉන්නවලු. පෝය හඳ එළි⁣යෙන් පෙනෙන ඒ රුව කිසිසේත් අදහාගත නොහැකි තරමේ රූමත් රුවක්ලු. තරුණියට හත් වරක්ම ඔහුගේ ජවසම්පන්න බාහු මැද ක්ලාන්ත වුණාලු. ඇගෙ බිය පහව යනතුරු සිට ඇය හා කතා කොට සත්‍ය පහදා දුන් ස්කන්දර් ඇයගෙන් සමාව ඉල්ලුවාලු. ඊටපස්සෙ ඇය⁣ගෙ දෙමව්පියන් , විශේෂයෙන්ම නායක පියාත් ස්කන්දර් ගෙන් සමාව ඉල්ලුවාලු මුල් කාලයේ වෙච්ච වැරදි වලට. ඒ සියළු සිදුවීම් වලින් පසුව ඉතාම උත්කර්ෂවත් විවාහ මංගල්‍යක් පවත්වලා මේ රූමතිය නොහොත් වල්ලියව ස්කන්දර් හෙවත් කඳ කුමරුට විවාහ කරවලා දුන්නලු. ඒ විවාහයෙන් පසුව ඇය අමරණීය වුණාලු. එදාලු ස්කන්ධ ඇයට කීව්වේ ඔහුගෙ පළමු බිරිඳ තේවානි බව. එතකම්ම ඔහු එය කියලා තිබුණෙ නෑ. නමුත් තේවානියට සියළුම විස්තර කියලලු තිබුණෙ. වල්ලිය එදා ආපහුත් හොඳටම ඇඬුවලු. ඇය ඉල්ලුවාලු ඇයට යන්න දෙන්න කියලා. නමුත් ස්කන්ධ එදා සිට අද දක්වාම ඇයට යන්නට අවසර දුන්නේ නැතිලු. ඒ වගේම ඔහු ඇගෙන් ඉල්ලුවලු මේ භවයේ විතරක් නෙමේ සසර පුරාවටම ඔහුගේ බිරිය වෙන්නට කියලත්. අදටත් ඔහුගෙ ප්‍රියතම බිරිය වල්ලියලු. ඉතින් දවසක් වල්ලිය හඳට කිව්වලු " හඳ මම නුඹෙන් ඉල්ලුවේ ඉතාම කඩවසම් , ඉතාම දක්ෂ හටන් ශිල්පියෙක්ව.. විවාහක දෙවියෙක්ව නෙමෙයි ' කියල. හඳ එතකොට වල්ලියට මෙහෙම කිව්වලු ' ආදරණීය වල්ලිය ,නුඹ එදා පැහැදිලිවම කිව්වා නම් මේ ලෝකේ ඉන්න කඩවසම්ම , දක්ෂතම තනිකඩ හටන් ශිල්පියාව නුඹට ඕනි කියලා නුඹ අදටත් තනිකඩයි ' කියල." සම්පූර්ණ මන:කල්පිතයකි. පූර්ණිමා චාරුණි බණ්ඩාර.**කුණු මුල්ල..** එහෙනං අපි යනව ජයේ.. කෑම ටික ටීපෝව උඩ.. නිවෙන්න කලින් කන්න. උණුවතුර බෝතලේ තේ තියනවා.. එහෙනං පරිස්සමින් ඉන්න.. බුදු සරණයි.. සඳමාලි සුපුරුදු විදිහටම ජයසිංහට එහෙම කියාගෙන බෑග් දෙක තුන අතට ගන්නකොට චූටි දූ විහංගිත් පුරුදු විදිහට පොත් බෑග් එක පුටුව උඩින් තියලා තාත්තා ළඟට ගිහින් දණගහල තාත්තාට වැන්ඳා.. ජයසිංහ රෝද පුටුවේ ඉඳගෙනම ටිකක් නැවිලා චූටි දුවගේ හිස සිඹගෙන ..තෙරුවන් සරණයි ම⁣ගෙ පැටියට.. පරිස්සමින් ගිහින් එන්න වස්තුව ..කීවා .. ..එහෙනං පරිස්සමින් ගිහින් එන්න සඳා.. තෙරුවන් සරණයි.. කියා සිය සදාදර බිරිඳත් දරුවාත් වැට මායිමෙන් එහාට නොපෙනී යනතුරු බලා සිටි ජයසිංහ දොර අඩවල් කරගෙන අත්වාරුවෙන් රෝද පුටුව තල්ලු කරගෙන ගෙතුළට ආවා.. වැඩපලකදී සිද්දවුණු හදිසි අනතුරක් හේතුවෙන් මාස ගණනක් රෝහල්ගතව සිට යළි ජීවත් වීමේ වාසනාව ලැබුවත් ජයසිංහ එදා සිටම ජීවත් වෙන්නේ කොන්දෙන් පහළ සම්පූර්ණයෙන්ම අප්‍රාණික වූ අබ්බගාතයෙක් ලෙසයි. සැමියා එසේ රෝද පුටුවකට වූදා පටන් පවුලේ වගකීම තනිවම කරට ගන්නට සඳාට සිද්දවුණා. ඒ ජයසිංහත් සඳමාලිත් දෙන්නාම තම මව්පියන් ඇතුළු සියළු නෑදෑයින් හා ගේ දොර සියල්ල අත්හැර සියල්ලට හොරෙන් දෙන්නාගේ හිතු මනාපයට ගමෙන් පිටව ආ දා පටන් දෙන්නාට දෙන්නා මිස වෙන කිසිවෙකුත් නොවූ නිසයි. එසේ පැමිණ නොයෙකුත් දුක් ගැහැට විඳිමින් අවුරුද්දකට කිට්ටු කාලයක් ගතවෙද්දී ඔවුන්ගේ කැදැල්ල එළිය කරමින් සුරංගනාවියක් මෙන් විහංගි ඔවුන්ගේ කැදැල්ලට එකතු වුණා. ජයසිංහ දුප්පත් පවුලක කොල්ලෙක් වුණු නිසාම සඳමාලිගේ දෙමාපියන් ඒ දෙන්නාගේ සම්බන්ධයට විරුද්ධ වුණේ අපේ එකී කෑලි කපල ග⁣ඟේ මූදෙ දැම්මත් ඔය වගේ හිඟන්නෙකුටනං දෙන්නෑ.. කියමින්. මොකද ඒ පැත්තෙ හැටියට සඳමාලිලා පවුල තරමක සල්ලිකාරයෝ. ජයසිංහගේ අම්මනං සඳමාලිට අකැමැති වුණේ වැඩියක්ම කුල ප්‍රශ්නය හින්දයි. මෑතක සල්ලිකාරයෝ වුණාට මොකද සඳමාලිගේ තාත්තා කුලෙන් අඩු පවුලක කෙනෙක්ලු. ඒත් සල්ලි තිබුණු නිසා ඒ දෙමාපියන්ගේ පොඩි උද්දච්චකමකුත් තිබුණා. අනික් පැත්තෙන් බැලුවම කුසපොත්ත පිටපොත්තට ඇලුණත්.. අපි හොඳ ගොයිගම මිනිස්සු.. කියන මාන්නයක් ජයසිංහගෙ අම්මගේ ඔලුවෙ තිබුණා. ඒ විතරක් නෙවෙයි- සඳමාලිගේ පොත්තෙ සුද වුණත් උන්දැට ඇල්ලුවෙ නෑ. ..ඔයාකාර පොත්ත සුදු නැට්ටිච්චියන්ගෙ කිසි විලිසංගයක් නෑ.. හැම එකත් එක්කම නටනවා... එහෙමයි උන්දැ හිතුවෙ. ඒකයි .. ඔය මහන්තත්තකාරයින්නෙ උඩැක්කිය නැතුවට අපේ කොල්ලට යස කෙල්ලෙක් හොයාගන්ට පුළුවන් ඕන අහකින්. මොකද අපි අඩු කුලේයැ.. කියල උන්දෑ හැමතැනම කියා ඇවිද්දේ. ඒත් ඒ දුප්පත් පොහොසත්කම් කිසිවක් දෙන්නගේ ආදරයට අදාළ වුණේ නෑ. ඒ නිසයි දෙපැත්තටම හොරෙන් රෙජිස්ටර් වෙලා දෙන්නත් එක්ක ඒ පවුල්වල උදවිය හිතන්නෙවත් නැති දුර පළාතකට යන්න තීරණය කළේ. ඒ ඇවිත් ටික දවසක් තැන් තැන්වල ඉඳලා අන්තිමට කොහොම හරි කැළෑවට යමින් තිබුණු පොඩි කාමර කෑලි දෙකක් එක්ක මේ චූටි ඉඩම් කෑල්ල අරගන්න පුළුවන් වුණා. දැන් ඉතින් මේක දෙන්නගේ ගම වෙලා.. ජයසිංහට සිද්දවුණු අනතුරෙන් පස්සෙ කොහොම හරි පවුලේ වගකීම තමන් භාරගත යුතු බව වටහාගත් නිසයි සඳමාලි තැනින් තැන ඇවිදිමින් රස්සා හොයන්න පටන්ගත්තේ.. ගෙදර ඉන්න කාලෙ බත් මාළු වගේම ෂෝටීස් වගේ දේවල් ආප්ප ඉඳිආප්ප පිට්ටු රොටී වගේ කෑම ජාති හදන්නත් ඉගෙනගෙන තිබ්බ නිසා ටවුමෙ හෝටල්වල පවා සඳමාලි රස්සා හෙව්වා. ඒත් බොහෝ තැන්වලින් ලැබුණ උත්තරය වුණේ ..මේ දවස්වලනම් දෙන්න වැඩක් නෑ. ඕන වුණොත් දන්නන්නම්.. කියන එකයි. සමහර තැනක හරිහමන් පඩියක් නෑ.. තවත් තැනක දරුව ගැන බලන්නවත් නිවාඩුවක් නෑ. තවත් සමහර තැනක වැඩ ලැබුණත් දවසක් දෙකක් යනකොට ඒවයෙ අයිතිකාරයෝ සඳමාලිවත් අයිති කරගන්න මාන බැලුවා... ඒකෙන් මේකෙන් වැඩි කාලයක් යන්න කලින් එක එකා ළඟ රස්සා කෙරිල්ල සඳාට එපාවුණා.. අන්තිමට සඳමාලි කළේ එක එක කෑම ජාති හදලා පාර අයිනේ කොතැනක හරි තියාගෙන විකුණලා කීයක් හරි හොයාගන්න එකයි.. හැබැයි අමාරුවෙන් කරගෙන ගියත් හිතුවෙ නැති තරමට ඒ වැඩේ අල්ලලා ගියා.. ඒ අතරෙයි අහම්බෙන් වගේ සුමනක්කාව මුණගැහුණේ.. සුමනක්කා ටවුමෙ සතිපොල ළඟ පාර අයිනේම පළතුරු තට්ටුවක් කරගෙන ගියා. හැබැයි පොල දවසට විතරක් නෙවෙයි හැමදාම වගේ එයා එතැන තට්ටුව කරගෙන ගිය නිසා එයා ඉන්න තැනම සඳමාටත් පොඩි ඉඩක් හදල දෙන්න සුමනක්කාට පුළුවන් වුණා. සුමනක්කා ගෑණියෙක් වුණත් පිරිමියෙක් වගේ බජාර් එකේ චණ්ඩි පාට් එකක් දාගෙන හිටි නිසා සඳමාලිටත් කාගෙන්වත් ප්‍රශ්නයක් වුණේ නෑ.. ඒකෙන් දෙයියනේ කියල තුන්වේල කාල කාටවත් අත නොපා ජීවත් වෙන්න ආදායමක් ලැබුණා.. අමාරුවෙන් හරි දරුවගේ පොතපතටයි ජයසිංහගේ බේත්හේත්වලටයි පිරිමහගන්නත් පුළුවන් වුණා... .. ඔය අතරෙයි දවසක්දා ලෑන්ඩ්රෝවර් ජීප් එකක් සුමනක්කාගෙ පළතුරු තට්ටුව ළඟ නැවැත්තුවේ.. ..ංආ..මේ අපේ කංකානි අයියනේ.. සුමනක්කා කීවෙ ජීප් එකේ පිටිපස්සෙ දොර ඇරගෙන බැහැල ආව දෙමළ මනුස්සයාව ලෙන්ගතු හිනාවකින් පිළිගන්නා ගමන්. සුම්බරයක් බැඳල යාපනේ සරමක් ඇඳල සරමට යටකරපු බැනියමට උඩින් බොත්තම් නොපියවපු කෝට් බෑයක් ඇඳල හිටිය කංකානි අයියා සුමනක්කාගෙන් සෑහෙන්න පළතුරු ටිකක් ගත්තා. ..කංකානි අයියා.. තේ බොන්ඩ හොඳ කෑම ජාති තියෙනවා මේ නංගි ළඟ.. සුමනක්කා කීවෙ සඳාගෙ කෑම ෂෝකේස් එක දිහා බලමින්.. ඒ දිහා බලපු කංකානි අයියා ජීප් එකේ ඉස්සරහ වම්පැත්තෙ වීදුරුවට ⁣හීන් තට්ටුවක් දැම්මා.. වීදුරුව යාන්තම් පහත් වුණාම ඇතුළට එබුණු කංකානි ආපහු ඇවිත් සඳමාලිගෙන් කෑම ජාති කීපයක්ම ගත්තා.. දෙමළ වුණාට හොඳ මනුස්සයා නංගි.. කවදාවත් හෙට්ටු කරන්නේ නෑ.. ඔය දංඕවිට පැත්තෙ වතු බංගලාවක කෝකියා.. කෝකියා කිව්වට වෙලාවකට ඩයිවර්.. වෙලාවකට බොඩිගාඩ්.. මහත්තයාට ඉතින් කංකානි නැතුවම බෑ.. ටවුන් පැත්තෙ ආවොත් මගෙන් පළතුරු ටිකක් ගන්නවාමයි. මං හිතන්නේ ජිප්පෙක ඇතුළෙ හිටියේ වත්ත අයිතිකාර මහත්තයාද කොහෙද.. ජීප් එක ගියාට පස්සෙ සුමනක්කා කීවා.. ඉන්පස්සේ නිතරම වගේ කංකානි අයියා සුමනක්කාගෙ පළතුර
ු වගේම සඳාගෙ කෑම ජාතිත් ගෙනියන්න පුරුදු වුණා.. .. ඒක නෙවෙයි නංගි.. ඊයෙ උඹ ආවෙ නෑනෙ.. අර ඩේසිලන් වත්තෙ කංකානි අයිය ආවනේ උඹව හොයාගෙන .. මාව?. අර මක්කටෙයි ඒ..?. කෑම ඕඩරයක්ද..?. දවසකට දෙකකට නෙවෙයි. උඹට ජීවිතේටම කෑම ඕඩර් දෙන්න පුළුවන් වැඩක්.. මට තේරුන්නෑ..? වත්තෙ මහත්තයාලු එව්වේ.. මහත්තයාට උඹේ කෑම රහ වැටිලා.. ඒ බංගලාවෙ කෑම හදන්න එන්න උඹ කැමතිද අහන්නයි කංකානි අයියා ආවෙ. මාසෙට හොඳ පඩියක් දෙනවලු.. .. අනෙ අම්මෝ.. නොදන්නා තැන්වල රස්සාවට වඩා අක්කේ මේ විදිහ හොඳා.. නෑ බං නංගියෙ.. ඒ මහත්තයා හරි හොඳයිලු.. කංකානි අයියා කියන්නේ මහත්තයාගෙ හිතට ඇල්ලුවොත් ඕන උදව්වක් කරයිලු... කංකානි අයියා මට බොරුවක් කරන මිනිහෙක් නෙවෙයි.. අනික.. මං නොදන්නවැයි උඹේ ආදායමයි උඹට තියෙන ප්‍රස්නයි.. මංනං කියන්නේ උඹ ටික දවසකට හරි එහෙ ගිහින් බලපං... ඒක එපා හිතුණොත් ඕන දවසක වරෙන් මෙතැන උඹට ඉඩ තියෙනවා.. ඒත් ඉතින් කංකානි අයියා කෝකියාය කියලා අක්කාම නෙවැ කීවෙ .. ඇයි ඉතින් තව කෙනෙක් හොයන්නෙ..? මේකනේ.. බංගලාවෙ හැම වැඩේටම ඉන්නේ ඒ මනුස්සයා විතරලුනේ..මං එදත් උඹට කීවේ.. ඩයිවර් වැඩෙයි..කඩේ යන වැඩෙයි..එකක්යැ ඒ මනුස්සයට.. අනික.. කොච්චර වුණත් ඉතින් ගෑණියෙක්ගෙ අතින් උයන තරම් කොහෙද.. සමහර විට බංගලාවෙ අතුපතු ගාන වැඩත් කරන්න වෙයි.. ඒත් ඉතින් හරියට වැඩ කරගෙන හිටියොත් පවුලටම වුණත් සළකයි කියල කංකානි අයියා කීවෙ.. වැඩේනං නරක නෑ තමයි අක්කෙ.. කෝකටත් මං ජයේගෙනුත් අහල බලන්නංකෝ... .. සුමනක්කා තමන්ට නරකක් කරන්නෑ කියල සඳාට විස්වාසයි.. ඉතින් ඒ හින්දා එදා දවසම සඳා කල්පනා කළේ ඒ ගැන.. ගෙදර ගිහින් ජයේටත් විස්තරේ කීවෙ එයාගෙ අවසරය තියේනම් ඒ රස්සාවට යනවා කියල හිතාගෙනයි.. ඒත් ජයසිංහ කීවෙ ..ඔයා කල්පනා කරල තීරණයක් ගන්න.. මං ඉන්න තත්වෙ හැටියට මට එපා කියන්නත් බෑනෙ.. කියලයි.. කොහොමත් ඒ වැඩේටත් ගිහිල්ලා බලනවා කියලා සඳමාලි අන්තිමට තීරණය කළා.. ... සුමනක්කාගෙ මැදිහත් වීමත් එක්ක දවස් කීපෙකට පස්සෙ සඳා කංකානි අයියත් එක්කම බංගලාවට ගියා.. එදා කංකානි අයියා ත්‍රීවිල් එකක් කතා කරගත්තත් ඒ පාරෙ බස් එකක රුපියල් එකසිය පණහක විතර දුර ගිහින් තව චුට්ට දුරක් කෙටි පාරෙන් පයින් ගියාම ලේසියෙන් බංගලාවට යන්න පුළුවන්.. .. කංකානි අයියා.. මගේ කෙල්ල හොඳට බලාගන්ඩ ඕනෑ.. ඔහේගෙ විස්වාසෙටයි කෙල්ලව එවන්නේ.. ඒකිට මොකක් හරි ආරෝවක් වෙලා තිබුණොත්... දන්නවනේ ඉතින් සුමනගෙ හැටි.. එන්න පිටත් වෙද්දී අම්ම කෙනෙක් ව⁣ගේ සුමනක්කා කියපු කතාවෙන් සඳාගෙ හිතට ලොකු හයියක් දැණුනා.. හරි හරි සුමනක්කා.. ඔයා මං ගැන දන්නවනේ.. කිසි දේකට බය වෙන්ඩ එපා.. නංගිට හොඳක් මිසක් නරකක් වෙන්නෑ.. කංකානි පොරොන්දු වුණා. ---------------------- සඳාට අලුත් රස්සාව කොහෙත්ම අමාරුවක් වුණේ නෑ. උයන පිහින එක කෑම ජාති හදන එක එයාට මහලොකු දෙයක් නෙවෙයිනේ.. බංගලාවෙ පිරිසිදු කිරිල්ල වුණත් එහෙමයි. ඒ හැටියට කිලිටි වෙන්න හේතුවකුත් නෑනෙ. නිසා හරි පහසුවෙන් වැඩ පල කරගෙන ගියා. වත්තෙ මහත්තයත් එයාගෙ වැඩපල වගේම කෑමත් හරියට අගේ කළා. වත්තෙ මහත්තයා- ඒ කීවෙ ඩේසිලෑන්ඩ් වත්තෙ අයිතිකාරයා ජූනියස් ක්ලිෆර්ඩ් ෆර්නැන්ඩස්. එයාගෙ ඩැඩාගෙන් එයාට අයිතිවුණු දේපළවලින් වටිනාම දේ තමයි මේ වත්තයි බංගලාවයි. ඩැඩාගෙ මරණින් පස්සෙ ක්ලිෆර්ඩ්ගෙ අක්කාත් මේ සේරම අතෑරලා ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියා.. ළඟ ඥාතීන් කියල කිසි කෙනෙක් ලංකාවෙ නෑ.. සේරම පිටරටවල.. ක්ලිෆර්ඩ් විවාහ කරගත්තේ උඩකඩවල මොරමුදලි වලව්වේ මහත්තයාගෙ එකම දුව ක්‍රිස්ටිනා මොරමුදලිව. මොරමුදලි වලව්වෙ මහත්තයා කියන්නේ සල්ලි ගහක්. එයා ඒ සල්ලි ගහ තව තවත් අතුපතර දාල ලොකු කරගන්න ඕන හින්දයි මේ මඟුල කරේ.. ජෝඩුව ඉන්න බංගලාවයි අක්කර හැටක විතර වත්තයි දෙකත් ක්‍රිස්ටිනාට දෑවැද්ද විදිහට ලැබුණු දේවලින් කොටසක්. දෙන්නා එක ගෙදර හිටියට ක්‍රිස්ටිනාට නම් ක්ලිෆර්ඩ් ගැන මෙලෝ ආදරයක්වත් හැඟීමක්වත් තිබුණෙ නෑ.. එයාට ඕන වුණේ දවසට දාස් ගණන් සැලුන්වලට වියදම් කරල ඒ අයගෙ පෙලැන්තියේ ගෑනු එකතුවෙන මහිලා සමිති බදාගෙන මහ ආටෝප විදිහට ජීවත් වෙන්නයි. ඇත්තටම කීවොත් ගෑනි හිටියේ ක්ලිෆර්ඩ්ව එපා වෙලයි. ඒකට හේතු දෙකක් තිබුණා. එකක් ක්ලිෆර්ඩ්ට ක්‍රිස්ටිනා ගැන කිසිම උනන්දුවක් නොතිබීම. අනික බඳින්නත් කලින් ඉඳල ක්‍රිස්ටිනා වෙන කොල්ලෙක් එක්ක තිබුණු සම්බන්දෙ තාමත් පවත්වාගෙන යාම. ඒකට ක්ලිෆර්ඩ්ගෙ චර්යාව තවත් උදව්වක් වුණා. එක අතකින් බැලුවම ඒ කසාදෙ නිසා ක්ලිෆර්ඩ්ගෙ ජීවිතේ තවත් අයාලෙ ගියා. හැබැයි එහෙම වෙන්න ක්ලිෆර්ඩ්ගෙ පැත්තෙනුත් බරපතල හේතුවක් තිබුණා.. ක්ලිෆර්ඩ්ට බිරිඳක් එක්ක පවුල් ජීවිතයක් ගතකරන්න හැකියාවක් තිබුණෙ නෑ.. ගෑනිට කොච්චර උවමනාවක් තිබුණත් අඹුසැමි ඇසුරක් ගැන මිනිහට කිසිම උනන්දුවක් නෑ. කොටින්ම එ⁣හෙම දේකට බයක් චකිතයක් වගේ හැඟීමක් මිනිහට තිබුණේ. මිනිහට ඕන වුණේ හොඳට බීල ගෑනි ලවා ඇඟ පසඟ මසාජ් කරවගන්න විතරයි.. ඒක එයාට තිබුණු මානසික ප්‍රශ්නයක්... යුග දිවියට ඇතුළත් වෙනකොට කෙල්ලකගෙ හිතේ මොන තරම් බලාපොරොත්තු ප්‍රාර්ථනා තියෙනවද.. ඉතින් මෙහෙම සැමියෙකුගෙන් ගෑනියෙකුට ඇති වැඩේ මොකක්ද.. ඒකයි ක්‍රිස්ටිනා තාත්තගෙ වලව් පට්ටම බේරගන්න ඕනවට රටට පේන්න පවුල් කමින් මිනිහව සම්පූර්ණයෙන්ම අත්ඇරලා තමන් කැමති ජීවිතය තෝරගත්තේ.. එයාට එයාගෙ පුරුදු පෙම්වතා එක්ක ඕන විදිහට ජීවත් වෙන්න ක්ලිෆර්ඩ්ගෙන් බාධාවක් වුණෙත් නෑ. ඒත් එක්කම ක්ලිෆර්ඩුත් හුරුවුණා ගෙදර නොඉඳ එයාගෙ වත්තෙ බංගලාවෙ නවතින්න. ක්‍රිස්ටිනා කවදාවත් ඒ ගැන ප්‍රශ්න කළේවත් හොයා බැලුවෙවත් නෑ. කොටින්ම කඩදාසි කොලයක ගහපු අත්සනකින් දෙන්නා අඹුසැමියො වුණාට එකෙක්ටවත් අනෙකාව අදාළ වුණේම නෑ. කොච්චර සල්ලිකාරයෙක් වුණත් ක්ලිෆර්ඩ් මහත්තයා ගැන සඳමාලිගෙ හිතේ ඇතිවුණේ ගෞරවයක්. එයා තමන්ව අගය කරනවා වගේම තමන්ගෙ ආරක්ෂාව ගැනත් බලනවා. යම් විදිහකින් හවස යන්න ප්‍රමාද වුණොත් ත්‍රීවිල් එකක යවන්න කියලා කංකානි අයියට කියල තියෙනවා. ගොඩක් රෑ වුණු වෙලාවක නම් මහත්තයාගෙ වාහනෙන්ම කංකානි සඳාව ගිහින් අරිනවා. සාමාන්‍ය දවස්වලට වඩා සඳමාලිට ටිකක් වැඩ වැඩිවුණොත් පඩියට අමතරව සෑහෙන ගාණක් අතට දෙනවා.. වැඩිපුර තියෙන කෑම බීම ගෙදර ගෙනියන්න අවසර දීල තියෙනවා.. ඒ නිසා මේ රස්සාවත් එක්ක සඳාලගෙ ගෙදර ප්‍රශ්න ගොඩක් අඩුවුණා.. හැබැයි බොහෝ දවස්වල සඳමාලි වැඩ ඉවර වෙලා යන වෙලාවටවත් ක්ලිෆර්ඩ් බංගලාවට ඇවිත් නෑ. බොහෝවිට එයා වත්තෙ ඔෆිස් එකෙන් පිටත් වුණාම කෙලින්ම යන්නේ ක්ලබ් එකට. ඒ ගිහින් රෑ වෙනකල් බොනවා. වැඩිවුණාම කෙලින්ම යන්නේ ඒ කිට්ටුව තියෙන ස්පා එකකට. ඒකෙ කෙල්ලක්ව අල්ලගෙන හොඳ මසාජ් එකක් දාගන්නවා. ප්‍රශ්නෙකට තියෙන්නේ මෙයාට වෙන අයට වගේ ඇඟ විතරක් මසාජ් කරගෙන මදි. තමන් සම්පූර්ණයෙන්ම නිරුවත් වෙලා සම්පූර්ණයෙන්ම අඟ පසඟ මිරිකලා හොඳට මසාජ් කරවාගන්න ඕන. ඒක තමයි ක්ලිෆර්ඩ් කාන්තාවක් ඇසුරෙන් ලබන තෘප්තිය. මෙයා ඉස්සර ඉඳන් ඇබ්බැහි වෙලා හිටියේ මේ විදිහෙ තෘප්තියක් ලබන්න. ඇත්තටම ඒක ලිංගික තෘප්තියක්ද.. නැත්නම් මානසික ප්‍රශ්නයක්ද.. ඒ මොනවා වුණත් මේ ගැන දන්නා ඒ ස්පා එකේ අය ඒක ප්‍රශ්නයක් කරගත්තෙ නෑ. මොකද ඒ වෙනුවෙන් ක්ලිෆර්ඩ් අත දිගඇරල වියදම් කරනවා කියල ඒ අය දන්නවා.. ඒත් එහෙම මිනිහෙක්ව බැන්ඳ ගෑනියෙක් ඒ පුරුදු ඉවසයිද.. එහෙම මිනිහෙක් එක්ක ගෑනියෙක් සතුටින් දීග කයිද.. කාලයක් ය⁣නකොට ක්ලිෆර්ඩ් ක්ලබ් යාම ටිකක් අඩුවෙලා ඔෆිස් එකෙන් කෙලින්ම බංගලාවට එන්න පුරුදු වුණා. බොන්න ඕන වුණාම කංකානි අයියා ලවා ඕන දේවල් ගෙන්නගෙන එයාවත් එකතු කරවාගෙන හීං අඩියක් ගහනවා... ඒ අතරෙ යම් හේතුවක් නිසා හීං අඩිය ඉක්මවා ගිහින් ක්ලිෆර්ඩ්ට හොඳටම වැඩිවුණා.. කාමරේට ගිහින් ඇඳට වැටිලා ..සඳමාලිට එන්න කියාපන්.. කියල කංකානිට කීවා.. මිනිහට හීං දාඩිය දැම්මා.. ඒත් කරන්න දෙයක් නෑ.. ගෙදර යන්න බලාගෙන හිටි සඳමාලිට පණිවිඩේ කීවා.. ..නංගි.. මොනා වුණත් කලබල වෙන්න එපා.. කියන දෙයක් කරපන්.. උඹට හිරිහැරයක් වෙන්නෙ නෑ.. කංකානි වැඩිදුරටත් කීවා.. ..සස්..ස.. සඳමාලි.. ම.. මගේ මේ ඇඳුම් ටික අ. අ. අයින් කරන්න.. කාමරේට ගිය සඳමාලිට ක්ලිෆර්ඩ් ගොත ගහමින් වුණත් කීවේ නියෝගයක් දෙන විලාසෙන්.. සඳමාලි බයෙන් වුණත් හෙමින් සීරුවේ ක්ලිෆර්ඩ්ගේ කමිසයත් සපත්තු මේස් යුගලයත් ඉවත් කළා.. .. ඇයි ක..ක.. කලිසම.. ? ක්ලිෆර්ඩ් ප්‍රශ්න කළා.. ඇය කලිසමේ ඉන පටිය ගලවා කලිසම බුරුල් කරනවාත් එක්ක ක්ලිෆර්ඩ් කකුල් දෙක යාන්තම් ඉස්සුවේ එය ඉවත් කරන ලෙස සන් කරමින්. ඒ වගේම ය⁣ට ඇඳුම් ඉවත් කරන්නැයි කී පසුනම් සඳමාලිට බයටම ඇඬුණා.. ඒත් ඇයට එය නොකර බැරිවුණා.. .. හ්ම් ම..ම.. මසාජ් කරන්න.. ක්ලිෆර්ඩ් මුණින් අතට හැරුණා.. සඳමාලි පැකිළුණා.. ..ඇ.. ඇ.. ඇහුන්නැද්ද..? ඔහු ගිගිරුවා.. සඳමාලිට තවත් ඇඬුණා.. ඊටත් වඩා බයවුණා.. .. අන්තිමට ක්ලිෆර්ඩ් තමන්ට ඕන විදිහට සඳමාලි ලවා වැඩේ කරවාගත්තා.. වැඩේ ඉවර වෙද්දී සනීපෙටම ක්ලිෆර්ඩ්ට නින්ද ගියා.. සඳමාලි අඬාගෙන කුස්සියට දිව්වා.. කුස්සියේ පුටුවක ඉඳගෙන දෝතේ මූණ හංගගෙන ඇති තරම් ඇඬුවා.. කංකානි මේ ඇඬිල්ල දැක්කත් තම ස්වාමියාගෙ චර්යාව හොඳ හැටි දන්නා නිසා සඳමාලිගෙන් විස්තර අහන්න ගියේ නෑ.. .. ඕක ඒ හැටි ගණන් ගන්න එපා සඳා නංගි.. ටිකක් වැඩි වුණාම ලොකු මහත්තයාට කවුරු ලවා හරි ඕම කරගන්න ඕනෑ.. මෙච්චර කල් ගියේ ක්ලබ් එක පැත්තෙ මසාජ් සෙන්ටරේකට.. ඒත් කවදාවත් ගෑනුන්ව අමාරුවේ දාන්නෙ නෑ.. ඔයාටත් ප්‍රශ්නයක් වුණේ නෑනේ.. කවදාවත් වෙන්නෙත් නෑ.. වෙරි හිඳුනාම අද වෙච්ච දේට දුක්වෙයි.. හැබැයි උඹට සළකයි.. .. අනේ මං යනවා කංකානි අයියා.. මං ආයෙ එන්නෙ නෑ.. සඳමාලි හිත දැඩි කරගෙන පුටුවෙන් නැඟිටලා සින්ක් එකටම මූණ අල්ලලා කඳුළු සෝදා හරිමින් කීවා.. මෝඩ වෙන්න එපා නංගි.. ලොකු මහත්තයා ඕවට පොලිත් එක්ක උඹට සළකයි.. උඹට ප්‍රශ්නයක් වුණෙත් නෑනේ... අනික.. උඹ දන්නෑ නංගි.. ඕක මහත්තයාට තියෙන අසනීපයක්.. එයාට නෝනා එක්ක ඉන්න බැ