date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2020-07-30T23:27:41.000Z
රිදී සහ ප්ලැටිනම් මිල පහළට
රිදී සහ ප්ලැටිනම් මිල පහළට
News 1st : ලෝක වෙළෙඳපොළේ රිදී සහ ප්ලැටිනම් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව තරමක් පහත වැටී තිබේ. මේ අනුව ලෝක වෙළෙඳපොළේ රිදී අවුන්සයක මිල සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 23 යි සත 39 ක් ලෙස ය. ඊට සාපේක්ෂව ලෝක වෙළෙඳපොළේ ප්ලැටිනම් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 901 යි සත 27 ක මිලකට අලෙවි කෙරේ.
2020-07-30T23:44:34.000Z
ප්‍රජාතන්ත්‍ර හිතවාදී අපේක්ෂකයන් 12 දෙනෙකුගේ නාම යෝජනා හොංකොං බලධාරීන් ප්‍රතික්ෂේප කරයි
හොංකොං ඡන්දයෙන් අපේක්ෂකයන් 12කගේ නාම යෝජනා ඉවතට
News 1st : ඉදිරි මැතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍ර හිතවාදී අපේක්ෂකයින් 12 දෙනෙකු ඉදිරිපත් කළ නාම යෝජනා හොංකොං බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ හොං කොං දේශයේ දේශපාලන අර්බුද තවදුරටත් උත්සන්න කරමිනි. හොංකොං රජය ප්‍රකාශ කළේ, එම පුද්ගලයන් 12 දෙනෙකු මැතිවරණයට තරග වැදීමට නුසුදුසු බැවින් එම පියවර ගත් බවයි. හොංකොං විපක්ෂ දේශපාලනඥයින් මෙවර මැතිවරණයෙන් නීති සම්පාදක කවුන්සිලයේ බහුතරය හිමිකර ගැනීමට අපේක්ෂා කළ පසුබිමකදී මෙය වාර්තා වෙයි. එලෙසම හොංකොං දේශය සම්බන්ධයෙන් ආරක්ෂාව පිළිබඳ නව පනතක් සම්මත කර ගැනීමට චීනය පියවර ගත් පසුබිමකදී මෙය වාර්තා වන බව එරට බලධාරීහු ප්‍රකාශ කළහ.
2020-07-30T22:30:53.000Z
ජනාධිපතිවරණය කල් දැමීමේ ට්‍රම්ප්ගේ යෝජනාවට සෙනට් සභිකයින්ගේ දැඩි විරෝධය
ට්‍රම්ප්ගේ යෝජනාවට සෙනට් සභිකයින්ගේ දැඩි විරෝධය
COLOMBO ( News 1st ) : ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත අමෙරිකා ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ආ යෝජනාව එරට රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබල සාමාජිකයින් ප්‍රතික්ෂේප කර තිබේ. ජනාධිපතිවරයා එම යෝජනාව ගෙන ආවේ තැපැල් ඡන්දය ආශ්‍රිතව සිදුවිය හැකි වංචා සහගත ක්‍රියා මගින් ගැටලු ඇති විය හැකි බව පවසමින් ය. අමෙරිකාවේ සෙනෙට් බහුතර නායක මිච් මැක්කොනෙල් සහ සුළුතර නායක කෙවින් මැකාති යන දෙදෙනාම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහස ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ, ඕනෑම ප්‍රමාදයක් කොංග්‍රසය විසින් අනුමත කළ යුතු බැවින් ට්‍රම්ප්ට මැතිවරණය කල් දැමීමට බලයක් නොමැති බවයි. මේ වනවිට COVID-19 වසංගතයෙන් දැඩි පීඩාවට පත්ව සිටින අමෙරිකාව තුළ එය පාලනය කිරීම සඳහා මැතිවරණයේදී තැපැල් ඡන්දය භාවිතයේදී සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. මේ අතර අමෙරිකාවේ ආර්ථිකය අප්‍රේල් සිට ජුනි දක්වා සියයට 32.9 ක දැවැන්ත පහත වැටීමක් පෙන්නුම් කර ඇතැයි එරට ආර්ථික විශ්ලේෂණ කාර්යාංශය සඳහන් කළේ ය. COVID-19 වසංගතය නිසා ව්‍යාපාර කටයුතුවලට එල්ල වී ඇති බලපෑම ඊට හේතුවයි. ලක්ෂ 46කට අධික COVID-19 ආසාදිතයන් පිරිසක් වාර්තාවන අමෙරිකාවේ මියගිය පිරිස එක් ලක්ෂ පණස් පන් දහස ඉක්මවා ඇති අතර ඊයේ දිනයේදී 1160කට ජීවිත අහිමි විය.
2020-07-30T21:49:03.000Z
මැතිවරණයට ගමට යන ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන සේවා
මැතිවරණයට ගමට යන ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන සේවා
COLOMBO ( News 1st ) : මහ මැතිවරණයට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ වේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක මහතා සඳහන් කළේ, කොළඹ මධ්‍යම බස් නැවතුම් පොළේ සිට අතිරේක දුරගමන් සේවා බස් රථ 200 ක් පමණ යෙදවීමට සැලසුම් කර ඇති බවයි. පෞද්ගලික බස් රථ ද එම වැඩපිළිවෙළ සඳහා යොදා ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ ය. මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ ගල්කිස්ස - කන්කසන්තුරේ හා කොළඹ කොටුව - බදුල්ල දෙනුවර මැණිකේ දුම්රිය අද යළි ධාවනයට එක් කෙරේ.
2020-07-30T21:40:41.000Z
විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම යළිත්
විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම යළිත්
COLOMBO ( News 1st ) : විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අද සිට යළි ආරම්භ වේ. විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ ඒ අනුව අද ඩුබායි සිට 330 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දිවයිනට පැමිණෙන බවයි. අබුඩාබිහි රැඳී සිටින 300 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් හෙට දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් මහ මැතිවරණය හේතුවෙන් අනිද්දා සිට ලබන 08 වැනිදා දක්වා කාලය තුළ විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවනු ඇති. ලබන 8 වැනිදායින් පසු එම කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ ය.
2020-07-30T22:20:33.000Z
මැතිවරණ රාජකාරි සඳහා කොළඹින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 2500 ක්
මැතිවරණ රාජකාරිට කොළඹින් නිලධාරීන් 2500 ක්
COLOMBO ( News 1st ) : මහ මැතිවරණ රාජකාරි සඳහා මෙවර කොළඹින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 2500 ක් පමණ එක් එක් දිස්ත්‍රික්කවල රාජකාරි සඳහා යොදවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ ඡන්ද මධ්‍යස්ථාන අධීක්ෂණය සඳහා ය. ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදී ඇතැයිද ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.
2020-07-30T21:10:07.000Z
CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට
ශානි අබේසේකර අත්අඩංගුවට
COLOMBO ( News 1st ) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ශානී අබේසේකර මහතා අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි. ගිනිඅවි සම්බන්ධ සිද්ධියකට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසීය සඳහන් කළේ ය.
2020-07-30T21:08:45.000Z
රිෂාඩ් බදියුදීන් අදත් CIDයට
රිෂාඩ් බදියුදීන් අදත් CIDයට
COLOMBO ( News 1st ) : හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. ඒ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ය. රිෂාඩ් බදියුදීන් මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ප්‍රධාන කාර්යාලයේදී හා වව්නියාව කාර්යාලයේදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගත්බව පොලිස් මධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ය. මේ අතර ETI ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට අද යළි කැඳවා තිබේ. ඒ, ETI ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා ය. ඊයේ දිනයේත් ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 05 කට අධික කාලයක් ප්‍රකාශ ලබා දුන්නේ ය.
2020-07-30T21:24:03.000Z
සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ඉහළට - නිරීක්ෂකයින්ගෙන් චෝදනා
සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකන මැතිවරණ ප්‍රචාරණ ඉහළට
COLOMBO ( News 1st ) : සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ නිරීක්ෂකයින් පවසයි. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මැතිවරණ පැමිණිලි 1950 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බවයි. මැතිවරණය ආශ්‍රිත පැමිණිලි 685 ක් තම සංවිධානයට ලැබී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළේ ය. ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ, මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අදාළව පැමිණිලි 1460ක් ලැබී ඇති බවයි.
2020-07-30T20:10:04.000Z
මැතිවරණ පැමිණිලි නිසි ලෙස විමර්ශනය කරන්නේදැයි සෙවීමට බුද්ධි අංශ..... මුර සංචාරත් දෙගුණ කෙරේ
මැතිවරණ පැමිණිලි විමර්ශනයට බුද්ධි අංශ
COLOMBO (News 1st) : පොලීසියට යොමු වන මැතිවරණ පැමිණිලි නිලධාරීන් නිසි ලෙස විමර්ශනය කරන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා බුද්ධි අංශ යොදවා ඇති බව පොලීසිය පවසයි. මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, අපක්ෂපාතී ලෙස කටයුතු නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි. මේ අතර මැතිවරණ නිතී නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා කෙරෙන පොලිස් ජංගම සංචාර දෙගුණ කර ඇති බව ද ඔහු පැවසුවේ ය. ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ , මැතිවරණ පැමිණිලි සඳහා සාධාරණ පරීක්ෂණ නොපවත්වන්නේ නම් ඒ පිළිබඳ 1933 දුරකථන අංකයට පැමිණිලි කරන ලෙසයි මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වනවිට පොලීසියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 300 කට අධික ය. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 346 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ ය.
2020-07-30T10:44:55.000Z
දේශපාලන යතුරු පැදි සවාරි නාත්තන්ඩියේදී තරුණයෙකු අනතුරට ලක්කරයි
දේශපාලන යතුරු පැදි සවාරි තරුණයෙකු අනතුරට ලක්කරයි
COLOMBO (News 1st) : යතුරු පැදිවල නැගී ආනාරක්ෂිතව දේශපාලන ප්‍රචාරක කටයුතු සිදුකරන අයුරු මේ දිනවල සමාජයේ සංවාදයට ලක්වී තිබේ. එවැනි අවස්ථාවකට සහභාගිවීම සඳහා යමින් සිටි යතුරු පැදියක් පසුගිය දිනක නාත්තන්ඩියේදී තරුණ යුවලක් අනතුරට ලක් කර තිබිණ. තරුණයා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ අසාද්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටී. පසුගිය ඉරිදා උදෑසන 10 ට පමණ නාත්තන්ඩියේදී මෙම අනතුර සිදුව තිබිණ. තල්ගහපිටියේ සිට මෝදර දක්වා කුඩා යතුරු පැදියක ගමන්කරමින් සිටි තරුණ යුවලක් නාත්තණ්ඩියේදී විරුද්ධ දිශාවෙන් අධික වේගයෙන් පැමිණි යතුරු පැදියේ ගැටී තිබේ. පොලීසිය පැවසුවේ අනතුර සිදුකළ යතුරු පැදිය මෙරට ලියාපදිංචි කර නොමැති බවයි. එන්ජින් ධාරිතාව සීසී 450 දක්වා යතුරු පැදි මෙරට ලියාපදිංචි කළ හැකි අතර එය ඉක්මවා ඇති යතුරු පැදි මෙරට තුළ ධාවනය තහනම් වේ. අනතුරින් බරපතළ තුවාල ලැබු 26 හැවිරිදි අශේන් අවිශ්ක නමැති තරුණයා දින 5 ක් තිස්සේ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුගේ බිරිඳ මේ අනතුරින් තුවාල ලැබුවා ය. මේ යුවල විවාහවී තිබුණේ, පසුගිය ජනවාරි මාසයේදී ය. අනතුර සම්බන්ධයෙන් යතුරු පැදිය පැදවූ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අනතුරට පත් තරුණයාගේ පාර්ශ්වයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක සනත් නිශාන්ත මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ එය අසත්‍යයක් බවයි. අදාළ පුද්ගලයා සිය රැළියක් සදහා පැමිණෙමින් සිටි අයෙකු නොවන බව ද සනත් නිශාන්ත මහතා කියා සිටියේ ය. කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේම සනත් නිශාන්ත මහතා සේරුකැලේ , මුදුකටුව, කල්පිටිය ඇතුලු ප්‍රදේශ කිහිපයක යතුරු පැදියකින් හිස් වැසුම්ද නොපැළඳ ගමන් කරන අයුරු දක්නට ලැබිණ. https://www.facebook.com/NewsfirstSL/videos/623745331872171/
2020-07-30T10:20:06.000Z
කොරෝනා ආසාදිතයින් ගණන 2814ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදිතයින් ගණන 2814ක් දක්වා ඉහළට
COLOMBO (News 1st) : අද දිනයේ මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වී තිබේ. තුර්කියේ සිට පැමිණි විදේශක 1යි (නිරෝධායනයට ලක්වෙමින් සිටින) එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 1යි (නිරෝධායනයට ලක්වෙමින් සිටින) කටාර් සිට පැමිණි 1යි (නිරෝධායනයට ලක්වෙමින් සිටින) කන්දකාඩු ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස අනෙක් ආසාදිතයා හඳුනා ගෙන ඇත්තේ, ලංකාපුර ප්‍රදේශයෙනි. ඒ අනුව මෙරටින් වාර්ත වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2814ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති ආසාදිතයින් සංඛ්‍යාව 2333ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසදිතයින් සංඛ්‍යාව 470කි.
2020-07-30T09:50:37.000Z
''කුරූණෑගල පුරා වස්තු වැනසූ අය වහා අත්අඩංගුවට ගන්න...'' එල්ලාවල මේධානන්ද හිමි
වග කිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදා ද?
COLOMBO (News 1st) : කුරුණැගල පුරා වස්තු විනාශයට සම්බන්ධ කිසිවෙකු තවමත් සොයා ගැනීමට අසමත්වී තිබේ. පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් අද මේ විනාශය ගැන අදහස් පළ කරමින් කියා සිටියේ වගකිව යුත්තන් වහා අත්අඩංගුවට ගත යුතු බවයි. ''දැනගන්නට ඕනේ කවුරු වැඩක් කරතත් ඒ කරන වැඩේ ජාතියට ජාතියේ හදවත පාරවන විදියට නොකරන්න කවුරු උනත් දැනගන්නට ඕනේ. මේවා නැවත ගොඩනැගීම කරත් ඒවා අලුත් නිර්මාණ බවට පත්වෙනවා මිසක් ඒවායේ අර පෞරාණික ගතිය ඇතිවෙන්නේ නෑ. මේක ඇතැම් පුද්ගලයෝ දේශපාලන වාසියට මේ අවස්ථාවේදී හරවගෙන තියෙනවා. ඒක බරපතල වරදක්. මේකට් කිසිම දේශපාලනයක් නෑ. මේක කරපු පුද්ගලයා විදියට කියැවෙන්නේ නගරාධිපතිවරයා. ඒ පුද්ගලයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා අනිවාර්යෙන්ම ඔහුට අපේ අධිකරණ පද්ධතිය අනුව පුරා විද්‍යා පනත අනුව දෙන්න පුළුවන් දඩුවමක් දීම අනිවාර්යෙන්ම කළ යුතුයි. එහෙම නොකොලොත් අපේ තියෙන මේ අනෙකුත් පුරා වස්තු සේරම කඩා බිද දාලා ඩෝසර් කරලා විනාශ කරන්නට පුළුවන්කම ලැබෙනවා'' උන්වහන්සේ මේ වනවිට නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුමය කළමනාකරණය කිරීමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ ද සාමාජිකයෙකි. කුරුණෑගල ඓතිහාසික ගොඩනැල්ල කඩා දමා අදට සති 2 කුත් දින 2 ක් ගතව තිබේ. වග කිවයුත්න්ට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද?
2020-07-30T09:31:42.000Z
යුද හමුදාවට ගෞරවය කැන්දූ නිවුන් සොයුරන්
යුද හමුදාවට ගෞරවය කැන්දූ නිවුන් සොයුරන්
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන නිවුන් සහෝදරයින් දෙදෙනෙකු ගිනස් වාර්තාවක් පිහිටුවීම සඳහා ඉල්ලුම් කර තිබේ. දෙදෙනාම මේජර් ජෙනරල්වරුන් ය. ඔවුන්ගේ හමුදා ජීවිතය තුළ සියලු රාජකාරී එක ලෙස සිදුවී , එක් දිනකම විශ්‍රාම යාමට ද ය නියමිතව තිබීම මෙහි විශේෂත්වයයි. මේජර් ජෙනරල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරල් ජයන්ත සෙනෙවිරත්න යන මහත්වරුන් ගිනස් වාර්තා පොතට ඇතුළත් වීම වෙනුවෙන් ලේඛන භාරදීමේ උත්සවය අද උදෑසන පැවැත්වුණේ යුද හමුදා මූලස්ථානයේදී ය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. එකම පාසලක, උසස් පෙළ දක්වා එකම පන්තියක අධ්‍යාපනය ලබා,එකම දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්ව ඇති මොවුන් , එකම දිනයක අධිකාරියට පත්ව තිබීම විශේෂත්වයකි. දෙදෙනාම එක්ව පකිස්තානයේ ක්වේටාහි පාඨමාලවක් හදාරා ඇති අතර යුද හමුදාවේ උසස් වීම් ලබා ඇත්තේ එකම දිනකයි. මෙම නිවුන් සොහොයුරන් දෙදෙනා එකම දිනයකදී යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/286526055743728/
2020-07-30T09:13:55.000Z
මත් උවදුර හා පාතාලය මඩින බව ජනපති කැලණියේදී කියයි
මත් උවදුර හා පාතාලය මඩින බව ජනපති කැලණියේදී කියයි
COLOMBO (News 1st) : මත් උවදුරු හා පාතාලය මර්දනය කර ඓතිහාසික උරුමය හා අභිමානය රැකෙන කැලණි පුරවරයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණයට තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා කැලණිය රජමහා විහාරස්ථානය ඉදිරිපිට පැවති ජන හමුවකට සහභාගී වෙමිනි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක සිසිර ජයකොඩි මහතා මෙම ජන හමුව සංවිධානය කර තිබිණ. එහි සිටි ජනතාව ඉදිරිපත් කළ ගැටලුවලට අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඵෙතිහාසික කැලණියට හිමි පෞඩත්වය සුරැකෙන සංවර්ධන ක්‍රියාදාමයකට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය. මේ අතර අපේක්ෂක නලීන් ප්‍රනාන්දු මහතා ජා-ඇල නගරයේ සංවිධානය කර තිබු ජන හමුවකට ද ජනාධිපතිවරයා සහභාගී විය. ගම්පහ දිස්ත්‍රීක්කයේ සියලු ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කර ගංවතුර පාලනයටත් ජා ඇල නගර සංවර්ධනයටත් පියවර ගන්නා බව ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/298294718047613/
2020-07-30T07:21:15.000Z
ප්‍රා. ලේකම් කාර්යාල නිලධාරින් දෙදෙනෙක් ලක්ෂ 25ක 'අයිස්' මත්ද්‍රව්‍ය සමග පොලිස් දැලේ
රාජ්‍ය නිලධාරීන් 2ක් මත්ද්‍රව්‍ය සමග පොලිස් දැලේ
COLOMBO (News 1st) : කොලොන්නාව සහ කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 25 ක වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 250 ක් සොයාගත් බවයි. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට උපාය දුතයෙකු යොදා ගැනීමෙනි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රධාන කළමනාකාරවරයා ලෙස කටයුතු කළ අයෙකු වන අතර අනෙක් සැකකරු කැලණිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරියෙකු බව පොලීසිය සඳහන් කළේ ය. මත්ද්‍රව්‍ය ලබාදීමට පෙර මුදල් පෙන්වන ලෙසට සැකකරුවන් ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව ඔරුගොඩවත්ත , ලූකස්පාර ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයකු උපාය දූතයෙකු ලෙස ගොස් එම මුදල් පෙන්වා තිබේ. ඒ අනුව මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා කැලණිය පට්ටිය හන්දිය ප්‍රදේශයට පැමිණෙන කළ දැනුම්දීමට අනුව වැටලීම ක්‍රියාත්මක කර මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් කලක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. සැකකරුවන් හෙට අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග ලබා ගැනීමට බලාපොරොත්තු වන බව පොලිසිය පැවසී ය.
2020-07-30T06:14:22.000Z
අද මැදියම් රැය දක්වා කොළඹට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ
කොළඹට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ
COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රීය දක්වා කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 01, 02, 03, 07, 08, 09, 10, 11, 12, 13 සහ 14 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති. හදිසි ජල කාන්දුවක් ප්‍රතිසංස්කරණය කිරීම මීට හේතුවයි.
2020-07-30T05:51:28.000Z
පොලීසිය 'අංගොඩ ලොක්කා'ගේ හෙරොයින් ජාවාරම කළ බව කියන උකුස්සා අල්ලයි
අංගොඩ ලොක්කාගේ හෙරොයින් ජාවාරම කළ උකුස්සා..?
COLOMBO (News 1st) : අංගොඩ ලොක්කා හොරොයින් ජාවාරම් සඳහා යොදා ගත්තේ යැයි සැක කෙරෙන උකුස්සෙක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් මීගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකදී ය. මෙහිදී වායු රයිෆලයක් , පතොරොම් 10 ක් සහ ගොවිපළක ඇති කරන ලද මෙම උකුස්සා සොයාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ගොවිපළේ හිමිකරු හා තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇතැයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 19 සහ 30 හැවිරිදි මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්ම කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/2582201532094529/
2020-07-30T05:20:13.000Z
කහ කිලෝ 1000ක් සමග සැකකරුවෙක් නාවික හමුදා අත්අඩංගුවට
කහ තොගයක් සමග සැකකරුවෙක් නාවික හමුදා අත්අඩංගුවට
COLOMBO (News 1st) : මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද කහ කිලෝග්‍රැම් දහසක් සමග සැකකරුවෙකු මන්නාරම , ඕලුතුඩුවායි ප්‍රදේශයේදී නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදා ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ , වෙරළ තීරයේ සිට කරත්තයක දමා ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබියදී පා මුර සංචාරයේ යෙදුණු නාවික හමුදා භට පිරිසක් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ගෝනි 20 ක අසුරා තිබියදී මෙම කහ තොගය සොයාගෙන තිබේ. නාවික හමුදා ප්‍රකාශකවරයා සහඳන් කළේ, කහ තොගය සමග සිය භාරයට පත් පුද්ගලයා නිරෝධායනය සඳහා මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත භාර දුන් බවයි. කහ තොගය යාපනය රේගු කාර්යාලය වෙත භාර දී තිබේ.
2020-07-30T04:24:21.000Z
ධීවර හා නාවුක ප්‍රජාවට කාලගුණෙන් දැනුම්දීමක්
ධීවර හා නාවුක ප්‍රජාවට කාලගුණෙන් දැනුම්දීමක්
COLOMBO (News 1st) : මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමිටර් 65 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි. ඒ පිළිබඳව විමසිලිමත් වන්නැයි ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ වයඹ පළාත්වලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේ ඇතැම් ස්ථානවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. දකුණු පළාත, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමිටර් 60 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2020-07-30T02:30:22.000Z
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අයෙකුට කොරෝනා
COLOMBO (News 1st) : පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු බව අද හඳුනා ගැනිණ. මෙම කොරෝනා ආසාදිතයා හඳුනා ගැනුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය අහඹු ලෙස පි.සි.ආර් පරික්ෂණවලට යෙදාගත් අවස්ථාවේදීයි. ඔහු කන්දකාඩු ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසී ය. ජාසිංහ මහතා සඳහන් කළේ, මෙම රෝගියාගේ ආශ්‍රිතයින් හඳුනා ගනිමින් සිටින අතර ඔවුන්ද PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබෙන බවයි. ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව සහ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක්ද තාවකාලිකව වසා දැමු බව උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා පැවසී ය.
2020-07-30T01:54:06.000Z
මිරිහානේ ගෙවත්තකින් හෙරොයින් ග්‍රෑම් 534 ක්
මිරිහානේ ගෙවත්තකින් හෙරොයින් ග්‍රෑම් 534 ක්
COLOMBO (News 1st) : මිරිහාන ප්‍රදේශයේ ගෙවත්තක වළ දමා තිබූ හෙරොයින් ග්‍රෑම් 534 යි මිලිග්‍රෑම් 810 ක් සොයාගෙන තිබේ. ඒ, හෙරොයින් කිලෝග්‍රෑමයකට අධික ප්‍රමාණයක් සමග පසුගිය 26 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ය. නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් එම හෙරොයින් තොගය සොයාගෙන තිබේ. පොලීසීය සඳහන් කළේ, රැඳවුම් නියෝග මත සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලීසීය සඳහන් කළේ ය.
2020-07-29T23:25:09.000Z
රත්‍රං මිල තරමක් පහළට
රත්‍රං මිල තරමක් පහළට
COLOMBO (News 1st) : ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව තරමක් පහත වැටී තිබේ. මේ අනුව ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 1964 යි සත 51 ක් ලෙස ය. රත්‍රං සඳහා පැවති ඉල්ලුම තරමක් පහත වැටීම ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල පහත වැටීමට හේතු වූ බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් සඳහන් කළේ ය.
2020-07-29T23:18:56.000Z
මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ..
මහනුවර පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ..
COLOMBO (News 1st) : මහනුවර, ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද රාත්‍රී විථී සංචාරය කිරීමට නියමිතය. එහෙත් රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පෙරහැර මංගල්‍යයට සභාගීවීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවන්නේ නැහැ. ඊයේ රාත්‍රීයේ ඇසළ පෙරහැර මංගල්‍ය‌යේ අවසන් කුඹල් පෙරහැර විථි සංචාරය කළේ ය.
2020-07-29T22:20:36.000Z
වේග සීමා ඉක්මවා ධාවනය කරන බර වාහනවල ව්‍යාපාරික බලපත්‍ර අහෝසි කිරීමේ තීරණයක්
වේගය ඉක්මවන බර වාහනවලට රතු එළියක්
COLOMBO (News 1st) : වේග සීමාව ඉක්මවා ධාවනය වන කන්ටේනර් රථ ඇතුළු බර වාහනවල ව්‍යාපාරික බලපත්‍ර අහෝසි කරන බව පොලීසීය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, රිය අනතුරු වාර්තා වීම ඉහළ යාම සැලකිල්ලට ගෙන එම තීරණයට එළඹි බවයි.
2020-07-29T21:40:10.000Z
මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව පුද්ගල මරණ තුනක්
මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව පුද්ගල මරණ තුනක්
COLOMBO (News 1st) : මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව පුද්ගලයින් තිදෙනෙකු පමණ මියයන බව සෞඛ්‍ය අංශ පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, දෛනිකව මුඛ පිළිකා රෝගීන් 6 දෙනෙකු පමණ හඳුනා ගන්නා බවයි. පුරුෂයින්ට වැළඳෙන ප්‍රධානම පිළිකා රෝගය මුඛ පිළිකා වේ. එය වැළඳීමේ අවදානම් සාධක වන්නේ බුලත් විට සැපීම, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම දුම්වැටි සහ මත්පැන් භාවිතයයි. කොරෝනා ව්‍යාප්තියටද මුඛ පිළිකා වක්‍රව බලපෑම් එල්ල කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. බුලත් විට සැපීම සහ කෙළ ගැසීම මගින් ආසාදනය පැතිරීම වේගවත් වීම ඊට හේතුවයි.
2020-07-29T20:55:28.000Z
කුඩු ඇද්ද බවට සැක වාරියපොල බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම්..
වාරියපොල බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම්..
COLOMBO (News 1st) : වාරියපොල බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ, එම නියාමකවරයා වාරියපොල බන්ධනාගාරය තුළට මත්කුඩු ගෙනවිත් දෙන බවට වාර්තා වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවට වාරියපොල පොලීසියට දැනුම් දි ඇති බවට බන්ධානාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.
2020-07-29T20:41:23.000Z
වරාය සේවක සත්‍යග්‍රහය දෙවැනි දිනටත්
වරාය සේවක සත්‍යග්‍රහය දෙවැනි දිනටත්
COLOMBO (News 1st) : වරාය වෘත්තීය සමිති ආරම්භ කළ සත්‍යග්‍රහය අඛණ්ඩව දෙවැනි දිනටත් ක්‍රියාත්මක වේ. ඒ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරිය හරහා වහාම ආරම්භ කරන්නැයි බල කරමින් ය.
2020-07-29T20:21:19.000Z
මැතිවරණයට ගම්බිම් බලා යන ජනතාවට හෙට සිට විශේෂ ප්‍රවාහන සේවා
හෙට සිට විශේෂ ප්‍රවාහන සේවා
COLOMBO (News 1st) : මහ මැතිවරණයට ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් හෙට සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ වේ. මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, හෙට සිට අගෝස්තු 10 වැනිදා දක්වා එම සේවා ක්‍රියාත්මක බවයි. ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ 5300 ක් එම දිනවල ධාවනයට එක් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඊට අමතරව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ පවතින බස් රථ 600 ක් පමණ ධාවනය සඳහා සූදානම් කර තිබේ. අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා තාවකාලික ධාවන බලපත්‍ර ලබාදී ඇති බවයි. පොදු ප්‍රවාහන සේවාවල තදබදයක් ඇති නොවීම සඳහා එලෙස විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
2020-07-29T20:00:52.000Z
මැතිවරණ ප්‍රචාරක කටයුතු අගෝස්තු 02 මධ්‍යම රාත්‍රියෙන් අවසන්
මැතිවරණ ප්‍රචාරක කටයුතු අගොස්තු 02 අවසන්..
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සියලු ප්‍රචාරක කටයුතු අගෝස්තු 02 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් කළ යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් එස්. රත්නායක මහතා සඳහන් කළේ, ඉන් පසුව මැතිවරණය පැවැත්වෙන දින දක්වා නිහඬ කාලයක් තිබෙන බවයි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 12,985ක පැවැත්වීමට නියමිතය. ගණන් කිරීමේ මධ්‍යස්ථාන 71 ක් ස්ථාපිත ය. ගණන් කිරීමේ ශාලා 2820ක් ස්ථාපිත කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ ය. මෙවර මැතිවරණය සඳහා පොලීසිය ඇතුළුව රාජ්‍ය සේවකයින් ලක්ෂ තුනහමාරක් පමණ යෙදවීමට නියමිතව තිබේ. මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන අගෝස්තු 05 පැවැත්වීමට නියමිතය.
2020-07-29T19:30:43.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. පක්ෂය හොඳ නැත්නම් ලලිත් ඇතුලත්මුදලි වගේ වෙන පක්ෂයක් හදලා ඡන්දෙ ඉල්ලන්න – රනිල් සංවේදීව කියයි.. : එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා රඹුක්කන පැවති ජනහමුවකදී හිටපු මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අතිහිටුවීම පිළිබඳව අදහස් පළ කර තිබේ. 2. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න එපා, වරාය සේවකයින් සත්‍යග්‍රහයක.. : කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් වහාම වරාය අධිකාරිය මගින් ආරම්භ කරන්නැයි බල කරමින් වරාය වෘත්තීය සමිති ඊයේ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. 3. මතිවානන්ගෙන් හිස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ධුරය ජයන්ත ධර්මදාසට : කේ. මතිවානන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ධුරය සඳහා ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පත් කිරීමට විධායක කමිටුව තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 4. දින 11කට පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යළි සේවයට : දින 11 පුරා ක්‍රියාත්මක කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ඊයේ සිට අවසන් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 5 . 1 සිට 10 ශ්‍රේණිය දක්වා සිසුන්ට අගෝස්තු 10 පාසල් ඇරඹේ.. – අධ්‍යාපන ඇමති : 1 සිට 10 ශ්‍රේණිය දක්වා සිසුන්ට අගෝස්තු 10වැනිදා පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
2020-07-29T10:42:32.000Z
අපි බණ 800කට වැඩිය කිව්වේ මහින්දගේ හොරු රැළට පරණ පාරෙන් රට අරන් යන්න නෙවෙයි - පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි
බණ 800කට වැඩිය කිව්වේ හොරු රැළට රට අරන් යන්න නොවේ
COLOMBO (News 1st) - කුරුණෑගල පුරාවස්තු විනාශය සිදු වී අදට දින 15 ක් ගත වූවත් ඒ සම්බන්ධ කිසිවෙකුත් තවමත් අත්අඩංගුවට ගෙන නොමැත. අපේ ජනබල පක්ෂයේ අපේක්ෂක පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි, දැක්කනේ මේ ඊයේ පෙරේදා කුරුණෑගල නගරා‍‍ධිපති බුවනෙකබාහු හෝටලය හෝටලය හරි මොකා හරි පැරනි ගොඩනැගිල්ල කියමුකෝ. ඒක 2014 ගෝඨාභය මහත්තයාම ගැසට් එහෙකින් සංරක්ෂණය කළ යුතු ගොඩනැගිල්ලක් කියලා නම් කරනවා. ගොඩනැගිලි 10 න් 6 වෙනි ගොඩනැගිල්ල විදිහට. ජොන්ස්ටන් කියනවා මගේ මිනිහා නගරාධිපති මයිලකට අත තියන්න දෙන්නේ න‍ෑ. පුරාවිද්‍යාවෙන් දාපු කොමිටියෙන් ‍එනවා මේකේ වරදක් වෙලා තියෙනවා අනිවාර්යයෙන් නීතිය හමුවට පමුණුවන්න ඕන කියලා. ඊට පස්සේ පොහොට්ටුවේ සභාපති හාමුදුරුන් ඇවිල්ලා කියනවා පොහොට්ටුවේ වීම නිසා නැහැ නැ මේකෙ මේ දේශපාලන නේ ගනන් ගන්න දෙයක් නෑ. අනික් පැත්තෙන් ආණ්ඩුවෙන් නිර්දේශයක් එනවා ලක්ෂ 90 ක් යනවා ඒක නගරස භාවේ නිසා පළාත් සභාවේ සල්ලිවලින් ආපහු මේක පිළිසකර කරන්න ඕන කියලා. ඊයේ ගෝඨාභය මහත්තයා කියනවා පෙරේදාද කොහෙද මේ නැ නැ නැ ඒක මේ අර බුවනෙකගේ මොකක්ද මේ අර අහවලා ගේ පුතාගෙනේ. එහෙනම් මොන බම්බුවකටද ලක්ෂ 90 ක් වෙන් කරන්නේ අරක හදන්න සමතලා කරා නම් ඉවරනේ. මෙන්න මේ ගොල්ලන්ගේ දේශපාලනේ. අපි මේ පරණ මූව පාරේ යන්නද ගෝඨාභය වගේ කෙනෙකුට කතිරේ ගැහුවේ ? නැහුනේ අපි. බණ 800 කට වැඩිය කියලා තියෙනවා මම මේ රටේ මේ මතය හදන්න එක බනකට මිනිස්සු දෙතුන්දාහක් ඇවිල්ලා තියෙනවා බණ අහන්න. යු.එන්.පි කාරයෝ ඇවිල්ලා කියලා තියෙනවා අනේ හාමුදුරුවනේ තමුන්නාන්සේ කියන කතාව ඇත්ත ගහන්නෙ නෑ මේ පාර නම් අනිවාර්යයෙන් ඔබ වහන්සේ කියන මේ පණිවුඩය අපි ජනගත කරනවා. එහෙමයි අපි ඔසවලා තිබ්බේ. හැබැයි ඒ මහින්ද මහත්තයාටයි එයාගේ අර පරණ හොරු රැළටයි රට අර පරන පාරේන් රට අරන් යන්න නෙවෙයි ඒක කළේ. කුරුණෑගල පුරාවස්තු විනාශයට වගකිවයුත්තන් කෝ..?
2020-07-29T10:01:05.000Z
ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තට යළිත් වරක් ස්ථාන මාරුවක්
වරුණි බෝගහවත්තට යළිත් වරක් ස්ථාන මාරුවක්
COLOMBO (News 1st) - මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය යළි ත් වරක් ස්ථාන මාරු කර තිබේ. ඒ, ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ලෙසයි. පසුගිය දා පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු ළමුන් අපයෝජන කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය මගින් පැවැත් වූ විමර්ශනයට සහයවීම සඳහා ද ඇය කැඳවා තිබුණි. කෙසේ වෙතත් එම විමර්ශනවලින් ද ඇය ඉවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය. පසුගිය ජනාධිපතිවරණ සමයේදී ද වරුණි බෝගහවත්ත මහත්මියට ස්ථාන මාරුවීමක් ලබාදී තිබුණි. ඇය වඩාත් කතාබහට ලක්වූයේ, අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා තරුණියන් අපයෝජනයට ලක්කල බව කියන සිද්ධියට අදාළව සිදු කළ විමර්ශනයත් සමගය.
2020-07-29T11:55:23.000Z
පක්ෂය හොඳ නැත්නම් ලලිත් ඇතුලත්මුදලි වගේ වෙන පක්ෂයක් හදලා ඡන්දෙ ඉල්ලන්න - රනිල් සංවේදීව කියයි..
පක්ෂය හොඳ නැත්තම් වෙන පක්ෂයකට යන්න රනිල් කියයි..
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රඹුක්කන පැවති ජනහමුවකදී හිටපු මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අතිහිටුවීම පිළිබඳව අදහස් පළ කර තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පක්ෂ 2ක් නෑ 3ක් නෑ 4ක් නෑ. එක එක්සත් ජාතික පක්ෂයයි අද ලංකාවේ තියෙන්නේ. මේ පක්ෂය ආරක්ෂා කරන්න ආරම්භ කරලා තියෙනවා පක්ෂයෙන් ගිය අය පිළිබඳව නැත්නම් පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු වෙලා අපිට විරුද්ධව වැඩ කරන අය පිළිබඳව විනය පරීක්ෂන. ඒ විනය පරීක්ෂණ වලින් මේ පක්ෂයේ විනය නිතිය උල්ලංඝනය කරලා තියෙනවා. සමාජිකයෝ ඉවත් කරන්න ඕන කියන ඒ සියල්ලම කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් වෙලා සියල්ලම සලකලා බලලා අපේක්ෂකත්වය දරන මම හිතන්නේ 54 ක් නේද ? 54කුත් එක්සත් ජාතික පක්ෂයෙන් පත්වුනු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු ඉවත් කරන්නට කියලා ඒ තීරණය අරන් ඉවරයි. ඒ තින්දුව ලේසියේන් ගත්ත එකක් නෙවෙයි. ගොඩක් හිතලා මතලා ගන්න වුනු තිරණයක්. ප්‍රේමදාස ජනාධිපතිතුමාට විරුද්ධව තිබුනු දෝෂාභියෝගය. ගාමිණි දිසානායකයි ලලිත් ඇතුලත්මුදලියි මමයි මිත්‍රයෝ. තුන්දෙනාම නිතිඥයෝ. ලලිතුයි මමයි එක සැරේ දේශපාලනේට ඇතුලත් වුනේ. ගාමිණි එක්ක මම හොදින් හිටියා. ළගින් හිටියා. ඒ අවස්ථාවේ මට පළමුවෙන් මතක් වුනේ මම පළමුවෙන් ඉන්න ඕන මගේ පක්ෂේ එක්ක. අපේ ලේ වල තියෙන මේ පක්ෂයෙකන් ඉවත් වෙලා යන්න බෑ. ඒ එදා කවුද ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්ක ඉන්නේ කියලා දැනගෙන හිටියේ නෑ. මම කතා කරද්දි ඒ කාර්යාලයෙන් ඹබතුමා අපිත් එක්කද? මම කිව්වා මම යු. එන්. පී. ඔබතුමා යු. එන් . පී නම් මමත් යු. එන්. පී. එක සැරේම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විධායක සභාවක් කැදවලා ඒ වේලාවෙම සම්බන්ධ වුනු මන්ත්‍රීවරු සියල්ලම ඉවත්කරා. මම දන්නවා මේ රනිල් යාළුවෝ කියලා ඒත් මේක කරන්න ඕන කියලා කිව්වා. එතුමා ඒක කරලා ඒගොල්ලෝ වෙන්වෙලා ගිහිල්ලා වෙනම පක්ෂයක් හැදුවා. රාජ අලියා පක්ෂය. රාත්‍රියේ වුනේ. මම ගියා පාන්දර ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හම්බවෙන්න. මම කිව්වා සර් මම තිරණය කරා ඇත්ත වශයෙන්ම පක්ෂය ආරක්ෂා කරන්න ඕන යාලුකම් පැත්තකට දාලා හරි මම ක්‍රියා කරා කියලා. එතකොට ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා කිව්වා , ඒක හරියටම හරි කියලා ඔබතුමා පක්ෂ ගැන හිතන්න ඕන කියලා කිව්වා. මම ගාමිණී, ලලිත්ට කියන්නේ ප්‍රේමදාසට කැමති නැත්නම් කැබිනට් මණ්ඩලයෙන් අයින් වෙලා පක්ෂය‍ෙ ඉඳගෙන ප්‍රේමදාසට විරුද්ධව සටන් කරන්න කියලා. ඒත් ගිහින් දෝෂාභියෝගය කරන එක හරි නෑ . කියලා කිව්වා. අනික ප්‍රේමදාස ජනාධිපතිතුමා ගැන මට එකක් මතක් වුණා. එතුමා අගමැති හිටිය කාලේ මට කිව්වා මිනිස්සු මං ගැන එක එක ඒවා කියනවා. මාව අගමැති කළේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. එතුමාගෙන් පස්සේ මගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ තනතුරට එන්න. ඒත් එතුමගේ අගමැති හැටියට වැඩ කරන කාලෙක කිසිවිටෙක මමත් එතුමත් අතර විශාල ප්‍රතිපත්ති ප්‍රශ්නයක් ඇති වෙනවා නම් දේශපාලන ප්‍රශ්නයක් ඇති වෙනවා නම් රනිල් මම එකක් කියනවා, එදාට මම දේශපාලනයෙන් විශ්‍රාම ගන්නවා .මම මේ නායකයාට විරුද්ධව යන්නේ නෑ කියලා කිව්වා. අන්න එහෙමයි අපි හැදිලා තියෙන්නේ. අපි ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්ක අන්තිම වෙනකන් හිටියා. එතුමා ඝාතනය කරපු වෙලාවේ මටයි ගිහින් වැඩ කටයුතු භාර අරගෙන රටේ පාලනය භාර අරගෙන එතුමාගේ දේහය හොයාගන්න සිද්ධ වුණේ. අපිට කාටවත් පක්ෂයෙන් විරුද්ධව යන්න බෑ .එහෙනම් පක්ෂය අතහැරල යන්න තියෙන්නේ. නැත්නම් පක්ෂයේ තීරණ ගන්න තියෙන්නෙ. එච්චරයි තියෙන්නේ. තමන්ට මේ පක්ෂ හොඳ නැත්නම් ලලිත් ඇතුලත්මුදලි කරා වගේ වෙන පක්ෂයක් හදලා එතනට ගිහිල්ලා ඡන්දෙ ඉල්ලන්න. මට නවත්තන්න බෑ ඒක නීතියෙන්. පක්ෂයෙන් ඉවත් වෙලා යන්න. ඒකයි ලලිත් ඇතුලත්මුදලි කරේ .ඉතින් මෙතනින් පිට වෙලා ඉන්න අය එතනට ගිහිල්ලා පක්ෂයක් හදන ඕන නම් කරන්න. නැත්නම් පොහොට්ටුවට බැඳෙන්න. මෙතැනට ඇවිල්ලා කියන්න එපා නියම එක්සත් ජාතික පක්ෂය කියලා හානි කරන්න එපා. ඒක කෙලෙහි ගුන සැලකීමක් නෙවෙයි. බණ්ඩාරනායක මැතිතුමා අපෙන් ඉවත්වෙලා ගිහිල්ලා මෙහෙම පක්ෂයක් හදලා ඒ පක්ෂයෙන් අපිව පරාජය කළා. ඒක වෙන එකක්. මම හැමදාම මෙතන නෑ. මට ඉන්න වුවමනාවකුත් නෑ. මේ ගත්ත තීරණය ලේසියෙන් ගත්ත තීරණය කුත් නෙමෙයි. ගොඩක් හිතලා බලලා නීතිඥයන් ගේ උපදෙස් මත මම මේක අරගත්තේ. https://www.facebook.com/NewsfirstSL/videos/714857419310552/
2020-07-29T09:42:02.000Z
කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පසු ලෙඩ ඇදට වැටුණු ජෝර්දානයේ ලාංකිකයින්
ලෙඩ ඇදට වැටුණු ජෝර්දානයේ ලාංකිකයින්
COLOMBO (News 1st) - ඉකුත් සඳුදා ජෝර්දාන පොලීසියේ කඳුළු ගෑස් ප්‍රහාරයට ලක් වූ ලාංකික ශ්‍රමිකයින්ගෙන් කිහිපදෙනෙකු තවදුරටත් අසනීප තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ. එම ශ්‍රමිකයින් ඉල්ලා සිටින්නේ, තමන්ට අවශ්‍ය ‍වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසයි. ජෝර්දානයේ මෙලෙස පීඩාවිඳිමින් සිටින ශ්‍රී ලාංකිකයින් කඩිනමින් දිවයිනට ගෙන්වා දෙන්නැයි ඉල්ලා පිරිසක් අද විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත විය. කඳුළු ගෑස් ප්‍රහාරයට ලක් වූ මෙරට ශ්‍රමිකයින්ගේ මව්පියන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ. මේ අතර විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යළි දිවයිනට ගෙන්වා දෙන ඉල්ලා සමගි ජනබලවේගය අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් ද භාර දුන්නේ ය. අද තව ත් ස්ථාන කිහිපයකදී විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ගැටලු පිළිබඳව අවධානය යොමුවිය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අනිද්දා සිට යළි අරඹන බව ජනාධිපති කාර්යාලය පැවසුවේ ය. ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ, අනිද්දා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/217238599558445/
2020-07-29T11:45:51.000Z
නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න එපා, වරාය සේවකයින් සත්‍යග්‍රහයක..
නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න එපා...!
COLOMBO (News 1st) - කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් වහාම වරාය අධිකාරිය මගින් ආරම්භ කරන්නැයි බල කරමින් වරාය වෘත්තීය සමිති අද සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. අද දහවල් වරාය අධිකාරියේ වෘත්තීය සමිති නියේජිතයින් නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට බදුදීමේ යෝජනාවට විරෝධය පළ කරමින් වරාය අධිකාරිය ඉදිරිපිටට පැමිණ විරෝධාතාවයක් ආරම්භ කළහ. විරෝධතාකරුවන් පිරිස වරාය ප්‍රධාන පිවිසුමේ සිට ලෝඩන් බැස්ටියන් හෙවත් එල් බී දොරටුව දක්වා පාගමනින් පැමිණියහ. එහිදී වරාය භූමිය හා ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබූ අයුරු දක්නට ලැබුණි. පිරිස වරාය ප්‍රධාන පිවිසුමේ සිට ලෝඩන් බැස්ටියන් හෙවත් එල්. බී. දොරටුව දක්වා පා ගමනින් පැමිණියහ. පසුව නැගෙනහිර පර්යන්තය සුරකීමේ වරාය ඒකාබද්ධ වෘත්තිය සමිති සංසදය අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කර තිබේ. මේ අතර අද පෙරවරුවේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වරාය ඒකාබද්ධ වෘත්තිය සමිති සංසදය සියම් මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය වේඩරුවේ උපාලි අනුනාහිමියන් බැහැ දුටුවේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/732085210959160/
2020-07-29T11:37:21.000Z
පාතාලය මඩින්න ගම් මට්ටමින් තොරතුරු දෙන්න - ජනපති කළුතරදී ඉල්ලයි
පාතාලය මඩින්න තොරතුරු දෙන්න ජනපති කළුතරදී ඉල්ලයි
COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට සහය පළකිරීම සඳහා ජනතා හමු කිහිපයකට සහභාගි විය. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ, රාජ්‍ය සේවයේ සිදුවන දූෂණයන්ට සහ අක්‍රමිකතාවන්ට තිත තබන බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ අපේක්ෂක මහින්ද සමරසිංහ මහතා පානදුර, කෙසෙල්වත්ත ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා කළුතර දිස්ත්‍රික් සංචාරය ඇරඹුවේය. ආනයනික වෙළෙඳ ක්‍රමය වෙනුවට මෙරට නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දුන් ආර්ථික ක්‍රියාවලිකට රජය මුල පුරා ඇති බැවින් කෘෂිකාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍රයට අවතීර්නව ඉන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී ජනතාවට දැනුම් දී තිබේ. අනතුරුව ජනාධිපතිවරයා සහභාගී වූයේ, පානදුර නගර සභා පිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ජගත් අංගගේ මහතා සංවිධානය කර තිබූ ජන හමුවකටය. මේ අතර කළුතර හෙද විදුහල අලුත්වැඩියා කිරීම පිළිබදව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. https://www.facebook.com/NewsfirstSL/videos/880109982480342/
2020-07-29T08:56:50.000Z
රටේ ආර්ථිකයට ඇත්තටම මොකද වෙලා තියෙන්නේ ?
රටේ ආර්ථිකයට ඇත්තටම මොකද වෙලා තියෙන්නේ ?
COLOMBO (News 1st) - අපේ රටේ ආර්ථිකයට ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ ? ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත අනුව රටේ බොහෝ අංශවල පෙන්නුම් කරන්නේ පසුබෑමකි. මේ වසරේ පළමු මාස හතර තුළ සිදුව ඇති කැපී පෙනෙන ආර්ථික වෙනස රජයේ ආදායම අඩුවීමයි. 2019 පසුගිය වසරේ පළමු මාස හතරේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 598.1 කි. එය මේ වසරේ පළමු මාස හතර තුළ රුපියල් බිලියන 476.7 ක් දක්වා අඩුවී තිබේ. බදු ආදායම කැපී පෙනෙන ලෙස පහත වැටීම මේ තත්ත්වයට හේතුවයි. රජයේ ආදායම අඩු වුණත් වැටුප් ගෙවීම් අතුළු එදිනෙදා වියදම් නැත්නම් පුනරාවර්තන වියදම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. එය වසරේ පළමු මාස 4 තුළ රුපියල් බිලියන 820.7 කි. රාජ්‍ය ආදායම් අඩුවීමට කොරෝනා වසංගතයෙන් සේවා අංශයට සිදුව ඇති බලපෑම ද හේතුවකි. විශේෂයෙන් මෙරටට විදේශීය මුදල් ලැබුණු ප්‍රධානම මාර්ගය වූ විදෙස් රැකියාවල නියුතු අය රටට එවූ මුදල් මේ කාලය තුළ සැලකිය යුතු අගයකින් පහත වැටී ඇත. පසුගිය වසරේ පළමු කාර්තුවේ අමෙරිකානු ඩොලර් බිලියන 3.27 ක් අපේ රටේ ජනතාව විදේශවල සිට රටට එවා තිබුණි. මේ වසරේ මුල් මාස තුනේදී පමණක් එය අමෙරිකානු ඩොලර් බිලියන 2.98 ක් දක්වා අඩුවී තිබේ. පසුගිය වසරේ අප්‍රෙල් 21 ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ සංචාරක ක්ෂේත්‍රයට කොරෝනා නිසා යළි ත් සිදු වූ බලපෑම සුළුවෙන් සැලකිය නොහැකියි. ජනවාරි,පෙබරවාරි හා මාර්තු යන මාස තුන ඇතුළත රටට පැමිණි විදේශ සංචාරකයින් ගණන පන්ලක්ෂ හත්දහස් තුන්සිය එකොලහකි. එය 2019 වසරේ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ කියන්නේ මුල් මාස 3 අතුළත පැමිණි සංචාරකයින් ගණනට වඩා 50% ක් අඩුවීමකි. සංචාරක කර්මාන්තය අඩපණවීම හා විදේශගත ශ්‍රමිකයින් රටට එවන මුදල් අඩුවීමෙන් වෙන්නේ රටට එන විදේශීය මුදල් ප්‍රමාණය අඩුවීමයි. අමෙරිකානු ඩොලරය ඉදිරියේ රුපියල වේගයෙන් අවප්‍රමාණයවීම එහි බරපතළ ප්‍රතිවිපාකයකි. වසරකට පෙර අමෙරිකානු ඩොලරයක් සඳහා වූ රුපියල් ප්‍රමාණය 175.88 කි. මේ වන විට අමෙරිකානු ඩොලරය, රුපියල් 188 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙවැනි තත්ත්වයක් තුළ අතිවිශාල ප්‍රමාණයක ණය වාරික හා පොලී ගෙවීමේ අභියෝගයකට ද දැන් අප මුහුණදී සිටි. මහ බැංකුවේ දත්තවලට අනුව නම් මේ වසරේ අප්‍රේල් මාසය වනවිට ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 13 ඉක්මවා තිබුණි. 2019 වසරේ අවසාන වනවිට රටේ මුළු ණය ප්‍රමාණය තිබුනේ ට්‍රිලියන 13 සීමාවේය. කොරෝනා නිසා යම් සහන ලැබුනත් මේ වසරේ අතිවිශාල ණය සහ පොලී ගෙවීමට අපට සිදුව තිබේ. රටේ ආදායමත් අඩුවෙලානම්, විදේශීය මුදල් ගලා ඒමත් සීමාවෙලානම් ණය ආපසු ගෙවීමේ ඊළඟ උපක්‍රමය අපේ සංචිතවලින් ණය ගෙවා දැමීමයි. පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනි දා වනවිට විදේශ මුදල්වලින් පැවති සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6609.1 කි. පසුගිය ජුනි 30 වැනි දා වනවිට පැවති සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6240.1 ක් දක්වා අඩුවී තිබේ. දෙසැම්බර් 31 වැනි දා වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 954.9 ක් පැවති රං සංචිතය ද ජුනි 30 වැනි දා වනවිට ඩොලර් මිලියන 383.6 ක් දක්වා අඩුවීම කැපීපෙනෙන තත්ත්වයකි. දුෂ්කර ආර්ථික තත්ත්වය කළමනාකරණය කිරීමට ආණ්ඩුව දැන් යොදාගෙන ඇති ප්‍රධානම උපායක් වන්නේ මාස කිහිපයක් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ පිටරටවලින් ගෙන්වීම තහනම් කිරීමයි. තව ත් බරපතළ අභියෝගයකට රටේ ආර්ථිකය මුහුණදී සිටි. අවස්ථා 8 කදී ශ්‍රී ලංකා මහ බැංකුව 2.5% කින් පොලී අනුපාත පහත දැමුවේ ය. ණය පැත්තෙන් බලද්දී ඒක සහනයක් වුණත් ඉතුරුම්වලට ඉන් සිදුවී තිබෙන බලපෑම බරපතළයි. මේ වනවිට රජයේ සුරැකුම්පත්වල පොලිය අවුරුද්ද මුල තිබුණ ප්‍රමාණයට වඩා 4% කින් පමණ අඩුවී තිබේ. හොඳ පොලී ආදායමක් නැතුව ජනතාව ඉතුරුම්වලට ආකර්ශනය වෙන්නේ නැත. ඉතුරුම් අඩුවෙනවා කියන්නේ තව ත් පැත්තකින් ආර්ථිකය විශම චක්‍රයකට තල්ලු කිරීමකි. එවැනි පසුබිමක අවුරුදු ගණනක් සේවය කරල විශ්‍රාම ගන්න ජනතාවට සහනයක් විදිහට තියෙන අරමුදල් දෙකත් දැන් අර්බුදයකට පත් කර ඇත. සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල එහි තැන්පතුවලට ගෙවන පොලිය 1 % කින් අඩුකර ඇතැයි ප්‍රකාශ කළේ ය. ඒ අනුව 9 % ක්වූ පොලී අනුපාතය දැන 8 % ක් බවට පත්ව ඇත. සේවක අර්ථසාධක අරමුදලට බිලියන ගණනක පාඩුවක් වෙලා තිබුනේ අවිධිමත් ආයෝජන නිසාය. ජනතා මුදල් අවිධිමත් ආයෝජනවල නොයොදවා විධිමත් ආයෝජනවල යෙදවූයේනම් අද මීට වඩා හොඳ ප්‍රතිලාභ ජනතාවට ලබාදිය හැකිව තිබුණි. කෙසේවෙතත් අතිවිශාල අරමුදල් දෙකක් දැන් තියෙන්නේ ගැටලු සහගත තත්ත්වයකය. අඩුම තරමේ මේ අරමුදල් හරියට කළමනාකරණය කළා නම් ආර්ථික පත්වෙලා තියෙන තත්ත්වයෙන් ගොඩට ගන්න රුකුලක් වන ඇති. https://www.facebook.com/NewsfirstSL/videos/3166690060078033/
2020-07-29T07:59:18.000Z
මතිවානන්ගෙන් හිස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ධුරය ජයන්ත ධර්මදාසට
කේ. මතිවානන්ගේ පුටුව ජයන්ත ධර්මදාසට
COLOMBO (News 1st) - කේ. මතිවානන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ධුරය සඳහා ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පත් කිරීමට විධායක කමිටුව තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
2020-07-29T06:45:15.000Z
ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා වන මිල ගණන් ගැසට් කෙරේ
ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා වන මිල ගණන් ගැසට් කෙරේ
COLOMBO (News 1st) - ඩෙංගු රුධිර පරීක්ෂාව හා පූර්ණ රුධිර පරීක්ෂාව සඳහා වැඩි මිල ගණන් අය කරන රෝහල් සහ රසායනාගාරවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. ඩෙංගු රුධිර පරීක්ෂාව සඳහා අය කළ යුතු උපරිම මිල ගණන් දක්වමින් පාරිභෝගික කටයුතු අධිකාරිය අද ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය. එම ගැසට් නිවේදනයට අනුව පූර්ණ රුධිර පරීක්ෂාවක් සඳහා රුපියල් 400 ක උපරිම මිලක් අය කළ යුතුයි. එම ගැසට් නිවේදනයට අනුව ඩෙංගු රුධිර පරීක්ෂාව සඳහා අය කළ හැකි උපරිම මුදල රුපියල් 1200 කි. එම මිල ගණන් ඉක්මවා අය කරන ආයතන පිළිබඳව 1977 දුරකතන අංකයට දැනුම් දෙන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.
2020-07-29T06:02:16.000Z
පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට අගමැතිගෙන් උපදේශක කමිටුවක්
පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට උපදේශක කමිටුවක්
COLOMBO (News 1st) - පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත් කරනු ලැබ තිබේ. දිවයිනේ පුරාවිද්‍යාත්මක කටයුතු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාට උපදෙස් ලබා ගැනීම, විශේෂ ව්‍යාපෘති සඳහා උපදෙස් ලබා ගැනීම, ප්‍රතිපත්ති සම්පාදනය, පුරාවිද්‍යා ස්ථානීය නිරීක්ෂණ සහ සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබා ගැනීම මෙම උපදේශක කමිටුව මගින් අපේක්ෂිතයි. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි, පුජ්‍ය මැටරඹ හේමරතන, ආචාර්ය පුජ්‍ය පල්ලේගම හේමරතන, පුජ්‍ය එල්ලාවල මේධානන්ද, පුජ්‍ය ඇලිකේවෙළ සීලානන්ද, පුජ්‍ය යටිගල්ඔළුවේ විමලරතන, ආචාර්ය පුජ්‍ය පහමුණේ ශ්‍රි සුමංගල, මහාචාර්ය පුජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන, ආචාර්ය පුජ්‍ය මාදුරුඔයේ දම්මිස්සර යන හිමිවරුන් එම කමිටුවේ සාමාජිකයින් වේ. මීට අමතරව ආචාර්ය ශිරාන් දැරණියගල, මහාචාර්ය ටී.ජි. කුලතුංග, ආචාර්ය ගාමිණි විජේසුරිය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිමල් ද සිල්වා, ඉංජිනේරු ගැමුණු සිල්වා, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග, වාස්තු විද්‍යාඥ ඈෂ්ලි ද වෝෂ්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, මහාචාර්ය මුනිදාස පත්මසිරි රණවීර, ඩබ්ලිව්. එම්. එස් වීරසේකර සහ සිරිනිමල් ලද්දුසිංහ යන මහත්වරුන් මෙම උපදේශක කමිටුවේ සෙසු සාමාජිකයින්ය. පුරාවිද්_යා උරුමයන් ආරක්ෂා කිරීමට පුරාවිද්_යා උපදේශක කමිටුවක් පත් කෙරේ.......
2020-07-29T06:54:08.000Z
මෙක්සිකෝවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළට
Covid:මෙක්සිකෝවේ ආසාදිතයින් ඉහළට
COLOMBO (News 1st) - මෙක්සිකෝවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එරට මාධ්‍ය වාර්තා කරන්නේ, නවතම වාර්තා අනුව නව ආසාදිතයින් 7208 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මෙක්සිකෝවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 44,876 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2020-07-29T05:53:33.000Z
ජේලර්වරු තිදෙනෙක් රිමාන්ඩ්
ජේලර්වරු තිදෙනෙක් රිමාන්ඩ්
COLOMBO (News 1st) - මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ ජේලර්වරුන් දෙදෙනා සහ මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කළ ජේලර්වරයා ලබන මස 04 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
2020-07-29T07:01:18.000Z
වියට්නාමයේ යළිත් කොවිඩ් පැතිරයාමේ අවදානමක්
වියට්නාමයේ යළිත් කොරෝනා අවදානමක්
COLOMBO (News 1st) - වියට්නාමයේ යළිත් කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක් මතුව ඇතැයි එරට රජය අනතුරු අඟවා තිබේ. එරටින් ගතවූ මාස තුන තුළ කිසිඳු ආසාදිතයෙකු වාර්තා වී නොවූවද පසුගිය දින කිහිපයේ දී හමුවු ආසාදිතයින් 30 දෙනා සමගින් නැවත වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව තිබේ. ඩා නාංග් නගරයෙන් මෙලෙස ආසාදිතයන් වාර්තා වීමත් සමග විදේශිකයන්ට නගරය වසා දැමුණු අතර, මෙවන විට නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත. එසේම, විදේශිකයන් වැඩි වශයෙන් සංචාරය කරන ප්‍රදේශ වෙත වැඩි අවධානය යොමුකිරීමට ද එරට බලධාරීන් තීරණය කර ඇත. වියට්නාමයේ මේවනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 450ක්.
2020-07-29T05:04:17.000Z
තව ත් කොරෝනා ආසාදිතයින් 21ක් සුවය ලබයි
තව ත් කොරෝනා ආසාදිතයින් 21ක් සුවය ලබයි
COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු අද සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 2317 කි. කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2810 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය. රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 482 කි.
2020-07-29T04:54:18.000Z
දූෂණ හා අක්‍රමිකතා නවතා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරනවා - ජනපති
කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරනවා
COLOMBO (News 1st) - දූෂණ හා අක්‍රමිකතා නවතා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිතුමා සඳහන් කළේ, ලක්ෂ 15 කට අධික රාජ්‍ය සේවකයන් පිරිසක් සිටින නමුත් සේවා ඉටු කර ගැනීමේදී ජනතාවට පෑමට සිදුවී ඇති දුෂ්කරතා පිළිබඳව දෛනිකව තොරතුරු වාර්තා වන බවය. අල්ලස, දූෂණය සහ අක්‍රමිකතා නවතා ජනතාව වෙනුවෙන් කැප වූ රාජ්‍ය සේවයක් ඇති කරන බව ජනාධිපතිතුමා පැවසීය. පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා කළුතර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතවෙමින් ජනාධිපතිතුමා ඊයේ මේ බව පවසා තිබේ.
2020-07-29T04:41:36.000Z
1 සිට 10 ශ්‍රේණිය දක්වා සිසුන්ට අගෝස්තු 10 පාසල් ඇරඹේ.. - අධ්‍යාපන ඇමති
1 සිට 10 ශ්‍රේණිය දක්වා සිසුන්ට අගෝ. 10 පාසල් ඇරඹේ
COLOMBO (News 1st) - 1 සිට 10 ශ්‍රේණිය දක්වා සිසුන්ට අගෝස්තු 10වැනිදා පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යංශයේදී අද පැවති මාධ්‍ය හමුවකදී ය. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසුවේ, 6,7,8,9 ශ්‍රේණි සඳහා පාසල් වේලාව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා වන අතර 10, 11, 12 සහ 13 ශ්‍රේණිවලට පාසල් වේලාව පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා බවයි. තව ද සියලු ගුරුවරු සාමන්‍ය පරිදි තම තමන්ගේ පාසල්වලට වාර්තා කළ යුතු අතර සියලුම ගුරුවරුන් පස්වරු 3.30 තෙක් පාසලේ රැඳි සිටීමට අවශ්‍ය නොවන බව ද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේය. පස්වරු 1.30 සිට පස්වරු 3.30 දක්වා කාලසටහන හිමි ගුරුවරුන් පමණක් පාසලේ රැඳි සිටිය යුතු වේ. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසුවේ, මෙම වැඩපිළිවෙළ ඔක්තෝබර් 09 වැනි දා දක්වා ක්‍රියාත්මක වන බවයි. මේ අතර ළමුන් 200 ට වඩා අඩු ප්‍රාථමික අංශ තිබෙන පාසල්වල දරුවන් පැමිණිය යුතු ආකාරය පිළිබඳව ද රංජිත් චන්ද්‍රසේකර මහතා අදහස් පළ කළේය. ''ශිෂ්‍ය සංඛ්‍යව 200 අඩු මීටරයක පරතරය තියාගෙන පවත්වන්න පුළුවන් සියලු පාසල්වල සියුලම ශ්‍රේණිවල සිසුන් අපි 10 වැනි දා පාසලට කැඳවනවා.ඒ අනුව 200 ට වඩා ළමුන් ඉන්න පාසල්වල ප්‍රාථමික අංශය සඳුදා දින 1 ශ්‍රේණියත් 05 වන ශ්‍රේණියත්, අඟහරුවාදා දින 02 ශ්‍රේණියත් 05 වන ශ්‍රේණියත්, බදදා දින තුන්වන ශ්‍රේණියත් 05 වන ශ්‍රේණියත්, බ්‍රහස්පතින්දා දින 04 වන ශ්‍රේණියත් 05 වන ශ්‍රේණියත් සිකුරාදා 04 වන ශ්‍රේණියත් 05 වන ශ්‍රේණියත් කැඳවනවා. 1, 2 , 3 ශ්‍රේණි සඳහා සතියකට එක දවසයි පාසලට කැඳවන්නේ ඔවුන්ගේ ඉතිරි දවස් 04 ඔවුන් සඳහා ගෙදරදී කරන්න පුළුවන් නිර්මාණාත්මක වැඩකටයුතු පාසල් විසින් පවරනු ලබනවා" https://www.facebook.com/NewsfirstSL/videos/351213879612724/
2020-07-29T02:49:37.000Z
NEWS ALERT : මතිවානන් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
මතිවානන් ක්‍රිකට් උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
COLOMBO (News 1st) : කේ. මතිවානන් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, වත්මන් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා ඉල්ලා අස්වන බවයි. ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන උප සභාපතිවරුන් දෙදෙනාගේ මූලික වගකීම් අතර ජාත්‍යන්තර ක්‍රිකට් හා දේශීය ක්‍රිකට් යන දෙඅංශයම මෙහෙයවීමේ සම්ප්‍රදායක් පැවතිය ද වර්තමානයේ කිසිදු වගකිවයුතු කටයුත්තක් ලබා නොදීම හේතුවෙන් වත්මන් පරිපාලනය තමා හුදකලා කර ඇති බව ද එහි සඳහන් ය. මේ වන විට සිදුවන ක්‍රියාවලිය තුළ අනාගතයේදී තමා ක්‍රීඩාවෙන් උපයා ගත් කීර්තිනායමට හානී කර ගැනීමට සූදානම් නොමැති බව ද ඔහු සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ. කේ. මතිවානන් නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් නැරඹීට පිවිසෙන්න.... https://www.youtube.com/watch?v=wOhbI3QMIjs&feature=youtu.be https://www.facebook.com/NewsfirstSL/videos/604825460173649/
2020-07-29T02:20:03.000Z
එතනෝල් සහ මත්පැන් ප්‍රවාහනය කළ සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට
සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) : එතනෝල් බෝතල් කිහිපයක්, මත්පැන් බෝතල් කිහිපයක් සහ මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ස්ප්‍රීතු සමග සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ජා-ඇල පමුණුගමදී කළ වැටලීමකිනි. නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, සැකකාර නිලධාරියා සම්බන්ධයෙන්, විමර්ශනයක් සඳහා නියෝජ්‍ය කොමසාරිස්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිල වශයෙන් දැනුම් දුන් පසු සැකකරුගේ වැඩ තහනම් කිරිමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය. සැකකාර සුරාබදු නියාමකවරයා වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
2020-07-29T01:38:31.000Z
ETF පොළිය පහත වැටේ
ETF පොළිය පහත වැටේ
COLOMBO (News 1st) : සේවා නියුක්තිකයින්ගේ අරමුදල් මණ්ඩලයේ සාමාජිකයින්ගේ මුදල් සඳහා ගෙවන පොලිය 1% කින් පමණ අඩු වී තිබේ. සේවා නියුක්තිකයින්ගේ අරමුදල් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, 2018 වසරේ එම පොළී ප්‍රතිශතය 9% ක අගයක පැවති බවයි. එහෙත් මේ වන විට එහි අගය 8% ක් දක්වා පහත වැටී ඇති බව ද එම නිලධාරියා පෙන්වා දුන්නේ ය. ඔහු පැවසුවේ, පසුගිය වසරේ එල්ල වු අන්තවාදී ප්‍රහාරය සහ වත්මන් වසංගත තත්ත්වය හේතුවෙන්, මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි. ආයෝජන සඳහා හිමිවන ආදායම සීඝ්‍ර ලෙස පහත වැටීමෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇතැයි, සේවා නියුක්තිකයින්ගේ භාරකාර මණ්ඩලය පවසයි.
2020-07-29T01:28:26.000Z
PTL හරහා ආයෝජනය කර ඇති මුදල් ස්ටෙලා අයිරාංගනීට ගෙවන්නැයි, අධිකරණයෙන් නියෝග
ස්ටෙලා අයිරාංගනීට මුදල් ගෙවනවාට විරුද්ධ නැහැ - PTL
COLOMBO (News 1st) : 2015 පෙබරවාරි 27 දින ප්‍රශ්නගත බැඳුම්කර මිලදී ගැනීම සඳහා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මගින් ස්ටෙලා අයිරාංගනී දිසානායක මහත්මිය ආයෝජනය කර ඇති මුදල හා ඊට අදාළ පොළිය රුපියල් පහළොස් ලක්ෂ අටදහසක මුදලක් ඇය වෙත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයාට නියෝග කළේ ය. මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළේ, එම ආයෝජනය මේ වනවිට කල් පිරී ඇති බැවින් මේ වනවිට ශ්‍රී ලංකා මහබැංකුව විසින් තහනමට ලක් කර ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තත්කාලීන දළ පියවුම් පද්ධති ගිණුමෙන් එම මුදල් මුදා හරින ලෙසයි. එම මුදල් ස්ටෙලා අයිරාංගනී දිසානායක මහත්මිය සිය සමාගම හරහා ආයෝජනය කර ඇති බැවින්, කල් පිරී ඇති නම් එම මුදල හා ඊට අදාළ පොළිය ඇය වෙත මුදා හැරීමට විරුද්ධත්වයක් නොමැති බවට මහබැංකු අධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දෙන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහිදී පර්පෙවුචල් ට්‍රෙෂරීස් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස් මහතා වෙත නියෝග කළේ ය.
2020-07-29T00:24:43.000Z
මාස 7ක් තුළ අල්ලස් ගත් රාජ්‍ය නිලධාරීන් 21ක් අත්අඩංගුවට
අල්ලස් ගත් රාජ්‍ය නිලධාරීන්ගේ වැඩිවීමක්
COLOMBO (News 1st) : රාජ්‍ය නිලධාරීන් අල්ලස් ගැනීමේ සිදුවීම් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ වැඩිවීමක් පෙන්නුම් කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. එහි විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණි වීරසුරිය මහත්මිය සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ ක්‍රියාත්මක කළ වැටලීම් 17 කින් සැකකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම සැකකරුවන් අතර, විදුහල්පතිවරයෙක්, පොලිස් සැරයන්වරු සිව් දෙනෙක්, කොස්තාපල්වරයෙක්, පොලිස් පරීක්ෂකවරයෙක්, උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක්, ධාවන සටහන්කරුවෙක් වෙති. ඊට අමතරව, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරයෙක්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරුවෙක්, ප්‍රාදේශීය ලේකම්වරයෙක්, සහකාර අධ්‍යක්ෂවරයෙක් සහ ග්‍රාම නිලධාරීයෙකු ඇතුළු පිරිසක් වන බව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කළේ ය. අල්ලස් ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පසුගිය වසරේ ජනවාරි පළමුවනදා සිට ජුලි මස 27 වනදා තෙක් කළ වැටලීම් සංඛ්‍යාව 24 කි. කොරෝනා වසංගතය පැතිරයාම හමුවේ, රට තුළ ඇඳිරි නීතිය පනවා තිබියදීත්, අල්ලස් ගැනීමේ සිදුවීම් වාර්තා වීමේ ප්‍රවණතාවක් ඇතැයි ද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී පද්මිණී විරසුරිය මහත්මිය පැවසුවා ය.
2020-07-28T23:59:09.000Z
කටාර් සිටි තවත් ලාංකිකයන් 29 ක් දිවයිනට
ශ්‍රී ලාංකිකයන් 29ක් දිවයිනට
COLOMBO (News 1st) : කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 29 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ. ගුවන් තොටුපළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, ඔවුන් කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට මෙරටට පැමිණි බවයි. මේ අතර, එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට දිවයිනට පැමිණ තිබේ. එම පිරිස ඊයේ රාත්‍රීයේ මෙරටට පැමිණි බව ගුවන්තොටුපළ බලධාරීහු ප්‍රකාශ කළහ. මෙරටට පැමිණි පිරිස PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව , නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.
2020-07-28T23:16:25.000Z
රිය අනතුරුවලින් පුද්ගලයින් සිව් දෙනෙක් මරුට
ගතවූ පැය 24 තුළ මාරක අනතුරු 4ක්
COLOMBO (News 1st) : ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයකදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, බොරැල්ල, හංවැල්ල, පන්නල, සහ සපුගස්කන්ද යන ප්‍රදේශවලින් එම අනතුරු වාර්තා වන බවයි. බොරැල්ල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදුවූ එක් අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පැවසී ය. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 42 හැවිරිදි උඩුවර, අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචිකාරියකි. මේ අතර හංවැල්ල, මීගොඩ ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, වේගය පාලනය කරගැනීමට නොහැකිව ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයේ පෙරළී ඉදිරියෙන් පැමිණි ලොරියක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් ත්‍රීරෝද රථයේ පිටුපස ගමන්කළ පුද්ගලයා මියගොස් ඇති අතර ඔහු බදුල්ල, තෙල්බැද්ද ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. මේ අතර පන්නල කුලියාපිටිය මාර්ගයේ යක්පිල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, යතුරුපැදියක් පදිකයෙකුගේ ගැටී අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ, 70 හැවිරිදි යක්පිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඊයේ පස්වරුවේ, සපුගස්කන්ද ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, මෝටර් රථයක් පසුකර යාමට උත්සහ කළ යතුරුපැදියක එම රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් යතුරුපැදිකරු මියගොස් ඇති අතර, ඔහු 45 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2020-07-28T22:57:30.000Z
පාසල් දින සැමරුම් හා විෂය බාහිර ක්‍රියාකාරකම් තාවකාලිකව නවතී
පාසල් විෂය බාහිර ක්‍රියාකාරකම් අත්හිටුවයි
COLOMBO (News 1st) : පාසල් ආශ්‍රිතව සංවිධානය වන දින සැමරුම් සහ විෂය බාහිර ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවා ඇතැයි, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එහි රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි. අදාළ ක්‍රියාකාරකම් දෙවන පාසල් වාරය තුළ සංවිධානයට කිසිදු අයුරකින් අවසර ලබා නොදෙන බව ද ඔහු පැවසී ය. ලේකම්වරයා සඳහන් කළේ, තෙවන පාසල් වාරයේදී ඊට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් යළි සලකා බලන බවයි. මේ අතර පාසල් ක්‍රීඩා කණ්ඩායම් සාමාජිකයින්ට පුහුණු වීම් සඳහා අවසර ලබා දී තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, අධ්‍යන කටයුතුවලට බාධාවක් නොවන පරිදි එම කටයුතු සැලසුම් කළ යුතු බවයි.
2020-07-28T21:11:32.000Z
රාජාංගනයේ තැපැල් ඡන්දය අද
රාජාංගනයේ තැපැල් ඡන්දය අද
COLOMBO (News 1st) : කොරෝනා වසංගතය උත්සන්න වීමත් සමග සංචරණ සීමා ක්‍රියාත්මක වූ රාජංගනය ප්‍රදේශයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද සිදු කෙරෙයි. අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ආර්. එම්. වන්නිනායක මහතා පැවසුවේ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් 420 කු අද සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බවයි. මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා දීම අදින් අවසන් කරන බව, තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, නිල ඡන්ද පත්‍රිකාවලින් 98% ක් පමණ මේ වන විට නිවෙස් වෙත බෙදා හැර අවසන් බවයි. මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු පුද්ගලයින් වේනම් සිය ඡන්ද පත්‍රිකාව තමන් අයත් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලබා ගන්නා ලෙසද, ඔහු දැනුම් දෙයි.
2020-07-28T21:04:04.000Z
දින 11කට පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යළි සේවයට
දින 11කට පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යළි සේවයට
COLOMBO (News 1st) : දින 11 පුරා ක්‍රියාත්මක කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද සිට අවසන් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, අද උදෑසන 7.30 සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇති බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම තීරණයට එළැඹියේ අග්‍රාමාත්‍යවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරිය සමග ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇති බලතල අනුව යම් නඩු පැවරීමකදී එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගෙන් විමසා සිදු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එකඟතාව පළ කළ බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා අතර ඒ සම්බන්ධයෙන් යම් පරස්පරතාවක් ඇති වුවහොත් ඒ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයා හමුවේ එකඟතාව පළ කළ බව ද එම නිවේදනයේ දැක්වේ.
2020-07-28T20:50:12.000Z
නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක්
නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක්
COLOMBO (News 1st) : දිවයිනේ විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර , සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි. උතුරු , උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි වේ.
2020-07-28T20:46:25.000Z
විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අනිද්දා සිට
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම අනිද්දා සිට
COLOMBO (News 1st) : විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අනිද්දා සිට යළි අරඹන බව ජනාධිපති කාර්යාලය පවසයි. ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ, ඒ අනුව, අනිද්දා ඩුබායි සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බවයි.
2020-07-28T20:26:39.000Z
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,810ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,810ක් දක්වා ඉහළට
COLOMBO (News 1st) : මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,810ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (28) දිනයේ මෙරටින් වාර්තා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් ද ඇතුළුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගින් සංඛ ඊයේ රෝගීන් 175 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යා වද 2296ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2020-07-28T19:18:31.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) : දේශීය පුවත් 1. නිට්ටඹුව ඉඩම් ආරවුලෙන් යළි මතුවන කොල්ලුපිටියේ කෝටිපතියාගේ ඝාතන අබිරහස : පාර්ශව 2ක් අයිතිවාසිකම් කියන අක්කර 32 ක නිට්ටඹුවේ ඉඩම් ආරවුලක් ගැන අප පසුගියදා තොරතුරු වාර්තා කළේ ය. 2. ”උදෙන්ම ඡන්ද පොළට යන්න හවස් වෙද්දි මොනව වෙයිද දන්නේ නෑ..” - : ඡන්දය දිනයේ උදෙන්ම ගොස් ඡන්ය ප්‍රකාශ කරන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරයි. 3. මත් උවදුර මඩින්න ජනපති ජනතා සහය ඉල්ලයි : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොළඹ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට සහය පළ කිරීමේ ජනතා හමු කිහිපයකට සහභාගිවිය. 4. ආසාදිතයින් 2යි, 175කට සුවයි : තවත් කොරෝනා ආසාදිතයින් 175 දෙනෙකු සුවය ලබා තිබේ. 5. පුත්තලමේ අපේක්ෂකයෙකුට එරෙහිව වැඩබලන පොලිස්පති වාර්තාවක් කැඳවයි: පුත්තලමේදී මැතිවරණ අපේක්ෂකයෙකු හා ආධාරකරුවන් පිරිසක් හිස් ආවරණ නොමැතිව යතුරු පැදිවල ගමන් කිරීමේ සිද්ධිය පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා වාර්තාවක් කැඳවා තිබේ. 6. සමගි ජන බලවේගයෙන් තරග කරන 54 කගේ එජාප සාමාජිකත්වය අහෝසි කෙරේ : 2020 මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් තරග කරන 54 දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. 7. ගෙලිඔය රිය අනතුරකින් අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙකු මරුට: පේරාදෙණිය – ගම්පොල මාර්ගයේ ගෙලිඔය, කරමඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙකු මියගොස් තිබේ.
2020-07-28T11:10:14.000Z
පින්නවලින් අලි දෙන්නෙක් පැනලා ගිහින්
පින්නවලින් අලි දෙන්නෙක් පැනලා ගිහින්
COLOMBO (News 1st) : පින්නවල අලි සංරක්ෂණාගාරයේ සිටි අලින් දෙදෙනෙකු අද රක්ෂිත භූමියෙන් පැන ගොස් තිබේ. පින්නවල අලි සංරක්ෂණාගාරයේ අලින් අද උදෑසන නෑවීමට රැගෙන යන අවස්ථාවේ අලින් දෙදෙනෙකු පැන ගොස් ඇති බව අප වාර්තාකරු පැවසී ය. එලෙස පැනගියේ රංගිරි අලියා සහ තවත් අලියෙකි. පින්නවල අලි සංරක්ෂණාගාරයේ නිලධාරීන් පැවසුවේ, අදාළ අලින් දෙදෙනා අතර යම් ගැටුමක් ඇති වී අනතුරුව අලි දෙදෙනා හිරිවඩුන්න අන්දිරමඩ ප්‍රදේශයට පැන ගිය බවයි. එක් අලියෙකු මෙල්ල කර ගැනීමට හැකිවූ නමුත් රංගිරි නම් අලියා මෙල්ල කර ගැනීමට නොහැකි වී තිබේ. මෙම සිදුවීමෙන් ප්‍රදේශයේ වගාවන්ට , නිවාසයකට හා තවත් ඉදිරිකිරීම් කිහිපයකට හානි වී ඇතැයි අප වාර්තාකරු පැවසී ය. කෙසේවෙතත් අවසානයේ පින්නවල අලි සංරක්ෂණාගාරයේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය එක්ව මෙල්ල කර ගැනීමට නොහැකි වූ රංගිරි අලියා නිර්වින්දනය කොට නැවත සංරක්ෂණාගාරයට රැගෙන විත් තිබේ. පින්නවල අලි සංරක්ෂනාගාරයේ නිලධාරීන් පැවසුවේ, ජාත්‍යන්තර නීතින්වලට අනුව දම්වැල් නොමැතිව මෙම අලින් සිටීම නිසා මෙලෙස පලා යාමට හේතු වූ බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/304349297536065/
2020-07-28T11:03:51.000Z
ජනපති කොමිසමකින් විමසූ කරුණකට එරෙහිව තවත් කොමිසමකට යා හැකි ද?
ජනපති කොමිසම්වලට අදාළව නීතිමය ගැටලුවක්
COLOMBO (News 1st) : ජනාධිපති කොමිෂන් සභාවක මීට පෙර විමර්ශනය කළ කරුණකට එරෙහිව වෙනත් ජනාධිපති කොමිසමක් හමුවට ඉදිරිපත්වන පැමිණිලි විභාග කළ හැකි දැයි අද නීතිමය ගැටලුවක් මතුවිය. මේ ගැටලුව මතුවුණේ, දේශපාලන පළි ගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත්වූ පැමිණිල්ලක් සම්බන්ධයෙනි. මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතිය සහ දිනපොත් මුද්‍රණයක් සම්බන්ධයෙන් 2012 වසරේ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්දන පැල්පිට මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ බරපතළ වංචා විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ චූදිතයෙකු ලෙස නම්කර තිබිණ. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ දේශපාලන පලි ගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණි පැල්පිට මහතා පැමිණිල්ලක් ගොනුකරමින් කියා සිටියේ බරපතළ වංචා විමර්ශනය කළ ජනාධිපති කොමිසම හමුවේ තමන්ට එරෙහි පැමිණිල්ල දේශපාලන පළිගැනීමක් බවයි. මෙම ගනුදෙනුවලට තම සම්බන්ධයක් නොමැති බවත් කොමිසම හමුවේ බොරු සාක්ෂි ඉදිරිපත්කර තමන් චූදිතයෙකු බවට පත්කළ බවත් චන්දන පැල්පිට මහතා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ. ඔහු කියා සිටියේ, ජනාධිපති කොමිසමේ නිර්දේශ මත තමන්ට එරෙහිව අධිකරණ ක්‍රියාවළියක් ද ආරම්භ කළ බවයි. දේශපාලන පළි ගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත්වූ අවස්ථාවේ කියා සිටියේ කලින් ජනාධිපති කොමිසමක විමර්ශනයවූ කරුණක් නැවත එවැනි කොමිසමක විභාග කිරීමට ඇති හැකියාව පිළිබඳව කරුණු සොයා බැලිය යුතු බවයි. ඒ අනුව මේ පිළිබඳව නීතිමය තත්ත්වය විමසා වාර්තා කරන ලෙස සභාපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසමට සහය වන අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහන්ත අබේසූරිය මහතාට දැනුම් දුන්නේ ය. මේ අතර ජනාධිපති කොමිසම හමුවේ විමර්ශනයට ලක්වන සිදුවීම් පිළිබඳව කොමිෂන් ශාලාවෙන් පිටත එය පැවැත්වෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුළදී මාධ්‍යයට අදහස් පළ කිරීම වළක්වන නියෝගයක් ජනාධිපති කොමිසම අද නිකුත් කළේ ය. කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ, මැතිවරණ කාල සීමාවක සිදුවන මේ ක්‍රියාව නිසා මැතිවරණ නීති උල්ලංඝනය වන බවට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාතිවරයාද දැනුම්දී ඇති බවයි. ඒ අනුව කොමිෂන් සභා රැස්වීමේදී ඉදිරිපත්වන කරුණු සම්බන්ධයෙන් ඉන් පිටතදී ඒ පිළිබදව අදහස් දැක්වීමෙන් වළකින ලෙස සභාපතිවරයා අවවාද කළේ ය. මේ අතර රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතාගේ පැමිණිල්ලේ වැඩිදුර විභාගය අගෝස්තු 21 දක්වා කල් ගියේ ය. ඊට අදාළව කොමිසම හමුවේ පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා සහ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥවරයෙක් ද පෙනී සිටියේ ය. ඔවුන් කොමිසමෙන් ඉල්ලා සිටියේ පැමිණිල්ලේ පිටපත් අධ්‍යයනය කළ යුතු බැවින් ඡන්දයට පසු දිනයක් ලබාදෙන ලෙසයි.
2020-07-28T10:49:13.000Z
නිට්ටඹුව ඉඩම් ආරවුලෙන් යළි මතුවන කොල්ලුපිටියේ කෝටිපතියාගේ ඝාතන අබිරහස
ඉඩම් ආරවුලෙන් මතුවන කෝටිපතියාගේ ඝාතන අබිරහස
COLOMBO (News 1st) : පාර්ශව 2ක් අයිතිවාසිකම් කියන අක්කර 32 ක නිට්ටඹුවේ ඉඩම් ආරවුලක් ගැන අප ඊයේ (27) ද තොරතුරු වාර්තා කළේ ය. මේ වන විට පැන නැගී ඇති ප්‍රශ්නය ඉඩමේ අයිතිවාසිකම කාට ද කියන කරුණ නොවන අතර ප්‍රශ්නය වී ඇත්තේ, ඉඩමේ සැබෑ හිමිකරුට කුමක් සිදුවූවේ ද යන්නයි. කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ මෙම ඉඩමේ සැබෑ හිමිකරුවා මාස කිහිපයකට පෙර ඝාතනයට ලක්වී ඇත. මේ ඝාතන අභිරහස පිටුපස ඇත්තේ දේපොළ ආරවුලක් ද? ක්‍රිස්ටෝපර් අශෝක දසනායක ඉතා වටිනා දේපොළ රැසකට හිමිකම් කී ව්‍යාපාරිකයෙකි. මේ වසරේ ජනවාරි 15 වනදා මේ කෝටිපති ව්‍යාපාරිකයා ඔහුගේ කොළඹ කොල්ලුපිටියේ, කර්නල් ටී.ජී. ජයවර්ධන මාවතේ පිහිටි සුපිරි මන්දිරය තුළදී ප්‍රහාරයකට ලක්වී තිබේ. එවක මාධ්‍ය වාර්තා කළේ, පිහි ඇනුම් සහ වෙඩි වැදී සිදුවූ තුවාල හේතුවෙන් රෝහල්ගත කළ ව්‍යාපාරිකයා ඉන් දින 4 කට පසුව මිය ගිය බවයි. 2006 දී ඔහුගේ පුත්‍රයා ඇමරිකාවේදී මියගොස් තිබුණේ, හදිසි අනතුරකිනි. බිරිඳ රෝගීවී ඊට පසුව මෙරටදී මියගොස් සිටි අතර ව්‍යාපාරිකයා පසුව තනිව වාසය කර තිබේ. කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදාවේ හිටපු ලුතිනන්වරයෙකු හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පසුගිය මැයි මාසයේදී පුවත්පත් වාර්තා කර තිබිණ. අප ඊයේ ප්‍රදර්ශනය කළ මේ දර්ශනවල ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයාගේ කොළඹ පිහිටි සුපිරි නිවාසයි. මෙම දේපොළවලට අමතරව නිට්ටඹුවේ අක්කර 32 ක පොල්ගහආර ඉඩම ද මේ ව්‍යාපාරිකයාට අයිතිව තිබූ දේපොළකි. ඔහුගේ ඝාතනයෙන් පසුව කොළඹ පිහිටි සුපිරි නිවාස මේ වනවිට භුක්ති විඳින්නේ‍ ඇන්ඩෲ සමරකෝන් නමැති අයෙකි. නිට්ටඹුවේ ඉඩමට ආරවුල මතුව ඇත්තේ මේ ඇන්ඩෘ සමරකෝන් සහ කෝටිපති ව්‍යාපාරිකයාගේ සමීපතමයකු මෙන්ම දුරින් ඥාතියෙකු බව කියන ධනසිරි විජේසිංහ නමැත්තා අතරයි. ධනසිරි විජේසිංහ නමැත්තා පවසන ආකාරයට තෑගි ඔප්පුවකින් ඔවුන්ට මේ ඉඩමේ කොටසක් හිමිවී තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇන්ඩෲ සමරකෝන් සිදු කළ ප්‍රකාශය පහතින්... ''මේ කතාව පටන් ගන්නේ මාස 06 කට කලින් , මගේ මාමා වන අශෝක දසනායකේ ගේ ඝාතනයත් සමග. මේ මිනීමැරුම වුනේ ජනවාරි මාසයේ .ඒ සිද්ධීයෙන් පස්සේ මම මගේ මාමාගේ දේපළ බලා ගත්තා.මම මේ දේපල වලට උරුමක්කාරයෙක් විතරක් නෙවෙයි. මම මේවයේ පරිපාලකයා. මේ පුද්ගලයා පෙන්නන්නේ 2008 ඔප්පුවක්.මං ලග තියෙන්නේ 2016 බිම් සවිය හිමිකම් පත්‍රයක්. මේ හරහා මේ ඉඩමට මගේ අයිතිය තහවුරු වෙනවා.ඔහු පෙන්වන 2008 ඔප්පුව තාම අධිකරණයටවත් පෙන්නලා නෑ. ඔවුන් කරලා තියෙන්නේ මේ ඔප්පුව පෙන්නලා , ඔවුන් මේ ඉඩමේ අයිතිකාරයෝ කියලා නීතිමය ක්‍රියාමාර්ග ගත්ත එක. අපි මේ පිළිබදව පොලිසියට පැමිණිලි කලා.පොලිසිය තමයි අපිට කිව්වෙ පුද්ගලිකව ඇවිල්ලා ලියකියවිලි පෙන්නලා අයිතිය තහවුරු කරලා , පැමිණිල්ල ඉදිරිපත් කරන්න කියලා.පොලිසිය අපිට කිව්වා ඔවුන් පළමුව මෝටර් රථයක් යවන්නම් ඉන් පසුව අදාල ස්ථානයට එන්න කියලා. අපි ඒ ස්ථානයට ගියාම අපි කවරදාවත් දැක නැති සිද්ධියක් අපි දැක්කා. ඔහු කියනවා ඔහු තමයි අයිතිකරු කියලා , ඔහු මුරකරුවෙක්.ඔහු මගේ මාමාගේ මුර කරුවා.ඔහු වසර තුනකට කලින් විශ්‍රාම ගියා. අපි පව් කියලා හිතලා ,ඔවුන්ට ඉන්න ඉඩ දුන්නා.ඔවුන්ව අපිට ඒ වස්ථාවේදී පන්නන්න තිබ්බේ.නමුත් අපි නීතිමය පියවර ගත්තා.අපි නෙරපිමේ නඩුවක් ගොණු කලා.අපි ඒක ඔහුට විරුද්ධව ගොනු කළ නඩුවක්. මම ඔවුන්ව එලියට දාන්න ගියේ නෑ. මම අවේ මගේ බංගලාවට ඇතුළු වෙන්න. මගේ බඩු හොරකම් කරලා තියෙනවද කියලා බලන්න මට උවමනා වුනා'' පසුගිය සති අන්තයේ නිට්ටඹුවේ පොලීසියේ නිලධාරීන් සමග ඉඩමට ඇතුළු වූ ඇන්ඩෲ සමරකෝන් නමැත්තා ඇතුළු පිරිසට එහි දැනට රැඳී සිටින ධනසිරි විජේසිංහ නමැත්තාගේ පාර්ශ්වය දැඩි විරෝධය පළ කළේ ය. එහිදී සිදුවීම පිළිබඳව අදහස් පළ කළ ඇන්ඩෲ සමරකෝන්.... ''ගිය පාරත් එහෙම වුණා. අපි ගියාට අපිට ඔවුන්ව එළියට දාන්න උවමනාවක් තිබ්බේ නෑ. එහෙම අපිට මිනිස්සුන්ව එළියට දාන්නත් බෑ. මේක නීතිමය කටයුත්තක්. නඩුව දිනපුවහම ඒ වැඩේ පිස්කල් කරයි .ඔවුන් මේ නඩුව පරදීයි කියල බයවෙලා ඉන්නේ. ඔවුන් මේ හා සම්බන්ධ සියලු නඩු පරදියි කියලා බයවෙලා ඉන්නේ.මෙතන තියෙන්නේ එක නඩුවක් නෙවෙයි.මම කතා කලේ ඊයේ සිද්ධිය ගැන විතරයි. මෙතන තියෙන සැබැ කතාව තමයි ව්‍යාජ ඔප්පු හැදීමේ ජාවාරමක්.මේවට දේශපාලන හස්තයන් බලගතු පුද්ගලයින් සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. මෙතන පළමුව වෙන්න ඕන දේ තමයි මේ මරණයට සාධාරණය සිදුවෙන්න ඔනෙ.මේ ඝාතනය විමර්ශනය සිදු කරන්නේ පොලිසය සී අයි ඩී එකයි. මෙතන ගැටලුවක් නෑ.මම අවධානය යොමු කරන්නේ මේ ඉඩම් නීති විරෝධිව අත්පත් කර ගැනීම වැළක්වීමටයි. අත්තනගල්ල උසාවියෙන් නියෝගයක් දීලා තියෙනවා මේ පුද්ගලයා මුරකරුවෙක් විතරයි කියලා .ඔහුට මේකට නෛතික හිමිකමක් නෑ කියලා. පලදාව ලබා ගන්න බෑ කියලා. මේ ඕඩර් එක ලැබිච්ච ඉක්මනටම මේ අය කලබල වෙලා.මොකද මොහුට සම්බන්ධ බලගතු තැන් තෙරුම් ගන්නවා මේ පුද්ගලයාට මේ ඉඩමට අයිතියක් නෑ කියලා. ඔවුන් හිර වෙලා ඉන්නේ.ඒක නිසා ඔවුන්ට වෙන කරගන්න දෙයක් නෑ ,ඔවුන් මට ප්‍රහාර එල්ල කරනවා'' ඉඩමේ පදිංචිකරුගේ පුත්‍රයා වන තිලංග බණ්ඩාර විජේසිංහ පළ කළේ මෙවැනි අදහසකි. ''මේ මගේ තාත්තට අයිත ඉඩම. මේ වන විට දැන් ඉඩම් මංකොල්ලයක් වෙනවා. මේ ඉඩම් බලහත් කාරයෙන් අල්ලගන්න පිරිසක් එනවා.එයාගෙ නම ඇන්ඩෲ සමරකෝන් කියලා කෙනෙක්. ඇන්ඩෲ සමරකෝන් කියන කොන අපිට ජීවිත තර්ජනත් කරනවා.එයගේ සෙකියුරිටි ෆර්ම් එකක් මේ වත්තට ඇතුළු කරනවා'' ඉඩමේ පදිංචිව සිටින ධනසිරි විජේසිංහ මේ සම්බන්ධයෙන් පළ කළ අදහස් පහතින්... ''අප කියන්නේ පොලීසියට කොලින් වැඩ කරන්න කියලා.මේ විදිහට ඉඩම් මංකොල්ල කන්න ගියාම අපේ තියෙන ඔප්පු වලට මොකද වෙන්නෙ. මේ ඔප්පු කැලේට යනවා. මෙහෙම හරි තියෙන්නෙ උසාවි නියෝගය උඩ. නඩු කාර උන්නැහේට පිස්සු නෑනේ තහනම් නියෝග දෙන්න අපිට ඔප්පු නැත්තම්.අපි මේ සම්බන්ධයන් ඉහලට දන්වලා තියෙනවා.ඇයි පොලිසිය ඒවා අහන්නේ නැත්තේ.දැන් පොලිසියත් එක්කනේ එන්නේ.මගේ නෝනව තල්ලු කෙරුවා එහෙම කරන්න පුළුවන්ද පොලිසියට'' පොලීසිය සති අන්තයේ සිදුවීම සම්බන්ධයෙන් ධනසිරි හා තිලංග පියපුතු දෙපළ අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ. හිමිකරු ඝාතනයට ලක්වූ ඉතා වටිනා දේපොළකට දැන් දෙපාර්ශ්වයක් හිමිකම් කියමින් සිටී. සියල්ල මැද කෝටිපති ව්‍යාපාරික ක්‍රිෂ්ටෝපර් අසෝක දසනායකගේ ඝාතනය තවමත් අභිරහසකි. ඒ අභිරහස කුමක්ද? https://www.facebook.com/NewsfirstSL/videos/284462999447350/
2020-07-28T10:28:15.000Z
''උදෙන්ම ඡන්ද පොළට යන්න හවස් වෙද්දි මොනව වෙයිද දන්නේ නෑ..''
''උදෙන්ම ඡන්ද පොළට යන්න'' - අගමැති
COLOMBO (News 1st) : ඡන්දය දිනයේ උදෙන්ම ගොස් ඡන්ය ප්‍රකාශ කරන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරයි. ''තමුන්නාන්සේලාගේ ඒ වටිනා ඡන්දය අපතේ යවන්න එපා. ඡන්ද පොළට යන්න ඕන උදේ පාන්දරින්. මොකද මේ දවස්වල උදෙන්ම ඡන්දේ ටික දාන්න නැත්තම් හවස් වෙනකොට මොකක් වෙයිද දන්නේ නෑ'' බංකොලොත් තත්ත්වයකට වැටුණු යුගයකට මුහුණ දීමට සිදුව ඇති බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසී ය. ''ආර්ථික අංශයෙන් පෙන්නන හැම අශයෙකින්ම අපි උඩට ඇවිල්ලා තිබුනේ හාමුදුරුවනේ. ඒවා ඔක්කොම පහතට වැටිලා රටේ බංකොලොත් තත්තවයකට වැටිච්ච යුගයක් අපිට අද මුහුණ පාන්න වුණා'' අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ, පොදු ජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ මාවතගමදී පැවති ජන හමුවක් අමතමිනි. https://www.facebook.com/NewsfirstSL/videos/2716760395249825/
2020-07-28T10:12:07.000Z
පුරාවස්තු වැනසූ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද?
පුරාවස්තු වැනසූවන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද?
COLOMBO (News 1st) : කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් නගරාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, ඉල්ලා ජාතික ජනබල වේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නාමල් කරුණාරත්න මහතා අද අභියාචනාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කළේ ය. නීතිඥ සුනිල් වටගල මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිවරයා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා, නීතිපතිවරයා, කුරුණෑගල නගරාධිපතිවරයා සහ කුරුණෑගල මහ නගර සභාව නම් කර තිබේ. II බුවනෙකබාහු රජතුමා විසින් භාවිත කළ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කුරුණෑගලග නගර මධ්‍යයේ පිහිටි එම රාජසභා මණ්ඩපය පෞරාණික වටිනාකමක් සහිත ස්ථානයක් බවට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා විසින් කුරුණෑගල නගරාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබියදී එකී දැනුම්දීම පිළිබඳව කිසිදු තැකීමක් සිදුනොකර නගර සභාවට අයත් බැකෝ යන්ත්‍ර යොදවා සිදුකර ඇති එකී විනාශය බරපතල අපරාධයක් බව ද පෙත්සම්කරු අභියාචනාධිකරණයට පෙන්වාදී තිබේ. මේ අතර කුරුණෑගල පෞරාණික ගොඩනැගිල්ල පිළිබඳ සියලු ලිපිගොනු අදම අධිකරණ භාරයට පත්කරන ලෙස කුරුණෑගල නගරාධිපතිවරයාට අධිකරණය නියෝග කළේ ය. ප්‍රශ්නගත කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩනැගිල්ල මෙලෙස කඩා දමා තිබුණේ ඉකුත් 14 වෙනිදා රාත්‍රියේයි. එය කඩා දමා අදට දින 14ක්. රැකගත යුතු පුරා වස්තු විනාශ කළ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදා ද? ජනතාව අවධානයෙන්....! https://www.facebook.com/NewsfirstSL/videos/294679725211683/
2020-07-28T09:51:37.000Z
මත් උවදුර මඩින්න ජනපති ජනතා සහය ඉල්ලයි
මත් උවදුර මඩින්න ජනපති ජනතා සහය ඉල්ලයි
COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොළඹ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට සහය පළ කිරීමේ ජනතා හමු කිහිපයකට සහභාගිවිය. ජනාධිපතිවරයා එහිදී ජනතාවගෙන් ඉල්ලි සිටියේ, මත්උවදුර මැඩලීමට නොබියට තොරතුරු ලබාදෙන ලෙසයි. හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා තලවතුගොඩ දී සංවිධානය කර තිබූ ජන හමුවකට ජනාධිපතිවරයා සහභාගි විය. එහිදී ප්‍රදේශයේ ජනතා ගැටලු රැසක් සවිස්තරව ජනාධිපතිවරයා වෙත යොමු කෙරුණු අතර මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණ පරපුර බේරා දෙන ලෙස ඔවුන් ඉල්ලා තිබේ. ''දැන් ගම්වලට ගියහම භය නැතුව කථා කරනවා. පැහැදිලිව පේනවා දැන් භය නැහැ. අපි හැම තිස්සේම කිව්වේ මේ තොරතුරු එවන්න. එතකොට අපිට ගමේ මට්ටමින් අල්ලගන්න පුළුවන්'' මෙහිදී විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ, ජනතාව මෙතෙක් කල් කතා කිරීමට බියෙන් සිටි බවයි. ''මේ ගොල්ලෝ සර් කථා කරන්න බයේ හිටියේ දැන් තමයි කථා කරන්නේ'' රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේදී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් දී තිබේ. ''අපි කියලා තියෙනවා නේ රාජ්‍ය ආයතනවලට දේශීය මෙව්වා පාවචිච්චි කරන්න කියලා. මෙහේ හදන පර්නිචර් පාවිච්චි කරන්න කියලා'' මේ අතර පොදුජන පෙරමුණේ අපේක්ෂක ජගත් කුමාර මහතා විසින් බත්තරමුල්ලේදී සංවිධානය කර තිබූ ජනතා හමුවට ද ජනාධිපතිවරයා සහභාගී විය. මෙහිදී ජනතාව ඉල්ලා සිටියේ, බොහෝ පිරිසක් කුලී පදනම මත සිටින බවින් නිවාස සාදා දෙන ලෙසයි. බන්ධනාගාර රැඳවියන් නඩත්තුවට රජයෙන් වියදම් නොකර ඔවුන් ආර්ථික උත්පාදන ව්‍යාපෘති සඳහා යොදවා වියදම් පියවා ගැනීමට ජනතාව මෙහිදී යෝජනා කර තිබේ. පාසල් දරුවෙකු අධික බර පාසල් බෑගය වෙනුවට සරළ බෑගයක් හඳුන්වාදීමට මැදිහත් වන්නැයි ද එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ ය. වසර 47ක් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකුව සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. තිලකරත්න මහතා ඇතුළු පිරිසක් එහිදී ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සහය පළ කළේ ය. පාර්ලිමේන්තු අපේක්ෂක මධුර විතානගේ මහතා කෝට්ටේ නගර සභා පරිශ්‍රයේ සංවිධානය කර තිබූ ජනතා හමුවට ද ජනාධිපතිවරයා සහභාගී විය. එහිදී ඔහු පෙන්වාදී ඇත්තේ ඊ.ටී.අයි. තැන්පතුකරුවන්ට හැකි උපරිම සහන සලසන බවයි. මධුර විනාතගේ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා වෙත මෙහිදී පිළිගන්වනු ලැබී ය. අනතුරුව මොරටුව ප්‍රදේශයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂක සමන් ලාල් ප්‍රනාන්දු මහතාට සහාය පළ කිරීමට ජනාධිපතිවරයා එක්විය. මෙහිදී ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, කුඩු සහ පාතාලය අවසන් කර දෙන ලෙසයි. අනතුරුව අපේක්ෂක ජනක රණවක මහතාට සහාය පළ කළේ, නුගේගොඩ නගරයේදී ය. https://www.facebook.com/NewsfirstSL/videos/284191812671242/
2020-07-28T09:15:49.000Z
ජෝර්දානයේ ලාංකික ශ්‍රමිකයින්ට එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාරයේ ඇතුළු පැත්ත
ජෝර්දානයේ කඳුළු ගෑස්වල ඇතුළු පැත්ත
COLOMBO (News 1st) : කොරෝනා හේතුවෙන් රැකියා අහිමිවී ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ට ඊයේ එල්ලවූ කඳුළු ගෑස් ප්‍රහාරය පාර්ශ්ව ගණනාවක් හෙළා දැක තිබේ. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමග සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් මේ කඳුළුගෑස් ප්‍රහාරය එල්ලවී තිබිණ. ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ රැකියා අහිමි වී සිටින ශ්‍රී ලාංකිකයින් 700 ට ආසන්න පිරිසක් රඳවා සිටින ස්ථානයේදී එරට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ඊයේ පස්වරු 04 ට පමණයි. මාස 4 කට අධික කාලයක් මව්බිමට පැමිණීමට මොවුන් ඉල්ලීම් කර තිබුණ ද තානාපති කාර්යාලය දිගින් දිගටම පවසා තිබුණේ ඒ සඳහා තීරණයක් ගැනීමට කල් ලබාදෙන ලෙසයි. විසඳුමක් නොලැබුණු නිසා මේ ශ්‍රමිකයින් ඊයේ ඔවුන් සේවය කළ ස්ථානයේ ප්‍රධානීන් හමුවී තානාපති කාර්යාල නිලධාරීන් මුණ ගැසීමට තීරණයක් ගෙන තිබිණ. එහෙත් තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම ශ්‍රමිකයින් වෙත දන්වා තිබුණේ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට තමන් ඔවුන් වෙත පැමිණෙන බවයි. ඒ අනුව ජෝර්දානයේ අම්මාන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරීන් තිදෙනෙකු මේ ශ්‍රමිකයින් හමුවීමට පැමිණ තිබිණ. රැකියා අහිමි ශ්‍රී ලාංකිකයින්ගේ මේ අදෝනා හමුවේ තානාපති කාර්යාල නිලධාරීයා පවසා තිබුණේ තමන්ට ක්ලාන්ත ගතියක් ඇති වූ බවයි. තානාපති කාර්යාලයෙන් පැමිණි නිලධාරීන් එසේ පිටව යනවාත් සමග කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල වී තිබිණ. ඉන් 20 දෙනෙකු පමණ ශ්වසන අපහසුතා හේතුවෙන් එවේලේම රෝහල්ගත කිරීමට ද සිදුවූ බව මෙම ශ්‍රමිකයෝ ප්‍රකාශ කළහ. ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ සේවය කළ මේ පිරිසට සිය රැකියා අහිමි වී තිබුණේ ඉකුත් මාර්තු 17 වැනිදායි. අප්‍රේල් මස 17 වැනිදායින් පසු දිනක ඔවුන්ට මව්බිමට පැමිණීමට දිනයක් ලබාදෙන බව පවසමින් අදාළ කර්මාන්ත ශාලාවේ හිමිකරුවන් මේ පිරිසට දැනුම් දී තිබුණේ රැකියාවෙන් ඉල්ලා අස්වන ලෙසයි. දිවයිනට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් ඊට එකඟවී තිබිණ. දැන් මේ ශ්‍රී ලාංකිකයින්ට මාස 4 ක සිට කිසිදු වැටුපක් හිමි නොවන අතර දිනකට ලැබෙන්නේ ආහාර වේල් දෙකක් පමණි. මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද නිවේදනයක් නිකුත් කර තිබිණ. එහි දැක්වුණේ අදාළ ශ්‍රමිකයින්ගේ සුබසාධනය පිළිබඳව සොයා බැලීම සඳහා ඊයේ ගිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරීන් පැය 5කට අධික කාලයක් ප්‍රාණඇපකරුවන් ලෙස රඳවා තබා ගෙන ඇති බවයි. එහිදී එම කර්මාන්ත ශාලාවේ තත්ත්වය සමනය කිරීම සහ තානාපති කාර්යාලයේ නිලධාරීන් නිදහස් කිරීම සඳහා ජෝර්දාන පොලීසිය කැඳවා ඇතැයි, තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. ඉකුත් 22 වැනිදා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් එම කර්මාන්ත ශාලාවේ දීම වියළි සලාක සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇසුරුම් 375 ක් බෙදා දී ඇති බව ද ඔවුන් පැවසී ය. ජෝර්දානයේ රැකියා අහිමිවී සිටින ශ්‍රී ලාංකික කාන්තාවක පැවසුවේ, රැකියා අහිමි වී මාසය 5ක් ඉක්ම ගොස් ඇති බැවින් අසරණ තත්ත්වය පත්ව සිටින බවයි. ''ඒ ප්‍රකාශය බොරුවක්. මොකද අපිට මස 5 කට පස්සේ සහනාධාර විදිහට හම්බුනේ මෙන්න මේවගේ පොඩි දේවල් විතරයි ඒකත් මාස 5කට පස්සේ. ඒවගේම කිසිම මුදලක් මේවෙනකොට හම්බුනේ නෑ. අපිට හම්බුනේ මේ මාසේ 23 වැනිදා. ඊයේ දිනයේ නෙවෙයි. අපි ඊයේ දිනයේ මෙයාලව ගෙන්නගත්තේ අපිට මේ වෙනකම් හම්බුනේ නැතිඑක වෙනුවෙන් ඔවුන්ගෙන් පිලිතුරක් ලබාගන්න. අපියි ගොඩාක් අසරණ මොකද රැකියා අහිමි වෙලා මාස 5ක්. අතේ සත පහක් වත් නෑ. මාස 5 කට මේ වගේ බඩුවලින් ජිවත් වෙන්න පුලුවන්ද බැරිද කියාල දකින ඕන කෙනෙක්ට පේනවා'' මේ අතර මේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ජනබලවේගයේ අපේක්ෂක සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේ, මෙම පහරදීම ජොර්දාන පොලීසියේ අභිමතයට පමණක් සිදුවූවක් නොවන බවයි. ''මේ මැදපෙරදිග ගිහිල්ලා ඉන්න කාන්තාවෝ අහිංසක කෙල්ලෝ මේ රටට විදේශ විනිමය ගෙන්නේ. අවුරුද්දකට මතක තියාගන්න ඩොලර් බිලියන 7 ක් ලංකාවට ගේනවා. රැකියාව නෑ කන්න නෑ ජිවත් වෙන්න තැනක් නෑ ඉන්න තැනක් නෑ. ජොර්දානේත් ඒ ප්‍රශ්ණේ ආවො. මාස 5 ක් .තිස්සේ ඒ අසරණ කෙල්ලෝ මේ ආනණ්ඩුවලට කිව්වා. අපි ආණ්ඩුවට කිව්වා. අපි විදේශ කටයුතු අමාත්‍යාංශේ ලේකම් හම්බෙලා කිව්වා. නොසලකපු කාන්තාවන්ට අද ජොර්දාන්වල ගහනවා. පහර දෙන්නේ ජොර්දාන් පොලිසියේ අභිමතයට නෙවෙයි. ඔය පහර දෙන්නේ අනිවාර්යයෙන්ම ලංකාවේ රජයෙන් ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලිමක් කරන්න ඕන. කදුලු ගෑස් ගහලා ලංකාවේ මොඩල් එකෙන්ම පහර දිලා. ලංකාවේ මහ පාරේ දාගෙන කෙල්ලන්ට ගහන ගැහිල්ලම අද ලංකාවේ ආණ්ඩුව ජොර්දාන් පොලිසිය පාවිච්චි කරලා ගහලා තියෙනවා'' විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සංඛ්‍යා ලේඛන අනුව මෙරට විදේශගත ශ්‍රමිකයින් සංඛ්‍යාව මිලියන 1.2 ක් පමණ වේ. ඉකුත් වසරේ පමණක් විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට උපයා දුන් ආදායම ඩොලර් බිලියන 7 කි. විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම්, අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ, කන්දක්කාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ සිදුවීමත් සමග ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙන්වීමේ ක්‍රියාවලිය මදකට අත්හිටුවීමට සිදුවූ බවයි. ''පසුගිය දවස්වල ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්වීමේ ක්‍රියාවලිය මදකට අපිට අත්හිටවන්න සිද්ධ වුණා. කන්දක්කාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවෙච්ච සිද්ධියත් සමග අපි බලාපොරොත්තු වෙනවා තව දින කිහිපයකින් අපිට ඉඩ ලැබෙයි කියලා නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් නැවත වතාවක් විදේශරටවල සිටින ශ්‍රී ලාංකිකයන් ලංකාවට නැවත ගෙන ඒමට අවස්ථාව ලැබෙයි කියල. අපි දැනට සැලසුම් කරලා තියෙන විදිහට 31 වැනිදා සහ 1 වැනිදා ඩුබායි රටේ සිට අපේ ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට දැනටමත් සැලසුමක් හදලා තියෙනවා. ඉන්පසුව අපි අධ්‍යන කරගෙන යනවා අපි හැම අංශ වලින්ම තොරතුරු අරගෙන ඉතුරු ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට වේගවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා අපිට යුද හමුදාවෙන් සහ සෞඛ්‍ය අංශවලින් ඒ සම්බන්ද නිර්දෙශයන් ලැබිච්ච වහාම'' https://www.facebook.com/NewsfirstSL/videos/2100446713433524/
2020-07-28T11:04:33.000Z
මැදමුලනේ ගමකටත් බොන්න වතුර නැහැ
මැදමුලනේ ගමකටත් බොන්න වතුර නැහැ
COLOMBO (News 1st) : ඡන්දෙ කාලෙට ඇහෙන පොරොන්දු අතර ඉහළින්ම තියෙන්නේ හැම ගමකටම වතුර දෙනවා කියන පොරොන්දුව... නමුත් බොන්න සුදුසු වතුර ටිකක් නැති ප්‍රශ්නයෙන් මේ රටේ ජනතාව කොච්චර පෙළෙනවා ද කියන එකට මේ කතාව හොඳ නිදසුනකි. මේ මැදමුලන ගම්මානයේ ගම්මු...... මේ මිනිස්සු අදටත් ජල හිඟයෙන් පීඩා විඳිති. හම්බන්තොට මැදමුලන, පල්ලෙමුලන ගම්මානයේ පවුල් 30ක ජනතාව උදේ හවස වතුර ගන්න ගොඩක් දුර පයින් ඒමට සිදුව තිබේ. වීරකැටිය කපුගම්පොත මාර්ගයේ දෙපස ජීවත්වෙන මේ ජනතාව වතුර බූලි දෙක තුනක් විල්බැරෝවෙ දාගෙන ගමටම තියන එකම ළිද ළඟට එන්නේ බොන්න සුදුසු වතුර ටිකක් ගෙන යාමට පමණක් නොවේ. අනෙකුත් සනීපාරක්ෂක කටයුතුවලට අවශ්‍ය වතුරත් රැගෙන යනුනෙත් මෙම ස්ථානයෙනි. ගම්මුන් පවසන්නේ අවට ගම්මාවලට නළ ජලය ලබාගැනීමේ වාසනාව තිබුණ ද තමන්ට ජලය නොදෙන්නේ ප්‍රමාණවත් ධාරිතාවක් නොමැති නිසා බවයි. ''දෙපැත්තෙන්ම වතුර ඇවිල්ල තියෙනවා අපේ ගමට විතරයි වතුර නැත්තේ'' ලොකු ලොකු අයට එක එක ලොකු හීන තිබුණත් මේ ගමේ අයට තියන එකම හීනේ බීමට පිරිසිදු පානීය ජල බිඳක් ලබා ගැනීමයි. ජීවිත කාලෙම වතුර නැති මිනිස්සු මේවයි ඉන්නවා. අපිට තියෙන්නේ ලවන තියන වතුර, බතක් ඉව්වත් බත රතුපාට වෙනවා. අපේ දුක ඇහුවේ නෑ කවුරුවත්. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා ජනාධිපතිතුමයි ගම මේක සමහර විට ජනාධිපතිතුමා දන්නේ නැතුව ඇති. ජනාධිපතිතුමාගෙන් අපි අහන්නේ එතුමාගේ ගමට හරි වතුර ටික දෙන්න කියලා. ගම්මුන්ගේ ප්‍රාර්ථනාව වී ඇත්තේ, දකුණේ, මැදමුලනේ - පල්ලෙමුලනතමන්ගේ දුකත් බලධාරීන්ට ඇසේවා කියලයි. https://www.facebook.com/NewsfirstSL/videos/401226090854420/
2020-07-28T06:19:04.000Z
LPL 20/20 තරගාවලියට ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය
LPL 20/20ට ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය ලැබෙයි
COLOMBO (News 1st) : ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එම තරගාවලිය ලබන අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිත ය. ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. එය තරග 23 කින් සමන්විතයි. කොළඹ ආර්.ප්‍රේමදාස, රංගිරි දඹුලු, මහනුවර පල්ලෙකැලේ සහ සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී තරගාවලිය පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය ලෙස කණ්ඩායම් 5 ක් එහිදී තරග වදිනු ඇති. ජාත්‍යන්තර ක්‍රීඩකයන් 70 කට අධික පිරිසක් සහ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පුහුණුකරුවන් 10 දෙනකුට අධික පිරිසක් තරගාවලියට සහභාගිත්වය තහවුරු කර ඇතැයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. ඔවුන් සමග ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින්ද තරගාවලියට එක්වීමට නියමිතයි.
2020-07-28T05:36:07.000Z
ගිනි අවියක් හා පතොරම් 22ක් සමග සැකකරුවෙක් දැලේ
ගිනි අවියක් හා පතොරම් සමග සැකකරුවෙක් දැලේ
COLOMBO (News 1st) : ටී.56 ගිනි අවියක් හා ජීව පතොරම් 22 ක් සමග වැල්ලව නිකදළුපොතදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ, අත්අඩංගුවට ගන්නා ලද සංවිධානාත්මක අපරාධකරුවෙකුගෙන් ලද තොරතුරක් මත එම ගිනි අවිය, ජීව උණ්ඩ 22 ක් හා මැගසිනයක් සොයා ගත් බවයි. එම ගිනි අවිය ගෙවත්තක පිටුපස ප්ලාස්ටික් බාජනයක ග්‍රීස් ගල්වා වළ දමා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද සොයා ගනු ලැබ තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, පෑලියගොඩ ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මල්වත්තේ මංජු නමින් හඳුන්වන අයෙකුට අයත් බවයි. යම් අපරාධ ක්‍රියාවකට යොදා ගැනීමෙන් පසුව ගිනිඅවිය පෑලියගොඩ ප්‍රදේශයෙන් බැහැරට ගෙන ගොස් අත්අඩංගුවට ගත් පුද්ගලයා භාරයේ සඟවා තබා ඇති බව අනාවරණ වී තිබේ. අත්අඩංගුවට ගන්නා ලද සැකකරු හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
2020-07-28T05:19:58.000Z
''කුරුණෑගල ගොඩනැගිල්ලේ ලිපිගෙනු අදම අධිකරණය භාර දෙන්න'' නගරාධිපතිට නියෝග
කුරුණෑගල නගරාධිපතිට අධිකරණයෙන් නියෝගයක්
COLOMBO (News 1st) : කුරුණෑගල පෞරාණික ගොඩනැගිල්ල පිළිබඳ සියලු ලිපිගෙනු අදම අධිකරණය භාරයට පත් කරන ලෙස කුරුණෑගල නගරාධිපතිවරයාට නියෝග කර තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, නීතිපතිවරයාගේ ඉල්ලීමට අනුව අධිකරණය මෙම නියෝගය සිදු කර ඇති බවයි.
2020-07-28T04:48:54.000Z
PHI වර්ජනය හෙට උදේ අවසන්
PHI වර්ජනය හෙට අවසන්
COLOMBO (News 1st) : අග්‍රාමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවති සාකච්ඡාවෙන් පසු හෙට උදෑසන 7.30 සිට සිය වැඩවර්ජනය නතර කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇති බව වෘත්තීය සමිති සඳහන් කරයි.
2020-07-28T04:21:33.000Z
අද (28) ආසාදිතයින් 2යි, 175කට සුවයි
අද (28) ආසාදිතයින් 2යි, 175කට සුවයි
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 175 දෙනෙකු සුවය ලබා තිබේ. ඒ අනුව සුවය ලැබු මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2296 කි. අසාදිතයින් 500 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර අද පස්වරුව වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2807ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද දිනයේ ආසාදිතයින් දෙදෙනෙකු වාර්තාවීමත් සමගයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි නිරෝධායනය වෙමින් සිටින පිරිස අතරින් මෙම ආසාදිතයින් දෙදෙනා හඳුනා ගෙන ඇති බවයි.
2020-07-28T03:53:01.000Z
ජෝර්දානයේදී ශ්‍රී ලාංකිකයින්ට එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාරය ගැන තානාපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්
ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකික ශ්‍රමිකයින් පිරිසකට ඊයේ එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාරය සම්බන්ධයෙන් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. නිවේදනයේ දැක්වෙන්නේ, අදාළ ශ්‍රමිකයින්ගේ සුබ සාධනය පිළිබඳව සොයා බැලීම සඳහා ඊයේ කරක්හි කැමල් ඇන්ඩ් වේගා කම්හල වෙත ගිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරින්ව අදාළ ශ්‍රමිකයින් පිරිසක් විසින් ඔවුන්ව වහාම දිවයිනට ගෙන්වා ගන්නැයි ඉල්ලා පැය පහකට අධික කාලයක් තිස්සේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබා ගෙන ඇති බවය. එහිදී එම කර්මාන්ත ශාලාවේ තත්ත්වය සමනය කිරීම සහ තානාපති කාර්යාලයේ නිලධාරීන් නිදහස් කිරීම සඳහා ජෝර්දාන පොලීසිය එහි කැඳවා ඇතැයි ද තානාපති කාර්යාලය සඳහන් කළේ ය. තානාපති කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ දැක්වුනේ පසුගිය 22 වැනි දා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් එම කර්මාන්ත ශාලාවේ දීම වියළි සලාක සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇසුරුම් 375 ක් බෙදා දී ඇති බවය. කොරෝනා හේතුවෙන් රැකියා අහිමි වී ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයින් පිරිසකට ඊයේ එරට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමග සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේ ගැටලුවට නිශ්චිත විසඳුමක් නැතැයි කියමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විරෝධය පළ කිරීම ඊට හේතුවයි. https://www.facebook.com/NewsfirstSL/videos/304459907474888/
2020-07-28T03:16:05.000Z
පුත්තලමේ අපේක්ෂකයෙකුට එරෙහිව වැඩබලන පොලිස්පති වාර්තාවක් කැඳවයි
පුත්තලමේ අපේක්ෂකයෙකුට එරෙහිව වාර්තාවක් කැඳවයි
COLOMBO (News 1st) - පුත්තලමේදී මැතිවරණ අපේක්ෂකයෙකු හා ආධාරකරුවන් පිරිසක් හිස් ආවරණ නොමැතිව යතුරු පැදිවල ගමන් කිරීමේ සිද්ධිය පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා වාර්තාවක් කැඳවා තිබේ. ඒ, වයඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කළේ ද, නැද්ද යන්න පිළිබඳව හා එසේ නොමැති නම් ඇයිද යන්න පිළිබඳව විමසා එම වාර්තාව කැඳවා ඇති බවයි. අදාළ මැතිවරණ අපේක්ෂකයා සහ ආධාරකරුවන් පිරිසක් පොලිස් නිලධාරීන් සිටියදීම හිස් ආවරණ නොමැතිව යතුරු පැදිවල නැගී ප්‍රචාරක කටයුතුවල නිරතවන අයුරු දැක්වෙන ඡායාරූප හා විඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල පළ කර තිබුණි. https://www.facebook.com/NewsfirstSL/videos/632974367350022/
2020-07-28T02:57:46.000Z
මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු කෙසෙල්වත්තේදී අත්අඩංගුවට
මධුෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ කෙසෙල්වත්ත, මිරානියා වීදිය ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 350 ක් සමග සැකකරු අත්අඩගුවට ගෙන ඇති බවය. කොළඹ 12 මිරානියා වීදිය ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙකු බව පොලීසිය පැවසීය. පොලීසිය පැවසුවේ, සැකකරු මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට පත්වීමට පෙර ඩුබායිහිදී පවත්වන ලද සාදයකට ද සහභාගි වූ අයෙකු බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණවී ඇති බවය.
2020-07-28T02:39:13.000Z
සමගි ජන බලවේගයෙන් තරග කරන 54 කගේ එජාප සාමාජිකත්වය අහෝසි කෙරේ
සමගි ජන බලවේගයේ 54කගේ එජාප සාමාජිකත්වය අහෝසියි
COLOMBO (News 1st) - 2020 මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් තරග කරන 54 දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, පළාත් පාලන නියෝජිතයින් 61 දෙනෙකුගේ ද සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇති බවයි. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ඒ බව ප්‍රකාශ කළේ , අද පැවැති මාධ්‍ය හමුවකදී ය.
2020-07-28T00:37:00.000Z
පුරාවස්තු කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා නාමල් කරුණාරත්නගෙන් පෙත්සමක්
කුරුණෑගල නගරාධිපතිට එරෙහිව නාමල්ගෙන් පෙත්සමක්
COLOMBO (News 1st) - කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් නගරාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නාමල් කරුණාරත්න මහතා අද අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කර තිබේ.
2020-07-27T20:49:08.000Z
ගෙවුණු දිනයේ හමු වූ කොරෝනා රෝගීන් ගණන 23 ක් - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
ගෙවුණු දිනයේ හමු වූ කොරෝනා රෝගීන් ගණන 23 ක්
COLOMBO (News 1st) - ඊයේ දිනයේ (27) කොරෝනා අසාදිතයින් 23 දෙනෙකු හඳුනාගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථනයේ රැඳවියන් 17 දෙනෙක් සහ නිරෝධායනයට ලක්වෙමින් සිටින කටාර් සිට පැමිණි 5 දෙනෙක් සහ සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයෙක් ඒ අතර වන බවයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2805 ක් දක්වා ඉහළ ගොස් ඇත. කොරෝනා ආසාදිතයින් 673 දෙදෙනෙකු මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි. සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2121 කි.
2020-07-27T20:51:17.000Z
බගවන්තලාවේදී ටිපර් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි: රියැදුරු රෝහලේ
ටිපර් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
COLOMBO (News 1st) - ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් බරපතළ තුවාල ලැබූ එම රථයේ රියැදුරු රෝහල්ගත කර තිබේ. හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වෙමින් තිබූ ටිපර් රථය අඩි 50 ක් පමණ ප්‍රපාතයේ පිහිටි එළවළු කොටුවකට පෙරළී යෑමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. ඊයේ පස්වරු 4.00 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ, හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව, ටින්සින් නගරයේදීය. අනතුරින් බරපතළ තුවාල ලැබූ රියැදුරු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු පැවසීය. පොලීසිය ප්‍රකාශ කළේ, ටිපර් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතු වි ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි. ටිපර් රථය මර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වන ආකාරය අසළ තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණි. අප වාර්තාකරු පැවසුවේ, අනතුරෙන් ටිපර් රථයට දැඩි හානි සිදු ව ඇති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/766947687385199/
2020-07-27T20:12:39.000Z
ගෙලිඔය රිය අනතුරකින් අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙකු මරුට
ගෙලිඔය රිය අනතුරකින් තිදෙනෙකු මරුට
COLOMBO (News 1st) - පේරාදෙණිය - ගම්පොල මාර්ගයේ ගෙලිඔය, කරමඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, 53 සහ 54 යන වයස්වල පසුවන වෙලම්බොඩ පදිංචි අඹුසැමි යුවලක් හා ගෙලිඔය පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි. පොලීසිය පැවසුවේ ගෙලිඔය දෙසට ධාවනය වූ යතුරු පැදියක ගැටුණු පදිකයෙකු පසුපසින් පැමිණි ත්‍රීරෝද රථයකට යට වී ඇති බවයි. අනතුරුව අදාළ ත්‍රීරෝද රථය මෝටර් රථයක ද ගැටී පෙරළී තිබේ. පොලීසිය පැවසුවේ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු, පදිකයා සහ ත්‍රීරෝද රථයේ ගමන් කළ පුද්ගලයින් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනෙකු හා පදිකයා මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය. https://www.facebook.com/NewsfirstSL/videos/282403846397580/
2020-07-28T00:03:39.000Z
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද අගමැති සමග සාකච්ඡාවක
PHI වරුන්ගේ ඉල්ලීම්වලට අදවත් විසඳුම් ලැබෙයි ද?
COLOMBO (News 1st) - වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද උදෑසන පැවැත්වේ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවේ, එහිදී සිය ඉල්ලීම්වලට සුබවාදී ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බවය. එතෙක් සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්නොහරින බව ද ඔහු පැවසුවේ ය. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කරන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 11 ක් වේ. ඔවුන් එලෙස වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූයේ පසුගිය දා නිකුත් කළ නිරෝධායන රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනයට අනුව සිය වෘත්තීයට අසාධාරණයක් වූ බව පවසමිනි.
2020-07-27T19:22:19.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. රැකියා අහිමි වී ජෝර්දානයේ සිරවී සිටින ලාංකික ශ්‍රමිකයින් පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක්: කොරෝනා හේතුවෙන් රැකියා අහිමි වී ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයින් පිරිසකට මීට ටික වේලාවකට පෙර එරට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. 2. පැල්වත්තේ හෙක්ටයාර 2000ක භූමියක් එළිකිරීමේ සැලැස්මක්: පැල්වත්තේ සිදුවන්නට යන තව ත් පරිසරයට බලපෑම්වන සිද්ධියක් පිළිබඳව අපට තොරතුරු වාර්තා විය. 3. මත්තල ගුවන්තොටුපොළ සංවර්ධන සැලැස්මෙන් ඉන්දියාව ඉවත් වෙයි?: ශ්‍රී ලංකා රජය සමග, හවුල් ව්‍යාපෘතියක් ලෙස මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය සැලැස්ම ඉන්දීය ගුවන් තොටුපොළ අධිකාරිය අත්හිටුවා ඇති බව වාර්තා වේ. 4. ගල්කිස්ස වෙරළේ වැලිවලින් දෙහිවල මෝය කට වැසෙයි: වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතියක් ලෙස පෙන්වා දෙමින් ක්‍රියාත්මක ගල්කිස්ස වෙරළ වැලි ගොඩ කිරීමේ ව්‍යාපෘතියේ දැන් තත්ත්වය කුමක්ද? විදෙස් පුවත් 5. ලොව පුරා කොරෝනා ආසාදිතයින් කෝටියක් සුවය ලබයි: ලොව පුරා කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගියේ ය.
2020-07-27T11:10:43.000Z
රැකියා අහිමි වී ජෝර්දානයේ සිරවී සිටින ලාංකික ශ්‍රමිකයින් පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක්
ජෝර්දානයේ සිටින ලාංකිකයින් පිරිසකට කඳුළු ගෑස්..
COLOMBO (News 1st): කොරෝනා හේතුවෙන් රැකියා අහිමි වී ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයින් පිරිසකට මීට ටික වේලාවකට පෙර එරට පොලසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමග සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේ ගැටලුවට නිශ්චිත විසඳුමක් නැතැයි කියමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විරෝධය පළ කිරීමයි. ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ රැකියා අහිමි වී සිටින ශ්‍රී ලාංකිකයින් 500 ට ආසන්න පිරිසක් රඳවා සිටින ස්ථානයේදී එම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර තිබේ. ශ්‍රී ලාංකිකයින් පවසන්නේ කොරෝනා වසංගත තත්ත්වය නිසා රැකියා අහිමි වී මාස කිහිපයක් ගතව ඇතත් ආපසු මව්බිමට යාමට නොහැකි වී ඇති බවය. https://www.facebook.com/NewsfirstSL/videos/335097620839078/
2020-07-27T10:52:22.000Z
දිවයිනේ සියලු වැව් ප්‍රතිසංස්කරණයට ජනපතිගෙන් ජාතික වැඩසටහනක්
දිවයිනේ සියලු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක්
COLOMBO (News 1st): දිවයිනේ සියලු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් සකස් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේය. ඒ, නාරම්මල පැවැති ජනහමුවකදීය. දීර්ඝ කාලයක සිට නිසි අයුරින් වැව් සහ වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය නොවීම ජනාධිපතිවරයා පසුගිය දිනවල චාරිකා කළ සියලු දිස්ත්‍රික්කවලදී ජනතාව ඉදිරිපත් කළ ප්‍රධාන ගැටළුවක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. එහි දැක්වෙන්නේ, මේ තත්ත්වය කෘෂිකර්මාන්තයට සහ ජනජීවිතයට හානිකර බලපෑමක් එල්ල කර ඇති බවය. ඊට විසඳුම් ලෙස විධිමත් හා නිසි ප්‍රමිතිගත සැලසුමක් ඇතිව සියලු වැව් ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. බිංගිරිය, දුම්මලසූරිය, නෙරළුගම ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද කතා බහක නිරත විය. මැටි කර්මාන්තය ආශ්‍රිත ස්වයං රැකියාවල නිරත පිරිස තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද ජනාධිපතිතුමාව එහිදී දැනුවත් කළේය. ඔවුන්ට නිදහසේ ජීවනෝපාය කරගෙන යාමට ඉඩ දෙන ලෙස ජනාධිපතිවරයා පොලීසියට නියෝග කළ බව ද එම නිවේදනයේ දැක්වේ. කටුගම්පොළ, පන්නල මහජන ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ තවත් ජන හමුවට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි විය. වසර 150ක් පැරණි පන්නල ජාතික පාසලට නව පරිපාලන ගොඩනැගිල්ලක් හා පිහිනුම් තටාකයක් ඉදිකර දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම ඉටු කරන බව ද ජනාධිපතිතුමා සඳහන් ක‍ළේය. පිත්තල සහ වෙනත් සාම්ප්‍රදායික කර්මාන්තවල නිරත පිරිස් ණය ඉල්ලුම් කිරීමේ දී මුහුණ දෙන ගැටළු පිළිබඳව ද ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි. මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කරන්නැයි කළ ඉල්ලීමට පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට පැවසුවේ, තම ප්‍රදේශවල ජාවාරම් පිළිබඳ තොරතුරු නිර්නාමිකව ජනාධිපති කාර්යාලයට එවන ලෙසය. මේ ජනහමුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි විය.
2020-07-27T10:40:19.000Z
T10 ලීග් රහස් එළියට: ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට සහ සේවකයින්ට වාරණයක්?
ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයින්ට වාරණයක්?
COLOMBO (News 1st): එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවති T10 ලීග් ක්‍රිකට් තරගාවලිය පිළිබඳව අප කළ සොයා බැලීමකදී, කරුණු ගණනාවක් අනාවරණය කරගත හැකි විය. T10 ලීග් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩකයින් තිදෙනෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතන නීති රීති වලට අනුකූලවයි. නමුත් අදාළ තරගාවලියට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමිවී තිබුණා ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි. එම ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමක් යොමු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මෙම ලිපිය යොමු කර තිබෙන්නේ, T10 ස්පෝර්ට්ස් මැනේජ්මන්ට් නම් ආයතනයක සභාපතිවරයා ලෙස හඳුන්වන සාජි උල් මල්ක් නම් පුද්ගලයෙකු වෙතයි. අදාළ කණ්ඩායම යොමු කිරීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේ, අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය වන්නේ ජාතික කණ්ඩායමකට පමණක් බවය. T10 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යවනු ලැබුවේ පළාත් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළ කණ්ඩායමක් බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ දක්වා තිබේ. ලේකම්වරයාගේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව කිසිම ජාතික ක්‍රීඩා සංගමයකට ක්‍රීඩාවක් නියෝජනය කරමින් තනි ක්‍රීඩකයෙකුට හෝ කණ්ඩායමකට ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා නොකළ යුතු අතර විදේශවල පැවැත්වෙන කිසිම ක්‍රීඩාවකට සහභාගී වන ලෙස කරනු ලබන ආරාධනයක් නොපිළිගත යුතු බවය. මෙම තරගාවලිය සම්බන්ධයෙන් එවක ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අමිතාබ් චවුද්‍රි සඳහන් කර තිබුණේ මෙම T10 ක්‍රිකට් තරගාවලිය අනුමැතිය ලත් ක්‍රිකට් තරගාවලියක් නොවන බැවින්, ඉන්දිය ක්‍රීඩකයින්ට මෙම තරගාවලියට සහභාගී වීමට අවසර දී නොමැති බවය. තරගාවලියේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ සල්මාන් ඉක්බාල් අරී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අදාළ තරගාවලියේ සභාපතිත්වයෙන් ඉල්ලා අස් වන බව සඳහන් කර තිබුණි. ඊට හේතු දක්වමින් ඔහු පවසා තිබුණේ තරගාවලියේ විනිවිදභාවය හා වෘත්තීමය තත්වය මෙන්ම ක්‍රමවේදයද ගැටලුසහගත බවය. අයි.සී.සී මැදිහත්වීමකින් තොරව සිදු කෙරෙන පෞද්ගලික ක්‍රිකට් ලීග් තරගාවලි වල ප්‍රතිපත්ති හා ක්‍රමවේද නොමැති වීම හේතුවෙන් අක්‍රමිකතා සිදු විය හැකි බවද ඔහු සිය ඉල්ලා අස්වීම පිළිබඳ කරුණු දක්වමින් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන්. ඩුබායි T10 තරගාවලිය සඳහා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා වෙනත් හිමිකරුවන් සිටියේදැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයාගෙන් අප විමසු අවස්ථාවේ ඔහු එය ප්‍රතික්ෂේප කළේය. විජේ වියාස් නමැති මෙම පුද්ගලයා එවක සඳහන් කළේ මෙම ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම, තම හිමිකාරීත්වය යටතේ එක් වූ බවය. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්, පසුගිය ජුනි මස 17 වැනිදා පැවැති කළමනාකරණ රැස්වීමකදී විධායක කමිටු සාමාජිකයින්ට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවකයින්ට, පිටතට තොරතුරු ලබා දිය නොහැකි ආකාරයෙන් ගිවිසුමක් අත්සන් කළ යුතු බවට අවසර ඉල්ලා වී තිබුණි. තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වී ඇති පසුබිමක, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෙලෙස තොරතුරු වසන් කිරීමට සූදානම් වන්නේ ඔවුන්ගේ කටයුතුවල විනිවිදභාවයේ ගැටලු වසන් කිරීම සඳහා ද? ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට.... https://www.facebook.com/NewsfirstSL/videos/1665363270297123/
2020-07-27T10:24:22.000Z
පැල්වත්තේ හෙක්ටයාර 2000ක භූමියක් එළි කිරීමේ සැලැස්මක්
පැල්වත්තේ හෙක්ටයාර 2000ක භූමියකට කරන්න යන දේ?
COLOMBO (News 1st): පැල්වත්තේ සිදුවන්නට යන තවත් පරිසරයට බලපෑම්වන සිද්ධියක් පිළිබඳව අපට තොරතුරු වාර්තා විය. ඒ, බුත්තල, දෙමළීය, හැබැස්ස ඇතුළු ප්‍රදේශවල පවතින අවශේෂ කැලෑ ඉඩම් තුළයි. කෙසේවෙතත් , මේ වනවිට පැල්වත්ත සීනි කර්මාන්තශාල පාලනාධිකාරීය මගින් උක් වගා කරීම සඳහා හෙක්ටයාර් 2000ක භූමි ප්‍රදේශයෙක් එළි කිරීමේ සූදානමක පසුවේ. ඒ, පසුගිය ජුනි මාසයේ විෂයය භාර ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ගත් තීරණයක් මතයි. ප්‍රදේශයේ ජනතාව පවසන පරිදි මේ ව්‍යාපෘතියේදී හානිවන ඉඩම් වැඩි ප්‍රමාණයක් අවශේෂ කැලෑ ඉඩම්. අදාල රක්ෂිත ඉඩම් එළි කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ද ලබාගෙන නෙමැති බවට ජනතාව චෝදනා කරයි. පසුගිය 24 වැනිදා අදාළ ඉඩම් සඳහා ප්‍රවිශ්ටවීමට බුත්තල, ආයකපල්ල ප්‍රදේශයෙන් මාර්ගයයක් ඉදි කර තිබුණේ වනසංරක්ෂණයට අයත් ඉඩම්වලට ද හානි සිදු කරමිනි. ප්‍රදේශවාසීන් විසින් කළ දැනුවත් කිරීමකට අනුව වනසංරක්ෂණ නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ කැළෑ හෙළිපෙහෙළි කිරීමට රැගෙනවිත් තිබූ බැකෝ යන්ත්‍රයක් සහ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළේය. එහෙත් ඊට දැඩි ලෙස බාධා එල්ල විය. පසුව බුත්තල ගෝනගංආර පොලීසියේ මැදිහත් වීමන් බැකෝ යන්ත්‍රය හා අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. පාර්ශ්ව ගණනාවක බාධා කිරීම් මැද වුවත් නීතිය ක්‍රියාත්මක කිරීමට වනසංරක්ෂණ නිලධාරීවරයා ක්‍රියා කිරීම ප්‍රශංසනීයයි. මීට පෙරද දේශපාලඥයින්ගේ මැදිහත්වීම හේතුවෙන් කඩොලාන ආශ්‍රිත මීගමුව රැජින දූපතේ සිදුකරන්නට ගිය පරිසර හානිය වැළැක්වූ අයුරු මතකද? ගම්පහ දිසා වන කාර්යාලයේ දිසා වන නිලධාරී බී. දේවානි ජයතිලක මහත්මිය "ඇමතිතුමා සියයට 60 ක් තියෙනවා ඉහළ . අපේ තියෙන්නේ ගම්පහ තමයි අඩුම වන ගහනය. සියයට 1.6 යි. ඒකෙත් වනජීවී එකට තියෙන්නේ අක්කර 18යි. ඔබතුමා දන්නවාද? අක්කර 18යි. ඒකෙනුත් හෙක්ටයාර 1086 යි අපිට තියෙන්නේ. ඒ හෙක්ටයාර 86 නුත් මේ වෙනකොට අන්න බෙදනවා ඉඩම් කච්චේරියෙන්. කවුද මේවාට වගකියන්නේ. අපිට හුස්ම ගන්න නෑ. ඔක්සිජන් කෝ." මෙලෙස නිලධාරීන් ශක්තිමත් වී සිටින්නේ 5/2001 චක්‍රලේකය තවමත් ක්‍රියාත්මක වන නිසා නොවේද? හිතුමතේ දේශපාලකයින්ට මේ ඉඩම් බෙදා දෙන්නට ඉඩ ලැබෙන පරිදි මේ චක්‍රලේකය අහෝසි කලොත් සිදුවන විනාශයේ තරම කියා පාන්නට මේවා කදිම සාක්ෂි නොවේද? https://www.facebook.com/NewsfirstSL/videos/881314599061247/
2020-07-27T10:05:00.000Z
මත්තල ගුවන්තොටුපොළ සංවර්ධන සැලැස්මෙන් ඉන්දියාව ඉවත් වෙයි?
මත්තල සංවර්ධන සැලැස්මෙන් ඉන්දියාව ඉවත් වෙයි?
Colombo (News 1st): ශ්‍රී ලංකා රජය සමග, හවුල් ව්‍යාපෘතියක් ලෙස මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය සැලැස්ම ඉන්දීය ගුවන් තොටුපොළ අධිකාරිය අත්හිටුවා ඇති බව වාර්තා වේ. ගුවන්සේවා මධ්‍යස්ථානය පවසන්නේ, දේශපාලනිකව මෙවැනි ව්‍යාපෘති ඉන්දියාවේ අභිලාශයක් වුවත්, මෙම තීරණය පුදුමය දනවන බවය. ඒ අනුව වාණිජ ගුවන් යානා ආකර්ශණය කිරීමට අසමත් ගුවන් තොටුපොළවලට උදාහරණ සපයන ව්‍යාපෘති අතරට ස්පාඤ්ඤයේ මෙන්ම ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපොළ ද සුදු අලියෙකු ලෙස පෙන්වා දිය හැකි බව ගුවන් සේවා මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේය. මත්තල ගුවන් තොටුපොළ ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත්තේ ගුවන් යානා නොපැමිණෙන සුදු අලියෙකු ලෙසය. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ චීන එක්සිම් බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 210 ක ණය මුදලකිනි. යානා නැති ගුවන් තොටුපොළ පසුගිය රජය වී ගඩබා කිරීමට පවා යොදා ගත්තේය. රටේ දේශපාලකයින්ටත් ලෝකයටත් හාස්‍යයට හේතුවක් ලෙස පෙනන මේ ගුවන් තොටුපොළ වෙනුවෙන් රටේ ජනතාව මුදල් ගෙවන බව කාටත් අමතක වූ කරුණකි. සහන කාලසීමාව තිබුණත් චීනයට මේ ණය ගෙවිය යුත්තේ රටේ ජනතාවයි. ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස මත්තල සංවර්ධනය වනු දැකීමට කිසිවෙකු අකමැති නොවනු ඇති. එහෙත් නිසි උපාය මාර්ග ඔස්සේ එය සිදුකළ යුතු බව රටේ ජනතාවගේ විශ්වාසයයි. https://www.facebook.com/NewsfirstSL/videos/1642926165870282/
2020-07-27T09:56:21.000Z
ගල්කිස්ස වෙරළේ වැලි වලින් දෙහිවල මෝය කට වැසෙයි
ගල්කිස්ස වෙරළේ වැලි වලින් දෙහිවල මෝය කට වැසෙයි
COLOMBO (News 1st): වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතියක් ලෙස පෙන්වා දෙමින් ක්‍රියාත්මක ගල්කිස්ස වෙරළ වැලි ගොඩ කිරීමේ ව්‍යාපෘතියේ දැන් තත්ත්වය කුමක්ද? අද ප්‍රදේශයේ සංචාරය කළ අපට දක්නට ලැබුණේ ගල්කිස්ස වෙරළට දුරින් පිහිටි දෙහිවල මෝය කට වැසුණු වැලි ඉවත් කර පසෙකින් ගොඩ ගසා ඇති ආකාරයයි. මේ ඒ පිළිබඳව අප ගෙන එන වාර්තාවකි.. https://www.facebook.com/NewsfirstSL/videos/660883334774392/
2020-07-27T09:40:07.000Z
ටියුෂන් මුවාවෙන් දරුවන් අපයෝජනය කළ ගුරුවරයාගේ පැටිකිරිය මෙන්න..
දරුවන් අපයෝජනය කළ ගුරුවරයාගේ පැටිකිරිය මෙන්න..
COLOMBO (News 1st): පිරිමි දරුවන් අපයෝජනය කළ බව කියන පුද්ගලික උපකාරක පන්ති පැවැත්වූ පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය. මෙම අපාරධයට අදාළව පොලිසිය දැන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු වට්ස්-ඇප් පණිවිඩයකට අනුව කොල්ලුපිටිය පොලීසිය මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ. මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ද කොළඹට කැඳවා තිබුණේ විමර්ශනවලට සහය ලබා ගැනීම සඳහායි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා "අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 56 ක් පමණ වන මහරගම පොලිස් වසමේ දෙපානම, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 2018 වර්ෂයේ ඉදලා මේ පුද්ගලයා මේ අපයෝජනයට කටයුතු සිද්ධ කර තිබෙන බව තමයි දැනට සොයාගෙන තිබෙන්නේ. මේ පුද්ගලයා සතුව තිබි මේ වනවිට පරිගණක ඩෙක්ස්ටොප් එකක් ඒ වගේම කැමරා 2ක්, පෙන්ඩ්‍රයිව් එකක් සංයුක්ත තැටි 137ක් ඒවගේම විවිධ ප්‍රමාණයේ ඡායාරූප 7ක් සහ දුරකතනයක් විමර්ශනය සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා. දේපොළවල අන්තර්ගත වෙලා තියෙන තොරතුරු පිළිබඳව වාර්තා ලබා ගැනීම සදහා ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා." මේ දක්වා සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු පිළිබඳව ද එහිදී පැහැදිලි කෙරිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා "මේ සැකකරු පුද්ගලික උපකාරක පංති පවත්වන පුද්ගලයෙක්. ඒ වගේම රූපවාහිනි වැඩසටහන්වල පසුතල නිර්මාණය කරන පුද්ගලයෙක් හැටියටත් කටයුතු කරලා තියෙනවා. ඒ අවස්ථාවලදි ඇතිකරගත් දැනහැඳුනුම් මත මේ දරුවන් ඔහුගේ නිවසට ගෙන්වාගෙන ඔහුගේ නිවසේදි අපයෝජනයට ලක්කර තිබෙන බවයි දැනට අනාවරණය කරගෙන තියෙන්නේ. ඊට අමතරව තවත් දරුවන් ගණනාවකගේ ඡායාරුප මොහු සන්තකයේ තිබී සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. දැනට අනාවරණය කරගෙන සියලුම දරුවන් පිරිමි දරුවන්. ඒ වගේම වසස අවුරුදු 16 ට අඩු කුඩා ළමුන්. මේ සම්බන්ධයෙන් දැනට විමර්ශනය කටයුතු සිද්ධ කෙරෙනවා. ඒ විමර්ශනවලදි ඒ දරුවන් මේ වෙනකොට ආරක්ෂිතව දරුවන් දෙදෙනෙකු රෝහල්ගත කරලා රෝහල්වල ප්‍රතිකාර ලබනවා. ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා ඒ දරුවන් සම්බන්ධයෙනුත් විමර්ශන කටයුතු සිද්ධ කරන්න දරුවන්ට අපයෝජනය සිද්ධ වෙලා ද කියන කාරණය යම්කිසි දෙමව්පියෙකුට මේ සම්බන්ධයෙන් මෙවැනි අපයෝජන සිද්ධ වෙලා තියෙනවායද කියන සැකයක් තියනවා නම් ඒ පිළිබඳව අපට තොරතුරු අපට ලබාදෙන්න පුළුවන්" සෑම පැය දෙකකටම වරක්ම අපේ රටේ දරුවෙකු අපයෝජනයට ලක් වන බව පොලීසිය පවසයි. විමර්ශන වාර්තා උපුටා දක්වන පොලීසිය පෙන්වා දෙන්නේ ළමා අපයෝජනයන්ගෙන් සියයට 70 ක් ම ළඟම ඥාතීන් හෝ ළඟම හිතවතුන් අතින් සිදුවන බවය. https://www.facebook.com/NewsfirstSL/videos/2469022436735149/
2020-07-27T09:20:17.000Z
කොළඹ, කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ ඝාතනයෙන් පසු දේපාළ අවුලක් නිසා උණුසුම් වූ නිට්ටඹුවේ පිරිසක්..
දේපාළ අවුලක් නිසා උණුසුම් වූ නිට්ටඹුවේ පිරිසක්..
COLOMBO (News 1st): නිට්ටඹුව ප්‍රදේශයේ, පිහිටි ඉඩමක් අත්පත් කර ගැනීමට පැමිණි බව කියන පිරිසක් සහ ඉඩමේ පදිංචිකරුවන් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් මේ වනවිට සාමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. අදාල දර්ශනවල දැක්වෙන්නේ පොලිස් නිලධාරීන් ද එම ස්ථානයේ රැඳී සිටියදී, ඉඩම් පදිංචිකරුවන්ට බලපෑම් කරමින් කිසියම් පිරිසක් කටයුතු කරන ආකාරයයි. මෙම ආරවුලට මුල් වී තිබෙන්නේ නිට්ටඹුව, කලල්පිටිය ග්‍රාම සේවා වසමට අයත් පොල්ගහ ගාරවත්ත ප්‍රදේශයේ අක්කර 32ක ඉඩමකි. දැනට ඉඩමේ පදිංචිකරුවන් වන, ධනසිරි විජේසිංහ සහ ඔහුගේ පුත්‍රයා වන තිලංග විජේසිංහ මෙම සිදුවීම සජීවීව සාමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරියේය. එහිදී අදාළ ඉඩමට පොලිස් නිලධාරීන් ද රැඳී සිටියදී පිරිසක් බලහත්කාරයෙන් ඉඩමට ඇතුළුවීමට උත්සාහ ගත් අවස්ථාවේ ඇති වූයේ නොසන්සුන් තත්ත්වයකි. ඉඩම් පදිංචිකරුවන් පැවසුවේ අක්කර 32ක මෙම ඉඩම තෑගි ඔප්පුවක් මත තමන් භුක්ති විඳින බව ය. අදාළ ඉඩම තෑගි ඔප්පුවකින් පවරා ඇත්තේ මීට කලකට පෙර ඝාතනයට ලක්වූ අශෝක දසනායක නැමති පුද්ගලයාගේ බිරිඳගේ මව විසින් බව ඔවුන් සඳහන් කරයි. අදාළ කාන්තාවද මේ වන විට ජීවතුන් අතර නොමැත. ඉඩමේ පදිංචිකරුගේ පුත්‍රයා වන තිලංග බණ්ඩාර විජේසිංහ මහතා "මේ මගේ තාත්තට අයිති ඉඩම.මේ වනවිට දැන් ඉඩම් මංකොල්ලයක් වෙනවා. මේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලගන්න පිරිසක් එනවා. එයාගෙ නම ඇන්ඩෲ සමරකෝන් කියලා කෙනෙක්. ඇන්ඩෲ සමරකෝන් කියන කෙනා අපිට ජීවිත තර්ජනත් කරනවා. එයාගේ සෙකියුරිටි ෆර්ම් එකක් මේ වත්තට ඇතුළු කරනවා සෙන්ට්‍රිකෝ කියන ආයතනයක. ඒ සෙකියුරිටි කට්ටිය කියනවා එයාලා චානුක රත්වත්තේගේ කට්ටිය කියලා. අපිව තැති ගන්වනවා. මේ හැම දේටම පොලිසිය උදව් කරනවා. අපි නඩු දාලා තියෙන්නේ අපි තහනම් නියෝග අරන් තියෙන්නෙ. ඒ තියෙද්දී තමයි මේ දෙවල් කරන්නේ. අද බලහත්කාරයෙන් කට්ටිය ඇතුළු කරන්න හැදුවා. ඇන්ඩෲ සමරකෝන් කියන පුද්ගලයා වාහන 3කින් ආවා. ඒත් එක්කම සෙන්ට්‍රිකෝ කියන සෙකියුරිටි ආයතනයේ නිලධාරීන් හිටියා 10 ක් විතර. ඒ අය චානුක රත්වත්තේගේ කියලා කිව්වා. අද වෙනකොට අපේ පවුල්වල සියලු දෙනාගේ ජීවිත අනතුරේ . අද කොළඹ 07 ගෙවල් වල ගහලා තියෙනවා මේ වගේ බෝඩ්, මේකේ ඉඩම් මංකොල්ලයක් වෙන්නේ. අද නිට්ටඹුව පොලිසියත් එක්ක තමයි මේ අය ඇතුල් වෙන්න හැදුවේ . එහෙම ඇතුල් වෙන්න පුළුවන්ද? ,මං ගාව විඩියෝ එකක් තියෙනවා එම් ඕ බ්‍රාන්ච් එකේ සී අයි මහත්තයෙක් සිවිල් ඇවිල්ලා මේ ඉඩමට ඇවිල්ලා කියනවා ,ඔව් මට ලක්ෂ 50 ක් දෙනවා තමයි කියලා" ඉඩමේ පදිංචිකරු ධනසිරි විජේසිංහ මහතා "අප කියන්නේ පොලීසියට කෙළින් වැඩකරන්න කියලා. මේ විදිහට ඉඩම් මංකොල්ල කන්න ගියාම අපේ තියෙන ඔප්පුවලට මොකද වෙන්නෙ. මේ ඔප්පු කැලේට යනවා. මෙහෙම හරි තියෙන්නෙ උසාවි නියෝගය උඩ. නඩුකාර උන්නැහේට පිස්සු නෑනේ තහනම් නියෝග දෙන්න අපිට ඔප්පු නැත්තම්. අපි මේ සම්බන්ධයෙන් ඉහළට දන්වලා තියෙනවා. ඇයි පොලීසිය ඒවා අහන්නේ නැත්තේ. දැන් පොලීසියත් එක්කනේ එන්නේ. මගේ නෝනව තල්ලු කෙරුවා එහෙම කරන්න පුළුවන්ද පොලීසියට" ඉඩමේ පදිංචිකරුගේ බිරිඳ "පොලීසියෙන් ආවා අපේ ඉඩමට මම කිව්වා අපේ ඉඩම කියලා. ඊට පස්සේ තෝ අහකට පළයන් කියලා මාව තල්ලු කෙරුවා. නිට්ටඹුව පොලීසිය හැම වෙලාවෙම ගන්නෙ ඒ අයගේ පැත්ත. අපිට ළමයි ටිකත් එක්ක සැනසිමේ ඉන්න දෙන්න. අපේ පවුලටම මරණ තර්ජන තියෙනවා. කොයි වෙලාවක හරි ඇවිල්ලා ඇටෑක් කරනවා කියලා කියලා තියෙන්නේ" ප්‍රශ්න සහගත ඉඩමේ තිබූ මෙම පුවරුව සහ කොළඹ 03, ප්‍රදේශයේ සුවිසල් මන්දිරයක තාප්පයේ තිබෙන පුවරුවක දැකිය හැක්කේ සමානත්වයකි. ප්‍රශ්න සහගත නිට්ටඹුවේ ඉඩමට අතුළු වූ සුඛෝපභෝගි ජීප් රථයේ ලියාපදිංචි ලිපිනය ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සඳහන්ව ඇත්තේ කොළඹ 03 අදාළ සමානත්වයෙන් යුත් පුවරුව දැක්වෙන සුවිසල් මන්දිරයේ ආසන්නයේ ලිපිනයකි. මේ අතර අදාළ ඉඩමට සම්බන්ධ නඩුව අද අත්තනගල්ල අධිකරණය හමුවේ කැඳවා තිබූ අතර මහජන සාමය කඩ කිරීමේ චෝදනා යටතේ අදාළ ඉඩමේ පිදිංචිකාර ධනසිරි විජේසිංහ සහ ඔහුගේ පුත්‍රයා එළැඹෙන 04 වනිදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කර තිබේ. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාගෙන් අප විමසීමක් කළෙමු. මෙම සිද්ධීය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/2741357132854982/
2020-07-27T08:37:12.000Z
පාසැල් වෑන් රථවලට මාස 6 ක ලීසිං සහනයක් - ජනපති කුරුණෑගලදී උපදෙස් දෙයි
පාසැල් වෑන් රථවලට මාස 6 ක ලීසිං සහනයක්
COLOMBO (News 1st) මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද විෂයභාර අමාත්‍යවරයාට නියෝග කර තිබේ. ඒ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සංචාරය කරමින් පොදුජන පෙරමුණේ ජනහමුවලට සහභාගි වූ අවස්ථාවේදීය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කරුණෑගල දක්වා කොටස තනා නිම කරන්නැයි ජනාධිපතිවරයා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දුන්නේ අද මාවතගම මහජන පොළේ පැවති ජන හමුවේදීය. සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ ඉල්ලීමකට අවධානය යොමු කළ ජනාධිපතිවරයා පාසල් වෑන් රථවලට ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 06 ක සහන කාලයක් ලබා දීමට එකඟතාව පළ කළේය. නිදහස්ගම විද්‍යාදීප සහ දේවාපොළ කුමර යන විද්‍යාලවල ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය කරන්නැයි සිසුන් කළ ඉල්ලීම ඉටු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ යුද හමුදාපතිවරයාටයි. මාවතගම ජාතික පාසලට ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයක් සහ කහපත්වල ක්ෂේත්‍ර නිලධාරීන්ට “සේවා පියස” ‍ගොඩනැගිල්ලක් ඉදිකර දීමට ද අද තීරණය කෙරිණි. විදුහල්පතිවරයා හා සිසුන් පිරිසකගේ ඉල්ලීමක් අනුව ශ්‍රීමත් ජෝන් කොතලාවල මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට උසස් කරන බව ජනාධිපතිවරයා පැවසුවේ දොඩංගස්ලන්ද මහජන ක්‍රීඩාංගණයට පැමිණි අවස්ථාවේදීය. එතැන් සිට දොඩංගස්ලන්ද, රිදීගම සතිපොළ භූමියට යන මග දෙපස රැස්ව සිටි ජනතාව සමගද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත විය. දොඩංගස්ලන්ද සතිපොළ භූමියේ සංවිධාන කළ ජනහමුවට සහභාගි වීමට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතාව සිය ගැටලු ඉදිරිපත් කළා. සුළු අපනයන භෝග මිල පහත වැටීම, මත්ද්‍රව්‍ය උවදුර, මාර්ග පද්ධතියේ අඩුපාඩු ඉන් කිහිපයකි. ජනාධිපතිවරයා පැමිණි මේ ජනහමුවට රැස්ව සිටි පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇමතුවේය. "පාතාලය ඇත්ත වශයෙන්ම වැඩි වුණේ පසුගිය අවුරුදු පහේ. පාතාලයත් 2015 වෙනකොට ත්‍රස්තවාදය විතරක් නෙවෙයි පාතාලේ කුඩු කාරයෝ ටික රට අතහැරලා යන්න පටන් ගත්තා.අපේ යුගයේදී පහළොවෙන් පස්සේ තමයි ඒ අය ආවේ.සමහර දේශපාලනඥයෝ එයාලගේ මැතිවරණ ව්‍යාපාර වලට එයාලව පාවිච්චි කරන්න පිටරට පැනලා හිටපු උදවිය ගෙන්න ගත්තා. ඒ අවුරුදු පහ තුළ තිබිච්චි තත්ත්වය අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ආවට පස්සෙ එතුමාගේ විශේෂ වැඩ පිළිවෙලක් අනුව අද පාතාලය සහ කුඩු මර්දනය කිරීමේ වැඩපිළිවෙළ දියත් කරලා මේ රටේ දරුවන් කුඩු වලින් බේරා ගැනීම කිරිම සඳහා පියවර අරන් තියෙනවා කියලා අපි තමුන්නාන්සේලාට මතක් කරන්න ඕනේ" අලව්ව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබු ජන හමුවට ජනාධිපතිරයා සහභාගි වුණේ අග්‍රාමාත්‍යවරයාද සමගිනි. අලව්ව නගරයේ දුම්රිය හරස් මාර්ගයට ඉහළින් ගුවන් පාලමක් ඉදිකිරීම ඇතුළු යෝජනා සහිත නගර සංවර්ධන සැලැස්ම කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය යොමුවිය. දඹදෙණිය රෝහලට අයත් ඉඩමේ පෞද්ගලික ගොඩනැගිල්ලක් ඉදිකිරීම සහ රෝහලේ අඩුපාඩු පිළිබඳව ප්‍රදේශවාසීන් ජනාධිපතිවරයා දැනුවත් කළේය. පොල්ගහවෙල, වීරඹුගෙදර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ ජන හමුවට ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සහභාගි විය. පසුගිය 03 වැනිදා අනුරාධපුරයෙන් ඇරඹි ජනාධිපතිවරයාගේ ජනහමු මාලාවෙන්, පොළොන්නරුව, පුත්තලම, කොළඹ, මාතලේ, බදුල්ල, මහනුවර, අම්පාර කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, ගාල්ල, මාතර, සහ කුරුණැගල දිස්ත්‍රික්ක මේ වන විට ආවරණය වී අවසන්. එම සෑම ස්ථානයකම ජනතා ගැටළු හදුනාගනිමින් ඒවාට විසඳුම් දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගැනිණි. එම ස්ථානවලදී ජනතාවගෙන් ජනපතිවරයාට ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි.
2020-07-27T08:25:18.000Z
කොරෝනා ආසාදිතයින් ගණන 2,804ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදිතයින් ගණන 2,804ක් දක්වා ඉහළට
COLOMBO (News 1st) - අද දිනයේ මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 22ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන්ගෙන් ආසාදිතයින් 17 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියන් පිරිසකි. අනිත් ආසාදිතයින් 5දෙනා කටාර් සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,804 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
2020-07-27T04:45:31.000Z
බෞද්ධ දහම් පාසල් අදියර 2කින් විවෘත කෙරේ
බෞද්ධ දහම් පාසල් අදියර 2කින් විවෘත කෙරේ
COLOMBO (News 1st): බෞද්ධ දහම් පාසල් අදියර 2ක් යටතේ නැවත ආරම්භ කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දරුවන්ට ලබන 16වැනිදා සිට දහම් පාසල් ආරම්භ කිරීමට නියමිතය. 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන්ට දහම් පාසල් ආරම්භ කරනු ලබන්නේ ලබන 23වැනිදා සිට බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
2020-07-27T04:04:50.000Z
අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ගැන දැනුම් දෙන්න පොලීසියෙන් විශේෂ දුරකතන අංක 2ක්
අපරාධකරුවන්,මත්ද්‍රව්‍ය ගැන දැනුම් දෙන්න අංක 2ක්
COLOMBO (News 1st) : පොලිස් මූලස්ථානය විසින් මහජනතාවට තොරතුරු ලබා දීම සඳහා විශේෂ දුරකතන අංක 2ක් හඳුන්වා දී තිබේ. ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව, ජාතික ආරක්ෂාව තර්ජනයක් වන හා මහජන සාමයට තර්ජනයක් වන කරුණුු පිළිබඳව මෙම දුරකතන අංකය හරහා තොරතුරු ලබා දිය හැකි ය. එම දුරකතන අංකය වන්නේ, 1997 යි. එමෙන්ම 1917 දුරකතන අංකය මගින අපරාධ කල්ලි සාමාජිකයින් හා වෙනත් කූඨ ගනුදෙනු මගින් උපයා ගන්නා වත්කම් ගැන තොරතුරු ලබාදිය හැකිය . එමෙන්ම මේ හරහා බුද්ධිමය දේපළ සම්බන්ධ වැරදි ගැන තොරතුරු ලබා දිය හැකි ය. මෙම දුරකතන අංක ඔස්සේ තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය පොලීසිය විසින් ආරක්ෂා කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
2020-07-27T03:45:49.000Z
රවී CIDයට රිෂාඩ් ඊරප්පෙරියකුලම් පොලීසියට
රවී CIDයට රිෂාඩ් ඊරප්පෙරියකුලම් පොලීසියට
COLOMBO (News 1st) : හිටපු මුදල් අමාත්‍ය රවී කරුනානායක මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. පොලීසිය ප්‍රකාශ කළේ, මහ බැංකු බැඳුම්කර වෙන්දේසියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා රවී කරුණානායක මහතා අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට (CID) පැමිණි බවය. පෙරවරු 10.20 ට පමණ එම දෙපාර්තමේන්තුවට පැමිණි රවී කරුණානායක මහතාගෙන් මේ වනවිටත් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටි බව වාර්තා වේ. මේ අතර සමගි ජන බලවේගයේ අපේක්ෂක රිෂාඩ් බදුර්දීන් මහතා ද වව්නියාව ඊරප්පෙරියකුලම් පොලීසිය වෙත පැමිණියේ ය. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට බදුර්දීන් මහතා කැඳවා ඇති බවය.
2020-07-27T03:03:07.000Z
පෙත්සම් විභාග කර අවසන් වනතුරු අනුර, ජනක හා ශානි කොමිසම හමුවට කැඳවන්නේ නැහැ - ජනපති කොමිසම
අනුර, ජනක හා ශානි කොමිසම හමුවට කැඳවන්නේ නැහැ
COLOMBO (News 1st) : පෙත්සම් විභාග කර අවසන් වනතුරු අනුර කුමාර දිසානායක, ජනක බණ්ඩාර සහ ශානි අබේසේකර කොමිසම හමුවට කැඳවීමක් නොකරන බවට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසම අභියාචනාධිකරණය හමුවේ එකඟ වී තිබේ.
2020-07-27T02:58:39.000Z
ICC සභාපති ධූරයට තරග වදින සෞරව් ගංගුලිට සංගක්කාරගේ සහය 
සෞරව් ගංගුලිට සංගක්කාරගේ සහය
COLOMBO (News 1st) : අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරය සඳහා තරග වදින ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි මහතාට ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා සිය සහයෝගය පළ කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. දක්ෂ ක්‍රිකට් නුවණක් සහ පරිපාලනයේ ඇති හසළ අත්දැකීම අනුව සෞරව් ගංගුලි මහතා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරය සඳහා සුදුසුකම පුද්ගලයා බව කුමාර් සංගක්කාර මහතා සඳහන් කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් ය.
2020-07-27T02:37:02.000Z
නිරෝධායනය වන පුද්ගලයින්ට ඡන්දය දාන්න සූදානම් කළ ජංගම වැඩසටහන පැවැත්විය නොහැකියි - මැතිවරණ කොමිසමේ සභාපති
ඡන්දය දාන්න සූදානම් කළ ජංගම වැඩසටහන පවත්වන්නේ නෑ
COLOMBO (News 1st) : නිරෝධායනය වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට 31 වැනිදා සූදානම් කළ ජංගම වැඩසටහන පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය. https://www.facebook.com/NewsfirstSL/videos/678708049349445/