date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2020-08-04T09:08:18.000Z
අද (4) මේ දක්වා කොරෝනා ආසාදිතයින් 6ක්
අද (4) මේ දක්වා කොරෝනා ආසාදිතයින් 6ක්
COLOMBO (News 1st) : අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වී තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙම ආසාදිතයින් 6 දෙනා ම සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිස් අතරින් හඳුනා ගෙන ඇති බවයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2834ක් දක්වා ඉහළ යනු ඇති. වෛරසය ආසාදනය වීමෙන් පසු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 2524කි. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 229කි.
2020-08-04T08:51:35.000Z
අපරැක්කේ මාරක අනතුරක්
අපරැක්කේ මාරක අනතුරක්
COLOMBO (News 1st) : මාතර, කැකනදුර හරහා යටියන මාර්ගයේ අපරැක්ක මහා විද්‍යාලය ඉදිරිපිටදී අද උදෑසන මාරක රිය අනතුරක් සිදුවිය. අනතුර සිදු වුණේ, ඇගලුම් කම්හලක සේවිකාවන් රැගත් වෑන් රථයක් සහ යටියන සිට මාතර දෙසට ගමන්ගත් බස් රථයක් එකිනෙක ගැටීමෙනි. අප වාර්තාකරු සඳහන් කළේ, ඇගලුම් සේවිකාවන් රැගත් වෑන් රථයේ රියැදුරු සහ සේවිකාවන් රාත්‍රී වැඩමුර අවසන් කර නැවත නිවෙස් බලා පිටත්ව යන අවස්ථාවේ වෑන් රථයේ රියදුරුට නින්ද යෑම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් වෑන් රථයේ ගමන් කළ ඇගලුම් සේවිකාවන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ. තවත්, කාන්තාවන් 4 දෙනෙකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කිරින්ද පුහුල්ලැල්ල හෙට්ටියාවල පදිංචි 36 වන වියේ පසුවන දෙදරු මවක් සහ බෙලිඅත්ත ඉසුරුපුර පදිංචි 42 වන වියේ පසුවූ සිව්දරු මවකි. වෑන් රථයේ සහ බස් රථයේ රියදුරන් අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1030452734041772/
2020-08-04T08:46:33.000Z
වරාය නගර ව්‍යාපෘතියේ 30කට බදු රහිත වැටුප් ගෙවීමට රජය සැරසෙයි
වරාය නගර ව්‍යාපෘතියේ 30කට වැටුප් ගෙවීමේ සූදානමක්
COLOMBO (News 1st) : කොළඹ, වරාය නගර ව්‍යාපෘතියේ සේවය කරන විධායක තලයේ 30 දෙනෙකු සඳහා බදු රහිත වැටුප් ගෙවීමට ශ්‍රී ලංකා රජය සුදානම් වන බව ඉකොනොමි නෙක්ස්ට් වාර්තාවක් අනාවරණය කරයි. එම වාර්තාවේ දැක්වෙන්නේ අදාළ බදු රහිත වැටුප් ගෙවීමට රජය සුදානම් වන්නේ විදෙස් රටවලින් පැමිණ වරාය නගර ව්‍යාපෘතියේ සේවය කරන පිරිස් වෙත බවයි. ඉකොනොමි නෙක්ස්ට් වාර්තාවට අනුව වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වකවානුව තුළ විධායක නිලධාරීන් 30 දෙනෙකු සඳහා අදාළ බදු රහිත වැටුප් ගෙවීමට රජය සුදානම් වන්නේ ගැසට් මගින් ප්‍රකාශිත උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති නීති ප්‍රකාරවයි. ඒ අනුව අදාළ ශ්‍රමිකයින්ගේ උපයන විට ගෙවන බද්ද සහ පෞද්ගලික ආදායම් බදු ඉවත් කෙරෙනු ඇති. විදේශකයින් සඳහා මෙලෙස බදු රහිත වැටුප් ගෙවීමට රජය පියවර ගෙන ඇත්තේ කුමන කාරණාවක් පදනම් කරගෙන දැයි පැහැදිලි නොමැති බව ඉකොනොමි නෙක්ස්ට් වාර්තාවේ සඳහන් ය. විශ්ලේෂකයින් පවසන්නේ, නැගෙනහිර ආසියාවේ වේගයෙන් සංවර්ධනය වන රටවල සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශකයින් පැමිනීමේදී ඔවුන් සියලු දෙනා බදු ගෙවන බවයි. සිංගප්පුරුවේ සංවර්ධනය ව්‍යාපෘති සිදුකරන කාල සීමාවලදී විදේශිකයින් 2500 කට වඩා එරටට ශ්‍රමිකයින් ලෙස පැමිණීමට අවස්ථාව හිමි නොවන අතර යම් අයෙකු ඉහළ වැටුප් ලබන්නේ නම් ඔවුන් ස්ථීර පදිංචිකරුවන් බවට පත්විය යුතු බව ද ඉකොනොමි නෙක්ස්ට් වාර්තාවේ පෙන්වාදී තිබේ.
2020-08-04T08:37:31.000Z
TikTok වික්කොත් ගනුදෙනුවේ කොටසක් භාණ්ඩාගාරයට අවශ්‍යයි - ට්‍රම්ප්
TikTok වික්කොත් ගනුදෙනුවේ කොටසක් භාණ්ඩාගාරයටත්?
COLOMBO (News 1st) : ඇමරිකානු ජනාධිපති ටොනල්ඩ් ට්‍රම්ප් මේ දිනවල ටික් ටොක් ප්‍රශ්නයක පැටලී සිටී. චීන සමාගමකට අයිති මේ ඇප් එක ඇමරිකානු සමාගමකට විකුණන ලෙස ඔහු බලපෑම් කළේ ය. දැන් ඇමරිකානු ජනාධිපතිවරයාපවසන්නේ, TikTok ඇමරිකානු සමාගමක් මිලදී ගත හොත් ගනුදෙනුවේ සාධාරණ කොටසක් භාණ්ඩාගාරයට අවශ්‍යයි බවයි. TikTok වඩාත් ජනප්‍රිය වී ඇත්තේ, විනෝදාත්මක ඇප් එකක් ලෙසයි. චීනයේ බයිට් ඩාන්ස් සමාගමට අයිති මේ ඇප් එක ලොවපුරා පරිශීලනය කරන ක්‍රියාකාරී පිරිස මේ වනවිට මිලියන 500 ඉක්මවා තිබේ. ඇමරිකාව පවසන්නේ TikTok හරහා ඇමරිකානුවන්ගේ පෞද්ගලික දත්ත චීන රජය ලබා ගන්නා බවයි. මේ නිසා TikTok ඇමරිකානු සමාගමකට විකුණා දමන ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා දැනුම්දී ඇති අතර එසේ නොකළොත් ඇමරිකාවේ ටික් ටොක් තහනම් කරන බවට අනතුරු අඟවා තිබේ. ඇමරිකාවේ මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ඡාවකින් පසුව ටික්ටොක් මිලදී ගැනීමට ඇති හැකියාව ගැන දිගටම සාකච්ඡා කරන බව ප්‍රකාශ විය. කෙසේවෙතත් ඇමරිකාව අවධාරණය කරන්නේ සැප්තැම් 15 ට පෙර මයික්‍රසොෆ්ට් හෝ වෙනත් ඇමරිකානු සමාගමකට TikTok විකුණා නොදමන්නේ නම් රට තුළ එය තහනම් කරන බවයි. ඉන්දියාව දැනටමත් TikTok තහනම් කර තිබේ.
2020-08-04T08:24:42.000Z
බන්ධනාගාරයට කුඩු ගෙන ගිය පූසාට මොකද වුණේ? 
බන්ධනාගාරයට කුඩු ගෙන ගිය පූසාට මොකද වුණේ? 
COLOMBO (News 1st) : හෙරොයින් අඩංගු ඇසුරුමක් බලලෙකුගේ ගෙලෙහි ගැට ගසා බොරැල්ල මැගසින් බන්ධනාගාර පරිශ්‍රයට රැගෙනයාමේ උත්සාහයක් ව්‍යර්ථ කිරීමට බන්ධනාගාර නිලධාරී පසුගියදා පියවර ගත්තේ ය. ඒ බළලාට මොක ද? වුණේ.. හෙරොයින් අඩංගු ඇසුරුමක් ගෙලෙහි ගැට ගැසා තිබු බළලෙකු බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් සොයා ගෙන තිබුණේ, ඉකුත් සෙනසුරාදා පස්වරු 4.30 ට පමණයි. හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 7 ක් , සිම් කාඩ් පත් දෙකක්, මෙමරි චිප් එකක් එම සත්ත්වයාගේ ගෙලෙහි තිබු ඇසුරුමෙහි රඳවා තිබිණ. බන්ධානාගර දෙපාර්තමේන්තුවේ පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ, මෙම බලලා මැගසින් බන්ධනාගාරයේ සැරිසරන සත්ත්වයෙකු බවයි. බළලා රඳවාගෙන නොමැති බවත් නිදැල්ලේ තවමත් මැගසින් බන්ධනාගාර පරිශ්‍රයේ සිටින බවත් ඔහු සඳහන් කළේ ය. කෙසේවෙතත් මෙම නීතිවිරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනයට බළලා යොදාගත් පුද්ගලයා පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මකයි. https://www.facebook.com/NewsfirstSL/videos/3110502322336363/
2020-08-04T08:19:26.000Z
කොයිම්බතූර්වලදී මිය ගිය අංගොඩ ලොක්කා ගැන සෙවීමට කණ්ඩායම් 7ක්
අංගොඩ ලොක්කාගේ මරණය ගැන සෙවීමට කණ්ඩායම් 7ක්
COLOMBO (News 1st) : ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියායාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කොයිබර්තුර් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කණ්ඩායම් 7 ක් පත්කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව අංගොඩ ලොක්කා නමැත්තා වසර 2 කට ආසන්න කාලයක් ඉන්දියාවේ රැඳී සිට තිබුණේ ප්‍රදීප් සිං යන භාවිත කරමිනි. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත අද පස්වරුවේ වාර්තා කළේ, කොයිම්බතුර් පොලීසිය විසින් අංගොඩ ලොක්කාගේ මරණයට අදාළ ඉදිරි පරීක්ෂණ කොයිම්බතූර් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි. අංගොඩ ලොක්කාගේ මරණය පසුපස ජාත්‍යන්තර ජාලයක සම්බන්ධයක් පවතී ද යන්න සොයා බැලීම සීමිත පරීක්ෂණවලින් අනාවරණය කරගත නොහැකි බව කොයිම්බතූර් පොලිසියේ අදහසවී තිබේ. ඒ අනුව ඕ.එච්. රාජු නමැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියා අදාළ පරීක්ෂණය භාර නිලධාරියා ලෙස පත්කර ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත අද වාර්තා කළේ ය. ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා පිළිබඳව ද හින්දු , ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා, ද නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් මෙන්ම තමිල්නාඩු පුවත් පත් කිහිපයක්ම ඊයේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ඔහු ඉන්දියාවේදී මියගොස් ඇති බවයි. අංගොඩ ලොක්කාට ප්‍රදීප් සිං නමට ආධාර් කාඩ් ලෙස හඳුන්වන හැඳුනුම්පතක් ලබා ගැනීමට ව්‍යාජ ලේඛන සකස් කිරීම සහ ඔහුගේ සිරුර අදාහනය කිරීම යන චෝදනා මත පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කොයිම්බතුර් පොලීසිය ඊයේ තහවුරු කළේ ය. ඒ අනුව අත්අඩංගුවට ගෙන තිබුණේ 27 හැවිරිදි අමානි තාන්ජි, නීතිඥවරියක වන 36 හැවිරිදි සිවකාමී සුන්දරී සහ එස් ත්‍යාගේෂ්වරන් නමැති තිදෙනෙකි. මේ අතර පොලීසිය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ද අංගොඩ ලොක්කාගේ මරණය පිළිබඳව පළවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරිණ.
2020-08-04T06:19:48.000Z
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් VIdeo කිරීමට පියවර
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් VIdeo කිරීමට පියවර
COLOMBO (News 1st) : මැතිවරණ නීති උල්ලංඝණය කරන සිද්ධීන් වීඩියෝගත කිරීමට පොලීසිය තීරණය කර තිබේ. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ , ඒ අනුව සෑම පොලිස් කොට්ඨාසයකටම කැමරා ලබා දුන් බවයි.
2020-08-04T06:02:48.000Z
කාලගුණෙන් ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම් දීමක්
කාලගුණෙන් ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම් දීමක්
COLOMBO (News 1st) : ත්‍රීකුණාමලය සිට කන්කසන්තුරය , මන්නාරම , කොළඹ , ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-65 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද සුළං හා රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි. ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම් දෙයි.
2020-08-04T05:32:46.000Z
අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්
අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) : මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා ඇතුළු සැකකරුවන් 4 දෙනා ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ චෝදනා ලැබූ සැකකරුවන්ට නීතිවිරෝධී ආකාරයට පහසුම් සැලසීම, ඒ සඳහා ලබාගෙන තිබූ දේපොළ නීති විරෝධී ආකාරයට කූඨ ලේඛන සකසා ලේකනගත කිරීම සහ ගිණුම් වැරදි ආකාරයට දැක්වීම යන චෝදනා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ඇතුළු සැකකරුවන්ට ගොනු කර තිබේ. ප්‍රධාන සැකකරුවන හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපුල් රාජපක්ෂ මහතා , මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ පූර්ව අධිකරණ තීන්දු පිළිබඳ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, ඇප පනත යටතේ තම සේවා දායකයාට ඇප ලබා දිය හැකි බවයි. සම්පායෝ මහතා තවමත් චූදිතයෙකු නොවන බවත් ඔහුගේ බිරිඳ අංශභාග රෝගයෙන් පෙළෙන බවත් දියණිය කැලණිය වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන බවත් ඔහු අධිකරණයේදී ප්‍රකාශ කළේ ය. දෙවැනි සැකකරු වන උපාලි සරත් බණ්ඩාර වෙනුවෙන් කරුණු දක්වමින් ඔහුගේ නීතීඥයින් ඇප අයදුම්කළ අතර , ඔහුද රෝගී තත්ත්වයකින් පෙළෙන බවත් ඔහුට විරුද්ධව කිසිදු සාක්ෂියක් ප්‍රකාශවී නොමැති බවටත් කරුණු දැක්වී ය. තුන්වෙනි සැකකරු ද හෘද රෝගියෙකු බව ඔහුගේ නීතීඥවරු අධිකරණය ඉදිරියේ පැවසූහ. සිව්වෙනි සැකකරු සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔහුගේ නීතිඥයින් ප්‍රකාශ කළේ, ඔහු සම්බන්ධයෙන් මාධ්‍ය විවිධ වැරදි වාර්තා කර තිබූ බවයි. ඔහුට පෙර වැරදි සම්බන්ධයෙන් චෝදනා නොමැති බවත් අධිකරණ නියෝගය පිළිබඳව දැනගත් වහාම භාරවූ බවත් නීතීඥයින් ඇප ඉල්ලා සිටිමින් ප්‍රකාශ කළේ ය. නමුත් නිතීපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දීලීප පීරිස් මහතා , ඇප ලබාදීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළේ ය. සැකකරුවන් සම්බන්ධයෙන් සුවශේෂී තත්ත්වයක් ක්‍රියාත්මක වන බව පෙනී යන බවත් එවැන්නක් සිදුවන්නේ කෙසේ දැයි තමන් ප්‍රශ්න කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ ය. ඔහු පෙන්වා දුන්නේ දෙවැනි හා තෙවැනි සැකකරුවන් අධිකරණයට කරුණු වාර්තා කරන මොහොතේ එක්වරම මතුවීම අසාමාන්‍ය තත්ත්වයක් බවයි. දින 11 ක් අධිකරණය මග හැර සිටි ප්‍රධාන සැකකරු අනුරුද්ධ සම්පායෝ මහතා එක්වරම මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කුරුණෑගලට ගොස් අත්අඩංගුවට ගත්තේ කෙසේ දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විවෘත අධිකරණයේදී ප්‍රශ්න කළේ ය. එම අත්අඩංගුවට ගැනීම පිළිබඳ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි ලෙස දැනුවත් කර නොමැති බව ද දිලීප පිරිස් මහතා පැවසී ය. මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ සටහන් අධිකරණය ඉදිරියේ ගෙන හැර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී අදහස් පළ කළේ ය. ඔහු පෙන්වා දුන්නේ , පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා බුද්ධි අංශ මෙහෙයුමකින් පළමු සැකකරු අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කලත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලැබුණු තොරතුරක් මත අත්ඩංගුවට ගැනීම සිදුවූ බව සටහන්වල දැක්වෙන බවයි. එම සටහන්වල ඉහළ නිලධාරියෙකුගෙන් ලැබුණු තොරතුරු මත අනුරුද්ධ සම්පායෝ හමුවී වරෙන්තුව ගැන පැහැදිලි කර අත්ඩංගුවට ගැනීම සිදුකළ බව සඳහන් වන්නේ යැයි අද අධිකරණයේදී අනාවරණය විය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ සම්පායෝ මහතා තමාගේ පාසලේ ආදි ශිෂ්‍යයෙකු බවත් ඔහුව හොඳින් හඳුනාගත් බවත් එම අවස්ථාව වීඩියෝ කරන්න උත්සහා දැරු පුද්ගලයෙකු වැළක්වූ බවත් සටහන්කර ඇති බවයි. අනුරුද්ධ සම්පායෝ මහතාගේ සහෝදරයා ද තමන් හොඳින් දන්නා බව පවසන මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා ඔහුට තේ පැන් සංග්‍රයක් දුන් බවට ද සටහන්වල දක්වා තිබේ. දිලිප පීරිස් මහතා මෙම සටහන් දක්වමින් ප්‍රශ්න කළේ, මෙවැනි සටහන් තබමින් බුද්ධි මෙහෙයුමකින් සැකකරු අත්අඩංගුවට ගත් බව පවසන්නේ කෙසේ ද යන්නයි. විත්තියේ නීතිඥයින් තම සේවාදායකයා භාරවූ බවට ඊයේ කරුණු දැක්වූ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයේදී පෙන්වා දුන්නේ ය. ඔහු ඉල්ලා සිටියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා උදෑසන 9.10 ට පිටත් වූ අවස්ථාවේ සිට පස්වරු 3.42 ට සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව තෙක් ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙසයි දින 11 ක් පොලීසියට ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට නොහැකිවූ අනුරද්ධ සම්පායෝ මීගමුව පොලිස් ස්ථානාධිපතිවරයා පහසුවෙන් සොයාගත් බවත් , මෙම තොරතුරුවල පරස්පරභාවය පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයා අධිකරණයට කරුණු දැක්විය යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා පෙන්වා දුන්නේ ය. ආරක්ෂක ලේකම්වරයා අද නීතීපති දෙපාර්තමේන්තුවට පැමිණ මේ පිළිබඳව සාකච්ඡාකළ බවත් ප්‍රධාන සැකකරු භාරයේ තිබු එල් වාට්ටුවේ දෙක , හත , අට යන කාමරවල අධි සුඛෝපබෝගි උපකරණ ලබාදී ඇති බවත්, පිටු 41 ක වැඩිදුර වාර්තාවක් ඉදිරිපත්කරමින් දිලිප පීරිස් මහතා ප්‍රකාශ කළේ ය. මෙහිදී මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසුරිය මහත්මිය ප්‍රකාශ කළේ, අධිකරණ නියෝගය , මාධ්‍ය හා අනෙකුත් ක්‍රම මගින් ප්‍රසිද්ධියට පත්වු බැවින් නීතීය පිළිබඳ අවබෝධයක් ඇති බන්ධනාගාර අධිකාරීවරයෙකු මෙලෙස ක්‍රියා කිරීම හිතාමතා කළ මග හැරීමක් බවයි. කුරූණැගල පොලිස් ස්ථානයකට භාරවීමට හැකියාව තිබියදී උවමනාවෙන් එය මග හැර ඇති බව පෙනී යන බව ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා ය. සෙසු සැකකරුවන් ද හැසිරී ඇත්තේ ඊට සමාන තත්ත්වයකින් බවත් එම කරුණු මත ඇප ලබා දිය නොහැකි බවත් විමර්ශන හා පරීක්ෂණ ක්‍රියාවලියට මෙන්ම සාක්ෂිකරුවන්ටද බලපෑම් සිදුවිය හැකි බවටත් තම නියෝගය ලබා දෙමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා ය.
2020-08-04T05:23:38.000Z
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක්
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක්
COLOMBO (News 1st) : රුපියල් මිලියන 35,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් හෙට පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ. එදින පෙරවරු 11 දක්වා ඒ සඳහා ලංසු ඉදිරිපත් කළ හැකියි. ලබන 7 වැනිදා ඊට අදාළ ගෙවීම් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
2020-08-04T04:54:13.000Z
ජීවිත තර්ජන ඇති බන්ධනාගාර නිලධාරීන් විශේෂ ආරක්ෂාවක්
බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුට විශේෂ ආරක්ෂාවක්
COLOMBO (News 1st) : ජීවිත තර්ජන එල්ල වී ඇති බන්ධනාගාර නිලධාරීන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ , ඒ අනුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු, බූස්ස , අගුණකොලපැලැස්ස , මීගමුව, සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරීවරුන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බවයි. බන්ධනාගාර බුද්ධි අංශය විසින් එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2020-08-04T03:41:02.000Z
CID ශානිගේ සහයකගෙන් අධිකරණයේදී අනාවරණයක්...
CID ශානිගේ සහයකගෙන් අධිකරණයේදී අනාවරණයක්...
COLOMBO (News 1st) - බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ සහයකයෙකු ලෙස ක්‍රියා කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලබන 7 වනදා දක්වා රක්ෂිතබන්ධනාගාරගත කළේ ය. ඒ සැකකරු අද ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී උපපොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් මහතා කොළඹ අපරාධ කෝට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබිණ. සැකකාර පොලිස් නිලධාරියා අද ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවට ඉදිරිපත් කළේ ය. 2014 වසරේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව පවතින නඩු කටයුත්තකට අදාළව , ගිනි අවි හඳුන්වා දී අධිකරණ කටයුත්තක් සඳහා ව්‍යාජ සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් මහතාට චෝදනා එල්ලකර තිබේ. මෙම චෝදනාවට අදාළව මීට පෙර අත්අඩංගුවට ශානි අබේසේකර මහතා ද 7 වනදා දක්වා රක්ෂිත බන්ධානාගතකර සිටී. උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල මහතා අද අධිකරණය හමුවේ සඳහන් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවූ තම සේවාදායකයාගෙන් ප්‍රකාශ ලබා ගන්නා අවස්ථාවේ එහි නිලධාරියෙකු බලපෑම් කර ඇති බවයි. කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි "නෙවිල් "නමැති නිලධාරියෙකු ඔහුට බලපෑම් කර ඇති බවයි. සැකකරුට මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබා දීමට නීතිඥවරයා කළ ඉල්ලීම අනුව මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබාදී තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැනුම් දුන්නේ , අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර , පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා , එවක පොලිස් සැරයන්වරයෙකුව සිටි සුගත් මෝහන මෙන්ඩිස් ඇතුළු තවත් නිළධාරින් පිරිසක් ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේ නිවසක දර මඩුවක අවි තොගයක් සඟවා , පසුව එම අවි තොගය අත්අඩංගුවට ගෙන වාස් ගුණවර්ධන මහතාට අයත් බවට කරුණු වාර්තා කර අධිකරණය නොමග හරිමින් අසත්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවයි. වාස් ගුණවර්ධන මහතාට දැනට දඬුවම් නියමකර ඇති මොහොමඩ් සියාම් නමැති ව්‍යාපාරිකයාගේ ඝාතනයට අදාළ ගිනි අවියත් පොලිසිය භාරයට ගනු ලැබු අවි අතර පවතින්නේ දැයි, මහේස්ත්‍රාත්වරයා එහිදී විමසී ය. කොළඹ අපරාධ කොට්ඨාසය දැනුම් දුන්නේ එම ඝාතනයට යොදා ගත් ගිනි අවිය එම අවි තොගයේ නොමැති බවයි. එය මෙතෙක් පොලීසිය භාරයට ගෙන නැතැයි ද ඔවුන් අධිකරණයට දැනුම් දුන්නේ ය.
2020-08-04T01:02:37.000Z
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නාකොටික් නිලධාරීන්ගේ දේපොළ රාජසන්තක කිරීමට තීරණයක්
නාකොටික් නිලධාරීන්ගේ දේපොළ රාජසන්තක කිරීමට තීරණයක්
COLOMBO (News 1st) - වැටලීම්වලදී අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ,ජාවාරම්කරුවන්ටම අලෙවි කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා වෙනුවෙන් කළ ඇප ඉල්ලීම අද ප්‍රතික්ෂේප කළේ ය. ඒ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද කැඳ වූ අවස්ථාවේදීයි. සැකකාර නිලධාරීන් 13 දෙනා ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය. මේ වන විට අඟුණකොළපැලැස්ස සිරකඳවුරේ රඳවා සිටින එම සැකකාර නිලධාරීන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදු නොකළ අතර, ඉදිරි දිනයකදී ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා ය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන උප පොලිස් පරීක්ෂක චතුරංග ප්‍රේමසිරි නැමැත්තාට අයත් පෞද්ගලික වාහන 4ක රියැදුරු අසුන ඩිකිය හා අමතර රෝද සවි කර ඇති ස්ථානවල හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය වල ශේෂ ඇති බව රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී ඇති බවද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය. ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශන නිලධාරීන්ට නියෝග කළේ, සැකකරු ඇතුළු සැකකරුවන් භාරයේ තිබී සොයා ගනු ලැබූ රුපියල් කෝටි තුනහමාරකට අධික මුදල් නඩු ගිණුමට බැර කිරීමට පියවර ගන්නා ලෙසයි. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ගත් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 23න් විසි දෙකක්ම කපා , එහි අඩංගු මත්ද්‍රව්‍ය ඉවත් කර ඇති බව පෙනී යන බව රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී ඇතැයි ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට දැනුම් දුන්නේ ය.
2020-08-04T01:12:11.000Z
ඉන්දු කාශ්මීර නිම්නයට ඇඳිරි නීතිය පනවයි
ඉන්දු කාශ්මීර නිම්නයට ඇඳිරි නීතිය පනවයි
COLOMBO (News 1st) - ඉන්දු කාශ්මීර නිම්නයට ඇඳිරි නීතිය පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ, ජම්මු කාශ්මීරයට ඉන්දීය ව්‍යවස්ථාවෙන් ලබාදුන් විශේෂ වරප්‍රසාද ඉවත්කිරීම, ජම්මු කාශ්මීරය මධ්‍යම රජයට අයත් බලප්‍රදේශයක් බවට පත්කිරීමට රජය පියවර ගෙන වසරක් සම්පූර්ණ වීමට සමගාමීවයි. අද සහ හෙට ක්‍රියාත්මක වන මෙම ඇඳිරි නීතියට සමගාමීව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ සීමා ද ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්ය. අනිද්දා බ්ලැක් ඩේ හෙවත් කලු දිනයක් ලෙස සලකා ක්‍රියාත්මක වීමට කාශ්මීර බෙදුම්බවාදීන් සහ පකිස්ථාන සහය ලද කණ්ඩායම් සැලසුම් කර ඇතැයි තොරතුරු ලැබීම හමුවේ මෙම පියවර ගත් බව ශ්‍රී නගර් දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ය. ජම්මු කාශ්මීරයට ලබාදුන් විශේෂ වරප්‍රසාද ඉවත්කිරීමෙන් පසු කාශ්මීරයේ දේශපාලන නායකයන් සිය ගණනක් අත්අඩංගුවට සහ රැඳවුම් භාරයට ගනු ලැබුවේ ය. කාශ්මීරයේ හිටපු ප්‍රධාන අමාත්‍ය මෙහ්බූබා මුෆ්ටි ඇතුළු ඔවුන්ගෙන් බහුතරයක් තවමත් නිවාස අඩස්සියේ පසුවන බව සඳහන් වේ.
2020-08-03T22:32:08.000Z
කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤ වීදිය අතරදී දුම්රියක් පීලි පනී
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්...
COLOMBO (News 1st) - කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤ වීදිය අතරදී දුම්රියක් පීලි පැන තිබේ. පොලීසිය පැවසූවේ, ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හට ගෙන ඇති බවයි. මේ අතර දුම්රිය පීලි පැනීම හේතුවෙන් උත්තරානන්ද මාවත අවහිර වීම නිසා විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය පවසයි.
2020-08-03T21:56:49.000Z
සැකකටයුතු බන්ධනාගාර නිලධාරීන් ගැන සොයන්න බුද්ධි අංශ මෙහෙයුමක්
සැක බන්ධනාගාර නිලධාරීන් ගැන සොයන්න මෙහෙයුමක්
COLOMBO (News 1st) - නීති විරෝධි ක්‍රියාවලට සම්බන්ධ බවට සැකකෙරෙන බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණ කරගැනීමට පියවර ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, අදාළ නිලධාරීන් නීති විරෝධි කටයුතුවලට සම්බන්ධ දැයි එමගින් දැඩි ලෙස විමර්ශනය කෙරෙන බවය. එම විමර්ශනවලදී යම් නිලධාරීයෙක් එවැනි ක්‍රියාවලට සම්බන්ධ බවට හෙළි වුවහොත්, ඔවුන්ට විරුද්ධව දැඩිව ක්‍රියා කරන බව ද ඔහු පැවසුවේ ය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, රාජ්‍ය බුද්ධි සේවාව සහ බන්ධනාගාර බුද්ධි ඒකකය මගින් එම කටයුතු සිදුවන බවයි. දිවයිනේ සියලු බන්ධනාගාර කේන්ද්‍ර කරගනිමින් මෙම විමර්ශන ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.
2020-08-03T21:59:28.000Z
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම ලබන 8 වැනි දා තෙක් අත්හිටුවයි
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම යළි 8 වැනි දා සිට
COLOMBO (News 1st) - විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම යළි තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ, එළැඹෙන මහ මැතිවරණය හේතුවෙනි. ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ, එම කටයුතු ලබන 8 වැනි දා සිට යළි ආරම්භ කරන බවයි. ඒ අනුව, ලබන 8 වැනි දා ඩුබායිහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 660 කට අධික පිරිසක් මෙරටට පැමිණෙන බව ද ඔහු පැවසුවේ ය. ඉන් පසු මාලදිවයින, ඕස්ට්‍රේලියාව, කටාර්, ඕමාන්, බහරේන්, මැලේසියාව, සිංගප්පුරුව, ඉන්දියාව ඇතුළු රටවල්වල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය. මහ මැතිවරණ රාජකාරි සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සෞඛ්‍ය නිලධාරීන් අනියුක්ත වීමත් සමග විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ඇතුළු කර ගැනීමේදී ඇතිවිය හැකි බාධා හේතුවෙන්, මෙම තීරණය ගත් බව ද අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ ය.
2020-08-03T21:10:55.000Z
තෝරාගත් තැපැල් කාර්යාල අද සහ හෙට අතිරේක පැය කිහිපයක් විවෘත කෙරේ
තැපෑල අද සහ හෙට අතිරේක පැය කිහිපයක් විවෘත කෙරේ
COLOMBO (News 1st) - දිවයින පුරා තෝරාගත් තැපැල් කාර්යාල අද සහ හෙට අතිරේක පැය කිහිපයක් විවෘත කිරීමට තීරණය කර තිබේ. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, තේරිම්භාර නිලධාරීන් විසින් නම් කර ඇති තැපැල් සහ උපතැපැල් කාර්යාල අද රාත්‍රී 8.00 වන තුරු විවෘතව තැබිය යුතු බවය. ඒ, මහ මැතිවරණ රාජකාරි සඳහා පැමිණෙන නිලධාරීන්ගේ පහසුව වෙනුවෙනි. තැපැල්පතිවරයා සඳහන් කළේ, තෝරා ගත් තැපැල් සහ උපතැපැල් කාර්යාල හෙට සවස 6.00 දක්වාත් විවෘතව තැබෙන බවයි. එම කටයුතු ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය. මේ අතර මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින් වේනම් අද සහ හෙට දෙදින කාර්යාල වේලාවන් තුළදී සිය ඡන්ද පත්‍රිකාව තමන් අයත් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලබා ගන්නා ලෙස ද ඔහු දැනුම් දෙයි.
2020-08-03T20:47:31.000Z
මහ මැතිවරණයේ ඡන්ද පෙටිට් ප්‍රවාහනයට සියල්ල සූදානම්...
මැතිවරණ රාජකාරි සඳහා සෞඛ්‍ය නිලධාරීන් 8000 ක්
COLOMBO (News 1st) - මහ මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා, ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන වෙත යොමු කිරීම අද පෙරවරු 8.00 ට ආරම්භ කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මහ මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේ සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය නිලධාරීන් 8000 කට අධික පිරිසක් අනියුක්ත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, එම නිලධාරීන් ස්ථානගත කිරීම් අද සිට ආරම්භ කර ඇති බවයි. හෙට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා දීපව්‍යාප්ත ජංගම මුර සංචාර 3000 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.
2020-08-03T20:22:01.000Z
අභිනව පාර්ලිමේන්තුව ලබන 20 වැනි දා කැඳවීමට ජනපති තීරණය කරයි
නව පාර්ලිමේන්තුව රැස්වීම ලබන 20 වැනි දා
COLOMBO (News 1st) - අභිනව පාර්ලිමේන්තුව ලබන 20 වැනි දා කැඳවීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ තීරණය ගෙන ඇති බවය. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ද ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණි.
2020-08-03T19:47:44.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. අංගොඩ ලොක්කා කොයිම්බතූර්වල මිය ගිහින් – අත්අඩංගුවට ගත් කාන්තාවක් ඉන්දීය පොලීසියට හෙළිකරයි: පාතාල කල්ලි නායකයෙකු බව කියන ලසන්ත චන්දන පෙරේරා නොහොත් ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී මිය ගොස් අතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත තහවුරු කර තිබේ. 2. මැතිවරණ කාර්යාලයක සිටි පිරිසකට කිරුළපනදී මැර ප්‍රහාරයක්: කිරුළපන ප්‍රදේශයේ ඊයේ අලුයම දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකින් පසුව මෙවර තරග කරන අපේක්ෂකයෙකුගේ බිරිඳ පවුලේ ඥාතියෙකු ඇතුළු සිව්දෙනෙකු රෝහල්ගත කර තිබේ. 3. මානව හිමිකම් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි: ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ. 4. දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නව ක්‍රමවේදයක්: මැතිවරණ කොමිෂන් සභාව මගින් මෙවර මහ මැතිවරණයේදී දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේ. විදෙස් පුවත් 5. TikTok අමෙරිකාවට විකුණන්න, නැත්නම් දැඩි පියවර – ඩොනල්ඩ් ට්‍රම්ප්: TikTok සමාජ මාධ්‍ය ජාලය දින 45 ක් ඇතුළත මයික්‍රොසොෆ්ට් යටතට පවරාගැනීමට කටයුතු කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
2020-08-03T11:38:26.000Z
විනෝද චාරිකාවක් ගිය තරුණියන් මහවැලි ගඟට බිළිවෙයි
විනෝද චාරිකාවක් ගිය තරුණියන් මහවැලි ගඟට බිළිවෙයි
COLOMBO (News 1st) - මහියංගණය, වේරගංතොට පාලම අසළින් මහවැලි ගඟේ දිය නෑමට ගිය තරුණියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත් විය. කුරුණෑගල සිට මහිංගණය දක්වා විනෝද චාරිකාවක් පැමිණි ඥාති තරුණයෙකු සහ තරුණියක් දිය නෑම සඳහා ඊයේ පස්වරුවේ මහිංගණය වේරගංතොට පාලම අසළින් දියට බැස තිබුණි. එහිදී දෙදෙනාම දියේ ගිලී ඇති අතර ප්‍රදේශවාසීන් ඔවුන් බේරාගෙන මහියංගණය මූලික රෝහලට ඇතුළත් කළත් තරුණියගේ දිවි බේරා ගැනීමට හැකි වුයේ නැත. අදාළ තරුණයා මේ වනවිට මහියංගණය මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනු ඇති. මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ කුරුණෑගල, තිරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 වූ නෙත්මි නවෝද්‍යා නැමති තරුණියකි. මහියංගණය, වේරගංතොට පාලම අසළින් දිය නෑමට ගිය පුද්ගලයින් 30 දෙනෙකු පමණ පසුගිය කාලය තුළ මිය ගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය.
2020-08-03T11:30:47.000Z
TikTok අමෙරිකාවට විකුණන්න, නැත්නම් දැඩි පියවර - ඩොනල්ඩ් ට්‍රම්ප්
TikTok පවත්වාගෙන සමාගමට ට්‍රම්ප්ගෙන් දැඩි බලපෑම්
News 1st - TikTok සමාජ මාධ්‍ය ජාලය දින 45 ක් ඇතුළත මයික්‍රොසොෆ්ට් යටතට පවරාගැනීමට කටයුතු කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු බලධාරින් පවසා සිටින්නේ, TikTok සමාජ මාධ්‍ය ජාලය චීන සමාගමක් විසින් පාලනය කරන බැවින් එය තම රටේ පුරවැසියන්ගේ දත්තවල ආරක්ෂාවට මෙන්ම ජාතික ආරක්ෂාවට මහත් තර්ජනයක් එල්ල කරන බවය. TikTok සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාවේ භාවිතය තහනම් කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ පසුගිය සිකුරාදායි. නමුත් ජනපති ට්‍රම්ප් සහ මයික්‍රොසොෆ්ට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙල්ලා අතර පැවති හමුවකින් පසුව සත්‍යා නඩෙල්ලා පවසා තිබුනේ සැප්තැම්බර් 15 වැනි දාට පෙර තමන් යටතට ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලය ලබාගැනීමට ඔවුන් තවදුරටත් සාකච්ඡා ඉදිරියට ගෙන යන බවය. TikTok සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාවේ තහනම් කිරීම මගින් එය පරිහරණය කරන අමෙරිකානු තරුණ කණ්ඩායම් නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපති මැතිරවණයේදී ට්‍රම්ප්ට් එරෙහිව ක්‍රියාකරණු ඇතැයි බලධාරීන් අදහස් පළ කරති. තව ද ඔවුන් පවසන්නේ එලෙස TikTok තහනම් කිරීම මගින් විවිධ නෛතික බාධක එල්ල විය හැකි බවය. මයික්‍රොසොෆ්ට් ආයතනය සහ දැනට TikTok සමාජ ජාලය හිමි බයිට් ඩාන්ස් ආයතනය අතර සාකච්ඡා අධ්‍යන කරන්නේ අමෙරිකාවේ රාජ්‍ය ආයතනයක් වන විදේශ ආයෝජන සභාව විසිනි. නමුත් මයික්‍රොසොෆ්ට් ආයතනය පවසන්නේ, TikTok තමා යටතට පවරා ගැනීම පිළිබඳ නිශ්චිත තීරණයක් දැනට ගෙන නොමැති බවය.
2020-08-03T10:59:09.000Z
ලංකාපුර ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකුට හා සෞදියේ සිට පැමිණි 4කට කොරෝනා
කොරෝනා ආසාදිතයින් 5ක්..
COLOMBO (News 1st) - අද(03) දින මේ දක්වා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 05 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් ලංකාපුර ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු හා සෞදි අරාබියේ සිට පැමිණි 4 දෙනෙකි. ඒ අනුව මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,828 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2020-08-03T09:50:55.000Z
මානව හිමිකම් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි
මානව හිමිකම් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි
COLOMBO (News 1st) - ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.
2020-08-03T09:36:54.000Z
මැතිවරණ කාර්යාලයක සිටි පිරිසකට කිරුළපනදී මැර ප්‍රහාරයක්..
මැතිවරණ කාර්යාලයක සිටි පිරිසකට මැර ප්‍රහාරයක්
COLOMBO (News 1st) - කිරුළපන ප්‍රදේශයේ අද අලුයම දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකින් පසුව මෙවර තරග කරන අපේක්ෂකයෙකුගේ බිරිඳ පවුලේ ඥාතියෙකු ඇතුළු සිව්දෙනෙකු රෝහල්ගත කර තිබේ. නිහඬ කාලසීමාවේ මැතිවරණ නීතිරීතිවලට ගරු කරන බැවින් මේ සිද්ධියේ තොරතුරු ඇතත් අප ඊට සම්බන්ධ අපේක්ෂකයින් අනාවරණය නොකිරීමට තීරණය කළෙමු. අද අලුයම 1.30 ට පමණ කිරුළපන පිහිටි මැතිවරණ කාර්යාලයකට පැමිණි පිරිසක් මේ පහරදීම සිදු කර තිබුණි. සිද්ධියෙන් හතරදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළක් කර ඇති අතර දෙදෙනෙකු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබනු ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද කර ඇති අතර සිද්ධිය පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක වේ. https://www.facebook.com/NewsfirstSL/videos/324959221880477/
2020-08-03T09:29:52.000Z
ඡන්දෙ දාන්නත් දුක් විඳින කල්පිටියේ ගම්මුන් පිරිසකගේ කඳුළු කතා
ඡන්දෙ දාන්නත් දුක් විඳින කල්පිටියේ ගම්මුන් පිරිසක්
COLOMBO (News 1st) - කල්පිටිය, උච්චිමුනේ ගම්වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේදී අත්විඳින්නට සිදුව ඇති දුෂ්කර තත්ත්වයක් පිළිබඳවයි මේ අනාවරණය... කල්පිටිය අර්ධද්වීපයට අයත් දූපත් සමූහයක පිහිටා ඇති බත්තලංගුන්ඩුව, පල්ලියවත්ත, උච්චිමුනේ සහ රෝදපාඩුව ඇතුළු ගම්මානවල පවුල් 700 ට අධික සංඛ්‍යාවක් ජීවත් වෙති. අප වාර්තාකරු පැවසුවේ, මෙම ගම්මාන වැලි සහිත මාර්ග ඔස්සේ ගොඩබිම සමග සම්බන්ධ වී ඇති බවය. මෙම ගම්මානවල සියල්ලම දිවි සරි කර ගන්නේ කලපු සහ මුහුද ආශ්‍රිත ධීවර කර්මාන්තයෙනි. ප්‍රවේශ මාර්ගවල පවතින දුෂ්කරතා නිසා ගම්මුන් ප්‍රවාහන කටයුතු සඳහා ඔවුන් බෝට්ටු ද යොදා ගනු ලැබුවේ ය. උච්චමුනේ සිට බෝට්ටුවකින් ගොඩබිමට ළඟාවීමට මිනිත්තු 30 කට අධික වේලාවක් ගතවන අතර ගම්වැසියන් පවසන්නේ වසර ගණනාවක සිට මේ දුක්ගැහැට විඳිනා තමන් මැතිවරණ සමයට පමණක් බලධාරීන්ගේ සිහියට නැගෙන බවයි. පුරවැසියන් ලෙස තම නියෝජිතයින් පාර්ලිමේන්තුවට පත් කිරීමට ඇති අයිතිය වෙනුවෙන් අපමණ වෙහෙස විඳ ඡන්දපොළට පැමිණෙන ඔවුන් මෙවර තවත් අපහසුතාවට පත්ව ඇත්තේ, පවතින සෞඛ්‍ය නිර්දේශ අනුව බෝට්ටුවක්, ට්‍රැක්ටරයක් වැනි ප්‍රවාහන මාධ්‍යයක් තුළ සමාජ දුරස්ථභාවය සුරැකට ද සිදුවීම නිසය. https://www.facebook.com/NewsfirstSL/videos/299821767937205/
2020-08-03T08:52:31.000Z
දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නව ක්‍රමවේදයක්
දෘෂ්‍යාබාධිතයින්ට ඡන්දෙ දාන්න නව ක්‍රමවේදයක්..
COLOMBO (News 1st) - මැතිවරණ කොමිෂන් සභාව මගින් මෙවර මහ මැතිවරණයේදී දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේ. මෙවර මහ මැතිවරණයේදී මෙම ක්‍රමය නියමු ව්‍යාපෘතියක් වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය මූලික කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ලොව බොහෝ රටවල් තුළ දෘෂ්‍යාබාධිත පුද්ගලයන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නවීන තාක්ෂණික ක්‍රම භාවිත කළත් අපේ රටේ ක්‍රියාත්මක වන්නේ තව ත් පුද්ගලයෙකුගේ සහය ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයයි. ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සංගමය කලක සිට මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. එමගින් රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට ලැබී ඇත. ඊට අදාළ පෙරහුරුවක් ඊයේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් විය. මැතිවරණ කොමිෂන් සභාවේ සම්බන්ධීකාරක නිලධාරී ටිකිරි කුමාර ජයවර්ධන මහතා, විනිවිද පේන ආකෘතියක් තමයි අපි හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට ඔබට පුළුන් එදාට ඡන්ද ස්ථානාධිපතිතුමාගේ සහය ඇතිව අපි මේ ආකාරයේ ඡන්ද පත්‍රිකාව මේ ස්ථානයේ රඳවලා ඉලක්කම් හා සලකුණු නිවැරදිව සටහන් කරගන්න පුළුවන් එතකොට දෘෂ්‍යාබාධිත සහිත කෙනෙකුට මේක ස්පර්ශ කරලා තමන් කැමති පක්ෂෙ කෙනෙකුට තමන්ම සලකුණු කරන්න පුළුවන් කතිරය. ඊට අමතරව මනාප ලකුණු කිරීමේදී වම් අත පැත්තේ ඉඳලා දකුණු අත පැත්තට එක, දෙක, තුන ආදී වශයෙන් ගණන් කරලා තමන් කැමති මනාපය සලකුණු කරන්න පුළුවන් නුවරඑළිය තේරීම්භාර නිලධාරී එම්. බී. ආර් පුෂ්පකුමාර මහතා, මොවර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 10 කදී පූර්ණ දෘෂ්‍යාභාධිත හා අර්ධ දෘෂ්‍යාභාධිත හා වැඩිහිටි කියන අය වෙනුවෙන් ඔවුන්ටම ඡන්දය ලකුණු කර ගැනීමේ ක්‍රමවේදයක් හදලා තියනවා. https://www.facebook.com/NewsfirstSL/videos/234313927619418/
2020-08-03T10:32:16.000Z
වැස්සට යටවෙන පානදුරේ පාරකට විසඳුම් ඉල්ලා පදිංචිකරුවන් මේස, පුටු අරන් එළියට බසී
පානදුරේ පාරකට විසඳුම් ඉල්ලා පදිංචිකරුවන් එළියට බසී
COLOMBO (News 1st) - වර්ෂා දිනවලදී පානදුර - හිරණ ප්‍රධාන මාර්ගයේ පිංකෑල්ල ප්‍රදේශයේ මාර්ගයට එක්රැස් වන ජලය බැස නොයෑම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවකට පත් ව සිටි. අද උදෑසන ප්‍රදේශවාසීන් මෙලෙස මාර්ගයට එක්රැස්වී සිටියේ ඊට විරෝධය පළ කරමින්ය. නිසි කාණු පද්ධතියක් නොමැතිවීම හේතුවෙන්, පානදුර - හිරණ ප්‍රධාන මාර්ගයේ පිංකෑල්ල ප්‍රදේශය වැසි දිනවලදී මේ අයුරින් ජලය පිරී පවතින බව ප්‍රදේශවාසීන් පවසති. කාලක පටන් ඔවුන් මුහුණදෙන මේ ගැටලුවට කිසිදු බලධාරියෙකු පිළිතුරක් ලබා නොදීම හේතුවෙන් ඔවුන් අද උදෑසන මාර්ගය අවහිර කරමින් ප්‍රශ්නයට විසඳුමක් ඉල්ලා මෙලෙස විරෝධතාවයේ නිරත විය. විරෝධතාවය හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල විණි. පසුව එම ස්ථානයට හිරණ පොලිස් මුරපොළේ නිලධාරීන් පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර තත්ත්වය සමතයකට පත් කළේ ය.
2020-08-03T10:26:09.000Z
අංගොඩ ලොක්කා කොයිම්බතූර්වල මිය ගිහින් - අත්අඩංගුවට ගත් කාන්තාවක් ඉන්දීය පොලීසියට හෙළිකරයි
අංගොඩ ලොක්කා කොයිම්බතූර්වල මිය ගිහින්
COLOMBO (News 1st) - පාතාල කල්ලි නායකයෙකු බව කියන ලසන්ත චන්දන පෙරේරා නොහොත් 'අංගොඩ ලොක්කා' ඉන්දියාවේදී මිය ගොස් අතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත අද තහවුරු කර තිබේ. පුවත්පත මේ බව තහවුරු කළේ, අංගොඩ ලොක්කා සමග සිටි බව කියන කාන්තාවකගේ සාක්ෂි පදනම් කර ගෙනයි. අංගොඩ ලොක්කා නමැත්තා ඉන්දියාවේ රැඳී සිට ඇත්තේ, ප්‍රදීප් සිං නමින් පෙනී සිටිමිනි. ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා පිළිබඳව ද හින්දු, ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා, ද නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් මෙන්ම තමිල්නාඩු පුවත් පත් කිහිපයක්ම අද විශේෂ අනාවරණයක් කර තිබුණි. කාන්තාවන් දෙදෙනෙකු සහ තව ත් පුද්ගලයෙකු ඊයේ කොයිම්බතූර් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුනේ, අංගොඩ ලොක්කාට ප්‍රදීප් සිං නමට ආධාර් කාඩ් ලෙස හඳුන්වන හැඳුනුම්පතක් ලබා ගැනීමට ව්‍යාජ ලේඛන සකස් කිරීම සහ ඔහුගේ සිරුර අදාහනය කිරීම යන චෝදනා මතයි. 27 හැවිරිදි අමානි තාන්ජි, නීතිඥවරියකවන 36 හැවිරිදි සිවකාමී සුන්දරී සහ එස්. ත්‍යාගේෂ්වරන් නමැති සැකකරුවන් තුන්දෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ත්‍යාගේෂ්වරන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ව්‍යාජ ලියකියවිලි සකස් කිරීමේ චෝදනාව මතය. ඊට අනුබලදීම මත සිවකාමී සුන්දරී නමැති නීතිඥවරිය අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය පුවත්පත් වාර්තා කළේ ය. ඉන්දීය පුවත්පත් අනාවරණය කර ඇත්තේ, අමානි තාන්ජි නමැති 27 හැවිරිදි කාන්තාව ශ්‍රී ලංකාවේ සිට මේ වසරේ පෙබරවාරි මාසයේ සිට අංගොඩ ලොක්කා සමග කොයිම්බතූර්හි චෙරන්මා නගර් ප්‍රදේශයේ වාසය කර ඇති බවයි. අංගොඩ ලොක්කා කොයිබතූර්හි කායවර්ධන මධ්‍යස්ථානවලට ප්‍රෝටීන් උත්තේජන සැපයීමේ ව්‍යාපාරයක නිරතවී සිට ඇතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත අද පස්වරුවේ අනාවරණය කළේ ය. පුවත්පත වාර්තා කළේ, සිවකාමී සුන්දරී නමැති නීතිඥවරිය ඉන්දියාවේදී මාස 3 ක කාලයක් ප්‍රදීප් සිං ලෙස පෙනී සිටි අංගොඩ ලොක්කාට සිය නිවසේ රැකවරණ ලබාදී ඇති බවය. පසුව කොයිම්බතූර් නගරයේ අමානි තාන්ජි සමග වාසය කිරීමට අත්අඩංගුවේ සිටින ත්‍යාගේෂ්වරන් නමැති පුද්ගලයාගේ නමට අංගොඩ ලොක්කාට නිවසක් ලබාගෙන ඇති බවයි. අංගොඩ ලොක්කා 2018 ඉන්දියාවට පැමිණ ඇති බව ද විමර්ශනවලදී අනාවරණයවී ඇතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත සඳහන් කළේ ය. පසුගිය ජුලි 3 වැනි දා ප්‍රදීප් සිං ලෙස පෙනී සිටි අංගොඩ ලොක්කා පපුවේ ඇති වූ ආබාධයක් නිසා කොයිම්බතූර් වෛද්‍ය විද්‍යාල රෝහලට ඇතුළත් කර තිබුනේ ඔහු සමග සිටි අමාන තාන්ජි නමැති කාන්තාව විසිනි. එම අවස්ථාවේ ඔහු සිහිසුන්ව සිට ඇති අතර එදිනම මියගොස් ඇතැයි ඉන්දීය පුවත්පත් වාර්තාවල සඳහන් ය. අනතුරුව තාන්ජි සහ සුන්දරී එක්ව මියගිය පුද්ගලයා ඥාතියෙකු ලෙස පවසා සිරුර රෝහලෙන් පිටතට ගෙන මදුරෙයි ප්‍රදේශයට රැගෙන ගොස් අදාහනය කර තිබේ. නමුත් ඔවුන් පොලීසියට දැනුම්දී ඇත්තේ සිරුර වල දමන බවයි. අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගිය බවට පළ වූ වාර්තාවලින් පසුව ශ්‍රී ලංකා පොලීසිය මේ පිළිබඳව තමිල්නාඩු පොලීසිය දැනුවත් කර ඇතැයි ඉන්දීය පුවත් වාර්තාවල සඳහන් ය. පසුව කොයිම්බතූර් පොලීසිය යළිත් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී අංගොඩ ලොක්කාගේ සිරුර නිදහස් කර ගැනීමට ඉදිරිපත් කළ ලේඛන ද ව්‍යාජ ඒවා බව ආනාවරණය කර තිබේ. කොරෝනා හේතුවෙන් රට වසා තිබූ අවස්ථාවක අංගොඩ ලොක්කාගේ සිරුර කොයිම්බතූර් සිට කිලෝමීටර් 216 ක් දුරින් පිහිටි මදුරෙයි දක්වා රැගෙනයාම පිළිබඳව ද සැකයක් මතුවන බව ඉන්දීය පුවත්පත් වාර්තාවල සඳහන් ය. ඒ සඳහා තමිල්නාඩු පාතාලය ඔවුන් සමග සබඳතා පැවැත්වූයේ දැයි ඉන්දීය පොලීසිය දැන් විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ අතර අමානි තාන්ජි නමැති කාන්තාව මියගිය ප්‍රදීප් සිං ලෙස පෙනී සිටි පුද්ගලයා අංගොඩ ලොක්කා ලෙස තහවුරු කර ඇති බවත් ඔහුට විෂ ශරීරගත කළ බවට නැගෙන චෝදනාව අසත්‍ය බවත් ප්‍රකාශ කර ඇතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත අද පස්වරුවේ වාර්තා කළේ ය. මරණයට හේතුව තහවුරු කර ගැනීමට සිරුරු කොටස් මේ වනවිට පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාතිය සේනාරත්න මහතාගෙන් අද මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඔහු දුන් පිළිතුර මේ... පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න, ලසන්න පෙරේරා කියන ඔය සැකකරු ශ්‍රී ලංකාවේ යම් යම් වරදවල් සඳහා අවශ්‍යකරන සැකකරුවෙක් අපට දැනට අනාවරණය වෙලා තියන තොරතුරු අනුව එවැනි මිය යාමක් හෝ එවැනි නම වෙනස්කර සැඟව සිටිමක් පිළිබඳ තොරතුරු වාර්තාවෙලා නෑ. ඉන්දියානු මහ කොමාසාරිස් කාර්යාලයත් සමග ඒ අවශ්‍ය කටයුතු කිරීම සඳහා පියවර අරං තියනවා මේ අතර අංගොඩ ලොක්කාට බලෙන් අත්පත්කරගෙන සිටි බව කියන ඉඩම් කිහිපයක් ඊයේ පොලීසිය නිරීක්ෂණය කළේ ය. පසුගිය දිනක මුල්ලේරියාව පොලීසිය අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු බව කියන තාමුල ආරච්චිගේ සමන් කුමාර හෙවත් සෙම්බු සමන්ත නැමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව මෙම ඉඩම් සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පර්චස් 929 ක් පමණ වන අදාළ ඉඩම්වල වටිනාකම රුපියල් මිලියන 500 කට අධික බවයි. 2017 පෙබරවාරි 27 එතන මඩල ප්‍රදේශයේදී කළුතර බන්ධානාගාරයේ බස් රථයකට ප්‍රහාරයක් එල්ල කර සමයං නමැති පාතාල නායකයා ඇතුළු පිරිස ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ලවී ඇත්තේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තාටය. https://www.facebook.com/NewsfirstSL/videos/1182423828802733/
2020-08-03T05:42:31.000Z
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට පෙරවරු 8.00 සිට..
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට පෙරවරු 8.00 සිට..
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට පෙරවරු 8.00 සිට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වනවිට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහින්ද දේශප්‍රිය මහතා ඒ බව සඳහන් කළේ ය. මේ අතර නිරෝධායනයට ලක්වන සහ නිවෙස්වල නිරෝධායනයට ලක්ව සුවය ලැබුවන්ට පස්වරු 4.00 සිට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. https://www.facebook.com/NewsfirstSL/videos/210437457064763/
2020-08-03T05:48:01.000Z
බොරලැස්ගමුවේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් දෙදෙනාට රැඳවුම් නියෝග
COLOMBO (News 1st) - බොරලැස්ගමුවේදී හෙරොයින් කිලෝග්‍රෑම් එකක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා නියෝග ලබා ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් එම නියෝග ලබා ගත් බවය. ඊයේ දහවල් ලද තොරතුරක් අනුව මෝටර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 500 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් පසුව ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකාරිය තාවකාලිකව නවාතැන් ගෙන සිටි කෝට්ටේ පිහිටි නිවසේ තීබි තව ත් හෙරොයින් ග්‍රෑම් 600 ක් හා මත්පෙති 300 ක් සොයා ගනු ලැබුවේ ය. මේ අතර අහුංගල්ල ප්‍රදේශයේ නිවසක තිබි හෙරොයින් ග්‍රෑම් 04 යි ග්‍රෑම් 130 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මුදල් හය ලක්ෂ අනුහය දහසක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.
2020-08-03T05:05:57.000Z
ඡන්ද පොළක කලබලයක් ඇති වුවහොත් නැවත එහි ඡන්ද විමසීමක් පැවැත්වීමට පසුබට වන්නේ නැහැ - මැතිවරණ කොමිසමේ සභාපති
ඡන්ද පොළක කලබලයක් ඇති වුණොත් වෙන දේ මෙන්න..
COLOMBO (News 1st) - යම් ආකාරයකට ඡන්ද පොළක කලබලයක් ඇති වුවහොත් එම ඡන්ද පොළ හා ප්‍රදේශයේ, ඡන්ද විමසීම ශූන්‍ය කර නැවත ඡන්ද විමසීමක් පැවැත්වීමට පසුබට නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ලබන 5 වැනි දා පෙරවරු 7.00 ට මහ මැතිවරණ ඡන්ද විමසීම ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ඡන්ද මධ්‍යස්ථාන 12,995 කදී ඡන්දය පැවැත්වෙන අතර මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂයකට අධිකය. අපේක්ෂකයින් හත්දහස් හාරසිය පනස් දෙකක් මෙවර මහ මැතිවරණය සඳහා තරග කරනු ඇති. මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට පෙරවරු 8.00 සිට සිදුවන බවයි. ඔහු ඉල්ලා සිටියේ, නිහඬ කාලය ආරක්ෂා කරන ලෙස සමාජ මාධ්‍යන්ගෙන් ද ඉල්ලා සිටින බවය. නිරෝධායනයට ලක්වන සහ නිවෙස්වල නිරෝධායනයට ලක්ව සුවය ලැබූවන්ට පස්වරු 4.00 සිට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. යතුරුපැදි පෙළපාලි වැනි නීති විරෝධි ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවත්, ඇතැම් ප්‍රදේශවලට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන පොලීසිය යොදවන ලෙසට ඉල්ලා ඇතැයි ද මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. https://www.facebook.com/NewsfirstSL/videos/210437457064763/
2020-08-03T04:29:40.000Z
මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ රිමාන්ඩ්
අනුරුද්ධ සම්පායෝ රිමාන්ඩ්
COLOMBO (News 1st) - මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, අද පස්වරුවේ ඔහු මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ.ජී.ගුණදාස මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ චෝදනා ලැබූ සැකකරුවන්ට නීති විරෝධි ආකාරයට පහසුම් සැළසීම, ඒ සඳහා ලබාගෙන තිබූ දේපොළ නීති විරෝධි ආකාරයට කූට ලේඛන සකසා ලේඛනගත කිරීම සහ ගිණුම් වැරදි ආකාරයට දැක්වීම යන චෝදනා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතාට ගොනු කර තිබේ. මීට පෙර මෙම චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. අද පස්වරුවේ අනුරුද්ධ සම්පායෝ මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුගේ නීතිඥ කැලුම් කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ, රජයේ නිවාඩු දිනයක් වූ අද නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුව කෙරෙහි පමණක් විශේෂයෙන් පැමිණ කටයුතු කිරීම නීතිපතිවරයාගේ බලපෑමක් මත සිදුවන බවයි. එම දෙපාර්තමේන්තුව මාධ්‍ය සංදර්ශන සිදු කළ බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ මෙතෙක් ඉතිහාසය තුළ සිදු නොවූ දේවල් මෙම නඩුවේදී සිදුවන බවත් ඔහු කියා සිටියේ ය. අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ බවත් ඔහු පොලීසිය වෙත භාර වූ බවත් නීතිඥවරයා කියා සිටි අතර එම භාරවීම රජය අපහසුතාවයට පත් නොකරන ලෙස ඉහළින් පැමිණි බලපෑමක් මත සිදු වූ බව ද ප්‍රකාශ කළේ ය. එය ප්‍රතික්ශේප කරමින් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ, තමා සතුව ඇති වාර්තාවලට අනුව මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු කණ්ඩායමක් මගින් සම්පායෝ මහතා අත්අඩංගුවට ගත් බවය. පොලිස්ථාන 11 ක් තිබෙන කුරුණෑගල දිස්ත්‍රික්කයට කිලෝමීටර් 72 ක දුරක් මීගමුව පොලීසිය එසේ නම් ඒ ගියේ කුමකටදැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී ප්‍රශ්න කළේ ය. පොලිස් ජීප්රථයක් තුළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ද ළඟින් සිටිය දී වරෙන්තුකරුවෙකු මාධ්‍ය ප්‍රකාශ සිදු කරන අයුරු මීට පෙර දැක නොමැති බව ද ඔහු අධිකරණයට පෙන්වා දුන්නේ ය. මේ අතර අද නඩුව කැඳ වූ අවස්ථාවේ මාධ්‍යවේදීන්ට පනවා තිබූ සීමා ගැන ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු මතු කර තිබේ. දිලීප පීරිස් මහතා කියා සිටියේ, සාමාන්‍යයෙන් අධිකරණය සමීපයට පැමිණ වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන් අවදානම් ස්ථානයකට නංවා අපහසුතාවයට පත්කර ඇති බවයි. නිරෝධාන නීතිය ක්‍රියාත්මකවන අවස්ථාවක සම්පායෝ මහතා මුහුණු ආවරණයක් නොමැතිව අධිකරණයට පැමිණීම පිළිබඳව ද ඔහු වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ අවධානය යොමු කළේ ය. මෙහිදී විත්තියේ නීතිඥයින් සැකකරුව මීගමුව හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එය බන්ධනාගාර කොමසාරිස්වරයාට තීරණය කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. සැකකරු හෙට යළි ත් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අනුරුද්ධ සම්පායෝ මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නියෝගයක් නිකුත් කළේ පසුගිය 22 වැනි දායි. සැකකරු අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීම ගැන නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා මාධ්‍ය හමුවක් කැඳවා පොලීසියේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචචනය කළේ ය. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන්, මීට පෙර අධිකරණයට භාර වූ ජේලර්වරුන් තිදෙනා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව වැඩබලන නිලනොලත් මහේස්ත්‍රාත් නීතිඥ ඉන්දික සිල්වා මහතා පසුගිය දා නියෝග කළේ ය. එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මීගමුව බන්ධනාගාරයේ සේවය කළ ප්‍රධාන ජේලර් උපාලි සරත් බණ්ඩාර, දෙවන පෙළ ජේලර් නිශාන්ත සේනාරත්න හා ජෙලර්වරයෙකු ලෙස සේවය කළ ප්‍රසාද් කාලිංග කළුඅග්ගල යන නිලධාරීන් තිදෙනායි. https://www.facebook.com/NewsfirstSL/videos/3160325330731209/
2020-08-03T04:16:11.000Z
බස්නාහිර පළාතේ වැටලීමකින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 319 ක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 319 ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ කළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 319 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සතුව තිබී හෙරොයින්, ගංජා, නීති විරෝධි මත්පැන්, ගෝඩා මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ද සිය භාරයට ගත් බවය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත එම මෙහෙයුම සිදු කර තිබේ.
2020-08-03T03:16:07.000Z
ස්ටුවට් බ්‍රෝඩ් ක්‍රිකට් පිටියට සමුදීමේ සැරසෙයි..
ස්ටුවට් බ්‍රෝඩ් ක්‍රිකට් පිටියට සමුදීමේ සැරසෙයි..
COLOMBO (News 1st) : ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීම පිළිබඳ තමා සලකා බැලූ බව එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් පවසයි. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පසුගියදා නිමාවට පත් වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා ස්ටුවට් බ්‍රෝඩ් කැඳවා තිබුණේ නැහැ. එම තරගය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුළු 4 කින් ජය ගත්තේ ය. කෙසේ වෙතත් තරගාවලියේ අවසන් ටෙස්ට් තරග දෙක සඳහා ස්ටුවට් බ්‍රෝඩ් එංගලන්ත කණ්ඩායමට කැඳවා තිබූ අතර එම තරග 2 ක ජය ගනිමින් තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකි විය. එම තරග දෙකේදී ස්ටුවට් බ්‍රෝඩ් කඩුළු 16 ක් දවා ගත් අතර ටෙස්ට් පිටියේ කඩුළු 500 සීමාව පසු කිරීමටද ඔහු හැකිවීම විශේෂත්වයකි. තරගාවලියේ පළමු තරගය සඳහා තමන් තෝරා නොගැනීමෙන් පසු ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම පිළිබඳ සලකා බැලූ බව ස්ටුවට් බ්‍රෝඩ් පවසා තිබේ. පළමු තරගය සඳහා තමන් ක්‍රීඩා නොකරන බවට නායක බෙන් ස්ටොක් ප්‍රකාශ කළ අවස්ථාවේ තමන්ට එය දරා ගැනීමට නොහැකි වූ බව ස්ටුවට් බ්‍රෝඩ් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. ස්ටුවට් බ්‍රෝඩ් කඩුළු 500 සීමාව පසු කරන අවස්ථාවේදී එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළේ සිය පියා වන ක්‍රිස් බ්‍රෝඩ් වීම විශේෂත්වයකි. ටෙස්ට් කඩුළු 500 සීමාව පසු කළ ලොව 7 වැනි ක්‍රීඩකයා ස්ටුවට් බ්‍රෝඩ් වන අතර දෙවැනි එංගලන්ත ක්‍රීඩකයා වන්නේ ද ඔහු ය. වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් මේ දක්වා ටෙස්ට් තරග 140 කදී එංගලන්ත කණ්ඩායම නියෝජනය කර ඇති අතර ඔහු දවා ගෙන ඇති මුලු කඩුළු සංඛ්‍යාව 501 කි.
2020-08-03T03:12:34.000Z
අනුරාධපුරයේ ගමකට පාරක් කපද්දී පුරාවස්තු විනාශ වීමක් ගැන විමර්ශන
ගමකට පාරක් කපද්දී විනාශ වූ පුරාවස්තු ගැන විමර්ශන
COLOMBO (News 1st): අනුරාධපුර, මහකනදරාව, තුනේ ඇළ ගම්මානයේ පිවිසුම් මාර්ගය ප්‍රතිසංස්කරණයේදී පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි සැලකෙන ශේෂයන් විනාශ වීම සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මහකනදරාව තුනේ ඇළ ගම්මානය පිහිටා තිබෙන්නේ මිහින්තලය පූජා භූමියේ සිට කිලෝමීටර් 7ක් පමණ දුරින් ය. ගම්මානයේ ඇති මෙම මාර්ගය අබලන්වීම නිසා එහි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ මීට සති දෙකකට පමණ පෙරයි. ඒ, රඹෑව ප්‍රාදේශීය සභාවේ ප්‍රතිපාදන යටතේ ය. මාර්ගය ප්‍රතිසංස්කරණයේදී පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් යැයි සැලකෙන ගල්කණු සහ ගඩොල් විනාශ කර ඇති බව නිරීක්ෂණය කළ බව මිහින්තලය පොලීසිය ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් මහකනදරාව තුනේ ඇළ ගම්මානයේ පිවිසුම් මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට අත්හිටුවා තිබේ.
2020-08-03T02:40:42.000Z
කටාර් සිට 13 දෙනෙකු දිවයිනට..
කටාර් සිට 13 දෙනෙකු දිවයිනට..
COLOMBO (News 1st): Covid-19 වසංගතය හේතුවෙන් කටාර්හි දෝහාවල රැඳී සිටි පුද්ගලයින් 13 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේ ය. කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ , ජපානයේ නරිටා සිට ද එක් පුද්ගලයෙකු දිවයිනට පැමිණි බවයි. ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලින් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කරනු ඇති. මේ අතර නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 55 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව යෑමට නියමිත ය. යුද හමුදාව සඳහන් කළේ, පුද්ගලයින් 29,121 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බවයි. පුද්ගලයින් 2,294 දෙනෙකු මධ්‍යස්ථාන 33 ක මේ වනවිටත් නිරෝධායනය වෙමින් සිටී.
2020-08-03T02:29:16.000Z
වසංගතයකදී ප්‍රතිකාර කරන්න IDH රෝහලේ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට සැලසුම්
වසංගතයකදී ප්‍රතිකාර කරන්න IDH රෝහලේ වෙනම ඒකකයක්
COLOMBO (News 1st): වසංගත තත්ත්වයකදී රෝගීන් වෙන්කර තබාගෙන ප්‍රතිකාර කිරීමට හැකි සියලු පහසුකම් සහිත ඒකකයක් අංගොඩ බෝවන රෝග විද්‍යාතනය (IDH) තුළ ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවදානය යොමුවී තිබේ. එම අමාත්‍යාංශයේ Covid-19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ , ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වනවිටත් වෙන් කර ඇති බවයි.
2020-08-02T23:36:47.000Z
ඉදි කරමින් තිබූ ගොඩනැගිල්ලක අත්තිවාරම කඩා වැටීමෙන් පුද්ගලයෙකු මරුට
ගොඩනැගිල්ලක අත්තිවාරම කඩා වැටීමෙන් පුද්ගලයෙකු මරුට
COLOMBO (News 1st) : හඟුරන්කෙත නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකරන ස්ථානයක සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගියේ ය. එම ගොඩනැගිල්ලේ අත්තිවාරම කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය. අනතුරින් මියගොස් තිබෙන්නේ ගොඩනැගිලි හිමිකරුගේ ඥාතියෙකු බව පොලීසිය පවසයි. ඔහු කටුගස්තොට, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අද උදැසන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර දේහය මේ වනවිට රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් රෝහලේ තැන්පත් කර තිබේ.
2020-08-02T23:31:46.000Z
බොරතෙල් මිල පහළට
බොරතෙල් මිල පහළට
COLOMBO (News 1st) : ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඊයේ දිනයට සාපේක්ෂව තරමක් පහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 43 යි සත 45 ක් ලෙසය. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 40 යි සත 19 ක මිලකට අලෙවි කෙරේ.
2020-08-02T23:09:08.000Z
COVID-19 වැළඳුණු අමිතාබ් භච්චන් සුවය ලබයි
COVID-19 වැළඳුණු අමිතාබ් භච්චන් සුවය ලබයි
COLOMBO (News 1st ) : COVID-19 ආසාදනය වීම නිසා ප්‍රතිකාර ලබමින් සිටි සුපිරි බොලිවුඩ් රංගන ශිල්පී අමිතාබ් භච්චන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. 77 හැවිරිදි ඔහු තමන් වෙනුවෙන් කැප වූ සෞඛ්‍ය අංශවලටත්, තමාට සුවය පැතූ සියලුම දෙනාටත් ස්තූතිය පළ කළ බවට විදෙස් වාර්තාවල දැක්වේ. ඔහුගේ පුත්‍රයා වන සුපිරි නළු අභිෂේක් භච්චන්ට සහ ලේලිය වන අයිෂ්වර්යා රායි භච්චන්ටද කොරෝනා ආසාදනය විය. මේ අතර ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ 52,000 කට අධික COVID-19 ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇති අතර සමස්ත ආසාදිතන් සංඛ්‍යාව ලක්ෂ 18කට අධික ය. 38,000 දහසකට අධික පිරිසක් ඉන් මරණයට පත්ව තිබේ.
2020-08-02T21:40:19.000Z
නිකිණි පොහොය අදයි
නිකිණි පොහොය අදයි
COLOMBO (News 1st ) : නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ. බෞද්ධ ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය වැදගත් වී තිබේ. අප වාර්තාකරුවන් සඳහන් කළේ, ඒ වෙනුවෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම විවිධ පිංකම් සංවිධාන කර ඇති බවයි. ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළැඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂූන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළැඹීම සිදු කරනු ලබයි. අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජගහ නුවරදී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ දිනය ලෙස ද මේ පොහෝ දිනය සැලකේ. ආනන්ද හිමියන් රහත් භාවයට පත් වීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍ය රාජයා ඉදිකිරීම ආරම්භ කිරීම නිකිණි පෝය දින වැදගත් සිදුවීම් අතර ප්‍රධාන යි.
2020-08-02T21:26:59.000Z
මුහුදු රළ ඉහළ යා හැකියි .... අවදානයෙන් සිටින්නැයි කාලගුණයෙන් උපදෙස්
මුහුදු රළ ඉහළ යා හැකියි.. කාලගුණයෙන් ඉඟි
COLOMBO (News 1st ) : බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ගොඩ බිමට පැමිණීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වෙරළාසන්න ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. මේ අතර සබරගමුව , බස්නාහිර සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මීලිමීටර් 50 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරුමැද පළාත , පුත්තලම , හම්බන්තොට , මන්නාරම , ත්‍රීකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල මෙන්ම මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළංද ඇති විය හැකියි.
2020-08-02T21:05:20.000Z
මෙරට COVID-19 ආසාදිතයින් ගණන 2823 ක් දක්වා ඉහළට
මෙරට COVID-19 ආසාදිතයින් ගණන 2823 ක් දක්වා ඉහළට
COLOMBO (News 1st ) : මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 2823 ක් දක්වා ඉහළ ගොස් තිබේ ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනා ගැනුණි. ඉන් 7 දෙනෙකු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අය වේ. අනෙක් ආසාදිතයා ලංකාපුර ආසාදිතයාගේ ආශ්‍රිතයෙකි. තවත් රෝගීන් 297 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය. මේ අතර කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 75 දෙනෙකු ඊයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව කොරෝනා ආසාදනය වී සුවය ලැබූ ගණන 2514 දක්වා ඉහළ ගියේ ය.
2020-08-02T20:42:02.000Z
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි
COLOMBO (News 1st ) : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස් වේ. ඒ, හිටපු කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ය. මානව හිමිකම් කොමිසම , රාජ්‍ය සේවා කොමිසමේ පුරප්පාඩු හා හානි පූර්ණය පිළිබඳ කාර්යාලයේ පුරප්පාඩු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ මුදල් කොමිසම , සීමානීර්ණ කොමිසම, විගණන සේවා කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම ඉදිරිපත් කර ඇති ප්‍රගති වාර්තා ඇගයීම ද අද සිදු කෙරෙන බවයි.
2020-08-02T20:10:05.000Z
මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ..
මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අද..
COLOMBO (News 1st ) : ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිත ය. ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ , පුරාණ චාරිත්‍රවලට අනුව සුභ මොහොතෙන් පෙරහැර වීථි සංචාරය කරන බවයි.
2020-08-02T19:40:57.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. වරාය සේවක වර්ජනය අවසන්... : කොළඹ වරාය සේවකයින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය හා සත්‍යග්‍රහය අත්හිටුවීමට තිරණය කර තිබේ. 2. ජවිපෙට යම්කිසි මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලැබෙනවා නම් මම කැමතියි! – බැසිල් රාජපක්ෂ : ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර මහ මැතිවරණයේදී මන්ත්‍රී ධූර 130කට වැඩි ප්‍රමාණයක් ලබා ගන්නා බව එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 3. බය නැතුව ඡන්ද මධ්‍යස්ථානයට එන්න – මැතිවරණ කොමිසමේ සභාපති: ඡන්ද මධ්‍යස්ථාන තුළ කිසිදු කොරෝනා අවදානමක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 4. මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන්: නීති විරෝධි කටයුතුවල යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම්: මෙවර මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. 5. පොලිස් ඇස ගැටුණු අංගොඩ ලොක්කාගේ රුපියල් මිලියන 500ක් වටිනා ඉඩම්.. : සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාට අයත් බව කියන ඉඩම් කිහිපයක් ඊයේ පොලීසිය නිරීක්ෂණය කළේය. 6. කළුතර බන්ධනාගාරයෙන් රැඳවියන් තිදෙනෙකු පනී.. : කළුතර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකු ඊයේ අලුයම පලාගොස් තිබේ.
2020-08-02T11:13:33.000Z
පොලිස් ඇස ගැටුණු අංගොඩ ලොක්කාගේ රුපියල් මිලියන 500ක් වටිනා ඉඩම්..
පොලිස් ඇස ගැටුණු අංගොඩ ලොක්කාගේ පර්චස් 929ක ඉඩම්
COLOMBO (News 1st): සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාට අයත් බව කියන ඉඩම් කිහිපයක් අද පොලීසිය නිරීක්ෂණය කළේය. ඊයේ දිනයේදී මුල්ලේරියාව පොලිසිය අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු වන තාමුල ආරච්චිගේ සමන් කුමාර හෙවත් 'සෙම්බු සමන්ත' නැමැත්තා කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව මෙම ඉඩම් සොයාගෙන තිබේ. පර්චස් 929 ක් පමණ වන අදාල ඉඩම් වල වටිනාකම රුපියල් මිලියන 500කට අධික බව තහවුරු වී තිබෙන බව පොලීසිය පවසයි. මූලික විමර්ශනවලදී අනාවරණයව වී ඇත්තේ මෙම ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන අංගොඩ ලොක්කාගේ නම් වලින් ලියාපදිංචි කර ඇති බවය. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා "සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙන් ලෙස සලකන අංගොඩ ලොක්කා කියන පුද්ගලය මුල්ලේරියාව පොලිස් වසමේ, පර්චස් 929 ක ප්‍රමාණයක් විවිධ ස්ථානවල. කුඹුරු ඉඩම් ගොඩ කරලා ඒවයේ ගෙවල් හදලා දීලා විකුණලා අත්අඩංගුවට පත් වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා මෙතන, ඔහු තමයි මේවා පෙන්වා දෙන්නේ. මේ ඉඩම මිලදී අරන් තියෙන්නේ ඔහුගේ නමට. ඔහු සත පහක්වක් මුදල් වියදම් කරලා නෑ. අංගොඩ ලොක්කා කියන පුද්ගලයා මුදල් වියදම් කරලත් නෑ, දකුණු පළාතේ පුද්ගලයෙකුට අයිති ඉඩමක් මේ පුද්ගලයාගේ නමට ලියවලා තියෙනවා. පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි විමර්ශනයක් පවත්වලා. මේවායේ කවුද සැබෑ හිමිකරුවන් සහ ගොඩ කළ ඉඩම් නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මගින් පර්යේෂණයක් පවත්වලා, මුදල් විශුද්ධි කරන පනත යටතේ මේ සියල්ලම රාජ සන්තක කිරීමට කටයුතු කරනවා"
2020-08-02T10:57:53.000Z
ලෝක පාසල් විවාද ශූරතාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට
ලෝක පාසල් විවාද ශූරතාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට
COLOMBO (News 1st): 2020 ලෝක පාසල් විවාද ශූරතාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ජාතික විවාද කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ පරාජිතයන් පිටුදැකීමේ වටයෙන් ඉදිරියට ගිය පළමු අවස්ථාවත් මෙය වීම විශේෂත්වයකි. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉංග්‍රීසි භාෂාවෙන් හොඳම කණ්ඩායම ලෙස තේරී පත් වුණේ දෙවන භාෂා කාණ්ඩයෙනි. සලීම් සුමන්තිරන් එම කාණ්ඩයේම 7 වන හොදම විවාදකයා වශයෙන් තේරී පත් විය. මෙවර තරගාවලිය සදහා රටවල් 68ක් සහභාගී වී තිබේ. මෙක්සිකෝවේදී මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත වුවද කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තරගාවලිය ඔන්ලයින් ඔස්සේ පැවැත්විය.
2020-08-02T07:14:23.000Z
කඳ සුරිඳුන් උදෙසා පවත්වනු ලබන ආඩිවේල් ශක්තිවේල් මහෝත්සවය මහරාජා සංවිධාන මූලස්ථානයේදී..
ආඩිවේල් ශක්තිවේල් මහෝත්සවය...
COLOMBO (News 1st): කඳ සුරිඳුන් උදෙසා පවත්වනු ලබන ආඩිවේල් ශක්තිවේල් මහෝත්සවය සීමාසහිත කැපිටල් මහරාජා සංවිධාන මූලස්ථාන පරිශ්‍රයේදී අද පැවැත්විය. එහි කටයුතු සිදු කෙරුණේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලවයි. වේලායුදය යනු කඳ සුරිඳුන්ගේ බල සම්පන්න ආයුධයයි. එය සැලකෙන්නේ, සියලු ශක්තීන් එක් කරගනිමින් සකස් වූවක් ලෙසය. සුර අසුර යුද්ධයේදී අසුරයින් මෙල්ල කීරීම සඳහා වේලායුධය භාවිත කර ඇති බව හින්දු පුරාණයේ සඳහන් වේ. ඉන්දියාවේ ඓතිහාසික දේවස්ථාන 6 කදී වන්දනාවට පාත්‍ර වී, යාපනය ඓතිහාසික සෙල්වසන්නිධි කෝවිලට වැඩමවූ මෙම වේලායුධයෙන් සිහි ගැන්වෙන්නේ, එදා වේලායුධය දැරූ කඳ සුරිඳුන්ගේ බල පරාක්‍රමයයි. අවම බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පේදුරුතුඩුව සෙල්වසන්නිධි පූජා භූමියේ සිට කොළඹ පිහිටි සීමාසහිත කැපිටල් මහරාජා සංවිධාන මූලස්ථාන පරිශ්‍රයට වේලායුදය වැඩම කරවනු ලැබිණි. අද උදෑසන එම පරිශ්‍රයේ පැවැත්වූ ආගමික කටයුතුවලින් අනතුරුව වේලායුධය රැගත් රිය පෙරහැර බම්බලපිටිය පිල්ලෙයියාර් කෝවිල් භූමිය දක්වා ගමන් කළේය. රිය පෙරහැරේ අද ගමනාන්තය වන්නේ හම්බන්තොට කතරගම දේවස්ථානයයි. රිය පෙරහැර හෙට උදෑසන යළි ගමන් අරඹනු ලැබේ. හෙට දිනයේ වේලායුධය සෙල්ල කතරගම පූජා භූමියෙන් කතරගම මහා දේවාල භූමිය දක්වා වැඩම කරවීමට නියමිතය. https://www.facebook.com/NewsfirstSL/videos/1647004832143402/
2020-08-02T09:48:14.000Z
සිව්මහා වානිජ නගර අතරට හම්බන්තොටත් ගේනවා - ජනපතිගෙන් පොරොන්දුවක්
සිව්මහා වානිජ නගර අතරට හම්බන්තොටත් ගේනවා
COLOMBO (News 1st): අන්තර්ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂිත සිව්මහා වානිජ නගර අතරට හම්බන්තොට දිස්ත්‍රික්කය ද එක් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, පොදු ජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවති ජනහමුවලට එක් වෙමිනි. චමල් රාජපක්ෂ මහතා විසින් තිස්සමහාරාම බස් නැවතුම්පොළ අසල සංවිධානය කළ ජන හමුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුව එක්විය. එහිදී කොළඹ, යාපනය, ත්‍රීකුණාමලය සිව් මහා වානිජ නගර අතරට හම්බන්තොට දිස්ත්‍රික්කයත් එක් කරන බව ජනාධිපතිවරයා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. සිව් මහා නගරවල වරාය සහ ගුවන්තොටුපොළ කේන්ද්‍ර කර සී හැඩය ගන්නා, ආර්ථීක කොරිඩෝව නිර්මාණය කර, ජාත්‍යන්තර වෙළඳපොළ හා තරග කරන රටක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ. අපේක්ෂක හර්ෂ උදය කුමාර ජයවීර මහතා ලුණුගම්වෙහෙර බස්නැවතුම්පොළ භූමියේ සංවිධානය කළ ජන හමුවට එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාතාට පැමිණ සිටි ජනතාව තම ගැටලු ඉදිරිපත් කළේය. හම්බන්තොට, මහානාගපුර සහ ලුණුගම්වෙහෙර මහා විද්‍යාලවල අඩුපාඩු කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. මෙම ජන හමු සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය චමල් රාජපක්ෂ සහ අපේක්ෂක නාමල් රාජපක්ෂ යන මහත්වරුන් එක්ව සිටියහ. මෙම ජන හමුවලදී කොවිඩ් අරමුදල් සදහා දරුවන්ගේ පරිත්‍යාග ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විය. මේ අතර අපේක්ෂක සංජීව ගලප්පත්ති, අජිත් රාජපක්ෂ සහ අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් සංවිධානය කළ ජන හමුවලට ද ජනාධිපතිවරයා එක් විය.
2020-08-02T09:28:06.000Z
ජවිපෙට යම්කිසි මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලැබෙනවා නම් මම කැමතියි! - බැසිල් රාජපක්ෂ
ජවිපෙට මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලැබෙනවා නම් කැමතියි
COLOMBO (News 1st): ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර මහ මැතිවරණයේදී මන්ත්‍රී ධූර 130කට වැඩි ප්‍රමාණයක් ලබා ගන්නා බව එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. "අනිවාර්යෙන්ම අපි ආසන මන්ත්‍රීධුර 130 පන්නනවා. 130ත් 135 ත් අතර ගානක් ගන්නවා. නමුත් අපිට අවශ්‍යයි 150 හරියට වැඩ කරන්න නම්. අපිට සහයෝගය දෙන වෙන පක්ෂවලින් මන්ත්‍රීධුර හතරක් හෝ පහක් ඉන්නවා. අපි දන්නවා අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා විශේෂයෙන් නැගෙනහිර. ඒ අනුව ඒ අයත් සහයෝගය දුන්නම. නමුත් අපි කැමතියි කෙලින්ම අපේ සන්ධානෙට 150 ක් ලැබෙනවා නම්" ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට යම්කිසි මන්ත්‍රී ධූර සංඛ්‍යාව ලැබෙන්නේනම් ඊට තමා කැමති බව ද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. "මම කැමැතියි ජනතා විමුක්ති පෙරමුණට යම්කිසි මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබෙනවා නම්. මොකද ඒක සමහර විට ඒ ප්‍රකාශය ටිකක් ආන්දෝලනාත්මක වෙනවා. නමුත් එහෙම වුනොත් හොඳයි. නැත්නම් දැන් ඉන්න විපක්ෂයේ කතා බැලුවහම කට්ටියක් විහිළු සපයනවා. කුහක විපක්ෂයක් එනවද? බොළඳ විපක්ෂයක් එනවද? නැත්තං විහිලු විපක්ෂයක් එනවද කියන එකයි බලාගෙන ඉන්නේ" බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය. https://www.facebook.com/NewsfirstSL/videos/292860808599430/
2020-08-02T05:30:59.000Z
අනුරුද්ධ සම්පායෝ කුරුණෑගලදී අත්අඩංගුවට
සම්පායෝ අත්අඩංගුවට
COLOMBO (News 1st) - අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, කුරුණෑගලදී අත්අඩංගුවට ගත් එම සැකකරු මේ වනවිට මීගමුව පොලිස් ස්ථානයට රැගෙන එමින් සිටින බවය. අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බව ද සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. අනුරුද්ධ සම්පායෝ මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ පසුගිය 22 වැනිදායි. ඒ මීගමුව බන්ධනාගාරය තුළ සිදුවු විවිධ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙනි. කූඨ ලේඛන සකස් කර, බන්ධනාගාර ගත රැඳවියෙකුට ශීතකරණයක් ඇතුළු තහනම් භාණ්ඩ ලබා දීම සම්බන්ධයෙන් ද අනුරුද්ධ සම්පායෝ මහතාට චෝදනා එල්ල විය. සිද්ධියට අදාළව මීට පෙර අධිකරණයට භාර වූ ජේලර්වරුන් තුන් දෙනා ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතිඥ ඉන්දික සිල්වා මහතා පසුගියදා නියෝග කළේය එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මීගමුව බන්ධනාගාරයේ සේවය කළ ප්‍රධාන ජේලර් උපාලි සරත් බණ්ඩාර, දෙවන පෙළ ජේලර් නිශාන්ත සේනාරත්න හා තවත් ජේලර්වරයෙකු වූ ප්‍රසාද් කාලිංග කළුඅග්ගල යන නිලධාරීන්ය.
2020-08-02T05:15:13.000Z
කළුතර බන්ධනාගාරයෙන් රැඳවියන් තිදෙනෙකු පනී..
කළුතර බන්ධනාගාරයෙන් රැඳවියන් තිදෙනෙකු පනී..
COLOMBO (News 1st) - කළුතර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකු අද අලුයම පලාගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඉන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බවයි. පලාගිය රැඳවියන් බන්ධනාගාරයේ නිරෝධායන වාට්ටුවේ රඳවා සිටි පුද්ගලයින් වේ. ඔවුන් මග්ගොන, ගල්පාත හා කළුතර දකුණ ප්‍රදේශවල පදිංචිකරුවන් ය. පලාගිය සෙසු රැඳවියන් සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක බව, පොලීසිය සඳහන් කළේය.
2020-08-02T04:55:27.000Z
ගල්කිස්ස කැළෑබද ප්‍රදේශයකින් පිස්තෝල 4 ක් සහ මැගසින් 08 ක් සොයාගනී
ගල්කිස්සෙන් මතු වූ පිස්තෝල
COLOMBO (News 1st) - ගල්කිස්ස, ඉදිගහදෙණිය ප්‍රදේශයේ ඇල මාර්ගයකට යාබද කැළෑබද ප්‍රදේශයක දමා ගොස් තිබූ පිස්තෝල 04 ක් සහ ඊට යොදන මැගසින් 08 ක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සොයාගනු ලැබ තිබේ. පොලීසිය සඳහන් කළේ අද උදෑසන 10.30 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම පිස්තෝල 04 සහ ඊට යොදන මැගසින් 08 සොයාගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2020-08-02T03:11:02.000Z
මීගමුව බන්ධනාගාර ජේලර්වරුන්ගේ නිල නිවස පිටුපසින් T56 උණ්ඩ 13ක්
මීගමුව ජේලර්වරුන්ගේ නිලනිවස පිටුපසින් T56උණ්ඩ 13ක්
COLOMBO (News 1st) - මීගමුව බන්ධනාගාර ජේලර්වරුන්ගේ නිල නිවස පිටුපස තිබී T56 උණ්ඩ 13ක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මීගමුව බන්ධනාගාරයෙන් ලද තොරතුරක් මත ඒවා සොයාගත් බවය. නිල නිවස පිටුපස උණ පඳුරක් යට මෙම T 56 උණ්ඩ සඟවා තිබූ බව පොලීසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
2020-08-02T03:06:42.000Z
A/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඉදිරි සති 2 තුළ..
A/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඉදිරි සති 2 තුළ..
COLOMBO (News 1st) - 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, මේ වනවිට එම ප්‍රතිඵල අවසන් අදියරේ නීරීක්ෂණය කරමින් සිටින බවයි. මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ, නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබා දෙන තෙක් මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන්ගේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වී ඇති බවයි.
2020-08-02T03:02:56.000Z
බය නැතුව ඡන්ද මධ්‍යස්ථානයට එන්න - මැතිවරණ කොමිසමේ සභාපති
බය නැතුව ඡන්ද මධ්‍යස්ථානයට එන්න
COLOMBO (News 1st) - ඡන්ද මධ්‍යස්ථාන තුළ කිසිදු කොරෝනා අවදානමක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එබැවින් කිසිදු බියකින් තොරව සිය ඡන්දය භාවිත කරන ලෙසය. මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණීමේදී සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමන කරන ලෙසය.
2020-08-02T02:06:32.000Z
වරාය සේවක වර්ජනය අවසන්...
වරාය සේවක වර්ජනය අවසන්..
COLOMBO (News 1st) - කොළඹ වරාය සේවකයින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය හා සත්‍යග්‍රහය අත්හිටුවීමට තිරණය කර තිබේ. වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කළේ, අග්‍රමාත්‍යවරයා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් පසු මෙම තීරණයට එළඹි බවය. වරාය සේවකයින් මෙම වැඩවර්ජනය හා සත්‍යග්‍රහය ආරම්භ කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම නතර කර එහි මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය යටතට පවරා ගන්නා ලෙස ඉල්ලමිනි. මහා මැතිවරණයට පෙර කොළඹ වරයේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ තීරණය ලඛිතව ලබා දෙන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියේය. සිවිල් සංවිධාන දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් ඔවුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගයට සහය පලකළ අතර අද දිනයේත් භික්ෂුන් වහන්සේලා, සිවිල් සංවිධාන නියෝජිතයින්, වෘත්තිය සමිති කණ්ඩායම් ඇතුළු විශාල පිරිසක් සකොළඹ වරාය පරිශ්‍රයට පැමිණියේය. අද උදෑසන වරාය වෘත්ති සමිති හා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර තංගල්ල, කාල්ටන් නිවසේදී මේ සම්බන්ධයෙන් සාකච්චාවක් පැවැත්වුණේ ඒ අතරතුරයි. ඒ, වෘත්තිය සමති 14 ක සහභාගීත්වයෙනි. අනතුරුව වෘත්තිය සමිති ප්‍රකාශ කළේ, අග්‍රමාත්‍යවරයාගේ තීරණ සම්බන්ධයෙන් කොළඹට පැමිණ සෙසු වෘත්තිය සමිති නායකයින් සමග සාකච්චාකර තීන්දුව ප්‍කාශයට පත්කරන බවය. ඒ අනුව අද පස්වරු 1 ට කොළඹ වරාය පරිශ්‍රයට පැමිණි වෘත්තිය සමිති නායකයින් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත්හිටුවන බවට ප්‍රකාශ කළේය. නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව - ශාමල් සුමනරත්න මහතා "එතුමන් එක්ක අපි කථාකළා මේ ගැටුමට මුල මේ වෘත්තිය අරගලයට මුල පසුගිය දිනවල කරලියට ආපු කැබිනට් පත්‍රිකාවක් ගරු අග්‍රාමාත්‍යවරයාගෙන් ඇහුවා වෘත්තිය සමිති විදිහට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා අත්සන් කරපු මේ කැබිනට් පත්‍රිකාව නිසයි අපිට වෘත්ත්තිය ක්‍රියාමාර්ගයක් ගන්න වුනේ එතනදි අපට චෝදනාවක් කලා අග්‍රාමාත්‍යවරයා මේ 23 දෙනා කවුරු හරි දේශපාලන වැඩ පිලිවලකට අතකොලුවක් කරලා තියාගෙන ඉන්නේ කියන චෝදනාව අපට කළා. මෙතනදි විශේෂයෙන්ම ආණ්ඩුවේ වෘත්තිය සමිති විදිහට වැලිගම සහෝදරයා ඉදිරිපත් කරපු කාරණාව තමයි අපේ මේ වෘත්තිය අරගෙලයට ප්‍රධානතම හේතුව ඔබට මේ ඉස්සල්ලා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව ඒක එහෙම විශ්වාස කරන්න හේතුව ඒකේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යරවයාගේ අත්සනින් නිකුත් කළ එකක් වීම මේක ඉදිරිපත් කලේ 2020 ජුනි මාසේ 09 වෙනිදා අග්‍රමාත්‍යරවායා කිව්වා මොනම විදිහකටවත් මේ පසුගිය කැබිනට් වාරයකදී ඒ රුස්වීම් වාරයකදී මෙවන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නෛාකල බවත් කැබිනයට් තීන්දු ගන්න ඒ කැබිනට් රුස්වීමට පෙර තියන අනු කමිටු රුස්වීම්වලදීවත් මෙවන් වූ පත්‍රිකාවක් ඉදිරිපත් නොවූ බවත් එය එසේ ඉදිරිපත් වෙනවා නම් මොනම හේතුවකටවත් ඒක අනුමත නොවෙන්නට කටයුතු කරන බවත් එතුමා අපට ප්‍රකාශකලා. මේක හදපු එවුන්ට අපි කියනවා තොපිට වඩා අපි බලවත් ඒක අපි කියනවා මේක ආයේ මේ මාතෘභුමියේ කැබිනට් එකකට පත්කරන්න තියා හිතන්නවත් එපා කියන පණිවිඩයත් අපි දෙනවා. මේ ඊසීටී පර්යන්තය වරාය අධිකාරියට යටතේ ක්‍රියාත්මක කරවීම සදහා අවශ්‍ය වූ යන්ත්‍රාපකරණ ඒ අදාල ස්ථානයේ සිට ඒ වැඩපිලිවල කරන වැඩපිලිවලක් අද දවල් 12 සිට කරන්නට සභාපතිවරයාට උපදෙස් දුන්නා. සමහර වෙලාවට පක්ෂල අපේක්ෂකයොත් මෙතන්ට ආවා ඒ පක්ෂවල අපේක්ෂකයින්ගේ උවමනාව වුනේ තමන්ගේ දේශපාලන මතය ජයග්‍රහණය කරන්න වෙන්න ඇති අපි ඔවුන් වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්දතාවයක් අපි පලකරනවා. අපි ඔවුන්ගේ ඒ කැත දේශපාලනය ප්‍රතික්ශේෂප කරනවා" කෙසේවෙතත් මාධ්‍ය මෙහිදී ප්‍රශ්න කළේ, අග්‍රමාත්‍යවරයා වෘත්තිය සමිතිවල ඉල්ලීම පරිදි එකඟතාවය ලිඛිතව ලබා දුන්නේද යන්නයි. නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව - ශාමල් සුමනරත්න මහතා "ලිඛිතව අපට අවශ්‍ය වෙන්නේ වැඩේ ලිඛිතව දෙනවට වඩා හොදයිනේ වැඩේ දෙන එක. අපි ඉල්ලන්න ගියේ ලියුම ලැබුණේ වැඩේ අපිට ඕන එච්චරයි" ප්‍රශ්ණය - ලිඛිතව ලැබුණද? නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව - ශාමල් සුමනරත්න මහතා "වැඩේ ලැබුණට පස්සේ ලිඛිතව මොනවටද ඕක නැවත්තුවොත් අපි දන්නවා කරන්නේ මොකක්ද කියලා" ප්‍රශ්ණය - ඔබතුමාලාට පණිවිඩයක් අරං ආවා විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඔබතුමන්ලා එදා ඔවුන්ට එකඟතාවය දැක්වූවා නම් අද මේ වගේ දෙයක් වෙන්නේ නෑනේ ? නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව - ශාමල් සුමනරත්න මහතා "ඔව් වෙන්නේ නෑ අපි මෙහෙමනේ මෙතන අපට තිබුන ප්‍රශ්ණේ පී.බී ජයසුන්දරනේ අපි හංගලා ගහන්න දෙයක් නෑනේ අපිට පී.බී. ජයසුන්ද මහත්තයාගේ තීන්දු තීරණ ගැන ගැටලුවත් තියනවා වරායට ස්පෙෂල් අපිට සැකයක් තිබුනා ජනාධිපතිතුමා එතුමා විසින් ඒ කියන්නේ පී.බී. ජයසුන්දර මහතා විසින් රවට්ටනවා කියලා හැගීමක් අපට තිබුණා. ඒ නිසා අපි ප්ලෑන් කලේ ජනාධිපතිතුමාව හම්බවෙලා මේ තොරතුරු ටික දෙන්න ඒකටයි සාකච්චාව ඉල්ලුවේ ජයසුන්ද තමයි ජනාධිපති ලේකම් එතුමා නැතුව ජනාධිපතිතුමා හම්බවෙලා අපේ උත්තර ටික දෙන්න ඊට ඉස්සල්ලා බොහොම සාධනීය පිලිතුරක් අග්‍රාමාත්‍යවරයාගෙන් ලැබුණා. ප්‍රශ්ණය - ජනාධිපතිවරයා ඊයේ සැර ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශයත් එක්කද ඔබතුමාලා අඩියක් පස්සට තිබ්බේ ? නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව - ශාමල් සුමනරත්න මහතා "ජනාධිපතිතුමා කිව්වා අපි වෘත්තිය සමිතිවලට බය නැ ජනාධිපතිවරයා වෘත්තිය සමිතිවලට බය වෙන්න ඕන නෑ" ප්‍රශ්ණය - කඩාකප්පල්කාරී ක්‍රියාවක් යනවාද මෙතන? නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව - ශාමල් සුමනරත්න මහතා "ඔව් එහෙම වුණානේ මෙතන කඩාකප්පල් කාරී වගේ තමයි රජයට දැනුනේ ඇයි මෙතන්ට ආවේ ඡන්දේ ඉල්ලන කට්ටිය මෙතන ඇවිල්ලා ඡන්ද කැම්පේන් එක කරන්න ගත්තා. 6 වෙනිදා උත්තරේ අරං ආපු විමල් වීරවංශ මහත්තායටයි ගම්මන්පිල මහත්තයාටයි අපේ වරයා සේවකයෝ දම්මලා හූ කියන වැඩසටහනකුත් අපේ සමහර මිනිස්සු ක්‍රියාත්මක කරවුවා. ඒවා ප්‍රශ්ණ මේ වගේ දේවල් වෘත්තිය අරගලවලදී වෙනවා" https://www.facebook.com/NewsfirstSL/videos/296855768322125/
2020-08-02T01:57:11.000Z
සුළඟකින් පානදුර නිවාස 40 කට හානි...
සුළඟකින් පානදුර නිවාස 40 කට හානි...
COLOMBO (News 1st) - පානදුර නිවාස 40කට ඊයේ (01) රාත්‍රියේ ඇති වූ සුළඟකින් හානි සිදු ව තිබේ. පානදුර, පරත්ත පාරේ, දොලේවත්ත සහ රිවිදෙව්ගම යන ගම්මාන පිහිටි නිවාසවලට සුළඟින් හානි සිදු ව ඇත. පානදුර ප්‍රාදේශීය ලේකම් ඒ. ඩී. ගුණවර්ධන මහත්මිය පැවසුවේ, නිවාස 4 ක වහල මුළුමනින්ම හානි වී ඇති බව ය.
2020-08-02T00:23:35.000Z
බෙලිඅත්තේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට
බෙලිඅත්තේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට
COLOMBO (News 1st) - බෙලිඅත්ත, දම්මුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී සිදු වූ වෙඩි වැදීමකින් කාන්තාවක් මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අද පෙරවරු 10.00 ට පමණ මෙම වෙඩි වැදීම සිදුව ඇති බවය. මිය ගොස් ඇත්තේ, බෙලිඅත්ත, දම්මුල්ල, වීරකැටිය පාර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.
2020-08-01T23:27:15.000Z
කැලණි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙක් අතුරුදන්
කැලණි ගඟේ නාන්න ගිය සිසුන් දෙදෙනෙක් අතුරුදන්
COLOMBO (News 1st) - කැලණි ගඟේ රන්වල ප්‍රදේශයේදී දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවය. 19 හැවිරිදි අතුරුදන් වූ පාසල් සිසුන් දෙදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.
2020-08-01T23:17:53.000Z
අගමැති සමග සාකච්ඡාව සාර්ථකයි - වරාය වෘත්තීය සමිති
අගමැති සාකච්ඡාව සාර්ථකයි - වරාය වෘත්තීය සමිති
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව වැඩ වර්ජනයේ නිරත වරාය වෘත්තීය සමිති නියෝජිතයින් පවසයි. ශ්‍රී ලංකා වරාය නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආරියදාස පතිරණ මහතා පැවසුවේ, ඒ පිළිබඳ අවසන් තීරණය වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගන්නා බවය. වරාය සේවයකින් මෙම වැඩ වර්ජනය හා සත්‍යග්‍රහය ආරම්භ කළේ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම නතර කර එහි මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය යටතට පවරා ගන්නා ලෙස ඉල්ලමිනි.
2020-08-01T21:27:05.000Z
කහවල ප්‍රමිතිය සොයා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පරීක්ෂණ
කහවල ප්‍රමිතිය සොයා පරීක්ෂණ...
COLOMBO (News 1st) - වෙළෙඳපොළේ ඇති කහවල ප්‍රමිතිය පරීක්ෂා කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. ඒ, කහ හිඟයත් සමග විවිධ වර්ණක හා පිටි කලවම් කළ කහ විකුණන බවට පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු පැමිණිලි හේතුවෙනි. ඒ අනුව දිවයිනම අවරණය වන පරිදි ලබා ගත් කහ සාම්පළ 15 ක් ලංකා කාර්මික ආයතනයේ රසායනාගරය වෙත යොමු කර ඇති බව අධිකාරිය සඳහන් කළේ ය. පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ, වැඩි මිලට කහ අලෙවි කරන්නන් සොයා ද මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. කහ කුඩු කිලෝග්‍රෑමයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 750 කි. එම මිල ඉක්මවා කහ අලෙවි කළ වෙළෙඳුන් 70 කට පමණ මේ වනවිට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් ‍කළේ ය.
2020-08-01T21:25:43.000Z
කොරෝනා හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 8000 කට රැකියා අහිමි වෙයි
විදෙස්ගත ලාංකිකයින් 8000 කට රැකියා අහිමි වෙයි
COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වෙනත් රටවල රැඳී සිටින ලාංකික ශ්‍රමිකයින් 8000 කට රැකියා අහිමි වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ, මේ වනවිට විදෙස් රටවල රැඳී සිට කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණි පිරිස් අතර ද විගමනිකයින් 10,000ක් වන බවය. විදේශවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකික ශ්‍රමිකයින් පිළිබඳ සොයා බැලීමට කෙරෙන සමීක්ෂණය තවදුරටත් ක්‍රියාත්මක බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2020-08-01T20:44:04.000Z
වරාය සේවකයින්ගේ ඉල්ලීම්වලට අගමැතිගෙන් අද විසඳුම් ලැබෙයි ද?
වරාය සේවකයින් අද අගමැති හමුවෙයි...
COLOMBO (News 1st) - වැඩ වර්ජනයේ හා සත්‍යග්‍රහයේ නිරත වරාය සේවකයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද උදෑසන පැවැත්වේ. වරාය වෘත්තීය සමිති පවසන්නේ, එහිදී තම ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදුන්හොත් දැනට ක්‍රියාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අවසන් කරන බවය. වරාය සේවයකින් මෙම වැඩවර්ජනය හා සත්‍යග්‍රහය ආරම්භ කළේ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම නතර කර එහි මෙහෙයුම් කටයුතු වරාය අධිකාරය යටතට පවරා ගන්නා ලෙස ඉල්ලමිනි. ශ්‍රී ලංකා වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පැවසුවේ, සේවකයින් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 5 ක් ගත වන බවයි. ඊයේ පස්වරුවේ දුන් අධිකරණ නියෝගයට අවනතව තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2020-08-01T20:20:59.000Z
මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්: නීති විරෝධි කටයුතුවල යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම්
මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන්
COLOMBO (News 1st) - මෙවර මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඒ අනුව ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරන පුවරු ප්‍රදර්ශනය කිරීම සහ පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් වන බවයි. අද මධ්‍යම රාත්‍රී 12.00 පසු ආරම්භ වන නිහඬ කාලසීමාව තුළ සියලු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ අපේක්ෂකයින් නීති විරෝධි ක්‍රියාවලින් වැලකී නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහය වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඉල්ලීමක් කර තිබේ. ලබන 05 වැනි දා පැවැත්නෙ මහ මැතිවරණ ඡන්ද විමසීම සඳහා මූලික සැලසුම් සියල්ල සකස් කර ඇති බව ද ඔහු පැවසීය. මේ අතර අද මධ්‍යම රාත්‍රියෙන් පසු නීති විරෝධි මැතිවරණ ප්‍රචාරණ වැළැක්වීම සඳහා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ය.
2020-08-01T20:19:30.000Z
බස්නාහිරට සහ සබරගමුවට තද වැසි...
බස්නාහිරට සහ සබරගමුවට තද වැසි...
COLOMBO (News 1st) - සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ ස්ථාන කිහිපයකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. දකුණු පළාත, පොළොන්නරුව, මන්නාරම, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ අතර කන්කසන්තුරේ සිට මන්නාරම කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකිය. බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 ත් 3 ත් අතර ඉහළ යාමේ හැකියාවක් පවති. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින අතර ධීවර හා නාවුක ප්‍රජාව සහ වෙරළ ආසනනයේ ජීවත් වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි.
2020-08-01T19:34:23.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. මැගසින් බන්ධනාගරයට කුඩු ඇද්ද බළලෙක් දැලේ: කුඩු ජාවාරම සඳහා යොදා ගත් බලළෙකු කොළඹ මැගසින් බන්ධනාගාර පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ. 2. මාර්ග අවහිර කිරීමෙන් වළකින්න...වරායේ විරෝධතාවට අධිකරණ නියෝගයක්: කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම නතර කර එහි මෙහෙයුම් කටයුතු වරාය භාරය යටතට පවරා ගන්නා ලෙස ඉල්ලමින් වෘත්තීය සමිති ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය ක්‍රියාත්මකයි. 3. "කිසිම පදනමක් නැතිව වරාය වහලා... ඒවට මම බය නැහැ” – ජනපති: කිසිදු පදනමක් නොමැතිව වරාය ආශ්‍රිතව අර්බුදයක් නිර්මාණය කිරීමට පිරිසක් උත්සාහ කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 4. හිටපු මන්ත්‍රී සෙල්ලචාමි මහතා අභාවප්‍රාප්ත වෙයි: ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු මහලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. සෙල්ලචාමි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. විදෙස් පුවත් 5. කොරෝනා වසංගතයේ බලපෑම දශක ගණනාවක් පවතිනු ඇති – ලෝක සෞඛ්‍ය සංවිධානය: කොරෝනා වෛරසයෙන් සිදු වූ බලපෑම දශක ගණනාවක් යනතෙක් දැනෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO ) පවසයි.
2020-08-01T10:57:23.000Z
කුඩු ජාවාරම්කරුවෙකුගේ බැංකු ගිණුමක ලක්ෂ 750ක්.. තවත් ගිණුම් 5ක කෝටි 31ක්
හෙරොයින් ජාවාරම්කරුවන් 4ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : බස්නාහිර බුද්ධි කොට්ඨාසය ඊයේ සහ අද දිනයේ ස්ථාන දෙකක සිදු කළ වැටලීම් හෙරොයින් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, පුද්ගලයින් තිදෙනෙකු රාජගිරියේ පෞද්ගලික බැංකුවක ගිණුමකින් රුපියල් ලක්ෂ 750ක මුදලක් ලබා ගැනීමට කටයුතු කරන බවට ලද තොරතුරක් මත එක් වැටලීමක් සිදු කළ බවයි. එහිදී පිරිස පැමිණි මෝටර් රථයේ තිබී හෙරොයින් ග්‍රෑම් 9යි මිලි ග්‍රෑම් 65ක් ද සොයා ගෙන තිබේ. පසුව කළ විමර්ශනවලදී මොවුන් හෙරොයින් ජාවාරමේ නිරත වන බවට අනාවරණය වී ඇති අතර අද අලුයම පැලවත්තේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔවුන්ගෙන ලද එම තොරතුරු මතයි. මේ අතර මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් කරුණු රැසක් හෙළි කර ගැනිමට පොලීසිය සමත්ව ඇත. මෙලෙස අත්අඩංගුවට පත් ව ඇත්තේ, අවුරුදු 32, 38 හා 42 යන වයස්වල පසුවන වව්නියාව, පන්නිපිටිය, පිටකෝට්ටේ හා බත්තරමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිව් දෙනෙකි. අත්අඩංගුවට පත් වව්නියාවේ පදිංචි සැකකරුගේ බැංකු ගිණුමට විදෙස් රටකින් රුපියල් ලක්ෂ 750ක් බැරවී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. බත්තරමුල්ල පදිංචි සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වෙනත් පුද්ගලයින් 5 දෙනෙකුගේ බැංකු ගිණුම් වෙත රුපියල් කෝටි 31කට අධික මුදලක් හා අමෙරිකානු ඩොලර් 469,000 ක මුදලක් විදෙස් රටවලින් ලැබී ඇති බවට ද තොරතුරු හෙළි වී තිබේ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන පවත්වන බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
2020-08-01T09:31:10.000Z
මැගසින් බන්ධනාගරයට කුඩු ඇද්ද බළලෙක් දැලේ
බන්ධනාගරයට කුඩු ඇද්ද බළලා අල්ලයි
COLOMBO (News 1st) : කුඩු ජාවාරම සඳහා යොදා ගත් බලළෙකු කොළඹ මැගසින් බන්ධනාගාර පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, හෙරොයින් අඩංගු ඇසුරුමක් ගෙලෙහි ගැට ගසා මෙම බළලා බන්ධනාගාරයට තුළට යවා ඇති බවයි. එම ඇසුරුමේ තිබී හෙරොයින් ග්‍රෑම් 1.7ක්, සිම් කාඩ්පත් 2ක් සහ Memory chip එක්ක ද සොයා ගෙන තිබේ. මේ අතර පසුගිය දා හොරොයින් ජාවාරම් සඳහා යොදා ගත්බවට සැක කෙරෙන උකුස්සෙකු ද පොලිස් භාරයට ගැනිණ. අංගොඩ ලොක්කා හොරොයින් ජාවාරම් සඳහා යොදා ගෙන ඇති බවට සැක කෙරුණු එම උකුස්සා සොයා ගැනුණේ, මීගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකදී ය. පොලීසිය ‘අංගොඩ ලොක්කා’ගේ හෙරොයින් ජාවාරම කළ බව කියන උකුස්සා අල්ලයි
2020-08-01T08:27:59.000Z
මාර්ග අවහිර කිරීමෙන් වළකින්න...වරායේ විරෝධතාවට අධිකරණ නියෝගයක්
වරායේ විරෝධතාව තවදුරටත්
COLOMBO (News 1st) : කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම නතර කර එහි මෙහෙයුම් කටයුතු වරාය කාරය යටතට පවරා ගන්නා ලෙස ඉල්ලමින් වෘත්තීය සමිති ආරම්භ කල අඛණ්ඩ සත්‍යග්‍රහය මේ වන විටත් ක්‍රියාත්මකයි. වරාය සත්‍යග්‍රහය මුල් කරගනිමින් සිදු වන මහජන පීඩා වළක්වමින් අදාළ මාර්ග අවහිර වන සේ විරෝධාතා නොකරැන්නැයි වරාය සේවකයින්ට දන්වා අධිකරණ නියෝගයක් අද පස්වරුවේ නිකුත් කෙරිණ. අලුත්කඩේ මහේත්‍රාත් අධිකරණය නිකුත් කළ මෙම නියෝගය ප්‍රකාශයට පත් කිරීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සත්‍යග්‍රහය පැවති ස්ථානයට පැමිණියේ ය. ඇත්වූ තත්ත්වය පාලනය කෙරුණේ වරාය වෘත්තීය සමිති නියෝජිතයින්ගේ මැදිහත්වීමෙනි. කෙසේ වෙතත් වෘත්තීය සමිතිවලට තවමත් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් හිමිව නොමැත. වෘත්තිය සමිති ඉල්ලා සිටින්නේ මහා මැතිවරණයට පෙර කොළඹ වරයේ නැගෙනහිර පර්යන්තය පිළිබද තීරණය ලඛිතව ලබා දෙන ලෙසයි. මේ වන විට අදාළ වෘත්තීය ක්‍රියා මාර්ගය සඳහා සිවිල් සංවිධාන හා තවත් වෘත්තීය සමිති රැසක් ද මේ සඳහා එක්ව සිටී. අද දහවල් වරාය අධිකාරියේ සභාපතිවරයා සහ වෘත්තීය සිමිති නායකයින් අතර සාකච්ඡාවක් පැවති අතර එයද අවසන් වූයේ විසඳුමකින් තොරවයි. පස්වරු 12.40 ට පමණ ජාතික භික්ෂූ පෙරමුනේ මහා සංඝරත්නයද මෙම සත්‍යග්‍රහයට ආශීර්වාදය පළ කළහ. මේ අතර සත්‍යග්‍රහය පැවති ස්ථානයට ආණ්ඩු පාර්ශවය නියෝජනය කරමින් විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා ඊයේ රාත්‍රියේ පැමිණිහ. වරාය සේවකයින් සමග ගැටලු සාකච්ඡා කරීමට උත්සාහ කළත් එම ස්ථානයේ එය සිදු කිරීමට නොහැකිවිය. පසුව අදාළ නියෝජතයින් ඇතුළු පිරිස අසළ පිහිරි රැස්වීම් ශාලාවක සිය සාකච්ඡා ආරම්භ කළහ. අදාළ සාකච්ඡාවට සම්බන්ධවීමට සියලු වෘත්තිය සිමිති සාමාජිකයින් උත්සාහ කිරීමේදී උණුසුම් තත්ත්වයක් ඇති විය. වෘත්තිය සමිති නායකයින් සහ නියෝජිතයින් අතර හමුව පසුව පැවැත්වුණේ, පොලීසියේ මැදිහත්වීමෙනි. https://www.youtube.com/watch?v=SSW5dYoAB2g&feature=youtu.be
2020-08-01T07:55:19.000Z
''කිසිම පදනමක් නැතිව වරාය වහලා... ඒවට මම බය නැහැ'' - ජනපති
''කිසිම පදනමක් නැතිව වරාය වහලා... ඒවට මම බය නැහැ''
COLOMBO (News 1st) : කිසිදු පදනමක් නොමැතිව වරාය ආශ්‍රිතව අර්බුදයක් නිර්මාණය කිරීමට පිරිසක් උත්සාහ කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා සඳහන් කළේ, තමා බියපත් කිරීමට ඔවුන්ට නොහැකි බවයි. පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ සංචාරකය නිරත ජනාධිපතිවරයා මහියංණය මහවැලි ක්‍රිඩාංගණයේ පැවති ජන හමුවකදී මේ බව සඳහන් කළේ ය. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, කුමන බාධක පැමිණිය ද දුප්පත්කම තුරන් කිරීමට ආරම්භ කළ ගමන නතර නොකරන බවයි. රට ගැන සිතන නායකයෙකු බලයට පත් සෑම අවස්ථාවකම එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම කුමන්ත්‍රණකාරි සහ අන්තවාදී කණ්ඩායම්වල ඉලක්කය වු බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ ය. අතීතයේදී ඇතැමෙකුට රැකියා ලැබුණ ද දිළිඳු ජනතාවට අවස්ථාවට නොලැබුණු බව ජනාධිපතිවරයා එම ජන හමුවේදී පැවසී ය. සෞභ්‍යාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරනු බව පැවසු ජනාධිපතිවරයා මැතිවරණය අවසන් වූ වහාම අඩු ආදායම්ලාභීන් සහ උපාධිධාරීන් සඳහා සැලසුම් කළ රැකියා එක් ලක්ෂ පනස් දහස ලබාදෙන බව ද කියා සිටියේ ය. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමතුන්ට පුහුණුවක් සමග රැකියා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. වනඅලි තර්ජණ, මත්ද්‍රව්‍ය උවදුර ‍සහ දෙහිගොල්ල මහා විද්‍යාලයේ අඩුපාඩු පිළිබඳව ද රැස්ව සිටි ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළේ ය. අතරමග නැවතී ඇති මොරන්ඇල වාරි ව්‍යාපෘතිය කඩිනමින් නිම කර මහියංගනය ප්‍රදේශයේ පානීය ජල ගැටලුව විසඳන බව ජනාධිපතිවරයා එහිදී පැවසී ය. https://www.youtube.com/watch?v=ErYVbYZmQbo&feature=youtu.be
2020-08-01T05:51:51.000Z
කුඩු අංජුගේ ගෝලයෙක් පංචිකාවත්තේදී අත්අඩංගුවට
කුඩු අංජුගේ ගෝලයෙක් පංචිකාවත්තේදී අත්අඩංගුවට
COLOMBO (News 1st) : කුඩු අංජු නමැත්තාගේ ගෝලයකු වන සිතුම් නිලංග පීරිස් හෙවත් අසංක නමැති සැකකරු පංචිකාවත්ත ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මීගොඩ දහම් මාවතේ කුලී නිවසේ තිබී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, ඊට යොදන පතරොම් 10 ක් සහ මිලිමීටර් 9 වර්ගයේ පතරොම් 10 ක් සොයාගත් බවයි. 33 හැවිරිදි එම සැකකරු අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 2016 වසරේදී පිළියන්දල පොලිස් වසමේ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට මොහු විසින් සැලසුම් කර ඇති බව පරික්ෂණවලදී හෙළි වී තිබේ. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
2020-08-01T05:30:35.000Z
තවත් කොරෝනා ආසාදිතයින් 48ක් සුවය ලබති
තවත් ආසාදිතයින් 48ක් සුවය ලබති
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 48 දෙනෙකු අද සුවය ලැබී ය. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2,439 කි. මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2815 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 365 කි.
2020-08-01T10:54:34.000Z
හිටපු මන්ත්‍රී සෙල්ලචාමි මහතා අභාවප්‍රාප්ත වෙයි
හිටපු මන්ත්‍රී සෙල්ලචාමි මහතා අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News1st) : ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු මහලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. සෙල්ලචාමි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 94 කි. කලක් රෝගාතුරව සිටි සෙල්ලචාමි මහතා අද දහවල් බොරැල්ලේ පිහිටි සිය නිවසේදී මියගිය බව පවුලේ ඥාතීහු සඳහන් කළහ. සෙල්ලචාමි මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ සිටි ජ්‍යෙෂ්ඨතම නායකයෙකි.
2020-08-01T04:16:15.000Z
බේරුවල සිට හම්බන්තොට දක්වා මුහුදු රළ ඉහළ යාමේ අවදානමක්
ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක්
COLOMBO (News 1st) : බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 ත් 3 ත් පමණ ඉහළ යාමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, අදාළ ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බවයි. ධීවර හා නාවික ප්‍රජාව මෙන්ම වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටින්නැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය. මේ අතර කහව සිට අකුරල ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට ඇදීඒමෙන් ගාලු පාරේ වාහන ධාවනයට බාධා මතුව තිබේ. පොලීසිය පැවසුවේ, මුහුදු රළත් සමග ගාලු පාරේ ගොඩ ගැසී ඇති වැලි හා අනෙකුත් ද්‍රව්‍ය ඉවත් කිරීම ආරම්භ කර ඇති බවයි.
2020-08-01T04:09:41.000Z
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 4,5 විවෘත නෙවේ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 4,5 විවෘත නෙවේ
COLOMBO (News 1st) : නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ලබන 4 සහ 5 දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා විවෘත නොකරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහි කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් මහතා සඳහන් කළේ, එහි ඡන්ද මධ්‍යස්ථානයක් ස්ථාපනය කර තිබීම ඊට හේතුව බවයි. ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත දිනට පෙර දින සහ ඡන්දය පැවැත්වෙන දින නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සාමාන්‍ය රාජකාරි සඳහා විවෘත නොකෙරෙනු ඇති.
2020-08-01T02:27:42.000Z
ලොකු ලූණු කිලෝග්‍රෑමයක ආනයන බද්ද රුපියල් 35 කින් ඉහළට
ලොකු ලූණු කිලෝවක ආනයන බද්ද ඉහළට
COLOMBO (News 1st) - ලොකු ලූණු කිලෝග්‍රෑමයක ආනයන බද්ද රුපියල් 50 ක් දක්වා ඉහළ නංවා තිබේ. මුදල් අමාත්‍යාංශය ලේකම් එස්. ආර් ආටිගල මහතා සඳහන් කළේ, මීට පෙර ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා ආනයන බද්ද රුපියල් 15 ක් ලෙස පැවති බවයි. ඒ අනුව ලොකු ලූණු කිලෝග්‍රෑමයක ආනයන බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 35 කිනි. දේශීය ලොකු ලූණු ගොවීන් දිරි ගැන්වීමේ අරමුණින් එම පියවර ගත් බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතා ප්‍රකාශ කළේ ය.
2020-08-01T02:10:25.000Z
නව විෂය නිර්දේශය යටතේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක්
ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක්
COLOMBO (News 1st) - මෙම වසරේ සිට නව විෂය නිර්දේශය යටතේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සංශෝධන කිහිපයක් සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව බහුවරණ ප්‍රශ්න 40 කින් සමන්විත පළමු ප්‍රශ්න පත්‍රයට, පිළිතුරු සැපයීමට පැයක කාලයක් ලබා දෙනු ඇති. දෙවන ප්‍රශ්න පත්‍රයේ ද සංශෝධන කිහිපයක් සිදු කර ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා ප්‍රකාශ කළේ ය.
2020-08-01T01:09:43.000Z
ඡන්දය සලකුණු කිරීමට තමන්ගේම පෑනක් භාවිත කළ හැකියි - මැතිවරණ කොමිෂන් සභාව
ඡන්ද දායකයින්ට තමන්ගේම පෑනක් භාවිත කිරීමට අවස්ථාව
COLOMBO (News 1st) - මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද දායකයින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා, අවශ්‍යනම් තමන්ගේම පෑනක් භාවිත කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. එම කොමිසම සඳහන් කළේ, එම පෑන නිල් හෝ කළු පැහැති බෝල තුඩු පෑනක් විය යුතු බවයි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් වන රියැදුරු බලපත්‍රයේ වලංගු කාලය ඉකුත්වී තිබුණ ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් එවැනි බලපත්‍ර වලංගු කර ගැනීමට දී ඇති සහන කාලය ඉකුත්වී නැති රියැදුරු බලපත්‍ර, ඡන්දය භාවිත කිරීමට සුදුසු බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි. මෙවර මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනු ඇත. ඒ අනුව, ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම සහ පෝස්ටර්, දැන්විම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් වනු ඇති.
2020-08-01T04:23:53.000Z
කිරුළපන වැටලීමකදී තියුණු ආයුධ සමග සැකකරුවෙකු අත්අඩංගුවට
තියුණු ආයුධ සමග සැකකරුවෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - කිරුළපන කොළඹගේ මාවත ප්‍රදේශයේ කළ වැටලීමකදී තියුණු ආයුධ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ , කොළඹ දකුණ කොට්ඨාස දුෂණ මර්දන අංශයට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කළ බවයි. එහිදී ගිනි අවි සඳහා යොදන සජීවි පතරොම් 20ක්, බයිනෙත්තුවක්, කඩු 02 ක් මෙන්ම තහනම් පිහියක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. 25 හැවිරිදි සැකකරු අද, අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. මේ අතර 17 හැවිරිදි දැරියක් බිය ගන්වා දූෂණය කිරිමට අදාළව අවශ්‍ය කර සිටි සැකකරුවෙකු වාද්දුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ , සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සිය භාරයට ගත් බවයි. තල්පිටිය වාද්දුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇතැයි පොලීසිය සඳහන් කළේය.
2020-07-31T21:41:07.000Z
ඩුබායි සහ දෝහාවල සිරවී සිටි ලාංකිකයින් 349 ක් දිවයිනට
ඩුබායි,දෝහාවල සිරවී සිටි ලාංකිකයින් 349 ක් දිවයිනට
COLOMBO (News 1st) - කොරෝනා වසංගතය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ කටාර් රාජ්‍යයේ දෝහාවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 349 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ. කටුනායක ගුවන්තොටුපොළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, ඩුබායි සිට ලාංකිකයින් 335 දෙනෙකු සහ දෝහා සිට පැමිණි පුද්ගලයින් 14 දෙනෙකු ඒ අතර වන බවයි. මේ අතර චීනයේ ෂැංහයි නුවර සිට චීන ජාතිකයින් 29 දෙනෙකු ද ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ. ඒ, මෙරට චීන ආයෝජන ව්‍යාපෘතිවල සේවය කිරීම සඳහායි. ඔවුන් සියලු දෙනා පී.සී.ආර් පරීක්ෂණවලින් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කරනු ඇති.
2020-07-31T21:37:47.000Z
දෙමටගොඩ නිවසකින් අ. ඩොලර් 140,000 ක් හා රු. තුන්කෝටියකට අධික මුදල් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
දෙමටගොඩ නිවසකින් අ. ඩොලර් 140,000 ක් හමුවෙයි
COLOMBO (News 1st) - දෙමටගොඩ නිවසක තිබී අමෙරිකානු ඩොලර් 140,000 ක් සහ රුපියල් තුන්කෝටි දහතුන් ලක්ෂයකට අධික මුදලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කොළඹ උතුරු කොට්ඨාසයේ විශේෂ මාර්ග බාධක ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදීය. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් ද සිය භාරයට ගත් බව පොලීසිය පැවසීය. 55 හැවිරිදි සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2020-07-31T21:25:34.000Z
කොරෝනා වසංගතයේ බලපෑම දශක ගණනාවක් පවතිනු ඇති - ලෝක සෞඛ්‍ය සංවිධානය
කොරෝනා වසංගතයේ බලපෑම දශක ගණනාවක් පවතිනු ඇති - WHO
News 1st - කොරෝනා වෛරසයෙන් සිදු වූ බලපෑම දශක ගණනාවක් යනතෙක් දැනෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO ) පවසයි. ඒ, වෛරස් ව්‍යාප්තිය ඇරඹී මාස 6 ක් ගත වූ පසුබිමකදීය. ශතවර්ෂයකට වරක් හටගන්නා මෙවැනි වසංගත තත්ත්වයක බලපෑම දීර්ඝ කාලයක් බලපවත්වනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කළේ ය. කොරෝනා ව්‍යාප්තිය ගෝලීය වසංගත තත්ත්වයක් බව ප්‍රකාශයට පත් කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට විවේචන එල්ලවන පසුබිමකදී මෙය හෙළිකෙරුණි. මේ අතර දෙවන කොරෝනා රැල්ලක් පැතිරයාමේ පසුබිමෙහි ස්පාඤ්ඤය, වියට්නාමය, ලිබියාව, එංගලන්තය, ග්‍රීසිය, ප්‍රංශය ඇතුළු ලොව රටවල් රැසක කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වී තිබේ.
2020-07-31T21:17:42.000Z
කොරෝනා අවදානම පහව ගොස් නැහැ... - සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්
PCR පරීක්ෂණත් අද සිට වැඩි කිරීමට සැලසුම්
COLOMBO (News 1st) - පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයේ පුද්ගලයින් 300 දෙනෙකු පමණ ඊයේ රාත්‍රියේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ, පසුගිය දා එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගය. ඒ අනුව හිඟුරක්ගොඩ සහ තමන්කඩු සෞඛ්‍ය වෛද්‍ය නීලධාරී කොට්ඨාසවල ද පුද්ගලයින් 58 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. කොරෝනා අසාදිතයින් හඳුනා ගැනීම සඳහා කරනු ලබන පී. සී. ආර් පරීක්ෂණ සඳහා මේ වනවිට රුපියල් බිලියන 1.3 ක් වැය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. නිව්ස්ෆස්ට් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ, කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම මෙතෙක් පහව ගොස් නොමැති බවයි. මේ අතර පී. සී. ආර් පරීක්ෂණ එක්ලක්ෂ හැට දෙදහසක් පමණ මේ වනවිට සිදු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, සමාජයෙන් අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් 40,000 ක් ද පී.සී.ආර් පරීක්ෂාව සඳහා යොමු කළ බවය. දෛනිකව සිදු කරනු ලබන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව අද සිට වැඩි කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2815 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ, ඊයේ නව ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගය. එම අසාදිතයා පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයෙන් සොයාගත් කොරෝනා ආසාදිත පුද්ගලයාගේ බිරිඳ බව සෞඛ්‍ය අංශ තහවුරු කළේ ය. ආසාදිතයින් 413 දෙනෙකු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබනු ඇති. සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2391 කි.
2020-07-31T21:09:57.000Z
මැතිවරණ නීති කඩ කළ අපේක්ෂකයින් 7 ක් අත්අඩංගුවට: පොලිස් නිලධාරීන් 10 කට එරෙහිව විනය ක්‍රියාමාර්ග
මැතිවරණ නීති කඩ කළ අපේක්ෂකයින් 7 ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය මහතා සඳහන් කළේ, ඔවුන් පුත්තලම, කුරුණෑගල, යාපනය සහ වව්නියාව දිස්ත්‍රික් අපේක්ෂකයින් බවය. මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරීන් 10 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද ඔහු පැවසුවේ ය. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 320 ක් ලැබී ඇතැයි පොලීසිය පවසයි. ඒ, සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 360 කි. මැතිවරණයට අදාළව අපරාධ ගණයේ පැමිණිලි 86 ක් වාර්තා වී ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය.
2020-07-31T20:17:14.000Z
ලොවපුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති
ලොවපුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති
COLOMBO (News 1st) - පරිත්‍යාගයට හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොවපුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති. නබිනායකතුමන්ගේ ඉගැන්වීමට අනුව මුස්ලිම් ජනතාව ඊත් - උල් - අල්හා හෙවත් හජ් උත්සවය සමරනු ලබන්නේ සමගියෙන් එක්රැස් වෙමිනි. කොවිඩ් වසංගතය හමුවේ සුපුරුදු ලෙස මක්කම වන්දනා කිරීමට මුස්ලිම් ප්‍රජාවට නොහැකි වුව ද එම වන්දනාව තුළින් පිළිඹිබු වන අල්ලාහ් දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කරමින් සාමකාමී සහජීවනයේ උද්යෝගය වර්ධනය කර ගැනීමට මෙදවස උපකාරී වනු ඇතැයි හජ් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එහි දැක්වෙන්නේ, හජ් උත්සවයේ වැදගත්කම වටහාගෙන සිටින ශ්‍රී ලාංකික රජය, මුස්ලිම් ප්‍රජාවට සිය ආගමික වතාවත්හි නිරතවීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවය. ශුද්ධ කුරාණයේ ඉගැන්වීම් අනුව යමින් අතීතයේ සිට සියලු ආගමිකයින් සමග සමගිව විසු මෙරට මුස්ලිම් ප්‍රජාව අනාගතයේදී දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බව ද ජනාධිපතිතුමා පැවසුවේ ය. හජ් උත්සවය වෙන්වෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ, කොවිඩ් 19 වැළැක්වීමේ පියවර සහ නිර්දේශ අනුගමනය කරමින් නිවසට සීමා වී චාම් ව හජ් සැමරීමට සිදුව ඇති බවයි. ලෝක වාසී ජනයා මුහුණ දෙන කොරෝනා ව්‍යසන තත්ත්වය ඉක්මනින් පහව යන ලෙසත්, එයින් ජනතාව ආරක්ෂා කර දෙන ලෙසත් අද දිනයේදී හජ් උත්සවය සමරමින් අල්ලාහ් දෙවියන්ගෙන් යැදිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.
2020-07-31T19:29:15.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. ශානි අබේසේකර රිමාන්ඩ්..: අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ලබන 07 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2. අනුර කුමාර මහ නා හිමිවරුන් බැහැදකී: ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදුටුහ. 3. "එක්කො සම්පායො අල්ලන්න ඕන... නැත්නම්, අල්ලන්න බැරි හේතුව කියන්න ඕන”- නීතිපති දෙපාර්තමේන්තුව: නීතිපති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය අනුගමනය කරන ක්‍රියා පිළිවෙත පිළිබඳව දැඩි අප්‍රසාදය පළවිය. 4. කොළඹ වරායේ පර්යන්ත තුනේම වැඩ නවතී: කොළඹ වරායේ පර්යන්ත තුනේම කටයුතු ඊයේ පස්වරුවේ නතර කළ බව වෘත්තීය සමිති පවසයි. විදෙස් පුවත් 5. ප්‍රජාතන්ත්‍ර හිතවාදී අපේක්ෂකයන් 12 දෙනෙකුගේ නාම යෝජනා හොංකොං බලධාරීන් ප්‍රතික්ෂේප කරයි: ඉදිරි මැතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍ර හිතවාදී අපේක්ෂකයින් 12 දෙනෙකු ඉදිරිපත් කළ නාම යෝජනා හොංකොං බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබේ.
2020-07-31T12:24:33.000Z
ශානි අබේසේකර රිමාන්ඩ්..
ශානි අබේසේකර රිමාන්ඩ්..
COLOMBO (News 1st) - අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ශානී අබේසේකර මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ, කොළඹ අපරාධ කොට්ඨාසය විසිනි. ගිනිඅවි සම්බන්ධ සිද්ධියකට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
2020-07-31T10:58:14.000Z
''එක්කො සම්පායො අල්ලන්න ඕන... නැත්නම්, අල්ලන්න බැරි හේතුව කියන්න ඕන''- නීතිපති දෙපාර්තමේන්තුව
සම්පායො කෝ වාෂ්ප වෙලා ද?
COLOMBO (News 1st) : නීතිපති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය අනුගමනය කරන ක්‍රියා පිළිවෙත පිළිබඳව දැඩි අප්‍රසාදය පළවිය. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ගේ පරිහරණය සඳහා විවිධ උපකරණ ලබාදීම හා විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා විමර්ශනයක් ආරම්භ කළේ ය. ඒ අනුව, පසුගිය 22 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කල අතර මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ, කරුණු සලකා බැලීමෙන් පසුවයි. මේ අනුව මීගමුව බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස කටයුතු කළ අනුරුද්ද සම්පායෝ, ප්‍රධාන ජේලර් උපාලි සරත්චන්ද්‍ර , වැඩ බලන ජේලර් නිශාන්ත සෙනාරත්න, දෙවන පෙළ ජේලර් ප්‍රසාද් කළුආරච්චි යන මහත්වරුන් අතඅඩංගුවට ගන්නැයි නියෝග කෙරිණ. වරෙන්තු නිකුත් කර තිබියදී මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති සැකරුවෙකු වන මීගමුව බන්ධනාගාර අධිකාරි අනුරුද්ද සම්පායෝ මහතා සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ විය. අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ‍මහතා අවධාරණය කර සිටියේ, අපරාධකාරයින් සඟවන ක්‍රියාවලිය ද සෙවිය යුතුව ඇති බවයි. අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී අවධාරණය කර සිටියේ, සම්පායො අත්අඩංගුවට නොගන්නේ නම්, ඊට හේතුව අධිකරණය හමුවේ පැහැදිලි කළ යුතු බවයි. වරේන්තුකරුවෙකු සැඟව සිටියහොත් නීතිය ක්‍රියාත්මක කළ හැකි ආකාරය ගැනද මෙහිදී පැහැදිලි කෙරිණ. මේ සිදුවීමට අදාළව පොලීසිය ද කරුණු පහැදිලි කළ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, කිසිවෙකු කෙරෙහි හෝ විශේෂත්වයක් නොමැති බවත් ලැබෙන පළවෙනි අවස්ථාවෙදීම අත්අඩංගුවට ගැනීම සිදු කරන බවයි. ''අවුරුදු ගනන් වරෙන්තු නිකුත් කරපු පුද්ගලයොත් ඉන්නවා තාම අත්අඩංගුවට ගන්න බැරි වෙච්ච අය. මීට වඩා බරපතල වැරදි කරපු අයත් ඉන්නවා සමහර අවස්තාවලදි සැඟවිලා අපිට අත්අඩංගුවට ගන්න බැරිව.හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ අපි ඔවුන් අත්‍අඩංගුවට ගන්නේ නෑ කියලා. අපි අපිට ලැබෙන පළවෙනි අවස්තාවෙදිම අත්අඩංගුවට ගන්නවා. විශේෂත්වයක් නෑ කවුරුත් කෙරෙහි'' https://www.facebook.com/NewsfirstSL/videos/1338904429650434/
2020-07-31T10:45:40.000Z
ජන ගැටලු විමසමින් ජනපති මොනරාගල සංචාරයක
ජන ගැටලු විමසමින් ජනපති මොනරාගල සංචාරයක
COLOMBO (News 1st) : ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා අද මොනරාගල දිස්ත්‍රික්කයේ පැවති ජන හමු කිහිපයකට සහභාගී විය. ජනාධිපතිවරයා සහභාගිවූ ජන හමු මාලාවේ පළමුවැන්න ආරම්භ වුණේ, තණමල්විල ජාතික පාසල් ක්‍රීඩාංගනයෙනි. පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් නායක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එය සංවිධානය කර තිබිණ. විද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයා පිලිගත්තේ විදුල්පතිවරයා සහ සිසුන් විසිනි. පාසලේ ඇති පානීය ජල ගැටලුව ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා එහිදී යුද හමුදාපතිවරයාට උපදෙස්දී තිබේ. අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ තණමල්විල පොදු ක්‍රීඩාංගනයේ , පොදුජන පෙරමුණේ අපේක්ෂක ජගත් පුෂ්පකුමාර මහතා සංවිධානය කළ ජන හමුවටයි. එහිදී ජනතාව වන අලි තර්ජන, ඉඩම් ඔප්පු නොලැබීම සහ කිරි එළදෙනුන් පැහැරගෙන යාම ඇතුළු ගැටලු රැසක් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළේ ය. සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ඇති ගැටලු මෙන්ම ප්‍රදේශයේ ඇති ඉඩම් ගැටලු පිළිබඳව ද එහිදී ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/779954209475872/
2020-07-31T11:38:06.000Z
අනුර කුමාර මහ නා හිමිවරුන් බැහැදකී
අනුර කුමාර මහ නා හිමිවරුන් බැහැදකී
COLOMBO (News 1st) : ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් අද මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදුටුහ. පළමුව අස්ගිරිමහා විහාරයට පැමිණි අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමියන් බැහැ දුටුවේ ය . අනතුරුව මල්වතුපාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටු අනුර කුමාර දිසානයාක මහතා කෙටි පිළිසදරක ද නිරත විය.
2020-07-31T09:06:35.000Z
බැසිල් සහ කිත්සිරිට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි
බැසිල්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි
COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් 10 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළේ ය. නඩුව පවරා ඇත්තේ 2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක් වැය කර ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් දිවි නැගුම ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදා හැරීම ඇතුළු චෝදනා යටතේයි. 2, 3, 4, හා 6 යන පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂී දීම සඳහා එදින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, දන්වා නොතීසී නිකුත් කිරීමට ද මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එහිදී නියෝග කළේ ය. මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාගයට ගැනීමට එරෙහිව බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සමක් ගොනුකර ඇති බවත් එකී පෙත්සම ලබන නොවැම්බර් 12 වැනිදා කැඳවීමට දින නියම කර ඇති බවත්, බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, පවතින අභියාචනා පෙත්සම මේ වන විට ඇත්තේ වගඋත්තරකරුවන්ට නොතීසී නිකුත් කිරීම සම්බන්ධයෙන් සළකා බැලීමේ මට්ටමකයි. ඒ හේතුවෙන් මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට දින නියම කිරීම සම්බන්ධයෙන් නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය.
2020-07-31T06:14:30.000Z
BREAKING : කොළඹ වරායේ පර්යන්ත තුනේම වැඩ නවතී
BREAKING : වරාය පර්යන්ත තුනේම වැඩ නවතී
COLOMBO (News 1st) : කොළඹ වරායේ පර්යන්ත තුනේම කටයුතු අද පස්වරුවේ නතර කළ බව වෘත්තීය සමිති පවසයි. වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශිලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශමාල් සුමනරත්න මහතා ප්‍රකාශ කළේ, නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් අපේක්ෂාවෙන් මෙම ක්‍රියාමාර්ගයට එළඹුණු බවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම්, වරාය අධිකාරිය යටතේ ආරම්භ කරන්නැයි ඉල්ලමින් වරාය වෘත්තීය සමිති අද තුන්වන දිනටත් සත්‍යග්‍රහයක නිරත වේ. https://www.facebook.com/NewsfirstSL/videos/289323435678566/ https://www.facebook.com/NewsfirstSL/videos/719392722188609/
2020-07-31T05:45:56.000Z
වැල්ලම්පිටියේ හෙරොයින් වැටලීමක්... කිලෝ 23ක් STF භාරයට
වැල්ලම්පිටියේදී හෙරොයින් කිලෝ 23ක් STF භාරයට
COLOMBO (News 1st) : වැල්ලම්පිටිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 23 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත වැටලීම සිදුකළ බවයි. සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු පුකුඩි කන්නාගේ ඥාතියෙකු බව පොලීසිය සඳහන් කළේ ය. ඔහු කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2020-07-31T05:25:48.000Z
හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට මරණ දඬුවම
හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම
COLOMBO (News 1st) : රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා අද මරණ දඬුවම නියම කළේ ය. ඒ 2015 ජනාධිපතිවරණයට අදාළව කහවත්ත ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරණ රැළියකට හානි කර, පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනාවලට වරදකරුවන් කරමිනි. මරණ දඩුවම නියම වූ අනෙක් පුද්ගලයින් වන්නේ කහවත්ත ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන සිල්වා සහ සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රි නිලන්ත ජයකොඩි යන අයයි. රත්නපුර දිස්ත්‍රික්කයෙන් 2010 වසරේ පාර්ලිමේන්තුවට තේරී පත් වු ප්‍රේමලාල් ජයසේකර මහතා එම කාල සීමාවේ විදුලිබල හා බලශක්ති මෙන්ම රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය. ඔහු පසුගිය පාර්ලිමේන්තුව ද නියෝජනය කළේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිය දේශපාලන දිවිය ආරම්භ කළ ඔහු මෙවර මහ මැතිවරණයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරග වදී. https://www.facebook.com/NewsfirstSL/videos/1217864138613241/
2020-07-31T04:29:50.000Z
කොරෝනා ආසාදිතයින් 58 ක් සුවය ලබති
කොරෝනා ආසාදිතයින් 58 ක් සුවය ලබති
COLOMBO (News 1st) : අද තවත් කොරෝනා ආසාදිතයින් 58 දෙනෙක් අද සුවය ලැබූහ. ඒ අනුව පූර්ණ සුවය ලැබු ආසාදිතයින් සංඛ්‍යාව 2391 ක් දක්වා ඉහළ යනු ඇති. මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2814 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 412කි.
2020-07-30T23:50:57.000Z
නිශ්ශංක සේනාධිපති හා පාලිත ප්‍රනාන්දුට එරෙහි ඇවන්ගාඩ් නඩුව විභාග කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්
ඇවන්ගාඩ් නඩුව: අතුරු තහනම් නියෝගයක්
COLOMBO ( News 1st ) : විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ට්ගාඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව, විභාගයට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. ඒ, නිශ්ශංක සේනාධිපති මහතා විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සමක් සළකා බලමිනි. කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තම අධිකරණය හමුවේ පවතින අභියාචනා පෙත්සම විභාගයට ගෙන, අවසන් තීන්දුවක් ලබාදෙන තුරු බල පැවැත්වෙන පරිදි එකී අතුරු තහනම් නියෝගය නිකුත් කළේ ය. පෙත්සමේ වගඋත්තකරුවන්ට සැප්තැම්බර් 2 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, දන්වා නොතීසී යැවීමට ද විනිසුරු මඬුල්ල එහිදී නියම කළේ ය. සිය සේවාදායකයාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මහාධිකණය හමුවේ එම නඩුව පවරා ඇත්තේ අල්ලස් කොමිසමේ සාමාජිකයින් තිදෙනාගේම ලිඛිත අනුමැතිය නොමැතිව බැවින් නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවට නියෝගයක් නිකුත් කරන්නැයි, නිශ්ශංක සේනාධිපති මහතා සිය අභියාචනා පෙත්සමෙන් ඉල්ලා තිබිණ. පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ට්ගාඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත්තේ ඇවන්ට්ගාඩ් මෙරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම සඳහා එම සමාගමෙන් රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබාගැනීම, ලබාදීම ඇතුළු චෝදනා යටතේයී.