text
stringlengths
5.78k
8k
රිවුණෙත් ඒකනේ.. කලබල වෙන්නැතුව හොඳට කල්පනා කරල බලපන්.. ඒ හින්දා මේ සිද්ධි ගෙදරට නොකියා ඉන්නවනම් තමයි හොඳ.. හ්ම් .. යමන් මං උඹ ව ත්‍රීවීල් එකකට දාන්නම්.. හෙට උදේ එන්නැතුව ඒම ඉන්ඩ එපා.. ... ගෙදර ඇවිල්ලත් සඳා ජයසිංහට හොරෙන් පැත්තකට වෙලා ගොඩාක් කල්පනා කළා.. අම්මෝ මාරකේකින් බේරුණා වගේ.. ආයෙනම් ඒ පැත්ත බලාගෙන බත් කන්නත් හොඳ නෑ.. ඒත් දෙයියනේ ඒ රස්සාවත් නැති කරගෙන කොහොමද ජීවත් වෙන්නේ.. දෙයියනේ කියලා පහුගිය ටිකේ හොඳට කාල ඇඳල හිටියා.. කෙල්ලගේ ඉස්කෝලෙ අඩුපාඩු සේරමත් ගත්තා.. ජයේගෙ බේත්හේත් ටිකත් අඩුවක් නැතිව කෙරුණා.. ඒකෙන්නේ දෙයියනේ කියලා ජයේට ටිකක් නැඟිටලා අඩිය තියන්න පුළුවන් වුණේ.. කඩයප්පන් හදලා ඔය තරම් කරගන්න පුළුවන්ද... එක අතකට.. ඇත්තටම මහත්තයාට ඕනනම් මාව අමාරුවේ දාන එක මහ දෙයක් නෙවෙයිනේ.. මගෙ උදව්වට එහෙ කවුද ඉන්නේ.. ඒත් ඒ මනුස්සයා එහෙම කෙනෙක් නෙවෙයි.. කංකානි අයියා කීව කතාවෙත් ඇත්තක් ඇති.. කොහොම වුණත් තව ටිකක් ඉවසලා බලනවා.. මේ ව⁣ගේ රස්සාවක් ආයෙ හොයාගන්න ලේසි වෙන්නෑ... කොහොම හිතුවත් පහුවදා ආපහු බංගලාවට යන්න හිත හදාගන්න සඳාට බැරිවුණා... බොරු හිසේ අමාරුවක් කියාගෙන ගෙදරට වෙලා හිටියා.. හැබැයි එදා රෑ එළිවෙද්දි ..එන ඕනෑම දේකට මූණ දීල රස්සාව ආරස්සා කරගන්න ඕන කියල සඳා තීරණය කළා. ඊට පහුවදා සඳා සුපුරුදු පරිදි ආපහු ඩේසිලෑන්ඩ් වත්තෙ බංගලාවෙ වැඩට ගියා.. ලොකු මහත්තයා එදා උදේම ඔෆිස් එකට ගිහින්. කංකානි වෙනද වගේම කතා බහ කරල එයාගෙ වැඩවල යෙදුණා. සඳාත් කලින් වගේම වැඩ කරන්න පටන්ගත්තා.. ටික වෙලාවකින් කංකානි අයියා කුස්සිය පැත්තට ආවා.. ... නංගියේ... උඹ ඊයෙ ආවෙ නැත්තෙ ඇයි කියල මං අහන්නෙ නෑ.. මං දන්නවා ඒක.. අද වුණත් උඹ ආව එක ලොකු දෙයක් .. හැබැයි ඒ සිද්දිය හින්දා මහත්තයා උඹට තවත් ආදරේ වුණා.. මේං මේක උඹට දෙන්ඩ කියලා දීල ගියා. කියමින් කංකානි අයියා සඳා අත යමක් තැබුවා. ඒ මුදල් නෝට්ටු කීපයක්. එතැන රුපියල් දහදාහකට වඩා තිබුණා.. සඳාට මොකුත්ම හිතාගන්න බැරිවුණා.. .. ඇයි.. ඇයි කංකානි අයියා ? මොකටද මේ සල්ලි දුන්නේ.. .. නංගියේ.. උඹ මොකුත් හිතන්ඩ එපා.. එදා හවස වෙච්ච දේට මහත්තයා⁣ගෙ හිතටත් අවුල්.. ඒත් මහත්තයාට වැඩි වුණාම එහෙම තමයි .. ඒ වෙලාවට උදව් කරන කෙනාට මහත්තයා කොහොමත් සළකනවා.. උඹ ඕක ගනිං.. එකාතකට නංගියේ..⁣ ඒක ලෙඩක් වගේ.. මොකද ඒ වෙලාවට එයාටවත් එයාව කොන්ට්‍රෝල් කරගන්ඩ බෑ.. කොහොමත් බීමත්කම හොඳ දෙයක් නෙවෙයිනේ.. ඒ හින්දා මේක ගත්තට පව් නෑ.. .. මේ සල්ලි ගන්දෝ නොගන්දෝ කියල මුලින්ම හිතුණත් තියෙන අගහිඟකම් අමාරුකම් එක්ක මේක අතාරින්න හිත හදාගන්නත් බෑ.. අන්තිමට.. ඕන කුදයක්.. කියල සල්ලි ටික අරන් ගවුමෙ සාක්කුවට ඔබාගත්තා. ... ඊට පස්සෙත් දවස් කීපයක් සඳාට අර අත්දැකීමට මූණ දෙන්න සිද්දවුණා.. ඒ හැම දවසකම ඒ අවස්ථාව උදාවුණේ අහම්බෙන් බව සඳමාලිට වැටහුණු නිසා ක්ලිෆර්ඩ් මහත්තයා ගැන අහිතක් හිතන්න එයාට ඕන වුණේ නෑ. අනික ඒ කිසි අවස්ථාවක ක්ලිෆර්ඩ් අයුතු විදිහට සඳමාලිගේ ඇඟට අතවත් තිබ්බෙ නෑ.. ඉතින් මේ මොන අවශ්‍යතාවයක්ද කියල සඳමාලිට නම් හිතාගන්නවත් බැරිවුණා.. ඒත් එක්කම ඉඳහිට වැඩිපුර ගාණක් අතට ලැබෙන නිසා ජයසිංහගේ බේත්හේත් ටික කලින්ට වඩා හොඳට කරගන්න පුළුවන් වුණා .. ඒ නිසා දැන් එයාගෙ තත්වය ටිකෙන් ටික හොඳ අතට හැරෙනවා.. ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න ඕන දුකක් විඳින්න සඳමාලි දෙවරක් හිතන්නෙ නෑ. ඒ අතරෙයි තවත් දෛවෝපගත දවසක් උදාවුණේ. එදා ක්ලිෆර්ඩ්ට බංගලාවෙදිම බොන්න සෙට්වෙන්න වුණේ හවස් වෙද්දි එයාගෙ යාළුවෙක් සියළු අඩුවැඩියත් අරගෙනම එහෙට ආව නිසයි.. ඒ ක්වීන්ස්හිල් වත්තෙ අයිතිකාරයා- සැම්සන් වැන්දබෝනා.. සැම්සන් බේබද්දා ව⁣ගේම සල්ලාලයා.. රට වටේ ගෑනුන්ටම අහුවෙලා දේපලවලින් වැඩිහරිය නැති නාස්ති කරගෙන ඉන්න එකෙක්. අඩුගාණෙ උගෙ කියල නෑදෑයෙක්වත් මිනිහව ආශ්‍රය කරන්නේ නෑ.. නොබීපු වෙලාවට විනෝදකාමී මනුස්සයා නිසා සමහරු ආශ්‍රය කළත් එතරම් විශ්වාස කටයුතු පුද්ගලයෙකු නොවන නිසා ක්ෂේත්‍රයේ ගොඩක් අය මිනිහට කැමති නෑ..ඩේසිලෑන්ඩ් එකට කිලෝමීටර් පණහක හැටක වගේ දුරක හිටි නිසා මිනිහට ආසන්නම හිතවතා වුණේ ක්ලිෆර්ඩ්. ඒ නිසයි කොහේදෝ දුරක ගිහින් එන ගමන් පොඩි ෆන් එකක් ගන්න කියලා ඕන දේවලුත් අරගෙන මඟින් හරවලා ඩේසිලෑන්ඩ් එකට ඇවිත් තියෙන්නේ. මීට කලිනුත් දවසක් දෙකක් ඒ විදිහට ඇවිත් සෙට්වෙලා තියෙන නිසාත් ඉස්සර ඉඳහිට මෙහේ තිබුණු පාටිවලට ආව ගිය නිසාත් සැම්සන්ට ඩේසිලෑන්ඩ් බංගලාව හොඳට හුරුයි. කොහොම වුණත් ක්ලිෆර්ඩ්ඩුත් ඉතින් බෝතලයක් දැක්කම දැපනෙ වැටෙනවනෙ.. හවස ගෙදර යන්න හිටි සඳාවත් නවත්වාගෙන බයිට් හදව හදවා පටන්ගත්තා වැඩේට.. කංකානිත් එහෙන් මෙහෙන් යාන්තම් සම්මාදම් වුණා... .. ටික වෙලාවක් යද්දි යාන්තම් වැදීගෙන එනකොට සැම්සන් කාරයා සිංදු කියන්නත් පටන්ගත්තා.. දෙතුන් දෙනාගෙ බෝතල් පාටිය අතරේ ටිකෙන් ටික රෑ බෝවුණා.. දැන් දෙන්නටම බඹර පදම.. පමණ ඉක්මවා ගියාම ක්ලිෆර්ඩ්ට ඉන්න අමාරුයිනේ... ස්..සැ..සැම්සා.. ඇ.. ඇක්ස්.. ක්‍යුස් මී.. කියා තතනමින් හුනස්නෙන් නැඟිටපු ක්ලිෆර්ඩ් .. එ.. ඒයි.. ක..ක. කංකානි .. කියමින් සැම්සන් සමඟ ඉන්නා ලෙස කංකානිට ඉඟිකොට වැනි වැනී කාමරේට ගියේ ...ස..ස..සඳ මාලී..කියා ඇයටද අඬගසාගෙනමයි... ක්ලිෆර්ඩ්ගෙන් වහනය වන මත්වතුර ගඳත් අපුලත් ඉවසාගෙන ඉතාම පිළිකුලෙන් වුණත් සඳමාලි වෙනද වගේම ඔහුගේ සියොළඟ සම්බාහනය කළා.. ක්ලිෆර්ඩ්ට නින්ද යාගෙන එද්දී තුවායක් ඇඟ උඩට දමා ආපහු කුස්සිය පැත්තට යන්න හැරුණු සඳමාලි දුටු දෙයින් සලිත වී ගියා.. සැම්සන්. හොඳටම බීමත් වුණු සැම්සන් මහා අසික්කිත හිනාවක් දාගෙන කාමරේ ⁣ දොර උළුවස්සට වාරුවෙලා සඳමාලි දිහාම බලාගෙන ඉන්නවා.. ඔහුගේ ඇස් දෙකේ පෙරේත බැල්ම- මූණ පුරා පැතිරුණු කුපාඩි හිනාව ඔහුගේ අරමුණ කියාපෑවා.. සඳමාලි අඩියක් ඉස්සරහට තියනකොටම සැම්සන් දොරේ උළුවස්ස දෙපැත්තට අත් දෙක තියාගෙන දොර අවහිර කරගත්තා.. .. මහත්තයා.. අනේ ඔතැනින් අයින් වෙන්ඩ.. ම..මට යන්ඩ දෙන්ඩ.. සඳමාලි පිංසෙන්ඩු වුණා.. හහ් හා.. ඇ..ඇ..ඇයි අප්..පික..ලුද.. උ..උම්ඹ හරි ලා.ස්සනයි කෙල්ලේ.. සැම්සන් සඳමාලිව අල්ලගන්න වගේ අත් දෙක දික්කරගෙන කියවන්නට වුණා.. සඳමාලි සැම්සන්වත් තල්ලු කරගෙන කාමරෙන් එළියට පනින්න හිතා⁣ගෙන එක අඩියක් තිබ්බා විතරයි.. සැම්සන් පැන්න ගමන් සඳමාලිව බදාගත්තේ ඇයට හෙලවෙන්නවත් බැරිවෙන විදිහට.. අ.. අතෑරපන් වනචරයා.. මට යන්න දීපං.. කියමින් සඳමාලි දැඟළුවා.. කොතරම් බීමත්ව හිටියත් මේ වෙහෙසවී ඉන්න දුර්වල ගැහැණියව යාබද කාමරයට ඇදගෙන යන්න හැඩිදැඩි ශක්තිමත් පිරිමියෙකු වූ සැම්සන්ට අමාරු වුණේ නෑ.. ක..ක.. කංකානි අයියා.. අ. අනේ මාව බේරගන්න.. අනේ.. ලොකු මහත්තයා.. සඳා ලතෝනි දුන්නා.. අයියෝ සාමී.. අයියෝ සැම්සන් මහත්තයා.. අතාරින්ඩ මහත්තයා.. සඳාගෙ සද්දෙට දුවගෙන ආ කංකානිත් කෑගහන්න වුණා.. ඒ කාලගෝට්ටිය ඇහුණු ක්ලිෆර්ඩ් උඩ ගිහින් බිම වැටුණ වගේ.. ඇ⁣ඳෙන් බිමට පැන්න ක්ලිෆර්ඩ් ළඟ තිබුණු තුවාය ඇ⁣ඟේ පටලව⁣ගෙන අනෙක් කාමරේට දුවගෙන ගියා.. සැම්සන් සඳමාලිව ඒ කාමරේ තිබුණු ඇඳ උඩට පෙරලගෙන ඇයව මෙල්ල කරගන්න යක්ෂාවේශයෙන් වගේ දඟලනවා.. සඳමාලි කෑගසමින් ඒ යක්ෂයාගෙන් බේරෙන්න අසීරු උත්සාහයක යෙදෙනවා.. කංකානිත් සැම්සන්ගේ ඇඳුමින් අදිමින් සඳමාලිව බේරගන්න දඟලනවා.. මේ අප්‍රසන්න දසුන දුටු ක්ලිෆර්ඩ් මාරාවේෂ වුණා. අසුරු සැණින් යළි හැරී තම කාමරේට දිවූ ක්ලිෆර්ඩ් ආපහු ආවේ සිය පිස්තෝලයත් අතැතිවයි.. කංකානි.. අයින් වෙයන්. පිස්තෝලය සැම්සන් දෙසට එල්ල කරගෙන ක්ලිෆර්ඩ් ගිගිරුවා.. මහත්තයා.. එපා .. කියා කෑගසමින් කංකානි ක්ලිෆර්ඩ්ගෙ පැත්තට දුවගෙන එන්න ආවෙ .. මේ බීමත් මිනිසා අතින් මේ හිත්පිත් නැති ගිණි අවිය පත්තු වුවහොත් එය කාගේ අවසානය වේදැයි සැකයෙන්.. ඩෝං.. කංකානි ප්‍රමාදයි. බංගලාවම දෙදරවා ගිණි අවිය හඬදුන්නා.. ..මහත්තයා.. සඳමාලි මොරදුන්නා.. ..අයියෝ.. මුරුගා.. කියාගෙන දෑත හිසමත ගසා ගනිමින් කංකානි ආපහු හැරුණා. දුටු දෙයින් ගල්ගැසී ඔහු එතැනම හිටගත්තා.. සඳා අවුල්ව ගිය ඇඳුමින් එහෙන් මෙහෙන් විවර වූ ලැම වසා ගැනීමට උත්සාහ කරමින් ඇඳ ළඟ බිත්තියට හේත්තු වී බියෙන් සලිතව බලා සිටියා.. හිසෙන් ලේ ගංගාවක් ගලමින් සැම්සන්ගේ නිසල සිරුර ඇ⁣ඳේ පැත්තකින් බිමට එල්ලෙමින් තිබුණා .. කංකානිත් සඳමාලිත් දෙන්නාම දොර දිහා බැලුවත් ක්ලිෆර්ඩ් ඒ වන විටත් එහි හිටියේ නෑ.. ඒත් ඊළඟ නිමේෂයේ ඔහු කලිසමක් හැඳ කමිසයේ බොත්තම් පියවමින් ආපහු කාමරේ දොරකඩ පෙනීහිටියා.. ..සඳමාලි. යන්න. ..ඔහු දුන් නියෝගයත් සමඟම සඳා කුස්සිය පැත්තට දිව්වා.. දෙයියනේ.. අපි දැන් මොකද කරන්නේ මහත්තයා.. කංකානි හොඳටම බයවෙලා.. බලපං ඕකට තව පණ තියෙනවද කියලා.. ටික වෙලාවක් සැම්සන්ගේ සිරුර දෙස බලා සිටි ක්ලිෆර්ඩ් කීවා.. මොන පණක්ද මහත්තයා.. ඔලුව කුඩු කුඩුවෙලා තියෙද්දී.. කංකානි කීවේ ටික වෙලාවක් සැම්සන්ගේ සිරුර හොඳට පරීක්ෂා කර බැලීමෙන් පස්සෙයි.. ඔය කමිසෙන්ම ඔලුව හොඳට ඔතපන්.. කංකානි ස්වාමියාගෙ අණ එලෙසම ඉටුකළා.. අල්ලපන් මේකව.. කියමින් ක්ලිෆර්ඩ් තාමත් සිරුරේ උණුසුමවත් නොගිය සැම්සන්ගේ දේහයේ අත්දෙකෙන් අල්ලාගනිමින් කංකානිට එහි කකුල් දෙකෙන් අල්ලාගන්නට සන් කළා. ක්ලිෆර්ඩ් ඉස්සර වුණා.. සැම්සන්ගේ දේහය රැගෙන ඔහු කෙලින්ම ගියේ සැම්සන්ගේම ජීප් එකට. දේහය ජීප් රථයේ පසුපස ⁣කොටසේ තිබූ පසු ක්ලිෆර්ඩ් ආපහු හඬ අවදි කළා. ..කංකානි, ගිහින් සඳමාලිට කියපන් දොරවල් වහගෙන අපි එනකල් ඉන්න කියල. රෑ කීයට හරි එයාව ගෙදරට ගිහින් ඇරලනවා කියපන්.. ඉන් පස්සෙ උඹ මගෙ වාහනේ අරන් මා පස්සෙන් වරෙන්.. ආ.. ගරාජ් එකෙන් පොඩි පැට්‍රල් කෑන් එකකුත් අරන් වරෙන්.. කංකානිට උපදෙස් දුන් ක්ලිෆර්ඩ් සැම්සන්ගෙ වාහනේ ඩ්‍රයිවින් සීට්ටෙකට ගොඩවුණා...මේ වෙලාවෙ ක්ලිෆර්ඩ්ගෙ තීරණය මොකක් වුණත් ඒ ගැන ප්‍රශ්න කරන්නට යාම තවත් ප්‍රශ්න ගොඩක් ඇතිකරන දෙයක් බව දන්න කංකානි ක්ෂණ
ිකවම ගිහින් සඳමාලිට පණිවිඩෙත් දීලා ගරාජ් එකෙන් පැට්‍රල් කෑන් එකකුත් අරන් ඇවිත් ක්ලිෆර්ඩ්ගෙ වාහනේ ගත්තා.. ක්ලිෆර්ඩ් ඉස්සර වුණා.. කංකානි.. මෙතැන ඉඳලා උඹ පොඩ්ඩක් පහුවෙලා වරෙන්.. හදිසියේවත් පාරෙ වාහනයක් ආවොත් අපි එකිනෙකා දැක්ක බවක්වත් නොහිතෙන්න ඕනෑ. මම ගිහින් කලුකැලේ ඉවර වෙන හරියෙ ඉන්නවා. තව කිලෝමීටර් පහ- හයක් තියෙනවනේ.. ඒ නිසා මෙතැන ටිකක් නැවතිලා ඉඳල වරෙන්.. හැබැයි කොයි වෙලාවකවත් හෙඩ් ලයිට් ඩිම් කරන්න එපා. ඉතිරි ටික මං එතැනදි කියන්නම්.. ඩේසිලෑන්ඩ් වත්තෙ සීමාව පැනල මහපාරට දාන්න කලින් ජීප් එක නවත්තපු ක්ලිෆර්ඩ් අනෙක් වාහනේ රැගෙන ආ කංකානිට කීවා.. කංකානි කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ..හරි මහත්තයා.. කීවා.. මේ පාර දවාලට බස් කීපයක්ද ඇතුළුව නිතරම ව⁣ගේ වාහන යන එන පාරක් වුණත් හවස හයෙන් විතර පස්සෙ අන්තිම පාළුයි.. වාහනයක් යන්නේ කලාතුරකින්. මොකද විශාල තේ වතු කීපයක් රක්ෂිත කෑළෑවක් හා දැඩි ප්‍රපාතයන් සහිත විශාල පතන් ප්‍රදේශයක් හැරුණම පාරට කිට්ටුව ජනාවාසයක් තියෙන්නේ තව අඩු ගානෙ කිලෝමීටර් පහලොවක්වත් ඈතින්.. ඒ අතරතුරත් තැනින් තැන පොඩි පොඩි කැළෑ රොදවල්.. මේ සමහර කැළෑවල කොල දිවියන් වල් මීහරකුන් ව⁣ගේ සතුන් ඉන්න නිසා අඳුරු වුණාට පස්සෙ කවුරුත් මේ පාරෙන් යන්නෑ.. එතැනින් පිටත් වුණු ක්ලිෆර්ඩ් කලුකැලේ කෙලවරට වෙන්න කැලේ අද්දරම පොඩ්ඩක් ඇතුළට කරල වාහනේ නැවැත්තුවා. වාහනේ ඇතුළෙ තිබුණා සැම්සන් ඩේසිලෑන්ඩ් බංගලාවට එන්න කලින් අඩකට වඩා පාවිච්චි කරපු විස්කි බෝතලයක්.. හිතවතුන් කවුරුත් දන්න සැම්සන්ගේ ෆේවරිට්ම බ්‍රෑන්ඩ් එක.. තව.. සිගරැට් දෙකක් විතර ඉතිරිව තිබුණු සිගරැට් පැකට් එකක්.. අඩක් ඉවර වූ බයිට් පැකට් එකක් වගේ දේවල්.. ක්ලිෆර්ඩ් වාහනේම තිබුණු ෂොපිං එකක් අතේ දවටගෙන පරිස්සමින් අල්ලලා ඒ අඩුම කුඩුම ටික වාහනේ ළඟම තිබුණු ගහක් මුල තිබ්බා. වාහනේ ඈෂ් ට්‍රේ එකේ තිබුණු සිගරැට් කොට දෙක තුනකුත් ඒ කිට්ටුවට දැම්මා. ඒ ළඟම ලොකු ගලකුත් තිබුණ නිසා බැලූ බැල්මට පෙණුනේ කවුරු හරි සෑහෙන වෙලාවක් එතැන ඉඳගෙන සිගරැට් ඇද ඇද විස්කි ගහල කියලයි.. කංකානි කලුකැලේ පහුකරන්න ඔන්න මෙන්න කියා තියෙද්දි එක පාරම ගස් ගොමුවකට මුවාවෙලා වගේ හිටි ක්ලිෆර්ඩ්ව යාන්තමට වගේ දැක්කා. ක්ෂණිකවම වාහනේ නවත්තලා රිවර්ස් කරන්න හදනකොටම ක්ලිෆර්ඩ් හනිකට වාහනේ ළඟට ගියා.. කංකානි.. බහින්න ඕන නෑ.. මං පස්සෙන් වරෙන්.. ආපහු ගිහින් සැම්සන්ගේ ජීප් එක පාරට ගත්ත ක්ලිෆර්ඩ් ඉස්සර වුණා. කංකානි ඒ පස්සෙන් ගියා.. තවත් කිලෝමීටර් හතරක් පහක් ගිය ක්ලිෆර්ඩ් වාහනය නවත්තලා පස්සෙන් ආ වාහනයත් නවත්වන ලෙස සංඥාවක් කළා. කංකානි අනෙක් වාහනේට සමාන්තරව නවත් වම්පස වීදුරුව පහත් කර ක්ලිෆර්ඩ් දෙස බැලුවා.. කංකානි, ඔය දකුණු පැත්තෙන් තියෙන ගල් තලාවෙ ටිකක් ඇතුළට වෙන්න වාහනේ නවත්තලා ඉක්මණට වරෙන්. පාරෙ ඉඳන් බැලුවම එච්චර නොපෙණුනත් පාර මට්ටමටම තිබූ ගල් තලාවක් කංකානිට පෙන්වා එසේ කී ක්ලිෆර්ඩ් සැම්සන්ගේ වාහනය වමට හරවා පාරෙන් පිටට ගත්තා.. එතැන පොඩි ඉඩක් තිබ්බත් ඉන් ඔබ්බෙන් තිබුණේ විශාල පල්ලමක්. තැනින් තැන උස් ගස් හා උඩට නෙරාගිය පත ගල් සහිත මහා ප්‍රපාතයක්. වාහනයේ අත් තිරිංග තද කළ ක්ලිෆර්ඩ් බැහැල එනකොටම කංකානිත් ආවා. දෙන්නම එකතු වෙලා සැම්සන්ගේ දේහය අරන් වාහනේ රියදුරු අසුනේ තිබ්බා. අරගෙන ආව පැට්‍රල් කෑන් එක අතට ගන්න කියල කංකානිට කී ක්ලිෆර්ඩ් ඇතුළට එබිල අත් තිරිංග නිදහස් කරල වීදුරුව ඇර තිබියදී දොර වැහුවා.. ඉන් පස්සෙ පැට්‍රල් කෑන් එක අරන් සැම්සන්ගේ දේහය පුරා වක්කළ ක්ලිෆර්ඩ් හිස් කෑන් එකත් වාහනේ ඇතුළටම දැම්මා. .. තල්ලු කරපන්.. ස්වාමියාගෙ අදහස තේරුම් ගත් කංකානි වාහනේ පිටුපසට ගිහින් එය ප්‍රපාතය දෙසට තල්ලු කළා. වාහනේ ප්‍රපාතයට ඇදෙනවාත් සමඟම ක්ලිෆර්ඩ් ක්ෂණිකව තමන් අතවූ සැම්සන්ගේම ලයිටරය දල්වා ඇතුළට විසිකළා.. අසුරු සැනින් ගිණි ජාලාවක් වූ ජීප් රථය ගස් ගල්වල හැපෙමින් ප්‍රපාතයට පෙරලී ගියා.. යමන්. ටක් ගාල වාහනේ ගිහින් .. කංකානිට නියෝග කරගෙන ක්ලිෆර්ඩ් පාරට පැන්නා. කංකානි දිවගොස් ක්ලිෆර්ඩ්ගෙ වාහනේ පාරට ගෙනාවා. වාහනේ පාරට ගත්තට පස්සෙ පාරත් ගල් තලාවත් අතර තිබුණු කුඩා පස් තීරුවේ වැදී තිබුණු රෝද සළකුණු හනි හනික කකුලෙන් අතුල්ලා මකා දැමූ ක්ලිෆර්ඩ් වාහනේ ඇතුළට පැන්නා. ඇදල යමන්.. හදිසියේ වාහනයක් ආවත් දුරින් එනව දක්කම වේගෙ පොඩ්ඩක් අඩු කරපන්. ඒත් ලයිට් අපි හෑලි ලියන්නේ ඇයි? සමාජ මාධ්‍යය අද නැතුවම බැරි අංගයක් වී ඇත. තව පසකින් බලන කල, අපි සමාජ මාධ්‍යයේ අංගයක් වී ඇත. අපි එයට ඇබ්බැහි වී ඇත්තෙමු. සමාජ මාධ්‍යය වැළඳ ගැනීමට අපි ඇබ්බැහි වන්නේ, එදිනෙදා අභියෝගයන්, කම්කටොලු හේතුවෙන් වෙහෙසට පත් මනසට සහනයක් අවශ්‍ය බැවිනි. සමාජ මාධ්‍යය භාවිතයෙන් සහනයක් ලබා ගැනීමට හෝ අසහනයට පත්වීම අපගේ සමාජ මාධ්‍ය කල්කිරියාව හේතුවේ. සමාජ මාධ්‍යය අතත්‍ය වුවත් තත්‍ය ලෙස හැඟෙන සේ පවත්වා ගැනීම අපගේ ජීවිතයේ කොටසක් වී ඇත්තේ මෙනිසා ය. සමාජ මාධ්‍යයේ තම මුහුණත යාවත් කාලීන කිරීමට අපි දිනපතාම ඡායාරූප, මීම්ස් හෝ අවම වශයෙන් හෑල්ලක් හෝ එක්කිරීමට කටයුතු කරන්නෙමු. ඒවාට වැටෙන ලයික්, කමෙන්ට් සහ ෂෙයාර්ස් බලමින් විනෝද වන්නෙමු. කණගාටුවට කරුණ වන්නේ බොහෝවිට නොදැනුවත්වම හෝ ආචාර ධර්ම උල්ලංඝනය කරමින් සමාජ මාධ්‍යයේ හැසිරීමක් අප බොහෝ දෙනාගෙන් නිරීක්ෂණය වීමයි. සැමට ෆොලෝවර්ස් ලා හෝ ෆ්‍රෙන්ඩ්ස්ලා ඇති අතර, ඉන් අධි ක්‍රියාකාරී කණ්ඩායම් "දායක සභා" ලෙස සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබේ. සැවොම තම විනෝදය සඳහා සමාජ මාධ්‍යය භාවිතා කලත්, යම් ශූර ව්‍යවසායකයෙක්, සමාජ මාධ්‍යය මනාව මෙහෙයවමින් සහ තම "දායක සභා" යොදාගනිමින් තම ව්‍යාපාරය දවසකට මිලිමීටරයකින් හෝ ඉදිරියට ගෙන යාමට කටයුතු කල හැක. සෑම දවසකම හෑලි, පණිවිඩ, නව සංකල්ප, ඡායාරූප, සමාජ මාධ්‍යය වෙත යොමු කරමින් තම ව්‍යවසායය දියුණු කර ගනී. මෙහිදී නෙගටිව් මාකටින්, පොසිටිව් මාකටින් මෙන්ම ගරිල්ලා මාකටින් මනාව යොදා ගනී. ලබා දෙන පණිවිඩය මතුපිටින් ගන්නා දායක සභා තම තම නැණ පමණින් එයට ඇලෙති, ගැටෙති, සැනසෙති. දායක සභා සාමාජිකයින්, තම මතයට එරෙහිව දක්වන අදහස් සමග මරාගෙන මැරෙති. බුකි ඔස්තාර් ලෙස හැඳින්වෙන දායක සභිකයින් තම විශාරදත්වය හුවා දක්වති. ඔවුන් අකමැති එහෙත් සත්‍ය පවසන විද්වතුන් හෙලා දකිති. ශූරයා දායක සභාව අවුස්සා තම ගමන මිලිමීටර් ගණනින් හෝ ඉදිරියට යයි. අවාසනාවකට දායක සභාව කා කොටා ගනී. රටට අවශ්‍ය ශූර ව්‍යවසායකයින්ය. අපි ඔවුන්ට ආශීර්වාද කල යුතුය. ආචාර ධර්ම අනුව කටයුතු කරන යහපත් ව්‍යවසායකයින් දහස් ගණනින් මේ පින් බිමෙහි බිහිවේවා!. දායක සභාවක ඉඳීම හෝ නොඉඳීම තම අයිතියක් වේ. එහෙත්, බුද්ධිමත්ව සමාජ මාධ්‍යයේ හැසිරීම ඉතාමත්ම වැදගත් නොවෙද? මම දිනෙත් සමරවික්‍රමඉන්දියාවේ ගොස් හිතට දැනෙන්නට අහාර සොයායාම දැන් දැන් ඉන්දියාවෙන් එන්න කියලම සමහරු ඉන්දියාවේ යන හින්දා කාලයක් තිස්සේ ඉන්දියාවෙ ගිහිල්ලම ඉන්දියානු කෑම ඇගට පත්තියන් වෙන්න කන හින්දත්, බිරියානිකඩයි ඉන්දියාවෙ කුක්ල ඇවිල්ලයි උයන කතන්දර කියන හින්දා ඉන්දියාවේ ආහාර ගැන යාළුවෝ එක එක විස්තර එක එක තැන්වල අහන හින්දත් මේ විස්තරය කියන්න හිතුනා.. අඩුපාඩු ඇති අනිවාර්යෙන් සංවාදයට විවෘතයි .. කෑම අවසානයේ අතේ ඇඟිලි සූප්පු කිරීම ලෝකයේ ප්‍රධානම පෙලේ චිකන් නොහොත් කුකුල් මස් විකුණන ඇමෙරිකානු වෙළෙඳ ආයතනයක තෙමපාටය වුවද ඔවුන්ගේ සිදු වූ විශාල වැරැද්දක් ලංකාවේ ඊයේ පෙරේදා දුටුවෙමි.. එහෙත් දකුණු ඉන්දියාවේදී මේ සිරිත යේ කෑමක් අවසානයේ දී අවුරුදු විසිවහකට පෙර මුලින්ම අත්දුටු දිනයේ සිට ියේ අද දක්වා සමහරුන් කරන හැටි යම් අප්‍රසන්නතාවයක් වුවද ින් ඇත්තටම ආහාරයේ රසවත්ම තැන ගැබ්වී ඇති බව නොසඟවා කියමි. අපි කතා කරමු. විශේෂ කොටම අපි කවුරුත් දන්නා පරිදි දකුණු ඉන්දියානු ආහාර කොටස් දෙකක් ලෙස දකිමු .එළවලු (veg ) කෑම සහ එළවළු නොවන (nonveg ) ලෙසය. එළවළු අහාර බොහෝ විට තමිල්නාඩුවේ ප්‍රධාන ආහාර ාමයන්ගේ විශේෂණ පදයයි. මන්දයත් ගසේ නොයෙක් නොයෙක් කොටස් ගෙන හදන සමහර රසවත් දේ වල් අපට හිතාගන්නට වත් බැරි ලෙස ලෙස ආහාරයට ගනිමු. එහෙත් අප දන්නේ එවැනි කීපයක් පමණි . මන්දයත් අපට තෝසයක් පූරියක් රොටියක් පරෝටාවක් කන විට ලැබෙන්නේ කරි එකක් හෝ දෙකක් සහ සාම්භාරුවක් චට්නියක් සමන්විත කීපයකි. අපගේ මුලින්ම ගමන අරඹන්නේ චෙන්නයි නුවර ගුවන්තොටුපලේ සිට ියේ කිලෝ මීටර් 20 ක් පමණ නැගෙනහිර දෙසට වූ ECR නොහොත් ( east coastal road) හි පලවක්කම් මගේ පළවෙනි නවාතැනයි. ගිය මුල්වතාවේම මිත්‍රයා මුලින්ම ඇසූ ප්‍රශ්නය ආහාර ගෙනදැයි කියාය .සතුටුම කාරණය නම් අපේ පෙරදිග සිරිතක් එලෙස ගොඩනැගී තිබීමයි .බොහෝ තැන්වල ින් මා ආහාර වේල කට පෙර හෝ පසුව හමුවූ අය මුලින්ම ඇසුවේ ඔබ ආහාර ගෙනදැයි කියාය .ආහාර ගත්තා නොගැත්තා කීවාට ඔවුන් ආහාරයට සැම විටම ගෙදරදී නම් ආරාධනා කරයි .එසේම නැතිනම් ළඟම ඇති කෑම කඩයට අපේ කැමැත්ත අනුව රෙස්ටුඩන්ට් එකකට කැටුව යයි. මුල් අත්දැකීම ඉතා සුහදශීලී විය. එහිදී මට ලොකු බඩගින්නක් නොතිබිණි. මිනිමීල් මීල් ..මම පෝලිමේ සිටියෙමි.. සියල්ල ඇත්තේ දෙමලෙනි ි.මිනිමීල් පමණක් ඉංග්‍රීසියෙන් ඇත .අන්රඩර දෙමළ වාගේය . පෝලිමේ සිටි ඉංග්‍රීසි දත් ඇයි සිතිය හැකි මහතෙකුගෙන් ඔ බට ඉංග්‍රීසි කතා කළ හැකිදැයි ඇසීමි . ඔහු සිනාසි පුළුවන් ඔබට කෙරෙන්න ඕනේ කුමක්ද අසන්නට තරම් කාරුණික විය ..මෙහි තියෙන මිනිමීල් වලින් මා ගැන විස්තරය කියා දී මගේ රසයට එන්නයි ගමන අරඹන්නට මිනිමීල් එකක් ගන්නට ඇත්තේ මොනවාදැයි ඇසීමි , ඒකියූ කිසිවක් නැත.. වෙලාව හවස 3 ය .පරෝටා තිබෙන බව කවුන්ටරයෙන් කීය.ඒක හොඳයි .. දන්න කියන දෙයක්නේ.. ඒ සමග වඩයක්ද ඕනෑදැයි ඇසීය .මම හා කීමි . මම පරිප්පු වැඩ වලට තරම් ප්‍රිය නොවෙමි. එහෙත් ලැබුණේ එයයි. පරෝටා සමඟ ඉතා රසවත් කරි දෙකක් සහ ලූණු චට්නියක් සමග ආහාරයට ගතිමි. මෙය සාමාන්‍යයෙන් ඉන්ද
ියාවේ බොහෝ තැන්වල ින් මා ලද අත්දැකීම් වල ආරම්භයයි. මන්දයත් ්‍රධානම මා ගත් ආහාරය වූයේ පරෝටාය .පරෝටා රොටිය ඉතාමත්ම ිසියුම් සහ ක්‍රිස්පි ලෙස ප්‍රමාණයේ හෝ විශාල අත ප්‍රමාණයේ ينම රසවිඳින්නේ සමහර තැන්වල පරෝටා දෙකක් දුන්න අතර ින් සමහර තැන්වල හතරක් දුරින් සමහර තැන්වල කුඩා ම දෙකක් වෙද්දි ගමකට ගිය විට විශාල පරෝටා හතරක් ලැබිණි .. නගරයේ ආපන ශාලාවක ාමාන්‍ය පරෝටා ගණන ක් අල්ල ප්‍රමාණයේ දෙකකට ගණන් හැදීමය තැන් කීපයකදී පරෝටා වැඩිපුර ගත්තද කෑම වේලටම ගත්තේ එකම ගණනය. ඒ ආහාර එතරම් රසවත්ය .. සිනහව එතරම් සුන්දරය .. දැන් ඉතින් මෙහි රසවත්ම හරිය ගැන කතා කරමු .මා තමිල්නාඩුවේද ී කෙරලයේද මසක් පුරා මෙවර සංචාරය කළෙමි. තමිල්නාඩුවේදී කේරළ කෑමද කේරළේදී තමිල්නාඩු කෑමද .. උතුරු ඉන්දියානු කෑමද පංජාබි කෑමද එක් එක් නම් වලින් ඔබට ලැබෙනු ඇත .එහෙත් මේ සියල්ල රසය.. විමනකට ගිහින් ආහාර ගන්නා සේ ඔබට දැනෙනු ඇත .තවත් ලෙසකින් කීවොත් එහි ආහාරය ා ගන්නවා සේම එතන ආහාර ගන්නා රටාවද ආහාර ගන්නා මිනිසුන්ද සිටීම ලංකාවේ ඉන්දියානු අවන්හලක ගන්නවාට වඩා වෙනස්ය . අන්තිම දවස වෙද්දි ගේ ආහාර වේලක ප්‍රමාණය ගතයුතු දේ වල් සහ තෝරාගන්නා අන්දම ගැන හොඳ අවබෝධයක් මට ලැබී තිබිණි .. තමිල්නාඩුවේ රෙස්ටුරෙන්ට් එකකට යන්නේ නම් ඔවුන් පැමිණ ිකෙහෙල් කොළයක් එලනු ඇත, එවිට කෙහෙල් කොලේ ඔබේ ආහාරපතයි.සමහරවිට ිපිඟානේ ප්‍රමාණයට කැපූ කෙහෙල් කොළයක් දමනු ඇත මෙය ා ඔබට හුරු දෙයක් වන්නට සමහරවිට නුපුළුවන .. එහි ඇති පරිසර හිතකාමී බව යි පොඩ්ඩක් හිතන්න .ඒ සමග වතුර බින්දු දෙක තුනක් ගෙන එයට ඉහා කොලේ පිරිසිදු කර ගන්න .එය දැනටම පිරිසිදුව ඇත .ඔබේ අත එයින්ම සෝදාගන්නා ක්‍රමයක් මම අත්දුටුවෙමි. ු සමාවන්න එය දැනටම දන්නා නම් ,ඒ සුන්දර බව කියන්නේ එම නිසාය. අවුරුදු 49ක් ගියද සමහර අත්දැකීම් පළමුවරට ලබන විට අවුරුදු 43දි මුලින්ම හිම ඇල්ලුවා මෙන්ම හදවතටම දැනේ .. එසේම මේ කෙහෙල් කොළයට අවසානයේ සිදුවන්නේ කුමක්දැයි යමෙක් මගෙන් ඇසූ විට කියන්නට ඇත්තේ ඉන්දියාවේ මහපාරේ ඉන්නා ගවයින්ගේ ආහාර බොහෝ විට එයයි.. ඉන්දියාවේදී විශේෂ කොට මදුරේ සහ කොයිම්බතුවූර් නම් වූ තමිල්නාඩුවේ හදවත් වන්තැන්වල දීපාවලී සැමරුවෙමි. එය තවත් අපූර්වතම අත්දැකීමකි. ඒ දින දෙකේ ආහාර සොයා ගැනීමේ යම් යම් ප්‍රශ්න තිබුණද මම බඩගින්නේ නො සිටියෙමි .වෙනදාටත් වඩා රසවත් ආහාර ගත්තේ යැයි කිව්වොත් එය බොරුවක් නොවේ. එලෙසින්ම මා දුටි විශේෂ වන දෙය නම් මෝටර් බයිසිකල් වල පිටිපස්ස ේ සහ ඉදිරිපස රැගෙන යන කෙහෙල් කොළ මිටිය . මේ කෙහෙල් කොළ මිටි කොහේ යන්නේදැයි ඔබට සිතාගත නොහැකි වනු ඇත .එහෙත් එහි ඇති පරිසරකාමී බව ඔබට හැඟෙන විට ඇසට කඳුළක් නැගෙනු ඇත.පොලිතින් ගැන ලත නොවී අපිට කරන්නට බැරි ඇයි යන ප්‍රශ්නය නැවත අසන්නට අවස්ථාවක් දෙනු ඇත. අපි මීළඟට කතා කරමු කෑමේ ප්‍රමාණය ගැන.. අපිට ඇත්තටම තියෙන්නේ එක බඩක් උනාට බොහෝ විට පෙරදිග දකින සිරිතක් තමයි විශාල ආහාර ප්‍රමාණයක් පංගුව (PORTION ) ලබාදීම .බොහෝ තැන්වල සාමාන්‍ය කන්න පුළුවන් ප්‍රමාණයට වඩා මට දෙගුණයක් පමණ ලැබුනා. මම ගමනේ මුල් වාරවල හොඳින් අත්දුටුවා බත් ඕඩර් කරන විට බිරියානි එකක් ඕඩර් කළ විට ලැබෙන්නේ ලොකු බිරියානි කප් එකක් සහ ඒකෙන් බාගයක් කන්න පුළුවන් ප්‍රමාණයට කරි .තමිල්නාඩුවේදී මෙය දෙවරක් හෝ තුන් වරක් දුටුවා ..කරි ටික ඉවර වෙනවා බත් වලින් බාගයක් කොහොමටත් තියලා එනවා. ොකද බඩේ ප්‍රමාණය එයින් භාගයක් පමණක් නිසා. එලෙසින්ම ඔබ කේරළයට යන විට ආහාර වේලක් ගනිද්දී ලැබෙන ආහාර වල න් සාමාන්‍යයෙන් ම ඔබ මූලික ආහාරය පරෝටා රොටී නාන් ඉඳිආප්ප ිපිට්ටු වැනි දේ (ලංකාවමයි).කරි වෙනම ලබා ගන්න ඕනේ අපේ සිංහල කඩවල වගේ කියමුකෝ.. එතකොට එතනදි ඔබට හම්බවෙන මස්පීරිසිය ඇත්තටම තුන්දෙනෙකුට විතර කන්න පුළුවන් .මම මුලින්ම කේරළයට ගියවිට ඇතුල් වුණේ කැලිකට් වලින් එතනදි පරාටා සහ පරාටා ඉල්ලූ විට පරාටා විත් චිකන් බීෆ ් කියලා කෙලින්ම ඇහුවේ.. පස්සේ තමයි මෙනුකාඩ් එක අරන් බැලුවේ එතකොට ඒ දේ වෙන වෙනම තිබ්බා.. ඊට පසු ලැබුණු මස් පීරිසිය ් ග්‍රෑම් 250 ක් පමණ ක්ම ඉතාමත්ම විශාල පීරිසියක්.. පරෝටා දෙක කා ඉවර වෙද්දී තව ඉතුරුයි. එම නිසා තව පරෝටාවක් ඕඩර් කළා. ඒත් ඉතුරු වෙන බව දැන මස් නිකනුත් කන්න සිදුවුණා. හැබැයි තුන්වෙනි පරෝටාව බඩට වැඩි බව ත් හොඳටම තේරුණා. මේ අත්දැකීම ේජ් ආහාර ගත් සියලුම තැන්වලදී අත්දකින්න ලැබුණා. හැබැයි මේ සියලුම මස් ඉතාමත්ම රසවත් ලෙස හොඳින් සීසන්කර සූදානම් කර තිබුණා. ඔවුන්ගේ කුලුබඩු සීනි ලුණු මිරිස් පදම ඉතා යහපත් ඔන්න ඉතින් රසවත්ම කොටස ගැනයි අපි කතා කරන්නේ.. දකුණු /උතුරු ඉන්දියානු කෑමවල යුරෝපීය කෑමවල අරාබි මේ හැම දෙයක්ම එක් එක් තැන්වල ඉන්දියාවේදී රස බලන්න ඔබට ලැබේවි. හැම තැනකදිම ඔබ මෙනුකාඩ් පතක් ඉල්ලාවි . එහෙත් මම අත්දුටුවා සමහර තැන් වල ින් ඔබ ට කාඩ් පතක් නැතුව කෑම ගන්න හුරු වෙන්න පුළුවන් .වාසනාවකට ඒ හැම තැනකටම ගියේ එක්කෝ මිතුරෙක් එක්ක නැත්නම් මිතුරෙක්ගේ අනුදැනුමක් ඇතුව .හරි සුන්දර අත්දැකීම ..මොකද මෙනු එකක් නැතුව කෑම ගන්නවා කියන්නේ හැමෝම ගන්නේ එකම කෑම වේල ක් ..එහෙම වෙන්න පුළුවන්ද.. ඔව් පුළුවන්.. මොකද එතනට එන හැමෝම එන්නේ එක්කෝ වෙලාවක් වෙන් කරගෙන මේසයක් වෙන් කරගෙන එහෙම නැත්නම් නියමිත කාලයක් ඇතුලත කෑම ඉක්මනින් අරගෙන යන්න. රැඳිලා ඉන්නත් බැරිවෙනවා. මොකද ඒක පොඩි කෑම පුටු තරඟයක් වගේ. එක පිරිසක් යද්දී තව පිරිසක් එනවා ..වාඩිවෙන්නෙත් පුරුද්දට.අයිතිකරුවන් සමහරුන්ගේ නම් හැටියටම දන්නවා. තමන්ගේ සුපුරුදු ටේබල් එකට ගිහින් වාඩිවෙන්න මම මිතුරන් සමඟ ගිය තැන් දෙකේම මගේ මිතුරන් ඔවුන්ගේ සුපුරුදු ටේබල් වලට ගිහින් වාඩි වෙනවා. සුපුරුදුවේටර් එනවා. ලාභමත් නෑ. හැබැයි ගණනුත් නෑ. මොකද තමන්ගෙ පාරිභෝගිකයා තමන් දන්න නිසා පළමු තැන වුණේ මම ගිය ත් සුප්‍රකට දින්දුගල් බිරියානි .තලප්පකට්ටි බිරියානි එකක් ඉහළ ගණයේ මුදලක් වෙද්දි වේනු බිරියානි රුපියල් 150කට ඔබට ලබාගන්න පුළුවන්.කළුකුමා සමග හෝ එළු මස් හම්බවෙන කෑම වේල ක් අර මම මුලින් කතා කරපු විශාල කෑම බෝල් එක වගේ නෙවෙයි එක බඩකට හොඳට සෑහෙන හොඳින් MATURE වූ ආහාර වේලක් ..එහි ප්‍රමාණය කෑම බාගයයි කියලා ඉල්ලුවොත් ෙන් හම්බවෙන බාගේ අපිට කන්න හොඳටෝම ඇති ..වැදගත්ම වෙන දේ ඒකයි ..හම්බ වූ යේ මස් කැබලි ඉතා හොඳින් ටෙන්ඩර් කර හැපෙන ලෙස තිබුණා ..තවමත් ඒ දිව්‍ය භෝජනය හිතේ රැඳී තියෙනවා .ඒ වගේම අපි ගිහින් වාඩිවූ මේසේ න් එන්න ලෑස්ති වෙද්දි අපි අත හෝදගෙන එද්දි තව පිරිසකට ඒ තැන සූදානම් වෙන තරමට ඔවුන්ගේ පිරිසිදු කිරීමත් ඉක්මන් පුද්ගලයින් නිසියාකාරයෙන් අපහසුතාවයකට පත්නොවී පෝලිමේ ගෙන ඒමත් ඉක්මන් කරනව. අපි යන විටත් ඒ පෝලිමේ හිටියේ හැටක් හැත්තෑවක් සමහරවිට යද්දි අසූවක් වෙන්න ඇති. ඒත් ඔවුන්ගේ පෝලිම නිසියාකාරයෙන් මෙන්ටේන් කරමින් පිරිසක් එවනවා. පිරිසක් අසුන් ගන්නවා තරම් ක්‍රමවත්.. එසේම කෑම වේල ඉල්ලන සැණින් ම ගෙන එන්නට සූදානම්ව තිබෙනවා. ප්‍රරෙපරේෂන් ටයිම් ඇත්තෙම නෑ. මාකටින් ඉතාමත්ම ඉහළ තත්ත්වයකට පත් වී.. මොකද අවුරුදු පනහක් පමණ ක්ම මිනිසුන්ට එවැනි ආහාර දී ඔවුන් සංතෘප්ත තත්ත්වයකට පත්ව සිටීමම නිසා ඉතාම වැදගත් වූ දෙය එයයි. දෙවෙනි තැන වුණේ කොල්ලම් නගරයේදී ගේ මිත්‍රයා සමගින් ගිය සැලීම් හෝටලය ..මගේ මිත්‍රයා කේසව රෑට කන්නේ මොනවාදැයි ඇහුවා . මම ඕන එකක් කනවා ඒත් ඕන එකක් යනවා. හැබැයි BEEF ගොඩක් රස බැලුවා එහෙමනම් MUTTON . ඔහු ගෙදර ඉඳන් කිලෝමීටර් හයක් ආපහු ආවා. පස්සේ අපි නගරයේ ඔරලෝසු කණුව ළඟටම ඇවිත් ඔබට ලේසියෙන් හොයාගන්න පුළුවන්. සල්ලිම් හෝටලය 1957 ඉඳන් ක්‍රියාත්මක වෙනවා. පරම්පරා හතරක් මේ වෙද්දි වෙනසක් නෑ. ඔහු හෝටලයේ එක් අන්තයක ගිහින් වාහනේ පාක්කර පිටිපසින් පැමිණ වාඩිවුණා .වේටර් පැමිණියා .රොටී සමගින් සමගින් මටන් ඉල්ලුවා අපිට ලැබුණා. මම වටේ බැලුවා .හැමෝටම එකම පිඟාන් .එකම කෑම වේල ක් .පොඩ්ඩක් පුදුමයක් .පුදුමාකාර විනයකුත් දුටුවා .එහි මස් ප්‍රමාණය ඉතාමත්ම රසවත් ලෙස සූදානම් කර තිබූන. මා දුටු ඉතාමත්ම හොඳින් ක්‍රිස්පි ගතිය තිබූ පරෝටාවක් ඒ කෑම වේල ක් ඔබ රස බලන්නම ඕනේ කොල්ලම් යනවනම් . තුන්වැන්න වුණේ TRICHY නගරයේ දුම්රිය ස්ථානයත් බස් තල් බස් නැවතුම්පලත් අතර ින් මාර්ගයේ හරි මැද ින් වූ සරස්වති හෝටලය. .ඔබ VEG කනවනම් අන්න හොඳම තැන.මොකද දවල් කෑම ගන්නට යන්නා විට ඔවුන් මට කීවේ බිල ගෙවා බිල් පතක් රැගෙන එන ලෙසයි ..මොනවාද ඕනේ කිව්වහම meals . එහෙමයි එතන සිටි අවුරුදු 75 ක පමණ මහතා ඇසූයේ. මම හිනා වෙලා හා කිව්වා .ඔහු රුපියල් 95කට බිල්පතක් මට දුන්නා එ.වැනි බිල්පත් රාශියක් බස් රථයක කොන්දොස්තරවරයෙක් ළඟ මේන් තිබුණා. හැබැයි කොට්ටාව බසයේ මහරගම ac කොට්ටාවෙන් පන්නිපිටියෙන් කොහෙන් බැස්සත් 280 වුණා වුණාට මෙතන දුන්නේ එකම කෑම වේල ක්. ඒ සුදුබත් සමග රසවත් කරි කිහිපයක් මේක හරි කොතරම් හොඳින් සූදානම් කර තිබුණාද වට්ටක්කා බණ්ඩක්කා ග්‍රීන් පීස් වැනි දේ මෙතරම් හොඳින් රසවත් ලෙස සූදානම් කළ හැකිදැයි මට හිතාගන්න බැරි වුණා .කෑම මොනවාදැයි එතන හිටි ඉංග්‍රීසි දන්නා අයෙක්ගෙන් අසනතුරු එසේම ඒ පපඩම වුණත් තෙල් බේරෙන අපේ පපඩමක් නෙවෙයි ඉතාමත්ම මෙලෙක් ගතියකින් යුතුයි.හැම විනාඩි පහකට පමණ ක් සැරයක් ගොස් අවශ්‍යතා බලනවා ඔවුන් පැමිණ .. කෑම ගැන නම් තව කතන්දර බොහෝ ලියන්න පුළුවනි.. ගොඩක් වැඩි වුණාමත් රහ නෑනේ ..අපි ඔක්කොම එක බඩකට විතරයි කන්නේ. අදට ඇති නේද. නැවත හමුවෙමු .ඔබේ අදහස් බලාපොරොත්තු වෙනවගෙදර ඇවිත් කොච්චර වෙලාවක් නිදාගත්තද කියල මට මතක නෑ...ෆෝන් එක උදේම සද්දෙන් කෑ ගහනව.මං නිදිමතේම ඇද උඩ තිබුණ ෆෝන් එක අතට අරන් කනේ තියා ගත්ත. " හෙලෝ" " හේලෝ....ගුඩ්මෝනිං මංච....මං තාරක" " ගුඩ්මෝනිං මචං....මොකද උදේම මාව මතක් වෙලා "....මං නිදි මතේම තාරකගෙන් ඇහුව. " මචං ...අද පාන්දර ඇක්සිඩන්ට් එකකින්...නටා
ෂ මැරිලලු.....මටත් දැන් ආරංචි උනේ..." තාරක කිව්වෙ ගොඩක් කලබලෙන්. අඩ නින්දෙ හිටපු මං තාරකගෙ වචන වලට ගැස්සි ඇහැරුන. " ආආ....කොහෙදිද..? උඹ බොරු නේද කියන්නෙ" ....මං ඇදේ වාඩිවෙන ගමන් තාරකට කිව්ව. " බොරු නෙවෙයි බං.....කොල්ලෙක් එක්ක කාරෙකේ යනකොට වාද්දුව පැත්තෙදි කෝච්ච්යට හැප්පිලලු....දෙන්නම එතනම ඉවරලු..." තාරක කියපු වචන වලට මගේ හුස්ම නැවතුනා වගේ දැනුණ. " අයියෝ.....ශික්....අනේ මංදා බං...දැන් අපි මොකද කරන්නෙ " මං තාරකගෙන් ඇහුව. " උඹ ඉක්මනට ලෑස්ති වෙලා වරෙන් ...බොඩි දෙකම හොස්පිට්ල් එකට ගෙනල්ලලු. ගිහින් බලමුකො.." " හරි...බං හරි ..මං එන්නම් ඉක්මනට " මං ෆෝන් එක කට් කරල පැත්තකට ඇඳේ පැත්තකට විසි කරල දැම්ම. " හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්....නටාෂ ....." හයියෙන් හුස්මක් ගත්ත මං ආපහු ඇදේ හාන්සි වුණා. තාමත් යන්තමට මගෙ ඔලුව රිදෙනවා ....මං හෙමින් ඇස් දෙක පියාගෙන නිදාගන්න හැදුවට හිත ආපහු ඇදිල ගියේ අතීතෙට. මේ හැමදේම වුනේ අලුත් ඔෆිස් එකට ට්‍රාන්සර් ආවට පස්සෙ.ඊට කලින් නිලුයි මමයි කොච්චර ලස්සන ජීවිතයක් ගෙව්වද..? නිලූව මට මුලින්ම හම්බ වුනේ ඔෆිස් එකෙන් ට්‍රිප් එකක් යනකොට අහම්බෙන්..එයාගෙ නම නිලූකා උනාට මං එයාට ආදරේට කිව්වෙ නිලූ කියල.එදා ඉදන් අපි ගොඩක් ආදරෙන් හිටිය.අපි කසාද බදිනකල් අපේ ජීවිතවලට කොච්චර ප්‍රශ්න ආවද...? ඒත් ආපූ හැම ප්‍රශ්නයක්ම අපි දෙන්න එකතු වෙලා විසඳගත්ත. ඇත්තටම නිලූ කියන්නෙ ගොඩක් ලස්සන ලොකු සල්ලිකාර පවුලක කෙල්ලෙක්.එයාගෙ ගෙදරින් මට කොච්චර අකමැති වුනත් මේ සම්බන්දේ නවත්තන්න නිලූ කවදාවත් කැමති උනේ නෑ.නිලූ කිව්වෙ මාව නොලැබුනොත් එයා මුලු ජීවිත කාලෙම තනියම ඉන්නව කියල.ඒ තරම් නිලූ මට ආදරේ කලා. කොහොම හරි අපේ හීන හැබෑවෙලා අන්තිමට අපි දෙන්න කසාද බැන්ද.නිලූගෙ දැඩි තීරනේ හින්දම එයාගෙ පවුලෙන් එයාට බදින්න අවසර දුන්නත් මං ගැන ලොකු කැමැත්තක් එයාගෙ පවුලෙ කාටවත් තිබුන්නෑ කියලා මං දන්නව..එහෙම ටිකක් හරි කැමැත්තෙන් හිටියෙ නිලූගෙ අයිය විතරයි. කසාද බැන්දට පස්සෙ අපිට ඉන්නෙ රෙන්ට් එකට ගෙයක් අරන් දුන්නෙ නිලූගෙ තාත්තමයි.ඒ නිලූගෙ ගෙවල් වලට ටිකක් ලඟ පාතින්.මොකද එයාල නිලූව පවුලෙන් ගොඩක් ඈතට යවන්න පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ. අපි පංදිචියට ආපු ගෙදර තිබුණෙ මගේ පරණ ඔෆිස් එකට ගොඩක් දුරින්.යන්න එන්න විතරක් දවසට පැය හතරක් විතර ගියා.ඇත්තටම අලුතින් ජීවිතේ පටන් ගත්ත අපි දෙන්නට කාලය කියන දේ ගොඩක් වැදගත්.ඒ හින්දම නිලූ හැම වෙලාවෙම කිව්වෙ ගෙවල් ලඟ ඔෆිස් එකකට ට්‍රාන්සර් එකක් ගන්න කියල. ටික කාලයක් යනකොට නිලූගෙ පවුලෙ අයගෙ මං ගැන තිබුණ අකැමැත්ත ටිකෙන් ටික නැති වෙලා යන්න පටන් අරන් ගිහින් කියල මට දැනුන.නිලූගෙ අම්මයි තාත්තයි නිතරම අපේ ගෙදර ආව ගියා.එයාල ඇත්තටම සතුටු වුණා මං වගේ කෙනෙක් නිලූට ලැබුණ එක ගැන. දවසක් මං ඔෆිස් එකේ වැඩ කරන අතරෙ නිලූ මට කෝල් එකක් ගත්ත. " සුරේෂ් ඔයා වැඩ ද..? " " ඔව් නිලූ...කියන්න " " හ්ම්ම්...ඔන්න ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නෙ" නිලූ ගොඩක් සතුටින් කිව්ව ඒ වචන ටික තාමත් මතකයි. ඒ වචන ඇහුණ ගමන් මට දැනුණෙ දරාගන්න බැරිතරම් සතුටක්. එවලෙම නිවාඩුවක් දාපු මං ගෙදර යන්න බයික් එකෙන් ගියේ පුලුවන් තරම් වේගෙන් ඉගිලිල.ඒ යන අතර මඟදි එක පාටම බල්ලෙක් පැන්නෙ මාත් නොහිතපු වෙලාවක.දිලූ ගැන කල්පානාවෙන් ගියපු හින්ද එක පාරටම මට බ්‍රේක් ගහගන්නත් බැරි වුණා.බල්ලගෙ වැදුණ මෝටර් සයිකලේ හිටපු මං උඩින් ගිහින් වැටුනත් යන්තම් සීරුම් තුවාල විතරක් ඇතුව එදා බේරුණ. මං ගෙදර යනකොට නිලූගෙ අම්මයි තාත්තයි දෙන්නමත් ගෙදර ඇවිත් හිටිය.නිලූ අම්ම කෙනෙක් වුණා කියල ගොඩක්ම සතුටින් හිටියෙ නිලූගෙ තාත්ත. වැටුන පාරට මගෙ කමිසෙ අත හරියෙන් ටිකක් ඉරිල තිබුණ.අතේ තිබුණ සීරුම් තුවාල දැකපු නිලූ හොදට බයවෙලා ඇඩුව.මං එදා නිලූව තුරුල් කරන් ඔලුව අත ගෑවා. " අනේ රත්තරං ....පරිස්සමෙන් ....ඔයාට මොනව හරි උනොත් දැන් තනිවෙන්නෙ මං විතරක් නෙවෙයි." නිලූ මගේ ඇස් දිහා බලාගෙන කිව්ව ඒ වචන ටික තාමත් මට දෝංකාර දිදී ඇහෙනව. පහුවදා මං වැඩ ඇරිල එනකොට මිදුලෙ අලුත් කාර් එකක් නවත්තන්න තිබුණ.ඒකෙන් ඇවිත් හිටියෙ නිලූගෙ තාත්ත. ගෙට ගොඩවුන ගමන් නිලූගෙ තාත්ත මං ලඟට ආව. නිලූගෙ තාත්තා ඇවිත් මගේ අත් දෙකම එකතු කරල මගේ අතක් උඩින් කාර් එකේ යතුර තිබ්බ. " ඉස්සරහට ගමන් බිමන් ගොඩක් වැඩීනෙ...මේක ඔය දෙන්නට මං සීය කෙනෙක් වුණ සතුටට....දූව පරිස්සමෙන් බලා ගන්න පුතා" නිලූගෙ තාත්තා එහෙම කියනකොට එයාගෙ ඇස්වල කඳුලු පිරිල තිබ්බ මට මතකයි. "ඔන්න දැන් ආය බයික් එකට බල්ලො පනින්නෙත් නෑ "..නිලූ හිනා වෙලා එහෙම කිව්වෙ මගේ නිකට අල්ලල හෙමින් හොලවන ගමන්. මං එදා නිලූගෙ තාත්තව කාරෙන්ම ගෙදරට ගහින් ඇරලුව...එන ගමන් වටේ පොඩි රවුමකුත් ගහල ආවෙ හිතට දැනුන පොඩි ආඩම්බරේකුත් එක්ක.ඇත්තටම මේක මගේ හිතේ තිබුන ලොකු හීනයක්.මේ හැම දේම මට ලැබුණෙ නිලූ නිසා.එදා හවස මං නිලූ එක්ක කාරෙකෙන්ම පන්සල් ගියා. පහුවදා ඉදන් මං වැඩට ගියේ කාරෙකෙන්..ට්ක දවසක් යනකොට ප්‍රමෝශන් එකකුත් එක්ක මට ගෙදරට ටිකක් ලඟ ඔෆිස් එකකට ට්‍රාන්සර් එකක් ගන්න පුලුවන් උනා..වෙනසකට තිබ්බෙ ඒකෙන් යන එන කාලෙ ටිකක් ඉතුරු වුණ එක විතරයි. ඒත් මං නොහිතපු විදිහට මගේ ජීවිතේ අන්තිම වෙනකල් හැමදේම වෙනස් කලේ අලුත් ඔෆිස් එක.අලුත් තැනට ඇවිත් මං හොදට වැඩ කරගෙන ගියා.ස්ටාෆ් එකත් හරි හොඳයි.ටික කාලයක් යනකොට අලුත් යාලුවෝ ගොඩක් මට හිටිය. මේ කාලෙ වෙනකොට මටත් නොදැනිම මං වෙනස් වෙන්න පටන් අරන් තිබුණ..පාටි වලට වැඩිපුර නොගියපු මං යාලුවෝ එක්ක පාටි වලට යන්න පටන් ගත්ත.ඒකෙන්ම බොන්න පුරුදු වුණා..ඇත්තටම කලින් මං බීපු කෙනෙක් නෙවෙයි.පස්සෙ ඒකට ඇබ්බැහි වෙලා හැමදාම හවසට ගෙදර බීල යන්න පටන් ගත්ත. ඉස්සර වැඩ ඇරුන ගමන් ගෙදර දුවන මම හැමදාම වගෙ ගෙදර ගියේ රෑ නවය පහුවෙලා. මං මුලින් ටිකක් බොන්න පුරුදු වෙන කොටම ඒකෙන් මාව නවත්වන්න නිලූ සෑහෙන උත්සහ කරා. "මං නෙවෙයි.... අපේ දරුව ගැන හිතල හරි මේක නවත්තන්න සුරේෂ් "..නිලූ හැමදාම කිව්වෙ එහෙම. පස්සෙ මං රෑ වෙලා එන එකට නිලූයි මමයි දිගටම රණ්ඩු වුණා.මේ හැමදේම නිලූ කලේ මට ගොඩක් ආදරේ කරපු නිසා කියල මං දන්නව. අන්තිමට බීලා ආපු දවසක රෑ නිලූයි මමයි හොදටම රණ්ඩු වුනා..ඒදා මටත් නොදැනිම මගේ අත ඉස්සර වුණා.මං නිලූගෙ කම්මුලට පාරක් මං ගැහුව...මං එහෙම කලේ එදා ඒ වෙලාවෙ හිටපු තත්වෙත් එක්ක වෙන්න ඇති.එදා නිලූ හොදටම ඇඩුව මට මතකයි...එදා සිද්දියෙන් පස්සෙ නිලූ මං එනකල් රෑවෙලා බලන් ඉන්න එක අතෑරල දැම්ම. මෙහෙම ඉන්න අතරෙ තමයි නටාෂ ඔෆිස් එකට අලුතින් වැඩට ආවේ.නටාෂගෙ ගෙවල් තිබුණෙ අපේ ගෙදරට යන අතර මඟ ..සමහර දවසට මං නටාෂව ඔෆිස් එකට එක්කගෙන ගියා.පරක්කු වුණ දවසට නටාෂ ඔෆිස් ඇරිල ආවෙත් මගේ කාරෙකේ.අපි දෙන්න කාලයක් හොද යාලුවෝ වෙලා හිටිය.හැබැයි ඒ යාලුකම අසම්මත ආදරයක් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. කොහොම උනත් මේ සම්බන්දෙ වෙන කවුරුත් දැන ගන්නවට නටාෂ පොඩ්ඩක් වත් කැමති උනේ නෑ.. ඔෆිස් එක ඇතුලෙදි උනත් කාටවත් ඒක නොදැනෙන්න නටාෂ හැසිරුණ. නටාෂ නිසා නිලූ ගැන හොයල බලන එකත් ටිකෙක් ටික අඩු වෙන්න පටන් ගත්ත.කොහොමත් මගේ හැසිරීම නිසා දිලූ ඒ වෙනකොට හිටියෙ කලකිරිල.නිලූට බබා ලැබෙන කාලෙත් ටික ටික ලං වුණා. ටිකක් කල් යනකොට ගන්න පඩියෙන් සැහෙන ගානක් නටාෂ වෙනුවෙන් මට වියදම් කරන්න මට සිද්ද වුණා....වියදමට වඩා එයා මගෙන් සල්ලි ඉල්ලගත්ත...ඒක මගේ හිතට ලොකු වදයක් වෙලා තිබ්බ.ඇත්තටම මං නිලූ වෙනුවෙන් වත් ඒ තරම් කවදාවත් වියදම් කරල තිබුන්නෑ. නටාෂ කරන්නෙ රඟපෑමක් ද කියල මට හිතිල තියනව..ඒත් මං ඒ වෙනකොට අතාරින්න බැරි තරමටම නටාෂට ඇබ්බැහි වෙලා ඉවරයි. මොන ප්‍රශ්නෙ තිබුණත් නිලූ එයාගෙ හැම යුතුකමක්ම මට ඉෂ්ට කරා.නිලූ හිටියෙ එයාගෙ ජීවිතේ ගැන ටිකක් කල කිරිල. දවසක් මම යාලුවෙක්ගෙ වෙඩින් එකකට ගාල්ලට කිට්වුව තියන හොටලේකට ගියා.ඒක ගොඩක් ලස්සන තැනක්. මං වෙඩින් හෝල් එකට යන්න හිතාගෙන ඉස්සරහට ඇවිදගෙන යන කොට අහම්බෙන් දැක්ක දේ මට විශ්වාස කරන්න බැරි උනා. "දෙයියනේ...ඈත බංකුවක වාඩි වෙලා නටාෂ එකක් ඉන්නෙ සම්පත් නේද ..?" මට ගත්ත හුස්ම ආයෙත් පාතට දාන්න අමතක වෙලා ගල් ගැහිල ඒ දිහා බලන් හිටිය.සම්පත් කියන්නේ මගෙ කලින් ඔෆිස් එකේ මැනේජර්. නටාෂ සම්පත්ගෙ උරහිසට ඔලුව තියාගෙන සම්පත්ගෙ අතින් අල්ලගෙන හිටිය.ඒ දෙන්න හිටියෙ මොකක් හරි දෙයක් ගැන ගොඩක් අදරෙන් කතා කර කර. මට ඒ වෙලාවෙ නටාෂ ගැන ආවෙ ලොකු කේන්තියක් එක්ක පිළිකුලක්. දෙයියනේ ....මං නටාෂ වගේ ගෑණියක් නිසා නිලූට කලේ කොච්චර අසාධාරණයක් ද..? මගේ හිත මටම දොස් කියන්න පටන් ගත්ත. මං එදා හෝටලෙන් ආපහු හැරිල ගෙදර ආවේ ලොකු හිත් වේදනාවකින්. මං කවදාවත් නටාෂව සැක කරපු කෙනෙක් නෙවෙයි.ඒත් නටාෂ කියන්නෙ මොනවගේ කෙනෙක් ද කියල ඇත්තටම හොයල බලන්න මට ඕන වුනෙ එදා මේ සිද්ධියෙන් පස්සෙ. නටාෂ කියන්නෙ ආදරේ සෙල්ලමට ගත්ත සල්ලි වෙනුවෙන් බොරුවට ආදරේ කරන කෙනෙක් කියල දැනගන්න කොට මං එයාගෙ රූකඩයක් වෙලා සැහෙන කල් ගිහින් තිබුණ. ඒත් නටාෂ ගැන ඇත්ත දැනගත්ත කියල එයාට නොදැනෙන්න මං පරිස්සම් වුණා..ඇත්තටම මට ඊට පස්සෙ ඕන කලේ නටාෂගෙ ආදරේ නෙවෙයි.කරපු බොරුව වෙනුවෙන් එයාගෙන් පලිගන්න. මේ සිද්ධිය වෙලා ටික දවසකට පස්සෙ නටාෂගෙ උපන් දිනේ දවස ආවා..එදා රෑ නටාෂ එයාගේ උපන් දිනේට පොඩි පාටියක් ලෑස්ති කරල තිබුණ.නටාෂ කිව්වෙ එදා දවස අපි දෙන්නගෙ විතරයි කියල. මං නිලූටත් බොරුවක් කියල එදා හවසත් ගෙදරින් පිට වුණ..එදා හොදටම වැස්ස දවසක්..වෙලාවටම යන අතර මඟදි කාර් එක කැඩුණ...ඒකත් මඟ දාල ටැක්සි එකකින් හෝටලේට යනකොට ටිකක් වෙලා ගියා. මං හෝටලේට යනකොට නටාෂත් ඇවිත් හිටිය. "අනේ සොරි නටාෂ .....මගදි කාරෙක කැඩුණ..ටැක්සියක ආපු නිසයි පරක්කු වුණේ"..මං හිනාවෙල නටාෂට කිව්ව. අපි දෙන්නගෙ දවස කිව්වට නටාෂ ඇවිත් හිටියෙ තවත් කෙනෙක් එක්ක.නටාෂ මට එයාව අදුන්නල දුන්නෙ එයාගෙ හොදම යාලුවෙක් කියලා.එය
ාගෙ නම රවීන්. රවීන් කියන්නෙත් මං වගේම නටාෂගෙ ඕන එපා කම් වලට පාවිචිචි කරන කෙනෙක් කියල මට ඒ වෙලාවෙ තේරුණ. පොඩි කේක් එකක් කපල අපි එදා නටාෂගෙ උපන් දිනේ සැමරුව..මේ මොන දේ කලත් නටාෂ ගැන මගේ හිතේ තිබුණෙ ලොකු කලකිරීමක් එක්ක වෛරයක්. එදා රෑ නටාෂ හිටියෙ බොහොම සතුටින්..එයා රවීන් එක්ක ඇති වෙන්න බිව්ව..කොච්චර බිව්වද කිව්වොත් නටාෂට නැගිටලා ඇවිදින්න තරම්වත් සිහියක් තිබුන්නෑ...රවීන්ටත් ඒ වගේමයි.එදා මං වෙනදා වගේ බිව්වෙ නෑ.මට ඕනකලේ නටාෂගෙන් සදහටම ගැලවෙන්න ක්‍රමයක් හොයාගන්න විතරයි. රවීන්ට එයාල ආපු වාහනේ අරගෙන යන්න තරම් සිහියක් තිබුන්නෑ.මං නටාෂව අරන් ගිහින් වාහනේ පිටිපස්සෙ සීට් එකට දැම්ම..රවීන් හිටියෙ හරියට මැරිල වගේ.එයාව අරන් ගිහින් වාහනේ ඉස්සරහ සීට් එකේ වාඩි කරා. අපි හෝටලෙන් පිට වෙනකොට පාන්දර එකත් පහුවෙලා තිබුණ..රවීන්ගේ වාහනෙත් අරගෙන මං එදා ආවෙ ලොකු කල කිරීමකින්..නටාෂටයි රවීන්ටයි වාහනේ ඇතුලෙ හොදටම නින්ද ගිහින් තිබුණ..මං දෙන්නෙම මූණු දිහා මාරුවෙන් මාරුවට බැලුව..මට නටාෂව දකිනකොටත් හිතට ආවෙ මහ පිළිකුලක්. මං නටාෂ වගෙ කෙනෙක් නිසා නිලූට කොච්චර අසාධාරණයක් කරාද.ඇත්තටම නිලූයි නටාෂයි කියන්නෙ අහසයි පොලවයි වගේ වෙනස් දෙන්නෙක්.මං වෙනුවෙන් නිලූ එයාගෙ මුලු ජීවිතේම කැප කරපු හැටි මට මතක් වුණා..මට ඇත්තටම දැන් ඕන නටාෂගෙන් ගැලවිල නිලූ එක්ක ඉස්සර වගේ ජීවිතේ අලුතින් පටන් ගන්න.හැබැයි ඒකට නටාෂගෙන් ගැලවෙන්න ලේසි නෑ කියල මං දැනන් හිටිය. රේල් ගේට්ටුවෙ " ටං....ටං.....ටං....ගාන නළා සද්දෙ එක්ක රතුපාට ලයිට් පත්තු වෙනව. මං වාහනේ නතර කරල ටිකක් වෙලා ඒ දිහා බලන් හිටිය.හරියට ජීවිතේම නතර වෙලා වගේ මට දැනෙන්න ගත්ත. නාටාෂයි..රවීනුයි මැරිලා වගේ හොඳටම නිදි..මේ හැම දේකින්ම ගැළවිලා ජීවිතේ අලුතෙන් පටන් ගන්න ඕන කියල මට හිතුන. කෝච්චිය ඈතින් එන සද්දෙ මට යන්තමට ඇහෙනව. පලාතම හරිම පාලුයි...මූසලයි....පාරෙ කවුරුත් නෑ.තවත් හිතන්න වෙලාවක් නෑ....මං අන්තිමට තීරණයක් ගත්ත. නටාෂ දිහා හැරිල බලපු මගේ අත ඉබේටම ගියේ වාහනේ ගියර් එකට.ඇසිපිය ගහන පමාවෙන් මං වාහනේ අරන් ගිහින් නැවැත්තුවෙ හරියටම රේල් පාර මැද්දෙ. කාර් එකෙන් බැහැපු මං ඉස්සරහ සීට් එකේ හිටපු රවීන්ව ඩ්‍රයිවින් සීටි එකට ඇඳල දැම්ම..තාමත් රවීන්ට සිහියක් නෑ..යන්තමට මොනවා හරි කියන්න වගේ රවින් කෙඳිරි ගෑව. කෝච්චියෙ ලයිට් එළිය රේල් පාරට වැටිල රේල් පීලි දිලිසෙනව මට පේනව. තවත් මොහොතක් වත් එතන නොහිටපු මං එතනින් ඈතට දිව්වෙ ජීවිතේ ඉස්සරහට එන ඕනම ප්‍රශ්නෙකට මූණ දෙනව කියලා හිතාගෙන. මහ හයියෙන් හෝන් ගහගෙන ආපු කෝච්චිය " දඩාස් " ගාල වාහනේ හැපෙනව මට ඇහුණ. මං කරපු දේ හරි ද වැරදි ද කියල මං දන්නෑ..ඒත් මට ඕන කලේ ජීවිතේ අලුතින් පටන් ගන්න විතරයි . ඊට පස්සෙ එතන මොනවද වුණේ කියල දැනගන්නවත් මට උවමනාවක් තිබුන්නෑ. " හ්ම්ම්ම්ම්ම්..." මං හයියෙන් හුස්මක් අරන් බීච් එක පැත්තට ඇවිදගෙන ආව.මගේ හිත හුගක් කලබල වෙලා තිබුණ.මං බීච් එකෙත් සැහෙන වෙලාවක් ඉන්න ඇති... ......................................................................... " සුරේෂ් ...අද....ඔෆිස් යන්නැද්ද..?....අද පාන්දර ආපු හින්ද මං ඇහැරුවෙ නෑ " " ආ...මේ තේ එක බොන්නකො " කාමරේට ආපු නිලූගෙ සද්දෙට මං ආපහු පියවි ලෝකෙට ආව. " යන්න ඕන නිලූ"....මං තේ එක අතට අරන් යන්තමට හිනා වෙලා නිලූගෙ නළල ඉඹින ගමන් කිව්ව. වෙනද නැති සැහැල්ලුවක් මගේ හිතට දැනෙන්න පටන් අරන් කියල මට හිතුන. සමාප්තයි . පසන් ලෝචන රාජපක්ෂ .දවසේ මාතෘකාව උනේ පින සහ එහි අනුහස්.හැමෝම තමන් කරපු පින් කම් ගැන එලෝ මෙලෝ නැතුව කියවනවා.බස්සෙකේ යද්දි ඉල්ල ගන්න අයට සල්ලි දීපුවා,හඳුක් කූරු විකුණන පොඩි ළමයින්ගෙන් හඳුන් කූරු අරගෙන ඉතිරි රුපියල් විස්ස තියාගන්න කියපුවා,පාරේ පොඩි ළමේක් වඩාගෙන ඉල්ලගන්න ගෑණු කෙනෙක්ට වඩේ මල්ලක් අරන් දීපුවා....අනේ මන්ද.මෙහෙම බලද්දි හිතෙනවා වෙලාවකට අපේ ඔෆිසෙකේ සෙට් එකටම දිවියලෝකෙ බුක් කරන්න වෙයිද කියලත්. කවදත් පින් අතේ වැඩ කරද්දි මුල් තැන ගත්තෙ අනෝජා.කීයක් හරි ඉල්ලගෙන දවසට දහ පහලොස් දෙනෙක් ආවත් ඒ හැමෝටම රුපියල් විස්ස ගානේ හරි දීලා තමයි ආපහු යැව්වේ.ඒ වගේ තමයි සත්තුන්ටත් පුදුම ආදරයක් තිබ්බේ.කෑම කන වෙලාවට පාරේ බල්ලෙක් ගියොත් කොහොම හරි අඬගහල බත් කටක් දෙන එක එයාගෙ පුරුද්ද.එයා තමයි අපි හැමෝටම හැම වෙලාවෙම කිව්වෙ පිනක් කලොත් ඒකෙ ආනිසංස ලැබෙනව කියල.කිව්ව විතරක් නෙවි ඒක ධම්ම පදයේ ගාථාවක් වගේ නිතරම මිමිණුවා කීවොත් හරි. "අපි ගිය සෙනසුරාදා ගියා කැලේ විහාරේ කියලා පරණ පන්සලකට. අනේ වයස හාමුදුරුවෝ දෙනමක් තමයි වැඩ ඉන්නේ.දෙන්නම අසනීපෙන්..හරියකට දානයක් හම්බවෙන්නෙත් නෑ..පව් අනේ.." අනෝජා එයාගේ පිං පොත දිගාරින්න පටන් ගත්තා.එහෙ මෙහෙ විසිරිලා හිටපු අපේ අයත් අනෝජට කිට්ටු කෙරුවේ තවත් විස්තර දැන ගන්න ආසාවෙන්. "ඉතින් අපි දානෙ හදාගෙන තමයි ගියේ.තව අතුරු පස,කිරිපිටි එහෙමත් අරන් ගියා. ඇයි මහත්තයා මඟින් වාහනේ නතර කරලා මුදවපු මී කිරි හට්ටි දෙකකුත් ගත්තා. මං හිතන්නේ වැඩේට විසිපන්දාහකට එහා ගියා. හැබැයි හාමුදුරුවෝ පුදුම පින් දීමක් දුන්නේ. අපේ මහත්තයටත් හරි සතුටුයි.." "දුෂ්කර පැත්තක් වෙන්න ඇති නේද? කව්ද වෙන ගියේ? එද්දි රෑ උනාද? ඒ පැත්ත කොහොමද ලස්සනද?" ඒ නිමාලී.කාගෙන් උනත් සී අයි ඩී එක වගේ ප්‍රශ්න කරන එක එයාගේ පුරුද්ද. "අනේ චුට්ටක් හරි දැන ගත්තනම් අපිත් එනවනේ..." උත්තරයක් දෙනකම් වත් ඉන්නැතුව කියල දැම්මේ මූණෙත් පැත්තක් කළු කරගෙන. "ඉතින් කියන්නකෝ .කියන්නකෝ.." හැමෝම දැන්, හඬකවපු ඉන්දියන් ටෙලි නාට්‍යයක් බලන්න ගෙදර අය රූපවාහිනය ළඟට වට උනා වගේ අනෝජා වටේට වට වෙලා. "ඒ ලඟම තියනවා ලොකු වැවක්.වතුට භාගෙට හිඳිල. ලොකු මාළු රංචු රංචු පොරකනවා.උන්ට කෑම නැතුව.... මට පුදුම දුකක් හිතුන.ඉතින් මං අපේ ලොකු බබාටයි පොඩි බබාටයි කිව්ව මඟින් කන්න කියල අරගත්ත පොරි පැකට් දෙක උන්ට දෙන්න කියලා. බලන්න එපැයි අනේ උන් ඒවා කෑවෙ හත් අවුරුද්දකින් කෑමක් දැකල නෑ වගේ පොරකකා. මට මාර විදියට සතුටුයි. මහත්තයත් කිව්වෙ මං ලොකු පිනක් කර ගත්ත කියලා..." කතාව යන අතරමඟ එන චූටි චූටි ප්‍රශ්න වලටත් උත්තර දෙන්න අනේජා අමතක කලේ නෑ. "ඉතින් අපි එද්දි ටිකක් රෑ වුණා.වෑකන්ද ඉවර වෙලා වාහනේ හරවන කොටම වගයක් පොඩි කොල්ලො වගයක් වාහනේට අත දැම්මා. උන්ගේ අතේ එක දිගටම අමුණපු ලොකු මාළු වැල් වගයක්.ලොකු තෙප්පලී.මං හිතන්නේ කිලෝ හත අටක්වත් තියෙන්න ඇති. උන් ඒ ඔක්කටම ඉල්ලුවේ 1500 යි. ඉතින් පුදුම ලාබයි.මෙහෙන් ගත්තනම් රුපියල් දහ පහළොස් දාහක මාළු. ඉතින් මං කිව්වා මහත්තයාට ඔන්න ඔහේ ගන්න කියලා. ඔය වගේ චාන්ස් වදින්නේ කලාතුරකින්නේ.ඒ ළමයි ම මාළු හොඳට ඔතලා වාහනේටම පටවලා දුන්නා." "ඉතින් ඒවට මොකද කරේ..? ඒ මස් මාළු තිබුණොත් පස් හරි කන්න පුළුවන් ඉරෝෂා.ඒ අහනකොටත් ඇස් දෙකෙන් පෙරේතකම බේරුනා. "ගෙදර ගෙනාවානේ.රෑ එකොළහත් පහු උනාඒ ටික කපල ප්‍රිජ් එකේ දාද්දි.මාසයක් පිරිමහගන්ඩ මාළු තියෙනවා.එළවළු ගණන් කාලේ මොනතරම් ලොකු වාසියක්ද?" අනෝජගෙ වර්ණනාව ඉවර උනා විතරයි පැත්තකට වෙලා හිටපු සමන්ත කට ඇරියා. "සමහරක් විට අනෝජා මිස් අර මාළුන්ට කෑම දීලා ඔයා ලොකු පිනක් කරගත්තනේ.සමහරක් විට ඒකෙ ආනිසංසේ වෙන්නැති ඔය....ඔයා මාලුන්ට කෑම දුන්නා.මාලු ඔයාට කෑම දුන්නා...සංසිද්ධිය හරිම සරලයි.පින එවෙලෙම පලදීලා.." මං ඔලුව උස්සලා බැලුවෙ කවුරු හරි සාදුකාරයක් දෙයිද කියලා...Aussi අයිශා - 14 කොටස ඉංග්‍රීසි ක්ලාස් එක පටන් ගන්න තව සති එකහමාරක් විතර තියෙන නිසා මසර් කිව්වා ඊට කලින් ලර්නර් ලයිසන් එක අරගෙන ඉමු කියලා. එයානම් ඉතින් කියයි. මමනේ පාඩම් කරන්න ඕනි. මසර්ගේ කටේ බලේට බේරෙන්න බැරිම තැන කොහොමහරි පාඩම් කරලා ඒ වැඩෙත් කරගන්න පුළුවන් වුණා. එක ප්‍රශ්නයක් විතරයි මගෙ වැරදිලා තිබුණේ. කටපාඩම් කරලා ගියපු නිසා පේපර් එකේ අහපු ප්‍රශ්න තේරුණාට, කවුන්‍ටර් එකේ හිටපු ගෑනු මනුස්සයා කියපු දේවල් නම් ඉතින් එහෙන් මෙහෙන් වචන අල්ලගෙන තමයි මේ කියන්නේ මොකක්ද කියලා අනුමාන කරගන්න පුළුවන් වුණේ. මසරුත් සල්ලි ගෙවන වෙලාවේ එතෙන්ට ආපු නිසා ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ. "සති දෙක තුනකින් වගේ ඔයාගෙ ලයිසන් එක එයි. අපි ඊටපස්සේම එළවන්න පුරුදු වෙමු. යසිරුගේ වයිෆ් පුරුදු වුණ කෙනා හොඳයි කියලා යසිරු කිව්වා. නයිජීරියන් මනුස්සයෙක්ලු. පැයට ඩොලර් පනහයි ලු ගන්නේ. ඒ ගාණ වාසියි. නැත්නම් මං අහපු කීපදෙනෙක්ම පැයට ඩොලර් හැටක් ඉල්ලුවා..." ගෙදර එන ගමන් මසර් කිව්වා. "ඊට කලින් ඔයාට බැරිද මට ටිකක් පුරුදු කරන්න...අර මනුස්සයා ළඟට ගියාම කියන දේ තේරුම් ගන්නයි එළවන්න පුරුදු වෙන්නයි දෙකම කරන්න වෙනවනේ. කලින් පොඩ්ඩක් පුරුදු වුණාම අඩු ගාණේ කියන්නෙ මොකක්ද කියලා හරි ගෙස් කරන්න පුළුවන්නේ..." "ගෙස් කරන්න?.. ඔයාට විකාරද අයිශා...ඔයාට ඒ මනුස්සයා කියන දේ තේරෙන්නේ නැත්නම් ආයෙ පාරක් අහන්න. සෙල්ලම් නෙමෙයි ඔයා පාරේ වාහනයක් එළවන්න පුරුදු වෙන්නේ." "හරි ඉතින් කී පාරක් ඇහුවත් තේරෙන්නෙම නැති ඒවා තියෙනවනේ..." "හ්ම්ම් බලමුකෝ...මට තාම තියෙන්නේ එහෙ ලයිසන් එකනේ.. ඒ ලයිසන් එක තියාගෙන මට ඔයාට පුරුදු කරන්න පුළුවන්ද දන්නෙ නෑ. ඒක ඉස්සෙල්ලා හොයලා ඉන්න ඕනි." "ඉතින් ඔයත් මෙහෙ එක ගත්තනම් ඉවරනේ..නිකන් බොරුවට අර මනුස්සයට පැයට ඩොලර් පනහ ගානේ දෙනවට වඩා මුලදි ඔයාගෙන් පුරුදු වුණාම මටත් ලේසියි ඔයා කියනවා වගේ පොකට් එකටත් වාසියි.." මං මසර් දිහා බලලා ඇස් පුංචි කරගෙන හිනාවෙවී කිව්වා. මසර් ඒකට මුකුත් නොකියා හිනාවෙවී ඉස්සරහ බලාගෙන වාහනේ එළෙව්වා. හෙට ඉංග්‍රීසි ක්ලාස් එකේ පළවෙනි දවස නිසා ක්ලාස් එකට හෙට ඇඳන් යන්නේ මොකක්ද කියලා කල්පනා කර කර ඉද්දි රංගිගෙන් පික්චර් මැසේජ් එකක් ආවා. ඕෂි ගේ බර්ත්ඩේ පාටි එකේ ඉන්විටේෂන් කාඩ් එක. මේ ඉරිදා හවස හතට එයාලගේ ගෙදරදි. එහෙම කාඩ් එකක් එව්වම තැන්ක්‍යූ කියනවද, නැත්නම් අපි එනවා කියනවද කියලා මට හරියට
ම හිතාගන්න බැරිවුණා. මසරුත් වැඩනේ. ඒ නිසා රිප්ලයි එකක් නොදා මං ඒ පික්චර් මැසේජ් එකට හාට් රිඇක්‍ට් එකක් විතරක් දැම්මා. මැසේජ් එක දාලා විනාඩි පහක් විතර යන්න ඇති. මෙන්න රංගිගෙන් කෝල් එකක්. මැසේජ් නම් ඕනි තරම් කරන්න පුළුවන්නේ. හිතලා බලලා වෙලාව අරන් ටයිප් කරන්නනේ තියෙන්නේ. ඒත් ඉතින් කතා කරද්දි එහෙම බෑනේ. රංගි එක්ක කලින් ෆෝන් එකෙන් කතා කරලා තිබුණට කතා කරන හැම වෙලේම මුලදි පොඩි බයක් වගේ හිතෙනවා වචන වැරදෙයි පැටලෙයි එහෙම කියලා. හැබැයි ඉතින් ටික වෙලාවකින් ආයෙම ඒක හරියනවා. ඉස්සෙල්ලම පොඩි වෙලාවක් අරගෙන කියන්නේ මොකක්ද කියලා හිතලා ඊටපස්සේ කතා කරන්න ෆෝන් එක අතට ගන්න හදද්දිම කෝල් එක කට් වෙලත් ඉවරයි. මෙහෙ සාමාන්‍යයෙන් රින්ග්ස් තුන හතරක් ගියපු ගමන් කෝල් එක කට් කරනවනේ. ඔයිට කලින් සැරේකත් රංගි කෝල් කරලා මං ආන්සර් කරන්න පරක්කු වෙද්දිම කෝල් එක කට් වුණා. එදා මසරුත් ගෙදර හිටපු දවසක්. රින්ග්ස් තුනක් විතර ගිහින් කෝල් එක කට් වුණ නිසා මං හිතුවේ වැරදිලාද දන්නෑ කියලා. ඒ වෙලේ මසර් තමයි කිව්වේ, "මෙහෙ මිනිස්සු ගොඩක් වෙලාවට රින්ග්ස් තුන හතරයි යවන්නේ. කතා කරන වෙලේ අනිත් මනුස්සයා වැඩක එහෙම හිටියොත් ඩිස්ටර්බ් වෙනවනේ. ඔයා රංගිට කෝල් එකක් අරගෙන බලන්නකෝ" කියලා. ඒක මතක තිබුණු හින්දා මං රංගිට කෝල් එකක් ගත්තා. එයා ෆෝන් එක අතේම තියාගෙන හිටියා වගේ රින්ග්ස් දෙකක් යද්දිම ෆෝන් එක ආන්සර් කළා. " හායි අයිශා...මට ඔයාට චුට්ටක් කතා කරන්න පුළුවන්ද? ඔයා මේ වෙලේ බිසීද?.." "හායි...අනේ නෑ...කියන්න රංගි" "මං ලොකු උදව්වක් ඉල්ලන්න කතා කළේ... අපේ දුවගේ බර්ත්ඩේ පාටි එක තියෙනවනේ මේ ඉරිදා. පොඩි අයට දෙන්න ෆින්ගර් ෆුඩ්ස් මායි යසිරුයි හදනවා. ඕෂි හරිම ආසයි ඔයාගෙ බර්ෆි වලට. ඔයාට කරදරයක් නැත්නම් මට පාටි එකට බර්ෆි ටිකක් හදලා දෙන්න පුළුවන්ද අයිශා?.." "පුළුවන් රංගි....මං හරිම කැමතියි. ඔයාට බර්ෆි කීයක් විතර ඕනිද?.." කෑම හදනවා කියන්නේ මං ආසාවෙන් කරන එකම වැඩේනේ. ඒ නිසා මං හරිම ආසාවෙන් ඒ වැඩේ භාරගත්තා. "විසිපහක් තිහක් විතර තිබුණම ඇති අයිශා...ඔයා මට ගාණත් කියන්නකෝ..." මට රංගි අහපු දේ හරියටම ඔළුවට ගියෙ නෑ. එයා බර්ෆි වලට සල්ලි දෙන කතාවක්ද කිව්වේ.. කෝකටත් කියලා මං එයාගෙන් ආපහු ඒ ගැන ඇහුවා. "ඒ කිව්වේ රංගි, මට තේරුණේ නෑ.." "බර්ෆි වලට යන ගණන් ගැන මං ඇහුවේ..." "අයියෝ...මට බර්ෆි වලට සල්ලි ඕනි නෑ. මං ආසාවෙන්නේ හදන්නේ..." "ම්ම්ම් හරි හැබැයි මේ පාරට විතරයි හොඳද. තමන්ගේ දක්ශතා නිකන් පිටට දෙන්න එපා අයිශා. හැමදේටම මිලක් තියෙනවා. ඔයා රහට කෑම හදන්න පුළුවන් කෙනෙක්නේ... මගෙ යාළුවොත් පාටි එකට එනවනේ...ඉස්සරහට ඔයාට බර්ෆි ඕඩර්ස් එන්නත් බැරි නෑ..." රංගි හිනාවෙවී කිව්වා. එහෙම කිව්වමනම් මටත් ඇත්තටම ආසාවක් ආවා. ඒත් මං රංගිට මොනවත් කියන්න ගියේ නෑ. කියන්න ඕනි වුණත් ඒ වෙලාවේ හිතුන දේවල් කියන්න ගැලපෙන ඉංග්‍රීසි වචන මගෙ ඔළුවට ආවේ නෑ. "බර්ෆි මොනාහරි විශේෂ පාටකින් ඕනිද රංගි?..." "දුවගේ බර්ත්ඩේ එකේ තීම් කලර් එකනම් පින්ක් කලර්...ඒත් ඔයා ඕනිවට වඩා කරදර වෙන්න එපා අයිශා..." "එහෙනම් මං රෝස් බර්ෆි හදන්නම්...පකිස්ථානේ අපේ තාත්තා හදපු රෝස් බර්ෆි වගේක ෆොටෝ වගයක් මං ළඟ තියෙනවා. මං ඔයාට ඒ ෆොටෝ එවන්නම්කෝ. බලලා හොඳයිද කියන්නකෝ.." කෝල් එක ඉවර වුණු ගමන්ම මං රංගිට ඒ ෆොටෝ ටික යැව්වා. එයා උඩින්ම ඒවාට කැමති වුණා. පණිවිඩේ කියන්න මසර් බ්‍රේක් එකට ගෙදර එනකම් මං මඟ බලන් හිටියේ. උදේ රංගිගේ කෝල් එකෙන් පස්සේ මං හිටියේ බර්ෆි හදන එක එක රෙසිපි බලන ගමනුයි. බර්ෆි රෙසිපිය දන්නවා වුණාට කාලෙන් කාලෙට බර්ෆි ඩෙකරේට් කරන විදි එහෙම වෙනස් වෙනවනේ. ෆෝන් එකේම එල්ලිලා හිටපු නිසා මට දවල් කෑම හදන්නත් අමතක වුණා. දවල්ට කෑම හදන්න ඕනි කියලා මතක් වෙද්දි දෙකටත් කිට්ටුයි. මේ වෙලාවට තමයි යූ ටියුබ් එකේ ටක් ටුක් රෙසිපි වල වටිනාකම තේරෙන්නේ. ගෙදර රෝස්ට් කරපු චිකන් වගේකුත් තියෙන එකේ වෙලාවේ හැටියට අද 'ඊමා ඩාචි/ Ema datshi' හදන්න මං හිතාගත්තා. මසර් ආවම හදන්න හිතාගෙන ඒකට ඕනි කරන දේවල් කපලා පැත්තකින් තිබ්බා. ඊළඟට හාල් ටික ලිපේ තියලා ඉදුනට පස්සේ ගාලික් රයිස් එකක් හැදුවා. මසර් ආවට පස්සේ ගාලික් රයිස් එකයි රෝස්ට් චිකන් එකයි මේසෙට ඇරලා, මං ඊමා ඩාචි හදන්න පටන් ගත්තා. "කෝ ඔයා කන්න එන්නැද්ද?..." මසර් ඇඳුම් මාරු කරලා මූණ එහෙම හෝදගෙන ශෝටක් ඇඳගෙන ඇවිත් කෑම මේසෙන් වාඩි වුණා. බ්‍රේක් එක පැය දෙකහමාරක් විතර තියෙන නිසා කාලා බීලා අනිත් කාමරේ තියෙන පොඩි ඇඳේ පොඩ්ඩක් නිදාගෙන ඉඳලා තමයි මසර් ආපහු හවස වැඩට යන්නේ. "දැන්ම කන්න ගන්න එපා..විනාඩි දෙකක් ඉන්න. මං මේ පොඩි කෑමක් හදන ගමන්.. මේක උණු උණුවෙන්ම කන්න ඕනි නිසයි හදන්න ඔයා එනකම්ම හිටියේ..." මං කුස්සියේ ඉඳන් කිව්වා. "ආ ඒත් මං බැලුවා අද බතුයි රෝස්ට් චිකනුයි විතරද කියලා. යූ ටියුබ් කාරයින්ගේ කෑමක් වෙන්නැති හදන්නේ.." මසර් හිනාවෙවී කිව්වා. එයා ඉතින් මහලොකු ශෙෆ්නේ. මං අලුත් කෑමක් හැදුවොත් යූ ටියුබ් කෑම කියලා විහිළු කරන්න තමයි දන්නේ. "මේවා මේ නිකන් යූ ටියුබ් කෑම නෙමෙයි අද ඔයාට දවල්ට කන්න හැදුවේ භූතාන් වල නැශනල් ඩිශ් එක එමා ඩාචි" එමා ඩාචි පිඟාන කෑම මේසෙ උඩින් තියලා, වාඩි වෙන ගමන් මං කිව්වා. "මේ මොනාද මේ අමු මිරිස් වලින් නේද හදලා තියෙන්නේ. හරියට අපේ දහි මිර්චි වගේ. අමු මිරිස් වලින් හදපු කෑමක්ද භූතානේ නැශනල් ඩිශ් එක" මසර් ඔලොක්කුවට වගේ හිනා වුණා. "ඔයානම් නියම ශෙෆ්. ඔයාට අඩුතරමේ ඔයා කරන රස්සාවේ හැටියටවත් එක එක රටවල ෆුඩ් කල්චර් ගැන හොයන්න කිසිම උනන්දුවක් නෑනේ..." "එක වැඩේ දෙන්නෙක් කරන්න ඕන නෑනේ අයිශා... ඔයා ඉතින් ඕවා ගැන හොයලා මට කියනවනේ... මේක ගොඩක් සැරද මන්දා..ආ චීසුත් දාලා නේහ්..කොහොමද හැදුවේ..." මසර් පිඟානට කෑම බෙදාගන්න ගමන් ඇහුවා. "මේක හදන්න හරි ලේසියි අනේ. මුලින්ම කැමති පාටක මිරිස් අරගෙන ඒවා දෙකට පලලා ඇට ටික අයින් කරගන්න ඕනි. ඊටපස්සේ තෙල් ටිකක් ලිපේ තියලා සුදු ළූණු, බීළූණු, ලුනු, මිරිස් ටික දාලා විනාඩියක් විතර සෝතේ(saute) කරලා වතුර ටිකක් දාලා ආපහු ටික වෙලාවක් තියලා ප්‍රොසෙස්ඩ් චීස් දාගෙන පොඩි වෙලාවක් වහලා තියලා කලවම් කරලා ගන්න තියෙන්නේ. සමහර රෙසිපි වල තක්කාලිත් දාලා තියෙනවා මං දැක්කා. ඒත් මං දාන්න ගියේ නෑ. ඒ රටේ මිනිස්සු මිරිස් සලකන්නෙත් එළවළුවක් විදියටලු. ඒ විතරක් නෙමෙයි ඒ රටේ මිනිස්සු සතියකට මිරිස් කිලෝ එකක් විතර කනවලු. සමහර විට එහෙ ගොඩක් වෙලාවට තියෙන්නේ සීත දේශගුණේ නිසා වෙන්න ඇති එයාලා ඔච්චරටම සැරට කන්න කැමති." මසර් කිසිම සද්දයක් නෑ පාඩුවේ කනවා. කෑම ටික රස ඇති. දෙපාරක්ම එමා ඩාචි බෙදාගත්තනේ. ටිකක් සැර වුණාට ඒක ඇත්තටම රහයි. මුලදි මං හිතුවෙත් නෑ ඔච්චර රසට තියෙයි කියලා. "ඒක රසයි..හැබැයි ඉතින් භූතානේ සීත කාලෙට ගැලපෙන කෑම ඔයා හදලා තියෙන්නේ මෙහෙ සමර් එකටනේ." කාලා ඉවරවෙලා ෆ්‍රිජ් එකෙන් කූල් වතුර බෝතලේ අරගෙන කටට හලාගන්න ගමන් මසර් කිව්වා. "මං මොකක් හරි හැදුවොත් ඒකට ඇදයක් කියනකම් ඔයාට නින්ද යන්නෑනේ... ආ... මේ ඒක නෙමෙයි රංගි අද එයාගෙ දුවගේ බර්ත්ඩේ පාටි එකේ ඉන්විටේෂන් කාඩ් එක මැසේජ් කරලා තිබ්බා. ඉරිදටනේ තියෙන්නේ ඔයා වැඩ නේද?..." "හ්ම්ම්....මට අද යසිරු කිව්වා. නිවාඩු ගන්නනම් වෙන්නෑ. මං කිව්වා ඕෆ් වෙලා එන්නම් කියලා. ඉරිදාට නමය වෙද්දිම ඕෆ් වෙන්න පුළුවන්නේ. කොහොමත් ඔය පාටි හතට පටන් ගත්තම රෑ වෙනකම් යනවලු. ඒත් යසිරු කිව්වා කැමතිනම් ඔයාව හවසට වැඩට යන ගමන් එයාලගේ ගෙදරින් දාගෙන යන්න කියලා. රංගිත් ඉන්නවනේ. ඔයාට පාළුවක් නැතිවෙයි කිව්වා." "අනේ මං ඔයත් එක්ක යන්නම්. පාටියට එන අනිත් අයව මං දන්නෙත් නෑනේ..." "එහෙම මහ ගොඩක් එන්නෑ අයිශා...හොටෙල් එකේ අයම තමයි එන්නේ. ආ.... නසීර්ගේ වයිෆ් එහෙමත් එයි. ඔයාලට කතා කර කර ඉන්න පුළුවන්නේ.." "අපෝ එයත් නසීර් වගේද දන්නෑ... ආ මේ රංගි මට අද කෝල් කරලා උදව්වක් ඉල්ලුවනේ. බර්ෆි හදලා දෙන්න පුළුවන්ද ඇහුවා. මට ඉතින් එකපාරටම බෑ කියන්නත් බෑනේ මසර්. මං ඒ නිසා හා කිව්වා. එහෙම කමන් නෑනේ නේද. මහ ලොකු ගොඩක් නෙමෙයි බර්ෆි විසිපහක් තිහක් විතර ඉල්ලුවේ..." රංගි අහපු ගමන් මං කැමති වුණා වුණත් ඒක මසර්ට කියන්න මට ඕනි වුණේ නෑ. "ඒක හොඳයි. හොඳට ඒ ටික හදන්න එහෙනම්. මං ඔයාට ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑ. ඔයාලා ඉතින් උත්සව වලට රසකැවිලි හදලා පුරුදු කාරයොනේ.." "හෙට ඉංග්‍රීසි ක්ලාස් ගිහින් එන ගමන් බර්ෆි වලට බඩුත් අරගෙන එමු නේහ්.. රෝස් බර්ෆි හදන්න හිතාගෙන ඉන්නේ. මෙහෙ ඩ්‍රයිඩ් රෝසස් ගන්න තැන් තියෙයිද දන්නෙ නෑ. එහෙම නැත්නම් ගෙදර තමයි හදාගන්න වෙන්නේ.." "වූලීස් එකේ තියෙයි. බලමුකෝ...හෙට උදේ නමයට නේද ක්ලාස් එක පටන් ගන්නේ. පටන් ගන්න විනාඩි දහයකට කලින්වත් එතෙන්ට යන්න ඕනි. ඒ නිසා ගෙදරින් අටයි විස්සටවත් යන්න වෙයි. නැත්නම් ඔය වෙලාවට ට්‍රැෆික් වලට අහුවුණොත් වෙලාවට යන්න වෙන්නෙ නෑ..." ක්ලාස් දවස නිසා මං අද උදෙන්ම නැඟිටලා උදේටයි දවල්ටයි දෙකටම හරියන්න කෑම ලෑස්ති කළා. කොහෙහරි ගමනක් යද්දි උදේට කාලා යන්න බැරි ලෙඩක් මට තියෙනවනේ. ඒ නිසා වයිට් කොෆි එකක් විතරයි බ්ව්වේ. ඊයේ ඉඳන් අඳින්න හිතන් හිටපු ගවුම, උදේ වෙද්දි හිතට ඇල්ලුවේ නැති නිසා ඒක ගලවලා දාලා ඕවර් සයිස් ටීෂර්ට් එකකුයි පෑන්ට් එකකුයි ඇන්ඳා. මං ලෑස්ති වෙලා එනකොට මසර්, උදේට කන්න හදපු ශවර්මා වලින් දෙකක් ලන්ච් බොක්ස් එකට දාලා වතුර බෝතලේට වතුරත් පුරවලා කෑම මේසේ උඩින් තියලා තිබුණා. ඒක දැක්කම මට මතක් වුණේ ඉස්සර පොඩි කාලේ අපි ස්කෝලේ යන්න ලෑස්ති වෙද්දි අම්මා අපේ කෑම පෙට්ටි හදලා වතුර පුරවලා තියෙන විදිය. "ඔයා කෑවේ නෑ නේද?.." ක්ලාස් ගෙනියන බෑග් එකට ලන්ච් බොක්ස් එකයි වතුර බෝතලේයි දාගන්න ගමන් මං ඇහුවා. "දැන්ම බඩගිනි නෑ...ඔයාව දාලා ඇවිත්ම කනවා..මොකෝ අර ඊයේ ඉඳන් හැඩ බල බල හිටපු ගවුම ඇන්ඳේ නැත්තේ?..." "ඒක ක්ලාස් එකට වැඩියි වගේ..." "අපරාදේ සල්ලි. ඔයා ගොඩ ගහගන්න නි
කම් බොරුවට ඇඳුම් ගන්නවා. හැමදාම අඳින්නේ එකම සෙට් එකක් විතරයි." "නෑ....ඒක ඉරිදා බර්ත්ඩේ පාටියට අඳින්න පුළුවන්නේ. මේක සැහැල්ලු නිසයි ඇන්ඳේ.." "හ්ම්ම්... හරි යමු යමු නැත්නම් පරක්කු වෙනවා.." නමයට කාලක් වගේ තියෙද්දි අපි ක්ලාස් එක ළඟට ආවා. පාක් කරන්න තැනක් හොයාගන්න අමාරු නිසා මසර් වාහනෙන් බැස්සේ නෑ. ඒ නිසා මට තනියම තමයි ඉන්ස්ටිටියුට් එක ඇතුලට යන්න වුණේ. දන්න ඉංග්‍රීසි චචන ටික එහෙට මෙහෙට කරලා ඉංග්‍රීසි ක්ලාස් එක තියෙන තැන රිසෙප්ෂන් එකේ හිටපු ගෑනු ළමයාගෙන් අහගෙන කොහොම හරි ක්ලාස් එක තියෙන රූම් එකට යන්න පුළුවන් වුණා. මං යද්දිත් ළමයි කීප දෙනෙක් ඇවිත් තිබුණා. මතු සම්බන්ධයි. බුද්ධි ජයවීර. ( කතාව කියවා අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති. පිළිතුරු නොලියනවට සමාවෙන්න.)නොවටිනා දෑ (කෙටි කතාවකි) ජයසේකර හාමිනේ නින්ද ගිය පොඩි එකාව ඇ‌‌ඳෙන් තියලා, කොට්ට වට කරලා, නෙට් එක දාලා එළියට ආව. හිතේ අමාරුවට පපුවත් එක්ක හරි වැටෙනවා වගේ. කන්ඩත් පිරියක් නෑ. සාලෙ පුටුවක වාඩි වෙලා ටීවී එක දාගත්ත. “මොන එහෙකට බලනවද ඔය මඟුල ලැජ්ජ නැතිව” කියලා හිත කිව්වට නොබලා පුලුවන්ද අම්මෙකුට. දරුවො තමන්ට මොනව කරත්, දරුවෙක්ට හරියද්දි ඒක ඇස් දෙකෙන් නොබලා ඉන්න පුලුවන් අම්මෙක් ඉන්නවද? රිමෝට් එකෙන් චැනල් කරකවලා දැම්ම පුතා ඉන්න චැනල් එක. පහුගිය ටිකේම ගෙදර කතා උනේ ඔය නමමනේ. මඟ ඇරෙන්නෙ කොහොමද? ------------- මහා උත්සවයක් බලද්දි. ටීවි එක දාද්දි උත්සවේ ටිකක් ඉවරයි, කොහෙද පොඩි එකා නිදාගත්තෙම නෑනෙ. උරපතු දෙක කකියනකං හොල්ලන්න උනා උකුළේ තියලා නිදිකරගන්න. ගෑණු ළමයි ටිකක් නැටුමක් නටනවා. අනේ මන්දා, ඒ ඇඳලා ඉන්න ඇඳුම් දැක්කම ජයසේකර නෝනාට නං හිතෙන්නේ මේ ළමයිට අම්මල තාත්තල නැද්ද කියලා. අමුඩ ගහලා වගේ, ඇ‌ඟෙන් බා‌ගෙකටත් වඩා එළියෙ. ඒ අස්සෙ සබාවෙ ඉන්න කට්ටියත් පෙන්නනවා. පුතායි අනූපමායි ඉන්න තැනටත් දෙතුන් පාරක් කැමරාව ඇල්ලුවා. දෙන්නම දම් පාට ඇඳලා. ඔය එක පාට ඇඳුම් දකිනකම්ම තමන්ට වැඩේ තේරුණේ නැති එක ගැන ජයසේකර නෝනාට තමන් ගැනම තරහයි. “අනේ මං වගේ ගොං මෝඩියෙක්” ------------------- බස්නාහරි පළාතෙ නැගී එන ව්‍යවසායක සම්මානෙ මේ පාර පුතා සුසිල්ගෙ “අරුණලු” හෝටලේට හම්බෙනවා කියලා දැනගත්තේ කලින්මයි. ඒ උත්සවේ තමා ඔය අද තියෙන්නේ. මාසෙකට විතර කලින් ඕක දැනගත්තු ගමන් ජයසේකර නෝනාත් යන්න හිටියේ එක පයින්. අවුරුද්දට එහෙම පුතාලා අරන් දෙන සාරි මදිවට ළඟම ගෝලයෙක් ඉන්දියාවෙ ගිහින් ගෙනත් දුන්න හොඳම සාරියකුත් තියෙනවා. “දූ කොහෙ හරි ගිහින් හොඳට අන්දවා ගන්න. මං නං ඉතින් ඔසරිය පටලගෙන මෙහෙමම එනවා’ කියලා ලේලි අනුපමාටත් දෙතුන් පාරක් කිව්ව. ඒවට අනූපමා නිකම් හා හූ කිව්ව මිසක් මුකුත් උත්තර දුන්නෙ නෑ කියල මතක් වෙන්නේ අද. කොහොම හරි උත්සවේට දවස් තුනකට විතර කලින් රාණි ගෙදර යවපු විදිය ජයසේකර නෝනට ඇල්ලුවෙ නෑ. ඔච්චර ලොකු වැඩක් තියෙද්දි ගෙදර වැඩකාරිව නිවාඩු යනව සිරිතක් නෑනෙ. අනික වෙනදට රාණිට මොන දේකට යන්න ඕන කිව්වත් අනුපමා කුණු කුණු ගානව. මෙදා පාර මොකුත් නැතුව “රාණිත් කාලෙකින් ගියේ නෑනෙ ගෙදර, කමක් නෑ ගිහින් සෙනසුරාදා එන්නකො” කිව්ව. අද උදේ පුතා තමයි කිව්වෙ රාණි කතා කරා, උණ ගැනිල හින්ද එන්න වෙන්නෙ නෑ කිව්ව කියල. රෑ නෙ උත්සවේ. අවුරුද්දේ පොඩි එකාව ඔය කලබල අස්සෙ ගෙනියන්න බැරි හින්ද රාණිට ළමයව දාලා තුන්දෙනා යන්නයි ජයසේකර නෝනගෙ ඔලුවෙ තිබුණෙ. ජයසේකර නෝනා ඉද්දි රාණි දරුවගෙ වැඩ නොකළට එයාටත් දරුවා හොඳට එකතුයි. අනික නිදාගන්න ටිකනෙ. “අප්පා දැන් මොකද කරන්නේ? පුතේ ඔය තියෙන එකක් අන්දගෙන බබත් අරන් යමු එහෙනම්. ඇඬුවොත් මං එළියට එක්ක යන්නම්කො” ජයසේකර නෝනා කිව්වේ ඒ වෙලාවේ හිතට ආව හොඳම විදිහ. “නෑ අම්මෙ, මේ, බබා ගෙනිහින් බැරි වෙයි නේද? දැන් මේ ආයෙ කොරෝනාත් තියෙනවා කියනවනෙ.” පුතා තමන්ගෙ මූණ හරියට බලන්නෙ නැතුව මේ කියන්න හදන්නේ මොකද්ද කියලා ජයසේකර නෝනට ඒත් තේරුණෙත් නෑ. “එතකොට බබා කාටද දාල යන්නේ?” “අම්මටයි බබාටයි ඉන්න පුලුවන් නේද? ඔය කලබලේ ගිහින් නිකම් තැලෙන්න ඕන නෑනෙ. ටීවි එකෙන් ලයිව් බලතෑකිනෙ” මූණ හට්ටිය වගේ කරන් ඉන්න අනූපමාගේ මූණ බල බල පුතණ්ඩියා ඒක කිව්වමයි මේ මුල ඉඳන් ආව පොට මොකද්ද කියල ජයසේකර නෝනට තේරුණේ. තමන්ට අඳින පළඳින එකක් ගැන මුකුත් කිව්වේ නැත්තෙ, රාණිව කලින්ම ගෙදර යැව්වෙ තමන්ව ගෙදර තියලා යන්න. ඕං ඉස්කෝලෙ නෝනා කෙනෙක් වෙලත් මේ වෙනකම් ඒක තේරිච්ච නැති හැටි අනේ අනිච්චං. ජයසේකර නෝනා ඊට පස්සේ මොකවත් කතා කළේ නෑ. තමන් සම්මානයක් ගන්න දවසෙ වැදූ අම්මව එක්ක යන්න බැරි එවුන් එක්ක මොනව කතා කරන්නද? “ආ හා” කියලා කාමරේට වැදුණා. කඳුළු ඇල්ලක් කඩා හැළුණේ ඊට පස්සේ. වෙනදට ජෝඩුව කන වෙලාවට බබාව තියාගන්නේ තමන්. බබාට කවන්නේ තමන්. අද ඒ හුරතල් කරන්න ගියේ නැතුව හිටියා කාමරේට වෙලා. වෙනදට අනූපමාට දොහොනෙ වෙන්න යන්න නං නැන්දම්මා අතට ළමයා නොදී බෑ. අද ඔය අපූරුවට සුසිල්ට ළමයා දීලා නාගත්තෙ. අන්තිමට හතරට විතර සුසිල් කාමරේ දොර ළඟට ඇවිත් කතා කරා. “අම්මෙ, බබා ළඟට එනවද? මෙයාට සැලොන් එකේ වෙලාව දීලා තියෙන්නේ හතරයි කාලටනෙ.” “හ්ම්” කියාගෙන එතකොට තමයි ජයසේකර නෝනා එළියට ගියේ. ළමයා ප්ලේ පෙන් එකේ දාලා. එතනම සෙටියේ ඉඳගෙන පත්තරයක් අතට ගත්තා. පුතා ලා දම් පාට ෂර්ට් එකක් ඇඳලා තද දම්පාට ටයි එකක් දාලා. නිකම් දිග ගවුමක් ඇඳගෙන සාරිය හැන්ගර් එකක දාගෙන රත්තරන් පාට අඩි උස සපත්තු දෙක අතින් අතින් අරන් අනූපමා එළියට ආව. සාරියත් දම් පාටයි. ඇත්තට අරුණලු හෝටලේ ඔක්කොම කෙරෙන්නේ දම් පාටින්නෙ. දෙන්නා එක පාටින් ඇඳුම් එහෙම හදාගෙන කලින්ම. හරි ඒකත් කමක් නෑ කියමු. ජෝඩුව ගිහින් ටිකකින් ආව අනූපමාගේ නංගිගෙ මහත්තයා. අසංක. අසංක තමයි අරුණලු එකේ මීගමු හෝටලේ බලන්නෙ. මිනිහත් දම් ඇඳලා. දැන් ටීවි එකේ බලද්දි පුතයි අනූපමායි ඉන්න පේළියෙම ඉන්නෙ අරුණලු එකේ තමන් දන්න කට්ටියමයි. ඔක්කොම දම් පාට. දැන් මේ තමන්ව විතරයි එතනට මදි වෙලා තියෙන්නේ. -------------- ජයසේකර නෝනට දුකයි කේන්තියයි වාවගන්න බෑ. මහත්තයත් නැති එකේ කාට කියන්නද? නෑයින්ට කියනවා කියන්නේ උඩ බලාගෙන කෙළ ගහ ගහන්නව වගේනෙ. තමන් සබාවකට ගෙනියන්න බැරි අජූව ගෑණියෙක්ද? හැට හතක් උනත් ටීචර්ට නම් තාම පනහක් වත් පේන්නේ නෑ කියලයි ගෝලයෝ හම්බුණාම කියන්නේ. අජූව උනත් අම්මව අහක දානවද ළමයි. එහෙනං අර ගමේ කබර කුසුමව කරඬුව වගේ ඉස්සර කරගෙන යන්නෙ ළමයි ටික. ඇයි අර පීල්ලෙ ගෙදර කාන්ති. පිනුම් පිට පිනුම් ගහපු එකියක්නෙ. කොල්ලො තුන්දෙනා මිනිස්සු තුන් දෙනෙක්ගෙ කියලා ගමේ ගෑණු කියන්නේ. එක කොල්ලෙක් කොරියාවෙ ගිහින් දැන් කෝටිපතියෙක්. එහෙම වෙලත් පන්සලේ දං ගේ අලුතෙන් හදලා විවෘත කරන්න අම්මව තමයි ඉස්සර කරං ආවෙ. ඔන්න දරුවො. අනික තමන් ගෙදර නිකම් හිටිය ගෑණියෙක් නම් කමක් නෑ. ඉස්කෝලෙ ගුරුවරියෙක්. “මගේ අම්මා ගුරුවරියෙක්. අම්මා තමයි මට මේ ගමනට මුල පුරලා දුන්නේ” කියලා සබාවක කියන්න බැරි කම මොකද්ද පුතාට. ඇත්තටම සුසිල්ට ඉස්කෝලෙ වැඩ අල්ල ගන්නම බැරි බව තේරෙන කොට මොකක් හරි දක්ස කමක් තියෙන පැත්තකට යොමු කරන්න ජයසේකර නෝනා හිතුවේ අවුරුදු දහය විතර වෙද්දි. මහත්තයා සුසිල්ට හතරක් වෙද්දි නැතිවෙච්ච හින්ද ඕව ඉතින් තමන්ටමයි කල්පනා කරන්න උනේ. කාටවත් කියන්න බෑනෙ. තමන් ඒ දවස්වල ඉස්කෝලෙ ළඟම ගුරු නිවාසෙනෙ හිටියෙ. “අනේ ඉතිං ගල් පඩි පෙළ පාමුලම ඉඳලත් ජයසේකර ටීචර්ට සුසිල්ට අකුරු ටිකවත් හරියට ලියවන්න බැරි උනා නේද?” එහෙමයි ටීචර්ලා නිකම් අනුකම්පාවෙන් වගේ කිව්වෙ. මිනිහා උයන්න පිහන්න බීම හදන්න හරි කැමතියි කියල දැනිච්ච ගමන් ජයසේකර නෝනා ඒක හුරු කරන්න පටන් ගත්ත. තමන් දන්න බත් මාලු උයන්න උගන්නලා, ටවුමේ ඩේසි නෝනගෙ පන්තියට යැව්වා කේක්, රෝල්ස් ඒව මේවා අල්ලගන්න. කොහොම හරි ණයක් අරන් දහ අට වෙද්දිම හොටෙල් ස්කූල් දැම්ම. එතනින් හුරු වෙලා හික්කඩුවෙ හෝටලේක අවුරුදු තුනක් වැඩ කරලා, ඊට පස්සේ තමයි අරුණලු එක පොඩියට පටන් ගත්තෙ. ඒවට සල්ලි දුන්නෙ අනූපමාගේ තාත්තා. ඒකනෙ දැන් ඕනැ එකකට ඒ පැත්ත ලොකු වෙන්නෙ. ජයසේකර නෝනා ටීවි එක බලා හිටියේ හිතේ වේදනාව කොච්චරද කියන්න බැරුව. සුසිල්ට සම්මානෙ දෙන්න කලින් පොඩි වීඩියෝ කෑල්ලක් දැම්ම අරුණලු එක ඇතුළේ. “මේ තමයි අනුරාධ මං ජර්මනියෙන් ගෙන්නපු පිහි, මේවා කවදාවත් මුවහත නැති වෙන්නේ නැති පිහි ජාතියක්” “මේ සාස්පාන හදලා තියෙන්නේ එකම විදිහට හැම තැනටම ගින්දර පැතිරෙන විදිහට, මේ පොඩිම සයිස් එක ලක්ෂ තුන හමාරක් විතර වෙනවා” ඔහොම කිය කිය සුසිල් නිවේදකයාට කුස්සියේ බඩු මුට්ටු පෙන්නනවා. පැත්තක තියෙන ලොකු පෙට්ටිය ඇරුණම අනිත් ඔක්කොම ගැන ඔය වගේ විස්තර කිව්ව. ඒ පෙට්ටිය ඩිෂ් වොෂර් එක කියලා ජයසේකර නෝන දන්නව. “එතකොට මේක?” නිවේදකයා ඒක පෙන්නල ඇහුවේ ඒ ගැන මොකවත් කිව්වෙ නැති හින්දා වෙන්න ඇති. “ඒ ඩිෂ් වොෂර් එක. ලොකු වැදගත්කමක් නෑ” “කුණු හෝදන එක වැදගත් නෑනෙ නේද සුසිල්” නිවේදකයා හයියෙන් හිනා උනා. ජයසේකර නෝනා දැක්ක එක පාර ඩිෂ් වොෂර් එකේ ලයිට් පත්තු වෙලා නිවෙනවා වගේ. නිකම් ඇහැ රැවටෙන්න ඇති. -------------- සුසිල් සම්මානෙ ගත්තට පස්සෙ කතාවකුත් කරා. නෝනටයි කාර්ය මණ්ඩලයටයි ඔක්කොම ස්තුති කරේ. තමන්ව නිකම් හරි මතක් කරයිද, අඩු ගානෙ අම්ම මේක බලන හින්දවත් කියල ජයසේකර නෝනා කං දීගෙන හිටියා. ම්හ්. රෑ සුසිල්ලා දොරෙන් එනකොටම ජයසේකර නෝනා ගිහින් බුදියගත්ත. වෙනදට නං නිකම් කොහොමද උත්සවේ කියලවත් අහනවා. මොකද මොනවා උනත් තමන්ට බැරි වෙද්දි පුතා ළඟයි ලේලි ළඟයි වැටෙන්න වෙනවා කියලා මතක් වෙලා. අද නං හිත සවුත්තු උන තරමට එහෙම වත් කතා කළේ නෑ. මහ ගේ විකුණලා වැඩිහිටි නිවාසෙකට යනවනෙ බැරි ගැහෙද්දි. ඒව තියෙන්නෙත් මිනිස්සුන්ට තමයි. ඊළඟ දවසේ අනූපමාගේ ඔෆිස් එකේ කට්ටිය එක සිය ගාණකට අරුණලු එකෙන් දවල් කෑම. සම්මානෙ ලැබිච්ච සතුටට. තව සංස්කෘතික ඇමතිතුමාගේ වැඩසටහනක් තියෙනවා උඩ තට්ටුවෙ ලොකු ලොක්කෝ ලංකාව වටෙන්ම
එන. එව්ව ලෑස්ති කරන්න එහෙට මෙහෙට කෝල් අරන් සුසිල් කතා කරා තව පැයක් විතර සාලෙට වෙලා. ----------- ඊළඟ දවසේ උදේ අනූපමාගේ ඔෆිස් වෑන් එක ඇවිත් නවත්තලා දෙතුන් පාරක් හෝන් කළා. කට්ටියම බලා හිටියේ අනුපමා එනකං, ඇයි ඉතින් ඊයෙ විස්තරේ අහගන්න. විනාඩි පහක් විතර ගියාට පස්සෙ තමයි ගෙදරට අඳින ඇඳුමක් පටලගෙන අනූපමා දුවගෙන ආවෙ. ‘ඇයි අද එන්නෙ නැද්ද?” “හරි වැඩේ අනේ. සුසිල්ලගෙ අම්මට‌ ඔලුව උස්සන්න බෑ වමනෙ යනවා පාන්දර ඉඳන්. ප්‍රෙෂර් වැඩි වෙලාද කොහෙද? රාණිත් ගෙදර නෑනෙ. බබා දාලා එන්න විදිහක් නෑ” “අයියෝ” “ඔයාලා යන්න, මම ලන්ච් එවන්නම් හොදේ” වෑන් එක යනකම් බලා ඉඳලා අනූපමා හැරුණා. --------------- ෂික්. මොනරි වගේ යන්න තිබුණ දවස. අම්ම හිතේ අමාරුවෙන්නෙ හිටියෙ. බෙහෙත් පෙත්ත අමතක වෙන්න ඇති. අනූපමා මිදුලෙ ඉඳන්ම සුසිල්ට කෝල් එකක් ගත්තේ ඔෆිස් එකට කෑම යවන එක මතක් කරන්න. සුසිල් ගත්තෙ හරි කලබලෙන්. “සුසිල්, දහය වෙද්දි ඕන පාර්සල් ගාන හරියට ගාන කියන්නම්, හොඳටම දෙන්න ඕන හොඳේ” “ඔයා මේ මඟුලක් කතා කරනවා. අද ඩිෂ් වොෂර් එක වැඩකරන්නේ නෑ පාන්දර ඉඳලා. ඒ පැත්තම ඩවුන්. අපි මේ ඉවෙන්ට් එකට මොකද කරන්නේ කියලා දඟලන්නෙ” පවිත්‍රා අභයවර්ධනජිල් මිල් " බස් එකේ යන ගමන් කටගැස්මට තන්දූරී කුකුළු මස් ටිකක් ගම්මු " කණ්ඩායමේ කිහිප දෙනෙක් කියද්දි " හරි මම පංකාදු තැනකට එක්කන් යන්නම් " කියල කිව්වේ සර්ෆරෝෂ් . සර්ෆරෝෂ් අපේ මාතලී. එහෙම කිව්වේ දිගින් දිගටම සිංහල සිංදු අහල එපා වෙලා හිටිය හින්දද දන්නේ නෑ. අපි හිටියේ දිල්ලි ඉඳන් ෂිම්ලා යන ගමන් හර්‍යානා වල කුරුක්ෂෙත්‍ර කිට්ටුව. මහාභාරතය වැනි පුරාණ වල ගොඩක් වැදගත් සිදුවීම් රැසක් සිදුවුන පලාත් තමයි පනිපත් සහ කුරුක්ෂේත්‍ර කියන්නේ. ඉන්දියානු ඉතිහාසය ඉතාම වර්ණවත් එකක්. ඒ ගැන කියන්න ගියොත් නම් අවුරුදු ගනනාවක් කියන්න වෙනවා. " ජිල් මිල් එකේ කුකුළු මස් තන්දූරිය පංකාදුයි " කියමින් සර්ෆරෝෂ් හෙමිහිට ජිල්මිල් ඩබ්බාවට වාහනේ හැරෙව්වා. මගේ ඉන්දියානු මිත්‍රයා සංජීව් සහ එයාගේ විශ්‍රාමික හමුදා යාළුවගෙන් ගැලවිල්ලක් නෑ. "' මුර්ගී නහී මුර්ගා " (කිකිළියක් එපා කුකුලෙක් ) " ඒ මොකද කුකුලෙක්ම ඉල්ලන්නේ ? " " මුර්ගී ට වඩා මුර්ගා පුෂ්ඨිමත් " "හොඳට ගේන්න " විශ්‍රාමික හමුදා නිළධාරියා ගෙන් වේටර්ට අණකි. එහෙනම් එතකන් චායි එකක් බොමු. ඉන්දියාවේ කොයි පාරක ගියත් තියන මේ ඩාබා මහ විශාලා ඉන්දියාව පුරා ගමනේ යෙදෙන සංචාරකයින්ට කරන්නේ නම් මහත් සේවයක්. මේ ඩාබා සමහරක දෙවුම් කාමර ඔවුන් මහත් උනන්දුවෙන් නඩත්තු කරන බව නම් පේනවා. ඒක මගීන්ට ලොකු සහනයක්. මේ ඩාබා වටේ පාන් (විට), රසකැවිලි, ඇඳුම් , ග්‍රොසරි ද්‍රව්‍ය විකුණන වෙළෙඳ සැල්ද බිහිව තිබේ. ":ඔය ගොල්ල කොයි ප්‍රාන්තයෙන්ද ? " අපි ග්ලවුස් ගන්නට ගිය කඩයේ සිටි පැහැපත් වෙළෙන්දෙක් ඇසීය. " ලංකාවෙන් "; " ෂං මරුනෙ. . හිමේ යනවනම් ගොග්ල්ස් දාන්න . ඒ වගේම තොල් වල මූනේ ක්‍රීම් එකක් ගාන්න " " ස්තුතියි ඔබේ උපදෙස් වලට " " කොහෙන් ආවත් ඔයාලා වාසනාවන්තයි. මනාලි වලට හිම වැටෙන අරන් . ඒක හරිම අපූරු අත්දැකීමක් වේවි. පහුගිය දවස් වල අපේ අයටත් ඒ අත්දැකීම ලබාගන්න බැරි වුනා " ෂිම්ලා වලට තවත් දුරයි.. එහෙට යද්දි රෑ 11 වත් වේවි. " කල් මිලෙන්ගේ ":( හෙට හමුවෙමු ) "මට හිතෙන හැටි පලිගන්නේ ඇයි? අප මාවතක් ගමන් කරන විට වාහනයකට බුරා හැලෙමින් කඩා පනින සුනඛයන් දැක ඇති. එම සුනඛයන් සෑම වාහනයකටම එසේ කඩා නොපනින බවද නිරීක්ෂණය වේ. එයට හේතුව වන්නේ යම් සිදුවීමක් නිසා සුනඛයා තුල ඇතිවූ පලිගැනීමේ චේතනාවයි. වාහනයේ ගමන් කරන ඇත්තා සුනඛයා වාහනයට කඩා පනින්නේ ඇයි ද යන්න සමහර විට නොදන්නවා ඇත. බොහෝ දුරට අප විශ්වාස කරන පරිදි, සංසාරිකව ගෙන එන පලිගැනීමක් හේතුවෙන් විය හැක. ජනශ්‍රැතියට අනුව කඩොල් ඇතා කුඩා කල නන්දිමිත්‍ර යෝධයා සමග ඇති කරගත් ආරෝවක් අවසන් කලේ, නන්දිමිත්‍ර යෝධයා හට යම් පලිගැනීමක් සිදුකරමිනි. ව්ම පලිගැනීම් අවස්ථාවේදී දිගු කලක් තම හක්කේ තබාගෙන සිටි ගලක් ඉවතට විසි කරමිනි. කඩොල් ඇතා බොහෝවිට ගල් කැටය විසිකිරීමේ අවස්ථාවේදී සිය පලිගැනීමේ චේතනාව ද විසි කරන්නට ඇත. එහෙත්, මනසින් උසස් මිනිසා බොහෝවිට පලි ගැනීමේ චේතනාව බද්ධ වෛරයක් කරගෙන සසර පුරා ගෙන යයි. හොඳම උදාහරණය ලෙස බෞද්ධ සාහිත්‍යය තුල පැවසෙන සේරිවාණිජ-කච්ඡපුට කථාවෙන් දැක්විය හැක. සිද්ධාර්ථ ගෞතම බුදුන්ගේ අවසන් අත්භවයේදී පැවසෙන දේවදත්ත ස්ථවිරයින් අපාගතවීමේ සිද්ධියෙන් එම සංසිද්ධිය පැවසේ. පලිගැනීමේ චේතනාව පුහුණු කල දේවදත්ත ස්ථවිරයන් අපාගතව සසර දික් කරගත් අතර, පලිගැනීම් චේතනාවක් නොමැති සිද්ධාර්ථ ගෞතමයන් සසර ගමනට නැවතුම් තිත තබාගත් බව බෞද්ධ සාහිත්‍යය තුල සඳහන් වේ. අපගේ ජීවිතය තුල අපෙන් පලි ගන්නෝ සිටිය හැක. ඒ ඔවුන්ගේ මුග්ධ කම සහ දුර්වල පෞර්ශය නිසාය. සමහර විට සිය බලවත් වූ පින නිසා ලැබෙන බලය අවියක් ලෙස ගනිමිනි. පින මෙන්ම බලයද පිරිහෙන අවස්ථාවක් පැමිනේ. එය ලෝක ධර්මතාවකි. එවැන්නන්ගේ කටයුතු හමුවේ මැදහත් සිතෙන් යුතුව වෙසීම වැදගත් වේ. යමෙක් අපෙන් පලිගන්නේ නම්, එහි ප්‍රතිඵල පෙරලා පැමිණෙන්නේ ඔවුන්ටමය. එය විශ්වීය න්‍යායයයි. දුර්වල පෞරුෂයක් සහිත මුග්ධයින් වෙත මෛත්‍රියෙන් වෙසීම වැදගත් වේ. මෛත්‍රියෙන් වෙසීමේ ප්‍රතිඵල අපවෙත ලැබෙනු ඇත. එයද විශ්වීය න්‍යායයි. සියළු සත්ත්වයෝ මෛත්‍රියෙන් වැඩෙත්වා මම දිනෙත් සමරවික්‍රමයුද්දෙට මං ගියා කෙල්ල ගෙදර තියා.🛥️🚁💪 එකෝමත් එක කාලෙක මමත් ගිනි අවියක් කරේ එල්ලගෙන උතුර නැගෙනහිර පුරා පාරක් පාරක් ගානෙ ඇවිද්ද යුධ සෙබලෙක් වෙලා හිටියෙ.පාරවල් මැදින් කුඹුරු යායවල් මැදින් කැලෑ මැදින් ඇවිදගෙන ගියා.. මුහුදේ, කලපුවල යාත්‍රා කලා.. එල් ටී ටී ඊය සමග සටන්වලට මැදි උනා.ඒක දිග කතාවක් ඒකෙ ලස්සන කැත තැන් දිග අරින්න මගේ එච්චර කැමැත්තත් නෑ. ඒ කොහොම උනත් යාපනය කොටි සංවිධානය පාලනය කරන අවදියේ කයිට්ස් කරෙයිනගර් මන්ඩතිව් හරහා එම දූපත්ද මුදාගනිමින් අවසන ඒ වනවිට කොටින් විසින් හතර අතින් වට කොට පහරදෙමින් සිටි යාපන කොටුවේ සිරවී සිටි සහෝදර සෙබලුන්වද බේරාගෙන යාපනය නගරයේ කොටසක් අල්ලාගැනීම සඳහා නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේද සහය ඇතුව බෝට්ටු වලින් යාපන කලපුව තරණය කොට යාපන කොටුවට කඩාවදිමින් කල ත්‍රිවිධ බලය මෙහෙයුමට සහභාගී වීම මට අමතක නොවන සිදුවීමක්. කරෙයිනගර් වලින් පටං අරගෙන සති ගනනාවක් පුරා කොටි ග්‍රහනයේ තිබූ දූපත් මුදාගැනීමට සටන්වැදුනු අපි දැඩි සටනක් කොට මංඩතිව් දූපත මුදාගැනීමෙන් අනතුරුව ටික දවසක විවේකයක් ලබා ගත්තා.. මංඩතිව්වල ඉන්නකොට අපි ඉදිරියේ තිබ්බෙ යාපන කලපුව. කලපුවේ අනිත් පස යාපනය කොටුව සහ නගරය ඒක තමයි අපේ අවසාන ඉලක්කය උනේ. (එකල යාපනයේ පලාලි සහ වාසවිලාන් කදවුරු දෙක හැර සම්පූර්ණයෙන්ම යාපනය පාලනය කලේ කොටි සංවිධානය විසින්) පසමිතුරු අපි දෙගොල්ල එගොඩයි මෙගොඩයි ඉදගෙන එකිනෙකා මරාගන්න සැලසුම් සකස් කර කර හිටියෙ. යාපනය අර්ධද්වීපය සහ දූපත් යා කරමින් කලපුව මැදින් වැටීතිබූ පටු මාර්ගයෙහි තිබූ පාලම් දෙකම වේලාසනම එල්ටීටීඊය විසින් පුපුරුවා හැර තිබූ බැවින් යාපන කොටුවට සේන්දු විය හැකි එකම මාර්ගය වූයේ කලපුව තරණය කොට ලගාවීම පමණයි. යක්ශයාගේ මුව තුලට මොන මොහොතක හෝ කඩාවදින්නට සූදානමින් අපි මංඩතිව් වල කදවුරුලා සිටි අතර, ඉදිරි පැය විසිහතර තුල අපි කලපුව තරණය කරමින් යාපන කොටුවට කඩාවදින බවත් සියල්ල සැලසුම අනුව සිදුවිය යුතු බවත් සැලසුම ඉදිරිපත් කරමින් එවක ලුතිනන් කර්නල් සරත් ෆොන්සේකා මැතිතුමා එක් සැදෑවක අපව දැනුවත් කරනු ලැබූවා. තීරණාත්මක උදෑසනක අප මන්ඩතිව් සිට යාපන කලපුව හරහා යාපන කොටුවට කඩාවැදුනු ත්‍රාසජනක ක්‍රියාව කෙසේ වීදැයි කිසිවෙකුට සිතාගන්නට රිසිනම් සේවින් ප්‍රයිවට් රයන් (Saving private Ryan) චිත්‍රපටයේ ඇමරිකානු සොල්දාදුවන් Omaha වෙරලට ගොඩබැසීමේදී ජර්මානු හමුදා සමග ඇතිවන දරුණු ගැටුම නරඹන මෙන් ඉල්ලා සිටිමි. සතුරන් විසින් එකල තිබූ සියලූම නවීන යුධ අවි උපයෝගී කොටගමින් එල්ලකල දැඩි ප්‍රහාර මැද බෝට්ටුවලින් කලපුව තරණය කරමින් සිටි අපගේ සෙබලුන්ගෙන් බොහෝ ප්‍රමාණයක් ගොඩ බැසීමටත් පෙරාතුව සතුරු ප්‍රහාරවලට ලක්ව තිබුනා. කිසිම ආවරණයක් නොමැතිව බෝට්ටු වලින් කලපුව තරණය කල අපිව කොටින්ට ඉතා පහසු ඉලක්කයක් බවට පත්වුනා. වෙඩි වරුසා මැද කලපුව තරණය කරමින් කොටුවට කඩාවැදුනු අපේ ඒකකය කොටුවේ වම්පස පිහිටි ටෙලිකොම් ගොඩනැගිලි පිහිටි ප්‍රදේශයත් ගජබා රෙජිමේන්තුව දකුණින් පිහිටි යාපන නගරයට ආසන්න දොරේඅප්පා ක්‍රීඩාංගනය පෙදෙස මුදාගැනීම සඳහාත් දැඩි සටනක නිරත උනා. සටන අපි හිතපු තරම් ලේසි වැඩක් උනේ නෑ කොටි සටන්කරුවන් අපේ සියලු උත්සාහයන් ව්‍යවර්ථ කරනු ලැබුවා.අපිට මීටර් සීයයක් දෙසීයක්වත් ඉදිරියට ඒමට ඉඩ නොදී ඔවුන් ඉතා දක්ශ සහ නිර්භීත ලෙස සටන් වැදුනා. අපේ චිත්ත ශක්තිය ඉහල නංවමින් ගුවනින් ප්‍රහාර එල්ලකරමින් අපට සහයට පැමිණි සියාමාචෙට්ටි නැමැති ඉතාලියේ නිශ්පාදිත ගුවන් හමුදා ප්‍රහාරක ගුවන්‍ යානයක් කොටින්ගේ ෆයිව් සීරෝ අවියකින් එල්ලවූ ප්‍රහාරයකින් අපේ ඇස් ඉදිරිපිටම යාපන කලපුවට කඩාගෙන වැටුනෙ ඔය අතරෙදීයි. ඒ වෙලාවේ මගේ හදවත මොහොතකට නතර උනා.ඊට පස්සේ සතුරු ප්‍රහාර දෙගුණ තෙගුණ වෙන්න ගත්තා. සටන එන්න එන්නම ඉතා බිහිසුනු බවට පත්වූ අතර සටනින් හිතවතුන් රාශියක් ඇස් ඉදිරිපිටදීම මියයන්නට උනා. ටෙලිකොම් අන්තයේ සටන්වැදී මියගිය අපේ ඒකකයේ මට මතක විදිහට කපිතාන් හේමන්තගේ මල සිරුර කොටින්ට ලබාගැනීමට නොදී රැගෙන ඒමට සාජන් කිත්සිරි කංඩායමක් සූදානම් කරනකොට මටත් යංඩ සිද්ද උනා ඒකට සම්බන්දවෙන්න. "තෝ පල යංඩ අහකට " කියල මට ගොඩාක් හිතවත් සාජන් කිත්සිරි මාව බැනල පන්නගත්තෙ මගේ ජීවිතේ බේරගංඩ කියල මට ඒ වෙලේත් දැනුනා. ඒක ලොකු අවදානම් ගමනක් කියල ඔහු හොදින් දැනගෙන හිටියා.බොඩි එක ගේන්න ගිය ඒ ටීම් එකේ ගොඩාක් අය යහතින් ආවෙ නෑ. සාජන් කිත්සිරිගෙ කක
ුලක් පහුකාලෙක බට්ටෙකුට ගිහින් දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නවා නිට්ටඹුව ප්‍රදේශයේ. කොහොම නමුත් අවසානයේ කොටුවේ සිරවී සිටි වීර සෙබලුන්ව මුදාගන්න අපි සමත් උනා. සතුරු ප්‍රහාර දරුණුවෙද්දී කොටුව තුලට එල්ල උනු කොටින් විසින් නිශ්පාදිත පාසිලාන් (බබා මෝටාර්) ප්‍රහාරයකින් මගේ ඉදිරි ගමන නිමා උනා. මගේ මතකය නිවැරදිනම් ඊට දින කීපයකට පසු මම හමුදා රෝහලේ ඉන්නකොට කියවපු පුවත්පතක සදහන් වූ පරිදි සතුරු ප්‍රහාරයෙන් විනාශ වූ ගුවන්‍ යානයේ සිටි නියමුවා වූයේ ප්‍රියදර්ශන ගුණවර්ධන නැමැති අයෙක්. කොටුවේ සිට මංඩතිව් වෙත බෝට්ටුවලින් රැගෙන ආ තුවාලකරුවන් වර්ගීකරණය කල ස්ථානයේ මගේ ගම්වැසි වෛද්‍ය බලකායේ සේවයකල සුමිත් අයියා රාජකාරී කල බව මතකයි.මා ඇතුලු තුවාල කරුවන් හෙලිකොප්ටරයකින් පලාලිවෙත රැගෙන විත් පසුදින ඇව්රෝ යානයකින් රත්මලාන වෙතත් එතනින් හමුදා රෝහලටත් ගෙනඑනු ලැබුවා..හමුදා සේවය නිමකල සුමිත් අයියා අද පැවිදි ජීවිතයක් ගතකරනවා. අප සැලසුම් කල පරිදි යාපනය නගරයේ කොටසක් අල්ලාගැනීම තබා කොටුවේ කිසිම පැත්තකින් ඉදිරියට යෑමටවත් සතුරන් අපට ඉඩ නොදීම නිසා මෙහෙයුම එතනින් නවතා දමා පසුබසින්නට සිදුවු අතර යාපන කොටුවේ බලයත් සතුරන් අතට පත්වුනා. මම නිතරම යාපනයේ සංචාරයෙහි යෙදෙන්නෙක් ඒ හැම විටම යාපන කොටුවේ මම ප්‍රහාරයට ලක්වූ තැනට ගොස් මොහොතක් ගතකරනවා. යාපන කොටුව සියලුම රහස් සඟවාගෙන කිසිවක් සිදු නොවූ ලෙසට ඉන්නවා. මම එතන ඉදං පොඩ්ඩක් ඇස්දෙක පියාගෙන එදා දවසට ආයෙත් යනවා. කොටුවේ සිරවී සිටි ඉතා සීමිත සංක්‍යාවක් වූ වීර සෙබලුන් සතුරන් සතර වටින් පහර දෙද්දී සතුරන්ට කොටුවට ඇතුලුවන්නට ඉඩ නොදී දිවි බේරාගෙන සිටියේ කෙසේදැයි මට අදටත් හිතාගන්න බෑ. කොටුව ඇතුලත අදත් දැකිය හැකි සම්පූර්ණයෙන්ම විනාශ වී බිමට සමතලා වී ඇති නටඹුන් දකින විට ඇතිවෙන්නෙ විස්තර කරන්න බැරි ශෝකී හැගීමක්. මේ අවට එදා අප කල සටනින් දෙසීයකට ආසන්න අපේ සෙබලුන් පිරිසක් තම ජීවිත පූජාකරනු ලැබුවා. කාටද ආයෙත් ඒ අතීතයට යන්න ඕනෙ.. මම සෙබලකු වශයෙන් සේවය කලේ ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතාගේ රෙජිමේන්තුවේ. මම මුලින්ම ඒකකයට යනකොට එතුමා හිටියේ මේජර් නිලයේ,මගේ ජීවිතයේ දුටු නිර්භීතම සිංහයෙක් වගේ පුද්ගලයෙක්. පහත චායාරූපය මම ගත්තේ ඉන්දියන් සාම සාධක හමුදාව මෙරටින් පිටව ගියාට පස්සේ දෙවෙනි ඊලාම් යුද්ධය අරඹමින් කොටින් විසින් නැගෙනහිර ප්‍රහාර ආරම්භ කරපු මුල්ම දවස්වල මඩකලපු පාරෙ කඩවත්මඩු කියන ස්ථානයේ තිබ්බ කදවුරකදී. ටී පනස් හය අවියක් එල්ලගෙන ඉන්නෙ දැලි රැව්ලවත් නොවැවුනු ඒ පුංචි සොල්දාදුවා වෙච්චි මම වන අතර, එල් එම් ජී අවියක් සමග සිටින වෙනත් ඒකකයකට අයත් මිතුරා අද කොහේ සිටිනවාදැයි මා දන්නේ නෑ. මේ කලබැගෑනි ඉවරවෙලා අන්තිමේදී හමුදා රෝහලේ ඉදල ගෙදර එනකොට මං නිවාඩුවට එනකං ඔයා පරිස්සමින් ඉන්න සුදූ කියල ගිය මගේ ප්‍රථම ප්‍රේමය වෙච්චි ඒ කලු කෙල්ල වෙන කෙනෙක්ට අයිතිවෙලා තිබුනා... හදවතේම වලදාපු කතානං කොච්චරක්ද..? ජීවිතය අපිව කොච්චර දුර එක්කගෙන යනවද... 😔 © Dhammika Wickramaarachchiහිත් ගත් නෙත් ------------------ තුන්වන කොටස මම හිටියේ පාට පාට කොඩි ලෙළදෙන ඝෝෂාවෙන් පිරුණු පිට්ටනියේ Relay තරඟයක අවසාන baton හුවමාරුවට ලෑස්ති වෙලා උනාට මගේ ඇස් තිබුණේ අප්පච්චි ඒ වෙනතුරු නැති Pavilion එක දිහාවෙයි. "තාරා" කියල කන ළඟ යටි ගිරියෙන් කෑගහන සද්දෙට ඇස් ධාවන පථයට යොමුවෙද්දි අනිත් තරඟකාරියො මොහොතක දෙකක දුර දුවල තිබුණා. " තාරා...."තාරා"...."තාරා" කියන එකම ඝෝෂාවත් , වටේ හිටිය පිරිසත් අතරේ තනිවෙලා වගේ හැඟීමකින් වුනත් උපරිම ජවයෙන් දිවුවට මට එතෙක් රැකගෙන හිටිය ප්‍රථමස්තානය දෙවෙනි තැනට පසුබැසීමේ පරාජිත හැඟීම හිතට වද දිදී තිබුණා. නොනැවතී අවටින් ඇහෙන ඝෝෂාව අස්සේ ඈතින් හුරුපුරුදු සංගීත නාදයක් යාන්තමට ඇහෙද්දී මගේ උරහිස් දෙකෙන් තදේට අල්ලල හොල්ලල තල්ලු කරපු කෙනා පැහැදිලිව දැක්කෙ නැතත් මං නොවැටී බේරුනේ ආරුක්කු හැඩැති කපොලු සහිත බිල්ඩිමේ කණුවක් බදාගෙන. ඈතින් වගේ ඇහෙන මියුරු සංගීතය නාදය ඇරුණම පාළු පරිසරයේ මම හිටියේ බයත් දුකත් මිශ්‍ර හැඟීමක තනිවෙලා. එකපාරටම ගේට්ටුවෙන් එබුණේ අප්පච්චි. මම බදාගෙන හිටිය කණුව අතහැරල පිම්මේ දුවගෙන ගිහින් අප්පච්චිගෙ බඩ බදාගත්තා. "ඇයි අප්පච්චි පරක්කු වුනේ.....මම පැරදුනා ....මට දිනන්න බැරිවුණා අප්පච්චි." කියල එක හුස්මට කියවගෙන යද්දී මගේ හිතේ ඇතිවුන වේදනාව මට හැබෑවටම දැනුනා. අප්පච්චිගෙ දයාව කරුණාව වෑහෙන ඇස්වල මොකද්දෝ දුකක් තිබුණට ඒ ඇස් හිනාවෙනව කියලයි මට හිතුනේ. හෙමිහිට මගේ ඔළුව අතගාල අප්පච්චි මොනව හරි කිවුවට ඒ කිසිදෙයක් මට පැහැදිලිව ඇහුනෙ නැත්තෙ ඈතින් ඇහෙන සිංදුව නිසයි. ඒ මොහොතේ මට දැනෙන සැනසිල්ලෙන් මිදෙන්න ලෝභකමක් දැනුනට මං ඔළුව උස්සල ඇස් ඇරල අප්පච්චි දිහා බැලුවේ ඇහෙන නොඇහෙන ගාණට ඇහෙන වචන ටික පැහැදිලි කරගන්න. ඇස්වල බොඳගතිය පහවෙලා ටික ටික ඇහැට වැටෙන ලා කහ පැහැ මඳ ආලෝකය අතරින් මගේ alarm එකේ වාදනය වන. " suzume no tojimari " ගීතය මට පැහැදිලිව ඇහුණා. මම ඇඳෙන් නැගිට්ට නෙවේ පැන්නා.. වෙලාව උදේ පාන්දර 5.20 යි. ඉස්කෝලෙයි අප්පච්චියි අතර හීනවල සැරිසර සර හිටපු මම වෙනදට වඩා විනාඩි විස්සක්ම පරක්කුවෙලා නැඟිටල තිබුණේ. ඊයෙ රෑ අම්ම එක්ක අඬල හදවතේ බර දියකරපු මහන්සියට ඇස්දෙකට වෙහෙසෙයි වගේ දැනෙද්දී මං පැති කබඩ් එක උඩ ඉලිප්සාකාරයෙන් හිටගෙන ඉන්න මූණ බලන කණ්නාඩියට එබුණා. තරමක රත් පැහැයක් ගත්ත ඇස්දෙකේ වගේම කම්මුල් දෙකෙත් ඉඳිමුණ ස්භාවයක් තිබුණා. කණ්නාඩියෙන් මූණ ඉවතට ගන්නවත් එක්කමයි මං දැක්කෙ කණාමැදිරියෙක් වගේ එළිය විහිදන මගේ ජංගම දුරකථනය. අපොයි දෙවියනේ..... ඒක ඊයෙ රෑ silent mode දාපු ගමන් නේද කියන සිතුවිල්ලෙන් බලනකොට තේව්ගෙන් කෝල් කීපයකුත් , whatsapp පණිවිඩ දෙකකුත් එක sms එකකුත් තිබුණා. පළවෙනි පණිවිඩේ තිබුණ විදිහට සෙනසුරාදට එයාගෙ තාත්තව මුණගැහෙන්න අපි යනව කියල එයා තනියම තීරණය කරල තිබුණා. ඒ අතරේ එදාට අපි දෙන්න ගැන නිදහසේ කතාකරල තියෙන ඔක්කොම ප්‍රශ්න විසඳගමු කියල මං වෙනුවෙනුත් හිතල තීරණය කරල තිබුණා. ඒක එවල තිබුණෙ ඊයෙ හැන්ඳෑවේ. "මොන මඟුලක්ද කරන්නෙ " කියන SMS පණිවිඩේ එවල තිබුණෙ ඊයෙ රෑ දහයට විතර. ඒක දැක්කම නම් මගෙ මූණෙ හිනාවක් ඇඳුනා. ඔය ඔක්කොම අස්සෙ හරියටම 5.00 ටත් , 5.20ටත් රන්දුලා නමින් ආව miss call දෙකකුත් තිබුණා. තේව් කියන්නෙ මීට මාස තුනකට විතර කලින් හරි අහම්බෙන් මට මුණගැහුන තාමත් ස්ථාවර නොවුන සම්බන්ධතාවයක්. අනෙක් අතට ලංකාවෙ හැටියට සල්ලියි බලයයි දෙකම තියෙන තේව් වගේ කෙනෙක් හදිස්සියක් වෙලා මට දුරකථනයෙන් කතා කරන්න කොහෙත්ම විදිහක් නෑනෙ කියල හිතපු මම , හය වසරේ ඉඳල ලේඩීස් එකේ මගේ දුක සැප බෙදාගත්ත විසි එක් වසරක මව්වත් මිත්‍රත්වයට ගරු කරල රන්දුලාට කෝල් කරන්න තීරණය කලා. ඒත් ඒ එක්කමයි කාමරේ දොරට තට්ටු කරපු පාරු කිවුවෙ ගෙදර ස්ථාවර දුරකථනයෙන් රන්දුලා මට කතා කරනව කියල. රන්දුලා උනත් මේ උදේ පාන්දර මේ තරම් මට කතා කරන්න ඇතිවෙලා තියෙන හදිස්සි තත්වය මොකද්ද කියන කුතුහලයෙන් , උදේ උනත් සුබ පැතීමක්වත් නැතුව receiver එක කනේ තියාගත්ත ගමන් " දුලා ඇයි...? " කියලයි මම ඇහුවේ. දුලා කතා කලේ නිඳිබර කටහඬින් රහසින් වගේ.සමහර විට එයාගෙ පොඩි පැටව් තාම නිදි ඇති. උසස් පෙළ ඉවර වුන ගමන් කලින් එකඟවෙලා තිබුණ පවුලේ හිතවතෙකුගේ පුතෙක් සමඟ විවාහ වුන දුලා දඟකාර පුතුන් දෙදෙනෙකුගේ හා සුරතල් දියණියකගේ මවක්. " කෛකී " කියල හැමෝම වගේ අමතන , ධනවත් ව්‍යාපාරිකයෙක් වන කෛලාෂ් වගකීම් සහගත පීතෘ ගුණ පිරි ස්වාමිපුරුෂයෙක්. මට එක කුස හොත් සහෝදරයකු සමානයි. " උමා ඔයාගෙ Handphone එක වැඩ කරන්නෙ නැද්ද...?" මගේ සිතුවිලි මැඬගෙන දුලාගෙ කෙඳිරිලි සහගත වචන කනට වැටුණා. " වැඩ කරනවා ඇයි ...? " " මම Handphone එකට 5.00 විතර ගත්තා.answer කලේ නැති නිසයි landline එකට ගත්තෙ" දුලාගෙ වචන මගේ කුතුහලය අවුස්සපු නිසා. එයාගෙ missed calls මම දැක්ක බවත්, call back කරන්න හදපු බවත් විස්තර නැතුවම " ඇයි මොකක් හරි ප්‍රශ්නයක් ද ? " කියන වචන ටික විතරක් මගේ කටින් පැන්නා. " නෑ බං අර යකා මගේ number එක කොහෙන් හරි හොයාගෙන හතරේ ඉඳන් මට කතා කරනව උඹ phone එක answer කරන්නෙ නෑ කියල " " මොන යකාද ... තේව් ද.....?" මම ඇහුවෙ මූණෙ මඳ හිනාවක් ඇඳගෙන. " ඌට එහෙම නමකුත් තියෙනවද ? මම දන්නෙ නෑ. අපේ රන්දුගෙ කටේ තියෙන්නෙ වාසලමුදලි කෑල්ලනෙ. මොකා හරි උඹේ අනංග ප්‍රේම භුංග රාජයා " ඒ වචන ටිකට නම් මට හිනාව ඇඳගෙන විතරක් ඉන්න බැරිවුණා. " උඹ හිනාවෙනවා. මහ පාන්දර හතරට මිනිහෙක් call කරන වෙලාවක්ද හිතපං. කෛකි ත් නෑනෙ මේ දවස්වල. උදේ පාන්දර call එකක් එද්දි මට බය හිතුන යකෝ" තේව්ගෙ වගකීම් විරහිත දඩබ්බරකම ගැන අපැහැඳුන හිතෙන්, දුලා ගැන උපන් අපරිමිත සහෝදර සෙනෙහසින් " අනේ sorry දුලා. මං ඊයෙ රෑ phone එක silent කරල නිදාගෙන තියෙන්නෙ" කියනකොටම " හරි හරි දැන් ඉතිං call කරපන් ඒකට , මට කිවුව call කරල බලල phone එකට answer නොකරන්න හේතුව කියන්න කියල. නැත්තම් මිනිහට ගෙදරටම ඇවිත් හේතුව හොයාගන්න පුළුවන් කිවුවා " කියල දුලා කියවගෙන ගියා. " අපොයි දෙවියනේ.......එච්චර දෙයක් " මට එහෙම කියවුනේ ඇත්තටම ඒ වෙලාවෙ හිතේ ඇතිවුන කැළඹිලි සහගත සිතුවිලි නිසා. " දෙවියන්ට කිය කිය ඉන්නෙ නැතුව දොර ඇරල බලපන් මිනිහ මිදුලෙද දන්නෙ නෑනෙ. හැබැයි උමා මල්සරා උඹට විදල නෙවේ මේ පාර දුනු ඊතල ඔක්කොගෙන්ම දමල ගහල " එහෙම කියපු දුලාගෙ මහ හඬින් නැගි හිනාවට සමපාතව නැගුන හිනාව තොල් අස්සෙ හිරකරගෙන මං කාමරේට ආවෙ ඇහෙන මානයක අම්ම හිටිය නම් අහන ප්‍රශ්න නි
සා මං පත්වෙන තත්වෙ ගැන වගේම හදිස්සියේවත් මේ උදේ පාන්දර තේව් ගෙදරට කඩාපාත් වුනොත් අම්මට ඔහු පිළිබඳව කවර හඳුන්වාදීමක් කරන්නදැයි හිතමින්. අනෙක් අතට තේව්ට වඩා වසර හතරක් වැඩිමහල් මම ඔහුගේ ජීවිතයට ගැලපෙනම සහකාරිය යැයි තේව් පුන පුනා කීවද ඔහුට ස්ථීර පිළිතුරක් ලබාදීමට මං මැලිවෙන බොහෝ හේතු අතර ඔහුගේ මේ දඩබ්බර , නොහික්මුණ, දුර දිග නොහිතන බවත් හේතුවක්. තේව්ගෙ දුරකථනය එකම වතාවක්වත් ring වෙන බව කනට ඇහෙන්න කලින්ම. " උමා" කියපු සද්දෙට මගේ phone එක කනෙන් එක ක්ෂණයකට එහාට විසි වුණා වගේ දැනුනා.ඒත් ඊළඟ ක්ෂණයේ, " අනේ sorry තේව් මං ඊයෙ රෑ phone එක silent කරල නිදාගෙන " කියල මීට සුළු මොහොතකට කලින් දුලාටත් කියපු ඒ වචන ටික අපහසුවකින් තොරව කටින් පිටවුණා. ඒත් ඒකට එයාගේ කිසිම ප්‍රතිචාරයක් නැතුවම " රන්දුලාත් call කරල කිවුව ඔයා කතා කලා කියල " ආයෙමත් මම කිවුවා. මොකටද මිනිහෝ ඒ ගෑණිට වද දුන්නෙ උදේ පාන්දර. මේ පැය හත අටකට මට අහවල් දේ වෙන්නද වගේ වාක්‍ය කණ්ඩ මගේ හිත් screen එකේ සට සට ගාල ලේඛනගත වුනාට ඒව කවදාවත් මගේ කටින් පිටවෙන වචන නෙවේ. තේව්ට උනත් සමහරවිට ලිඛිතව දොස් නගන්න මට පුළුවන් වෙයි.ඒත් ඒකටත් මගේ කේන්තිය කොයිතරම් ඉහළ තාපන අගයක තියෙන්න වෙයිද දන්නෙ නෑ.මොකද මට තියෙන්නෙ ලේසියෙන් තරහ නොගන්න ඉක්මනින් සමාව දෙන හිතක්.අප්පච්චි නම් කිවුවෙ ඒ හිත maintain කරන්න එපා කියල. අම්ම කියන්නෙ ඒ හිත මට දෙවියො දීපු තෑග්ගක් කියල.අම්ම දෙවියන්ව හුඟක් විශ්වාස කරනවා. Office යන්න කලින් කලයුතු දෛනික කටයුතු හිතේ පෙළ ගැහෙද්දි ඇතිවෙන නොසන්සුන් හැඟීමෙනුත් තව දුරටත් නිහඬකමේ ගිලිල ඉන්න දඩබ්බරය ගැන උපන් නොපැහැදිලි හැඟීමකිනුත් මං ආයෙම " හෙලොව් " කිවුවෙ පේන දුරකින් ඉන්න මනුස්සයෙකුට තරම් සද්දෙකින්. මගේ කන හරහා හදවත පතුලටම දැනෙන සුසුමක් පිටකරපු තේව්, " මං අහගෙන ඉන්නෙ උමා" කිවුවෙ තරමක් බිඳුණු කටහඬකින්. ඊයෙ රෑ පෙර දැනුම් දීමකින් තොරවූ මගේ නිහඬබව ඔහුට වේදනාත්මක බලපෑමක් ඇතිකරල බව එයාගෙ උච්චාරණ ස්වරූපයෙන් තේරුනා උනත් මේ වෙලාවෙ එයාගෙ හැසිරීම බොළද වැඩියි කියලයි මගේ හිත කිවුවෙ. " මං අද ඇහැරුනෙත් පරක්කුවෙලා තේව්. මං දැන් ලෑස්ති වෙන්න ඕන....මං ඔයාට යන ගමන් call කරන්නද ....? මං කිවුවේ වචන වලින් පවා හදිස්සි වෙමින් ඒත් ඒ එක්කම ක්ෂණිකව තේව් ඇහුවේ, " ඇයි ඔයා ඊයෙ රෑ වෙනකම් ඇහැරිලා හිටියද ? " කියලයි. මෙයාටත් මේ වෙලාවෙ අහන්න තියෙන ප්‍රශ්න අම්මපා...කියල හිතෙද්දි " ඊයෙ මායි අම්මයි සෑහෙන කාලෙකට පස්සෙ කයියක් ගැහුවා.......රෑ වුනා දැනුනෙත් නෑ." කියල මම උත්තර දුන්නා. " sure ද කයිය ගැහුවෙ අම්ම එක්ක කියල " තේව්ගෙ ඒ වචන එක්කම ඒ මොන නොසන්ඩාල කතාවක්ද මිනිහෝ වගේ වාක්‍ය කීපයක් හිතට ආවට " සීයට සීයක් " කියල තමා කටින් පිටවුනේ. " හ්ම්ම් " තේව් ඒකට බකුසු න්‍යාය අනුගමනය කලා. " මං ලෑස්තිවෙන්න ඕන යන ගමන් ගන්නම්" ඒකටත් පෙර ලෙසම. " හ්ම්ම් " එකම පිළිතුරක් වෙද්දි , ඒ බොළද හිතුවක්කාරකම ඉස්සරහ හුරතල් වෙන්නවත් එයාව නොසකාහැරියෙ නෑ කියල ඔහුව සනසවන්නවත් හිතෙන වෙලාවකවත් , වයසකවත් මං හිටියෙ නැති නිසා. " Bye " කියන තනිවචනයෙන් ඇමතුම විසන්ධි කලා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ කතාවක් ලියන ආසාවට අඩයාලමත් හේතුවක් වුනා.ඒ ආසාව මල්ඵල ගන්වන්න පෝෂණය දෙන හිත්වලට හදවතින්ම ස්තුතියි.... මගෙම පොඩි අත්දැකීමක් ටිකක් ලොකු කරල ගහන කයිවාරුවක් මේ... උමන්දි ඉඳුතරා සූරියබණ්ඩාර ✍️ "කුස දැරුවෙ නැති නිසා වෙන්නැති මාව අගයක් නැත්තෙ එච්චර කිරි එරුණෙ නැති නිසා නුඹ හට මගේ බඩගිනි වගක් නැතුවැති නුඹෙම ඇස් ඇති මුහුණුවර මගෙ නිකන්වත් මතකයේ නැතුවැති අහන්නටවත් මගේ කටහඬ නුඹට දැන් ආසම නැතුව ඇති දෙගුරු ⁣සෙනෙහස දෙකම දෙන්නට කොච්චරක්වත් අම්මා හැපුණට වෙනස දැනෙනව දකිනකොට තව තාත්තල ඉස්කෝලෙ යනඑන ලොකු මිලක් නැති හින්දා ලාබෙට “ආදරය” නුඹ හොයාගන්නැති අමිල හින්දා "අප්පච්චිලා" ගෙනෙන්නට අම්මාට බැරුවැති !! ✍🏼 චාපා~Aussi අයිශා - 13 කොටස මේ මිනිහට මොන යකෙක් වැහිලද.?" එළියට පනින්න ගියපු වචන ටික මං ගිලගත්තා. ඒ වෙනුවට මසර්ගේ උරහිසෙන් හිමීට අල්ලලා එයත් එක්ක කතා කරන්න හැදුවා විතරයි එතකොටම මසර් එයාගෙ උරහිස ගැස්සුවා. මං එයාව අල්ලනවටවත් කැමති නෑ වගේ. "මේ ඔයා දන්නවනේ ඔහොම පුප්පනවට මං කැමති නෑ කියලා... ඇයි වදේ ගෑණු අපි තව හොඳයිනේ... බලන් ගියාම මේ පිරිමින්වනේ තේරුම් ගන්න බැරි..." නැඟිටලා ඇඳ විට්ටමට හේත්තු වෙන ගමන් මං මසර්ට ඇහෙන්නම හයියෙන් කිව්වා. මසර්ගෙන් කිසිම සද්දයක් නෑ. ඇඳේ අනිත් පැත්තට හැරිලා ඉන්න නිසා මූණ පේන්නෙත් නෑනේ. මේ මනුස්සයට නින්ද ගිහිල්ලවත්ද. නෑ නින්ද ගිහින් වෙන්න බෑ. එහෙනම් ඉතින් පුරුදු පරිදි ගෙරවිල්ල පටන් ගන්නවනේ. ප්‍රශ්නයක් තියෙද්දි එහෙම නිදාගෙන බෑනේ. දෙකෙන් එකක් බේරගෙන ඉවරවෙලා එපැයි නිදාගන්න. එහෙ ඉද්දිත් අපි එහෙමනේ කරන්නේ. මොකෝ දැන් අලුත් රටකට ආවා කියලා ඒවා වෙනස් වෙනවද නෑනේ. ප්‍රශ්න තියාගෙන නිදාගන්න එක මට කරන්නම බැරි වැඩක්. මසර් ඒක හොඳටම දන්නවා. ඉස්සරත් අපි මොනවට හරි රණ්ඩු වෙලා ඒවා බේරුම්කරගන්නෙ නැතුව නිදාගන්න හැදුවොත් මට නිකම් පිස්සු වගේ. ඒ වෙලාවට මට මොනවා වෙනවද කියලා මටම තේරෙන්නේ නෑ. අදත් මසර් සද්ද නැතුව නිදාගන්න හදනකොට මට පුදුම තරහක් ආවේ. මං, අනිත් පැත්ත හැරිලා නිදාගෙන ඉන්න මසර්ගේ උරහිසෙන් අල්ලලා හයියෙන් හෙල්ලුවා. "ඔයා නිදිද?..ආ...මසර් කතා කරන්නකෝ ඔයා නිදි නෑ නේද..." "අයියෝ..... කතා කරන දෙයක් හෙට කතා කරමු...මට හෙට වැඩට යන්නත් තියෙනවා." "බෑ... බෑ... හෙට වෙනකම් ඉන්න බෑ...ඔයා නිදාගන්න කලින් ප්‍රශ්නෙ මොකක්ද කියලා ඉන්න. තාම දහය පහුවුණා විතරයි. වෙනදට මෙච්චර කලින් නිදාගන්නෙ නෑනේ...අනිත් එක එහෙ වගේ ඔයාට මෙහෙ පාන්දර නැඟිටලා වැඩට යන්නත් නෑ.." මං ආයෙ සැරයක් එයාගෙ උරහිසෙන් අල්ලලා හෙල්ලුවා. ඒ පාර මසර් නැඟිටලා අත් දෙකත් බැඳගෙනම ඇඳ විට්ටමට හේත්තු වුණා. "හ්ම්ම්...කියන්න තියෙන දෙයක් කියන්න ඉතින්" මසර් ඉස්සරහ බලාගෙන කිව්වා. "ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ?...." "මට මොනවත් වෙලා නෑ..." "ඔයාට තරහ ගිහින්නේ ඉන්නේ...මං බබාලා ගැන කියපු එකට, එහෙම නේද?.." "නෑහ්" "නැත්තෙ මොකද, වෙනදට ඔයා ඔහොම ඔක්කොම දමලා ගහලා තනියම නිදාගන්න යන්නෙ නෑනේ..." මසර් ඒ පාර මොනවත් කියන්නෙ නැතුව ඔහේ ඉස්සරහ බලාගෙන හිටියා. ගෑණු අපි තරහ ගියාම මේ තරම් ගනන් උස්සන්නේ නෑනේ. ඒකට පිරිමි බලන්න එපැයි. "හරි ඔයා කතා කරන වෙලාවක කතා කරන්න. එතකම් අපි දෙන්නා නිදාගන්නෙ නැතුව මෙහෙමම ඉමු" මං කිව්වා. මසර්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ. පිළිමයක් වගේ ඔහේ ඉස්සරහ බලාගෙන ඉන්නවා. විනාඩි පහක් ගියා දහයක් ගියා පහළොවක් ගියා..ම්හූ මසර් ඒ විදියමයි. දැන්නම් මටත් නිදිමතයි වගේ. මේ මනුස්සයා කටක් හොල්ලන්නේ නෑ. ඔහේ ඉන්නවා. මේක හරියන්නෙ නෑ. තව එක දෙයයි කරන්න තියෙන්නේ..ඒකට විතරයි මසර්ව කතා කරවන්න පුළුවන්. "මට හිතුනා මෙහෙ ඉද්දි මෙහෙම වෙයි කියලා. මං ඉතින් රස්සාවක් කරන්නේ නෑ. ඔහේ ගෙදරට වෙලා ඉන්න ගෑණිනේ. ඉංග්‍රීසිත් හරියට බෑ... අතේ සල්ලි නෑ. හිඟන්නියක් වගේ ඔහේ වැටිලා ඉන්නවා. මට මේ ගෙදර කිසි තැනක් නෑනේ...මොනවා කරන්නද මේ මගෙ කරුමේ... හැමෝගෙම ලොකුකම් බලාගෙන ඔහේ ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ...මෙහෙ නෑවිදින් මට තිබුණේ එහෙට වෙලාම ඉන්න. අඩු තරමේ මට යන්න අම්මලාගේ දිහා හරි තියෙනවනේ. මෙහෙ ඉතින් මට වෙන කවුද ඉන්නේ. ඉන්න එකම මනුස්සයත් ගස්සනකොට පුප්පනකොට මං මොනවා කියලා කරන්නද.." මං අඬන්න ගත්ත පාර වැඩේ හරිගියා. මං අඬද්දි මසර් උණු වුණේ හරියට බටර් කෑල්ලක් වගේ. "ඔයාට අඬන්න දෙයක් මෙතන උනාද අයිශා...ඇත්තටම මගෙ ඔළුව රිදෙනවා. ඒකයි මං කලින් නිදාගන්න ආවේེ...." මසර් මගෙ ඔළුව අතගාන ගමන් කිව්වා. "එහෙනම් ඔයා මට ඒක කියන්න ඕනි. සද්ද නැතුව බුම්මගෙන ඉද්දි මට තේරෙනවද. වෙනදට ඔයා පොඩි අමාරුවක් ආවත් අයිශා කියාගත්‍ත ගමන් නේ ඉන්නේ.ེ.." "හරි සොරි දැන් ඒක ඉවරයි. අපි දැන්වත් නිදාගමුද මැඩම්?..දැන්නම් හොඳටම නිදිමතයි" "නෑ නෑ දැන්ම බෑ...මට තව දෙයක් අහන්න තියෙනවා" "අයියෝ....අයිශා ඔයානම්..හරි දැන් ඒ පාර මොකක්ද?" "ඔයා මොකක්ද අර රාජකාරියක් භාරගත්තද කියලා ඇහුවේ?.." "මොන රාජකාරියක්ද?" "ඔයාට මේ කියපු එක මේ මතක නෑනේ අනේ...ඇයි මගෙන් ඇහුවේ මෙහෙ අපිට බබාලා නැත්තේ මොකද කියලා අහන්න පිට කවුරුත් නැති නිසා, දැන් ඔයාද ඒ රාජකාරිය භාර අරගෙන ඉන්නේ කියලා... මොකක්ද ඒ කතාවේ තේරුම" "ආ...ඒකද ඉතින් ඇත්‍තනේ මං කිව්වේ" "මොකක්ද ඇත්‍ත?" "දැන් අපි එහෙ ඉන්නකොට ඔයාට තිබුණු ලොකුම ප්‍රශ්නෙ හැමෝම අපෙන් ළමයි නැති එක ගැන අහන එකනේ. ඔය ප්‍රශ්නෙ හින්දම අපි එහෙ ඉන්නකොට කොච්චර උත්සව මඟඇරලා තියෙනවද. නෑදෑයෝ අතඇරලා තියෙනවද. කොටින්ම කියනවනම් අපිට ළමයි නැති එක පිට මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුණාට අපිට ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැනේ. ළමයෙක් හම්බෙනවනම් එහෙමයි නැත්නම් ඒත් කමක් නෑ අපි දෙන්නට අපි දෙන්නා ඉන්නවනේ කියලානේ අපි හිතුවේ. මං හරි නේද අයිශා?..." "ඔව් ඉතින්" "ඉතින් දැන් මෙහෙ ආවට පස්සේ අපිට ඒ ප්‍රශ්නෙත් නෑනේ... අපෙන් කවුරුත් ඕවා අහන්න කෙනෙකුත් නෑ. අඩු තරමේ අර කට හොඳ නැති නසීර්වත් මගෙන් ඕවා අහලා නෑ. නැත්නම් ඌ සාමාන්‍යයෙන් ඕන එකයි එපා එකයි හැම එකම අහන එකානේ... ඒ ඔක්කොම හොඳට වෙද්දි ඔයා පටන් ගන්නවා අපිටත් ළමයෙක් හිටියනම් කියලා...දැන් තේරුණාද?.." "අපෝ.....ඕකටද මේ මෙච්චර වටයක් ගියේ...ඔච්චර දේශනාවක් නොදී ඕක කෙලින්ම කියන්න තිබ්බනේ. අනේ මන්දා ඔයානම්" "නෑ නෑ මේක මෙහෙම කිව්වේ නැත්නම් ඔයා තේරුම් ගන්නෙ නෑ. ඔයා ආයෙම ආයෙම ඔය කතාව කියනවා. ඊටපස්සේ වෙන දේ මං අමුතුවෙන්
කියන්න ඕනි නෑනේ. ඔයාට මතකනේ මං කිව්වා දරුවෙක් ලැබෙනවනම් ලැබෙයි නැත්නම් නෑ එච්චරයි. දැන්වත් නිදාගමු අයිශා..." මසර් ඇඳේ හාන්සි වෙලා ඇස් දෙක පියාගත්තා. එයාට ඇඳට වැටුණ ගමන්ම නින්ද ගිහින්. මට ලොකු නිදිමතක් තිබුණේ නෑ. මං ඔහේ උඩ බලාගෙන මසර් ගොරවන සද්දෙ අහගෙන හිටියා. මසර් හරි. මං ආයෙ ඕවා ගැන හිතන්නෙ නැතුව ඉන්න ඕනි. හිතන්න හිතන්න බලාපොරොත්තු ඇති වෙනවා. අන්තිමට බලාපොරොත්තු ඉෂ්ඨ වුණේ නැතිවුණාම ඉතුරු වෙන්නේ දුකක් විතරයි. දරුවෙක් නැති එක ඇරුණම මසර්ටයි මටයි දුක්වෙන්න කිසිම දෙයක් නෑනේ. එහෙම බලන් යද්දි මට සතුටු වෙන්න කියලා කොච්චර දේවල් තියෙනවද. මගෙ නැතත් මසර්ගේ හිතේ තිබුණු රටකට අන්තිමේදි එන්න පුළුවන් වුණා. එහෙ හිටපු ගෙදරට වඩා සෑහෙන හොඳ ගෙදරක දැන් අපි ඉන්නේ.. අනිත් එක එහෙ හම්බුණාට වඩා කීප ගුණයකින් වැඩි පඩියක් මසර්ට මෙහෙ හම්බවෙනවා. අර මසර් කියනවා වගේ වෙලාවකට ප්‍රශ්නයක් නැති එකත් මට ප්‍රශ්නයක්. සෙනසුරාදා උදේම රංගි මැසේජ් එකක් එවලා තිබුණා ඊයේ දුන්නු සංග්‍රහයට ගොඩක් ස්තූතියි, කෑම ටික හරිම රසයි, එයාලා ඊයේ ගොඩක් විනෝද වුණා එහෙම කියලා. මීටපස්සේ මොනාහරි විශේෂ කෑමක් හැදුවම රංගිලාටත් යවන්න ඕනි කියලා මං හිතාගත්තා. මෙහෙ ඉතින් මං දන්න කියන කට්ටියකට ඉන්නේ ඔය පවුල විතරනේ. නසීර්ලා අපේ රටේ වුණත් අපි දෙගොල්ලන්ගේ ලොකු ආශ්‍රයක් නෑනේ. සඳුදා උදේ වැඩට යන්න කලින් මසර් මාවත් එක්කගෙන රංගිලා කියපු ඉංග්ලිෂ් ක්ලාස් එක බලන්න ගියා. එතන මේ ඉංග්‍රීසි විතරක් නෙමෙයි තව එක එක ඒවා උගන්නන තැනක්. සමහර කෝස් වලට සල්ලි ගන්නවා සමහර ඒවා ෆ්‍රී උගන්නන්නේ. අපි විස්තර දැනගන්න ගියපු ඉංග්‍රීසි කෝස් එක ෆ්‍රී උගන්නනවා කියලා තමයි කිව්වේ. එතන හිටපු ටිකක් මැදි වයසේ ගෑණු කෙනෙක් තමයි කෝස් එකේ විස්තර කිව්වේ. මටනම් ඒ කියන ඒවා මෙලෝ හසරක් තේරුණේ නෑ. අතරින් පතර හුරු වචන ටිකක් ඇහුන නිසා කතා කරන්නේ ඉංග්ලිෂ් කියලනම් තේරුණා. මසර්ගෙන් තමයි හරි විස්තරේ දැනගන්න පුළුවන් වුණේ. සතියකට දවස් දෙකක් තියෙනවාලු. අපිට කැමති දවස් දෙකක් තෝරගන්නත් පුළුවන්ලු. මසර් නිවාඩු බ්‍රහස්පතින්දාටයි සිකුරාදාටයි නිසා අපි ඒ දවස් දෙක තෝරගමු කියලා මසර් කිව්වා. "දැන් ඊළඟට තියෙන්නේ ලර්නර් ලයිසන් එක ගන්න එක. ඊටකලින් ඔයාට පොඩි ටෙස්ට් එකක් තියෙනවා. ඒක එච්චර අමාරු නෑ කියලා යසිරු කිව්වා. එකම ඒවාලු ආපහු ආපහු එන්නේ...මං ඔයාට ලින්ක් එක එවන්නම්. ඒකෙ එන්න පුළුවන් ප්‍රශ්න ඔක්කොම වගේ තියෙනවා. අද ගෙදර ගිහින් ඒ වැඩේ පටන් ගන්න. හරිද අයිශා.." මසර් මාව ගෙදරින් බස්සලා එහෙම්මම වැඩට ගියා. වොශ් දාගෙන තේ එකක් බොන ගමන් මසර් එවපු ලින්ක් එකේ තියෙන ප්‍රශ්න බලන්න පටන් ගත්තා. මුලදිනම් මෙලෝ දෙයක් තේරුනේ නෑ. හැබැයි ටික වෙලාවක් යද්දිනම් අහන්නෙ මොකක්ද කියලා එහෙන් මෙහෙන් ගැට ගහගන්න පුළුවන් වුණා. අර කිව්වත් වගේ එකම ප්‍රශ්න ටික තමයි ආපහු ආපහු කරකවලා එන්නේ. මේකනම් කොහොම හරි ගොඩදාගත්තහැකි. ප්‍රශ්න කටින් අහන්නෙ නෑනේ. පේපර් එකක්නේ දෙන්නේ. 'ඉංග්‍රීසි ක්ලාස් එක මොනවගේ වෙයිද දන්නෑ...' ඒ අස්සේ සැරින් සැරේ මට ඒකම හිතෙන්න ගත්තා. ස්කෝලේ ගියාට පස්සේ මේ ක්ලාස් එකකට යන්න හදනවමනේ. මොන ජාතියෙ අය එයිද දන්නෙත් නෑ. බලමුකෝ එතෙන්ට එන්නෙත් මං වගේ ඉංග්‍රීසි හරියට බැරි අයනේ..." මතු සම්බන්ධයි. බුද්ධි ජයවීර. (කතාව කියවා අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති. පිළිතුරු නොලියනවට සමාවෙන්න. )ගඩෝල් මඩුවෙ කතා ඒ අතීතය හරිම ලස්සනයි. ආයෙත් ඒ අතීතයට යන්න ආසයි.. මේ කතාව කියවන ඔයාටත් ඇති ලස්සන අතීතයක්.. හිතෙයි ඒ අතීතයට ආයෙ යන්න.. අපේ ගමේ තිබුණු ලස්සන තැනක් තමා ගඩෝල් මඩුව..ඒ නම ආවෙම අක්කරයක දෙකක බිමක් ගඩෝල් නිෂ්පාදනයට යොදා ගැනීම නිසා.. එක කෙළවරකට වෙන්න තිබුණු ගඩෝල් මඩුවෙ තමා ගඩෝල් පිළිස්සුවෙ.. ගඩෝල් හදන්න මැටි කපපු වළවල් ඒ බිම පුරාම තිබුණා.. ඒ වළවල් කාටවත් හානිකර තරමෙ වළවල් නම් නෙමේ. අඩි තුන හතරක් පහක් වගේ ගැඹුරක් තියෙන්න ඇති.. වළවල් කිව්වට ඒව පොඩි වැව් වගේ. වැස්සොත් තමා වතුර පිරෙන්නෙ. නැත්නම් පිට්ටනි වගේ තියෙන්නෙ..ඒ නිසා තමයි කාටවත් අනතුරු නොවෙන්නෙ. එහෙම අනතුරුදායක සිද්ධි ඒ දවස්වල අපි අහල තිබුණෙත් නෑ.... පායන කාලෙට මඩ යට තිබුණු ඕලු නිල්මානෙල් අල වැස්ස කාලෙට වතුර පිරුණම පණ ගහල එන්නෙ ගමේ තිබුණු විහාරස්ථාන තුන හතර සුවඳවත් කරන්න වගෙයි.. ඒ කාලෙට මේ පුංචි පුංචි වැව් වගේ තියෙන මැටි කපපු වළවල් ඕලු නිල්මානෙල්වලින් පිරෙනවා.. ගඩෝල් මඩුව වටේටම ඒ දවස්වලට ලස්සනයි.. සුව්ඳයි...ඒ දවසවල පෝයට, නැත්නම් බෝධිපූජා පවත්වන්න අරන් යන්න මල් කඩන්න ගොඩක් අය ගඩොල් මඩුවට එනව.. වැඩියෙන්ම කොල්ලො කුරුට්ටො තමා.. ඒඅතරෙ මේ බිම පුරාම මීහරක් පට්ටි දිගේලි කරල තිබුණෙ.. පනහක හැටක රංචු.. කොයි වෙලේ බැලුවත් මීහරක් දහයක් පහළොවක් නම් ගඩෝල් මඩුව වටේ තණ බුදිමින් හක්කලං කරා.. දුවන පැනල සෙල්ලම් කරනකොට මේ මීහරක් අඩිවලට හෑරුණ පොඩි පොඩි වළවල් අස්සට කකුල් ගිහින් උළුක්කු හදා නොගත්තු කොල්ලෙක් කුරුට්ටෙක් අපේ ගමෙන් නම් හොයා ගන්නව බොරු.... මෙහෙම ලස්සන තැනක් ගමේ සක්‍රියව තිබුණු කාලෙ ඒවයෙ දුව පනපු, මල් කඩපු අන්තිම පරම්පරාව වෙන්න ඇත්තෙ අපි.. හේතුව අපේ කාලෙන් පස්සෙ ගඩොල් මඩුව වැහුණ.. ඒ බිම පුරාම සමහරක් තැන් වී ගොවිතැනෙනුත් සමහරක් තැන් තේ වගාවෙනුත් පෝෂිත වුණා.. දැන් දරුවෙක්ට දකින්න ඒ අහලකවත් ගඩෝල් මඩු නෑ.. ඉස්සර ගමේ ඉස්කෝලෙ ගිහින් ඉස්කෝලෙ ඇරිච්ච ගමන් ගෙදරට දුවන් ඇවිත් පොත් බෑග්ගෙ මේසෙ උඩට දාල බත් ඩිංගක් ගිලල පනින්නෙ යාළුවො එක්ක සෙල්ලම් කරන්න. දැන් අඩි දහයක් මොටෝසයිකලයක් නැතුව යන්න බැරුවට මොකද ඒ දවස්වල යාළුවන්ගෙ ගෙවල්වල සෙල්ලම් කරන්න පයින් හැතැම්ම ගණං යන්නෙ. එහෙම කොහේ හරි ගෙදරකට එක්කහු වෙලා සෙල්ලම් කරල ගෙදර එන්නෙ ඇඳිරි වැටෙද්දි.. සමහර දවස්වලට ටොකු හරි කෝටු සංග්‍රහයක් හරි වරදින්නෙ නෑ තාත්තගෙන්.. ඔහොම දවසක ඉස්කෝලෙ ඇරුණු ගමන් වෙනද වගේ ගෙදරට දුවන් ආවෙම ගඩෝල් මඩු යනව කියල ඉස්කෝලෙදිම කතා කර ගත්තු නිසා.. කටට දෙකට බත් ටික ගිලල වැඩි වෙලාවක් යන්න කලින් අපි හිටියෙ ගඩෝල් මඩුවෙ.. "ඒ මඩුවෙ කවුරුත් නෑ කඩමුද නාරං.. " චින්තකගෙන් යෝජනාව.. ලයිට් දැම්ම වගේ පොකුරු පොකුරු එල්ලෙන ඉදුණු නාරං ටික දැක්කම සෙල්ලං අමතක වුණා.. ගහ කිට්ටුව හිටපු මී හරක් රංචුව පන්නල දලා ටික වෙලාවකින් අපි හතර පස් දෙනාම හිටියෙ නාරං ගහ මුදුනෙ. ආ ගිය දේවලුත් කතා කර කර හොදට ඉදුණු නාරං කාලා ඇතිවෙන්න සාක්කුත් පුරව ගන්නකොට පැය දෙකක් විතර ගිහින්. " සම්පත් යමුද එහෙ බෝල් ගහන්න.." ඊළඟ යෝජනාවත් සම්මතයි..ඒත් ගහෙන් බැහින්න බැලින්නම් මී හරක් රංචුව ගහ වටේටම.. අපි උන්ව පන්නල ගහට නැග්ගට පළි ගන්න වගේ උන් අපට ගහෙන් බහින්න දුන්නෙම නෑ.. දැන් මොකද කරන්නෙ.. ඇඳිරි වෙන්නත් ළඟයි.. වටේ පිටේ එළිය එක්ක බැලුවම දැන්නම් හයේ හෝරාවවත් වෙලා.. අද නම් ටොක්කෙන් එහා කෑමක් කන්න වෙන එක ඔක්කොටම වැටහුණා.. "මේ මී හරක් රංචුව ජයසේන මුත්තගෙ.." මට මතක් වණා.. ජයසේන මුත්ත හරක් බඳින්න එන්නෙ ඇඳිරි වැටුණම.. " ඒ කියන්නෙ අපිට කරුවලේ තමා ගෙදර යන්න වෙන්නෙ.. " සමීරගෙ මූණ තැලිච්ච නාරං ගෙඩ්ඩක් වගේ.. නාරං කටු ඇනිච්ච වේදනාවල් දැන් නම් හොඳට දැනෙනව. සමහර විට බයටම වෙන්න ඇති. "ඒ අන්න ජයසේන මුත්ත එනව.. ජයසේන මුත්තේ.... ජයසෙන මුත්තේ..." ගඩෝල් මඩුව කිට්ටුවම ඉන්න සම්පත් මහ හයියෙන් කෑ ගැහුවා.. අපේ සද්දෙට නාරං ගහ දිහාට ආපු ජයසේන මුත්ත දැන ගත්ත අපිට වෙලා තියෙන ඇබැද්දිය.. " මං නාවනම් තමා වැඩේ.. එහෙනං කට්ටියම හෙට උදේ වෙනකල් නාරං ගහේ තමා.." "ජහ් ජහ්.." ජයසේන මුත්තගෙ සද්දෙ විතරයි ඇහුණෙ.. දඩ බඩ ගාල ගහෙන් බිමට පැනගත්තු අපි නතරවුණේ ගඩොල් මඩුවෙ කෙළවරේ.. "ඇති යාන්තං.. වෙලවට ජයසේන මුත්ත ආවෙ.." නාරං කටුවලට හීරුණු තැන්වලින් මතු වෙච්ච හීරිච්ච පාරවල් අතින් පිහිදාන ගමන් මං කිව්ව.. "හෙටත් නාරං කමුද" චින්තක ඇහුව විතරයි.. "ඊට කලින් තව පොඩ්ඩෙන් කෝටු පාරක් කාල බලමු.." මං කිව්වෙ තාත්ත මඟ බලන් ඉන්නව කියල දන්න නිසාමයි.. ඔන්න ඔහොම පුංචි සන්දියෙ වෙච්ව රස මතක එමටයි... අදටත් යාළුවො අපි එකතු වුණාම ඒ ලස්සන කතා මතක් කරන්නෙ සතුටින්.. ඒත් දුක හිතෙන්නෙ අද පරම්පරාවට ඒ වගේ සුන්දර දේවල් අහිමි වෙලා ගිහින් නිසා.. බුද්ධික දේශප්‍රියරිටි පන්න මසුන් ඇල්ලීම. මෙරට දකුණු පලාතේ කොග්ගල,කතලුව,අහංගම,ගොවියාපාන ආදී ප්‍රදේශවල මෙම මසුන් ඇල්ලීමේ ක්‍රමය දැකිය හැකිය.මෙම ක්‍රමයේ ඉතිහාසය දෙස බැලීමේදී ගන්දර රාල නම් පැරැණි කාලයේ දීවරයකුගෙන් පැව්ත එන බව කියවේ.එමෙන්ම මෙම රිටි පන්න දීවරයන්ට අනුව මෙය මෙරටට ආවෙනික දීවර ක්‍රමයකි. විශේෂයෙන් වාරකන් සමයට මෙම ප්‍රදේශවල මසුන් දීවරයන් අතර මෙය ප්‍රචලිතව ඇත.කුම්බලාවන්,බෝල්ලු,කොරබුරුවා,හුරුල්ලන්,සාලයන් ආදී මසුන් මෙම ක්‍රමය මගින් අල්ලා ගත හැක.දල වශයෙන් කිලෝ 2ක් පමන බර මසුන් මෙමගින් අල්ලා ගනී. මෙම රිටි පන්න දීවර ක්‍රමය සදහා සිටුවන ලද ලී කනුව අඩි 8 ක් 10ක් පමන් දිගැතිය.මේ සදහා කඩොල්,කදුරු ,ඇට්ටොනියා ලී යොදා ගන්නේ ජලයට දිගු කලක් ඔරොත්තු දීම සදහායි.බිලිපිත්ත සදහා කිතුල් පිති යොදා ගනි.රිටි පන්න සදහා ගන්නා බිලී කටු මෙම දීවරයන් විසින්ම සාදා ගනී.මේ සදහා දැල්ලන්ගේ කවචය (දැලි කටුව) යොදා ගෙන අච්චුවක් සාදයි.එමගින් සාදන අච්චුව ඊයම් උනු කර වක් කරමින් මෙම බිලි කටුව සාදා ගනි.අල්ලා ගන්නා ලද මසුන් දැමීමට හැබිලිය නම් පන් කොල වියන් ලද පසුම්බියක් අතිතයේ යොදා ගෙන ඇත. වර්තමානයේ විදෙස් සංචාරයකයන් සදහා මෙම දීවරයන් ගේ මෙම ක්‍රමය ජායාරූප ගත කිරීමට යම් මුදලක් ඔවුන් අයකරයි.එමගින් මෙම මිනිසුන්ගේ ජීවන තත්වය මදක් හෝ ඉහල නැංවෙනු ඇත. නමුත් මෙම රිටි පන්න දීවර කර්මාන්තයේ අනාගතයක ගැන බලන විට වත්මන් තරුණ පරපුරේ සහභාගිත්වය අඩු බව මෙම දීවරයන් සමග සාකච්ඡා කරන විට දැන ගැනීමට ලැබුනි. චායාරූප-ක
ොග්ගල මුහුදු තීරය...." පොරොන්දුවක් උනොත් ඒක කොහොමහරි ඉෂ්ට කරන්න ඕන " "කෙනෙක්ට වචනයක් දුන්නොත් ඒක තියන්නම ඕන " ඉස්සර ඉඳලම ඔය වචන එක්ක අපි කොච්චර සටන් කරල ඇද්ද ? " ඒක එවෙලෙ එහෙම කිව්වා තමයි, ඒත් මට දැන් ඒක ඉෂ්ට කරන්න අමාරුයි " එහෙම කියපු අය කොයිතරම් නම් අපිට මුණ ගැහිල ඇද්ද ? ඒ අවස්ථාවෙ සතුට වැඩිකමට, හැඟීම්බර උනු තරමට " මං ඒ දේ කරනවාමයි " කියලා පොරොන්දු වෙලා, අන්තිමට ඒවා ඉෂ්ට කරගන්න බැරිව කොච්චර අපහසුවෙන් අපි ඉඳලා ඇද්ද ? කාලයක් ගෙවුනම අපිම වෙච්චි පොරොන්දු අපිම කිව්ව වචන නිසා අපි කොයිතරම් අමාරුවේ වැටිල ඇද්ද ? " මං කවදාහරි කසාද බඳින්නෙ ඔයාවම විතරයි " කියලා කියපු කෙනෙක්ට, තව අවුරුදු ගානක් ගෙවුනම ඒ පුද්ගලයාව තමන්ට ගැලපෙන්නෙ නෑ කියලා දැනුනත් "මං වචනයක් දුන්නනේ, දැන් කරන්න දෙයක් නෑ " කියලා නොගැලපීම් මැද විවාහ උනු අය කොයිතරම් ඉන්නවද? " අපි ගොඩක් කාලයක් යාලුවෙලා හිටියා. නෑදෑයො ගමේ අය හැමෝම දන්නවා. මේක නතර උනාම එයාලා අහන ඒවට මොනවද කියන්නෙ? ඉස්සර අපි දෙන්නා ගැලපෙනවා කියලා හිතුව තමයි, ඒත් ඒක එහෙම නෑ, දැන් තමයි මට ඒක තේරෙන්නෙ, මං එයාගෙන් වෙන් උනොත් එයා කොහොමද ගෙදර අයට මූණ දෙන්නෙ? " එහෙම හිතලා අකමැත්තෙන් උනත් එක ගෙදරකට ගිය අය කොයිතරම් ඇද්ද ? "' මං එදා පොරොන්දු උනා එයාට සල්ලි දෙන්නම් කියලා. ඒත් අද මට ඒකට හැකියාවක් නෑ. ඒක එයාට කියන්නත් බැ. එයා මාත් එක්ක තරහ වෙයි " දීපු වචනෙ ඉෂ්ට කරගන්න බැරිව ලතවෙන අය කොච්චර ඇද්ද ? කරන්න බෑ කියලා කියාගන්න බැරිව ඉන්න අය කොච්චර ඉන්නවා ඇද්ද ? පොරොන්දු නිසා හිතට විරුද්ධව ජීවත් වෙන අය කොයිතරම් පසුතැවිලි වෙනව ඇද්ද ? පොරොන්දු වීම් වචන දීම් වෙනව තමයි. ඒ අවස්ථාවෙ ඒක කරන්න පුළුවන් කියලා හිතාගෙන. ඒ වෙලාවෙ ඒක බොරුවකුත් නෙමේ. ඒ මොහොතෙ තියෙන අවංක හැඟීමක් ඒක. ඒත් කාලය ගෙවෙද්දි, අලුත් අත්දැකීම් වලට මුහුණ දෙද්දි , ලෝකයත් එක්ක ඉදිරියට ඇදෙද්දි, කොටින්ම කාලයත් එක්ක අපි වෙනස් වෙද්දී කලින් උනු පොරොන්දු ඉෂ්ට කරන්න බැරි වාතාවරණ උදා වෙනවා. සමහර විට ඒ වෙද්දී කලින් කෙනාව අපිට නොගැලපෙනවා කියලා හිතෙන්න පුළුවන්. ඉස්සර කිව්ව වචන කඩ කරන්න වෙන අවස්ථාථවන් එනවා. ඒත් ඒ ඔක්කොම බැරිකම් තියෙද්දි " මං ඉතිං වචනෙ දීලා ඉවරනෙ" කියලා නොගැලපෙන කෙනාව ලං කරගෙන තේරුමක් නෑ. ඒකෙන් වෙන්නෙ දෙන්නෙක්ගෙ ජීවිත ඉතාමත් අවාසනාවන්ත සිද්ධි මාලාවකට ගොදුරු වෙන එක. ඒ දෙන්න විතරක් නෙමේ, එයාලගෙ දරුවන් එයාලගෙ දෙමාපියන් මේ හැමදෙනාම මේ " පොරොන්දුවේ ' අමිහිරි විපාක විඳින්න ගන්නවා. පොරොන්දු උනත් වචනයක් දුන්නත් ඒ දේ ඉෂ්ට කරන්න කලින්, මේ දේ මට කරන්න පුළුවන් ද, කාගෙවත් හිත රිද්දන්න බැරිකටද මේක කරන්නෙ, ලෝකයා දොස් කියයි කියලා බයටද කරන්නෙ කියලා තමන් තේරුම් ගන්න ඕන. නොගැලපෙනවනම් අනිත් පාර්ශ්වය එක්ක ඒ ගැන කතාබහ කරලා විසඳුමකට එන එක වටිනවා. කව්ද දන්නෙ අනිත් පාර්ශ්වයත් මේ වගේම " පොරොන්දුවක් " නිසා කියාගන්න බැරි තත්වයකද ඉන්නෙ කියලා. නොගැලපෙන අය එක්ක ජීවත් වෙලා ජීවිතය අඳුරු කරගන්නවට වඩා හොඳයි, හිත රිදුනත් ඇත්තම කියලා වෙන්වෙන එක. කාලයක් යනකං එයා අඬයි, බනියි දුක්වෙයි. ඒත් ඒක තාවකාලිකයි. හරිම අමාරුවෙන් එයා එක්ක සදහටම ජීවත් වෙන්න හිත හදාගන්නවට වඩා ඒක නුවණක්කාරයි. කල්පනා කරලා තියෙනවද මූණට බෑ කියන්න බැරි කමට වෙච්චි පොරොන්දු ඉෂ්ට කරලා අදටත් පසුතැවෙන කෙනෙක් ඔයාගෙ ජීවිතයෙ ඉන්නවද කියලා. එහෙමත් නැත්නම් " අපරාදෙ, එදා ඇත්තම කියලා අයින් උනානම් කොයිතරම් හොඳද " කියලා අදටත් පසුතැවෙන සිද්ධි කොයිතරම් අපේ ජීවිතය ඇතුලෙත් තියෙනවද කියලා ? © Manohari Weerasinghe....#ගමේම_ලස්සන_ලේලි...... ඉස්කෝලේ කීකරුම කොල්ලා ය.... හැමදාම පන්තියේ පලවෙනියා ය..... ඒ අපේ මල්ලී ය....... ඌ ලස්සන ය....... තරුණ වියේ ඌ තරම් කඩවසම් එකෙක් අහල ගම් වල නොවීය..... වෙන උන්ට වගේ වේලි වේලි ඉන්නට ඌට හේතුවක් තිබුනේ නැත......... යන යන තැන කෑලි ය................. උගේ කෑලි ගැන මාත් ටික ටික දන්නේ ය....... ඇත්තටම උන් කෑලි ය......... සම්පූර්ණ එකියක් ඌට නොවීය.......... උමාලි, නතාලි , සුවිමාලි ඒ අතර වූ එක එක කෑලි ය............. ...................................................................... මගුලෙන් පස්සෙ අපේ අක්කාත් පිටගම් ගියා ය....... කෑල්ලක් නැතුව වේලි වේලි හිටපු මටත් මගුලක් හොයන්නට අම්මා වෙහෙසුනා ය.......... අම්මාගේ හිතගත් එකියක් හිටියා ය......... ඒකි හුලවාලි ය......... පවුලේ එක එකා කුල මල කතා කෙරුවාට අම්මාගේ හිත ඒකිටම ය.......... වේලි වේලි හිටපු මගෙත් ආදර බූලිය පිරුණා ය............ රස්සාවේ නිවාඩු දවසට මං ඒකි බලන්නට ඩේලි ගියා ය......... උන්ගේ අම්ම තාත්තලා කලේ කුලී වැඩ ය............. මගුල් තීන්දුවෙන් පස්සෙ නැකතට මං ඒකි බැන්දා ය............ මගේ මනාලි ය............. අපේ අම්මගේ පලවෙනි ලේලි ඒකි ය............. ...................................................................... මල්ලී ඉගෙනුමට මුල් තැන දුන් එකා ය....... ඌ ඉංජිනේරුවෙක් වෙනකම් අම්මාත් තාත්තත් බර ඇද්දා ය........... මට හොරෙන් මගේ ගෑණිත්, මස්සිනාට හොරෙන් අක්කාත් උගේ ගමනට සල්ලි දුන්නා ය............... ඌ ලෝකය දිනුවා ය............. නිවාඩුවට ගෙදර එන්නේ කම්පැණියේ වාහනයකින් ය........... අම්මාට තාත්තාට ආඩම්බරයක් ගෙනාවේ ඌ ය............. ඌට නොකීවාට මාත් ඌ ගැන ආඩම්බර උනා ය........... ආඩම්බරකමටත් වඩා මට වැලේ වැල් නැති වෙලාවට කීයක් හරි ඉල්ල ගන්නට පුලුවන් එකෙකුට හිටියේ ඌ ය......................... නිවාඩු දවසටත් ඌ හිටියේ කාමරේ අස්සේ ය.............. කුරුදුවත්ත පොලීසියටවත් ඌට තරම් කෝල් එන්නේ නැත........... ඒ එකක්වත් අපට ඇහෙන්නට කතා කෙරුවේ නැත......... විසි හතර පැයේම ෆෝන් එක අතේ ය, ඇබ දෙක කනේ ය......... ඌ දවල්ට කෑවේ රෑට ය......... රෑට කෑවේ පාන්දර කුකුලා අඩලන වෙලාවට ය............ මල් කැඩීම කලාවක් කරගත්ත උන් අතරේ පිකාසෝ ඌ ය.............. ....................................................................... ගමේම ලස්සන ලේලි ගෙනාවේ ඌ ය......... ඒකිගේ නම නතාලි... ය... ඇත්තටම ඒකි ලස්සනය......... ඒකිත් එක්ක ගලපන විට අපේ අක්කාත් හාල් කෑලි ය......... මගේ ගෑණිත් පිට ලෑලි ය........ ඒකිගේ හිනාව සුකුමාල ය............. කතාව මනමාල ය.......... ලොකු ලේලි ගෙදරට ගවුම් ඇන්දත් ඒකි ඇන්දේ කොට කලිසම් ය........... මාත් මල්ලිත් කොට කලිසම් ඇද ඇති මුත් ඇත්තටම කොට කලිසම් දැක්කේ ඒකිගේ ඇදුම් අතරේ ය.............. ඒකි පොස් ය.......... අපි පුස් ය......... ඒකි ගේ අතුපතු ගාන්නට කොස්ස අතට ගන්නේ වත් නැත......... දූලි වැදුනාම ඒකිට හෙම්බිරිස්සාව ය............ හෙම්බිරිස්සාවටත් බේත් ගන්න චැනල් කරන්නේ ප්‍රයිවට් දොස්තර ලා ය.......... සම්බා හාල් අගුණ ය......... කන්නේ කැකුළු හාල් ය......... උයන්නේ ලොකු ලේලි ය.......... ඒකි "උ" යන්න දැනගත්තාට උයන්න දන්නේ නැත.............. දවසෙන් දවස ගත්වෙත්ම ඒකිගේ හාලි කට ඇවිස්සෙන්නට විය.......... ඒකි පීලි පැන්නා ය....... අම්මාට කාලි වැහුණා ය................ ..................................................................... "ගමේම ලස්සන ලේලි" අවසානයේ අකුලගෙන ගෙදරින් ගියාය......... ඉංජිනේරුවාටත් අත්තිවාරම කපන්නට කලියෙන් ම වැරදුනා ය......... ඌත් තේරුම් ගත්තා ය......... නතාලි ට යන්නට දුන්නා ය........... අවසානයේ ඒකිටම හරියන එකෙක් එක්ක දැන් ඉන්නේ ඉතාලි ය.......... ඉදහිට පොඩි ලේලි මතක් කරන අම්මා ඒකිට දැන් කියන්නේ "බැල්ලි" කියලා ය............... ලොකු ලේලි පොඩි ලේලිට කියන්නේ "මූසලී'" කියලා ය............ ...................................................................... ගමේම ලස්සන ලේලි ට හෑලි ලීවාට කම් නැත................ කෑලි ගමට ලස්සන විය හැකිය...... නමුත් ලේලි ගමටම ලස්සන නොවූවාට කමක් නැත.......... ලේලි ලස්සන විය යුත්තේ නැන්දම්මාට ය.......... නැන්දම්මා ලේලිගේ ලස්සන බලන්නේ "හැඩරුවෙන්" නොවේ ය......... මටත් කීවේ අපේ අම්මගේ "ලොකු ලේලි ය"...... ..................ජනිදු.................හිත් ගත් නෙත් ---------------- දෙවන කොටස ගෙවුන බොහොමයක් දවස්වල ගෙදර ඇවිත් නිදාගන්නකල් ගතකරපු ඉතුරු පැය කීපයත් තේව්ගෙ අල්ලාප සල්ලාප එක්ක කාමරේ අස්සෙම ගෙවුව මිසක් අම්ම එක්ක නිදහසේ කතා කලේවත් නෑ නේද කියන පීඩාකාරී ප්‍රශ්නය මගේම හිතෙන් නැගිල එද්දි,උදේ ඉඳල පටලවාගෙන හිටපු සාරියෙන් මිදුන මම තරමක වෙලාවක් නාන්න ගතකලේ පීඩාව හේදිලා යයි වගේ.අප්පච්චි නික්ම ගියේ මාත් අප්පච්චි වගේම අම්මව රැකබලාගන්නව කියන විශ්වාසයෙන් කියල හිතට දැනුන පළවෙනි තත්පරේම සැහැල්ලු ඇඳුමකට මාරුවුන මම ජංගම දුරකථනය ඇඳ පසෙක කබඩ් එක උඩ නිහඬ කරලා පහත මාළයට බැස්සා. අම්ම හිටියේ කෑම කාමරයට මුහුණලා රූපවාහිනිය නැරඹීම සඳහාම වෙන්කරල තියෙන සෘජුකෝණාකාර ආලින්දයේ පැද්දෙන වේවැල් පුටුවක ඉඳගෙන ගෙත්තමකට වූල් අමුණමින්.මම දන්න කාලෙ ඉඳල නිදහස් බොහෝ වෙලාවල් අම්ම වැය කලේ ගොතන්න.අපේ ගෙදර බොහෝ තැන් හැඩවුනේ අම්මගෙ ගෙත්තම් වලින්.මං පුංචිම කාලෙ අම්ම මං වෙනුවෙන් ගොතපු ගවුම්, තොප්පි,සපත්තු තාම සුරක්ෂිතව අම්ම ළඟ තියෙනවා. කේරළයෙන් යාපනයට ඇවිත් පස්සෙ කාලෙක කොළඹ ස්ථීර පදිංචිය කරගත්තු දේවනායගම් පවුලේ තුන්වෙනි දරුවා වුන ඉන්ඳුජා දේවනායගම්ට මැද මහනුවර වත් පොහොසත්කම් අතින් වගේම ඊට නොදෙවෙනි පරම්පරා මාන්නයකිනුත් ඉහළ තලයක හිටපු රදල පවුලක හතරවෙනි දරුව වුන මිත්සෙන් සූරියබණ්ඩාරව මුණගැහිල තිබුණෙ කොළඹ විශ්වවිද්‍යාලයේදියි.පළමු වසර ශිෂ්‍යාවක් වුන ද්‍රවිඩ ජාතික තරුණිය හා තම පුතුගේ සම්බන්ධය සූරියබණ්ඩාර පවුල නොඉවසුවත්, එවකට අවසන් වසර ශිෂ්‍යයෙක් වුන සිංහල තරුණයා හා තම දියණියගේ සම්බන්ධයට දේවනායගම් පවුලෙන් කිසිම යහපත් ප්‍රතිචාරයක් නොලැබුනත්
පවුල් දෙක තුල අවි අමෝරාගැනීමෙන් වසරක කාලයක් දෙපසට විසි වී කිසිම තොරතුරු හුවමාරුවකින් තොරව ගෙවුවත් නොබිඳෙන තරමේ සංසාරික ප්‍රේමයකින් ඔවුන් දෙදෙනා බැඳී තිබුණා. ත්‍රාසය, භීතිය,කුතුහලය පිරුණු වසර හතකට පස්සෙ එක් උදෑසනක ඉන්ඳුජා දේවනායගම් වුන මගේ අම්මව,මිත්සෙන් සූරියබණ්ඩාර වුන මගේ අප්පච්චි කැන්දාගෙන ඇවිත් තිබුණෙ මඟුල් මණ්ඩපයේ ඉඳගන්න විනාඩි කීපයකට කලින් අම්මගෙ බාල සහෝදරී වගීෂා දේවනායගම්ගෙ උදව්වෙන්,මඟුල් සාරිය ඇතුළු සාරි කීපයක ආධාරයෙන් උඩුමහල් කාමරයක ජනේලයකින් පරිස්සමට බිමට බස්සවගෙන.ඒ වෙනකොටත් උමන්දි ඉඳුතරා සූරියබණ්ඩාර සති කීපයක කළලයක් විදිහට ඉන්ඳුජා දේවනායගම්ගෙ කුසේ පිළිසිඳගෙන හිටියෙ කියල මතක ඇති කාලෙ ඉඳලම විටින් විට අහල තිබුණ අම්මගෙයි අප්පච්චිගෙයි Thriller love story ඇතුලෙ තියෙන සත්‍යයක්. කේරලයේ පදිංචි අම්ම නන්දු කියල ආදරේට කතාකරන අම්මගෙ වැඩිමහල් සහෝදරිය නන්දිතාත් , කැනඩාවේ වෙසෙන වයිෂු කියල අම්ම කතාකරන වගීෂා පුංචිත් එක්ක කෙරෙන ගණුදෙනු හැරුණහම යන්න එන්න පුලුවන් දුරක ඉඳගෙනත් අම්මගෙ පවුලෙ අනෙකුත් ඥාතීන් එක්ක සම්බන්ධයක් නැතිවෙන්න හේතුව අම්මගෙ අප්පගෙයි වැඩිමහල් සහෝදරයගෙයි බලවත් අකමැත්ත කියල මං දැනගත්තෙ අප්පච්චිගෙන්.එතෙක් මං හැබැහින් දැකල නොතිබුණ අම්මගෙ ඥාතීන් මට මුණගස්සන්න අම්මගෙ තිබුණ අහිංසක ආසාව "ඒකට කමක් නෑ උමා මට ඔයාල ඉන්නවා, ඔයාලට මං ඉන්නවා, ඒ මදැයි" කියලා හිනාවෙන්ම යටපත් කරගන්නකොට මගෙ වයස අවුරුදු 15 විතර ඇති. " දැන්ම කනවද උමා " අම්මගෙ කටහඬට මං අතීත නිද්‍රාවෙන් ඇහැරුණා. " අම්ම කාලද ඉන්නෙ " ඒ වචනත් එක්ක අම්ම මං දිහා බැලුවෙ පුදුමය මුහු වෙච්චි තරහකින්.මං කවදද තනියම කෑවෙ වගේ දෙයක් ඒ ඇස්වල ලියවිලා තිබුණා. අම්ම කවදාවත් තනියම කෑම කන්නෙ නෑ කියල දැන දැනම මොකද්ද උමා උඹ අහපු විකාර ප්‍රශ්නෙ කියල මගෙම හිත මට දොස් කියද්දි ඒ ආලින්දය කොටසින් එළියට තියෙන උස වීදුරු දොර ඇරගෙන මම දිගටි වැරැන්ඩාවට පිවිසුණා. වැරැන්ඩාව මුහුණලා තියෙන්නෙ දිගටි පිහිනුම් තටාකයට.තටාකයෙන් වම් පැත්තෙ නාන කාමරයකිනුත් දකුණු පැත්ත විවෘත pantry එකක් සමඟ කුඩා bar එකකිනුත් සමන්විත වුණා.තටාකය මායිම් වුනේ වාහන නැවතුම දක්වා පොරවක් හැඩයට විහිදෙන උණ පඳුරු වැට සහිත බැම්මට.උණ පඳුරු වලට පිටුපසින් උසට බඳින ලද තාප්පයෙන් තටාක පරිශ්‍රය ආවරණය වුණා. හුඟක් වෙලාවට Pool area එක පාවිච්චි වුනේ අප්පච්චිගෙයි මිස්සක බාප්පගෙයි යාළුවො එකතුවුන කුඩා ප්‍රමාණයේ party වලට.සමහර දවස්වල පවුල්පිටින් එකතුවෙලා කාල බීල විනෝදවුන කළබලකාරී වුනත් ප්‍රීතිමත්ව තිබූ පරිසරය අද පාළු, නිහඬ,අඳුරු ස්වරූපයක් අරගෙන " අම්මත් කනව නම් මෙතන ඉඳගෙන කමුකෝ" වැරැන්ඩාවෙ පහසු පුටුවකට බරවෙන ගමන් මං කිවුවා.පාරු කෙසෙල් ගෙඩියි හකුරුයි එක්ක ආප්ප ගෙනත් මං ඉස්සරහ පැතලි බංකුව උඩ තියද්දි අම්මත් ඇවිත් මගේ වම් පැත්තෙන් වාඩිවුනා. සාමාන්‍ය ආප්පවල වගේ පාරු හදන ආප්ප වලට කර කර ගාල හැපෙන වාටි තිබුණෙ නෑ.ඒව තෝසෙ වලින් වෙනස් වුනේ හාල් පිටි වලින් හදන නිසා විතරයි කියලයි මට හිතුනෙ. රතුළූණු,අමු මිරිස්,කැරට් පුංචියට කපල බිත්තර දාල සැරට වගේම පැණි දාල පැණි රසටත් පාරු ආප්ප හදනවා.අප්පච්චි ඉන්නකොට නම් ආප්ප හදන දවසට උකු කුකුල් මස් කරි එකක් අනිවාර්ය වුනත් ආප්පයි හකුරුයි කියන්නෙ අම්මගෙ ප්‍රියතම කෑමක්. මං අම්මගෙ තද කහට වැඩි සීනි කිරි තේ එක හදන ගමන් වැඩකට ඇති නැති හුඟක් දේවල් කතා කලා.ඒව සම්බන්ධ වුනේ අතීතයට විශේෂයෙන්ම අප්පච්චිට අඩ විදුලි ආලෝකයත් මඳ සුළඟින් සෙලවෙන උණ පඳුරුවල සිරි සිරියත් තරමක අඳුරු ගුප්ත පරිසරයක් නිර්මාණය කරල තිබුණ.ලා නිල් පැහැති පිහිනුම් තටාකය හරහා හමා එන සුළඟ ගතට සනීප සිසිලක් ගෙනාවා. " උමා ඔයා මගේ බඩට එන්න කලින් තමයි අප්පච්චිගෙ හිතට ඇවිත් තිබුණෙ. මං අප්පච්චිගෙ හීනෙට පණ දුන්නට ඒ හීනෙ ලස්සන කලේ අප්පච්චි. ඔය ගතිගුණ, දක්ෂකම් එක්ක ඔයාව හැදුවේ අප්පච්චි. මං හැමදාම කලේ පිටිපස්සෙන් ඉඳගෙන ඔයා දිහා බලල සතුටුවෙන එක.ඒ දවස්වල මං එක්ක කියවන එයාගෙ දුවගෙ හැඩරුව, ගතිගුණ හැමදෙයක්ම අද මං ඔයාගෙන් දකිනවා උමා." අවට පරිසරයටම නෙත් යොමාන තේ කෝප්පයක් තොලගාමින් හිටිය මට අම්මගෙ වචන ඇහුනෙ හීනෙන් වගේ.එක පාරටම අම්මගෙ පැත්තට හැරෙනකොට අම්ම අත්පිස්නාව අරන් ඇස් දෙකට තියල තද කරගත්ත.මොනව කරන්නද මොනව කියන්නද කියල තෝරගන්න බැරි අපහසුතාවයකින් මම අම්ම දිහාම බලාගෙන ඉන්නකොට ආයෙම අම්ම කතා කරන්න පටන් ගත්තා. " මගෙ අප්ප අපිව හැදුවෙ තද නීති රෙගුලාසි එක්ක.අප්පගෙ ඒ තද ප්‍රතිපත්ති නිසා මට හිතුවක්කාර දුවෙක් වෙන්න වුණා.මගේ දුවත් එහෙමම වෙනව බලන්න මට ඕන වුනේ නෑ.ඒක ඔයාගෙ අප්පච්චි තේරුම්ගත්ත. ඒකයි එයා ඔයාට යාළුවෙක් වගේ වුණේ.මට ලොකු විශ්වාසයක් තිබුණ ඔයාගෙ අප්පච්චි ඔයාව මං හිතනවට වඩා ඉහළට ගෙනියනව කියල.ඒ වගේම අද වෙනතුරුත් ඔයා අප්පච්චිගෙවත් මගෙවත් හිත තැලෙන දෙයක් කරල නෑ.හැමදාම හැමකෙනෙක් ම මට කිවුවෙ මගේ දරුවගෙ හොඳ.මාව වාසනාවන්ත අම්ම කෙනෙක් කලේ ඔයයි උමා" මගේ ගෙවුන ජීවිත කාලෙටම අම්ම මං ළඟ මෙහෙම කතාකරන පළවෙනි වතාවෙ, මගේ ඇස් දෙකෙන් ලේසියෙන් නොවැටෙන කඳුළු එක දිගට කම්මුල් දිගේ ගලාගෙන ගියේ අම්ම කියපු වචන වලින් ඇතිවුන දුකටද ? අම්ම එහෙම මගෙත් එක්ක කතාකල නිසා ඇතිවුන සතුටට ද? මන්දා මං ඉඳගෙන හිටපු පුටුවෙන් නැඟිටල ගිහින් අම්ම ළඟ බිම ඉඳගෙන ඒ ඔඩොක්කුවෙ ඔළුව තියාගත්තා. මට මතක් වුනේ අප්පච්චිව,අප්පච්චි කොතන ඉඳගෙන හිටියත් එයාගෙ කකුල් දෙක පාමුල වාඩිවෙලා ඔළුව අතගාවගන්න පුරුද්දක් මට මතක ඇති කාලෙ ඉඳලම තිබුණා.පුංචිම කාලෙ මගෙ ඔළුව අතගගා කතන්දර කියපු අප්පච්චි මං ටික ටික ලොකු වෙද්දි ඔළුව අතගගා මගෙ හිතේ අහුමුලු හරි පරිස්සමට එළියට ගත්තා.මෙහෙම දෙයක් කියල කියන්න බැරිකමට සෙත් ගැන නොකිවුවට කවදාවත් කිසිම දෙයක් මං අප්පච්චිට නොකිය ඉඳල නෑ.ඔළුව අතගාල හැමදේම එළියට ගන්න පුලුවන් අපූරු හැකියාව නිසා අප්පච්චිට කියන්න බැරි දෙයක් මං අතින් සිද්ධ වුනෙත් නෑ.ඒ වගේම මගේ සාර්ථකත්වයට හේතුවුන හුඟක් දේවල් මටවත් නොදැනෙන්න මගේ ඔළුවට දැම්මෙත් අප්පච්චි.කලා අංශයෙන් උසස් පෙළ ලියන්න ගත්ත ඒකමතික තීරණය වෙනස් වෙලා මං ගණිත අංශයෙන් උසස් පෙළ ලිවුවෙත් අප්පච්චිගෙ ඔළුව අතගෑමේ හාස්කමට මිසක් වචනවල බලපෑමකට නෙවේ. අප්පච්චිගෙ ඔළුව අතගෑමේ රටාවෙන් මිදුනු අම්මගෙ සීතල අතැඟිලි මගේ හිස කෙස් අතරේ එහෙ මෙහෙ වෙද්දි මං අප්පච්චිගෙ මතකයෙන් මිදුණා.ඒ එක්කම අම්මගෙ හීනි කටහඬ මට ඇහුණා. " මං හැමදාම ඔයාට උමා හරි උමන්දි හරි කියල කතා කලේ දරුවෙකුගෙ නම නිතර නිතර කියන එක ඒ දරුවට සුබයි කියල මං අහල තිබුණ නිසා.එහෙම වුනාට පුතා කියපු අප්පච්චිට වගේම සමහරවිට ඊටත් වඩා මට ඔයාව වටිනව දරුවො.ඔයා දන්නවනෙ අප්පච්චි අපි දෙන්නව මේ දුර ගෙනාවෙ එයාගෙ අත්දෙක අස්සෙ හංඟගෙන. එයා නැතිවුනහම මට දැනුන එකම දේ මගේ උමාව කවුද දැන් බලාගන්නෙ කියන එක" දමිළ භාෂාවේ හුරුවට සිංහල වචනයක් ගානෙ ඇදල කතාකරන අම්මගෙ කතාව හැමදාම මට ඇහුනෙ කවියක් වගේ. "මං එදත් ඇඬුවා.අදත් අඬනවා.දැන් මට තියෙන්නෙ අප්පච්චි නැති පාළුව විතරයි.මං දන්නව අප්පච්චි නැතිවුන එක ඔයාට ගොඩක් දැනෙනව කියල.ඒත් ඔයා එදා ඉඳන් අඬන්නෙත් නෑ හිනාවෙන්නෙත් නෑ.ඔහොම ඉන්න එපා උමා.ඒ දවස්වල අප්පච්චි එක්ක කියෙව්ව වගේ මං එක්ක කියවන්න.ඔයාගෙ අම්ම ඔයා තරම්වත් ශක්තිමත් නෑ තමයි.ඒ උනාට මං ඔයාගෙ අම්මා.දැන් අපි දෙන්නට ඉන්නෙ අපි දෙන්න විතරයිනෙ දරුවෝ." අම්මගෙ කටින් ඒ අවසාන වචන ටික පිටවෙනකොට මේ තරම් වෙලා ගල ගල තිබුණ කඳුළු ගංඟාව දෙගොඩතලා ගිහින් මතක ඇති ජීවිත කාලේ පලවෙනි වතාවට මං අම්මගෙ ඔඩොක්කුවෙ ඔළුව ගහගෙන මහ හයියෙන් ඇඬුවා.අවුරුදු දෙකක් තිස්සෙ සමහරවිට ඊටත් කලින් සෙත්ගේ සමුගැන්මේ ඉඳන් තිබුණ දුක, වේදනාව, පීඩනය,පාළුව වගේ ම මට තේරුම්ගන්න බැරුව කැකෑරි කැකෑරි තිබුණ හැම හැඟීමක්ම දියවෙලා යනකම් ම ඇඬුවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ උමන්දි ඉඳුතරා සූරියබණ්ඩාර ✍️ඉරණම් රටා ෴ උසසි ජෝන් ක්ලේමන්ට යන්තම් අවුරැදු එකොලහයි 1798දී ඔහුගේ පියා මෙලොවෙන් සමුඅරන් යනකොට. පියාගේ මියයාමත් එක්ක ජෝන් හා ඔහුගේ පවුල වර්ජීනීයාව අතහැර කෙන්ටූකී වෙත පැමිනියා.පිය වියෝවත් එක්ක දූගීබවේ එලිපත්තටම වැටුනු ජෝන්ට අකමැත්තෙන් වුනත් පාසල් ජීවිතේට සමුදෙන්න සිදුවුනා. එකල සුලඹව පැවති යකඩ පතලක සේවකයෙක් ලෙස සිය පවුල වෙනුවෙන් දහඩිය හෙලන්නට ගත්තා. එහෙත් ඉගෙනීමට තිබූ දැඩි ආශාව නිසාම සියළු කම්කටළු කරදර වලට අභියෝග කරමින් නීති විද්‍යාලයට සමත් වී නිතීවේදියෙක් බවට පත් වුනා. සිය හැකියාවෙන් සමාජයට උතුම් සේවයක් කලේ සිය අතීත ජීවිතයේ දුක් කඳුළු කිසිදින අමතක නොකරමින්. එහෙත් උණුවෙන හදවත නිසාම ඔහු දක්ෂ ව්‍යාපාරකයෙක් වුනේනෑ . අදූරදර්ශී තීරණ නිසා ඔහුගේ ඔහුගේ ව්‍යාපාර බිදවැටී සියල්ල අත්හැර මිසූරී වෙත යන්නට සිදුවුනා. අතීත කතාන්දරය නැවත සිදුවෙන්නට පටන්ගත්තා. ජෝන් හදිසියේම 1847දී අවසන් හුස්ම හෙලනවිට ඔහුගේ පුතු, සෑම්ටත් අවුරැදු 11 ලැබුවා විතරයි. ඔහු තාත්තාට පරදිම සෑම්ටත් අකාරැණික දෛවයට හිසනමන්න සිදුවුනා. පහේ පන්තියේ සිටි ඔහුට දැඩි අකමැත්තෙන් වුවත් පාසලේ එලිපත්තට පියනගන්න සිදුවුනා. සෑම් මුද්‍රණ ආයතනයක අත් උදව්කාරයෙක් ලෙස ජීවිකාව ආරම්භකලා.සිය පියාවගේම ඔහුත් ඉතාම දුර්වල බිස්නස්කාරයෙක්. සාක්කුවෙන් දුප්පත් වුනත් ඔහු පෑන කොයිතරම් පොහොසත්විනිද කියලා මේකතාව අවසානයේදී ඔබටම තේරැම්යාවී තව මොහොතකින්.සැමුවෙල් ක්ලේමන් නැමැති පියාගේ ඉරණමටම හසුවු කොලු ගැටයාගේ උපන්දිනය 1835 නොවැම්බර් 30. සෑම් උල්පත් පෑනෙන් ලියවුනු පොත් එහෙමත් නැතිනම් ඒ කතාන්දර ඇසුරින් නිර්මාණය වුනු සිනමා පට එකක් හෝ ඔබ රස විද ඇති බවට මට සැකක් නෑ. ටොම් සෝයර්, හකබෙරි ෆින්, prince and Pauper ඇතුලු ලෝක ප්‍රසිද්ධ නවකතා 15 ක් හා තවත් සහිත්‍ය කෘති රැසක් ඔහුටම ආවේනික ලබැදි ශෛලියකින් ලෝක සාහිත්‍යයට දයාද කලා. ඔහුගේ පිය
ාගේ මෙන්ම ලැබෙන මුදල් හදල් ඔහුගේ පොකෙට්ටුවෙන් බොහොම ඉක්මනින් වාෂ්පව ගියත් අවුරැදු එකොලහේ සාපයට ඔහුගේ දරැවන් ගොදුරැ වුනේ නෑ. ඔහු පොත් පත් ලිවේ මාක් ට්වෙයින් ( Mark Twain) නම් අනුවර්ත නාමයෙන්. දැන් හදුනාගත්තා නේද?Aussi අයිශා - 12 කොටස මසර් වැඩට ගියාට පස්සේ සෙනසුරාදා රෑ කෑමට හදන්න හිතාගෙන ඉන්න දේවල් ටික මං වෙනම කොළේක ලියා ගත්තා. මසර් කිව්වනේ යසිරුගේ වයිෆ් බිරියානි නිතර හදනවා කියලා. එයාලා ඉතින් බිරියානි හැදුවට ඒ බිරියානි පකිස්ථාන් අපේ බිරියානි වගේ රහට නැතුව ඇති. ඒක නිසා සෙනසුරාදා රෑට අපේ කරච්චි චිකන් බිරියානි එක හදන්න මං හිතාගත්තා. කතාවටත් කියනවනේ කරච්චි බිරියානි වලට ගහන්න වෙන කිසිම බිරියානියක් නෑ කියලා. "දැන් මොනාද අනිද්දට හදන්නේ අයිශා...ඔයා මෙනූ එකක් හදාගත්තද..ආ මං අද යසිරුගෙන් ඇහුවනේ එයාලා සැරට කනවද කියලා. කියපු විදියට එයාලා අපිටත් වඩා සැරට කනවා. එයාලගෙ දුවට නම් සැර අඩුවෙන් මොනාහරි හදමු. පොඩි බබෙක්නේ..." "ඔව් ඔව් අද දවසම ගියේ ඒකට තමයි. මං පිළිවෙලට කියාගෙන යන්නම්. කියලා ඉවරවෙනකම් මැදින් පනින්න හදන්න එපා හරිද. ඔන්න එහෙනම් මේවා තමයි ලිස්ට් එකේ තියෙන්නේ....කරච්චි චිකන් බිරියානි, රයිතා එක්ක අනියන් ටොමැටෝ කියුකම්බර් සැලඩ්. තව බටර් චිකන් එක්ක බටර් නාන් හදනවා. ක්‍රීමි චිකන් පාස්තා එකකුත් හදනවා. ඒක සැර අඩු නිසා පොඩි බබාට කන්නත් පුළුවන්... තව අපි චීස් නානුත් ටිකක් හදමු. පොඩි එක්කෙනාට කෑවහැකිනේ... ඔය මං කිව්වේ ඩිනර් මෙනූ එකනේ. එයාලා සාමාන්‍යයෙන් ටිකක් කලින් එනවනේ. ඒ ආපුවම කන්න දෙන්න සමෝසායි, ශ්‍රී ලංකන් වෙජි රෝල්සුයි, මිල්ක් බර්ෆියි හදනවා. බොන්න ෆලූඩා රෙඩි කරන් ඉන්නවා. බැරිවෙලාවත් කූල් බොන්න බෑ කිව්වොත් මසාලා තේ දෙනවා. ආ... අන්තිමට ඩෙසර්ට්, ඩෙසර්ට් වලට හිතන් ඉන්නේ ඉතාලි ක්‍රමේට තිරමිසුයි, අපේ ක්‍රමේට රබ්රි කීර් හදන්න. ඕහ් තව එයාලා සැරටත් කැමතියි කියපු නිසා බිරියානි එක්ක කන්න දහි මිර්චි ත් හදනවා. මොකද කියන්නේ මේ ටික හොඳයිද? මදි වගේනම් ගෝල් ගප්පේ හදන්නත් පුළුවන්.." මං කෑම ලිස්ට් එක කියලා ඉවර වෙද්දි මසර් කටත් අරගෙන මං දිහා බලාගෙන හිටියා. "දෙවියනේ අයිශා....කෑමට එන්නෙ තුන්දෙනයි. ඔච්චර මොකටද?.." "මෙතන එච්චර ගොඩක් නෑ අනේ....අනික කෑමට තුන්දෙනෙක්‍ නෙමෙයිනේ පස් දෙනෙක්ම ඉන්නවනේ.... හරි බලමුකෝ කෑම ඉතුරු වෙයිද කියලා." "හා හා ඔයාගෙ කැමැත්තක්. එහෙනම් හෙට උදේම ගිහින් ඕනි කරන බඩු ටික අරගෙන එමු. ආ..... මේ ඒක නෙමෙයි ඔයා රබ්රි කීර් හදනවා කිව්වා නේද. ඒවා හදන්න 'කෝයා/ khoya' ගන්න තැනක් මෙහෙ තියෙනවද දන්නෙ නැනේ. ඒ නිසා කීර් වෙනුවට වෙන මොනාහරි හදමුද?.." "කෝයා ගෙදර හදන්න පුළුවන් අනේ.. අපෙ අම්මත් ගෙදරනේ හදන්නේ....කඩෙන් ගන්න ඕනි නෑ." "අම්මානම් හදනවා තමයි. ඒත් ඔයා එහෙ ඉද්දි හැමදාම කීර් හැදුවේ කඩෙන් කෝයා ගෙනත්නේ...ඔයාට හරියට කෝයා එක හදාගන්න බැරිවුණොත් කීර් එකේ කොලිටියත් නැතිවෙයි. අනිත් එක අර රෝල්ස්ද මොකක්ද කිව්වේ...ඔයා කාලා තියෙනවද කලින්. ඒ මිනිස්සුන්ගේ කෑම හදනවනම් හරියට හදන්න. එහෙම බැරිනම් නිකන් ලැජ්ජා වෙන්න වෙන්නේ.." "රෝල්ස් හදන්න ලේසියි. මං යූ ටියුබ් එකෙන් බැලුවා. ඔයා බය නැතුව ඉන්නකෝ...මං නේ හදන්නේ. අනික කරච්චි වල ඉද්දි කෝයා කඩෙන් ගෙනාවට ඒවා මං ඉස්සර ගෙදර හදලා තියෙනවා.." "හරි එහෙනම් දැන් ඔහොම්ම හෙට ගන්න ඉන්න බඩු ටිකත් පිළිවෙලට ලියාගන්න. නැත්නම් නිවාඩු දවසෙත් මට හවස් වෙනකම්ම ටවුන් එකේ ඔයත් එක්ක ගන්න බඩු ගැන හිත හිතා එහෙට මෙහෙට ඇවිද ඇවිද ඉන්න තමයි වෙන්නේ..." අද උදේට කාපු ගමන්ම අපි බඩු ගන්න එළියට ගියා. අපි කොහොමත් සතියට ඕනි කරන බඩු ගන්නේ සිකුරාදාට. අද ඉතින් සතියට ගන්න ඕනි බඩු ප්‍රමාණයටත් වඩා ටිකක් වැඩියෙන් ගන්න ඕනිනේ. පැය දෙක තුනක් මහන්සිවෙලා ඕනි කරන බඩු ඔක්කොම වගේ ගන්න අපිට පුළුවන් වුණා. මසර් ගිය ඉරිදා මාකට් එකෙන් ගෙනාපු අමු මිරිස් තියෙන නිසා ෆ්‍රෙශ් අමු මිරිස් වලින්ම දහි මිර්චි හදන්න පුළුවන්. කලින් දවසෙ හදලා තියාගත්තම රස වැඩි නිසා අද හවසම හදන්න පටන් ගත්තා. අද රෑට අපිට රොටි එක්කත් කන්න පුළුවන් නිසා දහි මිර්චි ටිකක් වැඩිපුරම හදන්න හිතුවා. හෙට මේසෙට තියන ඩෙසර්ට් වලින් තිරමිසු එකත් රෑ වෙද්දි හදලා ෆ්‍රිජ් එකට දැම්මා. කීර් එක හෙට උදේට හදන්න පුළුවන්නේ. මේ ගමන්ම බර්ෆිත් හදලා කෑලි කපලා ෆිජ් එකට දැම්මා. නිදාගන්න යන්න කලින් සමෝසා වලටයි රෝල්ස් වලටයි දෙකටම ෆිලින් හදාගෙන සමෝසායි රෝල්සුයි එවලේම හදලා ෆ්‍රීසර් එකට දැම්මා. මං මුලින් හිතන් හිටියේ අද රෑට ෆිලින් එක විතරක් හදලා තියන්න. හැබැයි මසරුත් උදව්වට ආපු නිසා වැඩේ ගොඩක් ලේසි වුණා. රස කොහොමද කියලා බලන්න අපි දෙන්නා එවෙලෙම රෝල්ස් දෙකක් බැදගෙනත් කෑවා. ඔර්ජිනල් ශ්‍රී ලංකන් ටේස්ට් එක හරියටම එනවද කියලානම් අපි දෙන්නටම තේරුමක් තිබුණේ නෑ. මොකෝ ඉතින් අපි කලින් කාලා නෑනේ. හැබැයි ඉතින් පෙනුම වගේම රහත් නියමෙටම තිබුණා. රෝල්ස් කාලා ඉවරවෙලා තේත් බීලා තමයි අපි නිදාගත්තේ. වැඩ ගොඩක් තව ඉතුරු වෙලා තියෙන නිසා මං උදෙන්ම නැඟිටලා කීර් එකයි, ෆලූඩායි හදලා ෆ්‍රිජ් එකට දැම්මා. අනිත් ඒවටත් ඕනි කරන දේවල් ලෑස්ති කරලා ෆ්‍රිජ් එකට දාලා තිබ්බා. එයාලා හවස හයට විතර එනවා කියලා තමයි මසර් කිව්වේ. හතරට විතර උයන්න ගත්තම හරිනේ. මසර් නැඟිටිද්දි නමයත් පහුවෙලා. කොහොමත් නිවාඩු දවසට එයා නැඟිටින්නේ ඔය වෙලාවට තමයි. මසර් මූණ කට හෝදගෙන කිචන් එක පැත්තට එනකොට මං මගෙ වැඩ ටික ඔක්කොම ඉවර කරලා උදේ කෑමත් මේසෙට යවලයි තිබුණේ. "හවසට මාත් උයන්න උදව් වෙන්නම්. එතකොට ඔයාට ලේසියිනේ.." උදේ කෑම කන ගමන් මසර් කිව්වා. මං හිනා වුණා විතරයි මුකුත් කියන්න ගියේ නෑ. ඊයේ රෑ සමෝසායි රෝල්සුයි හදන්න උදව් වුණාට මොකද අදනම් මසර්ව කුස්සිය පැත්තටවත් ගෙන්න ගන්නෙ නෑ කියලයි මං හිතාගෙන හිටියේ. නැත්නම් ඉතින් එයා උයන්න ආවම මට දෙගුණයක් විතර මහන්සිවෙන්න වෙනවානේ කුස්සිය අස් කරන්න. ඊට වැඩිය හොඳයි මංම තනියම උයාගන්නවා. අද දවල්ටත් එක්කම උදේ උයපු නිසා අමුතුවෙන් දවල්ට උයන්න මහන්සි වෙන්න ඕන වුණේ නෑ. ඒ නිසා ගේ ටිකක් අස් කරලා පොඩි රෙස්ට් එකක් ගන්නත් වෙලාව ඉතුරු වුණා. හවස පහ හමාර වගේ වෙද්දි කෑම ටික උයලා ඉවරයි. හයයි දහයට විතර යසිරු මසර්ට කෝල් කරලා කිව්වා එයාලා ගෙදරින් පිටත් වුණා කියලා. ඒ නිසා මං එවෙලෙම සමෝසා ටිකයි රෝල්ස් ටිකයි බදින්න පටන් ගත්තා. එතකොට එයාලා එද්දිම මට මේවා මේසෙට අරින්න පුළුවන්නේ. මං හදපු රෝල්ස් දැක්කට පස්සේ එයාලගේ ප්‍රතිචාර මොනවගේද බලන්න මං ඉවසිල්ලක් නැතුව හිටියේ. යසිරුලා මෙහෙට එද්දි හවස හය හමාරයි. යසිරු වගේම තමයි එයාගේ වයිෆ් රංගි ත් හරිම හොඳයි. කොයිවෙලෙත් හිනාවෙච්චි ගමන්. පෙරේදා ඉඳන් යසිරුගේ වයිෆ් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්නේ කොහොමද කියලා බයෙන් හිටියට එයා කතා කරද්දි මටත් නිකන්ම කතා කෙරුණා. එයාලා එනකොටත් මං සමෝසායි රෝල්සුයි බර්ෆියි මේසෙට ඇරලා ඉවරයි. රෝල්ස් තියෙනවා දැකලා එයාලාට හරි පුදුමයි. හරිම රසයි කිය කිය එයාලා ඒවා කනකොට මං ආඩම්බරෙන් මසර් දිහා බැලුවා. ඇයි ඉස්සෙල්ලා රෝල්ස් හදනවා කිව්වම මට කිව්වනේ දන්නෙ නැති ඒවා උයලා ලැජ්ජා වෙන්න වෙයි කියලා. අර මිනිස්සු දෙන්නටත් වඩා මසර්ද මන්දා වැඩිපුරම රෝල්ස් කෑවේ. අපි සමෝසයි රෝල්සුයි කන අතරේ රංගිගෙයි යසිරුගෙයි පොඩි දූ ඕෂි කෑවේ බර්ෆි විතරයි. ඕෂිගේ අත් දෙකේම තිබුණේ බර්ෆි. අවුරුදු පහේ හරිම හුරතල් ආදරේ හිතෙන කෙලි පොඩිත්තියක්. රෑ කෑම කනකන් අපි සාලෙට වෙලා එක එක ඒවා කතා කර කර හිටියා. මට නම් ඉංග්‍රීසි ටිකක් පැටලුනත් එක්ක. ඒත් අනිත් කාටවත් ඒ ගැන ගානක්වත් නෑ. අපි කතා කර කර ඉන්නකන් ඕෂිත් අපි ළඟටම වෙලා සෙල්ලම් කර කර හිටියා. ඊයේ අපි ටවුන් ගිහින් එනකොට ඕෂිට දෙන්න කියලා සෙල්ලම් බඩු වගේකුත් ගත්තා. මසර් තමයි කිව්වේ එහෙම ගමු එතකොට එයාට සෙල්ලම් කර කර ඉන්න පුළුවන්නේ පාළුවක් දැනෙන්නෙ නෑනේ කියලා. අට හමාර වෙද්දි රෑ කෑම ටික මේසෙට අරින්න මං කිචන් එකට ගියා. මං පස්සෙන්ම රංගි ත් ආවා. මම බිරියානියි , බටර් චිකනුයි, දහි මිර්චියි, නාන් ටිකයි රත් කරලා ගන්න අතරේ රංගි මගෙන් අහගෙන කෑම මේසේ හදන්න මට උදව් වුණා. යසිරුයි, රංගියි , පුංචි ඕෂියි තුන්දෙනාම හරිම ආසාවෙන් කෑම ටික කෑවා. ඕෂි වැඩියෙන්ම ආස වුණේ ක්‍රීමි චිකන් පාස්තා එකට. "අයිශා....මේ මොනාද අමුමිරිස් නේද මේ තියෙන්නේ?..." රංගි දහි මිර්චි ටිකක් පිඟානට බෙදාගන්න ගමන් ඇහුවා. "ඔව් ඕවා දහි මිර්චි. තව ඕකට චිලි යෝගට් කියලත් කියනවා. අමුමිරිස් වලට ස්පයිසස් එකතු කරලා පෑන් ෆ්‍රයි කරලා ඊටපස්සේ මුදවපු කිරි එකතු කරලා තමයි දහි මිර්චි හදන්නේ. මුදවපු කිරි වෙනුවට ග්‍රීක් යෝගට් එකතු කරන්නත් පුළුවන්." "ම්ම්ම් මාත් හදන්න ඕනි. හරිම රසයි අනේ හොඳ සැරට තියෙනවා...බිරියානි එක්ක නියමෙටම යනවා. මට ඔයාගෙ මේ කරච්චි බිරියානි රෙසිපි එකත් ඕනි අයිශා....." රංගි තව පාරක් දහි මිර්චි ටිකක් පිඟානට බෙදාගත්තා. තිරමිසු කෑවේ පුංචි ඕෂි විතරයි. අපි හැමෝම කෑවේ රබ්රි කීර්. කට්ටිය රස කර කර මං හදපු කීර් කද්දි මට මතක් වුණේ මං මුලින්ම රබ්රි කීර් හදපු දවස. එතකොට මට අවුරුදු දහයක් විතර ඇති. අම්මා බාජනේකට කිරි දාලා ඒකට තලපු එනසාල් ටිකකුත් දාලා මට හැන්ද දීලා කියනවා දිගටම හැඳි ගාන්න කියලා. කිරි ටික උතුරලා කිරි ප්‍රමාණෙ පොඩ්ඩක් අඩු වෙද්දි අම්මා කිරි වලට සීනි එකතු කරනවා. මං දිගටම කිරි එක හැඳි ගානවා. ඊළඟට අම්මා ටික වෙලාවක් පෙඟෙන්න ඇරලා තම්බා ගත්ත බත් ටික ග්‍රයින්ඩ් කරගෙන කිරි එකටම එකතු කරනවා. කිරි මිශ්‍රණේ පාට ටිකක් තද වෙලා හොඳට උකු වේගෙන එනකොට මට කතා කරන්න අයිශා කියලා අම්මා ගෙදර වෙන වැඩ කර කර ඉන්නවා. මිශ්‍රණේ උකු වෙලා කිව්වට පස්සේ තමයි අම්මා ඇවිත් කෝයා ටික එකතු කරන්නේ. අම්මා කෝයා හදන්නෙත් ගෙදර. කෝයා හදන්න ඕනි කරන්නේ කිරි විතරයි. කිරි උණු කරලා අන්තිමට රිකොත්තා චීස් වගේ වෙනකම්ම ලිපේ තියා ගන්නවා. හරිනම් රිකොත්ත
ා වලටත් වඩා තෙතමනය අඩු වෙනකම්ම හදා ගන්න ඕනි. කෝයා එකතු කරලා විනාඩි දහයක් පහළොවක් විතර ගියාට පස්සේ කීර් එක හරි. ඊටපස්සේ ඉතින් හොඳට කූල් කරලා කන්න තමයි තියෙන්නේ. කීර් එකට ඕනි කරන දේවල් ඔක්කොම දැම්මේ අම්මා වුණාට ලිප ළඟට වෙලා කීර් එක හැඳි ගෑවේ මමනේ. ඉතින් එදා කීර් හදපු දවසේ, තාත්තා කඩේ ඉඳන් හවස ගෙදර ආවම කෝප්පෙකට කීර් ටිකකුත් දාගෙන තාත්තා ළඟට දුවගෙන ගියේ "තාත්තේ..... මේ මං හදපු කීර්" කියලා කියාගෙන. රබ්රි කීර් කන ගමන් පරණ මතක අස්සේ දුව දුව හිටිය මං, කට්ටියගේ හිනා සද්දෙයි කතා සද්දෙයි එක්ක ආපහු හිටපු තැනටම ඇවිත් නතර වුණා. කෑමෙන් පස්සේ ඕෂි නිදි කිරන්න ගත්ත නිසා යසිරුලා එහෙම්ම ගෙදර යන්න පිටත් වුණා. "මං හිතුවේ බයේ හිටපු විදියට අර මිනිස්සු එක්ක කතා කරන්නෙත් නැති වෙයි කියලා..." යසිරුලා යනකම් ඉඳලා දොර වහගෙන ගේ ඇතුලට එන ගමන් මසර් කිව්වා. "ඒ මං හොඳට කතා කළාද?...සමහර තැන් වැරදුනත් එක්ක...වෙලාවකට මං කියන සමහර ඒවා එයාලා කොහොම තේරුම් ගත්තද මන්දා මසර්" "අනේ....ඔයාගෙ විකාර අයිශා...ඔයිට වැඩිය වැරදි වැරදි කතා කරන මිනිස්සු රස්සාවලුත් කරගෙන ඉන්නේ. ඔයා හිමීට හුරු වෙයි. අර යසිරුගේ වයිෆ් කිව්වා නේද ෆ්‍රී ඉංග්ලිශ් ක්ලාස් එකක් ගැන. මොකද කියන්නේ ඒකට යමු නේද?.." "ම්ම්ම් බලමුකෝ...තනියම යන්න වෙන එක තමයි ප්‍රශ්නේ.." "තනියම ගියා කියලා මිනිස්සු ඔයාව ගිලින්නේ නෑ...." "මේ ඒක නෙමෙයි අනේ එයාලගේ බබා හරි හුරතල් නේද?... ආස හිතෙනවා දැක්කම..අපිටත් බබෙක් හිටියනම් අද ඕෂි එක්ක සෙල්ලම් කරනවනේ..." "හහ්..මෙහෙ අපිට බබාලා නැත්තේ මොකද කියලා අහන්න පිට කවුරුත් නැති නිසා, දැන් ඔයාද ඒ රාජකාරිය භාර අරගෙන ඉන්නේ...හොඳයි හොඳයි... මේ මං නිදාගන්න යනවා..මට මහන්සියි." මසර් තරහෙන් වගේ එහෙම කියාගෙන කාමරේට ගියා. මහන්සියි,එයාට මොන මහන්සියක්ද. අද දවසටම කරපු වැඩකුත් නෑ. කටටනම් මහන්සි ඇති හවස් වරුවෙම අර මිනිස්සු එක්ක කතා කරලා. මං එයාට තරහ යන්න මුකුත් කිව්වේ නෑනේ. බබා හුරතල් කියලනේ කිව්වේ. කුස්සිය අස් කරලා මං නිදාගන්න යනකොටත් මසර් නිදි නෑ. ඔහේ ඇඳට වෙලා උඩ බලාගෙන කල්පනා කර කර ඉන්නවා. "මසර්..." ඇඳෙන් හාන්සි වෙන ගමන් මං කතා කරා. "හ්ම්..." "මගෙ අතින් වැරදි දෙයක් කියැවුණාද?.." "අයියෝ නෑ අයිශා...මගෙ ඔළුව රිදෙනවා. නිදාගමුද?.." මසර් ඇඳේ අනිත් පැත්තට හැරුණා. "මේ මිනිහට මොන යකෙක් වැහිලද?..." මතු සම්බන්ධයි. බුද්ධි ජයවීර ( කතාව කියවා අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති. පිළිතුරු නොලියනවට සමාවෙන්න )කලා ක්ෂේත්‍රයක පැතිකඩක් මා කලාකරුවෙක් වෙමි මා ගායකයෙක් මා කලාකරුවෙක් වෙමි මා ලියන්නෙක් වෙමි මා කලාකරුවෙක් වෙමි මා තනු නිමවුමකින් මා කලාකරුවෙක් වෙමි මා හඩ හසුරවමින් මම කිව්වොත් මි කියන්න මා කිව්වොත් බෑ බන් මි කියන්න තනියම මං ගී ගයන්න පිරිසක් වටවුනේ මට මු කියන්න ගහ හැදෙද්දි ඵලදාවක ගල් ගහන්නේ ඇයි අහන්න බෑ ප්‍රශ්නය ස්වර හතකින් පෙළහැර පෑවත් ගායක විතරක් වීරයෝ වෙලා අද ලියන්නෝ අද හූල්ලනවා ස්වර හදන උන් එක්ක වෙලා හාද මේවා ගැන උන් කතා කළාම ගායකයයි වීරයා හැමවතාව නඩුවත් උගේ තීන්දුවත් උගේ ක්ෂේත්‍රයම නෑ කම්පාවක නඩුවත් දිගයි සංසාරය වගේ අවසානෙත් ආරම්භෙට ළග අපහාසය ඝණ්ඨාරයක් නම් දෝංකාර දෙන වේදනා කාගෙද දහස් ගණන් සිංදු ලිව්වත් එක ගායකයයි බන් මුළු මළගෙදරට ආචාරය ඒ ගායකයට කලාවේ කළගුණයට තනි රැක්කට ඔරලෝසුව දිහා බලලා අපිට මනින්න බෑ බන් කලාවේ ගැඹුර කටුවක් වටේට කැරකෙනවා බන් මධ්‍ය ලක්ෂය වී තනිව මං යනවා හිතුවත් ඒ අඩිපාරේ තියපු පියසටහන් අද නැත මගේ හීන හිතින් මැවු මායාවක් මට පද්ධතිය තියන් යන්න මේ ආවේග හිතේ හිරවෙනවා බන් සමාජ පවුරක් තුළ මොහොතින් මොහොතට කල්පනා කරත් ගෙවෙන්නේ බන් මගේ තප්පර ඒ හින්දම වැඩකරනවා මිසක් මට තාම දුරයි බන් නිවන මේ හිත ඇතුළේ නේක ආවේගයන් මට මා පාලනයෙන් මිදුන තව හූ කියපන් උබ මූණ බලාගෙන පසුවට තියන් ගුණකථනය පැටලිලා පැටලිලා ජීවිතේ ලියවිලා ලියවිලා ස්වරසප්තකේ හමුවෙලා හමුවෙලා රික්තකේ විසිරිලා විසිරිලා හිත හිතුමතේ කාලයක් එක්ක තාලයක් එක්ක විකුණන්න බැරුව ජීවිතේ මං ආස කළ වාද පාට කළ පෑන කොළේ දිහා බලන් ගිනියමේ මේ හීන ගැන මං කතා කරාම අවභාවිතේ ඉන්න උන් අපහාසයේ මං තාම හිතනව ඒ කාලය ගැන ඒ කාලේ එන්නේ නම් නෑ වගේ ඔය ස්ථීරයි වගේ පේන හැගීම් මකන්න බැරි වුනු අස්ථාන විදීම් එක හිතක් ගාව රසායනයේ බැදීම් අහුවෙනකන් සතා මම මාර තුටින් මට සාමාන්‍යයි නම් පේන දේ විවිධත්වේ හොයන්නේ මං එකම දේ වැස්සක් වැස්සත් මට මදී වගේ ඒකයි තාමත් මම අතරමගේ කටපාඩම් මට මේ චක්‍රය අවබෝධෙන් හිටි මං රේඛාවක රැවටුණාද දැකලම මගෙ විලාප මේ අම්බලමත් වෙද්දි මායාවක චරිතය නම් නාමමාත්‍රික නොනිදි හිතක් එක්ක සර්වරාත්‍රික චෝදනා එක්ක මැකෙන චිත්‍රයක තියන සටහන් මං මකන්න හිතාන පැටලිලා පැටලිලා ජීවිතේ මා කලාකරුවෙක් වෙමි ලියවිලා ලියවිලා ස්වරසප්තකේ මා තනුව වෙමින් හමුවෙලා හමුවෙලා රික්තකේ මා හඩ හසුරවමින් විසිරිලා විසිරිලා හිත හිතුමතේ මා ලියන්නෙක් වෙමි දැහැමි තිසරු බිම්සරතේජානී හතර වෙනි වතාවටත් සිය කෝපය සෝදාගෙන ඇවිත් තේ කාමරයේ මේසය උඩින් තිබ්බා. "දැන් කී පාරක් ඕක හේදුවද ? වෙලාවට වීදුරු උනෙ..මැටි එකක් උනානම් මෙලහකටත් හෝදන හේදිල්ලට දියවෙලා ගිහින්.." මංගලිකා කීවෙ බලාගෙන ඉදලා බැරිම තැන. හතර දෙනෙක්ගෙන් යුතු කාර්‍ය් මණ්ඩලයක් ඉන්න කාර්‍යාල කාමරේ තේ හදන්න,බොන්න වෙන්වෙලා තිබුනෙ චූටි ඉඩක්.තේ වෙලාවට එතෙන්ට එකතු වුන හැමෝගෙම මාතෘකාව වෙන්නේ තේජානිගෙ මේ පුරුද්ද.ඇත්තටම බලාගෙන ඉන්න අනෙක් අයට ඒක හිසරදයක් වෙලා තිබුනේ. "අනේ ඔයානම් කියයි.මේක හෝදලා මෙහෙම තියල තියෙද්දි හුළඟට උනත් විෂබීජ කොච්චර ඇවිත් පිරෙනවා ඇතිද? අනික මගෙ කෝප්පෙ මටම හෝදගන්න ඕන. කව්ද දන්නේ හෝදන කෙනා කකුලෙන් කෝප්පෙ හෝදනවද කියලා.? ඊයා.... අනේ මට එහෙම අප්පිරියයි.." ඒ විතරක් නෙවෙයි.කෑම කන්න ගියත් අත් දෙක දෙතුන් පාරක් හෝදන එක,කව්රු හරි ගේන දෙයක් කන එක ප්‍රතික්ෂේප කරන එක වාගේ ගොඩාක් විකාර පිරිසිදු කමේ පුරුදු තේජානි ලඟ තිබුනා.අනේ ඉතින් ඒකටත් එක්ක අපි,අනෙක් හැමෝම බිම තියෙන දෙයක් උනත් අහුලලා කන මට්ටමේ අය උනා.. ඒක තද නියං කාලයක්.ජල සම්පාදනෙන් වතුර දුන්නේ දවසට පැයක් දෙකක් වගේ.සමහර දවස් වල දවසක් ඇර දවසක් වගේ වතුර ආපු දවසුත් තිබුනා.ඉතින් ගෙදරින් ගේන බෝතලේ අත හෝදන්නයි,තේ බොන කෝප්පෙ හෝදන්නයි,වැඩ ඇරිල යද්දි ඔහෙ ටිකක් මූණෙ ගාලා පිහිද ගන්නයි අපි ඒ වතුර බෝතලේ පිරිමහ ගත්තා.ලොකුම ගැටලුව ආවෙ තේජානිට.එයා ඒකට පිළියමක් විදියට කලේ වතුර එන වෙලාවට ලොකු ප්ලාස්ටික් බකට් එකකට වතුර එකක් පුරවලා ඒක එයාගේ ලොකර් එකේ යටම තට්ටුවෙන් තියාගත්ත එක.අපිත් ඒ ගැන සතුටු උනා.මොකද එතකොට අපිට පිරිසිදු කම ගැන ඇහෙන දේශනා අඩු උන හින්දා.. එදත් හතර පස් වතාවක් හෝදපු කෝප්පෙ අනිත් කෝප්ප එක්කම මේසෙ උඩ තිබුනා.මං කොප්පෙන් කෝප්පෙට සීරුවට තේ දාගෙන ගියා.මෙන්න බොලේ තේජානිගෙ සුදුම සුදු කෝප්පෙ අඩියේ කළු පාට පුංචි පුංචි ඩොට් දෙක තුනක් නලියනවා.මටත් පුදුමයි.මට හිතුනෙම මේක හෝදන හේදිල්ලට කෝප්පෙට පණ ඇවිත් කියලා. "මේන් මේ කෝප්පෙ කතා කරන්න හදනවා වගේ.මුළු අඩියම නලියනවා....වරෙල්ලකෝ බලන්න.." මං හැකි වෙර දාලා කෑ ගැහුව.දුවගෙන ආවෙ මුලින්ම කාංචනා. "ඒ බං මදුරු කීටයෝ.අඩේ කොහෙන්ද මේකට මදුරු කීටයෝ?" "ඇත්තටමයි මඳුරු කීටෝ තමයි. කොහොමද මේකට ආවේ?" තේජානිත් පුදුම වෙලා කට ඇරගෙන බලාගෙන හිටියා. "එහෙම කොහොමද වෙන්නේ.කී පාරක් මං කෝප්පෙ හේදුවද? දැන් අඬන්න ඔන්න මෙන්න.එතකොට තමයි මට කාරනේ තේරුනේ. "ගිහින් බලන්න ඔයාගේ වතුර බකට් එක.මෙලහට ඒක ඉස්සො කොටුවක් වගේ ඇති.මදුරු කීටයො පිරිල.ඔයා කෝප්පෙ හෝදලා වතුර ටික වීසි කරාට කීටයො දෙන්නෙක් තුන් දෙනෙක් ඕකෙ රැඳිල ඉන්න ඇති." මං කිව්වෙ හරියට අභිරහසක් විසඳන හැටි වොට්සන්ට කියල දෙන සර්ලොක් හෝම්ස් වගේ. පැනපු ගමන් ගැලවිලා විසිවෙන තරම් වේගෙකින් ලොකර් එකේ දොර ඇරපු තේජානි උස්සගෙන ආවෙ භාගෙකටත් වැඩිය අඩුවෙන් වතුර තිබුන මදුරු තවානක් කීවොත් ඒක නිවැරදි.එක එක වයස් කාණ්ඩ වල කීටයො හිටියෙ ඒකෙ හරියට එදා ජනපති මැදුරෙ තටාකෙට බැහැපු අරගල කාරයෝ වාගෙ හරි සතුටින්. ර්‍" ඊයා.....මං මෙච්චර දවසක් තේ බීලා තියෙන්නෙ මේ ජරාව එක්කද?අයියෝ..අප්පිරියාවෙ බෑ අප්පා..ඊයා" තේජානිගෙ ඇස්ගෙඩි එළියට එන තරම් ලොකු වෙලා.කට ඇඳ වෙලා..මූණ ඉදිල ඉදිල බිමට වැටුන කටු අනෝදයක් වගේ වෙලා තියෙද්දිනුත් ඒ අස්සෙ එකියක් කියනවා ඇහෙනවා... "අයියෝ අනේ ගනන් ගන්න එපා.. මදුරු පැටවුන්ගෙ විෂබීජ නෑ..උන් වතුරෙම නෙ ඉන්නේ....හැමවෙලාවෙම හේදි හේදි ඉන්නේ. බය වෙන්න කිසිම හේතුවක් නෑ... හිනාවෙන්නද අඬන්නද කියලා තවමත් මං හිතන ගමන්... - දයානි -මුහුණු පොත..♥️♥️♥️🙏 ලෝකයම.වෙනස් කල ඒ ඇප් එක ..අදට වසර 20යි ...සුභ උපන් දිනයක් වේවා..🙏🙏🙏.. Facebook..♥️🇱🇰 . රාජ්‍යයන් වෙනස් කල තැන .. නීතියත් වෙනස් කල තැන ... .විටෙක ආදරය .විවාහය තීන්දු කරපු තැන . විවාහය දෙදරා ගියපු තැන... විටෙක වයිරය මුදා හල තැන . ක්‍රෝධය.ඊර්ෂ්‍යව .මුදාහල තැන .. උණුසුම් පූවත් මැවු තැන.. ඔපා දූප කතා කල තැන.. යහළුවන් හමු වූ තැන .. සතුරන් ඇති කර ගත් තැන.... මිනිසුන්ගේ හදවත් හදුනා ගත් තැන ., සමහරු අයියලා වුනා ..පොර වුනා . සමහරු ප්‍රසිද්ධ වුනා .. සමහරු උන්හිටි තැන් අහිමි කර ගත්තා .. සමහරු ජීවිතය ගොඩදා ගත්තා .. එය .. මුහුණු පොත නම් විය ...වැලන්ටයින් උපන්දිනය..... කෙටි කතාවක්.. "දෝනී ඉක්මන් කරන්න වෑන් එක දාලා යයි..පුතු ඔයත්.. කොච්චර අතට පයට කරලා දුන්නත් මේ ළමයින්ට කිසි ගානක් නැහැ.. මාධව ඔයා වෙලා ගත්තා වැඩියි බාත්රූම් එකේ..." "උදේ පාන්දර බොරුවට කෑගහන්න එපා මධූ....ඔයාට මහන්සි වැඩි කෑගහන නිසා.." මාධව ආදරය උතුරා යන දෑසින් බැලුවා දෝ යැයි මධූට සිතෙද්දී ඇයට අතීතය සිහිපත් විය. මට වැලන්ටයින් ඩේ නම් කවදා
වත් අමතක වෙන්නේ නැහැ මගේ රත්තරනේ මාධව මධු සිපගත්තේය වදන් හා සිද්ධීන් අතීතයට අයිති වුවත් අදද ඉන් සිත උණුසුම් විය.. පිස්සු වැඩනේ තියෙන්නේ ඉස්සර ඉදලම මොනාහරි කෝලමක් කරයි අද ර්‍රෑටත්.. මධු තනිව සිනාසෙමින් තවත් අමුතු ජවයකින් ඔහුට පිලිවදන් දුනි.. "අනේ..මේ මාධව මම සද්ද වහලා හිටියොත් හොදට තියෙයි..කෝ ඉක්මනට මමත් යන්න එපැයි ෂොප් එකට අද වැලන්ටයින් ඩේ නේ..අද තමයි හොදටම බිස්නස් තියෙන්නේ මම ඉෂිකාටත් උදෙන්ම එන්න කිව්වා.." ඈ එසේ කීවේ සැබැවින්ම මාධවට දිනය මතක් කිරීමට වුවද ඔහුට එය වගක් නොවීය. දිගු සුසුම ඇගේ ළය සැහැල්ලු කලේය. තිදෙනා පිටව ගිය පසු නැගී සිටි මධූ මල් කඩයට යෑමට සූදානම් වුවද මාධවගේ අම්මා හෙවත් නන්දා පැමිණි හෙයින් ඈ පිලිගන්නට සිදුවිය. ඔවුන්ගේ නිවසට යාබද ඇනෙක්සියෙහි ඇය පමණක් තනිව වාසය කරන අතර රජයේ විශ්‍රාමික ලිපිකාරිනියක් වූ හෙයින් නන්දා ලැබෙන විශ්‍රාම වැටුපෙන් ජීවත් වේ. මාධව හා විවාහ වී මධූ නිවසට පැමිණ සතියක් යන්නට මත්තෙන් නන්දා ඇනෙක්සියෙහි පදිංචියට යෑම එදා මධූට ලොතරැයියක් ඇදුනා හා සමාන වූයේ අප දෙදෙනාගේ පෞද්ගලිකත්වය හා නිදහස ඈ බොහෝ අගය කල බැවිනි. "අම්මා..මම රොටී හැදුවා කාලා තේ එකක් බොමුද? "එපා පුතේ..මම කාලා තේ බීලා ඉන්නේ..ඔයාට පුලුවන් ද මට විනාඩි දහයක් පහලොවක් දෙන්න ඔයාගේ වෙලාවෙන්.." "මොනාද අම්මා මේ අහන්නේ.. එන්නකෝ.... කියන්නකෝ.. අම්මට මොකක් හරි අසනීපයක් ද නැත්..." "ඇයි පුතේ ඔයා දැන්වත් ඔයා ගැන හිතන්නේ නැත්තේ.. වැඩකාරියෙක් වගේ නැහෙනවා ඊටපස්සේ හම්බ කරන්න යනවා.. අසනීපයක් බැරි අමාරුවක් මේ තුන්දෙනාට පෙන්නන්නේ නැහැ.." ඒ සැමදා ඇයගේ තේමා පාඨයයි.. "මගේ මහත්තයා කිසිම වගකීමක් නැති චාරයක් නැති කෙනෙක් විදිහට තමයි එයාගේ අම්මා හදලා තිබ්බේ.මාධවට අවුරුදු පහයි එයා අපිව දාලා යද්දී..එදා මම හිතට ගත්තා මම වින්ද දුක තවත් ගෑනියෙක්ට විදින්න දෙන්නේ නැහැ කියලා..මම පුතාව හැදුවේ වගකීම් සහිත මිනිහෙක් විදිහට.. මම ඔයාට එයාව භාර දෙද්දී ගෙදර දොරේ වගකීම් ගන්න උයන්න පිහන්න පුලුවන් කෙනෙක්..ඒත් ඔයා මොකද්ද කලේ..හැමදෙයක්ම අතට පයට කරලා දීලා එයාව හිස් මිනිහෙක් කලා..ආදරය කියන්නේ ඒක නෙවෙයි පුතේ.." "බලන්න ඔයා ලෙඩ වෙලා හොස්පිට්ල් එකක හිටියොත් අවුරුදු දහ අටක් වෙච්චී ඔයාහේ දුවට තේ එකක් වත් හදාගන්න බැහැ අවුරුදු පහලොවක් වෙච්චී පුතාට එයාගේ ඇදුමක් හෝදගන්න බැහැ..මම මේ යාලුවෙක්.. තවත් කාන්තාවක් විදිහට ඔයාට දෙන අවවාදයක් මිසක් මාධවගේ අම්මා එහෙමත් නැත්නම් ඔයාගේ නැන්දම්මා විදිහට දෙන උපදෙසක් නෙවෙයි. මම කැමති නැහැ ඕගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතයට ඇගිලි ගහන්න ඒත් ඔයාලා යන්නේ වැරදි පාරක නම් ඒක කියලා දෙන එක මගේ යුතුකමක් " "පුතේ ඔයත් මනුස්සයෙක් ඔයාට කියලා වෙනම ජීවිතයක් තියෙනවා.. ඔයා ඒක විදින්න.. " "බලන්න පුතා බැජ් පාටි එකට ගියා කිසි වගකීමක් නැතුව එයා ඇදගත්තා ගියා... ඒත් ඔයා ඉදලා ඉදලා බැජ් පාටියකට ගියේ හෝටලේ වගේම කෑම හදලා ඒගොල්ලොන්ට ලෑස්ති කරලා පහුවෙනිදා උදේට අවශ්‍ය ඒවා ලෑස්ති කරලා..ඒ විතරක් නෙවෙයි රෑට පුතාගේ නින්ද කඩන්න බැහැ කියලා ආපහු එන්න වාහනේකුත් ලෑස්ති කරන්..ඒත් පහුවෙනිදා චුට්ටක් පරක්කු උනාම මොනාද පුතේ ඔයාට ලැබුණෙ..ම්.." දෑසින් වැගිරෙන කදුලු පිස දැමීමට හෝ මධූට වගක් නොවීය. දෝනී ලැබුණු දා සිට අම්මා ඇයට මෙසේ අවවාද කලත් ඈ ඒවා පිලිපැදීමට උත්සුක නොවූවාය . "ඔයා දුක් විදින්නේ ඔයාගේ වරදින්.. කසාද බැදලා ළමයෙක් හදපු ගමන් ජොබ් එකෙන් අයින් උනා..හරි ඒක නම් කමක් නැහැ ඔයා ඔය පුංචි කඩ කෑල්ල හරි කරනවා කියමුකෝ.. ගෑනියෙක් කසාද බැන්දා කියන්නේ එයාගේ ජීවිතය වහල්භාවයට පත් උනා කියන එක නෙවෙයි..සම අයිතියක් ඕනී නැහැ අඩුම ඔයාගේ නිසි අයිතියවත් රැකගන්න.." "මට තේරෙන්නේ නැහැ අම්මේ මොනා කරන්න ද කියලා දැන් කොහොම කොහෙන් පටන් ගන්නද? ඇත්තටම මටත් එපා වෙලා තියෙන්නේ.." "ඒ අවස්ථාව එන්නේ නැහැ ඔයා ගන්න ඕනී..හිත ශක්තිමත් කරගෙන ජීවිතයට මූණ දෙන්න.. ජීවිතය විදින්න.ඔයා ඔයාට වටිනාකමක් දෙන්න පුතේ.. එතකොට තමයි අනිත් අයත් ඔයාට වටිනාකමක් දෙන්නේ..." "මම අද ඉදන් අනිවාර්යයෙන්ම උත්සාහ කරන්නම් අම්මේ." මධු නන්දා වැලදගත්තාය "ඕයි...මධූ..හ්..හයත් පහුවෙලා වෙලාව..නැගිටිනවා..ශිට්..අද ඉතින් කාපන්කෝ කඩෙන්.. ළමයි දෙන්නා බස්සන්නත් එපැයි.. ශිට් කරුමයක් මේක නම්..කෙහෙල්මල් වැලන්ටයින් එකක් කිය කිය රෑ තිස්සේ මගුල් හැදුවා.." නැවතුමක් නොමැතිව කියවන මාධව දෙස බලා සිටියේ වූයේ කුමක්දැයි තේරුම් ගත නොහැකි වූ හෙයිනි.. ( දෙවියනේ..මම හීනයක් දැකලා තියෙන්නේ..හයයි කාලයි..ඔහ්.. ශිට්.." හවුස් කෝටය උඩින් දමා ගත් මධූ වහා කුස්සියට දීව ගියාය) අම්මා..මගේ මේස් කෝ.. අය්යෝ අම්මේ ඔච්චර කියලත් ගවුම අයන් කලේ නැද්ද මොකද්ද අප්ප.. මධු..හ්..මගේ කොලපාට කොටු ෂර්ට් එක කෝ.. තියෙන විදිහට තියනවා ඕයී..මේවා අස් කරන්න එපා.. මල වදේ දවසම කෑවා..." ඈ දෙකන් වසා ගත්තේ ඈ පිලිබදවම සංවේගයෙනි.. තිදෙනා පිටව ගියේ ප්‍රමාදය පිලිබදව මධූට ශාප කරමින් ය.. බේරෙන කදුලු වැල් සමගින් ඈ සාප්පුවට යෑමට එලියට බැස්සා පමණි. "දූ..ගුඩ් මෝනිං..අද ඔයාට බිසී දවසක් නේද? වැලන්ටයින් ඩේ නේද? යමු..අද මාත් එනවා ඔයාට උදව් කරන්න.. මාධවගේ මව බදා වැලදගන්නට මධූට සිත් විය. "පුතේ මාත් එක්ක හවසට පොඩි ගමනක් යන්න තියෙනවා ඔයාගේ අර කොළපාට ගවුමත් ගන්න අපි එහෙන් චේන්ජ් කරන් ඒ ගමනත් ගිහින් එමු.." ඇයට එරෙහි වන්නට සිත් නොවූ හෙයින් මධූ ඇගේ අණට කීකරු විය. අම්මා.ආශිකා හා මධූ බොහෝ කඩිසරව දවස සතුටින් ආරම්භ කර සැහැල්ලුවෙන් අවසන් කලෝය... "අනේ..ආන්ටි ඔයා හැමදාම එන්නකෝ මෙහෙම..නිකන් ගෙදරට වෙලා ඉන්න එකනේ.. අද නම් සාප්පූවේ වැඩ වගේම ජීවිතේටත් ගොඩක් දේවල් ඉගෙනගත්තා.." "ආශිකා.....කවුද පුතේ කියන්නේ මම ගෙදරට වෙලා නිකන් ඉන්නවා කියලා මම මල් වවනවා. ගොතනවා..බණ අහනවා.. පන්සල් යනවා..යාලුවන්ගේ ගෙවල් වල යනවා..එතකොට පොත් පත්තර කියවනවා..එක විනාඩියක් නාස්ති කරන්නේ නැහැ ඒ හැම විනාඩියක්ම මම වෙනුවෙන් වැය කරනවා.. ඒක නෙවෙයි දූ මෙහෙන් වොෂ් දාගෙන අපි ඇදුම් මාරු කරන් මම අර කීයපු දිහා යමු.. ආශිකා ඔයත් යමු පුතේ..ගෙදරට කෝල් එකක් දෙන්න.." මධූ හා ආශිකා දෙස බලමින් නන්දා පැවසුවාය මධු හිස සලා එකග වූවද හිතේ කොනක මාධව හා දරුවන් විය. අනෙක් අතට අද දවස මාධව කෙලෙසකවත් අමතක නොකරන බව ඈ විශ්වාස කලාය.. නන්දා වහා ඇගේ සිතුවිලි වටහා ගත්තාය..ඈ මාධව ඇමතුවාය "පුතේ...මධූ දුවට ටිකක් සනීප මදි මාත් මේ කඩේ ඉන්නේ..අපි එන්න පරක්කු වෙයි ඔයාලා තුන්දෙනා එකතු වෙලා රෑට මොනාහරි හදන්න..ආහ්..මේ දුවට කොන්දේ අමාරුවක්.." මධූ පුදුමයෙන් ඈ දෙස බැලීය.. කුඩා අලංකාර අවන්හලක් වෙත ගොස් තිදෙනා වාඩි වූ අතර මධූ විමතියෙන් නන්දා දෙස බැලීය. එකෙනෙහිම එහි පැමිණි වේටර්වරයෙකු මේසය මත කේක් ගෙඩියක් තැබීය.. Happy Birthday Madu Duwa.. එහි සටහන් වී තිබුණී..මදූට කිසිවක් අදහාගත නොහැකි විය. ඈ හට ඉකි ගැසුණි. අම්මා හා ආශිකා නැගී සිටිමින් ඇයට කේක් කැපීමට ආරාධනා කලාය... මෙන්න පුතේ මගෙන් පුංචි තෑග්ගක්.. මිස් මගෙනුත්...අම්මා හා ආශිකා පිළිවෙලින් ඈ වැලදගත්තේය. තම දිවියේ ලද සුන්දරම නිදහස්ම උපන්දින සාදය මෙය නොවේදැයි සිතුණි. තමාගේ උපන්දිනයට පවා වෙනදා කලේ කුස්සියේ රැදෙමින් අනෙක් අය සතුටු කිරීමට කෑම බීම සැකසීම නොවේදැයි සිතුණි. නිවසට යද්දී දරුවන් කාමරවල සිටි අතර මාධව රූපවාහිනීයේ ප්‍රවෘත්ති විකාශය නරඹමින් සිටියේය.. ඔහු ඉන් දෑස් ඉවත් කර නොගෙනම.. "ඔන්න මම පොඩි නූඩ්ල්ස් පැකට් ටිකක් ගෙනාවා හදලා ගන්න.. මාර බඩගිනියි.. ගෙදර ඇවිත් මොනාහරි හදලා මට කිව්වා නම් මම එක්කගෙන යනවනේ ඩොක්ටර් ගාවට..ගෑනුන්ගේ මොළය හැදි මිටේ තරම් කියන්නේ නිකන් යැයි" කාමරයට ගිය මධූ ඇදට වැටී හඩන්නට විය. අම්මා නිවැරදිය තමා වරද්දාගත් ජීවිතය නිවැරදි කිරීමට කොහෙන් පටන් ගත යුතු දැයි කල්පනා කරද්දී ඇයට තම මුහුණු පොතේ ගිණුම මතක් වුණි. "ආශිකා අර ගත්ත ෆොටෝස් ටිකයි වීඩියෝ ටිකයි එවන්නකෝ පුතේ.." ආදරය යනු කුමක්දැයි හදුනා ගැනීමට මට වයස අවුරුදු හතලිස් පහක් ගත විය.. තැන්කියු අම්මා.. ලෙස සටහනක් සමගින් සියලු චායාරුප හා වීඩියෝ එයට එක් කලාය... නානකාමරය වෙත වැදුණු ඈ ඇගපත සෝදාගෙන ඇදට වැටී දෙනෙත් පියා ගත් නමුත් නින්ද අහලකවත් නොවීය..තමා වරදක් කලාදෝ හැගීම ඈ පෙලීය.. තිදෙනා කුසගින්නේ නොවේදැයි සිතුණි. එහෙත් ඇයට නන්දාගේ වදන් සිහි වුණි. "පුතේ..ඔයා ඔයාට වටිනාකමක් දෙන්න එතකොට තමයි අනිත් අයත් ඔයාට වටිනාකමක් දෙන්නේ..." "තාත්තේ..හ්..මාර සීන් එක අද අම්මගේ බර්ත් ඩේ එක මේ බලන්නකෝ." සාලය දෙසින් ඇසුණු දියණියගේ හඩ මධූ නිදිපෙත්තක් සේ සලකා සැනසීමෙන් දෙනෙත් පියා ගත්තාය.... ✒️ මිහිදුම් ද්වාරබෝඩිම හා සත්තු ලාංකීය සරසවී අධ්‍යාපනය තුළ සම්පුර්ණ ශිෂ්‍ය කාලය සඳහාම නේවාසීකාගාර නොලැබීමේ සාමන්‍ය යාථාර්ථයට අපිද මුහුණ දුන්නෙමු. නේවාසිකාගාරයෙන් බෝඩිම්ටත්, බෝඩිමේන් නේවාසිකාගරයටත් රෙදි, පොත්, උයන පිහන බඩු පටවාගත් බෑග් හුවමාරු කිරිම සාමන්‍ය සිරිතක් වන තරමටම අත්දැකීම් ලබාගැනිමට එම කාලය ඕනෑතරම් අවස්ථා ලබා දුන්නේ බඩු ප්‍රවාහනයේ හා ඇසිරිමේ විශිෂ්ඨයන් බවට අප පත් කරමිනි. මෙයද එවන් කාලයකි. බොහෝ විට විභාග ආසාන්නව බඩු හුවමාරුව සිදු වීම අපගේ දෛවයේ ලියා තිබුණි. විභාග ආසන්න කාලයක වු මෙම හුවමාරුවේදිද මම අලුත් බෝඩිමකට ගියේ මාගේ සම වසරේ මිතුරියන් තිදෙනෙකු සමඟිනි. එය කඳිම, නිදහස් තැනක් වු අතර මම එයට සැබැවින්ම ආශා කළේමි. පළමු දිනයේම මා බෝඩිම බැලිමට ගියේ සවස දේශනද, අවසන් වු පසුවය. මාගේ මිතුරියන් උදෑසනම එහි ගොස් තිබු අතර නව බෝඩිම පිළිබඳ අත්දැකීම්වලින් මට සාපේක්ෂව ඔවුහු පැය කිහිපයකින් මුහුකුරා ගොස් සිටියහ. අපේ සැදෑ තේ පානය, ගෙනා බඩු කන්දරාව පිළිවෙලකට ඇසිරිමට පෙර යොදාගත්තේ දරාගත නොහැකි ලෙසම මා හෙම්බත් වී සිටී නිසාය. අපි බිස්කට් කා තේ බීම ඇරඹු
වෙමි. යාන්තමට තාලයට පැද්දෙන වලිගයක් මා දුටුවේ එවිටය. මාගේ මොළය ක්‍රියා කිරිම ඇරඹුවේ ඒ නිසාය. "දෙවියනේ ඒ මොකක්ද? " මම මටම කියාගතිමි. Differential Diagnosis පැමිණියේ ඒ අනතුරුවය. සර්පයෙක් ද? Diagnose එක පිළිබඳව සැක සිති මම කෑ ගැසුවෙමි. "ඇයි මොකද?" අන් අය ඇසුවේ මාගේ මුහුණේ වු හැඟිම් ප්‍රකාශනයේ විකෘති භාවය වැඩි ගානකට නොගෙනය. " අර? " මම පෙන්වුවෙමි. " ආ.. ඒ තල ගොයෙක්. ඌ අද දවසම ඔතන.." මිතුරියක් කීවේ වැඩි ගානකට නොගෙනය. අපුරුය. අප එහි තනි වී නැත. වහල හා බිත්තිය අතර තල ගොයෙකු ජිවත් වේ. අප සියල්ල සිටියේ වෙහෙස වීය. ඒ නිසාවෙන්ම තලගෝයා තවදුරටත් ප්‍රශ්නයක් කර ගැනිමට කිසිවෙකුත් උත්සහ කළේ නැත. එනමුත් සිත භිය කරගත යුතු නැති නිසා මම යළි බිත්තිය හා වහල අතර වු තාලයට පැද්දෙන අපර කොටස දෙස නොබැළුවෙමි. දින දෙක තුනක් යන විට තලගෝයා පිළිබඳ අහේතුක බිය මා මඟහරවා ගත් අතර ඌද අපට නොකියා යන්නට ගොස් තිබුණි. ඉඳහිට නැවත පැමිණ බිත්තිය බදා ගත්තද පැය දෙක තුනකින් නැවත ගියේ තලගොයකු ලෙස ඌ තුළ වු බුද්ධි මහිමය නිසාය. නමුත් එක් දිනක් ඌ අදුරදර්ශි ලෙස ක්‍රියා කළ බව මට සටහන් නොකළ බැරිය. තලගෝයා ස්ථාන මරු කොට නාන කාමරයේ වහලය හා බිත්තිය අතරට පැමිණ සිටියේය. මින් පෙර ළමයෙක් නාන කාමරයේ සිටී විටක තල ගොයෙක් ජල කාරාම කඩාගෙන බිමට වැටුණ පුවතක් බෝඩිමේ හිමිකාරිය අප වෙත කීයා තිබු නිසා මාගේ මිතුරිය තලගෝයා එලවීමේ ක්‍රියාවලියට නැගී සිටියාය. මා නම් එම සිඳුවිමෙන් විනෝද වුවා පමණක් බව කිව යුතුය. මිතුරිය ජයාග්‍රහනය කරමින් තලගෝයා නික්ම ගිය අතර ඌටද එම සිඳුවීම අමතක කර නැවත පැමිණිමට සතියක පමණ කාලයක් අවශ්‍ය විය. දිනක් මම පොතක් රැගෙන බෝඩිමේ බැල්කනියට ආවෙමි. මහල් දෙකක් යුත් නිවසක ඉහළ මාලයේ බෝඩිම වු නිසා මිදුලක් අපට හිමි නොවුණි. යටි මහලට පිවිසිමට නිවාස පේලි අතරින් පඬිපෙළක් වු අතර මා ඒදෙස බැළුවේ වැරදිමකින්දැයි මට මතක නැත. මා දුටුවේ කුමක්ද? තාලයට පැද්දෙන විශාල උරගෙයිකි. ඒ කබරගොයෙක් බව මට විශ්වාසය. මා ජිවත් වු ප්‍රදේශයේ තලගොයන් හා කබරගොයන් මේ තරම් සුළඹ දසුන් නොවු අතර එබැවින් තාලයට පැද්දෙන රෙප්ටිලියා ව දෙස මම කුතුහලයෙන් බැලුවෙමි. මා පමණක් අධ්‍යනය කිරිමේ ඵලයක් නොවු නිසා අන් මිතුරියන්ටද අඬ ගැසීම මා හට නොකළ බැරි විය. අප සියළු දෙනාම තලගෝයා හා කඹරගෝයාගේ රූපිය වෙනස් කම් පිළිබඳ එම කාලය තුළ සාකාච්ඦා කළේමු. පහළට ගිය කඹරගෝයා නැවත පඬි පෙළේ ඉහළට ආවේ ඒ අතරය. මාගේ මිතුරියන් කබරගෝයා අධ්‍යනයයෙන් උදාසීන වී නැවත සිය සුපුරුදු ස්ථාන වලට ගියද මාගේ උනන්දුව අඩු වී නොතිබුණි. කබරගෝයාටද මෙලෙස සිතන්නට ඇත. ඌද උනන්දුවෙන් ඉහළට ගොස් නැවත පහලට ආවේ මට පෙනෙනට මෙනි. තුන් හතර සැරයක් මෙලස උඩ පහළ ගිය කබරගෝයා දෙස නැවත මා නොබැලිමට සිතුවේ ඒ දර්ශනයෙන් මා ලැබු උද්‍යෝගය අඩු වු නිසා නොව පසුදා විභාගයක් තිබූ නිසාය. එක් දිනක රාත්‍රියක බැල්කනියේ සිට පොතක් බැලිමට ගිය මාගේ මිතුරියක් කෑ ගැසුවේ විමතියෙනි. අප ඇය දෙසට දිව ගියේ ඇය එලෙස සාමන්‍යන් කෑ නොගසන නිසාම නොව ඒ රාත්‍රියේ පොත් දෙස බැලීම වෙහෙසකර වූ නිසාය. "ඇයි" අපි ඇසුවෙමු. " ඉත්තෑවක්..." කුරු විහිඳාගෙන එක වත්තකින් අනිත් වත්තට ඇතුළු වෙන සතා අප දැක්කේ එවිටය. අප සිටි නිවසට ඉඳිරිපිට නිවසේ ගස් කිහිපයක් වු අතර නාගරික පරිසරයේ සතෙක්ට සිටිය හැකි අපුරු පරිසරයක් එහි නිර්මාණය වී තිබුණි. " ඉතින්.." මම කිවේමි. ඉත්තෑවන් සම්බන්ධ මාගේ මතකය දරුණු වු නිසා මා ඒ පිළිබඳ උනන්දු නොවුනෙමි. " මම දැක්කමයි.." ඇය කිවාය. " බොරු.." මම කිවෙමි. " නෑ ඇත්තටම අද තමා දැක්කේ..." "අපුරුය." නාගරික ලෝකයෙන් එපිට සිටි මුත් ඇයට ඉත්තෑව නව අත් දැකිමක් ලබා දී තිබුණි. එහෙයින් අප ඉත්තෑවගේ රාත්‍රි චාර්‍යාව බලමින් පැය කාලක් නාස්ති කළෙමු. විභාග පැවැත්වෙන කාලයන් වලදි තනිවම පොත් බැලිම කම්මැලි වු විට අප ඒ පිළිබඳව කතා කිරිමට බැල්කනියට ආවේ වෙනසක් ලෙසය. එය අප උදෑසන තොරාගන්නා හවස් කාලයේ වේලාවක් ය. නමුත් අපට වඩා අප ගැන දැන සිටී අයෙක් ඒ ළඟ පාත විය. මානව ප්‍රාණින් නොවු ඔවුන් මෑකෝ ගිරවුන් වීම මෙහි විශේෂත්වයයි. අප බැල්කනියට එන විට උන් හැකි ලෙස බෙරිහන් දීම සිඳු කරන්නේ නැවත පොත් ගෙන කාමරය තුළට යෑමට උපදෙස් දෙමිනි. එබැවින් බොහෝ දිනවල උදෑසන සිට යොදගන්නා සැලසුම් ආසාර්ථක වන්නේ මැකෝ ගිරවන්ගේ එදිරිවාදිකම් නිසාය. මෙහි සිටි අපුරුම සතා පුසියකි. හිමිකරුට අයත් සුවිශේෂි වර්ගයක අළු පැහැති ලොම් සහිත ආඩබර කාර පූසිය ඉඳහිට අප දැකිමට පැමිනේ. එවන් දිනවල අප ඌ වඩා ගත යුතු අතර රාජකීය පෙනුම සහිත සත්ත්වයා වඩා ගත යුතු නිවරදි ඉරියව්ව භාවිතා නොකළ හොත් අප පත්වන්නේ අසීරුවකටය. නමුත් නිවරදි ඉරියව්වෙන් සතා වඩා ගෙන සිටිමට මම කැමැත්තෙන් ඉඳිරිපත් වෙමි. එවිට අපි දෙදෙනාම සතුටට පත්වෙමු. දිනක් නිවසේ කිසිවෙකුත් නොදැනන සිටි ලෙස මෙම වංශවත් පූසිය පැටවෙක් බිහි කර තිබුණි. එනමුත් එම පැටවා එදිනම මිය ගොස් සිටී අතර එබැවින් පැටවා වළඳමා සිඳුවිමේ පුදුමය පමණක් අප ලබාගත්තේ පුසියගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න නොකරමිනි. ඇතැම්විට නොසලකා හැරිය හැකි සාමන්‍ය එදිනෙදා ජිවිතයේ සිඳුවිම් තුළ කොතරම් විනෝදයක්, දැනුමක්, කුතුහලයක්, සතුටක් ලබා දිය හැකි දැයි එම බෝඩිමත්, සතුනුත් ඒ වන විට මා හට කියා දී තිබුණි. ගම්බඳ ජිවිතයකට හුරු වු මා හට නාගරික ජිවිතයේ ලද අත්දැකිම් ස්භාදහමට නැවත සමීප වීමට සුන්දර අවස්ථාවක් දුන් බවද නැවත කිව යුතුමය. ✍️නිලුෂිකා ධනංජනි සෙනෙවිරත්න.වලව්ව මම වලව්වක් අයිති පුංචි මහත්තයෙක්. ඒත් අපේ පරම්පරාවේ කවුරුවත් වංශක්කාර වලව් පලැන්තියේ ඉපදුනු අයනම් නෙමේ. අපේ පවුල්වලට සම්බන්ද වුනු කවුරුවත් වලව් පෙලෙපතට සම්බන්දත් නෑ. ඒත් මම වලව්වේ මහත්තයා. එහෙම තමයි මේ ගමේ අය මට දැන් කතා කරන්නේ. මගේ තාත්තා සාමන්‍ය පවුලක ඉපදිලා උත්සාහයෙන් දියුනු වුන කෙනෙක්. තාත්තා සාර්ථක ව්‍යාපාරිකයෙක් කීවොත් මම නිවරදියි. “ මෙයා හම්බෙවෙන්න ඉදිද්දි තමයි මට වලව්වකින් කෑම කන්න හිතුනේ ”. අපේ අම්මා මට ඔය කතාව සිය පාරකට වඩා කියලා තියෙනවා. ඒත් ඔයා කතාව කියන හැමවෙලාවකම තාත්තා හිනාවෙලා තව කතාවක් කියනවා. “ පුතාට ඕන වුනේ වලව්වකින් කෑම වේලක් කන්න ඒ වුනාට අන්තිමට අම්මාට වලව්වක් සල්ලිවලට ගන්නම ඕන වුනා”. ඒ මොකද්ද තාත්තේ ඒ..., අක්කා අහන්නේ කට උල් කරගෙන. “ මල්ලි හම්බවෙන්න ඉන්න කාලේ අම්මාට දොළ දුකක් ආවනේ පුතේ වලව්වකින් කෑම කන්න. අපිට කොහෙද වලව් වල ජීවත්වෙන නෑයෝ. ඉතිං මම දන්න යාලුවෙකුගේ උදව්වෙන් ඔය කුරුණාගල පැත්තේ වලව්වකින් අම්මාගේ හිතේ හැටියට කන්න බොන්න පිළියෙල කරලා දුන්නා. අපරාදේ කියන්න බෑ කිසිම ලොකු කමක් නැතිව ඒ මිනිස්සුත් අම්මාව සතුටු වෙන විදිහට කෑම බීම ටික හදලා තිබුනා. අම්මා එදා පුදුමාකාර විදිහට සතුටු වුනා. ඒත් එදා අම්මා වලව්වෙන් පිටවුනේ මටත් වලව්වක් අරන් ඕන කියාගෙන”. අම්මාගේ ඒ ආසාව නම් ඉෂ්ථවුනේ අම්මාගේ හතලිස් හත්වෙනි උපන්දිනේ දවසේ. අම්මායි තාත්තයි කියන්නේ තවත් ආදරවන්තයෝ දෙන්නෙක්. ඒ ආදර කතාවත් පුදුමාකාරයි. අත්තම්මා කියන කතා වලින් නැන්දලා පුංචිලා කරන විහිලු තහලු වලින් ඇරෙන්න අම්මයි තාත්තායි අපි ඉස්සරහා හැසිරෙන්නේ යෝජනාවකින් කසාද බැන්ද දෙන්නෙක් විදිහට. ඒත් ඒ ගැන වැඩිය එයාලා අපිට කියන්නේ නැත්තේ, එයාලට බයයි ආදරේ කරන්න ගිහින් අපි වල්මත් වේවි කියලා. ඒ නිසා මට වඩා නීති දාලා පරිස්සම් කරන්නේ අක්කාව. අම්මාගේ උපන්දිනේ දවසේ තාත්තා කාටත් නොකියා අපිව හොරණ පැත්තේ ගමකට එක්ක ආවා . ගමේ තිබුන පරණ වලව්වක අම්මාගේ උපන්දිනේ අමුතු විදිහට සංවිධානය කරලා තිබුනා. නෑයෝ හැමෝම ඉස්සරහා අම්මගේ අතට වලව්වේ ඔප්පුව දීලා ඒ ආසාවත් ඉෂ්ථ කරා. අපේ නෑයන්ගේ හිත්වල තිබුන සතුටට වඩා වෙන දෙයක් මට නම් පෙනුනේ. ඒත් අත්තම්මානම් ඇත්තටම සතුටු වුනා. අනේ පුතේ සීයත් හිටියනම් කියලා කියවුනේ ඒ නිසා වෙන්න ඇති. සීයයි අත්තම්මයි තමයි අම්මාගෙයි තාත්තාගෙයි සම්බන්දයට විරුද්දවෙලා තියෙන්නේ. ඒ දවස්වල අපේ තාත්තා හොද රස්සාවක් නැති සල්ලි යහමින් නැති සාමන්‍ය මනුස්සයෙක් නිසා. ඒ දවස්වල සීයා කිවුවලු ගඟේ මුදේ දැම්මත් අම්මාව තාත්තාට දෙන්නේ නෑ කියලා. නැන්දා ඕක නිතරම කිය කිය හිනාවෙනවා මට ඇහෙනවා. ඒත් සීයා මටනම් කිසිම වෙනස් කමක් පෙන්නලා නෑ. සීයාගේ ආදරේ තාත්තාගේ ආදරේටත් වඩා තිබුනා. “ ඔන්න නිලූ ඔයත් දැන් වලව්වක කුමාරි හාමි කෙනෙක්...”. එහෙම කියලා තාත්තා අම්මගේ අතට යතුරු කැරැල්ල දෙද්දි අම්මාගේ හිතේ ඒතරම් සතුටක් මම ජීවිතේට දැකලා තිබුනේ නම් නෑ. ඒ නිසා වෙන්න ඇති අච්චර සෙනගක් ඉස්සරහා කවදාවත් නැති විදිහට තාත්තාගේ මූණ අම්මා ඉඹගෙන ඉඹගෙන ගියේ. තාත්තාගේ ව්‍යාපාර වැඩ නිසා තාත්තා වැඩිපුරම හිටියේ කොළඹ. අම්මායි මායි වලව්වේ නවත්තලා අත්තම්මයි අක්කයි කොලඹ ගියා. අක්කා ඒ වෙද්දි බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රියක් කරන නිසා එයත් කොලඹ ගියා. තට්ටු දෙකක නවීන පන්නේ ගෙයක් දාලා අම්මාත් එක්ක මම ගමක තනිවුනා. පරණ වලව්වක. තාත්තා හැම රෑ කම හොරණ ආවා. අක්කර දෙකක විතර පලතුරු පිරුණු වත්තක්. වත්ත කෙලවරේ තිබුනේ පොල් ඒ වත්තේ නොතිබුනු දෙයක නම් නෑ. වලව්වත් විශාලයි මම වලව්වේ ආසම වුනේ සොල්දරේට. සොල්දර තට්ටුව ටිකක් දිරලා. මීයෝ, කරපොත්තෝ, හුනෝ, මකුලුවන්ගේ පාරාදීසයක්. ඒ වගේම අවුරුදු ගණනාවක් පරණ පොත් පත්තර. මම සොල්දරයට අරක්ගත්ත බහිරවයා වගේ ඒ දේවල බැලුවේ හරි ආසවෙන්. පරණ පොත්පත් ලිපි ලේඛන මම හිතන්නේ නෑ ලේඛනාගාරෙවත් ඇති කියලා. අම්මානම් දවස ගෙවුනේ ගමේ මිනිස්සුන් එක්ක. ඒ මිනිස්සුන්ට අපේ වාසගම් ඕන වුනේ නෑ වලව්වේ පදිංචි වුන නිසා අම්මාත් නිකම්ම මැණිකේ වුනා අම්මා ඒකට ආස කරා. කොළඹදි වගේ නෙමේ, ගමේදි අම්මට උදව් කරන්න ඕනතරම් මිනිස්සු හිටියා. ගම්වල මිනිස්සු හරිම වෙනස් පවුලේ අයවගේ හරිම ලෙන්ගතුයි. හිතවත්. කොලඹ ජීවත් වෙද්දි එහා ගෙදර ඉන්නේ කවුද කියලාවත් අපි දන්නේ නෑ. ඒත ගමේ එහෙම නෑ. මම ඒ ගමේ කමට ආසයි. හාම
ු මහත්තයා..., අවුරුදු දාසයක විතර කොල්ලෙක්ගේ ඇමතුම මට හිනාවක් ගෙනාවා.“හාමු මහත්තයා...” පුංචි මහත්තයා, හාමු මහත්තයා වෙලා මට පොඩි හිනාවක් ගියා. අම්මා කිවුවා හාමු මහත්තයා මට වලව්ව අස්කරන්න එන්න කීවා කියලා. ආ..ඔව්. මට සොල්දරේ අස්කරන්න ඕන වුනා. ඒකට මම කොල්ලෙක් හෙව්වා. අම්මාගේ උදව්වට ආපු සිරියාවතීට නිකමට වගේ කීවේ සොල්දරේ අස්කරන්න උදව්වට කාව හරි එවන්න කියලා. කොල්ලා කඩිසරයි. වැඩට කිසිම කම්මැලි කමක් නෑ. කොච්චර දූවිල්ලේ වැඩකරත් කිවිසුමක් වත් යන්නේ නෑ. ඒ කට මට මේ දවස්ටිකට පිනසේ වගේ. ඔලුව ඉදන් දනවා කිවිසුම් ගිහිල්ලම. හාමු මහත්තයා ඩික්සන් හාමු වගේලු. ඩික්සන් හාමු ඒ කවුද? මේ වලව්වේ හිටපු පොඩි හාමු.. අම්මා කියන විදිහට එයාව වෙඩිතියලා මැරුවලු. වෙඩි තියලා මැරුවා. ඔව්.. ඩික්සන් හාමු විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න කාලේ රටේ නරක කාලෙලු. ඒ කාලේ වෙඩි තියලා මැරුවලු. ඒ දුකට ලොකු හාමුත් ලෙඩ වෙලා මැරුනලු. මැණිකේ එල්ලිලා මැරුණලු වලව්ව ඇතුලේ. ඊට පස්සෙලු වලව්ව විනාශ වුනේ. අම්මාට නම් පොඩි හාමු ඩික්සන් හාමුමයිලු. කොල්ලා කියවන්නට විය. වලව්වල කොහොමත් හැංගුන ගුප්ත කතා තියනවා, හීන් සීරුවේ කොල්ලට කියලා දැන ගන්න ඕන, මගේ හිත මට එහෙම කියද්දි ..., හාමු මහත්තයා, මේ පොටෝ ටික. පත්තර ටික. ඕවලනම් ගන්න දෙයක් නෑ.. ඔය පොටෝ නම් වලව්වේ පරණ කාගේ හරි. විසිකරලා දාමු. මම ඇඟට පතට නොදනි කීවේ ඒවා අපිට අයිති නැති නිසා. දැනට පල්ලෙහෙන් තියන්න එතකොට යන එන කෙනෙක්ගෙන් අහලා දැනගන්න පුලුවන්නේ කවුද කියලා වත්. මම එහෙම කීවත් මගේ හිතට මොකද්දෝ අමුත්තක් දැනෙන්න වුනා. ඒ නිසා ටික වෙලාවකින් මම පල්ලෙහාට බැස්සේ ඒ පින්තූර ටික ආයි සොල්දරෙන් තියන්න. ඒ වෙද්දි ඒ පින්තූර තිබුනේ අම්මාගේ අතේ. අම්මාගේ මුනේ මොකද්දෝ බයක් ඇදිලා තිබුනා. මාව දැක්කට පස්සේ අම්මා තවත් බය වුනා. ඒ කලබල පෙනුම නිසාම. අම්මා මොකද මේ... මුකුත් නෑ.. අපි මෙහෙන් යමු. ඇයි අම්මා... ඔයාට එන්න බැරිනම් ඉන්න මම යනවා මට ටැක්සියක් දාලා දෙන්න අම්මා කීවේ එච්චරයි. අම්මා කොළඹ ගියා මම වලව්වේ තනි වුනා. මොකද සමිත ලොකු නෝනට වුනේ, මම වැඩකරන කොල්ලගෙන් ඇහුවා. අනේ මන්දා හාමු මහත්තයා අර පොටෝ ටික බැලුවා විතරයි නෝනා බයවුනා. මම කල්පනා කලා අම්මා එකපාරටම පිටවුනේ ඇයි කියලා. පැයකට විතර පස්සේ මගේ දුරකතනය නාද වෙන්න ගත්තා. මල්ලි, ඔයා ගෙදර එන්නේ නැද්ද? අක්කාගෙන් කෝල් එකක්..., ඇයි... තමුසෙට බය නැද්ද ඔය භූත වලව්වේ ඉන්න? භූත වලව්ව ? ඕක මහ භූත වලව්වක් මල්ලි.. අර පිරිමි ලමයා ගෙනාපු පොටෝ එකේ ඉන්න ගෑනු කෙනා අම්මා තුන් හතර පාරක්ම ජායවක් වගේ දැක්කලු දවස් දෙක තුනක්ම සාලේ ඉන්නවා. ඒක නෙමේ හොදම එක ඒ ගෑණු කෙනා එක්ක ඉන්න පොඩි ළමයා ඔයා පොඩිකාලේ වගේමලු. එන්න මල්ලි ගෙදර. අක්කා කීවෙත් ටිකක් බයවුන හඬකින්. බෑ මම එන්නේ නෑ. මට මෙහෙ ඉන්න ඕන. මම හිතන්නත් කලින් මගේන් අක්කට ප්‍රතිචාර ලැබෙද්දි මම එහෙම කීවේ ඇයි කියලා මට වත් හිතාගන්න කාලයක් තිබුනේ නෑ. මල්ලි...පිස්සු නොකර ගෙදර එනවා. නෑ මම එන්නේම නෑ. මම දුරකතනය විසන්දි කරලා දැම්මා. --------- ලිමන්ති මාධවී සේනාරත්න.රික්ෂෝවෙන් ගමනක්(කොටස් දෙකකින් යුක්ත කතාවකි) පළමුවන කොටස —--------------------------- ‘තාත්තේ ඔන්න හෙට මල්ලි රට ඉඳලා එනවලු’ සඳරුවන් රිසිවරය තබමින් හඬ නගා කීවේ සිය පියා වන අන්දිරිස්ටය.අන්දිරිස්ගේ මෑතක සිට ඇති ශ්‍රවණ දුර්වලතාවයක් පෙන්වන නිසා ඔහුට කතා කරන විට ශබ්ද නගා කතා කිරීමට සිදුව ඇත. ‘පොඩිපුතා හෙට එනවා…අනේ වාසනාවන්…තනියමද එන්නේ’ අන්දිරිස්ට දැනුණේ නිම්හිම් නැති සතුටකි.ඔහුට පුතුන් තිදෙනෙකි.වැඩිමලා සඳරුවන්ය.දෙවැන්නා ජයරුවන්ය.මේ බාල පුත් ලක්රුවන් ලංකාවට යලි එන්නේ වසර පහකට පමණ පසුවය.මීට පෙර ඔහු පැමිණියේ අන්දිරිස්ගේ බිරිඳගේ එනම් ලක්රුවන්ගේ මවගේ මළ ගෙදරටය.ඔහු සිය බිරිඳත් දරු දෙදෙනාත් සමඟ පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙයයි. ලක්රුවන්ගේ බිරිඳගේ පියා ස්කොට් ජාතිකයෙකි.මව සිංහලය.එහෙත් ඇයද සුදු පැහැති සමක් ඇත්තියකි. ‘කවුද මල්ලිද කතා කළේ’ සඳරුවන්ගේ බිරිඳ ගීතිකා ඇසුවේ මුළුතැන්ගෙයි සිට සාලයට එබී බලමිනි. ‘ඔව් පොඩි මල්ලි හෙට උදේ ලංකාවට එනවලු’ ‘එහෙනං අද රෑ එහෙන් එනවා ඇති…ලබන සතියෙනේ එනවා කිව්වේ ….ගෙවල් දොරවල් අස්පස් කළෙත් නෑ..ඇයිද දන්නැහැ වේලාසනින්’ ‘ඒක දන්නැහැ…මල්ලිනෙ එන්නෙ …මොකටද විශේෂයක්’ ‘ඒ වුනාට ආයෙත් යන්නැති කතාවක් ඔයා කිව්වනෙ ….ඉස්සරහ කාමරේවත් අස්පස් කරලා දාන්න’ ‘ඉස්සරහා කාමරේ ඉඩ මදි නේද ගීතිකා ..එතන ළමයි දෙන්නෙකුත් ඉන්නවනෙ…ඒ ගොල්ලෝ ඉක්මණින් ගෙයක් හොයාගෙන යාවිනේ…එතකං අපේ කාමරේ දෙමු’ ‘අපේ කාමරේ දෙන්න …මහත්තයට පිස්සුද …අනිත් එක ඔය යාවි කිව්වට අයිතිවාසිකම් කියාවිද දන්නැහැ…ගේ අයිති එයාට කියලා…අම්මා ඉන්න කාලේ කිව්වේ ගේ අයිති බාලයාට කියලනෙ ‘ ගීතිකා කතා කළේ නොමනාපයෙනි.බාල සහෝදරයා ආපසු ලංකාවට එන බව දැන්වූදා සිට ඇයගේ හිස අවුල්වී ඇති බව සඳරුවන් හොඳින් වටහාගෙන තිබිණි. ‘එහෙම වෙන එකක් නෑ …මම මල්ලිට පොඩි අදහසක් දැම්මා …දැන් මේ ගෙදර පරණයි මල්ලි වගෙ කෙනෙකුට ගැළපෙන්නෙ නෑ කියලා’ සඳරුවන් සෙමෙන් කීවේ පියාට නොඇසෙන්නටය. ‘ඉතින් එයා මොකද කීවේ’ ‘මොකුත් කීවේ නෑ’ ‘ඒක තමයි…ගෙදරට තියෙන්නේ කාමර හතරයි…එකක තාත්තා..එකක අපේ අම්මා…අපේ මල්ලිලා ආවත් ඉන්න තියෙන්නේ ඉස්සරහා කාමරේ …මොනවා කරන්නද මන්දන්නෑ…තාත්තා කාමරේ පිළිවෙලකට තියාගන්නෑනේ ..නැත්නං ඒක හරි දෙන්න තිබුණා….අනිත් එක මං කී සැරයක් කිව්වද මේ ගේ තට්ටු දෙකට හදමු කියලා…අනිත් එක ඔයා මල්ලිට කිව්වනං හරිනෙ ජයරුවන් මල්ලිගෙ ක්වාටස් වලට ගියා නං හරි කියලා …ඒවා හොඳට ඉඩ තියෙනවා’ ගීතිකා එලෙස කීවේ කටහඬ බාල කරමිනි.ජයරුවන් සේවය කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේය.ඔහු රැකියාව ලද දිනයේ සිටම පදිංචිව සිටින්නේ දුම්රිය නිවාස වලය.ඒ ජීවිතය පහසු බවත් විශ්‍රාම යන කාලයට නිවසක් සදා ගන්න බව ඔහු පවසන නිසා ගීතිකාගේ විරෝධයක් නැත්තේ ඔහු මේ නිවසට අයිතිවාසිකම් නොකියන බව පැහැදිළිවම දන්නා නිසාය. ඇයට අවශ්‍ය සිය පියා එම කාමරයෙන් ඉවත් කිරීම බව සඳරුවන්ට ව්‍යංගයෙන් වැටහිණි. අසූ වියැති අන්දිරිස්ට මේ සියල්ල හොඳින් ශ්‍රවණය වුවත් ඔහු සිටියේ නොඇසුනාක් මෙනි.අසමාන කාය ශක්තියකින් යුක්ත අන්දිරිස්, බිරිද මියගිය දිනෙහි සිට ක්‍රම ක්‍රමයෙන් ශරීර ශක්තියෙන් පිරිහී ගියේ නොසිතූ විරූ ලෙසය.ඔහු තමාට විරුද්ධව ලේලිය කටයුතු කරන බව දැනුණු දවසේ සිට ඒ සියලු කරුණු දැන ගැනීමට වෙනත් උපක්‍රමයක් යෙදුවේය.ඒ කන් ඇසීම දුර්වල බව පෙන්වීමයි.ඉන්පසු අන්දිරිස් ළඟදීද ලේලියත් ඇගේ මවත් හිමිහිට කරන කතා ඔහු අසා සිටියේ පුදුමාකාර ඉවසීමකිනි.ලක්රුවන් සහ ජයරුවන් ඔහුගේ වියදමටත් වඩා මුදල් නොඑවන්නේ නම් මේ වන විටත් ඔහුට නිවසේ සිටීමට හැකියාවක් නොමැති වනු ඇත. ‘ගෙවල් හදනවා කියලා ලේසි නෑ …අනිත් එක මම පාරම්පරික ජ්‍යෝතිශාස්ත්‍රඥයෙක් විදිහටයි සමාජයේ පෙනී හිටින්නෙ ..එතකොට ඉන්න ඕනි පරණ ගේක මිසක් අලුත් ගේක නෙවෙයි….මිනිස්සු බලන්නෙ පිටත පෙනුම..ඊටත් වඩා දැන් මගේ ජොබ් එක කරන අයත් හරි වැඩි …බලමුකෝ හෙට දවසේ මොනවා හරි කරමු ….කොහොමත් ඉස්සරහ කාමරේ හතර දෙනෙකුට ඉඩ මදි…අපි වාගේ නෙවෙයි ඒ ගොල්ලෝ සැප පහසුවට හිටපු අයනේ’ ‘අර රික්ෂෝ කරත්ත මඩුවේ තියෙන ඇඳ ඉස්සරහ කාමරේට දැම්මානං ඉවරනෙ …ඒ ගොල්ලන්ටත් පේන්න ඕනිනේ මේ ගෙදර ඉඩ නැති වග….අනිත් එක ඔයාට ඔය විදිහට නං ඔය ජොබ් එක කරන්න අමාරුයි…ලොකු සල්ලිකාරයෙක් අහුවුනාම ගොඩ යන්න පුළුවන් රස්සාවක් …කොහෙද ඔයා ඒකට’ ගීතිකාගේ කටහඬ පාලනයකින් තොරව කී බවක් සඳරුවන්ට හැඟිණි.සඳරුවන් ප්‍රවීණ ජ්‍යෙතීර්වේදියෙකි.අන්දිරිස් නක්ශාස්ත්‍රය අකුරටම ඇදහූ අයෙකි.එනිසා බිරිඳගේ විරෝධයද නොතකා සඳරුවන් පන්සලේ ලොකු හාමුරුවන්ගෙන් ජ්‍යෙතීර්වේදය ඉගෙන ගැනීමට යවනු ලැබූයේ ජ්‍යෙෂ්ට විභාගය අසමත් වීමෙන් පසුවය. ‘හය්යෙන් කෑගහන්න එපා තාත්තාට ඇහේවි’ ‘ඇහුණත් මම කියන්නේ ඇත්ත..ආ ඊළඟ කාරණේ ….ඔය තාත්තගේ නම අන්දිරිස් කියන්න එපා ඔය සුද්දිට …ලැජ්ජා නැද්ද….මම මගේ යාලුවන්ට නෑදෑයන්ට කියල තියෙන්නේ ඇන්ඩ්රූ කියලා’ ‘ඒ ගොල්ලන්ට ඔය නම් තේරෙන්නෙ නෑ ගීතිකා ..අනිත් එක ඒ ළමයා ඔය නම් අහන එකකුත් නෑ ..ඒ ගොල්ලන්ට සිංහල තේරෙනවයැ’ ‘අනේ මන්දන්නැහැ මට නං ලැජ්ජාවේ බෑ ඔය නම කියන්න….අපේ අම්මත් කියනවා…බලන්නකෝ අම්මගේ නම සුසිලා …මම ගීතිකා ..ඕන තැනක් කියන්න පුළුවන්’ ‘තාත්තා ගමේ හැදුන මනුස්සෙක්…ඔයගොල්ලෝ වගේ ටවුන් එකේ වත්තක නෙවෙයි ගීතිකා .. ගමේ නම් ඔහොම තමයි…අපේ අම්මා ඉන්නකොට කිව්වේ තාත්තට අන්දරේ කියලා…හැබැයි ඒ ආදරේට…අම්මා කොළඹ හතේ ඉඳලත් කවදාවත් කිව්වේ නෑ තාත්තගේ නම වෙනස් කරන්නවත් රස්සාව වෙනස් කරන්නවත්’ අන්දිරිස් මේ සියල්ල අසා සිටියේ පුදුමාකාර ඉවසීමකිනි. ‘ඒ ඔයාගේ අම්මගෙ විදිහ..නැත්නම් කොළඹ හතේ ගෑනියක් කීයටවත් මේ වගේ කරත්තකාරයෙක් බඳීවියැ…මෝඩකම තමයි ඉතින් ..ඊළඟ කාරණේ සඳරුවන් ඔයාට ලැජ්ජා නැද්ද අර කෙහෙම්මල් කරත්තෙ ..ඔය රික්ෂෝව කියන එක …මම මගේ යාලුවෙක් එනකොට ඕක මොකකින් හරි වහලා දානවා…ඒ කාලේ රස්සාව කළාට දැන් ඕක ලෝකෙටම පෙන්නන්න ඕන නෑනෙ ..ඔය සුද්දිත් කැමති වෙන එකක් නෑ ..ඒ මගුලත් නැතිවෙයි මනුස්සයාගේ තාත්තගේ රස්සාව අහපුවාම’ ගීතිකාගේ ස්වරය වැඩිවෙන බව සඳරුවන්ට හැඟිණි . ‘මම කිව්වා නේද ගීතිකා හය්යෙන් කතා කරන්න එපා කියලා …තාත්තට ඇහුණොත් …ඔයා මොකක්ද කියන්නෙ ගීතිකා..අපෙ අම්මට අපහාස කරන්න එපා….තාත්තට උනත් මේ ගෙවල් දොරවල් ඉඩම හම්බ වුනේ තාත්තා අවංකව රස්සාව කළ හින්දයි’ ‘අපොයි ඒ අවංක කම..ඒ වුනාට කමක් නෑ ඔය රික්ෂෝ කබල දැන්වත් පුච්චලා දාන්න…එතකොට එතන මල් පැලයක්වත් හිටවන්න පුළුවන්.. කොච්චර ලස්සනද …මේක හරියට අර හණ මිටියක් කරේ තියාගෙන ගියපු කතාව වගේ’ මෙතෙක් වෙලා නිහඬව සිටි අන්දිරිස්ට ඒ වචන කීපයෙන් ඔහුගේ ව්‍යාජ කන් ඇසීමේ දුබලතාවයද අමතක විණි.ඒත් සමඟම ඔහුට සිතුණේ අපහසුවෙන් හෝ තවත් ඉවසිය යුතු බවය. ‘මොන මගුලකටද මන්දන්නෑ මම දැකලා තියෙනවා හැමදාම නැ
ගිටපු ගමන් මේ මනුස්සයා යන්නේ ඔය රික්ෂෝ එක ළඟට….ඒ ගිහින් ඒක හැමදා පිහදානවා…ඊට පස්සේ වාඩිවෙලා ඉන්නවා ..මටනම් හිතෙන්නේ මේක පිස්සුවක්…පොඩි කාලයක්ද දැන් අවුරුදු පහළොවක් විස්සක් විතර..හැට ගණන්වල ඉඳලා අසූව වෙනකං ….ළමයින්ටත් ආදරේ නැතිව ඇති ඔය තරං …හෙට අරගොල්ලෝ එන්න ඉස්සර වෙලා ඕක පුච්චලා දැම්මොත් හොඳයි’ සඳරුවන් නිහඬය.තාත්තා සිය පණ මෙන් රික්ෂෝව ආරක්ෂා කරන බව ඔහු දනී.ගීතිකා සාලයෙන් මුළුතැන්ගෙයට ගිය පසු අන්දිරිස් කටහඬ අවදි කළේ ඇතිවූ කෝපය පාලනය කර ගනිමිනි. ‘මට හරි දුකයි පුතේ ….උඹ හිතුවද අර ළමයා කී දේවල් මට තේරුණේ නෑ කියලා…මට හොඳට ඇහුණා පුතේ…ඔය ළමයා මීට ඉස්සර කීප වතාවක් ඔය විදිහට කියනවා මට ඇහිලා තියෙනවා…හැබැයි මතක තියාගනින් පුතේ උඹල මේ විදිහට හරි ඉන්නෙ රික්ෂෝ කබල හින්දයි අර පරණවිතාන මහත්තය හින්දයි කියලා’ සඳරුවන්ට ඇති වුනේ අසීමිත ලැජ්ජාවකි. ‘නෑ තාත්තේ…’ ‘නෑ ඒ කතාවෙන් වැඩක් නෑ …මම කාටවත් නොපෙනෙන්න මේ රික්ෂෝ එක වහල තියන්නං….ජයරුවන් පුතා මට කීප සැරයක් එයා ළඟට එන්න කතා කළත් නොගියේ මේ රික්ෂෝව හින්දයි…අනිත් එක පුතේ මට ඔය කාමරේ අවශ්‍ය නෑ …මට පුළුවන් ඔය මඩුවේ අර තියෙන ඇඳ දාගෙන ඉන්න…මට ඔය රික්ෂෝවේ නිදාගෙනත් හොඳට පුරුදුයි…මම එතනට යන්නං ..උඹලා ප්‍රශ්න ඇති කරගන්න එපා’ ‘තාත්තා ඔය ගැන හිතන්න එපා…මම මල්ලිට කාමරේ හදලා දෙන්නං …ගීතිකයි එයාගේ අම්මයි කියන විදිහට මං වැඩ කරන්නෑ තාත්තේ…මම එයාට කියන්නං ‘ අන්දිරිස් පුටුවෙන් නැගිට්ටේ මඩුවට යාමටය.ඔහු නැවත සඳරුවන් දෙස බැලුවේය. ‘ඔය ළමයට කියලා තියපන්…හණමිටි කතාව කිව්වට කන්ද නැග්ගට පස්සෙ හැරමිටිය අමතක කරන මිනිහෙක් නෙවෙයි මම.. එයාට මතක නැතිවෙලා එයා හිටපු තැන’ ගීතිකා මරදාන පැල්පත් නිවාසවල සිටි තරුණියකි.සඳරුවන් රැවටුණේ ඇගේ රුවටයි.ඇගේ කේන්දරය බැලූ සඳරුවන්ට එය වාසනාවන්ත එකක් බව වැටහී පියාගේ සහ මවගේ කැමැත්තෙන් තොරවම ඔවුන්ගේ විවාහය සිදු විණි .එහෙත් කේන්දරයේ යම් වරදකින්දෝ ඔවුන්ට දරුවන්ද නැත. සඳරුවන්ට හැඟුනේ ඔවුන් අද කතා කළ සියල්ලම තාත්තාට ඇසී ඇති බවකි.කන් නොඇසෙන බව කීවත් එය සත්‍යයක් දැයි ඔහුට දැන් ඇත්තේ සැකයකි.පියා කියන දෙය සත්‍ය වුවත් විවාහය දෙදරා යන ලෙස ගීතිකාට විරුද්ධවද කටයුතු කිරීමද කළ නොහැක. අන්දිරිස් නැගිට කෙලින්ම ගියේ රික්ෂෝ මඩුවටය. ඔහු දිනපතා පිරිසුදු කරන නිසා එය තාමත් අලුත්ම එකක් මෙනි.ලේලියගේ නෑදෑයන් පැමිණි විට රික්ෂෝව වසා තැබීමට ඔහු කැන්වස් රෙද්දක් මඩුව තුළ තබාගෙන සිටියි.එය ඇත්තේ රික්ෂෝවේ අසුන මතය.ඔහු එය අතට ගන්නා විට වෙනදා නොමැති අපහසුතාවක් ඇතිවිය.වේදනාව ආවේ පපුව පෙදෙසිනි.එය මානසික පීඩනය නිසා විය යුතු යැයි ඔහුට සිතිණි. ඔහු රික්ෂෝවේ අසුන දෙස බැලුවේය.සැණෙකින් ඔහු ඒ අසුන මත දුටුවේ මීට වසර හතරකට පෙර මියගිය ප්‍රිය බිරිඳය. තමන්ගේ යැයි කිසිවෙකු නොසිටි ඔහුට ජීවය දුන්නේ ඇයයි .කොළඹ අග නගරයේ සුරූපී කුල කාන්තාවක් වූ ඇය තමන් ළඟට පැමිණීම අන්දිරිස්ට සිහිනයකි.ඔහු රික්ෂෝවේ අසුන්ගෙන ඒ අමිහිරි මෙන්ම සුමිහිරි අතීතය එකින් එක පෙළ ගස්වන විට පපු පෙදෙසේ තිබු අසනීපය වෙහෙස කොහේ ගියාදැයි නොදැනිණි. *********************** අන්දිරිස් පවුලේ තුන්වැන්නාය.ඔහුගේ නිවස පිහිටා තිබුණේ යටියන්තොට ප්‍රදේශයේ විශාල කන්දක් පාමුලය. ඔහුට වැඩි මහල් සහෝදරියෝ දෙදෙනක් සහ බාල සහෝදරයන් දෙදෙනෙක් වූහ . ඒ ඔහුගේ මව මිය ගොස් තුන් මාසයේ දානය දිනයයි.දානයේ කටයුතු අවසාන වීමෙන් පසු ධර්මකීර්ති ලොකු හාමුදුරුවන්ගේ නෙත ගැටුණේ හුරුබුහුටි කඩවසම් කොලු පැටියෙක්වූ අන්දිරිස් දෙසටය. ‘මේ කයිතන් උපාසක උන්නැහැගේ බාලයාද ’ ‘නෑ ලොකු හාමුදුරුවනේ …මේ මගේ තුන්වෙනියා දැන් දහයක් ’ ‘මෙහෙ ආව නං…මොකක්ද මේ ළමයාගේ නම’ ‘අන්දිරිස්..ලොකු හාමුදුරුවනේ’ අන්දිරිස් වෙනුවට පිළිතුරු දුන්නේ පියාය. ‘බොහොම ලස්සන හුරුබුහුටි කොලු පැටියෙක් නොවැ …දහයයි කිව්වා නේද වයස…මට ඔය ළමයාගේ අත ටිකක් පෙන්නන්න’ අන්දිරිස් ලොකු හාමුදුරුවන් ළඟට ගියේය. ‘කයිතන් උපාසක උන්නැහැ දරුවෝ පස් දෙනෙක් නොවැ .. දැන් කොහොමද මේ පස් දෙනා මවු නැතිව රැක ගන්නෙ’ ‘මොනා කරන්නද ලොකු හාමුදුරුවනේ ලොකු කෙලීට නං දැන් වළඳක් රත් කර ගන්න පුළුවන් ඒකිට දැන් දහතුන ඉවර වුනා විතරයි ’ ‘මට මේ ළමයාගේ ජන්ම පත්තරේ ටිකක් දෙන්න පුලුවන්ද උපාසක උන්නැහැ’ අන්දිරිස්ගේ පියා ලොකු හාමුදුරුවන්ට රෝල් කරන ලද තල් කොලයක් දෙනු ඔහුට තාමත් මතකයට නැගේ.උන්වහන්සේ විනාඩියක් පමණ ඒ දෙස බලා සිටියහ. ‘මේ ළමයා ඉපදිලා තියෙන්නේ එක් දාස් නමසීයේ ජනවාරි හතර වෙනිදා..මේ ශත වර්සේ පටන් ගන්නකොට..මේක හොඳ ජන්ම පත්තරයක්. ..හැබැයි කයිතන් උන්නැහැ මෙයා කවදාවත් ගෙදර රඳන්නේ නෑ …මේ ළමයව පන්සලට දෙන්න බැරිද ‘ තවත් යම් යම් දේ ලොකු හාමුදුරුවන් කිව්වත් අන්දිරිස්ට ඒ කිසිවක් වැටහුණේ නැත. ‘අනේ ලොකු හාමුදුරුවනේ’ ‘අනේ නෙවෙයි දරුවෙක් සාසනයට පූජා කරනවා කියන්නේ හතර වරිගයක් නිවන් දකින පිනක්…මැරුණු උපාසිකාවටත් ඇති මේ පිනම ඇති නිවන් දකින්න…ගෙදර හිටියොත් විශාල කරදරයකට මූන දෙන්න වෙන වගයි පේන්නෙ’ ‘අනේ මට බෑ තාත්තේ මහණ වෙන්න ‘ ලොකු හාමුදුරුවන් ගිය පසු අන්දිරිස් පියාට කීවේ හඬමිනි.තාත්තා සිනාසුන මිස කිසිවක් කීවේ නැත.මව මිය ගිය පසු ඒ සෙනෙහස අක්කලාගෙන් හෝ පියාගෙන් නොලැබෙන බව අන්දිරිස්ට ටික දිනකින්ම වැටහිණි.කාගේත් සැළකිල්ල හිමි වූයේ ඔහුගේ බාල සහෝදරයන් දෙදෙනාටය.මේ අතර ලොකු හාමුදුරුවෝ පියාට යලිත් මේ ගැන කීප අවස්ථාවකදීම කියා ඇති බව අක්කාද පැවසුවාය.මව මියගොස් මාස කීපයකට පසු පියා දිනක් පැමිණියේ අම්මා තරම්ම වයසැති කාන්තාවක් සමඟය. ‘අක්කලාට ගෙදර වැඩ ටික කර ගන්න බැරි හින්දා මම උඹලට කුඩම්මා කෙනෙක් ගෙනාවා’ තාත්තා කීවේය.කුඩම්මා ගෙදර ආධිපත්‍ය ගත් පසු පසු අන්දිරිස්ට ලැබෙන බත්පතද කුඩා විය.අන්දිරිස් දිනෙක තනිවම පන්සලට ගියේ කිසිදු අරමුණකින් තොරවය. ‘මේ දරුවට මම පන්සලට එන්න කිව්වට ආවෙ නෑනෙ’ ලොකු හාමුදුරුවෝ පැවසූහ. ‘මම කැමතියි මහණ වෙන්න’ අන්දිරිස්ට සිතුණේ පන්සලේ සිටියහොත් කෑම බීම හෝ ලැබෙන බවය. ‘එහෙනං ගෙදර ගිහින් තාත්තට කියලා එන්න’ ඔහු පන්සලට ආවේ ඒ අයුරිණි . එහි පැමිණ මාස දෙකකට පමණ සිදු වූයේ අභාග්‍යමත් සිද්ධියකි.මේ ප්‍රදේශවලට අධික ලෙස වැසි වසියි. එක් වැසි දිනයක මධ්‍යම රාත්‍රියේ අන්දිරිස්ගේ පවුලේ අය විසූ කන්ද නාය ගොස් ඔවුන් පදිංචිව සිටි නිවසත් තවත් නිවාස කීපයකුත් යටවී සියල්ලෝම මරණයට පත්වූහ.අන්දිරිස් පන්සලේ සිටි නිසා බේරුණු නමුත් ඔහු තනි විනි.ඒත් මාස කීපයකින්ම ඔහුට පන්සල එපා වුනේ කස්සප හාමුදුරුවන් නිසාය.කස්සප හාමුදුරුවෝ බොහෝ සැරපරුෂය.සමහර විට ඔහුට පහර දෙයි. ඒ නිසා ඔහු ජීවිතයේ කළ මුල්ම සහ අවසාන හොරකම කර පන්සලින් පැන ගියේ පිංකැටය කඩා එයින් ලද මුදලිනි.යටියන්තොට දුම්රිය ස්ථානය පිහිටියේ විහාරස්ථානය ආසන්නවයි. කිසිදා දුම්රියක නොගිය අන්දිරිස් යටියන්තොටින් දුම්රියට නැග අවිස්සාවේල්ලෙන් වෙනත් දුම්රියකට මාරු වී අවසානයේ මරදාන දුම්රිය ස්ථානයෙන් දුම්රියෙන් බැස්සේය.යායුත්තේ කොතනටද කළ යුත්තේ කුමක්දැයි නොදැන ඔහු ඒ මේ අත ඇවිද්දේ කිසිදු අරමුණකින් තොරවය.මේ නිසාම ඔහු දෙතුන් වරක් මරදාන දුම්රිය ස්ථානය ඉදිරිපසින් ගමන් ගත්තේය.දුම්රිය ස්ථානය ඉදිරිපස එක් අයෙකුට පමණක් යාමට හැකි අමුතුම වර්ගයේ කරත්තයක් තබාගෙන ‘රික්ෂෝ...රික්ෂෝ’ කීප දෙනෙක් කෑගසමින් සිටියහ.ඔවුන් ඇඳ සිටියේ සුදු පාට දිග කළිසමක් සහ ෂර්වානියක් වැනි කබායකි . ඉණෙහි ඉතාමත් අලංකාර පටියක් බැඳ සිටි අතර හිසෙහි ජටාවකි.සමහරු කැන්වස් සපත්තු දා එහි ඉදිරිපස කොටස ඇඟිලි එලියට එන සේ කපා තිබිණි.සමහරු පටි සපත්තු පැළඳ සිටියහ.මුතු පොටවල් සහ මිණිගෙඩි එල්ලා තිබූ,අවශ්‍යවූ විටකදී හැකිලිය හැකි වහලකින්ද යුක්ත මේ අපූරු කරත්තය දෙස අන්දිරිස් හොඳින් බලා සිටියේය. ‘මේ ළමයා මම දැක්කා දැන් දෙසැරයක් මෙතන ඉස්සරහින් යනවා…මොකද ගෙදරින් පැනලා ඇවිල්ලද’ අන්දිරිස්ගේ දිව කට වේලුණි.කතා කළේ ඉදිරිපස සිටි කරත්තයක් ඇදගෙන යන මිනිසෙකි.ඔහු සැරසුණේ දුවන්නටය.එහෙත් කතා කළ තැනැත්තා ඊට පෙර ඔහුගේ අත දඬු අඬුවකින් මෙන් තදින් අල්ලා ගත්තේය. ‘පැනලා යන්න නේද හැදුවේ ..හොර ගෙඩියා…ඉන්නවා අපේ හාමු මහත්තයා ළඟට ගෙනියන්න’ ඔහු අන්දිරිස් රැගෙන ගිය තැනට වැඩි දුරක් නොවීය.එම නිවසේ එක් පැත්තකින් තිබුණේ අන්දිරිස් පසුව දැනගත් පරිදි රික්ෂෝ මඩුවකි.ඒ කරත්තවලට කියන නම රික්ෂෝ බව එහිදී ඔහු දැන ගත්තේය.යාබදව තිබූ නිවස රික්ෂෝ මඩුව හිමි පරණවිතාන මහතාගේය.අන්දිරිස් පරණවිතාන මහතා ඉදිරියට පමුණුවනු ලැබීය.ඔහුගේ කරුණාවන්ත මුහුණ දුටු අන්දිරිස් ඇත්තම කියන්නට සිතා ගත්තේය. ‘මේ ළමයාගේ නම මොකක්ද’ ‘අන්දිරිස්’ ‘ගම කොහෙද’ ‘යටියන්තොට’ ‘වයස කීයද’ ‘දොළහයි ‘ ‘මට පේන්නෙ පහළොවක් විතර’ අන්දිරිස් පන්සලේ සිටි අයුරු පවුලේ සියලුම දෙනා මිය ගිය අයුරු පන්සලෙන් පැන ආ හේතුව පරණවිතාන මහතාට පැවසුවේ කඳුළු සලමිනි. එතනට පැමිණියේ පරණවිතාන මහතාගේ බිරිඳයි. ‘කවුද මහත්තය මේ ළමයා ..හරිම හුරුබුහුටි ළමයෙක්නෙ ’ ‘ඔව් අපේ පුතාගේ වයසේ…කාත් කවුරුවත් නැතිලු..පන්සලේ ඉඳලා තියෙන්නේ..එතන එපා වෙලා ඇවිත්..අපි මෙයා මෙහෙ නවත්තගම්මු..මේ ළමයට පුළුවන් නේද රික්ෂෝ මඩුව පිහදාලා රික්ෂෝවල දූවිලි එහෙම හෝදන්න’ අන්දිරිස් අවංකවම හිතෛෂීව සේවය කළ නිසා ටික දිනකින්ම එම නිවසේම සාමාජිකයෙක් මෙන් විය.රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පරණවිතාන මහතාගේ එකම පුතු සෙල්ලම් කළේද අන්දිරිස් සමඟය.ඔහු නිවසේ සියලුම වැඩ කටයුතු වලට උදව් කරමින් කාලය ගත කළේය අන්දිරිස්ටද රික්ෂෝවක් ගෙන යාමට දැඩි ආශාවක් තිබුණද ඔහු ඊට සුදුසු වයසක නොවිණි.මේ වන විට ඔහුගේ වයස අවුරුදු පහළොවක් පමණ වුවත් උස මහතින් අවුරුදු විස්සකට වැඩි පෙනුමක් තිබිණි.1915 සිංහල මරක්කල කෝලාහලය රික්ෂෝ මඩුවටද දැනිණි.මුස්ලිම් සේවකයෝ තිදෙනෙක් රික්ෂෝ සේවයට නොපැමිණියේ කරදරයක් වේ යැයි ඇතිවූ බිය නිසාය.එහෙත් වෙනදාට වඩා රික්ෂෝ ඉල්ලුම වැ
ඩි විය. ‘අපිට රික්ෂෝ ඉල්ලුම වැඩියි…දවස් කීයකින් මේ ගොල්ලො එයිද දන්නැහැ..පුතා කොලේජ් එකට ගෙනියන්නත් ඕනි …විචර්ලි හවුස් එක ළඟ අර ගෙදර සුවිනීතා නෝනා හැම ඉරිදාම වජිරාරාමයට එක්කගෙන යන්න ඕනි..මරික්කාර් තමයි ඒක කරන්නෙ.. සිංහල දෙන්නෙක් ආවෙත් නෑ ..මම කල්පනා කලේ මොනවා කරන්නද කියලා’ පරණවිතාන මහතා පැවසුවේ බිරිඳටය.ඒ අවස්ථාවේ අන්දිරිස් සිටියේ එතනය. ‘මම එක්කගෙන යන්නං හාමු මහත්තය ..මට පුළුවන්’ අන්දිරිස් පැවසීය.පරණවිතාන මහතා දෙබැම උස්සා ඔහු දෙස් බැලුවේ විමසිලිවත්වය. ‘උඹ කොහේ යන්නද උඹ… පොඩි එකා’ ‘පොඩි බේබි එක්ක යන්න මම ආසයි ..මං එක්ක යන්නං..මට පුළුවන්’ ‘ඇත්තද අන්දරේ උඹ කියන්නේ’ ‘ඔව් හාමු’ ‘හොඳයි එහෙමනං බලමුකෝ අන්දරේගේ වැඩ’ පරණවිතාන මහතා අන්දිරිස්ට කීවේ අන්දරේ යනුවෙනි .එදා සවස ඔහු තම පෙට්ටියේ සඟවාගෙන තිබූ අත්දිග මේස් බැනියමත් දණහිස දක්වා උස කලිසමත් එලියට ගත්තේය. අන්දිරිස්ගේ පළමු රික්ෂෝ ගමන එලෙස රාජකීය විද්‍යාලයටත් දෙවැනි ගමනවූ ඉරණම් ගමන බම්බලපිටියේ වජිරාරාමයටත් ගියේ නොසිතූ අයුරිනි . ‘හැම පෝයකටම හැම ඉරිදාවකටම මේ ළමයා එන්න ඕනි..ගැස්සෙන්නෙත් නෑ පැද්දෙන්නේත් නෑ ..වේගෙනුත් යනවා’ සුවිනීතා නෝනා පැවසුවේ එදිනමය. ‘මරික්කාර් ආවාම මට එන්න වෙන එකක් නෑ’ වෙනදා මේ ගමන යන්නේ මරික්කාර්ය. ‘අපෝ මරික්කාර් …මම ඒක උඹලගේ මහත්තයට කියන්නං’ ඉන්පසු සෑම ඉරු දිනකම අන්දිරිස් සුවිනීතා මහත්මිය රැගෙන බුලර්ස් පාරේ සිට වජිරාරාමය දක්වා යාම නොකඩවා සිදු විය.ඒ සඳහා අතිරේකව තිබුණු රික්ෂෝවක් අන්දිරිස්ට ලැබිණි. සුවිනීතා මහත්මියගේ සැමියා වන රණසිංහ මහතා රජයේ කොන්ත්‍රාත්කරුවෙකු බව පරණවිතාන මහතා කී බවක් අන්දිරිස්ට මතකය.ඔවුන්ට සිටියේ දියණියක් සහ පුත්‍රයෙකි.අන්දිරිස් මව සමඟ යන අතරේ සමහර දිනෙක ඔවුන් මිදුලේ සෙල්ලම් කරන අයුරු ඔහුට අරුමයක් නොවිණි.ඒ ඉරු දිනය ඔහුට කිසිදා අමතක නොවේ.ඒ හරියටම එක් දහස් නවසිය දහ අට වර්ෂයේය. ‘අද ඔය ළමයට දෙසැරයක් වජිරාරාමෙට යන්න වෙනවා’ ‘ඇයි නෝනා’ ‘අද ඉඳලා බේබිලා දෙන්නා දහම් පාසැල් යනවා…ඒ දෙන්නත් එක්ක යන්න ඕනි…ඔය ළමයට පුලුවන්ද දෙන්නෙක් එක්ක යන්න…දුවත් ටිකක් ලොකුයි’ ‘ඒකට කමක් නෑ …මට පුළුවන් නෝනා’ අන්දිරිස් එය සතුටින් භාර ගත්තේය.ඔහුට රික්ෂෝව සෙල්ලම් බඩුවක් මෙනි.දෙපසින් අල්ලා ඉතා සැහැල්ලුවෙන් කඟවේනෙක් මෙන් දිව යාමට ඔහුට හැකිය.සුවිනීතා මහත්මියගේ දියණියට මේ වන විට අවුරුදු දාසයකි.පුත්‍රයාට අවුරුදු දොළසකි.ඔහු යන්නේ රාජකීය විද්‍යාලයටයි.නමින් ප්‍රින්ස්ය. මාසයකින් පමණ පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහු විදේශගත වූයේ මේ අතරය. ‘අද මල්ලි නෑ ..මම විතරයි’ රික්ෂෝවට නගින අතරේ තරුණිය පැවසුවාය. ‘ඇයි බේබි’ ‘මල්ලි ඉගෙන ගන්න එංගලන්තෙට ගියා ..මටත් දහම් පාසැල් යන්න වෙන්නේ තව මාස දෙකයි කියලා අම්මා කීවා අය්යට ලේසියි’ අන්දිරිස්ට එය නොවැටහිණි. ‘බේබිට අය්ය කෙනෙක් ඉන්නවද’ ‘පොඩ්ඩක් නතර කරන්න..ඔයා යන වේගෙට කියනදේ මොනවත් ඇහෙන්නෙ නෑ …ටිකක් හිමින් යන්නකෝ…ඔයා යන්නෙ අශ්ව කරත්තෙටත් වැඩි වේගෙන්නේ ’ අන්දිරිස් රික්ෂෝව නතර කළේය.වජිරාරාම පන්සලට ඇත්තේ තව ටික දුරකි. නිවසේ සිට බම්බලපිටිය දක්වා යායුතු දුරෙහි අඩක් පමණ ඝන කැලෑවෙන් වැසී ඇත ඒකාල භාවිතා කළ නම කැලෑ බම්බලපිටියයි..මේ මගෙහි ඔහු සමඟ යැවීමට සුවිනීතා මැඩම් අන්දිරිස් විශ්වාසය තබා ඇත.එය කිසිසේත් නොකැඩිය යුතුය. ‘එහෙම කියන්න එපා බේබි ..අපි කුළීකාරයෝ..මම අන්දිරිස් ..අන්දිරිස් කියලා කියන්න’ ’හැමෝම මනුස්සයෝ…ඔය නම ඇරෙන්න වෙන නමකින් කවුරුවත් ඔයාට කතා කරන්නෙ නැද්ද’ ‘මට අපේ හාමු මහත්තය කතා කරන්නෙ අන්දරේ කියලා’ ‘ඒක ෂෝක් අය්යා කියන්න එපා නං මම අන්දරේ කියන්නං …අන්දරේට දැන් වයස කීයද’ ‘ දැන් දහ අටයි’ ‘දහඅටයි…දහඅටට මෙච්චර ලොකු..අන්දරේගේ පවුලේ අය කොහෙද ඉන්නෙ අන්දිරිස්ට දැනුනේ දැඩි ශෝකයකි. ‘මගෙ කියලා කවුරුවත් නෑ බේබි ..ඒක දිග කතාවක්…ගේ ළඟ කන්ද නාය ගිහිල්ල ඒ අය ඔක්කොම මැරුණා’ ‘පව් අන්දරේ..මට කියන්න විස්තරේ …නෑ දුක හිතෙනවා නම් කියන්න එපා…මට බේබි කියන්නත් එපා මගේ නම ඈන්’ ඊළඟ සතියේ සිට ඇය රැගෙන ගිය සැම අවස්ථාවකම වෙනදාටත් වඩා දොඩමලු විය. ‘මම ගෙදර ඉන්නෙ හිරකාරයෙක් වගෙයි’ ‘ඇයි බේබි එහෙම කියන්නෙ ‘ ‘ගමනක් විදිහට මම යන්නෙ මේ පන්සලට යන එක විතරයි..කොහොමත් බම්බලපිටිය හරියේ හරිම කැලේනේ …අම්මා කැමති නෑ මම තනියම යනවට..දැන් මල්ලිත් නෑනෙ ‘ එදින රික්ෂෝවෙන් බසින විට ඇය වැටුණේ නොසිතූ ලෙසය. ‘අනේ අන්දරේ’ ඇය නැගී සිටීමට ඔහුගේ උදව් පැතුවේය.අන්දිරිස් ඇයගේ සියුමැළි අතින් අල්ලා නැගිටවීමට උත්සාහ කරද්දී ඇය නැවත වැටුණේ අන්දිරිස්ට වාරු වෙමිනි.මවගේ සහෝදරියගේ අතින් අල්ලා තිබුණද කිසිදු කාන්තාවක් මීට පෙර ඔහුගේ සිරුර හා ස්පර්ෂ වීමක් සිදුව තිබුනේ නැත..අන්දිරිස් සිය හැඩිදැඩි දෑතින්ම ඇය ඔසවා නැවත රික්ෂෝවේ වාඩි කරවූයේ කුඩා ළමයෙකු මෙන් සැහැල්ලුවෙනි.කිසිදා නොදැනුණු අමුතුම නොඉඳුල් ඉමිහිරි බවක් ඔහුට දැනුණි.එහෙත් ඇයගේ සිරුරට අත තැබීමෙන් ඔහු විශාල වරදක් කළ බව අන්දිරිස්ට හැඟුණි. ‘අනේ පොඩි මැඩම් මට සමාවෙන්න’ ‘එහෙම සමාව දෙන්න බෑ අන්දරේ ..එහෙනම් මං ආයෙත් වැටෙන්නද’ ඇය කීවේ ඔහුගේ මුහුණට එබී සිනාසෙමිනි.ඒ හිනාවේ ඒ ස්පර්ෂයේ ඉමිහිර තුළින් දැනුණ සුවදායී බවෙන් ඔහු එදින ලද ඉමිහිර කිසිදා අමතක කළ නොහැකි විය. —------------------------------- පළමු කොටස අවසානයි ශාන්ත විදාන පතිරණඅඩයාලම සමූහයට යොමු කෙරෙන ලිපි කියවා පලකිරීමට සහයෝගය දීමට කැමති අයට අවස්ථාවක් තියනවා, හැබැයි දිනපතා නොකඩවා නොමිලේ වැඩකරන්න වෙනවා, කැමති අය ඉන්නවනං මැසේජ් එකක් දාන්න.කල්ලඩි අන්දරය -7 වර්ෂා සිහින බලමින් පැය ගණනාවක් නිදා ගත්‍තාය. උදේ අවදි වූයේ ජංගම දුරකථනය නද දෙන්නට වූ නිසාය. "දේව් වෙන්නැති. මං ඇහැරිලාද බලනවා ඇති" දුරකථන තිරය දෙස නොබලාම ඇය ඇමතුම හා සම්බන්ධ වූවාය. "ගුඩ් මෝනිං දේව්. අපි උදෙන්ම ඇවිදින්න යන්නෙ නෑනෙ?" "මොකා...? දේව්...? ඒ කවුද? ඒ ඩිංගට කොල්ලෙකුත් හොයා ගත්තද?" බෙරිහන් දුන්නේ මයුමි ය. වර්ෂා උඩ ගොස් බිම වැටුණාය. මෙවෙලේ මයුමිගෙන් ඇමතුමක් වර්ෂා කිසිවිට බලාපොරොත්තු නොවූවාය. කලබල වූ ඇය ඇඳේ ඉඳගනිමින් මයුමිගේ නම සටහන් වූ දුරකථන තිරය දෙස බැලුවාය. "මොකද අනේ මේ පාන්දර? නින්ද යන්නෙ නැද්ද?" "හොඳ පාන්දර. හයත් පහුවෙලා. මේ... ඒක නෙවෙයි. කවුද දේව්?" "හරි හරි ඉතින්. අර ගගනගෙ යාළුවා" "ඒ කියන්නෙ ඔයා මිනිහ එක්ක රවුම් ගහනව කියලද" "නෑ මයුමි. එයා ඊයෙ මාව ලස්සන දිය ඇල්ලක් බලන්න එක්ක ගියා" වර්ෂා පෙර දින සිදුවීම් අකුරක් නෑර මයුමි හා පැවසුවාය. වර්ෂාගේ කතාව නිම වනතුරු සාවධානව අසා සිටි මයුමි ඇයට අවවාදයක් දීමට මැළි වූයේ නැත. "වර්ෂා, මං මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. කොහෙ ගියත් පරෙස්සමෙන්. අපි දන්නෙ නෑනෙ ඔය කොල්ලො මොන වගේද කියලා. ඔයාගෙ ආරක්ෂාව ඔයා සලසගන්න" "අනේ හරි මයුමි. එයා එහෙම නරක කෙනෙක් නෙවෙයි. කෝකටත් මං කල්පනාවෙන් ඉන්නම්කෝ" "අද උදෙන්ම යන්න ඕනෙ නෑනෙ. ඔන්න ඔහේ හත වෙනකල් ඉන්නවා" දුරකථන ඇමතුම විසන්ධි වීමෙන් පසු නැවතත් ඇඳට වැටී කොට්ටය බදගත් ඇය නැවත වරක් දේව් ගැන සිතුවාය. "දේව් නරක ළමයෙක් නෙවෙයි. එයාට ඕනෙනම් ඊයෙ ඕනෙ තරම් අවස්ථා තිබුණා. ඒත් එයා වැරදි විදිහට මගෙ අතකින්වත් ඇල්ලුවෙ නෑ" දේව් ගැන හොඳ මිසක් නරකක් ඇයට පෙණුනේ නැත. "හැබැයි වෙලාවකට එයා මොනවහරි හිතේ තියාගෙන වගෙයි කතා කළේ. එයාගෙ ඇස් දෙක මොනවහරි කියන්න හැදුවා වගෙයි. එතකොට... එයා මට ආදරෙයිද?" වර්ෂා නැවතත් සිතුවාය. හදවත මොහොතකට නතර විය. නිදි ඉරියව්වෙන් මිදී එරමිණියා ගොතාගෙන ඇඳේ හිඳගත්තාය. "මටත් පිස්සු. මොනවාද මං මේ හිතන්නෙ? කොල්ලෙක් ඇවිදින්න එක්ක ගිය පළියට එහෙම හිතන්න බෑනෙ. මං මෙහෙ ලස්සන තැන් දන්නෙ නැති නිසා එයා මට උදව් කරන්නැති" තමාටම ටොක්කක් ඇනගෙන හදිසියේ පැන නැගුණු අහේතුවාදී සිතිවිල්ල හිතෙන් පළවා හැරි වර්ෂා නිදි යහනෙන් නැඟී සිටියාය. "අනේ... ඇත්තටම දේව් මට ආදරය කරනවා නම්..." එක් මොහොතකට එවන් සිතුවිල්ලක් ඇගේ සිතේ ඇඳී මැකී ගියේ මුවගට සිහින් සිනාවක්ද කැන්දමිනි. .... .... .... දේව් මුලින්ම වර්ෂා කැටුව ගියේ ආයුර්වේද කෞතුකාගාරයක් නැරඹීමටය. ඊට ඇතුල්වන විටම දුටු මනා ලෙස සැකසූ උද්‍යානය ඇගේ නෙත සිත දෙකම තදින් පැහැර ගැනීමට සමත් විය. එය "වෛද්‍යරත්නම් ආයුර්වේද මියුසියම්" ලෙස නම් කර තිබූ අතර උද්‍යානය පුරා පිළිවෙළකට තණකොළ වවා තිබුණි. කළු ගලෙන් සියුම්ව නිර්මාණය කර ඇති ගල් කැටයම් තැනින් තැන සවි කර තිබුණි. උද්‍යානයේ එක් කොනකට වෙන්නට කළු ගලින් නිර්මාණය කළ ගෞතම බුදු රජාණන් වහන්සේගේ විශාල ප්‍රමාණයේ හිඳි පිළිමයත් එසේම නිම කරන ලද තවත් ප්‍රතිමාවකුත් වර්ෂාගේ සිත නතර කරනට සමත් විය. "දේව් මේ...?" "ඒ බුදු රජාණන් වහන්සේ" "ඒක හරි. මං දන්නවා. මේ කවුද?" ඇය විමසුවේ භාවනා ඉරියව්වෙන් හිඳගෙන වමතින් පුස්කොල පොතක් බඳු යමක් දරමින් දකුණතින් මුද්‍රාවක් පෙන්නුම් කරමින් රිටක් වැනි යමක් දරා සිටින ප්‍රතිමාව ගැනයි. "ඒ ආදි ශංකරාචාර්‍ය. ක්‍රිස්තු පූර්ව අටවන සියවසේ හිටපු ඉන්දියානු වෛදික විශාරදයෙක් වගේම ගුරුවරයෙක්. එයාගෙ දේශන වලට මූලික වුණේ අද්වෛත වේදාන්තයි. ඒක පැරැණිම හින්දු දර්ශණ හයෙන් එකක්. අනෙක් දර්ශණ වල මරණින් පස්සෙ විතරක් ලබා ගන්න පුළුවන් විමුක්තියක් ගැන කියනකොට අද්වෛතය කියන්නෙ විමුක්තිය මේ ජීවිතය තුළදිම ලබාගන්න පුළුවන් කියලා" "හරියට අපේ බුද්ධ දර්ශණය වගේ" "අන්න හරි. අද්වෛතය ඉන්දියානු චින්තනයට ලොකු බලපෑමක් කරපු දර්ශණයක්. ඒ වගේම ගොඩක්ම අධ්‍යයනය කරපු දර්ශණයක්" "හ්ම්... මෙයා නොදන්න දෙයක් නෑනෙ" වර්ෂා සිනාසුනාය. දේව්ගේ විස්තර කිරීම් වලට ඇය සවන් දුන්නේ ඉතා ආසාවෙනි. "ඒ විතරක් නෙවෙයි, ආදි ශංකරාචාර්‍ය ශිව දෙවියන්ගෙ අවතාරයක් කියලා විශ්වාසෙකුත් තියෙනවා" "දන්නවද දේව්, ඔයා හොඳ ඩමියකට නෙවෙයි. ටුවරිස්ට් ගයිඩ් ක
ෙනෙක්ට" විශාල සිමෙන්ති බඳුන් වල සිටුවන ලද ඖෂධ පැළෑටි අතරින් දේව් සහ වර්ෂා කතා කරමින්ම කෞතුකාගාරය ඇතුළට පිවිසුණෝය. .... .... .... කෞතුකාගාරය නරඹා ආපසු එන ගමනෙදී දේව් සිය සැළැස්මේ ඊළඟ අදියර විස්තර කළේය. "මං ඊළඟට ඔයාව එක්ක යන්නෙ විශේෂ අවස්ථාවකට. ඒකට කියන්නෙ ඕනම් සාද්‍යා කියලා" "ඕනම් සාද්‍යා... ඒ මොකක්ද?" වර්ෂා ඇසුවේ කුතුහලයෙනි. ඇය ඒ නම මීට පෙර අසා තිබුණේ නැත. "මේ අපේ අස්වනු නෙළීමේ මංගල්‍යයන් පවත්වන කාලෙ. මලයාලම් දින දර්ශණයට අනුව අවුරුද්දෙ පළමුවෙනි මාසය, ඒකට කියන්නෙ චින්ගම් කියලා. ඔයාලගෙ විදිහට අගෝස්තු අන්තිම සැප්තැම්බර් මුල වගේ" "හ්ම්" වර්ෂා හූමිටි තියමින් සාවදානව අසා සිටියාය. "ඒ උත්සවේට කියන්නෙ ඕනම් කියලා. ඒක දවස් දහයක් තියෙනවා. පළමු දවස අතම්. අන්තිම දවස තිරුවෝනම්. ඒක ආගමික උත්සවයකට වඩා සංස්කෘතික උත්සවයක්. අපේ සම්ප්‍රදායික නැටුම්, වාදන, මල් වලින් කරපු "පූ කෝලම්" ගොඩක් දැකගන්න පුළුවන්. මේ අන්තිම දවසෙ දෙන විශේෂ කෑම වේල තමයි ඕනම් සාද්‍යා කියන්නෙ. අද මං ඔයාව එක්ක යන්නෙ අන්න ඒ විශේෂ කෑමට" "අනේ දේව්, ආරාධනාවක් නැතිව එහෙම යන්න පුළුවන්ද? ලැජ්ජයිනේ" වර්ෂා කලබල වූයේ ආරාධනාවක් නැතිවටම නොවේ. නාඳුනන මිනිසුන් ගොඩක් මැද තරුණයෙකු සමග විශේෂ කෑමකට සහභාගි වන්නට සිදුවීමෙන් උපන් ලැජ්ජාව නිසාය. "ඔයා අපිට අමුත්තෙක්. ඉතින් විදේශික අමුත්තෙක් අපේ සංස්කෘතික උත්සවයක් බලන්න ආවා කිව්වම ඒ හැමෝම ගොඩක් සතුටු වෙයි. වර්ෂා රැගත් කාරය විශාල ගේට්ටුවක් සහිත වත්තකට ඇතුළු වී නතර කෙරුණි. මැදිවියේ යුවළක් පැමිණ ඔවුන් ඉතා ලෙංගතු අයුරින් ගරු සරු සහිතව පිළිගත්හ. දේව් ඇයව ඔවුන්ට හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ඔහුගේ හොඳ යාළුවෙක් ලෙසටය. වර්ෂා ඔවුන් සමග දමිළ භාෂාවෙන් කතා කරන විට ඔවුන් බෙහෙවින් සතුටට පත් විය. විශාල දෙමහල් නිවසේ ඉස්තෝප්පුවේ බිම නේක වර්ණ මලින් කරන ලද අලංකාර මෝස්තර රටා, ඇයට මඩකලපුවේ දමිළ යහළුවන් තෛපොංගල් උත්සවය සඳහා පාට කරන ලද පොල්කුඩු වලින් සාදන කෝලම් රටා සිහි කැඳවීය. "දේව් ඉස්සෙල්ලා කිව්ව පූ කෝලම් මේවා වෙන්නැති" වර්ෂා අනුමාන කළාය. දේව් මිතුරන් පිරිසක් හා කතාවට වැටී සිටින අතරතුර වර්ෂා කෝලම් රටා කැමරා කාචයට හසු කරගත්තේ ලංකාවේ මිතුරන් වෙනුවෙනි. විනාඩි කිහිපයකට පසු මිතුරන්ගෙන් මිදුණු දේව් වර්ෂා වෙත ආවේ දිවා ආහාරයට ආරාධනා කරමින්මය. දිවා ආහාරය සූදානම් කොට තිබුණේ එළිමහන් භෝජන සංග්‍රහයක් ලෙසය. විශාල මිදුල පුරා දිග මේස හා බංකු වල බොහෝ දෙනෙක් අසුන්ගෙන සිටියහ. දේව් ද වර්ෂා සමග එකිනෙකාට මුහුණ ලා අසුන් ගත්තේය. එම මේස වල කිසිඳු ආහාරයක් තබා පිඟානක්වත් තිබුණේ නැත. මොහොතකින් සුදු වේට්ටියක් වැනි ඇඳුමක් හැඳගත් අයෙක් අසුන් ගෙන සිටි සියළු දෙනාට තරමක් විශාල කෙසෙල් කොළය බැගින් බෙදාගෙන ගියේය. ඉන්පසු එකා පසුපස එකා වශයෙන් පැමිණි මිනිසුන් එවර් සිල්වර් බාල්දි වැනි බඳුන් වලින් සෑම කෙසෙල් කොළයකටම බත්, පරිප්පු, පපඩම්, රසම්, සාම්බාරු, පොල් චට්නි වැනි එකී නොකී ආහාර වර්ග රැසක් බෙදාගෙන ගියෝය. "හරියට දානෙ බෙදනවා වගේ. හැබැයි අපි වගේ ගොඩ ගොඩවල් බෙදන්නෙ නෑ. හරිම පොඩ්ඩයි" වර්ෂා තනිවම සිතුවාය. තව මෝරු, අතුරුපස, චිප්ස් වර්ග ද ඒ අතර විය. මනා රසයකින් යුත් චිප්ස් මහත් ගිජු කමින් ඇය රස විඳිනු දැක දේව් ඒ ගැන ඇයට වටහා දුන්නේය. "මේ තමයි වර්ෂා ඕනම් සාද්‍යා. මේ අගෝස්තු සැප්තැම්බර් කාලයේ විශේෂයෙන් වැවෙන පිපිඤ්ඤා , අළු පුහුල් වගේ එළවළු වර්ග මේකට යොදා ගන්නවා. එතකොට ඔයා ඔය රස කර කර කන්නෙ බනානා චිප්ස්. මේ ශර්කරා වැරටි. කෙසෙල් පෙති ගහල බැදල හකුරු තවරලා තමයි ඒක හදන්නෙ. මේ තියෙන්නෙ මෝරු" වර්ෂා මහත් අභිරුචියකින් ආහාර ගන්නා ගමන් තව තවත් ඒ ගැන දේව් විමසුවාය. "එතකොට දේව් මේ? ඒක අතුරුපසක් ද?" "ඔව්. ඒක අතුරුපසක්. පායාසම්. කිරි, සීනි හකුරු එහෙම දාල හදන්නෙ. ඒක තනිකර හරි ඉදිච්ච කෙසෙල් ගෙඩි එක්ක කන්න පුළුවන්" කේරළයට පැමිණි පසු ලැබුණු රසම ආහාරයෙන් ඇය මහත් සතුටක් ලැබුවාය. "රසද?" "අම්මෝ ඔව්... මාරම රසයි" ඇය පැවසුවේ හදවතින්මය. මතු සම්බන්ධයි... සිතුවම අන්තර්ජාලයෙනි.ලෝක සිනමාවෙ හොඳම ප්‍රේමවන්තයා කවුද..? කෙනෙක් කියයි රෝස්ගෙ ජැක් කියල, තව කෙනෙක් කියයි ජුලියට්ගෙ රෝමියෝ කියල. ඒත් මං කියන්නෙ ලෝක සිනමාවෙ මාව සංවේදී කරපු හොඳම ප්‍රේමවන්තයා, සෙවරස් ස්නේප් කියල. අපි පොඩි කාලෙ හැරී පොටර් බැලුවෙ අමුතුම උන්මාදයකින්. මුල ඉඳන්ම අපි හැමෝම ස්නේප්ට වෛර කලා. ඒ එයා හැරීට කරපු අසාධාරණකම් දැකල. මමත් පුද්ගලිකවම අඳුරු මායාවේ අධිපති, ලෝඩ් වෝල්ඩර්මෝට්ටත් වඩා සෙවරස් ස්නේප්ට වෛර කලා. ස්නේප්ට පහර වදින හැමවෙලේම අපි ගොඩාක් සතුටු උනා. ඒ ස්නේප් කියන්නෙ කතාවෙ ලොකුම දුෂ්ටයෙක් කියන මතය අපි මුලු හිතින්ම පිළිඅරගෙන තිබුණ නිසා. ඒත් අවසාන කතාංගයෙදි ගොඩක් දේවල් වෙනස් වෙනවා. ස්නේප්ගෙ මරණ මංචකයෙදි ඔහු මෙහෙම කියනවා හැරීට, " මගේ කඳුළු එකතු කරගන්න.. ගිහින් ඒ කඳුළු මතක භාජනයට දාන්න.. " හැරී, ස්නේප්ගෙ කඳුළු පුංචි කුප්පියකට එකතු කරගන්නවා. ස්නේප්, හැරීගෙ අත් උඩම තමන්ගෙ අවසන් හුස්ම පොද වා තලයට නිදහස් කරනවා. හැරී ගිහින්, මෙච්චර කාලයකට තමන්ගෙ ලොකුම විරුද්ධවාදියෙක් උනු සෙවරස් ස්නේප්ගෙ කඳුළු මතක භාජනයට දානවා. හැරී, ස්නේප්ගෙ මතකයන් දකිනවා. ඒ මතකයන්, ස්නේප්ට සුන්දර මතකයන් නම් නෙමෙයි. ඒ වගේම සෙවරස් ස්නේප්ගෙ ඒ මතකයන් වල හිටියෙ වෙන කවුරුත් නෙමෙයි, හැරීගෙ අම්මා, ලිලී පොටර්. තමන්ගෙ අම්මව දකින හැරී පුදුම වෙන්න ඇති, තමන්ගෙ විරුද්ධවාදියෙක් උනු ස්නේප්ගෙ මතක වල තමන්ගෙ අම්මා ඉන්නෙ කොහොමද කියල. ඉතිං අන්තිමේට හැරී දැනගන්නවා ඇත්තටම සෙවරස් ස්නේප් කියන්නෙ කවුද සහ ස්නේප් කරේ මොකක්ද කියල. ස්නේප්, හැරීගෙ අම්මා උනු ලිලීට ආදරේ කරන්නෙ පුංචිම කාලෙ ඉඳන්මයි. ඒක හදවත පතුලෙන්ම කෙරුණු හරිම අවංක ආදරයක්. හොග්වොර්ට්ස් මායා පාසලේදි ලිලී ග්‍රිෆින්ඩෝ නිවාසයටයි, ස්නේප් ස්ලිදරින් නිවාසයටයි තේරෙනවා. ඒ වගේම කාලයක් යද්දි ලිලීගෙ හිත ජේම්ස් පොටර්, ඒ කියන්නෙ හැරීගෙ තාත්තා දිහාවට හැරෙනවා. ජේම්ස් සහ ලිලී ආදරේ කරනවා. ඒ දෙන්නට හැරී උපදිනවා. ලස්සන පුංචි පවුලක්.. හැබැයි මේ හැමදේම දිහා බලාගෙන ඒ වේදනාවන් හරිම උපේක්ෂාවෙන් විඳ දරාගෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි සෙවරස් ස්නේප්. එයා කවදාවත් ලිලීට වෛර කලේ නෑ. අඩුම තරමෙ ලිලීගෙ පුංචි පවුලටවත්.. වෝල්ඩර්මෝට්, හැරීගෙ පවුලම ම|ර|න්න යන බව දැනගත්තු ගමන් ස්නේප් හැඬූ කඳුළෙන් ඩම්බල්ඩෝර්ව හමුවුණා. " එයාට මුකුත් වෙන්න දෙන්න එපා.. " තමන්ට අහිමි වුණත් එයාගෙ අවංක ආදරේ උනු ලිලීව පරිස්සම් කරල දෙන්න කියල ස්නේප් ඩම්බල්ඩෝර්ගෙන් ඉල්ලුවා. ඒත් අවාසනාවකට ලිලීට බේරෙන්න බැරි වෙනවා. ලිලීවයි ජේම්ස්වයි දෙන්නවම වෝල්ඩර්මෝට් ම|ර|නවා. ඒත් දෙන්නගෙ දරුවා උනු හැරී පොටර් බේරෙනවා.. ප්‍රාණය නිරුද්ධ උනු ලිලීව තුරුළු කරන් ස්නේප් සෑහෙන්න අඬනවා. තමන්ට අහිමි උනත් ඒ එයාගෙ එකම ආදරය. අන්තිමට ඉතුරු වෙන්නෙ තමන්ගෙ ආදරවන්තියගෙ දරුවා විතරයි. ස්නේප් ආයෙම ඩම්බල්ඩෝර් ලඟට ගිහින් ලිලීට මැරෙන්න උනු එක ගැන ඩම්බල්ඩෝර්ට දොස් කියනවා. එතකොට ඩම්බල්ඩෝර් මෙහෙම කියනවා.. " පොටර් පවුල වැරදි කෙනෙක් මතයි විශ්වාසය තැබුවෙ. ඒ නිසා එයාලට මැරෙන්න උනා, ඒත් දරුවා බේරුණා. වෝල්ඩර්මෝට් ආයෙ එනවා දරුවව ම|ර|න්න.. සෙවරස් ඔයා ඇත්තටම ලිලීට ආදරේ කෙරුවනම්, දරුවා වෙනුවෙන් ඔයාව අවධානමේ දාගන්න සූදානම්ද..? " " ඔව්... හැබැයි මේ දේ කවුරුවත්ම කිසිසේත්ම දැනගන්න බෑ.. " ස්නේප්ගෙ පිළිතුරට ඩම්බල්ඩෝර්ගෙ ප්‍රතිපිළිතුර උනේ... " හරි.. මම ඔයාගෙ හොඳ පැත්ත කාටවත්ම දැනගන්න ඉඩ තියන්නෑ.. " එදා ඉඳන් හැමෝගෙම වෛරයට පාත්‍ර වෙමින් සෙවරස් ස්නේප් තමන්ගෙ ආදරයේ ජීවමාන එකම වස්තුව උනු හැරී පොටර්ව ආරක්ෂා කරන්න පටන් ගත්තා. ඒත් හැමෝම දැක්කෙ ස්නේප්, හැරීට කරන අසාධාරණකමක් හැටියට හැමදේම.. කිසිම දෙයක් නොදන්න හැරීටත්, සෙවරස් ස්නේප් මහාචාර්යතුමාව පේන්නම බැරි කෙනෙක් උනා. ඒත් හැරී දැනගෙන හිටියෙ නෑ මේ ඉන්නෙ තමන්ව කාටත් වැඩි උවමනාවකින් ආරක්ෂා කරන, ආදරය කරන පුද්ගලයා කියල. හැමදේම දන්න ඩම්බල්ඩෝර්ටත් කිසිම දෙයක් කරන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ, ස්නේප්ට උනු පොරොන්දුව නිසා. එක තැනකදි ස්නේප් දැනගන්නවා කවදාහරි වෝල්ඩර්මෝට්ගෙ අතින්ම හැරීව මැ|රෙ|න්න නියමිතයි කියල. ඒ වෙලාවෙදි ස්නේප් තමන්ගෙ ' පෙට්‍රොනාම් ' එක යවනවා හැරීගෙ උදව්වට. පෙට්‍රොනාම් එක ශක්තිමත් වෙන්නෙ කෙනෙක්ට තියෙන හොඳම මතකයන් වලින්.. ඉතිං ස්නේප් යවපු පෙට්‍රොනාම් එක උනු මුව දෙනගෙන් සංකේතවත් උනේ ලිලීව. ඒක දකිනවා ඩම්බල්ඩෝර්.. " ලිලී...? මෙච්චර කාලෙකට පස්සෙත්.. ? " ස්නේප් දෙන්නෙ තනි උත්තරයක්.. " හැමදාටම... " ස්නේප් ලිලීට කරපු ආදරයේ තරම කොයිතරම්ද කියල ස්නේප් කරපු හැමදේකින්ම කෙනෙක්ට පේනවා. ඒත් ඒ හැමදේම දැනගන්නෙ කතාවෙ අවසානයෙදි. ඒ වෙද්දි සෙවරස් ස්නේප් කියන ඒ අහිංසක ආදරවන්තයා මහා වේදනාවන් ගොඩක් විඳල මැ|රි|ලත් ඉවරයි. අවසානයේදී හරි හැරී තේරුම්ගන්නවා ස්නේප් කියන්නෙ කවුද කියල.. තමන්ට ගොඩක්ම ආදරේ කලේ, තමන්ව ආරක්ෂා කරන්න ජීවිතේ අවදානමේ දාගෙන වේදනා විඳලා මැරිලා ගියේ වෙන කවුරුත් නෙමේ, තමන් අවුරුදු ගාණක ඉඳන් වෛර කරපු, සෙවරස් ස්නේප් කියල. ඒ හැමදේම ස්නේප්ගෙ මැජික් කඳුළුයි, කඳුළු වලින් මතක පෙන්නන මතක භාජනෙයි නිසා. කිසිම කෙනෙක්ගෙන් ආදරයක්, ගෞරවයක් නොලබපු සෙවරස් ස්නේප් තමන්ගෙ ආදරේ වෙනුවෙන් ජීවිතේ දුන්නා. ජැක්ට රෝස්ගෙ ආදරේ හම්බුනා.. රෝමියෝට ජුලියට්ගෙ ආදරේ හම්බුනා.. ඒත් සෙවරස් ස්නේප් අහිමි ආදරයක් වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ කැප කලා.. ඉතිං සෙවරස් ස්නේප් නෙමේද හොඳම ආදරවන්තයා...? ඒ මායා ලෝකෙ... ඇත්ත ලෝකෙත් ඉන්නවා ඒ වගේම ආදරවන්තයින්.. ආදරවන්තියන්.. තමන්ගෙ ආදරය වෙනුවෙන් හැමදේම දරාගෙන නිහඬ වෙන මිනිස්සු අදත් ඉන්නවා.. ඒ අය හැමදේම දරාග
ෙන ජීවත් වෙලා අවසානයේදී මැ|රි|ල යනවා.. ගොඩක් අය ඒ ප්‍රේමණීය මිනිසුන්ට වෛර කරනවා.. මොකද... ඇත්ත ලෝකෙදි ඒ අයගෙ හොඳ පැත්ත ලෝකෙට පෙන්නන්න මැජික් කඳුළුයි, ඒ කඳුළු කියවන මතක භාජනයි නැති හන්දා... - ඉරාන් යූ කුමාරගේ -රික්ෂෝවෙන් ගමනක් (දෙවන කොටස) —--------------------------- ඊළඟ සතියේ සිට අන්දිරිස් පැදවූ රික්ෂෝ රථයෙන් වජිරාරාමයට ගියේ සුවිනීතා මහත්මිය පමණකි.ඈන් නැත.අන්දිරිස්ට දැනුණේ දැඩි ශෝකයකි. සුවිනීතා නෝනාගෙන් ඒ ගැන ඇසීමටද නොහැක.මහා පාලුවකින් ඔහුගේ සිත වෙලී ගියේය.ඔහුගේ මතකයට එන්නේම ඇය තම සිරුරට එදින වාරුවූ අයුරුමය. ඇයද එංගලන්තයට ගොස් ඇති බව අන්දිරිස්ට සිතිණි . මාස දෙකකට පමණ පසුව එක් දිනෙක ඔහු රික්ෂෝ මඩුව පිරිසුදු කරමින් සිටියේය.වෙලාව හතරට පමණ වී ඇත. ‘අන්දරේ’ ඒ මියුරු හඬ ඇසුණේ මාර්ගය දෙසිනි.ඇය නැවත පැමිණ ඇත. ‘බේබි මේ කොහෙද’ ‘කොහේවත් නෙවෙයි මම අන්දරේ බලන්න ආවා’ ‘ඇයි තනියම ආවේ …අදට මම බේබි දැකලා මාස දෙකයි දවස් දෙකක්..මම හිතුවේ බේබි රට ගිහින් ඇති කියලා’ ‘එහෙනං මතකයි..අම්මලා වෙඩින් එකකට ගියා ගෝල්ෆේස් හෝටලේට …මම හොරෙන්ම ආවා’ ‘අනේ බේබි ..මම ආපහු ඇරලන්නම් ..බේබිට හොඳ නෑ මෙතනට එන එක’ ‘ඊට ඉස්සර වෙලා මට තියෙනවා කාරණයක් කියන්න’ ‘ඒ මොකක්ද බේබි’ ‘මම බේබි නෙවෙයි ..බේබි කියන්නේ බබාලට ..ම දැන් බබෙක් නෙවෙයි..මම ඈන් ‘ ‘ඒ වුනාට බේබි....ඒ නම මට වෙනස් කරන්න බෑ' ‘ඔන්න ආයෙත් කිව්වා..අන්දරේ… ඇයගේ කතාව මොහොතකට නැවතිණි. ‘අන්දරේ මට කොහොමටවත් නිදහසක් නෑ මෙහෙම එන්න..මට අහන්න තියෙනවා අන්දරේගෙන් දෙයක්…මම අන්දරේට කැමතියි…අන්දරේ මට කැමතිද’ ‘බේබිට පිස්සුද..මම කවුද කියලා බේබි දන්නවනෙ’ ‘ඒකෙන් වැඩක් නෑ මගෙ ප්‍රශ්නයට උත්තරයක් ඕනි’ අන්දරේ නිහඬ වුනේ කුමක් කිවයුතුදැයි සිතා ගන්නට නොහැකිවය. ‘ඒ කියන්නේ අන්දරේ කැමතියි’ අන්දරේ රික්ෂෝවක් පිසදා සුදානම් වන තුරු ඇය බලා සිටියාය.ඇගේ නිවස ළඟට යන තුරු ගමන් කළේ සෙමිනි.කතාව වේගයෙනි. ‘බේබි දැන් බහින්න’ ‘නෑ බහින්නෙ නෑ ..මම එනවා අන්දරේ එක්ක’ ඇය විනාඩි කීපයක් යනතුරු රික්ෂෝවෙන් බැස්සේ නැත.යලි කතා කළේ ඉන් පසුවය. ‘අදට බහින්නං ඊළඟ දවසේ බහින්නෙම නෑ ‘ ඔහුගේ උරහිසට අත තබමින් ඇය රික්ෂෝවෙන් බැස්සාය.එදින ආපසු රික්ෂෝ මඩුවට පැමිණි පසු පරණවිතාන මහතා මේ ගැන ඇසුවේය’ ‘අන්දරේ කවුද ඒ ගෑනු ළමයා’ ‘සුවිනීත නෝනගේ දුව’ ‘මොකටද ආවේ ‘ අන්දිරිස්ට ඊට පිළිතුරක් තිබුණේ නැත. ‘ඒකත් එහෙමද ..ඒ නෝනලා ලබන මාසෙ රට යනවා..පවුල් පිටින් …අර සිල්වා මහත්තයට ගේ බලා ගන්නත් කියලා තියෙන්නෙ’ අන්දිරිස්ගේ සිත කඩා වැටිණි.ඇය තමා මුලා කළ බවක් අන්දිරිස්ට දැනිණි.ඔහු ඊට පසු දින දෙකම රික්ෂෝව පැද්දේ නැත.එහෙත් ඔවුන් පිටත්වීමට දින දෙකකට පෙර ඈන් අන්දිරිස් සොයා පැමිණියේ හිමිදිරි පාන්දරය.ඔහු එන විට පරණවිතාන මහතාද එතනය. ‘අන්දරේ මම බොහොම අමාරුවෙන් ගෙදරින් ආවේ ..මම ආවේ ආපහු යන්න නෙවෙයි’ පරණවිතාන මහතාටද මේ කතාව ඇසුණි.ඔහු මේ ගෑනු ළමයාට කතා කර කීවේ ආපසු යන ලෙසටය.එහෙත් ඇය ඊට අකමැති විය. ‘එහෙමනං මට පුළුවන් එකමදේ මම වැල්ලම්පිටියෙන් ගත්තු ගේ පිළිවෙලක් වෙනකන් ඔය ළමයින්ට දෙන එක…මෙච්චර කාලයකයට මට හම්බවුන හොඳම ළමයා අන්දරේ’ පසුව එම නිවස අන්දිරිස්ටම ලියා දීමට තරම් පරණවිතාන මහතා කාරුණික විය. ඊටත් වඩා 1950 ජූනි පළමුවෙනි දින සිට රික්ෂෝ බලපත්‍ර දීම කොළඹ මහා නගර සභාව අත්හිටවූ පසු ඔහු පැදවූ රික්ෂෝවද ඔහුටම දීමට පරණවිතාන මහතා තීරණය කර තිබිණි. ‘ඇයි බේබි මට කැමති වුනේ..මම කාත් කවුරුවත් නැති අනාථයෙක්’ විවාහ වුන ප්‍රථම දිනයේම ඔහු ඇගෙන් ඇසුවේය. ‘අනාථයෙක් වෙන්නේ කොහොමද මේ තරම් ලස්සන අතපය තියෙන කෙනෙක්…මම රික්ෂෝවේ යන ගමන් බැලුවේ අන්දරේගේ අත් දිහා..ලස්සන ඇඟ දිහා …මට දැනුණේ ඔයා දස මහා යෝධයන්ගෙන් එක්කෙනෙක් කියලා..නැත්නම් නල කුමාරයා වාගේ කියලා ..ඇත්තටම එදා මම රික්ෂෝවෙන් වැටුණේ බොරුවට ..මම බැලුවේ ඔයාට මාව ආරක්ෂා කරන්න පුලුවන්ද කියලා…ඔයා ඒ ටෙස්ට් එකෙන් පාස් වුනා .. මටනං ජීවිතය කියන්නේ සල්ලිවත් ඔය ලොකුකම් මොනවත් නෙවෙයි…මාව ආරක්ෂා කරන්න පුලුවන්ද කියන එක…අම්මලා මාව බන්දවන්න හැදුවේ අර තක්කඩි බැරිස්ටර්ට…මම කැමති නෑ එයාට’ ******************* ‘තාත්තා මෙතන මොනවද කරන්නේ…යමු ගෙට’ අන්දිරිස් පියවි සිහියට පැමිණියේ සඳරුවන්ගේ කටහඬිනි. ‘මට තේරුණා මේ රික්ෂෝව වගේම උඹලටත් මම මහා කරදරයක් වෙලා’ ‘මට සමාවෙන්න තාත්තේ..මල්ලි එන්නෙ හෙට හවසනෙ ..මම අපේ කාමරය ලේස්ති කළා’ එ දින රාත්‍රිය පුරාද ඔහු සිත හොල්මන් කළේ පැරණි අතීතයයි.වසර පනහක පමණ රික්ෂෝ ජීවිතය තුළ ඔහුට විවිධ පුද්ගලයින් ඇසුරු කරන්නට ලැබිණි.විවාහයෙන් පසුව බිරිඳගේ සියලුම නෑදෑයින් ඇය අත්හැර දැමුවේ රික්ෂෝ කරුවෙක් සමඟ විවාහ වීම ඔවුන්ට ලැජ්ජාවූ නිසාය.විදේශගතවූ ඇගේ මව සහ පියා යළි ලංකාවට යළි ආපසු පැමිණියේම නැත.මළනුවන්වූ වූ ප්‍රින්ස් වසරකට ලිපි දෙකතුනක් සොහොයුරියට එව්වා මිස වෙනත් කිසිදු සම්බන්ධතාවක් තිබුණේම නැත.මිලර් සමාගමේ සේවය කළ කෙවින් මහතා අන්දිරිස් සමඟ නිරතුරු ගමන් බිමන් ගිය අයෙකු විය.ලංකාවට නිදහස ලැබීමෙන් පසු ඔහු ආපසු සිය රට වන එංගලන්තයට යන විට ඔහු අන්දිරිස්ට යෝජනාවක් ගෙනාවේය. ‘අන්දිරිස් මාත් එක්ක ගොඩාක් ගමන් බිමන් ගියා..දැන් මම ලංකාවෙන් යන්න ඕනි…අන්දිරිස් කැමති නම් අන්දිරිස්ගේ පුතෙක් මම අපේ රටට ගෙනිහින් එයාට උගන්නන්නං ..මටත් දරුවෝ නෑනෙ’ ලක්රුවන්ට අවුරුදු දහ අටේදී විදේශගත වීමට සිදුවූයේ ඒ අයුරිනි.බිරිඳගේ සොයුරාවූ ප්‍රින්ස්ද කීප වතාවක්ම ලක්රුවන්ට හමුවූ බව ඔහු දන්වා එවා තිබිණි. අන්දිරිස් උදෑසනම අවදිවීම පුරුද්දකි.එහෙත් වෙනදාටත් වඩා වේලාසනින් එදින ඔහු අවදිවී ආලින්දයේ හාන්සි පුටුවේ වාඩිවිය. ‘තාත්තා උදේම නැගිටලා…මල්ලිලා එනකොට හවස් වේවි කියලයි කිව්වේ’ ‘සඳරුවන් පැවසුවේය.අන්දිරිස් කිසිවක් දෙඩුවේ නැත. දහවල් එකට පමණ මෝටර් රථයක් නිවස දෙසට හැරුණි. ‘පුතාලා එනවා’ අන්දිරිස්ට කියවිණි.මෝටර් රථයේ එක් පසෙකින් බැස්සේ අන්දිරිස්ගේ බාල පුතු ලක්රුවන්ය.අනෙක් පසින් බැස්සේ සුදු යුවතියකි.පිටුපස දොර හැර බැස්සේ සුදුම සුදු දරුවන් දෙදෙනෙකි.ඔවුන් සැම දෙනා අතම පාර්සලය.අන්දිරිස්ගේ සතුට නිම්හිම් නොමැත.ලක්රුවන් ආ විගසම පළමුව ඔහුට වැන්දේය.අනතුරුව අනෙක් තිදෙනාද එයම අනුගමනය කළහ. ‘තාත්තගේ රික්ෂෝව කෝ …ඒක මඩුවේ පේන්න නෑනේ’ ඒ ලක්රුවන් ඇසූ පළමු ප්‍රශ්නයයි.අන්දිරිස් බැලුවේ සඳරුවන් දෙසයි. ‘මිලායි පුතාලයි හරිම ආශාවෙන් බලාගෙන හිටියේ තාත්තයි රික්ෂෝවයි බලන්න…දැන් තාත්තා දැක්කා…කෝ රික්ෂෝ එක’ ‘ඒක මම වහලා තිව්වා..මේ දු..මේ මැඩම්ට ලැජ්ජා හිතෙයි කියලා’ ඔහු දුව යැයි කීමට ගොස් මැඩම් යැයි කීවේ සිය සුදු ලේලියටය.එය ඇයට වැටහුණි. ‘මැඩම් ..නෙවෙයි තාත්තා මම දුව…යමු තාත්තා රික්ෂෝ බලන්න’ ඇය සිනාසෙමින් කීවේ ටිකක් කැඩුණු වුවද නිවැරදි සිංහලයෙනි.අන්දිරිස්ට දැනුණේ පුදුමයකි.එමෙන්ම සතුටකි. ‘මෙයා අපි ලංකාවට එනවයි කිව්ව දවසේ ඉඳලා කළේ සිංහල ඉගනගන්න එක… එයා එහෙ ඉපදුණාට අම්මත් සිංහල..දැන් මාස දෙකක විතර ඉඳන් එහෙ අපේ ගෙදර කතා කළේ සිංහල…දැන් පුතාලටත් ටිකක් පුළුවන්’ නැවත කතා කළේ ලක්රුවන්ය. ‘මල්ලි කෝ බෑග් ‘ ලක්රුවන් ඇසුවේය. ‘අපි හෝටලේ තියලා ආවා…අපි දවල්ට කෑමත් හෝටලෙන්ම ගත්තා..අපට ගෙයක් හම්බ වුණා ..හෙට අපි එහෙ පදිංචියට යනවා’ අන්දිරිස්ගේ ඇස් යොමු වුනේ ගීතිකා සහ සඳරුවන් දෙසටය.දැන් ඉතින් ඒ අයගේ ප්‍රශ්නය ඉවරයි..අන්දිරිස්ට සිතුණේය.ඔහු නැගිට ගියේ මඩුව දෙසටය.ඔහු පිටුපසින් ලක්රුවන් බිරිඳ සහ දරුවන් දෙදෙනා පැමිණෙන විට අන්දිරිස් රටක් රාජ්‍යයක් ලද්දා සේ අපරිමිත සතුටට පත්විය.අන්දිරිස් රික්ෂෝව වසා තිබූ කැන්වස් රෙද්ද ඉවත් කළේය. ‘මේ රික්ෂෝ එක එදා වාගේම තාමත් ලස්සනයි’ ලක්රුවන් පැවසුවේය. ‘ඔව් නේද ඩස්ට් මොනවත් නෑ ‘ එලෙස පැවසුවේ මිලාය. ‘ සීයේ කොහොමද මේක ඇවිදින්නෙ’ ජැක් කැඩුණු සිංහලෙන් ඇසුවේය. ‘’ ඇවිදින්නෙ මා පිටිපස්සෙන් ඉන්නකෝ කියන්න …පුතාලා දෙන්නා මේ ෂීට් එකේ ඉඳගන්න’ අන්දිරිස් සිනාසෙමින් කුඩා දරුවන් රික්ෂෝවේ වාඩිකර මිදුලටත් පාර දෙසටත් ඇදගෙන ගියේ නව යෞවනයෙකු මෙනි.ඔහුගේ ඇඟපත රිදීම් අසනීප කොහේ ගියාදැයි වටහාගත නොහැක. ‘තාත්තේ මහන්සි වෙන්න එපා ..අසනීපෙන්නෙ ඉන්නෙ’ ‘මට මොන අසනීපයක්ද ..ඒත් මට මතක් වෙන්නේ බේබි…නැත්නං මට අද හරිම සතුටු දවසක්’ අන්දිරිස්ගේ දෙනෙතේ කඳුළුය.ඔහු බේබි ලෙස තවමත් මතක් කරන්නේ සිය මව බව ලක්රුවන් හොඳින් දනී.සිය පියා මවට දැක්වූ අසීමිත සෙනෙහස ඔහුගේ මතකයට එයි. ‘අනේ අම්මත් හිටියා නං’ ලක්රුවන්ටද ඉබේටම කියවිණි.ගීතිකා සහ සඳරුවන් ඔවුන් දෙස වික්ෂිප්තව බලාගෙන සිටියහ.තමන් සැමදා පිළිකුල් කළ රික්ෂෝව මොවුන්ට රසදුනක් වීම ඔවුන්ට ඇදහිය නොහැක්කකි.අන්දිරිස් තාමත් දරුවන් දෙදෙනා ඇදගෙන රික්ෂෝවේ ඒ මේ අත යයි. ‘තාත්තා අසනීපෙන් හිටියේ…දැන් ඒවා මොකුත් නෑනෙ’ සඳරුවන්ද කටහඬ අවදි කළේ මෙනි.ගීතිකා නිහඬව ගෙතුළට ගියාය. ‘හිතේ සතුට තියෙනවා නං ලෙඩ රෝග ගොඩක් අඩු වෙනවා කියලා මම අහල තියෙනවා’ මිලා පැවසුවාය.ඈටද මාමණ්ඩියගෙන් අසන්නට ඇති ප්‍රශ්න කෙළවරක් නැත.දරුවන් දෙදෙනා මෙන්ම ඇයද රික්ෂෝව නම්වූ මේ අරුම පුදුම භාණ්ඩයෙන් මත්වී ඇත. ‘අපි මෙහෙම අද ජීවත් වෙන්නේ මේ රික්ෂෝවට පින්සිද්ද වෙන්න’ ලක්රුවන් කීවේ සඳරුවන් සහ මිලා දෙස බලමිනි. සඳරුවන් බිම බලා ගත්තේය. ‘ඊටත් වඩා අම්මා…අම්මා හම්බ වුනෙත් මේ රික්ෂෝ එක හින්දා..ඒ වගේ කැපකිරීමක් කළ අම්මා කෙනෙක් මම තවත් දන්නේ නෑ’ අන්දිරිස්ට ඉබේටම කියවිණි. තේ පානය කරන අතරතුරද අලුත් ලේලිය මිලා යළිත් මාතෘකාව ලෙස ගත්තේ රික්ෂෝවය. ‘ලංකාවේ රික්ෂෝ පටන් ගත්තේ කොයි කාලෙද තාත්තේ ‘ ‘රික්ෂෝ පටන් අරන් තියෙන්නෙ මං ඉපදෙන්නත් ඉස්සර …පරණවිතාන හාමු මහත්තය මට ඒ විස්තර කියලා දුන්නේ මං රික්ෂෝ පදින්නත් ඉස්සර වෙලා…උන්නාන්සේ තමයි මගේ දෙවියා.. දේවින්නාන්සේ තමයි බේබි’ යළිත් ඔහු ඇස කඳුළුය.මේ හැඩිදැඩි යෝදයෙක් වැනි පුද්ගලයෙක
්වූ සිය පියා මේ තරම් සංවේදීවූ දිනයක් වූයේ නම් ඒ මව මළ දිනයේ පමණක් බව ලක්රුවන්ට හැඟුණි. ‘පරණවිතාන හාමු මහත්තයා රික්ෂෝ මඩුව පටන් අරන් තියෙන්නේ එද්දාස් අටසිය අනූවේ …ලංකාවට මුලින්ම රික්ෂෝ ගෙනවිත් තියෙන්නේ විටෝල් කියල සුදු මහත්තයෙක්..මෙහෙ ඊට ඉස්සර වෙලා මිනිස්සු ගමන් බිමන් ගිහින් තියෙන්නේ බර කරත්තවලින්… අශ්ව කෝච්චිවලින් ..කෝච්චි පාර දැම්මාට පස්සේ ඒ පැතිවල ගියේ කෝච්චියෙන් …ඊටත් පස්සේ කොළඹනං ට්‍රෑම් කාර් එකෙන්… චීනේ ජපානේ වගේ රටවල් තමයි රික්ෂෝ පාවිච්චි කරලා තියෙන්නේ ඊට ඉස්සර වෙලා…එක්දාස් අටසිය අසූ හතරේදීම කොළඹ මහා නගර සභාව රික්ෂෝ වලට ලයිසන් දීලා තියෙනවා…රික්ෂෝව ඉහල පැලැන්තියේ අයගේ හොඳම වාහනය වෙලා තියෙනවා ඒ කාලේ ..ඒ හින්දා ඉහළ පන්තියේ මුදලිලා මුහන්දිරම්ලා හාමුලා තමන්ටම කියලා රික්ෂෝවක් තියා ගත්තලු...රික්ෂෝ එකක් දෙකක් තියෙනවයි කියන එක ලොකු ගෞරවයක් කියලලු ඒ ගොල්ලෝ හිතුවේ..මේ ඉල්ලුම වැඩි හින්දා කාර්ගිල්ස් සමාගමයි දොන් කරෝලිස් සමාගමයි රික්ෂෝ රටින් ගෙනල්ල විකුණලා ..ඊට පස්සේ දොන් කරෝලිස්ලා මෙහෙදීම රික්ෂෝ හදලා’ ‘ඒ ගොල්ලෝ ලංකාවේ අයද’ ඒ ප්‍රශ්නයද මිලාගෙනි. ‘ඔව්…වැදගත් පරම්පරාවක් දොන් කරෝලිස් හේවා විතාරණලා …එයාගේ එක පුතෙක් තමයි අනගාරික ධර්මපාල තුමා’ ‘මිලා ධර්මපාලතුමා ගැන අහලා නැතිව ඇති’ ලක්රුවන් කීවේය. ‘නෑ මම අහලා තියෙනවා…එයා බුද්ධාගමේ නායකයෙක්නේ’ ‘ඔව් එතුමා හින්දයි ඉන්දියාවේ වෙහෙර විහාර බෞද්ධයන්ට අයිති වුනේ…ඒ වුනාට ඔය රික්ෂෝ මුල් කාලෙදි ලංකාවේ නම්බු කාරයන්ට විකුණන්න කැමති වෙලා නෑ සුදු මහත්තුරු’ ‘ඇයි ඒ ‘ මිලා ඇසුවාය. ‘ඒ ගොල්ලෝ සිංහල අයට රික්ෂෝ එකක් ගන්න සල්ලි නෑ කියලයි හිතලා තියෙන්නේ..හොඳ කතාවක් තියෙනවා ඒකට ..චන්ද්‍රසේකර කියලා මුදලි කෙනෙක් ඉඳලා තියෙනවා ඔය මොරටුව හොරේතුඩුව පැත්තේ..ඒ ගොල්ලෝ අඳින්නේ රෙද්දයි කෝට් එකයි..ගමනක් යනකොට නැමි පනාව ඔලුවේ ගහගෙනයි යන්නේ’ ‘මොකක්ද නැමි පනාව කියන්නේ’ මිලා යළිත් ඇසුවාය. ඒක ඔය ආරච්චිලා එහෙම නම්බුකාර කමට ගහපු පනාවක්..ධර්මපාල තුමා ඕකට කිව්වේ සුද්දා දුන්න අංතට්ටුව කියලා’ අන්දිරිස් කීවේ මහ හඬින් සිනාසෙමිනි.සඳරුවන්ට සිය පියාට මුහුණ දීමට බැරි තරම් ලැජ්ජාවක් දැන් ඇත.පියාට දැන් සැමදේම ඇසෙයි.ඇති අසනීපයකුත් නැත.තරුණයෙකු මෙන් හැසිරෙයි. ‘ඉතින් ඒ කතාව’ ඒ මිලාය.ඇය කතා කරන්නේ දඟකාර කෙල්ලක මෙනි.මෙය දකින ගීතිකාගේ මුහුණ අඳුරුවේ. ‘විටෝල් සමාගම රික්ෂෝ ලංකාවට ගෙනාපු දවස්වලම ගියා ඒ සාප්පුවට රික්ෂෝවක් ගන්න…බොලා ළඟ ජින් රික්ෂෝ හියෙනවයි කියන්නෙ ඇත්තද කියලා ඇහුවලු…එතන හිටපු සුදු මහත්තයගෙන්..එයා මේ මුදලි කෙනෙක් බව දන්නේ නැතිවයි කියලා තියෙන්නේ .. සරමක් කෝට් එකක් ඇඳගෙන හිටපු මේ මනුස්සය රික්ෂෝවක් ගන්නේ කොහොමද කියලා රික්ෂෝ නැහැයි කියල තියෙනවා…මුදලිගේ ගෝලයා කියල තියෙනවා මුදලිට ..ඔය බොරු කියන්නේ මෙතන රික්ෂෝ තියෙනවා කියලා ..ඊට පස්සෙ මුදලි ගියා මැනේජර් හම්බ වෙන්න…ඇහුවලු රික්ෂෝ එකක් කීයද කියලා..දෙසිය පනහයි කියලා මැනේජර් කිව්වලු…දැන් මෙතන රික්ෂෝ කීයක් විකුණන්න තියෙනවද ..රික්ෂෝ දොළහක් තියෙනවා…මුදලි සල්ලි මිටියක් මේසෙ උඩ තියලා කිව්වලු ඒ දොළහම මට දෙන්න කියලා..මුදලි රික්ෂෝ දොළහම අරගෙන …එකක් එයා ළඟ තියාගෙන ඉතිරි එකොළහම හොරේතුඩුවේ ඉඳන් ගංගාරාමේ වෙනකන් තිබුණ පන්සල් එකොළහකට බෙදලා දුන්නලු’ අන්දිරිස් සිනාසුණත් ඒ සමඟම ඔහුට සිතුණේ සුදු මහතුන් අගෞරවයට පත්කිරීමෙන් ලේලියගේ සිත් රිදෙන්නට ඇති බවය.ඒ නිසා නැවතත් කතා කළේ අන්දිරිස්මය. ‘මොනවා වුනත් රික්ෂෝකාරයින්ට සැලකුවේත් සුදු මහත්තුරු’ ‘ඒ කිව්වේ’ ලක්රුවන් ඇසුවේය. ‘පුතා එංගලන්තෙට ගියෙත් කෙවින් මහත්තයා හින්දනේ… ඒ විතරක් නෙවෙයි.. ...අපේ මිනිස්සු රික්ෂෝකාරයා විඳින දුක දැක්කේ නෑ කවදාවත්..රික්ෂෝකාරයා කියන්නේ මිනිස් අශ්වයෙක්..ගිනි ගහන අව්වේ ..මහා වැහි වෙලාවල තෙමි තෙමී අපි මේක ඇදගෙන දුවනකොට ඒ ගොල්ලෝ මහාරාජා වරු වගේ ගියේ හරි ආඩම්බරයෙන්..මේ රස්සාව කළ වැඩි දෙනෙක් මම වාගේ ඇඟපත තියෙන අය නෙවෙයි…කේඩාරී මිනිස්සු..බලපුවාම හිතෙන්නේ පාරේ බරක් ඇදගෙන නෙවෙයි නිකම්වත් යන්න බැරි අය වගේ….ජීවත් වෙන්න හිතේ වීරියට රස්සාව කළ අය’ අන්දිරිස්ගේ මුහුණේ ඒ අවස්ථාවේ ඒ දුක්බර කතාව ලියවී තිබිණි.මොහොතක් නිහඬව සිට ඔහු නැවත කතාව ඇරඹුවේය. ‘ඔය බේබිගේ ගෙවල් ළඟ තමයි විචර්ලි මන්දිරය තියෙන්නේ..ඒකෙ හිටියේ ඔය ලංකාවේ වැද්දෝ ගැන ලියපු ස්පිටල් මහත්තයා…ඒ මහත්තයා ඉස්පිරිතාලෙට යන්න රික්ෂෝකාරයෙක් තියාගෙන හිටියට හැමදාමත් කියල තියෙන්නේ ඒක වැරදි වැඩක් කියල..කවදා හරි කාර් එකක් අරගෙන මේ වැරදි වැඩෙන් නිදහස් වෙන්න ඕනි කියලා…පීටර් කෙනමන් මහත්තයත් ඒ වගේ …එයා ගියේ මුලින් රෝයල් එකට රික්ෂෝ එකෙන් …මනුස්සයෙක් තවත් මනුස්සයෙක් ඇදගෙන යන එක හොඳ නෑ කියලා පස්සේ බයිසිකලයෙන් රෝයල් එකට ගිහින් තියෙන්නේ…ඒකයි මම කියන්නේ දුක දැක්කේ සුදු මිනිස්සු කියලා ..මට හොඳට මතක දවසක්…අපි බැඳපු අලුත එක්දාස් නවසිය විසි දෙකේ …මේ කාලේ වෙනකොට කොළඹ ට්‍රෑම් කාර් දිවිල්ල හින්දා අපට වැඩ අඩු වුනා…අර ඉස්සර වාගේ ලස්සනට ඇඳලා එකත් කරන්න බැරි නිසා ගොඩාක් අය ඇන්දේ සරම් කොටයක් මේස් බැනියමක්…පහුවෙන්න පහු වෙන්න අත් නැති කාකි කෝට් ඇන්දා …ඒ වුනත් මටනං එහෙම කරන්න ඉඩ දුන්නේ නෑ බේබි…මම හොඳට ඇන්දා ..ඒ වගේම මට හයර් අඩු වුනෙත් නෑ …කෝච්චි පාරේ බලපෑම අපිට ඒ තරම් තිබුණේ නෑ .. ට්‍රෑම් නොයන තැන්වල ගොඩාක් රික්ෂෝකාරයෝ බලාගෙන ඉන්නවා හයර් එකක් එනකන්..එදා මම හිටියේ කොළඹ වරායේ රික්ෂෝ පාක් එකේ..රික්ෂෝවෙන් යන්න..රුපියල් දෙකයි රුපියල් දෙකයි කියලා අපි කෑගහනවා … මාත් එක්ක හිටියා මාකස් කියලා හරිම කෙට්ටු මනුස්සයෙක් ..එදා දවසටම එයාට කිසිම වැඩක් නැහැ…අන්තිමේදී සුදු මහත්තයෙකුයි නෝනයි බලෙන්ම වගේ මාකසුයි තව එක්කෙනෙකුයි දාගෙන ගිහින් යෝක් වීදිය පැත්තෙන් පිටකොටුවට ගිහින් ආපහු පැය භාගයකින් ආපහු ගෙනවිත්…ඒ දෙන්නට ඒ මහත්තයයි නෝනයි රුපියල් පහ ගානේ දීලා ගිහින් ඒ විත්තිය ඒ මහත්තයාගේ ජීවිත කතාවේ ලියලා තියෙනවලු...කවුද දන්නවද ඒ මහත්තයයි නෝනයි’ අන්දිරිස් සිනාසෙමින් පැවසුවේ මිලාගේ මුහුණ දෙස බලමිනි. ‘කවුද’ ‘ඇල්බට් අයින්ස්ටයින් කියලා මහා පඬිවරයෙකුයි එයාගේ නෝනයිලු ..ඒ විස්තරේ එයාගේ සටහන් වල තියෙනවලු…ඒ විතරක් නෙවෙයි ඒ මහත්තය ලියලා තියෙනවලු මනුස්සයෙක් තවත් මනුස්සයෙක් ඇදගෙන යාම නිහීන වැඩක් කියලා’ ‘අපිට මොන තරම් දේවල් කතා කරන්න තියෙනවද..රික්ෂෝ ගැන විතරක් නෙවෙයි තාත්තගේ ජීවිතය ගැනත්…තාත්තා අපි හෙට අලුත් ගෙදර පදිංචියට යනවා ..තාත්තත් එනවනේ අපිත් එක්ක යන්න’ ලක්රුවන් ඇසුවේය. ‘ඔව් තාත්තා අපිත් එක්ක යමු…ජැක්ටයි ටිම්ටයි හොඳ කතා ටිකක් අහන්න පුළුවන් සීයාගෙන් ‘ එලෙස පැවසුවේ මිලාය. ‘ඔව් සීයේ අපි යමු’ දරුවන් දෙදෙනා අන්දිරිස්ගේ දෙපසට විණි. අන්දිරිස් ස්වල්ප වේලාවක් සිතුවේය.ඔහුටදැනුනේ දැඩි සතුටකි.ඒත් එක්කම දැඩි ශෝකයකි. ශෝකය නිවස හැර යාම නොවේ.සිය බිරිඳත් ඔහුත් එකතු කළ රික්ෂෝව හැර දමා යාමයි.එහෙත් දරුවන්ගේ සිත් රිදිය නොහැක. ‘ඔව් මම එන්නම්…ඒත් පුතේ සඳරුවන්.. රික්ෂෝ එක නම් මම මැරෙනකන් විනාශ කරන්න එපා…අම්මා මතක් වෙන්න ඒක තියෙන්න ඕනි’ එදින ඔවුන් ගිය පසුත් රැය පුරාත් අන්දිරිස් කල්පනා කළේ රික්ෂෝව ගැනය. පසුවදා උදෑසනම අවදිව අන්දිරිස් යලිත් වරක් රික්ෂෝව පිසදා ටික වේලාවක් එහි වාඩිව සිට වසා දැමුවේය.උදෑසන නවයට පමණ ලක්රුවන්ලා පැමිණියේ මෝටර් රථයකිනි.එය පිටුපස කුඩා ලොරියක්ද පැමිණුනි. ‘ඇයි පුතේ මේ ලොරියක්….මටයි කියලා ගෙනියන්න තියෙන්නේ මේ ඇඳුම් කෑලි දෙක තුන විතරයි’ අන්දිරිස් කීවේය.සඳරුවන් සහ ගීතිකාට ඇත්තේ සැකයකි.ඔවුන් සිතුවේ අලුත් නිවසට පියාගේ කාමරේ ඇති ඇඳ පුටු ගෙන යාමට ලොරිය පැමිණ ඇති බවය.. ‘ලොරිය ගෙනාවේ ඒකට නෙවෙයි..’ ලක්රුවන් කතා කළේය. ‘ඩ්‍රයිවර් උන්නැහැ ඔය ගෝලයත් එක්ක ඇවිදින් මේ රික්ෂෝ එක ලොරියට පටවන්න..අය්යා අක්කා ඒකට අකමැති නෑනේ …මට හිතෙන්නේ තාත්තා ඉන්න තැන රික්ෂෝවත් තිබුනා නම් හොඳයි කියලා’ ලක්රුවන් ඇසුවේ සඳරුවන් දෙස බලමිනි .අන්දිරිස්ගේ සිත සතුටින් පිරුණි.සඳරුවන්ලාටද එසේමය. ‘වරදක් වුනා නම් සමාවෙන්න තාත්තේ’ සඳරුවන් සහ ගීතිකා වැඳ සමාව ගත්හ.ඉන්පසු ලක්රුවන් ඇතුළු පිරිස පිටත් විය.රථය ඔරුගොඩවත්ත පැත්තෙන් කොළඹ දෙසට ධාවනය විය. කොහෙද පුතා ඔය අලුත් ගෙය තියෙන්නේ’ අන්දිරිස් ඇසුවේය. ‘තාත්තට ගියාම බලන්න පුළුවන්’ ලක්රුවන් කීවේ සිනාසෙමිනි. ‘තාත්තා ඔය රික්ෂෝ වලට ගාස්තු අය කළේ කොහොමද’ මිලා කීවේ කතාව වෙනත් පැත්තකට හරවමිනි. ‘ගාස්තු තීරණය කෙරුවේ දුරට වැඩියෙන් යන කාලය අනුව…ඉස්සරම නං මිනිත්තු දහයකට වැඩි වෙන්නේ නැත්නං ශත දහයයි..මිනිත්තු දහයකට වැඩි පැය භාගයකට අඩු නං ශත විසි පහයි…පැය භාගයකට වැඩි පැයකට අඩු නම් ශත පනහයි…මට මතකයි පරණවිතාන හාමු මහත්තය ඒ දවස්වල කියනවා විල්හෙලම් ගයිගර් කියලා ජර්මන් පඬිතුමෙක් රික්ෂෝවෙන් එද්දාස් අටසිය අනූ පහේ කොළඹ ඉඳලා ගල්කිස්සට යන්න ගත්තේ ශත පනස් දෙකයි කියලා ඒ මහත්තයා ඒ ගැන ලියලා තියෙනවා කියලා..දන්නවද ගල්කිස්සට කොළඹ ඉදන් යන්න ගිහින් තියෙන වෙලාව පැයක්ලු ..ඒ තරම් වේගෙන් දුවලා තියෙනවා..දැන් බස් එකේ යන්නත් පැයකට කිට්ටුව යනවා…නවසිය හතලිස් හතේදී මට මතකයි මිනිත්තු දහයට තිබුණ ශත පහළොවේ ගාස්තුව ඩබල් කළා’ අන්දිරිස් කීවේ සතුටෙන් සිනාසෙමිනි. ‘දැන් කොළඹ රික්ෂෝ දුවන්නෙම නැද්ද..මට බලන්නත් ආසයි’ මිලා ඇසුවාය. ‘’ගිය අවුරුද්දේ ..ඒ කිව්වේ හැත්තෑ නමේ ෆෙබරවාරි මම ගියා ගෝල්ෆේස් එකේ නිදහස් උත්සවේ බලන්න..රික්ෂෝ දෙකක් තිබුණා ..හැබැයි ඒ එකක් සීඅයිඩී කියලා කවුරු හරි කීවා..මම හිතන්නේ ඒ අන්තිම රික්ෂෝ දෙක වෙන්න ඇති…මුල් කාලයේ හාරදාහක් විතර තිබුණු රික්ෂෝ එක්දාස් නවසිය පනහ වෙනකොට තිබිලා තියෙන්නේ දෙසිය පනහක් විතර…හැට ගණන්වලත් රික්ෂෝ කීපයක්ම කොළඹ දිව්වා..මමත් කොළඹ නගර සභාවෙන් ට්‍රොලි බස් දාපුවාම හැට පහ වෙනකන් වැඩ කළ
ේ ඩබල් ඩෙකර් එකක’ ‘ආ ඒක තව කතාවක් මොනවද ට්‍රොලි බස් කියන්නේ’..ඩබල් ඩෙකර්..ඒ මොනවද’ ‘මේ දුව හරියට බේබි වගේමයි ..කෙළවරක් නැති ප්‍රශ්න’ ‘එක්දාස් නවසිය පනස් තුනේ තමයි මුල්ම ට්‍රොලි බස් එක පාරට දැම්මේ… ඇන් ඇම් පෙරේරා මහත්තයා මුල්ම බස් ටිකට් එක කොළඹ නගරාධිපතිව හිටපු වී ඒ සුගතදාස මහත්තයට විකුණලා කොටහේන කොළඹ ට්‍රොලි බස් පටන් ගත්තා …මේවා වැඩ කළේ කේබල් එකක් සම්බන්ධ කරලා විදුලියෙන්…ඒවා තනි තට්ටුවේ බස් තට්ටු දෙකේ බස් වර්ග දෙකම තිබුණා…හැට පහේ ට්‍රොලි බස් ස්ට්‍රයික් එකෙන් පස්සේ ඒවා ආණ්ඩුවෙන් නවත්තලම දැම්මා’ ඒ වන විට මෝටර් රථය ගමන් කළේ ඩ්රිබර්ග්ස් මාවත අසලිනි.පරණවිතාන මහතාගේ රික්ෂෝ මඩුව සහ නිවස පිහිටියේ එතනය.එහෙත් දැන් එහි ඇත්තේ දැවැන්ත ගොඩනැගිල්ලකි.එය වාහන අමතර කොටස් වෙළඳසලක් බව පෙනිණි.බොරැල්ල පැත්තට ධාවනයවූ මෝටර් රථය ඉන්පසු හැරුණේ කුරුදුවත්ත පැත්තටයි . ‘මේවා අපිට හොඳට හුරුපුරුදු පාරවල් මේ යන්නේ කුරුඳුවත්ත පැත්තට’ අන්දිරිස්ට අතීතය මතක්ව එසේ කියන්නට ඇත. ‘ඔව් තාත්තේ ඒ පැත්තට තමයි’ විචර්ලි මන්දිරය ඈතින් පෙනෙන විට වාහනය හදිසියේම නවත්වනු ලැබිණි.අන්දිරිස්ට මෙය සිහිනයක් මෙනි.මෝටර් රථය නවත්වන ලද්දේ ඈන්ගේ නිවස ඉදිරිපිටයි.අන්දිරිස් කුඩා දරුවෙක් මෙන් හඬන්නට පටන් ගත්තේ දරාගත නොහැකි ශෝකයෙනි.සේවකයෙක් විත් වත්තට ඇතුළුවන ගේට්ටුව විවෘත කළේය.මෝටර් රථය වත්තට ඇතුළු විය. ‘පුතා ඇයි මේ’ අන්දිරිස් කතා කළේ කඳුළු අතරිණි. ‘ප්‍රින්ස් මාමා මට කීවා මේ ගෙයි මට පදිංචි වෙන්න කියලා..එයා ආයෙත් ලංකාවට එන්නේ නැතිලු…අම්මාගේ අම්මා කියලා තිබුණලු ප්‍රින්ස් මාමට මේ ගේ කවදා හරි ඈන්ගේ ළමෙකුට දෙන්න කියලා’ දරාගත නොහැකි සතුටකින් සහ ශෝකයකින් අන්දිරිස්ගේ සිත වැළපෙයි. ‘අනේ බේබිත් හිටියා නම්’ ඔහුට නොදැනීම කියවිණි ‘ඔව් තාත්තේ අද අපේ අම්මත් හිටියා නම් ‘ —--------------------------- ශාන්ත විදාන පතිරණ ‘"අම්මේ...අම්මේ .." කෑ ගහගෙන ම හැල්මේ දුවගෙන ආපු මම පුංචි කඩුල්ල උඩින් පැනලා දුවගෙන ආවේ අම්මා කොහෙද ඉන්නේ කියලා බලන්න හතර අතේ ඇස් යවමින් . "මොකද ළමයෝ මේ බෙරිහන් දෙන්නේ .අහලගං හතටම ඇහෙනවා කෑ ගැහිල්ල . ගෑණු ළමෙක් හැදෙන හැටි අම්මපා.. ආච්චම්මා එහෙම කිව්වා මං දුවගෙන එන ඉස්සරහට ඇවිද ගෙන එන ගමන් ..මම ආච්චම්මා ලඟම බ්රේක් පාරක් ගහලා නතර වෙලා "කොයි අම්මා " කියලා ඇහැව්වේ තාමත් අම්මා මගේ ඇස් පේන මානයට අහු වෙච්චි නැති නිසා . "මේකිට තියෙන ගායක් අම්මපා .තව පොඩ්ඩෙන් මම පතබෑවෙනවා මේකිගේ ඇඟේ හැප්පිලා ..ආං අර ඉන්නේ අම්මා.." ආච්චම්මා එහෙම ගෝරනාඩුවකුත් කරගෙන සියඹලා ගහ දිහාට අත දික් කරලා පිලට ගියේ ඉඳගෙන සියඹලා පොතු අරින්න වෙන්න ඇති ආච්චම්මා ගේ රස්සාව ඒකනේ ඉතින් .පුදුමයි මට අඬගැහැව්වේ නැතුවා .අඬගැහැව්වත් යයි මම . මම ආසම නෑ සියඹලා පොතු ඇරිල්ලට .මම අම්මාටත් කිව්වා ආච්චම්මා ට හොරෙන් අපි සියඹලා ගහ කපමු කියලා .කෝ ඒත් ඇහැව්වා යෑ. තාම ඔය අපූරුවට තියෙන්නේ සියඹලා ගහ. ඉතින් ආච්චම්මා ම ඔය වැඩේ කරපුදෙන් . මටනං බෑ . "ආච්චම්මා එහෙම කිව්වේ මම දුවගෙන ආපු වේගේ දැකලා මිසක්කා ආච්චම්මාගේ ඇඟේ හැප්පුනා තියා ගෑවුනේවත් නැතිව නේ .. ආච්චම්මාත් බොරු කියන්න දන්නෙම නෑ නේ.." මමත් ඔහොම කියාගෙන ආයෙමත් "අම්මේ."කියාගෙන දුවලා ගියා අම්මා ලඟට . "මොකෝ ළමයො ඇත්තටම බෙරිහන් දෙන්නේ .. ආච්චම්මා හරි අහල ගං හතටම ඇහෙනවා කෑ ගැහිල්ල. " අම්මා එහෙම කියලා මා දිහා එක පාරක් ඔලුව උස්සලා බලලා ආයෙමත් විය වියා හිටපු පොල් අත්තට අවධානය යොමු කෙරුවා. දුවගෙන ආපු මම අම්මා හිටපු තැනම කකුල් දෙක නවලා ඉඳ ගත්තේ අම්මට මගේ ප්‍රශ්ණය යොමු කරන්න . "ඔය ගවුම හදාගෙන ඉඳගනිං. ගැණු ලමෙක් නේද.. කියලා තියෙනවා මම . ගෙට වෙන්නම ඕනිද පිළිවෙලකට හැදෙන්න . " අම්මා එහෙම කිව්වා මා දිහාවත් බලන්නේ නැතිව ම .මම ආයෙමත් ගවුම හදාගෙන ඉඳගෙන කල්පනා කරන්න ගත්තේ මොකක්ද මේ ගෙට වෙන කතාව කියලා . ඔය ඇයි දෙයියනේ දැනුත් ඉන්නේ ගෙයිනෙ . තව කොහේ ගෙයක් ගැනද මේ කියන්නේ හැබෑට. දැන් ඕක අහන්න ගියොත් මං අහන්න යන එක අහන්න වෙන්නෙ නෑ . අම්මා ට යකා නැග්ගොත් එහෙම . ඕක හිමීට පස්සේ අහනවා කියලා හිතාගෙන ම ආයෙමත් අම්මට කතා කලා මම. " අම්මේ...අම්මේ.. මේ අහන්නකෝ ඔය වැඩේ තියලා . බලන්නකෝ අප්පා " මම ආයෙමත් සැරයක් එහෙම කිව්වේ මගේ ප්‍රශ්ණය ඉදිරිපත් කරන්න පෙර අම්මා මා දිහා බලවන්න . "මොකද වදේ මේ. අහන දෙයක් අහපන්කෝ තෙපර බාන්නේ නැතිව .." අම්මා කිව්වේ ඒ පාර නම් මා දිහා බලලා පොල් අත්තෙන් අත් දෙකම මුදා ගනිමින් . " මේ අම්මේ .. මං වගේම තව මට අක්කලා හරි නංගිලා හරි ඉන්නවද කොහේ හරි." ආයේ කිසිම ඇහිල්ලක් බැලිල්ල ක් නැතිව මගේ ප්‍රශ්ණය යොමු කලා අම්මට තවත් කල් අරින්නේ නැතිවම. අප්පච්චියේ .. මෙන්න අම්මාගෙන් ඒක ඇහැව්වා විතරයි ඇස් දෙකත් පොල් ගෙඩියක සයිස් කරගෙන මා දිහා බලාගෙනම "මොකක් කිව්වා " කියලා මහ හයියෙන් බෙරිහන් දීගෙනම නැගිට්ටෙ මම කටත් ඇරං බලාගෙන ඉද්දී . ඒ මදිවට "අනේ දෙයියනේ.. මේ මිනිහා වගේ අසමජ්ජාති මිනිහෙක් ." කියලා කාටදෝ මිනිහෙක්ටත් බැන ගෙන අඬන්න තියා ගත්තේ නැතෑ . ඔන්න ඒ පාර නං මටත් හිතුනා අම්මගෙ කෑ ගැහිල්ලත් අහල ගං හතටම ඇහෙනවා ඇති කියලා නම් . අම්මා අඬ අඬ බනිනවා කාටද මිනිහෙක් ට .මම අහපු දේට මේ හැටියට අඬන්නේ මක්කටද කියලා මම දහ අතේ හිතන්න ගනිද්දී ම මෙන්න ආච්චම්මාත් එනවා. එයාට මෙච්චර හයියෙන් එන්නත් පුළුවන්ද . මගේ අම්මෝ එයා එන වේගේ. " මෙහෙම කට කැඩිච්ච කතා .. කවුද බොට ඕවා කිව්වෙ මගේ අහිංසකයා අල්ලලා ..කෙල්ලෙ කියහං අද මම...ඕක කියපු එකීට .." එහෙම කියාගෙන පුපුර පුපුරා ආවේ හරියට ආච්චම්මා හැම වෙලාවෙම කං කෙඳිරි ගගා කියන වාත අමාරුව , කකුල් කෙඩෙත්තුව, කොන්දෙ අමාරුව අහලකවත් නැති ගානට . ඇයි දෙයියනේ මම්ම කොච්චර නම් තෙල් ගාන්න ඇද්ද ආච්චම්මාගේ ඔය කියාපු අමාරුකං වලට. යන්තං ඇති . දැන් හොඳ වෙලා වගේ . ආයෙමත් තෙල් ගාන්න ඕනි වෙන එකක් නැහැ මට . මම එහෙම හිතලා ටිකක් සතුටු වෙන්න හිතුවා විතරයි අම්මා ඇඬිල්ල පැත්තකටම තියලා බනින්න තියා ගත්තේ නැතෑ ආයෙමත් අර මනුස්සයා ට . " මට හිතුනා.. මට හිතුනා..කාලෙක ඉදලා ඕවර් ටයිං කොරනවා කියනකොට . ගෙදර එන්නේ නෑ ඇහැව්වොත් ඕවර් ටයිං කොරනවා කියනවා .අරහෙ ගියා . මෙහෙ ගියා කියලා කියනවා. හරි අපූරු ඕවර් ටයිං එකක් කරලා තියෙන්නේ මේ මිනිහා . අනේ දෙයියනේ ළමයිනුත් ඉන්නවාලු . කවුද මගේ මිනිහව රවට්ට ගත්ත ගෑණි . අනේ දෙයියනේ . දැන් මං කොහොමද අපේ අම්මන්ඩිලාට මූණ දෙන්නේ .උන්දලාට අකීකරු වෙලා මං කොරගත්ත කසාදෙ . කොච්චර නම් මට කිව්වද මේ මිනිහව අත් අරින්න කියලා නම් . අනේ අප්පො දැන් මං කොහොමද රටට ගමට මූණ දෙන්නේ ..බලනකොට මං විතරයි මේ මිනිහගේ කෙරුවාව නොදන්නේ. ගමේ මිනිස්සු දන්නවා .. අපොයි මට බෑ තවත් මේ මිනිහා එක්ක දීග කන්න .මං යනවා ලමයවත් අරං අපේ මහ ගෙදර . " අම්මා එහෙම කියලා හති අරිනවා..නහය හූරනවා ඉවරයක් නෑ හරියට අම්මා නිකං දුං කෝච්චියක් වගේ පිඹිනවා කියලයි මට හිතෙන්නේ. ..ඔන්න ඒ ගමන් ආච්චම්මාත් පටන් ගත්තා . " මේ හාමිනෝ .. මගේ කට අවුස්සගන්න එපා .. මගේ කොල්ලා එහෙම අසමජ්ජාති මිනිහෙක් නෙමෙයි .ඒකා කොච්චර අහිංසකයෙක් ද කියන්න මම දන්නේ නැතිද ..තියෙන දහං ගැට . මායං ටික දාලා ඒකව අල්ල ගත්තු විදිය මම දන්නේ නැතිද .. දැන් එනවා මෙතන ..බොට නං හොඳක් වෙන්නේ නෑ මයෙ කොල්ලට කියපු දේ වලට . තමන්ගේ මිනිහා නේද ..බොලාව ජීවත් කරවන මිනිහා නේද .." ආච්චම්මා අම්මට එහා .. අම්මා ආච්චම්මට එහා ..එකම ගාලගෝට්ටියක් වෙලා දැන් .මටනං ඒ පාර මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. මම තාමත් බිම් ඉඳගෙන මේ දෙන්නගේ මූණවල් දිහාවටයි කටවල් දිහාවටයි බැලුවේ මං අහපු දේට මේ හැටියට අම්මයි ආච්චම්ම යි දඟලන්නේ මොකටද කියලා හිත හිතා . දෙන්නා කොන්ඩේ බදිනවා . ආයේ ලිහෙනවා ආයේ බඳිනවා. අම්මෝ ගහ ගනීද මන්දා . එහෙම වුනොත් මං කාගෙ පැත්තද ගන්නේ ..අම්මෝ දැන් නම් අහල ගං හතටම නෙමෙයි මුළු රටටම ඇහෙනවද මන්දා සද්දේ .මට එහෙමත් හිතෙනවා . මම බිම ඉඳගෙන හිත හිතා හිටියේ ඕවා . "මේකි තමයි මේ ගිනිගෙඩි ගේන්නෙ ." මෙන්න වදේ ඒ පාර ආච්චම්මා .. මම ගෙඩියක් ගෙනාවලු. පිස්සුනේ .. "මං ගෙනාපු ගෙඩියක් නෑ . ආච්චම්මා දැක්කනෙ ..මම අත් දෙකම වන වනානෙ දුවගෙන ආවේ ." මම කිව්වා එහෙම .ඉඳගෙන හිටපු තැනින් නැගිටලාම. මේ යන විදියට මටත් ගුටි කන්න වුනොත් දුවන්න බලාගෙන. .. " කෙල්ල කියන්න ඕනිද ඕක . මටත් ඕකම හිතිලා දැන් කාලයක් වෙනවා ..ඔහේ ඔහේගේ පුතාව සුද්ද කරන්න එන්න එපා මට ..මේ මිනිහට වෙන පවුලක් ඇතිම කියලා මට හිතිලා තමයි තිබුනේ කොහොමටත් .මට හිතුන දේම ඔය අපූරුවට කවුරු හරිම කියලා තියෙන්නේ . ඇත්ත වෙන්න ඇති ... ඇත්ත වෙන්න ඇති. හීමිජ්ජා වගේ ගෙදර ඇවිත් ඉන්නේ ඒකනේ ..මට ඕනි නෑ මේ මිනිහව .. කෙල්ලෙ යන්න ලෑස්ති වෙයං.." මෙන්න අම්මා ඒ පාර කොහෙද යන්න ලෑස්ති වෙන්න කියනවා මට .. කොහේ යන්නද මට බඩගිනියි . ඒකවත් කියා ගන්න විදියක් නෑ නේ හැබෑට. අප්පොච්චත් එයි දැන් .. "අප්පොච්චා ද ලෑස්ති වෙන්න කියලා කිව්වේ .." මම ඇහැව්වා විතරයි මෙන්න අම්මා ආයේ පරල වුනා . "අප්පොච්චා...මතක් කොරන්න එපා ඔය මිනිහව ..මට ඕනි නෑ ඔය මිනිහා. " අම්මා එහෙම කියපුවම තමයි මට තේරුණේ අම්මා මේ මෙච්චර වෙලා බැනලා තියෙන්නේ අප්පොච්චට කියලා ..ඇයි දෙයියනේ අම්මට මොනා වෙලාද .. අප්පොච්චා මොන වැරැද්දක් කලාටද අම්මා අප්පොච්චට මේ හැටියට බනින්නේ .. මම දැන් දහ අතේ හිතන්න ගත්තේ ඒක ..වැඩි වෙලාවක් ඒ ගැන හිතන්න වුනේ නෑ . ආච්චම්මා එකපාරටම හිටගෙන හිටපු මාව එයාගෙ පැත්තට කරකෝල ගත්ත වේගයට මාව දෙපාරක් විතර කැරකුනා ද මන්දා . ඈ වදේ . ආච්චම්මට මෙච්චර ශක්තියයක් තියෙන විත්තිය මං දැන ගත්තේ අදනේ බොලේ .බොරුවමයි කරලා තියෙන්නේ මෙච්චර දවසක් . "කවුද කෙල්ලෙ ..බොට අප්පොච්චා ගැන මුසාවක් කිව්වේ. කරලිනා නේද. කියහං මට .අද මම දෙකෙන් එකක් බේර ගන්නම් කරලිනා
එක්ක . මං බේර ගන්නම් . උන්දැට හොඳවයින් දෙකක් කියලා හොඳවයින් දෙකකුත් දීලා තමයි අද මම එන්නේ ." ආච්චම්මා පරල වෙලා . ඒ පාර කොහෙද ඉන්න කරලිනා ආච්චිවත් අල්ලගෙන . "නෑ නෑ ආච්චම්මා මේ..." මට කියන්න දෙන්නෙම නෑනේ හැබෑට .මං කියන දේ දෙන්නටම ඇහෙන්නේ නෑ නොවැ . ආච්චම්මා යි , අම්මයි දෙන්නම එකට බැන ගන්නවා මිසක් අහන්නේ නෑ නේ මං කියන දේ . අම්මා අප්පොච්චටයි ආච්චම්මටයි බනිනවා . ආච්චම්මා අම්මටයි කරලිනා ආච්චිටයි බනිනවා . එකම ගෝසාව .මම ඇහැව්වේ මට තව අක්කලා හරි නංගිලා හරි ඉන්නවද කියලා විතරනේ. ඒකට මොකෝ අප්පොච්චට බනින්නේ අම්මා මෙච්චර . අනිත් කෙනා ආච්චම්මා . ඊටත් ඕක මට කිව්වේ කරලිනා ආච්චියෑ.. කරලිනා ආච්චිට හැමෝම කියන්නේ නම් රොයිටර් ආච්චි , ඕපදූප මල්ල , ගමේ පත්තරේ , කේලමී වගේ නම් තමයි වුනාට මේක නම් කිව්වේ කරලිනා ආච්චි නෙමෙයි සමදරා අක්කනෙ. සමදරා අක්කට කවුරු කිව්වද නම් දන්නේ නෑ. මේක හරි යන්නේ නෑ . යන්න ඕනි සමදරා අක්කව එක්ක එන්න. නැත්නම් ආච්චම්මා ඊගාවට රෙද්ද ඇඳ ඇඳ , කොන්ඩේ බැඳ බැඳ දුවයි කරලිනා ආච්චිට දෙකක් කියන්න . එහෙමනේ ආච්චම්මා කිව්වෙත්. අම්මා ලෑස්ති වෙයි අප්පොච්චට ආපු ගමන් දෙකක් දෙන්න .අපොයි පව් මයෙ අප්පොච්චා. අප්පොච්චා නානායක්කාර මහත්තයාගේ රබර් වත්තේ නොවැ වැඩ කරන්නේ . අර මහ විසාල ලොරියෙ ඩයිවර් අපේ අප්පොච්චනෙ .. ඉතින් කොච්චර මහන්සි ද ඒක ආම්බාන් කරන එක ..( අම්මා තමයි එහෙම අහන්නේ .ඔහෙට අමාරු නැතැයි ඔය යකඩ ගොඩ එහාට මෙහාට කරකර ආම්බාන් කොරන එක ඔහොමයි අහන්නේ . අපොයි එතකොට බලන්න එපෑ අප්පොච්චගේ මූණේ අහංකාරෙ ) ඉතින් අදත් මහන්සි වෙලා එන්නෙ. "චූටියෝ වතුර එකක් ගෙනහල්ලා මට බොන්න . දිව ගිලෙන්න එනවා . පිපාසේ බැරුවා ඉන්ට.හාමිනෝ..වතුර එක රත් කොරලා තේ කහට ඩිංගිත්තක් හදන්ට ..ඇඟට වතුර ටිකක් දාගෙන ඇවිත් නිවිහැනහිල්ලේ බොන්ට " ඔන්න ඔහොමයි අප්පොච්චගේ මහන්සි ය කියන්නේ. ඒත් හැමදාමත් කියන ඒදේ අදනම් අප්පොච්චට කියන්න වෙන එකකුත් නෑ. අඩුම ගානේ අප්පොච්චා අප්පොච්චට අම්මා බනින හේතුවවත් දන්නේ නෑ නේ. මේ යන විදියට අම්මා අප්පොච්චට ගහයි ද මන්දා . මම දිව්වා දිවිල්ලක් . කෙලින්ම සමදරා අක්කගෙ මිදූලෙ නතර වුනේ. මට හති . "මොකද චූටියෝ හති මුනින් දාගෙන . බොට හිමින් ගමනක් ඇත්තේම නෑ නේ ." සමදරා අක්කගෙ අම්මා නන්දාවතී නැන්ද මේ මොනා අහනවා ද මන්දා .. හිමින් හිමින් එන්න පුලුවන්ද අදමට . ඒකෙන් වැඩක් නෑ ..ඕවට උත්තර බැඳ බැඳ ඉන්න මට වෙලාවක් නෑ දැන් .. " කොයි සමදරා අක්කා . " "ගෙයි ඉන්නවා බලහං ." නැන්දා කියන්නත් කලින්ම මං ගේ ඇතුළේ . "මොකද චූටියෝ මේ .. " "අක්කේ මේ . මේ.." අයියෝ වචන එන්නෙත් නෑ අප්පා .. " මේ වතුර ටික බීලා හිටහන් ..ඊට පස්සේ කියහං කෝ .." "අක්කේ මේ .. මම අම්මගෙන් ඇහැව්වා අක්ක කියපු දේ .." "මොනාද මං කියපු දේ . " ඇයි වදේ මේ ඩිංගට සමදරා අක්කට ඒකත් අමතක වෙලා නෙ. තරහෙත් බෑ මට . එයා කියපු දේ එයාට මතක් නෑ නේ . බනින්න ඕනි පස්සේ . "ඇයි ඔයා කිව්වේ මං වගේ තව ඉන්නවා කියලා . ඉතින් මම අපේ අම්මාගෙන් ඇහැව්වා මට තව අක්කලා හරි නංගිලා හරි ඉන්නවද කියලා.ඔච්චරයි ඇහැව්වේත්. අම්මට තරහා ගියා යෑමක්. ඔන්න දැන් ගෙදර එකම යුද්ධෙ. ආච්චම්මා යි , අම්මයි බැන ගන්නවා ..අහල ගං හතටම ඇහෙන්න . අප්පොච්චටත් ඇහුනොත් හොඳයි . එතකොට අප්පොච්චට බේරුනෑකි අම්මගෙන් අද ගෙදර ඇවිත් කොහේහරි හැංගිලා . නැත්නම් අද අප්පොච්චට අම්මගෙන් ගුටි කන්න වෙනවා .පව් අප්පොච්චා . මහන්සි වෙලා ඇවිත් ගුටි කන්නත් පුළුවනෑ නේද අක්කෙ .ඒ මදිවට ආච්චම්මා කරලිනා ආච්චිවත් අල්ලං . උන්දැටත් හොඳටෝම බනිනවා . කරලිනා ආච්චි පදයක් හැදුවයි කියලා අප්පොච්චට . එයත් ගුටි කයි වගේ . දැනුත් අම්මයි , ආච්චම්මා යි ගහ ගන්නවාද දන්නෑ. " මම එහෙම කියාපු ගමන් සමදරා අක්කා "අප්පොච්චි යේ... දෙයියෝ සාක්කි.." ඔය දෙකම කියලා ඔළුවේ අත ගහ ගත්තා . " ඇ බං හරකියේ ඒ මම කිව්වේ කතාවට කියන එකක් නේ .නැතිව මේ රටේ බොට තවත් අක්කලා , නංගිලා ඉන්නවට නෙමෙයි ." එහෙම කියාගෙන සමදරා අක්කා මාවත් ඇදගෙන අපේ ගෙදර එන්න තියා ගත්තේ .. "මොකෑ දරුවෝ වෙලා තියෙන්නේ. " කියලා නන්දාවතී නැන්ද ඇහැව්වත් "අපෙ අම්මා ඇවිත් කියන්නම් කියාගෙන . " බොට නං දෙන්න හිතෙනවා චූටියෝ මට .. ඇත්තමයි මීට පස්සේ බොට නං අනේ අම්මපා මුකුත් කියන්නේ නෑ..හරකි,එළදෙන , මැට්ටි , මෝඩි ...ඔය වගේ නම් කිය කිය පාර දිගේ එන ගමන් මට බැන බැන ඇවිත් ඔන්න සමදරා අක්කා අපේ අම්මා ලඟ නතර වුනා . යුද්දෙ ටිකක් සමහන් වෙලා වගේ . අම්මයි , ආච්චම්මයි දෙන්නා දෙපැත්තට වෙලා ඉඳගෙන . පේන හැටියට ගහගෙන නෑ .කරලිනා ආච්චි ට දෙකක් දෙන්න ගිහිනුත් නෑ අපේ ආච්චම්මා .ඒත් ආච්චම්මා යන්න ලෑස්ති ය කරලිනා ආච්චි ට දෙකක් දෙන්න . ඒ කියන්නේ කරලිනා ආච්චිත් තාම ගුටි කාලා නෑ . අම්මෝ ඇති යන්තම්. මට එහෙම හිතුණේ මේ කොහෙවත් ඉන්න කරලිනා ආච්චි මේකට කොහොමවත් ගෑවිලා නැති නිසා . නැතත් මට හිතුනා අපේ ආච්චම්මා කරලිනා ආච්චිට ගහන්න ගියත් ගුටියක් කන්න වෙන්නේ අපේ ආච්චම්මා ටම තමයි කියලා. අපොයි පව් එහෙම වුනොත් අපේ ආච්චම්මා . ආයෙමත් මට තෙල් ගාන්න වෙනවා දැන් මේ ආච්චම්මා ට හොඳ වෙලා තියෙන එකේ . කඳුළු පෙර පෙර වැලේ හෝදලා වනලා තිබුණු අම්මගෙ මල් මල් චීත්තෙන් නහයයි, මූණයි පිහ පිහ අඬන අම්මා ලඟින් සමදරා අක්කා ඉඳගෙන " මොකද නැන්දේ මේ " කියලා ඇහැව්වා විතරයි .. " බලහං කෝ දුවේ.. මේ මිනිහා මේ වගේ නොසන්ඩාල මිනිහෙක් කියලා මම හිතුවේ නෑ දුවේ.." ඔන්න අම්මා ආයෙමත් සැරයක් පටන් ගත්තෙ නැතෑ අප්පොච්චට බනින්න . "හරි හරි නැන්දේ . මේ අහන්නකෝ මම කියන දේ . රත්නෙ මාමාට බනින්න දෙයක් නෑ ..රත්නෙ මාමා කරපු දේකුත් නෑ . මේකයි නැන්දේ . මේ ලෝකෙ එක එක කතා තියෙනවා .. මම චූටියට අද එහෙම කතාවක් කිව්වා . චූටියාගේ තියෙන දාංගලේට මම විහිළුවට කිව්වා අම්මෝ චූටියා වගේ ඉන්න අනිත් අක්කලා නංගිලා හය දෙනාත් එකට හිටියනම් ලෝකේ පෙරළයි කියලා . මොකද ලෝකේ එක වගේ හත් දෙනෙක් ඉන්නවා කියලා කතාවක් තියෙනවා . ඇත්ත නැත්ත දන්නේ නෑ ඒත් එහෙම කියනවා . අනේ දෙයියනේ මේ මෝඩ කෙල්ල කරන වැඩ . කවුද දන්නෙ මේ කතාව මෙච්චර දුරදිග යයි කියලා . කොහොමහරි චූටියම හිතලා දුවගෙන ඇවිත් මට කියපු එක කොච්චර හොඳද. නැත්නම් හරි අපරාධයක් තමයි වෙන්නේ ..තව පොඩ්ඩෙන් අර අහිංසක රත්නෙ මාමා වැරදි කාරයෙක් වෙනවා . " සමදරා අක්කා එහෙම කියපුවම අම්මා විතරක් නෙමෙයි ආච්චම්මාත් ඇස් ගෙඩි දෙක පොල් ගෙඩියක සයිස් කරගෙන මා දිහා බැලුවා බැලිල්ලක්. ඒ විතරක් යෑ ...අද මම මේකිට ..කියලා අම්මා ඉඳගෙන හිටපු තැනින් නැගිට්ට හැටියට නම් අද මාව සම්බෝල කරයි කියලා හිතලා තමයි දුවලා ගිහිල්ලා ඇඳ යටට රිංගුවේ . දෙයියනේ.. අප්පොච්චයි , කරලිනා ආච්චියි දෙන්නම වෙනුවට එතකොට දැන් මමද අම්මගෙන් ගුටි කන්න ඕනා . ඇයි දෙයියනේ අම්මනේ මම කියන්න ගියදේ හරියට අහන්නේ නැති ව පරල වුනේ . ආච්චම්මාත් සමහර වෙලාවට අපේ අම්මාට කියන්නේ පරල වෙන්නේ නැතිව හිටහං කියලා කියන්නේ අද වගේ තරහා ගිහින් කෑ ගහන කොටනෙ . අදත් අපේ අම්මා බොරුවට නේ පරල වුනේ . අදනං අම්මා විතරක් නෙමෙයි ආච්චම්මාත් පරල වුනා නේ . අම්මා මට බනිනවා තාමත් ඇහෙනවා ..හොඳ වෙලාවට අම්මට ඇඳ යටට රිංගන්න බෑ ..වෙනදා නම් ආච්චම්මා අම්මගෙ ගුටි වලින් මාව බේරගන්නවා . ඒත් අදනම් ඒක කරන්නත් බෑ . අප්පොච්චා එනකම්ම මට ඇඳ යටින් එලියට යනවා බොරු. අප්පොච්චා එනකම් ම මම ඇඳ යටට වෙලා ඉන්නවා .මම හරිබරි ගැහිලා නිදා ගන්න ලෑස්ති වුනා .. අපොයි දෙවියනේ මොන නින්දක් ද .. අප්පොච්චා අදත් ඕවර් ටයිං කරයිද . එතකොට හෙටත් .. මට හීං දාඩිය දාන්න ගත්තා . අපොයි අපොයි...මට කවදා වෙනකම් මේ ඇඳ යටට වෙලා ඉන්න වෙයිද ..මට හීං දාඩිය දාන්න ගත්තේ ඒක මතක් වෙලා . නිමාලි ප්‍රනාන්දු..නිදහස.. සමහරු ඉන්නව ෆිනෑන්ස් එකක් දාල වාහනයක් අරගෙන හරියට කන්නෙවත් නැතිව හොයන සද්දසකලමනාවම ෆිනෑන්ස් කොම්පැනියට පුදන මිනිස්සු .. සමහරු ඉන්නව "අරයට තියෙනව මටත් ඕනනෙ" කියල හිතාගෙන බැංකු ලෝන් ගහල හරියට මේන්ටේන් කරගන්නවත් බැරි අනවශ්‍ය විදියෙ මහවිශාල ගෙවල් හදල හම්බු කරන සේසතම බැංකුවට පුදන මිනිස්සු.. සමහරු ඉන්නව දහම්පාසලකටවත් දරුවව යවන්නැතිව පැය භාගයක්වත් දරුවට නිදහසේ ඉන්න දෙන්නැතිව දරුවගේ අනාගතේ වෙනුවෙන්නෙ කියල හිතාගෙන යවන්න තියෙන හැම පුද්ගලික පන්තියටම යවල දරුවගෙ ලස්සනම කාලෙ නිදහස දරුවට අහිමි කරන මිනිස්සු .. සමහරු සමහරු කිව්වට බොහොමයක් අපේ රටේ ඉන්නෙම හෙට හෙට යැයි සිතා කිසිදා නොලබන සතුටක් වෙනුවෙන් අද දවසෙ සතුට, නිදහස හිතාමතාම අහිමි කරගත්තු මිනිස්සු.. ලෝකෙට පේන්න යානවාහන අරගෙන, මහාමන්දිර තනා ඒවා ඇතුලෙ මෙලෝ නිදහසක් නැතිව පිච්චෙන මිනිස්සු.. ඉතින් නිදහස් දවසේ සිටවත් ලෝකයාට පේන්න නෙවෙයි අපි අපේ නිදහස වෙනුවෙන් , මානසික සුවය වෙනුවෙන් වෙනස් වෙමු. දරුවන්ව දහම් පාසල් යවමු. එයාලට හොදනරක කියල දෙමු. අනවශ්‍ය විදියට ගෙවල් දොරවල් හදන්න, යානවාහන ගන්න යොදවන කාලය දරුවන් සමග සතුටින් ඉන්න යොදවමු.. අනෙක් අය සමග තරගකාරීව නෙවෙයි, ආදරණීයව ජීවත් වෙමු. එකිනෙකාට හැකිවිදියට උදව්කරමු. තමන්ගෙ මෙන්ම අනෙකාගේ සතුටේදීත් සතුටු වෙමු.. ( එතකොට ඊර්ශ්‍යාව, වෛරය වගේ පහත් සිතුවිලි පහල වෙන්නෙ නෑ..) හිතන්නන් වාලේ හිතල නෙවෙයි, ඇත්තටම හිතල අපි වෙනස් වෙමු.. 🙏❤️ ©️ සමිත් R හෙට්ටිආරච්චිමා ලියූ කෙටි කතාවකි ===මා නොවන මම=== "අඩෝ රුවනා අද අඩියක් ගහමුද?" අජිතා කෑගසා ඇසුවේ මම හදිස්සියේ බිරිඳගෙන් ලැබුණ ආයාචනයෙන් පසුව හවස 5ට පමණ රෑ කෑමට පාං රාත්තලක් ගේන්න කඩමන්ඩියට ගිය වෙලාවේය, "පිස්සුද යකෝ, අඩි ගහන්න කෝ බං සල්ලි" මම එක පයින්ම ඇසුවෙමි, මේ දිනවල ඇති දැඩි ආර්ථික පීඩනය නිසා මම සිනහවෙන් කතාව මඟ ඇරියෙමි, ඒ මන්ද යත් අජිත්ලා සමඟ අඩි ගැසීම අවසාන වීමට එක්කෝ අපි අවසන් විය යුතුය, එක්කෝ ලංකාවේ අරක්කු අවසන් විය යුතුය, ලංකාවේ අරක්කු අවසන් නොවන බැවින් අපි ෆ්ලැට් වනතුර
ුම අපි අඩිය ගසන්නේ සංසාර පුරුද්දකට මෙනි. "හරි, වරෙන්කෝ, අපේ අයියා රට ඉඳන් ගෙනාපු බෝතලයක් තියනවා, අයියත් ඉන්නවා ගෙදර, මහ ගෙදර කවුරුත් නෑ, යමං" "උඹලත් දැක්කාම තමා පරළ වෙන්නේ, නිකමට කෝල් එකක් දුන්නද" බලපිය ප$ ෆෝන් එක, තොට කෝල් දෙකක් ගත්ත දැන්" ඔහු කෑගැසුවේය, "මේ රෙද්දේ සයිලට් අයින් වෙන්නේ නෑ බං, හදන්න දෙන්න ඕනේ" මම කීවෙමි, "යමුද කියාංකෝ" අජිත් ඇසුවේය, "උඹලා කියනවානම් ඉතින් එන්නේ නැතුවත් බෑනේ, ඉඳපන් මේ පාං ගෙඩිය දීලා එන්නම්" "පාං ගෙඩිය දැන්ම දෙන්න ඕනැයෑ, වරකෝ යන්න" "බයිට්?" මගෙනුත් යමක් වියයුතු නිසා මම ඇසුවෙමි, "ගත්තා ගත්තා බ්‍රෝ" ඔහු අත ඉහලට උස්සා පෙන්නුවේ අතේ තිබූ මික්ශර් පැකැට්ටුව සහ කුකුල් මස් කිලෝ එකක පමණ පාර්සලයයි, "සෝඩයි සිකරැටුයි මම අරං එන්නම්" මම අසල තිබූ නිමල් මාමාගේ කඩයට ගොඩවීමි, "ආ... රුවන්, කාලෙකින්" නිමල් මාමා සුපුරුදු සිනහව මුවේ රඳවාගෙන ඇසුවේය, "මේ ටිකේ කොළඹ වැඩ මාමේ, ඒන්න බැරිවුණා ගමේ" "මොනවද ඕනේ" "පාං ගෙඩියයි, 100 ගෝල්ලීප් 10යි සෝඩා...." මම මඳක් කල්පනා කලෙමි, "නෑ නෑ සෝඩා එපා" කියා මා පැවසුවේ බොරුවට සෝඩාවලට වියදම් නොකර සිට වතුර සමඟ බීමේ අරමුණෙනි, ------ "අඩෝ රුවනා" හැමදාම අපේ හයියට සිටි අජිත්ගේ අයියා මාව දැක වැලඳගත්තේය, අජිත්ගේ අයියා මීට සතියකට පෙර කොරියාවේ රැකියාවෙන් නිවාඩු ලබා ලංකාවට පැමිණියේය, පොඩිකල සිටම මාගේ සහ අජිත්ගේ හැම මගුලක්ම කේලමක්ම අපි පවසන්නේ අයියාටය, ඇත්තෙන්ම ඔහු මාගේත් සහෝදරයෙකු සේ මට හැඟේ. "ඉන්නවා අයියේ ඉතින් ලෝන් එකේ වාරිකයක් ගෙවාගෙන, බය වෙන්න දෙයක් නෑ මේ රට 2048දී සස්‍රීක වෙනවානේ" මම කින්ඩි කතාවක් පවසමින් සිනාසුණෙමි, "කෝ ගනින් ඔය චිකන් එක හදන්න" අජිත්ගේ අයියා පැවසුවේය, "නෑ නෑ මම හදන්නම්" මම පැවසුවෙමි, ඉන් පසු කුකුල් මස් වලින් පුරුදු ඩෙවල් එක හැදීමට මා ආරම්භ කලෙමි, "මේක වතුරේ දාලා ඉන්න වෙයි අයිස් බහින්න" මම පැවසුවෙමි, "ලූනු කොහෙද බං" මම ඇසුවෙමි, "අම්මේ, උඹලා දන්නේම නෑ අපේ කුස්සියේ බඩු තියෙන තැන් නේද?" අජිත් සිනහසෙමින් නාන කාමරයේ සිට කෑගසා ඇසුවේය, "අයියා කියන්නේ මමත් මෙහේ ආවේ කාලෙකින්" මම මාගේ අතපසුවීමට හේතුසාධක පවසනවාත් සමඟම අයියා ලූනු සහ අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍ය මා හට සැපයූයේය. "ඔව් නේද බං, හැම එකාම දැන් පිස්සු බල්ලෝ වගේ සල්ලි පස්සේ දුවන්නේ" "ඉස්සර අපි ගල ගැහුවේ කීයටද?" මම දුකෙන් ඇසුවෙමි, "යකෝ දැන් ගල් බෝතලේ තුන්දාස් ගානක් නේද?" "බියර් එකක්ම කීයද අයියේ? සිකරැට් එකක් පත්තු කරන්නකෝ උයන ගමන් ගහන්න" මම පැවසුවෙමි, අපි කයිය ගසමින් අජිත් නාගෙන පැමිණෙනතුරු චිකන් ඩෙවල් එක හැදුවෙමු. ------ "එහෙනම් ඉතින් චියර්ස් ඈ" කියූ අයියා තම වීදුරුව ඉහලට එසවූ සැනෙන් අප දෙදෙනාද එම වීදුරුවට "ටින්" හඬ නංවමින් සව්දිය පිරුවෙමු, "අඩේ රුවනා අවංකවම ඩෙවල් එක සුප්පා ඈ" අයියා පැවසුවේය, "මේකාට ඉස්සර පපඩමක් බැදගන්න බෑ, බෝඩිමට පිංසිද්දවෙන්න තමයි ඉතින්" "තෝ කියන්නේ රුපියල් 500වල් දීලා කඩෙන් කන්න කියලද හු@තෝ" මම සිනාසෙමින් ඇසුවෙමි. "බෝතලේ වේගෙන් යනවා නේද" අජිත් සිනාසෙමින් ඇසුවේය, "සිරාවටම බංහ්" මම කීවෙමි, "සිංදුවක් දාමුද" අයියා ඇසුවේය, "එකෙන්ම" මම කෑගැසුවෙමි, "ගෙනෙන්කෝ JBL එක" අයියා අජිත්ට පැවසුවේය, ---- කෙසේහෝ සින්දු අසා සින්දු කියා කෑගසා හූ කියමින් අපි අපේ සතුට සැමරුවෙමු, "තව බෝතලයක් ගේමු" අජිත් වෙරිපිට පැවසුවේය, "ඔව් ඔව් මේක ගහලා මදි බං" මමද ඊට උල් පන්දම් දුන්නෙමි" "මේ තොපි ගේන්න ඕනේ නෑ, මම තව එකක් දෙන්නම්" අයියා ඉදිරිපත්වූයේය, "අම්මෝ දෙයියෙක්" මම අයියාව බදාගත්තෙමි, "හරි හරි අතෑරපං අයියව බෝතලේ ගේන්න දියන්" අජිත් සිනාසුනේය, ----- "දෙවනි බෝතලෙත් ඉවරයි වගේ" මම පැසුවෙමි, "අයේ ගෙනාපු සිකරැට් 5න් එක...ම එකක් තියනවා" අජිත් පැවසුවේය, "මේ අපි මූදට යමුද පොඩ්ඩක් කූල් වෙලා නාගන්න" මම අදහස දුන්නෙමි, "අඩේ එකෙන්ම" අයියා පැවසුවේය, "යනවානම් යමල්ලා" අජිත්ද එක පයින් එකඟවුණි, "ඉඳපං මම ශර්ට් එකක් දාගෙන එන්නම්" අයියා නැඟිට කාමරයට ගියේය, මම සිගරැට්ටුව ගෙන කටේ තබා ගෙන ලයිටරේ පත්තු කලෙමි, "මේක වැඩ නෑනේ හු#තෝ..." මම යාලුවා දෙසට ලයිටරය විසිකලෙමි, "චයිනීස් බඩුනේ යකෝ" ඔහු සිනාසෙමින් කුස්සියට ගියේය, "කොහෙද යන්නේ" "ගිනි පෙට්ටියක් ගේන්න" ඔහු පැවසුවේය, "අඩේ... මේකෙත් කූරු නෑ" "අපලයි ඈ" අයියා සිනාසුණේය, "මොන අපලද අයියේ ගෑස් කුකර් එකෙන් පත්තු කරමු" කියමින් මා කුස්සිය දෙසට ගියෙමි, "අයියේ සිරාවටම අපලද" මම නිකමට ඇසුවෙමි, "ඇයි බං එහෙම ඇහුවේ?" අයියා පුදුමෙන් ඇසුවේය, "නෑ , ගෑස් එකත් 10 පාරක් ගැහුවා පත්තු කරගන්න" මම කීවෙමි, "මේ වරෙල්ලා යන්න අපල මගුලක් නොකර, තව හිටියොත් රෑ වෙනවා" අයියා පැවසුවේය, ---- "එහෙනම් කොල්ලෝ මම පැන්නා" මම මූදේ රළ සමඟ අමාරුවෙන් ඇවිදන් ගියෙමි, "මේ රුවනා, තොට පීනන්නත් බෑ නේද, ඈතට යන්න එපා" අජිත් කෑගසුවේය, "අපිට මේවා හුරුයි යකෝ" මම කෑගැසුවෙමි, අජිත්ගේ අයියා වෙරළේ තිබූ කොටයක් උඩ හිඳගෙන කෝල් එකකය, අජිත් මඟදි ගත් බියර් ටින් එක කඩමින් සිටියේය, සවස් ජාමය වූවත් එදින එම පාලු වෙරළේ සිටියේ අප තිදෙනා පමණි, සාමාන්‍ය මට්ටමින් රළ බිඳෙමින් තිබුණේය, විගසින් විශාල රැල්ලක් පැමිණ මා මුහුදේ හාංසි කිරීමට සමත් වූයේය, ඉන් පසු මාගේ හිස උඩින් ගිය මූදු වතුර යම් ප්‍රමාණයක් මා හට ගිලෙනු මට දැනිණි, විගසම මට කැස්සක් පැමිණියේය, වේගයෙන් ජලය යට දඟලමින් මා ජල මට්ටමෙන් ඔලුව ඉහලට ගත්තේමි, එවිගස නැවත විශාල ජල කදම්භයක් මාගේ හිස මත පතිතවිය, මාගේ ඇස් නිලංකාරවූයේ වැලි සමඟ මිශ්‍රිත ලුනු වතුර මා විවෘත්ත කරගෙන සිටි ඇස් දෙකට යාම හේතුවෙණි, මා කෙසේ හෝ වැර යොදමින් දනිපනි ගසමින් නැඟිට යන්තම් වැල්ල පාගමින් ගිලෙ හිරු දෙස බලා දෙපයින් හිට ගත්තෙමි, නැවත මුහුද නිසලය, සියල්ල සන්සුන් වී තිබිණි, යන්තමින් ක්ශිතිජයෙන් හිරුව මුහුද ගිලගනිමින් සිටියද තවමත් මලානික රත්පැහැ එලිය විහිදුවමින් හිරු සිටියේය, ඇත්තෙන්ම මේ මුහුද කොතරම් ගුප්තද, මීට තත්පර ගානකට පෙර සැඩවූ මේ මුහුද දැන් නිසලව ඇත, මීට විනාඩි ගානකට පෙර ලොවම එළිය කල හිරුගේ බාගයක් පමණ මහ මුහුද ගිලගෙන ඇත, මෙතෙක් සැන්ගී සිටි සඳ රාජිනී හිරුගේ භාරදූර රාජකාරිය ඉටුකිරීමට තව ටිකකින් ගාලු අහසේ මෝදුවනු ඇත, මා සෑහෙන වෙලාවක් එසේ වශීකෘතවී බලා සිටියෙමි, මා හට එම සුන්දරත්වය සමඟ විශාල සැහැල්ලුවක් ශරීරයට දැනුණි, "පාං අරන් ඉක්මනට එන්න ඕනේ, තැන් තැන්වල ලැගගෙන ඉන්නවා නෙවෙයි" බිරිඳගේ හඬ ක්ශිතිජය දෙසින් ඇසී මාගේ සියොලඟ සලිත විය, මා හට කල්පනාවූයේ මාගේ දුරකථයනයට ඇය කෝල් ගන්නට ඇති බවයි, නමුත් එහි ආබාධයක් ඇත, මා වහා ගොම්මන් වෙරළ දෙස හැරුණෙමි, අජිත් සහ අයියා ඈත වෙරළේ කලබලයෙන් යම් පුද්ගලයෙක් දෙසට නැමී කෑගසයි, "අජ්ජෝ මොකෝ" මා කෑගසාගෙන එදෙසට දිව ගියෙමි, අජිත්ටවත් අයියාටවත් මාගේ කෑගැසීමවත් පැමිණීමවත් ගානක්වත් නොමැත, ඔවුන්ගේ සිහිය වැටී සිටි පුද්ගලයා ගැනයි, "රැල්ල එක්ක යට ගියා, එහෙමම පෙනුනේ නෑ, මහ රැල්ලක් ආයේ ආවා" අජිත් හඬමින් පැවසුවේය, "කව්ද යකෝ මේ" මමද බයවී එතෙන්ට දිව්වෙමි, දෙවියනේ මේ මමය, නේ ඇස් උඩ ගොස් බඩ පිම්බී නොසෙල්වී සිටින්නේ රුවන් වන මාය, "අජ්ජෝ මේ මමනේ" මම අජිත්ගේ උරිස්සෙන් අල්ලා ඔහුව හැරවීමට තැත් කලෙමි, අජිත්ගේ ඇඟ හරහා මගේ අත ගමන් කලේය, "මොනවා... මම කෑගැසුවෙමි" "යකෝ ඇම්බියුලන්ස් එකකට කතා කරපං, මම ෆෝන් එක ගෙනාවෙ නෑ" අජිත්ගේ අයියා කෑගැසුවේය, "මගේ ෆෝන් එක ගෙදර, මූගේ එක මූගේ කලිසමේ සාක්කුවේ" අජිත් මාගේ කලිසම අසලට දීවේය, මමද පසුපසින් දිව්වෙමි, අජිත් මාගේ මදුරකථනය අතට ගත්ත්ටේ, "යකෝ.. දීපන් ෆෝන් එක, වයිෆ් කෝල් කරනවා" මම කෑගසා දුරකථනය ඉදිරුවෙමි, නමුත් මා හට එය ගැනීමට නොහැක, දුරකථනය සහ අජිත් හරහා මගේ අත ගමන් කරයි, "මූගේ ගෑනී කෝල් කරනවා අයියේ, මිස් කෝල් 15යි, මම මොකද්ද කියන්නේ" අජිත් හඬා වැලපුණේය, කෝල් එක කට් කරලා ගනින්" අයියා කෑගැසුවේය, "බෑ.... මූ ලොක් එකක් දාලා" "ඉසෙඩ් හැඩේ" මම කෑගැසුවෙමි, නමුත් මා කොපමණ කෑගැසුවත් අජිත්ට ඇසෙන්නේ නැත, අජිත් බිම හිඳගෙන හඬයි, අයියා මගේ නම කියමින් මගේ නිසල දේහයට කෘතිම ස්වසනය දීමට තැත් කරයි, බිරිඳ නැවත කෝල් ගනියි, ඒ 16 වන ඇමතුමය, සඳ රාජිණී ඈතින් මුහුදේ ගිලුණු ඉරගිරවියගේ අඩුව මැකීමට සැරසෙයි... -නිමි- Tharu Rajapaksha thaaarustories තාරුගේ සිද්ධි Thaaarustoriesබඹරු ! "අනෙ අම්මපා!! මොකක්ද ලමයෝ මේ කර ගත්ත නස්පැ. ත්තිය? දැං කොහොමද මම 6 වසරට යන්න ඉස්කෝලයක් හොයන්නේ?" "මොකෝ මේ ප්‍රාථමිකේ ම ඉන්න ඇහැකිද? මම කිව්වා කට කැඩෙන කම් එදා ඉඳලම. මොකෝ තාත්තා හිටියා කියලා ඉස්කෝලයක් හොයලා දෙනවා කියලද" දේවිකා තිදස්ට ඊයේ හවස ඉඳලම මේ වචන වලින් විතරක් නෙවේ කටට ආ ඔක්කොම හරු. ප වලින් දමලා ගැහුවා විතරක් නෙවේ, මුලින්ම ප්‍රතිඵල දැක්කම කණත් අනික් අතට මිරිකුවා. කවදත් මුණුපුරා වෙනුවෙන් කතා කරන්න ආ ආච්චි වෙච්චි තමන්ගේම අම්මාටත් රාස්. සිවගේ කඩා පැනලා තනියෙන්ම කථා කරකර කෙස් කඩාගෙන කල්පනා කරා. චි. හ්! තව ටිකක් මහන්සි වෙලා ලකුණු හත අටක් ගත්තා නම් වැඩේ ගොඩ. තිදස් හොඳටම බයවෙලා ආච්චි ගේ අස්සෙම රිංගලා හිටියේ කවදත් අම්මට වඩා ආච්චිට ලෙන්ගතු නිසා. පහේ ශිෂ්‍යත්වය ප්‍රථිපල නිකුත් වුණේ ඊයේ. එවෙලේ පටන් දේවිකා ඉන්නේ පරල වෙලා. ඒ මදිවට මේ එපා කරපු නෑ පරපුර කෝල් කර කර ප්‍රථිපල අහන එක තමයි අනික් ප්‍රශ්ණේ. උ. න් කොහොමත් ඊරි. සියාකාර යි වැඩේ වැරදෙනකම්ම තමා බලා ඉන්නේ. කොහොමත් දේවිකාගේ කැටයම් වැඩි නිසා නෑයෝ වැඩි දෙනෙක් තරහයි. ඒ කෝල් එන එන පාරට තිදස් ට බණින එකට ආච්චි ඒ කියන්නේ දේවිකා ගේ අම්මට යස්. සයා ආරූඪ වුණා. "මේ අහ. පන්දේවි, දැන් ඔය කොල්ලට බැන්නා මදෑ. දැන් ඔය කොල්ලාම. රාගෙනනොකා ඕකෙන් ගොඩ එන ක්‍රමයක් බ. ලාපම්." "දැන් විජිත කතා කලාම
උ. ගෙත් මොලේ නොකා වැඩේ කරන හරි විදිහක් කල්පනා ක. රහං." තිදස් දේවිකාගෙයි විජිත ගෙයි එකම පුතා . ඉස්කෝලෙ යන්නේ උඩහමුල්ලේ ඉස්කෝලෙ ට. තිදස් ඉගෙන ගන්න හොඳ හපනෙක් වගේම ඉස්කෝලෙ ශිශ්‍ය නායකයෙක් . ඒත් තිදස් ගේ ලොකු බලාපොරොත්තුව තියෙන්නේ ශිෂ්‍යත්වය පාස්වෙලා කොලඹ ලොකුම ලොකු ඉස්කෝලෙකට යන්නම තමා . මොකද අම්මා ඒවා ඔළුවේ කාවද්දලා තියෙන්නේ ආයේ හොල්ලන්න බැරි වෙන්න. දේවිකා බලාපොරොත්තු දහස් ගානක් හිතේ පුරෝගෙන තිදස් ව ඇතුළු කරපු විමලා මිස් ගේ ශිෂ්‍යත්ව පංතිය තිබුණේ දෙල්කඳ . හම්මෝ !! ඒක එක පන්තියක් නෙවේ. ඉස්කෝලෙයක් වගේ. සමාන්තරව පන්ති තුනක ලමයි සිය ගානක් හිටියා. නුගේගොඩ අවට තිබුණු හොඳම ශිෂ්‍යත්වය පංතිය තමා. අපරාදේ කියන්න බෑ, විමලා මිස් නම් ඒක කරේ ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවට වඩා සාමාන්‍ය පෙලැන්තියේ ඉගෙන ගත ගැකි ලමයෙක්ට හොඳ ඉස්කෝලයක් හොයාගන්න උදව් වෙන්න. අය කලෙත් බොහෝම සුළු මුදලක්. ඒකත් ඒ පංති තියපු. ගොඩනැගිල්ලේ කුලී ගෙවන්න. ශිෂ්‍යත්ව පංතියට ආපු ලමයි අතරෙත් ඉහලින්ම කැපිලා පෙණුනු තිදස් පංතියේ තියපු පෙරහුරු විභාග වලින් පංති තුනෙන් ම පලවෙනියා වෙද්දී දේවිකා ඇවිද්දේ අඩි දෙක තුනක් ඉහලින් වටපිටාව නොබලා . පංතියට ලමයි ගෙනා අනික් අම්මලා දේවිකා දිහා "අම්මෝ තිදස් ගේ අම්ම" නේ කියලා බලද්දී එයා හිටියේ ඩෝන්ට් කෙයාර් මෝඩ් එකේ. එහෙව් තිදස් ලකුණු අටකින් ම විභාගේ ෆේල් වෙන්නත් ,ලමයි බහුතරයක් හොඳට පාස්වෙලා දෙන්නෙක් අයිලන්ඩ් රෑන්ක් වලට යෑමත් දේවිකාව කුපිත කරලා පි. ස්සුම වැට්ටුවා. ඒ හිටපු ලොකු ලයින් එකේ හැටියට ඒක හරිම සාධාරණයි. අනෙක් එපාම කරපු කාරණාව තමා කොලඹ ඉස්කෝලෙ මිස් වෙච්චි එකට විජිත හිතූ තරම් කු. ලප්පු නොවීම. එයා කිව්වෙම "ඔන්න ඔහේ දහයේ පන්තියේ දීම වෙන ඉස්කෝලෙකට දාමු. ලමයට පීඩනයක් දෙන්න එපා" කියලා . ඒකට බහින්බස් වෙච්චි එක ගොඩ දාගන්න සතියකට වඩා ගියා. කොහොමත් දේවිකා එදා ඉඳලා හිතුවෙම ගහපු ගමන් පත්තු වෙන ගි. නිකූරක් වගේ වගේ ගෑනියෙක්ට බෝධිසත්ව ගති ඇති විජිත වගේ කෙනෙක් එක්ක කිසි ආතල් එකක් නෑ ජීවිතේ කියලා නේ. විජිත ඇවිල්ලා ක්වොන්ටිටි සර්වේයර් කෙනෙක්. ලංකාවේ රස්සාව කරලා පවුලේ යහපත වෙනුවෙන් මේ වෙද්දී වැඩ කරන්නෙ අබුඩාබි වල. යමක් කමක් තියෙන ඔය පාදුක්ක පැත්තේ පවුලක යම් ඉගෙනීමක් ඇති කෙනෙක් . මිනිහා ටෙක්නිකල් කොලේජ් යද්දී බෝඩිං වෙලා හිටියෙ දෙල්කඳ දේවිකා ලගේ ගෙදරට අල්ලපු ගෙදර . ඒ කාලෙ හිරට කොටට ඇඳලා කේක් පංති මැහුම් පංති යමින් හිටි දේවිකා ගේ අඟරදඟර වල පැටලිලා අන්තිමට ඒ ගෙදර බින්න බැහැලා නැවතුණේ. දේවිකාට ඉන්නේ මල්ලියි අම්මයි විතරයි. පර්චස් හැට ගානක් වෙච්චි ඒ මහ ඉඩම දෙකට බෙදලා මහගෙදර මල්ලිට දුන්නට මිනිහා ජීවත්වුණේ සයිප්‍රස් වල නිසා දේවිකා ලා අම්මත් එක්ක හිටියේ මහගෙදරමයි. ඉඩමේ තමන්ගේ කෑල්ලෙ ගෙයක් හදන්න අඩිතාලමත් දාලා තමා විජිත අබුඩාබි ගියේ. පඩිය බොහොම සකසුරුවමට ඉතුරු කල විජිත හැම සතේම දේවිකාට එව්වේ ඉක්මනින්ම ගෙයි වැඩ පටන්ගන්නත් හිතාගෙන . දේවිකා ගැන කෙසේ වෙතත් බොහොම සකසුරුවම් , මොලේ ඇති , නීතිකාර ගෑනියෙක් වෙච්චි දේවිකාගෙ අම්මා , මාලනී ගැන විජිතට තිබුණේ ලොකු ආදර කරුණාවක් , විස්වාසයක්. නැන්දම්මා දේවිකාගෙ අඟර දඟරත් මට්ටු කරන් , තිදස්වත් හදාගෙන තමන් ලංකාවේ එනතුරු හොඳ රැකවරණයක් දේවි කියන විස්වාසේ මත තමා මිනිහා අබුඩාබි එන්න ප්ලේන් එකට නැග්ගේ. අපරාදේ කියන්න බෑ මාලනීත් තමන්ගේ දූට වඩා බෑනට ආදරේ කරාද මන්දා. හැමදේම පිලිවෙලට කරලා සහයෝගෙ දුන්නා. පිස්සියෙක් වගෙ මොලේ කොලොප්පං වෙලා හිටි දේවිකා ගේ හිතට කික් එකක් ගෙනාපු , "අමරතුංග" ගැන පණිවුඩේ කීවේ ශිෂ්‍යත්ව පන්තියට ලමයා ගෙනැල්ලා ෆේල් වෙච්චි තවත් අම්මා කෙනෙක් වෙච්චි මල්ලිකා. මල්ලිකා දේවිකා ගේ හොඳ යාළුවෝ වුණේ ශිෂ්‍යත්ව පන්තිය ලඟ කල් මරද්දී. මල්ලිකාගේ හස්බන්ඩ් ත් බහරේන් වල බර වාහන රියැදුරෙක් විදිහට වැඩ කල නිසා දෙන්නටම සමාන මාතෘකා තිබුණා කථා කරන්න. " මටත් අපේ මල්ලි වෙන කෙනෙක් තමා ඔය මිස්ට අමරතුංග ගැන කීවේ" " ශිෂ්‍යත්වය ඔය ලකුණු කීපයක් මදි වෙන ලමයින්ව 7 වසරෙදී කොලඹ හොඳම ඉස්කෝල තුන හතරෙන් එකකට දාලා දෙනවලු. දේවිකා!! අපි නිකමට හරි කතා කරලා බලමුද.? " හැබැයි හස්බන්ඩ් ලාට නොකියා කරමු. නැති නම් බෑ. මල්ලිකා යි දේවිකායි දෙන්නා ඉස් ඉස්සෙල්ලා ම අමරතුංග හම්බවුණේ විජේරාමෙ ලිප්සා රෙස්ටෝරන්ට් එකේදී. " ඉතිං ඉතිං කොහොමද? අඳුනාගන්න ලැබීමත් සතුටක්. මට පේනවා මට පේනවා මේ නංගි ලාගේ ප්‍රශ්නේ. හරි! හරි! දැන් ඒ ප්‍රශ්නෙන් නිදහස් වුණා කියලා හිතාගන්න කෝ" " ඒ බර සම්පූර්ණයෙන් ම මට දීලා ඔය නංගි ලා නිදහසේ ඉන්නකෝ" " මං කියන්නම් කෙරෙන විදිහ" අමරතුංග ඇවිල්ලා වයස අවුරුදු 45 ක විතර බොහොම කඩවසම් පෙනුම ජැන්ඩි පහට අඳින කෙනෙක්. කමිසේ කලිසම එක රැල්ලක් නෑ. සපත්තු දෙකේ දිස්නේ මූණ බලතෑකි. ප්‍රධානව කරන්නේ නම් බිස්නස් කියලා කිව්වේ. නිතරම ඉන්දියාවේ , ඩුබායි , චීනේ එහෙම යනව ලු. මිනිහා සරණපාල ඇමති ගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙක් නිසාත් මැති ඇමතිවරු එක්ක බරපතළ දේශපාලන සම්බන්ධතා තිබෙන නිසාත් මෙහෙම වැඩ කරලා දෙන එක සිම්පල් කියලා කීවා. ඒ කතාව අතරතුරෙත් අම්මෝ ඒකේක අමාත්‍යාංශ, නිලධාරින් කීදෙනෙක් ගෙන් නං කෝල් ආවද. ඉස්කෝල ගැන, ගුරුපත්වීම් ගැන සිංහලෙන් වගේම වතුර වගේ ඉංගිරිසි කථා කරද්දි දේවිකාත් මල්ලිකාත් නිකං මෝහනේ වෙලා වගේ අමරතුංග ගේ කට දිහා බලා හිටියේ. " හරි දැන් නංගි ලා කියමු බලන්න එකිනෙකා ගේ විස්තර පිලිවෙලින්. " "ඔක්කොම ලකුණු කරගන්න එපායෑ" නෝට් පෑඩ් එකක් ගත්තු අමරතුංග ඔක්කොම පිලිවෙලට ලියාගත්තා. දේවිකා සති දෙකකට විතර පස්සේ අද තමා හරි හුස්මක් කටක් ගත්තේ. අමරතුංග හර්‍ර්ම ප්‍රිය මනාප විදිහට කතාබහ කරලා එයාගේ ගානේ කේකුයි අයිස් කෝපිත් අරන් දුන්නා නේ. ඒ කියන විදිහට අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ මුල වෙද්දී කොලඹ හොඳම ඉස්කෝල තුනකින් එකක ලමයා ඉන්නා වග පුන පුනාම කීවා . දේවිකා ලොකු අමාරුවක වැටුණේ එදා හවස ආපු අමරතුංග ගේ කෝල් එකෙන් පස්සේ. මුල්ම හමුවෙන් දවස් දෙකකට පස්සේ තමා ඒක වුණේ. " මෙහෙමයි දේවිකා නංගී. දැන් මට ලේසියි ඉස්සෙල්ලා ඔයාගේ වැඩෙ ඉවර කරලා දුන්නානම්. මොකක්ද මන්දා මටත් ඔයා දැක්කම මගේම කෙනෙක් වගේ දැනෙන්නේ . ඔයා දැනට මල්ලිකාට විස්තර නොකියා ඉන්න. අපි ඔයාගේ වැඩේ ඉස්සෙල්ලා කරමු. දේවිකාට අමරතුංග තනියෙන්ම හම්බන්න පොඩි චකිතයක් තිබුණත් ඉස්කෝලෙ වැඩේ කොහොම හරි කෙරෙන්න ඕන නිසා ඒකට එකඟ වුණා. " නංගි දැන් මෙහෙමයි. මේ වැඩේ මම තනියෙන්ම කරන එකක් නෙවේ. නේ. පස් දෙනෙක් සම්බන්ධ වෙලා තමා වැඩේ වෙන්නේ. ඒනිසා රුපියල් ලක්ශ 10 ක් වත් යනවා. සල්ලි වගේ නෙවේ නේ දරුවගෙ අනාගතේ. ඔයා කල්පනා කරලා බලන්න කෝ. ඔයා මහත්තයා ට ඇත්ත නොකියන නිසා මේ ඔක්කොම රහසේ තියාගන්න ඕන, හරි ?" " අනෙ අමරතුංග අයියා එයාට කීවොත් ඕක වෙන්නේ නෑ. මම කොහොම හරි ගොඩ දාගන්නම්. අයියා මේක කරලා දෙන්න බලන්න ප්ලිස් ." දේවිකා ඉහ මොල දාලා සල්ලි ගැන කල්පනා කරද්දි තමා අම්මා තේකක් අරං ලඟට ආවේ. " මොකෝ දරුවෝ දැන් කරන්නේ මේ ලමයගෙ වැඩේට?" දැන් විජිත කියනවා නම් ඔය ඉස්කෝලෙ ම තියන්න කියලා එහෙම ම කරමු. " හරි හරි අම්මා ඉන්නකෝ පැත්තකට වෙලා" " මම ඒක බලාගන්නං" මේ වෙද්දී දේවිකා ගේ බීඕසී එකවුන්ට් එකේ විජිත එවපු සල්ලී රු. ලක්ශ හතලිස් තුනක් එකතුවෙලා තිබුණා. වෙන කියලා දේවිකා ට එහෙමකට සල්ලි තිබුණේ නැති නිසා මේ ගේ හදන්න තියෙන එකෙන් ලක්ස දහයක් ඇදගන්න තමා කෙස් කඩ කඩ කල්පනා කලේ. "මේහ් ඔයා මොකද කරන්නේ?" රෑ 11 ට විතර ආපු අමරතුංග ගේ වට්ස්අප් මැසේජ් එක දේවිකා ගේ හුස්ම හිර කරා. මේ වෙද්දී නිකං ඉන්න කොටත් එයා මතක්වෙලා , කියන විහිළු කථා නිසා හිතට පොඩි මෙව්වා එකක් දැනෙන්න ගත්ත කාලයක් ඒ. " හ්ම්... " කියලා යැව්වේ ඒ හිතෙන්මයි. "පාළුද?, මං ඔයාට කෝල් කරන්නද? " තිදස් ට හොඳට නින්ද ගිහින්. දේවිකා හොර බැලලී වගේ ෆෝන් එකත් අරං බාතෲම් එකට රිංගුවේ සාලෙට ගියොත් අම්මට ඇහෙයි කියන බයට. දේවිකා සද්ද නොනැගෙන්න ගේට්ටුවේ කොක්ක හිමීට පැන්නුවත් අම්මගේ කන් ඊට වඩා හොඳට වැඩ නිසා ආපි ඉස්සරහට. " කොයි ලෝකේ යනවද බ. න් ඉස්කෝලෙ දාන වැඩ කිය කිය? ටෙලොපෝන් එකත් ඕප්. දැන් අර ලමයා එක හත් අට වතාවක් කථා කලා බාසුන්නැහේලාට පණිවිඩයක් දෙන්න. ? " ආආ එහෙම ද කෝ බලන්න . අයියෝ දන්නෙත් නෑ මේක ඕෆ් වෙලා නේ. ඉන්න මම විජීතට කෝල් කරන්නම්" කියලා දේවිකා හිමීට ගෙට රිංගා ගත්තේ අම්මගේ මූණ බලන්න අමාරුවක් හිතට ආ නිසා. බොරු කිව්වට ටෙලිපෝන් එක ඕෆ් කලෙ අමරතුංග " මේ නිදහස් වෙලාවේ අපි මුළු ලෝකෙන් ම නිදහස් වෙමු දේවි" කියලා . තමන් ගේ ඇඳුම් වලින් තාමත් එන අමරතුංග ගේ රට පර්ෆියුම් සුවඳ ආයෙත් තමන්ගේ හිත මුසපත් කරනවා වගේ දේවිකා ට දැණුනේ. එහෙම හමුවීම් තුන හතරකට පස්සේ සිකුරාදා දවසක තමා ඒකෙ උච්චතම අවස්ථාව එලඹුණේ. අමරතුංග කී විදිහට සල්ලිත් අරං ඒ කාර් එකට නැග්ගේ විජේරාම හන්දියෙන්. මිහිරි සංගීතයක් එක්ක සුවඳ හමන වායුසමීකරණය කළ වාහනේ පාදුක්ක දිහාට පාවෙලා පාවෙලා ගියා. ඇස් කොනින් තමන් දිහා බලන අමරතුංග ගේ බැල්ම නිසා දේවිකාගේ හිත පොපියන්න ගත්තා. ඒ ගමන කෙලවර වුණෙ අමරතුංග දන්නා අඳුනන ගෙස්ට් හවුස් එකක. "ඉස්කෝලෙ වැඩෙන් පස්සේ මාව අමතක වෙයි නේද මැණික?" අමරතුංග එහෙම අහද්දී දේවිකා හිටියේ ඒ ප්‍රේමාලිංගනයේ තදින්ම වෙලිලා. ඉස්කෝලෙන් පස්සේ නෙවේ දැන් නම් සංසාරේ පුරාම අමතක කරන්න බෑ කියන හැඟීමෙන් දේවිකා අමරතුංග ගේ පපුවේ රෝම අහුරු උඩට ඇද්දා . එදා සඳුදා දවසක උදේ වරුවක්. අමරතුංග දුන්නු ඉන්ටර්වීව් ලියුමත්, තවත් අදාල ලිපි. ටිකකුත් අරං හොඳට සාරි බාරි වලින් සැරසිලා කොලඹ ආ දේවිකා ඉස්කෝලෙ ගේට්ටුව දිහාට ගියේ මොනරි වගේ හෙන ආඩම්බරෙන්. එහෙම ඉස්කෝල තුනකට යන්න තිබුණා දවස් දෙකක් තුල. එවෙලේ ඉස
්කෝලෙ පටන් අරන් නිසා සෙකියුරිට ගාඩ් ට ලියුම දුන්නා. ඒක අරන් අමුතු විදිහට දේවිකා දිහා බලලා ඈතුළට ගිහින් විනාඩි 10 කින් විතර එලියට ආ සෙකියුරි කී දෙයින් දේවිකාට සිහිය නැති වුණා විතරයි. " මිස් මේක වෙනම සිද්ධ වෙන වංචාවක්. මෙහෙම ඉන්ටර්වීව් වගයක් ඇත්තටම වෙන්නේ නෑ. මිස් ලා මේ කාට හරි වංචා කාරයෙක් ට අහුවෙලා" "තවත් කීප දෙනෙක් ම මෙහෙම ආවා. " මේ ගැන හොයලා බලලා පොලීසියට පැමිණිල්ලක් දාන්න. කලබල වෙච්චි දේවිකා අමරතුංග ට කෝල් කලේ අසිහියෙන් වගේ. බීප් බීප් බීප් ඔබ ඇමතූ දුරකථනය ආවරණ සීමාවෙන් බැහැරව ඇත කියලා ඒක උත්තර දුන්නා. අන්තිමට බැරිම තැන තමා දේවිකා මල්ලිකාට කෝල් කලේ. කන් පිරෙන්න බැනපු මල්ලිකා අන්තිමට තමන් දන්න ටික කීවා. " හුහ් ඔයාට දැන් ද මාව මතක් වුණේ? අඩුම ගානේ අමරතුංගයා ඔයාට අඳුන්වලා දුන්නෙත් මම කියලා අමතක වුණා නේ? මාව කපලා උඌ ලොකු කර ගත්තා නේ. මාවත් වෙනම දැලේ දාගන්න ගියේ. මල්ලිට ඔක්කොම ආරංචි වෙලා නූලෙන් බේරුණා. ඒවා කියන්න ඔයාට කීපාරක් කෝල් කරාද? කෝ ආන්ස්වර් කරාද? නෑ." ඔහොම වෙලා මදි." " අන්න අරඌඌ ඔහොම දහදෙනෙක් විතර අන්දලා රට පැනලා. දේවිකා ට මහා දුක් ගින්දර දෙකයි. ඉස්කෝලෙ වැඩේ බැරිවුණා වගේම කවදාවත් ආයෙත් අමරතුංග ගේ ෆෝන් එකෙන් ප්‍රේමණීය කෝල් ආවෙවත් ගන්න පුළුවන් වුණේවත් නෑ. යංතං අම්මා මැදිහත් වෙලා බලු බැණුම් බැනලා දේවිකා නැති කරගත්තු සල්ලි ටික හොයලා ආපහු එකවුන්ට් එකට දාලා දුන්නා. පව් !! ඒ සල්ලි කියන්නේ තාත්තා ගේ පැන්ශන් එකෙන් අම්මා අවුරුදු ගානක් තිස්සේ එකතු කරගෙන හිටි සල්ලී දඹදිව යන්න. ඒත් ඒවගේයෑ මේ හුටපට ආරංචි වෙලා දූ ගේ මගුල කැඩුණොත් මොන දෙයියන්‍ට කියන්නද. අර අහිංසක දරුවගේ අනාගතේ නේ අඳුරු වෙන්නේ. නිමි.අළුත් මාසයක අළුත් බලාපොරොත්තු කොහොමද ? පෙබරවාරි 01දා ලියැවිල්ල. මව් කුසෙන් බිහිවූ ළදරුවා කුසගිණිවූ විට හඩයි. ඔහු හෝ ඇය ඒ හැඩීමෙන් බලාපොරොත්තු වන්නේ හැඩීමත් සමග කිරි එරුණු අම්මාගේ දෙතනේ කිරිය. දරුවා ගේ බලාපොරොත්තු ඉටුවන්නේ කුස පිරීමෙන් පසුව ය. අම්මා ගේ බලාපොරොත්තු ඉටුවන්නේ දරුවා ගේ හැඩීම නතරවී කුසපිරී කිරිසිනා දකිනවිටදීය. ළමා කාලයේ අපේ බලාපොරොත්තු බොහොම යක් අම්මා සහ තාත්තා කේන්ද්‍ර කොට ඇතිවු ඒවා වෙති. බඩගින්නට කෑම , පාසැල් යන්න පොත් , කමිස කලිසං , සෙල්ලං බඩු සහ යාළුමිත්‍ර කම් පවත්වාගෙන යෑම් , මේ සියලු දේ අප වෙත ගලා එන්නේ අම්මාගේ සහ තාත්තා ගේ ආදරය නිසා බව ඉවෙන් මෙන් දැනෙන විට අපි වැඩියෙන් ම බලාපොරොත්තු වන්නේ අම්මා ගේ සහ තාත්තා ගේ ආදරය යයි. ආදරය ඇත්තේ කොතැනද එතැන බලාපොරොත්තු ලියලයි. එබැවින් බලාපොරොත්තු ,ආදරය සහ ජීවිතය මේ සියලු දේ එකට බැදී තිබේ . ආදරයේ උල්පත අම්මාය. අප කුඩා කාලයේ දී අපි සෑම දෙයක්ම පාහේ බලාපොරොත්තු වන්නේ අම්මාගෙන්‍ ය. කොටින්ම තාත්තා ගෙන් ඉටුවේයැයි බලාපොරොත්තු වන දේද අම්මා මගින් ඉටුවනු ඇතැයි අපි බලාපොරොත්තු වීමු. ඇත්තටම ඒ එසේම සිදුවිය . මේ නිසා බොහෝ දරුවන් තාත්තා ටත් වඩා අම්මා ට සමීප වූහ . ආදරය කලහ. අම්මා සේම තාත්තා ද මේ අයුරින් දරුවන් ගේ බලාපොරොත්තු ඉටුකලාට ඔවුන් දරුවන් ගෙන් බලාපොරොත්තු වූයේ කුමක්ද? ඇතැම් විට කිසිවක් නැත . එසේත් නැති නම් ඉතාමත් අහිංසක ප්‍රාර්ථනා වකි. " පුතේ උඹල ලොකු මහත්වෙලා අපි වයසට ගියාම අපි ව බලාගනිල්ලා" බොහෝ දෙමාපියන් නොකීවාට මේ බලාපොරොත්තු ව ඔවුන්ගේ හදවත් තුල තිබේ. එහෙත් 2024 අප හා ජීවත් වන බොහෝ වියපත් මව්පියන්ට මේ බලාපොරොත්තු අතහැර දැමීමට සමාජීය හා දේශපාලන වට පිටාව කරුණු සලසාදී තිබේ . තොග පිටින් දරුවන් දෙමාපියන් හැර දා විදේශ ව්ගත වෙමින් සිටී. ඔවුන් ඒ යන්නේ ද බලාපොරොත්තු ඉටු කර ගැනීම සදහා ය. ඒවා දරුවන් ගේ බලාපොරොත්තු ය. මේ නිසා දෙමාපියන් තම බලාපොරොත්තු දරුවන් ගේ බලාපොරොත්තු සාක්ෂාත් කරගැනීම පිණිස කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අත්භැර දමනු ලැබ සිටිත්. සැබැවින්ම බලාපොරොත්තු අත් හැර දැමීමට සිදුවීම ඛේදවාචකයකි . එහෙත් අම්මා වරු මහ පොළොව සේ ඒ දුක උහුලාගනී. නොපෙන්නුවාට තාත්තලාද එසේය . මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ අන් අය මෙන් නොව මව් පියන් එසේ අපේක්ෂා භංගත්වයට පත්වූවද, දුකට වේදනාව ට පත් වූ වද, තම දරුවන් කෙරේ වූ ආදරය එලෙසම පවත්වාගෙන යෑම ය. අහිමි වු බලාපොරොත්තු නිසා ඇතැම් ආවේග ශීලී මිනිසුන් සිය දිවි හානි කරගනිති. මිනි මරති. එහෙත් බොහෝ මව් පියන් කිසිදාක තම දරුවන් ට දොස් නොපවරති. තරුණ වයසේ දී තරම් බලාපොරොත්තු පූදින කාලයක් ජීවිතයේ තවත් නැත . ඒවා බිම් මල් වාගේ ය. බොහෝ විට ඒ බලාපොරොත්තු පූදින වේගයෙන් ම පරවී යනුද පෙනේ. මේ නිසා වර්තමානයේ තරුණ ජීවිත බොහෝ විට සතුට සහ දුක අතර දෝලනය වේ. මේ අතර බොහෝ සංවේදී කාරණාද නැතිව නොවේ. තරුණ ජීවිත ඊට දක්වන ප්‍රතිචාර ද විවිධාකාර වේ. යොවුන් ආදරය තරම් බලාපොරොත්තු ඇතිකරන සේම නැති කරන සංවේදනාවක් තවත් නැත . ආදරණීය බලාපොරොත්තු ඉටුවීම ඕනෑම අයෙකු ට රටක් රාජ්‍ය යක් දිනුවාවාගේම සතුටකි. එසේම ආදරණීය බලාපොරොත්තු සුන්නද්ධූලි වී යෑම ඇතැමෙකුට දරාගත නොහැකි වියෝ ගින්නකි. මේ නිසා ඒ ඒ පුද්ගලයා තුල ඊට එරෙහිව නැගෙන ප්‍රතිචාර ද විවිධාකාර වේ. වියෝ දුක් නිවාගැනීමට සුගත් ලා කලේ මත් වතුරෙන් හදවත පොගවා ගැනීමය. අරවින්ද ලා සියලු දේ උපේක්ෂාවෙන් විදදරා සිටියදී , පියල්ලා වෙනස් අයුරින් ජීවිතය ජයගෙන තමා ට ඉටුකර ගැනීමට නොහැකිවූ බලාපොරොත්තු අවසාන යේදී ඉටුකර ගත් ආකාරය ද අපි දිටිමු. බුදුන් වහන්සේ කිසිදාක කිසිතැනක බලාපොරොත්තු රහිත මිනිසුන් සේ ජීවත් වෙන්නැයි උගන්වා නැත . එහෙත් මේ අසීමිත බලාපොරොත්තු කඩවීම් සහ ඉච්චාභංගත්වයට පත් වීම නිසා යමෙකු තුල ඇතිවන දුක වේදනාව නැති කරගන්නා මාර්ග ය උන්වහන්සේ පෙන්නා දී තිබේ . චතූරාර්‍ය සත්‍යය තුල ඒ දේ ගැබ් වී තිබේ . එනිසා අප මෙලොව ට උපන් දා සිට මියෙන තුරාවට කුමක් හෝ බලාපොරොත්තු වක් හෝ බලාපොරොත්තු නැවක් හෝ සමග ජීවත් වීමට සිදු වී තිබේ . ඒ නිසාම බලාපොරොත්තු කඩවීම්ද ගමක තිබේ . සතුට සහ දුක අපේ ජීවිතයේ කොට සක් වන්නේද ඒ නිසාය . වඩාත් සිත දියුණු කල තැනැත්තා සතුට සහ දුක යන සංවේදනා දෙක කෙරෙහි ම උපේක්ෂාවෙන් බැලීමට පුරුදු වේ. ඔහු හෝ ඇය ඒ නිසා බලාපොරොත්තු ඉටුවුනේය කියා මහා සතුටක් ලබන්නේවත් බලාපොරොත්තු කඩ උනේය කියා මහා ලොකු දුකක්වත් ජීවිතය ට බදා නොගනී. මේ ත්ත්වය ඇති කර ගත හැක්කේ සැබැවින්ම මේ ලෝකයේ මමය කියා කෙනෙක් නොමැති බව තේරුම් ගත් දාටය. එහෙත් එය පෘථක්ජන මිනිසුන් වූ අපට අතීශයෙන්මැ දුෂ්කර ක්‍රියාවකි. බලාපොරොත්තු කළමනාකරණය කරගැනීමට පිළිවන්නම් ඔබට ඔබේ ජීවිතය යම් දුරකට සැහැල්ලු කරගත හැකිය. කුරාකූඹි මිනිසා 01.02.24“බාප්පේ..මමත් එන්න ද බෙහෙත් බඳිනවා බලන්න.“ “ම්... පුංචිගෙන් අහන්න.“ සිතුමි වයිෆ්ගේ නම කියාගෙන වේගෙන් කුස්සියට දුවගෙන ගියේ ගමනට අවසර ගන්න බලාගෙන. මම පඩිපෙළෙන් වැටිලා කකුල ටිකක් උළුක්කු වුණා. සිතුමි පඩිපෙළේ ඉඳන් චිත්‍ර ඇඳලා දියසායම් වතුර පඩිපෙළේ හලලා තිබ්බ හින්දා තමයි එහෙම වුණත් සිතුමිම කළා කියලා හැමෝම දැනගෙන හිටියත් එයා ඉතිං හැමදාම වගේ මාට්ටු කලේ අක්කාව. අක්කා වරදක් කළත් නංගි අල්ලන හින්දා ඒකේ ලොකු අසාධාරණයකුත් නෑ. හැබැයි උඩ බලාගෙන ගියේ මම නිසා එයාට මොනවාත් කියන්න ගියේ නෑ. දෙවනි දවසේ බෙහෙත් බඳින්න යද්දි වයිෆ් එක්ක සිතුමි ආවේ එයාට ඕන පොත් වගයක් ගන්නත් එක්ක. පාරට ගිහින් ටික ‍වෙලාවක් බලා‍ගෙන හිටියත් 219 බස් එකක් ආවේ නැති හින්දා තුන්දෙනාම පයින්ම ආටිගල හංදියට යන්න පිටත් වුණ. හංදියට එනකම් දෙතුන් තැනකම මට ටික වෙලාවකට නවතින්න වුණේ කකුළේ උළුක්කුව ටිකක් වද දෙන්න ගත්ත හින්දා. වෙද මහත්තයා බැන්ඩේජ් එක ඇඟේ තියන මුණ හයියම දාලා බැඳලා තිබ්බේ කකුළ ඇතුළෙන් කිස් කන විදිහට. සිතුමි එයාගේ පුංචිත් එක්ක පුරුදු විදිහට කියවනවා කටට පොඩි විවේකයක්වත් දෙන්නෙ නැතුව. පුංචිත් එක මල්ලේ පොල් හින්දා වැඩේ නියමටම ගියා. අටිගල හංදියට ඇවිත් ළඟ තිබ්බ ගාඩ් කණුවක ඉඳගෙන හංවැල්ල පැත්තෙන් එන වාහන දිහා මම බලන් හිටියා. “අපේ ටීචර් හරියට ඉගෙනගෙන නෑ පුංචි.” “මොනවාද ළමයෝ කියවන්නෙ.” “නෑ නෑ අහන්නකෝ ඉතිං කතාව.” “හරි කියන්නකෝ බලන්න.” “චීටර් ඊයේ කිව්වා පාට කුඩ තියන ළමයි අත උස්සන්න කියලා.” “ඉතිං.” “මමත් අත ඉස්සුවා. පිළිවෙළට ළමයින්ගෙන් අහගෙන ඇවිත් මගෙන් ඇහුවම මම කිව්වා කුඩේ පාට කළු කියලා. චීටර් කිව්වා ‘කළු කියන්නෙ පාටක්ද සිතුමි ඉඳගන්න‘ කියලා. ළමයි ඔක්කෝම හිනාවුණා. ඇයි පුංචි කළු කියන්නෙ පාටක් නෙමෙයිද?” “අ...ඒක මෙහෙමයි. කොහොමද කියන්නෙ. අ...හරි. සමහර දේවල්වලදි මිනිස්සු කළු පාටක් විදිහට ගණන් ගන්නෙ නෑ. කුඩ කියන්නෙත් ඒ වගේ දෙයක්. කුඩ හදනකොට කළු කුඩයි වගේම පාට කුඩයි කියලා දෙකට බෙදනවා. කුඩ හදන අය ඒවා කඩේට දානකොටත් මුදලාලිගෙන් අහන්නෙ කළු කුඩ කීයක් ඕනද පාට කුඩ කීයක් ඕනද කියලා. කුඩ ගන්න අයත් කළු කුඩයක් දෙන්න පාට කුඩ මොනවද තියෙන්නෙ කියලා අහන්නෙ. ඒ අපේ අය පුරුදු වුණ විදිහක්.” “ඒත් පුංචි කළු කියන්නෙ පාටක්නෙ.” “ඔව්, ඔයා හරි කළු පාටක් තමයි.” “එහෙනම් කමක් නෑ. මම ආසම පාට පාටක් නෙමෙයි කිව්වාම මට කේන්ති ගියත් එක්ක. ටීචර් ළමයින්ට උගන්නද්දි හරියට ඉගෙන ගෙන එන්න ඕන නේද පුංචි.” “හා හා ඇති ඇති. හැම මනුස්සයෙක්ටම වරදිනවා. අනික ඒක වැරැද්දක් කියන්නත් බෑ. දැන් ඔයා උත්තරේ දන්නවනෙ. ඒ ඇති.” “නෑ මම අහන එක අහනවා මයි. ළමයි හිනාවුණ
ත් එක්ක.” “ඔව් ඔයා අහන්න.” “මොනවාද කියවන්නෙ පියල්. ඔයාට පිස්සුද?” “නෑ. එයා අහපුදෙන් මොකක්ද වැරැද්ද?” වයිෆ් මගේ දිහා රවාගෙන බලාගෙන ඉද්දි සිතුමි වයිෆ් ළඟින් ඇවිත් මගේ කකුළට හේත්තු වුණා. ටික වෙලාවකින් කඩුවෙල බස් එක ආවත් ටිකක් සෙනඟ හිටිය හින්දා තුන් දෙනාටම හිටගෙන යන්න වුණේ. ඩ්‍රයිවර්ගේ පැත්තේ හිටියත් සිතුමි මට තට්ටුවක් දාලා අනිත් පැත්තට ගිහින් සීට් එකක් අල්ලාගෙන හිටගත්තා. සීට් එකේ හිටියේ වයසක ගැහැණු කෙනෙකුයි මගේ වයසට ටිකක් වැඩි පිරිමි කෙනෙකුයි. “අංකල්...ඔයාට ටිකක් නැගිටින්න පුළුවන්ද අපේ බාප්පාට ඉඳගන්න.” “මොකක්..!!” “සිතුමි කටවහගෙන ඉන්නවා. සමාවෙන්න මිස්ට.” “මෙහෙමද ඔයාලා ළමයි හදන්නෙ. අඩුම ගානෙ මිනිස්සුන්ට කතා කරන හැටිවත් උගන්නන්න.” “අනේ මට සමාවෙන්න අංකල්. මට තේරෙන්නෙ නෑ ඇයි ඔයාට කේන්ති ගිහින් තියෙන්නෙ කියලා. අපේ බාප්පා පඩිපෙළෙන් වැටුණා. අක්කා තමයි චිත්‍ර ඇඳලා සායම් වතුර පඩිපෙළට දාලා තියෙන්නෙ. මම නම් හිතුවේ බාප්පා මැරුණා කියලා.” “සිතුමි දැන් එක පාරක් කිව්වා නේද කට වහනවා.” “එයාගේ කකුල අමාරුයි. පයින් එද්දිත් නැවති නැවති ආවේ. බලන්න මේ සීට් එකට උඩින් ගහලා තියන එක. ඔයාට එයා පැත්තේ ඉන්න ආච්චි වයසයිනෙ. ඒකයි මම අංකල්ට නැගිටින්න කිව්වේ.” තරමක් කේන්තියෙන් පිරිමියා සිතුමි දිහා බලාගෙන හිටියත් ආසනයේ උඩ තිබ්බ ‘අබාධිතයින් සඳහා වෙන් කර ඇත‘ කියන වැකිය කියෙව්වා. පිරිමියාගේ මුහුණ රතු පැහැයට හැරෙන්න පටන් ගත්තත් වයසක ගැහැණු කෙනා හිනාවේවි සිතුමි දිහා බලාගෙන හිටියා. ඒ වැකිය දකිනකම්ම සිතුමි එහෙම හැසිරුණේ ඇයි කියලා නොතේරුණත් මට ඒක දැක්කාම මට ඇති වුණේ කේන්තියක් වගේම ලැජ්ජාවක්. පිරිමියා නැගිටින්න හදද්දි මම ඔහු නවත්තන්න හැදුවාත් ඔහු නැගිටලා පිටුපස අසුන අල්ලාගත්තා. “බොහෝම ස්තූතියි අංකල්. බාප්පේ ඉඳගන්න මෙතන.” පිරිමියා සිතුමිට හිනාවක් යොමු කළත් එහි කිසිම සුහඳතාවයක් තිබ්බේ නෑ. එයා අපෙන් ටිකක් ඈතට ගියේ මුහුණේ ලැජ්ජාව පුරවාගෙන. පිරිමියා නැගිට්ට හින්දාම මම පුටුවෙන් ඉඳගත්තා. සිතුමි හිනාවෙලා මං දිහා බලාගෙන ඉද්දි මම කළේ රවන ගමන් එයා දිහා බලාගෙන ඉන්න එක. “ඇයි බාප්පේ කකුළ රිදෙනවාද?” “අපෝ නෑ...මට ලොකු සනීපයක් දැනෙනවා. කාලෙකට පස්සේ මෙහෙම සනීපයක් දැනුණේ.” “ආ..ඒක තමයි. ඔයා මට ස්තූති කරන්නෙ නැද්ද ඉතිං?” “ගොඩක් ස්තූතියි සිතුමි. ඇත්තටම ගොඩක් ස්තූතියි.” “වෙල්කම් බාප්පේ.” මම හිමින් ඔළුව හරවලා සිතුමිගේ මූණ දිහා බලාගෙන හිටියා. මම කරපු උපහාස එයාට තේරුනේ නැද්ද නැත්තම් තේරිලා දිගටම බයිට් එක ඉස්සරහාට අරන් යනවාද කියලා මට තේරුම් ගන්න පුළුවන් වුණේ නෑ. ඒ වගේම එයා මට සීට් එකක් අරන් දුන්නෙ අවංක චේතනාවකින් ද කියලාත් මට පැහැදිලි වුණේ නෑ. මං දිහා බලාගෙන දත් පෙන්නෙ නැති වෙන්න කට දෙපැත්තට කරලා සිතුමි දාපු බොරු හිනාවෙන් වුණේ ‘ඔව්‘ ‘නෑ‘ කියන සිතුවිලි දෙකේ මම තව දුරටත් හිරවුණ එක. ................................................. ඉවරයි..ආලෝකපුරේ (කෙටි කතාවකි) ============== "තෝ තව දැඟලුවොත් තො ගෙ කකුල් දෙක කපනවා අම්මපා..! කපනවා කිව්වොත් කපනවාමයි! මේ විල්බා එහෙමයි! කිව්වොත් කිව්වා! පේනවනෙ බාන්ඩෙ?" එලාම් එකට කලින් ඇහුනෙ පුරුදු සද්දෙ. මං කෝකටත් කියලා ඇඳෙන් බැහැලා ගිහින් ජනෙල් රෙද්ද ඈත් කරලා පාර බැලුවා. විල්බට්! හතර රියං සරීරයක් තිවුණ විල්බා හිටියෙ කෙට්ටු හීන්දෑරි කොල්ලෙක්ව කිහිල්ලෙ ගහගෙන. අනික් අතේ මන්නා පිහියක්. බනිසෙට වහපු කලු කූඹි රැළ වගේ මුළු ලේන් එකම එතන. නම හින්දමද මන්ද ආලෝකපුරේට ඉ⁣ර එළිය වැටෙන්නෙ අනිත් හැමතැනකටම කලින් කියලයි මට හිතුණෙ. පාන්දර තුනට නැගිටලා බැලුවත් ඔය විදිහට පාරෙ කාලගෝට්ටි ඇහෙනවා. වැඩි හරියක්ම ඉතින් ඇහෙන්නෙ විල්බට්ගෙ සද්දෙ තමයි. මිනිහ තමයි ආලෝකපුරේ චණ්ඩියා. චණ්ඩියා විතරක් නෙමෙයි ආලෝකපුරේ සමථ මණ්ඩලෙත් විල්බට්ම තමයි. මෙතන ඉඳන් බලනකොට ආලෝක පුරේට තිවුණු ගෙවල් ⁣හැට හැත්තෑවම එකම පින්තූරයක් විදිහට බලාගන්න පුළුවන්. "අඩේ අතේ පයේ හයිය තියෙන එකේ රෙස්පට් පිට කාලා බීලා හිටහංකො ! උදේ පාන්දර ජල්තර සීන් ඇට් කරලා අපේ දවසත් මස්තබාල්දු කරන්ඩ එපා බං!" ඒ විල්බට්ගෙ පවුල. මං ගෑණිගෙ නම නං හරියට දන්නෑ. සැරින් සැරේට විල්බට් දාගන්න කේස්වලට පොලිසියට එන හින්දම මට ගෑණිගෙ රූපෙ හොඳට මතකයි. විල්බට්ගෙ අත්වලට හිර වෙලා හිටපු කොල්ලා මැරිලද කියලත් මට හිතුණා. ඌ හිටියෙ පරඬැලක් වගේ වැනි වැනි. ගුටි කාලම වෙන්න ඇති. දුර ඉඳන් බැලුවට කොල්ලා මොකාද කියලා අඳුරගන්න අමාරුයි. මං කෝකටත් කමිසයක් දාගෙන පහළට බැස්සා. "සර් අද නිමාඩුද? අන්න සර් විල්බා සර්ගෙ ඩියුටිය අතට අරං" මං ගේට්ටුවෙන් එළියට ගිහින් පාරට බහිනකොටම ⁣වත්ත පැත්තෙන් ආපු මනුස්සයෙක් කිව්වා. මං කෝකටත් අඩිය ඉක්මන් කෙරුවෙ අර ගුටි කාලා ඉන්න මිනිහා මැරිලවත් තිබුණොත් මේ අල්ලපු වැටේ හිටපු මගෙ තත්වෙටත් හොඳ නැති හින්දා. මං ඒ ⁣කිට්ටුවට යනකොට විල්බට්ගෙ ගේ ඉස්සරහා උන්නු මිනිස්සු ටික එහා මෙහා වෙලා පාරෙ ඉඩ දුන්නා. සමහර ගෑණු තවම නයිටිය පිටින්. පොඩි උන් කබ කඩනවා. තව එකෙක් දෙන්නෙක් උන්නේ තුවායත් කරේ දාගෙන වතුර පයිප්පෙට යන ගමන්. ආලෝකපුරේ වලියක් කොතනද වයස් භේදයක් නැතුව කට්ටියම එතන. මාව දැක්කම විල්බට් කිහිල්ලෙ ගහන් හිටපු එකාව අතෑරලා අතේ තිවුණු මන්නා පිහිය පැත්තකිං තිබ්බා. අර කොල්ලා දඩාස් ගාලා බිමට පත බෑවුණා. "සර්...!" විල්බට් බුරුල් වෙච්චි සරම ආයෙ ඇඳ ගන්න ගමන් මං දිහා බලලා බයාදු පාටට හිනා උනා. "මොකද විල්බට්.? පාන්දරම නඩු අහන්න පටං ගත්තද?" "දන්නැද්ද සර්... මේ නොසංඩාල හැ ත්ත. මෙලෝ දෙයක් තියාගන්ඩ නෑ. යකෝ කුස්සියෙ බත් ඩිංග කන ටිකට ඉස්සරහ දොරෙං ගෙට ඇවිත් අතට අහු වෙච්චි එක ඉණේ ගහං යනවනෙ. දුන්නා අද නං ඇට්ටි හැලෙන්ඩ! ප..ර..යා! '' විල්බට් කි⁣ව්වෙ බිම වැටිලා හිටපු කොල්ලට තව පයින් පාරකුත් අනින ගමන්. "⁣හා! හා! මොකා මොන වැරැද්ද කෙරුවත් තමුසෙට අයිතියක් නෑ නීතිය අතට ගන්ඩ! ඒකට තමයි පොලීසි තියෙන්නෙ." මං එහෙම කියනකොට විල්බට් වෙනුවට ඉස්සරහට ආවෙ විල්බට්ගෙ පවුල. "සර්ලා එනකොට බැරියැ සර්.. අපේ ලිබ්බොක්කෙ තියෙන එකත් මුං කුදලං ගිහිං තියෙයි සර්ලා ඇවිත් නීතියට වැඩ කරනකොට. අනික මුංට මෙහෙම ගහන්නැතුව හදන්ඩ බෑ සර්. " "කෝ බලනවා !කවුද හාදයා?" මං ටිකක් මිනිහා ළඟට කිට්ටු කෙරුවා. ඒ හැටි වයසක් නෑ පෙනුමෙ හැටියට. අවුරුදු විස්සක්වක් නැති පාටයි. ගුටි කාලම ඉහිං කනිං ලේ වැක්කෙරනවා. කොල්ලා මාව දැක්කම කෙඳිරියෙ සද්දෙ වැඩි කෙරුවා. කොච්චර උනත් තරුණ වයසෙ කොල්ලෙක් හින්දා මට මිනිහා ගැන දුකත් හිතුණා. කාගෙ උනත් අම්මෙක් අප්පෙක්ගෙ දරුවෙක්නෙ. තක්කඩි පෙනුමකුත් නෑ. හරියට කෑමක් බීමක් වැටිලා නැතුවද කොහෙද ඇඟපතත් දිරච්චි දර ගහක් වාගෙ. "තමුසෙගෙ මොනාද මේ මිනිහා හොරකම් කෙරුවෙ?" "මගෙ දේකට අත තිබ්බනං මං මේකව මෙහෙම ඉතුරු කරයිද සර්.. ආං අර සිමියොංලෑ ගෙට පැනලා තියෙන්නෙ. අහුවෙන හරියෙ තිබිලා තියෙන්නෙ මාලනියගෙ පෝන් කට්ට. ඒකත් අරං මූ දොට්ට බහිනකොට මං දොරකඩ!" විල්බට් සිද්දිය විස්තර කෙරුවා. "ඕකා ගිය සුමානෙ අපේ ගෙටත් පැන්නා සර්.." ඒ සෙනඟ අස්සෙ හිටපු තව මිනහෙක්! "තමුසෙ දැක්කද?" "දැක්කෙනං නෑ සර්.. හැබැයි මට ටක්කෙටම කියන්ඩ පුළුහං මූ කියලා" අර මිනිහා කිව්වෙ ඔලුව කස කසා. ඒ අස්සෙ බිම වැටිල හිටපු කොල්ලා බොහොම බයාදු අසරණ බැල්මකින් මං දිහ බලනවා. හරියට නිකං බේරගන්ඩ කියන්නා වගේ. ඒත් ඉතිං මිනිහා හොරකං කරල අතේ මාට්ටු වෙලා තියෙද්දි නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙක් විදිහට මං කොහොමද මිනිහට බේරෙන්න උදව් කරන්නෙ. "මේ වත්තෙ ගැට කපන උන් පිට්පොකැට් ගහන උං නැත්තෙ නෑ සර්. ඒක මාත් පිළිගන්නවා . හැබැයි සර්.. වත්තෙ උංගෙම ගෙවල්වලට පැනලා හොරාකන උං මේ වත්තෙ නෑ." විල්බට් කිව්වෙ මේ හොරා ඇර අනිත් හොරු සියල්ලෝම සාධාරණීකරණය කරන ගමන්. මට හිත යටින් හිනාත් ගියා. "හොරකම කියන්නෙ හොරකම අයිසෙ. ගෙවල්වලට පැන්නත් එකයි, ගැටකපලා පිට් පොකැට් ගැහුවත් එකයි. මූ වත්තෙ එකෙක් නෙමයිද?" මං ඇහැව්වා. "මෑන්ස් වත්තට අලුතෙන් එන්ටර් උනේ සර්. සුමානයක් දෙකක් ඇති. මහ ගෑණියි මූයි විතරයි ඉන්නෙ. මුං මීගමුවෙලු සර්.. මහ මිනිහා වෙන ගෑණියෙක් අරංලු. මේකා මෙහෙම බිලි පිත්ත වගේ උසට උන්නට අපේ පොඩි එකීගෙ පලවලේ. මූට තව සහොදරියො දෙන්නෙකුත් ඉන්නවලු සර්. උනුත් කසාද බැඳලා ගිහිංලු. මූ තමයි ඔය මොනා හරි කරලා මහ ගෑණිට කන්ඩ දෙන්නෙ. ඒ ගෑණිටත් වැඩක් පලක් කරගන්ඩ බෑ සර්." විල්බට්ගෙ පවුල සුමානයක් ඇතුළෙ හොයාගත්තු විස්තර ටික දිගෑරියා. ආසන්න සිද්දිය කොහොම වුණත් මිනිහගෙ විස්තරේ ඇහුවම නං මගෙ පපුව දිය වෙලා ගියා. ඒත් ඉතිං ඒක මේ වගේ තැනක පෙන්නන්න ගියොත් මහා කලබලයක් ඇති වෙන බව මං අවුරුදු ගාණක අත්දැකීමෙන්ම දන්නවා. "හා..! දැන් තමුන්ලා සේරම අහකට වෙනවලා. මේ මිනිහව මං අරං යන්නං. හැබැයි මින් මනත මොන සිද්ධියක් උනත් පොලිසියට කතා කරනවා මිසක් නීතිය අතට ගන්න තමුන්ලට බෑ.. තේරුණාද?" "ඒක හොඳයි සර්.. ඕකව කුදලං ගිහිං පොලිස් කූඩුවෙ දාන්ඩ . පුළුහං නං හිරේ යැව්වත් කමක් නෑ සර්.. අපුච්චචේ තව ඩිංගෙං මයෙ පෝන් එක..!" හොරාකන්න ගිය පෝන් එකේ අයිතිකාරිද කොහෙදෝ කිව්වා. මං ආයෙත් සැරයක් බිම වැටිලා හිටපු කොල්ලා ළඟට කිට්ටු උනා. "තමුසෙට නැගිටින්න පුළුවන් ද?" මං ඇහුවම මිනිහා කෙඳිරිගගාම යන්තමට ඔලුව විතරක් වැනුවා. "ඕකට මාස ගාණකට නැගිටගන්ඩ බැරි වෙන්ඩයි නෙලන්ඩ තිබුණේ.." ඒ තව ගෑණියෙක්! "හ්ම් එහෙනං හෙමීට නැගිටිනවා බලන්න!" මං කිව්වහම කොල්ලා දණි පනි ගහලා යන්තම් කෙලින් උනා . ඇඳන් උන්නු දිරච්චි කමිසෙත් පලුවක් ඉරිලා ගිහිං. තාම දැලි රැවුල.ඒ උනාට තියෙන්නෙ හැදෙන වයසෙ කොල්ලෙක්ගෙ පෙනුම නෙමෙයි. හකු පෑදිලා. හොරකම අතේ මාට්ටු වෙලා තියෙද්දිත් මොකද්දෝ හේතුවකට මට මිනිහව හොරෙක් විදිහට පෙනුන්නෑ. "හ්ම් යං මාත්තෙක්ක!" මං කිව්වහම කොල්ලා මං දිහා බලලා ඉස්සර උ
නා. "සර් පොලිසියට නං යන්නෙ , යං සර් මං ගිහිං දාන්නං. " ඒ පාර අයිනෙ උන්නු ත්‍රී වීල් කාරයෙක්! "නෑ නෑ ඕන්නෑ.. මං ජීප්පෙක ගෙන්න ගන්නං" මං එහෙම කියලා අර කොල්ලත් එක්ක ගෙදර එන්න පාරට බැස්සා. ගුටි කාලම හතර හන්දි පණ නැතුවද කොහෙද මිනිහා ගියෙ විසි වෙවී. හැබැයි අනිත් හොරු වගේ පැනල දුවන්න උවමනාවක් මිනිහට නෑ කියලා මට මුල ඉඳන්ම තේරුණා. දැන් උනත් මිනිහට පැනල දුවනවනම් ඕනෙ තරම් අවස්ථාව තියෙනවා. ඒත් ඉස්සරහා බලාන ඔහේ වගේ වගක් නැතුව යනවා විතරයි. මං ගේට්ටුව ගාවදි මිනිහගෙ කමිසෙ කොලර් එකෙන් අල්ලලා නතර කරගත්තා. "මෙහෙ!" කොල්ලා බයාදු බැල්මකින් මං දිහා බලලා ගේට්ටුවෙන් ඇතුළට හැරුණා. ගේට්ටු පලුව වැහෙන සද්දෙටද කොහෙද සෝමදාසත් ඉස්සරහට දුවගෙන ආවා. "සර් කොහෙද ගියේ සර්.? ගේට්ටුවත් ඇරලා දාලා" සෝමදාස ඇහැව්වෙ අමුතු සතෙක් දිහා බලන ගාණට අර කොල්ලා දිහා බලන ගමන්. "උදේට උයලද?" "ඔව් සර්. ඉඳියාප්ප හැදුවා." "එහෙනම් මේසෙට දාන්න" කියපු දේට ඔලුව වනලා ගියාට මොකද සෝමදාසගෙ මූණ ඒ හැටි හොඳ නෑ. "හ්ම්... යමු ඇතුළට" මං කොල්ලවත් එක්කරගෙන ගෙට ආවා. ''ඇඳුමක් දෙන්නං . ඔතනිං ගිහින් මූණ කට හෝදගෙන එනවා.!" තඩිස්සි වෙච්චි මූණයි පුපුරලා ලේ ගලන තොල් දෙකයි දූවිලි නෑවුණු ඇඟයි ඉරිච්චි ඇඳුමයි එක්ක මිනිහව දකිද්දි මිනිහට වැඩිය මගෙ ඇඟට අමාරුයි. "අනේ සර් මට යන්ඩ දෙන්ඩ!'' කොල්ලා පළවෙනි වතාවට කට ඇරියා. "යන්න? කොහෙ යන්නද? " "මට ගෙදර යන්ඩ ඕනෙ සර්.." ඒ ටික කියද්දි කොල්ලගෙ කටහඬත් මොකදෝ වුණා. ඇස්වල කඳුළු. "හොරකමක් කරලා අතේ මාට්ටු වෙලා නේද ඉන්නෙ? හරිනං කුදලං ගිහින් පරිවාසෙට බාර දෙන්න ඕනේ. " මං එහෙම කිව්වෙ කොල්ලට ඒ හැටි වයසක පේන්න නැති හින්දා. "අනේ සර්.. එහෙම නං කරන්න එපා.. මට ගෙදර යන්ඩ දෙන්ඩ සර්.." "හරි ඒක පස්සෙ බලාගමුකො. දැන් ගිහින් මූණ කට හෝදන් එනවා. තමුසෙ උදේට කාලද?" කොල්ලා ඔලුව දෙපැත්තට වැනුවා. මං කාමරේට ගිහින් ඇඳුමක් අරන් එන පමාවට මිනිහා මූණකටත් හෝදගෙන. ඇඳුම් මාරු කරගත්තට පස්සෙ තමයි මිනිහගෙ මූණ කටට මනුස්ස පෙනුමක් ආවෙ. "හොඳට බෙදාගෙන කනවා. " "කන්ඩ බෑ සර්. පුළුහන් නං ගෙදර අරං යන්ඩ ටිකක් ඔතලා දෙන්ඩ." කොල්ලා කිව්වෙ අහිංසක තාලෙට. "ගෙදර කවුද ඉන්නෙ?" "අම්මා විතරයි සර්. " "අරන් යන්න දෙන්නම්. තමුසෙ කාලා ඉන්නවකො" වදෙන් පොරෙන් මේසෙට ඉන්දෙව්වට පස්සෙ කොල්ලා හත් අවුරුද්දක් බඩගින්නෙ උන්නා වගේ කාගෙන කාගෙන ගියා. සෝමදාසට පාර්සලේකුත් ඔතන්න කියලා මං ගිහින් කොල්ලා ඉස්සරහින් ඉඳ ගන්නකොට මිනිහා කාලා අතත් හෝදගෙන ඉවරයි. "මොකක්ද තමුසෙගෙ නම?" "ඇන්ටා" "ඇන්ටා?" "ඇන්ටනී සර්" "ඇන්ටනී තමුසෙ ඇත්තටම එහෙම හොරකමක් කෙරුවද?" ඒ ප්‍රශ්ණෙට උත්තරයක් නොදී කොල්ලා බිම බලාගත්තා. "කොහොමද ජීවත් වෙන්නෙ?" "එකක් කියලා නෑ සර්" "ඒ කියන්නෙ හොරකමුත් කරනවා." "බේත්වලට සල්ලි යනවා සර්" "කාටද?" "අම්මට" "අම්මට මොකද?" "වකුගඩු ලෙඩේ. මං එකක් දුන්නා" කොල්ලා හෙමීට කමිසෙ පැත්තක් උඩට ඉස්සුවා. ඒක දැකලා මගෙ ඇඟ හිරිවැටිලා කකුල් දෙක පණ නැතුව ගියේ මෙච්චර වෙලාවක් ගල් කරගෙන හිටපු හිත හෝ ගාලා දියවෙලා වැක්කෙරෙනකොට. "අයිසෙ.. තමුසෙ.. අනේ මන්දා ඕයි..! ඔහොම තියෙද්දිද අච්චර ගුටි කෑවෙ. " ඇන්ටනී මොකුත් නොකියා බිම බලාගත්තා. "වයස කීයද" "දහ නමයයි සර්" "රස්සාවක් කරන්න පුළුවන් නෙ" "කීයක්නං හෙව්වද සර්.. කවුද සර් අපිට රස්සා දෙන්නෙ? " "එහෙමයි කියලා හොරකම් කරලා හරියනවද?" "වෙන මොනව කරන්ඩද සර්. ජීවත් වෙන්ඩ වෙන විදිහක් නෑ. මොකුත් කරගන්ඩ බැරි උනොත් අපි බඩගින්නෙ" " අනික් මිනිස්සුන්ට ගින්නට තල්ලු කරලා තමුසෙගෙ බඩගින්න නිමාගෙන හරියනවද අයිසෙ.? ඉස්කෝලෙ ගියාද?" "හෝඩියට විතරයි" "හ්ම්.. ඒකත් එහෙමද? මං තමුසෙට හරියන රස්සාවක් හොයලා දෙන්නං" කොල්ලා ඒකට උත්තරයක් දුන්නෙ නෑ. "හෙට හවසට පොලිසියට එනවා. ඒ ඇවිත් මාව හම්බෙනවකො. " මං එහෙම කිව්වම ඇන්ටනී බොහොම යටහත් පහත් තාලෙට ඔලුව වැනුවා. මං සෝමදාස ඔතලා ගෙනත් දීපු ඉඳියාප්ප පාර්සලෙත් ⁣මිනිහා අතට දීලා තව රුපියල් දෙදහකුත් දුන්නා. "මේක දැනට තියාගන්නවා. හැබැයි හෙට ඇවිත් අනිවාර්යයෙන්ම මාව හම්බ වෙන්න ඕනෙ හරිද? " කොල්ලා ඒකටත් ඔලුව වැනුවා. "පොඩ්ඩක් ඉන්නවකො. මං මගෙ කාඩ් එක දෙන්නම්. ඒක අරං ඇවිත් කාට හරි පෙන්නුවම තමුසෙව මං ළඟට එවයි" මං එහෙම කියලා කාමරේට ගිහින් මගෙ නම විස්තර පෝන් නම්බර් එක ලියපු කාඩ් එකත් අරගෙන ආවා. හැබැයි ඒ එනකොට ඇන්ටනී පේන්න උන්නෙ නෑ. මං ඉක්මනට මිදුලට බැස්සා. ඒත් මිදුලෙවත් පාරෙවත් පේන තෙක් මානෙක ඇන්ටනී උන්නෙ නෑ. ⁣හිතේ හොරේ හන්දා මිනිහා බයේ ඉන්න ඇත්තෙ . ඉඩක් හම්බ වෙච්චි ගමන් පැනගන්න ඇති. මට තරහයි ලැජ්ජාවයි දෙකම එක සැරේටම දැනුණා. සමහරවිට ආයෙ මිනිහා මාව හම්බෙන්න එන එහෙකුත් නෑ. මොනව කරන්නද ඉතින්. පවට පින දෙන්න පුළුවනෑ. කොයි වෙලේ හරි බරපතල හොරකමකට මාට්ටු වෙච්චි ගමන් එක සැරේටම හිරේ විලංගුවෙ වැටෙන්න බැරියැ. කොහොමින් කොහොම හරි වැඩට යන වෙලාව ළං වෙලා. අලුත් ඕ අයි සී මහත්තයගෙ නීති තදයි. පරක්කු වුණොත් පොඩි ශේප් එකක් දාගන්න කියලා ජයන්තටවත් කෝල් කරලා කියන්න ඕනෙ කියලා හිතාගෙනයි මං ආපහු ගෙට යන්න හැරුණෙ. ඒත් ගෙට ගිහින් බලද්දි දැන් ටිකකට කලිනුත් මේසෙ උඩ තිබුණු පෝන් එක එතන තිබුන්නෑ. හැබැයි ඇන්ටනීගෙ අම්මට ගෙනියන්න ඔතලා දීපු ඉඳියාප්ප පාර්සලේ නම් එතන එහෙමම තිබුණා. සමාප්තයිවිත්තියේ කූඩුවේ දකිනවිට උඹේ ඇස් පිළිකුලක් දැනෙනවා වාවගනු නොරිසි සිත් අකුරු කළ මූසිලෙකි නොවූවත් මටම වස් අප්-පා මරාගත්, උඹයි ගුරු බින්ද හිත් උඹ මගේ පන්තියෙ විනා ආවාට දොස් නොමැත දැක කුහකයෙක් නුඹෙ තරම් සැහැසි සිත් නඩුකාර හාමුදුරු දුන්නොතින් එලුම් ගස් නුඹ මරා හංදියේ එල්ලීය යුතුය අත් ____________________________________________ ස්වාමීනී ... අම්මා ගිය දා පටන් හොයන්නට මොනර කොල එකම එක නංගිගේ අප්පච්චි උනා මම අප්පච්චි ඇවිල්ලා මීවිතෙන් පෙරා මුව හොයන ඒ මොණරුන්ට තටු දෙනවා හැමදාම නංගිගේ පිරුවටය ඉවත් කළ දා සතෙන් නාවලා ගෙට ගත්තෙ මම මගේ අත් දෙකෙන් සමරන්න නැති උනත් තෙලෙන් බැදි සුවද මුං තිබුණේම ගේ වටේ අම්මාගේ සුවද දුම් ඔය කියන දා හවස එද්දීම මම ගෙදර විකනවා නංගීව බීමතින් තලු රාග හොයාගෙන එක පයින් මම ආව සර් අර, " වැඩ ගොඩයි බං "කිව්ව නිසා ආවේ ගෙදර මතක් උනෙ සිංහයා මරා ගත් සිංහබා සිංහ සීවලි මිසක ඕන නෑ සිංහයා සුප් -පා දේවියත් , දුර ඈත තනිවෙලා ඒ හින්දා පිහි තුඩෙන් මැරුවා මම සිංහයා කවදහරි ලැබුණොතින් සිර කූඩුවෙන් සමා හොයන් ඒවී මමත් අන්න අර සිංහයා නොවුණාට මට මගේ ලේ දුන්න සිංහයා සර් හැමදාම මගෙ ජීවිතේ සිංහයා... ____________________________________________ ආ වෙලේ ඇහුවනම් හති දැම්මෙ ඇයි කියා නෑ මෙහෙම විත්තියේ කූඩුවේ හිරවෙලා උඹ නෙවෙයි මරාගත්තේ උඹේ සිංහයා මම තමයි සිංහබා, මරාගත් සිංහයා... අශ්~ අධිමාත්‍රා 💗💗💗අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ -1 ඔන්න ඉතින් සේකර භානු ලමය හම්බුන සිද්ධියට සුධර්ම ගෙන් විතරක් නෙමී බුකියෙනුත් හොඳින් බැනුම් ඇහුවා.. ඒ උනාට ඉස්කෝලේ ළමයි ගුරැවරැ නම් තිබ්බෙ පුදුම ආදරයක්. ඒ නිසා ඔන්න ඉතින් අද ලියන්නෙ අසූව දශකයේ ඉස්කෝලේ කතාව. ප්‍රින්සිපලුයි සේකර මහත්තයයි ජාඩියට මූඩිය වගේ. ප්‍රින්සිපල් ටත් සේකර උප විදුහලති තුමාට වඩා කෙනෙක් නෑ.ඕනි ගිනි විජ්ජුම්බරයකදි දෙන්න එක්ක රහස් සාකච්චාවක් තියල තමයි තීරන ගන්නෙ. දෙන්නම ශර්‍රිරයෙන් ලොකු පෙනුමක් නෑ වැඩිය උසක් මහතකුත් නෑ. ඇන්දෙත් සුදු කලිසමකුයි අත් දිග කමිසෙයි. ළමයි අතර ඉන්න කොට ඈතට හොයාගන්නත් බැරි තරම්. දවසක් හොඳටම වැහැලා ඉස්කෝලෙ ළමයි වැඩිය ඇවිත් නෑ. ටීචර්ලත් ගොඩක් අඩුයි. පන්ති දෙක ක විතර ළමයි එකට දාලා ඉන්න ටීචර් ලගෙන් දවසේ වැඩ කටයුතු කරන්න දෙන්න කතා කරගත්ත. හිතන තරම් ලේසි වැඩක් උනේ නෑ හැබැයි. ළමයි අඩු උනාට මොකද සද්දෙ නම් වැඩි. ඔය අතරෙ පොඩි ආරන්චියක් යනව එකොලහ පන්තිවල බිල්ඩිම පිටිපස්සෙ කොල්ලො සිගරට් හන්ගන් බොනවලු ඒ අස්සෙ දහයෙ පන්ති වල කොල්ලො කාඩ් කුට්ටමක් ගෙනත් කාඩ් ගහනවලු. ටීචර් ල ගොඩක් නොපැමිණි දාට පේනවනේද කොලු ඉස්කෝල ආම්බාන් කරන එක ලේසිද කියල. විදුහල්පති තුමා සේකර මහත්තයට හිසෙන් සඥාවක් දුන්න. සේකර සර් පොඩ්ඩක් අර සිගරට් බොනව කිව්ව කතාව බලන්න කො ගිහින්. මම යන්නම් අර කාඩ් ගහන කතාව බලන්න. විදුහල් පති තුමා වේවැලත් වන වන එලියට බැස්ස. දහය එකොලහ පන්ති දෙක තියෙන්නෙ ඉස්කෝලේ පිටිපස්සෙම ගොඩනැගිලි වල. එයිනුත් එකොලහ පන්ති තියෙන්නෙ තාප්පෙ අයිනෙ. පාර කිට්ටුව නිසා ඒ පැත්තෙ පන්ති කාමර වල බිත්ති උස්සලයි තියෙන්නෙ. ඒ නිසා කාටවත් පේන්නෙ නෑ පන්ති කාමරයි තාප්පෙයි අතර සිද්ධ වෙන දේවල්. විදුහල්පති තුමා දහයෙ පන්ති පැත්තට යද්දි සේකර සර් එකොලහෙ පන්ති පිටුපස්සට ගියා. ඔත්තු බලන්න හිටි කොල්ලෙක් දුවගෙන ආවා.. අඩෝ පිනායි සේකර සරුයි දෙන්නම එනෝ….. දුවපියෝ කාඩ් ගගහ හිටි කොල්ලො ටික හිස් ලූ ලූ අත දිව්වා. විදුහල්පති තුමාගෙන් බේරෙන්න පස්සෙන් පස්සට දුවපු කොල්ලෙක් දඩාස් ගාලා සේකර සර් ගෙ ඇඟේ හැප්පිල දුවන් ආපු වේගෙට බිම වැටුන. බිම වැටිච්ච කොල්ලට පේන්නෙ සේකර මත්තයගෙ කලිසම විතරයි ඇයි කොල්ල හැප්පුන පාර තාම හත්දින්නත් තරැ විසිවෙනව. කොල්ල හිතුවෙ විදුහල්පති තුමාගෙන් බේරෙන්න දුවන් ආපු සගයෙක් කියල. මඥ්න් වෙලා හිටිය කොල්ල එක පාරට සේකර සර්ගෙන් අහනව ...මචන් කාඩ් පැක් එක මාට්ටුද කියල ... සේකර සර් මුලින්ම කොල්ලව නැගිට්ටෙව්ව. එතකොටයි කොල්ල දැක්කෙ මේ සර් කියල. කොල්ල ආයේ වැඳ වැටුනා. අනේ බුදුසර් ප්‍රින්සිපල් සර්ට නම් අල්ලල දෙන්න එපා.. කොල්ලා පින්සෙන්ඩු වෙනව. මීට පස්සෙ ඔයවගේ නොසන්ඩාල වැඩ කරන්නෙ නෑ කියල ඔරොන්දුවෙනව නම් සලකා බලන්නම් සේකර සර් කියනව. අම්ම තාත්ත පල්ල නෑ බුදු සර් කොල්ල ආයෙ වැඳ වැටෙනව. හා එහෙනම් සංගීත
කාමරේ පැත්තෙ යනව. අන්න සංගීත සර් පොසොන් භක්ති ගී කියන්න ළමයි හොයනව. කොල්ලට සිංදුකියන්න පුලුවන් ද බැරිද දන්නෙත් නෑ කූඩුවෙන් නිදහස් කල හිරවෙක් වගේ ඉගිල්ලුනේ...අන්න එහෙමයි ඒ කාලේ ගුරැ වරැන්ට ගරැ කලේ.. කොල්ලව පිටත් කරල සේකර සර් ගියේ සිගරට් බොන කට්ටිය අල්ලගන්න.සේකර් සර් එනව දැක්ක කොල්ලෝ ටික සිගරට් කොට ටික නම් පාරට විසිකරගත්තා . හැබැයි පැන ගන්න විදියක් නෑ මේ පැත්තෙන් සේකර් සර් අනිත් පැත්තෙන් කාඩ් ගහපු කොල්ලො අල්ලන්න ආව ප්‍රින්සිපල් . කොල්ලො ටික අතටම කොටු උනා. කොල්ලො ටික පෝලිම් ගස්සල ඔෆ්ස් එකට ගිනිච්චා. දන්ගෙඩියට බෙල්ල තියන්න ගිනියන ලොකු බන්ඩාර කුමාරය වගේ කොල්ලො ටික බයේ වෙවුල වෙවුල එක්කෙනා පස්සෙ එක්කෙනා යනව. අහල පහල පන්තිවල කට්ටියත් සත්තුක සොර දෙටුව අල්ලගෙන යනව බලා ඉන්නව වගේ හද කම්පාවෙන් බලා ඉන්නව. මොකද ඔය හැමෝම ප්‍රින්සිපල් ගෙ වේවැලේ චිරිස් ච්රිස් සද්දෙ හොඳට අහල තියෙනව . කොලු පැටව් ටික ඔෆිස් එක ඉස්සරහ පෝලිමට හිටෝලා ප්‍රින්සිපල් එහාට යනව මෙහාට යනව . හරි දැන් කියමු බලන්න කව්ද සිගරට් බිව්වෙ.. කොල්ලො ටික මීක් සද්දක් නෑ. මොකද කන් ඇහෙන්නෙ නැද්ද කව්ද සිගරට් බිව්වෙ. ප්‍රින්සිපල් ගුගුරනව.. ක්ක ...ක...කව්‍ර්‍රැත් නෑ සර්....යන්තම එක්කෙනෙක් ගොත ගගහ කිව්ව. එහෙනම් අහවල් එකද්ද උඹලා අර බිල්ඩිම පිටිපස්සෙ කලේ. අ ..අපි...අපි නිකන් සර්.. නිකන් ... මොකෝ උඹල තණකොළ ගලවන්න ගියාද්..ප්‍රින්සිපල් සර් ආයේ ගුගුරනව.. අතේ සිගරට් කොටත් නැති නිසා මේක දැන් ඔප්පු කරන්න විදියක් නෑ.. සේකර සර්.....බලනව මුන් සිගරට් බීලද කියල ...ප්‍රින්සිපල්ගෙන් නියෝගයක්.. ඒ පාර නම් කොල්ලො ටික සට සට ගාලා වෙව්ලනව.. මොකද ආයෙ හැක්ස් ටොපියක් වත් කටේ දාගන්න උනායෑ... ඒ කාලෙ හැක්ස් තිබ්බෙ නැද්දත් මන්ද.. සෙකර සර් දැන් හෙරොයින් අල්ලන්න පුහුනු කල පොලිස් සුනඛ පෝතයෙක් වගෙ ම්හ් .. ම්හ් .. ගගා ඉව අල්ල අල්ල අල්ල කොලු පැටව් පේලිය පරීක්ශා කරනව. කොල්ලන්ගෙ පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙනව සර් ට හොඳට ඇහෙනව. සිගරට් සුවඳත් හොඳට දැනෙනව. ප්‍රින්සිපලුත් කුඩු අල්ලන්න ගිය ලොක්ක වගේ ප්‍රතිඵල බලාගෙන ඉන්නව වේවැලෙන් අත්ල පිරිමැද පිරිමැද.. පාරක් දෙපාරක් එහෙට මෙහෙට ගිය සේකර් සර් නැවතුණා. කොල්ලන්ගෙ හදවතත් නිමේශයකට නැවතුණා.. මුන් බීල නෑ සර් ... සේකර සර් කිව්ව. කොල්ලො තුශ්නිම්භූත වෙලා බලා ඉන්නව. හ්ම් එහෙමද. එහෙනම් කට්ටිය දැන් ගිහින් බිල්ඩිම පිටිපස්සෙ තියෙන තණ කොල ටික උදලු ගාලා ඉවරයක් කරනවල. ඒකටනෙ යන්න ඇත්තෙ කියල කිව්ව. කොල්ලො ටික දුවන් ඇවිත් සේකර් සර් ගාව වැඳ වැටුනා. සේකර් සර් ප්‍රින්සිපල් දිහා බලනව. ප්‍රින්සිපලුත් අහක බලන් හිනාවෙනව. සේකර සරැත් කට තද කරන් හිනාවෙනව. හා පුතාලා ඉගෙන ගන්න කාලේ නරක වැඩ කරන්නෙ නෑ හොඳ ළමයි..දැන් ගිහින් ප්‍රින්සිපල් සර් කිව්ව හැටියට කරන්න කො. කියලා කොලු ගැටව් ගෙ ඔලුව අත ගෑවා. කොලු ගැටව් ටික ප්‍රින්සිපල් සර්ටත් වැදලා පස්ස නොබලා දිව්ව. සේකර සර් ගෙයි ප්‍රින්සිපල් ගෙයි තද කරන් හිටි හිනාව එලියට පැන්නෙ දැන්. අය්සෙ සේකර උන් සිගරට් බීපු සුවඳ..මටත් ආවනේ .. ප්‍රින්සිපල් හිනාවෙවී කිව්ව. ඔව් සර් උන් බීලා... එහෙනම් තමුන්නන්සෙ නෑ කිව්වෙ. උන්ව හදන්න ඕනි කෝටුවෙන් ගහල නෙමි සර් මොලෙන් ගහලා.. මං දන්නව තමුන්නාන්සෙ මොකක් හරි කරන්නෙ යට් අදහසක් තියාගෙන විත්තිය කියල දෙන්නම හිනාවෙවේ ඔෆිස් එකට ගියා. ඉස්කෝලෙ ඇරෙද්දි ගොඩනැගිල්ල පිටුපස්සෙ ලස්සනට එලි කරල විතරක් නෙමී කෘෂිකර්ම සර්ගෙන් අහගෙන මිරිස් පාත්තියකුත් දාලා තිබ්බා. ඒ වගේම සේකර් සර් ඉස්කෝලෙ ඉන්නකන් ආයේ කාඩ් ගැහුව කියලවත් සිගරට් බිව්ව කියලවත් පැමිණිලි ආවෙ නම් නැතිලු අන්න එහෙමයි අසූවෙ දශකයෙ ගුරැවැරු ළමයි හැදුවෙ. තව ඉවර නෑ- මතු සම්භන්ධයිAussi අයිශා - 11 කොටස පහුගිය දවස් ටිකේම මසර් මහන්සි වුණේ ගෙයි වැඩේට. අපි රෙන්ට් එකට ගෙයක් ගන්න බලලා තියෙන්නේ කියලා දැනගත්තට පස්සේ නසීර් දැන් ලොකුවට කතා කරන්න එන්නෙත් නෑ කියලා මසර් කිව්වා. එක අතකට ඒකත් හොඳයි නැත්නම් ඉතින් මිනිහගෙ කතා අහලා අපේ ඔළු අවුල් වෙන එකනේ වෙන්නේ. අපිට ආපු ලොකුම ප්‍රශ්නෙ තමයි රෙෆරන්ස් වලට කෙනෙක්ව හොයාගන්න එක. දෙන්නෙක් ඕනි වුණත් එදා ගේ බලන්න ගිහින් ආපහු එද්දි යසිරු කැමති වුණා රෙෆරන්ස් වලට එයාගේ ඩීටේල්ස් දෙන්න. ඒ නිසා අපිට තව එක්කෙනයි ඕන වෙලා තිබුණේ. මෙහෙට ඇවිල්ලා මාසයක්වත් නැති නිසා මසර්ව දන්න කියන අයට හිටියේ මසර් එක්ක එකට වැඩ කරන ශෙෆ්ලා ටික විතරයි. බේලිගෙන් හරි ලුසීගෙන් හරි අහන්න පුළුවන් කම තිබුණත් තමන්ගේ රටේ එකෙක් ඉද්දි අනිත් උන්ගෙන් ඉස්සෙල්ලම අහන එක හරි නැති නිසා මසර් කැමති වෙන්න හරි අකමැති වෙන්න හරි හැමෝම ඉන්න තැන කිචන් එකේදි නසීර්ගෙන් අහලා රෙෆරන්ස් වලට ඩීටේල්ස් දෙන්න පුළුවන්ද කියලා. කට්ටිය ඉන්න තැන බෑ කියන්න බැරි නිසාද කොහෙද කොහොමහරි මනුස්සයා කැමති වෙලා. ඒ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා ගෙයි යතුර අපේ අතට ගත්තට පස්සේ තමයි අපි දෙන්නට නිදහසක් දැණුනේ. මටත් වඩා මසර්ට. පහුගිය දවස් ටිකේම ගේ වැඩේ කරගන්නකම් මසර් හිටියේ පුදුම ස්ට්‍රෙස් එකකින්. මෙහෙ ඉඳලා ඇඩිලේඩි වලට යන චයිනීස් ෆැමිලි එකක් එයාලගේ ගෙදර බඩු වගයක් විකුණන්න මාකට් ප්ලේස් දාලා තිබුණා. එයාලා විකුණන්න දාලා තිබුණු බඩු වලින් අපිට ඕනි වෙලා තිබුණු ටීවි එකයි, ටීවි යුනිට් එකයි, ෆ්‍රිජ් එකයි, වොෂින් මැෂින් එකයි, සෝෆා එකයි, කෑම මේසෙයි ඔක්කොම ඩොලර් හත්සිය පනහකට ගන්න අපිට පුළුවන් වුණා. මාකට් ප්ලේස් එකේ බඩු ගද්දි ටිකක් හොයලා බලලා ගන්න ඕනි කියලා යසිරු, මසර්ට කියලා තිබුණු නිසා යසිරුට නිවාඩු දවසක් බලලා මසර් එයාගෙ බ්‍රේක් ටයිම් එකේ යසිරුවත් එක්කගෙන තමයි බඩු ගන්න ගියේ. බඩු ටික ගේන්න වාහනයක් රෙන්ට් එකට අරගෙන ගියපු නිසා ඕකේ ඩ්‍රයිවර් එක්ක තුන්දෙනෙක්ට යන්න ඉඩ නෑනේ. ඒ නිසා මම ගියේ නෑ. බඩු ටික ගෙදරට බාගන්නත් යසිරු තමයි මසර්ට උදව් වෙලා තියෙන්නේ. මෙහෙ ආපු දවසේ ඉඳලා තමන්ගේ රටේ කෙනෙක් නෙමෙයි වුණත් මනුස්සකමට යසිරු අපිට කරපු උදව් වලට ගෙදර පදිංචියට ගියාම යසිරුටයි එයාගේ ෆැමිලි එකටයි කෑම වේලකට එන්න කියමු කියලා මායි මසරුයි කලින් ඉඳන්ම කතා කරගෙන තිබුණේ. ඊළඟට තිබුණු ලොකුම දේ තමයි කුස්සියට ඕනි කරන බඩු ගන්න එක. ඒවා ගන්න මසර් මාව එක්කන් ගියේ K mart එකට. කඩේට ඇතුල් වෙද්දිම මසර් කීවේ, "අයිශා පිස්සුවෙන් වගේ හැම දේම බදාගන්නෙ නැතුව ඔයාට මේ මාස දෙක තුනට කෑම ටික උයන්න ඕනිම කරන බඩු මුට්ටු ටික විතරක් අරගන්න" කියලයි. එතන තියෙන එක එක ජාතියේ උයන පිහින බඩු මුට්ටු දැක්කම ඔක්කොම ගන්න හිතුනත් ඕනිම ටික විතරක් ගන්න මං පරිස්සම් වුණා. ඒත් එක්ක ගෙදර ලස්සන කරන්න ඕනි පොඩි පොඩි සුකුරුත්තම් බඩු ටිකකුත් ඉතින් ගත්තා. අනිත් ඒවා පස්සේ හිමින් සීරුවේ ටික ටික එකතු කරගන්න පුළුවන්නේ. ගේ අස් කරලා ගත්ත බඩු මුට්ටු ටික එහෙම පිළිවෙලක් කරගන්න අපිට දවසක් විතර ගියා. ගේ ඔක්කොම හරියට පිළිවෙලක් කරගන්නකම් අපි හොටෙල් එකේමයි හිටියේ. ඉන්න පුළුවන් අන්තිම තත්පරේ වෙනකම්ම හොටෙල් එකේ ඉමු කියලයි මසර් කිව්වේ. මසර්ට නිවාඩු දවස් දෙක අල්ලලා අපි ගෙදර පදිංචියට ගියා. මාසයක් තිස්සේ පිට කාමරේකට වෙලා ඉඳලා ඉඳලා තමන්ගේ කියලා ගෙදරකට ආවට පස්සේ පුදුම සැහැල්ලුවක් දැණුනේ. දැන් ඉතින් තමන්ට ඕනි කෑමක් හදාගෙන තමන්ට ඕනි විදියකට පාඩුවේ ඉන්න පුළුවන්නේ. කාගෙන් කියලා තහනමක්ද.. ගෙදර පදිංචියට ඇවිත් සතියක් විතර ගියාට පස්සේ තමයි අපි වාහනයක් ගන්න ලෑස්ති වුණේ. ඒත් වාහනේකට ලොකු ගාණක් යට කරන්න මසර් කැමති වුණේ නෑ. ණය වෙලා හොඳ වාහනයක් ගන්න පුළුවන් වුණත් මසර් කිව්වේ මෙහෙ ජීවිතේ පටන් ගත්ත ගමන් ණය වෙන්න යන්න බෑ...ඊළඟට ඕක පුරුද්දටම යනවා. අපිට තියෙන විදියට හිටියම කිසි ප්‍රශ්නයක් නෑ. සති එකහමාරක් විතර හොයලා හොයලා අන්තිමේදි ඩොලර් තුන්දාස් පන්සීයකට කාර් එකක් ගන්න මසර්ට පුළුවන් වුණා. "මේකෙ තෙල් කනවා. හයිබ්‍රිඩ් එකක් වගේ ගන්න තිබ්බනම් හොඳයි. කමක් නෑ දැනට මේක හොඳටම ඇති. පස්සේ හිමින් සැරේ හොඳ වාහනේකට යමු අයිශා... ඔයා කාර් එකට කැමතියි නේද?" කාර් එක ගෙදර ගෙනාපු පළවෙනි දවසෙ මසර් මගෙන් ඇහුවා. මං ඉතින් ඔය වාහන වල හොඳ නරක අරවා මේවා ගැන මහ ලොකුවට දන්නෙ නෑනේ. ඉතින් ඉස් ඉස්සෙල්ලම අපිටම කියලා රෝද හතරේ වාහනයක් ගන්න පුළුවන් වුණු එකට මං ගොඩක් සතුටින් හිටියේ. එහෙ ඉද්දි ඉතින් දූවිලි කාගෙන බයික් කට්ටෙනේ කරච්චි වල හැම තැනම ගියේ. වෙලාවකට මාත් පුදුම ගෑනියෙක්. කිසිම කෙළෙහිගුණයක් නැති හැටි. මෙහෙ ඇවිත් කාර් එකක් ගත්තට පස්සේ අවුරුදු ගාණක් එහෙ මෙහෙ ගියපු බයික් එක නිකන්ම නිකන් බයික් කට්ටක් වුණානේ. ඒකට අපෙ තාත්තා, කඩේ පටන්ගත්ත මුල් කාලේ බර්ෆි කපපු ට්‍රේ එක, දැන් පාවිච්චි නොකරත් තාමත් තියාගෙන ඉන්නවනේ. අදට අපි මේ ගෙදර පදිංචියට ඇවිත් සතියයි. මෙහෙට ආපු මුල් දවස් වල දවසෙන් වැඩි හරියක්ම මං කළේ ගෙදර ලස්සන කරන්න මහන්සිවෙන එක. කිචන් එකේ ජනෙල් පඩිය උඩයි පැන්ට්‍රියෙයි එක එක පාට මල් තියෙන පුංචි පොට් තියලා ජනේලේ වටේට ආර්ටිෆිශල් කොළ වැල් යවලා කිචන් එක ලස්සනට හදා ගත්තා. ඕපන් කිචන් එකක් නිසා ගෙදරට එන ඕන මනුස්සයෙක්ට මෙතන පේනවනේ.. ඒත් මසර්ටනම් ඒවයේ කිසිම ලස්සනක් පෙණුනේ නෑ. එයා කියනවා මං කැළයක්, කුස්සිය ඇතුලට ගෙනත් දාගෙනලු. මුලදි මේ රටට එන්න ලොකු කැමැත්තක් තිබුණේ නැති වුණාට මොකද දන්නෙම නැතුව මං දැන් මේ ජීවිතේට ආස වෙලා. ඒකට ලොකුම හේතුව මේ ගෙදර වෙන්න ඇති. මේ ගෙදරයි අපි කරච්චි වල හිටපු ගෙදරයි හරියට අහසයි පොළොවයි වගේ. ඒක මේ ගෙදර ඉන්න මට විතරක් නෙමෙයි වීඩියෝ කෝල් එකෙන් ගේ දැකපු අම්මයි අක්කලා දෙන්නයිත් කිව්වා. තාත්තානම් බලලා හොඳයි කිව්වා විතරයි, ගෙවල් දෙක සංසන්දනය කරන්න ගියේ නෑ. ඒ ඉතින් අපෙ තාත්තගේ හැටිනේ. "අර හෝටල් කාමරේ අස්සේ හිරවෙලා ඉඳලා ඉඳලා මෙහෙම නිදහසේ ඉද්දි පුදුම සැහැල්ලුවක් නේද තියෙන්නේ?.." දවල්ට කන ගමන් මං මසර්ගෙන් ඇහුවා. ම
සර්ට අද වැඩ දවසක්. කරච්චි වල ඉද්දි ඉතින් උදේ ගියාම ආයෙ එන්නේ හවසටනේ. ඒකට මෙහෙ මසර්ට දවල් දෙකේ ඉඳන් හවස හතර හමාර වෙනකම් බ්‍රේක් එකක් හම්බෙනවා. ඒක නිසා ගෙදර ඇවිත් රස්නෙ පිටින් දවල් කෑම කාලා පොඩි රෙස්ට් එකකුත් අරගෙන යන්න ආපහු වැඩට යන්න පුළුවන්. "ඒක ඇත්ත. ආ මේ අපි යසිරුලට කෑමකට එන්න කියන්න ඕනි. මට වගේම එයාලටත් නිවාඩු දවසක් වෙන්නත් ඕනිනේ. අද හවසට ගියාම අහන්න කියලා බැලුවේ...." මසර් කිව්වා. "එයාලා මොනවගේ කෑම වලට ආස වෙයිද..බිරියානි වගේ හදන්නම් නේද?.." "ම්ම්ම්ම් ඔව් එහෙම හොඳයි. එයාලත් බත් එක්ක කරීස් එහෙම කනවනේ. බිරියානි එහෙම එයාගෙ වයිෆුත් නිතර ගෙදර හදනවා කියලා යසිරු කිව්වා." "එයාලා සැරට කනවා නේද?..මං ඔය යූ ටියුබ් එකේ එක එක රටවල් වල රෙසිපි බලනකොට එයාලගේ කෑමත් දැකලා තියෙනවා. ඒ සමහර කෑම අපේ කෑම වලට වඩා ගොඩක් සැර පාටයි." "මං එයාලගේ ස්පයිසි ලෙවල් එක කෝකටත් අහලා ඉන්නම්. එයාලා දැන් මෙහෙ ඉන්නේ අවුරුදු ගාණක ඉඳන්නේ. කවුද දන්නේ මෙහෙ උන්ට වගේ දැන් එයාලටත් සැර කන්න බැරිද කියලා.." මසර්, යසිරුත් එක්ක මෙහෙ එන්න දවසක් කතා කරගෙන තිබුණා. වැඩ ඇරිලා ගෙට ගොඩවෙනකොටම මසර් කියාගෙන ආවේ ඒක. "මේ සෙනසුරාදා යසිරුලා එනවා කිව්වා.." "ඒත් ඔයාට නිවාඩු තියෙන්නේ හෙටයි සිකුරාදටයිනේ..." "මං ලුසී එක්ක මාරු කරගත්තා. හෙට මං වැඩ, ලුසී නිවාඩු. මං සෙනසුරාද ලන්ච් වලට එන්න කියලා කිව්වේ. ඒත් යසිරුගේ වයිෆ් සෙනසුරාදා වරුවක් වැඩලු. ඒක නිසා ඩිනර් වලට මාරු වුණා..." "යසිරුගේ වයිෆ් කොහෙද වැඩ කරන්නේ?.." "ටූම්බා ලයිබ්‍රි එකේ..." යසිරු මාත් එක්ක ඔය හායි බායි ගුඩ් ඩේ වගේ පොඩි පොඩි දේවල් විතරයි කතා කරලා තිබුණේ. මසර් කතා කරන චරිතෙ කරනකොට මං හැම වෙලේම කරන්නේ ගොළු චරිතෙ විතරයි. ඒත් දැන් යසිරුලා මෙහෙ කෑමට ආවම මට ගොළුවෙක් වගේ ඉන්න බෑනේ. යසිරුගේ වයිෆ්ගේ ඉංග්‍රීසි එහෙම හොඳ ඇති. මෙහෙ ආවම මට ඒ මනුස්සයත් එක්ක කතා නොකර ඉන්න බෑනේ. සෙනසුරාදාට හදන්නේ මොනාද කියලා හිතනවා වෙනුවට මගෙ ඔළුවට ආවෙම එදාට කතා කරන්නේ කොහොමද කියන එක. "මොනවද අයිශා ඔච්චරටම කල්පනා කරන්නේ...ඊයෙ රෑත් නිදාගන්නෙ නැතුව සෑහෙන වෙලාවක් ඔයා කල්පනා කර කර හිටියා නේහ්. මං පොත කියවලා නිදාගන්න හදද්දිත් ඔයා ඇහැරිලා. එවෙලේ අහද්දි හරියට දෙයක් කිව්වෙත් නෑ... ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?.." උදේ වැඩට යන්න ලෑස්ති වෙලා මං හදලා දුන්නු ඕට්ස් පොරිජ් කන ගමන් මසර් ඇහුවා. "නෑ මං මේ කල්පනා කළේ යසිරුලා සෙනසුරාදට ආවම කතා කරන්නේ කොහොමද කියලා..." "කටින්නේ කතා කරන්නේ...ආයෙ වෙන කොහෙන් කතා කරන්නද" "විහිළු නෙමෙයි අනේ...ඔයා දන්නවනේ ඔය ඉංග්‍රීසි කියවන්න තේරුම් ගන්න සාමාන්‍යයෙන් පුළුවන් වුණාට මට කතා කරන්න හරියට බෑ කියලා.." "ඇයි ඔයා යසිරුත් එක්ක එහෙම කතා කරලා තියෙනවනේ...ඒ විදියටම කතා කරන්න.." "ඔයාට තේරෙන්නේ නෑ අයියෝ...ඔය හම්බුණාම ගුඩ්මෝනින්, හායි, බායි වගේ ඒවා විතරනේ කියලා තියෙන්නේ. ඒ වගෙද එයාගෙ වයිෆ් එහෙම ආවම...එතකොට හායි කියලා එතනින් එහාට සද්ද නැතුව ඉන්න පුළුවන්ද.. බෑනේ.... ඔයා යසිරුත් එක්ක කතා කර කර ඉන්න වෙලේ එයා මාත් එක්ක කතා කරයි... " මං මූණත් බෙරි කරගෙන මසර්ට කිව්වා. "අයිශා...ඒ මනුස්සයා ඔයාගෙ ඉංග්‍රීසි දැනුම කොහොමද කියලා බලන්න නෙමෙයි එන්නේ. ඔයා ඔය කියන තරම් ඔයාට ඉංග්‍රීසි බැරිත් නෑ. ඔයාට තියෙන්නේ කතා කරන්න බයකම. ඔසියොන්ගේ ඉංග්‍රීසි වගේ බස බස ගාලා මෙයාලා කියවන්නේ නෑනේ...අනික ඔයා කී දවසක් ඔහොම කතා නොකර ඉන්නද. ඉස්සරහට ඩ්‍රයිවින් ලයිසන් ගන්න ඕනි, ඔයාට බෑන්ක් එකවුන්ට් එකක් හදාගන්න ඕනි. ඒවට ඔයා තනියම ෆේස් කරන්න ඕනි. හස්බන්ඩ් කියලා හැමවෙලේම මට ඔයාගේ ට්‍රාන්ස්ලේටර් වෙන්න බෑ...අනිත් කාරණේ.. අද ඉඳන්වත් ඉංග්‍රීසි ෆිල්ම් ටිකක් ටීවී සීරිස් ටිකක් බලන්න පුරුදු වෙන්න. ඔයා ගෙදරනේ ඉන්නේ...නෙට්ෆ්ලික්ස් එකේ කැමති ඉංග්‍රීසි ෆිල්ම් එකක් හරි එහෙම නැත්නම් කාටුන් හරි කමක් නෑ දාගෙන බලන්න. ඔයා කොහොමත් කාටුන් වලට ආසයිනේ... කුස්සියේ උයනකොට ටීවී එක ටිකක් සද්දෙට දාගෙන උයන ගමන් අහන්නත් පුළුවන්නේ. අපි හිමින් සැරේ මෙහෙ ෆ්‍රී තියෙන ක්ලාස් එකක් බලලා යමු. එතෙන්ට එක එක රටවල අය එනවනේ. එතකොට ඔයාට ඉබේටම කතා කෙරවෙයි" මසර් වැඩට ගියේ මට විනාඩි දහයක පහළොවක විතර ලෙක්චර් එකක් දීලයි. එයා කියන කතාවත් ඇත්ත පීනන්න වතුරට බහින්නම වෙනවනේ. බලමුකෝ. මතු සම්බන්ධයි. බුද්ධි ජයවීර ( කතාව කියවා අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති. පිළිතුරු නොලියනවට සමාවෙන්න. )පාස්වර්ඩ් එක___ ගිය දා පටන් රැකියාවට බැංකුවට පාස්වර්ඩ් ගත යුතු වෙයි මතකයට එක එක ලෙසට එක එක සිස්ටම් එකට දැමුවේ නම ය ඇගෙ ගියෙ මා ළඟින් සිට.... පපුවේ හිලක් සෑදී මහ විසාලෙට ඩේටා ඔන් එකේ සැතපුනෙ අකාලෙට අඳුනන අයියෙකුත් සමඟින් එදා සිට සසුනට යන්ට ගියේ කඳුලක් පුදා මට.. ටික ටික ඇගේ මතකය ඈතටම ගියා ගල් ජින් විස්කි පිහිටෙන් සේදිලා ගියා ඉඳහිට මතක් වූ විට ඈ කොහෙද කියා ආරාමෙක ඇතැයි සිතුවෙමි දෑස පියා.. දවසක් සෙනඟ සමඟින් පොර බදිමින්නේ ඉන්නා අතර මා කැෂියර් විලසින්නේ දැක හුරු පුරුදු වගෙ මුහුනක් මතුවන්නේ පාස්වර්ඩ් එක නොවැ පෝලිමේ එන්නේ.... මේ ටික කලට පපුවේ හිල මැකුනා ද තාමත් ⁣ඔන්ලයින් නින්දට යනවා ද නෑදෑ අයියා නුඹෙ තනියට එනවා ද නංගියේ සිවුරු හැරියේ නුඹ කවදා ද... අහනට සිතුන මුත් සෙනිකව එලෙස මට නෑදෑ අයියා සිටියා ඇය අසල සිට දරුවන් සිවුදෙනෙකි සම වූ පඩිපෙලට මම බේරුනාදෝ කියලා සිතිනි මට... පාස්වර්ඩ් එක එදාම වෙනස් කළා ඔපිසර එක්ක බෝතලයක් ඉවර කළා කතාව කීවාම ඔපිසර් හිනා වෙලා කිව්වා උඹත් මං වාගෙම ගොනා වෙලා.....පුරන් වුණත් මට නොදෙනා වපුරන්න... තරන් නෑ නුඹට සිත මා මඩවන්න... අරන් නැවුම් මානෙල් මල පුබුදන්න... දියන් මටත් සින්නක්කර බෑ ඔන්න ... කඩන් මීවදය අතවත් ලෙවකන්න... වඩන් ඉවසීම තව බෑ සැනසෙන්න... පටන් සුබනැකත රාහුද මට සින්න... බලන් කෑම එකගෙයි වෙන හැටි බින්න... තොරණ් බැඳ ගෙදර පිරියම් කර බෝම... වලං වල සුවඳ විතරයි මට තාම... අරං අත ඇගේ පෝරුව ලඟදීම... වහං උනා නම් වෙන් නෑ පැරදීම... රෑ පැල් රකිනු බෑ සඳ මත ඇගේ වත... ගෙට ගොඩ වෙන්න බෑ ගින්නකි ඇගේ ගත... මට උහුලන්න බෑ අය්යේ මගේ සිත... සිහිනෙන් ඇවිලිලා හති තබපන්කො තිත... ❤ ...ශ්‍රීමතී වල්පොල ....අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ -2 ( වර්ජන පුහුනුව ) මේ කියන කාලේ පාසල් ගිය අයට නම් මතක ඇති කොළඹට කිරි අපිට කැකිරි කියල සටන් පාඨයක් ඇහුණා. කොළඹ පාසැල් වල ලමයිට විතරක් කිරිපැකට් ලබාදෙන්න අමාත්‍යාංශයෙන් තීරනය කරල තිබ්බ නිසායි ඔය ප්‍රශ්නෙ ඇතිඋනේ. කොළඹ කිව්වට කොළඹ මහ නගර සභා වට අයත් ප්‍රදේශයට පමනයි. තේරෙන්න කියනව නම් කොළබ එකේ සිට දාහතරට අයත් පාසැල් වලට පමනයි. ඒ නිසා අල්ලපු පාසලට කිරි ලැබෙද්දි එහා වැටේ තියෙන අනිත් පාසලට කිරි ලැබුනෙ නැති සිද්ධි ඕනි තරම් තිබ්බ. එකම පොදු පාසැල් බස් එකේ කිරි ලැබන සහ නොලැබෙන ළමයි යනව. කොළඹ පාසල් වලට පමනක් කිරි පැකට් ලබාදීමට විරැද්දව පිට පාසැල් සටන් පාට කියන්න ගත්ත. ඒ විතරක් නෙමී ලොකු උද්ගෝශනයක් සහ එදා දවසෙ වර්ජනයක් සූදානම් කරල තිබ්බ. දැන් වර්ජනය දවසෙ උදේ ඉස්කෝලේ එක කාල ගෝටිටියයි. සිසුන්ගෙ පෙලපාලියක් එනවලු .දවල් දොළහ වෙද්දි ඒක සේකර මහත්තයලගෙ පාසල කිට්ටුවට එනව කියලලු ආරන්චිය . විදුහල්පති තුමා දුවගෙන දුවගෙන ආවලු සේකර සර් ලඟට මොකක් හරි ජල්බරියක් එනකොට විදුහල්පති තුමා දුවන් එන්නෙ සේකර සර් ගාවටනෙ.. වෙන මොකුත් නෙමි නාහෙට අහන්නෙ නැති කොලු ගැටව් ටික මෙච්චල් කරගන්න සේකර් සර් මොකක් හරි ගැටයක් ගහයි කියල දන්න හින්ද. අය්සේ සේකර ..මහ විනාසයක් මුන් ටික පාරට පැනල රන්ඩුවලට එහෙම පැටලුනොත්. නාහෙට අහන්නෙ නැති වයසනෙ. ... සේකර සර් වහාම ක්‍රියාත්මක වුනා . ඉස්කෝලෙ අර ලොකු ශබ්ද විකාශන යන්ත්‍රයෙන් සිසුන් ඇමතුවා. පුතාලා ඇත්ත තමයි. අපිත් මේ අසාදාරනයට විරැද්දයි.ඒත් ඔයාලට ඔය වර්ජන වලට ගිහින් පුරැදු නෑනෙ. ඒ නිසා අපි පෙල පාලිය එනකන් ඉස්කෝලෙ පිට්ටනියෙ පුහුනුවෙමු. කොල්ලො ටිකට දැන් මාර සතුටුලු. සර්ලත් සපෝට්. කොල්ලන්ට මාර ගැම්මක් ආවා. ඇඳගෙන ඇවිත් ඩෙස් අස්සෙ හන්ග ගෙන හිටිය සටන් පාට උස්සගෙන පිට්ටනිය පුරා දුවනවලු උඩ පනිනවලු කෑ ගහනවලු. ගේට්ටු වහලත් වැඩක් නෑ මුන් තාප්පෙන් හරි පැනල ගියොත් එහෙම. එකටත් සේකර සර් කිව්ව මේ වර්ජනය දැකල විරැද්ද කාරයො පිටින් කව්‍රරැ හරි ඇවිත් පුතාලට හින්සා කලොත් කියල ලමයින්ගෙ ආරක්ශාවට ගේට්ටු වහනව කියල . දැන් අපේ සහොදරයො ටික හෙන ගැම්මෙන් වර්ජනය පුහුනු වෙනව. සේකර් සර් හිමීට ඉස්කෝලෙ වොචර් ලවා ප්‍රදාන ජල සැපයුම වහල. ප්‍රචාරයක් යවල වොටර් බෝඩ් එකෙන් අද වතුර කපල කියල. මොකෝ කොලුවො කෝල් කරල අහන්න ඒ කාලෙ දුරකතන තිබ්බ එකක් යෑ. කාට හරි කලන්තියක් වත් දැම්මොත් ඒ අයගෙ ආරක්ශාවට පාසලේ ප්‍රථමාධාර සන්ගමයෙ දරැවන් සූදානම් කරල තියල තිබ්බ. ඉස්කෝලෙ වෙලාවෙ දඟලල කරල තුවාල කරගන්න ළමයින්ට ක්ශනිකව අවශ්‍ය ප්‍රථිකාර කරන්න පුරැදු පුහුනු කල ස්වේච්ඡා කන්ඩායමක් මේ ඉස්කෝලෙ හදල තිබුනෙත් සේකර් සර්ම තමයි. ඔයාලා දන්නවනේ කොල්ලො ඉතින් කවද්ද ඉස්කෝලෙ වතුර බෝතල් ගිනියන්නෙ. ඔන්න ප්‍රාථමික අන්ශෙ ලමෝ ගෙ බෑග වල නම් අම්මල බලෙන් වතුර බෝතල් දානව. ඉතින් මේ ඉස්ක්කොලෙ හයේ පන්තියෙන් උඩ .ප්‍රාථමික අන්ශෙ තියෙන්නෙ වෙනම. ඒ නිසා එහෙමත් ලමෙක් ගාව තමා වතුර බෝතලයක් තියෙන්නෙ. ඔන්න උසස්පෙල වෙනකම්ම අම්ම පස්සෙන් එන කොලු පැටව් ගෙ බෑග්වල නම් තියෙන්න පුලුවන්.එහෙම සූකිරි බබාලා කොහොමත් ඔය වර්ජන වලට යන්නෙ නෑනේ. රතිඤ්ඤා ස
ද්දයක් ඇහුනත් ඩෙස් එකක් අස්සෙ රින්ගනව මිසක්. අම්මල ලමයිට වැඩි ආදරේට තමයි එහෙම කරන්නෙ. ඒත් ඒ වගේ දරැවන්ගෙ පෞරුෂයක් වර්ධනය වෙනවද නම් දන්නෙ නෑ. දැන් අපේ අය්යල ටික එකසිය ගානට උද්ගෝශනේ. අල්ලපු වත්තෙ කාන්තා පාසලක් තියෙනව. ඒකේ තට්ටු තුනේ බිල්ඩිමේ ඉන්න ගෑල්ලමොත් අප්පුඩි ගහනව. අපේ අය්යල ටිකට දැන් පුදුම උද්යෝගයක් තියෙන්නෙ ඔන්න ඉතින් උදේ අටේ ඉඳන් කොල්ලො පැය හතරක් විතර තිස්සෙ ගිනි අව්වෙ දඟලලා වතුර පොදක් වත් නැතුව්ස් කොල්ලන්ගෙ හොඳ පන ගිහින්. දැන් දොලහටත් කිට්ටුයි. අර පැයකට දෙකකට කලින් තිබ්බ සද්දෙ එන්න එන්න අඩු වෙලා. පිට්ටනියෙ සෙනගත් එකා දෙන්න අඩු වෙලා. වතුරවත් නැතුව ගිනි අව්වෙ කෑ ගැහල කොල්ලො ටික හෙම්බත් වෙලා. අර කිව්ව පෙල පාලියත් ඉස්කෝලෙ ගාවට එද්දි වැඩිය ගැම්මක් නෑලු. කීපදෙනක් ගිහින් එයාලත් ආපහු එනව. මොකෝ කැ ගහන්න ආයෙ පනක් තියෙනවයෑ. යන්තම් එක වෙනකන් සේකර සරැයි ප්‍රින්සිපලුයි ඔහොම කොල්ලො ටික පරිස්සම් කරා. කව්‍රවත් වර්ජනයට යන පාටකුත් නෑ. එලියෙ සද්ද බද්දත් ටික ටික අඩු වෙලා. අය්සේ සේකර කොහෙන්ද ඔය කපටිකම් ඔලුවට එන්නෙ. ප්‍රින්සිපල් හිනා වෙවේ අහනව. කපටිකමක් නෙමේ සර් ඒ කාලෙ අපේ තාත්ත මට උගන්නපු පාඩමක් ඔලුවට ආවා. කියමු බලන්න අපිටත් දනගන්න. විදුහල් පතිතුමයි අංශ භාර ටීචරුයි හරි බරි ගැහිල වාඩි උනා අපේ තාත්ත වෙදහෙදකම් වලට අමතරව පොඩි පොඩි වගා කටයුතු කුඹුරැ එහෙම කරපු කෙනෙක් . මම ඉතින් වස කම්මැලියලු ඒ කාලෙ ඉස්කෝලෙ යන්න. එක එක බොරැ හේතු ලු හැමදාම. තාත්ත බැලුව මේක හරියන්නෙ නෑ .... හා ඔනි නෑ ඉස්කෝලෙ යන්න. යමන් මාත් එක්ක කුම්බුරැ කොටන්න. ඉහේ මලක් පිපුනු සේකර පොඩි පැටිය උදැල්ලකුත් අරන් තාත්ත පිටිපස්සෙ ගියා ඉතින්. දැන් ගිහින් කුම්බුරැ කොටනව කිටන්න කො. දහය විතර වෙද්දි හොන්ද ගනන්. වෙනද නම් මේ වෙලාවට අම්ම තේ ගේනව අද ඒකත් නෑ. දවල් ඉරත් මුදුන් වෙලා. තාත්තා පාඩුවෙ වැඩ. මහන්සිනම් නිකා හිටාන් කියල වැරදිලාවත් කියන්නෙ නෑ. දැන් දවල් දෙකටත් කිට්ටු ඇති කියල වැටෙන හෙවැනැල්ලෙන් කියන්න ඇහැකි. තේ විතරක් නම් බැරියෑ දවල් කෑමත් නැති හැඩයි. සේකර පැටියට දැන් පාන් කියාගන්න බෑ. අතේ කර ගැටත් දාල. ඔහොම ගිහින් තාත්තා හතරට විතර ගෙදර යන්න පිටත් උනා. සේකර පැටියත් වැනි වැනි තාත්ත පස්සෙන් ආව. අයේ කවම දාවත් නම් සේකර පැටියා ඉස්කෝලෙ යන්න බෑ කිව්වෙ නෑ. පස්සෙ කාලෙක දන්නෙ තත්ත එදා අම්මට කුඹුර පැත්ත පලාතෙ කෑමවත් වතුරවත් අරන් එන්න එපා කියලලු තිබ්බෙ. ඔන්න ඔහොමයි සර් මට වර්ජන පුහුනුව කරන්න බුද්ධිය පහලවුනේ කියල සේකර සර් කවදත් දාන අහින්සක හිනාව දැම්මලු. තව ඉවර නෑ- මතු සම්භන්ධයි (පින්තූරය අන්තර්ජාලයෙන් )කාංසාවෙන් මත් වෙච්ච වලත්ත ඇස්, වෙව්ලන ඇඟිලි වලට මිරිකිච්ච නොඉඳුල් තත්, හිස් අගින් වැක්කෙරුනු රැලි ගැහුනු කෙස්, ශෘංගාරයම සෝදිසි කරන ගොරහැඩි අත්. ඇහෙනවද කන්‍යාබාවය අහිමි වෙච්ච ගිතාරුවක් ඉකිගහන සද්දෙ? අන්න අර රූස්ස උණ පඳුර ලඟදි තමයි ඒක සිද්ධ වුනේ. මම දිවුරල කියනව ස්වාමීනී, ගිතාරුවෙ සියුම්ම තත් බිඳෙන සද්දෙ මගේ ඇස් දෙකට හොඳින්ම ඇහුන. උණ පඳුර හයියෙන් හුස්ම ගන්න සද්දෙත්. තැබෑරුමට අලුතෙන් ආපු ඉලන්දාරි ගිතාරුකාරය තමයි වගකියන්න ඕනි. ඔය සිද්දියෙන් පස්සෙ ඌ කලේ දවස් ගානක් එක දිගට මහ මූසල විදියට ඌරුවම්බාපු එක. අනික මම දැක්ක, ඒකගෙ වම් අතේ ඇඟිලි තුඩු අගිස්සෙ ගෑවිලා තිබුන රතු පාට මල් රේනු. රස පරීක්ෂක : එතන හැමතැනම විසිරිලා තිබුන ස්වාමීනී පරඬැල් පිහාටු. නිය ආලේපනයක්, තරුණියකගේ යටසායක වාටියක කොටසක් වගේම කහපාට මල් කිනිත්තකුත්. මේ පැන්ස දෙකේ සිගරට්ටු කොටය හම්බුනේ ඊට තරමක් එහාට වෙන්න උතුරට ගලාගෙන යන දියකඩිත්තක් ගාව තිබිල. හොඳට ලං වෙලා බැලුවොත් ඔබට පෙනේවි ඒකෙ තාම වේලිච්චි නැති කඳුලු බිඳිත්තක් ගෑවිලා තියන විත්තිය. ගිතාරුකාරය නගරෙන් පැන ගිහින් ස්වාමීනී. ඔහු යන්න කලින් මේ කරදහි කැබැල්ල තියල ගිහින් තියනව තැබෑරුමේ ඔහු අන්තිමට බොමින් හිටිය බීර වීදුරුව යට... - නීරා -තම ආම්පන්න සහිත බෑගය රැගෙන සමන්සිරි වීදියට එද්දි උදෑසන දහයටත් ආසන්නය.වීදි කොනේ අඹ ගහ යට ඉටි කොලයකින් සෙවනට ආවරණයක් සෑදූ කොටසක, ලෑලි කිහිපයකින් නිමවූ ආසනය මත තම බෑගය තැබූ ඔහු එම ආසනයට යටින් තබා තිබූ බංකුව එලියට ඇද ඒ මත හිඳගත්තේ මහන්සිය නිවාගන්නට සුසුමක් පිට කරමිනි. බෑගය විවෘත කල සමන්සිරි ,එයින් අවශ්‍යම දෑ පමණක් පිටතට ගත්තේ හදිස්සියක් වුවහොත් නැවත ඇසිරීම පහසුවීම සඳහාය. පාවහන් අළුත්වැඩියාව තම ජීවිකාව කරගත් ඔහු ,පාවහන් අළුත්වැඩියාවට අමතරව කුඩ අළුත්වැඩියාවද සිදුකලේ තවත් ආදායම් වැඩිකර ගැනීමටය.වීදියේ අනෙක් කොනේ සිටින ඔහුගේ හිතමිතුරු සගයා ඉරිදා දින නොපැමිණෙන නිසා එදිනට වෙනදාට වඩා සමන්සිරිට තරමක් ආදායම් අතින් සරු දවසකි. ඊයේ දිනයේ තමන්ට ලැබුණු සපත්තු කුට්ටමක අඩිය මැසීම සමන්සිරි ආරම්භ කලේ ඔහුගේ ආම්පන්න බෑගයේ තිබූ බුදුරුව සහිත කාඩ්පතට වැඳුම් පිදීමෙන් අනතුරුවය. "මේ සපත්තු දෙකේ අඩිය මහන්න පුළුවන්ද ?" සපත්තු අඩිය ,සපත්තුවේ උඩ කොටසින් වෙන්වෙන තරමේ සපත්තු කුට්ටමක් රැගෙන ආ අයෙක් ඇසීය. ඔහු ඊයේ නැවතූ තැනින් වැඩ පටන් ගත්තා පමණි. "පුළුවන් මහත්තයා.හැබැයි... මේක ඉවර කරලා තමයි.මේක ඊයේ දුන්න එකක්.දවල් වෙන්න කලින් දෙන්න ඕන" "හා...ඒකට කමක් නැහැ.කීයක් ගන්නවද මහන්න?" " ජෝඩුවටම රුපියල් හයසීයයි." සමන්සිරි පැවසීය. "ම්හ්.... එහෙනම් මහලා තියනවද....මං පොඩි වැඩක් තියනවා කරගෙන එන්නම්." ඔහු පැවසුවේ අත් ඔරලෝසුවේ වෙලාව බලමිනි. "එහෙනම් මහත්තයා සපත්තු කුට්ටම ඔය බෑග් එකටම දාලා තියන්න.පැය භාගයකින් එන්න මහත්තයා....මහලා තියන්නම්." තම පාරිභෝගිකයාට සිනහවකින් සංග්‍රහ කළ සමන්සිරි බෑගය රැගෙන පසෙකින් තබා තමන් නැවැත්වූ තැනින් නැවත සපත්තුව මැසීම ආරම්භ කලේය. "ආ සමන්සිරි....අද මොකද පරක්කු උනේ..?" නැවතත් සමන්සිරිගේ අවධානය බිඳුනේ අසල්වැසි පාවහන් වෙළඳසැල අයිති හිතවතාගේ හඬිනි. "නෑ මහත්තයා, අද ඉරිදනේ ...ගෙදර පොඩි වැඩ ටිකකුත් තිබ්බා.ඒ ටික ඉවර කරලා ආවේ.එහා පැත්තේ සේන අයියත් අද නෑනේ .ටිකක් වැඩ වැඩියි ඒ නිසා අද." සමන්සිරි පැවසුවේ නැවත ඔහුගෙන් හරස් ප්‍රශ්න අසන්නට ඉඩ නොතබමිනි. "ම්හ්...කීප දෙනෙක්ම අපෙන් අහලා ගියා පරක්කු වෙනකොට.අපිට බිස්නස් අඩු එකේ උඹලවත් හොයාගනින් වැඩියෙන් කීයක් හරි මහන්සිවෙලා " හිතවතා කීවේ ඇනුම්පදයක්ද යැයි සමන්සිරිට සිතුනත්, ඒ ගැන තවත් නොසිතා නොසලකා හැරියේ ඒ ගැන සිතීමෙන් තමන්ට පාඩුවක් මිස් වාසියක් නොලැබෙන බව දන්නා නිසාය. "උඹට ඕනනම් ඇතුලට ඇවිත් කහට එකක් බීලා පලයන්.අපිත් මේ තේ බොන වෙලාවනේ." ඔහු නැවත වෙළඳසැල තුලට ගියේ සමන්සිරිට ආරාධනයක්ද කරමිනි.එය සමන්සිරිට නිතරම පාහේ ලැබෙන ආරාධනයකි. "හරි මහත්තයා මං මේක මහපු ගමන් එන්නම්..."සමන්සිරි තමා නිරත වූ වැඩට යොමු වූයේ හැකි ඉක්මනින් මෙය අවසන් කොට තේ උගුරක් බීමේ අදහසිනි. "මෙතන සපත්තු කුට්ටම් තුනක් තියනවා.මහලා කියන්න පුළුවන්ද..? ඒ තව අයෙකි.අද නම් සමන්සිරිට පාරිභෝගිකයින්ගෙන් අඩුවක් නැත. "පුළුවන් මහත්තයා...හැබැයි ටිකක් දවල් වෙයි." සමන්සිරි පැවසීය. "හා ඒකට කමක් නැහැ.මං දොලහමාරට විතර එන්නම් .මහලා තියන්න එහෙනම්..." "ඉස්සර නම් ටිකක් කැඩුනහම සපත්තු අයින් කරා.දැන් ඉතින් එහෙම කරලා බෑනේ.....දැන් තියන සපත්තු හොඳයි වාහන වලින්ම එහෙ මෙහෙ යන අයට.ඇවිද්දොත් නම් මාස තුනෙන් ඉවරයි."පැමිණි පුද්ගලයා පැවසීය. සපත්තු සහිත බෑගය සිනාමුසු මුහුණින් සමන්සිරි ගත්තේ අද දිනය මෙලෙස සරු දවසක් වේවා යැයි සිතමිනි.ඒ ආකාරයෙන් ඔහුට දහවල් වන්නටත් පෙර සපත්තු කුට්ටම් හයක් පමණ අළුත්වැඩියාවට ලැබී තිබිණි. මසමින් තිබූ සපත්තු කුට්ටම ටිකකට පසෙක තබා කඩය වෙත ගොස් කහට කෝප්පය උගුරට දෙකට ඇද දැමූ සමන්සිරි නැවත පැමිණ ලී බංකුව මත වාඩි වූයේ තව පැය කීපයකට තමන්ට මෙතනින් නැගිටීමට නොහැකි බව දන්නා නිසාය. "ආ..සමන්සිරි අයියා ,අද වැඩ ගොඩක හිරවෙලා වගේ...." ඒ කටහඬට වැඩිය කන්නොදුන් සමන්සිරි තම කාර්යයෙහි නිරත වෙන්නට විය.ඇරත් ඒ කටහඬ සමන්සිරිට ආගන්තුක නොවීය. "අම්මේ.....හද හරිම මහන්සියි සමන්සිරි අයියා.අව්වේ කිසි අඩුවක් නැහැනේ." තිලක් කීවේ අඹ ගස යට හිඳ ගනිමිනි.කමිසයේ උඩ බොත්තම් දෙක ගැලවූ ඔහුගේ පපුව දහඩියෙන් තෙත් වී තිබිණි.අව්වෙන් බේරෙන්නට පැළඳ සිටි තොප්පිය ගැලවූ අතර එය හා ඔහුගේ කොණ්ඩයද දහඩියෙන් නැහැවී තිබිණි. "කිලෝමිටර් තුන හමාරක් ඇවිද්දා.අද තවම එකම එක කරත්තයයි විකුණාගන්න පුළුවන් උනේ." සෙල්ලම් කරත්ත වල බැදුණු දුහුවිලි පිසිමින් තිලක් පැවසීය. "අද උදේම බස් එකෙන් බහිද්දිම පොඩි දරුවෙක් කරත්තයක් ඉල්ලලා කෙඳිරි ගෑවා.දරුවගේ අම්මා කිව්වා මේක අරන් දුන්නොත් ආයේ බස් එකේ යන්නත් සල්ලි මදි වේවි කියලා.ඔන්න ඉතින් අපිට වෙන දේවල්...." තිලක් පැවසුවේ බර හුසුමක් හෙලමින්ය. "එහෙම තමයි බං.දැන් කාටත් අමාරුයි.ඕනම දේකට ඇරෙන්න වියදම් කරන්නේ නෑ කවුරුවත්." සමන්සිරි කීවේ තම ඇස් දෙක සපත්තුවලම රඳවාගෙනය.ඔහුගේ නයිලෝන් නූල ඇමිණූ කටුව සපත්තු අඩි පසාරු කරගෙන ඇතුලට යයි.අඩියේ හයිය, විනිවිද යාමට නොහැකි තැන් වෙනත් කටුවක් ගෙන විදීමෙන් අනතුරුව නූල් සහිත කටුව ආයාසයකින් යුතුව එතුලින් යවයි. ඒ අතර දහඩිය බිඳුවලින් ඔහුගේ නලළ තෙමි යයි.ගහ සහ ආවරණය ඔහුට තරමක් සෙවන ලබා දුන්නද දැඩි හිරු එළියේ උණුසුම,තාර පාර විසින් දෙගුණ තෙගුණ කරවයි.වාහන වලින් නැගෙන දුම හා පාරේ දූවිල්ල ඔහුගේ පෙනහළු කරා ගමන්කරන්නේ කිසිදු පැකිලීමකින් තොරවමය. "දැන් දාන සෙරෙප්පු සති දෙකකට වඩා පාවිච්චි කරන්න බැහැ.ගැලවිලාම යනවා.හැමදාම පාරේ ඇවිදලා මේවා පරිස්සම් කරන්නත් බැහැ.ඒ නිසා සල්ලි කියලා බැලුවේ නැහැ ගත්තා රුපියල් එක්දාස් දෙසීයක් දීලා හොඳ දෙකක්.දැන් යන්තම් මාස දෙකක් තිස්සේ දානවා." තිලක් තමන්ගේ සෙරෙප්පු
දෙක අතට ගෙන මැදින් නමා එහි තත්වය හොඳ බව සමන්සිරිට පෙන්වීය.සමන්සිරිට වැඩි දෙයක් කියන්නට නොලැබුනේ එතැනට සපත්තු කුට්ටම් තුන රැගෙන යාමට පැමිණි පුද්ගලයා නිසාය. "වැඩේ ඉවරද? " ඔහු ඇසුවේය. "ඔව් මහත්තයා ..මේ ඉවර කරලා අත ගත්තා විතරයි.එක කුට්ටමක අඩි සෑහෙන්න හයියයි මහත්තයා.මහන්න ටිකක් අමාරු උනා.ඒකයි මෙච්චර වෙලා ගියේ." ඔහු සපත්තු කුට්ටම් ටික පැමිණි පුද්ගලයාට ලබා දුන්නේය.එය අතට ගත් ඔහු රුපියල් දෙදාහක් සමන්සිරි අත් තැබුවේ ඉතිරිය එපා කියමිනි.නෝට්ටු කිහිපය කමිස සාක්කුවට දමාගත් සමන්සිරි නැවත වැඩි ඇරඹීය.කෙසේ වෙතත් අද ඔහුට හොඳ දවසක්ය. "උඹ තේ එකක්වත් බීලද ඉන්නේ?.' සමන්සිරි ඇසුවේ තිලක් ගෙනි. "එන ගමන් බීගෙන ආවේ.මං දැන් යන්නම්.දවලුත් උනානේ.තව තුන හතරක්වත් නොවික්කොත් දවසිනුත් වැඩක් නැහැ." තිලක් උන් තැනින් නැගිට සෙල්ලම් කරත්ත ටික ඇදගෙන යන්නට පිටත් වුනේ මෙතැන සිටීමෙන් තමන්ට පලක් නොවන බව දැනුණු නිසාය.ඇරත් සපත්තු මසාගන්නට එන අයෙකුට තමන් වෙනුවෙන් වියදම් කරන්නට තරම් සිතක් පහල නොවන බව සමන්සිරිට දැනෙන්නට විය. "ආ...උඹ දැන් ඔය නැගිට්ටේ යන්නද?" "ඔව් සමන්සිරි අයියේ.....මං මෙතන හිටියොත් උඹේ වැඩත් පාඩු වෙනවා.මටත් කීයක් හරි හොයාගන්න වෙලාව මදි වෙන එකයි වෙන්නේ."දහඩියෙන් තෙත් වූ හිස් වැසුම පළඳිමින් තිලක් පැවසීය. තිලක්ගේ සෙල්ලම් කරත්ත රෝදද ඔහුගේ පාවහන් දෙක තරමටම ගෙවී ඇති බව සමන්සිරි දුටුවේය.ඊටත් වඩා තිලක්ගේ ජීවිතයද මහ පාරටම ගෙවී ඇති බව තිලක්ට මතක් විය. "මේ...තිලක්.. ටිකකට ඔහොම නැවතියන්කෝ" තිලක් නැවත හැරී බැලුවේ සමන්සිරිගේ කටහඬටය. "ඒ පාර මොකෝ බං.....උඹ මට යන්නම දෙන්නේ නෑනේ.. "තිලක් කීවේ මවාගත් සිනහවකිනි. "මේ රුපියල් පන්සීය අරන් මටත් ඔය කරත්තයක් දීලා පලයන්.." කමිස සාක්කුවෙන් නෝට්ටුවක් අදිමින් සමන්සිරි පැවසුවේය. එය ඇසුනු විට තිලක්ගේ මුහුණේ නැගුණු අව්‍යාජ අසරණ සිනහවෙන්, නූල් ඇමිණු කටුව තරමටම තම හදවත විනිවිද යන්නාක් මෙන් සමන්සිරිට දැනුණි. ඉතින් බැරිද කැඩුණු සපත්තුවකට ගේන්න හිනාවක්. ------------------- සේයාරුව අන්තර්ජාලයෙනි ----බොස්ටන්෴ උසසි මෙහි ඇති ඡායාරෑපය ගැන ඔබට මොකද හිතෙන්නේ. බැලූ බැල්මට මැරතන් තරගයකට සහභාගී වන කාන්තාවකට සිහිලසට වතුර විසිකරනවා එහෙමත් නැත්නම් සිසිල් පැන් ලබාදෙනවා වගේ පෙනේ වී. නමුත් සත්‍යය කතාව හාත්පසින්ම වෙනස්. මේ කැතරින් ස්විට්සර්. ඈ තමයි ඔලිම්පික් වලට පමනක් දෙවෙනි සුප්‍රකට බොස්ටන් මැරතන් තරඟ අවසානය දක්වා දිව ගිය නිත්‍යාණුකුල තරඟ අංකයක් සහිත ප්‍රථම කාන්තාව. ඈ 1967 දී කිලෝමීටර් 42 ක දුරක් දුවද්දී ඇයට බාධාවක් වුනේ ඒ මාවතේ තිබුනු ගල් බොරොළු විතරක් නොවේ. කාන්තාවන්ට දහසක් තහංචි තිබුනු එකල ඇය තරඟයට ලියා පදිංචිවුනේ ගැහැණු බව සඟවා k. ස්වෙට්සර් නමින් . මගක් දිව යනවිට ඇය කාන්තාවක ලෙස හඳුනාගත් පිරිමි තරඟකරැවන් හා සංවිධායකයන් ඈව තරඟයෙන් ඉවතට තල්ලූකිරීමට උත්සහ දරන අයුරැ ඡායාරෑපයේ පෙනෙනවා. එහෙත් ඇගේ නොපසුබට උත්සහය හමුවේ සියළු බාදකයක්ම පාරාජය කරමින් බොස්ටන් මැරතනය අවසාන කල කාන්තාව බවට පත්වෙනවා.මෙයට පෙර රොබෙටා ගිබ්ස් 1966 දී මෙම මැරතනයට සහභාගී වී ඇතත් ඒ තරඟ අංකයක් නොමැතිව. තරඟය ආරම්භවනතෙක් වන වඳුලක සැගවී සිට පසුව තරඟවට එක්වී තිබෙනවා. මෙම කන්තාවන්ගේ දැඩි කැපවීම් හමුවේ 1972 දි මෙම මැරතන් තරඟයට කාන්තා සහභාගීත්වය නීතී ගත කෙරෙනවා.දැන් බටහිර රටවල කාන්තා නිදහස ගැන කවී ගී ලියවුනාට එදා රටවල කාන්තාව පුරැෂ යකඩ සපත්තුවට පෑගී තිබුනා. අයින්ස්ටයින් සිය බිරියගේ දැනුම තම සොයාගැනීම් වලට යොදාගෙන ඇගේ නම ඉතිහාසයෙන් මකාදැමු හැටි මාරි කියුරිගේ නම නොබෙල් තෑග්ගේ සටහන් නොවන විට පියරේ කියුරි තෑග්ග ප්‍රතික්ෂේප කල නිසා නැවත මාරීගේ නම ඇතුලත් වුහැටිත් ඔබ අසා ඇති. ඒ ඉස්සර. නමුත් අදත් අපේ රටේ කාන්තාවකට ශ්‍රි මහා බෝධිය, දන්ත ධාතුන්වහනසේ නිසි ලෙස වන්දනා කරගන්න බැහැ.පුදුමය නම් ඒ පුජණීය වස්තු ලංකාවට ගෙනවිත් තිබෙන්නේත් කාන්තාවන් වීමයි!විස☠ මේ බලාපන් උනු විනාසය අදත් උන් මගෙ ඇගට කෙටුවා සිනිදු කරපිචි නැටි වගේ මුදු හීනි අඩු මගෙ දෙකක් කැඩුවා ඒව මොනවට කියනවද බන් උන් මගේ ඉහ ඊයෙ පැලුවා "ඕං ඕකගෙ නැටි අගලු විස" කිය කියා දස වදම දුන්නා ගිය බදාදා මහ පාන්දර හින්නි කුමරිගෙ මගුල දවසෙම කූබි කොලනිත් කැඩුවෙ උන්මලු ගම වටේ කසු කුසුව ඇහුනා පොඩි අපිටමයි උන්ගෙ කරදර බේරෙන්න ගියහමත් දඩුවම අපේ "ගරු කෘමි" උසාවියෙවත් නැහැනෙ මේවට ගන්න පියවර පත්තැ දල අග කූබි මුව තුල නයි පෙණේ ගෝනුසුගෙ නැටි අග විස ගොඩක් ඇත කීව මිනිහගෙ දන්නවද, මුළු "ඇග පුරා" විසකල් යද්දී කසාදෙත් පරණ වී ගදය මැණික මං ඔෆිස් යන්නදැයි අසා නලලත් හාදු නොඅඩුවම තබා නොපෙනෙනකම්ම අත වන වනා බැන්ද මුල් කාලේ ඔහු වැඩට ගියා අලුත්‍ හොද රෙසිපි යූ නලයෙ බලා අපේ අම්මට වැඩිය වැඩකෑලි දමා රස ඇති සුවද මුසු කෑම හදා බැන්ද මුල් කාලේ ඇය හපනි උනා කෝ අයියෝ මගේ ටයි එක දැක්කේ නැද්ද ඇයි ඕයි පුටුවේ රෙදි ගොඩේ හෙම නැද්ද අදත් ඉව්වේ පරිප්පුයි අලයි නේද තමුසේ ඇයි ගෙනාවනේ මස් මාලු එහෙම ඉස්සර යැව්ව කවි කෑලි මැසේජර්ස් එහෙම දැන් මාරැ වෙලා ඇත බඩු ලිස්ට්ම වලට නිදියහනේ ඈට නිතරම හිසේ රදය හඩු නයිටියත් දැන් සැමන් හොදි ගදය ඔහුගේ සික්ස් පැක් දැන් ෆැමිලි පැක් වීය බඩත් දැන් ඉදියට නෙරාගෙන ඇතිය කකුල් උඩ දමාගෙන ටීවී එක බලන ඔහුගෙන් ගෙදර වැඩ වලට උදව්වක් නැතිය ඉස්සර සුදූ දැන් ඕයි වී ඇතිය බබා දැන් තමුසේ වී හිනා මල් නැතිය කලක රහ තව කලක් වසක් වී ඇතිය කල් යද්දී කාසාදෙත් පරණ වී ගදයතුන් වේලම දොළ දුන්නත් කාපු යකා ... වෙහෙස බලන් නැතිවම සී සාපු යකා ... රිදෙන තැන්ම පුබුදා සනසාපු යකා ... හැඳින විඳින තරමට කීකරුම එකා ... හිතේ දුකට හිටියම වේලකුත් නොකා ... බඩ පැලෙන්න පිඟන් දෙකම කාපු යකා ... දෙමව්පියන් වෙමු කිව්වම පාළු මකා ... දුසිම් බාගයක් ලඟ ලඟ දීපු යකා ... පොරොන්දුවක් දී ගන්නට බැරිව රැකා ... කටගොන්නක් බී ගිය තැන නාපු යකා ... ළමයි රවන බව දැකලත් නොදැක,නිකා ... උන්ගෙ ආදරේ වැඩියෙන් ලබපු යකා ... නාකි විසේ ගැන කිව්වම වැහෙන යකා ... මටම නිවන්නට වෙන වින ඊට දුකා ... ඇහේ දමන් හිටියත් නිම නොවන සැකා ... මගේ විතරමයි මේ මනමාල යකා ... එකෙක් පැන්නොතිත් වැට, කයි බොටුව විකා ... මාව රකින්න ම ඉපදුන පුදුම යකා ... හිතේ ඉඩක් නෑ දෙවිවරු වුණත් මොකා ... බයක් , සැකක් නෑ ළඟ මට දන්න යකා ... ... මනමාල යකා ... ❤ ...ශ්‍රීමතී වල්පොල ...හිත් ගත් නෙත් -------------- පළමු කොටස "අදට අපි දෙන්න හම්බවෙලා මාස තුනක්,හරියටම කිවුවොත් අද හැන්දෑවෙ 8.53 වෙනකොට ඔයාව මගේ ඇස් දෙකට දැකල මාස තුනක් වෙනවා" කෙලින්ම මගේ ඇස් දිහා බලාගෙන ඔහු කිවුවා.The Gallery Cafe Restaurant එකේ නිදහස් අවකාශයක තිබුණ පුංචි මේසයක එකිනෙකට මුහුණලා තිබුණ පුටු දෙකක අපි වාඩිවෙලා හිටියා. හමුවුණ දවසක් තියා මගේ උපන්දිනයවත් මතක නැතුව,යාළුකමක් ද ආදරයක් ද කියන ස්ථීර නාමිකත්වයක් නැතුව, දවසක ඇතිවෙන දවසක නැතිවෙන බලාපොරොත්තු එක්ක ඉච්ඡාභංගත්වයෙන් විශ්වවිද්‍යාලයේදි සෙත් එක්ක තිබුණ වසර හතරක පමණ සම්බන්ධයට හිලව්වට හමුවුණ දවස විතරක් නෙවේ වෙලාවත් තත්පරේට මතක තියෙන අපූරු රෝමාන්තික පෙම්වතෙක් දෙවියො මට දීල තිබුණ වුනත් ඒ එක්ක තව හිතන්න කෝටියක් දේවලුත් තිබුණා.අම්ම කියන්නෙ ඇත්ත දෙවියො සතුටුවෙන්නෙ අපිව පුදුමකරවල. මං Avocado එක බොන ගමන් ඇස් විතරක් උස්සල තේව් දිහා බැලුවා.දිගටි දිලිසෙන තියුණු ඇස් වලින් තේව් මගේ දිහා බලාගෙන හිටියේ අත් දෙකම මේසෙට බරකරගෙන "ඔයාට තියෙන්නෙ ලස්සන කතා කරන ඇස් දෙකක් උමා.මට දවසක් වුනත් බලාගෙන ඉන්න පුලුවන් ඔයාගෙ ඇස් දිහා" රහසින් වගේ ඔහු කිවුවේ මගෙ ඇඟම සීතල වෙද්දි.මං Avocado වීදුරුව පැත්තකට කරල පුටුවෙ කෙලින් වෙලා වාඩිවුනේ දැනුන අපහසුව මඟහැරගන්න. වචන වලින් විතරක් නෙවේ බැල්මකින් වුනත් ප්‍රේමනීය හැඟීම් දනවන්න තේව්ට තිබුණ හැකියාව,හැකියාවකට වඩා අත්දැකීම් බහුලකම කියල මං වටහාගත්තෙ අපි මුණගැහිල සති තුනකට විතර පස්සෙ තේව් මා එක්ක කියපු ෙඓතිහාසික ප්‍රේම කථාංග නිසයි. "ඔයාගෙ ඔය ඇස් දෙකේ පේන ආදරේ මට කටින් කියන්නෙ කවදද උමා " මගේ ඇස් දෙක එයාගෙ තියුණු දෙනෙතට ග්‍රහණය වුණ මොහොතේ තේව් ඇහුවා.අපි හඳුනාගන්නට පස්සෙ හමුවුණ කතා කරන බොහෝ අවස්ථාවල තේව් මට ආදරේ ප්‍රකාශ කලත් එකඟවීමකුත් නැති ප්‍රතික්ෂේප කිරීමකුත් නැති මධ්‍යස්ථ තැනක මම හිටියේ දෙගිඩියාවෙන්.මගේ හදවතේ එක පැත්තක් සම්පූර්ණයෙන්ම තේව්ට පක්ෂ වෙද්දි අනිත් පැත්ත හැමවෙලේම මට කිවුවේ ඔය දඩබ්බරය උඹට ගැලපෙන්නෙ නෑ උමා කියලයි.ඒත් මේ හැන්ඳෑවේ නම් මං හිටියේ ඒ කඩවසම් රූපෙටයි හැඟීම්බර වචන වලටයි නතුවෙලා ඇස් ඔහු මතම තබාගෙන වෙන කොහේදෝ ලෝකෙක. ඒත් ඊළඟ මොහොතේ උදාසීන හිනාවක් මූණෙ ඇඳගත්ත මම වමතේ බැඳි ඔරලෝසුව දිහා බලල " දැන් අපි යමු නේද ? මට පරක්කු වෙනවා" කියල කිවුවහම තරමක් හයියෙන් හිනාවුන තේව් මෙතරම් වෙලා මේසෙට බරකරගෙන හිටිය අත්දෙක ලිහිල් කරගෙන පුටු ඇන්ඳට හේත්තු වෙලා ඔහුට සුපුරුදු තියුණු බැල්මෙන් ඔලුව ටිකක් ඇලකරල " කවද වෙනකම් මගෙන් පැනල දුවන්න ද උමා " කියල ඇහුවහම නම් ඒ සිසිල් සුන්දර වටපිටාව ඇතුලෙත් දාඩිය දාන නොසන්සුන්කමක් දැනුනා.. මං ගෙදර එනකොට අම්ම ඉදිරිපස වැරැන්ඩාවෙ මඟ බලාගෙන හිටියා.හත් අවුරුදු ප්‍රේමය තුලදි වගේම තිස්පස් අවුරුදු විවාහ ජීවිතේ ඇතුලෙත් තමන්ව දරුවෙක් වගේ බලාගත්ත ස්වාමිය අහිමි වුන බිරිඳකගේ දුක,වේදනාව,කඩාවැටීම පහුගිය අවුරුදු දෙක පුරාම මං අම්මගෙන් දකිනවා.අප්පච්චිගෙ හදවතෙන් හරි අඩ ගානේ අම්මටයි මටයි වෙන් වුනාට,අම්මගෙ හදවතෙන් හරි අඩකට වඩා වෙන්වෙලා තිබුණෙ අප්පච්චි වෙනුවෙන්.අප්පච්චි මිය ගිය දවසේ ඉඳල තනි සුදු පැහැ ඇඳුම් පමණක් අඳින අම්මා ඊට පස්සෙ කවදාවත් නළල තිලකයකින්
සැරසුවෙ නෑ.ඉණතෙක් දිගැති කොණ්ඩය තනි කරලකට ගොතල ඉන්න අම්මගෙ වයස 59 ක් වුණත් මීට අවුරුදු තිස් ගණනකට පෙර ඇය ඉතා සුරූපී තරුණියක්ව සිටි බවට ලක්ෂණ තාමත් ඇගෙන් මැකී ගොස් නැහැ. දකුණු පසින් අඩි තුනක් පමණ උස බැමිම දිගට එකකට එකක් යාකර හිටවපු කහ පැහැති උණ පඳුරු පේලියකිනුත්,අහස විනිවිද දැකිය හැකි වහලයකිනුත් ආවරණය වුන දිගටි වාහන නැවතුමේ මම මගේ කුඩා ටොයෝටා කැමී රථය නැවැත්තුවා.වාහන තුන හතරක් පහසුවෙන් නවතා තැබිය හැකි පරිදි නිමවා ඇති වාහන නැවතුම අප්පච්චිගෙ මරණෙන් පසුව බොහෝවිට පවතින්නෙ නිදහස් අවකාශයක් හැටියට.පාවිච්චියකුත් හරිහැටි නඩත්තුවකුත් නැතුව ගෙදර නවත්තල තියෙන එක තේරුමක් නෑ කියන පොදු එකඟතාවයට පස්සෙ අප්පච්චි පාවිච්චි කල රථය මිස්සක බාප්පගෙ උදව්වෙන් විකුණල දැම්මත් අම්ම වෙනුවෙන් අප්පච්චි මිලදීගෙන තිබුණ සුදු පැහැ වෑන් රථය විකුණන්න අම්මගෙ හිත හදාගන්න බෑ කියපු නිසා නිතරම වාහන නැවතුමේ ඉදිරියෙන්ම නැවතිලා අම්මගෙත් වාහන නැවතුමේත් පාළු මැකුවා.වෑන් රථය එළියට ආවෙ අප්පච්චි ඉන්න කාලෙ අත්‍යවශ්‍ය කාරණා වෙනුවෙන් නිවසේ රියදුරු ලෙස සේවය කල රියදුරු මහතාගේ ඉල්ලීම් වෙනුවෙන් පමණයි.බොහෝවිට ඒවා ඔහුගේ පවුලේ පෞද්ගලික අවශ්‍යතා.අදත් එවැනි දවසක් කියල නිදහස් රථගාල දැකපු හැටියෙ මට හිතුනා.අම්ම එක්ක කතා කරගෙන ඒකත් විකුණන්න ඕන කියන ක්ෂණික සිතුවිල්ලත් ඊළඟ මොහොතේ ඔළුවට ආවා. අත් බෑගය දකුණතේ වැලමිටේ රඳවගෙන ජංගම දුරකථනයත්,වාහනයේ යතුරත් ඒ අත්ලටම ගුලි කරගත්ත මම වාහන නැවතුමෙන් වම් පස නිවසට පිවිසීමට ඇති උස වීදුරු දොර පලුව විවර කරගෙන පළලින් අඩි තුනක් පමණ වූත්,පඩි කීපයක් සහිත වූත් පිවිසුමෙන් නිවසට ඇතුල් වෙද්දි ඉදිරියෙන් පේන කෑම මේසෙ අම්ම වාඩිවෙලා හිටියා. " උමා අද වෙනදටත් වඩා පරක්කුයිනේ..." අප්පච්චි මිය ගියාට පස්සෙ වෙනස් වුන බොහෝ කාරණා අතරේවත් වෙනස් නොවුන මගේ රාජකාරි දින චරියාවේ වෙනසට අම්මගෙ අවධානය යොමුවෙලා තිබුණ බව ඒ වචන අස්සේ පුංචි තිගැස්මකුත් එක්ක මට දැනුනා. " මං නිරූගෙ ෂොප් එකට ගියා අම්මා.මං යනකොට නිරූ හිටියෙ නෑ.එයා එනකල් ඉන්න වුනා." මං අඩක් සත්‍ය වූ බොරුවක් කිවුවත් ඇත්ත නම් මං නිරූගෙ ෂොප් එකට ගිහින් එයා නැති නිසා එයාට කෝල් කරල ඉක්මනින් එතනින් ආව මිසක් එතන රැඳිල හිටියෙ නෑ. නිරුපදීගෙ පෙම්වතා වුන මනුහස් ගේ ළඟම මිත්‍රය වෙච්ච සෙත් සමඟ මගේ සම්බන්ධය නිසා නිරුයි මායි අතරේ කිට්ටු යාළුකමක් ගොඩනැඟුනේ කැම්පස් කාලෙදි වුනාට නිරූව මම දැනගෙන හිටියේ ලේඩීස් එකේ උසස් පෙළ කරන කාලෙ ඉඳලයි.මනූ සමඟ විවාහයෙන් පසු කඩුවෙල පදිංචි වෙලා ඉන්න නිරූ පුතා ලැබුණට පස්සෙ රැකියාවෙන් ඉවත්වෙලා කඩුවෙල පටන් ගත්ත සාරි සාප්පුවෙ ශාකාවක් බත්තරමුල්ල - පන්නිපිටිය පාරේ පටන් ගත්තේ මීට මාස කීපයකට කලින්. " එහෙම යනව නම් කියල යන්න උමා,මං බයවෙලා මඟ බලාගෙන හිටියේ" මගේ හිත මොහොතකට කඩාගෙන වැටුණා අම්මගෙ ඒ වචනත් එක්ක.අප්පච්චිගෙ මරණෙන් පස්සෙ ගේ අස්සටම වෙලා ඉන්න අම්මගෙ ජීවිතේ සතුට,සැනසීම කේන්ද්‍ර වුන එකම තැන දැන් ඇයගේ එකම දරුව වුන මං ළඟ බව අමතක කරල කටයුතු කිරීම ගැන මටම හදවතින් දොස් නඟමින් මම උඩුමහළට යන පියගැටපෙළ නැග්ගා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ කතාවක් ලියන්න තියෙන ආසාවටම ලියන පලවෙනි කතාව.අඩුපාඩු එමට ඇති.වචනෙකින් හරි ලැබෙන දිරියටත් තුති.wattpad එකෙත් ඉඳුතඹර නමින්ම upload වෙනවා.අක්කීගේ රචනා පාඩම ~~~~~~~~~~~~~~~ පුතූ "මයි සෙල්ෆ් "ගැන රචනාවක් ලියා ඇත. " මයි ෆේවරිට් ෆුඩ් ඊස් අයිස් ක්‍රීම් " කියා ලියද්දී ඔහුට අකුරු පැටලී ඇත. ඉන් අනතුරුව රචනා ලිවීමේ ක්‍රම පිළිබඳව අක්කීගේ ගුරු මුශ්ටි රහිත බණ දේශනාවට සවන්දීමට ඔහුට අනර්ඝ අවස්ථාවක් උදා වුනි. " පුතූ අයිස් ක්‍රීම් කන්න විතරක් නෙමෙයි, ලියන්නත් පුලුවන් වෙන්න ඕනෙ" පළමුව දෝශාරෝපණයකි. " නැත්නම් ලියන්න ලේසි කෑමක් ලියන්න ඕනෙ " එවර මගපෙන්වීමකි. " මයි ෆේවරිට් ෆුඩ් ඊස් රයිස් "කියල ලිව්ව නං ඉවරනේ " එවර යෝජනාවකි. " ඉතින් අක්කි මං බත් කන්න ආස නෑනෙ" පුතූට ප්‍රශ්නයකි. " ආස නැති වුනාට කමක් නෑ..ලියන්න.. ඔය රචනා කියන ඒවගෙ බොරු ලිව්වට කමක් නෑ.. දැං බලන්න ... අපට ඉස්කෝලෙදි කියනවනෙ.. මම කුරුල්ලෙක්මි කියල රචනාවක් ලියන්න කියල ... ඉතින් බොරු තමයි ලියන්න වෙන්නෙ...මොකද අපට පියාපත් එනවයැ..." එවර අක්කීගෙන් දීර්ඝ පැහැදිලිකිරීමකි. "මාත් එහෙම තමයි අනේ ලියන්නෙ. මං බොන්න ආස ස්ට්‍රොබෙරි මිල්ක් ශේක්. ඒත් ලියන්නෙ, " මයි ෆේවරිට් ඩ්‍රින්ක් ඊස් ටී " කියල " අක්කී රහසක් ද හෙලිකළා ය. ඌරගෙ මාලු ඌරගෙ ඇගේම තබා කැපීමේ සම්ප්‍රදාය පුතූ අනුගමනය කළේ එවිට ය. " ආ අක්කි ..ඔයා කිව්ව නේද අයිස්ක්‍රීම් කන්න විතරක් නෙමෙයි ලියන්නත් පුලුවන් වෙන්න ඕනෙ කියල ... මටත් ඔයාට කියන්න තියෙන්නෙ ඒක ම තමයි ". ඕං ඔහොමයි අපේ අක්කිගෙ රචනා පාඩම ඉවර වුනේ. කෞශල්‍යා ජයලත් ( අක්කිගෙයි පුතූගෙයි කතා)නොකෙටූ tatoo දයාසේන ගුණසිංහයන් ගේ ' කේතුමතී හෝටලයේ රාත්‍රියක් ' නම් පොතේ අපූරු කෙටි කතාවක් තියෙනවා. ඒ දාමරිකයෙක්, දේශපාලකයෙක් බවට පරිවර්තනයේදී ඔහු යම් කනස්සල්ලකින් පෙළෙන අයුරුයි. එයට හේතුව ඔහු ගේ සිරුරේ ඇති කොටි හිසක පච්චය යි.එය සිය නව ප්‍රතිරූපයට හානියක් වනු ඇතැයි ඔහු බිය වේ. මා එය කියවූයේ මුතු uncle ගේ පොත් එකතුවෙන් මෑතකදී නිසා අනේ මේ දයාසේන යන් පැවැසු දේ හරිම අහින්සක බවක් දැනුනා.ඇයි අපිට මෙහෙම හිතෙනව නේ... දේශපාලක‍යා <> දාමරිකයා වගේ සූත්‍රය ක්. මම මේ ගොතා ගෙන යන වියමන ට දේශපාලන ය අදාළ ම නැහැ..ඔන්න ආයෙත් පච්ච.. පච්ච = tatoo මා දුටු මුල් ම tatoo ව මට මතක විදියට වල්පල හන්දියේ දී දුටු කාවාඩි නර්තන ශිල්පියකු ගේ ඛාහුවක තිබු කලු පැහැ සුපැහැදිලි tatoo වක්. එහි අම්මා වගේ වදනක් තිබුණා.. " ඔය IRC කාරයෝ " මගේ කනට කවුරු හරි කෙඳිරුවා නේද? ඒ අපේ ලොකු අම්මා (දාම්මා ) වෙන්න ඕන..ඇය, මගේ රවුම් ඇස් ඒ tatoo බාහුව දෙස යොමනු දුටුවා වත් ද.. තාත්තා හමු වෙන්නට ආ ගිය පුරුෂයන් අතරේ tatoo ධාරින් ද උන් බව මතකයි. එහෙත් ඔවුන් අපේ කෑම මේසෙට වැද්දා නොගත්, ඉස්තෝප්පුවෙන් ම හරවා යැවූ අය නිසා එතකොට හිතුවෙත් ඒ තාත්තා ගෙ ඇඳුනුම් කරුවන් ගේ වැදගත් කැටගරියට අයිති නැති වගේ හැගීමක්. ඊට බොහෝ කලකට පසු ව මට tatoo වක් කිරිමේ දොළ ක් උපදිනවා. ඒ අපේ ඥාති සොයුරෙක් නිකම් part time වගේ tatoo කෙටු නිසා. ඒ කාලේ smart phone නැහැනේ. ඔහු මට tatoo design පොත්වලින් තෝරන්න දුන්නා..මමත් tatoo පිටු පෙරලුවා. ....ඕහ් අමතක උනා නෙ.. tatoo වක් කොටන්න හිතට දහිරිය ආවත් ඒ කොහේ ද කියා හිත එකල මෙකල උනා. ඇයි ඉතින් ඒ කාලේ කෙල්ලො තියා කොල්ලො වත් මෙහෙම ඕසෙ ට tatoo කෙටුවෙ නැහැ නේ අනේ. ඒක උනේ නැහැ.. සරල යි ඉතින්.. සාම්ප්‍රදාය , හිතේ පච්ච කෙටිල ඉවර නේ.. හරි දැන් මගේ favourite tatoos ගැන කියන්න හදන්නේ.. 1 සමණල පච්ච ය. ඒක සමණලි යෙක් ගෙ මැණික් කටුව ලඟ තිබුණේ... 2 පන්හිඳ පච්ච ය . ලෝම අතක වැලමිට ට පහතින්, පිහාටු පන්හිඳ තුඩ ගින් විහඟුන් පියඹා යනවා.. ඒක රෝස හා කොළ පාට tatoo වක්. හැබයි ඒක මට ඇත්නම් කියා ලෝභ හිතුණා. 3 අකුරු පච්ච ය. Selina Gomez ගෙ බෙල්ල මුල වගේ ලස්සන චුටි අකුරු ටිකක්. Tatoo ශිල්පීන් මට නිතර හිතෙනව හරිම කලාත්මකව හිතන බව. දැන් ඇත්තටම අපේ ලොකු අම්මා ආවොත්,මුසප්පු ගනී, "අම්මෝ පුතේ දැන් IRC කාරයෝ වගේම කාරියෝ වැහි වැහැලා" කියා. එතකොට මම එයා ට කියනවා.. "නැහැ මේ ලස්සන කලාව ක්" කියා. ඉතින්.... ඇහුවොත් ඔයා , "කොහොමද දැන් මගෙ tatoo කැමැත්ත "එහෙම කියා.. දැන් මම දන්නවා tatoo වක් නැරඹීමෙන් තරමි එය අයිති කර ගැනීමෙන් මා සතුට ක් නොලබන බව.. පරිණත වීමේ, tatoo ව කින් කෙටිය නොහැකි තරමේ විචිත්‍රත්වයක් තියෙනවා ලමයෝ..ඉතින් ආයූබෝවන් ලක් මවුනි ගරූ.... ඉතිහාසේ ලේ වලින් සලකුනක් කෙරුවාලූ, මම වඩුගයලු හිංගල ලේ නැහැයිලු ඔව් බොලව් නෑ තමයි නිවට හිංගල ලේ මයේ ඇඟේ, තමංගේ වාසියට ජාතිය ආගම පාවල දිදී තමුංගෙම උංගේ බෙලි කපපු නිවට ලේ නෑ මයේ ඇඟේ. තමංගේ එකාට එහා තමං උඩ යන්ට ඕනෑ කමට ජාතියේ කුල කුමාරවරු කඩු ගෑවේ මං නෙමෙයි බොල උඹලයේ මහ උංමයි, අල්ලෙ නටවන්ට ඇහැකියි මේ වඩුගයව සිතා රජ පුටුවෙ බලෙං ඉන්දුවෙත් තොපේ මහ උංමයි..... උංට නොකරන සාප මට උඹල කෙරුවට ඒ සාප වැදුනෙත් මට නෙමෙයි බං උඹලටමයි,, මහා ලොකුවට ජාතිආලේ ගැන කටමත් දොඩවාපු හෙලයගේ ආරම්බේ හිටපු විභීශන ගොයියගෙ ඉඳල මහා යඛ්ක කුමාරි වෙච්ච කුවණ්ණාට වෙනකනුත් එතනින් පහුත් සුද්ද්ට රට පාවලා දෙනකන් බොලාගේ රට, බොලාගේ ජාතිය බොලාගේ ආගම පාවල දුන්නෙ කාලිංග දේසෙන් ආපු මාඝවත් වඩුග රජා උන මමවත් නෙමෙයි බොලාගේ මහා සම්මත හෙල හිංගලයො බං ... ඔව් මගේ ඇඟේ ලේ වඩුග ලේ ඒක හරි ඒත් මන් ඉපදුනේ මේ ලක් පොලොවේ බොලව් මගෙත් ජන්ම භූමිය මේ පිං භූමිය.. පියා මරපු පව මකා ගන්ට රටේ ආගම නිඝන්යන්ට බාර දීල නැහුන රාජසිංහය උඹලට වීරයෙක් වෙද්දි මයෙ වාහලටත් මුදුනෙන් දලදාව වඩම්මල, තේවවාව සරිකරල, පෙරහර කරවල, රටේ මුදුංමල්කඩ රැක්ක එකා වඩුග දෙමලෙක් උනා උඹලට. අවසානෙට මතක් කොරන්ට ඕනෑ මට, රාජ ද්‍රෝහීන්ට දෙන්ට ඕනෑ දඬුවම මං විමසුවෙ මැතිසබෙං මිසක මගේ හිත්මනාපෙට නොවන වග උඹලෑ මහාසම්මත මාහාඋපාසක මහා සිංහල රජවරු මහා සංඝයාවහන්සේලා එක්කාසු කොරාගෙන උගතුන්ගේන් සිල්වතුන්ගෙ අනුශසනා ඇතිව නීති පොතේ ලියාපු දඬුවම් ඉදිරිපත් කොරේ උඹලායෙම මහ එවුන් මිසක් මම නොවනවගත් කියන්ට ඕනෑ. එකෙකුට එකෙක් නොවී තමංගෙම එකාල නසාලා හෝ තමං වැජඹෙන්ට ඕනෑ යයි හිතා තමංගෙම එකාට විනේ කැටපු උං ජාතික වීරයෝයි කියද්දි මාව ගෝවෙට පිටුවහල්. කොරද්දි මට ගරහද්දි මං බොලාට හිනා වෙනව බොලව් ඒත් මං උපං හින්ගල පොලවට බොලාගෙ මහ උං කොරාපු අපරාද දැක්කම පුපුව කැවෙනෙව බොලව් රට ජාති
ය ආගම කියල එදත් උඹලගෙ මහ එවුන් උඹල රැවැට්ටුවා උංගෙ සනුහරේ වැජඹෙන්ට අදත් තාමත් උඹල රැවටෙනව මට ගැරහැව්වාට කමක් නෑ ඒත් මතක තියගන් හැම කතාවකම දෙපැත්තක් තියෙයි උඹල ඇහුවෙ එක පැත්තයි, මයේ පැත්තෙ කතාව දන්නෙ දලදා හාමුදුරුවොයි උඩ ඉන්න දෙවියොයි තමයි ඔව් මම වඩුග ලේ තියෙන වඩුග රජා,හැබැයි මම උඹලගෙ සිංහල ලේ තියෙන මහ උංට වඩා මේ රටට හෙල ජාතියට බෞද්ධ දහමට ආදරේ කරා මේ දේවල් රකින්ට වැඩ කරා, උඹලගේ මහ උං එදත් උඹලව රැවැට්ටුව අදත් රවට්ටනව උඹල හෙටත් රැවටෙනව මීට කන්ද උඩරට හිටපු මහරජ හෙවත් වඩුග රාජසිංහ ~විදූ~පහුහිය කාලේ කැරට් බෝංචි වගේ නම කිව්වහමත් සෙම කෝප වී පොඩි ශුකෝපබෝගී ගතියක් දැනෙන එලවලු වර්ග ගනන් ගොස් ගම් බයියන් උන අපට කන්න දෙයක් නැතුව කුල්ල කුජීත වී හක්ක දොට්ට පනින බව කල් තියාම දැනගත්තේ අපේ තාත්තාය. ඒ නිසාමද කොහේදෝ තාත්තා මීට මාසයකට දෙකකට කලින් ගමේ කුඹුරු වල ඇල වේලී ඔක්කෝම සුද්ද බුද්ද කර ඉන්දූ මෑ කරල් වැල් වල අස්වැන්න ලැබුනේද මේ එලවලු ගනන් ගිය අල්ල පනල්ලේය. හැමදාම උදේට කුඹුරට යන තාත්තා හවස් වෙන විට ගෙදර එන්නේ හොදට පැහුන අඩි දෙක තුනක් දිග මෑකරල් කිලෝ හතර පහක් කර තියාගෙනය. මුලදි මුලදී නම් තාත්තාගේ මේ ක්‍රියාව කාලානුරූපීව සිද්ද වුන වැදගත් ක්‍රියාවක් බවත් දස දාස් ගනන් වලට එලවලු විකුනන කූට එලවලු මුදලාලිලාට දුන් මරු පහරක් බවටත් හිතුන මුත් තාත්තාගේ මේ මෑ කරල් ව්‍යාපෘතිය දැන් දැන් ටික ටික යන්නේ රෝන් සයිඩ් එකට බව මට තේරෙන්න ගත්තේ පෙරෙයිදා ගෙදරවිත් රෑ කෑමට වාඩිවුන විටය. සුපුරුදු පරිදි තුන් වන සතුයටත් රෑ කෑමට මෑ කරල් වෑන්ජය. වෑන්ජන සමග මෑ කරල් ඇට තෙල් දාලය. වෙනදා දවසේ එක වෙලාකට එක වෑන්ජනයකට සීමා වුන මෑ කරල් අද වෑන්ජන වරග දෙකකින් කෑම මේසය ආක්‍රමනය කර ඇත. අම්මාද මේවා ගුන කෑම යැයි කියමින් මට තව මෑකරල් ඇට හැදි දෙකක් බෙදුවාය. දැන් නම් මේ මෑ කරල් කූඩාරමට රිංගා ගත් ඔටුවා වගේය. උදේ නැගිටින විට තරමක් පරක්කු වී තිබුනේ කලින්දා රෑට ටිකක් වැඩිපුර මෑ කරල් කෑ නිසාද කොහේදය. තේ එකක් හදවාගෙන බොන්නට හිතාගෙන අම්මාට අඩ ගසන ගමන් කුස්සියට යන විට අම්මා හිටියේ ලහි ලහියෙ කුස්සියේ මොනවදෝ හදමින්ය. ඇග මැලි කඩා තේ කෝප්පයක් ඉල්ලූ විට අම්මාගෙන් ලැබුනෙ වෙනදා නොලැබෙන පිලිතුරකි. "පොඩ්ඩක් හිටපන්..හැමදාම තේ බීලා හරියන්නෑනේ..." එහෙම කියූ අම්මා හැදිගගා ඉදපු හට්ටියෙන් මොනවාදෝ කෝප්පයට හලා ගෙන මගේ අත තැබුවාය. "මේ...මොනවද " " ඔය තමයි මෑ කරල් කැද....." ඕවා හොදයි ඔය හැමදාම බෙහෙත් පෙති ගිලින ගෑස් අමාරුවට... ගිනියමට...ඉදලා හිටලා හරි මේවා බීපන් ගුනයි..." අම්මා එහෙම කියමින් කුස්සියේ පිලිකන්න පැත්තට ගියේ තාත්තාගෙනා තව මෑ කරල් ටිකකුත් අරගෙනය. ඒ උදේට උයන්නට විය යුතුය. උදේට කැද බී දවල්ට කන්නට අම්මා ඔතා දුන් මෑ කරල් හොදිද මෑ කරල් කලු පොලටද සමග බත් පාර්සලයද අරගෙන වැඩට ගිය මම එදා ගෙදර ආවේ ටිකක් වෙලපහය. ගෙදර ආ හැටියේම බිරිද දුවගෙන ආවේ "මං අද රස කෑමක් හැදුවා " කියාගෙනය. " ඒ මොනවද" මම එහෙම කියනකොටත් බිරිද කුස්සියට දුව ගොස් ඉවරය. උනු උනුවේ හැදු තේ එකක් සමග දීසියක දමාගෙන බිරිද අරගෙන ආවේ කොල පාටට හුරු කිරි ටොපි වැනි ජාතියකි. " මේ තමයි මෑ කරල් දෝසී .. කාල බලන්න කාලා බලන්න...මම අම්මගෙන් අහගෙන හැදුවේ. " දැන් නම් මේ මෑ කරල් කෙරුවාව සීමාව ඉකමවා ගිහිල්ලාය. මෑ කරල් කාලාම ඔලුව කුරුවල් වෙලාය. ටිකක් හවස් වෙන්නට ඇර කඩ පිලට යන්නට එලියට බැස්සේ මෑ කරල් කාලාම තෝන්තු වුන කටට රහට මොනවහරි කන්නට හිතාගෙනය. ටික දුරක් පයින් ඇවිදගෙන යන විට දෙනියේ හින්නි මහත්තයාගේ කඩේ ළඟ බෝක්කුව උඩ අඩ අදුරේම කසු කුසුවක හිටි දෙන්නෙක් මං එනවා දැක මොනවදෝ හංගා ගන්න හැටි දුර තියාම දැක්ක නිසා ලං කර බැලූවිට උන් දෙන්නා ගමේ මගේ යාලුවෝ දෙන්නෙකි. " මොනවද උඹලා හංගගත්තේ " මම ඇහුවේ ටික වෙලාවක අල්ලාප සල්ලාපයකට පසුය. ඒ ඇසූ මගේ යාලුවා වටපිට බලා සරමේ ගැටය අස්සේ හංගාගෙන හිටි යමක් එලියට ගත්තේ සැකෙන් වටපිට බලන ගමන්ය. " මචං...ටොප් බඩු හොදම හරියෙන් ටිකක් හම්බුනා...බලපන්..." ඌ දිග ඇර පෙන්නූ හැටියට නම් බඩු සුපිරි විය යුතුය "මොනවද ලෝකල්ද...කේරලද..." මම එහෙම ඇහුවේ අතට පොඩ්ඩක් අරගෙන සුවද බලන ගමන්ය. " පිස්සුද ..උඹට ...මේවා ගමේ බඩු...සති ගානක් තිස්සේ වේලලා වෙලලා හදාගත්තේ...." ඒ කොහෙන්ද ඇයි ...මචං...මේ මෑ කරල් දලුයි...මෑ කරල් රේනුයි...රෑ හොරෙන් වෙලට පැනලා කඩා ගත්තේ..හම්මා....ටොප් බඩු හොදේ..." එහෙම කිව්වේ යාලුවාය. කීවා වගේම බඩු සුපිරිය. මෑ කරල් කොල සූස්තිය දෙකක් ඇද කඩ පිලට යන විට එතන එක ජංජාලයකි. සැනකෙලියකි. පොඩි මාමාගේ හෝටලයේ මෑ කරල් කොත්තුය. මෑ කරල් රයිස් ය. ඊට අල්ලපු බංදුල අයියාගේ බේකරියේ මෑ කරල් වලින් හැදුව කේක්ය. මෑ කරල් බන් ගන්නට දිග පෝලිමක්ය. හංදියේ වෙද මහත්තයාගේ බෙහෙත් සාලාවේ මෑ කරල් මුල් වලින් කසාය හදලාය. කැඩුම් බිදුම් වලට මෑ කරල් තියලා මෑ කරල් වැල් වලින්ම බැදලාය. ඒ විතටක් නම් මදිය ටේලර් සාප්පුවේ තවත් කෑල්ලක ගමේ අක්කලා.දෙන්නෙක් මෑ කරල් කෙඳි වලින් හෑන්ඩ් ලූම් රෙදි මහනවාය. සූස්ති පාර සැර වැඩි උනා වට් දැයි හිතමින් මම ගෙදර එන්නට හැරුනේ තාත්තා විසින් ඉනිශියේට් කරන ලද මෑ කරල් කල වින්නැහිය ගැන හිතමින්ය. මේ යන විදියට තව ටික දවසකින් මෑ කරල් වලින් චොකලට්ද මෑ කර වලින් කෝඩියල් මෑ කරල් සොෆ්ට් ඩ්‍රින්ක්ස්ද විතරක් නොව මෑ කරල්.වලින් පෙට්‍රල් උනත් හදන්නටද බැරි නැතිය. ළඟදී දවසක අකුරැස්සේ ගොවියෙක් මෑ කරල් වලින් හදූ රොකට් එකකින් හදට ගියා කියලා උදේ පත්තරේ විස්තරේට කිව්වොත් ඒකත් සහ ගහන ඇත්තක් වන්නට නම් පුලුවන්ය. ජය. 🖤පණස් ගණන්වල යුක්තියේ මෙහෙයුම්: අපි ඉපදෙන්නත් කලින් ඉඳලම, සැරින්සැරේට පොලීසියට තිබ්බ රාජකාරියක් තමයි, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය , මත්පැන් විකුණන තැන් හොයල ඒව විනාසකිරීමේ කටයුතු. ඒ කාලෙ තිබ්බෙ, කැලෑබදව සීනි කරිඤ්ඤං ටිකක් පෙරන එකෙක් අල්ලගන්න, හැලි අරක්කු පෙරන එකෙක් අල්ලන්න වගේ, පොඩි පොඩි මෙහෙයුම් විතරයි. අරන් යන්නෙත් බැටන් පොලු කීපයක් මිසක්, අද වගේ තුවක්කු නෙවෙයි! හැලි අරක්කු කිව්වෙ, ඒව පෙරුවෙ අද වගේ මහා පරිමාණයෙන් බැරල්වල නෙවෙයි හැලිවල නිසා. පස්සෙකාලෙක මේව වතුකරයේ පැතිරීමත් එක්ක, කසිප්පු( මේක පෙරනවට කියන දෙමළ වචනයක් බවයි අහල තියෙන්නෙ! ), කසියා කියල නම වෙනස් කරගෙන කරලියට ඇවිත්. මේ හැලි අරක්කුවලත් විවිධ වර්ග තිබ්බ. ඒවට විවිධ නම් පටබැඳලත් තිබ්බ. මේ ඒවයින් කීපයක්. 1 සඟටොප් සියලුම පලතුරු වර්ග එකතුකරල, ඒවයින් පෙරණ වර්ගය 2 ගල්බමුණා මේව බිව්වම ගල්බමුණා වගේ ඉන්නවලු. සමහර අයගෙ අදහස මේව පෙරන්න බැටරි කුඩු දාන බව. තවත් අය කියන්නෙ මේක බීමක් නෙවෙයි, බැටරි කූරු දෙහි ඇඹුලෙන් උරච්චි කරල අරන්, හදාගන්නව කියල. 3 නයිපුස් බිව්ව ගමන්ම නයා ගැහුව වගේ වැටෙනව නම් ඒව නයිපුස්. 4 බකමූණා මේව බිව්වම බකමූණා වගේ, අහන අහන හැම එකටම හ්ම් හ්ම් කියනව මිසක්, වෙන කතාවක් නෑලු. 5 බොකුදිරාස් බිව්වම බඩවැල් බොකු දිරාපත්වෙන නිසා බොකුදිරාස්. මේක නම් පොදුවේ හැම එකකටම වගේ කිව්ව නමක්. මේ වගේ වර්ග ගණනාවක් තිබිල තියෙනව. ඉතින් මගේ අරමුණ ඒව ගැන කියන්න නෙවෙයි, ඒ කාලෙ මේව අල්ලන්න කළ, පොලිස් මෙහෙයුම් ගැන කියපු කවි කීපයක් ඉදිරිපත් කරන්න. 1950 ගණන්වල වගේ කවුරුන් හෝ ලියපු කවි පෙළක්, අපේ ගෙදර තිබිල,මන් ඉස්කෝලෙ යනකාලෙ කියෙව්වෙ. ඒ කාලෙත් ඒ පොත සෑහෙන්න පරණයි. මේ නීතිවිරෝධී මත්පැන්වලට සමහර ගැමියන් හුරුවීම නිසා, ගෙවල්වල දරුවන් මව්වරුන් විඳින දුක, ඒව බොන අයට වෙන හානි, ගම්වල නිදහසේ ගමනක් බිමනක් යන්න, පාඩුවේ වැඩක් පලක් කරන් ඉන්න බැරිවෙන එක ගැන එහෙම විස්තර කරල, මේව අල්ලන්න , විනාස කරන්න පොලීසියෙන් කළ මෙහෙයුම් ගැන තමයි මේ කවිවල සඳහන් වුණේ. ඔක්කොම කවි මතක නෑ. මතක තියෙන ටික තමයි මේ ලිව්වෙ. වතුකරය ආශ්‍රිතවත් මේ මෙහෙයුම් ක්‍රියාත්මක වුණ නිසාදෝ, දෙමළ වචනත් මේ කවිවල තියෙනව. මේ කවි ඔක්කොම වගේ, හත් අඩියේ උපත කියවෙන කවිවලට සමාන බවකුයි පේන්නෙ. ඔන්න එහෙනම් කියවල බලන්න. මේ කවි ගැන, ඒක ලියපු කෙනා ගැන,කවුරුහරි දන්නව නම් කියන්න! පඳුරු අස්සෙ කළගෙඩිවල යක්කු සිටින්නේ පොල්කටුවෙන් දිස්ටිය කඳ ඇතුළට යන්නේ එතැන් පටන් ආතුරයා සෙම වගුරන්නේ ඔහු බේරන්නට යකු මේ සබයට එන්නේ දුම අල්ලා මේ ඉබිමස් ගොටුවට පුළුටුවලට තව බලුමස් කරකොට කසිප්පු යකුනේ තොප අද මෙතැනට රංචු පිටින් වර දෙන පුද ගැනුමට සරම උස්සගෙන කොනකින් අල්ලා ලේ පැහැ කරගත් ඇස් දෙක දල්ලා එහෙ මෙහෙ වැනි වැනි ගුටි මුර ඉල්ලා කසිප්පු යකු එයි දැන් බලපල්ලා එල්ලාරුම් ඉඟවාරුම් අඩිමගනේ වාවා පැණිආරුම් ඉරිකි අඩේ සුරුකායා වාවා බකමූණා ගල්බමුණා අත්වැල් බැඳ වාවා නල්ලතම්බි නී මැගටල් පූදිය ඇල් වාවා දුම උඩ මුට්ටියෙ යක්කු සිටින්නේ පොලිසියෙ වෙසමුණි අණ පැතිරෙන්නේ බැටන් පොල්ල ඔලු උඩ රඟ දෙන්නේ කැලේ කඩාගෙන යක්කු දුවන්නේ මේ දෙමළ වචන ඔක්කොමගෙ තේරුම් දන්නෙ නෑ. එල්ලෝරුම් ඉඟෙවාරුම් අඩිමගනෙයි වාවා - ඔක්කොම වරෙල්ලා, ඒයි කොල්ලනේ වරෙල්ලා. පැණි ආරුම් ඉරිකි අඩේ සුරුකායා වාවා- පැණි ආරුම් තියෙනවා ඉක්මනට වරෙල්ලා. (පැණි ආරුම් කියන්නෙ පැණිරස කැවිලි වර්ගයක්.) මට අමතක වෙලා තිබ්බ කවි පද මතක්කරල දීපු, මගේ බාල සොයුරු Harishchandra ටත් ස්තුතියි! Channa Withana 2024.01.28💕පති කුලයට යන දා මගෙ දොණි💕 නොදනෙමි හිදිවිද සුරත ගෙන පොරුවට නග්ගන්න දෙසුයුරන් පුරවාවි එ අඩුපාඩු පියා නැති බවක් නොහැගෙන්න. අෂ්ඪ්ටක කවි කියන විට මතකයට අවොතින් මා නුබට සිහියට ගන්න දුක තද කරන් හිදුනු නොව හඩාපන් ඉකි ගසා සුසුම් සෙ ඇවිදින් සනසන්න නුබෙ සුරතල් වදන් දගකාරකම් පුබුදුවා මගෙ පිය සෙනහසට අරුතක් දුන්න කොපමණ කලක් හැකිවෙද තෙපයුල් බස් අස අසා නුබ හා සමග ඉන
්න වපුරාවා ඇත මා නුබට හොද සමග ගුණ සුවඳ දොතින් ගන්න හැර යන්න සිදුවෙනා මොහොත තෙක් දුගෙ ආදරෙ මට දෙන්න. ආත්මිය බැදිමෙන් වා තලෙ ඉන්නවා මගෙ දු රැක ගන්න ***මහි*** මහින්ද කොඩිතුවක්කුකොරෝන හින්ද දෙදහස් විස්සෙ පෙබරවාරියෙ දවසක වහල දාපු අම්මාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොල ශ්‍රී ලංකන් එයාර් ලයින් වලට විවෘත වෙන්නෙ දෙදහස් විස්සෙ ජුලි දහතුන් වෙනිද.. ජෝර්දාන් රාජ්‍ය පුරා ඇඟලුම් ශේෂ්ත්‍රයෙ වැඩකරපු ශ්‍රීලාංකිකයො තුන්සියකට අධික පිරිසක් එක්ක එදා ශ්‍රී ලංකන් එයාර් ලයින් හට අයත් විශාලතම ගුවන් යානයක් ලංකාවෙ වෙලාවෙන් රෑ නවයට අම්මාන් ගුවන් තොටුපොලෙන් ගුවන් ගත වෙනව. ඒක ඓතිහාසික ගුවන් සවාරියක් වෙන්න හේතු දෙකක් තියෙනවා . පලවෙනි හේතුව ශ්‍රී ලංකන් එයාර් ලයින් සතු ගුවන් යානයක් අවුරුදු තිහකට පස්සෙයි අම්මාන් වලට ගොඩබාන්නෙ.සහ අවුරුදු තිහකට පස්සෙයි ජෝර්දාන්හි අම්මාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සිට ශ්‍රී ලංකා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල දක්වා නැවතීමකින් තොරව ගුවන්‍ යානයක් ගමන් කරන්නෙ. ඒ ඓයිතිහාසික ගුවන් ගමන නිමා කරමින් ජුලි දාහතර වෙනිද උදේ සිය මව්බිමට පය තිබ්බ හැමෝවම ආදරෙන් පිළි අරගෙන ඉතාම සෞඛ්‍යය ආරක්ෂිතව ගුවන්තොටුපොලෙන් එළියට ගේන්නෙ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභීත රනවිරුවො. නිකන්ම නෙවෙයි අංගසම්පූර්ණ උදේ කෑම එකකුත් එක්ක. ගුවන්තොටුපොල පිටවීමෙ දොරටුව ගාවදි මේ පැසෙන්ජර්ස්ල භාර වෙන්නෙ ලෝකයේ මානුශීයම හමුදාව ශ්‍රී ලංකා යුධ හමුදාවට..මේ තමා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් දියත් කරපු කොරෝනා නිරෝධායන මානුෂීය මෙහෙයුමෙදි ඔවුන්ට හමුවෙන පලමු විශාලතම සංචාරක නඩය.. එතනින් පස්සෙ ත්‍රිවිධ හමුදාවට සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් වලින් මේ කට්ටියව අරගෙන යනව අලිමංකඩ සහ මුලතිව් යුධ හමුදා කඳවුරු වලට නිරෝධායනය කරන්න. පිරිමි අය මුලතිව් යනකොට කාන්තා පාර්ශවය අලිමංකඩ නවතිනව. ( අලිමංකඩ කියන්නෙ යුධ හමුදාවට හුගක් විශේෂ තැනක්. හසලක ගාමිණි වගේ වීරයො ඩෙන්සිල් කොබ්බෑකඩුව වගෙ ශේෂ්ඨ නායකයො බිහිවුන තැනක්. ඉතිහාසයේ ලොකුම රනවිරු සංහාරය උනේ අලිමංකඩදි. ) මෙහෙම අලිමංකඩ නිරෝධායන මධ්‍යස්තානයට ආව අය එක කන්ඩායමකට පහලොවකට නොවැඩි රෝගීන් එක්ක ඒ. බී .සී ඩී ,ඊ කියල අනුකොටස් සහිත බ්ලොග් එකොළහකට බෙදෙනව. එහෙම බෙදෙන හැම රෝගියෙකුටම අදාල බෙඩ් නම්බර් එකක් තියෙනවා.බෙඩ් නම්බර් එක කිව්ව ගමන් එයාලට පුලුවන් අදාළ කෙනාගෙ නම ගම විස්තර විතරක් නෙවෙයි ඒ වෙනකං එයාට හැදිල තියෙන බෝවෙන රෝග, බො නොවෙන රෝග නිදන්ගත රෝග,ඇලජික් වෙන බේත් ,කෑම මේ ඕනම විස්තරයක් කියන්න . ( එහෙමයි අට පාස් අයගෙ වැඩ..) මේ බ්ලොග් එකොළහෙන් " බෙඩ් නම්බර් දාහත ,බ්ලොග් එකොලහ ඩී " වලට තමා මේකතාවෙ කතා නායිකාව ඒ කියන්නෙ මම ඇතුලු කණ්ඩායම අයිති වෙන්නෙ. හැම ටීම් එකකටම එකට වැඩ කරපු අය එක බෝඩිමේ හිටපු අය එකතු වෙද්දි මේ ටීම් එකේ විතරක් එහෙම උනේ නෑ. මේ ටීම් එකේ හිටියෙ එක එක ෆැක්ට්‍රි වල වැඩ කරපු එක එක බස් වල ආපු සම්පූර්ණයෙන්ම එකිනෙකා නාදුනන පිරිසක්. මොකද අනිත් අය ලෝක සිරිතට ඉක්මනින් බැහැල පොරකාල තමන්ගෙ තැන වෙන්කර ගන්න කොට තමන්ගෙ සිරිතට අනුව හැම බස් එකෙන්ම අන්තිමට බැහැපු, ලැබෙන තැනක ඉන්න බලාගෙන පෝලිමේ පිටිපස්සට වෙලා පාඩුවෙ හිටපු සෙට් එක තමා මේ ටීම් එකට සෙට් උනේ . . ............................................................................... " නංගි බහින්නෙ නැද්ද..." " පස්සෙ බහිනව" " දැන්ම බැහැ ගත්ත නම් ලේසියිනෙ." " කොහොමත් එකයිනෙ අක්ක. කොයිවෙලේ බැස්සත් මට ඇඳක් තියෙනවනෙ. මොකටද නිකන් පොර කන්නෙ " (ඒ මම. දන්න කෙනෙකුට හිටියෙත් එච්චරයි. ) ඉස්කෝලෙ යන කාලෙ ලොකු හීනයක් තිබුන ආමි එකට බැදෙන්න. එක එක හේතු හින්ද බැරි උනා. කොහොමත් ඉතිං හීන ලේසියෙන් හැබෑ වෙන්නෙත් නෑනෙ.හැබැයි දෙවියොත් මාර විහිලු තමා කරන්නෙ. කමක් නෑ කොහොම හරි කෑම්ප් එකකට වැකේශන් හරි එව්වනෙ... අන්තිමට දවස් එක හමාරක දීර්ඝ ගමනකින් පස්සෙ අපි ඉතිං අලිමංකඩ නිරෝධායන කදවුරේ බ්ලොග් එකොළහ ඩී වලට ආව . අපි ඔක්කොම කට්ටිය දාහතරයි. පහුවදා උදේ තමා කට්ටියව හරියටම දැක්කෙ. එදා දවස ඉවර වෙද්දි කට්ටියටම කාඩ් හැදිලත් ඉවරයි. එලි උනා රෑ උනා. මොනා උනත් අපි අපිට හොදට ගැලපුනා. දවස් තුනකට පස්සෙ සිකුරාදා අපේ පීසීආර් රිපෝට් ඇවිදින් තිබුන. හැමෝම නිරෝගියි. "බට්ටි " (ඒ තමා අපේ නිරෝධාන සෙට් එකෙන් මට දුන්න නම ) " බට්ටි , නැගිටහං බන් . අද දවල්ට කන්න ගේන්න යන්නෙ උබ.උබ දන්නවද.. උදේ කෑම දෙන්න ආවෙ ලස්සන පොඩි කොල්ලෙක් බන්. දවල්ට බලපන්කො. පව් බන්. " " අනේ පලයන් , වෙස්මූනද ලස්සන " " දැන් වෙස් මූන නෑ බන්. හරි උබම බලපන්කො..." ඔහොම තමා එදා දවල් මම ඇතුලු මොංගල් සෙට් එක ඒ ඉරණම් ගමන ගියෙ.. සාමාන්‍යයෙන් අපේ රූම් එකට චුට්ටක් ඈතින් මේසයක් තියල තියනව.ඒක උඩින් ආමි එකේ අය ඇවිදින් කෑම තියල යනව.ඒ තියල ගියාට පස්සෙ අපි ගිහින් කෑම ටික අරගෙන එනව. හැබැයි ඉතිං පොඩි එකා බලන්න යන්න ආසාව නිසා අපි ටිකක් කලින් ගියා. අපි හිටියෙ දිග හෝල් එක කෙළවරේ අයිනකට වෙන්න තිබුන ලස්සන පොඩි ගෙයක්. ඒක කම්බි පොටවල් දෙකකින් වට කරල තිබුන හින්දයි, අපිට කිසිම වෙලාවක කම්බි වලින් වටකරල තියෙන සීමා වලින් පිටට යන්න එපා කිව්ව හින්දයි ඒ වෙනකං අපිට ඒ ගේ ගැන වැඩිය උනන්දුවක් තිබුනෙ නෑ. හැබැයි එදා වේලාසන ඒ පැත්තට ගිය හින්ද අපිට හිතුන වැට චුට්ටක් පනින්න.,එතනට ගියාම මට හිතුනෙ මම අවුරුදු පහලොවකින් විතර ජීවිතේ ආපස්සට ගියා වගේ . " වාව් !මේක ගෙයක් නෙවෙයි මාළිගාවක්නෙ..." (ඒ මම ) " හැබැයි පොඩි දෙමළ ගතියක් තියෙනව නේද " "ඔව් ඉතිං මේක ඇඹිලිපිටිය නෙවෙයිනෙ. යාපනේ ... " බිමට ගොම මැටි ගාල සම්පූර්ණයෙන්ම පොල් අතු හෙවිලි කරල තිබුන ගෙදර හින්දු දෙවි රූප වගයක් පොල් අතු බිත්තියෙ එල්ලල තිබුන . ගේ ඉස්සරහ ලොකූ කොහොඹ ගහක්. ඒ දවස්වල එහෙ තිබුන රස්නෙත් එක්ක ඒක දිව්‍යලෝකයක් වගේම තමා දැනුනෙ. කොහොම හරි ගිය වැඩේ කරගෙන කාමරේට ආවත් මගෙ ඔලුවෙ වැඩකලෙම මේ ගිනි රස්නෙත් එක්ක මේක ඇතුලෙ ඉන්න වෙලාවෙ ඇයි ඒ ගේ ඇතුලට වෙලා ඉන්නෙ නැත්තෙ කියල . හැබැයි කවුරුත් මගෙ යෝජනාවට කැමති උනේ නෑ.ඉතිං හැන්දෑ වෙද්දිකොහොම හරි පොල් අතු ගෙදර කතාව කට්ටියටම අමතක උනා.කලින් අදුනගෙන උන්නෙ නැති උනාට ඒ වෙනකොට අපි අවුරුදු ගානක් එකට හිටිය වගේ හැමෝම ෆිට් වෙලා හිටියෙ . ඉතිං හැන්දෑවෙ හය හත වෙද්දි ඔක්කොම එක තැනකට එකතු වෙලා රෑ එකොළහ දොළහ වෙනකල් කයියක් දාගෙන ඉන්නව.එදා මාතෘකාව හොල්මන්. එක එක්කෙනා එක එක කතන්දර කියනව ඉතිං. මමත් ආසාවෙන් අහන් හිටිය . හැබැයි මොකුත් කියන්න ගියෙ නෑ.මොකද මම හොල්මන් විශ්වාස කරන්නෙ නෑ .ඊට වඩා මම හොල්මන් වලට බයයි.. හොල්මන් ගැන එක එක විදිහෙ කතා මාලාවකට පස්සෙ කට්ටිය නිදා ගත්ත. කොච්චර වෙලාවක් නින්ද ගියාද දන්නෙ නෑ . එක පාරටම ඇහිච්ච යට ගිරියෙන් කෑ ගහන සද්දෙට උඩ විසිවුන මම , මගෙ නහය වහලෙ උලු වලට යටින් තියන රීප්පෙ වදින්න අංශක දශම ගානක් තියෙද්දි ආපහු ඇදට වැටුන. ඉස්සෙල්ලම ඇදට මොකුත් ආපදාවක් වෙලාද කියල බැලුවෙ. ඇයි ඉතිං මම තව දවස් දහයක් නිදා ගන්නත් ඕනනෙ.. "මොනව උනත් හොද හයිය ඇඳක් හැබැයි ." හොල්මන් ගැන මහාචාර්ය මට්ටමේ ලෙක්චර්ස් එකක් දුන්න කෙනා ඉන්නව බෙල්ල බදාගෙන. කට්ටියම වට වෙලා විස්තර විචාරය කරනව. " මොන රෙද්දක් ද බන්. හීනෙන් බය වෙනව නම් මොන ඉලව්වකටද ජාතික පොත වගේ කියෙව්වෙ වේලාසන" " නෑ බන් බට්ටි . ඇත්තටම කවුද පොඩි ළමයෙක් මගෙ බෙල්ල මිරිකුව. මේ මාස හයක විතර " "උබට ලූස්ද බන්. මාස හයක ළමයෙක් බෙල්ල මිරිකල ඔච්චර හයියෙන් කෑ ගහන්න " එයිටත් මේ අලිමංකඩ බන්. ඔන්න ආමි එකෙන් කිව්ව නම් විශ්වාස කරන්න තිබුන " " පව් බට්ටි , ඒ ළමය හොදටම භය වෙලා. ඒ ළමයට විතරක් නෙවෙයි අපිටත් බයයි" " එහෙනම් බය අය ඉතිපීසෝ කියල නිදා ගන්නල. ආයෙත් කෑ ගහන්න නම් එපා . බබා ඔයාගෙ බෙල්ල මිරිකද්දි අපේ හුස්ම හිර වෙන්නෙ නේද බට්ටි.." " ඒකනෙ බෝලෙ " උදෙත් ඒ ගර්ල් බෙල්ල රිදෙනව කියල බාම් එහෙම ගාගත්ත. හැබැයි අපි හැමෝම ඒක එයා දැක්ක හීනයක් විදිහට අමතක කරල දැම්ම.සුපුරුදු විදිහට කොට්ටෙයි ෆෝන් එකයි ටීවී එකයි එක්ක එදා දවස ගෙවා ගත්ත. රෑ උනා. සුපුරුදු පරිදි ඇද උඩ සංගමේ එහෙම තියල රෑ දොලහත් පහු උනාට පස්සෙ සදූට බාත්රූම් යන්න ඕන කිව්ව. මගෙ ඇදේ අසල්වැසිය හින්දයි මම දුක් ගන්නා රාළ හිනදයි ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වෙලා අපි දෙන්න බාත්රූම් ගිහින් ඇවිදින් නිදාගත්‍ත.කියන්න අමතක උනානෙ අපේ කාමරේට දොරක් නෑ. චූටි බලු පැටව් දෙන්නෙක් හිටිය එයාල අපේ සෙරෙප්පු එක්ක අනියම් සම්බන්ධයක් හදාගෙන හිටියෙ .ඒ හින්ද රෑට ලෑල්ලක් හරහට දාල නිදා ගන්නෙ. එලියට ගිහින් එද්දි සෙරෙප්පු දෙක එලියෙන් ගසල කාමරේ ඇතුලට ගන්නව. නැත්තං එයාල අරයල එක්ක ජම්පින් ගොයින් යනවනෙ.ඒ හින්ද . සුපුරුදු පරිදි උදේ පාන්දර නවයට විතර උදේ කෑම ගන්න ගමන් දොර ගාව ඇදේ ඉන්න නංගිත් එක්ක කයියක් දාගත්ත. අපි දෙන්න කලින්ම නැගිටින හින්ද එකටමයි කන්නෙ . " ඊයෙ ඔයාල නේද බට්ටි අක්කෙ රෑ එලියට ගියෙ." "ඔව් මමයි සදුයි." " එතකොට අනික් එක්කෙනා කවුද " " වෙන කවුරුත් ගියෙ නෑ . අපි දෙන්න විතරයි ගියෙ. " " නෑ තුන් දෙනෙක් ආවනෙ " "මන්ද .එහෙනම් පස්සෙ කවුරු හරි යන්න ඇති ." " නෑ බං අක්කෙ උබලත් එක්කමනෙ ඇතුලට ආවෙ. මට හොදටම ඇහුන සෙරෙප්පු දෙක ගසල මෙතනින් තියන සද්දෙ." " සිරාවටද කියන්නෙ නැත්තං ජෝක් එකක් ද" " අඩේ මොන ජෝක්ද අක්කෙ ඇත්තටම අහල බලමුද සෙට් එකෙන්. " " නෑ නෑ .ඕක අහල අද නිදාගන්න වෙන්නෙත් නෑ . අපි අද රෑටත් බලමුකො.." මේකිටත් හීන පේනවද කොහෙද . මාත් එක්ක කවුරු හරි ආවනම් මට පේන්නෙ නැති වෙන්න
මට පොට්ටෙයැ. කියල හිතුනත් කියන්න ගියෙ නැ. හැබැයි සූදානම් ශරීරෙ කියල අවදානෙන් හිටියෙ . එදා රෑත් පුරුදු විදිහට දවස ගෙවල කට්ටියම නිදා ගත්ත. අපි හිටපු හෝල් එක ඉස්කෝලයක් වගේ . දෙපැත්තෙම පියන් දෙකේ ජනේල හයි කරල තිබුන. ජනේල එකින් එක වෙන් කරන්න අඩි දෙකක් විතර පලලට බිත්තිය වහලෙ ගාවට උස්සල තිබුන. අපේ හෝල් එක තියෙන්නෙ කෑම්ප් එක කෙළවරේ .එතනින් එහා පැත්තෙ දිගටම කැලෑ වැහුන හිස් ඉඩමක්.ඒ පැත්තෙ එලිය නෑ එක ලයිට් එකයි තියෙන්නෙ .ඒකත් අපි නිවනව නිදාගන්න කොට.එදා ටිකක් රෑ වෙනකොට වැස්සකට වගේ හයියෙන් හුලං ගහන්න ගත්ත. අහස කලු වෙලා තද වැස්සක් එන්න ලංවෙද්දි වගේ අමුතු සීතලක් එක්ක නිකන් වහිනව වහිනව වගේ ඇගට දැනුනත් එක වතුර බිංදුවක් වත් වැටුනෙ නෑ. ඒ එක්ක ඒ හුලගට මගෙ ඇද ගාව තිබුන ජනේලෙ හයියෙන් වැහුන. මම නිදාගෙන හිටියෙ නෑ . මට හොදටම විශ්වාසයි මම ජනේලෙ වැහුව බව. ඊට වඩා ශුවර් මම අනිවාර්යයෙන් අගුල දාන්න නැතුව ඇති. මොකද මොන වැඩේ උනත් භාගෙට කරන එක උපතින් ආපු දක්ෂතාවයක් මට . ඉතිං මම ඔලුවත් එක්ක වහගෙන හිටපු බ්ලැන්කට් එකත් අයින් කරල මගෙ ගිය ආත්මෙ අම්මවත් මතක් කරල ජනේලෙ වහන්න නැගිට්ට. " මොකක් ඒක ඇරිලනෙ. ය.කෝ ජනේලයක් වැහෙනකොට සද්දෙ ඇහෙන්න පුලුවන්.ඒත් ඇරෙන කොට සද්දෙ ඇහෙන්න පුලුවන්ද...." මම දෙතුන් පාරක් වහල ආයෙ ඇරල බැලුව ජනෙල් පියන් ඇරෙද්දි බිත්තියේ වදිනව වෙන්න පුලුවන්නෙ කියල. නෑ එහෙම වෙන්නෙ නෑ එහෙම වෙන්න නම් ජනේල පියන ගලවල බිත්තියෙ ගහන්න ඕන. තව කල්පනා කලොත් අලිමංකඩින් අංගොඩ යන්න වෙයි කියල හිතුන නිසා ඒක උදේට හිතන්න හිතාගෙන නිදා ගත්ත. හැබැයි වැඩි වෙලාවක් නිදා ගන්න උනේ නෑ. කොහෙන්ද ආපු බල්ලො රෑනක් කෑ ගහන්න ගත්ත. අපි ඇවිදින් සතියකටත් වැඩියි. මෙච්චර කෑ ගහන්න තරම් බල්ලො ඉන්නව අපි දැක්කෙ නෑනෙ. විනාඩි විස්සක් විතර බල්ලන්ගෙ සද්දෙ තිබුන. ඊට පස්සෙ මොකද උනේ කියන්න දන්නෙ නෑ .මොකද මට නින්ද ගිහින්. හැබැයි උදේ නැගිට්ටට පස්සෙත් ප්‍රශ්නෙ ඊයේ කෑ ගහපු බල්ලො ගැන . මොකද මට නින්ද ගියාට බල්ලන්ට නින්ද ගිහින් නෑ. මේක එක දිගටම දවස් දෙක තුනක් වෙන්න ගත්තට පස්සෙ අපි තීරණය කලා ඇත්තටම මෙච්චර කෑගහන්න තරම් බල්ලො කෑම්ප් එක ඇතුලෙ ඉන්නවද කියල බලන්න . මොකද ඒ වෙද්දි හිරු මෙගා ශෝ එකක උනත් පොරෝගෙන නිදා ගන්න පුලුවන් හැකියාවක් තිබුන මම ඇතුලු කීප දෙනෙක්ට ඇරෙන්න ගොඩක් අයට මේ බලු සංග්‍රාමය හින්ද මළ ගිය ප්‍රානකාරයො , උපන් දා ඉදන් අහපු බලපු හොල්මන් කතා එහෙම මතක් වෙන්න පටන් අරගෙන තිබුන. අපේ එක එක කණ්ඩායම් වෙන් කරල තිබුනෙ තාවකාලිකව ඇදපු කම්බි පොටවල් දෙකකින්. අපිට අනික් ටීම් වලට යන්න එපා කියල තිබුනට කම්බියෙන් පැන්නට පස්සෙ අපි මොන ටීම් එකේද කියල හොයන්න බෑ. අනික සාමාන්‍යයෙන් දවල් කාලෙ කවුරුත් වැඩිය එලියට එන්නෙ නෑ .ඉතිං මමයි බෝලෙයි බල්ලො පිටින් දාල වෙනසකටත් එක්ක පොඩි රවුමක් දැම්ම. කෑම්ප් එකේ ඔෆිස් එක පැත්ත ඇරෙන්න අනිත් හැම තැනම ඇවිදල බැලුවත් ඇටකටු වලටම හම ඇලිච්ච බල්ලො දෙතුන් දෙනෙක්ට වැඩිය අපි දැක්කෙ නෑ. ඉතිං අපි නිගමනය කලා මේ බල්ලො අනිවාර්යයෙන් රෑට මයික් පාවිච්චි කරනව ඇති කියල. ඒ වෙද්දි දෙන්නෙක් එලියට ගියාම තුන් දෙනෙක් ඇතුලට එන එක, රෑට විතරක් තියෙන අමුතු හුලග , බලු කරදර වගේ දේවල් හින්ද කට්ටිය පොඩ්ඩක් රෑට එලියට යන එක එහෙම අඩු කරල තිබුනෙ. හැබැයි රෑ වෙනකං ඕපාදූප කියවන එක නම් නතර උනේ නෑ. දවල් කෑම දෙන්න ආපු කෙනත් එක්කත් කතා කරල අමුතු හුලග ගැන බල්ලො ගැන අහනකොට එයා කියනව අපි කොන්ක්‍රීට් බිල්ඩින් ඇතුලෙම හිර වෙලා ඉදල ආපු හින්ද අපිට මේ පරිසරය හුරු නැතුව ඇතිලු... දෙපැත්තේ ඉන්න ටීම් දෙකෙන් අහනකොට එයාල අපි කියනකල් දන්නෙත් නෑලු එහෙම සද්ද ගැන. කොහොම හරි එදා රෑ මම කලින්ම නිදා ගත්ත. එතකොට අනික් හැමෝම නැගිටල හිටියෙ. ඒත් එදා කතානායක බට්ටි නැති නිසා පාර්ලිමේන්තුව රැස් වෙලා නෑ. ඔක්කොම වේලාසන නිදාගෙන. මට කොච්චර වෙලා නින්ද ගියාද දන්නෙ නෑ මාව එකපාරටම ඇහැරුනේ මාව මොකේකට හරි තද වෙලා වගේ ඇගට දැනුන නිසා. නැගිටින්න හැදුවත් නැගිටගන්න බෑ. නැගිටින්න ට්‍රයි කරන කොට මට දැනෙනව මාව කව්රු හරි ඇදට තියල හයියෙන් තද කරනව වගේ. එතකොට වෙන්න ඇති මට හරියටම පියවි සිහිය ආවෙ. මට නැගිටින්න බැරි උනාට ඇස් අරින්න පුලුවන්නෙ. ඇස් දෙක අරින කොට ගෑනු කෙනෙක් එයාගෙ අතක් මග උරපත්ත උඩ තියාගෙන මාව ඇදට තද කරගෙන ඉන්නව. මම කොච්චර උත්සාහ කලත් අඩුම තරමෙ මට ඔලුවවත් උස්සන්න බෑ.අයින් වෙන්න අත රිදෙනව කියන්න හැදුවට සද්දෙ එන්නෙත් නෑ. මුලු කාමරේම ලයිට් දාල තිබුනෙ.ඒත් කාගෙවත් සද්දයක් නෑ . මට එයාගෙ මූන හොදට පැහැදිලිව පේනව. මගෙ ඇස් මට්ටමේ ඉදල අඩියක එකහමාරක විතර දුරින් . ඇදුම ගැන පැහැදිලි නෑ මොකද එයා කොන්ඩෙ කඩාගෙන හිටියෙ .ඒක හරි ලස්සන කර්ල් කොන්ඩයක්. ලස්සන සුදු මූන. එයා හිනාවේගන හිටිය .මට දැනුත් තේරුම් ගන්න බෑ ඒ හිනාව ඇතුලෙ තිබුනෙ කේන්තියක් ද, වෛරයක් ද, උපහාසයක්ද කියල . මට පෙනුනෙ එයා එයාගෙ මුලු මූනෙන්ම හිනා වෙනව විතරයි . මට ඒ හිනාව දිගටම බලන් ඉන්න බැරි උනා. මට පෙනුනෙ හිනාවක් උනත් ඒක මට දැනුනෙ කන් බීරි කරවන දෝංකාරයක් වගේ . පිට හරහා උරපත්තට දැනෙන වේදනාව එක්ක ඒ හිනාව මට තවත් දරාගන්න බෑ කියල දැනෙද්දි මම ඇස් දෙක පියාගත්ත. ව්ශ්වාස කරන්න කළුවර වෙලාවක අහසෙ විදුලියක් පේන වගේ ඒ මූන මැවිල නැතුව ගියා. ඒත් එක්කම මට දැනුන මාව අත ඇරිය වගේ. ඊට පස්සෙ ඇස් ඇරල බලද්දි මුලු කාමරේම කලුවරයි. අමාරුවෙන් ඇදේ ඉදගෙන කතා කරාට එක්කො සද්දෙ පිට වෙන්නෙ නෑ. එහෙම නැත්තං මගෙ කං අගුල් වැටිල.ඇදෙන්න බහින්න හිතෙන්නෙම නෑ. තප්පර ගානකදි මතක් උනා ඇද උඩ තියෙන වතුර බෝතලේ. ඒක බිම දැම්ම. කාගෙන්වත් ප්‍රතිචාර නෑ . ඊට පස්සෙ තිබුනෙ එකම විකල්පය මගෙ ෆෝන් එක. ඇදෙන් බහින්න තිබුන භය ෆෝන් එකට තිබුන ආසාවට වඩා වැඩි හින්ද හිත හදාගෙන ඒක බිම දැම්ම. එතකොට සුදු අක්ක කතා කලා. " බට්ටියො ෆෝන් එක වැටුන නේද " "සුදු අක්ක මට වතුර ටිකක් දෙන්නකො. " මම හිමීට කිව්වෙ. ඒත් එක පාර හැමෝම වගෙ ඇහරුනා. " මොකෝ බන් ඉතිං ඕක ඔච්චර හයියෙන් කියන්නෙ " " මම හිමීටනෙ කිව්වෙ " " හොද හිමීට මගෙ කන් දෙක ගාව කෑගහනව වගේ ඇහුනෙ. " ඒ දොර ගාවම ඉන්න නන්ගි.වෙච්ච සිද්ධිය කියල වෙලාව බලද්දි දොලහයි හතලිහයි.එදා කාමරෙ ලයිට් එකොලහ වෙද්දි නිව්වවලු. පැයක් විතර කතා කර කර ඉදල නිදාගන්න හිතුවත් අත හොදටම රිදෙනව.ඒ හින්ද බාම් ටිකක් ගා ගන්න යාලුවෙක්ට කතා කරද්දි මට වඩා ඒකි බය වෙලා . මම කිව්ව විදිහටම මගෙ පිට මැද්දෙ ඉදල උරපත්ත උඩට නිල් වෙලා තිබිල. ඊටත් දවස් හතරකට පස්සෙ එහෙන් එනකල්ම මගෙ අත කැක්කුම තිබුන . ඉතුරු දවස් දෙක සුපුරුදු විදිහට ගෙවුන. රෑට ෆෝන් එකේ පිරිත් දාගෙන නිදා ගත්ත. දවස් දෙකකට පස්සෙ අපි එන්න දවසකට කලින් රෑ එක පාරටම මොකක් හරි බිමට පෙරලෙන සද්දයක් ඇහුන. නැගිටල බලද්දි බෝලෙ බිම. අපිට හිනා මොකද ආපු දා ඉදල කිය කිය හිටියෙ එයාට ඇදේ ඉඩ මදි කියල ඒ තරමට එයා බෝලයි . " මොකෝ බෝලේ මෙච්චර දවස් නිදියල ඇද මදි උනේ අදද." " නෑ බං. කවුද මාව ඇදෙන් බිමට දැම්ම බන්." " මොකක් ," "ඔව් බන් සුදු .. ඒකී ඉස්සෙල්ලා මගෙ අතින් අල්ලල කතා කලා .මම හිතුවෙ කවුරු හරි එලියට යන්න කතා කරනව කියල .ඒක හින්ද හැරිල බැලුවෙ.එතකොටම ඒකි මේ පැත්තෙන් ඇද ඉස්සුව මාවත් එක්ක බන්. මට හිතා ගන්න බෑ. අපේ පොඩීටත් වඩා කෙට්ටු කෙල්ලක් බන්...." " ඒකියන්නෙ එදා රෑ ඇත්තටම එහෙම කෙනෙක් ආව. ඒක හීනයක් නෙවෙයි .. කර්ල් කොන්ඩයක් නේද බෝලෙ "" " ඔව් බන්, " එවලෙ ඉදන් එලිවෙනකල් අපි කවුරුත් නිදා ගත්තෙ නෑ.ඒ වගේම පහුවදා රෑ එලිවෙනකල් අපි නිදා ගත්තෙ නෑ. එදා උදේ අපි එහෙන් පිටත් උනා .ලැහැස්ති වෙවී ඉන්න ගමන් සුදු අක්ක ඇහුව " අත හොදයිද බට්ටි " "ටිකක් රිදෙනව" "කෝ බලන්න ...අඩේ තාම පාර තියෙනවනෙ." එතකොටයි මතක් උනේ ඉස්සෙල්ලම බෙල්ල මිරිකුව කිව්ව කෙනාගෙ බෙල්ල බලන්න. " හිතා ගන්න බෑ. බෙල්ල පිටිපස්සෙ චූටි නිල්වෙච්ච ලකුණු තුනක් දෙපැත්තෙම... " හොල්මන් වලට භය උනාම වෙනව කියන කිසිම විශේෂ දෙයක් අපිට උනේ නෑ.ගෙදර ඇවිදින් එදාම ගෙදර අයට විස්තර කියල පෙන්නන කොට එහෙම ලකුණක් තිබුනෙත් නෑ හැබැයි විශ්වාසෙන් කියන්න පුලුවන් ඒ දවස් ටිකේම එතන අපිත් එක්ක තව කවුරු හරි හිටිය.එයා කවුරු උනත් එයාට දිග කර්ල් කොන්ඩයක් එක්ක ලස්සන සුදු මූනක් තියෙනවා... (( වැදගත්ම දේ එදා අර මාළිගාවක් වගේ පෙනුන ලස්සන ගේ ඇතුලට ගියෙත් අපි තුන් දෙනා විතරයි.ඔය පහලින් තියෙන්නෙ ඒ ගෙදර අයිනෙ ඉදගෙන ගත්ත පොටෝ එකක්.ඒ තල් ගස් දෙක යට තමා අපි හිටපු හෝල් එක් තිබුනෙ...එකම සැනසීම අපි ඒ ගේ ඇතුලෙ පොටෝ ගැහුවෙ නෑ....))ලෝකයේ හොඳම දේ අපෙ දරුවන්ට කියා ලොකු උන් රැකෙනවා අපි උගසටම තියා පොතපත ළමා කම අයිතිය සුළගෙ ගියා වෙහෙසිමි මගේ ජීවය රැක ගන්න කියාමහත්තයා හෙට මං එන් ගේජ් වෙනව! අද(28.01.24) ප.ව 7.10 ට පමණ මගේ ජංගම දුථනකථනය නද දුන්නේය .තිරයේ දිස්වූ නම "සනත්" ගේ ය( අනවරත නාමය කි). ඉතාමත් සතුටින් මං "හලෝ පුතා "යි කීවෙමි. අනික් පසින් ඔහු අතීශය ප්‍රීතිමත් බවකින් මට කීවේ , " මං හෙට එන්ගේජ් වෙනවා " කියාය . මං ඔහුට ඉතාමත් ලෙන්ගතු ව සුබ පැතීමි. ඒ සුබ පැතුම Two in One එකකි. ඔහු මීට මාසයකට ඉහතදී මාස්ටර් ස් උපාධිය සමත් වීමත් , මේ මාසයේ දී විවාහ ගිවිස ගැනීමත් ඊට හේතුව ය. එහෙත් මේ කතා දෙකේම කුරාකූඹි මිනිසා ගෑවී සිටී. ඔහු ශ්‍රී.ලං.යු.හ. සම්බන්ධ අධිකාරිය ක ලොකු වගකීමක් උසුලන නිළධාරියෙකි. මා ඔහුව හදුනාගත්තේ අහම්බයකිනි. ඒ මගේ මිත්‍ර බ්‍රිගේඩියර් වරයෙකු සමග ආබාධිත රණ විරුවකු ගේ විස්මිත ගොවිපළක් බැලීමට ගිය ගමනේදීය. ඒ මීට වසර දෙකකට හෝ තුනකට පෙරය. අරම
ුණ මේ වීර ගොවියා රටට හදුන්වා දීමය. මේ ගමනට මා සමග ජාතික රූපවාහිනී යේ කීර්ති ජයලත් මල්ලීද සහභාගි වුනේ ය. සනත් එක දවසින් ම අපේ සිත් ගත්තේය .ඒ තරමක් දුර ගමනක් නිසා අපේ කතා බහ සරු සාර විය. අප කොයි වගේ මිනිසුන් ද කියා ප්‍රශස්ත මට්ටමේ වැටහීමක් ගමන අවසානයේදී එකිනෙකා තුල වූ බව සත්‍යය කි. මේ නිසාදෝ එක් දිනක් සනත් මට කතා කලේය. ඒ අතීශයින්මැ දුක්බර හඩකිනි. ඔහු මගෙන් කාලය ඉල්ලාගෙන ඒ වන විට ඔහු විදි විරහ වේදනාව මට විස්තර කලේය. ඒ ඔහුගේ ප්‍රථම ප්‍රේමය යි. ප්‍රථම ප්‍රේමය විරහවක් වීම ගැන පට්ට අත්දැකීමක් ඇති කුරාකූඹි මිනිසා ට ඉන් මිදෙන සැටි කියාදීම ඉතාමත් පහසු කාරණා වක් උනේය. මෙහි ඉතාමත් කටුක පැත්තක් ද වූ යේ ඔහුට ""බූට " දුන් පෙම්වතිය ද එකම ආයතනයේ සේවය කිරීමයි. දින පතාම මේ නිසා මැරි මැරී ඉපැදීමට මේ අහිංසක යාට සිද්ධ වුනේය. ඒ මදිවාට ඇගේ අළුත් පෙම්වතා ගේ වරුණය ඔහුට ඇසෙන්නට ඇගේ යෙහෙළියන් සමග කියන්නට තරම් ඈ සැහැසී වීමද සනත් ට අප්‍රමාණ වේදනාව කි. මා ඔහුට දුන්නේ උපදේශ දෙකකි. එකක් ඔබ වහාම ඉගෙනීම අරබන්න කියාය . ඊළග උපදේශය තරමක් අසීරු එකකි.එනම් කාර්‍යාලයේ ඉන්නා මුළු කාලය තුල ඉතාමත් ප්‍රීති යෙන් ඔබ ඉන්නා වග ඇයට දැනෙන සේ රගපාන්න කියාය .( ගෙදර ගොස් කාමරයේ දොර වසාගෙන ඇඩුවාට කමක් නැත ) වැඩි දුරටත් මා ඔහුට කීවේ , මගේ ඇමෙරිකානු මිත්‍රයා මට බුදුන් වහන්සේ ගේ දේශනා ඇසුරෙන් තේරුම් කරදුන් පරම සත්‍යයයි. එනම් කිසිවෙකු ට අපට දුකක් ඇති කැරලීමට නොහැකි බවය . දුක ඇතිකරගන්නේ අප විසින් ම බවය . ඊට හේතුව අප ආදරය කරන, ඇසුරු කරන යම් යම් පුද්ගලයින් පිළිබඳ ව අපේ හිසේ දමා ගෙන ඉන්නා Frams ය. "එයා හරී හොඳ යි.හරිම අවංකයි. මට පණ වගේ ආදරෙයි. මාව විතර මයි පතන්නෙ.. මාව විතරමයි ඉඹින්නෙ " ආදී Fram අපි අපේ ඔළුව ට දාගෙන පණ කඩාගෙන ආදරය කරන මේ චරිත සැබෑ වටම එසේ නොවේ . ඔහු හෝ ඇයගේ ස්වභාවයන් අප සිතා ඉන්නා ආකාර නොවේ. යම් යම් සමාන කම් ඇති බවක් පෙනුනත් මේවා සම්පූර්ණයෙන්ම වෙනස් චරිත වේ. ඔවුන් උපන් ගති ලක්ෂණ සහ ජානමය හේතු අනුව සුපුරුදු ජීවන රටාවේ ජීවිතය ගෙනයති. නුමුත් මේ තැනැත්තා හෝ තැනැත්තිය මෙසේ වේය කියා පූර්ව නිගමනය අපේ මිස ඒ අයගේ නොවේ ය. එනිසා ඒ තැනැත්තා ගේ හෝ තැනැත්තිය ගේ යථා ස්වභාවය හෙළිදරව් වූ විට හෝ දැනගත් විට හෝ ලෝකය ම අහිමි වූවාය කියා ශෝකවීමේ ඵලය කුමක්ද?මේ නිසා ඒ කිසිවෙකු අත වරදක් තැබීමට අපට නොහැකිය . වරද අපි හිතපු විදිහය. එබැවින් මේ දුකින් මිදීමට ඉතාමත් පහසුවෙන් කලයුත්තේ අර Frames හිසෙන් ගලවා කුණු කූඩයට දැමීම ය. එය කල හැක්කේ අපිට මය. සනත් මේ සියල්ල ඉතාමත් පැහැදිලි ව තේරුම් ගත්තේය . රැකියා ව පවා එපා වී සිටි සනත් මා කී පරිදි අර Frames ටික ගලවා ගත්තේය . ඉතාමත් උනන්දුවෙන් රාජකාරි කටයුතු වල යෙදුණේ ය. කවදාවත් නැති තරම් ප්‍රීතිමත් භාවයෙන් එදිනෙදා කටයුතු වල යෙදුණේ ය. කිසිම වෙනසක් නැති ව ආයතනයේ සාමාන්‍ය සේවිකාව ක සේ සලකා තමා ප්‍රතික්ෂේප කල යුවතිය සමග ද කටයුතු කලේය. ඊට සමගාමී ව මාස්ටර් ස් උපාධිය ට හොඳ ටම් මහන්සි වී වැඩ කලේය. ඔහු එයින්ද ජය ලැබුවේය. සනත් ගේ මේ වෙනස අර යුවතිය ට Shock Treatment එකක් වුනේ ය. පියෙවි සිහිය ලද ඈ කියා තිබුණේ සනත් තුල ඇයට ආදරය ක් නොතිබෙන්නට ඇත කියාය. අද දවසේ වීරයා සනත් ය. ඔහුට මංගළ යෝජනා වකින් ඉරණම් කාරියක් ලැබී තිබේ . ඈ උගත් නීති වේදීනියකි. ඇගේ මව් පියන් විදුහල් පති වරුන්‍ ය. ඉතාමත් අහිංසක අවංක තරුණ ජීවිතය කට මෙසේ හරිපාර කියා දීමට කුරාකූඹි මිනිසා ට හැකිවීම ගැන අද දවසේ දී මට ඇත්තේ කිවනොහැකි සතුටකි. මහත්තයා මට ඒ කාලේ මට දීපූ ශක්තිය දහිරිය මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. මා ඔහු ට කීවේ , ",පුතා මට මහත්තයා කියන්න එපා! අංකල් නොකියා මාමා කියන්න කියාය . ඊළග ට මා දුන් උපදේශය නම්, "පුතා අනිවාර්යයෙන් ම ඔයා PhD එක කරන්න ඕනෙ ,"කියාය. ඔහු කීවේ දැනට මත් ඒ සදහා ඔහු කටයුතු කරමින් සිටින බවත් සිය අනාගත භාර්‍යාවද ඊට ඉතාමත් කැමැති බවත්‍ ය. "මාමෙ මං මැයි මාසෙ විවාහ වෙනව. ඒ වෙනකොට මං කිරිමැටියාගාරට එනවා" අද දවසේ ලොකු ම සතුට මෙයයි . සුබ රාත්‍රි යක් වේවා ! කුරාකූඹි මිනිසා . 28.01.24 ..සමාව෴ උසසි අද මම කියන්න යනනේ නීතී රීතී ඉතාම දැඩි දරදඬු රටක වුනු සත්‍ය කතාන්දරයක්. ඇහට ඇහක් ලෙයට ලෙයක් ජීවිතයට ජීවිතයක් නීතිය ඉතා තදින් එහි අනුගමනය කරනවා. මිනිමැරැමක් සිදුකලොත් එම පුද්ගලයාට සිය ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා.එයත් පලිගැනීමේ ක්‍රමයකට. එල්ලී මැරීමට නියමිත පුද්ගලයාගේ තොණ්ඩුව හිරවී මියයාමට මරණීය පහරකින් වරදකරැ වාඩීවී සිටින පුටුව පෙරලී යාමට පා පහර එල්ල කිරීමට අවස්ථාව හම්බවෙන්නේ මරණයට පත් වූ පුද්ගලයාගේ සමීපතම ඥාතියෙකුට. ගොඩක් වෙලාවට මුහුන පුරා කෙළ පහර හා කම්මුල් හා කන් පුරා අමතර සංග්‍රහ රැසකුත් චුදිතයාට හිමීවී අවමන් සහිත මරණයක් හිමි වෙනවා. සිය එකම පුතා මරා දැමූ අධම මිනිසාගේ අලුගෝසුවා වීමේ ශෝඛීය ඉරනම ඡායාරෑපයේ සිටින අම්මාටත් අත්වුනා. සිය ආදරණීය පුතුගේ මතකයෙන් තෙත් වු දෑස් සමඟ මිනීමරැවා වෙත ඈ පිය නැගුවා. මොහොතක් ගතවුනා. ඈ වැලහින්නක් ලෙස මහ හයියෙන් වැළපුනා. ඉන් පසු උණු කඳුළු පිසදමා වෙව්ලන දෙපා වලින් පුත්‍ර ඝාතකයා වෙත ලංවූ ඈ සිය දුබල දෑත් වලින් ඔහුට අතුල් පහරක් එල්ල කලා. ඉන් පසු හිමින් හිමින් බියේ වෙව්ලන නොදන්නා මිනිසාගේ ගෙලවටා තිබුනු මරණීය රැහැන් බුරැල් කර දෑස් බැද තීබි කළුපටි නිදහස් කලා. “ මම උඹට සමාව දෙනවා” උතුම් මාතාව සිය හඩ අවදිකලා. “ඒ වෙන කුමක් නිසාවත් නෙමෙයි . මෙතන උඹ නිසා වැලපෙන උඹේ අම්මා නිසා. මට තවත් අම්මා කෙනෙකුට පුතෙක් අහිමි කරන්න බෑ” ඒ අසලම වැළපෙමින් සිටි මහළු කාන්තාවක් තදින් බදාගත් ඈ මහත් වේදනාවෙන් කඳුළු සැලුවාය. ඒ රටේ නීතීය අනුව ඇයට එසේ කිරීමට අවකාශ තිබුනා. ඇය මහමෙරක් වූ සිය පුත්‍ර වියෝග ශෝඛය යටපත් කර එම ආගන්තුක මවගෙ පුතුට අභයදානය දුන්නා. ලෝක මනුසත්කම තවමත් හුස්ම ගන්නා බවට මෙයටක් වඩා උදාහරණ අවශ්‍යද? (සැබෑ ඡයාරෑප සමඟ)කල්ලඩි අන්දරය 03 කුඩා සමාරම්භක උත්සවයකින් පසු වර්ෂාගේ පුහුණු පාඨමාලාව අරම්භ විය. උදෑසන නවයේ සිට සවස හතර දක්වා පැවැත්වෙන පුහුණුව සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගික පුහුණුවකින්ද සමන්විත වූවකි. ඔවුන්ගේ උදේ ආහාරය හා දිවා ආහාරය විශ්ව විද්‍යාලයෙන්ම සැපයූවද මිරිස් තුනපහ පදමට යොදා ආහාර ගෙන පුරුදු ඔවුන්ට මේ ලබා දෙන ආහාරය ප්‍රණීත වූයේ නැත. ඇතැම් විට ඒවා කුසට කෙසේ වෙතත් හිතට ප්‍රමාණවත් වූයේද නැත. දෙවන දින උදෑසන ආහාරය ලෙස පිළියෙල කොට තිබුණේ ඉඳි ආප්පය. ආහාර බෙදන්නට සිටි කාර්‍ය මණ්ඩලය එක් පිඟානක් සඳහා බෙදුවේ තරමක් විශාල ඉඳි ආප්ප දෙකකි. සාමාන්‍ය තරමේ ඉඳි ආප්ප දහයකට පමණ වග කියන ඔවුන්ට එම විශාල ඉඳි ආප්ප දෙක කුසට ප්‍රමාණවත් වුවත් ඉන් හිත පිරී ගියේ නැත. දිවා ආහාර වේලාවේදී නම් මයුමිලාගේ කණ්ඩායමේ ඇතැමුන් ගෙනැවිත් තිබූ වම්බටු මෝජු, හාල් මැස්සන් බැදුම, කොට්ට පොල් සම්බෝලය වැනි ආහාර සියළු දෙනා බෙදා හදාගෙන ආහාරයට ගැනීම නිසා හිතේ සතුටින් ආහාර ගැනීමට වර්ෂාට ද අවස්ථාව ලැබුණි. නිවසේදී ලොකු වීදුරු මග් එකකට කිරි බී පුරුදු වර්ෂාට උදේ දහයට හා සවස හතරට කුඩා එවර් සිල්වර් කෝප්පයට ලබා දෙන කිරි තේ එක හා කුඩා බිස්කට් දෙක ගෑවෙන්ටත් මදිය. මුලදී ඒ නිසා අපහසුතාවයට පත් වුවද දින කිහිපයක් යනවිට ඔවුහු ඒ සියල්ලටම හුරු වූහ. පුහුණුව අවසන් ව හෝටලයට එන වර්ෂා ඉක්මනින්ම බිස්කට් දෙක තුනක් කා කිරි කෝපි කෝප්පයක් බී මිතුරියන් සමග ඇවිදින්නට යන්නේ රාත්‍රි හත පමණ වන විට ත්‍රිශූර් නගරයේ බොහොමයක් වෙළෙඳ සැල් වසන බැවිනි. යුවතියන් වඩා කැමැත්තක් දැක්වූයේ සාප්පු වලට වඩා පේමන්ට් කඩ වලටය. සාප්පු වලට වඩා බෙහෙවින් අඩුවට පේමන්ට් කඩ වලින් යම් යම් දෑ මිළට ගත හැකි බව ඔවුන් දැනගත්තේ සාප්පු සවාරි වලින්ම ලද අත්දැකීම් වලිනි. නොයෙක් මාදිලියේ සපත්තු සෙරෙප්පු, ඇඳුම්, පාසැල් උපකරණ ගොඩවල් ගසාගෙන විකුණන මෙවන් කඩවල ගොඩවල් ඇඳ තමන්ට අවශ්‍ය දෑ සොයා ගැනීම ඔවුන්ට විනෝදයකි. "මේ බලන්නකෝ... පමුණුවෙ වගෙයි. මේ ගොඩවල් වල සපත්තු හරිම ලාබයි" හසිතා සපත්තු ගොඩක් ඇද බලමින් පැවසූයේ උදෑසන පමුණුවේ කඩ වලට ගොඩ වැදී නැති මයුමිටය. මයුමි සෙරෙප්පු කුට්ටම් කිහිපයක්ම තෝරා ගත්තාය. "වර්ෂා, ඔයා ගන්නෙ නැද්ද? මේවා හරිම ලාබයි අනේ" වර්ෂා කල්පනා කළේ අම්මාගේ කකුලේ ප්‍රමාණය ගැනයි. අවසානයේ විනාඩි දහයක් පමණ සපත්තු ගොඩ එහෙට මෙහෙට පෙරළා වර්ෂා තමාටත් අම්මාටත් ආච්චම්මාටත් සෙරෙප්පු යුගල් තුනක් තෝරා ගත්තාය. සාරි සාප්පු වලට ගොඩවදින තිදෙනා ඉන් එළියට එන්නේ පැයක් පමණ සාරි තේරීමෙන් පසුවය. බොහෝ දිනවලදී ගන්නා සාරියකුත් නැත. යුවතියන් ලංකාවේ බව, දැන ගන්නා ඇතැම් වෙළෙන්දන් බොහෝ සතුටට පත්වේ. "මිස්ලා ලංකාවෙන්ද? අපිත් එහෙ නිතර යනවා" "එහෙමද? ඒ මොකටද නිතර ලංකාවට යන්නෙ?" මයුමි අසන්නේ ඉංග්‍රීසි, දෙමළ, හින්දි, සිංහල සියල්ල මිශ්‍ර අමුතුම භාෂාවකිනි. ඔවුන්ද දෙමළ හා කැඩුණු ඉංග්‍රීසි බසින් යුවතියන් හා ගනුදෙනු කළහ. "අපි ලංකාවෙ මඩකලපුවෙන් සාරි ගේනවා" "හානේ... ඇත්තද? මමත් මඩකලපුවෙ" වර්ෂා දමිළ භාෂාවෙන් කතා කිරීම නිසාත්, තමන් ලංකාවෙ දන්නා එකම ප්‍රදේශය වන මඩකලපුවේ අයකු වීමත් නිසාත් තරුණ වෙළෙන්දෝ වර්ෂා හා කුළුපගව කතා කළෝය. "මෙයාලා නිතර මඩකලපු ඇවිත් සාරි ගෙනැත් මෙහෙ විකුණනවලු. මෙයාලට හරිම සතුටුයි ලංකාවෙ
අයව අඳුනගන්න ලැබුනට" වර්ෂා මිතුරියන්ට පැහැදිලි කළාය. "අපෝ... අපි ඉන්දියාවෙන් සාරි ගන්න ආවට මෙයාලා මෙහෙ විකුණන්නෙ අපේ සාරිනේ" හසිතා පැවසූයේ සිනාසෙමිනි. "අපි වර්ෂලගෙ ගෙදරට ට්‍රිප් එකක් දාගෙන ගිහින් සාරිත් අරන් එමු. මෙයාලා ට්‍රාන්ස්පෝර්ට් එක්ක ගාණ අල්ලනකොට අපිට එහෙන් අඩුවට ගන්න පුළුවන්" උදෑසන පුහුණු කටයුතු නිසා කාර්‍යබහුල වන යුවතියන් සවසට ලැබෙන මේ විරාමය ඉතා සතුටින් ගතකළෝය. වර්ෂාට පාළුවක් දැනෙන්නේ රාත්‍රියටය. සාප්පු සවාරියෙන් පසු රාත්‍රි ආහාරය පිණිස යමක් ගෙන මිතුරියන් විසිර ගිය පසු හෝටල් කාමරයේ තනිවන වර්ෂා හිතට දැනෙන කාන්සිය මකා ගන්නේ අම්මාටත් ලංකාවේ ඇය සමග සේවය කරන මිතුරියන්ටත් දුරකථන ඇමතුම් දී දවසේ සිදුවීම් විස්තර කරමිනි. කවදාවත් දින පොතක් භාවිතා නොකළ වර්ෂා ඉන්දියාවට ආ දා පටන් එක්සයිස් පොතක දවසේ සිදුවීම් වාර්තා කළාය. දවසේ ඉතිරි පැය කිහිපය මෙලෙස ගෙවා දැමූ ඈ වේලාසනින් නින්දට වැටුණාය. ... ... ... පුහුණුවේ මුල් දින තුනම ගෙවී ගියේ සිද්ධාන්ත ඉගැන්වීම සඳහාය. පැය ගණනාවක් දේශණ වලට සවන්දීම සරසවි සිසුන් වන මයුමිටත් හසිතාටත් එතරම් ගැටළුවක් නොවූවද එතරම් වේලා එක තැන රැඳී සිට පුරුදු නැති වර්ෂාට එය මහත් අපහසුවක් විය. ඇතැම් දේශණ කොටස් ඇයට ඉතාම නීරස විය. ඉවසා සිට බැරිම තැන ඇය රහසින් මයුමි ඇමතුවේ එහෙයිනි. "හරි කම්මැලියි අප්පා... ප්‍රැක්ටිකල් කවදා පටන් ගනීද මන්දා" "ඔව් අනේ. හරිම බෝරිං. නිදිත් මතයි" "ඔයා ගාව කෝස් ෂෙඩ්‍යුල් එක තියෙනවද?" මයුමි පුහුණු පාඨමාලාවේ වැඩසටහන් පෙළගැස්ම වර්ෂා අත තැබුවාය. එය හොඳින් නිරීක්ෂණය කළ වර්ෂාගේ මුහුණ සිනාවකින් ඔපවත් විය. "ඒ... මේ... හෙට හවස ප්‍රැක්ටිකල් පටන් ගන්නවා" "කෝ බලන්න. අම්මෝ ඒක නම් ලොකු දෙයක්. මටත් එපාවෙලා හිටියේ" ආරංචිය කීමට දෙදෙනාම හසිතා දෙස බැලුවේ එකවිටම වාගේය. ඒ වන විටත් හසිතාගේ දෑස් පියවී හිස පහතට යොමුවී තිබුණි. "මෙන්න මෙයා නිදි" මයුමි තරමක් තදින් හසිතාගේ අත කෙනිත්තුවාය. ... ... ... සිව් වන දින සියළු සිසුන් ඉතා උනන්දුවෙන් දේශණ වලට සහභාගී වූයේ දිවා ආහාර විවේකයෙන් පසු එළඹෙන කේරළ පංචකර්ම ප්‍රායෝගික පුහුණු අත්දැකීම සිත් පුරා විඳගැනීමේ බලාපොරොත්තුවෙනි. වර්ෂාට දැණුනේ ඔරලෝසුවේ කටු කැරකෙන්නේද ඉතාම සෙමින් ලෙසය. දිවා ආහාරයෙන් පසු සිසුන් කණ්ඩායම කුඩා කණ්ඩායම් හතරකට බෙදූ දේශකතුමා එක් එක් කණ්ඩායම් භාරව විශේෂ පුහුණුකරුවන් යෙදෙවූයේය. පංචකර්ම ප්‍රතිකර්ම සඳහාම විශේෂයෙන් සැකසූ විශාල ශාලාව කොටස් හතරකට බෙදා සිසුන් සියළු දෙනාට ඒප්‍රනය බැගින් බෙදා දුන්නේය. වර්ෂාත් මයුමිත් එකම කණ්ඩායමකට තේරුණේ හසිතාගේ මුහුණ පුරා කළු වළාවන් ඇඳී යද්දීය. ඒප්‍රනයෙන් සැරසුණු සිසුන්ට දේශණ සඳහා සහභාගි වූ වෛද්‍යතුමා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. "අපි එක් එක් කර්ම ගැන පහුගිය ටිකේම ඉගෙන ගත්තනෙ. දැන් අපි ඒවා ප්‍රායෝගිකව කරලා බලනවා. මේ ඉන්න කණ්ඩායම තමයි අපිට මේ පුහුණුවට උදව් කරන්නෙ. අපි ඩමි විදිහට යොදා ගන්නෙ මෙයාලව" වෛද්‍ය නාරායන් සිය කණ්ඩායම හඳුන්වා දුන්නේය. වර්ෂාට පමණක් නොව මයුමිටත් හසිතාටත් සිය දැස් අදහාගත නොහැකි විය. තිදෙනා මුහුණින් මුහුණ බලා ගත්තේ ඒ නිසාය. නමුත් දන්නා හඳුනන කෙනෙක් කලකට පසු දැකීමේදී දැනෙන ප්‍රීතිය ඔවුන්ගේ මුවෙහි මෙන්ම දෑස් වලද සටහන් විය. අන් කවරෙකුවත් නොව, යුවතියන්ගේ ප්‍රීතියට හේතු වූයේ කණ්ඩායමේ සිටි තරුණයින් දෙදෙනෙකි. ඒ ගගන සහ දේව් ය. වෙනදා දිගු කලිසමකින් හා කමිසයකින් හෝ ටී ෂර්ට් එකකින් සැරසුණු කඩවසම් තරුණයින් දෙදෙනා අද උඩු කය ඇඳුමක් රහිතව ඉතාම කෙටි කොට කලිසමකින් පමණක් සැරසී සිටීම නිසා යුවතියන් පත් වූයේ මහත් අපහසුතාවයකටය. යෙහෙළියන්ටත් වඩා ඔවුන් දෙස එක එල්ලේ බැලීම අපහසු වූයේ වර්ෂාටය. ගගනත් දේව් ත් සිටියේ කිසිවකු නොහඳුනන විලාසයෙනි. වෛද්‍ය නාරායන් තවත් මොනවාදෝ කියනවා ඇසුනත් ඒ මොනවාදැයි යන්න වර්ෂාගේ සිතේ සටහන් වූයේ නැත. මතු සම්බන්ධයි... සිතුවම අන්තර්ජාලයෙනි.හැන්දෑවේ හය පහුවනවාත් සමගම සුමේධා මුළුතැන්ගෙය දෙසට ඇදුනේ රාත්‍රී ආහාරයට යමක් පිළියෙල කිරීමටය.ඇයට අවශ්‍ය වූයේ සැමවිටම නිවසේ කුමන හෝ වැඩක නිරත වීමටය.ජීවිතයේ ඇයට තිබුණු ලොකුම ආශාව නම් කාට හෝ කෑම වේලක් දී එහි රස ගැන වර්ණනාවක් ඇසීමයි.සමහරවිට එම වර්ණනාවෙන්ම ඈ බඩ පුරවාගත් අවස්ථාද නැතුවාම නොවේ.නිවසේ මුළුතැන්ගෙයි වගකීමද පැවරී තිබුනේ ඈ හටය.පැවරුනාටත් වඩා ඇය එය බලෙන්ම පවරාගත්තාය. පුතාත් ලේලියත් මුණුබුරාත් ඇගේ කෑම වල රස විඳීමට සිටින්නේ නොඉවසිල්ලෙන් බව ඇය දැන සිටියාය.පුතාට අවශ්‍ය වූයේ අම්මා අතින් හදන කෑමක් රසවිඳීමටය.ලේලියට අවශ්‍ය වූයේ කාගේ හෝ අතකින් හදන කෑම වේලක රස විඳීමටය.ඒ තරම් ලේලියට තමන්ගේ අතින් පිසින කෑම දැන්නම් නොරුස්නා තරම්ය.මේ සියලු කරුණු කාරණා දත් සුමේධා, රෑ කෑම වේල පිළියෙල කිරීම සෑමවිටම බලෙන් භාරගන්නේ එහි ආත්ම තෘප්තිය ඇගේ මහන්සිය ඉක්මවන බැවිනි. තම සැමියාගේ වියෝවෙන් පසු සුමේධා මාස කීපයක් තම හුරුපුරුදු නිවසේම කාලය ගෙවූ අතර තම පුතාගේ නිවසට පැමිණියේ ටික කලකට හෝ තනිකම මකාගන්නටය.එනමුත් තම නිවස තරම් සුවපහසු තැනක්ද ඈ හට නොවීය. තම කුසෙන් වැදූ දියණියක් ලෙස තමන්ව රැක බලාගන්නා ලේලියක් තමන්ට ලැබීම සුමේධා හීනෙන්වත් නොසිතූවකි.එහෙයින් පුතාගේ ගෙදර සිටීමට ඈ වඩා ප්‍රිය කළාය. රාත්‍රී ආහාරය සඳහා රතු කැකුළු හාලක් ඉදෙන්නට තිබූ ඇය පරිප්පු අහුරක් සේදීමට ගත්තේ ඇගේ පුතා පරිප්පු කෑමට රුසියෙක් බව දන්නා නිසාය.එය සෝදා අවසන් වූ ඇය ඊට අමතරව කරවල බැදුමක් සෑදීමට සූදානම් වූ අතර ,අතට ගත් කරවල කැබැල්ලේ දුඟද පරයමින් සාලය දෙසින් එන්නට වූ සැර තීන්ත සුවඳක් මෙන් සිහින් ,කටුක සැරක් නහය විනිවිද යන්නාක් මෙන් ඇයට දැනිණි. ඉවීම ටිකකට පසෙක තැබූ සුමේධා අත් සෝදාගෙනම සාලය දෙසට ඇදුනේ මේ සැර සුවඳ එන්නේ කොහෙන්දැයි බැලීමටය.එය මුණුබුරාගේ කුමක් හෝ දඟ වැඩක ප්‍රතිඵලයක්දැයි ඈ නිකමට සිතන්නට විය.එහෙත් ඇගේ නිගමනය නිවැරදි නොවීය.මුණුබුරා ඇගේ ඇස් ගැටෙන මායිමක නොසිටියේය.සාලයේ සිටියේ ඇගේ ලේලිය වූ වින්ධ්‍යායි. සති අන්තයේ නිවාඩුවෙන් පසු හෙට ආපසු තම රාජකාරි ස්ථානයට යාමට සූදානමින් වින්ධ්‍යා තමන්ගේ නිය පොතු වල ගෙවී ගිය නිය ආලේපන, යම් දියරයක් පුළුන් කැබැල්ලක තවරමින් ඉවත් කරමින් සිටියාය. "ආ...මං ඒත් බැලුවා මොකක්ද මේ සැර සුවඳක් එන්නේ කොහෙන්ද කියලා."සුමේධා, වින්ධ්‍යා ළඟ හිඳ ගනිමින් පැවසුවාය. තම නැන්දම්මාගේ හඬින් තිගැස්සුණු වින්ධ්‍යා නැවතත් සන්සුන් වූයේ තමා කරන කාර්යයට සිත යොමු කරමිනි. "මං මේ නිය පොතු වල ගාපු නේල් පොලිෂ් ටික අයින් කරනවා අම්මේ.ආයේ අලුතින් ගාන්න ඕන.පරණ ටික තැන් තැන් වලින් හීරිලා ගිහින්.පාටත් එහෙමම වෙනස් කරනවා" වින්ධ්‍යා පැවසූවාය. වින්ධ්‍යා ළඟ තිබූ නිය ආලේපන බෝතල් දෙස සුමේධා බලා සිටියේ දැඩි උනන්දුවකිනි.ඈ ළඟ රතු,මෙරූන්,රෝස හා ඇත්දළ පාටට හුරු සුදු පැහැයෙන් හා තවත් ඇස් කඩාගෙන යන පැහැයෙන් යුතු කුඩා බෝතල් කිහිපයක් විය.එතරම් එකතුවක් සුමේධා දුටු පළමු වතාව එය විය. "අම්මටත් ආසනම් ඕකෙන් කැමති පාටක් අරන් ගාගන්න." වින්ධ්‍යා පැවසූවේ සිය නැන්දම්මා කෙදිනකවත් අවසරයකින් තොරව කාගේවත් දෙයක් නොගන්නා බව දන්නා නිසා සහ ඇය ඒ දෙස උවමනාවෙන් බලා සිටි බව දුටු නිසාය. සුමේධා කිසිවකුගේ කිසිම දෙයකට වත් ආසාවක් ඇති නොකරගත් අයෙකි.අඩු තරමේ තමන්ගේ දෙයකටවත් අනවශ්‍ය ලෙස ආශා නොකළාය.ඈ සියල්ල සම සිතින් දරාගත් කාන්තාවකි.ඈ කනස්සලු වූයේ එක් දෙයකට පමණි.ඒ කවුරුන් හෝ ගෙදර කෑම නිකරුනේ අපතේ යවන්නේ නම් පමණි.ඇතැම් විට ඒ කනස්සල්ල ඇය පිට කරන්නේ නොසෑහෙන බැනුමක්ද සමගිනි. ඈ කිසි දිනෙක කාගෙන්වත් උපකාරයක් නොපැතුවාය.නමුත් ඈ අනුන්ගේ දරදිය පවා ඇද්දේ මේ භවයේදීම පෙර කල පවක් ඇත්නම් ගෙවී යන ලෙස පතමිනි. "මට මොකටද දරුවෝ ඕවා "යැයි සිනහවක් මුහුණට නගා ගනිමින් පැවසූ සුමේධා බෝතල් එකින් එක අතට ගෙන බැලීමට පටන් ගත්තාය.පාට අතරේ ඇය ටිකකට අතරමං වූවාය. ඇය තරුණ කාලයේදීවත් නිය ආලේපන පාවිච්චි කලේ නැත.ඒ සඳහා ඇයට කිසි දිනක උවමනාවක්ද නොතිබ්බාය.ආසාව තිබ්බත් ඒ සඳහා වියදම් කරන්නට ඇය ළඟ හරිහමන් මුදලක් තිබුනේද නැත.කොටින්ම ඇය රැකියාවක් කලේද නැත.පරම්පරාවෙන් හෝ දෙමාපියන්ගෙන් ලැබුණු දෙයක්ද ඇයට නොතිබිණි. කෑම බීම යහමින් තිබූ තම නිවසේ කණකර ආභරණ කීපයක් හා ඉඳහිට ලැබුනු අළුත් ඇඳුමක් දෙකක් හැරෙන්නට ඈට වෙනත් වත්කමක් නොතිබුණි.ඇගේ සැමියාගේ ආදරය ,සොයාබැලීමට පමණක්ම සීමා වූවකි.ඇය ආදරය ලෙස දැක්කේ අත්වින්දේ සීමිත පරාසයකි. නිය ආලේපන බෝතල් අතර ඇස් යවමින් සිටි ඇයට කලාතුරකින් හෝ අවසාන වතාවට නිය ආලේපනයක් පාවිච්චි කලේ කවදාදැයි හරියටම මතක නැත.තම පුතාගේ විවාහ උත්සවය දවසේ ඇය නිය ආලේපන පාවිච්චි කල වගක් සිහින්ව මතකයේ ඇත.එදාද ඒවා පාවිච්චි කලේ ආසාවකට නොව කොණ්ඩා හා ඇඳුම් සැරසිල්ලට ආ යුවතියගේ බල කිරීමටය. "ඔය සුදු පාට එක මට ගෙනත් දුන්නේ චතුර.එයා ආස ඔය වගේ පාට ගානවට." වින්ධ්‍යා එසේ පැවසූවේ තම සැමියා පිළිබඳ සෙනෙහස පිරුණු ආඩම්බරකමකිනි. "එහෙම තමයි,රස්සාවක් කළත් නොකළත් ගෑණු ආස දේවල් පිරිමි ගෙනත් දෙන්න ඕන.පෝරුවේ නැගලා පොරොන්දු වෙන්නේ ඕවට තමයි" සුමේධා එසේ පැවසුවේ තම පුතා ගැන සැඟවූ ආඩම්බරයෙනි.තමාට නොලැබුනත් අන් අයට ලැබෙන දේවල් වලටද ඇය ඊර්ෂ්‍යා කලේ නැත. "ඔව් අම්මේ.වැඩට යනකොට හිඟන්නෝ වගේ යන්න බැහැනේ.පොඩි දෙයක් හරි කමක්නෑ පිළිවෙලට කරගෙන යන්න ඕන.අපි කියලා ලොකු වියදම් කරන්නෙත් නැහැනේ...අනික අනිත් අය එන විදිහට මේවා බොහොම සුළු දේවල්." එසේ පවසමින් වින්ධ්‍යා සුමේධා අසලට ගියේ ඇගේ අතේ ඇඟිලි වලද නිය ආලේපන ගල්වන අදහසිනි. "කෝ අම්මගෙ අත් දෙන්නකෝ.අපි අද පොඩි පාට ටිකක් ගාලා ඔය අත් වල පාළු ගතිය නැති කරලා දාමු." වින්ධ්‍යා කීවේ සිනාසෙමිනි. "ආපෝ එපා එපා.පුතා දැක්කොත් මොනවා කියයිද මන්දා.
අනික ඕවා ගෑවා කියලා නැතිවෙන්න පාළුවකුත් නෑ.අනික මට ඕවා නැතිව පහසුයි." සුමේධා පැවසුවේ දෙගිඩියාවෙනි. "එයා මොනවා කියන්නද අම්මේ.එයා මේවට අකමැති නැහැ.අනික මොනවාහරි කිව්වොත් මං බලාගන්නකෝ.අම්මා වැඩිය හිතන්නේ නැතිව ඉන්න." වින්ධ්‍යා එසේ පැවසුවේ අවශ්‍ය නම් තම සැමියා සමග යුධ ප්‍රකාශ කිරීමට පවා හැකි බව පෙන්වමිනි. "එහෙනම් පුතේ මට ඔය ඇත්දළ පාට පොලිෂ් එක දෙන්නකෝ.ඒක ගාගන්නම් මම.වැඩිය ඇස් කඩාගෙන යන පාටකුත් නෙවේනේ.කාටවත් පේන්නෙත් නැහැනේ." ඇය පැවසුවේ නිය ආලේපනය වින්ධ්‍යා ගෙන් ඉල්ලා ගනිමිනි.ඇගේ යටිහිතේ ඇති වූ සුළු ආශාව ඇයට මැඩ ගැනීමට නොහැකි වූයේ ගෑනු හිත් වල ආශාවල් කොයි මොහොතේ කොයි දේට යොමු වේදැයි සක්කරයාටවත් අනුමාන කල නොහැකි බව පසක් කරමිනි. සුමේධා ඉතා සීරුවෙන් තම පාදවල නිය පාට කරන්නට ගත්තාය.ඇය නිදහසේ තමන් වෙනුවෙන් දෙයක් කරන්නේ අවුරුදු ගනණකට පසුවය.ඇගේ ජීවිත කාලයේ වැඩි කාලයක් ගතවූයේ අනුන් වෙනුවෙනි. පොඩිකාලේ මෙන් අවවාද දෙන්නට තම පියා ළඟක නැත.තහංචි දමන්නට තම සැමියා නැත.ඔරවා බලන පුතා මට්ටු කිරීමට තම හිතවත් ලේලිය අවශ්‍ය විටක ඇත.ජීවිතයේ කාලෙකට පසු හිතේ කොනක සියුම් නිදහසක් සතුටක් ඇයට දැනෙන්නට විය.ජීවිතයේ මුල් වතාවට නිදහසේ සුවඳක් නිය ආලේපන වලින් ඇයට දැනුණි. පාදවල නිය සීරුවෙන් පාට කල ඈ ඒවායේ හැඩ බලන්නට විය.මීට කලින් ජීවිතේ පටන් ගන්නට තිබුණා යැයි හැඟීමක් ඇයට දැනෙන්නට විය.කොතැනකදී හෝ තමන්ට තමන්ව මගහැරුණු වගක් ඇයට දැනෙන්නට විය. ඒ අතර නිය ආලේපන වල සුවඳ ඇගේ නහර පුරා දිව යන්නට විය.විනාඩි කිහිපයකින් තම පාදවල නිය ඇය පාට කර අවසන් කලේ පුරුදු කාරියක මෙනි. "අම්මේ මෙන්න මේ ග්ලොස් එක ඔය ටික වේලුනහම ඕක උඩින් ගාන්න.එතකොට තව ලස්සනට තියෙයි.ඒවා ගෑවම දිලිසෙන ගතියක් තියනවා." වින්ධ්‍යා තවත් ආලේපනයක් සුමේධා අත තබමින් පැවසුවාය. "ෂා..ඔය තියෙන්නේ ලස්සනට.අම්මට ඔය පාට හොඳට ගැලපෙනවා.අම්මා ඕක තියාගන්න.මං තව එකක් ගන්නම්." වින්ධ්‍යා පැවසූවේ සුමේධාගේ දෙනෙතෙහි මතුවූ දිස්නය දුටු නිසාවෙනි. "එන්න අම්මේ අපි අතේ ඇඟිලි වලත් ගාමු.තවත් ලස්සනට තියෙයි එතකොට.කෙල්ල වගේ ඉඳී.වයසට යද්දී තමයි මිනිස්සු ලස්සනට ඉන්න ඕන." වින්ධ්‍යා පැවසුවාය. "පුතේ බැරිද මගේ මේ සුදු වෙච්ච කොණ්ඩ ගස් ටික කළු කරගන්න ඩයි එකක් ගෙනත් දෙන්න." සුමේධා ඇසුවේ තම හිතේ තිබුණු තවත් බරක් නිදහස් කරමිනි. "ඒක සුළු දෙයක්නේ.දැක්කනේ අම්මේ,එක දෙයක් කරගන්නකොට ඉතුරු ටිකත් කරගන්න හිතෙනවා.අපි කරගන්නවාට වඩා හොඳයි සැලෝන් එකකට ගිහින් කරගන්න එක.හොඳ තැනකින් කරගමු.එතකොට ආයේ කාලෙකට පාට තියෙයි.ලබන සතියේ ඕන නම් යමු." වින්ධ්‍යා පැවසුවේ සුමේධාගේ ඇඟිලි වල නිය ආලේපන ගැල්වීමට පටන් ගන්නා ගමන්ය. "ලොකු ගානක් යයිද" සුමේධා ඇසුවාය. "නෑ..එහෙම යන්නේ නෑ.මම ඒක බලාගන්නම්කො.ඒ වෙලාවට වෙන පාටක් ගාන්න හිතුනොත් ඒකත් කරලා බලමු." වින්ධ්‍යා පැවසුවේ ඇයට සුමේධා වෙනුවෙන් සුළු දෙයක් හෝ කිරීමට හැකිවේ නම් ඒ ගැන සිතා නිරහංකාර සතුටක් ලැබීමටය. ඇය එසේ කියනවාත් සමගම ගේ ඇතුලෙන් හඬක් අවදි විය. "අම්මේ කන්න මුකුත් නැද්ද .බඩගිනියි හොඳටම." ඒ චතුරගේ හඬයි. "එයා ටිකක් ඔහොම බඩගින්නේ හිටපුවාවේ අම්මේ.අනික ටිකක් වෙලා ඔහොම හිටියා කියලා මුකුත් වෙන්නේ නැහැනේ.අම්මා මේ වැඩේ ඉවරකරගෙනම යන්න.අපි දෙන්නම එකතුවෙලා තව ටිකකින් උයමු." වින්ධ්‍යා තරහ පිරි සිනහවකින් එලෙස පැවසුවේ ඇගේ සැමියාට නෑසෙන ලෙසය. "ඕන නෑ දරුවෝ.ඔයා හෙට වැඩටත් යන්න එපැයි.ඔය වැඩේ ඔයා ඉවරකරගන්න.අනික පුතාටත් බඩගිනි ඇති දැන්.මම උයලා එන්නම්." එසේ පවසමින් සුමේධා මුළුතැන්ගෙය දෙසට ඇදෙන්නට විය . "ඔය පාට අත් වල ගෑවොත් කොහොමත් දැන් මේ උයන පිහන විදිහට ආපහු සවුත්තු වෙනවනේ.අනික ගේ ඇතුලෙම ඉන්න අපි ඕවා කාට පේන්න ගාන්නද " යැයි කියමින් සුමේධා පැත්තකින් තබා තිබූ කරවල කැබලි ටික සේදීමට පටන් ගත්තේ ඒවායේ ගඳට, නිය ආලේපන වලින් එන සුවඳ නොමැකේවායි පතමිනි. ------ සේයාරුව අන්තර්ජාලයෙනිකොටස් දෙකක කතාවකි. ලොක්කී.. නෙතින් වැටෙන කඳුළු බිංදු ලේන්සු අගිස්සට මුහුකරන් ඉස්සරහ දොර සෙමින් ඇර ගත් මා මිදුලට බැස්සෙ හරියට හොරෙක් වාගේය. තවමත් හරියට එළිය වැටී නැත..පන්සලේ ඇහෙන පිරිත් හඬට එකතු වෙච්ච කුරුල්ලන්ගෙ සද්දෙ හිතට ගෙනාවෙ සැනසීමකි. අන්තිම පඩිපෙළත් බැහැලා ආයෙත් ආපස්සට හැරුනු මට පෙනුනෙ අඳුර මැදින් දිස්වෙන සුදු පාට බිත්ති දරාගෙන ඉන්න උළු වහලේ පමණය. "දෝණියෙක්.." රෝස පාට පැනල් එකක ඔතපු දරුවව අත්තම්මා අතේ තිබ්බ අම්මගේ මූණ සතුටින් පිරි ගොසින්ය. "අනේ පත්තිනි මෑණියන්ගෙ පිහිටයි..ගෙදරකට ඉස් ඉස්සවෙලාම කෙල්ලෙක් ලැබෙන එක ඒ පවුලට වාසනාවයි." "දැන් ඉතින් බය වෙන්න කාරි නැ" අත්තම්මා දරු පැටියා දිහා බලාගෙන කිව්වෙ එයාගේ ඉල්ලීමට මෑණියෝ ඇහුන්කම් දුන්න නිසා විය හැකිය. හැමදාමත් බුදුන් වැඳලා පත්තිනි මෑණියන් වෙනුවෙන් පුද පූජා කරන එක අත්තම්මගේ දින චර්යාවෙම කොටසක් වූ බව මා අම්මාගෙන් පසු කලකදී අසා ඇත්තෙමි. ඉස්පිරිතාලෙන් මහ ගෙදරට ගෙනාව දවසේ ඉදන් හැමෝගෙම ආදරේ නොඅඩුව ලැබුණ මම ඒ ආදරෙත් එක්කම උස් මහත් වුනේ තවත් මල්ලියෙකුගේ අක්කා වෙමින්ය. අම්මටත් තාත්තටත් මම ලැබුණු පසු දැනුණු සතුට වගේම සතුටක් මල්ලිගේ උපතින් පස්සෙත් ලැබුණු බව පෙනුනෙ වටේ පිටේ ඉන්න අසල්වැසියන්ගෙන් සහ නෑදෑයින්ගෙන් ලැබුණු ප්‍රශංසා වලින්ය. "දැන් හොදයි...ගෙදරට කොල්ලෙකුත් ඉන්නවා.." " ජාති දෙකෙන්ම ඉන්න නිසා බයක් නැ දැන්." "රුව ඇති දුවයි..කට ඇති පුතයි..නංගිට සතුටු වුන හැකි දෙන්නා දිහා බලලා." ඒ වෙලාවට අම්මගේ මූණෙ ඇඳෙන හිනාවෙන් කියවෙන්නෙ හරියට ඇයට රටක් රාජ්‍යයක් ලැබුනා වගේ සතුටක්ය. මල්ලිට අක්කා වෙච්ච... පවුලට වැඩිමලා වෙච්ච මම හැමෝගෙම ලොක්කී වුනේ එහෙමය. හැමෝම හැම තිස්සෙම ලොක්කී කියලා කතා කරනකොට මගේ හිතටත් දැනුනෙ පුදුමාකාර ආඩම්බරකමකි. සාමාජිකයින් හතරදෙනෙක් එක්ක අපි හැමදාමත් සතුටින් ජීවත් වුනේ දරාගන්න බැරි තරමට අඟහිඟ අපේ පවුලට නොතිබුණු නිසාවෙන්මය. කාලය ඉගිළ ගියේ මා උසස්පෙළ කඩයිම දක්වාත් මල්ලී සාමාන්‍යය පෙළ කඩයිම දක්වාත් අප ඔසවා තබමිනි. නොසිතූ මොහොතක අංශබාග රෝගය වැළදී අප්පච්චී එක් තැන් වුයේත් මේ කාලයේදීමය.එය අපේ පවුලෙ සතුට උදුරා ගත් හතුරකු සේය. එනිසාම මගේ යෞවන කාලය උකසට තබා මා වැඩිහිටියෙකු වූයේත් මල්ලී තවමත් ඉගෙනීමේ කටයුතු වල නිරත කරවූයේත් මේ සියළු දේ මගෙ අතට ගනිමින්ය. අප්පච්ච්ගෙ බෙහෙත් වෙනුවෙන් යන වියදම් දරාගන්නට බැරි විටකදී අතේ කනේ තිබුණු වටිනාකම් පවා බැංකුවල සින්නව වී යන හැටි අප බලා සිටියේ උපේක්ෂාවෙනි. ගෙයි වැට මායිම හැර සියළු ගොඩ මඩ ඉඩම්ද අන් අය අතට පැවරුනෙ අප්පච්චී වෙනුවෙන් රටේ ලෝකේ සිටිනා සියළු වෙඳදුරු වන් මත අපේ අපේක්ෂා දැල්වුනු නිසාවෙන්මය. ⁣අවසන ලොක්කී වූ මා ඒ බර අතට ගත්තෙ ගමෙන් පිටවී සෙයිලමේ සොයාගත් රැකියාවකිනි. සියළු දුක් සංකා... හිංසා පීඩා ...හිත යටට ගුලි කර ගත් මා ⁣කඳුළකින් ඒ සියල්ල මුදා හැර අම්මාත් අප්පච්චීත් එකම මල්ලීත් වෙනුවෙන් වෙහෙසුනෙමි. එහි ප්‍රතිඵලද මල්පල ගැන්විණි.වසර ගණනාවක් දහඩිය වගුරුවා මා මල්ලී ඉංජිනේරු ශිෂ්‍යයෙක් ⁣බවට පත් කළෙමි.ගරා වැටුණු මහගෙදර නැවත ගොඩනැගුවෙමි.අම්මා වෙනුවෙන් මගේ යුතුකම් ඉටු කළෙමි.සුව කර ගත නොහැකි වුවත් අප්පච්චී උදෙසා කළ යුතු සියළු වගකීම් ඉටු කළෙමි..ඉතින් ලොක්කී ඒ දෙස බලා උපරිම සතුටක් වින්දාය. යුවතියක ලෙස හිතේ උතුරන දහසකුත් එකක් බලාපොරොත්තු, ආශාවන් පවුල වෙනුවෙන් මා බිලි දුන්නාය.ආල හැඟුම් රැගෙන වඩින සමනළුන්ට ලොක්කිගේ සිතේ දොරගුළු වසා දැමුවාය. කපුවන් හරහා ⁣අම්මා සෙවූ හැම මනමාලයෙක්ම පාහේ මාගෙන් බලාපොරොත්තු වූයේ සෙනෙහස නොව ලැබෙන දෑවැද්දය.හිසේ කෙස් ගානට මනමාලයෝ සෙවුමුත් ඒ සියල්ල අවසාන වන්නේ එක්කෝ දෑවැද්දෙනි.නැතිනම් මනමාලයාගේ අකමැත්තෙනි.. "ලොක්කී හරි පවුකාරයි.පේන් නැද්ද හරියට මිනිහෙක්වත් හරි යන් නැති හැටි..ගෙදරට නාකි වෙන්න තමයි වෙන්නෙ." " කවුද දන්නෙ ඔය කොළඹ රටට වෙලා මොන නාඩගම් නටනවද කියලා.." හිතක් පපුවක් නැති ගැහැණුන්ගේ අවලාද කයි කතන්දර ලොක්කිට අඩුවක් නැතුවම ලැබිණි. නමුත් මා සියල්ල දරා ගත්තාය.මට සිතන්නට තව බොහෝ දේ ඇත. මාසෙ අන්තිමට ගන්නා මොණර කොළ කිහිපය තවත් අය වෙනුවෙන් අළුත් බලාපොරොත්තු ගොඩ නගන්නක් විය.මල්ලීගේ විශ්ව විද්‍යාල කටයුතු ...අප්පච්චිගේ බෙහෙත් වියදම් ආදී එකී නොකී දහසක් වැඩ රාජකාරී මගෙ හිස මත ගොඩ ගැසී තිබිණි. ඒ සියල්ලම ලොක්කී වූ මා විසින් කෙසේ හෝ ඉටු කලාය. වසර ගණනාවක් ලෙඩ ඇදෙහි හුන් අප්පච්චිගේ මරණයෙන් පසු අම්මා තනිවූවාය. අප්පච්චිගෙ මරණයෙන් අවුරුදු එක හමාරකට පසු මල්ලීද විවාහ වී මහ ගෙදර පදිංචි විය.ඔහු දැන් ඉංජිනේරුවරයෙකි. තව තවත් දුක් පීඩා සිදු වුයේ එතැන් පටන්ය..මල්ලිගේ බිරිදට අම්මා රිස්සුවේ නැත.ඇය අප ඒ නිවසේ සිටිනවාට කැමති වූයේ ද නැත. කුඩා කල දුටු මගේ මල්ලීද ගෙවුණු අවුරුදු ගානට වෙනස් වී ඇත්තේ හිතාගන්නටත් බැරි ලෙසකින්ය.ඔහුට අම්මා හෝ මා වටින්නේ නැත.ඔහු බිරිඳගේ ඕනෑ එපාකම් ඉටු කළා මිස අප ගැන බැලුවේ නැත. පිටුපස මිදුලේ කෙළවර පරණ බඩු පුරවා තිබුණු ගබඩා කාමරය සුද්ධ කර ගත් පසු අම්මාත් මමත් එහි පදිංචියට පැමිණියේ මල්ලීගේ සතුට කිසි විටකත් නැති කළ යුතු නැති නිසාවෙන්මය. අම්මා මා ගැන නිතරම තැවුනාය.ඈ නැති දිනක මා මෙලොව තනි වෙතැයි ඈ සිතින් වෙිදනා වින්දාය.සතුටක් නැති ජීවිතය හමුවේ අම්මාද බොහෝ සෙයින් වැහැරී ගොස් සිටියාය. තැන තැන ඕනවටත් වඩා සුදු වෙච්ච කෙස් ....යාන්තමට රැළි වැටීගෙන එන මගේ හම මට මතක් කර දුන්නේ විවාහ විය යුතු වයස මා හැර බොහෝ දුර ඇදී ඇති බවය. මගේ අතින් රසට බත් ටිකක් උයාදෙන්නට ...මගේ බඩින් කිරිකැටියෙක් බිහිකරන්නට....මට පිනක් නැත.මේ මාගේ ලැබීම විය හැකිය. ටික කාලෙකින් අම්මාත් මා හැර මෙලොවින් සමු ගත්තාය..දැනුනේ උහුලාගත නොහැකි දුකකි.තනිකමකි.මා කිසිදු වටිනාකමක් නැති එකියක සේ ම
ට හැගෙන්නට වූයේ අම්මාගේ මරණින් පසුවය. මට දැන් ඇත්තේ මාගේ මල්ලී පමණය..ඔහුද ඇත්තේ අත පොවනු බැරි තරම් දුරකය.එකම මිදුලක ජීවත් වූවත් මට ඔහුව අකැපය.ඒත් මේ ලොක්කීට තාමත් නුඹ මගේ පොඩි මල්ලීමය. කළුවර වැටෙන්නට කලියෙන් වත්ත පහළ ගහෙන් කඩා ගත් පොළොස් ගෙඩිය හොදට ඇඹුලට උයා ව්‍යංජන තුන හතරන් එක්ක කෙසෙල් කොළයට බත් එකක් ඔතා ගත්තේ මල්ලීගේ බිරිඳ වෙනුවෙන්ය.ඇය දැන් ගැබිණියකි. බත් එකත් රැගෙන මා කුස්සියේ පඩිය මතට ගොඩ වුනි. "මේ ඔයාට මම අන්තිම වතාවට කියන්නේ..දැන් අම්මත් නැ..අක්කව බලාගන්න වෙන්නෙ අපිට..ඔන්න මට නම් බෑ ඕවා කරන්න." " ඇයි අක්කා ඔය පාඩුවෙ ඉන්නෙ.එයා මේ ගෙදරට එන් නැනේ ." " ඒත් මේ ගෙදර හැදුවෙ එයානේ .බැරි වෙලා හරි ඉල්ලුවොත්.අම්මලා ඔයාට ලියලා දීලත් නැනේ." " ඔයා බය නැතිව ඉන්න.එයා වයසට ගියාම මොනා හරි කරමු." "මටනම් බෑ ඔන්න කවදහරි ඔය ජරාව අලලන්න..ඔයාගෙ අක්කනෙ ඔයා කරන්න." අතේ තිබුණු බත් එක කුණු වලට විසි කර දැමූ මා හැල්මේ දුව ආවේ අම්මාත් මමත් වසර ගණනාවක් ජීවත් වූ අපේ පුංචි ගබඩා කාමරයටය. සිත රිදුනි...ජීවිතේ පළවෙනි පාරට මා කුමකට ඉපදුනාදැයි සිතා දුක්වුනෙමි...මට අම්මා සිහිවිණි.අප්පච්චී සිහිවිණි.කොහේ හෝ සිට ඔවුන් මා දෙස බලා සිටිණු යැයි හැඟිණි. කුඩා කළ මල්ලී ලගට ගෙන තුරුළේ හොවා බත් කැවූ හැටි මට සිහිවිණි.නැළවූ හැටි මට සිහිවිණි. ගතේ දිරියෙන් හිතේ ශක්තියෙන් මල්ලී ලොකු මිනිසෙකු කල හැටි මට සිහිවිණි... ඉතින් ලොක්කී පරාද වී නැත.වාසනාවට පවුලට මුලින් ඉපිදී සියල්ලන්ටම යුතුකම් ඉටු කලා පමණි. දැන් මට සතුටුය...මා ලැබූ සතුට මගෙ අම්මා....අප්පච්චි....මල්ලී...පමණය.මගෙ පවුල එයයි.මට මගේ ජීවිතේට වඩා වටින්නෙ ඒ බැඳීම්ය.. මා දෙකට නැමූ ⁣ලියුම් කැබැල්ල සහ ලියුම් කවරය කුස්සියෙ දොර පියන යටින් ඇතුල් කලෙමි. මගෙම ආදරණීය මල්ලීට, මේත් සමඟ ඇති සල්ලි මල්ලීගේ දරුවාට මේ මගෙන්.හැමදාම සතුටින් ඉන්න.මම ගැන වද වෙන්න එපා..මගෙ හිත හයියයි.මම එදා වගේම තාමත් මගෙ මල්ලිට ආදරෙයි... ලොක්කී... නැවත හමුවෙමු . චමී......"එයා හරි නපුරු කෙල්ලෙක්.." එයාගේ යාලුවෝ කිව්වේ එහෙමයි. ඒ විතරක් නෙවෙයි. එයාගේ ගෙදර අය පවා කිව්වේ එහෙමයි. විශේෂයෙන්ම එයාගේ අක්කා එයාව හැඳින්නුවේම එහෙමයි. දවසක් අක්කා බලන්න අක්කගේ බෝයිෆ්‍රෙන්ඩ් ගෙදර ආපු පළවෙනි දවසෙත් අක්කා එයාව හඳුන්වා දුන්නෙත් මෙහෙමයි. " මේ ඉන්නේ මගේ නපුරු නංගි.. " සාලේ හිටපු අලුත් නෑයෝ එක්ක පරණ නෑයෝත් ඒ කතාවට හිනා වුණා මිසක එක තප්පරේකට දුකෙන් පිරුණු ඒ මූණ දැක්කේ නෑ. හැබැයි ඊළඟ තප්පරේ එයත් ඒ හිනාවට එකතු වුණා. ඉතින් ඇත්තටම එයා නපුරුද..?? උත්තරයක් දෙන්න හදිසි වෙන්න එපා. එයාගේ නම රශ්මි. පවුලේ දෙවෙනි දුව. අම්මා ගෙදරම ඉදන් කැවිලි හදනවා. ඕඩර් වලට විකුණනවා. එතකොට තාත්තා. එයා වැඩ කළේ රජයේ කාර්‍යාලයක. හැබැයි එහෙම ලොකුවට සරු ආර්ථිකයක් තිබුණේ නෑ. හැබැයි තාත්තටයි, තාත්තගේ නෑයෝ සනුහරේටමයි ඒ පවුලට දෙවෙනි ළමයෙක් එන්න ඉන්නවා කිව්වම ඕන වුණේම පුතෙක්. පරම්පරාවේ නම ගෙනියන්න. දුවෙක්, පුතෙක් එක්ක පවුල සම්පූර්ණ කර ගන්න. ස්කෑන් එකෙන් දුවෙක් කියලා දැන ගත්තම පුතෙක් වෙනුවෙන් හීන දැක්ක නෑදෑ සනුහරේගෙම උනන්දුව හීන වුණා. ඒ කියන්නේ නැත්තටම නැති වුණා. අන්තිමේ යශ්මි පවුලේ දෙවෙනි දුව වෙලා ජුනි මාසේ මුලම පවුලට එකතු වුණා. ඊටත් අවුරුදු දෙකකට පස්සේ හරියටම ජුනි මාසේ අන්තිම සතියේ පවුලේ එකම පුතත් පවුලට එකතු වුණා. ඒ විදියට පවුලේ නම ගෙනියන්න, පවුල සම්පූර්ණ කර ගන්න පවුලේ හැමෝටම පුළුවන් වුණා. පඩිපෙළ වගේ ළමයි තුන් දෙනෙක් එක්ක අම්මට ගෙදර වැඩ කර ගන්න ලේසි වුණේ නෑ. ලොකු දුව පොඩ්ඩ ඇත්නම් අඬන, හැමදේම අතට පයට කරලා දෙනකම් බලන් ඉන්න පියරු බබෙක්. ඇයි ඉතින් එයානේ පවුලේ පළවෙනියා. ඉතින් ගෙදර හැමෝම හැමදේම කරලා දීලා එයත් ඒකට හුරු වෙලා. මොන්ටිසෝරියෙන් ඉස්කෝලෙට යද්දිත් ලොකු දුවට බත් කවන්න අම්මා හරි ආච්චි අම්මා හරි ඕනිමයි. " අපි කැව්වේ නැත්තම් ලොකූ බත් කටක් කන්නේ නෑනේ. තාම ඉතින් පොඩි එකීනේ.. " බත් කවද්දි ගෙදරට කවුරු හරි ආවොත් අම්මා හැමෝටම කිව්වේ එහෙම. ටික කලක් යද්දි අම්මා ලොක්කිට බත් කැව්වේ මල්ලිත් වඩා ගෙන මල්ලිටත් කව කව. එතකොට කෝ රශ්මි..?? අම්මා ලොක්කිට කවන්න මල්ලිත් උස්සන් ගේ වටේ යන්න කලින් රශ්මිව පැදුරක් දාලා වාඩි කරලා ඔඩෙක්කුවෙන් බත් පිඟානක් තියනවා. මුලින් මුලින් බත් ඇට පැදුරට හළලා පැදුරෙන් බත් ඇට අහුලන් කාපු රශ්මි ටික ටික ලොකු අය කනවා වගේ අතින් අරන් බත් කන්න පුරුදු වුණා. නැකැත් බලලා කැවිලි හදලා නෑයොන්ට කියලා ලොක්කිට අකුරු කියෙව්වට අම්මයි, තාත්තයි කිව්වේ " මතකනේ ලොක්කිට අකුරු කියෙව්වා. කැවිලිම හත් ජාතියක් හැදුවා. අන්තිමේ නැකැතට කෙල්ල අකුරු කියෙව්වා කෙසේ වෙතත් ලොකු ඉස්කෝලේ මහත්තගේ අතින් පොතත් උදුරලා ගත්තා. " " බොරු වියදම් විතරනේ. ඒ සල්ලි වලින් ළමයින්ට රසට කන්න හදලා දෙමු. ලොක්කිගේ පොතුත් ඇති. ඔයාම ඔය අකුරු දෙක තුන කියවන්න.. " අන්තිමේ අම්මගේ යෝජනාවට සෙනසුරාදා දවසක හවස රශ්මිගේ තාත්තා රශ්මිට අකුරු කියෙව්වා. හැබැයි පවුලේ එකම කොල්ලට හොරෙන් අකුරු කියවන්න බෑ කියලා ඒකට නම් නැකැත් බලලා ලොකුවටම ගත්තා. එතකොට බර්ත් ඩේ එක. අපි ඒක කතා නොකර ඉම්මු. මොකද රශ්මිගෙයි, මල්ලිගෙයි බර්ත් ඩේ එක තියෙන්නේ එකම මාසේ නිසා එක දවසකට බර්ත් ඩේ දෙකම එකට ගමු කියලා මුලින්ම යෝජනා කරේ තාත්තා. ඉතින් හැමදාම කේක් කැපුවේ මල්ලිගේ බර්ත් ඩේ එකට විතරයි. මුලින් මුලින් කේක් කපද්දි රශ්මියි, මල්ලියි එකට එකතු වෙලා කැපුවා වුණාට රශ්මිගේ දහවෙනි බර්ත් ඩේ එක දවසේ අම්මා කිව්වේ " දැන් ඉතින් දෙවෙනි ලොකුයිනේ. මොන කේක්ද. ඔන්න ඕක පොඩීට කපන්න දෙන්න.. " අන්තිමේ කේක් කැපුවේ මල්ලි විතරයි. ඒ විදියට රශ්මිට බර්ත් ඩේ එකත් අහිමි වුණා. ඒ හැමදේකින්ම ඒ පුංචි හිත රිදුණට එයා ලොකු පාඩමක් නිහඬවම එයාටත් නොදෙනිම ඉගෙන ගත්තා. ඔව්.. එයා දරා ගන්න පුරුදු වුණා පොඩි කාලේ ඉදලම. අක්කා ඇදපු ඇඳුම් ඇදන් ස්කෝලේ යන්න වුණාම, අක්කා පාවිච්චි කරපු බෑග්, සපත්තු දාගෙන ක්ලාස් යන්න වුණාම එයා නිකම්ම එයාගේ හැඟීම් ලෝකෙන් හංගන් ලැබෙන දේ එක්ක ජීවත් වෙන්න පුරුදු වුණා. හැමෝගෙන්ම අවධානය තමන්ගෙන් ගිලිහුණාම එයා එයාගේ වැඩ තනියම කර ගන්න හුරු වුණා. එයාට දිලිසෙන පෑන් සෙට් එකක් ගන්න ඕනි වුණාමත් එයාට අක්කායි, මල්ලියි වගේ අම්මට කරදර කරන්න හිතුණේ නෑ. එයා සල්ලි ටික ටික එකතු කරලා එයාම ගත්තා. ඇත්තටම එයා පවුලේ කරදරකාරි ළමයෙක් නෙවෙයි. එයා කාටවත් කරදරයක් නැති ළමයෙක් වුණා. ඒත් හැමෝම කිව්වේ එහෙම නෙවෙයි. " දෙවෙනි... ඔන්න ඔය පොත මල්ලිට දෙන්න ළමයෝ. එයා පොඩීනේ. " " දෙවෙනි එක්ක නම් ඕන දෙයක්. රණ්ඩුවට යන්නේ නෑනේ ලොකූ වගේ. අතේ තියෙන දෙයක් වුණත් අරන් කාට දුන්නත් මුකුත් කියන්නේ නෑනේ.. " ඉතින් එහෙමම වුණා.. මලක් වගේ හැදෙන්න තිබුණු ගෑණු ළමයෙක් ගලක් වගේ හිතක් එක්ක ලොකු වුණා. ඉස්කෝලේදි වුණත් රශ්මි ස්වාධීන ළමයෙක්. හැමදේම දරා ගත්තා. දුවද්දි වැටුණත් ආයෙ නැඟිටලා දූවිලි ගසලා ආයේ දුවනවා මිසක තුවාලේ අල්ලන් අඬන ළමයෙක් වුණේ නෑ. පිරිමි ළමයෙක් මොකක් කිව්වත් ආයේ හැරිලා උත්තරයක් දෙනවා මිසක කම්බුල් රතු කරන් රශ්මි ඇඬුවේ නෑ. ගැහුවොත් ආපස්සට පාරක් දෙනවා මිසක් අඬා ගෙන ගෙදර ගිහින් අම්මා තාත්තව එක්කන් නඩු අරන් රශ්මි ඉස්කෝලේ ආවේ නෑ. යාලුවෙක්ට කවුරුහරි බැන්නත් රශ්මි තමයි හැමෝගෙම හිත හදන්න හිටියේ. ඉතින් අවසානයේ හැමෝමටම රශ්මි නපුරු කෙල්ලෙක් වුණා. හැඟීම් දැනීම් නැති කෙල්ලෙක් වුණා. අම්මා කැවිලි හදන්න රෑ තිස්සේ පිටි කොටද්දි අක්කා සැපට නිදා ගන්නවා. මල්ලිත් නිදි. රෑ මැදක් වෙනකම් අම්මට උදව් කරන්නේ රශ්මි. ඉතින් එයා හයිය කෙල්ලෙක් වුණා. අම්මගේ තාත්තගේ දාඩියේ වටිනාකම තේරුම් ගත්තා. එයා අම්මලගේ රුපියලක්වත් වැඩකට නැති දේකට වියදම් කරේ නෑ. එතකොට අක්කා කිව්වේ " මං නම් දෙවෙනි වගේ ලෝභ නෑ අම්මේ. " " මටත් බෑ පොඩ්ඩක්කා වගේ ලෝභියක් වෙන්න.. " කාලේ ගෙවුණා. අනිත් කෙල්ලෝ වගේ ළඳ බොළඳත් නැති, පැද්දි පැද්දි හුරතල් කතාවකුත් නැති, ලේ බිංදුවක් දැක්කත් ගිරිය යටින් කෑ ගහන්නේ නැති, වචනයක් මිස් වුණ ගමන් අඬන්න පටන් ගන්නේ නැති, සරල සිතුම් පැතුම් නැති රශ්මි නපුරු කෙල්ලෙක් වුණා. කවුරුත් තමන්ට දෙයක් කරලා දෙනකම් බලන් ඉන්නේ නැති, අනිත් අය ගැන නිතරම හිතන, තමන්ගේ වැඩ තමන්ම කර ගන්න, කාටවත් කරදර නොකරන, හැමෝටම උදව් කරන, සංකීර්ණව ලෝකේ දිහා බලන රශ්මි නපුරු කෙල්ලෙක් වුණා.. සමහරුන්ට පණ්ඩිත කෙල්ලෙක් වුණා. නැහැ... සමාවෙන්න.. හැමෝම එයාව නපුරු කෙල්ලෙක් කරා. නපුරු කෙල්ලෙක් විදියට දකින්න පටන් ගත්තා. ඇත්තටම රශ්මිලා අපිට මොකක්ද කරේ... එයාලට නපුරු කෙල්ල කියන ලේබල් එක ගහන්න.. මමත් රශ්මි දිහා බලන් එහෙම හිතුවා. #අපිව_කියවමු මාධවි ජයසිංහනිමාවක් නොවේ මේ... ජිනසේන ජිනා වුණේ අයිවන් හාමුට,මංදරී නෝනට විතරක් නෙවේ,නිසලි පුංචි නෝනාටත්.අනේ ජිනා අර පේර ගෙඩිය කඩලා දෙන්න,ජිනා පන්සල් යන්න මට මල් ටිකක් කඩලා දෙන්න ජිනා වැවෙන් මට නෙලුම් මල් ටිකක් කඩා ගෙන එන්න,ඔය නා නා ප්‍රකාර ඉල්ලීම් කෝකත් ඉෂ්ට කරලා දෙන්න ජිනපාල සැදී පැහදී හිටියා. ඒ තමං මේ වලව්වේම කොටසක් කියලා ජිනපාල හිතූ නිසාමයි. අප්පොච්චා වලව්වේ මුරකාරයයි ඩ්‍රියිවර් කමයි දෙකම කරකර ඉත්දි සර්පයෙක් ගහලා මැරෙනකොට ජිනපාල දහයේ පන්තියේ.ඒ වෙද්දි ලීලා අම්මට ඒ කියන්නේ ජිනසේනගේ අම්මට තවත් දරුවෙක් ලැබෙන්න.දරුවෝ හය දෙනෙක් එක්ක ලීලා අම්මාට ජීවිතය ගැටගහ ගන්න බැරි නිසාමයි ජිනසේන ඉස්කෝලේ ගමන නැවැත්තුවේ.අයිවන් හාමු පීටර්ගෙ මරණයෙන් පස්සේ ජිනසේන ව වලව්වට කිට්ටු කරගත්තා.එදා ඉදලා වලව්වේ මුරකාරයා වුනේත් ඩරයිවර් වුනේත් වැඩකාරයා වුනේත් ජිනසේන.අයිවන් හාමූ ජිනසේනව පීටර්ටත් වඩා විශ්වාසවන්ත වුණා . "ජිනා මඩොල් දූව කියවලා තියනවද" නිසලි පුංචි නෝනා දවසක් ජිනසේනගෙන්
එහෙම ඇහුවා . "ඔවු පුංචි නෝනා.මං කියවලා තියෙනවා.පුංචි කාලේ"ජිනසේන දහයේ පන්තියේ හිටිය ගමේ ඉස්කෝලේ දක්ෂයා වුනත් එතනිං එහාට ඉගෙන ගන්න පිං මදි වුනා කියලයි ජිනසේන හිතන්නේ.ඉගෙන ගැනීමට වැඩිය අප්පොච්චා නැතිව අසරන වුනු නංගිලා මල්ලිලාගෙ බඩ කට පිරෙන්නේ තමං නිසා බව ජිනසේන දන්නවා. "මං ආස ඒකෙ උපාලි ගිනිවැල්ලේට නෙවේ.ජින්නාට.ජින්නා නිසා නේද උපාලි වීරයෙක් වුනේ.ජින්නා නොහිටියනං මඩොල් දූවක් නෑ.හා නැද්ද.?" නිසලි පුංචි නෝනා එහෙම කිව්වම ජිනසේන ගේ කොලුකාර හදවතේ හීනි රිදීමක් ඇතිවෙලා නැතිවෙලා ගියා.නිසලි පුංචි නෝනාව දකින්න, කතාකරන්න ,ජිනසේනගේ හදවත නිතරම ජිනසේනට බල කලත් ජිනසේන ඒ හැඟීමට ඉඩ දෙන්න කොහොමවත් හිතුවේ නෑ.කොළඹ ලොකු ඉස්කෝලෙක ඉගෙන ගත්තත් නිසලි නෝනා ගමට ආවේ අර පරණ පුරුදු තැම්පත් කම තුරුලු කරගෙනමයි වෙනසකට ජිනසේන දැක්කේ තුරුණු කම උතුරා යන පිංපාට ගැහැනුකමක් නිසලි පුංචි නෝනා අරං ආව එක විතරයි.නිසලි පුංචි නෝනා දකින හැම විටකම තමංගේ පපුවට විදුලියක් වගේ රිදීමක් ඇතිවෙනවා කියලා ජිනසේනට දැනෙනවා.ඉස්සර වගේම නොයෙක් ඉල්ලීම් ඉස්සර කරගෙන නිසලි පුංචි නෝනා ලගට දුවගෙන ආවත් කෙලිං ඒ ඇස් දිහා බලන්න ජිනසේනට බෑ.ඒ නුපුරුදු හැගීමට නමක් දෙන්න ජිනසේනට බෑ."ඒක පව්කාරකමක් " ජිනසේනට එහෙමයි හිතුනේ. "ජිනා,හෙට ගෙදරට කට්ටියක් එනවා.නිසලි නෝනාව බලන්න.හවස බඩු ටිකක් ගන්න ටවුමට යන්න ඕන"දවසක් අයිවන් හාමු එහෙම කිව්වා.ජිනසේනගේ හදවතේ අකුනු පිපිරුවත් ජිනසේන දන්නවා ඒ කවදා හරි විය යුතු දේ කියලා.රොශාන් මහත්තයා ආව දවසේ නිසලි පුංචි නෝනා දුවගෙන රොශාන් මහත්තයා ළගට දිව්වේ කිරිල්ලියෙක් වගේ.රොශාන් මහත්තයා නිසලි නෝනාව බදාගෙන තොල් දෙක ඉබ ගත්තේ වට පිටේ කවුරුත් නෑ වගේ හැගීමකින්.ජිනසේන අහක බලාගත්තත් ඇස් වලට කදුලු ඉනුවා.කාලෙක ඉදලා රොශාන් මහත්තයා එක්ක නිසලි පුංචි නෝනා එක්ක ආදරෙන් බැඳිලා හිටි බව කිවේ අයිවන් හාමු මහත්තයා . " මට කැමතිවෙන්න හේතු නැතත් ජිනා.මං පුංචි නෝනාගේ සතුටට බාදා කරන්නෙ නෑ.මේ ළමයාට ඒ මහත්තයා ගැළපෙන්නේ නෑ.ඒක කොච්චර පැහැදිලි කළත් පුංචි නෝනා ඒ මත්තෙම නැහෙන්න හදනවා." අයිවන් හාමු මහත්තයා එහෙම කිව්වේ ජිනා සේවකයෙකුට වඩා පවුලට ළගම හිතෙයිශීවන්තයෙක් නිසා වෙන්න ඇති.එදා රොශාන් මහත්තයා ගියාට පස්සේ නිසලි පුංචි නෝනා ආවේ ලොකු බත් එකක් ඔතාගෙන .ජිනසේනට දෙන්න. "මේක ලීලා අම්මාට දෙන්න ජිනා.නංගිලාට කේකුත් ඇති.චොක්ලටුත් ඇති"ජිනසේන පාර්සලය ගත්තෙ අහක බලාගෙන.පපුවේ ලොකු ගින්දරක් ඇවිලෙනවා කියලා නිසලි පුංචි නෝනා දන්නේ නෑ.ඇස් වලින් ඒ ගින්දර පෙනේදෝ කියල ජිනසේනට බයයි. "ජිනාත් ඉක්මනට කෙනෙක් හොයාගන්න ඕන හොඳඳ." බෙල්ල ඇල කරල ඇස් පුංචි කරල නිසලි පුංචි නෝනා හීනි හඩින් එහෙම කිව්වේ. "කවදාවත් එහෙම වෙන්නේ නෑ පුංචි නෝන.මේ ආත්මෙදි එහෙම වෙන්නෙ නෑ"ජිනසේන එහෙම කියන්න හිතුවෙ නැතත් කටින් එහෙම පිට වුනා.තප්පරයක් දෙකක් නිසලි පුංචි නෝනාගේ ඇස් ජිනසේනගේ ඇස් වල පැටලිලා තිබුන.ඒ ඇස් වල අදහන්න බැරිදෙයක් ඇහුනා වගේ පෙනුමකුයි ඉන්පස්සේ කදුලු ගුලි දෙකකුයි දැකපු ජිනසේන ඇස් අහකට ගත්තා."ජිනාට හොඳ කෙනෙක් ලැබෙයි ජිනා.ඔයා කොච්චර හොදද. ගෑනියෙක් කොච්චර පිං කරන්න ඕනද ඔයාවගේ කෙනෙක් ලබන්න.ඒ පිං කාරි ඉක්මනට ඔයාට මුන ගැහේවි"පුංචි නෝනාගේ කට හඬ ජිනසේනට ඇහුනේ වෙන ලෝකෙකින් ආව හඬක් වගේ. කාලය හැල්මේ ගෙවුනා.නිසලි නෝනාගේ මගුල් දා ජිනසේන හදවතින් වගේම ඇස්වලිනුත් ඇඩුවා.කාටවත් නොපෙනෙන්න පුංචි සන්දියේ ඉඳන්ම බිදෙන් බිද නිසලි පුංචි නෝනා ගැන උපන් දයාව ආදරයක් තරම් දුර යාවී කියලා ජිනසේන හිතුවේ නෑ.පුංචි නෝනා දිහා කෙලින් බලන්න හිත වාවා ගන්න බැරි නිසාම ජිනසේන එදා දවස හිටියේ මුලු ගැන්විලා.යත්දි නිසලි පුංචි නෝනාගේ ඇස් එහෙ මෙහේ වුණේ තමංව හොයමින්දෝ හිතුණු ජිනසේනට ඉකිබිඳුනා. නිසලි පුංචි නෝනා පදිංචියට ආවෙත් වලව්වටමයි.කවදාවත් නිසලි පුංචි නෝනාට මුන නොගැහෙන්න ජිනසේන පරිස්සම් වුනා.රොශාන් මහත්තයා වලව්වට ආවේ මාස දෙක තුනකින්.පුංචි නෝනාගේ උදව්වට ලීලා අම්මා වලව්වට ගෙන්න ගත්තේ රිද්මා හාමු.නිසලි පුංචි නෝනා ගේත් රොශාන් මහත්තයාගේත් අතර ඇති ගැටුම් ජිනසේන දැන ගත්තේ ලීලා අම්මාගෙන්. "මොකට අර මලක් වගේ ඉන්න පුංචි නෝනා අර දේව දත්තයාට දුන්නද අයිවන් හාමු.ඊයෙත් ඒ වසවර්තියා ගහපු පාරකට කම්මුලේ ඇගිලි පහම හිටලා." ලීලා අම්මාගේ කතාවලින් ජිනසේනගේ පපුවේ ගිනිමැලය තවත් ඇවිලෙනවා.පුංචි නෝනා ආදරෙන් සතුටින් ඉන්නවා දකින එක ජිනසේනට සතුටක් .තවමත් විවාහයෙන් පස්සේ ජිනසේන නිසලි නෝනාට කතා කරලා නෑ.ඒ ප්‍රේමය නැවත නැවත පපුව හූරනවාට ජිනසේන කැමති නෑ. අයිවන් හාමුගේ වාහනේ ලිහිනිගල හෙලට වැටිලා ගිනිගන්නවා කියලා ආරංචි වුනේ ඔය අතරේ .අප්පොච්චා මලදාටත් වඩා වේදනාවක් ජිනසේනට දැනුනා.අයිවන් හාමුගේ මළගමදා නිසලි පුංචි නෝනා වැලහින්නක් වගේ හඬා වැටුනා.අයිවන් හාමු කිසිදාක බීමතින් රිය පඩවන්නෙක් නොවන බව ජිනසේන දන්නවා.අවුරුදු හැටක් පුරා දන්නා කියන පාරක එහෙම අනතුරක් වෙන්න තරම් අයිවන් හාමු නොසැලකිලිමත් වුණාද කියන හැඟීම ජිනසේනගේ හිතට වදදුන්නා.අයිවන් හාමුගේ මරණයත් එක්ක රොශාන් මහත්තය නිතරම වලව්වට ආවා.මොන හේතුව මත වුනත් රොශාන් මහත්තයාටත් අයිවන් හාමුට දැක්වූ ගෞරවය දක්වන්න ජිනසේනට ඕන වුනා.හැමදාම රෑවෙත්දි බෝතල් පාටියට අඩුම කුඩුම සකසන්න වුනේ ජිනසේනට "මුං මොක්කුද ජිනා..ගෑනු බලන්න යන්න ඕනා කොලබ.මුං හිතාගෙන ඉන්නෙ රෙද්ද අදින මුං තමයි මැනිකෙලා..මුං ගෑනුද.."රොශාන් මහත්තයාගේ ඒ කතා වලින් ජිනසේනගේ ආත්මය අලුවෙනවා වගේ ජිනසේනට දැනුනා.කුනුහරුප ,බේබදු කතා අහන්නද පුංචි නෝනා මේ මිනිහව තෝරා ගත්තෙ.ජිනසේන ගේ හදවත නිසලි පුංචි නෝනා වෙනුවෙන් හඬා වැටුනා. රොශාන් මහත්තයා කිහිප දවසක්ම ආවේ සුදු නෝනා කෙනෙක් එක්ක බව ජිනසේන දැක්ක.රොශාන් මහත්තයා ඒ ගැන ජිනසේනටත් කිව්වා."යාලුවෙක් ජිනා.මෙහෙ හොටෙල් එකක් දාන්න ඉඩමක් හොයනවා. ඒකට ආවා"ජිනසේන හිනාවුනා විතරයි.මේ පෙනෙන දේවල් වල ඇත්ත ලීලා අම්මා වලව්ව ඇතුලේ ඉන්න නිසා හොදටම ඇහෙනවා.පෙනෙනවා. "අනේ පුතේ,අර කුරුණෑගල පොල් අක්කර විස්ස රොශාන් මහත්තයාගේ නමට අයිවන් මහත්තයා ලිව්වලු.ඒක විකුනලා.දැන් වලව්වයි ඉඩමයි ලියලා දෙන්න කියලා පුංචි නෝනාව මරන්න හදනවා.රිද්මා හාමු රෝද පුටුවට වුනෙත් ඔය හින්දා.වේදනාව උහුලා ගන්න බැරිව.මං හිතන්නේ අර සුද්දි එක්කත් වලව්වට ආවම නිසලි නෝනාට පෙනිපෙනී එකට බුදියන්නෙ..අනේ ඒ අහිංසකී විදින වදයක්"ලීලා අම්මා එහෙම කියාගෙන ගියා.ජිනසේනට දැනුනේ තමං මහා අපරදයක කොටස් කාරයෙක් වෙන්න යනවා වගේ.ජිනසේනගේ හදවත වේදනාවෙන් මිරිකුනා.නිසලි පුංචි නෝනා අහිංසක ඇස් වලින් තමා දිහා පහුගිය දවස් ටිකේම බලං උන්නු හැටි ජිනසේනට මැවී පෙනුනා. මාස නිසලි නෝනා අම්මා කෙනෙක් වෙන්න යනවා කියල ජිනසේනට දැනුනේ නිසලි නෝනා බලන්න මිඩ්වයිෆ් නෝනා ආවනිසා ඒ හැගීම ලීලා අම්මා තහවුරු කලා. රොශාන් මහත්තයාගේ කාරය හෝදලා පෝටිකෝව යටට අරන් ආව ජිනසේනට වලව්ව ඇතුලෙන් ගිරිය යටින් කෑගහන හඬක් ඇහුන.ජිනසේනට වලව්ව ඇතුලට යැවුනෙ ඉබේටම.තරප්පුව පාමුල රෝද පුටුවත් එක්කම රිද්මා හාමු ලේ විලක් උඩ වැටිලා ඉන්නවා ජිනසේන දැක්ක.තරප්පුව ඉහළින් මොන මොනවා හෝ පෙරලෙන හඩත් එක්කම ජිනසේන තරප්පුව ඉහළට ඉගිලුනා.ජිනසේන දැක්කේ රොශාන් මහත්තයට යට වුනු නිසලි නෝනා හිරවුනු ගෙල මුදවගන්න දරන වෑයමත්,ඇගේ ගැහෙන දෙකකුලුත් විතරයි.ජිනසේනගේ අතට අහු වුනේ මොකක්ද කියල ජිනසේනට මතක නෑ...හැබයි අහුවුණු දේ දෙතුන් පාරක් රොශාන්ගේ ඔලුව මත පතබෑවුනා කියලනම් මතකයි... අවුරුදු දහඅටක බරපතල වැඩසහිත සිරදඩුවමක් නියම වුණත් ජිනසේනට දුකක් දැනුනේ නෑ.තමං පනටත් වඩා ආදරය කල .පුංචි නෝනා දැන් නිදහසේ හුස්මක් ගනීවී.ජිනසේන එහෙම හිතුවා. "ජිනා...."ජිනසේන හිස ඔසවලා යකඩ කූරු වල පැටලුනු අත් දිහා බැලුවා.බඩ
ත් උස්සාගෙන පුංචි නෝනා කූඩුවෙන් පිට කදුලු පිරුනු දෑස් වලින් ජිනසේන දිහා බලං ඉන්නවා. "ජිනා එනකල් මං බලං ඉන්නවා ජිනා" ඒ පුංචි නෝනාගේ ඇස් කියූදේ කියලා ජිනසේනට විශ්වාසයි.ජිනසේන මුදුව ඒ දෑත් අල්ලා ගත්තා.ජීවිතයේ පළමු වතාවට." .චෙන්නයි ඩයරීස් මඟුලේ යාම - 3 එක් වනම මා පිබිදුනේ ජංගම දුරකතනයට ආ ඇමතුමක් නිසාවෙනි .වායු සමීකරණ යන්ත්‍රයෙන් එන වායු ධාරාව හිසේ ඇම්ම ඇති කරවන තරම් එකකි. මා සිටින කාමරය පොඩි එකකි. " කොහෙද මා මේ සිටින්නේ " මට සිහි එලවාගන්නටත් කලියෙන් ලොහාන්ගේ ඇමතුමකි " සමාවෙන්න ඔබ තුමාගේ නින්දට බාදා කලාට. අපි තව ටිකකින් ගියෝතින් නේද හොඳයි නේද ? මෙයාලාගේ චාරිත්‍ර වාරිත්‍ර ටිකක් අපිට බලාගත්තෑකි " " විනාඩි 15 දෙන්න " මා මේ සිටින්නේ ජෝජ් ටවුමේ එක්තරා වීදියක හෝටල් කාමරයකය. පාන්දර පටන් හරිහමන් නින්දක් නොලැබූ මා දැන් සිටින්නේ හෝන්දු මාන්දු වී ගොසිනි. ඉරිදා කියන්නේ මා ටිකක් වැඩි වෙලාවක් නිදා ගන්නා දිනයකි. නමුත් රටින් පිට ගිය විට නම් එසේ සැප පහසුවට දවල් වෙන තුරු නිදා ගත නොහේ. එවිට ඉතිරි වන්නේ සීමිත පැය ගණනකි. අනුන්ගේ රටකට ආ විට හොඳින් රටතොට ඇවිදිය යුතුය. පටු වීදි දිගේ ඇවිද යා යුතුය. ඔවුන්ගේ කෑම්බීම් රස විඳිය යුතුය. ඔවුන්ගේ ජිව්න රටාවන් වෙතට එබී බැලිය යුතුය. ඔවුන්ගේ සංස්කෘතිය අත්විඳිය යුතුය. විදෙස් ගමනක් සාර්ථක වන්නේ එවිට පමණි. උණුසුම් බෝතලයෙන් චායි ටිකක් කඩදාසි කෝප්පයකට වත් කර ගත් මම එයත් තොළගාන ගමන් කවුළුව විවර කරගෙන වීදිය දෙසට නෙත් යොමු කලෙමි. විවේකී ඉරිදා දිනයේ යාබද වීදි වලින් එතරම් කලබලකාරී දසුන් දක්නට නොලැබේ. සමහරක් කඩ සාප්පු තවමත් විවෘත කර නැත. පිරිසක් මල් කඩයකට වට වී මල් මාලා මිල දී ගනියි. තවත් කිහිප් දෙනෙක් චායි කඩයක් අසල මොන මොනවාදෝ සපමින් චායි වීදුරුවක් තොල ගායි. මා මේ බොන්නේ මොන තේ ද . මා තේ තොල ගාමින්ම කල්පනා කරන්නට වීමි. ඩාජිලිං තේ, ඇසෑම් තේ නිල්ගිරි තේ ? එකත් එකටම මේ තේ නිල්ගිරි තේ විය යුතුය. මා සිටින මේ නගරයට ආසන්නනෙන්ම පිහිටා ඇත්තේ නිල්ගිරි කඳුකරයයි. ඊටත් කිලෝමීටර් 400 වත් යා යුතුය. හරියටම කිව්වොත් මුලු රැයක්ම යා යුතුය. හැඳ පැලඳ ගත් මා ලොබියට යන විට මගේ මිත්‍රයා ලොබියේ සැප පහසු පුටුවකට බර දී වාඩි වී සිටිනු දක්නට ලැබිණි. " රෝයාපුරම් වල මධා පල්ලිය ගාවටනේ යන්න තියෙන්නේ. නිකමට වගේ ඌබර් එකෙන් දාලා බලමු " කී මම ඌබර් මගින් වාහනයක් වෙන් කරගන්නට යත්න දැරීමි. ලංකාවේ බාවිතා වල ඌබර් ඇප් එකම ඉන්දියාවටත් වලංගු බව මා දැන ගත්තේ එවිටය. මංගල ශාලාව ඉදිරිපිට එන අමුත්තන් පිළිගන්නට තැනූ අලංකාර පුවරුවකි. එය වර්ණවත් ය. ස්වාභාවික මල්වලින් අලංකාර කොට ඇත. ශාලාවට ඇතූළුවන හැම කෙනෙකුටම ශීතකල බාදම් කිරි බෝතලයල් බැගින් ලැබේ. ඒවා බෙදීමට වෙනමම පිරිසක් සිටී. ඒවා බහා තිබුණේ විශාල ශීත පෙට්ටි වලය . ලැබෙන හැම අත්දැකීමක්ම ඉක්මනින්ම විඳ ගත යුතු නිසා ශාලාවේ වාඩිගත් වහාම මම ආමන්ඩ් පානය රස විඳින්නට වීමි . එය රසවත්‍ ය. ස්වාභාවික ආමන්ඩ් ( බාදම් ) කැබලි හැපෙන්නට දමා ඇත. මෙය මුස්ලිම් මංගල උත්සවයක් බව මට කියන්නට අතපසු විය. එක් ශාලාවක් සම්පූර්ණයෙන්ම වෙන් කර ඇත්තේ පිරිමින්ටයි. නමුත් අතරින් පතර කාන්තාවන් ද සිටී. මංගල ශාලාවේ ආරාධිතයින් අතර මුස්ලිම් නොවන වෙනත් ජනවර්ග වල අයද සිටිනු මා නිරීක්ෂණය කලෙමි. මගේ හිතවතා මොහොමඩ් මහතා සියළු දෙනා සමගම සමගියෙන් ජීවත්වන කෙනෙකු බව පැහැදිලිය. මා ශාලාවට එනු දුටු මොහොමඩ් මහත්මයා මාව පිළිගත්තේ සිනහමුසු මුහුණිනි. " ඔබ තුමා ආපු එක ගැන බොහොම සතුටුයි.මම හිතුවෙම නෑ එයි කියලා " " ලංකාවට ආපු වෙලේ කිව්වනේ අපි තමයි නෑයෝ කියලා. ඉතින් නෑයින්ගේ වෙඩින් එකකට එන්නම එපැයි " " කට්ටියම මේ හරියෙන් වාඩිවෙන්න. " ටිකක් ඉදිරිපසට වෙන්නට ඇති පුටු පේලියක් පෙන්වමින් ඔහු කියයි. මනමාලයා වෙනමම පීඨිකාවක වාඩි වී සිටියි. ඔහුගේ සිටින පීඨිකාවේ පිටුපස අලංකාර ලෙස සුදු රතු රෝස මල් ගවසා ඇත. මනාලයා ලාබාල තරුණයෙකි. මීට කලින් වතාවක මට ඔහු හමුවී ඇත. ඔහු යුරෝපීය ඇඳුම් කට්ටලයක් ඇඳ තුර්කි තොප්පියක් දමාගෙන සිටී. ඔහු ට පසෙකින් පවුලේ වැඩිහිටියන් යැයි සිතිය හැකි කිහිප දෙනෙක් වාඩි වී සිටී. අනෙක් පස සිටින්නේ මුස්ලිම් මෞලවි ලා කිහිප දෙනෙකි. අපේ ගම් පලාත් වල ලෙබ්බේ ලා කියන්නේ මොවුන්ටම විය යුතුය. ඔවුන් සම්ප්‍රදායික මුස්ලිම් ඇඳුම් හැඳ සිටී. ඔවුන් විටින් විට අරාබි භාෂාවෙන් කුරාන පාඨ කියයි. දෙමළෙන් මනමාලයාට අවවාද කරයි. නැතහොත් පවුල් සංස්ථාව පවත්වාගෙන යන්නේ කෙසේද යන්නට ගුරු හරුකම් ලබා දෙයි. මනාලිය සිටින්නේ වෙනත් මහලකය . ඒ කාන්තාවන් සමගය. අපටත් ඕනෑ නම් ඒ මහලට ගිය හැකිය. ඒ ඡායාරූප ගැනීමට වැනි වැඩකටය. පිරිමින් ඒ මහලේ රැඳී සිටින්නට උත්සාහ නොකරයි. හින්දු මංගල උත්සවයක මෙන් චාරිත්‍ර වාරිත්‍ර රාශියක් මේ මුස්ලිම් මංගල උත්සව වල දක්නට නැත. දාරූ (මත්පැන් ) බීමක් හෝ සංගීතයට අනුව නැටීමක් , සර්ප්‍රයිස් ඩාන්ස් කිසිවක් නැත. ආට්ට එරිච්චි බිරියානි සාප්පාටු ( එළුමස් බිරියානි සාප්පාඩුව ) ---------------------------------------------------- " එහෙම නම් යමු කෑමට " එතෙක් වේලා මා සමග සතුටු සාමීචියේ යෙදී සිටි ලොහාන් සහ අනෙකුත් හින්දු මිතුරන් වෙත පැමිණි මොහොමඩ් මහත්මයා කීවේ පිටටත් තට්ටුවක් දමමිනි. " කෑම තුන්වැනි මහලේ ලිෆ්ට් එකෙන් යන්න " මුළු මඟුල් ගෙදරම බර සිය කරට අරන් සිටි මනාලියගේ සොහොයුරා අපට විදුලි සෝපානය පෙන්වමින් කීය. " ලංකාවෙන් ආපු අයටයි එයාලගේ යාළුවින්ටයි කැම නන් වෙජ් පැත්තේ ලේස්ති කරලා තියෙන්නේ " අපිව කැටුව යන්නට ආ කෙනෙක් කීයේ අපව සෝපානය දෙසට කැටුව යන අතරතුරය. භෝජනාගාරයේ දිග අතට මේ ස තබා ඇත. අපි වාඩි ගත් වහාම කෙනෙක් ඒ මේසය මතට කඩදාසි රෝලකින් කඩදාසි තීරුවක් එලාගෙන යන්නට විය. තවත් සේවකයෙක් හැමෝම ඉදිරිපිටින් කෙසෙල් කොල එලාගෙන යන්නට විය. ඔහු පසුපසින් ආ තැනැත්තා හිල් කරන ලද මූඩියක් සහිත වතුර බෝතලයකින් කෙසෙල් කොල මතට වතුර ඉසිමින් යයි. මමද අනික් අයව අනුකරණය කරමින් ඒ වතුරෙන් කෙසෙල් කොලය පිසදමාගතිමි. දැන් එන්නේ කෑම බෙදීමේ වාරයයි. මට දෙමළ චිත්‍රපටවල මඟුල් උත්සව සිහිවෙන්නට විය. බිරියානි බෙදන්නා ලොකු පීරියකින් එකක් එළුමස් බිරියානි කෙසෙල් කොලය මතට බෙදාගෙන යන්නට විය. ඊට පසුපසින් එන සේවකයින් කෙසෙල් කොලය මතට කිරි දැමූ ළූණු සම්බෝල, බදින ලද මාලු, චට්නි වර්ගයක්, එක්තර බැදුමක් සහ පැණිරස ගුලියක් දමන්නට විය. ඊළඟට එන්නේ බිස්ලරි වර්ගයේ කුඩා වතුර බෝතලයකි. මේ බැදුම් වර්ගය කෝසි කාල් නම් නිර්මාංශ බැදුමකි. මේ බිරියානිය නම් කාලයකින් කන්නට නොලැබෙන පංකාදු බිරියානි . එහි එළු මස් ඉතා මෘදුවට උයා ඇත.මේ අරක්කැමියන් මේ කටු නැති එළු මස් සොයාගත්තේ කොහෙන්දැයි සොයා බලන්නට වටී. චෙන්නයි වල මිල අධිකතම මස් වර්ගයත් එළු මස් ය. මනාලියගේ සොහොයුරා කෑම ශාලාවටත් පැමිණ අඩු පාඩු සොයා බලයි. ඔහු දෙවැනි වරටත් අපට එළුමස් බෙදවන්නට විය. " මේ මාලු කෑල්ලකුත් කාල බලන්න . ලංකාවේ මාලු වගේද බලන්න මේ තන්දූරී මාලු " ඔහු අපිට තන්දූරී මාලු බෙදන්නැයි සේවකයෙකුට කියයි. තවත් දේ කන්නට බඩේ ඉඩ නොමැති නිසා තන්දූරී මාලු බෙදීම වලක්වා ගත්තේ දෙතුන් වතාවක් කීමෙන් පසුවය. " හොඳම ටික තියෙන්නේ දැන් " මගේ ඉන්දියානු මිත්‍රයා පංකජ් කීයේ මගේ පිටට තට්ටුවක් දමන අතරතුරය. " ඒ මොකක් ද " " යමු මාත් එක්ක " පංකජ් ලොහාන් සහ මාත් අනෙක් මිතුරනුත් කැටුව තවත් ශාලාවකට ඇතුල් වීය. ඒ කෑමෙන් පසු අතුරුපස බෙදන ශාලාවයි. එක් පසෙක සේවකයින් කිහිපදෙනෙක් පැපොල්, අන්නාසි, කොමඩු , අඹ ලෙලි ගසයි. ඔවුන් අත් ආවරණ දමගෙන පිරිසිදුවට ඒ කාර්‍යයේ නියැලෙයි. පිඟානත් රැගෙන පෝලිමේ ආවිට පලතුරු බෙදන්නන් පිඟානමතට අන්නාසි, කොමඩු, අඹ, පැපොල් කැබලි දමයි. ඊළඟට මිදි, ඇපල් සහ දොඩම් පලු දමයි. ඒවා ඇන කන්නට කුඩා ලී කූරු ද සපයයි. ඊටත් අමතරව තවත් පැණිරස කෑම වර්ග කිහිපයක් ද සපයයි. ඒවා සමහරක් මා මීට පෙර දැක නැත. මේ වනවිටත් කෑම සහ පලතුරු කෑමෙන් බඩ කට පිරී තිබුණු නිසා මා පැණිරස කෑම අත් හැර දැමීමි. මිඨායි වාලී පාන් ( පැණි රහ විට ) -------------------------------------------------------- මේ ශාලාවේ කාගෙත් සිත් ගත්තේ රාජස්ථානි පාන් වෙළෙන්දාය. පාන් යනු විටට කියන ඉන්දීය නමයි. බැලූ බැල්මට මේ පාන් වෙළෙඳාම කරන්නේ රාජස්ථානි පිරිසක් විසිනි. එතැනින් පාන් වලා වෛවර්ණ ඇඳුමක් හැඳ සිටී. ඔහුගේ හිසේ පැළඳි සුම්බරය රාජස්ථාන් ගැමියන්ගේ සුම්බරය සිහි ගන්වයි. ඇඳුමේ පැළැඳි කන්නාඩි වලින් අමුතුම ආකර්ෂණයක් ගෙන දෙයි. අවට භාජන වල විවිධාකාරයේ පැණි රස කැබලි ඇත. කැබලි කරන ලද චෙරි, මුද්දරප්පලම් කැබලි, වේලන ලද පළතුරු කැබලි, එනසාල් කුඩු, ගුල්කාන්ද් ( රෝසපෙති ජෑම් ) සහ රෝස වතුර වලින් මේ පාන් සමන්විතය. තවත් රාජස්ථානියෙක් භාජනයකට කුඩා පළතුරු කැබලි සහ සියළුම අමුද්‍රව්‍ය දමා රෝස වතුරත් දමා හොඳින් කලවම් කරයි. පාන් වාලා කරන්නේ බුලත් කොලයක් ගෙන කුමක් හෝ ද්‍රාවණයක් ඒ මත ගා පළතුරු මිශ්‍රණය ඒ මත අතුරා හොඳින් බුලත් කොලය අකුලා ඒවා කන්නට මුව ආයාගෙන සිටින්නා අතට පත් කිරීමයි. මේ මිඨායි පාන් ( පැණි විට ) අනික් විට වලට වඩා වෙනස් වෙන්නේ එවා කා ගිලීමට හැකි වීමයි. කොහොමත් ඒවායේ රසය නිසා නිරායාසයෙන්ම ගිලෙයි. " දැනට මේ පැණි රහ කෑම කන්න. සැර ජාති මොකුත් මේ වෙඩිං වල නෑ. ඒකට අපි හවසට "හාඩ් රොක් කැෆේ " එකේදි හම්බු වෙමු. " හාඩ් රොක් කැෆේ එකක් චෙන්නයි වලත් තියනවද " ම්ම පංකජ් ගෙන් ඇසුවේ විමතියෙනි. " ඒක අයිති මෙහෙ මහ ඇමතිගේ පුතාට " පංකජ් සිනහසෙමින් කියයි. " මෙහෙත් එහෙමද ? " " එහෙනම් මැද හෝල් එකට ගිහින් මනමාල ජෝඩුවත් බලල පොටෝ ටිකක් එහෙම අරන් යමු " ****** සං
ජය දොළමුල්ලටෝයි එක​ මහත්තයා කුස්සියේ ජනේලෙ ලඟින් පෙනී නොපෙනී යනවා කුස්සියේ ජනේලෙන් එළිය බලාහිටි සෞන්දරී නෝනා දැක්කා. හෑ ඒ මොකද​? හිතන්නත් කලින් ආයෙමත් මහත්තයා කුස්සියේ ජනේලෙ ලඟින් පෙනී නොපෙනී ගියා. ඒ සැරේ අනිත් පැත්තට! තප්පර පහක් ගියේ නෑ මෙන්න ආයෙමත් ඉස්සරලා ගිය පැත්තට​! කුස්සියේ ජනේලෙ ටිකක් ඉහලින් තියෙන්නේ! මහත්තයාගේ ඔලුව විතරයි පෙනුනේ!මේ මොන ජංජාලයක්ද​? සෞන්දරී නෝනා පිටි පස්සෙ දොරෙන් එබිකම් කලා. "ර් ර් ට් ට්....."සෞන්දරී නෝනා එබිකම් කරනවා දැකලා මහත්තයා අතපය විසි කරලා මොනවාදෝ කීවා. වීදුරු දොර වහලා හින් දා සෞන්දරී නෝනාට ඒ මොනවත් හරියට ඇහුනේ නෑ. මේ මනුස්සයා මොනවා කියනවද මං දන්නෙ නෑ. සෞන්දරී නෝනා දොර ඇරගෙව එලියට ගියා. "මොකක්ද කීවේ?" "රෙක්ස්.....ටෝයි...."මහත්තයා ආයෙත් අනිත් පැත්ත හැරිලා දුවන්න පටන් ගත්තා. "රෙක්ස්.....ටෝයි....මොකක්?" ඔන්න එතකොටයි සෞන්දරී නෝනා හරි සිද්දිය දැක්කේ!මහත්තයත් එක්ක තවත් කෙනෙක් හරි හරියට දුවනවා නොවැ! කවුද​? ගෙදර බලු ගෙඩියා රෙක්ස්! රෙක්ස්ගේ කටේ මොකක්දෝ පාට පාට පොට්ටනියක්! රෙක්ස් වත්ත මැද නැවතිලා වෙට්ටුවක් දාලා ආයෙමත් අනිත් පැත්තට දුවනවා. "අර සුදු ළමයගෙ ටෝයි එක​!" මහත්තයා සෞන්දරී නෝනාවත් පහු කරගෙන අනිත් පැත්තට දුවන ගමන කියාගෙන ගියා. සුදු ළමයගෙ ටෝයි එක​! එතකොටයි සෞන්දරී නෝනාට මතක් වුනේ! ගෙවල් කීපයකට එහායින් ඉන්න සුදු පවුල මහත්තයාගෙන් මොනවාදෝ අහගන්න එනවා කීවා නොවැ. ඒ ජෝඩුව මොකක් හරි ප්‍රොජක්ට් එකකටලු ඇවිත් තියෙන්නේ. ජර්මනියෙන්! ළඟඳීම ආපහු යනවලු. බොහෝම සිරියාවන්ත ජෝඩුව​.ගෙදර පහු කරලා යනකොට සෞන්දරී නෝනා එළියේ හිටියොත් හිනාවෙලා, 'හායි' කියලා තමා යන්නේ. අවුරුදු හතර පහක දුවෙකුත් ඉන්නවා. පොඩි කෙල්ලත් බොහෝම හුරතල්!රෙක්ස්ට බොහෝම මනාපයි. එයාලගේ බාසාවෙන් මොනවදෝ කියවලා රෙක්ස්ට 'බායි' කියලා තමා යන්නේ. ඒ ජෝඩුවට මහත්තයාගෙන් මොනවාදෝ දැනගන්න ඕනෙ කියලා මහත්තයා මුණගැහෙන්න 'අපොයින්ට්මන්ට්' එකක් දාගත්තෙ සතියකටත් කලින්! ඔන්න ආයෙත් රෙක්ස් සෞන්දරී නෝනා පැත්තට පිම්මේ දුවගෙන එනවා! ඒ වෙලේ තමයි සෞන්දරී නෝනා රෙක්ස්ගේ කටේ තිබ්බ දේ හරියටම දැක්කේ. සොෆ්ට් ටෝයි එකක්! පුලුන් පුරෝපු බල්ලෙක්! ඒ කියන්නේ රෙක්ස් අර පොඩි කෙල්ලගේ ටෝයි එක උදුරගෙන දුවනවා.කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු! ඔය එන්නේ මහත්තයත්! මූණ රතුවෙලා.දාඩියත් දාලා! "අල්ල ගන්න අල්ල ගන්න​!"මහත්තයා කෑ ගැහුවා! සෞන්දරී නෝනා ඉස්සරහට පැන්නා.මොන​! රෙක්ස් නැමිලා, ඒ එක්කම උඩ පැනලා, සයිඩ් වෙට්ටුවක් දාලා ආයෙත් අනිත් පැත්තට දිව්වා! මහත්තයත් ආ වේගෙන්ම අනිත් පැත්තට හැරිලා රෙක්ස් පස්සේ දිව්වා! "රෙක්ස් ස්ටොප්!" "රෙක්ස් ස්ටොප්!රෙක්ස් ස්ටොප්!"සෞන්දරී නෝනා ඒ පිටිපස්සේ දිව්වා! ආ! මේ ඉන්නෙ සුදු පවුල! ගෙයි ඉස්සරහ ඉඳං ඒ තුන් දෙනත් මොනවදෝ කිය කියා කෑ ගහනවා. සුදු මහත්තයා මහත්තයා පස්සෙන් දුව දුව මොනවදෝ කියනවා. ඒ වගක්වත් නැතුව මහත්තයා දුවනවා. සෞන්දරී නෝනාත් දුවනවා. රෙක්ස් වෙට්ටු දදා දුවනවා. ඒ එක්කම මෙච්චර වෙලා කඩේ ගිහින් හිටි රාජු කොලුවත් වත්තට ඇතුලු වුනා. "අනේ කොලුවෝ රෙක්ස්ව අල්ලපං!"සෞන්දරී නෝනා දුවන ගමන් බෙරිහන් දුන්නා! ඒ සැරේ රාජු කොලුවත් කඟවේනා වගේ රෙක්ස් පස්සේ දුවන්න තියාගත්තා. යන්තං ඇති! තවත් රවුං දෙක තුනකට පස්සේ රාජු කොලුවා රෙක්ස් අල්ලා ගත්තා. ඒ වෙනකොට හතරදෙනාටම හති! සෞන්දරී නෝනාටත් හති! මහත්තයාටත් හති! රාජු කොලුවාටත් හති! බලු ගෙඩියාටත් හති! පොඩි දිවිල්ලක්ද දිව්වේ! "මම ඇස් දෙකට දැක්කා මේකා පොඩි කෙල්ලගේ ටෝයි එක ගන්නවා!" මහත්තයා බොහොම අමාරුවෙන් රෙක්ස්ගේ කටින් ටෝයි එක අරන් පොඩි කෙලි පැටික්කිට දුන්නා! මේ කෙලි පැටික්කිත් මහත්තයා අතින් ටෝයි එක අරන් ආපහු ටෝයි එක දුන්නෙ නැද්ද රෙක්ස්ටම​! මොකක්! මහත්තයා සෞන්දරී නෝනා දිහා බැලුවා. සෞන්දරී නෝනා මහත්තයා දිහා බැලුවා. රාජු කොලුවා මාරුවෙන් මාරුවට දෙන්නම දිහා බැලුවා. රෙක්ස් කා දිහාවත් නොබලා ටෝයි එකත් අරං ආපහු වත්තේ අනිත් පැත්තට දිව්වා. "හැනා ටෝයි එක ගෙනාවෙ ඔයාලගෙ බලු පැටියට​!" එහෙම කීවෙ සුදු නෝනා. "එයා හරි ආදරෙයි රෙක්ස්ට​!" හුම්! ඒකත් එහෙමද​? -ශ්‍රීපාලි පින්තූරය අන්තර්ජාලයෙන්!ගුලි කතාව.... ගුලි ගැන මගේ මතකය ඇවිස්සෙන්න ආසන්නම හේතුව මට මතක නෑ.. හැබැයි ගුලි ගැන කතාවක් තියනවා මට කියන්න... මං කියන ඒවා කවුරුත් අහන්නෙ නෑ.. මං ලියන ඒවා කවුරුත් කියවනවද නැද්ද කියන්න මං දන්නෙත් නෑ.. ඕන මගුලක් වෙච්චාවේ කියලා මං ලියලා දාන්නම්... ගුලි කීවාම මගෙ පලවෙනි මතකය මං හිතන්නේ අපේ අල්ලපු ගම වෙච්චි වැලිවතුරේ මිඩ්වයිෆ් නෝනා දුන්නු ත්‍රී පෝශ ගුලි තමයි .. දැන් නම් ඒවා දෙනවද දන්නෙත් නෑ... කොහොම උනත් අද මේ කතාව ලියන්නේ එදා මිඩ්වයිෆ් නෝනා දීපු ත්‍රි පෝශ ගුලි කරලා අපේ අක්කා කවපු එකේ හයි හක්තිය තාම ඇගේ තියෙන නිසා වෙන්නත් පුළුවන්... කොහොමින් කොහොම හරි ලෝකෙ හැමෝම ඉස්සරහට යද්දි අපිට විතරක් පස්සට යන්න බෑ.. ඉතිං මාත් ලෝක සුබාවෙට අනුව වයසට ගියා.. ඊටත් පස්සේ මං තුන වසරේ වගේ ඉන්නකොට අපේ පංතියේ උන්නු තුෂාරයා කීව කතාවක් මතකයි.. අර හාමුදුරුවන්ට තිබුන තල ගුලි ඇබිත්තයා කාලා බලු බෙට්ටක් ඔතලා තිබ්බ කතාව... ගුලි කතා හරි අමුතුයි.. ඊට පස්සේ මගේ ගුලි මතකය එන්නේ මං හිතන්නේ අපේ අයියලා බාප්පලා පහේ ටොපී කියපු අපේ පරම්පරාව ගුලි කියපු අපිට පස්සේ සැට් එක කාමේස්වරී රසායනය කියපු ගුලි තමයි.. එක දවසක් කවුරු හරි එකෙක් මට ඕවා ටිකක් කන්න දුන්නා.. වැඩක් නෑ.. " මම - ඩූ යූ පීල් එනිතිං... ආයෙත් මම - නෝ" ඔය සිද්ධිය උනේ මං නිවාඩුවක් අරං ඇල්පිටියේ යන දවසේ... කොහොමින් කොහොම හරි ලෝකෙ ඉස්සරට යනකොට මට පස්සට යන්න බැරි නිසා. මං කඹ අදිනකොටත් ගියේ ඉස්සරහට ... ලෝකෙ කැරකුනා.. අපි පරිණත උනා.. සමහරු පත නරි උනා... මේ ළඟදි අපේ කවිදුවා පෙන්නුවා මගේ රැවුලත් ඉදිලා තිබුනා... මං මේ කියන්නේ ගුලි කතාව.. ඒ අස්සේ හිතට එන එක එක මගුල් ලියවෙනවා ඉතිං ... ඊලග ගුලි මතකය හරියටම උනේ අපේ ශිරානයාගේ වෙඩිම දවසේ.. ඒක තිබුනේ ගලිගමුවේ.. හැබැයි මට උදේ පාන්දරම කොළඹ යන්න උනා.. අපේ අක්කගෙ යාලුවෙක් වෙච්චි නම මතක නැති අක්ක කෙනෙක්ගේ දුව කොළඹ නෝනා වාට්ටුවේ නවත්තලා හිටියා.. ඉතිං මට සිද්ධ උනා ඒ අක්කට කෑම එකක් ගිහින් දෙන්න.. ඒකත් අරගෙන වෙඩිමට යන්න කිට් එකකුත් බෑග් එකට දාගෙන මං උදේ පාන්දර අරං යන්න කුකුලෙක් නැති නිසා අම්ම ඔතලා දීපු බත් එකත් අරගෙන කොළොංතොටට බස් නැග්ගා.. ගිහිං කෑම එක දීලා උදේ අටට විතර කොටුවෙං බස් එකකට නැග්ගා... ( කියන්න අමතක උනා මගේ දෙවනි රස්සාවෙදි හම්බ උන සිතුමිනයා ගෙ වෙඩිම තිබුනෙත් එදාම තමයි ඒකට යන්න උනේ නෑ ඉතිං .. සොරි බ්‍රෝ 🥲) ඉතිං මං බස් එකෙ අයිනක වාඩි උනා... ඒ වෙලාවේ මගේ පර්ස් එක තිබුනේ අයිනේ පැත්තට වෙන්න.. ඊට පසේ ඩෑල් එකක් නැග්ගා බස් එකට නැගලා මගේ ළඟ වාඩි වෙලා මට මෑන්ස් ගේ බෑග් එක දුන්නා "මල්ලි වතුර එකක් ගේනකං මේක පොඩ්ඩක් තියාගන්න " කියලා කිව්වා.. ඊට පස්සේ මෑන්ස් මං ළඟ වාඩි උනා.. කෙට්ටු උස මරිසි පෙනුමක් තියන අවුරුදු හතලිහක විතර හාදයෙක්... එහෙන් මෙහෙන් කයිය ගහද්දි මං මගේ පරණ ජොබ් එක ගැන කීවා.. මෑන් කියපි මාත් පොලීසියේ තමයි එස් අයි මොකක්ද මගුලක් නම කීවා.. ඒ අතරේ මෑන් මට තල ගුලි දෙකක් පෙන්නලා එකක් මට දීලා එකක් ඌ කෑවා.. මට පොඩි සැකේකුත් ආවා.. ඔන්න ඔහෙර් ඕන මගුලක් කියලා මාත් කෑවා.. ලියන්න අමතක උනා.. අපේ අයියගේ බුක් සොප් එකට ඒ ෆෝ බන්ඩල් දහයකුයි තව පොත් වගේකුයි අරගෙන මං ආවේ.. ඒ ටිකත් තියාගෙන තමයි වෙඩිමට යන්න බලාගෙන මං ගලිගමුවට ටිකට් ගත්තේ.. කොහොම හරි මෑන් දීපු තලගුලිය මං කෑවා.. අන්තිම හරිය කනකොට ලාවට මෙන්තෝල් රහක් ආවා.. ඒ වෙලාවෙම මට තේරුනා බඩු හරි කියලා.. මං ඕන දේක මූන දෙන්න ශක්තිය හිතට ගත්තා.. ඊට පස්සේ උගෙන්ම වතුර ටිකක් ඉල්ලගෙන බීවා.. ඔය අතරේ මට කැලණිය හරියට එනකං වෙච්චි සිදුවීම් ටික මතකයි.. අර මෑන් එක්ක චැටක් දාගෙන ආවා.. පොර මගේ පෝන් එක ඉල්ලගත්තා කෝල් එකක් ගන්න කියලා.. ඊට පස්සේ මං ආයේ ඉල්ලුවාම පොර කීවා මං පොඩි වීඩියෝ එකක් බලන්නම් කියලා ඌ අතේ ඒක තියාගත්තා.. පස්සෙ උන දේවල් මට මතක නෑ.. හැබැයි හීනෙන් වගේ මතකයි මෑන් මට මගෙ පර්ස් එක අනික් පැත්තෙ සාක්කුවට දාගන්න කියනවා.. මං ඇයි කියලත් ඇහුවා.. පොර කීවා "නෑ ඉතිං අමාරුයි නේද" කියලා.. මං කීවා "නෑ එහෙම අමාරුවක් නෑ" කියලා.. කොහිමින් කොහොම හරි මට ඒ වෙලාවේ තේරුම් ගිහින් තිබුනේ මේකා ගේම් කාරයෙක් කියලා.. ඒ අස්සේ එක පාරටම කොන්දොස්තර මහත්තයා මාව ඇහැරෙව්වා.. ගලිගමුවෙන් බැහැගන්න කියලා.. මං නැගිටලා බස් එකෙන් බැහැලා අර ඒ ෆෝ බන්ඩල් ටිකත් අර මරිසි කාරයාටම කියලා බාගත්තා.. පස්සේ මං දැක්කා මගෙ පෝන් එක උගේ සාක්කුවේ කියලා.. ඒකත් මං ඉල්ලගත්තා.. ඊට පස්සේ මට මතකයි වීල් එකකින් වෙඩින් හෝල් එක ළඟින් බැහැලා රනාට කෝල් එකක් දීලා ඌව ගෙන්නගෙන උගේ කාර් එකට මගෙ බඩු ටික පටවා ගන්නවා.. හැබැයි වීල් එකක් හයර් එකට ගත්තේ කොහොමද කියල මතක නෑ.. ඒ වෙලාවේ මං රනාට කීවා තල ගුලි සීන් එක....ඊට පස්සෙ මට මතකයි කවුරු හරි අපේ ගෙදර බාත් රූම් එකේ මට නාපං කියලා කියනවා.. ඊට පස්සේ මට මතකයි උදේ ඇහැරිනවා.. පස්සේ රනාට කෝල් එකක් දීලා මොකද උනේ කියලා ඇහුවා. ඊට පස්සේ ඩෑල් එක මට කියනවා දැන් ටිකකට කලිනුත් උඹ මට කතා කරලා ඔය සීන් එකම ඇහුවා කියලා..කොහොම හරි ඌ මට කීවා උඹට වෙඩිම වෙලාවෙ මල්ලි කෙනෙක් කතා කරා පොරට කීවා සීන් එක ඊට පස්සේ මෑන් ආවා මාව බලන්න කියල.. ඒ තමයි උපේ.. අපේ නැන්දගේ පුතා.. මං ඕවා දන්නේ නෑ.. ඊට පස්සේ මං අචිරයාට කතා කරලා අර ඒ ෆෝ ටික කඩේට අරං ගියා ඌ එක්ක..කඩේ අචිර බයික් එක නැවැත්තුවා මතකයි ... ඊට පස්සේ ඊලග දවසේ උදේ නැගිට්ටා මතකයි... ඔය දවස් දෙකේ මම උපේ එක්ක ගෙදර එන්න හදලා.. යන්න බැරි නිසා ඌ ගෙදර ගිහින්.. ඒ අස්සේ දතයි රණයයි එක්ක පොටෝ එකකුත් ගහලා.. ජනිත් මල්ලි එක්ක කතා කරලා.. පස්සේ රනා සුබෝදයාට කතා ක
රලා ඌව ගනේතැන්නට ගෙන්නගෙන.. උ එක්ක මාව යවලා.. ගෙදර ගිහින් ආයේ මං ඌ එක්ක කොත්තු කන්න මැන්ගෝ හට් එකට ඇවිත්.. ඌ බියර් එකක් බොනකං උගේ ළඟ ඉදලා.. ඊට පස්සෙ තමයි මට මතක සීන් එකේ හැටියට මාව නාවලා නිදි කරවලා තියෙන්නේ... ඊලග දවසේ මං අචිරයා එක්ක කඩේට ඇවිත් බැංකුවෙන් සල්ලි වගයක් අරන්.. හවස අම්මා බය වෙලා මාව බේත් ගන්න එක්ක ගිහින්.. ඩොක්ටර්ටත් පෙන්නලා.. ඔය ඔක්කොම සිද්ධි මං දන්නෙ නෑ.. හැබැයි මං ඒවා කරලා.. ඒක මාර එක්ස්පීරියන්ස් එකක්.. අන්තිමට උනේ අර මරිසි කාරයාට තල ගුලියක් නැති උනා.. මට දවස් දෙකක් සහ වෙඩිමක හොද අඩියක් ගහන්න තිබ්බ චාන්ස් එකක් නැති උනා... ඒ වගේ මරිසියකට අහු වෙලා සල්ලියි පෝන් එකයි බේරගත්ත එකම එකා මං වෙන්න ඇති.. මරිසි අංකල්.. අංකල්ගේ මූන මට මතකයි.. ආයේ දවසක හම්බ උනොත් මං අනිවා කතා කරනවා... ඔන්න ඕකයි මගේ ගුලි මතක.. තව මතක ටිකක් තියනවා ඒවා පස්සෙ කියන්නම්.. අදුරන්නේ නැති අය දෙන කිසි දෙයක් කන්න එපා ළමයිනේ.. මට නැති උනේ දවස් දෙකක් විතරයි.. ඒ මගේ වාසනාව සහ යාන්තමට හරි තිබුන සිහිය.. හැමෝම වාසනාවන්ත නෑ.. ඉතිං කොල්ලනේ පරිස්සමින් ... ජය වේවා... මං.....Aussi අයිශා - 10 කොටස "නසීර් කිව්වනේ මේකේ හොල්මන් තියෙනවා කියලා..." "මොකක්?.." "හ්ම්ම්....අවුරුදු ගානකට කලින් පොඩි ළමයෙක් ජනේලයකින් පහලට වැටිලා තියෙනවලු. ළමයා වැටුනු දුකට තාත්තත් එහෙම්මම ජනේලෙන් පහලට පැනලා. ඊටපස්සේ මෙහෙ ඉඳලා හිටලා සද්ද ඇහෙනවාලු. තව සමහරු මැරුණු තාත්තව දැකලත් තියෙනවලු." "මෙහෙ හොල්මන් තියෙනවනම් මිනිස්සු එයිද අනේ නතරවෙන්න විකාර..." කතාව ඇහුවට පස්සේ අමුත්තක් දැනුනත් මං ඒක මසර්ට පෙන්නන්න ගියේ නෑ. "මාත් ඕවා විශ්වාස කරන්නෙ නෑ... ඒත් ආපු ගමන්ම නසීර් මොකටද මට ඒ ගැන කිව්වේ කියලා කල්පනා කළේ...බලමුකෝ..." මදැයි ආසාවෙන් වාඩිවෙලා ඕපදූපයක් අහන්න හැදුවා. නසීර් මෙයාට ඕක කිව්වා කියලා ඕක මට කියන්න ඕනිද. දැන් ඉතින් මෙයා වැඩට ගියාම මටත් එළියට වෙලා ඉන්න තමයි වෙන්නේ. සමහරවිට ඕක කාගෙ හරි කටකතාවක් වෙන්නත් ඇති. කවුරුත් ඇත්ත නැත්ත හොයන්නේ නැතුව ඔහේ කියවනවා වෙන්නත් පුළුවන්. ඔය විකාර කතා වලට බොරුවට හිත ගස්සගන්න ඕනි නෑ. මොකෝ අපි තනියම හොටෙල් එකේ ඉන්නවා නෙමෙයිනේ. හැම රූම් එකකම වගේ කවුරුහරි ඉන්නවනේ. උදේ කෑමට කිචන් එකෙන් මොනාහරි අරන් එන්න පුළුවන් වුණත් මේ පැත්ත හුරුවෙන්නත් එක්ක පොඩ්ඩක් ඇවිදලා කරලා එළියෙන්ම මොනාහරි කමු කියලා මසර් කිව්වා. උදේ තේ එක කාමරේදිම හදාගෙන බීලා අපි දෙන්නා එළියට ගියා. අපි ඉස්සෙල්ලම ගියේ හොටෙල් එක ළඟම තිබුණු පාක් එකට. පුදුම විදියේ නිස්කලංක තැනක්. මිනිස්සු තම තමන්ගේ පාඩුවේ වැඩ. සමහරු බල්ලෝ ඇවිද්දනවා. සමහරු දුවනවා. සමහරු පොඩි බබාලා ගෝ කාට් වල දාගෙන ඇවිද්දනවා. ඒ විතරක් නෙමෙයි පුංචි අයට සෙල්ලම් කරන්න පුංචි පුංචි ප්ලේ ඒරියාස් තියෙනවා. සමහරු පවුල් පිටින්ම ඇවිත් පාක් එකේම තියෙන ග්‍රිල් වල උදේ කෑම හදාගෙන කනවා. දවසක ඇවිත් ග්‍රිල් එකේ කෑම හදාගෙන කමු කියලත් මසර් කිව්වා. පාක් එකේ ටික දුරක් ඇවිදලා පොඩ්ඩක් මහන්සි නිසා අපි දෙන්නා බංකුවකට වෙලා පොඩ්ඩක් වාඩිවෙලා හිටියා. "දැන්නම් බඩගිනියි නේද?...මෙහෙ ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් කියලා ලොකු ශොපින් මෝල් එකක් තියෙනවලු. පයින් ඒ තරම් දුරක් නෑ. එහෙට ගිහිල්ලම කමු නේ.." මසර් බංකුවෙන් නැඟිටින ගමන් කිව්වා. ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් එක ඇතුලට එද්දි මට මතක් වුණේ කරච්චි වල ඩොල්මන් මෝල් එක. හැබැයි මේක ඩොල්මන් එකට වඩා ගොඩක් ලොකුයි. ශොපින් මෝල් එකේ දෙවෙනි තට්ටුවේ තිබුණු ඩෝනට් කඩෙන් ඩෝනට් කාලා හොට් චොක්ලට් බිව්වට පස්සේ දෙන්නගෙම බඩවල් හොඳට පිරුනා. ඊටපස්සේ අපි ගියේ එතනම පොඩ්ඩක් ඉස්සරහට වෙන්න වූල්වර්ත් කියලා තිබුණු ශොප් එක ඇතුලට. අම්මෝ ඒක සාගරයක් වගේ. ඇතුල් වෙද්දිම තිබුණේ පාට පාට ෆ්‍රෙශ් මල් වලින් හදපු මල් බොකීස්. පැත්තක එක එක ජාතියේ පළතුරු තිබුණා. තව පැත්තක එළවළු. සමහර ඒවනම් දැක්කෙත් අද. ඒවා කොහොම උයනවද දන්නෑ. පස්සේ ඉන්ටනෙට් එකෙන් සර්ච් කරලා බලන්න හිතාගෙන මං ඒ වගේ නම් ෆොටෝ ගහගත්තා. උදේටත් හොටෙල් එකෙන්ම කන්න බෑ කියලා මසර්, අපිට උදේට කන්න පාන් ගත්තා. තව ජෑම් බෝතලේකුයි, බටර් එකකුයි, චීස් ස්ලයිස් පැකට් එකකුත් ගත්තා. මාරුවෙන් මාරුවට පාන් වල ගාගෙන කන්න පුළුවන්නේ. උදේට එහෙම කෑවට දවල්ටයි රෑටයි කෑවේ හොටෙල් එකෙන්. වැඩිහරියක්ම ඉතින් පැස්ටා තමයි කෑවේ. මෙහෙ තියෙන අනිත් සුකුරුත්තම් කෑම වලට හරියකට බඩ පිරෙන්නෙ නැති නිසා තමයි ගොඩක් වෙලාවට පැස්ටා තෝරගත්තේ. සමහර වෙලාවට බර්ගර්, ෆිෂ් ඇන්ඩ් චිප්ස්, සැන්ඩ්විච් එහෙමත් කෑවා. මුල් දවස් දෙක තුනේ මෙහෙ කෑම ආසාවෙන් කෑවට මොකද දවස් කීපයක් යද්දි ඒ ආසාවත් නැතිවුණා. ආයෙනම් මාස දෙක තුනක් යනකම් පැස්ටා කනවා තියා ඒ දිහා ඇහැක්වත් ඇරලාබලන්නෙ නෑ කියලයි මං හිතාගෙන හිටියේ. මසර් වැඩට යන්න පටන් අරන් අදට සතියක් විතර වෙනවා. මසර් කිව්වෙනම් වැඩට ගියාම රෑට මොනාහරි අපේ කරියක් කිචන් එකෙන් හදලා ගෙන්නම් කියලයි. ඒත් එක දවසක් රෑ ඕෆ් වෙන්න ඔන්න මෙන්න තියලා මසර් චිකන් කරියක් හදාගන්න ලෑස්ති වුණාම නසීර් කිව්වලු ඕවා කරන්න යන්න එපා කට්ටිය උඩට කම්ප්‍ලේන් කරයි කියලා. ඒකට බයේ මසර් චිකන් කරිය හදන්න ගිහින් නෑ. ඒ වෙනුවට රෑට එනකොට ගෙනාවේ අපේ සැරට හදපු පැස්ටා පිඟානක්. ඒ වුණාට ඉතින් ඔය පැස්ටා, සැන්ඩ්විච් වගේද අපේ කෑම. දැන්නම් කොහෙන් හරි බත් ටිකක් හරි රොටියක් හරි කන්න තියෙනවනම් කියලා හිතලා මං මේ පැත්තේ තියන ඉන්දියන් කඩත් සර්ච් කරලා බැලුවා. එදා බිරියානි ගෙනාපු කඩේ කෑම එච්චර හරි නැති නිසා රිවීව් බලල තැනක් හොයාගෙන හිටියේ මසර් දවල් බ්‍රේක් එකට ආවම කියන්න. ඒත් කඩෙන් කන්න මසර් කැමති වුණේ නෑ. "එහෙම කඩෙන් කන්න බෑ අයිශා...මෙතන මේ ෆ්‍රී හම්බෙන කෑම ටික කාලා සැලරි එක කොහොමහරි ඉතුරු කරගන්න ඕනි. අනික කන්න බැරි ඒවා නෙමෙයිනේ. ගෙස්ට්ලට දෙන කෑමම තමයි අපිත් මේ කන්නේ..." මසර්, දවල්ට කන්න කියලා ගෙනාපු කාබොනාරා පෙට්ටි දෙක මේසෙ උඩින් තියන ගමන් කිව්වා. "අපි ගෙයක් හොයන්නේ නැද්ද? මටනම් දැන් මේ කාමරයක් අස්සේ ඉඳලා ඇතිවෙලා තියෙන්නේ..." මෙහෙට ආපු පළවෙනි දවසේ මාසයක් නෙමෙයි අවුරුද්දක් වුණත් ඉන්න තියෙනවනම් හොඳයි කියලා හිතුනට දැන් නම් මට ඇතිවෙලයි තිබුණේ. අනිත් එක එතකොට පොඩියට හරි කැමති දෙයක් හදාගෙන කන්නත් පුළුවන්නේ. "ගෙවල් කීපයක්ම බැලුවා. නිවාඩු දවසට දෙන්නම ගිහින් බලමු. තව නසීරුත් කිව්වා එයාලා වෙන ගෙදරකට යන්න ඉන්නේ අපිට දැන් එයාලා ඉන්න ගෙදරට එන්න පුළුවන් කියලා. මං කිව්වා ඔයාවත් එක්කගෙන ඇවිත් බලලම උත්තරයක් දෙන්නම් කියලා.." කාබොනාරා කන ගමන් මසර් කිව්වා. අපරාදේ කියන්න බැහැ මසර්ට නම් මේ කෑම ඕනි දවසක් එපා නොවී කන්න පුළුවන්. මං කොහොමත් එච්චර කන්නෙ නැති නිසා මගෙ කාබොනාරා වලිනුත් භාගයක් විතර මසර්ගේ කාබොනාරා පෙට්ටියට දැම්මා. වැඩ කරලා මහන්සිත් ඇති. එතකොට ඉතින් රස හොය හොයා ඉන්නෙ නෑනේ. තියෙන දෙයක් ඉක්මනට කාලා බ්‍රේක් එක ඉවරවෙනකම් පොඩි රෙස්ට් එකක් ගන්නනේ බලන්නේ. "මසර්...අද රෑට මට මොනාත් ගේන්න එපා හොඳේ...මං බිස්කට් කාලා කිරි එකක් බොන්න හිතන් ඉන්නේ..හැමදාම එකම කන්න බෑ අනේ.." බ්‍රේක් එක ඉවරවෙලා මසර් ඊව්නින්ග් ශිෆ්ට් එකට යන්න හදද්දි මං කිව්වා. මං එහෙම කිව්වම මසර්ටත් කෑම ඕනි නෑ. එයත් රෑට කිරි එකක් බොන්නම් කියලා කිව්වා. රෑට කිරි එකක් බොන්නම් කියලා කියපු මනුස්සයා වැඩ ඇරිලා ආවේ කෑම පෙට්ටි දෙකකුත් අරගෙන. රෑ වෙද්දි බඩගිනි වෙන්න ඇති. "මහලොකුවට රෑට කිරි එකක් බීලා ඉන්නම් කියලා නේද කිව්වේ?.." මසර්ගේ අතේ තියෙන කෑම පෙට්ටි දෙක බලලා ඔලොක්කුවට වගේ මං කිව්වා. "හා මේවා ඇතුලේ තියෙන ඒවා දැක්කොත් ඔයත් නොකා ඉඳියිද කියලා බලමුකෝ..." මසර් කෑම පෙට්ටි දෙක මේසේ උඩින් තිබ්බා. "ආනේ කොහෙන්ද මේවා?.. ඔයා හැදුවද?.. එහෙනම් කලින් කිව්වේ අපිට ඕනි ඒව හදාගන්න බෑ කියලා..." කෑම පෙට්ටි දෙකෙන් එකක ලෑම්බ් කරියකුයි, අනිත් එකේ පරාටායි තිබුණා. "ඒක මෙහෙම කියන්න බෑ. මං ඉක්මනට වොශ් දාගෙන එන්නම්. ඔයා කෑම ටික ප්ලේට් වලට දාලා ගන්නකෝ..." කෑම හදලා තිබුණේ මසර්. කෑම ටික කද්දි කාලෙකින් ගෙදර ඉන්නවා වගේ හැඟීමක් තමයි අපි දෙන්නට දැණුනේ. කෑම විස්තරේ අහගන්න මසර් කෑම කාලා ඉවරවෙනකන්ම ඉන්න වුණා. කෑම කාලා ඉවර වෙලා මං හදලා දුන්නු තේ එකත් බොන ගමන් මසර් කතාව පටන්ගත්තා. "අද හවස මේන් කිචන් එකේ හිටියේ ශ්‍රී ලංකන් ශෙෆුයි, ඔසී ශෙෆුයි, වියට්නාම් ශෙෆුයි, මායි විතරයි. නසීර් අද ඕෆ්. අද හවස මගෙන් ශ්‍රී ලංකන් චෙෆ්...ආ එයාගෙ නම යසිරු.. ඉතින් එයා ඇහුවා අපිට මේවා කාලා එපා වෙලා නැද්ද කියලා. මං ඉතින් කිව්වා එපා වෙලා ඉන්නේ චෙෆ් ඒ වුණාට කරන්න දෙයක් නෑනේ කියලා. ඊටපස්සේ තමයි එයා කිව්වේ රෑට බිසී නැති ටයිම් එකක් බලලා මොනාහරි හදාගන්න පුළුවන් කියලා..." "ඒත් ඔයා කිව්වනේ නසීර් එපා කිව්වා කියලා. අන්තිමට මේවා රස කර කර කෑවා වගේ නෙමෙයි ප්‍රශ්නයක් වෙයිද දන්නෙත් නෑ. ඔයාට තිබ්බෙ අපේ රටේ මනුස්සයා කියන එක අහන්න. ඔය අනිත් මිනිස්සු කොහොම අයද දන්නෙත් නෑනේ..." "හහ් අපේ රටේ...මාත් මෙච්චර කල් නසීර් කියන ඒවා අහගෙන හිටියේ අපේ රටේ කියලා තමයි...යසිරු මට කෑම හදාගන්න කියලා කිව්වට පස්සේ එතන හිටපු බේලි කිව්වා නසීර් මෙහෙ හිටපු දවස්වල දවල්ටත් කෑම හදාගත්තා කියලා..මං එයාලට කියන්න ගියෙ නෑ නසීර් එපා කිව්වා කියලා. ඔහොම වැඩ කරගෙන යද්දි මං ශේප් එකේ එයාලගෙන් ඇහුවා අර නසීර් කියපු හොල්මන් කතාව. මං ඒක අහද්දි ලුසීට හිනා...එහෙම කතාවක් තිබුණට ඒක දැකපු කෙනෙක්වත් ඇහුණ කෙනෙක්වත් නැහැලු. නිකන් කට කතාවක් විතරයිලු. කවුද ඔය විකාර කතාව කිව්වේ නසීර්ද කියලා ඇහුවා. මං මොනාත් කියන්න ගියෙ නෑ..හිනාවුණා විතරයි..." "නසීර් මාර මිනිහෙක්නේ...." "ඒක තමයි...මීට පස්සේනම් මිනිහා එක්ක වැඩ කරද්දි පරිස්සමෙන් වැඩ කරන්න ඕනි කියලා මං හිතාගත්තා...ඔයත් එක්ක නිවාඩු දවසේ නසීර්ලා ඉන්න ගෙදර බලන්න යන්නනේ මං හි
තාගෙන හිටියේ. ඒත් මට දැන් මිනිහව ෂුවර් නෑ. කෝකටත් අතේ දුරින් ආශ්‍රය කරන එක තමයි හොඳ..." එදායින් පස්සේ නසීර් ඕෆ් දවස් දෙකේ මසර් රෑට කන්න අපේ විදියට මොනාහරි හදන් ආවා. මංනම් කිව්වේ හෙඩ් ශෙෆ් ඉන්නකොටත් හදනවනම් ඇයි නසීර් ඉද්දි හදන්න බැරි, ඔය මිනිහට පේන්නම කෑම හදාගෙන එන්න තියෙන්නේ කියලා. ඒත් මසර් කිව්වේ එහෙම කළොත් නසීර්ම ගිහින් මැනේජ්මන්ට් එකට කියයි, අනික් අතට ආපු ගමන් මිනිස්සු තරහ කරගන්න ඕනි නෑ...අතේ දුරින් ආශ්‍රය කරන එක තමයි හොඳ කියලා. හොටෙල් එකේ අදට සති දෙකයි. කලින් සතියේ නිවාඩුවටත් ගෙවල් බලන්න ගියාට හරියන ගෙයක් හම්බුනේ නෑ සමහර ඒවා හිතට හරියද්දි පොකට් එකට හරි නෑ. තව සමහර ඒවා පොකට් එකට හරියද්දි හිතට හරි නෑ. අනික මසර් මෙහෙ තියෙන ලී ගෙවල් වලටත් කැමති නෑනේ. ඒකෙන් වුණේ පොකට් එකටත් හරියන ලස්සන ගෙවල් කීපයක්ම අපිට මඟ ඇරුන එක තමයි. අදත් මසර්ට නිවාඩු නිසා අද දවල් වෙනකම්ම කළේ ගෙවල් බලපු එක. යසිරු එයාගෙ වාහනේ අපිව දාගෙන ගියපු නිසා කලින් සතියේ වගේ අදනම් ටැක්සි වලට වියදමක් ගියේ නෑ. ගෙවල් තුන හතරක්ම බලලා අන්තිමට කොහොම හරි හිතටයි පොකට් එකටයි ඔක්කොටම හරියන ගෙදරක් හොයාගන්න අපිට පුළුවන් වුණා. කාමර දෙකයි, සාලෙයි, ඕපන් කිචන් එකයි, බාතෲම් එකයි, වෙනම ටොයිලට් එකකුයි තිබුණා. කාමර දෙකත් හොඳ ලොකුවට තිබුණා. තව ගෙදර පිටිපස්සේ පොඩි ගාඩ්න් ඒරියා එකකුත් තිබුණා. ඉස්සරහත් ලස්සනට පොඩි ඉඩක එක එක ජාතියේ මල් වවලා තිබුණා. "සතියට ඩොලර් තුන්සීයට පාඩුත් නෑ. ගේත් පිළිවෙළයිනේ. ඉඩත් තියෙනවා" රෑ කෑම කන ගමන් මසර් කිව්වා. "දැන් අපි කවද්ද පදිංචියට යන්නේ?..ඊට කලින් ගෙදරට බඩු ගන්නත් ඕනි නේහ්.." "පකිස්ථානේ වගේ නෙමෙයි මෙහෙ හිතුන ගමන් ගෙවල් වල නවතින්න යන්න බෑ. සෑහෙන්න විස්තර ඉල්ලනවා. නිකන් ආවට ගියාට ගෙවල් දෙන්නෑ. දැන් කාලා ඉවර වෙලා ඊමේල් එකට ආපු ෆෝම් ටික පුරවන්න ඕනි. අනික අයිශා... අපි ඉස්සෙල්ලම ගෙට අත්‍යවශ්‍යම ඒවා විතරක් ගමු හරිද. ඉතුරු ඒවා හිමින් සැරේ ගන්න පුළුවන්නේ. කාමර වලට හරියන්න ඇඳවල්, ඇඳුම් කබඩ් එහෙම තියෙන නිසා ඒවා ගන්න කරදර වෙන්න ඕනි නෑනේ. කුස්සියටත් ගෑස් එකයි අවන් එකයි තියෙනවනේ. ටීවි, ෆ්‍රිජ්, වොශින් මැෂින් එහෙම යූස් කරපු හැබැයි හොඳ ඒවා මාකට් ප්ලේස් එකේ තියෙනවා. ඉස්සෙල්ලම එහෙම ඒවා ගමු. පස්සේ පුළුවන්නේ අලුත් ඒවා ගන්න." "ඒවානම් ඉතින් පාවිච්චි කරපු ඒවා කමක් නෑ.හැබැයි කුස්සියේ අනිත් බඩුනම් පාවිච්චි කරපුවා බෑ හරිද. හිමින් සැරේ අලුත් ඒවම ගමු." මං කිව්වා. මතු සම්බන්ධයි. බුද්ධි ජයවීර. ( කතාව කියවා අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති. පිළිතුරු නොලියනවට සමාවෙන්න. )හිසට දැනුණු බර ගතියත් සමඟ පාරින්දි සෙමින් දෑස් විවර කළාය. පෙරදින දහවලේ සිට කුසට කිසිවක් වැටී නොතිබුණු නිසා දැඩි කුසගිනක් දැනුනමුත් ඇඳෙන් බැසීමට සිතක් ඇයට වූයේ නැත. කිසිදා බලාපොරොත්තු නොවූ ලෙස පෙරදා සසංකගේ මුවින් පිටවුණු වදන් ඇගේ සිත බෙහෙවින් රිඳවා තිබිණ. පාන්දර යාමේ දෙනෙත් පියවෙන විට, නිදි වර්ජිත රාත්‍රියක් පුරාවට ඇය තම වසර දෙක හමාරක විවාහ ජීවිතයේ සියලු අහු මුළු ඔස්සේ ඇවිද ගොස් තිබුණාය. සාධාරණ අසාධාරණ බව කෙසේ වුවත්, සසංක පැවසූ සියල්ල සත්‍ය බව අවසානයේදී ඇය ම තේරුම් ගත්තාය. දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනි දියණිය වූ පාරින්දිව හැකි ඉක්මනින් කාට හෝ විවාහ කරදී නිදහස් වීමේ අදහසක් බැංකු කළමනාකරුවකු වූ පියාටත්, ගුරුවරියක වූ මවටත් නොතිබුණු නමුත්, සසංකව හඳුනාගෙන වසරක් ගත වන විටම ඔහු හා විවාහ වීමේ දැඩි අවශ්‍යතාවයක් පාරින්දිට විය. විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීමට තරම් තම දෙවනවර උසස් පෙළ ප්‍රතිඵලද ප්‍රමාණවත් නොවූ නිසා, බාහිර උපාධියක් සඳහා ලියාපදිංචි වූ පාරින්දිට සසංකව මුණගැසුනේ ඇය දේශන සඳහා සහභාගි වූ පෞද්ගලික විශ්ව විද්‍යාලයෙහි තම උපාධියෙහි අවසන් වසර හදාරමින් සිටියදීය. කඩවසම් රූපයකට හිමිකම් කී සසංකගේ රැකියාව සහ පවුල් පරිසරය ද තමාගේ පවුල් පරිසරයට ගැලපෙන නිසා සසංක කැමැත්ත විමසූ විටම ඔහු සමඟ සම්බන්ධයක් ගොඩනගා ගැනීමට පාරින්දි පසුබට නොවූවාය. සම්බන්ධයෙන් කලක් ගත වන විට, දෙපාර්ශවයේම නිවෙස් වලින් එය දැන සිටිය අතර ඔවුන්ට කිසිදු විරුද්ධතාවයක් මතු නොවුනේය. තම උපාධිය සම්පූර්ණ කල සසංක රැකියාවෙන්ද උසස් වීමක් ලද බැවින්, ජීවිතය සුන්දරව ගලායමින් තිබිණි. "දැන් මගේ ප්‍රොමෝෂන් එකත් හරි, ගෙයි වැඩ ටිකත් කම්ප්ලීට් වෙන ගමන් තියෙන්නේ, තවත් කල් දාන්නැතුව අපි මැරි කරමුද?" සසංක යෝජනා කරන විට, පාරින්දි විසි තුන්වන වියට පා තැබුවා පමණි. "මම කැමතියි. කවද හිටියත් අපි බඳින්නේ අපිව නම්, තවත් බලන් ඉන්න ඕන නැහැනේ. මම ගෙදරට කියන්නම්, ඕගොල්ලො ඇවිල්ලා දිනයක් දාගන්න." ඉතින් තවත් සති කිහිපයකට පසු, සසංක තමාගේ දෙමාපියන් සමඟ පාරින්දිගේ නිවසට පැමිණියේ විවාහය සඳහා දින නියම කර ගැනීමටය. "ඔයාට තාම විසි තුනක් වුණා විතරයි, මෙච්චර හදිසියෙන් මේවා කරන්න ඕනිද දූ. අඩුම තරම ඩිග්‍රි එකවත් කම්ප්ලීට් කරලා ඉන්නකෝ." ගුරුවරියක් වූ පාරින්දිගේ මව මෙම හදිසි විවාහයට විරුද්ධත්වය පෑවාය. "මැරිකලා කියල ඩිග්‍රීය කරන්න බැරි වෙන්නේ නැහැනේ අම්මා." "දුව මැරිකලාට පස්සේ මොනවද කරන්න ඉන්නේ?" තාත්තා අඩු වැඩිය එකතු කලේය. "මොනවා හරි මගේම පොඩි දෙයක් පටන් ගන්න ඕන තාත්තා. මම හිතුවේ මම ඩිසයින් කරන ඒවා මම ම මහන්න පටන් ගන්න." "ඔව්. ඒක හොඳයි ඉගෙනගන්න දෙයින් ප්‍රයෝජනයකුත් තියෙන්න ඕනේනේ." "මම ගියාට පස්සේ ඕගොල්ලන්ට ඉතින් නංගි ගැන නිදහසේ බලන්න පුළුවන්නේ." "ඔයා තව අවුරුදු තුන හතරක් මේ ගෙදර හිටියත්, අපිට නංගි ගැන බලන්න බැරිකමක් නැහැ. ඔයාට ඕනෙම නම් ඔයා දැම්ම කසාද බඳින්න. හැබැයි කසාද ජීවිතේ ආදරය කරන කාලේ වගේ කියලා හිතන්න එපා." "අම්මා මාව බය කරනවානේ" "අනේ නෑ. මම මේ ඔයාට ඒ දේ තේරුම් කළා විතරයි. මිනිස්සුන්ට ජීවිතේ අඩුපාඩු පේන්න ගන්නේ, ආදරේ පරණ වෙනකොටනේ. ඒ නිසා ඒක ගැනත් දැනගෙන ඉන්න. කාලයක් යද්දී තේරෙනවා දෙන්නෙක්ට එකට ජීවත් වෙන්න ආදරේ විතරක්ම මදි කියලා." තවත් මාස කිහිපයකට පසු පාරින්දි සසංක හා විවාහ වී සසංකගේ නව නිවසේ පදිංචි වූවාය. "මම ගෙදර ඉන්නෙත් ඉරිදා විතරයි. ඔයා එදාටත් ලෙක්චර්ස් ගියහම එපා වෙනවා නේ අප්පා. තව අවුරුදු දෙකක්ම යන්නත් ඕනනේ. ඔන්න ඕක අත් ඇරලා දාන්න." විවාහයෙන් මාස දෙකක් ගතවන විට සසංක පළමු වාරණය දැම්මේය. 'සසංක කියන එකත් ඇත්ත. එයා ගෙදර ඉන්න දවසට මම එළියට යනවා. අපිට ජීවිතය විඳින්න කාලෙකුත් නැහැ. කොහෙවත් යන්නත් නැහැ. තව මාස දෙක තුනක් වගේ නම් ඉවසන්න පුළුවන්, ඒත් තව අවුරුදු දෙකක්ම ඉන්න ඕනේනේ. ' සසංකගේ කතාව සාධාරණීකරණය කළ පාරින්දි තම උපාධිය අතහැර දැමුවාය. "දවසම ගෙදරට වෙලා නිකන් ඉන්න කම්මැලියි. මම ඩිසයින් ටිකක් හදාගෙන මහන්න පටන් ගන්නද?" තවත් මාසයකට පසු පාරින්දි ඇසීය. "පිස්සුද? ඔයා ගෙදර මහනවා කියලා දැනගත්තහම මිනිස්සු මට හිනාවෙයි." "ඒත් අනේ මම කුලියට ඇඳුම් මහනවා නෙමේනේ. මම ඩිසයින් කරලා, මම ම මහලා, කඩවල් වලට දාන්නම්." "අනේ මේ. ඊට පස්සේ ඔයා මැෂින් එක බදාගෙන ඉදියි. එහෙම නැත්නම් මම ගෙදර එනකොට, ඔයා දවසම වැඩ කරලා මාර මහන්සියි කියාගෙන ඉදියි. මටත් එපාවෙයි එහෙම වෙනකොට. මම මහන්සි වෙලා ගෙදර එන්නේ ඔයත් එක්ක නිදහසේ ඉන්න නේ පාරී." පාරින්ඳිගේ යෝජනාවට සසංකගේ අනුමැතිය නොලැබුණේය. 'එයා කියන එකත් ඇත්ත තමා. ඕඩර්ස් ගත්තට පස්සේ ඒවා වෙලාවට දෙන්නත් ඕනනේ.’පාරින්දී එම අදහසද අතහැර දැමුවාය. "පාරී. ලබන සතිය අපේ ඔෆිස් පාටිය. ඔයත් යන්න ලෑස්ති වෙන්න." මාස කිහිපයකට පසු දිනක රාත්‍රීයේ සසංක පැවසුවේය. "ඒයි මේ. මේ ෆ්‍රොක් එක මම ඩිසයින් කලේ. මේක හොඳයි නේද පාටියට අඳින්න. මම හෙට උදේ ගිහින් මේක මහන්න දෙන්නම්." "ඔය මොකක්ද? ගවුමක්? පාරී ඔයා ඔෆිස් එකේ මැනේජ්ගේ වයිෆ්. පිළිවෙලකට ඇඳුමක් අඳින්න ඕන." "ඇයි? මේ ගවුමට මොකක්ද වෙලා තියෙන්නේ?" "ඔයා මැරි කරපු කෙනෙක්. ඔය ගවුම් කෑලි ඇඳගෙන යන්න ඕනි නැහැ. මගේ තත්වෙ තියලා, පිළිවෙලකට සාරී එකක් ඇඳලා යන්න ලෑස්ති වෙන්න." "හ්ම්ම්. හරි හරි" ඉතින් ඇය ඔහුගේ කැමැත්ත ඉටු කලාය. විවාහයෙන් වසරකට පසු තමන් නව උපාධිපාඨමාලාවක් සඳහා ලියාපදිංචි වන බව සසංක පැවසූ විට පාරින්දී පුදුම වූවාය. "තව ඩිග්‍රි එකක් ඇයි?" "එහෙම තමයි පාරී. ඔෆිස් එකේ හොඳ පොසිෂන් එකකට යන්න නම්, මිනිස්සුත් එක්ක කරට කර ඉන්න නම්, මම හැම වෙලේම අප්ඩේට් වෙන්න ඕනෙ. මගේ කොලිෆිකේෂන් වැඩි වෙන්න ඕන. කන්ටැක්ස් වැඩි වෙන්න ඕනේ" "දැන් ඔයා ඉරිදටත් ගෙදරින් ගියහම මම තනියමනේ." "ඔයාට මොන තනියක්ද, අනිත් දවස්වල ඉන්නවා වගේම ඉන්න. මේකේ සමහර ලෙචර්ස් තියෙන්නේ online." ඉතින් ඇය නිහඬ වූවාය. නව උපාධි හදාරන්න ගත් පසු සසංක තවදුරටත් කාර්යබහුල විය. එසේම ඔහුගේ නව මිතුරන් සමග සංචාරය කිරීමටද පටන් ගත්තේය. තර්ක කල ඵලක් නොමැති බැවින් පාරින්දි නිහඩව සිටියාය. "ඔයත් නැතුව නිකම්ම ගෙදර ඉන්න මට කම්මැලි සසංක. මාත් මොනවා හරි කරන්න ඕන. මම මහනවට ඔයා කැමති නැත්නම්, මම මහන අයට ඩිසයින් ටිකක් ඇඳලා හරි දෙන්නම්." "හරි හරි කැමැත්තක් කරගන්න. හැබැයි ගෙදර වැඩ ටිකත් කරගෙන හොඳේ. ඔයාට දෙකම කරගන්න පුළුවන් නම් මට ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාගෙන් හම්බ කරන් කන්න මට අවශ්‍ය නෑ නේ." ඉතින්, මුහුණු පොත හරහා හඳුනාගත්, කාන්තාවන් කිහිප දෙනෙකුටම පාරින්දි තමාගේ නිර්මාණ ලබාදුන්නාය. දිනෙන් දින එම නිර්මාණය තරුණියන් අතර ප්‍රචලිත වෙද්දී ඇයට නම් ඇණවුම් ලැබිණි. " එනකොට කන්න මොනවාහරි අරන් එන්න." ඉතාමත් කාර්යබහුල වූ දිනෙක ඇය සසංක වෙත පණිවිඩයක් තැබුවාය. පණිවිඩයට අනුව රාත්‍රී කෑම රැගෙන ආ නමුත්, පාරින්දි තම ඇණවුම සමග කාර්යබහුල බව දුටු විට සසංක කෝප විය. "මම හිතුවාට අසනීපයක්ද කියලා. වැඩ හින්දනේ කෑම ගේන්න කියලා තියෙන්නේ." "මේක හදිසියේ ආපු එකක්. හෙට උදේට දෙන්න ඕන. සොරි." "ඔච්චර නැහීගෙන වැඩ කරන්න මං ඔයාට මොකුත් අඩුවක් කරලා නෑනේ පාරී. තමන්ට පුළුවන් ටි
ක විතරක් බාරගන්න. මොකද මම කැමති නැහැ කසාද ගෑනි ගෙදර ඉන්දැද්දි කඩෙන් කෑම කන්න." "මේක මම ආසාවෙන් කරන දේ නේ. කෑම හදන එකයි, ගෙදර වැඩ කරන එකයි ඇරෙන්න මටත් ජීවිතයක් තියෙන්න ඕන." "තමුසේ දැන් කටගහන්න එනවාද? මීට පස්සේ ඕවා කරනවනම් ගෙදර කිසිම දෙයක් අඩුපාඩු වෙන්න බැහැ. එහෙම බැරිනම් ඕක නතර කරලා නිකන් ඉන්නවා. එහෙම ඉන්න බැරිනම් තමුන්ට ගෙදර යන්න පුළුවන්." සසංකගේ වදන් වදන් හමුවේ පාරින්දී සැලී ගියාය. "සොරි මම කට ගැහුවා නෙමේ. ආයේ එහෙම වෙන්නේ නෑ". තමාට සසංකගෙන් තොර ජීවිතයක් නොමැති බව දැන සිටි ඇයට ඔහුගේ සිත රිදවීමට අවශ්‍ය නොවීය. තවත් මාස කීපයක් නිහඩව ගෙවී ගිය පසු සසංක ඔහුගේ අසනීප මව නිවසට කැටුව ආවේය. "අම්මාව බලා ගන්න පාරී. අම්මා ලග පිට මිනිස්සුන්ව නවත්තන්න මට හිතෙන්නේ නෑ." ස්භාවයෙන්ම කාරුණික මවක් වූ සසංකගේ මවට උපස්ථාන කිරීමට පාරින්දි අකමැති නොවූවාය. නමුත් ඇයට වෙනත් කිසිම දෙයක නියැලිය නොහැකි ලෙස ඇගේ ජීවිතය නිවසේ සහ මවගේ වැඩ සදහාම ගතවිය. මව සුවය ලබා නික්ම යන විට තවත් වසරක් ගෙවී යමින් තිබුණි. "ඔය නිව් ඉයර් පාර්ටි එක කොහෙද තියෙන්නේ? මම හිතුවේ ඔසරියක් අදින්න." උත්සව සමය ඇරඹී තිබිණි. "ඔයා ගෙදර ඉන්න පාරී" ඉතින් ඇය පුදුම වූවාය. "ඇයි ඒ?" "එදත් ඔයාව සතීරගේ පාර්ටි එකට එක්කගෙන ගිහින් මොකද වුනේ, එතන කට්ටිය එක එක දේවල් ගැන කතා කරද්දී ඔයා බයවෙලා වගේ බලාගෙන හිටියා. දැක්කානේ කට්ටිය ඇහුවා ඔයාට ඉන්ග්ලිස් තේරුම් ගන්න බැරිද කියලා. මාත් නිකන් නෝන්ඩි වුනා. අනික එයාලගේ ෆැශන් එක්ක ඔයාගේ ඔසරියට හැරෙන්නවත් බෑ." "හ්ම්ම්" "අපේ යාලුවෝ සෙට් එකම එඩියුකේටඩ් අය. හොද තැන්වල වැඩ කරනවා. ගොඩක් දේවල් දන්නවා. ඒ අයත් එක්ක ඔයාට හැසිරෙන්න බෑ. නිකන් ලැජ්ජා වෙනවා විතරයි. පහුගිය පාටිස් තුන හතරෙදිම ඕක වුනානේ. මට දැන් ඇතිවෙලා තියෙන්නේ" "මාව ද?" බොහෝ රිදුන මුත් පාරින්දි ඉවසිල්ලෙන් අසා ගත්තාය. "ඔයාගේ විදිහ. අතිත් අයගේ වයිෆ්ලා එක්ක බලද්දී මට ඔයාව කොහොම අදුන්නලා දෙන්නද කියලාත් හිතා ගන්න බෑ. ජොබ් එකක් වත් නෑනේ." එසේ පවසා සසංක නික්මව ගොස් සෑහෙන වෙලාවක් ගතව තිබුණද, 'ඔයාට කලින් මට මේ ජීවිතේ එපා වුනේ. මට ආස කිසිම දෙයක් කරන්න නැති වෙනකොට, මම සතුටින් හිටියේ නෑ. ඒත් මම ඔයාට ආදරේ නිසා මගේ හැම දේම අත් ඇරලා ඔයා වෙනුවෙන්ම දරාගෙන හිටියා. අන්තිමේ මේකද මට දුන්න වටිනාකම' යැයි ඇසීමට බැරි නිසා පාරින්දි ගල්ගැසී සිටියාය. අවසානයේ දොර වසා දමමින් ඇදට වැටුනු ඇය සිතුවිලි අතර සැරිසරා එලිවෙන පාන්දර නින්දට වැටී සිටියාට. "අම්මා කිව්වා හරි. මිනිස්සුන්ට ජීවිතේ අඩුපාඩු පේන්නේ ආදරේ පරණ වෙනකොට. එතකොට තමයි අතිත් කෙනාව මදි වෙන්න ගන්නේ. මගේ ජීවිතේට මෙයා ගැලපෙන්නේ නෑ කියලා හිතෙන්නේ, මුණ ගැහුණ මුල් කාලේ නෙමේ, කාලයක් ගිහින් මිනිස්සු ජීවිතේ දිහා හැම පැත්තෙන්ම බලන්න ගත්තමයි. සසංක හරි. දැන් මාව එයාගේ තත්වෙට ගැලපෙන්නේ නෑ. මොකද මම ඉගෙනීම අත් ඇරියා. බිස්නස් එක නතර කලා. මට කියලා කිසිම තත්වයක් හදා ගන්නේ නැතුව එයා මත්තෙම හිටියා විතරනේ." තවත් සති කිහිපයකට පසු පාරින්දි තම මව හමුවේ පවසා ගත්තාය. "මේ ලෝකේ මිනිස්සු ගොඩක් වෙලාවට බලන්නේ ප්‍රතිඵලේ දිහා විතරයි දූ. අපිට ෆේල් වෙන්න කොච්චර සාධාරණ හේතු තිබුනත් කවුරුවත් ඒවා අහන්නේ නෑ. මුලින් කොහොම කිව්වත්, ටික දවසක් යනකොට 'අයියෝ ඔයාට රස්සාවක් නෑ නේද කියලා අහනවා මිසක්, රස්සාවට යන්න බැරි වුනේ ඔයාට අපේ අම්මාව බලා ගන්න වුන නිසානේ නේද' කියලා මතක් වෙන්නේ නෑ. හදිස්සියේ වත් අපි ඒක මතක් කලොත්, ගෙදර වැඩත් කරගෙන හොද රස්සාවල් කරන අය කොච්චර ඉන්නවාද කියලත් කියයි". "ඔව්. අපිට අසාර්ථක වෙන්න හේතුව හැදුවේ එයාලාමයි කියලා කාලයක් යද්දී එයාලට මතකවත් නෑ." "ගොඩක් අය හිතනේනේ ඔයා වගේ තමයි. ඒත් මුල අමතක වෙන එක, මුලින් තමන්ට වටිනම දේවල්, කාලෙත් එක්ක නොවටිනම දේ වෙන එක මිනිස්සුන්ගේ සාමාන්‍ය විදිහ. ඒ නිසා මොන ප්‍රශ්න තිබුනත්, අපි දැන ගන්න ඕනේ අපේ වටිනාකම අඩු නැතුව තියා ගන්න. අපි අපිට වඩා අනිත් හැමෝටමයි, ජීවිතේට එන සේරම දේවල්වලටයි වටිනාකමක් දෙනවා. දීලා අනිත් මිනිස්සු අපිටත් ඒ වටිනාකම ම දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම නොවෙනකොට, අපිම එයාලට දොස් කියනවා. හැබැයි වැරදි එයාලා නෙමේ. අපිමයි." "මම එයා කිව්ව දේවල්වලට විරුද්ධ වුනා නම් ප්‍රශ්න ඇති වෙන්නේ මීට කලින් අම්මේ. මම කලේ එහෙම වෙන්න නොදී පවුල රැක ගන්න එක. ඒ හැම දේටම පස්සේ මෙහෙම වුනහම මට හරියට රිදෙනවා අම්මේ. මෙච්චර කාලයක් මම නොකිව්වාට, මේ වෙන හැම දේකින්ම මට ගොඩක් රිදුනා" "මට තේරෙනවා. ඒත් දැන් එයා කිව්ව හැම එකටම එකග වුනා කියලා ප්‍රශ්න නැති වුනාද? ප්‍රශ්න ඇති වෙන්නේ කාලෙත් එක්ක මිනිස්සුන්ගේ අදහස් වෙනස් වෙන නිසයි. දැන් ඔයාට මොකද හිතෙන්නේ?" "දැන් එයා මාව පහු කරගෙන සෑහෙන දුරක් ගිහින්. ඒ වේගෙන් මට දැන් දුවන්න බෑ. හැබැයි මම දැන් හරි දුවන්න ම ඕනේ. ඒ මම එක තැනම නතර වෙලා ඉන්නේ නැති වෙන්න මිසක් එයාට ලං වෙන්න නෙමේ." "එතකොට?" "මාත් ටික ටික ඉස්සරහට යයි. මටත් වටිනාකමක් හැදෙයි. ඒ වෙනකල් එයා ඉදීද නැද්ද කියලා මගෙන් අහන්න එපා. එයාට මාව මග දාලා යන්න ඕනේම නම්, එයා කොහොමත් යනවා. මට එයාව ඕනේ. ඒත් ඊට වඩා මට මාව ඕනේ. යන එන අය ගැන හිතන්නේ නැතුව, මම මට දෙයක් කර ගත්තොත් මට ඒ වටිනාකම හරි තියෙනවා." "සමහර මිනිස්සුන්ට දේවල් තේරුම් කරන්න වචනවලට බැහැ. ඒක අත්විදින්න ම ඕනේ. මම හිතන්නේ දැන් මට ඔයාට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔයා තාමත් පරක්කු නෑ දූ. ජීවිතේදී ඔයාට වටින හැම දේම විතරක් නෙමේ ඔයාවත් පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. මොකද අම්මාට ඔයාව වටිනවා." බාලිකා හේවගේ National Diploma in Psychological Counsellingකල්ලඩි අන්දරය - 6 "වැස්ස නවතින පාටක්වත් නෑ. අපරාදේ" දේව් කිව්වේ නිහඬවම වීදුරුවේ බැඳුණු මිදුම මත දබරැඟිල්ලෙන් චිත්‍ර අඳින වර්ෂාගේ අවධානය තමා වෙත යොමු කර ගැනීමටය. "ඇයි අපරාදේ කිව්වෙ?" "නෑ... මේ වැස්සෙ එළියටවත් බහින්න බෑනෙ. ඒකයි" වර්ෂා එකවරම දේව් වෙත හැරුණේ හදිසියේ හිතට නැගි දෙයක් ඇසීමටයි. "ඔයා මේ රස්සාව කරනවට ගෙදරින් කැමතිද දේව්?" "ගෙදර අය මේ ගැන දන්නෙ නෑ" "ඒ කිව්වෙ?' "මං ඔයාට කලින් කිව්වෙ අපේ සීයා මේ රෙදි බිස්නස් එක බින්දුවේ ඉඳලා පටන් අරන් දියුණු කළේ කියලා" දේව් මේ රැකියාව තෝරා ගත් අයුරු විස්තර කළේය. දේව්ගේ අප්පා, ක්‍රිෂ්ණමූර්ති හදිසි අනතුරකට මුහුණ දීම හේතුවෙන් ඔහුගේ ව්‍යාපාර බිඳ වැටෙද්දී ඒවා ගොඩනැගීමට සහය වී ඇත්තේ ඔහුගේ හොඳම මිතුරා වන නිරන්ජන්ය. ශ්‍රී ලාංකිකයෙකු වූ නිරන්ජන්ගේ පියා බින්දුවේ සිට පටන් ගෙන දියුණු කරගත් ඔහුගේ ව්‍යාපාරය සමානව සිය දරු දෙදෙනාට එනම් නිරන්ජන්ටත් ජීවරාණිටත් ලියා දී ඇත. ක්‍රිෂ්ණමූර්ති හොඳම මිතුරාගේ වැඩිමහල් සොයුරිය ජීවරාණි හා විවාහයෙන් පසුව අප්පාත් මාමාත් එක්ව ව්‍යාපාර දෙක එකක් කොට දියුණු කර ඇත. දැන් ඊට මාමාගේ පුතා ද එක්වී ඇති අතර ව්‍යාපාරයට සම්බන්ධ වීමට තාත්තා විසින් දේව්ට කරන සියළු යෝජනා නිශ්ප්‍රභා වෙද්දී පිය පුතු ගැටුමක් ඇතිවී ඇත. "අන්තිමට තාත්තා කිව්වා උඹ කැම්පස් යන්න ඉගෙන ගත්තෙත් නෑ. බිස්නස් බාරගන්න කැමතිත් නෑ. රස්සාවක් කරන්නෙත් නෑ. ගෙදරට වෙලා ජීවිතේම කාලකණ්නි කරගන්නද හදන්නෙ කියලා" "නෑහ්... ඉතින්?" "මට ඒක ගොඩක් වැදුණා. මං පහුවදාම අම්මයි නංගියි අඬා වැටෙද්දි ගෙදරින් ආවෙ රස්සාවක් හොයාගෙන මිසක් ගෙදර යන්නෙ නෑමයි කියලා හිතාගෙන" "ඊට පස්සෙ?" "මං නන්නත්තාර වෙලා මාසයක් විතර එහෙ මෙහෙ ඇවිද්දා. යාළුවන්ගෙ ගෙවල් වල හිටියා. ගෙදරින් පණිවිඩ පිට පණිවුඩ ආවා එන්න කියලා. මං ගියේ නෑ. අන්තිමේ අහම්බෙන් තමයි මේ රස්සාව හම්බවුණේ. මුල් මාසෙ වැඩ කරලා පළවෙනි පඩියෙන් තෑගිත් අරගෙන ගෙදර ගියා. ඇත්තටම වර්ෂා, මහන්සි වෙලා උපයන සල්ලි නිකං ඉඳන් ගන්න සල්ලි වලට වඩා වටිනවා කියලා එදා මට තේරුණා" "ඒක ඇත්ත" "මං කැම්පස් එකක වැඩ කරනවා කිව්වම එයාලා ගොඩක් සතුටු වුණා. එයාලා හිතන්න ඇති කැම්පස් එකේ ඔෆිස් එකක කියලා. මං ඉතින් කියන්න ගියෙත් නෑ" "කවදහරි දැනගත්තොත්?" "එදාට ඉතින් ජොබ් එකේ අවසානය තමයි. දැනගන්න නම් විදිහක් නෑ හැබැයි. අපේ කැම්පස් එකට ගොඩක් එන්නෙ පිටරටවල ස්ටුඩන්ට්ස්ලනෙ" වර්ෂාට දේව් ගැන දුක හිතුණි. ඒ වෙනුවෙන් යමක් කරන්නට ඇය සිතා ගත්තාය. "ඩොක්ටර් අනූපමට කියලා බලන්න ඕනෙ. එයාගෙ කන්ටැක්ස් ඇතිනෙ ඉන්දියාවෙ ඩොක්ටර්ස්ලා එක්ක හොස්පිට්ල් එක්ක එහෙම" සිතට නැගි සිතිවිල්ල ඇය වචන වලට පෙරළුවේ නැත. "අපි යමු. වැස්ස අඩුවුණා" කාරය තවත් පැයක් පමණ ඉදිරියට ධාවනය විය. තවත් මහ වැස්සක පෙර නිමිති පෙනෙන්නට වූයෙන් වර්ෂා කලබල විය. "ආයෙත් වහින්න එන්නෙ. තව ගොඩක් දුරද?" හිස වනා 'නැත' යනුවෙන් සන් කළ දේව් කුඩා ආපනශාලාවක් අසල කාරය නතර කළේය. කුඩා රවුම් මේසයට වාඩිවී මසාලා තේ එකක රස විඳින ගමන් දේව් තලු මරමින් මසාලා තේ රස විඳින වර්ෂා පුදුමයට පත් කරන ආරංචියක් පැවසුවේය. "ඔයා බලලා තියෙනවද බාහුබලී ෆිල්ම් එක?" "අනේ බැරිවුණා දේව්. හැබැයි සින්දු නම් බලල තියෙනවා යූ ටියුබ් එකේ" "එහෙනම් ඔයා ඒ ගැන දන්නවා ඇති. මතකද ඒකෙ තිබුණු දිය ඇල්ල? අන්න ඒක බලන්න තමයි මං ඔයාව මේ එක්ක යන්නෙ" "බොරු... ඔය ඇත්තමද?" අනේ අපි ඉක්මණට යමුකෝ එහෙනම්" වර්ෂා පොඩි දරුවෙකු මෙන් කෑ ගසමින් සිය සතුට පළ කළය. තේ කෝප්පය අනූ නවයෙන් බේරුණත් විසිරුණු තේ බිඳු කිහිපයක් ඇගේ සුදු පැහැ කූර්තාව සිප ගැනීම වළකාලිය නොහැකි විය. දිය ඇල්ල දුටු වර්ෂා උද්දාමයට පත් වූවාය. දිය ඇල්ලේ සුන්දරත්වය විවිධ කෝණයන්ගෙන් ඇගේ ජංගම දුරකථනයේ කැමරා කාචය මත සටහන් විය. මේ සියල්ල දෙස දේව් බලා සිටියේ මහත් සතුටිනි. "මොකක්ද දේව් මේ දිය ඇල්ලෙ නම?" හදිසියේ ඇය ඇසුවාය. "මේ අතිරප්පිලි දිය ඇල්ල. ඔයාට නම මතක තියෙයිද මන්දා. කේරළයේ ලොකුම දිය ඇල්ල. උසින් අඩි අසූ දෙකක් විතර වෙනවා. පළලින් අඩි තුන්සිය තිහක් විතර වෙනවා. මේ ඇල්ලට වතුර එන්නෙ
කිලෝ මීටර් එකසිය හතළිස් පහක් විතර දිග චලක්කුඩි ගඟෙන්. ඇල්ල ලස්සනම මේ කාලෙට තමයි" "ඔව් අනේ. මං මේ පිස්සු වැටිලා ඉන්නෙ" "ඔයා දන්නවද, මේ අතිරප්පිලි දිය ඇල්ල දකුණු ආසියාවේ නයගරා ඇල්ල කියලා තමයි හඳුන්වන්නෙ. ත්‍රිශූර් වල ඉඳලා මෙතනට කිලෝ මීටර් හැටක් තියෙනවා" "වාව්" වර්ෂා නැවතත් එහෙට මෙහෙට දුවමින් චායාරූප ගන්නට විය. අනතුරුව ඇය පාළම් ගැට්ටට දෙවැළමිට තබා සුරත කම්මුලේ රඳවාගෙන දිය ඇල්ලට සම වැදී සිටි මොහොතක දේව් ඔහුගේ කැමරා කාචයට ඇගේ රුව හසුකර ගත්තේය. මතු බලාපොරොත්තුවක් සහිතව ගත් එය දැනට ඇයට නොපෙන්වීමට ඉටා ගත්තේය. "අපි පහළට බහිමුකෝ" වර්ෂාගෙන් ඉල්ලීමකි. "අද බෑ වර්ෂා. වැස්ස නිසා ලෙස්සනවා. ඔයා ආයෙ දවසක මෙහෙ ආවොත් එදාට මං ඇල්ල ගාවටම ඔයාව එක්ක යනවා" තම දෑසට එබී බලා වෙනස්ම හඬකින් ව්‍යංගාර්ථයෙන් ඔහු පැවසූ දෑ ඇය තේරුම් ගත්තාය. නමුත් නොතේරෙන මෙන් හැසිරුණාය. දිය ඇල්ල බලා මගදි දිවා ආහාරයත් ගෙන ආපහු එන ගමනේදී දේව් නැවත රථය නතර කළේය. විශාල ප්‍රමාණයේ වෙස් මුහුණු වලින් සරසා ඇති තරමක් විශාල තාප්පයකින් වටවූ එම ස්ථානය වර්ෂාගේ සිත තදින් ඇඳ බැඳ ගත්තාය. එම ගොඩනැගිල්ල ඉදිරියේ හිම සම්බන්ධ ලොකු පුවරුවක් සවිකර තිබුණි. එහි ස්නෝ ස්ට්‍රෝම් ලෙස නම් කර තිබුණි. "මේක ඇතුළෙ හිම කුණාටුවක අත්දැකීම් ගන්න පුළුවන්. හරිම ලස්සනයි. හැබැයි සීතලයි. උෂ්ණත්වය සෙල්සියස් අංශක දහයක් විතර තමයි තියෙන්නෙ. යමුද?" වර්ෂා ඊට කැමති වූයේ නැත. ලොකු සීතලක් ඇයට දරා ගැනීමට අපහසු වීම ඊට හේතුවයි. එසේ හෙයින් අවට පුංචි පුංචි සුන්දර ස්ථාන නරඹමින් ඔවුන් දෙදෙනා ත්‍රිශූර් වෙත එනවිට රාත්‍රි හතට ආසන්න වී තිබුණි. "වර්ෂා, හතටත් කිට්ටුයි. රෑට කාලම යමු" ටවුමේ කුඩා ආපනශාලාවකට ගොඩවුණු දෙදෙනා හෙට දවස ප්ලෑන් කරමින් බත් කන්නට වූහ. ආපනශාලාවේ සෑම මේසයකම කුඩා එවර් සිල්වර් බෝල් වල දැමූ සූදුරු හා සුදු පැහැති, කුඩා කාලයේ හූණු බිත්තර ලෙස හැඳින්වූ සීනිබෝල වර්ගයේ මිශ්‍රණයක් තිබීම වර්ෂා කුතුහලයට පත් කළාය. ආහාර ගෙන අවසන් වූ දේව් ද කුඩා හැන්දකින් එම මිශ්‍රණයෙන් හැඳි දෙකක් අල්ලට දමාගෙන ටික ටික සෙමෙන් සපන්නට විය. වර්ෂා නම් සූදුරු අත හැර සුදු පාට හූණු බිත්තර පමණක් තෝරා බේරා සපන්නට විය. "මං දවල් කද්දිත් දැක්කා. ඇයි දේව් මේ හැම මේසෙකම සූදුරු තියෙන්නෙ?" "සූදුරු කියන්නෙ හොඳ ඖෂධයක්. ආහාර මාර්ගයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරලා ආහාරය හොඳින් දිරවන්න උදව් කරනවා. ඔය සීනිබෝලෙ විතරක් හපන්නෙ නැතිව සූදුරු ටිකකුත් කන්නකෝ" දේව්ගේ ඉල්ලීමට වර්ෂා සූදුරු ටිකක් අල්ලට දමාගෙන සැපූ අතර එහි වූ අමුතු රසයෙන් ඇගේ දිව පිනා ගියාය. "ඒක මරු. මං ලංකාවට ගියාමත් සූදුරු කන්න ඕනෙ කෑම කෑවට පස්සෙ" ආහාරයෙන් පසු දේව් වර්ෂා එලයිට් හෝටලය අසලින් බස්වා ඇය ඇතුළට යන තුරුම බලා සිට් ආපහු යාමට රථය පණ ගැන්වූයේය. .... .... .... වර්ෂා නින්දට යාමට සූදානම් ව කිරි කෝපි කෝප්පයක් සාදාගෙන ඇඳ මත හිඳගත්තාය. ජංගම දුරකථනයේ දේව්ගේ නමින් කෙටි පණිවිඩයක් ඇති බව ඈ දුටුවේ එවිටය. "මම බෝඩිමට ආවා. පරෙස්සමෙන් ඉන්න. ගුඩ් නයිට්" වර්ෂා හැරෙන තැපෑලෙන් ඊට පිළිතුරු යැව්වාය. "හෙට හම්බවෙමු. ගුඩ් නයිට්" මයුමිත් හසිතාත් වට්සප් පණිවුඩ දෙකක් තබා තිබුණේ පරෙස්සමෙන් ලංකාවට ගිය බව දැනුම් දීමටයි. ඊටද පිළිතුරු යැවූ වර්ෂා විදුලි පහන නිවා දමා ඇඳට වැටුණාය. කොට්ටය තුරුළු කරගෙන අද දවසේ වු සිදුවීම් එකින් එක පෙළ ගැස්වූවාය. ඇගේ සිත මහත් වූ තෘප්තියකින් පිරී ගියාය. හෙට දිනයේ ආයුර්වේද කෞතුකාගාරයක් හා දෙවියන් උදෙසා පවත්වනු ලබන පූජාවන් දෙකක් නැරඹීමට කැටුව යන බවට දේව් පොරොන්දු වූ බැව් මතකයට නැගුණෙන් දෑස් පියාගත් ඈ වෙත සුව නින්දක් ළඟා වීමට එතරම් වේලාවක් ගත නොවුයේ දවසම ඇවිදීමෙන් විඩාපත් වූ නිසා විය යුතුය. මතු සම්බන්ධයි. සිතුවම අන්තර්ජාලයෙනි.එනතුරා ————- දීර්ඝ සති අන්තවල වගේම සතියෙ මැද දවස් වලත් නේහා බලාගෙන හිටියෙ එයා කොයි මොහොතක හරි එයි කියල.එළියට බැහැල ගමනක් යන්න බැහැ කියල හිතුන වාර අනන්තයි නේහා ගෙදර නැති වෙලාවට ඇවිත් යයි කියල. ඇවිත් ගිහින් තිබුනොත් දින කීයක් ආයෙ එයා එනකම් බලා ඉන්නද කියල නේහට හිතුන. සතිය පුරාවටම නේහ කරන්නෙ එයාට ගෙනියන්න දේවල් එකතුකරන්න.උයන වෙලාවට,කෑමක් හදන වෙලාවට නේහට මතක් වෙන්නෙම එයාව. එනව කියල හිතෙන දිනයට ගේට්ටුව ගාවට කී සැරයක් නේහ යනව එනවද?බලන් ඉන්න දවසට නාපුවහම නේහට දැනෙන කේන්තිය හවස් වෙනකල්ම තියෙනව. සමහර දවස්වලට නේහ දකිනව එයා එනවද බලන්න වටපිට අයත් එබිල බලනව. සමහර වෙලාවට නේහට කියන්න හිතෙනව අදනම් එන්නෙ නැහැ බලල වැඩක් නැහැ කියල.ඒත් ඉතින් එයාල බලන එක මොකටද නවත්තන්නෙ කියල නේහට හිතෙනව. සමහර දවස් වලට නේහගෙ සැමියත් සැකේට වගේ බලනව එයා ඇවිත් ගිහින්ද කියල.එන නේන එක සැක කරන්න නම් ඕන කෙනෙකුට බැරියැ.එයාට නම් මොකද උදේ යනව හවහ එනව.. බලාපොරොත්තු වලින් හිත පුරෝගෙනම නේහ අදත් බලන් ඉන්නෙ එයා පිළිගන්න.දෙන්න දේවලුත් ගොඩක් තියාගෙන.ඒත් සමහර දේවල් ප්‍රතික්ෂේප කරයිද දන්නැහැ කියල නේහට හිතුන.කමක් නැහැ එයා ගන්න කැමති දේ හරි සතුටින් දෙන්න පුළුවන්නෙ.සමහර දවසට එයා එන්නෙ ඈත ඉදන්ම කතාකරගෙන.. තවමත් ඒ හඬවත් එනකොට දැනෙන සුවදවත් ලඟ පාතකවත් නැහැ.එයා එද්දි දුවල යන්න ඕන හින්ද නේහ ටිකක් පිළිවෙලට සැරසුනා.හරි නැහැනෙ ලේන් එකේ මිනිස්සු හිතයි කිසිම පිළිවෙලක් නැහැ කියල. නේහ බලාගෙන හිටිය සියල්ල සූදානම් කරගෙන එයාට දෙන්න කෑම ජාති,වල සිට සියල්ලම.. ඈතින් ඒ කටහඩ ඇහෙන්න ගත්ත ..අනේ නේහට හරිම සතුටුයි.නේහ කිරිල්ලියක් වගේ බඩු මල්ලත් අරගෙන එළියට පැන්න… නේහට දැන් ලඟ ලඟම කටහඩ ඇහෙනව…අසල් වැසියොත් කලබල වෙනව නේහට දැනුන..ඒ හඩ ඔස්සේ නේහ දුවන්ඩ ගත්ත එයාගෙ වාහනය ලඟට…හැමෝම තරගෙට තමන් පිටිපස්සෙන් දුවගෙන එනව නේහට තේරුනා. කුනු කුනූ….කුනු ගේන්ඩ…කුනු ගේන්ඩ… ——නිරංජලා රේනුකාන්ති—-2024 පෙබරවාරි පලවෙනිදා💐🕑හතර කේන්දරේ🕑 මේ සේරම කලබගෑනි පටන් ගත්තේ මයේ අම්මා අමාවක රෑක විලි රුජාවෙන් එලෝ ගිය හින්දා. එක පිට ගෑණු දැරිවියෝම හතක් වෙච්ච් අපේ අප්පොච්ච්ගේ පවුලට අවුරුදු විසි හතකට පස්සේ ඉපදුම එකම කොලුවා මම වෙච්චි. මම ඉපදෙනකොට අපේ ලොක්කක්කට අවුරුදු තිස් හයක්ලු. පොඩ්ඩක්කට අවුරුදු විසි හතක්ලු. අපේ අප්පොච්චාට අවුරුදු පනස් පහක්ලු. අපේ අම්මට අවුරු හතලිස් නවයක්ලු. අම්මා අප්පොච්චා එක්ක ඇවිත් තියෙන වයස අවුරුදු එකොලහෙන්ලු. මයේ අම්මා රූබර වගේම නාබර ගැටිස්සිලු . හීන්දෑරියට හිටපු අප්පොච්චාගේ උනත් කරදඩු හරි හරියට වැඩ කොලේ අම්මණ්ඩි එක්ක ආවට පස්සෙලු. එක දිගට කෙල්ලොම වදනකොට ගමේ එකාලා විතරක් නෙවෙයි අප්පොච්චගේ නෑයොත් මයේ අම්මට පල නොකිය පලා බෙදුවලු. ඒත් මයේ අම්මා එක කකුල ගෙයි පිලෙන් එලියෙ තිබ්බේ නෑලු. විසි හත් අවුරුද්දකට පස්සේ මයේ අම්මා ආයේ බඩින් කිවිවම ඉස්සෙල්ලාම පරල වෙලා තියෙන්නේ මයේ අක්කණ්ඩිලා ටිකලු. උනුත් සේරම කසාද බැදලා දරුවොත් වදාපු උන්ලු. පොඩ්ඩක්කගේ තුන් වෙනියගේ එක පළලේ කියනවනේ මන්. වින්නඹු අම්මා ගෙට එනකොට පොඩ්ඩක්කා අම්මට රවනවලු. එක ගෙදර අම්මයි දුවයි දෙන්නම බඩින් කියලා. ඒත් මයේ අම්මාවත් අප්පොච්චාවත් කවදාවත් බඩේ උන්නු මට අවැඩක් කලේ නෑලු. අප්පොච්චා හේනේ වැඩ කරලා තකහනියේ දුවන් එනවලු මයේ අම්මා බලලා යන්න. "මගේ හාමිනා,මහන්සිද උඹට" දර ඉපලු එකතු කරන අම්මගෙන් අප්පොච්චා අහනවලු. "මොන මහන්සියක්ද මේ මට" කියලා මයේ අම්මා හිනා වෙනවලු. හේනේ පැලේ ඉදන් එනකොට දඩ මස් ටිකේ ඉදන් තැම්බීරියා ගෙඩිය වෙනකම් අපේ අප්පොච්චා මයේ අම්මට ගෙනාවලු. අවුරුදු විසි හතකට පස්සේ ආයේ දරුවෙක් එන සතුටට නිතරම උරුවන් බෑවලු. මයේ අම්මගේ බඩට හත් මාසේ වෙනකොට පොඩ්ඩක්කා තුන් වෙනි වතාවටත් කෙල්ලෙක් ගෙනාවලු. ලොක්කක්කට කෙල්ලෝ පහයිලු, දෙවෙනිට කෙල්ලෝ හතරයිලු, තුන් වෙනියට කෙල්ලෝ දෙකයිලු, හතර වෙනියට කෙල්ලෝ තුනයිලු, පස් වෙනියට කෙල්ලෝ දෙකයිලු, හය වෙනියට කෙල්ලෝ තුනයිලු. අප්පොච්චා විතරක් නෙවෙයි අප්පොච්චගේ අම්මත් කොල්ලෙක්ට ගම්මිරිස් චුට්ටක් පිඹ්න්න මග බලන් උන්නලු. කවදාවත් හිතේ තියෙන දෙයක් එලියට නොදාපු අප්පොච්චා රා මණ්ඩියක් කටේ තියාපු දවසට නම ගෙනියන්න කොලු පැට්ටෙක් හිටියානම් වාසනාවන් කියලා මයේ අම්මා එක්ක කියෝනවාලු. මයේ අම්මා ඉන්තේරුවෙන්ම කිවිවලු මෙදා සැරේ එන්නේ සරමක් අන්දන්න කෙනෙක්ම තමයි කියලා. පුර හද දෙකක් ඉවර වෙලා ආව අමාවකේ මයේ අම්මට අමාරු උනාලු. කුට්ටි කපන්න පුලුවන් කලුවරේ අපේ අප්පොච්චා ගියේ බිම අත ගාගෙනලු. ගෙදර තිබ්බ එකම චිමිනි ලාම්පුව මයේ අම්මාට අමාවක කලුවරට ලග උන්නලු. වින්නඹු අම්මා වෙන අහක ගිහින්ලු. උන්දැව හොයන් එනකොට මයේ අම්මාගේ පණ ඩිoගත් අරගෙන මම එලියට ඇවිත්ලු. පෙකනි වැල මයේ බෙලේ එතිලා කියලා අප්පොච්චගේ අම්මා විලාප තියනවලු. ඒක මයේ බෙල්ලේ එතිලා මයේ පණ යන්න තිබුණේ කියලා කොච්චරවත් මට හිතිලා තියෙනවද, පෙකණි වැල බෙල්ලේ වට දෙක තුනක් එතිලත් මම තාම ජීවත් වෙනවාලු. දස මාසයක් මාව උහුලන් හිටපු මයේ අම්මා වැදුම් ගෙයි සන්නියටම සින්න උනාලු. ලේ කිරි බින්දුවක් නැතුව මුලු රෑම මම බෙරිහන් දුන්නලු. පහුවෙනිදා වෙනකම්ම අප්පොච්චා මයේ අම්මා නැති සාoකාවට පිලේ ඇන තියන් උන්නලු. අප්පොච්චගේ අම්මා උකුලේ තියාගෙන රෑ එලිවෙනකම් මාව නළෝගත්තලු. පහුවෙනිදත් කුස්සියේ බතක් ඉදුනේ නැතිලු. මයේ අම්මා නැති උනා කියන ආරoචියට අක්කණ්ඩිලා හත දෙනාම ගම ආවලු. ඒ එකියක්වත් මාව බැලුවේ නැතිලු. අම්මා බදාගෙන ඇඩුවලු. කලින් දවස රෑ ඉදන් කිරි බින්දුවක් නැතුව නිදාගෙන හිටපු මාව අක්කණ්ඩිලාගේ ඇඩියාවට ගැස්සිලා ඇහැරුණාලු. ඊට පස්සේ උන්ට එහා මම අඩන්න ගත්තලු. එතකොට තමයි උන්ට මාව මතක් වෙලා තියෙන්නේ. එක එකා ඇවිත් කිරි අම්මාගේ උකුලේ හිටපු මගේ දිහා බලලා මූණ ඇඹුල් කරන් යනවලු. මගේ ඇඩිල්ල අහන් ඉන්න බැරිම තැන අපේ අප්පොච්චා ඒකිගේ කිරි ටිකක් මට දෙන්න කියලා පොඩ්ඩක්කට කිවුවල
ු. එක කුස උපන් මලයා උනත් ඒකිට වඩා මන් විසි හත් අවුරුද්දක්ම බාලයිනේ. අප්පොච්චගේ කීම අහක දාන්න බැරිකමට මූණ වෙන අහක හරවගෙන තනේ කටේ ගැහුවලු. කලින් දවසේ රෑ ඉදන් හාමතේ ඉදපු මන් එක විනාඩියට ඒකිගේ එක පැත්තක කිරි ටික සේරම බිවුවලු. "කිරි අම්මේ මෙන්න මේකව ගන්න. මගේ කෙල්ලට කිරි බිoදුවක් නැති වෙන්න මේකා බොනවා" කියලා පොඩ්ඩක්කා කිවුවලු. මයේ අම්මාව බලන්න ආපූ ගමේ ඈයින්ට කතාකර කර හිටපු කිරි අම්මා ඇවිත් මාවා දෝතට ගත්තලු. "එහෙම කියන්ඩ එපා පොඩී. මේ උබේ මලයා. අනෙක කෙල්ලෝ වගේ නෙවෙයි කොල්ලන්ට කිරි කල හතක් දුන්නත් මදි" "ඒ කියලා ඌට මගේ කෙල්ලගේ කිරි ටිකත් දෙන්නද, පවුකාරකම, අම්මා ම.ර.න් ආපු එකා" පොඩ්ඩක්කලු ඉස්සෙල්ලාම මම අම්මා ම.ර.න් ආපු කොල්ලෙක් කියලා කිවුවේ. ලොක්කක්කා පොඩ්ඩක්කගේ අතට එකක් දුන්නලු "කට වහගනින්" කියලා. මයේ අම්මා අප්පොච්චාගේ හේන අයිනේ වල දැම්මලු. අපේ අප්පොච්චා එතන සමන් පිච්ච වැලක් හිටෙව්වලු. මයේ නමත් අලුත් ගෙදර කිරි සමන් කියලා දැම්මලු. අම්මාගේ වැඩ අවහර උනාම අක්කණ්ඩිලා සේරම ආපහු ගියාට එකියක් ඇහුවේ නෑලු මාව බලාගන්නේ කෝම කියලා. අම්මා නැති කලේ අප්පා කවර කලේ කිවුවටා මයේ අප්පොච්චා උන්දගේ අම්මා එක්ක මාව හදාගත්තාලු. උපතින්ම කිරි සුදු වෙච්චි හමක්ලු මට තිබ්බේ. අතේ පයේ තිබ්බ ලෝම ගස් ටිකත් සුදු පාටලු. ඇස් දෙකේ බෝලේ විතරලු දුඹුරු පාට. ඔලුවේ ඉසකේ දහයක් පහළොවක් තිබිලා තියෙන්නේ. ඒවත් සුදුලු. සුදු කිවුවට තඹ පාටලු. ඔලුවේ කෙස් නැති නිසා ගමේ උන් මට කිවුවේ මට්ට කොල්ලා කියලලු. මයේ අප්පොච්චා හේනට යන නිසා උන්දැගේ අම්මා මාව ඇහේ තියගෙනලු හැදුවේ. ඔය ඉස්සර කොල්ලෙක් ඉපදුනාම කරනවා කියන ගම්මිරිස් පිඹින චාරිත්‍රෙත් මට කරාලු. තේ කහට බිoදුවේ ඉදන්, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, පාවට්ටා, දෙහි ඇඹුල්, මේ සේරම මයේ කිරි අම්මා මට පොවලා ඇති. කොස් ඇට, කෙසෙල් බඩ, කොස් පොලොස්, විතරක් නෙවෙයි අල,බතල,බත්, පිට්ටු, වෙල් මාලු සේරම උන්දෑ මට කවලා ඇති. බඩ පුරවන්න විතරක් නෙවෙයි කොල්ලෙක්ට ඇගේ හයි හත්තිය ඕන කියලා. වයසින් අවුරුද්ද, දෙක, තුන වෙනකොට මගේ වයසේ අනෙක් උන්ට වඩා මාව කැපිලා පෙනුනලු. එකක් මගේ ඇගේ තිබ්බ පාටලු. අනෙක් එක මගේ ඔලු ගෙඩිය චුට්ටක් ලොකුලු. මයේ එක කුස ඉපදුනු අක්කණ්ඩිලා උනත් පස්සෙන් පහු මට කීවේ ඔල මොට්ටලයා, අලි ඔලුවා කියලාලු. මගේ ඔලුව ලොකු නිසා. ගෙදරට එන හැම එකාම එහා මෙහ යනකොට මයේ ඔලුවට ඇනගෙන යනවා. අප්පොච්චා හරි කිරි අම්මා හරි පේන්න හිටියොත් හොදයි. නැත්නම් මයේ ඔලුව ටොකු කාලම තවත් ලොකු වෙලා. මාසේ හතර පෝයටම කිරි අම්මා මාවත් එක්කහු කොරන් පන්සලට ගාටනවා. උන්දෑ වරුවක්ම පන්සලේ මලුව අමදිනවා. පොල් අත්තක් වගේ රටාවට උන්දෑ අමදින මලුවේ මම කකුලේ විලුඹ බිම තියලා මහපට ඇගිල්ලෙන් රටා අදිනවා. වෙන එකෙක්නම් මට ඔලු ගෙඩිය තවලොකු වෙන්න ටොකු අනියි. ඒත් කිරි අම්මා හිනා වෙලා අනෙක් අතට ආයේ අමදිනවා. අපේ ගෙදර දෙවැටේ තියෙන කැලෑ මල් පොකුරු බූදු හාමුරුවන්ට පූජා කරලා, මාවත් ලග වාඩි කරන් උන්දෑ ගාථා කියනවා. පොතක්වත් කොලයක්වත් නොබලා මෙච්චර ගාථා ගොඩක් කියන්නේ කොහොමද කියලා මුලින් මම කල්ප්නා කලා. සමහර දවස් වලට ඒ ගාථා වලට මම අත්වැල් ඇල්ලුවා. පස්සෙන් පහු උන්දෑ කියන ගථා උන්දැටත් වඩා ලස්සනට මම කිවුවා. ඇස් වහගෙන ගාථා කියන්න කියලා කිරි අම්මා කොච්චර කිවුවත් විඩින් විඩ මම ඇස් ඇරලා බලනවා. එතකොට මට පේනව ඈත ආවසේ ගෙයී ඉදන් අපි දිහා බලන් ඉන්න ලොකු හාමුරුවන්ව. ඒ වේලවට මගේ ඇහිපිය වැහෙන්නේ තප්පරෙන් ලක්ශෙට පoගුවට. මයේ දෙවෙනි අක්කගේ වාහේ වේල පත්කඩ බලනවලූ. අය්යේ කිවුවට මට වඩා හය හත් ගුණයකිම වයසින් වැඩියිලු. මම උපන්න අමාවකේ වෙලාව මතක් කරලා උන් සේරමෝලා මට වේලපත්කඩයක් හදලාලු. එක දවසක් අප්පොච්චයි කිරි අම්මයි දෙන්නම ඉන්න වෙලාවක කට්ටියම ආවා ඕක අරගෙන. එතකොට මට වයස අවුරුදු පහයි. මට යාන්තම් මතකයි අප්පොච්චගේ උකුලේ උන්න මාව උන්දෑ මිදුලට පිටත් කරනවා. අක්කණ්ඩිලා, මස්සිනාලා වගේම මගේ ලේලිලා ටිකත් ගියාට පස්සේ මම අප්පොච්චගේ මූණට එඹුණා. වෙනදා තරම් ඒ මූණ අද එලිය නැද්දෝ හිතුණා. අතරින් පතර අක්කණ්ඩිලා කියපු වචනත් මට මතක් උනා. "අම්මා ම.ර.න් ආව එකා" "මට්ට කොල්ලා.." " කැරපොත්තා" "ඔලුව ලොකුයි" "හතර කේන්දරේ පාලුයි" ඔය වචන එකක්වත් ගලපලා කතාවක් හදාගන්න එදා මට තේරුමක් තිබ්බේ නෑ. ඒ සතියේ මාස පෝය දිනේ මයේ අප්පොච්චයි කිරි අම්මයි දෙන්නව මාව එක්කසු කොරගෙන පන්සලට ගියා. වෙනදා අපි බුදු ගෙට හරි මලුවට හරි ගිහුන් වන්දනා කරන්නේ. එදා අප්පොච්චා ඉස්සර වෙලා ආවාස ගේ දිහාට ගියා. අපිත් පස්සෙන් ගියා. අප්පොච්චා ලොකු හාමුරුදුවන්ට වැදලා කාරිය බිම වාඩි ගත්තා. කිරි අම්මත් එහෙමයි, ඉතින් මන් කියා වෙනසක් කරන්නේ මොකද. මමත් ලොකු හාමුදුරුවන්ට වැදලා අප්පොච්චා ගාවා වාඩි උනා. ලොකු හාමුදුරුවෝ මයේ දිහා හොදට බලනවා මයේ ඇස් කොනට පේනවා. මේ නම් මම ගථා කියනකොට ඇස් අරින එක අහන්න වෙන්න ඇති මගේ හිත කියනවා. "ඔය ලමයගේ නම මොකක්ද" "අලුත් ගෙදර කිරි සමන්" "අහ්හ් හරි අපූරු නමක් නෙවැ දාලා තියෙන්නේ" ලොකු හාමුදුරුවෝ කියනවා. "මයේ අප්පොච්චා දාලා තියෙන්නේ" මම කියනවා. "බුරම්පි මේන් මේ දරුවට කන්න මොනා හරි දුන්නනම්" ලොකු හාමුදුරුවෝ පන්සලේ ඉන්න බුරම්පි මාමට කියපි. එදා ඉදන් හැම දවසකම උදේට මම අපේ කිරි අම්මා එක්ක පන්සලට ගියා. මිදුල අමදින්න නෙවෙයි. දන් ගෙයි ඉතිරි වෙලා තියෙන රස මොනා හරි කන්න. සමහර දවස් වලට මම හොරෙන් හොරෙන් බුද්ධ පූජාව කනවා. දවසක් ඕක දැකපු කිරි අම්මා කිවුවා ආයේ එහෙම කරන්න එපා කියලා. බුදු හාමුදුරුවන්ගෙන් සමාව ගන්න කියලා. ඔව් එදා මම ආයේ එහෙම කලේ නෑ. ඒත් ඊලග දවසේ ඉදන් මම බුද්ධ පූජාවෙන් ටිකක් කෑවා. කාලා සමාව ගත්තා. පස්සේ පස්සේ මටම තේරුනා ඒක හොද නෑ කියලා. ලොකු හාමුදුරුවෝ මට අකුරු ශාස්තරේ ඉගැන්නුවා. කිරි අම්මා කියන ගථා වලට අමතරව පොත් වල තියෙන ගාථා මන් උන්දැටත් කියලා දුන්නා. සිoහල අකුරු විතරක් නෙවෙයි පස්සෙන් පහු ලොකු හාමුදුරුවෝ මට පාලි, දෙමල, ඉoගිරීසි බාසාවලුත් අකුරුත් ඉගැන්නුවා. මට වයස අවුරුදු දහය වෙනකොට මයේ අප්පොච්චගේ අම්මා, මයේ කිරි අම්මා, නෑ ඒ මයෙත් අම්මා, අපිව දාලා ගියා. අප්පොච්චයි මායි තනි උනා. එකක් රත් කොරගෙන අපි තුන් වෙලටම කෑවා. සමහර දවස් වල දවසම උයමනක් නෑ. උයන්න දේවල් නැතුව නෙවෙයි. හිත නැතුවා. ඔහොම බකන් නිලන් ඉන්න දවස් වලට මම අප්පොච්චගෙන් අතීත විත්ති අහනවා. අප්පොච්චගේ කසාදේ ඉදන් මගේ උප්පත්තිය වෙනකම් උන්දෑ මට කියනවා. වෙලාවකට අප්පොච්චා මහා බර හුස්මක් අත හරිනවා. වෙලාවකට මට හොරෙන් දෑහේ කදුලක් පිහදානවා. මට දොළොස් අවුරුද්ද වෙනකොට මයේ අප්පොච්චා එකතැන් වෙනවා. අතපය වාරු නැතුව නෙවෙයි ඇස් දෙක පේන්නේ නැතුව. උන්දෑ මට කියපු කතා, මම උන්දෑට ආපහු කියනවා. කියන ගමන් මම ඒවා කඩදහි වල කුරුටු ගානවා. මට අමතක උන අප්පොච්චට මතක වගේම අප්පොච්චට අමතක මට මතක කතාත් ඔය අස්සේ අපි කියනවා. උදේ දවල් කෑම ටික ලොකු හාමුදුරුවෝ පන්සලෙන් බුරම්පි මාමා අතේ එවනවා. අප්පොච්චට අමාරු වෙච්චි දවසක පන්සලේ ලොකු හාමුදුරුවෝ වැඩියා අපේ ගෙදරට. උන් වහන්සේට ගිලන් පස හදන්න කුස්සියට ගිය වෙලේ උන් වහන්සේ මගේ කුරුටු ගාපු කඩදහි මිටිය දැකලා. යනකොට ගෙනියන්න ඇහුවා. කියවලා දෙන්නම් කියලා. අන්තිම කොලේ තිබෙබේ ඊයේ රෑ මමයි මයේ අප්පොච්චයි කතා කරපුවා. අන්තිම වතාවට මයේ අක්කණ්ඩිලා ඇවිත් ගිය දවසේ කතා කරපුවා. දෙවෙනි අක්කගේ වාහේ බලපු මගේ වේලපත්කඩෙත් ඒ එක්කම තිබුනා. ඔව්ව් ..."හතර කේන්දරේ පාලුයි, ජීවිතේ වගතුවක් නෑ" එහෙමයි හිස් කොටු යට ලියලා තිබ්බේ. "1976 වර්ශයේ රත්න පුස්තක සම්මාන දිනාගන්නේ ..... අලුත් ගෙදර කිරි සමන්... "හතර කේන්දරේ" වසරේ විශිෂ්ටතම ලියවිල්ල." ඉදින් මම අතීත නිද්‍රාවෙන් අවදි උනෙමි. ඔව් පන්සලේ බුද්ධ පූජාව හොරෙන් කාපු, ඔලු ගෙඩිය ලොකු, කැරපොතු සුදු, හතර කේන්දරේ පාලු මගේ කතාව 🌸🌸🌸 E.M.C.K.එදිරිසූරිය 2024.02.01 පින්තූරය අන්තර්ජාලයෙනි.Aussi අයිශා - 09 කොටස "ඇයි ඔයා එහෙම කිව්වේ?.." "නෑ ඉතින් මෙහෙට ආවා කියලා අපිට අතට පයට කරලා දෙන්න කවුරුත් නෑ...අපිම ඒවට මහන්සි වෙන්න ඕනි...ඉස්සරහට රෙන්ට් එකට ගෙයක් හොයාගන්න ඕනි, ආරංචියේ හැටියට මේ දවස්වල ගෙවල් හොයන එකත් ලේසි නෑ. ඊළඟට වාහනයක් ගන්න ඕනි තව ඉතින් එක එක දේවල් තියෙනවා..." "ඔයාට හම්බෙන පඩිය ඇතිවෙයිද ඔය ඔක්කොටම?..." "ඒක ඉතින් බලන්න වෙන්නේ සැලරි එක ලැබිලා සතියක් දෙකක් වියදම් කරාට පස්සේ තමයි...කොහොමත් හොටෙල් එකේ ඉන්න සති කීපයෙනම් ලොකු වියදමක් යන්නෙ නෑ. ඒ හින්දා ඒ සති කීපයෙ හම්බෙන සැලරි එක පුළුවන් තරම් ඉතුරු කරගන්න ඕනි..." "මාත් රස්සාවක් කරොත්නම් කීයක් හරි වැඩියෙන් ඉතුරු කරගන්න පුළුවන් වෙයි නේහ්..." රස්සාවක් කරන්නනම් මට කිසිම ආසාවක් තිබුණේ නෑ. ඒත් එහෙම කිව්වම මසර් මොකද කියන්නේ කියලා දැනගන්න මට ඕනිවුණා. "එහෙම ඕනි වෙන්නේ නෑ. හැබැයි ඔයා ගෙදර ඉන්න එකේ හිමින් සැරේ ඩ්‍රයිවින් ලයිසන් එක එහෙම අරගෙන තියාගන්න එක හොඳයි. ආ අනිත් එක ඉංග්‍රීසිත් ටිකක් හදාගත්තනම් හරි. ෆ්‍රී උගන්නන තැන් තියෙනවා. හිමීට හොයලා බලමුකෝ...දැන් නිදාගමු හොඳටම මහන්සියි. තව ඇහැරිලා හිටියොත් බඩගිනිත් වෙනවා." ඇදේ අනිත් පැත්තට හැරෙන ගමන් මසර් කිව්වා. අලුත්ම රටක් අලුත්ම තැනක් නිසාද මන්දා මට නින්ද ගියේම නෑ. පාන්දර එකේ දෙකේ ඉඳන් සැරින් සැරේ ඇහැරෙනවා. ඒකට මසර්, එයානම් හොඳට ගොරව ගොරව නිදි. ඇඳට වෙලා පෙරලි පෙරලි ඉන්න වෙලාවේ උදේ හයට විතර මසර්ගේ ෆෝන් එකේ එලාම් එක වඳින්න පටන් ගත්තා. මසර් ඒත් නිදි. ඒ පාර මංම නැඟිටලා ගිහින් එලාම් එක ඕෆ් කරලා මූණ සෝදගෙන ලෑස්ති වුණා. මසර් නැඟිටිද්දි මං ලෑස්ති වෙලත් ඉවරයි. "ඇයි මට ඇහැරෙව්වේ නැත්තේ?..." ඇස් දෙක පොඩි කරන ගමන් මසර් ඇහුවා. "ඔයාට මහන්සි ඇති කියලා හිතුනා...පරක්කු වෙලා නෑනේ.." "දවල් එකට බ්‍රිස්බන් යන ෆ්ලයිට් එක තියෙන්නේ. අර ඊයේ අපිව එයාපෝට්
එකෙන් මෙහෙට ගෙනත් දාපු මනුස්සයා දවල් එකොලහමාර වගේ වෙද්දි හොටෙල් එකට එයි අපිව ගන්න. ඊට කලින් ඔපෙරා හවුස් එකයි හාබර් බ්‍රිජ් එකයි බලලා එන්න ඕනි. ඒ ඔක්කොටම කලින් දැන් යන් කන්න. මං ඉක්මනට මූණ හෝදන් ලෑස්ති වෙලා එන්නම්..." "ඔයාට ඕනි තරම් කන්න අයිශා...කෑමටත් එක්කමයි ගෙවලා තියෙන්නේ. දවල්ටත් එක්ක බඩ පුරෝගෙන යමු." උදේ කෑම ගන්න බුෆේ එක තිබුණු තැනට යන ගමන් මසර් කිව්වා. "ඔයාට ආපහු කාමරේට යන්න ඕනිද, නැත්නම් මෙහෙම්ම එළියට යමුද?..." කාලා ඉවර වෙලා ඔරේන්ජ් ජූස් බොන ගමන් මසර් ඇහුවා. "මෙහෙම්ම එළියට යමු. අපි ටැක්සි එකකද යන්නේ?..." "මොන ටැක්සිද. වට පිට බල බල පයින් යමු. මෙතන ඉඳන් ඔපෙරා හවුස් එකට මහ ලොකු දුරක් නෑ..." "ම්ම්ම් එහෙනම් මෙතනින් කොෆි එකක් අරන් යමුද?.." ඇවිදින ගමන් කොෆි එකක් බිබී යන්න මට ආස හිතුනා "හ්ම්ම් හරි මං අරන් එන්නම්. මොනාද ඕනි?" "ලාටේ හොඳයි. ආ ෂුගර් පැකට් දෙකක් දාන්න හරිද?.." මං කිව්වා. මෙහෙ එන්න ලොකු කැමැත්තක් තිබුණේ නැති වුණත් මේ ගෙවෙන කාලේට මට හරි ආස හිතුනා. කවුද හිතුවේ මෙහෙම වෙන රටකට ඇවිත් කොෆි එකක් බිබී නිදහසේ ඇවිදින්න පුළුවන් වෙයි කියලා. එහෙ වගේ නෙමෙයි මෙහෙ අපි දිහා බල බල යන්න මිනිස්සු කවුරුත් නෑ. හැමෝම තම තමන්ගේ වැඩ වල. ඒකට එහෙ එළියට ඇඳන් යන එකේ ඉඳන් හොයන්න ඕනි තරම් කට්ටිය ඉන්නවා. අනික සමහරු මූණට දැක්කත් හිනා වෙන්නෙ නෑ. ඒකට මෙහෙ ඇවිදගෙන යනකොට ඉස්සරහට හම්බෙන හැමෝම වගේ හිනාවෙලා ගුඩ්මෝනින් කියනවා. ජීවිතේට දැකලා නැති මිනිස්සු. මුලින්නම් මට මොකක්දත් වගේ. ඒත් ටික වෙලාවක් යද්දි නිකන්ම ඒකට හුරුවුණා. "කවුරුහරි ගුඩ්මෝනින් කිව්වොත් ගුඩ්මෝනින් කියන්න පුරුදු වෙන්න අයිශා...මෙහෙ මිනිස්සු ඒවට හරිම කැමතියි...මූණට හම්බෙන මනුස්සයට හොඳට හිනාවෙලා හායි කියන්න පුරුදු වෙන්න ඕනි." "ඔයා කොහොමද මෙහෙ මිනිස්සු ගැන ඔච්චරටම දන්නේ?..." "ඒකට තමයි පෙර සූදානම කියන්නේ....රටකට එන්න කලින් මෙහෙ අය ගැන දැනගෙන එන්න ඕනි. අනිත් එක තමයි තැන්ක්‍යූ, සොරි ඔන්න ඔය වචන දෙක අනිවාර්යයෙන් පාවිච්චි කරන්න ඉගෙනගන්න. ඒවා තමයි මැජික් වර්ඩ්ස්" කතාවෙන් කතාව අපි ඔපෙරා හවුස් එක පේන කිට්ටුවටම ආවා. "අර තියෙන්නේ හාබර් බ්‍රිජ් එක" ඈතින් පේන පාලම දිහාවට අත දික් කරන ගමන් මසර් කිව්වා. වටපිටාවේ ලස්සන බලනවටත් වඩා මසර් කළේ ෆොටෝ ගහපු එක. "මොකටද අනේ ඔච්චර ෆොටෝ ගන්නේ?..." ෆොටෝ වලට ඉඳලා ඉඳලා මට ඇති වෙලා හිටියේ. ඊටපස්සේ මසර් අපේ ෆොටෝ ගන්න එක පැත්තකින් තියලා ඔපෙරා හවුස් එකෙයි ඈතින් පේන හාබර් බ්‍රිජ් එකෙයි ෆොටෝ ගහන්න පටන් ගත්තා. "හැම විදියටම අරගෙන හොඳම ෆොටෝ ටික තෝරලා ෆ්බී දාන්න ඕනි..." මසර් ෆොටෝ ගන්න ගමන් කිව්වා. "ආ ඒක කිව්වමයි මතක් වුණේ. ඔයා අපි මෙහෙ ආව කියලා ෆ්බී එකේ දැම්මෙ නෑ නේද?...මං හිතුවේ තිබුණු හදිස්සියට එයාපෝට් එකේදිම දායි කියලා." "ඒ වගේද කෙලින්ම මෙහෙ ඇවිත් ඔපෙරා හවුස් එක ඉස්සරහම දැම්මම...කොහොමද සප්‍රයිස් එක" "ඕකෙ ආයෙ අමුතුවෙන් සප්‍රයිස් වෙන්න දෙයක් තියෙනවද? අපි මෙහෙ එනවා කියලා නොදැන හිටියෙ කෙනෙක් නෑනේ...ඔයා හතර වටේටම කෝල් කරලා කිව්වනේ.." ළඟ තිබුණ බංකුවකින් වාඩි වෙන ගමන් මං කිව්වා. මසර්ට මං කියපු මෙලෝ දෙයක් ඇහුනේ නෑ. එයා හිටියේ ෆ්බී එකට දාන්න ෆොටෝ තෝරන ගමන්. කොටින්ම කිව්වොත් ඉඳගන්නවත් සිහියක් තිබුණේ නෑ. වටේ පිටේ ඇවිදලා හොටෙල් එකට එද්දි එකොළහටත් කිට්ටුයි. ඒ ඇවිත් ඉක්මනට බඩු බෑග් ටිකත් ලෑස්ති කරගෙන පහලට ඇවිත් චෙක් අවුට් වෙද්දිම වාහනේ ආවා. අපි ආවේ සිඩ්නි වල ඩොමෙස්ටික් එයාපෝට් එකට. මසර් තමයි එහෙම කිව්වේ. නැත්නම් ඉතින් මං ඕවා දන්න එකක්යැ. සිඩ්නි ඉඳන් බ්‍රිස්බන් එන්න අපිට පැය එකහමාරක් වගේ ගියා. බ්‍රිස්බන් වලිනුත් අපිව ගන්න මිස්ටර් අසීස් කෙනෙක් එවලා තිබුණා. ඒ ආපු මනුස්සයනම් අපේ රටේ. මසර් වැඩ කරන්න යන හෝටෙල් එකේම ශෙෆ් කෙනෙක් කියලා තමයි කිව්වේ. මසර්ට රස්සාව හම්බුන හොටෙල් එක තිබුණේ බ්‍රිස්බන් සිටි එකේ ඉඳලා කිලෝ මීටර් එකසිය විසි හතක් ඇතුලට වෙන්න. ඒ පැත්තට කිව්වේ ටූම්බා කියලා. ඉස්සෙල්ලම ඒ නම ඇහෙද්දිනම් ඒක මහ අමුතු නමක් කියලයි මට හිතුනේ. මසරුයි නසීරුයි දෙන්නම ගමන පටන් ගත්ත වෙලේ ඉඳන්ම කතාව කතාව ඉවරයක් නෑ. නසීර් තමයි අපිව එයාපෝට් එකෙන් ගන්න ආවේ. ගමන පටන් ගද්දි වටපිට බල බල ආවට ටූම්බා වලට එද්දි මට හොඳටම නින්ද ගිහින් තිබුණේ. "අයිශා...නැඟිටින්න. අපි ඇවිත් ඉන්නේ..." මං ඇහැරුණේ මසර්ගේ කටහඬට. 'ශා නියමයි. මේ වගේ හොටෙල් එකක මාසයක් විතර ඉන්න තියෙනවා කියන්නේ ඉතින්....' හොටෙල් එක දකිද්දිම මට එහෙම හිතුනා. "මේ මේක තරු කීයද?.." හොටෙල් එක ඇතුලට යන ගමන් මං මසර්ගේ කනට කරලා ඇහුවා. තරු හතරයි. මසර් හිමීට කිව්වා. අපිට හම්බුනේ දෙවෙනි තට්ටුවේ රූම් එකක්. ලොකු ඇඳක් එක්ක හොඳට ඉඩ කඩ තියෙන කාමරයක්. රූම් එකට ගියපු ගමන් මං කළේ ජනේලෙන් පේන වටපිටාව කොහොමද කියලා බලපු එක. ඇයි ඉතින් මාසයක් විතර උදේ හවස එළිය බලන්න වෙන්නේ මෙතන ඉඳන්නේ. දෙවෙනි තට්ටුවේ ඉන්න නිසාද කොහෙද ලොකු වටපිටාවක් පෙණුනේ නෑ. "අයිශා ඔයා එහෙනම් වොශ් එකක් දාගන්නකෝ. මං නසීර් එක්ක කිචන් එකට ගිහින් හෙඩ් ශෙෆ්වයි අනිත් අයවයි හම්බෙලා එන්නම්. ආ...ඔයා මොනාද රෑට කන්නේ...ඉන්දියන් කඩ කීපයක්නම් එළියේ තියෙනවා කියලා නසීර් කිව්වා. ඒ එකකින් මොනාහරි අරන් එන්නද?.." මසර් ඇහුවා. "මමනම් දැන් පුදුම බඩගින්නකින් ඉන්නේ...හොඳට බඩ පිරෙන දෙයක් අරන් එන්න." "මං එනකම් ඔයා තේ හරි කෝපි හරි හදාගෙන බොන්න.බිස්කටුත් තියෙනවනේ..." මසර් ගියාට පස්සේ ටික වෙලාවක් මං කාමරේ එහෙ මෙහෙ ඇවිද ඇවිද වටපිට බැලුවා. වයිෆයි දාගෙන පොඩි වෙලාවක් අම්මා එක්කත් කතා කළා. අපිට හම්බුන රූම් එකේ ඉන්නෙ කියද්දි අම්මාටත් ඕන වුණා රූම් එක බලන්න. පස්සේ මං වීඩියෝ කෝල් එකක් ගත්තා. "කාමරේ නම් හරිම ලස්සනයි අයිශා...දැන් ඔයාලා කී දවසක් ඔතන ඉන්නවද?.." " රෙන්ට් එකට ගෙයක් හොයාගන්නකන් ඉන්න වෙනවා අම්මේ.... මසර් කියපු විදියට මාසයක්වත් ඉන්න වෙයි" "එතකොට කෑම බීම එහෙම?" "මං හිතන්නේ ඒවත් ඉතින් හොටෙල් එකෙන් දෙයි...මොකෝ අපි මේ කාමරේ උයන්න කියලද...තාත්තා කෝ අම්මේ...කඩේද?.." "අද අසාම් එක්ක උත්සවේකට කෑම අරගෙන ගියා...එද්දි මං හිතන්නේ හවස් වෙයි. එහෙ ගිහිනුත් කෑම ජාති හදන්න තියෙනවා කියලා කීවේ..." "හරි අම්මේ එහෙනම් පරිස්සමෙන්...මං පස්සේ කෝල් එකක් දෙන්නම්..දෙවි පිහිටයි" අම්මත් එක්ක කතා කරලා ඉවර වුණාට පස්සේ බඩු බෑග් ටික පිළිවෙලට පැත්තකින් තියලා මසරුයි මායි නිතර අඳින ඇඳුම් ටිකක් රූම් එකේ තිබුණු ඇඳුම් කබඩ් එකට දැම්මා. මෙහෙන් ටවල් දෙන නිසා බෑග් එකේ තිබ්බ ඒවා එළියට ඇද්දෙ නෑ. මසර්ගේ යුනිෆෝම් ටිකත් කබඩ් එක ඇතුලෙන්ම තිබ්බා. ඊටපස්සේ වොශ් එකක් දාගෙන ඇවිත් තේ එකක් හදන්න ලෑස්ති වෙද්දි තමයි මසර් ආවේ. "ඔයා තේ හැදුවේ නෑනේ තාම?.." මසර් දොරෙන් ඇතුල් වෙන ගමන්ම ඇහුවා. "නෑ මේ හදන්න කියලා කෝප්පෙ අතට ගත්තා විතරයි. ඔයාටත් හදන්නද?" "එපා අයිශා...මෙහෙම්ම මේ කෑම ටික කාලා ඉමු. නැත්නම් නිවෙයි. පස්සේ රෑ වෙලා තේ බොන්න පුළුවන්නේ..." මසර් කෑම පාර්සලේ මේසෙ උඩින් තියලා බාතෲම් එකට ගියා. එයා එනකොට හැඳි ගෑරුප්පු එක්ක පිඟන් දෙකකුත් ගෙනත් තිබුණා. ඒවනම් කිචන් එකෙන් අරගෙන එන්න ඇති. මසර් අරගෙන ඇවිත් තිබුණේ බිරියානි. පපඩම් හතරකුත් වෙනම කවරෙක තිබුණා. ග්‍රේවි එකකුයි, රයිතා එකකුයි පොඩි කප් වලට දාලා තිබුණා. "කෑම නම් එච්චර රහ නෑ නේද?.." කන ගමන් මසර් ඇහුවා. "හ්ම්ම් මාත් මේ නොකියා හිටියේ. බඩගින්න නිසා ඔහෙ කනවා. රයිතා එකත් නමට විතරයි. පපඩම් නිසා ගාණක් නෑ...ශේප් එකේ කන්න පුළුවන්. මේ ඒක නෙමෙයි ඔයා කිචන් එකට යනවා කිව්වනේ.. කට්ටියව හම්බුණාද? කොහොමද එයාලා හොඳයිද?.." "ම්ම් දැනට හොඳයි, වැඩ කරන්න යද්දි කොහොම වෙයිද දන්නෑ..." "මේ රටේ අයද වැඩිපුර ඉන්නේ.." "හෙඩ් ශෙෆ් ඔසියෙක්, දෙවෙනියා ශ්‍රී ලංකන් ශෙෆ් කෙනෙක්, තව පිලිපීන්, වියට්නාම් කෙල්ලො දෙන්නෙක් ඉන්නවා. ඔයා නසීර් ව දන්නවනේ...ඌ ඉන්නවා. ඉතුරු ඔක්කොම ඔසියෝ...නම් කිව්වට මට එකෙක්ගෙවත් නම් මතක නෑ හරියට." "එතකොට අපේ රටෙන් ඔයයි, නසීරුයි විතරයිනේ..." "හ්ම්ම් ඔව් ඒකත් හොඳයි. ඉංග්ලිෂ් හරි හැදෙයිනේ...හෙට උදේ අපි පොඩ්ඩක් එළියට ගිහින් ඇවිදලා කරලා එමු. වටපිටාව දැනගන්න එක හොඳයිනේ. කිචන් එකේදි ශ්‍රී ලංකන් චෙෆ් කිව්වා... ටූම්බා වල හැමතැනම තියෙන්නේ ගාර්ඩ්න් කියලා. හොටෙල් එක ළඟමත් එකක් තියෙනවලු. මං වැඩට ගියාම ඔයාට පොඩ්ඩක් ඇවිදලා කරලා එන්න පුළුවන්නේ..." "අනේ මටනම් තනියම කොහෙවත් යන්න බෑ. මඟදි කවුරුහරි මොනාහරි ඇහුවොත් කතා කරන්නෙවත් කොහොමද?.. මෙහෙ මිනිස්සු කතා කරන විදියට දන්න ඉංග්‍රීසි ටිකත් අමතක වෙනවා... මෙලෝ දෙයක් තේරෙන්නේ නෑනේ..." ඕස්ට්‍රේලියා වලට ඇවිත් මේ ගෙවිච්ච දවස් දෙක තුනට මෙහෙ මිනිස්සු කතා කරන්නේ ඉංග්‍රීසිද කියලත් මට වෙලාවකට හිතුනා. සමහර දේවල් තේරෙන්නෙම නෑ. මසර්නම් හැබැයි කොහොම කොහොමහරි වචන ගලපගෙන කතා කළා. "ඔසී ඇක්සන්ට් එක අමුතුයි තමයි. ඒ වුණාට හුරුවෙද්දි හරියනවා...අනික මෙහෙ මිනිස්සු වැරදුනාට හිනාවෙන්නෙ නෑ. ඔයා කල් යද්දි ඕවාට හුරුවෙයි...ආ මේ ඒක නෙමෙයි. හවස ඉන්දියන් කඩේට මාව එක්කන් ගියේ නසීර්නේ. ඒ යනකොට මිනිහා මාර කතාවක් කිව්වනේ..." "ඔහොම ඉන්න... ඉන්න. මං මේ පිඟන් දෙක හෝදලා එන්නම්.." මං පිඟත් දෙකත් අරන් නැඟිටින ගමන් කිව්වා. " ඔයාටත් ඉතින් ඕපදූපයක්නම්...." මසර් හිනාවෙවී කිව්වා. "හරි හරි දැන් කියන්නකෝ..." මං ඇවිත් මසර් ළඟින්ම වාඩිවුණා. මතු සම්බන්ධයි. බුද්ධි ජයවීර. (කතාව කියවා අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති. පිළිතුරු නොලියනවට සමාවෙන්න )කල්ලඩි අන්දරය - 05 වෙලාව හරියටම හතහමාරයි. වර්ෂා භාරත් හෝටලය අසලට යනවිට දේව් පැමිණ සිටියේය. ලා නිල් පැහැති ඩෙනිමට නිල් සහ සුදු පැහැ ඉරි සහිත අත් දිග ටී ෂර්ට් එක දේව්ගේ කඩවසම් පෙනුමට අමුතු අහිංසක බවකුත් එක් කළේය. හරිය
ට කතා වෙලා ඇන්දා වගේ වර්ෂා හැඳ සිටියේද ලා නිල් පැහැ ඩෙනිමට සුදු අත් දිග කූර්තාවකි. "ගුඩ් මෝනිං. ගොඩක් වෙලාද ඇවිල්ලා?" වර්ෂා හිනා කටක් පුරවාගෙන ඇසූ පැනයට දේව් පිළිතුරු දුන්නේ දෑසිනි. දෙදෙනා කතාවක් බහක් නැතුවම හෝටලය ඇතුළට ඇවිද ගියහ. දෙදෙනාගේම එකඟතාවයෙන් යුතුව තෝසේ, සාම්බාරු සමග උළුඳු වඩේ රසවිඳින ගමන් ආ ගිය තොරතුරු කතා බහ කළෝය. "දේව්ට අද නිවාඩුද?" "අපිට සන්ඩේ නිවාඩු. මං නම් හෙටත් නිවාඩු. ස්ටාෆ් එකේ ඇනුවල් ට්‍රිප් එක යනවා. මට මේ පාර යන්න බෑම කියලා හිතෙනවා" "දේව්ගෙ පදිංචිය මෙහෙමද?" "ආ... නෑ. මං බෝඩ් වෙලා ඉන්නෙ. ගෙවල් කොචී වල" "මට හොඳට හුරුයි ඒ නම" "ඇයි ඔයාලා කොචින් එයාර් පෝර්ට් එකෙන් නේද ආවෙ? අපි මේ ඉන්න කේරළයේ ත්‍රිශූර් වල ඉඳලා කොචින් වලට කිලෝ මීටර් අනූපහක් විතර තියෙනවා" දේව් වර්ෂාට කේරළය ගැන කෙටියෙන් පහදා දුන්නේය. "ඉස්සර ත්‍රිශූර් හඳුන්වලා තිබුණේ කොචී වල අග නගරය විදිහට. ඒත් දැන් ත්‍රිශූර් කේරළ ප්‍රාන්තයේ සංස්කෘතික අග නහරය විදිහට හැඳින්වෙනවා. මෙහෙ විශාලම අඩුපාඩුවක් තමයි ගුවන් තොටුපළක් නැතිකම" "මේ කාලෙ මෙහෙට හොඳට වහිනවා නේද?" "ඔව්. මාර්තු ඉඳලා මැයි වෙනකල් සෙල්සියස් අංශක 36 - 38 ක වගේ අධික උෂ්ණත්වයක් තියෙනවා. එතකොට ජූනි ඉඳල සැප්තැම්බර් වෙනකල් නිරිතදිග මෝසමින් සැළකිය යුතු තරම් වැස්සක් ලැබෙනවා. ඔක්තෝම්බර් නොවැම්බර් මාස වල නම් සාමාන්‍ය කාලගුණික තත්වයක් තමයි තියෙන්නෙ. දෙසැම්බර් ඉඳල පෙබරවාරි වෙනකල් ශීත වියළි කාලගුණයක් තියෙනවා" වර්ෂා දේව් කළ විස්තරය අසා සිටියේ ගුරුවරයෙකුගෙන් යමක් අසා දැනගන්නා කුඩා දැරියක පරිද්දෙනි. "ඒක නෙවෙයි දේව්, මං ඔයාගෙන් අහන්නමයි හිටියේ. ඔයා හොඳට සිංහල කතා කරනවනේ. ඒ කොහොමද?" පෙර දින දුරකථන සංවාදයේ යෙදුණු මොහොතේ පටන් සිත තුළ අරක් ගෙන තිබූ පැනය ඇය දේව් හමුවේ ඉදිරිපත් කළාය. "ඒ මගේ සීයා, අම්මගෙ තාත්තා නිසා. එයා ලංකාවෙ කෙනෙක්. බිස්නස් වලට මෙහෙට ඇවිත් අපේ ආච්චි අම්මව කසාද බැඳලා මෙහෙම පදිංචි වෙලා" දේව් ඔහු සිංහල චතුර ලෙස කතා කිරීමේ රහස එළි කළේය. ඔහුගේ සීයා මිතුරෙකු සමග වෙළෙඳාම් කටයුත්තක් සඳහා කේරළයට පැමිණ ඇති අතර එහි නතර වී ව්‍යාපාර වල නිරත වෙද්දී අහම්බෙන් ආච්චි අම්මා දක්නට ලැබී ඇත. දිනක්, සීයා කෝවිල ඉදිරිපස වූ පෙට්ටි කඩයේ සිට උදෑසන ආහාරය ගන්නා වේලාවේ ආච්චි අම්මා කෝවිලේ සිට පාරට පැමිණ ඇත. හිසේ මල් ගවසාගෙන පූජා වට්ටියත් දෝතින් ගෙන ඉදිරියට එන ප්‍රියමනාප සිහින් සිරුරැති තරුණියගේ සිනාවට වශීවුණු එවකට කඩවසම් තරුණයෙකු වූ දේව්ගේ සීයා වැඩි කල් නොගොස් ඇය හා පෙමින් වෙළී ඇත. ඇගේ පවුලේ විරෝධතා නොසලකා විවාහ දිවියට පත් යුවළ බින්දුවේ සිටම ජීවිතය පටන් ගෙන ඇත. අද වන විට ඔවුන් කේරළයේ ප්‍රසිද්ධ රෙදි පිළි ව්‍යාපාරිකයෝය. "අම්මා සීයට ගොඩක් ආදරෙයි. අපේ ගෙදරත් ගොඩක්ම තිබුනෙ සිංහල පරිසරය. තාත්තා වුණත් අපි සිංහල කතා කරනවට, සිංහල පසුබිමට අකමැති වුණේ නෑ. අම්මටයි මාමටයි වගේම තාත්තටයි මටයි නංගිටයිත් හොඳට සිංහල කතා කරන්න පුළුවන්. හැබැයි ලියන්න, කියවන්න අමාරුයි" දේව් විස්තර කරද්දී වර්ෂා ආසාවෙන් අසා සිටියාය. "එතකොට වර්ෂා කොහොමද හොඳට දෙමළ කතා කරන්නේ?" වර්ෂා පුදුමයට පත් වූවාය. ඔහු හා දමිළ බසින් කතා කළ බවක් ඇගේ මතකයේ නොවීය. "ඔයා කොහොමද දන්නෙ මං දෙමළ කතා කරනව කියලා?" "ඇයි එදා මගේ කනට කරලා දෙමළෙන් ඇහුවෙ ඔයාව මතකද කියලා" "ආ... ඒකද? මං දැන් කොළඹ හිටියට උපන්නෙ හැදුනෙ වැඩුනෙ මඩකලපුවේ. එහෙ ඉතින් වැඩි හරියක් දෙමළනේ" කතාවෙන් කතාව දෙදෙනා උදෑසන පාතාරසය භුක්ති විඳ අවසන් වූහ. හෝටලෙන් යාමට අදහසක් නැතුවාක් මෙන් එකවරම වර්ෂා ලොකු කල්පනාවක වැටුණු බව දුටු දේව් මොහොතක් බලා සිට ඇගේ කල්පනාවලිය බිඳ දැම්මේය. "මොනවද බරටම කල්පනා කරන්නෙ? යන්න අදහසක් නැද්ද?" වර්ෂා ඇගේ හිතට වද දුන් පැනය අසන්නද නැද්ද යන දෙගිඩියාවෙන් මදක් නිහඬව සිට "එක්කො ඔන්න ඔහේ අහලා දානවා" යැයි සිතුවාය. "ඇත්තටම ඔයා ඇයි කැම්පස් එකේදි අපිව දැකලවත් නැති ගාණට හිටියෙ?" ඒ ඇසූ දේව්ට සිනා පහළ විය. ඔහු දසන් විදහා සිනාසෙනු වර්ෂා දැක තිබුණේ නැත. ඇගේ විස්මය එකවරම වචන වලට පෙරළුනේ එහෙයිනි. "අම්මෝ... හිනාවෙනකොට මෙයාගෙ ලස්සන... කැම්පස් එකේදි නම් හිටියෙ බකමූණෙක් වගේ බුම්මගෙනනේ" "කැම්පස් එකේ අපිට හිනාවෙන්න, ස්ටුඩන්ට්ස්ලත් එක්ක කතා කරන්න, හිතවත් වෙන්න තහනම්. ඒවයින් නැති ප්‍රශ්ණ ඇතිවෙනවනෙ. ඒත් ඔයා එක්ක කතා නොකර හිටියේ හරිම අමාරුවෙන්. බැරිම තැන තමයි අන්තිම දවසෙ ගගන අතේ ලියුමක් එව්වෙ" ඔහු අවංකවම කීවේය. ආගන්තුක තරුණියක් ඉදිරියේ ඔහු කිසි දිනෙක මෙසේ විවෘත වී නැත. වර්ෂාටද සොහොයුරන් මෙන් ඇසුරු කරන පිරිමි යහළුවන් කිහිප දෙනෙකි. නමුත් ඒ කිසිවෙකු ඇසුරෙන් දැණුනේ නැති අමුතුම හැඟීමකින් ඇගේ මුළු හිතම පිරී ඇත. ඇයට මුලින්ම දුටු දා පටන් දේව් දැණුනේ හුරු පුරුදු ලෙසය. සමහරවිට ඒ ඔහුගෙන් දමිළ පෙනුමකට වඩා දිස්වන ලාංකිකත්වයට හුරු පෙනුම නිසා විය හැක. "ගෑණු ළමයි ඔයාව මසාජ් කරනකොට කොහොමද ඔහොම ශාන්ත දාන්තව ඉන්නෙ?" "රස්සාවට ආපු මුල් කාලෙ අමාරු වුණා. අපිට මෙහෙදි භාවනාව පුරුදු කරනවා. දැන් ගාණක් නෑ. ඒත් ඔයා මසාජ් කරනකොට නම් ටිකක් දරා ගන්න අමාරු වුණා" "ඇයි ඒ?" "අනේ මන්දා..." දෙදෙනා එකවර සිනාසෙන විට එකා දෙන්නා ඒ පැත්ත බලන්නට වූ බැවින් එකවර වර්ෂාගේ අතකින් අල්ලාගත් දේව් මේසයෙන් නැගී සිටියේය. "යමු යමු. තවත් මෙතන හිටියොත් අපි දෙන්නව කනෙන් ඇදලා එළියට දායි" දේව්ට අනුව වර්ෂා ද නැගී සිටියාය. තම සුරත අල්ලාගෙන සිටි දේව්ගේ වමතින් මිදීමට ඇයට ලෝබ සිතුණි. දේව් වර්ෂාගේ සුරත මුදා හැරියේ පාරටත් ගියාට පසුය. "අපි කොහෙද යන්නෙ?" හදිසියේ මතක් වූ වර්ෂා විමසුවාය. "ඔයාට ඇවිදින්න ඕනෙ නම් මං මෙහෙ ලස්සන තැන් බලන්න එක්ක යන්නම්. මාත් එක්ක යන්න බය නැත්නම් විතරක්" "ඔයා මාව රෑ වෙන්න කලින් පරෙස්සමට එලයිට් එක ගාවට දානවනේ?" වර්ෂා හිස ඇළකොට ඇසූ පැනයට දේව් උත්තර දුන්නේ දෑසිනි. "නගින්න" දේව් කලිසම් සාක්කුවෙන් ගත් යතුරකින් පාර අයිනේ නවතා තිබූ රතු පාට මරුටි කාරයේ ඉදිපස දොර විවර කරගෙන පැවසුවේය. වර්ෂා කාරයේ වාඩි වූ පසු දොර වසා දමා අනෙක් පසින් කාරයට නැගුණු දේව් කාරය පණ ගැන්වීම මොහොතක් පමා කොට තමා දෙස පුදුමයෙන් බලා සිටින වර්ෂා ඇමතුවේය. "ඇයි?" "ඔයාගෙද මේ කාරෙක?" "අපෝ නෑ. තාම මටම කියලා කාර් එකක් නෑ. ගෙදර නම් තියෙනවා. මේක මං යාළුවෙක්ගෙන් ඉල්ලගත්තෙ, ඔයාට ඇවිදින්න යන්න ඕනෙ වෙයිද කියලා හිතලා" "අනේ... තැන්ක්‍යූ" ඔහුගේ අවංකකමත් තමා ගැන සිතීමත් වර්ෂා සතුටට පත් කළාය. "අපි කොහෙද දැන් යන්නෙ?" කාරය පණ ගන්වා ප්‍රධාන පාරට පිවිසි දේව්ගෙන් වර්ෂා ප්‍රශ්ණ කළාය. "ඒක රහසක්..." යන ගමන් ඔවුන් නොයෙක් දෑ ගැන විශේෂයෙන් කේරළය ගැන, එහි ලස්සන තැන් ගැන කතා කළෝය. සිහින් පොද වැස්සක් වැටෙමින් තිබුණේ පරිසරය තවත් සෞම්‍ය කරවමිනි. විනාඩි විස්සක් පමණ ගතවන විට පොද වැස්ස ධාරානිපාත වර්ෂාවක් බවට වර්ධනය වෙද්දී පරිසරය මීදුමෙන් වැසී යන්නට වූයේ වර්ෂාට නුවර එළිය සිහි ගන්වමිනි. පාරක් නොපෙනෙන තරමටම වර්ෂාව තද කරන විට දේව් පාර අයිනට කර කාරය නැවැත්වූයේය. දෙදෙනාම ටික වේලාවක් ඉදිරිපස වීදුරුවෙන් පෙනෙන මොර සූරන වැස්ස දෙස බලා සිටියෝය. සීතලෙන් මිදීමට වර්ෂා ලය හරහා දෑත බැඳගත්තාය. "ඇත්තටම වර්ෂා ඔයාට බය හිතෙන්නෙ නැද්ද ආගන්තුක රටක ආගන්තුක මනුස්සයෙක් එක්ක මෙහෙම ඇවිදින්න යන්න?" දේව් වර්ෂාගෙන් ඇසුවේ ඔහු කතා කළ සැණින් ඇය පැමිණි නිසා හටගත් කුතුහලයෙනි. වර්ෂා දෑස් ලොකු කර දේව් දෙස බැලුවාය. තමා මේ පැමිණි ගමන නිසා ඔහු තමා නොහොඹිනා කෙල්ලෙකු ලෙස සලකනු ඇද්දැයි ඇය බියපත් වූවාය. "මට පිරිමි යාළුවො ගොඩක් ඉන්නවා. ඒ හැමෝම මගෙ සහෝදරයො වගේ. ඒත් මං කවදාවත් එයාලා එක්කවත් කොහෙවත් ගිහින් නෑ. ඇත්තම කිව්වොත් සිතිජ මල්ලි, ඒ කියන්නෙ මගෙ නැන්දගෙ පුතා තමයි ගෙදරදි මගෙ තනියට හැමදේටම එන්නෙ. කොළඹදි නම් ඉතින් පවිත්‍රි ඉන්නවනෙ... ඒත් මොන එකක්ද මන්දා මට ඔයාව පිට කෙනෙක් වගේ දැනෙන්නෙ නෑ. නැත්නම් මං කීයටවත් මේ ගමන එන්නෙ නෑ" වර්ෂාගේ පිළිතුරෙන් දේව් කැළඹී ගියේය. ඇය ගැන මොහොතකට හෝ වැරදියට සිතීම ගැන ඔහු අවංකකම කණගාටු විය. වැස්ස නිසා සීතල වී තිබුණු වර්ෂාගේ උකුල මත වූ ඇගේ සුරත තදින් අල්ලාගත් දේව් ඇගේ සිහින් දිගු දෑසට එබී බලා සමාව යැද්දේය. "සොරි වර්ෂා. මං එහෙම හිතලා කිව්ව නෙවෙයි" ඔහුගේ කටහඬ වෙව්ලන්නාක් බඳු විය. ඒ සීතල නිසාද යන්න වර්ෂා නොදත්තාය. දේව් තම සුරතින් ඇල්ලූ විලාසයට තමන්ගේ මුළු සිරුරම වෙව්ලා ගියේ ඇයිද යන්නත් ඇය නොදත්ත්‍තාය. වැස්ස නතර කරන පාටක් නැත. කාරයේ වීදුරු වල මීදුම බැඳී ඇති බැවින් පිටත කිසිවක් වර්ෂාගෙවත් දේව්ගෙවත් දර්ශන පථයට හසු වූයේ නැත. මතු සම්බන්ධයි. සිතුවම අන්තර්ජාලයෙනි.කල්ලඩි අන්දරය - 04 ප්‍රායෝගික පුහුණුව ආරම්භ විය. කරුමයකට හෝ වාසනාවකට වර්ෂාගේ කණ්ඩායමට ඩමිය ලෙස ලැබුණේ දේව් ය. පළමු පුහුණුව ලෙස එදිනට නියමිතව තිබුණේ නස්‍ය කර්මයයි. "දරුවනේ, දැන් නස්‍ය කර්මය ගැන කියලා දීපු දේවල් ආයෙත් මතක් කරගන්න. මං එක සැරයක් කරලා පෙන්වනවා. ඊට පස්සෙ ඔයාලා තමන්ගෙ කණ්ඩායමට දීපු ඩමියට නස්‍ය කරලා අත හුරු කරගන්න ඕනෙ. කණ්ඩායමේ ඉන්න පස්දෙනාම එක වගේ සහභාගී වෙන්න ඕනෙ" සිසුන්ට උපදෙස් දුන් වෛද්‍ය නාරායන් ඔහුගේ ඩමිය උඩුකුරුව සතපවා මුහුණට තෙල් සාත්තුවක් දීමෙන් අනතුරුව මුහුණ තවා නාසයට තෙල් බින්දු දැමීමෙන් නස්‍ය කර්මය සිදු කරන අයුරු වර්ෂා ඇතුළු සිසුන් හොඳින් නිරීක්ෂණය කරන ලදී. අනතුරුව එළඹියේ සිසුන්ගේ වාරයයි. දේව් නැමැති ඩමිය ප්‍රතිකර්ම කරන ලී යහන මත උඩුකුරුව සැතපවූ ශානුක ඔහුගේ මුහුණට තෙල් සාත්තුව කිරීමට පටන් ගත්තේය. ඉන් මද වේලාවකට පසු මයුමිගේ අවස්ථාවෙන් පසු මුහුණ සම්බාහනය කිරීමට අවස්ථාව උදා වූයේ වර්ෂාටය. අවස්ථාව මග හැරීමට වර්ෂාට කිසිඳු අවස්ථාවක් නොවූයේ වෛද්‍ය නාරායන් ඒ අවට ගැවසුණු බැවින
ි. කලබලයට පත් ඇගේ වෙවුලන ඇඟිලි තුඩු දේව්ගේ මුහුණ පුරා දිව ගියේ යන්ත්‍රානුසාරයෙනි. "ඒයි වර්ෂා, පොඩ්ඩක් හිමීට මසාජ් කරපන්. ඕකගෙ මූණ තැලෙයි" ශානුක කීවේ සියල්ලන් සිනා ගස්වමිනි. "ඔව් ඔව්. පොඩ්ඩක් ආදරෙන් මසාජ් කරන්න. හැමදාම මෙහෙම චාන්ස් එන්නෙ නෑ. නැද්ද මචං?" මේනක ශානුකගේ කතාවේ ඌණ පූරණය කළේය. "ඔය විහිළුව දැන් ඇති. මේ... වර්ෂගෙ මූණත් රතුවෙලා. හොඳ වෙලාවට ඔය බෝයිට සිංහල තේරෙන්නෙ නැත්තෙ" මයුමි කීවෙන් කොල්ලන්ගේ වදෙන් යන්තම් බේරුණු වර්ෂා අවස්ථාව සාරදාට බාර කොට ඉවත් වූවාය. පූර්ව කර්ම අවසානයේ නාසයට තෙල් බින්දු දැමූ පසු කණ්ඩායමේ සාමාජිකයින් එහෙ මෙහෙ වන මොහොතක් බලා වර්ෂා දේව්ට කිට්ටු විය. චකිතයෙන් වටපිට බලා දේව්ට තවත් ආසන්න වූ ඇය ඉතාම සෙමෙන් දමිළ බසින් ඔහු ඇමතුවාය. "ඔයාට මාව මතකද?" දේව්ගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නැත. ඇය තව වරක් ඔහුගේ අවධානය තමා වෙත යොමු කර ගැනීමට උත්සාහ කළාය. "දේව්, මාව මතකද? භාරත් එකේදියි ජයලක්ෂ්මි සිල්ක් එකේදියි හම්බවුණේ" ඒත් නැත. අඩු තරමේ ඔහුට එය ඇහුණු බවක්වත් නැත. වර්ෂාට ඉහිලුම් නොදෙන ලැජ්ජාවක් ඇතිවිය. දෑසට කඳුළු පිරුණේ ඔහු තමාව නොසලකා හැරීම නිසාය. වේගයෙන් ඇහි පිල්ලම් ගසා කඳුළු නවතාගත් ඇය තව මොහොතක්වත් එතැන නොරැඳී මිතුරියන් අතරට ගියාය. .... .... ... "මොකක්ද වර්ෂා එක පාරටම වුණේ? තව පොඩ්ඩෙන් අර කොල්ලට මූණක් ගේන්න වෙනවා" මයුමි ඇසුවේ සවස සාප්පු සවාරිය ඇරඹීමට පෙර නේරු උද්‍යානය අසල බංකුවක අසුන් ගනිමිනි. "ඇයි මොකක්ද වුණේ?" මයුමි සිදුවූ සියල්ල අකුරක් නෑර හසිතාට විස්තර කළාය. "මට නිකං ලැජ්ජ හිතුණා අනේ" "විකාර. මොනවට ලැජ්ජ වෙනවද? අපි කළේ ට්‍රීට්මන්ට් එකකට ට්‍රේනිං වෙච්ච එක. ඒ කොල්ලව අපි අඳුනන්නෙත් නැහැනෙ" "ඇයි නැත්තෙ? එදා ගගන එක්ක හම්බවුණේ මෙයාවනෙ" වර්ෂා නිදහසට කරුණු ඉදිරිපත් කරනු අසා හසිතා කතා කළාය. "ඒක මොකක්ද... අනික ඔයාට ඕවා පුරුදුයිනේ. ඔයාලගෙ මෙඩිකල් සෙන්ටර් එකේ මේ වගේ ට්‍රීට්මන්ට්ස් කරනවා නේද?" "ඔව්. ඒත් අපි කරන්නෙ ගැහැණු අයගෙ. පිරිමි පේෂන්ට්ස්ලගෙ ට්‍රීට්මන්ට්ස් කරන්න පිරිමි ළමයි ඉන්නවා" වර්ෂා සිය රාජකාරි ස්ථානයේ පසුබිම විස්තර කළාය. වර්ෂාගේ සේවා ස්ථානය වන "ස්වස්ථ අරණ" වෛද්‍ය අනුපම හා වෛද්‍ය නෙලූෂා විසින් ආයුර්වේද වෛද්‍ය උපාධිය සමත් වූ විගසම වාගේ ආරම්භ කෙරුණකි. සාධාරණ මිළත්, සාර්ථක චිකිත්සා ක්‍රමත්, අවංක කාර්‍යක්ෂම සේවාවත් නිසා දිනෙන් දින දියුණු වූයේ එහි කීර්ති නාමයද දසත පතුරමිනි. රජයේ රැකියාව ප්‍රතික්ෂේප කළ වෛද්‍ය දෙපළ සිය සේවකයින්ට වගේම රෝගීන්ටත් ඉතා කරුණාවෙන් සංග්‍රහ කරමින් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය අති සාර්ථකව කරගෙන ගියහ. වර්ෂා ඊට සම්බන්ධ වූයේ පුවත් පතක පළවූ ලිපියක් නිසා ස්වස්ථ අරණ ගැන පැහැදීමකින් සිටි මොහොතක අහම්බෙන් දුටු ඇබෑර්තු දැන්වීමක් හේතුවෙනි. ඒ ගැන සොයා බලා අනුමත කළේ වර්ෂා නැවතී සිටින ගෙදර ඇයට දුරින් නෑදෑ වෙන මාමාය. ඇය එහිදී දුටු විශේෂත්වය වගේම ඉතා අගය කළ දෙයක් වන්නේ මුදල් ඉපයීම මූලික කරගෙන සේවා ලාභියාට අවශ්‍ය හැටියට ප්‍රතිකර්ම සිදු නොකර රෝගයේ අවශ්‍යතාවය සලකා බලා ඊට ගැළපෙන පරිදි කර්ම සිදු කිරීමය. "ඉතින් බැරිවෙලාවත් පිරිමි පේෂන්ට් කෙනෙක් කිව්වොත් එයාට ගෑණු ළමයෙකුට කියලා තෙරපි කරගන්න ඕනෙ කියලා?" ඒ පැනය මයුමිගෙනි. "එහෙම කරන්නෙ නෑ. එතකොට සර් තදින් කියනවා මේක ඕනෙ ඕනෙ හැටියට තෙරපි කරගන්න මසාජ් සෙන්ටර් එකක් නෙවෙයි කියලා. තෙරපි කරනවද නැද්ද, මොනවද කරන්නෙ, කීයක් කරනවද... ඒ ඔක්කොම තීරණය කරන්නෙ සර් යි මැඩමුයි තමයි. ඒ කොහොම වුණත් පිරිමි පේෂන්ට්ස්ලට තෙරපි කරන්නෙ පිරිමි ළමයිම තමයි" "ඒක වෙන්න පුළුවන්. ඒත් හසිතා මෙයා කලබල වෙලා ලැජ්ජාවෙ ඇඹරි ඇඹරි අර කොල්ලගෙ මූණ මසාජ් කළාට මොකද, මං බලාගෙන පස්සෙ හිමීට කිට්ටු වෙලා රහසෙන් කතා කළා" මයුමි සරදම් කළාය. "ඇත්තටම මට හරි ප්‍රශ්ණයක් ඇයි එයා අපිව අඳුනන්නෙ නැති ගාණට හිටියෙ කියලා. මං ඇහුවෙ මාව මතකද කියලා" "ඉතින් මතකයි කිව්වද? ඒ බෝයි ටිකක් ආඩම්බරයි. එදත් දැක්කනෙ. කතා කළේ නෑනෙ" මයුමි කීවේ උරහිස් ගස්සමිනි. හසිතා ඒ ගැන ඇගේ අදහස ඉදිරිපත් කළාය. "ඔව්. එයා නම් ටිකක් ආඩම්බර පාටයි. ගගන හිටියෙ අදිතිලගෙ ගෲප් එකේනෙ. එතනින් යද්දි එයා නම් මා එක්ක යන්තමට හිනා වුණා" .... .... එදින ධාන්‍යාම්ල ධාරා පුහුණු වන දවසයි. උදෑසන සිටම වර්ෂා ගතකළේ නොසන්සුන්වය. දේව්ගේ මුහුණ සම්බාහනය කිරීමට ගොස් මිතුරන්ගේ සරදමට ලක්වූ ඇය ඔහුගේ සර්වාංගය සම්බාහනය කිරීමට බිය වූවාය. කෙටි කලිසමකින් පමණක් සැරසී උඩුකුරුව සැතපී සිටි කාල වර්ණයට මදක් හුරු තළෙළු කඩවසම් සිරුර දෙස ඇය මොහොතක් බලා සිටියාය. වචනයෙන් කිව නොහැකි හැඟීම සමුදායකින් ඇගේ සිත පිරී යද්දී හදවත වේගයෙන් ගැහෙන්නට විය. "එක අතකට මං මොකටද කලබල වෙන්නෙ. දේව් මගෙ කවුද? අපි කවදාවත් කතා කරලාවත් නෑනෙ" වර්ෂා තමාටම කියා ගනිමින් හිතට ධෛර්යය ගත්තාය. දේව්ගේ සයනය දෙපසින් ඒප්‍රනයෙන් සැරසුණු මයුමිත් මේනකත් ධාරා කර්මය කිරීමට සූදානම්ව සිටියහ. කේරළ පංචකර්ම වල විශේෂත්වයක් වර්ෂාට මෙහිදී දැකගත හැකි විය. සේවාලාභියාගේ දෙපසින් සිටිමින් තෙරපිවරුන් දෙදෙනෙකු එකම වේගයෙන් රිද්මයානුකූලව සම්බාහනයේ යෙදීම එම විශේෂත්වයයි. මයුමිගේත් මේනකගේත් වාරය අවසානයේ එළඹියේ වර්ෂාගේත් ශානුකගේත් වාරයයි. ඔවුන්ට සම්බාහන කිරීමට සිදුවූයේ දේව්ගේ දෙපා ප්‍රදේශයයි. හිත ධෛර්යය කරගෙන සිහින් ධාන්‍යාම්ල ධාරා වලින් දේව්ගේ පාද නහවමින් සියුම් සම්බාහනයක් පටන් ගත්තද වර්ෂාගේ සිරුරේ ලේ නහර සියල්ලක්ම උත්තේජනය වෙමින් උණුසුම් ලේ ධාරාවක් ඇගේ මුහුණ හරහා ගලා යන බව ඇයට දැනෙන්නට විය. හදවත වේගයෙන් සැළෙන්නට විය. ඇයට නොදැනිම ඇගේ අතැඟිලි දරදඬු වී දේව්ගේ පාද වල ස්පර්ශය රළු වන්නට විය. වර්ෂාගේ මුහුණ රතුවනු මෙන්ම ස්පර්ශය වෙනස්වනු දැණුනු මයුමි මිතුරියගේ පාදය තදින් පෑගුවාය. සිහි එළවාගත් වර්ෂා මද වේලාවකින් සාමාන්‍ය තත්වයට පත් විය. වර්ෂා තුළ මොන තරම් වෙනස්කම් සිදු වුවත් මේ කිසිඳු වෙනසක් දේව් තුළ නම් සිදුවූයේ නැත. ඔහු කිසිවක් නොදැනෙන කිසිවක් නොහැඟෙන ගාණට ලී සයනය මත උඩුකුරුව සිය සිරුරට ඕනෑම දෙයක් කිරීමට ඉඩදී බලා සිටින්නේය. එදා දවසම වර්ෂාගේ හැසිරීම වෙනස් විය. ඇය පසුවූයේ නොසන්සුන් කමකිනි. එදින සවස මිතුරියන් තිදෙනා ඒ ගැන කතා කළේද එහෙයිනි. "මට හිතාගන්න බෑ. මෙච්චර ගෑණු ළමයි අත පය මසාජ් කරනකල් අර ළමයා කොහොමද දැනෙන්නෙවත් නැති ගාණට එහෙම හිටියෙ කියලා" වර්ෂා කීවේ අවංකවමය. "ඇත්තටම ඒ ඩමි විදිහට ඉන්න කොල්ලන්ට හැඟීම් දැනීම් නැතිව ඇති. උන්ට ලාදුරු ද දන්නෑ" හසිතා විහිළු කළාය. "ඒ බෝයිට හැඟීම් දැනීම් නැතිවුණාට මෙයාට නම් ඕනෙවටත් වඩා තිබුණා. ඇත්තටම වර්ෂා ඔයා ඒ බෝයි ගැන හිතනවද?" මයුමි විමසුවේ මිතුරිය ගැන දින කිහිපයක් සෙවිල්ලෙන් සිටීමෙන් අනතුරුවය. "පිස්සුද අනේ... ඇයි ලංකාවෙ කොල්ලො නැතුවටද?" .... .... .... පුහුණුවේ ඉතිරි දවස් සාමාන්‍ය පරිදි ගෙවී ගිය අතර කිසිම හැඟීමක් දැනීමක් නැති, තමා කවදාවත් දැක නැති පරිදි හැසිරෙන දේව් ගැන නොසිතා හිත දැඬි කරගෙන පුහුණුව නිසි පරිදි නිම කිරීමට වර්ෂා උත්සාහ ගත්‍තාය. .... .... .... එළිවෙන යාමයේ නින්දට වැටුණු වර්ෂා අවදි වූයේ දුරකථනය නාද වන හඬටය. "අපෝ... තාම නිදිද? අපි යනවා වර්ෂා. ඔයා පරෙස්සමෙන් ඉන්න. අනිවාර්යයෙන්ම අපි කොළඹදි හම්බවෙමු හොඳේ..." මයුමිත් හසිතාත් එකවර කතා කළහ. හිතට දුකක් දැණුනත් ඒ බව නොඅඟවා වර්ෂා ඔවුන්ට සුබ පැතුවාය. "හරි අනේ... සුබ ගමන්. පරෙස්සමෙන් යන්න. ඔන්න ගිහින් කෝල් කරන්න ඕනෙ හරිද?" වෙලාව හයයි තිහත් පසුවී ඇත. දේව් මුණගැසීමට පොරොන්දු වූ වේලාවට තව වැඩි වේලාවක් නැති බව දුටු වර්ෂා කඩිනමින් ඇඳෙන් බැස්සාය. මතු සම්බන්ධයි. සිතුවම අන්තර්ජාලයෙනි.කල්ලඩි අන්දරය - 03 කුඩා සමාරම්භක උත්සවයකින් පසු වර්ෂාගේ පුහුණු පාඨමාලාව අරම්භ විය. උදෑසන නවයේ සිට සවස හතර දක්වා පැවැත්වෙන පුහුණුව සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගික පුහුණුවකින්ද සමන්විත වූවකි. ඔවුන්ගේ උදේ ආහාරය හා දිවා ආහාරය විශ්ව විද්‍යාලයෙන්ම සැපයූවද මිරිස් තුනපහ පදමට යොදා ආහාර ගෙන පුරුදු ඔවුන්ට මේ ලබා දෙන ආහාරය ප්‍රණීත වූයේ නැත. ඇතැම් විට ඒවා කුසට කෙසේ වෙතත් හිතට ප්‍රමාණවත් වූයේද නැත. දෙවන දින උදෑසන ආහාරය ලෙස පිළියෙල කොට තිබුණේ ඉඳි ආප්පය. ආහාර බෙදන්නට සිටි කාර්‍ය මණ්ඩලය එක් පිඟානක් සඳහා බෙදුවේ තරමක් විශාල ඉඳි ආප්ප දෙකකි. සාමාන්‍ය තරමේ ඉඳි ආප්ප දහයකට පමණ වග කියන ඔවුන්ට එම විශාල ඉඳි ආප්ප දෙක කුසට ප්‍රමාණවත් වුවත් ඉන් හිත පිරී ගියේ නැත. දිවා ආහාර වේලාවේදී නම් මයුමිලාගේ කණ්ඩායමේ ඇතැමුන් ගෙනැවිත් තිබූ වම්බටු මෝජු, හාල් මැස්සන් බැදුම, කොට්ට පොල් සම්බෝලය වැනි ආහාර සියළු දෙනා බෙදා හදාගෙන ආහාරයට ගැනීම නිසා හිතේ සතුටින් ආහාර ගැනීමට වර්ෂාට ද අවස්ථාව ලැබුණි. නිවසේදී ලොකු වීදුරු මග් එකකට කිරි බී පුරුදු වර්ෂාට උදේ දහයට හා සවස හතරට කුඩා එවර් සිල්වර් කෝප්පයට ලබා දෙන කිරි තේ එක හා කුඩා බිස්කට් දෙක ගෑවෙන්ටත් මදිය. මුලදී ඒ නිසා අපහසුතාවයට පත් වුවද දින කිහිපයක් යනවිට ඔවුහු ඒ සියල්ලටම හුරු වූහ. පුහුණුව අවසන් ව හෝටලයට එන වර්ෂා ඉක්මනින්ම බිස්කට් දෙක තුනක් කා කිරි කෝපි කෝප්පයක් බී මිතුරියන් සමග ඇවිදින්නට යන්නේ රාත්‍රි හත පමණ වන විට ත්‍රිශූර් නගරයේ බොහොමයක් වෙළෙඳ සැල් වසන බැවිනි. යුවතියන් වඩා කැමැත්තක් දැක්වූයේ සාප්පු වලට වඩා පේමන්ට් කඩ වලටය. සාප්පු වලට වඩා බෙහෙවින් අඩුවට පේමන්ට් කඩ වලින් යම් යම් දෑ මිළට ගත හැකි බව ඔවුන් දැනගත්තේ සාප්පු සවාරි වලින්ම ලද අත්දැකීම් වලිනි. නොයෙක් මාදිලියේ සපත්තු සෙරෙප්පු, ඇඳුම්, පාසැල් උපකරණ ගොඩවල් ගසාගෙන විකුණන මෙව
න් කඩවල ගොඩවල් ඇඳ තමන්ට අවශ්‍ය දෑ සොයා ගැනීම ඔවුන්ට විනෝදයකි. "මේ බලන්නකෝ... පමුණුවෙ වගෙයි. මේ ගොඩවල් වල සපත්තු හරිම ලාබයි" හසිතා සපත්තු ගොඩක් ඇද බලමින් පැවසූයේ උදෑසන පමුණුවේ කඩ වලට ගොඩ වැදී නැති මයුමිටය. මයුමි සෙරෙප්පු කුට්ටම් කිහිපයක්ම තෝරා ගත්තාය. "වර්ෂා, ඔයා ගන්නෙ නැද්ද? මේවා හරිම ලාබයි අනේ" වර්ෂා කල්පනා කළේ අම්මාගේ කකුලේ ප්‍රමාණය ගැනයි. අවසානයේ විනාඩි දහයක් පමණ සපත්තු ගොඩ එහෙට මෙහෙට පෙරළා වර්ෂා තමාටත් අම්මාටත් ආච්චම්මාටත් සෙරෙප්පු යුගල් තුනක් තෝරා ගත්තාය. සාරි සාප්පු වලට ගොඩවදින තිදෙනා ඉන් එළියට එන්නේ පැයක් පමණ සාරි තේරීමෙන් පසුවය. බොහෝ දිනවලදී ගන්නා සාරියකුත් නැත. යුවතියන් ලංකාවේ බව, දැන ගන්නා ඇතැම් වෙළෙන්දන් බොහෝ සතුටට පත්වේ. "මිස්ලා ලංකාවෙන්ද? අපිත් එහෙ නිතර යනවා" "එහෙමද? ඒ මොකටද නිතර ලංකාවට යන්නෙ?" මයුමි අසන්නේ ඉංග්‍රීසි, දෙමළ, හින්දි, සිංහල සියල්ල මිශ්‍ර අමුතුම භාෂාවකිනි. ඔවුන්ද දෙමළ හා කැඩුණු ඉංග්‍රීසි බසින් යුවතියන් හා ගනුදෙනු කළහ. "අපි ලංකාවෙ මඩකලපුවෙන් සාරි ගේනවා" "හානේ... ඇත්තද? මමත් මඩකලපුවෙ" වර්ෂා දමිළ භාෂාවෙන් කතා කිරීම නිසාත්, තමන් ලංකාවෙ දන්නා එකම ප්‍රදේශය වන මඩකලපුවේ අයකු වීමත් නිසාත් තරුණ වෙළෙන්දෝ වර්ෂා හා කුළුපගව කතා කළෝය. "මෙයාලා නිතර මඩකලපු ඇවිත් සාරි ගෙනැත් මෙහෙ විකුණනවලු. මෙයාලට හරිම සතුටුයි ලංකාවෙ අයව අඳුනගන්න ලැබුනට" වර්ෂා මිතුරියන්ට පැහැදිලි කළාය. "අපෝ... අපි ඉන්දියාවෙන් සාරි ගන්න ආවට මෙයාලා මෙහෙ විකුණන්නෙ අපේ සාරිනේ" හසිතා පැවසූයේ සිනාසෙමිනි. "අපි වර්ෂලගෙ ගෙදරට ට්‍රිප් එකක් දාගෙන ගිහින් සාරිත් අරන් එමු. මෙයාලා ට්‍රාන්ස්පෝර්ට් එක්ක ගාණ අල්ලනකොට අපිට එහෙන් අඩුවට ගන්න පුළුවන්" උදෑසන පුහුණු කටයුතු නිසා කාර්‍යබහුල වන යුවතියන් සවසට ලැබෙන මේ විරාමය ඉතා සතුටින් ගතකළෝය. වර්ෂාට පාළුවක් දැනෙන්නේ රාත්‍රියටය. සාප්පු සවාරියෙන් පසු රාත්‍රි ආහාරය පිණිස යමක් ගෙන මිතුරියන් විසිර ගිය පසු හෝටල් කාමරයේ තනිවන වර්ෂා හිතට දැනෙන කාන්සිය මකා ගන්නේ අම්මාටත් ලංකාවේ ඇය සමග සේවය කරන මිතුරියන්ටත් දුරකථන ඇමතුම් දී දවසේ සිදුවීම් විස්තර කරමිනි. කවදාවත් දින පොතක් භාවිතා නොකළ වර්ෂා ඉන්දියාවට ආ දා පටන් එක්සයිස් පොතක දවසේ සිදුවීම් වාර්තා කළාය. දවසේ ඉතිරි පැය කිහිපය මෙලෙස ගෙවා දැමූ ඈ වේලාසනින් නින්දට වැටුණාය. ... ... ... පුහුණුවේ මුල් දින තුනම ගෙවී ගියේ සිද්ධාන්ත ඉගැන්වීම සඳහාය. පැය ගණනාවක් දේශණ වලට සවන්දීම සරසවි සිසුන් වන මයුමිටත් හසිතාටත් එතරම් ගැටළුවක් නොවූවද එතරම් වේලා එක තැන රැඳී සිට පුරුදු නැති වර්ෂාට එය මහත් අපහසුවක් විය. ඇතැම් දේශණ කොටස් ඇයට ඉතාම නීරස විය. ඉවසා සිට බැරිම තැන ඇය රහසින් මයුමි ඇමතුවේ එහෙයිනි. "හරි කම්මැලියි අප්පා... ප්‍රැක්ටිකල් කවදා පටන් ගනීද මන්දා" "ඔව් අනේ. හරිම බෝරිං. නිදිත් මතයි" "ඔයා ගාව කෝස් ෂෙඩ්‍යුල් එක තියෙනවද?" මයුමි පුහුණු පාඨමාලාවේ වැඩසටහන් පෙළගැස්ම වර්ෂා අත තැබුවාය. එය හොඳින් නිරීක්ෂණය කළ වර්ෂාගේ මුහුණ සිනාවකින් ඔපවත් විය. "ඒ... මේ... හෙට හවස ප්‍රැක්ටිකල් පටන් ගන්නවා" "කෝ බලන්න. අම්මෝ ඒක නම් ලොකු දෙයක්. මටත් එපාවෙලා හිටියේ" ආරංචිය කීමට දෙදෙනාම හසිතා දෙස බැලුවේ එකවිටම වාගේය. ඒ වන විටත් හසිතාගේ දෑස් පියවී හිස පහතට යොමුවී තිබුණි. "මෙන්න මෙයා නිදි" මයුමි තරමක් තදින් හසිතාගේ අත කෙනිත්තුවාය. ... ... ... සිව් වන දින සියළු සිසුන් ඉතා උනන්දුවෙන් දේශණ වලට සහභාගී වූයේ දිවා ආහාර විවේකයෙන් පසු එළඹෙන කේරළ පංචකර්ම ප්‍රායෝගික පුහුණු අත්දැකීම සිත් පුරා විඳගැනීමේ බලාපොරොත්තුවෙනි. වර්ෂාට දැණුනේ ඔරලෝසුවේ කටු කැරකෙන්නේද ඉතාම සෙමින් ලෙසය. දිවා ආහාරයෙන් පසු සිසුන් කණ්ඩායම කුඩා කණ්ඩායම් හතරකට බෙදූ දේශකතුමා එක් එක් කණ්ඩායම් භාරව විශේෂ පුහුණුකරුවන් යෙදෙවූයේය. පංචකර්ම ප්‍රතිකර්ම සඳහාම විශේෂයෙන් සැකසූ විශාල ශාලාව කොටස් හතරකට බෙදා සිසුන් සියළු දෙනාට ඒප්‍රනය බැගින් බෙදා දුන්නේය. වර්ෂාත් මයුමිත් එකම කණ්ඩායමකට තේරුණේ හසිතාගේ මුහුණ පුරා කළු වළාවන් ඇඳී යද්දීය. ඒප්‍රනයෙන් සැරසුණු සිසුන්ට දේශණ සඳහා සහභාගි වූ වෛද්‍යතුමා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. "අපි එක් එක් කර්ම ගැන පහුගිය ටිකේම ඉගෙන ගත්තනෙ. දැන් අපි ඒවා ප්‍රායෝගිකව කරලා බලනවා. මේ ඉන්න කණ්ඩායම තමයි අපිට මේ පුහුණුවට උදව් කරන්නෙ. අපි ඩමි විදිහට යොදා ගන්නෙ මෙයාලව" වෛද්‍ය නාරායන් සිය කණ්ඩායම හඳුන්වා දුන්නේය. වර්ෂාට පමණක් නොව මයුමිටත් හසිතාටත් සිය දැස් අදහාගත නොහැකි විය. තිදෙනා මුහුණින් මුහුණ බලා ගත්තේ ඒ නිසාය. නමුත් දන්නා හඳුනන කෙනෙක් කලකට පසු දැකීමේදී දැනෙන ප්‍රීතිය ඔවුන්ගේ මුවෙහි මෙන්ම දෑස් වලද සටහන් විය. අන් කවරෙකුවත් නොව, යුවතියන්ගේ ප්‍රීතියට හේතු වූයේ කණ්ඩායමේ සිටි තරුණයින් දෙදෙනෙකි. ඒ ගගන සහ දේව් ය. වෙනදා දිගු කලිසමකින් හා කමිසයකින් හෝ ටී ෂර්ට් එකකින් සැරසුණු කඩවසම් තරුණයින් දෙදෙනා අද උඩු කය ඇඳුමක් රහිතව ඉතාම කෙටි කොට කලිසමකින් පමණක් සැරසී සිටීම නිසා යුවතියන් පත් වූයේ මහත් අපහසුතාවයකටය. යෙහෙළියන්ටත් වඩා ඔවුන් දෙස එක එල්ලේ බැලීම අපහසු වූයේ වර්ෂාටය. ගගනත් දේව් ත් සිටියේ කිසිවකු නොහඳුනන විලාසයෙනි. වෛද්‍ය නාරායන් තවත් මොනවාදෝ කියනවා ඇසුනත් ඒ මොනවාදැයි යන්න වර්ෂාගේ සිතේ සටහන් වූයේ නැත. මතු සම්බන්ධයි. සිතුවම අන්තර්ජාලයෙනි.Aussi අයිශා - 08 කොටස රට යන්න කලින් දවසේ ගෙදරට වෙලා නිදහසේ ඉන්න ඕනි කියලා මසර් කිව්වට අද නම් අපිට පොඩි විවේකයක්වත් තිබුණේ නෑ. උදේ කෑමෙන් පස්සේ පටන් ගත්ත ගෙවල් අස් කිරිල්ල ඉවර වෙද්දි හවස තුනත් පහු වුණා. ගෙවල් අයිතිකාර ෆරීඩ්ගේ ඇස් දෙක හරියට අත් කාචයක් වගේ නිසා පොඩි හරිවත් අඩුපාඩුවක් පේන්නෙ නැතිවෙන්න අපි හැමදේම අස්කළා. ගෙවල් අස් කර කරම හිටියා මිසක් දවල්ට උයන්නවත් වුණේ නෑ. ඔන්න ඔහේ රෑටම මොනාහරි උයලා කමු කියලා මසර්, පල්ලෙහා හන්දියේ කඩෙන් සමෝසා අරගෙන ආවා. සමෝසා කාලා තේ ටිකක් එහෙම බීලා අපි පොඩි වෙලාවක් රෙස්ට් කළා. මහන්සියට දෙන්නටම දන්නෙම නැතුව ගිහින්. අන්තිමට ඇහැරුණේ ගෙවල් අයිතිකාරයා ඇවිත් දොරට ගහන සද්දෙට. "ඉතින් මසර් කොහොමද?..." සාලෙ පුටුවක වාඩි වෙන ගමන් ෆරීඩ් ඇහුවා. "ඉන්නවා ෆරීඩ්, ඉතින් මොනවද බොන්නේ තේද කෝපිද කූල් මොනාහරිද?.." "බිබී ඉන්න වෙලාවක් නෑ මසර්. මට තව වැඩ වගේකටත් යන්න තියෙනවා. අපි ගේ බලමුද?.." ෆරීඩ් මුලින්ම ගියේ කුස්සියට. "මේ ඇතුලේ තියෙන බඩු ඔක්කොම අයින් කරලා නේද යන්නේ?.." ෆ්‍රිජ් එක ඇරලා බලලා ෆරීඩ් ඇහුවා. "ඔව්... ඔතන ඔය කිරි බෝතලේකුයි තව පොඩි දේවල් ටිකක් විතරනේ තියෙන්නේ...ඒවා හෙට වෙද්දි ඉවරයි. ආ... අපි අලුතෙන් උයන්න ගත්ත භාජන වගයක් එහෙම තියෙනවා. ඒව තිබුණට කමක් නෑනේ. අලුත්ම ඒවා. පරණ ඒවා අපි විසික් කරලා තියෙන්නේ..." මසර් උත්තර දෙන්න කලින් මං කිව්වා. "ඔව් ඉතින් ඒවනම් කමක් නෑ අයිශා නෝනා. හොඳට හෝදලා කරලා තියෙනවනම් හොඳයි..." "මං කොහොමත් උයලා ඉවර වුණාම ඔය භාජන හොඳට හෝදලා තමයි තියන්නේ..." මගෙ කටේ සද්දෙ වැඩිවුණාද මන්දා. මසර් මගෙ දිහා බැලුව විදිහෙන් මට එහෙම හිතුනා. කුස්සියෙන් පස්සේ කාමර දෙකයි, නානකාමරේයි, බැල්කනියයි සාලෙයි ඔක්කොම චෙක් කරන්න ෆරීඩ්ට පැය එකහමාරක්වත් යන්න ඇති. ෆරීඩ් සමහර බිත්ති චෙක් කළේ හරියට මොකක් හරි අපරාධයක් ගැන හොයන රහස් පරීක්ෂකයෙක් වගේ. "හෙට මසර්ලා මෙහෙන් යන්නෙ කීයටද?..." ගේ පුරාම ඇවිදලා කරලා ඉවර වෙලා ආපහු සාලේ පුටුවෙන් වාඩිවෙන ගමන් ෆරීඩ් ඇහුවා. "හෙට රෑ හතට අටට විතර මෙහෙන් යන්න හිතාගෙන ඉන්නේ.." "ම්ම්ම් එහෙමද?.. රෑ නිසා මට එන්න විදියකුත් නෑ. මසර්ට පුළුවන්ද එයාපෝට් යන ගමන් යතුර අපේ දිහාට දීගෙන යන්න?..." "හරි ෆරීඩ් එහෙම කරන්නම්" "හොඳයි එහෙනම් මං යන්නම්. දෙවි පිහිටයි." "දෙවි පිහිටයි ..." ඊයේ ගෙවල් අස් කරලා දූවිල්ල ගිහිල්ලද කොහෙද උදේ නැඟිටිද්දි මගෙ නහයට අඟුල් වැටිලා වගේ. මසරුත් උදේ නැඟිට්ට වෙලේ ඉඳන් නහය උඩට අඳින ගමන් හිටියේ. ඒ නිසා මොන වැඩේ කරන්නත් කලින් අපි දෙන්නම හොඳට දුම් අල්ලලා උණු උණුවෙන්ම මසාලා තේ බිව්වා. "අද උයන්න කරන්න ඕනි නෑ අයිශා...." මසර් සාලෙට වෙලා ටීවි බලන ගමන් කිව්වා. "ඇයි අද කන්නෙ නැද්ද?.." "කනවා කනවා...අපි කඩෙන් ඕඩර් කරලා ගෙන්නගමු. නැත්නම් ආයෙ කුස්සිය අස් කරන්න වෙනවනේ. ඒවා කරදර වැඩ." "ඒකනම් ඇත්ත. හැබැයි ඉතින් කෑම ගෙන්නනවනම් හොඳ පිරිසිදු තැනකින් ගෙන්නගන්න හරිද. නැත්නම් ටොයිලට් එකේ තමයි ඉන්න වෙන්නේ..." "කෝකටත් අපි යන්න කලින් දෙහි ඉස්ම ටිකක් දාපු කෝපි කෝප්පයක් බීලම යමු එතකොට හරිනේ.." මසර් හිනාවෙලා කිව්වා. දවල් කෑමෙන් පස්සේ මං ටිකක් නිදාගන්න ගියා. සෑහෙන වෙලාවක් ඇඳේ පෙරලි පෙරලි හිටියට මට නින්ද ගියේම නෑ. හෙට ඉඳන් අලුත්ම රටක. ඉස්සරහට මොන විදියට ජීවිතේ වෙනස් වෙයිද කවුද දන්නේ. ඕවා ගැන හිත හිතම අන්තිමට මට නින්ද යන්න ඇති. ආපහු ඇහැරෙද්දි හවස හයත් පහුවෙලා තිබුණා. සාලෙට යද්දි මසර් තාමත් ටීවී එක බලනවා. " ඔයා ටික වෙලාවක්වත් නිදාගත්තෙ නැද්ද?.." මං මසර්ගෙන් ඇහුවා. "නිදිමතක් නෑ අයිශා..." "නින්ද යන්නෙ නැත්තෙ සතුටට වෙන්න ඇති එහෙනම්" මං මසර් ළඟින් වාඩි වුණා. ෆිල්ම් එකට මූණ ඔබාගෙන හිටියා මිසක් මසර් මොනාත් කිව්වේ නෑ. ගමනක් යන්න ලෑස්ති වෙනකොටම හැමදාම වගේ මට තිබුණ ලොකුම ප්‍රශ්නෙ තමයි මගෙ කොණ්ඩෙ. මේ සැරේනම් මොකක් හරි පිළිවලක් කරගන්න ඕනි. කොණ්ඩෙ අයන් කරගත්තනම් කඩාගෙන යන්න තිබුණා. ඒ විදිහ මගෙ මූණටත් ලස්සනට තියෙයි. ඒත් ඉතින් මේ හදිස්සියේ සැලුන් ගානෙ යන්න කියලද. ඒ ගැන හිත හිත ඉන්නකොට තමයි මට අල්ලපු ගෙදර සබ්‍රිනාව මතක් වුණේ. සබ්‍රිනා මේ ගෙවල් කිට්ටුවම පොඩි තැනක තියෙන එයාටම අයිති සැලුන් එකේ තමයි වැඩ කළේ. සමහර දවස්වලට මං කෝල් කළාම එය
ා ගෙදරටම ඇවිත් මගෙ අයි බ්‍රෝස් එහෙම හදලා දීලා තියෙනවා. ඒ විදියට එයාව ගෙන්නගෙන කොණ්ඩෙ අයන් කරගන්න තිබ්බනම් හරි කියලා මට හිතුණා. "මේ අහන්නකෝ මං මේ අල්ලපු ගෙදර සබ්‍රිනා ට පොඩ්ඩක් කතා කරන්න කියලා බැලුවේ. කෙල්ල තාම සැලුන් එකේද දන්නෑ..." මං හිමින් සීරුවේ මසර්ට වචනෙ දැම්මා. "ඒ මොකටද මේ හදිස්සියේ එයාව හොයන්නේ?.." "හදිස්සියක් නෙමෙයි. බලන්නකෝ අනේ මගෙ කොණ්ඩෙ අවුල් ජාලාවක් වගේ. මං බැලුවේ එයාව ගෙන්නගෙන කොණ්ඩෙ පොඩ්ඩක් අයන් කරගන්න කියලා." "හ්ම්ම්... එහෙනම් ඉතින් තව රෑ වෙන්නෙ නැතුව ගෙන්න ගෙන වැඩේ කරගන්න. දැන් හයත් පහුවෙලා. රෑ අට හමාර වගේ වෙද්දි අපි මෙහෙන් යන්න ඕනි. අර මනුස්සයට ගෙයි යතුරත් දීලා යන්න ඕනිනේ. ඒ නිසා පරක්කු වෙලා බෑ..." මගෙ වෙලාවට, කෝල් කරපු වෙලේ සබ්‍රිනා ගෙදර හිටියා. එයා හත විතර වෙද්දි එන්නම් කිව්වා. සබ්‍රිනා එන්න කලින් මං ඇඟ පත එහෙම හෝදාගෙන ලෑස්ති වෙලා හිටියා. කෙල්ල, කිව්වා වගේම වෙලාවට ඇවිත් මගෙ වැඩේ කරලා දුන්නා. සබ්‍රිනා ගිහිනුත් සෑහෙන වෙලාවක් වෙනකම් මං කණ්ණාඩිය ඉස්සරහට වෙලා කොණ්ඩෙ දිහා බල බල හිටියේ. කොච්චරවත් අවුල් වෙන ගැට ගැහෙන කොණ්ඩෙ, අයන් කරාට පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණා. මූණෙ තිබ්බ කැතත් කොණ්ඩෙට වැහිලා ගිහින් වගෙයි මට හිතුනේ. අදනම් ලොකුවට මේකප් ඕනිත් නෑ වගේ. මං ඇඳගෙන හිටපු තද නිල් කලිසමටයි, සුදු පාට අත් දිග ටී ෂර්ට් එකටයි මැච් වෙන්නම වගේ මසරුත් නිල් ඩෙනිම් කලිසමට සුදු අත් දිග ටී ෂර්ට් එකක් ඇඳගෙන හිටියා. අපි දෙන්නා කරට අත දාගෙන කණ්ණාඩිය ඉස්සරහට වෙලා අපි දෙන්නා දිහාම ටික වෙලාවක් බලාගෙන හිටියා. අපි දෙන්නගෙ පෙනුම දකිද්දි මටනම් හිතුනේ මසරුයි මායි අවුරුදු ගානකින් ආපස්සට ගිහින් වගේ කියලයි. කතා කරගත්ත විදියට අට හමාර වගේ වෙද්දි ටැක්සිය ආවා. අහමඩ්ගේ දිහාට යතුරත් දීලා අපි එයාපෝට් එකට එද්දි වෙලාව නමයයි කාලයි. "වෙලාවනම් ඕනි තරම් තියෙනවා...අපි රෑට කෑවෙත් නෑනේ. ඔයාට බඩගිනියිද?.." මසර් ඇහුවා. "ලොකු බඩගින්නක්නම් නෑ. ප්ලේන් එකේදි කන්න මොනාහරි දෙයිනේ නේද?.." "දෙයි, ඒත් ඉතින් තව පැය දෙකහමාරකටත් වැඩිය මෙතන ඉන්න ඕනිනේ. ම්ම්ම් අපි ඉස්සෙල්ලා මේ බෑග් ටික ක්ලියර් කරලාම මොනාහරි කමු." මසර් කිව්වා. එයාපෝට් එක ඇතුලේ වැඩ ඉවර වෙලා ප්ලේන් එකට නැඟලා ෆෝන් ඕෆ් කරන්න කියන්න කලින් මං අම්මට කෝල් කරලා පොඩි වෙලාවක් කතා කළා. "ඇති යන්තන් කරදරයක් නැතුව ඔක්කොම හරි විදියට වුණා..." ප්ලේන් එක උඩට නග්ගලා ටික වෙලාවක් ගියාම ලොකු හුස්මක් පහල දාපු මසර්, සැහැල්ලුවෙන් එහෙම කිව්වා. "ඇයි මේකත් කැනඩා ගමන වගේ වෙයි කියලද ඔයා හිතුවේ?...ප්ලේන් එකට නඟිනකම් විශ්වාසයක් තිබ්බේ නැද්ද?.." "නෑ එහෙම එකක් නෙමෙයි, ඒත් අපි ගෙදරින් පිටත් වෙන්න කලින් මොකක් හරි දෙයක් වෙලා අද මේ ගමන එන්න බැරිවෙයි කියලා පොඩි බයක් හිතේ තිබ්බා.." මසර් එහෙම කියද්දිනම් මට පව් කියලත් හිතුනා. ප්ලේන් එකෙන් හම්බුන කෑම එක කාලා අපි දෙන්නම පොඩ්ඩක් රෙස්ට් කළා. පැය හතරහමාරකට පස්සේ ඒ කියන්නේ උදේ හයයි කාල වගේ වෙද්දි අපි බැංකොක් එයාපෝට් එකට ආවා. දැන් ඉතින් ඊළඟ එක එනකම් මෙතන පැය දෙකක් විතර ඉන්න ඕනිනේ. "මොනවද උදේට කන්නේ?...තායි කෑම ට්‍රයි කරලා බලමුද?.." මසර් ඇහුවා. "මටනම් කොෆි එකකුයි සැන්ඩ්විච් එකකුයි තිබ්බනම් ඇති" .මං කිව්වා. " එහෙනම් මාත් ඒවම කන්නම්." මසර් එයාට අලිගැටපේරයි බිත්තරයි දාපු සැන්ඩ්විච් එකකුයි මට චිකන් සැන්ඩ්විච් එකකුයි ගත්තා. කන විදිහෙන් නම් මසර්ට සැන්ඩ්විච් එක රසයි වගේ. ඒකට මට, කිසිම රහක් දැනුනේ නෑ. "මොකෝ ඕක හරි නැද්ද?..." මසර් සැන්ඩ්විච් එක කාලා ඉවර වෙන්නත් ළඟයි. "මේක තනිකරම අයිස් කුට්ටියක්නේ අනේ...මෙහෙම කූල් කරලා පාන් කන්න පුළුවන්ද?" "ගොඩක් වෙලාවට මේවගේ සැන්ඩ්විච් දෙන්නේ කෝල්ඩ් විදියට තමයි. හැබැයි ඉතින් ඔයා ඔය කියන තරම් සීතලක් නම් මේවගේ නෑ. වැඩිය හිතන් නැතුව කන්න අයිශා..." "අනේ මට මේක කන්න බෑ." සැන්ඩ්විච් එක ආපහු මේසෙ උඩින් තියන ගමන් මං කිව්වා. "මෙතනනම් ඔක්කොම කෝල්ඩ් අයිටම් තියෙන්නේ. ම්ම්ම්....ආ.. අතන තියෙන මැක්ඩොනල්ඩ් එකෙන් බර්ගර් එකක් කමු. කෝ එන්න ඔය කොෆි එකත් අරගෙන යමු...මේක දැන් ඉතින් මං කන්නම්." මං මේසෙ උඩින් තියපු සැන්ඩ්විච් එක අතට ගන්න ගමන් මසර් කිව්වා. උදේ අට හමාර වගේ වෙද්දි අපි සිඩ්නි වලට යන ප්ලේන් එකට නැග්ගා. මසර් නම් නැඟපු වෙලේ ඉඳන් බ්ලැන්කට් එකත් පොරෝගෙන නිදි. කන වෙලාවට විතරයි නැඟිට්ටේ. ඔය හැටි නිදාගන්න පුළුවන්ද මන්දා. ගමන පුරාවටම මම නම් ෆිල්ම් බල බල තමයි ආවේ. ඕන්නම් උපරිම පැයක් වගේ නිදාගන්න ඇති. අපි සිඩ්නි වලට එද්දි වෙලාව රෑ නමයයි පනස් පහයි. බෑග් ටිකත් අරගෙන එයාපෝට් එකෙන් එළියට එද්දි දහය හමාරත් පහුවුණා. මිස්ටර් අසීස් අපිව එයාපෝට් එකෙන් ගන්න කෙනෙක්ව එවලා තිබුණා. එයත් අසීස්ලා එක්ක එකට වැඩ කරන මේ රටේ කෙනෙක්. මසර් බුක් කරලා තිබුණ හොටෙල් එකට එද්දි වෙලාව රෑ එකොළහයි. රූම් එකට ආපු ගමන් අපි දෙන්නම වොශ් දාගත්තා. ඊටපස්සේ මසර් අපි දෙන්නටම තේ හැදුවා. තේ බොන ගමන් මං අම්මටයි තාත්තටයි කතා කරලා අපි ආවා කියලා කිව්වා. මසරුත් තාත්තා එක්ක ටික වෙලාවක් කතා කළා. "හ්ම්ම් ඒ වැඩෙත් ඉවරයි. ඔයාට ඕනි වුණු විදියට අපි මෙහෙ ආවනේ. දැන්නම් ඉතින් ඔයාගෙ හිත නිදහස් ඇති නේද?.." නිදාගන්න ඇඳට ආවම මං මසර්ගෙන් ඇහුවා. "ඉවරයි නෙමෙයි අයිශා....දැන් තමයි වැඩ පටන් ගන්නේ...." මතු සම්බන්ධයි. බුද්ධි ජයවීර. ( කතාව කියවලා අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති. පිළිතුරු නොලියනවට සමාවෙන්න )Aussi අයිශා - 07 කොටස උදේට කාපු ගමන්ම මසර් නැන්දලගේ දිහාවේ ගියා. යන්න කලින් හම්සාට කෝල් එකක් දීලා කිව්වා එයා දැන් එනවා ලෑස්ති වෙලා ඉන්න කියලා. ඉඩමෙ වැඩේ කරගන්නත් තියෙන නිසා නැන්දලගෙ දිහා ගොඩක් වෙලා ඉන්නෙ නැති වෙයි කියලයි මට හිතුනේ. එක අතකට ඒකත් හොඳයි. අයිතියක් නැති ගෙවල් වල මොකට ඉන්නවද. ඊයෙත් දවසම කඩේ පැත්තට ගියේ නැති නිසා තාත්තා උදෙන්ම කඩේ යන්න ලෑස්ති වුණා. "අයිශා....ඕනිනම් යමු කඩේ පැත්තේ. ගිය සැරේ ඇවිල්ලත් ඒ පැත්තේ ගියේ නෑනේ..." තාත්තා කිව්වා. දවසම ගෙදරට වෙලා ඉන්නත් කම්මැලි නිසා මාත් තාත්තා එක්ක කඩේට ගියා. අපි යනකොට අසාම් කඩේ ඇරලා ශෝ කේස් වලට ස්වීට් ජාති අහුරන ගමන් හිටියේ. එක පැත්තක පැකට් කරපු ස්වීට් ජාතිත් අනික් පැත්තේ පැකට් කරපු නැති ඒවත් තිබුණා. කඩේ දැන් ඉස්සරට වඩා පිළිවෙලයි වගේ. අසාමුත් උදව්වට ඉන්න නිසා වෙන්න ඇති. කඩේට වෙලා ඉන්නකොට තමයි මට තේරුනේ ඇත්තටම තාත්තට ලොකුවට මහන්සි වෙන්න දෙයක් නෑ කියලා. තාත්තා කළේ කැශියර් එකට වෙලා කඩේට එන යන මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න එකයි උත්සව වලට එන ඕඩර්ස් ගන්න එකයි විතරයි. එක අතකට ඒකත් හොඳයි. පුළුවන් කාලේ තාත්තා කඩේට හරි හරියට මහන්සි වුණානේ. දැන් ඉතින් විවේකෙන් වැඩ ටික කරගෙන යන්න ඕනි කාලේ. ගෝල් ගප්පෙ බඳින එකේ ඉඳලා කඩේට එන මිනිස්සුන්ට ඕනි කරන හැමදේම දුන්නේ අසාම්. අසාම් පුදුම කඩිසරකමකින් ඒ හැමදේම පිළිවෙලට කළා. මමත් ඉතින් එහෙන් මෙහෙන් අසාම්ගේ වැඩවලට උදව් කළා. දවල් කෑම වෙලාව ළං වෙද්දි මායි තාත්තයි ගෙදර එන්න පිටත් වුණා. අපි යනකොට මසර් ගෙදර ඇවිල්ලා. ගියපු වැඩේ කරගන්න ඇති. අම්මයි තාත්තයි හිටපු නිසා මං ඒ ගැන මුකුත් අහන්න ගියේ නෑ. ඊයේ කතා කරගත්ත විදියටම අම්මා දවල්ට බත් එක්ක කන්න නිහාරි හදලා තිබුණා. මට විතරක් කන්න පරාටා එක්ක වෙනම නිහාරි පිඟානක් අම්මා ලෑස්ති කරලා තිබුණා. හරිම විදිහට නිහාරි හදන්නේ හරක් මස් වලින් වුණත් මං කන්න කැමති නැති නිසා අම්මා මට විතරක් කුකුල් මස් වලින් නිහාරි හදලා තිබුණා. ඒ වගේම තමයි බත් එක්ක නිහාරි කනවට වඩා පරාටා එක්ක නිහාරි කන්නයි මං ආසම. හීනියට කපලා බැඳපු ඉඟුරු කෑලියි, කොත්තමල්ලි කොළයි, හීනියට කපපු අමු මිරිසුයි නිහාරි පිඟන් දෙක උඩින් දාලා තියෙන ලස්සන දැක්කම කන්නත් කලින්ම මගෙ හිත පිරුණා. අපි කෑම බෙදාගන්න කලින් අම්මා නිහාරි වලට උඩින් දෙහි ඉස්ම ටිකක් ඉස්සා. මසර්නම් කටෙන් කටට අම්මා හදපු නිහාරි වර්ණනා කර කර තමයි කෑවේ. බත් එක්ක කාලා ඉවරවෙලා මසර්, පාරාටා එක්කත් නිහාරි කෑවා. ඒ විතරක් නෙමෙයි නිහාරි වර්ග දෙකේම රස බලන්න ඕනි කියලා මගෙ නිහාරි පිඟානෙනුත් ටිකක් බෙදාගත්තා. මසර් ඒ කන විදියට ඔච්චර බඩේ ඉඩ තියෙනවද කියලත් මට හිතුනා. දවල් කෑමෙන් පස්සේ තමයි මට මසර් එක්ක ටිකක් නිදහසේ කතා කරන්න ඉඩ ලැබුණේ. මං හිතපු විදියට මසර් ගියපු වැඩේ කරගෙන තිබුණා. එයා එන ගමන් සල්ලි ටිකත් බැංකුවට දාලා ආවා කියලා කිව්වා. මසර් ඔය විස්තර කියන වෙලේ මට එයාගෙන් අහගන්න ඕනිම වුණු ඒවා එළියට ආවෙ නෑ. කතාවෙ කොතැනකවත් මසර්, නැන්දා ගැන එක වචනයක්වත් කිව්වේ නෑ. බැරිම තැන මංම මසර්ගෙන් ඒ ගැන ඇහුවා. "කොහොමද නැන්දා එහෙම සනීපෙන්ද?" "හ්ම්ම් ඔව් ඔය ඉන්නේ..." "මයිරාත් හිටියද?.." "ඔව් ඔය හිටියේ.." "මස්සිනාව දැක්කම සතුටු හිතෙන්න ඇති නේහ්..." "ඒ පාර මේ මොකටද ලෑස්තිවෙන්නේ..." මසර් හිනාවෙවී ඇහුවා. "නෑ ඉතින් ගියපු වෙලේ ඉඳන් අම්මයි දුවයි එකතු වෙලා මගෙ අඩුපාඩු කියව කියව ඉන්න ඇති නේහ්.." "එයාලා ඔයා ගැන මොනවත් කියවන්න ආවේ නෑ...අනික මං එහෙ පැය බාගයක්වත් හිටියේ නෑ...මේ අහන්න අයිශා.. මිනිස්සුන්ට ඕනි තරම් දේවල් කියන්න පුළුවන්. අපිට මිනිස්සුන්ගේ කටවල් නවත්තන්න බෑනේ. කියන උන්ට ඕනි දෙයක් කියාගන්න කියලා අපි දැනගන්න ඕනි අපේ පාඩුවේ අපේ ගමන යන්න. අන්තිමට උන්ගෙ කටවල් රිදිලා උන්ට ඇතිවුණු දවසක උන්ම නවත්තයි. අර එදා අක්බර් කියපු ඒවටත් ඔයාගෙ හිත රිදුණා කියලා මං දන්නවා. මං ඔයත් එක්ක කොහොමත් මේ ගැන කතා කරන්නයි හිටියේ. අපිට දරුවෝ නැති එක අනිත් අයට ප්‍රශ්නයක් වුණාට අපි දෙන්නට ඒක ප්‍රශ්නයක් නෙමෙයිනේ නේද?...කෝ උත්තර දෙන්න අයිශා...ඒක අපි දෙන්නට ප්‍රශ්නයක්ද නැද්ද?.." "දරුවෙක් හිටියනම් හොඳයි. ඒත් එහෙම නෑ කියලා මං ඒ ගැන එච්චර ලොකුවට හිතන්නේ නෑ. මට ඉවසන්න බැරිම ඔය පිට මිනිස්සු කියන ක
තා..." නැන්දත් පිට උන් ගානටම දාලා මං කිව්වා. "හරි ඉතින් අපිට ප්‍රශ්නයක් නෙමෙයිනම් පිට මිනිස්සු කියන ඒවා අපි මොකට ගණන් ගන්නවද...අපි උන් කියන ඒවා ගණන් නොගෙන ඉන්නකොට තමයි උන්ට වැඩියෙන් රිදෙන්නේ..." මසර් මගෙ ඔළුව අතගාන ගමන් කිව්වා. මසර් කොච්චර නෑ කියලා කිව්වත් නැන්දයි මයිරායි දෙන්නා එකතු වෙලා දරුවෙක් නෑ කිය කිය මට බනින්න ඇති. එක අතකට ඕවා දැනගත්තා කියලා මට වැඩකුත් නෑනේ. මසර් මාත් එක්ක ඉන්නවනම් කවුරු මොනා කිව්වත් මට මොකෝ. සිකුරාදා උදේම පේශාවර් එයාපෝට් එකට යන්න වාහනයක් තාත්තා ලෑස්ති කරලායි තිබුණේ. වෙනදට වඩා මේ සැරේ අම්මයි තාත්තයි දාලා එන එක මට සෑහෙන්න අමාරු වුණා. ආයෙ ඉතින් කවදා අම්මයි තාත්තයි බලන්න එන්න වෙයිද කියලා කවුද දන්නේ. මගෙ හිත තවත් රිදෙයි කියලද කොහෙද එළියට නොපෙන්නුවට අම්මටයි තාත්තටයිත් ඒක එහෙම්මමයි කියලා මට දැණුනා. කයිබර් මේල් එකේ පේශාවර් එන්න පැය තිස් දෙකක් ගියාට ප්ලේන් එකේ පැය එකහමාරෙන් අපි කරච්චි වලට ආවා. ගමන් මහන්සියක් නම් දැනුනෙම නෑ. දවල් එක විතර වෙද්දි අපි ගෙදර. ගෙට ගොඩ වෙද්දිම වගේ මසර්ට කෝල් එකක් ආවා. "අපේ බයික් එක ගන්න ඉන්න මනුස්සයා කෝල් කළේ. කවදා ආවොත් ගන්න පුළුවන්ද අහනවා. මං කිව්වා දැන් එන්න කියලා. එතකොට ඒ වැඩෙත් ඉවරනේ.." මසර් කිව්වා. කොහොම හරි හිතේ තිබුණු ගානට බයික් එක දෙන්න මසර්ට බැරිවෙලා. "කොහොමත් ඕක පරණ මොඩ්ල් එකක්නේ...කමක් නෑ ඒ ගානට ශේප්" එහෙම කියලා මසර් හිත හදාගත්තා. මම මේ දවස් ටිකේම කළේ රට ගෙනියන්න ගත්ත ඇඳුම් හෝදලා, වේලලා ඒවා අයන් කරන එක තමයි. ගෙදර තියෙන පරණ ඇඳුම් හැම එකක්ම අරන් යන්න ලෑස්ති වෙන්න එපා කියලා මසර් කිව්වා. ඒක නිසා අත්‍යවශ්‍යම ඇඳුම් ටිකක් තියාගෙන අනිත් ඒවා මං අයින් කරලා දැම්මා. පරණ වුණත් අඳින්න පුළුවන් හොඳ ඒවානම් ඔය අහල පහල ගෙවල් වලට දුන්නා. අනිත් ඇඳුම් ඉතින් කුණුගොඩට තමයි. එහෙම විසික් කරද්දිනම් මට අපරාදේ කියලත් හිතුනා. ඒත් ඉතින් අපි මේ ඉන්නේ කුලී ගෙදරකනේ. අපේම කියලා ගෙදරක හිටියානම් ඉතින් මේවා ගෙට දාලා වහලා යන්න තිබ්බනේ. "තව දවස් හතරයි තියෙන්නේ. අපි අද ගෙනියන බඩු ටික සම්පූර්ණයෙන්ම පැක් කරලා ඉවරයක් කරන්න ඕනි අයිශා...." උදේ කෑම මේසෙදි මසර් කිව්වා. "මං ඔයාගෙයි මගෙයි ගෙනියන්න ඕනි හැම ඇඳුමක්ම වගේ නමලා කරලා ඇඳුම් කබඩ් එකට දාලා තියෙන්නේ. ඔයාට තමයි ඉතින් ඕවා පිළිවෙලට පැක් කරන්න තේරෙන්නේ. මං කරන්න ගියොත් ඉතින් බෑග් දහයක්වත් ඕනි වෙයි." මං කිව්වා. පැය දෙක තුනක් තිස්සේ මහන්සිවෙලා මසරුයි මායි, ගෙනියන බඩු ටික ලෑස්ති කරගත්තා. ඇඳුම් වලට අමතරව ටූත් බ්‍රශ්, ටූත් පේස්ට්, ෂැම්පු, කන්ඩිශනර් වගේ දේවලුත් දාගත්තා. ඒවානම් අරන් යන්න ඕනිත් නෑ එහෙන් ගන්න පුළුවන් කියලා තමයි මසර් කිව්වේ. ඒත් ඕවගේ තියෙන ඒවා අපිට එකපාරටම හුරුවෙයිද දන්නෙ නැති නිසා කෝකටත් මෙහෙන් ඒ දේවල් ටිකක් අරගෙන යනවා කියලා මං හිතුවා. අනික ගියපු ගමන් ඒවටත් සල්ලි වියදම් කරන එක අපරාදෙනේ. "අනිද්දා ෆ්ලයිට් එක කීයට තියෙනවා කියලද ඔයා කිව්වේ?.." මසර් කලින් වෙලාව කිව්වට මට හරියට මතක තිබුණේ නෑ. මසර් හිටියේ එයාපෝට් එකට පෙන්නන ඕනි කරන ඩොකියුමන්ට් ෆයිල් එක හදන ගමන්. මහලොකු දෙයක් තිබුණෙත් නෑ ඉතින්. ඔය අපේ පාස්පෝට් දෙකයි වීසා කොපි දෙකයි තමයි තිබුණේ. ඒ වුණාට මසර් හතර පස් පාරක්ම කියව කියව ඒ ටික චෙක් කළා. කොච්චර ඒ වැඩේට අවධානේ තිබුණද කියනවනම් මං කතා කරන එකවත් ඇහුණේ නෑ. පස්සේ මසර් ළඟට ගිහින් තට්ටුවක් දාලා, "මේ අනිද්දා ෆ්ලයිට් එක කීයට කියලද ඔයා කිව්වේ?... මං ආයිම ඇහුවා. "ෆ්ලයිට් එක තියෙන්නෙනම් රෑ එකොලහයි පනස් පහට. හැබැයි ඉතින් පැය දෙකකට කලින්වත් අපි එයාපෝට් එකේ ඉන්න ඕනි. මං කලින් කිව්වා වගේ අඩි උස සෙරෙප්පු දාගෙන සල්වාර් පටලගෙන එහෙම යන්න ලෑස්ති වෙන්න එපා. අර එදා අලුතෙන් ගත්තු සපත්තු දෙක එක්ක සැහැල්ලු කලිසමකුයි ටී ෂර්ට් එකකුයි ඇඳගෙන යන්න. ආ...අත්දිග එකක් අඳින්න. ඒක කෝකටත් හොඳයිනේ. සීතලක් ආවත් ප්‍රශ්නයක් නෑනේ." "දැන් එතකොට එහෙට යද්දි කීය වෙයිද මසර්?" "ම්ම්ම් ගමනට පැය දාසයක් විතර යනවා. බැංකොක් වලත් පැය දෙක හමාරක් වගේ ඉන්න වෙනවා. සිඩ්නි වලට යද්දි පහුවදා රෑ දහය විතර වෙයි." "අපි යන්නේ බ්‍රිස්බන් කියලනෙ ඔයා කිව්වේ...." "ඒක හරියන්නෙ නෑ..එහෙම ගියොත් පැය විසි අටක් විතර යනවා.. නිකන් බොරුවට ප්ලේන් වලයි එයාපෝට් වලයි කාලේ නාස්ති කරනවට වඩා අපි සිඩ්නි ගිහින් දවසක් ඉඳලා ඔපෙරා හවුස් එකත් බලලම බ්‍රිස්බන් යමු..." "ඔයාට ඔච්චරට වියදම් කරන්න සල්ලි තියෙනවද?...කරච්චි එන්න ප්ලේන් ටිකට් වලට සල්ලි දුන්නෙත් අපෙ තාත්තා..අනික ඉතින් ඔය ප්ලේන් එකේ පැය විසි අටක් ගියා කියලා ප්‍රශ්නයක් නෑනේ. පාඩුවේ ෆිල්ම් එකක් බලාගෙන දෙන දෙයක් කාලා බීලා එහෙන්ම දෙන රෙද්දකුත් පොරෝගෙන සැපට සනීපෙට යන්න පුළුවන්නේ..." මං එහෙම කිව්වේ මසර් මෙහෙම බොරු වැඩ වලට වියදම් කරලා ඉඩමෙනුයි බයික් එකෙනුයි හම්බුන සල්ලි නාස්ති කරයි කියලා හිතුන නිසයි. තාත්තගේ කතාව කියද්දි මසර්ට තරහා යයිද කියලත් හිතුනා. ඔපෙරා හවුස් එකේ සිහියෙන් හිටපු නිසාද කොහෙද මසර්ට ඒක ගානක්වත් ගියේ නෑ. "වෙන ගෑණුනම් ඕකේ අනිත් පැත්ත අයිශා...කොහොමද ඔපෙරා හවුස් එක ළඟට ගිහින් ෆීලින් හැපි කියලා ෆොටෝ එකක් ෆ්බී එකේ දැම්මොත්..." "අතේ සල්ලි නැතුව රටට ලෝකෙට පේන්න ඔය විකාර කරන්න මට නම් ඕනි නෑ..." "කවුද සල්ලි නෑ කියන්නේ. මං ඒ ඔක්කොම ගානට මැනේජ් කරගෙන තියෙන්නේ. පොඩ්ඩක් ඔළුව කල්පනා කළොත් වියදම අඩු කරගන්න ඕනි තරම් ක්‍රම තියෙනවා..." මසර් ඇඟිල්ලෙන් ඔළුව පෙන්නන ගමන් කිව්වා. "හරි දැන් ඕවට වියදම් කරලා බ්‍රිස්බන් ගිහින් අපිට ඉන්න තැනක් හොයාගන්න සල්ලි තියෙනවද?..." "ඒවා ඔක්කොම හරි අයිශා....ගියපු ගමන් අපිට එහෙ නවතින්න තැනක් හොටෙල් එකෙන් දෙනවා. එතන ඉන්න ගමන් ගෙයක් රෙන්ට් එකට හොයාගන්න තියෙන්නේ. අනික එයාලා සතිය ගානේ සැලරි දෙනවනේ....හරි හරි දැන් ඕවා කතා කරා ඇති මට යන්න පරක්කු වෙනවා..." "මේ හදිස්සියේ කොහේ යන්නද?.." "ඇයි සල්ලි මාරු කරගන්නෙ නැද්ද...මං ඒ වැඩෙත් කරගෙන අනිද්දා රෑට එයාපෝට් යන්න ටැක්සියකුත් කතා කරලා තියලා එන්නම්. ආයෙ හෙට කොහේවත් ඇවිදින්න කරන්න බෑ. ගෙදරට වෙලා නිදහසේ ඉන්න ඕනි. ඔයාටත් මොනාහරි ගේන්න තියෙනවනම් මේ ගමන්ම කියන්න. හෙට එහෙම අරක ගේන්න ඕනි මේක ගේන්න ඕනි කියන්නනම් එපා..." මසර් යන්න ලෑස්ති වෙන ගමන් කිව්වා. "මටනම් මොනවත් ඕනි නෑ. හෙට හැබැයි ගෙදර පොඩ්ඩක් අස් කරලා දාන්න වෙයි. ගෙවල් අයිතිකාරයා හෙට හවස් වරුවේ එනවා කිව්වා නේද?.." "හ්ම්ම්ම් හෙට උදේට දෙන්නම එකතු වෙලා අස් කරමුකෝ..." මසර් හිනාවෙලා කිස් එකකුත් දීලා යන්න ගියා. වෙනදට කොයි වෙලෙත් පැත්තක් බලාගෙන මූණේ හිනා පොදක් නැතුව කල්පනා කර කර ඉන්න මසර්ගේ මූණ දැන් කොයිවෙලාවේ බැලුවත් හිනාවෙන් පිරිලා. රට ගිහිනුත් ඔය හිනාව ඔය විදියටම තියෙන්න ඕනි කියලා මසර් යන දිහාව බලාගෙන මං දෙවියන්ගෙන් ඉල්ලුවා. මතු සම්බන්ධයි. බුද්ධි ජයවීර. ( කතාව කියවලා අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති. පිළිතුරු නොලියනවාට සමාවෙන්න )අග්නි..! - සියල්ල අළු දූලි කරන්නේ වෙයි - ගණ අන්ධකාරය මැදින් ඇසුනේ සෙමින් වැදෙන අස් කුර හඬකි. මහා වනාන්තරයත්, ගම්මානයත් අතර මායිමේ පිහිටි බිම් කඩ තැනින් තැන සැදුණු කැලෑ රොදවලින් වැසී තිබුනේය​. තවත් පියවර කිහිපයක් සෙමෙන් ඉදිරියට අසුන් මෙහෙයවූ අසරුවෝ එක් තැනක්දී නතර වූහ​. ඉදිරියෙන් ගමන් කළ අසරුවා, තම අශ්වයාගෙන් බිමට බට අතර​, දෙවැනියාද ඔහු අනුගමනය කරමින් බිමට බැස්සේය​. "අන්න අර පේන්නේ​" පළමුවැන්නා අතක් ඉදිරියට දිගු කළේය​. "ඔබ වහන්සේට පේනවද​? ඒක තමා නියම තැන​!" අඩවන් සඳ එළියෙන් ඔහු පෙන්වූ දිශාව දෙස බැලූ දෙවැන්නාට අඩක් ගරා වැටුනු නිවසක වහලය සහ අඳුරු ඡායාව දැකගත හැකි විය​. දුගී දුප්පත් ගම්මුන් ගේ කුඩා පැල්පත් වලට වඩා ප්‍රමාණයෙන් බෙහෙවින් විශාල වූ සහ හැඩයෙන් වෙනස් වූ එය සුඛෝපභෝගී මැඳුරක ක්‍ෂුද්‍ර ආක්‍රුතියක් බඳු විය​. ගුරු පැහැති පාෂාණ වලින් කෙරුණු ආරුක්කු කිහිපයකින් ඉදිරිපස පිවිසුම ගාම්භීරව නැඟී සිටියේය​. පහළ තට්ටුව පුළුල්ව සහ දිගැටිව විහිදුණු අතර රතු පැහැ උළු සෙවිලි කොට තිබිණි. එහි මැද කොටසට ඉහළින්, අලංකාරව නැඟුණු පටු සහ උසැති උඩු මහළක් විය​. ගොඩනැඟිල්ලේ දෙපසම ගරා වැටී, බොහෝ තැන්වලින් හුණු සහ තීන්ත ආවරණ ගැලවී බිඳුණු රතු පාෂාණ නිරාවරණය වී ඇති සැටි අඩ අඳුරේ වුවද පැහැදිලිව දැක ගත හැකි විය​. දෙවැනි අසරුවා තම තියුණු බැල්ම පළමුවැන්නා දෙසට හැරවීය​. පළමුවැන්නා සිය හිස්වැස්ම ගැලවීය​. " කුමරුනි, මේක තමයි මේ මොහොතේ සුදුසුම විසඳුම​! අපේ මුළු රාජධානියේම ඇති දියමන්ති - මුතු මැණික් - රත්‍රන් වලටත් වඩා වටිනා ඒ වස්තුව අප අසළ​, අපේ කූඩාරම් වල තබා ගැනීමත් ඉතාම භයානකයි වගේම, විශ්වාසවන්ත විදිහට සඟවන්න පුළුවන් කෙනෙක්වත්, තැනක් වත් නැහැ. අපේ බල සේනා ඇතුලෙ, මේ වනාන්තරය පුරාම වගේම ප්‍රාන්තය පුරාම හතුරු ඔත්තු කාරයො. ලැබිල තියෙන තොරතුරු අනුව, අපේ හැම තිප්පොළක්ම පාහේ උන් දන්නව වගේම, නිරන්තරයෙන්ම නිරීක්‍ෂණය කරනවා. මේ ගමන මම ඔබ වහන්සේව එක්කගෙන ආවෙත් ඉතාම රහසිගත පාරකින්. මේ ගම් පලාතෙ හැදුණු වැඩුණු අපි ඇරෙන්න වෙන කිසිම මනුස්ස ප්‍රාණියෙකුගේ ඇහැ නොගැටුණු මාර්ගයකින්." "සුලක්ඛණ​..!" කුමරු ඔහු ආමන්ත්‍රුණය කළේ ගැඹුරු හඬිනි. "මට ගත කරන්න ඕන දවස් තුනයි. හරියටම දවස් තුනයි. අපේ දකුණු සේනාංකය ඔහොම්මම පසු බැස්සාවෙ. පසු බැහැලා තුන්වෙනි දවසෙ රෑ සරයු ගංගාවෙන් එතෙර උනාවෙ." "ඔව්, තුන්වෙනි දවසෙ රෑ.." සුලක්ඛණ සෙනෙවි රහසින් තෙපළීය. "අපි මේ බ්‍රහ්මාස්ත්‍රයත් අරගෙන රතු බලකොටුවට ගමන අරඹමු. ඔබ වහන්සේගේ හිතේ තියෙන හැම දෙයක්ම ඒ විදිහටම ඉෂ්ට කරන බවට කරන මේ සුලක්ඛණ සෙනෙවිගේ පොරොන්දුව පිළිගන්න​." සුලක්ඛණ සෙනෙවි සිය බඳ කුමරු දෙසට හරවා, ආචාරය පිණිස නැමීය​. "මේ දවස් තුන, එක සජීවී ප්‍රාණයක ඇහැක නොගැටී, ගණ අන්ධකාරය අස්සෙ
නිදන්ගත වෙලා, මේ වස්තුව මෙහෙ තිබුණාවෙ." "උඹට හොඳටම විස්වාසද?" කුමරු ඇසුවේ මඳක් සලිත වුණු ස්වරයෙනි. "මම ඔබවහන්සේට කිව්වා වගේ, පෝයකට දෙවාරයක් අඩුම කුඩුම සපයන්න මෙහෙ එන අපේ සේවකයෙක්, සේවිකාවක් ඇරෙන්න බලු බල්ලෙක් නෑ මෙහෙ. ඒ එන සේවකයෙක් සේවිකාවක් උනත් දොරෙන් එහාට ඇය ගන්නේ නැහැ. බිහිරි උනත්, මහළු වුණත් මගේ නැන්දණිය තවම හොඳින් තමන්ගේ කටයුතු කරගන්නවා" කුමරු සෙමෙන් හිස වැනූ අතර​, දෙදෙනා සිය අසුන් ළඟ තිබූ ගසක ගැට ගසා දමා ඉදිරියට ගියහ. පාෂාණයෙන් නිර්මිත, අඩක්ම ගරා වැටුණු මඳක් උස් තාප්පයක්ද, මළ බැඳී ගිය ඉපැරණි ලෝහ ගේට්ටුවක්ද විය. කිරි-කිරි හඬ නංවමින් ගේට්ටුව විවර කළ ඔවුහු, උස් තණ පදුරු - වල් පඳුරු වැවී කැලෑවටම සින්න වෙමින් තුබූ විශාල ගෙමිදුල හරහා ගොඩනැඟිල්ලට ළඟා වූහ​. ****************************************************************** බ්‍රින්දා දේවී වම් පසින් හුන් කාමරයක​, පැරණි ලී ඇඳක් මත වැතිරී සුව පහසුව නිදා උන්නාය​. නෑ කමින් ඇය සුලක්ඛණ සෙනෙවිගේ නැන්දණියය​. ඉපදී හැදී වැඩුණු මේ ගම් තුලානෙහි පමණක් නොව, මුළු මහත් ප්‍රාන්තයෙහිම සුපතල කීර්තියක් දැරූ අශෝක මහ සෙනෙවිතුමාගේ එකම දියණිය වූ ඇය, මීට වසර හතළිහකට පනහකට පමණ පෙර අතීතයේ, දුටු දුටුවන් මන නුවන් පැහැර ගන්නා ඉතා රූබර​, සුකුමාළ තුරුණු කුළ දියණියක වූවාය​. සිය ප්‍රාන්තයේ පමණක් නොව දේශය පුරාම වංශවත් කුල පවුල්හි ඉතා කඩවසම්, හමුදා ධුරන්ධර තරුණයෝ රැසක් ඇගේ අත ගන්නට සිහින මැවූහ​. නමුත් අවාසනාවක මහත! මනහර සුකුමාළ බ්‍රින්දා දේවිය, එවකට අශෝක මහ සෙනෙවිගේ පවුලේ කුමාරවරුනට අසුන් පුහුණුකළ අශ්ව චක්‍රවර්ති දබ්බෝල මහ ගුරුගේ තුරුණු පුත් විශ්වමිත්‍ර සමඟ පෙමින් වෙලුණාය​. මුළු දිනය පුරාම අශ්වයන් සමඟ පිටිය පුරා පොර අල්ලමින්, නාහෙට නාහන තුරුණු, නාඹර, දඩබ්බර අසුන් සමඟ කරට කර සටන් කරමින් උන් මෙල්ල කරන විශ්වමිත්‍ර, ඉඳහිට දිනෙක අයියණ්ඩිලාගේ සරඹ බැලීමට පිටියට යන බ්‍රින්දා දේවියගේ ඇස ගැටෙයි. දුහුවිල්ලෙන්, දාඩියෙන් නැහැවුණු, යහමින් වැඩුණු මස්පිඬු ගත පුරා ඉල්පුණු විශ්වමිත්‍ර, බ්‍රින්දා දේවියට දිස් වූයේ හැඩි දැඩි, රළු පරළු, සා පිපාසාවෙන් පෙළෙන දුඹුරු පැහැ අශ්වයෙකු ලෙසය​. මේ සිතුවිල්ලම ඇගේ මුවට වරින් වර සිනා නැංවූ අතර​, වසන්තයේ එක්තරා දිනෙක විශ්වමිත්‍ර ඇගේ මඳහස දිටීය​. ඉතා සෙමෙන් සහ ඉතා සොරෙන් ආලය වැඩුණු නමුදු, කැස්ස සහ ආලය සඟවන්නට නොහැකිය​. විශ්වමිත්‍ර සමඟ බ්‍රින්දා දේවී පෙමින් බැඳී ඇති පුවත අශෝක මහ සෙනෙවි දරා ගත්තේ ප්‍රකෝපයෙන් වෙවුලාගොස්, පසෙකින් වූ පළිඟු පහනක් කුඩු පට්ටම් වී යන්නට පයින් පහරක් දෙමිනි. දබ්බෝල මහ ගුරාගේ සහ එම පවුලේ සේවය එතැනම අත් හිටුවන ලද අතර​, විශ්වමිත්‍රට එදින රාත්‍රියේ පිරිසක් ඇටකටු කුඩුව යන්නට පහර දී, ඔහුගේ අඩක් මිය ගිය සිරුර ගිනි තබා පුළුස්සන ලදී. මරණ බියෙන් භ්‍රාන්තව ගිය දබ්බෝල පවුලේ ඉතිරියෝ මහ හිමය මැදට පලා ගියහ​. බ්‍රින්දා දේවිය මැඳුර තුළ සිර කරන ලද්දාය​. බොහෝ අඩන්තේට්ටම් වලට ලක්වුවද​, ඇගේ ඉමහත් ශෝකයට හේතු වූයේ සිය ප්‍රියයාගෙන් කිසිදු ආරංචියක් නොලැබීමම පමණි. ඇයව වහ වහා විවාහ කරදෙන්නට කටයුතු යෙදිණි. බ්‍රින්දා දේවී මළ කඳක් සේ සිය කාමරය තුළ, ඇඳ මත වැතිරී සිටි අතර, කිසිවකට ඇස හැර බැලුවේ නැත​. ඇය බැලීමට පැමිණි කුලවත්, වංශවත් තරුණයනට යළි හිස් අතින් හැරී යන්නට සිදු වූයේ තර්ජනය කිරීම්, බැණ අඬගැසීම්, කුරිරු පහරදීම්, මේ කිසිවකට ඇයව ඇඳෙන් ඔසවා ගත නොහැකි වූ නිසාය​. අශෝක මහ සෙනෙවි ඇතුළු පවුල ඇගේ ශෝකය සහ සාංකාව සන්සිඳෙතැයි බලා සිටියහ​. පෝයක්​, දෙකක්, තුනක්, දහයක්, පාලොහක්, අවසන ගණන් කළ නොහැකි තරම් දිගු කාලයක් බලා සිටීමෙන් අනතුරුව, ඇයට විශ්වමිත්‍ර පිළිබඳ සත්‍යය හෙළිකළ යුතුයැයි මහ සෙනෙවි තීරණය කළේය​. ඇයට වඩාත්ම ළඟ සොහොයුරා වූ වර්ධමාන කුමරු හට ඒ වගකීම පැවරිණි. එක්තරා රාත්‍රියක​, මැර පිරිස විසින් සාක්‍ෂි පිණිස ඔවුනට දුන් අළු කොතලය සහ දිවි තොර කිරීමට පෙර විශ්වමිත්‍රගෙන් ඉවත්කළ ඔහුගේ ඇත් දළයෙන් සහ අශ්ව කෙන්දෙන් කළ අත් පළඳනා සහ ගෙල පළඳනාද රැගෙන වර්ධමාන බ්‍රින්දා දේවියගේ කුටිය තුළට පිවිසුණේය. සියල්ල දිග හැරුණු අවසන ඕ තොමෝ සිහිසුන්ව ඇද වැටුණාය​. පසුදා උදෑසන බ්‍රින්දා දේවියගේ දෑස් දහවල් වනතුරුම පියවී තුබූ අතර​, සේවිකාවනගේ භීතියට පත් කෑ ගැසීම් මැද ඇය දෑස් විවර කරන විට ඒවා ලේ රත් පැහැ වී විශාල වී තිබිණි. සේවිකාවන් පැවසූ කිසිදු දෙයක් ඇසුණු බවක් නොපෙනුණු අතර​, ඇය බලා ගත් අත බලා හුන්නාය. වහ වහා වෛද්‍යවරයා කැඳවන ලදී. බොහෝ වෙහෙස මහන්සි වී කළ පරීක්‍ෂණයක අවසන, බ්‍රින්දා දේවිය බිහිරි වී ඇතැයි ෛවද්‍යවරයා නිගමනය කළේය. කිසිදු පැහැදිළි හේතුවක් කිව කොහැකි නමුදු, දිගු කාලයක් තිස්සේ විඳි අපමණ දුක් පීඩා අවසන ලැබුණු ඉතා දරුණු ආරංචියෙන් ලද කම්පාව ඇයව බිහිරි කරවන්නට ඇතැයි යන්න පසුව ඇය විමසීමට සැපත් වූ රාජකීය ජීවකතුමාගේද නිගමනය විය​. රූබර බ්‍රින්දා දේවිය බිහිරි වී ඇති බැව් ලැව් ගින්නක් සේ පැතිර ගියේය. ඇගේ අත ගන්නට පැතූ කුමාරවරු අපේක්‍ෂා භංගත්වයට පත්වූහ​. ඇගේ අතපතා එන පණිවිඩ නැවතුනා පමණක් නොව​, අශෝක මහ සෙනෙවිගේ මැඳුරෙන් ඇතැම් ප්‍රභූ තරුණයනට කරන ලද ඇරයුම්ද නොසලකා හැරෙන ලදී. ************************************************************** වසරෙන් වසර ගෙවෙද්දී, අශෝක මහ සෙනෙවිගේ පුත්‍රයෝ රණකාමී සෙබළුන් වී රාජකීය යුධ බලකාවල ඉහළම තැන් වලට පත්වූහ​. අනුක්‍රමයෙන් විවාපත් වූහ​. වර්ධමාන කුමරු, සෙනෙවි බවට පත්වී, කුළ කුමරියක සමඟ විවාපත් වී, සුලක්ඛණගේ පිය වරය ලැබුවේය​. බ්‍රින්දා දේවිය මැඳුරේ කොණක විසුවාය​. දෑස්-දෑත් සංඥා මාර්ගයෙන් අත්‍යවශ්‍යම අවස්ථාවලදී දැසි දැස්සන් ආදීන් සමඟ පණිවිඩ හුවමාරු කරගැනීමට ඇය පුරුදු වූවත්, මව්පියන් සහ පවුලේ අනෙකුත් අය සමඟ ඇගේ සබඳතා යළි කිසි දිනක අලුත් නොවීය. නමුත් කාලය ගතවත්ම​, වර්ධමානට ලිපියක් ලියා ඇය දැන්වූයේ එකම දෙයකි. එනම්, හැකි නම්, ගම්මානයේ කෙළවරකින්, මහ වනය මායිමේ, එමෙන්ම නටරාජා දෙවියන් වෙනුවෙන් තැනුණු ඉපැරණි ආශ්‍රමය අසළින්ම​, හැකිනම් ඇයට නිවහනක් තනාදෙන ලෙසයි. ආරක්‍ෂාවට සහ සේවයට දැසි දැස්සන් දෙතුන් දෙනෙකු සමඟ තමාට අස්වැසිල්ලෙන් සහ සිතේ සැනසීමෙන් එහි ජීවත් විය හැකි බව ඇය තම සොහොයුරාට ලිව්වාය​. මහළුව යමින් සිටි සිය පියාගෙන් මඳ විරුද්ධත්වයක් නැඟුණද​, එවකට පවුලේ නිල නොලත් නායකත්වය හෙබවූ වර්ධමාන සෙනෙවි එම ඉල්ලීම වහා ඉටු කිරීමට පියවර ගත්තේය​. සිය පවුලේ බූදලයකට අයත් වූ ඉඩමකින් කොටසක් ගෙන​, කුඩා නමුත් ඉඩකඩ සහ සුව පහසු ඇති නිවහනක් කඩිනමින් ඉදි කළ ඔහු බ්‍රින්දා දේවිය එහි පදිංචියට යන විට ඈ තෝරාගත් සේවක සේවිකාවන් කීප දෙනෙකුද ඈ සමඟ පිටත් කර හැරියේය​. ඔවුනට අවැසි ආහාර පානද පවුලේ කුඹුරු සහ වතුපිටි වලින් සැපයෙන පරිදි ක්‍රම යෙදුණි. එයිනුත් දශක දෙක තුනක් ගෙවෙන තැන​, බ්‍රින්දා දේවිය හුදකලාවම ප්‍රිය කලාය​. ඇයත් සමඟම මහලු වූ සේවක සේවිකාවන් සිය ගම් දොරවලට පිටත් කල ඇය​, අලුතෙන් කිසිවකු ගැනීමද ප්‍රතික්‍ෂේප කළාය​. බලාකියා ගැනීමට​, නිසි නඩත්තුවට කිසිවකු නොමැති වූ බැවින් සහ ඇය කිසිවකුට ඉඩ නොදුන් බැවින්, ගොඩනැඟිල්ල ජරාවාස වී ගොස් ගරා වැටීමට පටන් ගත්තේය​. කලෙක අලංකාර කුඩා තුරු වදුළු, මල් වැල් වලින් ගැවසුණු නිවස වටා ඇති උද්‍යානය කැලෑවට වැවී ගියේය​. රැයට දල්වන පහනක් දෙකක් හැරුණුකොට, අඳුරේ ගිලුණු දැවැන්ත භූතාත්මයක් සේ රාත්‍රියට එම ගොඩනැඟිල්ල දිස්වුණි. *************************************************************** ආරුක්කු වලින් සැරසුණු වැරැන්ඩාව හරහා ගිය සුලක් ඛණ සෙනෙවි, ඉපැරණි නමුත් ශක්තිමත් ලීයෙන් කළ දොර තල්ලු කලේ සැකයෙනි. දොරෙහි එක පළුවක් විවර විය​. ඉන් ඇතුලු වූ සුලක්ඛණ සෙනෙවි, කුමාරයාටද ඇතුළු වීමට සංඥා කලේය​. හාත්පස අන්ධකාරයේ ගිලී තිබිණි. කුඩා ආලෝකයක් නික්මුණු ඇතුළු කාමරයකට සෙමෙන් එබී බැලූ ඔහුට සිහින් ස්වරයෙන් ගොරවමින් නිදා සිටින සිය නැන්දණිය දිස්විය​. මිනිත්තු කිහිපයක් කටයුත්තට හොඳටම ප්‍රමාණවත්‍ය​. කාමරයේ තිබූ පහන ගෙන සෙමෙන් ආලින්දයට පැමිණි ඔහු, බිත්තියක් පාමුළ දණ ගසා ගෙන එය මනාව පිරික්සන්නට විය​. එක තැනක තම අත නතර කළ ඔහු, ඉනේ ගසා ගෙන සිටි දැඩි ලෝහ කූරක් අතට ගෙන සෙමෙන් එහි පාෂාණ කිහිපයක් බුරුල් කරන්නට විය​. මුලින් දැඩිව තිබුණද​, උල් ලෝහ කටුවේ දැඩි පහරවල් සමඟ ගඩොල් කිහිපයක් බුරුල් වනු පෙණිනි. හෙතෙම පරෙස්සමින් එම ගඩොල් කිහිපය ඉවත් කොට​, මෙතෙක් වේලා නොඉවසිල්ලෙන් එහා මෙහා බලමින් හුන් කුමරු දෙසට සුරත පෑවේය​. කුමරු සිය බඳ පටියේ රහස් පැසක් තුළට අත යවා ඉවතට ගත්තේ අකුරු පේළි කිහිපයක් එබ්බවූ තරමක් ගණ රන් පත්‍රයකි. එදෙස මොහොතක් වේලා දෙගිඩියාවෙන් බලා සිටි කුමරු, ඊළඟ මොහොතේ එය සුලක්ඛණගේ අතට දුන්නේය​. සුලක්ඛණ​, එය ඉතා ප්‍රවේශමෙන් හිදැස තුළ තබා, යළිත් ගඩොල් වලින් වැසුවේය​. එහා මෙහා විසිරී වැටුණු ගල් මුල් කැබලිද පිරිසිදු කොට​, ගඩොල් පාෂාණ පෙර පරිදිම සකසා හිස එහා මෙහා හරවා බැලූ ඔහුට, බිත්තියේ එම ස්ථානයේ කිසිදු වෙනසක් දැකගතහැකි නොවීය​. අනතුරුව පහනත් සමඟ නැඟීසිටි සුලක්ඛණ​, සෙමෙන් පා තබා සිය නැන්දණියගේ කාමරයට ඇතුළු වූවේය​. ඇය පෙර පරිදිම සුව පහසුවෙන් නිදා සිටී. තෙල් දැවී නිම වී යාමට ආසන්න පහන පෙර පරිදිම කනප්පුව උඩ තැබූ සුලක්ඛණ කාමරයෙන් නික්ම ආ අතර​, දෙදෙන පිටවී ගියෝය. *************************************************************** යුද්ධය උණුසුම් වෙමින් තිබිණි. නැඟෙනහිර සේනාංක ආධාර රැගෙන එකතු වනතුරු කුමාරයාගේ දකුණු සේනාව පසුබැසිය යුතුව තිබිණි. සරයු නදියෙන් එතෙර වීමත් සමඟ ඇති ගිරි හෙල් වලින් බහුල අවදානම් කලාපය කුමාරයාගේ සෙබළුනට හොඳින් හුරු පුරුදු අඩවියක් බැවින්, සරයු නදිය තෙක් පසු බැස එයිනුත් එතෙර වූ පසු දකුණු සේනාංක තරමක් ආරක්‍ෂිත වනු ඇත​. සරයු නදිය තරණය කිරීමේ උපාය මාර්ග විසඳා ගැනීමට සතුරනට තරමක ක
ාලයක් අවශ්‍ය වීම සිකුරුය​. සිය සේනාංක සරයු නදිය තරණය කරනවා හා සමඟම, අලවුදීන් ඛාන් අධිරාජයාගෙන් ලද ඒ ඓතිහාසික අති විශේෂ පණිවිඩයත් රැගෙන​, ඒ සඳ එළියේම​, ඉතා රහසිගත වංකගිරියක් මැදින් සුලක්ඛණ සෙනෙවි සමඟ රතු බලකොටුවට අසු එළවන කුමාරයා, විශේෂ අවසරයක් මත රතු බලකොටුවට ඇතුළුවනු ඇත​. නොඉවසිලිමත් දින දෙකක් ගෙවිණි. තුන්වන දින සවස වනවිට, දරුණු සතුරු ප්‍රහාර මැඬලමින්, හී වරුසා මැදින්, ආරක්‍ෂක වළල්ල තුළට කඩාවැදි විශාල අස් ප්‍රහාරක සේනාවක් සී සී කඩ විසුරුවා හරිමින්, ආරක්‍ෂාකාරී ලෙස සරයු නදිය දෙසට පසු බසින්නට කුමාරයාගේ හමුදාවට හැකිව තිබිණි. සරයු ගංගාවේ වැලි ඉවුරු දෙපාර්ශවෙයේම සෙබළුන් ගේ හිස් සහ හිස් සුන් කඳන් වලින් වැසී, රතු රුධිරයෙන් පෙඟී ගොස් තිබිණි. රාත්‍රී අන්ධකාරය කෙමෙන් දැඩි වත්ම සුලක්ඛණ සෙනෙවි, කුමරු සමඟ මහා වනාන්තර මායිමට අසු මෙහෙයවීය​. පුරුදු පරිදි නිශ්ශබ්දවම අසුන් ගැට ගැසූ දෙදෙන​, නිශ්ශබ්දවම නිවසට ඇතුළු වූහ​. සුපුරුදු ලෙසම බ්‍රින්දා දේවිය නිදා සිටියාය​. පහන අතට ගත් සුලක්ඛණ​, බිත්තිය වෙතට ගොස්, එය ඉදිරියේ හිඳගෙන බිත්තිය පිරික්සන්නට විය​. ඔහුගේ දෑතට ලිහිල් ගඩොල් හමුවිණි. ගඩොල් කිහිපය අතට ගෙන බිමින් තැබූ ඔහු, විවරයට අත යැවීය​. එක් වරම ඔහුගේ සිරුර තිගැස්සී ගියේය. අත නැවතත් එහා මෙහා යැවූ ඔහු, පහන අතට ගෙන කුහරය දෙසට ගෙන ගියේය​. ඔහුගේ දෑතේ වෙව්ලීම නිසා භූමි කම්පාවකදී මෙන් පහන සෙලවිණි. මොහොතකට පසු ඔහු හිස ඔසවා, මෙතෙක් වේලා ඉමහත් කුතුහලයෙන් තමා දෙස බලා හුන් කුමරු දෙසට හැරවීය​. " කු..කුමරුනි..!" "ම​..මම හිතන්නෙ මට තැන වැ..වැරදුනා..!" කුමරුගේ උගුර යටින් නැඟුණේ සිහින් ගෙරවීමකි. පහන අතට ගත් සුලක්ඛණ​, බිත්තිය පුරා සිය ගැහෙන සුරත යැව්වේය​. "ඒත්..ඒත්..මෙතන තමයි. මෙතන විය​..විය යුතුමයි..! දොරෙන් පියවර දහයක්..දහයක් වමට​. අර..අර​.. ප්‍රතිමාවෙන් පියවර​..පියවර හතක් ඉදිරියට​.." ඔහු තමාටම කියවා ගත්තේ උමතුවෙන් මෙනි. "මෙතන ගඩොලුත් බුරුල්..හරියටම ගඩොල් තුනක් බුරුල්..! වෙන තැනක්..වෙන තැනක්.." සුලක්ඛණ බිත්තිය පුරා දෑත් යැව්වේය​. "සුලක්ඛණ​..!" කුමරු ගිගිරුවේ සිය උගුර යටිනි. ඔහුගේ දත් එකිනෙක ගැටෙන ශබ්දය සුලක්ඛණට ඉතා පැහැදිලිව ගණ අඳුර පසාරු කරගෙන ඇසුණි. "දොරෙන් වමට පියවර දහයයි. ප්‍රතිමාවෙන් ඉස්සරහට පියවර හතයි!" කුමරු පැවසුවේ ඉතාම නිරවුල්, හී තල පහරකට වඩා තියුණු ස්වරයෙනි. "එ..එහෙමයි..!" සුලක්ඛණ පැවසීය​. "ඔබ..ඔබ වහන්සේ ඉදිරියෙදිමයි මම සලකුණු කරගත්තේ..!" උල් කටුව අතට ගත් සුලක්ඛණ ඒ අවට ඇති ගඩොල් සාරා දමන්නට පටන් ගත්තේය​. ඒවා ගැලවී වැටෙද්දී ඒ කුහර තුළට අත දමමින්, පහන් එළිය ගෙනයමින් පිරික්සන්නට විය​. සියොළඟම වෙවුලා යද්දී බිම දිගා වූ ඔහු, දෑතින්ම බිත්තිය බදමින්, අතට හසුවන ගඩොල් කැබලි උදුරා දමන්නට තැත් කරමින් යමක් තොල මතුරන්නට වූයේ උමතුවෙනි. කුමාරයාගේ මුළු ශරීරයම දරදඬු විය​. දත් එකට ගැටෙන්නට පටන් ගත්තේ කිටි කිටි හඬ නඟමිනි. දෑස් කහ පැහැති දුමාරයකින් වැසී යන්නාක් බඳු විය​. ඊළඟ ක්‍ෂණයේදී සිය අසිපත ඉහළට ඇද ගත් කුමරු, සුලක්ඛණ සෙනෙවියාගේ හිස දෙකඩ කළේය​. ******************************************************************* පසලොස්වකට පිරීමට පටන් ගෙන තිබූ සඳෙහි ආලෝකය කැඩී බිඳී ගිය ඉපැරණි වහලයේ අහු මුළු අතරින් නිවස තුළට කාන්දු වෙමින් තිබිණි. සුලක්ඛණ සෙනෙවියාගේ හිස නිසලව එක් කොණක වැටී තිබුණු අතර කවන්ධයෙන් තවමත් උණුසුම් ලෙය ගලමින් තිබිණි. බ්‍රින්දා දේවිය නිමා වන්නට ආසන්න වූ පහනට තෙල් ටිකක් පුරවා, පුටුව කුඩා මේසයට තවත් ළං කොටගෙන හරි බරි ගැහුණාය​. තීන්ත කූඩුවෙහි ඇති උකු තීන්ත මිශ්‍රණයෙහි පන්හිඳ ගිල්වා ගත්තාය​. ආදරණීය විශ්වමිත්‍ර​, බන්ධනයෙන් මිදී සුව සේ සැතපෙන්න​. ගණන් කළ නොහැකි තරම් දීර්ඝ කාලයක් මුළුල්ලේ මා ජීවිත පූජාවෙන් එල්බ සිටි අරමුණ අද ඉෂ්ට වී අවසානයි. ඔබගේ අළු කොතලය​, මා හැමදා මහත් ආදරයෙන් ගෞරවයෙන් සිප ගත් ඔබේ අත පළඳනා සහ ගෙල පළඳනා සමඟ මට පෙන්වූ දා රෑ, උන් ගේ පරපුරේ එකෙකුගෙන් හෝ රුධිරයට රුධිරයෙන් මා පළිගන්නා දිනය එනතුරු, මේ කුරිරු ලෝකයේ සියළු උන් සමඟ ඇති සියළු සබඳතා මරා දමා බිහිරි ගැහැණියක සේ ජීවත් වන්නට​, බිහිරි වෘත්තාව සමාදන් වන බවට ඔබ සහ මාගේ නටරාජා දෙවිඳුන් අභිමුව දිවුරා පොරොන්දු වූවා මතකද​? ලෝකයෙන් අපමණ දුක් ගැහැට​, කෙනෙහිළිකම් ලැබූවද​, ලෝකයෙන් පාපිස්නාවක් සේ අවමන් ලැබූවද​, මගේ දිනය එනතුරු ඉවසීමෙන් මා බලා සිටියා. එදා රෑ, ඉතා සුවබර නින්දක සිටියදී මා එකවරම තිගැස්සී අවදි වූයේ සුලක්ඛණගේ කටු මිටි පහරට නොව​, ඔබ මගේ දෙකම්මුල් මත තැබූ ප්‍රේමණීය හාදුවල උණුසුමට බැව් මට සපුරා විශ්වාසයි. ඉදින් මගේ ප්‍රිය වල්ලභයාණනි, ඔබව මරා පුළුස්සන්නට සතුරන් යැවූ වර්ධමානගේ සදාදරණීය සුජාත පුත්‍රයාගේ රුධිරයෙන් මගේ නළල මත ඇඳි මේ තිලකය දෙස බලා සමාදානයේ සැතපෙන්න​." තවත් මොහොතක් තල්පත දෙස බලා හුන් බ්‍රින්දා දේවිය එය පහනෙහි සිලට අල්ලා ගිනිබත් කළාය​.Aussi අයිශා - 06 කොටස කතාව කොතනින්ද පටන් ගන්නේ කියලා හිතාගන්න බැරුවයි මං හිටියේ. එකපාරටම තාත්තගෙන් ටිකට් ගැන අහන්නෙ නැතුව වෙන මොනාහරි කතා කරන්න ඕනි කියලා මං හිතුවා. "තාත්තේ.... තාත්තා ඔය ටික කපනකම් මං මේ කපලා තියෙන බර්ෆි කෑලි ටික පැකට් කරන්න ගන්නද?..." මං තාත්තගෙන් ඇහුවා. ඉස්සර ගෙදර ඉන්න කාලේ තාත්තා හදන ස්වීට් ජාති පැකට් කළේ මං. ඊටපස්සේ ඒ වැඩේ අම්මට පැවරුණා. දැන්නම් ඉතින් අසාම් ඇවිල්ලා ස්වීට්ස් හදන්න උදව් කරනවා කියලා අම්මා කිව්වනේ. හදලා ඉවරවෙලා මේවා පැකට් කරන වැඩේටත් උදව් වෙනවා ඇති. "මේවා කඩේට නෙමෙයි අයිශා..හෙට තියෙන උත්සවේකට යවන්න. තව ටිකකින් අසාම් එයි. මං එයාට කිව්වා මේවා අහුරන්න වෙනම පෙට්ටි ගේන්න කියලා. ගෙදර ඒවා ඉවර වෙලා.." තාත්තා කිව්වා. උත්සව වලට ස්වීට්ස් ජාති යවනකොට අපි ඒවා පාට පාට ලස්සන කාඩ්බෝඩ් පෙට්ටි වල අහුරලා යවන්නේ. හැබැයි ගුලාබ් ජාමුන්, රස්ගුල්ලා වගේ සිරප් ගතිය තියෙන ඒවා එහෙම යවන්නේ ප්ලාස්ටික් පෙට්ටි වල විතරයි. ආ තව ජලේබි, රස්මලායි එහෙම යවන්නෙත් ඒ විදියටම තමයි. "ඔයාට පුළුවන් නම් ඔතන ඔය මෝල්ඩ් වලට දාලා තියෙන බර්ෆි ටික ගලවන්න පුළුවන්ද?" මේසේ කෙළවරේ හාට් ශේප් මෝල්ඩ් වලට දාලා තියෙන බර්ෆි ටික පෙන්නන ගමන් තාත්තා කිව්වා. ඒ ළඟින්ම රෝස පාට රිබන් වලින් හදපු බෝ එකක් අලවපු රවුම් හැඩයේ පොඩි ප්ලාස්ටික් පෙට්ටි වගයක් තිබුණා. ඒ හැම පෙට්ටියකටම බර්ෆි එක ගානේ දාන්න කියලා තාත්තා කිව්වා. මීට කලින් තාත්තා, මෝල්ඩ් වලට දාලා බර්ෆි හදනවා මං දැකලා තිබුණේ නෑ. "ආනේ රෝස් බර්ෆි...හරිම ලස්සනයි තාත්තේ..මේවත් හෙට තියෙන උත්සවේට යවන්නද?" හාට් හැඩේ බර්ෆි උඩට වේලුණු රෝස මල් පෙති දාලයි තිබුණේ. රෝස මල් පෙති අස්සේ හීනියට කපපු කොල පාට පිස්ටාචියෝ කෑලිත් තිබුණා. "ඔව් අයිශා...විවාහ ගිවිස ගැනීමක් තියෙන්නේ..." බර්ෆි ටික කපලා ඉවර වෙලා දාගෙන හිටපු ග්ලවුස් අයින් කරපු තාත්තා එතන තිබුණු පුටුවෙන් වාඩිවෙන ගමන් කිව්වා. ඉස්සරනම් ඔය ස්වීට්ස් ජාති හදනකොට අපි ග්ලවුස් දැම්මේ නෑ. මසර් තමයි තාත්තාට ඕක පුරුදු කරේ. මුලින් මුලින්නම් තාත්තා ග්ලවුස් දාගෙන වැඩ කළේ හරි අපහසුවෙන්. දැන්නම් තාත්තා ඒකට හුරුවෙලා වගේ. මාත් ග්ලවුස් දාගෙන රෝස් බර්ෆි ටික මෝල්ඩ් වලින් ගලවන්න පටන් ගත්තා. ගලවන ගලවන බර්ෆි කෑලි ටික කෙලින්ම එතන තිබුණු පොඩි ප්ලාස්ටික් පෙට්ටි වලට දැම්මා. "දැන් ඔය රට යන එකට ඕනි කරන ඒවා ලෑස්ති කරගෙනද තියෙන්නේ..?" තාත්තා කතාව පටන් ගත්ත එක හොඳයි. මෙහෙම්මම ටිකට් ගැනත් තාත්තාගෙන් අහන්න ඕනි. "ඔව් තාත්තේ...මෙහෙ එන්න කලින් ඕනි කරන ඒවා ඔක්කොම වගේ ගත්තා. තව ඔය පොඩි පොඩි දේවල් ටිකක් තමයි කරගන්න තියෙන්නේ..." මං කිව්වා. එතනින් එහාට තාත්තා මොනවත් ඇහුවේ නෑ. ඒකනිසා මං ආපහු කතා කරන්න පටන් ගත්තා. "තාත්තේ...කරච්චි යන්න ප්ලේන් ටිකට් වලට තාත්තා සල්ලි දුන්නා කියලා මසර් කිව්වා." "ම්ම්ම් ඔව්..." "අපිට බස් එකේ යන්නත් තිබුණා තාත්තේ. ප්ලේන් ටිකට් වලට තාත්තාට ලොකු වියදමක් යන්න ඇති..." එතනින් එහාට ඒ ගැන මුකුත් කියන්න මං බයවුණා. තව මොනාහරි කියන්න ගිහින් ඒකෙන් තාත්තාට මදි කමක් වගේ දැනෙයි කියලා හිතුන නිසා මං වචන පාවිච්චි කළේ හරි පරිස්සමෙන්. "ඒ ගැන හිතන්න එපා...දරුවෝ...දවස් දෙක හමාරක් විතර කෝච්චියේ ඇවිත් ඔයා හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. ඒක ඔයාගෙ මූණෙන්ම පේනවා. ආපහු බස් එකේ ගියත් කෝච්චියේ ගියත් ඔය මහන්සියමනේ. ඒත් ප්ලේන් එකේ පැය එක හමාරේ ගමනනේ. දැන් තව සති දෙකකින් මීටත් වඩා දුර ගමනක් යන්න ඉන්න එකේ ඇඟ තලා ගන්නෙ නැතුව විවේකෙන් ඉන්න බලන්න." තාත්තා කිව්වා. ඒත් එක්කම කඩේ වැඩට ඉන්න අසාම් ආපු නිසා අපේ කතාව නැවතුනා. අසාම් ගෙනත් තිබුණු කාඩ්බෝඩ් පෙට්ටි වලට තාත්තා කපපු බර්ෆි ටික අහුරලා දීලා මං එතනින් ආවා. ඉස්සරටත් වඩා දැන් කඩේට බිස්නස් වැඩියි වගේ. අසාමුයි තාත්තයි අතරේ වුණු කතා බස් වලින් මට ඒක හොඳට තේරුණා. ඒ හින්දා තාත්තාට දැන් සල්ලි වලින් ප්‍රශ්නයක් නැතුව ඇති. මං කාමරේට යනකොට මසර් තාමත් නිදි. මේකනම් පුදුම නිදාගැනිල්ලක්. ඔන්න ඔහේ ඇහැරෙන වෙලාවක ඇහැරෙයිනේ කියලා මං ඇහැරවන්න ගියෙත් නෑ. ඇඟ පත හෝදගෙන අලුත් ඇඳුමකුත් දාගෙන මං කුස්සිය පැත්තට ගියා. මං යනකොට අම්මා රෑට උයන්නත් පටන් අරන්. "අද රෑට බත් එක්ක කන්න නිහාරි හදන්න කියලා හිතුවේ...මසර් ආසයිනේ නේද?.." සින්ක් එක ළඟට වෙලා හාල් හෝදන ගමන් අම්මා කිව්වා. "අද නිහාරි ඕනි නෑ අම්මේ අපි දෙන්නා ඒක හෙට දවල්ට හදමු." මං අම්මට එහෙම කිව්වේ හේතු දෙකක් ඇතුව. එකක් අද රෑට අම්මයි තාත්තයි කැමතිම කෑමක් හදලා දෙන්න මට ඕනි වුණා. දෙක හෙට දවල්ට නිහාරි හැදුවම මසර් අනිවාර්යයෙන් දවල්ට කන්න ගෙදර එනවා කියලා මං දැනගෙන හිටියා. මොකද මසර් නැන්දලගේ දිහා ගිහින් කෑම කකා සතුටු සාමිචියේ යෙදෙනවට මං කැමති වුණේ නෑ. එහෙ ගිහින් රට යන පණිවිඩේ කියලා ආවම ඇතිනේ. ආයෙ කකා
බිබී පැය ගණන් ඉන්න ඕනි නෑනේ. අම්මා හාල් හෝදන අතරේ මං අල ටිකක් පොතු අරින්න ගත්තා. හෝදපු හාල් ටික ලිපේ තියෙන්න ලෑස්ති වෙනකොටම, "හාල් ටික ඔහොම්ම පැත්තකින් තියලා අම්මා වාඩිවෙන්නකෝ. මං කෑම ටික හදලා ගන්නම්." කියලා මං කිව්වා. කියපු පරක්කුවට අම්මා ගිහින් කුස්සියේ කෙළවරේ තිබුණු පුටුවෙන් වාඩිවුණා. තුන්වේලටම උයලා උයලා අම්මටත් ඇතිවෙලා වෙන්නැති ඉඳලා තියෙන්නේ. ගෙදර ඉන්න වෙලාවට මසර් කුස්සියට ඇවිත් මට උයන්න උදව් කරාට අපේ තාත්තාට එහෙම පුරුද්දක් තිබුණේ නෑ. හැමදාම තමන්ම උයන කෑම කාලා අම්මටත් එපා වෙලා ඉන්න ඇත්තේ. ආයෙ ඉතින් කවදා මේ ගෙදර ඇවිත් රසට උයලා කරලා අම්මටයි තාත්තටයි කන්න දෙන්න පුළුවන් වෙයිද. රෑ කෑමට මං හැදුවේ අම්මයි තාත්තයි කන්න කැමතිම ආලු තාහිරි. ආලු තාහිරි කියන්නේ අලයි ග්‍රීන් පීසුයි දාලා හදන රස බත් එකක්. ඔය බත් එක කට්ටිය එක එක විදියට හදනවා. සමහරු අල නිකන්ම ළූනු තෙම්පරාදුවට දානවා. හැබැයි මම නම් අල කෑලි ටික වෙනම පොඩ්ඩක් බැඳලා අරගෙන තමයි ළූනු තෙම්පරාදුවට දාන්නේ. ඊටපස්සේ ග්‍රීන් පීස්, තක්කාලි, කුළු බඩු ඔක්කොම දාලා පොඩ්ඩක් තෙම්පරාදු කරලා හාල් ටිකත් දාලා ගාණට වතුර තියලා උයා ගන්නයි තියෙන්නේ. ආලු තාහිරි හදලා ඉවරවෙලා ඒත් එක්ක කන්න පිපිඤ්ඤා රයිතා එකකුයි ළූනු සලාදෙකුයි හදලා ගත්තා. කෑම ටික මේසෙට අරින වැඩේ අම්මා කරන්නම් කියපු නිසා මං කාමරේට ගියේ මසර් තාමත් නිදිද බලලා ඇහැරවන්න හිතාගෙනයි. කාලෙකට පස්සේ ගෙදර ඇවිල්ලා දවස තිස්සෙම මසර් නිදාගෙන ඉන්නකොට මට තරහත් ආවා. පැයක් දෙකක්නම් කමක් නෑ. ගමන් මහන්සිය කියලා කිව්ව හැකිනේ. ඒත් මේ මනුස්සයා දවල්ට කාපු වෙලේ ඉඳන් දැන් රෑ කෑම වේල එනකම්ම කාමරේ අස්සට වෙලා බුදිනේ. අර තාත්තා ස්වීට් හදන තැනට ගිහින් කතා කර කර ඉඳියනම් මොකද වෙන්නේ. මෙහෙම කාමරේ අස්සට වෙලාම නිදාගෙන ඉද්දි අම්මා තාත්තා වුණත් මොනවා නොහිතයිද. මං කාමරේට යනකොට මසර් ඇඳ විට්ටමට හේත්තු වෙලා කාත් එක්ක හරි කෝල් එකක හිටියේ. කතා කරන්නෙ කාත් එක්කද කියලා හරියටම දන්නෙ නැති වුණාට මොකක් හරි ඉඩමක් ගැන කියවන වගක් නම් තේරුණා. මොක වුණත් කතා කරන විදියෙන්නම් ඒක එච්චරටම සුහද කතා බහක් කියලා හිතුනෙත් නෑ. දැන් මං තියන්නම් හෙට වැඩේ කරමු කියලා මසර් කෝල් එක කට් කළා. "හම්සා කතා කළේ..." ෆෝන් එක පැත්තකින් තියන ගමන් මසර් කිව්වා. "ඒ මොකෝ...ඔයා ආවා කියලා දැනගෙනද?..." "හ්ම්ම්ම් අක්බර් කියලා..." "අක්බර්ටත් ඕන්නැති දෙයක් නෑනේ බලන් යනකොට..ඒ ටිකට කනේ තියලා..." "හම්සා දවල් අක්බර්ගේ කඩේට ගියපු වෙලේ තමයි කියලා තියෙන්නේ.." "දැන් මොකද කියන්නේ?...ඇයි එයාටත් රට යන්න ඕනි වෙලාද?..." නැන්දයි මයිරායි ඇරෙන්න ඒ ගෙදර මිනිස්සු කවුරුත් මට ප්‍රශ්නයක් වුණේ නැතිවුණාට නැන්දා නිසාම හම්සා ගැනත් ලොකු පැහැදීමක් මගෙ හිතේ තිබුණේ නෑ. මොකද කරීමා වගේ නෙමෙයි පහු පහු වෙනකොට නැන්දට බයේ හම්සා මාත් එක්ක කතා කළේවත් නෑනේ. "එහෙම එකක් නෑ...මේ ඉඩම් ප්‍රශ්නයක්" "ඉඩම් ප්‍රශ්නයක් කිව්වේ...." "අර අපි විකුණපු ඉඩම් කෑල්ලේ විකුණපු නැති අනිත් කොටස සල්ලි වලට ගන්න අහනවා...වගා කරන්න අදහසක් තියෙනවා කියන්නේ.." "ආ හරි එහෙනම් ඒක තමයි ඔයා අර හෙට වැඩේ කරමු කියලා කෝල් එක කට් කළේ. ඔයා දැනටමත් ඒක විකුණන්න හිතලා ඉවරනේ..." මං කිව්වේ තරහෙන්. මසර් එයාට එයාගෙ තාත්තගෙන් අයිති වුණු ගේයි ඉඩමයි නැන්දට ලියලා දුන්නට පස්සේ මසර්ට කියලා මේ ගමේ ඉතුරු වෙලා තිබුණේ කැලේට වෙන්න තිබුණු පොඩි ඉඩම් කෑල්ලක් විතරයි. වීසා වලට ගෙවන්න සල්ලි මදි වෙලා මාස කීපෙකට කලින් මසර් ඒකෙන් බාගයක් විකුණුවත් එක්ක. දැන් ඔය හම්සා ඇහැ දාගෙන ඉන්නේ එතන තියෙන විකුණුවේ නැති කොටසට. නැන්දා තමයි පුතණ්ඩියව උසි ගන්නන්න ඇත්තේ. "කැලේට වෙන්න තියෙන ඉඩම් කෑල්ලක්නේ අයිශා....අනික දැන් අපි රට ගියාට පස්සේ ඕක කවුරු කියලා බලන්නද. ඊට වඩා හොඳයිනේ යන්න කලින් විකුණලා ඉවරයක් කරලා දාන එක" "හරි ඉතින් විකුණනන්න ඕනිමනම් ඔය ඕනිතරම් මිනිස්සු ඉන්නේ. හම්සාටම විකුණන්න ඕනි නෑනේ..." "හම්සාට විකුණුවත් වෙන කෙනෙක්ට විකුණුවත් අපිට හම්බෙන්නේ එකම සල්ලි තමයි..." මසර් ටිකක් තදින් වගේ කිව්වා. අනේ සල්ලි වලට බැරිනම් නිකන් දීලා දැම්මත් මට මොකෝ. මගේ ඉඩම් නෙමෙයිනේ. මං ඒ ටික නම් කිව්වේ කටින් නෙමෙයි හිතෙන්. "අයිශා...." අම්මා කෑගහනවා ඇහුණා. "මං මේ ආවේ රෑ කෑම ලෑස්තියි කියන්න. මූණ ටිකක් හෝදගෙන එළියට එන්න. දවස තිස්සෙම බුදියගෙන මූණත් තඩිස්සි වෙලා..." මසර්ට කියාගෙන මං කාමරෙන් එළියට ගියා. තාත්තයි අම්මයි මං හදපු ආලු තාහිරි හරිම ආසාවෙන් කෑවා. තාත්තානම් දෙපාරක්ම බත් බෙදාගත්තා. මසරුත් ආසාවෙන් කෑවා කියලා එයා කන විදියෙන්ම මට තේරුනා. කූල් කරපු රස්මලායි කන්න බඩේ ඉඩ තියාගන්න ඕනි නිසා මමනම් වැඩිපුර බත් කෑවේ නෑ. නිදගන්න ගියාම මසර් ආපහු ඉඩමේ කතාව ඇඳලා ගත්තා. එයා තාමත් හිතන් හිටියේ මං ඒ ගැන හිත නොහොඳින් ඉන්නවා කියලයි. "ඒ වෙලේ කියවගෙන ආවට මට ඔය ඉඩම් ගැන ගාණක් නෑ මසර්" මං ඒ කිව්වේ ඇත්තටමයි. එක අතකට කිව්වත් වගේ කාට දුන්නත් සල්ලි අරගෙනනේ දෙන්නේ. "මටත් ඕක විකුණන්න ඕනිකමක් තිබුණේ නෑ අයිශා. විකුණන්න ඕනි වුණත් මේ හදිස්සියේ කාට විකුණන්න කියලද. අද හවස හම්සා කතා කරලා ඇහුවම මාත් මුලින් ලොකු කැමැත්තක් පෙන්නුවේ නැහැ. පස්සේ මිනිහත් එක්ක කතා කරද්දි මට තේරුණා මිනිහා ඉඩම ගන්න හදන්නේ හොඳ ගාණකුත් මට දීලා කියලා. ඔසී ගියාට පස්සේ එහෙ සෙට්ල් වෙනකම් අපිට සල්ලි ඕනි වෙනවා අයිශා. ඔය ඔක්කොම කල්පනා කරලා තමයි මං ඔය වැඩේට කැමතිවුණේ..." "දැන් ඔය වැඩේට හෙට දවසම යනවද?..." "මං උදේම යනවනේ...දවල් වෙද්දි වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වෙයි..." "හ්ම්ම්ම් අම්මා කිව්වා හෙට දවල්ට බත් කන්න නිහාරි හදනවා කියලා..." "හා හා...හෙට දවල්ටම ඕක හදන එකනම් ඔයගෙ අදහසක් වෙන්න ඕනි. මං කොහොමත් නැන්දලගේ දිහා ගිහින් කකා බිබී ඉන්නේ නෑ. උදේම එහෙ ගිහින් පොඩ්ඩක් කතා බහ කරලා ඊටපස්සේ කෙලින්ම හම්සා එක්ක ටවුමට යනවා ඉඩමෙ වැඩේ බලන්න." මසර් හිනාවෙවී කිව්වා. මතු සම්බන්ධයි. බුද්ධි ජයවීර. ( කතාව කියවලා අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති )කැරට් කතා ~~~~~~~~ කැරට් රත්තරන් වෙන්න කලින්, තබක්ක කාලෙ ගෙනාපු,ගරු කැරට් උත්තමයෙකුයි.. උත්තමාවියෙකුයි අපේ අයිස් පෙට්ටියේ වැඩ වාසය කරනවා. දීඝායු කුමාරයටත් වඩා දුර දිග හිතල මං එයාලව තාම කෑම මේසෙට වැඩම්මෙව්වෙ නෑ. මේව තමයි ඒ හේතු ලැයිස්තුව. අපේ පුතාගේ බත් පෙට්ටියෙ ගරු කැරට් තියෙනව දැකල.... කප්පම්කාරයො කොල්ලව කිඩ් නැප් කරයි දෝ!? අපේ මනුස්සයා කර කර ගාල ගරු කැරට් කනව දැකල ... මේ නං හොඳ මෝරෙක් තමයි කියලා හිතල.. කොහේ හරි යන තේ උඩිච්චියක් උන්දැගෙ කරේ එල්ලෙයි දෝ!? මං ගරු කැරට් ඇතිලිය පොටෝ ගහල.. ෆීලින් ආවුසම් විත් ඔනරබල් කැරට්ස් කියල බේස් බුක් එකට දැම්මාම.. හොරු අපේ ගෙට පැනල තියෙන එකම ඇතිලියත් හොරා ගෙන යා දෝ? මං අම්මට කෝල් කරල " අම්මෙ සුබ ආරංචියක් කියන්න තියෙනවා.අපි අද දවල්ට කෑවෙ ගරු කැරට්" කියලා කියන කොට... ෆෝන් එකේ සද්දෙ දාල අම්මා කතා කරන තැන ඉන්න අපේ ලොකු නැන්දාට ඒක ඇහිලා... එයා ඊට පස්සේ අපේ මුලු නෑදෑ සනුහරේටම ඒ ආරංචිය දුන්නට පස්සේ.. එයාලගෙන් සමහරු ඉන්කම් ටැක්ස් එකට කතා කරල ඒ තොරතුරු දෙයි දෝ !? සමහරු අපට හදි හූනියම් කරයි දෝ !? හත් අවුරුද්දකින් අපි ඉන්නවද මළා ද බැලුවෙ නැති සමහරු අපට කතා කරල හැම තිස්සෙම අපේ ෆෝන් බිසී වෙයි දෝ!? සමහරු කදමලු බැඳ ගෙන අපේ ගෙදර ඇවිත් " අනේ පුතේ ණයට කැරට් බාගයක් දෙන්න" කියමින් කනිපින්දම් ගසයි දෝ !? මගේ ගරු කැරට් ඇතිලිය බුකියෙන් දුටු මාගේ අතීසාර මිතුරු මිතුරියන්.. " අනේ මැණිකෙ හෙට දෙනකං ලක්ස පහක් දියන්කො.. දහයක් දියන්කො" කියමින් මට පරාල ඇණ ලොරියකින් දමා ගසයි දෝ !? ආදී හේතු කාරණා ය. තව හේතු රැසකි. පසුව නිවාඩුව ලියමි. නමුත් මගේ ඒ දූරදර්ශී තීරණයේ සැබෑ ප්‍රතිඵලය අමුණා ඇති සේයාරුවෙහි ඇති දේ ය. ගරු කැරට් යුවළ මුල් ඇද ඇත. නමුත් මා නොසැලෙමි. මේ උතුම් ගරු කැරට් යුවළ සරු පසක සිටුවා .. දෑස සේ පරිස්සමින් බලා හදා ගෙන..නව ගරු කැරට් දරුවන් ලක්ෂ සංඛ්‍යාත සංඛ්‍යාවක අස්වැන්නක් ලැබුණු පසු ඒවා විකුණා... ලැබෙන මුදල් නා ම ල් මැතිඳුගේ ජනපති ඡන්ද ව්‍යාපාරයට පරිත්‍යාග කිරීමට මම දත කට මැදගෙන මඟ බලා ගෙන සිටිමි. කෞශල්‍යා ජයලත්Aussi අයිශා - 05 කොටස අපි ආපු කයිබර් මේල් එක පේශාවර් වලට එද්දි බදාදා උදේ හය විතර වුණා. "අක්බර්ගෙ කඩෙන් මොනාහරි කාලම යමු නේද?...දැන් ඇරලා ඇති" ට්‍රේන් එක පේශාවර් වලින් නවත්තනකොටම මසර් කිව්වා. අක්බර් කියන්නේ මසර් එක්ක එකට හොටෙල් ස්කූල් ගියපු මසර්ගේ හොඳ යාළුවෙක්. ටික කාලයක් හොටෙල් එකක වැඩ කරලා එතනින් අයින් වෙලා දැන් පේශාවර් වල කඩයක් දාගෙන ඉන්නේ. අපි යනකොට කඩේ ලොකු සෙනඟක් හිටියේ නෑ. ඒ වෙලාවට වෙන්න ඕනි කඩේ අරින්නේ. මොකද සමහර කෑම තාම අහුරන ගමන් තිබුණේ. අපි කඩේට ගොඩ වෙනකොටම කැශියර් එක ළඟ හිටපු අක්බර්, මසර්ව අඳුනගත්තා. "ආ ගොඩ කාලෙකින් නේ...මේ පාර ඊද් වලටවත් ආවේ නෑ නේද?.." අක්බර් මසර්ගෙන් ඇහුවා. "නෑනේ...පහුගිය ටිකේම වැඩ ගොඩකට හිරවෙලා හිටියේ... ආවානම් ඉතින් අනිවාර්යයෙන් මුණගැහිලානේ යන්නේ.." "ඒකනේ ඒකනේ...ඉතින් කොහොමද එහෙ හොටෙල් එක හොඳයිද?.." "අවුලක් නෑ....හොඳයි. ඒත් මං දැන් එතන වැඩ නෑ අක්බර්. මේ මාසෙ අන්තිමට රට යන්න ඉන්නේ..." "ආහ් එහෙමද... මටත් දැන් මාස කීපයකට කලින් කුවෙට් වල හොටෙල් එකකට ජොබ් ඔෆර් එකක් ලැබුණා. ෆැමිලි එකටම වීසා දෙන්න අමාරුයි කියපු නිසා ගියෙ නෑ..මේකම කරගෙන ඉන්න එක හොඳයි කියලා හිතුනා....අනික දරුමල්ලෝ දාලා යන්න හිතදෙන්නේ නෑ. පොඩි එකාට තාම අවුරුද්දයි..මසර්ටනම් අවුලක් නෑනේ. දරුවෝ ඉන්න එකක්‍ කියලයැ. අයිශා නංගිව අම්මලගේ දිහා හරි නවත්තලා යන්න පුළුවන්නේ..." බලන් යද්දි ගෑණුන්ට වඩා හපන්නේ සමහර පිරිමින්ගේ කටවල්. මේ මිනිහා මේ ඇඟට පතට නොදැනී කිව්වේ..ආ අපිටනම්
ළමයි ඉන්නවා උඹලටනම් නෑනේ කියලනේ. "ආ එහෙමද?..අපිට ගිය සතියේ ඕස්ට්‍රේලියා වලට වීසා වැදුණා අක්බර්. අයිශාත් මාත් එක්කම යනවා.." මසර්, අක්බර්ගේ පිටට තට්ටුවක් දාන ගමන් කිව්වා. "ශා...හරිම සතුටුයි හරිම සතුටුයි" අක්බර් ඒ ටික කියාගත්තෙත් අමාරුවෙන් වගෙයි මට හිතුනේ. මූණට පේන්න හිනාවෙලා හිටියට මිනිහා ඉරිසියාවේ පැලෙනවා. කොහොමත් සමහර යාළුවෝ ඉන්නවනේ දිවට දිව ගාගෙන හිටියත් අනිත් එකාට හරියනවට අකමැති. ගෙදර ගිහිනුත් උදේට කන නිසා මොනාහරි පොඩි දෙයක් කමු කියලා මං මසර්ට කිව්වා. මසර් සමෝසායි මසාලා තේයි ඕඩර් කළා. තව අක්බර්ගේ කඩේ ස්පෙශල් ඔම්ලට් එකකුත් කෑවා. ඒකනම් අක්බර් ගාණේ. හැබැයි ඉතින් කියන තරම් ස්පෙශල් එකක්නම් තිබුණේ නෑ. ගෙදරදි මං ඔයිට වඩා රසට ඔම්ලට් හදනවා. මං කන ගමන් මසර්ට ඔය කතාව කිව්වම, "අපි සල්ලි දීලා නෙමෙයිනේ ගත්තේ... නිකන් දුන්න එකට කියවන්නෙ නැතුව ඔන්න ඕක කන්න නැත්නම් නොකා ඉන්න. අනික මං දන්නවා ඔයා ඔහොම කියන්නේ ඇයි කියලා..." එයා කිව්වා. ඒකනම් ඇත්ත ඉතින් ඔම්ලට් එක පිටින් දාලා හරි අක්බර්ගෙත් මොකක්හරි අඩුපාඩුවක් කියන්නයි මට ඕනි වුණේ. කාලා බීලා කඩෙන් එළියට එද්දි උදේ හතත් පහුවෙලා. පේශාවර් වල ඉඳලා අපේ පැත්තට යන බස් එකට නඟින්න අපි බස් ස්ටෑන්ඩ් එකට ගියා. අපි යනකොට හත හමාරේ බස් එකේ කට කපලා සෙනඟ. ඊළඟ බස් එක එනකම් තව පැය බාගයක් විතර බලන් ඉන්න වෙනවා. "අට වෙනකම් මෙතන ඉන්න එක බොරු වැඩක් අයිශා... ඔන්න ඔහේ ටැක්සි එකක් කතා කරගෙන යමු.." මසර් කිව්වා. "අපිට ආයෙ කරච්චි යන්න වෙන්නේ බස් එකේ නේද?...ගෙදර යන්න කලින් මෙහෙන් බස් එකක් තියෙන වෙලාවක් බලලා බුක් කරලා ආවොත් නේද හොඳ?..." මං එහෙම කිව්වේ කයිබර් මේල් එක අද රෑ දහයට පේශාවර් වලින් පිටත් වෙලා කරච්චි වලට ගිහින් එහෙන් ආපහු මෙහෙට එන්නේ ඉරිදා උදේට නිසයි. "අපි ආපහු යන්නේ බස් එකේ නෙමෙයි ප්ලේන් එකේ..." මසර් මාවත් එක්කගෙන ටැක්සි නවත්තලා තියෙන තැනට යන ගමන් කිව්වා. "ප්ලේන් එකේ?..." ගෙනියන්න ඕනි කරන ඇඳුම් පැළඳුම් ගත්තෙත් දහ පාරක් විතර හිතලා. එහෙම එකේ මෙහෙම වියදම් කරන්න මේ මනුස්සයට සල්ලි තියෙනවද කියලා මට පුදුමත් හිතුනා. එක්කෝ කාගෙන් හරි ණයක්වත් ගත්තද දන්නෑ. "බය වෙන්න එපා...මං කාගෙන්වත් ණය ගත්තේ නෑ.." මගෙ හිත කියවලා වගේ මසර් කිව්වා. මම සද්ද නැතුව ටැක්සියට නැග්ගා. මං මොනවත් නොකියා ඉන්න පාර මසර් ආයෙත් කතා කරන්න පටන් ගත්තා. "ආපහු කරච්චි වලට යනකොට ප්ලේන් එකේ යන්න කිව්වේ ඔයාගෙ තාත්තා." මට එහා පැත්තෙන් වාඩිවෙන ගමන් මං දිහා බලලා හිනාවෙලා මසර් කිව්වා. "තාත්තා?...ඔයා තාත්තට කතා කළාද, මට කිව්වෙවත් නෑනේ." "මං කතා කළේ නෑ...තාත්තා තමයි ඊයේ රෑ මට කෝල් කලේ. එතකොට ඔයා නිදි. කතා කරලා කිව්වා සල්ලි දෙන්නම් ප්ලේන් එකේ යන්න ටිකට් බුක් කරගන්න කියලා. එච්චරමයි කිව්වේ. මං මොනවත් කියන්න කලින් ෆෝන් එක තිබ්බා...ඔයා දන්නවනේ ඔයාගේ තාත්තගේ හැටි. ආයෙ මං අමුතුවෙන් කියන්න ඕනි නෑනේ..." මසර් කිව්වා. ටැක්සියක ආපු නිසා හිතන් හිටපු වෙලාවටත් කලින් අපිට ගෙදර යන්න පුළුවන් වුණා. අපි එන නිසා තාත්තා කඩේට ගිහින් තිබුණෙත් නෑ. කඩල කරියක් එක්ක පාරාටා උදේ කෑමට අම්මා ලෑස්ති කරලා තිබුණා. කාලා බීලා ඉවරවෙලා දවල් කෑම වෙලාව එනකම්ම මසර්, තාත්තා එක්ක කතා කර කර හිටියා. "මසර් අපෙ අයිශාව බඳිනකොට මමනම් හිතන් හිටියේ කවදාහරි ඔය දෙන්නා එකතු වෙලා මේ කඩේ කරගෙන යයි කියලා. හරියට කළොත් මේ කඩ කෙරුවාවෙන් හොඳට හම්බකරගන්න පුළුවන්" තාත්තා මසර්ට කියනවා කුස්සියට වෙලා හිටපු මට ඇහුනා. තාත්තා එහෙම කියනකොට මට හිතුනෙම අපේ රට යන ගමනට තාත්තගේ ලොකු කැමැත්තක් නැතුව ඇති කියලමයි. මසරුයි මායි මෙහෙ එන හැම පාරම තාත්තා මසර්ට නොකියා කියන්නේ කඩේ බාරගන්න කියලා වුණත් ඒ හැම පාරම මසරුත් මොනාහරි දෙයක් කියලා කතාව වෙන පැත්තකට හරෝනවා. "දැන් කඩේ උදව්වට කී දෙනෙක් වැඩ කරනවද තාත්‍තේ.." තාත්තා කියපු දේට උත්තරයක් දෙනවා වෙනුවට මසර් කළේ තවත් ප්‍රශ්නයක් අහපු එක. "අසාම් කියලා මේ අපිට දුරින් නෑදෑ වෙන පිරිමි ළමයෙක් එනවා කඩේ උදව්වට. මං නැති ගොඩක් වෙලාවට කඩේ බලාගෙන වැඩ ටිකත් හොඳට කරගෙන ඉන්නවා..." තාත්තා කිව්වා. අසාම් කඩේ වැඩට විතරක් නෙමෙයි ගොඩක් දවස්වල ස්වීට්ස් හදන්නත් උදව් කරනවා කියලා තාත්තා කියපු කතාව අහගෙන ඉඳලා අම්මා මට කිව්වා. කුස්සියට වෙලා උය උයා හිටියට අම්මගෙත් කන් දෙක තිබිලා තියෙන්නෙ තාත්තගෙයි මසර්ගෙයි ළඟ. දවල් කෑමෙන් පස්සේ මසර් ටිකක් නිදාගන්න කියලා කාමරේට ගියා. පැය ගාණක් ට්‍රේන් එකේ ඇවිත් මාත් හිටියෙ හොඳටම තෙහෙට්ටු වෙලා. ඒත් ඉතින් කාලෙකින් ගෙදර ආපු නිසා නිදාගන්න හිතුනේ නෑ. රට ගියාට පස්සේ අම්මලා බලන්න ආයෙ කවදා එන්න පුළුවන් වෙයිද. අක්කලා දෙන්නත් මෙහෙ නෑ. අම්මටයි තාත්තටයි හදිසියේ කරදරයක් වුණොත් මාත් මෙහෙ නෑ නේද කියලා මතක් වෙද්දි රට යන එක ගැන තියෙන අකමැත්ත එන්න එන්න වැඩිවුණා. ඔන්න ඔහේ රට රස්සාවල් වලට නොයා තාත්තා කිව්වා වගේ මසරුයි මායි මෙහෙට වෙලා මේ කඩේ දියුණු කරගෙන හිටියනම් හරි කියලත් මට හිතුණා. ඕවා ඉතින් හිතුවට මසර්ට කියන්න පුළුවනැ. එයා දැනටමත් එක කකුලක් ඕස්ට්‍රේලියාවේ තියාගෙනනේ ඉන්නේ. "ආ මෙන්න...ඔයා ආස දෙයක්.." අම්මා ළඟට එනවවත් මං දැක්කේ නෑ. "ආනේ....රස්මලායි. අම්මාට මතකයි නේ.." අම්මා ගෙනාපු රස්මලායි කෝප්පේ අත් දෙකෙන්ම ගන්න ගමන් මං කිව්වා. "නෑ මට නෙමෙයි තාත්තාට...මං ඊයේ හදලා තියමු කියද්දිත් තාත්තා තමයි කිව්වේ ඔයා අපුවාමම හදමු කියලා. තාත්තාම තමයි ඕවා හැදුවෙත්...." අම්මා කිව්වා. පුංචි කාලේ ඉඳන් රස්මලායි කන්න මං හරිම ආසයි. හැබැයි ඉතින් ගෙදර හදනවනම් විතරයි. කඩේ තියෙන ඒවාට මගෙ ලොකු කැමැත්තක් නෑ. රස්මලායි සාමාන්‍යයෙන් කූල් කරලා කන්න තමයි ගොඩක් අය ආස. ඒ වුණාට ඒවා හදපු ගමන් උණු උණුවේ කනවා කියන්නේ ඒක වෙනමම රහක්. ඉස්සර මං ගෙදර ඉද්දි, රස්මලායි හදන හැමවෙලේම උණු උණුවෙන් කන්න මට කොටසක් හම්බවෙනවමයි. උණු උණු රස්මලායි කද්දි මෙච්චර වෙලා මගේ හිතේ තිබුණු මලානික ගතියත් නැතිවෙලා ගියා. "අයිශා..." අම්මා මට එහා පැත්තේ පුටුවෙන් වාඩිවුණා. අම්මාගේ කටහඬේ තිබුණේ බර ගතියක්. "ම්ම්ම්... කියන්න අම්මා.." රස්මලායි වල රහ විඳින ගමන් මං අම්මාට කන් දුන්නා. "ඔයා හොඳින් නේද?... මසර්ගෙන් මොනවත් ප්‍රශ්න නෑනේ.." "අනේ එහෙම දෙයක් නෑ අම්මේ...ඇයි එකපාරටම එහෙම ඇහුවේ..." "නෑ මං දැන් සෑහෙන වෙලාවක් ඔයා මෙතෙන්ට වෙලා කල්පනා කරන දිහා බලාගෙන හිටියා..මං විතරක් නෙමෙයි තාත්තාත්." "එහෙම දෙයක් නෑ අම්මේ...රට ගියාම ආයෙ කවදා එන්න වෙයිද කියලා මං හිත හිතා හිටියේ...මේ ඒක නෙමෙයි අම්මේ... රට යන එක ගැන තාත්තාගෙ එච්චර කැමැත්තක් නෑ වගේද?..." "නෑ එහෙම එකක් නෑ...කඩේට එන අයටත් දුවයි බෑණායි ඕස්ට්‍රේලියා යන්න ඉන්නේ කියලා කියනවලු. මට අසාම් කිව්වේ...ඒත් දරුවෙක් නැති එක කවදාහරි දවසක ප්‍රශ්නයක් වෙලා ඔයාලා දෙන්නා මැද්දට එයිද කියලා තාත්තා බයේ ඉන්නේ..." "දරුවෙක් නැති එක ගැන මං හිතන තරම්වත් මසර් හිතන්නේ නෑ අම්මේ...ඒ හින්දා ප්‍රශ්නයක් වෙන්නෑ....මං කිව්වා. මගෙ තාත්තා හරිම නිහඬ මනුස්සයෙක්. කවුරු එක්ක වුණත් එයා කතා කරන්නේ හරියට තෝරලා බේරලා. කිසිම ලිමිට් එකක් නැතුව තාත්තා ඕනිම දෙයක් කියවන්නේ අම්මා එක්ක විතරයි. අක්කලා දෙන්නයි මායි පොඩිකාලේ තාත්තාට හරි බයයි. ඒ එයා අපිට සැර කරලා එහෙම නෙමෙයි එයා කතා කරනවා අඩු නිසයි. අදටත් ගොඩක් තැන් වලදි අපි තුන්දෙනායි තාත්තයි අතරේ පණිවිඩ හුවමාරු වෙන්නේ අම්මා හරහා තමයි. අපිත් එක්ක කතාබහ කොච්චර අඩු වුණත් ගොඩක් තැන් වලදි අම්මටත් වඩා අපි ගැන හෙව්වේ තාත්‍තා. තාත්තා එයාගේ ආදරේ අපිට පෙන්නුවේ නැතිවුණාට තාත්තාගෙ හැසිරීමෙන් ඒ ආදරේ අක්කලා දෙන්නටයි මටයි හොඳටම දැනිලා තියෙනවා. ප්ලේන් ටිකට් වලට සල්ලි දුන්න එක ගැන අම්මගෙන් අහන්නෙ නැතුව කෙලින්ම තාත්තගෙන්ම අහන්න ඕනි කියලා මං හිතුවා. කඩෙන් එන ආදායම විතරයි ඒ දෙන්නට තියෙන්නේ. එහෙම එකේ අපේ වියදම් වලට තාත්තා කරදර වෙනවට මං කැමති වුණේ නෑ. රස්මලායි වලින් බඩයි හිතයි දෙකම පිරුණට පස්සේ මං ගියේ තාත්තා ස්වීට්ස් හදන තැනට. කඩේ විකුණන ස්වීට්ස් ඔක්කොම ගෙදරම හදන නිසා අපේ ගෙදර වෙනම කොටසක් ඒකට වෙන්කරලයි තිබුණේ. මං යනකොට තාත්තා හිටියේ මිල්ක් බර්ෆි පොඩි කෑලි වලට කපන ගමන්. මං එනවා දැකපු තාත්තා මට එයා ළඟට එන්න කියලා ඔළුවෙන් කතා කරා. ළඟට ගියාම බර්ෆි කෑල්ලක් මගෙ අතට දීලා මං දිහා බලලා හිනාවෙලා තාත්තා ආපහු බර්ෆි කපන්න පටන් ගත්තා. මතු සම්බන්ධයි. බුද්ධි ජයවීර ( කතාව කියවලා අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති )#බටු_මීයා අවසන් නිවාඩුවෙන් පසු ගෙවෙන තිස් පස් වන සැදෑව අද ය........ ඉල්ලුම් කල නිවාඩුව අනුමත වී ඇත......... හෙට දවසේ සිට බිරිද හා දරුවන් සමග විදින දින කිහිපය තරම් වටිනා කාලයක් ජීවිතයේ තවත් නොමැත............ ...................................................................... අප සිහින දකින්නේ නින්දේදී ය...... නිදි නොගත් දෑසකින් සිහින දැකිය නොහැකිය....... එනමුත්, නිදි වරා හෝ සිහින මැවිය හැකිය.......... සිහින මවන මොහොතේ බලාපොරොත්තුවේ දෑස් දල්වා සිටිය යුතු ය............... දකින සිහිනවලට බලාපොරොත්තුවක් නැති මුත්, මවන සිහිනයකට අනුලෝම වූ බලාපොරොත්තුවක් ද ඇත.......... ඔබ මෝටර් රථයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහා සිහින මැවිය යුතු ය............ අනෙක් අතට, ඔබ සිහින මවන්නේ මෝටර් රථයක් මිලදී ගැනීමට නම් ඒ සදහා බලාපොරොත්තුවක් තිබිය යුතු ය........... සිහින හා බලාපොරොත්තුවේ වර්ධන අවධිය අධිෂ්ඨානය වේ.................... අධිෂ්ඨානයක් නොමැති කලෙක සිහින හෝ බලාපොරොත්තු යන් සැබැවින්ම හීනයන් ය.............. සිහිනයත්, බලාපොරොත්තුවත්, අධිෂ්ඨානයත් ක්‍රියා කරන්නේ මනසේ ය................. අයිසැක් නිවුටන් ගෙවත්තේ ඇපල් ගස යට කුමක් හෝ කල්පනාවක නිමග්න වී සිටින්නට ඇත...........
.......... තමා සිතමින් සිටි කාරණය යටපත් වෙන්නට තරම් උස අත්තක ඇපල් ගෙඩියක් ඔලුවට පත බෑ වී රිදෙන්නට ඇත............. ඇත්තෙන්ම එය රිදෙන්නට ඇත...... නැතිනම් තමා මූත්‍රා කරන අවස්ථාවකදී වුවද ගුරුත්වාකර්ශණය පිලිබදව නිවුටන්ට සිතන්නට ඉඩ තිබුනේ ය................. ඇපල් ගෙඩිය කපා ලුණු, ගම්මිරිස් දමා කෑවානම් ගුරුත්වාකර්ශණ බලයක් කියා එකක් අදටත් නැත........... ඇපල් ගසක් වෙනුවට පොල් ගසක් එතන තිබුනා නම් ගුරුත්වාකර්ශණය සොයා ගැනීම තියා නිවුටනුත් ජීවතුන් අතර නැත.................. තවත් අතකට, ඇපල් ගෙඩිය ඔලුවට පත බෑ වෙන්නට කලින් ඔහු කල්පනා කලේ කුමක් ගැන දැයි අප දන්නේ නැත.................. සමහරක් විට එම ඇපල් ගෙඩිය නොවැටුනා නම් අයිසැක් නිවුටන් වෙනත් සොයාගැනීමක් කරනු ඇත............. කෙසේ හෝ අවසානයේ ගුරුත්වාකර්ශණ නියමය ලොවට කියාදුන්නේ අයිසැක් නිවුටන් ය...... ඔහු එය පසක් කරගැනීමට හීන මවන්නටත්, බලාපොරොත්තු දල්වන්නටත් ඇත............ කිලෝමීටර් දෙසිය ගානක් දුරට යතුරු පැදියේ ගෙදර දුවන මාගේ කල්පනාවට නැගෙන්නේ එවන් අත්භූත දේවල් ය............ "අම්ම්.......... තාත්ති ආවා......." ගෙට ගොඩවෙන්නටත් කලියෙන් කරට පනින්නේ ලොක්කා ය........... ....................................................................... ඇත්තටම ජීවිතය ගොඩනැගෙන්නේත් කාලය දුවන්නේත් මවන සිහින හා පොපියන බලාපොරොත්තු මත ය....... ජීවන චක්‍රය කරකැවීමට තමා විසින් තෝරාගන්නා බිරිද හෝ ස්වාමියා අන්‍යෝන්‍ය වශයෙන් අනෙකාගේ සිහින හා බලාපොරොත්තු සඵල කරහැනීමට රුකුලක් විය යුතු ය.................... මාගේ තෝරාගැනීම සියයට සියයක්ම නිවැරදි කීමට නොහැකි ය....... එනමුත් ජීවිතයේ බාධක, හැල හැප්පීම් ඔස්සේ ගෙවා දැමූ කාල වකවානු තුල ඇය හැසිරුණු ආකාරය පිලිබදව මා සිත තුල ඇත්තේ ප්‍රීතියක් ය.............. වින්දේත්, විදෙව්වේත් එකට ය.......... සෑම පෙම්වතෙකුම තෝරා ගත යුත්තේ එබදු පෙම්වතියන් ය............. සෑම ස්වාමිපුරුශයෙකුටම හිමි විය යුතු යැයි මා යෝජනා කරන්නේත් එවන් භාර්‍යාවක් ය......... එනමුත්, ගණනින් කිව නොහැකි තරම් මේ ලෝකය තුල ඇති පවුල් කුටුම්භයන් තුල කොතරම් සුන්දර, කොතරම් ආදරණීය, කොතරම් ලෙංගතු බිරිදකගෙන් වුවද එකම වාක්‍යකින් අමෝරාගත් බලාපොරොත්තුවක් ක්ශණයකින් සුණු විසුණු කල හැකිය................. "සුදූ........... අනේ, අද සනීප නෑ මට...." දින තිස් පහකට පසු ලැබූ පලමු රාත්‍රියම උඩුබැල්ලෙන්ම දෑස් පියා ගන්නට මට සිදු විය........ "මදැයි මෙච්චර දවසක් ඉදල අද ඇහැ දාගෙන බලන් හිටියා.... ශික්..... ඒකෙන් වැඩක් නෑ දැන්........ හෙටවත් බලමු...... දැන් කුස්සිය පැත්තට දුවන්නෝන.. මූ අද එනකොට චීස් ගේන්න ඇති......" සිවිලිමේ කඩතොලුවෙන් එපිට ඉදන් බලාපොරොත්තු බිදගත් බටු මීයකු කුස්සිය පැත්තට එක පිම්මට දුවනවා අඩ නින්දෙන් මට ඇසුණි................ .................ජනිදු................එ් කාලෙ ගෙදරකට විදුලි පණිවුඩයක් අාවහම එ් ගෙදර මිනිස්සු විතරක් නෙවෙයි අහලපහළ මිනිස්සුත් කලබල වෙනවා. එ් කාලෙ කිවුවෙ ජංගම දුරකතනය අපේ රටේ ප්‍රචලිත වෙන්න කලින්. අසල්වැසියෝ එ් ගෙදරින් මෙහෙම අහනවා. "ඔහේලයි ගෙදරට ටැලිගිරන් එකක් අාව නේ මොකෝ කරදරයක්වත් ද?" එහෙම අහන්නෙ ඕපදූප හොයන්න නෙවෙයි ලෙන්ගතුකමට. එ් තමයි ගමේකම. අසූව දශකයේ මම වැඩ කළේ තැපල් දෙපාර්තමේන්තුවෙ ගාල්ලෙ ගිණුම් කාර්යාලයේ. ගාල්ල මාතර දිස්ත්‍රික්ක දෙකේම විදුලි පණිවුඩවල ගාස්තු හරියට අයකරගෙනද කියල පරීක්ෂා කළේ අපේ කාර්යාලෙ. එ් කාලෙ මට මතක හැටියට එක වචනෙකට අය කළේ සත දහයයි. පරික්ෂණ අංශෙ ප්‍රධානියා හැටියට වැඩ කළේ හේමපාල මහත්තයා. මට පැවරිලා තිබුණෙ ගිණුම් සම්බන්ධ විෂයක්. දවසෙම ඉලක්කම් එක්කලා ඔට්ටු අල්ලලා මගේ ඔලුව මඥඤන් වුනහම මම එනවා හේමපාල මහත්තයට උදවුවට. වැඩියටමත් මම එහෙම උදවු කරන්නෙ විදුලි පණිවුඩ කියවන්න තිබුණු අාසාවට. බොහොමයක් විදුලි පණිවුඩවල තිබුණෙ මරණ දැන්වීම්. අාච්චි මළා සීය මළා අම්මා මළා අප්පච්චි මළා කියලා. අප්පච්චි මළා කිවුවම මොනරාගල පැත්තෙ මන්ත්‍රීවරයෙකුත් මතක්වුණා. ඊළඟට තිබුණෙ නිවාඩු ඉල්ලීම්. මට කියවන්න ලැබුණා එවකට ගාල්ලෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව හිටපු දහනායක මහත්තයා කතානායකතුමාට යවපු විදුලි පණිවුඩයක්. එ්ක තමයි මම කියවපු දිගම විදුලි පණිවුඩය. පෝරම කොළ තුනක ලියල තිබුණා. එ්කෙ අන්තර්ගතය තමයි පාර්ලිමේන්තුවෙ කතාකරන්න අවසර ඉල්ලීම. දැන් මගේ මතක ශක්තිය දුර්වල වුණාට මොකෝ සමහර විදුලි පණිවුඩවල තිබිච්ච දේවල් මට තාමත් කටපාඩමෙන් කියන්න පුලුවන්. "හින්නෙට කියල බලිය හදවපන් මම එනකොට පරක්කු වේවි _ යකදුරු මහත්තයා" "ඊයෙ රෑත් අරූ අාවා මට බයයි _ කුසුමාවතී" "මීදෙන් මක්වුණාද කවුද්දන් _හිච්චා" " හෙට ගොයම් කපනවා_ අප්පුහාමි" " ලොකු කෙල්ල ගෙට වුණා _ කැතරිනා" දැන් හදිසි පණිවුඩයක් යවන්න තැපල් කන්තෝරුවට දුවන්න ඕනැන්නෙ නෑ. දේස දීපංකරේම තියේනෙ නියපොත්තෙ දුරින්. චන්ද්‍රසේන කොඩිතුවත්කු.02 වර්ෂා බලාපොරොත්තු වූයේ පිටුව පුරා ලියැවුණු දිගම දිග ලිපියක් නමුත් එහි වූයේ වචන තුනක් හා ඉලක්කම් කිහිපයකි. එය ද කිසිඳු පිළිවෙලක් නැතිව සිංහල අකුරින් කොළයේ හරි මැදට වෙන්න ලියූවකි. "හම්බවෙන්න ඕනෙ - දේව්" ඊට යටින් ඔහුගේ දුරකථන අංකය යැයි සිතිය හැකි ඉලක්කම් කිහිපයකි. ඒ දුටු වර්ෂාගේ තිගැස්ම පහව ගොස් මුවගට සිනාවක් නැගුනේ නිරායාසයෙනි. දේව් ට කතා කරම්දෝ යි මොහොතක් කල්පනා කොට සිය ජංගම දුරකථයෙන් දේව්ගේ දුරකථන අංකයේ අංක හතරක් අංකනය කළ ඇය යළි එය මකා දැම්මාය. තවත් මොහොතක පමාවකින් හිතට දිරි ගත් ඇය දුරකථන ඇමතුම ගත්තාය. "හෙලෝ" "හෙලෝ... මේ මිස්ට දේව් නෙවෙයිද?" අනෙක් පසින් ඇසුණේ සිංහල අයෙකු කතා කරන හඬක් බැවින් වර්ෂා විමසුවාය. "ආ... මේ වර්ෂා මිස් නේද? මං ගගන. පොඩ්ඩක් ඉන්න මිස් දේව්ට දෙන්නම්" තත්පර දෙක තුනකට පසු අමුතු උච්චාරණයක් සහිතව දේව් ඇය ඇමතුවේය. "කොහොමද මිස්? හෙට මෙහෙන් යනව නේද?" දමිල උරුවට නමුත් දේව් පැහැදිලි සිංහලෙන් නැවතිල්ලේ කතා කළේය. "ආ... නෑ. මං යන්නෙ තව දවස් හතරකින්. යාළුවො ටික නම් හෙට යනවා" "එහෙනම් හොඳයි" "මොකක්ද?" "නෑ මං කිව්වෙ තව ටික දවසක් මෙහෙ ඉන්නවනම් හොඳයි කියලා" දේව් ගේ සිංහල බස හැසිරවීම වර්ෂාගේ සිත් ගත්තාය. කොහොමත් ඇය වෙනත් ජාතිකයින් සිංහල බස උච්චාරණය කරන අයුරු ඇසීමට, වෙනත් ජාතිකයින් සිංහල සින්දු කියනු ඇසීමට කැමැත්තක් දැක්වූයේ කුඩා කල පටන්ය. විවිධ රූපවාහිනී වැඩසටහන් වලදී එවන් අවස්ථා ඇය නැරඹූයේ ඉතා සතුටිනි. වර්ෂාගේ ගමේ බහුතරයක් දෙමළ ජාතිකයින් වූ නිසා ඇගේ බොහෝ යහළුවන්ද දෙමළ වූහ. ඇය ඔවුන්ගෙන් දෙමළ භාෂාව උගත් අතර ඔවුන්ට සිංහල උගන්වා ඔවුන් කැඩුණු සිංහලෙන් කතා කරනු ආසාවෙන් අසා සිටියාය. "ඇයි මං තව ඉන්න එක හොඳයි කිව්වෙ?" "මට මිස් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ" "ඉස්සෙල්ලම ඔය මිස් කෑල්ල නවත්තගන්නකෝ. මං වර්ෂා... හරි, දැන් කියන්න. මං අහගෙන ඉන්නෙ" "මෙහෙම නෙවෙයි මිස්... හම්බවෙලා කතා කරන්න" "ඔය. ආයෙත් මිස්" "සොරි මිස්... ව..ර්..ෂා.." "හරි මං එන්නම්. කොහේටද එන්න ඕනෙ? හැබැයි මං මෙහෙ වැඩිය තැන් නම් දන්නෙ නෑ" "වර්ෂා කෙහෙද දන්නෙ?" මේ කේරළයේ තමා දන්නා සීමිත තැන් වර්ෂා මෙනෙහි කළාය. තමන් නවාතැන් ගෙන සිටින එලයිට් හෝටලය, ආහාර මිළට ගන්නා භාරත් හෝටලය, ත්‍රිශූර් දුම්රිය ස්ථානය, ජයලක්ෂ්මි සිල්ක්, කළ්‍යාන් සිල්ක්.... "මං ගොඩක් තැන් නම් දන්නෙ නෑ. භාරත් එකයි, ත්‍රිශූර් ස්ටේෂන් එකයි, ම්... එතකොට කළ්‍යාන් සිල්ක්, ජයලක්ෂ්මි සිල්ක් එහෙම දන්නවා" "හරි. එහෙනම් මං භාරත් එක ගාවට හෙට උදේ හතහමාරට එන්නම්. අපි උදේට කාලම කතා කරමු" "හරි. මං එන්නම්" තවත් කිසිවක් නොදොඩාම දුරකථන ඇමතුම විසන්ධි විය. වර්ෂාගේ සිතට අමුතුම මිහිරක් මෙන්ම අනියත බියක් ද ඇතිවිය. මේ ගැන යෙහෙළියන් හා කතා කිරීමට සිතූ ඇය මයුමි ඇමතුවාය. මයුමි ඇමතුමට සම්බන්ධ වූයේ සිනාසෙමිනි. "මොකෝ කෙල්ලෙ පාළුයිද අපි නැතිව?" "ඇත්තටම ඔව් අනේ. වෙනදා මේ වෙලාවට අපි සාප්පු වන්දනාවෙනෙ. ඒක නෙවෙයි, ඔයාලා වැඩකද?" "ඔව් වර්ෂා. තව ටිකකින් අපිට මීටින් එකක් තියෙනවා. ඕවා ඉතින් කීයට ඉවර වෙයිද දන්නෙ නෑ නෙ. ඊට කලින් බෑග් ටික අස් කරගන්නත් ඕනෙ" "හරි මයුමි. මං හෙට කෝල් කරන්නම්. හසිතාවත් මතක් කළා කියන්න" ...... ...... ....... වර්ෂා නින්දට ගියද නිදි දෙව් දුව ඇය අසලකටවත් ආවේ නැත. ඇඳේ ඒ මේ අතට පෙරළෙමින් කොට්ටයේ දෙපැත්ත මාරු කරමින් ඇය හෝරාවක් පමණ නොනිදා ගතකළාය. සැඳෑ කාලයේ වූ ඒ කුඩා සිදුවීම තම නින්දට මෙතරම් බලපෑමක් ඇති කරතැයි වර්ෂා කිසිවිටෙක නොසිතුවාය. නිදාගන්නට ගත් උත්සාහයන් සියල්ල ව්‍යර්ථව යද්දී හිස යට තිබූ කොට්ටය තුරුළට ගත් ඇය දේව් හමුවූ මුල්ම අවස්ථාව සිහි කළාය. ඒ ඔවුන් මව් රටින් කේරළය බලා පැමිණි ප්‍රථම දිනයයි. කොචින් ගුවන් තොටුපලේදී හඳුනාගත් ලාංකික සිසු පිරිස අතරින් වර්ෂා හා බොහෝ සේ හිතවත් වූ හසිතා හා මයුමි සමග භාරත් හෝටලයට ගොඩවූයේ රාත්‍රි ආහාරය ගැනීම පිණිස පිරිසිදු අවන්හලක් සොයා ඇවිදිමින් සිටියදී ලද තොරතුරකට අනුවය. තෝසේ සමග සාම්බාරු ඇණවුම් කළ වර්ෂා මිතුරියන් සමග අසුන්ගෙන ඇණවුම ලැබෙන තුරු ආ ගිය තොරතුරු හුවමාරු කර ගනිමින් සිටියාය. මේසයේ එක් පැත්තක වර්ෂා තනිව අසුන් ගෙන සිටි අතර ඇයට ඉදිරිපසින් මිතුරියන් අසුන් ගෙන සිටියෝය. වර්ෂාට ඉදිරියෙන් වූ මේසයේ තරුණයින් දෙදෙනෙකු ආහාර ගනිමින් සිටි අතර ආපන ශාලාව තුළ වැඩි සෙනඟක් සිටියේද නැත. මිතුරියන් දෙදෙනාගේ හිස් අතරින්, උරහිසට උඩින් පෙනෙන එක් තරුණයෙකු ආහාර ගන්නා විනීත විලාසය කෙරෙහි වර්ෂාගේ සිත ඇදී ගියේ නිරායාසයෙනි. ඉතාම සංයමයෙන් ආහාර ගත් ඔහුගේ දෑස් එක් වරක් හදිසියේම වර්ෂාගේ දෑස් මත මොහොතකට නතර වූයේ
අහම්බෙනි. දෑස් යුගල් දෙක එකට පැටලී ගතවූ තත්පර කිහිපයකට පසු තරුණයා ලැජ්ජාශීලී සිනාවක් පා බිම බලා ගත්තේ වර්ෂාගේ සිතේ නොමැකෙන සටහනක් ද තබමිනි. නැවත වරක් වර්ෂාට තරුණයා හමුවූයේ ඊට පසු දින සවස සාප්පු සවාරියේදීය. පුහුණුව ආරම්භ කිරීමට නියමිතව තිබූ දාට පෙර දින එනම් වර්ෂා ඇතුළු පිරිස කේරළයට පැමිණි දාට පසු දින වර්ෂා ගුවන් තොටුපලේදී මිතුරු වූ මයුමිත් හසිතාත් සමග සාප්පු සවාරි ගියේ යමක් මිළට ගැනීමටත් වඩා සාප්පු ගැන, ඒවායේ ඇති දෑ ගැන අවබෝධයක් ලබා ගැනීමටය. විහිළු කරමින්, සිනාසෙමින් පැමිණි යුවතියන් තමා ඉදිරියට එන තරුණයින් දුටුවේ නැති අතර කතා කරමින් පැමිණි තරුණයෝ ද යුවතියන් දුටුවේ නැත. නොසිතූ මොහොතක ජයලක්ෂ්මි සිල්ක් හි සිට එළියට පැමිණි තරුණයෙකුගේ ඇඟේ වැදී විසිවූ වර්ෂා බිම නොවැටී බේරුනේ බඳ වටා අත යවා ඇය අල්ලා ගත් තරුණයා නිසාය. ඔහුගේ දෑස් හා ඔහුගේ දෑතට මැදිවී සිටි වර්ෂාගේ දෑස් එකට යා වී පැවති මොහොතකට පසු ග්‍රහණය ලිහිල් කළ තරුණයා ඉවතට ගියේ සමාව යදිමිනි. "සොරි" "අනේ සොරි. මං දැක්කෙ නෑ..." පෙරදා භාරත් හෝටලයේදී දුටු ඒ දෑස් නැවත දැකීමෙන් කලබල වූ වර්ෂාට කියවුණේ සිංහලෙනි. ඒ අසා කලබල වූයේ සාරි යැයි සිතිය හැකි පෙට්ටි දෙකක් බෑගයක් දමාගෙන සිටි අනෙක් තරුණයාය. "ඔයාලා ලංකාවෙන්ද?" ඔහු සිංහලෙන් විමසූ විට යුවතියන් තිදෙනාට දැණුනේ මහත් සතුටකි. නන්නාඳුනන රටක තමන්ගේ කෙනෙක් හමුවුණා වැනි හැඟීමකි. "ඔව්. ඔයා?" පිළිතුරු දුන්නේ හසිතාය. "මං ගගන. ලංකාවෙ ගිරිඋල්ලේ. මේ දේව්. එයා නම් මෙහෙ කෙනෙක්" "එහෙමද? මං හසිතා. හෝමගම. මේ මයුමි. නුවර. මේ වර්ෂා. මඩකලපුවෙ" හසිතා සියල්ලන් හඳුන්වා දුන්නාය. "එතකොට ඔයාලා මෙහෙ?" "අපි සති තුනකට ට්‍රේනින් එකකට ආවෙ. ඔයා මෙහෙ ජොබ් එකක් කරනවද?" ඒ මයුමි ය. "මං මෙහෙ ප්‍රයිවෙට් කැම්පස් එකක වැඩ කරනවා" වර්ෂා කතා කළේ නැත. ඇය තාමත් සිටින්නේ කලබල මානසිකත්වයෙනි. මෙතෙක් නිහඬව සිටි දේව් නම් තරුණයා කටහඬ අවදි කළේය. "එක්ස්කියුස් මී" ඔහු ගගන දෙස බලා දෑසින් යමක් පැවසීය. එය තේරුම් ගත් ගගන, "සන්තෝසයි අඳුනගන්න ලැබුණට. ආයෙ හම්බවෙමුකො. අපි ගිහින් එන්නම්" යුවතියන්ට කිසිවක් කීමට ඉඩ නොතබා තරුණයින් දෙදෙනා ඔවුන්ගෙන් සමුගත්හ. මතු සම්බන්ධයි... සිතුවම අන්තර්ජාලයෙනි.හැත්තෑව දශකයෙ දරැ උපතක් …. (පොඩි කතාවක්) සුධර්මයි සේකරභානු යි බැන්දෙ අව්‍රැදු දහයක් ආදරේ කරල මං බොලඳ වියේ බැඳි හාද වගේ ඉස්කෝලේ කාලෙ හිටන් ප්‍රේම කරල. ඒත් කසාද බැන්දට පස්සෙ සුධර්මා හිතුව තරම් ඒ ජීවිතේ නම් මල් යහනක් උනේ නෑ. ඒකට හේතුව ආර්තික ප්‍රශ්න ම නෙමී. එයාල කලේ ආන්ඩුවෙ රැකියාවල්. සුධර්මා හෙදියක් නිසා ගොඩක් කාර්‍ය් බහුලයි රෑ දවල් නැතුව ඩියුටි වැටෙනව සේකරභානු උප විදුහල්පති වරයෙක් ඉස්කෝලෙම ඔලුව උඩ තියන් හිටිය. රෑ වැඩ මුරයට යනතුරුත් සේකරභානු පාසලේ අතිරේක වැඩ නිමවෙලා ගෙදර ඇවිත් නෑ. පහුවෙනිද සුධර්ම එද්දි සේකර වැඩට ගිහින්. සුධර්ම කෙටියෙන් කිවේ සේකර කියල නිසා අපිත් එහෙම කියමු.. ඔය ව්දියට එකදිගට දවස් තුන හතර දෙන්න මුන ගැහිලවත් නැති අවස්තා ඕනි තරම්. මේ කියන කාලේ මොබයිල් ෆෝන් තියා ගෙවල් වලවත් ෆෝන් තිබ්බෙ එහෙමත් ගෙදරක. ඒ නිසා රෑ සේකර ගෙදර ආවද කියල දැනගන්නවත් ක්‍රමයක් තිබ්බෙ නෑ. සන්නිවේදනය නොමැති කම නිසාම ගෙදර තව ප්‍රශ්න කෙලවරක් නෑ සේකර එළවළු සහ බඩු මල්ලක් උස්සන් එනව. ගොඩක් වෙලාවට එයා ගේන්නෙ ගෙදර තියෙන බඩුමයි . ඇයි අහගෙන ගිහින් නෙමි නෙ බඩු ගේන්නෙ එතකොට සමහර බඩු අතිරිකතයක් වගේම සමහර අත්‍යවශ්‍ය බඩු ගෙනත් නෑ. මහ රෑ බැන බැන එක්කො සේකරව ආයේ කඩේ යවනව. ඉතින් පිට කවරෙ විතරක් බලල කතාව හදා ගන්න අහල පහල ලලනාවො කියනව අනේ මේ ගෑනි අර මනුස්සයව මහරෑත් කඩේ යවනව කියල. සමහර දාට සුධර්ම රෑ වැඩ ඉවරවෙලා ගෙදර එන්නෙ ඉක්මනට මොනව හරි උයල කාලා නිදාගන්න. එතකොට ගෙදර ඕනිම කරන බඩු නෑ . ඉතින් නිදිමරගාතේ කඩේ යන්නත් වෙනව. හැබැයි අහල පහල ලලනාවන්ට ඒක පේන්නෙ නෑ. සේකර හරිම නිවුනු කෙනෙක් ඇවිදින්නෙත් බිම බලාගෙන. උදේ පාන්දර රෑ වැඩ කරල නිදිමරගාතෙ කඩේ යන සුධර්මගෙන් ළඟ ගෙදරක ලලනාවක් අහනවලු සේකර මහත්තයා හරිම තැන්පත් නේද හරියට සෝවාන්වෙලා වගේ ඉන්නෙ කියල .. සුධර්ම ගත්ත කටටම කියල සෝවාන් නම් මං දන්නෙ නෑ හිටිගමන් රහත් නම් වෙලා ඉන්නව දවස් ගානක් කියල. ලලනාවට කට උත්තර නැති වෙන්නම. කතාව කියන්න කලින් පොඩ්ඩක් වටපිටාව විස්තර කලේ කතාව තේරුම් ගන්න ලේසිවෙන්න. තව දෙයක් කියන්න ඕනි මෙයාලා ගමෙන් කොළඹට ආපු අය. දෙන්නටම මෙහෙ රැකියා ලැබිල තමා පදින්චියට ඇවිත් තිබ්බෙ. ඉතින් කිට්ටුව පාතක උදව්වට කියල නෑයෙක්වත් හිටියෙ නෑ. ගේවල් කුලී එහෙමත් ගෙවාගෙන ඉන්න අතර වැඩට කෙනෙක් තියාගන්න අපහසු තාවයක් තිබුන ඉතින්. ඔහොම ඉන්න අතරෙ කොහොම හරි දැන් සුධර්මට දරැවෙක් ලැබෙන්න ආපි. දැන් වගේ හස්බන්ඩ එක්ක ක්ලිනික් එන්න ඕනි ඔයවගේ කතන්තර තිබ්බෙ නැ ඒ කාලේ. සුධර්මා හෙදියක් නිසා කොහොම කොහොම හරි ගැටගහගෙන ගියා කියමුකො. දැන් ලමය ලැබෙන්නත් සති තුන හතරක් තියෙන්නෙ. සේකර නම් එයාගෙ ඉස්කෝලේ ඔලුව උඩින් බිමින් තියන පාටක් තිබුනෙ නෑ. ලමය ලැබෙන්න සති තුනයි තව තියෙන්නෙ කියල සුධර්ම මතක් කරලයි තිබ්බෙ. මොනව නැතත් සති තුනේ කතාව නම් සේකරගෙ ඔලුවෙ තිබ්බ ඔහොම ඉන්න අතරෙ සුධර්ම රෑ වැඩට ගියා. කියන්න බැරි උනානෙ දැන් සුධර්මා වැඩ කරන්නෙ මහ රෝහලේ. දැන් කාලේ වගේ ලමයි ඉපදෙන්න වැහි වැහැල පුද්ගලික රෝහල් නෑ ලිං හත, al අලුත්ලෝකෙ, ආසිරි මංගල වගේ. ලමයි ලැබෙන්නෙ කාසල් එකේ. එදා රෑ කාසල් එකේ ලමෙක් බිහිකල අම්මෙකුට වෙන අසනීපයක් හැදිල ගිලන්රථයෙ මහ රෝහලට ගෙනල්ල ලෙඩා ඇතුලත් කරල තිබ්බෙ සුධර්මා ගෙ වාට්ටුවට. කාසල් එකේ සාත්තු සේවිකාවො කියන්නෙ හරියට වින්නඹු අම්මල වගේ. මූන බලල කියන්න ඇහැකි ලමය අද හෙට එලියට එනවද කියල. ඔන්න ඉතින් සාත්තු සේවිකාව සුධර්ම ව දැකල ඇස්දෙකත් ලොකු කරල කියනව.. මිස් බබා හම්බ වෙන්න ඔන්න මෙන්න තියාගෙන ඇයි මේ වැඩට ඇවිත් කියල . මොන පිස්සුද මට තව සති තුනක් තියෙනව සුධර්ම ගානකටවත් ගත්තෙ නෑ. කිව්ව නහන ගුරු ඕනි දෙයක් කරගත්තාවෙ කියල සාත්තු සේවිකාව ආපු ගිලන්රථේ ආපහු ගිහින් පැයක් වත් යන්න කලින් මෙන්න බොලේ අපේ සුධර්මට විලිරැදාව ලු හොඳ වෙලාවට ඉස්පිරිතාලෙ නෙ ඉතින් වැඩ ,ඒ නිසා ගිලන්රථයකින් වහාම කාසල් එකට යවල. පාන්දර එලිවෙන අතේ වෙද්දි දරැවත් ලැබිල . අනේ ඉතින් අඳුමක් වත් නෑ. දන්නවනෙ දැන් කාලෙ ලමෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක් ඉස්පිරිතාලෙ යන්න සූදානම් වෙන හැටි මේ මොකුත් නැති අසරන සුධර්මා එලිවෙන්නෙ කොයි වෙලේද බලා ඉඳල තියෙන්නෙ. ගෙවල් ගාව ගෙයකවත් ඒ කාලෙ දුරකතනයක් තිබිල නෑ. සුධර්ම දන්නව සේකර උදේ හත වෙද්දි ඉස්කෝලෙට එන බව. ලමය හම්බුනේ පාන්දර උනත් අමාරුවෙන් මේට්‍ර්න් ඔෆිස් එකට ගිහින් සුධර්මා ඉස්කෝලෙට ඇමතුමක් අරන්. කරුමෙ කියන්නෙ එදා බස් එක පරක්කු වෙලා සේකර ඉස්කෝලෙට ඇවිත් තියෙන්නෙ විනාඩි කිහිපයක් පරක්කු වෙලා. ඒ වෙලාවෙ ඔෆිස් එකේ හිටි කෙනෙක් තමයි දුරකතනයට පිලිතුරැ දීල තියෙන්නෙ. සේකර මහත්තයට කියන්න නෝනට බබා ලැබුන කියල.. සුධර්මා පනිවිඩේ දීල බලා ඉන්නවලු දැන් එයි දැන් එයි කියල. ලෙඩ්ඩු බලන්න යන්න නියමිත වෙලාවක් තිබ්බට සාමන්‍යයෙන් දොස්තර කෙනෙක් හෙදියක් හම්බෙන්න අවේලාවෙ උනත් යන්න පුලුවන් බව ඔයාල දන්නවනෙ. යාලුවෙලා හිටි කාලෙ නම් සේකර යසට එහෙම ආව ගියාලු. සුධර්මා පත්වෙලා ඉන්න අපහසු තාවය දැකල වාට්ටුවෙ සිස්ටර් අඳින්න රෙද්දකුයි බබාට පෙරවන්න එකකුයි ගෙනත් දීලා. නර්ස් කෙනෙක් උන නිසාමද මන්ද වාට්ටුවෙ හෙදියනුත් කන්න බොන්න එහෙම ගෙනත් දීල. කවරැ හිටියත් මොටද දෙය්යනේ දරැව දීපු මිනිහ නැතුව. දවල් දොලහටත් සේකරය නැති පාර සුධරමගෙ රතු කට්ට පැනලා. ඔයාලට මෙහෙම දෙයක් උනා නම් මොකද කරන්නේ. අවන්කවම කියන්නකො .... ඉතින් සේකර ගෙ කතාවත් අහලම ඉමුකො. සේකර කඩිමුඩියෙ ඉස්කෝලෙට එනව අද කරන්න තියෙන දාහක් වැඩ කල්පනා කර කර. ප්‍රින්සිපලුත් අපරාදෙ කියන්න බෑ එයාගෙ වැඩවලින් බාගයක් දෙන්නෙ සේකරට. උදේම ආපු ගමන් මෙන්න ටීචර් කෙනෙක් දුවන් එනව. සේකර් සර් අන්න නෝනට ලමය හම්බුනා කියල කෝල් එකක් ආවා. ම්ම්... වෙන්න බෑනේ තව සති තුනක් තියෙනවත් කිව්වනෙ..අපේ නෝනටම කියල කිව්වද සේකරගෙන් හරස් ප්‍රශ්නයක්. ඔව් සර් නෝනම තමයි කෝල් එක දුන්නෙත්. අනික මේ දවස්වල වෙන සර් ලගෙ නෝනලට බබ්බු හම්බෙන්න හිටියෙ නෑනේ ටීචරැත් කොමල පපා කීවෙ නැතෑ . හා මිස් මං බලන්නම්කො.. පනිවිඩේ කිව්වට ස්තූති .. එහෙම කියල සේකර කල්පනා කරන්න ගත්ත.. තව සති තුනක් තියෙනව කිව්ව නෙ...අනික ලමය හම්බලා නම් සුධර්ම කොහොමද කෝල් එකක් ගන්න වත් එලියට එන්නෙ.. සේකර ඉතින් දන්න තරම තමයි. ඔය අස්සෙ තව සර් කෙනෙක් දුවන් ආවා. සේකර සර් අද අර නමයෙ පන්තියෙ ලමයිගෙ ශ්‍රමදානේ. ප්‍රින්සිපල් සර් ගුරු දෙගුරු රැස්වීමකට යනව කියල පොඩ්ඩක් ඒ පැත්ත බලන්න කිව්ව. දන්නවනෙ මේ නමයෙ යක්කු ටික හෙන ඇට්ටරයො නෙ. සේකරට ආයෙ නෝන ගැන හිත හිත ඉන්න හම්බුනෙ නෑ..ඒ වැඩ ටිකත් පිලිවෙල කරල එකහමාරට ඉස්කෝලෙත් ඇරිල කෝකටත් කියල් ගෙදර ගියා. කලින් දවසෙ කෑම බීම එහෙමම භාජන වල. වෙනදට සුධර්ම උදේට ඇවිත් ඕව හෝදල උයලත් තියල නිදාගන්නෙ කියල සේකර දන්නව... තාමත් ගෙදර ඇවිත් නෑ කියන්නෙ අද සුධර්ම එකට ඕෆ් වෙලාවත් ඇවිත් නෑ කියන එක. දෙය්යෝ සාක්කි මං ඉවරයි එවෙලෙ නම් සේකරට මැවිල පෙනුන සුධර්ම බෙල්ල මිරිකනව වගේ. වෙලාව තුනත් පහුවෙල ලෙඩ්ඩු බලන්න වෙන්නෙ පහට. ඒ කාලෙ දැන් වගේ ත්‍රීවිල් එහෙම නෑ පාරට බැහැපු ගමන්. සේකර එහෙමම ඉස්පිරිතාලෙ යන්න දිව්ව. පාරෙ බස් මදිවට සිලෝන් ටකරන් බස් සේවය. ටැෆික් නැති උනාට මොකද ගාට ගාට නෙ යන්නෙ ඉතින්. තාමත් ඔය සමහර පාරවල් වල තියෙන්නෙ මන්ද ගාමී සේවාව. සේකර ඉස්පිරිතාලෙ යද්දි කොහොමත් පහට කිට්ටුයි. සුධරම නර්ස් කෙනෙක් නිසා අමාරු උනේ නෑ ඉන්න වාට්ටුව හොයාගන්න. මෙන්න සුධර්ම ඉන්නව යක්ශාරෑඩ වෙලා. තරහ දුක සමග තව මොන මොන සංකීර්ණ හැඟීම
් පහල වෙන්න ඇද්ද. දැන් ද මිනිහො දරැව බලන්න එන්නෙ..සුධර්ම මහ හඬින් බනිනව කඳුළු හල හල. ටික වෙලාවකින් ඔන්න දරැව චෑස් චෑස් ගානකොට තරහ පොඩ්ඩක් නිවුනා. මෙන්න පුතේ තාත්ත ඇවිත් තියෙන්නෙ දැන් සුධර්ම සරදමටත් එක්ක කිව්ව. මේ …හෙට නිවාඩු දාලා එනව වාහනයක් අරන් දරැව ගෙදර අරන් යන්න. සුධර්මගෙ තරහ තාම නිවිල නෑ. හා හා හා අද සඳුදා හෙට අඟහරුවාදා දවසෙ ඉස් ඉස්සෙල්ලම දරැව ගෙදර ගෙනියන්න හොඳ නෑ...මෙච්චර හරියක් වෙලා තියෙද්දි සේකර කියනවනෙ ලැජ්ජ නැතුව. දැන් නම් රතු කට්ටෙ තිබ්බ සුධරමගෙ තරහ නගින්න තව කට්ටක් තිබ්බෙ නෑ. මේ ඕයි තමුසෙට හෙට ලමය ගෙදර ගිනියන්න බැරි නම් කැලේකට අරන් යනව. මම හෙට ගෙදර යනව සුධර්ම වාට්ටුව දෙවනත් වෙන්න කෑගැහුව. නිදාහිටි අම්මල උඩ ගිහින් ඇහැරුනා. අම්මලගෙ කිරි බිබී හිටි කිරි පැටව් රැහැය්යො වගේ බය වෙලා චෑස් චෑස් ගාන්න ගත්ත. සෑහෙන වෙලාවක් ගියා වාට්ටුව නිශ්ශබ්ද වෙන්න ඔන්න සේකර ජීවිතේ පලවෙනි වතාවට නිවාඩුවක් දාලා පහුවෙනිද අම්මයි පුතයි ගෙදර එක්කන් ගියා කුජගෙ දවසක් උනත්. ඔන්න ඔහොමයි හැත්තෑව දශකයෙ අග භාගයේ එක දරැවෙක් ඉපදුනෙ. ඒත ජීවිතේ තියෙන තාක් මොන බිහින් බස්වීමක් ඇති උනත් කතාව ඉවරවෙන්නෙ සේකරට ලුනු ඇඹුල් ඇතිව දරැ උපත මතක් කරල දීලා... මහත්වරැනි ඒවගේ ලොකු මිස්ටේක් ජීවිතේ තියාගන්න එපා.මැරෙනකම්ම බැනුම් අහන්න වෙනව හැත්තෑව දශකයේ ඉපදුනා නම් දරැවට දැන් හතලිහත් පැනල. හැබැයි ඕන් මම එහෙම නම් නෙමි. (පින්තූරය අන්තර්ජාලයෙන් කැමති හහා අඬන වෑව් ආදරෙයි කෙයාරින්ග් ඕනි ඉමෝජි එකකට විවුර්තයි. මෙහෙම දෙයක් හරි සමාන දෙයක් හරි හැබෑ ජිවිතේ උන අය ඉන්නවද දැනගන්නත් ආසයි)මාල හතක් බැඳල, හත්දා මඟුල් කමුද? කත් මඟුල් කමුද? අදටත් මනමාලිගෙ කරේ බඳින මේ මාල හත මොකක්ද ? හත්දා මඟුල් කන්නෙ කොහොමද? ඒ වගේ තිබ්බ තවත් මඟුල් කෑම් මොනවද? මගුල් තුලාව කියන්නෙ මොකක්ද? දන්නෙ නැත්නම් කියවල බලන්න! 0. හත්දා මඟුල් කෑම-: මෙය ඇතැම් ප්‍රදේශවල, දින හතක් එක දිගටම මඟුල් කෑමක් ලෙස අදහස් වන නමුත්, අපේ පැරැන්නන් මෙයින් අදහස් කළේ, අංග සම්පූර්ණ මඟුල් කෑමක්. ' හත්දා මඟුල් කනවා' යනු, මංගල්ලයකදී සිදුවිය යුතු සියලුම අවස්ථාවන් සම්පූර්ණ කිරීමකි. කිසිම අඩුපාඩුවක් නැති මඟුලකි. මේ අනුව , විවාහයට සම්බන්ධ අවස්ථා හතකම මංගල්‍ය උත්සව පවත්වන ලදී. මේ ඒ අවස්ථා හතයි. # නෑ හේත්තුවේ යාම: මනමාල පාර්ශ්වයේ නෑදෑයින් කදමලු බැඳගෙන, උත්සවාකාරයෙන් මනමාලියගේ නිවසට ගොස්, මංගල්ලය තීන්දු කර ගැනීම නෑ හේත්තුවේ යාමයි. අලුතින් නෑයන් තමන්ට හේත්තු කරගැනීමක් මෙහිදී සිදුවන නිසා, මෙය නෑ හේත්තුව වී ඇත. # නැකත්පත භාර දීම: විවාහය ස්ථිර වූ පසුව,මඟුල් නැකැත් සාදන්නේ මනමාලයාගේ පාර්ශ්වයයි. එසේ සදනා මඟුල් නැකැත්පත්‍රය, අලංකාර මංජුසාවක බහා පෙරහැරකින් ගෙනගොස්, මනමාලියගේ දෙමව්පියන්ට බාර දේ. # බුලත් දීම : මීළඟට කළ යුත්තේ මඟුලට සහභාගි කරගත යුතු අයට ආරාධනා කිරීමයි. ඒ සඳහා දෙපාර්ශ්වයේ නෑයින්ගේ නිවෙස්වලට යන දිනයද උත්සවයකි. ඉලත්තට්ටුවක බුලත් අතුරා, සුදුරෙද්දකින් වසාගෙන අදාල නිවසට ගොස් කාරණාව කියා, දෑතින්ම පිළිගන්වන අතර, ගෙහිමියා තම නිවසින් සහභාගි වන සංඛ්‍යාවට සමාන බුලත් කොළ ගණනක් ඉන් ගනී. කුඩා දරුවන් සඳහා බුලත් කොළය දෙකට ඉරා, එයින් ඉරුවක් ගනු ලැබේ.සෑම දරුවකු වෙනුවෙන්ම වෙනම ඉරුවක් ගෙන, ඉතිරි ඉරුව හෙප්පුවේ තැබිය යුතුය. (වෙනත් ගෙදරකට යාමට පෙර, මෙම ඉතිරි ඉරු ඉවත්කරගෙන වෙනමම තබාගැනේ.) තමන් ගෙනගිය බුලත්වලින් ඉතිරිය ගණන්බලා, මඟුලට සහභාගි වන ගණන සකසාගනු ලැබේ. එවන් ආරාධනාවක් නැතුව කිසිවෙක් මඟුලට සහභාගි නොවෙත්. ' උඹට කවුද බුලත් දුන්නෙ?' යන කියමන ආවේ මේ සිරිතෙන්. මෙය අදිරි කිරීම යනුවෙන් හඳුන්වන්නේ දිගාමඩුල්ලේ වැසියන් ය. # කලප්පන්න බාර දීම: අද මෙන් මුදල් ගනුදෙනු සුලබ නොවූ අතීතයේ , ඒ සඳහා බොහෝවිට සිදුවූයේ භාණ්ඩ හුවමාරුවයි. මඟුල් තුලාවට මනමාලියගේ නිවසට යන , මනමාලයාගේ පාර්ශ්වයට සංග්‍රහ කිරීම මනමාලියගේ පාර්ශ්වයේ කටයුත්තකි. මෙහිදී විවාහවන දෙපලට මුදලින් ත්‍යාග දීමක් නොවූ නිසා , අපේ පැරැන්නන් කළේ මඟුල් තුලාවට පෙර දිනයක, මඟුලට අවශ්‍ය කලමනා මනමාලියගේ නිවසට යැවීමයි. මෙය අවමානයක් නොවන පරිදි පිරුවටවල ඔතා, උත්සවාකාරයෙන් පෙරහැරකින් ගෙනගොස් බාරදෙනු ලැබිණි. #අතපැන් වත්කිරීම හා මඟුල් තුලාව: පෝරුවේ නැංවීමේ චාරිත්‍රය සිදුකෙරෙන්නේ මෙදිනයි. දෙපාර්ශ්වයම එකතු වී, පිල මත හෝ සැකසූ මැස්සක් මත, සුදු රෙද්දකින් වසා තිබෙනා ආහාරය භුක්ති විඳීම, මඟුල් තුලාව ලෙස හඳුන්වනු ලබන අතර, බොහෝදෙනා මඟුල් කෑම ලෙස සැලකුවේ මේ දිනය පමණි. මඟුල් තුලා කතාකරනවා යන්න වහරට ආවේ එයින්. බින්තැන්නේ නම් පෝරුවක් වෙනුවට මෙදිනට ගත්තේ, අටමගල සලකුණු කළ පැදුරකි. මනමාල ඇඳිරිය - දුරබැහැර පෙදෙසකින් මඟුල තීන්දු වූ විට,මනමාලයා ඇතුළු පිරිස, මනමාලියගේ නිවසට පැමිණෙන්නේ පෝරුවේ සිටුවීමට පෙරදින සැන්දෑවේයි. ඒ වෙලාව ඇතැම් පැතිවල, මනමාල ඇඳිරිය ලෙසින් හඳුන්වන්නේ එහෙයිනි. #මහ ගමන යෑම: අතපැන් වත්කොට මනමාලයාට මනමාලිය බාරදුන් පසුව , ඈ කැටුව මනමාලයා නෑ පිරිවර සමගින් පිටත්වේ. මේ ගමනට මනමාලියගේ පාර්ශ්වයෙන් කිසිවෙකුත් සහභාගි නොවෙනා අතර. එදිනට දින දෙකතුනකට පසුව, මනමාලිය බැලීමට නෑදෑයෝ මනමාලයාගේ නිවස බලා පිටත්වෙති. මේ ගමන ඇතැම් ප්‍රදේශයක මහගමන ලෙසත්, ඇතැම් ප්‍රදේශවල මගුල් පස්ස යාම ලෙසත් හැඳින්වේ. අද වන විටද මහගමන කියනා අය සිටියද, වැඩිවශයෙන්ම භාවිත වන්නේ, දෙවෙනි ගමන යාමේ මංගල්ලය ලෙසයි. එදින මනමාලියගේ පාර්ශ්වය තමන්ගෙ තෑගිබෝග ද රැගෙන, මනමාලයාගේ නිවසට උත්සවාකාරයෙන් පැමිණේ. ඇතැමෙක් මෙයම ඉසදිය මංගල්ලය කියාද හඳුන්වති. එයට හේතුව, විවාහයෙන් පසුව මනමාලිය උත්සවාකාරයෙන් නාවන්නේ මෙදින වීමයි. # අනෙකුත් නෑ මිතුරන් මනමාලිය බැලීමට යාම: මහගමන යාමට ආරාධනා ලබන්නේ පවුලේ ළඟම වැඩිහිටියන් පමණක් නිසා, එදිනට යාමට අවස්ථාව නොලබන , අනෙකුත් නෑ මිතුරන්ට මනමාලිය බැලීමට යාමට වෙනත් දිනයක් ලැබේ. එදිනද මඟුල් දිනයක් සේම ආහාරපානවලින් සංග්‍රහ කිරීම සිරිතයි. 0. හේලං කාරයා-: මගුල් තුලාව දෙනු ලබන, අතපැන් මංගල්ලයට මනමාලයා යාමට පෙරදිනයේ, මනමාලයාගේ ඤාතියෙක් මනමාලියගේ නිවසටද, මහගමන යාමට පෙර දිනයේ, මනමාලියගේ ඤාතියෙක් මනමාලයාගේ නිවසටද ගොස්, පැමිණෙන පිරිස ගැන තොරතුරු ද සඳහන් කර, අවශ්‍ය කටයුතු සංවිධානය කරන අතර ,හේලන්කාරයා යනුවෙන් ඔහු හැඳින්වේ. 0. පස්දා මඟුල් කෑම-: ඇතැමෙක් හත්දා මඟුල් වෙනුවට පස්දා මඟුල්ද කති. ඉහත කී හත්දා මගුල්වලින් තමන්ට රිසි දින දෙකක් අත් හැර, ඉතිරි දවස් පහ මෙයට ගණන් ගැනේ. පෝරුවේ සිටුවීම හා මහගමන යාමේ දින දෙක මෙයටද අනිවාර්යයෙන්ම ඇතුළත් වේ. 0. කත් මඟුල් -: පුරාණ දිගාමඩුල්ලේ ජීවත් වූ, පෝඩියාරේලා හෙවත් යමක් කමක් ඇති පොහොසත් උදවිය කෑවේ, කත් මඟුල් ය. එනම්, මනමාලයා මනමාලියගේ ගෙදරට කදක් පුරවාගෙන තෑගිබෝග ගෙනගොස් මඟුල් කෑමයි. පොහොසත්කම් වැඩිනම්, කත් දෙකේ මඟුලකි. අඩු නම් එක කදකි. එක කදක් ගෙනියනවා නම්, ඒ සමග මනමාලියගේ ගෙදරට ගිය හැක්කේ කත්කාරයා හා මනමාලයා ඇතුළුව හය දෙනෙකුට පමණි. කැවිලි පෙවිලි හා බුලත් පුවක් දැමූ පෙට්ටි හතරක් මේ කදට අයත් වේ. කත් දෙකක් ගෙනියනවා නම් දොළොස් දෙනෙකුට යා හැකියි. එවිට කැවිලි පෙවිලි පෙට්ටි අටක් කත් දෙකේ ගෙනියනු ලැබේ. 5.බුලත් පුවක් මඟුල් -: එතරම් වත්කම් නැතත්, චාමෙට හෝ මඟුලක් කන අය, බුලත් පුවක් මංගල්ලයක් වත් ගැනීමට කටයුතු කරති. මෙහිදී අවම වශයෙන් කැවිලි පෙවිලි පෙට්ටි දෙකක්වත් හිස මතින් රැගෙන යති. ඒ සඳහා වෙනමම කුලයක මිනිසුන් කොටසක් එකල වීය. මෙහිදී ගෙනියන බුලත් පුවක් ප්‍රමාණය සිරිත් අනුවම නිශ්චිත ගණනකි. බුලත් 500, පුවක් ගෙඩි 500, කුඩා හුණුමුල් 250,දුම්කොළ කුඩා කැබලි 250 ක් මෙයට අයත්වන අතර, යම් ආකාරයකින් ඇවැස්ස මස්සිනා නොවන කෙනෙක් මනමාලයා නම්, තරුණියගේ මස්සිනා වන අයට කඩුලු බුලත් දීමට( කඩුලු තහංචිය සිරිතට අනුව ) බුලත් 100ක්, පුවක් 100ක්, කුඩා හුණුමුල් 50 ක්, දුම්කොළ කැබැලි 50 ක් ද රැගෙන යා යුතුයි. 6. මාල හත-: ' මාල හතක් බැඳ පෝරුව මත හිඳ නොයන්න ගම හැරදා ! ' සත්පත්තිනි දෙවියන් සිහි කරවමින්, මනමාලියක් කරබඳින මේ මාල හත හඳුන්වන්නෙ මෙහෙම. පෙතිමාලය, ගෙඩි මාලය, කිරිබෝ මාලය, පොල් මල් මාලය, අගස්ති මාලය, ගෙල පෙති මාලය, පවලම් මාලය. බින්තැන්නේ වැසියන් පත්තිනි අම්මලා දහතුන් දෙනෙකු අදහන බැවින්, මාල හතක් පැළඳවීමක් නැත. කොච්චර උජාරුවට මඟුල් කෑවත්, ජීවිතය ගතකිරීමේ අපහසුවත් ඔවුන් වින්ද බව ජනකවියා දුටු හැටි: " මඟුලෙ රඟ දැනෙන්නේ දූ පුතුන් ලත් තැනේයා" Channa Withana 2024.01.27තවත් පාරක් එස් අකුර මට විශේෂයි ඉස්සර ඉඳන්ම.ඒ මගේ නමේ මුල අකුර නිසා.ඒත් එස් අකුරකට මේ තරම් දේවල් කරන්න පුළුවන් වෙයි කියල මම කවදාවත් හිතුවේ නෑ. මම සකුණ.පවුලේ එකම දරුවා.අම්මයි තාත්තයි කවදාවත් මට කිසි බරපතලක් දැනෙන්න දුන්නේ නෑ. එයාල මට බලපෑම් කෙරුව එක ම තැන උසස් පෙළට විෂයන් තෝරද්දී. යාලුවෝ නෑදෑයෝ ඔක්කොගෙම ළමයි සයන්ස් කෙරුව නිසා මටත් ඒකම කරන්න සිද්ද වුණා.කිසි කැමැත්තකින් තෝර ගත්ත දෙයක් නෙවේ නිසා මම ඉස්කෝලේ දී පන්තියේ ඉන්නවත් උනන්දු වුනෙ නෑ.ටියුෂන් යන්න සල්ලි ඉල්ලගෙනත් යාලුවෝ එක්ක රවුම් ගහන එක කලේ. රිසල්ට්ස් ආවා.මම ආදරේ කෙරුව අකුරු 3ක් මට එකතු කර ගන්න බැරි වෙලා.අම්මා අඬනවා,තාත්තා මගේ මූනවත් බලන්නේ නෑ. අවුරුද්දකට සැරයක්වත් එන්නේ යන්නේ නැති නෑදෑයෝ කෝල් කර කර රිසල්ට්ස් අහනවා. මෙතන ගෙයක් තියෙනවදවත් නොදැන වගේ පාරේ ගිය අසල්වැසියෝත් ගේට්ටුව ගාව නැවතිලා අම්මාව කතාවට අල්ලගන්න හදන්නේ. මිදුල අතු ගාන්නවත් එලියට බහින්න බෑ. ඉස්සර වගේ රස්තියාදු ගහන්නවත් විදියක් නැති වුනා.මගදී හම්බ වෙන අයගේ මූණු මගේ රිසල්ට්ස් අහපු ගමන් බෙරි වෙනවා.අන්තිමට කඩේකට ගියත් මට හිතෙන්නේ මුළු කඩේ ම ඉන්න ම
ිනිස්සු මට හිනා වෙනවා වගේ.ඉස්සර කම්පියුටර් එකේ ගේම්ස් ගහන්න ඉල්ලගෙන පොර කාගෙන ආව ළඟ පාත පොඩි ළමයි ටිකත් එන්නේ නැතුව ගියා.මම වගේ එකෙක් ආශ්‍රය කරලා උනුත් විනාස වෙයි වගේ හිතන්න ඇති ඒ ගෙවල් වල අය. පන දීගෙන හිටිය යාලුවෝත් වෙනස් වෙන්න ගත වුනේ ටික කාලයයි. අම්මගේ දුක් ගන්න රාල වෙච්ච ලොකු අම්මා මාව එහෙ එවන්න කිව්වාලු.ලොකු අම්මා නම් හරි හොඳ වුනාට ඒ හිට්ලර් ලොකු තාත්තාට මම කවදාවත් කැමති නෑ. මට තිබුන එකම සැනසීම fb යන එක.ඒත් එතනත් යාලුවෝ රිසල්ට්ස් දාලා. ඔක්කොගෙම රිසල්ට්ස් හොඳයි.අපේ ඉස්කෝලෙන්ම ෆේල් මම විතරද මන්දා. ගෲප් චැට් එකෙත් හැමෝම රිසල්ට්ස් කියනවා විශ් කර ගන්නවා. මට ඔක්කොම එපාම එපා වුනේ "එස් 3ක් දා ගන්න බැරි කොල්ලෙක්ගේ අනාගතේ මොකක්ද අය්යේ. අපි මේක නවත්තමු.ඔයා හොඳින් ඉන්න" කියන මැසේජ් එකෙන්. කිසි කෙනෙක්ට වැඩක් නැති අපතයෙක්,දෙමවුපියන්ගේ සල්ලි නාස්ති කෙරුව කාලකන්නියෙක් විදියට මාව දකින මිනිස්සු මැද්දේ තවත් මට ඒ ගෙදරවත් ටවුමේවත් ඉන්න ඕන වුනේ නෑ. මම ලොකු අම්මාගේ ගෙදර එන්න හිත හදා ගත්තා. ලොකු තාත්තා මාව එයාගේ යාලුවෙක්ගේ ගරාජ් එකක වැඩට දැම්මා. අයිතිකාරය හොඳ වුනාට වැඩ කරන අය අලුත් කොල්ලන්ව වහල්ලු ගානට දාල හිටියේ.මුල මාසේ ම කලේ තේ ඇද්ද එක.යතුරු සුද්ද කරලා අස් කරන ඒවා.ගරාජ් එක අතු ගාන එක. පොඩ්ඩ බැරි වෙද්දී බැනුම් අහලා ඉවරයක් නෑ. "උඹට යස වැඩේ, දැන් ඉතින් අනුන්ගේ වාහන වල මජන් පිහදාපන්, මලකඩ හුරපන්.!" මම මටම කියා ගත්තා.මාසයක් දුක් විඳලා පඩි ගන්න දවස වෙනකල් මම හිටියේ ඇඟිලි ගණන් කර කර, කට්ටිය පාටි ඉල්ල ඉල්ලා හිටියේ මුල් ම පඩියෙන්. ඒත් ලොකු තාත්තගේ යාලුවා “සකුණ ගේ පඩිය ලොකු තාත්තාට දුන්න” කියද්දී මට ආවේ පුදුම තරහක් වගේ ම ඔක්කොම ඉස්සරහ පුදුම ලැජ්ජාවක්."ලොකු තාත්ත මට ආදරේට නෙවේ ගෙදර නවත්තගෙන තියෙන්නේ එහෙනම්. ෂි....මේ මිනිස්සු හිතයි මම මහා ලෝබ කුනෙක් කියලා”. ඒත් ගෙදරදී අම්මාට කෑ ගහනවා වගේ කෑ ගහන්න මට හය්යක් නෑ.උදේට රෑට ගෙදරින් කාල දවල් බත් එකත් අරන් ගෙදර තිබුන බයිසිකලේ පැදගෙන වැඩට යන මට සල්ලි මොකටද අහයි. ඒකෙන් වුනේ මට ඩේටා කාර්ඩ් එකක් වත් ගන්න සල්ලි නැති වුනා. කොහොමත් ගරාජ් එකේ දවස ම නැහිලා ආවට පස්සේ ෆෝන් එක අතට ගන්නත් කලින්ම මම නිදි. ඒ නිසා ඉස්සර වගේ fb වීරයෙක් වෙලා රඟපාන්න වෙලාවවත් කාලයක් යද්දී ආසාවක්වත් නැති වුනා. අවුරුද්දක් විතර යද්දී මම එතන වැඩ අල්ල ගත්තා.දවසක් ලොකු තාත්තා කඩදාසි වගයක් ගෙනත් මගේ ඉස්සරහට දැම්මා. "මේක පුරවලා දෙනවා” මෝටර් මෙකැනික් කෝස් එකකට ඇප්ලිකේශන්. කෝස් එක නම් නියමයි. ෆී එක තමයි සැර. ඒත් එක්ක ම බැංකු පොතක් මේසේ උඩට වැටුනා.ඒක පටන් අරන් තිබ්බ දිනෙයි සල්ලි දාල තිබුන දිනයි බැලුව ම මට මම ගැනම ලජ්ජා හිතුන. "එහෙනම් මේකටයි ලොකු තාත්තා මගේ පඩිය ගත්තේ" පොතේ තිබ්බ සල්ලි වලින් මුල් අවුරුද්දේ ගාස්තු ගෙවා ගන්න පුළුවන් වුනා.ගෙදරින් සල්ලි ඉල්ලන්නේ නෑ කියන තීරණේ මම හිටියේ. ඉතුරු ටික හොයාගන්න මම තවදුරටත් ගරාජ් එකේ වැඩ කළා.දැන් මට ඉගෙන ගන්න හරි උනන්දුවක් තියෙනවා. වියදම් කරන එක රුපියලකත් වටිනාකම හොඳට තේරෙන නිසා ඉස්සර වගේ නාස්ති කරන්න, පන්ති කට් කරන්න හිතුනේ නෑ .ඒ වගේ ම මේ side එකට මම ආසයි.ඒ නිසා හරි කැමැත්තෙන් ඉගෙන ගත්තා.ගරාජ් එකෙන් වැඩ ඉගෙන ගෙන තිබුන නිසා මට කෝස් එකේ වැඩ ලේසි වුනා වගේ ම කෝස් එකෙන් නියම විදියටtheory කියල දෙන නිසා ගරාජ් එකේ වැඩ ලේසි වුනා.වාහනයක සද්දේ ඇහෙද්දී ඒකෙ තියෙන වරද කියන්න මට දැන් පුළුවන්. මාව ම හොයන් එන customersලත් ඇති වුනා. ගරාජ් එකේ පරණ අයගෙන් මට ටික ටික කැපිල්ල එන බව තේරුනා. එතනින් අයින් වෙලා කෝස් එකට ඇවිල්ල යාලු වෙච්ච කොල්ලෙක් එක්ක පොඩියට ගරාජ් එකක් පටන් ගත්තා. ලොකු තාත්තා ම මැදිහත් වෙලා බැංකු ණයකුත් අරන් දුන්නා. ප්‍රශ්න, ගැටළු, තර්ජන සෑහෙන්න ආවා. ඒත් මමවත් අංජනවත් සැලුනේ නෑ.පොඩි කාලේ ඉඳන්ම පුදුම කට්ටක් කාල තියෙන අංජනත් ඕන දේකදී නොසැලී ඉන්න ලොකු තාත්තාත් දිහා බලල මමත් හැදුනා. ලොකු තාත්තා නවත්වපු තැන ඉඳන් මගේ බැංකු පොත පුරවන්නත් මම මහන්සි වුනා. කලින් ඉඳන් ම තිබුන ප්‍රායෝගික දැනුමත් උනන්දුවෙන් ඉගෙන ගත්ත නිසාත් මම කෝස් එක ඉවර කලේ හොඳම ස්ටුඩන්ට් කෙනෙක් විදියට.ඒ උනන්දුව නිසා මම ඩිග්රි එකටත් ඇප්ලයි කළා. "ටිං .....Mr සකුණ දිසානායක" මම ආයෙත් පියවි සිහියට ආවා.ජපන් කම්පැනි එකකට මෙකැනිකල් ඉන්ජිනියර්ස්ලා ගන්න ඉන්ටවීව් අද.මගේ පළවෙනි ඉන්ටවීව් එක. මගේ නම කතා කරනවා. ඉතින් මට සුබ පතන්න. -----------Shanika Tennakoon---------- මේ වගේ ම කතා ගොඩක් එක්ක මගේ ෆීනික්ස් කිරිල්ලී පොත රුපියල් 780යි,තැපැල් ගාස්තු 210යි.වැඩි විස්තර අහන්න ඉන්බොක්ස් කරන්න.කුරාකූඹි මිනිසාගේ සති අග ලියැවිල්ල. කුහකත්වයට නිර්වචන තිබේද ? කුහකයා යනු සතුරෙකු නොවේ. ඔහුත් අප වැනිම මිනිසෙකි. එකම දේ යම් යම් අවස්ථාවන් හීදී යම් යම් පුද්ගලයින් අරඹයා ඔහු හෝ ඇගේ සිත තුල පහළවන සිතුවිලිය. පුදුමය වන්නේ මේ සිතුවිලි බොහොමයක් නාභි ගතවන්නේ ඇතැම්විට තමා හොඳ ට දන්නා නොඑසේනම් ළඟින් ඇසුරු කරන පුද්ගලයින් අරඹයාය. කුහක කම සහ ඉරිසියාව අතර ඉතාමත් කිට්ටු සබඳතා වක් පවතී. ඇතැම් විට මේ තත්වය ඔඩු දුව ගොස් ද්වේශයද ඒනිසා අතීශයිම දීන ම්ලේච්ඡ ක්‍රියා වන්ටද මේ අය පෙළැඹීමට පිළිවන. මා පාසැල් යන කාලයේ ඉතාමත් ඕනෑකමින් කියැවූ පුවත් පත් වාර්තා වක් වූ යේ තිස් මඩ සෝමලතා නම් උපාධිධාරිනියගේ මරණය යි. ඒසා බිහිසුණු මිනීමැරුමක් අපි අසා නොතිබුණු සමයක්‍ ය ඒ. ඒ නිසා දිනමිණ පුවත්පත එය වාර්තා කලේ මුල් පිටුවේය. ඊට පසු එම නඩු විභාගය ද අවසාන තීන්දු ව දෙන තෙක්ම පත්තරේ ගියේය . අපි පාසැල් ගොස් ගෙදර ආ සැනින් එව්සේබි අය්යලෑ සිල්ලර කඩේට ගොස් ලෑලි බංකුවට වී අකුරක් නෑර පත්තරේ විස්තරේ කියවන්නෙමි. ඇතැම් විට ඇස්වලින් කදුළුද පත්තර පිටුවට වැටේ. ඒ තරමට ඒ ම්නී මැරුම සහාසිකය. සෝමලතා ව මැරුවේ ඈ උපාධිය සමත්වි ආණ්ඩුවේ කන්තෝරුවක රස්සාවට ගිය ඒ පලාතේ එකම උපධිධාරී තරුණිය වීම නිසාය . මෙය දැකීම සහ ඇසීම නොරිසි වූ ගම්පති වරයා ට ඇතිවූ උග්‍ර කුහක කම නිසා උපන් ඉරිසියාව ද්වේශයකට පෙරළීම නිසාය . දිනෙක ඇය වැඩ ඇරී ගමේ ගුරු පාර දිගේ නිවස කරා එනවිට ගම්පතියා සිය ගෝල බාලයින් දෙදෙනෙකු සමග කැළෑ මණ්ඩියක රැක සිට ඇගේ කට වසා කටට පාංකඩ ඔබා ඈව නිහඩකොට කැළෑව තුලට ගෙන ගොස් උඩු බැලිඅතට හරවා බිම පතිත කොට එකෙක් ඇගේ පපුව මත ඉදගෙන සිටියදී අනික් උං දෙන්නා අත් දෙක සහ කකුල් සිර කොට පොළොවට තද කරගෙන සිටියදී ඇගේ පපුව මත ඉදගෙන උන් එකා මල් කපන පිහියකින් අහිංසක සෝමලතාගේ ගෙල සිදින ලදී. මේ බිහිසුණු දර්ශනය මුල සිටම ගසක් උඩ සිට බලා සිටියේ ගමේ ජීවත් වූ නූගත් අහිංසක ගැමියෙක් බව රටම දැන ගත්තේ නඩු විභාගයේදීය. ගෙල කැපූ එකා කීවේ සෝම ලතා ඉතාමත් අසරණ ව ඌ දෙස බැලූ බවය . එවිට ඇගේ දෑසින් කඳුළු රූරා වැගිරුණු බවය . මේ සාක්ෂි ය එදා දිනමිණ පත්තරේ කියවත්දී මටද ඇඩුණේය. එදා මේ මිනීමරුවන් කොළ නැති ගහට ගියේ අර නූගත් ගැමියා ගේ ප්‍රභල සාක්ෂි ය නිසාය. මේ කුහක කමේ ආදීනවය. අප අතර මේ හා සමාන නිදසුන් ඕනෑ තම් ඇත . වෙනස මේ වගේ නොමැරුවාට කුහකයින් බොහෝ විට කරන්නේ අනිකා නොමරා මැරීමය. සාමාන්‍ය භාවිතා වට අනුව නගරය ට වඩා කුහක යින් ඉන්නේ ගම්වලය. එහි ඇත්ත නැත්ත ඔබලා දනී. මගේ රාජකාරි ජීවිතය තුල මා අනන්තවත් කුහක ප්‍රහාර වලට ගොදුරු වූ වෙක්මි. තමා අභිබවා යන්නෙකු නොරිස්සීම, කැපී පෙනෙන දක්ෂතා තමා වටා සිටින තවෙකෙකු තුල දැකීම නිසාමෙවැනි දුහුනන් තුල කුහකත් වය උපදී ඒ නිසා මේ උදවිය තමාට ලැබෙන පළමු අවස්ථාව වේදීම දක්ෂ යාට පහර දේ.. මේ පහරදීම් වල ඇති සුවිශේෂී භාවය වන්නේ මේවා බොහෝ විට මානසික පහරදීම් නිසාය . අපේ භාෂාවෙන් කියනවානම් ,"කැපිළීය". මගේම අත් දැකීමක් කියනවානම් මා සේවය කල ආයතනයේ ප්‍රධානියා මට රාජකාරි වාහනය ක් ලබා දිමට සියලු කටයුතු සූදානම් කොට තිබිය දී ඒබව මගෙන් ම දැනගත් ආයතනයේ ම නාමික" මචං" කෙනෙක් වූ HRM මාස ගණනාවකට එය කල් දැම්මවීය. ඊ ළගට ඔහු ඊටත් වඩා සුපිරි වැඩක් මට කලේය. මගේ දෑසින් ම දුටු මගේ උසස් වීමේ ලිපිය ආයතනයේ ප්‍රධානියා ගේ අත්සනට යෑමට පෙර ඉතාමත් අහඹු ලෙස මේ තැනැත්තා ගේ දෘෂ්ටිවිතානයේ ඉතාමත් නිවැරදි ව නාභිගතවීම නිසා මට 55 දී ගෙදර යෑමට සිදුවූයේ ද සහකාර අලෙවි කළමණාකාර වරයා හැටියට ය. මේ තැනැත්තා අද ඉන්නේ රෝද පුටුවකය.. ඒ ගැන ඇත්තටම මට කණගාටුය. යම් කිසිවෙකු ගේ නිර්මාණ යක් හෝ නිර්මාණ ශීලි බවක් අගය කිරීමට දිවට වචන එන්නේ නැති බොහෝ දෙනාද කුහක යෝය. මේ අය තව කෙනෙකු ගේ හොදක් දකින්නේ ඉතාමත් කලාතුරකින් ය. ඒ වෙනුවට වැරදි සහ අඩුපාඩු ගැන ඉතා ඉහළින් කතා කිරීම ඔවුන් ගේ ස්වභාවය යයි. වරක් අජාන් චා ස්වාමීන් වහන්සේ කියා තිබුණේ තමන් වහන්සේ ඉතාමත් අසීරුවෙන් උන්වහන්සේ සිටි කුටියේ කෙටි බිත්ති කෑල්ලක් තනිවම බැද තිබුනු බවය . මෙහි එක තැනක් ගඩොල් කැටයක් එළියට පැන තිබුනා මිස මේසන් බාස් කෙනෙකු නොවූ උන්වහන්සේ තමා කල වැඩය ගැන ඉතා තෘප්තිමත් වැ සිටියේ ය. පුදුමය නම් මේ වැඩේ නිමාම ගැන කථාකල වැඩි දෙනා දැක තිබුණේ අර එළියට පැන තිබූ ගඩොලයයි. ප්‍රසිද්ධියේ අඩුපාඩු පෙන්නා දීමට කැමැති බොහෝ දෙනා රහසින් වත් යමෙකුට ප්‍රශංසා කිරීමට නොපෙළබෙති. මේ වනාහී පැහැදිලි කුහ
කත්වයයි. මෙසේ ජාන ගත කුහක කමක් අන්‍ය ජාතින්ට සාපේක්ෂව සිංහළ යා තුල ඇත. ඈත අතීතයේ අපේ රටේ පාවාදීම් කල බොහෝ දෙනා සේම වර්තමානයේ ද රාජ්‍ය යාන්ත්‍රණය තුලත් විවිධ තල වල උස් පහත් භේදයකින් තොරව විවිධ තනතුරු හොබවන අය අතරේත් කුහක යෝ ගමක සිටී. එහෙත් සත්‍යවශයෙන්මැ මේ කුහක කම් නිසා ඔබ කුහක කම් කරන පුද්ගලයා ට කිසියම් අවැඩක් හෝ ඔහුගේ ගමන යම් දුරකට අඩාලවීමක් හෝ සිදුවිය හැකිය . නුමුත් එකී තැනැත්තා හෝ තැනැත්තිය ව සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට කුහක යාට නොහැකි ය. එදා තිස්මඩ සෝමලතාව මරා දැමූ කුහක යාට අවසානයේදී උරුම වූයේ තොණ්ඩුවය. පසු ගිය කොරෝනා සමය තරම් මේ රටේ නවෝත්පාදන එළියට ආ සේම ඒ ගැන කථාකල කාලයක් තවත් නොවීය . අද වන විට ත් ඒ සියල්ල ප්‍රවෘත්ති දැන්වීම් වලින් එහාට ගොස් නැත . කුබෝටා අත් ට්‍රැක්ටරයේ පේටන්ට් අයිතිය ජපානයට ගියේ එසේය . අපේ බලධාරීන් සැදී පැහැදී සිටින්නේ නවෝත්පාදකයා දිරිගැන්වීමට නොව ඌට ඒ වැඩේ විතරක් නොව උපන් දේශයත් එපා කැරවීමට ය. අද දවසේ අපි බංකොලොත් ජාතියක් වී සිටීමේ කව්රුවන් නොකියන එහෙත් සත්‍යවූ එක ප්‍රභල සාධකයක් වන්නේද මේ කුහකත්වයේ නීච සිතුවිල්ල යි. කුරාකූඹි මිනිසා . 27.01.24.....ඇයි මම ඔබත් සමග හිනාවෙන්නේ....?? අවුරුද්දක වැඩ කිරීමකින් පස්සේ අපිට ලැබෙනවා මාසෙකට ආසන්න නිවාඩුවක්. උණුසුම් තුරුලක ඉඳලා උදැසන අවදි වෙන මම හැමදාම පුරුද්දක් විදිහට ජනේලෙන් එලිය බලනවා.... අවුරුද්දේ මාස හයකටත් වැඩි දැඩි සීතලක හිටියට හිම වැටෙන්නේ සමහර දවස් වලට විතරයි... මේ සීත රටේ මගේ උණුහුමට ඉන්නේ කෝපි කෝප්පයයි අන්‍යයි විතරයි... සුන්දර රුසියාවේ තොල්‍යටියේ සමාරා වල මට කියල තව මාස තුනකට කුලිය ගෙවල අරන් තියන වර්ග මීටර 95 ඇතුලේ මට මගේ ජිවිතේ කියන්නේ හරියට කෙටිකථා සංග්‍රහයක් වගේ... මගේ ලඟින් හිටපු මගේ පෙම්වතිය උදැසනම රැකියාවට ගියා තව දවස් කීපයකින් ලංකාවට එන්න හිතන් ඉන්න මම ඊයේ දවසේ ගියා වික්ටරි උද්‍යානයට... උද්‍යානයට යන්න ඉකබිතිව පුරුද්දක් විදිහට ඒ අසලම තියෙන බොහොම සිත්ගන්නාසුලු එක්ස්ප්රෙසෝ කෝපි බාර් ඒකෙන් කෝපි කෝප්පයක රස බලන්න අමතක කලේනන් නෑ... තනියම ගෙවෙන ජිවිතේ වික්ටරි උද්‍යානයේ බැම්මක් උඩ වාඩිවෙලා වොල්ගා මතුෂ්කා හෙවත් වොල්ගා නදිය පිසගෙන එන සිතල සුළග ඇසට යට හිරිගඩුවක වැදිලා යන ගමන් ඔබ මොබ ඇවිදින රුසියානුවන් දිහා බලන් ඉන්නකොට මට දෙයක් ලියන්න හිතුන... ඇයි මේ රුසියෝ හිනා නොවෙන්නේ... ලංකාවේ අපි අපිට මුණගැහෙන දන්න නොදන්නා ඕනෑම කෙනෙක් ට පුංචි හිනාවකින් සංග්‍රහ කරන එක සාමාන්‍ය දෙයක්... අපි ඒකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ.. අපිට මුණගැහෙන කෙනාට අපි නිහතමානී කියල පෙන්නන එකද..? අපිත් ඔබ වගේමයි කියල හිතන්න සලස්සනවද...? අපේ සතුටත් අරන් යන්න කියල දීමක්ද..? උඹෙන් කඩා වඩාගන්න මොනාහරි තියනවද කියල සෙවීමක්ද..? ඇත්තට හෝ බොරුවට තමන්ව මාකට් කරගැනීමක්ද..? සංග්‍රහ කිරීමට කරන ආරාධනයක්ද..?? ශ්‍රී ලංකාවේ සංස්කෘතික වටිනාකම් වලින් මිනිස් හදවත් සංවේදී කරවන්න සමත් හිනාව අපි ලෝබ නැතුව හැමෝටම බෙදනවා... හිනාවේ කියවෙන දේවල් අවස්ථාවේ පුද්ගල ස්වභාවය අනුව වෙනස් වෙනවා... පාර අයිනේ කීර මිටියක් තියාගෙන හිනාවෙන මනුස්සය ගේ හිනාවේ අර්ථයයි... ජන්දකාලේට සුදු ඇඳගෙන ඇවිල්ල හිනාවෙන මනුස්සයාගේ අර්ථයයි බොහෝවිට එකම අර්ථ පරාසයක තියෙනවා වෙන්න පුළුවන්.... රුසියන්ගේ හිනාව ඊටවඩා ගොඩක් වෙනස්... ඔබ රුසියෙක් අඳුරන්නේ නැත්තනම් ඒ රුසියාවේ ඔබ එක්ක හිනාවෙන්නේ නෑ... හිනාව කියන්නේ රුසියාව ඇතුලේ පාරෙන් අහුලගන්න බැරි දෙයක්... ඔබ පාරේදී නාදුනන රුසියෙක් එක්ක හිනා උනොත් ඔවුන් ඔබ‍ට රවාවී.. ඔවුන් හිතන්නේ ඔබ හිනාවෙන්නේ ඔහු සමග නොව ඔහුට කියයි... සමහර විට ඔබ‍ට පිස්සු කියා ඔවුන් හිතාවි... මේ නිසා පුද්ගලිකත්වය පාරේදී විවුර්ත කිරීමට ඔවුන් කැමති නැති... නමුත් ඔබ ඔවුන් සමග සමාන අරමුණක් වෙත යාමේදී එනම් ක්‍රීඩාවක, නැටුම් අබ්යාසයක, අද්‍යාපන කටයුත්තක නිරත වේ නම් ඔබ‍ට ඔවුන්ව මිතුරු කරගත් හැක... එසේ මිතුරු වන රුසියානුවන් මුනිච්චාවට හිනාවෙන මිනිසුන් වැනි නොව ඔබේ මව පියා සහෝදර සහෝදරියන් බඳු යැයි ඔබ‍ට සිතේවි... නමුත් නොමිලේ දියහැකි ප්‍රසන්න හිනාව සුන්දර හදවත් ඇති රුසියානුවන් තුල සැමවිට ඇඳි නොයන්නේ සහ ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අප... අපගේ අගයන් හිනාවට රැවටෙන්නේ මන්ද යන්න මීට වඩා ගැඹුරින් සිතා බැලිය යුත්තකි... නන්නාදුනන්නන් සමග සිනහ වීම කල යුතුද නැද්ද යන්න නිගමනය ඔබ සතුය... තව දින කිහිපයකින් ලංකාවට එන මම ගොඩාබට මොහොතේ සිටම මිනිසෙකු මදෙස නෙත ගැටුනේ නම් සිනහවක් මුහුණේ ඉපදීම මටද නවතාලිය නොහැක... මන්ද අප රුසියානුවන් නොවෙමු... විකාර අදහසක්.... නැවත පැමිණි වහා කෙටීමට කරන ලදී... අද හිම වැටෙන දවසක් නොවේ යැයි හැඟේ... - මධුවන්තඋදෑසන කාර්යාලයට ගිය අසේලට දක්නට ලැබුනේ තම කාර්යාල හිතවතුන් තැන්තැන්වල එකට එක්වී කරන කසුකුසුවයි.මවාගත් කලබලයක ස්වරූපයක් ඔහුට දකින්නට ලැබිණි.එකත් එකටම මේ කතා කරනවා ඇත්තේ කාට හෝ පාත් වූ මරාලයක් හෝ කාගේ හෝ ඕපාදූපයකි.එය දුටු ඔහුට සිතෙන්නට විය. "මොකද්ද මචං මේ කලබලේ වගේ."අසේල ඇසුවේ ඇසුවේ චමිලගෙනි. ගැහැණුන් පිරිමින් කියා ආරංචියකට රොක් වූ විට වෙනසක් නැත.මාළුන්ට දමන ඇමක් ලෙස සියල්ලන්ම එයට ඇදී එති.වෙනස ,ඕපාදූප පැතිරවීමේ වේගය හා වපසරිය පමණි. "ඇයි උඹට ආරංචි නැද්ද" "මොකක්ද?"අසේල ඇසුවේ තරමක් විමතියෙනි. "ඇත්ත කියපං.. උඹට ආරංචි නැද්ද?" චමිල ඇසුවේ අසේල තමුන්ට බොරුවක් කියනවා යැයි සිතමිනි. "මොකක්ද බං.....මං මේ දැන්නේ ආවේ.උඹ දන්නවනේ මං ප්‍රවෘත්තිවත් බලන්නෑ කියලා." "අහවල් ප්‍රවෘත්තියක් නෙවෙයි බං.අන්න සාගරිකා මිස්ගේ නැන්දම්මා අන්ත්‍රා වෙලාලු." චමිල පැවසුවේය. "අප්පටසිරි කවදාද ?" අසේල ඇසුවේ තවත් විස්තර දැනගන්නා අදහසිනි. " අද උදේ .පහුගිය දවස් ටිකේ ඉස්පිරිතාලෙලුනේ හිටියේ.සාගරිකා මිස් කිය කිය හිටියේ කොයි වෙලේද දන්නේ නැහැ කියලා." චමිල පැවසුවේය. "උඹලා දැන් සාගරිකා මිස්ට කතා කලාද.පව් බං අවුලෙන් නේද ඇත්තේ." අසේල පැවසුවේ සාගරිකා, හැමදෙනාගෙම දුක්ගන්නාරාළ ලෙස කටයුතු කල තැනැත්තියක් නිසාය.අනෙක ඇය තරම් හැමදෙනා සමගම හිතවත් කෙනෙක් වූ නිසාවෙනි. "උඹ මගුලක් කතා කරනවා.අන්න මිස් හිනා වෙවී කතාකරේ අපි විස්තර අහනකොට.අපි එන්නේ කොයි වෙලේද අහනවා."චමිල පැවසුවේ සිනාසෙමිනි. "ඇයි බං එහෙම.....මෙච්චර දෙයක් වෙලත් එහෙම ඉන්න පුළුවන්ද....හ්ම්..ඒ විකාර වලින් වැඩක් නැහැ බං.දැන් අපි යන්නේ නැද්ද?අසේල ඇසුවේ දවසේ රාජකාරි කටයුතු පටන්ගනිමිනි. "අන්තිම කටයුතු කරන්නේ ඉරිදලු.අද සිකුරාදනේ.දවල් වෙද්දි බොඩි එක මල්ශාලාවට ගේනවලු.ගෙදර නෙවෙයිලු තියෙන්නේ.කවුරුත් අත් උදව්වට වත් නැති නිසා."නිමාලි පැවසුවේ චමිලගේ හා අසේලගේ කතාවට අඩුම කුඩුම එකතු කරමිනි. "දැන් අපි සෙනසුරාදාට යනවද.නැත්නම් ඉරිදට යනවද?"චමිල ඇසුවේ අන්සැමටම ඇසෙන සේය. "මේ මේ ....ඒ වෙනුවෙන් නිවාඩු දවසක් කැප කරන්න බැහැ.පුළුවන්නම් අද හවස ගිහින් ඉවර කරමු.පැය එකහමාරේ ගමනනේ.එතකොට ඉවරයි ඒකත්."මාලිකා තවත් කවුරු හෝ යමක් කියන්නට කලින් පැවසීය. "මරු යාළුවොනේ බං උඹලා..හැමදාම ඇඟේ ගෑවි ගෑවි එකට කෑම කන ජෝඩුවනේ.එහෙව් එකේ උඹ හරි නම් අද නිවාඩු දාලා එහෙ තනි රකින්න යන්න එපැයි." චමිල සිනාසෙමින් කීවේ මාලිකා තරහ ගස්සන අදහසිනි. " අනේ නිකන් ඉන්න.ඔයගොල්ලෝ වගේම අපිත් පැය අටේ යාළුවෝ තමයි.අඩුතරමේ මෙතනින් ගියාම උන්නද මළාද කියලාවත් හොයලා බලන මිනිස්සුද ඔයගොල්ලෝ.කයිවාරුව විතරයි.....ඉන්නකන් සැපට දුකට ඉන්නවා.එහෙම කියලා ඒ අයගේ පුද්ගලික ජීවිත වලට අතගහන්න පුළුවන්ද.නිකං වැඩක් බලාගෙන ඉන්න චමිල....." මාලිකා පැවසුවේ තරහ මුසුකල හැඟීමකිනි. "හෝව් හෝව් දැන් ඔය කතා නවත්ත ගන්නකෝ.... සමන්... කට්ටියට යන්න බස් එකක් බලනවද.උඹ දන්න ඒවා තියනවනේ." අසේල පැවසුවේ ෆයිල් කීපයක් ගෙනයමින් සිටි සමන් අතුරුදහන් වීමට පෙර උස් හඬින් පවසමිනි. "හරි...හරි.. මං ඒක කරන්නම්.නිකං යන්නත් බෑනේ.කලෙක්ශන් එකකුත් දාමුද අසේල සර්.." සමන් එලෙස ඇසුවද තමන් කට වරද්දාගත්තාදැයි ඔහුටම සිතෙන්නට විය. "එහෙනම් ලිස්ට් එකක් දාලා ඒකත් සමන්ටම කරන්න පුළුවන්නේ.."නිමාලි පැවසුවාය. "හරි මිස් ඒකත් මමම කරන්නම්."සමන් පැවසුවේ ටිකෙන් ටික සියල්ලගේම රාජකාරි තමන්ගේ හිසමත වැටෙන්නට නියමිත බව දැනගෙනය. "එහෙනම් කට්ටිය හවස හතර වෙද්දි ගේට්ටුව ළඟට එන්න.ඉක්මනට පිටත් උනොත් රෑ වෙන්න කලින් ගෙවල්වලට ගිය හැකි කට්ටියට..."චමිල නඩේගුරා වෙමින් තමන් පටන් ගත් රාජකාරී කටයුතු වලට යොමු වූ අතර අනෙක් සියළුදෙනාත් තමතමන්ගේ ස්ථාන කරා ගියේ සවස කාර්යාල වේලාව නිම වූ වහාම එකතුවෙන අදහසිනි. "මේ ..අසේල සර් ...කොහෙද ඉන්නේ .තාම එන්නේ නැද්ද.හතර හමාරත් පහුවෙලා."දුරකථන ඇමතුම සමන්ගෙනි. "හරි හරි සමනෝ.... දැන් එනවා.කොහෙද මේ අපේ සෙට් එක ගෙම්බෝ අල්ලනවා වගේනේ.එකෙක් එනකොට හිටපු එකා නෑ..."අසේල පිළිතුරු දුන්නේය. "සර්ලටත් අපි රස්තියාදු වෙද්දී කිසිම ගානක් නෑ.."සමන්ගේ කට වැහෙන පාටක් නැත. "හරි හරි...ඔන්න දැන් අපි පිටත් උනා.තව විනාඩි දහයකින් ඔතන." "මොකක්ද සර්...ආයේ නම් භාර දෙන්න එපා මේ වගේ වැඩ.මං පාර අයිනේ හිටගෙන මල්වඩම් අරගෙන.මේ කට්ටියම ඔෆිස් වලින් එලියට එන වෙලාවනේ.ගෑනු ළමයිනුත් හිනාවේගෙන යන එක තමයි ඉවසන්න බැරි......" සමන්ව ,මල්වඩමක් ගන්නා ලෙස පිටත් කර හැරියේ චමිලය. " හරි හරි පොඩි වැඩක්නේ බං.ඕක මල්වඩමක් නැතුව මල් පොකුරක් කියලා හිතපංකෝ"අසේල පැවසුවේ සමන් තවදෙයක් කියන්නට පෙර දුරකතනය විසන්ධි කරමිනි. විනාඩි දහයක් යන්නටත් මත්තෙන් සමන්ව බස් රථයට නංවා ගනිමින් නැවතත් ගමන් ඇරඹීය. "ඔන්න ඉතිං කියපු හින්දා මං සුදු පාට මල් වලින්ම හදාගෙන ආවා. ස
ුදු කිව්වට සුදුත් නෙවෙයි.ගත්තා සුදුපාට ස්ප්‍රේ එක.කහ ,සුදු කරා....දුන්නා."සමන් පැවසුවේ අද කාලේ සල්ලි වලට කල නොහැක්කක් නැතැයි කියමිනි. "යන්න තියන තැන ඩ්‍රයිවර් දන්නවා ඇති නේද අසේල." නිමාලි ඇසීය. "ඔව් මැප් එක දාලා දීලා තියෙන්නේ.නැතත් මාලක දන්නවනේ තැන.ඒ පැත්තේ මනුස්සයනේ."අසේල කීවේය. "අපෝ මං මොකද නොදන්නේ....ලව් කරන කාලේ කෙල්ලට මල් ගෙනිච්චෙත් ඒ මල්ශාලාවෙන් තමයි".මාලක පැවසුවේ සැමගේ මුවගට සිනහවක් එක් කරමිනි. මල ගෙදරක යාමත් විටක ඇතමුන්ට විනෝද චාරිකාවකි.මිනිසුන් තම හිසේ කැකෑරෙන පීඩනය පිට කරන්නට විවිධ ක්‍රම සොයා ගනී.එකිනෙකා විහිළු කරමින් යයි.සමහරු දුරකතනයේ එල්ලීගෙන යයි.සමහරු මැස්සන් කටේ වහන තරමට කට ඇරගෙන නිදිය.සමහරු යාබද අසුනේ අය සමග කසුකසුවකි.ඒ අතර සමහරු බස් රථය සිනා සාගරයක් කරවයි.ඇත්තටම යුතුකමකටත් වඩා තම සගයාට නැවත මුහුණ දීමට සිදුවන නිසා මෙය ඇතමුන්ට නොයා බැරි ගමනක් වන්නේය. කතා කේලම් වල්පල් මැදින් අදාල තැනට එද්දී සවස හය හමාරත් පසු වී තිබිණි.මල් වඩම පෙරටුකරගත් සමන් පිටුපස එකිනෙකා යන්නේ මෙතෙක් මුවේ රඳවාගත් සිනහවට කුමක් වූවාදැයි නොදැනය.සැම පිළිගැනීමට කටයුතු කල සාගරිකාට ආචාර කොට නිසල සිරුරට අවසන් ගෞරව දැක්වූ සියළු දෙනා පිටත තිබුණු පුටුවල හිඳ ගැනීමෙන් අනතුරුව බිස්කට් හා ප්ලාස්ටික් කෝප්පයවත් අල්ලා ගැනීමට නොහැකි තරම් උණුසුම් නෙස්කැෆේ සංග්‍රහයක් ලැබිණි. එතැන් සිට මිනිත්තු තත්පර ගෙවෙද්දී සතුටු සාමීචියකි.ආගිය වගතුග කතාකරන තැනකි.රට වටෙන්ම පැමිණෙන අයට සංග්‍රහ කරන තැනකි.නිසල දේහයටත් පැමිණි අයට සිනහ විය හැකි නම් එයත් නොපැකිලිව සිදුකරනු ඇත. සාගරිකාගේ පෙරැත්තය මත හා බසයට ගොඩ වූ තැන සිටම මළ ගෙදරින් රාත්‍රි වේල සපුරා ගන්නට ආ ඔෆිස් නඩය සියලු සංග්‍රහ භුක්ති විඳ එතැනින් පිටත් වෙද්දි රාත්‍රී අට හමාරටත් ආසන්නය. "මේක මරණේ වැඩ කටයුතු වලට තියාගන්න සාගරිකා මිස්.පොඩි දෙයක් අපි කට්ටියගෙන්.."චමිල විසින් සමන් ළඟ තිබූ සැමගේ සම්මාදම් සහිත ලියුම් කවරය සාගරිකා අත තැබුවේය. "අනේ මේවා මොකට ගෙනාවාද චමිල..ඔයාල ආපු එකම කොච්චර දෙයක්ද". සාගරිකා පැවසුවේ තම සගයින් පිළිබඳ බැති සිතිනි. "එහෙම කියන්න එපා මිස්...මේවා අපේ යුතුකම්" නිමාලි කීවේ සාගරිකාගේ අතේ එල්ලීගෙනය. සාගරිකා බලෙන්ම දුන් බිස්කට් පෙට්ටිය හා බීම බෝතල් දෙක තුන ගත්තේ මගදී අවශ්‍ය වුවහොත් ගමන් මහන්සියට තබා ගැනීමටය. බස් රථයට සියලු දෙනා එක් වූ පසු පිටත් වීම ආරම්භ විය. "සමන්...අතන කීයක් විතර එකතු කරපු කලෙක්ෂන් එකෙන් ඉතිරි සල්ලි තිබ්බද?නිමාලි ඇසුවේ ඒ පිළිබඳවද දැන ගැනීමේ අදහසිනි. "මොන ඉතිරියක්ද මිස්......බස් එකට ගෙව්වම සතයක් වත් ඉතිරි නෑ."සමන් ඇඟට පතට නොදැනී කීවේය. "ඇයි සමන් එකතු කරපු සල්ලි බහිරවයා ගිල්ලද එතකොට." එය ඇසුනු යාබද අසුනේ සිටි අසේල ඇසුවේය. "සල්ලි දෙන්ඩ එපැයි සර් එකතු වෙන්ඩ.විසි පහක් විතර ඉන්න තැන හය හත් දෙනයි සල්ලි දුන්නේ......බස් එකට සල්ලි මදිවෙන හින්දා මල්වඩම ගත්තෙත් ණයට.මගේ යාළුවෙක්ගේ තැනකින්.සල්ලි පස්සේ දෙන්නම් කියලා."සමන් කීවේ ලුණු ඇඹුල් සියල්ල යස පදමට එක් කරමිනි. "එතකොට මොනවද බං අර කවරේ ඇතුලේ තිබ්බේ..... උඹ මට දුන්නේ හිස් කවරයක්ද?චමිල ඇසුවේ කිසිවක් සිතා ගැනීමට නොහැකි තැනය. "අපෝ නෑ සර්...මං හිතුවේ සර් බලලා දෙන්න ඇති කියලා..ඒකේ තිබ්බේ සල්ලි දෙන්නම් කියලා ගානත් එක්ක අත්සන් කරපු අයගේ ලිස්ට් එක.....සර්ලා බය වෙන්න එපා.අපි සාගරිකා මිස්ට පස්සේ විස්තරේ කියමු.දන්නවනේ මිස්ගේ හැටි..…..පඩි දවසට ළඟට ගිහින් හරි ඉතුරු ටික එකතුකර ගනී....." වායු සමීකරණය කරන ලද බස් රථය තුල වුවද ,සමන් කියූ දෙයට අන්දමන්ද වූ සියලුදෙනාගේ නලළට හීන් දාඩිය බිඳු කීපයක් නැගුණේ සාගරිකා මිස් සායම් යවන හැටි හොඳාකාරවම දන්නා නිසා විය හැක. ------------------------------------------------------------------------ සේයාරුව අන්තර්ජාලයෙනි.(Sautéed Mushrooms) බිම්මල් තෙල් දාලා උයමු බිම්මල් දකින්න වගේම කන්නත් අපි ආසයි. පරිසරයේ ලස්සන බිම්මල් තිබුණට ඒවා හිතු මනාපේ ආහාරයට ගන්න බෑ. මොකද විෂ සහිත ඒවා තියෙනවනේ. පාරම්පරික දැනුම අනුව තමයි අපි ඒ ඒ පරිසරවල ඇති බිම්මල් ආහාරයට ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඊට අමතරව අපට වෙළඳපොලෙන් බිම්මල් මිළදී ගන්න පුළුවන්. මහා පරිමාණ බිම්මල් වගාකරුවන් ඇරුණම සමහර අය සුළු ව්‍යාපාරයක් වශයෙනුත් බිම්මල් වවනවා. වගා කරන බිම්මල් වර්ග ගොඩක් තියෙනවා. Oyster, Pleurotus, Shitake, Button mushrooms එයින් කීපයක්. ඇත්තටම මොනවද මේ බිම්මල් කියන්නේ? පුස් නැත්නම් දිලීර ජාතියක්. පුස් කිවුවම අප්‍රියයි නේද? ඇඳුම් හා කෑම පුස්කන එක එපාවෙන දෙයක් නේ. ඒත් දිලීර වලට මං නම් ආදරෙයි. ආදරය කරන කොට ටිකක් කරදර විඳින්නත් ඕන නේ. දිලීර වෙනමම අපූරු ජීව කොට්ඨාශයක්. කවදාවත් තමන්ගේ ආහාර තමන්ට හදාගන්න බැරි අපි වගේම ශාක මත ආහාරය සඳහා යැපෙන විෂමපෝෂී ජීවී කොටසක්. හැබැයි අපි නැතුව වුණත් පරිසරය පවතිනවා වුණාට දිලීර නැතුව නම් පරිසරය පවතින්නේ නෑ. ඒ කියන්නේ අපට වඩා දිලීර වටිනා දෙයක්. මේ ලෝකයේ තියෙන ජීවී දේ මැරුණම පසට එකතුවුණාට පස්සේ දිරා යනවා ඔයාල දන්නවනේ. ඒ දිරීම වුණහම තමයි ජීව කොටස් වල තියෙන සංකීර්ණ දේවල් සරල බවට පත්වෙලා ආයේ ගස්වලට උරාගන්න පුළුවන් විදියට පෝර හැදෙන්නෙ. එහෙම නොවුණොත් ගස්වලට හැදෙන්න බෑ. මොකද පරිසරයෙ තියෙන්නේ සීමිත ද්‍රව්‍ය ප්‍රමාණයක්. මේ දිරීම කරන්නේ දිලීර හා බැක්ටීරියා වර්ග. ඔයාගෙ මිදුලෙ එකතුවුණු දිරාපත් කොළ රොඩු කාලයක් ගියාට පස්සේ නොපෙනී යන්නේ මෙන්න මේ දිරීම නිසා. අපි මැරිලා පසට එකතුවුණාට පස්සේ කාලයකදි එතන දෙයක් දකින්න ඉතුරු වෙන්නේ නෑ. අන්න එතකොට අලුත් අයට ඉන්න මහ පොළවේ ඉඩ ඉතුරු වෙනවා. මං අද උයන්න ගත්තේ වයිට් බටන් බිම්මල් (White button Mushrooms.) මෙන්න මේ දේවල් තමයි මට ඕන වුණෙ 1. බිම්මල් ටිකක් (පැක් එකක් විතර) 2. රෙඩ් බෙල් පෙපර් ලොකු එකකින් බාගයක් 3. ලුනු කොළ මිටක් තේ හැඳි එක බැගින් 4. ලුණු 5. අමු තුනපහ තේ හැඳි භාගය බැගින් 6. කහ කුඩු 7. ගම්මිරිස් කුඩු 8. මිරිස් කෑලි 9. සුදු ලුනු කුඩු (සුදු ලූනු බික් දෙකක් තලලා ගන්නත් පුළුවන්) 10. කුරුඳු කුඩු තේ හැඳි කාලක් 11. ඔලිව් තෙල් මේස හැඳි 2 බිම්මල් අසුරණයෙන් අරන් සෝදලා හතරට කපන්න. ලූනු කොළ හා පෙපර් සෝදලා කුඩාවට කපා ගන්න. බඳුනක් ළිප තියලා මද ගින්නේ රත් කරන්න. ඒකට ඔලිව් තෙල් ටික දාන්න. රත් වුණහම බිම්මල් ටික ඒකට දාලා මිශ්‍ර කරලා බඳුන වහලා මිනිත්තු 3ක් sautae කරන්න. ලූනු කොළ හා පෙපර් බිම්මල් වලට එකතු කරන්න. සේරම ස්පයිස් ද එකතු කරන්න. හොඳින් මිශ්‍ර කර වහලා තව මිනිත්තු 3ක් තියන්න. බඳුන අරින්න. ළිප නිවන්න. දැන් තෙල් දාපු (sautéed) බිම්මල් රෙඩී.නිවන් සුව පේමො _____________________________________ ඉරුනු කමිස සාක්කුවට නොපෑහිච්ච , වලව් සුවඳ ඉහිරිච්ච රතු රෝස ලේන්සුව රට සුවඳ මුහුවෙච්ච 13 ශ්‍රී රෝද හතරෙ පතිකුලයට වැඩිය උජාරුව මතකද පේමෝ, තාර කලු රෝදෙ කඳුළු වලින් පාට කරපු තාර කලු පාලයා උඹට මතකද පේමො, දන්නවද පේමො, එඬරු ඇට නෙවෙයි පෙම දකින දකින තැන පැලවෙන ඉඳින්, මං තාම තනිකඩයි! උඹට මුනුපුරො හතයි ! 13ශ්‍රී රෝදෙන් කොලොං පුර වැඩපු උඹ කලු හර්ස් රෝදෙන් නිවන් පුර වඩිද්දී ඇහැක් නම් මාව ඔය හන්දියෙන් අරගනින්.... මං තාම උඹට හරි ආදරෙයි, Nimarshi Kavya Nandasiri (ඡායාරූපය අන්තර්ජාලයෙන් )Aussi අයිශා - 04 කොටස ඊයේ දවසම වගේ අපි හිටියේ ටවුන් එකේ. මොකද මසර් කිව්වා ඒ ගමනෙන්ම අනිත් ඕනි කරන ඇඳුම් ටිකත් අරගමු එතකොට ලේසියි කියලා. මසර් කිව්වේ අපි යන කාලෙට එහෙ සමර් එක නිසා බොරුවට සීතලට ඔරොත්තු දෙන ඇඳුම් ගන්න ඕනි නෑ කියලයි. කොහොමත් සීතලට අඳින ඇඳුම් දෙක තුනක් අපේ දිහා තිබුණා. ඒවා එච්චරටම පරණ නෑ. හදිස්සියෙ ඕනි වුණොත් ඒවා පාවිච්චි කරන්න පුළුවන්නේ. සීතලට අඳින ඇඳුම් ගත්තෙ නැති නිසා හිතපු තරම් ලොකු ගාණක් වියදම් වුණේ නෑ. මසර්ටයි මටයි රට ගෙනියන්න ඕනි කරන ඇඳුම් ගත්තට පස්සේ තමයි අම්මලගේ දිහාවේ ඇඳන් යන්න ඇඳුමක් තෝරගන්න මට වෙලාව ලැබුණේ. පැයක් විතර තෝරලා තෝරලා අන්තිමට මගෙ හිත ගියේ ලා රෝස පාටයි දම් පාටයි මික්ස් වුණු සල්වාර් එකකට. මසර්නම් පේශාවර් යන්න කියලා විශේෂයෙන් ඇඳුමක් ගත්තේ නෑ. කාලෙකින් ගමේ යන එකේ අලුත් ඇඳුමක් ගන්නෙ නැද්ද කියලා ඇහුවම මසර් කිව්වේ, ඔය තියෙන එකක් ඇඳන් යනවා කියලයි. ඊළඟට අපි ගියේ මසර්ට ඕනි කරන ශෙෆ් යුනිෆෝම් ටික ගන්න. අලුතෙන්ම යුනිෆෝම් තුන හතරක්වත් ගන්න ඕනි කියලා කිව්වට මොකද කඩේ ඇතුලට ගිහින් යුනිෆෝම් වල ගාන දැක්කම යුනිෆෝම් තුන හතර යුනිෆෝම් දෙකකට අඩුවුණා. "දැනට දෙකක් තිබ්බම ඇති. ගෙදරත් දවසක් දෙකක් විතරක් ඇඳපු අලුත්ම එකක් තියෙනවනේ..." යුනිෆෝම් තෝරන ගමන් මසර් කිව්වා. "ඔය කළු පාටම ගන්නැතුව මේ සුදුපාට එකකුත් ගන්නකෝ. ඔයාට ලස්සනට තියෙයි." "ලස්සන වගේ නෙමෙයි වැඩ කරද්දි සුදු ඒවා ඉක්මට ජරා වෙනවා, හෝදද්දි අව පාට වෙනවා. ඒ වගේද මේවා සෑහෙන කාලයක් අඳින්න පුළුවන්නේ..." කළු පාටම යුනිෆෝම් දෙකක් තෝරගන්න ගමන් මසර් කිව්වා. මසර්ට ඕනි කරන සපත්තු ගන්න ගමන් මටත් සපත්තු දෙකක් ගත්තා. රට යන දවසට සල්වාර් පටලගෙන යන්න හදන්නෙ නැතුව සැහැල්ලු කලිසමකුයි ටීශර්ට් එකකුයි ඇඳලා සපත්තු දාගෙන යන්න කියලා මසර් කිව්වා. ඒ වැඩ ටික ඔක්කොම ඉවරවෙලා අලුතෙන් සූට්කේස් දෙකකුයි, තව මසර්ට පිටේ එල්ලන් යන බෑග් එකකුයි අරගෙන අපි ගෙදර ආවා. ගෙදර ඇවිත් ගිය වියදම් බලද්දි ඇඳුම් වලටයි සපත්තු වලටයි ගියපු ගාන වගේ දෙගුණයක් විතර ගත්ත බෑග් තුනට ගිහින් තිබුණා. ඊයේ දවසම ඇවිදලා ඇවිදලා අද උදේ නැඟිටිනකොට කකුල් දෙක හොඳටම කැක්කුමයි. කොටින්ම කියනවනම් ඇඳෙන් නැඟිටින්න හිතුනෙත් නෑ. නැඟිටලා ඇඳ විට්ටමට හේත්තු වෙලා ටික වෙලාවක් හිටියා. වෙලාව බලද්දි උදේ අටත් පහු
වෙලා. මසර් ඇඳේ හිටියෙත් නෑ. ගමේ ගෙනියන බෑග් එක ඊයේ රෑම ලෑස්ති කරලා තිබුණ නිසා අද කරන්න කියලා විශේෂ වැඩක් තිබුණේ නෑ. උදේට ඔය මොනාහරි හදලා ගන්න පුළුවන් නේ. දවල්ටයි රෑටයි කන්න මොනවද හදන්නේ කියලා කල්පනා කර කර ඉද්දි තේ කෝප්ප දෙකකුත් අරන් මසර් කාමරේට ආවා. "ඔයා තේ හැදුවද? මං මේ එන්න කියලා හැදුවේ....කකුල් දෙක රිදෙනවා හොඳටම." මං කකුල් දෙක අතගාන ගමන් කිව්වා. "මං දැන් නැඟිටලා ගොඩක් වෙලා. මං නැඟිටිනකොටත් ඔයා කෙඳිරි ගගා නිදි. ඊයේ දවසම ඇවිද්ද නිසා වෙන්න ඇති. මොනාහරි ගාන්නද?" "එපා.... තව ටිකකින් ඇරිලා යයි." මසර් ගෙනාපු තේ එක බොන ගමන් මං කිව්වා. "මං අද උදෙන්ම මිස්ටර් අසීස්ට කෝල් කළා..." "මේ හදිස්සියේ?..." "ඇයි ළමයෝ ටිකට් බුක් කරගන්න ඕනිනේ. තව සති දෙකයිනේ තියෙන්නේ..." "එතෙන්ටත් සෑහෙන ගානක් යයි නේද" " හ්ම්ම්ම්....හැබැයි අසීස් කියපු විදියටනම් මේ දවස්වල ටිකට් වල ගණන් අඩුයි. පේශාවර් ගිහින් ආවට පස්සේ මගෙ බයික් එකත් විකුණනවනේ. ඒක නිසා සල්ලි ප්‍රශ්නයක් වෙන්නෑ." "ම්ම්ම් ඔයාට හොඳ විදියක්.. ඒක නෙමෙයි උදේට මොනාහරි පොඩි දෙයක් කාලා දවල්ටයි රෑටයි දෙකටම උයන්නම්. එහෙම හොඳයි නේද?.." "මටනම් ලොකු බඩගින්නක් නෑ. ඔයා ඔහොම ටික වෙලාවක් රෙස්ට් කරන්න. දවල් වෙලා රෑටත් එක්කම උයමු.." මට ටික වෙලාවක් රෙස්ට් කරන්න කියලා හිස් තේ කෝප්ප දෙකත් අරගෙන මසර් කාමරෙන් එළියට ගියා. ටික වෙලාවක් රෙස්ට් කරනවා කිව්වට මං නැඟිටිද්දි උදේ එකොළහටත් කිට්ටුයි. ඊටපස්සේ දවල්ටයි රෑටයි දෙකටම කන්න කියලා අපි දෙන්නත් එක්ක එකතු වෙලා බිරියානි එකක් හදාගත්තා. අපි දෙන්නා කිව්වට මසර් තමයි හැදුවේ. මසර් බිරියානි එක හදලා ඉවරවෙනකම්ම මං කළේ එයා හැඩිකරන කුස්සිය පිළිවෙළ කරන එකයි. "මසර් මේක ඔයා වැඩ කරන හොටෙල් එකේ කිචන් එක නෙමෙයි. ඔයා උයනවනම් අස් කරන්නත් ඔයා දැන ගන්න ඕනි." සින්ක් එක අස්සට පුරවලා තියෙන භාජන හෝදන ගමන් මං කිව්වා. "අයියෝ මං කෑවට පස්සේ ඔය ටික අස් කරන්න හිටියේ." ඕක තමයි මසර්ගේ පුරුදු උත්තරේ. කෑමක් හදනවනම් ඒ ගමන්ම කුස්සියත් අස් කරන්න ඕනි කියලා කොච්චර කිව්වත් මසර්ට කිසි ගාණක් නෑ. ඒකට මං මොනාහරි කිව්වොත්, මං මේ කෑවට පස්සේ අස් කරන්නනේ හිටියේ කියලා කියනවා. එයා කුස්සියට ඇවිත් විනාඩි පහේ දහයේ පොඩි කෑමක් හැදුවත් අන්තිමට විනාඩි තිහ හතලිහක්වත් වෙලාව අරන් අස් කරන්න වෙන විදියට කුස්සිය හැඩි කරලා යන එක මසර්ට පුරුද්දට ගිහින් තිබුණේ. මසර් හැඩි කරපු කුස්සිය අස් කරන ගමන් මට හිතුනේ බිරියානි එකත් මංම තනියම හදාගත්තනම් ඉවරයි කියලයි. හැබැයි ඉතින් අපරාදේ කියන්න බෑ බිරියානි එකනම් රසටම තිබුණා. ට්‍රේන් එක තියෙන්නේ රෑ දහයට වුණාට රෑ නමය වෙද්දි ස්ටේශන් එකේ ඉන්න ඕනි කියලා මසර් කිව්ව නිසා අපි කලින්ම රෑට කාලා ගමනට ලෑස්ති වුණා. කඩෙන් ගන්න වෙලේ ලස්සනට පෙනුනට දැන් ඇඳලා බැලුවම සල්වාර් එකේ පාට මගෙ ඇඟේ පාටට හරියන්නේ නෑ කියලමයි මට හිතුනේ. මං කණ්ණාඩිය ඉස්සරහට වෙලා කැරකි කැරකි ඉන්නකොට මසර් ලෑස්ති වෙලත් ඉවරයි. "ඔයා මොකක්ද ඔය කරන්නේ අයිශා...ඉක්මනට ලෑස්ති වෙන්නකෝ..." " හරි හරි තාම වෙලාව තියෙනවනේ...අනේ මේ බලන්නකෝ මේ පාට මට මැච් වෙන්නෙ නෑ වගේ නේද?.. අපරාදෙ එතන තිබුණු ලා කහ පාට එක ගන්න තිබුණේ.." "විකාරද ළමයෝ...ඔය ලස්සනට තියෙන්නේ?.." " ඔයා ඉතින් මං කැතම කැත ඇඳුමක් ඇඳන් හිටියත් ලස්සනයි කියයි.." නෝක්කාඩුවට එහෙම කිව්වට මොකද මසර්ගේ ඒ ගතියට මං හරි කැමතියි. කොයි විදියට හිටියත් මසර්ට හැමදාම මාව පෙණුනේ ලස්සනට. මං මහා ලොකු ලස්සනක් තියෙන කිරිසුදු පකිස්ථාන් කෙල්ලෙක් නෙමෙයි. මට තිබුණේ තළෙළු හමක්. හැබැයි මසර්ට නම් තිබුණේ හරිම ලස්සන කහ පාටක්. සුදු පාටට හරි ලා කහ පාටට හරි හුරු ඇඳුමක් ඇන්දම මසර්ව පෙනුනේ හරියට රස්ගුල්ලා ගෙඩියක් වගෙයි. "අපි දෙන්නා හරියට රස්ගුල්ලයි ගුලාබ් ජාමනුයි වගේ නේද?" ඉස්සර මං කියද්දි, "ඉතින් හොඳටම ගැලපෙනවනේ අයිශා..." කියලා මසර් හිනාවෙවී කියනවා. අන්තිමේදී ඊයේ ගත්ත ඇඳුමම ඇඳන් යන්න මං හිතාගත්තා. ඇඳුමේ ප්‍රශ්නේ ඉවර වුණාට පස්සේ ඊළඟ ප්‍රශ්නේ වුණේ මගෙ කොණ්ඩෙ. මට තිබ්බේ එහෙට්ටත් නැති මෙහෙට්ටත් නැති පොඩ්ඩ ඇත්නම් අවුල් වෙලා ගැට ගැහෙන කොණ්ඩයක්. කොණ්ඩෙ කඩලා දාලා යන්න ආස වුණත් කොණ්ඩෙ අවුල් වුණාම ඒකෙ වදෙත් මට නිසා පුරුදු විදියටම කොණ්ඩෙට පෝනි ටේල් එකක් දැම්මා. රෑ නිසා ලිප්ස්ටික් ටිකක් විතරයි ගෑවේ. ට්‍රේන් එකෙන් බහින්න කිට්ටු වෙලාම පොඩි මේකප් එකක් දාගන්නවා කියලා මං හිතුවා. 'මේ ලෝකේ අවලස්සන ගැහැනු කියල ජාතියක් නෑ අයිශා. හැම ගැහැනියක් ළඟම මොකක් හරි ලස්සනක් තියෙනවා. කෙනෙක්ගේ කොණ්ඩෙ ලස්සන වෙනකොට තව කෙනෙක්ගේ ඇස් ලස්සන වෙන්න පුළුවන්. තමන් දැනගන්න ඕනි ඒ දේවල් ඉස්මතු කරලා ගන්න.' මට දවසක් මගෙ ලොකු අක්කා කියපු කතාවක් මතක් වුණා. තමන්ට තියෙන ලස්සන දේ ඉස්මතු කරලා ගන්න කිව්වට මොකද මටනම් ඉස්මතු කරලා ගන්න තරම් ලස්සනක් තිබුණේ නෑ. කොහෙහරි ගමනක් යන්න ලෑස්ති වෙන්න හදන හැමවෙලේම මට හිතුනේ මම නම් කිසිම විශේෂයක් නැති ලස්සනක් නැති නිකම්ම නිකම් ගෑනියෙක් කියලයි. "අයිශා....ඉක්මන් කරන්න, තව විනාඩි පහකින් වගේ ටැක්සි එක එනවා..." ඒ අස්සේ මසර් කාමරේට එබිලා කෑගැහුවා. කරච්චි ස්ටේශන් එකට එද්දි වෙලාව රෑ නමයයි කාලයි. මසර් ට්‍රේන් එකේ නිදන මැදිරියක් බුක් කරලා තිබුණේ. අපිට බුක් කරපු කැබින් එක ඇතුලට ගියපු ගමන්, මසර් බඩු ටික පැත්තකින් තියලා මේ දවස් වල එයා කියවන පොතත් අතට අරගෙනම එයාගෙ ඇඳෙන් හරි බරි ගැහිලා වාඩිවුණා. හරි දැන් ඉතින් පේශාවර් වලට යනකම්ම මසර් එයාගෙ ලෝකෙ ඉඳියි. ලොකු නිදිමතක් තිබ්බෙත් නැති නිසා ෆෝන් එකත් අරගෙන මං මගෙ ඇඳේ හාන්සි වුණා. "නිදිමත නැද්ද අයිශා... " මසර් පොත කියවන ගමන් මගෙන් ඇහුවා. "ලොකු නිදිමතක් නෑ" ෆෝන් එක දිහා බලාගෙන මං කිව්වා. "ඔයාටත් පොතක් ගේන්න තිබ්බේ..." "අපෝ මට වාහන වල යද්දි පොත් බලන්න බෑ..." "ඔයා ගෙදර ඉද්දි පොතක් බලන්නෙත් නෑනේ...ෆෝන් එකට ඇස් ඔබාගෙන ඉන්න එකනේ කරන්නේ..." "හරි ඉතින් ඔයා දන්නවනේ මං ගැන..එහෙව් එකේ පොතක් ගේන්න තිබ්බා කිව්වේ මොකෝ?..." "නෑ ඉතින් පොත් බලන්න ගත්ත ගමන් ඔයාට නින්ද යනවනේ..ඒකයි. ඕන්නම් මේ පොත දෙන්නම් ඔයා කියවන්න ගන්න. ඔයා විනාඩි දහයකින් පහළොවකින් නිදාගත්තම මට ආපහු කියවන්න බැරියැ." මසර් හිනාවෙවී කිව්වා. "නින්ද නෙමෙයි වමනේ යන්නේ....ඔයාට පොත් කියවනවා වෙනුවට මෙතන අස් කරන්න තමයි වෙන්නේ..." එහෙම කියාගෙන මං ඇඳේ අනිත් පැත්තට හැරුණා. මසර් පොත් පිස්සෙක් වුණාට මම පොත් කියවන්න ලොකුවට කැමති කෙනෙක් නෙමෙයි. වාහනයක යද්දිනම් වැරදිලාවත් පොතක් තියා පත්තරයක්වත් බලන්න මට බෑ වමනෙට එනවා. පැය තුන හතරක් විතර මං යූ ටියුබ් එකට වෙලා එක එක රටවල් වල කෑම ජාති හදන විදිය බල බල හිටියා. කෑම හදන එකට පස්සේ ඒක තමයි මට තිබුණ එකම විනෝදාංශේ. කොහොමහරි බාගෙට නින්ද ගිහින් ෆෝන් එක මූණ උඩට වැටෙන්න පටන් ගත්තට පස්සේ තමයි මං නිදාගත්තේ. මසර් එතකොටත් හොඳටම නිදි. රෑ එළිවෙනකම් ෆෝන් එකේ හිටපු නිසා උදේ නැඟිටිද්දි මං නිකන් හෝන්දු මාන්දු වෙලා වගේ හිටියේ. මසර් කතා කරේ නැත්නම් හවස් වෙනකම් වුණත් නිදාගන්න පුළුවන් සයිස් එකෙන් මං හිටියේ. "අයිශා....මේ තේ එක නිවෙන නිසා කතා කළේ. ඔයා මේක බීලා නිදාගන්න." මසර් මගෙ අතට තේ එක දෙන ගමන් කිව්වා. තේ එක බීලා මං නිදාගත්තේ, උදේ කෑමට මාව ඇහැරවන්න එපා කියලා කියන ගමනුයි. ට්‍රේන් එකෙන් දෙන කෑම ලොකුවට රස නැති වුණත් උදේටත් කෑවේ නැති නිසා දවල්ට මං බඩ පිරෙන්න කෑවා. රෑටනම් මසරුයි මායි දෙන්නම ට්‍රේන් එකේ කෑම කෑවේ නෑ. ඒ වෙනුවට ගෙදරින් ගෙනාපු බිස්කට් පැකට් දෙකකින් බඩ පුරවාගත්තා. පැය තිස් දෙකක් ගෙවිලා ගමනේ අවසානෙට ළං වෙද්දි අපි දෙන්නා හොඳටම හෙම්බත් වෙලයි හිටියේ. මතු සම්බන්ධයි. බුද්ධි ජයවීර. (කතාව කියවා අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති.)පුරුද්දට වගේ එදත් මගේ ඇස් හෙව්වෙ ඒ රූපෙ විතරමයි .... හතරැසුත් නොවුනු රවුමුත් නොවුනු පිරිමි මූණක දකුණු ඇහි බැම කෙලවර තියෙන කලු උපන් ලපේ , මට මතක එච්චරයි , මං දන්නෙ එච්චරයි .... දන්නවද , අවුරුදු ම 27ක් තිස්සෙ හොයන ඒ මූණ තවම මං ඉදිරියට නාවෙ එදා ගමේ මිනිස්සු කියපු මගේ මූසලකම නිසා වෙන්න ඇති, හැබැයි , කලින්ද කනම් කියන්නෙ මං ජීවත් වෙන්නෙ මං ම හදා ගත්ත මනෝ ලෝකෙක කියලා , ඒත් කවදාවත් කලින්ද මගේ මනෝ ලෝකෙට වැට කඩුලු බැන්දෙ නැති හේතුව තවමත් මං දන්නෙ නෑ... -කලින්ද කියන්නෙ ... සුදු කබර පොතු පිරුනු මේ කබරිට පිස්සුවෙන් වගේ ආදරේ කරපු කාල වර්ණ මුහු වෙච්චි හැඩි දැඩි පිරිමි පරාණේ , දවසක් , ගොලු හදවත මැද පිටුවෙ රඳවලා තිබුනු සෙන්ට් සුවඳ විහිදෙන රෝස පාට ලේන්සුවක හරි මැද්දෙ , සුගත් දම්මිට ආදරෙයි - දම්මි සුගත්ට ආදරෙයිද ... කියලා බෝල්පොයින්ට පෑනෙන් ලියලා තිබුණු වග මං දැක්කෙ කලින්දගෙ මරණෙ දවසෙ , කඳුලු මීදුමකින් වැහුනු මගේ ඇස් ඉස්සරහට මේ පොත ගෙනාවෙ කල්න්දගෙ චූටි නන්ගි, "ලොකු අයිය ඊයෙ මේ පොත ගෙනාවෙ අක්කිට දෙන්න කියලා, අක්කෙ මේක ගන්න , මට මතක එච්චරයි , මොකක්දෝ නොදන්න ගල් පර්වතයක් මගේ හිතට කඩා ගෙන වැටුනෙ ඒ තත්පරෙන් ... කලින්ද නැතිවුනෙත් මගෙ මූසලකමට ද කියලා මටත් හිතුනු වාර අනන්තයි... එඬරු ඇට නෙවෙයි පෙම , දකින දකින තැන පැලවෙන, ඉතින් මං තාම තනිකඩයි , ඒත් අර අමුතු රූපෙ හොයන පුරුද්ද තාමත් එහෙමමයි..... මං රුවින්දරා.... වෘත්තියෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ කථිකාචාර්යවරියක්, ආ...එතකොට ..කබරි.. කියන්නෙ .... අවුරුදු හතරක් පුරාවට නොවෙනස්ව තිබුනු campus card එක මගේ වයස තනි ඉලක්කමින් එපිටට සක්මන් කරේ කාත් කවුරුත් නැති අනාථ ලෝකෙක මාව තනි කරලා .. "පව්, අසරණී " " පව් . හොඳ පව් ඕකිගෙ පව්කාරකම තමයි ඒ පවුලට ම හෙණ ගැහිලා ගියේ , අර පොඩි එකාගේ මිනියවත් හොයා ගන්න නෑ ," වතුසුදු කලේ නාවන්න දෙවරුවකට කලින්
මයෙ අම්මා ආන්ත්‍රා වුනේ පොලඟෙක් ගහලා ගං ඉවුරෙදි , එතන හිටිය පුන්චි මල්ලි අදටත් අතුරුදහන්... Excuse me madom , madom , හුරු පුරුදු කටහඬක් මාව ආයෙමත් කල්පනා ලෝකෙන් රොබරෝසියා යායට අරගෙන ආවා... "Yes , Shaini , " ... " madom , මේ ලිනුත් , අපි next month marry කරනවා , මේ invitation එක madom ට අම්මෙක් නැති මට අම්මෙක් උනේ madom අනේ පෝරුව චාරිත්‍ර වෙලාවට කොහොමහරි එන්න madom , එතකොට කිරි කඩ හේලය . " කඳුලු පුරෝ ගත්තු ෂයිනි කියන්න යන දේ ආයෙමත් නතර කරා.. ශයිනිගෙ වචන එක්ක ම මගේ ඇස් ලිනුත් ළඟ නතර වුණා , දෙයියනේ මේ ඒ රූපෙද, අවුරුදු තිස් හතක් තිස්සේ මං හොයපු ඒ පිරිමි රූපේ, ඒක හරි අමුතු හැඟීමක්, හීනයක් ද පියවි ලෝකය දෙකම මොහු වෙච්චඅමුතු ලෝකයක්ද කියලා හිතා ගන්න බැරි වෙන තරමට මං කල්පනා ලෝකෙක අසරණ වුණා. ඒත් එකම මං invitation එක විවෘත කරා, " ජයන්ත සිංහබාහු සහ එම මැතිනියගේ ආදරණීය පුත් ලිනුත් සිංහබාහු "ඒකෙ ලියල තිබුනේ එහෙමයි... බලාපොරොත්තුවට ලොකු ආලෝකයක් ලැබුන නිසා මම සියල්ල කාලයට භාර දුන්නා .. එදා අඟහරුවාද දවසක්, අවුරුදු 37ක් තිස්සේ මං හොයපු ඒ රූප ශයිනිත් එක්ක පෝරුව මත හිටගෙන හිටියා , කඳුලු උනන්නෙ සතුටට ද දුකටද කියන්න නොදන්න මං පෝරුව ඉදිරියට ගියෙ කිරි කඩ හේලය භාර ගන්න... එක දවසක් දැක්ක පලියට ඒ රූපෙ කොහොමද මගේ කියන්නේ , ඒත් දන්නවද, මේ මාසෙ පුරාවටම මම විස්තර හෙව්වා, ජයන්ත සිංහබාහු කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න ධනවත්ම ව්‍යාපාරිකයෙක් එයාගේ පුංචි පුතා ඩෙංගු වලින් නැතිවෙලා අවුරුදු 3දී , මේ නිසා බිරිඳ මානසික රෝගියෙක් වෙලා තියෙනවා ,මේ මානසික රෝගීකමින් ඈව මුදා ගන්නයි අසරණ දරු පැටියෙක්ව දරුකමට හදාගෙන තියෙන්නේ , " මේ දරුවාව අරගෙන තියෙන්නේ නොච්ච්පොතාන පැත්තෙ ඉස්පිරිතාලෙක ඉඳලා, නැතිවෙච්ච පුංචි බේබිගේ හැඩරුවට ගොඩක් සමාන රූපයක් හොයපු අපේ ලොකු මහත්තයගෙන මල්ලි තමයි මේ දරුපැටියව අරගෙන ආවේ... ඔය දරුවාගේ අම්මා පොලොන් විස ගහලා මැරිලා කියල තමයි මිනිස්සු කියලා තියෙන්නේ දරුවවත් පොළඟ කාලා තිබිලා තියෙන්නේ , ලොකු මහත්තයා දරුවාව සනීප කළා... ලොකු නෝනට අදටත් ඒ වෙනස අඳුරගන්න බැරි තරමට ම මේ දරුව පුන්චි බේබිට සමානයි..." මට මේ කතාව කිව්වේ ජයන්ත සිංහබාහුගේ ගෙදර ආයම්මා , බෝම අමාරුවෙන් මං ඈව ඇත්ත කියන්න පොලඹෝ ගත්තා , ගෑණු හිත් හරි ලාමකයි ඉක්මනට වුනු වෙනවා , ඉතින් මගේ කතාව කියවපු ආයම්මා මේ විස්තර මට කීවෙ එක් පොරොන්දුවක් උඩ , කිරි කල හතකට කිරි මයෙ පපුවේ නොයෙරුනාට මහා වැලිය උතුරවන්න කඳුලු හැමදාම මයේ ඇසින් රීටුවෙ ඔය රූපෙ මතක් උන හින්දා , ඒත් , ආත්මාර්ථකාමී වෙලා ප්‍රජාපතීගෙන් කුමාරයාව උදුරගන්න මට බෑ, අවුරුදු විසි හතක බලාපොරොත්තුවේ ප්‍රතිඵලය ඇස් මානයේ වුණත් අනන්‍යතාවය කියාගන්න බැරුව මං ගොළු වෙලා තියෙන්නේ මිනිස්සු කියන මගෙ මූසලකම නිසා වෙන්න ඇති.... Madom, තනියම නේද ගෙදර ඉන්නේ, madom මැඩම් එන්න අපිත් එකක් ඉන්න අපේ ගෙදර... මමියි ඩැඩියි next week australia යනවා, ශයිනි මට හැම දෙයක්ම කියලා තියෙන්නේ , මැඩම් ශයනට අම්මා කෙනෙක් වගේ කියන්නේ මටත් අම්මා කෙනෙක් වගේ තමයි , "ඉතින් අම්මා, අපිත් එක්ක එන්න.." හතරැසුත් නොවුණු රවුනුත් නොවුනු මං හොයපු ඒ පිරිමි රූපය මට අම්මා කියලා කතා කරා, සමහරවිට ,මිනිස්සු කියන තරම් මං මූසල නැතුව ඇති , මිනිස්සුන්ට නම් මොනවා කියන්න බැරිද .... "ආතම්මා, කීනු මගෙ බෝනික්කා උදුරනවා " හතරැසුත් නොවුනු රවුමුත් නොවුනු පුන්චි මූණු දෙකක් දුව ගෙන මං ඉදිරියට ආවා ... සමහරවිට අර මිනිස්සු කියාපු මූසලකම රොබරෝසියා සුවඳ ට මුහු වෙලා ඈතට ඈතට පාවෙන්න ඇති..... © Nimarshi Kavya Nandasiri ( ඡායාරූපය අන්තර්ජාලයෙන් )නාඩි වාක්‍යම් අත්දැකීම් ============= ඒ දෙදහහස් පහ හෝ හය වසරයි. කේන්දර, නැකැත්, සාත්තර ගැන සත පහක විශ්වාසයක් නැති කාලයක්. ඔන්න එක සැරයක්, ගැනු ලමයෙක් අහනව මගෙං, "ඔයාලගෙ ගෙවල් ගාව ජලාශයක් තියෙනවද?" කියල. මං: මං ඇහුව "මොකක්?" ගැ: "ඔයාලගෙ ගෙවල් ගාව වැවක්, ගගක් වගේ එකක් තියෙනවද?" මං: "නෑ අනේ. නාරාහෙන්පිට කොහෙද ජලාශ? ඇයි මොකෝ කේස් එක?" ගැ: "අම්ම මාව නාඩි වාක්‍ය බලන්න එක්කගෙන ගියා. මෙන්න බොලේ බදින කෙනාගෙ නම් කියනකොට, ඔයාගෙ නමත් කිව්වා" කිව්වා. නම් හතරක් පහක් කියල. මගේ නමත් කියල. මම ගනං ගත්තෙම නෑ සීන් එක. ඔය සාත්තරකාරයො, ඔක්කොම බොරුකාරයො කියල හිතහදාගත්තා. අපරාදෙ, සල්ලි වියදම් කරගෙන ඕව ඔඅස්සෙ යන අය කියලත් හිතුනා. ඒ ලමයව බදින්න තිබ්බ නං ඒ කාලෙ හැටියට මරු. (බැන්දට පස්සෙ ජීවිතේ ගැන අවබෝධයක් නැති කාලෙ 😊) කොටින්ම එයාගෙන් අහල, බෑ කියල, මූඩ් ගහල ඉදල, කවි ලියල හිටපු කාලයක්. කතාබහ කරනවා. ඕකයි සීන්කෝන් එක. හොදටම ඇති ඒ ගැන. සතියකට දෙකකට පස්සෙ, වීක් එන්ඩ් එකට ගමේ ඉන්න දවසක්. (නිට්ටඹුවෙ) මෙන්න බොලේ මිදුලෙ ඉන්නකොට, වැලි ගොඩ දිගේ පොඩි ඉබ්බෙක් ඇවිදිනවා. අම්මට පෙන්නුවම කියනවා, "ආහ්!, මේ සතියට ඔය දෙවෙනියා". මම හොල්මන්!, කොහෙන්ද බොලේ මුන් එන්නෙ? 🤔 අම්ම කියනවා, "ඔය අර ගල්වලේ ඉදං නෙ ඉන්නෙ?". අපේ ගමේ ගෙවල් හරියෙ නම, ගල්වලහේන. අල්ලපු ගෙදර සුද්දො නුවරපාර හදන කාලෙ, කලුගල් ගත්තු ගල් වලක්. අපි දන්න කාලෙක ගල් කඩල නෑ. වතුර පිරිල තියෙනවා. ඉස්සර නං පාරට පේනව, අපි පොඩි කාලෙ පොඩි ගල් අහුලං ඕකට ගහනවා. දැං නං පාරට පේන්නෙ නෑ. ගොඩ කරලද මන්දා. ඔහොම කෙහෙල්මලක් තියෙනව කියල මතක උනේ නෑ. ඕක වෙන්න ඇති බොලේ ජලාශය කියල හිතුනා. ඩෝං ගාල කොල්ල පහුවදා උදේ හතට එතන. තැන බම්බලපිටියෙ ලින්ඩ්සේ එක පහුකරල කොටුව පැත්තට යනකොට වමට තියෙන ලේන් එකක්. ඉස්සර කජු සංස්තාව තිබ්බා පටේ අනික් පැත්තෙ. Sri Lankan Cargo ඔෆිස් එක තිබ්බා. දන්න හැටියට තාම ඔතන ඕක තියෙනවා. දැං හෙන ගනං. ගියා, උපන්දිනේ දුන්නා, නම දුන්නා, උපන් වෙලාව දුන්නා, ෆින්ගර්ප්‍රින්ට් දුන්නා. හතට ගියේ, ඇපොයින්මන්ට් එක එකොලහට විතර. කට්ට කාල ගියා එකොලහට. කාමරේකට යනවා. තැඹිලිපාට රෙද්දක් ඇදගත්ත සිංහල බැරි පොරක් ඉන්නවා. කලිසං ඇදගත්ත ටැමිල් ඩයල් එකක් ඉන්නව, පිර තමා ට්‍රාන්ස්ලේටර්. බිස්කට් පෙට්ටි පුරවල පොත් කාමරේ පුරා ගොඩ ගහල තියෙනවා. මම ඉස්සර පෙට්ටි පහක් තිබ්බා. සමහර ඒව එක්සසයිස් පොත්. සමහරක් පුස්කොල පොත්. දැං වැඩේ මට අදාල පොත හොයාගන්න ඕනෙ. සමහරුන්ට පොත් තිබේ. සමහරුන්ට පොත් නැත. සාමි පොතක් ගන්නව. දිග අරිනවා, කියවනවා. මගෙ පොත හොයාගන්න බුවා දෙමලෙන් ප්‍රශ්න අහනව, අරූ සිංහෙලන් මගෙන් අහනවා. මම උත්තර දෙනවා. අරූ දෙමලෙන් සාමිට කියනවා.හරියන්නෙ නැත්තං ගත්ත පොත විසිකරනවා. ආයෙ පොතක් ගන්නව. ඔහොම ඔහොම පෙට්ටි දෙක හමාරක් යනකං පැයක් විතර ප්‍රැශ්න ඇහුව කිහාංකො. මේං ප්‍රශ්න සහ උත්තර නංගි කෙනෙක් ඉන්නව, නමට අකුරු පහයි නෑ පොඩි කාලෙ සහෝදරයෙක් ඉදල නැති උනා නෑ තාත්ත නැතිවෙලා නෑ පොඩ් කාලෙ ඇක්සිඩන්ට් එකක් උනා නෑ අක්කල දෙන්නයි නෑ එපා වෙනව ඉතිම්! එක පාරටම පොත සෙට් උනා කිහාංකො! නංගි විතරයි ඉන්නෙ. ඔව් නමට අකුරු තුනයි ඔව් තාත්තගෙ නම විජය ශ්‍රී ඔව් (විජේසිරි බට්, මුගෙ ටැමා ඇක්සන්ට් එකට අනුව හරි) අම්මගෙ නම නාමලී ඔව් (නාමනී, බ්ට් ඕකේ) රායිට්, බුවා දෙමලෙන් කියාගෙන කියාගෙන කිය. 'මල වදේ ඇති යාන්තං හම්බුනා' වගේසීන් එකක් වෙන්න ඇති. ට්‍රාන්ස්ලේටර් මල්ලි ටේප් රෙකෝඩරේට කැසට් එකක් දැම්ම, ඔන්න පොත කියවන එක රෙකෝඩ් කරන්න යන්නෙ. උං ගාව ලිස්ට් එකක් තියෙනව, චැප්ටර්ස්. (දැං තියෙන කොලේ හම්බුනොත් දාන්නං) ඒ කාලෙ එකක් පන්සීයයි. දැං පන්දාහද කොහෙද! පලවෙනි එක කොහොමත් නෝමල් අහන්නම ඕනෙ. ඒක ඇහුව. මෙන්න බොලේ කියාගෙන කියාගෙන යනවා. අම්ම නම, තාත්තගෙ නම, රස්සාවල්, සහෝදරය, ගෙවල් වල හැටි ඔක්කොම සෙට් එක කිව්වා. අහන ප්‍රශ්නවලට පොඩි පොඩි උත්තර දෙන්න, ෆුල් විස්තරේ අහන්න චැප්ටර් එක සල්ලි දීල ගන්න ඕනෙ. කියපුව ඔක්කොම තිතට හරි. සමහර ඒව පිරුලු ප්‍රහේලිකා විසදගෙන යන්න ඕනෙ. "තාත්ත වැඩකරන්නෙ පොලවෙන් දෙයක් ගන්න තැනකද?" , මම නෑ කිව්වා. ඌ අහනව ජොබ් එක මොකක්ද කියල තාත්තගෙ. මම කිව්වා "එකක්වුන්ටන්ට්". ඌ කියනවා "ඇහ්?, වෙන්න බෑනෙ? කොහෙද වැඩ?". මම කිව්වා, "පෙට්‍රෝලියම්". "ඉතින් හරිනෙ පුතා" කියල බැන්නත් එක්ක 😊 ඒ අස්සෙ කියනව, ඔලුවෙ කෙස් වැවෙන්නෙ නැති චූටි තැනක් තියෙනව නේද කියල. මම නෑ කිව්වා. ඌ කියනව අම්මාගෙන් අහල බලන්නලු. ඒක මේ ආත්මෙ නෙමේ, ගිය ආත්මෙ වෙච්ච එකක්ලු. ගෙදර ගිහිං අම්මගෙන් ඇහුවා කියපංකො. බැලුවාම පොඩී එකක් තියෙනවා. අම්ම දන්නෙ නෑ කොහොමද උනේ කියල. අම්ම තාත්ත වැඩට ගියාම ආච්ච් අත්ත එක්ක හිටියෙ ඒකාලෙ. අම්මට ඔය තුවාලෙ අහුවෙලා, ආච්චිලගෙන් අහල. ආච්චිල දන්නෙ නැතුව, "ඔයාල දන්නෙ නැතුව ලමය වැටිල, තුවාල වෙලා සනීප වෙලත් ඉවරයි කියල", රන්ඩුවකුත් ගියාලු 😊 විස්තර ටික අහගෙන කැසට් එකත් අරං මං ආව. විවාහය, රස්සාව, අධ්‍යාපනය, පෙර ආත්මය ගැන දැනගන්න වැඩි ආසාවක් තිබ්බෙ නෑ එතනින් එහාට. ඉස්සරහට ඩෙෆා, කම්පියුටර් ඉන්ජිනියරිං ජොබක් කරන්නෙ කිව්වා. ඔන්න ඕක තමා සිද්දි දාමය. ජීවිතේට එක සැරයක හරි අහන්න ඕනෙ. ප.ලි. #1 ඔව්, අර ගෑනු ලමය පස්සෙ කාලෙක බැන්දා. අනුරාධපුරේ නුවර වැව ලග ගෙවල් තිබ්බ අ'පුර සෙන්ට්‍රල් ගිය කොල්ලෙක්ව. අර නම් සෙට් එක අස්සෙ පොරගෙ නමත් තිබ්බා 😊 ප.ලි. #2 පස්සෙ කාලෙක තමා නාඩි වාක්‍ය ගැන කියවන්න හම්බවෙන්නෙ. ඔය සාත්තරේ දකුනු ඉන්දියාවෙ තමා තිබිල තියෙන්නෙ. පවුල් මට්ටමෙන් පරම්පරාගතව විහිදිච්ච සාත්තරයක්. පවුල් දෙකක් අතරේ රණ්ඩුවක් ගිහිල්ල සමහර් පොත් පුච්චලා, ඒක නිසා සමහරුන්ගෙ පොත් නැහැලු. එක කට්ටියක් විතරක් අලුතින් පොත් ලියාගෙන යනවලු. සමහරු on-demand විතරක් පොත් ලියනවලු. එක එක කතා ඉතිං! ප.ලි #3 පාසෙ කාලෙක ආරංචි උනේ. ප්‍රේමදාස මහත්තය නාඩි වාක්‍යම් අහන්න කෙලින්ම ඉන්දියාවට යනවලු. පොර ගිහිල්ලා අහන්නෙ, "ඉස්සරහට කවුද මට තර්ජනයක් වෙන්නෙ කි
යල?" අහනවලු. එහෙං උත්තර දෙන එකා, "විජේ" කියල කියනවලු. (අර අපේ තාත්තගෙ නම.කිව්ව වගේ පොර හරියටම කියන්නෙ නෑනෙ, පැටලෙනවා, පොරගෙ ඇක්සන්ට් සහ ට්‍රාන්ස්ලේශන් එක්ක) ප්‍රේමදාස මහතා ඕව අකුරටම පිලිපදින ඩයල් එකනෙ. ආපු ගමං කොඅක ඉදල ඉස්සරහට තමංට තරජනයක් වෙන්න පුලුවන් 'විජේ' ලට ශොට් එක දෙන්න ගත්තලු. එකෙක්ට ශොට් එක දීල ආයෙ ඉන්දියාවෙ ගිහිං ආයෙම අර ප්‍රශ්නෙ අහනකොට, උත්තරේ "විජේ" මලු 😊 "විජේ"ලා ලිස්ට් එක ලියාගන යන්න පුලුවන් (+ /- ) උපාලි විජේවර්ධන විජය කුමාරතුංග රන්ජන් විජේරත්න විජය විමලරත්න රෝහන විජේවීර .... ප්‍රේමදාස මහතා අන්තිම වතාවට ගියවෙලත්, "විජේ" කියල කිව්වලු. එයාට මැරනකම්ම, මේ "විජේ" කවුද කියල හොයාගන්න බැරුව හිටියෙ. බෝම්බෙන් ප්‍රේමදාස මහත්තය නැතිවෙච්ච ගමං, එතකොට ඩී.බී.විජේතුංග ජනාධිපති විදියට දිවුරුම් දුන්නා 😊මගේ දෛවය අනුව මං කරන කිසිම රස්සාවක් මහ ලොකු කාලයක් කරගෙන යන්න මට බැරි වුනා. මොකක්ම හරි ප්‍රශ්නයක් වෙලා රස්සාවෙන් අයින් වෙන්න වෙනවා හො අයින් කරනවා. මාත් පවතින තත්ත්වයට නඩත්තු වෙන්න වුනා මිසක් අලුත් තත්ත්වයක් හදාගන්න උත්සාහ කරේ නැහැ. ඒක අසරණ කමක් වෙන්නත් පුළුවන් අපි ඉන්න තත්වය මත ඒත් හිතෙනවා තත්වය වෙනස් කරන්න උත්සාහ නොකිරීම ම තමගෙන් දුර්වලතාවයක් කියලා. කරමින් හිටිය රස්සවෙන් අයින් අලුත් රස්සවක් සෙට් වුණාට පස්සෙ ඒ හිටිය බෝඩිමෙන් අයින් වෙලා යාලුවෙක් දුන්න නම්බර් එකකට කෝල් කරලා අලුත් බෝඩිමකට යන්න පුළුවන් වුනා. ඒක බෝඩිමක් කියනවට වඩා තමන්ගෙම ගෙදර වගේ තැනක් විදියට ගිය පළවෙනි සතියේ ඉඳලම දැනෙන්න ගත්තා. ඒ බෝඩිමේ මාත් එක්ක එක කාමරේ ඉන්න හිටියේ මාතර කොල්ලෙක්. ඌගේ නම චතුර! ඌ අවුලක් නෑ හොඳ පොරක් දැං අවුරුදු තුනක විතර ඉඳලා මේ බෝඩිමේ ඉන්නවා කියලා තමයි ඌ කිව්වේ. මේක බෝඩිමක් කිව්වට සම්පූර්ණ දෙමහල් ගෙයක්. උඩ තට්ටුවෙ තියෙන කාමර තුන තමයි මේ රෙන්ට් එකට දීලා තියෙන්නෙ. එක කාමරේක මායි චතුරයි. අනිත් කාමර දෙකෙන් එකක කෙල්ලො දෙන්නෙක් හිටියා ඉතුරු කාමරෙත් තනියම කෙල්ලෙක් හිටියේ. ඒ කෙල්ලො තුන්දෙනා වුනත් අවුලක් නැ සුහද ශිලීව කතාබහ කරගෙන අපිත් එක්ක හිටියා. උනුත් දෙන්නෙක් අවුරුදු දෙකක් විතර, අනිත් තනියම හිටිය කෙල්ල අවුරුදු තුනක් විතර තිස්සෙ මේ බෝඩිමේ ඉන්න අය. කෙල්ලොයි කොල්ලොයි දෙගොල්ලොම ඉන්න නිසා හැමෝගෙම හොඳට පුංචි පුංචි නීති කිහිපයක් අපිට තිබුණා. රෑ දහයට කලින් බෝඩිමට එන්න ඕන, ඊටත් බෝඩිමට මාව වුනත් ගත්තේ පැයක් ඇතුලත බෝඩිමට එන්න පුළුවන් දුරක රස්සව කරන නිසා. අනිත් අයත් ඒ දුරම රස්සා කරපු අය. තව දෙමව්පියන් හැර කිසිම කෙනෙක් බෝඩිමට එන්න බැහැ අසනීපයක් වුන වෙලාවකට කවුරු හරි සුවදුක් බලන්න ආවොත් මිසක්. ඔය වගේ පුංචි පුංචි නීති ටිකක් තිබුණා ඒවා ඉතින් හැමෝගෙම ආරක්ෂාවට තිබුණු දේවල්. ________________ මේ බෝඩිමේ අයිතිකාරයෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් කාංචනා අනිත් කෙනා කස්තුරි. දෙන්නා පෙනුමෙන් අවුරුදු හතළිහක් හතළිස් පහක විතර පෙනුම තියෙන අවිවාහක දෙන්නෙක්. මම ඒ දෙන්නා අවිවාහකයි කියලා දන්නෙ චතුර මට කියපු නිසයි. චතුරා කියපු විදියට මේ දෙන්නා සහෝදරියෝ. මෙයාලා අලුතින් හදපු ගෙදර තමයි මේ උඩ කාමර අපිට කුලියට දීලා තියෙන්නෙ. ඒ දෙන්නා හිටියේ පහළ තට්ටුවේ. අපිට කෑම අවශ්‍ය නම් කෑමත් අපිට බෝඩිමෙන් ගන්න පුළුවන් කම තිබුණා. බෝඩිමේ ඉන්න අනිත් උං ඔක්කොම බෝඩිමෙන් කෑම ගන්න නිසා මාත් කෑම බෝඩිමෙන් ගත්තා. ඊටත් කඩෙන් කනවට වඩා ඒක ගොඩක් ලාභයි. කෑම වැඩිපුරම උයන්නෙ කස්තුරි අක්කා එයාට හැමෝම කතා කරේ "කසු" අක්කා කියලා අනිත් එක්කෙනාට "කංචි" අක්කා කියලා. මං මුලින්ම කිව්වා වගේ මේක බෝඩිමක් නෙවෙයි ගෙයක් විදියට පළවෙනි සතියෙම දැනුනේ ඒ සතිය පුරාවට මේ බෝඩිම ඇතුලේ සිදුවුන පුංචි පුංචි සිඳුවීම් නිසයි. ඔය රෑට උයන වෙලාවට අර ඉන්න කෙල්ලො තුන් දෙනත් සමහර දවස් වලට ගිහින් උයන්න උදව් වෙනවා. චතුරයා වුනත් ගිහින් පොල් ටිකක් හරි ගාලා දෙනවා මං දැක්කා. උං වැඩ ඇරිලා එන වෙලාව අනුව පුළුවන් විදියට මොනවා හරි දෙයක් කරනවා. චතුරයට බයික් එකක් තියෙන නිසා ඌ ගොඩක් වෙලාවට ඔය එළවළු අනම් මනම් ගේනවා. ඒ ගෙනල්ලා ඒවැයි බිල් එහෙම දීලා සල්ලි මාසේ අන්තිමට බේර ගන්නවා. චතුරයා ඌ ගැන විස්තර නොකිව්වනම් මං හිතන්නෙ ඌත් මේ ගෙදර එකෙක් කියලා ඒ තරමට සමීපව තමයි ඉන්නෙ. අර කෙල්ලො තුන් දෙනාගෙන් දෙන්නෙක් නුවර, නුවර දෙන්නගෙන් එක්කෙන් මල්ශා අනිත් එක්කෙනා දිනූ ඒ දෙන්නා තමයි එක කාමරේ ඉන්නෙ. තනියම ඉන්න කෙල්ල පොළොන්නරුවේ එයාගෙ නම මදාරා. උං තුන් දෙනත් මේ බෝඩිමේ අක්කලා දෙන්නා එක්ක සමීපව ඉන්නෙ. ඔය නිවාඩු දවස්වලට මිදුල පවා අතු ගාන්නෙ තමන්ගෙ ගෙදර වගේ. අපිළිවෙළට හිටිය මම වුනත් මේ බෝඩිමට ආවට පස්සෙ ගොඩක් පිළිවෙළට වැඩ කරන්න පටන් ගත්තේ ඇස් ඉස්සරහ දකින පිළිවෙළ නිසයි. කංචි අක්කවත් කසු අක්කවත් ජොබ් එකක් කරන්නෙ නැහැ දෙන්නම ගෙදරට වෙලා ඉන්නෙ. ජොබ් එකක් කරන්න ඕනෙත් නැහැ ඉතින් මේ බෝඩිමෙන් ලැබෙන සල්ලි තියෙන නිසා. අහ් තව චතුරයා කියපු විදියට මෙයාල මෙයාලට අයිති කඩ කාමර දෙකක් කුලියට දීලා තියෙනවා කියලා චතුරයා දවසක් කිව්වා. එහෙම ආදායමක් එනවනම් ඉතින් රස්සවක් අමුතුවෙන් කරන්න ඕන නැහැනේ. ________________ මම බෝඩිමට ගිහින් මාස දෙකකට විතර පස්සෙ බෝඩිමේ ඉන්න අර පොළොන්නරුවේ කෙල්ලගේ උපන්දිනේ තිබුණා. ඒක මේ බෝඩිමේ අක්කලා දෙන්නා සැලසුම් කරලා තිබුණේ කොහමද සමරන්නෙ කියලා. ඔන්න කොහම හරි උපන්දිනේ දවසට කලින් දවසේ කංචි අක්කා ඇවිත් මටයි චතුරටයි කිව්වා මදාරා නංගිගේ උපන්දිනේ හෙට තියෙනවා අපි එයාව පුදුම කරවන්න හදන්නෙ ඒකට පොඩි උදව්වක් ඕන කියල. කංචි අක්කා කිව්වට පස්සෙයි මම දැනගත්තේ පහුවදා මදාරගේ උපන්දිනේ කියලා. කොහම හරි අපි කංචි අක්කා කියපු විදියට උපන්දිනේ දවසේ මායි චතුරයයි අනිත් නුවර කෙල්ලො දෙන්නයි වේලාසන බෝඩිමට ආවා. අපි එනකොට කංචි අක්කයි කසු අක්කයි හැමදේම ලෑස්ති කරලා තිබුණේ. මායි චතුරයයි පොඩි පොඩි ගිෆ්ට් දෙකකුත් ගත්තා මදාරට දෙන්න. අපි බෝඩිමට ආවට ඒ ආපු බවක් මදාරා එනකොට එයාට ඇඟෙන්නෙ නැති වෙන්න වෙනදා ගෙයි ඉස්තෝප්පුවේ තියෙන දාගෙන ගිය සෙරෙප්පු සපත්තු පවා ඇතුලට අරගෙන තියලා තිබ්බා. මදාරා සුපුරුදු වෙලාවට හතට විතර ආවා. කංචි අක්කා හිටියේ සාමාන්‍ය විදියට සාලේ වාඩිගෙන මදාරාට එයාගේ උපන්දිනේ එයාලට අමතක වෙලා බව අඟවන්න ඕන නිසා. සාලේ කිසිම දෙයක් ලෑස්ති නොකර තිබ්බේ කසු අක්කගෙ යෝජනාවට. කසු අක්කා කිව්වේ ගිය අවුරුද්දේ උපන්දිනේට මෙහෙම එනකොට සාලේ හැමදේම ලෑස්ති කරලා තිබුණු නිසා මේ පාර වෙනස් විදියට කරමු කියලා. කසු අක්කා එහෙම කියපු වෙලාවෙයි මං දන්නෙ ගිය අවුරුද්දෙත් මෙහෙම උපන්දිනේ සමරලා කියලා. අපි හිටියේ කේක් එකත් අතේ තියාගෙන මදාරගේ කාමරේ. මදාරා කාමරේ දොර ඇරලා ලයිට් එක දැම්මහම කෙල්ල හොල්මන් වෙලා හිටියා අපිව දැකලා මිනිත්තු කීපයක්. මදාරා හොල්මන් වෙලා ඉන්න අතරතුර කංචි අක්කත් උඩට ආවා. මදාරා කංචි අක්කවයි කසු අක්කවයි බදාගෙන ඇඬුවේ "හදාවඩා ගත්ත දෙමව්පියොත් දරු කමෙන් අයින් කරලා ගෙදරින් එලවපු කෙල්ලෙක්ට මේ තරමට ආදරේ කරනවට ස්තුති කරන ගමන්" මදාරා ඒ කිව්ව කතාවෙන් තේරුනා මදාරා කියන්නෙ ගෙදරින් පාරට වැටුණ කෙල්ලෙක් කියලා. හැබැයි ඒ ඇයි වැටුණේ දරු කමෙනුත් අයින් කරන්න තරම් මදාරා දෙමව්පියන්ට කරපු වැරද්ද මොකක්ද කියලා ඒ වෙලාවේ මට ප්‍රශ්න මතු වුනත් ඒවට උත්තර චතුරයා ගාව ඇති නිසා ඒ මොහොතේ ඒවා අමතක කරලා උපන්දිනේ සැමරුවා. මම පළවෙනි වතාවට කෙල්ලො ටිකක් එක්ක බියර් එකක් බිව්වෙ එදා මදාරගේ උපන්දිනේ දවසේ. ඒක මට වෙනස් අත්දැකීමක් වුනත් මට ඒක පිළිගන්න වුනා. චතුරයට මේ ගෙදර පුරුදු නිසා මේ ගෙදර වෙන දේවල් සාමාන්‍යයි. ඒත් මට හැමදේම අලුත් නිසා නුහුරු ගතියකින් මුල් කාලේ හිටියේ. මහලොකු කාලයක් ගෙවෙන්න කලින් මට නුහුරු අසාමාන්‍ය දේවල් හුරු සාමාන්‍ය බවට පත් වුනේ මේ මිනිස්සු එක්ක ඉන්නකොට දැනුන පෙර කවදාවත් පිටස්තර මිනිස්සුන්ගෙන් නොලැබුන ලෙන්ගතුකම සහ ආදරේ නිසයි. මිනිස්සු මිනිස්සුන්ට ආදරේ කරද්දි මිනිස්සුන්ගේ ආකල්ප වුනත් වෙනස් වෙනවා. _______________________ චතුරයගේ කටින් වචනයක් ගන්නවා කියන්නෙ ඉබ්බෙක්ගෙ පිහාටු ඉල්ලනවා වගේ වැඩක් වුනත් මං චතුරගෙන් ඇහුවා උඹ දන්නවද "මදාරව ගෙදරි එලවලා තියෙන්නෙ ඇයි" කියලා. චතුරයා කියපු විදියට මදාරට තිබුණු ආදර සම්බන්ධයට ගෙදරින් අකමැති වෙලා තියෙනවා. ඔය අකමැති වීම නිසා දෙන්නා ගෙවල් වලින් පැනලා ඇවිත් කොහෙද තැනක නැවතිලා ඉඳලා තියෙනවා ඒත් මාස කීපයකට පස්සෙ සම්බන්ධය නැවතිලා තියෙනවා දෙන්නා අතර ඇති වුන ප්‍රශ්න නිසා. ඊට පස්සෙ තමයි මදාරා මේ බෝඩිමට ඇවිත් තියෙන්නෙ. බෝඩිමේ අක්කලා වුනත් මදාරට සලකන්නෙ දරුවෙක්ට වගේ කියලා තමයි චතුරයා මට මදාරා ගැන කියාගෙන ගියේ. චතුරගෙ ඒ කතාවෙන් පස්සෙ මදාරා ගැන මගේ හිතේ පුංචි ඉඩක් හැදුනා. ඒ මදාරා ඉන්න තත්වේ නිසා හිතේ ඇති වුන අනුකම්පාව නිසා වෙන්නත් ඇති. කොහොමෙන් කොහම හරි මාස ගණන් අපි බෝඩිමේ කල් ගෙවාගෙන හිටියා. ඔය ඉන්න කාලයෙදි මගේ හිතේ මදාරා ගැන ඇති වුන ඉඩ ප්‍රමාණය වැඩි වෙන්න ගත්තා. මදාරා ගැන ඒ ඇති වුන ලෙංගතු හැගීම මට මදාරට කියන්න ඕන කම තිබුණත් ඒක මදාරට කෙලින් කියන්න මට හයියක් තිබුණේ නැහැ. ඒ වෙනකොට බෝඩිමේ කසු අක්කා මාත් එක්ක තරමක් හිතවත් බවක් තිබුණු නිසා මං අක්කට මේ ගැන කිව්වා. මං මදාරා ගැන කියපු කතාව අහලා අක්කා ඔලුවෙ අත තියාගත්තේ "අයියෝ කොල්ලො" කියන ගමන්. මාත් බය වුනා මේ මොකද වෙන්නෙ කියලා. පස්සෙ කසු අක්කා මට තේරුම් කරලා දුන්නා මදාරා ඉන්න තත්ත්වයයි කවුරුත් නොදන්නවා වුනාට එයාගේ තිබුණු සම්බන්ධය තාමත් පවතින බවයි ඒ දෙන්නා තව මාසෙකින් විතර කොහෙද රටකට යන බවයි. ඒ කියලා ඉවර වුණාට පස්සෙ කසු අක්කා මගෙන් ඇහුවා "ඔයා දන්නවද කොල්ලො මදාරා නංගි ආදරේ කරන්නෙත් මං ආදරේ කරනවා වගේ කෙනෙක්ට" ඒ කියන්නෙ තේරුන්නෑ "අක්කා කාටද ආදරේ කරන්නෙ ? " "කංචි ට" එතකොට කංචි අක්කා අක්කගේ සහෝදරියක් කියකනේ චතු
ර මට කිව්වේ. "ඔව්! හැමෝටම හැමදේම එකපාරටම පිළිගන්න අමාරුයි. ඔයා වුනත් මුලදි මෙහෙට ආවහම අපි කියලා තිබුණේ ඔයාට අපිව සහෝදරියෝ විදියට හඳුන්වලා දෙන්න කියලා චතුරට. අපිම තමයි මදාරා ගැන වුනත් චතුර ඔයාට කියපු දේවල් කියන්න කියලා චතුරට කිව්වෙ. චතුර කරේ අපි කියපු දේවල්. චතුරගෙ කටින් වචනයක් ගන්නවා කියන්නෙ ඉබ්බෙක්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ දෙයක්" කියලා කියද්දි මාත් චතුර ගැන ඒ වෙනකොට ඒ තරමට දැනගෙන හිටියේ. කසු අක්කා මට මදාරා ගැනයි එයාගෙයි කංචි අක්කගෙයි සම්බන්ධය ගැන කිව්වේ මාව ටිකක් ශොක් කරලා. අකමැත්තෙන් හෝ කැමැත්තෙන් මට ඇත්ත තත්ත්වය තේරුම් ගන්න වුනා. හැමදේම කියලා ඉවර වුණාට පස්සෙ කංචි අක්කා මාව වැළඳගෙන "ලස්සන කෙල්ලෙක් කොල්ලට සෙට් වෙයි" කියලා කිව්වේ මගේ හිත හැදෙන්න වෙන්න ඇති. හැබැයි ඒ වචන වලට වඩා ඒ මොහොතේ ඒ වැළඳගැනීම මට ලොකු සුවයක් තිබුණා. _________________ මදාරයි එයාගේ පාට්නර් දෙන්නා මාසෙකින් විතර රට ගියා බෝඩිමේ හිටිය අපි ඔක්කොම එයාලව ඇරලවන්න එදා එයාපොට් එකට ගියා. සමුගැනීම් වේදනාවක් තමයි ඒත් ඒ වේදනාව මදාරයි එයාගෙ පාට්නර්ගේ හිනාවෙයි තියෙන සතුට දැක්කහම නිකන්ම නැති වෙලා ගියා. මිනිස්සු ආදරේ කරනවා, මඟදි අතහැරෙනවා, අතහරිනවා, ආදරේ මැද්දට ප්‍රශ්න එනවා සටන් කරලා උත්තර හොයාගෙන ආදරේ දිනනවා. මදාරලා කංචි අක්කලා කියන්නෙත් එහෙම ආදරේ දිනපු පෙම්වතුන්. මදාරලට පවතින තත්ත්වය ඇතුලේ නඩත්තු වෙන්න බැරි නිසා සහ තත්ත්වය වෙනස් කරන්න අපහසුයි කියලා හිතුන නිසා එයාලා යන පාර වෙනස් කරගත්තා. කංචි අක්කලා තාමත් පවතින තත්ත්වය ඇතුලේ නඩත්තු වෙනවා හැබැයි තත්ත්වය වෙනස් කරන්න උත්සාහ කරන ගමන්. ඒ උත්සාහය සාර්ථකයි කියලා හිතෙනවා මොකද මට පුළුවන් වෙලා තියෙනවා ආදරේ ආදරෙන්ම විතරක් දකින්න Pubudu Udatiyawala 2023/12/17කාලෙකින් ලියන්න හිතුනා කවියක්... මේවා කවි කියලා කීවෙ නෑ කවුරුවත්... කවි කියලා හිතාගෙන මම ලීවත්... මට වැඩක් නෑ බං උඹලා මොනවා හිතුවත්... අපි දන්න දවසේ ඉදලා මං උඹට කියල නෑ බබා පණ රත්තරං... අපි කතා උනේම කියාගෙන උඹ බං බොලං... ඇයි ඉතිං මං කවියකට විතරක්... කියන්නෙ උඹට රත්තරං ... ආදරෙයි තමයි ඉතිං කවදත්.... ඒත් ඉතිං මං කියන්නෑ උඹට රත්තරං .... මං කීවෙ උඹට ජිරිබිරිස්... Whatsapp එකේ ඇති pin කරලා අදටත්.... ඊයේ පෙරේදා දවසක දැක්කා මං.... බලාගෙන ඉන්නවා උඹ හීනෙං.... දන්නෑ ඒක ඇත්තද නැද්ද කියලා මං... හැබැයි මං දන්නවා... උඹට තියනවා ගමනක්.... ඉස්සර දවසක මං ලියපු කවියක් වගේ එකක... මං ලීවා.... පාරවල් දෙකක ගිය අපි වැටිලා එක පාරක... ආයෙත් වෙන් උනා ආවාම හංදියකට.... උඹ යනවා උඹේ පාරේ උඹේ ගමනක්... මං බලං උන්නේ හංදියේ නැවතිලා හැරේවි කියා උඹ ආයෙමත් ..... නවතින්න බෑ බං මේ ජීවිත ගමනේ කාටවත්.... කා වෙනුවෙන්වත්.... උඹ ආයෙ දකින්න නම්... මටත් යන්න වෙනවා ගමනක්.... හංදියකදීවත් එදා වගේ.. අපි හමුවෙන්න නම්.... ඉතිං රත්තරං කියා... එකම එක පාරක් මං කියන්නම්... ඒ රත්තරං මතක වලට දීලා නම්බුවක්.... ජිරිබිරිස්.... ඇත්තටම උඹ මට Motivation එකක්... Im going to restart .... මං......යම් යම් සූසියම් මම බොහෝම පොඩිකාලෙ අම්මගේ දමිල යාළුවෙකුගේ ගෙදර ගිය වෙලාවේ අලුත් රසකැවිල්ලක රස බැලුවා. ඒක බෝල හැඩේට හදලා තිබුනේ. හරියට අපේ නැන්දා හදන නාරං කැවුම් වගේ. මොන හේතුවකටද මන්දා ඒ රසකැවිල්ලේ තිබුන ගිතෙල් මිශ්‍ර මුං ඇට රස මට තාමත් මතකයි! මුං ඇට රස කීවට ඒ රස මුං ගුලි වල රසට වෙනස්! හරියට තමිබපු මුං ඇටයි, පොලුයි, සීනියි එකට පොඩිකරලා කනවා වගේ රසක්! ඔව් මං ඒ විදිහට මුං ඇට කාලා තියනවා!පොලුයි සීනියි එක්ක! "සූසියම් නේද​!"අම්මා ඇහුවා. "ඔව්! ඔව්! ඔයාට මතකද ඔයාට දුව ලැබෙන්න ඉද්දි මම ඔයාට හදලා දුන්නා?"යාලුවා අම්මගෙන් ඇහුවා! 'සූසියම්!' ඒ වෙලාවේ නම මතක හිටියට පස්සෙ කාලෙක ඒ නම මට එහෙම පිටින්ම අමතක වෙලා ගියා! අවුරුදු බර ගානකට පස්සෙ,ඒ කියන්නේ මේ මෑතකදී ඇමරිකාවේ හින්දු කෝවිලකට ගිය වෙලාවේ අලුත් රසකැවිල්ලක් ලැබුනා! හැඩේ නාරං කැවුමක් වගෙ! රස? පැණි රසයි! රස කැවිල්ලක්නේ! පැණි රසට අමතරව ගිතෙල් මිශ්‍ර පරිප්පු රසක්! මීට ඉස්සර කාලා තිබුණ දෙයක් නම් නෙවේ! "මේ මොනවද?"මම රස කැවිල්ල බෙදපු නෝනාගෙන් ඇහුවා! "සුසියම්!" සුසියම්! අවුරුදු බර ගානකට ඉස්සරලා මතකය ආයෙමත් මගේ හිතට ගලාගෙන ආවා! සුසියම්! හරි හරි හැඩේනං ඒ වගේ තමා! ඒත් මේ රස වෙනස්නේ! ගිතෙල් රස නං දැනුනා! ඒත් මට හොඳටම විස්වාසයි එදා කෑව සූසියම් මැදට දාලා තිබ්බේ මුං ඇට බව! ඉතිං ගෙදර ආවට පස්සෙ මං මේ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා! දැං මොනවද අන්තර්ජාලයේ නැත්තේ! හරි විදිහට භාවිතා කරනවා නං අන්තර්ජාලය සම්පතක්! සූසියම් ඉන් දියාවේ තමිල්නාඩුවේ බොහෝම ජනප්‍රිය රස කැවිල්ලක්.ඒ වගේම එය ඉතා පහසුවෙන් සහ ඉතා සුළු කාලයකින් සාදා ගත හැකි රසකැවිලි විශේෂයක්. දීපවාලි වගේම අනෙකුත් උත්සවවලදී සාදන​, කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන්ද එකසේ ප්‍රිය කරන සාම්ප්‍රදායික රසකැවිලි වර්ගයක්. තමිල්නාඩුවේ කෑමට පස්සෙ කන්නට අතුරුපසක් තියෙනවා නම් අනිවාර්‍යෙන්ම සූසියම් තියනවා කියලයි කියන්නේ. සූසියම් මිශ්‍රණය හදන්නේ කඩල පරිප්පු වලින්. තල් හකුරු හෝ උක් හකුරු වලින් පැණි පොල් හදලා, එයට ගිතෙල් හැන්දක් එකතු කරනවා. ඊලඟට තම් බා පොඩි කරගත් කඩල පරිප්පු එකතු කරනවා. ඊලඟට නාරංගෙඩි තරමේ ගුලි හදලා, ඒ ගුලි පිටි සහ වතුර මිශ්‍ර කල බැටර් එකක ගිල්වා ගැඹුරු තෙලේ බැදලා ගන්නවා. සමහරු ඒ ගුලි ඉඩ්ලි හෝ තෝස බැටර් එකක ගිල්වා තෙලේ බැදලා ගන්නවා. ඉඩ්ලි හෝ තෝස බැටර් එකක ගිල්වා තෙලේ බැද ගත්තොත් කියන්නේ සීයම් කියලා. මෙම ක්‍රම දෙකම තමිල්නාඩුවේ විවිධ ප්‍රදේශවල භාවිතා කරනවලු. මේ සුසියම් අපේ යාපනේත් සම්ප්‍රදායික රසකැවිලි වර්ගයක්! ඒ කියන්නේ සුසියම් හදන්නේ තම්බපු කඩල පරිප්පු වලින්! ඔව්! එහෙනං මුං ඇට රසක් ගැන කීවේ?මුං ඇට හැපුනු කතාවක් කීවේ? හරි හරි ඉන්නකෝ විස්තර කරනකල්! ඇත්තම කීවොත් මැදට මුං ඇට දාන වර්ගයට තමිල්නාඩුවේ කියන්නේ මුන්දිරි කොතු කියලලු. මුන්දිරි කොතු තමිල්නාඩුවේ, කන්‍යාකුමාරි ප්‍රදේශයේ ජනප්‍රිය රසකැවිලි වර්ගයක්. එයට සුසියම්ගේ ඥාති සොහොයුරිය කියලත් කියනවලු. දෙමළෙන් මුන්දිරි කියන්නේ කජු වලට​. ඒත් මේ රෙසිපි එකට කජුනම් දාන්නේ නෑ. මුන්දිරි කොතු ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයේත් ජනප්‍රිය රසකැවිලි වර්ගයක්. සුළු වෙනස්කම් තියනවලු! කොහොම හරි යාපනේ කට්ටිය මෙය හඳුන්වන්නේ ‘පයාතම් පනියාරම් උරුන් දි' කියලා. සමහරු මේ මුංඇට වලින් හදන පයාතම් පනියාරම් උරුන් දි වලටත් සූසියම් කියනවලු. ඉතින් මාත් කැමතියි ඒ රස කැවිල්ලට සූසියම් කියන්න​. මොකද මම ඒ රස කැවිල්ල හඳුනා ගත්තෙ ඒ නමින් නොවැ. බලාගෙන යනකොට මේ ‘පයාතම් පනියාරම් උරුන් දි' වලදි කරන්නේ කඩල පරිප්පු වෙනුවට මුංඇට ආදේශ කරන එකනේ​. ඉතින් මේ සැරේ ජනවාරි පලවෙනිදට මම ඒ විදිහට​ සූසියම් හැදුවා.ඇත්තටම හොදට ආවා! සූසියම් හදනකොට මුංඇට ඔක්කොම පොඩි නොකර කොටසක් ඇට පිටින් ගිතෙලෙන් තෙම්පරාදු කරලා එකතු කලාම තවත් රසයි. ගෙදර මුං ඇට තම්බපු වෙලාවක ටිකක් අයින් කරගෙන තේ වෙලාවට කන්න හදලා බලන්න! හරිම රසයි! ඔන්න ඒ එක්කම සූසියම් ගැන සිංහල ලිපියක් හුරු පුරුදු නමකින් ෆේස් බුක් එකේ! බොහොම රසවත් ලිපියක්! ශබ්ද රසයත් එක්කම!ඒ ලිපියේ සූසියම් හැපෙන විදිහ පවා විස්තර කරලා තිබ්බා! ඒ කියන්නේ සූසියම් වලට බැදපු මුං ඇට දාන්න ඕනෙද? ප්‍රශ්න අහලා ලිපිය ලිව්ව ඒ දැරිවිට කරදර කරන්න බෑ! මොකද මම මීට ඉස්සර යාපනේ කිරි අප්පම් ගැනත් ප්‍රශ්න දෙක තුනක් ඇගෙන් ඇහුවා, ආයෙත් කරදර කරන්න බෑ නොවැ. මම ආයෙමත් සූසියම් ගැන විස්තර හොයන්න පටන් ගත්තා. ඇත්තම කීවොත් ‘පයාතම් පනියාරම් උරුන් දි' ගැන​! යාපනේ කට්ටිය පයාතම් පනියාරම් උරුන් දි' කීප විදිහකටම හදනවා. කිව්වත් වගේ කබලේ බැදපු මුං ඇට වලින් හදන ක්‍රමයකුත් තියනවා නොවැ. මේ ක්‍රමයට හදනකොට මුං ඇට කරදමුංගු කරල් කීපයක් සමඟ කබලේ බැද කොටා ගන්න ඕනේ.තල ඇට වෙනම බැදගන්න. ඊළඟට ගාන ලද පොල් ගිතෙල්වල රෝස් කරන්න. බටර් වල රෝස් කරන්න බැරිද? මොකෝ බැරි? පුලුවන්! ඒත් එතකොට ඒ සම්ප්‍රදායික රස එන්නේ නෑ. වෙනම භාජනයක හකුරු වතුරේ දියකර උනු කරන්න​. සිරප් පදමට ආවිට කුඩු කරගත් මුං , ගිතෙල්වල රෝස්කල පොල් සහ තල මිශ්‍ර කරන්න. බෝල සදා හාල් පිටි, ලුණු හා වතුර එක්කොට ඉතා තුනී හෝ ඉතා ඝන නොවන බැටරයක් සාදා එහි ගිල්වා ගැඹුරු තෙලේ බැද ගන්න. ඇත්තම කීවොත් අපේ මුං ගුලි වලට සමානයි. ඒත් අපි මුං ගුලි වලට පොල් එකතු කරන්නේ නෑ. ඒ වෙනුවට බැදපු හාල් පිටි එකතු කරනවා. ඒ වගේම අපි බැටර් එක හදන්නේ පොල් කිරෙන් නොවැ. නාරං කැවුම් වලට සමාන කමකුත් තියනවා! නාරං කැවුම් හදන්නේ පැණිපොල් ගුලි කරලා! සමහරු ගුලි කරන්න ලේසිවෙන්න පැණි පොල් වලට බැදපු හාල්පිටි ටිකක් දානවා. මේකට දාන්නේ බැදපු මුං පිටි. බලාගෙන යනකොට බොහොමයක් රසකැවිලිවල එකිනෙකට සමාන බවක් තියනවා! ඒත් මේකත් බොහොම රස පාටයි. මේ ක්‍රමය ඊලඟ පාර හදලා බලන්න බැරියැ.නැද්ද? -ශ්‍රීපාලි ඉතින් මේ ලිපියේ වරදක් තියනවානම් හරි, ඔබලා මේ ගැන අලුත් යමක් දන්නවා නම් හරි අපිටත් කියා දෙන්න​. පලවෙනි පින්තූරයේ මම හැදූ සූසියම්. අනෙක් පින්තූරයේ මම හැදූ සූසියම්, මුං ගුලි, අග්ගලා හා කොමලවටන්!කෙටි කතාවකි . ළමාතැනී... "ඩිංගිරියෝ නිදි කිරන්නෙ නැතිව ඕන්න ඔය පහනට තෙල් ඩිංගිත්තක් වක් කරපන්කෝ." බිම තියලා තිබ්බ නිවිලා යන්න ඔන්න මෙන්න තිබුණු පහනට ඩිංගිරි නිදි මර ගාතෙම තෙල් වක්කරා.පැපොල් ගෙඩියක් දෙකට කපලා හොදට මැද සුද්ධ කරලා හදලා තිබුණු පහනට ආයෙත් පණ ඇවිල්ලා වගෙ තෙල් ඩිංගිත්තෙන් නැඟිට්ටා... "ඔය මැස්සො ටිකත් එලවපන්" කරේ තිබුණු ලේන්සු කෑල්ල අරන් දෙපාරක් එහාට මෙහාට කරද්දී රූං ගාගෙන එවුන් ගෙහුං වැහුවෙ උළුවහු ලෑල්ලෙ. ''ආරච්චිල ඇත්තෝ කෝපි ටිකක් වත් බිව්වනම්'' "ඒක නම් පංකාදුයි සොපියෝ මේ ඇහැ පියවෙන යාමේ" "වෙනදටනම් ඉතින් අපෙ මැණිකෙගෙ අත
ින් කෝපි කෝප්ප දෙක තුනක් හිස් කොරලා මේ යාමෙට." "ඩිංගිරියෝ ඉදා බීපං " ඉතුරු කෝපි කෝප්පෙ දික් කොරලා සොපියා දොර ලෑල්ලට හේත්තු වුනේ නිකටේ අතත් තියාගෙනමය. "අනේ ආරච්චි මහත්තයෝ ..මගේ කොලුවා බේරලා දෙන්ට බුදු මහත්තයෝ..ටවුමේ ඉස්පිරිතාලෙට අරන් යන්ට කරත්තයක් හොයා ගන්ටත් නැ මහත්තයෝ..." ජේත්තුවට ඇදගත්තු ඔසරියට ලොකු ඇට තියෙන පබළු මාලෙ කරේ එල්ලගෙන අත් දෙකත් පිටිපස්සට බැදගෙන ළමාතැනී එළියට ආවේ මේ කෑගැහිල්ලට. "මොකද බොල මේ කෑ ගහන්නෙ.මොකද උඹේ කොල්ලට වුනේ.ආරච්චිල අද නැ.බෑරක් ගොහින්." "අනේ අපේ මැණිකෙ මයෙ කොල්ලට වලිප්පුව හැදිලා.ගමේ වෙදරාළ අල්ලපු ගමේ වෙදකමකට ගෙහුං..මේ කොලුවව බේරලා දෙන්ට පිං සිද්ධ වෙයි." "ඈ බොල ගෑණියේ තෝ හිතුවද මම දොස්තර කියලා." "ඩිංගිරි මෙහෙ වරෙන්..මෙන්න මේ ගෑණිට කාසියක් දීපන් පෙට්ටගමෙන්" "අනේ බුදු මැණිකෙ කාසි එපා.ආරච්චිල ඇත්තොගෙ වාහනෙ ඩිංගිත්තක් දුන්නනම් මට කොලුවව ටවුමෙ මහ ඉස්පිරිතාලෙට ගෙනියන්ට.." "උඹ හිතුවද ගමේ එකාලගෙ බූදලක් කියලා අපේ වාහනෙ..කාසියත් අරන් මගට ගෙහුං වාහනයක් හොයා ගනින්..ඩිංගිරි උඹත් ඔතන පැළවෙලාද විගහට වරෙන්." ඔසරි ⁣පොටත් කරකව කරකව මැණිකෙ ඇතුළට ගියේ තරහින් පුපුර පුපුර . "දරු දුකක් දන්නැති මාණ්නක්කාර ළමාතැනී..හිත උනු වෙන්ට දරුමල්ලෙක්වත් ඉන්න එකක්යැ.." මිදුලෙ විලාප තිබ්බ ගෑණි බැන බැනම යන්න ගියෙ ඇදන් හිටපු රෙද්දත් ඉනට තද කරන ගමන්. අන්තිමේ ඒ කොළුවා මළා..ආරච්චිල ඇත්තො නම් හරියට දුක් වුනා.මැණිකෙ නෙමෙයි ඒ සිද්ධිය කනකටවත් ගත්තෙ. උදේම ඉස්තෝප්පුවේ හාන්සි පුටුවට වෙලා මැණිකෙ සනීපෙට දිගඇදිලා වෙරළු අහුරක් ම අතේ තියාගෙන වෙරළු කනවා..අව් ඩිංගිත්තක් ඇවිත් මැණිකෙගෙ මූණ ඉඹ ඉඹ කෝළං කොරනවා.එකපාරටම නැගිටලා ගල් කණුවට මුවා වෙච්චි මැණිකේ සොපියට කතා කළේ හෙමින්. "සොපියෝ සොපියෝ .මෙහෙ වරෙන් විගහට." "ඇයි අපෙ මැණිකෙ." සොපියා චීත්තෙන් අත පිහිද පිහිදම දුවගෙන ආවේ ඉස්තෝප්පුවට..සොපියට හිනා මැණිකෙ මුවා වෙලා ඉන්න විදිහ දැක්කම. "මොකෑ මේ මැණිකෙ හොරගල් අහුලන්නෙ " "සොපියෝ ආන්න අර හාමුදුවන්ට තියෙන දෙයක් දීලා පිටත් කොරපන් වත්තට එන්ට කලින්.මට යන්ට බැ ඔය පිණ්ඩපාතෙ වඩින තැනට." සොපියා දුවගෙන ගෙහුං කුස්සියෙන් මඩක්කුව පිරෙන්ටම කෑම බෙදාගත්තෙ ශ්‍රද්ධාව උතුරද්දී. තවමත් කඩුල්ල ලඟ හිටගෙන ඉන්න උන්නාන්සෙට දානේ පූජා කරපු සොපියා දෝත නළලෙ තියාගෙනම දණින් වැටුනා.ඈත කණුවට මුවා වෙලා ළමාතැනී බලාගෙන හිටියා. පුදුම ආඩම්බර කාරියක්. "අපෙ මැණිකෙ ඔන්න මෙදා පාර ගම්මැද්දෙ තොයිලයක් නටන්නයි යන්නෙ.මැණිකෙටත් පුළුවනි සොපියත් එක්ක යන්ට..ඩිංගිරියි මමයි වේලපහින් යනවා." "අනේ මට බැ අපෙ ඇත්තො ඔය ගම්මැද්දෙ ලගින්ට.ගමේ ගෑණු තලේට." "හ්ම් හ්ම් .විස්කෝප වෙන්ට කාරි නැ ඒක ඉතින් මැණිකෙගෙ කැමැත්ත." කොහොම නමුත් හැන්දෑ කළුවර වැටෙන කොට මැණිකෙටත් හිතුනෙම වෙල මැද්දට යන්ට කවදාවත් දැකලා නැති තොයිලෙ බලන්ට.සොපියත් එක්ක ලෑස්ති වෙලා ඩිංගිරි ගෙන්නගෙන වලව්වෙ කාර් එකෙන්ම කට්ටිය පිටත් වුනා. කවදාවත් වාහනයක් දැකලා නැති කොල්ලො කුරුට්ටො ටික යමරෙට වාහනෙ වටේ එකතු වෙලා.මැණිකෙට එකසිය ගානට කේන්තිය නැගලා.ඩිංගිරිට රවනවා ඉවරයක් නැතිව. ඈතට වෙලා කවුරුත් නැති තැනක පුටුවක් තියාගෙන ඔන්න දැන් තොයිලෙ බලනවා.ඒ ලගම බිම සොපියා ඉදගෙන. "සොපියෝ කවුද අර සුදු පාට චීත්තයක් ඇදන් ඉන්න කෙල්ල." "අපෙ මැණිකෙ ඒ අර එතනගෙ කෙළී නොවැ.ඒකී ඇහැට කනට පේන යස හැඩකාරී.පේන් නැතැ රත්තරන් කදක් වගෙ දිළිසෙන හැටී." "අපොයි ඔව් සොපියෝ ....ඔය රෙදි අපුල්ලන උන්ගෙ මොන වටිනාකමක්ද බන්.ඒකට ඔය වයසෙදී මම පුදුම ලස්සනට හිටියලුනෙ බන්.අපි ඉතින් වලව්වෙන් එළියට යන්නෙත් නැ නොවැ." "එහෙමයි අපෙ මැණිකේ." අපොයි මුන්දගෙ තියෙන ඉරිසියාව.වලව් මාන්නෙයි ළමාතැනීකමයි ඔළුවට ගහලා නොවැ..එහෙම හිත හිත සොපියා ආයෙත් හැරුනෙ තොයිල් මඩුව පැත්තට... පහුවදා උදේ මැණිකෙ මිදුලට වෙලා මල් පැළ වලට සාත්තු කරනවා.ඔන්න ඩිංගිරිත් උදැහැනැක්කෙම කොරටුවට ගිහින් කොහිළ දළු මිටියකුයි කැකිරි ගෙඩි ටිකකුයි අතේ අරන් වලව්වෙ ඇතුල් පඩියට ගොඩවුනා විතරයි මැණිකෙ කෑ ගහන්න පටන් ගත්තා. "ඩිංගිරි ඕන් ඔය කාර් එක හෝදලා දාපන්.ඒක විනාස කොරලා ඇති මේක ඉන්න නාහට අහන් නැති කොල්ලෝ කුරුට්ටෝ." "ඒක දියවෙනවැයි මැණිකේ.ඔය තියෙන්නෙ අපූරුවට." "මගෙන් මොකවත් අහගන් නැතිව කියපු වැඩේ කරපන් ඩිංගිරි." "යකඩෝ මෙහෙමත් මාන්නයක් මේ ඇත්තිගේ.." ඩිංගිරි හිමීට මුමුණ මුමුණ ⁣කුස්සියට ගියා. "රාස්සි අන්තිම අව් රැල්ල ගිලගන්නත් තව හෝරා දෙක තුනක්වත් නැ මයෙ හිතේ..ඩිංගිරියෝ ඔන්න ඔය පෙට්ටි පියන වහලා දාලා සුනංගු නොවී සූදානම් වෙයන්." "තවත් බලාගෙන ඉදලා කාරි නැ.ගම්තුලානෙ එවුන් ආයෙ එන්නෙ නැ.තවත් පමා වුනොත් අපිට මොනවත් කර ගන්න බැරි වෙයි හැබෑටම. " "ඕන් ඔය පැත්තෙන් උස්සපන් ඩිංගිරියෝ ළමා තැනීගෙ දෙණ අපි දෙන්නවත් අරගෙන යමන්." උඩඟුකමක මහත අන්තිමේ මිනියට කරගහන්නවත් කෙනෙක් නැතිවුනා නෙවැ. තමන්ටම මුමුණ මුමුණා ඩිංගිරි නැගිට්ටෙ දැනටමත් ආරච්චිලා එක පැත්තකින් දෙණ උස්සන්න සූදානමින් හිටි නිසා. අහංකාරය......මාන්නය....උඩඟුකම ඔබට බොහෝ දේ අහිමි කරනු ඇත.කෙදිනක හෝ අප සැවොම මිය යන බව සිහි තබා ගෙන කටයුතු කළ යුතු වන්නේ එබැවිනි. නිමි...දුංහිඳ හීන - (දහඅට) අවසාන කොටස දිය කඳුරට බැහැල දෝතට ගත්තු හීල් වතුර ඩිංග එක හුස්මට බීගෙන බීගෙන ගියේ ඒ තරමට කෙඩෙත්තුවක් ඇඟට දැනුන හින්ද. කටකිරියාව සංසිඳුවාගන්ට දිය පොදක් බිව්වට හිත පුරා ඇදුම්කන වේදනාව තුනී කරගන්ටනං මොනා කරන්ටද කියල මටම ගනිච්චියක් නැතුවා... චින්ත බේබි පොලෝසියෙ ඉඳන් ආපහු එනාතරේ මා එක්කල දෙඩුවේ වචන දෙක තුනක් වාගෙ. ගුණසිරිය කියාපු මුසාවල් සේරම ඉහ මුදුනින් විස්වාසෙට ගන්ට ඇති. මැඩිතලේ හංදියෙන් මාව බස්සද්දි චින්ත බේබි කිව්ව වචන ඩිංග මයෙ දෙකණ් පුරා තාමත් දෝංකාර දෙන්නා වාගෙ. "මට ඇලෙක්ස් කලේ වංචාවක්...ඊටත් වඩා ඔයා කළේ වංචාවක්... ඔයා ඇලෙක්ස්ගේ පොඩි දුර්වලකමක් හොයාගෙන ලොකු ප්‍රශ්නයක් ඇති කරන්න ගියා.ඔච්චර හරියක් කරල යනකල් ඔයාට ඒ මිනිහ මොකාද කියල අඳුනගන්න බැරිවුනා කියන එකනම් මටත් ලොකු ප්‍රශ්නයක් ජිනා..හ්ම්..දැන් ඉතින් යන්න ..." මං කාරෙකෙන් බැහැල ආයිත් වතාවක් බේබි දිහා බැලුවෙ ඒ වචන මට වාවගන්ට බැරි වුන හන්දා...ඒත් චින්ත බේබි දඩස් ගාල වාහනේ දොර වහදාගෙන යන්ට ගියා..ඒ ඇවිස්සිච්චි දූවිලි කන්දරාවෙන් මයෙ සරුවාංගෙම වැහිල ගියේ අහේමයට දිය පොදක් වාගෙ උන්නු චින්ත බේබිත් මයෙ දෑස් මානෙන් දූරිංබූත කරන්ට වාගෙ. රාමනායක බංගලාවයි.. බංගසාල මිදුලයි.... පහළින් තියෙන වත්තයි වටකරල තියෙන මහ විසාල තාප්පෙ හින්ද හැම රහසක්ම හුළඟකටවත් දැනෙන්ට හැටියක් නෑ. චින්ත බේබි,සුදු මහත්තය එක්කල තනිපංගලමේ ඔය බංගලාව ඇතුලේ කොයිතරං කල් ගත කරන්ට ඇද්ද..? ඒත් ලොකු ලොකු ඇත්තො මොන වැරදි කරත් එව්ව කොයි එකාවත් කතා කරන්නෙ නෑ නෙව . මං මහපාරට එනකල් පස්සවත් බැලුවෙ නෑ. මයෙ අම්ම උනත් කොයිතරං නං හූල්ලන්ට ඇද්ද අර නාරංගල වත්තෙ හිරකාරියක් වෙලා..?එව්වට කෝ ඔය නීතිය..? මාව මහ උළුගෙටත් යවනව කියල නෙව රාමනායක මහත්තය ගිගුරුවේ...සුදු මහත්තැන්ගෙ නමට මං කැළැල් කරා කියලා. පාරට ගොඩවෙනකොටම සාජ්ජෙ දාගත්තු නඩයක් ගොඩවෙච්චි ලොරි තට්ටුවක් ඉස්සරහට එනව දැකල මං එහෙමම නතර වුනා .කළුපාට කාර් එකක් එනව ඊට පිටි පස්සෙන්.. කවුරුහරි ලොකු ඇත්තෙක් එනව වෙන්ට ඇති. සුද්දො නං අස්සය පිටේ නෙව හුඟ වෙලාවට යන්නේ.කාරෙක අපූරුවට සරසලා...බැලුම්බෝල හිට එල්ලලා.. දියෝනිස් අයියා දුංහිඳ වංගුව හරියෙදි ලොරි තට්ටුවෙන් බැහැල කාරෙකේ දොර ඇරියා. දෙයියනේ හඳුනයිය එයාගෙ මනමාලිත් එක්ක...? මං හිමීට මාරගස් කඳකට මුවාවුනේ හඳුනයියට මූණ දෙන්ට හයියක් තිවුනෙ නැති හින්දා . ඒ ඇත්ති ලස්සනයි. චාම් පාටයි. ඔසරි පොටින් මූණ පිහගෙන හඳුනයියගෙ අතින් අල්ලගෙන..මයෙ හිතේ ඇල්ල බලන්ට යනව වෙන්ට ඇති..මියුරි අක්කත් සාරසුබාවට ඇඳ පැළඳගෙන අළුත් මනමාලි පිළිගන්ට ඇවිත් උන්නෙ . අනේ හොඳයි... හරියන්ට ඕන හඳුනයියට... හඳුනයියගෙ මංගල්ලෙ පහුන්දාක ජයටම තිවුන කියල මියුරි අක්කම නෙව කිව්වේ..?නෑදෑ හනුහරේ අළුත් ජෝඩුවත් එක්ක ඇල්ල දිහාට යද්දි මං හිමීට මූකලාන පැත්තෙන් ගෙදර යන්ට හැරුනා.මට තේරුන් නෑ මයෙ දෑහින් මේ හැටි කඳුළු කැට කඩා හැලෙන්නෙ ඇයි කියලා. හැමදේම මොහොතින් වෙනස් වුනේ මයෙ ජීවිතේ මහා අන්දකාරෙක දාල. මට තිස්සෙම මතක් වෙන්නෙ මේ දුංහිඳ ඉසව්වේ මං ගෙවාපු හෑල්ලු ජීවිතේ. වේලක් ඇර වේලක් උනත් සෑහිලා අපි සංතෝසෙන් උන්නනෙ කියල හිතෙන කොට..? යසා නැන්ද එක්ක එක්කාසු වෙලා බෙලිමල් ඔසු වෙළඳාමේ ගිය හැටි...? හඳුනයියල සිරිමතීල එක්ක ටීටර් බලන්ට බදුලු ගිය හැටි..? මට මේ මොනා වෙලා...කියල හිතාගන්ට මටවත් බෑ.? පහුනු කාලෙ මයෙ ජීවිතේ හරියට මේ ඇල්ල වගේ ඔහේ වගක් නැතුං ගලාගෙන ගියා කියල මතක් වෙනකොට ..මට මං ගැනම හීල්ලුනා.. ඇල්ලෙ සද්දෙ ඇහෙන්නේ වෙනද වගේ ලතාවකට නං නෙවෙයි. මහා ඈලි මෑලි ගතියකින් වගේ. කාස්ටෙ හින්දා වතුර අඩු ඇති . ඒ කොයිහැටි වෙතත් දුංහිඳ ඇල්ල තමා දිය ඇලි වලින් හැඩකාරිම කියල බලන්ට එන අයනං කියන්නේ.. හඳුනයියගෙ මනමාලි මීට කළින් දුංහිඳ දැකල නැතුවා වෙන්ට ඇති. නෑයො ටිකත් එක්කම එන්ට ඇති ඇල්ල බලන්ට. මෙව්ව ඉතින් මයෙත් වැරැද්දෙන් සිද්ද විච්ච දේවල් . වපුරන විදිහට නොවැ අස්වැන්න ලැබෙන්නේ. මාත් ගියා මහත්තැන් කෙනෙක් පස්සෙන් ආදරේ හොයාගෙන...හඳුනයියට පිටුපාලා . දැන් ඉතින් ඕව මතක් කරල මක් කරන්ටද..? අප්පුච්චා පිල් කඩේ ඇණ තියාගෙන මං එනකල් දෑහ නොපියාන බලං ඉන්නවා. ඔව් අප්පුච්චා .. ඒ සෙනේ කඳ විතරයි ඇල්ල වාගෙ නොහිඳී තියෙන්නේ. මං අප්පුච්චයෙ දෙපා අල්ලාන හොඳටෝම ඇඬුවා. මයෙ දුක නිවාගන්ට..අන්තිම වතාවට. මං මයෙ අම්ම අප්පුච්ච වගේ ජීවිතේට මූණ දෙනවා. මයෙ කුසේ ඉන්න පැටියා වෙනුවෙන්. "උඹ හිත හයිය කරගන්ට ඕන මයෙ දුවේ. අපිට උඩුගං බලා යන්ට බැරුවා. බලාපන් මේ දියකඳ රූ
ටන්නෙත් පහත් තැනින් නෙව. ඒක තේරුං අරන් ජීවිතේට මූණ දීපන්.. " "ඔව්..අප්පුච්චා. මං හද්දික්කරාවේ ගිහින් මේකා හදාගත්තෙ නෑ නෙව ..? මං මයෙ දරු පැටියා දෑහ වාගෙ රැකබලා ගන්නවා. ඒකාට මයෙ අප්පුච්ච වාගෙ අප්පෙක්ගේ සෙනෙහස ලැබෙන එක හීනයක් වග මං දන්නවා. ඒත් මං වරදමනෙ එළිකරල වගා කරන්ට හිතුව අප්පුච්චා.." අප්පුච්චා දෑහෙ පිරුනු කඳුළු අස්සෙන් ඈත බැද්ද අහ බලාන උන්නා. බංගලාවෙන් එවාපු මාලු පිං එහෙමම උයන ගෙයි එහෙමම.... අප්පුච්චා මං එනකල් වතුර පොදක්වත් බුන්නෙ නැතුං ඉන්ට ඇත්තේ. මං උදේ රැයින් උයාපු හොදි මාලු එක්ක අප්පුච්චට බත් ඩිංග බෙදාදීල පන් මල්ලට තෙල්, මැටි පහන් ටික දමා ගත්තා. "උඹ කොහේ යන්ට මේ ඉරගල වැටෙන්ට තනන වෙලේ..? " "අප්පුච්චා බත් ඩිංග කාල නිදියගන්ට....මං මේ කුස දරාගෙන උනත් හෙට උදැහැනැක්කෙම හේං වපුරන්ට සූදානං වෙනවා. ඊට ඉස්සරින් මයෙ අම්මගෙ සොහොනට පානක් දල්වන්ට හිතුවා අප්පුච්චා .." "හෙනං සුනංගු නොවී වරෙන් මයෙ අම්මා. මට වාරු නැතුවා පිටිපැලැස්ස අහ ගාටන්ට" ඉර ඈත කඳු පල්ලෙන් වහංගු වෙන්ට තනද්දී වෙනදාට මයෙ හිතේ සංකා ඇති වෙන්නේ සුදු ඇත්තො සිහිවෙලා. .. ඉරේ තේජස දැක්කම මට ඒ ඇත්තො සිහියට එනවා.. ඉරගල වැටෙන යාමෙට සුදු ඇත්තො මයෙ දෑහ මානෙන් වහංගු වෙන්නැහේ දුක් සංකා හිතෙනවා. ඒත් අද මට එව්ව හිතට එන්නෙ නැතුවා. උදැහැනැක්කෙම පොලෝසි ගිහින් සිද්ද වුනේ මං හැම එකා ඉස්සරහදිම පා‍ච්චල් විච්ච එක විතරයි. උන් දොඩාපු බාසාවල් අපිට තේරෙන්නෙ නැති කොට, උන්ට වාගෙ පයුරු පාසානම්,ඇයි හොඳයිකම් අපිට නැති කොට, කුණු කන්දක් වහගන්ට තරමේ කාසි කන්දක් නැති කොට..මං වාගෙ එකියක් තව මොනා බලාපොරොත්තු වෙන්ට..? මං බූටෑව පීරගෙන හිමින් පිටිපැලැස්සට සේන්දු වෙනකොට හිතුවාටත් වැඩියෙන් සුනංගු වෙලා. ඈත මූකළානෙං ඇහෙන ගම් පාළුවයෙ අඳෝනාව මයෙ හිත තවත් හෙම් බත් කරා. සොහොන් අඩවිය හොඳටෝම කැළෑ විලා. කටුසර ගස් ඕසෙට. මයෙ අම්මගෙ සොහොන අහ ඉන්දපු පංසල් මල් ගහේ හීං පොහොට්ටු පිපිලා. හුළං අවුරාන පහන් තුනක් පත්තු කරල මං විගහින් ආපහු හැරුනේ අප්පුච්ච සුනංගු උනොත් බයවෙන්ට ගන්න හන්ද. කාස්ටෙට බැද්දෙ ගහකොළ හේබෑවෙලා ගිහින්. ඉපල් විච්ච අකුල් මැද්දෙන් පය තියාන යන්ටත් බයයි. විසඝෝර සරුපයො ඒ තරමට. මං ආපහු එනාතරේ දර මිටි දෙක තුනකුත් බැ‍ඳගෙන ඉහ තියාගෙනම අඩිපාරට වැටුනා. මොන පුරස්න ඔළුවෙ තිවුනත් අප්පුච්චට මොනා හරි රත්කරල දෙන්ට එපැයි. මොකෙක් හරි මා පස්සෙන් ගාටන වගක් දැනිල මං හැරිල බැලුවේ දිය බොන්ට එන සතා සීපාව ගැවසෙනව වැඩි හන්ද. ඒත් මොකෙක් වත් පේන්ට නෑ. ඒත් එකපාරටම මා ඉදිරියට මොකෙක් හරි පැන්නා ... මං හිතුවේ ගස්ගෝනෙක් කියලා. බයටම මං විසිවෙලා බිමට වැටෙනකොට මයෙ මූණට වැදුනේ මහ විසාල පාරක්. ඒ පාරට මට එකපාරටම දෑහ නිලංකාර වෙන්නා වගේ දැනුනා . "කෑ ගැහුවොත් මරා දමනවා මෙතනම..." ගුණසිරියා...? බිම දිගෑලි වෙච්ච මයෙ සරීරෙ දෙපැත්තට උගෙ කකුල් තියාගෙන හිටගෙන හිටියා.මට නැඟිට ගන්ට වාරු නැතුව දෙතුන් වතාවක්ම මං ඇදගෙන වැටුනා . "කෝ උඹේ මහලොකු සුදු මහත්තයා ? ඕං උඹේ සුද්දා හෙට කොළඹ යනවා ඒරොප්පෙට ඉගිල්ලෙන්ඩ ..අර උඹ මත්තෙ නැහිච්ච කළ වැද්දා හඳුනා මහ විසාල දෑවැද්දකුත් එක්ක ගම්මුලාදෑනියගෙ දෝනියැන්ද කරකාරෙට අරන්... දැන් ඔය සිරි නරඹල යන්ට ගියේ උගේ ඇඹේණිත් එක්ක. උඹ ඌට කියල වතාවක් මට ගැස්සුව නෙව ජිනා ..? මොකෝ අපි කළුද උඹට.. ? " "මට යන්න දීපං.. මයෙ කුසේ දරුවෙක්. මට උඹත් එක්ක ඔට්ටු වෙන්ට බෑ.." "හෙනං උඹ මට මනාප වෙයන් ජිනා. ඔය දරුව එක්ක මං උඹව බාරගන්නං.. කියාපන් උඹ එනවද මා එක්ක ...? " "මට ඉන්ට දීපන්. උඹ හෙනං පොලෝසියෙදි දරුව උඹේ කියල මුසා කිව්වෙ සුදු මහත්තය බේරගන්ට නෙව. උඹ කාසි වලට ඕන අළුගුත්තේරු වැඩක් කරන එකෙක් වග ඔය එකෙක්වත් නොදන්නවයැ . මයෙ බල්ලවත් එන්නෙ නෑ උඹත් එක්ක යන්ට.." "ඔව්..උඹ හරි . සුදු මහත්තය මට කාසි දුන්න තමයි . ඌට ඕනවුනේ උඹේ කරදරෙන් ගැලවිලා දොස්තර නෝනව කරකාරෙට ගන්ඩ. උඹ සුදු මහත්තයට පණ ඇරල ආලවන්තකං පාන දොහේ මං ඌට කෙබර ගෑව උඹ හීං සංදියේ මයෙ අතින් අනාථ විච්ච එකියක් කියල. ඉන් මත්තට සුද්ද බයවුනා ඒ සේරම උගේ පිටින් යයි කියල . සුද්ද උඹව මගෑරියේ ඒකයි . උඹ උන්නෙ එළිසබත් මහ රැජිණිටත් ඉහළින් නෙව..? පයිසෙකටවත් උඹ මාව ගණිච්චියට ගත්තෙ නැති කොට මං උඹට ඇත්තටම වයිර කරා ජිනා ..." මයෙ සරුවාංගෙම පණනැති වුනා වගේ... හෙනං මූ බිබිලෙ ගෙහුං උන්නට මයෙ ජීවිතේ විනාස කරන්ට උගුල් අටවාන මේ අහ කරක් ගහං ඉඳල තියෙනවා. මූ තරං නොසංඩාලයෙක් මේ අහළ ගම්පියස්සෙ නැතිං ඇති... අන්දකාරෙ හනි හනිකට පැතිරෙන්ට වුනාම මට ඕන උනේ මුගෙන් කෝම හරි ගැලවිලා යන්ට. "මට යන්ට දීපං ගුණසිරි. දැන්වත් මට මයෙ පාඩුවෙ ඉන්ට දීපන් .." "උඹ මට බහ දීපන්. එතකල් මං යන්ඩ දෙන් නෑ උඹට. කියාපන් .. උඹ මා එක්කල එනව කියල ..? කියාපන් ඉතින් ..." "උඹ ..මං හද්දික්කරාවෙ යන එකියක් ගානට හිතන්නෙ...? මයෙ බල්ලවත් එන්නෑ කියල මං වතාවක් කිව්ව නෙව ..? " "උඹෙ කටේ සවුදමනං තාම ගිහින් නැති පාටයි... මං මනාපත් එහෙම උන්ට . මයෙ කසිප්පු වාඩියෙ වැඩ වලට එහෙමත් මට හයියක් උඹ. පොලෝසි මහත්තුරුත් මනාප වෙන්නෙ නැතෑ උඹ දැක්කම.. " මම අතට අහුවුන ගල් ගෙඩියකින් උගෙ මූණට දමා ගැහුවේ .. සේරටම වඩා උගෙ අවලං කතා ඉවසන්ට බැරුව. ඊටත් එවෙලෙ මට උගෙන් ගැලවෙන්ට විදිහක් පේනතෙක් මානෙකවත් තිවුනෙ නෑ...ඒත් ගුණසිරියා නළලෙන් ලේ පෙරාගෙනම මාව බිම පෙරල ගත්තා. මං කෑ ගැහුවට කැළේ සතා සීපාව ඇරෙන්ට ..ඒ සද්දෙ කොයිකාටවත් ඇහෙන්ට නැතුව ඇති. .කොටි හපුවෙකුට අහුවුන මුව නෑම්බියක් වාගෙ මං ඌ එක්ක පොර බැදුවා. මං මේච්චල් නොවෙන තැන මයෙ බෙල්ල ටිකෙන් ටික හිරකරගෙන උන්නු ගුණසිරියා මාව ඇදගෙන බැද්ද අස්සට ගාටන්ට මාන බැලුවා .මං ඇඳන් උන්නු රෙදි කඩමාලු මඩ තැවරිච්ච ඉවුර දිගේ ඇතිල්ලිලා ඉරිල ගියේ මයෙ මුළු ඇඟම බරු ගහගෙන . ඌට කිසි හිතක් පපුවක් නැතුං මාව අහළ මූකලානෙට ඇදං ගියේ . මට මයෙ කුසේ ඉන්න සප්පයා සිහියට ආවේ වතාවක් දෙකක් නෙවෙයි. ඒත් ඌ හැසිරුනේ මරු විකල් වෙලා වගේ. මයෙ ඇඟේ ඉතිරි දැවටිච්ච රෙදි කඩමාළුත් එකින් එක ඌ ඉරා දාන්ට උනාම මං වීරිය ගත්තේ කොහොමෙන් කොහොමෙන් හරි නැගිටින්ට. ඒත් ගුණසිරියා මයෙ මුළු ඇඟම බිමට තදවෙන්ට උගෙ ඇඟ වාරු කරගෙනයි උන්නේ. ඒත් ...එකපාරටම මහ හයියෙන් මරහඩ තලාගෙන ඌ උඩුබැලි අතට ඇද වැටුනා .මට සිහි එලාගන්ට ටික වෙලාවක් ගතවුනේ... වෙහෙසටම මයෙ ගත වාරුව හිඳිලම ගිහිනුයි තිබුන හින්දා.. . සීවරං දෙයියනේ..කිරා..? කෙටේරි මිටෙන් ගුණසිරියගෙ ඉහට බදල පාරක් ගහල උගේ උගුරුදණ්ඩ උඩට කිරා පයක් තියල තදකරා. "කියාපන් නොසංඩාලයා .උඹ කොරපු හරිය.. උඹ හඳුනයියගෙ පවුලෙ ඇත්තන්ට , මේ කෙළී ගැන එක එකා අතේ කයි කතා කියල යැව්ව නෙව ..? කියාපිය ඉතින් ..." ",කිරා...අතෑරපිය මාව ...මූකලං වැද්දා.." "මයෙ ගුහාදියෙ තිව්ව ඉහපටයි අනිත් රෙදි කඩමාළුයි හොරෙන් ඇන්න අළුගුත්තේරු වැඩ කරේ මාව මේ දෙගංදෝරුවෙන් පන්නා දමන්ට කියල හිතාන නෙව ..? මේ අහිංසකීට හදි කරලා..මාව අල්ලා තියන්ට දත කෑව නෙව තෝ..? " කිරා කෙටේරිය උස්සද්දී ගුණසිරියා සේරම සංසිද්දි වමාරන්ට උනා.කිරයි සුදු ඇත්තොයි බදුලු යනකල් කල් ඇරල මයෙ පැළට රිංගල මේ විනාසෙ කරේ හෙනං මූ...? "මාව අතැරපං කිරා.. උඹල තුන්දෙනාම මේකිගෙ ජීවිතෙන් තොලොංජි කරන්ඩයි මට ඕන උනේ.. මං ඉන් එහාට දෙයක් හිතුවෙ නැතුවා.. " කිරා..ගුණසිරියව හිරකරන් උන්නු පය බුරුල් කරේ හිතේ මහා විස්සෝපෙකින් විත්තිය මට තේරුනා. ඒත් එකපාට්ටම ගුණසිරියා පරියෙක් වාගෙයි කිරායෙ ඇඟට පැන්නේ. කිරා විදුලි කොටන්නැහේ කෙටේරියේ මුවහතින් ගුණසිරියට කෙටුවේ නැත්තන් ඌ කිරාගෙ අතින් කෙටේරිය උදුරාගන්ටයි මාන බැලුවේ.. ගුණසිරියා මරහඩ දීගෙන මයෙ දෙපා මුල ඇදගෙන වැටුනා . ගතේ වෙහෙස දරාගන්ට බැරුං... එහෙමම නුග ඇටවුමකට මං බර දුන්නා.කිරා විගහින් මාව වත්තං කරගෙන නුගේ කඳට හේත්තු කරල ඔයෙන් වතුර ඩිංගිත්තක් අරන් මයෙ මුවට දැම්මා.. ඊගාවට ලේ වැක්කෙරෙන කෙටේරිය කඳු ගැටේ උඩට නැගල ඔයේ ඈතට වෙන්ට වීසි කරල මයෙ අතකින් අල්ල ගත්තා. ගුණසිරියා කටත් ඇරිල එහෙමම ලේ කඳ උඩ වැටිල උන්නේ හැල හොල්මනක් නැතුව. "මං ඌට කෙටුවෙ නැත්තන් උඹ ඌ අතින් මැරුම් කනවා. මට පව් නෑ නගා. මේ ගමේ කී දෙනෙක් ඌ හින්ද නොමැරී මැරෙනවද? ගං තුලානෙටම ගිනි වතුර පොවන්නෙ ඌ. ගමේ ගැටිස්සියකුට තනි පංගලමෙ යන්ට බෑ ඌ නිසා..සිරිමතී දිවි නහගත්තෙ නෑ. ඕකා ඇල්ලට තල්ලු කරා විනක්කා..හිරේ විලංගුවේ නොවැටී ඌ කොහොමෙන් හරි බේරිලා ආපහු කරන්නෙත් එව්වම තමා....? " මං කවදාකවත් නැතුං කිරායෙ මූණ දිහා එක එල්ලෙ බැලුවේ මයෙ පණටත් වඩා මයෙ කුස ඉන්න සප්පයාගේ ජීවිතේ බේරා ගත්තාට පිං දෙන්ට. ඒත් කිරා උන්නෙ කලබල ගතියෙන්. ගුණසිරියගෙ මිනිය එක සැරේ උස්සාගත්තු කිරා මයෙ දිහාට හැරුනා. ",නඟා..උඹ පරිස්සමට ගෙදර පලයන්. තව ඩිංගකින් බසමන්ද කළුවර. මොකෙකුට හරි ඉවක් වැටුනොත් උඹල වසල හමාරයි. මටනං ඕනි එකක්..." "කිරා අයියා උඹ මා හින්ද අමාරුවෙ වැටෙන්ට එපා .. මයෙ පණ කෙන්ද විතරක් නෙවෙයි මෙලොව එළිය නොදැකපු මයෙ දරු පැටියගෙ පණ කෙන්දත් බේරගත්තු පිනම තියේ උඹට.." "මං මහඋළුගෙට ගියත් බය නෑ. දැන් උඹට හදි කරන්ට ආයි මේ ගං තුලානෙ එකෙක් නෑ නෙව ..? මට පව් නෑ නඟා.. " කිරාට මහ උළුගෙයි ලගින්ට උනොත් ඒ මං හින්ද ... මට වාවගන්ට බැරිවෙයි එහෙම උනොත් ..හෙනං මං බාරවෙනවා පොලෝසියට.. කිරා , බැද්දට වැදුනේ මොකුත් නොදොඩාම ...අන්දබීරියේම ගුණසිරියගෙ මිනිය කිරා පහළ කුඩා ඇල්ලට විසිකරන්ට ඇති.මේ හොරි මූකලානෙ කවුරු දකින්ට..?එතනින් පහළට ඇල්ලෙ වතුර පාර මහ සැරයි. මිනියෙ කෑළි ටිකවත් හොයා ගන්ට බැරිවෙයි. ඌ ගම්පියස්සෙන් අන්තරස්දාන වෙලා උන්නු හන්ද කොහොමත් මොකාවත් හංකා හිතන්නෙ නැතුවා. මයෙ ඇඟ සන්නිය හැදිල වාගෙයි වෙව්ලන්ට ගත්තේ ..මං මූකළානෙං එළියට ආවේ හෙල් වැටි දිගේ බඩගාගෙන වාගෙ. "ඒත් අයියා .. උඹ තරං මට ආරස්සාව දෙන්ට වෙන කිසි එකෙක්
නැතුවා..මට සමාවෙන්ට ඕන.. " මං එහෙම කීවට එව්වා කිරා අයියට ඇහෙන්ට නැතුව ඇති. යාන්තමට ආකාසේ හඳ මෝදුවීගෙන එනවා. ඇහැමල් පිරිලා ඕසෙට. මං අන්දකාරෙම මංතලාව මගෑරලා අතුහේන අහට ගෑටුවේ අප්පුච්ච සිහිවෙලා.මයෙ අප්පුච්ච කලහම්මාවෙන් ඇත්තේ...මේ අන්දකාරේ උන්දැ කොහෙ කියල මාව,හොයන්ට..? එකපාට්ටම මයෙ පය අකුලක පැටලිලා වැටෙන්ට යද්දි .. මට අත්වාරුව දුන්නු අත මං අඳුරේම ඇඳින්නා. "මං උඹව පැල්කොටේට ඇරලවලම යන්නං නගා. මේ සංගදෝරුව දන්නෙ උඹයි මායි විතරයි. ආයි සැක සංකා තියාගන්ට එපා..." "උඹ මා දකින්ටවත් මනාප නෑ කියල මං තේරුං ගත්තේ එදා ටීටර් බලන්ට බදුලු ගිය දොහේ. ඒත් මං උඹේ ආරස්සාවට එදා ඉඳන් පස්සෙන් උන්නා. ඔය ගුණසිරියා උඹට පීල්ල අහදි නොසංඩාලකම් කරන්ට ආ වෙලේ ඌ එකපාට්ටම හැරිල ගියේ...එවෙලෙ බැද්දෙන් මං මතුවිච්චි හන්දා. ඌ මා එක්ක බද්ද වයිර ඒ හන්දා. ..ඒක වෙන්ටැති මාව මේ අපරාදෙට පටලවන්ට ඇත්තේ...! " අපි ගෙයි පේනමානෙට එනකොට අප්පුච්චා හුළු අත්තක් අවුලාන කඩුල්ල පනිනවා. "ජිනා..." "කිරා අයියා " "මට උඹව බේරගන්ට බැරිවුනේ මං උඹේ අප්පුච්චයෙ දිවි බේරගන්ට ගිය හින්දා..ඒත් මයෙ හිත උඹට විච්ච සංගදියට අ‍ඬා වැටෙනව තාමත්. පහුන් දොහේ හඳුනයිය ගම ආවෙ මයෙ කීමට.. ගම්මැහේගෙ දෝනියැන්ද තීන්දු කරල වග දැන දැනත් මං හඳුනයියගෙන් ඉල්ලුවේ උඹව අන්තිම වතාවටත් හදි ගැහිල බලන්ට කියලා.... හඳුනයිය මයෙ කීමක් අහක දාන්නෙ නැති වග ඉන්තේරුවෙන්ම මං දන්නවා. ඒත් හ‍ඳුනයිය හිත නොහොඳින් ගියේ උඹේ මනාපෙ සුදු ඇත්තට කියලා..." හෙනං කිරා අයිය ගම උන්නෙ නැති හන්ද වෙන්ටැති බටලී නලා සද්දෙ රෑ මැදියං අහට ඇහුන් නැත්තේ...? "මාමණ්ඩි... !! ඕං නගාව මං පරිස්සමට එක්කාන ආවා.. " අප්පුච්චයෙ හිතේ බය නැතිවෙන්ට ඇත්තේ කිරා අයිය දැක්කයින් පස්සේ.. කිරා අයියා කඩුල්ල පනින් නැතුං එහෙමම උන්නා. ඉන් පස්සෙ බැද්ද අහට පය ඉක්මන් කරා.. මං බලා උන්නට ආපහු හැරුන්නැහේ මට කිරා අයියගෙ නම කියල කෑ ගැහුනේ ඉබේටම වාගෙ. ඒත් කිරා අයිය මූකලානෙට වැදිල නොපෙනී ගියා. මට සිහි වුනේ කිරා අයිය අවසානෙට දොඩාපු වචන ටික. "මං දන්නව නඟා.. උඹ මයෙ මූණ දකින්ටත් කුත්තේරුයි කියල. මේ අන්දකාරෙ උඹ කැටුං ආවෙ ඒකයි. ඒත් මට ආයෙ උඹ ගැන බය නැතුවා. මං හෙට පාන්කළුවෙන්ම පිටමං වෙන්ට කියලා..." "කොහේ යන්ට ...? " "බලගොල්ලෙ.." මං දෙදණ බිම ගහන් ඉකි ගහද්දී අප්පුච්ච කිරා අයියට සද්දෙන් අඬගෑවා. කොකුම් මල් වාගෙ ආකාසෙ ඉහිරිලා තියෙන තරුකැට අස්සෙන් බණ්ඩාර හඳ යස අපූරුවට පායලා. ඒත් ඉර දෙයියන්..හඳ දෙයියන් එක එකාට උපමා කරේ මං නොදන්නා කමට.. ඒ තේජස තිවුනේ ඇත්තටම ඒ ආලවන්ත හිත අයිති ඇත්තො ළඟ...හැබෑ ආලවන්තකම දැනෙන්නේ දෑහට නෙවෙයි ළමට..? කිරා අයිය ගල් පොත්තාව අහට ඇවිත් නැවතුනා . මං දුවගෙන ගියා.. මයෙ දෑත ගල පල්ලෙ ඉඳන් කිරා අයියට පෑවා. ඒ තරං ආරස්සාවක්.. ඒ තරං ලෙංගතුකමක් මං දැක්කේ මයෙ අප්පුච්චගෙන් විතරයි. "යන්ට එපා කිරා අයියා.. ඔය තරං ලෙංගතු හිතක් දකින්ට මයෙ දෑහ අන්දවිලා නෙව තිවුනේ. ඒත් මයෙ දෑහ දැක්ක ලස්සනම හඳ අද පායලා අයියා ..." කිරා අයිය මාව ලංකර ගත්තේ හැබෑම සෙනේවන්තකමකින්.. දුංහිඳ ඇල්ල හැම රහස් කතාවක්ම වහංගු කරන් උන්නා වගේ නිස්සද්දෙං ඔහෙ ගලාගෙන ගියා. (නිමි) පසු වදනක් "දුංහිඳ හීන " හි ජිනාදරී සහ කිරා සමස්ථ දුංහිඳ අද්දර ඈත ගම්මාන වල වෙසෙන අහිංසක ,අව්‍යාජ ගැමි ජීවිත සංකේතවත් කරන ප්‍රධාන චරිත දෙකයි. 1948 වර්ෂය සිට 1950 දශකය දක්වා බ්‍රිතාන්‍ය ආක්‍රමණයෙන් මිදුනු ඌව වෙල්ලස්ස ගැමි ජීවිත හා බැඳුනු ආර්ථික හා සමාජීය බලපෑම පිළිබඳ කෙටි විවරණයකි. ඌව පළාතේ ජන වහර ප්‍රදේශයෙන් ප්‍රදේශයට යම් තරමකට වෙනස් ස්වරූපයක් ගනී.එහි බොහෝ වචන වටහා ගැනීමට අපහසු වුනත් ,එහි තේරුම සඳහන් කිරීමට උත්සාහ නොගත්තේ කතා රසයට බාධාවක් වේ යැයි සිතුනු හෙයිනි.. අදටත් දරිද්‍රතාවයෙන් මිදෙනු නොහැකිව හීන වලට පමණක් සීමාවුනු අවිහිංසක ජීවත පිළිබඳ එකී නිර්මාණය සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දුන් "අඩයාලම" සමූහයේ ගෞරවනීය ඇඩ්මින් මඬුල්ලටත්, නිරතුරුවම දිරිය, ශක්තිය ලබා දෙන ආදරණීය පාඨක ඔබ සියළු දෙනාටත් හදවතින්ම ස්තූතිවන්ත වෙමි. (සේයාරුව අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලදී)මිනිහලා මං බැන්දෙ ලස්සන මිනිහෙක්.ඒ වුනාට ඌට මොළෙ කළඳක් නෑ. කළොත් කරන්නෙ මරි මෝල් මැටි වැඩක්. එක පාරක් ලොරියක් අරන් නාස්ති වුණා.තව වතාවක් රට යනව කියලා ජොබ් එක නැති කරගත්තා. දහ අතේ ණය වෙලා රට ගියා.දැන් එහෙදි කකුලක් කඩාගන. ඔය මිනිහා කරපු ගොං කම් එකතු කරලා මට පොතක් ලියන්න පුලුවන් .මම කිව්ව දේවල් නිකමට ඇහුවනම් ඔහොම වෙන්නෑ.වෙලාවට මම එක ළමයෙක්ගෙන් නැවතුණේ. දැන් මම මේ හරකව ගෙන්න ගන්න වියදම් කරන්න ඕන.එතකොට ඉතිං හිටපු අවුරුද්ද එවපු සල්ලි ඉවරයි. ආයෙත් මුලට.. මට හිතෙනවා ගෙන්නගන්නෙ නැතුව කල් අරින්න.එතකොට කකුල හොඳ වෙයි.කකුල හොඳ උනාම මෙයාට එන්න තියෙන ඕනකමත් නැතිවෙලා යයි..ඇයි අප්පා අපිත් කාල ඇඳල ශෝ එකක් ගහලා ඉන්න එපැයි. ඇත්තටම මාව රැවටුනේ මේ මිනිහගෙ ලස්සනට. ටිකක් වයස ගියත් කමක් නෑ සල්ලි තියෙන එකෙක් බැඳගන්න තිබ්බා. ඒ සේරම අස්සෙ ඔන්න අපේ අක්ක කතා කරලා කියනවා එයාගෙ වාහෙ කොළඹ කොහෙද පාරක ඇවිදිනව කියලා ආරංචියක් තියෙනවලු.හොයන්න යමු ලු. මගෙ මිනිහට දෙවනි නෑ අක්කගෙ මිනිහා .හැබැයි එක අතකට බලන් යද්දි අක්කගෙ මිනිහට වඩා නම් අපේ එකා හොඳා.අඩු ගානෙ අපෙ එකාට පිස්සු නෑනෙ.අක්කගෙ මිනිහ අමු පිස්සා. අපේ අක්කා බැන්දෙ අවුරුදු ගානක් ලව් කරලනේ. යාලුවො එක්ක ට්‍රිප් එකක් ගිය වෙලාවක පන්සලකදි තමයි ඔය මිනිහව හම්බවෙලා තිබ්බෙ.පන්සල පල්ලිය කෝවිල කියලා.එතනදිත් කරුම මුනගැහෙනවා. ඒ කාලෙ මිනිහා වැඩ කරේ හෝටලේක. හොඳ පඩියක් ගත්තා. අපේ මහ ගෙදර අක්කට හින්දා ඌ නැවතුනේ අපේ මහ ගෙදර. බැන්ද කාලෙ ඉතිං අපෙ තාත්තා එක්ක පොඩි අඩියක් ගහලා සිංදු කියනව.අක්කගෙ හෙන ලොකුකම එයාගෙ මිනිහට සිංදු කියන්නත් පුලුවන් කියලා. ටික කාලයක් හොඳට හිටිය.ඊට පස්සෙ ටික කාලයක් හොඳටම හිටියා.හොඳටම කියන්නෙ මේ මනුස්සයා මොකද්ද ලයිෆ් කියලා එකකට බැඳිලා ඒකට තව තව මිනිස්සු බන්දගත්තම වැඩියෙන් කමිෂන් එන එකක් කරානෙ.දැන් තමා දන්නෙ පිරමීඩ ව්‍යපාර කියන්නෙ ඒවට කියලා.ඒකාලෙ නෙට්වක් මාකටිං කියලා කිව්වහම මම හිතුවෙ දෙයියො දුන්න ගොඩ යන පාරක් කියලා. අපෙ අම්මේ අපෙ අක්කගෙ මිනිහා ඕකෙන් හැදුන හැදිල්ල.මූ ඇන්දෙ නලුව වගේ.කන්නෙ සුද්දෙක් වගේ.කතාව බිල් ගේට් වගෙ.ධාර්මික කම කිව්වොත් පොර බුදුන්ටත් වඩා ධාර්මිකයි. හැබැයි අපේ ඉස්කෝලෙ මහත්තයා නං කිව්ව ඕක ප්‍රෝඩාවක් කියලා.අපරාදෙ කියන්නෙ අපෙ මිනිහත් කිව්ව ඕකෙ නං මොකාද්දෝ අවුලක් තියෙනවා කියලා..ඒ කියලා ඌ නැවැත්තුවේ නෑ.ගමේම කොල්ලොයි ගෑනුයි නාකියි පුලුවන් තරං උන්ව ඒකට ඇදගන ගියා. අපරාදෙ කියන්න බෑ අපෙ මස්සිනා ඒ කාලෙ ගමේ හිටිය වේස ගෑනු ටිකත් පුනරුත්ථාපනය කරා.. ඒ දවස්වල පොරට නිතරම මිටින්..කාර් බාර් තට්ටු දෙකේ ගෙවල්..ඒ ගැන විතරයි කතාව. ඔක්කොම කතා ටික ටික බැහැලා ගිහින් පොර බල්ලා වගේ වෙලා ගමෙනුත් යන්න වුනා අවසානෙ. ඊට පස්සෙ අවුරුදු දෙකකින් ඔන්න මස්සිනාකාරයා ගෙදර ආවෙ.එතකොට මිනිහා කඩවර දේවාලෙ වැඩ.අවුලක් නෑ ගේමක් ගහලා .කාර් කට්ටක් අරන් අක්කට සලකගන හිටියා. සතියට දවසක් ගෙදර එනවා. ඔන්න ටික කාලෙකින් මූ එන්නෑ.මම ඇහුවම අක්ක කිව්වෙ බලන්නකො මෙයා පල්ලියකට බැඳිලනෙ කියලා.කෙලින්ම දේවාලෙන් පල්ලියට. මූ ආයෙ ගමට ආවෙ බ්‍රදර් හේමන්ත වෙලා.මදැයි .එයාගේ ක්‍රිස්තියානි කමෙන් අපිට තව පොඩ්ඩෙන් ගමේ කනත්තත් නැති වෙනවා. මාත් දවසක් ගියා ඔය කියන පල්ලියට.අපේ මස්සිනා ඉතිං ගිය තැනක ගේමක් ගහන මිනිහෙක්නෙ.බ්‍රදර් හේමන්තට හරි ගරු සැලකිලි එතන. මිනිහට ගමට එන්න පුළුවන්කමක් තිබුණේ නෑ.පල්ලියට බැඳිච්ච මිනිහගේ ගෑණි හින්දා අක්කටත් ගමේ තැන නැති වුණා.ඌ ගෙදර ආවෙ නැතුවට මොකද අක්ක මිනිහව බලන්න හැම සතියම එහේ ගියා.. ඔන්න ටික දවසක් යද්දි අක්කට අග හිඟ බව පේන්න තිබ්බා.එතකොට මම දැනගත්තා මේ පාරත් අරූ පිට පොට පැනල කියලා..ඒ පාර ඌ කොහෙද ලොරියක වැඩලු.නැති වෙන්න බීලා කන මදය වගේ ගෙදර ආව ගියපු දවස් ආරංචි වුණා. අක්කා මිනිහගෙ බීම නවත්තන්න මොකක්දෝ පෙත්තක් ගෙනල්ලා බත් එකට දාලා දුන්නයි කියලා තරහා වෙලා මාස දෙක තුනක් එන්නෙත් නැතුව හිටියා. ඊට පස්සේ තමා හොඳම හරිය.මෙන්න මූ ගමට බැස්සා කොණ්ඩේ වවාගෙන බැඳගෙන රැවුලක් වවාගෙන සුදු සරමයි කමිසෙයි ඇඳගන. පොරට එකපාරටම ආගම දහම ගැන ඥානයක් පහළ වෙලා. කියන ඒව අහගෙන හිටපුවම ඇත්තටම මූ මාර්ග ඵලයක් ලබලවත්ද කියලා අපිටත් හිතෙන්න ගත්තා. අනේ උගෙ මාර්ග ඵලේ..මෙන්න මූ දේවාලයක් දැම්මා..මොනවා උනත් හරියට සාස්තර කියවුනා.අවුරුද්ද යනකොට කැපිල්ලකට හොඳ ගානක් ගන්න තත්වෙට ඇවිත්. දෙයියනේ කියලා කාලා ඉඳලා ගේ හදාගෙන හොඳට ඉන්න පටන් ගත්තා. පටන් ගත්තා කිව්වට පටන් ගත්තා විතරයි. ඔන්න මූ සාස්තර අස්සෙ ධනාත්මක චින්තනය කරන්න පටන් ගත්තා. ට්ක ටික දේවාලේ වැඩ අඩපණ වෙවී මෝ ධනාත්මක චින්තන දේශන කරන්න එහෙ මෙහෙ යන්න පටන් ගත්තා.ඕකට මිනිස්සු එකතු වුණේ ෆේස්බුක් එකෙන්ලු. ඔවුන් ඔය කාලෙ තමයි අර අරගලය කියන එක පටන් ගත්තේ.ඔන්න මේ යකා ඒකට බැහැලම වැඩ කරා. හරියට ගෙදර හදාගන්න බැරි එකා රට හදන්න යනවා කියලා අපේ මිනිහා නං හිනා වුනා. තව මාස ගාණකින් පොරට මොකක්දෝ ලොකු දෙයක් හම්බවෙන්න යනවා කියලා හීනෙන් කියනවා කියලත් ඒ කාලේ කිව්වා. ඇමති කමක් වත් නම් කමක් නෑ කියලා අපි මිනිහත් කිව්වා. ඒ දවස්වල නම් අක්කට යකා නැගල හිටියේ. අක්කා හොඳටම දොස් කිව්ව හින්දා මූ ගෙදර එන එක නතර කරලම දැම්මා. අපේ එහා ගමෙන් ඔය අරගලයට ගියපු ගෑනියෙක් එක්ක මූ යාළුයි කියලා කතාවක් ආරංචි වුණා.මුගෙන් ඒක ඇහුවම මූ කෙළින්ම කිව්වනේ ඔව් කියලා.ඌට හරියටම හරියන ගෑනි හම්බුනේ දැන් කියලා ඌට හිතෙනවා කියලා කිව්වා... ඌට තව ටික දවසකින් පහළ වෙන මොකද්ද ලොකු එකට ඒ ගෑනි සපෝට් කරනවය කිව්වා. ඒක තමා ඌ ඒ දවස්වල කරපු අරගලේ..ඒ ගෑණිත් එක්ක කොහේ
හරි පදිංචි වුණා. ඌ මහා චරිතයක් වෙන්න යනවය, අක්කා ඒකට අකුල් හෙලනවය කියල තමා කිව්වෙ. අපෙ එකී ඉතින් අඬාගන හොටු හූර හූර හිටියා. ඒවගෙ පිස්සු &###ක් ගැන මොනවට දුක් වෙන්නද කියලා අපි කොච්චර කිව්වත් ඒකි අඬන එක නැවැත්තුවේ නෑ. අපිත් ආයේ හිත හදන්න ගියෙත් නෑ.ඒකිට පිස්සු තිබ්බට අපි මොනවා කරන්නද.. ඔන්න මාස ගාණක් ගියා. එතකොට තමා දවසක් ෆේස්බුක් එකේ දැකල එහා ගෙදර මලින්තයා මට පෙන්නුවෙ මූව. මූව කිව්වට ඒ අලුතෙන් පහළ වෙච්චි බෝධිසත්වයෙක්. අම්මට සිරි අපේ මස්සිනාකාරයා බෝධිසත්තයෙක් වෙලා. එහා ගමේ ගෑනි යසෝදරා වෙන්ඩ පෙරුම් පුරනවලු. අනුගාමිකයොත් සෑහෙන්න. මම ගිහින් අපේ අක්කට ඕක පෙන්නුවා. "එයා ඔය පිස්සු වැඩ කරගෙන ගියාට ඇත්තටම එයා ඇතුලේ බෝධිසත්වයෙක් වගේ මිනිහෙක් ඉන්නවා.එයාට ඕනා හුඟාක් මිනිස්සුන්ට එකපාර හොඳ කරන්න.ඒක කරගන්න බැරුව තමයි ඔය පිස්සු නටන්නේ.නැතුව නරක මිනිහෙක් නෙමෙයි" මට අක්කට දෙන්න හිතුනා මූන අනිත් පැත්ත හැරෙන්න. ඔන්න ඔය අන්තිම බෝධිසත්ත නාටකේට දැන් මාස පහක් විතර ඇති. ගිය මාසෙ එහා ගමේ ගෑණි ගෙදර ඇවිල්ලා ඉන්නවා දකිනකොට මට ඒත් හිතුන මොනවා හරි දෙයක් වෙලා ඇති කියලා. දැන් ඔන්න අපේ අක්කා කියන ගොන් තැබ්බගෙ මිනිහා කොළඹ කොහෙද පාරක ඉඳගෙන ගෙදර යන්න ඕන ගෙදර යන්න ඕන කිය කිය ඉන්නවලු. ඇත්තටම මේ අපේ අක්කා කියන ගොන් ගෑනිට මුව හොයලා ගෙදර ගේන්න තියෙන උවමනාව මොකක්ද..මොන මගුලකටද ඔය අපතයා ආපහු ගෙදර ගේන්නෙ? ඉස්සර ඌ පොඩ්ඩක් ට්‍රැක් අවුට් විතරයි. දැන් මූ අමු පිස්සෙක්නේ. අක්කගෙ කෙල්ලත් ඉන්නේ මගේ පැත්තේ.ඒකිත් පොඩි නෑ දැන් අවුරුදු දාහතක්. "ඇත්තටම අම්මා ඇයි අම්මට තාත්තව අත ඇරලා දාන්න බැරි? දන්න දා ඉඳන් ලේසි වදයක්ද අනේ ඔය මනුස්සයා දෙන්නේ?" "හ්ම්ම්ම්ම්..මාත් අහන්නෙ ඕක ..මම විතරක් නෙවෙයි මේ මුළු ගමම රටම අහන්නේ ඕක? ඇයි එක්ක තමුසෙට ඔය පිස්සු #&&#ව අත ඇරලා දාන්න බැරි?" මාත් බර කරලා කිව්වා. "මම ඒ මිනිහට ආදරෙ කරපු හින්ද" අක්කා ඔච්චරයි කිව්වෙ. "මොකද්ද?" "තේරුම් කරන්න මං දන්නෑ.උඹලට පුළුවන් නම් තේරුම් ගනිල්ලා.ඔය ප්‍රශ්න ඔක්කෝටම තියෙන්නේ එක උත්තරයයි මං ඒ මිනිහට ආදරෙයි එච්චරයි.උඹලට පුළුවන් නම් එකෙක් වරෙල්ලා නැත්නම් මං තනියම ගිහින් ඒ මිනිහව හොයාගෙන එනවා" අක්කා තනියම යන්න ලෑස්ති. මාත් යනවා. අපෙ මිනිහයි මායි දැන් අවුරුද්දක් තිස්සෙ උදේටයි රෑටයි ගුඩ් මෝනින් ගුඩ් නයිට් කියද්දි ආදරෙයි කියලත් කියාගත්ත හැටි මට මතක් වුනා. අද උදේ මම ගුඩ් මෝනින් කිව්වට ආදරෙයි කියලා ලියලා යැවුවෙත් නෑ. ආදරෙයි කියලා වචනෙන් කිව්වට හැමදාම එකට ඉන්නව කියලා පොරොන්දු දුන්නට ඇත්තටම මේක ලේසි නෑ අප්පා.. ආදරය කියන වචනේ ක්‍රියාපදයක් වෙනකොට ඒක සෙල්ලම් නෑ. එක්කො අපෙ අක්කා මෝඩයි. මම ආත්මාර්ථකාමියි. ඇත්තටම අක්කා මෝඩද...අනේ මන්දා..එක එක්කෙනාට එක එක විදියට හිතෙයි.. අනේ මන්දා මට තේරෙන්නෑ. කොහොම හරි මාත් අපේ මිනිහව ගෙදර ගෙන්න ගන්නවා. ඒ මිනිහගෙ කකුල කැඩුනෙ විනෝද වෙන්න ගිහින් නෙමෙයිනේ. ආදරෙයි කියන්න හදිස්සි වෙන්න එපල්ලා බං.ඕක කිව්වට කොරන්න ලේසි නෑ.මොකද ඕක කිව්ව දා ඉඳන් උදා වෙන හැම දවසක්ම හොඳ දවස් විතරක්ම වෙන්නේ නෑ.හොඳ දවස්වලට ආදරේ කියන්නයි නරක දවස්වලට නොදකින් කියන්නයි බෑනෙ. ආදරෙයි කියන්නෙ වගකීමක්. කැමතියි නම් ඉෂ්ඨ කරන්නත් පුළුවන් ඉෂ්ට නොකර ඉන්නත් පුළුවන්. ආදරෙයි කියන්නෙ යුතුකමක්.කැමතියි නම් ඉෂ්ට කරන්නත් පුළුවන්.ඉෂ්ට නොකර ඉන්නත් පුළුවන්. ආදරෙයි නම් ආදරෙයි කියන්නත් පුලුවන්...මං වගේ කියලා නොකර ඉන්නත් පුළුවන්.අක්කා වගේ නොකියාම කරන්නත් පුළුවන්. ===== සුජාතා මැණිකේ ඉහළගෙදරපා සලඹ _________________________________ ජීවිතේ තාලයට සොයද්දී මැණ්ඩියක්, ඇද ගැහුණු-පොලොව උඩ පැටලිච්ච-පා සලඹ සොයනවා-තාමත්, මද්දල් සුවඳක් කොලොම්තොට තිර රෙදි අතර..... සුදු රැවුල් - කලු රැවුල් සුදු කලු-පටලව ගත්ත අලු රැවුල්. පැණි කොමඩු - රතු ගොරක-ඇස් දවටද්දි-බඳ වටා නුරා සර පැතුමකින් රත් වෙනවා සත්තමයි ළය පතුල කොළඹ ටකරන් වහලටත් වැඩියෙන්, අම්මගෙ-විටමින් පෙත්තට අප්පගෙ-වකුගඩුවට පොඩ්ඩිගෙ-සපත්තු කුට්ටමට පතිනියකි මං , තනි කොලඹ නුරාපුර කෙලවරක, ''පුරුශ'' පදයට ! ©Nimarshi KAVYA Nandasiri ©වට තාප්ප ගේට්ටු මැද කොන්ක්‍රීට් වහල් යට රත් වෙන , ඒසී දාලා නිවා ගත්ත ජීවිත... කාමරෙන් සාලෙට සාලෙන් කුස්සියට පැය විසිහතර දවස් තුන්සිය හැටපහ ගෙවිලා යන ජීවිත.. තුන් වේල කන්න යාන වාහන ගන්න හිත යට තිබුණ හීන ඇපේට තියලා ලීස් කරපු ජීවිත.. ප්ලාස්ටික් කෑලි එක්ක ටීවී එකේ යන නර්සරි රයිම් මැද කොටු වුණ ගහක් කොළක් මලක් දකින්නෙ නැති පුංචිම පුංචි ජීවිත.. ඉර හඳ තරු දකින්නෙ නැති කුරුලු හඬක් ඇහෙන්නෙ නැති, පිඹගෙන යන බස් හෝන් සද්දෙටත් සැපට නිදියන කම්මලේ බලු පැටව් වගේ පුංචිම පුංචි ජීවිත... දවසක නිල්ල පිරුණු අහස යට සීතල ඇල දොළ ලඟ සියත් කැළ හඬ දෙන වැට මායිම් නැති බිමක සිනා මල් පිරුණු පිපුණු මුව මඩල දුටිමි මම පුතේ ඔය පොපියන දෙනෙත් කියන කතාව හැඳින්නෙමි කාසි මලු වලට දෙන්න බැරි ඔය සතුට දුටිමි පුවක් කොළපතක් උඩ සිත් සේ විඳින... ...✍️ Madushani Fernando ...Aussi අයිශා - 03 කොටස වීසා වැදුණා කියලා දැනගත්තම අම්මා නම් පුදුම විදියට සතුටු වුණා. "අනේ කොච්චර දෙයක්ද අයිශා...පවුලෙන් කෙනෙක් ඔය වගේ රටකට ගියා කියන්නේ ඉතින් පවුලම ගියා වගේ තමයි." "ඔය නොදන්න රටවල් වලට ගිහින් මට ඕවට පුරුදු වෙන්න පුළුවන් වෙයිද මන්දා අම්මේ....අනික දන්න කියන මිනිස්සු නැති තැනක ඉන්නවා කියන්නේ...අනේ මන්දා හිතනකොටත් මහ අමුතුයි." "අනේ උඹගෙත් විකාර...මොකෝ එහෙ අපේ රටේ මිනිස්සු නෑ කියලද. ඔය ටික දවසක් යද්දි උඹට මෙහෙට වඩා එහෙ හොඳ වෙයි." අම්මා කිව්වා. "හ්ම්ම්....බලමුකෝ. මසර් ලබන සඳුදට කයිබර් මේල් එක බුක් කරලා තියෙන්නේ. අපිට බදාදා දවල් වෙද්දි වගේ එන්න පුළුවන් වෙයි. හැබැයි ඉතින් ගොඩ දවසක්නම් ඉන්න බැරිවෙයි අම්මේ...දවසක් දෙකක් වගේ තමයි ඉන්න වෙන්නේ. තව ගොඩක් දේවල් ලෑස්ති කරගන්න තියෙනවා කියලා මසර් කිව්වා. ඒක නෙමෙයි තාත්තා කෝ?..." "තාත්තා ඉතින් මේ වෙලාවට කඩේනේ ඉන්නේ දරුවෝ.... මං තාත්තා ආවහම විස්තරේ කියන්නම්. අක්කලා දෙන්නට කිව්වද?." "තාම නෑ...එයාලටත් කියන්න ඕනි. එහෙනම් මං තියන්නම් අම්මේ..දෙවි පිහිටයි." අම්මත් එක්ක කතා කරලා ඉවර වුණු ගමන්ම මං අක්කලා දෙන්නටත් කෝල් කරලා විස්තරේ කිව්වා. එයාලා දෙන්නටත් සතුටුයි. ඒ විතරක් නෙමෙයි දෙන්නගෙන්ම උපදෙස් මාලාවකුත් ලැබුණා. ඒවා අහගෙන ඉඳලා මගෙ ඔළුවත් රිදෙනවා. ඉස්සර වගේම තමයි දැනුත් ඒ දෙන්නා හිතන්නේ මං තාමත් අත දරුවා කියලා. මගෙ අක්කලා දෙන්නා මට වඩා ගොඩක් වැඩිමල්. ලොකු අක්කා මට වඩා අවුරුදු දොලොහක්. එතකොට පොඩි අක්කා අවුරුදු දහයක් වැඩිමල්. එයාලා දෙන්නම කසාද බැන්ඳේ යෝජනාවලින්. බැඳපු ගමන් ඒ දෙන්නාම රට ගියා. ලොකු අක්කා හිටියේ ඩුබායි. පොඩි අක්කා සවුදි. රට ගියපු මුල් දවස් වල ඒ දෙන්නා එයාලගේ රට ජීවිතේ ගැන කියනකොටනම් මටත් එහෙ යන්න ආස හිතිලා තියෙනවා. "අද හවස තේ එකවත් නෑ වගේ...." මසර් ළඟට එනකම්ම මං දැක්කේ නෑ. හොඳටම හවස් වෙලා. කොහෙද අම්මයි අක්කලයි එක්ක කතා කර කර හිටියා වෙලාව යනවා දැනුනෙවත් නෑ. "අම්මට කතා කරලා ඉවර වුණු ගමන්ම අක්කලටත් කෝල් කරලා විස්තරේ කිව්වා." "හ්ම්ම්ම් ඒක හොඳයි..ඔසී ගියාට පස්සේ සල්ලි ටිකක් එකතු කරගෙන එහෙම නිවාඩුවට ඕනිනම් අපිට අක්කලව බලලා එන්න යන්න පුළුවන්නේ.." බැල්කනියට හේත්තු වෙන ගමන් මසර් කිව්වා. "අනේ ඉතින් එහෙම ගිහින් එන්න පුළුවන්නම් කොච්චර දෙයක්ද." අක්කලාව ගිහින් බලලා එමු කිව්වම මට ගොඩක් සතුටු හිතුනා. "සල්ලි තමයි කොයිදේටත් තියෙන්න ඕනි අයිශා...දැන් අවුරුදු කීයක් අපි කුලී ගේක දුක් විඳිනවද?.. සල්ලි හම්බ කරනවා කනවා ගෙවල් කුලී ගෙවනවා පඩිය ඉවරයි. කිසි ඉතුරුවක් නෑනේ... රට යන්න ඕනි කරන සල්ලි ටික හොයාගන්නත් අපිට කොච්චර මහන්සි වෙන්න වුණාද?.." "ඒකනම් ඇත්ත..කෝ ඉතින් ඔයා අපේ තාත්තාගෙ බිස්නස් එක මෙහෙ ඇවිත් මට කරන්න දුන්නේ නෑනේ. එහෙම වුණානම් මටත් කීයක් හරි හොයාගන්න තිබුණනේ.." "අපෝ...ඒවා බොරු විකාර වැඩ. නිකන් මහන්සිය විතරයි." මසර්ගෙ ඒ කතාවටනම් මට හොඳටම කේන්ති ගියා. "ඔයා මට, මං ආස මට පුළුවන් දේ කරන්න එපා කිව්වට කමක් නෑ. මං ඒක කොහොමහරි ඉවසගන්නම්. හැබැයි ආයෙ මගෙ ඉස්සරහ ඒ කිසි දේකට විකාර වැඩ කියලනම් කියන්න ලෑස්ති වෙන්න එපා මසර්..මොකද මගෙ තාත්තා අවුරුදු විසිගාණක් තිස්සේ මායි අක්කලා දෙන්නවයි අම්මවයි ජීවත් කෙරෙව්වේ ඔයා ඔය විකාර වැඩ කියලා කියපු බිස්නස් එකෙන්ම තමයි...අනිත් එක කුලී...නෑ ඒක ඕනි නෑ.." හිතට ආපු ආවේගෙට එක හුස්මට කියවගෙන කියවගෙන ගියපු මම එක තැනකින් නැවැත්තුවේ මොනදේ වුණත් මසර්ව රිද්දන්න කැමති නැති නිසයි. "නෑ නෑ නවත්තන්න ඕනි නෑ...කියන්න ගියපු එක කියන්න අයිශා..." මසර් මං දිහා බලාගෙන කිව්වා. කතාව තවත් දිග් ගස්සන්න ඕනි නැති නිසා මං එතනින් අයින් වෙලා කුස්සිය පැත්තට ගියා. මටත් විකාරනේ...කියවන්න ගියාම ඕනි එකයි එපා එකයි ඔක්කොම කියවනවා. මොනා වුණත් කුලී ගෙදර කතාව නොකියා ඉන්න තිබුණේ. ඒත් ඉතින් හැමදාම මං ඉවසනවනේ. මනුස්සයෙක්ට ඔහොමත් ඉවසන්න පුළුවන්ද? එයා වුණත් දැනගන්න ඕනි එයාට රිදෙනවා වගේම තමයි මටත් රිදෙන්නේ කියලා. මගෙ තාත්තා කළේ කෑම බිස්නස්. තාත්තාට ගමේ පොඩි කෑම කඩයක් තියෙනවා. ඒකෙ එක එක ජාතියෙ පැණිරස කෑම විකිණුවා. හැමදෙයක්ම ගෙදරම හදපුවා. තාත්තගේ කඩේ ගොඩක්ම ප්‍රසිද්ධ වුණේ ගෝල් ගප්පේ වලට. කඩේ නම Saleem's Sweet House වුණාට හැමෝම කිව්වේ සලීම්ගේ ගෝල් ගප්පේ කඩේ කියලා. පෙනුමෙන් පොඩි වුණාට එතෙන්ට හොඳට බිස්නස් තිබුණා. ගමේ තියෙන ලොකු පොඩි ඕනිම උත්සවේකට ස්වීට්ස් ගත්තේ තාත්තගේ කඩෙන්. පේශාවර් වල කොච්චර ලොකු ස්වීට්ස් කඩ තිබ්බත් මිනිස්සු කිව්වේ සලීම්ගේ ස්වීට්ස් තරම් ඒවා රස නෑ කියලයි. ගෙදර ඉන්න කාලේ අ
ම්මයි තාත්තයි ස්වීට් ජාති හදනකොට ළඟට වෙලා බලන් ඉඳලා ඒවට උදව් කරන එක තමයි මගේ විනෝදාංශේ. ඒක නිසාම මටත් හොඳට ස්වීට් ජාති හදන්න පුළුවන්. ඉතින් කරච්චි වල පදිංචියට ආපු කාලේ මටත් හිතුනා පොඩියට ස්වීට්ස් හදලා විකුණන්න. මෙහෙ ඇවිත් මාසයක් විතර ගිහින් මං මගෙ අදහස මසර්ට කියපුවම එයා ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. "නෑ නෑ ඒවා ඕනි නෑ...මට පුළුවන් මගෙ ගෑණිට කන්න බොන්න දෙන්න..කියන්න අයිශා මං ඔයාට මේ ගෙදර මොනාහරි අඩුපාඩුවක් දැනෙන්න දීලා තියෙනවද, කන්න බොන්න ආස දේවල් අඳින්න ආස ඇඳුම් පැළඳුම් ඔය හැමදේම අඩුවක් නැතුව අරන් දෙනවා නේද?" "මේ අහන්න මසර්, කන බොන එකවත් අලුත් ඇඳුම් ගැනවත් නෙමෙයි මං කියන්නේ...මේ වැඩෙන් අපිට කීයක් හරි ඉතුරු කරගන්න පුළුවන්නේ. ඒකෙන් ඉස්සරහට අපේම කියලා ගෙයක් ගන්නත් පුළුවන්. හැමදාම මෙහෙම කුලී ගෙවල් වල ඉන්න ඕනි නෑනේ." "ඔව් හැමදාම කුලී ගෙවල් වල ඉන්නෙ නෑ තමයි..මං ඒවා ගැන බලාගන්නම්. ඔයාට තියෙන්නේ මේ ගෙදර වයිෆ් විදියට ගෙදර වැඩ ටික බලාගන්න. සල්ලි හම්බකරන වැඩේ මං කරන්නම්. කොහොමත් දිගටම මෙහෙ ඉන්න බලාපොරොත්තුවක් මගෙ නෑ කියලා ඔයා හොඳටම දන්නවනේ... අපි ඉක්මනටම හොඳ රටකට යනවා. එච්චරයි, ආයෙ ඔය කෑම විකුණන කතා මාත් එක්ක කියන්න ලෑස්ති වෙන්න එපා...." එදා ඒ සිද්ධියෙන් පස්සේ අද වෙනකම් මං ඔය ගැන මසර් එක්ක වචනයක්වත් කතා කළේ නෑ. සමහරවිට අද මං ඔය කතාව කිව්වෙ නැත්තන් මසර්ගේ කටිනුත් අර වගේ දෙයක් නොකියවෙන්න තිබුණා. මොකද එයා මීට කලින් කවදාවත් තාත්තගේ කෑම බිස්නස් එකට කිසිම වැරදි දෙයක් කියලා නෑ. අන්තිමට කල්පනා කරලා බලද්දි මගෙ කටේ තමයි වැරැද්ද. තේ එක හදාගෙන යද්දි මසර් හිටියේ ඇඳේ හාන්සිවෙලා ෆෝන් එක ඔබන ගමන්. ඇඳ ලඟ තියෙන සයිඩ් ටේබල් එක උඩින් තේ කෝප්පෙයි බිස්කට් දෙක තුනක් දාපු පීරිසියයි තියලා මං එළියට ගියා. හවස වෙච්ච සිද්ධියෙන් පස්සේ රෑට කෑම හදන්නත් කම්මැලියි වගේ. ඔන්න ඔහේ සුප් එකක්වත් හදනවා කියලා මං හිතුවා. රෑ කෑම වෙලාව ළං වෙද්දි මසර් සාලෙට ඇවිත් ටීවී බල බලා හිටියා. මං එළවළු සුප් හදලා අපි දෙන්නට පාන් පෙති දෙකක් ටෝස්ට් කරලා ඒකේ බටර් ටිකක් ගාලා ගත්තා. ඊටපස්සේ කෑම ටික මේසෙට ඇරලා මං මසර්ට කතා කළා. "කෑම ලෑස්තියි" මසර් ටීවී එකත් ඕෆ් කරලා කෙලින්ම ගියේ කුස්සියට. විනාඩි පහක් දහයක් විතර යනකම් මේ මනුස්සයා එළියට ආවේ නෑ. මොකක් කරනවද කියලා බලන්න මං නැඟිටින්න හැදුවා විතරයි. එතකොටම මසර් පොඩි පිඟානකුත් උස්සගෙන කෑම මේසෙන් ඇවිත් වාඩි වුණා. පිඟානෙ තිබුණේ තම්බපු බිත්තරයක්. ඒක දැකලා මගෙ කට කොනට හිනාවකුත් ආවා. ඒ බිත්තරේ ගෙනත් තිබුණේ මට. එළවළු සුප් හදන හැමවෙලේම වගේ මං හරිම ආසයි ඒත් එක්ක බාගෙට තම්බපු බිත්තරයක් කන්න. රෝස්ට් කරලා බටර් ගාපු පාන් පෙත්තයි බාගෙට තම්බපු බිත්තරෙයි එක්ක තමයි එළවළු සුප් රසම. "අද කවදාවත් නැතුව බිත්තරෙත් අමතක වෙලා..පුදුමයි..." මසර් කිව්වා. මං මුකුත් නොකියා ලාවට හිනාවුණා. "අරවා හදන්න දන්නවලු මේවා හදන්න දන්නවලු ඒත් බිත්තරේ හරියට බාගෙට තම්බගන්න දන්නෙ නෑ...මංම තම්බගෙන එන්න ඕනි" මසර් ආයෙත් කිව්වා. ඒ තරහින් නෙමෙයි සද්ද නැතුව ඉන්න මාව අවුස්සලා කතා කරවන්න. කොහොමත් මසර්ට මං කතා නොකර ඉන්නකොට පාළුයි. එතකොට ඔය වගේ ඒවා කියවලා මාව අවුස්සනවා. "හෙට තමයි රස්සාවේ අන්තිම දවස..." හිමින් සීරුවේ සුප් බොන ගමන් මසර් කිව්වා. "ඔයා රෙසිග්නේශන් ලෙටර් එක හදාගත්තද?" දවස තිස්සෙම හතර වටේට කෝල් කර කර හිටපු නිසා ඒක කරගෙන නැතුව ඇති කියලයි මට හිතුනේ. "හ්ම්ම් ඒ වැඩේ හරි" "වැඩ කරන අය දන්නවද හෙට විතරයි ඔයා එන්නේ කියලා." "ඔව් ඔව් උන් දන්නවා...මං අද උදේ ශිරාස්ට කෝල් කරපු වෙලේ කිව්වා." ශිරාස් කියන්නේ හොටෙල් එකේ මසර්ට හිතවත් යාළුවා. එයා තමයි අර කැනඩා කතාව මසර්ට කියලා තිබ්බෙත්. "ආ එහෙනම් හෙට පාටියක් තියෙයි" "වැඩ අස්සේ මොන පාටිද අයිශා...ඕන්නම් පේස්ට්‍රි සයිඩ් එකෙන් කේක් එකක් හදාගෙන එයි කපන්න කියලා...." මසර් කිව්වා වගේම එයා ස්ට්‍රෝබෙරි වලින් වටවුණු හුරුබුහුටි මිනි කේක් එකක් ෆෙයාවෙල් එකේදී කපලා තිබුණා. ගෙදර එනකොට එයා ඒ කේක් එකෙන් කෑල්ලකුත් අරගෙනමයි ආවේ. මසර් කේක් එක කපනවා යාළුවෙක් ෆොටෝ අරගෙන මෙයාටත් එවලා තිබුණා. හොටෙල් එකේ වැඩ කරපු අවුරුදු ටිකේම කැපිල්ල දාපු සෆ්රාස්, මසර් කේක් එක කපනකොට ළඟට වෙලා කරට අතත් දාගෙන ඉන්නවා දැක්කම මට හිනත් ගියා. "සෆ්රාස් ඉන්න විදිය බලන්නකෝ..." මං හිනාවෙවී මසර්ට කිව්වා. "ඕන් පේනවානේද අයිශා වීසා එකකට කරන්න පුළුවන් දේ...මං වීසා දාපු කතාව දැනගෙන හිටියේ ශිරාස් විතරනේ..." "ඉතින් ඉතින්..." මං මසර්ගේ කතාවට හූමිටි තිබ්බා. පිරිමි සාමාන්‍යයෙන් වැඩ කරන තැන වෙන දේවල් හැමවෙලේම අපි එක්ක කියවන්නේ නෑනේ. ඉතින් ඉඳලා හිටලා මෙහෙම කියනකොට අහන් ඉන්නත් ආසයි. "ඊයේ මං ශිරාස්ට වීසා වැදුණු විස්තරේ කිව්වනේ. එතකොට මං කිව්වා ඔහොම්මම කිචන් එකේ ඉන්න අනිත් උන්ටත් කියන්න කියලා. එතකොට තමයි සෆ්රාස් දැනගෙන තියෙන්නේ. අද උදේ වැඩට ගියපු වෙලේ ඉඳන් මිනිහා මගෙන් විස්තර අහනවා ඉවරයක් නෑ....Ielts වලට ක්ලාස් ගියේ කොහෙද, ඒජන්සිය කොහොමද, තව ඒ අස්සේ කියනවා, ඔසී ගියාට පස්සෙ යාළුකම් අමතක කරන්න එපාලු...මං ඉතින් හිනාවෙවී අහගෙන හිටියා" "පරණ ඒවා වැඩක් නෑ....මොනවා හරි දෙයක් ඇහුවොත් දන්න දෙයක්නම් කියලා දෙන්න. හැබැයි මිනිහා කවුද කියලා දැනගෙන...එතකොට ප්‍රශ්නයක් නෑනේ..." මං එහෙම කිව්වා. "හ්ම්...ඒක ඇත්ත. ආ මේ....හෙට ඉරිදා නේහ්, අනිද්දා රෑ ට්‍රේන් එක. ලෑස්ති කරන දේවල් කලින්ම ලෑස්ති කරලා තියාගන්න යන්න ඔන්න මෙන්න තියලා අරක නෑ මේක නෑ කියන්න තියාගන්න එපා හරිද?..." "ඒවා හරි, කොහොමත් උපරිම දවසක් දෙකක් වගේනේ ඉන්නේ. ගෙනියන්න කියලා මහලොකු දේවල් නෑනේ...හැබැයි ඉතින් ඇඳන් යන්න අලුත් ඇඳුමක් තිබ්බොත්නම් හොඳයි වගේ..." මේ අවුරුද්දේ ඊද් එකට ගත්ත ඇඳුම් තිබ්බත් ගමේ යන්නෙ කාලෙකින් නිසා අලුත් ඇඳුමක් ගන්න මට හිතුනා. අනිත් එක සෑහෙන කාලෙකින් මසරුයි මායි මෙහෙම එකේ ට්‍රේන් දුර ගමනක් යන්නේ. ඉතින් එතකොට ලස්සනට ඇඳලා කරලා යන්න මොන ගෑණිද අකමැති. මතු සම්බන්ධයි. බුද්ධි ජයවීර ( කතාව කියවා අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති )සංගීත චාරිකාව 10 මම හතර පන්තියේ ඉන්න කාලෙ තාත්ත එයාගෙ යාලුවෙක් එක්ක ව්‍යාපාරික කටයුත්තකට සිංගප්පූරුවට ගියා. තාත්තගෙ යාලුවාට පිටකොටුව පලවෙනි හරස් වීදියේ හෙලදිව පික්චර් පැලස් කියල මූන බලන කන්නාඩි, පික්චර් ෆ්‍රේම් පැතලි වීදුරු වගෙ අයිටම් ආනයනය කරන ව්‍යාපාරයක් තිබුනා. ඒකෙ වැඩකට තමා ගියේ. මේ වනවිට එයාගෙ පුතා ඒ සාප්පුව කලින් නමින්ම පවත්වාගෙන ගියත් ව්‍යාපාරය හැටියට කරන්නෙ හොඳම බ්‍රෑන්ඩ් වල කැමරා ආම්පන්න ආනයනය සහ විකිනීම. සිංගප්පූරුවට ගිහින් එනකොට තාත්තා ත්‍රී ඉන් වන් සෙට් එකක් ගෙනාව. රේඩියෝ එකෙන් විතරක් සිංදු අහපු අපිට කැමති කැමති වෙලාවට සිංදු අහන්නයි එව්ව වල වචන ඇහෙන විදියට කියන්නයි අවස්ථාවක් ලැබුනෙ ඊට පස්සෙ. ඔය කාලෙ වෙනකොට මගේ ලොකු අම්මගෙ පුතා ගජ ඉලංදාරියා.. එයා පට්ට නීට් චරිතයක්. මම දැකපු හොඳම ගීත රසිකයෙක්. එයා තමා පලවෙනි වතාවට ඇබා සහ බොනියම් ඇල්බම් කීපයක් කැසට් වලට රෙකෝඩ් කරල ගෙනත් දුන්නෙ. මේ කැසට් කීපය අපි අනේක වතාවක් අහල ඇති. ඒ කාලෙ සිංදු කිව්වට හරි ලිරික්ස් දැනගෙන හිටියෙ නැහැ. ඇහෙන විදියට කිව්ව. අම්මට තාත්තට හොඳම ඉංග්‍රීසි දැනුමක් තිබ්බට ඔය සිංදු ලියල දෙන්න පුලුවන් කමක් තිබුනෙ නැහැ. අපි කරේ මොන කුනුහරුපයක්ද දන්නෙ නැති උනත් ඇහෙන විදියට කියන එක. ලොකුඅම්ම නැතිනම් අම්මගෙ අක්ක තමා මගේ මංඥම්මා. අපේ කතෝලිකයන්ට දෙමාපියන් දෙන්නට අමතරව ම‍ංඥම්මා සහ පංඥා කියල දෙවනි මාපිය යුවලක් ඉන්නවා. කතෝලික සභාව තුල අලුත උපන් දරුවන් ප්‍රසාධ ස්නාපණය නැතිනම් ක්‍රිස්තියානි කිරීම කරනවා. ඒ වෙලාවෙදි මංඥම්මා සහ පංඥා (God Mother & God Farther) යනුවෙන් දෙදෙනකු පත් කරනවා. දැන් ඔවුන් හඳුන්වන්නෙ ඥාණ මව සහ ඥාණ පියා වශයෙනුයි මේ දෙදෙනා දරුවාගේ අධ්‍යාත්මික වර්ධනය සහ අධ්‍යාපනය සම්බන්ධව වගකීමෙන් බැදී සිටිනවා. සාමාන්‍යයෙන් දරුවාගේ වැඩිහිටියන් මෙම වගකීම දෙන්නේ වයස විසිපහක විතර, අනාගතයේදී දරුවා ගැන සොයා බලන්නට හැකියාවක් පෙන්නුම් කරනා පවුලට සම්බන්ධ දෙදෙනකු ටයි. උසස් අධ්‍යාපනය පැතිර ගිහින් තියෙන වර්ථමානයේ බොහෝ විට තෝරා ගන්නෙ උසස් අධ්‍යාපනය ලබනා දෙදෙනෙක්. මේක බොහොම ධනාත්මක සංකල්පයක්. දෙමාපියන් මිය ගියත්, ඔවුන් වෙනයම් ගැටලු වලට මුහුන දුන්නත්, දරුවා අතරමං වෙන්න මංඥම්මා සහ පංඥා ඉඩ දෙන්නෙ නැහැ. දරුවා ගැන ඔවුන් බලනවා. පැරණි කතෝලිකයන් කියන්නෙ තම ඥාණ දරුවා සම්බන්ධව ඥාණ මවුපියන් දෙවියන් ඉදිරියේ ගණන් දිව යුතු බවයි. තමන්ගෙ මංඥම්මා හෝ පංඥා මැරුනම මොන ලෝකෙ හිටියත් ඇවිත් ඉටිපන්දමක් පත්තු කරන එක කතෝලිකයන් අතර පවතින චාරිත්‍රයක්. අම්මා මැරුනට පස්සෙ ලොකු අම්මා අපි ගැන නිතරම සෙවිල්ලෙන් හිටියා. අපිත් නිතරම ලොකු අම්මලගෙ ගෙදර ගියා. එහෙදිත් නිතරම අපිට ඇහුන ලොකු අයියා දාල තියෙන ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයම තමයි. එයා කසාද බැඳපු අක්කත් පියානෝ වාදනය හදාරපු කෙනෙක්. අයියා විවාහ වෙන්න කලින් අක්කා කළුතර උතුර පල්ලියෙ ගායනා කණ්ඩායමේ ඕගන් එක වාදනය කරා. එයත් කො‍‍ළඹ සරසවියේ උපාධිධාරී ගණිත ගුරුවරියක්. පසු කලෙක එයා කලුතර කොන්වන්ට් එකේ අංශ ප්‍රධානී ආචාරිනියක හැටියට කටයුතු කරා. ලොකු අම්මගෙ මහත්තයට නියම නෑකමට කියන්න ඕන ලොකු තාත්තා උනත් අපි කිව්වෙ ලොකු මාම කියල. එයාගෙ ගම මොරටුව කොරල්වැල්ල. කොරලවැල්ල මුල් ගම වෙච්චි අමරදේව මාස්ටර් ගෙ, ගමේ ඉන්න කාලෙ යාලුවෙක්. ලොකු මාම පාටි පටන් ගන්නෙ මොරටුව, මොරටුව සිංදුවෙන්. මොරටුවේ බහුතරයකට වගෙ, එයාටත් පට්ට ගායන හැකියාවක් තිබුනා. එයා විශ්‍රාම ගියේ පොලිස් පරිපාලන සේවයේ පොලිස් අධිකාරී වරයෙක් හැටියටයි. විශ්‍රාම ගියාට පස්සෙ හවසට හීනියට සප්පායම් වෙල, කිසි බරක් ඔලුවට ගන්නෙ නැතිව, කිසි කෙනෙකුගෙ
වරදක් දකින්නෙ නැතිව හිටපු නියම සාන්තුවර චරිතයක් තමා ලොකු මාම. සංගීතය හැදෑරුවේ නැති උනත් නියම රසිකයෙකු උන ලොකු අයියාගෙන් අපේ සංගීත චාරිකාවට ලොකු රුකුලක් ලැබුනාකෙටි කතාවකි. නාරී... ⁣කෑලි කපන ගණ අන්ධකාරයට එළියක් දෙන පුංචි කණාමැදිරියෝ ඉහළට පහළට ඇදෙන එක මහා වදයකි.එයින් මගේ හැඟීම් යටපත් වෙයි.හැල හොල්මනක් නොමැති රාත්‍රියේ උලමෙක් වේදනාවෙන් කෑ ගසයි.මම ඇගේ වත දෙස නෙත් යොමු කළෙමි.මගෙ හැඟීම් පාමුල ඇගේ සියුමැලි වතින් නික්මෙන වේදනාවද ඒ සා වේදෝයි මගේ සිතට බියක් දැනෙයි. පායා ඇති පුරහඳේ එළිය වහලයේ සිදුරු අතරින් විත් මගේ ඇසට එළිය දෙන අතරතුර මම තව තවත් වශී වී ඇගේ වත මගේ සිතින් පිරිමදින්නට වීමි.දෙඇස් පියවිණි.සිත මත් විණි.හෙමි හෙමින් මම ඇගේ කෙහෙරැළි අතර දෑත් යොමු කළෙම්.ඒවා ඕනෑවටත් වඩා සිනිදුය.තලා පොඩිකොට හිසේ උලා හිස සෝදා ගත් ගොඩපර ගෙඩිවල සුවද පවා ඇගේ හිස කේ බදාගෙනය.ඒ සුවදට ඉව අල්ලමින් ඒ කෙහෙරැළි තදින් දෑතට ගුලි කොට ගෙන මම තව තවත් හැඟීම් උලුප්පා ගන්නට වෙහෙසුණි.ඇය නිසොල්මනේ මගේ හැඟීමට ඉඩ දී අඩි හතක් දිග අඩි හයක් පළල කිසිදු ඇතිරිල්ලක් නැති ලෑලී මේසය මත දිගෑ දී සිටී. ඒ පටු නළල් තලය මත පිහිටි ඇහිබැම ගනකම්ය.කාලවර්ණයෙන් ⁣දිලෙන ඒ ඇහි බැම නළල මැදින් එකට යා වෙන්නට ඔන්න මෙන්න තියා නැවතී තිබිණි. ඔය ඇහි බැමි එකට යා වෙච්ච ගෑණු හරි නපුරුයි.දේහ ලක්ෂණ වලින් කියතහැකි ගෑණුන්ගේ හැටි. හරි හැටි ඉගෙන නොගත් නමුත් ඉහ නිකට පැහෙන තුරා අත්දැකීම් තුළින් ජීවිතය සෙවූ ගැමි ගැහැණිය ක වූ අම්මා දිනක් එවදන පැවසූවා මට මතක් විණි. උඹ එහෙම වෙන්න විදිහක් නැ.වාත්තු කලා වගෙ උඹේ ඇඟ .ඉතින් එහෙව් නපුරු එකියක් නම් උඹ ඔහොම හැඩ වේවියැ.උන්දැටත් ඔල්මාදෙද කොහෙද වෙලාවකට. මට මා ගැනම සතුටක් දැනිණි . තවත් මිනිත්තු තුන හතරක් ඒ ඇහි බැමි දෙස බලා සිටි මගේ දෙඇස් එක එල්ලේ බදා ගත්තේ අඩවන් දෙනෙතින් මදෙස බලාගෙන මොන මොනවදෝ දොඩන්නට සැරසෙන ඇගේ ඇස් ය.හරියට පූදින්න පොරකන තවමත් දිගහැරී නැති නෙළුම් මලක මැද ඇති පුංචි පෙති දෙකක් වන් දිගැටි ඇස් මදක් පියවී ගොසින්ය.මත් වී ඇති සෙයක් දිස්වෙන ඒ දෙඇස් මගේ මෝරන සිතිවිලි තව තවත් උද්දීපනය කරන්නට සමත් විණි.දෙවරක් නොසිතා ඒ නේත්‍රා පාමුල මම මගේ දෙතොල් තද කළෙමි. ලා රතුවන් පැහැයක් ඒ ඇස් අස්සේ මෝදු වී ඇති සැට්යකි. කියා ගත නොහැකි හැගුම් කදුළක් වී ඒ දෙනෙත් තෙමා දැමුවාවද්ද?නැත්නම් මගෙ රළු සිප ගැන්ම ....ස්පර්ශය ඇයට දරා ගත නොහැකි වේදනාවක් වූවාද? මොහොතකින් හිත වෙලා ගත් ඒ කීරි ගැහෙන රිදුම් පෙල නහර වැල් පුරා දිව ගොස් ගත හිරිවව්ටා දමන ලදි.ඇය තවමත් අඩවන් දෙනෙතින් මදෙස බලා මොන මොනවදෝ කියන්නට සැරසෙයි.නමුදු වචන පිට නොවෙයි.වචනයෙන් නොදොඩන හැගීම් කෙතරම් මිහිරිදැයි මට හැඟෙයි.එය හදවත නොපාරයි.තව තවත් හිත තද කොට මම ඇගේ ඇස් මත සුසුම් තැවරුවෙමි. පමණට වඩා දික් නොවුනු හුරුබුහුටි නහයත් පිරිපුන් දෙකම්මුලත් මම ආශාවෙන් පිරිමැද්දෙමි.ඒවාද නැවුම්ය.ගිනි කාස්ටක අව්වේ පයට පෑගෙන පිනි බිදක් වේ නම් එවැනිම වූ සිසිලක් සනීපයක් ඇගේ දෙකම්මුල් අතර මා වින්දෙමි. ඒ දෙකම්මුල් කෙතරම් සිප ගත්තද තවත් මදි යැයි සිත කොදුරයි.ලැජ්ජාවෙන්ම විලි බර වූ ඇගේ දෙකම්මුල් රතු පැහැ වී ඇත්තේ හරියට හොඳින් ඉඳුනු ජම්බු ගෙඩියක් සේය. විශාලත් නැති හීනිමත් නැති ඒ දෙතොල් මා පිස්සෙකු කොට හමාරය.නා දල්ලක් වැනි දෙතොලක් ඇති ළදුන් පිළිබද මා පොත පතින් කියවා ඇත.පන්සල් වත්තේ ඇති නා ගහේ ඇති ළපටි නා දළු කෙතරම් සුන්දරදැයි මා දැක තිබිණි.නමුදු එවැනි පැහැයක් ගත් ගැහැණිය ගේ දෙතොල් කිසිදා දැක තිබුනේ නැත.මේ මොහොතේ මා ඉදිරිපිට වැතිරී සිටින ඇගේ දෙතොල් ඒ මා කියවා අසා ඇති නා දළු වන් දෙතොල්මය.හිමි හිමින් ඒ දෙතොල් ඇඟිලි තුඩු අගින් අල්ලා බලන්නට සිතේ.නෑඹුල් පිරිමැදීම් අතරතුර උවත් ඈ නිසොල්මනේ මා සිත වෙලාගෙනය.දෙතොල් පෙති විදා හිනාවීගෙනය. දිගටි ගෙල සුදෝ සුදුය.මම හොදින් එය පිරිමැන්දෙමි.මා බලාපොරොත්තු වූ අයුරින්ම ඇගේ ගෙල සියුමැලිය.වරදක් නැත.එය මා කැමතිම අයුරින් ඇත.මම දෙඅතෙන් තව ටිකක් ගෙල හෙමිහිට පිරිමදින ගමන් මගේ දෙඇස් තදින් පියා ගතිමි .ඇය කිතියෙන් ඇවිලී ගියාක් මෙන් සෙලවෙන්නේය. ඒ ඇසිල්ලෙන් මම මගේ මුහුණ ඒ පපුතුරේ හොවා ගතිමි.සුදුපාට හැට්ටයෙන් එළියට පනින්නට දඟලන ඇගේ තිසරුන් මනරම්ය.සති තුනක් පුරාවට වෙහෙස වී සිටි මගේ ගත එක තප්පරෙන් සුවපත් වී ගියාක් වැනිය.මම තව තවත් ඒ පපුතුරේ මගේ මුහුණ තද කරමින් හිත කොඳුරන සැනසිල්ල සොයා ගියෙමි.ඒ ළය වේගයෙන් හෙළ පහළ යනවා සේ මට දැනෙයි.මගේ ස්පර්ශයෙන් දැන්නම් අැය අවදි වී ඇතිවා නිසැකය. මම හිස ඔසවා බැලීමි.නැත හැට්ටයේ කර මෙතරම් පළල් විය යුතු නොවේ.දකින හැම එකාගෙම රාගී සිතිවිලි අවුස්සන්නට ඇය ගොදුරක් විය යුතු නැත.මට මා ගැනම තරහක් නැඟුනේ එවිටය.දැන් පමා වැඩිය.මේ හැම දේම මගේය.ඇගෙන් විදිනා මේ හැම හැඟීමකම එකම අයිතිකාරයා මා පමණය.ඇය වෙනකෙකුට අයිති විය යුතු නැත.මගේ සිත සෝකයෙන් වෙලී යයි. මිටට ගත හැකි සිහින් ඉඟ කෙටි හැට්ටයත් රතු මල් වැටුණු චීත්තයත් අතර දිස්වෙයි.හඳෙන් වැටෙන පුංචි එළියෙන් පවා ඒ පුළුල් උකුල මනාවට පෙනෙන අයුරු සිතේ හැගුම් වැඩි වැඩියෙන් කලඹනා වගක් දැනෙයි.දෙවරක් නොසිතා ඇගෙ බද වටා අත යවා ඒ සුදු උකුල මත සැතපුනෙමි. කල්පයක් වුව නිදා උන් හැකිය.වෙහෙසක් නොදැනේ.එදවස අම්මාගෙ උකුල් තලය මට සිහිවිණි.කුඩා කල මා කැමතිම ඇයගේ උකුලේ නිදාගැනීමටය.හෙමිහිට හිස සිඹ ඇය මා නිදිකරලූ අයුරු මට මැවි මැවී පෙණිනි. අද මා මේ සුන්දරියගෙන් විදින්නේ ඊට එහා ගිය හැඟීම් වලින් මිරිකී ගියා වූ සතුටකි. මගේ හිස කේ අතර ඇගේ දිගු අතැඟිලි පැටලෙනවා දැනිනි.ඒ ⁣නා දලු දෙතොලෙන් මගේ වත නහවන්නා සේ දැනිණි. සිය දහස් වර අතැඟිලි හිරි වැටෙනකම් ඇගේ වත සිසාරා රැගෙන ගිය මගේ දෙඅත් දැන් රළු වී ඇති බවක් මට දැනෙයි.තව තවත් ඔය කෝමල වත දරදඬු මගෙ දෙඅතින් රිදවන්නට මට නොසිතෙයි. ඇස් පියා ගත් ඇසිල්ලේ මැවෙන ඇගේ නුරා දෑස් ...පොපියනා දෙතොල්....තුළ මා විදි සැනසීම මෙතැකැයි කිව නොහැක.ඇය මිහිපිට මා දුටු මගේ හැඟීම් විසිරවූ සුන්දරියම වන්නීය.සැබවින්ම මෙතරම් සතුටක් ගැහැණියකගෙන් මා මෙතුවක් විද නැත. හාත්පස තිබූ අන්ධකාරය කෙමෙන් කෙමෙන් වියැකී ගොසින්ය.තැන තැන හඬ නගන කුරුළු කොබෙයියන් පවසන්නෙ රාත්‍රිය නිමා වී ඇති බවය.හඳ කොහේදෝ හැංගී ඉර එළියට ඉඩ දී ඇති සේය.ඇගේ වත බදා මා කොයි මොහොතක නින්දක් ලැබුවාදැයි මට නිනව්වක් නැත.නමුදු දැන් එළි වී හමාරය. මා දෑස් පිස ඇය දෙස බැලුවෙමි.ඇය තවමත් නෑඹුල්ව වැතිර සිටියි.රැයක් ගෙවී ගිය වගක් ඇයට නිච්චි නැතිය.නමුදු මගේ සිත දුකින් වෙලා ගෙන ඇතුවාක් මෙන්ය. මේ හිරැ කිරණ ඇය මගෙන් වෙන් කරනු ඇත.සති ගණනක් පුරා මා මත් කල ඇය මට අහිමි වනවා නියතය.දරා ගත නොහැකි ශෝකයෙන් මගෙ හදවත ඉරී තැලී ගොසිනි. ගෙවුණු රාත්‍රියේ මා විදි මිහිර තව නිමේශයකින් මා හැර යනු ඇත. ටික් ටික් සද්දෙට කටු දුවන රවුම් ඔරලෝසුව මට අනතුරු හගවන්නට මෙන් තව තවත් සද්දෙන් මගේ සිත ව්‍යාකූල කරවන්නට විය.මා ඇගේ වතෙන් මිදුනෙමි.අකමැත්තෙන් වුවද ඇගෙන් වෙන් වුනෙමි. ඇගේ වත කිසිවෙකුටත් රස විදීමට දිය නෙහැක.ඔව් ඇය අයිති මටය.මා පිස්සෙකු මෙන් ඒ වත නොපෙනෙන්නට සැලැස්සුවෙමි.අවසන අැගෙ පා මත හිස තබා ගතිමි.වේදනාව දැනෙන්නේ හිතේ ලේ ඇට මස් සිදුරු කොට ගෙන වාගේය.කෑ ගසා හඩන්නට සිතෙයි.ඇගේ වත පිරිමැදි මගේ දෙඅත් කපා දමන්නට සිතෙයි.ඒ සා වියරුවක් මට ඇගේ වෙන්වීමෙන් දැනෙයි.නමුදු එය වළක්වන්නට කිසිවෙකුටත් නොහැකිය. මේ කිසිවක් නොදත් ඇය තවමත් මේසය මත වැතිර සිනාසෙයි. වාහනයක තිරිංග තද කරන හඩත් ළග ළග ඇසෙන පා ගැටෙන හඩත් මගේ වත මලානික කරයි.මොහොතකින් ටකරං දොර සෙලවෙන සද්දය ඇසිණි.ඇය රැගෙන යාමට ඒ රාස්සයන් පැමිණ ඇත.ඇයත් සමඟ මගෙ පණත් සිද යන ලෙස ඔවුනට පැවසීමට විටක මට සිතෙයි. සෙලවෙන ටකරං දොර ගලවන්නට කලියෙන් මා නැගිට දොර විවර කොට ඔවුන් පිළිගතිමි. කෝ අපිට පරක්කුයි ඉක්මනට වාහනේට දානවා. හාත්පස ඇස් යොමා ඒ නපුරු මිනිසා ගිගුරුම් ලෑවේය.වචනයක් කියන්නට මත්තෙන් ඔහු සමඟ පැමිණි සගයින් දෙදෙනා ඇය ඔසවා මගෙ නිවසින් එළියටත් ගොස් හමාරය.ඇය වැතිර වුන් මේසය මත ඔවුන් අත රැදි දේ තබා අවසන ඔවුන් නික්ම ගියේ මගේ හිත ඔද්දල් කරමින්ය.මෙතුවක් කල් නොදැනුනු මහා ලොකු කාන්සියක් මට දැනිණි.ඇය නැති මේ විශාල කුටිය තුළ අද මා සාංකාවෙන්ය.අද සිට ඇය ⁣මහා ධන කුවේරයකුගේ මන දොළ පිනවනවා නිසැකය.එය මට දරා ගත නොහැක. තැන තැන තවමත් ගොඩ ගසා ඇති ඒ කිරි මැටි මට අපුලක් ගෙනාවේය.කැළෑ රොදින් සොයා ගත් කොළ,මුල්,ගෙඩි තවමත් තැන තැන පල් වී අමුතු වර්ණ ගෙන ඇත.ලොකු.. පොඩි පාට තැවරුණු පින්සල් තැන තැන වැටී ඇත.ඇය සැතපී උන් මේසය පාළුවට ගොසින්ය.මට ඇගෙ රුව මැවී පෙනෙන්නට විය. ගැහෙන පපුව මත අත්ල තබා තදකොට මා ටකරං දොර වසා එළියට පැම්ණියෙ නැවතත් කිසිදු කළෙක නාරී රුවක් අඹන්නෙ නැතැයි මටම දිවුරා පොරොන්දු වෙමින්ය. නිමි. චමී#නසරාණි.... පන්තියේ හිටපු ලස්සනම එකී උදානි ය..... ඒකිගේ හිනාවට රාණි මුඛර්ජී ත් පරාදය...... මතු යම් දිනක උදානි ඇඹේණි කරගැනීමට පාසලේ ඇතැමුන් හීන මැවුවෝ ය........ මාද ඇතැමෙක් ය...... උදානි ගේ අම්මා කල්‍යාණි නැන්දා ය..... තාත්තා ජයසිරි ය..... ජීවත් උනේ පරවේණි ඉඩමක ය...... කංකාණිගම හංදියේ කඩේ පොල්තෙල් පහන්, හදුන් කූරු, කපුරු පෙති වික්කේ ජයසිරි මුදලාලි ය...... ගෙදර වරු පිරිතකට, ගමේ තොයිලයකට කලම්පන්න ගන්නට ගම්මුන් ගියේ ජයසිරි මාමා ලගට ය....... ජයසිරි මාමාට බොහෝ අය කීවේ සාම්බ්‍රාණි මුදලාලි කියලා ය....... උදානි ට ගෙදර උන් කීවේත්, පවුලේ උන් කීවේත් "නෝනි" කියා ය........ මා උදානිට ගෝනි ගනනින් ලියුම් ලියා යැව්වේ ය..... පානි දැම්මේ ය....... කෙසේ හෝ අවසානයේ උදානි ගේ කැමැත්ත ලැබුනේ ය...... ...........................................................
......... උසස් පෙල කාලය සුන්දර ය...... උදානිත් මමත් අමතර පන්ති ගියේ ඒ කාලයේ ය......... බොහෝ අමතර පන්ති අපට වැටුණේ "ජයරාණි" සිනමා ශාලාවේ ය....... පංච කල්‍යාණි වූවත් උදානිට හරියට සීනි ඇබින්දක් දමා තේ ඩිංගක් වත් හදාගැනීමට බැරි ය.......... ඒ පෙම් පලහිලව්ව උසස් පෙල ප්‍රතිපල එනකල් වත් පැවතුනේ නැත....... වෙස් මාරු කිරීමේ අංක එක කුවේණි නම් දෙවැන්නිය උදානි ය......... අවසානයේ උදානි ට කරගැහුවේ අල්ලපු ගෙදර දුශානි ගේ ලොකු අයියා ය................... උන් දෙන්නා ගියේ පැනලා ය...... සමන්ත අයියාගේ තිප්පොලට ගොඩවී හැමදාම හීනි හීනි අඩි ගසා මා දුක තුනී කර ගත්තේ ය........ කරුමය අරුමයක් නොවීය...... උදානි ගිය දවසේ පටන් ගත් හීනි කසිප්පු අඩිය, අවසානයේ වඩියක් බොන්නට තරම් මා දාර බේබද්දෙකු විය.......... ................................................................... මාගේ පෙම් අහේනියටත් බේබදුකමටත් පිලියම් සෙව්වේ අම්මා ය....... සෙවූ බැලූ මනාලියන් සියල්ලන්ටම මා එකසේ කැමති වූවත් උන් එකෙක් වත් මට කැමති වූයේ නැත......... අවසානයේ එකියක් එකග විය....... ඒකි ලස්සනය... උදානි තරම් හැඩ නම් නැත........ උදානිගේ මූණේ පෙම් පාට තිබුනත් ඒකිගේ මූණේ තිබුනේ පින් පාටය....... ඒකි ලගින් ආවේ රාණි සබන් පුසුඹ ය............. ඒකිගේ ගෙදර උන් ඒකිට කීවේ "දෝණි" කියලා ය........ පවුලේ එකම දෝණි ය...... මුලදී නම් කතාව අඩුය......... හූනි වාගේ කච කච ගාන්නට ගත්තේ මාස තුන හතරක් ගියාට පසුව ය........ මාත් ඒකිට කීවේ දෝණි කියලා ය...... ඒකිත් ඒකට ආසා ය..... ................................................................ රස්සාවට යන ගමනේ දිනක් මට උදානි මුන ගැසුනේ ය......... ඒ කඩවත "ශ්‍රියාණි ඩ්‍රෙස් පොයින්ට්" එක ලගදී ය........ සිරුර නම් පිරිපුන් ය...... මූණ එම්බාම් කොට ඇත...... "සර්විස් එකක් ගන්න හිතුන ඕන වෙලාවක ඇවිත් කතාකරන්න.... මම වැඩ කරන්නෙ අතන......" ඒ කාලේ වත් නැති ලෙංගතුකමකින් ඒකි කීවේ "සදරාණි" ස්පා කියා ඉංගිරීසියෙන් ලියූ බෝඩ් කෑල්ලක් පෙන්නමින් ය...................... අලුතෙන් තට්ටුව ගසා ප්ලේන්ට් කරපු බොඩියක් පරණ ගෝණි පඩංගුවකින් සර්විස් කිරීමට අවශ්‍ය නැත........ මට හිතුනේ ම එහෙම ය....... රූණි වාගේ ශ්‍රියාණි එක වටේ කැරකි කැරකී සිටි උදානි යන්නට ගියා ය.......... උදානිගේ අංකය ලියූ කඩදාසි කෑල්ල ගුලිකර මා කුණු කාණුවට ඔබා දැම්මේ ය.................. අලුත් ජීවිතේ එහෙම ය...... "දෝණි, ගෑණි වූ දා සිට මාගේ ජීවිතයේ නසරාණි යන වචනය තනි ඉරකින් කපා දමා ඊට යටින් දෝණි ලෙස අත්සනක් දමා ඇත....." ................ජනිදු.................(සුහුරු) පෙම🖤 අදත් උදයෙම ගෙයින් එනකොට එයත් මා පසුපසම ආවා මග තිබූ බසයට නගිනකොට සැකක් නෑ මගෙ ළගම හිටියා පන්තියට මං එන ගමනෙදිත් හොදට මතකයි හොරෙන් බැලුවා ඒත් දැන් නෑ කොහේදෝ ඔබ හිතට මහ ලොකු බයක් දැනුනා මගේ හැම පැනයටම පිලිතුරු නිසැකවම ඔබ ලගම තිබුනා පාලු විටකදි තනි මකන්නත් සත්තමයි ඔබ ළගම හිටියා පන්තියේ ඈදිගත් ඩිංගට කොහෙ උනේ ඔබ තනිව සිතුවා එන්න එන්නම මගේ පොඩි හිත සසල වෙනවා මටම දැනුනා ළමයි මේ ජංගමය කාගෙද එන පාර මග වැටිල තිබුනා යන්න කලියෙන් හරි අයිතියක් කියල මෙය ඉල්ලන්න කියලා සර් කිව්වම ඔබව පෙන්නල මගෙ හිතේ මල් දහක් පිපුනා අනෙ සර් ඒ මගෙ සුහුරු පෙම නැති උනොත් මං මැරෙයි පැලිලා අයිති මට බව පසක් කරගෙන ඔබව කැදවන් එන මගදි මම මේ පොරොන්දුව ගන්න හිතුවේ ඔබව නැතිවම නොහැකි හින්දා සුහුරු පෙම ඔබ මගෙ ෆෝන් එක යන්නෙ නෑ දිව්රන්න නොකියා ඔයා නැත්තම් මාත් නැතිබව මතකෙ රදවන්න ඉන්න සැමදාගෙදර මිනි පහන වෙනකෙකු ගෙන යයි හිතේ හංගන් හිටපු දේවල් වගක් නැතුවම ලියලා තිබුනා සුරාවට ලොල් මගේ හිත ලඟ තිබ්බ ආදරෙ පරව තිබුනා කප්පරක් ආදරේ තිබුනත් නුඹට එය මදි දැනිල තිබුනා විදවලා විදවලා මගෙ පන විදින තැනකට ගිහින් තිබුනා _________________________________________ කෙමෙන් මියැදුනු පාලු හිත යට කප්පරක් පෙම් හීන තිබුණා රෑන තුන්පත් වෙන්න හැගුමක් සිතේ ඇති බව ලියා තිබුණා අනග බබරෙක් කුමර බබසර විදින බවනම් දැනිල තිබුණා බඹර ගුම් නද නොඅස ඉන්නට කඩුපුලක් මට වෙන්න හිතුණා _________________________________________ පිරිමි පපුවක තියෙන උණුහුම විදින බව නුබෙ මූනෙ තිබුණා වසන්තේ අග වුනත් සුමිහිරි කොවුල් නාදත් ගෙදර ඇසුණා යහනෙ ඉන්නට හිතක් නැතුවට පිලි කන්නෙ නුබෙ රටා ඇදුණා දැනුනෙ නැති හිත් දැනුන හැමතැන අසම්මත මල් කැකුලු පිපුණා _________________________________________ හුස්ම අරගෙන ගිහින් තිබුනත් හදවතේ තව රස්නෙ තිබුණා ගියත් සුද්දියෙ නුඹ නමින් පිපි අරන් ගියෙ නැති හීන තිබුණා නිතර රිදවන හදේ තැවරුණ සුවඳ නුඹෙ ගෙන යන්න තිබුණා ගෙදර එළියෙන් එකළු කළ මිණි පහන හොරු ගෙන ගිහින් තිබුණා Cmt එකක් දාගෙනම යන්නඅද ලස්සන දවසක් ආත්ම්මෙ මේ මල් බිම වැටිලා ඇයි එහෙම තමයි පුතේ මල් වල හැටි පිපෙනවා පරවෙනවා... ඉතින් ආත්තම්මා හැමදාම පූජා කරන්න මල් කඩන්නෙ...කොහොමද මෙච්චර මල් ගොඩක් බිම වැටෙන්නෙ. මම ඉතින් මල් ඩින්ගිත්තනෙ කඩන්නෙ ඉතුරු හරිය නෙව මේ පරවෙලා බිම වැටෙන්නෙ . පව් නේද ආත්ම්මෙ කව්ද ..... මල් ඇයි ... ආත්තම්මා පුජා කරන්න මේ මල් කඩා ගත්තේ නැති නිසා බිම වැටිච්ච මල් දුකින් ඇත්තේ ... කොහොමද චූටි පුතා එහෙම කියන්නේ ඇයි ආත්තම්මා මනෙ දවසක් කිව්වේ හැම මලක්ම කැමති බුදු හාමුදුරුවන් ට පූජා වෙන්න කියලා .. හ්ම්ම්...චූටි පුතා ටත් මතක හිටින දෙවල්.,උන්දැලා ට දුකක් නැතිවම නෙවෙයි .ඒ උනාට උන්දැලා ඔය ගහ පාමුල වැටිලා කරන්නේත් පූජා වක් තමයි . ඒ කොහොමද ආත්ම්මෙ .., ගහ පාමුල වැටිලා ගහට පොහොර ක් වෙලා ආයෙමත් පිපෙන මල් උදව් කරනවා නෙව .. ඒ උනාට ආත්ම්මෙ අපි මේ මල් අතු ගාලා අර ඈතට දානවා නෙ. තමන් ඉපදිච්ච ගහට ම විතරක් නෙවෙයි උන්දැලා ට ඕනෑ මහ පොළොව ට පොහොර ක් වෙන්න .වෙන ගහක මල්,කොළ,ගෙඩි හැදෙන වා දැකල සතුටු වෙනවා ...හැම ගහකින් වැටෙන කොළ යක් ,මලක් ,හිතන්නෙ එහෙම තමයි .. එහෙනම් මෙ ගහෙ මල් පිපෙනෙ කොහොමද ? ගහ වටේට පොහොර වෙන්න කොළ ,මල් ඉතුරු වෙන්නෙ නෑනේ ඔක්කොම ඈතට අතු ගාලානෙ. ගහෙ මුල් තමයි ඒ කාරිය කරන්නේ"උන්දැලා මහ පොලොව ඇතුලට ,ඈතට තමන්ගේ මුල් විහිදුවලා තමන්ට ඕනෑ කරන පොහොර ටික හොයා ගන්නවා ." චූටි පුතා ආත්තම්මා ගෙන් තව තව ප්‍රශ්ණ අසනු ඇසේ.අම්මා ඒවා ට උත්තර දුන්න මිසක මටනම් ඔහු අසන ප්‍රශ්ණ වල ට උත්තර නැතිව යයි. අක්කා ගෙ පුතා පෙර පාසල් නිවාඩු දවසට එන්නේ අපේ ගෙදර ට ..අද සෙනසුරාදා දවසක් නිසා මුළු දවසම අපේ ගෙදර. අක්කා කසාද බැන්දේ A/ L ඉවර වුන ගමන් ම වගේ..හමුදා වෙ අයියා කෙනෙක් මම A/L ඉවර වෙලා ගෙදර ඉන්නේ .කැම්පස් යන්න තරම් resalt එකක් නෑ.ඒත් ඒ ගැන ලොකු වේදනාවක් නෑ.කවුද වියදම් කරන්නේ . අම්මා නම් කියන්නේ ඉක්මනින් කසාද බඳින්න කියලා .මගෙ නම් තුන් හිතකවත් එහෙම අදහසක් නෑ .මගෙ අක්කා ලා දෙන්නම A/L ඉවර වුණ ගමන් ම වගේ කසාද බැ න්දා.ලොකු අම්මා ලගෙ පවුලේ අක්කා ,අයියා දෙන්න ම කසාද බැදලා.බාප්පලගෙ පව්ලෙ මටත් වැඩි ය බාල නංගී ලා දෙන්නම කසාද බැන්දා .මම ගෙදර ට නාකි වෙනවා කියලා හැමෝම කියන්න පටන් ගත්තා .මොන නාකි ද මට තාමත් 22 ලබලාත් නෑ . මට ඕනෑ වුණේ කසාදයක් නෙවෙයි .ලස්සන ගෙයක් හදන්න ,car එකක් ගන්න, ලස්සන ඇඳුම් පැළඳුම් ගන්න,අතට පය දිග ඇරලා වියදම් කරන්න හැමෝටම උදව් කරන්න.. මට දියුනු වෙන්න ඕන වුණාට කරන්න ඕන මොනවාද කියලා අදහසක් තිබුණේම නෑ.A/L ඉවර වෙලා අවුරුදු 3 ක්ම ඉවර වුණා . මුලින් මම හිතුවෙ මැහුම් පන්තියකට ගිහින් මහන්න ඉගෙන ගෙන ඇඳුම් මහන්න ..එත් අපේ ගෙදර ට ගෙවල් දෙක තුනකට එහා ගෙදරක ඇඳුම් මහනවා.මේ පැත්තෙ හැමෝම වගේ ඇඳුම් මහන්නෙ ඒ ගෙදරින් . "ඔය ළමයා ඉගෙන ගෙන ඇඳුම් මහන්න පටන් ගත්තත් කවුරුත් ඇඳුම් මහන්න මෙහෙ එන්නේ නෑ ළමයෝ මුලු ගමම ඇඳුම් මහන්නෙ අර එහා පැත්තෙ ගෙදරින් පේන් නැද්ද වැඩ ටත් ළමයි දෙතුන් දෙනෙක් ඉන්නව අනික වාත්තු කලා වගේ මහල දෙනව නෙව " එහෙම කිව්වේ ලොකු අම්මා .. අනේ ඔය කිව්ව ට මම ලස්සන ලස්සන මෝස්තර වලින් ඇඳුම් මැහුවම හැමෝම මෙහෙට ඒවි ඇන්දුම් මහන්න. මම එහෙම හිතුව. ඒ උනත් මැහුම් ඉගෙන ගැනිල්ල එතනින් ම ඉවර උනා. අලුත් රෝස පාත්තියෙ තද රතු පාටින් දළු දාලා.රෝස දලු උඩ දිලිසි දිලිසි හිටිය පිනි බින්දු ඉර එලියට බයෙන් හැන්ගෙන්න තැන් හොයන්න පටන් ගත්තා.වෙලාව උදේ 9.30 උනත් තද ට අව්ව පායලා. මුලු නිල් අහස පුරවා වටම පේන තෙක් ම තිබුණේ එකම සුදු වලාකුළුක් විතරයි පේන්න තිබුණේ .මිදුල පුරා ම ලස්සන පාට පාට මල් පිපිලා .ගෙදර ට එන හැමෝම කිව්වේ මගෙ අත් ගුණේ කියලා .. අපේ මිදුල ගොඩක් ඉඩ තියෙන නිසා මම මිදුල පුරාම මල් වවලා තිබුණේ .අපෙ මිදුල පාරේ යන එන අයට හොඳට පේනවා පාරෙන් යන ඕනෑම කෙනෙකුගේ ඇස් අපෙ මිදුල ට යොමු වෙන්නේ ඉබේම වගේ "ඔයා ඉතින් නිකං ගෙදර ඉන්න නිසා මල් වවන්න පුළුවන් " ගොඩක් අය එහෙම කිව්ව ..එත් මම නිකරුණේ ,කාලෙ නාස්ති කරපු කෙනෙක් නෙවෙයි .හැම වේලාවක ම මොකක් හරි වැඩ ක් තිබුණා .ඒ උනාට සල්ලි කීයක් වත් මම ළඟ තිබුණේ නෑ .අක්කාගෙ පුතා ගෙ උපන් දිනය දවසෙ මට ගොඩක් දුක හිතුනා .අඩුම තරමින් සෙරෙප්පු දෙකක් අරගෙන දෙන්න තරමින් වත් සල්ලි මම ළඟ තිබුණේ නෑ .එදා ත් වෙනදා වගේම ගත උනා.කිසිම විශේෂ දෙයක් උනේ නෑ .පොඩි එකා ගැන මට ගොඩක් දුකයි. ඒ වගේ විශේෂයෙන් සමරන්න ඕන දවස් නිකම් ම ගෙවිලා ගියා . මගෙ යාලුවො t
rip යනවා ,ලස්සන ඇඳුම් අඳිනවා.සමහර අය කසාද බැන්දලා ,සමහර අය ට දරුවොත් ඉන්නව . "ඔය ළමයාට නිකම් ගෙදර ට වෙලා ඉඳලා එපා වෙන්නේ නැද්ද අනේ " ගොඩක් අය එහෙම ඇහුව . "මම නම් දැන් මොනවාත් කියන්නේ නෑනේ .මට කියල කියලා ඇති වෙලා තමන්ට ම දවසක හිතෙයිනේ මම ගත කරන මෙ ජිවිතේ තේරුම මොකක් ද කියලා " අම්මා හැමෝටම එහෙම කිව්ව .. "ඔන්න ඔහේ ඕනෑ එකක් කියා ගත්තාවේ" මම හැමදාම එහෙම හිතලා හිත හදා ගත්ත .ඔය කියන අය කවුරුත් දන්නේ නෑනේ මට දියුණු වෙන්න කොයිතරම් උවමනාවක් තියෙනවා ද කියලා .කවුරු මොනවා කිව්ව ත් මම හිටියේ හරිම සතුටින් . අපේ ගෙදර කාමර දෙකයි සාලෙයි කුස්සිය යි තිබුණේ .එක කාමරෙක අම්මා යි තාත්තායි අනිත් කාමරේ අක්කා ලා දෙන්නයි මමයි හිටියේ .අක්කා ලා දෙන්න කසාද බැදල ගියා. කාමරේ තනි අයිතිය මට දැන් .මගෙ කාමරේ ලස්සනට පිලිවෙලට තිබුණ කොතනවත් කුණු දූවිලි තිබුණේ නෑ. බිත්ති පුරාම තිබුණේ ලස්සන ගෙවල් වල පින්තූර .පාට පාට car වල පින්තූර. ලස්සනට මල් වවපූ ලොකු ගෙවල් .පොඩි ගෙවල් ,තට්ටු දෙකේ ගෙවල් ,මිදුලේ කාර් එකක් තිබුණ සමහර ගෙවල් වල.ඒ විතරක් නෙවෙයි ගෙවල් ඇත්ලේ ලස්සන කාමර වල පින්තූර ත් බිත්තියේ තිබුණා. ගොඩක් දවස් වල මම නිදා ගත්තේ ඒ සුවපහසු ඇඳන්වල.ජීවත් වුණේ ඒ ලස්සන ගෙවල් වල. ගමන් බිමන් ගියේ ඒ කාර් වල . ඔහොම දවස් ගෙවිලා ගියා . *************************************** ගමේ කට්ටිය trip එකක් යනවාලු.ආරන්චිය අරගෙන ආවේ ලොකු අම්මා .මට ඉතින් මොන trip ද අතේ සතේ නැතිව. අපේ ලොකු අම්මාත් trip එක යන නිසා තාත්තා මටත් සල්ලි දුන්නා ලොකු අම්මා එක්ක යන්න.මට ඉතින් ඉහේ මලක් පිපුනා වගේ .town එකට ,අම්මා එක්ක අක්කාගේ ගෙවල් වල ගියා මිසක් වෙන කොහෙවත් ගියපු කාලයක් වත් මතක තිබුණේ නෑ . ඉතින් ගමන යද්දී කට්ටිය සින්දු කියනවා අත්පුඩි ගහනවා .එත් මට නම් ඕනෑ උනේ නෑ සින්දු කියන්න.අත්පුඩි ගහන්න.මට ඕනෑ උනේ ජනෙලේන් වට පිට බලාගෙන යන්න සින්දු නම් ඉතින් ගෙදර ඉදන් උනත් කියන්න බැරියැ.ඒ වගේ ද මග දිගට තියෙන ලස්සන ගෙවල් ,ලස්සන මිදුල්,ලස්සන ම ලස්සන මල් ගස්,ලස්සන වට පිටාව. ඉතින් දවල්ට කෑම කන්න ටිකක් ඉඩ තියෙන තැනක බස් එක් නැවැත්තුවා. සමහර අය බස් එකෙන් බැහැලා කෑම කෑවා.සමහර අය බස් එක ඇතුළේ කෑම කෑවා කෑම කාලා ඉවර වෙලා බස් එකෙන් බැහැලා වට පිට බලද්දී දැක්ක දේ නිසා මට දැනුන සතුට විස්තර කරන්න තාමත් මට වචන නෑ .ඒ තරම් ම ඒ දේ මගේ ජීවීතේම වෙනස් කලා.එතන තිබුණේ ලස්සන ගෙදරක්.ඒක නිකම් ම නිකං ගෙදර ක් නෙවෙයි .ඒ ගෙදර මිදුල පුරාවටම තිබුණේ මල් පෝච්චි,මල් පැළ එතන දැන්වීමක් ගහලා තිබුණා විසිතුරු මල් විකිණීමට කියලා මට ඉවසිල්ලක් නැති වුණා ඒ තැනට යනකන්.ලොකු අම්මා ත් ඇදගෙන එතනට ගියාම තමයි දැක්කේ එතන මල් වර්ග විතරක් නෙවෙයි එළවළු පැළ ,මිරිස් පැළ තවත් බෝග වර්ග වල පැළ ගොඩක් තිබුණා .වාහන වල යන එන ගොඩක් අය එතන නවත්තලා මල් වර්ග පැළ වර්ග ගන්නවා .අපිත් එක්ක ගියපු අයත් පැළ ගත්ත . "ඔන්න සුදු කරනවා නම් වැඩේ" ලොකු අම්මා එහෙම කිව්වේ මගෙ හිත කියවල වගේ. "මගෙන් කොච්චර අය මල් පැළ,අතු ඉල්ලා ගෙන යනවාද ලොකු අම්මේ.වාහන නවත්තලා ත් ඉල්ලා ගෙන ගිහින් තියෙනවා අනන්තවත්.මට මෙහෙ දෙයක් කල්පනා වුනේ නෑනේ කවදාවත් " "නෙවෙන්නන්" "තේ කඩ දාන්නයි,ඇඳුම් මහන්නයි,කෑම වර්ග හදලා විකුණන්න යි හිතුව මිසක මේ වගේ දෙයක් කවදාවත් හිතුවෙ නෑනේ ඉතින් .බැරි දේවල් ම කරන්න උත්සාහ කලා මිසක තමන්ට පිහිටලා තියෙන දේ දියුණු කරගන්න හිතුවෙ නෑනේ .ඔය අත් ගුනේ තමයි තමුන්ට දියුණු වෙන්න තියෙන ලොකු ම තෑග්ග.සුදු ගේ අත් ගුණේ ගැන කියන්න වෙන උපහැරණ අයේ ඔනේ නෑ ඉතින් මිදුල දිහා බැලුවා ම" ********************** ඉතින් එතනින් එහාට මට ආයේ trip එකක් තිබුණේ නෑ .මග දිග ට තියෙන ලස්සන ගෙවල් ,ලස්සන මිදුල් මම දැක්කේ නෑ.මම දැක්කේ අපේ ගෙදර මිදුල මල් වර්ග විකුණන්න තියලා තියෙන හැටි. මගේ මල් පැළ ගන්න එන අයගෙන් මිදුල පිරිලා තියෙන හැටි . මම trip එක ගිහින් ආපු පහු වෙනිදාම වැඩ පටන් ගත්තා . ඉස්කෝලේ කෘෂි කර්මය උගන්වන ගුරුතුමිය මට ගොඩක් උදව් කළා.පැළ හිටවන හැටි ,අතු පැළ කරන හැටි හැම දෙයක්ම මම ඉගෙන ගත්ත තව අවුරුදු තුනක්ම ගෙවිලා ගියා .දැන් අපේ ගෙදරත් මගේ කාමරේ බිත්තියේ තිබුණ පින්තූරෙක වගේමයි .මිදුලේ සුදු පාට කාර් එකකුත් තියෙනවා .අපේ පරණ ගෙදර ත් ඒ විදියට ම තියෙනවා. ඉතින් අද ලස්සන දවසක්.හැම දවසක් ම පටන් ගද්දී එහෙම හිතන්න.අනික්කම්මා සහ පොළොස් වෑංජනය.... බොහෝම කාලයකට කළින් මහ ගෙදර අනික්කම්මා අතින් පිසෙන පොලොස් මාළුව අපූරු රස මතක ගොන්නකි... දික් නැට්ට පැණි වරකාව පුහු කොස් ගහ බවුන්ඩරේ කොස් ගහ කඩේ ගහ වශයෙන් නම් දැරූ කොස් ගස් ගණනාවක් මහ ගෙදර ඉඩමේ තිබුණි ඒවා එකක් ගානේම අනික්කම්මා දන්නීය.. "දික් නැට්ටේ කොස් කූරු ගාන්න පංකාදුයි ඒකෙ පොලොස් දිය රහයි" "දානෙට නම් හොදම පැණි වරකාවෙ පොළොස්" "කඩේ කොස් ගහේ කොස් හොදම කිරි කොස් වලට" මේ එකළ අනික්කම්මාගේ කොස් පොලොස් කතාය... ගර්භණී මවකට අනික්කම්මා අතින් සෑදෙන බත් මුලෙහි අනිවාර්‍ය්යෙන්ම පොළොස් වෑංජනයකි... තවන ලද කෙසෙල් කොළය මතට සුදුම සුදු කැකුළු සහලේ බතය... රතට හුරු පොළොස් වෑංජනයකි... රත් කහ පැහැයට හුරු පරිප්පු වෑංජනයකි... තද කොළ පාටින් සිපිරි(ජපන් බටු) මැල්ලුමකි... සුදුළූණු යහමින් දැමු තෙල් බේරෙන් හාල්මැස්සන් හොද්දකි... තැම්බූ බිත්තරයකි.. අහල පහළක ගර්භණී මාතාවක සිටී නම් අනික්කම්මාගේ බත් මුලක් නොවරදී.. ඒ සමගම තවන ලද කෙසෙල් කොළයක කුඩා මා වෙනුවෙන්ද අනික්කම්මා අතින් බත් පාර්සලයක් එතෙ.. අදද මහ ගෙදර මතක සමග පොළොස් වෑංජනයේ සුවදට අනික්කම්මාගේ සුවද මුසුව හිතට දැනේ... ඒ සුවදත් අපූරුය... සිත සනසන සුළුය.. සිත නළවන සුළුය.. අනික්කම්මා දාන මානාදියට පිසින පොලොස් වෑංජනය ඇයටම හුරු වෙනම කලාවකි.. හොදම ගසකින් පොලොසක් කඩාගෙන එක අනික්කම්මා.. මිරිස් කරල් ලුණු කැට දමා මිරිස් ගලෙහි අඹරයි.. ඉගුරු..සුදුළූණු..ගම්මිරිස්..බදින ළද කැකුළු සහල් මිටක් සහ පොල් මිටක්...එනසාල්...කුරුදු..කරාබුනැටි.. සඅදික්කා ස්වල්පයක් මිරිස් ගලෙහිම අඹරයි.. මිරිස් ගුලියත්..තුන පහ ගුලියත් කොලපතකින් වසා මිරිස් ගල මතම තිබෙන්නට හැර තරමක් විශාල මැටි ඇතිළියකට ඉවසමෙන් මන්නා පිහිය පයට තදකරගෙන බිම වාඩි වී පොළොස් කපා අහුරයි.. පොල් ගෙඩි දෙකක පමණ මිටි කිරි දිය කිරි වෙනම ගන්නා අනික්කම්මා පළමුව මිරිස් තුනපහ කුඩු කබලේ බැද පොළොස් කැබළි වලට දමා අතගායි මිරිස් ගලෙහි ඇඹරූ ගුලි දෙක දිය කිරි වලට කවලම් කරන අනික්කම්මා රම්පෙ කරපිංචා සහ අමුමිරිස් රතුළූණු යහමින් එකතු කර සුවද හමන පොලොස් වෑංජනය දර ලිපෙහි තබයි.. ගොජ ගොජ අනුකරණයෙන් පොළොස් වෑංජනය ඉදීහෙන එන නිමේශයේ මිටි කිරි එයට එකතු කරන අනික්කම්මා ලිපෙහි ගින්දර මදක් අඩු කර හෙමින් හෙමින් පොලොස් වෑංජනය ඉදවයි.. ඒ සුවද මහගෙදර කුස්සියෙන් එළියට විත් මිදුලටද පැමිණේ.. අවසන රසම රස පොළොස් වෑංජනය බුද්ධ ප්‍රමුඛ මහ සංඝරත්නය උදේසා පන්සලේය... අනික්කම්මා සැබැවිනම පිංවතියකි.. දානා මානාදිය දෙන්නේ හදවතින්මය... කිසිවෙකුට වෛර නොකළ ඈ අපි වෙනුවෙන් රස මසවුළු හද හදා ජීවිතය ගෙව්වාය.. පොලොස් වෑංජනය සමග බැදුණු හඩා වැටෙන මතකයක්ද තිබේ අද්‍යාපන කටයුතු වලට මා කාර්‍යබහුල වූ දිනවල අනික්කම්මා සංසාර චාරිකාවේ මේ භවය නිමා කරන්නට දෙවසරකට පමණ පෙර සිදුවීමකි.. අනික්කම්මා මා එතැයි සිතා ඇය පිසූ රසම රස පොළොස් වෑංජනයෙන් කොටසක් වෙන කුඩා ඇතිලියකට දමා බලා සිට ඇත.. උදේ දහවල් සවස කොයි වෙලේ හෝ මහ ගෙදර පාර දිගේ මා එතැයි කර උස් කර බලා සිට ඇත.. මා මහ ගෙදරට ගොඩ වන විට අනික්ක්මාගේ තුනී කදුලු පටළයක් පිරි දෑස් සිනාසේ...මුවින් සිනහව පනින්නේ ඉන් පසුවය.. ප්‍රමාද වී මා මහ ගෙදරට ගොඩවැදුණු විට පොළොස් වෑංජනය පිළුණු වී හමාරය අනික්ක්ක්ම්මා එදින දුක් වූයේ මට පොළොස් වෑංජනය කෑමට නොහැකි වූ නිසාම පමණි. එකී සිදුවීම සිහිවන වාරයක් පාසා මට අනික්ක්ම්මාගේ අව්‍යාජ ආදරය සිහිවේ...එය අහිමි වීමේ අප්‍රමාණ දුක ඇති වේ... මගේ ආදරවන්තිය... පොළොස් වෑංජනය මෙන්ම රසට ජීවිතය වින්දාය.. ඇය සරසවියකි... කදුළකි.. පිරිතකි... බණ පදයකි... ඕම්කාරයකි... කවියකි... කවදහරි ඉස්කෝලේ හාමිනේ කෙනෙක් වෙයං මයෙ අම්මා.... නිතර මිමිණුවාය.. සියල්ලට පෙර නික්ම ගියාය... සංසාරයේ කොතැනකදී හෝ නිවන් දක්නට පෙර යළි එකදු වතාවක් යළිත් මට ඇය මුණගැසේවා .... නුදුරු භවයක නිවනින්ම නිවේවා... නිසංසලා තිලකරත්න#වැල්... මහප්පලාගේ වත්තේ තිබූ කොස් ගහේ ගෙඩි ඉදුණාම කීවේ වැල කියලා ය............... ගහෙන් බාගත් වැලයක් ගහ පල්ලේම එරවාගෙන ගිලින අපිට අමුර්තයේ රස වැටහුණේ ඒ වැල මදුලෙනි..... වැල ඉදෙන කාලයට මහප්පලාගේ ගෙදරට වැල නොකැඩී සෙනග පිරුණේ ඒ ප්‍රණීත රසයෙන් මත් වීමටය...... ඇත්තටම එහෙමය.... ජීවිතයේ මෙතෙක් ඇසින් දුටු, කටින් කෑ රසම වැලය කෑවේ ඒ වැල ගසෙනි........ "වැල" යන්නේ බහු වචනය වැල් ය.... නමුත් වැල ගෙඩියට වැලයක් කීවාට ගෙඩි දෙහෙකට වැල් කීමට නොහැකිය...................... මහප්පා කලේ වඩු වැඩය...... සීරුවට,ඔපයට කල ලියවැල් කැටයමෙන් මහප්පා අභිබවා යාමට ජගතෙක් අදටත් මා දැක නැත...... අන්තිමට අපූරුවට පලදාව දුන් වැල ගසද කපා කවිච්චි පුටු හදා විකිණුවේත් මහප්පා ය...... මහප්පාගේ වඩු ගෙදරටත් කණ කොකා ඇඩුවේ උන්දෑ බෙල්ලේ වැලලාගත් දවසේ ඉදලා ය...... .................................................................... මී ඔයේ වැල් පාලමෙන් එපිට තිබූ පුවක් ගහ කොරටුව අපේ ය... කන්න දෙකම හරි හරියට පූදින්නට වැපුරුවේ අප්පච්චි ය.......... නියර වටේට එතුන ගාල්මරුව වැල් සීරුවට ලියැද්දට කපාගෙන අප්පච්චි ගහන හී වැල් දැත්ත දිහෑ බලන් ඉන්නට තරම් ආසා ය..... දෙකන්සෙන් පෙරෙන දාඩිය වැල් අතරින් අප්පච්චී, වේල්ලේ නටන දණ්ඩින් හා සෙල්ලම් කරන මා දෙස බලා සිනා සිනාසෙන මතකය අදටත් සොදුරු සිත්තමක් වී ඇත...... වෙලේ වැඩ
අහවර වී ගෙදර එන අප්පච්චි මහ වේල්ලෙන් අල්ලාගත් කොරලි වැලක් එල්ලාගෙන එනවා දකින අක්කණ්ඩිත් මමත් ප්‍රීතියෙන් ඉපිලෙන්නේ ය....... අර වැල් මේ වැල් කල වැල්, වේ වැල් , මදු වැල් මට හදුනා ගන්නට ඉගැන්වූයේ අප්පච්චී ය............. කටුමැටි කුස්සියේ වහලෙට හෙවිල්ලපු පොල් අතුවල සිදුරුවලින් රිංගා ගොම අතුල්ලපු පොලොවට වැටෙන එලියේ බමළු වැල් කතාව මට කියා දුන්නේ අම්මා ය......... ....................................................................... වැල් යන්නට සමාන පදය "ලතා" ලෙස උගත්තද එම පද දෙකේ කිසිම සමානකමක් ඒ කාලයේ මට දැනුණේ නැත...... එහි සමානතාවය මා උගත්තේ ධර්මේ මාමලාගේ පිලිකන්නේ ජනේලය ලගදී ය...... අපේ ගස් වල දෙහි වරාපු කාලයට උවද ධර්මෙ මාමලාගේ ගස්වල දෙහි වැරුවේ නැත...... දිනක් අම්මාගේ අණකට කීකරුව කොච්චි සම්බෝලයට දෙහි ගැටයක් කඩාගෙන ඒමට ධර්මෙ මාමලාගේ ඉඩමට ගිය අල්ල පනල්ලේ ගේ ඇතුලින් නැගුනු ලතා නැන්දාගේ විලාපය කුමක්දැයි බැලීමට පිලිකන්නේ ජනේලයෙන් ඔලුව එබුවේ මා ය......... මා දුටු සයිමන් මාමා දිව්වේ එලිපත්තේ ගැටගසා තිබූ රෙදි වැලත් කඩාගෙනය........... ධර්මෙ මාමා කොරටුවේ බතල වැල් සාත්තු කරන අතරේ තහනම් ගහට වැල් හිණිමං බැද තිබුනේ සයිමන් මාමා ය.......... මහවැවේ දියවැල් අතරේ "ජබුක්" ගහමින් නාන දවසක මා දුටුවේ කොණ්ඩ ගෙඩිය කඩා කියඹු වැල් ඔහේ හුලගට පා කරමින් දිය රෙද්ද ඇග දවටනා ලතා නැන්දා ය....... එනමුත්, අල බහින කාලයට වැල මැරෙන බව මා හොදින් දන්නේ ය....... උගුරු ගැටය මතුවෙච්ච කාලයේ සිට මේ දක්වා ඇසින් දුටු වැල් ප්‍රමාණය හිසේ කෙස් ගානටත් වඩා වැඩි උවද, සැබෑ ජීවිතයේ සජීවීව දුටු එකම වැල් ජවනිකාව පෙන්නූවාට ලතා නැන්දාටත්, සයිමන් මාමාටත් මාගේ හදපිරි භක්තිය අදටත් පුදකර සිටින්නේ ය..... ....................................................................... එහෙව් වැල් වල මතක වැල් අතරින් කාලය නැමති දම්වැල් පුරුක් එකිනෙක ගිලිහී අවසානය......... වැල කෑ උන්ටත්, වැල බෑ උන්ටත් නොකෑ උන්ටත් නොබෑ උන්ටත් බදු වැල් දැන් අහස උසට එකසේ ලියලා ඇත........... "මරුවැල් පෑගුණ උන්ට වෙනිවැල් තම්බා දීමෙන් පලක් නැත" මන්ද යත්...... අද වන විට, මෙය සටහන් තැබූ මටත්, කියවන ඔබටත් වැලේ වැල් නැති වී හමාර ය......... .................ජනිදු..............‘මෙහෙ ජීවිතේ හොඳඳ?’ සුපුරුදු හිනාවෙන් අහන තුලන දිහා සහනි ආයෙමත් වතාවක් බැලුවා. තමන් ඉදිරියෙ ඉඳගෙන හිනාවෙවී ඉන්නෙ තමන් ජීවිතේ එක කාලෙක තමන්ගේ අත්ල තරම්ම තමන්ට හුරුපුරුදු මනුස්සයා නේද කියලා හිතද්දි සහනිගේ හිතට සියුම් දුකක් දැනුනා. සහනිගෙ හිතිවිලි තේරැනා වගේ තුලන හෙමින් ඔහුගෙ ඇස් අතේ තිබ්බ රතුපාට කෝපි කෝප්පෙ දිහාට හරවගත්තා. ‘මෙහෙ හොඳ නරක ඔයා දන්නවනෙ. ටෙක්සාස් කොහොමද?’ සහනි මුහුනට හිනාවක් අරගෙන ඇහුවා. සති කීපෙකට කලින් ‘මම ඔය දිහාවට එනවා, අපි මුනගැහෙමුද?’ කියන පනිවිඩය සහනිගෙ මැසෙන්ජර් ගිනුමට එවන්න කලින්, තුලනගෙයි සහනිගෙයි තිබ්බෙ මුහුණුපොතේ දකින දේකට ලයික් එකක් දාන මට්ටමේ ඇඳුනුම්කමක්. දික්කසාදය කියන්නෙ හතුරුකමක්ම නොවන නිසා තුලනව මුහුනුපොතින් ඉවත් කරන්න සහනිට හිත් දුන්නෑ. ඒත් හමුවෙමුද ඇහුවම ඒකට උත්තරේ සහනිට හිතාගන්න බැරි උනා. පහුගිය අවුරුදු තුනේම කතා නොකර හිටි දෙන්නෙක්, ආයෙ හමුවුනාම මොනව කතා කරන්නද? හිතාගන්න බැරි නිසාම සහනි ඇයත් එක්ක අපාට්මන්ට් එක බෙදාගන්න දානිගෙන් ඇහුවා. ‘ඔයාට එයාව දකින එක දුකක් වෙයිද?’ වයසට වඩා මුහුකුරා ගිය, බුද්ධිමත් චීන කෙල්ලෙක් උන දානි ඇහුවා. ‘හිතේ දුකක් හරි පසුතැවීමක් හරි නැතුව, නිකන් දන්න කෙනෙක්ගෙ සැපදුක් කතා කරන මට්ටමින් හමුවෙන්න පුලුවන්නම් එයාව මුනගැහෙන්න සෑම්, එහෙම නැත්තන් ඔයා බිසී කියන්න. ඇයි නිකන් ජීවිතේ සංකීර්ණ කරගන්නෙ?’ තමන් ඇත්තටම ඒ මට්ටමට හිත දියුනු කරලා කියලා විස්වාසයක් නැති උනත්, තුලනව දැකීමේ ආසාවක් වගේම, මග අරින්න බැරි කමක් හිතට දැනුන නිසා සහනි ඒ හමුවීමට එකඟ උනා. කැනඩාවෙ ප්‍රසිද්ධම කෝපි කඩෙන් French vanilla එකක් ගත්ත තුලන දිහා බලද්දි සහනිට පොඩි හිනාවක් ගියා. තාමත් ඒ වගේමයි. ඇය හිතන දේ තේරුනා වගේ තුලන ඈ දිහා බලලා හිනාවුනා. ‘මේවා නෑ එහෙ. Starbucks වල මේ රස නෑ දන්නවනෙ’ කැනඩාවට ආපු අලුතමත් තුලන පොඩි ලමයෙක් වගේ නිතර දෙවේලෙ ෆ්‍රෙන්ච් වැනිලා බිව් හැටි සහනිට මතක් උනා. සහනි කවදත් කෝපි රසවත් පැණිරසවත් ප්‍රිය කලේ නැහැ. ඇත්තටම තමං මේ රටේ කැමති මොනවටද කියලා ඈ කල්පනා කලා. රට යන අමාරුව තිබ්බෙ තුලනට. කැම්පස් එකෙන් අවුට් උනා දා ඉඳන් පිස්සුවෙන් වගේ යන රටවල් ගැන හෙව්වෙ, ඒජන්ට්ලා පස්සෙ ගියෙ තුලන. ‘ මෙහෙ ඉඳලා වැඩක් නෑ ලමයො. අපි දෙන්නාට රට ගියානං සැපට ඉන්න තිබ්බා.’ ‘ඔයාගෙ කැමැත්තක්. මටනම් මෙහෙත් හොඳයි.’ සහනි හැමතිස්සෙම උත්තර දුන්නා. අලුත් රටක, අලුතින්ම පටන් ගනිද්දි අලුත් ජෝඩුවට උදව්වට හිටියෙ තුලනගෙ ඉස්කෝලෙ යාලුවා තරංගයි එයාගෙ නෝනා නදීරායි. ඒ ගෙදර යන එන හැම වෙලාවකම සහනි දැක්කෙ නදීරා එක්ක හරි හරියට වැඩ කරන තරංගව. පොඩි දරුවව නිදි කරන එකේ ඉඳන් ඉවිල්ල දක්වා පංගුපේරුවක් නැතුව කරන ජෝඩුව එක්ක බැලුවම තමන් තනිවෙලා කියන හැඟීම සහනිට දැනුනා. එත් තුලන කියන්නෙ වෙනස් වෙන්න අකමැති මිනිහෙක් බවත් සහනි ඒ වෙද්දි තේරුං අරන් තිබ්බෙ. ‘අම්මල හදපු නැති පුතාලව අපිට හදන්න බෑ. නිකන් ගැටෙන්න නොයා උඹට පුලුවන් දේ කරලා අනික් ටිකට අහක බලන් හිටපං’සහනි තුලන ගැන කියන දේවල් අහලා ලොකු අක්කා උපදෙස් දුන්නෙ එහෙම. වැඩ කරනවට අමතරව කොලෙජ් එකකට ගිහින් හවස් වරුවෙ තමන්ගෙ වෘත්තිය සහතික ගන්න මහන්සිවෙන සහනිට ගෙදර ආවම පිඟානක්වත් නොහෝදා සෝපාවෙ ලැගගෙන ටීවි බලන තුලනව දැක්කම හිතට ආවෙ නොරිස්සුමක්. දවසම ගෙදර ඉඳන්ම වැඩ කරලා, පාන්දර උයන කෑමත් කාලා, අඩුම කාපු පිඟානවත් හෝදන්නෙ නැතිව මේ මිනිහා තමන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියලා සහනි කල්පනා කලා. ‘ඔයාලා පොඩි කාලෙ මම හතරහමාරට නැගිටලා, බතුත් උයලා, කෑමත් බැඳලා, ඔයාලවත් ලෑස්ති කරලා, මමත් සාරියක් ඇඳගෙන වැඩටත් ගිහින්, හවස ඇවිල්ලා උයලා ලමයි සෝදලා ඔක්කොමත් කලා. මොකද ඕවා කරන්න බැරිද චූටි දුව?’ සහනිගෙ අම්මා සහනිගෙ කියවිල්ල අහන් ඉදලා එහෙම කිව්වා. ඒත් පොඩි දවස්වල රිදෙන්න කොන්ඩෙ පීර පීර සැර වැර කරන, රෑ වෙනකල් උදේ ඇන්ද සාරි හැට්ටෙයි යට සායයි පිටිං ගේ අස් කරන, ජීවිතේ එපා උන තාලෙ ගෑනියෙක් උන අම්මා වගේ තමන්ටත් ජීවත් වෙන්න ඕනද කියලා සහනි කල්පනා කලා. ආරවුල් දුරදිග ගිය දවසක ‘තමුසෙ මහ කරුමයක් ඕයි’ කියපු තුලන, සහනිගෙ ඉවසීමේ පවුරු කඩලම දැම්මා. ‘මේ මල මූසල රටට මාව ගෙනල්ලා තමුසෙ මාව වැඩකාරියෙක් වගේ තියං ඉද්දි, කරුමෙ ගෙවන්නෙ තමුසෙද ඕයි? තමුසෙව මන් දවසක පෙති ගහලා ම ර න් නෙ, දැනගනිං බූ රැ වා!’ පොඩ්ඩක් කියවගෙන ආවම සද්දයක් දාලා මෙල්ල කරන්න පුරුදු කරං හිටි තමන්ගෙ ගෑනිව ගිලලා, කාලි අවතාරයක් වගේ වෙව්ල වෙව්ල ඉන්න මේ ගෑ නි කව්ද වගේ පුදුමයකින් තුලන සහනි දිහා බැලුවා. තනි නිදනකාමරේ අපාර්ට්මන්ට් එකේ සොපාවෙම නිදාගත්ත තුලන පහුවෙනිදා හවස සහනිට කතා කලා. ‘ඔයාට මාව පේන්න බෑ බබා. මට ඒක දැන් කාලෙක ඉඳන් තේරෙනවා. මම ඇමරිකාවෙ බ්‍රාන්ච් එකට මාරුවක් ඉල්ලුවා. මම ටික කාලෙකට එහෙට වෙලා ඉන්නං.’ තුලන ප්‍රවේසමට කිව්වා. ‘යන තැනක මට දික්කසාදෙ දීලා යන්න. ආයි පවුල් කන්න මට ඕනි නැහැ.’ සහනි කිව්වෙ ඉතාම සංසුන්ව. ‘මගෙයි වරද. මම කසාද බැන්දෙ කොල්ලෙක්. මන් හිතුවා කොල්ලා මාව බැන්දම මිනිහෙක් වෙයි කියලා. ඒත් එහෙම උනේ නෑ. ඔයා එක දසමයක් වත් වෙනස් වෙන්න කැමති උනෙත් නෑ. අවසාන වෙලාවෙත් ඔයා හදන්නෙ ප්‍රස්නෙ පැත්තක තියලා ඈතට යන්න මිසක් ඒකට විසදුම් හොයන්න නෙමෙයි. එහෙව් එකේ මේ කසාදෙ පලක් නෑ තුලන. ඒක ඔයාටත් තේරෙන්නොනි.’ ‘ඔයාගෙ කැමැත්තක්.’ තුලන ආයෙත් සහනිගෙ පැත්තටම බෝලෙ පාස් කරලා නිහඬ උනා. ‘මම ලබන මාසෙ නිවාඩුවකට ලංකාවට යනවා. අපෙ මල්ලි බඳිනවා.’ අවුරුදු තුනකට පස්සෙ හමුවුන තුලන කිව්ව. ‘මම ලංකාවට යන්නෑ.’ සහනි උත්තර දුන්නා. ‘අම්මලා තාම ඩිවෝස් එක ගැන කතා කරනවද?’ ‘හ්ම්. මන් හිතන්නෑ අම්මල ඒක අමතක කරයි කියලා.’ ‘ගහමරාගෙන පවුල් කනවට වඩා ඔයත් සතුටින් ඇති, මමත් සතුටින් ඇති කියලා මම හිතනවා සහනි. මම ඒ කාලෙ හැසිරුන විදිය වැරදි බව මම දැන් දන්නවා. ඒත් මම පරිනත වෙනකල් ඔයාට ඉවසන් ඉන්න කියන එකත් ඔයාට කරන අසාදාරණයක් කියන එක දැන් මම දන්නවා. ඒ නිසා අම්මලා අසාදාරන වෙන එකට ඔයා හිත් රිදෝගන්න එපා.’ තුලනගෙ වචන එක්ක සහනිට දැනුනෙ සැහැල්ලුවක්. ‘ආයෙ මේ පැත්තෙ ආවම කියන්න.’ සහනි කිව්වෙ ලොකු ෆ්‍රෙන්ච් වැනිලා මික්ස් එකක් තුලනගෙ අතට දෙන ගමන්. ‘මම ආදරේ කරන, මටත් ආදරේ කරන මනුස්සයෙක් මේ බොඩරෙන් මෙහා පැත්තෙ ඉන්නවා කියලා හිතන එක, මට වෛර කරන ගෑනියෙක් එක්ක එක ගෙදරක ඉන්නවට වඩා සැපක් කියලා මට හිතෙනවා සහනි. මන් හිතන්නෙ කවදත් වගේ ඔයාට ඒක තේරුනේ මට ඒක තේරුම් යන්න ගොඩ කාලෙකට කලින්’. කවදාවත් නැති විදියට හැඟීම්බරව කියපු තුලනව සහනි බදාගත්තෙ ඇත්තටම ආදරෙන්, උනුසුම් හැඟීමකින්.රිය අනතුර (කෙටි කතාවකි) ඒ සුප්‍රකට, නිවැරදි සිංහල වචනය අනුව නම් කුප්‍රකට මිනිසා රිය අනතුරකින් මිය ගියේ මැදියම් රැයේ වුවද, ආරංචිය රට පුරා පැතිර ගියේ අසුරු සැණිනි. සතුරෝද සාප කරන්නෝද බොහෝ වූ ඔහු, යම් කුමන්ත්‍රණයකින් මිය ගියා යැයි සිතන්නට කරුණු තිබුණේ නම් ආරංචියට තවත් රස එක්වනු ඇති වුවද, රාත්‍රි දහයෙන් පසු බසයක් පවා නොයන පාළු, කැළෑ පාරක, පස් කණ්ඩියක වැදී ඔහුගේ සුඛෝපභෝගී රිය කුඩු පට්ටම් වී තිබුණු බැවින් රියදුරාට නින්ද යන්නට ඇති හෝ අධික වේගය පාලනය කරගන්නට බැරි වන්නට ඇති යන සුලභ උපකල්පන ඉදිරිපත් කර සැනසෙන්නට මහජනයාට සිදුවිය. ඔහු එම ස්ථානයේදීම හා රියදුරා රෝහල්ගත කළ පසු මිය ගොස් තිබූ අතර පුද්ගලික ආරක්ෂකයා තුවාල ලබා රෝහල් ගත කර තිබිණි. පරිවාර රිය නොමැතිව ඔහු වන් කෙනෙකු එවැනි ගමනක් යාම පිටපස යම් සාරාගී රහසක් ඇති බව ඇදහූවෝ බොහෝ
වූහ. “නැත්නං ස්කොඩ් එකත් නැතුව ඔය පට්ට රෑ ඔය කැළෑ මැද්දෙ යන්න අනේ අපිට සේවය කරන්නයැ” ‘ඔව් අර ............. අමාත්‍යං‌ශෙ කරන කාලෙත් පුලුවන් තරං හොර ගෑණු ටිකටම රස්සා දුන්න කියන්නේ” ----------- “ඩ්‍රයිවර්ට නින්ද ගිහින් වෙන්න ඇති නේද?” “මොන. ඒ මිනිහා මේ යකා එක්ක අවුරුදු විසි ගාණක්ලු. දවස් දෙක එක දිගට එළවන්න පුලුවන් එකෙක්ලු නිදිමත බිංදුවක් එන්නෙ නැතුව” “කොහොම හරි තප්පරයක් ඇහැ පියවුණාම ඇතිනෙ” -------- ධනංජය අනෙකුත් නිලධාරීන් පිරිස සමඟ පරීක්ෂණය සඳහා යන විට පවා හරිහැටි ඉර එළිය වැටී තිබුණේ නැත. පාරේ කොණක පස් කණ්ඩියකට මුහුණ ඔබාගත් අවුට්ලෑන්ඩර් රිය පපඩමක් මෙන් පොඩි වී තිබේ. බැලූ බැල්මටද කිසිදු සැකයක් සිතන්නට කරුණු නැත. අනතුරට විනාඩි කිහිපයකට පෙර රිය අධික වේගයෙන් එනු අසල නගරයේ රෑ කඩ හිමියාද දැක තිබේ. ධනංජය වටේ රැස්ව සිටි ගම් වැසියන් දෙස බැලුවේය. “මේ කට්ටිය තමයි සර් ලෙඩ්ඩු ඉස්පිරිතාලෙ ගෙනිච්චෙ”. එක් අයෙකු පෙන්වූයේ තරුණයන් කිහිප දෙනෙකි. “ඩ්‍රයිවර්ට සිහිය තිබුණා සර්. ගහේ වැදෙනවට කැපුවා, එතකොටම කණ්ඩියේ වැදුණා, ගහ වාහනේ උඩට කඩා වැටුණා කිව්ව. අපි එක්ක කතා කර කර හිටියේ. අපි අලවංගු ගෙනත් අමාරුවෙන් මිනිහව එළියට ඇදලා ගත්තේ. ඇතුළේ ඩැමේජ් තියෙන්න ඇති සර්. ඉස්පිරිතාලෙ ගෙනිච්චම නැති වුණාලු. අර සර් නම් අපි එනකොටත් නැතිවෙලා” වැඩි හානියක් නොවී සිටි රියදුරා මියයන්නට ඇත්තේ හදිසි අනතුරකදී ක්‍රියාකළ යුතු ආකාරය නොදන්නා ගම්වැසියන් එළියට ඇදීම නිසා වන්නට ඇති බව ධනංජය සිතුවත් ඔහු කිසිත් කිව්වේ නැත. “මොන ගහද?” අසල ඝණ කැළයක් ඇතත් වාහනය හැපී ඇති ආසන්නයේ පවා ගහක් නොමැත. “අසිහියෙන් ඉන්න ඇති සර්. නැත්තං මිනිහට නින්ද යන්න ඇති” ධනංජය කතාව නැවැත්වූයේ තවත් නිලධාරියෙකු අසලට එනු දැකීමෙනි. “සර් වාහනේ වහළෙ පොඩ්ඩක් බලන්න” රියේ වහලය බෙහෙවින් තැලී ඇත. කණ්ඩියේ වැදීම නිසා වාහනයේ ඉදිරිපස හා පැත්තක් හානි වීමට හැකි වුවද වහලයට අනතුරක් වන කිසි දෙයක් අසලක හෝ නොමැත. “මේ බලන්න සර් දිගටම එක දිගට ලොකු ලයින් එකක් තියෙනවා. පේන්ට් එකත් හීරිලා. රවුමට තැලිල තියෙන්නෙ” වාහනය අවට කිසිදු සැක කටයුතු යමක් නොමැත. වෙනත් කිසිදු වාහනයක් පැමිණ නැති බවද තහවුරු කරගෙන අවසන්ය. “මේ සයිස් යකඩ පොල්ලකින් වහලෙට ගහල වගේ” නිලධාරියා කීවේ දෑත අඩියක් පමණ දෙපසට විහිදමිනි. “ඒ සයිස් යකඩයක් උස්සන්න නං ඉතිං දෙපැත්තේ ක්‍රේන් දෙකක් නැතිව බැරි වෙයි” මිනිස් පා සටහනක් පවා නොමැති තැන එවැනි දෙයක් සිදු නොවූ බවට සාක්ෂි සෙවිය යුතු නොවේ. නමුත් රිය අසල රතු පැහැ පස් බොහෝ ඇති බව ධනංජයට පෙනිණි. “මොකද මල්ලි මෙච්චර පස්?” “කට්ටිය ඇවිත් බැලුවනේ සර්, මඩ වෙන්න ඇති” නමුත් ඒ පාර ආසන්නයේ ඇති දුහුවිලි මිශ්‍ර වැලි පස නොවන බව බැලූ බැල්මට පෙනේ. ධනංජය මඳක් වටේ ඇවිද්දේ මඟ හැරුණු යම් දෙයක් ඇති දැයි සිතමිණි. “සර්, මං දැක්කා අර ගහ තියෙනවා පාර මැද්දේ’ ධනංජය හැරී බැලුවේ දිරාපත් මහල්ලා දෙසය. ඔහු කැළයේ, පාරට ආසන්නව ඇති රූස්ස ගහක් දෙසට අත දිගු කරගෙන සිටියි. “වාහනේ පිඹ ගෙන එද්දි ගහ තිබ්බේ පාර මැද, කපපු පාර කණ්ඩියේ වැදුණා, ගහ වැටුණා උඩට” “කෝ ඉතිං ගහ?” “ගහ ආපහු ඇවිදගෙන ගියා” අනිත් නිලධාරියා ඇහි බැම උස් කර, කට ඇද කර “පිස්සු මරගාතයක්” වැනි ව්‍යංගයක් දක්වා ඉවත ගියේය. “ඊයෙ රෑ ගස් ටික කලබල බව තේරිලා මං ඇහැ ඇරන් හිටියේ. එක පාර මේ පැත්තෙන් කතාව වැඩි උනා” ඔහු අත දිගු කළේ වාහනය පැමිණි දිශාවටය. “ගස් කතා කරනවද ලොකු උන්නැහේ?” ධනංජය ඇසුවේ මිනිසා කතා කරවන්නටය. “කතා කරනවද අහන්නේ? කොච්චර කතා කරනවද? ඇයි මහත්තයා දැකලා නැද්ද කාලෙකින් වහින වෙලාවට ගස් හිනා වෙවී කතා කරන හැටි” ධනංජය හැරී මේ උමතු මිනිසා දෙස හරි හැටි බැලුවේ එවිටය. මහා කාලයකට පසු වැස්සක් වැටෙන විට, තමන් ඉස්තෝප්පුවට කැඳවා, “බලන්න චුට්ටි පුතා, ගස් හිනා වෙන ලස්සන” තම අත්තම්මා කියනු ඔහුට සිහිවූයේ එක්වරමය. ඇයද ගස් වැල් මතු නොව ගෙදරට ඇදෙන නාගයින් සමඟ පවා කතා කළ කෙනෙකි. “පුංචි මාමේ එන්ඩකො ඔය සර්ලට වැඩේ කරන්න දීලා” සෙනඟ අතරින් මතු වූ යුවතිය ලැජ්ජාශීලිව අවුත් වහා ඔහුව පසෙකට රැගෙන ගියේ සමාව ඉල්ලන සුළු බැල්මක් ධනංජය වෙත හෙලමිණි. ධනංජය කැළය පැත්තට ගොස් මිනිසා පෙන්වූ ගස ළඟ නැවතුණේය. එය අඩි සියයක් පමණ උස, තනි කෙළින් පිහිටි කඳක් සහිත වනස්පතියකි. ඔහුට මුලින්ම පෙනුනේ ඒ ගස වටා පමණක් වැටී ඇති කොළ වෙනස් පාටකින් යුතු බවය. අනෙක් සියළු ගස් වටා දුඹුරු පැහැ කොළ රවුම් ඇතත්, මේ ගස වටා මේ දැන් කඩා හෙළුවා වැනි කොළ පැහැ පත්‍ර වළල්ලක් තිබේ. ඔහු සපත්තුවෙන් ඒ කොළ එහා මෙහා කළේය. එතැන මතු වූයේ පාරේ ඇති රතු පැහැයය. කවුරුන් හෝ මේ ගස මුලිනුපුටා ගෙන ගොස්, නැවත පොළවේ සිටවූවා මෙන් පොළව යට ඇති රතු පැහැ අලුත් පස මෙතැන මතුවී තිබේ. ඔහු ගසේ කඳ දෙස උවමනාවෙන් බැලුවේ ඉන්පසුය. ඔහුගේ ඇස් මට්ටමට මඳක් ඉහළින් ඇති සීරුම්ද, තැනින් තැන දැකිය හැකි අවුට් ලෑන්ඩරයේ සුදු පැහැය රැගත් කුඩුද දුටු ඔහු ගස් කඳට අත ගසා බොහෝ වේලා සිටියේය. ඔහුට සිහි වූයේ රට පුරා සිදුවූ, කිසිදු සැකයකින් තොර, වෙනත් කිසිදු කෙනෙකු සම්බන්ධ නොවූ අනතුරු රැසකි. වාහන අනතුරු මෙන්ම නිවාස අලාභ වීම්ද ඒ අතර විය. “එහෙනම් එහෙමයි වෙන්න ඇත්තේ” ඔහුට සියල්ල වැටහුණේ දැන්ය. ධනංජය තමන් දෙස කවුරුන් හෝ බලා ඉන්නේ දැයි හිස හරවා බලා, අත ඔසවා ගස් කඳෙහි ගෑවී තිබූ සුදු පැහැ පැල්ලම් අතින් පිස දමා ආපසු එන්නට හැරුණේය. ඔහු පාරට එන්නට පෙර ඉහළ බැලුවේය. තමන් දෙදෙනා පමණක් දන්නා රහස ගැන දළු කොළ සළා ඒ ගස තමන් හා සිනාසෙනු ඔහු දුටුවේ එවිටය. පවිත්‍රා අභයවර්ධනකල්ලඩි අන්දරය 01 (කොටස් 33ක කතාවකි) "මිස්ට මේක දේව් දෙන්න කිව්වා" . ගගන හතරට නැවූ සුදු කඩදාසියක් වර්ෂා දෙසට දිගු කරගෙන බලා සිටින්නේ මහත් වූ නොසන්සුන්කමකින් ය. ඔහුගේ තැතිගත් දෑසත් කලබලයෙන් වටපිට බලන ආකාරයක් දුටු ඇයගේ මුවගට සිනාවක් පහළ වූයේ නිරායාසයෙනි. "මොකක්? කවුද දේව්?" "අර... අර ගහ යට ඉඳන් බලන් ඉන්නෙ. එයා තමයි දේව්" "ඉතින්, ඇයි ඕක එයාම ගෙනැත් නොදුන්නෙ? අනික, ඇයි ඔයා ඔය තරම් කලබල වෙලා?" "අනේ මිස්, මේක ඉක්මනට ගන්න. කවුරුහරි දැක්කොත් මගෙ ජොබ් එකත් ගහල යනවා" වර්ෂාට ගගන ගැන ඇතිවූයේ අනුකම්පාවකි. ඇය ඔහුගේ අතින් කඩදාසිය ගෙන සිය ළමැදට තුරුළුව තිබූ පොත් අතරේ රඳවා ගත්තාය. විළියෙන් මුහුණ රතු කරගත් යුවතිය මොහොතක් දේව් දෙස බලා ඉක්මන් ගමනින් සරසවි දොරටුවෙන් පිටවූවාය. .... .... .... වර්ෂා ශ්‍රී ලාංකික යුවතියකි. මඩකලපුවේ වාලච්චේන ප්‍රදේශයේ ඉපදුණු ඇය ජීවිතයෙන් වැඩි කාලයක් ජීවත් වූයේ පාසිකුඩා නගරයේය. රිය අනතුරක් හේතුවෙන් වර්ෂාගේ පියා මිය යන විට ඇය සිව් හැවිරිදි වියේ පසු විය. පවුලේ එකම ආදායම් මාර්ගය වූ වාලච්චේන කඩදාසි කම්හලේ සේවය කළ උපසේන, වර්ෂාගේ පියා අකාලයේ මියයෑමෙන් බරපතල ආර්ථික අහේනියකට පත් වර්ෂාගේ මව සුජාතා ඇගේ මවත් කුඩා දියණියත් කැටුව පාසිකුඩා හි උපසේනගේ මහගෙදර පදිංචියට ගියාය. එහිදී වෙළෙඳ සැල් කිහිපයක් සඳහා මෙන්ම රජයේ හා පෞද්ගලික නිවාඩු නිකේතන කිහිපයක් සඳහා ආහාර සැපයීමේ ව්‍යාපාරයක් කුඩාවට ආරම්භ කළ ඇය තමාගේත් දියණියගේත් මව්වරු දෙපළගේත් වියදම එයින් සපුරා ගත්‍තාය. ඊට අමතරව උපසේන වෙනුවෙන් ලැබුණු විශ්‍රාම වැටුපද ඇය බොහෝ අරපරෙස්සමෙන් භාවිතා කළාය. ගමේ පාසැලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ වර්ෂා ද්විතීයික අධ්‍යාපනය ලැබූයේ මඩකලපුවේ පිහිටි සිංහල පාසැලකිනි. මලල ක්‍රීඩා අංශයෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ ඇය, උසස් පෙළ සමත් වුවද සරසවි වරම් නොලද්දාය. එබැවින් මවගේ බලවත් අකමැත්ත පිට නමුත්, ඇගේ අවසරය ඇතිව නුගේගොඩ සිය මාමා කෙනෙකුගේ නිවසේ නතරව ඔහු විසින් සොයා දුන් රැකියාවක නියැලුණේ බාල වියේ පටන් ඇගේ සිත අරක් ගෙන තිබූ ප්‍රාර්ථනා යථාර්ථයක් කරගැනීමටය. කවදා හෝ උපන් ගමෙන් එපිට ලෝකය දැකීමත් ක්‍රීඩා අංශයෙන් ඉදිරියට යාමත් ඇගේ ප්‍රධාන අරමණු විය. ක්‍රීඩා පුහුණුකරුවෙකුට ගෙවීමට මුදල් සොයාගැනීමටත් වියහියදම් පියවා ගැනීමටත් පෞද්ගලික පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානයක රැකියාව කළ ඇය මේ වන විට එහි දෙවසරක සේවා කාලයක් සපුරා සිටියාය. අවර ගණයේ ස්පා මධ්‍යස්ථානයක් නොවූ ඇගේ සේවා ස්ථානය අධ්‍යාපන සුදුසුකම් මනාව සපුරා තිබූ අවංක, දක්ෂ ආයුර්වේද වෛද්‍ය යුවළක් විසින් පවත්වාගෙන ගිය පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් විය. එහි සේවා ලාභියාට අවශ්‍ය පරිදි පංචකර්ම ප්‍රතිකාර හෝ සම්බාහන කරගත හැකි ස්ථානයක් නොවීමත්, වෛද්‍යවරයා රෝගීන් පරීක්ෂා කොට නියම කරන ප්‍රතිකාරය පමණක් ක්‍රියාත්මක කිරීමත් නිසා ගුණාත්මක බවින් ඉහළ ස්ථානයක් වීම වර්ෂාගේ සතුටට හේතු විය. සේවා ස්ථානය සිත් ගත් තැනක් වෙද්දී ඇගේ දක්ෂ මලල ක්‍රීඩිකාවක වීමේ සිහිනය සිහිනයක් පමණක්ම විය. පුද්ගලික ඖෂධ නිෂ්පාදන සමාගමක අනුග්‍රහයෙන් වසරකට වරක් වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවක මණ්ඩලයෙන් එක් අයෙකුට ලබාදෙන විදෙස් පංචකර්ම පුහුණුවට මෙවර සුදුසුකම් ලැබුවේ වර්ෂාය. ඇයට දේව් මුණගැසුනේ මේ ගමනේදීය. සරසවි දොරටුවෙන් පාරට පිවිසි වර්ෂා වටපිට බලා හිස් ත්‍රීරෝද රථයකට අත දැම්මේ ඉක්මනින් නවාතැනට යාමේ අදහසිනි. කිසිදාක තරුණයෙකුගෙන් ලිපියක් නොලත් ඇගේ හිතට දැණුනේ මහත් අපහසුවකි. ත්‍රීරෝද රථය ගමන් කරන්නේ වෙනදාටත් වඩා සෙමෙන් බව ඇගේ සිතට දැනෙමින් තිබුණේ ඇත්තටම මාර්ග තදබදය නිසාද මේ නුහුරු හැඟීම යන්න වර්ෂාට සිතාගත නොහැකි විය. ලිපිය ඉක්මනින් කියවීමේ ආසාවකින් මෙන්ම කුඩා තිගැස්මකින්ද ඇගේ හදවත පිරී යන්නට විය. රාත්‍රි ආහාරය සඳහා යමක් මිළට ගැනීමට පවා ඇයට මතක් වූයේ අහම්බෙනි. භාරත් හෝටලය අසලින් ත්‍රිරෝද රථය නවත්වා මුදල් දී පිටත් කළ ඇය හෝටලය තුළට ගියේද පුරුද්දට මෙනි. මෙහි පැමිණ ගතවූ සති තුන පුරාවටම ඇය රාත්‍රි ආහාර වේල සරි කර ගත්තේ භාරත් හෝටලයෙනි. සම්පූර්ණයෙන්ම නිර්මාංශ ආහාරයන්ගෙන් යුත් එහි ආහාර රසවත් වි
ය. එසේම එහි කාර්යක්ෂම සේවය ද වර්ෂාගේ සිත් ගත්තකි. වර්ෂාගේ ඉඳුම් හිටුම්, ආහාර පාන වෙනුවෙන් වෙනම මුදලක් අනුග්‍රාහක ආයතනයෙන් වෙන්වන නමුත් වෙනදා රාත්‍රියට ආප්ප හෝ ඉඳිආප්ප කිහිපයකින් කුස පුරවාගෙන මුදලින් කොටසක් ඉතිරි කරගන්නා ඇය එදින ඉන්දියානු රුපියල් එකසිය පහක් ගෙවා රයිස් එකක් මිළට ගත්තේ ඇයි ද යන්න ඇයටත් ප්‍රහෙලිකාවකි. වෙනදා පුහුණුව නිමවී පැමිණි පසු මයුමි හා හසිතා සමග වීදි දිගේ ඇවිදිමින්, සාරි කඩවලට ගොඩවැදී සාරි, සල්වාර් අවුස්සමින් විනෝදයක් ලබන නමුත් ඒ දෙදෙනාගේ සමාගමය නැතිව වර්ෂාගේ සිතට දැණුනේ කාන්සියකි. ඔවුන් දෙදෙනා ඇයට මුණගැසුනේ ලංකාවේ සිට කේරළය බලා එද්දී ගුවන් යානයේදී වුවද කතා කිරීමට අවස්ථාවක් ලැබුණේ කොචින් ගුවන් තොටුපළේදීය. මයුමි, හසිතා ඇතුළු ලංකාවේ සරසවියක ඉගෙනුම ලබන විසි දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ තිබුණේද වර්ෂා හදාරන පුහුණුව ලැබීමටය. ඔවුන් නැවතී සිටියේ වර්ෂා නැවතී සිටි එලයිට් හෝටලයට නුදුරින් පිහිටි හෝටලයකය. අද දින පුහුණුව අවසන්ව ඔවුන් හෙට යළි දිවයින බලා යාමට නියමිතය. නමුත් වර්ෂාට ඒ සඳහා තව දින හතරක් ඉතිරිව තිබුණි. "මයුමිලා හිටියනම් මට දේව් දුන්න ලියුම ගැන කියන්න තිබුණා" වර්ෂා සිතුවේ කනස්සල්ලෙනි. භාරත් හෝටලයේ සිට නවාතැන්පළ වූ එලයිට් හෝටලය දක්වා වර්ෂා පැමිණියේ සිහිනෙන් මෙනි. අත තිබූ පොත් කිහිපය හා අත් බෑගය මේසය මත තැබූ වර්ෂා පොත් අතරේ සැඟවී තිබූ හතරට නැවූ සුදු කඩදාසිය අතට ගෙන ඒ මේ අත හරවා බැලුවාය. කඩදාසිය දිග හරිම්දෝයි සිතමින් මොහොතක් කල්පනා කළාය. එය යළි පොත මත තබා නොසන්සුන් ගමනින් කාමරයේ එහා මෙහා ඇවිද්දාය. "මං මේ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. මට ඕනෙ වුණේ ටිකක් අඳුනගෙන කතා කරන්න විතරයි" වර්ෂා තමාටම කියාගත්තාය. අවසානයේ ලිපිය කියවීම මදකට පසෙකට දැමූ ඈ ලිපිය යළි පොත් පිටු අතර රඳවා තුවායත් රැගෙන නාන කාමරයට වැදුණේ හිත මදක් සන්සුන් කර ගැනීමටය. ඇඳුම් සියල්ල උනා දමා කරාමය යටට ගිය වර්ෂා සිය හිස් මුදුනේ සිට ගත පුරා විසිරී ගිය දිය බිඳු වල පහසින් මෝහනය වූවාය. වෙනදා ස්නානය කරන දිය මෙන් නොව අද එහි ඊට වඩා අමුතු සිසිලසක් ඇයට දැණුනාය. සිසිල් දිය පහසින් ඇගේ ගත මෙන්ම සිතද නිවී යනු ඇයට දැනෙන්නට විය. කරාමය වසා දමා බිත්තියේ සවි කර තිබූ රවුම් කණ්නාඩ්යෙන් ඇය තමා දෙසම බලා සිටියාය. කණ්නාඩ්යෙන් පෙනෙන තරුණිය හා ඈ සිනාසුණාය. කඩා හැලෙන තරමේ සුන්දරත්වයක් නැතත් වරක් දුටු විට නැවත වරක් හැරී බලන අන්දමේ කුමක්දෝ ආකර්ශනීය බවක් තම රුවෙහි වූ බව ඇය දැන ගත්තේ කොළඹට ආ පසුය. ගමේදී නම් රුව ගැන කිසිඳු සැලකිල්ලක් නොදැක්වූ ඈ කොළඹ පැමිණි පසු ඒ ගැන තරමක් උනන්දු වූයේ, "කළු වුණාට මේකි හරි හැඩයි. අමුතු ලස්සනක් තියෙනවා" යනුවෙන් මිතුරියන් කී බස් අසාය. ඇය කණ්නාඩියෙන් පෙනෙන තරුණියගේ රුව අසලින් දේව්ගේ රුව හිතෙන් මවා ගත්තාය. "හොඳට කැපෙන ජෝඩුව" හිතේ කොහේදෝ මුල්ලක සිට කවුරුන් හෝ කතා කළාය. විළියෙන් රතු වූ තරුණිය තුවාය ගත වටා දවටාගෙන නාන කාමරයෙන් පිටවූවාය. ක්‍රීම් ක්‍රැකර් බිස්කට් දෙකක් චීස් පෙත්තක් සමග රස විඳින ගමන්ම කිරි පිටි, කෝපි හා සීනි මිශ්‍රකොට අසුරා තිබූ බෝතලයෙන් හැඳි කිහිපයක් කෝප්පයට දැමූ ඇය, ලංකාවෙන් එනවිට ඇඳුම් අතර සඟවාගෙන පැමිණි හීටරයෙන් උණු කරගත් වතුර ජෝගුවෙන් කොටසක් ඊට එක්කොට කිරි කෝපි සෑදුවාය. කෝපි බඳුනත් රැගෙන යහනේ හිඳගෙන බිඳුවෙන් බිඳුව රස බැලුවාය. එහි ද වෙනදාට වඩා මිහිරි බවක් ඇයට දැණුනේ ඇයි දැයි ඇයම නොදත්තාය. කෝප්පය සෝදා තබා පොත් පිටු අතර වූ ලිපියද රැගෙන යහනේ හාන්සි වූ ඇය කොට්ටය ඇඳ විට්ටමට තබා මොහොතක් කල්පනා කොට වෙව්ලන දෑතින් හතරට නැවූ සුදු කඩදාසිය දිග හැරියාය. මතු සම්බන්ධයි. සිතුවම අන්තර්ජාලයෙනි.ඇබෑර්තුව ————— තුසිත උසස්පෙළ වෙනකම් ඉගෙනගත්තෙ බොහොම අමාරුවෙන්.ඒ ගෙදර තිබුනු ආර්ථික ප්‍රශ්න මැදින්.තාත්ත නැති ගෙදර හිටියෙ තුසිතයි අම්මයි විතරයි.උසස්පෙළින් පස්සෙ තව දුරටත් අම්මට බරක් වෙන්න බැරි හින්ද රැකියාවක් හොයා ගත්ත.ඒ මේසන් බාස් කෙනෙක් ළග අත් උදව්කාරයෙක් ලෙස. කඩවසම් සිරුරකට හිමිකම් කියපු තුසිතට ඉස්කෝලෙ යන කාලෙ ඉදලම පෙම්වතියක් හිටිය.ඒ ආදර කතාවට අවුරුදු හතරක් පමන ගෙවිල.ඒත් තුසිතගෙ පෙම්වතිය වන නිමාලිගෙ ගෙදරින් තුසිතට කැමති නැහැ.නිමාලිල ගමේ යම් වත්කමක් තිබුන අය.නිමාලිගෙ තාත්තට ඉඩකඩම් කුඹුරු වගේම හොද නිවසක් ගමේ තිබුන.නිමාලිගෙ අම්මට ඕන වුනේ නිමාලිට හොද රස්සාවක් කරන කෙනෙක් බන්දල දෙන්න.තුසිත ගුනයහපත් වුනාට ඊට වඩා හොද තැනකින් නිමාලිට කටයුත්තක් කරල දෙන්න තමයි එයාලට ඕන වුනේ.ඒක හින්ද නිමාලිගෙ දෙමව්පියො මේ කටයුත්තට විරුද්ධවුනා.නිමාලි මේ හින්ද හිටියෙ හරි කනස්සල්ලෙන්.ඒක හින්ද නිමාලි හැම විටම පත්තරේ ඇබෑර්තු බලමින් හිටියෙ තුසිතට වැදගත් රැකියාවක් හොයල දෙන්න. “මං නං ගමෙන් ගිහින් රස්සාවක් කරන්න කැමති නැහැ නිමාලි.එතකොට අම්මත් තනියමනෙ”තුසිත කිව්වෙ එහෙම. “හැමදාම එහෙම ඉන්න ඕන නැහැනෙ තුසිත” හොද රස්සාවක් ලැබුනොත් පස්සෙ අපිට මාරුවක් හරි ගන්න පුලුවන්නෙ.”.. නිමාලි කිව්ව. සල්ලි වියදම් කරගෙන තුසිත රැකියා කිහිපයකටම සම්මුඛ පරීක්ෂන වලට ගියත් ඒ හැම තැනින්ම සහතික බලල කීවෙ පස්සෙ දැනුම් දෙන්නම් කියල.ඒත් ඒ පස්සෙ දවස කවදාවත් ආවෙ නැහැ. හදිසියෙම නිමාලි දැක්ක පත්තරේ ඇබෑර්තුවක් දාල තියෙනව.ඒක ටිකක් පොඩි අකුරුවලින් තිබුන නිසා සමහර අයගෙ ඇහැ නොගැටෙන්නත් ඇති.ඒකෙ කියල තිබුනෙ ප්‍රධාන පෙලේ ආයතනයක අධ්‍යක්ෂක තනතුරක් සදහා ඇබෑර්තුවක් පවතින බවයි.අදාල සහතිකද රැගෙන සම්මුඛ පරීක්ෂණයට එන ලෙස දන්වා දිනයක්ද ලිපිනය සහ දුරකතන අංකද එහි සදහන් කර තිබුන.නිමාලි කලබලයෙන් බැලුවෙ දිනය ගැන. “දෙවියනේ හෙටනෙ දවස” නිමාලි ඉක්මනින් තුසිතට කෝල් එකක් ගත්ත. “තුසිත පත්තරේ ඇබෑර්තුවක් තියෙනව හෙට තමයි ඉන්ටවිව් එක.හෙට ඒකට ගිහින් බලන්න.” මේ වෙද්දි තුසිත නිමාලි කියපු ඇබෑර්තු 10කට වඩා එහාටත් ගිහින් තිබුනෙ.තුසිතට මේ වෙලාවෙ නිමාලි ගැන දැනුනෙ ලොකු කේන්තියක්.බාසුන්නැහේ ළග කරන රැකියාවෙන් දැන් තුසිතට දැන් ටිකක් සරුයි.ඉතා හොදින් වැඩකරගෙන යන හින්ද පොඩි බාස් කෙනෙක්ගෙ මට්ටමට ඔහු ඇවිත් තිබුන.සමහර වැඩ ඔහුට තනිවම බාරගෙන ගෝලයො දම්මල කරවන්න තරම් තුසිත ස්ථාවර මට්ටමකට ඇවිත් හිටියෙ.ඒ වුනාට නිමාලිට සහ පවුලෙ අයට ඒක තමන්ගෙ තත්වයට මදිවුනා. “මට බැහැ නිමාලි යන්න..” තුසිත කිව්වෙ කේන්තියෙන්.. අනේ තුසිත මේකටනම් බැහැ කියන්න එපා ..කොහොම හරි ඔයා යන්න ඕන..අනික ආයතනයක අධ්‍යක්ෂක ධූරයක්. නිමාලි අඩමින් දොඩමින්ද පිංසෙන්ඩු වෙමින්ද තුසිතව සම්මුඛ පරීක්ෂණයට යන්න එකගකරව ගත්ත. ඒත් තුසිතට දැනුනෙ නිමාලි ගැන ලොකු කලකිරීමක්.තුසිත ඒ වෙද්දි ගේ දොරත් යම් මට්ටමකට පිලියෙල කරගෙන තිබුන. සියලු සහතික පත් ලෑස්ති කරගෙන තුසිත පාන්දරම කොළඹ බලා පිටත්වෙන්න සූදානම් වුනා. “කොහෙද පුතේ පාන්දරම යන්න හදන්නෙ”අම්ම තුසිතගෙන් ඇහුව. “සම්මුඛ පරීක්ෂනයකට කොළඹ යන්ට අම්මා” තුසිත කිව්ව.. මේ රස්සාව හොද නැද්ද මයෙ පුතේ..අම්ම ඇහුවෙ දැඩි වේදනාවකින්.තුසිතගෙ අම්මත් දැනගෙන හිටිය නිමාලි තුසිතට වෙනත් රැකියාවක් සඳහා කරන පෙරැත්තය ගැන. “නිමාලිට හොඳ මදිලුනෙ අම්මා..” තුසිත කිව්වෙ කලකිරීම සමග වේදනාවකින්. ඒත් තුසිත එක තීරණයකට හිතින් ඇවිත් තිබුනෙ…. “මම යනව අම්මා..මේක හරි ගියොත් මම නවතිනව.. මම අම්මට කතාකරන්නම්..තුසිත මවට වඳිමින්ම පැවසුවා. “පරිස්සමෙන් ගිහින් එන්න මයෙ පුතේ.. ඇසට ආපු කඳුලු අතරින් අම්ම තුසිතගෙ ඔළුව අතගෑව.. *********************************************** පාන්දර බස් එකේ කොළඹට ආපු තුසිත බොරැල්ලෙන් බහිද්දි උදේ 8.30 පමන වුනා.තේ කඩයකට ගොඩවැදී උදේ කෑම ගත්තු තුසිත සම්මුඛ පරීක්ෂනය තියෙන ආයතනයට යන්න සූදානම් වුනා.එතෙක් සාක්කුවේ තිබුනු ටයිපටිය ගෙන එය දමාගෙන සූදානම් වන විට එතෙක් සැගවී තිබුනු කඩවසම් බව සමග ආවෙ මනා පෞරුෂයක්… අදාළ ආයතනය දොරකඩ ලඟ 9.30 වන විට පෙනී සිටි තුසිතට නාම පුවරුව දකිද්දිම ආවෙ තිගැස්මක්. “එන්න”.. සේවකයෙක් පැමිණ ඔහුව ආයතන ප්‍රධානියා ළඟට රැගෙන යන විටද සම්මුඛ පරීක්ෂනය සදහා පැමින සිටි කිහිප දෙනෙක් සිටි අතර ඔවුන්ගේ මුහුනුවල ලියවී තිබුන අවිනිශ්චිත පටලැවිලි බව තුසිත දැක්ක. නමුත් තුසිත හිත එකලස් කරගෙන ආයතන ප්‍රධානියා මුනගැහුනා. ප්‍රියජනක නොවන එහෙත් උසමහත් සිරුරකින් යුතු ආයතන ප්‍රධානියාගේ මුහුනේ තිබුනේ නොතෙත් තද ගතියක්. වාඩිවෙන්න..ඔහු තුසිතට පැවසුව.. තුසිත ටයිපටිය සකසගන්න ගමන් හෙමිහිට වාඩිවුනා.. ගම කොහෙද.. හෙට්ටිපොළ නම: තුසිත වීරකෝන් වයස 28යි. එහෙම කියන ගමන් තුසිත සහතික දමාගෙන ආ ෆයිල් කවරය ඔහුට දික්කලා. පාසල් සමයේ ජයග්‍රහණය කල ක්‍රීඩා සහතික රැසක්ම තුසිත සතුවූ අතර විවාද වලින් ලැබූ ජයග්‍රහණ,වගේම දහම් පාසල් තරග වලින් ලැබූ සහතික සහ චිත්‍ර තරගවලින් ලැබූ සහතිකද තිබුනා. ෆයිල් කවරය පෙරලා බලන ගමන් ආයතන හිමිකරු තුසිත දිහා බැලුව.. සහතික නම් ගොඩක් තියෙනව.තමන් සේවය කල තැන්වල සේවා සහතික නැද්ද..? නෑ සර්.. තමුන් මෙහෙ රැකියාව කරන්න කැමතිද..? තුසිත නිහඩවුනා. කැමතිනම් අදම පත්වීම් ලිපිය දෙන්නම්.තමුන්ට ට්‍රේනිං පීරියඩ් එක මාස තුනයි. ඩ්‍රයිවින් පුලුවන්ද..? බැහැ සර් එහෙනම් තමුන්ට ඩ්‍රයිවර් කෙනෙක් ලැබෙනව. සමහර විට නයිට් කරන්න වුනොත් වාහනය ඩ්‍රයිවර් එක්ක යන්න පුලුවන්.. එහා මේසෙ අර ඉන්න ටයිපිස්ට් ලමයගෙන් තමුන් අයිති රාජකාරි ලිපියයි පත්වීම් ලිපියයි ගන්න පුලුවන්. නවතින්න තැනක් තියෙනවද..? නැහැ සර්.. හරි පිටිපස්සෙ කාමරයක නවතින්න පුළුවන් **************** රාජකාරි ලිපිය ලැබෙනතෙක් තුසිත ආයතනය වටේ හෙමින් ඇවිදින්න ගත්ත.ලාවට දැනෙන බෙහෙත් සැර සමග එන විලවුන් සුවදද …ගොඩනැගිල්ල තුල ඇති දැඩි නිහඩ බවද තුල දැනෙන ගුප්ත බව තුසිතට ගෙනාවේ මහ හිස් බවක්… *********** පත්වීම් ලිපිය ලැබුන.ඒ සමගම තමන්ට පැවරුන කාර්යයන්,… රැකියාවේ ස්වභාවය…. තුසිතගෙ දුරකතනය හැඬවුනා.. න
ිමාලිගෙ හඩ දුරකතනය දිගේ ආව.. තුසිත ජොබ් එක ලැබුනද..?ඇයගේ නොයිවසිලිමත් කටහඩ තුසිත නිහඩව අහන් හිටිය.. කියන්නකො තුසිත.. “ඔව් ලැබුන” මොකක්ද තනතුර? අධ්‍යක්ෂක අනේ ඇත්තමද තුසිත..එතකොට වාහනයකුත් ලැබෙනවද..? ඔව්..ඩ්‍රයිවර් කෙනෙක් ලැබෙනව..නවතින්න පහසුකම්..ඔක්කොම තියෙනය නිමාලි.. දෙයියනේ ඇත්තමද?එතකොට මොන අධ්‍යක්ෂක තනතුරක්ද ඕක තුසිත…දැන් මට අම්මලට නෑදෑයින්ට කියන්න පුලුවන්..ඔයා ගැන නිමාලි ආඩම්බරයෙන් කියවගෙන යනව..තුසිත අහන් හිටිය. “අනේ ඉතින් අගේ නොකර කියන්නකො තුසිත තුසිත පත්වීම් ලිපිය දිහා බැලුව.උඩින්ම ගසා ඇති තනතුරේ නම නිමාලිට ඇහෙන්න කියෙව්ව “අවමංගල්‍ය අධ්‍යක්ෂක තනතුර රාජකාරිය:එම්බාම් කිරීම දැන් ඔයාට සතුටුයි නේද නිමාලි..තුසිතගෙ කටකොනකට හිනාවක් ආව. ඔබේ මළගම නොහොත් විමුක්තිය අපේ මළගම අපිම සරසමු….. ————-නිරංජලා රේනුකාන්ති———2024.1.24රෙදි බෝනික්කෝ...(කෙටි කතාව) "මේක දැන් වදයක් අප්පා..." .මම කිව්වේ මාසෙකට සැරයක් දෙසැරයක් අනිවාර්යයෙන්ම ගෙදරට එන පාර්සලේ ලෙහලා බලන්නවත් උනන්දු වෙන්නෙ නැතිව.අඩුගානෙ එවන කෙනාගෙ නමක්,ටෙලිෆෝන් නොම්බරයක්වත් තියෙන්න එපෑයෑ.ඒ උනාට මගේ නම වාසගම එක්කම ලියලා තියනවා.මම ඒක බලන්නෙවත් නැතිව සාලෙ මෙසේ උඩින් තියද්දි අම්මා සාලෙට ආවේ මට දොඩම් වීදුරුවකුත් හදාගෙන.. සුපුරුදු රටාවට කවර්කරලා තියන පාර්සල් එක දිහා බලලා අම්මා ඊළගට බැළුවෙ මා දිහා ...ඒ ඇස්වල තිබුනේ ඇයි කියන ප්‍රශ්නේ. "නමක් ගමක් නෑ...මොකක්ද අම්මා මේකේ තේරුම..දැං මට ආස හිතෙන්නෙත් නෑ.අනිත් එක මගේ කාමරේ ඉඩ නෑ මේවා තියන්න..."මම අම්මගේ ඇස් වල ප්‍රශ්ණෙට උත්තර දීගෙන දොඩම් වීදුරුවත් අරන් මිදුලට ආවා. " ඔහොම නපුරු වෙන්න එපා සුදු දු..".අම්මා කියනවා මට ඇහුනා. "මගෙ කාමරේ ඉඩ නැතෝ..".මම දෙවැනි පාරටත් කිව්වා.. රෙදි බෝනික්කෝ...මං දන්නෙ නෑ... මට තේරෙන කාලේ ඉදලා අපේ ගෙදරට නමක් ගමක් නැති කෙනෙක්ගෙන් හරි ලස්සනට මහපු රෙදි බෝනික්කෙක් ආවා.මුලින් මුලින් අල්ලක් විතර චුටි බෝනික්කෙක් ආවේ... පස්සේ කාලයක් ඒක නතර වෙලා තිබ්බා.හැබැයි ඒ වෙනකොට මගේ කාමරේ රෙදි බෝනික්කෝ දොළොස් දෙනෙක් හිටියා.එයාලව මම හරි ආදරෙන් ඒ කාලේ පරිස්සම් කලේ.ඇඳ උඩම පැත්තක නෙලී,දයා,පූජි,ටින්කි කියලා හතර දෙනෙක් හිටියා.ඒ දවස්වල ඉස්කෝලෙ විස්තර සේරම මම කිව්වේ එයාලට.නිදාගද්දි ඒ හතර දෙනාගේ පෙළට මමත් හිටියා. හොඳම වැඩේ කියන්නෙ ඒක නෙමේ..ඒ රෙදි බෝනික්කියන්ට හරිම ලස්සන ගවුම් අන්දලා තිබුනා.අපේ අම්මා අනිවාර්යයෙන්ම ඒ වගේම පාට,හැඩේ තියන ගවුමක් මටත් මැහුවා..බෝනික්කෝ දොළහට තිබුන ගවුම් මටත් ඒ විදියටම තිබ්බා..ඇත්තටම ඒවා හරිම ලස්සන ගවුම් මෝස්තර.පාට පවා පුදුම ලස්සනට මැච් කරලා තිබ්බා "මාරියන්ගෙ ගවුම් හරිම ලස්සනයි". .යාළුවො එහෙම කියද්දි මට හරි ආඩම්බර හිතුනා.සමහරු ඒ මෝස්තරේටම එයාලටත් ගවුම් මහ ගත්තා මතකයි.අපේ අම්මා හන්දියේ ස්ටුඩියෝ එකට මාව එක්ක ගිහින් එකම වගේ ඇදලා ඉන්න බෝනික්කා එක්කම පොටෝ අරන් තිබ්බා ඒ දවස්වල.. කාලයක් නතර වෙලා තිබ්බ බෝනිකි ආගමනය ආයෙ පටන් ගත්තේ මට අවුරුදු දහ අටක් ලබපු දවසේ.එදා ආපු බෝනික්කා ගේ තිබුනේ තරුණ පෙනුමක්.කලිසම කොටස ඩෙනිම් රෙද්දකින් මහලා ලස්සන රෝස පාට බ්ලව්ස් එකක් අන්දලා...කම්මුල් දෙපැත්තට රෝස පාටින් ෂේඩඩ් කරලා.ඒකනම් ලිප්ස්ටික් එකකින් වගේ කරලා තිබ්බේ..බැලු බැල්මට මට මාර විදියට ආස හිතුනා එයාට . " අනේ කවුද අප්පා මේවා එවන්නේ....." මේ නිර්ණාමික තෑගි එවන්නා කවුද කියලා හොයාගන්න ඕනා කියලා තදටම හිතුනේ එදා... මම දොඩම් වීදුරුව හෙමින් හෙමින් රස විඳලා ගෙට එද්දී සාලෙ පුටුව උඩ කුෂන් එකට හේත්තු වෙලා මෙන්න අලුතින්ම ගෙදරට ආව සාමාජිකයා ...රිදී පාටින් වැඩ දාපු ලෙස් ගවුමක් ඇදලා රෙදි බෝනික්කෙක්...ඒක දැක්කම මගේ අමනාපෙ කොහෙන් ගියාද කියලා නැතුව ගියා...ඇත්තටම ඒ බෝනික්කා හරිම ලස්සනයි.. "ඔයාලා දෙන්නම දන්නවා මේ රෙදි බෝනික්කෝ එවන්නේ කවුද කියලා....ඒ කවුද...?" .රෑ කෑම මේසෙදි මම අම්මයි තාත්තටයි මග ඇරලා යන්න බැරි වෙන්නම ප්‍රශ්නය දැම්මා...අම්මා කට ළගට ගත්තු පාන් කෑල්ල ආපහු පහළට ගත්තා...තාත්තා වතුර වීදුරුව බිව්වා...ඒ දෙන්නගේ හැසිරීම මම හිතාගෙන හිටපු දේ ඇත්ත කියලා හිතන්න පුළුවන් ගතියක් තිබ්බෙ...මොකද මතක ඇති දවස් වල ඉදලා ඔය රෙදි බෝනික්කන්ව මේ දෙන්නත් හරි අගය කලා මට මතකයි.පස්සෙ කාලෙක තාත්තා ආ..ම්....ගාලා අකුරකින් විතරක් අගය කලාට අම්මා එයාලව පිහලා කරලා තියනවා මම දැකලා තිබුනා. මම ඒ ප්‍රශ්නෙ මීට කලින් තාත්තගෙන් ඇහුවෙ නැත්තේ ඇයි කියලා මට හිතුනේ තාත්ත දුන්න උත්තරේ නිසා... "ඔයාට ආදරේ කෙනෙක් සුදු දු...දැන් ඔයාට අවුරුදු 24ක් නෙ... කාලේ එනකං හිටියේ කියන්න......" පාර දෙපැත්තේ පාට පාට සීනියාස් මල් පිපිලා .හැමතැනම තිබුනේ හරිම ක්‍රමාණුකූල බවක්..මල්යාය මැද්දේ ජේසුසුවාමි දරුවො පුංචි ළමයි වටකරගෙන ඉන්න සුරුවමක්..ඒකේ පුංචි දරුවෙක් ජේසුගේ උකුලේ වාඩිවෙලා ඉන්නවා..එකපාරටම සුදුවැලි අතුරපු මිදූල හරහා දුවලා ගිය ළමා පැටව් දෙන්නෙක් මගේ සිතුවිලි බින්දා..හරිම පිළිවෙල ඔෆිස් කාමරේ මැද මේස පුටුවේ සිස්ට ජසින්තා ඉඳගෙන හිටියා.එයා මගේ ඔලුවයි කම්මුලයි අතගෑවා.ඒ අත් හරිම සිනිඳුයි.."ඔයා මේ තරම් ශක්තිමක් දරුවෙක් විදියට හදපු එකට ඔයාගෙ අම්මටයි තාත්තටයි ස්තූති කරන්න..".සිස්ට කිව්වෙ ඉංග්‍රීසියෙන්....ඒ ළමා නිවාසේ කාර්යාල කාමරේ මේසෙ උඩ ඉන්දල තිබ්බ රෙදි බෝනික්කා මා දිහා බලාගෙන හිටියා....... ....පසුව ලියමි. මාව මේ ලෝකෙට බිහිකරපු අම්මා ගැන හොයන්නේ මොකටද එයාට මාව එපා නිසානේ දාලා ගිහින් තිබුණේ කියලා මට හිතන්න බැරි උනා.ස්වාමියෙක් නැතුව හදාගන්න බැරි එකට වඩා සුව නොවන රෝගයක් තිබුන එක එයාව අන්ත අසරණියෙක් කරලා..මාව උණුසුමින් ඈත් කරත් එයා මං වෙනුවෙන් ලස්සන රෙදි බෝනික්කො මැහැව්වලු....මීට අවුරුදු කීපයකට කලින් එයා මිය යද්දිත් මං වෙනුවෙන් රෙදි බෝනික්කෝ හතර දෙනෙක් මහලා තිබුනලු...රිදී පාට ලෙස් ගවුම ඇදලා ඉන්න බෝනික්කා එයා අන්තිමට මහපු කෙනාලු...."ඇයි එයා මාව බලන්න ඕන කිව්වෙ නැත්තෙ..?.. "එයා කැමති උනේ නෑ...ඔයාට ආරක්ෂාවයි ආදරෙයි ලැබෙන එකට එයා හරිම සැනසීමෙන් හිටියේ..." සිස්ට ජසින්තා එහෙම කිව්ව උනාට මම අහපු ප්‍රශ්නයට හරිම උත්තරේ තිබුනෙත් සිස්ට ගාව තිබුන පුංචි පෙට්ටියක...ඒක ඇතුලේ තිබුනේ රෙදි බෝනික්කෙක් තුරුළු කරගෙන ඒ බෝනික්කගෙ වගේම ගවුමක් ඇදගත්තු අපේ අම්මා ඉදලා හිටලා මාව එක්ක ගිහින් ස්ටූඩියෝ එකේ ගත්ත මගෙ පොටෝ..ඒක දැකපු ගමන් මම අම්මයි තාත්තයි දිහා බලද්දි ඒ දෙන්නා එතන තිබ්බ මරිය තුමීගෙ සුරුවම දිහා බලාගෙන හිටියා මිසක් මා දිහා බැලුවේ නෑ..ඒත් තාත්තා අම්මගෙ අත තද කරලා මිරිකනවා මම දැක්කා.. .දුක හිතුනේ නැද්ද කියලද අහන්න හිතුනේ මේක කියවන ඔයාලට.. දුක හිතුනා..මන්දා මට දුක හිතුනේ මොකටද කියලා පැහැදිළි නෑ....මම දවස් දෙකක් නිවාඩු දාලා ගෙදර හිටියා..ඒ දෙන්නාගෙන් ඈත් වෙන්න මට බය හිතුනා . මම මගේ අම්මවයි තාත්තවයි හයියෙන් බදාගෙන සතියක් දෙකක් යනකං රෑට නිදාගත්තා.... අර රිදී පාට ගවුම ඇදපු රෙදි බෝනික්කත් තුරුළු කරගෙනම....දුංහිඳ හීන - (දාහත) "ස්ටුපිඩ් වුමන්..!! "කියල මොකක්දෝ එකක් කියාගෙන චින්ත බේබි මයෙ අතින් ඇදල වාහනේට නග්ගගත්තා. මයෙ ජීවිතේට මං මෙහෙව් එහෙකට ගොඩවෙලා නෑ. මයෙ ඉහත් දඩිස් ගාල ඒකෙ වැදුනා. ඊටත් වඩා මයෙ ඔළුව විළම්බීත වෙලා මේ මොනා කරන්ට තනන්නෙ කියල..? "බේබි..අපි මේ කොහේ යන්නෙ..? අප්පුච්ච කළබල වෙයි මං සුනංගු උනොත්.." "හීං අප්පු පණිවිඩේ කියයි අප්පුච්චට..අපි යන්නෙ පොලීසියට.." "අනේ බේබි ඒක කරන්නෙ කොහොම..? උඩ බලාගෙන කෙළ ගහන්නැහේ වැටෙන්නෙ මූණටම නෙව. මයෙ ජීවිතේට ඔහොම තැනකට ගොහිං නැතුවා.. මට බෑ බේබි .." "ජිනා.. ඔයාට ලොකු වැරැද්දක් වෙලා තියෙද්දිත් ඔහොම හිතන එක ගැනයි මට පුදුම. වැරැද්ද කරපු මිනිහ පැත්තක. ඔයා ලෝකෙන් හැංගි හැංගි දහදුක් විඳිනවා. ඔයා වගේ ගෑණු ඒ වගේ මිනිස්සුන්ට තවත් අනුබල දෙනවා.. " "බේබිට කියන්ට දෙයක් තියෙනවා.. ඔහොම ඩිංගිත්තක් ඕක නවත්තන්ට බේබි .." චින්ත බේබි වාහනේ පාර අහකින් නවත්තල මා දිහා බැලුවේ පරළ වෙලා වගේ...මං මෙහෙව් විළම්බෑසියක් සිද්ද වෙයි කියල දන්නවනං අර තෑගිබෝග ටික දුංහිඳ ඇල්ලෙන් හෙළට විසිකා කරල දමනවා.මයෙ ගිරහයො නීච වෙලා වෙන්ටැ මේ හැටි හෙණ ගෙඩි පාත් වෙන්නේ..? "මයෙ අප්පුච්චා අවුරුදු ගානක් වහංගු කරං උන්නු රහසක් මා එක්කල කියව්ව. මට ඒක තවදුරටත් ලෝකෙට වහං කරන්ට බැරි වෙයි වාගෙ. සුදු ඇත්තොගෙ මහප්පා අතින් මයෙ අම්මට විච්ච අතවරේ හන්ද මං වගේම මයෙ අම්මත් නව නිංගිරාවල් වින්ද බේබි. මයෙ දෑහ නිල්පාට විච්චි රහස තමයි ඒ.. මයෙ ඇඟේ දුවන්නෙත් ඔය හනුහරේ ලේ.." චින්ත බේබි මයෙ අතින් අල්ලාගත්තට ඒ අත් දාඩියෙන් තෙත්වෙලා හීතල වෙලයි තිවුනේ. එවෙලෙ ඒ දෑහෙ බැල්ම මට වඩා අකම්පාල වෙලා කියල මට හිතුනා. මයෙ හිතට වඩා ඒ හිත වැළපෙන වග මට දැනුනා... "ජිනා.. මට පුංචි වෙලාවක් දෙන්න. මට ඩ්‍රයිව් කරන්නත් අමාරුයි වගේ... ඒත් අපි පොලිසි යන්න ඕන..." චින්ත බේබිට කියන්ට හුඟ දේවල් හිතට එන්ටැති.ඒත් ඒව කියාගන්ට බැරුං ඉහ ගිනි අරන් වෙන්ටැති .වාහනේ එළෙව්වේ මහා වේගෙකින්. හරියට දෙගිඩියලේ බිඳගෙන දුවන කරකොළයෙක් වාගෙ. හීතල හුළං බරු වලින් මයෙ දෙකන් පිරිල..දෙයියනේ මාව මහ උළුගෙට යවයිවත්ද පොලෝසියේ ඇත්තෝ...? "ඇලෙක්ස් මේ දේවල් නොදැන ඔයත් එක්ක සම්බන්ධයක් පටන් ගන්න ඇති. ඒත් එයා අපි දෙන්නටම කළේ වංචාව. එදා ඔයාගෙ අප්පුච්ච හොස්පිට්ල් ගෙනිහින් ඇලෙක්ස් ආපහු ආවෙ පුදුම කළබලේකින්. අර කිරා කියන මනුස්සය ඊට හපන්. ඔයාට ඔය ඔප්පුව දුන්නු දවස් වල තමයි මම හිතන්නෙ ඇලෙක්ස් මා එක්ක කළම්බු ගියේ..අපේ එන්ගේජ්මන්ට් එකට. එයා ඔයාව නාරංගල වත්තෙ තියගන්න හිතාගෙන ඉන්න ඇත්තෙ එයාගෙ පාළු මකා ගන්න.." චින්ත බේබි බලා උන්න වගේ කිව්ව කතාව සත්ත.. මං සුදු ඇත්තො එක්ක නාරංගල වත්තට ගියත් සිද්ද වෙන්නෙ
මේ සුමේම තමයි හෙනං. මං සුදු ඇත්තව ඇදහුවේ දෙයියෙක් ගානට..ඒත් මාව කෙළිබඩුවක් ගානට සුදු ඇත්තො හිතුවේ. මයෙ දෑහින් කඩා වැටෙන කඳුළු වහං කරන්ට වෑයං කරේ නැත්තෙ චින්ත බේබි ඒ හැම කාරණාවක්ම සහසුද්දෙන් දැනගත්තු හින්දා. "අඬන්න එපා ජිනා. ජීවිතේට දහිරිය ගන්න. ඔයාට මෙච්චර විනාශයක් කරල පස්සා දොරින් පැනල ගිය එකෙක් ඔයාටවත් දරුවටවත් ආදරයක් රැකවරණයක් දෙයි කියල හිතන්න තරම් මම මෝඩ නෑ. ඒත් මම මේ පොලිසි ගිහින් ඇන්ට්‍රි දාල කරන්න හදන්නේ ඌ මොකා වුනත් නීතියෙන් කොටු කරගෙන දඬුවමක් දෙන්න. අඩුගානෙ ඔයාට වන්දි මුදලක් අරන් දෙන්න. ඔහොම හිටියොත් ගෑනු අපි හැමදාමත් පරාදයි ජිනා." චින්ත බේබි කියන කතාව ඇත්ත..පෑළ දොරින් පැන ගිය එකා නිවට නියාලුවෙක් නෙව.එහෙව් එකෙක් මයෙ බල්ලටවත් එපා. අපි පොලෝසිය ඉස්සරහින් වාහනේ නැවැත්තුවම සුදු මහත්තයයි රාමනායක මහත්තයයි ජිප් එකෙන් ඇවිත් කාරෙක හරස් කරල නැවැත්තුවා. රාමනායක මහත්තය මා දිහා බැලුවෙ හරියට යකෙක් වාගෙ. "චින්තා...මොනාද මේ පිස්සු වැඩ..? මේ කොහෙවත් යන එකියෙක් හින්ද නිකං අහක යන ප්‍රශ්න දාගෙන..? රට්ටු හිනස්සන වැඩ කරන්න හදන්න එපා.." එහෙම කියාගෙන රාමනායක මහත්තය මයෙ කම්මුලට ගහන්ට වාගෙ පැන්නේ. මං ඉහ පැත්තකට හැරෙව්වත් , වැල්පටකින් තලන්නැහේ මයෙ බෙල්ලෙ අහකට තද පාරක් වැදුනා. වාරු නැතුං මං අහකට විසික් වෙද්දි චින්ත බේබි වැරෙන් මාව අල්ලගත්තා "ඩැඩා..අතක් උස්සන්න එපා. අද ජිනාදරී මෙතන්ට ආවෙ මගේ කීමට. අපියි එයාගෙන් සමාව ඉල්ලගන්න ඕන තරමට වැරදි කරල තියෙන්නේ.ලැජ්ජයි මට ඩැඩා....ඇත්තටම ලැජ්ජයි" සුදු මහත්තය හිමිහිට වාහනෙන් බැහැල පොලෝසියේ ලොකු මහත්තැන් කෙනෙක් එක්ක මොන මොනවදෝ කතා කරා. මං උන්නෙ බය බිරන්ත වෙලා. ඔය පොලෝසි, උසාවි කියන්නේ සෙල්ලං තැන්‍ යැ. පොඩ්ඩ ඇත්තං අර යකඩ කූරු අස්සෙ ලගින්ට වෙන එකේ..චින්ත බේබි මොන එහෙකට මාව එක්කාන ආවද..? "ජිනා..ඔයා සිද්ද වුනු හැමදේම හංගන්නෙ නැතුව කියන්න. ඔයාට සාධාරණයක් වෙන විදිහට මේ අය නීතියෙන් කටයුතු කරයි. අනික ඔයාගෙයි දරුවගෙයි ආරක්ෂාවටත් හොඳයි.." එහෙම කියල චින්ත බේබි එහාට ගිහින් ඒ ඇත්තොත් එක්කල ලොකු කතාබහක. මං පුටුවෙ ඈඳිගත්තේ යාන්තමට වාගෙ.චින්ත බේබි මයෙ ඇස් මානෙං පේන විදිහට. සුදු මහත්තය කීප විඩක් මා,දිහා බැලුවත් ඒ බැල්මෙ තිවුනේ මා,එක්ක නොමනාපයක් කියලමයි මට හිතුනේ. "කියනව බලන්න තමුන්ගේ සම්පූර්ණ නම..?හ්ම්... ඉක්මනට අපිට තව වැඩ තියෙනවා... " එහෙම කිව්වේ පොලෝසියේ මහත්තැන් කෙනෙකුයි නෝන කෙනෙකුයි . ඒ දෙන්න ම‍ං දිහා කන්ට වගේ බලාන පුරස්න අහන්ට ගත්තා . මට මයෙ නමත් මතක නැතුං ගියේ බයටමයි. ඊටත් ලැජ්ජාවෙන් මං වටාපිටාව දිහා බැලුවේ අහන පුරස්න වලට.. මදැයි... මෙච්චර වින්නැහියක් වෙයි කියල හිතන්නෙ කොහොම..?මට බය හිතුනෙම පොලෝසියට ආවෙලේ ඉඳන් අර කූඩු අස්සෙ කූරු ගනින්ට වෙයිදෝ කියල..ඒත් මං කියන්ට තියෙන හැම දෙයක්ම මෙතනදි කියා දානවා. ආයෙ මීට වඩා තව මොනා වෙන්ට..? "..පී...ජී. ජිනාදරී ..." මං තතනමින් කියාගත්තට හරියට හඬ පිට වුනේ නෑ..පොලෝසියේ ඇත්තො මා දිහා බැලුවේ හරියට මිනිහෙක් මරාදාපු එකෙක් දිහා බලන්නා වගේ කෝපෙකින්. "සම්පූර්ණ නම කියනවා... මොකද කටේ පිට්ටුද... උඹේ...? " මෙවුං මයෙන් පුරස්න අහන්නෙ හරියට මං වැරැද්දක් කරා වාගෙ තරහවකින් . මේ හැටි සද්දෙන් කතා කරන්ට... වැරදි කල එකා පැත්තක නෙව..? ඌට එපාය අච්චු කරන්ට. "නම ... පල්ලෙ වත්තෙ ගෙදර ජිනාදරී .." "වයස ...? " "ම්...හරිහැටි නිච්චියක් නැතුවා.. දහනමයක් විස්සක් විතර..වෙන්ටැති මයෙ හිතේ.." මට වයස එකපාරටම නිච්චි නැතුං ගියා.මං චින්ත බේබි දිහා බැලුවට ඒ ඇත්ති උන්නෙ ටිකක් දුරට වෙන්ට. සුදු මහත්තය නං ඔය යස අපූරුවට ඉන්නෙ හිනාවෙවී පොලෝසි ඇත්තොත් එක්ක..? හඳුනයිය දන්න අඳුනන උදවිය නං ඔය හැම අහකම ඉන්නවා. ඒත් එයාට පයිණ්ඩයක් වත් යවන්ට විදිහක් නෑ නෙව. මේකෙ උං කවුරුත් මා දිහා බලන්නෙ අවලංගු කාසියක් ගානට...අවලමේ ගිය එකියක් කියල හිතන්නැහේ ඉංතේරුවෙන්ම "වයස දන්නෙ නෑ.. අනිත් සේරම දන්නවා.." ගෑනියෙක් වෙලත් හැබෑට තව ගෑනියෙක්ගෙ තත්වෙ තේරුංගන්ට බැරිනං ඔය ඇඳං ඉන්න කාකි බාච්චුවෙන් ඇති වැඩේ මොකක් කියල මට අහන්ට හිතුන. මට දුක මං නොකරපු වැරැද්දකට මේ හැටි අච්චු ගෙවන්ට සිද්ද වෙලා තියෙන්නෙ මොනාට කියල . අප්පුච්ච දැනගත්තොත් හෙම මං මෙහෙව් තැනකට ඇවිදින් පාච්චල් වෙනව කියල ..? "වයස දහනවයක් විතර ඇති නෝනා... " මයෙ අම්ම...අප්පුච්චගෙ නං ගං හිටං පොලෝසියෙන් ලියා ගත්තා. උපන් විස්තර ලියල තියෙන කොළ තියෙන වගක නං හාංකවිසියක්වත් මං දන්නෙ නැතුවා. මයෙ ඇඟ දියෙන් ගොඩදාපු මාළුවෙක් වගේ ගැහෙනව සට සට ගාලා. දෙයියනේ මං කියන දේවල් බේබි විස්වාස කරාට අනිත් උන් ගනිච්චියකට ගනීද...? සුදු මහත්තයා තාමත් පොලෝසි ලොක්කා එක්ක ලොකු කතාවක..රාමනායක මහත්තය නං උන්නෙ මූණට අබ මිටක් දැම්මොත් පුපුරන ගානට. කොයි යං වෙලාවක හරි මයෙන් වාඩුව ගන්ට වාගෙ.. "හා... දැන් කියනව සිද්දිය මුල ඉඳන්ම.." මං අඬා වැටෙද්දි මට සැරකරලා කූඩුවට දානව කිව්වම ඇඬිල්ල නවත්තල මං විස්තරේ කිව්වා. මං කියන සේරම දේවල් එක්කෙනෙක් ලියනවා. මට කියන්ඩ ලැජ්ජ හිතෙන එව්වත් ඒ ගොල්ලො මයෙන් හාර හාර අවුස්සාන ලියාගත්තා. "තමුන් මේ කිව්වෙ ඇත්තක් කියල පිළි අරං මේක කියවලා බලල මෙතනිං අත්සන් කරනවා.." මට ඒ අකුරු කියවගන්ට බෑ . එව්ව අර ගමේ වෙද මහත්තයගෙ අකුරු වලට හපං නෙව . චින්ත බේබි ඒ ටික කියවලා ඉහ වැනුවයින් පහු මං යාන්තං අටේ කැලෑසියට ගොහින් තියෙන්නැහේ අකුරු අස්සන ගැහුවා . සුදු මහත්තය මා දිහා බැලුවෙ මහ අපුලකින් වගේ.අපුලෙන් බලන්ට ඕන මම නෙව ..? බොරු පොරොන්දු දුන්නට.ඒත් මං විගහට බිම බලාගත්තා.. "මේ වගේ සිද්දියක් දැක්කමයි. සාමාන්‍යයෙන් දූෂණයකදි , අතවරයකදි සැකකාරයෙක් හඳුනගන්න ප්‍රධාන හෝඩුවාව ලැබෙන්නේ දූෂණයට ලක්වුනු කාන්තාවගෙන්..ඒ වුනාට මේ කෙල්ල දෙන කටඋත්තර පරස්පරයිනේ? එක්කෝ මිස්ලගෙන් සල්ලි ගරාගන්න කවුරු හරි මේ කෙල්ලව උසි ගන්නලා. එහෙම නැත්තන් සල්ලි කඩාගන්න මුන්ම හිතාමතා කරපු දෙයක් .ඕ.කේ අපි බැරිම වුනොත් මේක උසාවි දාමු...." මට බයටම ඇඩුම් ආවා. ඒත් මං සේරම කියනවා ඔය උසාවිය කියන තැනදිත්. ඊටත් දෙයියනේ ඔය පොලෝසියෙ මහත්තුරු කියාපු කාරණා දෙකම වැරදියි නෙව . මොන සල්ලි කඩාගන්ට කියලැයි මුසාවල් දොඩන්ට හෙම තමුන්නෙ ආත්මගවුරවේ පාවදෙන්නේ සංගෙ තියෙන ගෑනියක්. "එහෙනම් ඇලෙක්ස් ෆ්‍රීමන් මහත්තයගෙන් කට උත්තර ගන්ඩ වුවමනා නෑනෙ..? " "මොකද නැත්තෙ..? ඇලෙක්ස් ඔයත් මේ දේවල් වලට සම්බන්ධයිනෙ..මට ඕන මේ අහිංසක කෙල්ලට වුනු අපරාධයට සාධාරණයක් .." චින්ත බේබිගෙ කටේ බලේට විනක්කා පොලෝසිය සුදු මහත්තයගෙන් විළම්බෑසි හාරවුස්සන්ට ගියෙ නැතුවා. සුදු මහත්තය කිව්වෙ එව්ව එයාට අදාල නෑ කියල විතරයි. "හරි..අපි මේ ගැන හොයල බලන්නම් මිස්.. මොනා උනත් ඇලෙක්ස් මහත්තය මේ සිද්දිය වෙන වෙලාවෙ ඉඳල තියෙන්නෙ බදුල්ල රෝහලේ. ඔය කිරා කියන එකා කුදලගෙන ආවම ඇත්ත එළිවෙයි .." එක පාරටම පොලෝසියෙ දෙන්නෙකුත් එක්ක අපි උන් තැනට කඩා වැදුනේ ගුණසිරියා. ඌට පොලෝසිය හරියට උගෙ ගෙදර වාගෙ. මං හිතුවේ ඌව ආයිත් මොක හරි නොසංඩාල වැඩකට අරන් ඇවිත් කියල. ඒත් ඌ කෙළින්ම ඇවිත් හිටගත්තේ මා ගාව. "උඹ...මට නොකිය මක් කරනව.. මෙහේ...? සාජන් මහත්තයා .. මේ මං සහේට ගන්ට ඉන්න එකී.. මේකි මෙහෙ මක්කරනවද කියල බලන්ට ආවේ..හොඳ වෙලාවට මට දැකපු එකෙක් පයිණ්ඩෙ දුන්නේ..' හෙණයක් ගැහුව වගේ මේකා මෙවෙලෙ කඩාපාත් වුන එක ගැන මට එකපාරටම හිතාගන්ට බැරිවුනා. චින්ත බේබියි සුදු මහත්තයයි පුදුම වෙලා වාගෙ ගුණසිරිය දිහා බලං උන්නේ. "තමුන්ට පුළුවන්ද දැන් කටඋත්තරයක් දෙන්ඩ ? මේ ගෑනි කියන කතාවල ඇත්ත නැත්ත අපිට හොයාගන්ඩ ඕන..හ්ම්..වාඩි වෙනවා ඔහොම ' පොලෝසියේ මහත්තුරු ගුණසිරිය එක්ක මොනවදෝ කටු කුටු ගගා පොතේ ලියනවා. සුදු මහත්තය තව එක්කෙනෙක් එක්කල ඉංගිරිසියෙන් චක බක ගානව මට මොකුත් තේරුං ගියේ නැතුවා. "දැන් තමුන් මොකද කියන්නේ..? මූ කියන්නේ දරුවගෙ අප්ප මුගේය කියල. උඹල අපිවත් විහිළුවකට ගත්තද ?පොලීසියට වෙන වැඩ නෑ කියල හිතුවද උඹලා.. ?මිස්.. ඒකනෙ අපි කිව්වේ... " "මේකා කියන්නේ මුසා.....මයෙ කුසේ ඉන්න දරු පැටිය පල්ලා... හෙණ ගහනව දෙයියනේ මේ අවලං කතා වලට.." "උඹල එක්කාසු වෙලා ලොකු තැන්වලින් සල්ලි කඩාවඩා ගන්ඩ ගහන ගැට මේවා. උඹල වගේ උං අපි ඕනතරං දැකල තියෙනව උසාව් දැම්මොත් උඹලට සිද්ද වෙන්නෙ බොරු සාක්කි දුන්න කියල හිරේ විලංගුවේ වැටෙන්ඩ. මොකද කියන්නේ උඹලා..?මේක මෙතනින් විසඳගන්නවද නැත්තන් ...? " "අපි විසඳගන්නම් රාළහාමි..මේකිට දෙගුණෙ හැදිලද කොහෙදෝ...ආයි මේවයෙ ගාටන්ඩ එකෙක් නෑ.....ඕවට විසිකරන්ඩ අපට කාසි පනං ඇත්තෙත් නෑ.... මං කොහොමත් ලබන පෝයට ඉස්සරින් මේකි සහේට ගන්නවා..." "මේ සේරම මුසාවල්.. මයෙ දරුව පල්ලා.. චින්ත බේබි මාව විස්වාස කරනව නේද ? මට අනිත් උන්ගෙන් කාරි නැතුවා ..." මං බිත්තියකට වාරුවෙලා මහ හයියෙන් විළාප තිව්වේ චින්ත බේබි මා දිහා මහ වංචාකාරියක් දිහා බලන්නැහේ බලං උන්නු හන්දා.. අවසාන කොටසින් හමුවෙමු (සේයාරුව අන්තර්ජාලයෙනි)Aussi අයිශා - 02 කොටස උදේ නැඟිටිද්දි හයත් පහුවෙලා තිබුණා. මසර් හොඳටම නිදි. එයත් අද නිවාඩු එකේ ඔන්න ඔහෙ තව ටිකක් නිදාගන්නවා කියලා මං හිතුවා. හොඳට නිදාගන්නවා කියලා හිතුවට ඇඳේ එහෙට්ට මෙහෙට්ට පෙරලි පෙරලි හිටියා විතරයි. නින්ද අහලකටවත් ආවේ නෑ. මසර්නම් හොඳටම නිදි. මූණේ යාන්තමට හිනාවකුත් තිබුණා. එයාගෙ නින්දට බාධා නොකර මං හිමින් සීරුවේ නැඟිටලා කුස්සිය පැත්තට ගියේ මගෙ ස්ක්‍රබ් එක හදාගන්න. යෝගට් ටිකකුයි කෝපි කුඩු ටිකකුයි දාලා හදන මේ ස්ක්‍රබ් එක මං පුරුදු වුණේ මසර්ගේ නැන්දගේ පොඩි දුව කරීමාගෙන්. ඒ පවුලෙන් මට හිතවත් එකම කෙනත් වුණේ කර්‍ර්මා. මෙහෙ පදිංචියට එන්න කලින් මසරුයි මායි බැඳපු අලුත හිටියේ මසර්ගේ නැන්දගේ ගෙදර. මසර් වැඩට ගියාම ඒ ගෙදර මට කතා කරන්න කියලා හිටියේ
කරීමා විතරයි. පවුලෙන්ම ලස්සන කෙල්ල. හැමදේටම දක්ෂයි. එහෙ හිටපු කාලේ මං කරීමගෙන් සෑහෙන්න දේවල් ඉගෙනගත්තා. අපි මෙහෙ පදිංචියට ඇවිත් මාස දෙක තුනක් විතර ගියාට පස්සේ කරීමගෙ කසාදෙත් තීන්දු වුණා. සවුදි ඉන්න මසර්ගේ මාමගේ යාළුවෙක්ගේ පුතෙක්ව තමයි කරීමට කතා කරලා තිබුණේ. මහ ඉහලින් කසාදේ කරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි කරීමා ගෙදරින් අතුරුදහන් වුණා. දවස් දෙක තුනක් කරීමා ගැන හොයලා කිසිම ආරංචියක් නැති තැන කරීමා කොල්ලෙක් එක්ක පැනලා ගිහින් කියලා හැමෝම හිතුවා. මේ වෙනකම් එයා ගැන කිසිම තොරතුරක් දැනගන්න ලැබුණේ නෑ. උදේට කෑම හදන්න ලෑස්ති වෙනකොටම තමයි මසර් නැඟිට්ටේ. මසර් නිවාඩු දවස්වල උදේට මං ගොඩක් වෙලාවට හදන්නේ මොනවා හරි සැහැල්ලු කෑම වේලක්. ඒ නිසා මං හිතුවා උදේට මසාලා බ්‍රෙඩ් ඔම්ලට් හදන්න. ඒවා කාලා ඔරේන්ජ් ජූස් එකක් බිව්වම හොඳටම ඇති. “ඔයා අම්මට කතා කළාද අයිශා..." බ්‍රෙඩ් ඔම්ලට් කෑල්ලක් කටේ ඔබාගන්න ගමන් මසර් ඇහුවා. "තාම නෑ...කාලා ඉවර වෙලා කතා කරන්න ඕනි. ඒ එක්කම අක්කලටත් කතා කරලා කියන්න ඕනි.." " හ්ම්ම්..මේ අයිශා..ඔයාලගේ අම්මලගේ දිහා ගිහින් එන ගමන් තව තැනක් තියෙනවා. අපි එහෙට්ටත් ගොඩ වෙලාම එමු." "ඒ කොහෙද?.." "මගේ නැන්දගේ දිහා..ඔය පොඩි පොඩි අමනාපකම් තිබුණට පුංචි කාලේ මාව බලාගත්තේ ඔය මිනිස්සුනේ..." "හහ් හොඳ පොඩි...ඔව් ඉතින් ඔයාට මොනවත් කිව්වේ නෑනේ. කියන හැම එකම කිව්වේ මටනේ...ඒ ගෙදර කරීමා නොහිටින්න මට පිස්සු හැදිලා තමයි නතර වෙන්නේ. මට නම් බෑ ආයෙ ඔයාගෙ නැන්දගෙ කියවිල්ල අහන්න එහෙ යන්න. ඔයාට ඕනිමනම් ඔයා ගිහින් එන්න..." එක හුස්මට වේගෙන් කියවගෙන ගියපු මං ඒ වේගෙන්ම ඉස්සරහ තිබුණු දොඩම් වීදුරුවත් එක හුස්මට බීගෙන බීගෙන ගියා. "හරි හරි ආයෙ ඒ කතා ඇඳලා ගන්න ඕනි නෑ. අපි හොඳ ගමනක් යන්නනේ ඉන්නේ. ඕවා අමතක කරලා ඒකට ලෑස්ති වෙමු. මං ගිහින් කතා කරලා එන්නම්. ඔයා එතකන් අම්මලගේ දිහාවේ ඉන්න." එහෙම කියපු මසර් කෑම මේසෙන් නැඟිටලා ගියා. දොඩම් වීදුරුවත් බාගයයි බීලා තිබුණේ. කෑම එකත් සම්පූර්ණයෙන්ම කාලා තිබුණේ නෑ. තරහෙන්වත්ද? නැත්නම් නැන්දලගේ දිහාවේ යන්න මං කැමති වෙලා මේ බාගෙට බීපු බීම එකයි කෑම එකයිත් අරගෙන ළඟට ඇවිත් අපි නැන්දලගේ දිහාවේ යමු කියයි කියලා හිතුවද දන්නේ නෑ. ඒවනම් මේ සැරේ වෙන්නේ නෑ. එක පාරක් එහෙ ගිහින් හොඳට මට්ටු වෙලා ආවේ. තව ටිකෙන් අපෙ කසාදෙත් ඉවර වෙනවා ඔය නැන්දෙක් නිසා. ආයෙනම් කීයටවත් ඒ මෝඩ වැඩේ කරන්නේ නෑ කියලා හිතාගෙන මං කෑම මේසේ අස් කරන්න පටන් ගත්තා. මසරුයි මායි දෙන්නම එකම ගමේ. අපි ජීවත් වුණේ පේශාවර් සිටි එකේ ඉඳලා කිලෝ මීටර් තිහ හතලිහක් විතර ඇතුලට වෙන්න. එයාගෙ තාත්තයි මගෙ තාත්තයි හොඳම යාළුවෝ. තාත්තලා දෙන්නගේ යාළුකම නිසාම අපි දෙන්නත් හොඳම යාළුවෝ වුණා. ඒ යාළුකම තමයි පස්සේ ආදරේකට පෙරළුනේ. මසර්ගේ අම්මයි තාත්තයි ඇක්සිඩන්ට් එකකින් නැතිවෙද්දි මසර්ට අවුරුදු දහයයි. මට නමයයි. ඊටපස්සේ මසර්ව බලාගෙත්තේ මසර්ගේ නැන්දා ඒ කියන්නේ මසර්ගේ තාත්තගේ එකම නංගි. එයාලා හිටියෙත් අපි හිටපු පළාතෙමයි. හැබැයි කුලියට. මසර්ගේ අම්මයි තාත්තායි නැතිවුණු ගමන් නැන්දයි එයාගෙ මහත්තයයි ළමයි තුන්දෙනයි ඔක්කොම ඇවිත් මසර්ගේ ගෙදර නතර වුණා. නැන්දා මසර්ගෙයි මගෙයි සම්බන්ධෙට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. එළිපිටනම් කිසිම විරුද්ධත්වයක් පෙන්නුවේ නෑ. කතා කළේ හරියට පණ දෙන්න වගේ. ඒ වුණාට එයාගෙ ලොකු දුව මයිරා ට මසර්ව ජෝඩු කරන්න ලොකු ඕනිකමක් එයාට තිබුණා. මයිරාත් මගෙ වයසේ. එයත් කොයි වෙලෙත් දැඟලුවේ මසර්ව අල්ල ගන්න. අපෙ අම්මනම් කිව්වේ නැන්දා එයාගෙ දුවව මසර්ගේ කරේ එල්ලන්න හදන්න ඇත්තේ ගේ අයිති කරගන්න වෙන්නැති කියලයි. කොහොමින් කොහොම හරි මසරුයි මායි කසාඳ බැන්ඳා. ඊටපස්සේ ඉතින් අකමැත්තෙන් හරි මට ජීවත්වෙන්න වුණේ මසර්ගේ නැන්දායි ඒ පවුලේ උදවිය එක්කයි. මසර් ඒ දවස්වල වැඩ කළේ පේශාවර් වල හොටෙල් එකක. දුර වැඩි නිසා සමහර දවස් වලට ගෙදර ආවෙ දවසක් ඇර දවසක් වගේ. මසර් ගෙදර නැති වෙලාවට නැන්දයි, මයිරායි මාත් එක්ක කතා කළේම නෑ. හැබැයි ඉතින් මට ඇහෙන්න දෙන්නා එක්ක එකතු වෙලා කොයිවෙලෙත් ආඩපාලි කියවන්න ගත්තා. නැන්දගේ පුතා හම්සා නම් මාත් එක්ක ඉඳහිට කතා කළා. නැන්දා කියලද කොහෙද පස්සේ පස්සේ හම්සා මාව මූණට හම්බුණාම යන්තම් හිනාවෙනවා විතරයි. මාමානම් ඉතින් කොහොමත් කා එක්කවත් වැඩි කතාබහක් නෑ. අනේ කරීමානම් කොයිවෙලෙත් මගෙ පස්සෙන්මයි හිටියේ. හරිම හොඳ කෙල්ල. දැන් කොහේ මොනවා කරනවද දන්නේ නෑ. බැඳලා අවුරුදු දෙකක් ගිහිල්ලත් අපිට ළමයි නැති එක මසර්ගේ නැන්දට ලොකු ප්‍රශ්නයක් වුණා. "මේ පුතේ... මොනවත් වෙනසක් නැති එකේ නරකද වෙන අතක් බලාගත්තොත්. අනුන්ගේ අඩුපාඩු වලට උඹ විඳවන්න ඕනි නෑනේ." ඒ දවස්වල මන්තරේ වගේ මසර්ට ඕක කියන්න නැන්දා පුරුදු වෙලා හිටියා. "අපි තාම ඒ ගැන හිතුවේ නෑ නැන්දේ..තව කල් තියෙනවානේ..." ඒ හැමපාරම මසර් දුන්නේ ඔය උත්තරේ. ළමයෙක් නැති එක ගැන කිය කිය මසර්ගේ නැන්දා ඒ ගෙදර මට අපායක් කළා. අන්තිමට මං ඕන එකක් වෙන්න කියලා මසර් වැඩට ගියපු වෙලාවක ඒ ගෙදර දාලා අපේ ගෙදර ආවා. මං ගෙදරින් ගියාට පස්සේ මසර් ඒ ගෙදර පැත්ත පලාතෙවත් ආවෙ නෑ කියලා කරීමා මට කෝල් කරලා කිව්වා. මසර් ඉඳලා තියෙන්නේ පේශවර් වල එයා වැඩ කරපු හොටෙල් එකෙන් එයාට දීලා තිබුණ අකමඩේශන් එකක. අපි ඔය විදියට මාස දෙකක් විතර හිටියා. ඒ කාලේ ඇතුලත මසර් මාව බලන්නවත් අපේ ගෙදර ආවේ නෑ. හැබැයි අපෙ තාත්තට කීපසැරයක්ම කතා කරලා තිබුණා. මසර් මාව එක්කන් යන්න ආවේ කරච්චි කිට්ටුව හොටෙල් එකක එයාට රස්සාවක් ලැබුණට පස්සේ. ඊටපස්සේ අපි දෙන්නට ඉන්න කරච්චි කිට්ටුවෙන්ම මසර් මේ ගෙදර කුලියට ගත්තා. මහා ලොකු ගෙයක් නෙමෙයි වුණත් දැන් මං මේ ගේ ඇතුලේ නිදහසේ ජීවත් වෙනවා. "මං ගේ නැන්දගෙ නමට ලියලා දුන්නා අයිශා..." මේ ගෙදර පදිංචියට ආපු පළවෙනි දවසෙ රෑ මසර් කිව්වා. එයාට කතා කරන්න ඉඩ දීලා මං අහගෙන හිටියා. "එයා මාව පොඩිකාලේ බලාගත්තනේ. ඒකට හිලව් වෙන්න මං ගේ එයාගෙ නමට ලියලා දැම්මා." මසර් තව මොනාහරි කියයි කියලා හිතුවත් එතනින් එහාට මසර් කිසිදෙයක් කතා කළේ නැහැ. එදායින් පස්සේ තමයි මසර්ට රට යන්න ඕනි වුණේ. එයා කිව්වේ දියුණු වෙන්නනම් රට යන්නම ඕනි කියලයි. ඇයි මේ රටේ ඉඳලා දියුණු වෙච්චි මිනිස්සු නැද්ද කියලා අහද්දි මසර් හිනාවෙලා කතාව වෙනස් කරනවා. මට හිතුනෙම මෙදා පාර මසර් නැන්දව බලන්න යන්නෙ නැන්දා ගැන අනුකම්පා හිතිලාවත් පරණ නෑදෑකම් මතක් වුණ නිසාවත් නෙමෙයි. එයා රට යනවා කියලා උජාරුවෙන් කියලා එන්න. උදේටත් හරියකට කෑවේ නැති එකේ දවල්ට මසර්ගේ ජාතික ආහාරේ වෙච්චි දාල් චාවල් හදලා දෙන්න ඕනි කියලා මං හිතුවා. "මට හිතුණා දාල් චාවල් වෙන්න ඇති කියලා. කාමරේට සුවඳ ආවා..." කුස්සියට එබෙන ගමන් මසර් කිව්වා. ඒ වෙලේ මං හිටියේ පපඩම් බඳින ගමන්. පැන්ට්‍රිය උඩින් වාඩිවුණු මසර් බැඳපු පපඩමක් කටේ දාගත්තා. "පේශාවර් යන්න මං ලබන සඳුදා රෑ දහයේ ට්‍රේන් එක බුක් කළා." කර කර ගගා කට ඇතුලේ පපඩම කුඩු වෙද්දි මසර් කිව්වා. "ඒ කියන්නේ අපිට බදාදා උදේ වෙද්දි එහෙට යන්න පුළුවන්. මං අම්මට කියන්නම්." මං කිව්වා. අද දවල් කෑමට තිබුණේ දාල් චාවල් නිසා කන වේලාවෙදිනම් මසර් කතා කරේම නැති තරම්. මං මොකක් හරි ඇහුවමත් තනි උත්තරයයි එච්චරයි. ඒ ඉතින් එයාගෙ විදිය. මසර් සාමාන්‍යයෙන් එයා ආසම කරන කෑමක් තිබුණොත් කතා කරනවා අඩුයි. එයා කියන්නේ ආසම කෑමක් කනකොට ඒක විඳින ගමන් පාඩුවේ කන්න ඕනි කියලයි. මට නම් ඉතින් එහෙම එකක් නෑ. මං හරි ආසයි එයත් එක්ක කියව කියවා කන්න. කෑමෙන් පස්සෙත් මසර් හිටියේ ෆෝන් එකේමයි. කොහොම හරි අද දවසම මසර් කාලේ ගත කළේ හතර වටේම ඉන්න නෑදෑයින්ට වීසා වැදුණු විස්තරේ කියන්න. හැබැයි නැන්දලගේ දිහාවටනම් කෝල් කරේ නැද්ද කොහෙද. ආ එහෙට ගිහිල්ලම කියන්නනේ ඉන්නේ. මං බැල්කනියට ගිහින් එතන තිබුණු පුටුවෙන් වාඩිවුණේ අම්මට විස්තරේ කියන්න. ගොඩක් වෙලාවට මං අම්මට කෝල් ගන්නේ මෙතන ඉඳන්. විස්තරේ අහපු ගමන් අම්මනම් සෑහෙන්න සතුටු වේවි. අනේ මන්දා ඒත් මගෙ හිතේනම් කිසිම සතුටක් තිබුණේ නෑ. දන්න කවුරුවත් නැති බස බස ගගා ඉංග්‍රීසි කතා කරන රටක කොහොම ජීවත් වෙන්නද කියලා මං හිතාගන්න බැරුව හිටියේ. මතු සම්බන්ධයි. බුද්ධි ජයවීර (කතාව කියවලා අදහස් දක්වන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති )වළාකුළකට උඩින් සැඟවුණු ලෝකයක් ගැන නොදුටු විලසා... පයට පෑගෙන දූවිල්ල ලඟ ලියයි කවියක් ... ලියයි කවියක් සොඳුරු මිනිසා... සොබාදහමේ සිහින ඔක්කොම සිතින් පිරිමැද විමස විමසා... ප්‍රේමයේ දිගු වන්දනාවේ දැහැන් ගත වෙයි ... දැහැන් ගත වෙයි සොඳුරු මිනිසා... රස, සුවඳ ,ගුණ ,පාට ඉල්ලා යදින දන මන ඉවස ඉවසා... අනා දූවිලි පොලොව හොල්ලා සිතුමිණක් ලොව... සිතුමිණක් ලොව සොඳුරු මිනිසා... ❤🔑 ...ශ්‍රීමතී වල්පොල ...😍 සැමියා කාලෙකින් නොගිය හින්දා යමු සවාරියක්... ආලෙකින් වෙලෙන්නත් බැරි නුඹ උසාවියක්... මාල ,තැලි , වළලු පැලඳූ පුංචි සාවියක්... අම්මප ... චිංචිමානවිකා වගෙයි නැහැනෙ කාරියක්... ❤ බිරිඳ සරස්වතිය ගෙට කැන්දා කරන කාලියක්... හරස් කරල ජීවිතය ම හදන වහලියක්... හිතන් ඉන්නෙ දුන්නම ඇති ළමයි පේලියක්... අම්මප මට කොහොමත් එකයි මටත් නැහැනෙ කාරියක්... 😍 සැමියා ළමයි මත්තෙ නැහි නැහි ගත්තානෙ වීරියක්... මටත් මව වගේ පුදුමයි මාතු බාරියක්... පැහැර හැරිය හින්දා නුඹ රාජකාරියක්... අම්මප ... වරද නුඹේමයි , හොඳ නෑ වෙන්න ගෝරියක්... ❤ බිරිඳ කනින් කොනින් ඇහුනා කල දේවකාරියක්... දරු හින්දම අබිනික්මන් නොකල වීරියක්... මරු කියවන්⁣ නෑ මම මට වේවි හානියක්... අම්මප ⁣ගත්තෙ නැත්තෙ ඇයි අඳ, ගොළු, බිහිරි ගෑණියක්... 😍සැමියා උපන් දිනය ඇනිවසරිය වුණත් අමතක... සටන් කලේ තබන්න දරු පවුල විමනක... කොයි වෙලේද නොදන්න ජීවිතේ කෙමනක... අම්මප කොහේ ගියත් ගෙදර තිබු⁣ණෙ හිතේ නිවනක... ❤ බිරිඳ ගමක කුඹුරු හාලා නාලා ඇඹුල නැකතක... දරුවන්ගෙත් නම් පැටලුන
යුගය අමතක... මගේ හිතත් ගියා බොලන් ලඟදි වෙනතක... අම්මප ඇඹුල උයන්නෙත් දැන් දැන් වෙනම රසකට... ❤😍 ...ශ්‍රීමතී වල්පොල ...“අද මනුස්සයා එන්නෙ නැද්ද?” අවන්හල් සේවකයා කල්පනා කළේ අවන්හලේ අඳුරුම කොනේ ඇති මේසයත් පුටුවත් තාමත් හිස්ව තිබෙන නිසාය. වෙනදාට නම් මේ වෙද්දී ඔහු පැමිණ අවසන්ය. පැමිණ අවසන් පමණක් නොවේ. ඒ පෙනෙන මේසයේ වාඩිගෙන මධුවිතින් දෙතොල තෙමීමේ කටයුත්තත් පටන් ගෙන අවසානය. “අන්න අර මනුස්සයාට යන්න කියනවා..” අවන්හල් හිමිකරු තමාට කෑ ගසා.. “සර් අපි දැන් වහනවා.. සර් දැන් යන්න..” යැයි තමා ඔහුට පවසනා තෙක්ම ඒ අඳුරු කොනේ ඒ රුව රැඳී තිබෙයි. සේවකයාට ඒ මොහොත සිහිවිය. හිස පහත් කරගෙනම නොරිස්සුමෙන් මෙන් ඔහු නැඟී සිටින්නේ තමා එසේ කියා අවසන් වූ විටය. මේසයෙන් මේසයට පුටුවෙන් පුටුවට අත තබමින් අල්ලා ගනිමින් අවන්හලේ දොරටුව දක්වා පැමිණෙන ඔහු අවන්හලේ දොරටුවට බරවී මොහොතක් රැඳී සිටී. එක්වරම සිරුරට වාරුවක් ගන්නා ඔහු විසි වෙවී ගොස් අවන්හල ඉදිරිපිට නවතා ඇති මෝටර් රථයට ගොඩවෙයි. අනතුරුව රථය ආපසු හරවා ගන්නා ඔහු වේගයෙන් රථය ධාවනය කරමින් නොපෙනී යයි. සේවකයා ආපසු අවන්හලට ගොඩ වන්නේ එසේ ඔහු නොපෙනී යන තෙක් බලා හිඳීමෙන් පසුවය. එම දින චර්යාව ඔවුන් දෙදෙනාටම දැන් පුරුදුය. “දෙමව්පියන්ගෙ සල්ලිවලට කරන්න දෙයක් නැති කාලකණ්ණියෙක්ද කොහෙද?” ඔහු පිටව යන දෙස බලා සිටින අවන්හල් හිමිකරු සේවකයාට ඇසෙන්නට පැවසූවේ වරක් දෙවරක් නොවේ. “මල්ලී...” තමාගේ කන ළඟීන් ඇසුණු කටහඬින් සේවකයාගේ කල්පනාව බිඳී ගියේය. සැණෙකින් ඔහු හැරී බැලුවේය. මෙතෙක් වෙලා තමාගේ කල්පනාවේ කතානායකයා තමා ඉදිරිපිටින් ඇවිද යයි. අපිළිවෙල කොණ්ඩයෙන්, නොකැපූ රැවුලෙන් වැසී ඇති ඒ කඩවසම් තරුණ පෙනුම සේවකයාගේ සිතට ගෙන ආවේ දුකකි. මත්පැනින් සේදී යන්නේ ඒ කඩවසම් තරුණකමය. “මුල් දවස්වල වගේ නෙවෙයි. හොඳටම ඇදිලා ගිහින්..” සේවකයාට සුසුමක් හෙලුණේ අනුකම්පාවටය. තරුණයා පුරුදු ගමනින්, සෙමින් සෙමින් ඇවිදගෙන ගොස් තම සුපුරුදු මේසයෙන් වාඩිවෙද්දී සේවකයා ඔහුට අවශ්‍ය කලමනා ඒ මේසය මත තබා අවසන්ය. මාස හය හතක සිට ලැබෙන එකම ඇණවුම ඔහු දැන සිට්යේය. වෙනසක් වුවා නම් ඒ මත්පැන් ප්‍රමාණයේ පමණි. එය එන්න එන්නම වැඩිවෙමින් තිබුණේය. “ස්තූතියි..” තරුණයාගේ මුවින් පිටවෙන එකම වචනය ඒකය. අනතුරුව අවන්හලේ වැඩ කටයුතු නිමා වන තෙක්ම ඔහු තනිවම මත්පැනෙහි ගිලෙයි. තරුණයා තමා හැරෙන්නට අවන්හලේ කිසිවෙකු සමඟ කතා කරන බවක් සේවකයා දැක තිබුණේ නැත. කෙදිනක හෝ මිතුරෙකු සමඟ පැමිණ ඇති බවක්ද මතකයේ නැත. අඩුම තරමේ දුරකථනයක්වත් රැගෙන පැමිණි බවක් සේවකයාගේ දෑසට හසුව නැත. “කවුද ඒ මනුස්සයා.. කොහේ කෙනෙක්ද? මොනවා කරන කෙනෙක්ද?” අවන්හලේ හිමිකරුගේ සිට සියල්ලන්ටම තිබූ ප්‍රශ්නය ඒකය. අඳුර වැටීගෙන එද්දී ඔහේ ඇඳ පැළඳගෙන අවන්හලට ගොඩවී, යන්තමට ආලෝකය වැටෙන අඳුරුම කොනේ මේසයකට වී, කිසිවෙකු සමඟ කිසිදු කතා බහක් නොමැතිව අවන්හල වසා දමනා තෙක්ම මත්පැන් තොලගාමින් සිටින මේ අපිළිවෙල තරුණයා, මුල් කාලයේ, අවන්හලේ සැමටම ප්‍රශ්නයක්ව තිබිණි. ඔහු කවුදැයි කිසිවෙකු නොදත්තේය. ඔහු එන්නේ කොහේ සිටදැයි, ඔහු කරන්නේ කුමක්දැයි, දන්නා කිසිවෙක් අවන්හලේ නොවීය. ඔහු සමඟ කතා කරන්නට සියල්ලන්ටම අවශ්‍ය වුවද තරුණයාගෙන් එයට අවස්ථාවක් නොලැබිණි. කාලය ටිකෙන් ටික ගෙවී යත්ම ඒ උත්සාහයන් අතහැර දැමිණි. තරුණයා සමඟ කතා කරනවා තබා ඔහුගේ පුරුදු මේසයේ වාඩිවෙන්නටවත් කිසිවෙකු ඉදිරිපත් නොවීය. අඳුරු කොන, මේසය පුටුව, තරුණයාටම වෙන්වි ගියේය. අවන්හලට පැමිණෙනවුන්ට ඔහුගේ තිබූ විශේෂත්වය අමතකව ගියේය. ඔහුව අමතක කර පසෙකට දැමිය නොහැකි වු එකම පුද්ගලයා වූවේ මේ සේවකයාය. තරුණයාගේ දසුන ඔහුගේ හිතේ ඇඳී තැන්පත්ව තිබුණේය. ඒ, සෑම දිනකම තමාට වැඩිපුරම මුදලක් ලැබෙන්නේ ඔහුගෙන් වීම නිසාදැයි ඔහු කල්පනා කර බලා තිබුණත් එය එසේ නොවන බව ඔහු තේරුම් ගෙන තිබිණි. එය තමාටද නොතේරෙන අමුතුම හැඟීමකි. “සර් අපි දැන් වහන්න යන්නෙ..” සේවකයා තරුණයා අසලට ගොස් සුපුරුදු වාක්‍යය පැවසුවේය. තරුණයා වෙනදා මෙන් එක වර නැඟී සිටියේ නැත. ඔහු අන් කවරදාටවත් වඩා මත්පැන් ගෙන ඇති බව සේවකයා දැන සිටි බැවින් ඔහු මොහොතක් එතැනම රැඳී බලා සිටියේය. ඔහුට පුදුමයක් දැනුණේ තරුණයා සෙමින් හිස ඔසවා තමා දෙසට හැරෙනු දුටු අවස්ථාවේය. මීට පෙර කිසි දිනෙක තරුණයා එසේ බලා ඇති බවක් ඔහුගේ මතකයේ නොවීය. පුදුමය දෙගුණ තෙගුණ වූවේ අපිළිවෙලට වැටුණු කෙහෙරැළිවලින් බාගෙට වැසී ගිය ඒ දෑස් දුටු විටය. කඳුළු... ඒ බොර පාට මලානික ඇස්, කඳුළුවලින් පිරී තිබුණේය. එසේ නම් ඔහු කවදාවත් හිස ඔසවා නොබලන්නේ…. “සර්..” සේවකයාගේ මුවින් පිටවූවේ කම්පිත හඬකිනි. ඒ කඳුළු ඔහුගේ හිතටද බරක් ගෙන දී තිබිණි. “මාව කාර් එකට ගෙනිහින් දාන්න.“ තරුණයාගේ හඬෙහි තිබූ ශෝකී බව සේවකයාගේ පපුව විනිවිද ගියේය.ඔහු යමක් කීමට සැරසුණත් තරුණයාගෙන් එයට ඉඩක් නොලැබිණි. “ඉක්මනට...” කවදාවත් නැති ඒ නියෝගයට සේවකයා අවනත විය.ඔහු ප්‍රවේශමෙන් තරුණයාව තම සිරුරට වාරු කරගෙන ගොස් රථයේ රියදුරු අසුනේ වාඩි කළේය. තරුණයාට රිය පදවාගෙන යාමට හැකිදැයි යන සැකය සේවකයාගේ සිතට නැඟී තිබුණද ඒ පිළිබඳ කළ හැකි යමක් ඔහුට නොවීය. තමා කුඩා මිනිසෙකි. “පරිස්සමින් යන්න සර්...” මිමිණූ ඔහු, තරුණයා රථය හරවාගන්නා තෙක්ම විදුලි බුබුළුවලින් ආලෝකවත්ව ඇති අවන්හල ඉදිරිපස අයිනකට වී බලා සිටියේය. හැරවූ රථය නැවත ඔහු ඉදිරියේ නතර විය. විදුලි එළිවල දිස්නය වැදී දිදුලන මෝටර් රථය දෙස ඔහු බැලුවේ පුදුමයෙනි. ඊළඟ මොහොතේ ඉදිරිපස වීදුරුව සම්පූර්ණයෙන් පහත් වනු ඔහුට පෙනිණි. එළියට ආ තරුණ අතෙහි වූ පාර්සලයක් සේවකයාගේ දෑත් මත තැබුණේ ක්ෂණිකවය. තප්පරයකට පසු රථය වේගයෙන් ඉගිල යනු ඔහු ගල් ගැසී බලා සිටියේය. කිසිවක් සිතා ගත නොහැකිව සිටි හෙතෙම පියවි සිහියට පත් වූවේ රථය නොපෙනී ගියායින් පසුය. ඔහු පසෙකට ගොස් පාර්සලය විවර කළේය.ඒ සැණින් ඔහුගේ දෑස විශ්මයෙන් එළියට පනින්නට ඔන්න මෙන්න විය. ඔහු අතෙහි තබා තිබුණේ අති විශාල මුදල් නෝට්ටු ප්‍රමාණයක පාර්සලයකි දින තුනක් ගෙවී ගියේය. තරුණයා අවන්හල වෙත පැමිණෙන තෙක් සේවකයා ඒ දින තුනෙහි සෑම තප්පරයකම බලා සිටියේය. එහෙත් තරුණයා පැමිණියේ නැත. අඳුරු මේසයත් පුටුවත් දකින සෑම මොහොතකම සේවකයා නොසන්සුන් විය. “එදා රෑ අනතුරක්වත් වුණාද?” සේවකයාට දැනුණේ තමා ගැනම වරදකාරී හැඟීමකි.ඔහු අවන්හලේ රාජකාරිය පවා නිසිලෙස කරගැනීමට නොහැකි තත්වයට පත්ව සිටියේය. සිවුවන දිනටත් තරුණයා නොපැමිණි විට සේවකයා තීරණයක් ගත්තේය. අවන්හල් හිමියා හමු වූ ඔහු දින තුනක නිවාඩුවක් ඉල්ලා සිටියේය. එහෙත් නිවාඩු ඉල්ලා සිටින්නේ කුමකටදැයි විමසූ විට එයට නිසි හේතුවක් ඉදිරිපත් කරගැනීමට ඔහු අපොහොසත් විය. ඔහුට ලැබුණේ දිනක නිවාඩුවක් පමණි. ඉක්මනින් නිවසට ගිය සේවකයා සඟවා තිබූ තැනින් මුදල් පාර්සලය අතට ගත්තේය. ඒ තුළ තිබූ යමක් අතට ගත් ඔහු ඒ දෙස විමසිල්ලෙන් බලා සිටියේය. ‘නගරයේ තරමක ප්‍රසිද්ධ හෝටලයක බිල්පතක්..’ මෙය මේ පාර්සලය ඔතා තිබූ කවරයෙහි ඇලවෙන්නට ඇත්තේ අහම්බෙන් බව සේවකයා විශ්වාස කළේය. එහෙත් දැන් ඔහුට එය දෙවියන් දුන් තිළිණයක් සේ ප්‍රයෝජනවත්ය. අදාළ හෝටලයට ගිය ඔහු බිල්පත පෙන්වා තරුණයා ගැන විමසා සිටියේය. තොරතුරු ලබාගන්නට ඔහුට සෑහෙන වේලාවක් බලාසිටින්නට සිදු විය. “කණගාටුයි. ඒ මහත්තයා මාස ගානක් මෙහෙ නැවතිලා හිටපු බව ඇත්ත. ඒත් දැන් දවස් හතරකට කලින් ඔහු සියළු ගෙවීම් අවසන් කරලා කාමරේ යතුරත් අපට බාර දීලා මෙහෙන් පිට වෙලා ගිහින් තියෙනවා.” හෝටලයෙන් ලැබුණු පිළිතුරත් සමඟ සේවකයාගේ සියළු බලාපොරොත්තු එකවර බිඳ වැටුණද ඔහු තම උත්සාහය අත් නොහළේය. සෑහෙන වෙලාවකට පසු ඔහු නගරයෙන් කිලෝමීටර සිය ගණනක් දුරින් පිහිටි වෙනත් නගරයක් වෙත යන්නට දුම්රියට ගොඩ වී සිටියේය. තරුණයා විසින් හෝටලයට ලබා දී තිබූ ඔහුගේ ලිපිනය සඳහන් කඩදාසි කැබැල්ලක් සේවකයාගේ අතෙහි විය. තරුණයාගේ නිවස අසලට පැමිණි සේවකයා දුටුවේ එහි ගේට්ටුව බාගයක් හැර දමා තිබෙන අයුරුය. මෝටර් රථය මිදුලේ ඉදිරිපසම පෙනෙන්නට තිබේ. “එහෙනම් ඔහු ඉන්නවා ඇති”. සේවකයාට සතුටක් දැනුණේය. ඔහු වටපිට බලමින් එහෙත් කඩිනමින් නිවස වෙත පා තැබුවේ තරුණයා හමුවී කිව යුතු දේ සිතෙහි ගලපා ගනිමිනි. නිවසේ ඉදිරි දොර අසලට පැමිණි සේවකයා බාගයක් විවෘතව තිබූ දොරට තට්ටු කළේය. ඔහුගේ සිතට අමුත්තක්ද දැනෙමින් තිබුණේ නිවස හෝ ගෙවත්ත සෑහෙන කාලයක් මිනිස් ඇසුරක් ලබා නොමැති බව පෙනෙද්දීය. “ලොකු කාලයක් හෝටලේ හිටියා කිවුවනෙ.” ඔහු අමුත්ත පාලනය කර ගැනීමට උත්සාහ කළේය. කීප වරක්ම දොරට තට්ටු කළද කිසිවෙකුගේ පිළිතුරක් නොමැති වෙද්දී සේවකයාගේ සිත නැවතත් නොසන්සුන් වන්නට පටන් ගත්තේය. ඔහු දොර ළඟින් මෑත්ව වල් බිහිව ඇති ගෙමිදුලේත් නිවස වටාත් රවුමක් ඇවිද බැලුවේ තරුණයා ඒ කොතැනක හෝ සිටින්නට ඉඩ ඇතැයි සිතාගෙනය. එහෙත් පාළු බවත් කුමක්දෝ දුර්ගන්ධයකුත් සිත වෙලාගත්තා විනා ඒ කොතැනකවත් තරුණයා දක්නට නොවීය. මොහොතක් නතර වූ ඔහු, මෙතැනින් නොයා තමා දුරටත් මෙහි රැඳී සිටින්නේ කුමකටදැයි කල්පනා කළේය. බොහෝ දුරක් පැමිණ එසේ හිස් අතින්ම යා යුතුද? අවසන් උත්සාහයත් ගෙන බලන්නට සේවකයා තීරණය කළේය. යළි ප්‍රධාන දොරටුව වෙත පැමිණි ඔහු දොරට තට්ටු කළේ වැඩි ශබ්දයක් නිකුත්වන පරිදිය. අනතුරුව ඔහු ගෙදර කවුරුත් නැද්දැයි ශබ්ද නඟා විමසුවේය. එහෙත් කිසිවකට පිළිතුරු නොමැත. සියල්ල සම්පූර්ණයෙන් නිහඬය. ඒ නිහඬ බව මැදින් හමා එන සුළඟ කුමක් හෝ සියුම් දුර්ගන්ධයක් තමා වටේ තවරන බව දැනෙද්දී සේවකයාට දැනුණේ කුතුහලයකි. ඔහු දොර තරමක් විවර කරමින් නිවස තුළට පිවිසියේ මේ කුතුහලය හා නිහඬ බව තව දුරටත් දරා ගැනිම අපහසු වූ නිසාය. නිවස තුළට පිවිසි ඔහුට මුලින්ම දක්නට ලැබුණේ දොරට කෙළින් ඉදිරිපස බිත්තියේ තිබූ තරුණයෙක් සහ තරුණියක් සිනහමුසු මුහුණින් එකිනෙකා දෙස බලා සිටින දැවැන්ත ප්‍රමාණයේ ඡායාරූපයකි. ඔහු සැණෙකින් තරුණයා හ
ඳුනා ගත්තේය. එදා කඳුළු පිරී තිබූ මලානික ඇස් වෙනුවට ඡායාරූපයේ තිබුණේ සතුට පිරුණු දීප්තිමත් ඇස් දෙකක් බව ඔහු දුටුවේය. නිවස තුළට පිවිසි පසු තමාට දැනුණ දුර්ගන්ධය තරමක් වැඩිවූ බව සේවකයාට දැනිණි. ඔහු හිස ඔසවා ඉහළ මාලය දෙස බැලුවේය. දුර්ගන්ධය පැමිණෙන්නේ එහි සිට බව නාස් පුඩු ඔහුට සහතික කළේය. ඔහු ඉහළ මාලය වෙත දිවගියේ වේගයෙනි. නිහඬ බවත් සමඟ ආ බියකරු සිතිවිලි රැසක් ඔහුගේ සිත වෙලාගනිමින් තිබිණි. තරප්පු පෙළ ගොඩවී ඉහළ මාලයට පා තබන විටම ඔහු නැවත දුටුවේ එක එල්ලේම ඇති බිත්තියේ වූ තවත් දැවැන්ත ඡායාරූපයකි. අතිශයින් රූමත් තරුණියක් තමා දෙස ආදරය පිරුණු දෑසින් බලා සිටිනු ඔහු දුටුවේය. තරප්පු පෙළින් දකුණට හැරෙද්දීත් ඒ කොරිඩෝව කෙළවර බිත්තියේ වූ තවත් එවැනිම ඡායාරූපයක් ඔහුගේ නෙතට හසුවිය. ඔහු ඉදිරියට අඩියක් දෙකක් තැබුවේ ගැහෙන හදවතිනි. එතැනම දකුණු පස කාමරයක් තිබේ. දුර්ගන්ධය හමා එන්නේ ඒ කාමරයෙන් බව ඔහුට සැකයක් නැත. දොර අසලට ඔහු ගියා නොව යැවුණේය. දොර තිබුණේ විවෘතවය. විවෘත වූ දොරෙන් ඔහු තම ජීවිතයේ දුටු දුක්බරම දර්ශනය දැකගත්තේය. අපිරිසිදු සුවපහසු කාමරයේ, අපිරිසිදු සුවපහසු යහන මත, අපිළිවෙල ඔහු තවත් අපිළිවෙලව, උඩුකුරුව නිසලව වැතිර සිටියේය. තමාට පාර්සලය දෙන්නට දිගු කළ අතෙන් හා අනෙක් අතින් ඔහු කුමක් හෝ පපුවට තුරුළු කරගෙනද සිටියේය. “මේ මනුස්සයාට පිස්සු. කෙල්ලෙක් නිසා මෙහෙම විඳවලා මැරෙන්න ඕනද?” “අම්මා තාත්තාත් කාලෙකට කලින් ඇක්සිඩන්ට් එකකින් මැරුණලු. කෙල්ලත් නැති වුණාම දරාගන්න බැරි වෙන්න ඇති. කාමරේ තියෙන්නෙම ඒ දෙන්නගෙ දේවල්. මැරෙද්දි පපුවට තද කරන් තියන් ඉඳලා තියෙන්නෙ මේක.” පොලිස් නිලධාරීයෙකු අනෙක් පොලිස් නිලධාරියාට පෙන්වූවේ මංගල ඡායාරූපයකි. එහි සිටින තරුණයා තමා දන්නා තරුණයා නොවන බව සේවකයා කඳුළු අතරින් වුවත් හඳුනාගත්තේය. කාලය ඉගිල ගියේය. නගරයේ ප්‍රසිද්ධම අවන්හලක් වෙනත් ප්‍රදේශයක ව්‍යාපාරිකයෙකු විසින් මිලට ගත් පුවතත් අවන්හල ඉවත් කර ඒ ස්ථානයේ මත්පැනට ඇබ්බැහිවූවන් ඉන් මුදවාගැනීමේ කටයුතු සිදු කරන ආයතනයක් ආරම්භ කිරීමේ පුවතත් නගරවාසීන් අතර ලැව් ගින්නක් සේ පැතිර ගියේය. ඒ සමඟම දිනෙන් දින ඒ සම්බන්ධ බොහෝ පුවත් පැතිර යන්නට විය. ඒ සියල්ල අතරින් එක් අපූර්වතම ආරංචියක් වූවේ ගොඩනැගිල්ලේ කුමක් වෙනස් කළද එහි කොනක වූ මේසයක් හා පුටුවක් කිසිසේත්ම වෙනස් නොකරන ලෙස එහි නව හිමිකරු සේවකයන්ට උපදෙස් දී තිබීමය. ——————— සමාප්තයි ——————— ✍️ සමන් අතපත්තු පාළු රැයේ අඩ අඳුරේ අවන්හලේ හිඳ.. මධුවිත තොල ගා හැදුවත් හිත සනසන්න.. දුක තාමත් හිතට.. දැනෙනවා හැම රැයක... ඔබ දන් නෑ තාම.. ආදරයක මහිම... මම ඔබ වෙනුවෙන් හැඬූ තරම් දැන සිටියාද.. ඒ ගැලූ කඳුළුවල තිබුණේ සෙනෙහස ඔබට.. ඔබ දන්නවානම් අද ඉන් නෑ ඈතක ඔහොම.. සිත හදාගන්නෙ කොහොමද මම කියන්න ඔබම.. දුක තාමත් හිතට.. දැනෙනවා හැම රැයක... ඔබ දන් නෑ තාම.. ආදරයක මහිම... අපෙ මතකය අමතක කරන්න හිතන හැම විට.. මා අවන්හලේ තනිවෙනවා මධුවිත එක්ක.. ඒ කොහොම වුණත් පසුදා ඔබ මා සිත අසල.. මම හරිම අසරණයි ඔබ සිහිවන හැම විටම.. දුක තාමත් හිතට.. දැනෙනවා හැම රැයක... ඔබ දන් නෑ තාම.. ආදරයක මහිම... (ගීතය - අජිත් මුතුකුමාරණ)සංජීවයයි මායි ටැට්ටර් මාමලෑ කඩේට ගියේ සිගරට් එකක් ගන්ඩ. ආර්තික අර්බුදේ හිංදා එකක් බාගේ බාගේ බොන්ඩ දෙන්නම සල්ලි දැම්මා. ඌ අනූවයි මං දහයයි. උගේ අනූව තිබ්බට වැඩක් නෑ. මගේ දහය තිබ්බෙ නැත්තං. "මුදලාලි අසුවේ එකක්" "අසූවේ ඒවා නෑ දැං. සීයයි" "ඕ..ඕ.සීයේ එකක් තමා. පුරුද්දට කියවුනේ" "ඒ උඹ ඇරිස්ටෝටල්ව දන්නවද .." පත්තරේ බල බලා හිටිය කලු මාමා එක පාරටම සංජීවයා දිහා බලලා ඇහුවා.. "ඕ...ඇයි..." ලයිටරේ ගහලා ඌ සිකරට් එක පත්තු කරා. "මොනව කරපු එක්කෙනෙක්ද " "ගණිතඥ්ඥයෙක්නේ.." ආවට ගියාට ඌත් කියලා දැම්මා.. ඒ කතාව එතනින් ඉවරයි.. මායි ඌයි කඩෙන් එලියට බහිනකොට මං ඌට කිව්වා, "බලු වැඩ කරංඩෙපා.. උඹ මොකද කලු මාමට බොරු කිව්වේ.." කියලා. "මොකක්ද මං කිව්ව බොරුව.." "ඇරිස්ටෝටලුත් අපි වගේ ගානක් දෙකක් හදන්ඩ ඇති. මං නෑ කියන්නෑ. ඒත් ඌ ගණිතඥ්ඥයෙක් නෙමේ. දාර්ශනිකයෙක්.. " මං කිව්වා. "මං දන්නෑ බං.. ටෝටල් කියලා තිබ්බ හිංදා මං කිව්වේ." එකම අත්තේ එකම කුරුල්ලෝ වහන එක ඇත්ත. ඒත් යාලුවොන්ගෙ මට්ටමෙන් අපිවනම් මයින්ඩෙපා.ඉත්තෑපානෙන් පේරාදෙනියට 1967 දී , මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුලත්වීමේ පරීක්ෂණයෙන් සමත්වී ගුරු පත්වීමක් ලැබ, ඉත්තෑපාන විදුහලට ආසන්නව නිවසක නවාතැනක් සොයාගත් ආකාරයත් එදින එහි නැවතී සිටියදී රාත්‍රියෙහි නින්දට පෙර සිදුවූ සිදුවීමකුත් කලකට ඉහතදී මවිසින් ඉදිරිපත් කලෙමි. ඊට පසුදා උදෑසන තාත්තා සහ ඔහුගේ යහළු ගුරුතුමා වන පෙරේරා මහතා, නිවෙස් වෙතත්, මා නැවතී සිටින නිවස අයිති ගුරු යුවල හා දරුවන් දෙදෙනා එම පාසැල් වලටත්, මගේ කාමරයේ සිටි සගයා ඔහුගේ කාර්යාලයටත් පිටත්ව ගිය අතර, මම ඉත්තෑපාන විද්‍යාලයය වෙතට පා ගමනින්ම පැමිණියෙමි. එවිට පාසැල ආරම්භවී නොතිබුන බැවින් ප්‍රථමයෙන්ම විදුහල්පතිතුමාව ඔහුගේ නිළ නිවසේදී මුන ගැසී පත්වීම් ලිපිය ඉදිරිපත් කලෙමි. ඔහුගේ දැනුම්දීම අනුව මේසයක් මත තිබූ පැමිණීමේ ලේඛනයේ අත්සන්කල පසුව මා සම්බන්ධ විස්තරද විමසා, විද්‍යා අංශයෙන් උසස් පෙල සමත්වූ බැව් දැනගත් පසුව, සාමාන්‍ය පෙල ඉගණීම කල තම පුතාට, ගණිතය විෂයය හවස් වරුවේ කියාදිය හැකිදැයි මගෙන් ඇසීය. මටද වෙනත් කටයුතු නොතිබූ නිසා එයට කැමැත්ත පලකලෙමි. ඒ හැර වෙනත් කටයුත්තක් පැවරුවේ නැත. සතියක් පමණ ගතවූවද කාල සටහනක් මාවෙත නොලැබිනි. සමහර විටදී ගුරුවරුන් නොපැමිණි දිනයන්හිදී ඔවුන්ගේ කටයුතු ආවරනය කිරීමට සිදුවිය. ඒවා බොහෝ විටදී බාලාංශය, එක දෙක වැනි පංති විය. ඒවායේ දරුවන් පාලනය කිරීම මාහට මහත් හිසරදයක් විය. පත්වීම් ලිපිය පරිදි මාවෙත ගණිතය විෂයය ඉගැන්වීමට කාල සටහනක් දියයුතු වූවද එවැන්නක් සිදු නොවීය. ඒ, ඒසඳහා ශිෂ්‍ය ගුරුවරයකු සිටි නිසාවිය හැකිය. ඔහුත් මාත් හැරුනවිට , තරුණයන් වශයෙන් ,කලා අංශයෙන් උසස් පෙල සමත්වූ සහ විදුහල්පති තුමාගේ නෑයෙකුවූ තවත් ගුරුවරයකුද පාසැලේ සේවයේ යෙදී සිටියේය. ඔහු සමහර විට මාවත් රැගෙන සංගීතය හා නැටුම් කාමරයට ගොස් එහි කටයුතු නිරීක්ෂනය කරමින් නොයෙකුත් කතා කී හැටි තාමත් මතකයේ පවතී. ඒ මාසය සඳහා වැටුප, මතකය පරිදි, රු. 167/50 ද ලැබිනි. එයින් නැවතී සිටි නිවසට කුලියවූ රුපි. 25 ද ගෙවුවෙමි. මාසය අවසන් වීමට දින කීපයකට පෙර මට විශ්ව විද්‍යාලයට කැඳවීමේ ලිපිය ලැබී තිබූ බව සති අන්තයේ නිවසට ගියවිටදී දුටුවෙමි. මට දැන් ස්ථිර රැකියාවක් ඇති නිසාත් පවුලේ තිබූ අගහිඟකම් නිසා විශ්ව විද්‍යාලයට නොගොස් ගුරු වෘත්තියේම සිටීම වඩාත් සුදුසු බැව් මට සිතුනි. ඒ තවත් මාස දෙකකට පසුව වැටුපද සමගම මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේදී පුහුණුව ලබා විද්‍යා පුහුණු ගුරුවරයක් වීම අනිවාර්යයෙන්ම සිදුවන නිසාත් විශ්ව විද්‍යාලයට ගොස් විභාග අසමත් වූවොත් ප්‍රශ්නයක් වන නිසාත්ය. කෙසේ වෙතත් සඳුදාදින නිවාඩු දමා පාසැලට ගොස් මගේ රසායන විද්‍යාව ගුරුතුමා වන එන්. ඩී.එම්. ඉයුස්ටස් මහතා හමුවීමි. "වික්‍රමසේනට විශ්ව විද්‍යාලයේදී ශිෂ්‍යත්වයත් දිගටම පවතිනවනෙ. අනික බී.එස්.සී. සමත් ගුරුවරයෙක් උනාම නගරබද සෙන්ට්‍රල් ඉස්කෝලයක් ලැබෙන්නෙ. ට්‍රේනින් ගුරුවරයෙකුට ඈතට යන්න වෙනව මුල් පත්වීමට. වික්‍රමසේන ට ඔය විභාග පාස් කරන්න බැරි වෙන්නෙ නෑ. අමාරුම එක තමයි අ.පො.ස. උසස් පෙල විභාගෙ. අනික සිංහලෙන් ඉගන ගන්නත් දැන් පුළුවන්නෙ. මම නම් කියන්නෙ කැම්පස් යන්න කියල" ඔහු පැවසීය. ඊලඟට විදුහල්පති පැට්‍රික් ගුනවර්ධන මහතාවත් මුන ගැසීමි. "ඔබ මෙම විදුහලෙන් විද්‍යා අංශය නියෝජනය කරමින් විශ්ව විද්‍යාලයකට යන පලමුවෙනි සිසුවා වෙනව. එය ඔබටත් පාසැලටත් කීර්තියක්. පහේ ශිෂ්‍යත්වය විශ්ව විද්‍යාලය දක්වා දීර්ග කිරීම මම කර දෙන්නම්. එවිට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැනෙ." ඒ ඔහුගේ වදන්වල කෙටි අදහසයි. දැන් මම කුමක් කරම්දැයි කල්පනා කලෙමි. ඔවුන්ගේ සිත් නොරිදවා විශ්ව විද්‍යාලයට යායුතුය. අකමැත්තෙන් වුවද ඒ තීන්දුව ගත්තෙමි. , මාසික වැටුප ලැබාගන තිබූ හෙයින්, නැවත ඉත්තෑපාන පාසැලට ගොස්, මාසය අවසන්වන තෙක්ම සිට විදුහල්පති තුමාටද දැනුම් දී සේවයෙන් ඉවත්වීම ගැන ලිපියක්ද බාරදී නිවසට පැමිණියෙමි පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ ඉගැණීම් කටයුතු ආරම්භ කර මාස දෙකක් පමණ ඇතුලතදී කළුතර අධ්‍යාපන කාර්යාලයෙන් නිවසට මගේ නමට ලිපියක් ලැබී තිබිනි. එහි සඳහන්වි තිබූයේ , මාසයකට කලින් සේවයෙන් ඉවත්වන බව දැනුම්දී නැති බැවින් වහාම ලබාගත් වැටුප ආපසු ගෙවන ලෙසත් නැතිනම් ඉදිරි කාලයේදී රජයේ කිසිම රැකියාවක් සඳහා බඳවා නොගන්නා බවත්ය. මගේ පියා සහ කලින් පැවසූ පෙරේරා ගුරු මහතා සතියේ දිනකදී කළුතර අධ්‍යාපන කාර්යාලයට ගොස් එම මුදල ආපසු ගෙවා තිබිනි. රැකියාවෙහි අවසන් ප්‍රතිඵලය වූයේ මුල් දිනයේ අමතක නොවන සිදුවීමත් සහ නවාතැනටත් ගමන්බිමන් සඳහාත් මුදල් වැයවීම පමණකි.දුංහිඳ හීන - (දහසය) "අප්පුච්චා...? " "උඹට මේව තේරුම් කරල දෙන්ට මං පමා උනා වැඩියි දුවේ... ඔය සුද්දො මේ රටට උරුම වෙලා තිවුනු හැම වටිනා කියන වස්තු සම්පතක්ම කොල්ල කාල උන්නෙ රටට අරන් ගියා . ඔය තේ කෝපි අඟලක් නෑර වගා කරල ඒවයෙ හොඳ හරියත් ගියේ උන්නෙ මව් රටට. අපේ එවුන් උන්ට වාල් කං කරා. ඒ විතරක් නෙවෙයි අපේ බවලත්තු උන්නෙ ඕන එපාකං වලට පාවල දුන්නෙත් අපේම උන් තමයි ..." "උඹලගෙ අම්මව මට මුලිච්චි උනෙත් මං . ඉළංදාරිය කාලෙ...මරක්කල මුදලාලියෙක් එක්ක මෙහෙ වෙළඳාම් ආව වෙලාවක . එතකොට උඹලයෙ අම්මා හීං එකී... ඒත් ඒකි උන්නේ බඩින්. අපි ඇවිත් පහළ තිවුන අම්බලමෙ තමා ලැග්ගෙ. ඒ කාළෙ සුද්දො පංසල් හිට සුද්ද කරන හින්ද අපිට වෙළඳාමෙ ඇවිල්ල හරිහැටි ඉන්ට තැනක් වත් තිවුනෙ නෑ..ඔය රාමනායකයා හිංගල උනාට තමුන්නෙ ජාතිය පාවල දී
ල තමයි ඔය වතුපිටි දේපොළ හරි හම්බුකර ගත්තේ . උඹලයෙ අම්මගෙ රූපෙට වහ වැටිච්ච ඔය නාරංගල තේ වත්ත අයිති මහ සුද්දා... ඒ කියන්නෙ ඇලෙක්ස් මහත්තයගෙ මහප්පා තමයි අම්මව ඒ බංගලාවෙ හිරකාරි වගේ තියා ඉඳල තියෙන්නේ. අදටත් මට අපුලයි ඒ පැත්ත බලන්ට. මං උඹලෑ අම්මට වඩා අවුරුදු පාළොහක් විතර වැඩිමාලු වෙලත් ඒකි මට මනාප උනා. එදයින් මෙදා මං උඹව රැක්කෙ මයෙ ලෙයින් හැදිච්ච එකියක් වගෙයි දුවේ. ඒත් මං මේ ටික මයෙ හුස්ම යනකල් නොකිය ඉන්‍ට පොරොන්දු වුනා ලිලී හාමිට. ඒත් ... ඒත් ඒ පොරොන්දුව රකින්ට ගිහිල්ල මට උඹව උන්නෙන් බේරගන්ට බැරිවුනා ..." අප්පුච්චා හීං එකෙක් වගෙයි අඬා වැටෙන්ට තියා ගත්තේ. මට මේ වින්නැහිය වුනේ සුදු ඇත්තො අතින් කියල තමා අප්පුච්චට හැක. ඊටත් වඩා මට දුක මයෙ අප්පුච්චා කිසිම වෙනස්කමක් නොකර මාව රැකබලා ගත්තු එකට මං කොහොම ඒ ණය ගෙවා අහවරක් කරන්ටද කියල මට අප්පුච්ච ගැන තියෙන ලෙංගතුකම තවත් වැඩිවුනා. හෙනං මයෙ අම්ම ගැන ගමේ එකාල කට කැඩිච්චි කතා කියන්නේ මේ හින්දා . මයෙ අප්පුච්චට මහමෙර වාගෙ හැම නිග්ගිරහවක්ම දරාගෙන ජීවත් වෙන්ට සිද්ද වුනා හෙනං..? "මට සමාවෙන්ට මයෙ අප්පුච්චා.. මං මතු ආත්මවලටත් පතන්නේ මයෙ අප්පුච්චම තමයි . ඒ සුද්දා මයෙ අම්මගෙ ජීවිතේ විනාස කරා කියල දන්නවනං මං ඔය ඉළව්වෙ පස් පාගන්ට යන්නෙ නෑ සත්තයි...මයෙ අප්පා සුද්දෙක් කියල මට හිතන්ටවත් බෑ අප්පුච්චා.. මේ මුළු සංසාරෙ පුරාවටම මට ඉන්නේ එක අප්පුච්චයි. මං අප්පුච්චයෙ උරේ ඉහ තියාන කොච්චර වෙලාවක් උන්නද කියල මටම ගනිච්චියක් නැතුවා..අප්පුච්චා මයෙ ඉහ පිරිමැද්දේ මං හීං එකී කාළෙදි වගෙයි. "දැන් ඒවයින් කාරි නෑ.. විච්ච දේ උනා මයෙ දුවේ. මොන පුරස්න ආවත් ජීවත් වෙන එකයි ලොකුම දේ . හඳුනා ආයි එන එකක් නෑ නෙව. උගේ මංගල්ලෙට දින තීන්දු වෙලාලු තියෙන්නේ.. උඹ කොහොම හරි ජීවිතේට මූණ දෙන්ට ඕන.ඔය කුසේ ඉන්න එකා සුද්දෙකුට ජාතක උනත්,දෙමළෙකුට ජාතික උනත්, අවලමේ යන එකෙකුට ජාතක උනත් ඒ උඹෙත් දරුව කියල හිතාගෙන මොලේ ඇතුව වැඩ කරපන් .අපිට රට්ටු කියන කතා වැඩක් නෑ දුවේ. හෙනං මං අහල තියෙන අවලාද, නින්දා මේ කන්ද උසට.. " මයෙ හිත හුඟාක් නිවුනා.. අප්පුච්ච මං හිතුවට වඩා හුඟක් වෙනස් විදිහට ජීවිතේ ගැන හිතන්නෙ කියල මට හිතුනා. ඒ වගේ උතුම් පරිත්‍යාග කරන්ට හැම මිනිහටම බෑ. "මං නායක හාංදුරුවො බැහැදැකල එන්නං. උඹ දොරපියන් වහගෙන පරිස්සමට ඉඳින් .." අප්පුච්චා සුදු පිරුවට ඇඳල නිවිහැනගිල්ලේ පංසල අහ යනකොට මයෙ හිතටත් මහා නිවණක් දැනුනා. තිස්සෙම මේ බිත්ති හතර මැද්දෑවෙ හූල්ල හූල්ලා ඉඳල උන්දැටත් ඇති වෙලා වෙන්ටැ. මොනා උනත් අප්පුච්ච මේ විදිහට අකම්පාල නොවී ඉන්න එක මයෙ හිතට මහා සැනසිල්ලක්. මට දැන් දැන් සුදු ඇත්තො දුන්නු තෑගි පඬුරු අර ලියවිල්ල හෙම මොහොතක්වත් ළඟ තියාගන්ට හිත් දෙන්නෑ. මයෙ අම්ම උන්ගෙ හනුහරේ බැල මෙහෙකම් කරා මදිවට අඹුකමටත් තියාන.. උන්ට ඇතිවෙද්දි පාරට දැම්මා. මයෙ අම්මත් මට වයිර කරානං.. ? මං මේ සප්පය දිහා උනත් වයිරෙන් බලන එක වැරදී. මොක වෙන්ටත් සුදු මහත්තය හදි ගැහිල මට අකැප හැම දෙයක්ම දීල දානව. මට ලස්සන හීන අහුරක් ගෙනත් මයෙ පාමුල තිබ්බේ සුදු මහත්තය. ඒත් එදා වගේම අදත් වෙනසක් නෑ.. හඳ අයිති අහසට විනක්කා පොළවට නෙවෙයි කියන එක. ජිනා..... " මං කවුරුහරි හිමිට අඬගාන සද්දෙට හැරිල බැලුවේ . ගුණසිරියා..? කිරා ගෙනාපු හෙරළි ගෙඩිය දෙපළු කරන්ට තැනුව විතරයි මේකා අප්පුච්ච ගෙන් පිටමං වෙනකල් හොරගල් අහුලල ගෙයි මිදුලටම ඇවිත් ? පැත්තක තිවුනු මන්නා කොටේ මයෙ අතට අහුවුනේ. මං දෝතින්ම මන්නා පිහිය අල්ලගෙන ඌ ඉන්න ඉස්සරහට පැන්නා. ගමේ හැදිල තියෙන කයි කතන්දර මදිවට මූ දිස්ටියක් වගේ තවත් මයෙ පස්සෙන් එන්ට ගත්තම.. මට උන් තැනත් නිනව් නැතුව ගියා . "උඹ චන්ඩි වෙලානෙ ..මොකෝ උඹ මාව කැති ගහන්ඩද..? " ගුණසිරියා පැන්න හැටියෙ මයෙ අත අඹරල අල්ලාගත්තා.. මයෙ අතේ තිවුන මන්න පිහිය බිමට වැටුනම ඌ ඒක පැත්තකට විසිකා කරා. "උඹ වරෙන් මා එක්ක .අමරාවතී ආයි එන්නෑ මා එක්ක දීග කන්ඩ. උඹට විච්ච සංගදෝරු සේරම මට ආරංචී. මං ඉස්සර උන්නු ගුණසිරිය නෙවී ජිනා .. අම්මාපල්ලා.. !! මං බිබිලෙ පැලක් ඇටෙව්වා. කියාපන් මයෙ රත්තරන්..උඹ මනාපයිනෙ මා එක්ක එන්ඩ" "උඹ මහ තිරිසනෙකුටත් අන්ත එකෙක්. මයෙ බල්ලටවත් එපා උඹත් එක්ක දීගෙ.. මෙතනින් පල මයෙ දැහැට නොපෙනී.. " "එහෙමද..?උඹ එකක් හිතේ තියාගනිං.. මං කට ඇරියොත් උඹෙ මහ එකා පපුව පැලිල මැරෙන්නෙ .. කෝ.. සිරිමතී පණ නහගත්තු එකෙන් අසරණ වුනේ අර නාකි ගෑනි යසවතී නෙව .. කළුගලේ ඔළුව හප්පා ගන්ඩ ලෑස්ති වෙන්ඩ එපා උඹ. මහලොකු පත්තිනි අම්මා නෙව..උඹ ආයෙ මොකා එක්ක යන්ට..? ඈ ...ජිනා ... ? උඹ සුද්ද අතින් සල්ලං විච්ච විත්තිය මුළු දෙගංදෝරුවම දන්නවා.." "ඔව්.. උඹලැයි කඩේ බත් බැලයො නෙව ඔය පොලෝසියෙ එවුන්. උන්ගෙන් මේ ගමේ අහිංසක,දුප්පත් එවුන්ට සාදාරණයක් නොවෙන වග මොකා නොදන්නේ..? සිරිමතී මැරිච්ච එක පොලෝසියෙන් වහගත්තේ එහෙම නෙව.. හෙණම ගහනව තොපිට .." ගුණසිරියා අමු තිත්ත කුණුහරුපෙන් බැන වැදිල යන්ට ගියා . උන්ට ගිය රට.. කෝ දැන් ඔය හොරාට පෙරන ගිනි වතුර අල්ලන්ට ඉන්නෙ මොකා..?හොරාට ගස් කපන එකාල හොයන්ට ඉන්නෙ මොකා..? ඔය හැම එකාම ලඟින්නේ උගෙ කඩ කෑල්ල අස්සේ..එව්ව සේරම වාසියට යටයි. හෙනං කිරා මා එක්ක කීව කතාව සත්ත.ගුණසිරියා තාමත් ඉන්නේ මා එක්ක වයිරෙන්. * * * මයෙ හිතට නිවණක් නං නැතුවා. සුදු මහත්තය මුලිච්චි උනොත් දෙන්ට කියල මට තෑගි දුන්නු වළළු ජෝඩුවයි, සිලික් ගවුම් රෙද්දයි, අර ලියවිල්ලයි සේරම පන් මල්ලට ඔබා ගත්තා. අප්පුච්චට මහන්සියටම නින්ද ගිහින්. මං අතුහේනට හැරිල රාමනායක බංගලාවට ගියේ අන්තිම වතාවට. ආයිත් නොයන්ටම හිතාගෙන. අනුන්නෙ දේවල් නූල් පටක්වත් එපා මට.උන්ගෙ හනුහරේට මාත් ඈඳිච්චි එක තරං විළිලැජ්ජාවක් මට තවත් නැතුවා . මයෙ අම්ම එදා කොයිතරම් හූල්ලන්ට ඇද්ද..? කොයිතරම් නින්දා අපහාස විඳින්ට ඇද්ද..? හැමදාමත් උනේ ඒක. අද වෙන්නෙත් ඒක. හෙටත් ඒකම තමා..මං තියෙන තෑගි පඬුරු ටික පං මල්ලට දා ගත්තේ.. මට ඕන මයෙ හිත එකලාසයක් කරගන්ට. මං ගොඩගැටේට නැඟල පහළ බෑවුම දිහාව බැලුවෙ පුරුද්දට වගේ. සුදු මහත්තය එන යන දවස් මට දැන් හොඳහැටි පුරුදුයි. හිතුව වගේම වාහනේ යාන්තමට පේනව.චින්ත බේබි බදුලු යන එන සුදු පාට කාරෙක පේන්ට නෑ..හෙනං රාමනායක මහත්තය බේබි එක්කං එන්ට යන්ටැති. මට දැන් ඉස්සර වාගෙ හෙල්වැටි නඟින්ට අමාරුයි. හෙමින් හෙමින් ගොඩගැටේ බැහැල මං විගහින් අතුහේන දිගේ මහපාරට ගෑටුව. මයෙ ඇඟ දාඩියෙන් බත්විලා. තෙහෙට්ටුවට මදිවාට හිතේ ගැස්මට වෙන්ටැති. හඳුනයිය වාගෙම සුදු මහත්තයත් මයෙ ජීවිතෙන් මින් මත්තට අකා මකා දෑවිල යයි. චින්ත බේබිට සුදු මහත්තය ආදරෙන් උන්නොත් මට ඒ ඇති. ඒ ඇත්තිගෙ හිත රිද්දුවොත් ඒක මහා පාපකර්මයක්.කෝමත් ඒ දෙන්න එක පැළැන්තියේ වෙච්චි හේම අකටයුත්තක් බේබිට වෙන්ට හැටියක් නෑ. මං එළකිරි බෝතල් දෙකකුත් ඇන්න බංගලාවට ගියේ බංගලාවෙ අනිත් ඇත්තො ආවොත් හැක හිතයි කියල... සුදු මහත්තය මාව මේ විදිහට දකින්ට හීනෙකින්වත් හිතන් නැති වෙයි. හඳුනයිය කියන්නැහේ ඉඳුල් විච්ච බත් පිඟානක් ගානයි නෙව මම. හිතුව වගේම සුදු මහත්තයා..? මයෙ දෑහ අදහගන්ට බැරුව වාගෙ බංගලාවෙන් එක සැරේ එළියට ආවේ. මාව දැක්ක හැටියෙ සුදු මහත්තයගෙ මූණ මහ අමුතු උනා. "ජිනා...? " "සුදු මහත්තය මයෙන් කිසි දෙයක් අහන්ට එපා. විගහින් මේ ටික අරගන්ට. මට මෙව්ව ළඟ තියාගන්ට හිත් නැතුවා. මෙව්ව මට අයිති නැති වග අපි දෙන්නම තේරුං ගන්ට වෙනවා. ආ...ගන්ට " සුදු මහත්තය මා දිහා බලා උන්නෙ විස්සෝපෙන් වාගෙ. පං මල්ලෙන් අරගත්තු තෑගි පඬුරු ටික මං එහෙමම ආපහු සුදු මහත්තය අතට දුන්නේ මයෙ අත් සට සට ගාල වෙව්ලද්දී. "පිස්සු නැතුව ඕකත් අරන් යන්න ජිනා. දැන් චින්ටා..එන වෙලාව. ප්ලීස්.. මෙතන ප්‍රශ්න ඇති කරන්න එපා...ඔයා ඔය විදිහට මට පේන්න එන්නත් එපා..." "මෙව්ව මට එපා ..කොහොමත් එපා. මයෙ දෑහෙ නිල්පාටට සුදු මහත්තය ආදරේ කරාට ඒ දෑහ නිල්පාට උනේ කොහොමද කියල මං වත් දැනං උන්නෙ නෑ සුදු මහත්තයා.ඒ විත්තියක් මං දැන උන්නනං ඔය සුද්දො කියන ජාතිය දිහා ඇහැක් ඇරල බලන්නෙත් නෑ..මයෙ අම්මගෙ දෑහින් වැටුන කඳුළක් කඳුළක් ගානේ.. ඒ වරදට සුදු මහත්තයලයෙ හත්මුතු පරම්පරාවටම වෛර කරන්ට සිද්ද වෙනවා මට. මයෙ අප්පුච්ච නැත්තන් මාත් අවජාතක එකියක් වෙනවා සුදු මහත්තයා.." මට ඒ ටික මයෙ අම්ම වෙනුවෙන් කියාගන්ට ඕනකම තිවුනා. ඒ ටික මං කොහොමහරි කියා ගත්තා. සුදු මහත්තය එක පාට්ටම හැරිල බංගලාවට ගියේ මයෙ දැක්මවත් එපා කියල වෙන්ට ඇති. මං ආපහු හැරුනේ මේ හැම දෙයක්ම දුංහිඳ ඇල්ලට විසික්කා කරල දාන්ට හිතාගෙන. "ජිනා.. ඔහොම ඉන්න. මං හැමදේම බලාගෙනයි හිටියේ .." දෙයියනේ..චින්ත බේබි.?උඩ පාරෙන් මෙහාට කාරෙක අස්සෙ ඉඳන් චින්ත බේබි සේරම බලාඉන්ට ඇති.මං එහෙමම පං මල්ල උණ්ඩි කරන් බිම් බලා ගත්තා. "මං බේබිට දීකිරි ඇන්න ආවා.." "කෝ..මොනාද ඔය මල්ලේ..? මට තවත් හංගන්න හදන්න එපා ජිනා..." චින්ත බේබි මයෙ අතින් මල්ල උදුරගන්ට තනද්දී මං ඒක වළක්කන්ට හැදුවේ සුදු මහත්තය බේරන්ට හිතාන නෙවෙයි.මට චින්ත බේබිට දුකක් දෙන්ට බැරි හන්ද. ඒත් බේබි මා අතින් මල්ල උදුරං එකින් එක මල්ලෙන් එළියට ගත්තා. "මොනවද මේ...ජිනා .? ඒකද ඔයා මට මේ හැම දෙයක්ම හංගන්නේ?......දැට්ස් ඉන්පොසිබල් .... දැට්ස් ඉන්පොසිබල් ...!?" චින්ත බේබි මොන මොනවදෝ කියල කෑ ගැහුවා. මූණත් රතුවෙලා කඳුළු පිට පනින්‍ට වගේ තිබුනත් චින්ත බේබි ඇඬුවෙ නෑ. මං අකුරු සාත්තර උගත් නැති ,බැද්දෙ හැදිච්ච මෝඩ එකියක් වෙන්ට ඇති. ඒත් මයෙ ඔළුවෙ තියෙන්නෙම මයෙ දරුවට අප්පෙක් විනා මට මිනිහෙක් නෙවෙයි. ඒත් සුදු මහත්තය මට හදි කළේ නැති වග මට කියන්ට ඕනවුනා. ඒත් බේබි ඒ මොකවත් කණකට ගත්තෙ නෑ.චින්ත බේබි අර ගේ කෑල්ලෙ ලියවිල්ල කියවල ..අතකින් කට වහගෙන පුදුම වෙලා ඒ දිහා බලාන උන්නෙ. "එහෙනං ඇලෙක්ස් මාවත් රැවැට්ට
ුවා. මේක නොදකින්න මං කීයටවත් ඔය කතාව විශ්වාස කරන්නෙ නෑ. මට කොහොමත් ඇලෙක්ස්ව එපා. ඒත් මං ජිනාට කොහොම හරි එයාව බන්දල,දෙනවා. මං ඔයාට පොරොන්දු වෙනවා ..." මං චින්ත බේබි ගාව වැඳ වැටුනා. ඒ කාලෙ සුදු මහත්තයට මයෙ පණ ඇරල සෙනේවන්තකම් පාද්දි මට සුදු මහත්තයව ලබාදෙන්ට කියල චින්ත බේබි ගාව වැඳ වැටෙන්ට හිතුනු වාර අනන්තයි.ඒත් මෙදා මං බේබි ගාව වැඳ වැටුනේ ඒ දේ කවදාවත් කරන්ට එපා කියල වැඳල ඉල්ලන්ටයි. මොක වුනත් සුදු මහත්තය මයෙ සහෝදරයෙක් ගානයි කියල මං බේබිට කියාගන්ට බැරුං ලතවෙනවා. "එහෙනම් ජිනා මට කරන්න තියෙන්නේ එක දෙයයි.. ඔහොම ඉන්න .." චින්ත බේබි , සුදු මහත්තයට මොන මොනවදෝ කියල මහ හයියෙන් පළිසෝලි තිව්වා. වාහනේ යතුර ඇන්න චින්ත බේබි වේගෙන් මා දිහාට ආවා. මතු සම්බන්ධයි (සේයාරුව අන්තර්ජාලයෙනි )Aussi අයිශා - 01 කොටස "අපිට වීසා ඇපෲ වුණා අයිශා....වීසා ඇපෲ වුණා..දෙවියන්ගේ පිහිටෙන් දැන් ඉතින් අපේ ප්‍රශ්න ඉවරයි.." මසර්ගෙ කෝල් එක එද්දි මං හිටියේ තද නින්දක. මසර් වැඩ කළේ ටවුන් එකේ තියෙන තරු තුනේ හොටෙල් එකක ශෙෆ් කෙනෙක් විදියට. එයා උදේම වැඩට යන නිසා උදේට කෑම හදන්න මට පාන්දරම නැඟිටින්න වෙනවා. ඉතින් එයා ගියාට පස්සේ ගෙවල් අස් කරලා කාලා බීලා ටික වෙලාවක් නිදාගන්න එක මට පුරුද්දකට ගිහින් තිබ්බේ. නිදිමතේ ආන්සර් කරපු නිසාද කොහෙද උත්තර දෙන්න ටික වෙලාවක් ගියා. "ඔයා අහගෙනද ඉන්නේ...හෙලෝ..අයිශා...." "ආ ඔව්..ඔව්, ඔයා කොහොමද දන්නේ.." නිදිමතේම නැඟිටලා ඇඳ විට්ටමට හේත්තු වෙන ගමන් මං ඇහුවා. "මිස්ටර් අසීස් දැන් කෝල් කළා. දැන් ඉතින් අපිට නිදහසේ හුස්ම ගන්න පුළුවන්. මේ මෙතන වැඩ ගොඩ ගැහිලා. ඇවිල්ලා කතා කරමු. මං තියනවා..." මිස්ටර් අසීස් කියන්නේ අපේ වීසා ඒජන්ට්. පහුගිය දවස් ටිකේම අපේ ගෙදර කතා වුණු වීසායි ඕස්ට්‍රේලියාවයි කියන වචන දෙකට පස්සේ වැඩිපුරම කතාවුණේ මිස්ටර් අසීස් ගැනයි. මිස්ටර් අසීස් අරම කිව්වා. මිස්ටර් අසීස් මෙහෙම කිව්වා. මසර් කොච්චර ලොකු කතා කිව්වත් මට නම් මුලදි ඔය මනුස්සයා ගැන ලොකු විශ්වාසයක් තිබුණේ නෑ. මොකද එක පාරකුත් කැනඩා යන්න කියලා ලෝක හොරෙක්ට අහුවෙන්න ඔන්න මෙන්න ගිහින් අනූ නමයෙනුයි අපි බේරුණේ. දැන්නම් ඒක මතක් වෙද්දිත් හිනායනවා. ඔය කැනඩා කතාව අපේ මනුස්සයට කියලා තිබුණේ එයත් එක්කම හොටෙල් එකේ වැඩ කරන ශෙෆ් කෙනෙක්. "IELTS ඕනි නෑ. ලක්ෂ 20යි යන්නේ" Ielts ඕනි නෑ කියන කෑල්ල නිසා අපේ මනුස්සයත් එක පයින් කැමති වෙලා. මොකද එතකොටත් Ielts ඉගෙනගන්න ක්ලාස් වලට ගිහිල්ලා ගිහිල්ලම මසර් හොඳටම හෙම්බත් වෙලා හිටියේ. මාස ගාණක් තිස්සේ ක්ලාස් ගියත් එක්සෑම් එකට වාඩිවෙන්න තරම් සූදානමක් එයාට තිබුණේ නෑ. ඒක නිසාම මසර් හැදුවේ ඒ වැඩේ මට පවරන්න. "මට මේ රස්සාවයි, Ielts කිරිල්ලයි දෙකක් කරන්න බැහැ අයිශා.. ඔයා Ielts කරලා ගොඩදාගත්තොත් අපිට ස්ටුඩන්ට් වීසා හරි යන්න පුළුවන්" මට ඩිපෙන්ඩන්ට් ඇවිත් හොටෙල් එකක රස්සාවක් කරන්න පුළුවන්නේ..." "අනේ මේ මං ඔයාට මුලින්ම කිව්වනේ මං ඕවට කැමති නෑ කියලා. කොහොමහරි Ielts කරගත්තා කියමුකෝ. ඊටපස්සේ අවුරුදු හතරක් පහක් විතර ඉංග්‍රීසියෙන්ම ඉගෙන ගනින්කෝ. මට ඕවා කරන්න බැහැ. අනිත් එක ඔයාට ඕනි ඉංග්‍රීසි රටකට යන්න කියලා දන්නවනම් මං ඔයාව කසාඳ බඳින්නෙත් නෑ... ඕවයේ යන්න හදන්නෙ නැතුව අපිට ඩුබායි හරි සවුදි හරි යන්න පුළුවන්නේ... අනික අක්කලත් ඉන්නවනේ.. කිසි බයකුත් නෑ.." එදායින් පස්සේ කවදාවත් මසර් මට Ielts කරන්න කියලා බල කළේ නැහැ. ඔය දේවල් නිසාම තමයි එයා ඔය කැනඩා වැඩේට උඩින්ම කැමති වුණේ. මාස දෙක තුනකින් වැඩේ හරියනවා කිව්වට මාස හත අටක් යනකම්ම අපි කළේ කොළ පුරවපු එක විතරයි. ඒ වෙද්දි අපි ලක්ෂ පහක් දීලත් තිබුණා. මෙච්චර පරක්කු වෙන්නේ මොකද කියලා අහන හැම පාරෙම මොකක් හරි බොරුවක් කියලා මිනිහා අපිව මඟඅරින්න ගත්තා. අන්තිමේදි බලන් ඉඳලා බැරිම තැන මසර් ඒ මනුස්සයගෙන් අපි දුන්න ලක්ශ පහ ආපහු ඉල්ලුවා. සතියකින් සල්ලි දානවා කිව්වට මාසයක් ගිහිල්ලත් නැති තැන අපේ නෑදෑ වෙන පොලීසියේ කෙනෙක් ලව්වා කතා කරවලා තමයි අන්තිමේදි සල්ලි ටික ගන්න පුළුවන් වුණේ. ඒ සිද්ධියෙන් පස්සේ මසර් හිටියේ මොන විදියකින් හරි රට යනවා කියන තීරණෙයි. නිවාඩු දවස්වලටත් පාන්දර පහේ ඉඳන් නැඟිටගෙන Ielts පේපර්ස් කරන්න ගත්‍තා. හවස් වරුවට තනියම ප්‍රශ්න අහ අහ උත්තරත් එයාම දුන්නා. ඔය අතරේ රට ගිහින් ඉඳපු එයාගෙ යාළුවන්ට කතා කර කර එයාලා ගියපු ඒජන්සි ගැනත් ඇහුවා. ඒත් ඒ කවුරුත් හරිහමන් උත්තරයක් දීලා තිබුණේ නෑ. " ගියපු එකෙක්වත් හරියට කියන්නේ නෑනේ කොහොමද ගියේ කියලා. අර මේ ළඟදි නිව්සීලන්ඩ් ගියපු ආදීල් ඉන්නේ. මං ඊයේ හවස මැසේජ් එකක් දාලා ඇහුවා කොහොමද ගියේ කියලා. ඌ කියනවා ielts කරලලු ගියේ, කොහොම හරි වරෙන් එතකොට ඕන උදව්වක් කරන්නම් කියලා. Ielts කරලා යන්න ඕනි කියලා ඌ මට කියන්න ඕනි නෑනේ. අනික කොහොම හරි වරෙන් කියන්නේ මෙහෙ ඉඳන් පීනගෙන යන්නයැ. ගියපු ඒජන්සිය මොකද්ද කියලා අහද්දි ඒවට උත්තර නෑ" මං නම් කිව්වේ කොච්චර යාළුවෝ වුණත් පින්සේන්ඩු වෙවී ඕවා අහන්න යන්න එපා. අපිට පුළුවන් විදියකට යන විදියක් බලමු කියලයි. මුලින්නම් ඔය රට යන ගමනට මගෙ එච්චර කැමැත්තක් තිබුණේ නෑ. ඒත් මසර් මහන්සිවෙන විදිය දැක්කම මට පව් කියලත් හිතුනා. ඒක නිසා මමත් පුළුවන් විදියට Ielts වලට එයාට උදව් කලා. ඉන්ටනෙට් එකෙන් බලාගෙන speaking වලදි අහන ප්‍රශ්නයි උත්තරයි දෙකම වෙන වෙනම කොළ වල ලියාගෙන එයාට උත්තර කොළේ දීලා මං එයාගෙන් ප්‍රශ්න ඇහුවා. ඒ වැඩේටනම් මසර් ගොඩක් කැමති වුණා. එයා කිව්වේ තනියමම ප්‍රශ්නෙත් අහලා උත්තර දෙනවට වඩා මේ ක්‍රමේ නියමයි කියලා. "මේ වැඩේ නියමයි අයිශා..මේ විදියට කරද්දි මගෙ කන්ෆිඩන්ස් හැදෙනවා. මං හිතන් ඉන්නේ හෙටම එක්සෑම් එකට දිනයක් බුක් කරගන්න." කිව්වා වගේම මසර් එක්සෑම් එකට ළඟම දිනයක් බුක් කරගෙන තිබුණා. එක්සෑම් එකට ගිහිල්ලා ඇවිල්ලත් මසර් හිටියේ අඩු තරමේ ඕවරෝල් 5.5 ක් වත් එයි කියන විශ්වාසෙන්මයි. රිසල්ට් එනකොට 5.5ක් වෙනුවට ඕවරෝල් 6ක් ඇවිත් තිබුණා. Ielts කරදරේ ඉවර වුණාට පස්සේ මසර් මහන්සි වුණේ හොඳ ඒජන්සියක් හොයන්න. ඔහොම ඉන්නකොට එයාට අහම්බෙන් තමයි මිස්ටර් අසීස්ගෙ ඒජන්සිය ගැන විස්තර දැනගන්න ලැබෙන්නේ. මං නම් මුලින් හිතුවෙම ඒකත් අර කැනඩා එක වගේ හොර ඒජන්සියක් වෙන්න ඇති කියලයි. හැබැයි මසර් කිව්වේ කෝකටත් ගිහින් කතා කරලා බලමු කියලයි. කොහොම හරි මිස්ටර් අසීස් මාර්ගෙන් මසර්ගේ රට යන හීනේ හැබෑ වුණා. පරණ දේවල් මතක් මතක් කර කර ඉද්දි මසර්ගෙන් ආයෙත් කෝල් එකක්. "මේ අයිශා... මං අද කලින් ගෙදර එනවා. අද රෑට උයන්න ඕනි නෑ. අපි අද හිතේ හැටියට කමු... මං මෙහෙන් ඔයා ආසම බිරියානි අරන් එන්නම්.." මසර් වැඩ කරන හොටෙල් එකේ බිරියානි පුදුම රසයි. මටත් හොඳ රසට කෑම ජාති හදන්න පුළුවන් වුණාට ඒ හොටෙල් එකේ බිරියානි වල තිබුණේ වෙනම රහක්. අපි හැමෝම බිරියානි හදද්දි දාන කුළුබඩු වලට අමතරව එහෙ වෙන වෙන රසකාරකත් දානවා ඇති. ඒකනේ හෙටෙල් එකෙන් ගේන බිරියානි එච්චර රහ. දවසක් හොටෙල් එකේ රහටම ගෙදර බිරියානි හදලා දෙන්නම් කියලා මසර් හදපු බිරියානි එකෙනුත් හොටල් එකේ බිරියානි එකේ රහ ආවේ නෑ. කාලෙකට පස්සේ අද ඉතින් හිතේ හැටියට ආසම බිරියානි කන්න පුළුවන්. වීසා වැදුණු නිසා මසර් අද හිටියේ පුදුම සතුටකින්. එයා කතා කරපු විදියෙන් මට ඒක හොඳටම තේරුණා. අවුරුදු ගානක් ආදරේ කරලා මාව කසාද බැඳපු දවසෙවත් මසර් මේ තරම් සතුටු වෙලා නෑ. මසර් හවස ගෙදර ආවේ බිරියානි පාර්සලෙත් එක්ක තව රස කැවිලි පාර්සල් දෙකකුත් අරගෙනයි. එක පාර්සලේක මං ආසම ජලේබියි අනිත් පාර්සලේ මසර් ආසම රසගුල්ලායි තිබුණා. "හෙට උදේම නැඟිටින්න ඕනි නෑ අයිශා. මං හෙට වැඩට යන්නෙ නෑ" ඇඟපත හෝදගෙන ඇවිත් බිරියානි කන ගමන් මසර් කිව්වා. "ඒ මොකෝ... ඔයා අදම රස්සාවෙන් අයින් වුණාද?.." "නෑ...මං හෙටට ලීව් එකක් දැම්මා. කොහොමත් මං හිතන් ඉන්නේ අනිද්දාට රෙසිග්නේශන් දෙන්න." "එහෙම එකපාරටම අයින්වෙනවා කියන එක හරි නෑ වගේ නේද. අපි අවුරුදු ගාණක් කෑවේ බිව්වේ ඔය රස්සාව නිසානේ.." "එහෙම එකක් නෑ. කොහොමත් මං කලින් ඉඳලම එහෙන් මෙහෙන් ඔය ගැන කියලානේ තිබුණේ. මගෙ ඉතිරි වෙලා තියෙන ඇනුවල් ලීව් ටික මේ දවස් ටිකට අරගෙන සති දෙකකින් අස්වෙන විදියට ලියුම දෙන්නේ. එතකොට කාටවත් ප්‍රශ්නයක් නෑනේ. මේ ඒක නෙමෙයි. ඉස්සරහට තමයි අපි දෙන්නට වැඩ තියෙන්නේ.. කොච්චර දේවල් ලෑස්ති කරන්න තියෙනවද.." "හ්ම්....." මසර් කියන හැම දේටම ඔළුව වන වනා මං මගෙ බිරියානි එක රස කර කර කෑවා. බිරියානි වලින් හොඳටම බඩ පිරිලා තිබුණු නිසා හිතේ හැටියට ජලේබි කන්න බැරිවුණා. ඒ නිසා ආසාවට එක කෑල්ලක් විතරක් කාලා අනිත් ටික උදේට කන්න තිබ්බා. මසර්ගෙත් බඩ පිරිලා කිව්වට එයානම් රසගුල්ලා පාර්සලේම ඉවර කරන ගමන් හිටියේ. කාලා බීලා එහෙම ඉවරවෙලා මසර් ලෑස්තිවුණේ මිස්ටර් අසීස්ට කෝල් එකක් ගන්න. "අයිශා අපි මිස්ටර් අසීස්ට දැන් කෝල් කරන්න ඕනි" "මේ රෑ?... හෙට උදේට ගත්තනම් නරකද" "තාම අටයිනේ... එහෙම ප්‍රශ්නයක් නෑ. මේ මං විතරක් කතා කරලා හරියන්නෑ. දෙන්නම එකතු වෙලා එයාට තෑන්ක්ස් කරන්න ඕනි. හරිද" ඉස්සෙල්ලම ස්පීකර් ඔන් කරලා අපි දෙන්නම එකතු වෙලා අසීස්ට තෑන්ක්ස් කලා. ඊටපස්සේ ඉතින් පැය එකහමාරක් විතර මසර් තමයි අසීස් එක්ක කතා කළේ. කතා කරලා ඉවරවෙද්දි රෑ නමයත් පහුවෙලා. අපේ මනුස්සයා මාත් එක්ක යාළුවෙලා ඉන්න කාලෙවත් ඔච්චර වෙලා මාත් එක්ක කතා කරලා නැද්ද කොහෙද. "මිස්ටර් අසීස් කිව්වා ඕනිනම් ටිකට් වැඩෙත් කරලා දෙන්න පුළුවන් කියලා. මං කිව්වා බලලා කියන්නම් කියලා." "වීසා වැදුණා කියලා හදිස්සියෙම යන්න ඕනි නෑනේ නේද ඉතින්. අපෙ අම්මලගෙ දිහාවේ යන්නත් ඕනි." "එහෙම ගොඩ දවසක් කල් අරින්න බෑ. ලබන මාසේ දෙවෙනිදා ඉඳන් මං වැඩ පටන් ගන්න ඕනි. මොනදේ කරන්නත් තව තියෙන්නේ සති තුනයි. අනිත් එක අසීස් කිව්වා ටිකට් බුක් කරන එක ඉස්සෙල්ලම කරගන්න කියලා. හෙට උදේම ඒ වැඩේ බලන්න ඕනි." "ටිකට්
වලටත් සෑහෙන ගානක් යයි නේද?..." "ම්ම්ම්ම් ඔව් සල්ලි ඇති වෙයි. කොහොමත් මං හිතන් ඉන්නේ ලබන සතියේ දිහාවට බයික් එක විකුණලා දාන්න. ඒකෙන් ලැබෙන සල්ලිත් එකතු වුණාම අපිට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. ඔයා ඔයාලගේ අම්මට කෝල් කරලා කියන්න තව දවස් දෙක තුනකින් වගේ අපි එනවා කියලා. ගොඩක් දවස් නම් ඉන්න වෙන්නෑ අයිශා. දවසක් දෙකක් වගේ ඉඳලා එමු. එහෙම හොඳයිනේ.." රෑ නිදාගන්න ගිහිනුත් මසර් කියෙව්වේ ඕස්ට්‍රේලියාවේ ගත කරන්න යන ජීවිතේ ගැන. පොඩි දරුවෙක් රෑට තමන්ගේ අම්මා කියන සුරංගනා කතා අහගෙන නින්දට වැටෙනවා වගේ මටත් මසර් කියන සුරංගනා කතා අහගෙන ඉඳලා එහෙම්මම නින්ද ගියා. මතු සම්බන්ධයි. බුද්ධි ජයවීරතිරුවා අඹගමු ගිය හැටි. ( ජන කතා) මගේ මූණුපොතේ මිතුරියක් මෑතකදී ලියපු නවකතා පොතක තිබ්බ කවියක් දැක්කම,මන් පුංචි කාලෙ කියවපු කවි පොතක් මතක්වුණා. ඒ තමයි තිරුවා අඹගමු ගිය හැටි. රජ කාලෙ කතාවක් පසුබිම් වුණ, ඒ පොත ලියපු කෙනාගෙ නම නම් මතක නෑ. තිරුවා කෙසෙල් පඳුරක් අස්සෙ හැංගිලා ඉන්න චිත්‍රයක් මුල් පිටුවේ ඇඳල තිබ්බ. කවි ඔක්කොම මතක නැතත්, එකක් දෙකක් මතකයි. කතාව නම් සම්පූර්ණයෙන්ම වගේ මතකයි. කවි කීපයක් ලියල තිබ්බෙ කතාව අතරතුරේමයි. ඒක කවිත් කලවම් කතාවක්. රජවාසලේ සේවය කරපු, තිරුවා කියන තරුණයා කරකාර බැන්ද දැරිවිව, බොහොම රූපසෝබාව තියෙන කෙනෙක්ය කියන කතාව, රජවාසල පුරාම පැතිරිලා, රජතුමාගෙ කනටත් ගියා. රජතුමාටත් ඉවසිල්ලක් නැතුව ගියා මැයව දැකගන්නකම්. ඒත් ඉතින් විවාහක කාන්තාවක් රජමාලිගාවට ගෙන්නගන්න ක්‍රමයක් නෑනෙ! ඉතින් මේකට උප්පරවැට්ටියක් කල්පනා කරපු රජතුමාට හොඳ අදහසක් ආව. ඒක තමයි තිරුවාට එක දවසෙන් ගිහින් එන්න බැරි රාජකාරියක් පවරල, වෙස් වලාගෙන තිරුවගෙ ගෙදරට යාම. සැලසුම් කරපු විදියට ,රජතුමා දවසක් තිරුවට කතාකරල, අඹගමුවට ගිහින් කරන්න ඕන රාජකාරියක් පැවරුව. මෙහෙම රාජකාරියක් පැවරුවට , තිරුවට තමන්ගෙ බිරිඳ දාල ඒ ගමන යන්න හිතුණේ නෑ. ඒත් රජ අණට පිටුපාලත් බෑ. ගඟෙන් එගොඩට ගිය තිරුවට මෙගොඩට එන්න බැරිවෙන විදියට, ඔරුව පදින තොටියට හවස ගෙදර යන්නත්, මේ අතරේ රජතුමා රාජපුරුෂයින් ලවා නියෝග කළා. තිරුවා එදා උදෙන්ම තමන්ගෙ බිරිඳට කිව්ව, තමන්ට අඹගමුවට යන්න වෙලා තියෙනව, රෑට එන්නෙ නැතිනිසා හොඳට දොරවල් වහන් නිදාගන්නය, කවුරුත් ආවත් දොර අරින්න එපාය කියල. ඉන් පස්සෙ,බිරිඳ බැඳල දීපු බත්මුලකුත් අරන් ගමනට පිටත්වුණා. ඒ උනාට තිරුවගෙ හිත අදින්නෙ ආපස්සටමයි. ටිකක් දුර ගිහින් දවල්ට බත්මුල කාල, ' ඕන දෙයක් වෙද්දෙන්' කියල ආපහු ගෙදර පැත්තට ගෑටුව. මෙහෙම ආපහු ආපු තිරුව ගෙදරට එන්නෙ නැතුව ,ටිකක් රෑ බෝ වෙනකම් ඉඳල, ගේ කිට්ටුව තිබ්බ කෙසෙල් පඳුරකට මුවා වෙලා, හැංගිලා හිටියේ තමන් රාජ නියෝගය කඩකරපු බව බිරිඳටවත් දැනගන්න ඉඩ තියන්න හොඳ නැති නිසා. ඔය අතරෙ රජතුමත් වෙස් වලාගෙන තිරුවගෙ ගෙදරට ගියා. ගිහින් තිරුව ආපහු ඇවිත් වගේ අඟවල, කතාකරල දොර අරවගන්න බැලුවට හරි ගියේ නෑ. කෙසෙල් පඳුර අස්සෙ ඉන්න තිරුව අඳුනගත්ත, මේ ඉන්නෙ රජතුමා බව.දැන් බලන් ඉන්නව එතුමා කරන්න යන, මේ විලිලැජ්ජා නැති වැඩේ දිහාව. තිරුවා විදියට කතාකරල හරි ගියේ නැතුවම, තමන් රටේ රජතුමා බවත්, තමන් විසින් තිරුවා අඹගමුවට යවා ඇති බවත් කිව්වෙ, එතකොට නම් දොර අරින බව රජතුමාට හොඳටම විශ්වාස නිසයි. ඔරුවා තොටේ ඔරු පදිනා කෙනෙක් නැත තිරුවා මෙමන් අඹගමුවට යවා ඇත බොරුව කියා තී රවටා යයි නොසිත හරුව දොර මෙපුර මහරජ මමය කත දොර ඇරියොත්, පහුවදාම ඇය අගබිසව කරගන්න බවත් කිව්ව. ඒ කවියෙ අන්තිම පේළිය විතරයි මතක. කාරිය කෙරෙනතුරු කාගෙත් රැවටිල්ල කියනවනෙ! ' ඉරිමා උදේ කරනෙමි තී අග බිසව' ඒ කරලත් දොර ඇරියෙ නැතුවම, තමන් අඹගමු යැවූ තිරුවා ,ආවත් නාවත් තමන්ට ප්‍රශ්නයක් නැති බවත් ( ඇත්තටම කියන්න ඕන වුණේ, තිරුවාගෙ පැමිණීම ගැන ඇයත් හිතන්න ඕන නෑ කියල! ), කිව්ව මෙන්න මෙහෙම. ඔරුවා තොටේ ඔරු පදිනා කෙනෙක් නැත තිරුවා එතත් නේතත් මට කමක් නැත ඒත් දොර ඇරුණේ නෑ. දැන් මේක බලන් ඉන්න තිරුවටත් බෑ. ඒ නිසා ඕන දෙයක් වෙද්දෙන් කියල, කෙසෙල් පඳුරු අස්සෙන් එළියට ආවෙ මෙහෙම කියාගෙන. ඔරුවා තොටේ ඔරු පදිනා කෙනෙක් නැත කෙරුවා රති සැපට ආලය පළක් නැත බොරුවා කියා මා රවටන්ට කළ තැත තිරුවා මමයි මා අඹගමු ගියේ නැත මේ කතාව මතක්කරපු, Buddhika Abeysundara සහෝදරියගෙ ආච්චිටත් ස්තුතියි! Channa Withana 2023.01.04 ( ඡායාරූපය අන්තර්ජාලයෙන්, හිමිකරුවන්ට ස්තුතියි! )#ගැට.... "අම්මා" ලියන්නට "අ" යන්නේ ගැටය හුරුකලේ හෝඩියේ මිස්‍ ය..... ඒ කාලේ අපිට ඉස්කෝලෙ තැන තැන එල්ලිච්ච අඹ ගැට, දිවුල් ගැට, පේර ගැට තරම් ප්‍රණීත ආහාරයක් නොවීය.................... බාග වෙලාවට ලොකු සර්ගේ ගැට නැති වේවැලෙන් පස්සේ ගැට මතුවන්නට පාරක් දෙකක් කෑවේත් ඒ සන්ධියේ මය....... "මොකද තොගෙ මේ පිඩි ගැට රතුවෙලා......" වේවැල් පාරවල් කාපු දවසක එහෙම ඇහුවේ නාන තොටුපලේ යටම පිය ගැටේ ඉදන් මගේ පිටේ කුණු අතුල්ලන අත්අම්මා ය............. එදා හැන්දෑවට වෙනිවැල් ගැටයක් තම්බා කල් කදුරු තිත්ත රසට මට පොව්වන්නේත් අත්තම්මා ය...... අත්තම්මාගේ ටීකා, ගැටපද ඇසීම මා දැඩි ලෙස ඇලුම් කල එකක් විය...... පාලොස්වක පෝයට උන්දෑ සිල් සමාදන් උනේ ගැටදිවුල පන්සලේ ය...... ගැටදිවුල කීවාට පන්සල් වත්තේ එකම එක දිවුල් ගසක් වත් නොතිබීම අදටත් මට ගැටළුවක් වී ඇත............ ................................................................... ජංගියෙන් කොට කලිසමටත් කොට කලිසමෙන් සරමටත් පිලිවෙලින් මා උසස්වීම් ලැබුවේ ය...... සරමක් ඇදීමට උසස්වීම් ලැබුවේ ගැටයා කාලයේ ය........... මට නුහුරු සරම් ගැටය දැමීමට කරගැට වැටුණු දෑතින් කියා දුන්නේ අප්පච්චීය......... සරම් ගැටය පිලිවෙලට ඉගෙනගත් මා පසු කාලයේ සරම කැසපට කවා ගැට ලෑමට තරම් ප්‍රබුද්ධ විය........ පනිට්ටුවට දාන තංගුස් ගැටයත්, එක් රැහැනකින් ඇද ලිහාගන්නා සමනල් ගැටයත් මට කියා ඉගැන්නුවේ ත් අප්පච්චී ය.......... "මහ වැවට ගැට කිඹුලෙක් ඇවිත්" යන කාරණය ගමේ කා අතරත් ප්‍රචලිත වූයේ ඔය කාලයේදී මය....... දිනක් ගම්මුන් දැඩි වෙහෙසක් දරා ගැට කිඹුලාට ගැට ලන්නට සමත් වුණි.......... ගැටවර වයසේ මගේ උන් එක්ක ගැට කිඹුලා බලන්නට මමත් ගියෙමි..... නමින් ගැට කිඹුලා වූවාට ඌ අපේ වයසේ ගැටවරයෙක් නොවන වග තේරුම් ගියේ කිඹුලා දැකීමෙන් පසුව ය............. ඒ දවස්වල අක්කාගේ වයසේ එකියන්ට කීවේ ගැටිස්සියන් කියා ය..... පොඩිත්ති ගැටිස්සී වන්නේ ගැට ඉස්සී පෙනෙනා කාලයට වග දිනක් අම්මා අක්කාට කරන තරවටුවකදී මට තේරුම් ගියේ ය....... ගැටිස්සියන්ගේ ඊලග පරම්පරාව ලැමිස්සියන් බව මම තේරුම් ගත්තේ දහය වසරේ සන්ධි පාඩමෙනි......... රේණුකා අක්කණ්ඩිගේ බඩේ රුදාවකට හීං එතනා නැන්දම්මා ගමේ ඉඩම් වල අහු මුලු පීරා අන්නාසි ගැටයක් හෙව්වේත් රේණුකා අක්කණ්ඩි ලැමිස්සී කාලයේ ය....... ඉද හිට මට හැදුණ බඩේ රුදාවකට අම්මා සත්සද මුලක් ගලවාගෙන එන්නේත් හීං එතනා නැන්දම්මලාගේ වත්තෙන් ය.... බඩේ රුදාවට බේත ගෙදර වත්තේ තිබියදීත් හීං එතනා නැන්දම්මා අන්නාසි ගැටයක්ම සෙවූ කාරණය මට තේරුම් ගියේ ගැටය මෝරන කාලයේ ගමෙන් වහං වී හිදි රේණුකා අක්කණ්ඩි දොඩම් ගැට දෙක තුනක් විතර හීං කොලු පැටියකු කරපින්නාගෙන නැවත ගමට ආවාට පසුවය......... රේණුකා අක්කණ්ඩි හසුවී තිබුණේ ටවුමට ආ නාට්ටි කණ්ඩායමේ ගැටබෙර කාරයාගේ පෙම් ගැටයකට ය...... ................................................................... ගැට වයසේ අවසාන කාලයේ මා ගැට පිලිබදව බොහෝ සෙයින් උගත්තේ බාලදක්ශ කණ්ඩායමේ සාමාජික වූවායින් පසුවය..... අම්මා, අප්පච්චි ඉගැන්න්වූ ගැට වලට අමතරව ලෝකයේ ඇති නොයෙකුත් ගැට වර්ග පිලිබදව මා හසල දැනුමක් ලබා ගත්තේ ඒ කාලයේය........ කොස්පට්ටා ගැටය, සැඩොල් ගැටය යනා දී නොයෙක් ගැට ලෑමටත් පැන්නීමටත් ඉගන ගත්තේ බාලදක්ශ කණ්ඩායමෙනි....... ඒ ගැට ඉගෙනගැනිල්ලටත් ගැටය වැටුනේ උසස්පෙල කාලයේ දී ය..... අඩුම තරමේ දඹ ගැටයක්, කෝන් ගැටයක්, එරමිණියා ගැටයක් කඩා ගැටීමට යාමට පවා ඉස්පාසුවක් ඒ කාලයේ නොතිබින.......... ඉදහිට අප්පච්චි උදළු මිටකට ගෙනා බුරුත ලීයක ගැටයක් සහිනවා මා දැක තිබුන ද සැබෑ ගැට කපන්නන් දුටුවේ උසස් පෙලට පන්ති යන කාලයේ කුරුණෑගල උමග යටදී ය....... "ගැට කපන්නන්ගෙන් ප්‍රවේශම් වෙනු" යනුවෙන් උමගට බහින පියගැට හතරේම බෝඩ් එල්ලා තිබුනත් ගැට කපන්නන්ගේ ග්‍රහණයට හසුවූ එවුන් පිළිබදව නිරන්තරයෙන් බස් නැවතුමේ දී ඇසෙන්නට විය........ මා නම් ගැට කපන්නන්ට කිදි දිනක බිය වූයේ නැත.... මාගේ මුදල් පසුම්බිය සොරා ගන්නා ගැට කපන්නාට උගුරු ගැටයට තොණ්ඩුව දා ගැනීමට හිතෙන තරමටම එකල මා හිගන්නෙකි.............. .................................................................... උසස් පෙල කාලයේ මා සොයාගත් පෙම්වතිය මට වඩා ගැට උගත් තැනැත්තියක් බව මට පසක් වූයේ මගුල් පෝරුවෙන් බැස බිරිද ලෙස ගෙදර ගෙනාවාටත් පසුවය...... ලෝකයේම සිටින අංක එකේ ගැට කපන්නිය ඇයය...... එදා තත්වය දැන් වෙනස් ය...... කුරුණෑගල උමග යටදී පිටිපස්සෙ සාක්කුවේ ඔහේ දමාගෙන ගිය මුදල් පසුම්බිය දැන් ගෙදර කොතැනක හංගා තැබූවත් ඒ ගැට කපන්නියට ඉව වැටේ........ හැංගු තැනින් ඉවතට ගෙන මා එය පරික්ෂා කිරීමේදී මුදල් පමණක් වාශ්ප වී ඇත....... ඇයගේ දහං ගැටයන්ට මාගේ පෙම් ගැට පරාජය වූවද, ඇයගේ පෙම් ගැටයන් මාගේ දහං ගැටයන් පරයා නැගේ...... කෙසේ කෝ ජීවිතයට දැන් ගැට වැටී හමාර ය....... පවතින ආර්ථික නියගය අතරේ ඇයට නොපෙනෙන්නට, අදටත් හෙටටත් මතුවටත් ජීවිතය ගැට ගසා ගැනීමට ක්‍රමයක් අහස පොලව ගැට ලා කල්පනා කල යුතුව ඇත........ .......ජනිදු........දුංහිඳ හීන - (පහළොව) "ජිනා මට ඇත්තම කියන්න ඕන . මම කාටවත් කියන්නෙ නෑ. ඩොක්ටර් කෙනෙක් විදිහටත් වඩා මං ඔයා දිහා බලන්නේ තවත් ගෑනියෙක් දිහා බලන විදිහට..
. ඔයාට දරුවෙක් ලැබෙන්න ඉන්නව නේද ජිනා ...? " "චින්තා බේබි ..." මට මහ හයියෙන් ඉකි ගැහුනා. මෙච්චර කාලයක් කවුරුවත් අහපු නැති .. කාටවත් කියන්ට බැරි .. හිතේ කකියං තිවුන දුක් කන්දරාව මට තවත් හංගන් ඉන්ට බැරිවුනා ච්න්ත බේබි මට ඇතිවෙනකල් අඬන්ට දීල කරබාගෙන මයෙ ඉහ පිරිමදින්ට වුනා . "ඔය සිද්දිය හංගගෙන ඔයා තව කොයිතරම් කාලයක් ඉන්නද...? ඔයා ආදරේ කරපු කෙනා ගැන තියෙන විශ්වාසෙ උඩ ඔහොම දෙයක් වෙන්න ඇති.ඒත් ජිනා..මිනිස්සු වෙනස් වෙන්න ඒ හැටි කාලයක් යන්නෙ නෑ....මට ඇත්ත කියන්න . ඒ කෙනා එක්ක කතාබහ කරල ඔයාට පිළිවෙලක් කරල දෙන්න මං පොරොන්දු වෙනවා. නැත්තන් ඒක ඔය ලැබෙන්න ඉන්න දරුවට කරන ලොකුම අසාධාරණයක් ..." "ඒක සිද්ද වෙන දෙයක් නෙවෙයි බේබි . මං මේක කියන්නේ හිතකින් නෙවෙයි. මට ..මට මේ කුසේ ඉන්න සප්පයා ඕන් නෑ බේබි .." මුළු අහසම කළුකරල එකපාරටම මහා වැස්සක් කඩා හැලුන වගේ මයෙ හිතත් අඬා වැටුනා..චින්ත බේබි මා දිහා බලාන හිටියේ පුදුම වෙලා වගේ. හතර වටේ වැහි අන්දකාර වීගෙන එන හින්දද..නැත්තන් මයෙ කතාවට කේන්ති ගිහින් වත්ද මන්ද බේබි උන් තැනින් නැගිට්ටේ මයෙ අතත් ගසා දාලා. "මං හිතුවෙ මේ ගම්වල හැදිච්ච ජිනාලගෙ හිත් හරි ශක්තිමත් කියල . අව්වට වැස්සට ඔට්ටුවෙන දුක සැප දෙකම එක විදිහට විඳ දරාගන්න තරම් ශක්තියක් ඔයා වගේ කෙනෙකුට නැති වෙන්න බෑ. විශේෂයෙන්ම අම්ම කෙනෙක් වෙන්න ඉන්න මේ වගේ අවස්ථාවක.. " "මම දැන් යන්න ඕන.ඔයාට පුළුවන් නම් දැන් මා එක්ක එන්න. හැබැයි ඔයාගෙ කතාවට නම් මම එකඟ නෑ .කුසේ ඉන්න දරුවට අයිතිකාරයෙක් මේ කොහේ හරි ඉන්නවනේ? අපි එයා එක්ක කතා කරල මේ ප්‍රශ්නෙ විසඳ ගමු....ඔයා වගේ ලස්සන අහිංසක කෙල්ලක් බාරගන්න අකමැති වෙන්නෙ කවුද ? අනික ඔයාට මේ දේ සිද්ද වුනේ එයා ගැන තියෙන ආදරය.. විශ්වාසය මත නේද..? ඉතින් ඔයා බාරගන්න ඒ කෙනා අකමැති වෙන්නෙ ඇයි" මං මොකුත් නොකියා කරබාගෙන උන්නේ මොනා කියන්ටවත් හිතට නේන හින්දා. "බේබි....අප්පුච්චට මං මොකුත් රත් කරල තියල හවහට එන්නම් බේබි යන්න . සුනංගු වෙනවනේ.." "නෑ නෑ.. ඔය දෙන්නට රෑ කෑම බංගලාවෙන් ගේන්න පුළුවන් . හීං අප්පු ඉන්නවනෙ. ඔයා බය නැතුව එන්න.අද අපේ ඩැඩා නෑ කියල කිව්වනෙ. එයා නාරංගල වත්තට ගිහින් .." එහෙනම් චින්ත බේබිත් දන්නව රාමනායක මහත්තය මං එනවට අකමැති විත්තිය. මට ඕන වුනෙත් මේ දේවල් වලට උත්තරයක් හොයාගන්න . චින්ත බේබි ආවට ගියාට උත්තර හොයන කෙනෙක් නෙවෙයි . මං ඉරගල වැටෙන වෙලේ බංගලාවට එනව කියල බේබිට පොරොන්දු උනෙත් අප්පුච්ච දැන් දැන් චින්ත බේබි එක්කල ආරෝවක් නැතුව වාගෙ හිතුන හන්ද. දවාලේ චින්ත බේබි අප්පුච්චගෙන් අවසරේ අරන් තිබුන යින් මං බංගලාවට යනවට උන්දැ ඒ හැටි අමනාපයක් පෙන්නුවෙ නැතුවා. බංගලාව රාත්තිරියට පේන්නෙ හරියට තව්තිසාව වාගෙ. වීදුරු අස්සෙන් පාට පාට එළි විහිදෙන්නෙ හරියට දේවතා එළි වාගේ . මෙවෙලෙත් ඉතින් මයෙ හිතට එන්නෙම සුදු මහත්තයා .මං බයෙන් බයෙන් එනකොට චින්ත බේබි මට කේළි කරා. "මොකද ජිනා..හරියට මෙහෙ ආව ගිය තැනක් නෙවෙයි වගේ බය වෙලා ? අපි ඩිස්පෙන්සරියට යමු...මට ඔයාව ටිකක් චෙක් කරන්න ඕන. බලන්න ..ඔයාගෙ ඇස් දෙක කහපාට වෙලා...දුර්වල කමට..." චින්ත බේබි කොහොමත් කාට වුනත් හරි කරුණාවන්තයි. ඒ ඇත්ති කතාබස් කරන්නෙත් ඒ කෙනාගෙ හිත රිදෙයි කියල බයෙන් වාගෙ. පින තමා ඉතින්. පෙර ආත්මවල කරපු කුසළ කර්ම හින්ද නෙව මෙහෙව් සැප සම්පත් ඇතුව උපදින්නේ . "ඔයාගෙ ඇඟේ ලේ අඩුයි...මම විටමින් ටිකක් දෙන්නම්... ඒව පිළිවෙලට බොන්න ඕන. මෝඩ තීරණ අරන් අමාරුවෙ වැටෙන්න එපා. තේරුනාද ...? " චින්ත බේබි මයෙ ඇස්,දිව, අත්වල නාඩි හිට පරිස්සා කරා. එළියක් පත්තු කරල ඇස් දිහා බැලුවට පස්සෙ තමයි චින්ත බේබි මයෙ ඇඟේ ලේ අඩුයි කියල කිව්වේ. "ඉන්නකො...හීං අප්පුට කියල මම ඔයාට සුප් එකක් හදවන්නම්. ඉන් පස්සෙ ඔයත් එක්ක නිදහසේ කතා කරන්න ඕන. මොකද දරුවගෙ තාත්ත ගැන හෝඩුවාවක්වත් ඔයා දන්නෙ නෑ කියන කතාව මට පිළිගන්න බෑ ජිනාදරී ... චින්ත බේබි තියා මේ තුලානෙ එකෙක් වත් විස්වාස කරන් නැතුවා මට මේ වින්නැහිය කල එකා ගැන සහසුද්දයක් දන්නැති වග කිව්වම. චින්ත බේබි එනකල් මං , බිත්තියෙ ගහල තියෙන සුදු මහත්තය ගත්තු පොටෝ දිහා බලාන උන්නා...මං හිමීට සුදු මහත්තයගෙ කාමරේට එබිකම් කලාම ඒ ආලවන්තකම එක්කල බැඳිච්චි සුවඳ මයෙ හිත ආයිත් ඒ දවස්වලට අරන් ගියා. මයෙ ඇස්දෙක තෙත්වුනේ ඉබේටම වගේ. මං ගැස්සිල බැලුවෙ චින්ත බේබි මට අඬ ගැහුවම. බේබි මාව එයාගෙ කාමරේට එක්කන් ගියේ නිදහසේ මා එක්කල කතා කරන්ට හිතාන වෙන්ට ඇති . බවන වාගෙ කාමරේ ඇඳේ කොණකින් මං යාන්තමට ඉඳ ගත්තේ . මුළු කාමරේම හරි පුසුඹයි. මල් වත්තකට ආව වගේ. ලොකු කණ්ණාඩි මේසෙ පැත්තක හිටවල තිවුන පොටෝ එකක් දැකල මයෙ දෑහ නිලංකාර වෙන්නැහේ දැනුන මට . මං ආයිත් සැරයක් ඒ දිහා බැලුවෙ මට වැරදිලා වෙන්ට ඇති කියල හිතිච්ච හින්ද . සුදු මහත්තය ... චින්ත බේබිව බදාගෙන ඉන්න පොටෝ එකක්. මයෙ අම්මේ මේක පොටෝ ගහපු එකාට ලැජ්ජ හිතෙන්ටත් ඇති...දෙන්න මූණු දෙකත් හොඳටෝම කිට්ටු කරන්...? මට මේ ඉන්නෙ චින්ත බේබිගෙ කාමරේ වගත් අමතක උනා.මයෙ කන්දෙක රත් වුනා වාගෙ මට දැනුනේ. හෙනං ඒ දෙන්නගෙ පළහිලව්ව ඇත්ත..? සුදු මහත්තය මට කරේ පට්ටපල් බොරු...? මයෙ දුප්පත් කමින් පල පොරෝජන් ගන්ට තමා ඒ ඇත්තත් මාන බැලුවෙ. ඔව් .. ඒක එහෙම වෙන්ට එපැයි. මයෙ අප්පුච්චා තිස්සෙම කියන්නෙ ඔය බණේම නෙව?උන්දැගෙ ඉහ නිකට පැහුනෙ අවාරෙට නෙවෙයිනේ...මට හීල්ලුනා .මං අවලංගු කාසියක් වුන වග සත්ත.ඒත් මං සුදු මහත්තයව ඇදහුවේ දෙයියෙක් වගේ. "ඔය අපේ එංගේජ්මන්ට් එක දවසෙ ගත්ත ෆොටෝ එක. ලස්සනයි ද ජිනා ... ? " මට තේරුන් නෑ මොකක්ද ඒ හරුපෙ කියල. මොන දවසක උනත් එහෙම පොටෝ එකක් ගත්තු එක වැරදියි නෙව ? ...චින්ත බේබි ඒ ගැන කිව්වෙ ලොකු සන්තෝසෙකින්. කළු සුදු පොටෝ එකක් උනාට දෙන්න පණපිටින් ඉන්නැහේ...ඒකෙ අපූරුව. මං කටත් ඇරන් කොච්චර වෙලාවක් ඒක දිහා බලන් උන්නද කියල මටම නිනව්වක් නෑ.. මයෙ හිතට එවෙලෙ ආවෙ දුකක්ද, තරහවක්ද,එහෙමත් නැත්තන් හරිකෙලාවක්ද මන්දන්නෑ...ඒත් මයෙ හිත දාල පිච්චිල ගියා වාගෙ දැනුනා. "චින්ත බේබි.. මයෙ ඉහ කකියනව. මං වෙන වෙලාවක එන්නම් .." චින්ත බේබිට කියන්ට දෙයක් නොතියාම මං අන්දකාරෙම එළියට බැස්සා....මට තවත් ඒ අහ උන්නොත් පිස්සු හැදෙයි...මයෙ අප්පුච්ච තිස්සක් කියන කතාව සත්ත.ඔය සල්ලිකාර ඇත්තන්ට අපිව කෙළි බඩු වාගෙ. විනෝදෙට විතරයි අපිව ඕන. මං මහ මෝඩියක්... අහස උසට බලාපොරොත්තු පොදි බැන්දා.. චින්ත බේබි මොනා හිතුවද මන්ද.එකාතකට හිතුවත් මොකද.. ? මයෙ හිතේ පත්තු වෙන ගින්දර එයාට නං කවදාවත් දැනෙන එකක් නැතිවෙයි .සල්ලි වලට සුදු මහත්තුරු එකට දහයක් හොයාගන්ට බැරුවයි ..? පහුන්දා පාන්දර මං ඔහේ පැදුරෙ ගුලිවෙලා උන්නෙ අප්පුච්චා රෑ තිස්සක් මට සෝලි තියාපු හිත් අමාරුවටත් එක්ක. ඔහේ බලා ගත්තු අත බලා ඉන්‍ට මිස මෙලෝ වැඩක් කරන්ට හිත් දුන්නෙ නෑ. මට මහා කළකිරීමක් දැනෙන්නෙ .. මෙව්ව කල්පනා කරනකොට . කුසට ආව එකා, යකා වගේ අල්ලාන ඉන්නව...මෙව්ව ගමේ උන් අතරෙ යන්නෙ මං එක එකත් එක්ක ලැගල දරුවො හදාගත්ත කියල. අමරාවතියගෙ දීගෙත් කඩා දාල ඒ ගැනියි දරුවයි පාරට බැස්සුවෙත් මං..ය කියල උන් මට සාප නොකරොත් නෙව පුදුමේ.. "ඒකි ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න හැටි දකිද්දී මයෙ බඩ පපුව පත්තු වෙනව යසෝහාමි.....මේකිට වෙලාවක් කලාවක් තියේ යැ.. තනිපංගලමෙ එහෙ මෙහෙ හක්කලං කරල තනිකං දෝසයක් වෙන්ටැති. කොයි එකටත් උඹ ඩිංගිත්තක් ඒකි ගාවට වෙලා ඉඳින් . මං කට්ටඬි රාළ එක්කං එන්ට විදිහක් බලන්නං. දෙහි ඩිංගක් මතුරල, නූලක් ජීවං කරල දැම්මනං සේරම හරියයි.." කිව්වත් වගේම අප්පුච්චා කට්ටඬි රාළව ගෙන්නගත්තහම මට කරකියා ගන්ට දෙයක් නැතිවුනා. මං අප්පුච්චට කී දවසක් මේ රහස හංගගෙන ඉන්ටද..? දැන් දැන් මයෙ කුස පේනවත් වැඩියි. මං කට්ටඬි රාළ ඉස්සරහට ආවේ චීත්තයකින් ඇඟම පොරව ගෙන.. යසා නැන්ද කරබාගෙන උන්නේ මොනා කරන්ටද කියල හිතාගන්ට බැරුං වගේ. "මට ඔය හීතල වතුර බේසමකුයි කහ ඩිංගිත්තකුයි ගෙනත් තිබ්බනං...? දෙහි ගැට දහයකුයි ගිරෙයි වට්ටියක දාල මෙහෙන් තියාපල්ලා..." කට්ටඬි රාළ මයෙ ඉහට උඩින් අල්ලල ... මොනවදෝ මතුර මතුර දෙහි ගෙඩි එකින් එක ගිරේ තියල කපන්ට වුනා. මං එහෙමම බිම බලාගෙන උන්නා. තෙල් පීරිසියක් ජීවං කරල මයෙ හිසේ ගාන ගමන් ...." ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ..." ගාථාව තුන් පාරක් කියල අතේ නූලක් ගැට ගැහුවා. "සියාතු හාමි..සිකුරාදවල් තුනක් ඉර බැස්සට පස්සෙ දුං ටිකක් ගේ වටේට අල්ලපන් . මිරිස් කරල් හතක්,ගම්මිරිස් ඇට හතක්, ලුණු ,අබ සින්නක්කාරං,ඔය සේරම ඇහි පොල්කට්ටක දාල පුච්චල..ඉන් පස්සෙ අළු ටික පොට්ටනි කරල කට ගැටගහල තුන් මං හන්දියකට ගිහින් දාපන්. මේ කෙලීගෙ ඇස් මළානික පාටයි. හැබෑට උඹ මොකාට හරි බය වුනාද දුවේ...? " කට්ටඬි රාළ මාමට එලවන්ට පුළුවන් යකෙක් නෙවෙයි නෙව මට වැහිල ඉන්නේ. ඕන කරන අඩුම කුඩුම ටික එවෙලෙම කිරා ගෙනත් දුන්නේ අද සිකුරාදා දවසක් හින්ද වෙන්ට ඇති. මොනා වුනත් ඒක නෙව මට හදි කළ යකා කියල හිතෙනකොට..? මගෙන් බැනුම් අහ අහා හරි ඌ මේ අහළ පහලක ලැගල ඉන්න එක අප්පුච්චට නං ලොකු හයියක් වෙච්චි . මියුරිත් ඇවිල්ල යසා නැන්ද එක්ක හෙමින් කටු කුටු ගාන්නේ මං ගැන වෙන්ට ඇති. මියුරින් අක්ක මා එක්ක කොයි දෙයක්වත් හගිස්සන්ට යන්නෙ නෑ..උන්දැගෙ දෑහ පොට්ට වෙලා නෙවෙයි නෙව. "සඳුන්සිරි මලය ජයටම මඟුල් කන්ට වගේ. අපේ දියෝනිස් ඕසෙට වැඩ මේ දොහේ.." මියුරි අක්ක අප්පුච්ච එහාට මෙහාට වෙනකල් ඉඳල යසා නැන්දයෙ කණට කරල කීවෙ. හෙනං හඳුනයිය බිංතැන්න ගමේ ගම්මැහේගෙ දෝනියැන්දව කරකාර ගන්ට යනව කියන අයිරුව සත්ත වෙන්ට ඇති. එයා කියල හැමදාමත් තනිකඩව ඉන්ටයැ. ලොකු දෑවැද්දක් එක්ක වෙන්ට ඇති. දැන් ඉතින් හඳුනයිය කියා එසේ මෙසේ කෙනෙක් යැ. ලොකු මුදලාලි කෙනෙක් නෙව . "අපට කොහොමත් මංගල්ලෙට යන්ට වෙයි. මොකෝ..අපේ වාහෙ සඳුන්සිරි මලයගෙ විස්වාසවන්තම ගෝල බාලය වෙච්චි කොට" මියුර
ින් අක්කා ඔය කතාව හැමොත් එක්කම කිය කියා පාරම් බානවා. හඳුනයියට හරියනව නං වැඩියෙන්ම සන්තෝස වෙන කෙනා මමයි. * * * චින්ත බේබි මට පොරොන්දු උනා නෙව මට මේ වැරැද්ද කරපු එකා එක්කාසු කරල දෙනව කියල . මං කෝම කටක් ඇරල කියන්නේ.. එදා කුට්ටි කපන කළුවරේ.. මට හදිකල එකා දෑහට පෙනුන් නැති කොට. මට සිහිය එනකොට ඌ පෑල දොරින් පැනල ගිය වග විතරයි නෙව මට දැනුනේ . මයෙ කුසේ ඉන්න දරුව ගැන දැන් දැන් මයෙ හිතේ ආදරයක් ඇල්මක් ඇතිවීගෙන එනවා. අම්මෙක් වෙනව කියන්නේ ගෑනියෙකුගෙ ජීවිතේ උතුම්ම පදවිය ලබනව කියන එක සත්ත...මයෙ දරුවට අප්පෙක් ඕන. ඒත් දරුවගෙ අප්පට ආදරේ කරන්ට මයෙ හිත හදාගන්ට කවදාවත් බැරිවෙයි. මං ගෙදර ඇවිත් කවදාවත් නැතුව මයෙ කුස ආදරෙන් අතගෑවා... මං මයෙ අප්පුච්චට කියනවා මයෙ හැබෑ තත්වෙ. දැන් දැන් වහං කරන්ට පුළුවන් කමක් නෑ. කොයියම් වෙලාවක හරි ඕක ගමේ එකෙක්ගෙ කටෙන් පිටවෙන්ට කළියෙන් මං අප්පුච්චට කියනව. උන්දැ දැන් ගෙයින් පිට යන්නෙ නැති හින්ද විනක්කා නැත්තන් මෙලහකටත් ඕක කණ වැටිල අහවරයි. කිරා හෙරළි ගෙඩියකුයි වෙරළු, හිං නාරං මල්ලකුයි ඇන්න ඇවිත් මයෙ අතට දුන්නේ මං බනියි කියල බයෙන් බයෙන් වාගෙ. මට මතක් උනේ හඳුනයිය මට එදා කියල ගිය කතාව. කිරාව පාච්චල් කරන්ට එපා කියල. "න‍ඟා... ගුණසිරිය වහංවෙලා උන්නු තැනින් ආපහු ගම ඇවිල්ල ඉන්නෙ. ඌ ඊයෙ රෑ මත් වතුර පෙරන තිප්පොලේ ඉඳන් නඟාට ඕන් නැති කතා කියල තීනව. උඹ කොයි එකටත් පරිස්සම් වෙයන්... ඕං මං එක්ක තරහ ගත්තට කාරි නෑ.. මං කියන එක හිතට අරගං..." කිරා කවදාවත් මට මෙහෙම කතා කරල නෑ. ගුණසිරිය ආයිත් ගම ආව කියන්නෙ ඉතින් විනාසයක්ම තමයි. ඌ මොන වැරැද්ද කරත් පොලෝසියේ මහත්තුරුත් උගෙ පැත්තේ. ඇයි ඉතින් කඩේ තේවතුර ටික ඉඳල නිකං නෙව. ඇල්ල අහලකටවත් යන්ට හිත් දෙන්නෙ නෑ සිරිමතී ඇල්ල පල්ලෙ වැටුනයින් පස්සේ... එක්කො ඒකි විහින් ඇල්ලට පනින්ට ඕන.. ඒත් ඒකට හේතුවත් ගුණසිරියා... ඒකිව මොකා හරි ඇල්ලට තල්ලු කරානං ඒකත් කරන්ට ඕන ඔය ගුණසිරියා. ඒත් අද ඌ යහතින්. සිරිමතීට කයි කතා හදන උන්ට ගුණසිරිය ගැන වගක් නෑ. මට ඇත්තටම උගෙ බොටුව මිරිකන්ට තරං කේන්තියි. ඒත් එහෙව් උන්ට කොයි නීතියක් ? මට හිතෙනවා මං කියන්ට කළියෙන් අප්පුච්චට කවුරු හරි මයෙ පුරස්නෙ ගැන කියල උන්දැගෙ හිත ටිකෙන් ටික හදල කියල .එහෙම කරන්ට නං ඉන්නෙ යසා නැන්ද තමයි. මියුරි හෙම කිව්වනං කියන්නේ අප්පුච්චගෙ හිත හැදෙන්ට කෙසේ වෙතත් ගිනි අවුළුවන්ට බලාගෙන. කවදාවත් නැතුව අප්පුච්ච මයෙ ඉහ මුදුනට අත තියාගෙන හුඟක් දේවල් කියෙව්වා. මට වාවගන්න බැරුව මං අප්පුච්චගෙ දෙපතුල් ගාව වැඳ වැටිල කිව්වෙ මේ මං විහින් කර ගත්තු දෙයක් නෙවෙයි කියල. ඒත් අප්පුච්ච නොනවත්වාම දෙස් දෙවොල් තිබ්බෙ සුදු මහත්තයට. එහෙම කියවගෙන යන අතරේ අප්පුච්චට මහ පුදුම කතාවක් කියවුනේ. මං අප්පුච්ච දිහා බලං උන්නෙ කිසිම දෙයක් හරිහැටි හිතාගන්ට බැරුව . මතු සම්බන්ධයි (සේයාරුව අන්තර්ජාලයෙනි)(දරුවෝ) දහවලේ හිරුගේ මහා දාහයෙන් පීඩිත ගස්වැල් සදුගේ සිසිලසින් සැනසීම පතා රාත්‍රිය පිලිගන්න පෙරුම් පුරමින් බලා සිටී.හරිත වර්ණ පරිසරය අදුරු පැහයේ රාත්‍රි ඇදුමෙන් හැඩගැන්වෙන අතර තුර මොණරුන් ජෝඩුවක් සිරියලතා අම්මාගේ ගෙදර මිදුලේ කෙලවරේ ඇති රූස්ස කොස්ගහේ මුදුනේ රාත්‍රිය ගත කිරීමට ලැගුම් ගත්තේය . වැට මායිමේ පිහිටි ඉද්ද පදුරෙන් සීරුවට නෙලාගත් සුදුපාට ඉද්දමල් දීසියක් සාලයේ තියෙන බුදුකුටියේ සිරියලතා අම්මා බොහෝ බැතියෙන් තැන්පත් කලාය. ඉන් පසුව තෙල් පිරවූ පහන් තැටියේ සිලට සිරියලතා අම්මා ගිනි කූරක් ගසා දැල්වීය .පහන් සිලේ ආලෝකය බුදු කුටිය මෙන්ම සිරියලතා අම්මාගේ මුහුණ ද සිප ගත්තේය .සුන්දර බුදුරුවේ මුව කමල දෙස ඇය මොහොතක් සමවැදී බලා උන්නාය .බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් සිරියලතා අම්මා දෙස බලා හිදී.නමුත් සිරියලතා අම්මාගේ මුහුණ බොහෝ වෙහෙසකර මෙන් ම තාම සෝ බරිතව තිබේ . "හනේ උන්වහන්සේ නම් මේ සංසාර දුක් ගෙවල ඉවර කලා.මං මේ ජීවිතයේ දුක කවදා ගෙවල ඉවර කරන්න ද?" කියා ඇයට සිතුනි . තෙරුවන් වන්දනාව අවසන් කොට බණ පොතක් දෝතින් ගෙන සාලේ කෙලවරේ ඇති ඇදි පුටුවට ඇගේ සිරුරේ බර දිය කර හැරියාය . උඩු බැලිව සිටින ඇගේ දෙනෙතට පැලද සිටින උපැස් යුවල අතරින් වහලේ පියස්ස අපැහැදිලිව දර්ශනයවේ. දිගු සුසුමකින් ඇය ලය හෑල්ලු කලාය.පොතේ පිටු අපිලිවෙලකට පෙරලුවත් කියවන්න තරම් ඇගේ හිත එකලාස නොවීය .ඒ නිසාම බණ පොත ලයමත තබාගෙන ම ඇය මොහොතක් දෙනෙත් පියා ගත්තාය. සිය ලොකු පුතා ප්‍රියන්ත තමා රවටා සිදුකල මහා නරක අකටයුත්ත පිලිබදව ඇයට මහා කලකිරීමක් ඇතිවිය .කුඩා කාලේ සද පෙන්වා රවටා බත් කටක් ගිල්ලවූ පුත්‍රයා අද තමන් වියපත් වූ මොහොතේ වැදූමව රවටා සිය දේපළ උදුරා ගන්න කටයුතු කිරීම ඇය සිහිනෙකින් හෝ නොපැතුවාය. ඒ නිසා ම පුතා වංචාකරුවෙක් ලෙස හිතන්න තාම ඇගේ සිත ඉඩ නොදේ. . දහවල් කාලයේ තම වැන්දඹු දියණිය සමග ත්‍රීරෝද රථයකින් නිවාස කාර්‍යාලයට ගියේ ඔවුන් පදිංචි මහගෙදර වෙච්චි රජයට අයිති නිවාසයට ගෙව්මට ඇති සියලු මුදල් ගෙවා සින්නක්කර අයිතිය දියණිය නමින් පවරා දී මියගිය සැමියාගේ ඉල්ලීම ඉටුකර දීමටවේ. .නමුත් කන්තෝරුවෙ තිබුණ ලියකියවිලි පරික්ෂා කිරීමේ දී අනාවරණය වූයේ නිවසට ගෙවීමට තිබූ සියලු මුදල් ගෙවා ලොකු පුතා ප්‍රියන්ත ඔහුගේ නමින් සින්නක්කර ඔප්පුව ලබාගෙන ඇති බවයි.මේ සදහා අදාළ ලියකියවිලි සදහා තම අත්සනින් කැමත්ත ලබාදී තිබෙනු දුටු සිරියලතා අම්මාට එය අදහා ගැනීමට නොහැකි විය .ඒ බව දැනුවත් උනු මොහොතේ තම දියණිය ප්‍රියන්වදා ආණ්ඩුවේ නිලධාරීන් ඉදිරියේ ම අඩ අඩා ඇයට කල චෝදනාවල ගිනිපුපුරු තාම ඇගේ හදවතේ බුර බුරා ඇවිලේ. "ඇයි අම්මේ මෙහෙම කැත වැඩක් කරල මාව රැවට්ටුවේ.අප්පච්චි මැරෙන වෙලාවෙ අම්මට කිව්වෙ නේද ? මේ ගේ මට ලියල දෙන්න කියල .මගේ මිනිහ මැරෙන්න කලින් ඉදල අම්මට ,අප්පච්චිට මං කොච්චර හොදින් සැලකුවද? මං කිසිම අඩුපාඩුවක් ඔයාට කලේ නෑ නේද ? අයියා මොනා ද ? ඔයාලට කලේ තිබුණ හැමදේම වියදම් කරල එයාට ඉගැන්නුවේ .දැන් එයා ලොකු රස්සාවක් කරනවා ඉන්න හිටින්න අම්පාරේ ටවුමේ මැද සාගරේ වගේ ගෙයක් තියෙනවා .මට මනුස්සයත් නෑ. අම්මා නැති කාලෙක අබ්බගාත දරුවත් එක්ක මහපාරට බහින්න ද මට කියන්නෙ " ප්‍රියවදා දියණියගේ ඒ වචන සිරියලතා අම්මාගේ දෙසවනේ පුපුරු ගසමින් තාම දෝංකාර දෙයි. දියණිය එසේ තමාට චෝදනා කිරීම එක අතකින් සාධාරණ බව ඇයට සිතුනි .ලොකු පුතා සිදුකල මේ අසම්ජාතියේ කටයුත්ත නිසා සිරියලතා අම්මා නැති කාලෙක ප්‍රියන්වදාට ලෙඩ දරුවෙක් සමග මහමගට වැටෙන්න සිදුවේ.මියගිය රණවිරු සැමියාගේ විශ්‍රාම වැටුපට ප්‍රියන්වදා උරුමකම් කිව්ව ද දෙමාපියන්ගේ ඉල්ලීම මත ඔවුන්ට කියා නිවසක් ඉදිකර ගැනීමට උත්සාහ කලේ නැත . ඔවුන් පදිංචි මහගෙදර පුතාට පවරා දීමට එකගව අදාළ ලියුම් කඩදාසියකට තමන් කිසිම දවසක අත්සන් කලේ නැති වග ඇයට හොදින් මතක තිබුණි .එසේ කලා නම් එය ඇගේ සැමියාට කල ද්‍රෝහි කමකි. එසේම තනියෙන් වැඩක් පලක් කර ගන්න බැරි කාලේ බොහොම පරිස්සමෙන් තමන් බලා ගන්න දියණියට කරන බලවත් අසත්පුරුෂ කමකි. මේ නිසා ම නිවාස කාර්‍යාලයේ ප්‍රධානියා ඉස්සර දිම සිරියලතා අම්මා හඩ හඩා තම දියණියට සදහන් කලේ තමන් මෙම දේපළ ලොකු පුතා වෙනුවෙන් පවරන්න කිසිසේත් අත්සන් නොකල බවය.කාර්‍යාලයේ ප්‍රධානියා අදාළ ලිපි ගොනුව ගෙන සිරියලතා අම්මා අසලට පැමිණියේය . "සිරියලතා කියන්නෙ අම්ම ද? " "ඔව් මහත්තයා " "එතකොට මේ ගේ ප්‍රියන්ත කුමාර කියන කෙනාට පවරන්න එකගයි කියල මේ දාල තියෙන අත්සන අම්මගේ ද?" සිරියලතා අම්මා බොහෝ ඕනැ කමින් එම අත්සන පරික්ෂා කලාය .ඇගේ මුහුණු බොහෝ අසරණ විය .අදුරු විය .ඇයට කතා කරන්න වචන ආවේ නැත . "අම්මේ මේ අත්සන අම්මගේ එකක් කියල අම්මා පිලිගන්නවා ද?" ඇය කාර්‍යාලයේ ප්‍රධානියා දෙස වික්ෂිප්තව අසරණ ලෙස බලා සිටියාය . "ඔ ..ඔව්..මේ මගේ අත්සන තමයි මහත්තයා . මං කවදාවත් බොරු කියල නෑ මහත්තයා .ඒත් මං දැනුවත් ව නෙවෙයි මේකට අත්සන් කලේ.ලොකු පුතා වෙන මොකකට හරි කියල රවට්ටල අත්සන් කරගන්න ඇති " අසරණ ඇස් දෙකෙන් වැටුන කදුලු කැට ඇගේ ඔඩොක්කුව සිප ගත්තේය . කාර්‍යාලයේ ප්‍රධානියා ඇය දෙස මහා අනුකම්පාව ඇතිව මොහොතක් බලා සිටියේය . " අම්ම පොඩ්ඩක් කල්පනා කරල බලන්න මොනා හරි ගන්න දේකට , මොනදේකට හරි බැංකු ගිණුමක් අරින්න ඕනැ කියල හරි පුතා අම්මගෙන් කඩදාසියකට අත්සන් ගත්ත ද ?" සිරියලතා අම්මා මොහොතක් කල්පනා කලාය.ටික වේලාවකට පසු ඇය බොහෝ හෙමින් හඩ අවදි කලාය. "මහත්තයා මැරෙන්න කලින් අපි දෙන්න දඹදිව වන්දනාවක යන්න හිටියේ .ඒත් ඊට කලින් මහත්තයා අපි දාල ගියා .ඊට පස්සේ ලොකු පුතා එයාගේ නැන්දම්මා එක්ක මං දඹදිව වන්දනාවේ යවනව කියල එයාගෙ ගෙදරට ගෙන්නගෙන කොල වාගෙකට අත්සන් ගත්ත .පස්සේ මගේ උප්පැන්නෙ මොකක් ද වරදක් කියල මට දඹදිව යන්න බැරි උනා .එයාගේ නැන්දම්මා ගිය මාසෙ දඹදිව වන්දනාවෙ ගියා . "එසේ සදහන් කරමින් සිරියලතා අම්මා බිම බලා ගත්තාය . " ජරා කාලකන්නි සහෝදරයෝ අසරණ අම්මා රවට්ටගෙන හොරාට කැමත්ත අරගෙන , මට යන එන මං නැති කලා .ඕකට හොදක් වෙන්නෙ නෑ . හෙන හතම ගහන්න ඕනෑ " ප්‍රියන්වදා කන්තෝරුව ඇතුලේ ඉදගෙන ම සිය සහෝදරයාට මහ හඩින් සාප කලාය .රජයේ නීතිය අනුව මින් ඉදිරියට කරන්න කිසිවක් නොවීය .නමුත් ඉතා අසරණව ඇදි පුටුවක වාඩි වී සිටි සිරියලතා අම්මා දෙස ප්‍රධාන නිළධාරියා සංවේදීව බලා සිටියේය . "අම්ම දරුවන්ට ද්වේශ කරන්න එපා .පුතා කරල තියෙන වැඩේ හරි වැරදි දෙයක් .අනික දුවත් මේ නිසා අම්මා ගැන අමනාපයක් ඇති කර ගන්න එපා.අම්මා හිතාමතා කරපු දේකුත් නෙවෙයි .ජීවිතයේ අන්තිම කාලේ අම්මලට මේ ගැන හිත හිතා පසුතැවීම් ඇති කරවන්න හොද නෑ ." බියගත් මොණරුන්ගේ මූසල හඩින් සිරියලතා අම්මාගේ දැහන බිදුනි.අඩ අදුරේ ඇගේ පිටුපසින් ප්‍රියවදා සිටගෙන සිටියාය .
ඇය බොහෝ අසරණ ලෙස දියණිය දෙස පිටුපස හැරී බැලුවාය. .දෙදෙනාගේ නෙත් එකිනෙක පැටලුනි. "දුවේ" සියලතා අම්මා මහා වැස්සක් කඩා හැලෙන අහසක් පරිද්දෙන් හඩ විවර කලාය. "අම්මේ" සිරියලතා අම්මා පුටුවේ වාඩි වී ගෙන ම දෑත් දිගු කලේය .ප්‍රියන්වදා නොඉවසිල්ලෙන් සිය මවගේ රැලිවැටුනු දෙඅත් තුල සිර උනේ බොහෝ ලෙංගතුවවේ.ඇය ද සිය මව වැළඳගෙන මවට කල චෝදනාවේ පශ්චාත්තාපය ඉකි ගසමින් විරේක කලාය . "අනේ මගේ රත්තරං දුවේ මට සමාවෙයං .අයියා ඔය විදිහට අපි රවට්ටයි කියල මං හිතුවෙ නෑ .උබ කොහොමද ? මං නැති කාලෙ ලෙඩ දරුව එක්ක ජීවිතේට මුහුණ දෙන්නේ" සිරියලතා අම්මා සිය දියණිය ප්‍රියවදා වැළඳගෙන මහ හඩින් හඩන්නට විය .ප්‍රියන්වදාගේ ඉකි ගසා හඩා වැටීම ද නතර නොවීය . "අම්මේ ..මට සමාවෙන්න .දවල් කන්තෝරුවෙ මහත්තුරු ඉස්සරහ අම්මගෙ හිත රිදෙන දේවල් මං ගොඩක් කිව්වා .මං දරුව එක්ක කොහොම හරි ජීවත් වෙන්නම්.පෙංෂන් එක තියෙනවනේ එන විදිහකට මුහුණ දෙනවා.අම්මා නැති කාලෙක අයියා මං ගෙදරින් එළියට දායි.මගේ හිත හයියයි.මං රස්සාවක් හොයා ගන්නවා .දරුව මං ළගම තියාගන්නවා.එයා තනි කරන්නෙත් නෑ " ප්‍රියවදා අම්මා වැළඳගෙන අවිනිශ්චිත හෙට දවස ගැන ඇගේ සැලසුම අම්මා වෙත සැල කලාය . "තාත්ත මේ අවනඩුව දිහා උඩ ඉදල බලාන ඇති දුවේ.උබට වරදින්නෙ නෑ මයෙ අම්මා ." සිරියලතා අම්මා එසේ පිලිතුරු දෙමින් ප්‍රියවදා ඇගේ ලයට තුරුළු කරගෙන දිගු සුසුමක් අදුරට මුදාහැර ලය හෑල්ලු කර ගත්තාය . (ආර් එම් සුබසිංහ )සාරි ගප්පි ----------------- "හෝව්...හෝව් ....මාමේ. මෙතන කණ්ඩියක් තියෙනවෝ..." හත් වියැති දිමුතු කෑගෑවේ ටේලරය සහිත අත්ටැක්ටරය පසුපසට ධාවනය කරමින් සිටි ධනපාල වෙතය. අඩක් වත් නිම නොවුන නිවස දෙසට හෙමින් සීරුවේ පසුපසට මෙහෙයවුන ලෑන්ඩ්මාස්ටරය දිමුතුගේ හඬින් නැවතින. ධනපාල බූසියක් මෙන් වැවී තිබුණු කැරලි කොණ්ඩය සිය සුරතින් පසෙකට කර ටේලරයේ රෝදය දෙසට එබිකම් කළේ ක්ලච් හැඬලය වමතට බාර කරමිනි. " උඹට දෝදු ද කොල්ලෝ. ඔතන කොයින්ද කණ්ඩියක්. ඔය චූටි පස් ගැට්ට ඇඟට නොතේරෙන්න ගන්න ඇහැකි මට සුටුස් ගානකොට." ධනපාල ටේලරය දෙස දෑස් ලොකු කරගෙන බලා සිටින, උඩුකය නිරුවත් කොලුගැටයා වෙත උරුට්ටු කළේ තමාගේ රාජකාරිය පිළිබඳව කොලුවා තැබූ අඩු ලංසුව හේතුවෙනි. " කොයික වෙතත් ඩිංගක් හෙමීට ගමු මාමේ. වැරදිලාවත් ගැස්සුනොත් එහෙම...." දිමුතු යටහත් පහත් හඬකින් කීවේ හිතේ තිබුණු සැකයකට ම නොව, වැඩි පරිස්සමටය. ඒ වගක් නෑසුන ධනපාල තෙල් කඳ නංවා, ක්ලච් හැඬලය ලිහිල් කළේ අත් ටැක්ටරය ගැස්සී පසුපසට යාමට සලස්වමිනි. එම ගැස්සීම දුටු දිමුතුට හීල්ලින. ඇස් ගෙඩි තවත් ලොකු විය. යටි හක්ක පහළට කඩා වැටුනි. ඔහු උඩට ඇදගත් හුස්ම පහළ හෙලුවේ ටැක්ටරය අත්තිවාරම උඩටම නග්ගවා නැවැත්වූ පසුවය. අද දිනය දිමුතුගේ දිවියේ සතුටුම දිනයයි. ටැක්ටරයෙන් රැගෙන ආවේ දිමුතු වසර ගණනක් දුටු සිහිනයයි. එම සිහිනය ලඟා කරගැනීමට ගෙවුන වසර කීපයේම නිදි වර්ජිත රැය තොගයක් පහන් කළේ කඳුළින් තෙත්ව ගිය දෙනෙත කොට්ටයට හිර කරගෙනය. දැන් ඒ සියල්ල නිමයි. අද එම සිහිනය ඔහුගේ දෑස මානයටම පැමිණ ඇත. ඉතින් තවත් බලාගෙන සිටීමට නොහැක. අඩියට දෙකට ටැක්ටර් ටේලරය වෙත දිව ගිය දිමුතු එයට ගොඩවුනේ පය පැකිලී වැටී යාමට ඔන්න මෙන්න තිබියදීය. " සුදු පුතා......මොකද ඔය කරන්නෙ. පුලුවන් නම් උඹ තුවාල කරගනින්කෝ. මට බැරියෑ මහ එකාගෙන් ඒකටත් බැනුම් අහන්ඩ." දිමුතුගේ මව මාස හතක් පමණ වයසැති ඔහුගේ මලයා කිහිල්ලේ ගසාගෙන විත් බෙරිහන් දුන්නද දිමුතුගේ කණට එවදන් ඝෝචර නොවුන සෙයකි. ඔහුගේ පූර්ණ අවධානය තිබුනේ ටැක්ටර් ටේලරයේ තිබුණු අපූරු වස්තුව වෙතය. එය හිතූ තරම් ම විශාල නොවේ යයි සිතූ දිමුතු මුහුණ පුළුටු කරගත්තේය. නමුත් එය ගොඩාක් ම කුඩා එකකදු නොවීය. එනිසා සිත කලබල කරගත යුතු නැත. නැවතත් පෙර සිටි උද්‍යෝගයට පැමිණි දිමුතු එය අතගා බැලීමට සිතාගෙන ඉදිරියට පහත් විය. " හා...හා...කොල්ලෝ බැහැපං. මට තව හයර් එකක් යන්ටත් තියෙනවා. මේක සෙට් කොලාම උඹ ඇති වෙනකල් බලාගනින්." ධනපාල ලහි ලහියේ ටේලයේ දොර පහළට බාමින් පැවසූවේය. එයින් කොලුවාගේ සිත මොහොතකට බිඳුනද බලාපොරොත්තුව නම් ප්‍රභල සිතුවිල්ල එක් සැනෙකින් දිමුතුගේ සිත සනසාලූ සෙයකි. කොලුවා ටේලරයෙන් බැස දිව ගියේ තණකොළ වැවුන අත්තිවාරමේ සුද්ද කර තිබූ මුල්ල වෙතය. " මාමේ...මෙතනට තමයි ඕක සෙට් කරන්න ඕන." දිමුතු තණකොළ සුද්ද කර තුබූ තැන වැටී තිබුණ කොස් කොල කීපය අහුලා විසි කරන අතර පැවසූවේය. වියලි කොස් කොලයකින් පවා වරදක් විය හැකි යයි දිමුතු සිතූ සෙයකි. කිසිම වරදකට ඉඩක් දීමට දිමුතු සූදානමක් නැත. " මේක දැක්කාම තොපේ මහ එකා මයෙ ඇඟට ගොඩ වෙයිද දන්නෙ නෑ කොල්ලෝ. වේල් තුන වත් පිරිමහගන්ඩ බැරි වෙලාවේ මේ සුකුරුත්තං ගෙනාවය කියලා ඔය මිනිහා සෝලි තියයි තව හත් දොහක් වත්." දිමුතුගේ මව නළල රැළි කරගෙන පැවසූවේ වරද පිළිගැනීමට මෙනි. නමුත් මේ කිසිවක් ඇසීමට දිමුතු සූදානම් නැත. ඔහු සිටියේ පියවි ලොවෙන් එහා වුන සිහින ලොවක සුවය විඳින අතරය. ධනපාල ටේලරයෙන් බාගත් දණක් උසැති කොන්ක්‍රීට් කණුව දිමුතු පෙන්වා දුන් තැනට ඔසවාගෙන විත් තැබීය. එය හරි හතරැස්, පෙනුමින් විශාල එකක් වුනද එහි මැද හිස් වුන හෙයින් තනි අයෙකුට ලේසියෙන්ම ඔසවාගෙන යා හැකි එකක් විය. " මාමේ....මේක ඩිංගක් ඇලයි වගේ නේද?" දිමුතු පසෙකට ඇලවී එක් ඇසක් වසා කොන්ක්‍රීට් කණුව දෙස බලා පැවසීය. " ඕකෙ ඇති ඇලයක් නෑ. උඹ පණ්ඩිතයා නොවී හිටාං. මම මෙව්වා පුරුදු වෙන්ඩ කොරන වැඩ නෙවෙයි." ධනපාල ටේලරයට ගොඩවන අතර පැවසූවේ නැවත හැරී බැලීමට වත් නොසිටය. ඔහු නැවත ටේලරයෙන් බැස ආවේ තවත් සිමෙන්තියෙන් නිමකළ කොටසක් අතැතිවය. එය අඩි දෙකක පමණ විෂ්කම්භය ඇති නෑඹිලියක් වන් කොටසකි. එය ගෙනැවිත් කොන්ක්‍රීට් කණුව මත තැබීමෙන් පසු ධනපාලගේ රාජකාරිය අවසන් විය. ඔහු අත්ටැක්ටරයේ අසුන යටින් වුන පෙට්ටියෙන් යතුර ගෙන, ඇංජිමට දමා කරකවා එය පණගන්වන අතර දිමුතු වතුර බාල්දි දෙකක් රැගෙන සිමෙන්ති බඳුනට වතුර පුරවන්නටත් පටන්ගෙන තිබින. " ඊලඟ සීට්ටුව උඩහා ගීතා අක්කලට ධනපාල අයියේ...." දිමුතුගේ මව ගේ තුළ සිට උස් හඬින් කීවද පණගැන්වුන ඇංජිමේ ඝෝෂාව හේතුවෙන් එවදන් ධනපාලට නෑසින. කළු දුම් වළලු පිටකරමින් අත්ටැක්ටරය නොපෙනී ගියේය. දිමුතු දෙතුන් වරක්ම බල්දි දෙක පුරාවගෙන විත් සිමෙන්ති බඳුන පිරවීමේ කාරිය ඉටුකළේ ඉමහත් උනන්දුවකිනි. එම කාරිය අවසන් වුන වහාම දිමුතු දිව ගියේ වත්ත කෙළවරේ තිබුණු වැටමාර ගස වෙතටය. ඉන් අතු කීපයක් කඩාගත් කොලුවා නැවත දිව විත් වැටමාර ඉති වලින් කොල සූරා සිමෙන්ති බඳුනට දමන්නට විය. " ආ......ඔය මොකද බූරුවෝ කරන්නෙ. ඕක ගෙනාවා විතරයි, උඹ හදන්නෙ ඕක ගඳ ගස්සවන්නද මෝඩයෝ..." අම්මා හදිසියේ එතැනට පහත් වූයේ කෙලෙසදැයි සිතා ගැනිමට නොහැකිවුන දිමුතු එවදන් හමුවේ ගැස්සී ගියේය. ඔලුව කසමින් මොහොතක් වටපිට බැලූ ඔහු " මේවා ගඳ ගහන්නෙ නෑ අම්මේ. සිමෙන්ති සැර මැකෙන්ඩයි මේවා දාන්නේ. සිමෙන්ති සැරට මේකට දාන මල් පැලේ මැරෙන්ඩත් පුලුවන්." යයි ඇඟට පතට නොදැනී කියා දැමුවේ සිත යටින් ජයග්‍රහණයක සියුම් සතුටක් විඳගන්නා අතරය. අම්මාගේ උවමනාව මෙම සිමෙන්ති බඳුනේ මානෙල් පැලයක් සිටුවා ගැනීමය. දිමුතුගේ උවමනාව මෙහි මාලු ඇති කිරීමය. දෙදෙනාගේම උවමනාවන් මෙම සිමෙන්ති නිර්මාණයෙන් සංසිඳුවා ගැනීමට හැකිය. නමුත් දිමුතු වෙත සිය අරමුණට ලඟාවීම උදෙසා මෙම වැටමාර ප්‍රතිකර්මය කළ යුතුම දෙයකි. එයට අම්මාගෙන් එල්ලවන බාදාවන් ජය ගැනීමට ඔහු සියුම් ප්‍රයෝගයක් බාවිතා කළේය. " හා හා..එව්වායින් කාරි නෑ. දැන් ගිහින් ඇඟපත හෝදගෙන ඉස්කෝලේ වැඩ කෙරුව නම් හොඳයි." දිමුතුගේ මව පැවසූවේ විධානයක ස්වරයක් කැටිවය. " අනේ අම්මේ.....තව ටිකකින්...." " අනේ පනේ කතා වැඩක් නෑ. කියපු දේ කොරපං." දිමුතුගේ කතාවට තිත තැබුවේ ඔහුගේ අම්මාගේ උස් හඬ විසිනි. දිමුතු පහළ ළිඳට ගොස් උඩින් පල්ලෙන් ඇඟ තෙමාගෙන නැවත දිව ආවේ අලුත් සිමෙන්ති පොකුණ තිබූ ගෙදර ඉදිරිපසෙනි. වෙනදාට එම ගමන් මාර්ගය වැටී තිබුනේ ගෙදර පිටුපසින් නමුදු අද එය වෙනස් වන්නට යෙදුනේ දිමුතු මෙතෙක් කලක් දුටු සිහිනය අද ගෙදර ඉදිරිපස තිබෙන නිසාය. එය බොහොම හුරුබුහුටි නිපයුමකි. තනිකරම සිමෙන්ති පැහැය ගත්තද එය සිත්ගන්නාසුලු හැඩයක් ඇතැයි දිමුතු සිතන්නට විය. සාරි ගප්පි ජෝඩු හත අටකටම එය ප්‍රමාණවත් යැයි ද අම්මා ගේ මානෙල් පැලය නිසා ගප්පි මාලුන්ට ආරක්ෂාවක් සැලසේ යයි ද ඔහු තව දුරටත් කල්පනා කළේ තෙත කලිසම සහ දිය බේරෙන ගතෙන් යුක්තවය. තව දුරටත් සිහින ලෝකයක ඈතට පියමන් කළ දිමුතු, පාවෙන මානෙල් කොල අතරින් එබී බලන සාරි ගප්පි සිතෙන් මවා ගත්තේ නිරායාසයෙන් මුවට නැගුන සිහින් සිනාවක් සමඟය. " තෝ මොකද මේ තෙත පිටින් මෙතන හිටගෙන ඉන්නෙ. පල ගිහින් ඇඟ පිහිදගෙන ඇඳුමක් ඇඳ ගනින් මගෙන් ගුටි නොකා." ඒ දිමුතුගේ මව එතැනට පැමිණි වග කියවෙන සංඥාවයි. පිට හරහා පහරක් කෑමට ඇති අකැමැත්ත නිසාවෙන්ම දිමුතු සිහින ලොවෙන් පියවි ලොවට පැන, එතැනින් පැන දිව්වේ විදුලි වේගයෙනි. වැලේ තිබුණු සාළුවකින් යන්තම් ඇඟ තෙත මාත්තු කරගත් දිමුතු, කොට කලිසමක් ඉනේ පටලාගෙන ලෑලි බංකුවේ වාඩි වූයේ පොතක් ඇතැතිවය. දෙනෙත පොතට බර කරගෙන හෝරාවක් පමණ ගතවුන ද දිමුතු එහි එක් පිටුවක් වත් පෙරලුවේ නැත. කොටින්ම නෙත පොත වෙත තිබුණද දිමුතුගේ සිත තිබුණේ සිමෙන්ති පොකුණ වෙතය. ඊලඟ මොහොතේ ඈතින් පිය ගැටෙන හඬක් ඇසෙන්නට විය. ඒ හඬ දිමුතු හොඳින් දනී. ඒ දිමුතුගේ පියාගේ පිය ගැටෙන හඬයි. ගෙදර ඉදිරියේ ඇති සිමෙන්ති පොකුණ ඔහු නිසැකවම දකිනවා ඇත. එයින් ඔහු කිපෙනු නිසැකය. ලැබෙන පඩිය ගෙදර තුන් වේලටත් මදි යයි නිතරම පවසන ඔහු, දිමුතුගේ මවගේ සීට්ටු කෙරුවාව පිළිබඳව තදින්ම විරෝධය දක්වන්නට විය. ඒ බව සක්සුදක් සේ දැනහුන් දිමුතු පොතට බර කළ නෙත එයින් පිටට නොගැනීමට ඉටාගත්තේය. පිය ගැටෙන හඬ නැවතින. දිමුතුගේ පියා ගෙදර ඉදිරියේ ඇති ආගන්තුක වස්තුව දෙස විපරම් කිරීමට නැවතුනා විය යුතුය. මෙතැන් පටන
් තත්වය උණුසුම් වීමට නියමිතය. පුදුමයකි. දිමුතුගේ පියා වචනයක් වත් නොදොඩා ගෙදරට ඇතුල් වූයේ දිමුතුගේ හිස අතාගාගෙනය. කෙලින්ම කුස්සියට ගිය උස් හඬින් " අනේ අනේ මේහ්....මට ඔය කෙහෙල් මල් වැඩක් නෑ. වතුර එකක් උණු කරල ගන්නවකො." යයි කියනු දිමුතුට ඇසින. " එකත් එකටම අම්මා සිමෙන්ති පොකුණ ගැන කියන්ඩ හදනකොටම තාත්තට කේන්ති යන්න ඇති......අයියෝ....දැන් ඉතිං ගප්පි ජෝඩුවක් ගන්න තාත්තගෙන් සල්ලි ඉල්ලගන්න වෙන්නෙ නෑ." දිමුතු සිතන්නට වූයේ නරක් කරගත් මුහුණින් යුතුවය. එතැන් පටන් කිසිදු කතාබහක් නොවුන නිවැසියන් නින්දට වැටෙන විට රාත්‍රී දහය පමණ වන්නට ඇත. පොඩි මලයා නිසා එළිවනතුරු ම කාමරයේ විදුලි පහණ ක්‍රියාත්මක වෙයි. අම්මාගේත් තාත්තාගේත් මැද දිගාවුන දිමුතු වෙත නින්ද අහලකටවත් නොපැමිණියේය. තාත්තා සිටියේ තද නින්දේය. ඔහු ගොර අඳින හඬ කාමරය දෙදරවන්නට විය. අම්මා ගොර නොඇද්දාට තද නින්න්දකට වැටී සිටි බව දිමුතු දනී. දිමුතුගේ මලයා තලු මරමින් කිරි උරා බොමින් සිටියද අම්මා වෙතින් කිසිදු හැල හොල්මනක් නොවූයෙන් ඇය ගැඹුරු නින්දට වැටී ඇති බව දිමුතුට ප්‍රත්‍යක්ෂ විය. දිමුතුගේ සිත තව තවත් නොසන්සුන්ය. ඔහුගේ සිහිය ඇත්තේ සිමෙන්ති පොකුණ වෙතය. විටෙක ඔහු ඇඳෙන් නැගිට සිමෙන්ති පොකුණ බැලීමට යාමට සිතයි. රාත්‍රියේ ඇති අඳුරට ඇති බය ඔහුව වලකාලයි. " දඩාස්......" එක වරම හඬ නැගුනේ ගෙදර ඉදිරිපසෙනි. එකත් එකටම සිමෙන්ති පොකුණ එය රඳවා තිබුණු කණුවෙන් බිමට වැටුනා විය යුතුය. " අයියෝ...මගෙ සිමෙන්ති පොකුණ." දිමුතුට කෑගැස්සින. " මොකද බූරුවෝ බෙරිහන් දෙන්නෙ. මේ පොඩි එකාත් ඇහැරුනා..." නින්දෙන් අවදි වුන අම්මා දිමුතු වෙත උරුට්ටු කරන්නට විය. ඒ සමඟම දිමුතු යමක් පැවසීමට මුව විවර කළද එය වලකා ගත්තේ " මේකා හීනෙනුත් පොකුණක් ගැන කියෝනවානෙ. මූට පිස්සුද කොහෙද." යයි කියා තාත්තා අනෙක් පැත්ත හැරී නැවතත් ගොර අදින්නට වුන නිසාය. " ඒක හීනයක් වෙන්ඩ ඇති." යයි සිතූ දිමුතු හිත හදාගැනීමට වෙහෙසුනේය. එතැන් පටන් නැවත නැවතත් සිතුවිලි සමඟ පොරබදමින් සිටි දිමුතු නින්දට වැටුනේ සෑහෙන තරම් පාන්දර වුන පසුවය. උදෑසන දිමුතු ඇහැරෙනවිට තාත්තා වැඩට යාමට සූදාන්ම්ව ඇඳ අසලට පැමිණ සිටියේ දිමුතු සහ ඔහුගෙ මලයා සිපගැනීමටය. දිමුතුගේ නළල සිපගත් තාත්තා " මම වැඩ ඇරිලා එනකොට මාළු ජෝඩුවක් අරගෙන එන්නම්කො. පුතා ඉස්කෝලෙ ගිහින් ඇවිත් දඟ නොකර ඉන්ඩෝනෙ හැබැයි." යයි පැවසීය. එයින් නව පණක් ලද දිමුතු තත්තාගේ බෙල්ල බදාගෙන දීර්ඝ සිපගැනීමක් කර ඇඳෙන් පැන දිව්වේ සිමෙන්ති පොකුණ වෙතය. එතැනට ගිය දිමුතුගේ දෑස ලොකු විය. ඉහළට ඇදුන හුස්ම හිර විය. දෑස් අග තෙත් වී කඳුලු කැට කඩා හැලෙන්නට ඇරඹින. " අයියෝ..............." දිමුතුට යටි ගිරියෙන් කෑගැස්සින. ඔහු ඉහ අත බදාගෙන බිම ඇණබාගත්තේ දෙපයට වාරු නැතිව ගිය ලෙසකිනි. ඒ හඬ ඇසුන දිමුතුගේ මව සහ පියා එතැනට දිව ආවෝය. සිමෙන්ති පොකුණ බිම පෙරලී දෙපලු වී ඇත. දියෙන් පෙඟුන පොළොවේ තැන තැන විසිරී ගිය වැටමාර කොළ දර්ශනෙයේ දුක්ඛිත බව තවත් උලුප්පා දැක්වීය. " අනේ මම දැන් කොහෙද තාත්තා ගේන මාළු ටික දාගන්නේ....ඇයි මටම මෙහෙම වෙන්නේ......" දිමුතු ඉකි ගසමින් අඬන්නට වූයේ නැවතත් සිමෙන්ති පොකුණක් නොලැබෙන බව ඉඳුරාම දැන සිටි හෙයිනි. පොකුණක් තබා ජෑම් බෝතලයක ඇති කළ මාළුවෙකු වත් ඔහුට නොවීය. මේ බොඳව ගියේ ඔහුගේ සිහිනය පල දැරීමට තිබුණු එකම අවස්ථාවයි. " නොදකින්මයි....මේ වල් බල්ලෝ වතුර බොන්ඩ ගිහින් මේක පෙරලෙන්න ඇති. අපරාදේ මම මාස ගානක් ගෙවපු සීට්ටු සල්ලි." අම්මා දෙස් තබන්නට පටන් ගත්තාය. ඇය සිමෙන්ති පොකුණේ කැඩී ගිය කොටස් ඒ මේ අත පෙරලමින් මොන මොනවාදෝ කුටු කුටු ගෑවද ඒ කිසිවක් දිමුතුට නෑසින. නමුත් තාත්තා එම කුටු කුටුව ඇසුන වහාම කෝපවනු නියතය. මොහොතක් දෙකක් ගෙවී ගියද තාත්තා වෙතින් කිසිදු ප්‍රථිචාරයක් නොවීය. දිමුතු තාත්ත දෙස හැරී බැලුවේ " අදත් මට මාළු ජෝඩුවක් ලැබෙන්නෙ නෑ නේද?" කියන්නාක් බඳු බැල්මකි. තාත්තා දිමුතු අසලට විත් ඇණබාගත්තේ දිමුතුව තුරුලු කරගන්නා අතරය. දිමුතු තව තවත් ඉකි ගසමින් හඬන්නට විය. උණු කඳුලු ඔහුගේ කම්මුල් හරහා ඇදී ගොස් බිමට වැටුනි. එක් වරම දිමුතුගේ නළලට උණුසුමක් දැනුනේය. එය කඳුලු බිඳුවකි. එය දිමුතුගේ කඳුලු බිඳුවක් නොව, ඒ දිමුතුගේ තාත්තාගේ නෙතින් ගිලිහුන කඳුලු බිඳක් බව වටහා ගත් දිමුතු තාත්තාගේ මුහුණ බැලීය. සැබැවින්ම එය අදහාගත නොහැකි දසුනකි. දිමුතුගේ පියගෙ දෙනෙත කඳුළින් තෙත්ව ඇත. දැන් දැන් දිමුතුට හුස්ම අල්ලාගැනිමටත් බැරි තරමට ඇඬුම් එන්නේය. " නාඩා ඉන්න සුදු පුතා. අපි කෝම හරි මාළු ටංකියක් ගමු. මම අද එනකොට මගෙ පුතාට සාරි ගප්පි ජෝඩුවක් හරි අරගෙන එනවා. මගෙ පුතා අඬන්න ඕන නෑ." බාල කාලයට දිව ගිය සිතින් සිත පෑරුන දිමුතුගේ තාත්තා සිය පුතනුවන් සනසාලන්නට විය. " අපි ටැංකියක් ගන්න කල් බාල්දියක මාළු හදමු. මාළු ජෝඩුවක් ඇති. මල්ලිට එකයි, මට එකයි." දිමුතු තාත්තා වෙත තවත් තුරුලු වෙමින් පැවසූවේ පවතින ආර්ථික අපහසුතා පිළිබඳව පුංචි සිතේ ඇති ගැඹුරු ආකල්පය මුදාහරිමිනි. ---නිමි--- ✍️උදාර නිශ්ශංක""""" සිතීගේ ලෝකය """"" (02) ලොකු මාමගෙ ගෙදර කිරි තිබ්බට එහෙට නම් නොගියෙ අම්මයි තාත්තයි එපා කියපු හින්දා. ගුණේ මාමගෙ ගෙදරට වඩා ගොඩාක් ළඟින් තමා ලොකු මාමගෙ ගෙදර තිබුණෙ. ලොකු මාමගෙ ගේ පාස් කරන් තමා මං හැමදාම උදේට කිරි ගේන්න ගුණේ මාමගෙ ගෙදරට ගියේ. දවසක් ගුණේ මාමගෙ ගෙදරට යන්න කම්මැලි හිතිල ගියා ලොකු මාම ලගට අම්මලට හොරෙන් කිරි බෝතල් දෙකත් අරන්.... " ලොකු මාමේ දෙන්නකෝ අපිටත් කිරි බෝතල් දෙකක් " " උඹලට දෙන්න මෙහෙ ඇති කිරක් නෑ පලයන් යන්න. ආව මෙතන කිරි ගෙනියන්න " එහෙම කියල ලොකු මාම මට බැනගෙන බැනගෙන ගියා. මට ඇඩුනත් එක්ක. මං අඬ අඬාම ගියා ගුණේ මාමගෙ ගෙදර. " මොකද පුතේ මේ අඬන්නෙ උඹට කවුරුත් ගැහුවද " ගුණේ මාම ඔලුව අත ගාල ඇහුවත් මං මුකුත් නොකියා බිම බලාගෙන හිටියා. " මට ඇත්ත කියාපන් මං ඕකව කම්බස් කරනවා " කියල ගුණේ මාම කේන්තියෙන් කියද්දී බයත් හිතුනා. ගුණේ මාම කොහොම හරි පෙරැත්ත කරල කරලා මගෙන් අහ ගත්තා විස්තරේ. " ආ මේ කිරි බෝතල් දෙක අරන් උඹ ගෙදර පලයන් මං ඕකට හොඳ වැඩක් කරන්නම් " එහෙම කියපු ගුණේ මාම මගෙ ඔලුව අත ගාද්දි ගුණේ නැද්දත් ඇවිත් ලොකු මාමට දොස් කිව්ව හොදටෝම. " මේ පොඩි එකාට එහෙමත් බනින්න හොඳද මං අහන්නෙ ලොකු එවුන්ගෙ මොන කෝන්තර තිබුණත්. අසමජ්ජාති තිරිසනෙක් ඕක නම්.. නාඩ මයෙ පුතා උඹ ගෙදර පලයන් " කිව්ව ගුණේ නැද්ද මාව වෙලෙන් මෙගොඩට ඇරලල " පරිස්සමෙන් යන්න මයි පුතේ " කියල ඔලුව අත ගාල මං ඈතට යනකම්ම බලන් ඉන්නවා මං දැක්කා. ගෙදර ගිහින් පැත්තක් ගහල ඉන්න මාව දැක්ක සීය ආව මගෙ ළගට. " මොකද කොලුවො අද සද්දයක් නැත්තෙ. කෝ වරෙන් බලන්න අසනීපයක්වත්ද කියල " සීයා මට අඬ ගැහුවත් මං මගෙ පාඩුවෙම හිටියා. අපේ සීයා නම් හරිම කපටියා මාව ගොනාට අන්දල සේරම අහ ගත්තා. " ආයෙ උඹ ඔය ගෙවල් පැත්තෙ යන්න ඕං නෑ මං යන්නම් කිරි ගේන්න මීට පස්සෙ දැන් උඹ නාඩ ඉදින් " ඒ කියන්නෙ හෙට ඉදන් මට කිරි ගේන්න යන්න වෙන්නෙ නෑ. එතකොට කොහොමද මං දන්ඩි පැටව් කොරලි පැටව් බලන්නෙ. මඩේ නටන්නෙ. ඒකට නම් මට දුක හිතුනා. " නෑ නෑ සීයේ මං යන්නම් කිරි ගේන්න සීය යන්න ඕන නෑ " කියල මං අඬන එක නවත්තලා හිනා මූණක් දා ගත්තෙ කිරි ගේන්න යන්න බැරි වෙයි කියන බයට. පස්සෙ දවසක අම්ම තමා කිව්වෙ ලොකු මාම තාත්ත එක්ක තරහින් ඉදල අපේ ලොකූව හම්බ වෙන්න ඉන්න කාලේ ලොකූ රංඩුවක් ඇල්ලුව කියල. අන්තිමේදී තාත්ත අම්මවත් එක්කන් ලෑලි කාමරයක් හදන් ඇවිත්. බඩත් උස්සන් අම්ම එද්දි නම් තාත්තටත් ඇඩුන කියල අම්මා තමා කිව්වෙ. ඊට පස්සෙ තාත්ත මෝඩ ගල් වලින් කාමර තුනක් හදලා ලොකු ඉපදුනාම ලෑලි මඩුවෙ ඉන්න බැරි හින්දා. ලොකු මාම එතනටත් ඇවිදින් රංඩු කරන්න පටන් අරන් ඉඩමෙ හොඳම කෑල්ලෙ පදිංච් උනා කියල. තාත්ත නම් රංඩුවට ගිහින් නෑ. නෑහුනා වගේ හිටියලු. ලොකු මාම බැනල බැනල ඇති උනාම යනවලු යන්න. ඊට පස්සෙ හූනියම් එහෙමත් කලාලු. ආච්චිටයි සීයටයි බැන්නලු හොර ගුරාට උල්පන්දම් දෙනවා කියලා. අන්තිමේදී ලොකු මාම බීල බීලම මැරිලා ගියා. තිබ්බ සේසතම තොවිල් වලටයි කට්ටඩිංටයි දීල නැති කරගෙන. අපේ ගේ පිටිපස්සෙ කැලෑව ඒ දවස් වල. පොඩ්ඩක් කන්ද වගේ පහලින් ගල් වල ඒකෙ මැද්දෙ වතුර වලක් තිබ්බා. අපි ඒ වතුර වලෙත් බැහැල පීනනවා. පිහිනුම් තටාකයක් වගේ ලොකුයි ඒ වතුර වල. ගැඹුරත් තිබ්බා අපිට වඩා උසට. ඒ හින්දා ඒකෙන් නාන්න දුන්නෑ අම්මා අපි ගිලෙයි කියල බයට. ඒත් අපි හොරෙන් හොරෙන් පීනල නෑව. දෙවෙනි මමයි තමයි වැඩියෙම නෑවෙ. වැඩේ අම්මට මාට්ටු වෙච්ච දාට නම් දිමි ගොටු දාල දුම් විසි වෙන්න ගුටි පූජාව නම් ලැබුණා. " තෝ හින්දා තමා සේරම මොකටද හරකෝ ජබුං ගැහුවෙ. ඒක ඇහිලනෙ අම්ම දුවන් ආවේ. තෝ නම් ආයෙ එන්න එපා මා එක්ක " මිදුලෙ දණ ගහන් ඉන්න ගමන් දෙවෙනි දෙහි කැපුව මට. මාත් ඇරියෙ නෑ කිව්ව දෙවෙනිට.. " ඇයි තමුසෙත් ජබුං ගැහුවෙ. මං නං පොඩිත් එක්ක බතලයා වගේ තමුසෙ පැන්න නිසානෙ සද්දෙ ඇහුනෙ. ඒක තමා අම්මට ඇහුනෙ " එහෙම කියද්දී දෙවෙනි දුන්න මට එකක් තරු පේන්න. මාත් දුන්න ඌටත් තරු පේන්න දෙකක්ම. " තවත් ලැජ්ජ නෑනේ. දණ ගහගෙනත් මුං දෙන්න රංඩු හිටපියව්කො හොඳ වැඩක් කරන්න " අම්මා කෑ ගැහුව නිසා රංඩුව ඉවර උනා. නැත්තම් මං දෙන්නෙ දෙවෙනිට හොම්බෙන් යන්න. අපිට ගුටි පූජාව දෙද්දි මිදුලෙ දණ ගහන් ඉද්දි අර නපුරි එක්ක උපාසකයත් එක්කහු වෙලා හිනා වෙවී ඔච්චම් කලා. ඔන්න ඒ වෙලාවට නම් දෙවෙනියි මමයි යාළු වෙලා මිදුලෙ තිබ්බ පොඩි පොඩි ගල් කැට අරන් උන් දෙන්නට දුන්න බැටේ. උන් දෙන්නා දිව්වෙ ආයෙමත් අපිව පාවල දීලා. අපිට එළවළු පාත්ති දෙක ගානෙ හදල දීල තිබ්බෙ. වතුර දාන්න වල් ගලවන්න පෝර දාන්න එහෙමත් ඕනි. සීයා තමා කංකානම් වැඩේ කලේ. ආච්චිත් හවුල් උනා සීයට. අපිත් තරගෙට තමා ගෙවතු වගාව කලේ. උදුළු ගාල බිම් කොටලා වලවල් කපලා පාත්තිය හදා ගත්තට ප
ස්සෙ තමා ඇට ජාති ගෙනත් දෙන්නෙ. පුංචි පුංචි පැල එද්දි හරිම ආසයි ඉතිං. පස් දෙනාම තරගෙට වැඩ. එන්න දෙන් නෑ තමන්ගෙ පාත්තිය ළගට වෙනින් කෙනෙක්ට. හැබැයි හොරෙන් ගිහින් බලනවා කොහොමද පැල සරු සාරද කියල එහෙම. මගේ පැල වලට වැඩිය ලොකුවට වැවිල තිබ්බ නම් ඒ පැලේ ගලවන් ඇවිත් මං මගේ කනාටු පැළයක් එතන හිටෝල එනවා. මගෙ පාත්තිය තමා ලස්සනට තියෙන්න ඕනි. පැල හොරකම මාට්ටු වෙච්ච දාට නම් ගෝරි ගොඩයි. දෙවෙනි තමා හොර ගෙඩියා. දෙවෙනිගෙන් තමා මාත් ඉගෙන ගත්තෙ. " පොඩී පුංචි වැඩක් කරමුද ඕයි " " මොකක්ද " " ලොකූගෙයි උපාසකගෙයි පැල ලොකුයි ඕයි අපේ ඒව පොඩියි. අපේ ඒවා ඒ පාත්ති වල හිටෝල ලොකුගෙයි උපාසකගෙයි පැල අපේ පාත්ති වල හිටෝ ගමුද " මාත් ඉතිං එක පයින් කැමති වෙන්නෙ. " අම්මේ අරුන් දෙන්නා අපේ පැල ගලෝල ඒගොල්ලන්ගෙ පාත්ති වල හිටෝගෙන " උපාසක උනාට කේලම් මල්ල ඒකා. ඊට හපන් අර නංගි කොටේ. " ඔව් ඔව් මාත් දැක්කා දෙවෙනියි පොඩීයි ගලෝනව " " හම්මෝ මේකි කියන බොරු ළඟ තියා ගෙදරවත් හිටියේ නෑ අපි පැල ගලවද්දි බලාන්කො පොඩී මේකි කියන බොරු " නඩුව උසාවියට දාල දඬුවම් නියම කරන්නෙ එයාලගෙ පාත්ති වලටත් දවස් දෙකක් වතුර දාන්න නියෝග කරලා. නඩුකාර උන්නාන්සෙ අපේ පිය රජතුමා. සාක්කි කැදවන්නෙ මව් රැජිණි. ගස් වැල් ලොකු වෙලා මල් පිපිලා ගෙඩි,කරල් හැදෙද්දි පුදුම සංතෝෂයක දැනුනේ. නොතිබ්බ එළවළුවක් පලතුරක් නැති තරම්. මල් ජාතිත් ඕන තරම් තාත්ත තමා මල් වැවුවේ. අම්මත් හවුල් උනා පුලු පුලුවන් වෙලාවට. වටේම හිටියෙ නෑදෑයෝ. අම්මගෙ සහෝදර සහෝදරියො. එයාලගෙ ළමයි එකතු උනාම විසි අටක් ගාන. සෙල්ලම් කරන්න ගියාම එකම ගාලගෝට්ටියක් තමයි. තාච්චි පැන්නා, ගුඩු පැන්නා, ටිං කැඩුවා, බට්ටෝ පැන්නා. ඒ අස්සෙ හරි හරියට ගුටි කෙලිත් ගියා. රංඩු උනා යාළු උනා මොනවද නොකලෙ ඒ කාලෙ. ලොකු මාමගෙ ළමයි නම් පේන්න අපි එක්ක සෙල්ලම් කලේ නෑ. හොරෙන් තමා අපි එක්ක සෙල්ලම් කලේ. ඒකට කියාපු තැන උනේ අපේ උඩ කන්ද. හොරෙන් හොරෙන් ඇවිත් හොඳට සෙල්ලම් කරලා ආයේ තරහකාරයො වගේ කැලෙන් එලියට එන්නෙ. අපේ තාත්ත නම් ඔය හොරේ දැනගෙන හිටියත් බැන්නෙ ගැහුවෙ නෑ අපිට. අම්මට හොරෙන් කෑම ජාතිත් දුන්න එයාලට ගිහින් දෙන්න. සෙල්ලම් කරද්දි පොර කකා අපි කෑවා ඒ කෑම ජාති. ලොකු මාම නම් අපි එක්ක හිනා උනත් එයාලට ගැහුවා. වරු ගානක් බැන්න එයාලට. අපි ලොකු මාමට හොරෙන් තමා කතා බහ කළෙත්. අවුරුදු කාලෙට තමා මරු.පොඩි මාමගෙ වත්තෙ ලොකු කජු ගහක් තිබ්බා. ඒ කජු ගහේ ඔංචිල්ලා හතරක් බදිනවා. ඉස්කෝලේ නිවාඩුත් එක්කනේ. උදේ ඉදන් රෑ වෙනකම්ම ඔංචිල්ලාව ළඟ තමා නවතින්නෙ. පොඩි මාමගෙ, ලොකු අම්මගෙ, පුංචිලාගෙ, මද්දු මාමගෙ ළමයි සේරමයි අපි පස් දෙනයි එකතු උනත් ලොකු මාම එයාගෙ ළමයි එවන් නෑ. කට්ටියක් ඔංචිල්ලා පදිද්දි කට්ටියක් පංචො දානවා කජු ගහ යට පැදුරු එලාගෙන. ඔය කජු ගහේ කජු පුහුලන් හැදෙනවා හෝසෙට. කජු පුහුලම පොඩි කාලේම ඒක අයිති කර ගන්න තමා හැමෝම බලන්නෙ. ඔන්න ඉතිං තමන්ගෙ නම ලියල එල්ලනව කජු පුහුලමේ. ඒක ටික ටික ලොකු වෙලා රතු පාට වෙලා ඉදිනෙකන් ඉවසිල්ලක් නෑ ඉතිං. හැමදාම ගහට නැඟලා බලනවා කොහොමද ලොකු වෙලාද වවුල්ලු කාලද කියල එහෙමත්. අනිත් අයගෙ කජු පුහුලන් ලස්සනට ලොකුවට රතු පාට වේගෙන එද්දි මං හොරෙන් මගෙ නම එල්ලනවා කජු පුහුලමේ. ඔන්න ඉතිං රංඩු තමයි. රංඩු වෙලා රංඩු වෙලා අන්තිමට සාම ගිවිසුමක් ගහනව රංඩු වෙච්ච දෙන්නට භාගෙ ගානේ. අවුරුදු වලට දවසක් දෙකක් තියෙද්දි තමා මරු. වැඩිහිටි අයත් එකතු වෙනවා පුංචි අපිත් එක්ක. එයාල රබන් ගහනවා තරගෙට . ලස්සන ලස්සන රබන් සුරල් රබන් පද එකින් එක මතු වෙන්නෙ හරි අපූරුවට. පොඩි පුංචි තමා හපනි. ලස්සනට රබන් පද ගහන්නත් පුළුවන් පොඩි පුංචිට. වැඩිහිටි අයගෙන් පස්සෙ පුංචි අපිටත් අවස්ථාවක් දෙනවා. අපිත් ඉතිං ඉබ්බා දියේ දැම්මම ඇන්නාවේ කියන්න වගේ රබානට තලනවා උඩ පැන පැන. " ඔහොම නැවෙයි බොලව් රබන් ගහන්නෙ මේං මෙහෙමයි " පොඩි මාම තමා සංගීත විශාරද වෙලා අපිට උගන්නන්නෙ.කජු ගහ යට සෙවනෙ තමා මේ හැමදේම සිද්ද වෙන්නෙ. සීයයි ආච්චියි නම් ඒ දවස් වලට පුදුම සතුටකින් හිටියෙ. ලොකු මාමගෙ පවුලෙ කවුරුවත් ආවෙ නෑ. ඒ ගැන නම් සීයයි ආච්චියි හිටියෙ සතුටකින් නෙමේ. " මොනව නැතත් තරහ මරහ අත් හැරලා ලොකු එකාට මේ වගේ වෙලාවටවත් සහෝදරකම් තියා ගන්න හිතෙන්නෙ නැති හැටි " " අනේ මංද අපෙ මහත්තයෝ ලොකු එකා නම් මොන විදිහට හැදුනද කියල මට විශ්වාස කරන්න බෑ. පවුලෙ හිටපු හොඳම එකාට වෙච්ච දෙයක් මගෙ අම්මපා " " අර උරචක්කරමාලෙ එල්ල ගත්තට පස්සෙ නොවැ මේ හැම නස්පැත්තියක්ම " සීයයි ආච්චියි රහසින් කතා වෙනව මං අහගෙන. මද්දු මාම තමා පවුලෙ අන්දරේ එක එක විදියට කෝලම් ඇඳුම් ඇඳන් ඇවිත් නටනවා දඟලනවා. විකට ඇඳුම් තරගෙ පටන් ගන්නෙ ඊට පස්සෙ. ඔන්න මද්දු නැන්ද එනවා පිරිමියෙක් වගේ ඇඳගෙන මද්දු මාමා එනවා මද්දු නැන්ද වගේ ඇඳගෙන. මද්දු නැන්ද යන තාලෙට අඩිය තිය තිය ඇවිත් මද්දු නැන්ද වගේම තමා කතා කරන්නෙ. අපි බඩ අල්ලන් පෙරළි පෙරළි තමා හිනා වෙන්නෙ. මද්දු නැන්දත් අතාරින්නෑ ඉතිං මද්දු මාම වගේම කතා කර කර ඒ විදියට ඇවිද ඇවිද කෝලම් කරන්නෙ මද්දු මාමට දෙවෙනි නොවෙන්න. කෝ කෝ උඹලත් මොකෙක් හරි වගේ ඇඳගෙන වරෙල්ලා කියල මද්දු මාමා කෑ ගහද්දි කට්ටියම තරගෙට ගෙවල් වලට දුවන්නෙ ඇඳගෙන එන්න. ඔන්න ඉතිං එක එක විදියෙ චරිත එනවා පොල් ගස් වලට මුවා වෙවී ලැජ්ජාවෙන් ඇඹරෙමින්. දවසක් මං ඇන්ඳෙ රජතුමාට කොස් කොල ඔටුන්න දාල කොස් කොල වලින්ම අදුමත් හදාගෙන ලී කඩුවකුත් අතේ අරන් මං ආව බොහොම ලස්සනට අඩිය තිය තියා. එකපාරටම පය ලිස්සලා වැටුනේ හැමෝම හූ තිය තිය හිනා වෙද්දී. එකා එකා ඇවිත් හැමෝම ඉස්සර කරන විකට ඇඳුම් තරගෙ ඉවර වෙන්නෙ බිම් කලුවර වැටුනට පස්සෙ. හුඹස් මැටි ගෙනල්ලා ගොමත් එක්ක කලවම් කරලා ගෙබිම ගොම මැටි ගාන්නෙ අම්මයි තාත්තයි දෙන්නම අපිවත් හවුල් කරන්. ඒකත් පුදුමාකාර සතුටක්. බිත්ති වල හුනු ගාල සුදට සුදේ බැබලෙද්දි බලන්න හරිම ලස්සනයි.අලුත් අවුරුදට හැමදේම අලුත් වෙනවා පුංච් අපිටත් දැනුණා අම්ම තාත්ත එක්ක පුංච් පුංචි වැඩ කරද්දි. ඔන්න ඊට පස්සෙ එන්නෙ කැවුම් කොකිස් උයන දවස. අම්මට නම් හරි හරියට වැඩ ගෙවල් මිදුල් අස් කරන්න. ඇඳුම් පැළඳුම් හෝදන්න කලබලෙන් එහෙට මෙහෙට දුවන අම්මා ඉක්මනට කෑම හදල ලෑස්ති වෙන්නෙ කැවුම් කොකිස් බදින්න. අවුරුදු සිරි විදිමු ඊලග කොටසින්......... සිතිජ ආමන්ත ජය හා සතුටචෙන්නයි ඩයරීස් මඟුලේ යාම - 2 මා චෙන්නයි යන්නට තීරණය කලේ ඊයේ උදේ වරුවේය. අද උදේ වන විට මා සිටින්නේ චෙන්නයි ජෝජ් ටවුමේ තම්බුචෙට්ටි වීදියේ හෝටලයකය. ඒ වන විටත් චෙන්නයි ඇවිත් සිටි මගේ හිතවතා ලොහාන් නිසා මට හෝටලයේ කාමරයක් පහසුවෙන්ම ලැබිණි. එය තරු පහේ සුපිරි කාමරයක් නොවුවත් පිරිසුදු කුඩා කාමරයකි. එහි වායුසමීකරණය හොඳ තත්වයෙන් තිබීම මට සතුටට කාරණයක් විය. " චායි එකක් එවන්න " මා පිළිගැනීමේ නිළධාරියාව ඇමතුවෙමි. මේ ජෝජ් ටවුමේ හෝටල් හැම එකකම සිටින්නේ පිළිගැනීමේ නිළධාරීන් ය. නිළධාරිනියන් මේවායේ දකින්නට නැත. " ඕකේ ෂෑර් " ඔහු පිළිතුරු දුන්නේ මිල්නාඩුවටම ආවේනික වහරකිනි. විනාඩි කිහිපයක් යන්නට මත්තෙන් සීනුව නාද විය. මා හමුවන්නට පැමිණ සිටියේ හෝටල් සේවකයෙකි. ඔහුගේ මුවේ හිනාවක් හෝ නැත. " සෑර් චායි " උණුසුම් බෝතලයක් සහ කඩදාසි කෝප්ප දෙකක් මා අතට පත් කරන ගමන් ඔහු කීය. " සර් එන්න වේනුම් ? උදේ කෑමට පූරී චපාතී වගේ දෙයක් ": " නන්ඩ්‍රී.. මම දැන් ටිකක් විවේක ගන්නවා. උදේ කෑම එක එලියෙන් ගන්න එක ලේසියි. " " මෙන්න සර් වට්සප් පාස්වර්ඩ් " "' මෙන්න පෝන් එක කනෙක්ට් කරලම දෙන්න " හිතුවාට වඩා අන්තර්ජාලයෙ වේහවත් ය. " තම්බි.... උන්ගලුක්ක පේර් එන්න ? " " යෝගා " යෝගා කාමරයේ දොර වසා විනාඩියක් යන්නට මත්තෙන් කාමරයේ සීනුව ආයෙත් වරක් නාද විය. ඒ මගේ හිතවතා ලොහාන් ය . " අපොයි ඔන්න ඔයාගේ නෝනා කලබල වෙලා. ෆ්ලයිට් එක පරක්කු වුනා කියලා කිව්වේ නැද්ද ?" " ඔව් මම දැන් මේ කෝල් කරන්න හදන්නේ " " මොකක් ද ප්ලෑන් එක. කීයට වගේ යමුද ? අපිට යන්න තියෙන්නේ 11.00 ට. දැම්ම කාලා එමුද ? " " පැය බාගයක් දෙන්න මම තේ එකත් බීලා ලේස්ති වෙලා එන්නම් "' " හරි "' මම උණුසුම් බෝතලයෙන් කුඩා කඩදාසි කෝප්පයට තේ වත් කරගෙන බොන්නට වීමි. තේ උණුසුම්ය. මසාලා රසැතිය. සීනි අඩුවෙන් දමා බොන්නට පුරුදු වී සිටින නිසාදෝ එහි පැණි රස මට වැඩියෙන් දැනේ. ඉන්දියානුවන් ලංකාවේ අප තරම් කිරිතේ ජෝගුවක් බොන්නට පුරුදු වී නැත. ඔවුන් වරකට බොන්නේ ඉතා කුඩා ප්‍රමාණයකි. කුඩා අසෝකා වීදුරුවකින් තුනෙන් දෙපංගුවකි. ඒවා එළකිරිය පිටිකිරි නොවේ. දිල්ලියේ දී නම් බවුසර වලින් කිරි බෙදාහැරීමේ මධ්‍යස්ථාන වලට කිරි බෙදාහරිනු මම දැක ඇත්තෙමි. මෙහේ නම් කිරි එන්නේ ලීටරයේ පැකට්ටු වලිනි. ලීටරයේ පැකට්ටු වල අග්ගිහ කතුරකින් හෝ පිහියකින් කපා පැහෙන සාස්පානකට වත් කරනු මා කොතෙකුත් දැක ඇත්තෙමි. මේ තේ සාස්පාන් උදේ පාන්දර සිට රෑ ජාමය වනතුරු ලිපේ පැහෙයි. විටින් විට ඒ සාස්පාන් වලට අඩුම කුඩුම එකතු වෙයි. නිල්ගිරි කලු තේ, සීනි , මසාලා, ඉඟුරු ඒ අඩුම කුඩුමය. " හෝටලයෙන් තම්බුචෙට්ටි වීදියට පය තබන විටම ' චිරි චිරි ' පොදක් වැටෙන්නට විය. " මෙච්චර දවසක් වැහි පොදක් මෙහෙට වැස්සෙ නෑ. මෙන්න බොලේ වහිනවා. ඒකත් ඔයා මෙහෙට ආපු නිසා වෙන්න ඇති ": ලොහාන් කියන්නේ සිය අතින් හිස වසාගෙන පාර පනින ගමන් ය. අපි වැස්සෙන් මුවා වෙන්නට කඩ පිල අයිනෙන් යන්නට වීමු . කුඩා පෙට්ටි කඩයක චායි වෙළෙන්දෙක් චායි සාස්පාන කලත්තයි. ඊට එපිටින් කුඩා කඩයක පිච්ච මල් මාලා විකුණයි. කාන්තාවක් ලහි ලහියේ පිච්ච් මලින් මල් මාලා ගොතයි. උඩුකය නිරුවත් නාවර පෙරාගෙන සිටි කුඩා පිරිමි ළමයින් කිහිප දෙනෙක් වැස්සේ තෙමෙයි. මල් මාලා ගොතන ගැහැනිය ඔවුන්ට කෑ ගසයි. වැස්ස මදක් තුරල් වෙන්නට ඉඩ හැර අප මන්නාඩි වීදිය දෙසට යන්නට වීමු. වැහි දිනවල චෙන්නයි නගර සවාරි නුසු
දුසුය. වීදි ඉක්මනින්ම මඩ වෙයි. මේ නගර වීදි කොහොමත් ජනාකීර්ණ ය. ඉන්දියාව භෞතිකමය වශයෙන් ශීඝ්‍රයෙන් සංවර්ධනය වුවත් මිනිසුන්ගේ සමහර ආකල්ප සංවර්ධනය වී ඇත්තේ ඉතාම අඩුවෙනි. එනිසා තවමත් වීදි වල කසල දමා යයි. මේ රටේ ජීවන වියදම තරමක් අඩුය. ජීවන තරඟකාරීත්වය වැඩිය. " වීදිය අද්දර ' මිනාර් ' නම් හෝටලයකට අපි ගොඩවැදුනෙමු ' " මේක කලින් මෙතන තිබුණේ නෑනේ " " ඔව් මේක පරණ හෝටලයක් . ළඟදිලු මෙතනට ගෙනත් තියෙන්නේ " හෝටලයට ගොඩ වදින තැන දකුණු පස අරක් ගෙන සිටින්නේ ආප්ප බාස් ය. එතැන ආප්ප තාච්චි අටකි. ඔහුගේ රාජකාරිය එක දිගට ආප්ප බිත්තර ආප්ප පිච්චීමයි. ආප්ප පුච්චන දසුනක් චෙන්නයි හිදී දැකීම දුලබ එකකි. ආප්ප ඉඳි ආප්ප මෙහි සුලබ කෑම නොවේ. ඔවුන් කන්නේ පූරී, තෝසේ, පරාටා, ඉඩ්ලි වැනි දකුණු ඉන්දීය කෑම වර්ගය. මේ මන්නාඩි කඩ වීදිය ඉන්දියාවේ අනෙකුත් කඩවීදිවලට වඩා වෙනස් එකකි. එයට තදින්ම සිලෝන් බලපෑම ලැබී ඇත. අමුතුවෙන්ම මේ පලාතට එන ලාංකිකයෙකුට මේ පලාත පෙනෙන්නේ ඉන්දියාව ලෙසටය. නමුත් ඉන්දියාවේ වෙනත් පලාතකින් හෝ චෙන්නයි හිම වෙනත් ප්‍රදේශයකින් මේ පලාතට එන කෙනෙකුට මේ පලාතේ කෑම බීම වල වෙනසක් දැක ගත හැකිය. එය අරුමයක් නොවේ. මේ දශක ගණනාවක් පුරාවට සිලෝන් දූපතේ වැසියන් කරක් ගහන ලද කලාපයයි. දශක ගණනාවක් පුරාවට සිලෝන් වැසියන් සිය නවාතැන්පොළවල් පිහිටි මේ පලාතෙන් තමන්ගේ කටට හුරු මේ කෑම බීම හොයන්නට ඇති. පොල් සම්බෝල හොයන්නට ඇති. කොහොමින් කොහොම හරි සිලෝන් කෑම තියන මිනාර් හෝටලයට අපි ගොඩ වුනෙමු. පූරී දමන්නා ලහි ලහියේ පූරී දමයි. ඒවා අපි බලා හිඳිද්දී පිපෙයි. ඉස්කෝලේ යන වයසේ දැරිවියන් කිහිපදෙනෙක් ඉස්කෝලේ ඇඳුමෙන් ම වැස්සේ තෙමීගෙන ඇවිදින් මොන මොනවාදෝ ඔතාගෙන යන්නට ඉල්වයි. වාඩිවෙන්නටත් කලින් කඩදාසි කිහිපයකින් වතුර මාත්තු කරගත් අපි කෙළවර මේසයක වාඩි වීමු. " එන්න වේනුම් සෑර් " මේ වතාවේ මටත් වඩා නගරයට පුරුදු කාරයෙකු වූ ලොහාන්ට කෑම ඇනවුම් කරන්නට මම ඉඩ හැරියෙමි. " පූරී දෙක දෙක , මුට්ට ආප්ප එක එක තව ගල් මාලු කරියක්. ලොකු වතුර එකක් " උණු උණු පූරී මේසයට ආවේ සුදුවට ඉවූ අල කරියකුත් සමගය. " ආ තව උළුඳු වඩේ , පොල් සම්බෝල " ඒ පොල් සම්බෝලයේ පෙනුම හිත පිනවන සුලු එකකි. යහමින් ලොකුළූණු දැමූ පොල් සම්බෝලයේ කොල මිරිස් කෑලිත් හැපෙන්නට දමා ඇත. ඒ පොල් පොල්ම මිස පොල් රොඩු නම් නොවේ. උළුඳු වඩයේත් ඇත්තේ පාන් පිටි රහට වඩා උළුඳු රසයකි. ඊට අමතරව මේසය උඩ තවත් සම්බෝල වර්ග දෙකක් සහ එළවළු කරි දෙකකි. තව චට්නියකි. ඒවා ඕනෑ තරම් මුහු කරගන්නට බාධාවක් නැත. බිත්තර ආප්පය පිඟානෙන් එකක් තරම් විශාලය. එය පෑහෙන්නේ අල කරියටත් වඩා සිලෝන් රතු පොල් සම්බෝලයටය. පූරී 4 යි බිත්තර ආප්ප 4 යි ලීටරේ වතුර බෝතල් 1යි අලකරි , සම්බෝල රුපියල් 150/- ( 150 X 4 = 600/- ) වේටර් වරයා අතට පත් කල රුපියල් 10 ට (10 X 4 = 40) ඔහු තෘප්තිමත් ය. මේ කඩයේ කිරි තේ හෝ කිරි කෝපි නැත. මට තවත් කිරි තේ එකක් ඇවැසිය. "එහෙනම් තේ එකක් බොන්ට යමු " මම ඉස්සර වුනෙමි. " ඉන්ඩියන් ටී ස්ටෝල් " මා චෙන්නයි වල ඉන්න දිනවල කැවිල්ලක් කා චායි වීදුරුවක් බොන්නට යන තැනකි. මේ කඩය කරන නානා කලින් කඩය කලේ කුඩා අගුවකය. දැන් ඔහු දියුණු වී ඇත. ඔහුගේ ඉන්ඩියන් ටී කඩය අළුත් බිල්ඩිමක කල එලියට දමා ඇත. " නානා.. චායි දෙකක් ..කීයද ? " " ඉස්සෙල්ල තේ බීල ඉන්ඩකෝ. මොකුත් කනවද ? " නානා කියන්නේ කලබලයෙන් සිය පාරිභෝගිකයින් ගෙන් මුදල් ගන්නා අතර මා දෙසද බලමිනි. " චායි දෙක අතනින් ගන්න " ( රෙන්ඩු චායි ...කියා ඔහු හයියෙන් කියයි ) චායි වාලා එවර්සිල්වර් කෝප්පයකින් චායි ගෙන කුඩා අශෝක වීදුරු දෙකකට වත්කොට මා අතට පත් කලේය. අපි රසවත් වැඩිසීනි මසාලා චායි හෙමිහිට තොල ගන්නට වීමු. " කීයද ? " " දෙකටම ටුවෙන්ටි ෆෝ " ( 24 X 4 = 94/-) මා පහුගිය වතාවේ මනාලි ගොස් එන අතරතුර ඉතිරි වූ රුපියලේ දෙකේ කාසි වලින් බිල ගෙවූයෙමි. තේ වලට අමතරව සමෝසා, වඩේ , උළුඳු වඩේ,කේක්, බිස්කට් ද එහි විකුණන්නට තබා ඇත. මසාලා චායි දෙකත් අහවර කල අප ආපහු හෝටලය දෙසට ඇදෙන්නට වීමු. සෙල්වරාජ් අයියාගේ කුරුම්ඹා කරත්තේ හම්බුවෙන්නේ මේ අතරමගදි. කොළඹදි නම් මේවාට කියන්නේ වෑවර කියලා. 80 දශකයේ කෝච්චි ගමන් වලදී නම් මේ වෑවර විකුණන වෙළෙන්දෝ කොච්චි වලට නගින්නේ " වෑවර වෑවරෙයි .." කියාගෙන. සෙල්වරාජ් අයියගේ පොටෝ එකක් නම් ගත්තේ එයාගේ අවසරය ඇතිව. " කමක් නෑ " සෙල්වරාජ් අයියා ඔළුව වැනුවේ අහිංසකවය. සෙල්වරාජ් අයියාගේ කරත්තයෙන් කුරුම්බා බොන අයට රුපියල් 20 ඔන්ලයින් ම ගෙවිය හැකිය. ඒ පේටී එම්, ගූගල් පේ සහ ඇමේසන් පේ හරහාය. ඉන්දියාව ඇවිත් තියෙන දුර. මම දැන් කාමරයට වැදි පැයක් දෙකක් හෝ නිදා ගත යුතුය. " 11 වෙද්දි ලොබියට එන්නම් " සංජය දොළමුල්ලමට ඔීන උනේ දෙවි කෙනෙක් වෙන්න. පන්සලේ තැනින් තැන තියල තිබුණු වැලි භාජන වල හඳුන් කූරු ගහ ගහ ඒ සුවඳට ආශක්ත වෙලා ඉන්දෙද්දි තමයි මට එහෙම හිතුනේ. ඒ පන්සල දේව හාස්කම් වලටම ප්‍රසිද්ධ තැනක්. ගොඩක් මිනිස්සු පන්සලට එන්නේ දෙවියන්ගෙන් මොනවම හරි දෙයක් ඉල්ලන්න. ඒ ඉල්ලන දේ දුන්නට පස්සෙ දෙවියන්ට දෙන දේ ගැන පොරොන්දු වෙන්න. පන්සලේ බුදු ගෙට ආසන්නෙයේම කතරගම දෙවියන්ගේ සහ විෂ්ණු දෙවියන්ගේ දේවාල තිබුණා. රතු නිල් මල් වලින් පිරුනු මල් ආසන. අනෙක් දෙවිවරුන්‌ගේ දේවාල ඉදිකරල තිබ්බේ වෙහෙර මලුවත් බෝමලුවත් අතරේ. සරස්වතී දෙවියන්, ඝණ දෙවියන්, දැඩි මුණ්ඩ දෙවියන්…ඊළඟට තමා දෙවි දේවතාවෙක් නැති හිස් දේවාල ගේ තිබුණේ. කුටිය හදලා, ලස්සනට හුනු පිරියම් කරලා. ඒ හිස් දේවාල ගේ දකිද්දි තමයි මට දෙවියෙක් වෙන්න ඔින කියන අදහස හිතේ තදින්ම පැල පදියම් උනේ. තිස්තුන් කෝටියක්ම ඉන්න එකේ තව එක්කෙනෙක් වැඩිවුනා කියල අවුලක් වෙන එකක් නැහැ. ඔින නම් පින් අනුමෝදම් කරද්දි තිස්තුන්කෝටි එකක් කියල කියන්න වේවි. ඒත් කවුද දන්නෙ තිස් තුන් කෝටියක් කියන්නෙ ආසන්න කෝටියට වටයලද කියල. මාත් දෙවියෙක් උනාට පස්සෙ ආසන්න අගයට වටයලා කියද්දි තිස් හතර කෝටියක් වෙන්නත් පුලුවන්. බිරිඳ හිටියෙ ඒ අසලම පහන් පත්තු කරන ගමන්. මම බිරිඳ ළඟට ගිහින් හිස් දේවාල ගේ පෙන්නුවා. “ඉතින්..?” “මටත් ආසයි දෙවි කෙනෙක් වෙන්න..!” “මේ මීට පස්සෙ මම විතරක් පන්සල් එන්නම්. ඔයා නාවට කමක් නෑ. මාව ගේට්ටුව ගාවින් දාල ඔයා යන්න…” බිරිඳ කිවුවෙ නෝක්කාඩුවෙන්. එයා බෝමළුවෙ වාඩිවෙලා ‌බෝධීන් වහන්සේ වන්දනා කරන ගාථා කියද්දිත්, ඒ ළගින්ම වාඩිවෙලා වැඳගෙන හිටපු මම කල්පනා කලේ දෙවියෙක් වෙන්නෙ කොහොමද කියල. ඉස්සරලෝම දෙවි දේවතාවුන්ගෙ ඉතිහාසය අධ්‍යනය කරන්න ඔින. මම ගෙදර ගිය ගමන්ම කළේ අන්තර්ජාලෙ සැරි සර සර දෙවිවරුන්ගෙ ඉතිහාසෙ හොයපු එක. කතරගම දෙවියන්ගේ අම්මයි තාත්තයි දෙන්නම දෙවිවරුන්. ශිව දෙවියන් සහ පාර්වතී දෙවඟන.හ්ම්.. ගණ දෙයියො කියන්නෙ කතරගම දෙවියන්ගේ සහෝදරයා. ඊළඟට මම හෙවුවෙ විශ්ණු දෙවියන් ගැන. එයා නම් මහා බලසම්පන්න දෙවි කෙනෙක්. ලෝකය නපුරින් ගලවාගන්න කටයුතු කරනවා කියල තමයි කියයන්නෙ. මේ ගොල්ලා දේව පරම්පරා වලින්ම පැවතෙන කට්ටිය. ඒ කියන්නෙ එකකට එකක් සම්බන්ධ වෙන අතු තියන දේව ගස්. හරියට දේශපාලන පවුල් ගස් වගේ. ඊට පස්සෙ මං හොයන්න ගත්තෙ ප්‍රාදේශීය දෙවිවරු ගැන. දැඩිමුණ්ඩ දෙවියන් බවට පත්වෙලා තියෙන දඩිමුණ්ඩ ජීවත් වෙලා තියෙන්නෙ බුදුන්ගෙ කාලෙ. බුදු හාමුදුරුවො මාර පරාජය කරද්දි අනිත් හැමෝම බුදුන් දාල දුවද්දි දැඩිමුණ්ඩ විතරයි බය නැතිව බුදුන් ළග ඉදල තියෙන්නෙ. ඉතින් එයා මරණයෙන් පස්සෙ දෙවි කෙනෙක් වෙනවා. සුමන සමන් දෙවියන් සලකන්නෙ පලවෙනි ශ්‍රී ලාංකික දෙවියන් විදියට. ඒත් බුදුන්ගෙන් බණ අහල සෝවාන් වුනු ජනපද නායකයෙක් මරණයෙන් පස්සෙ දෙවි කෙනෙක් විදියට මිනිසුන් සලකනව කියල ඉතිහාස කථා වල කියවෙනව. පත්තිනි, රජ්ජුරු බණ්ඩාර වගේ දෙවිවරු ගත්තත් ඔහොමයි. ජීවත්වෙලා ඉන්දැද්දි මිනිස්සුන්ට දැනෙන සුවිශේෂී දෙයක් කරපු අය. මටත් දෙවි කෙනෙක් වෙන්න නම් තියෙන්නෙ ජීවත්වෙලා ඉන්දෙද්දිම දැනෙන දෙයක් කරන්න. ‍එහෙම කරලා වීරයෙක් වෙන්න. මට බෝමළුවෙ වැඳගෙනම නින්ද ගිහින්. ඒ වෙලාවෙ තමයි කවුදෝ කෙනෙක් ඇවිත් මාව ඇහැඇරෙවුවෙ. “උඹට ඔින දෙවි කෙනෙක් වෙන්න නේද..?” “ඔව්..!” “උඹ රජයේ සේවකයෙක්..?” “ඔව්..!” “රජයේ සේවකයෙක් කියන්නෙත් දෙවි කෙනෙක් වෙන්න දීපු වරමක්…” “මොකක්…?” “ඔව් මං කියපු දේ ගැන හිතල බලපන්…” එක පාරටම එයා අතුරු දහන් වුනා. හඳුන් කූරු, මැටි පහන් වල දැවෙන පොල් තෙල්, ගිතෙල්, එළඟි තෙල් සුවඳ හැම තැනම. කවුදෝ මගේ උරහිසෙන් අල්ලල හොල්ලනව. “නැගිටිනව.. මෙතනත් නිදා ගත්තද..?” “ආහ්..” “මං මෙතන පණ දාගෙන ගාථ කිය කිය වදිනව. තමුසෙ මෙතනත් ඇවිත් නිදා ගන්නව. පස්සෙන්දා සඳුදා. මම කාර්යාලය පටන් ගන්න විනාඩි පහකට කලින් කාර්යාලයට ගියා. වෙනදට නම් මට එහෙම යන්න වෙලාවක් කියල තිබුණෙ නැහැ. ගොඩක් කලිනුත් යනවා. පරක්කු වෙලාත් යනවා. කලින් ගියා කියල කරන්නෙත් වැඩ කරන එක නෙමේනේ. කටිටිය වට කරගෙන ඔීප දූප දොඩන එක. ඔය කේලම් ටිකක් අහන එක. එහෙම නැත්තම් මහජන සල්ලි වලින් කාර්යාලයට ගේන පත්තරයක් කියවන එක. මම මුළු දවසම කරබාගෙන වැඩ කළා. හරියටම කාර්යාලය වහන්න නියමිත් වෙලාවට කාර්යාලයෙන් පිටවෙලා ගෙදර ආවා. “අද ඔීටී කලේ නැද්ද..?” “නෑ..ඔිටී කරන්න තරම් අමතර වැඩක් තිබුණෙ නෑ..” “වෙනදටත් අමතර වැඩ තිබිලද ඔීටී කලේ..?” “නෑ සල්ලි නැති නිසා…” “ඉතින් එහෙනම්…” “මට රස්සාවට බොරු කරන්න බෑ.. හිතට එකගව අවංකව ජීවත් වෙන්න ඔින.. “ බිරිඳ ඉනට අත්දෙක ගහගෙන බලාගෙන ඉන්නව. පස්සෙන් පහුවදා මට තිබුණෙ මාතර යන්න. රාජකාරියක්. උදේ අටට පිටත් වෙලා දවල් එක විතර වෙද්දි කාර්යාලයට ආයෙත් ආවා. එහෙම්මම ඇගිලි සළකුණු යන්ත්‍රයේ වෙලාව සළකුණු කරල මගේ මේසෙට ගිහින් වැඩ කරන්න පටන් ගත්තා. මට පළවෙනි ප්‍රශ්ණය මතු වුණේ ඊට පහුවෙනිදා. මාත් එක්ක මාතර ගිය වාහනයේ රියදුරා මාව හොයාගෙන ආවෙ ධාවන සටහන් අත්සන් ක
රගන්න. වෙනදට නම් ගමන් වියදමක්, අතිකාල පැය කිහිපයක් ලබා ගන්න පුලුවන් වෙන විදියට රියදුරා දාල තියන වෙලාවට අත්සන් කරන එක තමයි කරන්නේ. “මෙතන ගිය වෙලාව, ආව වෙලාව හරියට දාන්න..” “ඒ කියන්නේ..?” “අපි පිටත් උනේ අටට. ආවෙ එකට. ඒ වෙලාව දාන්න…” “එතකොට කොහොමද ක්ලේම් එක ගන්නෙ..” “අපිට පඩි හම්බෙනවනෙ. මට නොගත්තු කාලයටකට අත්සන් කරන්න බැහැ…” මිනිහ ගියේ මගේ අම්ම විතරක් නෙමේ පරම්පරා ගහම මතක් කර කර බැන බැන. එදායින් පස්සෙ කිසිම රියදුරෙක් මාත් එක්ක ගමනක් යන්න කැමැත්තෙන් ආවෙ නැහැ. මාව වර්ජනය කරා. ඊට පස්සෙ කාර්යාලය ඇතුලෙ සිද්ධ වෙන වැරදි මාව හොයාගෙන එන්න පටන් ගත්තා. මට අදාල රාජකාරි වගේම අදාල නැති රාජකාරි ගැන, ඒවයෙ සිද්ධ වෙන වැරදි ගැන මම හොයන්න පටන් අරගෙන තිබුණෙ. ඒ වෙනකොට සිද්ධ වෙන වැරදි ගැන මට තොරතුරු එන මාර්ග ගණනාවක් හැදිලයි තිබුණෙ. ඔය අස්සෙ කතරගම දෙවියොත් රෑට රෑට ඇවිත් මට තොරතුරු දෙන්න පටන් ගත්තා. “උඹලගෙ කාර්යාලෙ මාර මාර ලොක්කොනෙ බං ඉන්නෙ..” “ඇයි එහෙම කියන්නෙ..?” “උන් ලෙඩ වෙද්දි, අපල කාල සෙට් වෙද්දි, රට රටවල යද්දි මං ගාවට එනව බාර වෙන්න..” “ඉතින්..” “ඒ කරල ඇවිත් ඒව ඔප්පු කරන්නත් මං ගාවට එනව..” “ඉතින්…” “ඉතින් කියන්නෙ,.. උන් එන්නෙ උන්ගෙ වාහන වලින් නෙමෙයි. ආන්ඩුවෙ වාහන වලින්. ආණ්ඩුවෙ තෙල් වලින්. ඔිව කරකවන උන්ට ඒ එන ගමන් වලටත් අතිකාල බටා ගෙවනව නේද බොල..” “හ්ම්…” “උන් හිතන්නෙ එහෙම ආවම දෙයියො උන් ගැන බලයි කියලද..?” “විධායක නිලධාරීන්ට ඉන්ධන දීමනාවක් ගෙවනවා..” “ඉන්ධන දීමනා ගෙවන්නෙ මං ගාවට පූජ වට්ටි උස්සගෙන එන්නද..?” “නෑ ඒත් පුද්ගලික දේවලටත් ඒ වාහනේ පාවිච්චි කරන්න මාසිකව ගානක් ඒ අය ආණ්ඩුවට ගෙවනවා…” “අර මාසිකව ගෙවන රුපියල් තුන්සිය පනහද..?” කතරගම දෙයියො බඩ අල්ලගෙන හිනාවෙන්න ගත්තා. මූණු ගොඩක් මං වට කරගෙන හිනා වෙද්දි දරාගෙන ඉන්න අමාරුයි. ඒ නිසා වෙන්නම ඇති මහ රෑ බයවෙලා දාඩිය දාගෙන මං ඇහැරුනේ. මං ඒ වෙනකොට අතිකාල, ගමන් වියදම් ගන්න එක නතර කරල තිබුණෙ. ගෙදරත් ඉතින් ප්‍රශ්න. කෑවයින් නොකෑවයින් කෑව. පොඩි එකෙකුටවත් රෙදි කෑල්ලක් ගත්තු කාලයක් මතක නැහැ. පොඩි උන්ගෙ ටියුෂන් ගෙවා ගන්නත් බැරුව බිරිඳ හූල්ල හූල්ල උන්නෙ. “මොකටද ටියුෂන් යවන්නෙ..අපි ළමයි ඉස්කෝලෙ යවනවනෙ..” “අද කාලෙ ඉස්කෝලෙ විතරක් යවල ලමයින්ට උගන්නන්න පූලවන්ද..?” “ඇයි බැරි..? ළමයින්ට උගන්නන්න ඉස්කෝලෙ ගුරුවරුන්ටත් අපේ බදු සල්ලි වලින් පඩි ගෙවලා, ඒ අයම එලියෙ දාගෙන ඉන්න ටියුෂන් පන්තියටත් අපි සල්ලි ගෙවන්න ඔිනද..?” “තමුසෙට නම් හොඳටම පිස්සු..” ලෙඩ දුක් ගැනත් මට තිබුනෙ ඒ වගේම මතයක්. ඒ නිසා ළමයි විතරක් නෙමේ ඒ වෙනකොට අපි හැමෝම ඉස්පිරිතාල වල භාහිර රෝගී සායන වලින් බෙහෙත් ගන්න පටන් අරගෙන තිබුනෙ. බිරිඳ කුරු කුරු ගෑවෙම ඒවයෙ දෙන්නෙ බාල බෙහෙත්, ලෙඩක් හොඳ වෙන්නෙ නැහැ කියල. ඒ වෙනකොට කාර්යාලයට මාව පට්ටම පට්ට වාතයක් වෙලා තිබුණෙ. පොඩි එකෙකුට හොරට බිලක් දාල මාළු පාන් එකක්වත් කන්න විදියක් නැතිවයි හිටියෙ. ලොක්කො ගැන ඉතින් කවර කථාද..? ඔන්න ඔහොම ඉන්දැද්දි තමා ලොක්කා මාව කැඳෙවුවේ. “මේක හරියන්නෙ නැහැ අයිසේ..?” “ඇයි සර්..?” “තමුසෙ හදන්නෙ අපිට කෙලවන්න නේ…” “අනේ නෑ සර්..” “එහෙනම්, මේ මොනවද කරන්නෙ..? “ “මං මං වෙන්න ට්‍රයි කරනවා..” “තමුසෙ තමුසෙ වෙනව වෙන තැනකට ගිහින්…නැත්තම් අපිට අපි විතරක් නෙමේ ගෙදර උනුත් නැති වෙනවා…” එහෙමයි මට පළාතෙ කොනකම තිබුණු කාර්යාලයකට, ඒ කාර්යාලයෙ ගබඩාවකට ස්ථාන මාරුවක් ලැබුනෙ. කොහොමත් ඒ වෙනකොට බිරිඳයි දරුවො දෙන්නයි එයාගෙ තාත්ත ඇවිත් මහගෙදර එක්කරගෙන ගිහින් තිබුණෙ. “පිස්සෙක්..මේ දරුවො දුක් විදිනව..” ඒ මාමණ්ඩිගෙ වචන. ඒත් මම තාම දෙවියෙක් වෙන්න ට්‍රයි කරනවා.සොඳුරු මිනිස්සු.... ලොකු එකා මලා.... ලියනවා කියන එකත් වෙලාවකට පුදුමාකාර ඇබ්බැහිකමක් නවත්තගන්න බැරි. ඒකට සෙට් වුනාම තැනක්, වෙලාවක් නෑ මොකක් හරි ඔලුවට ආවම මොන පල් හෑල්ලක් උනත් ලියල ඉවර වෙනකං නින්ද යන්නෙ නෑ. ඉතිං මේ ලියන උංගෙ තියෙන මොලේ අමාරුවට මේ කොහේවත් ඉන්න උං වන්දි ගෙවන්න ඕන මං වගේ උං ලියන පල් හෑලි කියවලා. මේ සිද්දිය වෙන්නෙ මම කැම්පස් එකෙන් පිට වෙලා ඩිස්පන්සරියක් දාගෙන ඉන්න මුල්ම දවස් වල. වැඩේ පටං ගත්ත දවස් වලම වගේ නිසා වැඩි සෙනගකුත් නැති නිසා මම ඒ කාලෙ තිබ්බ සුපිරිම ෆෝන් එක වෙච්ච නොකියා 3100 එකේ පට්ට ඇඩ්වාන්ස් ගේම් එකක් වෙච්ච ස්නේක් ප්ලේ කරනවා. මම ගේම් එක ගහ ගහ ඉද්දි ඔන්න මට දොරට පිටිං ලොකු ගෝසාවක් ඇහෙනවා, පලයල්ලා පැත්තකට උඹලා මොකද මාව අල්ලන්න එන්නෙ , මට තනියම යන්න පුලුවං වගේ කතාවක්, ආවා මෙතන .... එන්න ඇතුලට කියන වචනේ මගෙං පිට උනා විතරය් මෙන්න බොලේ මහ සෙනගක් කඩා වැදුනා ඇතුලට. මුලිංම එනවා වයසක සීයලා දෙන්නෙක්, මැදි වයසේ (පනස් පහේ වගේ WHO guidelines වලට අනුව නං පට්ට young හාදයෙක්) ඊට පස්සෙ හොඳටම තරුන හාදයෙක් එක්ක අවුරුදු පහක වගේ නසරානි කොලුවෙක්. මම වචනයක් වත් කියන්න නොදී මෙන්න අර සීයා පටං ගත්තා කතාව මහ සද්දෙං, අනේ මහත්තයා මුංට පිස්සු යස අගේට ඉන්න මාව ඇදගෙන ආවා , උංට ඕනලු මාව පරීස්සා කොරෝ ගන්න. අනේ මහත්තයා ඇහැක් නං මෙන්න මුංගෙ ඔලුගෙඩි ටික පරීස්සා කොල්ලා බලමුද උංට මොකවත් මොලේ අමාරුවක් වත් තියේද කියලා.. එක පාරටම බකස් ගාලා යන්න ආව හිනාව අමාරුවෙං තද කරාන මම සීය දිහා බලලා කිව්වා , ඒක නේන්නං ඔය ඉන්නෙ ඉලංදාරියා වගේ යස රඟට ඒත් ඉතිං දැං කාලෙ මේ තරුන කොල්ලංටත් ඔය නානප්‍රකාර අසනීප තියෙන එකේ මම මාමව ටිකක් බලන්නංකෝ කියලා... කියන්නත් සංතෝසය් හිතෝතුනි මාමා කිව්ව ආමන්ත්‍රණය ඇහුන ගමං එච්චර වෙලා මල අතේ තියං හිටපු උංදෑ යස අගේට හිනා උනා. දැං ඉතිං මට මුංදැගෙ විස්තර අහගෙන යද්දි වයස අහන වෙලාව එද්දිම කට්ටියම ගොලු වුනා එක පාරටම. එතන හිටිය ටිකක් තරුන හාදයා දොරෙං එහා පැත්ත බලල කියනවා අනේ මහත්තයා අපි කාටවත් කියන්නෙ නෑ ඒත් දොස්තර මහත්තයට නොකියා බෑනේ දැං අත්තට එකසිය හතරය්!! ඒක ඇහුව මාව හොල්මං වෙලා ගියා සීයගෙ පෙනුම, කතාව , කල්කිරියාව එක්ක මම හිතුවෙම අසූ ගානක් ඇති කියලා උපරිමේ (අපහාසෙට හිනා වෙන්න ඔට්ටු නෑ ඒකාලේ මගෙ ඇස් හොඳට පෙනුනා දැං කණ්නාඩි දැම්මට ) වැඩිපුර වැඩකුත් නැතුව කම්මැලිකමේ හිටපු මම දැං කට්ටියත් එක්ක පොඩි කය්වාරුවකට සෙට් උනා. ඒ අස්සෙ මම එක වෙලාවක ඇහුවා සීයා මේ කාත් එක්කද ආවේ.. අනේ මහත්තයා මේකා මගෙ මද්දුම කොල්ලා, අනිකා උගෙ කොල්ලා,, ඊට පස්සෙ උගෙ කොල්ලා.. අර විසේ කාරයා උගෙ ලොකු එකා... හප්පට සිරි පරම්පරා පහක් එක තැන... මොනා උනත් සීයා මාර ජොලිෆුල් හාදයෙක්... ඉතිං මම ඊලඟට අහනවා ඉතිං මාමේ කෝ මාමගෙ ලොකු පුතා කියලා... සීයගෙ මූන ටිකක් වෙනස් උනා.. අනේ මහත්තයා මයෙ ලොකු එකා මලා නොවැ තුං හාර මාසෙකට කලින්... ඒක ඇහුවම ඒ සීයගෙ මූනෙ තිබ්බ හැඟීම් , ඒ බැල්මේ තිබ්බ පුත්‍ර සෙනෙහස දැක්කම නං මාවත් ටික අවුල් උනා. එයාට මොකද වුනේ, මොනා හරි ලෙඩක් වත් තිබ්බද කියන මගෙ ප්‍රශ්නෙට දුන්න උත්තරෙන් මගෙ විතරක් නෙවෙය් අනිත් සෙට් එකෙත් කටවල් ඇරුනා "අනේ මහත්තයා ඌට මොන හෙනයක් වත් තිබ්බෙ නෑ වයසටමය් ඌ මලේ..... ඉතිං ඕකට පස්සෙ එතන එකම විනෝද සාගරයක් උනා සීයගෙ තරුන කාලෙ කය් කතන්දර, දැං කාලෙ ඉන්න උං ගැන සීයගෙ විවේචන වගේ එව්වගෙං.. ඒ අස්සෙ මගෙ කට කැඩිච්ච කමට අහනවා , ඉතිං ඒ කාලෙ මාම අඩි පුඩි හේම ගහලා ෆුල් ජොලියෙ ඉන්න ඇති නේද කියලා... අනේ මහත්තයෝ කතා කරලා වැඩක් නෑ සීල් අරක්කු ඩිංගක් දැක්ක කාලයක් මතක නෑ කොහෙද දරු පරම්පරාවක්ම හිටියට මුංගෙ කිසි ගුණයක් නෑ.... වැඩිහිටියන්ට සලකන්න දන්නෙ නැති පරයෝ රැලක් තමය් මට ඉන්නෙ.... ඕන්න ඔහොමය් සීයා තමංගෙ කේන්තිය පිට කරේ... ඉතිං ඕන්න ඔහෝම මම පැය භාගයක් වගේ කාලයක් බොහෝම විනෝදෙන් ගත කරලා අවශ්‍ය දේවල් ටික කරල පිට කරපු මේ සුන්දර මනුස්සයා ඊට පස්සෙත් අවුරුදු දෙකක් විතර විතර යනකං මාසෙකට සැරයක් නං මාව බලන්න ආවා . මුල් වතාවෙ වගේ නෙවෙය් ඊට පස්සෙ සීය තමය් කට්ටියව ඇදං ආවේ... (ආචාර ධර්ම වලට අනුකූලද මංදා ඒත් .... " අනේ ඉල්ලනවම නං ඔන්නෝහේ ඉඳ හිටලා පොඩි ශොට් එකක් දෙන්න සීයට කියන මගෙ උපදේසේ මුනුබුරා පිලිපැදලා තිබ්බා මයෙ හිතේ ) කාලෙකට පස්සෙ මම අනුරාධපුර මහ රෝහලට මාරු වෙලා ඇවිල්ලා මාස දෙකක් වගේ ගියාම මේ ආදරනීය මනුස්සයා ලෝකෙන් සමු ගත්ත බව කියන කනගාටුදායක ආරංචිය ආවේ.. එත් අද වෙනකන්ම මේ පුදුමාකාර ශක්තියක් තිබ්බ මනුස්සයා මගෙ හිත ඇතුලේ නොමැරී ඉන්නවා... කාලෙකට කලිං ලිව්ව එකක්.... වසන්ත බී හේරත්දෑත පිරිමැද දෙතොල් රත සිප මලක් සේ ... රැකගත්තෙ පින්නේ ... දයා විරහිත "ප්‍රථම ප්‍රේමය" අතැර මා , ගින්නට ද පැන්නේ ... වසා මුළු කය විශාකා සේ ලොවක් නිවනා තැනක උන්නේ ... අහන්නත් බය සිහිනයක නැඟ මගේ සඳ නුඹ කොහෙද යන්නේ ... ❤ ... ශ්‍රීමතී වල්පොල ...උදේම සාරිකාගේ මූණ දිහා බලද්දි ලලන්තට දැනුණෙ අපහසුවක්.මෙච්චරකල් හිර කරගෙන හිටපු හැමදෙයක්ම ඇය වචන කීපෙකින් ඊයෙ තමන්ගෙ මූණටම කියලා දැම්මා නේද කියලා ඔහුට හිතුණා.ඒත් එක්කම ඔහුට ලැජ්ජාවකුත් දැනුණා. ඇය තමන්ට ඊයෙ රෑ වෙනකම්ම එහෙම තදින් කතා කරලා තිබුණෙ නෑ. ඔහුට මදිකමක් වගේ හැඟීමක් දැනුණා. සේරටම මුල බොන එක.. වීරසේකරගෙ කසිප්පු පැකට් එකයි ගංජා සුරුට්ටුවයි ගැන ඔහුට ආවෙ තරහක්. "මම සතෙක් නෙවෙයි ලලන්ත. මම ගෑනියෙක්. හැමදේකම සීමාවක් තියෙනවා.ඉස්සර මම හැමදේම ඉවසන් හිටියෙ කමක් නෑ මාසෙකට සැරයයිනෙ කියලා. ඒත් දැන් මේක හැමදාම මට හරිම වදයක්. එක්කො ඔයා ඔය බොන එක නවත්තන්න. නැත්නම් මාව අත ඇරලා ඔයාට හරියන ගෑනියෙක් ගාවට යන්න." සාරිකා ඒ ටික කියපු විදිහ ලලන්තට සැරෙන් සැරේ මතක් වුණා. සාරිකාගෙ වචනවල කේන්තියටත් වඩා එපා වීමක් තිබුණෙ. තව ටික දවසක් මෙහෙම ගියොත්.. ලලන්ත රැකියාව කළේ රියදුරෙක් විදිහට.කොළඹ ලොකු කම්පැනියක. ගෙදර ආවෙ මාසෙක
ට සැරයක් විතර. ඒ එනකොට ඔහු සාරිකාට ඕන දේවල් ගෙදරට ඕන දේවල් එක්කම ඔහුට විශේෂ දේකුත් අරගෙන ආවා.ඒ අරක්කු බෝතලයක්. ගමේ යාළුවා වුණ වීරසේකර තමයි ලලන්ත ගේන ඒ බෝතලේට හවුල් කාරයා වුණේ. වීරසේකර වැඩිය බොන්නෙ නැති හින්දාම බෝතලේ හිස් කරන්න වෙන්නෙ ලලන්තට. වැඩිපුර වෙරි වෙන ලලන්ත ගෙදර එන්නෙ ඇඳට යන්න බලාගෙන.බිව්වට පස්සෙ ඉන්න ලලන්ත අනිත් වෙලාවට ඉන්න මනුස්සයා නෙවෙයි.ඔහු හිටියෙ වෙනමම ලෝකෙක. ඔහු එන්නෙ සාරිකාව ළඟට ගන්න බලාගෙන. මත්වෙලා මත්වෙලා ඇයව ළඟට ගන්න ඔහුට තිබුණෙ අමුතු ආශාවක්.ඔහුට ඕන වුණේ ඇයව. ඒකත් වතාවකින් නෙවෙයි, එක විදිහකින් නෙවෙයි. කීප සැරේකින්. එක එක විදිහට ඔහු තමන්ගෙ තෘප්තිය හෙව්වා. ලලන්තගෙ වෙරි හිඳෙනකම් සාරිකාට රෑ තිස්සේ හරි හැටි නින්දක් නැතුවම ලලන්තට ඉඩ දෙන්න වුණා. සාරිකාත් හැඟීම් දැනීම් ආසාවන් නැති ගෑනියෙක් නෙවෙයි.ලලන්ත මාසෙකට සැරයක් ගෙදර එන දවස වෙනකම් ඇය බලන් හිටියෙ ඔහුගෙ ආදරේ වගේම උණුසුමත් විඳින්න. ඇයත් ඒකට කැමතියි. ඒත්.. ඒ සතුට සීමාවකින් එහාට ගියාට පස්සෙ ඇයට දැනුණෙ හිරිහැරයක්. කොච්චර හිරිහැරයක් වුණත්, අපහසුවක් වුණත්, ලලන්ත තමන්ට ආදරෙයි කියලා දන්න හින්දත් සාරිකා ලලන්තට ආදරේ හින්දත් ඇය ඔහුගේ සතුට වෙනුවෙන් ඉවසුවා.අනෙක් අතට ලලන්ත ගෙදර ඉන්න දවස් තුන හතරෙ ඒ මුල් දවසේ ඇරෙන්න අනිත් දවස්වල ඔහුට බොන්න ඉඩක් තිබ්බෙ නෑ.ඒ නිසා ඉතිරි දින කිහිපය ලලන්තත් සාරිකාත් හිටියෙ සතුටින්.. හැමදේම වෙනස් වුණේ මාස දෙකකට විතර කලින්. ලලන්තට යාළුවෙකුගෙ ගෙදර පාටි එකකට ආරාධනා ලැබුණා. රාජකාරි වෙලාව අතරතුර ඒක යෙදුණ හින්දම කම්පැනි එකේ වාහනේ වෙන වැඩකට යන අතරතුරම ඔහු එතනට ගොඩ වුණා. සරුවට තිබුණ පාටියක් වුණත් අරක්කු ටිකක්වත් නොබී ඔහු එතනින් එළියට ආවෙ තමන්ගේ රාජකාරිය හරියට කරන්න ඕන නිසා. ඒත් අවාසනාවකට වගේ ඒ ආසන්නයේදීම ඔහු පදවපු රථය අනතුරකට ලක් වුණා. රාජකාරි වෙලාවෙ පාටියකට ගිහින් කියලා තහවුරු වුණ නිසා ලලන්තගෙ රැකියාව අහිමි වුණා.ලලන්ත ගෙදර නතර වුණා. ලලන්තත් සාරිකාත් හිටියෙ සාරිකාගෙ මහගෙදර. ඒ සාරිකාගෙ අම්මයි නංගියි එක්ක. සාරිකාගෙ නංගි සාධනී ඊළඟ අවුරුද්දෙ විවාහයකට සූදානම් වෙමින් හිටියෙ.ඇයව විවාහ කරගන්න බලාපොරොත්තුවෙන් හිටිය ජනිතුත් සති අන්තෙට ගෙදරට ආවා ගියා. රැකියාව අහිමි වුණාට ලලන්ත ගෙදර වැඩි දවසක් නිකම් හිටියෙ නෑ. ඔහු ආයෙත් ටිකක් ළඟ පාතින් රියදුරු රැකියාවක්ම හොයා ගත්තා.උදේ ගිහින් රෑ වෙලා ගෙදර එන්න පුලුවන් විදිහෙ එකක්. වීරසේකර ගමේ කසිප්පු බිස්නස් එක පටන් ගත්තෙ ඔය අතරෙ.ගෙදරින් ටිකක් ඈත ඔහුට අයිති හේනක ඔහු මේ වැඩේ පටන් ගත්තෙ එතනින් එහා පැත්තෙ ඇලකුත් තියෙන එක වැඩේට පහසු නිසා. බාර් එකට ගිහින් රට අරක්කු විතරක් බිබී හිටපු ලලන්තට කසිප්පු බොන්න පුරුදු කළේ වීරසේකර.කසිප්පු බිස්නස් එක සරු වෙද්දි එතනට එන උන්ගෙ වුවමනාවට ගංජා බිස්නස් එකකුත් කරන්න වීරසේකර පටන් ගත්තා. වැඩි කාලයක් යන්න කලින් ලලන්ත මේ දෙකටම පුරුදු වුණා. මුලින් මුලින් වීරසේකරගෙ බලකිරීමට මේවා පාවිච්චි කළත් ටික දවසක් යනකොට ලලන්තට හැමදාම හවසට මේවා නැතුව බැරි වුණා. ලලන්තගෙයි සාරිකාගෙයි පවුල් ජීවීතේ ඇතුළෙ ප්‍රශ්න ඇතිවෙන්න පටන් ගත්තෙ ඊට පස්සෙ. මුදල් හදල් අතින් ලොකු අඩුපාඩුවක් හරි රණ්ඩු දබර හරි ඇති නොවුණත් මත් වුණාට පස්සෙ ලලන්තව සනසවන එක සාරිකාට කරන්න බැරි වුණ එක ඒකට හේතු වුණා.කසිප්පු වෙරියත් එක්ක එකතු වුණ ගංජා මතය ලලන්තගෙ තෘප්තිමත් වීමේ සීමාව ඈතට අරන් ගිහින් තිබුණා. ඉස්සර මාසෙකට සැරයක් විතර දැනුණ අපහසුව දැන් හැමදාම ඊටත් වැඩියෙන් විඳින්න වෙනකොට සාරිකාට ටිකෙන් ටික රාත්‍රිය වදයක් වුණා. "සේරටම වැඩිය මට උදේට අර අම්මගෙයි නංගිගෙයි මූණ බලන්න බෑ.." සාරිකා අවසානෙට කියපු ඒ ටික තමයි ලලන්තට වැඩි පුරම ලැජ්ජාවක් ගෙනාපු වචන ටික. රාත්‍රිය පුරා විටින් විට නැඟෙන සමහර හඬවල් ඔවුන්ටත් ඇහෙන බව ලලන්ත හිතුවෙ ඒ වෙලාවෙ. "ඇයි සාරිකා මට ඕවා මෙච්චර කල් නොකීවේ.." ලලන්ත එහෙමත් හිතුවා. ඔහු හිතුවෙ ඔහු වගේම ඇයත් ඒකට කැමැත්තෙන් ඉඩ දෙනවා කියන එක. සමහර වෙලාවල්වල සාරිකාගෙ නොරිස්සුමක් දැක්කත් ඔහු ඒක එච්චර හිතුවෙ නෑ. ප්‍රශ්නෙ සෑහෙන්න බරපතලයි කියලා ඔහුට හරියටම තේරුණෙ අද. "ඒ වුණාට මමත් දැනගන්න ඕන තමයි.." එදා ලලන්ත ගෙදර ආවෙ නෑ..වීරසේකරගෙ හේනෙ පැලේම සිහිය නැතිවෙනකම් බීලා එතනම නිදාගත්තා.ඔහුට තිබුණෙ සාරිකාට විතරක් නෙවෙයි ගෙදර හැමෝටම මූණ දෙන්න බෑ වගේ ගතියක් . ලලන්ත මහ රෑ වෙනකනුත් ගෙදර ආවෙ නැති වුණාම සාරිකා කලබල වුණා.ඇයට උදේ තමන් කිවුව කතා ටික මතක් වුණා.ලලන්ත ගෙදර එන්නෙ නැත්තෙ ඒ තරහට කියන එක ඇයට අමුතුවෙන් කියන්න ඕන වුණෙ නෑ.මේ එහෙම දෙයක් වුණ පළවෙනි වතාව.පාන්දර දෙක තුන වෙනකනුත් බලන් ඉඳලා ලලන්ත එන්නෙ නැති වෙද්දි සාරිකා බය වුණා. ෆෝන් එකත් වැඩ නැති වෙද්දි බීලා ගිහින් අනතුරක්වත් වුණාද කියලත් ඇයට හිතෙන්න ගත්තා. එහා කාමරේට ගිහින් සාධනීට ඇහැරවපු සාරිකා මෙච්චර කල් කාටවත් නොකියා හංගගෙන හිටපු සේරමත් එක්ක සාධනීට සම්පූර්ණ කතාව කිව්වෙ අඬ අඬ. "ඕවා කතා කරලා විසඳගන්න තිබුණ ප්‍රශ්නනෙ අක්කෙ.. බැණ අඬගහගෙන විසඳගන්න ඕන ඒවා නෙවෙයිනෙ." කතාව අහපු සාධනී එහෙම උත්තරයක් දුන්නා. "පිස්සුද නංගී.. ඕවා එහෙම කතා කරන්න පුළුවන් දේවල්ද? එයාට තේරෙන්න එපැයි .ඉස්සර නම් මාසෙකට සැරයයි. දැන් හැමදාම බීගෙන. ඉවසලා ඉවසලා බැරිම තැන තමයි ඔය ටිකත් මට කියවුණේ.." සාධනී සාරිකාගේ හිත හදන්න ගොඩක් දේවල් කිව්වා. එළිවෙනකම් බලලා නැති වුණොත් හොයන්න යමු කියලා දෙන්නා කතා වුණා. එදා ඉතිරි පැය කීපය අක්කටයි නංගිටයි නින්දක් නැති පැය කීපයක් වුණා. පහුවදා උදේ පාන්දරම ලලන්ත ගෙදර ආවා.ඇවිත් පාඩුවෙ ලෑස්ති වෙලා වැඩට ගියා. සාරිකාත් මොකුත් කියන්න ගියෙ නෑ. ලලන්ත රෑ ආවෙ වෙනදා වගේම බීගෙන. ඒත් ඔහු ගෙදර කවුරුත් එක්ක කතා කරන්න ගියෙ නෑ. ඇඳට වැටිලා නිදාගත්තා.සාරිකා ලලන්තට කිට්ටු වෙන්න ගියත් ඔහු අනිත් පැත්ත හැරිලා නිදාගත්තා. දවස් කීපයක් එහෙම ගතවුණා. සාරිකාත් හිටියෙ අවුලෙන්. ඇය කීප සැරයක්ම ලලන්තට කතා කරන්න හැදුවා. ඒත් මොකක්දෝ හේතුවකට ඇයට ඒ ගැන කතා කරන්න බෑ වගේ හැඟීමක් ආවා. අවසානෙදි කොහොම හරි සාරිකාම හිත හදාගෙන ලලන්තට කතා කරලා සමාව ඉල්ලුවා. එතනින් ප්‍රශ්නෙ සෑහෙන දුරකට විසඳුනා. ටිකෙන් ටික හැමදේම හරි ගියා. හැමදාම බීගෙන එන එක වෙනස් නොවුණත් ඉස්සර වගේ සාරිකාට අපහසු වෙන සීමාවන් දක්වා ඇයව ගෙනියන්න ආයෙ ලලන්ත උත්සාහ කළේ නෑ. ************************************************* "මාව කොහේ හරි අරන් යන්න ලලන්ත අයියෙ.." "නොහිතපු වෙලාවක එක පාරටම ඇහුණු ඒ වචන ටිකෙන් ලලන්තගෙ වෙරි හිඳුනා." "මොකක්? කොහේ හරි අරන් යන්න? ඔයාට පිස්සුද? " සාධනීව තමන්ගෙ පපුව උඩින් පැත්තකට ටිකක් තල්ලු කරන ගමන් ලලන්ත පුදුමයෙන් බැලුවා. "ඔව්.. පිස්සු. පිස්සු හින්දනෙ එහෙම කියන්නෙ." ලලන්ත සාධනීව පැත්තකටම තල්ලු කරගෙන නැගිටලා සාධනීගේ මූණට එබුණා. "මොනවද ඔයා මේ කියවන්නේ නංගි. ඔයා අර ජනිත් බඳින්න ඉන්නෙ. මම සාරිකා බැඳලා ඉන්නේ. මොකක්ද ඔයා මේ කියන්නෙ." "මට ජනිත්ගෙන්වත් ඔයාට අක්කගෙන්වත් වැඩක් නැති හින්දනෙ අපි දෙන්නා මෙහෙම ඉන්නෙ නේද?" ලලන්තගෙ කන්වලින් දුම් පිටවෙනවා වගේ දැනෙමින් තිබුණෙ. අරක්කු මතක ලකුණක්වත් දැන් නෑ වගේ.ඒ වෙනුවට කලින් ගලපු දාඩිය බිංදු ගොඩට තවත් දාඩිය බිංදු ටිකක් එකතු වෙනවා. "විකාර කියවන්න එපා. කවුද කිව්වෙ සාරිකාගෙන් මට වැඩක් නෑ කියලා. " "එහෙනම් මම ගාවට ආවෙ ඇයි? " ලලන්තට දෙන්න උත්තරයක් තිබුණෙ නෑ. ඒක තමන්ගෙ ආශාවන් නිසා අහම්බෙන් වුණ දෙයක්. අනික තමන්ගෙ විතරක් වුවමනාවටත් නෙවෙයි. සාධනීගේත් වුවමනාවට.හිතලා බැලුවොත් තමන් මෙතැනට ගෙනාවේ සාධනී.. එදා ලලන්ත වරුවෙන් ගෙදර ආපු දවසක්. පුරුදු විදිහටම වීරසේකරවත් හම්බවෙලාමයි ආවෙ. එනකොට ගෙදර හිටියෙ සාධනී විතරයි. "අක්කයි අම්මයි සමිතියට ගියා." "හා හරි නංගි." ලලන්ත උත්තරයක් දීගෙන කාමරේට ආවා. තවත් ටිකකින් සාධනීගේ කටහඬ දොර ගාවින් ඇහුණා. "අයියෙ බත් බෙදුවා. කාලා ඉන්න. මම නාගන්න යනවා." වෙනදාට ආව ගමන් ඇඳට වැටුණත් එදා ලලන්තට බඩගින්නක් දැනුණා.ඔහු කුස්සිය පැත්තට ගිහින් කාලා ඉවරවෙලා කාමරේට ආවෙත්, " අයියෙ අනේ බාල්දිය ළිඳට වැටුණා" කියාගෙන සාධනී දොරකඩට ආවෙත් එක සැරේට. මුළු ඇඟ පුරාම වතුර බේරි බේරි ඇඟටම ඇලුණ දිය රෙද්දෙන් ඉන්න සාධනීගේ ඇඟේ පාටයි හැඩෙයි දිහා ලලන්ත බලන් හිටියෙ අරක්කු මතෙන් විතරක් නෙවෙයි. ඒ එක්කම සාධනීගේ පැත්තෙන් එන සුවඳ ඔහුව වෙනම ලෝකෙකට ගෙනිච්චා. ලලන්ත සාධනීගේ ඇස් දිහා බැලුවෙ ඒ ලෝකෙ ඉඳන්. සාධනීගේ ඇස්වලත් නොකියන මොනවදෝ තියෙනවා කියලා ලලන්තට හිතුණා. අවසානෙදි වෙන්න ඕන ටික වුණා. සාරිකාගෙන් නොලැබුණු ගොඩක් දේ එදා සාධනීගෙන් ලැබුණා. අපහසුවකින් තොරවම. එතනින් පස්සෙ ලලන්තට සාරිකාට කරදර කරන්න ඕන වුණේ නෑ. පුළුවන් හැම වෙලාවෙම ඔහු හිටියෙ සාධනීගේ දඟකාරකම් මැද්දෙ. අම්මයි සාරිකායි ගෙදර නැති හැම වෙලාවකම වගේම සාරිකා තද නින්දෙ ඉන්න වෙලාවටත්. සාධනී ඒ වෙද්දිත් ජනිත් එක්ක යන්න පුළුවන් උපරිම දුර ගිහින් හිටපු බවක්වත් සාරිකා එදා ලලන්තගේ අතෘප්තිකර ආශාවන් ගැන කියපු වෙලාවෙ සහ සමහර නිදි නැති රාත්‍රීන්වල ඇහෙන දැනෙන දේවල් එක්ක ඇයගේ හිත යමක් හොයමින් සිටි බවක්වත් ලලන්තට ගානක් තිබුණෙ නෑ. "අනිත් එක මට දැන් ජනිත් එක්ක යන්නත් බෑනෙ.." සාධනී ගහන්න පුළුවන් ලොකුම තුරුම්පුවත් ගහද්දි ලලන්තට කර කියාගන්න දෙයක් නැති වුණා.එදා ඉඳන් සාධනීගෙන් දුරස් වෙලා ඉන්න ඕන කියන හැඟීම ඒ වෙලාවෙ ආවත් ආයෙත් බමන මත ආපු ගමන් ලලන්තට සාධනීව ඕන වුණා. දෙන්නාටම තිබුණෙ එකම විදිහෙ වුවමනාවන් ටිකක් නිසා සාධනීත් අනිත් හැමදේම මඟ ඇරලා ලලන්තට ඉඩ දුන්නා.ඒත් එක දවසක මේ කතාව ටිකක් දුර දිග ගියා. "මොනවා වුණත් මම සාරිකාව දාලා ඔයා ළඟට එන්නෙ නෑ. ඔයාව අරන් කොහෙවත් යන්නෙත් නෑ. සාරිකා මගේ කසාද ගෑනි. මම ආදරේ එයාට. ඔයා....." "ඔව් එයා කසාද ගෑනි. මම
තමුසෙගෙ හොර ගෑනි. තමුසෙගෙ අමාරු හොඳ කරගන්න විතරයි මම ඕනෙ." "අනේ නිකම් කියවන් නැතුව ඉන්නවා. මට විතරයිනෙ අමාරුව තියෙන්නෙ.." ලලන්ත ආයෙ දවස් ගානක් සාධනී ළඟට ගියේ නෑ. සාධනී ඒ දවස් ටිකම බලන් හිටියා.ඒ අතරෙ දවසක් ජනිත් ආවත් සාධනී සනීප නෑ කියලා ජනිත්ව මඟ ඇරියා. ලලන්තගෙන් උපරිමේටත් එහා ගිහින් හැමදේම විඳලා තියෙන ඇයට දැන් ජනිත් ගැන උණුසුම් හැඟීමක් එන්නෙ නෑ. ඇයට ඕනෙ ලලන්ත.ඒත් ලලන්ත ඇයව මග අරිනවා. ලලන්ත තමන් එක්ක මොනවා කළත් එයා ආදරේ තමන්ට නෙවෙයි අක්කට. "ඔව් මම දන්නවා. ලලන්ත කවදාවත් මාව එයාගෙ කරගන්නෙ නෑ. මම හැමදාම උගෙ හොර ගෑනි.' ************************************************** ආරංචිය එනකොට ලලන්ත හිටියෙ වීරසේකරගෙ හේනෙ. පෝය දවස වුණත් ඔහු ඒ පුරුද්ද වෙනස් කරලා තිබුණෙ නෑ. අනෙක් අතට සාරිකායි සාධනීයි අතරෙ දෝලනය වන හිත හදාගන්නත් ඒ ප්‍රශ්න අමතක කරන්නත් ඔහුට වෙන ක්‍රමයක් තිබුණෙත් නෑ. සාරිකා ළිඳ ගාව වැටිලා තුවාලයි කියන ආරංචියට පිස්සෙක් වගේ ගෙදර දුවන් ආවත් ඇත්තටම වෙලා තිබුණෙ සාරිකා ළිඳට වැටිලා මිය ගිහින් තිබුණ එක. ඒ රෙදි හෝදන්න ගියපු ගමන්. "බැම්ම බැඳලා නෑනෙ. ලෙස්සලා වැටෙන්න ඇති.. අපරාදෙ තරුණ ජීවිතයක්.. බැඳලා හිටියට ළමයෙක්ගෙ මූණවත් බලාගන්න වාසනාව නෑ." කට්ටිය කතා වුණේ එහෙම. "වෙලාව තමයි ඉතින්. කවුරුත් ගෙදර ඉඳලා නෑනෙ. හිටියනම් ඉතින් බේරගන්නත් තිබ්බා." පෝය දවස නිසාම අම්මා සිල් ගන්න ගිහින්. සාධනී ජනිත් එක්ක ගමනක් ගිහින්. ලලන්ත වැඩට ගිහින්.. අම්මා ගියේ ඊයෙ හවස. ලලන්ත ගියේ උදේම. "මම යනකොට අක්කා රෙදි හෝදන්න යන්න ලෑස්ති." සාරිකා ළිඳට වැටිලා තිබුණෙ උදේම.. මිනිය හම්බවුණේ හවස සාධනී එක්ක ආපු ජනිත් ඇඟ හෝදගන්න ළිඳ ගාවට ගියපු වෙලාවෙ. මරණය ගැන කාටවත් සැකයක් තිබුණෙ නෑ. ඒක අනතුරක්.. දියේ ගිලී මිය යාමක්..මිනිය කැපුවමත් ඒ දේවල් වෙනස් වුණේ නෑ. ඒක ගැන කට උත්තර ටිකක් අරන් හැමදේම ඉවර වුණා. ලෝකෙට එහෙම වුණාට ලලන්තගෙ හිතට මේ මරණයෙ සැකයක් තිබුණා. සාරිකා තමන්ව ඉවසගන්න බැරුව හරි තමන් සහ සාධනී ගැන දැනගෙන හරි ළිඳට පැන්නවත්ද කියලා. ඒත් ඔහු ඒක කාටවත්ම කියන්න ගියේ නෑ. මාසයක් දෙකක් පිස්සෙක් වගේ ජීවත් වුණා. ඊට පස්සේ ටිකෙන් ටික හිත හදාගන්න උත්සාහ කළා. තුන්මාසෙ දානෙන් පස්සෙ මේ ගෙදරිනුත් යන්න ඔහු හිතාගත්තා. සාරිකාගෙ තුන්මාසෙ දානෙට ලොකු පිරිසක් එකතු වුණා. ඒ අතරෙ උපේකාත් හිටියා. උපේකා කියන්නෙ සාරිකාගේ ගෙදරට ගෙවල් තුන හතරකට පිටිපස්සේ තිබුණු ගෙදරක හිටපු නදීකගේ බිරිඳ. ඇය සාරිකාගේත් යෙහෙළියක්. ඇය හිටියේ අලුත උපන් කුඩා දරුවාත් අත දරාගෙන. "මළගෙදරටවත් එන්න බැරි උනානෙ අයියේ. මෙයාව හම්බෙන්න අම්මලාගේ ගෙදරට ගියානේ. හරිම දුකයි මේ වුණ දේට. දරුවාට මාස තුන සම්පූර්ණ වෙන්නෙත් අනිද්දට. ඒත් මම ආවේ මළගෙදර එන්නත් බැරි වුණ එකේ සාරිකාගේ බණ ගෙදරටවත් ඇවිත් යන්න ඕන නිසා." "ආ ඒකට කමක් නෑ නංගී. අපි දන්නවානෙ ඉතින් ඔය ගමේ හිටියේ නෑ කියලා." "අනේ ඔව් අයියේ . මං මෙහෙන් ගියපු දවසෙමනෙ ඕක වෙලා තිබුණෙ." "ආ.. ඔව් නේද?" "ඔව්.." එහෙම කියලා ඊළඟට උපේකා කිව්ව දෙයින් ලලන්තට අමුත්තක් දැනුණා. ඒක ඔහු මේ වෙනකම් දැනගෙන හිටියෙ නැති දෙයක්. උපේකා එක්ක කතාව එතනින් නතර වුණත් උපේකා ඒ කිව්ව දේ ලලන්තගේ හිතේ දිගටම හොල්මන් කරමින් තිබ්බා. සාරිකාගේ දානයෙන් පස්සේත් ලලන්ත දිගටම වීරසේකරගේ හේන හොයාගෙන ගියා. හේනෙ ඉඳලා වෙරි මතින් ඔහු ආවේ සාධනී ලඟට. සාධනීගෙන් ඔහු අඩුවක් නැතුවම හැමදේම වින්දා. සාධනීත් හිටියේ සතුටින්. ඇය ජනිත්ව අතෑරියා. සතියක් විතර යන්න ඇති. වීරසේකර පොලිසියට අහු වුණා. ඒ කසිප්පු සහ ගංජා ලොකු තොගයක් එක්ක. එදා රෑ වීරසේකරගේ හේනේ පැළටත් කවුදෝ ගිනි තියල තිබ්බා. එදායින් පස්සෙ ලලන්ත බොන එක නතර කළා. "අම්මේ අපි අර ළිඳ වහල දාමුද..? ඊට ටිකක් මෙහායින් අපි වෙන ළිඳක් කපමු." ඒ ළඟම දවසක ලලන්ත සාරිකාගේ අම්මාගෙන් ඇහුවා. "මට ඒක දකිනකොටත් සාරිකාව මතක් වෙනවා. " "ඔව් පුතේ. කමක් නෑ වහලා දාන්න. කොහොමටත් අපි පහුගිය කාලෙම ඒ ළිඳ පාවිච්චි කරෙත් නෑනේ." අම්මා කිව්වේ ඇත්ත. සාරිකා මැරුණා දවසේ ඉඳන් ගෙදර කවුරුත් ඒ ළිඳ පාවිච්චි කළේ නෑ. ඒ ළිඳ ගාවට යන්න හිතේ හයියක් ඒ අයට තිබුණේ නෑ. ඊළඟ දවසේ උදේ සාධනී ටවුමට යන්න ලෑස්ති වුණා. ලලන්ත ඇයව බස් එකට දාන්න ගියා. "ඇයි පුතේ පරක්කු වුණේ. බස් එක තිබ්බෙ නැද්ද?" "පොඩි වැඩක් තිබුණා අම්මෙ මට..ඒකයි පරක්කු වුණේ" කෙටියෙන් උත්තර දුන්න ලලන්ත ළිඳ ගාවට ගිහින් ළිඳ වහන වැඩේ පටන් ගන්න ගියා. "පුතේ කෙල්ල තාම නෑනේ.." අම්මා කිව්වේ හවස. ඇත්තටම ඒ වෙනකොටත් සාධනී එන්න ඕන වෙලාව පහු වෙලා තිබුණා. "මම කෝල් එකක් අරන් බලන්නම් අම්මේ.." ලලන්ත කෝල් කීපයක්ම අරන් බැලුවත් සාධනීගේ ෆෝන් එක වැඩ කළේ නෑ. ලලන්තත් අම්මාත් හොඳටම කලබල වුණා. "මම ටිකක් ගිහින් බලන්නම් අම්මේ." ලලන්ත ලෑස්ති වුණේ පාර පැත්තට යන්න. ඔහු ඇඳුමක් එහෙම දාගෙන ලෑස්ති වෙනකොට අම්මා අඬාගෙන කාමරයට ආවා. ඇගේ අතේ තිබුණේ පොතකින් ඉරා ගත්ත කොළයක්. ඒක ලියලා තිබුණේ සාධනී.ටිකක් හදිසියෙන් ලියපු එකක් වගේ. "අම්මේ මම අද යන්නේ මම යාළුවෙලා ඉන්න කෙනා එක්ක. මම එයා එක්ක යනවාට එයාලගේ ගෙදරින් කැමති නෑ. ඒකයි මෙහෙම හොරෙන් යන්න වුණේ. අම්මලාත් අපි ගැන හොයන්න එපා. එයාලගෙ ගෙදරින් කැමැත්ත දුන්න දවසක අපි ගෙදර එන්නම්. එතකම් අම්මා හොඳින් ඉන්න. ලලන්ත අයියාව ගෙදර නවත්තගන්න. එයා අම්මාව බලා ගනියි." ටික වෙලාවක් අඬපු අම්මා ආපහු ලියුම අරන් කීතු කීතු වලට ඉරලා දැම්මෙ ලොකු ආවේගයකින්. "පුදුම දරුවො මුන්.. ඕන නෑ. ඕනෙම නෑ. ආයේ කවදාවත් ඕකි මෙහෙ එන්න ඕනේ නෑ. අද ඉඳන් ඕකිත් මට මැරිලා. පුතා මෙහෙ ඉන්න." ලලන්තට අම්මාගේ වේදනාව, දුක, හැඟීම් ඒ සේරම තේරුණා. ඔහුට ගොඩක් දුක හිතුණා.ඒත් කරන්න දෙයක් නෑ. හැමදේම සිද්ධ වෙන්නේ වෙන්න ඕන විදිහට කියලා ඔහු හිතුවා. අම්මාවත් බලාගෙන ඒ ගෙදර නවතින්න ලලන්ත පොරොන්දු වුණා.ඒ සාරිකා වෙනුවෙන්. තමන් අතින් සාරිකාට වුණ වැරැද්දට තමන්ට කරන්න පුළුවන් හැමදේම කරන්න ඕනෙ කියලාත් ඔහු හිතාගත්තා. ලොකුම දේ අම්මාව බලාගන්න එක. මොකද ආයෙ අම්මාව බලාගන්න සාරිකාවත් සාධනීවත් එන්නේ නෑ කියලා ඔහු හොඳින්ම දැනන් හිටියා. ළිඳ සම්පූර්ණයෙන්ම වහලා ඉවර වෙලා ඒ වැඩේ ඉවරයක් කරපු ලලන්ත එතන උඩ තැඹිලි පැළයක් හිටෙව්වා. ඒක හිටවලා වටේට පස් එකතු කරන අතරෙදි ඔහුට එදා බණ ගෙදරින් උපේකා කියපු කතාව මතක් වුණා. "එදා මම ගෙදර යනකොටත් සාරිකා ළිඳ ගාව ඉන්නවා මම දැක්කා. සාධනීත් එතනට වෙලා කතා කර කර හිටපු නිසා මම කතා කරන්න නතර වුණේ නෑ. අනේ අපරාදෙ.. ඒ වෙලාවෙවත් මම ටිකක් නතර වෙලා කතා කළානම්.." ඊළඟට ඔහුට මතක් වුනේ සාධනීව.. නිරුවත් සිරුරු යාවෙමින් තිබුණු මොහොතක ඇය ආසාවෙන් ඔහුගේ කනට කොඳුරපු දෙයක්. හිතේ හොල්මන් කරපු දෙයක් තහවුරු වුණ වචන ටිකක්. "දැන් ඉතින් අක්කා නෑනේ. ඒ කරදරේ ඉවරයි .මට පුළුවන් ඔයාව බැඳලා හැමදාම මෙහෙම ඉන්න" ලලන්ත තැඹිලි පැළේ හිටවලා ඒකට වතුර බාල්දියක් හැලුවේ හෙමින් හෙමින්. ඒ බය හිතෙන තරමේ වියරු සිනහවකුත් මූණේ තියාගෙන. "ඔව් සාධනී හැම කරදරයක්ම ඉවරයි." ඔහු වියරු සිනහව අතරින් මිමිණුවා. " හැබැයි ඒ ඉවර වුණ විදිහ දන්නෙ නම් මං විතරයි ." සමාප්තයි.. ✍️සමන් අතපත්තු.විමංසා ######අවසානය වික්‍රමසිංහ නෝනටයි ,අර තරුණියටයි කතා කරන්න හුගක් මාතෘකා තිබුන.අවුරුදු ගානක වයස් පරතරයක් තිබුණ ත් දෙන්නම කාන්තාවො නිසා,ඒ කතාව පැය ගානක් දිගට ඇදුන.වික්‍රමසිංහ නෝන තරුණියක් කාලෙ ප්‍රේම කතන්දර අර තරුණිය අහන් හිටියෙ හරි ආසාවෙන් ,ඇගේ නම මේනකා ,ඇයට පෙම් වන්තයෙක් ගැන කියන්න හුගක් දේවල් තුබුණ .ඔහුගෙ නම නිශාදක බවත් විවාහ වෙන්න තරම් ඔවුන් වාසනාවන්ත නොවුනු බවත් ඇය කිව්වෙ සියුම් ස්වරයකින් ,ඇගේ දෙනෙත් වලට හොදින් එබිල බැලුව නම් වික්‍රමසිංහ මහත්මියට යන්තම් මතු උණු කදුලු,අපේක්ෂා භංගත්වය ,වේදනාව,වගේ දේවල් බලාගන්න පුළුවන් උනත් ,වික්‍රමසිංහ මහත්මියට හිතුනෙම තවමත් තරුණ අතිශය රූමත් ඇයට තව ප්‍රේමයක් හොයාගන්න එක ඒ තරම් අමාරු දෙයක් නොවේවි කියල ,තරුණිය අතේ තුබුණ මුදුවක් වික්‍රමසිංහ මහතිමියගෙ ඇස ගැටෙන්නෙ ඔය වෙලාවෙ, "මේක ඉතින් නිශාදක ගෙන් තෑග්ගක් වෙන්නැති" වික්‍රමසිංහ මහත්මියගෙ දෑස අලංකාර මුදුව පුරාම දිව ගියා.එහි තිබූ සියුම් කැටයම් සියුම් මාණික්‍ය ඒ මුදුවෙ වටින කම මෙතෙකයි කියන්න බැහැ කියල කියල ඇයට පසක් කලා. තරුණිය මදහසක් පෑව" ඔව් මේ ඔහුගෙ නිර්මාණයක් ,ඔහු රන්කරුවෙක්" , "ඇයි ඉතින් විවාහ නොවුනෙ" වික්‍රමසිංහ මහත්මිය ඇගේ මූණට එබිල ඇහුව,ඇගේ වියපත් මූණෙ රැලි ,දීප්තිමත් වෙලා තිබුනෙ බහින හිරුගෙ රශ්මියෙන් ,ඇගේ දුර්වල දෑස් ඈත තණ පියසෙ එහාම කොනක නැවතිලා තිබුණ . "ඉරණම"තරුණිය කිව්වෙ මහලු කත දෙස බලමින් ඇයගෙ මූනෙ මන්දහාස සූර්‍යකිරණ බැහැල ගිහින් තිබුණ.ඇය නැගී සිටියෙ හිමින් ,සමන්පිච්ච මල් සුගන්ධය අවට පැතිරුණා. "යමු මම ඔබව ඇරලවන්නම්,අඩි හයකට වඩා මදක් උසින් අඩු පෙනුමක් තිබූ තේජාන්විත ,රූමතිය තම දිවියේ සැදෑ සමය අරඹා සිටි මහලු කත ගේ දුර්වල දෑත අල්වා ගත්ත.අදික සීතලකින් යුතු ඇගේ දෑත මැහැලියගේ සිතට අමුත්තක් ගෙන ආවත් ඈ එය වැඩිදුර සිතුවෙ නැහැ. ############################ දින ගනණක් දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබපු විමංසා සිහි ලබන්නෙ මාස ගණනකට පස්සෙ .ඇයගෙ ඉනෙන් පහළ කොටස නැවත සකස් කළ නොහැකි තරමටම හානි වෙලා නිසා කසුන් වගේම විමංසා දැරිය නොහැකි කම්පනයකට මූණ දෙනව.ඇගේ හදිසි අනතුරත් එක්කම ඇගේ මව ඇයව බලා ගැනීමට කසුන්ගෙ අපාර්ට්මන්ට් එකට ආවත් කසුන් විමංසා ගෙ වගකීම භාරගන්නව.ඉතා පුංචි විවාහ උත්සවයකින් පස්සෙ ඔවුන් දෙපළ විවාහ වෙනව.නමුත් විවාහයෙන් හය මසක් ගිය තැන විමංසා සියදිවි නසා ගන්නෙ කසුන්ව බරපතළ කම්පනයකට ඇද දමමින්,ඇය දරුණු මානසික කම්පනයකට මුහුණ දුන් බවත් ඒ නිසා ඇය සියදිවි නසාගන්නට ඇති බව නීතියේ මතය වෙනව. මේ හේතු නිසාම විෂ
ාදය තත්වෙන් පීඩා වින්ද කසුන් නැවත පියවි තත්වයට පත් වෙන්නෙ ,මාස ගණනකින් ,ඈත් එක්කම ආදරයෙන් මත් උණු ඔවුන් ගෙ නිවහන තවම විමංසා ගෙ සුවදින් පිරිල කියල කසුන් ට හැමවෙලේම දැණුන.මත් පැනට වගේම ,මත්කුඩු වලට ඇබ්බැහි උණු කසුන්ගෙ ජීවිතය ඔහේ ගලාගෙන ගියා.ඔවුන් ගෙ අපාර්ට්මන්ට් එකෙන් පිට නොගිය කසුන් පිස්සෙක් වගේ ඔහේ ජීවත් උණා.අපාර්ට්මන්ට් එක සුද්ද බුද්ද කරන්න ආපු සෙල්වම් එකතු කරපු කුණු ගොඩක තුබුණ පරණ diary එකක් දැකපු කසුන් නිකමට ඒක ඇහුලුවත් ඒක විමංසා ගෙ කියල දැනගත්තු ගමන් ම ,ඔහු ට දැණුනෙ සතුටක් ,ඒක නිකන් අනේ මගෙ විමංසා ගෙ මතකයක් වගේ හැගීමක්.ඇස් වල කදුලු පිහිදන් ඒක කියවන්න කසුන් වාඩි උනේඔවුන්ගෙම නිදන කාමරයේ . මුල් දින වල ඇගේ පුංචි පුංචි විකාර කතන්දර දින පොතේ ලියල තුබුණ ,ඇගේ සුරතල් පූස ගෙ නම නන්දි කියලත්,ඈ කවදහරිම කසාද බැදල මුලින්ම යන්නෙ හන්තානෙ කියලත් ඈ ලියල තුබුණ , දින ගෙවී ගිහින් කසුන්ගෙ හා ඇගේ ප්‍රේමණීය හැසිරීම් ගැන ඈ ලියල තුබුනෙ සැහැල්ලුවෙන් උනත් ,ඊලග පිටු දහසයක් පුරා ඈ ටීශා ගෙන් පලි ගන්න බව ලියල තුබුණ .17 වෙනි පිටුවෙ ඈ ලියන්න පටන් අරන් තිබුනෙ මෙහෙම, "ඒකි මට කරපුව මන් ඉවසුවෙ ආදරේ නාමයෙන් ඒත් මගේ ආත්මය විනාශ කිරීම අනුමත නොකරමි." ඊලග පිටු 8 ක් පුරා ඈ විදපු මානසික වියවුල් නිරූපණය කරපු විකාර රූපී සිතුවම් පළි ගැනීමේ වාක්‍ය පිරිල තුබුණ .ඈ විදපු මානසික වියවුල තමන් නොදැන නොදැක සිටීම ගැන කසුන්ට ආවෙ පුදුමයක් හැබැයි ,ඒ දින වක වානු වල විමංසා හිටියෙ ඇගේ හොස්ටල් කාමරයෙ නිසා මේ දේවල් නොතේරීම පුදුමයක් නෙවෙයි කියල කසුන්ට හිතුනා . 26 වෙනි පිටුවෙ තුබුනෙ රුදිර දිරුමක් "මන් ඒකිගෙන් පළි ගන්නව..." කසුන් 27 පිටුව පෙරලුවෙ විෂාල කුතුහලයකින්. මම කසුන් එක්ක සම්බන්ධ කම පටන් ගත්තෙකසුන්ට ඇත්තටම ආදරේ නිසා ටීශා කියන තිරිසන් ගෑණි ගෙ වැඩ ,පහර දීම් ඉවසුවෙත් මම බොහොම ඉවසන කෙනෙක් නිසා වගේම ඒකි වගේ පහත් ගෑණියෙක් වෙන්න බැරි නිසා.ඒත් ඒ සිකුරාදා මගෙ ජීවිතේ කාලකණිම දවසක් මට මතක මම ඇදුම් ගන්න ගියපු කඩේ ඇතුලෙදි මට කවෘහරි පහර දෙනව විතරයි. මට සිහිය එද්දි මගෙ මූණට එබුනෙ ටීශා ,ඈ මට පහර පිට පහර දුන්න ,ටිකකින් එතනට ආව නලීන් ,මම හොදටම දන්න ප්‍රොෆෙසර් කාරය ,තිරිසනා මාව විනාශ කලා ,ටීශා කියන තිරිසන් ගෑණි ඒක vifeo කරනව මන් දැක්ක ,ටිකකින් උන් මාව අසරණ කරපු කාමරයේ ම ලිංගික ව එක් උනේ මට පේන්නම, මහ හයියෙන් හඩමින් මම ඇස් පියා ගනිද්දී ටීශා නැවතත් මට පහර දුන්න .මන් හිතන්නෙ මට සිහිය නැති උණා.නැවත සිහිය එද්දි මම හිටියෙ පුස්තකාල කාමරයක.,එහි තුබුණ දේවල් අවිස්සල බැලුවෙ පිස්සුවෙන් වගේ,මන් හිතන්නෙ ඒ කලබලේ නිසාම හැමතනම අවුස්සල බැලුව මම දැක්කෙ රන් බදුනක් ,හිතේ තුබුණ තරහට ඒක පොලොවෙ ගැහුවත් ඒක රත්‍රන් කියල පස්සෙ මට තේරුණා.එත් මට ඒක රත්‍රන් උනත් මොනව උනත් වැඩක් උනේ නැහැ.මට ඕනි උනේ ජීවිතේ බේරගන්න,මගෙ වාසනාවකට හෙරොයින් වලට හුරු වෙලා හිටිය අර කාලකන්නි එලියට ගියපු වෙලාවක එතනින් පැන ගන්න ලැබුනෙ එදා හොදටම හවස් වෙලා,මගේ දුරකථනය එක්ක බෑග් එක මාත් එක්කම අරන් එලියට පැන ගත්තු මම කෙලින්ම දිව්වෙ පොලිස් ස්තානයට,මන් මගෙ වාරය එනකන් බලන් ඉද්දි මටඇහුනෙ අවුරුදු 16 ක විතර තමන්ගෙ බාප්ප අතින් අතවර උනු තරුණියකගෙන් ප්‍රශ්න අහන පොලිස් නිලධාරිනියක් හරිම අශෝභන විදියට අනික් පොලිස් මහත්වරුන්ගේ කනටත් ඇහෙන විදියට ප්‍රශ්න අහපු විදිය .මට ඒක දැක්කම දැනුනෙ ලොකු කලකිරීමක් මම පයින්ම මයුමි ගෙ බෝර්ඩිමකට ආවෙ නේවාසිකාගාරයට මේ රෑ වෙලා මාව ගන්නෙ නැති නිසා.මයිමි මේ දේ ගැන දැනගත්ත.චූටි කාලෙ ඉදන් එකට හැදුනු මයුමි මාව ලැජ්ජ කලේ නෑ අද වෙනකම් ඒකි එහෙම කරන්නෙත් නෑ.දැනට මාස තුනක් මම හෙට මම පලවෙනි අදියර ක්‍රියාත්මක කරනව . ඒ පිටුව දින සහිතව පිලිවෙලකට පටන් අරන් තුබුණ ,ඒ කියන්නෙ විමංසා සන්සුන් වෙලා කියන එක එයාව සන්සුන් කල එකම දේ කසුන් දැනන් හිටිය ඒ chemistry , මාර්තු 28.. මම ලැබ් එකට ඇතුල් උනේ හොරෙන් මම මේ පරීක්ෂණ කරන පලවෙනි දවස මම මේ සංයෝගය (x)ගැන හොයගත්තෙ පුස්තාකාලෙ තුබුන අවුරුදු 98 /100 ක් පැරණි english පොතකින් හැබැයි අද අසාර්ථකයි... 29 අසාර්ථකයි මට හරිම මහන්සියි 30 අසාර්ථකයි නමුත් පලවෙනි කාබනික පරීක්ෂණ ය සාර්තකයි.. 31-මම අසාර්ථකයි තව පොඩ්ඩෙන් මාව ලැබ් ඇසිස්ටන්ට අහුවෙනව අද තව පරිස්සන් වෙන්න ඕනි . අප්‍රේල් 1-අද මම ටීශා ව දැක්ක ඒකි මාව දැක්කම හිනා උනේ සමච්චලේට,මට පරීක්ෂණය කරන්න හිත හදාගන්න බැරි උණා.ජීවිතේ පලවෙනි වතාවල මම මත් පැන් බිව්ව.. අප්‍රේල් 2 -දෙවියන් වහන්සේගේ නාමයෙන් මම සාර්තකයි .නමුත් මෙය දැමිය යුත්තේ රන් බදුනක.මහපොල ශිශ්‍යත්ව යෙන් යන්තන් ඉගෙන ගන්න මට මොන රන්බදුන්ද එයත් සතියක් තැබිය යුතුයි . අප්‍රේල් 3 - මම උන්ව මරන්න හදාගත්ත හොර යතුරක් ,උන්ගෙ ගෙදරට ඇතුල් වෙලා රන්බදුන හොරකන් කරන්න මට පුළුවන් උනා.උන් ඒක ආරක්ශිතව සගවල තුබුනත් මම ඒක ගන්න තරම් වාසන්නවන්ත උණා. ඒක ගැන මතක් උන එක හොදයි අප්‍රේල් 4- කසුන් ට මගෙ වෙනසක් නොපෙනෙන්න හැසිරිලා මට මහන්සියි ,ඔහුට හැමදේම කියල ඒ පපුවෙ සැගවෙන්න ඇත්නම් අප්‍රේල් 5 - නලීන් මට නොමනා විහිළුවක් කලේ ලමයි පිරිල හිටිය කැන්ටින් එක ඉස්සරහ ,හැබැයි මගේ වයිරී සහගත හිනාව මිනිහව අවුල් කලා. අප්‍රේල් 6/7/8/9/10 -මගෙ ජීවිතේ දීර්ඝතම දවස් ,මම මේ දවස් ගත කලේ බීමතින් හෙටින් පස්සෙ මම බොන්නෙ නැහැ. අප්‍රේල් 11-විශ දුන්නා,රත්‍රන් බදුන මම නැවත ගෙනිච්චෙ නැහැ,මළවුන්ට රත්‍රන් මොකටද ,මම ඔවුන්ගෙ වයින් වීදුරු දෙකටම විශ දැම්ම ,ඉක්මනින් එතනින් සැග උණා. අප්‍රේල් 12 -තිරිසානා විතරක් මිය ගිහින් අර අමන ගැහැණිය හිරභාරයේ ,ඇයව කොහොම හරි බේරගන්නව ඉටපස්සෙ ඇයව මරන්නත් විදියක් හොයාගන්නව කොච්චර උත්සාහ කලත් ටීශ ව බේර ගන්න බැරිව ගියා.මට ඒක ගැන තියෙන්නෙ තරහක් ඒකිව මරන්නෙ කොහොමද ,ඒ අතරෙ අත්භූත ගැහැණියක් මගේ සිහින අස්සට රිංගල මට වද දෙනව ඉන්පසුව දිනපොත තුබුනෙ හිස් ව.නමුත් එක් පිටුවක මෙලෙස ලියා තුබුණ. ,මම රත්‍රන් බදුන වික්‍රමසිංහ නම් කෙනෙක්ට විකුනනව.මම ඔහුට කිවේ මට පරම්පරාවෙන් ලැබුන දෙයක් කියල නමුත් ඔහු කට කොනකින් හිනා උනා".මට බොරු කරන්නෙපා ලමයො මේක අභයදේව රජතුමාගෙ කාලෙ රන් බදුනක් මේක කාලෙකට කලින් ඔයාගෙ කැම්පස් එකේ රිසාර්ච් ටීම් එකක් අතින්ම නැති උණ එකක් ,ඔහු කිව්වෙ ඔහුගෙ මෝටර් රතයෙ පැති කන්ණාඩිය දිහා බලන ගමන් ," මේක විකුණනවා කියල මන් හිතුව්‍ර් ඒකමත් නෙවෙයි මහත්තය ,මට ගැහැණියක් පේනව හීනෙන් විරූපි ගැහැණියක් , රත්‍රන් පෙරවගෙන ඉන්න ඇය පෙරේතියක් වගෙයි ඇය තව කඩවසම් පිරිමියෙක්ව පෙන්වනව ඔහුට නම් මන් ගැන ගානක් නැහැ.ඔහු ඉන්නෙ ලස්සන මල් වත්තක් වගේ තැනක ,ඇය කියන්නෙ මේක රුවන්වැලි සෑයට පූජ කරන්න කියල.විලාප තියනව ,මන් සල්ලි කාරියක් නෙවෙයි මහත්තය .මන් බදින්න ඉන්නෙත් ලොකු ව්‍යාපාරික පව්ලක එකම පුතාව ඔහු ලගට හිස් අතින් යන්න මට බැහැ. ඉතින් මට සල්ලි ඕනි ඒකයි විකුනන්නෙ ,ඔහු මන් කියන දේ අහන් ඉන්න බවක් පෙනුනෙ නැහැ .වෙව්ලමින් තිබුණ ඔහුගෙ ඇගිල්ල ඔහුගෙ මෝටර් රතයෙ පැති කණ්නාඩිය දිහාවට යොමු වෙලා තුබුණ . එහි චායාවක් පිලිඹිබු වෙලා තුබුණ.ඒ හිටියෙ මන් හීනයෙන් දකින යක්ෂ නිය .අපි සිහිසන් වෙන තරමට බය උනත් ඒ ගණුදෙනු ව එදා සිද්ද උණා. එතනින් එහා කිසිම දෙයක් ඒ දින පොතේ තුබුනෙ නෑ .කොහොම උනත් ටීශා සිර මැදිරිය ඇතුලෙ සියදිවි නසාගෙන තුබුණ .කසුන් විදේශ ගත උනේ හිත අමාරුවෙන් හරි හදාගන්නව කියන බලාපොරොත්තුවෙන් ,එක්කො විමංසා ට අන්තිම කාලෙ ඒ යක්ශණිය පේන ඇති නැත්නම් ඇයට මොකක් හරි මානසික අවපාතනයක් ඇතු උණා කියල කසුන් හිතුව .ඔහු කිසිම දවසක ආයෙ විවාහ උනේ නෑ,ඒත් මුලින්ම මේ දේවල් ඔහු දැන ගත්තනම් මේව නොවෙන්න තිබුන කියල කසුන් හිතුව ,බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ කෘතිම සීතල පරිසරයෙන් සමුගත්ත කසුන් ,ලන්ඩන් බලා යන ගුවන් යානයේ තමන්ගෙ අසුනට ගොඩ උණා. අප්පච්චි මන් ඇතුලෙ ,සතියකින් ඔයාල ලන්ඩන් එද්දි මම අපේ අපාර්ට්මන්ට් රෙඩි කරල තියනව හරිද ?මේක off කරනව මන් ගිහින් ගන්නම් *************** වික්‍රමසිංහ මහත්තය සියදිවි නසාගන්න හේතුවක් හරියට කව්රුත් දැනන් හිටියෙ නෑ,ඒත් හැඩූ කදුලින් හිටිය වික්‍රමසිංහ නෝනගෙ හිත හැදුවෙ මේනකා.ඈ නිශාදක ගෙයිඇගෙයි කතාව වික්‍රමසිංහ නෝනට කිව්ව ,ලොකූ කම්පනේක හිටිය මහලු වික්‍රමසිංහ නෝනට ඈ කියපු කතාවෙ කාල පරතර තේරුණේ නෑ,"මම රැජිනක් ,මාව බලෙන්ම විවාහ කෙරෙව්වෙ ලංකාදීපයෙ අභයදේව කියල රජෙක්ට "ඔහු මහල්ලෙක් ,සුරාසොඩෙක් ,තරුණ වියේ එලිපත්තෙ හිටි මට ඔහුව කෙසේ දැනෙන්නද?මං ඔහුව පිලිකුල් කලා.ඔහුගෙ අග රැජිනිය ඔහුට පිලිකුල් උනා ,ඈ මහලුයි,හැම දිනකම රෑ ගෙවුනෙ හැඩූ කදුලින්,දිවි එපා උනු දිනෙක මතු මහලින් පනින්න යද්දී තමයි මන් නිශාදක ව දැක්කෙ.පැහැපත් හැඩිදැඩි ඉලන්දාරි වයසෙ හිටිය ඔහු මන්දිරයේ රත්‍රන් වැඩකරු .ඔහු කෙරේ දුටුමතින් ඇතු ඌ ප්‍රේමය නිසා මන් ඔහුව වසගයට ගත්ත.රැයක් දවාලක් නැතුව ඔහුට ආදරේ කලේ පිස්සියක වගෙයි .ඔහුත් එසේම තමයි .මම කපටි සෙරක් වගේ ඔහුත් සමග පැන යන්න හැදුවත් මාව අහු උනා.සේවිකාව මාව පාව දුන්න .නමු ත් මන්දිරයේ කිසි කෙනෙක් මගෙ පෙම්වතා ඔහු කියල දැනන් හිටියෙ නැති නිසා ඔහු බේරුනා,නමුත් මාව මරාදාන්න තීරනය කලා.ඔහු දිනපතා සිරමැදිරිය ලගට ආවෙ මුලුතැන්ගෙයි සේවිකාව ගෙ උදව්වෙන් සැගවිලා.ඒ සේවිකාව ඔහුගෙ සොහොයුරිය.ඔහුව පාව දී දෙදෙනාම එකට මියයමුයැයි ඔහු කිව්වත් මන් එය ප්‍රතික්ෂේප කලා.ඔහු එය රජු ට පවසන්න හැදුවත් මම ඔහු මට තෑගි දුන් රතරන් බදුන මගේම රුධිරයෙන් පුරවාඔහුව බියවැද්දුව .මගෙ මරණ දවසෙ ඔහු හඩමින් මගෙ පසු පස දුව ආවත් විෂාල පිරිසක් දන් පැන් ආදිය දීමෙහි ප්‍රකටව හිටි මා පසු පස හඩමින් දිව ආ නිසා ඔහුව හසු උනේ නැහැ.මගෙ මරණින් පසු ඔහු පැවිදි වී අපවත් වි දැන් ද්ව්‍ය රාජයෙක් සැබෑම තතු මා පෙරේතියක්.මා ඔබ ඉදිරියේ සි
ටින්නෙ එකල මා සිටි මිනිස් ස්වරූපයෙන් ප්‍රේත ස්වරූපය ට පැමිණ ඔබව බය කිරීමට මට උවමනා නැහැ. "ඔබට හැකියි මා මුදවන්න.වික්‍රමසිංහ මහත්තය මැරුණ කාමරයෙ ඇති රන් බදුනක් ඒක රුවන්වැලි සෑයට පූජා කර කිසිම ඉතිහාස ලියවිල්ලක් නැති මා වෙනුවෙන් පින් ලබා දෙන්න" රෑමත් මේනකා හඩමින් වික්‍රමසිංහ මහත්මිය ගේ දෑත අල්වා ගත්තා. ඉන් දින දෙකකට පසු ,රුවන්වැලි සෑයෙ සීමාවේ සිටි දෙවගනක් බදු රූමතියක් ,මහබෝධි ය දෙසට ඇවිද යනු බොහෝ අය දැක තුබුණ .වික්‍රමසිංහ මහත්මිය පූජා කරනු ලැබූ රන් බදුන වෙහෙර ගර්භයේ තැම්පත් කරනු ලැබූවා. නිමි.මගේ හිත දැවෙන ගින්දර දැන්වත් ඉවර කරගන්න ඕන. මගේ හිතේ පෑරෙන තුවාලයක් තියෙනවා.ඒක කුණුවෙලා ඕජස් ගලන්න කලින් සනීප කරගත්ත නම් ඒක මට හොඳයි කියලා දැන් හිතෙනවා.සතුටින් ජීවත්වෙන්න නම් කැපකිරීම් කරන්නම වෙනවා.මටත් දැන් උනේ ඒකයි. මං මේ තීරණය ගත්තේ හුඟක් හිතලා බලලා. සුමනසිරි මාව බැන්දේ විවාහ යෝජනාවකින්.අපි යමක් කමක් තිබ්බ පවුලක.මම සඳසීලි.නමේ හැටියට නම් මගේ ලස්සනක් නෑ.හිනාවෙද්දි දත් ටික විතරක් සුදු පාටට පේනවා. මං හිටියේ කොහොමත් මගේ රූපෙ ගැන විස්සෝපෙන් .හැම තැනදිම මට හම්බුනේ අඩු සැලකිල්ලක්.ගෙදරින් කියලත් කිසිම වෙනසක් තිබ්බේ නෑ.අම්මා තාත්තා දෙන්නා කළු පාට නොවිච්චි මං එහෙම කොහොම කළු උනාද කියලා මං මගෙන් අහනවා. අයියයි නංගි මට වඩා හුඟක් ලස්සනයි. මගේ අවලස්සන රූපේ හින්දා වෙන්න ඇති ඒගොල්ලෝ මාව සහෝදරියෙක් විදිහට පිළිගන්නවත් කැමැති වුණේ නැත්තේ.ඇත්තමයි මම මගේ රූපෙට නම් වෛර කරනවා.ඒත් මට හිතෙනවා පූර්වේ කරුමයක් වෙන්නැති කියලා.එහෙම කියලා මං හිත හදාගන්නවා. සුමනසිරි කැමති වුනේ කොහොමත් අම්මයි තාත්තයි දෙනවා කිව්ව දේපල හින්දා වෙන්නැති කියලා මම දන්නවා. ඇස්කන් පේන මනුස්සයෙක් නම් ගෑනියෙක් විදිහට මාව කැන්දන් යන්න කැමති වෙන්නේ නෑ. " මේ පාර අර බලන්න ආව කට්ටිය ඔයාට කැමතියි කිව්වලු කසාද ඉක්මන් කරන්න කිව්වා" "දෙන දේවල් ඇහුවේ නැද්ද?" "දෙන දේවල් කොහොමත් කලින් කියලනෙ තිබ්බේ" "දෙන දේවල් වලට ආස වෙච්චි මනුස්සයෙක් වෙන්න ඇති මාව නම් කැන්දයි යන්නේ" "කොහොම හරි කමක් නෑ ඒ මනුස්සයවත් කැමති උනානේ නැත්නම් මේ අයියවයි නංගිවයි කොහොමද කසාද බන්දලා දෙන්නේ උඹ ගෙදර ඉද්දි" මාව ගෙදරින් පිටමන් කරන්න හැමෝම වදවෙන විත්තිය. මං ගෙදර හිටියොත් නංගිටවත් අයියටවත් කසාදයක් හරියන්නෙ නෑ.මම මූසලයි කියලා ඒ හැමෝම මට දොස් කියනවා.තාත්තා නම් මට ආදරෙයි මං ඒක දන්නවා. අන්තිමට දේපලවලට හරි කැමති වෙලා මාව කැන්දන් යන්න කැමති වෙච්ච එක ගැන මං හුඟක් සතුටු උනා. පිරිමියෙක්ගේ අතින්වත් අල්ලපු නැති මට කසාදය හරි අපූරු එකක් වුණා.සුමනසිරි ව කසාද බැඳලා මම ගියේ ගල්නෑවට.ඒ ග්‍රාමීය පරිසරයට මං හුඟක් ආසවුනා.අපි ජීවත් වෙච්චි පරිසරයට වඩා හුඟක් වෙනස් උනත් ඒ තිබ්බ නිහඬ නිස්කලංක වටපිටාවට මං ආදරේ කරන්න හුරු උනා.ඒ මිනිස්සු මගේ අවලස්සන කමට හිනා වුණේ නෑ.කාශ්ඨක පොළවත් එක්ක ඔට්ටු වෙලා මිනිස්සු හෙම්බත් වෙලා හිටියේ.ාඑහෙව් මිනිස්සුන්ට මගේ අවලස්සන කතා කරන්න මාතෘකාවක් වුණේ නෑ.සැප සම්පත් වලින් අඩු වුණාට සතුටින් ජීවත් වෙන්න පුළුවන් ගෙදරක් මට හම්බ වුණා. කසාදෙ වෙනුවෙන් සුමනසිරිට ලැබුණු දේවල් මං හොයන්න ගියේ නෑ.හැබැයි ඒ හැම දෙයක්ම එයා අර පිරිමැස්මෙන් පාවිච්චි කරනවා කියලා විතරක් මට තේරුණා. පුංචි වුණාට පිළිවෙලට හදලා තිබුන ඒ ගෙදර ඒක හරි සිරියාවන්තයි. සිමෙන්තියෙන්ම වාඩිවෙන්න පුටු හදලා තිබ්බා.ඒව හරි වෙනස්. පොල් අතු හෙවිලි කරපු ගෙදර මට දැනුනේ හරි සනීපයක්. "මැණිකේ...ඒ ඔහුගේ ආමන්ත්‍රණය මගේ ජීවිතයේ ඒ තරම් ආදරයකින් කතාකරන එකම මනුස්සයා. "මැණිකේ රෑ වෙලා .මොකෝ මේ" "සුමනසිරි එනකන් හිටියෙ" "මට රෑ පුරුදුයි.හේන බලලා එන්න එපෑ.බඩඉරිඟු පලදාව සරුයි.මැණිකෙගෙ වාසනාව" "වතුර උණු කරලා තියෙන්නේ ඇඟ ටිකක් හෝදගන්න' "මට උණු වතුර ඕන්නෑ මැණිකේ ඇල් වතුරෙන් ඇඟ හෝදලා මට හොඳට පුරුදුයි" " ඇඟ හෝදගෙන එන්න මං කෑම ටික රත් කරන්නම්" මට අපේ එක්කෙනාගේ ආදරේ මහ මෙරක් වගේ වටිනවා. මොකද මට කියලා ආදරෙන් කතා කරපු කෙනෙක් මේ ලෝකෙ නැති හින්දා. කාලය ගෙවිලා යද්දි මං මේ ගමට හුරු වුණා. අයියයි නංගී නම් කවදාවත් මාව බලන්න ආවේ නැහැ. ඒ උනාට අම්මයි තාත්තයි දෙන්න නම් මාස තුන හතරකට සැරයක් ගල් නෑවේ ඇවිත් යන්න එනවා. "අයියලා එහෙම සනීපෙන් ඉන්නවා ද අම්මේ.නංගීයි අයියයි දකින්නත් ආසයි. දැන් නම් මාත් ගෙදර නැති එකේ අයියා කසාදයක් ගැන හිතුවා නම් හොඳයි නේද අම්මේ ." "කෙනෙක් හොයාගෙන මයෙ හිතේ" " අනේ හොදයි අම්මේ එතකොට නංගි ?" එහෙම කියද්දී අම්මා සාරි පොටෙන් කඳුළු පිහා ගන්නවා මම දැක්කා." "ඇයි අම්මේ නංගිට මොකක් හරි කරදරයක්ද?"" " නංගී පාරෙ ත්‍රීවිල් කාරයෙක් එක්ක යාළු වෙලානේ.ඌ එච්චර හොඳ එකෙක් නෙවෙයි.කිව්වට අහන්නේ නෑ දුවේ.තාත්තා ඉන්නේ හරිම හිතේ අමාරුවෙන්.ඔක්කොම විකුණලා ගල්නෑවෙ පදිංචි වෙමු කියලා තාත්තා කියනවා. අයියගෙ කටයුත්තක් ඉවර වෙනකන් ඉන්න එපැයි.බොහොම අමාරුවෙන් නංගී ව පරිස්සම් කරන් ඉන්නේ" කවදාවත් මට අක්කේ කියලවත් කතා කරපු නැති නංගි මං කියන දෙයක් අහන්නෙ නෑනේ.එයාගේ පවට අපට පින් දෙන්න බෑ.මට දුක මගේ අම්මයි තාත්තයි ගැන. ටික කාලෙකට පස්සේ අයියගෙ මගුල් ගෙදර ජයටම ගත්තා.ඒ උනාට මං මගුල් ගෙදර යන්න කැමති වුණේ නෑ. මේ අවලස්සන මූණට තවත් කතා අහන්න අයියට ලැජ්ජ වෙන්න මං කැමති වුණේ නෑ.ඒ උනාට අපේ එක්කෙනා මගුල් ගෙදරට කියලා ලොකු ගානක් යවලා තියෙනවා.ඔක්කොම ඉවරඋනයින් පස්සේ තමයි මට කිව්වේ. "අපිට මගුල් ගෙදර යන්න බැරි වුණාට කමක් නෑ මැණිකේ.ඒ තැනකදී මැණිකෙට හිත රිදෙන කෙනෙක් කවුරු හරි කිව්වොත් මට ඉවසන්නට බැරි වෙයි.ඒත් මැණිකෙත් කොන්ද කෙලින් තියන් ජීවත් වෙන ගෑනියෙක් කියලා පෙන්නන්න ඕනා සහෝදරයින්ට උනත්.ඒකයි මං ටිකක් වැඩිපුර ගානක් මංගල්‍යයට වියදම් කරන්න කියලා අම්මලාට දුන්නේ" "ඔහේ ඔච්චර වද වෙන්න එපා මං ගැන" "මැණිකෙ ගැන වද නොවී මං පිට ගෑනු ගැන වද වෙන්නද?" "තරහා ගන්න කාරි නෑ විහිලුවක් කලේ" කොච්චර ආදරේ පිරී ඉතිරිලා තිබ්බත් අපේ ගෙදර කිරි සිනා හඬක් නැතුව හරි පාලුයි. කාගේ අඩුපාඩුවක්ද කියලා හරියටම හොයාගන්න බැරි උනත් බැඳලා අවුරුදු තුනක් ගෙවිලා ගිහිල්ලත් අපිට පොඩි එකෙක් හම්බුනේ නෑ.මට හරියට දුක හිතුනා සුමනසිරි ගැන. කවදාවත් දරුවෙක් නැති එකට මගේ හිත රිද්දුවෙ නෑ බින්දුවක්වත්.ඒත් මං නම් හැමදාම පිච්චි පිච්ච හිටියා දරුවෙක් නැති සෝකෙ හින්දම. අයිය කසාද බැඳලා හරියටම මාස හතරක් ගෙවෙන්නැති නංගි අර ත්‍රීවීල්කාරයත් එක්ක පැනලා ගිහිල්ලා. අම්මටයි තාත්තටයි ඒ වෙච්චි දේවල් දරාගන්න බැරි හින්දා එහි තිබ්බ හැම දෙයක්ම විකුණලා දාලා ගල්නෑවෙ පදිංචියට ආවා.මට නං ඒක කියාගන්න බැරි සතුටක්.අම්මටයි තාත්තටයි මගේ අත් දෙකෙන් සලකන්න ලැබිච්ච එක පූර්වේ වාසනාවක්. අපේ ගෙවල් කිට්ටුවෙන්ම අම්මලත් හුරු බුහුටි පුංචි ගෙයක් හදාගත්තා. අපේ එක්කෙනත් අම්මයි තාත්තයි ගැන හොයා බලනවා තමුන්ගේ අම්මා තාත්තා වගේම. "මැණිකේ දැන් ගොඩක් සතුටින් නේද මැණිකේ?" "ඇයි එහෙම කියන්නේ?" "දැන් ඉතින් හැමතිස්සෙම අම්මා තුරුල්ලේමනෙ" "ඇයි ඊරිසියද?" "අනේ මැණිකේ ඔය මූනේ සතුට දකින තරම් මට වෙන සැනසිල්ලක් නෑ" කාලය ගෙවිලා ගියේ අපිටත් නොදැනීම අපිව වයසට යවමින්.කාස්ටක පොළොවත් එක්ක ඔට්ටු වෙලා මාත් වයසටත් වඩා වයස ගිහිල්ලා.සුමනසිරි කොච්චරවත් බයිනවා ඔය හැටිත් ඔට්ටු වෙන්න එපා කියලා.ඒ උනාට එයා මහන්සි වෙනවා බලාගෙන ඉද්දි මට ගෙදරට වෙලා නිකං ඉන්න හිත දෙන්නෙ නෑ. ඒත් දැන් නම් මට හිතෙනවා සුමනසිරිටත් වඩා මං දැන් ගොඩාක් වයස පාටයි කියලා. හිටිහැටියේම ගහෙන් ගෙඩි එන්න වගේ තාත්තා අසනීප වෙන්නේ අපිටවත් හිතාගන්න බැරි වෙන්න.අසනීප වෙච්ච අපේ තාත්තට මටයි සුමනසිරි ටයි සැලකුම් කරන්න උනේ හරියටම සතියක් විතරයි.හිටි හැටියෙම පාන්දර අපේ තාත්තව හොරු අරන් ගියා වගේ. මළගෙයි වැඩ ටික ඔක්කොම සුමනසිරි කලා හරියට කුසින් වදපු දරුවෙක් වගේ.අයියත් එයාගේ නෝනත් එක්ක මළ ගෙදර ඇවිල්ලා ගියා. "නංගි නම් දැන් කරදරයක් නැතිව ඉන්නව නේද" කියල මගේ ඔලුව අත ගෑවා. මට මතක ඇති කාලෙක මගේ ඔලුව අත නොගාපු අයියා මගේ ඇස් දෙකෙන් කඳුළු ගලාගෙන ගියා. මිනිය ගන්න ඔන්න මෙන්න තියද්දි තියද්දී නංගි වැල හින්නියක් වගේ අඬාගෙන ආවා. .මළ ගෙදරින් පස්සේ නංගිත් අම්මත් එක්ක නතර වුණා. එයාගේ දීගේ ඇරිලා.ඒ ගෙදරත් සේරම වියදම් කළේ සුමනසිරි. "අපේ ගෙදර කට්ටියගෙත් බර අදින්න උනා නේද ඔයාට" " මැණිකෙගෙ මොකෝ මගේ මොකෝ,කවදාවත් මං පංගු පේරු කළාද?" " " එහෙම හිතලා කීවේ නෑ නෑ නෑ ඒ උනාට ඔයාටත් මහන්සි නැතෑ" " "මැණිකෙගෙ අයට මං සලකන්නේ මගේම අම්මට සලකනවා වගේ,ඒක නෙවෙයි මැණිකේ නංගි මැණිකෙත් එක්ක තාමත් කතා කරන්නැද්ද?" ". ඉස්සර තරම්ම ගස්සගෙන පද්දගෙන යන්නේ නැති උනාට එයා කොහොමත් අහංකාරයි.ඒ හින්ද වැඩිය කතා බහක් නෑ" "මට නම් හරි පුදුමයි. තමන්ගේ සහෝදරිය කියල හිතෙන්නේ නැද්ද මන්දා" රූප සෝබාවව අතින් නම් හරියට දිව්‍ය අප්සරාවක් වගේ තමයි මගේ නංගි. ඒ වුනාට කරුණ