date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2020-08-08T10:25:17.000Z
කුරුණෑගල නගරාධිපතිගෙන් නාමල් කරුණාරත්නට එන්තරවාසියක්
''පමා නොකර මට විරුද්ධව නඩුව දාන්න''
COLOMBO (News 1st) : කුරුණෑගල නගරාධිපතිවරයා, හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතාට යැවූ එන්තරවාසියක් සම්බන්ධයෙන් අද කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේ ය. නාමල් කරුණාරත්න මහතා පැවසුවේ, ලක්ෂ 5000 ක මුදලක් ගෙවන ලෙස තමාට එන්තරවාසියක් එවා ඇති නමුත් තමන් ඔහුට සත පහක් හෝ නොගෙවන බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ, පමා නොකර තමාට විරුද්ධව නඩුව ගොනු කරන නගරාධිපතිට බල කර සිටින බවයි. ''ලක්ෂ 5000 ක මුදලක් නගරාධිපතිවරයාට ගෙවන්නලු නැතිනම් මට නඩු දානවලු දැන් මම කියන්න කැමැතියි සත පහක් ගෙවන්නේ නෑ. මට ගෙවන්න සල්ලිත් නෑ. සතපහක් ගෙවන්නේ නැ කරුනාකරලා මේ නඩුව පමා නොකර මට විරුද්ධව නඩුව දාන්න කියලා ඒ නගරාධිපතිට මේ වෙලාවේ මම බලකරලා කියනවා'' https://www.facebook.com/NewsfirstSL/videos/776901613080749/
2020-08-08T10:09:18.000Z
කොමිෂන් සභා ගැන නැවත සිතා බැලිය යුතුයි - එස්.බී
කොමිෂන් සභා ගැන නැවත සිතා බැලිය යුතුයි - එස්.බී
COLOMBO (News 1st) : නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, නව ඡන්ද ක්‍රමයක්, නව පාර්ලිමේන්තු ක්‍රමයක් නව කොමිෂන් සභා ක්‍රමයක් නිර්මාණය කරන බව එස්. බී . දිසානායක මහතා පවසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කර ජය ලැබු එස්. බී . දිසානායක මහතා මේ බව පැවසුවේ, අද හඟුරන්කෙත මාදම්වල ප්‍රරාණ රජමහා විහාරය ගොස් සංඝරත්නයේ ආශිවාද ලබා ගැනීමෙන් අනතුරුවයි. කොමිෂන් සභා තරම් දේශපාලනීකරණය වූ සභා ඉතිහාසයේ කිසි දිනෙක් පැවතී නොමැති බව ද එස්.බී. දිසා නායක මසහතා මෙහිදී පැවසී ය. ''අපිත් දන්නවා ඔබතුමන්ලත් දන්නවා සියලු දෙනාම දන්නවා මේ කොමිෂන් සභා තරම් දේශපාලනීකරණයට යටවෙච්ච සභාවල් මේ රටේ තිබුනේ නෑ ඉතිහාසයේ කවදාවත්. කොමිෂන් සභා ගැන නැවත සිතා බැලීම යෝග්‍යයි කියන එක මම හිතන්නේ මේ රටම පිලිඅරගෙන තියෙන දෙයක්. හොදට තේරෙනවා 19 වෙනි ආණඩුක්‍රම ව්‍යවස්ථාව තුල දෙවරකට වැඩි අයට තරඟ කරන්න බෑ කියලා කිව්වේ මහින්ද රාජපක්ෂ කපලා දාන්න. ඊලඟට දිවිත්ව පුරවැසියන්ට බෑ කියලා කිව්වේ ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පැත්තකට තල්ලු කරන්න. බැසිල්ලා වගේ අය පැත්තකට තල්ලු කරන්න. ඉතිං මේවා හරිද? පුද්ගලයෝ ඉලක්ක කරගෙන නීති හදන එක. ඉතිං ඒක නිසා ඇත්තටම දැන් අපට තුනෙන් දෙකෙ බලයක් තියෙනවා. ඒ තුනෙන් දෙකෙ බලයෙන් අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, නව ඡන්ද ක්‍රමයක්, නව පාර්ලිමේන්තු ක්‍රමයක් නව කොමිෂන් සභා ක්‍රමයකට අපි රට ගෙනියලා වඩාත් ස්වාධීනව වඩාත් ස්වෛරී වඩාත් නිදහස් වඩා ප්‍රජාතන්ත්‍රවාදී තත්වයකට මේ රට ගෙන ඒම මම හිතන්නේ අතවශ්‍ය කාරණයක්'' https://www.facebook.com/NewsfirstSL/videos/378405386895690/
2020-08-08T09:52:13.000Z
''පත්වුණ කිසි අපේක්ෂකයෙක් උදම් අනන්න එපා...'' - අක්මීමන දයාරතන හිමි
''පත්වුණ කිසි අපේක්ෂකයෙක් උදම් අනන්න එපා...''
COLOMBO (News 1st) : ලැබී ඇති බලතල නිසි ලෙස භාවිත කිරීම ආණ්ඩුවේ වගකීමක් බව සිංහල රාවය ජාතික සංවිධානය පවසයි. එහි මහ ලේකම් පූජ්‍ය අක්මීමන දයාරතන හිමි පැවසුවේ, බලය පත් වූ කිසිවෙකු උදම් ඇනිය යුතු නැති බවත් මෙය ජනාධිපතිතුමාට දීපු පැහැදිලි ජනවරමක් බවත් ය. ''තුනෙන් දෙකක බලතල දීලා තියෙනවා ජනාධිපතිවරයාටත් අග්‍රමාත්‍යවරයාට ඇතිවෙච්ච විශ්වාසයක් මිසක් අපේක්ෂකයන්ගේ විශ්වාසයක් පිළිබඳව නෙමෙයි මේ ඡන්දය ප්‍රකාශ කරලා තියෙන්නේ කියන කාරණාව විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඒ වගේම කූඩුවලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාම අද එළියට දාලා තියෙනවා. සමහරක් දෙනෙක් මේ පාර්ලිමේන්තුවටත් තේරී පත්වෙලා ඇවිල්ල තියෙනව.. හැබැයි දකුණු පළාතෙන් බැලුවහම කූඩුවලට සම්බන්ධ වෙච්ච සමහර මැති ඇමතිවරු සම්පූර්ණයෙන්ම මේකෙන් අතුගාලා දාලා තියනවා.. මහ බැංකුව මහ දවල් හොරාකාපු හොර නඩය එලියට දාලා තියෙනවා. ජනාධිපතිතුමාට පැකිලීමකින් තොරව මේ රටේ අන්තවාදය පරාජය කරන්න ත්‍රස්තවාදය පරාජය කරන්න අවශ්‍ය කරන සම්පූර්ණ ශක්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරගන්න එතුමාට බලය දීල තියෙනවා. මේ බලයට පත්වෙච්ච කිසිම අපේක්ෂකයෙකු උදම් අනන්න එපා මේ තමන්ගේ බලයක් නෙමෙයි. අපේ රටේ ජනාධිපති තුමාට දීපු පැහැදිලි ජනවරමක් කියන කාරණාව. මම හිතන්නේ නැහැ වර්තමාන ජනාධිපතිවරයා තමන්ට මේ ලැබිච්ච ජනවරම අප භාවිතා කරලා තමන්ට ආවේණික වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන එකක් නැහැ එතුමා සකස් කරන්නේ මේ රටේ ජනතාවට, මේ රටේ ඉදිරි කාලය තුළදී පැවැත්මට අවශ්‍ය කරන කාරණාවක් කියන එක මතක් කරන්න ඕන'' https://www.facebook.com/NewsfirstSL/videos/582351369126360/
2020-08-08T09:22:11.000Z
''පොළොවෙ පය ගහන්නෙ නැතුව මේ වැඩේ කරන්න බෑ'' - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
''පොළොවෙ පය ගහන්නෙ නැතුව මේ වැඩේ කරන්න බෑ''
COLOMBO (News 1st) : නාරාහේන්පිට අභයාරම විහාරාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අද මාධ්‍ය හමුවක් කැඳවා අභිනවයයෙන් පත් වූ නව රජය වැඩකටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය. ''පත්වෙච්ච අපේක්ෂකයෝ මුලින්ම තේරුම්ගන්නට ඕනෑ පොලොව අඩිය තියලා ගමන් කරන්න. පොලොවේ පය ගහලා නැතුවනම් මේ වැඩේ කරන්න බැ, මොකද අපිට තනතුරක් ලැබෙනකොට අපි සමහරවිටක ඉන්න තැනත් අමතක කරන තත්තවයකට පත්වෙලා තියෙන්නේ. මුලින්ම කරන එකම දේ තමයි ඉල්ලිම තමයි ඔබ මොන විදිහේ ඇමතිකම් ලැබුවත් මොන තරාතිරමක හිටියත් මොන විදිහේ යානවාහන ගෙවල් දොරවල් පරිත්‍යාග කලත් ඔබ මුල අමතක කරන්න එපා. මෙතනට එන්න අපිව පත් කරේ අපේ කවුරුවත් නෙවෙයි අපේ ජනතාවයි. එහෙමනම් මුලින්ම කලයුත්තේ ඔබ ජනතාවට ඇහුම්කම් දීමයි. ජනතාවට නම්‍යශිලි වීමයි. එහෙමනම් මෙවර මේ පාර්ලිමේන්තුව තුල විනය කියන එක මුලින්ම තිබිය යුතු දෙයක් බවට පත්වෙන්නට ඕන'' අග්‍රාමාත්‍යවරයා තීරණ ගැනීමේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද මුරැත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙහිදී අදහස් පළ කළේ ය. ''අගමැතිතුමා හොද හිතක් තිබෙන පුද්ගලයෙක් මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ. නමුත් ඒ උණුවෙන හිත වුනත් උණුවෙන තැන් වල උණූ වෙන්න ඕන දැඩිව ගන්න ඕන තැනිවල දැඩිව ගන්න ඕන අගමැතිතුමා වුනත්. නොයෙක් විදිහේ බැටළු හම පොරවාගෙන වෙස්වලාගෙන අපිට නම් නොයෙක් අය අපි ලඟට එනවා. ඒ එන්නේ හොදකට එනවා නොවෙයි. ඉස්සරවෙලා ඒවා තේරුම්ගන්නට ඕනෑ ඒගොල්ලෝත්. ගියසැරේ වුනේ ඒවා හරියට අවවාද අනුශාසනා ආදිය පිළිනොගෙන හිතුවක්කාරව දඩබ්බරව අත්තනෝමතිකව කටයුතු කරපු නිසා තමයි එදා එවැනි තත්තවයකට පත්වුනේ'' මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණෙන් කොළඹ දිස්ත්‍රික්තයේ වැඩිම මනාප ලබා ගත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද පෙරවරුවේ නාරාහේන්පිට අභයාරම විහාරාධිපති පුජ්‍ය මුරැත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය. කුමන ආකාරයේ අමාත්‍යංශයක් බලපොරොත්තු වන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදීන් වීරසේකර මහතාගේ විමසා සිටියේ ය. ''ඔව් ඉතිං අමාත්‍යධුරයක් පිලිබදව නම් අපිට බලපෑම් කරන්න බෑ ඒක රඳා පවතින්නේ ජනාධිපිතතුමාගේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ සහ අගමැතිතුමාගේ අතේ. එතුමන්ලා මම හිතන්නේ සුදුසු තීරණයක් ගනීවී. නමුත් ඇත්තෙන්ම මට අවශ්‍ය වෙන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යෙය් දැක්ම යථාර්ථයක් කරන්න වගේම කොළඹ දිස්ත්‍රික්කයේ සහ කොළඹ නගරය මේ ආසියාවේම ශීඝ්‍රයෙන් දියුණු වෙන සහ සුන්දරම නගරයක් බවට පත්කිරිමේ සිහිනය ඉතාමත් ඉක්මනින් යථාර්ථයක් බවට පත්කරන්න. ඒක කරන්න පුලුවන් ඇත්තටම අමාත්‍යංශයක් ලැබුනොත් ඇත්තවශයෙන්ම මම ඉතාමත් සතුටුවෙනවා. මම හිතන්නේ 19 වෙනි සංශෝධනය ඉතාමත් අහිතකරයි ඒක සම්පුර්ණයෙන්ම අහෝසි කලයුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. ඉතිං නව ව්‍යවස්ථාවක් තුලින් අපිට පුලුවන් ඉදිරියට යන්න'' https://www.facebook.com/NewsfirstSL/videos/621288752117754/
2020-08-08T09:09:10.000Z
සමගි ජන බලවේගය සමග අත්වැල් බැදගන්නැයි, සජිත්ගෙන් ඇරයුමක්
සමගි ජන බලවේගයෙන් විවෘත ආරාධනයක්
COLOMBO (News 1st) : සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා පැවති මැතිවරණයේදී සමගි ජනබලවේගයට ඡන්දය ලබා දුන් සියලු ඡන්දදායකයින්ට අද සිය ස්තූතිය පිරිනැමී ය. අද එම පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රේමදාස මහතා පැවසුවේ, ලද වරමත් සමග ඉතිහාසයේ දැවන්තම ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ආරම්භ කළ බවයි. අසත්‍යය පරාජය කර සත්‍යය ජයග්‍රහණය කරවීමට සිය පක්ෂයට හැකියාව ලැබුණු බවද ඔහු එහිදී පැවසී ය. ''අපි ඔප්පු කරලා පෙන්නුවා මුදල් ගොඩනැගිලි නෙමෙයි සම්පත නෙමෙයි වැදගත් වන්නේ ජනතා සම්පත වට කරලාම ගල් ගසද්දි අපිට පුළුවන් වුණා ශක්තිමත් ගමනක් ආරම්භ කරන්න. අපිට පුළුවන් කම ලැබුණා අසත්‍යය පරාජය කරලා සත්‍යය ජයග්‍රහණය කරවන්න. අපේ ඉතිහාසයේ කෙටිම කාලයක් තුළ මේ තරම් ජන බලවේගයක් ගොඩනගපු එකම දේශපාලන බලවේගය අපේ සමගි ජන බලවේගය. ඒ නිසා අපිට බොහොම සුබ වාදී අනාගතයක් තියනවා.ඒ ආනාගතය තුළ අපි අදහස් කරනවා රටේ සියළුම දේශපාලන බල මුළු ගොනු කරගෙන සියළුම ජන කොට්ඨාසයන් ඒකරාශී කරගෙන සත් ජාතිකත්ව ප්‍රතිපත්තිය තුළ ශක්තිමත් ගමනක් ඉදිරියට ක්‍රියාත්මක කරන්න'' එමෙන්ම ඉදිරි පළාත් පළාන ඡන්ද විමසීම්වලදී ද අභියෝගවලට මුහුණ දීමට සූදානම් බව ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් පැවසී ය. ''ඒ වගේම ඉදිරියේදී තිබෙන පළාත් සභා පළාත් පාලන ආයතන අභියෝගවලටත් අපි මුහුණ දෙන්නට සූදානම්.රටේම පළාත් සභා පාළාත් පාලන මන්ත්‍රී කම් දරපු දරණ සියළු දෙනාටම කියන්න කැමතියි අපි ලෑස්තියි ඔබ සියළු දෙනාටම විවෘත ආරාධනාවක් කරන්න සම්බන්ධ නොවුණු සියළු දොනටම සමගි ජනබලවේගයත් සමග අත්වැල් බැදගෙන ඒ ගමන ජයග්‍රාහී ගමනක් කරන්න අපි කටයුතු කරනවා'' එක්සත් ජාතික පක්ෂයට කුමක් සිදුවූයේ දැයි මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රේමදාස මහතාගෙන් විමසා සිටියේ ය. ඔහු ඊට ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි . ''මම ඒක ගැන විග්‍රහයක් කරන්නේ නෑ.ඔබතුමා ප්‍රතිළුල බැලුවනේ.බැලුවද? ඒ බැලුවනම් ඕනම කෙනෙකුට ඒක තේරෙනවා.මම ඒක ගැන අළුත් විග්‍රහක් කරන්නට යන්නේ නෑ. මොකද මම හිතනවා මේ සියළු දෙනාම සමගි ජන බලවේගයත් සමග එකතු වෙනවා නොඅනු මානයි.මෙතන තමයි දේශපාලන ඉදිරිගමන තියෙන්නේ'' 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයකට පැමිණිය හොත් සහයෝගය දෙන්නේ ද යන්න සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරිණ. එහිදී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ඉවත් කිරීමට විරුද්ධ බවයි. ''සංසෝදනය කියන එක එකක් සම්පූර්ණයෙන්ම අයින් කිරීම කියන්නේ එකක්.19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපනය කරපු ඒ යහපාලන ආයතන තවදුරටත් කාර්යක්ෂම කිරීම , ශක්තිමත් කිරීම,ස්වාදීනත්වය වර්ධනය කිරීම,දේශපාලන ඇගිලි ගැසීම්වලින් තොරව ඒ ආයතන ක්‍රියාත්මක කිරීම ඒ වගේ සංශෝධන අපි කරන්නට ඕන. අවංක පිරිසිදු රටක් උදෙසා කරන ඕනම දේකට අපි ලෑස්තියි. 19ඉවත් කරනවට අපි තරයේ විරුද්ධයි. ඒ 19 බිහිවුනු ආයතන වඩාත් නිර්දේශපාලනීකරණය කිරීම ඒ නිලධාරීන්ට අපක්ෂපාතීව සාදාරණව කටයුතු කිරීම කාර්යක්ෂම සේවාවක් ඉශ්ඨ කිරීම ඒ වගේ වැඩ වලට ඒ වගේ සංශෝධන වලට අපි එකඟයි'' මෙහිදී එජපයේ බෙදීම සම්බන්ධයෙන් විමසූ පැනය සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි පිළිතුරක් ලබා දුන්නේ ය. ''මේ අළුත් දේශපාලන බලවේගය නිර්මාණය වුනේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවක් අනුව.ඉතින් හරියට කකුලෙන් අදින්නේ නැතුව අර පාපිස්ස අදින්නේ නැතුව වැඩකටයුතු කලානම් පාපිස්ස ඇදලා කකුල් මාට්ටු දාන්නේ නැතුව වැඩකටයුතු කලානම් ඒකට මං හිතනවා මීට වැඩිය ප්‍රගතියක් ලබන්න තිබුණා.අනිවාර්යෙන්ම''
2020-08-08T08:48:52.000Z
අලුත් පාර්ලිමේන්තුවට එන පිය - පුතුන් ඇතුළු ඥාතී හිතවතුන්
අලුත් පාර්ලිමේන්තුවේ ඥාති හිතවත්කම්
COLOMBO (News 1st) : මේ වන විට අපේ රටේ 9 වැනි පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයො තෝරාගෙන අවසන් ය. මේ පාර්ලිමේන්තුවෙ විශේෂතා ගොඩක් කිහිපයක් පවතින අතර ඉන් එකක් වන්නේ, පියවරුන් කිහිප දෙනෙකු පුතුන් එක්කම මැති සබේට තේරී පත්වී සිටීමයි. * අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයගෙ පුතා නාමල් රාජපක්ෂ * චමල් රාජපක්ෂ මහත්මයගෙ පුතා ශෂීන්ද්‍ර රාජපක්ෂ * දිනේෂ් ගුණවර්ධන මහත්මයගෙ පුතා යදාමිණි ගුණවර්ධන * ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්මයගෙ පුතා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මීට අමතරව ප්‍රබල දේශපාලන නායකයන්ට ඥාති සම්බන්ධතා ඇති බොහෝ දෙනෙක් ද මෙවර මැතිසබේට තේරී පත්වී සටිති. *අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයගෙ සොහොයුරා චමල් රාජපක්ෂ *අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයගෙ නංගීගෙ පුතා නිපුණ රණවක. * දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්මයගෙ පුතා සජිත් ප්‍රේමදාස * හිටපු ඇමැති මහින්ද විජේසේකර මහත්මයගෙ පුතා කංචන විජේසේකර * හිටපු මහ ඇමති මහිපාල හේරත් මහත්මයගෙ පුතා කනක හේරත් * හිටපු අගමැති අභාවප්‍රාප්ත දි .මු. ජයත්න මහත්මයගෙ පුතා අනුරාධ ජයරත්න * හිටපු ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහත්මයගෙ ඥාති පුත්‍රයා දිළුම් අමුණුගම * හිටපු අගමැති අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහත්මයගෙ පුතා විදුර වික්‍රමනායක * හිටපු ඇමැති අභාවප්‍රාප්ත අනුරුද්ධ රත්වත්ත මහත්මයගෙ පුතා ලොහාන් රත්වත්ත * හිටපු ඇමැති අභාවප්‍රාප්ත වෛද්‍ය ජයලත් ජයවර්ධන මහත්මයගෙ පුතා කවින්ද ජයවර්ධන * හිටපු මහ ඇමැති අභාවප්‍රාප්ත බර්ටි ප්‍රේමලාල් දිසානායක මහත්මයගෙ පුතා දුමින්ද දිසානායක * හිටපු ඇමැති අභාවප්‍රාප්ත රෙජී රණතුංග මහත්මයගෙ පුතා ප්‍රසන්න රණතුංග * හිටපු ඇමැති අභාවප්‍රාප්ත ආචාර්ය රිචඩ් පතිරණ මහත්මයගෙ පුතා රමේෂ් පතිරණ * හිටපු මන්ත්‍රී අභාවප්‍රාප්ත රංජිත් සොයිසා මහත්මයගෙ බිරිඳ මුදිතා ප්‍රිශාන්ති * හිටපු ඇමැති අභාවප්‍රාප්ත අමරසිරි දොඩම්ගොඩ මහත්මයගෙ පුතා ඉසුරු දොඩම්ගොඩ *හිටපු ඇමැති අභාවප්‍රාප්ත අමරසිරි දොඩම්ගොඩ මහත්මයගෙ සොහොයුරියගෙ පුතා තමයි චන්දිම වීරක්කොඩි * හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත එච්.ජී.පී නෙල්සන් මහත්මයගෙ පුතා කිංස් නෙල්සන් * හිටපු මහ ඇමැති අභාවප්‍රාප්ත මොහාන් සාලිය එල්ලාවලාවල මහත්මයගෙ පුතා අකිල එල්ලාවල * හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත ධර්මදාස වන්නිආරච්චි මහත්මයගෙ දියණිය පවිත්‍රා වන්නිආරච්චි * හිටපු ඇමැති අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමාන් මහත්මයගෙ පුතා ජීවන් තොණ්ඩමාන් * හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත හීන්මහත්තයා ලියනගේ මහත්මයගෙ පුතා වරුණ ලියනගේ * හිටපු ඇමැති අභාවප්‍රාප්ත ගාමිණි අතුකෝරළ මහත්මයගෙ සහෝදරිය තලතා අතුකෝරළ * හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත සරත්චන්ද්‍ර රාජකරුණා මහත්මයගෙ පුතා හර්ෂණ රාජකරුණා * හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත සංජීව කවිරත්න මහත්මයගෙ බිරිඳ රෝහිණී කවිරත්න විජේරත්න * හිටපු ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහත්මයගේ සහ හිටපු ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මියගෙ පුතා, තාරක බාලසූරිය. * ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ආරම්භක ලේකම් අභාවප්‍රාප්ත රංජිත් නවරත්න මහත්මයගෙ පුතා අසංක නවරත්න * හිටපු පළාත් සභා ඇමැති ඩී.වී. උපුල් මහත්මයගෙ පුතා ඩී.වී. චානක * සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ හිටපු නායක, අභාවප්‍රාප්ත කුමාර් පොන්නම්බලම් මහත්මයගෙ පුතා ගජේන්ද්‍ර කුමාර් * හිටපු ඇමැති වාසුදේව නානායක්කාර මහත්මයගෙ ඥාතිවර,, හිටපු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් * හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත දයා ටී.පැස්කුවල් මහත්මයගෙ සොහොයුරාගේ පුත් අනුප පැස්කුවල් * හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත රූපා කරුණාතිලක මහත්මයගෙ ඥාති පුත් ගයන්ත කරුණාතිලක * ඌව පළාත් හිටපු ඇමැති අනුර විදානගමගේ මහත්මයගෙ සොහොයුරා තේනුක විදානගමගේ * හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත එච්.ආර්.මිත්‍රපාල මහත්මයගෙ පුතා දුෂ්මන්ත මිත්‍රපාල * හිටපු ඇමැති අතාවුද සෙනෙවිරත්න මහත්මයගෙ ඥාති පුත් උදයකාන්ත ගුණතිලක * හිටපු ඇමැති අභාවප්‍රාප්ත එම්. වින්සන්ට් පෙරේරා මහත්මයගෙ පුතා සුචිත් සංජය පෙරේරා * හිටපු ඇමැති අභාවප්‍රාප්ත එස්.ඩී.ආර්.ජයරත්න මහත්මයගෙ පුතා පියංකර ජයරත්න * අනූ හතරේ මැතිසබයට තේරී පත්ව සිට රිය අනතුරකින් මියගිය ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු මහත්මයගෙ ඥාති පුත් අරුන්දික ප්‍රනාන්දු * හිටපු ඇමැති අභාවප්‍රාප්ත පෙස්ටස් පෙරේරා මහත්මයගෙ පුතා නිරෝෂන් පෙරේරා * හිටපු විදේශ ඇමැති අභාවප්‍රාප්ත ඒ.සී.එස්.හමීඩ් මහත්මයගෙ බෑණා, අබ්දුල් හලීම් මොහොමඩ් * හිටපු නියෝජ්‍ය ඇමැති එච්.බී.සේමසිංහ මහත්මයගෙ පුතා ෂෙහාන් සේමසිංහ * හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත එස්.ඩබ්ලිවු.අලවතුවල මහත්මයගෙ පුතා ජේ.සී.අලවතුවල * හිටපු පළාත් සභා මන්ත්‍රී,,,,ඝාතනයට ලක් වූ දේශබන්දු නාමල් ගුණවර්ධන මහත්මයාගේ සොහොයුරිය කෝකිලා හර්ෂණී ගුණවර්ධන * ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අභාවප්‍රාප්ත විජය කුමාරතුංග මහතාගේ ඥාති පුත් රංජන් රාමනායක * හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත සාලින්ද දිසානායක මහතාගේ බිරිඳ මංජුලා දිසානායක * හිටපු ඇමැති අභාවප්‍රාප්ත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහත්මයගෙ බිරිඳ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ * හිටපු මුදල් ඇමැති අභාවප්‍රාප්ත ආචාර්ය එන්.එම්.පෙරේරා මහත්මයගේ ඥාති පුත් මහාචාර්ය තිස්ස විතාරණ. * හිටපු පළාත් සභා මන්ත්‍රී ශ්‍රීලාල් වික්‍රමසිංහ මහත්මයගෙ බිරිඳ රාජිකා වික්‍රමසිංහ ජාතික ලැයිස්තුවෙන් සහ මහජන ඡන්දයෙන් පත් ව සිටින මෙම ඥාතීන් අලුත් පාර්ලිමේන්තුවේදි දැක ගත හැකි ය. https://www.facebook.com/NewsfirstSL/videos/1657178291113418/
2020-08-08T08:17:22.000Z
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
COLOMBO (News 1st) : 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි. මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් පත් යොමු කර තිබූ සංඛ්‍යාව 61 248 කි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 0112 784 208, 0112 784 537, 0113 188 350 සහ 0113 140 314 යන දුරකතන අංක හරහා පාසල් විභාග ප්‍රතිඵල ශාඛාව ඇමතීමෙන් ලබාගත හැකියි.
2020-08-08T04:12:27.000Z
මුහුදු යාමේදී සැලකිලිමත් වන්නැයි, ධීවරයින්ට දැනුම්දීමක්
ධීවරයින්ට ධීවර දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
COLOMBO (News1st) : මුහුදු යාමේදී සැලකිලිමත් වන ලෙස කුඩා ධීවර යාත්‍රාවලට ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ අතර උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමිටර් 40-50 ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල රළ ඉහළ යාම හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවයි. වෙරල ආසන්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
2020-08-08T04:02:35.000Z
කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ලබන 11න් පසු
කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ලබන 11න් පසු
COLOMBO (News 1st) : නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම, ජාතික ලැයිස්තුව ගැසට් කිරිමෙන් අනතුරුව සිදු කිරිමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි. එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, ලබන 11 වැනිදායින් පසු නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම සිදු වනු ඇති බවයි. ජාතික ලැයිස්තු නාම ලේඛන ඉදිරි දින 7 ඇතුළත ලබා දෙන්නැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දුන්නේ ය. මෙවර මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව 17 කි. සමගි ජන බල වේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව 7 කි. ජාතික ජන බල වේගය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය , අපේ ජනබල පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය බැගින් හිමිවිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන්ගේ නාම ලේඛනය ඊයේ මැතිවරණ කොමිසමට භාර දුන්නේ ය. සමගි ජන බලවේගය සඳහන් කළේ, සිය ජාතික ලැයිස්තු නාමාවලිය මෙතෙක් සකස් කර අවසන්වී නොමැති බවයි. එක්සත් ජාතික පක්ෂයද ජාතික ලැයිස් මන්ත්‍රිධුරය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර 9 වැනි පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා, හෙට දිව්රුම් දෙයි. ඒ, පෙරවරු 8. 30 ට කැලණිය රජමහා විහාරස්ථානයේදීයී.
2020-08-08T03:24:35.000Z
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට තවත් ආරක්ෂිත වැටක්
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට තවත් ආරක්ෂිත වැටක්
COLOMBO ( News 1st ) : වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ තාප්පයට ඉහළින් කම්බිවලින් සකස් කරන ලද ආරක්ෂිත වැටක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ , බන්ධනාගාරය තුළට දිගින් දිගමට මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය විසි කිරීම් සිදුවන බවට නිරීක්ෂණය වී ඇති නිසා එම තීරණය ගත් බවයි. බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය, ජංගම දුරකතන ඇතුළු විවිධ තහනම් භාණ්ඩ සහිත පාසල් විසි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඔහු පැවසුවේ ය. ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමග ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
2020-08-08T03:17:59.000Z
පශ්චාත් මැතිවරණ සමයේ නීති උල්ලංඝණය කළ දෙදෙනෙකු අත්අඩංගුවට
පශ්චාත් මැතිවරණ සමයේ නීති කැඩූ දෙදෙනෙකු කොටු
COLOMBO (News 1st ) : පශ්චාත් මැතිවරණ සමයේ නීති උල්ලංඝණය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කාල සීමාව තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 4 කි. මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ , මේ දක්වා කිසිදු ප්‍රචණ්ඩ සිදුවීමක් වාර්තා වී නොමැති බවයි. මේ අතර නාම යෝජනා භාර දුන් දිනයේ සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 480 ක් ලැබී ඇතැයි පොලීසිය පවසයි. එහිදී අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 561 කි. වාහන 165 ක් පොලීසිය භාරයට ගෙන තිබේ. මේ අතර පශ්චාත් මැතිවරණ කාල සීමාවේ කිසිදු ආකාරයක රැස්වීම්, පෙළපාලි ඇතුළු ඒකරාශිවීම් සිදු නොකරන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙයි.
2020-08-08T03:07:24.000Z
පිට රටවල සිටි ලාංකිකයන් 28 දෙනෙකු දිවයිනට..
පිට රටවල සිටි ලාංකිකයන් 28 දෙනෙකු දිවයිනට..
COLOMBO (News 1st) : කොරෝනා වසංගතය හේතුවෙන් විදේශ රටවල රැඳී සිටි ලාංකිකයන් 28 දෙනෙකු අද දිවයිනට පැමිණියේ ය. කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර කළමනාකාරවරයා සඳහන් කළේ , ඉන් දෙදෙනෙකු ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි බවයි. 21 දෙනෙකු කටාර්හි දෝහා සිට පැමිණ ඇති අතර 05 දෙනෙකු චීනයේ ෂැංහයි සිට පැමිණ තිබේ. ඔවුන් සියලු දෙනා ගුවන්තොටුපොළ තුළදීම PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන සඳහා යොමු කරනු ඇති. මහ මැතිවරණය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අද යළි ආරම්භ විය. මේ අතර නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 68 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව වේ. යුද හමුදාව සඳහන් කළේ, පුද්ගලයින් 29,621 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බවයි. මධ්‍යස්ථාන 33 ක පුද්ගලයින් 1856 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී . මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 2839 කි. අප්‍රේල් 30 වැනිදායින් පසු කිසිදු කොරෝනා ආසාධිතයෙකු සමාජයෙන් හමුවී නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ය. මෙරට සුවය ලැබූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 2564 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාධිතයින් සංඛ්‍යාව 264 කි.
2020-08-08T02:36:00.000Z
ඉන්දීය ගුවන් අනතුර ගැන මහින්ද රාජපක්ෂ කණගාටුව පල කරයි
ඉන්දීය ගුවන් අනතුර:මහින්ද රාජපක්ෂ කණගාටුව පල කරයි
COLOMBO (News 1st) : ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ කොෂිකෝඩ් ගුවන්තොටුපොළේදී ඊයේ(07) සිදු වූ ගුවන් අනතුර සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා තම කණගාටුව ප්‍රකාශ කර තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණේ , අනතුරින් මියගිය අය වෙනුවෙන් මත ශෝකය ප්‍රකාශ කරන අතරම තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ද ප්‍රාර්ථනා කරන බවයි. මෙම ඛේදජනක ගුවන් අනතුර ගැන දැනගත් විට තමා අතිශය කම්පාවට පත් වූ බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ. ඩුබායි සිට පැමිණි ඉන්දීය ගුවන් යානයක් ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට යාමේදී ධාවන පථයෙන් ඉවතට ගොස් යානය දෙකඩ වී එම අනතුර සිදු විය. අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද ඇතුළුව යානයේ පුද්ගලයින් 190 ක් සිට ඇති අතර 17 දෙනෙකු මියගොස් තිබේ. I'm shocked & saddened to hear about the tragic plane crash at Kozhikode, Kerala. On behalf of the Gov. & People of #SriLanka, I express my deepest condolences to bereaved families & wish the injured a speedy recovery. Our prayers are w/the people of India at this hour of grief. — Mahinda Rajapaksa (@PresRajapaksa) August 8, 2020
2020-08-08T02:10:26.000Z
Update: ලෙබනනයේ පිපිරීමෙන් ලාංකිකයින් 14 කට තුවාල
Update: ලෙබනනයේ පිපිරීමෙන් ලාංකිකයින් 14 කට තුවාල
COLOMBO (News 1st) : ලෙබනනයේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් තුවාල ලැබු ලාංකිකයින් සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ පිළිබඳ අනාවරණය කරගනු ලැබුවේ සිදු කරනු ලැබූ වැඩිදුර විමර්ශ වලදීය. ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි කරුණාරත්න මහත්මිය සඳහන් කළේ, ඔවුන් සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බවයි. එම සිදුවීමෙන් බලපෑමට ලක්වූ එරට සිටින ලාංකිකයින් දිවයිනට පිටත් කර යැවීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයි ද ඇය සඳහන් කළා ය. ඒ අනුව ශ්‍රමිකයින් ඇතුළු එරට සිටින ලාංකිකයින් 285 දෙනෙකු රැගත් යානය ලබන 15 වැනිදා දිවයිනට පැමිණෙනු ඇති.
2020-08-08T01:56:14.000Z
මහින්ද රාජපක්ෂට ජපානයෙන් සහ පකිස්ථානයෙන් සුබ පැතුම්!
ජපානයෙන් සහ පකිස්ථානයෙන් මහින්දට සුබ පැතුම්!
COLOMBO (News 1st) : ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පිරිනමා තිබේ. ඒ, දුරකතන ඇමතුමක් ලබාදෙමින් ය. එම සුබ පැතුම පිළිබඳ සිය ට්විටර් ගිණුමේ සටහනක් තැබූ මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණේ තමා ජනාධිපති ධුරය දැරූ කාලය තුළ ජපානයේ කළ සංචාරය සහ ෂින්සෝ අබේ මහතා ශ්‍රී ලංකාවේ කළ සංචාරවලින් රටවල් දෙක විශාල ප්‍රගතියක් ලබාගෙන ඇති බවය. එම සහයෝගිතාවය සහ දෙරට අතර දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. Thank you Prime Minister @AbeShinzo for your congratulatory wishes. I recall the great strides our two countries made during my presidency with my visit to Japan and your visit to Sri Lanka. I hope we can continue to further that cooperation and our long-established partnership. — Mahinda Rajapaksa (@PresRajapaksa) August 8, 2020 පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දුරකතන ඇමතුමක් ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පිරිනමා තිබේ. ඒ පිළිබඳ සිය ට්විටර් ගිණුමේ සටහනක් තැබූ මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාට ස්තුතිය පළ කරන බවත් දෙරටේ මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යන බවය. Many thanks to Pakistan Prime Minister @ImranKhanPTI for your phone call and warm wishes. I look forward to mutual high-level visits between our countries to strengthen our friendly bilateral ties. — Mahinda Rajapaksa (@PresRajapaksa) August 8, 2020
2020-08-07T22:56:14.000Z
තද සුළං හා රළු මුහුද පිළිබඳ කාලගුණයෙන් දැනුම්දීමක්..
තද සුළං හා රළු මුහුද පිළිබඳ කාලගුණයෙන් දැනුම්දීමක්
COLOMBO (News 1st) : කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද සුළං හා රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතින බවයි. දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට , ත්‍රීකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
2020-08-07T22:19:36.000Z
කොළඹ - රත්නපුර මාර්ගයේ නාමල්පුරදී ගසක් කඩා වැටීමෙන් රථවාහන ධාවනයට බාධා
කොළඹ-රත්නපුර පාරට නාමල්පුරදී ගසක් කඩා වැටෙයි..
COLOMBO ( News 1st ) : කොළඹ - රත්නපුර මාර්ගයේ ඇහැලියගොඩ, නාමල්පුර ප්‍රදේශයේදී මාර්ගයට ගසක් කඩා වැටීමෙන් රථවාහන ධාවනයට බාධා සිදුව ඇතැයි පොලීසිය පවසයි. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ජනතාවට ඉල්ලා සිටී.
2020-08-07T22:04:18.000Z
පාසල් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්
පාසල් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්
COLOMBO (News 1st) : පාසල් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ, වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, වැසි සහිත කාලගුණයක් සමග ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවයි. වසරේ ගතවූ කාල සීමාව තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 24,285 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
2020-08-07T21:50:17.000Z
විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අද සිට යළිත් ඇරඹේ..
විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම යළිත්
COLOMBO ( News 1st ) : විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අද සිට යළි ආරම්භ වේ. ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ ඒ අනුව ඩුබායි සිට 400 දෙන‍ෙකු අද දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවයි. මීට අමතරව මාලදිවයින , ඕස්ට්‍රේලියාව , කටාර් , ඕමාන් , බහරේන් , මැලේසියාව , සිංගප්පුරුව මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් වල රැඳී සිටින ලාංකිකයන් ද ඉදිරි දිනවලදී දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතව ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම පසුගිය 4 වැනිදා සිට තාවකාලිකව අත්හිටවනු ලැබුවේ ය. ඒ , මහ මැතිවරණය හේතුවෙන් ය.
2020-08-07T20:52:40.000Z
ඉන්දීය ගුවන් අනතුරින් 17 දෙනෙකු මරුට
ඉන්දීය ගුවන් අනතුරින් 17 දෙනෙකු මරුට
COLOMBO ( News 1st ) : ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ කොෂිකෝඩ් ගුවන්තොටුපොළේ සිදුවූ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා පැවසුවේ ඩුබායි සිට පැමිණි ඉන්දීය ගුවන් යානයක් ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට යාමේදී ධාවන පථයෙන් ඉවතට ගොස් යානය දෙකඩ වී එම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් යානයේ නියමුවන් දෙදෙනාද මියගොස් තිබේ. තවත් 174 දෙනෙකු තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. යානය කොෂිකෝඩ් ගුවන්තොටුපොළට ගොඩබස්වා ඇත්තේ අධික වර්ෂාව මධ්‍යයේ ය. යානය ගුවන් පථයට ඉහළින් වට දෙකක් පියාසර කරමින් දෙවතාවක් ගොඩබැස්වීමට උත්සාහ කර ඇති අතර එහිදී මෙම අනතුර සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද ඇතුළුව යානයේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 190 කි.
2020-08-07T20:00:24.000Z
ඡන්දයට ගමට ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවා
ඡන්දයට ගමට ගිය අයට කොළඹ එන්න ප්‍රවාහන සේවා
COLOMBO ( News 1st ) : මහ මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ බලා පැමිණිම සඳහා විශේෂ ප්‍රවාහන සේවා හෙට පස්වරුවේ සිට ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාවද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේ ය.
2020-08-07T20:30:24.000Z
මැතිවරණයට ගත් පාසල් විෂබීජහරණයට පියවර
මැතිවරණයට ගත් පාසල් විෂබීජහරණයට පියවර
COLOMBO ( News 1st ) : මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගත් පාසල් විෂබීජහරණයට පියවර ගෙන තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ , පාසල් 45 ක් , තාක්ෂණ විද්‍යාල ඇතුළු රජයේ ආයතන 21 ක් ද ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගත් බවයි. අදාළ පරිශ්‍ර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ විෂබීජහරණය කරනු ඇති.
2020-08-07T20:22:05.000Z
ජාතික ලැයිස්තු නාම ලේඛනය සතියක් තුළ ඉල්ලයි
ජාතික ලැයිස්තු නාම ලේඛනය සතියක් තුළ ඉල්ලයි
COLOMBO ( News 1st ) : ජාතික ලැයිස්තු නාම ලේඛන ඉදිරි දින 7 ඇතුළත ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දී තිබේ. මෙවර මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 17 කි. සමගි ජනබල වේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව 7 කි. ජාතික ජන බල වේගය , ඉලංගෙයි තමිල් අරසු පක්ෂය , අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය , අපේ ජනබල පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බැගින් හිමිවිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ඊයේ මැතිවරණ කොමිසමට භාර දුන්නේ ය. මේ අතර 2020 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභික නාම ලේඛනය සහිත ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසම සඳහන් කළේ , තේරී පත්වූ සභිකයින්ගේ නම් දිස්ත්‍රික් මට්ටමින් ලබා ගැනීම අවසන් අදියරේ පවතින බවයි.
2020-08-07T19:40:37.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල පිළිබඳ සමාලෝචනයක් : මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක් හිමිවිය. 2. මැතිවරණ පරාජයෙන් පසු එජාපය හදිසි සාකච්ඡාවක්..: මැතිවරණ පරාජයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකයින් ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී හමුවී සාකච්ජාවක නිරත විය. 3. අංගොඩ ලොක්කා ගැන පුළුල් විමර්ශනයක් : ඉන්දියානු පර්යේෂණ හා විශ්ලේෂණ කාර්යාංශය හෙවත් රෝ සංවිධානයේ නිලධාරීන් පිරිසක් තමිල්නාඩු ප්‍රාන්තයේ අපරාධ අංශය සමග අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයා සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවට ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කර තිබේ. 4. පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුවෙන් නම් කරන 17 දෙනාගේ නම් ඊයේ පස්වරුවේ මැතිවරණ කොමිසමට යවා තිබුණි. 5. පුරාවිද්‍යා ස්ථානයක් විනාශ කළැයි කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 දෙනෙකුට වරෙන්තු : කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ, නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරී යන මහත්වරුන් ඇතුළු පස්දෙනෙකු වහාම අධිකරණය ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ වරෙන්තු නිකුත් කර තිබේ. විදෙස් පුවත් 1. කැලිකට් ගුවන්තොටුපළේදී ගුවන් යානයක් දෙකඩ වෙයි : එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් යානයක් දකුණු කේරළ ප්‍රාන්තයේ ගුවන් තොටුපළකදී අනතුරට ලක්ව තිබේ.
2020-08-07T11:39:27.000Z
ජයග්‍රාහී අපේක්ෂකයින් මානාප ගත්තෙ මෙහෙමයි
ජයග්‍රාහී අපේක්ෂකයින් මානාප ගත්තෙ මෙහෙමයි
COLOMBO (News 1st) - සියලු දිස්ත්‍රික්කවල ජයග්‍රාහී අපේක්ෂකයින් ලබාගත් මනාප පිළිබඳ තොරතුරු මේ... * කුරුණෑගල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිම මනාප අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ - ( 5,27,364 ) තේරී පත් වූ සෙසු අපේක්ෂකයින්, ජොන්ස්ටන් ප්‍රනාන්දු , ගුණපාල රත්නසේකර, දයාසිරි ජයසේකර, අසංක නවරත්න, සමන්ප්‍රිය හේරත්, ඩී බී හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, ජයරත්න හේරත්, ශාන්ත බණ්ඩාර සහ සුමිත් උඩුකුඹුර. සමගි ජන බලවේගය නලීන් බණ්ඩාර, ජේ. සී අලවතුවල, අශෝක් අබේසිංහ සහ තුෂාර ඉදුනිල්. * කොළඹ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද්මිරාල් සරත් වීරසේකර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ආචාර්ය විජයදාස රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, මේජර් ප්‍රදීප් උදුගොඩ , දිනේෂ් ගුණවර්ධන, මධුර විතානගේ, ප්‍රේමනාත් සී දොළවත්ත, ගාමිණි ලොකුගේ, සුසිල් ප්‍රේමජයන්ත සහ ජගත් කුමාර. සමගි ජන බලවේගය වැඩිම මනාප - සජිත් ප්‍රේමදාස ( 305,744 ) තේරී පත් වූ සෙසු අපේක්ෂකයින් එස්.එම් මරික්කාර්, මුජිබර් රහුමාන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, පාඨලී චම්පික රණවක සහ මනෝ ගනේෂන්. ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක ( 49,814 ) * ගම්පහ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තේරී පත් වූ සෙසු අපේක්ෂකයින්, ආචාර්ය නාලක ගොඩහේවා, ප්‍රසන්න රණතුංග, ඉන්දික අනුරුද්ධ, සිසිර ජයකොඩි, නිමල් ලන්සා, සහන් ප්‍රදීප් විතාන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රසන්න රණවීර, කෝකිලා හර්ෂනී ගුණවර්ධන, ලසන්ත අලගියවන්න, නලීන් රුවන්ජීව ප්‍රනාන්දු, මිලාන් ජයතිලක, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සමගි ජන බලවේගය සරත් ෆොන්සේකා, රංජන් රාමනායක , කාවින්ද ජයවර්ධන, හර්ෂන රාජකරුණා. ජාතික ජනබලවේගය විජිත හේරත් * හම්බන්තොට දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තේරී පත් වූ සෙසු අපේක්ෂකයින්, නාමල් රාජපක්ෂ, ඩී.වී චානක, මහින්ද අමරවීර, චමල් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති සහ අජිත් රාජපක්ෂ. සමගි ජන බලවේගය දිලිප් වෙදආරච්චි * යාපනය දිස්ත්‍රික්කය ඉලංගෙයි තමිල් අරසු කච්චි එස් ශ්‍රිධරන්, එම් ඒ සුමන්දිරන්, සහ ධර්මලිංගම් සිද්ධාර්ථන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අංගජන් රාමනාදන ඊ.පී.ඩී.පී. ඩග්ලස් දේවානන්දා සමස්ත ලංකා දෙමල කොංග්‍රසය ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් දෙමළ ජනතා ජාතික සන්ධානය සී.වී. විග්නේෂ්වරන් * කළුතර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදුර වික්‍රමනායක, රෝහිත අබේගුණවර්ධන, සංජීව එදිරිමාන්න, පියල් නිශාන්ත, ජයන්ත සමරවීර, අනූප පැස්කුවල්, ලලිත් එල්ලාවල සහ මහින්ද සමරසිංහ සමගි ජන බලවේගය රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම. * ගාල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රමේෂ් පතිරණ, සම්පත් අතුකෝරලගේ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, චන්දිම වීරක්කොඩි, ඉසුරු දොඩංගොඩ, ෂාන් විජයලාල් ද සිල්වා සහ ගීතා කුමාරසිංහ. සමගි ජන බලවේගය ගයන්ත කරුණාතිලක සහ මනූෂ නානායක්කාර. * මාතලේ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනක බණ්ඩාර තෙන්නකෝන්, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ රෝහණ දිසානායක සමගි ජන බලවේගය රෝහිණී කුමාරි කවිරත්න * බදුල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිමල් සිරිපාල ද සිල්වා, සුදර්ශන දෙණිපිටිය, තේනුක විදානගමගේ, චාමර සම්පත් දසනායක, ඩිලාන් පෙරේරා සහ ජානක තිස්ස කුට්ටිආරච්චි. සමගි ජන බලවේගය වඩිවේල් සුරේෂ් , ඒ අරවින්ද් කුමාර් සහ චමින්ද විජේසිරි. * වන්නි දිස්ත්‍රික්කය ඉලංගෙයි තමිල් අරසු පක්ෂය චාල්ස් නිර්මලනාදන්, සෙල්වම් අඩෙයික්කලනාදන්, එස්. විනෝ නෝද රාධලිංගම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාදර් මස්තාන් සමගි ජන බලවේගය රිෂාඩ් බදියුද්දීන් ඊ.පී.ඩී.පී. පක්ෂය කුලසිංහම් දිලීපන් * ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සමගි ජන බලවේගය එස් එම් තවුෆික් සහ ඉම්රාන් මහරුෆ් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කපිල නුවන් අතුකෝරල ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ආර් සම්බන්ධන් * මඩකලපුව දිස්ත්‍රික්කය තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ගොවින්දන් කරුණාදරන්, රාසමානික්කම් සානක්‍යන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ එස් ව්‍යාලේන්ද්‍රන් ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය නසීර් අහමඩ් * නුවරඑළිය දිස්ත්‍රික්කය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජීවන් තොණ්ඩමාන් , සී බී රත්නායක, එස් බී දිසානායක, මරදපාණ්ඩි රමේෂ්වරම් සහ නිමල් පියතිස්ස සමගි ජන බලවේගය පලනි දිගම්බරන් , වී.රාධක්‍රිෂ්ණන් සහ එම්. උදයකුමාර් * රත්නපුර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රේමලාල් ජයසේකර,ජානක වක්කුඹුර,ගාමිණී වලේබොඩ, අකිල එල්ලාවල, වාසුදේව නානායක්කාර, මුදිතා ප්‍රිශාන්ති සහ ජෝන් සෙනෙවිරත්න. සමගි ජන බලවේගය හේෂාන් විතානගේ, වරුණ ප්‍රියන්ත ලියනගේ සහ තලතා අතුකෝරල * පොළොන්නරුව දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිම මනාප - හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, 1,11,137 සෙසු අපේක්ෂකයින් රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත් හා අමරකීර්ති අතුකෝරල. සමගි ජන බලවේගය කිංග්ස් නෙල්සන් * මාතර දිස්ත්‍රික්කය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිපුණ රණවක, කරුණා කොඩිතුවක්කු, ඩලස් අලහප්පෙරුම, කංචන විජේසේකර , මහින්ද යාපා අබේවර්ධන වීරසුමන වීරසිංහ. සමගි ජන බලවේගය බුද්ධික පතිරණ * මහනුවර දිස්ත්‍රික්කය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ දිලුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ,ලොහාන් රත්වත්ත,අනුරාධ ජයරත්න,කෙහෙලිය රඹුක්වැල්ල,වසන්ත යාපා බණ්ඩාර,ගුණතිලක රාජපක්ෂ හා උදයන චාමින්ද කිරිඳිගොඩ සමගි ජන බලවේගය රාවුෆ් හකීම්,අබ්දුල් හලීම් මොහොමඩ්,වේළු කුමාර් සහ ලක්ෂ්මන් කිරිඇල්ල * අනුරාධපුර දිස්ත්‍රික්කය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ එස් එම් චන්ද්‍රසේන, මහාචාර්ය චන්න ජයසුමන,,උද්දික ප්‍රේමරත්න, ශෙහාන් සේමසිංහ,දුමින්ද දිසානායක,ජේ නන්දසේන,හා කේ පී එස් කුමාරසිරි. සමගි ජන බලවේගය ඉෂාක් රහුමාන් සහ රෝහණ බණ්ඩාර * කෑගල්ල දිස්ත්‍රික්කය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ කනක හේරත්, රංජිත් සියඹලාපිටිය, තාරක බාලසුරිය, රජිකා වික්‍රමසිංහ, එච් ආර් එස් දුෂ්මන්ත, උදයකාන්ත ගුණතිලක සහ එල් එච් සුදත් මංජුල. සමගි ජන බලවේගය කබීර් හෂීම් සහ සුචිත් සංජය පෙරේරා * මොණරාගල දිස්ත්‍රික්කය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ශශීන්ද්‍ර රාජපක්ෂ ,කුමාරසිරි රත්නායක,විජිත බේරුගොඩ,ජගත් පුෂ්පකුමාර හා ගයාශාන් නවනන්ද. සමගි ජන බලවේගය එච්.එම්.ධර්මසේන විජේසිංහ * පුත්තලම දිස්ත්‍රික්කය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සනත් නිශාන්ත, ප්‍රියංකර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත. සමගි ජන බලවේගය හෙක්ටර් අප්පුහාමි සහ නිරෝශන් පෙරේරා මුස්ලිම් ජාතික සන්ධානය ෂාබ්දි මොහොමඩ් රහීම් * දිගාමඩුල්ල දිස්ත්‍රික්කය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විමලවීර දිසානායක, ඩී වීරසිංහ සහ තිලක් රාජපක්ෂ. සමගි ජන බලවේගය මොහොඩ් හාරීස් සහ ෆයිසාල් කාසීම් සමස්ත ලංකා ජනතා කොංග්‍රසය ආර්.එම්.එම්. මුෂාරෆ් ජාතික කොංග්‍රසය ඒ.එල්.එම්. ආතාවුල්ලා. https://www.facebook.com/NewsfirstSL/videos/613727682662246/
2020-08-07T11:13:11.000Z
කැලිකට් ගුවන්තොටුපළේදී ගුවන් යානයක් දෙකඩ වෙයි
කැලිකට් ගුවන්තොටුපළේදී ගුවන් යානයක් දෙකඩ වෙයි
COLOMBO (News 1st) : එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් යානයක් දකුණු කේරළ ප්‍රාන්තයේ ගුවන් තොටුපළකදී අනතුරට ලක්ව තිබේ. ඩුබායි සිට පැමිණි මෙම යානය කැලිකට් ගුවන්තොටුපළේ ගුවන් පථයට ගොඩ බැස්සවීමේදී ගුවන් පථයෙන් ඉවතට ගොස් දෙකඩ වී ඇතැයි, වාර්තා වේ. අනතුර වන අවස්ථාවේ පුද්ගලයින් 191 දෙනෙකු යානයේ ගමන් කරමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ. අනතුරින් ගුවන් නියමුවෙකු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
2020-08-07T11:08:42.000Z
මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වූ හිටපු මන්ත්‍රීවරු
මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වූ හිටපු මන්ත්‍රීවරු
COLOMBO (News 1st) - මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් රැසකට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමිවී තිබේ. මේ ඉන් කිහිප දෙනෙකි... කොළඹ දිස්ත්‍රික්කය UNP රනිල් වික්‍රමසිංහ රවී කරුණානායක දයා ගමගේ SLFP තිලංග සුමතිපාල SJB ඒඑච්එම් ෆවුසි සුජීව සේනසිංහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගම්පහ දිස්ත්‍රික්කය SLPP දුලිප් විජේසේකර UNP රුවන් විජේවර්ධන අර්ජුන රණතුංග SJB විජිත් විජයමුණි සොයිසා අජිත් මාන්නප්පෙරුම චතුර සේනාරත්න එඩ්වඩ් ගුණසේකර කළුතර දිස්ත්‍රික්කය SJB අජිත් පී පෙරේරා UNP ලක්ෂ්මන් විජේමාන්න පාලිත තෙවරප්පෙරුම JJB නලින්ද ජයතිස්ස ගාල්ල දිස්ත්‍රික්කය UNP වජිර අබේවර්ධන SJB විජේපාල හෙට්ටිආරච්චි බන්දුලලාල් බණ්ඩාරිගොඩ පියසේන ගමගේ මාතර දිස්ත්‍රික්කය SLPP ලක්ෂ්මන් යාපා නිරෝෂන් ප්‍රේමරත්න මනෝජ් සිරිසේන JJB සුනිල් හඳුන්නෙත්ති හම්බන්තොට දිස්ත්‍රික්කය JJB නිහාල් ගලප්පත්ති කුරුණෑගල දිස්ත්‍රික්කය UNP අකිල විරාජ් SLPP එස් බී නාවින්න තාරානාත් බස්නායක ටීබී ඒකනායක SJB ඉන්දික බණ්ඩාරනායක පුත්තලම දිස්ත්‍රික්කය UNP පාලිත රංගේ බණ්ඩාර SJB ශාන්ත අබේසේකර අනුරාධපුර දිස්ත්‍රික්කය SJB චන්ද්‍රනි බණ්ඩාර පී හැරිසන් චන්දම ගමගේ SLPP වීරකුමාර දිසානායක එස් ඒ මුතුකුමාරණ පොළොන්නරුව දිස්ත්‍රික්කය SJB සිඩ්නි ජයරත්න UNP නාලක කොළොන්න බදුල්ල දිස්ත්‍රික්කය SJB ලක්ෂ්මන් සෙනෙවිරත්න රවින්ද්‍ර සමරවීර මොණරාගල දිස්ත්‍රික්කය SLPP පද්ම උදයශාන්ත සුමේධා ජී ජයසේන SJB ආනන්ද කුමාරසිරි නුවරඑළිය දිස්ත්‍රික්කය UNP නවීන් දිසානායක කේකේ පියදාස SJB මයිල්වාහනන් තිලකරාජ මාතලේ දිස්ත්‍රික්කය SJB වසන්ත අලුවිහාරේ රංජිත් අලුවිහාරේ SLPP ලක්ෂ්මන් වසන්ත පෙරේරා කෑගල්ල දිස්ත්‍රික්කය UNP චම්පිකා ප්‍රේමදාස සන්දිත් සමරසිංහ SJB තුසිතා විජේමාන්න රත්නපුර දිස්ත්‍රික්කය SLPP දුනේෂ් ගන්කන්ද SJB කරුණාරත්න පරණවිතාන ඒ ඒ විජේතුංග මඩකලපුව දිස්ත්‍රික්කය TNA එස් යෝගේෂ්වරන් ඥානමුත්තු ශිවනේෂරන් SMC අලි සහීර් මවුලානා ACMC අමීර් අලී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය SLPP සුසන්ත පුංචිනිලමේ SJB අබ්දුල් මහරුෆ් යාපනය දිස්ත්‍රික්කය ITAC මාවෙයි සේනාධිරාජා ඊ සරවනභවන් UNP විජයකලා මහේෂ්වරන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කය UNP අනෝමා ගමගේ
2020-08-07T10:51:59.000Z
අංගොඩ ලොක්කා ගැන පුළුල් විමර්ශනයක්
අංගොඩ ලොක්කා ගැන පුළුල් විමර්ශනයක්
COLOMBO (News 1st) : ඉන්දියානු පර්යේෂණ හා විශ්ලේෂණ කාර්යාංශය හෙවත් රෝ සංවිධානයේ නිලධාරීන් පිරිසක් තමිල්නාඩු ප්‍රාන්තයේ අපරාධ අංශය සමග අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයා සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවට ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කර තිබේ. එහි දැක්වෙන්නේ අංගොඩ ලොක්කා සම්බන්ධයෙන් බොහෝ තොරතුරු රෝ නිලධාරීන් ලබා ගෙන ඇති බවයි. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට අනුව තමිල්නාඩු පොලිසියේ අපරාධ අංශය විසින් මේ වනවිට පැති කිහිපයක් ඔස්සේ සැකකටයුතු අංගොඩ ලොක්කා හෙවත් ප්‍රදීප් සිං නමැත්තා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර අපරාධ සම්බන්ධතා ද එම විමර්ශනයට ඇතුළත් ය. පසුගිය ජූලි තුන්වැනිදා කොයිම්බතූර් නගරයේදී හෘදයාබාධයක් හේතුවෙන් සැක කටයුතු ලෙස ප්‍රදීප් සිං නමැත්තා මියයාම සම්බන්ධයෙන් මේ වන විට මෙරටින් ඉන්දියාවට ගිය කාන්තාවක්, එරට නීතිඥවරයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය වාර්තා අනුව සිවගාමී සුන්දරී නමැති නීතිඥවරියගේ බැංකු ගිණුම් 7 කට ඉන්දීය රුපියල් ලක්ෂ 50 ත් 100 ත් අතර මුදලක් හුවමාරු වී ඇතැයි සඳහන් ය. මෙම කාන්තාවගේ පියා LTTE සංවිධානයට සහය පළ කරන පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු ද අත්අඩංගුවට ගෙන තිබේ. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට අනුව විමර්ශන නිලධාරීන් මේ වන විට අංගාඩ ලොක්කා LTTE සංවිධානය සමගත්, තමිල්නාඩුවේ මෙන්ම වෙනත් ඉන්දීය ප්‍රාන්තවල ක්‍රියාත්මක අපරාධ සංවිධාන සමගත් ගනුදෙනු කර ඇත්දැයි, විමර්ශනය කරන බව සඳහන් ය. ප්‍රදීප් සිං හෙවත් අංගොඩ ලොක්කා නමැත්තාගේ අදාහනය කරන ලද සිරුරේ කොටස් මේ වන විට DNA පරීක්ෂණ සඳහා යවා ඇති බවත් එම වාර්තා දින 4කින් ලැබීමට නියමිත බවත් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත් වාර්තාවේ සඳහන් ය. මීට අමතරව මේ වසරේ ජනවාරි මාසයේදී ප්‍රදීප් සිං හෙවත් අංගොඩ ලොක්කාට ප්ලාස්ටික් සැත්කමක් සිදු කර ඇති බවත්, එම පුද්ගලයාට තම මුහුණ සම්පූර්ණයෙන් වෙනස් කිරීමට අවශ්‍ය වූ බවත්, රහස් මූලාශ්‍රයක් උපුටා දක්වන ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත පවසයි.
2020-08-07T10:42:43.000Z
මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල පිළිබඳ සමාලෝචනයක්
මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල පිළිබඳ සමාලෝචනයක්
COLOMBO (News 1st) - මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක් හිමිවිය. එම පෙරමුණට මන්ත්‍රි ධුර 128 ක් හිමිවු අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17 ක් ද සමග දිනාගත් මුළු මන්ත්‍රි ධුර සංඛ්‍යාව 145 කි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය වන්නේ, මන්ත්‍රී ධුර 150 කි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකේ බහුතරය සපුරා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ තව ත් මන්ත්‍රී ධුර 5 ක් පමණි. ඒ වෙනුවෙන් එම පෙරමුණ සමග එක්වනු ඇතැයි අනුමාන කළ හැකි පක්ෂ 4 ක් ඇති අතර එම පක්ෂ සතු මන්ත්‍රී ධුර ගණන 5 කි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් මන්ත්‍රී ධුරයක් හිමිව ඇති අතර, ( අංගජන් රාමනාදන් ) ඩග්ලස් දේවානන්දා මහතාගේ ඊපීඩිපී පක්ෂයට මන්ත්‍රී ධුර දෙකක් හිමිව තිබේ. පිල්ලෙයාන් හෙවත් ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ ටීඑම්වීපී පක්ෂයට එක් මන්ත්‍රී ධුරයක් ලැබී ඇති අතර ඒ.එල්.එම්.අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසයට ද එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය. ඒ අනුව එම මන්ත්‍රීවරුන් පස්දෙනාගේ සහය ඇතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතා පහසුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලය ලබා ගත හැකි වේ. දිස්ත්‍රික්ක අනුව ගත් විට හම්බන්තොට, ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මහනුවර, අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල, බදුල්ල, නුවරඑළිය හා පුත්තලමේ සියලු මැතිවරණ බල ප්‍රදේශවල ජය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එම පෙරමුණ මුළු දිවයිනෙන්ම ලබා ගත් ඡන්ද සංඛ්‍යාව හැට අට ලක්ෂ 53, 693 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 59.89% කි. සමගි ජන බලවේගය ඡන්ද විසි හත් ලක්ෂ 71, 984 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 54 ක් හිමි කර ගත්තේ ය. එම පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් ලැබී ඇති මන්ත්‍රි ධුර සංඛ්‍යාව 7 කි. සමගි ජන බලවේගය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 23.90 % ක් වේ. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, මෙවර ඡන්ද තුන් ලක්ෂ 27168 ක් ලබා ගත් අතර, එය ප්‍රතිශතයක් ලෙස 2.82% කි. එම පක්ෂය හිමි කරගෙන ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 10 කි. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ද ඊට ඇතුළත්ය. ජාතික ජන බලවේගය ඡන්ද හාර ලක්ෂ 45958 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර තුනක් හිමිකර ගත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක්ද සමගයි. එම පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 3.84 % කි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 66579 ක් ලබා ගත් අතර එක් මන්ත්‍රී ධුරයක් හිමි කරගෙන තිබේ. නිදහසින් පසු දශක 4 කට අධික කාලයක් මෙරට පාලන බලය හෙබවූ එක්සත් ජාතික පක්ෂයට මෙවර මහජන ඡන්දය අනුව කිසිදු මන්ත්‍රී ධුරයක් හිමිව නැතත්, ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රීධුරයක් පමණක් හිමිවී තිබේ. එක්සත් ජාතික පක්ෂය මුළු දිවයිනෙන් ම ලබාගත් ඡන්ද සංඛ්‍යාව දෙලක්ෂ 49435 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 2.15 % කි. අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයට ජාතික ලැයිස්තු ධුරයක් ද සමග මන්ත්‍රි ධුර දෙකක් හිමිව ඇත.. ඡන්ද 61464 ක් ලබාගත් ඊ.පී.ඩී.පී. පක්ෂය ලබාගෙන ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව දෙකකි. ප්‍රථම වරට මහ මැතිවරණයට තරග කළ අපේ ජන බල පක්ෂයට ජාතික ලයිස්තු මන්ත්‍රි ධුරයක් හිමි වූ අතර එම පක්ෂය ඡන්ද 67758 ක් හිමි කර ගත්තේ ය. තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් හෙවත් ටීඑම්වීපී පක්ෂය එක් මන්ත්‍රි ධුරයක් හිමි කර ගත්තේ ඡන්ද 67,692 ක් ලබා ගනිමිනි. මීට අමතරව මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසීය කූට්ටනි පක්ෂය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ එක් මන්ත්‍රී ධුරය බැගින් හිමි කරගෙන තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/2698150417091143/
2020-08-07T10:18:25.000Z
මැතිවරණ පරාජයෙන් පසු එජාපය හදිසි සාකච්ඡාවක්..
මැතිවරණ පරාජයෙන් පසු එජාපය හදිසි සාකච්ඡාවක්
COLOMBO (News 1st) - මැතිවරණ පරාජයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකයින් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී හමුවී සාකච්ජාවක නිරත විය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවට පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, ආශු මාරසිංහ, රවී කරුණනායක, රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මාධ්‍යවේදී ප්‍රශ්නය, මන්ත්‍රිතුමා මොකක්ද අද සාකච්ඡාව ? එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා, මැතිවරණ ප්‍රතිඵලවලින් පස්සේ මීළඟ පියවර ගන්නේ කොහොමද කියන එක ගැන තමයි සාකච්ඡා කරේ. බලාපොරොත්තු වෙනවා සඳුදාට නැවත රැස්වෙලා නැවත තීන්දු තීරණ ගන්න. මාධ්‍යවේදී ප්‍රශ්නය, නායකත්වය ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී තීරණයක් ගන්නවා ද? එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා, නෑ නායකත්වය වෙනස් කිරීම සම්බන්ධ තීරණ අපේ සාකච්ඡාවල ගන්න තත්ත්වයක් නැනේ. මාධ්‍යවේදී ප්‍රශ්නය, ජාතික ලැයිස්තුවේ මන්ත්‍රිධුර සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා ද? එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා, ඒකත් සඳුදායින් පස්සේ තීරණය කරනවා. ඒක පක්ෂය තීරණය කරන්න ඕන මාධ්‍යවේදී ප්‍රශ්නය, දැන් මේ 0% ට වැටිච්ච පක්ෂය ගොඩගන්නේ කොහොම ද? එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා, පරාජය කියන්නේ ජයග්‍රහණයේ මාවතක්. ඒකට එක්සත් ජාතික පක්ෂය නැවත සම්පුර්ණයෙන් සංවිධානය වෙලා ඒකට මුහුණ දෙනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී දයා ගමගේ, සාකච්ඡාව අපේ පක්ෂයේ ප්‍රතිසංස්කරණය කරලා ඉදිරියට යන්න තීරණය කලා. මාධ්‍යවේදී ප්‍රශ්නය, දැන් ඔබතුමන්ලා 0% ට වැටිච්ච පක්ෂයනේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී දයා ගමගේ, කමක් නෑ ඉතිං අපි 0 ඉඳන් අපි පක්ෂය ගොඩගන්නවා. ගොඩ අරගෙන ඉදිරියට ගෙනියනවා. එච්චරයි. මාධ්‍යවේදී ප්‍රශ්නය, කොහොමද ගොඩගන්නේ ඔබතුමන්ලා? එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී දයා ගමගේ, ඒක ඉතිං අපිනේ කරන්නේ. මාධ්‍යවේදී ප්‍රශ්නය, ඒ කියන්නේ ගොඩගන්නේ කාත් එක්ක ද? රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක ද? එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී දයා ගමගේ, ඒක බලමු... මාධ්‍යවේදී ප්‍රශ්නය, පරාජයට හේතුව පොඩ්ඩක් කියලා යන්නකෝ? නායකයාට අයින් වෙන්න කියලා කිව්වේ නැද්ද? නැගිටලා කිව්වේ නැද්ද? මාධ්‍යවේදී ප්‍රශ්නය, ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගත්ත ද? එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී මහචාර්ය අශු මාරසිංහ, සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය දන්නවානේ ජාතික ලැයිස්තුවට හැමදාම පරාජිත අය දැම්මේ නෑ. මාධ්‍යවේදී ප්‍රශ්නය, රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රි ධුර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක කිත්සිරි මංචනායක, නෑ... නෑ.. එතුමාට නෑ.. මාධ්‍යවේදී ප්‍රශ්නය, අද පැහැදිලිවම කිව්ව ද? එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක කිත්සිරි මංචනායක, පැහැදිලිව කියලා තියෙන්නේ. මේ අතර පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් කිහිපදෙනකු මාධ්‍යට අදහස් පළ කිරීමෙන් තොරව පිටත්ව ගියේය. අනතුරුව සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටි සමගි ජන බලවේගයෙන් කොළඔ දිස්ත්‍රික්කයට තරග කළ නීතිඥ අතුල රණගල මහතා ද මේ පිළිබඳව අදහස් පළ කළේ ය. සිය පාලන කාලය තුළ රටටත් ජනතාවටත් බොහෝ දේ ඉටුකළ ද එක්සත් ජාතික පක්ෂය විශාල පරාජයක් ලබා ඇතැයි එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පක්ෂයක් ලෙස අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරින් පැමිණි අභියෝගවලට මුහුණ දුන් බවය. එමෙන්ම තමන්ගේ මෙන්ම අනෙක් අයගේ අසාර්ථකවීම්වල මෙන්ම අඩුපාඩුවලද වගකීම භාර ගත් බව ද එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි. එම පක්ෂය පවසන්නේ මෙම මැතිවරණයේදී ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලන පක්ෂ අභිබවා යන්නට දේශපාලන ව්‍යාපාර සමත්ව ඇති බැවින් ඉදිරියේදී රටේ අවුල් සහගත දේශපාලන තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවය. මින් පෙර අවස්ථාවලදී කළ පරිදි එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය හා ප්‍රතිව්‍යුහගත කර නව ජවයකින් හා ශක්තියකින් ඉදිරියට යන්නට කටයුතු කරන බව ද එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එක්සත් ජාතික පක්ෂය පවසන්නේ අසීරු අවස්ථාවේදී පක්ෂය සමග තවදුරටත් රැඳී සිටි සියලු පාක්ෂිකයින්ට පක්ෂයේ ගෞරවනීය කෘතවේදීත්වය පළ කරන බවයි. එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය සාර්ථක අන්දමින් පැවැත්වීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය ජාතික මැතිවරණ කොමිසමට කෘතවේදීත්වය පළ කරයි. එම පක්ෂය අවධාරණය කරන්නේ සාධාරණ හා සාමකාමී ලෙස මැතිවරණය පැවැත්වීම තහවුරු කරන ලද්දේ තම ආණ්ඩුව හඳුන්වාදුන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවය. https://www.facebook.com/NewsfirstSL/videos/299199188081437/
2020-08-07T09:33:15.000Z
මන්ත්‍රී අසුන අහිමි වූ ලක්ෂ්මන් යාපා පාක්ෂිකයින් හමුවෙයි
''ජය පරාජය දෙකම විඳදරා ගන්න ඕන''
COLOMBO (News 1st) - ලක්ෂ්මන් යාපා අබේවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට මෙවර මන්ත්‍රී අසුන අහිමි විය. ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව ඔහු පාක්ෂිකයින් හමුවිය. හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, ජය පරාජය දෙකම අපි විඳදරා ගන්න ඕන. ඒ නිසා මම කියන්නේ ඕගොල්ලන්ට පුද්ගලිකව කරන්න පුළුවන් උදව් මම කරනවා. 71 දාහක් අපිත් එක්ක හිටියානේ. ඔය වරදානවලට නොයෙක් දේවල්වට කට්ටිය රැවටෙන්න ඇති බොහෝ දෙනෙක්. ඒක තව මාස හයක් හතක් යනකොට ගොඩක් දෙනෙක්ට ඒක තේරේවී. අපි බලමු ඉස්සරහට එන විදියක් බලලා දේශපාන වශයෙන් ගන්න තීන්දුව මම ගන්නම්. ජනතාව, මනාපෙට පොරකාපු එක විතරයි වුණේ සර්... හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, මම ගන්න තීන්දුව ගැන තාම මට කියන්න බෑ. ඉවසීමෙන් මෙනවා හරි බලලා මම තීන්දුවක් ගන්නවා. ජනතාව, දේශපාලනෙන් සමුගන්න එපා සර් අපි තනිවෙනවනේ සර්. සර්ට ගැහුවේ 7 දෙනෙක් එකතු වෙලා. ප්‍රතිඵලේ පිළිගන්න බෑ සර් හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, ඉවසමු, ඉවසමු මෙහෙමයි මම කව්ද කියලා ඒ ගොල්ලන් දන්නවා. විශේෂයෙන් බැසිල් මහත්මයා දන්නවා. ඒ නිසා බැසිල් මහත්මයා ආරක්ෂාවක් මට දෙනවා කොහෙන් හරි.
2020-08-07T08:44:43.000Z
2/3ක් තියෙද්දි තව මොකක් ද? - මහාචාර්ය ජී. එල්. පීරිස්
2/3ක් තියෙද්දි තව මොකක් ද?
COLOMBO (News 1st) - නව රජය පිහිටුවීම හා ඉදිරි කටයුතු පිළිබඳව පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේදී පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අදහස් පළ කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, දිස්ත්‍රික්ක 22 න් 19 ක් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. විශේෂ ස්තූතියක් පුද කරන්න ඕනේ බැසිල් රාජපක්ෂ මහතාට.විශේෂයෙන් කරුණු 3 ක් ආශ්‍රයෙන් කෝවිඩ් 19 පාලනය, පාතාලය මර්දනය ඒ වගේම මත්කුඩු උවදුරෙන් ශක්තිමත් මැඩලීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පහුගිය මාස 6 තුළ පුළුවන් වුණා. මේ සියල්ලන්ගෙන්ම පේන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයේ හයිය. ජනතාව මොකක්ද මේ මැතිවරණයේදී කලේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ සම්පූර්ණ බලය අපේ පක්ෂයට දීලා තියෙනවා. පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනි දා රැස්වෙන විට 3/2 බහුතරයක් බලයත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ බලයත් නව රජය සතුයි ඊට පස්සේ අපිට කිසිසේත් කියන්න පුළුවන් කමක් නැහැ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යම් යම් බාධක තියෙනවා කියලා. අපිට අවශ්‍ය ශක්තිය පාර්ලිමේන්තුව තුළ නැහැ වෙන පක්ෂ සමග සාකච්ඡා කරන්න ඕනේ ඒ පක්ෂවල සහයෝගලය ලබාගන්න ඕනේ කේවල් කිරීමේ ප්‍රවනතාවයක් පාර්ලිමේන්තුව තුළ ජනිත වීම ඒ කොන්දේසිවලට යටත් වෙන්න සිද්ධ වෙනවා මේ කිසිදු ගැටලුවක් පාර්ලිමේන්තුවේ උද්ගත වෙන්නේ නැහැ. ඒකෙන් ගම්‍ය වන්නේ නැහැ මේක හිතුවක්කාර විදිහට හැසිරීමට බලාපොරොත්තු වෙන රජයක් කියලා. ප්‍රශ්නය, දැන් ඔබතුමාලට තියෙන්නේ ආසන 145 යි. තුනෙන් දෙකක් ගන්න අවම වශයෙන් තව ආසන 5ක් ඕනේ ? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, වෙන පක්ෂ වෙන ලාංඡනවලින් ඉල්ලුවා. උදාහරණයක් විදිහට ඩග්ලස් දේවානන්දාගේ පක්ෂය ආසන 2 ක් තියෙනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසනයක් ලැබුණා යාපනයෙන්. අතාවුල්ලා, එතකොට පිල්ලයාන් ඉතින් ඒවා අප සමග වැඩ කරන පක්ෂ. ඒ නිසා අලුත් පාර්ලිමේන්තුවට 150 ට වඩා ආසන අපේ පක්ෂය තුළ තියෙනවා. ප්‍රශ්නය, දැන් ප්‍රථමයෙන් ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ද ? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, ඒ ගැන අපි ගැඹුරින් හිතලා බලන්න ඕනේ. විකල්ප කිහිපක් තියෙනවා. පැහැදිලිව පේනවා යම් යම් සංශෝධන අවශ්‍යයි කියලා. මේක මේ විදිහට යන්න බැහැ. අවශ්‍යමයි කොමිෂන් සභාවල ඝණ පූර්ණය වෙනස් කරන්න. පහුගිය කාලෙම කිව්වේ රනිල් සහ සුමන්තිරන් විශේෂයෙන් මොකක්ද කිව්වේ? පිලිණු වෙච්ච පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. කැඳවන්නේ නැති එක නීති විරෝධියි කිව්වා. දැන් පැහැදිලිව පේනවා ඒ පාර්ලිමේන්තුව කිසි සේත් ජන මතය නියෝජනය නොකළ බව. ජනාධිපතිවරයාට බලය තියෙන්න ඕනේ පාර්ලිමේන්තුව විසුරුවන්න ඕන වෙලාවක. ඒක කරගන්න බැරි වුණේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා. ප්‍රශ්නය, දේශපාලන වේදිකාවේ මතුවෙච්ච ප්‍රධාන කාරණා බැඳුම්කරය හා පාස්කු ප්‍රහාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, ඒක හුඟික් බලපෑවා ප්‍රතිඵලය. දැන් ජනාධිපති කොමිෂන් සභාවේ දිනෙන් දින එළියට ආපු දේවල හරි භයානක දේවල් නේ. ඒකෙන් මේ රටේ ජනතාවට පෙනුනා කිසිම පියවරක් ගත්තේ නැහැ කියලා ගිය රජය ජීවිත ආරක්ෂා කරන්න. වාර්තා ලැබුණු විගස අපේ රජය අවශය පියවර ගන්නවා. ප්‍රශ්නය, රිෂාඩ් බද්යුදීන්, රවුෆ් හකීම්, හිසබුල්ලා යන අයගේ භූමිකාව කොයි වගේ ද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, ඒ අය පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු ලෙස පත්වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ට කටයුතු කරන්න පුළුවන් අපේ රජයක කොටස්කරුවන් වෙන්නේ නැහැ. තුනෙන් දෙකක් තියෙනකොට තව මොකක්ද අවශ්‍යතාවය. https://www.facebook.com/NewsfirstSL/videos/657791738424757/
2020-08-07T07:14:44.000Z
පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව
පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුවෙන් නම් කරන 17 දෙනාගේ නම් අද පස්වරුවේ මැතිවරණ කොමිසමට යවා තිබුණි. පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව මේ, 1. මහාචාර්ය ජී.එල්.පීරිස් 2. සාගර කාරියවසම් 3. අජිත් නිවාඩ් කබ්රාල් 4. අලි සබ්රි 5. ජයන්ත වීරසිංහ 6. මංජුලා දිසානායක 7. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර 8. මහාචාර්ය චරිත හේරත් 9. ගෙවිදු කුමාරතුංග 10. මොහොමඩ් මුසම්මිල් 11. මහාචාර්ය තිස්ස විතාරණ 12. යදාමිණි ගුණවර්ධන 13. ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් 14. ටිරාන් අලස් 15. සීතා අරඹේපොල 16. ජයන්ත කැටගොඩ 17. ෆලීල් මර්ජාන්
2020-08-07T05:23:39.000Z
පුරාවිද්‍යා ස්ථානයක් විනාශ කළැයි කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 දෙනෙකුට වරෙන්තු
කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්නැයි, වරෙන්තු
COLOMBO (News 1st) : කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ, නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරී යන මහත්වරුන් ඇතුළු පස්දෙනෙකු වහාම අධිකරණය ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබේ. ඒ, පෞරාණික වටිනාකමක් සහිත කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි දෙවන බුවනෙකබාහු රජතුමන් විසින් පරිහරණය කළ බවට සැලකෙන රාජසභා මණ්ඩපය පැවති ස්ථානයේ ඉදිකිරීම් ඩෝසර් කර කඩා බිඳ දැමීමට වගකිවයුතු බවට චෝදනා එල්ල කරමිනි. වරෙන්තු කරනු ලැබු අනෙක් පුද්ගලයින් වන්නේ, වැඩ අධිකාරී ඉලාලුඩීන් සුල්ෆිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලක්ෂ්මන් ප්‍රියන්ත යන පුද්ගලයින් දෙදෙනාය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ මාධව තෙන්නකෝන් යන මහත්වරුන් දීර්ඝ ලෙස කරුණු දක්වමින් කළ ඉල්ලීම සලකා බැලු කුරණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා එම පුද්ගයින්ට එරෙහි වරෙන්තු නිකුත් කරනු ලැබුවේ ය. එම වරෙන්තු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලබන 10 වැනි දා තම අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කරනු ලැබුවේ ය.
2020-08-07T03:57:42.000Z
ධීවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්..
ධීවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්..
COLOMBO (News 1st) : කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ , හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි ය. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය. ඉහත සදහන් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම තවදුරටත් අනතුරුදායක වන අතර මේ පිළිබඳව අවදානයෙන් සිටින්නැයි ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ අතර බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල , මුහුදු රළ මීටර් 2 ත් 2.5 ත් අතර ඉහළ යාමේ අවදානමක් පවතින අතර මුහුදු රළ ගොඩබිමට ඇදී ඒමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
2020-08-07T03:44:50.000Z
රිෂාඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ
රිෂාඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේපයි
COLOMBO (News 1st): අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් තමා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරන උත්සහය වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා, හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබේ. ඒ, බුනනෙක අළුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් 100 කට අධික සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මෙරින් පුල්ලේ මහතා එහිදී ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නේ නම් එය සිදු කරන්නේ ඔහුට එරෙහිව ඉදිරිපත් වන සාක්ෂි මත පදනම්ව නීත්‍යානුකූල ආකාරයෙන් පමණක් බවයි. විශාල පිරිසකට තුවාල සිදු කර තව ත් විශාල පිරිසක් මරණයට පත් කළ එම බෝම්බ ප්‍රහාර මාලාවට අදාළ විමර්ශන, සංකීර්ණ වන්නේ යැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ ය. ඔහු අධිකරණයට පෙන්වා දුන්නේ, පෙත්සම්කරු වැනි එක් එක් පුද්ගලයින් අධිකරණය හමුවට පැමිණ අත්අඩංගුවට ගැනීම වළක්වන තහනම් නියෝග ඉල්ලීම ඉදිරි විමර්ශනවලට බාධාවක් බවයි. එම කරුණු මත පදනම්ව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉදිරිපත් කළ මූලික විරෝධාතාව පිළිගත් විනිසුරු මඩුල්ල, රිෂාඩ් බද්යුදීන් මහතාගේ පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමකින් තොරවම ප්‍රතික්ෂේප කර තිබේ.
2020-08-07T03:05:19.000Z
මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස අනිද්දා දිවුරුම් දෙයි
මහින්ද නව අගමැති ලෙස අනිද්දා දිවුරුම් දෙයි
COLOMBO (News 1st) : 9 වැනි පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අනිද්දා දිවුරුම් දීමට නියමිත ය. ඒ, පෙරවරු 8.30 ට කැලණිය රජමහා විහාරස්ථානයේදීය. ලැබූ ජයග්‍රහණය, විජයග්‍රහණයක් බවට පත්කිරීම අධිෂ්ඨානය බව මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ය. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම රට තුළ තහවුරු කළ හැකි බව මෙම මැතිවරණය සාර්ථක කර ගැනීමෙන් ලෝකයට ඔප්පුවන බව මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එහි දැක්වුණේ සැබෑ විජයග්‍රහණය උපදින්නේ අභියෝග මතින් බවය. යුද්ධය ජය ගැනීම, කොවිඩ් 19 වසංගතය ජය ගැනීම මෙන්ම ඉතා සාර්ථක මැතිවරණයක් පැවැත්වීමෙන් රටේ හා ජනතාවගේ ශක්තිය ලෝකයට පෙන්වාදෙන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ඔහු එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, මැතිවරණ ජයග්‍රහණය ජාතියේ ආත්ම විශ්වාසය නැවත ගොඩ නංවන ජයග්‍රහණයක් බවයි. මේ අතර මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, ලැබූ ජයග්‍රහණයක් විජයග්‍රහණයක් බවට පත්කිරීම අධිෂ්ඨානය බවයි. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම රට තුළ තහවුරු කළ හැකි බව මේ මැතිවරණය සාර්ථක කර ගැනීමෙන් ලෝකයට ඔප්පුවන බව මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එහි දැක්වුණේ නියම විජයග්‍රහණය උපදින්නේ අභියෝග මතින් බවයි. යුද්ධය ජය ගැනීම, කොවිඩ් 19 වසංගතය ජය ගැනීම වගේම ඉතාම සාර්ථක මැතිවරණයක් පැවැත්වීමෙන් රටේ හා ජනතාවගේ ශක්තිය ලෝකයට පෙන්වාදෙන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ඔහු සිය නිවේදනයේ සඳහන් කර ඇත්තේ, මෙම මැතිවරණ ජයග්‍රහණය ජාතියේ ආත්ම විශ්වාසය නැවත ගොඩ නංවන ජයග්‍රහණයක් බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/1387018868170147/
2020-08-07T02:10:56.000Z
ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂක යළි රිමාන්ඩ්
ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂක යළි රිමාන්ඩ්
COLOMBO (News 1st): ගිනි අවි සම්බන්ධ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් CID හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක ලබන 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
2020-08-06T21:23:06.000Z
Covid-19 අභියෝග මැද සාමකාමී , ක්‍රමවත් මැතිවරණය පැවැත්වීම ගැන අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සුබ පැතුම්!
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සුබ පැතුම්!
COLOMBO (News 1st) : Covid-19 වසංගතයෙන් එල්ල වූ අභියෝග මැද සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම ගැන අමෙරිකාව ශ්‍රී ලංකාවට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ. අමෙරිකාව වැඩදුරටත් සඳහන් කළේ , නව රජය සහ නව පාර්ලිමේන්තුව සමගින් හවුල් වී කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව යි.
2020-08-06T21:11:59.000Z
සෞභාග්‍යයේ දැක්ම බලගැන්වීමට පාර්ලිමේන්තුවක් සෑදීමේ අපේක්ෂාව සාක්ෂාත් වුණා - ජනපති
ජනපතිගෙන් විශේෂ පණිවුඩයක්..
COLOMBO (News 1st) : ප්‍රකාශිත නිල ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ය. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය බලගැන්වීමට අවශ්‍ය පාර්ලිමේන්තුවක් සෑදීමේ බලාපොරොත්තුව අද දිනයේ සාක්ෂාත් කරගත හැකි බව තමාගේ විශ්වාසය යැයිද ජනාධිපතිතුමා එහි සඳහන් කර තිබේ. මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ලබාදුන් සුභ පැතීමේ දුරකතන පණිවුඩයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ස්තූතිවන්ත වන බවයි. ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ලද ශක්තිමත් සහයෝගයත් සමගින් දෙරට අතර දීර්ඝ කාලීන සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මෝදි මහතා සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ය. මේ අතර මැතිවරණ ජයග්‍රහණයට සුබ පැතීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් සෝලි මහතාට හා උප ජනාධිපති ෆයිසාර් නසීම් මහතාට ස්තූතිය පළ කළේ ය. ශ්‍රී ලංකාවට හා මාලදිවයිනට බලපාන අන්‍යෝන්‍ය අභිලාශයන් සම්බන්ධ කටයුතුවලදී සමීපව ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා පවසයි.
2020-08-06T20:50:32.000Z
2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක්
පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක්
COLOMBO (News 1st) : 2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් ලැබුවේ ය. ඒ ආසන මන්ත්‍රී ධුර 145 ක් හිමිකර ගනිමින් ය. ඊට ජාතික ලැයිස්තුවෙන් හිමිවූ මන්ත්‍රී ධූර 17 ක්ද ඇතුළත් ය. මුලු දිවයිනෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව හැට අට ලක්ෂ 53693 කි. එය ප්‍රතිශතයක් ලෙස 59.89 % කි. සමගි ජන බලවේගය ඡන්ද විසි හත් ලක්ෂ 71,984 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 54 ක් හිමි කර ගත්තේ ය. එම පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමිවූ මන්ත්‍රී ධූර ගණන 07කි. සමගි ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 23.90 %ක් වේ. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය මහ මැතිවරණයෙන් ඡන්ද තුන් ලක්ෂ 27168 ක් ලබා ගත්තේ ය. එය ප්‍රතිශතයක් ලෙස 2.82 % ක් වේ. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ද සමගින් හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 10 කි. ජාතික ජන බලවේගය ඡන්ද හාර ලක්ෂ 45958 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධූර 03ක් හිමිකර ගත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක්ද සමග ය. එම පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 3.84 % ක් වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මන්ත්‍රී ධුරයක් හිමි කර ගත්තේ ඡන්ද 66579 ක් ලබා ගනිමින් ය. කෙසේ වෙතත් නිදහසින් පසු දශක 4 කට අධික කාලයක් මෙරට පාලන බලය හෙබවූ එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයෙන් කිසිදු මන්ත්‍රී ආසනයක් හිමිකර ගැනීමට හැකි වූයේ නැහැ. ඔවුන් මුලු දිවයිනෙන්ම ලබාගත් ඡන්ද සංඛ්‍යාව දෙලක්ෂ 49435 කි. එය ප්‍රතිශතයක් ලෙස 2.15% ක අගයක පවතී. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා පක්ෂයේ උප නායක රවී කරුණානායක යන මහත්වරුන් කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග වැදුණු අතර ඔවුන්ට සිය මන්ත්‍රී අසුන් රැක ගැනීමට හැකිවූයේ නැහැ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවිය. අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක්ද සමග හිමිවූ මන්ත්‍රි ධුර සංඛ්‍යාව 2කි. EPDP පක්ෂයට මන්ත්‍රී ධුර දෙකක් හිමි විය. ඔවුන් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 61464 කි. මෙවර ප්‍රථම වරට මැතිවරණයට තරග කළ අපේ ජනබල පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි වූ අතර එම පක්ෂය ඡන්ද 67,758 ක් ලබා ගත්තේ ය. තමිල් මක්කල් විඩුදලෙයි පුලිහල් පක්ෂය එක් මන්ත්‍රී ධූරයක් හිමි කර ගත්තේ ය. ඒ, ඡන්ද 67692 ක් ලබා ගනිමින් ය. මීට අමතරව මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසීය කූට්ටනි පක්ෂය, සමස්ත ලංකා මහජන කොංගස්‍රය, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ එක් මන්ත්‍රී ධූරය බැගින් හිමිකර ගත්තේ ය. හම්බන්තොට, ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මහනුවර, අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල, බදුල්ල, නුවරඑළිය හා , පුත්තලම, දිස්ත්‍රික්කවල සියලු මැතිවරණ බල ප්‍රදේශ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගත්තේ ය. මහ මැතිවරණය 2020 - දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵල
2020-08-06T17:57:54.000Z
2020 මහ මැතිවරණය : දිවයිනේ සමස්ත ප්‍රතිඵලය
2020 මහ මැතිවරණය : දිවයිනේ සමස්ත ප්‍රතිඵලය
COLOMBO (News 1st): ඡන්ද 6,853,690 ක් ලබා ගනිමින් 2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් ලැබුවේ ය. ඔවුන්ට හිමි වූ මන්ත්‍රි ධුර සංඛ්‍යාව 145 කි. මැතිවරණයේදී ඡන්ද 2,771,980 ක් ලබා ගත් සමගි ජන බලවේගය දෙවන ස්ථානයට පත්ව තිබේ. ඔවුන්ට හිමිවූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 54කි. ජාතික ජන බලවේගය ඡන්ද 445,958 ක් හිමිවූ අතර දිනා ගත් ආසන සංඛ්‍යාව 3කි. ඉලංගෙයි තමිල් අරුසු කච්චි මෙවර මැතිවරණයේදී ඡන්ද 327,168 ක් ලබා ගැනීමට සමත් විය. ඔවුන්ට හිමි වූ ආසන සංඛ්‍යාව 10 කි. ඡන්ද 249,435ක් පමණක් හිමි කර ගත් එක්සත් ජාතික පක්ෂයට මහ මැතිවරණයේදී හිමි වූයේ, එක් මන්ත්‍රී ධුරයක් පමණි. More details - https://election.newsfirst.lk/
2020-08-06T14:35:26.000Z
කොළඹත් පොහොට්ටුව ජය ගනී... එජාපය‌ට එකදු ආසනයක් හෝ නැහැ
කොළඹත් පොහොට්ටුව ජය ගනී..
COLOMBO (News 1st) : කොළඹ දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය අනුව පළමු ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව සිටී. ඒ අනුව පොදුජන පෙරමුණ ඡන්ද 674,603ක් හිමි කර ගනිමින් ලබා ගෙන ඇති ආසන සංඛ්‍යාව 12කි. සමගි ජන බලවේගය ඡන්ද 387,145ක් හිමි කර ගෙන කොළඹ දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට පත්ව ඇති අතර ඔවුන්ට හිමව ඇති ආසන සංඛ්‍යාව 6කි. කොළඹින් ඡන්ද 67,600 ක් ලබා ගත් ජාතික ජන බලවේගයට එක් ආසනයක් හිමි ව තිබේ. ඡන්ද 30,875 ක් පමණක් හිමි කර ගෙන සිටින එක්සත් ජාතික පක්ෂය එක් ආසනයක් හෝ ලබා ගැනීමට සමත් නොවී ය.
2020-08-06T14:18:08.000Z
පොහොට්ටුවට රත්නපුරයත් ජය ගනී
පොහොට්ටුවට රත්නපුරයත් ජය ගනී
COLOMBO (News 1st) : රත්නපුර දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමණ ඡන්ද 446,668ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයට පත්ව සිටී. ඔවුන්ට හිමිව ඇති ආසන සංඛ්‍යාව 8කි. සමගි ජන බලවේගය ඡන්ද 155,759 ක් හිමි කර ගනිමින් ආසන 03කට හිමිකම් කීමට සමත්ව සිටී. ජාතික ජන බලවේගය ඡන්ද 17,611 ක් හිමි කර ගෙන ඇති අතර ඔවුන්ට ආසන හිමිව නැහැ. එක්සත් ජාතික පක්ෂයට හිමව ඇත්තේ, ඡන්ද 12,349ක් පමණි.
2020-08-06T14:03:07.000Z
දිස්ත්‍රික් කිහිපයකින් පාර්ලිමේන්තු යන මන්ත්‍රී ලැයිස්තුව....
දිස්ත්‍රික්ක කිහිපයක මන්ත්‍රී ලැයිස්තු
COLOMBO (News 1st) : කළුතර දිස්ත්‍රික්කයෙන් තේරි පත්වූ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව පහතින්... (පොදුජන පෙරමුණ) *විදුර වික්‍රමනායක *රෝහිත අබේගුණවර්ධන *සංජීව එදිරිමාන්න *පියල් නිශාන්ත *ජයන්ත සමරවීර *අනූප පැස්කුවල් *ලලිත් එල්ලාවල *මහින්ද සමරසිංහ (සමගි ජනබලවේගය) *රාජිත් සේනාරත්න *කුමාර වෙල්ගම ------------------------------------------------------------------------------------------------------------------------------------- ගාල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව ද ප්‍රකාශයට පත් වතිබේ. (පොදුජන පෙරමුණ) *රමේෂ් පතිරණ *සම්පත් අතුකෝරලගේ *මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා *චන්දිම වීරක්කොඩි *ඉසුරු දොඩම්ගොඩ *ශාන් විජේලාල් ද සිල්වා *ගීතා කුමාරසිංහ (සමගි ජනබලවේගය) *ගයන්ත කරුණාතිලක *මනූෂ නානායක්කාර ------------------------------------------------------------------------------------------------------------------------------------ 2020 මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයන් ද ප්‍රකාශයට පත්වී තිබේ. මාතර දිස්ත්‍රික්කය සඳහා තේරී පත් වූ මන්ත්‍රීවරුන් මෙසේ ය. ‌(පොදු ජන පෙරමුණ) *නිපුණ රණවක *කරුණා කොඩිතුවක්කු *ඩලස් අලහප්පෙරුම *කන්චන විජේසේකර *මහින්ද යාපා අබේවර්ධන *වීරසුමන වීරසිංහ (සමගි ජනබලවේගය) *බුද්ධික පතිරණ
2020-08-06T13:42:32.000Z
අනුරාධපුරයේ අවසන් ප්‍රතිඵලය ත් නිකුත් වෙයි
අනුරාධපුරයේ අවසන් ප්‍රතිඵලය ත් නිකුත් වෙයි
COLOMBO (News 1st) : අනුරාධපුර දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද 344,458 ක් ලබා නිමින් ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ඔවුන්ට එම දිස්ත්‍රික්කයෙන් හිමිව ඇති ආසන සංඛ්‍යාව 7කි. සමගි ජන බලවේගය ඡන්ද 119,788ක් හිමි කර ගෙන ඇති අතර ඔවුන්ට හිමිව ඇති ආසන සංඛ්‍යාව 2කි. ජාතික ජන බලවේගය ඡන්ද 24,492ක් හිමි කරගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇත්තේ, ඡන්ද 8,254 ක් පමණි.
2020-08-06T13:39:07.000Z
ආසන 5 ක් සමගින් නුවරඑළියේ ජය පොහොට්ටුවට
නුවරඑළියේ ජය පොහොට්ටුවට
COLOMBO (News 1st) - 2020 මහ මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 230,389 ක් ලබා ගමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේ ද පළමු ස්ථානයට පත්ව සිටී. ඔවුන්ට හිමිව ඇති ආසන සංඛ්‍යාව 5 කි. සමගි ජන බලවේගය ඡන්ද 132,008 ලබා ගනිමින් ආසන තුනක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත. ස්වාධීන කණ්ඩායම් 1 ක තුන්වන ස්ථානයට පත්ව ඇති අතර ඔවුන් ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 17,107 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද එක්සත් ජාතික පක්ෂය සිව්වන ස්ථානයට පත්ව ඇත්තේ, ඡන්ද 12,974 ක් ලබා ගනිමිනි.
2020-08-06T13:29:48.000Z
ආසන 8ක් සමග කළුතර ත් පොහොට්ටුවට
ආසන 8ක් සමග කළුතර ත් පොහොට්ටුවට
COLOMBO (News 1st) : කළුතර දිස්ත්‍රික්කයේ ද අවසන් ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරෙමුණ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් පළමු ස්ථානයට පත්ව සිටී. ඒ අනුව ඔවුන් ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 448,699ක් වන අතර හිමිව ඇති ආසන සංඛ්‍යාව 8කි. සමගි ජන බලවේගය ඡන්ද 171,988ක් ලබා ගනිමින් ආසන 2ක් හිමි කර ගැනීමට සමත්ව ඇත. ජාතික ජන බලවේගය ඡන්ද 33,434ක් සහ එක්සත් ජාතික පක්ෂය 16,485ක් ලබා ගෙන පිළිවෙළින් තුන්වන සහ සිව් වන ස්ථානයන්ට පත්ව සිටි.
2020-08-06T13:07:51.000Z
පොහොට්ටුව මාතලෙ ත් ජය තහවුරු කර ගනී
පොහොට්ටුව මාතලෙ ත් ජය තහවුරු කර ගනී
COLOMBO (News 1st) : 2020 මහ මැතිවරණයේ මාතලේ දිස්ත්‍රික්කය අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඡන්ද 188,779 ක් ලබා ගමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේ ද පළමු ස්ථානයට පත්ව සිටී. ඔවුන්ට හිමිව ඇති ආසන සංඛ්‍යාව 4කි. සමගි ජන බලවේගය ඡන්ද 73,955 ලබා ගනිමින් ආසන එකක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත. ජනතා විමුක්ති පෙරමුණ තුන්වන ස්ථානයට පත්ව ඇති අතර ඔවුන් ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 7,542කි. මාතලේ දිස්ත්‍රික්කයේ ද එක්සත් ජාතික පක්ෂය සිව් වන ස්ථානයට පත්ව ඇත්තේ, ඡන්ද 6,592ක් ලබා ගනිමිනි.
2020-08-06T12:10:42.000Z
නීතිවිරෝධිව රනිල්ගේ මනාප ගණන් කිරීමේ උත්සාහයක් ඇති බවට චෝදනා
සමගි ජන බලවේගය මාධ්‍ය නිවේදනයක්
COLOMBO (News 1st) : සමගි ජන බලවේගය අද පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නීති අංශයේ පිරිසක් මැදිහත්ව, නීතිවිරෝධි සහ අවිද්‍යාත්මක පදනමක පිහිටා රනිල් වික්‍රමසිංහ මහතාගේ මනාප ගණන් කිරීමට උත්සාහ කරමින් සිටින බව විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවයි. කොළඹ දිස්ත්‍රික්කය තුළ එක්සත් ජාතික පක්ෂය 5% ඉක්මවා නැති තත්ත්වයක් තුළ එලෙස මනාප ගණන් කිරීමට දරණ උත්සාහයට සමගි ජන බලවේගය විරෝධය පළ කර තිබේ.
2020-08-06T11:44:38.000Z
පොහොට්ටුව පොළොන්නරුවෙනුත් පළමු තැනට
පොහොට්ටුව පොළොන්නරුවෙනුත් පළමු තැනට
COLOMBO (News 1st) : මෙවර මහ මැතිවරණ ඡන්ද ප්‍රතිඵල අනුව ඡන්ද 180,847 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ද ජය තහවුරු කර ගැනීමට සමත්ව සිටී. ඔවුන් හිමි කර ගෙන ඇති ආසන සංඛ්‍යාව 4කි. දිස්ත්‍රික් අවසන් ප්‍රතිඵලයට අනුව සමගි ජන බලවේගය ඡන්ද 47,781 ක් ලබා ගෙන ඇත්තේ දෙවන ස්ථානයට පත් වෙමිනි. ඔවුන්ට හිමිව ඇත්තේ, එක් ආසනයක් පමණි. ඡන්ද 6,792ක් ලබා ගනිමින් ජතික ජන බලවේගය තුන්වන ස්ථානයට පත්ව ඇති ඇති අතර එක්සත් ජාතික පක්ෂය සිව්වන ස්ථානයට පත්ව ඇත්තේ, ඡන්ද 6,525 කට හිමිකහම් කියමිනි.
2020-08-06T11:34:08.000Z
මොනරාගල ජයත් පොහොට්ටුවට
මොනරාගල ජයත් පොහොට්ටුවට
COLOMBO (News 1st) : මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 208,193ක් ලබා ගනිමින් එම දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයට පත්ව සිටී. 74.1% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් එම පක්ෂයට හිමිව ඇති ආසන සංඛ්‍යාව 5කි. ඡන්ද 54147 ක් හිමි කර ගත් සමගි ජනබලවේගයට හිමිව ඇත්තේ, එක් ආසනයක් පමණි. ජාතික ජන බලවේගය දිස්ත්‍රික්කයේ තෙවන ස්ථානයට පත්ව ඇත්තේ, ඡන්ද 11,429ක් ලබා ගනිමිනි. එක්සත් ජාතික පක්ෂය මොනරාගල දිස්ත්‍රික්කයේ ද සිව් වන ස්ථානයට පත්ව ඇති අතර හිමි කරහිමකර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 3,494 කි.
2020-08-06T10:56:29.000Z
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් අගමැති මහින්දට සුබපැතුම්
මෝදිගෙන් අගමැති මහින්දට සුබපැතුම්
COLOMBO (News 1st) : මහ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පිරිනමා තිබේ. ඒ, දුරකතන ඇමතුමක් ලබාදෙමිනි. දෙරට අතර දිගු කලක් ඔස්සේ පවතින සබඳතා තවත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබිණ. ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව මිතුරන් මෙන්ම ඥාතීන් බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී නරේන්ද්‍ර මෝදි මහතාට ප්‍රකාශ කර තිබේ. අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට යළි සුබ පැතුම් පිරිනමා තිබිණ. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ දෙරට අතර පවතින සබඳතා මෙන්ම සහයෝගීතාව, නව මානයන් කරා ගෙන යාමට අපේක්ෂා කරන බවයි.
2020-08-06T10:29:15.000Z
''රාත්‍රී 12 වන විට දිස්ත්‍රික් ප්‍රතිඵල නිකුත් කර අවසන් කළ හැකියි'' - මැතිවරණ මහ ලේකම් කාර්යාලය
දිස්ත්‍රික් 8ක සියලු ආසන ප්‍රතිඵල නිකුත් කර අවසන්
COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රී 12 වන විට සියලු දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රතිඑල නිකුත් කර අවසන් කිරීමට හැකි වෙතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් එස්. රත්නායක මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක කිහිපයක් හැර අනෙක් දිස්ත්‍රික්කවල සියලු මනාප ද අද මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ කිසිදු සිදුවීමක් අදත් වාර්තා නොවූ බව ඔහු සඳහන් කළේ ය. දිස්ත්‍රික්ක 8ක සියලු ආසනවල ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. ඒ, ගාල්ල, මාතර, හම්බන්තොට, පොළොන්නරුව, නුවරඑළිය, බදුල්ල, අනුරාධපුර සහ ත්‍රිකුණාමය යන දිස්ත්‍රික්කවලයි. ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවේ. දෙවැනි ස්ථානයේ පසුවන්නේ සමඟි ජන බලවේගයයි. ජාතික ජන බලවේගය තුන්වන ස්ථානයේ පසුවේ. මෙවර මතිවරණයේදී ප්‍රබල පසුබෑමක් පෙන්නුම් කරන එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි.
2020-08-06T10:12:28.000Z
බේරූට් පිපිරීමෙන් තුවාල ලැබූ ලාංකිකයින් සංඛ්‍යාව ඉහළට
බේරූට් පිපිරීමෙන් තුවාල ලැබූ ලාංකිකයින් ගණන ඉහළට
COLOMBO (News 1st) : ලෙබනනයේ බේරූට් අගනුවර සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ලාංකිකයින් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් තිබේ. බේරූට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ, සිය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ නිවාස ප්‍රතිසංස්කරණය ආරම්භ කර ඇති බවයි. ලෙබනනයේ වෙසෙන ලාංකිකයින්ට සහන සැලසීම සඳහා සෑම දිනකම උදෑසන 8 සිට පස්වරු 4 දක්වා තානාපති කාර්යාලය විවෘතව තැබෙන බවයි. අවතැන්වූවන්ට වියළි ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බව ද තානාපති කාර්යාලය සඳහන් කළේ ය. මේ අතර එරට වෙසෙන ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබේ. ඒ අනූව 00961 576 95 85 යන අංකය ඇමතීමෙන් ලාංකිකයින් පිළිබඳ තොරතුරු ලබාගත හැකියි. ලෙබනනයේ වෙසෙන ලාංකිකයින් සංඛ්‍යාව 25000 කි.
2020-08-06T08:09:14.000Z
පොහොට්ටුව ගාල්ලත් ජය ගනී
පොහොට්ටුව ගාල්ලත් ජය ගනී
COLOMBO (News 1st) : ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමස්ත ඡන්ද ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත්ව තිබේ. එම දිස්ත්‍රික්ක ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. සියලු ආසන ජයග්‍රහණය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය. ඒ, 70% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. ඡන්ද 27 682 ක් ලබාගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ද ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. සමගි ජන බලවේගය ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනූව ඡන්ද 5244 ක් ලබාගත් අතර ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3235 කි. එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනූව සිව්වැනි ස්ථානයට පත්විය. එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1507 කි. ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව සමගි ජන බලවේගය දෙවැනි ස්ථානයට පත්විය. ජාතික ජන බලවේගය තුන්වන ස්ථානයට පත්වූ අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සිව්වැනි ස්ථානයයි.
2020-08-06T07:47:26.000Z
මාතර දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි
මාතර දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය
COLOMBO (News 1st) : 2020 මහ මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඡන්ද 352,217ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයට පත්ව සිටී. මාතර දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණට හිිමව ඇති ආසන සංඛ්‍යාව 6කි.සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිව තිබේ. සමගි ජන බලවේගය ඡන්ද 72,740 ක් ලබා ගනිමින් හිමි කර ගෙන ඇති ආසන සංඛ්එ‍යාව 1කි. ඡන්ද 37,136ක් හිමි කර ගනිමින් ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට පත්ව ඇත. මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 7,631කි.
2020-08-06T04:26:07.000Z
ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයෙන් පොදුජන පෙරමුණ ඉදිරියෙන්
ගාල්ලේ තැපැල් ඡන්දයෙන් පොහොට්ටුවට ජය
COLOMBO (News 1st) : ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවෙයි. ඒ අනුව පොදුජන පෙරමුණට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 27,682 කි. එය 72.70% ක ප්‍රතිශතයක් වේ. සමගි ජන බලවේගය ඡන්ද 5,144 ක් දිනා ගත්තේ ය. ජාතික ජන බලවේගයට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 3135 කි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1,507 ක් දිනා ගත්තේ ය. ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, මැතිවරණ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.
2020-08-06T02:20:43.000Z
පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි..
පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි..
COLOMBO (News 1st) : 2020 මහ මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ ඒ ,ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 27,682 සමගි ජන බලවේගය - 5,244 ජාතික ජන බලවේගය - 3,135 එක්සත් ජාතික පක්ෂය -1,507
2020-08-06T01:42:59.000Z
කුරුණෑගල නගරාධිපති, නාගරික කොමසාරිස්වරයා හා තවත් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්
කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට උපදෙස්
COLOMBO (News 1st) : පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලකට හානි කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති හා නාගරික කොමසාරිස්වරයා සහ තවත් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගෙන් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/301355197646807/
2020-08-06T00:45:22.000Z
පැමිණිලි 72 ක් ගැන කළ විමර්ශනවලදී ඊයේ දිනයේ පමණක් 82ක් අත්අඩංගුවට
ඊයේ දිනයේ පමණක් 82ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : මහ මැතිවරණ ඡන්ද විමසීම සිදුවූ ඊයේ දිනයේ පමණක් පුද්ගලයින් 82 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළේ, පැමිණිලි 72 ක් සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. මැතිවරණ සමයේ සිදුවූ නීති උල්ලංඝණය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 550 ක් අඩංගුවට ගත් බවද ඔහු පැවසුවේ ය.
2020-08-06T00:31:10.000Z
තද සුළඟින් දිස්ත්‍රික්ක 10ක නිවාස 483කට හානි
තද සුළඟින් දිස්ත්‍රික්ක 10ක නිවාස 483කට හානි
COLOMBO (News 1st) : තද සුළං හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක නිවාස 483කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
2020-08-05T23:57:45.000Z
හෙට මුහුදු යාමෙන් වළකින ලෙසට උපදෙස්
හෙට මුහුදු යාමෙන් වළකින ලෙසට උපදෙස්
COLOMBO (News 1st) : කුඩා සහ එක්දින ධීවර යාත්‍රාවලට හෙට දහවල් 12 දක්වා මුහුදු යාමෙන් වළකින ලෙසට ධීවර දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට උපදෙස් ලබා දී තිබේ. ඒ, පවතින වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් ය.
2020-08-05T23:50:07.000Z
ඡන්ද දැමූ කාඩ්පත සමාජ මාධ්‍යට මුදා හළ සිද්ධි විමර්ශනය CIDයට
සළකුණු කළ ඡන්දය සමාජ මාධ්‍යයට දැමීම:විමර්ශන CIDයට
COLOMBO (News 1st) : සළකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූපගත කර සමාජ මාධ්‍යට මුදා හැරීමේ සිද්ධි පිළිබඳව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලබා දී ඇති බව පොලීසිය සඳහන් කරයි.
2020-08-05T22:17:18.000Z
තද සුළඟකින් හෝමාගම නිවාස 90කට හානි
තද සුළඟකින් හෝමාගම නිවාස 90කට හානි
COLOMBO (News 1st) : තද සුළඟකින් හෝමාගම ප්‍රදේශයේ නිවාස 90කට හානි සිදුව ඇතැයි හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කරයි.
2020-08-05T22:06:49.000Z
ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටේ. ඡන්ද ගණන් කිරීමට බාධාවක් නැහැ - විදුලිබල අමාත්‍යාංශය
විදුලිය බිඳ වැටීම ඡන්ද ගණන් කිරීමට බාධාවක් නැහැ
COLOMBO (News 1st) : අධික වර්ෂාව හා තද සුළං හේතුවෙන් රත්නපුර, කිරිඇල්ල, මතුගම, පාදුක්ක, හෝමාගම, අවිස්සාවේල්ල, පයාගල සහ නුවරඑළිය ප්‍රදේශවල විදුලිය බිඳ වැටී තිබේ. නමුත් විදුලිය බිඳ වැටීම ඡන්ද ගණන් කිරීමට බාධාවක් නොවන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.
2020-08-05T22:00:17.000Z
ගස් අතු කඩා වැටීමෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
COLOMBO (News 1st) : මාර්ගයට ගස් අතු කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි
2020-08-05T20:51:38.000Z
‘SF ලොක්කා’ට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් 7 දෙනෙකුගෙන් ප්‍රකාශ
‘SF ලොක්කා’ඝාතනය: 7 දෙනෙකුගෙන් ප්‍රකාශ
COLOMBO (News 1st) : අනුරාධපුර , දහයියාගම මංසන්ධියේදී ‘SF ලොක්කා’ හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 7 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලීසිය පැවසුවේ ය. ඝාතන සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ වෙඩි තැබීම සඳහා සැකකරුවන් යතුරු පැදියකින් පැමිණ ඇති බවට ද තොරතුරු ලැබී ඇති බවයි. ඊයේ දහවල් දහයියාගම මංසන්ධියේ දුම්රිය හරස් මාර්ගය අසළ සිදුවූ වෙඩි තැබීමෙන් ‘SF ලොක්කා’ හෙවත් ඉරෝන් රණසිංහ ජීවිතක්ෂයට පත්විය. පොලීසීය පැවසුවේ ඔහු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති ඇති බවයි. වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී T 56 උණ්ඩ කිහිපයක්ද සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. වසර කිහිපයකට පෙර කරාටේ ශූර වසන්ත සොයිසා මහතා ඝාතනයට ලක්වූ අතර එහි ප්‍රධාන සැකකරු වන්නේද ‘SF ලොක්කා’ හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තායි.
2020-08-05T22:27:24.000Z
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන අවට විශේෂ ආරක්ෂාවක්
COLOMBO (News 1st) : ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි. මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකාය සමග පොලිස් භට පිරිස් මෙම කටයුතු සඳහා යොදවා ඇති බවයි. මැතිවරණ කොමිසම ලබාදී ඇති උපදෙස් අනුව ගණන් කිරීමේ මධ්‍යස්ථානවල කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ය. දිවයින පුරා ජංගම සංචාර හා මාර්ග බාධක ද ක්‍රියාත්මක වේ.
2020-08-05T20:41:48.000Z
කෑගල්ලේ වෙළඳසැලක ගැටුමකින් තරුණයෙකු මරුට
කෑගල්ලේ වෙළඳසැලක ගැටුමකින් තරුණයෙකු මරුට
COLOMBO (News 1st) : කෑගල්ල නගරයේ වෙළෙඳ සැළක ඇතිවූ ගැටුමකදී තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි. මියගොස් ඇත්තේ 24 හැවිරිදි කෑගල්ල නගරයේ පදිංචි තරුණයෙකි. සැකකරුවන් පළාගොස් ඇති අතර ඔවුන් හඳුනා ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක ය. මියගිය තරුණයාගේ දේහය කෑගල්ල රෝහලේ තැන්පත් කර තිබේ.
2020-08-05T20:00:19.000Z
මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ
මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ
COLOMBO (News 1st) : මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද උදෑසන 7 සිට ආරම්භ වූ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අදියර තුනකින් ඡන්දය ගණන් කිරීම සිදු කෙරෙන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ ය. 9 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ඊයේ උදෑසන 7 සිට පස්වරු 5 දක්වා මධ්‍යස්ථාන 12,985 කදී පැවැත්විය. මෙවර මැතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබු සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසුපහකි. මැතිවරණ කොමිසම ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ මහ මැතිවරණයේ ඡන්ද විමසීම සාමකාමීව පැවති බවයි. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 71 % ක් බව ද කොමිසම පැවසුවේ ය. පිළිගත් දේශපාලන පක්ෂ 40 කින් සහ ස්වාධීන කණ්ඩායම් 312 කින් අපේක්ෂකයින් 7452 කු මැතිවරණයට තරග කළ අතර මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තෝරා ගැනෙන නියෝජිතයින් සංඛ්‍යාව 196 කි. ෆස්ට් ඇන්ඩ් ෆාස්ට් මැතිවරණ විකාශය තුළින් ඡන්ද ප්‍රතිඵල ලැබෙන සැණින් ඔබ වෙත ගෙන ඒමට නිවුස් ෆස්ට් සූදානම් ය.
2020-08-05T19:20:31.000Z
අද රජයේ නිවාඩු දිනයක් නොවේ..
අද රජයේ නිවාඩු දිනයක් නොවේ..
COLOMBO (News 1st) : අද(06) දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා අමාත්‍යාංශය දැනුම් දෙයි. එහි ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සඳහන් කළේ, මැතිවරණ රාජකාරීවල නිරත වන රාජ්‍ය නිලධාරින්ට පමණක් අද දිනයේ රාජකාරි නිවාඩු ලබාදී ඇති බවයි.
2020-08-05T19:36:26.000Z
මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම උදෑසන 7.00 සිට
මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම උදෑසන 7.00 සිට
COLOMBO (News 1st) : මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද උදෑසන 7 සිට ආරම්භ කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. අදියර තුනකින් ඡන්දය ගණන් කිරීම සිදු කෙරෙන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ ය. 9 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ඊයේ උදෑසන 7 සිට පස්වරු 5 දක්වා මධ්‍යස්ථාන 12,985 කදී පැවැත්විය. මෙවර මැතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබු සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසුපහකි. මැතිවරණ කොමිසම ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ මහ මැතිවරණයේ ඡන්ද විමසීම සාමකාමීව පැවති බවයි. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 71 % ක් බව ද කොමිසම පැවසුවේ ය. පිළිගත් දේශපාලන පක්ෂ 40 කින් සහ ස්වාධීන කණ්ඩායම් 312 කින් අපේක්ෂකයින් 7452 කු මැතිවරණයට තරග කළ අතර මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තෝරා ගැනෙන නියෝජිතයින් සංඛ්‍යාව 196 කි. ෆස්ට් ඇන්ඩ් ෆාස්ට් මැතිවරණ විකාශය තුළින් ඡන්ද ප්‍රතිඵල ලැබෙන සැණින් ඔබ වෙත ගෙන ඒමට නිවුස් ෆස්ට් සූදානම් ය.
2020-08-05T11:37:49.000Z
"මම නැවතත් මේ ස්ථානයේ සිට මාධ්‍ය සාකච්ඡාවක් තියන්නේ නැහැ" - මැතිවරණ කොමිසමේ සභාපති
"මම නැවත මෙතන ඉඳන් මාධ්‍ය අමතන්නේ නැහැ"
COLOMBO (News 1st) - මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පස්වරුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉඟියක් පළ කළේ ය. ප්‍රශ්නය, මෙතෙක් පැවැත්වීමට නොහැකි වූ මැතිවරණ පැවැත්වෙන්නේ කවදා ද? පිළිතුර, ඒක තියන්න බෑ. ඒකට පනත් සම්මත වෙන්න ඔක්තෝබර් මාසෙත් අග විතර වෙනවා. එතකොට ඡන්ද ආවොත් කරන්න මුල ඉඳන්ම කරන්න දීලා මගදීම නවතින එක තමයි හොද? දීපිකා මැඩම් ගියා වාගේ. පළාත් සභාව අපිට කොහොමටත් තියන්න බෑ. නොවැම්බර් 13 ට කලින් තියන්න බෑනේ. නොවැම්බර් 12 ට අපේ කාලය ඉවරයි. එහෙනම් හැමදෙනාටම බොහොම ස්තූතියි. මම නැවතත් මේ ස්ථානයේ සිට මාධ්‍ය සාකච්ඡාවක් තියන්නේ නෑ. හැමෝටම බොහොම ස්තූතියි https://www.facebook.com/NewsfirstSL/videos/1632923316876006/
2020-08-05T11:35:14.000Z
තුනෙන් දෙක හදන ක්‍රම දන්නවා - අගමැති
තුනෙන් දෙක හදන ක්‍රම දන්නවා
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හදාගන්නා ක්‍රම දන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු අද මේ බව පැවසූවේ, සිය පවුලේ සාමාජිකයින් සමග ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාවේදීය. ප්‍රශ්නය, අගමැතිතුමා විශ්වාස කරනවාද තුනෙන් දෙක පාර්ලිමේන්තු බලයක් තියන පාර්ලිමේන්තුවක නව අගමැතිවරයා වෙන්න පුළුවන් කියලා ? අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මම විශ්වාස කරනවා මම හිතන්නේ මේ යන විදිහට පුළුවන් වෙයි කියලා ඉතින්. එහෙම බැරි වුණෙතේ තුනෙන් දෙක හදා ගන්න ක්‍රම දන්නවා. ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු වැඩසටහනක් තියනවා, ලක්ෂ 69ක් ඡන්දේ දීපු. ඉතින් ඒ ප්‍රතිපත්ති, ඒක තමයි අපි ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව තුළ. මොකද ජනාධිපතිවරයාට දීලා තියකනවානේ ඒක අනුමත කළා 69 ලක්ෂයකින්. ඒ හින්දා අලුත් දේවල් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ජනාධිපතිවරයාට ඡන්දේ දුන්නු, ඒ වගේම 69 ලක්ෂයක් අනුමත කරපු වැඩපිලිවෙළ තමයි අපි ක්‍රියාත්මක කරන්නේ.
2020-08-05T10:50:39.000Z
ඡන්දය ප්‍රකාශය කිරීමේ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 23 ක් - පොලීසිය
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 23 ක්
COLOMBO (News 1st) - අද දිනයේ (05) ඡන්දය ප්‍රකාශය කිරීමේ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 23 ක් වාර්තා වූ බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසූවේ, අද දිනයේ වාර්තා වූ පැමිණිලි ප්‍රමාණය 29 ක් බවයි. අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් 34 ක් වාර්තාවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. කිසිදු අපේක්ෂකයෙක් අද දිනයේ අත්අඩංගුවට ගෙන නොමැති බවත් අත්අඩංගුවට ගත් සියලුදෙනා ආධාරකරුවන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඡන්ද මධ්‍යස්ථානවල සිදු කරන ලද වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් එක් පුද්ගලයෙක් නාවලපිටිය ප්‍රදේශයේදීත් අනෙක් පුද්ගලයා පිළියන්දල ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. ඔවුන් දෙදෙනාම තමන්ගේ ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ. ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එක් ඡන්ද පෙට්ටියක ආරක්ෂාව වෙනුවෙන් එක් නිලධාරියෙකු බැගින් යොදවා ඇති බවය. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය. මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵල නිකුත් කර සතියක් යනතුරු පෙළපාලි පැවැත්වීම තහනම් බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
2020-08-05T11:25:35.000Z
ප්‍රදිප් සිං වූණේ අංගොඩ ලොක්කාම ද?
ප්‍රදිප් සිං වූණේ අංගොඩ ලොක්කාම ද?
COLOMBO (News 1st) - ඉන්දියාවේදී මියගිය ප්‍රදිප් සිං නැමති පුද්ගලයා අංගොඩ ලොක්කා නැමති මෙරට පාතාල නායකයා දැයි නිශ්චිතව තහවුරු කිරීමට ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකරන බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කරයි. තමිල්නාඩු ප්‍රාන්ත අපරාධ විමර්ශන ඒකකය සහ වෝහාරික විශේෂඥයින් මෙම ඩී.එන්.ඒ. පරීක්ෂණය සිදුකරමින් පවතී. ඉන්දියාවේ කොයිම්බතූර්හි පෞද්ගලික රෝහලකදී සැකසහිත හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රදීප් සිං නමින් සැකසූ ව්‍යාජ හැදුනුම්පතකින් පෙනී සිටි පුද්ගලයා මියගොස් තිබේ. අංගොඩ ලොක්කා හෙවත් චන්දන ලසන්ත පෙර්රා බවට ප්‍රකාශ වුණේ මෙම පුද්ගලයායි. ඉන්දීය පොලිස් අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක කේ.ශන්කර් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට පවසා ඇත්තේ මේ වනවිට අංගොඩ ලොක්කා සම්බන්ධයෙන් වාර්තා රැසක් පලවී ඇති බැවින් මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවය. මේ අතර චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා යැයි සැකකෙරන පුද්ගලයාගේ ආදාහනය කරන ලද මළ සිරුරෙන් සාම්පල රැගෙන මේ වනවිට කොයිම්බතූර් වෛද්‍ය විද්‍යාල රෝහලේ පරීක්ෂණවලට යොමුකර තිබේ. ප්‍රදීප් සිං නැමත්තාට විෂ ශරීරගත කර මරාදමන්නට ඇතැයි ඉන්දීය පොලිසිය මේ වනවිට සැක පල කරයි. ඔහුට විෂ ශරීරගත කළැයි සැකකරන ශ්‍රී ලාංකික කාන්තාවක් සහ එම දෙදෙනාටම නීතී විරෝධ ලෙස ඉන්දියාවේ රැදී සිටිමට ව්‍යාජ ලේඛන සැකසූ පුද්ගලයෙකු සහ ඊට අනුබල දුන් නීතීඥවරියක් මේ වනවිට ඉන්දීය පොලිස් අත්අඩංගුවේ පසුවේ. https://www.facebook.com/NewsfirstSL/videos/3248365141873813/
2020-08-05T09:45:37.000Z
ජනපති ජනතාවට තුති පුදයි...!
ජනපති ජනතාවට තුති පුදයි...!
COLOMBO (News 1st) - COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහ මැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ විශ්වාසය ගැන ස්තූතිවන්ත වන බව ජනපති පවසයි. ජනාධිපතිතුමා මේ බව පැවසුවේ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.
2020-08-05T09:33:37.000Z
පානදුරේදී ඡන්දය දාන්න ගිය පුද්ගලයෙකු හදිසි රෝගී තත්ත්වයකින් මිය යයි
පානදුරේ ඡන්ද දායකයෙකු හදිසි රෝගී තත්ත්වයකින් මරුට
COLOMBO (News 1st) - පානදුර දකුණ, බෙක්කේගම විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි 80 හැවිරිදි ඡන්ද දායකයෙකු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබේ. අප වාර්තාකරු පැවසුවේ, එම තැනැත්තා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බවයි. පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතය.
2020-08-05T09:15:12.000Z
ඡන්ද විමසීම අතර සිදු වූ සුවිශේෂ සිදුවීම්...
ඡන්ද විමසීම අතර සිදු වූ සුවිශේෂ සිදුවීම්...
COLOMBO (News 1st) - කිසියම් පිරිසක් ඊයේ රාත්‍රී තමා පැහැරගත් බව කියමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික මාවතගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සනත් මීගොල්ල මහතා කුරුණෑගල මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. ඔහු පවසන්නේ, මාවතගම සිට මීගොල්ලේ පිහිටි තම මහතාගේ නිවසට යමින් සිටියදී වාහන දෙකක් මග හරස් කර තමා පැහැරගෙන ගොස් පහරදුන් බවය. පසුව තමා ඔවුන්ගෙන් බේරී පැමිණි බව ද ඔහු සඳහන් කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, හිටපු සභාපතිවරයාගේ ආධාරකරුවන් පිරිසක් කුරුණෑගල පොලීසිය අසළට රැස්වීම නිසා ඒ අවට ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබූ බවයි. හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා ද එහි පැමිණ සිටියේ ය. තව ද ඡන්දය සලකුණු කළ පත්‍රිකාව සිය ජංගම දුරකතනයෙන් වීඩියෝගත කළ තරුණයෙකු අද පෙරවරුවේ නාවලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය. අද උදෑසන නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාල ජන්ද මධ්‍යස්ථානයෙදී ජන්දය සලකුණු කළ ඔහු එය තම ජංගම දුරකතනයෙන් ඡායාරූපගත කරන අවස්ථාවේදී ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයා එය දැක පොලීසියට දැනුම් දී තිබුණි. මීට අමතරව පානදුර දකුණ, වලව්වත්ත ශ්‍රී සුදර්ශනාරාම ජන්ද මධ්‍යස්ථානය අසළදී පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනුණි. ඒ, අද පෙරවරුවේ, මැතිවරණ ප්‍රචාරක පත්‍රිකා බෙදමින් සිටියදීය. ඔවුන් පැමිණි මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ. තව ද අද පස්වරුවේ කොම්පඤ්ඤවීදිය පොලීසිය ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් ජන්ද දායකයින්ගෙන් ඉල්ලිමක් කර තිබේ. ඒ, ඡන්දපොළ ආරක්ෂාව සලසා ඇති බැවින් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන්නැයි දැනුම් දෙමිනි.
2020-08-05T08:40:52.000Z
පළමු ඡන්ද ප්‍රතිඵලය හෙට පස්වරු 2.30ට - මැතිවරණ‌ කොමිසමේ සභාපති
පළමු ඡන්ද ප්‍රතිඵලය හෙට පස්වරු 2.30ට
COLOMBO (News 1st) - මහ මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය හෙට(06) පස්වරු 2.30 පමණ වනවිට නිකුත් කිරීමට හැකි වෙතැයි බලාපොරොත්තුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, නිව්ස්ෆස්ට් සමග අද පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදීය. https://www.facebook.com/NewsfirstSL/videos/1202928963387435/
2020-08-05T08:49:41.000Z
මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70% ක් - මැතිවරණ කොමිසමේ සභාපති
දිවයිනේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70% ක්
COLOMBO (News 1st) - 2020 මහ මැතිවරණයේ සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70% ක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ අද සවස පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය. ඒ අනුව දිවයිනේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මෙසේය. කොළඹ දිස්ත්‍රික්කය - 72% ගම්පහ දිස්ත්‍රික්කය - 69% කළුතර දිස්ත්‍රික්කය - 71% මහනුවර දිස්ත්‍රික්කය - 71% නුවරඑළිය දිස්ත්‍රික්කය - 75% මාතලේ දිස්ත්‍රික්කය - 71% ගාල්ල දිස්ත්‍රික්කය - 69% මාතර දිස්ත්‍රික්කය - 71% හම්බන්තොට දිස්ත්‍රික්කය - 73% අනුරාධපුර දිස්ත්‍රික්කය - 71% පොළොන්නරුව දිස්ත්‍රික්කය - 71% ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - 74% මඩකලපුව දිස්ත්‍රික්කය - 72% දිගාමඩුල්ල දිස්ත්‍රික්කය - 72% බදුල්ල දිස්ත්‍රික්කය - 74% මොනරාගල දිස්ත්‍රික්කය - 74% වන්නි දිස්ත්‍රික්කය - 73% යාපනය දිස්ත්‍රික්කය - 69% කුරුණෑගල දිස්ත්‍රික්කය - 69% පුත්තලම දිස්ත්‍රික්කය - 63% රත්නපුර දිස්ත්‍රික්කය - 73% කෑගල්ල දිස්ත්‍රික්කය - 71% https://www.facebook.com/NewsfirstSL/videos/293873015212198/
2020-08-05T07:15:18.000Z
අද දිනයේ මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 4 ක් - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
අද දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 4 ක්
COLOMBO (News 1st) - අදි දින මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 4 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් සිව්දෙනා වන්නේ, චෙන්නායි සිට පැමිණි පුද්ගලයෙක්, සේනපුර රැඳවියෙක්, සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකි. ඒ අනුව මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝන ආසාදිතයින් ගණන 2,838 කි.
2020-08-05T06:04:06.000Z
ඡන්දය දාන හැටි වීඩියෝ කර සමාජ මාධ්‍යට මුදා හැරි පුද්ගලයින්ට දැඩිව නීතිය
ඡන්දය ​දාන හැටි වීඩියෝ කළ අයට දැඩිව නීතිය
COLOMBO (News 1st) - ඡන්දය සලකුණු කිරීම වීඩියෝගත කර සමාජ මාධ්‍යට මුදා හැරි පුද්ගලයින්ට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, එවැනි පුද්ගලයින් පිළිබඳ සියලු තොරතුරු පොලීසිය සතුව පවතින බවය. ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, එක් ඡන්ද පෙට්ටියක ආරක්ෂාව වෙනුවෙන් එක් නිලධාරියෙකු බැගින් යොදවා ඇති බවයි.
2020-08-05T05:34:23.000Z
ඡන්ද ගණන් කිරීම හෙට උදෑසන 7.00 සිට
ඡන්ද ගණන් කිරීම හෙට උදෑසන 7.00 සිට
COLOMBO (News 1st) - ඡන්ද ගණන් කිරීම හෙට උදෑසන 7.00 සිට ආරම්භ කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවය.
2020-08-05T05:24:28.000Z
ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 55% ඉක්මවයි
ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 55% ඉක්මවයි
COLOMBO (News 1st) - පස්වරු 4.00 වනවිට දිවයිනේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 55% ඉක්මවූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2020-08-05T06:03:08.000Z
ඡන්ද විමසීම අවසන්.. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවයි
2020 මහ මැතිවරණයේ ඡන්ද විමසීම අවසන්..
COLOMBO (News 1 st) : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද පස්වරු 5ට අවසන් විය. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවන බවයි මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 12 , 985 කදී උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ විය. කොට්ඨාස 166 කින් මහජන නියෝජිතයින් 196 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා පැවති මෙම ඡන්ද විමසීමට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව 7452 කි. මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකින් සංඛ්‍යාව 16,263,885කි. මේ අතර මෙවර ඡන්ද විමසීම පැවත්වූයේ, මැතිවරණ නීති මෙන්ම නිරෝධායන නීතිවලට අනුකූලවයි. https://www.facebook.com/NewsfirstSL/videos/363933937906442/
2020-08-05T02:55:12.000Z
ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 40% ඉක්මවයි
ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 40% ඉක්මවයි
COLOMBO (News 1st) : අද පස්වරු 12.30 වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 42% ඉක්මවා තිබේ.‍ එම වේලාව වනවිට අනෙකුත් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත පහත පරිදි වේ. මහනුවර දිස්ත්‍රික්කය - 45% කුරුණෑගල දිස්ත්‍රික්කය - 40% මොනරාගල දිස්ත්‍රික්කය - 40% නුවරඑළිය දිස්ත්‍රික්කය - 48% කුරුණෑගල දිස්ත්‍රික්කය - 45% මාතර දිස්ත්‍රික්කය - 44% ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - 40% යාපනය දිස්ත්‍රික්කය - 35% දිගාමඬුල්ල දිස්ත්‍රික්කය - 40% පුත්තලම දිස්ත්‍රික්කය - 35% මාතලේ දිස්ත්‍රික්කය - 60% රත්නපුර දිස්ත්‍රික්කය - 41% ගම්පහ දිස්ත්‍රික්කය - 35% මුලතිව් දිස්ත්‍රික්කය - 40% කෑගල්ල දිස්ත්‍රික්කය - 47% මන්නාරම දිස්ත්‍රික්කය - 56%
2020-08-05T01:45:30.000Z
UPDATE : 'SF ලොක්කා' අනුරාධපුරයේදී වෙඩි තබා ඝාතනය කෙරේ
UPDATE : 'SF ලොක්කා' වෙඩි තබා ඝාතනය කෙරේ
COLOMBO (News 1st) : 12.45pm අනුරාධපුර, දහයියාගම හංදියේදී සිදුවූ වෙඩි තැබීමෙන් SF ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද දහවල් ඔහු තවත් දෙදෙනෙකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි තැබීම සිදුව ඇති බවයි. තුවාල ලැබූ SF ලොක්කා ඇතුළු තිදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණ. එහිදී 30 හැවිරිදි SF ලොක්කා මියගිය බව පොලීසීය සඳහන් කළේ ය. වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී ටී56 ගිනි අවි උණ්ඩ සොයාගෙන තිබේ. කරාටේ ශූර වසන්ත සොයිසා මහතා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන්නේ ද SF ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තායි. https://www.youtube.com/watch?v=xGf0j-gX2ek ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- අනුරාධපුරයේදී 'SF ලොක්කා'ට වෙඩි තබයි COLOMBO (News 1st) : අනුරාධපුරය, දහයියාගම හන්දියේදී සිදුවූ වෙඩි තැබීමකින් 'SF ලොක්කා' හෙවත් ඉරොන් රණසිංහ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
2020-08-04T23:49:06.000Z
පෙරවරු 10 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය
පෙරවරු 10 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම උදෑසන 7.00 ට ආරම්භ විය. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ මෙවර ඡන්ද විමසීම පස්වරු 5.00 දක්වා පැවැත්වෙනු ඇති. මේ අතර අද පෙරවරු 10 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙසේ ය. කොළඹ දිස්ත්‍රික්කය - 25% මාතර දිස්ත්‍රික්ක - 22% කුරුණෑගල දිස්ත්‍රික්කය - 20% මහනුවර දිස්ත්‍රික්කය - 25% පුත්තලම දිස්ත්‍රික්කය - 16% යාපනය දිස්ත්‍රික්කය - 20% මුලතිව් දිස්ත්‍රික්කය - 13% ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය - 30% හම්බන්තොට දිස්ත්‍රික්කය - 24% කිලිනොච්චිය දිස්ත්‍රික්කය - 25% කෑගල්ල දිස්ත්‍රික්කය - 25% මොනරාගල දිස්ත්‍රික්කය - 35% රත්නපුර දිස්ත්‍රික්කය - 24% බදුල්ල දිස්ත්‍රික්කය - 25% අනුරාධපුර - 29% කළුතර - 22%
2020-08-04T23:24:50.000Z
පැය 18ක් තුළ මැතිවරණ නීති කඩ කිරීම් 364ක්
පැය 18ක් තුළ මැතිවරණ පැමිණිලි 364ක්
COLOMBO (News 1st) : පැය 18 ක් තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් පැමිණිලි 364 ක් ලැබී ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසම සඳහන් කළේ, ඊයේ මධ්‍යහ්න 12 සිට අද උදෑසන 6.00 දක්වා එම පැමිණිලි වාර්තා වූ බවයි. පැමිණිලි 284 ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කාර්යාලය වෙත ලැබී තිබෙනවා. පැමිණිලි 80 ක් , ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
2020-08-04T22:40:43.000Z
'ඡන්ද විමසීම සාමකාමීයි' - මැතිවරණ කොමිෂන් සභාව
'ඡන්ද විමසීම සාමකාමීයි' - මැතිවරණ කොමිෂන් සභාව
COLOMBO ( News 1st ) : 2020 මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වනවිට සාමකාමීව පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. දිවයින පුරා ස්ථාපිත මධ්‍යස්ථාන 12,985 කදී මේ වනවිට ඡන්ද විමසීම පැවැත්වේ. මෙවර මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් ගණන 7452 කි. ඡන්දය භාවිත කිරිම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකින් සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසු පහකි.
2020-08-04T22:05:11.000Z
'කෙසෙල්වත්තේ රයිනා' පෑලියගොඩදී අත්අඩංගුවට
කෙසෙල්වත්තේ රයිනා පෑලියගොඩදී කොටු
COLOMBO ( News 1st ) : පාතාල කල්ලි සාමාජික කෙසෙල්වත්තේ දිනුකගේ සහයකයෙකු වන 'කෙසෙල්වත්තේ රයිනා' අත්අඩංගුවට ගෙන තිබේ. ඒ , කැලණියේ දී ප්‍රදේශයේදී ය. හෙරොයින් 5g, සිම්පත් 19 , ජංගම දුරකථන 03 ක් හා යතුරු පැදියක් ද මේ සමගම අත්අඩංගුවට ගෙන ඇති බව පෑලියගොඩ පොලීසිය පැවසුවේ ය.
2020-08-04T21:54:42.000Z
ලෙබනනයේ පිපිරීමෙන් මිය ගිය පිරිස 70 ඉක්මවයි
ලෙබනනයේ පිපිරීමෙන් මිය ගිය පිරිස 70 ඉක්මවයි
COLOMBO ( News 1st ) : ලෙබනනයේ බීරූට් අගනුවර වරායේ ගබඩාවක සිදු වූ පිපිරීමෙන් මිය ගිය පිරිස 70 ඉක්මවා තිබේ. විදෙස් වාර්තා පැවසුවේ 4000කට අධික පිරිසක් ඉන් තුවාල ලබා ඇති බවයි. ලෙබනනයේ බීරූට් අගනුවර වරායේ ගබඩාවක 2014 වසරේ සිට ඇමෝනියම් නයිට්රේට් ගබඩා කර තිබී ඇතැයි වාර්තා වේ. විදෙස් වාර්තා පවසන්නේ, එම ගබඩාවේ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750 ක් ගබඩා කර තිබූ බවයි. මෙම ඇමෝනියම් නයිට්රේට් තොගය රාජසන්තක කර තිබූ ඒවා බවට අල්ජසීරා පුවත් සේවය වාර්තා කළේ ය. පිපිරීමෙන් අනතුරුව ඇති වූ දුමාරයෙන් බොහෝ දෙනෙකු පීඩාවට පත් විය. විදෙස් වාර්තා පවසන්නේ පිපිරීම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර 240ක දුරකින් පිහිටි ප්‍රදේශවලට පවා එහි ශබ්දය ඇසී ඇති බවයි. මේ අතර පිපිරීමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවට විදෙස් වාර්තා පෙන්වා දෙයි. සුන්බුන්වලට සිර වූ පිරිස සොයා තවදුටත් පරීක්ෂණ ක්‍රියාත්මක වේ. මේ අතර වසර 6ක කාලයක් ගබඩාවක් තුළ ඇමෝනියම් නයිට්රේට් ගබඩාකර තිබූ ආකාරය පිළිබඳව එරට ජනාධිපති මයිකල් අවුන්ගේ දෝෂ දර්ශනය ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. හදිසි කැබිනට් රැස්වීමක් කැඳවූ ඔහු කියා සිටියේ සති 2ක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු බවයි. මේ අතර පිපිරීම නිසා විශාල ව්‍යසනයක් සිදුව ඇතැයි සහන සේවාවල නිරත රතු කුරුස සංවිධානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය. පිපිරීමෙන් අනතුරුව හටගත් ගින්න පාලනය කිරීම සඳහා හෙලිකොප්ටර් යොදා ගැනීමට සිදු විය. මේ අතර විෂ වායු මගින් සිදුවිය හැකි හානි අවම කිරීමට බීරූට් අගනුවර වැසියන්ට මුව ආවරණ පැළැඳ නිවෙස්වලටම වී සිටින ලෙසට රජය උපදෙස් ලබා ඇතැයි සඳහන් ය. ලෙබනන් හිටපු අග්‍රාමාත්‍ය රෆීක් අල් හරිරී ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකුගේ ඝාතනයට අදාළව ෂියා මුස්ලිම් කණ්ඩායමක් වන හිස්බුල්ලාහි සැකකරුවන් සිව්දෙනෙකුට එරෙහිව පවත්වන නඩු විභාගයේ තීන්දුවක් ලබා දීමට දින 3ක් තිබියදී මෙම පිපිරීම සිදුවීම දෙස් විදෙස් මාධ්‍යවල අවදානයට ලක්ව තිබේ. මෙම පිපිරීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් මානුෂීය හා වෛද්‍ය ආධාර ලබාදීමට තම රට සූදානම් බවත් ඊශ්‍රායලය පැවසුවේ ය. මේ අතර අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක්ද ලෙබනනයට සහය පතා ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.
2020-08-04T21:50:00.000Z
මැතිවරණය නිරීක්ෂණයට 10,000 කට ආසන්න පිරිසක්
මැතිවරණය නිරීක්ෂණයට 10,000 කට ආසන්න පිරිසක්
COLOMBO ( News 1st ) : මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා 10,000 කට ආසන්න පිරිසක් යොදවා ඇතැයි මැතිවරණ නිරික්ෂණ සංවිධාන පවසයි. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, සිය නිරීක්ෂකයින් 5000 ක් මේ වනවිට ස්ථාන ගත කර ඇති බවයි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ද , නිරීක්ෂකයින් 3000 ක් යොදවා ඇතැයි එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා සඳහන් කළේ ය.
2020-08-04T19:35:55.000Z
ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්
ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්
COLOMBO ( News 1st ) : ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. ඒ පිළිබඳ පැහැදිලි කළ මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විරසූරිය මහතා සඳහන් කළේ, ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන කාල සීමාව තුළ මධ්‍යස්ථාන ආශ්‍රිතව ද ආරක්ෂාව දැඩි කර ඇති බවයි.
2020-08-04T20:00:58.000Z
මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ..
මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ..
COLOMBO ( News 1st ) : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම උදෑසන 7.00 ට ආරම්භ විය. ඡන්ද විමසීම පස්වරු 5.00 දක්වා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙවර ඡන්ද විමසීම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සිදු වේ. ඇඟිලි වර්ණ ගැන්වීම සිදුවන්නේ, කාබන් තැවරූ කඩදාසි කොටසක් මගින් ය. අවශ්‍ය නම් ටිෂූ කඩදාසියක් මේසය මත තබා වුව ද එය සිදු කිරීමට අවස්ථාව සකසා තිබේ. ඡන්දය භාවිත කරන කුටිය විශේෂිත ආකාරයකින් නිර්මාණය කර ඇති අතර , එය විටින් විට විෂබීජහරණය කරනු ඇති. දිස්ත්‍රික්ක 22 ක් පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 12985 කදී ඡන්ද විමසීම පැවැත්වේ. එහිදී කොට්ඨාස 166 කින් මහජන නියෝජිතයින් 196 දෙනෙකු තෝරා පත් කර ගනු ඇති. මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව 7452 කි. මෙවර ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකින් සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසු පහකි. වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ය. එම සංඛ්‍යාව දාහත් ලක්ෂ අසු පන්දහස් නවසිය හැට හතරකි. අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාව වාර්තා වන්නේ වන්නි දිස්ත්‍රික්කයෙන් ය. එම සංඛ්‍යව දෙලක්ෂ 87, 024කි. පිළිගත් දේශපාලන පක්ෂ 40 ක් මෙවර මහ මැතිවරණයට තරග කරයි. මැතිවරණයට ඉදිරිපත් වී ඇති ස්වාධීන කණ්ඩායම් ගණන 312 කි. https://youtu.be/9PoToj7lnP4
2020-08-04T11:19:33.000Z
ලෙබනයේ, බේරූට් අගනුවර දැවැන්ත පිපිරීමක්
ලෙබනයේ, බේරූට් අගනුවර දැවැන්ත පිපිරීමක්
COLOMBO (News 1st) : ලෙබනනයේ බේරූට් අගනුවර විශාල පිපිරීමක් සිදුව තිබේ. එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි. බීරූට් වරායේ ගබඩාවක පිපිරීම සිදුව ඇති බවට මත පළ වුවත්, මෙතෙක් එය නිශ්චිතව තහවුරු කර නොමැත. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මේ වන විටත් විශාල දුමාරයක් සමග ගින්න පැතිරෙමින් පවතී. එය නිවා දැමීම සඳහා ගිනි නිවීම් බටයින් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. තවද විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, 2005 වසරේදී සිදුවූ හිටපු අග්‍රාමාත්‍ය රෆික් හරිරි ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ තීන්දුව ලබන සිකුරාදා ප්‍රකාශ කිරීමට නියමිතව ඇති පසුබිමකදී මෙම පිපිරීම සිදුව ඇති බවයි.
2020-08-04T09:50:53.000Z
හෙට උදේ 7ට ඡන්දය අරඹන්න සියල්ල සූදානම්
හෙට උදේ 7ට ඡන්දය අරඹන්න සියල්ල සූදානම්
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම හෙට පැවැත්වේ. උදෑසන 7.00 ට ආරම්භ වන ඡන්ද විමසීම පස්වරු 5.00 දක්වා පැවැත්වෙනු ඇති. දිස්ත්‍රික්ක 22 පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 12 , 985 කදී ඡන්ද විමසීම පැවැත්වේ. එහිදී කොට්ඨාස 166 කින් මහජන නියෝජිතයින් 196 දෙනෙකු තෝරා පත් කර ගනු ඇති. මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව 7452 ක්. මෙවර ඡන්දය භාවිතා කිරිම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකින් සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසු පහක්. වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 1785, 964 කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 17 09,209 කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්ද දායකයින් 1,3 48, 787 දෙනෙකු මෙවර මහ මැතිවරණය සඳහා සුදුකම් ලබා සිටී. අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාව වාර්තා වන්නේ වන්නි දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යව දෙලක්ෂ 87, 024කි. පිළිගත් දේශපාලන පක්ෂ 40 ක් මෙවර මහ මැතිවරණයට තරග කරයි. මැතිවරණයට ඉදිරිපත් වී ඇති ස්වාධීන කණ්ඩායම් ගණන 312 කි. රටපුරා ආවරණයවන පරිදි මෙවරත් මැතිවරණයට අදාළ සියලු තොරතුරු වාර්තා කිරීමට නිව්ස් ෆස්ට් සූදානම්... මේ අතර මෙවර ඡන්ද විමසීම සිදු වන්නේ මැතිවරණ නීති මෙන්ම නිරෝධායන නීතිවලට අනුකූලවයි. ඒ අනුව සමාජ දුරස්ථභාවය තබා ගනිමින් සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ඡන්දපොළ කටයුතු සිදු වේ. ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්ද දායකයින් මීටරයක පරතරය තබා ගත යුතුයි. ඡන්ද පොළට ඇතුළු වීමට පෙර විශබීජ නාශක දියර මගින් දෑත් පිරිසිදු කිරීම සිදු වේ. මැතිවරණ නිලධාරීන් ඉදිරියේ ඡන්ද දායකයාගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සදහා මුව ආවරණය ඉවත් කළ යුතු අතර අනතුරුව නැවතත් දෑත් පිරිසිදු කිරීම සිදු කළ යුතුයි. ඡන්දය සටහන් කිරීම සඳහා කළු හෝ නිල් පෑනක් රැගෙන ඡන්ද පොළට යාම සුදුසු වන නමුත් පෑනක් නොමැති නම් විෂබීජහරණය කරන ලද පෑනක් ඡන්ද දායකයින් වෙත ලබා දීමට ඡන්දපොළ නියෝජිතයින් කටයුතු කර තිබේ. ඇඟිලි වර්ණ ගැන්වීම සිදුවන්නේ, කාබන් තැවරූ කඩදාසි කොටසක් මගිනි. අවශ්‍ය නම් ටිෂූ කඩදාසියක් මේසය මත තබා වුවද එය සිදු කිරීමට අවස්ථාව සකසා තිබේ. ඡන්දය භාවිත කරන කුටියත් විශේෂිත ආකාරයකින් නිර්මාණය කර ඇති අතර එය ද විටින් විට විෂබීජ හරණය කිරීමට ඡන්දපොළ නියෝජිතයින් කටයුතු කරයි. ඡන්ද පොළෙන් බැහැරව යන විට ද දෑත් පිරිසිදු කළ යුතුයි. https://www.facebook.com/NewsfirstSL/videos/859269794598480/
2020-08-04T09:38:08.000Z
ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේ ද?
ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේ ද?
COLOMBO (News 1st) : ඔබේ ඡන්දය ඉතා වැදගත්... අවලංගු නොවන ලෙස ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේ ද? මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ආදර්ශ ඡන්ද පත්‍රිකාවක් යොදා ගනිමින් අද ඒ පිළිබඳව පැහැදිලි කළේ ය. ඒ අනුව තමන් කැමති හෝ ස්වාධීන කණ්ඩායමේ ලකුණ ඉදිරියේ එකම එක කතිරයක් පමණක් ලකුණු කළ යුතු අතර වෙනත් ලකුණු නොයෙදිය යුතු ය. කතිර එකකට වඩා සටහන් කළ තිබුණොත් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප වේ. එක් ඡන්ද දායකයෙකුට උපරිම වශයෙන් මනාප 3ක් ලබා දිය හැකි අතර ඒ අනුව කැමති ඉලක්කම මත එක කතිර සලකුණු කළ හැකි ය. කිසිම වේලාවක මනාප 3ට වඩා සලකුණු නොකළ යුතු ය. කෙසේ වතෙත් මනාප නොදුන්නට ඡන්ද පත්‍රිකාව අවලංගු වන්නේ නොවන බව ත් ඡන්දය නොදී මනාප ලකුණු කළාට ඵලක් නොවන බවත් ඒ අනුව . පළමුව ඡන්දය දී දෙවනුව මනාප සටහන් කළ යුතුව ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.